Nettippakaraṇa

The Guide

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 501-600 න් 1315

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTබ්යාපාදධාතු විහිංසාධාතු නෙක්ඛම්මධාතු අබ්යාපාදධාතු අවිහිංසාධාතු දුක්ඛධාතු දොමනස්සධාතු අවිජ්ජාධාතු සුඛධාතු සොමනස්සධාතු උපෙක්ඛාධාතු රූපධාතු අරූපධාතු නිරොධධාතු සඞ්ඛාරධාතු නිබ්බානධාතු, අයං අනෙකධාතු ලොකො.
Sinhala BJTබ්‍යාපාදධාතු විහිංසාධාතු යැ, නෙක්ඛම්මධාතු අව්‍යාපාදධාතු අවිහිංසාධාතු යැ, දුක්ඛධාතු දෝමනස්සධාතු අවිජ්ජාධාතු සුඛධාතු සොමනස්සධාතු උපෙක්ඛාධාතු යැ, රූපධාතු අරූපධාතු නිරෝධධාතු යැ. මේ අනේකධාතු ලෝක යි.
Pali BJTතත්ථ කතමො නානාධාතුලොකො: අඤ්ඤා චක්ඛුධාතු අඤ්ඤා රූපධාතු අඤ්ඤා චක්ඛුවිඤ්ඤාණධාතු (එවං සබ්බා) අඤ්ඤා නිබ්බානධාතු, යං එත්ථ ඤාණං හෙතුසො ඨානාසො අනොධිසො, ඉදං වුච්චති අනෙකධාතුනානාධාතුඤාණං තතියං තථාගතබලං. ඉති (3)
Sinhala BJTඑහි නානාධාතුලෝක කවරෙ යැ : චක්ඛුධාතුව ලක්‍ෂණ හෙයින් අන්‍ය යැ, රූපධාතු අන්‍ය යැ, චක්ඛුවිඤ්ඤාණධාතු අන්‍ය යැ, (සියල්ල මෙසේ යි). නිබ්බානධාතුව ලක්‍ෂණ හෙයින් අන්‍ය වෙයි. මේ අනේකධාතු නානාධාතුලෝකයෙහි හේතුවශයෙන් ප්‍රත්‍යයවශයෙන් අනවශේෂ කොට පවත්නා යම් ඥානයෙක් ඇද්ද, මේ අනේකධාතු නානාධාතු ඥානය තුන්වැනි තථාගතබලය යි කියනුලැබේ. (3)
Pali BJTඅනෙකධාතුනානාධාතුකස්ස ලොකස්ස යං යදෙව ධාතු සත්තා අධිමුච්චන්ති, තං තදෙව අධිට්ඨහන්ති අභිනිවිසන්ති, කෙචි රූපාධිමුත්තා කෙචි සද්දාධිමුත්තා කෙචි ගන්ධාධිමුත්තා කෙචි රසාධිමුත්තා කෙචි ඵොට්ඨබ්බාධිමුත්තා කෙචි ධම්මාධිමුත්තා කෙචි ඉත්ථාධිමුත්තා කෙචි පුරිසාධිමුත්තා කෙචි චාගාධිමුත්තා කෙචි හීනාධිමුත්තා කෙචි පණීතාධිමුත්තා කෙචි දෙවාධිමුත්තා කෙචි මනුස්සාධිමුත්තා කෙචි නිබ්බානාධිමුත්තා. යං එත්ථ ඤාණං හෙතුසො ඨානසො අනොධිසො “අයං වෙනෙය්යො අයං න වෙනෙය්යො අයං සග්ගගාමී අයං දුග්ගතිගාමී”ති, ඉදං වුච්චති සත්තානං නානාධිමුත්තිකතාඤාණං චතුත්ථං තථාගතබලං ඉති. (4)
Sinhala BJTමෙසේ අනේකධාතුනානාධාතුක ලෝකය පිළිබඳ යම් යම් මැ හීනාදි ස්වභාවයක් සත්ත්‍වයෝ හීනාදි ස්වභාවයෙන් අධිමුක්ත වෙත් ද (අදහස් කෙරෙත් ද) ඒ ඒ ස්වභාවය මැ අධිෂ්ඨාන කෙරෙති තෘෂ්ණාවශයෙන් පිවිසෙති. (අධිමුක්තිවිෂය විභාග කෙරෙති :) කිසි සත්ත්‍ව කෙනෙක් රූපධ්‍යාශය ඇත්තාහුය, කිසිවෙක් ශබ්දාධිමුක්ත යැ කිසිවෙක් ගන්‍ධාධිමුක්ත යැ කිසිවෙක් රසාධිමුත්ත යැ කිසිවෙක් ඵොට්ඨබ්බාධිමුත්ත යැ කිසිවෙක් ධම්මාධිමුත්ත යැ කිසිවෙක් ඉත්‍ථාධිමුත්ත යැ කිසිවෙක් පුරිසාධිමුත්ත යැ කිසිවෙක් ත්‍යාගාධිමුත්ත යැ කිසිවෙක් හීනාධිමුත්ත යැ කිසිවෙක් ප්‍රණීතාධිමුත්ත යැ කිසිවෙක් දේවාධිමුත්ත යැ කිසිවෙක් මනුෂ්‍යාධිමුත්ත යැ කිසිවෙක් නිර්‍වාණාධිමුක්ත වෙත්. මේ අධිමුත්තිවිෂයෙහි හේතුවශයෙන් ප්‍රත්‍යයවශයෙන් අනවධිවශයෙන් ‘මේ සත්ත්‍ව වෛනෙය යැ මේ විනයන නොකළ හැක්ක මේ ස්වර්‍ගගාමී යැ මේ දුර්‍ගතිගාමී යැ’ යි පවත්නා යම් ඥානයෙක් ඇද්ද මෙය සත්ත්‍වයන්ගේ නානාධිමුක්තිකතාඤාණ නම් වූ සතරවැනි තථාගතබලයැ’ යි කියනුලැබේ. (4)
Pali BJTතෙ යථාධිමුත්තා ච භවන්ති, තං තං කම්මසමාදානං සමාදියන්ති, තෙ ඡබ්බිධං කම්මං සමාදියන්ති: කෙචි ලොභවසෙන, කෙචි දොසවසෙන, කෙචි මොහවසෙන, කෙචි සද්ධාවසෙන, කෙචි විරියවසෙන කෙචි පඤ්ඤාවසෙන. තං විජ්ජමානං දුවිධං සංසාරගාමි ච නිබ්බානගාමි ච.
Sinhala BJTමෙසේ ඒ (හීන - ප්‍රණිත්‍යාධිමුක්ති ඇති) සත්ත්‍වයෝ යම් යම් පරිදි අධ්‍යාශය ඇත්තාහු වෙත් ද, අධිමුත්ති අනුරූප වූ ඒ ඒ කර්‍මසමාදානය කෙරෙත් ද, ඔවුහු සවැදෑරුම් කර්‍ම සමාදානය කෙරෙත් : කිසිවෙක් ලෝභවශයෙන් කිසිවෙක් ද්වේෂවශයෙන් කිසිවෙක් මෝහවශයෙන් කිසිවෙක් ශ්‍රද්ධාවශයෙන් කිසිවෙක් වීර්‍ය්‍යවශයෙන් කිසිවෙක් ප්‍රඥාවශයෙන් කර්‍මසමාදාන කෙරෙත්. ඒ කර්‍මය විභාග කරනුලබනුයේ සංසාරගාමී කර්‍මය ද නිර්‍වාණගාමී කර්‍මය දැ’ යි දෙවැදෑරුම් වේ.
Pali BJTතත්ථ යං ලොභවසෙන දොසවසෙන මොහවසෙන ච කම්මං කරොති, ඉදං කම්මං කණ්හං කණ්හවිපාකං. තත්ථ යං සද්ධාවසෙන විරියවසෙන ච කම්මං කරොති. ඉදං කම්මං සුක්කං සුක්කවිපාකං. තත්ථ යං ලොභවසෙන{1} දොසවසෙන{1} මොහවසෙන{1} සද්ධාවසෙන ච කම්මං කරොති, ඉදං කම්මං කණ්හසුක්කං කණ්හසුක්කවිපාකං. තත්ථ යං විරියවසෙන{2} පඤ්ඤාවසෙන ච කම්මං කරොති, ඉදං කම්මං අකණ්හං අසුක්කං අකණ්හඅසුක්කවිපාකං කම්මුත්තමං කම්මසෙට්ඨං කම්මක්ඛයාය සංවත්තති.
Sinhala BJTඑහි ලෝභවශයෙන් ද ද්වේෂවශයෙන් ද මෝහවශයෙන් ද යම් කර්‍මයක් කෙරේ නම් මේ කර්‍මය කෘෂ්ණ වූයේ කෘෂ්ණ විපාක ඇත්තේ යැ, එහි ශ්‍රද්ධාවශයෙන් ද වීර්‍ය්‍යවශයෙන් ද යම් කර්‍මයක් කෙරේ නම් මේ කර්‍මය ශුක්ල වූයේ ශුක්ලවිපාක ඇත්තේ යැ, එහි ලෝභවශයෙන් ද ද්වේශවශයෙන් ද මෝහවශයෙන් ද ශ්‍රද්ධාවශයෙන් ද යම් කර්‍මයක් කෙරේ නම්, මේ කර්‍මය කෘෂ්ණශුක්ල වූයේ කෘෂ්ණශුක්ලවිපාක ඇත්තේ යැ, එහි වීර්‍ය්‍යවශයෙන් ද ප්‍රඥාවශයෙන් ද යම් කර්‍මයක් කෙරේ නම්, මේ කර්‍මය (සතර මාර්‍ග චේතනාව) අකණ්හ යැ අසුක්ක යැ අකෘෂ්ණඅශුක්ල විපාක ඇත්තේ යැ මෙය කර්‍මයන් කෙරෙහි උත්තම යැ කර්‍මයන් කෙරෙහි ශ්‍රේෂ්ඨ යැ කර්‍මක්‍ෂය සංඛ්‍යාත නිවන පිණිස පවත්නේ යි.
Pali BJTචත්තාරි කම්මාසමාදානානි: අත්ථි කම්මසමාදානං පච්චුප්පන්නසුඛං ආයතිං ච දුක්ඛවිපාකං, අත්ථි කම්මසමාදානං පච්චුප්පන්නදුක්ඛං ආයතිං ච සුඛවිපාකං, අත්ථි කම්මසමාදානං පච්චුප්පන්නදුක්ඛඤ්චෙව ආයතිං ච දුක්ඛවිපාකං, අත්ථි කම්මසමාදානං පච්චුප්පන්නසුඛඤ්චෙව ආයතිං ච සුඛවිපාකං, යං එවංජාතියං{3} කම්මසමාදානං. ඉමිනා පුග්ගලෙන අකුසලකම්මසමාදානං උපචිතං අවිපක්කං විපාකාය පච්චුපට්ඨිතං, න ච භබ්බො අභිනිබ්බිදා{4} ගන්තුන්ති. ත භගවා න ඔවදති. යථා දෙවදත්තං කොකාලිකං සුනක්ඛත්තං ලිච්ඡවිපුත්තං. යෙ වා පනඤ්ඤෙපි සත්තා මිච්ඡත්තනියතා.
Sinhala BJTකර්‍මසමාදානයෝ සතරදෙනෙක් වෙති : ප්‍රත්‍යුත්පන්නයෙහි සුඛ වූ මතුයෙහි දුක්ඛවිපාක වූ ද කර්‍මසමාදානයෙක් ඇත, ප්‍රත්‍යුත්පන්නයෙහි දුක් වූ මතුයෙහි සුඛවිපාක වූ ද කර්‍මසමාදානයෙක් ඇත, ප්‍රත්‍යුත්පන්නයෙහි දුක් වූ ද මතුයෙහි දුක්ඛවිපාක වූ ද කර්‍මසමාදානයෙක් ඇත, ප්‍රත්‍යුත්පන්නයෙහි සුඛ වූ ද මතුයෙහි සුඛවිපාක වූ ද කර්‍මසමාදානයෙක් ඇති. යම් අන්‍යවූත් මෙබඳු ප්‍රකාර ඇති කර්‍මයෙකි. (ඒ කර්‍මවිපාකයෙහි බුදුරදුන්ගේ ඥානය පවත්නා අයුරු දක්වති :) ‘මේ පුඟුල්හු විසින් අකුශලකර්‍මයෙක් විපාකදානයට සමර්‍ත්‍ථ පරිදි රැස්කරනලද, එය විපාක නොදෙනලදුවැ විපාක දීමට කළ අවකාශ ඇත, අභිනිබ්බිදා සංඛ්‍යාත ආර්‍ය්‍යමාර්‍ගය අවබෝධ කරන්නට නො ද සුදුසුවනැ’ යි, බුදුහු ඔහුට අවවාද නොකරනසේක. දේවදත්ත, කෝකාලික, සුනක්ඛත්ත ලිච්ඡවිපුත්‍ර යන මොවුන් මෙනි. (විපාකාවරණයෙන් වැසුණු පුඟුල්හට භවවාසනා සඳහා දහම් දෙසති, අජාසත්හට මෙනි.)
Pali BJTඉමෙසං ච පුග්ගලානං උපචිතං අකුසලං න ච තාව පාරිපූරිං ගතං, පුරා පාරිපූරිං ගච්ඡති, පුරා ඵලං නිබ්බත්තයති, පුරා මග්ගං ආචාරයති, පුරා වෙනෙය්යත්තං සමතික්කමතීති. තෙ භගවා අසමත්තෙ ඔවදති, යථා පුණ්ණඤ්ච ගොවතිකං අචෙලඤ්ච කුක්කුරවතිකං. ඉමස්ස ච පුග්ගලස්ස අකුසලකම්මසමාදානා පරිපූරමානං මග්ගං ආචාරයිස්සති, පුරා පාරිපූරිං ගච්ඡති, පුරා ඵලං නිබ්බත්තයති, පුරා මග්ගං ආචාරයති, පුරා වෙනෙය්යත්තං සමතික්කමතීති තං භගවා අසමත්තං ඔවදති, යථා ආයස්මන්තං අඞ්ගුලිමාලං.
Sinhala BJTතවද මිච්ඡත්තනියත වූ යම් අන්‍ය සත්ත්‍ව කෙනෙක් හෝ වෙත් ද, මේ පුද්ගලයන් විසිනුදු කරන්නට ආරබ්ධ වූ අකුශලය තවම නො ද පිරීමට ගියේ යැ, ඇසිල්ලෙකින් පිරීමට යෙයි, ඇසිල්ලෙකින් ඵලය උපදවයි, ඇසිල්ලෙකින් මාර්‍ගය ආවරණ කෙරෙයි, ඇසිල්ලෙකින් වෛනෙයත්‍වය ඉක්මවායැ’ යි කර්‍මය අපරිපූර්‍ණ වූ ඔවුනට බුදුහු අවවාද කරනසේක. පුණ්ණ ගෝවතිකයහට ද අචේල කුක්කුරවතිකයහට ද මෙනි. යළි මේ පුඟුල්හුගේ අකුශලකර්‍මසමාදානය පරිපූර්‍ණ වනුයේ මාර්‍ගය ආවරණ කරන්නේ යැ, ඇසිල්ලෙකින් පිරීමට යෙයි ඇසිල්ලෙකින් අකුශලඵලය උපදවයි, ඇසිල්ලෙකින් මාර්‍ගය ආවරණ කෙරෙයි, ඇසිල්ලෙකින් වෛනෙයත්‍වය ඉක්මවායැ’ යි බුදුහු අපරිපූර්‍ණ කර්‍මය ඇති ඔහුට අවවාද කරනසේක. ආයුෂ්මත් අඞ්ගුලිමාලයනට මෙනි.
Pali BJTසබ්බෙසං මුදුමජ්ඣාධිමත්තතා: තත්ථ මුදු ආනෙඤ්ජාභිසඞ්ඛාරා, මජ්ඣං අවසෙසකුසලසඞ්ඛාරා, අධිමත්තං අකුසලසඞ්ඛාරා. යං එත්ථ ඤාණං හෙතුසො ඨානසො අනෙධිසො “ඉදං දිට්ඨධම්මවෙදනීයං ඉදං උපපජ්ජවෙදනීයං ඉදං අපරාපරියවෙදනීයං ඉදං නිරයවෙදනීයං ඉදං තිරච්ඡානවෙදනීයං ඉදං පෙත්තිවිසයවෙදනීයං ඉදං අසුරවෙදනීයං ඉදං දෙවවෙදනීයං ඉදං මනුස්සවෙදනීයං”ති. ඉදං වුච්චති අතීතානාගතපච්චුප්පන්නානං කම්මසමාදානානං හෙතුසො ඨානසො අනොධිසො විපාකවෙමත්තතාඤාණං පඤ්චමං තථාගතබලං ඉති. (5)
Sinhala BJTබලනිර්දේශයෙහි කියනලද සියලු කර්‍මයන්ගේ මෘදු - මධ්‍ය - තීව්‍රභාවය වෙයි : එහි ආනෙඤ්ජාභිසඞ්ඛාරයෝ මෘදු යැ, අවසේස කුසලසඞ්ඛාරයෝ මධ්‍ය යැ, අකුසලසඞ්ඛාරයෝ තීව්‍ර යි. මේ කර්‍මවිෂයෙහි හේතුවශයෙන් ප්‍රත්‍යයවශයෙන් පැවැති “මේ කර්‍මය දෘෂ්ටධර්‍මයෙහි (මෙ අත්බවෙහි) වින්දයුතු ඵල ඇත්තේ යැ, මේ කර්‍මය උපපද්‍ය භවයෙහි (අනතුරු අත්බව්හි) වින්දයුතු ඵල ඇත්තේ යැ, මේ කර්‍මය අපරපරියායයෙහි (මෙයින් අන්‍ය වූ කිසි අත්බවෙක) වින්දයුතු විපාක ඇත්තේ යැ, මේ කර්‍මය නිරයෙහි විපාක වින්දයුතු යැ, මෙය තිරශ්චීනයෝනියෙහි වින්දයුතු යැ, මෙය ප්‍රේතවිෂයෙහි වින්දයුතු යැ, මෙය අසුරකායෙහි වින්දයුතු යැ, මෙය දෙව්ලොවැ වින්දයුතු යැ, මෙය මිනිස්ලොවැ වින්දයුතු යැ” යි දන්නා යම් ඥානයෙක් ඇද්ද මෙය අතීතානාගත ප්‍රත්‍යුත්පන්න කර්‍මසමාදානයන්ගේ හේතු විසින් ප්‍රත්‍යය විසින් අනෝධි විසින් ‘විපාක වේමත්තතාඤාණ’ නම් පස්වැනි තථාගතබලය යි කියනුලැබේ. (5)
Pali BJTතථා{1} සමාදින්නානං කම්මානං සමාදින්නානං ඣානානං විමොක්ඛානං සමාධීනං සමාපත්තීනං යං සංකිලෙසො ඉදං වොදානං ඉදං වුට්ඨානං එවං සංකිලිස්සති එවං වොදායති එවං වුට්ඨහතීති ඤාණං අනාවරණං.
Sinhala BJTයට කී පරිදි සමාදානය කළ කර්‍මයන්ගේ සමාදානය කළ ධ්‍යානයන්ගේ විමොක්ඛ - සමාධි - සමාපත්තීන්ගේ මේ (ප්‍රතිපක්‍ෂධර්‍ම විසින්) කිලිටිබව යැ මේ (ප්‍රතිපක්‍ෂ ධර්‍මයන් කෙරෙන්) විශුද්ධිය යැ මේ ප්‍රගුණධ්‍යාන හා භවාඞ්ගවුට්ඨාන යැ, මේ ආකාරයෙන් ධ්‍යානාදිය කිලිටි වන්නේ යැ, මෙසේ විශුද්ධ වෙයි, මෙසේ වුට්ඨානය වේ යැයි පැවැති ඥානය අනාවරණඥාන යි.
Pali BJTතත්ථ කති ඣානානි: චත්තාරි ඣානානි. කති විමොක්ඛා: එකාදස ච අට්ඨ ච සත්ත ච තයො ච ද්වෙ ච. කති සමාධි: තයො සමාධි: සවිතක්කො සවිචාරො සමාධි. අවිතක්කො විචාරමත්තො සමාධි අවිතක්කො අවිචාරො සමාධි. කති සමාපත්තියො: පඤ්ච සමාපත්තියො: සඤ්ඤාසමාපත්ති, අසඤ්ඤාසමාපත්ති, නෙවසඤ්ඤානාසඤ්ඤාසමාපත්ති විභූතසඤ්ඤාසමාපත්ති,{2} නිරොධසමාපත්ති.
Sinhala BJTඒ ධ්‍යානාදීන් කෙරෙහි ධ්‍යානයෝ කෙතෙක යත් : චතුක්කනය විසින් රූපාවචර ධ්‍යානයෝ සතර දෙනෙකි. විමෝක්‍ෂයෝ කෙතෙක යත් : (රූපී රූපානි පස්සති යනාදි අට යැ සුඤ්ඤතාදි තුන යැයි) විමෝක්‍ෂ එකොළොසක් ද, (ලෝකෝත්තරවිමෝක්‍ෂ හැර) අටක් ද (එහි මැ නිරෝධසමාපත්තිය හැර) සතක් ද (සූත්‍රාන්තපරියායෙන්) ශුන්‍යතාදි විමෝක්‍ෂ තුනක් ද (අභිධර්‍මපරියායෙන් අනිමිත්තවිමෝක්‍ෂය නො ලැබෙනුයෙන්) සුඤ්ඤත අප්පණිහිත යයි විමෝක්‍ෂ දෙකක් ද වෙති. සමාධි කෙතෙක යත් : සවිතර්‍ක සවිචාර සමාධි යැ අවිතර්‍ක විචාරමාත්‍ර සමාධි යැ අවිතර්‍ක අවිචාර සමාධි යැයි සමාධි තුනෙකි. සමාපත්ති කෙතෙක යත් : සඤ්ඤාසමාපත්ති යැ අසඤ්ඤාසමාපත්ති යැ නේවසඤ්ඤානාසඤ්ඤාසමාපත්ති යැ විභූතසඤ්ඤාසමාපත්ති යැ නිරෝධසමාපත්ති යැයි සමාපත්තීහු පස් දෙනෙක් වෙත්.
Pali BJTතත්ථ කතමො සංකිලෙසො: පඨමස්ස ඣානස්ස කාමරාගබ්යාපාදො සංකිලෙසො, යෙ ච කුක්කුටජ්ඣායී ද්වෙ පඨමකා යො වා පන කොචි හානභාගියො සමාධි, අයං සංකිලෙසො. තත්ථ කතමං වොදානං: නීවරණපාරිසුද්ධි පඨමස්ස ඣානස්ස යෙ ච කුක්කුටජ්ඣායී ද්වෙ පච්ඡිමකා යො වා පන කොචි විසෙසභාගියො සමාධි, ඉදං වොදානං. තත්ථ කතමං වුට්ඨානං: යං සමාපත්ති වුට්ඨානකොසල්ලං, ඉදං වුට්ඨානං. යං එත්ථ ඤාණං හෙතුසො ඨානසො අනොධිසො, ඉදං වුච්චති සබ්බෙසං ඣානවිමොක්ඛසමාධිසමාපත්තීනං සංකිලෙසවොදානවුට්ඨානඤාණං ඡට්ඨං තථාගතබලං ඉති (6)
Sinhala BJTඑහි සංකිලේස කවරෙ යැ : ප්‍රථමධ්‍යානයට කාමරාගව්‍යාපාදයෝ සංකිලේස යැ, කුක්කුටධ්‍යාන යයි කියනලද යම් ප්‍රථමද්විතීය ධ්‍යාන දෙක වෙත් ද යළි යම් හානභාගිය සමාධියෙක් හෝ වේ ද මේ සංකිලේස යි. එහි වෝදාන කවරෙ යැ : ප්‍රථමධ්‍යානයට නීවරණපාරිශුද්ධිය ද කුක්කුටජ්ඣායී වූ යම් පශ්චිම ධ්‍යාන දෙක වෙත් ද යළි විසේස භාගිය වූ යම් සමාධියෙක් වේ ද මේ වෝදාන යි. (ධ්‍යාන උපදවා එයින් සෑහීමට පැමිණ මතුයෙහි වෑයම් නොකරනුයේ ‘කුක්කුටජ්ඣායී’ නම් වේ.) එහි වුට්ඨාන කවරෙ යැ : යම් සමවතින් නැඟීසිටීමෙහි කුශලතායෙක් ඇද්ද, මේ වුට්ඨාන යි. මෙහි හේතුවශයෙන් ප්‍රත්‍යයවශයෙන් අනවධිවශයෙන් පැවැති යම් ඥානයෙක් ඇද්ද, මෙය සියලු ධ්‍යාන විමෝක්‍ෂ සමාධි සමාපත්තීන්ගේ සංකිලේසවෝදානවුට්ඨාන නම් වූ සවැනි තථාගත බලයැ යි කියනු ලැබේ. (6)
Pali BJTතස්සෙව සමාධිස්ස තයො ධම්මා පරිවාරා: ඉන්ද්රියානි බලානි විරියමිති. තානියෙව ඉන්ද්රියානි විරියවසෙන බලානි භවන්ති, අධිපතෙය්යට්ඨෙන ඉන්ද්රියානි, අකම්පියට්ඨෙන බලානි. ඉති තෙසං මුදුමජ්ඣාධිමත්තතා: අයං මුදින්ද්රියො අයං මජ්ඣින්ද්රියො අයං තික්ඛින්ද්රියොති. තත්ථ භගවා තික්ඛින්ද්රියං සංඛිත්තෙන ඔවාදෙන ඔවදති, මජ්ඣින්ද්රියං භගවා සංඛිත්තවිත්ථාරෙන ඔවදති, මුදින්ද්රියං භගවා විත්ථාරෙන ඔවදති. තත්ථ භගවා තික්ඛින්ද්රියස්ස මුදුකං ධම්මදෙසනං උපදිසති මජ්ඣින්ද්රියස්ස භගවා මුදුතික්ඛං ධම්මදෙසනං උපදිසති, මුදින්ද්රියස්ස භගවා තික්ඛං ධම්මදෙසනං උපදිසති. තත්ථ භගවා තික්ඛින්ද්රියස්ස සමථං උපදිසති, මජ්ඣින්ද්රියස්ස භගවා සමථවිපස්සනං උපදිසති, මුදින්ද්රියස්ස භගවා විපස්සනං උපදිසති. තත්ථ භගවා තික්ඛින්ද්රියස්ස නිස්සරණං උපදිසති, මජ්ඣින්ද්රියස්ස භගවා ආදීනවං ච නිස්සරණඤ්ච උපදිසති, මුදින්ද්රියස්ස අස්සාදඤ්ච ආදීනවඤ්ච නිස්සරණඤ්ච උපදිසති, තත්ථ භගවා තික්ඛින්ද්රියස්ස අධිපඤ්ඤාසික්ඛාය පඤ්ඤාපයති, මජ්ඣින්ද්රියස්ස භගවා අධිචිත්තසික්ඛාය පඤ්ඤාපයති, මුදින්ද්රියස්ස භගවා අධිසීලසික්ඛාය පඤ්ඤාපයති. යං එත්ථ ඤාණං හෙතුසො ඨානසො අනොධිසො “අයං ඉමං භූමිං භාවනඤ්ච ගතො ඉමාය ච වෙලාය ඉමාය ච අනුසාසනියා එවං ධාතුකො චායං, අයං චස්ස ආසයො අයං ච අනුසයො” ඉති. ඉදං වුච්චති පරසත්තානං පරපුග්ගලානං ඉන්ද්රියපරොපරියත්තවෙමත්තතාඤානං සත්තමං තථාගතබලං ඉති. (7)
Sinhala BJTධ්‍යානාදි පර්‍ය්‍යායයෙන් යට කියනලද ඒ සමාධිහුගේ මැ ඉන්‍ද්‍රියයෝ යැ බලයෝ යැ වීර්‍ය්‍ය යැ යි පරිවාර වූ ධර්‍මයෝ තිදෙනෙක් වෙති. (සද්ධා සති පඤ්ඤා යන) ඒ ඉන්‍ද්‍රියයෝ මැ වීර්‍ය්‍යයාගේ වශයෙන් බල නම් වෙති. අධිපතිභාවාර්‍ත්‍ථයෙන් ඉන්‍ද්‍රියයෝ යැ, අකම්ප්‍යාර්‍ත්‍ථයෙන් බලයෝ යි. මෙසේ ඒ ඉන්‍ද්‍රියයන්ගේ මේ පුද්ගල මෘදුඉන්‍ද්‍රිය ඇත්තේ යැ මේ මධ්‍යමඉන්‍ද්‍රිය ඇත්තේ යැ මේ තියුණුඉන්‍ද්‍රිය ඇත්තේ යැ යි මෘදුමධ්‍යමඅධිමාත්‍රභාවය වෙයි. ඒ වෛනෙයයන් කෙරෙහි බුදුහු තියුණු ඉන්‍ද්‍රිය ඇත්තහුට සංක්‍ෂිප්ත වූ උද්දේශමාත්‍ර වූ අවවාදයෙන් අවවාද කරනසේක. මධ්‍යම ඉන්‍ද්‍රිය ඇතියහුට බුදුහු සංක්‍ෂිප්තය විස්තර කිරීමෙන් නොහොත් උද්දේසනිද්දේස දෙකින් අවවාද කරන සේක. මෘදුඉන්‍ද්‍රිය ඇතියහුට බුදුහු විස්තරයෙන් නොහොත් උද්දේසනිද්දේසපටිනිද්දේස විසින් අවවාද කරනසේක. ඔවුන් කෙරෙහි බුදුහු තියුණු ඉන්‍ද්‍රිය ඇත්තහුට සැහැල්ලු වූ (අපායභය වට්ටභයාදීන් සන්තර්‍පනවශයෙන් බර නොකොට) දහම් දෙසන සේක, මධ්‍යමඉන්‍ද්‍රිය ඇතියහුට බුදුහු මෘදුතීක්‍ෂණ වූ ධර්‍මදේශනාව කරනසේක, මෘදුඉන්‍ද්‍රිය ඇත්තහුට බුදුහු තියුණු ධර්‍මදේශනාව කරන සේක. ඔවුන් කෙරෙහි බුදුහු තියුණු ඉඳුරන් ඇතියහුට සමථය (අධික කොට) දක්වනසේක, මැදුම් ඉඳුරන් ඇතියහුට බුදුහු සමථවිදර්‍ශනා (සමධුර කොට) දක්වනසේක, මෘදුඉඳුරන් ඇතියහුට බුදුහු සාතිශය විදර්‍ශනාව දක්වනසේක. එහි බුදුහු තියුණුඉඳුරන් ඇතියහුට නිස්සරණය දෙසනසේක, මැදුම්ඉඳුරන් ඇතියහුට ආදීනවය ද නිස්සරණය ද දෙසනසේක, මෘදුඉඳුරන් ඇතියහුට බුදුහු අස්සාද ආදීනව නිස්සරණ ද දෙසනසේක. එහි බුදුහු තියුණුඉඳුරන් ඇතියහුට අධිප්‍රඥාශික්‍ෂාව පනවනසේක, මැදුම්ඉඳුරන් ඇතියහුට බුදුහු අධිචිත්තශික්‍ෂාව පනවන සේක, මුදුඉඳුරන් ඇතියහුට බුදුහු අධිශීලශික්‍ෂාව පනවනසේක. මේ ඉන්‍ද්‍රියපරෝපරතායෙහි හේතුවශයෙන් ප්‍රත්‍යයවශයෙන් අනවධිවශයෙන් ‘මේ පුද්ගල මේ වෙලායෙහි මෘදුමධ්‍යතීක්‍ෂණභේද වූ මේ අනුශාසනායෙන් ද මේ භූමියට ද මේ භාවනාවට ද ගියේ යැ, යෙයි, යන්නේ යැ, මේ පුද්ගල හීනාදි මෙබඳු ස්වභාව ඇත්තේ ද මොහුගේ ශාශ්වතාදි මේ ආශය ද කාමරාගාදි මේ අනුසය ඇත්තේ ද වේ යයි පැවැති යම් ඥානයක් ඇද්ද මෙය පරසත්ත්‍වයන්ගේ පරපුද්ගලයන්ගේ ඉන්‍ද්‍රියපරෝපරියත්තවේමත්තතාඤාණ නම් වූ සත්වැනි තථාගතබලය යි කියනුලැබේ. (7)
Pali BJTතත්ථ යං අනෙකවිහිතං පුබ්බෙනිවාසං අනුස්සරති. සෙය්යථීදං: එකම්පි ජාතිං ද්වෙපි ජාතියො තිස්සොපි ජාතියො චතස්සොපි ජාතියො පඤ්චපි ජාතියො දසපි ජාතියො වීසම්පි ජාතියො තිංසම්පි ජාතියො චත්තාරීසම්පි ජාතියො පඤ්ඤාසම්පි ජාතියො ජාතිසතම්පි ජාතිසහස්සම්පි ජාතිසතසහස්සම්පි අනෙකානිපි ජාතිසතානි අනෙකානිපි ජාතිසහස්සානි අනෙකානිපි ජාතිසතසහස්සානි අනෙකෙපි සංවට්ටකප්පෙ අනෙකෙපි විවට්ටකප්පෙ අනෙකෙපි සංවට්ටවිවට්ටකප්පෙ අමුත්රාසිං එවංනාමො එවංගොත්තො එවංවණ්ණො එවමාහාරො එවංසුඛදුක්ඛපටිසංවෙදී එවමායුපරියන්තො, සො තතො චුතො අමුත්ර උදපාදිං, තත්රාපාසිං එවංනාමො එවංගොත්තො එවංවණ්ණො එවමාහාරො එවංසුඛදුක්ඛපටිසංවෙදී එවමායුපරියන්තො, සො තතො චුතො ඉධූපපන්නොති. ඉති සාකාරං සඋද්දෙසං අනෙකවිහිතං පුබ්බෙනිවාසං අනුස්සරති.
Sinhala BJTඑහි අනේකප්‍රකාර වූ පෙරවිසූ කඳපිළිවෙළ සිහිකෙරෙති, ඒ මෙසේ යැ : එක් ජාතියකුදු ජාතිදෙකකුදු ජාති තුනකුදු ජාති සතරකුදු ජාති පසකුදු ජාති දසයකුදු ජාති විස්සකුදු ජාති තිසකුදු ජාති සතලිසකුදු ජාති පනසකුදු ජාති සියයකුදු ජාති දහසකුදු ජාති සියදහසකුදු නොයෙක් සියගණන් ජාති ද නොයෙක් දහස්ගණන් ජාති ද නොයෙක් සුවහස්ගණන් ජාති ද නොයෙක් සංවර්‍තකල්පයන් ද නොයෙක් විවර්‍තකල්පයන් ද නොයෙක් සංවර්‍ත විවර්‍ත කල්පයන් ද ‘අසුවල් තැනැ මෙසේ නම් ඇතිවීමි, මෙබඳු ගොත් ඇතියෙම් මෙබඳු පැහැඇතියෙම් මෙබඳු ආහාරඇතියෙම් මෙසේ සුවදුක් වින්දෙම් මෙසේ ආයුපර්‍ය්‍යන්ත ඇතියෙම් වීමි, එ මම් එයින් සැවැ අසුවල් තැනැ උපන්මි, එහිදු මෙ නම් ඇති වීමි, මෙබඳු ගොත්ඇතියෙම් මෙබඳු පැහැඇතියෙම් මෙබඳු ආහාරඇතියෙම් මෙබඳු සුවදුක් වින්දෙම් මෙබඳු ආයුපර්‍ය්‍යන්ත ඇතියෙම් වීමි, එ මම් එයින් සැවැ මෙහි උපන්මි’ මෙසේ ආකාර සහිත වූ උද්දේස සහිත වූ අනේකප්‍රකාර පූර්‍වනිවාසය සිහිකෙරෙයි.
Pali BJTතත්ථ සග්ගූපගෙසු ච සත්තෙසු මනුස්සූපගෙසු ච සත්තෙසු අපායූ පගෙසු ච සත්තෙසු “ඉමස්ස පුග්ගලස්ස ලොභාදයෙ උස්සන්නා අලොභාදයො මන්දා, ඉමස්ස පුග්ගලස්ස අලොභාදයො උස්සන්නා ලොභාදයො මන්දා, යෙ වා පන උස්සන්නා යෙ වා පන මන්දා,
Sinhala BJTඒ දසබලඤාණයන් කෙරෙහි ස්වර්‍ගයට පැමිණි සත්ත්‍වයන් කෙරෙහි ද මිනිස්බවට පැමිණි සත්ත්‍වයන් කෙරෙහි ද අපායට පැමිණි සත්ත්‍වයන් කෙරෙහි ද “මේ පුඟුල්හට ලෝභාදි අකුශලයෝ උත්සන්න වූහ, අලෝභාදි කුශලයෝ අල්ප වූහ. මේ පුඟුල්හට අලෝභාදීහු උත්සන්නයහ, ලෝභාදීහු අල්ප වූහ, යම් ධර්‍ම කෙනෙක් උත්සන්න හෝ වෙත් ද යම් ධර්‍ම කෙනෙක් මන්‍ද හෝ වෙත් ද,
Pali BJTඉමස්ස පුග්ගලස්ස ඉමානි ඉන්ද්රියානි උපචිතානි, ඉමස්ස පුග්ගලස්ස ඉමානි ඉන්ද්රියානි අනුපචිතානි, අමුකායං වා කප්පකොටියං කප්පසතසහස්සෙ වා කප්ප සහස්සෙ වා කප්පසතෙ වා කප්පෙ වා අන්තරකප්පෙ වා උපඩ්ඪකප්පෙ වා සංවච්ඡරෙ වා උපඩ්ඪසංවච්ඡරෙ වා මාසෙ වා පක්ඛෙ වා දිවසෙ වා මුහුත්තෙ වා, ඉමිනා පමාදෙන වා පසාදෙනවා”ති තං තං භවං භගවා අනුස්සරන්තො අසෙසං ජානාති.
Sinhala BJTඅසුවල් කල්පකෝටියෙහි හෝ කප්සුවහස්හි හෝ කප්දහසෙහි හෝ කප්සියෙහි හෝ කපෙහි හෝ අතුරුකපෙහි හෝ අඩකපෙහි හෝ හවුරුද්දෙහි හෝ අඩවසෙහි හෝ මාසයෙහි හෝ අඩමසෙහි හෝ දවසෙහි හෝ මොහොතෙහි හෝ මේ ප්‍රමාදයෙන් වේවයි මේ ප්‍රසාදයෙන් වේවයි මේ පුඟුල්හු විසින් මේ ඉන්‍ද්‍රියයෝ රැස්කරනලදහ, මේ පුඟුල්හු විසින් මේ ඉන්‍ද්‍රියයෝ රැස් නො කරන ලදහ” බුදුහු ඒ ඒ භවය සිහිකරමින් අශේෂ කොට දන්නාසේක.
Pali BJTතත්ථ යං දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන අතික්කන්තමානුසකෙන සත්තෙ පස්සති: චවමානෙ උප්පජ්ජමානෙ හීනෙ පණීතෙ සුවණ්ණෙ දුබ්බණ්ණෙ සුගතෙ දුග්ගතෙ, යථාකම්මූපගෙ සත්තෙ පජානාති: ඉමෙ වත භොන්තො සත්තා කායදුච්චරිතෙන සමන්නාගතා වචීදුච්චරිතෙන සමන්නාගතා මනොදුච්චරිතෙන සමන්නාගතා අරියානං උපවාදකා මිච්ඡාදිට්ඨිකා මිච්ඡාදිට්ඨිකම්මසමාදානා, තෙ කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපන්නා, ඉමෙ වා පන භොන්තො සත්තා කායසුචරිතෙන සමන්නාගතා වචී -පෙ- මනොසුචරිතෙන සමන්නාගතා අරියානං අනුපවාදකා සම්මාදිට්ඨිකා සම්මාදිට්ඨිකම්මසමාදානා, තෙ කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපන්නා. තත්ථ සග්ගූපගෙසු ච සත්තෙසු -පෙ- අපායූපගෙසු ච සත්තෙසු ඉමිනා පුග්ගලෙන එවරූපං කම්මං අමුකායං කප්පකොටියං උපචිතං කප්පසතසහස්සෙ වා කප්පසහස්සෙ වා කප්පසතෙ වා කප්පෙ වා අන්තරකප්පෙ වා උපඩ්ඪකප්පෙ වා සංවච්ඡරෙ වා උපඩ්ඪසංවච්ඡරෙ වා මාසෙ වා පක්ඛෙ වා දිවසෙ වා මුහුත්තෙ වා ඉමිනා පමාදෙන වා පසාදෙන වාති. ඉමානි භගවතො ද්වෙ ඤාණානි පුබ්බෙනිවාසානුස්සති ඤාණඤ්ච දිබ්බචක්ඛු ච අට්ඨමං නවමං තථාගගබලං ඉති. (8-9)
Sinhala BJTඒ දිට්ඨිවිසුද්ධියට හේතු හෙයින් ද උපක්ලේශ විරහිත හෙයින් ද විශුද්ධ වූ මිනිසැස ඉක්මැසිටි දිවඇසින් චුතවන්නාවූ ද උපදනා වූ ද (මෝහනිස්සන්‍දයෙන් පරිභූත ජාති කුල භෝගාදි විසින්) හීන වූ (අමෝහනිස්සන්‍දයෙන් ජාති කුල භෝගාදි විසින්) ප්‍රණීත වූ (අදෝසනිස්සන්‍දයෙන්) සුන්‍දරවර්‍ණ ඇති (දෝසනිස්සන්‍දයෙන්) දුර්වර්‍ණ වූ සුගතියට ගිය නොහොත් (අලෝභනිස්සන්‍දයෙන්) මහද්ධන ඇති දුගතියට නොහොත් (ලෝභනිස්සන්‍දයෙන්) දරිද්‍ර වූ සත්ත්‍වයන් දක්නාසේක. කම්වූ පරිදි පරලොවගිය සත්ත්‍වයන් දන්නාසේක : ඒකාන්තයෙන් මේ භවත් සත්ත්‍වයෝ කායදුශ්චරිතයෙන් යුක්තවූවාහු වාග්දුශ්චරිතයෙන් යුක්තවූවාහු මනෝදුශ්චරිතයෙන් යුක්ත වූවාහු ආර්‍ය්‍යෝපවාද කළාහු මිසදිටුවූවාහු මිසදිටුහේතුයෙන් අකුශලකර්‍මාසමාදාන කළාහු වෙති, ඔහු කාබුන් මරණින් මතු අපාය දුර්‍ගති විනිපාත වූ නිරයට පැමිණියාහ. වැලි මේ භවත් සත්ත්‍වයෝ කාය සුචරිතයෙන් සමන්‍විතවූවාහු වචී … මනෝසුචරිතයෙන් සමන්‍විත වූවාහු ආර්‍ය්‍යයනට උපවාද නො කළාහු සම්‍යග්දෘෂ්ටි ඇත්තාහු සම්‍යග්දෘෂ්ටිකර්‍ම සමාදාන කළාහු වෙති, ඔහු කාබුන් මරණින් මතු සුගති ස්වර්‍ගලෝකයට පැමිණියාහු වෙත්. එහි ස්වර්‍ගයට පැමිණි සත්ත්‍වයන් කෙරෙහි ද … අපායට පැමිණි සත්ත්‍වයන් කෙරෙහි ද මේ පුඟුල්හු විසින් මෙබඳු කර්‍මයෙක් අසුවල් කල්පකෝටියෙහි රැස්කරනලද, කප්සුවහස්හි හෝ කප්දහසෙහි හෝ කප්සියෙහි හෝ අතුරුකපෙහි හෝ අඩකපෙහි හෝ වසරෙහි හෝ අඩවසරෙහි හෝ මසෙහි හෝ අඩමසෙහි හෝ දවසෙහි හෝ මොහොතෙහි හෝ මේ ප්‍රමාදයෙන් වේවයි මේ ප්‍රසාදයෙන් වේව’ යි මෙබඳු කර්‍මයෙක් රැස්කරනලදැ’ යි දන්නා යම් ඥානයෙක් ඇද්ද, පුබ්බේනිවාසානුස්සති ඤාණය ද දිබ්බචක්ඛු ඤාණය ද යන භාග්‍යවතුන් වහන්සේගේ මේ ඥානයෝ දෙදෙන අටවැනි නවවැනි තථාගතබල යි. (8 . 9)
Pali BJTතත්ථ යං සබ්බඤ්ඤුතා පත්තා, විදිතා සබ්බධම්මා, විරජං වීතමලං උප්පන්නං සබ්බඤ්ඤුතඤාණං, නිහතො මාරො බොධිමූලෙ, ඉදං භගවතො දසමං බලං සබ්බාසවපරික්ඛයං ඤාණං. දසබලසමන්නාගතා හි බුද්ධා භගවන්තොති. (10)
Sinhala BJTඒ දසබලඥානයන් කෙරෙහි භාග්‍යවතුන් විසින් යම් සර්‍වඥභාවයෙක් අධිගම විසින් ප්‍රාප්ත ද සර්‍වධර්‍මයෝ අවබෝධ කරනලද්දාහු ද රාගාදි රජස්රහිත වූ විගත වූ ක්ලේශමල ඇති යම් සර්‍වඥතාඥානයෙක් උපන්නේ ද, බෝධිමූලයෙහි ක්ලේශමාර නසනලද්දේ ද, මේ භාග්‍යවතුන් වහන්සේගේ දසවැනි බලය වූ සර්‍වාස්‍රවපරික්‍ෂයඥාන යි. ඒ එසේ මැය : භාග්‍යවත් බුදුවරයෝ දසබලසමන්‍වාගත වූවාහු යි. (10)
Pali BJTනියුත්තො විචයො හාරසම්පාතො.
Sinhala BJTවිචයහාරසම්පාතය යොදනලද්දේ යි.
Pali BJT3. 2. 3.
Sinhala BJT3. 2. 3.
Pali BJTයුත්තිහාරසම්පාතො
Sinhala BJTයුත්තිහාරසම්පාතය
Pali BJTතත්ථ කතමො යුත්තිහාරසම්පාතො:
Sinhala BJTඒ හාරසම්පාතයන් කෙරෙහි යුක්තිහාරසම්පාතය කවරෙ යැ :
Pali BJT“තස්මා රක්ඛිතචිත්ත’ස්ස සම්මාසඞ්කප්පගොචරො, සම්මාදිට්ඨිපුරෙක්ඛාරො ඤත්වාන උදයබ්බයං; ථීනමිද්ධාභිභූ භික්ඛූ සබ්බා දුග්ගතියො ජහෙ”ති.
Sinhala BJT(අරක්‍ෂිත සිත් ඇතියේ මාරවශී වැ සසර මැ සිටුනේ යැ,) එහෙයින් සතිසංවරයෙන් රක්නාලද සිත්ඇතිවන්නේ යැ නෙක්ඛම්මාදි සම්‍යක්සංකල්ප ගෝචර කොට ඇතිවන්නේ යැ (කම්මස්සකතා යථාභූතඤාණලක්‍ෂණ) සම්මාදිට්ඨිය පෙරටුකොට ඇතියේ (සමපනස්) උදයව්‍යය දැන රහත්මඟින් ථීනමිද්ධය නැසූ ක්‍ෂීණාස්‍රව මහණ සියලු දුර්‍ගති දුරුකරන්නේ යි.
Pali BJT“තස්මා රක්ඛිතචිත්ත’ස්ස සම්මාසඞ්කප්පගොචරො”ති රක්ඛිතචිත්ත’ස්ස සම්මාසඞ්කප්පගොචරො භවිස්සතීති යුජ්ජති, සම්මාසඞ්කප්පගොචරො සම්මාදිට්ඨි භවිස්සතීති යුජ්ජති, සම්මාදිට්ඨිපුරෙක්ඛාරො විහරන්තො උදයබ්බයං පටිවිජ්ඣිස්සතීති යුජ්ජති, උදයබ්බයං පටිවිජ්ඣන්තො සබ්බා දුග්ගතියො ජහිස්සතීති යුජ්ජති, සබ්බා දුග්ගතියො ජහන්තො සබ්බානිදුග්ගතිවිනිපාතභයානි සමතික්කමිස්සතීති යුජ්ජතීති.
Sinhala BJTරක්ඛිතචිත්තස්ස සම්මාසඞ්කප්පගෝචරො යනු : රක්නාලද සිත් ඇතියේ සම්‍යක්සංකල්ප ගෝචර කොට ඇත්තේ වන්නේ යැ යන මේ අර්‍ත්‍ථය යෙදෙයි, සම්‍යක්සංකල්ප ගෝචර කොට ඇති පුද්ගල සම්‍යග්දෘෂ්ටි වන්නේ යැ යනු යෙදෙයි, සම්මාදිට්ඨිසංඛ්‍යාත විදර්‍ශනාඥානය පෙරටු ඇතිව වසනුයේ උදයව්‍යය ප්‍රතිවේධ කරන්නේ යැ යන අර්‍ත්‍ථය යෙදෙයි, උදයව්‍යය ප්‍රතිවේධ කරනුයේ දුර්‍ගති සංඛ්‍යාත සියලු භව ගති දුරුකරන්නේ යැ යන අර්‍ත්‍ථය යෙදෙයි, සියලු දුර්‍ගති දුරුකරනුයේ සියලු දුර්‍ගතිවිනිපාතභය (සසරභය ද) ඉක්මවන්නේ යැ යන අර්‍ත්‍ථය යෙදේ යයි.
Pali BJTනියුත්තො යුත්තිහාරසම්පාතො.
Sinhala BJTයුත්තිහාරසම්පාතය යොදන ලද්දේ යි.
Pali BJT3. 2. 4.
Sinhala BJT3. 2. 4.
Pali BJTපදට්ඨානො හාරසම්පාතො.
Sinhala BJTපදට්ඨානහාරසම්පාතය
Pali BJTතත්ථ කතමො පදට්ඨානො හාරසම්පාතො: “තස්මා රක්ඛිතචිත්ත’ස්ස සම්මාසඞ්කප්පගොචරො”ති ගාථා “තස්මා රක්ඛිතචිත්ත’ස්සා”ති තිණ්ණං සුචරිතානං පදට්ඨානං; “සම්මාසඞ්කප්පගොචරො”ති සමථස්ස පදට්ඨානං; සම්මාදිට්ඨිපුරෙක්ඛාරො”ති විපස්සනාය පදට්ඨානං; ඤත්වාන උදයබ්බය”න්ති දස්සනභූමියා පදට්ඨානං; “ථීනමිද්ධාභිභූ භික්ඛූ”ති විරියස්ස පදට්ඨානං; “සබ්බාදුග්ගතියො ජහෙ”ති භාවනාය පදට්ඨානං.
Sinhala BJTඑහි පදට්ඨානහාරසම්පාතය කවරෙ යත් : “තස්මා රක්ඛිතචිත්තස්ස සම්මාසඞ්කප්ප ගෝචරො” යනාදි ගාථා නිදර්‍ශන යැ, තස්මා රක්ඛිතචිත්තස්ස යනු මේ ත්‍රිවිධ සුචරිතයනට පදට්ඨාන (ආසන්නකාරණ) වචන යැ. සම්මාසඞ්කප්පගෝචරො යනු (සම්‍යක්සංකල්ප බහුලයහට නීවරණප්‍රහාණය සුකර නුයි) සමථයට ආසන්නකාරණ යැ, සම්මාදිට්ඨි පුරෙක්ඛාරො යනු ( දෙවැදෑරුම් සම්මාදිට්ඨියෙහි සිටියේ සසරදුක ඉක්මැවීමට උපාය වූ විදර්‍ශනා වඩා නුයි) විදර්‍ශනාවට පදට්ඨාන යැ, ඤත්‍වාන උදයබ්බයං යනු දර්‍ශනභූමියට පදට්ඨාන යැ, ථීනමිද්ධාභිභූ භික්ඛු යනු වීර්‍ය්‍යයට පදට්ඨාන යැ, සබ්බා දුග්ගතියො ජහෙ යනු භාවනාවට පදට්ඨාන යි. (විශේෂකාරණ වන්නේ යි.)
Pali BJTනියුත්තො පදට්ඨානො හාරසම්පාතො.
Sinhala BJTපදට්ඨානහාරසම්පාතය යොදනලද්දේ යි.
Pali BJT3. 2. 5.
Sinhala BJT3. 2. 5.
Pali BJTලක්ඛණො හාරසම්පාතො
Sinhala BJTලක්ඛණහාරසම්පාතය
Pali BJTතත්ථ කතමො ලක්ඛණො හාරසම්පාතො: “තස්මා රක්ඛිතචිත්ත’ස්ස සම්මාසඞ්කප්පගොචරො”ති ගාථා. “තස්මා රක්ඛිතචිත්ත’ස්ස සම්මා සඞ්කප්පගොචරො”ති ඉදං සතින්ද්රියං; සතින්ද්රියෙ ගහිතෙ ගහිතානි භවන්ති පඤ්චින්ද්රියානි. “සම්මාදිට්ඨිපුරෙක්ඛාරො”ති සම්මාදිට්ඨියා ගහිතාය ගහිතො භවති අරියො අට්ඨඞ්ගිකො මග්ගො. තං කිස්ස හෙතු: සම්මාදිට්ඨිතො හි සම්මාසඞ්කප්පො පභවති, සම්මාසඞ්කප්පතො සම්මාවාචා පභවති, සම්මාවාචතො සම්මාකම්මන්තො පභවති, සම්මාකම්මන්තතො සම්මාආජීවො පභවති, සම්මාආජිවතො සම්මාවායාමො පභවති, සම්මා වායාමතො සම්මාසති පභවති, සම්මාසතිතො සම්මාසමාධි පභවති, සම්මාසමාධීතො සම්මාවිමුත්ති පභවති, සම්මාවිමුත්තිතො සම්මාවිමුත්ති ඤාණදස්සනං පභවති.
Sinhala BJTඑහි ලක්ඛණහාරසම්පාත කවරෙ යැ : “තස්මා රක්ඛිතචිත්තස්ස සම්මාසඞ්කප්ප ගෝචරො” යන ගාථා යැ. තස්මාරක්ඛිතචිත්තස්ස සම්මාසඞ්කප්පගෝචරො යන මේ (ඉන්‍ද්‍රියයන්හි ගුත්තද්වාරතායෙන් නෙක්ඛම්මවිතර්‍කාදිය බහුල වේ නුයි) සතින්‍ද්‍රිය යි. සතින්‍ද්‍රිය ගත්කල්හි (ඉන්‍ද්‍රියලක්‍ෂණයෙන් විමුත්තිපරිපාචනභාවයෙන් හෝ සමාන ලක්‍ෂණ හෙයින්) පඤ්චේන්‍ද්‍රියයෝ ගන්නාලද්දාහු වෙත්. සම්මාදිට්ඨිපුරෙක්ඛාරො යනු සම්මාදිට්ඨිය ගත්කල්හි ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගිකමාර්‍ගය ගන්නාලද වෙයි. එ කවර හෙයින : සම්මාදිට්ඨියෙන් සම්මාසඞ්කප්පය උපදී (සම්භව වෙයි.) සම්මාසඞ්කප්පයෙන් සම්මාවාචා උපදී, සම්මාවාචායෙන් සම්මාකම්මන්ත උපදී, සම්මාකම්මන්තයෙන් සම්මාආජීව උපදී, සම්මාආජීවයෙන් සම්මාවායාම උපදී, සම්මාවායාමයෙන් සම්මාසති උපදී, සම්මාසතියෙන් සම්මාසමාධි උපදී, සම්මාසමාධියෙන් සම්මාවිමුත්ති උපදී, සම්මාවිමුත්තියෙන් සම්මාවිමුත්තිඤාණදස්සන උපදී එහෙයිනි.
Pali BJTනියුත්තො ලක්ඛණො හාරසම්පාතො.
Sinhala BJTලක්ඛණහාරසම්පාතය යොදන ලදී.
Pali BJT3. 2. 6.
Sinhala BJT3. 2. 6.
Pali BJTචතුබ්යූහො හාරසම්පාතො.
Sinhala BJTචතුබ්‍යූහහාරසම්පාතය
Pali BJTතත්ථ කතමො චතුබ්යූහො හාරසම්පාතො: “තස්මා රක්ඛිතචිත්ත’ස්ස සම්මාසඞ්කප්පගොචරො”ති ගාථා. “තස්මා රක්ඛිතචිත්ත’ස්සා”ති රක්ඛිතං පරිපාලීයතීති එසා නිරුත්ති. ඉධ භගවතො කො අධිප්පායො: යෙ දුග්ගතීහි පරිමුච්චිතුකාමා භවිස්සන්ති, තෙ ධම්මචාරිනො භවිස්සන්තීති.
Sinhala BJTඑහි චතුබ්‍යූහහාරසම්පාත කවරෙ යැ : “තස්මා රක්ඛිතචිත්තස්ස සම්මාසඞ්කප්ප ගෝචරො” යන ගාථා යැ. තස්මා රක්ඛිතචිත්තස්ස යනු (රක්ඛීයතීති) රක්ඛිතං, (මේ පදවශයෙන් නිර්වචන යැ,) පරිපාලීයති යනාදිය (අර්‍ත්‍ථයවශයෙන් නිර්වචන යි.) මේ නිරුත්ති යැ. මේ දේශනායෙහි භාග්‍යවතුන් වහන්සේගේ අදහස කවරේ යැ : ‘යම් කෙනෙක් දුගතියෙන් මිදෙනු කැමැති වන්නාහු ද, ඔහු ධම්මචාරී වන්නාහ’
Pali BJTඅයං එත්ථ භගවතො අධිප්පායො. කොකාලිකො හි සාරිපුත්ත මොග්ගල්ලානෙසු ථෙරෙසු චිත්තං පදොසයිත්වා මහාපදුමනිරයෙ උප්පන්නො, භගවා ච සතිආරක්ඛෙන චෙතසා සමන්නාගතො, සුත්තම්හි වුත්තං: “සතියා චිත්තං රක්ඛිතබ්බං”ති.
Sinhala BJTයන මෙය රක්ඛිතචිත්තෝ අස්ස යනාදීන් ඉන්‍ද්‍රියසංවරාදිය ද දුර්‍ගතිප්‍රහාණය ද වදාරන භාග්‍යවතුන් වහන්සේගේ මේ ගාථාදේශනායෙහි අදහස යැ, යම්හෙයකින් කෝකාලික මහණ සැරියුත් මුගලන් තෙරවරුන් කෙරෙහි සිත ප්‍රදූෂ්‍ය කොට මහාපදුමනිරයෙහි උපන්නේ ද එහෙයිනි. භාග්‍යවතුන් වහන්සේ ද සිහියෙන් රක්නාලද සිතින් සමන්‍වාගත වූසේක. සූත්‍රයෙහි “සතියා චිත්තං රක්ඛිතබ්බං” යි වදාරනලදි. (මේ දේශනානුසන්‍ධි දැක්වීම යි.)
Pali BJTනියුත්තො චතුබ්යූහො හාරසම්පාතො.
Sinhala BJTචතුබ්‍යූහහාරසම්පාතය යොදනලදී.
Pali BJT3. 2. 7.
Sinhala BJT3. 2. 7.
Pali BJTආවට්ටො හාරසම්පාතො
Sinhala BJTආවට්ටහාරසම්පාතය
Pali BJTතත්ථ කතමො ආවට්ටො හාරසම්පාතො: “තස්මා රක්ඛිතචිත්ත’ස්ස සම්මාසඞ්කප්පගොචරො”ති ගාථා. “තස්මා රක්ඛිතචිත්ත’ස්ස සම්මා සඞ්කප්පගොචරො”ති අයං සමථො; සම්මාදිට්ඨිපුරෙක්ඛාරො”ති විපස්සනා; “ඤත්වාන උදයබ්බය”න්ති දුක්ඛපරිඤ්ඤා; ථීනමුද්ධාභිභූ භික්ඛූ”තී සමුදයපහානං; “සබ්බාදුග්ගතියො ජහෙ”ති අයං නිරොධො; ඉමානි චත්තාරි සච්චානි.
Sinhala BJTඑහි ආවට්ටහාරසම්පාත කවරෙ යැ : “තස්මා රක්ඛිතචිත්තස්ස සම්මාසඞ්කප්ප ගෝචරො” යනාදි ගාථාව නිදර්‍ශන යි. තස්මා රක්ඛිතචිත්තස්ස සම්මාසඞ්කප්පගෝචරො යනු (නෙක්ඛම්මසඞ්කප්ප බහුල කොට ඇතියේ කසිණාදි වශයෙන් ලැබූ චිත්තෛකාග්‍රතායෙන් කෙලෙසුන්ගෙන් සිත රක්නාලද වේ නුයි) මේ සමථ යැ, සම්මාදිට්ඨිපුරෙක්ඛාරො යනු විදර්‍ශනා යැ (විදර්‍ශනාව ප්‍රඥා ප්‍රධාන හෙයිනි.) ඤත්‍වාන උදයබ්බයං යනු දුඃඛසත්‍යයාගේ පරිඥා යැ, ථීනමිද්ධාභිභූ භික්ඛු යනු සමුදය ප්‍රහාණ යැ, සබ්බා දුග්ගතියො ජහෙ යන මේ නිරෝධ යි. මේ චතුස්සත්‍යයෝ යි.
Pali BJTනියුත්තො ආවට්ටො හාරසම්පාතො.
Sinhala BJTආවට්ටහාරසම්පාතය යොදනලදී.
Pali BJT3. 2. 8.
Sinhala BJT3. 2. 8.
Pali BJTවිභත්තිහාරසම්පාතො
Sinhala BJTවිභත්තිහාරසම්පාතය
Pali BJTතත්ථ කතමො විභත්තිහාරසම්පාතො; “තස්මා රක්ඛිතචිත්ත’ස්ස සම්මාසඞ්කප්පගොචරො”ති ගාථා. කුසලපක්ඛො කුසලපක්ඛෙන නිද්දිසිතබ්බො, අකුසලපක්ඛො අකුසලපක්ඛෙන නිද්දිසිතබ්බො.
Sinhala BJTඑහි විභත්තිහාරසම්පාත කවරෙ යැ : “තස්මා රක්ඛිතචිත්තස්ස සම්මාසඞ්කප්ප ගෝචරො” යනාදි ගාථා යි. කුශලපක්‍ෂය චක්ඛුසංවරාදි කුශලපක්‍ෂයෙන් දැක්වියැ යුත්තේ යැ, අකුශලපක්‍ෂය චක්ඛුඅසංවරාදි අකුශලපක්‍ෂයෙන් දැක්වියැයුත්තේ යි.
Pali BJTනියුත්තො විභත්තිහාරසම්පාතො
Sinhala BJTවිභත්තිහාරසම්පාතය යොදනලදී.
Pali BJT3. 2. 9.
Sinhala BJT3. 2. 9.
Pali BJTපරිවත්තනො හාරසම්පාතො
Sinhala BJTපරිවත්තනහාරසම්පාතය
Pali BJTතත්ථ කතමො පරිවත්තනො හාරසම්පාතො: “තස්මා රක්ඛිතචිත්ත’ස්ස සම්මාසඞ්කප්පගොචරො”ති ගාථා. සමථවිපස්සනාය භාවිතාය නිරොධො ඵලං පරිඤ්ඤාතං දුක්ඛං සමුදයො පහීනො මග්ගො භාවිතො පටිපක්ඛෙන.
Sinhala BJTඑහි පරිවත්තනහාරසම්පාත කවරෙ යැ : “තස්මා රක්ඛිතචිත්තස්ස සම්මාසඞ්කප්ප ගෝචරො” යනාදි ගාථා යි. ලෞකික ශමථවිදර්‍ශනා වැඩූ කල්හි (‘අරක්ඛිතෙන චිත්තේන’ යනාදි ගාථාවට නොහොත් විභත්තිහාරයෙහි දැක්වූ අකුශලපක්‍ෂයට) ප්‍රතිපක්‍ෂවශයෙන් නිරෝධය ඵල යැ දුක්ඛය පරිඥාත යැ සමුදය ප්‍රහීණ යැ මාර්‍ගය භාවිත යි.
Pali BJTනියුත්තො පරිවත්තනො හාරසම්පාතො
Sinhala BJTපරිවත්තනහාරසම්පාතය යොදනලදී.
Pali BJT3. 2. 10
Sinhala BJT3. 2. 10.
Pali BJTවෙවචනො හාරසම්පාතො
Sinhala BJTවෙවචනහාරසම්පාතය
Pali BJTතත්ථ කතමො වෙවචනහාරසම්පාතො; “තස්මා රක්ඛිතචිත්ත’ස්ස සම්මාසඞ්කප්පගොචරො”ති ගාථා. “තස්මා රක්ඛිතචිත්ත’ස්සා”ති චිත්තං මනො විඤ්ඤාණං මනින්ද්රියං මනායතනං විජානනා විජානිතත්තං, ඉදං වෙවචනං “සම්මාසඞ්කප්පගොචරො”ති නෙක්ඛම්මසඞ්කප්පො අබ්යාපාදසඞ්කප්පො අවිහිංසාසඞ්කප්පො, ඉදං වෙවචනං. “සම්මාදිට්ඨිපුරෙක්ඛාරො”ති සම්මාදිට්ඨි නාම පඤ්ඤාසත්ථං පඤ්ඤාඛග්ගො පඤ්ඤාරතනං පඤ්ඤාපජ්ජොතො පඤ්ඤාපතොදො පඤ්ඤාපාසාදො, ඉදං වෙවචනං.
Sinhala BJTඑහි වෙවචනහාරසම්පාත කවරෙ යැ : “තස්මා රක්ඛිතචිත්තස්ස සම්මාසඞ්කප්ප ගෝචරො” යනාදි ගාථා යි. තස්මා රක්ඛිතචිත්තස්ස යනු ‘චිත්ත, මනෝ, විඤ්ඤාණ මනින්‍ද්‍රිය, මනායතන, විජානනා, විජානිතත්ත’ මේ චිත්තවෙවචන යැ, සම්මාසඞ්කප්ප ගෝචරො යනු ‘නෙක්ඛම්මසඞ්කප්ප, අව්‍යාපාදසඞ්කප්ප, අවිහිංසාසඞ්කප්ප’ මේ සම්මාසඞ්කප්පවෙවචන යැ. සම්මාදිට්ඨිපුරෙක්ඛාරො යනු සම්මාදිට්ඨි නම් : ‘පඤ්ඤාසත්‍ථ, පඤ්ඤාඛග්ග, පඤ්ඤාරතන, පඤ්ඤාපජ්ජෝත, පඤ්ඤාපතෝද, පඤ්ඤාපසාද’ මේ සම්මාදිට්ඨියට වෙවචන යි.
Pali BJTනියුත්තො වෙවචනො හාරසම්පාතො
Sinhala BJTවෙවචනහාරසම්පාතය යොදනලදී.
Pali BJT3. 2. 11.
Sinhala BJT3. 2. 11.
Pali BJTපඤ්ඤත්තිහාරසම්පාතො
Sinhala BJTපඤ්ඤත්තිහාරසම්පාතය
Pali BJTතත්ථ කතමො පඤ්ඤත්ති හාරසම්පාතො: “තස්මා රක්ඛිතචිත්ත’ස්ස සම්මාසඞ්කප්පගොචරොති”ති ගාථා. “තස්මා රක්ඛිතචිත්ත’ස්සාති පදට්ඨානපඤ්ඤත්ති සතියා; සම්මාසඞ්කප්පගොචරො”ති භාවනාපඤ්ඤත්ති සමථස්ස; “සම්මාදිට්ඨි පුරෙක්ඛාරො ඤත්වාන උදබ්බය”න්තී දස්සනභූමියා නික්ඛෙපපඤ්ඤත්ති; “ථීනමුද්ධාභිභූ භික්ඛූ”ති සමුදයස්ස අනවසෙසපහාන පඤ්ඤත්ති; “සබ්බා දුග්ගතියො ජහෙ”ති භාවනාපඤ්ඤත්ති මග්ගස්ස.
Sinhala BJTඑහි පඤ්ඤත්තිහාරසම්පාත කවරෙ යැ : “තස්මා රක්ඛිතචිත්තස්ස සම්මාසඞ්කප්ප ගෝචරො” යන ගාථා යැ. තස්මා රක්ඛිතචිත්තස්ස යනු ස්මෘතියගේ පදට්ඨාන ප්‍රඥප්ති යැ, සම්මාසඞ්කප්පගෝචරො යනු සමථයාගේ භාවනා ප්‍රඥප්ති යැ, සම්මාදිට්ඨිපුරෙක්ඛාරො ඤත්‍වාන උදයබ්බයං යනු දර්‍ශනභූමියගේ නික්‍ෂේපප්‍රඥප්ති යැ, ථීනමිද්ධාභිභු භික්ඛු යනු සමුදයාගේ අනවශේෂප්‍රහාණ ප්‍රඥප්ති යැ, සබ්බා දුග්ගතියො ජහෙ යනු මාර්‍ගයාගේ භාවනා ප්‍රඥප්ති යි.
Pali BJTනියුත්තො පඤ්ඤත්තිහාරසම්පාතො
Sinhala BJTපඤ්ඤත්තිහාරසම්පාතය යොදන ලදී.
Pali BJT3. 2. 12.
Sinhala BJT3. 2. 12.
Pali BJTඔතරණො හාරසම්පාතො
Sinhala BJTඕතරණහාරසම්පාතය
Pali BJTතත්ථ කතමො ඔතරණො හාරසම්පාතො: “තස්මා රක්ඛිතචිත්ත’ස්ස සම්මාසඞ්කප්පගොචරො”ති ගාථා. “තස්මා රක්ඛිතචිත්ත’ස්ස සම්මාසංකප්පගොචරො සම්මාදිට්ඨිපුරෙක්ඛාරො”ති සම්මාදිට්ඨියා ගහිතාය ගහිතානි භවන්ති පඤ්චින්ද්රියානි. අයං ඉන්ද්රියෙහි ඔතරණා. තානියෙව ඉන්ද්රියානි විජ්ජා. විජ්ජුප්පාදා අවිජ්ජානිරොධො, අවිජ්ජානිරොධා සඞ්ඛාර නිරොධො, සඞ්ඛාර නිරොධා විඤ්ඤාණනිරොධො, (එවං සබ්බං) අයං පටිච්චසමුප්පාදෙන ඔතරණා. තානියෙව පඤ්චින්ද්රියානි තීහි ඛන්ධෙහි සඞ්ගහිතානි: සීලක්ඛන්ධෙන සමාධික්ඛන්ධෙන පඤ්ඤාක්ඛන්ධෙන, අයං ඛන්ධෙහි ඔතරණා. තානියෙව පඤ්චින්ද්රියානි සඞ්ඛාරපරියාපන්නානි යෙ සඞ්ඛාරා අනාසවා නො ච භවඞ්ගා, තෙ සඞ්ඛාරා ධම්මධාතුසඞ්ගහිතා. අයං ධාතූහි ඔතරණා. සා ධම්මධාතු ධම්මායතනපරියාපන්නා, යං ආයතනං අනාසවං නො ච භවඞ්ගං අයං ආයතනෙහි ඔතරණා.
Sinhala BJTඑහි ඕතරණහාරසම්පාත කවරෙ යැ : “තස්මා රක්ඛිතචිත්තස්ස සම්මාසඞ්කප්ප ගෝචරො” යනාදි නිදර්‍ශන ගාථා යැ, තස්මා රක්ඛිතචිත්තස්ස සම්මාසඞ්කප්පගෝචරො සම්මාදිට්ඨිපුරෙක්ඛාරො යනු සම්මාදිට්ඨිය ගත් කල්හි සද්ධාදි පඤ්චේන්‍ද්‍රියයෝ ගන්නා ලද්දාහු වෙති. මේ ඉන්‍ද්‍රියයන්ගෙන් අවතරණ යැ. එ මැ ඉන්‍ද්‍රියයෝ විද්‍යාව වෙයි, විද්‍යාව ඉපදීමෙන් අවිද්‍යානිරෝධය වෙයි, අවිද්‍යානිරෝධයෙන් සඞ්ඛාරනිරෝධය වෙයි, සඞ්ඛාරනිරෝධයෙන් විඤ්ඤාණනිරෝධය වෙයි, (මෙසේ සියල්ල) මේ පටිච්චසමුප්පාදයෙන් අවතරණ යැ. එ මැ පඤ්චේන්‍ද්‍රියයෝ සීලස්කන්‍ධයෙන් සමාධිස්කන්‍ධයෙන් ප්‍රඥාස්කන්‍ධයෙන් යන තුන් ස්කන්‍ධයෙන් සඞ්ගෘහීත වෙති. මේ ස්කන්‍ධයන්ගෙන් අවතරණ යැ. එ මැ පඤ්චේන්‍ද්‍රියයෝ අනාස්‍රව වූ නො ද භාවාඞ්ග වූ යම් සංස්කාර කෙනෙක් ඇද්ද ඒ සංස්කාරයන්හි පර්‍ය්‍යාපන්න වෙති, ඒ සංස්කාරයෝ ධර්‍මධාතුයෙන් සංගෘහිතයහ. මේ ධාතූන්ගෙන් අවතරණ යැ. ඒ ධර්‍මධාතුව ධර්‍මායතනයෙහි පර්‍ය්‍යාපන්න යැ, අනාස්‍රව වූ නො ද භාවාඞ්ග වූ යම් ආයතනයෙක් ඇද්ද එහි යැ, මේ ආයතනයන්ගෙන් අවතරණ යි.
Pali BJTනියුත්තො ඔතරණො හාරසම්පාතො
Sinhala BJTඕතරණහාරසම්පාතය යොදන ලදී.
Pali BJT3. 2. 13.
Sinhala BJT3. 2. 13.
Pali BJTසොධනො හාරසම්පාතො
Sinhala BJTසොධනහාරසම්පාතය
Pali BJTතත්ථ කතමො සොධනො හාරසම්පාතො: “තස්මා රක්ඛිතචිත්ත’ස්ස සම්මාසඞ්කප්පගොචරො”ති ගාථා. යත්ථ ආරම්භො සුද්ධො සො පඤ්හො විස්සජ්ජිතො භවති. යත්ථ පන ආරම්භො න සුද්ධො, න තාව සො පඤ්හො විස්සජ්ජිතො භවති.
Sinhala BJTඑහි සෝධනහාරසම්පාත කවරෙ යැ : “තස්මා රක්ඛිතචිත්තස්ස සම්මාසඞ්කප්ප ගෝචරො” යනාදි ගාථා යැ. යම් දේශනායෙක දැනගනු කැමැති අර්‍ත්‍ථ සංඛ්‍යාත ආරම්භය ශුද්ධ ද, ඒ ප්‍රශ්නය විසඳන ලද වෙයි, යළි යම් තැනෙක ආරම්භය ශුද්ධ නො වේ ද, ඒ ප්‍රශ්නය තව නො විසඳනලද්දේ වේ.
Pali BJTනියුත්තො සොධනො හාරසම්පාතො
Sinhala BJTසොධනහාරසම්පාතය යොදන ලදී.
Pali BJT3. 2. 14.
Sinhala BJT3. 2. 14.
Pali BJTඅධිට්ඨානො හාරසම්පාතො
Sinhala BJTඅධිට්ඨානහාරසම්පාතය
Pali BJTතත්ථ කතමො අධිට්ඨානො හාරසම්පාතො: “තස්මා රක්ඛිත චිත්ත’ස්ස සම්මාසඞ්කප්පගොචරො”ති ගාථා, “තස්මා රක්ඛිතචිත්ත’ස්සාති එකත්තතා; චිත්තං මනො විඤ්ඤාණං, අයං වෙමත්තතා, “සම්මාසඞ්කප්පගොචරො”ති එකත්තතා; නෙක්ඛම්මසඞ්කප්පො අබ්යාපාදසඞ්කප්පො අවිහිංසාසඞ්කප්පො, අයං වෙමත්තතා. සම්මාදිට්ඨිපුරෙක්ඛාරො”ති එකත්තතා; සම්මාදිට්ඨි නාම යං දුක්ඛෙ ඤාණං
Sinhala BJTඑහි අධිට්ඨානහාරසම්පාත කවරෙ යැ : “තස්මා රක්ඛිතචිත්තස්ස සම්මාසඞ්කප්ප ගෝචරො” යනාදි ගාථා යැ. තස්මා රක්ඛිතචිත්තස්ස යනු (සාමාන්‍යයෙන් දෙසනලද හෙයින්) ඒකත්තතා යැ, ‘චිත්තං මනෝ විඤ්ඤාණං’ මේ වේමත්තතා යි. සම්මාසඞ්කප්පගෝචරො යනු ඒකත්තතා යැ, නෙක්ඛම්මසඞ්කප්ප යැ, අව්‍යාපාදසඞ්කප්ප යැ, අවිහිංසාසඞ්කප්ප යැ යන මේ වේමත්තතා යි. සම්මාදිට්ඨිපුරෙක්ඛාරො යනු ඒකත්තතා යැ, සම්මාදිට්ඨි නම් : යම් දුක්ඛයෙහි ඥානයෙක්
Pali BJTදුක්ඛසමුදයෙ ඤාණං දුක්ඛනිරොධෙ ඤාණං දුක්ඛනිරොධගාමිනියා පටිපදාය ඤාණං මග්ගෙ ඤාණං හෙතුස්මිං ඤාණං හෙතුසමුප්පන්නෙසු ධම්මෙසු ඤාණං පච්චයෙ ඤාණං පටිච්චසමුප්පන්නෙසු ධම්මෙසු ඤාණං, යං තත්ථ තත්ථ යථාභූතඤාණදස්සනං අභිසමයො සම්පටිවෙදො සච්චාගමනං, අයං වෙමත්තතා: ඤත්වාන උදයබ්බය”න්ති එකත්තතා: උදයෙන-අවිජ්ජාපච්චයා සඞ්ඛාරා, සඞ්ඛාරපච්චයා විඤ්ඤාණං; (එවං සබ්බං,) සමුදයො භවති, වයෙන අවිජ්ජා නිරොධා සඞ්ඛාරනිරොධො සඞ්ඛාරනිරොධා විඤ්ඤාණනිරොධො, (එවං සබ්බං) නිරොධො හොති. අයං වෙමත්තතා. “ථීනමිද්ධාභිභූ භික්ඛූ”ති එකත්තතා, ථිනං නාම යා චිත්තස්ස අකම්මනියතා, මිද්ධං නාම යං කායස්ස ලීනත්තං, අයං වෙමත්තතා. “සබ්බා දුග්ගතියො ජහෙ”ති එකත්තතා; දෙවමනුස්සෙ වා උපනිධාය අපායා දුග්ගති, නිබ්බානං වා උපනිධාය සබ්බා උපපත්තියො දුග්ගති. අයං වෙමත්තතා.
Sinhala BJTදුක්ඛසමුදයෙහි ඥානයෙක් දුක්ඛනිරෝධයෙහි ඥානයෙක් දුක්ඛනිරෝධගාමිනීප්‍රතිපදායෙහි ඥානයෙක් මාර්‍ගයෙහි ඥානයෙක් හේතුයෙහි ඥානයෙක් හේතුසමුත්පන්නධර්‍මයන්හි ඥානයෙක් ප්‍රත්‍යයෙහි ඥානයෙක් ප්‍රත්‍යසමුත්පන්නධර්‍මයන්හි ඥානයෙක් ඇද්ද, ඒ ඒ ධර්‍මයෙහි යම් යථාභූතඥානදර්‍ශනයෙක් අභිසමයයෙක් සම්ප්‍රතිවේධයෙක් සත්‍ය හෙයින් විෂයාවබෝධයෙක් ඇද්ද, මේ වේමත්තතා යි. ඤත්‍වාන උදයබ්බයං යනු ඒකත්තතා යැ, උදයඥානයෙන් - අවිද්‍යාප්‍රත්‍යයෙන් සංස්කාරයෝ වෙති, සංස්කාරප්‍රත්‍යයෙන් විඥානය වෙයි, (මෙසේ සියල්ල) සමුදය වේ. ව්‍යයඥානයෙන් - අවිද්‍යානිරෝධයෙන් සංස්කාරනිරෝධය වෙයි, සංස්කාරනිරෝධයෙන් විඥානනිරෝධය වෙයි, (මෙසේ සියල්ල) නිරෝධය වේ. මේ වේමත්තතා යි. ථීනමිද්ධාභිභූ භික්ඛු යනු ඒකත්තතා යැ, ‘ථීන’ නම් : චිත්තයාගේ යම් අකර්‍මණ්‍ය බවක් ඇද්ද එයයි, ‘මිද්ධ’ නම් කායයාගේ යම් හැකුළුණුබවක් ඇද්ද එයයි. මේ වේමත්තතා යි. සබ්බා දුග්ගතියො ජහෙ යනු ඒකත්තතා යැ, දෙවිමිනිසුන් පිණිස අපායයෝ දුර්‍ගති යැ, නිර්‍වාණය හෝ පිණිස සියලු උපප්‍රාප්තීහු දුර්‍ගති යැ. මේ වේමත්තතා යි.
Pali BJTනියුත්තො අධිට්ඨානො හාරසම්පාතො
Sinhala BJTඅධිට්ඨානහාරසම්පාතය යොදනලදී.
Pali BJT3. 2. 15.
Sinhala BJT3. 2. 15.
Pali BJTපරික්ඛාරො හාරසම්පාතො
Sinhala BJTපරික්ඛාරහාරසම්පාතය
Pali BJTතත්ථ කතමො පරික්ඛාරො හාරසම්පාතො: “තස්මා රක්ඛිතචිත්ත’ස්ස සම්මාසඞ්කප්පගොචරො”ති ගාථා අයං සමථවිපස්සනාය පරික්ඛාරො.
Sinhala BJTඑහි පරික්ඛාරහාරසම්පාත කවරෙ යැ : “තස්මා රක්ඛිතචිත්තස්ස සම්මාසඞ්කප්ප ගෝචරො” යන ගාථා යැ, මේ ගාථාධර්‍මය ශමථ විදර්‍ශනා දෙකට පරිෂ්කාර යි.
Pali BJTනියුත්තො පරික්ඛාරො හාරසම්පාතො
Sinhala BJTපරික්ඛාරහාරසම්පාතය යොදනලදී.
Pali BJT3. 2. 16.
Sinhala BJT3. 2. 16.
Pali BJTසමාරොපනො හාරසම්පාතො
Sinhala BJTසමාරෝපනහාරසම්පාතය
Pali BJTතත්ථ කතමො සමාරොපනො හාරසම්පාතො:
Sinhala BJTඒ සොළොස් හාරසම්පාතයන් කෙරෙහි සමාරෝපනහාරසම්පාත කවරෙ යැ :
Pali BJT“තස්මා රක්ඛිතචිත්ත’ස්ස සම්මාසඞ්කප්පගොචරො, සම්මාදිට්ඨිපුරෙක්ඛාරො ඤත්වාන උදයබ්බයං; ථීනමිද්ධාභිභූ භික්ඛු සබ්බා දුග්ගතියො ජහෙ”ති.
Sinhala BJT“තස්මා රක්ඛිතචිත්තස්ස -පෙ- සබ්බා දුග්ගතියො ජහෙ” යනු නිදර්‍ශන යි.
Pali BJT“තස්මා රක්ඛිතචිත්ත’ස්සා”ති තිණ්ණං සුචරිතානං පදට්ඨානං, චිත්තෙ රක්ඛිතෙ තං රක්ඛිතං භවති කායකම්මං වචීකම්මං මනොකම්මං. “සම්මාදිට්ඨිපුරෙක්ඛාරොති සම්මාදිට්ඨියා භාවිතාය භාවිතො භවති අරියො අට්ඨඞ්ගිතො මග්ගො, කෙන කාරණෙන: සම්මාදිට්ඨිතො හි සම්මාසඞ්කප්පො පභවති, සම්මාසඞ්කප්පතො සම්මාවාචා පභවති, සම්මාවාචාතො සම්මාකම්මන්තො පභවති, සම්මාකම්මන්තතො සම්මා ආජීවො පභවති, සම්මාආජීවතො සම්මාවායාමො පභවති, සම්මාවායාමතො සම්මාසති පභවති, සම්මාසතිතො සම්මාසමාධි පභවති, සම්මාසමාධිතො සම්මාවිමුත්තිඤාණදස්සනං පභවති, අයං අනුපාදිසෙසො පුග්ගලො අනුපාදිසෙසා ච නිබ්බානධාතු.
Sinhala BJTතස්මා රක්ඛිතචිත්තස්ස යනු ත්‍රිවිධ සුචරිතයනට පදට්ඨාන යි. චිත්තය රක්ඛිත කල්හි ඒ කායකර්‍මය වාක්කර්‍මය මනඃකර්‍මය රක්නාලද වෙයි. සම්මාදිට්ඨිපුරෙක්ඛාරො යනු සම්‍යග්දෘෂ්ටිය භාවිත කල්හි ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගිකමාර්‍ගය භාවිත වෙයි. කවර කරුණින යත් : සම්‍යග්දෘෂ්ටියෙන් සම්‍යක්සංකල්පය උපදී, සම්‍යක්සංකල්පයෙන් සම්‍යග්වචනය උපදී, සම්‍යග්වචනයෙන් සම්‍යක්කර්‍මාන්තය උපදී, සම්‍යක්කර්‍මාන්තයෙන් සම්‍යගාජීවය උපදී, සම්‍යගාජීවයෙන් සම්‍යග්ව්‍යායාමය උපදී, සම්‍යග්ව්‍යායාමයෙන් සම්‍යක්ස්මෘතිය උපදී, සම්‍යක්ස්මෘතියෙන් සම්‍යක්සමාධිය උපදී, සම්‍යක්සමාධියෙන් සම්‍යග්විමුත්තිය උපදී, සම්‍යග්විමුක්තියෙන් සම්‍යග්විමුක්තිඥානදර්‍ශනය උපදී, එහෙයිනි. මේ අනුපාදිශේෂපුද්ගල ද අනුපාදිශේෂනිර්‍වාණධාතු ද වේ.
Pali BJTනියුත්තො සමාරොපනො හාරසම්පාතො
Sinhala BJTසමාරෝපනහාරසම්පාතය යොදනලද වේ.
Pali BJTතෙනාහ ආයස්මා මහාකච්චානො:
Sinhala BJTඑයින් වදාළහ, ආයුෂ්මත් මහාකාත්‍යායන මහරහතුන්වහන්සේ :
Pali BJT“සොළස හාරා පඨමං දිසලොචනෙන දිසා විලොකෙත්වා, සංඛිපිය අඞ්කුසෙන හි නයෙහි තීහි නිද්දිසෙ සුත්ත”න්ති.
Sinhala BJT“ව්‍යඤ්ජන පර්‍ය්‍යෙෂණ විසින් පළමු කොට සොළසහාරයෝ යෙදියැයුත්තාහ, දිසාලෝචනනයින් ප්‍රථමදිශාදිය අවලෝකන කොට අඞ්කුසනයින් දිශාභූත ධර්‍මයන් සූත්‍රයෙන් නිර්ධාරණ කොට නන්‍දියාවට්ටාදි තුන් නයින් සූත්‍රය වර්‍ණනා කරන්නේ ය” යි.
Pali BJTනියුත්තො හාරසම්පාතො
Sinhala BJTහාරසම්පාතය යොදනලද්දේ යි.
Pali BJT3. 3.
Sinhala BJT3. 3.
Pali BJTනයසමුට්ඨානං.
Sinhala BJTනයසමුට්ඨානය
Pali BJT3. 3. 1-5.
Sinhala BJT3. 3 .1-5
Pali BJTතත්ථ කතමං නයසමුට්ඨානං: පුබ්බා කොචි න පඤ්ඤායති අවිජ්ජාය ච භවතණ්හාය ච. තත්ථ අවිජ්ජා නීවරණං, තණ්හාසංයොජනං. අවිජ්ජානීවරණා සත්තා අවිජ්ජාසංයුත්තා{1} අවිජ්ජාපක්ඛෙන විචරන්ති. තෙ වුච්චන්ති “දිට්ඨිචරිතා”ති, තණ්හාසංයොජනා සත්තා තණ්හාසංයුත්තා{2} තණ්හාපක්ඛෙන විචරන්ති, තෙ වුච්චන්ති “තණ්හාචරිතා”ති. දිට්ඨිචරිතා ඉතො බහිද්ධා පබ්බජිතා අත්තකිලමථානුයොගමනුයුත්තා විහරන්ති තණ්හාචරිතා ඉතො බහිද්ධා පබ්බජිතා කාමෙසු කාමසුඛල්ලිකානුයොගමනුයුත්තා විහරන්ති.
Sinhala BJTඑහි නයසමුට්ඨාන කවරෙ යැ : අවිද්‍යාවගේ ද භවතෘෂ්ණාවගේ ද පූර්‍වකෝටිය (මර්‍ය්‍යදාව) නො පැනෙයි. එහි අවිද්‍යාව නීවරණ යැ, තෘෂ්ණාව සංයෝජන යි. අවිද්‍යා නීවරණ ඇති සත්ත්‍වයෝ අවිද්‍යායෙන් මිශ්‍රිත වූවාහු (නොහොත් අවිද්‍යායෙන් අභිනිවේශවස්තූන්හි බැඳුනාහු) අවිද්‍යාපක්‍ෂයෙන් (අවිද්‍යාසහායයෙන්) අරමුණෙහි පවතිත්. ඔහු ‘දිට්ඨිචරිතයෝ’ යයි කියනු ලැබෙත්. තෘෂ්ණාසංයෝජන ඇති සත්ත්‍වයෝ තෘෂ්ණායෙන් සංයුක්ත වූවාහු තෘෂ්ණාපක්‍ෂයෙන් (අට්ඨසත තණ්හාවිචරිතයෙන්) අරමුණෙහි පවතිත්. ඔහු ‘තණ්හාචරිතයෝ’ යයි කියනු ලැබෙත්. දිට්ඨිචරිත ඇති මේ ශාසනයෙන් බාහිර වූ පැවිද්දෝ ආත්මක්ලමථානුයෝගයෙහි යෙදුණාහු වාසය කෙරෙති. තණ්හාචරිත ඇති මේ ශාසනයෙන් බාහිර වූ පැවිද්දෝ කාමයන්හි කාමසුඛල්ලිකානුයෝගයෙහි යෙදුණාහු වාසය කෙරෙත්.
Pali BJTතත්ථ කිං කාරණං යං දිට්ඨිචරිතා ඉතො බහිද්ධා පබ්බජිතා අත්තකිලමථානුයොගමනුයුත්තා විහරන්ති, තණ්හාචරිතා ඉතො බහිද්ධා පබ්බජිතා කාමෙසු කාමසුඛල්ලිකානුයොගමනුයුත්තා විහරන්ති: ඉතො බහිද්ධා නත්ථි සච්චවචත්ථානං, කුතො චතුසච්චප්පකාසනා සමථවිපස්සනාකොසල්ලං වා උපසමසුඛප්පත්ති වා. උපසමසුඛස්ස අනභිඤ්ඤා විපරීතචෙතා එවමාහංසු: නත්ථි සුඛෙන සුඛං, දුක්ඛෙන නාම සුඛමධිගන්තබ්බං, යො කාමෙ පටිසෙවති සො ලොකං වඩ්ඪයති, යො ලොකං වඩ්ඪයති සො බහුං පුඤ්ඤං පසවතී”ති. තෙ එවංසඤ්ඤී එවංදිට්ඨි දුක්ඛෙන සුඛං පත්ථයමානා කාමෙසු පුඤ්ඤසඤ්ඤි අත්තකිලමථානුයොගමනුයුත්තා ච විහරන්ති කාමසුඛල්ලිකානුයොගමනුයුත්තා ච.
Sinhala BJTයම් හෙයෙකින් දිට්ඨිචරිත ඇති මෙසස්නෙන් බැහැර පැවිද්දෝ ආත්මපරිතාපනානුයෝගයෙහි යෙදුණාහු වාසය කෙරෙත් ද, තණ්හාචරිත ඇති මෙ සස්නෙන් බැහැර පැවිද්දෝ කාමයන්හි කාමසුඛල්ලිකානුයෝගයෙහි යෙදුණාහු වාසය කෙරෙත් ද, එහි කරුණු කීම යත් : මේ ශාසනයෙන් බැහැර චතුස්සත්‍යය ව්‍යවස්ථා කොට දැනීමෙක් නැත, චතුස්සත්‍යය දේශනායෙක් කොහි යැ, ශමථවිදර්‍ශනා භාවනා කෞශල්‍යයෙක් වේවයි ක්ලේශයන්ගේ සුඛාධිගමයෙක් වේව’ යි කොහි යැ. උපසමසුඛය නො දැන මිත්‍යාභිනිවේශයෙන් විපරීත සිත් ඇත්තාහු මෙසේ කීහු : ‘සුවයෙන් සුව ලැබීමෙක් නැත, කායඛේදන දුඃඛයෙන් ම සුව ලැබියැයුතු යැ යි ද, යමෙක් කාමයන් සේවන කෙරේ ද හේ ආත්මභාව සංඛ්‍යාත ලෝකය වඩයි, (පිනවයි,) නොහොත් පුත්‍රනප්තෘපරම්පරායෙන් සත්ත්‍වලෝකය වඩයි, යමෙක් ලෝකය වඩා ද හේ බොහෝ පින් රැස්කෙරේ යැ’ යි ද කීහු, මෙබඳු සංඥා ඇති මෙබඳු දෘෂ්ටි ඇති ඔහු දුකින් සුව පතන්නාහු කාමයන්හි පුණ්‍යසංඥා ඇත්තාහු ආත්මක්ලමථුයෙහි යෙදුණාහු ද කාමසුඛල්ලිකානුයෝගයෙහි යෙදුණාහු ද වාස කෙරෙත්.
Pali BJTතෙ තදභිඤ්ඤා සන්තා රොගමෙව වඩ්ඪයන්ති ගණ්ඩමෙව වඩ්ඪයන්ති සල්ලමෙව වඩ්ඪයන්ති. තෙ රොගාභිතුන්නා ගණ්ඩපටිපීළිතා සල්ලානුවිද්ධා නිරයතිරච්ඡානයොනිපෙතාසුරෙසු උම්මුජ්ජනිම්මුජ්ජානි කරොන්තා උග්ඝාතනිග්ඝාතං පච්චනුභොන්තා රොගගණ්ඩසල්ලභෙසජ්ජං න වින්දන්ති. තත්ථ අත්තකිලමථානුයොගො කාමසුඛල්ලිකානුයොගො ච සංකිලෙසො, සමථවිපස්සනා වොදානං, අත්තකිලමථානුයොගො කාමසුඛල්ලිකානුයොගො ච රොගො; සමථවිපස්සනා රොගනිග්ඝාතකභෙසජ්ජං අත්තකිලමථානුයොගො කාමසුඛල්ලිකානුයොගො ච ගණ්ඩො, සමථවිපස්සනා ගණ්ඩනිග්ඝාතකභෙසජ්ජං. අත්තකිලමථානුයොගො කාමසුඛල්ලිකානුයොගො ච සල්ලො, සමථවිපස්සනා සල්ලුද්ධරණභෙසජ්ජං.
Sinhala BJTඔව්හු එබඳු සංඥා ඇත්තාහු ආත්මභාවරෝගය මැ හෝ ක්ලේශරෝගය මැ මතුමතුයෙහි වඩති, ආත්මභාව (ක්ලේශ) ගණ්ඩය මැ වඩති, ක්ලේශශල්‍යය මැ වඩත්. ඔව්හු ආත්මභාවරෝගයෙන් ව්‍යාධිත වූවාහු ගණ්ඩයෙන් පීඩිත වූවාහු ශල්‍යයෙන් විදුනාලද්දාහු නිරය තිරශ්චීනයෝනි ප්‍රේත අසුරකායයෙහි ච්‍යුති උත්පත්ති විසින් උම්මුජ්ජන නිමුජ්ජන කරන්නාහු උච්චාවචභාවය විඳුනාහු යථෝක්ත රෝගගණ්ඩශල්‍යයනට පිළියම් (භෛෂජ්‍ය) නොලබත්. එහි අත්තකිලමථානුයෝගය ද කාමසුඛල්ලිකානුයෝගය ද සංක්ලේශ යැ, ශමථවිදර්‍ශනා ව්‍යවදාන යැ, අත්තකිලමථානුයෝගය ද කාමසුඛල්ලිකානුයෝගය ද රෝග යැ, සමථවිපස්සනා රෝග නසන භෛෂජ්‍ය යැ. අත්තකිලමථානුයෝගය ද කාමසුඛල්ලිකානුයෝගය ද ගණ්ඩ යැ, සමථවිපස්සනා ගඬු නසන භෛෂජ්‍ය යැ. අත්තකිලමථානුයෝගය ද කාමසුඛල්ලිකානුයෝගය ද ශල්‍ය යැ, ශමථ විදර්‍ශනා දෙක (ස්කන්‍ධදුඃඛ සංඛ්‍යාත) හුල් උදුරන බෙහෙති.
Pali BJTතත්ථ සංකිලෙසො දුක්ඛං, තදභිසඞ්ගො තණ්හා සමුදයො, තණ්හානිරොධො දුක්ඛනිරොධො, සමථවිපස්සනා දුක්ඛනිරොධගාමිනී පටිපදා. ඉමානි චත්තාරි සච්චානි: දුක්ඛං පරිඤ්ඤෙය්යං සමුදයො පහාතබ්බො මග්ගො භාවෙතබ්බො නිරොධො සච්ඡිකාතබ්බො.
Sinhala BJTඑහි සංක්ලේශ වූ රූපාරූප කය දුඃඛසත්‍ය යැ, එහි අභිසඞ්ග වූ (ඇලෙන) තෘෂ්ණාව සමුදයසත්‍ය යැ, තෘෂ්ණානිරෝධය දුඃඛනිරෝධසත්‍ය යැ, ශමථවිදර්‍ශනා දුඃඛනිරෝධගාමිනී ප්‍රතිපදාසත්‍ය යැ. මේ චතුස්සත්‍යයෝ යි. දුඃඛය පරිඥේය (පිරිසිඳ දතයුතුයැ), සමුදය ප්‍රහාතව්‍ය යැ, මාර්‍ගය භාවිතව්‍ය යැ, නිරෝධය සාක්‍ෂාත්කර්‍තව්‍ය යි.
Pali BJTතත්ථ දිට්ඨිචරිතා රූපං අත්තතො උපගච්ඡන්ති, වෙදනං -පෙ- සඤ්ඤං -පෙ- සඞ්ඛාරෙ -පෙ- විඤ්ඤාණං අත්තතො උපගච්ඡන්ති, තණ්හා චරිතා රූපවන්තං අත්තානං උපගච්ඡන්ති, අත්තනි වා රූපං රූපස්මිං වා අත්තානං, වෙදනාවන්තං -පෙ- සඤ්ඤාවන්තං -පෙ- සඞ්ඛාරවන්තං -පෙ- විඤ්ඤාණවන්තං අත්තානං උපගච්ඡන්ති, අත්තනි වා විඤ්ඤාණං විඤ්ඤාණස්මිං වා අත්තානං. අයං වුච්චති වීසතිවත්ථුකා සක්කායදිට්ඨි.
Sinhala BJTඑහි (දෙවැදෑරුම් චරිතයන් කෙරෙහි) දෘෂ්ටිචරිතයෝ රූපය ආත්මවශයෙන් ගනිති වේදනාව … සංඥාව … සංස්කාරයන් … විඥානය ආත්ම විසින් ගනිත්. තෘෂ්ණා චරිතයෝ ආත්මය රූපවත් යැයි හෝ ආත්මයෙහි රූපය ඇතැයි හෝ රූපයෙහි ආත්මය ඇතැයි හෝ ගනිති, ආත්මය වේදනාවත් යැ … ආත්මය සංඥාවත් යැ … ආත්මය සංස්කාරවත් යැ … ආත්මය විඥානවත් යැ හෝ ආත්මයෙහි විඥානය ඇතැයි හෝ විඥානයෙහි, ආත්මය ඇතැයි හෝ ගනිත්. මේ විංශද්වස්තුක සත්කායදෘෂ්ටි යයි කියනු ලැබේ. (පඤ්චස්කන්‍ධයන් කෙරෙහි එකෙකි ස්කන්‍ධයෙක සතර පරිද්දෙකින් උපදනා ග්‍රාහයාගේ වශයෙන් විසිවැදෑරුම් වූ දෘෂ්ටිය පඤ්චස්කන්‍ධය ඇති කල්හි හෝ කයෙහි විද්‍යමාන වූ දෘෂ්ටි නුයි සක්කායදිට්ඨි නමු.)
Pali BJTතස්සා පටිපක්ඛො ලොකුත්තරා සම්මාදිට්ඨි, අන්වායිකා සම්මාසඞ්කප්පො සම්මාවාචා සම්මාකම්මන්තො සම්මාආජීවො සම්මාවායාමො සම්මාසති සම්මාසමාධි, අයං අරියො අට්ඨඞ්ගිකො මග්ගො. තෙ තයො ඛන්ධා: සීලක්ඛන්ධො සමාධික්ඛන්ධො පඤ්ඤාක්ඛන්ධො. සීලක්ඛන්ධො සමාධික්ඛන්ධො ච සමථො, පඤ්ඤාක්ඛන්ධො විපස්සනා. තත්ථ සක්කායො දුක්ඛං, සක්කායසමුදයො දුක්ඛසමුදයො, සක්කායනිරොධො දුක්ඛ නිරොධො, අරියො අට්ඨඞ්ගිකො මග්ගො දුක්ඛනිරොධගාමිනීපටිපදා. ඉමානි චත්තාරි සච්චානි, දුක්ඛං පරිඤ්ඤෙය්යං සමුදයො පහාතබ්බො මග්ගො භාවෙතබ්බො නිරොධො සච්ඡිකාතබ්බො.
Sinhala BJTඒ සත්කායදෘෂ්ටියට ලෝකෝත්තර සම්‍යග්දෘෂ්ටිය ප්‍රතිපක්‍ෂ යැ. සම්මාසඞ්කප්ප සම්මාවාචා සම්මාකම්මන්ත සම්මාආජීව සම්මාවායාම සම්මාසති සම්මාසමාධි යන මොහු (ඒ පඨමමග්ගසම්මාදිට්ඨියට) අනුගාමීහු වෙති. මේ ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගිකමාර්‍ග යැ. ඔහු ‘සීලක්ඛන්‍ධ සමාධික්ඛන්‍ධ පඤ්ඤාක්ඛන්‍ධ’ යන තුන් ස්කන්‍ධයෝ යැ. ශීලස්කන්‍ධය ද සමාධිස්කන්‍ධය ද ශමථ යැ, ප්‍රඥාස්කන්‍ධය විදර්‍ශනා යි, එහි සත්කාය දුඃඛසත්‍ය යැ. සත්කායසමුදය දුඃඛසමුදය යැ. සත්කාය නිරෝධය දුක්ඛනිරෝධය යැ, ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගමාර්‍ගය දුක්ඛනිරෝධගාමිනී පටිපදා යි. මොහු චතුස්සත්‍යයෝ යි. දුඃඛසත්‍යය පරිඥේය (පිරිසිඳ දතයුත්තේ) යැ. සමුදය සත්‍යය ප්‍රහාතව්‍ය යැ, මාර්‍ගසත්‍යය භාවිතව්‍ය (වැඩියැයුත්තේ) යැ, නිරෝධසත්‍යය සාක්‍ෂාත් කර්‍තව්‍ය යි.
Pali BJTතත්ථ යෙ රූපං අත්තතො උපගච්ඡන්ති, වෙදනං -පෙ- සඤ්ඤං -පෙ- සඞ්ඛාරෙ -පෙ- විඤ්ඤාණං අත්තතො උපගච්ඡන්ති, ඉමෙ වුච්චන්ති, ‘උච්ඡෙදවාදිනො’ති යෙ රූපවන්තං අත්තානං උපගච්ඡන්ති, අත්තනි වා රූපං රූපස්මිං වා අත්තානං, යෙ වෙදනාවන්තං -පෙ- යෙ සඤ්ඤාවන්තං -පෙ- යෙ සඞ්ඛාරවන්තං -පෙ- යෙ විඤ්ඤාණවන්තං අත්තානං උපගච්ඡන්ති, අත්තනි වා විඤ්ඤාණං විඤ්ඤාණස්මිං වා අත්තානං, ඉමෙ වුච්චන්ති ‘සස්සතවාදිනො’ති.
Sinhala BJTඒ විංශද්වස්තුක සත්කායදෘෂ්ටියෙහි යම් කෙනෙක් රූපය ආත්මවශයෙන් ගනිත් ද, වේදනාව … සංඥාව … සංස්කාරයන් … විඥානය ආත්මවශයෙන් ගනිත් ද, මොහු උච්ඡේදවාදීහු යයි කියනු ලැබෙත්. යම් කෙනෙක් ආත්මය රූපවත් යයි ගනිත් ද, ආත්මයෙහි රූපය ඇතැයි හෝ රූපයෙහි ආත්මය ඇතැයි හෝ ගනිත් ද, යම් කෙනෙක් ආත්මය වේදනාවත් යයි … යම් කෙනෙක් ආත්මය සංඥාවත් යයි ... යම් කෙනෙක් ආත්මය සංස්කාරවත් යයි … යම් කෙනෙක් ආත්මය විඥානවත් යයි ආත්මයෙහි විඥානය ඇතැයි හෝ විඥානයෙහි ආත්මය ඇතැයි හෝ ගනිත් ද, මොහු ශාශ්වතවාදීහු යයි කියනු ලැබෙත්.
Pali BJTතත්ථ උච්ඡෙදසස්සතවාදා උභො අන්තා, අයං සංසාරප්පවත්ති. තස්ස පටිපක්ඛො මජ්ඣිමා පටිපදා අරියො අට්ඨඞ්ගිකො මග්ගො, අයං සංසාරනිවත්ති. තත්ථ පවත්ති දුක්ඛං, තදභිසඞ්ගො තණ්හා සමුදයො, තණ්හානිරොධො දුක්ඛනිරොධො, අරියො අට්ඨඞ්ගිකො මග්ගො දුක්ඛ නිරොධගාමිනී පටිපදා, ඉමානි චත්තාරි සච්චානි. දුක්ඛං පරිඤ්ඤෙය්යං සමුදයො පහාතබ්බො මග්ගො භාවෙතබ්බො නිරොධො සච්ඡිකාතබ්බො.
Sinhala BJTඑහි උච්ඡේද ශාශ්වතවාදයෝ උභයාන්තයෝ යැ, මේ සංසාරප්‍රවෘත්තිය යි. ඊට ප්‍රතිපක්‍ෂ වූයේ මධ්‍යමප්‍රතිපදා සංඛ්‍යාත ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගිකමාර්‍ග යැ, මේ සංසාරයාගේ නිවෘත්තිය යි. එහි සංසාරප්‍රවෘත්තිය දුඃඛසත්‍ය යැ, එහි අභිසඞ්ග (ඇලීම) වූ තෘෂ්ණාව සමුදයසත්‍යය යැ, තෘෂ්ණානිරෝධය දුඃඛනිරෝධ යැ, ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගමාර්‍ගය දුඃඛනිරෝධගාමිනී ප්‍රතිපදා යි. මේ චතුස්සත්‍යයෝ යැ. දුඃඛය පරිඥේය යැ, සමුදය ප්‍රහාතව්‍ය යැ, මාර්‍ගය භාවිතව්‍ය යැ, නිරෝධය සාක්‍ෂාත්කර්‍තව්‍ය යි.
Pali BJTතත්ථ උච්ඡෙදසස්සතං සමාසතො වීසතිවත්ථුකා සක්කායදිට්ඨි, විත්ථාරතො ද්වාසට්ඨි දිට්ඨිගතානි, තෙසං පටිපක්ඛො තෙචත්තාලීසං බොධිපක්ඛියා ධම්මා, අට්ඨ විමොක්ඛා, දස කසිණායතනානි. ද්වාසට්ඨි දිට්ඨිගතානි මොහජාලං අනාදි අනිධනප්පවත්තං. තෙතාලීසං බොධි පක්ඛියා ධම්මා ඤාණවජිරං මොහජාලප්පදාළනං. තත්ථ මොහො අවිජ්ජා, ජාලං භවතණ්හා. තෙන වුච්චති: “පුබ්බා කොටි න පඤ්ඤායති අවිජ්ජාය ච භවතණ්හාය චා”ති.
Sinhala BJTඑහි උච්ඡේද ශාශ්වත දෙක සැකෙවින් විංශද්වස්තුක සත්කායදෘෂ්ටි යැ, විස්තරහෙයින් දෙසැට දෘෂ්ටිගතයෝ යි. ඔවුනට ප්‍රතිපක්‍ෂ වූයේ තෙසාලිස් බෝධිපාක්‍ෂිකධර්‍මයෝ යැ, අෂ්ටවිමෝක්‍ෂයෝ යැ, දසකසිණායතනයෝ යි. ද්වාෂෂ්ටිදෘෂ්ටිගතයෝ (පූර්‍වකෝටිය නො පැනෙනුයෙන්) අනාදි වූ (ප්‍රතිපක්‍ෂාධිගමයක් නැති කල්හි සන්තාන වශයෙන් නො සිඳී පවත්නා හෙයින්) අනිධනප්‍රවෘත්ත වූ මෝහජාලය යි. තෙසාලිස් බෝධිපාක්‍ෂිකධර්‍මයෝ මෝහජාලය ප්‍රදාලන කරන විදර්‍ශනාඥාන මාර්‍ගඥාන සංඛ්‍යාත ඥානවජ්‍රය (වජිරූපමඤාණ) යි. එහි මෝහය අවිජ්ජා යැ, ජාලය භවතණ්හා යි. එයින් කියනුලැබෙයි : “පුබ්බා කෝටි න පඤ්ඤායති අවිජ්ජාය ච භවතණ්හාය ච” යි.
Pali BJTතත්ථ දිට්ඨිචරිතො අස්මිං සාසනෙ පබ්බජිතො සල්ලෙඛානුසන්තත වුත්ති භවති සල්ලෙඛෙ තිබ්බගාරවො, තණ්හාචරිතො අස්මිං සාසනෙ පබ්බජිතො සික්ඛානුසන්තතවුත්ති භවති සික්ඛාය තිබ්බගාරවො, දිට්ඨිචරිතො සම්මත්තනියාමං ඔක්කමන්තො ධම්මානුසාරී භවති, තණ්හාචරිතො සම්මත්තනියාමං ඔක්කමන්තො සද්ධානුසාරී භවති, දිට්ඨිචරිතො සුඛාය පටිපදාය දන්ධාභිඤ්ඤාය ඛිප්පාභිඤ්ඤාය ච නිය්යාති, තණ්හාචරිතො දුක්ඛාය පටිපදාය දන්ධාභිඤ්ඤාය ඛිප්පාභිඤ්ඤාය ච නිය්යාති, තත්ථ කිං කාරණං: යං තණ්හාචරිතො දුක්ඛාය පටිපදාය දන්ධාභිඤ්ඤාය ඛිප්පාභිඤ්ඤාය ච නිය්යාති, තස්ස හි කාමා අපරිච්චත්තා භවන්ති. සො කාමෙහි විවෙචියමානො දුක්ඛෙන පටිනිස්සරති දන්ධං ච ධම්මං ආජානාති. යො පනා’යං දිට්ඨිචරිතො, අයං ආදිතො යෙව කාමෙහි අනත්ථිකො භවති. සො තතො විවෙචියමානො ඛිප්පඤ්ච පටිනිස්සරති ඛිප්පඤ්ච ධම්මං ආජානාති.
Sinhala BJTඑහි දිට්ඨිචරිතයා මේ සස්නෙහි පැවිදිවූයේ සල්ලේඛයෙහි අනුපද්‍රැත පැවතුම් ඇතියේ (හෙවත් සල්ලේඛයෙහි සතතක්‍රියා ඇතියේ) සල්ලේඛයෙහි දැඩි ගෞරව ඇත්තේ වෙයි. තණ්හාචරිතයා මෙ සස්නෙහි පැවිදිවූයේ අච්ඡිද්‍ර වූ චතුපාරිසුද්ධිසීලයෙහි සිටියේ ශික්‍ෂායෙහි දැඩි ගෞරව ඇත්තේ වෙයි. දිට්ඨිචරිතයා සම්මත්තනියාම (ආර්‍ය්‍ය මාර්‍ග) යට බැසගන්නේ (ප්‍රඥාධික හෙයින්) ධම්මානුසාරී වෙයි. තණ්හාචරිතයා ආර්‍ය්‍ය මාර්‍ග සම්මත්තනියාමයට බැසගන්නේ (ශ්‍රද්ධාධික හෙයින්) සද්ධානුසාරී වෙයි. දිට්ඨිචරිතයා සුඛ වූ ප්‍රතිපත් ඇති දන්‍ධාභිඥායෙන් ද ක්‍ෂිප්‍රාභිඥායෙන් ද සසරින් නික්මැයෙයි, තණ්හාචරිතයා දුක් වූ ප්‍රතිපත් ඇති දන්‍ධාභිඥායෙන් ද ක්‍ෂිප්‍රාභිඥායෙන් ද නික්මැයෙයි, යම් හෙයෙකින් තණ්හාචරිතයා දුක්ඛපටිපදා ඇති දන්‍ධාභිඥායෙන් ක්‍ෂිප්‍රාභිඥායෙන් නිර්‍ය්‍යාණය කෙරේද, එහි කරුණු කිම යත් : යම් හෙයෙකින් ඔහු විසින් කාමයෝ අපරිත්‍යක්ත වූවාහු වෙත්ද, හේ කාමයන්ගෙන් මුදනු ලබනුයේ දුකසේ මිදෙයි, ලැසිවැ ධර්‍මය ද අවබෝධ කෙරෙයි එහෙයිනි. යළි යම් දිට්ඨිචරිතයෙක් වේ ද මේ තෙමේ ආදියෙහි මැ කාමයන්ගෙන් අපේක්‍ෂා රහිත වෙයි, හේ ඒ කාමයෙන් වෙන්කරනු ලබනුයේ වහා මැ මිදෙයි, වහා ධර්‍මය ද දැනගනී.
Pali BJTදුක්ඛාපි පටිපදා දුවිධා: දන්ධාභිඤ්ඤා ච ඛිප්පාභිඤ්ඤා ච. සුඛාපි පටිපදා දුවිධා: දන්ධාභිඤ්ඤා ච: ඛිප්පාභිඤ්ඤා ච. සත්තාපි දුවිධා: මුදින්ද්රියාපි තික්ඛින්ද්රියාපි. යෙ මුදින්ද්රියා තෙ දන්ධං ච පටිනිස්සරන්ති, දන්ධඤ්ච ධම්මං ආජානන්ති, යෙ තික්ඛින්ද්රියා තෙ ඛිප්පඤ්ච පටිනිස්සරන්ති, ඛිප්පඤ්ච ධම්මං ආජානන්ති. ඉමා චතස්සො පටිපදා, යෙ හි කෙචි නීයිංසු වා නිය්යන්ති වා නීයිස්සන්ති වා, තෙ ඉමාහි එව චතුහි පටිපදාහි. එවං අරියා චතුක්කමග්ගං පඤ්ඤාපෙන්ති අබුධජනසෙවිතාය බාලකන්තාය රත්තවාසිනියා නන්දියා භවතණ්හාය ආවට්ටනත්ථං. අයං වුච්චති නන්දියාවට්ටස්ස නයස්ස භූමීති. තෙනාහ: “තණ්හඤ්ච අවිජ්ජම්පි ච සමථෙනා”ති.
Sinhala BJTදුක්ඛපටිපදාව ද : ‘ඛිප්පාභිඤ්ඤා යැ දන්‍ධාභිඤ්ඤා යැ’ යි ද්විවිධ වෙයි. සුඛපටිපදාව ද ‘දන්‍ධාභිඤ්ඤා යැ ඛිප්පාභිඤ්ඤා යැ’ යි ද්විවිධ වේ. සත්ත්‍වයෝ ද, ‘මුදින්‍ද්‍රිය ද තික්ඛින්‍ද්‍රිය දැ’ යි ද්විවිධ වෙති. යම් කෙනෙක් මුදින්‍ද්‍රිය වෙත් ද ඔහු ලැසි වැ කෙලෙසුන්ගෙන් මිදෙති ලැසි වැ ධර්‍මය ද දැනගනිත්. යම් කෙනෙක් තික්ඛින්‍ද්‍රිය වෙත් ද ඔහු වහා කෙලෙසුන්ගෙන් මිදෙති වහා ධර්‍මය ද දැනගනිත්. මොහු සතර ප්‍රතිපදාවෝ යි. යම් කෙනෙක් පෙර නිර්‍ය්‍යාණය කළාහු හෝ දැන් නිර්‍ය්‍යාණය කෙරෙති හෝ මතු නිර්‍ය්‍යාණය කරන්නාහු හෝ වෙත් ද, ඔහු මේ සතර ප්‍රතිපදායෙන් මැ යි. මෙසේ බුද්ධාදි ආර්‍ය්‍යයෝ අපණ්ඩිත ජනයා විසින් සෙවුනාලද බාලයනට කාන්ත වූ රාගයෙන් මඬනාලදුවන් කෙරෙහි පවත්නා නන්‍දි සංඛ්‍යාත භවතෘෂ්ණාව සමුච්ඡේදය පිණිස සතර ප්‍රතිපදා සංඛ්‍යාත මාර්‍ගය පනවත්. මේ නන්‍දියාවට්ට නයභූමි යයි කියනු ලැබේ. එයින් වදාළහ, “තණ්හං ච අවිජ්ජංපි ච සමථේන” යනාදිය.
Pali BJT“වෙය්යාකරණෙසු හි යෙ කුසලා’කුසලා”ති තෙ දුවිධෙන උපපරික්ඛිතබ්බා: ලොකවට්ටානුසාරී ච ලොකවිවට්ටානුසාරී ච. වට්ටං නාම සංසාරො, විවට්ටං නිබ්බානං, කම්මකිලෙසා හෙතු සංසාරස්ස. තත්ථ කම්මං චෙතනා චෙතසිකඤ්ච නිද්දිසිතබ්බං. තං කථං දට්ඨබ්බං: උපචයෙන{1} සබ්බෙපි කිලෙසා චතුහි විපල්ලාසෙහි නිද්දිසිතබ්බා. තෙ කත්ථ දට්ඨබ්බා: දසවත්ථුකෙ කිලෙසපුඤ්ජෙ.
Sinhala BJT“වෙය්‍යාකරණෙසු හි යෙ කුසලාකුසලා” යනාදීන් දක්වන ලද ඒ දිසාභූත ධර්‍මයෝ දෙපරිද්දෙකින් විමසියැයුත්තාහ : ලෝක සංඛ්‍යාත වට්ටය අනුව පවත්නාහු ද ලෝකයෙන් විවට්ටය (වෙන්වීම) සංඛ්‍යාත නිවනට අනුලෝම වශයෙන් යන්නාහු දැයි කියා යි. ‘වට්ට’ නම් සංසාර යැ, ‘විවට්ට’ නම් නිර්‍වාණ යි. කර්‍මක්ලේශයෝ සංසාරයට හේතු වෙති. එහි කර්‍මය චේතනා වූයේ ද චේතසික වූයේ ද දැක්වියැයුතු යැ, එය කෙසේ දතයුතු වෙයි යත් : විපාකදානයට නිසි පරිදි රැස්කිරීමෙනි. සියලු මැ ක්ලේශයෝ සතර විපල්ලාසයන්ගෙන් දැක්වියැයුත්තාහ. ඒ විපල්ලාසයෝ කොතැන්හි දැක්ක යුත්තාහු ද යත් : දශවස්තුක ක්ලේශපුඤ්ජයෙහි යි.
Pali BJTකතමානි දස වත්ථූනි: චත්තාරො ආහාරා චත්තාරො විපල්ලාසා චත්තාරි උපාදානානි චත්තාරො යොගා චත්තාරො ගන්ථා චත්තාරො ආසවා චත්තාරො ඔඝා චත්තාරො සල්ලා චතස්සො විඤ්ඤාණට්ඨිතියො චත්තාරි අගතිගමනානි. පඨමෙ ආහාරෙ පඨමො විපල්ලාසො, දුතියෙ ආහාරෙ දුතියෙ විපල්ලාසො, තතියෙ ආහාරෙ තතියො විපල්ලාසො, චතුත්ථෙ ආහාරෙ චතුත්ථො විපල්ලාසො. පඨමෙ විපල්ලාසෙ පඨමං උපාදානං, දුතියෙ විපල්ලාසෙ දුතියං උපාදානං, තතියෙ විපල්ලාසෙ තතියං උපාදානං. චතුත්ථෙ විපල්ලාසෙ චතුත්ථං උපාදානං. පඨමෙ උපාදානෙ පඨමො යොගො, දුතියෙ උපාදානෙ දුතියො යොගො, තතියෙ උපාදානෙ තතියො යොගො, චතුත්ථෙ උපාදානෙ චතුත්ථො යොගො. පඨමෙ යොගෙ පඨමො ගන්ථො, දුතියෙ යොගෙ දුතියො ගන්ථො,
Sinhala BJTකවර දශවස්තූහු යැ යත් : සතර ආහාරයෝ යැ සතර විපල්ලාසයෝ යැ සතර උපාදානයෝ යැ සතර යෝගයෝ යැ සතර ග්‍රන්‍ථයෝ යැ සතර ආස්‍රවයෝ යැ සතර ඕඝයෝ යැ සතර ශල්‍යයෝ යැ සතර විඤ්ඤාණට්ඨිති යැ සතර අගතිගමනයෝ යි. ප්‍රථම ආහාරයෙහි ප්‍රථම විපල්ලාසය වෙයි, දෙවැනි ආහාරයෙහි දෙවැනි විපල්ලාස යැ තෙවැනි ආහාරයෙහි තෙවැනි විපල්ලාසය යැ සතරවැනි ආහාරයෙහි සතරවැනි විපල්ලාසය වෙයි. ප්‍රථම විපල්ලාසය අප්‍රහීණකල්හි ප්‍රථම උපාදාන යැ දෙවැනි විපල්ලාසයෙහි දෙවැනි උපාදාන යැ තෙවැනි විපල්ලාසයෙහි තෙවැනි උපාදාන යැ සතරවැනි විපල්ලාසයෙහි සතරවැනි උපාදානය වෙයි. ප්‍රථම උපාදානයෙහි ප්‍රථම යෝගය පවතී, දෙවැනි උපාදානයෙහි දෙවැනි යෝගය යැ තෙවැනි උපාදානයෙහි තෙවැනි යෝගය යැ සතරවැනි උපාදානයෙහි සතරවැනි යෝගය වෙයි. ප්‍රථම යෝගවිෂයෙහි ප්‍රථම ග්‍රන්‍ථය යැ දෙවැනි යෝගයෙහි දෙවැනි ග්‍රන්‍ථය යැ
Pali BJTතතියෙ යොගෙ තතියො ගන්ථො, චතුත්ථෙ යොගෙ චතුත්ථො ගන්ථො. පඨමෙ ගන්ථෙ පඨමො ආසවො, දුතියෙ ගන්ථෙ දුතියො ආසවා, තතියෙ ගන්ථෙ තතියො ආසවො, චතුත්ථෙ ගන්ථෙ චතුත්ථො ආසවො. පඨමෙ ආසවෙ පඨමො ඔඝො, දුතියෙ ආසවෙ දුතියො ඔඝො, තතියෙ ආසවෙ තතියෙ ඔඝො, චතුත්ථෙ ආසවෙ චතුත්ථො ඔඝො. පඨමෙ ඔඝෙ පඨමො සල්ලො, දුතියෙ ඔඝෙ දුතියෙ සල්ලො. තතියෙ ඔඝෙ තතියො සල්ලො, චතුත්ථෙ ඔඝෙ චතුත්ථො සල්ලො, පඨමෙ සල්ලෙ පඨමා විඤ්ඤාණට්ඨිති, දුතියෙ සල්ලෙ දුතියා විඤ්ඤාණට්ඨිති, තතියෙ සල්ලෙ තතියා විඤ්ඤාණට්ඨිති, චතුත්ථෙ සල්ලෙ චතුත්ථො විඤ්ඤාණට්ඨිති. පඨමායං විඤ්ඤාණට්ඨිතියං පඨමං අගතිගමනං, දුතියායං විඤ්ඤාණට්ඨිතියං දුතියං අගතිගමනං, තතියායං විඤ්ඤාණට්ඨිතියං තතියං අගතිගමනං, චතුත්ථියං{1} විඤ්ඤාණට්ඨිතියං චතුත්ථං අගතිගමනං.
Sinhala BJTතෙවැනි යෝගයෙහි තෙවැනි ග්‍රන්‍ථය යැ සිව්වැනි යෝගයෙහි සිව්වැනි ග්‍රන්‍ථය වෙයි. ප්‍රථම ග්‍රන්‍ථයෙහි ප්‍රථම ආස්‍රවය පවතී, දෙවැනි ග්‍රන්‍ථයෙහි දෙවැනි ආස්‍රව යැ තෙවැනි ග්‍රන්‍ථයෙහි තෙවැනි ආස්‍රව යැ සතරවැනි ග්‍රන්‍ථයෙහි සතරවැනි ආස්‍රවය පවතී. ප්‍රථම ආස්‍රවයෙහි ප්‍රථම ඕඝය යැ දෙවැනි ආස්‍රවයෙහි දෙවැනි ඕඝය යැ තෙවැනි ආස්‍රවයෙහි තෙවැනි ඕඝය යැ සතරවැනි ආස්‍රවයෙහි සතරවැනි ඕඝය වෙයි. ප්‍රථම ඕඝයෙහි ප්‍රථම ශල්‍ය යැ දෙවැනි ඕඝයෙහි දෙවැනි සල්ල යැ තෙවැනි ඕඝයෙහි තෙවැනි සල්ල යැ සතරවැනි ඕඝයෙහි සතරවැනි සල්ලය වෙයි. ප්‍රථම සල්ලයෙහි ප්‍රථම විඤ්ඤාණට්ඨිතිය පවතී, දෙවැනි සල්ලයෙහි දෙවැනි විඤ්ඤාණට්ඨිතිය යැ තෙවැනි සල්ලයෙහි තෙවැනි විඤ්ඤාණට්ඨිතිය යැ සතරවැනි සල්ලයෙහි සතරවැනි විඤ්ඤාණට්ඨිතිය පවතී. ප්‍රථම විඤ්ඤාණට්ඨිතියෙහි ප්‍රථම අගතිගමනය වෙයි, දෙවැනි විඤ්ඤාණට්ඨිතියෙහි දෙවැනි අගතිගමනය යැ තෙවැනි විඤ්ඤාණට්ඨිතියෙහි තෙවැනි අගතිගමනය යැ සතරවැනිවිඤ්ඤාණට්ඨිතියෙහි සතරවැනි අගතිගමනය පවතී.