Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT(ආස්වාදාදිය උදාහරණ විසින් දක්වා දැන් පුද්ගලවිභාගයෙන් දේශනාවිභාගය වදාරති:)
Pali BJTසායං ධම්මදෙසනා කිං දෙසයති: චත්තාරි සච්චානි දුක්ඛං සමුදයං නිරොධං මග්ගං. ආදීනවො ඵලං ච දුක්ඛං, අස්සාදො සමුදයො, නිස්සරණං නිරොධො, උපායො ආණත්ති ච මග්ගො, ඉමානි චත්තාරි සච්චානි, ඉදං ධම්මචක්කං.
Sinhala BJTමේ යථෝක්ත ධර්‍මදේශනාව කුමක් දෙසයි යත්: චතුස්සත්‍ය යි: දුඃඛ යැ, සමුදය යැ, නිරෝධ යැ, මාර්‍ග යි. ආදීනවය හා ඵලය හා දුඃඛ නම. ආස්වාදය සමුදය නම. නිස්සරණය නිරෝධ නම. උපාය හා ආණත්ති හා මාර්‍ග නම. මේ චතුස්සත්‍ය යි මේ (බුදුරදුන්ගේ සිව්සස් විසින් සාමුක්කංසිකදේසනාව) ධර්‍මචක්‍ර නම් වේ.
Pali BJTයථා’හ භගවා: “ඉදං දුක්ඛන්ති මෙ භික්ඛවෙ බාරාණසියං ඉසිපතනෙ මිගදායෙ අනුත්තරං ධම්මචක්කං පවත්තිතං අප්පත්තිවත්තියං සමණෙන වා බ්රාහ්මණෙන වා දෙවෙන වා මාරෙන වා බ්රහ්මුනා වා කෙනචි වා ලොකස්මිං” (සබ්බං ධම්මචක්කං.)
Sinhala BJTමෙසේ වදාළහ, භාග්‍යවත්හු: “මහණෙනි, මා විසින් මේ දුඃඛාර්‍ය්‍යසත්‍යයයි බරණැස් නුවර සමීපයෙහි ඉසිපතන නම් වූ මුවළැව්හි දී මහණක්හු විසින් හෝ බමුණක්හු විසින් හෝ දෙවියකු විසින් හෝ මරකු විසින් හෝ බඹකු විසින් හෝ ලොවැ කිසිවක්හු විසින් හෝ නොවළහාලියැහෙන (ප්‍රතිෂේධ නොකළ හැකි) අනුත්තර වූ ධර්‍මචක්‍රය පවත්වන ලද.”
Pali BJTතත්ථ අපරිමාණා පදා අපරිමාණා අක්ඛරා අපරිමාණා බ්යඤ්ජනා අපරිමාණා ආකාරා නෙරුත්තා නිද්දෙසා. එතස්සෙව අත්ථස්ස සංකාසනා පකාසනා විවරණා විභජනා උත්තානීකම්මං පඤ්ඤත්ති ඉතිපි’දං දුක්ඛං අරියසච්චං.
Sinhala BJTඒ චතුස්සත්‍යධර්‍මදේශනායෙහි අපරිමාණ පදයෝ අපරිමාණ අක්‍ෂරයෝ අපරිමාණ ව්‍යඤ්ජනයෝ අපරිමාණ ආකාරයෝ නෛරුක්තයෝ නිර්දේශයෝ වෙති. තෙල චතුස්සත්‍ය සංඛ්‍යාත අර්‍ත්‍ථයාගේ මැ සඞ්කාශන ප්‍රකාශන විවරණ විභාගකිරීම ප්‍රකට කිරීම ප්‍රඥප්ති වෙයි. මෙසෙයිනුදු මේ දුඃඛාර්‍ය්‍යසත්‍ය දතයුතු.
Pali BJT“අයං දුක්ඛසමුදයො’ති මෙ භික්ඛවෙ බාරාණසියං ඉසිපතනෙ මිගදායෙ අනුත්තරං ධම්මචක්කං පවත්තිතං -පෙ- අයං දුක්ඛනිරොධො’ති මෙ භික්ඛවෙ -පෙ- අයං දුක්ඛනිරොධගාමිනී පටිපදා’ති මෙ භික්ඛවෙ බාරාණසියං ඉසිපතනෙ මිගදායෙ අනුත්තරං ධම්මචක්කං පවත්තිතං අප්පත්තිවත්තියං සමණෙන වා බ්රාහ්මණෙන වා දෙවෙන වා මාරෙන වා බ්රහ්මුනා වා කෙනචි වා ලොකස්මිං”
Sinhala BJT“මහණෙනි, මා විසින් ‘මේ දුඃඛසමුදයාර්‍ය්‍යසත්‍යය’ යි බරණැස ඉසිපතන නම් වූ මුවළැව්හි දී අනුත්තර වූ දම්සක් පවත්වන ලද … මහණෙනි, මා විසින් ‘මේ දුඃඛනිරෝධාර්‍ය්‍යසත්‍යය’ යි … මහණෙනි, මා විසින් ‘මේ දුඃඛනිරෝධගාමිනී ප්‍රතිපදාර්‍ය්‍යසත්‍යය’ යි බරණැස ඉසිපතන නම් වූ මුවළැව්හි දී මහණකු විසින් හෝ බමුණකු විසින් හෝ දෙවියකු විසින් හෝ මරකු විසින් හෝ බඹකු විසින් හෝ ලොවැ කිසිවක්හු විසින් හෝ ප්‍රතිෂේධ නොකළහෙන අනුත්තර වූ දම්සක් පවත්වන ලද.”
Pali BJTතත්ථ අපරිමාණා පදා අපරිමාණා අක්ඛරා අපරිමාණා බ්යඤ්ජනා අපරිමාණා ආකාරා නෙරුත්තා නිද්දෙසා. එතස්සෙව අත්ථස්ස සංකාසනා පකාසනා විවරණා විභජනා උත්තානීකම්මං පඤ්ඤත්ති ඉතිපි’දං දුක්ඛනිරොධගාමිනීපටිපදාඅරියසච්චං.
Sinhala BJT(ද්වාදසපදයන්ගේ අන්‍යෝන්‍ය විෂයවිෂයීභාවය දක්වති: ) ඒ ආර්‍ය්‍යසත්‍යදේශනායෙහි අපරිමාණ පදයෝ අපරිමාණ අක්‍ෂරයෝ අපරිමාණ ව්‍යඤ්ජනයෝ අපරිමාණ ආකාර නෛරුක්ත නිර්දේශයෝ වෙති. තෙල අර්‍ත්‍ථයාගේ මැ සඞ්කාශන ප්‍රකාශන විවරණ විභජන උත්තානීකරණ ප්‍රඥප්ති වේ. මෙසෙයිනුදු මේ දුඃඛනිරෝධගාමිනී ප්‍රතිපදාර්‍ය්‍යසත්‍යය දතයුතු.
Pali BJTතත්ථ භගවා අක්ඛරෙහි සඞ්කාසෙති, පදෙහි පකාසෙති, බ්යඤ්ජනෙහි විවරති, ආකාරෙහි විභජති, නිරුත්තීහි උත්තානීකරොති, නිද්දෙසෙහි පඤ්ඤාපෙති.{1}
Sinhala BJTඒ චතුස්සත්‍යදේශනායෙහි භාග්‍යවත්හු අක්‍ෂරයන් කරණ කොටගෙන සැකෙවින් දෙසනසේක. පදයන්ගෙන් ප්‍රකාශ කරනසේක. ව්‍යඤ්ජනයන්ගෙන් විවරණ කරනසේක. ආකාරයන්ගෙන් විභාග කරන සේක. නිර්වචනවිභාග සංඛ්‍යාත නිරුක්තීන්ගෙන් ප්‍රකට කරන සේක. නිරවශේෂ දේශනා සංඛ්‍යාත නිර්දේශයන්ගෙන් පනවන සේක.
Pali BJTතත්ථ භගවා අක්ඛරෙහි ච පදෙහි ච උග්ඝාටෙති,{2} බ්යඤ්ජනෙහි ච ආකාරෙහි ච විපඤ්චයති, නිරුත්තීහි ච නිද්දෙසෙහි ච විත්ථාරෙති. තත්ථ උග්ඝාටනා{3} ආදි, විපඤ්චනා මජ්ඣෙ, විත්ථාරණා පරියොසානං.
Sinhala BJT(ව්‍යඤ්ජනපදයන්ගේ කෘත්‍යසාධනය දක්වති:) ඒ සිව්සස් දෙසුම්හි භාග්‍යවත්හු අක්‍ෂරයනුදු පදයනුදු කරණ කොටගෙන උද්දේස කෙරෙති. (සැකෙවින් වදාරති.) ව්‍යඤ්ජනයනුදු ආකාරයනුදු කරණ කොටගෙන නිද්දේස (විපඤ්චන) කෙරෙති. නිරුක්තීනුදු නිර්දේශයනුදු කරණ කොටගෙන පටිනිද්දේස (විස්තර) කරනසේක. එහි උද්දේසය (දේශනායෙහි) ආදි වෙයි, නිද්දේසය මධ්‍ය වෙයි, පටිනිද්දේසය (විස්තාරණය) පර්‍ය්‍යාවසාන වේ.
Pali BJTසොයං ධම්මවිනයො උග්ඝටීයන්තො උග්ඝටිතඤ්ඤුපුග්ගලං විනෙති, තෙන නං ආහු ආදිකල්යාණොති, විපඤ්චියන්තො විපඤ්චිතඤ්ඤූපුග්ගලං{4} විනෙති, තෙන නං ආහු: මජ්ඣෙකල්යාණොති. විත්ථාරීයන්තො නෙය්යපුග්ගලං විනෙති, තෙන නං ආහු: පරියොසානකල්යාණොති.
Sinhala BJT(දැන් අර්‍ත්‍ථපදයන්ගේ ව්‍යාපාරය දක්වති:) ඒ ධර්‍මවිනය උද්දේස කරනු ලබනුයේ උද්ඝටිතඥ පුද්ගලයා විනයන කෙරෙයි (හික්මවයි.) එයින් ඒ ධර්‍මවිනය ‘ආදිකල්‍යාණ’ යි වදාළහ. නිද්දේස කරනු ලබනුයේ විපඤ්චිතඥ පුද්ගලයා විනයන කෙරෙයි, එයින් ඒ ධර්‍මවිනය ‘මධ්‍යකල්‍යාණ’ යි වදාළහ. පටිනිද්දේස (විස්තර) කරනු ලබනුයේ නෙයපුද්ගලයා විනයන කෙරෙයි, එයින් ඒ ධර්‍මවිනය ‘පර්‍ය්‍යවසාන කල්‍යාණ’ යි වදාළහ.
Pali BJTතත්ථ ඡප්පදානි අත්ථො: සංකාසනා පකාසනා විවරණා විභජනා උත්තානීකම්මං පඤ්ඤත්ති. ඉමානි ඡප්පදානි අත්ථො. ඡප්පදානි බ්යඤ්ජනං: අක්ඛරං පදං බ්යඤ්ජනං ආකාරො නිරුත්ති නිද්දෙසො. ඉමානි ඡප්පදානි බ්යඤ්ජනං. තෙනාහ භගවා: “ධම්මං වො භික්ඛවෙ දෙසිස්සාමි ආදිකල්යාණං මජ්ඣෙකල්යාණං පරියොසානකල්යාණං සාත්ථං සබ්යඤ්ජනන්ති”.
Sinhala BJTඒ චතුස්සත්‍යදේශනායෙහි සපද කෙනෙක් අර්‍ත්‍ථ යැ: සඞ්කාසනා යැ පකාසනා යැ විවරණා යැ විභජනා යැ උත්තානීකම්ම යැ පඤ්ඤත්ති යි. මේ ෂට්පදයෝ අර්‍ත්‍ථ යි. සපද කෙනෙක් ව්‍යඤ්ජන යැ: අක්ඛර යැ පද යැ ඛ්‍යඤ්ජන යැ ආකාර යැ නිරුක්ති ය. නිද්දේස යි. මේ ෂට්පදයෝ ව්‍යඤ්ජන යි. එයින් වදාළහ, භාග්‍යවත්හු: “ධම්මංවො භික්ඛවේ, දෙසිස්සාමි ආදිකල්යාණං මජ්ඣෙකල්යාණං පරියොසානකල්යාණං සාත්‍ථං සබ්‍යඤ්ජනං” යී.
Pali BJT“කෙවල”න්ති ලොකුත්තරං, න මිස්සං ලොකියෙහි ධම්මෙහි; “පරිපුණ්ණ”න්ති පරිපූරං අනූනං අනතිරෙකං; “පරිසුද්ධං”ති නිම්මලං සබ්බමලාපගතං පරියොදාතං උපට්ඨිතං සබ්බවිසෙසානං. ඉදං වුච්චති තථාගතපදං ඉතිපි තථාගතනිසෙවිතං ඉතිපි තථාගතාරඤ්ජිතං{1} ඉතිපි. අතො චෙතං බ්රහ්මචරියං පඤ්ඤායති. තෙනාහ භගවා: “කෙවල පරිපුණ්ණං පරිසුද්ධං බ්රහ්මචරියං පකාසෙස්සාමී”ති,
Sinhala BJT“කේවලං”යනු: ලෝකෝත්තර වු ලෞකිකධර්‍මයන් හා අමිශ්‍ර වූ, “පරිපූණ්ණං” යනු: හාත්පසින් පිරුණු නොඅඩු නොවැඩි වූ, “පරිසුද්ධං” යනු: නිර්‍මල වූ සියලු මලයන්ගෙන් අපගත වූ පර්‍ය්‍යවදාත වූ (උතුරුමිනිස්දහම් සංඛ්‍යාත වූ අධිශීලශික්‍ෂාදි සංඛ්‍යාත වූ හෝ) සියලු විශේෂයන් එළැඹ සිටුනා තැන් වූ දහමක් යනුයි. මේ ශික්‍ෂාත්‍රය සංගෘහීත ශාසනබ්‍රහ්මචර්‍ය්‍යය තථාගත ගඳැත්හු කෙලෙස්ගහන මැඩපියා ගිය මගැයි ද තථාගතයන් විසින් සෙවුනාලදැයි ද තථාගතයන් සර්‍වඥතාඥානදන්තයෙන් ත්‍රෛභූමක ධර්‍මයන් තිහිරිකළ තැනැයි ද කියනු ලැබේ. මෙකරුණෙන් තෙල සසුන් බඹසර පැනේ. එයින් වදාළහ, භාග්‍යවත්හු: “කේවලපරිපුණ්ණං පරිසුද්ධං බ්‍රහ්මචරියං පකාසෙස්සාමි” යී.
Pali BJTකෙසං අයං ධම්මදෙසනා: යොගීනං. තෙනාහ ආයස්මා මහා කච්චායනො:
Sinhala BJTමේ ධර්‍මදේශනා කවුරුන් සඳහා ද යත්: චතුස්සත්‍යකර්‍මස්ථානික යෝගීන් සඳහා යි. එයින් වදාළහ, ආයුෂ්මත් මහාකච්චායන තෙරණුවෝ:
Pali BJT“අස්සාදාදීනවතා - නිස්සරණම්පි ච ඵලං උපායො ච, ආණත්ති ච භගවතො - යොගීනං දෙසනාහාරො”ති.
Sinhala BJT“අස්සාදාදීනවතා -පෙ- දේසනාහාරො”යී.
Pali BJTනියුත්තො දෙසනාහාරො.
Sinhala BJTදේසනාහාරය යොදනලදි.
Pali BJT3. 1. 2.
Sinhala BJT3. 1. 2.
Pali BJTවිචයහාරවිහඞ්ගො
Sinhala BJTවිචයහාරවිභඞ්ගය
Pali BJTතත්ථ කතමො විචයො හාරො: “යං පුච්ඡිතං ච විස්සජ්ජිතං චා” ති ගාථා, අයං විචයො හාරො. කිං විචිනති: පදං විචිනති පඤ්හං විචිනති විස්සජ්ජනං විචිනති පුබ්බාපරං විචිනති අස්සාදං විචිනති ආදීනවං විචිනති නිස්සරණං විචිනති ඵලං විචිනති උපායං විචිනති ආණත්තිං විචිනති අනුගීතිං විචිනති සබ්බෙ නව සුත්තන්තෙ විචිනති.
Sinhala BJTඑහි විචයහාර කවරෙ යත්: “යං පුච්ඡිතඤ්ච විස්සජ්ජිතඤ්ච”යන ගාථා යි. මේ විචයහාර යි. කුමක් සොයා ද යත්: පදය සොයයි, ප්‍රශ්නය - විසඳුම - පූර්‍වාපරය - ආස්වාදය - ආදීනවය - නිස්සරණය - ඵලය - උපාය - ආණත්තිය - අනුගීතිය සොයයි, සියලු සුත්තගෙය්‍යාදි නවසූත්‍රාන්තයන් සොයයි.
Pali BJTයථා කිං භවෙ{2} : යථා ආයස්මා අජිතො පාරායනෙ භගවන්තං පඤ්හං පුච්ඡති.
Sinhala BJTඒ කෙබඳු වෙයි යත්: ආයුෂ්මත් අජිත තෙරණුවෝ පාරායනයෙහි භාග්‍යවතුන් වහන්සේගෙන් මෙසේ පැන පුළුවුස්ති:
Pali BJT1. “කෙනස්සු නිවුතො ලොකො (ඉච්චායස්මා අජිතො) කෙනස්සු නප්පකාසති කිස්සාභිලෙපනං{3} බ්රූසි කිංසු තස්ස මහබ්භයං” ති.
Sinhala BJT1. (ආයුෂ්මත් අජිත මෙසේ පුළුවුස්සි) සත්ත්‍වලෝක තෙම කවරක්හු විසින් වසනලද ද? කුමක් හේතු කොට ප්‍රකාශයට නොපැමිණේ ද? ඒ ලෝවැසියාට කුමක් අභිලේපන (ඇලීම) යයි වදාරනලද ද? ඒ සත්ත්‍ව ලෝක හට මහත් භයහේතුව කුමක්දැ?යි.
Pali BJTඉමානි චත්තාරි පදානි පුච්ඡිතානි, සො එකො පඤ්හො; කස්මා; එකවත්ථුපරිග්ගහා, එවං හි ආහ: “කෙනස්සු නිවුතො ලොකො” ති ලොකාධිට්ඨානං පුච්ඡති. “කෙනස්සු නප්පකාසතී”ති ලොකස්ස අප්පකාසනං පුච්ඡති. “කිස්සාභිලෙපනං බ්රූසී”ති ලොකස්ස අභිලෙපනං පුච්ඡති. “කිංසු තස්ස මහබ්භයං”ති තස්සෙව ලොකස්ස මහාභයං පුච්ඡති. ලොකො තිවිධො: කිලෙසලොකො භවලොකො ඉන්ද්රියලොකො.
Sinhala BJTමේ ප්‍රශ්න විසින් කියනලද පද (වාක්‍ය) සතරෙකි. හේ එක ප්‍රශ්නයෙක් වෙයි. කුමක් හෙයින යත්: ලෝක සංඛ්‍යාත එක් වස්තුවක් මුඛ්‍යවශයෙන් ගත් හෙයිනි. එහෙයින් මැ කියයි: “කෙනස්සු නිවුතො ලෝකෝ”යී සත්ත්‍වලෝකය මුඛ්‍ය කොට පුළුවුස්සි. “කෙනස්සු නප්පකාසති” යී ලෝකයාගේ ප්‍රකාශ නොවීම පුළුවුස්සි (විචාරයි.) “කිස්සාභිලේපනං බ්‍රෑසි” යී ලෝකයාගේ (මක්කටාඟිලේපනයක් සෙයින්) ඇලීම විචාරයි. “කිංසු තස්ස මහබ්භයං” යී එ ලෝකයාගේ මැ මහත් භය විචාරයි. ලෝකය ත්‍රිවිධ යැ: (රාගාදි කෙලෙස් බිහිලි බැවින්) කාමාවචරසත්ත්‍ව සංඛ්‍යාත ක්ලේශලෝක යැ, රූපාවචරසත්ත්‍ව සංඛ්‍යාත භවලෝක යැ, අරූපාවචරසත්ත්‍ව සංඛ්‍යාත ඉන්‍ද්‍රියලෝක යි.
Pali BJTතත්ථ විස්සජ්ජනා:
Sinhala BJTඑහි මේ විසඳීම යැ:
Pali BJT2. “අවිජ්ජාය නිවුතො ලොකො (අජිතාති භගවා) විවිච්ඡා{1}පමාදා නප්පකාසති, ජප්පාභිලෙපනං බ්රූමි දුක්ඛමස්ස මහබ්භය”න්ති.
Sinhala BJT2. (අජිත’ යී බුදුහු වදාරති) ධර්‍මස්වභාව ප්‍රතිච්ඡාදනලක්‍ෂණ අවිද්‍යාව විසින් සත්ලොව වසන ලද, විචිකිත්සා ප්‍රමාද හේතුයෙන් ප්‍රකාශයට නොපැමිණෙයි, තෘෂ්ණාව අභිලේපන (ඇලීම) යයි කියමි, ජාත්‍යාදි සසරදුක ඒ ලෝකහට මහත් භය වේ යයි.
Pali BJTඉමානි චත්තාරි පදානි ඉමෙහි චතුහි, පදෙහි විස්සජ්ජිතානි, පඨමං පඨමෙන, දුතියං දුතියෙන, තතියං තතියෙන, චතුත්ථං චතුත්ථෙන, “කෙනස්සු නිවුතො ලොකො”ති පඤ්හෙ “අවිජ්ජාය නිවුතො ලොකො”ති විස්සජ්ජනා, නීවරණෙහි නිවුතො ලොකො, අවිජ්ජා නීවරණා හි සබ්බෙ සත්තා; යථාහ භගවා: “සබ්බසත්තානං භික්ඛවෙ සබ්බපාණානං සබ්බභූතානං පරියායතො එකමෙව නීවරණං වදාමි, යදිදං අවිජ්ජා; අවිජ්ජානීවරණා හි සබ්බෙ සත්තා සබ්බසො ච භික්ඛවෙ අවිජ්ජාය නිරොධා චාගා පටිනිස්සග්ගා නත්ථි සත්තානං නීවරණන්ති වදාමී”ති. තෙන ච පඨමස්ස පදස්ස විස්සජ්ජනා යුත්තා.
Sinhala BJTපෘව්ඡාගාථායෙහි මේ සතරපදයෝ විස්සජ්ජනගාථායෙහි මේ සතරපදයෙන් විසඳනලදහ. ප්‍රථම පදය ප්‍රථම පදයෙන් ද දෙවැන්න දෙවැන්නෙන්ද තෙවැන්න තෙවැන්නෙන් ද සතරවැන්න සතරවැන්නෙන් ද විසඳන ලදි. (ඒ මෙසේයැ: “කෙනස්සු නිවුතො ලෝකෝ” යන ප්‍රශ්නයෙහි “අවිජ්ජාය නිවුතො ලෝකෝ” යනු විසඳීම යැ, නීවරණයන් විසින් ලෝවැසිතෙම වසනලද, එසේ මැය: හැම සත්හු අවිද්‍යා නීවරණ ඇත්තාහ. මේ වදාළහ, බුදුහු: ‘මහණෙනි, හැම සත්නට හැම ප්‍රාණීන්ට හැම භූතයනට කාරණහේයින් එක් මැ නීවරණයක් කියමි. ඒ කවර යැ: අවිද්‍යා යි. හැම සත්හු අවිද්‍යානීවරණඇත්තාහු මැය. තවද මහණෙනි, සර්‍වප්‍රකාරයෙන් අවිද්‍යාවගේ අනුත්පාදනිරෝධයෙන් ත්‍යාගයෙන් දුරලීමෙන් සත්ත්‍වයනට නීවරණ නැතැයි කියමි’ යි. ඒ “අවිජ්ජාය නිවුතො ලෝකෝ” යන පදයෙන් “කෙනස්සු නිවුතො ලෝකෝ” යන පළමුවන පදයාගේ විසඳීම යොදනලදි.
Pali BJT“කෙනස්සු නප්පකාසතී”ති පඤ්හෙ “විවිච්ඡා පමාදා නප්පකාසතී”ති විස්සජ්ජනා, යො පුග්ගලො නීවරණෙහි නිවුතො සො විවිච්ඡති, විවිච්ඡා නාම වුච්චති විචිකිච්ඡා, සො විචිකිච්ඡන්තො නාභිසද්දහති, අනභිසද්ද හන්තො විරියං නාරභති අකුසලානං ධම්මානං පහානාය කුසලානං ධම්මානං සච්ඡිකිරියාය, සො ඉධපමාදමනුයුත්තො විහරති, පමත්තො සුක්කෙ ධම්මෙ න උපාදියති, තස්ස තෙ අනුපාදියමානා නප්පකාසන්ති, යථාහ භගවා:
Sinhala BJT“කෙනස්සු නප්පකාසති” යන ප්‍රශ්නයෙහි “විවිච්ඡා පමාදා නප්පකාසති” යනු විසඳීම යැ. යම් පුඟුලෙක් නීවරණයන් විසින් පිහිත ද, ඒ පුද්ගල සැකකරයි. විචිකිත්සාව “විවිච්ඡා” නමැයි කියනු ලැබේ. හේ සැකකරනුයේ නොහදහයි. හැදැහිලි නොකරනුයේ අකුශලධර්‍මයන්ගේ ප්‍රහාණය පිණිස කුශලධර්‍මයන් ප්‍රත්‍යක්‍ෂකරනු පිණිස වීර්‍ය්‍යාරම්භ නොකෙරෙයි. හේ මෙලොවැ ප්‍රමාදයෙහි අනුයුක්තව වෙසෙයි. ප්‍රමත්ත වූයේ කුශලධර්‍මයන් සමාදන් කොට නොවැටෙයි. ඔහුගේ සන්තානයෙහි නොපවත්නාවු ඒ කුශලධර්‍මයෝ (ඒ පුඟුල්හු) ප්‍රකාශ නොකෙරෙත්. මෙසේ වදාළහ: බුදුහු -
Pali BJT3. “දූරෙ සන්තො පකාසන්ති භිමවන්තොච පබ්බතො, අසන්තෙත්ථ න දිස්සන්ති රත්තිඛිත්තා{2} යථා සරා.”
Sinhala BJT3. (උත්සන්න කුශලමූල ඇති භාවිත භාවනා ඇති) සාධුහු දුරැ සිටියාහුදු හිමවත් පර්‍වතය සෙයින් ප්‍රකාශ වෙති. (බුදුනුවණට පැනෙති.) මෙලොවැ අසාධු වු බාල පුද්ගලයෝ රාත්‍රියෙහි විදුනාලද සරයන් (ඊතල) සෙයින් නොපැනෙත්.
Pali BJT“තෙ ගුණෙහි පකාසන්ති කිත්තියා ච යසෙන චා”ති.
Sinhala BJTඒ සජ්ජනයෝ ගුණයන් කරණකොටගෙන කීර්තියෙනුදු පරිවාරයශසිනුදු ප්‍රකාශ වෙත්’ යී.
Pali BJTතෙන ච දුතියස්ස පදස්ස විස්සජ්ජනා යුත්තා.
Sinhala BJTඒ “විවිච්ඡා පමාදා නප්පකාසති” යන පදයෙන් “කෙනස්සු නප්පකාසති” යන දෙවැනි පදයාගේ විසඳීම යොදන ලදී.
Pali BJT”කිස්සාභිලෙපනං බ්රූසී”ති පඤ්හෙ- “ජප්පාභිලෙපනං බ්රූමි”ති විස්සජ්ජනා, ජප්පා නාම වුච්චති තණ්හා, සා කථං අභිලිම්පති; යථාහ භගවා:
Sinhala BJT“කිස්සාභිලේපනං බ්‍රෑසි” යන ප්‍රශ්නයෙහි “ජප්පාභිලේපනං බ්‍රෑමි” යනු විසඳීමයැ. තෘෂ්ණාව ‘ජප්පා’ නමැයි කියනු ලැබේ. ඒ තෘෂ්ණාව කිසෙයින් (පුරුෂයාරූපාදි විෂයෙහි) අලවයි යත්: මෙසේ වදාළහ බුදුහු -
Pali BJT4. “රත්තො අත්ථං න ජානාති රත්තො ධම්මං න පස්සති, අන්ධන්තමං තදා හොති යං රාගො සහතෙ නර”න්ති.
Sinhala BJT4. රාගයෙන් රත්වුයේ ආත්මාර්‍ත්‍ථාදි අර්‍ත්‍ථය නොදනී, රාගයෙන් රත්වුයේ කුශලාදි භේද වු ධර්‍මය නොදකී, රාග තෙමේ යම් කලෙක මිනිසා සහනය කෙරේද එකල්හි මහත්වු මෝහාන්‍ධකාරය වේ’ යයි.
Pali BJTසා’යං තණ්හා ආසත්තිබහුලස්ස පුග්ගලස්ස එවං අභිජප්පාති කරිත්වා තත්ථ ලොකො අභිලිත්තො නාම භවති. තෙන ච තතියස්ස පදස්ස විස්සජ්ජනා යුත්තා.
Sinhala BJTමේ තෘෂ්ණාව ඇලීම (ආසත්තිය)බහුල කොට ඇති පුඟුල්හට මෙසේ පර්‍ය්‍යුත්‍ථාන කාරණ යයි කොට ඒ තෘෂ්ණායෙන් ලෝවැසි තෙම වෙසෙසින් ඇලුණේ නම් වේ. තවද ඒ ‘ජප්පාභිලෙපනං බ්‍රෑමි’ යන පදයෙන් තුන්වැනි ‘කිස්සාභිලෙපනං බ්‍රෑසි’ යන පදයාගේ විසඳීම යොදනලද වේ.
Pali BJT“කිංසු තස්ස මහබ්භය”න්ති පඤ්හෙ “දුක්ඛමස්ස මහබ්භය”න්ති විස්සජ්ජනා. දුවිධං දුක්ඛං: කායිකං ච චෙතසිකං ච. යං කායිකං ඉදං දුක්ඛං, යං චෙතසිකං ඉදං දොමනස්සං. සබ්බෙ සත්තා හි දුක්ඛස්ස උබ්බිජ්ජන්ති නත්ථි භයං දුක්ඛෙන සමසමං, කුතො වා පන තස්ස උත්තරිතරං, තිස්සො දුක්ඛතා: දුක්ඛදුක්ඛතා විපරිණාමදුක්ඛතා සංඛාර දුක්ඛතා; තත්ථ ලොකො ඔධිසො කදාචි කරහචි දුක්ඛදුක්ඛතාය මුච්චති, තථා විපරිණාමදුක්ඛතාය. තං කිස්ස හෙතු: හොන්ති ලොකෙ අප්පා බාධාපි දීඝායුකාපි. සංඛාරදුක්ඛතාය පන ලොකො අනුපාදිසෙසාය නිබ්බානධාතුයා මුච්චති, තස්මා සංසාරදුක්ඛතා දුක්ඛං ලොකස්සාති කත්වා දුක්ඛමස්ස මහබ්භයන්ති. තෙන ච චතුත්ථස්ස පදස්ස විස්සජ්ජනා යුත්තා. තෙනාහ භගවා: “අවිජ්ජාය නිවුතො ලොකො”ති.
Sinhala BJT“කිංසු තස්ස මහබ්භයං” යන ප්‍රශ්නයෙහි: “දුක්ඛමස්ස මහබ්භයං” යනු විසඳීමයැ. දුක දෙවැදෑරුම් යැ: කායිකදුඃඛ යැ, චෛතසිකදුඃඛයි. කයෙහි උපන්නේ දුක යැ, සිත්හි උපන්නේ දොම්නසි. එසේ මැයි, සියලු සත්ත්‍වයෝ දුකට තැතිගනිති. දුක හා සමසම වු බියෙක් නැත. ඒ දුකට වැඩිතරම් බියෙක් කොහි හෝ යැ. දුක්ඛතා තුනෙකි: දුක්ඛ - දුක්ඛතා යැ, විපරිණාමදුක්ඛතා යැ, සංඛාරදුක්ඛතායි. එහි ලෝවැසි තෙමේ අවධිවශයෙන් කිසි කලෙක (ආත්මොපක්‍රමමූලකාදි) දුක්ඛ දුක්ඛතායෙන් මිදෙයි. එසේම විපරිණාමදුක්ඛතායෙනුදු මිදෙයි. ඒ කවරහෙයින යත්: ලොවැ අල්පාබාධ වූවාහු ද දීර්‍ඝායුෂ්ක වූවාහු ද වෙත්. සංඛාරදුක්ඛතායෙන් වැලිත් ලෝවැසි අනුපාදිශේෂ නිර්‍වාණධාතුයෙන් මිදෙයි. එහෙයින් සංස්කාරදුඃඛය ලෝකයාහට දුකැයි කොට ‘දුක්ඛමස්ස මහබ්භයං’ වදාරන ලදි. එයින් ‘කිංසු තස්ස මහබ්භයං’ යන සතරවැනි පදයාගේ විසඳීම යොදන ලද වේ. එයින් වදාළහ, බුදුහු: “අවිජ්ජාය නිවුතො ලෝකෝ”යී.
Pali BJT5. “සවන්ති සබ්බධි සොතා (ඉච්චායස්මා අජිතො) සොතානං කිං නිවාරණං, සොතානං සංවරං බ්රූහි කෙන සොතා පිථීයරෙ”ති{1}
Sinhala BJT5. (ආයුෂ්මත් අජිත මෙසේ පුළුවුස්සි:) තෘෂ්ණාදි ශ්‍රෝතස්හු සියලු රූපාදි ආයතනයන්හි ගලාබසිති. ඒ ශ්‍රෝතසුන්ගේ ආවරණය කිම? ආරක්‍ෂාව කවර යැයි සේයි. ශ්‍රෝතසුන්ගේ සංවරය වදාළමැනැව, කවර දහමකින් තෘෂ්ණාදි ශ්‍රෝතස්හු වසනු ලැබෙත් දැ’ යි.
Pali BJTඉමානි චත්තාරි පදානි පුච්ඡිතානි. තෙ ද්වෙ පඤ්හා; කස්මා: ඉමෙ හි බව්හධිවචනෙන පුච්ඡිතා. එවං සමාපන්නස්ස ලොකස්ස එවං සඞ්කිලිට්ඨස්ස ලොකස්ස කිං වොදානං වුට්ඨානං ඉති: එවං හි ආහ: “සවන්ති සබ්බධි සොතා”ති. අසමාහිතස්ස සවන්ති අභිජ්ඣාව්යාපාද පමාදබහුලස්ස. තත්ථ යා අභිජ්ඣා අයං ලොභො අකුසලමූලං, යො බ්යාපාදො අයං දොසො අකුසලමූලං, යො පමාදො අයං මොහො අකුසලමූලං. තස්සෙවං අසමාහිතස්ස ඡසු ආයතනෙසු තණ්හා සවන්ති: රූපතණ්හා සද්දතණ්හා ගන්ධතණ්හා රසතණ්හා ඵොට්ඨබ්බතණ්හා ධම්මතණ්හා. යථාහ භගවා: “සවතීති ඛො භික්ඛවෙ ඡන්නෙ’තං අජ්ඣත්තිකානං ආයතනානං අධිවචනං. චක්ඛු සවති මනාපිකෙසු රූපෙසු, අමනාපිකෙසු පටිහඤ්ඤති, සොතං -පෙ- ඝානං -පෙ- ජිව්හා -පෙ- කායො -පෙ- මනො සවති මනාපිකොසු ධම්මෙසු අමනාපිකෙසු පටිහඤ්ඤතී”ති.
Sinhala BJTමේ ප්‍රශ්න විසින් පුළුවුස්නාලද වාක්‍ය සතරෙකි: ඒ සතරපදයෝ ප්‍රශ්න දෙකෙකි. කුමක් හෙයින යත්: මේ අර්‍ත්‍ථයෝ බහුවචනයෙන් පුළුවුස්නාලද හෙයිනි. මෙසේ ව්‍යසනාපන්න වු ලෝවැසියාගේ මෙසේ දශක්ලේශවස්තුයෙන් සංක්ලිෂ්ට වු ලෝවැසියාගේ (ශමථවිදර්‍ශනාසංඛ්‍යාත) ව්‍යවදාන (මාර්‍ගසංඛ්‍යාත) වුත්‍ථානය කවරෙයයි. එසෙයින් මැ කී: “සවන්ති සබ්බධි සෝතා” යී. අභිධ්‍යා ව්‍යාපාද ප්‍රමාදබහුල කොට ඇති අසමාහිතයාහට තෘෂ්ණාදි ශ්‍රෝතස්හු ගලාබසිති. එහි යම් යම් අභිධ්‍යාවක් ඇද්ද, මෝ ලෝභඅකුශලමූල යැ, යම් ව්‍යාපාදයෙක් ඇද්ද, මේ ද්වේෂ - අකුශලමූල යැ, යම් ප්‍රමාදයෙක් ඇද්ද, මේ මෝහ - අකුශලමූල යි. මෙසේ (නානාලම්බනයෙහි විසුරුණු සිත් ඇති) අසමාහිත වූ ඔහුට ෂඩායතනයෙහි තෘෂ්ණා පවතී: රූපතණ්හා යැ සද්ද තණ්හා යැ ගන්‍ධතණ්හා යැ රසතණ්හා යැ ඵොට්ඨබ්බතණ්හා යැ ධම්මතණ්හා යි. මේ වදාළහ, බුදුහු: “මහණෙනි, සවති” යනු ආධ්‍යාත්මික වූ ෂඩායතනයනට තෙල නමෙකි. චක්‍ෂුස මනවඩන රූපවිෂයෙහි පවතී, අමනාපික රූපයන්හි ගැටෙයි, ශ්‍රෝතස … ඝ්‍රාණය … ජිහ්වාව … කාය … මනස මනවඩන ධර්‍මයන්හි පවතී, අමනාපික ධර්‍මයන්හි ගැටේ” යයි.
Pali BJTඉති සබ්බා ච සවති සබ්බථා ච සවති. තෙනාහ: “සවන්ති සබ්බධි සොතා”ති. “සොතානං කිං නිවාරණ”න්ති පරියුට්ඨාන විඝාතං පුච්ඡති, ඉදං වොදානං. “සොතානං සංවරං බ්රූහි කෙන සොතා පිථියරෙ”ති අනුසයසමුග්ඝාතං පුච්ඡති, ඉදං වුට්ඨානං.
Sinhala BJTමෙසේ සියල්ලෙනුදු පවතී, සර්‍වප්‍රකාරයෙනුදු පවතී, එයින් කී: ‘සවන්ති සබ්බධි සෝතා’ යී. “සෝතානං කිං නිවාරණං” යී පරියුට්ඨානයාගේ විඝාතය - නැසීම පුළුවුස්සි. මේ ව්‍යවදාන - පරියුට්ඨානප්‍රහාණ යි. “සෝතානං සංවරං බ්‍රෑහි කෙන සෝතා පිථියරෙ” යී අනුසය නැසීම පුළුවුස්සි. මේ මාර්‍ගසංඛ්‍යාත ව්‍යුත්‍ථාන යි.
Pali BJTතත්ථ විස්සජ්ජනා{2} :
Sinhala BJTඑහි මේ විසඳීම යැ:
Pali BJT6. “යානි සොතානි ලොකස්මිං (අජිතාති භගවා) සති තෙසං නිවාරණං, සොතානං සංවරං බ්රූමී පඤ්ඤායෙතෙ පිථියරෙ”ති.
Sinhala BJT6. (අජිත’ යී බුදුහු වදාරති:) ලොවැ තෘෂ්ණාදි යම් ශ්‍රෝතස් කෙනෙක් වෙත් ද, විදර්‍ශනාසම්ප්‍රයුක්ත වූ ස්මෘතිය යැ ඒ ශ්‍රෝතසුන්ගේ ආවරණයැ ආරක්‍ෂාව නුයි (ඒ ස්මෘතිය ම) ශ්‍රෝතසුන්ගේ සංවරයයි කියමි, මාර්‍ගප්‍රඥායෙන් තෙල ශ්‍රෝතස්හු (සර්‍වප්‍රකාරයෙන්)වසනුලැබෙත්, (නූපදියදී සමුච්ඡේද කරනු ලැබෙතී සේයි.)
Pali BJTකායගතාය සතියා භාවිතාය බහුලීකතාය චක්ඛු නාවිඤ්ඡති මනාපිකෙසු රූපෙසු අමනාපිකෙසු න පටිහඤ්ඤති. සොතං -පෙ- ඝානං -පෙ- ජිව්හා -පෙ- කායො -පෙ- මනො නාවිඤ්ඡති මනාපිකෙසු ධම්මෙසු අමනාපිකෙසු න පටිහඤ්ඤති. කෙන කාරණෙන සංවුතනිවාරිතත්තා ඉන්ද්රියානං, කෙන තෙ සංවුතා නිවාරිතා: සතිආරක්ඛෙන, තෙනාහ භගවා: “සති තෙසං නිවාරණ”න්ති.
Sinhala BJTකායගතස්මෘතිය භාවිත කල්හි බහුලීකෘත කල්හි චක්‍ෂුස මනවඩන රූපවිෂයෙහි (අභිධ්‍යාදීනට ප්‍රවෘත්තිද්වාරවශයෙන් චිත්තසන්තානය හෝ පුද්ගලයා) ආකර්‍ෂණ නොකෙරෙයි, අමනාපික රූපවිෂයෙහි නොගැටෙයි. ශ්‍රෝතස … ඝ්‍රාණය … ජිහ්වාව … කාය … මනස මනවඩන ධර්‍මයන්හි ආකර්‍ෂණ නොකෙරෙයි, අමනාපික ධර්‍මයන්හි නො ගැටේ. කවර හෙයින යත්: ඉන්‍ද්‍රියයන් සංවෘත - නිවාරිත හෙයිනි. කවරක්හු විසින් ඒ ඉන්‍ද්‍රියයෝ වසනලද්දාහු වළහනලද්දාහු ද යත්: සිහි නම් ඇති ආරක්‍ෂකයා විසිනි. එයින් වදාළහ, බුදුහු - “සති තෙසං නිවාරණං” යි.
Pali BJTපඤ්ඤාය අනුසයා පහීයන්ති, අනුසයෙසු පහීනෙසු පරියුට්ඨානා පහීයන්ති, තස්ස{1} අනුසයස්ස පහීනත්තා. තං යථා ඛන්ධවන්තස්ස රුක්ඛස්ස අනවසෙසමුලූද්ධරණෙ කතෙ පුප්ඵඵලපවාල{2}ඞ්කුරසන්තති සමුච්ඡින්නා භවති. පිදහිතා පටිච්ඡන්නා, කෙන: පඤ්ඤාය. තෙනාහ භගවා: “පඤ්ඤායෙතෙ පිථීයරෙති”.{3}
Sinhala BJTමාර්‍ගඥානයෙන් අනුශයධර්‍මයෝ ප්‍රහීණ වෙති, අනුශය ප්‍රහීණ කල්හි පර්‍ය්‍යුත්‍ථාන ක්ලේශයෝ ප්‍රහීණ වෙති. ඒ අනුශය ප්‍රහීණ බැවිනි. යම්සේ කඳ ඇති රුකක්හුගේ නිරවශේෂ කොට මුල් උදුරාලූ කල්හි මල්පලපලූ හා අඞ්කුරසන්තතිය සමුච්ඡින්න වේ ද, එසෙයින් අනුශය ප්‍රහීණ කල්හි පර්‍ය්‍යුත්‍ථාන ක්ලේශසන්තතිය සමුච්ඡින්න (සිඳුනාලද) වෙයි, වසන ලද වෙයි, ප්‍රතිච්ඡන්න වේ. කවරක්හු විසින යත්: මාර්‍ගප්‍රඥාව විසිනි. එයින් වදාළහ බුදුහු - “පඤ්ඤායෙතෙ පිථියරෙ”යි.
Pali BJT7. “පඤ්ඤා චෙව සතී ච (ඉච්චායස්මා අජිතො) නාමරූපං ච මාරිස; එතං මෙ පුට්ඨො පබ්රූහි කත්ථෙ’තං උපරුජ්ඣතී”ති.
Sinhala BJT7. (ආයුෂ්මත් අජිත මෙසේ විචාරයි:) නිදුකාණන් වහන්ස, මාර්‍ග ප්‍රඥාව ද ස්මෘතිය ද තදවශේෂ නාමරූපය ද යන තෙල සියල්ල කොතැන්හි ලා නිරුද්ධ වේ ද, තෙල මා විසින් පුළුවුස්නාලදසේක් වදාළ මැනව.
Pali BJT8. යමෙතං පඤ්හං අපුච්ඡි අජිත, තං වදාමි තෙ, යත්ථ නාමඤ්ච රූපඤ්ච අසෙසං උපරුජ්ඣති; විඤ්ඤාණස්ස නිරොධෙන එත්ථෙතං උපරුජ්ඣතී”ති
Sinhala BJT8. අජිතය, තෙල(කත්‍ථේතං උපරුජ්ඣති’ යී) යම් ප්‍රශ්නයක් විචාළෙහි ද, එය තොපට කියමි, යම් තැනෙක ලා නාමයත් රූපයත් නිරවශේෂ කොට නිරුද්ධ වේ ද, (එය තොපට කියමි,) ඒ (පශ්චිම) විඥානයාගේ නිරෝධය සමග මැ මේ විඥානනිරෝධයෙහි ලා තෙල නාමරූප නිරුද්ධ වේ යයි.
Pali BJTඅයං පඤ්හො{4} අනුසන්ධිං පුච්ඡති, අනුසන්ධිං පුච්ඡන්තො කිං පුච්ඡති: අනුපාදිසෙසං නිබ්බානධාතුං, තීණි ච සච්චානි සඞ්ඛතානි නිරොධධම්මානි දුක්ඛං සමුදයො මග්ගො, නිරොධො අසඞ්ඛතො. තත්ථ සමුදයො ද්වීසු භූමිසු පහීයති: දස්සන භූමියා ච භාවනාභූමියා ච. දස්සනෙන තීණි සංයොජනානි පහීයන්ති: සක්කායදිට්ඨි විචිකිච්ඡා සීලබ්බතපරාමාසො: භාවනාය සත්තසංයොජනානි පහීයන්ති: කාමච්ඡන්දො බ්යාපාදො රූපරාගො අරූපරාගො මානො උද්ධච්චං අවිජ්ජා ච නිරවසෙසා{5} තෙධාතුකෙ ඉමානි දස සඤ්ඤොජනානි, පඤ්චොරම්භාගියානි පඤ්චුද්ධම්භාගියානි. තත්ථ තීණි සංයොජනානි සක්කායදිට්ඨි විචිකිච්ඡා සීලබ්බතපරාමාසො අනඤ්ඤාතඤ්ඤාස්සාමීතින්ද්රියං අධිට්ඨාය නිරුජ්ඣන්ති, සත්ත සංයොජනානි කාමච්ඡන්දො බ්යාපාදො රූපරාගො අරූපරාගො මානො උද්ධච්චං අවිජ්ජා ච නිරවසෙසා අඤ්ඤින්ද්රියං අධිට්ඨාය නිරුජ්ඣන්ති.
Sinhala BJTමේ ප්‍රශ්නය අනුසන්‍ධිය විචාරයි. අනුසන්‍ධි පුළුවුස්නේ කුමක් විචාරයි යත්: අනුපාදිසේස නිර්‍වාණධාතුව ද, ප්‍රත්‍යයසමවායෙන් උපන් නිරුද්ධවන පියවිඇති දුක්ඛ යැ සමුදය යැ මග්ග යැ යන තුන් සත්‍යයන් ද විචාරයි. නිරෝධසත්‍යය අසංඛත යි. එහි සමුදය දර්‍ශනභූමියෙහි ද භාවනාභූමියෙහි ද යන භූමි දෙක්හි ප්‍රහීණ වෙයි. දර්‍ශනයෙන් සක්කායදිට්ඨි යැ විචිකිච්ඡා යැ සීලබ්බතපපරාමාස යැ යන තුන්සංයෝජනයෝ ප්‍රහීණ වෙති, භාවනායෙන් කාමච්ඡන්‍ද යැ ව්‍යාපාද යැ රූපරාග යැ අරූපරාග යැ මාන යැ උද්ධච්ච යැ නිරවශේෂ අවිජ්ජා යැ යන සත්සංයොජනයෝ ප්‍රහීණ වෙත්, මොහු කාමාදි ත්‍රෛධාතුකයෙහි දසසංයෝජනයෝ යැ, ඕරම්භාගිය පසෙක, උද්ධම්භාගිය පසෙකි. ඔවුන් කෙරෙහි ‘සක්කායදිට්ඨි විචිකිච්ඡා සීලබ්බතපරාමාස’ යන තුන් සංයෝජනයෝ අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රියයට පැමිණ නිරුද්ධ වෙති, ‘කාමච්ඡන්‍ද යැ ව්‍යාපාද යැ රූපරාග යැ අරූපරාග යැ මාන යැ උද්ධච්ච යැ අවිජ්ජා’ යැ යන සත් සංයෝජනයෝ අඤ්ඤින්‍ද්‍රියට පැමිණ නිරවශේෂව නිරුද්ධ වෙත්.
Pali BJTයං පන එවං ජානාති: “ඛීණා මෙ ජාතී”ති ඉදං ඛයෙ ඤාණං, නාපරං ඉත්ථත්තායා”ති පජානාති ඉදං අනුප්පාදෙ ඤාණං, ඉමානි ද්වෙ ඤාණානි අඤ්ඤාතාවින්ද්රියං, තත්ථ යඤ්ච අනඤ්ඤාතඤ්ඤස්සාමිතීන්ද්රියං යඤ්ච අඤ්ඤින්ද්රියං ඉමානි අග්ගඵලං අරහත්තං පාපුණන්තස්ස නිරුජ්ඣන්ති.
Sinhala BJTතවද යම්හෙයකින් “මාගේ ජාතිය ක්‍ෂයවූ” යැයි මෙසේ යම් ඥානයක් දැන ගනී ද, ප්‍රත්‍යවේක්‍ෂාවට නිමිත්ත වු මේ ඥානය ක්‍ෂයඥාන (ඛයෙ ඤාණ) නම, මේ රහත්බව පිණිස අනෙකක් නැතැ’ යි යම් ඤාණයකින් දැනගනී ද, මේ අනුත්පාදඥාන අනුප්පාදෙ ඤාණ නම් වේ. මේ ඥානද්වය අඤ්ඤාතාවින්‍ද්‍රිය යි. එහි යම් අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රියයකුත් යම් අඤ්ඤින්‍ද්‍රියයකුත් ඇද්ද මේ ඉන්‍ද්‍රිය දෙක අග්‍රඵල වූ අර්‍හත්‍වයට පැමිණෙන්නහුට නිරුද්ධ වෙයි.
Pali BJTතත්ථ යඤ්ච ඛයෙ ඤාණං යං ච අනුප්පාදෙ ඤාණං ඉමානි ද්වෙ ඤාණානි එකා පඤ්ඤා, අපි ච ආරම්මණසංකෙතෙන ද්වෙ නාමාති ලභන්ති: ඛීණා මෙ ජාතීති පජානන්තස්ස ඛයෙ ඤාණන්ති නාමං ලභති; නාපරං ඉත්ථත්තායාති පජානන්තස්ස අනුප්පාදෙ ඤාණං’ති නාමං ලභති. සා පජානනට්ඨෙන පඤ්ඤා යථාදිට්ඨං අපිලාපනට්ඨෙන සති.
Sinhala BJTඑහි යම් ක්‍ෂයඥානයකුත් යම් අනුත්පාද ඥානයකුත් ඇද්ද මේ ඥානද්වය එක් ප්‍රඥාවකි. තවද (ඛයෙ අනුප්පාදෙ යන) ආලම්බන සංඥායෙන් නම් දෙකක් ලැබෙති. ‘මාගේ ජාති ක්‍ෂය වූ යැ’ යි දන්නහුට ‘ඛයෙ ඤාණ’ යන නාමය ලැබෙයි. ‘මේ අර්‍හත්‍වය පිණිස කළයුතු අනෙකක් නැතැ’ යි දන්නහුට ‘අනුප්පාදෙ ඤාණ’ යන නාමය ලැබෙයි. (යට ශ්‍රෝතසුන්ගේ පිධානයයි කී යම් ප්‍රඥාවක් ඇද්ද) ඕ ප්‍රජානනස්වභාවයෙන් ‘පඤ්ඤා’ නමු. අවගාහනාර්‍ත්‍ථයෙන් ‘සති’ නම් වු යැයි.
Pali BJTතත්ථ යෙ පඤ්චුපාදානක්ඛන්ධා ඉදං නාමරූපං. තත්ථ යෙ ඵස්සපඤ්චමකා ධම්මා ඉදං නාමං, යානි පඤ්චින්ද්රියානි රූපානි ඉදං රූපං, තදුභයං නාමරූපං විඤ්ඤාණසම්පයුත්තං. තස්ස නිරොධං භගවන්තං පුච්ඡන්තො ආයස්මා අජිතො පාරායනෙ එවමාහ.
Sinhala BJTඑහි යම් පඤ්චෝපාදානස්කන්‍ධ කෙනෙක් ඇද්ද මේ නාමරූප යි. ඒ නාමරූප දෙක්හි යම් ඵස්සපඤ්චමක වූ ධර්‍මකෙනෙක් ඇද්ද මේ නාම යැ, යම් රූපී වූ පඤ්චින්‍ද්‍රිය කෙනෙක් ඇද්ද මේ රූප යි. ඒ උභයනාමරූපය විඥානය හා සම්ප්‍රයුක්ත යැ. ඒ නාම රූපයාගේ නිරෝධය භාග්‍යවතුන් වහන්සේගෙන් පුළුවුස්නා ආයුෂ්මත් අජිතතෙරණුවෝ පාරායනයෙහි මෙසේ පුළුවුත්හ:
Pali BJT9. “පඤ්ඤා චෙව සති ච (ඉච්චායස්මා අජිතො) නාමරූපඤ්ච මාරිස, එතං මෙ පුට්ඨො පබ්රූහි කත්ථෙ’තං උපරුජ්ඣතී”ති.
Sinhala BJT9. “පඤ්ඤා චෙව සතී ච -පෙ-” (යට ව්‍යාඛ්‍යාත යි.)
Pali BJTතත්ථ සති ච පඤ්ඤා ච චත්තාරි ඉන්ද්රියානි, සති ද්වෙ ඉන්ද්රියානි: සතින්ද්රියං ච සමාධින්ද්රියං ච, පඤ්ඤා ද්වෙ ඉන්ද්රියානි: පඤ්ඤින්ද්රියං ච විරියින්ද්රියං ච යා ඉමෙසු චතුසු ඉන්ද්රියෙසු සද්දහනා ඔකප්පනා ඉදං සද්ධින්ද්රියං.
Sinhala BJTඑහි සති හා පඤ්ඤා හා සතර ඉඳුරෝ යැ, ‘සති’ ඉන්‍ද්‍රිය දෙකෙකි: සතින්‍ද්‍රිය හා සමාධින්‍ද්‍රිය හා යැ. ‘පඤ්ඤා’ ඉන්‍ද්‍රිය දෙකෙකි: පඤ්ඤින්‍ද්‍රිය හා විරියින්‍ද්‍රිය හා යි. මේ සතර ඉන්‍ද්‍රියයන් හි යම් හැදැහීමෙක් බැසගෙන සිටීමෙක් ඇද්ද මේ සද්ධින්‍ද්‍රිය යි.
Pali BJTතත්ථ යා සද්ධාධිපතෙය්යා චිත්තෙකග්ගචතා අයං ඡන්දසමාධි, සමාහිතෙ චිත්තෙ කිලෙසානං වික්ඛම්භනතාය පටිසඞ්ඛානබලෙන වා භාවනාබලෙන වා ඉදං පහානං{1}, තත්ථ යෙ අස්සාසපස්සාසා විතක්කවිචාරා සඤ්ඤාවෙදයිතා සරසඞ්කප්පා ඉමෙ සඞ්ඛාරා, ඉති පුරිමකො ච ඡන්දසමාධි කිලෙසවික්ඛම්භනතාය ච පහානං ඉමෙ ච සඞ්ඛාරා, තදුභයං ඡන්දසමාධිපධානසංඛාරසමන්නාගතං ඉද්ධිපාදං භාවෙති විවෙකනිස්සිතං විරාගනිස්සිතං නිරොධනිස්සිතං වොස්සග්ගපරිණාමිං.
Sinhala BJTඑහි ශ්‍රද්ධා අධිපති කොට ඇති යම් චිත්තෛකාග්‍රතාවක් ඇද්ද මේ ඡන්‍දසමාධි යැ, විදර්‍ශනාසමාධියෙන් සිත සමාහිත කල්හි ප්‍රත්‍යවේක්‍ෂාබලයෙන් හෝ භාවනාබලයෙන් හෝ කෙලෙසුන් විෂ්කම්භණ (යටපත්) වනබැවින් මේ ප්‍රහාණ යැ. එහි යම් ආස්වාස ප්‍රස්වාස කෙනෙක් විතර්‍කවිචාර කෙනෙක් සංඥාවේදයිත කෙනෙක් සරසංකල්ප කෙනෙක් වෙද්ද මොහු සංස්කාරයෝ යි. මෙසේ පූර්‍ව වු ඡන්‍දසමාධිය ද ක්ලේශවිෂ්කම්භණතායෙන් ප්‍රහාණය ද මේ (අස්සාසපස්සාසාදි) සංස්කාරයෝ ද යන (ඡන්‍දසමාධි සඞ්ඛ්‍යාත වු ද ප්‍රධානසඞ්ඛාර සඞ්ඛ්‍යාත වූ ද වීර්‍ය්‍යය යන) ඒ දෙවැදෑරුම් වූ තදඞ්ගාදි විවේකය ඇසුරු කළ විරාගය ඇසුරු කළ නිරෝධය ඇසුරු කළ (ක්ලේශපරිත්‍යාග නිර්‍වාණප්‍රස්කන්‍දන සංඛ්‍යාත දෙවැදෑරුම්) වොස්සග්ගයට පිරිනැමෙන ඍද්ධිපාදය වඩයි.
Pali BJTතත්ථ යා විරියාධීපතෙය්යා චිත්තෙකග්ගතා අයං විරියසමාධි -පෙ- තත්ථ යා චීත්තාධිපතෙය්යා චිත්තෙකග්ගතා අයං චිත්තසමාධි -පෙ- තත්ථ යා වීමංසාධිපතෙය්යා චිත්තෙකග්ගතා, අයං වීමංසාසමාධි, සමාහිතෙ චිත්තෙ කිලෙසානං වික්ඛම්භනතාය පටිසඞ්ඛානබලෙන වා භාවනාබලෙන වා ඉදං පහානං, තත්ථ යෙ අස්සාසපස්සාසා විතක්කවිචාරා සඤ්ඤාවෙදයිතා සරසඞ්කප්පා ඉමෙ සඞ්ඛාරා. ඉති පුරිමකො ච වීමංසාසමාධි කිලෙසවික්ඛම්භනතාය ච පහානං ඉමෙ ච සඞ්ඛාරා, තදුභයං වීමංසාසමාධිපධානසංඛාරසමන්නාගතං ඉද්ධිපාදං භාවෙති විවෙකනිස්සිතං විරාගනිස්සිතං නිරොධනිස්සිතං වොස්සග්ගපරිණාමිං. සබ්බො සමාධි ඤාණමූලකො ඤාණපුබ්බඞ්ගමො ඤාණානුපරිවත්ති.
Sinhala BJTඑහි වීර්‍ය්‍යය අධිපති කොට ඇති යම් චිත්තෛකාග්‍රතාවක් ඇද්ද, මේ වීර්‍ය්‍ය සමාධි යැ … එහි චිත්තය අධිපති කොට ඇති යම් චිත්තෛකාග්‍රතාවක් ඇද්ද, මේ චිත්තසමාධි යැ … එහි විමංසාව අධිපති කොට ඇති යම් චිත්තෛකාග්‍රතාවක් ඇද්ද, මේ විමංසා යැ විදර්‍ශනා සමාධියෙන් සිත සමාහිත කල්හි ප්‍රත්‍යවේක්‍ෂාබලයෙන් හෝ භාවනාබලයෙන් හෝ කෙලෙසුන් විෂ්කම්භණ වන බැවින් මේ ප්‍රහාණ යැ, එහි යම් ආස්වාස ප්‍රාස්වාස කෙනෙක් විතර්‍කවිචාර කෙනෙක් සංඥාවේදයිත කෙනෙක් සරසංකල්ප කෙනෙක් වෙද්ද, මොහු සංස්කාරයෝ යි. මෙසේ පූර්‍ව වූ වීමංසාසමාධිය ද ක්ලේශවිෂ්කම්භණතායෙන් ප්‍රහාණය ද මේ (අස්සාසපස්සාසාදි) සංස්කාරයෝ ද යන (වීමංසාසමාධිසංඛ්‍යාත වු ද පධානසංඛාර සංඛ්‍යාත වු ද වීර්‍ය්‍යය යන) ඒ දෙවැදෑරුම් වු තදඞ්ගාදි විවේකය ඇසුරු කළ විරාගය ඇසුරු කළ නිරෝධය ඇසුරු කළ ක්ලේශ පරිත්‍යාග නිර්‍වාණප්‍රස්කන්‍දන සංඛ්‍යාත වොස්සග්ගයට පිරිනැමෙන ඍද්ධිපාදය වඩයි. (සමාධිඥානමූලක වූයේ හුදු වීමංසාසමාධිය මැ මතු නොවැ) සියලු මැ සමාධිය (පූර්‍වභාගප්‍රඥායෙන්) ඥානමූලක යැ හුදු (උපචාරප්‍රඥායෙන්) ඥානපූර්‍වඞ්ගම යැ, (අපර්‍ණප්‍රඥායෙන්) ඥානානුපරිවර්තී වේ.
Pali BJT10. යථා පුරෙ තථා පච්ඡා යථා පච්ඡා තථා පුරෙ, යථා දිවා තථා රත්තිං යථා රත්තිං තථා දිවා.
Sinhala BJT10. (සමාධිය පූර්‍වනිවාසානුස්මෘතිඥානානුපරිවර්තී බැවින්) පෙර අතීත ජාතීන්හි ස්කන්‍ධාදිය යම්සේ දතහැකි වේ ද, (සමාධිය අනාගතාංශඥානානුපරිවර්තී බැවින්) අනාගත ජාතීන්හි ස්කන්‍ධාදිය දතහැකි වෙයි, (සමාධිය චේතෝපරියඥානානුපරිවර්ති බැවින්) අනාගතයෙහි සත්දවසෙක පරසත්ත්‍වයන්ගේ සිත යම්සේ දතහැකි වේ ද, එසෙයින් අතීතයෙහි සත්දවසෙක පරසත්‍වයන්ගේ සිත දතහැකි වෙයි, යම්සේ දිවාභාගයෙහි ඇස්ඇති සත්ත්‍වයනට චක්‍ෂුර්විඥේය රූපය සුවිඥේය ද, එසෙයින් (සමාධිය දිව්‍යචක්‍ෂුර්ඥානානුපරිවර්තී බැවින්) රාත්‍රියෙහි (චතුරඞ්ගසමන්‍වාගත අන්‍ධකාරයෙහිදු) නොදැක්කහැකි රූපායතනයෙක් නැත, රාත්‍රියෙහි යම්සේ ද එසෙයින් දහවල්හිදු කිසිවකින් පිළිසන්ව ඇති ඉතා සියුම් වූ ද ඉතා දුරැවූ ද රූපය දැක්කහැකි වේ.
Pali BJTඉති විවටෙන චෙතසා අපරියොනද්ධෙන සප්පභාසං චිත්තං භාවෙති. පඤ්චින්ද්රියානි කුසලානි චිත්තසහභූනි චිත්තෙ උප්පජ්ජමානෙ උප්පජ්ජන්ති, චිත්තෙ නිරුජ්ඣමානෙ නිරුජ්ඣන්ති. නාමරූපං ච විඤ්ඤාණහෙතුකං විඤ්ඤාණපච්චයනිබ්බත්තං. තස්ස මග්ගෙන හෙතු උපච්ඡින්නො, විඤ්ඤාණං අනාහාරං අනභිනන්දිතං අපත්ථිතං අප්පටිසන්ධිකං, තං නිරුජ්ඣති, නාමරූපම්පි අහෙතුකං අප්පච්චයං පුනබ්භවං න නිබ්බත්තයති, එවං විඤ්ඤාණස්ස නිරොධා පඤ්ඤා ච සති ච නාමරූපඤ්ච නිරුජ්ඣති. තෙනාහ භගවා:
Sinhala BJTමෙසේ අභිඥාපරිපන්‍ථ වූ කෙලෙසුන් විසින් නොමඩනාලද විවෘත වූ සිතින් සප්‍රහාස වූ චිත්තය වඩයි. (ශෛක්‍ෂයාගේ ඍද්ධිපාදසංයුක්ත වූ) චිත්තය සමග උපන් කුශල වූ පඤ්චේන්‍ද්‍රියයෝ සිත උපදනා කල්හි උපදිති, සිත නිරුද්ධ වන කල්හි නිරුද්ධ වෙත්. විඥානය හේතු කොටඇති විඥානප්‍රත්‍යයෙන් උපන් නාමරූපය ද (එසේ ම) නිරුද්ධ වේ. ඒ විඥානයාගේ (තෘෂ්ණා අවිද්‍යාදි) හේතුව මාර්‍ගයෙන් නසනලද වෙයි. විඥානය අනාහාර වූයේ තෘෂ්ණාඅභිනන්‍දන රහිත වූයේ ප්‍රාර්‍ත්‍ථනා රහිත වූයේ (එහෙයින් ම) අප්‍රතිසන්‍ධික වූයේ එය නිරුද්ධ වෙයි. නාමරූපය අහේතුක වූයේ අප්‍රත්‍යය වූයේ පුනර්‍භවය නූපදවයි. මෙසේ (චරිම) විඥානයාගේ නිරෝධයෙන් ප්‍රඥාව ද ස්මෘතිය ද නාමරූපය ද නිරුද්ධ වේ. එයින් වදාළහ: බුදුහු -
Pali BJT11. “යමෙතං පඤ්හං අපුච්ඡි අජිත තං වදාමි තෙ, යත්ථ නාමං ච රූපඤ්ච අසෙසං උපරුජ්ඣති, විඤ්ඤාණස්ස නිරොධෙන එත්ථෙ’තං උපරුජ්ඣතී”ති.
Sinhala BJT11. “යමෙතං පඤ්හං අපුච්ඡි -පෙ- උපරුජ්ඣති.” (යට ව්‍යාඛාත යි.)
Pali BJT12. “යෙ ච සඞ්ඛාතධම්මාසෙ (ඉච්චායස්මා අජිතො) යෙ ච සෙඛා පුථූ ඉධ, තෙසං මෙ නිපකො ඉරියං පුට්ඨො පබ්රූහි මාරිසා”ති
Sinhala BJT12. (ආයුෂ්මත් අජිත මෙසේ පුළුවුස්සි:) ‘නිදුකාණෙනි, මෙලොවැ (අනිත්‍යාදි විසින්) විමසනලද සංස්කාරධර්‍ම ඇති යම් රහත් කෙනෙකුත් වෙත් ද, බොහෝ වූ යම් ශෛක්‍ෂ කෙනෙකුත් වෙත්ද, මා විසින් පුළුවුස්නාලද (ශෛක්‍ෂාශෛක්‍ෂධර්‍මයෙහි) නිපුණ වු මුබවහන්සේ ඒශෛක්‍ෂාශෛක්‍ෂයන්ගේ ප්‍රතිපත් (මට) වදාළ මැනැවැ’ යි.
Pali BJTඉමානි තීණි පදානි පුච්ඡිතානි. තෙ තයො පඤ්හා, කිස්ස: සෙඛාසෙඛ විපස්සනාපුබ්බඞ්ගමපහානයොගෙන. එවඤ්හි ආහ: “යෙ ච සඞ්ඛාත ධම්මාසෙ”ති අරහන්තං{1} පුච්ඡති. “යෙ ච සෙඛා පුථූ ඉධා”ති සෙඛං පුච්ඡති. “තෙසං මෙ නිපකො ඉරියං පුට්ඨො පබ්රූහි මාරිසා”ති විපස්සනාපුබ්බඞ්ගමං පහානං පුච්ඡති. තත්ථ විස්සජ්ජනා:
Sinhala BJTමේ ප්‍රශ්න විසින් පුළුවුස්නාලද පද (වාක්‍ය) තුනෙකි. ඔහු ප්‍රශ්න තුනෙකි, කවර හෙයින යත්: ශෛක්‍ෂයන් ද අශෛක්‍ෂයන් ද විදර්‍ශනාපූර්‍වඞ්ගම ප්‍රහාණයන් ද පුළුවුස්නා විධියෙනි. එසෙයින් මැ කී: “යෙ ච සඞ්ඛාතධම්මා සෙ” යී රහත්හු පුළුවුස්සි. “යෙ ච සෙබා පුථූ ඉධ” යී ශෛක්‍ෂයා පුළුවුස්සි. “තෙසං මෙ නිපකො ඉරියං පුට්ඨො පබ්‍රෑහි මාරිස” යී විදර්‍ශනාපූර්‍වඞ්ගම වූ ප්‍රහාණය පුළුවුස්සි. එහි මේ විසඳුම යැ:
Pali BJT13. “කාමෙසු නාභිගිජ්ඣෙය්ය (අජිතාති භගවා) මනසා නාවිලො සියා, කුසලො සබ්බධම්මානං සතො භික්ඛු පරිබ්බජෙ”ති.
Sinhala BJT13. (අජිත’ යී බුදුහු වදාරති:) ක්ලේශකාමයෙන් වස්තුකාමයන්හි ගිජුනොවන්නේය, (ව්‍යාපාදවිතර්‍කාදිය දුරැලමින්) සිතින් නොකැලැඹුණේ වන්නේය (අනිත්‍යාදි විසින් විමංසිත හෙයින්) සියලු දහම්හි කුශල වූ මහණ (කායානුපස්සනාදීන්) ස්මෘතිමත් වැ ඉරියව් පවත්වන්නේය’ යි.
Pali BJTභගවතො සබ්බං කායකම්මං ඤාණපුබ්බඞ්ගමං ඤාණානුපරිවත්ති, සබ්බං වචීකම්මං ඤාණපුබ්බඞ්ගමං ඤාණානුපරිවත්ති, සබ්බං මනොකම්මං ඤාණපුබ්බඞ්ගමං ඤාණානුපරිවත්ති, අතීතෙ අංසෙ අප්පටිහතං ඤාණදස්සනං, අනාගතෙ අංසෙ අප්පටිහතං ඤාණදස්සනං, පච්චුප්පන්නෙ අංසෙ අප්පටිහතං ඤාණදස්සනං.
Sinhala BJTභාග්‍යවතුන් වහන්සේගේ සියලු කායකර්‍මය ඥානය පෙරදැරි කොට ඇතියේ ඥානය අනුව පවතී, සියලු වාක්කර්‍මය ඥානපූර්‍වඞ්ගම යැ, ඥානය අනුව පවතී, සියලු මනඃකර්‍මය ඥානපූර්‍වඞ්ගම යැ, ඥානය අනුව පවතී, අතීතාංශයෙහි ඥානදර්‍ශනය අප්‍රතිහත (අනාවරණ) යැ, අනාගතාංශයෙහි ඥානදර්‍ශනය අප්‍රතිහත යැ, ප්‍රත්‍යුත්පන්නාංශයෙහි ඥානදර්‍ශනය අප්‍රතිහත යි.
Pali BJTකො ච ඤාණදස්සනස්ස පටිඝාතො: යං අනිච්චෙ දුක්ඛෙ අනත්තනියෙ{1} ච අඤ්ඤාණං අදස්සනං, අයං ඤාණදස්සනස්ස පටිඝාතො. යථා ඉධ පුරිසො තාරකරූපානි පස්සෙය්ය නො ච ගණනසඞ්කෙතෙන ජානෙය්ය, අයං ඤාණදස්සනස්ස පටිඝාතො. භගවතො පන අප්පටිහතං ඤාණදස්සනං, අනාවරණඤාණදස්සනා හි බුද්ධා භගවන්තො.
Sinhala BJTඥානදර්‍ශනයාගේ ප්‍රතිඝාතය (නොපැවැත්ම) කවරෙ යැ: අනිත්‍යයෙහි දුකෙහි අනාත්මයෙහි යම් නොදැනුමෙක් නොදැක්මෙක් ඇද්ද මේ ඥානදර්‍ශනයාගේ නොපැවැත්ම යි. යම්සේ පුරුෂයෙක් තාරකරූපයන් දක්නේ නමුදු ගණන විසින් නොදක්නේය, මේ ඥානදර්‍ශනයාගේ නොපැවැත්ම යැ. එතෙකුදුවත් භාග්‍යවතුන් වහන්සේගේ ඥානදර්‍ශනය අප්‍රතිහත යි. එසේ මැ ය, භාග්‍යවත් බුදුවරයෝ අනාවරණ ඥානදර්‍ශන ඇත්තාහ.
Pali BJTතත්ථ සෙඛෙන ද්වීසු ධම්මෙසු චිත්තං රක්ඛිතබ්බං: ගෙධා ච රජනීයෙසු ධම්මෙසු දොසා ච පරියුට්ඨානියෙසු. තත්ථ යා ඉච්ඡා මුච්ඡා පත්ථනා පිහායනා{2} කීළනා, තං භගවා චාරෙන්තො එවමාහ: “කාමෙසු නාභිගිජ්ඣෙය්යා”ති.
Sinhala BJTඒ විසඳුමෙහි ශෛක්‍ෂ විසින් දෙතැනෙක්හි සිත රැක්කයුතු යැ: රජනීය (රාගයට කාරණවූ) ධර්‍මයන්හි තෘෂ්ණායෙන් ද ආඝාතයට කාරණ වු ධර්‍මයන්හි ද ද්වේෂයෙන් ද (යන දෙතැන්හි යැ.) එහි යම් අරමුණු කැමැතිවන ඉච්ඡායෙක් මුසපත්වීමෙන් ප්‍රාර්‍ත්‍ථනායෙක් ආශායෙක් ලාලනයෙක් ඇද්ද, බුදුහු එය වළහනසේක් ‘කාමෙසු නාභිගිජ්ඣෙය්‍ය’ යී වදාළහ.
Pali BJT“මනසා නාවිලො සියා”ති පරියුට්ඨානවිඝාතං ආහ. තථා හි: සෙඛො අභිගිජ්ඣන්තො අසමුප්පන්නං ච කිලෙසං උප්පාදෙති උප්පන්නං ච කිලෙසං ඵාතිකරොති යො පන අනාවිලසඞ්කප්පො අනභිගිජ්ඣන්තො වායමති, සො අනුප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං අනුප්පාදාය ඡන්දං ජනෙති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති, සො උප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං පහානාය ඡන්දං ජනෙති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති, සො අනුප්පන්නානං කුසලානං ධම්මානං උප්පාදාය ඡන්දං ජනෙති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති, සො උප්පන්නානං කුසලානං ධම්මානං ඨිතියා අසම්මොසාය භීයොභාවාය වෙපුල්ලාය භාවනාය පාරිපූරියා ඡන්දං ජනෙති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති.
Sinhala BJT‘මනසා නාවිලො සියා’ යී ආඝාතයා ගේ නොපැවැත්ම වදාළහ. ඒ එසේ මැය: ශෛක්‍ෂ (කාමවස්තූන්හි) ගිජුවුයේ නූපන් කෙලෙස් උපදවයි, උපන් ක්ලේශයන් දියුණු කෙරෙයි. වැලි යමෙක් ව්‍යාපාදයෙන් නොකැලැඹුණු සිත් ඇති ව ගිජු නොවෙමින් වෑයම් කෙරේද, හේ නූපන් ලාමක අකුශල ධර්‍මයන් නූපදනා පිණිස කුශලච්ඡන්‍දය උපදවයි, වෑයම් කෙරෙයි. කායික චෛතසික වීර්‍ය්‍යය කෙරෙයි. සිත නඟාසිටුවයි, ප්‍රධන්වීර්‍ය්‍යය කෙරෙයි. හේ උපන් ලාමක අකුශලධර්‍මයන්ගේ ප්‍රහාණය පිණිස කුශලච්ඡන්‍දය උපදවයි, වෑයම් කෙරෙයි, වීර්‍ය්‍යාරම්භ කෙරෙයි, සිත දැඩිවගනී. ප්‍රධන්වීර්‍ය්‍යය කෙරෙයි. හේ නූපන් කුශලධර්‍මයන් උපදනා පිණිස ඡන්‍දය උපදවයි, වෑයම් කෙරෙයි, වීර්‍ය්‍යාරම්භ කෙරෙයි, සිත නඟා සිටුවයි, ප්‍රධන්වීර්‍ය්‍යය කෙරෙයි. හේ උපන් කුශලධර්‍මයන්ගේ ස්ථිතියට නොනැසීමට බහුලත්‍වයට විපුලත්‍වයට වැඩීමට පරිපූරණයට ඡන්‍දය උපදවයි, වෑයම් කෙරෙයි, වීර්‍ය්‍යාරම්භ කෙරෙයි, සිත නඟාසිටුවයි, ප්‍රධන්වීර්‍ය්‍යය කෙරේ.
Pali BJTකතමෙ ච අනුප්පන්නා පාපකා අකුසලා ධම්මා: කාමවිතක්කො ව්යාපාදවිතක්කො විහිංසාවිතක්කො, ඉමෙ අනුප්පන්නා පාපකා අකුසලා ධම්මා. කතමෙ උප්පන්නා පාපකා අකුසලා ධම්මා: අනුසයා අකුසල මූලානි, ඉමෙ උප්පන්නා පාපකා අකුසලා ධම්මා. කතමෙ අනුප්පන්නා කුසලා ධම්මා: යානි සොතාපන්නස්ස ඉන්ද්රියානි, ඉමෙ අනුප්පන්නා කුසලා ධම්මා. කතමෙ උප්පන්නා කුසලාධම්මා: යානි අට්ඨමකස්ස ඉන්ද්රියානි ඉමෙ උප්පන්නා කුසලා ධම්මා, යෙන කාමවිතක්කං වාරෙති ඉදං සතින්ද්රියං, යෙන ව්යාපාදවිතක්කං වාරෙති ඉදං සමාධින්ද්රියං, යෙන විහිංසාවිතක්කං වාරෙති ඉදං විරියින්ද්රියං, යෙන උප්පන්නුප්පන්නෙන පාපකෙ අකුසලෙ ධම්මෙ නාධිවාසෙති පජහති විනොදෙති බ්යන්තීකරොති අනභාවං ගමෙති ඉදං පඤ්ඤින්ද්රියං, යා ඉමෙසු චතුසු ඉන්ද්රියෙසු සද්දහනා ඔකප්පනා ඉදං සද්ධින්ද්රියං. තත්ථ සද්ධින්ද්රියං කත්ථ දට්ඨබ්බං: චතුසු සොතාපත්තිඅඞ්ගෙසු විරියින්ද්රියං කත්ථ දට්ඨබ්බං: චතුසු සම්මප්පධානෙසු. සතින්ද්රියං කත්ථ දට්ඨබ්බං: චතුසු සතිපට්ඨානෙසු, සමාධින්ද්රියං කත්ථ දට්ඨබ්බං චතුසු ඣානෙසු. පඤ්ඤින්ද්රියං කත්ථ දට්ඨබ්බං: චතුසු අරිය සච්චෙසු. එවං සෙඛො සබ්බෙහි කුසලෙහි ධම්මෙහි අප්පමත්තො වුත්තො භගවතා, අනාවිලතාය මනසා. තෙනාහ භගවා: මනසා නාවිලො සියා”ති.
Sinhala BJTයළි නූපන් ලාමක අකුශලධර්‍මයෝ කවරහ: කාමවිතර්‍ක යැ, ව්‍යාපාදවිතර්‍ක යැ, විහිංසාවිතර්‍ක යැ, මොහු නූපන් ලාමක අකුශලධර්‍මයෝ යි. උපන් ලාමක අකුශලධර්‍මයෝ කවරහ: අනුසය වූ අකුසලමූලයෝ යැ, මොහු උපන් ලාමක අකුශලධර්‍මයෝ යි. නූපන් කුශලධර්‍මයෝ කවරහ: ශ්‍රෝතාපන්නයාගේ යම් ශ්‍රද්ධාදී ඉන්‍ද්‍රිය කෙනෙක් ඇද්ද, මොහු නූපන් කුශලධර්‍මයෝ යි. උපන් කුශලධර්‍මයෝ කවරහ: (සෝවාන්පල පසක්කිරීමට පිළිපන්) අට්ඨමකයාගේ යම් ශ්‍රද්ධාදි ඉන්‍ද්‍රිය කෙනෙක් ඇද්ද, මොහු උපන් කුශලධර්‍මයෝ යි. යම් සතිපට්ඨානභාවනායෙකින් කාමවිතර්‍කය වළහා ද, මේ ‘සතින්‍ද්‍රිය’යි. යම් අවික්‍ෂේපයෙකින් ව්‍යාපාදවිතර්‍කය වළහා ද, මේ ‘සමාධීන්‍ද්‍රිය’යි. යම් වීර්‍ය්‍යයෙකින් විහිංසාවිතර්‍කය වළහා ද, මේ ‘විරියින්‍ද්‍රිය’ යි. යම් ප්‍රඥායෙකින් උපනුපන් ලාමක අකුශලධර්‍මයන් දුරු කෙරේ ද, බැහැර කෙරේ ද, විගතාන්ත කෙරේ ද, අනභාවයට පමුණුවා ද, නො ඉවසා ද, මේ ‘පඤ්ඤින්‍ද්‍රිය’යි. මේ සති ආදි සතර ඉන්‍ද්‍රියයන්හි යම් හැදහීමෙක් බැසගැනීමෙක් ඇද්ද මේ ‘සද්ධින්‍ද්‍රිය’ යි. එහි සද්ධින්‍ද්‍රිය කොහි දතයුතු ද යත්: සතර ශ්‍රෝතාපත්තිඅඞ්ගයෙහි දතයුතු යැ, විරියින්‍ද්‍රිය කොහි දතයුතු ද යත්: සතර සම්‍යක්ප්‍රධානයෙහි දතයුතු යැ, සතින්‍ද්‍රිය කොහි දතයුතු ද යත්: සතර සතිපට්ඨානයෙහි දතයුතු යැ, සමාධින්‍ද්‍රිය කොහි දතයුතු ද යත්: සතර ධ්‍යානයෙහි දතයුතු යැ, පඤ්ඤින්‍ද්‍රිය කොහි දතයුතු ද යත්: සතර ආර්‍ය්‍යසත්‍යයෙහි දතයුත්තේ යි. මෙසේ ශෛක්‍ෂ සියලු කුශලධර්‍මයන්ගෙන් (සමන්‍විත වූයේ) භාග්‍යවතුන් විසින් අප්‍රමත්ත වූයේ වනැයි වදාරන ලද්දේය, සිතින් අනාවිල බැවිනි. එයින් වදාළහ, බුදුහු - “මනසා නාවිලො සියා” යී.
Pali BJT“කුසලො සබ්බධම්මාන”න්ති ලොකො නාම තිවිධො: කිලෙසලොකො භවලොකො ඉන්ද්රියලොකො. තත්ථ කිලෙසලොකෙන භවලොකො සමුදාගච්ඡති, සො ඉන්ද්රියානි නිබ්බත්තෙති, ඉන්ද්රියෙසු භාවියමානෙසු නෙය්යස්ස පරිඤ්ඤා භවති. සා දුවිධෙන උපපරික්ඛිතබ්බා: දස්සන පරිඤ්ඤාය ච භාවනාපරිඤ්ඤාය ච. යදා හි සෙඛො ඤෙය්යං පරිජානාති තදා නිබ්බිදාසහගතෙහි සඤ්ඤාමනසිකාරෙහි නෙය්යං පරිඤ්ඤාතං භවති. තස්ස ද්වෙ ධම්මා කොසල්ලං ගච්ඡන්ති: දස්සනකොසල්ලඤ්ච භාවනා කොසල්ලඤ්ච.
Sinhala BJT“කුසලො සබ්බධම්මානං” යනු: ලෝකය නම් ත්‍රිවිධ වෙයි, ක්ලේශලෝක ය භවලෝක යැ ඉන්‍ද්‍රියලෝක යි. එහි (කාමාවචරධර්‍ම සංඛ්‍යාත) ක්ලේශලෝකය නිසා (රූපාරූපධර්‍ම සංඛ්‍යාත) භවලෝකය පහළවෙයි. (මහද්ගත ධර්‍මයන්හි සිටි) හෙතෙම ශ්‍රද්ධාදි ඉන්‍ද්‍රියයන් උපදවයි. ඉන්‍ද්‍රියයන් වඩනුලබන කල්හි ඥේයධර්‍මයාගේ පරිඥාව වෙයි. ඒ පරිඥාව දෙපරිද්දෙකින් විමසිය යුත්තීය: දර්‍ශනපරිඥායෙන් ද භාවනාපරිඥයෙන් ද යන දෙකිනි. ඒ මෙසේ යැ: යම් කලෙක ශෛක්‍ෂපුද්ගල දතයුත්ත දැනගනී ද, එකල්හි නිර්වේදසහගත වූ සංඥාමනස්කාරයන්ගෙන් ඥේයය පරිඥාත වෙයි. ඔහුට ධර්‍මයෝ දෙදෙනෙක් කෞශල්‍යයට යෙති: දර්‍ශනකෞශල්‍යය ද භාවනාකෞශල්‍යය ද යන දෙකයි.
Pali BJTතං ඤාණං පඤ්චවිධෙන වෙදිතබ්බං: අභිඤ්ඤා පරිඤ්ඤා පහානං භාවනා සච්ඡිකිරියා. තත්ථ කතමා අභිඤ්ඤා: යං ධම්මානං සලක්ඛණෙ{1} ඤාණං ධම්මපටිසම්භිදා අත්ථපටිසම්භිදා ච, අයං අභිඤ්ඤා. තත්ථ කතමා පරිඤ්ඤා: එවං අභිජානිත්වා යා පරිජානනා ඉදං කුසලං ඉදං අකුසලං ඉදං සාවජ්ජං ඉදං අනවජ්ජං ඉදං කණ්හං ඉදං සුක්කං ඉදං සෙවිතබ්බං ඉදං න සෙවිතබ්බං, ඉමෙ ධම්මා එවං ගහිතා ඉදං ඵලං නිබ්බත්තෙන්ති තෙසං එවං ගහිතානං අයං අත්ථොති, අයං පරිඤ්ඤා. එවං පරිජානිත්වා තයො ධම්මා අවසිට්ඨා භවන්ති: පහාතබ්බා භාවෙතබ්බා සච්ඡිකාතාබ්බා ච. තත්ථ කතමෙ ධම්මා පහාතබ්බා; යෙ අකුසලා. තත්ථ කතමෙ ධම්මා භාවෙතබ්බා; යෙ කුසලා. තත්ථ කතමෙ ධම්මා සච්ඡිකාතබ්බා; යං අසඞ්ඛතං.{2}, යො එවං ජානාති, අයං වුච්චති අත්ථකුසලො ධම්මකුසලො කල්යාණතාකුසලො ඵලතාකුසලො ආයකුසලො අපායකුසලො උපායකුසලො මහතා කොසල්ලෙන සමන්නාගතොති. තෙනාහ භගවා: “කුසලො සබ්බධම්මාන”න්ති.
Sinhala BJTඒ ඥානය පස් පරිද්දෙකින් දතයුතු යැ: අභිඤ්ඤා යැ පරිඤ්ඤා යැ පහාන යැ භාවනා යැ සච්ඡිකිරියා යි. එහි අභිඤ්ඤා කවර යැ: රූපාරූපධර්‍මයන්ගේ කර්‍කශත්වාදි ස්වලක්‍ෂණයෙහි යම් ඥානයක් ඇද්ද එය ධම්මපටිසම්භිදාත් වෙයි. මේ අභිඤ්ඤා’ යි. එහි පරිඤ්ඤා කවර යැ: මෙසේ අභිජානනය කොට මේ කුශල යැ මේ අකුශල යැ මේ සාවද්‍ය යැ මේ අනවද්‍ය යැ මේ කෘෂ්ණධර්‍ම යැ මේ ශුක්ලධර්‍ම යැ මේ සේවිතව්‍ය යැ මේ න සේවිතව්‍ය යැ මේ දහම්හු මෙසේ (අනිත්‍යාදීන් කලාපසම්මර්‍ශනාදි විසින්) ගන්නා (-සම්මර්‍ශන කරන) ලද්දාහු මේ (උදයව්‍යයඥානාදි) ඵලය (පරිපාටීන්) උපදවති, මෙසේ ප්‍රවර්තිත වූ ඒ උදයව්‍යයඥානාදීන්ගේ මේ (සත්‍ය ප්‍රතිවේධ සංඛ්‍යාත) අර්‍ත්‍ථය යි (අනිත්‍යාදි විසින්) යම් දැනීමක් ඇද්ද, මේ ‘පරිඤ්ඤා’ යි. මෙසේ පරිජානනය කොට ප්‍රහාතව්‍යයෝ ද භාවිතව්‍යයෝ ද සාක්‍ෂාත් කර්‍තව්‍යයෝ ද යන තුන් ධර්‍මයෝ අවශිෂ්ට වූවාහු වෙත්. එහි ප්‍රහාතව්‍යධර්‍මයෝ කවරහ: අකුශල වූ (සමූදයපාක්‍ෂික) යම් ධර්‍ම කෙනෙක් ඇද්ද, ඔහු යැ. එහි භාවිතව්‍යධර්‍මයෝ කවරහ: කුශල වු (සම්මාදිට්ධී ආදි) යම් මාර්‍ගධර්‍ම කෙනෙක් ඇද්ද ඔහු යැ, එහි සාක්‍ෂාත්කර්‍තව්‍ය ධර්‍මයෝ කවරහ: යම් අසංඛත වූ නිවනක් ඇද්ද එය යි. යමෙක් මෙසේ දැනගනී ද, මේතෙම ප්‍රත්‍යයෝත්පන්න අර්‍ත්‍ථයෙහි (පාළිඅර්‍ත්‍ථයෙහි හෝ) කුශල යැ ප්‍රත්‍යයධර්‍මයෙහි (පාළිධර්‍මයෙහි හෝ) කුශල යැ කල්‍යාණතා - සතරනයෙහි (දේශනායුක්තියෙහි හෝ) කුශල යැ අර්‍හත්ඵලයෙහි කුශල යැ ආය - වෘද්ධියෙහි කුශල යැ අපාය - හානියෙහි කුශල යැ උපායයෙහි කුශල යැ මහත් වු කෞශල්‍යයෙන් යුක්ත යැයි කියනු ලැබේ. එයින් වදාළහ, බුදුහු - “කුසලො සබ්බධම්මානං” යී.
Pali BJT“සතො භික්ඛු පරිබ්බජෙ”ති තෙන දිට්ඨධම්මසුඛවිහාරත්ථං අභික්කන්තෙ පටික්කන්තෙ ආලොකිතෙ විලොකිතෙ සම්මිඤ්ජිතෙ{3} පසාරිතෙ සඞ්ඝාටිපත්තචීවරධාරණෙ අසිතෙ පීතෙ ඛායිතෙ සායිතෙ උච්චාරපස්සාවකම්මෙ ගතෙ ඨිතෙ නිසින්නෙ සුත්තෙ ජාගරිතෙ භාසිතෙ තුණ්හීභාවෙ සතෙන සම්පජානෙන විහාතබ්බං. ඉමා ද්වෙ චරියා අනුඤ්ඤාතා භගවතා: එකා විසුද්ධානං එකා විසුජ්ඣන්තානං කෙ විසුද්ධා: අරහන්තො, කෙ විසුජ්ඣන්තා: සෙඛා. කතකිච්චානි හි අරහතො ඉන්ද්රියානි.
Sinhala BJT“සතෝ භික්ඛු පරිබ්බජෙ”යනු: ඒ අශෛක්‍ෂ මහණහු විසින් ඉහාත්මසුඛ විහරණය සඳහා ඉදිරියට යෑමෙහි පෙරළා ඊමෙහි බැලීමෙහි අනුදික් බැලීමෙහි (අත්පා ආදිය) හැකිළීමෙහි දිගුකිරීමෙහි සඟළපාසිවුරු දැරීමෙහි වැළඳීමෙහි පීමෙහි කෑමෙහි රසවිඳීමෙහි මලමූකිසෙහි ගමනෙහි සිටීමෙහි හිඳීමෙහි නිදීමෙහි නිදිවැරීමෙහි බිණීමෙහි නොබැණ සිටීමෙහි සිහි ඇතියහු සම්‍යග්ඥාන ඇතියහු වාස කළයුතු. භාග්‍යවතුන් විසින් මේ චර්‍ය්‍යා දෙකක් අනුදන්නාලදහ: එකක් විශුද්ධ වූ අශෛක්‍ෂයන්ගේ යැ, එකක් විශුද්ධ වන ශෛක්‍ෂයන්ගේ යී. විශුද්ධයෝ කවරහ: රහත්හු යැ, විශුද්ධ වන්නාහු කවරහ: ශෛක්‍ෂයෝ යි. රහත්හුගේ (ශ්‍රද්ධාදි) ඉන්‍ද්‍රියයෝ කෘතකෘත්‍යයෝ මැයි.
Pali BJTයං බොජ්ඣං තං චතුබ්බිධං: දුක්ඛස්ස පරිඤ්ඤාභිසමයෙන, සමුදයස්ස පහානාභිසමයෙන, මග්ගස්ස භාවනාභිසමයෙන, නිරොධස්ස සච්චඡිකිරියාභි සමයෙන, ඉදං චතුබ්බිධං බොජ්ඣං. යො එවං ජානාති අයං වුච්චති සතො අභික්කමති සතො පටික්කමති ඛයා රාගස්ස ඛයා දොසස්ස ඛයා මොහස්ස. තෙනාහ භගවා: “සතො භික්ඛු පරිබ්බජෙ”ති. තෙනාහ:
Sinhala BJTඅවබෝධ කටයුතු යමක් ඇද්ද ඒ බොද්ධව්‍යය චතුර්විධ යැ: දුඃඛසත්‍යය පරිඥාභිසමයෙනැ, සමුදයසත්‍යය ප්‍රහාණාභිසමයෙනැ, මාර්‍ගසත්‍යය භාවනාභිසමයෙනැ, නිරෝධසත්‍යය සාක්‍ෂාත්ක්‍රියාභිසමයෙනැයි. මේ චතුර්විධ බොද්ධව්‍යය යමෙක් මෙසේ දැනගනී ද, මේ අශෛක්‍ෂ (ස්මෘති විපුලත්‍වයට පැමිණියේ) රාගය ක්‍ෂය වීමෙන් ද්වේෂය ක්‍ෂය වීමෙන් මෝහය ක්‍ෂය වීමෙන් සිහිඇති වැ ඉදිරියට යයි, සිහිඇති වැ පෙරළා එයි. එයින් වදාළහ, බුදුහු: “සතෝ භික්ඛු පරිබ්බජෙ” යී. එයින් වදාළහ:
Pali BJT14. “කාමෙසු නාභිගිජ්ඣෙය්ය (අජිතාති භගවා) මනසා නිවිලො සියා, කුසලො සබ්බධම්මානං සතො භික්ඛුපරිබ්බජෙ”ති.
Sinhala BJT14. කාමෙසු නාභිගිජ්ඣෙය්‍ය -පෙ- සතෝ භික්ඛු පරිබ්බජෙ” යී.
Pali BJTඑවං පුච්ඡිතබ්බං එවං විස්සජ්ජිතබ්බං සුත්තස්ස ච අනුගීති අත්ථතො ච බ්යඤ්ජනතො ච සමානයිතබ්බා{1} අත්ථාපගතං හි බ්යඤ්ජනං සම්ඵප්පලාපං භවති. දුන්නික්ඛිත්තස්ස පදබ්යඤ්ජනස්ස අත්ථොපි දුන්නයො භවති. තස්මා බ්යඤ්ජනූපෙතං{2} සඞ්ගායිතබ්බං සුත්තං ච පවිචිනිතබ්බං කිං ඉදං සුත්තං ආහච්චවචනං අනුසන්ධිවචනං නීතත්ථං නෙය්යත්ථං සංකිලෙස භාගියං වාසනාභාගියං නිබ්බෙධභාගියං අසෙඛභාගියං, කුහිං ඉමස්ස සුත්තස්ස සබ්බානි සච්චානි පස්සිතබ්බානි, ආදිමජ්ඣපරියොසානෙ’ති. එවං සුත්තං පවිචෙතබ්බං.
Sinhala BJTමෙසේ ප්‍රශ්න කළයුතු යැ, මෙසේ විසඳිය යුතු යැ, යළි සූත්‍රයාගේ (සූත්‍රාන්තරදේශනා සංඛ්‍යාත) අනුගීතිය අර්‍ත්‍ථහෙයින් ද ව්‍යඤ්ජනහෙයින් ද (සූත්‍ර හා) සමාන කළයුතු යැ. යම්හෙයකින් අර්‍ත්‍ථයෙන් අපේත වූ ව්‍යඤ්ජනය සම්ඵප්‍රලාප වේ ද, වරදවා තබන ලද පදව්‍යඤ්ජනයාගේ අර්‍ත්‍ථයත් පමුණුවාලියැ නොහෙනු වේ ද, එහෙයින් (ස්වභාවනිරුක්ති සංඛ්‍යාත) ව්‍යඤ්ජනයෙන් යුක්ත කොට සඞ්ගායනා කටයුතු. සූත්‍රය ද විමසියැ යුතු යැ: කිමැ මේ සූත්‍රය (සම්මාසම්බුදුන් තමන් වහන්සේ විසින් මැ වදාළ) ආහච්වවන යැ, (ශ්‍රාවකහාෂිත වූ) අනුසන්‍ධිවචන යැ, නීතාර්‍ත්‍ථය යැ, නෙයාර්‍ත්‍ථ යැ, සංකිලේසභාගයෙහි වූයෙකැ, නිර්‍වෙධභාගයෙහි වූයෙකැ, අශෛක්‍ෂභාගයෙහි වූයෙකැ, මේ සූත්‍රයාගේ ආදි මධ්‍ය පර්‍ය්‍යාවසානයන් කෙරෙහි කොහි ලා දුඃඛාදි සියලු සත්‍යයෝ දැක්කයුත්තාහු දැයි මෙසේ සූත්‍රය විමසියැයුත්තේ යි.
Pali BJTතෙනාහ ආයස්මා මහාකච්චානො: “යං පුච්ඡිතං ච විස්සජ්ජිතඤ්ච සුත්තස්ස යා ච අනුගීතී”ති.
Sinhala BJTඑයින් වදාළහ, ආයුෂ්මත් මහාකාත්‍යායනස්ථවිරයන් වහන්සේ: යං පුච්ඡිතඤ්ච විස්සජ්ජිතඤ්ච සුත්තස්ස යා ච අනුගීති” යී.
Pali BJTනියුත්තො විචයො හාරො.
Sinhala BJTවිචයහාරය යොදනලදී.
Pali BJT3. 1. 3.
Sinhala BJT3. 1. 3.
Pali BJTයුත්තිහාරවිභඞ්ගො
Sinhala BJTයුත්තිහාරවිභඞ්ගය
Pali BJTතත්ථ කතමො යුත්තිහාරො: “සබ්බෙසං භාරාන”න්ති අයං යුත්තිහාරො. කිං යොජෙති{3} : චත්තාරො මහාපදෙසා: බුද්ධාපදෙසො සඞ්ඝාපදෙසො සම්බහුලත්ථෙරාපදෙසො එකත්ථෙරාපදෙසො: ඉමෙ චත්තාරො මහාපදෙසා. තානි පදබ්යඤ්ජනානි සුත්තෙ ඔතාරයිතබ්බානි, විනයෙ සන්දස්සයිතබ්බානි, ධම්මතායං උපනික්ඛිපිතබ්බානි. කතමස්මිං සුත්තෙ ඔතාරයිතබ්බානි: චතුසු අරියසච්චෙසු. කතමස්මිං විනයෙ සන්දස්සයිතබ්බානි: රාගවිනයෙ දොසවිනයෙ මොහවිනයෙ. කතමියං{4} ධම්මතායං උපනික්ඛීපිතබ්බානි: පටිච්චසමුප්පාදෙ. යදි චතුසු අරියසච්චෙසු අවතරති කිලෙසවිනයෙ සන්දිස්සති ධම්මතඤ්ච න විලොමෙති, එවං ආසවෙ න ජනෙති. චතූහි මහාපදෙසෙහි යං යං යුජ්ජති යෙන යෙන යුජ්ජති යථා යථා යුජ්ජති තං තං ගහෙතබ්බං.
Sinhala BJTඑහි යුක්තිහාරය කවරෙ යැ: “සබ්බේසං හාරානං” යන මේ යුක්තිහාර යි. කුමක් යොදා යැ යත්: සතර මහාඅපදේසයෝ යි: බුද්ධාපදේස යැ සඞ්ඝාපදේස යැ සම්බහුලත්‍ථේරාපදේස යැ එකත්‍ථේරාපදේස යි. මොහු සතර මහා - අපදේසයෝ යි. (කිසිවක්හු විසින් එළවනලද සූත්‍රයක හෝ සංවර්‍ණකයා විසින් සංවර්‍ණනාවශයෙන් ලබන සූත්‍රයාගේ හෝ) ඒ අර්‍ත්‍ථපද ව්‍යඤ්ජනපදයෝ සූත්‍රයෙහි බහාලියැයුත්තාහ විනයෙහි ලා සසඳාලියැයුත්තාහ, ධර්‍මතායෙහි බස්වාලියැයුත්තාහ. කවර ස්‍රූත්‍රයෙක අවතරණ කළ යුත්තාහ යත්: සතර ආර්‍ය්‍යසත්‍යසූත්‍රයෙහි යැ. කවර විනයෙක සසඳාලියැ යුත්තාහ යත්: රාගවිනයෙහි දෝසවිනයෙහි මෝහවිනයෙහි යැ. කවර ධර්‍මතායෙක බස්වාලියැයුත්තාහ යත්: ප්‍රතීත්‍යසමුත්පාද ධර්‍මතායෙහි යි. ඉදින් චතුරාර්‍ය්‍යසත්‍යයෙහි බැසැගනී නම්, ක්ලේශවිනයෙහි ලා සැසැඳේ නම්, ධර්‍මතාවට ද විරුද්ධ නොවේ නම් මෙසේ කාමාදි ආස්‍රවයන් නූපදවා නම්, සතර මහාපදේසයන් හා යම් යම් අර්‍ත්‍ථධර්‍ම, ජාතයෙක් යෙදේද, යම් යම් කරුණෙකින් යෙදේ ද, යම් යම් ප්‍රකාරයෙකින් යෙදේ ද ඒ ඒ අර්‍ත්‍ථධර්‍මජාතය( සූත්‍රයෙන් නඟා සංවර්‍ණනාවශයෙන්) ගතයුත්තේ යි.
Pali BJTපඤ්හං පුච්ඡිතෙන කති පදානි පඤ්හොති පදසො පරියො ගාහිතබ්බං විචෙතබ්බං. යදි සබ්බානි පදානි එකං අත්ථං අභිවදන්ති, එකො පඤ්හො. අථ චත්තාරි පදානි එකං අත්ථං අභිවදන්ති, එකො පඤ්හො. අථ චත්තාරි පදානි එකං අත්ථං අභිවදන්ති, එකො පඤ්හො. අථ තීණි පදානි එකං අත්ථං අභිවදන්ති, එකො පඤ්හො. අථ ද්වෙ පදානි එකං අත්ථං අභිවදන්ති, එකො පඤ්හො. අථ එකං පදං එකං අත්ථං අභිවදති, එකො පඤ්හො. තං උපපරික්ඛමානෙන අඤ්ඤාතබ්බං: කිං ඉමෙ ධම්මා නානත්ථා නානාබ්යඤ්ජනා, උදාහු ඉමෙසං ධම්මානං එකො අත්ථො බ්යඤ්ජනමෙව නානන්ති. යථා කිං භවෙ? යථා සා දෙවතා භගවන්තං පඤ්හං පුච්ඡති.
Sinhala BJTප්‍රශ්නයක් පුළුවුස්නාලද කල්හි ඒ ප්‍රශ්නයෙහි කෙතෙක් පද ඇද්දැ’ යි පදවශයෙන් පර්‍ය්‍යවගාහනය කළයුතු යැ, විමසිය යුතු යැ: ඉදින් සියලු පදයෝ එක් අර්‍ත්‍ථයක් ප්‍රකාශ කෙරෙත් නම් එක් ප්‍රශ්නයෙකි. තවද සතර පද කෙනෙක් එක අර්‍ත්‍ථයක් කියත් නම්, එක ප්‍රශ්නයෙකි. පද තුනක් එක අර්‍ත්‍ථයක් කියත් නම් එක ප්‍රශ්නයෙකි. පද දෙකක් එක අර්‍ත්‍ථයක් කියත් නම් එක ප්‍රශ්නයෙකි. එක පදයෙක් එක අර්‍ත්‍ථයක් කියා නම් එක ප්‍රශ්නයෙකි. ඒ ප්‍රශ්නය විමසනුවහු විසින් මෙසේ දතයුතු යැ: කිමැ මේ පාළිධර්‍මයෝ නානාර්‍ත්‍ථ වූවාහු නානාබ්‍යඤ්ජන වූවාහු ද, නොහොත් මේ ධර්‍මයන්ගේ අර්‍ත්‍ථය එකෙක්ද, බ්‍යඤ්ජන මතුයෙක් නානා (වෙනස්) වී දැ’ යි දතයුතු, ඒ කෙබඳු ද යත්: ඒ දෙවි මෙසේ භාග්‍යවතුන් පැන පුළුවුස්සි.
Pali BJT1. “කෙනස්සුබ්භාහතො ලොකො කෙනස්සු පරිවාරිතො, කෙන සල්ලෙන ඔතිණ්ණො කිස්ස ධූපායිතො සදා”ති
Sinhala BJT1. ලෝවැසි කවරක්හු විසින් හැමකල්හි අභිහත (නසනුලැබේ) ද? කුමකින් පරිවෘත (වතුරනුලැබේ) ද? කවර ශල්‍යයෙකින් අවතීර්‍ණ (ඇතුළත පිවිසෙනලද) ද? කිමෙකින් දවනලද දැ? යි.
Pali BJTඉමානි චත්තාරි පදානි පුච්ඡිතානි. තෙ තයො පඤ්හා. කථං ඤායති භගවා හි දෙවතාය විස්සජ්ජෙති.
Sinhala BJTමේ පුළුවුස්නාලද පද සතරෙකි. ඔහු ප්‍රශ්න තුනෙකි. කෙසේ දන්නා ලැබෙයි යත්: මෙසේ යැ - බුදුහු ඒ දෙවිහට මෙසේ විසඳන සේක:
Pali BJT2. “මච්චුනාබ්භාහතො ලොකො ජරාය පරිවාරිතො, තණ්හාසල්ලෙන ඔතිණ්ණො ඉච්ඡාධුපායිතො සදා”ති.
Sinhala BJT2. මරහු විසින් සත්ලොව හැම කල්හි නසනලද, ජරායෙන් හාත්පසින් වතුරන ලද තෘෂ්ණාශල්‍යයෙන් පිවිසෙනලද, ආශායෙන් දවනලදැ’ යි.
Pali BJTතත්ථ ජරා ච මරණඤ්ච ඉමානි ද්වෙ සඞ්ඛතස්ස සඞ්ඛතලක්ඛණානි, ජරායං ඨිතස්ස අඤ්ඤථත්තං මරණං වයො. තත්ථ ජරාය ච මරණස්ස ච අත්ථතො නානත්තං, කෙන කාරණෙන: ගබ්භගතාපි හි මීයන්ති න ච තෙ ජිණ්ණා භවන්ති, අත්ථි ච දෙවානං මරණං න ච තෙසං සරීරානි ජීරන්ති. සක්කතෙව ජරාය පටිකම්මං කාතුං න පන සක්කතෙ මරණස්ස පටිකම්මං කාතුං, අඤ්ඤත්රෙව ඉද්ධිමන්තානං ඉද්ධිවිසයා.
Sinhala BJTඑහි ජරාව ද මරණය ද යන මේ දෙක සංඛත (පඤ්චස්කන්‍ධ)යාගේ සංඛත ලක්‍ෂණයෝ යැ, ජරායෙහි සිටියහුගේ අන්‍යථාත්‍ව වූ මරණය ව්‍යය වෙයි. එහි ජරාව ද මරණය ද අර්‍ත්‍ථ හෙයින් නානාත්‍ව වෙයි, කවර කරුණෙන යත්: යම්හෙයෙකින් ගැබැ හොත්තාහු ද මියයෙති, ඔහු ජීර්‍ණ වූවාහු නො ද වෙත්. තවද දෙවියනට මරණ ඇත, ඔවුන්ගේ සිරුරු නො ද දිරති. ජරාවට පිළියම් කරන්නට ශක්‍ය මැ ය. එතෙකුදුවත් ඍද්ධිමතුන්ගේ සෘද්ධිවිෂය තබා මරණයට පිළියම් කරන්නට නො හැකි වේ.
Pali BJTයං පනාහ: “තණ්හාසල්ලෙන ඔතිණ්ණො”ති. දිස්සන්ති වීතරාගා ජිරන්තාපි මීයන්තාපි, යදි ච යථා ජරාමරණං එවං තණ්හාපි සියා. එවං සන්තෙ සබ්බෙ යොබ්බනට්ඨාපි විගතතණ්හා සියුං, යථාච තණ්හා දුක්ඛස්ස සමුදයො එවං ජරාමරණම්පි සියා දුක්ඛස්ස සමුදයො, න ච සියා තණ්හා දුක්ඛස්ස සමුදයො නභි ජරාමරණං දුක්ඛස්ස සමුදයො, තණ්හා දුක්ඛස්ස සමුදයො, යථා ච තණ්හා මග්ගවජ්ඣා එවං ජරාමරණම්පි සියා මග්ගවජ්ඣං. ඉමාය යුත්තියා අඤ්ඤමඤ්ඤෙහි කාරණෙහි ගවෙසිතබ්බං.
Sinhala BJTයළි “තණ්හාසල්ලෙන ඔතිණ්ණො” යී වදාළහ. වීතරාගයෝ දිරන්නාහු ද මියන්නාහු ද පැනෙති. ඉදින් ජරාමරණය යම් සේ ද තණ්හාවත් එබඳු වී නම්, එසේ ඇති කල හැම යොවුන්වියෙහි සිටියාහු මැ විගතතෘෂ්ණ වන්නාහ, යම් සේ තණ්හාව දුක්ඛ සමුදය වේ ද, එපරිදි ජරාමරණ ද දුක්ඛසමුදය වන්නේය, තණ්හාව දුක්ඛසමුදය නො ද වේ නම්, ජරාමරණ දුක්ඛසමුදය නො මැ වේ, තණ්හාව දුකට සමුදය වෙයි. යම් සේ තණ්හාව මාර්‍ගවධ්‍ය වී නම්, එපරිදි ජරාමරණ ද මාර්‍ගවධ්‍ය වන්නේය. (මෙසෙයින් ජරාමරණ හා තණ්හාව අනන්‍ය නොවේ.) මේ යුක්තියෙන් අන්‍යාන්‍ය කාරණයෙන් විමසිය යුතු යි.
Pali BJTයදි ච සන්දිස්සති යුත්තිසමාරුළ්හං අත්ථතො ච අඤ්ඤත්තං, බ්යඤ්ජන තොපි ගවෙසිතබ්බං: සල්ලොති වා ධූපායනන්ති වා ඉමෙසං ධම්මානං අත්ථතො එකත්තං, න හි යුජ්ජති ඉච්ඡාය ච තණ්හාය ච අත්ථතො අඤ්ඤත්තං. තණ්හාය අධිප්පායෙ අපරිපූරමානෙ නවසු අඝාතවත්ථුසු කොධො ච උපනාහො ච උප්පජ්ජති. ඉමාය යුත්තියා ජරාය ච මරණස්ස ච තණ්හාය ච අත්ථතො අඤ්ඤත්තං.
Sinhala BJTතවද ඉදින් යුක්තිසමාරූඪ වූයේ අර්‍ත්‍ථහෙයිනුදු අන්‍යත්‍වය දක්නාලැබේ නම්, බ්‍යඤ්ජන වශයෙනුදු (අන්‍යත්‍වය) විමසියැ යුතු ය: ‘සල්ල’ යී ද ‘ධූපායන’ යී ද (තෘෂ්ණ ඉච්ඡා යන) මේ ධර්‍මයන්ගේ අර්‍ත්‍ථ හෙයින් ඒකත්‍වය වෙයි. ‘ඉච්ඡා’ වගේ ද ‘තණ්හා’ වගේ ද අර්‍ත්‍ථ හෙයින් අන්‍යත්‍වය නො යෙදේ මැයි. තෘෂ්ණායෙන් අදහස නො පිරෙන කල්හි නවවැදැරුම් ආඝාතවස්තු විෂයෙහි ක්‍රෝධයත් උපනාහයත් උපදී. (ජරා මරණ විපර්‍ය්‍යාසයෙහි ක්‍රෝධය නූපදී.) මේ යුක්තියෙන් ජරාවගේ ද මරණයාගේ ද තණ්හාවගේ ද අර්‍ත්‍ථහෙයින් අන්‍යත්‍වය වේ.
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT(යුක්ති නිර්ධාරණය දක්වති: )
Pali BJTයං පනිදං භගවතා ද්වීහි නාමෙහි අභිලපිතං ‘ඉච්ඡා’තිපි ‘තණ්හා’තිපි, ඉදං භගවතා බාහිරානං වත්ථුනං ආරම්මණවසෙන ද්වීහි නාමෙහි අහිලපිතං “ඉච්ඡා”තිපි “තණ්හා”තිපි. සබ්බා හි තණ්හා අජ්ඣොසානලක්ඛණෙන එක ලක්ඛණො, යථා සබ්බො අග්ගි උණහත්තලක්ඛණෙන එක ලක්ඛණො, අපි ච උපාදානවසෙන අඤ්ඤමඤ්ඤානි නාමානි ලභති: ‘කට්ඨග්ගී’තිපි තිණග්ගී’තිපි ‘සකලිකග්ගී’තිපි ‘ගොමයග්ගී’තිපි ‘ථුසග්ගී’තිපි ‘සංකාරග්ගී’තිපි, සබ්බො හි අග්ගී උණ්හත්තලක්ඛණොව, එවං සබ්බා තණ්හා අජ්ඣොසානලක්ඛණෙන එකලක්ඛණා. අපි තු ආරම්මණඋපාදානවසෙන අඤ්ඤමඤ්ඤෙහි නාමෙහි අහිල තා: “ඉච්ඡා” ඉතිපි “තණ්හා” ඉතිපි ‘සල්ලො’ ඉතිපි ‘ධුපයානා’ ඉතිපි ‘සරිතා’ ඉතිපි ‘විසත්තිකා’ ඉතිපි ‘සිනෙහො’ ඉතිපි ‘කිලමථො’
Sinhala BJTතවද භාග්‍යවතුන් විසින් ‘ඉච්ඡා’ යයි ද ‘තණ්හා’ යයි ද නම් දෙකකින් යම් අභිලපනයක් කරනලද ද, මෙය භාග්‍යවතුන් විසින් බාහිර වූ රූපාදි වස්තූන් අරමුණු කිරීම් වශයෙන් ඉච්ඡා යී ද තණ්හා යී ද නම් දෙකකින් අභිලපිත විය. (වදාරනලද.) ඒ එසේ මැ ය. (නම් වශයෙන් ප්‍රභේද වූ) සියලු තෘෂ්ණාව අධ්‍යවසාන (අරමුණෙහි බැස ගැනීම්) ලක්‍ෂණයෙන් සමාන ලක්‍ෂණ ඇත්තීය. යම්සේ සියලු ගින්න උෂ්ණත්‍ව ලක්‍ෂණයෙන් සමාන ලක්‍ෂණ වේ ද, එතෙකුදු වත් (ඇවිළැගන්නා කාෂ්ටාදි) උපාදානයන්ගේ වශයෙන් ‘කටඨග්ගි’ යැ ‘තිණග්ගි’ යැ ‘සකලිකග්ගි’ යැ ‘ගොමයග්ගි’ යැ ‘ථුසග්ගී’ යැ ‘සඞ්කාරග්ගි’ යැයි ද අන්‍යාන්‍ය වූ නම් ලබා නමුදු සියලු මැ ගින්න උෂ්ණත්‍වලක්‍ෂණ වේ මැ ය. එසෙයින් සියලු තෘෂ්ණාව අධ්‍යවසාන (ගැලීසිටීම්) ලක්‍ෂණයෙන් සමානලක්‍ෂණ ඇත්තීය. එතෙකුදු වත් (අරමුණු කැමැති වේ නුයි) ‘ඉච්ඡා’ යී ද (තෘෂ්ණා කෙරේ නුයි) ‘තණ්හා’ යී ද (විෂ පෙවූ ශල්‍යයක් වැනි නුයි) ‘සල්ල’ යී ද (සන්තාපනාර්‍ත්‍ථයෙන්) ‘ධූපායනා’ යී ද (ශීඝ්‍රශ්‍රෝතස් ඇති නදියක් වැනි නුයි) ‘සරිතා’යී ද (පැතිරීම් ආදි අර්‍ත්‍ථයෙන්) ‘විසත්තිකා’ යී ද (ස්නෙහ කිරීම් වශයෙන්) ‘සිනෙහ’ යී ද (නානාගතියෙහි ක්ලමථු උපදවනුයෙන්) ‘කිලමථ’ යී ද
Pali BJTඉතිපි ‘ලතා’ ඉතිපි ‘මඤ්ඤනා’ ඉතිපි ‘බන්ධො’ ඉතිපි ‘ආසා’ ඉතිපි ‘පිපාසා’ ඉතිපි ‘අභිනන්දනා’ ඉතිපි. සබ්බා හි තණ්හා අජ්ඣොසානලක්ඛණෙන එකලක්ඛණා, යථා ච වෙවචනෙ වුත්තා:
Sinhala BJT(වෙළාගන්නා හෙයින්) ‘ලතා’ යී ද (මාගේ යයි මඤ්ඤනා වශයෙන්) ‘මඤ්ඤනා’ යී ද (දුර ගියහු පවා ඇද බැඳතබනුයෙන්) ‘බන්‍ධ’ යී ද (ආශිංසනාර්‍ත්‍ථයෙන්) ‘ආසා’ යී ද (අරමුණුරස බොනු රිසිවනුයෙන්) ‘පිපාසා’ යී ද (අභිනන්‍දනාර්‍ත්‍ථයෙන්) ‘අභිනන්‍දනා’ යී ද ආලම්බන, උපාදාන වශයෙන් අන්‍යාන්‍ය නාමයෙන් වදාරන ලද්දීය. සියලු මැ තෘෂ්ණාව අධ්‍යවසාන ලක්‍ෂණයෙන් සමාන ලක්‍ෂණ ඇත්තීය. එයින් කියන ලදු, වෙවචනහාරවිහඞ්ගයෙහි:
Pali BJT3. “ආසා පිහා ච{1} අභිනන්දනා ච අනෙකධාතූසු සරා පතිට්ඨිතා, අඤ්ඤාණමූලප්පභවා පජප්පිතා සබ්බා මයා බ්යන්තිකතා සමූලකා{2}”ති.
Sinhala BJT3. අනාගතාර්‍ත්‍ථ ආශංසනය කරන ආශාව ද වර්‍තමානාර්‍ත්‍ථ ප්‍රාර්‍ත්‍ථනා කරන පිහාව ද නිෂ්පන්න අර්‍ත්‍ථය ප්‍රතිපාලන කරන අභිනන්‍දනාව ද චක්ඛු ආදි අනේක ධාතු විෂයෙහි පිහිටි අවිද්‍යාමූලය ප්‍රභව කොට ඇති තෘෂ්ණාව සංඛ්‍යාත සියලු ප්‍රජල්පිතයෝ මූල සහිත වූවාහු මා විසින් විගතාන්ත කරන ලද්දාහු යයි.
Pali BJTතණ්හායෙතං වෙවචනං, යථාහ භගවා: “රූපෙ තිස්ස අවිගතරාගස්ස අවිගතඡන්දස්ස අවිගතපෙමස්ස අවිගතපිපාසස්ස අවිගතපරිළාහස්ස අවිගතතණ්හස්ස, (එවං) වෙදනාය -පෙ- සඤ්ඤාය -පෙ- සඞ්ඛාරෙසු -පෙ- විඤ්ඤාණෙ අවිගතරාගස්ස අවිගතඡන්දස්ස අවිගතපෙමස්ස අවිගතපිපාසස්ස අවිගතපරිළාහස්ස” අවිගතතණ්හස්ස, (සබ්බං සුත්තං විත්ථාරෙතබ්බං) තණ්හායෙතං වෙවචනං, එවං යුජ්ජති.
Sinhala BJTතෙල (ආසා ආදිය) තණ්හාවට පර්‍ය්‍යාය වචන යි. එයින් වදාළහ, බුදුහු - “තිස්සය, රූපයෙහි අවිගත (තදඞ්ගාදි විසින් පහව නොගිය) රාග ඇති අවිගත ඡන්‍දය ඇති අවිගත ප්‍රේමය ඇති අවිගත පිපාසා ඇති අවිගත පරිදාහ ඇති අවිගත තෘෂ්ණා ඇතියහුට, (මෙසේ) වේදනායෙහි … සංඥායෙහි … සංස්කාරයන්හි … විඥානයෙහි අවිගත (පහව නොගිය) රාග ඇති අවිගතඡන්‍ද ඇතියහුට අවිගතප්‍රේම ඇතියහුට අවිගතපිපාසා ඇතියහුට අවිගතපරිදාහ ඇතියහුට අවිගතතෘෂ්ණා ඇතියහුට” (ඛන්‍ධසංයුත්තයෙහි සියලු තිස්ස සූත්‍ර විස්තර කටයුතු.) තෙල රාගාදිය තණ්හාවට පර්‍ය්‍යායවචන යි. මෙසේ ‘ඉච්ඡා තණ්හා’ අනන්‍ය හෙයින් ‘ප්‍රශ්න තුනෙකැ’ යි කියන ලද්ද යෙදෙයි. යුක්ති සංගත වේ.
Pali BJTසබ්බො දුක්ඛූපචාරො කාමතණ්හාසඞ්ඛාරමූලකො, න පන යුජ්ජති සබ්බො නිබ්බිදුපචාරො කාමතණ්හාපරික්ඛාමූලකො, ඉමාය යුත්තියා අඤ්ඤමඤ්ඤෙහි කාරණෙහි ගවෙසිතබ්බං.
Sinhala BJTසියලු දුඃඛප්‍රවෘත්තිය කාමතෘෂ්ණාව ප්‍රත්‍යය කොට ඇති සංස්කාර මුල්කොට හේතු කොට ඇත්තේය යනු (යෙදෙයි.) එතෙකුදු වත් සියලු නිර්වේදප්‍රවෘත්තිය කාමතෘෂ්ණාව වට පරිෂ්කාර වු වස්තුකාමය හේතු කොට ඇත්තේ යැ යනු යෙදෙයි. (නිබ්බිදූපචාරය: කාමවස්තුවිපරිනාමයෙන් උපදනා අනභිරතිය ද ඤාණනිබ්බිදාව දැයි දෙ පරිදි වෙයි. එහෙයින් සියලු නිබ්බිදූපචාරය කාමතණ්හාපරික්ඛාරමූලක යැ යනු නොයෙදේ යයි කියන ලදි.) යට කී මේ දෙවැදෑරුම් යුක්තියෙන් අන්‍යෝන්‍ය කාරණයෙන් (ඒ ඒ පාළි ප්‍රදේශයෙහි) යුක්ති ගවේෂණය කළයුතු.
Pali BJTයථා හි{3}: භගවා රාගචරිතස්ස පුග්ගලස්ස අසුභං දෙසෙති. දොස චරිතස්ස භගවා පුග්ගලස්ස මෙත්තං දෙසෙති, මොහචරිතස්ස භගවා පුග්ගලස්ස පටිච්චසමුප්පාදං දෙසෙති, යදි හි භගවා රාගචරිතස්ස පුග්ගලස්ස මෙත්තං චෙතොවිමුත්තිං දෙසෙය්ය සුඛං වා පටිපදං දන්ධාභිඤ්ඤං සුඛං වා පටිපදං ඛිප්පාභිඤ්ඤං විපස්සනාපුබ්බඞ්ගමං වා පහානං දෙසෙය්ය, න යුජ්ජති දෙසනා. එවං යං කිඤ්චි රාගස්ස අනුලොමප්පහානං දොසස්ස අනුලොමප්පහානං මොහස්ස අනුලොමප්පහානං සබ්බං තං විචයෙන හාරෙන විචිනිත්වා යුත්තියහාරෙන යොජෙතබ්බං යාවතිකා ඤාණස්ස භූමි.
Sinhala BJTඒ එසේමැ යැ: බුදුහු රාගචරිත ඇති පුද්ගලහට අශුභය දේශනා කෙරෙති, බුදුහු දෝසචරිත ඇති පුද්ගලයාට මෛත්‍රිය දෙසෙති, බුදුහු මෝහචරිත ඇති පුද්ගලයාට ප්‍රතීත්‍යසමුත්පාදය දෙසති. ඉදින් බුදුහු රාගචරිත ඇති පුඟුල්හට මෙත්තාචේතෝවිමුත්තිය දේශනා කරන්නාහු නම් සුඛප්‍රතිපත් ඇති දන්‍ධාභිඥාව හෝ සුඛප්‍රතිපත් ඇති ක්‍ෂිප්‍රාඟිඥාව හෝ විදර්‍ශනා පූර්‍වඞ්ගම ප්‍රහාණය හෝ දෙසන්නාහු නම් දේශනාව නො යෙදෙයි. මේ නයින් යම් කිසි රාගයාගේ අනුරූපප්‍රහාණයෙක් (ප්‍රහාණයට සමර්‍ත්‍ථ වු කරුණෙකැයි සේයි.) ද්වේෂයාගේ අනුරූපප්‍රහාණයෙක් මෝහයාගේ අනුරූපප්‍රහාණයෙක් ඇද්ද ඒ සියල්ල (සංවර්‍ණනා කරන ආචාර්‍ය්‍යවරයාගේ) ප්‍රතිභාඥානයට භූමි (විෂය) වූ පමණින් විචයහාරයෙන්(පදප්‍රශ්නාදිය)විමසා යුක්තිහාරයෙන් යෙදියයුතු.
Pali BJTමෙත්තාවිහාරිස්ස සතො ව්යාපාදො චිත්තං පරියාදාය ඨස්සතීති න යුජ්ජති දෙසනා, බ්යාපාදො පහානං අබ්භත්ථං ගච්ඡතීති යුජ්ජති දෙසනා කරුණාවිහාරිස්ස සතො විහෙසා චිත්තං පරියාදාය ඨස්සතීති න යුජ්ජති දෙසනා, විහෙසා පහානං අබ්භත්ථං ගච්ඡතීති යුජ්ජති දෙසනා. මුදිතා විහාරිස්ස සතො අරති චිත්තං පරියාදාය ඨස්සතීති න යුජ්ජති දෙසනා, අරති පහානං අබ්භත්ථං ගච්ඡතීති යුජ්ජති දෙසනා. උපෙක්ඛාවිහාරිස්ස සතො රාගො චිත්තං පරියාදාය ඨස්සතීති න යුජ්ජති දෙසනා, රාගො පහානං අබ්භත්ථං ගච්ඡතීති යුජ්ජති දෙසනා. අනිමිත්තවිහාරිස්ස සතො නිමිත්තානුසාරි තෙන තෙනෙව විඤ්ඤාණං පවත්තතීති න යුජ්ජති දෙසනා, නිමිත්තප්පහානං අබ්භත්ථං ගච්ඡතීති යුජ්ජති දෙසනා.
Sinhala BJTමෛත්‍රිවිහාරලාභී වූවහුගේ සිත ව්‍යාපාදය මැඩැගෙන සිටිනේ යැ යන දේශනාව (කථාව) නො යෙදෙයි, ව්‍යාපාදය ප්‍රහාණයට නැසීමට යෙයි යන දේශනාව යෙදෙයි. කරුණාවිහාරලාභි වූවහුගේ සිත විහිංසාව මැඩැගෙන සිටිනේ යැ යන දේශනාව නොදෙයි, විහිංසාව ප්‍රහාණයට අභ්‍යස්තයට යෙයි යන දේශනාව යෙදෙයි. මෘදුතාවිහාරලාභි වූවහුගේ සිත අරතිය මැඩැගෙන සිටිනේ යැ යන දේශනාව නොයෙදෙයි, අරතිය ප්‍රහාණයට අභ්‍යස්තයට යෙයි දේශනාව යෙදෙයි. උපේක්‍ෂා විහාරලාභි වූවහුගේ සිත රාගය මැඩගෙන සිටිනේ යැ යන දේශනාව නො යෙදෙයි, රාගය ප්‍රහාණයට අභ්‍යස්තයට යෙයි යන දේශනාව යෙදෙයි. අනිමිත්තවිහාර (අනිත්‍යානුදර්‍ශනද්වාරයෙන් ලැබූ පලසමවත්) ඇතියහුගේ සංස්කාරනිමිත්තානුසාරී විඥානය ප්‍රහීණ වූ ඒ ඒ නිමිත්ත සමග මැ පවතී යන දේශනාව නො යෙදෙයි, නිත්‍යාදි නිමිත්ත ප්‍රහාණයට අභ්‍යස්තයට යෙයි යන දේශනාව යෙදෙයි.
Pali BJTඅස්මීති විගතං, අයමහස්මිති න සමනුපස්සාමි. අථ ච පන මෙ කිස්මිති කථස්මිති විචිකිච්ඡා කථංකථාසල්ලං චිත්තං පරියාදාය ඨස්සතීති න යුජ්ජති දෙසනා, විචිකිච්ඡා කථංකථාසල්ලං පහානං අබ්භත්ථං ගච්ඡතීති යුජ්ජති දෙසනා.
Sinhala BJT(උපාදානස්කන්‍ධයන්හි දෘෂ්ටි මාන විසින් උපදනා) මම් වෙමි යන මඤ්ඤිතය පහවිය, මේ රූපාදිය ‘මම් වෙමි’ නො දක්මි, එතෙකුදු වත් ‘කවරෙකිම් ද, කෙසේ වෙම් ද, යන විචිකිච්ඡා සංඛ්‍යාත කථංකථාශල්‍යය මාගේ සිත හාත්පසින් මැඩැගෙන සිටිනේ ය යන කථාව නොයෙදෙයි, විචිකිච්ඡා කථංකථාශල්‍යය ප්‍රහාණයට අභ්‍යස්තයට යෙයි යන දේශනාව යෙදෙයි.
Pali BJTයථා වා පන පඨමං ඣානං සමාපන්නස්ස සතො කාමරාගබ්යාපාදා විසෙසාය සංවත්තන්තීති න යුජ්ජති දෙසනා, හානාය සංවත්තන්තීති යුජ්ජති දෙසනා. අවිතක්කසහගතා වා සඤ්ඤාමනසිකාරා හානාය සංවත්තන්තීති න යුජ්ජති දෙසනා, විසෙසාය සංවත්තන්තීති යුජ්ජති දෙසනා. දුතියං ඣානං සමාපන්නස්ස සතො විතක්කවිචාරසහගතා සඤ්ඤාමනසිකාරා විසෙසාය සංවත්තන්තීති න යුජ්ජති දෙසනා, හානාය සංවත්තන්තීති යුජ්ජති දෙසනා. උපෙක්ඛා සුඛසහගතා වා සඤ්ඤා මනසිකාරා හානාය සංවත්තන්තීති න යුජ්ජති දෙසනා, විසෙසාය සංවත්තන්තීති යුජ්ජති දෙසනා. තතියං ඣානං සමාපන්නස්ස සතො පීතිසුඛසහගතා සඤ්ඤාමනසිකාරා විසෙසාය සංවත්තන්තීති න යුජ්ජති දෙසනා, හානාය සංවත්තන්තීති යුජ්ජති දෙසනා. උපෙක්ඛාසති පාරිසුද්ධිසහගතා වා සඤ්ඤාමනසිකාරා හානාය සංවත්තන්තීති න යුජ්ජති දෙසනා, විසෙසාය සංවත්තන්තීති යුජ්ජති දෙසනා. චතුත්ථං ඣානං සමාපන්නස්ස සතො උපෙක්ඛාසුඛසහගතා සඤ්ඤා මනසිකාරා විසෙසාය සංවත්තන්තීති න යුජ්ජති දෙසනා, හානාය සංවත්තන්තීති යුජ්ජති දෙසනා, ආකාසානඤ්චායතනසහගතා වා සඤ්ඤා මනසිකාරා හානාය සංවත්තන්තීති න යුජ්ජති දෙසනා, විසෙසාය සංවත්තන්තීති යුජ්ජති දෙසනා.
Sinhala BJTතවද අනෙකෙකි: පළමුවන දැහැනට සමවත්හට කාමරාගව්‍යාපාදයෝ විශේෂාධිගමය පිණිස පවත්නාහ යන කථාව නොයෙදෙයි, පිරිහීමට පවත්නාහ යන කථාව යෙදෙයි, නොහොත් අවිතර්‍ක සහගත සංඥාමනසිකාරයෝ පරිහානියට වැටෙති යන කථාව නොයෙදෙයි, විශේෂාධිගමයට වැටෙති යන දේශනාව යෙදේ. දෙවැනි දැහැනට සමවන්නහුට විතර්‍කවිචාර සහගත සංඥාමනසිකාරයෝ විශේෂාධිගමයට වැටෙති යන කථාව නොයෙදෙයි, පිරිහීමට වැටෙති යන දේශනාව යෙදෙයි, නොහොත් උපේක්‍ෂාසුඛ සහගත සංඥාමනසිකාරයෝ හානියට වැටෙති යන කථාව නොයෙදෙයි, විශේෂාධිගමයට වැටෙති යන දේශනාව යෙදේ. තුන්වැනි දැහැනට ප්‍රීති සුඛ සහගත සංඥාමනසිකාරයෝ විශේෂාධිගමයට වැටෙති යන කථාව නොයෙදෙයි, හානියට වැටෙති යන දේශනාව යෙදෙයි, නොහොත් උපේක්‍ෂාස්මෘතිපාරිශුද්ධිය හා සහගත වූ සංඥාමනසිකාරයෝ හානියට වැටෙති යන කථාව නො යෙදෙයි, විශේෂාධිගමයට වැටෙති යන දේශනාව යෙදේ. සිවුවන දැහැනට සමවන්නහුට උපේක්‍ෂාසුඛ සහගත සංඥාමනසිකාරයෝ විශේෂාධිගමයට වැටෙති යන කථාව නොයෙදෙයි, හානියට වැටෙති යන දේශනාව යෙදෙයි, නොහොත් ආකාසානඤ්චායතන සහගත වු සංඥාමනසිකාරයෝ හානියට වැටෙති යන කථාව නො යෙදෙයි, විශේෂාධිගමයට වැටෙති යන දේශනාව යෙදේ.
Pali BJTආකාසානඤ්චායතනං සමාපන්නස්ස සතො රූපසහගතා සඤ්ඤා මනසිකාරා විසෙසාය සංවත්තන්තීති න යුජ්ජති දෙසනා, හානාය සංවත්තන්තීති යුජ්ජති දෙසනා. විඤ්ඤාණඤ්චායතනසහගතා වා සඤ්ඤා මනසිකාරා හානාය සංවත්තන්තීති න යුජ්ජති දෙසනා, විසෙසාය සංවත්තන්තීති යුජ්ජති දෙසනා. විඤ්ඤාණඤ්චායතනං සමාපන්නස්ස සතො ආකාසානඤ්චායතනසහගතා සඤ්ඤාමනසිකාරා විසෙසාය සංවත්තන්තීති න යුජ්ජති දෙසනා, හානාය සංවත්තන්තීති යුජ්ජති දෙසනා. ආකිඤ්චඤ්ඤායතනසහගතා වා සඤ්ඤාමනසිකාරා හානාය සංවත්තන්තීති න යුජ්ජති දෙසනා, විසෙසාය සංවත්තන්තීති යුජ්ජති දෙසනා. ආකිඤ්චඤ්ඤායතනං සමාපන්නස්ස සතො විඤ්ඤාණඤ්චායතන සහගතා සඤ්ඤාමනසිකාරා විසෙසාය සංවත්තන්තීති න යුජ්ජති දෙසනා, හානාය සංවත්තන්තීති යුජ්ජති දෙසනා. නෙවසඤ්ඤානාසඤ්ඤායතනසහගතා වා සඤ්ඤාමනසිකාරා හානාය සංවත්තන්තීති න යුජ්ජති දෙසනා, විසෙසාය සංවත්තන්තීති යුජ්ජති දෙසනා, නෙවසඤ්ඤානාසඤ්ඤායතනං සමාපන්නස්ස සතො සඤ්ඤූපචාරා විසෙසාය සංවත්තන්තීති න යුජ්ජති දෙසනා, හානාය සංවත්තන්තීති යුජ්ජති දෙසනා. සඤ්ඤාවෙදයිතනිරොධසහගතා වා සඤ්ඤාමනසිකාරා හානාය සංවත්තන්තීති න යුජ්ජති දෙසනා. විසෙසාය සංවත්තන්තීති යුජ්ජති දෙසනා. කල්ලතාපරිචිතං චිත්තං න ච අභිනීහාරං ඛමතීති න යුජ්ජති දෙසනා, කල්ලතාපරිචිතං චිත්තං අථ ච අභිනීහාරං ඛමතීති යුජ්ජති දෙසනා. එවං සබ්බෙ නව සුත්තන්තා යථාධම්මං යථාවිනයං යථාසත්ථුසාසනං සබ්බතො විචයෙන හාරෙන විචිනිත්වා යුත්තිහාරෙන යොජෙතබ්බා’ති. තෙනාහ ආයස්මා මහාකාච්චානො: “සබ්බෙසං හාරානං යා භූමි යො ච ගොචරො තෙසං”ති.
Sinhala BJTආකාසානඤ්චායතන සමවත් සමවන්නහුට රූපසහගත සංඥාමනසිකාරයෝ විශේෂාධිගමයට පවත්නාහ යන කථාව නො යෙදෙයි, හානියට වැටෙති යන කථාව යෙදෙයි, නොහොත් විඤ්ඤාණඤ්චායතන සහගත සංඥාමනසිකාරයෝ හානියට වැටෙති යන කථාව නො යෙදෙයි, විශේෂාධිගමයට වැටෙති යන දේශාව යෙදේ. විඤ්ඤාණඤ්චායතනයට සමවන්නහුට ආකාසානඤ්චායතන සහගත සංඥාමනසිකාරයෝ විශේෂාධිගමයට වැටෙති යන කථාව නොයෙදෙයි, හානියට වැටෙති යන දේශනාව යෙදෙයි, නොහොත් ආකිඤ්චඤ්ඤායතන සහගත සංඥාමනසිකාරයෝ හානියට වැටෙති යන කථාව නො යෙදෙයි, විශේෂාධිගමයට වැටෙති යන දේශනාව යෙදේ. ආකිඤ්චඤ්ඤායතනයට සමවන්නහුට විඤ්ඤාණඤ්චායතන සහගත වු සංඥාමනසිකාරයෝ විශේෂාධිගමයට වැටෙති යන කථාව නොයෙදෙයි, හානියට වැටෙති යන දේශනාව යෙදෙයි, නොහොත් නේවසඤ්ඤානාසඤ්ඤායතන සහගත වු සංඥාමනසිකාරයෝ හානියට වැටෙති යන කථාව නො යෙදෙයි, විශේෂාධිගමයට වැටෙති යන දේශනාව යෙදේ. නේවසඤ්ඤානාසඤ්ඤායතන සමවත් සමවන්නහුට පටු වු සංඥාකෘත්‍යය කරන විත්තොත්පාදයෝ (ආකිඤ්චඤ්ඤායතනයධර්‍මයෝ) විශේෂාධිගමයට වැටෙති යන කථාව නොයෙදෙයි, හානියට වැටෙති යන දේශනාව යෙදෙයි, නොහොත් සඤ්ඤාවේදයිත නිරෝධ සහගත වූ සංඥාමනසිකාරයෝ හානියට වැටෙති යන කථාව නො යෙදෙයි, විශේෂය පිණිස පවත්නාහ යන දේශනාව යෙදේ. කල්‍යතාපරිචිත වූ (වශීභාවයෙන් ප්‍රගුණ කළ) චිත්තය නො ද අභිනීහාරක්‍ෂම වෙයි යන කථාව නොයෙදෙයි, වැලිත් කල්‍යතාපරිචිත වූ චිත්තය අභිනීහාරක්‍ෂම වෙයි යන දේශනාව යෙදේ. මෙසේ සියලු නවසූත්‍රාන්තයෝ දහම් වූ පරිදි විනය වූ පරිදි ශාස්තෘශාසනය වූ පරිදි සර්‍වප්‍රාකාරයෙන විචයහාරයෙන් විචිනනය කොට (විමසා) යුක්තිහාරයෙන් යෙදිය යුත්හාහ’ යි. එයින් වදාළහ, ආයුෂ්මත් මහාකාත්‍යායනස්ථවිරයන් වහන්සේ: “සබ්බේසං හාරානං යා භූමියො ච ගෝචරො තෙසං” යී.
Pali BJTනියුත්තො යුත්තිහාරො.
Sinhala BJTයුත්තිහාරය යොදනලදී.
Pali BJT3. 1. 4.
Sinhala BJT3. 1. 4.
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT(අන් අයුරෙකින් යුක්තිගවේෂණය දක්වති.)
Pali BJTපදට්ඨානහාරවිභඞ්ගො
Sinhala BJTපදට්ඨානහාරවිභඞ්ගය
Pali BJTතත්ථ කතමො පදට්ඨානො හාරො: “ධම්මං දෙසෙති ජිනො”ති අයං පදට්ඨානො හාරො. කිං දෙසෙති: සබ්බධම්මයාථාවඅසම්පටිවෙධලක්ඛණා අවිජ්ජා, තස්සා විපල්ලාසා පදට්ඨානං අජ්ඣොසානලක්ඛණා තණ්හා, තස්සා පියරූපං සාතරූපං පදට්ඨානං. පත්ථනලක්ඛණො ලොභො, තස්ස අදින්නාදානං පදට්ඨානං. වණ්ණසණ්ඨානබ්යඤ්ජනගහනලක්ඛණා සුභසඤ්ඤා, තස්සා ඉන්ද්රියාසංවරො පදට්ඨානං. සාසවඵස්ස උපගමනලක්ඛණා සුඛසඤ්ඤා, තස්සා අස්සාදො පදට්ඨානං. සඞ්ඛතලක්ඛණානං ධම්මානං අසමනුපස්සනලක්ඛණා නිච්චසඤ්ඤා, තස්සා විඤ්ඤාණං පදට්ඨානං. අනිච්චසඤ්ඤා දුක්ඛසඤ්ඤා අසමනුපස්සනලක්ඛණා අත්තසඤ්ඤා, තස්සා නාමකායො පදට්ඨානං.
Sinhala BJTඑහි පදට්ඨානහාරය කවරෙ යත්: “ධම්මං දේසේති ජිනෝ” යන මේ පදට්ඨාන හාර යැ, කුමක් දෙසන සේක් ද යත්: අවිද්‍යාව සියලු (චතුස්සත්‍ය) ධර්‍මයන්ගේ අවිපරීත ස්වභාවය ප්‍රතිවේධ නොකිරීම ලක්‍ෂණ කොට ඇත්තීය. ඒ අවිද්‍යාවට චතුර්විධ විපල්ලාසයෝ පදට්ඨාන - ආසන්නකාරණ යි. තෘෂ්ණාව (අරමුණෙහි) බැසැගෙන සිටීම ලක්‍ෂණ කොට ඇත්තීය. ඒ තෘෂ්ණාවට ප්‍රියස්වභාවය මධුරස්වභාවය පදට්ඨාන යැ. ලෝභය (ඉෂ්ටවස්තු) ප්‍රාර්‍ත්‍ථනා කිරීම ලක්‍ෂණ කොට ඇත්තේ යැ, ඒ ලෝභයට අදත්තාදානය පදට්ඨාන යැ. ශුභසංඥාව පැහැ සටහන් ව්‍යඤ්ජනයන් ග්‍රහණය කිරීම ලක්‍ෂණ කොට ඇත්තී යැ, ඒ ශුභසංඥාවට ඉන්‍ද්‍රිය අසංවරය පදට්ඨාන යැ. සුඛසංඥාව සාස්‍රව වූ ස්පර්‍ශයට පැමිණ සිටීම ලක්‍ෂණ කොට ඇත්තී යැ, ඊට ආස්වාදය පදට්ඨාන යැ. නිත්‍ය සංඥාව (උත්පාදාදි) සඞ්ඛත ලක්‍ෂණ ඇති ධර්‍මයන් නුවණින් නොදැකීම ලක්‍ෂණ කොට ඇත්තී යැ, ඊට විඥානය පදට්ඨාන යැ. ආත්මසංඥාව අනිත්‍ය දුඃඛසංඥාවන් නොදැකීම ලක්‍ෂණ කොට ඇත්තී යැ, ඒ ආත්මසංඥාවට නාමකය පදට්ඨාන යි.
Pali BJTසබ්බධම්මසම්පටිවෙධලක්ඛණා විජ්ජා, තස්සා සබ්බං නෙය්යං පදට්ඨානං. චිත්තවික්ඛෙප පටිසංහරණලක්ඛණො සමථො, තස්ස අසුභා පදට්ඨානං. ඉච්ඡාවචරපටිසංහරණලක්ඛණො අලොභො. තස්ස අදින්නාදානා වෙරමණී පදට්ඨානං. අබ්යාපජ්ඣ{1}ලක්ඛණො අදොසො, තස්ස පාණාතිපාතා වෙරමණී පදට්ඨානං. වත්ථු අවිප්පටිපාදන{2}ලක්ඛණො අමොහො. තස්ස සම්මාපටිපත්ති පදට්ඨානං. විනීලකවිපුබ්බකගහනලක්ඛණා අසුභසඤ්ඤා, තස්සා නිබ්බිදා පදට්ඨානං; සාසවඵස්ස පරිජානනලක්ඛණා දුක්ඛසඤ්ඤා, තස්සා වෙදනා පදට්ඨානං. සඞ්ඛතලක්ඛණානං ධම්මානං සමනුපස්සනලක්ඛණා අනිච්චසඤ්ඤා, තස්සා උප්පාදවයා පදට්ඨානං සබ්බධම්මානං අභිනිවෙසලක්ඛණා අනත්තසඤ්ඤා, තස්සා ධම්මසඤ්ඤා පදට්ඨානං.
Sinhala BJTමාර්‍ගඥානවිද්‍යාව සියලු ධර්‍මයන් මොනොවට ප්‍රතිවේධ කිරීම ලක්‍ෂණ කොට ඇත්තී යැ, ඒ විද්‍යාවට චතුස්සත්‍ය සංඛ්‍යාත සකල නෙයධර්‍මය පදට්ඨාන - ආසන්න කාරණ යැ. සමථය චිත්තවික්‍ෂේප සංඛ්‍යාත ඖද්ධත්‍යය විෂ්කම්භණ කිරීම ලක්‍ෂණ කොට ඇත්තේ යැ, ඒ සමථයට අශුභයෝ පදට්ඨාන යැ. අලෝභය ඉච්ඡාවවර විෂ්කම්භණය ලක්‍ෂණකොට ඇත්තේ යැ, ඒ අලෝභයට අදත්තාදාන වීරමරණය පදට්ඨාන යැ. අදෝසය නිදුක්බව ලක්‍ෂණ කොට ඇත්තේ යැ, ඒ අද්වේෂයට ප්‍රාණවධ වීරමරණය පදට්ඨාන යැ. අමෝහය වස්තූන්ගේ අවිප්‍රතිපාදනය ලක්‍ෂණ කොට ඇත්තේ යැ. ඒ අමෝහයට සම්‍යක්ප්‍රතිපත්තිය පදට්ඨාන යැ. අශුභසංඥාව විනීලක විපුබ්බක නිමිත්තග්‍රණය ලක්‍ෂණ කොට ඇත්තී යැ, ඒ අශුභසංඥාවට නිර්විදඥානය පදට්ඨාන යැ. දුඃඛසංඥාව ආස්‍රව සහිත ස්පර්‍ශයාගේ පරිජානනය ලක්‍ෂණ කොට ඇත්තී යැ, ඒ දුඃඛසංඥාවට වේදනාව පදට්ඨාන යැ. අනිත්‍යසංඥාව සංඛතලක්‍ෂණ ධර්‍මයන් නුවණින් දැකීම ලක්‍ෂණ කොට ඇත්තී යැ, එයට උත්පාදව්‍යයය පදට්ඨාන යැ. අනාත්මසංඥාව සියලු ධර්‍මයන්හි අභිනිවේසය - බැසගෙන සිටීම ලක්‍ෂණ කොට ඇත්තීය, එයට ධර්‍මමාත්‍ර යැ යන සංඥාව පදට්ඨාන යි.
Pali BJTපඤ්චකාමගුණා කාමරාගස්ස පදට්ඨානං. පඤ්චින්ද්රියානි රූපීනි රූපරාගස්ස පදට්ඨානං ඡට්ඨායතනං භවරාගස්ස පදට්ඨානං. නිබ්බත්තිභාවානුපස්සිතා පඤ්චන්නං උපාදානක්ඛන්ධානං පදට්ඨානං. පුබ්බෙනිවාසානුස්සති ඤාණදස්සනස්ස පදට්ඨානං.
Sinhala BJTපඤ්ච කාමගුණයෝ කාමරාගයට පදට්ඨාන යැ. රූපී වූ පඤ්චේන්‍ද්‍රියයෝ (රූප සංඛ්‍යාත කය ඇරැබ උපදනා) රූපරාගයට පදට්ඨාන යැ. මන සංඛ්‍යාත ෂෂ්ඨායතනය (භවනිකාන්ති වශයෙන් පවත්නා) භවරාගයට පදට්ඨාන යැ. (රූපාභිනන්‍දනාදි වශයෙන් පවත්නා) නිර්‍වෘතිභවානුර්ශීභාවය පඤ්චෝපාදානස්කන්‍ධයන්ට පදට්ඨාන යැ. පූර්‍වනිවාසානුස්මෘතිය කර්‍මස්වකෘතඥානදර්‍ශනයට පදට්ඨාන යි.
Pali BJTඔකප්පලක්ඛණා සද්ධා, අධිමුත්තිපච්චුපට්ඨානා ච අනාවිලලක්ඛණො පසාදො, සංපසීදනපච්චුපට්ඨානො ච. අභිපත්තියන{3} ලක්ඛණා සද්ධා, තස්සා අවෙච්චප්පසාදො, පදට්ඨානා. අනාවිලලක්ඛණො පසාදො තස්ස සද්ධා පදට්ඨානං. ආරම්භලක්ඛණං විරියං, තස්ස සම්මප්පධානං පදට්ඨානං අපිලාපනලක්ඛණා සති, තස්සා සතිපට්ඨානං පදට්ඨානං. එකග්ගලක්ඛණො සමාධි, තස්ස ඣානානි පදට්ඨානං. සම්පජානනලක්ඛණා පඤ්ඤා, තස්සා සච්චානි පදට්ඨානං.
Sinhala BJTශ්‍රද්ධාව (හැදැහිලිවශයෙන්) අරමුණට බැසගැනීම - නිශ්චය කිරීම ලක්‍ෂණ කොට ඇත්තීය, අධිමුක්තිය - නිශ්චය කිරීම වැටැහීම් කොට ද ඇත්තීය වෙයි. ප්‍රසාදය (චිත්තකාලුෂ්‍යාපගමයෙන්) නො කැලැඹීම ලක්‍ෂණ කොට ඇත්තේ යැ, සම්ප්‍රසාදනය වැටහීම කොට ද ඇත්තේ වෙයි. ශ්‍රද්ධාව හැදැහීම ලක්‍ෂණ කොට ඇත්තී යැ, එයට අවේත්‍යප්‍රසාදය පදට්ඨාන යැ. ප්‍රසාදය ආකාලුෂ්‍යය ලක්‍ෂණ කොට ඇත්තේ යැ, එයට ශ්‍රද්ධාව පදට්ඨාන යැ. වීර්‍ය්‍යය ආරම්භය ලක්‍ෂණ කොට ඇත්තේ යැ, එයට චතුර්විධ සම්‍යක්ප්‍රධානය පදට්ඨාන යැ. ස්මෘතිය අසම්මෝසය (සිහිකිරීම) ලක්‍ෂණ කොට ඇත්තී යැ, එයට සතරසතිපට්ඨානය පදට්ඨාන යැ. සමාධිය ඒකාග්‍රතා (එක අරමුණක් අග්‍රබව )ලක්‍ෂණ කොට ඇත්තේ යැ, එයට ධ්‍යානයෝ පදට්ඨාන යැ. ප්‍රඥාව සම්‍යග්ඥානය ලක්‍ෂණ කොට ඇත්තී යැ, එයට සත්‍යයෝ පදට්ඨාන යි.
Pali BJTඅපරො නයො: අස්සාදමනසිකාරලක්ඛාණො අයොනිසො මනසිකාරො, තස්ස අවිජ්ජා පදට්ඨානං. සච්චසම්මොහනලක්ඛණා අවිජ්ජා, සා සඞ්ඛාරානං පදට්ඨානං. පුනබ්භවවිරොහණලක්ඛණා සඞ්ඛාරා, තෙ විඤ්ඤාණස්ස පදට්ඨානං. ඔපපච්චයිකනිබ්බත්තිලක්ඛණං විඤ්ඤාණං, තං නාමරූපස්ස පදට්ඨානං. නාමකායරූපකායසඞ්ඝාතලක්ඛණං නාම රූපං, තං සළායතනස්ස පදට්ඨානං. ඉන්ද්රියවවත්ථානලක්ඛණං සළායතනං, තං ඵස්සස්ස පදට්ඨානං. චක්ඛුරූපවිඤ්ඤාණසන්නිපාතලක්ඛණො ඵස්සො. සො වෙදනාය පදට්ඨානං: ඉට්ඨානිට්ඨානුභවනලක්ඛණා වෙදනා සා තණ්හාය පදට්ඨානං. අජ්ඣොසානලක්ඛණා තණ්හා, සා උපාදානස්සපදට්ඨානං. ඔපපච්චයිකං උපාදානං, තං භවස්ස පදට්ඨානං. නාමකායරූපකායසම්භවනලක්ඛණො. භවො, සො ජාතියා පදට්ඨානං ඛන්ධානං පාතුභවනලක්ඛණා ජාති, සා ජරාය පදට්ඨානං. උපධිපරිපාකලක්ඛණා ජරා, සා මරණස්ස පදට්ඨානං. ජීවිතින්ද්රියඋපච්ඡෙදලක්ඛණං මරණං, තං සොකස්ස පදට්ඨානං. උස්සුක්කකාරකො සොකො, සො පරිදෙවස්ස පදට්ඨානං. ලාලප්පකාරකො පරිදෙවො, සො දුක්ඛස්ස පදට්ඨානං. කායසම්පීළනං දුක්ඛං, තං දොමනස්සස්ස පදට්ඨානං. චිත්තපීළනං දොමනස්සං, තං උපායාසස්ස පදට්ඨානං. ඔදහනකාරකො උපායාසො, සො භවස්ස පදට්ඨානං. ඉමානි භවඞ්ගානි යදා සමග්ගානි නිබ්බත්තානි භවන්ති සො භවො, තං සංසාරස්ස පදට්ඨානං.
Sinhala BJTඅනෙක් නයෙකි: අයෝනිසෝ මනසිකාරය (සංයෝජනිය ධර්‍මයන්හි) ආස්වාද වශයෙන් මෙනෙහි කිරීම ලක්‍ෂණ කොට ඇත්තේ යැ, ඒ අයෝනිසෝ මනසිකාරයට අවිද්‍යාව පදට්ඨාන (- ආසන්නකාරණ) යැ. අවිද්‍යාව සිව්සස්හි මුළාවීම ලක්‍ෂණ කොට ඇත්තී යැ, ඒ අවිද්‍යාව සංස්කාරයන්ට පදට්ඨාන යැ. සංස්කාරයෝ පුනර්‍භවයාගේ විරූහණය (විපාකධර්‍මතාව) ලක්‍ෂණ කොට ඇත්තාහු යැ, ඔහු ප්‍රතිසන්‍ධිවිඥානයට පදට්ඨාන යැ. විඥානය උපප්‍රාප්තිභව වශයෙන් ඉපදීම කොට ඇත්තේ යැ, එ විඥානය නාමරූපයට පදට්ඨාන යැ. නාමරූපය අරූප - රූපකාය දෙදෙනාගේ සමූහභාවය ලක්‍ෂණ කොට ඇත්තේ යැ, එය ෂඩායතනයට පදට්ඨාන යි. ෂඩායතනය චක්‍ෂුරාදි ෂඩ්ඉන්‍ද්‍රියයන්ගේ නියම කිරීම ලක්‍ෂණ කොට ඇත්තේ යැ, එය ස්පර්‍ශයට පදට්ඨාන යි. ස්පර්‍ශය චක්‍ෂුරින්‍ද්‍රිය රූපාලම්බන චක්‍ෂුර්විඥානයන්ගේ සන්නිපාතය ලක්‍ෂණ කොට ඇත්තේ යැ, එය වේදනාවට පදට්ඨාන යි. වේදනාව ඉෂ්ටානිෂ්ට අරමුණුරස විඳීම ලක්‍ෂණ කොට ඇත්තී යැ, ඒ වේදනාව තෘෂ්ණාවට පදට්ඨාන යි. තෘෂ්ණාව අරමුණෙහි ගැලීසීටීම ලක්‍ෂණ කොට ඇත්තී යැ, ඒ තෘෂ්ණාව උපාදානයට පදට්ඨාන යි. උපාදානය උපප්‍රාප්තිස්කන්‍ධයන් උපදවනු වෙයි, එය භවයට පදට්ඨාන යි. භවය නාමකාය රූපකායයන් ඉපදීම ලක්‍ෂණ කොට ඇත්තේ යැ, එය ජාතියට පදට්ඨාන යි. ජාතිය ස්කන්‍ධයන්ගේ හටගැනීම ලක්‍ෂණ කොට ඇත්තී යැ, ඒ ජාතිය ජරාවට පදට්ඨාන යි. ජරාව ආත්මභාවය මිහිකිරීම ලක්‍ෂණ කොට ඇත්තී යැ, එය මරණයට පදට්ඨාන යි. මරණය ජීවිතේන්‍ද්‍රියයාගේ සිඳීම ලක්‍ෂණ කොට ඇත්තේ යැ, එය ශෝකයට පදට්ඨාන යි. ශෝකය චිත්තසන්තාපය කරනු වෙයි, එය පරිදේවයට පදට්ඨාන යි. පරිදේවය වැලැපීම කරනු වෙයි, එය කායික දුකට පදට්ඨාන යි. දුක රූපකායට පෙළනු වෙයි, එය දොම්නසට පදට්ඨාන යි. දොම්නස සිත පෙළනු වෙයි, ඒ දොම්නස උපායාසයට පදට්ඨාන යි. උපායාසය (ආත්මනිශ්‍රය) අභ්‍යන්තරය දවනු වෙයි, එය භවයට පදට්ඨාන යි. යම් කලෙක මේ භවයට අවයව වූ ක්ලේශයෝ - (කර්‍මභව විපාකභව සංඛ්‍යාත අංගයෝ) සමග්‍ර වූවාහු උපන්නාහු වෙත් ද, හේ භව නම, ඒ භවය සංසාරයට පදට්ඨාන යි.
Pali BJTනිය්යනිකලක්ඛණො මග්ගො, සො නිරොධස්ස පදට්ඨානං. තිත්ථඤ්ඤුතා පීතඤ්ඤුතාය පදට්ඨානං. පිතඤ්ඤුතා මත්තඤ්ඤුතාය පදට්ඨානං. මත්තඤ්ඤුතා අත්තඤ්ඤුතාය පදට්ඨානං. අත්තඤ්ඤුතා පුබ්බෙකතපුඤාඤතාය පදට්ඨානං, පුබ්බෙකතපුඤ්ඤතා පතිරූපදෙසවාසස්ස පදට්ඨානං. පතිරූපදෙසවාසො සප්පුරිසූපනිස්සයස්ස පදට්ඨානං. සප්පුරිසූපනිස්සයො අත්තසම්මාපණිධානස්ස පදට්ඨානං. අත්තසම්මා පණිධානං සීලානං පදට්ඨානං. සීලානි අවිප්පටිසාරස්ස පදට්ඨානං අවිප්පටිසාරො පාමුජ්ජස්ස පදට්ඨානං. පාමුජ්ජං පීතියා පදට්ඨානං. පීති පස්සද්ධියා පදට්ඨානං. පස්සද්ධි සුඛස්ස පදට්ඨානං. සුඛං සමාධිස්ස පදට්ඨානං. සමාධි යථාභූතඤාණදස්සනස්ස පදට්ඨානං. යථාභූත ඤාණදස්සනං නිබ්බිදාය පදට්ඨානං. නිබ්බිදා විරාගස්ස පදට්ඨානං. විරාගො විමුත්තියා පදට්ඨානං. විමුත්ති විමුත්තිඤාණදස්සනස්ස පදට්ඨානං. එවං යො කොචි උපනිස්සයො යො කොචි පච්චයො සබ්බො සො පදට්ඨානං. තෙනාහ ආයස්මා මහාකච්චානො: “ධම්මං දෙසෙති ජිනො”ති.
Sinhala BJTමාර්‍ගය නිමිත්ත පවත්ති දෙකින් නැඟීසිටීම ලක්‍ෂණ කොට ඇත්තේ යැ, ඒ මාර්‍ගයට නිරෝධයට පදට්ඨාන යි. තීර්‍ත්‍ථ සංඛ්‍යාත බහුශ්‍රැතයකු පර්‍ය්‍යුපාසන කරනබව ධර්මොප සංහිත ප්‍රාමෝද්‍යයට පදට්ඨාන යැ, පීතඤ්ඤැතාව මාත්‍රඥභාවයට පදට්ඨාන යැ, මත්තඤ්ඤැතාව තමා පඤ්චපධානියඞ්ගයෙන් යුත් බව දන්නා ආත්මඥභාවයට පදට්ඨාන යැ, අත්තඤ්ඤැතාව පෙර කළ පින් ඇති බවට පදට්ඨාන යැ, පූර්‍වකෘත පුණ්‍යභාවය ප්‍රතිරූපදේශවාසයට පදට්ඨාන යැ, ප්‍රතිරූපදේශවාසය සත්පුරුෂෝපනිශ්‍රයට පදට්ඨාන යැ, සත්පුරුෂෝපනිශ්‍රය ආත්මසම්‍යක්ප්‍රණිධානය පදට්ඨාන යැ, ආත්ම සම්‍යක්ප්‍රණිධානය ශීලයට පදට්ඨාන යැ, ශීලයෝ අවිප්‍රතිසාරයට පදට්ඨාන යැ, අවිප්‍රතිසාරය ප්‍රාමෝද්‍යයට පදට්ඨාන යැ, ප්‍රාමෝද්‍යය ප්‍රීතියට පදට්ඨාන යැ, ප්‍රීතිය ක්ලේශදරථ සන්හිඳීමට පදට්ඨාන යැ, පස්සද්ධිය සුඛයට පදට්ඨාන යැ, සුඛය සමාධියට පදට්ඨාන යැ, සමාධිය යථාභූතඥානදර්‍ශනයට පදට්ඨාන යැ, යථාභූතඥානදර්‍ශනය (තරුණවිදර්‍ශනාව) නිර්වේදය (බලවවිපස්සනාව) ට පදට්ඨාන යැ, නිබ්බිදාව විරාගයට පදට්ඨාන යැ, විරාගය විමුක්තියට පදට්ඨාන යැ, විමුක්තිය විමුක්තිඥානදර්‍ශනයට පදට්ඨාන යි. මෙසේ යම් කිසි බලවත් ප්‍රත්‍යය සංඛ්‍යාත උපනිශ්‍රයෙක් යම් කිසි ශේෂප්‍රත්‍යයෙක් වේ ද එ හැම පදට්ඨාන යි. ආසන්න කාරණ වේ. එයින් වදාළහ, ආයුෂ්මත් මහාකාත්‍යායනස්ථවිරයන් වහන්සේ: “ධම්මං දේසේති ජිනෝ” යී.
Pali BJTනියුත්තො පදට්ඨානො හාරො.
Sinhala BJTපදට්ඨානහාරය යොදන ලදී.
Pali BJT3. 1. 5.
Sinhala BJT3. 1. 5.