Pali BJT‘නිරොධො’ති එකත්තතා. ‘තත්ථ කතමො නිරොධො: පටිසඞ්ඛා නිරොධො, අප්පටිසඞ්ඛානිරොධො, අනුනයනිරොධො, පටිඝනිරොධො, මානනිරොධො, මක්ඛනිරොධො, පලාසනිරොධො, ඉස්සානිරොධො, මච්ඡරියනිරොධො, සබ්බකිලෙසනිරොධො. අයං වෙමත්තතා.
Sinhala BJTනිරෝධ යනු ඒකත්තතා යැ. එහි නිරෝධ කවරෙ යැ: අනිත්‍යාදි වශායෙන් ප්‍රත්‍යවේක්‍ෂා කොට ප්‍රතිපක්‍ෂභාවනාවෙන් නිරෝධ යැ සංඛතධර්‍මයෙන්ගේ සරසනිරෝධ යැ හෙවත් ක්‍ෂණික නිරෝධ යැ අනුනයනිරෝධ යැ ප්‍රතිඝනිරෝධ යැ මානනිරෝධ යැ මක්ඛනිරෝධ යැ පලාස (යුගග්‍රාහ) නිරෝධ යැ ඊර්‍ෂ්‍යයානිරෝධ යැ මාත්සර්‍ය්‍යයනිරෝධ යැ සර්‍වක්ලේශයන්ගේ නිරෝධ යි. මේ නිරෝධයාගේ වේමත්තතා යි.
Pali BJT‘රූප’න්ති එකත්තතා. ‘තත්ථ කතමං රූපං චාතුම්මහාභූතිකං{2} රූපං චතුන්නං ච මහාභූතානං උපාදාය රූපස්ස පඤ්ඤත්ති. තත්ථ කතමානි චත්තාරි මහාභූතානි: පඨවීධාතු{3} ආපොධාතු තෙජොධාතු වායොධාතු.
Sinhala BJT‘රූප’ යනු ඒකත්තතා යැ. එහි රූප කවරෙ යැ: සතර මහාභූතයන්ගෙන් හටගත් රූප යැ සතර මහාභූතයන් නිසා රූපයාගේ ප්‍රඥප්ති වෙයි. එහි සතර මහාභූතයෝ කවරහ: පෘථිවිධාතු යැ අබ්ධාතු යැ තේජෝධාතු යැ වායුධාතු යි.
Pali BJTද්වීහි ආකාරෙහි ධාතුයො පරිගණ්හාති සඞ්ඛෙපෙන ච විත්ථාරෙන ච. කථං විත්ථාරෙන ධාතුයො පරිගණ්හාති: වීසතියා ආකාරෙහි පඨවීධාතුං විත්ථාරෙන පරිගණ්හාති. ද්වාදසහි ආකාරෙහි ආපොධාතුං විත්ථාරෙන පරිගණ්හාති. චතූහි ආකාරෙහි තෙජොධාතුං විත්ථාරෙන පරිගණ්හාති. ඡහි ආකාරෙහි වායොධාතුං විත්ථාරෙන පරිගණ්හාති.
Sinhala BJTසංක්‍ෂේපයෙන් ද විස්තාරයෙන් දැයි දෙයාකාරයෙකින් ධාතුන් පරිග්‍රණය කෙරෙයි: කිසෙයින් විස්තර විසින් ධාතුන් පරිග්‍රහණ කෙරෙයි යත්: විසිආකාරයෙකින් පෘථිවිධාතුව විස්තර විසින් පිරිගනී, දොළොස්අයුරෙකින් අබ්ධාතුව විස්තර විසින් පිරිගනී, සියුඅයුරෙකින් තේජෝධාතුව විස්තර විසින් පිරිගනී, සයාකාරයෙකින් වායෝධාතුව විස්තර විසින් පරිග්‍රහණ කෙරෙයි.
Pali BJTකතමෙහි වීසතියා ආකාරෙහි පඨවීධාතුං විත්ථාරෙන පරිගණ්හාති: ‘අත්ථි ඉමස්මිං කායෙ කෙසා ලොමා නඛා දන්තා තචො මංසං නහාරූ{4} අට්ඨී අට්ඨිමිඤ්ජා{5} වක්කං හදයං යකනං කිලොමකං පිහකං පප්ඵාසං අන්තං අන්තගුණං උදරියං කරීසං මත්ථලුඞ්ගන්ති. ඉමෙහි වීසතියා ආකාරෙහි පඨවීධාතුං විත්ථාරෙන පරිගණ්හාති.
Sinhala BJTකවර විසිඅයුරින් පෘථිවිධාතුව විස්තර විසින් පිරිගනී යැ යත්: මේ කයෙහි කෙස් ඇත, ලොම් නිය දත් සම් මස් නහර ඇට ඇටමිදුලු වකුගඩු හදවත අක්මා දලබුව බඩදිව පපුමස අතුණු අතුණුබහන් නොපැසුණු අහර පැසුණු අහර හිස්කබලෙහි සිටි හිස්මුල් යන මොහු ඇති. මේ විසිආකාරයෙන් පෘථිවිධාතුව විස්තර විසින් පරිග්‍රහණ කෙරෙයි.
Pali BJTකතමෙහි ද්වාදසහි ආකාරෙහි ආපොධාතුං විත්ථාරෙන පරිගණ්හාති: ‘අත්ථි ඉමස්මිං කායෙ පිත්තං සෙම්හං පුබ්බො ලොහිතං සෙදො මෙදො අස්සු වසා ඛෙළො සිඞ්ඝාණිකා ලසිකා මුත්තන්ති. ඉමෙහි ද්වාදසහි ආකාරෙහි ආපොධාතුං විත්ථාරෙන පරිගණ්හාති.
Sinhala BJTකවර දොළොස්අයුරින් ආපෝධාතුව විස්තර විසින් පිරිගනී යැ යත්: මේ කයෙහි පිත් සෙම් සැරව ලේ සෝදිය මේදස් කඳුළු වුරුණුතෙල් කෙළ සොටු සඳමිදුලු මූ ඇතැ’ යි මේ දොළොස් අයුරින් ආපෝධාතුව පරිග්‍රහණ කෙරෙයි.
Pali BJTකතමෙහි චතූහි ආකාරෙහි තෙජොධාතුං විත්ථාරෙන පරිගණ්හාති: ‘යෙන ච සන්තප්පති යෙන ච ජීරීයති{1} යෙන ච පරිඩය්හති යෙන ච අසිතපීතඛායිතසාහිතං සම්මා පරිණාමං ගච්ඡතී’ති, ඉමෙහි චතූහි ආකාරෙහි තෙජොධාතුං විත්ථාරෙන පරිගණ්හාති.
Sinhala BJTකවර සතර අයුරින් තේජෝධාතුව විස්තර විසින් පරිග්‍රහණ කෙරෙයි යත්: මේ තේජෝධාතුවකින් තැවේ ද, යම් තේජෝධාතුව ජරාවට පැමිණේ ද, යම් තේජෝධාතුවකින් පරිදාහයට පැමිණේ ද, යම් තේජෝධාතුවකින් අසිත යැ පීත යැ ඛායිත යැ සායිත යැ යන මේ මනාකොට පරිණාමයට යේ ද, උක්තප්‍රකාර වූ මේ සතර ආකාරයෙන් තේජෝධාතුව විස්තර විසින් පරිග්‍රහණ කෙරෙයි.
Pali BJTකතමෙහි ඡහි ආකාරෙහි වායොධාතු විත්ථාරෙන පරිගණ්හාති: ‘උද්ධංගමා වාතා අධොගමා වාතා කුච්ඡිසයා වාතා කොට්ඨසයා වාතා අඞ්ගමඞ්ගානුසාරිනො වාතා අස්සාසො පස්සාසො ඉති’ ඉමෙහි ඡහි ආකාරෙහි වායොධාතුං විත්ථාරෙන පරිගණ්හාති.
Sinhala BJTකවර ෂඩාකාරයෙන් වායෝධාතුව විස්තර විසින් පිරිගන් යැ යත්: උද්ගාරාදිය ඇති කරන ඌර්ධ්වඞ්ගම වාත යැ මල මූ ආදිය බැහැරකරන අධෝගම වාත යැ අතුණින් පිටත්හි වූ වාත යැ අතුණු ඇතුළත්හි වූ වාත යැ ධමනිජාලානුසාරයෙන් සියලු සිරුරැ අඟපසඟ අනුවපැතිරෙනුවු සම්මිඤ්ජන පසාරණාදිය උපදවන වාත යැ ආශ්වාස ප්‍රාශ්වාස යැ යන මේ ෂඩාකාරයෙන් වායෝධාතුව විස්තර විසින් පරිග්‍රහණ කෙරෙයි.
Pali BJTඑවං ඉමෙහි ද්වාවත්තාරීසාය ආකාරෙහි විත්ථාරෙන ධාතුයො සහාවභාවතො{2} උපලක්ඛයන්තො තුලයන්තො පරියොගාහන්තො පරිවීමංසන්තො පච්චවෙක්ඛන්තො න කිඤ්චි ගය්හූපගං පස්සති කායං වා කායපදෙසං වා: යථා චන්දනිකං පවිචිනන්තො න කිඤ්චි ගය්හූපගං පස්සෙය්ය, යථා සඞ්ඛාරධානං{3} පවිචිනන්තො න කිඤ්චි ගය්හූපගං පස්සෙය්ය, යථා වච්චකුටිං පවිවීනන්තො න කිඤ්චි ගය්හූපගං පස්සෙය්ය, යථා සීවථිකං{4} පවිචිනන්තො න කිඤ්චි ගය්හූපගං පස්සෙය්ය, එවමෙවං ඉමෙහි ද්වාවත්තාරීසාය ආකාරෙහි එවං විත්ථාරෙන ධාතුයො සහාවභාවතො උපලක්ඛයන්තො තුලයන්තො පරියොගාහන්තො පරිවීමංසන්තො පච්චවෙක්ඛන්තො න කිඤ්චි ගය්හූපගං පස්සති කායං වා කායපදෙසං වා. තෙනාහ භගවා:
Sinhala BJTමෙසේ මේ දෙසාලිස් ආකාරයෙන් විස්තර වශයෙන් ධාතූන් ස්වභාව ලක්‍ෂණ විසින් උපධාරණය කරනුයේ තුලනය කරනුයේ පර්‍ය්‍යාවගාහන කරනුයේ හාත්පසින් විමසනුයේ ප්‍රත්‍යවේක්‍ෂා කරනුයේ කය හෝ කායප්‍රදේශයක් හෝ ගතයුතු කිසිවක් නො දකී. යම්සේ ගම්දොර ගවරවළක් විමසනුයේ ගතයුතු කිසිවක් නොදක්නේ ද, යම්සේ කසළගොඩක් විමසනුයේ ගතයුතු කිසිවක් නොදක්නේ ද, යම්සේ වැසිකිළියක් විමසනුයේ ගතයුතු කිසිවක් නොදක්නේ ද, යම්සේ අමුසොහොනක් විමසනුයේ ගතයුතු කිසිවක් නොදක්නේ ද, එපරිදි මැ මේ දෙසාලිස් ආකාරයෙන් මෙසේ විස්තර විසින් ධාතූන් ස්වභාවලක්‍ෂණ වශයෙන් උපධාරණය කරනුයේ තුලනය කරනුයේ විමසා බලනුයේ විමංසනය කරනුයේ ප්‍රත්‍යවේක්‍ෂා කරනුයේ කය හෝ කායප්‍රදේශයක් හෝ ගතයුතු නොදකී. එයින් වදාළහ, බුදුහු:
Pali BJT“යා චෙව ඛො පන අජ්ඣත්තිකා පඨවීධාතු යා ච බාහිරා පඨවීධාතු, පඨවීඛාතුරෙවෙසා තං නෙතං මම නෙසො’හමස්මි න මෙසො අත්තාති එවමෙතං යථාභූතං සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං. එවමෙතං යථාභූතං සම්මප්පඤ්ඤාය දිස්වා පඨවීධාතුයා නිබ්බින්දති පඨවීධාතුයා චිත්තං විරාජෙති. යා චෙව ඛො පන අජ්ඣත්තිකා ආපොධාතු යා ච බාහිරා ආපොධාතු, -පෙ- යා චෙව ඛො පන අජ්ඣත්තිකා තෙජොධාතු යා ච බාහිරා තෙජොධාතු -පෙ- යා චෙව ඛො පන අජ්ඣත්තිකා වායොධාතු යා ච බාහිරා වායොධාතු, වායොධාතුරෙවෙසා තං නෙතං මම නෙසොහමස්මි න මෙසො අත්තා’ති එවමෙතං යථාභූතං සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං. එවමෙතං යථාභූතං සම්මප්පඤ්ඤාය දිස්වා වායොධාතුයා නිබ්බින්දති වායොධාතුයා චිත්තං විරාජෙති. අයං වෙමත්තතා.
Sinhala BJT“යම් ආධ්‍යාත්මික පෘථිවිධාතුවක් ඇද්ද යම් බාහිර පෘථිවිධාතුවකුත් ඇද්ද තෙල පෘථිවිධාතු මැ ය, ඒ පෘථිවිධාතුව ‘තෙල මාගේ නොවෙයි, තෙලෙ මම් නො වෙමි, තෙලෙ මාගේ ආත්ම නො වේ යැ’ යි මෙසේ මෙය යථාභූත කොට සම්‍යක්ප්‍රඥායෙන් දැක්කයුතු යැ, මෙසේ තෙල පෘථිවිධාතුව සම්‍යක්ප්‍රඥායෙන් දැක පෘථිවිධාතුයෙහි උකටලී වෙයි, පෘථිවිධාතුයෙහි සිත නොඅලවයි. යම් ආධ්‍යාත්මික ආපෝධාතුවක් ඇද්ද යම් බාහිර ආපෝධාතුවකුත් ඇද්ද ... යම් ආධ්‍යාත්මික තේජෝධාතුවක් ඇද්ද යම් බාහිර තේජෝධාතුවකුත් ඇද්ද … යම් ආධ්‍යාත්මික වායෝධාතුවක් ඇද්ද යම් බාහිර වායෝධාතුවකුත් ඇද්ද තෙල වායෝධාතු’මැ ය, එය ‘මාගේ නො වෙයි, තෙලෙ මම් නො වෙමි, තෙලෙ මාගේ ආත්ම නො වේ යැ’ යි මෙසේ මෙය යථාභූත කොට සම්‍යග්ඥානයෙන් දැක්කයුතු යැ මෙසේ තෙල යථාභූතව සම්‍යග්ඥානයෙන් දැක වායෝධාතුයෙහි උකටලී වෙයි, වායෝධාතුයෙහි සිත නො අලවයි.” මේ ධාතූන්ගේ වේමත්තතා (විශේෂතා) යි.
Pali BJT‘අවිජ්ජා’ති එකත්තතා. ‘තත්ථ කතමා අවිජ්ජා: දුක්ඛෙ අඤ්ඤාණං දුක්ඛසමුදයෙ අඤ්ඤාණං දුක්ඛනිරොධෙ අඤ්ඤාණං දුක්ඛනිරොධගාමිනියා පටිපදාය අඤ්ඤාණං පුබ්බන්තෙ අඤ්ඤාණං අපරන්තෙ අඤ්ඤාණං පුබ්බන්තාපරන්තෙ අඤ්ඤාණං ඉදප්පච්චයතාපටිච්චසමුප්පන්නෙසු ධම්මෙසු අඤ්ඤාණං. යං එවරූපං අඤ්ඤාණං අදස්සනං අනභිසමයො අනනුබොධො අසම්බොධො අප්පටිවෙධො අසල්ලක්ඛණා
Sinhala BJTඅවිජ්ජා යනු ඒකත්තතා යැ. එහි අවිජ්ජා කවර යැ: දුඃඛසත්‍යයෙහි නොදැනීම දුක්ඛසමුදයෙහි නොදැනීම දුක්ඛනිරෝධයෙහි නොදැනීම දුක්ඛනිරෝධගාමිනී පටිපාදයෙහි නොදැනීම පූර්‍වාන්තයෙහි නොදැනීම අපරාන්තයෙහි නොදැනීම පූර්‍වාන්තාපරාන්තයෙහි නොදැනීම ඉදම්ප්‍රත්‍යයතාප්‍රතීත්‍යසමුත්පන්නධර්‍මයන්හි නොදැනීමයි. මෙබඳුවූ යම් නොදැනීමක් අදර්‍ශනයෙක් අනභිසමයෙක් අනවබෝධයෙක් අසම්බෝධයෙක් අප්‍රතිවේධයෙක් (ධර්‍මස්වාභාවය) නො සැලැකීමෙක්
Pali BJTඅනුපලක්ඛණා අපච්චුපලක්ඛණා අසමපෙක්ඛණං අපච්චක්ඛකම්මං දුම්මෙජ්ඣං බාල්යං අසම්පජඤ්ඤං මොහො පමොහො සම්මොහො අවිජ්ජා අවිජ්ජොඝො අවිජ්ජායොගො අවිජ්ජානුසයො අවිජ්ජාපරියුට්ඨානං අවිජ්ජාලඞ්ගී මොහො අකුසලමූලං, අයං වෙමත්තතා.
Sinhala BJTඅනුපලක්‍ෂණයෙක් අප්‍රත්‍යුපලක්‍ෂණයෙක් සමව නොබැලීමෙක් ප්‍රත්‍යක්‍ෂ නොකිරීමෙක් (චිත්තසන්තානයාගේ) අපචිත්‍රතායෙක් බාලබවෙක් අසම්ප්‍රජන්‍යයෙක් මෝහයෙක් ප්‍රමෝහයෙක් සම්මෝහයෙක් අවිද්‍යායෙක් අවිද්‍යාඕඝයෙක් අවිද්‍යායෝගයෙක් අවිද්‍යාඅනුශයයෙක් අවිද්‍යාපර්‍ය්‍යුත්‍ථානයෙක් අවිද්‍යාපරිඝයෙක් මෝහඅකුශලමූලයෙක් ඇද්ද, එයයි. මේ අවිද්‍යාවගේ වේමත්තතා යි.
Pali BJT‘විජ්ජා’ති එකත්තතා, ‘තත්ථ කතමා විජ්ජා: දුක්ඛෙ ඤාණං දුක්ඛසමුදයෙ ඤාණං දුක්ඛනිරොධෙ ඤාණං දුක්ඛනිරොධගාමිනියා පටිපදාය ඤාණං පුබ්බන්තෙ ඤාණං අපරන්තෙ ඤාණං පුබ්බන්තාපරන්තෙ ඤාණ ඉදප්පච්චයතාපටිච්චසමුප්පන්නෙසු ධම්මෙසු ඤාණං. යා එවරූපා පඤ්ඤා පජානනා විචයො පවිචයො ධම්මවිචයෙ සල්ලක්ඛණා උපලක්ඛණා පච්චුපලක්ඛණා පණ්ඩිච්චං කොසල්ලං නෙපුඤ්ඤං වෙභව්යා චින්තා උපපරික්ඛා භූරි මෙධා පරිණායිකා විපස්සනා සම්පජඤ්ඤං පතොදො පඤ්ඤා පඤ්ඤින්ද්රියං පඤ්ඤාබලං පඤ්ඤාසත්ථං පඤ්ඤාපාසාදො පඤ්ඤාආලොකො පඤ්ඤාඔභාසො පඤ්ඤාපජ්ජොතො පඤ්ඤාරතනං අමොහො ධම්මවිචයො සම්මාදිට්ඨි ධම්මවිචය සම්බොජ්ඣඞ්ගො මග්ගඞ්ගං මග්ගපරියාපන්නං.’ අයං වෙමත්තතා.
Sinhala BJT‘විජ්ජා’ යනු ඒකත්තතා යැ. එහි විජ්ජා කවර යැ: දුඃඛසත්‍යයෙහි දැනීම දුක්ඛ සමුදයෙහි දැනීම දුක්ඛනිරෝධයෙහි දැනීම දුක්ඛනිරෝධගාමිනී ප්‍රතිපාදයෙහි දැනීම පූර්‍වාන්තයෙහි දැනීම අපරාන්තයෙහි දැනීම පූර්‍වාන්තාපරාන්තයෙහි දැනීම ඉදම්ප්‍රත්‍යයතාප්‍රතීත්‍යසමුත්පන්නධර්‍මයන්හි දැනීම යි. යම් මෙබඳුවූ ප්‍රඥාවක් ප්‍රජානනාකාරයෙක් (අනිත්‍යාදිය) විමසීමෙක් වෙසෙසින් විමසීමෙක් (අනිත්‍යාදිධර්‍මයන්ගේ ලක්‍ෂණවශයෙන්) විමසීමෙක් සැලැකීමෙක් උපලක්‍ෂණයෙක් ප්‍රත්‍යුපලක්‍ෂණයෙක් පණ්ඩිතබවෙක් කෞශල්‍යයෙක් නිපුණබවෙක් (අනිත්‍යාදීන්ගේ) විභාවනයෙක් චින්තායෙක් උපපරීක්‍ෂාවෙක් භූරී (පෘථුල) ප්‍රඥාවෙක් ධාරණප්‍රඥාවෙක් පරිණායිකාවක් විදර්‍ශනාවක් සම්‍යග්ඥානයෙක් ප්‍රඥාප්‍රතොදයෙක් ප්‍රඥායෙක් ප්‍රඥා ඉන්‍ද්‍රියයෙක් ප්‍රඥාබලයෙන් ප්‍රඥාශස්ත්‍රයෙක් ප්‍රඥාප්‍රාසාදයෙක් ප්‍රඥා ආලෝකයෙක් ප්‍රඥා අවභාසයෙක් ප්‍රඥාප්‍රද්‍යොතයෙක් ප්‍රඥාරත්නයෙක් අමෝහයෙක් ධර්‍මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියක් ධර්‍මවිචයසම්බෝධ්‍යඞ්ගයෙක් මාර්‍ගාඞ්ග වූ මාර්‍ගපර්‍ය්‍යාපන්න වූ ධර්‍මයෙක් වේ ද එයයි. මේ විද්‍යාවගේ වේමත්තතා යි.
Pali BJT‘සමාපත්තී’ති එකත්තතා. තත්ථ කතමා සමාපත්ති: සඤ්ඤාසමාපත්ති අසඤ්ඤාසමාපත්ති නෙවසඤ්ඤානාසඤ්ඤාසමාපත්ති විභූතසඤ්ඤාසමාපත්ති නිරොධසඤ්ඤාසමාපත්ති. අයං වෙමත්තතා.
Sinhala BJT‘සමාපත්ති’ යනු ඒකත්තතා යැ. එහි සමාපත්ති කවර යැ: (සංඥායෙන් යුත්) සංඥාසමාපත්ති යැ (සංඥාවිරාග භාවනාවශයෙන් පැවැති අසංඥභවෝපප්‍රාප්තිය උපදවන) අසංඥසමාපත්ති යැ නෛවසංඥානාසංඥාසමාපත්ති යැ (විඤ්ඤාණඤ්චායතනසමාපත්ති සංඛ්‍යාත) විභූතසංඥාසමාපත්ති යැ නිරෝධසංඥාසමාපත්ති යි. මේ වේමත්තතා යි.
Pali BJT‘ඣායී’ති එකත්තතා. තත්ථ කතමො ඣායි: අත්ථි සෙඛො ඣායි, අත්ථි අසෙඛො ඣායි, අත්ථි නෙවසෙඛො නාසෙඛො ඣායී, ආජානීයො ඣායි, අස්සඛලුඞ්කො ඣායී, දිට්ඨුත්තරො ඣායී, තණ්හුත්තරො ඣායී, පඤ්ඤූත්තරො ඣායීති. අයං වෙමත්තතා.
Sinhala BJT‘ඣයී’ යනු ඒකත්තතා යැ. එහි ඣයී (ධ්‍යාන කරනුයේ) කවරෙ යැ: ශෛක්‍ෂ වූ ධ්‍යාන කරන්නෙක් ඇත, අශෛක්‍ෂ වූ ධ්‍යාන කරන්නෙක් ඇත, නේවසේඛනාසේඛ වූ (පුහුදුන්) ධ්‍යානකරන්නෙක් ඇත, ආජානේය අශ්වයකු බඳු ව ධ්‍යාන කරන්නේ යැ අස්කුණ්ඩයකු බඳුව ධ්‍යාන කරන්නේ යැ දෘෂ්ටිගතිකව ධ්‍යානලාභී වූ ධ්‍යාන කරන්නේ යැ තෘෂ්ණාගතිකව ධ්‍යානකරනුයේ යැ ප්‍රඥාධිකව ලක්‍ෂණොපනිධ්‍යානයෙන් ධ්‍යාන කරන්නේ යයි. මේ වේමත්තතා යි.
Pali BJT‘සමාධී’ති එකත්තතා. තත්ථ කතමො සමාධි: සරණො සමාධි, අරණො සමාධි, සවෙරො සමාධි, අවෙරො සමාධි, සබ්යාපජ්ඣො සමාධි, අබ්යාපජ්ඣො සමාධි, සප්පීතිකො සමාධි, නිප්පීතිකො සමාධි, සාමිසො සමාධි, නිරාමිසො සමාධි, සසඞ්ඛාරො සමාධි, අසඞ්ඛාරො සමාධි එකංසභාවිතො සමාධි, උභයංසභාවිතො සමාධි, උභතොභාවිතභාවනො සමාධි, සවිතක්කසවිචාරො සමාධි, අවිතක්කවිචාරමත්තො සමාධි, අවිතක්කඅවිචාරො සමාධි, හානභාගියො සමාධි, ඨිතිභාගියො සමාධි විසෙසභාගියො සමාධි, නිබ්බෙධභාගියො සමාධි, ලොකියො සමාධි, ලොකුත්තරො සමාධි, මිච්ඡාසමාධි, සම්මාසමාධි, අයං වෙමත්තතා.
Sinhala BJT‘සමාධි’ යනු ඒකත්තතා යැ. එහි සමාධි කවරෙ යැ: අකුශලචිත්තෛකාග්‍රතා සංඛ්‍යාත සරණසමාධි ය කුශලාව්‍යාකෘත වූ (ලෝකෝත්තර වූ) අරණසමාධි යැ ප්‍රතිඝචිත්තයෙහි ඒකාග්‍රතා සංඛ්‍යාත සවේරසමාධි යැ මෙත්තාචෙතොවිමුත්ති සංඛ්‍යාත අවෙර සමාධි යැ සප්‍රතිඝ වූ සව්‍යාපජ්ඣසමාධි යැ අප්‍රතිඝ වූ අබ්‍යාපජ්ඣ සමාධි යැ සප්‍රීතික සමාධි යැ නිෂ්ප්‍රීතිකසමාධි යැ ලෞකික වූ සාමිසසමාධි යැ ලෝකෝත්තර වූ නිරාමිස සමාධි යැ දන්‍ධාභිඥ වූ සසංඛාරසමාධි යැ ක්‍ෂිප්‍රාභිඥ වූ අසංඛාරසමාධි යැ ශුෂ්කවිදර්‍ශකයාගේ ඒකංසභාවිත සමාධි යැ ශමථයානිකයාගේ උහයංසභාවිත සමාධි යැ (කායසක්ඛී පුද්ගලයාගේ ද උභතෝභාගවිමුත්තයාගේ ද) උභතෝභාවීතභාවන සමාධි යැ සවිතර්‍ක සවිචාර සමාධි යැ අවිතර්‍කවිචාරමාත්‍ර වූ සමාධි යැ අවිතර්‍කඅවිචාර සමාධි යැ (අප්‍රගුණ වූ ප්‍රථමධ්‍යානාදි) හානභාගිය සමාධි යැ (තදනුධම්මතා සතිය පිහිටීම් වශයෙන්) ඨීතිභාගිය සමාධි යැ විශේෂාධිගමය පිණිස පවත්නා විශේෂභාගිය සමාධි යැ නිබ්බේධභාගිය සමාධි යැ ලෞකික සමාධි යැ ලෝකෝත්තර සමාධි යැ මිථ්‍යාසමාධි යැ සම්‍යක්සමාධි යැ යන මේ සමාධි නම් වේ. මේ සමාධිහුගේ වේමත්තතා යි.
Pali BJT‘පටිපදා’ති එකත්තතා. ‘තත්ථ කතමා පටිපදා: ආගාළ්හා පටිපදා, නිජ්ඣාමා පටිපදා, මජ්ඣිමා පටිපදා, අක්ඛමා පටිපදා, ඛමා පටිපදා, සමා පටිපදා, දමා පටිපදා, දුක්ඛා පටිපදා දන්ධාභිඤ්ඤා, දුක්ඛා පටිපදා ඛිප්පාභිඤ්ඤා, සුඛා පටිපදා දන්ධාභිඤ්ඤා, සුඛා පටිපදා ඛිප්පාභිඤ්ඤා’ති. අයං වෙමත්තතා.
Sinhala BJT‘පටිපදා’යනු ඒකත්තතා යැ. එහි පටිපදා කවර යැ: කාමසුඛානුයෝග සංඛ්‍යාත ආගාළ්හපටිපදා යැ අත්තකිලමථානුයෝග සංඛ්‍යාත නිජ්ඣාමපටිපදා යැ මධ්‍යමප්‍රතිපදා යැ ප්‍රධන්භූමියෙහි ශීතාදිය නො ඉවසන අක්ඛමපටිපදා යැ ශීතාදිය ඉවසන ඛමපටිපදා යැ උපන් කාමාදි විතර්‍කයන් සන්හිඳුවන සමපටිපදා යැ මනස සවැනි කොට ඇති ඉන්‍ද්‍රියයන් දමනය කරන දමපටිපදා යැ දන්‍ධාභිඤ්ඤ වු දුක්ඛපටිපදා යැ ඛිප්පාභිඤ්ඤවු දුක්ඛපටිපදා යැ දන්‍ධාභිඤ්ඤ වු සුඛපටිපදා යැ ඛිප්පාභිඤ්ඤවු වු සුඛපටිපදා යි. මේ පටිපදායෙහි වේමත්තතා යි.
Pali BJT‘කායො’ති එකත්තතා. තත්ථ කතමො කායො: නාමකායො රූපකායො ච. තත්ථ කතමො රූපකායො: කෙසා ලොමා නඛා දන්තා තචො මංසං නහාරු අට්ඨි අට්ඨිමිඤ්ජා වක්කං හදයං යකනං කිලොමකං පිහකං පප්ඵාසං අන්තං අන්තගුණං උදරියං කරීසං පිත්තං සෙම්හං පුබ්බො ලොහිතං සෙදො මෙදො අස්සු වසා ඛෙළො සිඞ්ඝාණිකා ලසිකා මුත්තං මත්ථලුඞ්ගන්ති. අයං රූපකායො. නාමකායො නාම වෙදනා සඤ්ඤා චෙතනා චිත්තං ඵස්සො මනසිකාරොති අයං නාමකායොති. අයං වෙමත්තතා.
Sinhala BJT‘කාය’ යනු ඒකත්තතා යැ. එහි කාය කවර යැ: නාමකාය ද රූපකාය ද වෙයි. එහි රූපකාය කවරෙ යැ: කෙස් ලොම් නිය දත් සම් මස් නහර ඇට ඇටමිදුලු වකුගඩු හදවත අක්මා දලබු බඩදිව පපුමස අතුණු අතුණුබහන් නොපැසුණු අහර පැසුණු අහර පිත් සෙම් සැරව ලේ සෝදිය මේදස් කඳුළු වුරුණුතෙල් කෙළ සොටු සඳමිදුලු මූ හිස්මුල් යන මේ යැ. මේ රූපකාය යි. නාමකාය නම්: වේදනා සඤ්ඤා චේතනා චිත්ත ඵස්ස මනසිකාර යන මේ නාමකාය යි. මේ වේමත්තතා යි.
Pali BJTඑවං යො ධම්මො යස්ස ධම්මස්ස සමානභාවො, සො ධම්මො තස්ස ධම්මස්ස එකත්තතාය එකීභවතී, යෙන යෙන වා පන විලක්ඛණො තෙන තෙන වෙමත්තතං ගච්ඡති. එවං සුත්තෙ වා වෙය්යාකරණෙ වා ගාථායං වා පුච්ඡිතෙන වීමංසිතබ්බං, කිං එකත්තතාය පුච්ඡති උදාහු වෙමත්තතායාති. යදි එකත්තතාය පුච්ඡිතං, එකත්තතාය විස්සජ්ජයිතබ්බං. යදි වෙමත්තතාය පුච්ඡිතං, වෙමත්තතාය විස්සජ්ජයිතබ්බං. යදි සත්තාධිට්ඨානෙන පුච්ඡිතං, සත්තාධිට්ඨානෙන විස්සජ්ජයිතබ්බං. යදි ධම්මාධිට්ඨානෙන පුච්ඡිතං, ධම්මාධිට්ඨානෙන විස්සජ්ජයිතබ්බං. යථා යථා වා පන පුච්ඡිතං. යථා යථා විස්සජ්ජයිතබ්බං. තෙනාහ ආයස්මා මහාකච්චානො “එකත්තතාය ධම්මා’ති.
Sinhala BJTමෙසේ ජාති ආදි යම් ධර්‍මයෙක් එයින් අන්‍ය වූ ජරා ආදි අන් ධර්‍මයකට දුක්ඛාදි භාවයෙන් සමානබව ඇද්ද, ඒ ජාත්‍යාදි ධර්‍මය ඒ ජරාදි ධර්‍මයට (දුක්ඛාදි) සමානස්වභාවයෙන් (සමානශබ්දාභිධෙයත්‍වයෙන්) ඒකත්‍වය ට පැමිණෙයි. (මේ ඒකත්‍ව ලක්‍ෂණ යැ.) යළි යම් යම් ස්වභාවයෙකින් (යම් ධර්‍මයෙක් යම් ධර්‍මයකට) විසදෘශ ලක්‍ෂණ ඇද්ද ඒ ඒ ස්වභාවයෙන් (ඒ ධර්‍මය ඒ ධර්‍මයට) වේමත්තතාවට - විසදෘශබවට පැමිණෙයි. (මේ වේමත්තතායෙහි ලක්‍ෂණ යැ.) මෙසේ සූත්‍රයෙහි හෝ වෙය්‍යාකරණයෙහි හෝ ගාථායෙහි හෝ පුළුවුස්නා ලද්දහු විසින් කිම එකත්තතායෙන් විචාරා ද නොහොත් වේමත්තතායෙන් විචාරා දැයි විමසියැ යුතු ය. ඉදින් එකත්තතායෙන් පුළුවුස්නාලද නම් එකත්තතායෙන් විසඳියැ යුතු ය. ඉදින් වේමත්තතායෙන් පුළුවුස්නාලද නම්, වේමත්තතායෙන් විසඳියැ යුතු ය. ඉදින් සත්ත්‍වප්‍රඥප්තිමුඛයෙන් පුළුවුස්නා ලද නම්, සත්ත්‍වප්‍රඥප්ති වශයෙන් විසඳියැ යුතු ය. ඉදින් ධර්‍ම වශයෙන් පුළුවුස්නා ලද නම්, ධර්‍මවශයෙන් විසඳියැ යුතු ය. යළි යම් යම් පරිද්දෙකින් පුළුවුස්නාලද නම් ඒ ඒ පරිදිදෙන් විසඳියැ යුත්තේ යි. එයින් වදාළහ, ආයුෂ්මත් මහාකාත්‍යායන මහරහතුන් වහන්සේ: “ඒකත්තතාය ධම්මා” යනාදිය.
Pali BJTනියුත්ති අධිට්ඨානො හාරො
Sinhala BJTඅධිට්ඨානහාරය යොදන ලද්දේ යි.
Pali BJT3. 1. 15.
Sinhala BJT3. 1. 15.
Pali BJTපරික්ඛාරහාරවිභඞ්ගො
Sinhala BJTපරික්ඛාරහාරවිභඞ්ගය
Pali BJTතත්ථ කතමො පරික්ඛාරො හාරො: “යෙ ධම්මා යං ධම්මං ජනයන්ති”ති. යො ධම්මො යං ධම්මං ජනයති, තස්ස සො පරික්ඛාරො. කිංලක්ඛණො පරික්ඛාරො: ජනකලක්ඛණො පරික්ඛාරො. ද්වෙ ධම්මා ජනයන්ති: හෙතු ච පච්චයො ච. තත්ථ කිංලක්ඛණො හෙතු, කිංලක්ඛණො පච්චයො: අසාධාරණලක්ඛනො හෙතු, සාධාරණලක්ඛනො පච්චයො. යථා කිං භවෙ: යථා අංකුරස්ස නිප්ඵත්තියා බීජං අසාධාරණං,
Sinhala BJTඑහි පරික්ඛාරහාරය කවරෙ යැ: “යෙ ධම්මා යං ධම්මං ජනයන්ති” යනාදි නිද්දේසගාථා යැ. යම් හේතු ප්‍රත්‍යය ධර්‍මයෙක් යම් ඵලධර්‍මයක්හු උපදවා ද, ඒ ඵල ධර්‍මයට ඒ හේතුප්‍රත්‍යයධර්‍මය පරිෂ්කාර යි. පරික්ඛාරය කුමක් ලක්‍ෂණ කොට ඇත්තේ යැ යත්: පරික්ඛාරය ජනක ලක්‍ෂණ යැ. ධර්‍මයෝ දෙදෙනෙක් (ඵලය) උපදවති, හේතු ද ප්‍රත්‍යය ද යන දෙක යි. ඒ දෙදෙනා අතුරෙහි හේතුව කුමක් ලක්‍ෂණ කොට ඇත්තේ ද, ප්‍රත්‍යය කුමක් ලක්‍ෂණ කොට ඇත්තේ ද යත්: හේතුව අසාධාරණ ලක්‍ෂණ යැ, ප්‍රත්‍යය සාධාරණ ලක්‍ෂණ යි . ඒ කුමක් මෙන් වේ ද යත්: ඒ මෙසේ යැ, අඞ්කුරයාගේ නිෂ්පත්තියට (හටගැනීමට) බීජය අසාධාරණ කාරණ යැ,
Pali BJTපඨවී ආපො ච සාධාරණා. අඞ්කුරස්ස හි පඨවී ආපො ච පච්චයො, සභාවො හෙතු, යථා වා පන ඝටෙ දුද්ධං පක්ඛිත්තං දධි භවති, න චත්ථි එකකාලසමවධානං දුද්ධස්ස ච දධිස්ස ච, එවමෙව නත්ථි එකකාලසමවධානං හෙතුස්ස ච පච්චයස්ස ච.
Sinhala BJTපඨවිය ද ආපය ද සාධාරණ කාරණ වෙත්. එසේ මැය අඞ්කුරයට පඨවිය ද ආපය ද ප්‍රත්‍යය යැ, (සමාන ඵල නිපදවන හෙයින්) සමානභාව වූ බීජය හේතු යි. තව ද යම්සේ කළයෙහි කිරි බහාලන ලදුයේ දිහි වෙයි, දුග්ධ (කිරි)යාගේ ද දධියගේ ද සමකල් ව එක්වීමෙක් නො ද ඇති. (කාලාන්තරයෙහි කිරි දිහිබවට පැමිණෙයි, ප්‍රත්‍යයාන්තරසමායෝගය එයිනි.) එපරිදි මැ හේතුහුගේත් ප්‍රත්‍යයාගේත් සමකල්ව එක්ව සිටීමෙක් නැති. (හේතු ඵලයන්ගේ මෙන් ද ඒකකාලසමවධානයෙක් හේතු ප්‍රත්‍යයන්ගේ ද නැත. ප්‍රත්‍යය ඵලය හා ඒකාන්තයෙන් හින්නකාල නො වේ. මෙසේ හේතුප්‍රත්‍යයන්ගේ ද විශේෂය වේ.)
Pali BJTඅයං හි සංසාරො සහෙතුසප්පච්චයො නිබ්බත්තො. වුත්තං හි: “අවිජ්ජාපච්චාය සඞ්ඛාරා, සඞ්ඛාරාපච්චයා විඤ්ඤාණං”. එවං සබ්බො පටිච්චසමුප්පාදො. ඉති අවිජ්ජා අවිජ්ජාහෙතු, අයොනිසො මනසිකාරො පච්චයො. පුරිමිකා අවිජ්ජා පච්ඡිමිකාය අවිජ්ජාය හෙතු. තත්ථ පුරිමිකා අවිජ්ජා අවිජ්ජානුසයො, පච්ඡිමිකා අවිජ්ජා අවිජ්ජාපරියුට්ඨානං. පුරිමිකො අවිජ්ජානුසයො පච්ඡිමිකස්ස අවිජ්ජාපරියුට්ඨානස්ස හෙතුභූතො පරිබ්රූහනාය බීජඞ්කුරො විය සමනන්තරහෙතුතාය. යං පන යත්ථ ඵලං නිබ්බත්තති, ඉදං තස්ස පරම්පරහෙතුතාය හෙතුභූතං. දුවිධො හි හෙතු: සමනන්තරහෙතු පරම්පරහෙතු ච. එවං අවිජ්ජායපි දුවිධො හෙතු: සමනන්තරහෙතු පරම්පරහෙතු ච.
Sinhala BJTමේ සංසාරය වනාහි සහේතුසප්‍රත්‍යය වැ උපන්නේ යැ, වදාරනලද මැ ය: “අවිද්‍යා ප්‍රත්‍යයෙන් සංස්කාරයෝ වෙති, සංස්කාරප්‍රත්‍යයෙන් විඥානය වෙයි.” මෙසේ සියලු පටිච්චසමුප්පාදය වේ. මෙපරිද්දෙන් අවිද්‍යාව අවිද්‍යාවට හේතු යි, අයෝනිසෝමනසිකාරය ප්‍රත්‍යය වේ. පූර්‍වයෙහි වූ අවිද්‍යාව පශ්චිම වූ අවිද්‍යාවට හේතු වෙයි. එහි පූර්‍ව වූ අවිද්‍යාව (අප්‍රහීණව පුනපුනා උපදනා හෙයින්) අවිද්‍යානුශය ය, පසුව උපන් අවිද්‍යාව (කුශලචිත්තය පැහැරගන්නා හෙයින්) අවිද්‍යාපර්‍ය්‍යුත්‍ථාන යි. පූර්‍ව වූ අවිද්‍යානුශය පශ්චිම වූ අවිජ්ජාපරියුට්ඨානයාගේ වැඩීම ට හේතුවුයේ බීජයට අඞ්කුරය මෙන් සමනන්තරහේතුභාවයෙනි. (බීජය අඞ්කුරයට සමනන්තර හේතුයෙන් හේතු වෙයි, අඞ්කුරයෙන් හටගත් ඵලයාගේ බීජයට ද පළමු බීජය පරම්පරහේතුයෙන් හේතු වෙයි. මෙසේ අවිද්‍යාවගේ හේතුභාවය ද දතයුතු යැ) යළි යම් තැනකැ යම් ඵලයක් උපදී ද, මේ බීජය ඒ ඵලයට පරම්පරහේතුභාවයෙන් හේතු වූයේ යි. ඒ එසේ මැ යැ. හේතු ව ද්විවිධ වෙයි: සමනන්තරහේතු ද පරම්පරහේතු ද කියා යි. මෙපරිද්දෙන් අවිද්‍යාවගේ ද හේතුව දෙවැදෑරුම් වෙයි: සමනන්තරහේතු ද පරම්පරහේතු ද කියා යි.
Pali BJTයථා වා පන ථාලකඤ්ච වට්ටි ච තෙලඤ්ච පදීපස්ස{1} පච්චයභූතං, න සභාවහෙතු, න හි සක්කා ථාලකං ච වට්ටිං ච තෙලඤ්ච අනග්ගිකං දීපෙතුං, පදීපස්ස පච්චයභූතං. පදීපො විය සභාවො හෙතු හොති. ඉති සභාවො හෙතු, පරභාවො පච්චයො, අජ්ඣත්තිකො හෙතු, බාහිරො පච්චයො. ජනකො හෙතු, පරිග්ගාහකො පච්චයො, අසාධාරණො හෙතු, සාධාරණො පච්චයො.
Sinhala BJTතව ද යම්සේ ප්‍රදීපයට ප්‍රත්‍යය වූ පහන්කබල ද වැටිය ද තෙල් ද සමාන කාරණ වූ හේතු නො වේ ද, යම්හෙයෙකින් පහනට ප්‍රත්‍යය වු පහන්කබල ද වැටිය ද තෙල් ද ගිනි නැතිව දල්වන්නට නොහැකි වේ ද එහෙයිනි. ප්‍රදීපය මෙන් සමානභාව හේතුව වෙයි. මෙසේ (පහන දැල්වීමට ගින්න මෙන්) සමානභාවය හේතු යැ. (පහන්කබල වැටිය තෙල් මෙන් අසමාන වූ) අන්‍යභාවය ප්‍රත්‍යය යැ, නියතඅධ්‍යාත්මයෙහි වූයේ හේතු යැ, බාහිර වූයේ ප්‍රත්‍යය යැ, ජනක වූයේ හේතු යැ, පරිග්‍රාහක (උපස්තම්භක) වූයේ ප්‍රත්‍යය යැ, අසාධාරණ(ආවේණික) වූයේ හේතු යැ, සාධාරණ (අන්‍ය ප්‍රත්‍යයොත්පන්නයනට ද සමාන) වූයේ ප්‍රත්‍යය යි.
Pali BJTඅවුපච්ඡෙදත්ථො සන්තතිඅත්ථො, නිබ්බත්තිඅත්ථො ඵලත්ථො, පටිසන්ධිඅත්ථො පුනබ්භවත්ථො, සම්පළිබොධත්ථො පරියුට්ඨානත්ථො, අසමුග්ඝාතත්ථො අනුසයත්ථො, අසම්පටිවෙධත්ථො අවිජ්ජත්ථො, අපරිඤ්ඤාතත්ථො{2} විඤ්ඤාණස්ස බීජත්ථො. යත්ථ අවුපච්ඡෙදො තත්ථ සන්තති, යත්ථ සන්තති තත්ථ නිබ්බත්ති, යත්ථි නිබ්බත්ති තත්ථ ඵලං, යත්ථ ඵලං තත්ථ පටිසන්ධි, යත්ථ පටිසන්ධි තත්ථ පුනබ්භවො, යත්ථ පුනබ්භවො තත්ථ පළිබොදො, යත්ථ පළිබොධො තත්ථ පරියුට්ඨානං,
Sinhala BJTඅනුපච්ඡින්න වු (නොසිඳිණු) හේතුප්‍රත්‍යය සංඛ්‍යාත කාරණයාගේ හා ඵලයාගේ අවුපච්ඡේදාර්‍ත්‍ථය කාරණඵල සම්බන්‍ධ හෙයින් සන්තති අර්‍ත්‍ථය යැ, (කාරණාඵලභාවයෙන් සම්බන්‍ධ බව සන්තති නම, කාරණඵලයන්ගේ නො සිඳි පැවැත්ම අවුපච්ඡේද නම, යම් ඵලයෙක් අන්‍යත්ඵලයකට කාරණ නොවී නිරුද්ධ වේ නම් එය උපච්ඡින්න නම් වෙයි රහත්හුගේ චුතිචිත්තය මෙනි. යම් ඵලයෙක් තමහට අනුරූප වූ ඵලයකට හේතු වී නිරුද්ධ වේ නම්, එය අනුපච්ඡින්න වූයේ මැ වෙයි, හේතුඵල සම්බන්‍ධය විද්‍යමාන හෙයිනි.) කාරණයෙන් උපන් ඵලයාගේ නිර්‍වෘතිඅර්‍ත්‍ථය ඵලාර්‍ත්‍ථ යැ, අනන්තරභව පටිසන්‍ධාන වශයෙන් පවත්නා ප්‍රතිසන්‍ධිඅර්‍ත්‍ථය පුනර්‍භවාර්‍ත්‍ථ යැ, සම්‍යක්ප්‍රතිපදාව බාධාකරන සම්පළිබෝධාර්‍ත්‍ථය පරියුත්‍ථානාර්‍ත්‍ථ යැ, ආර්‍ය්‍යමාර්‍ගයෙන් කෙලෙසුන් මුලුසුන් නොකළ අර්‍ත්‍ථය අනුශයාර්‍ත්‍ථ යැ, චතුස්සත්‍යයාගේ අසම්ප්‍රතිවේධාර්‍ත්‍ථ අවිද්‍යාර්‍ත්‍ථ යැ, අපරිඥාතාර්‍ත්‍ථය ප්‍රතිසන්‍ධි විඥානයාගේ නාමරූපඞ්කුරයට කාරණහේයින් බීජාර්‍ත්‍ථ යි. යම් රූපාරූපප්‍රවෘත්තියෙක්හි හේතුඵලයන්ගේ අනුපච්ඡේදය වේ ද එහි සන්තතිව්‍යවහාරය වෙයි, යම් තැනෙක සන්තතිය ඇද්ද එහි නිර්‍වෘතිය වෙයි, යම් තැනෙක නිර්‍වෘතිය ඇද්ද එහි ඵලය වෙයි, යම් තැනෙක ඵලය ඇද්ද එහි ප්‍රතිසන්‍ධිය වෙයි, යම් තැනෙක ප්‍රතිසන්‍ධිය වේ ද එහි පුනර්‍භවය වෙයි, යම් තැනෙක පුනර්‍භවය ඇද්ද එහි පළිබෝධය (කුසල්සිතට බාධාකාරීම) වෙයි, යම් තැනෙක පළිබෝධය වේ ද,
Pali BJTයත්ථ පරියුට්ඨානං තත්ථ අසමුග්ඝාතො, යත්ථ අසමුග්ඝාතො තත්ථ අනුසයො, යත්ථ අනුසයො තත්ථ අසම්පටිවෙධො, යත්ථ අසම්පටිවෙධො තත්ථ අවිජ්ජා, යත්ථ අවිජ්ජා තත්ථ සාසවං විඤ්ඤාණං අපරිඤ්ඤාතං, යත්ථ සාසවං විඤ්ඤාණං අපරිඤ්ඤාතං තත්ථ බීජත්ථො.
Sinhala BJTඑහි ක්ලේශයන්ගේ පර්‍ය්‍යුත්‍ථානය වෙයි, යම් තැනෙක පර්‍ය්‍යුත්‍ථානය ඇද්ද එහි ක්ලේශයන්ගේ අසමුද්ඝාතය වෙයි, යම් තැනෙක අසමුද්ඝාතය වේ ද එහි අනුශය වෙයි, යම් තැනෙක අනුශය ඇද්ද එහි සත්‍යයන්ගේ අසම්ප්‍රතිවේධය වෙයි, යම් තැනෙක අසම්ප්‍රතිවේධය ඇද්ද එහි අවිද්‍යාව වෙයි, යම් තැනෙක අවිද්‍යාව වේ ද එහි අපරිඥාත වූ සාස්‍රව විඥානය වෙයි, යම් තැනෙක අපරිඥාත වූ ආස්‍රවසහිත විඥානය වේ ද එහි ප්‍රතිසන්‍ධිවිඥානයාගේ විජාර්‍ත්‍ථය වේ.
Pali BJTසීලක්ඛන්ධො සමාධික්ඛන්ධස්ස පච්චයො, සමාධික්ඛන්ධො, පඤ්ඤාක්ඛන්ධස්ස පච්චයො, පඤ්ඤාක්ඛන්ධො විමුත්තික්ඛන්ධස්ස පච්චයො, විමුත්තික්ඛන්ධො විමුත්තිඤාණදස්සනක්ඛන්ධස්ස පච්චයො. තිත්ථඤ්ඤූතා පීතඤ්ඤූතාය{1} පච්චයො, පීතඤ්ඤුතා පත්තඤ්ඤුතාය පච්චයො, පත්තඤ්ඤුතා{1} අත්තඤ්ඤුතාය පච්චයො.
Sinhala BJTශීලස්කන්‍ධය සමාධිස්කන්‍ධයට ප්‍රත්‍යය වෙයි, සමාධිස්කන්‍ධය ප්‍රඥාස්කන්‍ධයට ප්‍රත්‍යය වෙයි, ප්‍රඥාස්කන්‍ධය ඵලසමාධි සංඛ්‍යාත විමුක්තිස්කන්‍ධයට ප්‍රත්‍යය වෙයි, විමුක්තිස්කන්‍ධය ප්‍රත්‍යවේක්‍ෂාඥාන සංඛ්‍යාත විමුක්තිඥානදර්‍ශනස්කන්‍ධයට ප්‍රත්‍යය වේ. තීර්‍ත්‍ථ සංඛ්‍යාත බහුශ්‍රැතයන් ඇසිරිකරන බව ධර්මොපසංහිත ප්‍රීතියට ප්‍රත්‍යය වෙයි, පීතඤ්ඤැතාව පත්තඤ්ඤැතා සංඛ්‍යාත භාවනායෙන් විශේෂප්‍රාප්තිය දැනීමට ප්‍රත්‍යය වෙයි, පත්තඤ්ඤැතාව අත්තඤ්ඤැතාව සංඛ්‍යාත පඤ්ච පධානියඞ්ගයෙන් සමන්‍විත වූ ආත්ම ස්වභාව දැනීමට ප්‍රත්‍යය වේ.
Pali BJTයථා වා පන චක්ඛුං ච පටිච්ච රූපෙ ච උප්පජ්ජති චක්ඛුවිඤ්ඤාණං, තත්ථ චක්ඛු ආධිපතෙය්යපච්චයතාය පච්චයො, රූපා ආරම්මණපච්චයතාය පච්චයො, ආලොකො සන්නිස්සයතාය පච්චයො, මනසිකාරො සභාවො හෙතු. සඞ්ඛාරා විඤ්ඤාණස්ස පච්චයො, සභාවො හෙතු. විඤ්ඤාණං නාමරූපස්ස පච්චයො, සභාවො හෙතු. නාමරූපං සළායතනස්ස පච්චයො, සභාවො හෙතු. සළායතනං ඵස්සස්ස පච්චයො, සභාවො හෙතු. ඵස්සො වෙදනාය පච්චයො, සභාවො හෙතු. වදෙනා තණ්හාය පච්චයො, සභාවො හෙතු. තණ්හා උපාදානස්ස පච්චයො, සභාවො හෙතු. උපාදානං භවස්ස පච්චයො, සභාවො හෙතු. භවො ජාතියා පච්චයො සභාවො හෙතු. ජාති ජරාමරණස්ස පච්චයො, සභාවො හෙතු. ජරාමරණං සොකස්ස පච්චයො, සභාවො හෙතු. සොකො පරිදෙවස්ස පච්චයො, සභාවො හෙතු. පරිදෙවො දුක්ඛස්ස පච්චයො, සභාවො හෙතු. දුක්ඛං දොමනස්සස්ස පච්චයො, සභාවො හෙතු. දොමනස්සං උපායාසස්ස පච්චයො, සභාවො හෙතු. එවං යො කොචි උපනිස්සයො, සබ්බො සො පරික්ඛාරො. තෙනාහ ආයස්මා මහාකච්චායනො: “යෙ ධම්මා යං ධම්මං ජනයන්තී”ති.
Sinhala BJTතවද යම්පරිදි චක්‍ෂුරින්‍ද්‍රියය ද රූපාලම්බනයන් ද නිසා චක්‍ෂුර්විඥානය උපදී ද, එහි චක්‍ෂුරින්‍ද්‍රිය අධිපතිභාව (ඉන්‍ද්‍රිය) ප්‍රත්‍යයභාවයෙන් (චක්‍ෂුර්විඥානයට) ප්‍රත්‍යය වෙයි, රූපාලම්බනයෝ ආරම්මණප්‍රත්‍යයභාවයෙන් ප්‍රත්‍යය වෙයි, ආලෝකය උපනිශ්‍රය ප්‍රත්‍යයභාවයෙන් ප්‍රත්‍යය වෙයි, මනසිකාර සංඛ්‍යාත ක්‍රියාමනෝධාතුව (චක්‍ෂුර්විඥානය හා සමාන බැවින්) සභාව හේතු යි. කුශලාදි අභිසංස්කාරයෝ ප්‍රතිසන්‍ධිවිඥානයට ප්‍රත්‍යය වෙයි, (නාමස්කන්‍ධභාවයෙන් සමාන හෙයින්) සභාව හේතු යි. ප්‍රතිසන්‍ධිවිඥානය නාමරූපයට ප්‍රත්‍යය වෙයි, සමානභාවය හේතු යැ. නාමරූපය සළායතනට ප්‍රත්‍යය වෙයි, සභාව හේතු යැ, සළායතනය ඵස්සයට ප්‍රත්‍යය වෙයි, සභාව හේතු යැ. ඵස්සය වේදනාවට ප්‍රත්‍යය වෙයි, සභාව හේතු යැ. වේදනාව තණ්හාවට ප්‍රත්‍යය වෙයි, සභාව හේතු යැ. තණ්හාව උපාදානයට ප්‍රත්‍යය වෙයි, සභාව හේතු යැ. උපාදානය භවයට ප්‍රත්‍යය වෙයි, සභාව හේතු යැ. භවය ජාතියට ප්‍රත්‍යය වෙයි, සභාව හේතු යැ. ජාතිය ජරාමරණයට ප්‍රත්‍යය වෙයි, සභාව හේතු යැ. ජරාමරණය සෝකයට ප්‍රත්‍යය වෙයි, සභාව හේතු යැ. සෝකය පරිදේවයට ප්‍රත්‍යය වෙයි, සභාව හේතු යැ. පරිදේවය දුක්ඛයට ප්‍රත්‍යය වෙයි, සභාව හේතු යැ. දුක්ඛය දෝමනස්සයට ප්‍රත්‍යය වෙයි, සභාව හේතු යැ. දෝමනස්සය උපායාසයට ප්‍රතයය වෙයි, සභාව හේතු යි. මෙසේ යම් කිසි උපනිශ්‍රයප්‍රත්‍යයෙක් ඇද්ද එ හැම (ස්වකීය ඵලය පරිෂ්කරණ - අභිසංස්කරණ කරන හෙයින්) ‘පරික්ඛාර’ නම් වේ. එයින් වදාළහ, ආයුෂ්මත් මහාකාත්‍යායන මහරහතුන් වහන්සේ: “යෙ ධම්මා යං ධම්මං ජනයන්ති” යනාදිය.
Pali BJTනියුත්තො පරික්ඛාරො හාරො.
Sinhala BJTපරික්ඛාරහාරය යොදන ලද්දේ යි.
Pali BJT3. 1. 16.
Sinhala BJT3. 1. 16.
Pali BJTසමාරොපණහාරවිභඞ්ගො
Sinhala BJTසමාරෝපනහාරවිභඞ්ගය
Pali BJTතත්ථ කතමො සමාරොපණො හාරො: යෙ ධම්මා යම්මුලා යෙ චෙකත්ථා පකාසිතා මුනිනා”ති.
Sinhala BJTඒ සොළොස් හාරයන් කෙරෙහි සමාරෝපනහාරය කවරෙ යැ: “යෙ ධම්මා යම්මූලා යෙ චෙකත්ථා පකාසිතා මුනිනා” යනාදි නිද්දේසගාථා යැ.
Pali BJTඑකස්මිං පදට්ඨානෙ යත්තකානි පදට්ඨානානි ඔතරන්ති, සබ්බානි තානි සමාරොපයිතබ්බානි. යථා ආවත්තෙ හාරෙ බහුකානි පදට්ඨානානි ඔතරන්ති. තත්ථ සමාරොපණා චතුබ්බිධා: පදට්ඨානං වෙවචනං භාවනා පහානමිති.
Sinhala BJTපදට්ඨාන වූ (කාරණභූත) එක ධර්‍මයක් සූත්‍රයෙන් ගත්කල්හි යම් පමණ අන්‍යධර්‍මයන්ගේ පදට්ඨානයෝ ඒ ධර්‍මයෙහි බැසගෙන සිටිත් ද, ඒ සියලු ධර්‍මයෝ (නිර්ධාරණ වශයෙන්) එළවා දේශනායෙහි ආරෝපණ කළයුත්තාහුය. (දේශනාරූඪධර්‍මයන් මෙන් සලකා කියැයුත්තාහුය.) යම්සේ ආවර්‍තහාරයෙහි බොහෝ පදට්ඨානධර්‍මයෝ බැසගනිත් ද එමෙනි. එහි සමාරෝපනය චතුර්විධ යැ: පදට්ඨාන යැ වෙවචන යැ භාවනා යැ පහාන යැ’ යි. (මෙහි පදට්ඨාන වෙවචනයෝ කුමක් හෙයින් ගන්නා ලද්දාහු ද පදට්ඨාන වෙවචනහාර දෙකෙහි එය විභාග කරනලද නො වේ ද යත්: මෙහි භාවනා ප්‍රහාණ දෙදෙනාගේ අධිට්ඨාන විෂය දැක්වීම පිණිස ද ඔවුන්ගේ අධිවචන විභාග දැක්වීම පිණිස ද ගන්නා ලදැයි දත යුතු.)
Pali BJTතත්ථ කතමා පදට්ඨානෙන සමාරොපණා:
Sinhala BJTඑහි පදට්ඨාන වශයෙන් සමාරෝපණා කවරැ යත්:
Pali BJT1. “සබ්බපාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා, සචිත්තපරියොදපනං එතං පුද්දාන සාසන”න්ති.
Sinhala BJT1. ‘කායදුශ්චරිතාදි සියලු අකුශලය නො කිරීම යැ චාතුර්භූමක කුශලයාගේ ප්‍රතිලාභය යැ රහත් මගින් ස්වකීය චිත්තයාගේ ව්‍යවදාන (පිරිසිදු කිරීම) යැ යන තෙල බුදුවරයන්ගේ ශාසන යැ - අවවාද යැ’ යි.
Pali BJTතස්ස කිං පදට්ඨානං: තීඨි සුචරිතානි කායාසුචරිතං වචීසුචරිතං මනොසුචරිතං. ඉදං පදට්ඨානං. තත්ථ යං කායිකං වාචසිකං ච සුචරිතං, අයං සීලක්ඛන්ධා. මනොසුචරිතෙ යා අනභිජ්ඣා. අබ්යාපාදො ච, අයං සමාධික්ඛන්ධො. යා සම්මාදිට්ඨි, අයං පඤ්ඤාක්ඛන්ධො ඉදං පදට්ඨානං. තත්ථ සීලක්ඛන්ධො සමාධික්ඛන්ධො ච සමථො, පඤ්ඤාක්ඛන්ධො විපස්සනා. ඉදං පදට්ඨානං. තත්ථ සමථස්ස ඵලං රාගවිරාගා චෙතොවිමුත්ති. විපස්සනාය ඵලං අවිජ්ජාවිරාගා පඤ්ඤාවිමුත්ති. ඉදං පදට්ඨානං.
Sinhala BJTඒ බුද්ධශාසනයට කුමක් පදට්ඨාන වෙයි යත්: කායසුචරිත යැ වචීසුචරිත යැ මනෝසුචරිත යැ යන තුන් සුචරිතයෝ යැ, මේ පදට්ඨාන යි. එහි කායික වූ ද වාචසික වූ ද යම් සුචරිතයෙක් ඇද්ද මේ ශීලස්කන්‍ධ යැ. මනෝසුචරිතයෙහි අනභිධ්‍යාව ද අව්‍යාපාදය ද යන මේ සමාධිස්කන්‍ධ යැ. යම් සම්‍යග්දෘෂ්ටියක් ඇද්ද මේ ප්‍රඥාස්කන්‍ධ යැ. මේ ශාසනයට පදට්ඨාන යි. එහි ශීලස්කන්‍ධය ද සමාධිස්කන්‍ධය ද සමථ යැ, ප්‍රඥාස්කන්‍ධය විදර්‍ශනා යැ, මේ (සමථවිපස්සනාවනට) පදට්ඨාන යි. එහි ශමථයාගේ ඵලය රාගවිරාග චේතෝවිමුත්ති යැ, විදර්‍ශනාඵලය අවිජ්ජාවිරාග පඤ්ඤාවිමුත්ති යැ, මේ (විමුත්ති) පදට්ඨාන යි.
Pali BJTවනං වනථස්ස පදට්ඨානං. කිඤ්ච වනං, කො ච වනථො: වනං නාම පඤ්ච කාමගුණා, තණ්හා වනථො. ඉදං පදට්ඨානං. වනං නාම නිමිත්තග්ගාහො ඉත්ථීති වා පුරිසොති වා, වනථො නාම තෙසං තෙසං අඞ්ගපච්චඞ්ගානං අනුබ්යඤ්ජනග්ගාහො: අහො චක්ඛු අහො සොතං අහො ඝානං අහො ජිව්හා අහො කායො ඉති, ඉදං පදට්ඨානං. වනං නාම ච අජ්ඣත්තිකබාහිරානි ආයතනානි අපරිඤ්ඤාතානි. යං තදුභයං පටිච්ච උප්පජ්ජති සංයොජනා, අයං වනථො. ඉදං පදට්ඨානං. වනං නාම අනුසයො, වනථො නාම පරියුට්ඨානං. ඉදං පදට්ඨානං. තෙනාහ භගවා: “ඡෙත්වා වනං ච වනථං චා”ති. අයං පදට්ඨානෙන සමාරොපනා.
Sinhala BJTකාමගුණ සංඛ්‍යාත වනය කාමතණ්හා සංඛ්‍යාත වනථයට පදට්ඨාන යැ, වනය කිමැ වනථය කවරෙ යැ යත්: ‘වන’ නම් පඤ්ච කාමගුණයෝ යැ, තෘෂ්ණාව ‘වනථ’ යැ, මේ පදට්ඨාන යි. ‘වන’ නම් ස්ත්‍රී යැ හෝ පුරුෂ යැ හෝ යි නිමිතිවශයෙන් ගැනීම යැ. ‘වනථ’ නම් ඒ ඒ අඞ්ගප්‍රත්‍යඞ්ගයන්ගේ අනුව්‍යඤ්ජන වශයෙන් ගැනීම යැ: ඇස මැනවැ කන මැනවැ නැහැය මැනව දිව මැනවැ’ යි. මේ පදට්ඨාන යි. යළි ‘වන’ නම් අභිසමය විසින් අපරිඥාත වූ ආධ්‍යාත්මික බාහිරෂඩායතනයෝ යැ, ඒ උභය ආයතනය නිසා යම් සංයෝජනයෙක් උපදී ද මේ ‘වනථ’ නම, මේ (සංයෝජනයන්ට) පදට්ඨාන යි. එයින් වදාළහ, බුදුහු: “ඡෙත්‍වා වනං ච වනථං ච” යී. මේ පදට්ඨානයෙන් සමාරෝපණා යි.
Pali BJTතත්ථ කතමා වෙවචනෙන සමාරොපණා: රාගවිරාගා චෙතොවිමුත්ති සෙඛඵලං, අවිජ්ජාවිරාගා පඤ්ඤාවිමුත්ති අසෙඛඵලං ඉදං වෙවචනං. රාගවිරාගා චෙතොවිමුත්ති අනාගාමිඵලං, අවිජ්ජාවිරාගා පඤ්ඤාවිමුත්ති අග්ගඵලං අරහත්තං. ඉදං වෙවචනං. රාගවිරාගා චෙතොවිමුත්ති කාමධාතුසමතික්කමනං, අවිජ්ජාවිරාගා පඤ්ඤාවිමුත්ති තෙධාතුකසමතික්කමනං, ඉදං වෙවචනං. පඤ්ඤින්ද්රියං පඤ්ඤාබලං අධිපඤ්ඤාසික්ඛා පඤ්ඤාක්ඛන්ධො ධම්මවිචයසම්බොජ්ඣඞ්ගො උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගො ඤාණං සම්මාදිට්ඨි තීරණා සන්තීරණා හිරි විපස්සනා ධම්මෙ ඤාණං. සබ්බං ඉදං වෙවචනං. අයං වෙවචනෙන සමාරොපණා.
Sinhala BJTඑහි වෙවචනයෙන් සමාරෝපණා කවරැ යත්: රාගවිරාග චේතෝවිමුත්ති යැ සේඛඵල යැ (යනු අනාගාමිඵලයට ද) අවිජ්ජාවිරාග පඤ්ඤාවිමුත්ති යැ අසෙඛඵල යැ (යනු රහත්ඵලයට ද) මේ වෙවචන යි. රාගවිරාග චේතෝවිමුත්ති යැ අනාගාමිඵල යැ (යනු ද) අවිජ්ජාවිරාග පඤ්ඤාවිමුත්ති යැ අග්ගඵල යැ අරහත්ත යැ (යනු ද පිළිවෙළින් අනාගාමිඵල රහත්ඵලයනට) මේ වෙවචන යි. රාගවිරාග චේතෝවිමුත්ති යැ කාමධාතු සමතික්කමන යැ (යනු ද) අවිජ්ජාවිරාග පඤ්ඤාවිමුත්ති යැ තෙධාතුකසමතික්ක මන යැ (යනු ද තතිය චතුත්‍ථ ඵලයනට) මේ වෙවචන යි. පඤ්ඤින්‍ද්‍රිය යැ පඤ්ඤාබල යැ අධිපඤ්ඤාසික්ඛා යැ පඤ්ඤාක්ඛන්‍ධ යැ ධම්මවිචයසම්බොජ්ඣඞ්ග යැ උපෙක්ඛාසම්බොජ්ඣඞ්ග යැ ඤාණ යැ සම්මාදිට්ඨි යැ තීරණ යැ සන්තීරණ යැ හිරිය විපස්සනා යැ ධම්මේඤාණ යැ යන මේ සියල්ල පඤ්ඤාවෙවචන යි. මේ වෙවචනයෙන් සමාරෝපණා යි.
Pali BJTතත්ථ කතමා භාවනාය සමාරොපණා: යථාහ භගවා “තස්මාතිහ ත්වං භික්ඛූ කායෙ කායානුපස්සී විහරාහි ආතාපි සම්පජානො සතිමා විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං”. ‘ආතාපී’ති විරියින්ද්රියං; ‘සම්පජානො’ති පඤ්ඤින්ද්රියං; “සතිමා’ති සතින්ද්රියං; ‘විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්ස’න්ති සමාධින්ද්රියං. එවං කායෙ කායානුපස්සිනො විහරතො චත්තාරො සතිපට්ඨානා භාවනා පාරිපූරිං ගච්ඡන්ති. කෙන කාරණෙන; එකලක්ඛණත්තා චතුන්නං ඉන්ද්රියානං, චතුසු සතිපට්ඨානෙසු භාවියමානෙසු චත්තාරො සම්මප්පධානා භාවනා පාරිපූරිං ගච්ඡන්ති. චතුසු සම්මප්පධානෙසු භාවියමානෙසු චත්තාරො ඉද්ධිපාදා භාවනා පාරිපූරිං ගච්ඡන්ති. චතුසු ඉද්ධිපාදෙසු භාවියමානෙසු පඤ්චින්ද්රියානි භාවනා පාරිපූරිං ගච්ඡන්ති. (එවං සබ්බෙ) කෙන කාරණෙන: සබ්බෙ හි බොධඞ්ගමා ධම්මා බොධිපක්ඛියා නීයානිකලක්ඛණෙන එකලක්ඛණා. තෙ එකලක්ඛණත්තා භාවනා පාරිපූරිං ගච්ඡන්ති. අයං භාවනාය සමාරොපණා.
Sinhala BJTඑහි භාවනායෙන් සමාරෝපණා කවරෙ යැ: මෙසේ වදාළහ, බුදුහු : “එහෙයින් මහණ තෙපි කයෙහි කය අනුව දක්නේ ආතාපන වීර්‍ය්‍යඇති ව සම්‍යග්ඥාන ඇති ව සිහි ඇතිව කායලෝකයෙහි අභිධ්‍යා දෞර්‍මනස්‍ය දුරු කොට වාසය කරව” යි. ආතාපී යනු වීර්‍ය්‍යෙන්‍ද්‍රිය යැ, සම්පජානෝ යනු ප්‍රඥේන්‍ද්‍රිය යැ, සතිමා යනු ස්මෘතීන්‍ද්‍රිය යැ, විනෙය්‍ය ලෝකේ අභිජ්ඣාදෝමනස්සං යනු සමාධීන්‍ද්‍රිය යි. මෙසේ කයෙහි කායානු දර්ශීව වාස කරනුවහුට සතර සීවටන්හු වැඩීමෙන් පිරීමට යෙති. කවර කරුණින යත්: සතර ඉන්‍ද්‍රියයන් සමාන ලක්‍ෂණ ඇති බැවිනි. සතර සීවටන් වැඩෙන කල්හි සතර සම්‍යක්ප්‍රධානයෝ භාවනායෙන් පිරීමට යෙති, සතර සම්‍යක්ප්‍රධානයන් වැඩෙන කල්හි සතර ඍද්ධිපාදයෝ භාවනායෙන් පිරීමට යෙති, සතර ඍද්ධිපාදයන් වැඩෙන කල්හි පඤ්චේන්‍ද්‍රියයෝ භාවනායෙන් පිරීමට යෙති. (සියල්ල මෙසේ කියැයුතු) කවර කරුණින යත්: යම් හෙයෙකින් බෝධ සංඛ්‍යාත ආර්‍ය්‍යමාර්‍ගයට යන බෝධිපක්‍ෂයෙහි වු සියලු ධර්‍මයෝ නෛර්‍ය්‍යාණිකලක්‍ෂණයෙන් සමානලක්‍ෂණ ඇත්තාහු ද එහෙයිනි. ඔහු සමානලක්‍ෂණ ඇතිහෙයින් භාවනායෙන් පාරිපූරියට යෙත්. මේ භාවනා සමාරෝපණා යි.
Pali BJTතත්ථ කතමා පහානෙන සමාරොපණා: කායෙ කායානුපස්සී විහරන්තො අසුභෙ සුභන්ති විපල්ලාසං පජහති. කබළිඞ්කාරො චස්ස ආහාරො පරිඤ්ඤං ගච්ඡති. කාමූපාදානෙන ච අනුපාදානො භවති. කාමයොගෙන ච විසංයුත්තො භවති. අභිජ්ඣාකායගන්ථෙන ච විප්පයුජ්ජති, කාමාසවෙන ච අනාසවො භවති. කාමොඝඤ්ච උත්තිණ්ණො භවති. රාගසල්ලෙන ච විසල්ලො භවති. රූපුපිකා චස්ස විඤ්ඤාණට්ඨිති පරිඤ්ඤං ගච්ඡති. රූපධාතුයා චස්ස රාගො පහීනො භවති. න ච ඡන්දා අගතිං ගච්ඡති.
Sinhala BJTඑහි ප්‍රහාණයෙන් සමාරෝපණා කවරැ යත්: කයෙහි කායානුදර්ශීව වාසය කරනුයේ ‘අශුභයෙහි ශුභ යැ’ යන විපර්‍ය්‍යාසය දුරුකෙරෙයි, ඔහුට කවලීකාරාහාරය ද පරිඥාභි සමයට පැමිණෙයි, කාමෝපාදානයෙනුදු උපාදාන රහිත වෙයි, කාමයෝගයෙනුදු විසංයුක්ත වෙයි, අභිධ්‍යාකායග්‍රන්‍ථයෙනුදු වෙන් වෙයි, කාමාස්‍රවයෙනුදු අනාස්‍රව වෙයි, කාමෝඝය ද උත්තරණය කෙළේ වෙයි, රාගශල්‍යයෙනුදු විශල්‍ය වෙයි, ඔහුට රූපය අරමුණු කිරීම් වශයෙන් පැමිණියයුතු විඥානස්ථිතිය ද පරිඥානයට යෙයි, ඔහුට රූපධාතුයෙහි රාගය ද ප්‍රහීණ වෙයි, නො ද ඡන්‍දයෙන් අගතියට යෙයි.
Pali BJTවෙදනාසු වෙදනානුපස්සී විහරන්තො දුක්ඛෙ සුඛන්ති විපල්ලාසං පජහති. ඵස්සො චස්ස ආහාරො පරිඤ්ඤං ගච්ඡති භවූපාදානෙන ච අනුපාදානො භවති. භවයොගෙන ච විප්පයුත්තො භවති. බ්යාපාදකායගන්ථෙන ච විප්පයුජ්ජති. භවාසවෙන ච අනාසවො භවති. භවොඝඤ්ච උත්තිණ්ණො භවති දොසසල්ලෙන ච විසල්ලො භවති. වෙදනූපිකා චස්ස විඤ්ඤාණට්ඨිති පරිඤ්ඤං ගච්ඡති. වෙදනාධාතුයා චස්ස රාගො පහීනො භවති. න ච දොසා අගතිං ගච්ඡති.
Sinhala BJTවේදනායෙහි වේදනානුදර්ශීව වාසය කරනුයේ දුඃඛයෙහි සුඛ යැ යන විපර්‍ය්‍යාසග්‍රණය දුරුකෙරෙයි, ඔහුට ඵස්සාහරය ද පරිඥාවට යෙයි, භවෝපාදානයෙන් ද අනුපාදාන වෙයි, භවයෝගයෙනුදු විප්‍රයුක්ත වෙයි, ව්‍යාපාදකායග්‍රන්‍ථයෙනුදු විප්‍රයුක්ත වෙයි, භවාස්‍රවයෙනුදු ආස්‍රව රහිත වෙයි, භවෝඝය ද උත්තීර්‍ණ වූයේ වෙයි, ද්වේෂශල්‍යයෙනුදු විගතශල්‍ය වෙයි, ඔහුට වේදනූපග විඥානස්ථිතිය ද පරිඥාභිසමයට යෙයි, වේදනාධාතුයෙනුදු ඔහුගේ රාගය ප්‍රහීණ වෙයි, නො ද ද්වේෂයෙන් අගතියට යෙයි.
Pali BJTචිත්තෙ චිත්තානුපස්සී විහරන්තො අනිච්චෙ නිච්චන්ති විපල්ලාසං පජහති. විඤ්ඤාණං චස්ස ආහාරො පරිඤ්ඤං ගච්ඡති. දිට්ඨුපාදානෙන ච අනුපාදානො භවති. දිට්ඨියොගෙන ච විප්පයුත්තො භවති. සීලබ්බතපරාමාසකායගන්ථෙන ච විප්පයුජ්ජති. දිට්ඨාසවෙන ච අනාසවො භවති. දිට්ඨොඝඤ්ච උත්තිණ්ණො භවති. මානසල්ලෙන ච විසල්ලො භවති. සඤ්ඤූපිකා චස්ස විඤ්ඤාණට්ඨිති පරිඤ්ඤං ගච්ඡති. සඤ්ඤාධාතුයා චස්ස රාගො පහීනො භවති, න ච භයා අගතිං ගච්ඡති.
Sinhala BJTචිත්තයෙහි චිත්තානුදර්ශීව වාසය කරනුයේ අනිත්‍යයෙහි නිත්‍ය යැ යන විපර්‍ය්‍යාසය දුරුකෙරෙයි, ඔහුට විඥානාහාරය ද පරිඥාභිසමයට යෙයි, දෘෂ්ටි - උපාදානයෙනුදු උපාදාන රහිත වෙයි, දෘෂ්ටියෝගයෙනුදු විප්‍රයුක්ත වෙයි, ශීලව්‍රතපරාමර්‍ශකායග්‍රන්‍ථයෙනුදු විප්‍රයුක්ත වෙයි, දෘෂ්ට්‍යාස්‍රවයෙනුදු අනාස්‍රව වෙයි, දෘෂ්ටි - ඕඝය ද උත්තීර්‍ණ වෙයි, මානශල්‍යයෙනුදු විශල්‍ය වෙයි, ඔහුට සඤ්ඤෑපග විඥානස්ථිතිය ද පරිඥාභිසමයට යෙයි, සංඥාධාතුයෙනුදු ඔහුගේ රාගය ප්‍රහීණ වෙයි, නො ද භයහේතුයෙන් අගතියට යෙයි.
Pali BJTධම්මෙසු ධම්මානුපස්සී විහරන්තො අනත්තනියෙ අත්තාති විපල්ලාසං පජහති. මනොසඤ්චෙතනා චස්ස ආහාරො පරිඤ්ඤං ගච්ඡති. අත්තවාදූපාදානෙන ච අනුපාදානො භවති අවිජ්ජා යොගෙන ච විසංයුත්තො භවති. ඉදංසච්චාභිනිවෙස කායගන්ථෙන ච විප්පයුජ්ජති අවිජ්ජාසවෙන ච අනාසවො භවති. අවිජ්ජොඝඤ්ච උත්තිණ්ණො භවති. මොහසල්ලෙන ච විසල්ලො භවති. සඞ්ඛාරූපිකා චස්ස විඤ්ඤාණට්ඨිති පරිඤ්ඤං ගච්ඡති. සඞ්ඛාරධාතුයා චස්ස රාගො පහීනො භවති. න ච මොහා අගතිං ගච්ඡති. අයං පහානෙන සමාරොපණා තෙනාහ ආයස්මා මහාකච්චායනො:
Sinhala BJTස්කන්‍ධාදි ධර්‍මයන්හි ධර්‍මානුදර්ශීව වාසය කරනුයේ ආත්ම නොවූයෙහි ආත්ම යැ යන විපර්‍ය්‍යාසය දුරුකෙරෙයි, ඔහුට මනෝසඤ්චේතනාහාරය ද පරිඥාභිසමයට යෙයි, ආත්මවාදෝපාදානයෙනුදු අනුපාදාන වෙයි, අවිද්‍යායෝගයෙනුදු විසංයුක්ත වෙයි, ඉදම්සත්‍යාභිනිවේශකායග්‍රන්‍ථයෙනුදු විප්‍රයුක්ත වෙයි, අවිද්‍යාස්‍රවයෙනුදු අනාස්‍රව වෙයි, අවිද්‍යෝඝය ද උත්තීර්‍ණ වෙයි, මෝහශල්‍යයෙනුදු විශල්‍ය වෙයි, ඔහුට සංස්කාරූපග විඥානස්ථිතිය ද පරිඥාභිසමයට යෙයි. සංස්කාරධාතුයෙනුදු ඔහුගේ රාගය ප්‍රහීණ වෙයි, නො ද මෝහයෙන් අගතියට යෙයි. මේ ප්‍රහාණයෙන් සමාරෝපණා යි. එයින් වදාළහ, ආයුෂ්මත් මහාකාත්‍යායන මහරහතුන් වහන්සේ:
Pali BJT“යෙ ධම්මා යංමූලා යෙ චෙකත්ථා පකාසිතා මුනිනා, තෙ සමරොපයිතබ්බා එස සමාරොපනො හාරො”ති.
Sinhala BJT“යෙ ධම්මා යම්මූලා - යෙ වෙකත්‍ථා පකාසිතා මුනිනා, තෙ සමරෝපයිතබ්බා එස සමාරොපණො හාරො” යි
Pali BJTනියුත්තො සමාරොපණො හාරො
Sinhala BJTසමාරෝපණහාරය යොදනලද්දේ යි.
Pali BJTනිට්ඨිතො ව හාරවිභඞ්ගො
Sinhala BJTSegment missing in this edition
Pali BJTහාරසම්පාතො
Sinhala BJTසම්පාත
Pali BJT3. 2. 1.
Sinhala BJT3. 2. 1.
Pali BJTදෙසනාහාරසම්පාතො
Sinhala BJTදේසනාහාරසම්පාතය
Pali BJT1. “සොළස හාරා පඨමං දිසලොචනෙන දිසා විලොකෙත්වා, සංඛිපිය අඞ්කුසෙන හි නයෙහි තීහි නිද්දිසෙ සුත්තන්ති.
Sinhala BJT1. පළමු කොට (බ්‍යඤ්ජනපර්‍ය්‍යෙෂණ හෙයින්) සොළස හාරයෝ යුත්තාහ. දිසාලෝචන නයින් ප්‍රථමදිශාදිය අවලෝකන කොට අඞ්කුසනයින් දිශාභූත ධර්‍මයන් සූත්‍රයෙන් නිර්ධාරණ කොට නන්‍දියාවත්තාදි අර්‍ත්‍ථනයත්‍රයෙන් සූත්‍රය වර්‍ණනා කරන්නේ යි.
Pali BJTවුත්තා තස්සා නිද්දෙසො කුහිං දට්ඨබ්බො: භාරසම්පාතෙ. තත්ථ කතමො දෙසනාහාරසම්පාතො:
Sinhala BJTමේ ගාථාව උද්දේසයෙහි ලා වදාරනලද්දී ය. ඒ ගාථායෙහි නිද්දේසය කොහි දී දැක්කයුත්තේ යැ යත් : හාරසම්පාතයෙහි දැක්කයුතු. (හාරවිභඞ්ගවාරයෙහි නොයෙක් සූත්‍රප්‍රදේශයන්ගෙන් ඒ ඒ හාරයන්ගේ විභාගය දක්වනලද්දේ ය. සූත්‍රයන්හි හාරයන්ගේ යෝජනාක්‍රමය දැක්වීම හාරසම්පාතවාරයෙහි ස්වරූපය යි.) එහි දේසනාහාරසම්පාතය කවරෙ යැ :
Pali BJT2. “අරක්ඛිතෙන චිත්තෙන{1} මිච්ඡාදිට්ඨිහතෙන ච, ථීනමිද්ධාභිභූතෙන වසං මාරස්ස ගච්ඡතී”ති.
Sinhala BJT2. ස්මෘතිආරක්‍ෂාභාවයෙන් අගුප්ත වූ ශාශ්වතාදි මිත්‍යාභිනිවේශයෙන් දූෂිත වූ චිත්තචෛතසිකයන්ගේ අකල්‍යතාලක්‍ෂණ ථීන - මිද්ධ දෙකින් මඩනාලද ෂඩ්විඥානකාය සංඛ්‍යාත චිත්තය හේතු කොටගෙන ක්ලේශාදි සියලු මාරයාගේ වසයට (යථාකාමකරණියවබට) පැමිණේ ය’ යි.
Pali BJT‘අරක්ඛිතෙන චිත්තෙනා’ති කිං දෙසයති; පමාදං. තං මච්චුනො පදං. ‘මිච්ඡදිට්ඨිහතෙන චා’ති මිච්ඡාදිට්ඨිහතං නාම පවුච්චති යදා අනිච්චෙ නිච්චන්ති පස්සති. සො විපල්ලාසො. සො පන විපල්ලාසො කිං ලක්ඛණො: විපරීතගාහලක්ඛණො විපල්ලාසො. සො කිං විපල්ලාසයති: තයො ධම්මෙ, සඤ්ඤං චිත්තං දිට්ඨිමිති. සො කුහිං විපල්ලාසයති: චතුසුඅත්තභාවවත්ථූසු - රූපං අත්තතො සමනුපස්සති රූපවන්තං වා අත්තානං අත්තනි වා රූපං රූපස්මිං වා අත්තානං, එවං වෙදනං -පෙ- සඤ්ඤං -පෙ- සඞ්ඛාරෙ -පෙ- විඤ්ඤාණං අත්තතො සමනුපස්සති
Sinhala BJTඅරක්ඛිතෙන චිත්තේන’ යි කුමක් දෙසනසේක් ද යත් : ප්‍රමාදය යි, ඒ ප්‍රමාදය (ගුණ මරණහෙයින්) මෘත්‍යුමාරයාගේ වසයට කාරණ වෙයි. මිච්ඡාදිට්ඨිහතෙන ච යනු යම් කලෙක අනිත්‍යයෙහි නිත්‍ය යයි දකී ද එකල මිසදිටුයෙන් දූෂිත නමැයි කියනු ලැබේ. ඒ නිත්‍යදර්‍ශනය විපර්‍ය්‍යාසග්‍රාහ යැ. ඒ විපල්ලාසය වැලිත් කුමක් ලක්‍ෂණ කොට ඇත්තේ යැ යත් : විපල්ලාසය විපරීතව ගැනීම ලක්‍ෂණ කොට ඇත්තේ යැ. ඒ විපරීත ග්‍රාහය කුමක් විපර්‍ය්‍යස්ත කෙරෙයි යත් : සංඥා යැ චිත්ත යැ දෘෂ්ටි යැ යන තුන් ධර්‍මයන් විපර්‍ය්‍යස්ත කෙරෙයි. හේ කොහි විපර්‍ය්‍යස්ත කෙරෙයි යත් : (පඤ්චස්කන්‍ධ සංඛ්‍යාත) ආත්මභාවවස්තු සතරෙහි යැ - රූපය ආත්මහෙයින් දෘෂ්ටිවශයෙන් දකී, (ගිනිසිළත් එලියත් මෙන් රූප - ආත්ම නොවෙන් ගැනීමෙනි.) ආත්මය රූපවත් යයි හෝ දකී, (රුකෙහි සෙවණ මෙන් අරූපය ආත්ම යයි ගැනීමෙනි.) ආත්මයෙහි රූපය ඇතැයි හෝ දකී, (මලෙහි සුවඳ මෙන් අරූපය මැ ආත්මය යි ගැනීමෙනි) රූපයෙහි ආත්මය ඇතැයි හෝ දකී. (කරඬුයෙහි මැණික මෙන් අරූපය මැ ආත්මයයි ගැනීමෙනි.) මෙසේ වේදනාව … සංඥාව … සංස්කාරයන් … විඥානය ආත්ම විසින් දකී,
Pali BJTවිඤ්ඤාණවන්තං වා අත්තානං අත්තනි වා විඤ්ඤාණං විඤ්ඤාණස්මිංවා අත්තානං. තත්ථ රූපං පඨමං විපල්ලාසවත්ථු: අසුභෙ සුභන්ති, වෙදනා දුතියං විපල්ලාසවත්ථු: දුක්ඛෙ සුඛන්ති, සඤ්ඤා සඞ්ඛාරා ච තතියං විපල්ලාසවත්ථු: අනත්තනි අත්තාති, විඤ්ඤාණං චතුත්ථං විපල්ලාසවත්ථු: අනිච්චෙ නිච්චන්ති.
Sinhala BJTආත්මය විඥානවත් යයි හෝ ආත්මයෙහි විඥානය ඇතැයි හෝ විඥානයෙහි ආත්මය ඇතැයි හෝ දෘෂ්ටිවශයෙන් දකී. එහි රූපය ‘අශුභයෙහි ශුභ යැ’ යන පළමුවන විපර්‍ය්‍යාසවස්තු යැ, වේදනාව ‘දුඃඛයෙහි සුඛ යැ’ යන දෙවැනි විපර්‍ය්‍යාසවස්තු යැ, සංඥාව ද සංස්කාරයෝ ද ‘අනාත්මයෙහි ආත්ම යැ’ යන තුන්වැනි විපර්‍ය්‍යාසවස්තු යැ, විඥානය ‘අනිත්‍යයෙහි නිත්‍ය යැ’ යන සිවුවැනි විපර්‍ය්‍යාසවස්තු යි.
Pali BJTද්වෙ ධම්මා චිත්තස්ස සංකිලොසා: තණ්හා ච අවිජ්ජා ච. තණ්හා නිවුතං විත්තං ද්වීහි විපල්ලාසෙහි විපල්ලාසීයති: අසුභෙ සුභන්ති දුක්ඛෙ සුඛන්ති. දිට්ඨිනිවුතං චිත්තං ද්වීහි විපල්ලාසෙහි විපල්ලාසීයති: අනිච්චෙ නිච්චන්ති අනත්තනියෙ අත්තාති. තත්ථ යො දිට්ඨිවිපල්ලාසො සො අතීතං රූපං අත්තතො සමනුපස්සති, අතීතං වෙදනං -පෙ- අතීතං සඤ්ඤං -පෙ- අතීතෙ සඞ්ඛාරෙ -පෙ- අතීතං විඤ්ඤාණං අත්තතො සමනුපස්සති. තත්ථ යො තණ්හාවිපල්ලාසො සො අනාගතං රූපං අභිනන්දති, අනාගතං වෙදනං - අනාගතං සඤ්ඤං - අනාගතෙ සඞ්ඛාරෙ - අනාගතං විඤ්ඤාණං අභිනන්දති, ද්වෙ ධම්මා චිත්තස්ස උපක්කිලෙසා: තණ්හා ච අවිජ්ජා ච. තාහි විසුජ්ඣන්තං චිත්තං විසුජ්ඣති. තෙසං අවිජ්ජානීවරණානං තණ්හාසංයොජනානං පුබ්බා කොටි න පඤ්ඤායති. සන්ධාවන්තානං සංසරන්තානං සකිං නිරයං සකිං තිරච්ඡානයොනිං සකිං පෙත්තිවිසයං සකිං අසුරකායං සකිං දෙවෙ සකිං මනුස්සෙ.
Sinhala BJTතෘෂ්ණාව ද අවිද්‍යාව ද යන ධර්‍මයෝ දෙදෙන චිත්තයම සංක්ලේශයෝ යැ, තෘෂ්ණායෙන් වැසුණු සිත ‘අශුභයෙහි ශුභ යැ, දුඃඛයෙහි සුඛ යැ, යන විපර්‍ය්‍යාස දෙකින් විපර්‍ය්‍යස්ත කෙරෙයි. දෘෂ්ටියෙන් වැසුණු සිත ‘අනිත්‍යයෙහි නිත්‍ය යැ අනාත්මයෙහි ආත්ම යැ’ යන විපර්‍ය්‍යාස දෙකින් විපර්‍ය්‍යස්ත කෙරෙයි. එහි යම් දිට්ඨිවිපල්ලාසයෙක් ඇද්ද එය අතීතරූපය ආත්ම විසින් දකී, අතීත වේදනාව … අතීත සංඥාව … අතීත සංස්කාරයන් … අතීත විඥානය ආත්ම විසින් දකී. එහි යම් තණ්හාවිපල්ලාසයෙක් ඇද්ද එය අනාගත රූපය සප්‍රීතික තෘෂ්ණාවෙන් සතුටු වෙයි, අනාගත වේදනාව … අනාගත සංඥාව … අනාගත සංස්කාරයන් … අනාගත විඥානය කැමැතිවෙයි. තෘෂ්ණාව ද අවිද්‍යාව ද යන ධර්‍මයෝ දෙදෙන සිතට උපක්ලේශ වෙති. ඒ තෘෂ්ණා අවිද්‍යා දෙකින් විශුද්ධ වන සිත සියලු කෙලෙසුන්ගෙන් විශුද්ධ වෙයි. අවිජ්ජානීවරණ ඇති තණ්හා සංයෝජන ඇති (සිත නොරක්නාලද මිසදිටුයෙන් දූෂිත වූ) ඒ සත්ත්‍වයන්ගේ වරක් නිරයෙහි වරක් තිරිසන්යොන්හි වරක් ප්‍රේත්‍යවිෂයෙහි වරක් අසුරකායයෙහි වරක් දෙව්ලොවැ වරක් මිනිස්ලොවැ සංධාවන සංසරණ කරනුවන්ගේ සසරැ පුර්‍වකෝටිය නො පැනේ.
Pali BJT‘ථීනමිද්ධාභිභූතෙනා’ති ථීනං{1} නාම යා චිත්තස්ස අකල්ලතා අකම්මනියතා, මිද්ධං නාම යං කායස්ස ලීනත්තං. “වසං මාරස්ස ගච්ඡතී”ති කිලෙසමාරස්ස ච සත්තමාරස්ස ච වසං ගච්ඡති සො හි නිවුතො සංසාරාභිමුඛො හොති. ඉමානි භගවතා ද්වෙ සච්චානි දෙසිතානි: දුක්ඛං සමුදයො ච. තෙසං භගවා පරිඤ්ඤාය ච පහානාය ච ධම්මං දෙසෙති: දුක්ඛස්ස පරිඤ්ඤාය සමුදයස්ස පහානාය. යෙන ච පරිජානාති යෙන ච පජහති, අයං මග්ගො. යං තණ්හාය අවිජ්ජාය ච පහානං. අයං නිරොධො, ඉමානි චත්තාරි සච්චානි. තොනාහ භගවා: “අරක්ඛිතෙන චිත්තෙනා”ති තෙනහායස්මා මහාකච්චානො: “අස්සාදාදීනවතා”ති.
Sinhala BJTථීනමිද්ධාභිභූතෙන යනු ථීන නම් : චිත්තයාගේ යම් අකල්‍යබවක් අකර්‍මණ්‍යබවක් ඇද්ද එයයි. මිද්ධ නම් : කායයාගේ යම් හැකිලුණුබවක් ඇද්ද එය යි. වසං මාරස්ස ගච්ඡති යනු ක්ලේශමාරයාගේ ද සත්ත්‍වමාරයාගේ ද වසයට පැමිණෙයි. යම් හෙයකින් හේ තෘෂ්ණාදෘෂ්ටීන් වැසුණේ සසරට අභිමුඛ වූයේ ද එහෙයිනි. භාග්‍යවතුන් විසින් දුක්ඛසත්‍යය ද සමුදයසත්‍යය ද යන මේ සත්‍යයෝ දෙදෙන දේශනා කරනලද්දාහුය. බුදුහු ඒ සත්‍යද්වයාගේ පරිඥාව පිණිස ද ප්‍රහාණය පිණිස ද දහම් දෙසනසේක. දුක්ඛයාගේ පරිඥානය පිණිස යැ සමුදයයාගේ ප්‍රහාණය පිණිස යි. යමකින් පරිඥානය කෙරේ ද යමකින් ප්‍රහාණය කෙරේ ද මේ මාර්‍ග යැ. තෘෂ්ණාවගේත් අවිද්‍යාවගේත් යම් ප්‍රහාණයෙක් ඇද්ද මේ නිරෝධ යි. මේ චතුස්සත්‍යයෝ යි. එයින් වදාළහ, බුදුහු : “අරක්ඛිතෙන චිත්තේන” යනාදිය. එයින් වදාළහ. ආයුෂ්මත් මහාකාත්‍යායන මහරහතුන් වහන්සේ “අස්සාදාදීනවතා” යනාදිය.
Pali BJTනියුත්තො දෙසනාහාරසම්පාතො
Sinhala BJTදේසනාහාර සම්පාතය යොදන ලද්දේ යි.
Pali BJT3. 2. 2.
Sinhala BJT3. 2. 2.
Pali BJTවිචයහාරසම්පාතො.
Sinhala BJTවිචයහාරසම්පාතය
Pali BJTතත්ථ කතමො විචයහාරසම්පාතො: තත්ථ තණ්හා දුවිධා: කුසලාපි අකුසලාපි. අකුසලා සංසාරගාමිනී, කුසලා අපචයගාමිනී පහානතණ්හා. මානොපි දුවිධො: කුසලොපි අකුසලොපි. යං මානං නිස්සය මානං පජහති, අයං මානො කුසලො යො පන මානො දුක්ඛං නිබ්බත්තයති, අයං මානො අකුසලො. තත්ථ යං නෙක්ඛම්මසිතං දොමනස්සං “කුදස්සු නාමාහං තං ආයතනං සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරිස්සං,
Sinhala BJTඑහි විචයහාරසම්පාතය කවරෙ යැ : ඒ දේසනාහාරයෙහි විපල්ලාසහේතුභාවයෙන් නිර්ධාරණ කළ තෘෂ්ණාව කුශල ද අකුශල දැයි ද්විවිධ වන්නී ය. අකුශල තෘෂ්ණාව සසරට පමුනුවන්නී ය, (සංසාරනායිකා යයි සේයි.) කුශලතෘෂ්ණාව අපචය සංඛ්‍යාත නිවනට පමුණුවන ප්‍රහාණතෘෂ්ණා යි. මානය ද දෙවැදෑරුම් වෙයි : කුශල ද අකුශල දැයි කියා යි. (සේවිතව්‍ය වූ) යම් මානයක් නිසා මානය ප්‍රහාණ කෙරේ ද, මේ මානය කුශල යැ, යළි යම් මානයෙක් දුක උපදවා ද, මේ මානය අකුශල යි. එහි යම් නෛෂ්ක්‍රම්‍ය නිශ්‍රිත වූ දොම්නසෙක් ඇද්ද, “ආර්‍ය්‍යයෝ ශාන්ත වූ අර්‍හත්ඵල සංඛ්‍යාත යම් ආයතනයක් ප්‍රත්‍යක්‍ෂ කොට ඊට පැමිණ වාස කෙරෙත් ද,
Pali BJTයං අරියා සන්තං ආයතනං සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරන්තී”ති, තස්ස උප්පජ්ජති පිහා, පිහාපච්චයා දොමනස්සං, අයං තණ්හා කුසලා රාගවිරාගා චෙතොවිමුත්ති, තදාරම්මණා කුසලා අවිජ්ජාවිරාගා පඤ්ඤාවිමුත්ති.
Sinhala BJTකවදා නම් මම ඒ ආයතනය ප්‍රත්‍යක්‍ෂ කොට ඊට පැමිණ වාසකෙරෙම් දැ” යි. ඔහුට පිහා සංඛ්‍යාත ඊප්සාව උපදී, පිහාප්‍රත්‍යයෙන් දොම්නස වෙයි, මේ තණ්හාව කුශල වෙයි. (කිසෙයින් කුසල් වෙයි යත්,) යම් රාගවිරාග චේතෝවිමුත්තියක් ඇද්ද එය අරමුණු කොට ඇති තණ්හාව අනවද්‍යාර්‍ත්‍ථයෙන් කුසල් වෙයි, යම් අවිජ්ජාවිරාගපඤ්ඤාවිමුත්තියක් ඇද්ද එය අරමුණු කොට ඇති තණ්හාව කුශලාරම්මණ හෙයින් අනවද්‍යාර්‍ත්‍ථයෙන් කුසල් වේ.
Pali BJTතස්සා කො පවිචයො: අට්ඨ මග්ගඞ්ගානි: සම්මාදිට්ඨි සම්මාසඞ්කප්පො සම්මාවාචා සම්මාකම්මන්තො සම්මාආජීවො සම්මාවායාමො සම්මාසති සම්මාසමාධීති. සො කත්ථ දට්ඨබ්බො: චතුත්ථෙ ඣානෙ පාරමිතාය. චතුත්ථෙ හි ඣානෙ අට්ඨඞ්ගසමන්නාගතං චිත්තං භාවයති පරිසුද්ධං පරියොදාතං අනඞ්ගණං විගතූපක්කිලෙසං මුදුං{1} කම්මනියං ඨිතං ආනෙඤ්ජප්පත්තං. සො තත්ථ අට්ඨවිධං අධිගච්ඡති: ඡ අභිඤ්ඤා ද්වෙ ච විසෙසෙ. තං චිත්තං යතො පරිසුද්ධං තතො පරියොදාතං, යතො පරියොදාතං තතො අනඞ්ගණං, යතො අනඞ්ගණං තතො විගතූපක්කිලෙසං, යතො විගතූපක්කිලෙසං තතො මුදුං යතො මුදුං තතො කම්මනියං, යතො කම්මනියං තතො ඨිතං. යතො ඨිතං තතො ආනෙඤ්ජප්පත්තං; තත්ථ අඞ්ගණා ච උපක්කිලෙසා ච තදුභයං තණ්හාපක්ඛො, යා ච ඉඤ්ජනා යා ච චිත්තස්ස අට්ඨිති අයං දිට්ඨිපක්ඛො.
Sinhala BJTඒ පඤ්ඤාවිමුක්තියගේ පවිචය කවරෙ යැ : සම්මාදිට්ඨි සම්මාසඞ්කප්ප සම්මාවාචා සම්මාකම්මන්ත සම්මාආජීව සම්මාවායාම සම්මාසති සම්මාසමාධි යන අෂ්ට මාර්‍ගාඞ්ගයෝ යි. ඒ පවිචය කොතැන්හි ලා දැක්කයුතු යැ යත් : චතුර්‍ත්‍ථධ්‍යානයෙහි උත්කර්‍ෂයට පැමිණිභාවනායෙහි ලා දැක්කයුතු. ඒ එසේ මැ යැ, චතුර්‍ත්‍ථධ්‍යානයෙහි අෂ්ටාඞ්ගයෙකින් සමන්‍වාගත චිත්තය වඩයි. (ඒ අෂ්ටාඞ්ගය නම් :) උපෙක්ඛාසති පාරිසුද්ධියෙන් පරිශුද්ධ වූ පරිශුද්ධ හෙයින් ම පරියොදාත - ප්‍රභාස්වර වූ විගත රාගාදි අඞ්ගණ ඇතියෙන් අනඞ්ගණ වූ අනඞ්ගණ හෙයින් ම අපගත උපක්ලේශ ඇති සුභාවිත හෙයින් මෘදු වූ (වශීභාවප්‍රාප්ත) මෘදු හෙයින් ම කර්‍මක්‍ෂම වූ පරිශුද්ධභාවාදියෙහි සිටි හෙයින් ස්ථිත වූ ස්ථිත හෙයින් ම අනිඤ්ජන - අචල බවට පැමිණි සිත වඩයි. ඒ චතුර්‍ත්‍ථධ්‍යානලාභී යෝගී තෙම ඒ චතුර්‍ත්‍ථධ්‍යානයෙහි අටවැදෑරුම් ගුණයට පැමිණෙයි : (ඒ කවරෙ යැ,) ඉද්ධිවිධාදි ෂඩ්අභිඥා යැ මනෝමයඉද්ධි විපස්සනාඤාණ යන ගුණවිශේෂ දෙකට ද පැමිණෙයි. ඒ චතුර්‍ත්‍ථධ්‍යානචිත්තය (උපෙක්ඛාසතිපාරිසුද්ධි සංඛ්‍යාත) යම් හේතුවකින් පරිශුද්ධ ද එහෙයින් පරියොදාත යැ යම්හෙයෙකින් පර්‍ය්‍යවදාත ද එහෙයින් අනඞ්ගණ යැ යම්හෙයෙකින් අනඞ්ගණ ද එහෙයින් විගතෝපක්ලේශ යැ යම්හෙයෙකින් විගතෝපක්ලේශ ද එහෙයින් මෘදු යැ යම්හෙයෙකින් මෘදු වී ද එහෙයින් කර්‍මණ්‍ය යැ යම්හෙයෙකින් කර්‍මක්‍ෂම ද එහෙයින් ස්ථිත යැ යම්හෙයෙකින් ස්ථිත වී ද එහෙයින් අනිඤ්ජනප්‍රාප්ත යි. එහි අඞ්ගණ ද උපක්ලේශ ද යන දෙක තෘෂ්ණාපක්‍ෂයෙහි වෙයි, චිත්තයාගේ යම් චලනයෙක් ඇද්ද චිත්තයාගේ යම් අනවස්ථානයෙක් ඇද්ද මේ දෙක දෘෂ්ටිපක්‍ෂයෙහි වේ.
Pali BJTචත්තාරි ඉන්ද්රියානි දුක්ඛින්ද්රියං දොමනස්සින්ද්රියං සුඛින්ද්රියං සොමනස්සින්ද්රියඤ්ච චතුත්ථජ්ඣානෙ නිරුජ්ඣන්ති. තස්ස උපෙක්ඛින්ද්රියං අවසිට්ඨං භවති.
Sinhala BJTදුක්ඛින්‍ද්‍රිය දෝමනස්සින්‍ද්‍රිය සුඛින්‍ද්‍රිය සෝමනස්සින්‍ද්‍රිය ද යන සතර ඉන්‍ද්‍රියයෝ චතුර්‍ත්‍ථධ්‍යානයෙහි නිරුද්ධ වෙති. ඒ යෝගීහුගේ උපෙක්ඛින්‍ද්‍රිය අවශිෂ්ට වූයේ වේ.
Pali BJTසො උපරිමං සමාපත්තිං සන්තතො මනසි කරොති. තස්ස උපරිමං සමාපත්තිං සන්තතො මනසිකරොතො චතුත්ථජ්ඣානෙ ඔළාරිකා සඤ්ඤා සණ්ඨහති, උක්කණ්ඨා ච පටිඝසඤ්ඤා. සො සබ්බසො රූපසඤ්ඤානං සමතික්කමා පටිඝසඤ්ඤානං අත්ථඞ්ගමා නානත්තසඤ්ඤානං අමනසිකාරා අනන්තං ආකාසන්ති ආකාසානඤ්චායතනසමාපත්තිං සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරති. අභිඤ්ඤාභිනීහාරො රූපසඤ්ඤා, වොකාරො නානත්තසඤ්ඤා සමතික්කමති. පටිඝසඤ්ඤා චස්ස අබ්භත්ථං ගච්ඡති. එවං සමාහිතස්ස තස්ස ඔභාසො අන්තරධායති, දස්සනඤ්ච රූපානං. සො සමාධි ඡළඞ්ගසමන්නාගතො පච්චවෙක්ඛිතබ්බො: අනභිජ්ඣාසහගතං මෙ මානසං සබ්බලොකෙ, අබ්යාපන්නං මෙ චිත්තං සබ්බසත්තෙසු, ආරද්ධං මෙ විරියං පග්ගහිතං,
Sinhala BJTඒ යෝගාවචර මතුයෙහි වූ ආකාසානඤ්චායතන සමාපත්තිය (අඞ්ගශාන්තතායෙන් ද ආලම්බනශාන්තතායෙන් ද) ශාන්තවශයෙන් මෙනෙහි කෙරෙයි, උපරිම සමාපත්තිය ශාන්තහෙයින් මෙනෙහිකරන ඔහුට චතුර්‍ත්‍ථධ්‍යානයෙහි ඖදාරික (අවුපසන්ත) යැ යන සංඥාව එළඹසිටී, පටිඝසඤ්ඤා සංඛ්‍යාත පඤ්ච විඥානසංඥායෙහි උත්කණ්ඨා (අනභිරතිය) ද පිහිටයි. ඒ යෝගාවචර සර්‍වප්‍රකාරයෙන් රූපසංඥාවත් ඉක්මැවීමෙන් ප්‍රතිඝසංඥාවන්ගේ අස්තගමයෙන් නානාලම්බනයෙහි පැවැති සංඥාවන් නො මෙනෙහි කිරීමෙන් කසිණුග්ඝාටිමාකාසය අනන්ත යයි ආකාසානඤ්චායතන සමාපත්තිය උපයා ඊට පැමිණ වාසකෙරෙයි. රූපාවචරසංඥාව පඤ්චවිධ අභිඥාර්‍ත්‍ථයාගේ අභිනීහාරමාත්‍රයෙකි, (අරූපාවචරසමාපත්තීන් මෙන් ශාන්ත නොවෙයි සේයි.) නානාත්‍වසංඥාව නානාලම්බනයෙහි චිත්තයාගේ ආකුලප්‍රවෘත්තියෙකැයි (එහි ආදීනව දැක රූපාවචර සමාපත්ති) ඉක්මවයි. (ආකාසානඤ්චායතනසමාපත්තිය උපදවන) ඒ යෝගීහුගේ දසවිධ පටිඝ (විඥාන) සංඥාව ද අභ්‍යස්තයට යෙයි. (මෙයින් ප්‍රථමාරූප්‍යසමාපත්තිය ප්‍රකාශ කළහ.) මෙසේ (උක්තප්‍රකාරයෙන් චතුර්‍ත්‍ථධ්‍යානයෙහි චිත්තෛකාග්‍රතාවද ඉක්මැවීමෙන්) සමාහිත වූ (යළි) ශාන්ත වූ ආරූප්‍යසමාධියෙන් සමාහිත වූවහුගේ රූපාවචරධ්‍යානාවභාසය ද රූපාවචරධ්‍යානචක්‍ෂුසින් කසිණරූපදර්‍ශනය ද අතුරුදහන් වෙයි. ඒ යථෝක්ත රූපාරූපසමාධිය (උපකාරක පරිෂ්කාරස්වභාව වූ) ෂඩඞ්ගයෙන් සමන්‍වාගත වූයේ ප්‍රත්‍යවේක්‍ෂා කටයුත්තේය, (පුනපුනා සිතියැයුතු යැයි සේයි.) ප්‍රියසාතරූප වූ සියලු සත්ත්‍ව - සංස්කාරලෝකයෙහි මාගේ සිත අනභිධ්‍යාසහගත යැ, මාගේ සිත සියලු සත්ත්‍වයන් කෙරෙහි ව්‍යාපාදයට නො පැමිණියේ යැ, මා විසින් වීර්‍ය්‍යය ආරබ්ධ වූයේ දැඩිව ගන්නාලද,
Pali BJTපස්සද්ධො මෙ කායො අසාරද්ධො. සමාහිතං මෙ චිත්තං අවික්ඛිත්තං, උපට්ඨිතා මෙ සති අපම්මුට්ඨා, තත්ථ යඤ්ච අනභිජ්ඣාසහගතං මානසං සබ්බලොකෙ යඤ්ච අබ්යාපන්නං චිත්තං සබ්බසත්තෙසු යඤ්ච ආරද්ධං විරියං පග්ගහිතං යඤ්ච සමාහිතං චිත්තං අවික්ඛිත්තං, අයං සමථො. යො පස්සද්ධො කායො අසාරද්ධො අයං සමාධිපරික්ඛාරො. යා උපට්ඨිතා සති අපම්මුට්ඨා{1} අයං විපස්සනා.
Sinhala BJTමාගේ නාමකය සැහැල්ලු වූයේ දරථ රහිත යැ, මාගේ සිත සමාහිත වූයේ එහෙයින් අවික්‍ෂිප්ත යැ, මාගේ ස්මෘතිය එළැඹසිටියා එහෙයින් නොමුළාවූ යැ’ යි පුනපුනා සිතියැයුතු. එහි සියලු ලෝකයෙහි අනභිධ්‍යාසහගත යම් සිතෙක් වේ ද, සියලු සත්ත්‍වයන් කෙරෙහි අව්‍යාපන්න වූ යම් සිතෙකුත් වේ ද, දැඩිව ගන්නාලද යම් ආරබ්ධ වීර්‍ය්‍යයෙක් වේ ද, අවික්‍ෂිප්ත වූ යම් සමාහිත චිත්තයෙක් වේ ද, මේ සමථ යැ. දරථ රහිත වූ යම් ප්‍රශ්‍රබ්ධ කායයෙක් වේ ද, මේ සමාධිපරිෂ්කාර යැ, නොමුළා වූ යම් උපස්ථිත ස්මෘතියක් ඇද්ද, මේ විදර්‍ශනා යි.
Pali BJTසො සමාධි පඤ්චවිධෙන වෙදිතබ්බො: අයං සමාධි පච්චුප්පන්නසුඛොති ඉතිස්ස පච්චත්තමෙව ඤාණදස්සනං පච්චුපට්ඨිතං භවති. අයං සමාධි ආයතිං සුඛවිපාකොති ඉතිස්ස පච්චත්තමෙව ඤාණදස්සනං පච්චුපට්ඨිතං භවති. අයං සමාධි අරියෙ නිරාමිසොති ඉතිස්ස පච්චත්තමෙව ඤාණදස්සනං පච්චුපට්ඨිතං භවති. අයං සමාධි අකාපුරිසසෙවිතොති ඉතිස්ස පච්චත්තමෙව ඤාණදස්සනං පච්චුපට්ඨිතං භවති. අයං සමාධි සන්තො චෙව පණීතො ච පටිප්පස්සද්ධිලද්ධො ච එකොදිභාවාධිගතො ච න සසඞ්ඛාරනිග්ගය්හ වාරිතවතො{2} චාති ඉතිස්ස පච්චත්තමෙව ඤාණදස්සනං පච්චුපට්ඨිතං භවති. තං ඛො පනිමං සමාධිං සතො සමාපජ්ජාමි සතො වුට්ඨහාමීති ඉතිස්ස පච්චත්තමෙව ඤාණදස්සනං පච්චුපට්ඨිතං භවති. තත්ථ යො ච සමාධි පච්චුප්පන්නසුඛො යො ච සමාධි ආයතිං සුඛවිපාකො අයං සමථො, යො ච සමාධි අරියො නිරාමිසො යො ච සමාධි අකාපුරිසසෙවිතො යො ච සමාධි සන්තො චෙව පණීතො ච පටිප්පස්සද්ධිලද්ධො ච එකොදිභාවාධිගතො ච න සසඞ්ඛාරනිග්ගය්හ වාරිතවතො ච යඤ්චාහං තං කො පනිමං සමාධිං සතො සමාපජ්ජාමි සතො වුට්ඨහාමීති අයං විපස්සනා.
Sinhala BJTආර්‍ය්‍යමාර්‍ගඵල වූ ඒ අරහත්ඵලසමාධිය (මතු කියන) පඤ්චප්‍රකාරයෙන් දත යුතු : මේ සමාධිය (සමවන් සමවන් කෙණෙහි සුවහෙයින්) ප්‍රත්‍යුත්පන්නසුඛ යයි මෙසේ ඔහුට තමා කෙරෙහි මැ ඥානදර්‍ශනය එළැඹැසිටියේ වෙයි, මේ සමාධිය (පූර්‍වපූර්‍ව සමාධිය පසුපසුව උපදනා සමාධියට ප්‍රත්‍යය හෙයින්) මතුයෙහි සුඛවිපාක ඇතැයි මෙසේ ඔහුට තමා කෙරෙහි මැ ඥානදර්‍ශනය එළැඹසිටියේ වෙයි, මේ සමාධිය කෙලෙසුන් කෙරෙන් දුරුවැ සිටිහෙයින් ආර්‍ය්‍ය යැ කාමාමිෂාදි ආමිෂාභාවයෙන් නිරාමිෂ යැයි මෙසේ ඔහුට තමා කෙරෙහි මැ ඥානදර්‍ශනය එළැඹසිටියේ වෙයි, මේ සමාධිය අලාමක වූ බුද්ධාදි මහාපුරුෂයන් විසින් සෙවුනාලදැයි මෙසේ ඔහුට තමා කෙරෙහි මැ ඥානදර්‍ශනය එළැඹසිටියේ වෙයි, මේ සමාධිය අඞ්ගශාන්තතායෙන් සර්‍වක්ලේශදරථශාන්තතායෙන් ශාන්ත ද අතෘප්තිකර හෙයින් ප්‍රණීත ද කෙලෙස් සන්හිඳුවීමෙන් ලබනලද ද ඒකෝදිභාවයෙන් අධිගත ද සප්‍රයෝගයෙන් ප්‍රත්‍යනීකධර්‍මයන් නිග්‍රහ කොට කෙලෙසුන් වළහා (අල්ප ගුණඇති සාස්‍රව සමාධි මෙන්) නොලබනලදැයි ද මෙසේ ඔහුට තමා කෙරෙහි මැ ඥානදර්‍ශනය එළැඹසිටියේ වෙයි. තවද ‘මේ අර්‍හත්ඵලසමාධියට සිහිඇතිවැ සමවදිමි, සිහිඇතිවැ සමවතින් නැඟීසිටිමි’ මෙසේ ඔහුට තමා කෙරෙහි මැ ඥානදර්‍ශනය එළැඹ සිටියේ වේ. එහි යම් සමාධියෙක් ප්‍රත්‍යුත්පන්නසුඛ වූයේ ද යම් සමාධියෙක් මතුයෙහි සුඛවිපාක ඇත්තේ ද මේ සමථ යැ. යම් සමාධියෙක් ආර්‍ය්‍ය නිරාමිෂ වූයේ ද යම් සමාධියෙක් අකාපුරුෂසේවිත වූයේ ද යම් සමාධියෙක් ශාන්තවූයේ ප්‍රණීත වූයේත් කිලෙසපටිප්පස්සද්ධියෙන් ලදුයේත් ඒකෝදිභාවයෙන් අධිගත වූයේත් සසංඛාරයෙන් ප්‍රත්‍යනීකයන් නිග්‍රහ කොට කෙලෙසුන් නො වැළැහුයේත් වේද තවද මම මේ සමාධියට සිහිඇතිව සමවදිමි සිහිඇතිව නැඟීසිටිමි යන මේ විදර්‍ශනා යි.
Pali BJTසො සමාධි පඤ්චවිධෙන වෙදිතබ්බො: පීතිඵරණතා. සුඛඵරණතා, චෙතොඵරණතා, ආලොකඵරණතා, පච්චවෙක්ඛණානිමිත්තං. තත්ථ යො ච පීතිඵරණො යො ච සුඛඵරණො යො චා චෙතොඵරණො අයං සමථො, යො ච ආලොකඵරණො යඤ්ච පච්චවෙක්ඛණා නිමිත්තං අයං විපස්සනා.
Sinhala BJTඒ අර්‍හත්ඵලසමාධියට පූර්‍වභාගප්‍රතිපදායෙහි කියනලද රූපාවචර චතුර්‍ත්‍ථධ්‍යාන සමාධිය පස් අයුරෙකින් දතයුත්තේ යැ : ප්‍රීතිය පැතිරෙමින් උපදනා ප්‍රථම ද්විතීය ධ්‍යානයන්හි ප්‍රඥාසංඛ්‍යාත පීතිඵරණතා යැ සුඛය පැතිරෙමින් උපදනා ධ්‍යානත්‍රයෙහි ප්‍රඥා සංඛ්‍යාත සුඛඵරණතා යැ මෙරමා සිත් ස්පර්‍ශකරමින් උපදනා චේතෝපරියඤාණ සංඛ්‍යාත චේතෝඵරණතා යැ ආලෝකය පැතිරවීමෙන් උපදනා දිබ්බචක්ඛුඤාණ සංඛ්‍යාත ආලෝකඵරණතා යැ ප්‍රත්‍යවේක්‍ෂානිමිත්ත යැ යන පස් ආකාරයෙනි. එහි යම් පීතිඵරණයෙක් සුඛඵරණයෙක් යම් චේතෝඵරණයෙකුත් ඇද්ද මේ සමථ යැ, යම් ආලෝකඵරණයෙකුත් යම් පච්චවෙක්ඛණානිමිත්තකුත් ඇද්ද මේ විදර්‍ශනා යි.
Pali BJTදස කසිණායතනානි: පඨවීකසිණං ආපොකසිණං තෙජොකසිණං වායොකසිණං නීලකසිණං පීතකසිණං ලොහිතකසිණං ඔදාතකසිණං ආකාසකසිණං විඤ්ඤාණකසිණං. තත්ථ යඤ්ච පඨවීකසිණං යඤ්ච ආපොකසිණං (එවං සබ්බං) යඤ්ච ඔදාතකසිණං, ඉමානි අට්ඨ කසිණානි සමථො, යඤ්ච ආකාසකසිණං යඤ්ච විඤ්ඤාණකසිණං අයං විපස්සනා. එවං සබ්බො අරියො මග්ගො යෙන යෙන ආකාරෙන වුත්තො, තෙන තෙන සමථවිපස්සනෙන යොජයිතබ්බො. තෙ තීහි ධම්මෙහි සඞ්ගහිතා: අනිච්චතාය දුක්ඛතාය අනත්තතාය.
Sinhala BJTකසිණායතනයෝ දසදෙනෙකි : පඨවිකසිණ යැ (කසිණනිමිත්තෙහි උපන් ධ්‍යානය යි,) ආපෝකසිණ යැ තේජෝකසිණ යැ වායෝකසිණ යැ නීලකසිණ යැ පීතකසිණ යැ ලෝහිතකසිණ යැ ඔදාතකසිණ යැ ආකාසකසිණ යැ විඤ්ඤාණකසිණ යි. ඒ දසකසිණයන් කෙරෙහි යම් පඨවිකසිණයකුත් යම් ආපෝකසිණයකුත් (මෙසේ සියල්ල) යම් ඕදාතකසිණයකුත් ඇද්ද, මේ අට කසිණයෝ සමථ යැ, යම් ආකාසකසිණයකුත් යම් විඤ්ඤාණකසිණයකුත් ඇද්ද, මේ විදර්‍ශනා යි. මෙසේ (සතිපට්ඨානාදි පූර්‍වභාග ප්‍රතිපදාභේදයෙන් භින්න වූ) සියලු ආර්‍ය්‍යමාර්‍ගය යම් යම් ආකාරයෙකින් වදාරන ලද ද ඒ ඒ ආකාරයෙන් ශමථ විදර්‍ශනා වශයෙන් යෙදියැයුත්තේ යි. ඒ ශමථාධිෂ්ඨාන වූ විදර්‍ශනාධර්‍මයෝ අනිච්චතායෙන් දුක්ඛතායෙන් අනත්තතායෙන් යන ත්‍රිවිධ විදර්‍ශනා ධර්‍මයන්ගෙන් සංගෘහීතයහ. ගණනට ගියාහ’ යි සේයි.
Pali BJTසො සමථවිපස්සනං භාවයමානො තීණි විමොක්ඛමුඛානි භාවයති. තීණි විමොක්ඛමුඛානි භාවයන්තො තයො ඛන්ධෙ භාවයති, තයො ඛන්ධෙ භාවයන්තො අරියං අට්ඨඞ්ගිකං මග්ගං භාවයති.
Sinhala BJTඒ (ආර්‍ය්‍යමාර්‍ගාධිගමයට යුක්තප්‍රයුක්ත වූ) යෝගී තෙමේ (කලෙක සමථයට සමවැදීම් වශයෙන් කලෙක විදර්‍ශනා සම්මර්‍ශණවශයෙන්) ශමථවිදර්‍ශනා වඩනුයේ තුන් විමෝක්‍ෂමුඛයන් වඩයි. තුන් විමෝක්‍ෂමුඛයන් වඩනුයේ සීල සමාධි පඤ්ඤා යන තුන් ස්කන්‍ධයන් වඩයි, තුන් ස්කන්‍ධයන් වඩනුයේ ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගිකමාර්‍ගය වඩයි.
Pali BJTරාගචරිතො පුග්ගලො අනිමිත්තෙන විමොක්ඛමුඛෙන නීයාති, අධිචිත්තසික්ඛාය සික්ඛන්තො ලොභං අකුසලමූලං පජහන්තො සුඛ වෙදනීයං ඵස්සං අනුපගච්ඡන්තො සුඛං වෙදනං පරිජානන්තො රාගමලං පවාහෙන්තො රාගරජං නිද්ධුනන්තො රාගවිසං වමන්තො රාගග්ගිං නිබ්බාපෙන්තො රාගසල්ලං උප්පාටෙන්තො රාගජටං විජටෙන්තො.
Sinhala BJTරාගචරිත ඇති පුද්ගල අධිචිත්තශික්‍ෂායෙහි හික්මෙනුයේ ලෝභඅකුශලමූලය දුරු කරමින් සුඛවේදනාවට හිත වූ ස්පර්‍ශයට තෘෂ්ණායෙන් නො පැමිණෙනුයේ සුඛවේදනාව (විපරිණාමාදීන් දුකැයි) පරිජානනය කරනුයේ රාගමලය සෝදාහරිමින් රාගරජස් සලාහරිමින් රාගවිෂය වමනය කරමින් රාගාග්නිය නිවමින් රාගශල්‍යය උපුටාහරිමින් රාගජටාව (අවුල) නිරාකුල කරනුයේ අනිමිත්තවිමෝක්‍ෂමුඛයෙන් වර්‍තදුඃඛයෙන් නික්මැයෙයි.
Pali BJTදොසචරිතො පුග්ගලො අප්පණිහිතෙන විමොක්ඛමුඛෙන නීයාති, අධිසීලසික්ඛාය සික්ඛන්තො දොසං අකුසලමූලං පජහන්තො දුක්ඛ වෙදනීයං ඵස්සං අනුපගච්ඡන්තො දුක්ඛං වෙදනං පරිජානන්තො දොසමලං පවාහෙන්තො දොසරජං නිද්ධුනන්තො දොසවිසං වමන්තො දොසග්ගිං නිබ්බාපෙන්තො දොසසල්ලං උප්පාටෙන්තො දොසජටං විජටෙන්තො.
Sinhala BJTදෝසචරිත ඇති පුද්ගල අධිශීලශික්‍ෂායෙහි හික්මෙනුයේ ද්වේෂඅකුශලමූලය දුරුකරමින් දුක්ඛවේදනාව ට හිත වූ ස්පර්‍ශය ට තෘෂ්ණාවශයෙන් නොපැමිණෙනුයේ දුක් වේදනාව පරිජානනය කරමින් දෝසමලය සෝදාහරිමින් ද්වේෂරජස් සලාහරිමින් ද්වේෂවිෂය වමනය කරමින් ද්වේෂාග්නිය නිවමින් ද්වේෂශල්‍යය උපුටාහරිමින් ද්වේෂජටාව නිරාකුල කරනුයේ අප්පණිහිත විමෝක්‍ෂමුඛයෙන් වට්ටදුක්ඛයෙන් නික්මැයෙයි.
Pali BJTමොහචරිතො පුග්ගලො සුඤ්ඤතවිමොක්ඛමුඛෙන නීයාති, අධිපඤ්ඤාසික්ඛාය සික්ඛන්තො මොහං අකුසලමූලං පජහන්තො අදුක්ඛමසුඛ වෙදනීයං ඵස්සං අනුපගච්ඡන්තො අදුක්ඛමසුඛං වෙදනං පරිජානන්තො මොහමලං පවාහෙන්තො මොහරජං නිද්ධුනන්තො මොහවිසං වමන්තො මොහග්ගිං නිබ්බාපෙන්තො මොහසල්ලං උප්පාටෙන්තො මොහජටං විජටෙන්තො.
Sinhala BJTමෝහචරිත ඇති පුද්ගල අධිප්‍රඥාශික්‍ෂායෙහි හික්මෙනුයේ මෝහඅකුශලමූලය දුරු කරමින් අදුක්ඛමසුඛවේදනාවට හිත වූ ස්පර්‍ශයට තෘෂ්ණාවශයෙන් නොපැමිණෙනුයේ අදුක්ඛමසුඛවේදනාව පරිජානනය කරමින් මෝහමලය ප්‍රවාහය කරමින් මෝහරජස් නිර්ධුනනය කරමින් මෝහවිෂ වමනය කරමින් මෝහාග්නිය නිවමින් මෝහශල්‍යය උපුටාහරිමින් මෝහජටාව විජටනය කරනුයේ ශුන්‍යතවිමෝක්‍ෂමුඛයෙන් වර්‍තදුඃඛයෙන් නිර්‍ය්‍යාණය කෙරෙයි.
Pali BJTතත්ථ සුඤ්ඤතවිමොක්ඛමූඛං පඤ්ඤාක්ඛන්ධො, අනිමිත්තවිමොක්ඛමුඛං සමාධික්ඛන්ධො, අප්පණිහිතවිමොක්ඛමුඛං සීලක්ඛන්ධො. සො තීණි විමොක්ඛමුඛානි භාවයන්තො තයොඛන්ධෙ භාවයති, තයො ඛන්ධෙ භාවයන්තො අරියං අට්ඨඞ්ගිකං මග්ගං භාවයති. තත්ථ යා ච සම්මාවාචා යො ච සම්මා කම්මන්තො යො ච සම්මාආජීවො අයං සීලක්ඛන්ධො, යො ච සම්මාවායාමො යා ච සම්මාසති යො ච සම්මාසමාධි අයං සමාධික්ඛන්ධො, යා ච සම්මාදිට්ඨි යො ච සම්මාසඞ්කප්පො අයං පඤ්ඤාක්ඛන්ධො. තත්ථ සීලක්ඛන්ධො ච සමාධික්ඛන්ධො ච සමථො, පඤ්ඤාක්ඛන්ධො විපස්සනා.
Sinhala BJTඒ විමෝක්‍ෂමුඛයන් කෙරෙහි ශුන්‍යතවිමෝක්‍ෂමුඛය ප්‍රඥාස්කන්‍ධ යැ, අනිමිත්ත විමෝක්‍ෂමුඛය සමාධිස්කන්‍ධ යැ, අප්‍රණිහිතවිමෝක්‍ෂමුඛය ශීලස්කන්‍ධ යි. ඒ යෝගාවචර තුන් විමෝක්‍ෂමුඛයන් වඩනුයේ තුන් ස්කන්‍ධයන් වඩයි, තුන් ස්කන්‍ධයන් වඩනුයේ ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගිකමාර්‍ගය වඩයි, එහි යම් සම්‍යග්වචනයෙක් යම් සම්‍යක් කර්‍මාන්තයෙක් යම් සම්‍යගාජීවයෙක් ඇද්ද මේ ශීලස්කන්‍ධ යැ, යම් සම්‍යග්ව්‍යායාමයෙක් යම් සම්‍යක්ස්මෘතියක් යම් සම්‍යක්සමාධියෙක් ඇද්ද මේ සමාධිස්කන්‍ධය යැ, යම් සම්‍යග්දෘෂ්ටියක් යම් සම්‍යක්සංකල්පයෙක් ඇද්ද මේ ප්‍රඥාස්කන්‍ධ යි. එහි ශීලස්කන්‍ධය ද සමාධිස්කන්‍ධය ද සමථ යැ, ප්‍රඥාස්කන්‍ධය විදර්‍ශනා යි.
Pali BJTයො සමථවිපස්සනං භාවෙති, තස්ස ද්වෙ භවඞ්ගානි භාවනං ගච්ඡන්ති: කායො චිත්තඤ්ච. භවනිරොධගාමිනී පටිපදා ද්වෙ පදානි: සීලං සමාධි ච. සො හොති භික්ඛු භාවිතකායො භාවිතසීලො භාවිත චිත්තො භාවිතපඤ්ඤො කායෙ භාවියමානෙ ද්වෙ ධම්මා භාවනං ගච්ඡන්ති: සම්මාකම්මන්තො සම්මාවායාමො ච, සීලෙ භාවියමානෙ ද්වෙ ධම්මා භාවනං ගච්ඡන්ති: සම්මාවාචා සම්මාආජීවො ච, චිත්තෙ භාවියමානෙ ද්වෙ ධම්මා භාවනං ගච්ඡන්ති: සම්මාසති සම්මාසමාධි ච. පඤ්ඤාය භාවියමානාය ද්වෙ ධම්මා භාවනං ගච්ඡන්ති: සම්මාදිට්ඨි සම්මා සඞ්කප්පො ච.
Sinhala BJTයමෙක් ශමථවිදර්‍ශනා වඩා ද ඔහුට උපප්‍රාප්තිභවයට අඞ්ග වූ කය ද සිත ද යන ධර්‍මයෝ දෙදෙන වැඩීමට යෙති. ශීලය ද සමාධිය ද යන පාදධර්‍මයෝ දෙදෙන භවනිරෝධගාමිනී පටිපදා යි. සීලසමාධියෙහි සිටි ඒ මහණ (ආභිසමාචාරික ශීලය පිරීමෙන්) භාවිතකාය වෙයි, (ආදිබ්‍රහ්මචරියක ශීලය පිරීමෙන්) භාවිතසීල වෙයි, භාවිතචිත්ත භාවිතපඤ්ඤ වෙයි, කය වඩනුලබන කල්හි සම්මාකම්මන්ත ද සම්මාවායාම ද යන ධර්‍මයෝ දෙදෙන වැඩීමට යෙති, සීලය භාවියමාන කල්හි සම්මාවාචා ද සම්මාආජීව ද යන ධර්‍මයෝ දෙදෙන වැඩීමට යෙති, චිත්තය භාවියමාන කල්හි සම්මාසති ද සම්මාසමාධි ද යන ධර්‍මයෝ දෙදෙන වැඩීමට යෙති, ප්‍රඥාව වඩනුලබන කල්හි සම්මාදිට්ඨි සම්මාසඞ්කප්ප ද යන ධර්‍මයෝ දෙදෙන වැඩීමට යෙත්.
Pali BJTතත්ථ යො ච සම්මාකම්මන්තො යො ච සම්මාවායාමො සියා කායිකො සියා චෙතසිකො. තත්ථ යො කායසංගහො සො කායෙ භාවිතෙ භාවනං ගච්ඡති. යො චිත්තසඞ්ගහො සො චිත්තෙ භාවිතෙ භාවනං ගච්ඡති. සො සමථවිපස්සනං භාවයන්තො පඤ්චවිධං අධිගමං අධි ගච්ඡති: ඛිප්පාධිගමො ච හොති, විමුත්තාධිගමො ච හොති. මහාධිගමො ච හොති, විපුලාධිගමො ච හොති, අනවසෙසාධිගමො ච හොති. තත්ථ සමථෙන ඛිප්පාධිගමො ච මහාධිගමො ච විපුලාධිගමො ච හොති, විපස්සනාය විමුත්තාධිගමො ච අනවසෙසාධිගමො ච හොති.
Sinhala BJTඑහි යම් සම්‍යක්කර්‍මාන්තයෙක් යම් සම්‍යග්ව්‍යායාමයෙක් ඇද්ද එය කායික ද වන්නේ යැ, චෛතසික ද වන්නේ යැ, එහි සම්මාකම්මන්ත වායාමයන් අතුරෙහි යමෙක් කායසංග්‍රහ වේ ද, එය කය භාවිත කල්හි වැඩීමට යෙයි, යමෙක් චිත්තසංග්‍රහ වේ ද, එය සිත භාවිත කල්හි වැඩීමට යෙයි. ඒ යෝගාවචර ශමථවිදර්‍ශනා දෙක වඩනුයේ (අවස්ථා විශේෂවශයෙන්) පඤ්චවිධ වූ ආර්‍ය්‍යමාර්‍ගාධිගමයට පැමිණෙයි : (ඒ මෙසේ යැ,) වහා ඒකචිත්තක්‍ෂණිකව මාර්‍ගාධිගම කරන්නේ නුයි ඛිප්පාධිගම ද වෙයි, ප්‍රහාතව්‍යයන් අත්‍යන්තවිමුක්තිවශයෙන් දුරුකරනුයෙන් විමුත්තාධිගම ද වෙයි, මහත් වූ ලෝකෝත්තර ශීලස්කන්‍ධාදිය අධිගම කරනුයෙන් මහාධිගම ද වෙයි, විපුලව අධිගම කරනුයෙන් විපුලාධිගම ද වෙයි, තමා විසින් අධිගන්තව්‍ය වූ කිසිවක් අනවශේෂ කරනුයෙන් අනවසේසාධිගම ද වේ. ඒ අධිගමයන් කෙරෙහි ශමථයෙන් ඛිප්පාධිගම ද මහාධිගම ද විපුලාධිගම ද වෙයි, විදර්‍ශනායෙන් විමුත්තාධිගම ද අනවසේසාධිගම ද වේ.
Pali BJTතත්ථ යො දෙසෙති සො දසබලසමන්නාගතො සත්ථා ඔවාදෙන සාවකෙ න විසංවාදෙති. සො තිවිධං: ඉදං කරොථ, ඉමිනා උපායෙන කරොථ, ඉදං වො කුරුමානානං හිතාය සුඛාය භවිස්සති. සො තථා ඔවදිතො තථානුසිට්ඨො තථා කරොන්තො යථා පටිපජ්ජන්තො තං භූමිං න පාපුණිස්සතීති නෙතං ඨානං විජ්ජති, සො තථා ඔවදිතො තථානුසිට්ඨො සීලක්ඛන්ධං අපරිපූරයන්තො තං භූමිං අනුපාපුණිස්සතීති තෙං ඨානං විජ්ජති. සො තථා ඔවදිතො තථානුසිට්ඨො සීලක්ඛන්ධං පරිපූරයන්තො තං භූමිං අනුපාපුණිස්සතීති ඨානමෙතං විජ්ජති.
Sinhala BJTඑහි යම් ශාස්තෘ කෙනෙක් දහම් දෙසනසේක් ද දශබලසමන්‍වාගත ඒ ශාස්තෘහු අවවාදයෙන් ශ්‍රාවකයන් විසංවාදන නො කෙරෙති, (නො රවටති,) ඒ ශාස්තෘහු තුන් ප්‍රකාරයෙකින් අවවාද කෙරෙති : ( සරණගමන ශීලසමාදානාදි) ‘මෙය කරවූ, මේ උපායෙන් කරවු, මෙය කරන තොපට හිත පිණිස සුව පිණිස වන්නේය’ යි. එපරිදි අවවාද කරනු ලැබූ එපරිදි අනුසස්නාලද ඒ ශ්‍රාවක ඒ අනුශාසනා පරිදි කරනුයේ එසේ පිළිපදනේ ඒ (දස්සන භාවනා) භූමියට නොපැමිණෙන්නේ ය යන තෙල කාරණය විද්‍යමාන නොවේ. ඒ ශ්‍රාවක එසේ අවවාද කරනලදුයේ එසේ අනුසස්නාලදුයේ ශීලස්කන්‍ධය පරිපූර්‍ණ නො කරනුයේ ඒ භූමියට පැමිණෙන්නේයැ යන තෙල කරුණ නොවේ. එසේ අවවාද කරනලද එසේ අනුසස්නාලද ඒ ශ්‍රාවක ශීලස්කන්‍ධය පරිපූර්‍ණ කරනුයේ ඒ (දර්‍ශන භාවනා) භූමියට පැමිණෙන්නේයැ යන තෙල කරුණ වන්නේයි.
Pali BJTසම්මාසම්බුද්ධස්ස තෙ සතො ඉමෙ ධම්මා අනභිසම්බුද්ධාති නෙතං ඨානං විජ්ජති, සබ්බාසවපරික්ඛීණස්ස තෙ සතො ඉමෙ ආසවා අපරික්ඛීණාති නෙතං ඨානං විජ්ජති, යස්ස තෙ අත්ථාය ධම්මො දෙසිතො සො න නීයාති තක්කරස්ස සම්මා දුක්ඛක්ඛයායාති නෙතං ඨානං විජ්ජති. සාවකො කො පන තෙ ධම්මානුධම්මපටිපන්නො{1} සාමීචිපටිපන්නො{2} අනුධම්මචාරී සො පුබ්බෙන අපරං උළාරං විසෙසාධි ගමං න සච්ඡිකරිස්සතීති නෙතං ඨානං විජ්ජති.
Sinhala BJTසම්‍යක්සම්බුද්ධයෙමි ප්‍රතිඥා කරන තොප විසින් මෙනම් ධර්‍මයෝ අනභි සම්බුද්ධයහ’ යි (සකාරණව ප්‍රතිචෝදනාකරන) තෙල කරුණ නොවෙයි, සර්‍වාස්‍රව පරික්‍ෂීණ යයි ප්‍රතිඥා කරන තොප විසින් මෙනම් ආස්‍රවයෝ අපරික්‍ෂීණයහ’ යි ප්‍රතිචෝදනා කරන තෙල කරුණ නොවෙයි, තොප විසින් යම් රාගාදිප්‍රහාණයක් සඳහා අසුභභාවනාදි ධර්‍මයෙක් දෙසනලදද ඒ ධර්‍මය එසේ පිළිපන්නහුට මොනොවට දුඃඛක්‍ෂය පිණිස නො පවත්නේ යැ යන තෙල කරුණ නො වෙයි. යළි තොපගේ ශ්‍රාවකයෙක් ධර්‍මානුධර්‍මයෙහි පිළිපන්නේ සම්‍යක්ප්‍රතිපන්න වූයේ අනුරූපධර්‍මයෙහි හැසිරෙනසුලු වේ ද, පුර්‍වකාලයට වඩා අපරකාලප්‍රවෘත්ත වූ උදාර වූ අභිඤ්ඤාපටිසම්භිදාදි විශේෂාධිගමය ප්‍රත්‍යක්‍ෂ නො කරන්නේයැ යන තෙල කරුණ නො වේ.
Pali BJTයෙ ඛො පන ධම්මා අන්තරායිකා තෙ පටිසෙවතො නාලං අන්තරායායාති නෙතං ඨානං විජ්ජති. යෙ ඛො පන ධම්මා අනීයානිකා තෙ නීය්යන්ති තක්කරස්ස සම්මා දුක්ඛක්ඛයායාති නෙතං ඨානං විජ්ජති. යෙ ඛො පන ධම්මා නීයානිකා තෙ නිය්යන්ති තක්කරස්ස සම්මා දුක්ඛක්ඛයායාති ඨානමෙතං විජ්ජති. සාවකො ඛො පන තෙ සඋපාදිසෙසො අනුපාදිසෙසං නිබ්බානධාතුං අනුපාපුණිස්සතීති නෙතං ඨානං විජ්ජති.
Sinhala BJTතවද යම් ධර්‍ම කෙනෙක් මාර්‍ගඵලයනට අන්තරායකර වූවාහු ද ඒ ධර්‍මයන් සෙවුනාහට අන්තරාය පිණිස සමර්‍ත්‍ථ නො වේ යැ යන තෙල කරුණ නො වෙයි, යළි යම් ධර්‍ම කෙනෙක් අනෛර්‍ය්‍යාණික වෙත් ද, ඒ ධර්‍මයෝ එය පිළිපදනහුට මැනැවින් දුක් ක්‍ෂයවීම පිණිස පැමිණෙති යන තෙල කරුණ නො වෙයි, යළි යම් ධර්‍ම කෙනෙක් නෛර්‍ය්‍යාණික වෙත් ද ඒ ධර්‍මයෝ එය පිළිපදනහුට මැනැවින් දුක් ක්‍ෂයවීම පිණිස පැමිණෙති යන තෙල කරුණ විද්‍යමාන වෙයි, යළි ඔබගේ ශ්‍රාවකයෙක් සඋපාදිසේස වූයේ අනුපාදිසේසනිබ්බානධාතුවට පැමිණෙන්නේයැ යන තෙල කරුණ විද්‍යමාන නො වේ.
Pali BJTදිට්ඨිසම්පන්නො මාතරං ජීවිතා වොරොපෙය්ය හත්ථෙහි වා පාදෙහි වා සුහතං කරෙය්යාති නෙතං ඨානං විජ්ජති, පුථුජ්ජනො මාතරං ජීවිතා වොරොපෙය්ය හත්ථෙහි වා පාදෙහි වා සුහතං කරෙය්යාති ඨානමෙතං විජ්ජති. එවං පිතරං. . . අරහන්තං භික්ඛුං. . . දිට්ඨිසම්පන්නො පුග්ගලො සඞ්ඝං භින්දෙය්ය සඞ්ඝෙ වා සඞ්ඝරාජිං ජනෙය්යාති, නෙතං ඨානං විජ්ජති. පුථුජ්ජනො සඞ්ඝං භින්දෙය්ය සඞ්ඝෙ වා සඞ්ඝරාජිං ජනෙය්යාති ඨානමෙතං විජ්ජති.
Sinhala BJTමාර්‍ගදෘෂ්ටිසම්පන්න සෝවාන් පුද්ගල ජනික මව දිවියෙන් තොරකරන්නේයැ අතින් හෝ පයින් හෝ අධිකව හිංසාකරන්නේයැ යන තෙල කරුණ නො වෙයි, පුහුදුන් පුද්ගල ජනික මව දිවියෙන් තොරකරන්නේයැ අතින් හෝ පයින් හෝ සුහතව හිංසාකරන්නේයැ යන තෙල කරුණ විද්‍යමාන වෙයි. මෙසේ ජනක පියා … රහත් මහණ … දිට්ඨිසම්පන්න පුද්ගල සමග සඞ්ඝයා බිඳුනේයැ සඞ්ඝයා කෙරෙහි සඞ්ඝරාජිය හෝ උපදවන්නේයැ යන තෙල කරුණ නො වෙයි, පුහුදුන් පුද්ගල සඞ්ඝයා බිඳුනේයැ සඞ්ඝයා කෙරෙහි සඞ්ඝරාජිය හෝ උපදවන්නේයැ යන තෙල කරුණ විද්‍යමාන වෙයි.
Pali BJTදිට්ඨිසම්පන්නො තථාගතස්ස දුට්ඨචිත්තො ලොහිතං උප්පාදෙය්ය, පරිනිබ්බුතස්ස වා තථාගතස්ස දුට්ඨචිත්තො ථූපං භින්දෙය්යාති නෙතං ඨානං විජ්ජති. පුථුජ්ජනො තථාගතස්ස දුට්ඨචිත්තො ලොහිතං උප්පාදෙය්ය, පරිනිබ්බුතස්ස වා තථාගතස්ස දුට්ඨචිත්තො ථූපං භින්දෙය්යා’ති ඨානමෙතං විජ්ජති. දිට්ඨිසම්පන්නො අඤ්ඤං සත්ථාරං අපදිසෙය්ය අපි ජීවිතහෙතූති නෙතං ඨානං විජ්ජති, පුථුජ්ජනො අඤ්ඤං සත්ථාරං අපදිසෙය්යාති ඨානමෙතං විජ්ජති. දිට්ඨිසම්පන්නො ඉතො බහිද්ධා අඤ්ඤං දක්ඛිණෙය්යං පරියෙසෙය්යාති නෙතං ඨානං විජ්ජති. පුථුජ්ජනො ඉතො බහිද්ධා අඤ්ඤං දක්ඛිණෙය්යං පරියෙසෙය්යාති ඨානමෙතං විජ්ජති. දිට්ඨිසම්පන්නො කුතූහලමඞ්ගලෙන සුද්ධිං පච්චෙය්යාති නෙතං ඨානං විජ්ජති. පුථුජ්ජනො කුතූහලමඞ්ගලෙන සුද්ධිං පච්චෙය්යාති ඨානමෙතං විජ්ජති.
Sinhala BJTදිට්ඨිසම්පන්න පුද්ගල දුෂ්ට සිත්ඇතිව තථාගතයන්ගේ කයෙහි ලෙහෙ උපදවන්නේ යැ දුෂ්ට සිත්ඇතිව පිරිනිවි තථාගතයන්ගේ සධාතුක ස්තූපය හෝ බිඳිනේයැ යන තෙල කරුණ නො වෙයි, පුහුදුන් පුද්ගල දුෂ්ට සිත්ඇතිව තථාගතයන්ගේ සිරුරෙහි ලෙහෙ උපදවන්නේයැ දුෂ්ට සිත් ඇතිව පිරිනිවි තථාගතයන්ගේ සධාතුක ස්තූපය හෝ බිඳිනේයැ යන තෙල කරුණ විද්‍යමාන වෙයි. දිට්ඨිසම්පන්න පුද්ගල ජීවිතහේතුයෙන් නමුදු අන්‍ය ශාස්තෘවරයකු (මේ මාගේ ශාස්තෘ යයි) දක්වන්නේයැ යන තෙල කරුණ නො වෙයි, පුහුදුන් පුද්ගල අන්‍ය ශාස්තෘවරයකු අපදෙසකරන්නේයැ යන තෙල කරුණ විද්‍යමාන වෙයි. දිට්ඨිසම්පන්න පුද්ගල මෙසස්නෙන් බැහැර අන්‍ය දක්‍ෂිණීයයකු සොයන්නේයැ යන තෙල කරුණ නො වෙයි, පුහුදුන් පුද්ගල මෙසස්නෙන් බැහැර අන්‍ය දක්‍ෂිණාර්‍හයකු සොයන්නේයැ යන තෙල කරුණ විද්‍යමාන වෙයි. දිට්ඨිසම්පන්න පුද්ගල කොතුහල (දිට්ඨිසුතමුත) මඞ්ගලයෙන් ආත්මශුද්ධිය හදහන්නේයැ යන තෙල කරුණ නො වෙයි, පෘථග්ජන පුද්ගල දිට්ඨසුතමුතමඞ්ගලයෙන් ආත්මශුද්ධිය හදහන්නේයැ යන තෙල කරුණ විද්‍යමාන වේ.
Pali BJTඉත්ථි රාජා චක්කවත්ති සියාති නෙතං ඨානං විජ්ජති. පුරිසො රාජා චක්කවත්තී සියාති ඨානමෙතං විජ්ජති. ඉත්ථි සක්කො දෙවානමින්දො සියාති නෙතං ඨානං විජ්ජති. පුරිසො සක්කො දෙවානමින්දො සියාති ඨානමෙතං විජ්ජති. ඉත්ථි මාරො පාපිමා සියාති නෙතං ඨානං විජ්ජති. පුරිසො මාරො පාපිමා සියාති ඨානමෙතං විජ්ජති. ඉත්ථි මහාබ්රහ්මා සියාති නෙතං ඨානං විජ්ජති. පුරිසො මහාබ්රහ්මා සියාති ඨානමෙතං විජ්ජති. ඉත්ථි තථාගතො අරහං සම්මාසම්බුද්ධො සියාති නෙතං ඨානං විජ්ජති. පුරිසො තථාගතො අරහං සම්මාසම්බුද්ධො සියාති ඨානමෙතං විජ්ජති.
Sinhala BJTස්ත්‍රිය සක්විතිරජ වන්නේයැ යන තෙල කරුණ නො වෙයි, පුරුෂයෙක් සක්විතිරජ වන්නේයැ යන තෙල කරුණ වෙයි. ස්ත්‍රිය ශක්‍රදේවේන්‍ද්‍ර වන්නේයැ යන තෙල කරුණ නො වෙයි, පුරුෂයෙක් ශක්‍රදේවේන්‍ද්‍ර වන්නේයැ යන තෙල කරුණ වෙයි. ස්ත්‍රිය පාපිමත් මාර වන්නේයැ යන තෙල කරුණ නො වෙයි, පුරුෂයෙක් පාපිමත් මාර වන්නේයැ යන තෙල කරුණ වෙයි. ස්ත්‍රිය මහාබ්‍රහ්ම වන්නේයැ යන තෙල කරුණ නො වෙයි, පුරුෂයෙක් මහාබ්‍රහ්ම වන්නේයැ යන තෙල කරුණ වෙයි. ස්ත්‍රිය තථාගත අර්‍හත් සම්‍යක්සම්බුද්ධ වන්නේයැ යන තෙල කරුණ නො වෙයි, පුරුෂයෙක් තථාගත අර්‍හත් සම්‍යක්සම්බුද්ධ වන්නේයැ යන තෙල කරුණ විද්‍යමාන වේ.
Pali BJTද්වෙ තථාගතා අරහන්තො සම්මාසම්බුද්ධා අපුබ්බං අචරිමං එකිස්සා ලොකධාතුයා උප්පජ්ජෙය්යුං ධම්මං වා දෙසෙය්යුන්ති නෙතං ඨානං විජ්ජති. එකොව තථාගතො අරහං සම්මාසම්බුද්ධො එකිස්සා ලොකධාතුයා උප්පජ්ජිස්සති ධම්මං වා දෙසිස්සතීති ඨානමෙතං විජ්ජති.
Sinhala BJTතථාගත අර්‍හත් සම්‍යක්සම්බුද්ධයන් වහන්සේ දෙනමක් පෙරපසු නොවැ එකවට එක් ලෝකධාතුයෙක්හි උපදනාහු යැ ධර්‍මය හෝ දෙසන්නාහු යැ යන තෙල කරුණ නො වෙයි, එක් මැ තථාගත අර්‍හත් සම්මාසම්බුදු කෙනෙක් එක් ලෝකධාතුයෙක්හි උපදනාහ, ධර්‍මය හෝ දේශනා කරන්නාහ යන තෙල කාරණය විද්‍යමාන වේ.
Pali BJTතිණ්ණං දුච්චරිතානං ඉට්ඨො කන්තො පියො මනාපො විපාකො භවිස්සතීති නෙතං ඨානං විජ්ජති. තිණ්ණං දුච්චරිතානං අනිට්ඨො අකන්තො අප්පියො අමනාපො විපාකො භවිස්සතීති ඨානමෙතං විජ්ජති. තිණ්ණං සුචරිතානං අනිට්ඨො අකන්තො අප්පියො අමනාපො විපාකො භවිස්සතීති නෙතං ඨානං විජ්ජති, තිණ්ණං සුචරිතානං ඉට්ඨො කන්තො පියො මනාපො විපාකො භවිස්සතීති ඨානමෙතං විජ්ජති.
Sinhala BJTත්‍රිවිධ දුශ්චරිතයන්ගේ ඉෂ්ට කාන්ත ප්‍රිය මනාප වූ විපාකය වන්නේයැ යන තෙල කරුණ නො වෙයි, ත්‍රිවිධ දුශ්චරිතයන්ගේ අනිෂ්ට අකාන්ත අප්‍රිය අමනාප වූ විපාකය වන්නේයැ යන තෙල කරුණ වෙයි. ත්‍රිවිධ සුචරිතයන්ගේ අනිෂ්ට අකාන්ත අප්‍රිය අමනාප වූ විපාකය වන්නේයැ යන තෙල කරුණ නො වෙයි, ත්‍රිවිධ සුචරිතයන්ගේ ඉෂ්ට කාන්ත ප්‍රිය මනාප වූ විපාකය වන්නේයැ යන තෙල කරුණ විද්‍යමාන වේ.
Pali BJTඅඤ්ඤතරො සමණො වා බ්රාහ්මණො වා කුහකො ලපකො නෙමිත්තකො කුහනලපනනෙමිත්තකත්තං පුබ්බඞ්ගමං කත්වා පඤ්චනීවරණෙ අප්පහාය චෙතසො උපක්කිලෙසෙ පඤ්ඤාය දුබ්බලීකරණෙ චතුසු සතිපට්ඨානෙසු අනුපට්ඨිතසති විහරන්තො සත්තබොජ්ඣඞ්ගෙ අභාවයිත්වා අනුත්තරං සම්මාසම්බොධිං අභිසම්බුජ්ඣිස්සතීති නෙතං ඨානං විජ්ජති. අඤ්ඤතරො සමණො වා බ්රාහ්මණො වා සබ්බදොසාපගතො පඤ්චනීවරණෙ පහාය චෙතසො උපක්කිලෙසෙ පඤ්ඤාය දුබ්බලීකරණෙ චතුසු සතිපට්ඨානෙසු උපට්ඨිතසති විහරන්තො සත්තබොජ්ඣඞ්ගෙ භාවයිත්වා අනුත්තරං සම්මාසම්බොධිං අභිසම්බුජ්ඣිස්සතීති ඨානමෙතං විජ්ජති. යං එත්ථ ඤාණං හෙතුසො ඨානසො අනොධිසො, ඉදං වුච්චති. ඨානාඨානඤාණං පඨමං තථාගතබලං. ඉති (1)
Sinhala BJTපාපේච්ඡව සම්භාවනා රිසියෙන් ජනයා විස්මයපත් කරනුයෙන් කුහක වූ ප්‍රත්‍යය ඇසිරි කොට බිණීම් වශයෙන් ලපක වූ ප්‍රත්‍යය උපදවන නිමිති කරනුයෙන් නෙමිත්තක වූ අන්‍යතර මහණෙක් වේවයි බමුණෙක් වේවයි කුහනලපනනෙමිත්තක බව පෙරදැරි කොට සිතට උපක්ලේශ වූ ප්‍රඥාව දුර්‍වල කරන පඤ්චනීවරණයන් සමුච්ඡේද නො කොට සතර සීවටයන්හි නොඑළැඹසිටි සිහි ඇතිව වාසය කරනුයේ සප්ත බෝධ්‍යඞ්ගයන් නො වඩා අනුත්තර සම්‍යක්සම්බෝධිය අවබෝධ කරන්නේ යැ යන තෙල කරුණ නො වෙයි, පාරමිප්‍රතිපක්‍ෂ වූ සියලු දෝෂයන්ගෙන් අපගත අන්‍යතර ශ්‍රමණයෙක් වේවයි බ්‍රාහ්මණයෙක් වේවයි සිතට උපක්ලේශ වූ ප්‍රඥාව දුර්‍වල කරන පඤ්චනීවරණයන් සමුච්ඡේද කොට සතර සතිපට්ඨානයන්හි එළැඹසිටි සිහිඇතිව වාසය කරනුයේ සප්ත බෝධ්‍යඞ්ගයන් වඩා අනුත්තර සම්‍යක්සම්බෝධිය අධිගම කරන්නේයැ යන තෙල කාරණය විද්‍යමාන වේ. මෙහි ස්ථානාස්ථාන දෙකට හේතුවශයෙන් එකෙණෙහි මැ (ආවර්‍ජනසමනන්තරව) අනවශේෂ කොට පැවති යම් ඥානයෙක් ඇද්ද මේ ඨානාඨානඤාණය පළමුවන තථාගත බලයැ’යි කියනු ලැබේ. (1)
Pali BJTඨානාඨානගතා සබ්බෙ ඛයධම්මා වයධම්මා විරාගධම්මා නිරොධ ධම්මා, කෙචි සග්ගූපගා කෙචි අපායූපගා කෙචි නිබ්බානූපගා. එවං භගවා ආහ:
Sinhala BJTමෙසේ උක්තප්‍රකාරයෙන් ස්ථානාස්ථානභාවයට ගිය සියලු සංඛතධර්‍මයෝ ක්‍ෂය ස්වභාව ඇති ව්‍යයස්වභාව ඇති විරාගස්වභාව ඇති නිරුද්ධ වන ස්වභාව ඇති වෙත්. (ඒ සත්ත්‍වාඛ්‍ය සංඛතයන් කෙරෙහි) ධර්‍මචාරී කිසිකෙනෙක් ස්වර්‍ගයට යන්නාහු අධර්‍මචාරී කිසිකෙනෙක් නිරයට යන්නාහු ආර්‍ය්‍යමාර්‍ගයට පිළිපන් කිසි කෙනෙක් නිවනට යන්නාහු වෙත්. බුදුහු මෙසේ වදාළහ :
Pali BJT1. “සබ්බෙ සත්තා මරිස්සන්ති මරණන්තං හි ජීවිතං, යථාකම්මං ගමිස්සන්ති පුඤ්ඤපාපඵලූපගා,
Sinhala BJT1. ආර්‍ය්‍ය වූ ද අනාර්‍ය්‍ය වූ ද සියලු සත්ත්‍වයෝ මැරෙන්නාහ, යම්හෙයෙකින් ජීවිතේන්‍ද්‍රිය මරණය අන්ත කොට ඇත්තේ ද එහෙයිනි, පුණ්‍යපාපඵලයට පැමිණියාහු කම්වුපරිදි පරලොව යන්නාහ.
Pali BJT2. නිරයං පාපකම්මන්තා පුඤ්ඤකම්මාච සුග්ගතිං, අපරෙ ච මග්ගං භාවෙත්වා පරිනිබ්බන්ති අනාසවා”ති.
Sinhala BJT2. පාපකර්‍ම ඇත්තාහු නිරයට ද පුණ්‍යකර්‍ම ඇත්තාහු සුගතියට ද යන්නාහ, යළි සසරබිය දක්නා අන්‍යයෝ ආර්‍ය්‍යමාර්‍ගය වඩා අනාස්‍රව වූවාහු පිරිනිවෙත් යයි.
Pali BJT“සබ්බෙ සත්තාති” අරියා ච අනරියා ච සක්කායපරියාපන්නා ච සක්කායවීතිවත්තා ච; “මරිස්සන්තී”ති ද්වීහි මරණෙහි: දන්ධමරණෙන ච අදන්ධමරණෙන ච; සක්කායපරියාපන්නානං අදන්ධමරනං සක්කායවීති වත්තානං දන්ධමරණං. “මරණන්තං හි ජීවිත”න්ති ඛයා ආයුස්ස ඉන්ද්රියානං උපරොධා ජීවිතපරියන්තො මරණපරියන්තො; “යථාකම්මං ගමිස්සන්තී”ති කම්මස්සකතා; “පුඤ්ඤපාපඵලූපගා”ති කම්මානං ඵලදස්සාවිතා ච අවිප්පවාසො ච; “නිරයං පාපකම්මන්තා”ති අපුඤ්ඤ සංඛාරා; “පුඤ්ඤකම්මා ච සුග්ගති”න්ති පුඤ්ඤසංඛාරා සුගතිං ගමිස්සන්ති; අපරෙ ච මග්ගං භාවෙත්වා පරිනිබ්බන්ති අනාසවා”ති සබ්බසඞ්ඛාරානං සමතික්කමනං. තෙනාහ භගවා: “සබ්බෙ -පෙ- අනාසවා”ති.
Sinhala BJTසබ්බේ සත්තා යනු : ආර්‍ය්‍යයෝ ද අනාර්‍ය්‍යයෝ ද සත්කායපර්‍ය්‍යාපන්නයෝ ද සත්කාය ඉක්මැවූවාහු ද වෙති. මරිස්සන්ති යනු : දන්‍ධමරණයෙන් ද අදන්‍ධමරණයෙන් ද යන දෙවැදෑරුම් මරණයෙන්, සත්කායපර්‍ය්‍යාපන්නයනට අදන්‍ධමරණය ද සත්කාය ඉක්මවූවනට දන්‍ධමරණය ද වෙයි. මරණන්තං හි ජීවිතං යනු : ආයුක්‍ෂය වීමෙන් ඉන්‍ද්‍රියයන්ගේ උපච්ඡේදයෙන් ජීවිතයාගේ පර්‍ය්‍යන්තය මරණපර්‍ය්‍යන්තය යි. යථා කම්මං ගමිස්සන්ති යනු : කර්‍මය ස්වකීය කොට ඇතිබව යැ, පුඤ්ඤපාපඵලූපගා යනු : කර්‍මයන්ගේ ඵලය ප්‍රත්‍යක්‍ෂව දක්නාසුලුබව ද කර්‍මඵලයෙන් අවිප්‍රවාස බව ද දක්වයි. නිරයං පාපකම්මන්තා යි අපුණ්‍යාභිසංස්කාරයෝ දක්වනලදහ. පුඤ්ඤකම්මා ච සුග්ගතිං යනු : පුණ්‍යාභිසංස්කාරහේතුයෙන් සුගතියට යන්නාහ. අපරෙ ච මග්ගං භාවෙත්වා පරිනිබ්බන්ති අනාසවා යනු : සියලු සංස්කාරයන්ගේ ඉක්මවීම යි. එයින් වදාළහ, බුදුහු : “සබ්බේ -පෙ- අනාසවා” යි.
Pali BJT“සබ්බෙ සත්තා මරිස්සන්ති මරණන්තං හි ජීවිතං යථාකම්මං ගමිස්සන්ති පුඤ්ඤපාපඵලූපගා නිරයං පාපකම්මන්තා”ති
Sinhala BJT“සබ්බේ සත්තා මරිස්සන්ති මරණන්තං හි ජීවිතං යථාකම්මං ගමිස්සන්ති පුඤ්ඤපාපඵලූපගා, නිරයං පාපකම්මන්තා” යනු :
Pali BJTආගාළ්හා ච නිජ්ඣාමා ච පටිපදා. “අපරෙ ච මග්ගං භාවෙත්වා පරිනිබ්බන්ති අනාසවා”ති මජ්ඣිමා පටිපදා.
Sinhala BJTකාමසුඛල්ලිකානුයෝග සංඛ්‍යාත ආගාළ්හ පටිපදාව ද අත්තකිලමථානුයොග සංඛ්‍යාත නිජ්ඣාම පටිපදාව ද යන දෙක යි, “අපරෙ ච මග්ගං භාවෙත්වා පරිනිබ්බන්ති අනාසවා” යනු මජ්ඣිම පටිපදා යි.
Pali BJT“සබ්බෙ සත්තා මරිස්සන්ති මරණන්තං හි ජීවිතං යථාකම්මං ගමිස්සන්ති පුඤ්ඤපාපඵලූපගා නිරයං පාපකම්මන්තා”ති
Sinhala BJT“සබ්බේ සත්තා මරිස්සන්ති මරණන්තං හි ජීවිතං යථාකම්මං ගමිස්සන්ති පුඤ්ඤපාපඵලූපගා, නිරයං පාපකම්මන්තා” යනු :
Pali BJTඅයං සංකිලෙසො; එවං සංසාරං නිබ්බත්තයති. “සබ්බෙ සත්තා මරිස්සන්ති -පෙ- නිරයං පාපකම්මන්තා”ති. ඉමෙ තයො වට්ටා: දුක්ඛවට්ටො කම්මවට්ටො කිලෙසවට්ටො. “අපරෙ ච මග්ගං භාවෙත්වා පරිනිබ්බන්ති අනාසවා”ති තිණ්ණං වට්ටානං විවට්ටනා.
Sinhala BJTමේ සංක්ලේශ යැ, මෙසේ සංසාරය නිපදවයි, “සබ්බේ සත්තා මරිස්සන්ති -පෙ- නිරයං පාපකම්මන්තා” යනු : දුක්ඛවට්ට යැ කම්මවට්ට යැ කිලේසවට්ට යැ යන මේ තුන්වර්‍තයෝ යි. “අපරෙ ච මග්ගං භාවෙත්වා පරිනිබ්බන්ති අනාසවා” යනු : තුන් වර්‍තයන්ගේ විවර්‍තනය (නැසීම) යි.
Pali BJT“සබ්බෙ සත්තා මරිස්සන්ති -පෙ- නිරයං පාපකම්මන්තා”ති ආදීනවො; “පුඤ්ඤකම්මා ච සුග්ගති”න්ති අස්සාදො; “අපරෙ ච මග්ගං භාවෙත්වා පරිනිබ්බන්ති අනාසවා”ති නිස්සරණං.
Sinhala BJT“සබ්බේ සත්තා මරිස්සන්ති -පෙ- නිරයං පාපකම්මන්තා” යනු : ආදීනව යැ, “පුඤ්ඤකම්මා ච සුග්ගතිං” යනු : ආස්වාද යැ, “අපරෙ ච මග්ගං භාවෙත්වා පරිනිබ්බන්ති අනාසවා” යනු : නිස්සරණ යි.
Pali BJT“සබ්බෙ සත්තා මරිස්සන්ති -පෙ- නිරයං පාපකම්මන්තා”ති හෙතු ච ඵලඤ්ච; පඤ්චක්ඛන්ධා ඵලං, තණ්හා හෙතු. “අපරෙ ච මග්ගං භාවෙත්වා පරිනිබ්බන්ති අනාසවා”ති මග්ගො ච ඵලඤ්ච.
Sinhala BJT“සබ්බේ සත්තා මරිස්සන්ති -පෙ- නිරයං පාපකම්මන්තා” යනු : හේතු ද ඵල ද යන දෙක යැ, පඤ්චස්කන්‍ධයෝ ඵල යැ, තණ්හාව හේතු යි. “අපරෙ ච මග්ගං භාවෙත්වා පරිනිබ්බන්ති අනාසවා” යනු : මාර්‍ගය ද ඵලය ද යන දෙක යි.
Pali BJT“සබ්බෙ සත්තා මරිස්සන්ති -පෙ- නිරයං පාපකම්මන්තා”ති අයං සංකිලෙසො; සො සංකිලෙසො තිවිධො: තණ්හාසංකිලෙසො දිට්ඨි සංකිලෙසො දුච්චරිතසංකිලෙසොති. තත්ථ තණ්හාසංකිලෙසො තීහි තණ්හාහි නිද්දිසිතබ්බො: කාමතණ්හාය භවතණ්හාය විභවතණ්හාය. යෙන යෙන වා පන වත්ථුනා අජ්ඣොසිතො තෙන තෙනෙව නිද්දිසිතබ්බො, තස්සා විත්ථාරො ඡත්තිංසාය තණ්හාය ජාලිනියා විචරිතානි. තත්ථ දිට්ඨිසංකිලෙසො උච්ඡෙදසස්සතෙන නිද්දිසිතබ්බො. යෙන යෙන වා පන වත්ථුනා දිට්ඨිවසෙන අභිනිවිසති ඉදමෙව සච්චං මොඝමඤ්ඤන්ති තෙන තෙනෙව නිද්දිසිතබ්බො. තස්සා විත්ථාරො ද්වාසට්ඨිදිට්ඨිගතානි. තත්ථ දුච්චරිතසංකිලෙසො චෙතනාචෙතසිකකම්මෙන නිද්දිසිතබ්බො. තීහි දුච්චරිතෙහි: කායදුච්චරිතෙන වචීදුච්චරිතෙන මනොදුච්චරිතෙන. තස්ස විත්ථාරො දසඅකුසලකම්මපථා. “අපරෙ ච මග්ගං භාවෙත්වා පරිනිබ්බන්ති අනාසාවා”ති ඉදං වොදානං; තයිදං වොදානං තිවිධං: තණ්හාසංකිලෙසො සමථෙන විසුජ්ඣති, සො සමථො සමාධික්ඛන්ධො. දිට්ඨිසංකිලෙසො විපස්සනාය විසුජ්ඣති, සා විපස්සනා පඤ්ඤාක්ඛන්ධො. දුච්චරිතසංකිලෙසො සුචරිතෙන විසුජ්ඣති, තං සුචරිතං සීලක්ඛන්ධො.
Sinhala BJT“සබ්බේ සත්තා මරිස්සන්ති -පෙ- නිරයං පාපකම්මන්තා” යනු : මේ සංක්ලේශ යැ, ඒ සංකිලේසය ‘තණ්හාසංකිලේස දිට්ඨිසංකිලේස දුශ්චරිතසංකිලේස’ යි ත්‍රිවිධ යි. එහි තණ්හාසංකිලෙසය කාමතණ්හායෙන් භවතණ්හායෙන් විභවතණ්හායෙන් යන තුන්වැදෑරුම් තෘෂ්ණායෙන් දැක්වියයුත්තේ යැ. තවද යම් යම් වස්තුයෙකින් හෝ අධ්‍යවසිත (බැසගන්නාලද්දේ) ද ඒ ඒ වස්තුයෙන් මැ දැක්වියයුත්තේ යි. ඒ තෘෂ්ණා විස්තාරය ෂට්ත්‍රිංශත් තෘෂ්ණාජාලිනියගේ විචරිතයෝ යි. එහි දිට්ඨිසංකිලේසය උච්ඡේද ශාශ්වත දෙකින් දැක්වියයුත්තේ යැ, යළි යම් යම් වස්තුයෙකින් දෘෂ්ටිවශයෙන් ‘මෙය මැ සැබව අන්‍යය මෝඝ යැ’ යි බැසගනී ද, ඒ ඒ වස්තුයෙන් මැ දැක්වියයුත්තේ යි. ඒ දෘෂ්ටිවිස්තරය ද්වාෂෂ්ටි දෘෂ්ටිගතයෝ යි. එහි දුශ්චරිතසංකිලේසය චේතනාකර්‍මයෙන් චෛතසිකකර්‍මයෙන් දැක්වියයුත්තේ යැ, කායදුශ්චරිතයෙන් වාග්දුශ්චරිතයෙන් මනෝදුශ්චරිතයෙන් යන තුන් දුශ්චරිතයෙනි. ඒ දුශ්චරිතවිස්තාරය දශඅකුශලකර්‍මපථයෝ යි. “අපරෙ ච මග්ගං භාවෙත්වා පරිනිබ්බන්ති අනාසවා” යන මේ චෝදනා යැ. ඒ ව්‍යවදානය ත්‍රිවිධ යැ : තණ්හාසංකිලෙසය සමථයෙන් විශුද්ධ වෙයි, ඒ සමථය සමාධිස්කන්‍ධ යි. දිට්ඨිසංකිලේසය විදර්‍ශනායෙන් විශුද්ධ වෙයි, ඒ විදර්‍ශනාව ප්‍රඥාස්කන්‍ධ යි. දුශ්චරිතසංකිලේසය සුචරිතයෙන් විශුද්ධ වෙයි, ඒ සුචරිතය ශීලස්කන්‍ධ යි.
Pali BJT“සබ්බෙ සත්තා මරිස්සන්ති මරණන්තං හි ජීවිතං යථාකම්මං ගමිස්සන්ති පුඤ්ඤපාපඵලූපගා; නිරයං පාපකම්මන්තා”ති
Sinhala BJT“සබ්බේ සත්තා මරිස්සන්ති මරණන්තං හි ජීවිතං යථාකම්මං ගමිස්සන්ති පුඤ්ඤපාපඵලූපගා නිරයං පාපකම්මන්තා” යනු :
Pali BJTඅපුඤ්ඤපටිපදා, “පුඤ්ඤකම්මා ච සුග්ගති”න්ති පුඤ්ඤපටිපදා; “අපරෙ ච මග්ගං භාවෙත්වා පරිනිබ්බන්ති අනාසවා?ති පුඤ්ඤපාපසමතික්කමපටිපදා; තත්ථ යා ච පුඤ්ඤපටිපදා යා ච අපුඤ්ඤපටිපදා අයං එකා පටිපදා සබ්බත්ථ ගාමිනී, එකා අපායෙසු එකා දෙවෙසු, යා ච පුඤ්ඤපාපසමතික්කමපටිපදා, අයං තත්ථතත්ථගාමිනී පටිපදා.
Sinhala BJTඅපුණ්‍යප්‍රතිපදා යැ, පුඤ්ඤකම්මා ච සුග්ගතිං යනු: පුණ්‍යප්‍රතිපදා යැ, අපරෙ ච මග්ගං භාවෙත්වා පරිනිබ්බන්ති අනාසවා යනු : පුණ්‍යපාපසමතික්‍රමප්‍රතිපදා යි. එහි යම් පුණ්‍යප්‍රතිපදාවකුත් යම් අපුණ්‍යප්‍රතිපදාවකුත් ඇද්ද මෝ සර්‍වත්‍රගාමිනී වූ එක් ප්‍රතිපදාවකි. එයින් එක් ප්‍රතිපදාවක් සතර අපායෙහි ද, එකක් දෙවියන් කෙරෙහි ද උපතට හේතු යි. යම් පුණ්‍ය පාප සමතික්‍රමප්‍රතිපදාවක් ඇද්ද මෝ ඒ ඒ තැන්හි දී මැ නිවනට යනසුලු ප්‍රතිපදායි. (යළි ඒ ප්‍රතිපදාවන්ගේ මැ විභාග දක්වති ‘තයො රාසි’ යනාදීන් - )
Pali BJTතයො රාසි: මිච්ඡත්තනියතො රාසි සම්මත්තනියතො රාසි අනියතො රාසි. තත්ථ යො ච මිච්ඡත්තනියතො රාසි, යො ච සම්මත්තනියතො රාසි එකා පටිපදා තත්ථතත්ථගාමිනී. තත්ථ යො අනියතො රාසි අයං සබ්බත්ථගාමිනී පටිපදා. කෙන කාරණෙන: පච්චයං ලභන්තො නිරයෙ උප්පජ්ජෙය්ය, පච්චයං ලභන්තො තිරච්ඡානයොනිසු උප්පජ්ජෙය්ය, පච්චයං ලභන්තො පෙත්තිවිසයෙසු උප්පජ්ජෙය්ය, පච්චයං ලභන්තො අසුරෙසු උප්පජ්ජෙය්ය පච්චයං ලභන්තො දෙවෙසු උප්පජ්ජෙය්ය, පච්චයං ලභන්තො මනුස්සෙසු උප්පජ්ජෙය්ය, පච්චයං ලභන්තො පරිනිබ්බායෙය්ය. තස්මායං සබ්බත්ථගාමිනී පටිපදා, යං එත්ථ ඤාණං හෙතුසො ඨානසො අනොධිසො, ඉදං වුච්චති සබ්බත්ථගාමිනීපටිපදා ඤාණං, දුතියං තථාගතබලං. ඉති (2)
Sinhala BJTමිච්ඡත්තනියත රාසි යැ සම්මත්තනියත රාසි යැ අනියත රාසි යැයි තුන් රාසියෙකි. එහි යම් මිච්ඡත්තනියත රාසියෙක් ඇද්ද යම් සම්මත්තනියත රාසියෙකුත් ඇද්ද මේ ඒ ඒ තැන යනසුලු වූ එක පටිපදාවකි. එහි යම් අනියත රාසියෙක් ඇද්ද මේ සර්‍වත්‍රගාමිනී ප්‍රතිපදා යි. කවර කරුණින යත් : අවිද්‍යාදි ප්‍රත්‍යය ලබනුයේ නිරයෙහි උපදනේ යැ, ප්‍රත්‍යය ලබනුයේ තිරිසන්යොන්හි උපදනේ යැ, ප්‍රත්‍යය ලබනුයේ ප්‍රේත්‍යවිෂයෙහි උපදනේ යැ, ප්‍රත්‍යය ලබනුයේ අසුරනිකායෙහි උපදනේ යැ, ප්‍රත්‍යය ලබනුයේ දෙව්ලොවැ උපදනේ යැ, ප්‍රත්‍යය ලබනුයේ මිනිස්ලොවැ උපදනේ යැ, ප්‍රත්‍යය ලබනුයේ පිරිනිවෙන්නේ යි. එහෙයින් මෝ සබ්බත්‍ථගාමිනී පටිපදා යි. මේ ප්‍රතිපදායෙහි හේතු වශයෙන් ප්‍රත්‍යයවශයෙන් අනවශේෂ කොට පැවැති යම් ඥානයෙක් ඇද්ද මේ ‘සබ්බත්‍ථගාමිනීපටිපදා ඤාණය’ දෙවැනි තථාගතබලය යි කියනු ලැබේ. (2)
Pali BJTසබ්බත්ථගාමිනී පටිපදා අනෙකධාතුලොකො. තත්ථතත්ථගාමිනී පටිපදා නානාධාතුලොකො. තත්ථ කතමො අනෙකධාතුලොකො: චක්ඛුධාතු රූපධාතු චක්ඛුවිඤ්ඤාණධාතු, සොතධාතු සද්දධාතු සොතවිඤ්ඤාණ ධාතු, ඝානධාතු ගන්ධධාතු ඝානවිඤ්ඤාණධාතු, ජිව්හාධාතු රසධාතු ජිව්හාවිඤ්ඤාණධාතු, කායධාතු ඵොට්ඨබ්බධාතු කායවිඤ්ඤාණධාතු, මනොධාතු ධම්මධාතු මනොවිඤ්ඤාණධාතු, පඨවීධාතු ආපොධාතු තෙජොධාතු වායොධාතු ආකාසධාතු විඤ්ඤාණධාතු කාමධාතු
Sinhala BJTමෙසේ උක්තප්‍රකාර වූ සබ්බත්‍ථගාමිනී පටිපදාව අනේකධාතුලෝක යැ, තත්‍ථතත්‍ථගාමිනී පටිපදාව නානාධාතුලෝක යි. එහි අනේකධාතුලෝක කවරෙ යැ : චක්ඛුධාතු රූපධාතු චක්ඛුවිඤ්ඤාණධාතු යැ, සෝතධාතු සද්දධාතු සෝතවිඤ්ඤාණධාතු යැ, ඝානධාතු ගන්ධධාතු ඝානවිඤ්ඤාණධාතු යැ, ජිව්හාධාතු රසධාතු ජිව්හාවිඤ්ඤාණධාතු යැ, කායධාතු ඵොට්ඨබ්බධාතු කායවිඤ්ඤාණධාතු යැ, මනෝධාතු ධම්මධාතු මනෝවිඤ්ඤාණධාතු යැ, පඨවිධාතු ආපෝධාතු තේජෝධාතු වායෝධාතු යැ, ආකාසධාතු විඤ්ඤාණධාතු යැ කාමධාතු