Nettippakaraṇa

The Guide

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 201-300 න් 1315

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTලක්ඛණහාරවිහඞ්ගො
Sinhala BJTලක්ඛණහාරවිභඞ්ගය
Pali BJTතත්ථ කතමො ලක්ඛණො හාරො: වුත්තම්හි එකධම්මෙ”ති අයං ලක්ඛණො හාරො. කිං ලක්ඛයති; යෙ ධම්ම එකලක්ඛණා තෙසං ධම්මානං එකස්මිං ධම්මෙ වුත්තෙ අවසිට්ඨා ධම්මා වුත්තා භවන්ති. යථා කිං භවෙ; යථාහ භගවා: “චක්ඛුං භික්ඛවෙ අනවට්ඨිතං ඉත්තරං පරිත්තං පභඞ්ගු පරතො දුක්ඛං බ්යසනං චලං කුක්කුලං සඞ්ඛාරං වධකං අමිත්තමජ්ඣෙ”. ඉමස්මිං චක්ඛුස්මිං වුත්තෙ අවසිට්ඨානි අජ්ඣත්තිකානි ආයතනානි වුත්තානි භවන්ති. කෙන කාරණෙන; සබ්බානි හි ඡ අජ්ඣත්තිකානි ආයතනානි වධකට්ඨෙන එකලක්ඛණානි.
Sinhala BJTඑහි ලක්‍ෂණහාරය කවරෙ යත්: “වුත්තම්හි ඒකධම්මෙ” යී නිර්දිෂ්ට වු මෙය ලක්‍ෂණහාරයැ. කිනම් ධර්‍මයක් ලකුණු කෙරෙයි යත්: ස්කන්‍ධාදි යම් ධර්‍ම කෙනෙක් සමාන ලක්‍ෂණ වූවාහු ද, ඒ ධර්‍මයන් අතුරෙන් එක් ධර්‍මයක් කී කල්හි අවශිෂ්ට ධර්‍මයෝ කියන ලද්දාහු වෙත්. ඒ කිසෙයින් වන්නේ යැ යත්: මෙසෙයින් වදාළහ, බුදුහු - “මහණෙනි, චක්ඛායතන එක් අරමුණෙක නො පවත්නා හෙයින් අනවස්ථිත යැ වහා නැසෙන හෙයින් ඉත්‍වර යැ කල් නො පවත්නා හෙයින් පරිත්ත යැ වහා බිඳෙන සුලු යැ ස්වවශයෙහි නොපවත්නේ යැ දුකට හේතු යැ ව්‍යසනහේතු යැ සැලෙන පියවි ඇත්තේ යැ උෂ්ණ හස්මයක් බඳු යැ ප්‍රත්‍යයෝත්පන්න යැ අමිත්‍රයන් මැද පවත්නේ යැ” යී. මේ චක්‍ෂුරායතනය වදාළ කල්හි සෙසු ආධ්‍යාත්මික ආයතනයෝ කියන ලද්දාහු වෙති. කවර හෙයින යත්: යම් හෙයකින් සියලු ආධ්‍යාත්මික ෂඩායතනයෝ වධකාර්‍ත්‍ථයෙන් සමාන ලක්‍ෂණ වෙත් ද එහෙයිනි.
Pali BJTයථා චාහ භගවා: “අතීතෙ රාධ, රූපෙ අනපෙක්ඛො හොහි, අනාගතං රූපං මා අභිනන්දි පච්චුප්පන්නස්ස රූපස්ස නිබ්බිදාය විරාගාය නිරොධාය චාගාය පටිනිස්සග්ගාය පටිපජ්ජ, ඉමස්මිං රූපක්ඛෙන්ධෙ වුත්තෙ අවසිට්ඨා ඛන්ධා වුත්තා භවන්ති. කෙන කාරණෙන: සබ්බෙ හි පඤ්චක්ඛන්ධා යමකොවාදසුත්තෙ වධකට්ඨෙන එකලක්ඛණා වුත්තා යථා චාහ භගවා:
Sinhala BJTමෙසේත් වදාළහ, බුදුහු: “රාධය, අතීත රූපයෙහි අපේක්‍ෂා රහිත වෙව, අනාගත රූපය නහමක් අභිනන්‍දනා කර, ප්‍රත්‍යුත්පන්න රූපයාගේ නිර්වේදය පිණිස විරාගය පිණිස නිරෝධය පිණිස ත්‍යාගය පිණිස දුරලීම පිණිස පිළිපදුව” යි. මේ රූපස්කන්‍ධය වදාළ කල්හි ඉතිරිවැ සිටි ස්කන්‍ධයෝ කියන ලද්දාහු වෙති. කවර කරුණින යත්: සියලු මැ පඤ්චස්කන්‍ධයෝ යමකොවාද සූත්‍රයෙහි වධකාර්‍ත්‍ථයෙන් සමාන ලක්‍ෂණ ඇත්තාහු වදාරන ලදහ. මෙසේත් වදාළහ, බුදුහු:
Pali BJT1. “යෙසං ච සුසමාරද්ධා නිච්චං කායගතා සති, අකිච්චං තෙ න සෙවන්ති කිච්චෙ සාතච්චකාරිනො”
Sinhala BJT1. යම් කෙනකුන් විසින් නිරතුරු කාගියා සී මොනොවට ආරබ්ධ වී ද, ඔහු කෘත්‍යයෙහි සතතභාවයෙන් කරනසුලු වූවාහු නො කටයුතු නො සෙවුනාහු වෙත්.
Pali BJTඉති කායගතාය සතියා වුත්තාය වුත්තා භවන්ති වෙදනාගතා සති චිත්තගතා සති ධම්මගතා ච. තථා ‘යං කිඤ්චි දිට්ඨං වා සුතං වා මුතං වා”ති වුත්තෙ වුත්තං භවති විඤ්ඤාතං.
Sinhala BJTමෙසේ කායගතාසතිය වදාළ කල්හි වේදනාගතාසති චිත්තගතාසති ධම්සගතාසති ද වදාරන ලද්දාහු වෙත්. එසෙයින් “යං කිඤ්චි දිට්ඨං වා සුතං වා මුතං වා” යී වදාළ කල්හි ‘විඤ්ඥාත’ ය වදාරන ලද වේ.
Pali BJTයථා චාහ භගවා: “තස්මාතිහ ත්වං භික්ඛු -පෙ- කායෙ කායානුපස්සී විහරති: ආතාපී සම්පජානො සතිමා විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං”.
Sinhala BJTමෙසේත් වදාළහ, බුදුහු: “එහෙයින් මහණ, මෙහි ලා තෙපි … කෙලෙස් තවන වැර ඇතිව සම්‍යක් ප්‍රඥා ඇතිව ස්මෘතිමත්‍ව කායලෝකයෙහි අභිධ්‍යා දෞර්‍මනස්‍ය දුරු කොට රූපකයෙහි (කේසලෝමාදි) කය අනිත්‍යාදි විසින් පුනපුනා බලමින් වාස කරව”
Pali BJT“ආතාපී” ති විරියින්ද්රියං; “සම්පජානො”ති පඤ්ඤින්ද්රියං; “සතිමා”ති සතින්ද්රියං; “විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං”ති සමාධින්ද්රියං; එවං කායෙ කායානුපස්සිනො විහරතො චත්තාරො සතිපට්ඨානා භාවනා පාරිපූරිං ගච්ඡන්ති. කෙන කාරණෙන: එකලක්ඛණත්තා චතුන්නං ඉන්ද්රියානං. චතුසු සතිපට්ඨානෙසු භාවියමානෙසු චත්තාරො සම්මප්පධානා භාවනා පාරිපූරිං ගච්ඡන්ති. චතුසු සම්මප්පධානෙසු භාවියමානෙසු චත්තාරො ඉද්ධිපාදා භාවනා පාරිපූරිං ගච්ඡන්ති. චතුසු ඉද්ධිපාදෙසු භාවියමානෙසු පඤ්චින්ද්රියානි භාවනා පාරිපූරිං ගච්ඡන්ති. පඤ්චසු ඉන්ද්රියෙසු භාවියමානෙසු පඤ්ච බලානි භාවනා පාරිපූරිං ගච්ඡන්ති. පඤ්චසු බලෙසු භාවියමානෙසු සත්ත බොජ්ඣඞ්ගා භාවනා පාරිපූරිං ගච්ඡන්ති. සත්තසු බොජ්ඣඞ්ගෙසු භාවියමානෙසු අරියො අට්ඨඞ්ගිකො මග්ගො භාවනා පාරිපූරිං ගච්ඡති. සබ්බෙ ච{1} බොධඞ්ගමා ධම්මා බොධිපක්ඛියා භාවනා පාරිපූරිං ගච්ඡන්ති. කෙන කාරණෙන: සබ්බෙ හි බොධඞ්ගමා ධම්මා{2} බොධිපක්ඛියා නීයානික{3}ලක්ඛණෙන එකලක්ඛණා. තෙ එකලක්ඛණත්තා භාවනා පාරිපූරිං ගච්ඡන්ති.
Sinhala BJT(මෙහි) “ආතාපී” යනු වීර්ය්‍යේන්‍ද්‍රියයි. “සම්පජානෝ” යනු ප්‍රඥේන්‍ද්‍රිය යි, “සතිමා” යනු ස්මෘතීන්‍ද්‍රිය යි, “විනෙය්‍ය ලෝකේ අභිජ්ඣා දොමනස්සං” යනු සමාධීන්‍ද්‍රිය යි. මෙසේ කයෙහි කායානුදර්ශීව වාස කරනුවහුට සතර සීවටන්හු භාවනායෙන් පිරීමට යෙති. කවර කරුණින යත්: සතර ඉනිද්‍රියයන්ගේ සමානලක්‍ෂණත්‍වය හෙයිනි. සතර සීවටන් වැඩෙන කල්හි සතර සම්‍යක්ප්‍රධානයෝ භාවනායෙන් පිරීමට යෙති. සතර සම්‍යක්ප්‍රධානයන් වැඩෙත්ම සතරඍද්ධිපාදයෝ භාවනායෙන් පිරීමට යෙත්. සතර ඍද්ධිපාදයන් වැඩෙත් ම පඤ්චේන්‍ද්‍රියයෝ භාවනායෙන් වැඩීමට යෙති. පඤ්චේන්‍ද්‍රියයන් වැඩෙත් ම පඤ්ච බලයෝ භාවනායෙන් පිරීමට යෙති. පඤ්චබලයන් වැඩෙත්ම සප්ත බෝධ්‍යඞ්ගයෝ භාවනායෙන් පිරීමට යෙති. සප්ත බෝධ්‍යඞ්ගයන් වැඩෙත් ම ආර්‍ය්‍ය අෂ්ටාඞ්ගිකමාර්‍ගය භාවනායෙන් පරිපූර්‍ණ බවට යෙයි, ආර්‍ය්‍යයමාර්‍ගඥානබෝධයට යන බෝධිපාක්‍ෂික වු හැම ධර්‍මයෝ ද භාවනායෙන් පරිපූර්‍ණ බවට යෙත්. කවර කරුණින යත්: බෝධඞ්ගම වූ බෝධිපාක්‍ෂික වු හැම ධර්‍මයෝ නෛර්‍ය්‍යාණික ස්වභාවයෙන් සමානලක්‍ෂණ වූවාහු ද එහෙයිනි. ඒ දහම්හු සමානලක්‍ෂණ හෙයින් භාවනායෙන් වැඩීමට යෙත්.
Pali BJTඑවං අකුසලා ධම්මා එකලක්ඛණත්තා පහානං අබ්භත්ථං ගච්ඡන්ති: චතුසු සතිපට්ඨානෙසු භාවියමානෙසු විපල්ලාසා පහීයන්ති, ආහාරා චස්ස පරිඤ්ඤං ගච්ඡන්ති, උපාදානෙහි අනුපාදානො භවති, යොගෙහි ච විසංයුත්තො භවති, ගන්ථෙහි ච විප්පයුත්තො භවති, ආසවෙහි ච අනාසවො භවති ඔඝෙහි ච නිත්තිණ්ණො භවති, සල්ලෙහි ච විසල්ලො භවති, විඤ්ඤාණට්ඨිතියො චස්ස පරිඤ්ඤං ගච්ඡන්ති, අගතිගමනෙහි ච න අගතිං ගච්ඡති, එවං අකුසලාපි ධම්මා එකලක්ඛණත්තා පහානං අබ්භත්ථං ගච්ඡන්ති.
Sinhala BJTමෙසේ අකුශලධර්‍මයෝ ද (පහානෙකට්ඨතා විසින්) සමාන ලක්‍ෂණ ඇති බැවින් ප්‍රහාණයට නැසීමට යෙති: සතර සීවටන් වඩනු ලබත් මැ (අශුභයෙහි ශුභ යැ යනාදි) සතර විපල්ලාසයෝ ප්‍රහීණ වෙති. ඔහුට සතර ආහාරයෝ ද පරිඥානයට යෙති. කාමාදි සතර උපාදානයෙන් උපාදාන රහිත වූයේ වෙයි, සතර යෝගයන්ගෙනුදු විසංයුක්ත වෙයි, සතර ග්‍රන්‍ථයන්ගෙනුදු විප්‍රයුක්ත වෙයි, කාමාදි ආස්‍රවයන්ගෙනුදු අනාස්‍රව වෙයි. සතර ඕඝයන්ගෙනුදු උත්තීර්‍ණ වූයේ වෙයි, ශල්‍යයන්ගෙනුදු විගතශල්‍ය වෙයි, ඔහුට සතර විඥානස්ථිතිහු ද පරිඥානයට යෙති, ඡන්‍දාදි අගතිගමනයෙනුදු අගතියට නොයෙයි. මෙසේ අකුශලධර්‍මයෝ ද සමාන ලක්‍ෂණ බැවින් ප්‍රහාණයට අභ්‍යස්තයට යෙත්.
Pali BJTයත්ථ වා පන රූපින්ද්රියං දෙසිතං, දෙසිතා තත්ථෙව රූපධාතු රූපක්ඛන්ධො රූපඤ්චායතනං. යත්ථ වා පන සුඛා වෙදනා දෙසිතා, දෙසිතං තත්ථ සුඛින්ද්රියං සොමනස්සින්ද්රියං දුක්ඛසමුදයො ච අරියසච්චං. යත්ථ වා පන දුක්ඛා වෙදනා දෙසිතා, දෙසිතං තත්ථ දුක්ඛින්ද්රියං දොමනස්සින්ද්රියං දුක්ඛං ච අරියසච්චං. යත්ථ වා පන අදුක්ඛමසුඛා වෙදනා දෙසිතා, දෙසිතං තත්ථ උපෙක්ඛින්ද්රියං සබ්බො ච පටිච්චසමුප්පාදො. කෙන කාරණෙන: අදුක්ඛමසුඛාය හි වෙදනාය අවිජ්ජා අනුසෙති, අවිජ්ජාපච්චයා සඞ්ඛාරා, සඞ්ඛාරපච්චයා විඤ්ඤාණං, විඤ්ඤාණපච්චයා නාමරූපං, නාමරූපපච්චයා සළායතනං, සළායතනපච්චයා ඵස්සො, ඵස්සපච්චයා වෙදනා, වෙදනාපච්චයා තණ්හා, තණ්හාපච්චයා උපාදානං, උපාදානපච්චයා භවො, භවපච්චයා ජාති, ජාතිපච්චයා ජරාමරණං, සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසා සම්භවන්ති, එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයො හොති. සො ච සරාග-සදොස-සමොහසංකිලෙසපක්ඛෙන හාතබ්බො. වීතරාග-වීතදොස-වීතමොහ අරියධම්මෙහි හාතබ්බො.
Sinhala BJTතවද යම් දේශනායෙක්හි (රූප්පන ලක්‍ෂණ වූ අෂ්ටවිධ) රූපෙන්‍ද්‍රියය වදාරන ලද ද එහි මැ රූපධාතු රූපස්කන්‍ධ රූපායතනය ද දෙසන ලද්දාහු වෙත්. තවද යම් තැනක සුඛවේදනාව දෙසන ලදුද, එහි සුඛින්‍ද්‍රිය සෝමනස්සින්‍ද්‍රිය දුක්ඛසමුදය ආර්‍ය්‍යයසත්‍ය ද දේසිත යැ, තවද යම් දේශනායෙක දුක්ඛවේදනාව දෙසන ලදු ද, එහි දුක්ඛින්‍ද්‍රිය දෝමනස්සින්‍ද්‍රිය දුක්ඛආර්‍ය්‍යයසත්‍ය ද දේසිත යැ. තවද යම් තැනෙක අදුක්ඛමසුඛවේදනාව දෙසන ලදු ද, එහි උපෙක්ඛින්‍ද්‍රියය ද සියලු පටිච්චසමුප්පාදය ද දේසිත යි. කවර කරුණින යත්: අදුක්ඛමසුඛ වේදනායෙහි අවිද්‍යාව අනුශය කෙරෙයි, එහෙයිනි. අවිද්‍යාප්‍රත්‍යයෙන් සංස්කාරයෝ වෙති, සංස්කාරප්‍රත්‍යයෙන් විඥානය වෙයි, විඥානප්‍රත්‍යයෙන් නාමරූපය වෙයි, නාමරූපප්‍රත්‍යයෙන් ෂඩායතනය වෙයි, ෂඩායතනප්‍රත්‍යයෙන් ස්පර්‍ශ වෙයි, ස්පර්‍ශප්‍රත්‍යයෙන් වේදනාව වෙයි, වේදනාවප්‍රත්‍යයෙන් තෘෂ්ණාව වෙයි, තෘෂ්ණාවප්‍රත්‍යයෙන් උපාදානය වෙයි, උපාදානප්‍රත්‍යයෙන් භවය වෙයි, භවප්‍රත්‍යයෙන් ජාතිය වෙයි, ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණය වෙයි, ශෝක යැ පරිදේව යැ දුඃඛ යැ දෞර්‍මනස්‍ය යැ උපායාස යැ යන මොහු වෙත්. ඒ අනුලෝමදේශිත ප්‍රතීත්‍යසමුත්පාදය සරාග - සදෝස - සමෝහ වු සංක්ලේශපක්‍ෂය හා පැමිණවියැත්තේ යැ, (ප්‍රතිලෝමදේශිත ප්‍රතීත්‍යසමුත්පාදය) වීතරාග - වීතදෝස - වීතමෝහ වූ ආර්‍ය්‍යධර්‍මයන් හා පැමිණවියැයුත්තේ යි.
Pali BJTඑවං යෙ ධම්මා එකලක්ඛණා කිච්චතො ච ලක්ඛණතො ච සාමඤ්ඤතො ච චුතූපපාතතො ච තෙසං ධම්මානං එකස්මිං ධම්මෙ වුත්තෙ අවසිට්ඨා ධම්මා වුත්තා භවන්ති. තෙනාහ ආයස්මා මහා කච්චානො: “වුත්තම්හි එකධම්මෙ”ති.
Sinhala BJTමෙපරිද්දෙන් යම් ධර්‍ම කෙනෙක් (පඨවි ආදි වූ ද ඵස්සාදි වූ ද රූපාරූපධර්‍මයන්ගේ සංධාරණ සංඝට්ටනාදි) කෘත්‍ය හෙයින් ද, (කක්ඛළ ඵූසනාදි) ස්වභාවලක්‍ෂණ හෙයින් ද, (රුප්පන නමනාදි) සාමාන්‍යලක්‍ෂණ හෙයින් ද, (සඞ්ඛතධර්‍මයන්ගේ) භඞ්ග - උත්පාද හෙයින් ද, සමාන ලක්‍ෂණ වූවාහු නම්, ඒ ධර්‍මයන් අතුරෙන් එක් ධර්‍මයක් වදාළ කල්හි අවශිෂ්ට ධර්‍මයෝ කියනලද්දාහු වෙත්. එයින් වදාළහ: ආයුෂ්මත් මහාකාත්‍යායන ස්ථවිරයන් වහන්සේ - “වුත්තම්හි එකධම්මෙ” යී.
Pali BJTනියුත්තො ලක්ඛණො හාරො.
Sinhala BJTලක්ඛණහාරය යොදනලද්දේ යි.
Pali BJT3. 1. 6.
Sinhala BJT3. 1. 6.
Pali BJTචතුබ්යුහහාරවිභඞ්ගො
Sinhala BJTචතුබ්‍යුහහාරවිභඞ්ගය
Pali BJTතත්ථ කතමො චතුබ්යූහො හාරො: “නෙරුත්තමධිප්පායො”ති අයං බ්යඤ්ජනෙන සුත්තස්ස නෙරුත්තඤ්ච අධිප්පායො ච නිදානඤ්ච පුබ්බාපරසන්ධි ච ගවෙසිතබ්බා.{1}
Sinhala BJTඑහි චතුබ්‍යුහහාරය කවරෙ යත්: “නෙරුත්තමධිප්පායො” යන නිර්දේශ යැ, මේ චතුබ්‍යුහහාරයි. බ්‍යඤ්ජනද්වාරයෙන් සූත්‍රයාගේ නිර්වචනය ද, (දේශකයාණන්ගේ) අදහස ද, දේශනානිදානය (කාරණය) ද, පූර්‍වාපරානුසන්‍ධිය ද, සෙවියයුත්තාහ.
Pali BJT(1) තත්ථ කතමං නෙරුත්තං; යා නිරුත්ති පදසංහිතා යං ධම්මානං නාමසොඤාණං, යදා හි භික්ඛු අත්ථස්ස නාමං ජානාති ධම්මස්ස ච නාමං ජානාති, තථා තථා නං අභිනිරොපෙති, අයං වුච්චති අත්ථකුසලො ධම්මකුසලො බ්යඤ්ජනකුසලො නිරුත්තිකුසලො පුබ්බාපරකුසලො දෙසනාකුසලො අතීතාධිවචනකුසලො අනාගතාධිවචනකුසලො පච්චුප්පන්නාධිවචනකුසලො ඉත්ථාධිවචනකුසලො පුරිසාධිවචනකුසලො නපුංසකාධිවචනකුසලො එකාධිවචනකුසලො අනෙකාධිවචනකුසලො. එවං සබ්බානිපි කාතබ්බානි ජනපදනෙරුත්තානි සබ්බා ච ජනපද නිරුත්තියො, අයං නිරුත්ති පදසංහිතා.
Sinhala BJT(1) එහි නෙරුත්තය කවරෙ යත්: පදයන්හි සංහිත වූ - යෙදුණාවු යම් නිරුත්තියක් ඇද්ද එයයි. යම් හෙයෙකින් ඥේයධර්‍මයන්ගේ (ඵස්ස - වේදනා - බන්‍ධ - ධාතු - තිස්ස - ඵූස්සාදි) නාමවශයෙන් දැනීම වේ ද එහෙයිනි. ඒ එසේ මැය: යම් කලෙක මහණ ශබ්දාභිධෙය වූ අර්‍ත්‍ථයාගේ (නාමප්‍රඥප්ති විසින් මෙනම් ඇතැ’යි) නාමය දනී ද ස්වභාවධර්‍මයාගේත් නාමය දනීද, (එකල්හි) ඒ ඒ අර්‍ත්‍ථ - ධර්‍මය ඒ ඒ පරිදි ව්‍යවහාරයට නඟයි - දෙසයි. මේ මහණ පෙළඅරුත්හි නිපුණ යැ, පෙළදහම්හි නිපුණ යැ, (අක්‍ෂර වාක්‍යසංඛ්‍යාත) ව්‍යඤ්ජනයෙහි නිපුණ යැ, නිර්වචනයෙහි කුශල යැ, (දේශනාව පිළිබඳ) පූර්‍වාපරයෙහි නිපුණ යැ, ධර්‍මදේශනායෙහි නිපුණ යැ, අතීතප්‍රඥප්තියෙහි නිපුණ යැ, අනාගතප්‍රඥප්තියෙහි නිපුණ යැ, වර්‍තමානප්‍රඥප්තියෙහි නිපුණ යැ, ස්ත්‍රීප්‍රඥප්තියෙහි නිපුණ යැ, පුරුෂප්‍රඥප්තියෙහි නිපුණ යැ, නපුංසකප්‍රඥප්තියෙහි නිපුණ යැ, එකවචනයෙහි නිපුණ යැ, අනේකවචනයෙහි නිපුණ යැයි කියනු ලැබේ. මෙපරිද්දෙන් සියලු මැ ජනපදනිරුත්ති සංඛ්‍යාත සත්‍වව්‍යවහාරපදයෝ (සූත්‍රයෙහි නිර්වචන වශයෙන්) කියැ යුත්තාහු ය, සියලු ලෝකසංඥාවෝ ද කියැයුත්තාහුය. මේ ‘නිරුත්ති පදසංහිතා’ යි.
Pali BJT(2) තත්ථ කතමො අධිප්පායො;
Sinhala BJT(2) එහි අධිප්පාය කවරෙ යත්:
Pali BJT1. “ධම්මො හවෙ රක්ඛති ධම්මචාරිං ඡත්තං මහන්තං යථ වස්සකාලෙ, එසානිසංසො ධම්මෙ සුචිණ්ණෙ න දුග්ගතිං ගච්ඡති ධම්මචාරී”ති.
Sinhala BJT1. දානාදි කුශලධර්‍ම තෙමේ ඒකාන්තයෙන් ඒ ධර්‍මයෙහි හැසිරෙන පුඟුල්හු (දිට්ඨධම්මික සම්පරායික අනර්‍ත්‍ථයෙන්) රක්නේය, වැසිකලැ මහත් වූ ඡත්‍රය එය ධරන්නහු යම්සේ රකීද එමෙනි, ධර්‍මය මොනොවට පරිචිත කල්හි තෙල අනුසස වෙයි. ධර්‍මචාරී පුද්ගල අපායාදි දුගතියට නොයේ යයි.
Pali BJTඉධ භගවතො කො අධිප්පායො; යෙ අපායෙහි පරිමුච්චිතුකාමා භවිස්සන්ති තෙ ධම්මචාරිනො භවිස්සන්තීති අයං එත්ථ භගවතො අධිප්පායො.
Sinhala BJTමේ දේශනායෙහි ලා භාග්‍යවතුන් වහන්සේගේ අදහස කවරේ යැ: අපායෙන් මිදෙනු කැමැති යම් කෙනෙක් වෙත් ද, ඔහු ධර්‍මචාරී වන්නාහ’ යි, මේ තෙල දේශනායෙහි ලා භාග්‍යවතුන් වහන්සේගේ අදහස යි.
Pali BJT2. “චොරො යථා සන්ධිමුඛෙ ගහීතො සකම්මුනා හඤ්ඤතෙ{1} බජ්ඣතෙ ච, එවං අයං පෙච්ච පජා පරත්ථ සකම්මුනා හඤ්ඤතෙ{1} බජ්ඣතෙ චා”ති.
Sinhala BJT2. ගෘහසන්‍ධිමූඛයෙහි (හිමියන් හෝ රාජපුරුෂයන් විසින්) ගන්නාලද සොරෙක් සිය සොරකම් හේතුයෙන් යම් පරිදි කම්කටොලින් පෙළනුලැබේ ද (සිරබැඳුම් ආදියෙන්) බඳනාත් ලැබේ ද එසෙයින් මේ සත්ත්‍වප්‍රජාව මියැ පරලොව දී සිය පව්කැමින් පෙළනු ලැබේ යයි.
Pali BJTඉධ භගවතො කො අධිප්පායො; සංචෙතනිකානං කතානං කම්මානං උපචිතානං දුක්ඛවෙදනීයානං අනිට්ඨං අසාතං විපාකං පච්චනුභවිස්සතීති, අයං එත්ථ භගවතො අධිප්පායො.
Sinhala BJTමෙහි ලා භාග්‍යවතුන් වහන්සේගේ අදහස කවරෙ යැ: සිතා කරනලද රැස්කරනලද දුක් වේදනා උපදවන කර්‍මයන්ගේ අනිෂ්ට වූ අමධුර වූ විපාකය විඳින්නේය’ යි මේ තෙල දේශනායෙහි භාග්‍යවතුන් වහන්සේගේ අදහස යි.
Pali BJT3. “සුඛකාමානි භූතානි යො දණ්ඩෙන විහිංසති, අත්තනො සුඛමෙසානො පෙච්ච සො න ලභතෙ සුඛන්ති”,
Sinhala BJT3. යමෙක් සුව කැමැති වු සත්ත්‍වයන් දඬින් වෙහෙසා ද, තමහට සුව රිසියෙන ඒ හිංසක පුද්ගල පරලොව ගොස් සුව නොලබා යයි.
Pali BJTඉධ භගවතො කො අධිප්පායො; යෙ සුඛෙන අත්ථිකා භවිස්සන්ති තෙ පාපකම්මං න කරිස්සන්තීති අයං එත්ථ භගවතො අධිප්පායො.
Sinhala BJTමෙහිලා භාග්‍යවතුන් වහන්සේගේ අදහස කවරෙ යැ: යම් කෙනෙක් සූඛාර්ත්‍ථීහු වන්නාහු ද ඔහු පව්කම් නො කරන්නාහයි මේ තෙල දේශනායෙහි භාග්‍යයතුන් වහන්සේගේ අදහස යි.
Pali BJT4. “මිද්ධී යදා හොති මහග්ඝසො ච නිද්දායිතා සම්පරිවත්තසායී, මහාවරාහොව නිවාපපුට්ඨො පුනප්පුනං ගබ්භමුපෙති මන්දො”ති.
Sinhala BJT4. යම් කලෙක පුරුෂ ථිනමිද්ධයෙන් මඩනාලදුයේ බොහෝ කොට අනුභව කරන්නේත් වේද, හුන් සිටි තැන නිදනසුලු වූයේ පෙරැළි පෙරැළි හෝනේ වේ ද, දමු කුඩු ඈ ශුකරනිවාපයෙන් පුස්නාලද මහත් ගම්හූරකු මෙන් වූ ‘දුෂ්ප්‍රාඥ’ පුද්ගල පුනපුනා (පිළිසඳ විසින්) මවුකුසයට පැමිණේ යයි.
Pali BJTඉධ භගවතො කො අධිප්පායො; යෙ ජරාමරණෙන අට්ටීයිතුකාමා භවිස්සන්ති තෙ භවිස්සන්ති භොජනෙ මත්තඤ්ඤුනො ඉන්ද්රියෙසු ගුත්තද්වාරා පුබ්බරත්තාපරරත්තං ජාගරියානුයොගමනුයුත්තා වීපස්ස කා කුසලෙසු ධම්මෙසු ස ගාරවා ච සබ්රහ්මචාරීසු ථෙරෙසු නවෙසු මජ්ඣමෙසූති. අයං එත්ථ භගවතො අධිප්පායො.
Sinhala BJTමේ දේශනායෙහි භාග්‍යවතුන් වහන්සේගේ අදහස කවරේ යැ: යම් කෙනෙක් ජරාමරණහේතුයෙන් දුක්වන්නාහු ද, ඔහු භෝජනයෙහි මාත්‍රඥ වූවාහු ඉන්‍ද්‍රියයන්හි පියු දොර ඇත්තාහු පූර්‍වරාත්‍රාපරරාත්‍රයෙහි නිදි වැරීමෙහි යෙදුණාහු කුශලධර්‍මයන්හි විදර්‍ශක වූවාහු ස්ථවිර නවක මධ්‍යම වු සබ්‍රම්සරුන් කෙරෙහි සගෞරව වූවාහු ද වන්නාහ’ යි, මේ තෙල දේශනායෙහි භාග්‍යවතුන් වහන්සේගේ අදහසයි.
Pali BJT5. “අප්පමාදො අමතපදං පමාදො මච්චුනො පදං අප්පමත්තා න මීයන්ති යෙ පමත්තා යථා මතා”ති.
Sinhala BJT5. කුශලධර්‍මයෙහි ස්මෘති අවිප්‍රවාස සඞ්ඛ්‍යාත අප්‍රමාදය නිර්‍වාණාමෘතයාගේ අධිගමයට කාරණා වෙයි, ස්මෘතිවිප්‍රවාස සඞ්ඛ්‍යාත ප්‍රමාදය (ප්‍රමත්තයා ජාතිය නොඉක්මවූ හෙයින්) මරණයට කාරණ යැ, අප්‍රමත්ත වූවාහු (වහා මාර්‍ගඵලාධිගම කරන හෙයින්) නොමියන්නාහ, ප්‍රමත්ත වූ යම් කෙනෙක් වෙත් ද ඔහු (ප්‍රමාදමරණයෙන් මළහෙයින්) මළවුන් වැන්නාහ’ යි.
Pali BJTඉධ භගවතො කො අධිප්පායො; යෙ අමතපරියෙසනං පරියෙසිතුකාමා භවිස්සන්ති තෙ අප්පමත්තා විහරිස්සන්තීති, අයං එත්ථ භගවතො අධිප්පායො. අයං අධිප්පායො.
Sinhala BJTමෙහි ලා භාග්‍යවතුන් වහන්සේගේ අදහස කවරෙ යැ: යම් කෙනෙක් නිවන සොයනු කැමැති වෙත්ද, ඔහු අප්‍රමත්ත ව වාසය කරන්නාහ’ යි. මේ තෙල දේශනායෙහි භාග්‍යවතුන් වහන්සේගේ අදහස යි. මේ අධිප්පාය යි.
Pali BJT(3) තත්ථ කතමං නිදානං; යථා සො ධනියො ගොපාලකො භගවන්තං ආහ:
Sinhala BJT(3) එහි නිදාන කවරෙ යත්: ඒ මෙසේ යැ. ඒ ධනිය ගොපලු භාග්‍යවතුන් වහන්සේට මේ කීයැ:
Pali BJT6. “නන්දති පුත්තෙහි පුත්තිමා ගොමිකො ගොහි තථෙව නන්දති, උපධීහි නරස්ස නන්දනා න හි සො නන්දති යො නිරූපධී”ති.
Sinhala BJT6. පුතුන් ඇතියේ පුතුන් සමග හෝ පුතුන් කරණකොට සතුටු වෙයි, එසෙයින් ම ගවයන් ඇතියේ ගවයන් කරණකොට සතුටු වෙයි, කාමගුණුපධීන් කරණකොට මිනිසාට සතුට වෙයි, යමෙක් උපධි රහිත වේද හේ නො මැ සතුටු වේ යයි.
Pali BJTභගවා ආහ:
Sinhala BJTබුදුහු මේ වදාළහ:
Pali BJT7. “සොචති පුත්තෙහි පුත්තිමා ගොමිකො ගොහි තථෙව සොචති, උපධීහි නරස්ස සොචනා න හි සො සොචති යො නිරූපධී”ති.
Sinhala BJT7. පුතුන් ඇතියේ පුතුන් කරණකොට ශෝක කෙරෙයි, ගවයන් ඇතියේ ගවයන් කරණකොට එසෙයින්ම මැ ශෝක කෙරෙයි, උපධීන් කරණකොට මිනිසාට ශෝකය වෙයි, යමෙක් කාමගුණූපධී රහිත වේද, හේ නො මැ ශෝක කෙරේ යයි.
Pali BJTඉමිනා වත්ථුනා ඉමිනා නිදානෙන එවං ඤායති: ඉධ භගවා බාහිරා පරිග්ගහං උපධිං ආහාති.
Sinhala BJTමේ පුත්ත ගවාදි කීර්‍තන සංඛ්‍යාත කාරණයෙන් මේ නිදානයෙන් මෙසේ මේ දේශනායෙහි බුදුහු බාහිර වස්තුව ‘උපධි’ යයි කොට වදාළහ’ යි හැගෙයි.
Pali BJTයථා ච මාරො පාපිමා ගිජ්ඣකූටා පබ්බතා පුථුසිලං පාතෙසි භගවා ආහ:
Sinhala BJTමෙසේත් නිදසුන් වෙයි: පවිටු මාර ගිජුකුළු පවුයෙන් මහත්වු සෙලක් පෙරැළි යැ. බුදුහු මේ වදාළහ:
Pali BJT8. “සචෙපි{1} කෙවලං සබ්බං ගිජ්ඣකූටං චලෙස්සසි, නෙව සම්මා විමුත්තානං බුද්ධානං අත්ථි ඉඤ්ජිතං.
Sinhala BJT8. ඉදින් සියලු මැ ගිජුකුළු පව්ව සලන්නෙහි නමුදු උපධීන් කෙරෙන් මොනොවට මිදුණු බුදුවරයන්ගේ කම්පායෙක් නැත්මැයි.
Pali BJT9. “නභං ඵලෙය්ය පඨවී වලෙය්ය සබ්බෙව පාණා උදසන්තසෙය්යුං, සල්ලම්පි චෙ උරසි පකම්පයෙය්යුං{2} උපධීසු තාණං න කරොන්ති බුද්ධා”ති.
Sinhala BJT9. අහස පැලේ නමුදු පොළොව සැලේ නමුදු නොහොත් සියලු මැ ප්‍රාණීහු තැති ගන්නාහු නමුදු ඉදින් ශල්‍යයකුදු ළෙහි ගසන්නාහු නමුදු බුදුවරයෝ උපධීන් කෙරෙහි ත්‍රාණ (රැකීමක්) නො කෙරෙත්’ යී.
Pali BJTඉමිනා වත්ථුනා ඉමිනා නිදානෙන එවං ඤායති: ඉධ භගවා කායං උපධිං ආහාති.
Sinhala BJTමේ වස්තු (කාරණ)යෙන් මේ නිදානයෙන් මෙසේ හැගෙයි: මේ දේශනායෙහි ලා බුදුහු කය උපධි කොට වදාළසේක’ යි.
Pali BJTයථා චාහ:
Sinhala BJTමෙසේත් වදාළහ!
Pali BJT10. “න තං දළ්හං බන්ධනමාහු ධීරා යදායසං දාරුජං බබ්බජං ච,{3} සාරත්තරත්තා මණිකුණ්ඩලෙසු පුත්තෙසු දාරෙසු ච යා අපෙක්ඛා”ති
Sinhala BJT10. අයෝමය වූ ද දැවමුවා ද බබුස්තණමුවා වූ ද යම් බන්‍ධනයෙක් ඇද්ද ධීරයෝ එය දැඩි බැඳුමෙකැයි නො කියති, මිණිකොඩොල්හිදු අඹුදරුවන් කෙරෙහිදු අධික රාගයෙන් ඇලුණු යම් අපේක්‍ෂාවක් ඇද්ද -
Pali BJTඉමිනා වත්ථුනා ඉමිනා නිදානෙන එවං ඤායති: ඉධ භගවා බාහිරෙසු වත්ථුසු තණ්හං ආහාති.
Sinhala BJTමේ වස්තුයෙන් මේ නිදානයෙන් මෙසේ මේ දේශනායෙහි බුදුහු බාහිර වස්තුවිෂයෙහි තෘෂ්ණාව වදාළසේකැ’ යි හැගෙයි.
Pali BJTයථා චාහ:
Sinhala BJTමෙසේත් වදාළහ:
Pali BJT11. “එතං දළ්හං බන්ධනමාහු ධීරා ඔහාරිනං සිථිලං දුප්පමුඤ්චං, එතම්පි ඡෙත්වාන පරිබ්බජන්ති අනපෙක්ඛිනො කාමසුඛං පහායා”ති
Sinhala BJT11. පහත (සිවු අපාය)ට ඇදලන ලිහිල් වු මිදීමට දුෂ්කර වූ තෙල කාමාපේක්‍ෂාව දැඩිවු බන්‍ධනයෙකැ’ යි (බුද්ධාදි) ප්‍රාඥයෝ කියති, කාමාපේක්‍ෂා නැත්තාහු තෙල බන්‍ධනය ද සිඳ කම්සුව හැරපියා ගිහිගෙන් නික්මයෙත්, යයි.
Pali BJTඉමිනා වත්ථුනා ඉමිනා නිදානෙන එවං ඤායති: ඉධ භගවා බාහිර වත්ථුකාය තණ්හාය පහානං ආහාති.
Sinhala BJTමේ වස්තුයෙන් මේ නිදානයෙන් බුදුහු බාහිර වස්තුගත තෘෂ්ණාවගේ ප්‍රහාණය වදාළහ’ යි හැගේ.
Pali BJTයථා චාහ:
Sinhala BJTමෙසේත් වදාළහ:
Pali BJT12. “ආතුරං අසුචිං පූතිං දුග්ගන්ධං දෙහනිස්සිතං, පග්ඝරන්තං දිවා රත්තිං බාලානං අභිනන්දිතං”ති
Sinhala BJT12. උපද්‍රවයෙන් ආතුර වු අපවිත්‍ර වූ කුණු වූ දුගඳ ඇති සිරුර ඇසිරිකළ මලය දවරැයෙහි වැගිරෙන (මේ කය) බාලයන් විසින් (තෘෂ්ණා මාන දෘෂ්ටීන්) අභිනන්‍දිත වේ යයි.
Pali BJTඉමිනා වත්ථුනා ඉමිනා නිදානෙන එවං ඤායති: ඉධ භගවා අජ්ඣත්ති කවත්ථුකාය තණ්හාය පහානං ආහාති.
Sinhala BJTමේ වස්තුයෙන් මේ නිදානයෙන්බුදුහු මේ දේශනායෙහි ලා අධ්‍යාත්මවස්තුගත තෘෂ්ණාවගේ ප්‍රහාණය වදාළසේකැ’ යි හැගේ.
Pali BJTයථා චාහ:
Sinhala BJTමෙසේත් වදාළහ:
Pali BJT13. “උච්ඡින්ද සිනෙහමත්තනො කුමුදං සාරදිකංව පාණිනා, සන්තිමග්ගමෙව බ්රූහය නිබ්බානං සුගතෙන දෙසිත”න්ති.
Sinhala BJT13. සරාකලැ හටගත් කුමුදුමලක් අතින් (සිඳින්නාක්) මෙන් තමාගේ තෘෂ්ණා සංඛ්‍යාත ස්නේහය (රහත්මගින්) සිඳලව (අෂ්ටාඞ්ගික) ශාන්තිමාර්‍ගය මැ වඩව, සුගතයන් විසින් නිවන (ශාන්ත යයි) දේශිත හෙයිනි.
Pali BJTඉමිනා වත්ථුනා ඉමිනා නිදානෙන එවං ඤායති: ඉධ භගවා අජ්ඣත්තික වත්ථුකාය තණ්හාය පහානං ආහාති. ඉදං නිදානං.
Sinhala BJTමේ වස්තුයෙන් මේ නිදානයෙන් මෙහි ලා බුදුහු අධ්‍යාත්මවස්තුගත වූ තෘෂ්ණාවගේ ප්‍රහාණ වදාළසේක’ යි හැගේ. මේ “නිදාන” යි.
Pali BJT(4) තත්ථ කතමො පුබ්බාපරසන්ධි:
Sinhala BJT(4) ඒ චතුබ්‍යුහයෙහි පුබ්බාපරසන්‍ධි කවරෙ යත්:
Pali BJTයථාහ:
Sinhala BJTමේ වදාළහ:
Pali BJT14. “කාමන්ධා ජාලසඤ්ජන්නා{1} තණ්හාඡන්දනඡාදිතා, පමත්තබන්ධුනා{2} බද්ධා මච්ඡා’ච කුමිනාමුඛෙ. ජරාමරණමන්වෙන්ති වච්ඡො ඛීරපකො’ව මාතර”න්ති.
Sinhala BJT14. ක්ලේශකාමයෙන් අන්‍ධ වූ තෘෂ්ණාජාලයෙන් වෙළුණු තෘෂ්ණා සංඛ්‍යාත අන්‍ධකාරයෙන් වැසුණු කෙමිනමුවෙහි (බැඳුණු) මසුන් මෙන් ප්‍රමාද නැමැති බන්‍ධනයෙන් බැඳුණු සත්ත්‍වයෝ මව්දෙන කරා එන කිරි බොන වස්සකු මෙන් ජරාවට හා මරණයට පුනපුනා පැමිණෙත් යයි.
Pali BJTඅයං කාමතණ්හා වුත්තා. සා කතමෙන පුබ්බාපරෙන යුජ්ජති.
Sinhala BJTමේ කාමතෘෂ්ණාව වදාරනලදු. ඒ කාමතෘෂ්ණාව පූර්‍ව වූ හෝ අපර වූ හෝ කවර දේශනාන්තරයක් සමග යෙදේ ද යත්:
Pali BJTයථා චාහ:
Sinhala BJTමෙසේත් වදාළහ:
Pali BJT15. “රත්තො අත්ථං න ජානාති රත්තො ධම්මං න පස්සති, අන්ධන්තමං තදා හොති යං රාගො සහතෙ නර”න්ති.
Sinhala BJT15. රාගයෙන් රක්ත වූයේ (ස්වාර්‍ත්‍ථාදි) අර්‍ත්‍ථය නො දනී, රාගරක්ත වූයේ ධර්‍මය නො දකී, යම් කලෙක රාගය තෙමේ මිනිසා සහන (අභිභවන)ය කෙරේද, එකල්හි බහල වූ අන්‍ධකාරය වේ යයි.
Pali BJTඉති අන්ධතාය ච සඤ්ඡන්නතාය ච සායෙව තණ්හා අභිලපිතා. යඤ්චාහ: “කාමන්ධා ජාලසඤ්ඡන්නා තණ්හාඡදනඡාදිතා”ති. යඤ්චාහ: “රත්තො අත්ථං න ජානාති රත්තො ධම්මං න පස්සතී”ති. ඉමෙහි පදෙහි පරියුට්ඨානෙහි සායෙව තණ්හා අභිලපිතා. යං අන්ධකාරං අයං දුක්ඛසමුදයො, යා ච තණ්හා පොනොභවිකා.
Sinhala BJTමෙසේ අන්‍ධතායෙන් ද සඤ්ඡන්නතායෙන් ඒ යට ගයෙහි කී තෘෂ්ණාව ම කියන ලද්දීය. “කාමන්‍ධා ජාලසඤ්ඡන්නා තණ්හාඡදනඡාදිතා” යී යම් තෘෂ්ණාවකුත් වදාළසේක් ද, “රත්තෝ අත්‍ථං න ජානාති රත්තෝ අත්‍ථං න පස්සති” යී යම් තෘෂ්ණාවකුත් වදාළසේක් ද, ක්ලේශපරීයුට්ඨානය දක්වන මේ පදයන්ගෙන් ඒ කාම තෘෂ්ණාව මැ වදාරන ලද්දීය. කාම සංඛ්‍යාත යම් අන්‍ධකාරයක් ඇද්ද මේ දුක්ඛසමුදය යි, පුනර්‍භවය ඇතිකරන යම් තෘෂ්ණාවක් ඇද්ද එය යි.
Pali BJTයඤ්චාහ: කාමා”ති ඉමෙ කිලෙසකාමා, යඤ්චාහ: ජාලසඤ්ජන්නා”ති තෙසං යෙව කාමානං පයොගෙන පරියුට්ඨානං දස්සෙති, තස්මා කිලෙසවසෙන ච පරියුට්ඨානවසෙන ච තණ්හා බන්ධනං වුත්තං. යෙ එදිසිකා තෙ ජරාමරණං අන්වෙන්ති. අයං භගවතා යථානික්ඛිත්තගාථාබලෙන දස්සිතා ජරාමරණමන්වෙන්තී”ති.
Sinhala BJT“කාම” යී යමකුත් වදාළසේක් ද, මොහු ක්ලේශකාමයෝ යැ, “ජාලසඤ්ඡන්නා” යී යමකුත් වදාළසේක් ද, ඒ කාමයන්ගේ මැ සමුදාචාරයෙන් පරියුට්ඨානය දක්වනසේක. එහෙයින් ක්ලේශවශයෙන් ද පරියුට්ඨානවශයෙන් ද තෘෂ්ණාව බන්‍ධන යයි වදාරනලදී. යම් කෙනෙක් තෘෂ්ණාබන්‍ධන ඇත්තාහු ද ඔහු ජරාමරණයට පුනපුනා එති. භාග්‍යවතුන් විසින් යථානික්‍ෂිප්ත ගාථාබලයෙන් “ජරාමරණමන්වෙන්ති” යී මේ සංසාර ප්‍රවෘත්ති දක්වන ලද්දීය.
Pali BJT16. “යස්ස පපඤ්චා ඨිතී ච නත්ථි සන්දානං{1} “පළිඝං ච වීතිවත්තො, තං නිත්තණ්හං මුනිං චරන්තං න විජානාති සදෙවකොපි ලොකො”ති.
Sinhala BJT16. යම් ක්‍ෂීණාස්‍රයක්හට (තෘෂ්ණා දෘෂ්ටි මාන) ප්‍රපඤ්චයෝත් (කාමාදි) අනුශය ධර්‍මයෝත් නැද්ද, තණ්හාපරියුට්ඨාන සංඛ්‍යාත සන්‍දානයත් මෝහ සංඛ්‍යාත පළිඝයත් (යමෙක්) ඉක්මැවූයේ ද, තෘෂ්ණා රහිත ව ඉරියව් පවත්වන ඒ ක්‍ෂීණාස්‍රය මුනිහු සදේවක ලෝකයා ද (චරිම නාමරූප නිරෝධයෙන් පසු කොහි උපන්හු දැයි) නො දනී යයී.
Pali BJT‘පපඤ්චා’ නාම: තණ්හාදිට්ඨිමානා තදභිසංඛතා ච සඞ්ඛාරා ‘ඨිති’ නාම: අනුසයා ‘සන්දානං’ නාම තණ්හාය පරියුට්ඨානං. යානි ඡත්තිංසතණ්හාය ජාලිනියා විචරිතානි. ‘පළිඝො’ නාම: මොහො. යෙ ච පපඤ්චා සඞ්ඛාරා යා ච ඨිති යං සන්දානං{1} ච යං පළිඝං ච යො එතං සබ්බං සමතික්කන්තො අයං වුච්චති නිත්තණ්හො ඉති.
Sinhala BJT‘පපඤ්ච’ නම්: තෘෂ්ණා දෘෂ්ටි මානයෝ ද, ඒ තෘෂ්ණාදීන් විසින් රැස්කරනලද සංස්කාරයෝ ද වෙති. ‘ඨිති’ නම්: අනුශයයෝ යි. ‘සන්‍දාන’ නම්: තෘෂ්ණාවගේ පර්‍ය්‍යුත්‍ථාන යැ, සතිස්වැදැරුම් තෘෂ්ණාජාලිනියගේ යම් විචරිතයෝ වෙත් ද ඔහු යි. ‘පළිඝ’ නම්: මෝහයයි. යම් පපඤ්ච සංස්කාර කෙනෙක් වෙත්ද, අනුශය සංඛ්‍යාත යම් ඨිතියක් වේ ද, සන්‍දාන සංඛ්‍යාත යම් තෘෂ්ණාවිචරිත කෙනෙක් වෙත් ද, මෝහ සංඛ්‍යාත යම් පළිඝයකුත් වේ ද, යමෙක් තෙල සංස්කාරාදි සියල්ල මොනොවට ඉක්මවූයේ ද, මේ ක්‍ෂීණාස්‍රව ‘නිත්තණ්හ’ යයි කියනු ලැබේ.
Pali BJTතත්ථ පරියුට්ඨානසඞ්ඛාරා දිට්ඨධම්මවෙදනියා වා උපපජ්ජවෙදනියා වා, අපරාපරිවෙදනීයා වා, එවං තණ්හා තිවිධං ඵලං දෙති: දිට්ඨෙ වා ධම්මෙ උපජ්ජෙ වා අපරෙ වා පරියායෙ. එවං භගවා ආහ: “යං ලොභපකතං කම්මං කරොති කායෙන වාචාය මනසා තස්ස විපාකං අනුභොති දිට්ඨෙ වා ධම්මෙ උපපජ්ජෙ වා අපරෙ වා පරියායෙ”ති. ඉදං භගවතො පුබ්බාපරෙන යුජ්ජති. තත්ථ පරියුට්ඨානං දිට්ඨධම්මවෙදනීයං වා කම්මං උපපජ්ජවෙදනීයං වා කම්මං අපරපරියාය වෙදනීයං{2} වා කම්මං. එවං කම්මං තිධා විපච්චති: දිට්ඨෙ වා ධම්මෙ උපපජ්ජෙ වා අපරෙවා පරියායෙ. යථාහ: “යඤ්චෙ බාලො ඉධ පාණාතිපාතී හොති -පෙ- මිච්ඡාදිට්ඨි හොති, තස්ස දිට්ඨෙ වා ධම්මෙ විපාකං පටිසංවෙදෙති උපපජ්ජෙ වා අපරෙ වා පරියායෙ”ති. ඉදං භගවතො පුබ්බාපරෙන යුජ්ජති. තත්ථ පරියුට්ඨානං පටිසංඛානබලෙන පහාතබ්බං, සඞ්ඛාරා දස්සනබලෙන, ඡත්තිංසතණ්හාවිචරිතානි භාවනාබලෙන පහාතබ්බානීති. එවං තණ්හාපි තිධා පහීයති. යා නිත්තණ්හතා අයං සඋපාදිසෙසා නිබ්බානධාතු, භෙදා කායස්ස අයං අනුපාදිසෙසා නිබ්බානධාතු.
Sinhala BJTඑහි පරියුට්ඨානසඞ්ඛාරයෝ දෘෂ්ටධර්‍ම (ඉහාත්ම)යෙහි වින්දයුතු විපාක ඇත්තාහු හෝ උපපද්‍ය (අනන්තර) ආත්මභාවයෙහි වින්දයුතු විපාක ඇත්තාහු හෝ අපරාපරිය (අපර අපර) ආත්මභාවයන්හි වින්දයුතු විපාක ඇත්තාහු හෝ වෙති. මෙසේ තෘෂ්ණාව ප්‍රත්‍යක්‍ෂ ආත්මභාවයෙහි හෝ අනන්තර හෝ ආත්මභාවයෙහි හෝ අපරාපරිය ආත්මභාවයෙහි හෝ ත්‍රිවිධ විපාකඵලය දෙයි. බුදුහු මෙසේ වදාළහ: “කයින් වචනයෙන් සිතින් ලෝභ හේතුයෙන් කරනලද යම් කර්‍මයක් ඇද්ද, ඒ කර්‍මයාගේ විපාකය මේ අත්බැව්හි හෝ අනතුරු අත්බැව්හි හෝ අපරආත්මභාවයක හෝ විඳී” යයී. මේ දේශනාව භාග්‍යවතුන් වහන්සේගේ පූර්‍වාපරදේශනා හා යෙදෙයි. එහි තණ්හාපරියුට්ඨානය දිට්ඨම්මවේදනීය කර්‍මයක් හෝ උපපජ්ජවෙදනීය කර්‍මයක් හෝ අපරාපරියවේදනීය කර්‍මයක් හෝ වෙයි. මෙසේ කර්‍මය තුන්පරිද්දෙකින් විපාක දෙයි: ඉහාත්මයෙහි හෝ උපපද්‍යආත්මභාවයෙහි හෝ අපරපරියාය ආත්මභාවයෙහි හෝ යි. මෙසේ වදාළහ: “ඉදින් බාල තෙමේ මෙලොවැ ප්‍රාණවධ කරන්නේ වේ ද ... මිසදිටු ඇත්තේ වේ ද, ඒ කර්‍මයාගේ විපාකය ඉහාත්මයෙහි හෝ උපපද්‍යආත්මයෙහි හෝ අපරපරියාය ආත්මයක හෝ විඳී” යයී. භාග්‍යවතුන් වහන්සේගේ මේ දේශනාව පූර්‍වාපරය හා යෙදෙයි. එහි තණ්හාවිචරිතය ප්‍රතිපක්‍ෂභාවනාබලයෙන් ප්‍රහාණ කළයුතු යැ, (දිට්ඨිගත සම්ප්‍රයුක්ත සතර සිත්හි හා වචිකිඡාසම්ප්‍රයුක්ත සිතෙහි ද) සංස්කාරයෝ දර්‍ශන (ප්‍රථම මාර්‍ගඥාන) බලයෙන් ද, (දර්‍ශනප්‍රහීණාවශේෂ) සතිස් තෘෂ්ණාවිචරිතයෝ භාවනා බලයෙන් ද ප්‍රහාණය කළයුත්තාහු යයි මෙසේ තෘෂ්ණාව ද තුන් පරිද්දෙකින් ප්‍රහීණ වෙයි. යම් නිෂ්තෘෂ්ණබවක් වේ ද මේ සඋපාදිසේස නිර්‍වාණධාතු යැ, කරජකය බිඳීමෙන් (යම් නිවනක් ද වේ ද) මේ අනුපාදිසේස නිර්‍වාණධාතු යි.
Pali BJTපපඤ්චො නාම වුච්චති අනුබන්ධො, යං චාහ භගවා: “පපඤ්චෙති අතීතානාගතපච්චුප්පන්නං චක්ඛුවිඤ්ඤෙය්යං රූපං ආරබ්භා”ති. යං චාහ භගවා: - “අතීතෙ රාධ, රූපෙ අනපෙක්ඛා හොහි අනාගතං රූපං මා අභිනන්දි, පච්චුප්පන්නස්ස රූපස්ස නිබ්බිදාය විරාගාය නිරොධාය චාගාය පටිනිස්සග්ගාය පටිපජ්ජා”ති. ඉදං භගවතො පුබ්බාපරෙන යුජ්ජති.
Sinhala BJTතෘෂ්ණාදීන්ගේ අනුප්‍රබන්‍ධවශයෙන් පැවැත්ම ‘පපඤ්ච’ නමැයි කියනු ලැබේ. මෙ ද වදාළහ බුදුහු: “අතීතානාගතප්‍රත්‍යුප්පන්න වු චක්‍ෂුර්විඥානයෙන් දතයුතු රූපය නිසා ප්‍රපඤ්ච (තෘෂ්ණාදීන්ගේ අනුබන්‍ධප්‍රවෘත්තිය) කෙරේ ය” යි. මෙ ද වදාළහ බුදුහු: “රාධය, අතීත රූපයෙහි අපේක්‍ෂා රහිත වෙව, අනාගත රූපාලම්බනය නහමක් අභිනන්‍දනය කර, ප්‍රත්‍යුප්පන්න රූපයාගේ නිර්වේදය පිණිස නො ඇලීම පිණිස නිරුද්ධ කිරීම පිණිස ත්‍යාගය පිණිස දුරැලීම පිණිස පිළිපදි” යී. මේ සූත්‍රය භාග්‍යවතුන් වහන්සේගේ පූර්‍වාපරදේශනාව හා යෙදෙයි.
Pali BJTයො චාපි පපඤ්චො යෙ ච සඞ්ඛාරා යා ච අතීතානාගතපච්චුප්පන්නස්ස අභිනන්දනා ඉදං එකත්ථං. අපි ච අඤ්ඤමඤ්ඤෙහි පදෙහි අඤ්ඤමඤ්ඤෙහි අක්ඛරෙහි අඤ්ඤමඤ්ඤෙහි බ්යඤ්ජනෙහි අපරිමාණා ධම්මදෙසනා වුත්තා භගවතා. එවං සුත්තෙන සුත්තං සංසන්දයිත්වා පුබ්බාපරෙන සද්ධිං යොජයිත්වා සුත්තං නිද්දිට්ඨං භවති.
Sinhala BJT(මෙහි) යම් ප්‍රපඤ්චයෙකුත් වේ ද, යම් සංස්කාර කෙනෙක් වෙත් ද, යම් අතීතානාගතප්‍රත්‍යුත්පන්න ධර්‍මයාගේ අභිනන්‍දනායෙකුත් වේ ද, මේ දේශනාවචනය සමානාර්‍ත්‍ථ වෙයි. එතෙකුදුත් - අන්‍යෝන්‍ය (වෙන වෙන) පදයෙන් අන්‍යෝන්‍ය අක්‍ෂරයෙන් අන්‍යෝන්‍ය ව්‍යඤ්ජනයෙන් භාග්‍යවතුන් විසින් අපරිමාණ ධර්‍මදේශනාව වදාරනලදි. මෙසේ සූත්‍රයෙන් සූත්‍රය සංසන්‍දනා කොට පූර්‍ව වූ අපර වූ හෝ දේශනාව සමග යොදා සූත්‍රය කරන ලද වේ.
Pali BJTසචායං{1} පුබ්බාපරසන්ධි චතුබ්බිධො: අත්ථසන්ධි බ්යඤ්ජනසන්ධි දෙසනාසන්ධි නිද්දොසසන්ධිති.
Sinhala BJTතවද මේ පූර්‍වාපරසන්‍ධිය ‘අත්‍ථසන්‍ධි බ්‍යඤ්ජනසන්‍ධි දේසනාසන්‍ධි නිද්දේස සන්‍ධි” යයි චතුර්විධ වෙයි.
Pali BJTතත්ථ අත්ථසන්ධි ඡප්පදානි: සංකාසනා පකාසනා විවරණා විභජනා උත්තානිකම්මතා පඤ්ඤත්තීති.
Sinhala BJTඑහි (ක්‍රියාකාරකාදීන්ගේ වශයෙන් අර්‍ත්‍ථයාගේ සම්බන්‍ධය දක්වන) අර්‍ත්‍ථසන්‍ධිය: සඞ්කාසනා (සැකෙවින් ප්‍රකාශ කිරීම) යැ පකාසන (පළමු කොට ප්‍රකාශකිරීම) යැ විවරණ (විස්තර කිරීම) යැ විභජනා (විභාග කිරීම) යැ උත්තානීකම්ම (ප්‍රකට කිරීම) යැ පඤ්ඤත්ති (ප්‍රකාරයෙන් ඥාපන) යැ යන ෂට්පදයෝ යි.
Pali BJTබ්යඤ්ජනසන්ධි ඡප්පදානි: අක්ඛරං පදං බ්යඤ්ජනං ආකාරො නිරුත්ති නිද්දෙසොති.
Sinhala BJT(පදයක්) පදාන්තරය සමග සම්බන්‍ධය දක්වන බ්‍යඤ්ජන සන්‍ධිය: (අපර්‍ය්‍යවසිත පදයෙහි වර්‍ණ සංඛ්‍යාත) අක්ඛර යැ (නාමාඛ්‍යාතාදි) පද යැ (වාක්‍ය සංඛ්‍යාත පදසමුදාය ලක්‍ෂණ) බ්‍යඤ්ජන යැ (වාක්‍යවිභාග ලක්‍ෂණ වූ) ආකාර යැ (නිර්වචන සංඛ්‍යාත) නිරුත්ති යැ (නිර්වචන විස්තාර සංඛ්‍යාත) නිද්දේස යැ යන ෂට්පදයෝ යි.
Pali BJTදෙසනාසන්ධි: න ච පඨවිං{2} නිස්සාය ඣායති ඣායී ඣායති ච, න ච ආපං නිස්සාය ඣායති ඣායී ඣායති ච, න ච තෙජං නිස්සාය ඣායති ඣායී ඣායති ච, න ච වායුං නිස්සාය ඣායති ඣායී ඣායති ච, න ච ආකාසානඤ්චායතනං නිස්සාය -පෙ- න ච විඤ්ඤාණඤ්චායතනං නිස්සාය -පෙ- න ච ආකිඤ්චඤ්ඤායතනං නිස්සාය -පෙ- න ච නෙවසඤ්ඤානාසඤ්ඤායතනං නිස්සාය -පෙ- න ච ඉමං ලොකං නිස්සාය න ච පරං ලොකං නිස්සාය. ඣායති ඣායී ඣායති ච, යමිදං උභයමන්තරෙන දිට්ඨං සුතං මුතං විඤ්ඤාතං පත්තං පරියෙසිතං විතක්කිතං විචාරිතං මනසානුචින්තිතං තම්පි න නිස්සාය ඣායති ඣායී ඣායති ච, අයං සදෙවකෙ ලොකෙ සමාරෙක සබ්රහ්මකෙ සස්සමණබ්රාහ්මණියා පජාය සදෙවමනුස්සාය අනිස්සිතෙන චිත්තෙන න ඤායති ඣායන්තො.
Sinhala BJT(දේශනාව දේශනාන්තරයක් සමග සංසන්‍දනය කරන) දේසනාසන්‍ධිය නම්: “ඵලසමාපත්ති ධ්‍යානයෙන් ධ්‍යාන කරනුයේ (විෂය සංඛ්‍යාත) පෘථිවිය නිශ්‍රය කොට නො ද ධ්‍යාන කෙරෙයි, එහෙත් හේ (සියලු සංස්කාරයන්ගෙන් නික්මගිය නිවන අරමුණු කොට) ධ්‍යාන කෙරෙයි. ධ්‍යාන කරනුයේ අපාය නිසා නො ද ධ්‍යාන කෙරෙයි, එහෙත් නිවන අරමුණු කොට ධ්‍යාන කෙරෙයි. ධ්‍යාන කරනුයේ තේජස නිසා නො ද ධ්‍යාන කෙරෙයි, එහෙත් නිවන අරමුණු කොට ධ්‍යාන කෙරෙයි. ධ්‍යාන කරනුයේ වායුව නිසා නො ද ධ්‍යාන කෙරෙයි, එහෙත් (නිවන අරමුණු කොට) ධ්‍යාන කෙරෙයි. නො ද ආකාසානඤ්චායතනය නිසා ... නො ද විඤ්ඤාණඤ්චායතනය නිසා ... නො ද ආකිඤ්චඤ්ඤායතනය නිසා ... නො ද නේවසඤ්ඤානාසඤ්ඤායතනය නිසා ... (දිට්ඨධම්ම වූ සත්ත්‍වසන්තාන සංඛ්‍යාත) මේ ලෝකය නිසා ... ධ්‍යාන කරනුයේ (භවාන්තරසංක්‍ෂේපයට ගිය සත්ත්‍වසන්තාන සංඛ්‍යාත) පරලෝකය නිසා නො ද ධ්‍යාන කෙරෙයි, එහෙත් නිවන අරමුණු කොට ධ්‍යාන කෙරෙයි. ඉධලෝක පරලෝක දෙක විනා අනින්‍ද්‍රිය බද්ධ වූ (සොයා හෝ නො සොයා) ප්‍රාප්ත වූ - ලැබුණු (ලද හෝ නො ලද හෝ) පර්‍ය්‍යෙෂණ කළ විතර්‍කණ විචාරණ කළ සිතින් පුනපුනා සිතන ලද යම් රූපායතනයක් ශබ්දායතනයක් ගන්‍ධ - රස - ස්ප්‍රෂ්ටව්‍යායතනයක් ධර්‍මාලම්බන පර්‍ය්‍යාපන්න වූ විඥානයක් ඇද්ද, ධ්‍යාන කරනුයේ එ ද නිශ්‍රය කොට ධ්‍යාන නො කෙරෙයි. එහෙත් නිවන අරමුණු කොට ධ්‍යාන කෙරෙයි. මේ ක්‍ෂීණාස්‍රව තෘෂ්ණා දෘෂ්ටි නිශ්‍රය රහිත වූ සිතින් යුක්තව ධ්‍යාන කරනුයේ දෙවියන් සහිත මරුන් බඹුන් සහිත ලෝකයෙහි මහණබමුණන් සහිත වූ දෙවිමිනිසුන් සහිත වූ ප්‍රජාව විසින් නො දන්නා ලැබෙයි.
Pali BJTයථා මාරො පාපිමා ගොධිකස්ස කුලපුත්තස්ස විඤ්ඤාණං සමන්වෙසන්තො න ජානාති න පස්සති. සො හි පපඤ්චාතීතො තණ්හාපහානෙන, දිට්ඨිනිස්සයොපිස්ස නත්ථි. යථා ච ගොධිකස්ස එවං වක්කලිස්ස. සදෙවකෙන ලොකෙන සමාරකෙන සබ්රහ්මකෙන සස්සමණ බ්රාහ්මණියා පජාය සදෙවමනුස්සාය අනිස්සිතචිත්තා න ඤායන්ති ඣායමනා. අයං දෙසනාසන්ධි.
Sinhala BJTපවිටු මාර ගෝධික කුලපුත්‍රයාගේ (පිරිනිවීමෙන් පසු) විඥානය සොයනුයේ යම් පරිදි නො දනී ද නො දකී ද, යම් හෙයෙකින් ඒ ගෝධික කුලපුත්‍ තෘෂ්ණාප්‍රහාණයෙන් ප්‍රපඤ්චයන් ඉක්මැවූයේ ද, ඔහුට දෘෂ්ටිනිශ්‍රයත් නැද්ද, එහෙයිනි. ගෝධික කුලපුත්‍හුගේ යම්සේ ද වක්කලිතෙරුන්ගේ ද එසේ යි. දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලෝකයා විසින් මහණබමුණන් සහිත දෙවිමිනිසුන් සහිත ප්‍රජාව විසින් තෘෂ්ණාදෘෂ්ටි නිශ්‍රය නැතිව ධ්‍යාන කරන්නාහු නො දන්නා ලැබෙත්. මේ ‘දේසනාසන්‍ධි’ යැ.
Pali BJTතත්ථ කතමො{1} නිද්දෙසසන්ධි: නිස්සිතචිත්තා අකුසලපක්ඛෙන නිද්දිසිතබ්බා. අනිස්සිතචිත්තා කුසලපක්ඛෙන නිද්දිසිතබ්බා. නිස්සිතචිත්තා කිලෙසෙන{2} නිද්දිසිතබ්බා. අනිස්සිතචිත්තා වොදානෙන නිද්දිසිතබ්බා. නිසිස්තචිත්තා සංසාරප්පවත්තියා නිද්දිසිතබ්බා. අනිස්සිතචිත්තා සංසාරනිවත්තියා නිද්දිසිතබ්බා. නිස්සිතචිත්තා තණ්හාය ච අවිජ්ජාය ච නිද්දිසිතබ්බා. අනිස්සිතචිත්තා සමථෙන ච විපස්සනාය ච නිද්දිසිතබ්බා. නිස්සිතචිත්තා අහිරිකෙන ච අනොත්තප්පෙන ච නිද්දිසිතබ්බා. අනිස්සිතචිත්තා හිරියා ච ඔත්තප්පෙන ච නිද්දිසිතබ්බා. නිස්සිතචිත්තා අසතියා ච අසම්පජඤ්ඤෙන ච නිද්දිසිතබ්බා, අනිස්සිතචිත්තා සතියා ච සම්පජඤ්ඤෙන ච නිද්දිසිතබ්බා, නිස්සිතචිත්තා අයොනියා ච අයොනිසො මනසිකාරෙන ච නිද්දිසිතබ්බා. අනිස්සිතචිත්තා යොනියා ච යොනිසො මනසිකාරෙන ච නිද්දිසිතබ්බා. නිස්සිතචිත්තා කොසජ්ජෙන ච දොවචස්සෙන ච නිද්දිසිතබ්බා, අනිස්සිතචිත්තා විරියාරම්භෙන ච සොවචස්සෙන ච නිද්දිසිතබ්බා, නිස්සිතචිත්තා අස්සද්ධියෙන ච පමාදෙන ච නිද්දිසිතබ්බා. අනිස්සිතචිත්තා සද්ධාය ච අප්පමාදෙන ච නිද්දිසිතබ්බා. නිස්සිතචිත්තා අසද්ධම්මසවණෙන ච අසංවරෙන ච නිද්දිසිතබ්බා. අනිස්සිතචිත්තා සද්ධම්මසවණෙන ච සංවරෙන ච නිද්දිසිතබ්බා. නිස්සිතචිත්තා අභිජ්ඣාය ච බ්යාපාදෙන ච නිද්දිසිතබ්බා. අනිස්සිතචිත්තා අනභිජ්ඣාය ච අබ්යාපාදෙන ච නිද්දිසිතබ්බා. නිස්සිතචිත්තා නීවරණෙහි ච සංයොජනි යෙහි ච නිද්දිසිතබ්බා. අනිස්සිතචිත්තා රාග විරාගාය ච චෙතොවිමුත්තියා අවිජ්ජාවිරාගාය ච පඤ්ඤාවිමුත්තියා නිද්දිසිතබ්බා. නිස්සිතචිත්තා උච්ඡෙදදිට්ඨියා ච සස්සතදිට්ඨියා ච නිද්දිසිතබ්බා. අනිස්සිතචිත්තා සඋපාදිසෙසාය ච අනුපාදිසෙසාය ච නිබ්බානධාතුයා නිද්දිසිතබ්බා. අයං නිද්දෙසසන්ධි. තෙනාහ ආයස්මා මහාකාච්චායනො: “නෙරුත්තමධිප්පායො”ති.
Sinhala BJTඑහි නිද්දේසසන්‍ධි කවරෙ යැ: තෘෂ්ණාදෘෂ්ටීන් නිශ්‍රිත සිත් ඇත්තාහු අකුශල පක්‍ෂයෙන් (පුග්ගලාධිට්ඨානදේසනායෙහි ලා) දැක්විය යුත්තාහ, අනිශ්‍රිත සිත් ඇත්තාහු කුශල පක්‍ෂයෙන් දැක්විය යුත්තාහ. නිශ්‍රිත සිත් ඇති පුද්ගලයෝ ක්ලේශයෙන් දැක්විය යුත්තාහ, අනිශ්‍රිත සිත් ඇති පුද්ගලයෝ ව්‍යවදානයෙන් දැක්විය යුත්තාහ. නිශ්‍රිතචිත්තයෝ සංසාරප්‍රවෘත්තියෙන් දැක්විය යුත්තාහ, අනිශ්‍රිතචිත්තයෝ සංසාරනිවෘත්තියෙන් දැක්විය යුත්තාහ. නිශ්‍රිතචිත්තයෝ තෘෂ්ණායෙන්ද අවිද්‍යායෙන්‍ද දැක්විය යුත්තාහ. අනිශ්‍රිත චිත්තයෝ ශමථයෙන් ද විදර්‍ශනායෙන් ද දැක්විය යුත්තාහ, නිශ්‍රිත සිත් ඇත්තාහු අහිරික අනොත්තප්ප දෙකින් දැක්විය යුත්තාහ. අනිශ්‍රිතචිත්තයෝ හිරි ඔත්තප්ප දෙකින් දැක්විය යුත්තාහ. නිශ්‍රිතචිත්තයෝ අසති අසම්පජඤ්ඤ දෙකින් දැක්විය යුත්තාහ, අනිශ්‍රිතචිත්තයෝ සති සම්පජ්ජඤ්ඤ දෙකින් දැක්විය යුත්තාහ. නිශ්‍රිතචිත්තයෝ අනුපාය අනුපායමනසිකාර දෙකින් දැක්විය යුත්තාහ, අනිශ්‍රිතචිත්තයෝ උපාය උපායමනසිකාර දෙකින් දැක්විය යුත්තාහ. නිශ්‍රිත සිත් ඇත්තාහු කුසීදභාවයෙන් ද දුර්වචභාවයෙන් ද දැක්විය යුත්තාහ, අනිශ්‍රිත සිත් ඇත්තාහු වීර්‍ය්‍යාරම්භයෙන් ද සුවවභාවයෙන් ද දැක්විය යුත්තාහ. නිශ්‍රිත සිත් ඇත්තාහු අශ්‍රද්ධායෙන් ද ප්‍රමාදයෙන් ද දැක්විය යුත්තාහ, අනිශ්‍රිත සිත් ඇත්තාහු ශ්‍රද්ධායෙන් ද අප්‍රමාදයෙන් ද දැක්විය යුත්තාහ. නිශ්‍රිතචිත්තයෝ අසද්ධර්‍මශ්‍රවණයෙන් ද අසංවරයෙන් ද දැක්විය යුත්තාහ, අනිශ්‍රිතචිත්තයෝ සද්ධර්‍මශ්‍රවණයෙන් ද සංවරයෙන් ද දැක්විය යුත්තාහ. නිශ්‍රිතචිත්තයෝ අභිධ්‍යායෙන් ද ව්‍යාපාදයෙන් ද දැක්විය යුත්තාහ. අනිශ්‍රිතචිත්තයෝ අනභිධ්‍යායෙන් ද අව්‍යාපාදයෙන් ද දැක්විය යුත්තාහ. නිශ්‍රිත සිත් ඇත්තාහු නීවරණයන්ගෙන් ද සංයෝජනයන්ගෙන් ද දැක්විය යුත්තාහ, අනිශ්‍රිත සිත් ඇත්තාහු රාගවිරාග චේතෝවිමුක්තියෙන් ද අවිජ්ජාරාග පඤ්ඤාවිමුක්තියෙන් ද දැක්විය යුත්තාහ. නිශ්‍රිත සිත් ඇත්තාහු උච්ඡේද දෘෂ්ටියෙන් ද ශාශ්වතදෘෂ්ටියෙන් ද දැක්විය යුත්තාහ, අනිශ්‍රිත සිත් ඇත්තාහු සඋපාදිසේස වූ ද අනුපාදිසේස වූ ද නිර්‍වාණධාතුයෙන් දැක්විය යුත්තාහ. මේ ‘නිද්දේසසන්‍ධි’ යී. එයින් වදාළහ - ආයුෂ්මත් මහාකාත්‍යායන මහතෙරණුවෝ: “නෙරුත්තමධිප්පායො” යී.
Pali BJTනියුත්තො චතුබ්යූහො හාරො.
Sinhala BJTචතුබ්‍යුහ හාරය යොදනලදී.
Pali BJT3. 1. 7.
Sinhala BJT3. 1. 7.
Pali BJTආවට්ටහාරවිභඞ්ගො
Sinhala BJTආවට්ටහාරවිභඞ්ගය
Pali BJTතත්ථ කතමො ආවට්ටො හාරො: “එකම්හි පදට්ඨානෙ”ති අයං.
Sinhala BJTඑහි ‘ආවට්ට’ හාරය කවරෙ යත්: “ඒකම්හි පදට්ඨානෙ” යන නිර්දේශ ගාථාව යැ.
Pali BJT1. “ආරභථ{3} නික්ඛමථ{4} යුඤ්ජථ බුද්ධසාසනෙ, ධුනාථ මච්චුනො සෙනං නළාගාරංව කුඤ්ජරො”ති.
Sinhala BJT1. ආරම්භධාතු සංඛ්‍යාත වීර්‍ය්‍යය කරවු, කෞෂිද්‍යයෙන් නික්මයන නිෂ්ක්‍රමධාතු සංඛ්‍යාත වීර්‍ය්‍යය කරවු, ශමථ විදර්‍ශනා සංඛ්‍යාත බුද්ධශාසනයෙහි යුක්තප්‍රයුක්ත වවු, බලසම්පන්න ඇත්රජෙක් බටදඬින් කළ ගෙයක් ඇසිල්ලෙකින් වනසන්නාක් මෙන් මරහුගේ කාමාදි ක්ලේශසේනාව විද්ධ්වංසන කරව’ යි.
Pali BJT“ආරභථ නික්ඛමථා”ති විරියස්ස පදට්ඨානං. “යුඤ්ජථ බුද්ධසාසනෙ”ති සමාධිස්ස පදට්ඨානං. “ධුනාථ මච්චුනො සෙනං නළාගාරංව කුඤ්ජරො”ති පඤ්ඤාය පදට්ඨානං. “ආරභථ නික්ඛමථා”ති විරියින්ද්රියස්ස පදට්ඨානං. “යුඤ්ජථ බුද්ධසාසනෙ”ති සමාධින්ද්රියස්ස පදට්ඨානං. “ධුනාථ මච්චුනො සෙනං නළාගාරංව කුඤ්ජරො”ති පඤ්ඤින්ද්රියස්ස පදට්ඨානං. ඉමානි පදට්ඨානානි දෙසනා.
Sinhala BJT“ආරභථ නික්ඛමථ” යනු: (වීර්‍ය්‍යාරම්භයෙහි යොදවන හෙයින්) වීර්‍ය්‍යයට පදට්ඨාන (ආසන්න කාරණ) යි. “යුඤ්ජථ බුද්ධසාසනෙ” යනු: සමාධියට පදට්ඨාන යි. “ධූනාථ මච්චූනෝ සේනං නළාගාරංව කුඤ්ජරො” යනු: ප්‍රඥාවට පදට්ඨාන යි. “ආරභථ නික්ඛමථ” යනු: වීරියින්‍ද්‍රියට පදට්ඨාන යි. “යුඤ්ජථ බුද්ධසාසනෙ” යනු: සමාධීන්‍ද්‍රියට පදට්ඨාන යි. “ධූනාථ මච්චූනෝ සේනං නළාගාරංව කුඤ්ජරො” යනු: පඤ්ඤින්‍ද්‍රියට පදට්ඨාන යි. මෙ කියනලද වීර්‍ය්‍යාදීන්ගේ පදට්ඨානයෝ “ආරභථ නික්ඛමථ” යනාදි දේශනාව යි. (වීර්‍ය්‍යාරම්භවස්තු ආදීහු නො වෙතී සේ යි.)
Pali BJTඅයුඤ්ජන්තානං වා සත්තානං යොගො යුඤ්ජන්තානං වා ආරම්භො, තත්ථ යෙ න යුඤ්ජන්ති තෙ පමාදමූලකා න යුඤ්ජන්ති. සො පමාදො දුවිධො: තණ්හාමූලකො අවිජ්ජාමූලකො ච. තත්ථ අවිජ්ජාමූලකො: යෙන අඤ්ඤාණෙන නිවුතො ඤෙය්යට්ඨානං නප්පජානාති පඤ්චක්ඛන්ධා උප්පාදවයධම්මාති අයං අවිජ්ජාමූලකො. යො තණ්හාමූලකො සො තිවිධො: අනුප්පන්නානං භොගානං උප්පාදාය පරියෙසන්තො පමාදං ආපජ්ජති, උප්පන්නානං භොගානං ආරක්ඛනිමිත්තං පරිභොග නිමිත්තඤ්ච පමාදං ආපජ්ජති, අයං ලොකෙ චතුබ්බිධො පමාදො, එකවිධො අවිජ්ජාය, තිවිධො තණ්හාය. තත්ථ අවිජ්ජාය නාමකායො පදට්ඨානං, තණ්හාය රූපකායො පදට්ඨානං. තං කිස්ස හෙතු: රූපීසු භවෙසු අජ්ඣොසානං අරූපීසු සම්මොහො. තත්ථ රූපකායො රූපක්ඛන්ධො නාමකායො චත්තාරො අරූපිනො ඛන්ධා. ඉමෙ පඤ්චක්ඛන්ධා කතමෙන උපාදානෙන සඋපාදානා: තණ්හාය ච අවිජ්ජාය ච. තත්ථ තණ්හා ද්වෙ උපාදානානි: කාමූපාදානං ච සීලබ්බතූපාදානඤ්ච. අවිජ්ජා ද්වෙ උපාදානානි: දිට්ඨුපාදානඤ්ච අත්තවාදූපාදානඤ්ච. ඉමෙහි චතූහි උපාදානෙහි යෙ සඋපාදානා ඛන්ධා ඉදං දුක්ඛං. චත්තාරි උපාදානානි අයං සමුදයො. පඤ්චක්ඛන්ධා දුක්ඛං. තෙසං භගවා පරිඤ්ඤාය ච පහානාය ච ධම්මං දෙසෙති, දුක්ඛස්ස පරිඤ්ඤාය සමුදයස්ස පහානාය.
Sinhala BJT(මෙසේ පදට්ඨාන වශයෙන් අර්‍ත්‍ථනිර්‍ධාරණය කොට දැන් එය සභාගවිසභාග වශයෙන් ආවර්‍තන කරන්නට තත් භූමි දක්වති.) භාවනායෝගයෙහි නොයෙදෙන නො මූකළනුවණැති සත්ත්‍වයන්ගේ මතු අවබෝධය පිණිස ද යෝගයෙහි යෙදෙන මූකළනුවණැති සත්ත්‍වයන්ගේ ඉහාත්මයෙහි අවබෝධය පිණිස ද මේ දේශනාරම්භය වේ. එහි යම් කෙනෙක් භාවනායෝගයෙහි නො යෙදෙත් ද, ඔහු ප්‍රමාදමූලක ව නො යෙදෙත්. ඒ ප්‍රමාදය: තණ්හාමූලක යැ අවිජ්ජාමූලක යැයි දෙවැදෑරුම් වෙයි. එහි අවිද්‍යාමූලක ප්‍රමාදය: (පඤ්චස්කන්‍ධයාගේ ස්වලක්‍ෂණ සාමාන්‍යලක්‍ෂණ ප්‍රතිච්ඡාදන කරන) යම් සම්මෝහයකින් වැසුණේ පඤ්චස්කන්‍ධය උදයව්‍යයස්වභාව ඇතැ’ යි (‘ඉතිරූපං’ යනාදීන් පැවති) ඥාන ප්‍රවෘත්තිකාරණය නො දනී ද, මේ අවිජ්ජාමූලක ප්‍රමාද යි. යම් තණ්හාමූලක ප්‍රමාදයෙක් ඇද්ද එය ත්‍රිවිධ යැ: නූපන් භෝගයන්ගේ ඉපදීම පිණිස (උපාය) පර්‍ය්‍යෙෂණ කරනුයේ ප්‍රමාදයට පැමිණෙයි. උපන් භෝගයන්ගේ ආරක්‍ෂාව නිමිති කොට ද පරිභෝගය නිමිති කොට ද ප්‍රමාදයට පැමිණෙයි. ලොවැ මේ චතුර්විධ ප්‍රමාදය යි. අවිද්‍යායෙන් ඒකවිධ යැ, තෘෂ්ණායෙන් ත්‍රිවිධ යි. එහි අවිද්‍යාවට නාමකාය පදට්ඨාන (ආසන්නකාරණ) යැ, තෘෂ්ණාවට රූපකාය පදට්ඨාන යි. එ කවර හෙයින යත්: රූපධර්‍මයන් කෙරෙහි (තෘෂ්ණාවශයෙන්) අභිනිවේශය ද, අරූපභවධර්‍මයන් කෙරෙහි (ඵස්සාදීන්ගේ අතිසුඛමස්වභාව හෙයින් ද සන්තති ආදි ඝනවිනිර්භෝගය දුෂ්කර හෙයින් ද) සම්මෝහය ද වෙයි, එහෙයිනි. එහි රූපකාය රූපස්කන්‍ධ යැ නාමකාය සතර අරූපීස්කන්‍ධයෝ යි. මේ පඤ්චස්කන්‍ධයෝ කවර උපාදානයෙකින් සඋපාදන වෙති යත්: තෘෂ්ණායෙන් ද අවිද්‍යායෙන් ද උපාදාන සහිත වෙත්. එහි තෘෂ්ණාව කාමූපාදාන ද සීලබ්බතූපාදාන දැයි උපාදාන දෙකෙකි. අවිද්‍යාව දිට්ඨුපාදානය ද අත්තවාදූපාදානය දැයි උපාදාන දෙකෙකි. මේ සතර උපාදානයෙන් සඋපාදාන වූ යම් ස්කන්‍ධ කෙනෙක් වෙත් ද, මේ දුක්ඛ යැ, යම් සතර උපාදානයෝ වෙත් ද මේ සමුදය යැ, පඤ්චස්කන්‍ධයෝ දුක්ඛයි. භාග්‍යවතුන් වහන්සේ ඒ දුක්ඛ සමුදය දෙදෙනාගේ පරිඥානය පිණිස ද ප්‍රහාණය පිණිස ද දහම් දෙසන සේක. දුක්ඛයාගේ පරිඥානය පිණිස යැ සමුදයාගේ ප්‍රහාණය පිණිස යි.
Pali BJTතත්ථ යො තිවිධො තණ්හාමූලකො පමාදො අනුප්පන්නානං භොගානං උප්පාදාය පරියෙසති, උප්පන්නානං භොගානං ආරක්ඛණං ච කරොති පරිභොගනිමිත්තඤ්ච. තස්ස සම්පටිවෙධෙන රක්ඛණා පටිසංහරණා, අයං සමථො. සො කථං භවති: යදා ජානාති කාමානං අස්සාදං ච අස්සාදතො ආදීනවං ච ආදීනවතො නිස්සරණං ච නිස්සරණතො ඔකාරං ච සඞ්කිලෙසං ච වොදානං ච නෙක්ඛම්මෙ ච ආනිසංසං, තත්ථ යා වීමංසා උපපරික්ඛා අයං විපස්සනා. ඉමෙ ද්වෙ ධම්මා භාවනා පාරිපූරිං ගච්ඡන්ති: සමථො ච විපස්සනා ච. ඉමෙසු ද්වීසු ධම්මෙසු භාවියමානෙසු ද්වෙ ධම්මා පහීයන්ති: තණ්හා ච අවිජ්ජා ච. ඉමෙසු ද්වීසු ධම්මෙසු පහීනෙසු චත්තාරි උපාදානානි නිරුජ්ඣන්ති, උපාදානනිරොධා භවනිරොධො, භවනිරොධා ජාතිනිරොධො,
Sinhala BJTඑහි තෘෂ්ණාමූලක වූ යම් ත්‍රිවිධ ප්‍රමාදයෙක් නූපන් භෝගයන්ගේ ඉපදීම පිණිස උපාය සොයා ද, උපන් භෝගයන්ගේ ආරක්‍ෂාවත් පරිභෝගනිමිත්තත් කෙරේ ද, ඒ ප්‍රමාදයාගේ (ආස්වාදාදිය) මොනොවට දැනීමෙන් ස්වකීය චිත්තසන්තානය රැකීමෙන් ප්‍රමාදයට ප්‍රතිපක්‍ෂවශයෙන් හැකිළීමෙක් වේ ද, මේ සමථය යි, ඒ සමථය කිසෙයින් වේ යැ යත්: යම් කලෙක වස්තුකාමක්ලේශකාමයන්ගේ ආස්වාදය ද ආස්වාදමාත්‍රයෙන් ආදීනවය ද ආදීනවයෙන් නිස්සරණය ද නිස්සරණයෙන් (කාමයන්ගේ) ලාමකබව ද කෙලෙසිලිබව ද විශුද්ධවීම ද නෛෂ්ක්‍රම්‍යයෙහි අනුසස් ද දැනගනී. ඒ යථෝක්ත ශමථය ඇති කල්හි යම් වීමංසා සංඛ්‍යාත ප්‍රඥාවක් විමසීමක් ඇද්ද මේ විදර්‍ශනා යි. ශමථය ද විදර්‍ශනාව ද යන ධර්‍මයෝ දෙදෙන භාවනායෙන් පිරීමට යෙත්. මේ ධර්‍ම දෙක වැඩෙන කල්හි තෘෂ්ණාව ද අවිද්‍යාව ද ධර්‍මයෝ දෙදෙන ප්‍රහීණ වෙති. මේ තණ්හා අවිජ්ජා ධර්‍මදෙක ප්‍රහීණ කල්හි සතර උපාදානයෝ නිරුද්ධ වෙත්. උපාදාන නිරෝධයෙන් භවනිරෝධය වෙයි, භවනිරෝධයෙන් ජාතිනිරෝධය වෙයි,
Pali BJTජාතිනිරොධා ජරාමරණං සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසා නිරුජ්ඣන්ති, එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස නිරොධො හොති. ඉති පුරිමකානි ච ද්වෙ සච්චානි දුක්ඛං සමුදයො ච, සමථො ච විපස්සනා ච මග්ගො, භවනිරොධො නිබ්බානං. ඉමානි චත්තාරි සච්චානි. තෙනාහ භගවා: “ආරභථ නික්ඛමථා”ති.
Sinhala BJTජාතිනිරෝධයෙන් ජරාමරණය ද සෝකපරිදේවදුක්ඛදෝමනස්සුපායාසයෝ ද නිරුද්ධ වෙත්. මෙසේ තෙල (සුඛය හා) අමිශ්‍ර වු දුඃඛරාශිහුගේ නිරෝධය වේ. මෙසේ පූර්‍ව වූ දුක්ඛය ද සමුදය ද යන සත්‍ය දෙක යැ, ශමථයත් විදර්‍ශනාවත් මාර්‍ග යැ, භවනිරෝධය නිර්‍වාණයි. මේ චතුස්සත්‍යයෝ යි. එයින් වදාළහ, බුදුහු - “ආරභථ නික්ඛමථ” යී.
Pali BJT2. “යථාපි මූලෙ අනුපද්දවෙ දළ්හෙ ඡින්නොපි රුක්ඛො පුනරෙව රූහති, එවම්පි තණ්හානුසයෙ අනූහතෙ නිබ්බත්තති දුක්ඛමිදං පුනප්පුනං”
Sinhala BJT2. යම්සේ භූමිගත අවයව සංඛ්‍යාත මූලය සිඳීම් ආදියෙන් උපද්‍රව රහිත කල්හි එහෙයින් ම දැඩිව සිටි කල්හි සිඳිනලද්දාහු වූ ද වෘක්‍ෂය වටාලා වැඩේ ද, එසෙයින් ම තණ්හානුසය සංඛ්‍යාත ආත්මභාව වෘක්‍ෂයාගේ මූලය මාර්‍ගඥානපරශුයෙන් නොසුන් කල්හි මේ පඤ්චස්කන්‍ධදුඃඛය පුනපුනා උපදී.
Pali BJTඅයං තණ්හානුසයො, කතමස්සා තණ්හාය: භවතණ්හාය. යො එතස්ස ධම්මස්ස පච්චයො අයං අවිජ්ජා, අවිජ්ජාපච්චයා හි භවතණ්හා. ඉමෙ ද්වෙ කිලෙසා තණ්හා ච අවිජ්ජා ච. තානි චත්තාරි උපාදානානි, තෙහි චතුහි උපාදානෙහි යෙ සඋපාදානා ඛන්ධා ඉදං දුක්ඛං, චත්තාරි උපාදානානි අයං සමුදයො, පඤ්චක්ඛන්ධා දුක්ඛං, තෙසං භගවා පරිඤ්ඤාය ච පහානාය ච ධම්මං දෙසෙති, දුක්ඛස්ස පරිඤ්ඤාය සමුදයස්ස පහානාය, යෙන තණ්හානුසයං සමූහන්ති{1} අයං සමථො, යෙන තණ්හානුසයස්ස පච්චයං අවිජ්ජං වාරයති අයං විපස්සනා, ඉමෙ ද්වෙ ධම්මා භාවනා පාරිපූරිං ගච්ඡන්ති: සමථො ච විපස්සනා ච, තත්ථ සමථස්ස ඵලං රාගවිරාගා චෙතොවිමුත්ති, විපස්සනාය ඵලං අවිජ්ජාවිරාගා පඤ්ඤාවිමුත්ති. ඉති පුරිමකානි ච ද්වෙ සච්චානි දුක්ඛං සමුදයො ච, සමථො ච විපස්සනා ච මග්ගො, ද්වෙ ච විමුත්තියො නිරොධො, ඉමානි චත්තාරි සච්චානි. තෙනාහ භගවා: “යථාපි මූලෙ අනුපද්දවෙ”තී.
Sinhala BJTමේ තෘෂ්ණානුශය කවර තෘෂ්ණාවකගේ යැ යත්: භවතෘෂ්ණාවගේ යි. තෙල භවතෘෂ්ණධර්‍මයට යමෙක් ප්‍රත්‍යය වේ ද, මේ අවිද්‍යාව යි. ඒ එසේ මැ ය, අවිද්‍යා ප්‍රත්‍යයෙන් භවතෘෂ්ණාව වේ. තණ්හාව ද අවිද්‍යාව ද යන මේ දෙක ක්ලේශයෝ යි. ඔහු සතර උපාදානයෝ වෙති. ඒ සතර උපාදානයෙන් සඋපාදාන වූ යම් ස්කන්‍ධ කෙනෙක් ඇද්ද මේ දුක්ඛ යැ, සතර උපාදාන කෙනෙක් ඇද්ද මේ සමුදය යි. පඤ්චස්කන්‍ධයෝ දුක යි. බුදුහු දුක්ඛ සමුදය දෙදෙනාගේ පරිඥාව පිණිස ද ප්‍රහාණය පිණිස ද දහම් දෙසන සේක. දුක්ඛයාගේ පරිඥානය පිණිස යැ සමුදයාගේ ප්‍රහාණය පිණිස යි. යම් දහමකින් තණ්හානුසය නසා ද මේ සමථ යැ, යමකින් තණ්හානුසයට ප්‍රත්‍යය වූ අවිද්‍යාව වළහා ද, මේ විපස්සනා යි. ශමථය ද විදර්‍ශනාව ද යන මේ ධර්‍මයෝ දෙදෙන භාවනායෙන් සම්පූර්‍ණ වීමට යෙති. එහි ශමථයාගේ ඵලය රාගවිරාග චේතෝවිමුත්ති යැ, විදර්‍ශනාවගේ ඵලය අවිද්‍යාවිරාග ප්‍රඥාවිමුත්ති යි. මෙසේ පූර්‍ව වූ දුක්ඛය ද සමුදය ද යන සත්‍යයෝ දෙදෙන යැ, ශමථයත් විදර්‍ශනාවත් මග්ග යැ, විමුත්තීහු දෙදෙන නිරෝධ යි. මේ චතුස්සත්‍යයෝ වෙත්. එයින් වදාළහ, බුදුහු: “යථාපි මූලෙ අනුපද්දවෙ” යී.
Pali BJT3. “සබ්බපාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා, සචිත්තපරියොදපනං{2} එතං බුද්ධාන සාසන”න්ති.
Sinhala BJT3. සියලු අකුශලය නො ඉපදවීම ද, චාතුර්භූමක කුශලයාගේ ප්‍රතිලාභය ද, (රහත් මඟින්) ස්වකීය චිත්තසන්තානය පවිත්‍ර කිරීම ද යන තෙල සියලු බුදුවරයන්ගේ අනුශාසනා යි.
Pali BJTසබ්බපාපං නාම තීණි දුච්චරිතානි: කායදුච්චරිතං වචීදුච්චරිතං මනොදුච්චරිතං. තෙ දස අකුසලකම්මපථා: පාණාතිපාතො අදින්නාදානං කාමෙසු මිච්ඡාචාරො මුසාවාදො පිසුනාවාචා ඵරුසාවාචා සම්ඵප්පලාපො අභිජ්ඣා ව්යාපාදො මිච්ඡාදිට්ඨි. තානි ද්වෙ කම්මානි චෙතනා චෙතසිකඤ්ච. තත්ථ යො ච පාණාතිපාතො යා ච පිසුනාවාචා යා ච ඵරුසාවාචා ඉදං දොසසමුට්ඨානං, යඤ්ච අදින්නාදානං යො ච කාමෙසුමිච්ඡාචාරො යො ච මුසාවාදො ඉදං ලොභසමුට්ඨානං, යො සම්ඵප්පලාපො ඉදං මොහසමුට්ඨානං. ඉමානි සත්ත කාරණානි චෙතනාකම්මං යා අභිජ්ඣා අයං ලොභො අකුසලමූලං, යො බ්යාපාදො අයං දොසො අකුසලමූලං, යා මිච්ඡාදිට්ඨි අයං මිච්ඡාමග්ගො. ඉමානි තීණි කාරණානි චෙතසිකං කම්මං, තෙනාහ: චෙතනාකම්මං චෙතසිකං කම්මන්ති.
Sinhala BJT“සබ්බපාප” නම්: කායදුශ්චරිතය වාග්දුශ්චරිතය මනෝදුශ්චරිතය යන තුන් දුශ්චරිතයෝ යි. ඔහු දශඅකුශල කර්‍මපථයෝ යැ: පාණාතිපාත යැ අදින්නාදාන යැ කාමෙසු මිච්ඡාචාර යැ මුසාවාද යැ පිසුනාවාචා යැ ඵරුසාවාචා යැ සම්ඵප්පලාප යැ අභිජ්ඣා යැ ව්‍යාපාද යැ මිච්ඡාදිට්ඨි යි. ඔහු චේතනා කර්‍මය ද චේතසික කර්‍මය දැයි කර්‍මයෝ දෙදෙනෙක් වෙති. එහි යම් පාණාතිපාතයෙක් පිසුනාවාචායෙක් ඵරුසාවාචායෙක් ඇද්ද, මේ දෝසසමුට්ඨාන යැ, යම් අදින්නාදානයෙක් කාමෙසුමිච්ඡාචාරයෙක් මුසාවාදයෙක් ඇද්ද, මේ ලෝභසමුට්ඨාන යැ, යම් සම්ඵප්පලාපයෙක් වේ ද මේ මෝහ සමුට්ඨාන යි. මේ සත් කරුණ චේතනාකර්‍ම යැ, යම් අභිධ්‍යාවක් ඇද්ද මේ ලෝභ අකුශලමූල යැ, යම් ව්‍යාපාදයෙක් ඇද්ද දෝසඅකුශලමූල යැ, යම් මිත්‍ථ්‍යාදෘෂ්ටියක් ඇද්ද මේ මිත්‍ථ්‍යාමාර්‍ග යි. මේ තුන් කරුණ චේතසික කර්‍ම යි. එයින් කීහ: “චේතනාකම්මං චේතසිකං කම්මං” යී.
Pali BJTඅකුසලමූලං පයොගං ගච්ඡන්තං චතුබ්බිධං අගතිං ගච්ඡති: ඡන්දා දොසා භයා මොහා. තත්ථ යං ඡන්දාගතිං ගච්ඡති ඉදං ලොභසමුට්ඨානං. යං දොසාගතිං ගච්ඡති ඉදං දොසසමුට්ඨානං. යං භයා ච මොහා ච අගතිං ගච්ඡති ඉදං මොහසමුට්ඨානං. තත්ථ ලොභො අසුභාය පහීයති, දොසො මෙත්තාය, මොහො පඤ්ඤාය. තථා ලොභො උපෙක්ඛාය පහීයති, දොසො මෙත්තාය ච කරුණාය ච, මොහො මුදිතාය පහානං අබ්භත්ථං ගච්ඡති. තෙනාහ භගවා: “සබ්බපාපස්ස අකරණ”න්ති.
Sinhala BJTඅකුශලමූලය ප්‍රයෝගයට යනුයේ සිවුවැදෑරුම් අගතියට යෙයි: ඡන්‍දයෙන් දෝසයෙන් භයින් මෝහයෙනි. එහි ඡන්‍දහේතුයෙන් යම් අගතියකට යේ ද මේ ලෝභසමුට්ඨාන යැ, දෝසයෙන් යම් අගතියකට යේ ද මේ දෝසසමූට්ඨාන යැ, භයින් ද මෝහයෙන් ද යම් අගතියකට යේ ද මේ මෝහසමුට්ඨාන යි. ඔවුන් කෙරෙහි ලෝභය අසුභභාවනායෙන් ප්‍රහීණ වෙයි, ද්වේෂය මෙත්තාභාවනායෙන් ප්‍රහීණ වෙයි, මෝහය පඤ්ඤාභාවනායෙන් ප්‍රහීණ වේ. එසේ මැ ලෝභය උපේක්‍ෂායෙන් ප්‍රහීණ වෙයි, ද්වේෂය මෙත්තායෙන් ද කරුණායෙන් ද ප්‍රහීණ වෙයි, මෝහය මුදිතායෙන් ප්‍රහාණයට අභ්‍යස්තයට යේ. එයින් වදාළහ, බුදුහු: “සබ්බපාපස්ස අකරණං” යී.
Pali BJTසබ්බපාපං නාම අට්ඨ මිච්ඡත්තානි: මිච්ඡාදිට්ඨි මිච්ඡාසංකප්පො මිච්ඡාවාචා මිච්ඡාකම්මන්තො මිච්ඡාආජීවො මිච්ඡාවායාමො මිච්ඡාසති මිච්ඡාසමාධි, ඉදං වුච්චති සබ්බපාපං. ඉමෙසං අට්ඨන්නං මිච්ඡත්තානං යා අකිරියා අකරණං අනජ්ඣාචාරො, ඉදං වුච්චති සබ්බපාපස්ස අකරණං අට්ඨසු මිච්ඡත්තෙසු පහීනෙසු අට්ඨසම්මත්තානි සම්පජ්ජන්ති, අට්ඨන්නං සම්මත්තානං යා කිරියා කරණං අජ්ඣාචාරො අයං වුච්චති “කුසලස්ස උපසම්පදා”. “සචිත්තපරියොදපන”න්ති අතීතස්ස මග්ගස්ස භාවනා කිරියං දස්සයති, චිත්තෙ පරියොදපිතෙ පඤ්චක්ඛන්ධා පරියොදපිතා භවන්ති. එවං හි භගවා ආහ: “චෙතොවිසුද්ධත්ථං භික්ඛවෙ තථාගතෙ බ්රහ්මචරියං වුස්සතී”.{1} දුවිධා හි පරියොදපනා නීවරණපහානං ච අනුසයසමුග්ඝාතො ච. ද්වෙ ච පරියොදපනභූමියො, දස්සනභූමි ච භාවනාභූමි ච. තත්ථ යං පටිවෙධෙන පරියොදපෙති, ඉදං දුක්ඛං, යතො පරියොදපෙති අයං සමුදයො, යෙන පරියොදපෙති අයං මග්ගො, යං පරියොදපිතං අයං නිරොධො. ඉමානි චත්තාරි සච්චානි. තෙනාහ භගවා: “සබ්බපාපාස්ස අකරණ”න්ති.
Sinhala BJT“සබ්බපාප” නම්: මිථ්‍යාදෘෂ්ටි යැ මිථ්‍යාසංකල්ප යැ මිථ්‍යාවාක් යැ මිථ්‍යාකර්‍මාන්ත යැ මිථ්‍යාආජීව යැ මිථ්‍යාව්‍යායාම යැ මිථ්‍යාස්මෘති යැ මිත්‍ථ්‍යාසමාධි යැ යන අටවැදෑරුම් මිච්ඡත්තයෝ යි. මේ ‘සබ්බපාප’ යයි කියනු ලැබේ. මේ අටවැදෑරුම් මිථ්‍යාත්‍වයන්ගේ යම් අක්‍රියාවක් අකරණයක් අනධ්‍යාචාරයෙක් (නො ඉපදවීමෙක්) ඇද්ද මේ “සබ්බපාපස්ස අකරණං” යයි කියනු ලැබේ. අෂ්ට මිථ්‍යාත්‍වයන් ප්‍රහීණ කල්හි අෂ්ට සම්‍යක්ත්‍වයෝ සම්පාදනය වෙති. අටවැදෑරුම් සම්‍යක්ත්‍වයෙන්ගේ යම් ක්‍රියාවක් කරණයක් අධ්‍යාචාරයෙක් (ඉපදවීමෙක්) වේ ද මේ “කුසලස්ස උපසම්පදා” යී කියනු ලැබේ. “සචිත්තපරියෝදපනං” යී අතීත මාර්‍ගයාගේ භාවනාක්‍රියාව දක්වනසේක. චිත්තය පවිත්‍ර කළ කල්හි පඤ්චස්කන්‍ධයෝ පරියෝදපනය කළාහු වෙත්. ඒ එසේ මැ යැ: බුදුහු මෙසේ වදාළහ: “මහණෙනි, චේතෝවිසුද්ධිය සඳහා තථාගතයන් කෙරෙහි බඹසර වසන්නේය” යි. ඒ එසේ මැ යැ: නීවරණප්‍රහාණය ද අනුශය සමුද්ඝාතය දැයි පරියෝදපනය දෙවැදෑරුම් වෙයි. දර්‍ශනභූමි ද භාවනාභූමි දැයි පරියෝදපනභූමි ද දෙකෙකි. එහි යමක් ප්‍රතිවේධ සංඛ්‍යාත පරිඥාභි සමයෙන් පරියෝදපනය කෙරේ ද මේ දුක්ඛ යැ, යමක්හු කෙරෙන් පිරිසිදුකෙරේ ද මේ සමුදය යැ, යමක් කරණ කොට පරියෝදපනය කෙරේ ද මේ මාර්‍ග යැ, යමක් පරියෝදපිත ද මේ නිරෝධ යි. මේ චතුස්සත්‍යයෝ යි, එයින් වදාළහ. බුදුහු: “සබ්බපාපස්ස අකරණං” යී.
Pali BJT4. “ධම්මො හවෙ රක්ඛති ධම්මචාරිං ඡත්තං මහන්තං යථ වස්සකාලෙ, එසානිසංසො ධම්මෙ සුචිණ්ණෙ න දුග්ගතිං ගච්ඡති ධම්මචාරී”ති.
Sinhala BJT4. දානාදි කුශලධර්‍ම තෙමේ ඒකාන්තයෙන් ඒ ධර්‍මයෙහි හැසිරෙන පුඟුල්හු (දිට්ඨධම්මික සම්පරායික අනර්‍ත්‍ථයෙන්) රක්නේය, වැසිකලැ මහත් වු ඡත්‍රය එය ධරන්නහු යම්සේ රකීද එමෙනි, ධර්‍මය මොනොවට පරිචිත කල්හි තෙල අනුසස් වෙයි, ධර්‍මචාරී පුද්ගල අපායාදි දුගතියට නොයේ යයි.
Pali BJTධම්මො නාම දුවිධො: ඉන්ද්රියසංවරො මග්ගො ච. දුග්ගති නාම දුවිධා: දෙවමනුස්සෙ වා උපනිධාය අපායා දුග්ගති, නිබ්බානං වා උපනිධාය සබ්බා උපපත්තියො දුග්ගති. තත්ථ යා සංවරසීලෙ අඛණ්ඩ කාරිතා අයං ධම්මො සුචිණ්ණො අපායෙහි රක්ඛති. එවං භගවා ආහ: “ද්වෙමා භික්ඛවෙ සීලවතො ගතියො දෙවා ච මනුස්සා ච.
Sinhala BJTධර්‍මය නම්: ඉන්‍ද්‍රියසංවර යැ මාර්‍ග යැයි ද්විවිධ යැ, දුර්‍ගති නම් ද්විවිධ යැ: දේවමනුෂ්‍යයන්ගේ හෝ උපනිධි කොට සතර අපායයෝ දුර්‍ගති යැ, නිර්‍වාණය හෝ උපනිධි කොට සියලු උපප්‍රාප්තීහු දුර්‍ගති යැ. එහි සංවරසීලයෙහි යම් අඛණ්ඩකාරීබවක් ඇද්ද මේ සංවරශීලධර්‍මය මොනොවට ආචීර්‍ණ වූයේ සතර අපායෙන් රකී. බුදුහු මෙසේ වදාළහ: “මහණෙනි, සිල්වත්හට දේවගතිය ද මනුෂ්‍යගතිය දැයි මේ ගති දෙකක් වෙති” යී
Pali BJTඑවඤ්ච නාලන්දායං නිගමෙ අසිබන්ධකපුත්තො ගාමණී භගවන්තං එතදවොච: “බ්රාහ්මණා භන්තෙ පච්ඡාභූමකා කාමණ්ඩලුකා සෙවාල මාලිකා උදකොරොහකා අග්ගිපරිචාරකා, තෙ මතං කාලකතං උය්යාපෙන්ති නාම සඤ්ඤාපෙන්ති නාම සග්ගං නාම උග්ගමෙන්ති{1} භගවා පන භන්තෙ පහොති තථා කාතුං, යථා සබ්බො ලොකො කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජෙය්යා’ති.
Sinhala BJTතවද මෙසේ ඇත: නාලන්‍දානිගමයෙහි අසිබන්‍ධක පුත්‍ර වූ ගාමිණී භාග්‍යවතුන් වහන්සේට තෙල කී: “වහන්ස පශ්චාද්භූමි වැසි බ්‍රාහ්මණයෝ කමඬලු ඇත්තාහු සෙවෙල්මාලා ඇත්තාහු උදයසවස ජලාවගාහ කරන්නාහු ගිනි පුදන්නාහු, ඔහු මළහු කලුරියපළහු උඩලොවට යවති, මොනවට යවති, (පිරිවරා සිට භවත, බඹලොවට යවයි කියමින්) ස්වර්‍ගයට යවති, වහන්ස භාග්‍යයතුන් වහන්සේ වැලිත් යම් පරිදි සියලු ලෝවැසි තෙමේ කාබුන් මරණින් මතු සුගති වූ ස්වර්‍ගලෝකයට පිළිසඳ විසින් පැමිණේ නම්, එසේ කරන්නට පොහොසත් සේක් දැ” යි.
Pali BJTතෙන හි ගාමණී තං යෙවෙත්ථ පටිපුච්ඡිස්සාමි. යථා තෙ ඛමෙය්ය තථා නං බ්යාකරෙය්යාසි, තං කිම්මඤ්ඤසි ගාමණී ඉධස්ස පුරිසො පාණාතිපාතී අදින්නාදායී කාමෙසු මිච්ඡාචාරී මුසාවාදී පිසුනාවාචො ඵරුසාවාචො සම්ඵප්පලාපී අභිජ්ඣාලූ බ්යාපන්නචිත්තො මිච්ඡාදිට්ඨිකො, තමෙනං මහාජනකායො සඞ්ගම්ම සමාගම්ම ආයාචෙය්ය ථොමෙය්ය පඤ්ජලිකො අනුපරිසක්කෙය්ය: “අයං පුරිසො කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජතූ”ති, තං කිම්මඤ්ඤසි ගාමණී අපිනු සො පුරිසො මහතො ජනකායස්ස ආයාචනහෙතු වා ථොමනහෙතු වා පඤ්ජලිකං අනුපරිසක්කනහෙතු වා කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජෙය්යාති, නො හෙතං භන්තෙ.
Sinhala BJTග්‍රාමිණි එසේ නම් මෙ කරුණෙහි ලා තොප මැ පුළුවුස්මි, තොපට යම්සේ හැගේ නම් එසෙයින් එය ප්‍රකාශ කරව, ග්‍රාමණි ඒ කිමැයි හඟනාව, මෙ ලොවැ පුරුෂයෙක් ප්‍රාණවධ කරනුයේ අයිනාදන් ගන්නේ කාමයෙහි මිසහසර ඇතියේ මුසවා කියනුයේ පිසුනුබස් ඇතියේ පරොස්බස් ඇතියේ සිස් වදන් කියනුයේ අභිධ්‍යා බහුල කොට ඇතියේ ව්‍යාපාද සිත් ඇතියේ මිසදිටු ඇතියේ වේ ද, මහාජනසමූහයා තෙලපුඟුල්හු වෙත එක්වගෙන ‘මේ පුරුෂ කාබුන් මරණින් මතු සුගති ස්වර්‍ගලෝකයට පැමිණේව’ යි අයදනේ නම් පසස්නේ නම් ඇඳිලිබැඳ සිසාරායන්නේ නම්, ග්‍රාමණි ඒ කිමැයි හඟනාව, කිම ඒ පුරුෂ මහාජනසමූහයා අයදනාහෙයින් වේවයි පසස්නා හෙයින් වේව’ යි බඳැඳිලි වැ සිසාරායන හෙයින් වේවයි කාබුන් මරණින් මතු සුගති ස්වර්‍ගලෝකයට පැමිණෙන්නේ දැ’ යි.
Pali BJTසෙය්යථාපි ගාමණී පුරිසො මහතිං පුථුසිලං ගම්භීරෙ උදකරහදෙ පක්ඛිපෙය්ය, තමෙනං මහාජනකායො සඞ්ගම්ම සමාගම්ම ආයාචෙය්ය ථොමෙය්ය පඤ්ජලිකො අනුපරිසක්කෙය්ය උම්මුජ්ජ භො පුථුසිලෙ උප්ලව භො පුථුසිලෙ ඵලමුප්ලව භො පුථිසිලෙ’ති. තං කිම්මඤ්ඤසි ගාමණී අපිනු සා මහතී පුථුසිලා මහතො ජනකායස්ස ආයාචනහෙතු වා ථොමනහෙතු වා පඤ්ජලිකං අනුපරිසක්කනහෙතු වා උම්මුජ්ජෙය්ය වා උප්ලවෙය්ය වා ඵලං වා උප්ලවෙය්යාති, නො හෙතං භන්තෙ. එවමෙව ඛො ගාමණී යො සො පුරිසො පාණාතිපාතී -පෙ- මිච්ඡාදිට්ඨිකො, කිඤ්චාපි නං මහාජනකායො සඞ්ගම්ම සමාගම්ම ආයාචෙය්ය ථොමෙය්ය පඤ්ජලිකො අනුපරිසක්කෙය්ය: අයං පුරිසො කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජතූති. අථ ඛො සො පුරිසො කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජෙය්ය.
Sinhala BJTවහන්ස තෙල නො වේ මැ ය. ග්‍රාමණී යම්සේ පුරුෂයෙක් මහත් වු ගනසෙලක් ගැඹුරු දියවිලෙක්හි බහාලන්නේ ද, මහාජනසමූහයා තෙල ශෛලය වෙත එක්වගෙන ‘භවත් ශෛලය උඩ නැගෙව භවත් ශෛලය ඉල්පෙව භවත් ශෛලය ගොඩට පිහිනව’ යි අයදනේ නම් පසන්නේ නම් බඳැඳිලිව සිසාරා යන්නේ නම්, ග්‍රාමණි ඒ කිමැයි හඟනාව, කිම ඒ මහත් ගනසෙල මහාජනසමූහයා අයදනාහෙයින් වේවයි පසස්නාහෙයින් වේවයි ඇඳිලිබැඳ සිසාරා යනහෙයින් වේවයි උඩට නැඟෙන්නේ හෝ ඉල්පෙන්නේ හෝ ගොඩට පිහිනන්නේ හෝ වේ දැ’ යි. වහන්ස තෙල නොවේ මැ ය. එසෙයින් ම ග්‍රාමිණි ඒ පුරුෂ ප්‍රාණවධ කරනුයේ ... මිසදුටු වූයේ වෙයි, එතෙකුදු වත් මහාජනසමූහයා ඔහු සමීපයට රැස්වගෙන ‘මේ පුරුෂ කාබුන් මරණින් මතු සුගති ස්වර්‍ගලෝකයට පැමිණේව’ යි අයදනේ නම් නමුදු පසස්නේ නමුදු සිසාරා ඇවිදුනේ නමුදු වැලි ඒ පුරුෂ කාබුන් මරණින් මතු අපාය දුර්‍ගති විනිපාත වු නිරයට (පිළිසඳ විසින්) පැමිණෙන්නේය.
Pali BJTතං කිං මඤ්ඤසි ගාමණී ඉධස්ස පුරිසො පාණාතිපාතා පටිවිරතො -පෙ- සම්මාදිට්ඨිකො, තමෙනං මහාජනකායො සඞ්ගම්ම සමාගම්ම ආයාචෙය්ය ථොමෙය්ය පඤ්ජලිකො අනුපරිසක්කෙය්ය: අයං පුරිසො කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජතූති. තං කිම්මඤ්ඤසි ගාමණී අපිනු සො පුරිසො මහතො ජනකායස්ස ආයාචන හෙතු වා ථොමනහෙතු වා පඤ්ජලිකං අනුපරිසක්කනහෙතු වා කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං. උපපජ්ජෙය්යාති, නො හෙතං භන්තෙ. සෙය්යථාපි ගාමණී පුරිසො සප්පිකුම්භං වා තෙලකුම්භං වා ගම්භීරං උදකරහදං ඔගාහිත්වා භින්දෙය්ය, තත්ර යස්ස{1} සසක්ඛරකඨලං තං{2} අධොගාමී අස්ස, යඤ්ච ඛ්වස්ස තත්ර සප්පි වා තෙලං වා. තං උද්ධංගාමි අස්ස, තමෙනං මහාජනකායො සඞ්ගම්ම සමාගම්ම ආයාචෙය්ය ථොමෙය්ය පඤ්ජලිකො අනුපරිසක්කෙය්ය: ඔසීද භො සප්පිතෙල, සංසීද භො සප්පිතෙල, අවං ගච්ඡ භො සප්පිතෙලාති. තං කිම්මඤ්ඤසි ගාමණී, අපිනු තං සප්පිතෙලං මහතො ජනකායස්ස ආයාචන හෙතු වා ථොමනහෙතු වා පඤ්ජලිකං අනුපරිසක්කනහෙතු වා ඔසිදෙය්ය වා සංසීදෙය්ය වා අවං වා ගච්ඡෙය්යාති? නො හෙතං භන්තෙ. එවමෙව ඛො ගාමණි යො සො පුරිසො පාණාතිපාතා පටිවිරතො -පෙ- සම්මාදිට්ඨිකො, කිඤ්චාපි නං මහාජනකායො සඞ්ගම්ම සමාගම්ම ආයාචෙය්ය ථොමෙය්ය පඤ්ජලිකො අනුපරිසක්කෙය්ය: “අයං පුරිසො කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං, විනිපාතං නිරයං උපපජ්ජතූති. අථ ඛො සො පුරිසො කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජෙය්ය” ඉති ධම්මො සුචිණ්ණො අපායෙහි රක්ඛති.
Sinhala BJTග්‍රාමිණි ඒ කිමැයි හඟනාව, මෙලොවැ පුරුෂයෙක් ප්‍රාණවධයෙන් වැළැකියේ ... සම්‍යග්දෘෂ්ටි ඇත්තේ වන්නේ ය. මහාජනසමූහයා තුලුහු වෙත රැස්වෙන “මේ පුරුෂ කාබුන් මරණින් මතු අපාය දුර්‍ගති විනිපාත වු නිරයට පැමිණේව’ යි අයදනේ යැ පසස්නේ යැ බදැඳිලිව සිසාරා ඇවිදුනේ යැ, ග්‍රාමිණි ඒ කිමැයි හඟනාව, කිම ඒ පුරුෂ මහාජනසමූහයා අයදනාහෙයින් වේවයි පසස්නාහෙයින් වේවයි බදැඳිලිව සිසාරා යන හෙයින් වේවයි කාබුන් මරණින් මතු අපාය දුර්‍ගති විනිපාත වූ නිරයට පැමිණෙන්නේ දැ? යි. වහන්ස, තෙල නොවේ මැ ය. ග්‍රාමිණි යම් පරිදි පුරුෂයෙක් ගිතෙල් කළයක් හෝ තෙල් කළයක් හෝ ගැඹුරු දියවිලකට බස්වා බිඳිනේ නම්, එහි යම් කැටක් හෝ කැබිලිති හෝ වූ නම් එය යටට බස්නේ ය. එහි යම් ගිතෙලක් හෝ තෙලක් හෝ වී නම් එය උඩට යනු වන්නේ ය, මහාජනසමූහයා තෙල සප්පිතෙලය වෙත රැස්වගෙන ‘භවත් සප්පිතෙලය දියෙහි ගැලෙව, භවත් සප්පිතෙලය මැනැවින් ගැලෙව, භවත් සප්පිතෙලය යටට යව’ යි අයදනේ නම් පසස්නේ නම් බදැඳිලිව සිසාරායන්නේ නම්, ඒ කිමැයි හඟනාව ග්‍රාමිණි කිම ඒ සප්පිතෙලය මහාජනසමූහයාගේ ආයාචනා හේතුයෙන් වේවයි පසස්නා හේතුයෙන් වේවයි බඳැඳිලිව සිසාරායන හෙයින් වේවයි දියෙහි ගැලෙන්නේ හෝ මැනැවින් ගැලෙන්නේ හෝ යටට හෝ යන්නේ දැ’ යි. වහන්ස, තෙල නොවේ මැ ය. එසෙයින් මැ ග්‍රාමිණි ඒ පුරුෂ ප්‍රාණඝාතයෙන් වෙන්වූයේ ... සම්‍යග්දෘෂ්ටි ඇතියේ වෙයි, එහෙත් මහාජනසමූහයා ඔහු වෙත රැස්ව සිට ‘මේ පුරුෂ කාබුන් මරණින් මතු අපාය දුර්‍ගති විනිපාත වු නිරයට පැමිණේව’ යි අයදනේ නමුදු පසස්නේ නමුදු බඳැඳිලිව සිසාරා ඇවිදුනේ නමුදු වැලි ඒ පුරුෂ කාබුන් මරණින් මතු සුගති ස්වර්‍ගලෝකයට පැමිණෙන්නේය” මෙසේ ශීලසංවර සංඛ්‍යාත කුශලධර්‍මය මොනොවට පරිචිත වූයේ සතර අපායෙන් රකී.
Pali BJTතත්ථ යා මග්ගස්ස තික්ඛතා අධිමත්තතා අයං ධම්මො සුචිණ්ණො සබ්බාහි උපපත්තීහි රක්ඛති. එවං භගවා ආහ:
Sinhala BJTඒ දෙවැරුම් ධර්‍මයන් කෙරෙහි ආර්‍ය්‍යමාර්‍ගධර්‍මයාගේ යම් තියුණුබවක් අධිමාත්‍ර බවක් ඇද්ද මේ මාර්‍ගධර්‍මය සූචීර්‍ණ වූයේ සකල උපප්‍රාප්තිභවයෙන් රකී. බුදුහු මෙසේ වදාළහ:
Pali BJT5. “තස්මා රක්ඛිතචිත්ත’ස්ස සම්මා සඞ්කප්පගොචරො, සම්මාදිට්ඨිපුරෙක්ඛාරො ඤත්වාන උදයබ්බයං; ථිනමිද්ධාභිභු භික්ඛු සබ්බා දුග්ගතියො ජහෙ”ති.
Sinhala BJT5. (යම් හෙයෙකින් අරක්‍ෂිත සිත් ඇතියේ මාරවශීව සසර මැ වෙසේ ද) එහෙයින් සතිසංවරයෙන් රක්නාලද සිත් ඇතිවන්නේ යැ, නෙක්ඛම්මාදි සම්‍යක්සඞ්කල්ප ගෝචර කොට ඇතිවන්නේ යැ, (කම්මස්සකතා යථාභූතඤාණ ලක්‍ෂණ) සම්‍යග්දෘෂ්ටිය පෙරටු කොට ඇතියේ (පඤ්චස්කන්‍ධයෙහි සමපනස් වැදැරුම්) උදයව්‍යය දැන (හඞ්ගානු පස්සනාදි වශයෙන් විදසුන් වඩා) රහත් මගින් ථිනමිද්ධය නැසූ ක්‍ෂීණාස්‍රව මහණ සියලු දුර්‍ගති දුරු කරන්නේ යි.
Pali BJTතත්ථ දුග්ගතීනං හෙතු තණ්හා ච අවිජ්ජා ච. තානි චත්තාරි උපාදානානි. තෙහි චතුහි උපාදානෙහි. යෙ සඋපාදානා ඛන්ධා ඉදං දුක්ඛං චත්තාරි උපාදානානි සමුදයො, පඤ්චක්ඛන්ධා දුක්ඛං. තෙසං භගවා පරිඤ්ඤාය ච පහානාය ච ධම්මං දෙසෙති දුක්ඛස්ස පරිඤ්ඤාය සමුදයස්ස පහානාය තත්ථ තණ්හාය පඤ්චින්ද්රියානි රූපීනි පදට්ඨානං, අවිජ්ජාය මනින්ද්රියං පදට්ඨානං, පඤ්චින්ද්රියානි රූපීනි රක්ඛන්තො සමාධිං භාවයති තණ්හඤ්ච නිග්ගණ්හාති. මනින්ද්රියං රක්ඛන්තො විපස්සනං භාවයති අවිජ්ජඤ්ච නිග්ගණ්හාති. තණ්හානිග්ගහෙන ද්වෙ උපාදානානි පහීයන්ති: කාමූපාදානඤ්ච සීලබ්බතූපාදානඤ්ච. අවිජ්ජානිග්ගහෙන ද්වෙ උපාදානානි පහීයන්ති: දිට්ඨුපාදානඤ්ච අත්තවාදූපාදානඤ්ච, චතුසු උපාදානෙසු පහීනෙසු ද්වෙ ධම්මා භාවනා පාරිපූරිං ගච්ඡන්ති: සමථො ච විපස්සනා ච. ඉදං වුච්චති බ්රහ්මචරියන්ති. තත්ථ බ්රහ්මචරියස්ස ඵලං චත්තාරි සාමඤ්ඤඵලානි: සොතාපත්තිඵලං සකදාගාමිඵලං අනාගාමිඵලං අරහත්තං අග්ගඵලං, ඉමානි චත්තාරි බ්රහ්මචරියඵලානීති. ඉති පුරිමකානි ච ද්වෙ සච්චානි දුක්ඛං සමුදයො ච, සමථො ච විපස්සනා ච බ්රහ්මචරියඤ්ච මග්ගො. බ්රහ්මචරියස්ස ඵලානි ච තදාරම්මණා ච අසඞ්ඛතා ධාතු නිරොධො, ඉමානි චත්තාරි සච්චානි. තෙනාහ: “ධම්මො හවෙ රක්ඛතී”ති. තත්ථ යං පටිවෙධෙන රක්ඛති ඉදං දුක්ඛං, යතො රක්ඛති අයං සමුදයො, යෙන රක්ඛති අයං මග්ගො, යං රක්ඛති අයං නිරොධො. ඉමානි චත්තාරි සච්චානි. තෙනාහ ආයස්මා මහාකච්චානො: “එකම්හි පදට්ඨානෙ”ති.
Sinhala BJTඑහි තෘෂ්ණාව ද අවිද්‍යාව ද දුර්‍ගතීන් ට හේතු යැ, ඔහු සතර උපාදානයෝ වෙති, ඒ සතර උපාදානයෙන් සඋපාදානවු යම් ස්කන්‍ධ කෙකෙනෙක් ද ඇද්ද, මේ දුක යැ, සතර උපාදානයෝ සමුදය යැ, පඤ්චස්කන්‍ධයෝ දුක්ඛ යි. බුදුහු ඒ දුක්ඛ සමුදය දෙදෙනාගේ පරිඥාව ද ප්‍රහාණය ද සඳහා දහම් දෙසනසේක. දුඃඛයාගේ පරිඥාව පිණිස යැ, සමුදයාගේ ප්‍රහාණය පිණිසයි. එහි තෘෂ්ණාවට රූපී පඤ්චේන්‍ද්‍රියයෝ පදට්ඨාන යැ, අවිද්‍යාවට මන ඉන්‍ද්‍රිය පදට්ඨාන යි. රූපී පඤ්චේන්‍ද්‍රියයන් රක්නේ සමාධිය වඩයි. තෘෂ්ණාව ද නිගනී. මන ඉන්‍ද්‍රිය රක්නේ විදර්‍ශනාව වඩයි, අවිද්‍යාව ද නිගනී. තෘෂ්ණානිග්‍රහයෙන් කාමූපාදානය ද සීලබ්බතූපාදානය ද යන උපාදානයෝ දෙදෙන ප්‍රහීණ වෙති, අවිද්‍යා නිග්‍රහයෙන් දිට්ඨූපාදානය ද අත්තවාදූපාදානය ද යන උපාදානයෝ දෙදෙන ප්‍රහීණ වෙත්. සතර උපාදානයන් ප්‍රහීණ කල්හි ශමථය ද විදර්‍ශනාව ද යන ධර්‍මයෝ දෙදෙන භාවනායෙන් පාරිපුරියට යෙත්. මේ ‘බ්‍රහ්මචරිය’ යි කියනු ලැබේ. එහි බ්‍රහ්මචර්‍ය්‍යයාගේ ඵලය: ශ්‍රෝතාපත්තිඵල සකෘදාගාමිඵල අනාගාමිඵල අර්‍හත්‍ව අග්‍රඵල යන සතර ශ්‍රාමණ්‍ය ඵලයෝ යැ. මේ සතර බ්‍රහ්මචර්‍ය්‍යඵලයෝ යි. මෙසේ දුඃඛය ද සමුදය ද යන පළමු කී සත්‍යයෝ දෙදෙන යැ, ශමථය ද විදර්‍ශනාව ද බ්‍රහ්මචර්‍ය්‍යය ද මාර්‍ග යැ, බ්‍රහ්මචර්‍ය්‍යයාගේ ඵලයෝ ද තදාලම්බන වූ අසඞ්ඛතධාතුව ද නිරෝධයි. මේ චතුස්සත්‍යයෝ යි. එයින් වදාළහ: “ධම්මෝ හවෙ රක්ඛති” යී. ඒ දේශනායෙහි ප්‍රතිවේධයෙන් යමක් රකී ද මේ දුඃඛ යැ, යමක්හු කෙරෙන් රකී ද මේ සමුදය යැ, යමක් කරණකොට රකී ද මේ මාර්‍ග යැ, යමක් රකී ද මේ නිරෝධ යි. මේ චතුස්සත්‍යයෝ යි. එයින් වදාළහ, ආයුෂ්මත් මහාකාත්‍යායනස්ථවිරයන් වහන්සේ: “ඒකම්හි පදට්ඨානෙ” යනාදිය.
Pali BJTනියුත්තො ආවට්ටො හාරො.
Sinhala BJTආවට්ටහාරය යොදනලදී.
Pali BJT3. 1. 8.
Sinhala BJT3. 1. 8.
Pali BJTවිභත්තිහාරවිභඞ්ගො
Sinhala BJTවිභත්තිහාරවිභඞ්ගය
Pali BJTතත්ථ කතමො විභත්තිහාරො: “ධම්මඤ්ච පදට්ඨානං භූමිං චා”ති. ද්වෙ සුත්තානි වාසනාභාගියඤ්ච නිබ්බෙධභාගියඤ්ච, ද්වෙ පටිපදා පුඤ්ඤභාගියා ච ඵලභාගියා ච. ද්වෙ සීලානි සංවරසීලඤ්ච පහානසීලඤ්ච. තත්ථ භගවා වාසනාභාගියං සුත්තං පුඤ්ඤභාගියාය පටිපදා දෙසෙති. සො සංවරසීලෙ ඨිතො තෙන බ්රහ්මචරියෙන බ්රහ්මචාරී භවති. තත්ථ භගවා නිබ්බෙධභාගියං සුත්තං ඵලභාගියාය පටිපදාය දෙසෙති සො පහානසීලෙ ඨිතො තෙන බ්රහ්මචරියෙන බ්රහ්මචාරී භවති.
Sinhala BJTඑහි විභත්තිහාරය කවරෙ යැ: “ධම්මං ච පදට්ඨානං භූමිං ච” යනාදි නිද්දේස ගාථායි. ‘වාසනාභාගිය’ සූත්‍ර ද ‘නිබ්බේධභාගිය’ සූත්‍ර දැ යි සූත්‍ර දෙකෙකි. ‘පුඤ්ඤභාගිය’ ප්‍රතිපදා ද ‘ඵලභාගිය’ ප්‍රතිපදා දැ’ යි ප්‍රතිපදා දෙකෙකි. ‘සංවර’ සීලය ද ‘පහාන’ සීලය දැ’ යි ශීල දෙකෙකි. ඒ සූත්‍ර - ප්‍රතිපදා - ශීලයන් කෙරෙහි භාග්‍යවතුන් වහන්සේ වාසනාභාගිය සූත්‍ර පුඤ්ඤභාගිය ප්‍රතිපදාව සඳහා දෙසන සේක. ඒ (ධර්‍මප්‍රතිග්‍රාහක) පුද්ගලසංවරශීලයෙහි සිටියේ ඒ සංවරශීල සංඛ්‍යාත ශ්‍රේෂ්ඨචර්‍ය්‍යායෙන් බඹසර ඇත්තේ වෙයි. එහි භාග්‍යවතුන් වහන්සේ නිබ්බේධභාගිය සූත්‍රය ඵලභාගිය ප්‍රතිපදාව සඳහා දෙසන සේක. ඒ (නිබ්බේධභාගිය දේශනාප්‍රතිග්‍රාහක) පුද්ගල ප්‍රහාණශීලයෙහි සිටියේ ඒ මාර්‍ගබ්‍රහ්මචර්‍ය්‍යයයෙන් බඹසර ඇත්තේ වේ.
Pali BJTතත්ථ කතමං වාසනාභාගියං සුත්තං: වාසනාභාගියං නාම සුත්තං “දානකථා සීලකථා සග්ගකථා කාමානං ආදීනවො නෙක්ඛම්මෙ ආනිසංසොති, තත්ථ කතමං නිබ්බෙධභාගියං සුත්ත: නිබ්බෙධභාගියං නාම සුත්තං යා චතුසච්චප්පකාසනා. වාසනාභාගියො සුත්තෙ නත්ථි පජානනා නත්ථි මග්ගො නත්ථි ඵලං. නිබ්බෙධභාගියෙ සුත්තෙ අත්ථි පජානනා අත්ථි මග්ගො අත්ථි පලං. ඉමානි චත්තාරි සුත්තානි. ඉමෙසං චතුන්නං සුත්තානං දෙසනාය ඵලෙන සීලෙන බ්රහ්මචරියෙන සබ්බතො විචයෙන හාරෙන විචිනිත්වා යුත්තිහාරෙන යොජෙතබ්බානි, යාවතිකා ඤාණස්ස භූමි.
Sinhala BJTඑහි වාසනාභාගිය සූත්‍රය කවරෙ යැ: ‘දානකථා සීලකථා ස්වර්‍ගකථා කාමයන්ගේ ආදීනව නෛෂ්ක්‍රම්‍යයෙහි ආනෘශංස’ යන මේ වාසනාභාගිය සූත්‍ර නම් වෙයි. එහි නිබ්බේධභාගිය සූත්‍රය කවරෙ යැ: යම් චතුස්සසත්‍යය ප්‍රකාශ කිරීමෙක් වේ ද, මේ නිබ්බේධභාගිය සූත්‍ර නම් වේ. වාසනාභාගිය සූත්‍රයෙහි ආර්‍ය්‍යමාර්‍ගයට පදට්ඨාන වු වුත්‍ථානගාමිනී විදර්‍ශනාප්‍රඥාව නැත, ආර්‍ය්‍යමාර්‍ගය නැත, ශ්‍රාමණ්‍යඵලය නැති. නිබ්බේධභාගිය සූත්‍රයෙහි වූත්‍ථානගාමිනී විදර්‍ශනාප්‍රඥාව ඇත, ආර්‍ය්‍යමාර්‍ගය ඇත, ශ්‍රාමණ්‍යඵලය ඇති. (යථෝක්ත වාසනාභාගිය නිබ්බේධභාගිය සූත්‍ර යැ වක්‍ෂ්‍යමාන සඞ්කිලේසභාගිය අසෙක්ඛභාගිය සූත්‍ර යැ යන) මේ සතර සූත්‍රයෝ යි. මේ සතර සූත්‍රයන්ගේ දේශනානයින් ද දේශනාඵලයෙන් ද ශීලයෙන් ද බ්‍රහ්මචර්‍ය්‍යයෙන් ද සර්‍වප්‍රකාරයෙන් (විචයහාර විෂය වූ එකොළොස් තැන්හි ලා සංක්‍ෂිප්ත කොට) විචයහාරයෙන් විචිනනය කොට (සොයා) යුක්තිහාරයෙන් ඥානයාගේ භූමිය යම්තාක් වේ ද ඒතාක් යෙදිය යුත්තාහු ය.
Pali BJTතත්ථ කතමෙ ධම්මා සාධාරණා: ද්වෙ ධම්මා සාධාරණා: නාම සාධාරණා වත්ථුසාධාරණා ච. යං වා පන කිඤ්චි අඤ්ඤම්පි එවං ජාතියං. මිච්ඡත්තනියතානං සත්තානං අනියතානඤ්ච සත්තානං දස්සනා පහාතබ්බා කිලෙසා සාධාරණා. පුථුජ්ජනස්ස සොතාපන්නස්ස ච කාමරාගබ්යාපාදා සාධාරණා. පුථුජ්ජනස්ස අනාගාමිස්ස ච උද්ධංභාගියා සංයොජනා සාධාරණා. යං කිඤ්චි අරියසාවකො ලොකියං සමාපත්තිං සමාපජ්ජති, සබ්බා සා අවීතරාගෙහි සාධාරණා, සාධාරණා හි ධම්මා එවං අඤ්ඤමඤ්ඤං පරං පරං සකං සකං විසයං නාතිවත්තන්ති, යොපිමෙහි ධම්මෙහි සමන්නාගතො න සො තං ධම්මං උපාතිවත්තති ඉමෙ ධම්මා සාධාරණා.
Sinhala BJTඑහි සාධාරණ (සමාන) වු ස්වභාවධර්‍මයෝ කවරහ: (කුශලාකුශලාදි) නාමයෙන් සාධාරණයෝ ද සමානවස්තුක හෙයින් වස්තුසාධාරණයෝ දැයි සාධාරණ ධර්‍මයෝ දෙදෙනෙකි. තවද, කෘත්‍ය ප්‍රත්‍යය ප්‍රතිපක්‍ෂාදි වශයෙන් සමාන වු යම් කිසි අන්‍ය වූත් ස්වභාවයෙක් ඇද්ද ඒ සාධාරණ ධර්‍ම යි. මාතෘවධාදි මිච්ඡත්තනියත සත්ත්‍වයන්ගේ ද අනියත සත්ත්‍වයන්ගේ ද ශ්‍රෝතාපත්තිමාර්‍ග සංඛ්‍යාත දර්‍ශනයෙන් ප්‍රහාතව්‍ය ක්ලේශයෝ සාධාරණයෝ යැ, පුහුදුන්හට ද සෝවන්හට ද කාමරාග - ව්‍යාපාදයෝ සාධාරණ යැ, පුහුදුන්හට ද අනගැමිහට ද උද්ධංභාගියසංයෝජනයෝ සාධාරණ යැ, ආර්‍ය්‍යශ්‍රාවක යම් කිසි ලෞකික සමාපත්තියකට සමවදී ද එ හැම අවීතරාගයන් හා සාධාරණ යැ. එ එසේ මැය, සාධාරණ ධර්‍මයෝ මෙසේ ඔවුනොවුන් වෙනවෙන ම ස්වකීය ස්වකීය විෂය නො ඉක්මවති. යම් පුද්ගලයෙකුත් මේ ලෞකික සමාපත්තිධර්‍මයන්ගෙන් සමන්‍වාගත වූයේ ද ඒ පුද්ගල ඒ ධර්‍මය නො ඉක්මවයි. මේ සාධාරණ ධර්‍මයෝ යි.
Pali BJTතත්ථ කතමෙ ධම්මා අසාධාරණා: යාව දෙසනං උපාදාය ගවෙසිතබ්බා: සෙක්ඛාසෙක්ඛා භබ්බාභබ්බාති. අට්ඨමකස්ස ච සොතාපන්නස්ස කාමරාගබ්යාපාදා සාධාරණා ධම්මතා අසාධාරණා. අට්ඨමකස්ස ච අනාගාමිස්ස උද්ධංභාගියා සංයොජනා සාධාරණා, ධම්මතා අසාධාරණා. සබ්බෙසං සෙක්ඛානං නාමං සාධාරණං, ධම්මතා අසාධාරණා. සබ්බෙසං පටිපන්නකානං නාමං සාධාරණං, ධම්මතා අසාධාරණා. සබ්බෙසං සෙක්ඛානං සෙක්ඛසීලං සාධාරණං, ධම්මතා අසාධාරණා. එවං විසෙසානුපස්සිනා හීනුක්කට්ඨමජ්ඣිමං උපාදාය ගවෙසිතබ්බං.
Sinhala BJTඑහි අසාධාරණ ධර්‍මයෝ කවරහ: ආර්‍ය්‍යයන් කෙරෙහි, ශෛක්‍ෂ අශෛක්‍ෂයෝ යැ, අනාර්‍ය්‍යයන් කෙරෙහි භව්‍ය අභව්‍යයෝ යැයි (ඒ ඒ පුද්ගලයාට ප්‍රත්‍යාත්මනියත වශයෙන්) වදාළ දේශනාව ගෙන අසාධාරණ ධර්‍මයෝ සෙවිය යුත්තාහ. (සෝවන්මඟ පත්) අට්ඨමකයාහට ද සෝවන්හට ද කාමරාගව්‍යාපාදයෝ සාධාරණයෝ යැ ධර්‍මස්වභාව අසාධාරණ යි. (ද්වාදශශ්‍රමණයන් කෙරෙහි අට්ඨමක වු) අනාගාමීමාර්‍ගස්ථයාහට ද අනාගාමීහට ද උද්ධංභාගිය සංයෝජනයෝ සාධාරණයහ, ධර්‍මස්වභාව අසාධාරණ යි. සියලු ශෛක්‍ෂයනට ‘සෙක්ඛ’ යන නාමය සාධාරණ යැ, ධර්‍මස්වභාව අසාධාරණ යි. සියලු ප්‍රතිපන්නකයනට ‘පටිපන්නක’ යන නාමය සාධාරණ යැ, ධර්‍මස්වභාව අසාධාරණ යි. සියලු ශෛක්‍ෂයනට ශෛක්‍ෂශීලය සාධාරණ යැ, ධර්‍මස්වභාව අසාධාරණ යි. මෙසේ (ආර්‍ය්‍යයනට කී සෙයින් අන්‍යයනට ද) අසාධාරණතාවිශේෂ දක්නහු විසින් හීන ප්‍රණීත මධ්‍යම ධර්‍මස්වභාව ගෙන අසාධාරණතා සෙවිය යුතු යි.
Pali BJTදස්සනභූමි නියාමාවක්කන්තියා පදට්ඨානං. භාවනාභූමි උත්තරිකානං ඵලානං පත්තියා පදට්ඨානං. දුක්ඛා පටිපදා දන්ධාභිඤ්ඤා සමථස්ස පදට්ඨානං, සුඛා පටිපදා ඛිප්පාභිඤ්ඤා විපස්සනාය පදට්ඨානං. දානමයං පුඤ්ඤකිරියවත්ථු පරතොඝොසස්ස සාධාරණං පදට්ඨානං. සීලමයං පුඤ්ඤකිරියවත්ථු චින්තාමයියා පඤ්ඤාය සාධාරණං පදට්ඨානං. භාවනාමයං පුඤ්ඤකිරියවත්ථු භාවනාමයියා පඤ්ඤාය සාධාරණං පදට්ඨානං දානමයං පුඤ්ඤකිරියවත්ථු පරතො ච ඝොසස්ස සුතමයියා ච පඤ්ඤාය සාධාරණං පදට්ඨානං. සීලමයං පුඤ්ඤකිරියවත්ථු චින්තාමයියා ච පඤ්ඤාය යොනිසො ච මනසිකාරස්ස සාධාරණං පදට්ඨානං. භාවනාමයං පුඤ්ඤකිරියවත්ථු භාවනාමයියා ච පඤ්ඤාය සම්මාදිට්ඨියා ච සාධාරණං පදට්ඨානං. පතිරූපදෙසවාසො විවෙකස්ස ච සමාධිස්ස ච සාධාරණං පදට්ඨානං. සප්පුරිසූපනිස්සයො තිණ්ණං ච අවෙච්චප්පසාදානං සමථස්ස ච සාධාරණං පදට්ඨානං. අත්තසම්මාපණිධානං හිරියා ච විපස්සනාය ච සාධාරණං පදට්ඨානං. අකුසලපරිච්චාගො කුසලවීමංසාය ච සමාධින්ද්රියස්ස ච සාධාරණං පදට්ඨානං. ධම්මස්වාක්ඛාතතා කුසලමූලරොපණාය ච ඵලසමාපත්තියා ච සාධාරණං පදට්ඨානං. සඞ්ඝසුප්පටිපන්නතා සඞ්ඝසුට්ඨුතාය සාධාරණං පදට්ඨානං. සත්ථුසම්පදා අප්පසන්නානඤ්ච පසාදාය පසන්නානං ච භීයොභාවාය සාධාරණං පදට්ඨානං. අප්පටීහතපාතිමොක්ඛතා දුම්මඞ්කූනං ච පුග්ගලානං නිග්ගහාය පෙසලානඤ්ච පුග්ගලානං ඵාසුවිහාරාය සාධාරණං පදට්ඨානං. තෙනාහ මහාකච්චානො: “ධම්මඤ්ච පදට්ඨාන”න්ති.
Sinhala BJT(මෙසේ ධම්මවිභත්ති දක්වා භූමි - පදට්ඨානවිභත්ති වදාරති.) සෝතාපත්තිමග්ග සංඛ්‍යාත දර්‍ශනභූමිය සම්මත්තනියාමයට පැමිණීමට පදට්ඨාන (ආසන්නකාරණ) යැ, භාවනාභූමිය මතුමතුයෙහි ඵලප්‍රාප්තියට පදට්ඨාන යැ, දුක්ඛපටිපදාව දන්‍ධාභිඤ්ඤසමථයට පදට්ඨාන යැ, සුඛ පටිපදාව ඛිප්පාභිඤ්ඤ් විපස්සනාවට පදට්ඨාන යැ, දානමය පුණ්‍යක්‍රියා වස්තුව පරතෝඝෝස (ධර්‍මශ්‍රවණ)යට සාධාරණ පදට්ඨාන යැ, ශීලමය පුණ්‍යක්‍රියා වස්තුව චින්තාමයි ප්‍රඥාවට සාධාරණ පදට්ඨාන යැ, භාවනාමය පුණ්‍යක්‍රියා වස්තුව (මත්තෙහි ධ්‍යාන සංඛ්‍යාත විදර්‍ශනා සංඛ්‍යාත) භාවනාමයි ප්‍රඥාවට සාධාරණ පදට්ඨාන යි. යළිදු දානමය පුණ්‍යක්‍රියාවස්තුව පරතෝඝෝසයට ද සුතමයි ප්‍රඥාවට ද සාධාරණ පදට්ඨාන යැ, ශීලමය පුණ්‍යක්‍රියාවස්තුව චින්තාමයි ප්‍රඥාවට ද යෝනිසෝමනසිකාරයට ද සාධාරණ පදට්ඨාන යැ, සමථභාවනාමය පුණ්‍යක්‍රියාවස්තුව (මත්තෙහි ධ්‍යාන - විදර්‍ශනා) භාවනාමයි ප්‍රඥාවට ද සම්මාදිට්ඨියට ද සාධාරණ පදට්ඨාන යි. ප්‍රතිරූපදේශවාසය කායචිත්තවිවේකයට ද උපචාර අපර්‍ණා සමාධියට ද සාධාරණ පදට්ඨාන යැ, සත්පුරුෂෝපනිශ්‍රය බුද්ධාදීන් පිළිබඳ ත්‍රිවිධ අවෙත්‍යප්‍රසාදයට (ගුණ දැන පැහැදීමට) ද ශමථයට ද සාධාරණ පදට්ඨාන යැ, ආත්මසම්‍යක්ප්‍රණිධානය පාපජුගුප්සා ලක්‍ෂණ ලජ්ජාවට ද විදර්‍ශනාවට ද සාධාරණ පදට්ඨාන යැ, අකුශලපරිත්‍යාගය කුසලවීමංසා සංඛ්‍යාත පටිසඞ්ඛානුපස්සනාවට ද සමාධීන්‍ද්‍රියට ද සාධාරණ පදට්ඨාන යැ, ධර්‍ම ස්වාඛ්‍යාතභාවය කුසලමූලරෝපණයට ද ඵලසමාපත්තියට ද සාධාරණ පදට්ඨාන යැ, සඞ්ඝසුප්‍රතිපන්නභාවය සඞ්ඝයාගේ සුට්ඨුභාවයට සාධාරණ පදට්ඨාන යැ, ශාස්තෘ සම්පදාව අප්‍රසන්නයන්ගේ ප්‍රසාදයට ද ප්‍රසන්නයන්ගේ ප්‍රසාදභූයස්ත්‍වයට ද සාධාරණ පදට්ඨාන යැ, අප්‍රතිහත ප්‍රාතිමෝක්‍ෂ ඇතිබව දුශ්ශීලපුද්ගලයන්ගේ නිග්‍රහයට ද ප්‍රියශීල පුද්ගලයන්ගේ සුඛවිහරණයට ද සාධාරණ පදට්ඨාන යි. එයින් වදාළහ, මහාකාත්‍යායන මහරහතුන් වහන්සේ: “ධම්මං ච පදට්ඨානං” යනාදිය.
Pali BJTනියුත්තො විභත්තිහාරො
Sinhala BJTවිභත්තිහාර යොදන ලද්දේ යි.
Pali BJT3. 1. 9.
Sinhala BJT3. 1. 9.