Pali BJTඉදං විස්සජ්ජනීයං ච අවිස්සජ්ජනීයං ච.
Sinhala BJTමේ විස්සජ්ජනීය ද අවිස්සජ්ජනීය ද වේ.
Pali BJT(19) තත්ථ කතමං කම්මං:
Sinhala BJT(19) එහි කම්ම කවරෙ යැ :
Pali BJT38. “අන්තකෙනාධිපන්නස්ස ජහතො මානුසං භවං, කිං හි තස්ස සකං හොති කිඤ්ච ආදාය ගච්ඡති; කිඤ්චස්ස අනුගං හොති ඡායාව අනපායිනී”
Sinhala BJT38, 39. (32, 33 ගාථාසන්න බලන්න).
Pali BJT39. “උභො පුඤ්ඤඤ්ච පාපං ච යං මච්චො කුරුතෙ ඉධ, තං හි තස්ස සකං හොති තං ච ආදාය ගච්ඡති; තඤ්චස්ස අනුගං හොති ඡායාව අනපායිනී”ති.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJTඉදං කම්මං.
Sinhala BJTමේ කර්‍ම යැ.
Pali BJT“පුන චපරං භික්ඛවෙ, බාලං පීඨසමාරූළ්හං වා මඤ්චසමාරූළ්හං වා ඡමාය{1} වා සෙමානං, යානිස්ස පුබ්බෙ පාපකානි කම්මානි කතානි කායෙන දුච්චරිතානි වාචාය දුච්චරිතානි මනසා දුච්චරිතානි, තානිස්ස තම්හි සමයෙ ඔලම්බන්ති අජ්ඣොලම්බන්ති අභිප්පලම්බන්ති. සෙය්යථාපි භික්ඛවෙ, මහන්තානං{2} පබ්බතකූටානං ඡායා සායන්හසමයං පඨවියා ඔලම්බන්ති අජ්ඣොලම්බන්ති අභිප්පලම්බන්ති, එවමෙව ඛො භික්ඛවෙ බාලං පීඨසමාරූළ්හං වා මඤ්චසමාරූළ්හං වා ඡමාය{1} වා සෙමානං යානිස්ස පුබ්බෙ පාපකානි කම්මානි කතානි කායෙන දුච්චරිතානි වාචාය දුච්චරිතානි මනසා දුච්චරිතානි, තානිස්ස තම්හි සමයෙ ඔලම්බන්ති අජ්ඣොලම්බන්ති අභිප්පලම්බන්ති. තත්ර භික්ඛවෙ බාලස්ස එවං හොති: අකතං වත මෙ කල්යාණං අකතං කුසලං අකතං භීරුත්තාණං, කතං පාපං කතං ලුද්දං කතං කිබ්බිසං, යා ච හොති{3} අකතකල්යාණානං අකතකුසලානං අකතභීරුත්තාණානං කතපාපානං කතලුද්දානං කතකිබ්බිසානං ගති, තං ගතිං පෙච්ච ගච්ඡාමීති සො සොචති කිලමති පරිදෙවති උරත්තාළිං කන්දති සම්මොහං ආපජ්ජතීති.
Sinhala BJT“යළිදු මහණෙනි, බාලයා පීඨයෙහි නැඟීහුන්නහුට හෝ මඤ්චයෙහි නැඟීහුන්නහුට හෝ බිමැ හෝනහුට හෝ ඔහු විසින් පෙර කරනලද කායදුශ්චරිත වාග්දුශ්චරිත මනෝදුශ්චරිත වූ යම් පාපකර්‍ම කෙනෙක් ඇද්ද, එසමයෙහි ඔහුට ඒ කර්‍මයෝ එළැඹ සිටිති, අධ්‍යවලම්බන අභිප්‍රලම්බන වෙත්. මහණෙනි, යම්පරිදි සවස්කාලයෙහි මහත් පර්‍වතකූටයන්ගේ සෙවණැලි පොළෝතෙලෙහි පැතිරේද, මහණෙනි, එපරිදි මැ පීඨයෙහි නැඟීහුන් වේවයි මඤ්චයෙහි නැඟීහුන් වේවයි බිමැ හෝනා වේවයි බාලයාහට ඔහු විසින් කළ කායදුශ්චරිත වාග්දුශ්චරිත මනෝදුශ්චරිත වූ යම් පෙර කළ පාපකර්‍ම කෙනෙක් ඇද්ද, එකල්හි ඒ කර්‍මයෝ එළැඹ සිටිත්. ඒ වැටහීම් ආපාථගත කල්හි බාලයාට මෙසේ සිත් වෙයි : මා විසින් කල්‍යාණයෙක් නොකරනලද මැ ය, කුශලයෙක් නොකරනලද මැ යැ, බියට පිහිටෙක් නොකරනලද මැ යැ, පව් කරනලද, කර්‍කශකර්‍ම කරනලද, කිලිටිකම් කරනලද. කලණකම් නොකළ කුසල් නොකළ බියට පිහිට නොකළ පව් කළ කැකුළුකම් කළ කිලිටිකම් කළ ඇත්තනට යම් ගතියෙක් ඇද්ද, පරලොවැ ඒ ගතියෙට යෙමි. හේ ශෝක කෙරෙයි, ක්ලාන්ත වෙයි, වැලැපෙයි ළෙහි පැහැර හඬයි, සම්මෝහයට පැමිණේ යයි.
Pali BJTපුන චපරං භික්ඛවෙ, පණ්ඩිතං පීඨසමාරූළ්හං වා මඤ්චසමාරූළ්හං වා ඡමාය වා සෙමානං, යානිස්ස පුබ්බෙ කල්යාණානි කම්මානි කතානි කායෙන සුචරිතානි වාචාය සුචරිතානි මනසා සුචාරිතානි, තානිස්ස තම්හි සමයෙ ඔලම්බන්ති අජ්ඣොලම්බන්ති අභිප්පලම්බන්ති. සෙය්යථාපි භික්ඛවෙ මහන්තානං පබ්බතකූටානං ඡායා සායන්හසමයං පඨවියං ඔලම්බන්ති අජ්ඣොලම්බන්ති අභිප්පලම්බන්ති, එවමෙව ඛො භික්ඛවෙ පණ්ඩිතං පීඨසමාරූළ්හං වා මඤ්චසමාරූළ්හං වා ඡමාය වා සෙමානං යානිස්ස පුබ්බෙ කල්යාණානි කම්මානි කතානි කායෙන සුචරිතානි වාචාය සුචරිතානි මනසා සුචරිතානි, තානිස්ස තම්හි සමයෙ ඔලම්බන්ති අජ්ඣොලම්බන්ති අභිප්පලම්බන්ති. තත්ර, භික්ඛවෙ පණ්ඩිතස්ස එවං හොති: අකතං වත මෙ පාපං අකතං ලුද්දං අකතං කිබ්බිසං කතං කල්යාණං කතං කුසලං කතං භීරුත්තාණං, යා ච හොති{3} පාපානං අකතලුද්දානං අකතකිබ්බිසානං කතකල්යාණානං කතකුසලානං කතභීරුත්තාණානං ගති, තං ගතිං පෙච්ච ගච්ඡාමීති. සො න සොචති න කිලමති න පරිදෙවති න උරත්තාළිං කන්දති න සම්මොහං ආපජ්ජති කතං මෙ පුඤ්ඤං අකතං පාපං, යා භවිස්සති ගති අකතපාපස්ස අකතලුද්දස්ස අකතකිබ්බිසස්ස කතපුඤ්ඤස්ස කතකුසලස්ස කතභීරුත්තාණස්ස, තං පෙච්ච ගතිං ගච්ඡාමීති විප්පටිසාරො න ජායති. අවිප්පටිසාරිනො ඛො භික්ඛවෙ ඉත්ථියා වා පුරිසස්ස වා ගිහිනො වා පබ්බජිතස්ස වා භද්දකං මරණං භද්දිකා කාලකිරියාති වදාමීති.
Sinhala BJTයළිදු මහණෙනි, පණ්ඩිතයා පීඨයෙහි නැඟීසිටියහුට වේවයි මඤ්චයෙහි නැඟීසිටියහුට වේවයි බිමැ හෝනහුට වේවයි ඔහු විසින් පෙර කරනලද කායසුචරිත වචීසුචරිත මනෝසුචරිත වූ යම් කුශලකර්‍ම කෙනෙක් ඇද්ද, එසමයෙහි ඔහුට ඒ කුශලකර්‍මයෝ එළැඹැ සිටිති, අධ්‍යවලම්බන අභිප්‍රලම්බන වෙත්. යම්පරිදි මහණෙනි, මහත් පර්‍වතකූටයන්ගේ සෙවණැලි සවස්කලැ පොළෝතෙලෙහි අවලම්බන අධ්‍යවලම්බන අභිප්‍රලම්බන වශයෙන් පැතිරෙත් ද, එපරිදි මැ මහණෙනි, පණ්ඩිතයා පීඨයෙහි නැඟීසිටියහු හෝ මඤ්චයෙහි නැඟීසිටියහු හෝ බිමැ හෝනහු හෝ ඔහු විසින් පෙර කරනලද කායසුචරිත වචීසුචරිත මනෝසුචරිත වූ යම් කුශලකර්‍ම කෙනෙක් ඇද්ද එසමයෙහි ඔහුට ඒ කර්‍මයෝ අවලම්බන අධ්‍යවලම්බන අභිප්‍රලම්බන වශයෙන් එළැඹ සිටිත්. එහි දී මහණෙනි, පණ්ඩිතහට මෙබඳු සිතෙක් වෙයි : ‘ඒකාන්තයෙන් මා විසින් පව් නොකරනලද රෞද්‍රකර්‍ම නොකරනලද කිල්විෂ නොකරනලද කල්‍යාණය කරනලද කුශලය කරනලද භයපරිත්‍රාණය කරනලද, නොකළ පව්ඇති නොකළ රළුකම් ඇති නොකළ කිලිටිකම් ඇති කළ කලණ ඇති කළ කුසල් ඇති කළ භයට පිහිට ඇති සත්නට යම්බඳු ගතියෙක් වේද, පරලොවැ දී ඒ ගතියට යෙමි’ විප්‍රතිසාරය නූපදී, ‘මහණෙනි, විපිළිසර නැති ස්ත්‍රියගේ හෝ පුරුෂයාගේ හෝ ගිහියාගේ හෝ පැවිද්දාගේ හෝ මරණය සොඳුරු වෙයි, කාලක්‍රියාව සොඳුරුවන්නී යයි කියමි’ යි.
Pali BJTඉදං කම්මං.
Sinhala BJTමේ කර්‍ම යැ.
Pali BJT“තීණිමානි භික්ඛවෙ දුච්චරිතානි, කතමානි තීණි: කායදුච්චරිතං වචීදුච්චරිතං මනොදුච්චරිතං. ඉමානි ඛො භික්ඛවෙ තීණි දුච්චරිතානි.
Sinhala BJT“මහණෙනි, මේ දුශ්චරිත තුනෙකි, තුනෙක යත් : කායදුශ්චරිතය වාග්දුශ්චරිතය මනෝදුශ්චරිත යි. මහණෙනි, මේ තුන් දුශ්චරිතයෝ” යි.
Pali BJTතීණිමානි භික්ඛවෙ, සුචරිතානි. කතමානි තීණි: කායසුචරිතං වචීසුචරිතං මනො සුචරිතං. ඉමානි ඛො භික්ඛවෙ, තීණි සුචරිතානී”ති.
Sinhala BJT“මහණෙනි, මේ සුචරිත තුනෙකි, කවර තුනෙක යත් : කායසුචරිතය වාක්සුචරිතය මනස්සුචරිත යි. මහණෙනි, මේ තුන් සුචරිතයෝ” ය යි.
Pali BJTඉදං කම්මං.
Sinhala BJTමේ කර්‍ම යි.
Pali BJT(20) තත්ථ කතමො විපාකො:
Sinhala BJT(20) එහි විපාක කවරෙ යැ :
Pali BJT“ලාභා වො භික්ඛවෙ, සුලද්ධං වො භික්ඛවෙ ඛනො වො පටිලද්ධො බ්රහ්මචරියවාසාය, දිට්ඨා මයා භික්ඛවෙ, ඡ ඵස්සායතනිකා නාම නිරයා, තත්ථ යං කිඤ්චි චක්ඛුනා රූපං පස්සති අනිට්ඨරූපං යෙව පස්සති නෙට ඉට්ඨරූපං, අකන්තරූපං යෙව පස්සති නො කන්තරූපං, අමනාපරූපංයෙව පස්සති නො මනාපරූපං, යං කිඤ්චි සොතෙන -පෙ- ඝානෙන -පෙ- ජිව්හාය -පෙ- කායෙන -පෙ- යං කිඤ්චි මනසා ධම්මං විජානාති අනිට්ඨධම්මං යෙව විජානාති නො ඉට්ඨධම්මං, අකන්තධම්මං යෙව විජානාති නො කන්තධම්මං, අමනාප ධම්මං යෙව විජානාති, නො මනාපධම්මං ලාභා වො භික්ඛවෙ, සුලද්ධං වො භික්ඛවෙ, ඛණො වො පටිලද්ධො බ්රහ්මචරියවාසාය.
Sinhala BJT“මහණෙනි, තොපට (මනුෂ්‍යාත්මප්‍රතිලාභාදීහු) ලාභයෝ යැ, මහණෙනි, තොප විසින් (පැවිදි වැ ලද චතුපාරිසුද්ධිසීලාදිය) සුලබ්ධ යැ, තොප විසින් බ්‍රහ්මචරිය පිණිස (අෂ්ට අක්‍ෂණවිනිර්මුක්ත වූ නවවැනි) ක්‍ෂණය ප්‍රතිලබ්ධ යැ. මහණෙනි, මා විසින් ෂට් ‘ඵස්සායතනික’ නම් නිරයෝ දක්නා ලදහ, එහි ඇසින් යම් කිසි රූපයක් දකී ද, අනිෂ්ට රූපයක් මැ දකී, ඉෂ්ටරූපයක් නොදකී, අකාන්තරූපයක් මැ දකී, කාන්තරූපයක් නොදකී, අමනාපරූපයක් මැ දකී, මනාපරූපයක් නො දකී. කනින් යම් කිසි ශබ්දයක් ... නැහැයෙන් ... දිවින් ... කයින් ... සිතින් යම් කිසි ධර්‍මයක් දැනගනී ද, අනිෂ්ට ධර්‍මයක් මැ දනී, ඉෂ්ටධර්‍මයක් නොදනී, අකාන්තධර්‍මයක් මැ දනී, කාන්තධර්‍මයක් නොදනී, අමනාපධර්‍මයක් මැ දනී, මනාපධර්‍මයක් නොදනී. මහණෙනි, තොපට ලාභයෝ යැ, මහණෙනි, තොප විසින් සුලබ්ධ යැ, තොප විසින් බඹසරවස් විසීම පිණිස තොපවිසින් (නවවැනි සම්පත්) ක්‍ෂණය ලද්දේ යි.
Pali BJTදිට්ඨා මයා භික්ඛවෙ, ඡ ඵස්සායතනිකා නාම සග්ගා. තත්ථ යං කිඤ්චි චක්ඛුනා රූපං පස්සති ඉට්ඨරූපංයෙව පස්සති නො අනිට්ඨරූපං, කන්තරූපංයෙව පස්සති නො අකන්තරූපං, මනාපරූපංයෙව පස්සති නො අමනාපරූපං, යං කිඤ්චි සොතෙන සද්දං සුණාති -පෙ- ඝානෙන -පෙ- ජිව්හාය -පෙ- කායෙන -පෙ- මනසා ධම්මං විජානාති ඉට්ඨධම්මංයෙව විජානාති නො අනිට්ඨධම්මං, කන්තධම්මංයෙව විජානාති නො අකන්ත ධම්මං, මනාපධම්මංයෙව විජානාති නො අමනාපධම්මං, ලාභා වො භික්ඛවෙ, සුලද්ධං වො භික්ඛවෙ, ඛණො වො පටිලද්ධො බ්රහ්මචරිය වාසායා”ති
Sinhala BJTමහණෙනි, මා විසින් සවැදෑරුම් ‘ඵස්සායතනික’ නම් ස්වර්‍ගයෝ දක්නාලදහ, එහි ඇසින් යම් කිසි රුවක් දකී ද, ඉෂ්ටරූපයක් මැ දකී, අනිෂ්ටරූපයක් නොදනී. කාන්තරූපයක් මැ දකී, අකාන්තරූපයක් නොදකී, මනාපරූපයක් මැ දකී, අමනාපරූපයක් නොදකී. කනින් යම් කිසි ශබ්දයක් අසා ද ... නැහැයෙන් ... දිවින් ... කයින් ... සිතින් යම් කිසි ධර්‍මයක් දැනගනී ද, ඉෂ්ටධර්‍මයක් මැ දනී, අනිෂ්ටධර්‍මයක් නොදනී, කාන්තධර්‍මයක් මැ දනී, අකාන්තධර්‍මයක් නොදනී, මනාපධර්‍මයක් මැ දනී, අමනාපධර්‍මයක් නොදනී. මහණෙනි, තොපට (මනුෂ්‍යාත්මභාවාදීහු) ලාභයෝ යැ, මහණෙනි, තොප විසින් (චතුපාරිසුද්ධිසීලාදිය) සුලබ්ධ යැ, තොප විසින් බඹසරවස් පිණිස සම්පත් ක්‍ෂණය ලබනලදැ” යි.
Pali BJTඅයං විපාකො.
Sinhala BJTමේ විපාක යැ.
Pali BJT40. “සට්ඨි වස්සසහස්සානි පරිපුණ්ණානි සබ්බසො, නිරයෙ පච්චමානානං කදා අන්තො භවිස්සති.
Sinhala BJT40. නිරයෙහි පැසෙන අපට සර්‍වප්‍රකාරයෙන් සැටවාදහසෙක් පිරුණාහුය, කවර කලෙක අන්තයෙක් වන්නේ ද -
Pali BJT41. නත්ථි අන්තො කුතො අන්තො න අන්තො පති දිස්සති, තදා හි පකතං පාපං මම{1} තුය්හං ච මාරිසා”ති.
Sinhala BJT41. අන්තයෙක් නැත, අන්තයෙක් කොහි යැ, අන්තයෙක් නො දක්නා ලැබෙයි. නිදුක, යම්හෙයෙකින් එකල මා විසින් ද තොප විසින් ද පව් කරන ලදැයි.
Pali BJTඅයං විපාකො.
Sinhala BJTමේ විපාක යි.
Pali BJT(21) තත්ථ කතමං කම්මං ච විපාකොච :
Sinhala BJT(21) එහි කම්ම ද විපාක ද කවරෙ යැ :
Pali BJT42. “අධම්මචාරී හි නරො පමත්තො යහිං යහිං ගච්ඡති දුග්ගතිං යො, සො නං අධම්මො චරිතො හනාති සයං ගහීතො යථා කණ්හසප්පො”
Sinhala BJT42. ප්‍රමත්ත වූ එහෙයින් මැ අධර්‍මචාරී වූ යම් මිනිසෙක් යම් යම් තැනෙක දුගතියට යේද, තමා විසින් ගන්නාලද කෘෂ්ණසර්‍පයෙක් යම්සේ ද එමෙන් තමා විසින් රැස්කළ ඒ අධර්‍මය ඒ අධර්‍මචාරියා නසයි.
Pali BJT43. “න හි ධම්මො අධම්මො ච අභො සමවිපාකිනො, අධම්මො නිරයං නෙති ධම්මො පාපෙති සුග්ගතිං”
Sinhala BJT43. ධර්‍මය ද අධර්‍මය ද යන දෙක නො මැ සම විපාක ඇත්තාහු වෙති, අධර්‍මය නිරයට පමුණුවයි, ධර්‍මය සුගතියට පමුණුවා’ යි.
Pali BJTඉදං කම්මං ච විපාකො ච.
Sinhala BJTමේ කර්‍ම ද විපාක ද වෙයි.
Pali BJT“මා භික්ඛවෙ පුඤ්ඤානං භායිත්ථ, සුඛස්සෙතං භික්ඛවෙ, අධිවචනං ඉට්ඨස්ස කන්තස්ස පියස්ස මනාපස්ස යදිදං පුඤ්ඤානීති. අභිජානාමි ඛො පනාහං භික්ඛවෙ, දීඝරත්තං කතානං පුඤ්ඤානං දීඝරත්තං{1} ඉට්ඨං කන්තං පියං මනාපං විපාකං පච්චනුභූතං සත්ත වස්සානි මෙත්තචිත්තං භාවෙත්වා සත්ත සංවට්ටවිවට්ටකප්පෙ න ඉමං ලොකං පුනරාගමාසිං, සාවට්ටමානෙ සුදං{2} භික්ඛවෙ, කප්පෙ ආභස්සරූපගො හොමි, විවට්ටමානෙ කප්පෙ සුඤ්ඤං බ්රහ්මවිමානං උපපජ්ජාමි, තත්ර සුදං{2} භික්ඛවෙ, බ්රහ්මා හොමි මහාබ්රහ්මා අභිභූ අනභිභූතො අඤ්ඤදත්ථු දසො වසවත්තී. ඡත්තිංසක්ඛත්තුං ඛො පනාහං භික්ඛවෙ, සක්කො අහොසිං දෙවානමින්දො. අනෙකසතක්ඛත්තුං රාජා අහොසිං චක්කවත්තී ධම්මිකො ධම්මරාජා චාතුරන්තො විජිතාවී ජනපදත්ථාවරියප්පත්තො සත්තරතනසමන්නාගතො කො පන වාදො පදෙසරජ්ජස්ස.
Sinhala BJT“මහණෙනි, පිනට නහමක් බියපත් වවු, මහණෙනි, මේ පින් යැ යනු ඉෂ්ට වූ කැමැතිවූ ප්‍රියවූ මනවඩන සුවයට තෙල නමෙකි. මහණෙනි, මම් දීර්‍ඝරාත්‍රයෙහි (මාවිසින්) කරනලද පුණ්‍යයන්ගේ ඉෂ්ට වූ කාන්ත වූ ප්‍රිය වූ මනාප වූ විපාකය දීර්‍ඝකාලයක් විඳුන ලද්දේ දනිම් මැ ය. සත් හවුරුද්දක් මුළුල්ලෙහි මෙත්සිත් වඩා සංවට්ට විවට්ටකල්ප සතක් මෙ මිනිස්ලොවට පෙරළා නොආයෙමි. මහණෙනි, කල්පය නැසෙන කල්හි ආභස්සර බඹලොවට පැමිණියෙම් වෙමි, කල්පය හටගන්නා කල්හි සිස්වූ බඹවිමනක උපදිමි. මහණෙනි, මම එහි බ්‍රහ්ම වෙමි, (බ්‍රහ්මපාරිසජ්ජ බ්‍රහ්මපුරෝහිතයන් කෙරෙහි) මහාබ්‍රහ්ම වෙමි, ඔවුන් අභිභවනය කරනසුලු වූයෙම් අනභිභූත වෙමි, ඒකාන්තයෙන් තුන්කල් දක්නෙම් (ස්වකීය චිත්තය) වශයෙහි පවත්වනසුලු වෙමි. තවද මහණෙනි, මම සතිස්වරක් දේවේන්‍ද්‍ර වූ ශක්‍ර වූයෙමි. අනේසියවර දැහැමිවූ දැහැමින් රජ වූ සියුසයුරු අන්ත කොට ඇති පොළොව දිනූ සිය ජනපදයෙහි තහවුරුබවට පැමිණි සත්රුවනින් සමන්‍වාගත සක්විති රජ විමි. ප්‍රදේශරාජ්‍යය ගෙන කියනු කවරෙ යැ.”
Pali BJTතස්ස මය්හං භික්ඛෙවෙ, එතදහොසි: කිස්ස නුඛො මෙ ඉදං කම්මස්ස ඵලං කිස්ස කම්මස්ස විපාකො යෙනාහං එතරහි එවං මහිද්ධිකො එවං මහානුභාවොති. තස්ස මය්හං භික්ඛවො, එතදහොසි: තිණ්ණං ඛො මෙ ඉදං කම්මානං ඵලං තිණ්ණං කම්මානං විපාකො යෙනාහං එතරහි එවං මහිද්ධිකො එවං මහානුභාවො, සෙය්යථීදං: දානස්ස දමස්ස සංයමස්සාති.
Sinhala BJTමහණෙනි, මට (පැසුළු සක්විතිකලැ) මෙබඳු සිතෙක් විය : ‘යම් හෙයෙකින් මම මෙකල මෙසේ මහත් ඍද්ධි ඇතියෙම් මෙසේ මහත් අනුභාව ඇතියෙම් මේ කවර කර්‍මයක්හුගේ ඵලයෙක් ද? කවර කර්‍මයක විපාකයෙක් දැ’ යි. මහණෙනි, මට තෙල සිත විය : යම් පිනෙකින් මම මෙකල මෙසේ මහත්ඍද්ධි ඇතියෙම් මහත්අනුභාව ඇතියෙම් ද, මේ මාගේ තුන් කර්‍මයක්හුගේ ඵල යැ, තුන් කර්‍මයක්හුගේ විපාක යි : ඒ මෙසේ යැ : ආහාරාදි දේයධර්‍මදාන යැ චක්‍ෂුරාදි ඉන්‍ද්‍රියදමන යැ කායවාක්සංයම යැ, යන කර්‍මයන්ගේ යි.
Pali BJTතත්ථ යඤ්ච දානං යො ච දමො යො ච සංයමො, ඉදං කම්මං. යො තප්පච්චයා විපාකො පච්චනුභූතො, අයං විපාකො.
Sinhala BJTඑහි යම් දානයෙක් යම් ඉන්‍ද්‍රියදමනයෙක් යම් කායවාක්සංයමයෙක් ඇද්ද මේ කර්‍ම යැ. ඒ හේතුයෙන් යම් විපාකයෙක් විඳුනාලද්දේ ද මේ විපාක යි.
Pali BJTතථා “චුල්ලකම්මවිභඞ්ගො” වත්තබ්බො, යං සුභස්ස මාණවස්ස තොදෙය්ය පුත්තස්ස දෙසිතං. තත්ථ යෙ ධම්මා අප්පායුකදීඝායුකතාය සංවත්තන්ති, බව්හාබාධඅප්පාබාධතාය - අප්පෙසක්ඛ මහෙසක්ඛතාය - දුබ්බණ්ණ සුවණ්ණතාය - නීචකුලිකඋච්චාකුලිකතාය - අප්පභොග මහා භොගතාය - දුප්පඤ්ඤපඤ්ඤාවන්තතාය ච සංවත්තන්ති, ඉදං කම්මං. යා තත්ථ අප්පායුකදීඝායුකතා -පෙ- දුප්පඤ්ඤපඤ්ඤාවන්තතා, අයං විපාකො.
Sinhala BJTඑසේ මැ (මැඳුම්සඟියැ) චුල්ලකම්මවිභඞ්ග සූත්‍රය කියැයුත්තේයැ : තෝදෙය්‍යපුත්‍ර සුභමාණවකහට යමක් දෙසනලද ද, එහි යම් ධර්‍ම කෙනෙක් අල්පායුෂ්ක දීර්‍ඝායුෂ්ක බවට වැටෙත් ද, බහ්වාබාධ අල්පාබාධ බවට - අල්පයශස්ක මහායශස්ක බවට - දුවර්‍ණ සුවර්‍ණ බවට - නීචකුලික උච්චාකුලික බවට - අල්පභෝග මහාභෝග බවට - දුෂ්ප්‍රාඥ ප්‍රඥාවත් බවට වැටෙත් ද, මේ කර්‍ම යැ. එහි යම් අල්පායුෂ්ක දීර්‍ඝායුෂ්ක බවක් ... දුෂ්ප්‍රඥා ප්‍රඥාවත්බවක් ඇද්ද මේ විපාක යි.
Pali BJTඉදං කම්මං ච විපාකො ච.
Sinhala BJTමේ කර්‍ම ද විපාක ද වේ.
Pali BJT(22) තත්ථ කතමං කුසලං :
Sinhala BJT(22) එහි කුසල කවරෙ යැ :
Pali BJT44. “වාචානුරක්ඛී මනසා සුසංවුතො කායෙන ච අකුසලං න{3} කයිරා, එතෙ තයො කම්මපථෙ විසොධයෙ ආරාධයෙ මග්ගං ඉසිප්පවෙදිත”න්ති.
Sinhala BJT44. වාග්දුශ්චරිතය දුරැලීමෙන් වචනය රක්නාසුලු වූයේ අභිධ්‍යාදිය දුරැලීමෙන් සිතින් මොනොවට සංවෘත වූයේ කයිනුදු ප්‍රාණවධාදි අකුශලය නො කරන්නේ යැ, මෙසේ තුන් කර්‍මපථය පිරිසිදුකරන්නේ යැ, බුද්ධාදි ඍෂීන් විසින් ප්‍රවිදිත වූ ආර්‍ය්‍යමාර්‍ගය සිද්ධකරන්නේ යි.
Pali BJTඉදං කුසලං.
Sinhala BJTමේ කුසල යැ.
Pali BJT45. “යස්ස කායෙන වාචාය මනසා නත්ථි දුක්කටං, සංවුතං තීහි ඨානෙහි තමහං බ්රූමි බ්රාහ්මණ”න්ති.
Sinhala BJT45. යමක්හුගේ කයින් වචනයෙන් සිතින් දුෂ්කෘත (අපායසංවත්තනික කර්‍ම) යෙක් නැද්ද, මේ කායාදි තුන් කරුණෙන් සුසංවෘත වූ ඔහු මම බ්‍රාහ්මණ යයි කියමි.
Pali BJTඉදං කුසලං.
Sinhala BJTමේ කුසල යැ.
Pali BJT”තීණිමානි භික්ඛවෙ, කුසලමූලානි. කතමානි තීණි: අලොභො කුසලමූලං අදොසො කුසලමූලං අමොහො කුසලමූලං. ඉමානි ඛො භික්ඛවෙ, තීණි කුසලමූලානී”ති
Sinhala BJT“මහණෙනි, මේ කුසලමූලයෝ තිදෙනෙක් වෙති, කවර තිදෙනෙක යත් : අලෝභ කුසලමූල යැ අදෝසකුසලමූල යැ අමෝහකුසලමූල යි. මහණෙනි, මේ තුන් කුසල මූලයෝ” යි.
Pali BJTඉදං කුසලං.
Sinhala BJTමේ කුසල යැ.
Pali BJT“විජ්ජා භික්ඛවෙ, පුබ්බඞ්ගමා කුසලානං ධම්මානං සමාපත්තියා අන්වදෙව{1} හිරිඤ්ච ඔතප්පං චා”ති.
Sinhala BJT“මහණෙනි, කුශලධර්‍මයන්ගේ ඉපැදීමට (කම්මස්සකතඤාණ සංඛ්‍යාත) විද්‍යාව (සහජාත උපනිශ්‍රය වශයෙන්) පූර්‍වඞ්ගම වෙයි, හිරි ද ඔතප් ද එක්වැ මැ උපදනේ” යි.
Pali BJTඉදං කුසලං.
Sinhala BJTමේ කුසල යි.
Pali BJT(23) තත්ථ කතමං අකුසලං:
Sinhala BJT(23) එහි අකුසල කවරෙ යැ :
Pali BJT46. “යස්ස අච්චන්තදුස්සීල්යං මාලුවා සාලමිවොතතං, කරොති සො තථත්තානං යථා නං ඉච්ඡති දිසො”ති.
Sinhala BJT46. යමක්හුගේ ඒකාන්තදුශ්ශීලභාවය සල්රුකක් වැතිරැගෙන වැඩුණු මාලුවා ලතාවක් මෙන් ඔහුගේ ආත්මභාවය වැළඳගෙන සිටියේ ද, යම්සේ සතුරෙක් තම සතුරාට අනර්‍ත්‍ථ කැමැති වේ ද, එපරිද්දෙන් හේ තමහට අනර්‍ත්‍ථ කෙරේ යයි.
Pali BJTඉදං අකුසලං.
Sinhala BJTමේ අකුසල යැ.
Pali BJT47. “අත්තනා හි කතං පාපං{2} අත්තජ අත්තසම්භවං, අභිමන්ථති දුම්මෙධං වජිරං වස්මමයං මණිං”ති.
Sinhala BJT47. වජ්‍රය තමහට උත්පත්තිස්ථාන වූ පාෂාණමය මැණික (කඩකඩ කොට) අපරිභෝග කරන්නාක් මෙන් තමා කෙරෙහි උපන් තමා කෙරෙහි හටගත් තමා විසින් ම කරනලද පාපය දුෂ්ප්‍රාඥ වූ පවිටු පුද්ගලයා (අපායාදියෙහි ලා) මඩනේ යි.
Pali BJTඉදං අකුසලං.
Sinhala BJTමේ අකුසල යැ.
Pali BJT48. දස කම්මපථෙ නිසෙවිය අකුසලා කුසලෙහි විවජ්ජිතා, ගරහා භවන්ති දෙවතෙ, බාලමතී නිරයෙසු පච්චරෙ”ති.
Sinhala BJT48. දෙවිය, අඥානපුද්ගලයෝ දශ අකුශලකර්‍මපථය කොට කුශලයෙන් තොර වූවාහු (නුවණැතියන් විසින්) ගැරැහියැයුත්තාහු වෙති, අඥානබුද්ධි ඇති ඔවුහු නරකයන්හි පැසෙත් යයි.
Pali BJTඉදං අකුසලං.
Sinhala BJTමේ අකුසල යැ.
Pali BJT“තීණිමානි භික්ඛවෙ අකුසලමූලානි. කතමානි තීණි: ලොභො අකුසලමූලං දොසො අකුසලමූලං මොහො අකුසලමූලං. ඉමානි ඛො භික්ඛවෙ තීණි අකුසලමූලානී”ති.
Sinhala BJT“මහණෙනි, මේ අකුශලමූලයෝ තිදෙනෙක් වෙති, කවර තිදෙනෙක යත් : ලෝභ අකුසල මූල යැ දෝසඅකුසල මූල යැ මෝහඅකුසල මූල යි. මහණෙනි, මේ තුන් අකුශල මූලයෝ යි.”
Pali BJTඉදං අකුසලං.
Sinhala BJTමේ අකුසල යි.
Pali BJT(24) තත්ථ කතමං කුසලං ච අකුසලං ච:
Sinhala BJT(24) එහි කුසල ද අකුසල ද කවරෙ යැ :
Pali BJT49. “යාදිසං වපතෙ බීජං තාදිසං හරතෙ ඵලං, කල්යාණකාරී කල්යාණං පාපකාරී ච පාපක”න්ති.
Sinhala BJT49. යම්බඳු බිජුවටක් වපුරා ද, එබඳු වූ ශස්‍යඵලය හැරැගනී, එසෙයින් කුසල් කරනසුලු වූයේ කුශලඵලය ද පව් කරනසුලු වූයේ අකුශලඵලය ද විඳුනේ යි.
Pali BJTතත්ථ යං ආහ: “කල්යාණකාරී කල්යාණ”න්ති ඉදං කුසලං, යං ආහ: “පාපකාරී ච පාපකං”තී ඉදං අකුසලං.
Sinhala BJTඑහි ‘කල්‍යාණකාරී කල්‍යාණං’ යි යමක් වදාළාහු ද මේ කුසල යැ. ‘පාපකාරී ච පාපකං’ යි යමක් වදාළාහු ද මේ අකුසල යැ.
Pali BJTඉදං කුසලං ච අකුසලං ච.
Sinhala BJTමේ කුසල ද අකුසල ද වෙයි.
Pali BJT50. “සුභෙන කම්මෙන වජන්ති සුග්ගතිං අපායභුමිං අසුභෙන කම්මුනා, ඛයා ච කම්මස්ස විමුත්තචෙතසො නිබ්බන්ති තෙ ජොතීරිවින්ධනක්ඛයා”.
Sinhala BJT50. සුභ වූ කුශලකර්‍මයෙන් සුගතියට යෙති, අකුශලකර්‍මයෙන් අපායභූමියට යෙති, යළි කර්‍මක්‍ෂය වීමෙන් විමුක්ත සිත්ඇති ඒ රහත්හු දර ක්‍ෂයවීමෙන් ගින්න මෙන් පිරිනිවෙත්.
Pali BJTතත්ථ යං ආහ: සුභෙන කම්මෙන වජන්ති සුග්ගති”න්ති ඉදං කුසලං, යං ආහ: “අපායභූමිං අසුභෙන කම්මුනා”ති ඉදං අකුසලං.
Sinhala BJTඑහි “සුභෙන කම්මෙන වජන්ති සුග්ගතිං” යි යමක් වදාළාහු ද, මේ කුසල යැ. ‘අපාය භූමිං අසුභෙන කම්මුනා’ යි යමක් වදාළාහු ද, මේ අකුසල යැ.
Pali BJTඉදං කුසලඤ්ච අකුසලඤ්ච.
Sinhala BJTමේ දේශනාව කුසල ද අකුසල ද වේ.
Pali BJT(25) තත්ථ කතමං අනුඤ්ඤාතං :
Sinhala BJT(25) එහි අනුඤ්ඤාත කවරෙ යැ :
Pali BJT51. “යථාපි භමරො පුප්ඵං වණ්ණගන්ධං අහෙඨයං, පලෙති රසමාදාය එවං ගාමෙ මුනී චරෙ”ති.
Sinhala BJT51. යම්සේ බමරා පුෂ්පය ද වර්‍ණය හා ගන්‍ධය ද නො නසා මල්රස ගෙන පෙරළා යේ ද, එසෙයින් මුනි තෙමේ ගම්හි පිඬුසිඟා හැසිරෙන්නේ යි.
Pali BJTඉදං අනුඤ්ඤාතං.
Sinhala BJTමේ අනුඤ්ඤාත යැ.
Pali BJTතීණිමානි භික්ඛවෙ, භික්ඛූනං කරණීයානි. කතමානි තීණි: ඉධ භික්ඛවෙ, භික්ඛු පාතිමොක්ඛ සංවරසංවුතො විහරති ආචාරගොචර සම්පන්නො අණුමත්තෙසු වජ්ජෙසු භයදස්සාවී සමාදාය සික්ඛති සික්ඛා පදෙසු, කායකම්මවචීකම්මෙන සමන්නාගතො කුසලෙන පරිසුද්ධාජීවො, ආරද්ධවිරියො ඛො පන හොති, ථාමවා දළ්හපරක්කමො අනික්ඛිත්තධුරො අකුසලානං ධම්මානං පහානාය කුසලානං ධම්මානං භාවනාය සච්ඡිකිරියාය, පඤ්ඤවා ඛො පන හොති උදයබ්බයගාමිනියා පඤ්ඤාය සමන්නාගතො අරියාය නිබ්බෙධිකාය සම්මාදුක්ඛක්ඛයගාමිනියා. ඉමානි ඛො භික්ඛවෙ භික්ඛූනං තීණි කරණීයානී”ති.
Sinhala BJT“මහණෙනි, මේ භික්‍ෂූන් විසින් කරණී තුනක් වෙති, කවර තුනෙක යත් : මහණෙනි, මෙ සස්නෙහි මහණ ප්‍රාතිමෝක්‍ෂසංවරයෙන් සංවෘත වූයේ ආචාරගෝචර දෙකින් යුක්ත වූයේ අණුමාත්‍ර වරදෙහි භය දක්නාසුලු වැ වාස කෙරෙයි, කුශල වූ කායකර්‍ම වාක්කර්‍මයෙන් සමන්‍විත වැ පරිශුද්ධ ආජීව ඇතියේ ශික්‍ෂාපදයන් සමාදන්ව ගෙන හික්මෙයි, යළි ස්ථිර වූ දැඩි පරාක්‍රම ඇතියේ රුකුළු වැරඇතියේ වෙයි, අකුශලධර්‍මයන්ගේ ප්‍රහාණය පිණිස කුශලධර්‍මයන්ගේ වැඩීම පිණිස ප්‍රත්‍යක්‍ෂ කිරීම පිණිස නො තැබූ වීර්‍ය්‍ය ඇත්තේ වෙයි. යළි ප්‍රඥා ඇත්තේ වෙයි, ආර්‍ය්‍ය වූ (ලෝභාදීන්ගේ) නිර්වේධය කරන මනා කොට දුඃඛක්‍ෂයට පමුණුවන උදයව්‍යයපරිග්‍රාහක වූ ප්‍රඥායෙන් සමන්‍වාගත වේ. මහණෙනි, මේ භික්‍ෂූන්ගේ තුන් කරණීහු වෙත්” යයි.
Pali BJTඉදං අනුඤ්ඤාතං.
Sinhala BJTමේ අනුඤ්ඤත යැ.
Pali BJT“දස ඉමෙ භික්ඛවෙ, ධම්මා පබ්බජිතෙන අභිණ්හං පච්චවෙක්ඛිතබ්බා. කතමෙ දස: වෙවණ්ණියම්හි අජ්ඣූපගතොති. පබ්බජිතෙන අභිණ්හං පච්චවෙක්ඛිතබ්බං -පෙ- ඉමෙ ඛො භික්ඛවෙ, දස ධම්මා පබ්බජිතෙන අභිණ්හං පච්චවෙක්ඛිතබ්බා”ති.
Sinhala BJT“මහණෙනි, මේ දශධර්‍මයෝ පැවිද්දා විසින් නිරතුරු ප්‍රත්‍යවේක්‍ෂා කටයුත්තාහ, කවර දසයෙක යත් : විවර්‍ණබවට පැමිණියෙම් වෙමි නිරතුරු සිතියැයුතු ... මහණෙනි, මේ දශධර්‍මයෝ පැවිද්දා විසින් නිරතුරු සිතියැයුත්තාහ” යි.
Pali BJTඉදං අනුඤ්ඤාතං.
Sinhala BJTමේ අනුඤ්ඤත යැ.
Pali BJT“තීණිමානි භික්ඛවෙ කරණීයාති. කතමානි තීණි: කායසුචරිතං වචීසුචරිතං මනොසුචරිතං. ඉමානි ඛො භික්ඛවෙ තීණි කරණීයානී”ති
Sinhala BJT“මහණෙනි, මේ කරණී තුනෙක, කවර තුනෙක යත් : කායසුචරිත යැ වාක්සුචරිත යැ මනස්සුචරිත යි. මහණෙනි, මේ තුන් කරණීහු” යි.
Pali BJTඉදං අනුඤ්ඤාතං.
Sinhala BJTමේ අනුඤ්ඤත යැ.
Pali BJT(26) තත්ථ කතමං පටික්ඛිත්තං :
Sinhala BJT(26) එහි පටික්ඛිත්ත කවරෙ යැ :
Pali BJT52. “නත්ථි පුත්තසමං පෙමං නත්ථි ගොසමිතං ධනං, නත්ථි සුරියසමා ආභා සමුද්දපරමා සරා”ති.
Sinhala BJT52. පුත්‍රප්‍රේමය හා සම වූ ප්‍රේමයෙක් නැත, ගවධනය හා සම වූ ධනයෙක් නැත, සූර්‍ය්‍යාලෝකය සම වූ අවහාසයෙක් නැත, සියලු ජලාසයෝ සමුද්‍රය පරම කොට ඇත්තාහ’ යි.
Pali BJTභගවා ආහ:
Sinhala BJTබුදුහු මෙසේ වදාළහ :
Pali BJT53. ‘නත්ථි අත්තසමං පෙමං නත්ථි ධඤ්ඤසමං ධනං, නත්ථි පඤ්ඤාසමා ආභා වුට්ඨි වෙ පරමා සරා”ති.
Sinhala BJT53. ආත්මප්‍රේමය සම වූ ප්‍රේමයෙක් නැත, ධාන්‍යසම වූ ධනයෙක් නැත, ප්‍රඥාලෝකය සම වූ අවහාසයෙක් නැත, ජලාසයෝ වර්‍ෂාව පරම කොට ඇත්තාහ’ යි
Pali BJTඑත්ථ යං පුරිමකං, ඉදං පටික්ඛිත්තං.
Sinhala BJTමෙහි පූර්‍ව වූ යම් වචනයක් ඇද්ද එහි - මේ පටික්ඛිත්ත යි.
Pali BJT”තීණිමානි භික්ඛවෙ, අකරණීයානි. කතමානි තීණි: කායදුච්චරිතං වචීදුච්චරිතං මනොදුච්චරිතං. ඉමානි ඛො භික්ඛවෙ, තීණි අකරණියානී”ති.
Sinhala BJT“මහණෙනි, මේ අකරණී තුනෙක, කවර තුනෙක යත් : කායදුශ්චරිත යැ වාග්දුශ්චරිත යැ මනෝදුශ්චරිත යි. මහණෙනි, මේ තුන් අකරණීය යෝ” යි.
Pali BJTඉදං පටික්ඛිත්තං.
Sinhala BJTමේ පටික්ඛිත්ත යි.
Pali BJT(27) තත්ථ කතමං අනුඤ්ඤාතං ච පටික්ඛිත්තං ච :
Sinhala BJT(27) එහි අනුඤ්ඤත ද පටික්ඛිත්ත ද කවරෙ යැ :
Pali BJT54. “කිංසූධ භීතා ජනතා අනෙකා මග්ගො ච නෙකායතනො{1} පවුත්තො, පුච්ඡාමි තං ගොතම භූරිපඤ්ඤ, කිස්මිං ඨිතො පරලොකං න භායෙ”ති.
Sinhala BJT54. පෘථිවිසම විස්තෘත ප්‍රඥා ඇති ගෞතමයන් වහන්ස මුබවහන්සේ පුළුවුස්මි, (අටතිස් අරමුණු විසින්) නොයෙක් කරුණු ඇති මාර්‍ගය ද ප්‍රකාශ කරනලද්දේය. මෙලොවැ නොයෙක් ජනසමූහයෝ කුමකින් බියපත් වූවාහු ද, කවර ධර්‍මයෙක්හි සිටියේ (මෙලොවින් යනුයේ) පරලොවට බිය නොවන්නේ දැ’ යි.
Pali BJT55. “වාචං මනඤ්ච පණිධාය සම්මා කායෙන පාපානි අකුබ්බමානො, බව්හන්නපානං ඝරමාවසන්තො සද්ධො මුදු සංවිභාගී වදඤ්ඤූ; එතෙසු ධම්මෙසු ඨිතො චතූසු ධම්මෙ ඨිතො පරලොකං න භායෙ”ති.
Sinhala BJT55. වචනය ද සිත ද මනාකොට පිහිටුවා කයින් පව් නොකරන බොහෝ ආහාරපාන ඇති කුලගෙයි වසන ශ්‍රද්ධා ඇති මෘදු වූ දානසංවිභාග ඇති ප්‍රතිග්‍රාහකයන්ගේ බස් දන්නා මේ සතරදහම්හි සිටි පුද්ගල ධර්‍මයෙහි සිටියේ පරලොවට බිය නොවන්නේ යයි.
Pali BJTතත්ථ යං ආහ : “වාචං මනං ච පණිධාය සම්මා”ති ඉදං අනුඤ්ඤාතං; “කායෙන පාපානි අකුබ්බමානො”ති ඉදං පටික්ඛිත්තං; “බව්හන්නපානං ඝරමාවසන්තො සද්ධො මුදූ සංවිභාගී වදඤ්ඤූ එතෙසු ධම්මෙසු ඨිතො චතුසු ධම්මෙ ඨිතො පරලොකං න භායෙ”ති ඉදං අනුඤ්ඤාතං;
Sinhala BJTඑහි “...” වාචං මනං ච පණිධාය සම්මා “... යමක් වදාළසේක් ද, මේ ‘අනුඤ්ඤත’ යැ, කායේන පාපානි අකුබ්බමානෝ “...” යන මේ ‘පටික්ඛිත්ත’ යැ, “බව්හන්නපානං ඝරමාවසන්තෝ සද‍්ධො මුදු සංවිභාගී වදඤ්ඤෑ එතෙසු ධම්මේසු ඨිතො චතුසු ධම්මේ ඨිතො පරලෝකං න භායෙ” යන මේ අනුඤ්ඤත යැ.
Pali BJTඉදං අනුඤ්ඤාතඤ්ච පටික්ඛිත්තං ච.
Sinhala BJTමේ අනුඤ්ඤාත ද පටික්ඛිත්ත ද වෙයි.
Pali BJT56. “සබ්බපාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා, සචිත්තපරියොදපනං එතං බුද්ධානසාසනං”
Sinhala BJT56. සියලු අකුසල් නොකිරීමද චාතුර්භූමක කුශලයාගේ ප්‍රතිලාභය ද (රහත්මගින්) ස්වකීය චිත්තසන්තානය පවිත්‍ර කිරීම ද යන තෙල සියලු බුදුවරයන්ගේ අනුශාසනායි.
Pali BJTතත්ථ යං ආහ: “සබ්බපාපස්ස අකරණ”න්ති ඉදං පටික්ඛිත්තං, යං ආහ: “කුසලස්ස උපසම්පදා”ති ඉදං අනුඤ්ඤාතං.
Sinhala BJTඑහි “...” සබ්බපාපස්ස අකරණං “...” යි යමක් වදාළසේක් ද මේ ‘පටික්ඛිත්ත යැ. කුසලස්ස උපසම්පදා යි යමක් වදාළසේක් ද මේ අනුඤ්ඤාත යැ.
Pali BJTඉදං අනුඤ්ඤාතං ච පටික්ඛිත්තං ච.
Sinhala BJTමේ අනුඤ්ඤාත ද පටික්ඛිත්ත ද වෙයි.
Pali BJT“කායසමාචාරම්පහං දෙවානමින්ද, දුවිධෙන වදාමි: සෙවිතබ්බම්පි අසෙවිතබ්බම්පීති. වචීසමාචාරම්පහං දෙවානමින්ද, දුවිධෙන වදාමි: සෙවිතබ්බම්පි අසෙවිතබ්බම්පීති, පරියෙසනම්පහං දෙවානමින්ද, දුවිධෙන වදාමි: සෙවිතබ්බම්පි අසෙවිතබ්බම්පීති
Sinhala BJT“දේවේන්‍ද්‍රය, මම කායසමාචාරය ද සේවිතව්‍ය ද අසේවිතව්‍ය දැ’ යි දෙපරිද්දෙකින් කියමි, දේවේන්‍ද්‍රය, මම වාක්සමාචාරය ද සේවිතව්‍ය ද අසේවිතව්‍ය දැ’ යි දෙපරිද්දෙකින් කියමි, දේවේන්‍ද්‍රය, මම පර්‍ය්‍යෙෂණය ද සේවිතව්‍ය ද අසේවිතව්‍ය දැ’ යි දෙපරිද්දෙකින් කියමි.
Pali BJTකායසමාචාරම්පහං දෙවානමින්ද, දුවිධෙන වදාමි: සෙවිතබ්බම්පි අසෙවිතබ්බම්පීති. ඉති ඛො පනෙතං වුත්තං, කිඤ්චෙතං පටිච්ච වුත්තං: යථාරූපඤ්ච ඛො කායසමාචාරං සෙවතො අකුසලා ධම්මා අභිවඩ්ඪන්ති කුසලා ධම්මා පරිහායන්ති, එවරූපො කායස්මාචාරො න සෙවිතබ්බො, තත්ථ යං ජඤ්ඤා කායසමාචාරං ඉමං ඛො මෙ කායසමාචාරං සෙවතො අකුසලා ධම්මා පරිහායන්ති කුසලා ධම්මා අභිවඩ්ඪන්ති, එවරූපො කායසමාචාරො සෙවිතබ්බො. කායසමාචාරම්පහං දෙවානමින්ද දුවිධෙන වදාමි: සෙවිතබ්බම්පි අසෙවිතබ්බම්පි ඉති යන්තං වුත්තං, ඉදමෙතං පටිච්ච වුත්තං. වචීසමාචාරං -පෙ-
Sinhala BJT“දේවේන්‍ද්‍රය, මම කායසමාචාරය ද සේවිතව්‍ය ද අසේවිතව්‍ය දැ’ යි දෙපරිද්දෙකින් කියමියි මෙසේ තෙල කියනලද, තෙල කුමක් සඳහා කියනලද ද යත් : යම්බඳු කාය සමාචාරයක් සෙවුනාහට අකුශලධර්‍මයෝ වැඩෙත් ද, කුශලධර්‍මයෝ පිරිහෙත් ද මෙබඳු කායසමාචාරය නො සෙවියැයුත්තේ යැ, එහි යම් කායසමාචාරයක් ‘මේ කායසමාචාරය සෙවුනා මට අකුශලධර්‍මයෝ පිරිහෙති, කුශලධර්‍මයෝ වැඩෙති’ යි දන්නේ ද, මෙබඳු වූ කායසමාචාරය සෙවියැ යුත්තේ යැ. ‘දේවේන්‍ද්‍රය, මම කායසමාචාරය ද සේවිතව්‍ය ද අසේවිතව්‍ය දැ’ යි දෙපරිද්දෙකින් කියමි’ යි මෙසේ යමක් කියනලද ද මෙය තෙල කරුණ සඳහා කියනලද්දේය. වාක්සමාචාරය ...
Pali BJTපරියෙසනම්පහං දෙවානමින්ද, දුවිධෙන වදාමි: සෙවිතබ්බම්පි අසෙවිතබ්බම්පීති. ඉති ඛො පනෙතං වුත්තං, කිඤ්චෙතං පටිච්ච වුත්තං: යථාරූපඤ්ච ඛො පරියෙසනං සෙවතො අකුසලා ධම්මා අභිවඩ්ඪන්ති කුසලා ධම්මා පරිහායන්ති, එවරූපා පරියෙසනා න සෙවිතබ්බා. තත්ථ යං ජඤ්ඤා පරියෙසනං ඉමං ඛො මෙ පරියෙසනං සෙවතො අකුසලා ධම්මා පරිහායන්ති කුසලා ධම්මා අභිවඩ්ඪන්තීති, එවරූපා පරියෙසනා සෙවිතබ්බා. පරියෙසනම්පහං දෙවානමින්ද දුවිධෙන වදාමි: සෙවිතබ්බම්පි අසෙවිතබ්බම්පි. ඉති යං තං වුත්තං, ඉදමෙතං පටිච්ච වුත්තං.
Sinhala BJTදේවේන්‍ද්‍රය, මම පර්‍ය්‍යෙෂණය ද සේවිතව්‍ය ද අසේවිතව්‍ය දැ’ යි දෙපරිද්දෙකින් කියමි’ යි මෙසේ තෙල කියනලද, තෙල කුමක් සඳහා කියනලද යැ යත් : ‘යම්බඳු පර්‍ය්‍යෙෂණයක් සෙවුනාහට අකුශලධර්‍මයෝ වැඩෙත් ද, කුශලධර්‍මයෝ පිරිහෙත් ද, මෙබඳු පර්‍ය්‍යෙෂණය නො සෙවියැයුතු යැ. එහි යම් පර්‍ය්‍යෙෂණයක් සෙවුනාහට ‘මේ පර්‍ය්‍යෙෂණය සෙවුනා මට අකුශලධර්‍මයෝ පිරිහෙති, කුශලධර්‍මයෝ වැඩෙති’ යි, දන්නේ ද, මෙබඳු පර්‍ය්‍යෙෂණය සෙවියැයුතු යැ. දේවේන්‍ද්‍රය, මම පර්‍ය්‍යෙෂණය ද සේවිතව්‍ය ද අසේවිතව්‍ය දැ’ යි දෙපරිද්දෙකින් කියමි’ යි මෙසේ යමක් කියනලද ද මෙය තෙල කරුණ සඳහා කියන ලදි.
Pali BJTතත්ථ යං ආහ: “සෙවිතබ්බම්පී”ති ඉදං අනුඤ්ඤාතං. යං ආහ: “න සෙවිතබ්බම්පි”ති ඉදං පටික්ඛිත්තං.
Sinhala BJTඒ දේශනායෙහි “සේවිතබ්බම්පි” යි යමක් වදාළ සේක් ද මේ “අනුඤ්ඤාත” යැ. ‘න සෙවිතබ්බං’ යි යමක් වදාළසේක් ද මේ ‘පටික්ඛිත්ත’ යැ.
Pali BJTඉදං අනුඤ්ඤාතං ච පටික්ඛිත්තං ච.
Sinhala BJTමේ අනුඤ්ඤාත ද පටික්ඛිත්ත ද වේ.
Pali BJT(28) තත්ථ කතමො ථවො:
Sinhala BJT(28) ඒ ශාසනපට්ඨානයෙහි ථව සූත්‍ර කවරෙ යැ :
Pali BJT57. “මග්ගානට්ඨඞ්ගිකො සෙට්ඨො සච්චානං චතුරො පදා, විරාගො සෙට්ඨො ධම්මානං ද්විපදානං ච චක්ඛුමා”ති.
Sinhala BJT57. ජඞ්ගමාදි මාර්‍ගයන් අතුරෙන් අෂ්ටාඞ්ගික ආර්‍ය්‍යමාර්‍ගය උතුම් වෙයි, සත්‍යයන් අතුරෙන් දුක්ඛාදි (ආර්‍ය්‍යසත්‍යප්‍රකාශක) සතර පදය උතුම් වෙයි, ධර්‍මයන් අතුරෙන් නිර්‍වාණසංඛ්‍යාත විරාගය උතුම් වෙයි, දේවමනුෂ්‍යාදි දෙපාඇත්තවුන් අතුරෙන් පසැස්ඇති තථාගතයෝ උතුම් වෙත්.
Pali BJTඅයං ථවො.
Sinhala BJTමේ ථව (ස්තව) දේශනා යැ.
Pali BJT“තීණිමානි භික්ඛවෙ, අග්ගානි, කතමානි තීණි: යාවතා භික්ඛවෙ සත්තා අපදා වා ද්විපදා වා චතුප්පදා වා බහුප්පදා වා රූපිනො වා අරූපිනො වා සඤ්ඤිනො වා අසඤ්ඤිනො නෙවසඤ්ඤිනාසඤ්ඤිනො වා, තථාගතො තෙසං අග්ගමක්ඛායති සෙට්ඨමක්ඛායති පවරමක්ඛායති, යදිදං අරහං සම්මාසම්බුද්ධො.
Sinhala BJT“මහණෙනි, මේ අග්‍ර (උත්තම) යෝ තිදෙනෙක් වෙති, කවර තිදෙනෙක යත් : මහණෙනි, අපාද වූ ද්වීපාද හෝ චතුෂ්පාද හෝ බහුප්පාද හෝ රූපී හෝ අරූපී හෝ සංඥී හෝ අසංඥී හෝ නෛවසංඥීනාසංඥී වූ හෝ යම් පමණ සත්ත්‍ව කෙනෙක් ඇද්ද, ඒ සත්ත්‍වයන් අතුරෙන් යම් අර්‍හත් සම්‍යක් සම්බුද්ධ කෙනෙක් වෙද්ද ඒ තථාගතයෝ ගුණයෙන් අග්‍ර වූහ’ යි කියනුලැබෙති, ශ්‍රේෂ්ඨ වූහ’ යි ප්‍රවර වූහ’ යි කියනුලැබෙත්.
Pali BJTයාවතා භික්ඛවෙ, ධම්මානං පණ්ණත්ති සඞ්ඛතානං වා අසඞ්ඛතානං වා විරාගො තෙසං ධම්මානං අග්ගමක්ඛායති සෙට්ඨමක්ඛායති පවරමක්ඛායති, යදිදං මදනිම්මදනො -පෙ- නිරොධො නිබ්බානං.
Sinhala BJTමහණෙනි, සංඛත (ප්‍රත්‍යයෙන් කරනලද) වූ හෝ අසංඛත වූ හෝ ධර්‍මයන්ගේ යම් පමණ ප්‍රඥප්තියක් ඇද්ද, ඒ ධර්‍මයන් අතුරෙන් යම් රාගමදාදිය නිර්මද කරන ... නිරෝධ සංඛ්‍යාත නිර්‍වාණයෙක් වේ ද, ඒ විරාග (නිර්‍වාණ) ධර්‍මය අග්‍ර යයි කියනු ලැබෙයි, ශ්‍රේෂ්ඨ යයි ප්‍රවර යයි කියනුලැබේ.
Pali BJTයාවතා භික්ඛවෙ, සඞ්ඝානං පණ්ණත්ති ගණානං පණ්ණත්ති මහාජනසන්නිපාතානං පණ්ණත්ති තථාගතසාවකසඞ්ඛො තෙසං අග්ගමක්ඛායති සෙට්ඨමක්ඛායති පවරමක්ඛායති යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨපුරිසපුග්ගලා -පෙ- පුඤ්ඤක්ඛෙත්තං ලොකස්සා”ති.
Sinhala BJTමහණෙනි, යම් පමණ සමූහයන්ගේ ප්‍රඥප්තියක් ගණයන්ගේ ප්‍රඥප්තියක් මහාජන සන්නිපාතයන්ගේ ප්‍රඥප්තියක් ඇද්ද, ඒ සමූහයන් අතුරෙන් අෂ්ට පුරුෂපුද්ගල වූ ... ලොවට අනුත්තර පින්කෙත්වූ යම් පුරුෂයුගල සතරක් ඇද්ද, ඒ තථාගතශ්‍රාවක සංඝඅග්‍ර යයි කියනුලැබෙයි, ශ්‍රේෂ්ඨ යයි ප්‍රවර යයි කියනුලැබේ යි.
Pali BJT58. “සබ්බලොකුත්තරො සත්ථා ධම්මො ච කුසලක්ඛතො,{1} ගණො ච නරසීහස්ස තානි තීණි විසිස්සරෙ.
Sinhala BJT58. සියලු ලෝකයා කෙරෙහි උත්තරීතර වූ ශාස්තෲන් වහන්සේ ද අනවද්‍ය වූ (ප්‍රතිපක්‍ෂ රාගාදීන් විසින් සියලු තීර්‍ත්‍ථකයන් විසින් හෝ) අක්‍ෂත වූ ධර්‍මය ද නරසිංහ වූ තථාගතයන්ගේ ශ්‍රාවක සංඝයා ද යන ඒ රත්නත්‍රය (සියලු රත්නයන් කෙරෙන්) විශේෂ වේ.
Pali BJT59. සමණපදුමසඤ්චයො ගණො ධම්මවරො ච විදූන සක්කතො, නරවරදමකො ච චක්ඛුමා තානි තීණි ලොකස්ස උත්තරි.
Sinhala BJT59. ශ්‍රමණාඛ්‍ය පද්මසමූහය වූ ආර්‍ය්‍යගණයා ද විඥයන් විසින් සත්කාර කරනලද නවලෝකෝත්තර ධර්‍ම වරය ද නරෝත්තම වූ පුරුෂදම්‍යයන් දමනය කරන බුදුහු ද යන ඒ රත්නත්‍රය ලොවට උත්තරීතර වේ.
Pali BJT60. සත්ථා ච අප්පටිසමො ධම්මො ච සබ්බො නිරූපදාහො, අරියො ච ගණවරො තානි ඛලු විසිස්සරෙ තීණි.
Sinhala BJT60. අප්‍රතිසම වූ ශාස්තෲන් වහන්සේ ද රාගපරිදාහාදි දාහ රහිත වූ සියලු ධර්‍මය ද ආර්‍ය්‍ය වූ උත්තම ගණයා ද යන ඒ රත්නත්‍රය ඒකාන්තයෙන් විශේෂ වේ.
Pali BJT61. සච්චනාමො ජිනො ඛෙමො සබ්බාභිභූ සච්චධම්මො, නත්ථඤ්ඤො තස්ස උත්තරි අරියසඞ්ඝො නිච්චං විඤ්ඤූන පූජිතො තානි තීණි ලොකස්ස උත්තරි.”
Sinhala BJT61. සත්‍ය වූ (අවිතථ වූ) සංඥා ඇති නිර්‍භය වූ සියලු ලොව තමන් ගුණයෙන් අභිභවා සිටි ජිතපඤ්චමාරයන් වහන්සේ ද සත්‍ය වූ සපර්‍ය්‍යාප්තික නවලෝකොත්තර ධර්‍මය ද ඒ ධර්‍මයට උත්තරිතර වූ අන් ධර්‍මයකුදු නැති, විඥයන් විසින් නිති පුදනලද ආර්‍ය්‍යසංඝයා ද යන ඒ රත්නත්‍රය ලොවට උතුම් වේ.
Pali BJT62. “එකායනං ජාතිඛයන්තදස්සී මග්ගං පජානාති හිතානුකම්පී, එතෙන මග්ගෙන තරිංසු පුබ්බෙ තරිස්සන්ති යෙ ච{2} තරන්ති ඔඝං.
Sinhala BJT62. ජාතිය පිළිබඳ අත්‍යන්තක්‍ෂය සංඛ්‍යාත අන්තය (නිර්‍වාණය) ප්‍රත්‍යක්‍ෂ කළ ඒ ඒ හිතයෙන් සත්ත්‍වයන්ට අනුකම්පා කරන සර්‍වඥයන් වහන්සේ ඒකායන මාර්‍ගය (ස්වයම්භූඥානයෙන්) දන්නාසේක, පෙර කාමෝඝාදිය තරණය කළ යම් කෙනෙක් වෙත්ද ඔහු මේ මගින් තරණය කළාහුය, මතු තරණය කරන්නාහුය, දැනුදු තරණය කෙරෙත්.
Pali BJT63. තං තාදිසං දෙවමනුස්සසෙට්ඨං සත්තා නමස්සන්ති විසුද්ධිපෙක්ඛා”ති.
Sinhala BJT63. අත්‍යන්තවිශුද්ධිය අපේක්‍ෂා කරන සත්ත්‍වයෝ දෙවිමිනිසුන් කෙරෙහි ශ්‍රේෂ්ඨ වූ තාදෘශ වූ ඒ සර්‍වඥයන් නමස්කාර කෙරෙත් යයි.
Pali BJTඅයං ථවො’ති.
Sinhala BJTමේ ස්තව සූත්‍ර යි.
Pali BJTතත්ථ ලොකියං සුත්තං ද්වීහි සුත්තෙහි නිද්දිසිතබ්බං: සංකිලෙස භාගියෙන ච වාසනාභාගියෙන ච. ලොකුත්තරම්පි සුත්තං තීහි සුත්තෙහි නිද්දිසිතබ්බං: දස්සනභාගියෙන ච
Sinhala BJT(මෙසේ දෙවැදෑරුම් ශාසනපට්ඨානය නානාසූත්‍රපද උදාහරණ කරමින් විභාග කොට මෙවිට සංකිලෙසභාගිය සූත්‍රාදිය හා සංසන්‍දනය කොට දක්වන සේක.)
Pali BJTභාවනාභාගියෙන ච අසෙඛභාගියෙන ච. ලොකියඤ්ච ලොකුත්තරඤ්ච යස්මිං සුත්තෙ යං යං පදං දිස්සති සංකිලෙසභාගියං වාසනාභාගියං වා, තෙන තෙන ලොකියන්ති නිද්දිසිතබ්බං, දස්සනභාගියං වා භාවනාභාගියං වා අසෙක්ඛභාගියං වා යං යං පදං දිස්සති, තෙන තෙන ලොකුත්තරන්ති නිද්දිසිතබ්බං.
Sinhala BJTඒ ශාසනපට්ඨානයෙහි ‘ලෝකිය’ සූත්‍රය සංකිලෙසභාගිය ද වාසනාභාගිය ද යන සූත්‍ර දෙකින් දැක්වියැයුතු යැ. ‘ලෝකුත්තර’ සූත්‍රය දස්සනභාගිය ද භාවනාභාගිය ද (නිබ්බේධභාගිය සූත්‍රය මැ දෙපරිද්දෙකින් කියනලදි) අසෙක්ඛභාගිය ද යන තුන් සූත්‍රයෙන් දැක්වියැයුතු යි. යම් සූත්‍රයෙකැ ලෞකික වූ ද ලෝකෝත්තර වූ ද සංකිලෙසභාගිය හෝ වාසනාභාගිය හෝ යම් යම් පදයෙක් දක්නා ලැබේ ද, ඒ ඒ පදයෙන් ‘ලෝකිය’ යි දැක්වියැයුතු යැ. දස්සනභාගිය හෝ භාවනාභාගිය හෝ අසෙක්ඛභාගිය හෝ යම් යම් පදයෙක් දක්නා ලැබේ ද, ඒ ඒ පදයෙන් ‘ලෝකුත්තර’ යි දැක්වියැයුතු යි.
Pali BJTවාසනාභාගියං සුත්තං සංකිලෙසභාගියස්ස සුත්තස්ස නිග්ඝාතාය, දස්සනභාගියං සුත්තං වාසනාභාගියස්ස සුත්තස්ස නිග්ඝාතාය, දස්සනභාගියං සුත්තං වාසනාභාගියස්ස සුත්තස්ස පටිනිස්සග්ගාය. භාවනාභාගියං සුත්තං දස්සනභාගියස්ස සුත්තස්ස පටිනිස්සග්ගාය, අසෙක්ඛභාගියං සුත්තං භාවනාභාගියස්ස සුත්තස්ස පටිනිස්සග්ගාය, අසෙක්ඛභාගියං සුත්තං දිට්ඨධම්මසුඛවිහාරත්ථං.
Sinhala BJTවාසනාභාගියසූත්‍රය සංකිලෙසභාගිය සූත්‍රයාගේ (සූත්‍රාර්‍ත්‍ථයාගේ යයි සෙයි) ප්‍රහාණය පිණිස වෙයි, දස්සනභාගිය සූත්‍රය වාසනාභාගිය සූත්‍රයාගේ ප්‍රහාණය පිණිස වෙයි, දස්සනභාගිය සූත්‍රය වාසනාභාගිය සූත්‍රයාගේ දුරැලීම පිණිස වෙයි, භාවනාභාගිය සූත්‍රය දස්සනභාගිය සූත්‍රයාගේ දුරැලීම පිණිස වෙයි, අසෙක්ඛභාගිය සූත්‍රය භාවනාභාගිය සූත්‍රයාගේ දුරැලීම පිණිස වෙයි, අසෙක්ඛභාගිය සූත්‍රය ඉහාත්මසුඛවිහරණය පිණිස වේ.
Pali BJTලොකුත්තරං සුත්තං සත්තාධිට්ඨානං ඡබ්බීසතියා පුග්ගලෙහි නිද්දිසිතබ්බං. තෙ තීහි සුත්තෙහි සමන්වෙසිතබ්බා: දස්සනභාගියෙන භාවනාභාගියෙන අසෙක්ඛභාගියෙන චාති.
Sinhala BJTසත්ත්‍වාධිෂ්ඨාන වූ ලෝකුත්තර සූත්‍රය සවිසිපුද්ගලයන්ගෙන් දැක්වියැයුතු යැ. ඒ සවිසි යුද්ගලයෝ දස්සනභාගිය ද භාවනාභාගිය ද අසෙක්ඛභාගිය ද යන තුන් සූත්‍රයන්ගෙන් සමන්‍වෙෂණය කළයුත්තාහු ය.
Pali BJTතත්ථ දස්සනභාගියං සුත්තං පඤ්චහි පුග්ගලෙහි නිද්දිසිතබ්බං: එකබීජිනා කොලංකොලෙන සත්තක්ඛත්තූපරමෙන සද්ධානුසාරිනා ධම්මානුසාරිනා චාති. දස්සනභාගියං සුත්තං ඉමෙහි පඤ්චහි පුග්ගලෙහි නිද්දිසිතබ්බං. භාවනාභාගියං සුත්තං ද්වාදසහි පුග්ගලෙහි නිද්දිසිතබ්බං: සකදාගාමිඵලසච්ඡිකිරියාය පටිපන්නෙන, සකදාගාමිනා, අනාගාමිඵලසච්ඡිකිරියාය පටිපන්නෙන, අනාගාමිනා, අන්තරාපරිනිබ්බායිනා, උපහච්චපරිනිබ්බායිනා, අසඞ්ඛාරපරිනිබ්බායිනා, සසඞ්ඛාරපරිනිබ්බායිනා, උද්ධං සොතෙන අකණිට්ඨගාමිනා, සද්ධාවිමුත්තෙන, දිට්ඨිප්පත්තෙන, කායසක්ඛිනා චාති. භාවනාභාගියං සුත්තං ඉමෙහි ද්වාදසහි පුග්ගලෙහි නිද්දිසිතබ්බං. අසෙඛභාගියං සුත්තං නවහි පුග්ගලෙහි නිද්දිසිතබ්බං: සද්ධාවිමුත්තෙන, පඤ්ඤාවිමුත්තෙන, සුඤ්ඤතවිමුත්තෙන, අනිමිත්ත විමුත්තෙන, අප්පණිහිතවිමුත්තෙන, උභතොභාගවිමුත්තෙන, සමසීසිනා, පච්චෙකබුද්ධසම්මාසම්බුද්ධෙහි චාති. අසෙක්ඛභාගියං සුත්තං ඉමෙහි නවහි පුග්ගලෙහි නිද්දිසිතබ්බං. එවං ලොකුත්තරං සුත්තං සත්තාධිට්ඨානං ඉමෙහි ඡබ්බීසතියා පුග්ගලෙහි නිද්දිසිතබ්බං.
Sinhala BJTඑහි දස්සනභාගිය සූත්‍රය ඒකබීජී කොලංකොල සත්තක්ඛත්තුපරම සද්ධානුසාරී ධම්මානුසාරී ද පඤ්ච පුද්ගලයන්ගෙන් දැක්වියැයුතු යැ, දස්සනභාගිය සූත්‍රය මේ පඤ්ච පුද්ගලයන්ගෙන් දැක්වියැයුතු. භාවනාභාගිය සූත්‍රය දොළොස් පුද්ගල කෙනකුන්ගෙන් දැක්වියැයුතු. සකෘදාගාමිඵල පසක්කිරීමට පිළිපන්නේ යැ සකෘදාගාමි යැ අනාගාමීඵල පසක්කිරීමට පිළිපන්නේ යැ අනාගාමී යැ අන්තරාපරිනිබ්බායී යැ උපපච්ච පරිනිබ්බායී යැ අසඞ්ඛාරපරිනිබ්බායී යැ සසඞ්ඛාරපරිනිබ්බායී යැ උද්ධංසෝතඅකනිට්ඨගාමී යැ සද්ධාවිමුත්ත යැ දිට්ඨිප්පත්ත යැ කායසක්ඛී යැ යන මේ දොළොස් පුද්ගලයන්ගෙන් භාවනාභාගිය සූත්‍රය දැක්වියයුතු. අසෙක්ඛභාගිය සූත්‍රය පුද්ගලයන් නවදෙනකුන්ගෙන් දැක්වියැයුතු යැ. සද්ධාවිමුත්ත යැ පඤ්ඤාවිමුත්ත යැ සුඤ්ඤතවිමුත්ත යැ අනිමිත්තවිමුත්ත යැ අප්පණිහිතවිමුත්ත යැ උභතෝභාගවිමුත්ත යැ සමසීසි යැ පච්චේක බුද්ධ යැ සම්මාසම්බුද්ධ යැ යන මේ නවපුද්ගලයන්ගෙන් අසෙක්ඛභාගිය සූත්‍රය දැක්වියැ යුතු. මෙසේ සත්ත්‍වාධිෂ්ඨාන වූ ලෝකුත්තර සූත්‍රය මේ සවිසි පුද්ගලයන්ගෙන් දැක්වියැයුතු.
Pali BJTලොකියං සුත්තං සත්තාධිට්ඨානං එකූනවීසතියා පුග්ගලෙහි නිද්දිසිතබ්බං: තෙ චරිතෙහි නිද්දිට්ඨා සමන්වෙසිතබ්බා, කෙචි රාගචරිතා, කෙචි දොසචරිතා, කෙචි මොහචරිතා, කෙචි රාගචරිතා ච දොසචරිතා ච, කෙචි රාගචරිතා ච මොහචරිතා ච, කෙචි දොසචරිතා ච මොහචරිතා ච, කෙචි රාගචරිතා ච දොසචරිතා ච මොහචරිතා ච. රාගමුඛෙ ඨිතො රාගචරිතො, රාගමුඛෙ ඨිතො දොසචරිතො, රාගමුඛෙ ඨිතො මොහචරිතො, රාගමුඛෙ ඨිතො රාගචරිතො ච දොසචරිතො ච මොහචරිතො ච. දොසමුඛෙ ඨිතො දොසචරිතො දොසමුඛෙ ඨිතො මොහචරිතො, දොසමුඛෙ ඨිතො රාගචරිතො, දොසමුඛෙ ඨිතො රාගචරිතො ච දොස චරිතො ච මොහචරිතො ච. මොහමුඛෙ ඨිතො මොහචරිතො, මොහමුඛෙ ඨිතො රාගචරිතො, මොහමුඛෙ ඨිතො දොසචරිතො, මොහමුඛෙ ඨිතො රාගචරිතො ච දොසචරිතො ච මොහචරිතො චා ති. ලොකියං සුත්තං සත්තාධිට්ඨානං ඉමෙහි එකූනවීසතියා පුග්ගලෙහි නිද්දිසිතබ්බං.
Sinhala BJTසත්ත්‍වාධිෂ්ඨාන වූ ලෝකිය සූත්‍රය එකුන්විසි පුද්ගල කෙනකුන්ගෙන් දැක්වියැ යුතු යැ : ඒ පුද්ගලයෝ චරිතයන්ගෙන් දක්වනලද්දාහු සමත්වෙෂණ කටයුත්තාහ : කිසිවෙක් රාගචරිතයෝ යැ කිසිවෙක් දෝසචරිතයෝ යැ කිසිවෙක් මෝහචරිතයෝ යැ කිසිවෙක් රාගචරිත ද දෝසචරිත ද වූහ, කිසිවෙක් රාගචරිත ද මෝහචරිත ද වූහ, කිසිවෙක් දෝසචරිත ද මෝහචරිත ද වූහ, කිසිවෙක් රාගචරිත ද දෝසචරිත ද මෝහචරිත ද වූහ. රාගමුඛයෙහි සිටි රාගචරිත යැ, රාගමුඛයෙහි සිටි (රාගාධික) දෝසචරිත යැ, රාගමුඛයෙහි සිටි මෝහචරිත යැ, රාගමුඛයෙහි සිටි රාග - දෝස - මෝහචරිත යැ. දෝසමුඛයෙහි සිටි දෝසචරිත යැ, දෝසමුඛයෙහි සිටි මෝහචරිත යැ, දෝසමුඛයෙහි සිටි රාගචරිත යැ, දෝසමුඛයෙහි සිටි රාග - දෝස - මෝහචරිත ය, මෝහමුඛයෙහි සිටි මෝහ චරිත යැ, මෝහමුඛයෙහි සිටි රාගචරිත යැ, මෝහමුඛයෙහි සිටි දෝසචරිත යැ, මෝහමුඛයෙහි සිටි රාග - දෝස - මෝහචරිත ඇත්තේ යයි සත්ත්‍වාධිෂ්ඨාන වූ ලෝකිය සූත්‍රය මේ එකුන්විසි පුද්ගලයන්ගෙන් දැක්වියැ යුතු.