Pali BJTපරිවත්තන හාරවිභඞ්ගො
Sinhala BJTපරිවත්තනහාරවිභඞ්ගය
Pali BJTතත්ථ කතමො පරිවත්තනො හාරො? “කුසලාකුසලෙ ධම්මෙ”ති. සම්මාදිට්ඨිස්ස පුරිසපුග්ගලස්ස මිච්ඡාදිට්ඨි නිජ්ජිණ්ණා භවති, යෙ චස්ස මිච්ඡාදිට්ඨිප්පච්චයා උප්පජ්ජෙය්යුං අනෙකෙ පාපකා අකුසලා ධම්මා තෙ චස්ස නිජ්ජිණ්ණා හොන්ති, සම්මාදිට්ඨිප්පච්චයා චස්ස අනෙකෙ කුසලා ධම්මා සම්භවන්ති, තෙ චස්ස භාවනා පාරිපූරිං ගච්ඡන්ති. සම්මාසංකප්පස්ස පුරිසපුග්ගලස්ස මිච්ඡාසංකප්පො නිජ්ජිණ්ණො භවති, යෙ චස්ස මිච්ඡාසඞ්කප්පපච්චයා උප්පජ්ජෙය්යුං අනෙකෙ පාපකා අකුසලා ධම්මා, තෙ චස්ස නිජ්ජිණ්ණා හොන්ති, සම්මාසඞ්කප්පපච්චයා චස්ස අනෙකෙ කුසලා ධම්මා සම්භවන්ති, තෙ චස්ස භාවනා පාරිපූරිං ගච්ඡන්ති, එවං සම්මාවාචස්ස -පෙ- සම්මාකම්මන්තස්ස - සම්මාආජීවස්ස - සම්මාවායාමස්ස - සම්මාසතිස්ස - සම්මාසමාධිස්ස - සම්මාවිමුත්තිස්ස{1} - සම්මාවිමුත්තිඤාණදස්සනස්ස පුරිසපුග්ගලස්ස මිච්ඡාවිමුත්තිඤාණදස්සනං නිජ්ජිණ්ණං භවති, යෙ චස්ස මිච්ඡාවිමුත්තිඤාණදස්සනපච්චයා උප්පජ්ජෙය්යුං අනෙකෙ පාපකා අකුසලා ධම්මා, තෙ චස්ස නිජ්ජිණ්ණා හොන්ති, සම්මාවිමුත්තිඤාණදස්සනපච්චයා චස්ස අනෙකෙ කුසලා ධම්මා සම්භවන්ති, තෙ චස්ස භාවනා පාරිපූරිං ගච්ඡන්ති.
Sinhala BJTඑහි පරිවත්තනහාරය කවරෙ යැ: “කුසලාකුසලෙ ධම්මේ” යනාදි නිද්දේස ගාථා යැ, (පූර්‍වභාගසම්‍යග්දෘෂ්ටියෙන් හෝ මාර්‍ගසම්‍යග්දෘෂ්ටියෙන් හෝ) සම්‍යග්දෘෂ්ටි ඇති පුරුෂ පුද්ගලහට මිථ්‍යාදෘෂ්ටිය (පූර්‍වනයින් විදර්‍ශනා සම්‍යග්දෘෂ්ටියෙන් විෂ්කම්භිතව, පශ්චිමනයින් ශ්‍රෝතාපත්තිමාර්‍ගසම්‍යග්දෘෂ්ටියෙන් සමුච්ඡන්නව) ප්‍රහීණ වෙයි. ඔහුට මිථ්‍යාදෘෂ්ටිහේතුයෙන් යම් අනේකප්‍රකාර වු ලාමක අකුශලධර්‍ම කෙනෙක් උපදනාහු නම් ඒ අකුශලයෝ ද ඔහු විසින් නිර්ජිර්‍ණ වූවාහු (ප්‍රහීණ කරනලද්දාහු) වෙත්. සම්‍යග්දෘෂ්ටිහේතුයෙනුදු ඔහුට නොයෙක් (ශමථ විදර්‍ශනා) කුශලධර්‍මයෝ උපදිත්, ඔහුට ඒ කුශලධර්‍මයෝ ද භාවනායෙන් වැඩීමට යෙත්. සම්‍යක්සංකල්ප ඇති පුරුෂ පුද්ගලහට මිථ්‍යාසංකල්පය නිර්ජිර්‍ණ (ප්‍රහීණ) වෙයි. ඔහුට මිථ්‍යාසංකල්ප හේතුයෙන් යම්බඳු නොයෙක් ලාමක අකුශලධර්‍මයෝ උපදනාහු නම් ඔහුට අකුශලධර්‍මයෝ ද ප්‍රහීණ වෙත්. සම්‍යක්සංකල්පහේතුයෙනුදු ඔහුට නොයෙක් කුශලධර්‍මයෝ උපදිත්, ඔහුට කුශලයෝ ද භාවනායෙන් වැඩීමට යෙත්. (මෙසේ) සම්‍යග්වචන ඇති ... සම්‍යක්කර්‍මාන්ත ඇති - සම්‍යගාජීව ඇති - සම්‍යග්ව්‍යායාම ඇති - සම්‍යක්ස්මෘති ඇති - සම්‍යක්සමාධි ඇති - සම්‍යග්විමුක්ති ඇති - සම්‍යග්විමුක්තිඥානදර්‍ශන ඇති පුරුෂ පුද්ගලහට මිථ්‍යාවිමුක්තිඥානදර්‍ශනය ප්‍රහීණ වෙයි, ඔහුට මිථ්‍යාවිමුක්තිඥානදර්‍ශන හේතුයෙන් යම් අනේකප්‍රකාර වු ලාමක අකුශලධර්‍ම කෙනෙක් උපදනාහු නම් ඒ අකුශලයෝ ද ඔහු විසින් ප්‍රහීණ කරනලද්දාහු වෙත්. සම්‍යග්විමුක්තිඥානදර්‍ශන හේතුයෙනුදු ඔහුට නොයෙක් කුශලධර්‍මයෝ උපදිත්. ඒ කුශලධර්‍මයෝ ද ඔහුට භාවනායෙන් පාරිපූරියට යෙත්.
Pali BJTයස්ස වා පාණාතිපාතා පටිවිරතස්ස පාණාතිපාතො පහීනො හොති, අදින්නාදානා පටිවිරතස්ස අදින්නාදානං පහීනං හොති, බ්රහ්මචාරිස්ස අබ්රහ්මචරියං පහීනං හොති, සච්චවාදිස්ස මුසාවාදො පහීනො හොති, අපිසුනවාචස්ස පිසුනාවාචා පහීනා හොති, සණ්හවාචස්ස ඵරුසා වාචා පහීනා හොති, කාලවාදිස්ස සම්ඵප්පලාපො පහීනො හොති, අනභිජ්ඣාලුස්ස අභිජ්ඣා පහීනා හොති, අබ්යාපන්නචිත්තස්ස බ්යාපාදො පහීනො හොති, සම්මාදිට්ඨිස්ස මිච්ඡාදිට්ඨි පහීනා හොති.
Sinhala BJTතවද ඒ පණිවායෙන් වැළැකුණුහට ප්‍රාණවධය ප්‍රහීණ වෙයි, අයිනාදනින් වෙන්වූවහුට අදින්නාදානය ප්‍රහීණ වෙයි, බඹසර ඇත්තහුට අබ්‍රහ්මචරිය ප්‍රහීණ වෙයි, සත්‍යවාදීහට මෘෂාවාදය ප්‍රහීණ වෙයි, පිසුනුබස් නැතියහුට පිසුනුවාක් ප්‍රහීණ වෙයි, සිලුටුවදන් ඇතියහුට පරුෂවාක් ප්‍රහීණ වෙයි, කාලවාදීහට සම්ඵප්‍රලාප ප්‍රහීණ වෙයි, අනභිධ්‍යාලූහට අභිධ්‍යා ප්‍රහීණ වෙයි, අව්‍යාපන්න සිත් ඇතියහුට ව්‍යාපාදය ප්‍රහීණ වෙයි, සම්‍යග්දෘෂ්ටි ඇතියහුට මිථ්‍යාදෘෂ්ටි ප්‍රහීණ වේ.
Pali BJTයෙ ච ඛො කෙචි අරියං අට්ඨඞ්ගිකං මග්ගං ගරහන්ති, නෙසං සන්දිට්ඨිකා සහධම්මිකා ගාරය්හා වාදානුවාදා{2} ආගච්ඡන්ති. සම්මාදිට්ඨිං ච තෙ භවන්තො ධම්මං ගරහන්ති. තෙන හි යෙ මිච්ඡාදිට්ඨිකා තෙසං භවන්තානං පුජ්ජා ච පාසංසා ච. (එවං) සම්මාසඞ්කප්පං -පෙ- සම්මාවාචං - සම්මාකම්මන්තං - සම්මාආජීවං - සම්මාවායාමං - සම්මාසතිං - සම්මාසමාධිං - සම්මාවිමුත්තිං - - සම්මාවිමුත්තිඤාණදස්සනඤ්ච තෙ භවන්තො ධම්මං ගරහන්ති. තෙන හි යෙ මිච්ඡාවිමුත්තිඤාණදස්සනා තෙසං භවන්තානං පුජ්ජා ච පාසංසා ච.
Sinhala BJTතවද යම් කෙනෙක් ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගිකමාර්‍ගය ගරහත් ද, ඔවුනට සාන්දෘෂ්ටික වූ සකාරණ වු ගැරැහියැ යුතු වාදානුවාදයෝ පැමිණෙත්. එ භවත්හු සම්‍යග්දෘෂ්ටි ධර්‍මය ද ගරහත්. එකරුණෙන් ම ඒ භවත්නට යම් මිථ්‍යාදෘෂ්ටික කෙනෙක් වෙත් ද, ඔහු පිදිය යුත්තාහු ද පැසැසියයුත්තාහු ද වෙත්. (මෙසේ) සම්‍යක්සංකල්පය ... සම්‍යග්වචනය - සම්‍යක්කර්‍මාන්තය - සම්‍යගාජීවය - සම්‍යග්ව්‍යායාමය - සම්‍යක්ස්මෘතිය - සම්‍යක්සමාධිය - සම්‍යග්විමුක්තිය - ඒ භවත්හු සම්‍යග්විමුක්තිඥානදර්‍ශන ධර්‍මය ගරහත්, එ කරුණෙන් ම ඒ භවත්නට මිථ්‍යාවිමුක්තිඥානදර්‍ශන ඇති යම් කෙනෙක් වෙත් ද, ඔහු පිදියයුත්තාහු ද පැසැසියයුත්තාහු ද වෙත්.
Pali BJTයෙ ච ඛො කෙචි එවමාහංසු: භුඤ්ජිතබ්බා කාමා පරිභුඤ්ජිතබ්බා කාමා ආසෙවිතබ්බා කාමා නිසෙවිතබ්බා කාමා භාවයිතබ්බා කාමා බහුලීකාතබ්බා කාමා”ති. කාමෙහි වෙරමණී තෙසං අධම්මො. යෙ වා පන කෙචි එවමාහංසු: “අත්තකිලමථානුයොගො ධම්මො”ති, නීයාණිකො තෙසං ධම්මො අධම්මො. යෙ ච ඛො කෙචි එවමාහංසු: “දුක්ඛො ධම්මො” ති, සුඛො තෙසං ධම්මො අධම්මො. යථා වා පන භික්ඛුනො සබ්බසඞ්ඛාරෙසු අසුභානුපස්සිනො විහරතො සුභසුඤ්ඤා පහීයන්ති,
Sinhala BJTයළි තව ද යම් කෙනෙක් මෙසේ කියත් ද: “වස්තුකාමයෝ වැළැඳියයුත්තාහ, වස්තුකාමයෝ පරිභෝග කළයුත්තාහ, වස්තුකාමයෝ ආසේවන කළයුත්තාහ, වස්තුකාමයෝ නිරතුරු සේවන කළයුත්තාහ, ක්ලේශකාමයෝ වැඩියයුත්තාහ, ක්ලේශකාමයෝ බහුලකළයුත්තාහ” යි. ඔවුනට කාමයන් කෙරෙන් වෙන්වීම අධර්‍ම යැ. යළි යම් කෙනෙක් මෙසේ හෝ කියත් ද: “අත්තකිලමථානුයෝගය ධර්‍ම” යැයි ඔවුනට නෛර්‍ය්‍යාණික වු විදර්‍ශනාව සමග ආර්‍ය්‍යමාර්‍ගධර්‍මය අධර්‍ම යැ. තව ද යම් කෙනෙක් මෙසේ කියත් ද: “පව් නසම්හයි කරන ශරීරතාපන දුඃඛය ධර්‍ම” යැයි. ඔවුනට අනවද්‍ය ප්‍රත්‍යයපරිභෝගසුඛ සංඛ්‍යාත ධර්‍මය අධර්‍මය යැ. තවද (සුභසඤ්ඤාදි පරිවර්‍තන) මෙසේ යැ: සියලු ත්‍රෛභූමක සංස්කාරයන්හි අශුභානුදර්ශි ව වාසය කරන මහණහට අශුභයෙහි ශුභ යැයි ගන්නා විපරීත සංඥා ප්‍රහීණ වෙයි,
Pali BJTදුක්ඛානුපස්සිනො විහරතො සුඛසඤ්ඤා පහීයන්ති, අනිච්චානු පස්සිනො විහරතො නිච්චසඤ්ඤා පහීයන්ති, අනත්තානුපස්සිනො විහරතො අත්තසඤ්ඤා පහීයන්ති, යං යං වා පන ධම්මං රොචයති වා උපගච්ඡති වා තස්ස තස්ස ධම්මස්ස යො පටිපක්ඛො ස්වාස්ස අනිට්ඨිතො අජ්ඣාපන්නො භවති. තෙනාහ, ආයස්මා මහාකච්චානො: “කුසලා කුසලෙ ධම්මෙ”ති.
Sinhala BJTදුඃඛානුදර්ශීව වාසය කරන්නහුට දුඃඛයෙහි සුඛ යැයි ගන්නා සංඥා ප්‍රහීණ වෙයි, අනිත්‍යානුදර්ශීව වාසය කරන්නහුට අනිත්‍යයෙහි නිත්‍ය යයි ගන්නා විපරීතසංඥා ප්‍රහීණ වෙයි, අනාත්මානුදර්ශීව වාසය කරන්නහුට ආත්මසංඥා ප්‍රහීණ වෙයි. තවද යම් යම් ධර්‍මයක් රුචි කෙරෙයි හෝ පැමිණෙයි හෝ වේ ද ඒ ඒ ධර්‍මයට ප්‍රතිපක්‍ෂ වූ යම් ධර්‍මයෙක් ඇද්ද ඒ ධර්‍මයට ඊට අනිෂ්ට හෙයින් අභ්‍යුපගත වූයේ - දන්නාලද්දේ වේ. එයින් වදාළහ, ආයුෂ්මත් මහාකාත්‍යායන මහරහතුන් වහන්සේ: “කුසලාකුසලෙ ධම්මේ” යනාදිය.
Pali BJTනියුත්තො පරිවත්තනො හාරො.
Sinhala BJTපරිවත්තනහාරය යොදන ලද්දේ යි.
Pali BJT3. 1. 10.
Sinhala BJT3. 1. 10.
Pali BJTවෙවචනහාරවිහඞ්ගො
Sinhala BJTවේවචනහාරවිභඞ්ගය
Pali BJTතත්ථ කතමො වෙවචනො හාරො: “වෙවචනානි බහූනී”ති. යථා එකං භගවා ධම්මං අඤ්ඤමඤ්ඤෙහි වෙවචනෙහි නිද්දිසති. යථාහ භගවා:
Sinhala BJTඑහි වේවචනහාරය කවරෙ යැ: “වෙවචනාති බහුනි” යනාදි නිද්දේසගාථා යි. ඒ මෙසේ යැ. භාග්‍යවතුන් වහන්සේ එක් ධර්‍මයක් අන්‍යෝන්‍ය පර්‍ය්‍යායවචනයන්ගෙන් දක්වන සේක. මෙසේ වදාළහ, බුදුහු:
Pali BJT1. “ආසා පිහා ච අභිනන්දනා ච අනෙකධාතූසු සරා පතිට්ඨිතා, අඤ්ඤාණමූලප්පභවා පජප්පිතා සබ්බා මයා බ්යන්තිකතා සමූලකා”ති
Sinhala BJT1. අනාගතාර්‍ත්‍ථ ප්‍රාර්‍ත්‍ථනා කරන ආශාව ද අනාගත ප්‍රත්‍යුත්පන්නාර්‍ත්‍ථවිෂය වු තෘෂ්ණා සංඛ්‍යාත පිහාව ද නිෂ්පන්නාර්‍ත්‍ථ ප්‍රතිපාලන කරන අභිනන්‍දනාව ද චක්ඛුධාතු ආදි අනේක ධාතුවිෂයෙහි පිහිටි අවිද්‍යාමූලය ප්‍රභව කොට ඇති තෘෂ්ණා සංඛ්‍යාත සියලු ප්‍රජපිල්තයෝ මා විසින් මූලසහිතව විගතාන්ත කරන ලද්දාහු යයි.
Pali BJTආසා නාම වුච්චති: යා භවිස්සස්ස අත්ථස්ස ආසිංසනා, අවස්සං ආගමිස්සතීති ආසාස්ස උප්පජ්ජති. පිහා නාම යා චත්තමානකස්ස අත්ථස්ස පත්ථනා, සෙය්යතරං වා දිස්වා එදිසො භවෙය්යන්ති පිහාස්ස උප්පජ්ජති. අත්ථනිප්ඵත්තිපටිපාලනා අභිනන්දනා නාම, පියං වා ඤාතිං අභිනන්දති, පියං වා ධම්මං අභිනන්දති, අප්පටිකූලතො වා අභිනන්දති. අනෙකධාතූති: චක්ඛුධාතු රූපධාතු චක්ඛුවිඤ්ඤාණධාතු සොතධාතු සද්දධාතු සොතවිඤ්ඤාණධාතු ඝානධාතු ගන්ධධාතු ඝානවිඤ්ඤාණධාතු ජිව්හාධාතු රසධාතු ජිව්හාවිඤ්ඤාණධාතු කායධාතු ඵොට්ඨබ්බධාතු කායවිඤ්ඤාණධාතු මනොධාතු ධම්මධාතු මනොවිඤ්ඤාණධාතු. සරාති කෙචි රූපාධිමුත්තා කෙචි සද්දාධිමුත්තා කෙචි ගන්ධාධිමුත්තා කෙචි රසාධිමුත්තා කෙචි ඵොට්ඨබ්බාධිමුත්තා කෙචි ධම්මාධිමුත්තා. තත්ථ යානි ඡ ගෙහසිතානි දොමනස්සානි යානි ච ඡ ගෙහසිතානි සොමනස්සානි යානි ච ඡ නෙක්ඛම්මසිතානි දොමනස්සානි යානි ච ඡ නෙක්ඛම්මසිතානි සොමනස්සානි, ඉමානි චතුවීස පදානි තණ්හාපක්ඛො, තණ්හාය එතං වෙවචනං. යා ඡ උපෙක්ඛා ගෙහසිතා අයං දිට්ඨිපක්ඛො. සායෙව පත්ථනාකාරෙන ධම්මනන්දි ධම්මපෙමං ධම්මජ්ඣොසොනන්ති තණ්හාය එතං වෙවචනං.
Sinhala BJTඅනාගත වූ ඊප්සිතාර්‍ත්‍ථයාගේ යම් ආශංසනයක් වේ ද එය ‘ආසා’ නමැයි කියනු ලැබේ. ‘අවශ්‍යයෙන් ඊප්සිතාර්‍ත්‍ථය ලැබෙන්නේය’ යි ඔහුට ආශාව උපදී. වර්‍තමාන අර්‍ත්‍ථයාගේ යම් ප්‍රාර්‍ත්‍ථනාවක් වේ ද එය ‘පිහා’ නම,ශ්‍රේෂ්ඨතරයකු හෝ දැක ‘මෙබඳු වෙම්ව’ යි ඔහුට පිහා (කැමැත්ත) උපදී. අර්‍ත්‍ථනිෂ්පත්තිප්‍රතිපාලනය (නිපන් අර්‍ත්‍ථය රැකීම) ‘අභිනන්‍දනා’ නම, (සත්‍වසංස්කාරකෙලායනය අභිනන්‍දනා යි) ප්‍රිය ඥාතියකු හෝ අභිනන්‍දන කෙරෙයි (සතුටින් පිළිගනී.) ප්‍රිය වූ රූපාදි ආලම්බනධර්‍මය හෝ අභිනන්‍දන කෙරෙයි. (ප්‍රතිකූල ආලම්බනයෙහිදු විපර්‍ය්‍යාස විසින්) අප්‍රතිකූල හෙයින් අභිනන්‍දන කෙරෙයි. “අනේකධාතු” යනු: ‘චක්ඛුධාතු රූපධාතු චක්ඛුවිඤ්ඤාණධාතු, සෝතධාතු සද්දධාතු සෝතවිඤ්ඤාණධාතු, ඝානධාතු ගන්ධධාතු ඝානවිඤ්ඤාණධාතු, ජිව්හාධාතු රසධාතු ජීව්හාවිඤ්ඤාණධාතු, කායධාතු ඵොට්ඨබ්බධාතු කායවිඤ්ඤාණධාතු, මනෝධාතු ධම්මධාතු මනෝවිඤ්ඤාණධාතු යන මොහු යැ. “සරා” යනු: කිසි කෙනෙක් රූපයෙහි ඇලුණාහුය, කිසි කෙනෙක් ශබ්දයෙහි ඇලුණාහ, කිසි කෙනෙක් ගන්‍ධයෙහි ඇලුණාහ, කිසි කෙනෙක් රසයෙහි ඇලුණාහ, කිසි කෙනෙක් පහසෙහි ඇලුණාහ, කිසි කෙනෙක් ධර්‍මාලම්බනයෙහි ඇලුණාහු වෙත්. එහි යම් සවැදැරුම් ගෘහශ්‍රිත දොම්නස් වේදනා කෙනෙක් වෙත් ද, යම් ෂට්ගෘහශ්‍රිත සොම්නස් කෙනෙකුත් වෙත් ද, යම් ෂට්නෛෂ්ක්‍රම්‍යශ්‍රිත දොම්නස් කෙනෙකුත් වෙත් ද, යම් ෂට්නෛෂ්ක්‍රම්‍යශ්‍රිත සොම්නස් කෙනෙකුත් වෙත් ද, මේ සූවිසි පදයෝ තෘෂ්ණාපක්‍ෂය වෙයි, තෙල තෘෂ්ණාවට වේවචනයි. යම් සවැදැරුම් ගෘහශ්‍රිත උපේක්‍ෂාවක් වේ ද මේ දෘෂ්ටිපක්‍ෂ යි, ඒ තෘෂ්ණාව ම ප්‍රාර්‍ත්‍ථනාකාරයෙන් පවත්නා හෙයින් ධම්මනන්‍දි ධම්මපෙම ධම්මජීඣොසාන යී ද වේ. තෙල තෘෂ්ණාවට වේවචන යි.
Pali BJTචිත්තං මනො විඤ්ඤාණන්ති චිත්තස්ස එතං වෙවචනං. මනින්ද්රියං මනොධාතු මනායතනං විජානනාති මනස්සෙතං වෙවචනං.
Sinhala BJTචිත්ත යැ මනෝවිඤ්ඤාණ යැ යන තෙල චිත්තයට වේවචන යැ, මනින්‍ද්‍රිය යැ, මනෝධාතු යැ, මනායතන යැ, විජානනා යැ යන මේ මනසට පරියාය වචන යි.
Pali BJTපඤ්ඤින්ද්රියං පඤ්ඤාබලං අධිපඤ්ඤාසික්ඛා පඤ්ඤා පඤ්ඤාක්ඛන්ධො ධම්මවිචයසම්බොජ්ඣඞ්ගො ඤාණං සම්මාදිට්ඨි තීරණා විපස්සනා ධම්මෙ ඤාණං අත්ථෙ ඤාණං අන්වයෙ ඤාණං ඛයෙ ඤාණං අනුප්පාදෙ ඤාණං අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියං අඤ්ඤින්ද්රියං අඤ්ඤාතාවින්ද්රියං චක්ඛු විජ්ජා බුද්ධි භූරි මෙධා ආලොකො, යං වා පන කිඤ්චි අඤ්ඤම්පි එවං ජාතියං පඤ්ඤාය එතං වෙවචනං. පඤ්චින්ද්රියානි ලොකුත්තරානි, සබ්බා පඤ්ඤා, අපි ච ආධිපතෙය්යට්ඨෙන සද්ධා, ආරම්භට්ඨෙන විරියං, අපිලාපනට්ඨෙන සති, අවික්ඛෙපට්ඨෙන සමාධි, පජානනට්ඨෙන පඤ්ඤා.
Sinhala BJTපඤ්ඤින්‍ද්‍රිය පඤ්ඤාබල අධිපඤ්ඤාසික්ඛා පඤ්ඤා පඤ්ඤක්ඛන්‍ධ ධම්මවිචය සම්බොජ්ඣඞ්ග ඤාණ සම්මාදිට්ඨි තීරණා විපස්සනා ධම්මේඤාණ අත්‍ථේඤාණ අන්‍වයෙඤාණ ඛයෙඤාණ අනුප්පාදෙඤාණ අනඤ්ඤාතඤ්ඤාස්සාමීතින්‍ද්‍රිය අඤ්ඤින්‍ද්‍රිය අඤ්ඤාතාවින්‍ද්‍රිය චක්ඛු විජ්ජා බුද්ධි භූරි මේධා ආලෝක යැ යනු ද, යළි යම් කිසි මෙබඳු ස්වභාව ඇති පඤ්ඤා පජානනා ආදි අනිකුදු වචන හෝ ඇද්ද තෙල ප්‍රඥාවට වේවචන යි. ‘ඛයෙඤාණං’ යනාදි පඤ්චේන්‍ද්‍රියයෝ ලෝකෝත්තරප්‍රඥාවට වේවචනයෝ යැ, ඉතිරි සියලු පඤ්ඤාවේවචනයෝ ලෞකික ලෝකෝත්තරමිශ්‍රයෝ යි. තවද අධිමෝක්‍ෂ ලක්‍ෂණයෙහි අධිපතිභාවාර්‍ත්‍ථයෙන් ‘සද්ධා’ යැ ආරම්භාර්‍ත්‍ථයෙන් ‘විරිය’යැ අපිලාපනාර්‍ත්‍ථයෙන් ‘සති’යැ අවික්‍ෂේපාර්‍ත්‍ථයෙන් ‘සමාධි’යැ ප්‍රජානනාර්‍ත්‍ථයෙන් ‘පඤ්ඤා’ යි.
Pali BJTයථා ච බුද්ධානුස්සතියං වුත්තං: “ඉතිපි සො භගවා අරහං සම්මා සම්බුද්ධො විජ්ජාචරණසම්පන්නො සුගතො ලොකවිදූ අනුත්තරො පුරිසදම්මසාරථී සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවා” බලනිප්ඵත්තිගතො වෙසාරජ්ජප්පත්තො අධිගතපටිසම්භිදො චතුයොගවිප්පහීනො අගතිගමන වීතිවත්තො උද්ධටසල්ලො නිරූළ්හවණො මද්දිතකණ්ටකො නිබ්බාපිත පරියුට්ඨානො බන්ධනාතීතො ගන්ථවිනිවෙඨනො අජ්ඣාසයවීතිවත්තො භින්නන්ධකාරො චක්ඛුමා ලොකධම්මසමතික්කන්තො අනුරොධවිරොධ විප්පයුත්තො ඉට්ඨානිට්ඨෙසු ධම්මෙසු අසඞ්ඛෙපගතො බන්ධනාතිවත්තො ඨපිතසඞ්ගාමො අභික්කන්තරො උක්කාධරො ආලොකකරො පජ්ජොතකරො තමොනුදො රණඤ්ජහො අපරිමාණවණ්ණො අප්පමෙය්යවණ්ණො අසඞ්ඛෙය්යවණ්ණො ආභඞ්කරො පභඞ්කරො ධම්මොභාසපජ්ජොත කරොති ච බුද්ධා භගවන්තොති ච බුද්ධානුස්සතියා එතං වෙවචනං.
Sinhala BJTයළි බුද්ධානුස්සතිනිද්දේසයෙහි මෙසේ වදාරන ලදි: “ඒ භාග්‍යවත් බුදුහු මෙ කරුණෙන් ‘අරහං’ යැ ‘සම්මාසම්බුද්ධ’ යැ ‘විජ්ජාචරණසම්පන්න’ යැ ‘සුගත’ යැ ‘ලෝකවිදු’ යැ ‘අනුත්තර පුරිසදම්මසාරථි’ යැ ‘දේවමනුස්සානං සත්‍ථා’ යැ ‘භගවා’ යැ. දසබලයෙහි නිමාවට ගියහෙයින් ‘බලනිප්ඵත්තිගත’ යැ අටපිරිස්හි විසාරද වූයෙන් ‘වේසාරජ්ජප්පත්ත’ යැ පටිසම්භිදාඅධිගම කළ හෙයින් ‘අධිගතපටිසම්භිද’ යැ ප්‍රහීණ කළ කාමාදි යෝග ඇතියෙන් ‘චතුයෝගවිප්පහීන’ යැ ‘අගතිගමනවිතිවත්ත’ යැ උපුළ රාගාදි ශල්‍ය ඇතියෙන් ‘උද්ධටසල්ල’ යැ ගෝපිත ඉන්‍ද්‍රිය ඇතියෙන් ‘නිරූළ්හවණ’ යැ මැඩැපී කෙලෙස් ඇතියෙන් ‘මද්දිත කණ්ටක’ යැ නැසූ රාගාදි පරියුට්ඨාන ඇතියෙන් ‘නිබ්බාපිතපරියුට්ඨාන’ යැ නැසූ සංයෝජන ඇතියෙන් ‘බන්‍ධනාතීත’ යැ පියු අභිධ්‍යාදි කායග්‍රන්‍ථ ඇතියෙන් ‘ගන්‍ථවිනිවෙඨන’ යැ ඉක්මවූ භවතෘෂ්ණාදිය ඇතියෙන් ‘අජ්ඣාසයවීතිවත්ත’ යැ බුන් අවිද්‍යා ඇතියෙන් ‘භින්නන්‍ධකාර’ යැ පසැස් ඇතියෙන් ‘චක්ඛුම’ යැ ඉක්මවූ අටලෝදහම් ඇතියෙන් ‘ලෝකධම්මසමතික්කන්ත’ යැ අනුනය ප්‍රතිඝ රහිත හෙයින් ‘අනුරෝධවිරෝධවිප්පයුත්ත’ යැ ඉටුඅනිටු දහම්හි නොහැකිළෙනුයෙන් ‘ඉටිඨානිට්ඨෙසු ධම්මේසු අසඞ්ඛේපගත’ යැ ඉක්මවූ බන්‍ධන ඇතියෙන් ‘බන්‍ධනාතිවත්ත’ යැ හළ විවාද ඇතියෙන් ‘ඨපිතසඞ්ගාම’ යැ ‘අභික්කන්තර’ යැ නැණපහන් දරනුයෙන් ‘උක්කාධාර’ යැ ‘ආලෝකකර’ යැ ‘පජ්ජෝතකර’ යැ මෝහතම දුරුකරනුයෙන් ‘තමෝනුද’ යැ ක්ලේශරණ දුරුකරනුයෙන් ‘රණඤ්ජහ’ යැ අප්‍රමාණ වූ ශරීරවර්‍ණ ගුණවර්‍ණ ඇතියෙන් ‘අපරිමාණවණ්ණ’ යැ පමණ නොකළහෙන වර්‍ණ ඇතියෙන් ‘අප්පමෙය්‍යවණ්ණ’ යැ සඞ්ඛ්‍යා නොකළහෙන වර්‍ණ ඇතියෙන් ‘අසඞ්ඛෙය්‍යවණ්ණ’ යැ ‘ආභඞ්කර’යැ ‘පභඞ්කර’ යැ ‘ධම්මේ භාසපජ්ජෝතකර’ යී ද ‘බුද්ධා භගවන්තො’ යී ද බුද්ධානු ස්මෘතියට තෙල වේවචන යි.
Pali BJTයථා ච ධම්මානුස්සතියං වුත්තං: “ස්වාක්ඛාතො භගවතා ධම්මො සන්දිට්ඨිකො අකාලිකො එහිපස්සිකො ඔපනයිකො{1} පච්චත්තං වෙදිතබ්බො විඤ්ඤූහි” යදිදං මදනිම්මදනො පිපාසවිනයො ආලයසමුග්ඝාතො වට්ටූපච්ඡෙදො සුඤ්ඤතො අතිදුල්ලභො තණ්හක්ඛයො විරාගො නිරොධො නිබ්බානං.
Sinhala BJTතවද ධම්මානුස්සතිනිද්දේසයෙහි මෙසේ වදාරන ලදි: ‘භාග්‍යවතුන් විසින් ධර්‍මය ‘ස්වාක්ඛාත’ යැ සිය සතන්හි රාගාදිය දුරුකිරීමෙන් තමා මැ දැක්කයුතු නුයි ‘සන්‍දිට්ඨික’ යැ ඵලදානය සඳහා කල් නොඉක්මේ නුයි ‘අකාලික’ යැ ‘එව බලව’යි කියනුවට සුදුසු නුයි ‘ඒහිපස්සික’ යැ තම සතන්හි පමුණුවාලීමට නිසි නුයි ‘ඕපනයික’ යැ විඥයන් විසින් තමතමා කෙරෙහි ලා දතයුතු නුයි ‘පව්චත්ත වේදිතබ්බ’ යැ. ඒ දහම ඊට පැමිණ මානමදාදිය නිම්මද වේ නුයි ‘මදනිම්මදන’ යැ කාමපිපාසාදිය අපගම වේ නුයි ‘පිපාසවිනය’යැ කාමාලයාදිය නැසේ නුයි ‘ආලයසමුග්ඝාත’ යැ කර්‍මාදි තුන්වට සිදේ නුයි ‘වට්ටුපච්ඡේද’ යැ ‘සුඤ්ඤත’ යැ ‘අතිදුල්ලභ’ යැ ‘තණ්හක්ඛය’ යැ ‘විරාග’ යැ ‘නිරෝධ’ යැ ‘නිබ්බාන’යි.
Pali BJT2. “අසඞ්ඛතං{2} නන්තමනාසවං ච සච්චං ච පාරං නිපුණං සුදුද්දසං, අජජ්ජරං ධුවමපලොකිතං ච අනිදස්සනං නිප්පපඤ්චං ච සන්තං.
Sinhala BJT2. කිසි ප්‍රත්‍යයෙකින් නො කරනලද නුයි ‘අසඞ්ඛත’ යැ අන්ත(විනාශ) නැත් නුයි ‘අනන්ත’ යැ ආස්‍රවයනට අරමුණු නොවේ නුයි ‘අනාසව’ යැ අවිපරීතස්වභාව හෙයින් ‘සච්ච’ යැ පරතීර බැවින් ‘පාර’ යැ නිපුණඥානවිෂය හෙයින් ද සූක්‍ෂම හෙයින් ද ‘නිපුණ’ යැ අනුපචිත ඥානසම්භාර ඇතියෙන් විසින් නොදැක්කහේ නුයි ‘සුදුද්දස’ යැ ජාතිජරායෙන් අනුපද්‍රැත හෙයින් ‘අජජ්ජර’ යැ ස්ථිර බැවින් ‘ධුව’ යැ ජරාමරණයෙන් නොබිදේ නුයි ‘අපලෝකිත’ යැ මසැසිනුදු දිවැසිනුදු නොදැක්කහේ නුයි ‘අනිදස්සන’යැ රාගාදි ප්‍රපඤ්ච නැතියෙන් ‘නිප්පපඤ්ච’ යැ ක්ලේශාභිසංස්කාරයන්ගේ ව්‍යුපශමයට කාරණා බැවින් ‘සාන්ත’ යි.
Pali BJT3. අමතං පණීතං ච සිවං ච ඛෙමං තණ්හක්ඛයො අච්ඡිරියං ච අබ්භුතං, අනීතිකං’නීතිකධම්මමෙව වා{1} නිබ්බානමෙතං සුගතෙන දෙසිතං.
Sinhala BJT3. අමෘතයට හේතුබැවිනුදු භඞ්ග නැතියෙනුදු ‘අමත’ යැ උත්තමාර්‍ත්‍ථයෙන් ‘පණීත’ යැ වර්‍තදුඃඛ නැතියෙන් ‘සිව’ යැ සතර යෝගයෙන් අනුපද්‍රව බැවින් ‘ඛේම’ යැ තෘෂ්ණාක්‍ෂය වේ නුයි ‘තණ්හක්ඛය’ යැ කාලාන්තරයෙහි දැක්කයුතු හෙයින් ‘අච්ඡරිය’ යැ එහෙයින් ම ‘අබ්භූත’ යැ අනන්තරායබවට හේතුවනුයෙන් ‘අනීතික’ යැ අනන්තරායස්වභාවට හේතුවන හෙයින් ‘අනීතිකධම්ම’ යැයි මේ නිවන සුගතයන් විසින් දෙසන ලදි.
Pali BJT4. අජාතං අභූතං අනුපද්දවඤ්ච අකතං අසොකං ච අථො විසොකං, අනුපසග්ගං’නුපසග්ගධම්මං නිබ්බානමෙතං සුගතෙන දෙසිතං.
Sinhala BJT4. නූපදනා සැහැවි ඇතියෙන් ‘අජාත’ යැ එහෙයින් ම ‘අභූත’ යැ උපද්‍රව නැති බැවින් ‘අනුපද්දව’ යැ ප්‍රත්‍යයෙකින් නොකරනලද නුයි ‘අකත’ යැ ශෝක නැත් නුයි ‘අසෝක’ යැ නැවත ශෝකහේතු විගමයෙන් ‘විසෝක’ යැ කිසිවකු විසින් පීඩිත නොවන බැවින් ‘අනුපසග්ග’ යැ (එසේම) ‘අනුපසග්ගධම්ම’ යැ යි ද තෙල නිවන සුගතයන් විසින් දෙසන ලදි.
Pali BJT5. ගම්භීරඤ්චෙව දුප්පස්සං උත්තරං ච අනුත්තරං, අසමං අප්පටිසමං ජෙට්ඨං සෙට්ඨන්ති වුච්චති.
Sinhala BJT5. ගැඹුරු නුවණට ගෝචර හෙයින් ‘ගම්භීර’ යැ සම්‍යක් ප්‍රතිපත් නැතිව දක්නට නොහැකි වන බැවින් ‘දුප්පස්ස’ යැ සියලු ලොව උත්තරණය කොට සිටියේ නුයි ‘උත්තර’ යැ තෙල දහමට උත්තරයෙක් නැත් නුයි ‘අනුත්තර’ යැ සදෘශයක්හු නැතියෙන් ‘අසම’ යැ ප්‍රතිභාගයකු නැතියෙන් ‘අප්පටිසම’ යැ උත්තමාර්‍ත්‍ථයෙන් ‘ජෙට්ඨ’ යැ ප්‍රශස්‍යතම නුයි ‘සෙට්ඨ’ යයි ද කියනු ලැබේ.
Pali BJT6. ලෙනඤ්ච තාණං අරණං අනඞ්ගණං අකාච{2} මෙතං විමලන්ති වුච්චති, දීපො සුඛං අප්පමාණං පතිට්ඨා අකිඤ්චනං අප්පපඤ්චන්ති වුත්ත”න්ති.
Sinhala BJT6. සසරදුකින් පීඩිතයන් විසින් නිලීන කළයුතු නුයි ‘ලෙන’ යැ සසරදුකින් රක්නාහෙයින් ‘තාණ’ යැ රණාභාවයෙන් ‘අරණ’ යැ අඞ්ගණාභාවයෙන් ‘අනඞ්ගණ’ යැ නිදොස් බැවින් ‘අකාව’ යැ රාගාදි මලාපගමයෙන් තෙල ‘විමල’ යි ද කියනු ලැබේ. සතර ඕඝයෙන් වතුරු නොගන්නා හෙයින් ‘දීප’ යැ ව්‍යුපශම සුඛතායෙන් ‘සුඛ’ යැ පමණ නොකළහේ නුයි ‘අප්පමාණ’ යැ සසරසයුරෙහි නොගැලෙනුයෙන් ‘පතිට්ඨා’ යැ රාගාදි කිඤ්චනාභාවයෙන් ‘අකිඤ්චන’ යැ තෘෂ්ණාදි ප්‍රපඤ්චාභාවයෙන් ‘අප්පපඤ්ච’ යයි ද වදාරන ලද්දේ යි.
Pali BJTධම්මානුස්සතියා එතං වෙවචනං.
Sinhala BJTතෙල ධම්මානුස්සතියට වේවචන යි.
Pali BJTයථා ච සඞ්ඝානුස්සතියං වුත්තං: “සුපටිපන්නො උජුපටිපන්නො ඤායපටිපන්නො සාමීචිපටිපන්නො යදිදං චත්තාරි පුරිසයුගානි අට්ඨපුරිසපුග්ගලා එස භගවතො සාවකසඞ්ඝො ආහුනෙය්යො පාහුනෙය්යො දක්ඛිණෙය්යො අඤ්ජලිකරණීයො අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලොකස්ස” සීලසම්පන්නො සමාධිසම්පන්නො පඤ්ඤාසම්පන්නො විමුත්තිසම්පන්නො විමුත්තිඤාණදස්සනසම්පන්නො සත්තානං සාරො සත්තානං මණ්ඩො සත්තානං උද්ධාරො සත්තානං එසිකා සත්තානං සුරභිපසූනං{3} පුජ්ජො දෙවානං මනුස්සානං චාති සඞ්ඝානුස්සතියා එතං වෙවචනං.
Sinhala BJTතවද සඞ්ඝානුස්සතියෙහි මෙසේ වදාරන ලදි: සම්‍යක්ප්‍රතිපත්හි මොනොවට පිළිපන් හෙයින් ‘සුපටිපන්න’ යැ මැදුම්පිළිවෙත්හි පිළිපන් හෙයින් ‘උජුපටිපන්න’ යැ ඤාය සංඛ්‍යාත නිවනට පිළිපන් හෙයින් ‘ඤායපටිපන්න’ යැ සාමීචීකර්‍මාර්‍භව පිළිපන් හෙයින් ‘සාමීචීපටිපන්න’ යැ අෂ්ට පුරුෂ පුද්ගල වූ යම් සතර පුරුෂයුගල කෙනෙක් වෙත් ද භාග්‍යවතුන් වහන්සේගේ තෙල ශ්‍රාවක සඞ්ඝ දුරසිට අවුත් පිදීමට සුදුසු නුයි ‘ආහුනෙය්‍ය’ යැ අමුතුසත්කාරයට සුදුසු නුයි ‘පාහුනෙය්‍ය’ යැ දක්‍ෂිණාර්‍හ නුයි ‘දක්‍ෂිණෙය්‍ය’ යැ අඤ්ජලිකර්‍මාර්හ නුයි ‘අඤ්ජලිකරණීය’ යැ ලොවට ‘අනුත්තර පුඤ්ඤක්ඛෙත්ත’ යැ. ‘සීලසම්පන්න’ යැ ‘සමාධිසම්පන්න’ යැ ‘පඤ්ඤාසම්පන්න’ යැ ‘විමුත්තිසම්පන්න’ යැ ‘විමුත්තිඤාණදස්සනසම්පන්න’ යැ සාරගුණ යෝගයෙන් සත්ත්‍වයන් කෙරෙහි ‘සාර’ යැ සත්ත්‍වයන් කෙරෙහි ‘මණ්ඩ’ යැ ගුණ විසින් මැ උද්ධරණය කටයුතු නුයි සත්ත්‍වයන් කෙරෙහි ‘උද්ධාර’ යැ අචල ගුණ ඇතියෙන් සත්ත්‍වයන් කෙරෙහි ‘එසිකා’ යැ ගුණසෝභාසුරභිභාවයෙන් සත්ත්‍වයන් කෙරෙහි ‘පසූන’ යැ (සුවඳ කුසුමයෙකැයි සේයි.) දෙවියන් විසිනිදු මිනිසුන් විසිනිදු ‘පූජ්‍ය’යැයි. තෙල සඞ්ඝානුස්සතියට වේවචන යි.
Pali BJTයථා ච සීලානුස්සතියං වුත්තං: “යානි තානි සීලානි අඛණ්ඩානි අච්ඡිද්දානි අසබලානි අකම්මාසානි අරියානි අරියකන්තානි භුජිස්සානි විඤ්ඤුප්පසත්ථානි අපරාමට්ඨානි සමාධි සංවත්තනිකානි”. අලඞ්කාරො ච සීලං උත්තමඞ්ගොපසොභනතාය, නිධානඤ්ච සීලං සබ්බදොභග්ග සමතික්කමනට්ඨෙන, සිප්පඤ්ච සීලං අක්ඛණවෙධිතාය, වෙලා ච සීලං අනතික්කමනට්ඨෙන, ධඤ්ඤං ච සීලං දාළිද්දොපච්ඡෙදනට්ඨෙන, ආදොසො ච සීලං ධම්මවොලොකනතාය, පාසාදො ච සීලං වොලොකනට්ඨෙන, සබ්බභූමානුපරිවත්ති ච සීලං අමතපරියොසානන්ති සීලානුස්සතියා එතං වෙවචනං.
Sinhala BJTතවද සීලානුස්සති නිද්දේසයෙහි මෙසේ වදාරන ලදි : ඒ ශීලයෝ නොකඩ බැවින් ‘අඛණ්ඩ’ යැ නොසිදුරු බැවින් ‘අච්ඡිද්ද’ යැ නො කබර බැවින් ‘අසබල’ යැ අතරතුරෙහි නොබිදුණු හෙයින් කල්මාෂ නොවූයෙන් ‘අකම්මාස’ යැ නිර්දෝෂ හෙයින් ‘අරිය’ යැ බුද්ධාදි ආර්‍ය්‍යයනට කාන්ත හෙයින් ‘අරියකන්ත’ යැ තෘෂ්ණාදාසව්‍යතායෙන් මිදුණු ‘භුජිස්ස’ යැ බුද්ධාදී විඥයන් විසින් ප්‍රශස්ත හෙයින් ‘විඤ්ඤූප්පසත්‍ථ’ යැ තෘෂ්ණාදෘෂ්ටීන් පරාමර්‍ශ නොකළහෙයින් ‘අපරාමට්ඨ’ යැ උපචාරසමාධි ආදිය පිණිස පවත්නාහෙයින් ‘සමාධිසංවත්තනික’ යැ. ගුණයන් කෙරෙහි උත්තමාඞ්ග වූ ප්‍රඥාව හොබවනුයෙන් සීලය ‘අලංකාර’ ද වෙයි. සියලු දුර්භගතා ඉක්මවන අටින් සීලය ‘නිධාන’ ද වෙයි. අක්‍ෂණවේධී බැවින් සීලය ‘සිප්ප’ ද වෙයි. සීමා නොඉක්මවන අටින් සීලය ‘වෙලා’ ද වෙයි, දිළිඳුබව නසන අටින් සීලය ‘ධඤ්ඤ’ ද වෙයි. ශමථ විදර්‍ශනාදිධර්‍ම අවලෝකන කරනබැවින් සීලය ‘ආදාස’ ද වෙයි, අභිඥාචක්‍ෂුසින් ලොව බලනඅටින් සීලය ‘පාසාද’ ද වෙයි, අමෘතය පර්‍ය්‍යවසාන කොට ඇති සීලය ‘සබ්බභූමානුපරිවත්ති’ ද වේ යයි. තෙල සීලානුස්සතියට වේවචන යි.
Pali BJTයථා ච චාගානුස්සතියං වුත්තං: “යස්මිං සමයෙ අරියසාවකො අගාරං අජ්ඣාවසති මුත්තචාගො පයතපාණී වොස්සග්ගරතො යාචයොගො දානසංවිභාගරතො”ති චාගානුස්සතියා එතං වෙවචනං. තෙනාහ ආයස්මා මහාකච්චානො: “වෙවචනානි බහූනී”ති.
Sinhala BJTයළිදු චාගානුස්සතියෙහි මෙසේ වදාරන ලදි : “යම් කලෙක ආර්‍ය්‍යශ්‍රාවක ගිහිගෙයි වෙසේ ද එකල විසුළ ත්‍යාග ඇතියෙන් ‘මුත්තාචාග’ යැ දන්දීමෙන් දෙවූ අත්ඇතියෙන් ‘පයතපාණි’ යැ වොස්සග්ග (දාන) යෙහි ඇලුණෙන් ‘වොස්සග්ගරත’ යැ යදනට නිසි වූයෙන් ‘යාචයෝග’ යැ දීමෙහි සංවිභාගයෙහි ඇලුණෙන් ‘දානසංවිභාගරත’ වේ යැයි. චාගානුස්සතියට තෙල වේවචන යි. එයින් වදාළහ, ආයුෂ්මත් මහාකාත්‍යායනස්ථවිරයන් වහන්සේ “වෙවචනානි බහූනි” යනාදිය.
Pali BJTනියුත්තො වෙවචනොහාරො.
Sinhala BJTවේවචනහාරය යොදනලද්දේ යි.
Pali BJT3. 1. 11.
Sinhala BJT3. 1. 11.
Pali BJTපඤ්ඤත්තිහාරවිභඞ්ගො
Sinhala BJTපඤ්ඤත්තිහාරවිභඞ්ගය
Pali BJTතත්ථ කතමො පඤ්ඤත්තිහාරො: “එකං භගවා ධම්මං පඤ්ඤත්තීහි විවිධාහි දෙසෙතී”ති. යා පකතිකථාය දෙසනා අයං නික්ඛෙපපඤ්ඤත්ති. කා ච පකතිකථාය දෙසනා: චත්තාරි සච්චානි, යථා භගවා ආහ: “ඉදං දුක්ඛ”න්ති. අයං පඤ්ඤත්ති පඤ්චන්නං ඛන්ධානං ඡන්නං ධාතූනං අට්ඨාරසන්නං ධාතූනං ද්වාදසන්නං ආයතනානං දසන්නං ඉන්ද්රියානං නික්ඛෙපපඤ්ඤත්ති.
Sinhala BJTඑහි පඤ්ඤත්තිහාරය කවර යැ: ‘ඒකං භගවා ධම්මං පඤ්ඤත්තීහි විවිධාහි දේසේති” යනාදි නිද්දේසගාථා යැ, ප්‍රකෘතිකථායෙන් (භාග්‍යවතුන් වහන්සේගේ ස්වාභාවිකධර්‍මකථායෙන්) යම් දේශනාවක් ඇද්ද මේ (වෛනෙයසන්තානයෙහි යථාභිප්‍රේතාර්‍ත්‍ථ නික්‍ෂේප කෙරෙයි - තබා නුයි) ‘නික්ඛෙපපඤ්ඤත්ති’ නම. යළි ප්‍රකෘතිකථායෙන් කරන දේශනා කවර: චතුස්සත්‍යයෝ යි. “ඉදං දුක්ඛං”යි බුදුහු මෙසේ වදාළහ. (අතීතාදි අනේක භේදභින්න වූ රූපාරූපධර්‍මයන් ප්‍රභේද නොකොට පීළනාදි අර්‍ත්‍ථසාමාන්‍යයෙන් එක්රැස් කොට ගැනීමට කාරණ වූ) ‘දුක්ඛං’ යන මේ ප්‍රඥප්තියෙක, එය පඤ්චස්කන්‍ධයන්ගේ ෂඩ්ධාතුන්ගේ අටළොස් ධාතුන්ගේ දොළොස් ආයතනයන්ගේ දස ඉන්‍ද්‍රියයන්ගේ නික්‍ෂේපප්‍රඥප්ති යි.
Pali BJT“කබලිංකාරෙ චෙ භික්ඛවෙ ආහාරෙ අත්ථි රාගො අත්ථි නන්දි අත්ථි තණ්හා, පතිට්ඨිතං තත්ථ විඤ්ඤාණං විරූළ්හං, යත්ථ පතිට්ඨිතං විඤ්ඤාණං විරූළ්හං, අත්ථි තත්ථ නාමරූපස්ස අවක්කන්ති. යත්ථ අත්ථි නාමරූපස්ස අවක්කන්ති අත්ථි තත්ථ සඞ්ඛාරානං වුඩ්ඪි. යත්ථ අත්ථි සඞ්ඛාරානං වුඩ්ඪි අත්ථි තත්ථ ආයතිං{1} පුනබ්භවාභිනිබ්බත්ති. යත්ථ අත්ථි ආයතිං පුනබ්භවාභි නිබ්බත්ති, අත්ථි තත්ථ ආයතිං ජාතිජරාමරණං, යත්ථ අත්ථි ආයතිං ජාතිජරාමරණං සසොකං තං භික්ඛවෙ සදරං සඋපායාසන්ති වදාමි,
Sinhala BJT“මහණෙනි, ඉදින් කවලීකාරාහාරයෙහි රාගය ඇද්ද නන්‍දිය (ගෙහසිත සොම්නස) ඇද්ද තෘෂ්ණා ඇද්ද, ඒ තෘෂ්ණායෙහි ප්‍රතිසන්‍ධිජනක විඥානය පිහිටියේ වැඩුණේ වෙයි, යම් ත්‍රෛභූමක වර්‍තයෙහි ප්‍රතිසන්‍ධිවිඥානය පිහිටියේ වැඩුණේත් වේ ද, ඒ ත්‍රෛභූමක වර්‍තයෙහි නාමරූපයාගේ අවක්‍රාන්තිය ඇත. යම් තැනෙක නාමරූපයාගේ අවක්‍රාන්තිය ඇද්ද, ඒ නාමරූපයෙහි සංස්කාරයන්ගේ වැඩීම ඇත. යම් තැනෙක සංස්කාරයන්ගේ වෘද්ධිය ඇද්ද එහි මත්තෙහි පුනර්‍භවයාගේ පහළවීම ඇත. යම් තැනෙක පුනර්‍භවයාගේ පහළවීම ඇද්ද, එහි ස්කන්‍ධන්ගේ අභිනිර්‍වෘතිලක්‍ෂණ ජාතිය හා පරිපාක - භේදලක්‍ෂණ ජරාමරණ ඇත. යම් තැනෙක මතුයෙහි ජාතිජරා මරණ ඇද්ද, මහණෙනි, එය ශෝක සහිත ය දාහ සහිත ය උපායාස සහිත යයි කියමි.
Pali BJTඵස්සෙ චෙ -පෙ- මනොසඤ්චෙතනාය චෙ -පෙ- විඤ්ඤාණෙ චෙ භික්ඛවෙ ආහාරෙ අත්ථි රාගො අත්ථි නන්දි අත්ථි තණ්හා පතිට්ඨිතං තත්ථ විඤ්ඤාණං විරූළ්හං, යත්ථ පතිට්ඨිතං විඤ්ඤාණං විරූළ්හං, අත්ථි තත්ථ නාමරූපස්ස අවක්කන්ති. යත්ථ අත්ථි නාමරූපස්ස අවක්කන්ති, අත්ථි තත්ථ සඞ්ඛාරානං වුඩ්ඪි. යත්ථ අත්ථි සඞ්ඛාරානං වුඩ්ඪි, අත්ථි තත්ථ ආයතිං{1} පුනබ්භවාභිනිබ්බත්ති. යත්ථ අත්ථි ආයතිං පුනබ්භවාභිනිබ්බත්ති, අත්ථි තත්ථ ආයතිං ජාතිජරාමරණං, යත්ථ අත්ථි ආයතිං ජාතිජරාමරණං සසොකං තං භික්ඛවෙ සදරං සඋපායාසන්ති වදාමි” අයං පභවපඤ්ඤත්ති දුක්ඛස්ස ච සමුදයස්ස ච.
Sinhala BJTඉදින් ඵස්සාහාරයෙහි ... ඉදින් මනෝසඤ්චේතනාහාරයෙහි ... මහණෙනි, ඉදින් විඤ්ඤාණාහාරයෙහි රාගය ඇද්ද නන්‍දිය ඇද්ද තෘෂ්ණා ඇද්ද, එහි පටිසන්‍ධිවිඤ්ඤාණය පිහිටියේ වැඩුණේ වෙයි. යම් තැනෙක පටිසන්‍ධිවිඤ්ඤාණය පිහිටියේ වැඩුණේ වේ ද, එහි නාමරූපයාගේ අවක්‍රාන්තිය ඇත. යම් තැනෙක නාමරූපයාගේ අවක්‍රාන්තිය ඇද්ද, එතැන්හි සංස්කාරයන්ගේ වැඩීම ඇත. යම් තැනෙක සංස්කාරයන්ගේ වැඩීම ඇද්ද, එතැන්හි මතු පුනර්‍භවයාගේ පහළවීම ඇත. යම් තැනෙක මතු පුනර්‍භවයාගේ පහළවීම ඇද්ද, එතැන්හි මතු ජාති ජරා මරණ ඇත. යම් තැනෙක මත්තෙහි ජාති ජරා මරණ ඇද්ද, මහණෙනි, එය ශෝකසහිත ය දාහ සහිත ය උපායාස සහිත යයි කියමි.” මේ දේශනාව දුක්ඛසත්‍යයාගේ ද සමුදයසත්‍යයාගේ ද පභව (සමුට්ඨාන) ප්‍රඥප්ති යි. (විපාකවට්ටයාගේ ද සංස්කාරයන්ගේ ද තෘෂ්ණාප්‍රත්‍යයභාවය දැක්වූ හෙයිනි.)
Pali BJT“කබලිංකාරෙ චෙ භික්ඛවෙ ආහාරෙ නත්ථි රාගො නත්ථි නන්දි නත්ථි තණ්හා, අප්පතිට්ඨිතං තත්ථ විඤ්ඤාණං අවිරූළ්හං, යත්ථ අප්පතිට්ඨිතං විඤ්ඤාණං අවිරූළ්හං, නත්ථි තත්ථ නාමරූපස්ස අවක්කන්ති. යත්ථ නත්ථි නාමරූපස්ස අවක්කන්ති, නත්ථි තත්ථ සඞ්ඛාරානං වුඩ්ඪි. යත්ථ නත්ථි සඞ්ඛාරානං වුඩ්ඪි, නත්ථි තත්ථ ආයතිං පුනබ්භවාභිනිබ්බත්ති, යත්ථ නත්ථි ආයතිං පුනබ්භවාභිබ්බත්ති, නත්ථි තත්ථ ආයතිං ජාතිජරාමරණං, යත්ථ නත්ථි ආයතිං ජාතිජරාමරණං අසොකං තං භික්ඛවෙ අදරං අනුපායාසන්ති වදාමි. ඵස්සෙ චෙ -පෙ- මනොසඤ්චෙතනාය චෙ -පෙ- විඤ්ඤාණෙ චෙ භික්ඛවෙ ආහාරෙ නත්ථි රාගො නත්ථි නන්දි නත්ථි තණ්හා, අප්පතිට්ඨිතං තත්ථ විඤ්ඤාණං අවිරූළ්හං. යත්ථ අප්පතිට්ඨිතං විඤ්ඤාණං අවිරූළ්හං, නත්ථි තත්ථ නාමරූපස්ස අවක්කන්ති. යත්ථ නත්ථි නාමරූපස්ස අවක්කන්ති, නත්ථි තත්ථ සඞ්ඛාරානං වුඩ්ඪි. යත්ථ නත්ථි සඞ්ඛාරානං වුඩ්ඪි, නත්ථි තත්ථ ආයතිං පුනබ්භවාභිනිබ්බත්ති. යත්ථ නත්ථි ආයතිං පුනබ්භවාභිනිබ්බත්ති, නත්ථි තත්ථ ආයතිං ජාතිජරාමරණං, යත්ථ නත්ථි ආයතිං ජාතිජරාමරණං, අසොකං තං භික්ඛවෙ අදරං අනුපායාසන්ති වදාමි” අයං පරිඤ්ඤාපඤ්ඤත්ති දුක්ඛස්ස, පහාන පඤ්ඤත්ති සමුදයස්ස, භාවනාපඤ්ඤත්ති මග්ගස්ස, සච්ඡිකිරියාපඤ්ඤත්ති නිරොධස්ස.
Sinhala BJT“මහණෙනි, ඉදින් කවලීකාරාහාරයෙහි රාගය නැද්ද නන්‍දිය නැද්ද තෘෂ්ණා නැද්ද එහි ප්‍රතිසන්‍ධි විඥානය නොපිහිටියේ නොවැඩුණේ වෙයි. යම් තැනක ප්‍රතිසන්‍ධි විඥානය නොපිහිටියේ ද නොවැඩුණේ ද, එහි නාමරූපයාගේ අවක්‍රාන්තියෙක් නැත. යම් තැනක නාමරූපයාගේ අවක්‍රාන්තියෙක් නැද්ද එහි සංස්කාරයන්ගේ වැඩීමෙක් නැත. යම් තැනක සංස්කාරයන්ගේ වැඩීමෙක් නැද්ද, එහි ආයති පුනර්‍භවයාගේ අභිනිර්‍වෘතියෙක් නැත. යම් තැනක මතුයෙහි පුනර්‍භවයාගේ පහළවීමෙක් නැද්ද, එහි මතුයෙහි ජාති ජරා මරණ නැත. යම් තැනක මතු ජාති ජරා මරණ නැද්ද, මහණෙනි, එය ශෝක රහිත යැ දරථ රහිත යැ උපාසය රහිත යැයි කියමි. ඉදින් ඵස්සාහාරයෙහි ... ඉදින් මනෝසඤ්චේතනාහාරයෙහි ... මහණෙනි, ඉදින් විඤ්ඤාණාහාරයෙහි රාගය නැද්ද නන්‍දි නැද්ද තෘෂ්ණා නැද්ද, එහි ප්‍රතිසන්‍ධි විඥානය නොපිහිටියේ නොවැඩුණේ වෙයි. යම් තැනෙක විඥානය නොපිහිටියේ නොවැඩුණේ වේ ද, එහි නාමරූපයාගේ අවක්‍රාන්තියෙක් නැත. යම් තැනෙක නාමරූපයාගේ අවක්‍රාන්තිය නැද්ද, එහි සංස්කාරයන්ගේ වැඩීමෙක් නැත. යම් තැනෙක සංස්කාරයන්ගේ වැඩීමෙක් නැද්ද, එහි මතු පුනර්‍භවයාගේ පහළ වීමෙක් නැත. යම් තැනෙක මතු පුනර්‍භවයාගේ පහළ වීමෙක් නැද්ද, එහි මතු ජාති ජරා මරණ නැත. යම් තැනෙක මතු ජාති ජරා මරණ නැද්ද, එතැන අශෝක යැ දරථ රහිත යැ අනුපාසාස යැයි කියමි”. මේ දේශනාව දුඃඛසත්‍යයාගේ පරිඥාප්‍රඥප්ති යැ, සමුදය සත්‍යයාගේ ප්‍රහාණප්‍රඥප්ති යැ, මාර්‍ගසත්‍යයාගේ භාවනාප්‍රඥප්ති යැ, නිරෝධසත්‍යයාගේ සාක්‍ෂාත් ක්‍රියා ප්‍රඥප්ති යි.
Pali BJT“සමාධිං භික්ඛවෙ භාවෙථ අප්පමත්තො නිපකො සතො, සමාහිතො භික්ඛවෙ භික්ඛු යථාභූතං පජානාති, කිඤ්ච යථාභූතං පජානාති: චක්ඛුං{2} අනිච්චන්ති යථාභූතං පජානාති රූපා අනිච්චාති යථාභූතං පජානාති, චක්ඛුවිඤ්ඤාණං අනිච්චන්ති යථාභූතං පජානාති, චක්ඛුසම්ඵස්සො අනිච්චොති යථාභූතං පජානාති, යම්පිදං{3} චක්ඛුසම්ඵස්සපච්චයා උප්පජ්ජති වෙදයිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා තම්පි අනිච්චන්ති යථාභූතං පජානාති. සොතං -පෙ- ඝානං -පෙ- ජිව්හා -පෙ- කායො -පෙ- මනො අනිච්චොති යථාභූතං පජානාති, ධම්මා අනිච්චාති යථාභූතං පජානාති, මනොවිඤ්ඤාණං අනිච්චන්ති යථාභූතං පජානාති, මනොසම්ඵස්සො අනිච්චොති යථාභූතං පජානාති, යම්පිදං මනොසම්ඵස්සපච්චයා උප්පජ්ජති වෙදයිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා තම්පි අනිච්චන්ති යථාභූතං පජානාති.” අයං භාවනාපඤ්ඤත්ති මග්ගස්ස, පරිඤ්ඤාපඤ්ඤත්ති{1} දුක්ඛස්ස, පහානපඤ්ඤත්ති සමුදයස්ස, සච්ඡිකිරියාපඤ්ඤත්ති නිරොධස්ස.
Sinhala BJT“මහණෙනි, අප්‍රමත්ත වූයේ ප්‍රඥාවත්ව ස්මෘති ඇතියේ සමාධිය වඩව, මහණෙනි, (උපාචාර අපර්‍ණා සමාධියෙන්) සමාහිත වු මහණ යථාස්වභාවයෙන් දැනගනී, කුමක් යථාභූත ව දැනගනී ද යත්: චක්‍ෂුස අනිත්‍ය යයි යථාභූතව දැනගනී. රූපයෝ අනිත්‍යයහ යි යථාභූතව දැනගනී, චක්‍ෂුර්විඥානය අනිත්‍ය යයි යථාභූතව දැනගනී. චක්ඛු සම්ඵස්සය අනිත්‍ය යයි යථාභූතව දැනගනී. චක්ඛුසම්ඵස්ස හේතුයෙන් සුව වු හෝ දුක් වූ හෝ නොදුක් නොදුක් නොසුව වූ හෝ යම් වේදනාවකුත් උපදී නම් එ ද අනිත්‍ය යයි යථාභූතව දැනගනී. ශ්‍රෝත්‍රය ... ඝ්‍රාණය ... ජීහ්වාව ... කායය ... මනස අනිත්‍ය යයි යථාභූතව දැනගනී, ආලම්බන ධර්‍මයෝ අනිත්‍ය වූහ’ යි යථාභූතව දැනගනී, මනෝවිඤ්ඤාණය අනිත්‍ය යයි යථාභූතව දැන ගනී, මනෝසම්ඵස්සය අනිත්‍ය යයි යථාභූතව දැනගනී. මනෝසම්ඵස්ස හේතුයෙන් සුව වූ දුක් වූ නොදුක් නොසුව වූ හෝ යම් වේදනාවකුත් උපදී ද එ ද අනිත්‍ය යයි යථාභූතව දැනගනී.” මේ දේශනාව මාර්‍ගයාගේ භාවනාප්‍රඥප්ති යැ දුඃඛයාගේ පරිඥා ප්‍රඥප්ති යැ සමුදයාගේ ප්‍රහාණ ප්‍රඥප්ති යැ නිරෝධයාගේ සාක්‍ෂාත් ක්‍රියා ප්‍රඥප්ති යි.
Pali BJT“රූපං රාධ විකිරථ විධමථ විද්ධංසෙථ විකීළනිකං{1} කරොථ (පඤ්ඤාය) තණ්හක්ඛයාය පටිපජ්ජථ. තණ්හක්ඛයා දුක්ඛක්ඛයො දුක්ඛක්ඛයා නිබ්බානං. වෙදනං -පෙ- සඤ්ඤං -පෙ- සඞ්ඛාරෙ -පෙ- විඤ්ඤාණං විකිරථ විධමථ විද්ධංසෙථ විකීළනිකං කරොථ (පඤ්ඤාය) තණ්හක්ඛයාය පටිපජ්ජථ. තණ්හක්ඛයා දුක්ඛක්ඛයො, දුක්ඛක්ඛයා නිබ්බානං” අයං නිරොධපඤ්ඤත්ති නිරොධස්ස, නිබ්බිදාපඤ්ඤත්ති අස්සාදස්ස, පරිඤ්ඤාපඤ්ඤත්ති දුක්ඛස්ස, පහානපඤ්ඤත්ති සමුදයස්ස, භාවනාපඤ්ඤාත්ති මග්ගස්ස, සච්ඡිකිරියාපඤ්ඤත්ති නිරොධස්ස.
Sinhala BJT“රාධය, රූපය විසුරුව විධමන කරව විධ්වංසන කරව ක්‍රීඩාවිගමය කරව, (ප්‍රඥායෙන්) තෘෂ්ණාක්‍ෂය පිණිස පිළිපදුව. තෘෂ්ණාක්‍ෂය වීමෙන් දුඃඛක්‍ෂය වෙයි. දුක්ඛක්‍ෂය වීමෙන් නිර්‍වාණය වෙයි. වේදනාව ... සඤ්ඤාව ... සඞ්ඛාරයන් ... විඤ්ඤාණය විකිරණ විධමන විධ්වංසන කරව, ක්‍රීඩාවිගමය කරව, (ප්‍රඥායෙන්) තෘෂ්ණාක්‍ෂය පිණිස පිළිපදුව, තෘෂ්ණාව ක්‍ෂය වීමෙන් දුක් ක්‍ෂය වෙයි. දුක් ක්‍ෂයවීමෙන් නිර්‍වාණය වේ.” මේ දේශනාව නිරෝධ සත්‍යයාගේ රෝධ සංඛ්‍යාත තෘෂ්ණානිරෝධය පැනවීම යැ ආස්වාදයාගේ නිබ්බිදා ප්‍රඥප්ති යැ දුක්ඛයාගේ පරිඤ්ඤාපඤ්ඤත්ති යැ සමුදයාගේ පහානපඤ්ඤත්ති යැ මාර්‍ගයාගේ භාවනාපඤ්ඤත්ති යැ නිරෝධයාගේ සච්ඡිකිරියා පඤ්ඤත්ති යි.
Pali BJT“සො ඉදං දුක්ඛන්ති යථාභූතං පජානාති, අයං දුක්ඛසමුදයොති යථාභූතං පජානාති, අයං දුක්ඛනිරොධොති යථාභූතං පජානාති, අයං දුක්ඛනිරොධගාමිනී පටිපදාති යථාභූතං පජානාති” අයං පටිවෙධපඤ්ඤත්ති සච්චානං, නික්ඛෙපපඤ්ඤත්ති දස්සනභූමියා, භාවනාපඤ්ඤත්ති මග්ගස්ස, සච්ඡිකිරියාපඤ්ඤත්ති දස්සනභූමියා, භාවනාපඤ්ඤත්ති මග්ගස්ස, සච්ඡිකිරියාපඤ්ඤත්ති සොතාපත්තිඵලස්ස.
Sinhala BJT“හේ (තෘෂ්ණාව තබා ත්‍රෛභූමක පඤ්චස්කන්‍ධය) ‘මේ දුක’ යි ඇති සැටියෙන් දැනගනී. ‘මේ (තෘෂ්ණාව) දුක්ඛ සමුදය යැ’ යි ඇති සැටි දැන ගනී. ‘මේ (නිවන) දුක්ඛ නිරෝධ යැයි යථාභූතව දැනගනී, මේ (අරි අටඟිමග) දුක්ඛනිරෝධගාමිනී පටිපදා යැයි යථාභූතව දැන ගනී.” මෙය චතුස්සත්‍යයන්ගේ ප්‍රතිවේධ ප්‍රඥප්ති යැ දර්‍ශන භූමි (ස්‍රෝතාපත්ති මාර්‍ගයාගේ) නික්‍ෂේප ප්‍රඥප්ති යැ මාර්‍ගයාගේ භාවනාපඤ්ඤත්ති යැ සෝතාපත්ති ඵලයාගේ සච්ඡිකිරියාපඤ්ඤත්ති යි.
Pali BJT“සො ඉමෙ ආසවාති යථාභූතං පජානාති, අයං ආසවසමුදයොති යථාභූතං පජානාති, අයං ආසවනිරොධොති යථාභූතං පජානාති, අයං ආසවනිරොධගාමිනී පටිපදාති යථාභූතං පජානාති, ඉමෙ ආසවා අසෙසං නිරුජ්ඣන්තීති යථාභූතං පජානාති” අයං උප්පාදපඤ්ඤත්ති ඛයෙ ඤාණස්ස, ඔකාසපඤ්ඤත්ති අනුප්පාදෙ ඤාණස්ස, භාවනාපඤ්ඤත්ති මග්ගස්ස, පරිඤ්ඤාපඤ්ඤත්ති දුක්ඛස්ස, පහානපඤ්ඤත්ති සමුදයස්ස, ආරම්භපඤ්ඤත්ති විරියින්ද්රියස්ස, ආසාටනාපඤ්ඤත්ති ආසාටිකානං, නික්ඛෙපපඤ්ඤත්ති භාවනාභූමියා, අභිනිඝාතපඤ්ඤත්ති පාපකානං අකුසලානං ධම්මානං.
Sinhala BJTහේ, “මොහු ආස්‍රවයෝ ය’ යි තත්වූ පරිදි දැන ගනී, ‘මේ ආස්‍රව සමුදය’ යි යථාභූතව දැනගනී. ‘මේ ආස්‍රවනිරෝධය’ යි යථාභූතව දැනගනී, ‘මේ ආස්‍රව නිරෝධගාමිනී ප්‍රතිපදාය’ යි යථාභූතව දැනගනී, මේ ආස්‍රවයෝ නිරවශේෂව නිරුද්ධ වෙතී යථාභූතව දැනගනී” මේ ආස්‍රවක්‍ෂයඥානයාගේ උත්පාදප්‍රඥප්ති යැ, අනුත්පාදඥානයාගේ ස්ථාන ප්‍රඥප්ති යැ, මාර්‍ගයාගේ භාවනාප්‍රඥප්ති යැ දුක්ඛයාගේ පරිඥාප්‍රඥප්ති යැ සමුදයයාගේ ප්‍රහාණප්‍රඥප්ති යැ විරියින්‍ද්‍රියයාගේ ආරම්භ ප්‍රඥප්ති යැ ක්ලේශආසාටිකා (ඉහඳ) වන්ගේ නීහරණ ප්‍රඥප්ති යැ භාවනාභුමිය පිළිබඳ නික්‍ෂේප ප්‍රඥප්ති යැ ලාමක අකුශල ධර්‍මයන්ගේ අභිඝාත (නැසීම) ප්‍රඥප්ති යි.
Pali BJT“ඉදං දුක්ඛන්ති මෙ භික්ඛවෙ පුබ්බෙ අනනුස්සුතෙසු ධම්මෙසු චක්ඛුං උදපාදි ඤාණං උදපාදි පඤ්ඤා උදපාදි විජ්ජා උදපාදි ආලොකො උදපාදි, අයං දුක්ඛසමුදයොති මෙ භික්ඛවෙ -පෙ- අයං දුක්ඛනිරොධොති මෙ භික්ඛවෙ -පෙ- අයං දුක්ඛනිරොධගාමිනීපටිපදාති මෙ භික්ඛවෙ පුබ්බෙ අනනුස්සුතෙසු ධම්මෙසු චක්ඛුං උදපාදි ඤාණං පඤ්ඤා උදපාදි විජ්ජා උදපාදි ආලොකො උදපාදි” අයං දෙසනාපඤ්ඤත්ති සච්චානං, නික්ඛෙපපඤ්ඤත්ති සුතමයියා පඤ්ඤාය, සච්ඡිකිරියාපඤ්ඤත්ති අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියස්ස, පවත්තනාපඤ්ඤත්ති ධම්මචක්කස්ස.
Sinhala BJT“මහණෙනි, ‘මේ දුඃඛසත්‍යය’ යි මා විසින් පෙර නොඇසූවිරූ ධර්‍මවිෂයෙහි නුවණැස උපන, සත්‍යඥාන උපන, ප්‍රඥාව උපන, විද්‍යාව උපන, ආලෝකය උපන. මහණෙනි, ‘මේ දුක්ඛසමුදය’ යි මා විසින් ... මහණෙනි, ‘මේ දුක්ඛනිරෝධය’ යි මා විසින් ... මහණෙනි, ‘මේ දුක්ඛනිරෝධගාමිනී පටිපදා’ යයි මා විසින් පෙර නොඇසූවිරූ ධර්‍මයන්හි නුවණැස උපන, සත්‍යඥානය උපන, ප්‍රඥාව උපන, විද්‍යාව උපන, ආලෝකය උපන.” මේ චතුස්සත්‍යයන්ගේ දේශනාප්‍රඥප්ති යැ ශ්‍රැතමයි ප්‍රඥාවගේ නික්‍ෂේප ප්‍රඥප්ති යැ අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රියයාගේ සාක්‍ෂාත්ක්‍රියාප්‍රඥප්ති යැ ධර්‍මචක්‍රයාගේ ප්‍රවර්‍තනප්‍රඥප්ති යි.
Pali BJT“තං ඛො පනිදං දුක්ඛං පරිඤ්ඤෙය්යන්ති මෙ භික්ඛවෙ පුබ්බෙ අනනුස්සුතෙසු ධම්මෙසු චක්ඛුං උදපාදි ඤාණං උදපාදි පඤ්ඤා උදපාදි විජ්ජා උදපාදි ආලොකො උදපාදි. සො ඛො පනායං දුක්ඛසමුදයො පහාතබ්බොති මෙ භික්ඛවෙ -පෙ- සො ඛො පනායං දුක්ඛනිරොධො සච්ඡිකාතබ්බොති මෙ භික්ඛවෙ -පෙ- සා ඛො පනායං දුක්ඛනිරොධගාමිනීපටිපදා භාවෙතබ්බාති මෙ භික්ඛවෙ පුබ්බෙ අනනුස්සුතෙසු ධම්මෙසු චක්ඛුං උදපාදි ඤාණං උදපාදි පඤ්ඤා උදපාදි විජ්ජා උදපාදි ආලොකො උදපාදි” අයං භාවනාපඤ්ඤත්ති මග්ගස්ස, නික්ඛෙපපඤ්ඤත්ති චින්තාමයියා පඤ්ඤාය, සච්ඡිකිරියාපඤ්ඤත්ති අඤ්ඤින්ද්රියස්ස.
Sinhala BJT“තවද මහණෙනි, මේ දුක්ඛසත්‍යය දතයුතු (ඉක්මැවියයුතු) යයි මා විසින් පෙර නොඇසූවිරූ ධර්‍මයන්හි නුවණැස උපන, කෘත්‍යඥානය උපන, ප්‍රඥාව උපන, විද්‍යාව උපන, ආලෝකය උපන. යළි මහණෙනි, මේ දුක්ඛසමුදය මා විසින් ප්‍රහාණය කළයුතු යයි ... යළි මහණෙනි, මේ දුක්ඛනිරෝධය මා විසින් ප්‍රත්‍යක්‍ෂ කටයුතු යයි ... යළි මහණෙනි, මේ දුක්ඛනිරෝධගාමීනීපටිපදාව මා විසින් වැඩියයුත්තීය යයි පෙර නො ඇසූවිරූ ධර්‍මයන්හි නුවණැස උපන, කෘත්‍යඥානය උපන, ප්‍රඥාව උපන, විද්‍යාව උපන, ආලෝකය උපන.” මේ මාර්‍ගයාගේ භාවනාප්‍රඥප්ති යැ චින්තාමයි ප්‍රඥාවගේ නික්‍ෂේපප්‍රඥප්ති යැ අඤ්ඤින්‍ද්‍රියයාගේ සච්ඡිකිරියාපඤ්ඤත්ති යි.
Pali BJT“තං ඛො පනිදං දුක්ඛං පරිඤ්ඤාතන්ති මෙ භික්ඛවෙ පුබ්බෙ අනනුස්සුතෙසු ධම්මෙසු චක්ඛුං උදපාදි ඤාණං උදපාදි පඤ්ඤා උදපාදි විජ්ජා උදපාදි ආලොකො උදපාදි. සො ඛො පනායං දුක්ඛසමුදයො පහීනොති මෙ භික්ඛවෙ -පෙ- සො ඛො පනායං දුක්ඛනිරොධො සච්ඡිකතොති මෙ භික්ඛවෙ -පෙ- සා ඛො පනායං දුක්ඛනිරොධගාමිනීපටිපදා භාවිතාති මෙ භික්ඛවෙ පුබ්බෙ අනනුස්සුතෙසු ධම්මෙසු චක්ඛුං උදපාදි ඤාණං උදපාදි පඤ්ඤා උදපාදි විජ්ජා උදපාදි ආලොකො උදපාදි” අයං භාවනාපඤ්ඤත්ති මග්ගස්ස, නික්ඛෙපපඤ්ඤත්ති භාවනාමයියා පඤ්ඤාය, සච්ඡිකිරියාපඤ්ඤත්ති අඤ්ඤාතාවිනො ඉන්ද්රියස්ස, පවත්තනාපඤ්ඤත්ති ධම්මචක්කස්ස.
Sinhala BJTතවද මහණෙනි, මේ දුක්ඛසත්‍යය මා විසින් පරිඥාත යැයි පෙර නොඇසූවිරූ ධර්‍මයන්හි නුවණැස උපන, කෘතඥානය උපන, ප්‍රඥාව උපන, විද්‍යාව උපන, ආලෝකය උපන. යළි මහණෙනි, මේ දුක්ඛසමුදය මා විසින් ප්‍රහීණ යැයි ... යළි මහණෙනි, මේ දුක්ඛනිරෝධය මා විසින් පසක්කරන ලදැයි ... යළි මහණෙනි, මේ දුක්ඛනිරෝධගාමීනීපටිපදාව මා විසින් වඩන ලදැයි පෙර නොඇසූවිරූ ධර්‍මයන්හි නුවණැස උපන, කෘතඥානය උපන, ප්‍රඥාව උපන, විද්‍යාව උපන, ආලෝකය උපන.” මේ මාර්‍ගයාගේ භාවනා ප්‍රඥප්ති යැ භාවනාමයි ප්‍රඥාවගේ නික්‍ෂේපප්‍රඥප්ති යැ අඤ්ඤාතාවී ඉන්‍ද්‍රියයාගේ සාක්‍ෂාත් ක්‍රියා ප්‍රඥප්ති යැ ධර්‍මචක්‍රයාගේ ප්‍රවර්‍තන ප්‍රඥප්ති යි.
Pali BJT1. “තුලමතුලඤ්ච සම්භවං භවසඞ්ඛාරමවස්සජි මුනි, අජ්ඣත්තරතො සමාහිතො අභිදා{1} කවචමිවත්තසම්භවං”ති.
Sinhala BJT1. බුද්ධමුනිහු කාමාවචර කර්‍මය ද (අතුලවූ) මහද්ගත කර්‍මය ද නොහොත් කාමාවචර රූපාවචර කර්‍මය හා අරූපාවචරකර්‍මය ද ඒ භවහේතුක කර්‍ම රැස්කරන පුනර්‍භවසංස්කාරය දුරුකළහ. (නොහොත් අතුල වූ නිවන ද භවය ද තුලනය කරමින් ස්කන්‍ධමූල වූ භවසංස්කාරය ආර්‍ය්‍යමාර්‍ගඥානයෙන් දුරුකළහ.) විදර්‍ශනා විසින් අධ්‍යාත්මයෙහි ඇලුණාහු උපචාර අපර්‍ණාසමාධීන් සමාහිතව (යුද්ධශීර්‍ෂයෙහි මහා යෝධයෙක්) සන්නාහය මෙන් ආත්මසම්භව වූ සියලු ක්ලේශජාතය බිඳලූහ’ යි.
Pali BJT‘තුල’න්ති සඞ්ඛාරධාතු; ‘අතුල’න්ති නිබ්බානධාතු; තුලමතුලඤ්ච සම්භව’න්ති අභිඤ්ඤාපඤ්ඤත්ති සබ්බධම්මානං, නික්ඛෙපපඤ්ඤත්ති ධම්මපටිසම්භිදාය; ‘භවසඞ්ඛාරමවස්සජි මුනී’ති පරිච්චාගපඤ්ඤත්ති සමුදයස්ස, පරිඤ්ඤාපඤ්ඤත්ති දුක්ඛස්ස, ‘අජ්ඣත්තරතො සමාහිතො’ති භාවනාපඤ්ඤත්ති කායගතාය සතියා, ඨිතිපඤ්ඤත්ති චිත්තෙකග්ගතාය, ‘අභිදා කවවමිවත්තසම්භව’න්ති අභිනිබ්බිදාපඤ්ඤත්ති චිත්තස්ස, උපාදානපඤ්ඤත්ති සබ්බඤ්ඤුතාය, පදාලනාපඤ්ඤත්ති අවිජ්ජණ්ඩකොසානං. තෙනාහ භගවා: ‘තුලමතුලඤ්ච සම්භව’න්ති.
Sinhala BJT(මේ දේශනායෙහි) ‘තුලං’ යනු සංස්කාරධාතු යැ ‘අතුලං’ යනු නිර්‍වාණධාතු යැ ‘තුලමතුලං ච සම්භවං’ යනු සියලු ධර්‍මයන්ගේ අභිඥාප්‍රඥප්ති යැ ධර්‍මප්‍රතිසම්භිදාවගේ නික්‍ෂේපප්‍රඥප්ති යැ ‘භවසඞ්ඛාරමවස්සජි මුනි’ යනු සමුදයයාගේ පරිත්‍යාගප්‍රඥප්ති යැ දුක්ඛයාගේ පරිඥාප්‍රඥප්ති යැ ‘අජ්ඣත්තරතො සමාහිතො’ යනු කායගතාසතියගේ භාවනාප්‍රඥප්ති යැ චිත්තේකග්ගතාවගේ ස්ථිතිප්‍රඥප්ති යැ ‘අභිදා කවවමීවත්තසම්භවං’ යනු (ආයුසංස්කාරය හැරීම් වශයෙන්) චිත්තයාගේ අභිනිබ්බිදා (අභිනීහරණ) ප්‍රඥප්ති යැ සර්‍වඥභාවයාගේ ග්‍රහණප්‍රඥප්ති යැ අවිද්‍යාණ්ඩකෝෂයන්ගේ ප්‍රදාලනාප්‍රඥප්ති යි. එයින් වදාළහ, බුදුහු: “තුලමතුලං ච සම්භවං” යී.
Pali BJT2. “යො දුක්ඛමද්දක්ඛි යතො නිදානං කාමෙසු සො ජන්තු කථං නමෙය්ය, කාමා හි ලොකෙ සඞ්ගොති ඤත්වා තෙසං සතීමා විනයාය සික්ඛෙ”ති
Sinhala BJT2. ආරබ්ධවිදර්‍ශක වූ යමෙක් සියලු ත්‍රෛභූමක දුඃඛය දුටුයේ ද යම් හේතුවකින් දුක උපදී නම් ඒ කාරණා වූ තෘෂ්ණාවත් දකී ද ඒ පටිපන්නක පුරුෂ සවස්තුක වු ක්ලේශකාමයන්හි කවර කරුණෙකින් නැමේ ද (නො නැමේ මැයැ.) යම් හෙයෙකින් මෙලොවැ කාමයෝ (පසමිතුරු වෙත් ද එහෙයින්) බන්‍ධනයෙකැයි දැන ස්මෘතිමත් වූයේ ඒ කාමයන්ගේ විනය පිණිස ත්‍රිවිධ ශික්‍ෂායෙහි හික්මෙන්නේ යි.
Pali BJT‘යො දුක්ඛ’න්ති වෙවචනපඤ්ඤත්ති ච දුක්ඛස්ස පරිඤ්ඤාපඤ්ඤත්ති ච, ‘යතො නිදාන’න්ති පභවපඤ්ඤත්ති ච සමුදයස්ස පහානපඤ්ඤත්ති ච, ‘අද්දක්ඛී’ති වෙවචනපඤ්ඤත්ති ච ඤාණචක්ඛුස්ස පටිවෙධපඤ්ඤත්ති ච, කාමෙසු සො ජන්තු කථං නමෙය්යා’ති වෙවචනපඤ්ඤත්ති ච කාමතණ්හාය අභිනිවෙස පඤ්ඤත්ති ච, කාමාහි ලොකෙ සඞ්ගොති ඤත්වා’ති පච්චත්ථිකතො දස්සනපඤ්ඤත්ති කාමානං, කාමා හි අඞ්ගාරකාසූපමා මංසපෙසූපමා පාවකකප්පා පපාත උරගොපමා ච. ‘තෙසං සතිමා’ ති අපචයපඤ්ඤත්ති පහානාය, නික්ඛෙපපඤ්ඤත්ති කායගතාය සතියා, භාවනාපඤ්ඤත්ති මග්ගස්ස, ‘විනයාය සික්ඛෙ’ති පටිවෙධපඤ්ඤත්ති රාගවිනයස්ස දොසවිනයස්ස මොහවිනයස්ස, ‘ජන්තූ’ති වෙවචනපඤ්ඤත්ති යොගිස්ස, යදා හි යොගී කාමා සඞ්ගොති පජානාති, සො කාමානං අනුප්පාදාය කුසලෙ ධම්මෙ උප්පාදයති, සො අනුප්පන්නානං කුසලානං ධම්මානං උප්පාදාය වායමති. අයං වායාමපඤ්ඤත්ති අප්පත්තස්ස පත්තියා, නික්ඛෙපපඤ්ඤත්ති ඔරමත්තිකාය අසන්තුට්ඨියා. තත්ථ සො උප්පන්නානං කුසලානං ධම්මානං ඨිතියා.
Sinhala BJT‘යො දුක්ඛං’ යනු දුඃඛසත්‍යයාගේ වෙවචන ප්‍රඥප්ති ද පරිඤ්ඤා ප්‍රඥප්ති ද වෙයි, ‘යතෝ නිදානං’ යනු සමුදයසත්‍යයාගේ ප්‍රභවප්‍රඥප්ති ද ප්‍රහාණප්‍රඥප්ති ද වෙයි, ‘අද්දක්ඛි’ යනු ඥානචක්‍ෂුස්හුගේ වෙවචනප්‍රඥප්ති ද ප්‍රතිවේධප්‍රඥප්ති ද වෙයි, ‘කාමෙසු සො ජන්තු කථං නමෙය්‍ය’ යනු කාමතෘෂ්ණාවගේ වෙවචනප්‍රඥප්ති ද අභිනිවේශප්‍රඥප්ති ද වෙයි ‘කාමා හි ලෝකේ සඞ්ගොති ඤත්‍වා’ යනු කාමයන් පසමිතුරු හෙයින් දර්‍ශනය පැනවීම යැ ඒ එසේ මැය - කාමයෝ අඞ්ගාරකර්ෂුවකට බඳු උපමා ඇතියහ, මස් වැදැල්ලකට බඳු උපමා ඇතියහ, දිලිසෙන ගින්නක් බන්දහ, ප්‍රපාතයකට හා උරගුන්ට බඳු උපමා ඇතියහ, ‘තෙසං සතිමා’ යනු ප්‍රහාණයාගේ අපචයපඤ්ඤත්ති ද කායගතා සතියගේ නික්ඛෙපපඤ්ඤත්ති ද මාර්‍ගයාගේ භාවනාපඤ්ඤත්ති ද වෙයි. ‘විනයාය සික්ඛෙ’ යනු රාගවිනයාගේ දෝසවිනයාගේ මෝහවිනයාගේ ප්‍රතිවේධප්‍රඥප්ති යැ ‘ජන්තු’ යනු යෝගීහුගේ වෙවචනප්‍රඥප්ති යැ ඒ එසේ මැය - යම් කලෙක යෝගාවචර ‘කාමයෝ සඞ්ගයෙකැ’ යි දැන ගනී ද එකළ හේ කාමයන්ගේ අනුත්පාදය පිණිස කුශල ධර්‍මයන් උපදවයි, හේ නූපන් කුශලධර්‍මයන්ගේ ඉපදීම පිණිස වෑයම් කරයි, මේ නොපත් මාර්‍ගඵලයන්ගේ ප්‍රාප්තිය පිණිස වායාමපඤ්ඤත්ති යැ, අල්පමාත්‍රගුණයෙන් සතුටු නොවීම පිළිබඳ නික්ඛෙපපඤ්ඤත්ති යැ, එහි ඒ යෝගාවචර උපන් කුශල ධර්‍මයන්ගේ ස්ථිතිය පිණිස
Pali BJTවායමතී’ති අයං අප්පමාදපඤ්ඤත්ති භාවනාය, නික්ඛෙපපඤ්ඤත්ති විරියින්ද්රියස්ස, ආරක්ඛපඤ්ඤත්ති කුසලානං ධම්මානං, ඨිතිපඤ්ඤත්ති අධිචිත්තසික්ඛාය. තෙනාහ භගවා. “යො දුක්ඛමද්දක්ඛි යතො නිදාන”න්ති.
Sinhala BJTවෑයම් කෙරෙයි යන මෙය භාවනාව පිළිබඳ අප්පමාද පඤ්ඤත්ති යැ විරියින්‍ද්‍රියයාගේ නික්ඛෙපපඤ්ඤත්ති යැ කුශලධර්‍මයන්ගේ ආරක්ඛ පඤ්ඤත්ති යැ අධිචිත්තශික්‍ෂාව පිළිබඳ ර්‍ඨතිපඤ්ඤත්ති යි. එයින් වදාළහ බුදුහු; “යො දුක්ඛමද්දික්ඛි යතෝ නිදානං” යි.
Pali BJT3. “මොහසම්බන්ධනො ලොකො භබ්බරූපොව දිස්සති උපධිසම්බන්ධනො බාලො තමසා පරිවාරිතො, අස්සිරී විය ඛායති පස්සතො නත්ථි කිඤ්චනං”ති.
Sinhala BJT3. මේ ලෝවැසිතෙම අවිද්‍යාහේතුක සංයෝජනයන්ගේ බැඳුණේ (විපරිතා ධ්‍යාශය ඇතියේ මායා සාඨෙය්‍ය දෙකින් වැසුණුපියවි ඇතියේ) භව්‍යස්වරූපයක් මෙන් දක්නාලැබෙයි, ක්ලේශ අභිසංස්කාරෝපධීන් විසින් බැඳුණු බාලතෙමේ සම්මොහතමසින් පරිවෘත වූයේ (පණ්ඩිතනයට) නිශ්ශ්‍රීකයකු මෙන් වැටැහෙයි, නුවණැසින් දක්නහුට ගතයුතු කිසිවක් නැති’ යි.
Pali BJT‘මොහසම්බන්ධනො ලොකො’ති දෙසනාපඤ්ඤත්ති විපල්ලාසානං, ‘භබ්බරූපොච දිස්සතී’ති විපරීතපඤ්ඤත්ති ලොකස්ස, උපධිසම්බන්ධනො බාලො’ති පභවපඤ්ඤත්ති පාපකානං ඉච්ඡාවචරානං, කිච්චපඤ්ඤත්ති පරියුට්ඨානානං, බලවපඤ්ඤත්ති කිලෙසානං, විරූහනාපඤ්ඤත්ති සඞ්ඛාරානං, තමසා පරිවාරිතො’ති දෙසනාපඤ්ඤත්ති අවිජ්ජන්ධකාරස්ස වෙවචනපඤ්ඤත්ති ච. අස්සිරී විය ඛායතී’ති දස්සනපඤ්ඤත්ති දිබ්බචක්ඛුස්ස, නික්ඛෙපපඤ්ඤත්ති පඤ්ඤාචක්ඛුස්ස, ‘පස්සතො නත්ථි කිඤ්චන’න්ති පටිවෙධපඤ්ඤත්ති සත්තානං, රාගො කිඤ්චනං දොසො කිඤ්චනං මොහො කිඤ්චනං. තෙනාහ භගවා: “මොහොසම්බන්ධනො ලොකො”ති.
Sinhala BJT‘මෝහසම්බන්‍ධනෝ ලෝකෝ’ යනු විපල්ලාසයන්ගේ දේශනාපඤ්ඤත්ති යැ ‘හබ්බරූපෝච දිස්සති’ යනු ලෝකයාගේ විපරීතපඤ්ඤත්ති යැ ‘උපධිසම්බන්‍ධනෝ බාලො’ යනු ලාමක ඉච්ඡාවචරයන්ගේ ප්‍රභවප්‍රඥප්ති යැ පරියුට්ඨානයන්ගේ කෘත්‍ය ප්‍රඥප්ති යැ ක්ලේශයන්ගේ බලවපඤ්ඤත්ති යැ සංස්කාරයන්ගේ විරූහනාපඤ්ඤත්ති යැ, ‘තමසා පරිවාරිතො’ යනු අවිද්‍යාන්‍ධරකාරයාගේ දේශනාප්‍රඥප්ති යැ වෙවචනප්‍රඥප්ති ද වෙයි, ‘අස්සරී විය ඛායති’ යනු දිව්‍යචක්‍ෂුස්හුගේ දර්‍ශනප්‍රඥප්ති යැ ප්‍රඥාවක්‍ෂුස්හුගේ නික්‍ෂේපප්‍රඥප්ති යැ, ‘පස්සතෝ නත්‍ථි කිඤ්චනං’ යනු සත්ත්‍වයන්ගේ ප්‍රතිවේධ ප්‍රඥප්ති යැ, රාගය කිඤ්චන යැ දෝසය කිඤ්චන යැ මෝහය කිඤ්චන යි. එයින් වදාළහ බුදුහු “මෝහසම්බන්‍ධනෝ ලෝකෝ” යි.
Pali BJT“අත්ථි භික්ඛවෙ අජාතං අභූතං අකතං අසඞ්ඛතං, නො චෙ තං භික්ඛවෙ අභවිස්ස අජාතං අභූතං අකතං අසඞ්ඛතං, න ඉධ ජාතස්ස භූතස්ස කතස්ස සඞ්ඛතස්ස නිස්සරණං පඤ්ඤායෙථ. යස්මා ච ඛො භික්ඛවෙ අත්ථි අජාතං අභූතං අකතං අසඞ්ඛතං, තස්මා ජාතස්ස භූතස්ස කතස්ස සඞ්ඛතස්ස නිස්සරණං පඤ්ඤායතී”ති.
Sinhala BJT“මහණෙනි (හේතුප්‍රත්‍යයසමවායෙන්) නූපන් (හේතු රහිත වැ තෙමේ මැ) නො පහළ වූ (හේතු ප්‍රත්‍යයෙන්) නො කරනලද ප්‍රත්‍යයෙන් අසංස්කෘත වූ නිර්‍වාණධාතුව පරමාර්‍ත්‍ථවශයෙන් ඇත. මහණෙනි, අජාත අභූත අකත අසඞ්ඛත වූ ඒ නිර්‍වාණධාතුව ඉදින් නො වී නම්, මේ ලෝකයෙහි හේතුප්‍රත්‍යයෙන් උපන් හටගත් කරනලද සියලු සඞ්ඛතධර්‍මයාගේ නිස්සරණයෙක් නො පැනෙන්නේය, තව ද මහණෙනි, යම් හෙයකින් අජාත අභූත අකත අසඞ්ඛත වූ නිර්‍වාණධාතුව ඇද්ද, එහෙයින් ජාත වූ භූත වූ කෘතවූ හේතුප්‍රත්‍යයන් විසින් සමවායෙන් කරනලද ධර්‍මජාතයාගේ නිස්සරණය පැනේ” යයි වදාළසේක.
Pali BJT‘නො චෙතං භික්ඛවෙ අභවිස්ස අජාතං අභූතං අකතං අසඞ්ඛත’න්ති දෙසනාපඤ්ඤත්ති නිබ්බානස්ස වෙවචනපඤ්ඤත්ති ච, ‘න ඉධ ජාතස්ස භූතස්ස කතස්ස සඞ්ඛතස්ස නිස්සරණං පඤ්ඤායෙථා’ති වෙවචනපඤ්ඤත්ති සඞ්ඛතස්ස උපනයන පඤ්ඤත්ති ච, ‘යස්මා ච ඛො භික්ඛවෙ අත්ථි අජාතං අභූතං අකතං අසඞ්ඛත’න්ති වෙවචනපඤ්ඤත්ති නිබ්බානස්ස ජොතනාපඤ්ඤත්ති ච, ‘තස්මා ජාතස්ස භූතස්ස කතස්ස සඞ්ඛතස්ස නිස්සරණං පඤ්ඤායතී’ති අයං වෙවචනපඤ්ඤත්ති නිබ්බානස්ස, නීයාණිකපඤ්ඤත්ති මග්ගස්ස, නිස්සරණපඤ්ඤත්ති සංසාරතො. තෙනාහ භගවා: ‘නො චෙ තං භික්ඛවෙ අභවිස්සා’ති.
Sinhala BJT‘නො චේතං භික්ඛවෙ අභවිස්ස අජාතං අභූතං අකතං අසඞ්ඛතං’ යනු නිර්‍වාණයාගේ දේශනාපඤ්ඤත්ති ද වෙවචනපඤ්ඤත්ති ද වෙයි, ‘න ඉධ ජාතස්ස භූතස්ස කතස්ස සඞ්ඛතස්ස නිස්සරණං පඤ්ඤායෙථ’ යනු සඞ්ඛතයාගේ වෙවචනපඤ්ඤත්ති ද උපනයනපඤ්ඤත්ති ද වෙයි, ‘යස්මා ච ඛො භික්ඛවෙ අත්ථි අජාතං අභූතං අකතං අසඞ්ඛතං’ යනු නිර්‍වාණයාගේ වෙවචනපඤ්ඤත්ති ද ජෝතනාපඤ්ඤත්ති (ප්‍රතිඥා කළ අර්‍ත්‍ථසිද්ධිය ප්‍රකාශ කිරීම) ද වෙයි, ‘තස්මා ජාතස්ස භූතස්ස කතස්ස සඞ්ඛතස්ස නිස්සරණං පඤ්ඤායති’ යනු මේ නිර්‍වාණයාගේ වෙවචන පඤ්ඤත්ති ද, මාර්‍ගයාගේ නෛර්‍ය්‍යාණිකප්‍රඥප්ති ද, සංසාරයෙන් නික්මයෑම පැනවීම ද වේ. එයින් වදාළහ, බුදුහු: “නො වෙතං භික්ඛවෙ අභවිස්ස” යනාදිය.
Pali BJTතෙනාහ ආයස්මා මහාකච්චායනො: “එකං භගවා ධම්මං පඤ්ඤත්තීහි විවිධාහි දෙසෙතී”ති.
Sinhala BJTඑයින් වදාළහ, ආයුෂ්මත් මහාකාත්‍යායන මහරහතුන් වහන්සේ: “ඒකං භගවා ධම්මං පඤ්ඤත්තීහි විවිධාහි දේසේති” යි.
Pali BJTනියුත්තො පඤ්ඤත්තිහාරො.
Sinhala BJTපඤ්ඤත්තිහාරය යොදනලද්දේ යි.
Pali BJT3. 1. 12.
Sinhala BJT3. 1. 12.
Pali BJTඔතරණහාරවිභඞ්ගො
Sinhala BJTඕතරණහාරවිභඞ්ගය
Pali BJTතත්ථ කතමො ඔතරරෙණා හාරො: යො ච පටිච්චුප්පාදො”ති.
Sinhala BJTඑහි ඕතරණහාරය කවරෙ යැ: “යො ච පටිච්චුප්පාදො” යනාදි නිද්දේසගාථා යැ.
Pali BJT1. “උද්ධං අධො සබ්බධි විප්පමුත්තො අයමහමස්මීති{1} අනානුපස්සී එවං විමුත්තො උදතාරි ඔඝං අතිණ්ණපුබ්බං අපුනබ්භවායා”ති.
Sinhala BJT1. උඩ රූපාරූපධාතුවයෙහි ද යට, කාමධාතුයෙහි ද යන සියලු ත්‍රෛධාතුක ලෝකයෙහි අශෛක්‍ෂවිමුක්තියෙන් මිදුණු රහත් මහණ ‘මේ මම් වෙමි’ නො දක්නා සුලු වූයේ මෙසේ සේඛාසේඛවිමුක්තියෙන් මිදුණේ පුනර්‍භවය නොවුනු පිණිස පෙර තරණය නො කළවිරූ කාමාදි චතුරෝඝය තරණය කළේ යයි.
Pali BJT‘උද්ධ’න්ති රූපධාතු ච අරූපධාතු ච, ‘අධොති’ කාමධාතු, ‘සබ්බධි විප්පමුත්තො’ති තෙධාතුකෙ. අයං අසෙඛාවිමුත්ති, තානියෙව අසෙඛානි පඤ්චින්ද්රියානි අයං ඉන්ද්රියෙහි ඔතරණා, තානියෙව අසෙඛානි පඤ්චින්ද්රියානි විජ්ජා. විජ්ජුප්පාදා අවිජ්ජානිරොධො, අවිජ්ජානිරොධා සංඛාරනිරාධො, සංඛාරනිරොධා විඤ්ඤාණනිරොධො, විඤ්ඤාණනිරොධා නාමරූපනිරොධො, නාමරූපනිරොධා සළායතනනිරොධො සළායතනනිරොධා ඵස්සනිරොධො, ඵස්සනිරොධා වෙදනානිරොධො, වෙදනානිරොධා තණ්හානිරොධො, තණ්හානිරොධා උපාදානනිරොධො, උපාදානනිරොධා භවනිරොධො, භවනිරොධා ජාතිනිරොධො, ජාතිනිරොධා ජරාමරණං සොකපරිදෙවදුක්ඛදොමනස්සූපායාසා නිරුජ්ඣන්ති, එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස නිරොධො හොති. අයං පටිච්චසමුප්පාදෙහි ඔතරණා, තානි යෙව අසෙඛානි පඤ්චින්ද්රියානි තීහි ඛන්ධෙහි සංගහිතානි සීලක්ඛන්ධෙන සමාධික්ඛන්ධෙන පඤ්ඤාක්ඛන්ධෙන, අයං ඛන්ධෙහි ඔතරණා. තානියෙව අසෙඛානි පඤ්චින්ද්රියානි සඞ්ඛාරපරියාපන්නානි යෙ සඞ්ඛාරා අනාසවා නො ච භවඞ්ගා තෙ සඞ්ඛාරා ධම්මධාතුසඞ්ගහීතා. අයං ධාතූහි ඔතරණා. සා ධම්මධාතු ධම්මායතන පරියාපන්නං යං ආයතනං අනාසවං නො ච භවඞ්ගං අයං ආයතනෙහි ඔතරණා.
Sinhala BJT‘උද්ධං’ යනු රූපධාතුව ද අරූපධාතුව ද යන දෙක යැ, ‘අධෝ’ යනු කාමධාතු යැ, ‘සබ්බධි විප්පමුත්තො’ යනු ත්‍රෛධාතුක ලෝකයෙහි මේ (විරාගතා සංඛ්‍යාත) අශෛක්‍ෂ ඵලවිමුක්ති යැ, ඒ අශෛක්‍ෂවිමුක්තියෙහි යෙදුණු ශ්‍රද්ධාදි ඉන්‍ද්‍රියයෝ යැ අශෛක්‍ෂ පඤ්චේන්‍ද්‍රියයෝ යැ, මේ (අශෛක්‍ෂවිමුක්තියෙන් නිර්ධාරණ කළ) ශ්‍රද්ධාදි ඉන්‍ද්‍රියයන්ගෙන් (සූත්‍රසංවර්‍ණනාවට) අවතරණ (බැසගැනීම) යි. ඒ අශෛක්‍ෂ පඤ්චේන්‍ද්‍රියයෝ මැ ‘විද්‍යා’ නම් වෙයි, මාර්‍ගඥානවිද්‍යාව ඉපදීමෙන් අවිද්‍යානිරෝධය වෙයි, අවිද්‍යානිරෝධයෙන් සංස්කාරනිරෝධය වෙයි, සංස්කාරනිරෝධයෙන් විඥානනිරෝධය වෙයි, විඥානනිරෝධයෙන් නාමරූපනිරෝධය වෙයි, නාමරූපනිරෝධයෙන් ෂඩායතනනිරෝධය වෙයි, ෂඩායතනනිරෝධයෙන් ස්පර්‍ශනිරෝධය වෙයි, ස්පර්‍ශනිරෝධයෙන් වේදනානිරෝධ වෙයි, වේදනානිරෝධයෙන් තෘෂ්ණානිරෝධය වෙයි, තෘෂ්ණානිරෝධයෙන් උපාදානනිරෝධය වෙයි, උපාදානනිරෝධයෙන් භවනිරෝධය වෙයි, භවනිරෝධයෙන් ජාතිනිරෝධය වෙයි, ජාතිනිරෝධයෙන් ජරාමරණය ද සෝකපරිදේවදුක්ඛදෝමනස්සුපායාසයෝ ද නිරුද්ධ වෙති. මෙසේ තෙල සියලු දුඃඛරාශිහුගේ නිරෝධය වේ. මේ පටිච්චසමුප්පාදයෙන් සූත්‍රවර්‍ණනාවට බැසගැනීම යි. ඒ අශෛක්‍ෂ පඤ්චේන්‍ද්‍රියයෝ මැ ශීලස්කන්‍ධයෙන් සමාධිස්කන්‍ධයෙන් ප්‍රඥාස්කන්‍ධයෙන් යන ත්‍රිවිධ ස්කන්‍ධයෙන් සංගෘහීත වූවාහු ය, මේ ස්කන්‍ධයන්ගෙන් අවතරණ යි. ඒ අශෛක්‍ෂ පඤ්චේන්‍ද්‍රියයෝ මැ සංස්කාරස්කන්‍ධයෙහි ඇතුළුවු අනාස්‍රව වූ නො ද භවාඞ්ග වූ යම් සංස්කාර කෙනෙක් ඇද්ද ඒ සංස්කාරයෝ ධර්‍මධාතුයෙන් සංගෘහීතයහ, මේ ධාතූන්ගෙන් අවතරණ යි. ඒ ධර්‍මධාතුව අනාස්‍ර වූ නො ද භවාඞ්ග වූ යම් ආයතනයෙක් ඇද්ද එය ධර්‍මායතන පර්‍ය්‍යාපන්න යැ, මේ ආයතනයන්ගෙන් (සූත්‍රවර්‍ණනාවට) අවතරණ යි.
Pali BJT‘අයමහමස්මී’ති අනානුපස්සී’ති අයං සක්කායදිට්ඨියා සමුග්ඝාතො, සා සෙඛා විමුත්ති, තානියෙව සෙඛානි පඤ්චින්ද්රියානි, අයං ඉන්ද්රියෙහි ඔතරණා, තානියෙව සෙඛානි පඤ්චින්ද්රියානි විජ්ජා. විජ්ජුප්පාදා අවිජ්ජා නිරොධො, අවිජ්ජානිරොධා සඞ්ඛාරනිරොධො, (එවං සබ්බොපි පටිච්චසමුප්පාදො.) අයං පටිච්චසමුප්පාදෙහි ඔතරණා, සායෙව විජ්ජා පඤ්ඤාක්ඛන්ධො, අයං ඛන්ධෙහි ඔතරණා. සා යෙව විජ්ජා සඞ්ඛාර පරියාපන්නා. යෙ සඞ්ඛාරා අනාසවා නො ච භවඞ්ගා, තෙ සඞ්ඛාරා ධම්මධාතුසඞ්ගහීතා, අයං ධාතූහි ඔතරණා. සා ධම්මධාතු ධම්මායතන පරියාපන්නා යං ආයතනං අනාසවං නො ච භවඞ්ගං, අයං ආයතනෙහි ඔතරණා. සෙඛාය ච විමුත්තියා අසෙඛාය ච විමුත්තියා විමුත්තො උදතාරි ඔඝං අතිණ්ණපුබ්බං අපුනබ්භවාය තෙනාහ භගවා “උද්ධං අධො”ති.
Sinhala BJT‘අයමහමස්මීති අනානුපස්සී’ යනු මේ සත්කායදෘෂ්ටිහුගේ සමුද්ඝාත යැ, ඒ ශෛක්‍ෂ ඵලවිමුක්ති යි. ඒ ශ්‍රද්ධාදි ඉන්‍ද්‍රියයෝ මැ ශෛක්‍ෂ පඤ්චේන්‍ද්‍රියයෝ යැ, මේ ඉන්‍ද්‍රියයන්ගෙන් සූත්‍රවර්‍ණනාවට අවතරණ යි. ඒ ශෛක්‍ෂ පඤ්චේන්‍ද්‍රියයෝ මැ මාර්‍ගඥාන විද්‍යා යැ, විද්‍යොත්පාදය ප්‍රත්‍යය කොටගෙන අවිද්‍යානිරෝධය වෙයි, අවිද්‍යානිරෝධයෙන් සංස්කාරනිරෝධය වෙයි. (මෙසේ සියලු මැ පටිච්චසමුප්පාදය වෙයි.) මේ පටිච්චසමුප්පාදයෙන් අවතරණ යි. එ මැ විද්‍යාව ප්‍රඥාස්කන්‍ධ යැ, මේ ස්කන්‍ධයන්ගෙන් අවතරණ යි. එ මැ විද්‍යාව සංස්කාරස්කන්‍ධපර්‍ය්‍යාපන්න යැ, යම් සංස්කාර කෙනෙක් අනාස්‍රව වූවාහු නො ද භවාඞ්ග වෙත් ද ඒ සංස්කාරයෝ ධර්‍මධාතුයෙන් සංගෘහීතයහ. මේ ධාතූන්ගෙන් අවතරණ යි. ඒ ධර්‍මධාතුව අනාස්‍රව වූ නො ද භවාඞ්ග වූ යම් ආයතනයෙක් ඇද්ද, ඒ ධර්‍මායතනයෙහි පර්‍ය්‍යාපන්න යැ, මේ ආයතනයන්ගෙන් අවතරණ යි. ශෛක්‍ෂවිමුක්තියෙන් ද අශෛක්‍ෂවිමුක්තියෙන් ද කෙලෙසුන් කෙරෙන් විමුක්ත වූයේ පුනර්‍භවය නොවනු පිණිස පෙර තරණය නො කළවිරූ කාමාදි චතුරෝඝය තරණය කළේ යි. එයින් වදාළහ, බුදුහු: “උද්ධං අධෝ” යනාදිය.
Pali BJT“නිස්සිතස්ස චලිතං අනිස්සිතස්ස චලිතං නත්ථි, චලිතෙ අසති පස්සද්ධි, පස්සද්ධියා සති නති න හොති, නතියා අසති ආගති ගති න හොති, ආගතිගතියා අසති චුතූපපාතො න හොති, චුතූපපාතෙ අසති නෙවි’ධ න හුරං න උභයමන්තරෙන එසෙවන්තො දුක්ඛස්සා”ති.
Sinhala BJT“තෘෂ්ණා දෘෂ්ටිවශයෙන් නිශ්‍රිත වූවහුට විෂ්පන්‍දන (පොපියනු) වෙයි, නිශ්‍රය රහිත වු ක්‍ෂීණාස්‍රව හට චලිත (විෂ්පන්‍දිත) යෙක් නැති. චලිතය නැති කල්හි කාය චිත්තදරථයන්ගේ සන්හිඳීම වෙයි, පස්සද්ධිය ඇති කල්හි රූපාදි ආලම්බනයෙහි නැමීම නොවෙයි, නතිය නැති කල්හි පටිසන්‍ධි විසින් ආගමනය ද චුති විසින් ගමනය ද නොවෙයි. ආගති ගති නැති කල්හි ච්‍යුති උපප්‍රාප්ති නොවෙයි. චුති උපපාත නැති කල්හි මෙලොවැ නො මැ වෙයි, පරලොවැ නො වෙයි, උභයලෝකයෙහි මැ නොවැයි, මෙය මැ වට්ටදුක්ඛයාගේ අන්තය වේ” යයි.
Pali BJT‘නිස්සිතස්ස චලිත’න්ති නිස්සයො නාම දුවිධො: තණ්හානිස්සයො දිට්ඨිනිස්යො ච, තත්ථ යා රත්තස්ස චෙතනා අයං තණ්හානිස්සයො, යා මූළ්හස්ස චෙතනා අයං දිට්ඨිනිස්සයො. චෙතනා පන සඞ්ඛාරා, සඞ්ඛාරපච්චයා විඤ්ඤාණං, විඤ්ඤාණපච්චයා නාමරූපං, (එවං සබ්බො පටිච්චසමුප්පාදො) අයං පටිච්චසමුප්පාදෙහි ඔතරණා. තත්ථ යා රත්තස්ස වෙදනා අයං සුඛා වෙදනා, යා සම්මූළ්හස්ස වෙදනා, අයං අදුක්ඛමසුඛා වෙදනා, ඉමා වෙදනා වෙදනාක්ඛන්ධො. අයං ඛන්ධෙහි ඔතරණා. තත්ථ සුඛා වෙදනා ද්වෙ ඉන්ද්රියානි, සුඛින්ද්රියං සොමනස්සින්ද්රියං ච, අදුක්ඛමසුඛා වෙදනා උපෙක්ඛින්ද්රියං, අයං ඉන්ද්රියෙහි ඔතරණා. තානියෙව ඉන්ද්රියානි සඞ්ඛාරපරියාපන්නානි යෙ සඞ්ඛාරා සාසවා භවඞ්ගා, තෙ සඞ්ඛාරා ධම්මධාතුසඞ්ගහීතා, අයං ධාතූහි ඔතරණා. සා ධම්මධාතු ධම්මායතනපරියාපාන්නා යං ආයතනං සාසවං භවඞ්ගං, අයං ආයතනෙහි ඔතරණා.
Sinhala BJT‘නිස්සිතස්ස චලිතං’ යනු නිස්සය නම්: තණ්හානිස්සය ද දිට්ඨිනිස්සය දැ’ යි ද්විවිධ යැ, එහි රූපාදියෙහි ඇලුණහුගේ යම් තෘෂ්ණාචේතනාවක් ඇද්ද මේ තෘෂ්ණානිශ්‍රය (අභිනිවේශය) යැ, අරමුණෙහි මූඪවූවහුගේ යම් චේතනාවක් ඇද්ද මේ දෘෂ්ටිනිශ්‍රය යැ, චේතනා වූ කලි සංස්කාරයෝ යි. සංස්කාරප්‍රත්‍යයෙන් විඥානය වෙයි, විඥානප්‍රත්‍යයෙන් නාමරූපය වෙයි. (මෙසේ සියලු පටිච්චසමුප්පාදය යි) මේ පටිච්චසමුප්පාදයෙන් (සූත්‍රවර්‍ණනාවට) බැසගැනීම යි. එහි අනුරක්තයාගේ යම් වේදනාවක් ඇද්ද මේ සුඛවේදනා යැ, සම්මූඪ වූවහුගේ යම් වේදනාවක් ඇද්ද මේ අදුක්ඛමසුඛවෙදනා යැ, මේ වේදනාවෝ වේදනාස්කන්‍ධ යැ, මේ ස්කන්‍ධයන්ගේ අවතරණයි. එහි සුඛවේදනාව සුඛින්‍ද්‍රිය ද සෝමනස්සින්‍ද්‍රිය දැයි ඉන්‍ද්‍රිය දෙකෙකි. අදුක්ඛමසුඛවේදනාව උපෙක්ඛින්‍ද්‍රිය යැ, මේ ඉන්‍ද්‍රියයන්ගෙන් අවතරණ යි. ඒ ඉන්‍ද්‍රියයෝ මැ සාස්‍රව වූ හවාඞ්ග වූ යම් සංස්කාර කෙනෙක් ඇද්ද ඒ සංස්කාරයන්හි ඇතුළු වූවාහුය, ඒ සංස්කාරයෝ ධර්‍මධාතුයෙහි සංගෘහිතයහ, මේ ධාතුන්ගෙන් අවතරණයයි. ඒ ධර්‍මධාතුව ස්‍රාසව හවාඞ්ග වූ යම් ආයතනයෙක් ඇද්ද ඒ ධර්‍මායතනයෙහි පර්‍ය්‍යාපන්න යැ. මේ ආයතනයන් ගෙන් අවතරණ යි.
Pali BJT‘අනිස්සිතස්ස චලිතං නත්ථි’ති සමථවසෙන වා තණ්හාය අනිස්සිතො විපස්සනාවසෙන වා දිට්ඨියා අනිස්සිතො, යා විපස්සනා අයං විජ්ජා විජ්ජුප්පාදා අවිජ්ජානිරොධො, අවිජ්ජානිරොධා සංඛාරනිරොධො, සඞ්ඛාරනිරොධා විඤ්ඤාණනිරොධො. (එවං සබ්බො පටිච්චසමුප්පාදො) අයං පටිච්චසමුප්පාදෙහි ඔතරණා, සා යෙව විපස්සනා පඤ්ඤාක්ඛන්ධො, අයං ඛන්ධෙහි ඔතරණා. සා යෙව විපස්සනා ද්වෙ ඉන්ද්රියානි: විරියින්ද්රියං ච පඤ්ඤින්ද්රියං ච, අයං ඉන්ද්රියෙහි ඔතරණා. සා යෙව විපස්සනා සඞ්ඛාරපරියාපන්නා යෙ සඞ්ඛාරා අනාසවා නො ච භවඞ්ගා, තෙ සඞ්ඛාරා ධම්මධාතු සඞ්ගහිතා, අයං ධාතූහි ඔතරණා. සා ධම්මධාතු ධම්මායතනපරියාපන්නා යං ආයතනං අනාසවං නො ච භවඞ්ගං, අයං ආයතනෙහි ඔතරණා.
Sinhala BJT‘අනිස්සිතස්ස චලිතං නත්‍ථි’ යනු සමථවශයෙන් හෝ තෘෂ්ණායෙන් අනිශ්‍රිත වූයේ විදර්‍ශනාවශයෙන් හෝ දෘෂ්ටියෙන් අනිශ්‍රිත වූයේ වෙයි. යම් විදර්‍ශනාවක් ඇද්ද මේ විද්‍යා යැ, විද්‍යොත්පාදයෙන් අවිද්‍යානිරෝධය වෙයි, අවිද්‍යානිරෝධයෙන් සංස්කාරනිරෝධය වෙයි, සංස්කාරනිරෝධයෙන් විඥානනිරෝධය වෙයි, (මෙසේ සියලු පටිච්චසමුප්පාදය වෙයි) මේ පටිච්චසමුප්පාදයෙන් අවතරණ යි. ඒ විදර්‍ශනාව මැ ප්‍රඥාස්කන්‍ධ යැ, මේ ස්කන්‍ධයන්ගෙන් අවතරණ යි. ඒ විදර්‍ශනාව මැ විරියින්‍ද්‍රිය ද පඤ්ඤින්‍ද්‍රිය ද යන ඉන්‍ද්‍රිය දෙක වෙයි, මේ ඉන්‍ද්‍රියයන්ගෙන් අවතරණ යි. එ මැ විදර්‍ශනාව අනාස්‍රව වු නො ද හවාඞ්ග වූ යම් සංස්කාර කෙනෙක් ඇද්ද ඒ සංස්කාරයන්හි පර්‍ය්‍යාපන්න යැ, ඒ සංස්කාරයෝ ධර්‍මධාතුයෙහි සංගෘහිතයහ, මේ ධාතුන්ගෙන් අවතරණ යි. ඒ ධර්‍මධාතුව අනාස්‍රව වූ නො ද හවාඞ්ග වූ යම් ආයතනයෙක් ඇද්ද ඒ ධර්‍මායතනයෙහි පර්‍ය්‍යාපන්න යැ, මේ ආයතනයන්ගෙන් අවතරණ යි.
Pali BJT‘පස්සද්ධියා සතී’ති දුවිධා පස්සද්ධි: කායිකා ච චෙතසිකා ච; යං කායිකං සුඛං අයං කායිකා පස්සද්ධි, යං චෙතසිකං සුඛං අයං චෙතසිකා පස්සද්ධි, පස්සද්ධකායො සුඛං වෙයදිති, සුඛිනො චිත්තං සමාධියති, සමාහිතො යථාභූතං පජානාති, යථාභූතං පජානන්තො නිබ්බින්දති, නිබ්බින්දන්තො විරජ්ජති, විරාගා විමුච්චති, විමුත්තස්මිං විමුත්තමිති ‘ඤාණං හොති ‘ඛීණා ජාති වුසිතං බ්රහ්මචරියං කතං කරණීයං නාපරං ඉත්ථත්තායා’ති පජානාති. සො න නමති රූපෙසු න සද්දෙසු න ගන්ධෙසු න රසෙසු න ඵොට්ඨබ්බෙසු න ධම්මෙසු, ඛයා රාගස්ස ඛයා දොසස්ස ඛයා මොහස්ස, යෙන රූපෙන තථාගතං තිට්ඨින්තං චරන්තං පඤ්ඤාපයමානො පඤ්ඤාපෙය්ය, තස්ස රූපස්ස
Sinhala BJT‘පස්සද්ධියා සති’ යනු කායිකපස්සද්ධිය ද චේතසිකපස්සද්ධිය දැයි පස්සද්ධි දෙවැදෑරුම් වෙයි, කරජකය ඇසිරිකළ යම් සුවයෙක් ඇද්ද මේ කායිකපස්සද්ධිය යැ, සිත ඇසිරිකළ යම් සුවයෙක් ඇද්ද මේ චෙතසිකපස්සද්ධි යි. සන්හුන් කය ඇතියේ කායික චෛතසික සුවය ලබයි, සුව ඇතියහුගේ සිත සමාධියට පැමිණෙයි, සමාහිත වූයේ යථාභූතව (තතුසේ) දැනගනී, යථාභූතව දන්නේ (සංස්කාරයන්හි) උකටලි වෙයි, උකටලිවනුයේ නොඇලෙයි, විරාගයෙන් කෙලෙසුන් කෙරෙන් මිදෙයි, විමුක්ත කල්හි ‘මිදිණැ’ යි ප්‍රත්‍යවේක්‍ෂාඥානය වෙයි, ජාතිය ක්‍ෂය වූයැ, බඹසර වැස නිමවනලද, සිවුමග කරණී කරන ලද, මාර්‍ගකෘත්‍යය පිණිස හෝ ක්ලේශක්‍ෂය පිණිස අන් කටයුත්තෙක් නැති’ යි දැනගනී, ඒ ක්‍ෂීණාස්‍රව රූපවිෂයෙහි නො නැමෙයි, ශබ්ද - ගන්‍ධ - රස - ස්ප්‍රෂ්ටව්‍ය - ධර්‍මවිෂයෙහි නො නැමෙයි. රාගය ක්‍ෂය කළ හෙයින් ද්වේෂය ක්‍ෂය කළ හෙයින් මෝහය ක්‍ෂය කළ හෙයිනි. යම් රූපූපාදානයකුත් හේතු කොටගෙන භවයෙහි සිටින්නාවු චුතිපටිසන්‍ධි විසින් හැසිරෙන්නාවූ සත්ත්‍වයා පනවනුයෙක් පනවා නම් ඒ රූපූපාදනය
Pali BJTඛයා විරාගා නිරොධා චාගා පටිනිස්සග්ගා රූපසඞ්ඛයෙ විමුත්තො තථාගතො අත්ථිතිපි න උපෙති, නත්ථීතිපි න උපෙති, අත්ථි නත්ථීතිපි න උපෙති, නෙවත්ථි නො නත්ථීතිපි න උපෙති, අථ ඛො ගම්භීරො අප්පමෙය්යො අසඞ්ඛෙයො නිබ්බුතොති යෙව සඞ්ඛං ගච්ඡති, ඛයා රාගස්ස ඛයා දොසස්ස ඛයා මොහස්ස.
Sinhala BJTක්‍ෂය වීමෙන් විරාගයෙන් නිරුද්ධ වීමෙන් ත්‍යාගයෙන් දුරලීමෙන් රූපසඞ්ඛය සංඛ්‍යාත නිවනෙහි විමුක්ත වු ක්‍ෂීණාස්‍රව පුද්ගල (ආත්මයත් ලෝකයත් ශාශ්වත ව) ඇතැයි ද (තෘෂ්ණා දෘෂ්ටිඋපය විසින්) නො ගනී, නැතැයි (අශාශ්වත යයි) ද නො ගනී, (ඒකත්‍යශාශ්වත විසින්) ඇත්තේත් නැත්තේත් වේ යයි ද නො ගනී, (අමරාවික්‍ෂේප විසින්) නො මැ ඇත්තේත් නැති නොවුයේත් වේ යයි ද නො ගනී, වැලි ක්ලේශාභාවයෙන් ගැඹුරු වූයේ අප්‍රමේය වූයේ අසඞ්ඛය වූයේ පිරිනිවියේ යැ මැ සඞ්ඛ්‍යාවට යෙයි. රාගක්‍ෂය ද්වේෂක්‍ෂය මෝහක්‍ෂය වූ හෙයිනි.
Pali BJTයාය වෙදනාය -පෙ- යාය සඤ්ඤාය -පෙ- යෙහි සඞ්ඛාරෙහි -පෙ- යෙන විඤ්ඤාණෙන තථාගතං තිට්ඨන්තං චරන්තං පඤ්ඤාපයමානෙ පඤ්ඤාපෙය්ය, තස්ස විඤ්ඤාණෙන ඛයා විරාගා නිරොධා චාගා පටිනිස්සග්ගා විඤ්ඤාණසඞ්ඛයෙ විමුත්තො තථාගතො අත්ථීතිපි න උපෙති, නත්ථීතිපි න උපෙති. අථ ඛො ගම්භීරො අප්පමෙය්යො අසඞ්ඛෙය්යො නිබ්බුතොති යෙව සඞ්ඛං ගච්ඡති.
Sinhala BJTයම් වේදනාවක් හේතු කොට ... යම් සංඥාවක් හේතු කොට ... යම් සංස්කාරයන් හේතු කොට ... යම් විඥානයෙක් හේතු කොට භවයෙහි සිටින්නාවූ ද හැසිරෙන්නාවූ ද සත්ත්‍වයා පනවනුයෙක් පනවා නම්, ඒ විඥානයාගේ ක්‍ෂය වීමෙන් විරාගයෙන් නිරෝධයෙන් ත්‍යාගයෙන් දුරැලීමෙන් විඥානක්‍ෂය සංඛ්‍යාත නිවනෙහි විමුක්ත වූ ක්‍ෂීණාස්‍රව පුද්ගල (ආත්මයක් ලෝකයත් තෘෂ්ණා දෘෂ්ටින්) ඇතැයි ද නො ගනී, නැතැයි ද නො ගනී, ඇතැයි නැතැයි ද නො ගනී, නො මැ ඇත නැත්තේත් නේ වේ යයි ද නො ගනී. වැලි ගම්භීර වූයේ අප්‍රමේය වූයේ අසඞ්ඛ්‍ය වූයේ පිරිනිවියේ මැ යයි සංඛ්‍යාවට යේ.
Pali BJT‘ආගතී’ති ඉධාගති: ගතී’ති පෙච්චභවො, ආගතිගතිපි න භවන්ති. ‘නෙවිධා’ති ඡසු අජ්ඣත්තිකෙසු ආයතනෙසු. ‘න හුරං’ති ඡසු බාහිරෙසු ආයතනෙසු. ‘න උභයමන්තරෙනා’ති ඵස්සසමුදිතෙසු ධම්මෙසු අත්තානං න පස්සති. ‘එසෙවන්තො දුක්ඛස්සා’ති පටිච්චසමුප්පාදො. සො දුවිධො: ලොකිකො ච ලොකුත්තරො ච. තත්ථ ලොකිකො අවිජ්ජාපච්චයා සඞ්ඛාරා යාව ජරාමරණා, ලොකුත්තරො සීලවතො අවිප්පටිසාරො ජායති, යාව නාපරං ඉත්ථත්තායාති පජානාති. තෙනාහ භගවා ‘නිස්සිතස්ස චලිතං අනිස්සිතස්ස චලිතං නත්ථි -පෙ- එසෙවන්තො දුක්ඛස්සා”ති.
Sinhala BJT‘ආගති’ යනු පරලොවින් මෙලොවට පැමිණීම යැ, ‘ගති’ යනු මෙලොවින් පුනර්‍භව සංඛ්‍යාත පරලොවට යෑම යැ, මෙලොවට පැමිණීම ද පරලොවට යෑම ද නො වෙත්. ‘නේවිධ’ යනු ෂඩ් ආධ්‍යාත්මික ආයතනයන්හි ‘න හුරං’ යනු ෂඩ්වහිරායතනයන්හි, ‘න උභයමන්තරෙන’ යනු ද්වාරප්‍රවෘත්ත වූ ඵස්සය සමග උපන් (විඤ්ඤාණ වේදනා සඤ්ඤා චේතනා විතක්ක විචාරාදි) ධර්‍මයන්හි ආත්මය නො දකී. ‘ඒසේවන්තෝ දුක්ඛස්ස’ යනු පටිච්චසමුප්පාද යැ, ඒ පටිච්චසමුප්පාදය ලෞකික ද ලෝකෝත්තර දැයි දෙවැදෑරුම් වෙයි. එහි ලෞකික පටිච්ච සමුප්පාදය: ‘අවිජ්ජාපච්චයා සඞ්ඛාරා’ යනු පටන් කොට ‘ජරාමරණ’ දක්වා වෙයි. ලෝකුත්තරපටිච්ච සමුප්පාදය: ‘සීලවතෝ අවිප්පටිසාරො ජායති’ යනු පටන් කොට ‘නාපරං ඉත්ථත්තායාති පජානාති’ යනු දක්වා වෙයි. එයින් වදාළහ, බුදුහු: “නිස්සිතස්ස චලිතං අනිස්සිතස්ස චලිතං නත්ථි -පෙ- ඒසේවන්තෝ දුක්ඛස්ස” යී.
Pali BJT2. “යෙ කෙචි සොකා පරිදෙවිතා වා දුක්ඛඤ්ච ලොකස්මිං අනෙකරූපං, පියං පටිච්ච පභවන්ති එතෙ පියෙ අසන්තෙ න භවන්ති එතෙ.
Sinhala BJT2. සත්ලොවැ යම් කිසි ශෝකයෝ හෝ පරිදේවයෝ හෝ වෙත් ද, අනේකප්‍රකාර වූ දුකකුත් වේ ද, ප්‍රිය වස්තුව නිසා තෙල ශෝකාදීහු උපදිති, ප්‍රිය වස්තු නැති කල්හි තෙල ශෝකාදීහු නො වෙත්.
Pali BJT3. තස්මා හි තෙ සුඛිනො වීතසොකා යෙසං පියං නත්ථි කුහිඤ්චි ලොකෙ, තස්මා අසොකං විරජං පත්ථයානො පියං න කයිරාථ කුහිඤ්චි ලොකෙ”ති
Sinhala BJT3. යම් කෙනෙක්ට ලොවැ කිසි තැනෙක්හි ප්‍රිය වූවකු නැද්ද, එහෙයින් ඒ විගත ශෝක වූ රහත්හු සුව ඇත්තාහු වෙති, එකරුණෙන් නිශ්ශෝක වූ විරජ වූ නිවන ප්‍රාර්‍ත්‍ථනා කරනුයේ ලොවැ කිසි තැනෙක් හි (කිසි වස්තුවක්) ප්‍රිය නො කරන්නේ යි.
Pali BJT“යෙ කෙචි සොකා පරිදෙවිතා වා දුක්ඛඤ්ච ලොකස්මිං අනෙක රූපං පියං පටිච්ච පභවන්ති එතෙ”ති අයං දුක්ඛා වෙදනා, “පියෙ අසන්තෙ න භවන්ති එතෙ”ති අයං දුක්ඛා වෙදනා, “පියෙ අසන්තෙ න භවන්ති එතෙ” ති අයං සුඛා වෙදනා, අයං වෙදනාක්ඛන්ධො. අයං ඛන්ධෙහි ඔතරණා. වෙදනා පච්චයා පන තණ්හා, තණ්හා පච්චයා උපාදානං, උපාදානපච්චයා භවො, භවපච්චයා ජාති, ජාති පච්චයා ජරාමරණං. (එවං සබ්බං) අයං පටිච්චසමුප්පාදෙහි ඔතරණා. තත්ථ සුඛා වෙදනා ද්වෙ ඉන්ද්රියානි: සුඛින්ද්රියං සොමනස්සින්ද්රියඤ්ච. දුක්ඛා වෙදනා ද්වෙ ඉන්ද්රියානි: දුක්ඛින්ද්රියං දොමනස්සින්ද්රියං ච. අයං ඉන්ද්රියෙහි ඔතරණා. තානියෙව ඉන්ද්රියානි සඞ්ඛාරපරියාපන්නානි යෙ සඞ්ඛාරා සාසවා භවඞ්ගා, තෙ සඞ්ඛාරා ධම්මධාතුසංගහීතා, අයං ධාතූහි ඔතරණා. සා ධම්මධාතු ධම්මායතනපරියාපන්නා යං ආයතනං සාසවං භවඞ්ගං, අයං ආයතනෙහි ඔතරණා.
Sinhala BJT“යෙ කෙචි සෝකා පරිදේවිතා වා. දුක්ඛං ලෝකස්මිං අනෙකරූපං පියං පටිච්ච පභවන්ති එතෙ” යනු මේ දුක්ඛවේදනා යැ, “පියෙ අසන්තෙ න භවන්ති එතෙ” යනු මේ සුඛවේදනා යැ, මේ වේදනාස්කන්‍ධ යැ, මේ ස්කන්‍ධයන්ගෙන් අවතරණ යි. යළි වේදනාප්‍රත්‍යයෙන් තණ්හාව වෙයි, තෘෂ්ණාප්‍රත්‍යයෙන් උපාදාන වෙයි, උපාදානප්‍රත්‍යයෙන් භවය වෙයි, භවප්‍රත්‍යයෙන් ජාතිය වෙයි, ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණය වෙයි. (සියල්ල මෙසේ යි.) මේ පටිච්චසමුප්පාදයෙන් අවතරණ යි. එහි සුඛවේදනාව සුඛින්‍ද්‍රිය ද සෝමනස්සින්‍ද්‍රිය දැ’ යි ඉන්‍ද්‍රිය දෙකෙකි, දුක්ඛවේදනාව දුක්ඛින්‍ද්‍රිය ද දෝමනස්සින්‍ද්‍රිය දැ’ යි ඉන්‍ද්‍රිය දෙකෙකි, මේ ඉන්‍ද්‍රියයන්ගෙන් අවතරණ යි. එ මැ ඉන්‍ද්‍රියයෝ සාස්‍රව වූ හවාඞ්ග වු යම් සංස්කාර කෙනෙක් ඇද්ද ඒ සංස්කාරයන්හි පර්‍ය්‍යාපන්නයෝ යැ, ඒ සංස්කාරයෝ ධර්‍මධාතුයෙහි සංගෘහීතයහ, මේ ධාතූන්ගෙන් අවතරණ යි. ඒ ධර්‍මධාතුව සාස්‍රව වූ හවාඞ්ග වූ යම් ආයතනයෙක් ඇද්ද, ඒ ධර්‍මායතනයෙහි පර්‍ය්‍යාපන්න යැ, මේ ආයතනයන්ගෙන් අවතරණ යි.
Pali BJT4. “තස්මා හි තෙ සුධිනො වීතසොකා යෙසං පියං නත්ථි කුහිඤ්චි ලොකෙ, තස්මා අසොකං විරජං පත්ථයානො පියං න කයිරාථ කුහිඤ්චි ලොකෙ”ති.
Sinhala BJT4. “තස්මා හි තෙ සුඛිනෝ විතසෝකා -පෙ- පියං න කයිරාථ කුහිං වි ලෝකේ” යනු
Pali BJTඉදං තණ්හාපහානං, තණ්හානිරොධා උපාදානනිරොධො. උපාදානනිරොධා භවනිරොධො. (එවං සබ්බං) අයං පටිච්චසමුප්පාදෙහි ඔතරණා, තං යෙව තණ්හාපහානං සමථො, සො සමථො ද්වෙ ඉන්ද්රියානි: සතින්ද්රියං සමාධින්ද්රියං ච. අයං ඉන්ද්රියෙහි ඔතරණා. සො යෙව සමථො සමාධික්ඛන්ධො, අයං ඛන්ධෙහි ඔතරණා. සො යෙව සමථො සඞ්ඛාරපරියාපන්නො යෙ සඞ්ඛාරා අනාසවා නො ච භවඞ්ගා, තෙ සඞ්ඛාරා ධම්මධාතුසඞ්ගහීතා. අය ධාතූහි ඔතරණා. සා ධම්මධාතු ධම්මායතනපරියාපන්නා යං ආයතනං අනාසවං නො ච භවඞ්ගං. අයං ආයතනෙහි ඔතරණා. තෙනාහ භගවා: “යෙ කෙචි සොකා” ති.
Sinhala BJTමේ තෘෂ්ණාප්‍රහාණ යි. තෘෂ්ණානිරෝධයෙන් උපාදානනිරෝධය වෙයි, උපාදානනිරෝධයෙන් භවනිරෝධය වෙයි. (සියල්ල මෙසේ යි. ) මේ පටිච්චසමුප්පාදයෙන් සූත්‍රවර්‍ණනාවට බැසගැනීම යි. එ මැ තෘෂ්ණාප්‍රහාණය ශමථ යැ, ඒ ශමථය සතින්‍ද්‍රිය ද සමාධීන්‍ද්‍රිය දැයි’ යි ඉන්‍ද්‍රිය දෙකෙකි. මේ ඉන්‍ද්‍රියයන්ගෙන් අවතරණ යි. එ මැ ශමථය සමාධිස්කන්‍ධ වෙයි. මේ ස්කන්‍ධයන්ගෙන් අවතරණ යි. එ මැ ශමථය අනාස්‍ර වු නො ද හවාඞ්ග වූ යම් සංස්කාර කෙනෙක් ඇද්ද ඒ සංස්කාරයෙහි පර්‍ය්‍යාපන්න යැ, ඒ සංස්කාරයෝ ධර්‍මධාතුයෙහි සංගෘහිත වෙති, මේ ධාතූන්ගෙන් අවතරණ යි. ඒ ධර්‍ම ධාතුව අනාස්‍රව වූ නො ද හවාඞ්ග වූ යම් ආයතනයෙක් ඇද්ද, ඒ ධර්‍මයාතනයෙහි පර්‍ය්‍යාපන්න යැ. මේ ආයතනයන්ගෙන් අවතරණ යි. එයින් වදාළහ, බුදුහු: “යෙ කෙචිසොකා” යනාදිය.
Pali BJT5. “කාමං කාමයමානස්ස තස්ස චෙතං සමිජ්ඣති, අද්ධා පීතිමනො හොති ලද්ධා මච්චො යදිච්ඡති.
Sinhala BJT5. වස්තුකාමය කැමැතිවන සත්ත්‍වහට ඉදින් ඒ කාමය සමෘද්ධ වේ නම්, එකල්හි ඒ සත්ත්‍ව තෙමේ කැමැති වස්තුව ලැබ ඒකාන්තයෙන් සතුටුසිත් ඇතියේ වේ.
Pali BJT6. තස්ස චෙ කාමයානස්ස ඡන්දජාතස්ස ජන්තුනො, තෙ කාමා පරිහායන්ති සල්ලවිද්ධො’ව රුප්පති
Sinhala BJT6. ඒ වස්තුකාමයන් කැමැතිවන උපන් තෘෂ්ණා ඇති ඒ පුද්ගලයාගේ ඒ කාමයෝ ඉදින් පිරිහෙත් නම්, එකල්හි හේ විෂපීත ශල්‍යයෙකින් විදුනාලද්දකු සෙයින් පීඩාවට පැමිණේ.
Pali BJT7. යො කාමෙ පරිවජ්ජෙති සප්පස්සෙව පදා සිරො, සො’මං විසත්තිකං ලොකෙ සතො සමතිවත්තතී”ති.
Sinhala BJT7. යමෙක් තමාගේ පාදය කෙරෙන් සර්‍පයාගේ හිස දුරුකරන්නා සේ වස්තුකාම ක්ලේශකාමයන් (විෂ්කම්භණ හෝ සමුච්ඡේද හෝ විසින් එහි ඡන්‍දරාග දුරැලීමෙන්) දුරුකෙරේ ද, හෙතෙම ලොවැ මේ විසත්තිකා සඞ්ඛ්‍යාත තෘෂ්ණාව ස්මෘතිමත් වැ ඉක්මවාලන්නේ’ යි.
Pali BJTතත්ථ යා පීතිමනතා අයං අනුනයො. යදාහ: “සල්ලවිද්ධොව රුප්පතී”ති, ඉදං පටිඝං, අනුනයපටිඝං ච පන තණ්හාපකෙඛා. තණ්හාය ච පන දස රූපීනි ආයතනානි පදට්ඨානං. අයං ආයතනෙහි ඔතරණා. තානියෙව දස රූපීනි ආයතනානි රූපකායො නාම සම්පයුත්තො, තදුභයං නාමරූපං. නාමරූපපච්චයා සළායතනං, සළායතනපච්චයා ඵස්සො, ඵස්සපච්චයා වෙදනා, වෙදනාපච්චයා තණ්හා. (එවං සබ්බං) අයං පටිච්චසමුප්පාදෙහි ඔතරණා. තදෙව නාමරූපං පඤ්චක්ඛන්ධා. අයං ඛන්ධෙහි ඔතරණා. තදෙව නාමරූපං අට්ඨාරස ධාතුයො, අයං ධාතූහි ඔතරණා. තත්ථ යො රූපකායො ඉමානි පඤ්චරූපීනි ඉන්ද්රියානි, යො නාමකායො ඉමානි පඤ්ච අරූපීනි ඉන්ද්රියානි, ඉමානි දස ඉන්ද්රියානි. අයං ඉන්ද්රියෙහි ඔතරණා.
Sinhala BJTඑහි යම් ‘පීතිමන’ තායෙක් ඇද්ද මේ අනුනය යි. ‘සල්ලවිද්ධොව රුප්පති’ යී යමක් වදාළසේක් ද මේ ප්‍රතිඝ යි. අනුනය පටිඝ වැලිත් තෘෂ්ණාපක්‍ෂ යි. යළී තෘෂ්ණාවට රූපී දස ආයතනයෝ පදට්ඨාන යැ, මේ ආයතනයන්ගෙන් අවතරණ යි. එමැ දස රූපීආයතනයෝ නාමය හා සම්ප්‍රයුක්ත වූ රූපකාය වෙයි, ඒ දෙක නාමරූප යි. නාමරූපප්‍රත්‍යයෙන් ෂඩායතනය වෙයි. ෂඩායතනප්‍රත්‍යයෙන් ඵස්සය වෙයි, ස්පර්‍ශ ප්‍රත්‍යයෙන් වේදනාව වෙයි, වේදනාප්‍රත්‍යයෙන් තණ්හාව වෙයි. (සියල්ල මෙසේ යි.) මේ පටිච්චසමුප්පාදයෙන් අවතරණ යි. එමැ නාමරූපය පඤ්ච ස්කන්‍ධ යැ, මේ ස්කන්‍ධයන්ගෙන් අවතරණ යි. එමැ නාමරූපය අටළොස් ධාතූහු යැ, මේ ධාතූන්ගෙන් අවතරණ යි. එහි යම් රූපකායයෙක් ඇද්ද මොහු පඤ්ච රූපඉන්‍ද්‍රියයෝ යැ, යම් නාමකායයෙක් ඇද්ද මොහු පඤ්ච අරූපීඉන්‍ද්‍රියයෝ යැ, මොහු දස ඉන්‍ද්‍රියයෝ වෙති. මේ ඉන්‍ද්‍රියයන්ගෙන් අවතරණ යි.
Pali BJTතත්ථ යදාහ:
Sinhala BJTඑහි යමක් වදාළසේක් ද:
Pali BJT8. “යො කාමෙ පරිවජ්ජෙති සප්පස්සෙව පදා සිරො, සො’මං විසත්තිකං ලොකෙ සතො සමතිවත්තතී”ති.
Sinhala BJT8. “යො කාමෙ පරිවජ්ජේති -පෙ- සතෝ සමතිවත්තති” යී.
Pali BJTඅයං සඋපාදිසෙසනිබ්බානධාතු. අයං ධාතූහි ඔතරණා. සායෙව සඋපාදිසෙසනිබ්බානධාතු විජ්ජා, විජ්ජුප්පාදා අවිජ්ජා නිරොධො, අවිජ්ජානිරොධා සඞ්ඛාරනිරොධො. (එවං සබ්බං) අයං පටිච්චසමුප්පාදෙහි ඔතරණා. සායෙව විජ්ජා පඤ්ඤාක්ඛන්ධො. අයං ඛන්ධෙහි ඔතරණා. සායෙව විජ්ජා ද්වෙ ඉන්ද්රියානි: විරියින්ද්රියං පඤ්ඤින්ද්රියං ච. අයං ඉන්ද්රියෙහි ඔතරණා.
Sinhala BJTමේ සඋපාදිසේසනිබ්බානධාතු යැ, මේ ධාතූන්ගෙන් අවතරණ යි. එමැ සඋපාදිසේසනිබ්බානධාතුව විද්‍යා යැ, විද්‍යොත්පාදයෙන් අවිද්‍යානිරෝධය වෙයි, අවිද්‍යානිරෝධයෙන් සංස්කාරනිරෝධය වේ. (සියල්ල මෙසේ යි.) මේ ප්‍රතීත්‍යසමුත්පාදයෙන් අවතරණ යි. එමැ විද්‍යාව ප්‍රඥාස්කන්‍ධ යැ, මේ ස්කන්‍ධයන්ගෙන් අවතරණ යි. එමැ විද්‍යාව විරියින්‍ද්‍රිය ද පඤ්ඤින්‍ද්‍රිය දැ’ යි ඉන්‍ද්‍රිය දෙකෙකි, මේ ඉන්‍ද්‍රියයන්ගෙන් අවතරණ යි.
Pali BJTසායෙව විජ්ජා සඞ්ඛාරපරියාපන්නා යෙ සඞ්ඛාරා, අනාසවා නො ච භවඞ්ගා, තෙ සඞ්ඛාරා ධම්මධාතුසඞ්ගහීතා. අයං ධාතූහි ඔතරණා. සා ධම්මධාතු ධම්මායතනපරියාපන්නා යං ආයතනං අනාසවං නො ච භවඞ්ගං, අයං ආයතනෙහි ඔතරණා. තෙනාහ භගවා: “කාමං කාමයමානස්සා’ති.
Sinhala BJTඑමැ විද්‍යාව අනාස්‍රව වූ නො ද හවාඞ්ග වූ යම් සංස්කාර කෙනෙක් ඇද්ද ඒ සංස්කාරයෙහි පර්‍ය්‍යාපන්න යැ, ඒ සංස්කාරයෝ ධර්‍මධාතුයෙහි සංගෘහීතයෝ යැ, මේ ධාතූන්ගෙන් අවතරණ යි. ඒ ධර්‍මධාතුව අනාස්‍රව වූ නො ද භවාඞ්ග වූ යම් ආයතනයෙක් ඇද්ද ඒ ධර්‍මායතනයෙහි පර්‍ය්‍යාපන්න යැ, මේ ආයතනයන්ගෙන් අවතරණ යි. එයින් වදාළහ, බුදුහු: “කාමං කාමයමානස්ස” යනාදිය.
Pali BJTඑත්තාවතා පටිච්ච - ඉන්ද්රිය - ඛන්ධ - ධාතු - ආයතනානි සමොසරණොතරණානි භවන්ති. එවං පටිච්ච - ඉන්ද්රිය - ඛන්ධ - ධාතු ආයතනානි ඔතාරෙතබ්බානි. තෙනාහ ආයස්මා මහාකච්චානො: “යො ච පටිච්චුප්පාදො”ති:
Sinhala BJTමෙතෙකින් පටිච්චසමුප්පාද - ඉන්‍ද්‍රිය - ස්කන්‍ධ - ධාතු - ආයතනයෝ ඒ ඒ ධර්‍ම පදයෙහි සමෝසරණ - ඕතරණ වූවාහු වෙත්. මෙපරිද්දෙන් පටිච්චසමුප්පාද - ඉන්‍ද්‍රිය - ඛන්ධ - ධාතු - ආයතනයෝ නවාඞ්ගශාසනධර්‍මයෙහි අවතරණය කටයුත්තාහය. එයින් වදාළහ, ආයුෂ්මත් මහාකාත්‍යායන මහරහතුන් වහන්සේ: “යො ච පටිච්චුප්පාදො” යනාදිය.
Pali BJTනියුත්තො ඔතරණො හාරො.
Sinhala BJTඕතරණහාරය යොදන ලද්දේ යි.
Pali BJT3. 1. 13.
Sinhala BJT3. 1. 13.
Pali BJTසොධනහාරවිහඞ්ගො
Sinhala BJTසෝධනහාරවිභඞ්ගය
Pali BJTතත්ථ කතමො සොධනො හාරො: “විස්සජ්ජිතම්හි පඤ්හෙ”ති ගාථා. යථා ආයස්මා අජිතො පාරායනෙ භගවන්තං පඤ්හං පුච්ඡති:
Sinhala BJTඑහි සෝධනහාරය කවරෙ යැ: “විස්සජ්ජිතම්හි පඤ්හෙ” යනාදි නිද්දේසගාථා යි. ආයුෂ්මත් අජිත පාරායනයෙහි භාග්‍යවතුන් වහන්සේගෙන් මෙසේ පැන පුළුවුස්සි:
Pali BJT1. “කෙනස්සු නිවුතො ලොකො කෙනස්සු නප්පකාසති, කිස්සාභිලෙපනං බ්රූසි කිංසු තස්ස මහබ්භය”න්ති?
Sinhala BJT1. (ආයුෂ්මත් අජිත මෙසේ පුළුවුස්සි) ලෝවැසි තෙමේ කුමකින් වැසුණේ ද? කුමක් හේතු කොට ප්‍රකාශයට නො පැමිණේ ද? ඒ ලෝවැසිහට කුමක් අභිලේපන (ඇලීම) යයි වදාරන දැ ද? ඒ ලෝවැසියාට මහත් භයහේතුව කුමක් දැ’ යි.
Pali BJT2 “අවිජ්ජාය නිවුතො ලොකො (අජිතාති භගවා) විවිච්ඡා පමාදා නප්පකාසති, ජප්පාභිලෙපනං බ්රූමි දුක්ඛමස්ස මහබ්භය”න්ති.
Sinhala BJT2. (අජිත’ යී බුදුහු මෙසේ වදාරති) ධර්‍මස්වභාව ප්‍රතිච්ඡාදනලක්‍ෂණ අවිද්‍යාව විසින් සත්ලොව වසනලද, විචිකිත්සා ප්‍රමාද හේතුයෙන් ප්‍රකාශයට නො පැමිණෙයි, තෘෂ්ණාව අභිලේපන යයි කියමි, ජාත්‍යාදි වට්ටදුක්ඛය ඒ ලෝවැසිහට මහත් භයහේතුව වේ යයි.
Pali BJT‘කෙනස්සු නිවුතො ලොකො’ති පඤ්හෙ ‘අවිජ්ජාය නිවුතො ලොකො’ති භගවා පදං සොධෙති නො ච ආරම්භං. ‘කෙනස්සු නප්පකාසතී’ති පඤ්හෙ ‘විවිච්ඡා පමාදා නප්පකාසතී’ති භගවා පදං සොධෙති නො ච ආරම්භං. ‘කිස්සාභිලෙපනං බ්රූසී’ති පඤ්හෙ ‘ජප්පාභිලෙපනං බ්රූමී’ති භගවා පදං සොධෙති නො ච ආරම්භං. ‘කිංසු තස්ස මහබ්භය’න්ති පඤ්හෙ ‘දුක්ඛමස්ස මහබ්භය’න්ති භගවා පදං සොධෙති, සුද්ධො ආරම්භො. තෙනාහ භගවා: “අවිජ්ජාය නිවුතො ලොකො”ති.
Sinhala BJT‘කෙනස්සු නිවුතො ලෝකෝ’ යන ප්‍රශ්නයෙහි ‘අවිජ්ජාය නිවුතො ලෝකෝ’ යි බුදුහු (අජිත තෙරුන් ප්‍රශ්නවශයෙන් අසන ලද) පදය (එහි අර්‍ත්‍ථය විසඳන හෙයින්) ශෝධනය කරන සේක, එහෙත් (දැනගන්නට රිසි වූ අර්‍ත්‍ථය නිමාවට නොගිය හෙයින්) ආරම්භය ශෝධනය නො කෙරෙති. ‘කෙනස්සු නප්පකාසති’ යන ප්‍රශ්නයෙහි ‘විවිච්ඡා පමාදා නප්පකාසති’ යී බුදුහු (තදර්‍ත්‍ථවිසර්‍ජනයෙන්) පදය ශෝධනය කෙරෙති, ඊප්සිතාර්‍ත්‍ථය නො නිමියෙන් නො ද ආරම්භශෝධනය කෙරෙති. ‘කිස්සාභිලෙපනං බ්‍රෑසි’ යන ප්‍රශ්නයෙහි ‘ජප්පාභිලෙපනං බ්‍රෑමි’ යී පදය ශෝධනය කෙරෙති, නො ද ආරම්භශෝධනය කෙරෙති. ‘කිංසු තස්ස මහබ්භයං’ යන ප්‍රශ්නයෙහි ‘දුක්ඛමස්ස මහබ්භයං’ යි බුදුහු පදය ශෝධනය කෙරෙති, (දැනගනුකැමැති අර්‍ත්‍ථය ප්‍රබෝධ කළ බැවින්) ආරම්භය ශුද්ධ වී, එයින් වදාළහ, බුදුහු: “අවිජ්ජාය නිවුතො ලෝකෝ” යනාදිය.
Pali BJT3. “සවන්ති සබ්බධි සොතා (ඉච්චායස්මා අජිතො) සොතානං කිං නිවාරණං?, සොතානං සංවරං බ්රූහි කෙන සොතා පිථියරෙ”ති?
Sinhala BJT3. (ආයුෂ්මත් අජිත මෙසේ පුළුවුස්සි:) තෘෂ්ණාදි ස්‍රෝතස්හු සියලු රූපාදි ආයතනයන්හි ගලාබසිති, ඒ ස්‍රෝතසුන්ගේ ආවරණය කිම? ආරක්‍ෂාව කවරැ’ යි සේයි, ස්‍රෝතසුන්ගේ සංවරය වදාළ මැනැව, කවර දහමෙකින් තෘෂ්ණාදි ස්‍රෝතස්හු වසනු ලැබෙත් දැ? යි.
Pali BJT4. “යානි සොතානි ලොකස්මිං (අජිතාති භගවා) සති තෙසං නිවාරණං. සොතානං සංවරං බ්රූමි පඤ්ඤායෙතෙ පිථියරෙ”ති.
Sinhala BJT4. (අජිත’ යී බුදුහු වදාරති:) ලොවැ තෘෂ්ණාදි යම් ස්‍රෝතස් කෙනෙක් වෙත් ද, විදර්‍ශනාසම්ප්‍රයුක්ත ස්මෘතිය ඒ ස්‍රෝතසුන්ගේ ආරක්‍ෂාව නුයි (ඒ ස්මෘතිය මැ) ස්‍රෝතසුන්ගේ සංවරය යි කියමි, මාර්‍ගප්‍රඥායෙන් තෙල ස්‍රෝතස්හු (සර්‍වාකාරයෙන්) වසනු ලැබෙත්. (සමුච්ඡේද කරනු ලැබෙතී සේයි.)
Pali BJT‘සවන්ති සබ්බධි සොතා සොතානං කිං නිවාරණ’න්ති පඤෙහ ‘යානි සොතානි ලොකස්මිං සති තෙසං නිවාරණ’න්ති භගවා පදං සොධෙති නො ච ආරම්භං. ‘සොතානං සංවරං බ්රූහි කෙන සොතා පිථියරෙ’ති පඤ්හෙ ‘සොතානං සංවරං බ්රූමි පඤ්ඤායෙතෙ පිථීයරෙ’ති සුද්ධො ආරම්භො. තෙනාහ භගවා: “යානි සොතානි ලොකස්මිං”ති.
Sinhala BJT“සවන්ති සබ්බධි සෝතා සෝතානං කිං නිවාරණං” යන ප්‍රශ්නයෙහි ‘යානි සෝතානි ලෝකස්මිං සති තෙසං නිවාරණං’ යි බුදුහු පදය ශෝධනය කෙරෙති, නො ද ආරම්භය ශුද්ධ කෙරෙත්. ‘සෝතානං සංවර බ්‍රෑහි කෙන සෝතා පිථියරෙ’ යන ප්‍රශ්නයෙහි ‘සෝතානං සංවර බ්‍රෑමි පඤ්ඤායෙතෙ පිථියරෙ’ යි (දැනගන්නට රිසි වූ අර්‍ත්‍ථය අවබෝධ කරවනලද හෙයින්) ආරම්භය ශුද්ධ යි. එයින් වදාළහ බුදුහු: “යානි සෝතානි ලෝකස්මිං” යනාදිය.
Pali BJT5. “පඤ්ඤා චෙව සති ච (ඉච්චායස්මා අජිතො) නාමරූපං ච මාරිස, එතං මෙ පුටෙඨා පබ්රූහි කත්ථෙතං උපරුජ්ඣතී”ති?
Sinhala BJT5. (ආයුෂ්මත් අජිත මෙසේ පුළුවුස්සි) නිදුකාණන් වහන්ස, මාර්‍ගප්‍රඥාව ද ස්මෘතිය ද තදවශේෂ නාමරූපය ද යන තෙල සියල්ල කොතැන්හි ලා නිරුද්ධ වේ ද? තෙල කරුණ මා විසින් පුළුවුස්නා ලද සේක් වදාළ මැනැවැ’ යි.
Pali BJTපඤ්හෙ:
Sinhala BJTSegment missing in this edition
Pali BJT6. “යමෙතං පඤ්හං අපුච්ඡි{1} අජිත තං වදාමි තෙ, යත්ථ නාමඤ්ච රූපඤ්ච අසෙසං උපරුජ්ඣති: විඤ්ඤාණස්ස නිරොධෙන එත්ථෙතං උපරුජ්ඣතී”ති.
Sinhala BJT6. අජිතයැ තෙල (කත්‍ථේතං උපරුජ්ඣති’ යි) යම් ප්‍රශ්නයක් පුළුවුස්හි ද, එය තොපට කියමි, යම් තැනෙක ලා නාමයත් රූපයත් නිරවශේෂ කොට නිරුද්ධ වේ ද, (පශ්චිම) විඥානයාගේ නිරෝධය හා මැ (පෙරපසු නො ව) ඒ විඥානනිරෝධයෙහි මැ තෙල නාමරූපය නිරුද්ධ වෙයි. (විඥානනිරෝධය ඉක්මැ නොයෙයි.)
Pali BJTසුද්ධො ආරම්භො. තෙනාහ භගවා: “යමෙතං පඤ්හං අපුච්ඡි”ති. යත්ථ එවං සුද්ධො ආරම්භො, සො පඤ්හො විස්සජ්ජිතො භවති. යත්ථ පන ආරම්භො අසුද්ධො න තාව සො පඤ්හො විස්සජ්ජිතො භවති. තෙනාහ ආයස්මා මහාකච්චානො “විස්සජ්ජිතම්හි පඤ්හෙ”ති.
Sinhala BJTමේ ගාථාදේශනායෙන් ආරම්භ ශුද්ධ වී. එයින් වදාළහ, බුදුහු: “යමෙතං පඤ්හං අපුච්ඡි” යනාදිය. යම් ප්‍රශ්නවිසර්‍ජනයෙකැ දැනගනු කැමැති අර්‍ත්‍ථ සංඛ්‍යාත ආරම්භය ශුද්ධ වූයේ ද, ඒ ප්‍රශ්නය විසඳනලදුයේ වෙයි, වැළි යම් තැනෙක ආරම්භය අශුද්ධ වූයේ ද, තව ඒ ප්‍රශ්නය නො විසඳනලදුයේ වේ. එයින් වදාළහ, ආයුෂ්මත් මහා කාත්‍යායනස්ථවීරයන් වහන්සේ: “විස්සජ්ජිතමහි පඤ්හෙ” යනාදිය.
Pali BJTනියුත්තො සොධනො හාරො.
Sinhala BJTසෝධනහාරය යොදන ලද්දේ යි.
Pali BJT3. 1. 14.
Sinhala BJT3. 1. 14.
Pali BJTඅධිට්ඨානහාරවිභඞ්ගො
Sinhala BJTඅධිට්ඨානහාරවිභඞ්ගය
Pali BJTතත්ථ කතමො අධිට්ඨානො හාරො: “එකත්තතාය ධම්මා යෙ පි ච වෙමත්තතාය නිද්දිට්ඨා” ති. යෙ තත්ථ නිද්දිට්ඨා තථා තෙ ධාරයිතබ්බා.
Sinhala BJTඑහි අධිට්ඨානහාරය කවරෙ යැ: “ඒකත්තතාය ධම්මා යෙ’පි ච වේමත්තතාය නිද්දිට්ඨා” ආදි නිද්දේසගාථා යි. එහි යම් ධර්‍ම කෙනෙක් එතත්තතා වේමත්තතා (සාමාන්‍ය විශේෂභාව) වශයෙන් දක්වන ලද්දාහු ද, ඒ ධර්‍මයෝ එසෙයින් ධැරියයුත්තාහ (එහි සාමාන්‍ය විශේෂ කිමැයි විකල්පන නො කටයුත්තාහ.)
Pali BJT‘දුක්ඛ’න්ති එකත්තතා, තත්ථ කතමං දුක්ඛං: ජාති දුක්ඛා, ජරා දුක්ඛා, ව්යාධි දුක්ඛො, මරණං දුක්ඛං, අප්පියෙහි සම්පයොගො දුක්ඛො, පියෙහි විප්පයොගො දුක්ඛො, යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛං, සඞ්ඛිත්තෙන පඤ්චුපාදානක්ඛන්ධා දුක්ඛා: රූපා දුක්ඛා, වෙදනා දුක්ඛා, සඤ්ඤා දුක්ඛා, සඞ්ඛාරා දුක්ඛා, විඤ්ඤාණං දුක්ඛං’. අයං වෙමත්තතා.
Sinhala BJT‘දුක්ඛ’ යනු ඒකත්‍ව (සාමාන්‍ය)යැ, (ජාත්‍යාදි විශේෂ අපේක්‍ෂා නො කොට කී හෙයිනි.) එහි දුඃඛසත්‍යය කවරෙ යැ: ජාතිය දුක යැ ජරාව දුක යැ ව්‍යාධිය දුක යැ මරණය දුක යැ අප්‍රියයන් හා සම්ප්‍රයෝගය දුක යැ ප්‍රියයන් කෙරෙන් විප්‍රයෝගය දුක යැ රිසිවූ යමක් නො ලබා නම් එද දුක යැ සැකෙවින් පඤ්චෝපාදානස්කන්‍ධයෝ දුක්ඛයහ. රූප දුක් යැ වේදනා දුක් යැ සංඥා දුක් යැ සංස්කාර දුක් යැ විඥානය දුක් යි: මේ දුඃඛසත්‍යයාගේ විශේෂ ප්‍රකාශ කළ හෙයින් වේමත්තතා යි.
Pali BJT‘දුක්ඛසමුදයො’ති එකත්තතා, ‘තත්ථ කතමො දුක්ඛසමුදයො: යා’යං තණ්හා පොනොභවිකා නන්දිරාගසහගතා තත්රතත්රාභිනන්දිනී, සෙය්යථීදං: කාමතණ්හා භවතණ්හා විභවතණ්හා, අයං වෙමත්තතා.
Sinhala BJT‘දුක්ඛසමුදය’ යනු ඒකත්තතා (සාමාන්‍ය) යැ, ‘එහි දුක්ඛසමුදය කවරෙ යැ: පුනර්‍භවය ඇතිකරන නන්‍දිරාගය හා සහගත වූ ඒ ඒ භවයෙහි සිත් අලවන යම් තෘෂ්ණාවක් ඇද්ද, ඒ මෙසේ යැ: කාමතෘෂ්ණා යැ භවතෘෂ්ණා යැ විභවතෘෂ්ණා යි. මේ වේමත්තතා (විශේෂතා) යි.
Pali BJT‘දුක්ඛනිරොධො’ති එකත්තතා. ‘තත්ථ කතමො දුක්ඛනිරොධො: යො තස්සායෙව තණ්හාය අසෙසවිරාගනිරොධො චාගො පටිනිස්සග්ගො මුත්ති අනාලයො.’ අයං වෙමත්තතා.
Sinhala BJT‘දුක්ඛනිරෝධ’ යනු ඒකත්තතා යැ. එහි දුක්ඛනිරෝධ කවරෙ යැ: ඒ ත්‍රිවිධ තෘෂ්ණාවගේ මැ යම් නිරවශේෂ කොට මාර්‍ගයෙන් නිරුද්ධ වීමෙක් ත්‍යාගයෙක් දුරැලීමෙක් මිදීමෙක් අනාලයෙක් ඇද්ද එය යි. මේ වේමත්තතා යි.
Pali BJT‘දුක්ඛනිරොධගාමිනීපටිපදා’ති එකත්තතා. තත්ථ කතමා දුක්ඛ නිරොධගාමිනී පටිපදා: අයමෙව අරියො අට්ඨඞ්ගිකො මග්ගො, සෙය්යථීදං: සම්මාදිට්ඨි සම්මාසඞ්කප්පො සම්මාවාචා සම්මාකම්මන්තො සම්මාආජීවො සම්මාවායාමො සම්මාසති සම්මාසමාධි.’ අයං වෙමත්තතා.
Sinhala BJT‘දුක්ඛනිරෝධගාමිනී පටිපදා’ යනු ඒකත්තතා යැ. එහි දුක්ඛනිරෝධගාමිනී පටිපදා කවර: මෙ මැ ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගිකමාර්‍ග යැ, ඒ මෙසේ යැ: සම්‍යග්දෘෂ්ටි යැ සම්‍යක්සංකල්ප යැ සම්‍යග්වාචා යැ සම්‍යක්කර්‍මාන්ත යැ සම්‍යගාජීව යැ සම්‍යග්ව්‍යායාම යැ සම්‍යක්ස්මෘති යැ සම්‍යක්සමාධි යි. මේ වේමත්තතා යි.
Pali BJT‘මග්ගො’ති එකත්තතා. ‘තත්ථ කතමො මග්ගො: නිරයගාමී මග්ගො තිරච්ඡානයොනිගාමී මග්ගො පෙත්තිවිසයගාමී මග්ගො අසුරයොනිගාමියො{1} මග්ගො සග්ගගාමියො මගෙගො මනුස්සගාමී මග්ගො නිබ්බානගාමී මග්ගො’. අයං වෙමත්තතා.
Sinhala BJT‘මග්ග’ යනු ඒකත්තතා යැ. ‘එහි මාර්‍ග කවරෙ යැ: නිරයගාමී (නිරයට යන) මාර්‍ග යැ තිරශ්චීනයෝනිගාමී මාර්‍ග යැ ප්‍රේත්‍යවිෂයගාමී මාර්‍ග යැ අසුරයෝනියට හිතවූ මාර්‍ග යැ ස්වර්‍ගගාමී මාර්‍ග යැ මනුෂ්‍යලෝකගාමී මාර්‍ග යැ නිර්‍වාණගාමී මාර්‍ග යි. මේ (මාර්‍ගයාගේ) විශේෂතා යි.