Pali BJTවාසනාභාගියං සුත්තං සීලවන්තෙහි නිද්දිසිතබ්බං. තෙ යීලවන්තො පඤ්ච පුග්ගලා: පකතිසීලං සමාදානසීලං චිත්තප්පසාදො සමථො විපස්සනා චාති. වාසනාභාගියං සුත්තං ඉමෙහි පඤ්චහි පුග්ගලෙහි නිද්දිසිතබ්බං. ඉමෙහි පඤ්චහි ධම්මෙහි.{1}
Sinhala BJTවාසනාභාගිය (ලෝකිය සත්ත්‍වාධිෂ්ඨාන) සූත්‍රය සීලවන්තාදී පුද්ගලයන්ගේ වශයෙන් දැක්වියයුතු යැ. ඒ සිල්වත්හු පුද්ගලයෝ පස්දෙනෙකි : (සම්පත්තවිරති සංඛ්‍යාත) ප්‍රකෘති ශීල යැ, (පුද්ගලාධිෂ්ඨානයෙහි ඒ ඒ ශීලයෙන් යුත් පුද්ගලයා යි.) සමාදානශීල යැ, (කර්‍මඵලශ්‍රද්ධා රත්නත්‍රයෙහි ශ්‍රද්ධා යන) චිත්තප්‍රසාද යැ, ශමථ යැ, විදර්‍ශනා දැ’ යි වාසනාභාගිය සූත්‍රය මේ පස් පුඟුලන්ගෙන් දැක්වියැයුතු යැ. (ධර්‍මාධිෂ්ඨානසූත්‍රය ප්‍රකෘතිශීලාදි) මේ පඤ්චධර්‍මයන්ගෙන් (දැක්වියැයුතු.)
Pali BJTලොකුත්තරං සුත්තං ධම්මාධිට්ඨානං තීහි සුත්තෙහි නිද්දිසිතබ්බං. දස්සනභාගියෙන භාවනාභාගියෙන අසෙක්ඛභාගියෙන ච.
Sinhala BJTධර්‍මාධිෂ්ඨාන වූ ලෝකුත්තර සූත්‍රය දස්සනභාගිය භාවනාභාගිය අසෙක්ඛභාගිය ද යන තුන් සූත්‍රයන්ගෙන් දැක්වියැයුතු.
Pali BJTලොකියඤ්ච ලොකුත්තරඤ්ච සත්තාධිට්ඨානඤ්ච ධම්මාධිට්ඨානඤ්ච උභයෙන නිද්දිසිතබ්බං. ඤාණං පඤ්ඤාය නිද්දිසිතබ්බං. පඤ්ඤින්ද්රියෙන පඤ්ඤාබලෙන අධිපඤ්ඤාසික්ඛාය ධම්මවිචයසම්බොජ්ඣඞ්ගෙන සම්මාදිට්ඨියා තීරණාය සන්තීරණාය ධම්මෙ ඤාණෙන අන්වයෙ ඤාණෙන ඛයෙ ඤාණෙන අනුප්පාදෙ ඤාණෙන අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියෙන අඤ්ඤින්ද්රියෙන අඤ්ඤාතාවින්ද්රියෙන චක්ඛුනා විජ්ජාය බුද්ධියා භූරියා මෙධාය, යං යං වා පන ලබ්භති තෙන තෙන පඤ්ඤාධිවචනෙන නිද්දිසිතබ්බං.
Sinhala BJTසත්ත්‍වාධිෂ්ඨාන ද ධර්‍මාධිෂ්ඨාන ද වූ ලෝකිය ද ලෝකුත්තර ද සූත්‍රය (ලෝකිය ලෝකුත්තර) දෙකින් දැක්වියැයුතු. (යම් සූත්‍රයෙක ප්‍රඥාව ප්‍රකාශිත ද ඒ) ‘පඤ්ඤා’ පදයෙන් ‘ඤාණ’ සූත්‍රය දැක්වියැයුතු යැ, පඤ්ඤාඉන්‍ද්‍රිය යැ පඤ්ඤාබල යැ අධිපඤ්ඤා සික්ඛා යැ ධම්මවිචයසම්බොජඞ්ග යැ සම්මාදිට්ඨි යැ තීරණ යැ සන්තීරණ යැ ධම්මේඤාණ යැ අන්‍වයෙඤාණ යැ ඛයෙඤාණ යැ අනුප්පාදෙඤාණ යැ අනඤ්ඤාතඤ්ඤස්සාමිතිඉන්‍ද්‍රිය යැ අඤ්ඤිඉන්‍ද්‍රිය යැ අඤ්ඤතාවිඉන්‍ද්‍රිය යැ චක්ඛු යැ විජ්ජා යැ බුද්ධි යැ භූරි යැ මේධා යැ යන (පඤ්ඤාපරියාය) පදයෙන් ‘ඤාණ’ සූත්‍ර යි දැක්වියැයුතු යම් යම් පදයක් හෝ ලැබේ ද, පඤ්ඤාධිවචන වූ ඒ පදයෙන් ‘ඤාණ’ සූත්‍ර යයි දැක්වියැ යුතු.
Pali BJTඤෙය්යං අතීතානාගතපච්චුප්පන්නෙහි අජ්ඣත්තිකබාහිරෙහි හීනප්පණීතෙහි දූරසන්තිකෙහි සඞ්ඛතාසඞ්ඛතෙහි කුසලාකුසලබ්යාකතෙහි, සඞ්ඛෙපතො වා ඡහි ආරම්මණෙහි නිද්දිසිතබ්බං. ඤාණඤ්ච ඤෙය්යඤ්ච තදුභයෙන නිද්දිසිතබ්බං. පඤ්ඤා’පි ආරම්මණභූතා ඤෙය්යා, යං කිඤ්චි ආරම්මණභූතං අජ්ඣත්තිකං වා බාහිරං වා, සබ්බං තං සඞ්ඛතෙන අසඞ්ඛතෙන ච නිද්දිසිතබ්බං.
Sinhala BJT‘ඤෙය්‍ය’ සූත්‍රය අතීතානාගතප්‍රත්‍යුත්පන්න වූ ආධ්‍යාත්මික බාහිර වූ හීනප්‍රණීත වූ දූරසන්තික වූ සඞ්ඛතාසඞ්ඛත වූ කුසලාකුසලාබ්‍යාකත වූ ෂඩාලම්බනයෙන් සැකෙවින් හෝ (විස්තරයෙන් හෝ) දැක්වියැයුතු. ඤාණ ද ඤෙය්‍ය ද සූත්‍රය ඒ උභයලක්‍ෂණයෙන් දැක්වියැයුතු යැ, ප්‍රඥාව ද ප්‍රඥාන්තරයකට ආලම්බන වූවා ‘ඤෙය්‍ය’ නම් වේ. යම් කිසි ඤාණයට විෂය වූ ආධ්‍යාත්මික වූ හෝ බාහිර වූ හෝ රූපාදියක් ඇද්ද ඒ සියල්ල සඞ්ඛතභාවයෙන් ද අසඞ්ඛතභාවයෙන් ද ‘ඤෙය්‍ය’ යි දැක්වියැයුතු.
Pali BJTදස්සනං{1} භාවනා සකවචනං පරවචනං විස්සජ්ජනීයං අවිස්සජ්ජනීයං කම්මං විපාකොති සබ්බත්ථ තදුභයං සුත්තෙ යථා නිද්දිට්ඨං තථා උපධාරයිත්වා ලබ්භමානතො නිද්දිසිතබ්බං, යං වා පන කිඤ්චි භගවා අඤ්ඤතරං වචානං භාසති, සබ්බං තං යථා නිද්දිට්ඨං ධාරයිතබ්බං.
Sinhala BJTදස්සන යැ භාවනා යැ සකවචන යැ පරවචන යැ විස්සජ්ජනීය යැ අවිස්සජ්ජනීය යැ කම්ම යැ විපාක යැ යන සියලු තැන්හි ද තදුභයමිශ්‍ර සූත්‍රය ද ඒ ඒ සූත්‍රයෙහි යම්සේ දක්වන ලද ද එසේ උපධාරණය කොට ලැබෙන පදයන්ගේ වශයෙන් දැක්වියැයුතු. තවද භාග්‍යවතුන් වහන්සේ යම් කිසි අන්‍යතර වචනයක් (සූත්‍රයෙහි) වදාරනසේක් ද, ඒ සියල්ල (සියලු සූත්‍රය ලෝකියාදීන් කෙරෙහි එකක් වශයෙන් හෝ උභය වශයෙන් හෝ) යම් පරිදි දක්වනලද ද එපරිද්දෙන් ගතයුතු.
Pali BJTදුවිධො හෙතු: යඤ්ච කම්මං යෙ ච කිලෙසා. සමුදයො කිලෙසා තත්ථ කිලෙසා සංකිලෙසභාගියෙන සුත්තෙන නිද්දිසිතබ්බා. සමුදයො සංකිලෙසභාගියෙන ච වාසනාභාගියෙන ච සුත්තෙන නිද්දිසිතබ්බො.
Sinhala BJTහේතුව ද්විවිධ යැ : යම් කර්‍මයෙක් වේ ද, යම් ක්ලේශයෝත් වෙත් ද ඒ දෙක යැ, (සක්ලේශ වූ මැ කර්‍මය විපාකයට හේතු වෙයි සේයි.) සමුදය ඇත්තේ (සමුදය පක්‍ෂයෙහි වූවාහු) ක්ලේෂවත්හු යැ, එහි ක්ලේශයෝ සංකිලෙසභාගිය සූත්‍රයෙන් දැක්වියැ යුත්තාහු යැ, සමුදය සංකිලෙසභාගිය ද වාසනාභාගිය ද වූ සූත්‍රයෙන් දැක්වියැයුත්තේ ය.
Pali BJTතත්ථ කුසලං චතුහි සුත්තෙහි නිද්දිසිතබ්බං: වාසනාභාගියෙන දස්සනභාගියෙන භාවනාභාගියෙන අසෙක්ඛභාගියෙන ච. අකුසලං සංකිලෙසභාගියෙන නිද්දිසිතබ්බං. කුසලං ච අකුසලං ච තදුභයෙහි නිද්දිසිතබ්බං.
Sinhala BJTඑහි කුසලය වාසනාභාගිය දස්සනභාගිය භාවනාභාගිය අසෙක්ඛභාගිය ද යන සතර සූත්‍රයෙන් දැක්වියැයුතු යැ. අකුසලය සංකිලෙසභාගිය සූත්‍රයෙන් දැක්වියැයුතු යැ. කුසලය ද අකුසලය ද තදුභය සූත්‍රයන්ගෙන් දැක්වියැයුතු.
Pali BJTඅනුඤ්ඤාතං භගවතො අනුඤ්ඤාතාය නිද්දිසිතබ්බං. තං පඤ්චවිධං: සංවරො පහානං භාවනා සච්ඡිකිරියා කප්පියානුලොමොති. යං දිස්සති තාසු තාසු භූමීසු තං කප්පියානුලොමෙන නිද්දිසිතබ්බං. භගවතා පටික්ඛිත්තං පටික්ඛිත්තකාරණෙන නිද්දිසිතබ්බං. අනුඤ්ඤාතඤ්ච පටික්ඛිත්තඤ්ච තදුභයෙන නිද්දිසිතබ්බං.
Sinhala BJTඅනුඤ්ඤාතය භාග්‍යවතුන් වහන්සේගේ අනුඤ්ඤාතවචනයෙන් දැක්වියැයුතු යැ, එය පඤ්චවිධ යැ : සංවර යැ පහාන යැ භාවනා යැ සච්ඡිකිරියා යැ කප්පියානුලෝම යැ’ යි. (පෘථග්ජනභූමි ආදි) ඒ ඒ භූමියෙහි යමක් දක්නාලැබේ ද, ඒ ඒ භූමියෙහි එය (කප්පිය) කප්පියානුලොමයෙන් දැක්වියැයුතු යැ. භාග්‍යවතුන් විසින් ප්‍රතික්‍ෂේප කරනලද්ද ප්‍රතික්‍ෂිප්ත කාරණයෙන් දැක්වියැයුතු යැ. අනුඤ්ඤාත ද පටික්ඛිත්ත ද වූයේ ඒ දෙකින් දැක්වියැයුතු.
Pali BJTථවො පසංසාය නිද්දිසිතබ්බො. සො පඤ්චවිධෙන වෙදිතබ්බො: භගවතො, ධම්මස්ස, අරියසඞ්ඝස්ස, අරියධම්මානං සික්ඛාය ලොකියගුණසම්පත්තියාති. එවං ථවො පඤ්චවිධෙන නිද්දිසිතබ්බො.
Sinhala BJTථව සූත්‍රය ප්‍රශංසායෙන් දැක්වියැයුත්තේ යැ, හේ පඤ්ච ප්‍රකාරයෙකින් දතයුත්තේ යැ : භාග්‍යවතුන් වහන්සේ යැ, නිර්‍වාණධර්‍ම යැ, ආර්‍ය්‍යසඞ්ඝයා යැ, මාර්‍ගඵලසංඛ්‍යාත ආර්‍ය්‍යධර්‍මයෝ යැ, ශික්‍ෂාව පිළිබඳ ලෞකිකගුණසම්පත්තිය යැයි මෙසේ ස්තවය පඤ්චප්‍රකාරයෙන් දැක්වියැයුත්තේ යි.
Pali BJTඉන්ද්රියභූමි නවහි පදෙහි නිද්දිසිතබ්බා, කිලෙසභූමි නවහි පදෙහි නිද්දිසිතබ්බා. එවමෙතානි අට්ඨාරස පදානි හොන්ති: නව පදානි කුසලානි නව පදානි අකුසලානීති තථා හි වුත්තං: “අට්ඨාරස මූලපදා කුහිං දට්ඨබ්බා: සාසනපට්ඨානෙ”ති. තෙනාහ ආයස්මා මහාකච්චායනො:
Sinhala BJTඉන්‍ද්‍රියභූමිය සමථාදි නව පදයෙන් දැක්වියැයුත්තී යැ, කිලේසභූමිය තණ්හාදි නව පදයෙන් දැක්වියැයුත්තී යැ, මෙසේ තෙල අටළොස් පදයෝ වෙති. කුශල වූ නව පදයෝ යැ අකුශල වූ නව පදයෝ යි. එහෙයින් මැ කියන ලදි : “අට්ඨාරස මූලපදා කුහිං දට්ඨාබ්බා, සාසනපට්ඨානෙ” යි. එයින් වදාළහ ආයුෂ්මත් මහාකාත්‍යායන මහ රහතුන් වහන්සේ :
Pali BJT“නවහි පදෙහි කුසලා නවහි ච යුජ්ජන්ති අකුසලා පක්ඛා, එතෙ ඛලු මූලපදා භවන්ති අට්ඨාරස පදානී”ති.
Sinhala BJT“නවහි පදේහි කුසලා -පෙ- භවන්ති අට්ඨාරස පදානි” යි.
Pali BJTනියුත්තං සාසනපට්ඨානං.
Sinhala BJTසාසනපට්ඨානය යොදනලද්දේ යි.
Pali BJTඑත්තාවතා සමත්තා නෙත්ති යා ආයස්මතා මහාකච්චායනෙන භාසිතා භගවතා අනුමොදිතා මූලසඞ්ගීතියං සඞ්ගීතාති.
Sinhala BJTආයුෂ්මත් මහාකච්චායන තෙරණුවන් විසින් වදාරනලද භාග්‍යවතුන් විසින් අනුමෝදිත වූ මූලසඞ්ගීතියෙහි ලා සඞ්ගීත වූ නෙත්තිය මෙතෙකින් සමාප්ත යි.
Pali BJTනෙත්තිප්පකරණං නිට්ඨිතං.
Sinhala BJTනෙත්තිප්‍රකරණය නිමි.
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJTලබුගම ලඞ්කානන්ද ස්ථවිරයන් විසින් ලියනලද නෙත්තිප්පකරණව්‍යාඛ්‍යානය නිමියේ යි.