Pali BJT“සබ්බෙ සඞ්ඛාරා අනිච්චා”ති ඉදං ඤෙය්යං.
Sinhala BJT“සියලු සංස්කාරයෝ අනිත්‍යයෝ යැ” යන මේ ඤෙය්‍ය යැ.
Pali BJT“යදා පඤ්ඤාය පස්සති”ති ඉදං ඤාණං.
Sinhala BJT“යම් කලෙක විදර්‍ශනාප්‍රඥායෙන් දකී ද” යන මේ ඤාණ යැ.
Pali BJT“අථ නිබ්බින්දති දුක්ඛෙ එස මග්ගො විසුද්ධියා”ති ඉදං ඤාණං ච ඤෙය්යං ච.
Sinhala BJT“එකල පඤ්චස්කන්‍ධදුඃඛයෙහි නිර්වේදයට පැමිණෙයි, තෙල විශුද්ධියට මාර්‍ග වේ,” යන මේ ඤාණ ද ඤෙය්‍ය ද වේ.
Pali BJTසබ්බෙ සඞ්ඛාරා දුක්ඛාති -පෙ- සබ්බෙ ධම්මා අනත්තා”ති ඉදං ඤෙය්යං.
Sinhala BJT“සියලු සංස්කාරයෝ දුඃඛයහ යි ... සියලු ධර්‍මයෝ අනාත්මයහ” යි යන මේ ඤෙය්‍ය යැ.
Pali BJT“යදා පඤ්ඤාය පස්සතී”ති ඉදං ඤාණං.
Sinhala BJTයම් කලෙක විදර්‍ශනාප්‍රඥායෙන් දකී ද “යන මේ ඤාණ යැ.
Pali BJT“අථ නිබ්බින්දති දුක්ඛෙ එස මග්ගො විසුද්ධියා”ති ඉදං ඤාණං ච ඤෙය්යං ච.
Sinhala BJT“එකල්හි ස්කන්‍ධදුඃඛයෙහි නිර්වේදයට පැමිණෙයි, තෙල විශුද්ධියට මාර්‍ග වෙයි “යන මේ ඤාණ ද ඤෙය්‍ය ද වේ.
Pali BJT“යෙ හි කෙචී{1} සොණ, සමණා වා බ්රාහ්මණා වා අනිච්චෙන රූපෙන දුක්ඛෙන විපරිණාමධම්මෙන සෙය්යොහමස්මීති වා සමනුපස්සන්ති. සදිසොහමස්මීති වා සමනුපස්සන්ති, හීනොහමස්මීති වා සමනුපස්සන්ති, කිමඤ්ඤත්ර; යථාභූතස්ස අදස්සනා, අනිච්චාය වෙදනාය -පෙ- අනිච්චාය -පෙ- අනිච්චෙහි සඞ්ඛාරෙහි -පෙ- අනිච්චෙන විඤ්ඤාණෙන දුක්ඛෙන විපරිනාමධම්මෙන සෙය්යොහමස්මීති වා සමනුපස්සන්ති, සදිසොහමස්මීති වා සමනුපස්සන්ති, හීනොහමස්මීති වා සමනුපස්සන්ති කිමඤ්ඤත්ර; යථාභූතස්ස අදස්සනා”ති. ඉදං ඤෙය්යං.
Sinhala BJT“සොණය, යම්කිසි මහණකෙනෙක් වේවයි බමුණුකෙනෙක් වේවයි අනිත්‍ය වූ දුක් වූ විපරිණාම ස්වභාව වූ රූපයෙන් යුක්ත ව ‘මම් ශ්‍රේෂ්ඨ වෙමි’ හෝ දකිත් ද : ‘මම් සදෘශ වෙමි’ හෝ දකිත් ද, ‘මම් හීන වෙමි’ හෝ දකිත් ද, මෙහි යථා භූතව නොදැක්ම විනා අන් කවර කරුණෙක් ඇද්ද, අනිත්‍ය වූ වේදනායෙන් ... අනිත්‍ය වූ සංඥායෙන් ... අනිත්‍ය වූ සංස්කාරයන්ගෙන් ... අනිත්‍ය වූ දුක්වූ විපරිණාම ස්වභාව වූ විඥානයෙන් යුක්තව ‘මම් ශ්‍රේෂ්ඨ වෙමි’ හෝ දකිත් ද, ‘මම් සදෘශ වෙමි’ හෝ දකිත් ද, ‘මම් හීන වෙමි’ හෝ දකිත් ද, මෙහි යථාභූතව නො දැක්ම විනා අන් කවර කරුණෙක් ඇද්දැ” යි. මේ ඤෙය්‍ය යැ.
Pali BJT“යෙ ච ඛො කෙචි සොණ, සමණා වා බ්රාහ්මණා වා අනිච්චෙන රූපෙන දුක්ඛෙන විපරිණාමධම්මෙන සෙය්යොහමස්මීති”පි න සමනුපස්සන්ති, සදිසොහමස්මීතිපි න සමනුපස්සන්ති, හීනොහමස්මීතිපි න සමනුපස්සන්ති, කිමඤ්ඤත්ර යථාභූතස්ස දස්සනා, අනිච්චාය වෙදනාය -පෙ- අනිච්චාය සඤ්ඤාය -පෙ- අනිච්චෙහි සඞ්ඛාරෙහි -පෙ- අනිච්චෙන විඤ්ඤාණෙන දුක්ඛෙන විපරිණාමධම්මෙන සෙය්යොහමස්මීතිපි න සමනුපස්සන්ති, සදිසොහමස්මීති පි න සමනුපස්සන්ති, හීනොහමස්මීති පි න සමනුපස්සන්ති, කිමඤ්ඤත්ර යථාභූතස්ස දස්සනා”ති. ඉදං ඤාණං.
Sinhala BJT“සොණය, යම් කිසි මහණකෙනෙක් වේවයි බමුණුකෙනෙක් වේව’ යි අනිත්‍ය වූ දුක් වූ විපරිණාමස්වභාව වූ රූපයෙන් යුක්තව ‘මම් ශ්‍රේෂ්ඨ වෙමි’ කියාත් නො දකිත් ද ‘මම සදෘශයෙමි’ කියාත් නො දකිත් ද, ‘මම් හීන වෙමි’ කියාත් නො දකිත් ද, මෙහි අවිපරීතව දැක්ම විනා අන් කවර කරුණෙක් ඇද්ද, අනිත්‍ය වූ වේදනායෙන් ... අනිත්‍ය වූ සංඥාවෙන් ... අනිත්‍ය වූ සංස්කාරයන්ගෙන් ... අනිත්‍ය වූ දුක් වූ විපරිණාමස්වභාව වූ විඥානයෙන් යුක්ත ව ‘මම් ශ්‍රේෂ්ඨ වෙමි’ කියාත් නො දකිත් ද, ‘මම් සදෘශ වෙමි’ කියාත් නො දකිත් ද, ‘මම් හීන වෙමි’ කියාත් නො දකිත් ද, මෙහි ලා තතුසේ දැක්ම විනා අන් කවර කරුණෙක් ඇද්ද” යි. මේ ඤාණ යැ.
Pali BJTදං ඤාණං ච ඤෙය්යං ච
Sinhala BJTමේ දේශනාව ඤාණ ද ඤෙය්‍ය ද වේ.
Pali BJT(10) තත්ථ කතමං දස්සනං:
Sinhala BJT(10) එහි ‘දස්සන’ කවරෙ යත් :
Pali BJT16. “යෙ අරියසච්චානි විභාවයන්ති ගම්භීරපඤ්ඤෙන සුදෙසිතානි, කිඤ්චාපි තෙ හොන්ති භුසප්පමත්තා න තෙ භවං අට්ඨමං ආදියන්තී”ති.
Sinhala BJT16. යම් කෙනෙක් ගම්භීර ප්‍රඥාඇති සර්‍වඥයන් වහන්සේ විසින් මොනොවට, දෙසනලද ආර්‍ය්‍යසත්‍යයන් මාර්‍ගඥානයෙන් ප්‍රත්‍යක්‍ෂ කෙරෙත් ද, ඔහු (දිව්‍යරාජ්‍යාදියට පැමිණ) අතිශයින් ප්‍රමත්ත වෙත් නමුදු ඔවුහු අටවැනි භවයක් (පිළිසඳ විසින්) නොගනිත්, (සත්වැනි භවයෙහි විදසුන් වඩා රහත් වෙතී සේයි.)
Pali BJTඉදං දස්සනං.
Sinhala BJTමේ දස්සන යැ.
Pali BJT17. “යථින්දඛීලො පඨවිං සිතො සියා චතුබ්භි වාතෙහි අසම්පකම්පියො, තථූපමං සප්පුරිසං වදාමි යො අරියසච්චානි අවෙච්ච පස්සතී”ති
Sinhala BJT17. යම්සේ පොළොව තුළ බැසැගෙන සිටි ඉන්‍ද්‍රකීලය සතරදිගින් හමන සුළඟින් සොලවාලියැ නො හැකි වේ ද, යමෙක් චතුරාර්‍ය්‍යසත්‍යයන් ප්‍රඥායෙන් බැසැගෙන දකී ද ඒ උත්තම පුරුෂයා ඒ ඉන්‍ද්‍රකීල බඳු උපමා ඇත්තකු කොට කියමි.
Pali BJTඉදං දස්සනං.
Sinhala BJTමේ දස්සන යැ.
Pali BJT“චතුහි භික්ඛවෙ සොතාපත්තියඞ්ගෙහි සමන්නාගතො අරියසාවකො ආකඞ්ඛමානො අත්තනාව අත්තානං බ්යාකරෙය්ය ඛීණනිරයොම්හි. ඛීණතිරච්ඡානයොනි, ඛීණපෙත්තිවිසයො, ඛීණාපායදුග්ගතිවිනිපාතො, සොතාපන්නොහමස්මි අවිනිපාතධම්මො නියතො සම්බොධිපරායනො සත්තක්ඛත්තුපරමං{1} දෙවෙ ච මනුස්සෙ ච සන්ධාවිත්වා සංසරිත්වා දුක්ඛස්සන්තං කරිස්සාමීති. කතමෙහි චතුහි: ඉධ භික්ඛවෙ අරියසාවකස්ස තථාගතෙ සද්ධා නිවිට්ඨා පතිට්ඨිතා විරූළ්හා මූලජාතා අසංහාරියා සමණෙන වා බ්රාහ්මණෙන වා දෙවෙන වා මාරෙන වා බ්රහ්මුනා වා කෙනචි වා ලොකස්මිං සහ ධම්මෙන. ධම්මෙ ඛො පන නිට්ඨං ගතො හොති. ස්වාක්ඛාතො භගවතා ධම්මො සන්දිට්ඨිකො අකාලිකො එහිපස්සිකො ඔපනයිකො පච්චත්තං වෙදිතබ්බො විඤ්ඤූහි යදිදං මදනිම්මදනො -පෙ- නිරොධො නිබ්බානං. සහධම්මියා ඛො පනස්ස හොන්ති ඉට්ඨා කන්තා පියා මනාපා ගිහී චෙව පබ්බජිතා ච අරිය කන්තෙහි ඛො පන සීලෙහි සමන්නාගතො හොති අඛණ්ඩෙහි අච්ඡිද්දෙහි අසබලෙහි අකම්මාසෙහි භුජිස්සෙහි විඤ්ඤුප්පසත්ථෙහි අපරාමට්ඨෙහි සමාධිසංවත්තනිකෙහි. ඉමෙහි ඛො භික්ඛවෙ චතුහි සොතාපත්තියඞ්ගෙහි සමන්නාගතො අරියසාවකො ආකඞ්ඛමානො අත්තනාව අත්තානං බ්යාකරෙය්ය ඛීණනිරයොම්හි ඛීණතිරච්ඡානයොනි, ඛීණපෙත්තිවිසයො ඛීණාපායදුග්ගතිවිනිපාතො සොතාපන්නොහමස්මි අවිනිපාතධම්මෙ නියතො සම්බොධිපරායනො සත්තක්ඛත්තුපරමං දෙවෙ ච මනුස්සෙ ච සන්ධාවිත්වා සංසරිත්වා දුක්ඛස්සන්තං කරිස්සාමී”ති.
Sinhala BJT“මහණෙනි, සතර ස්‍රෝතාපත්ති - අඞ්ගයෙන් සමන්‍වාගත ආර්‍ය්‍යශ්‍රාවක කැමැති වනුයේ තෙමේ මැ තමා පාළනකරන්නේ යැ : ‘ක්‍ෂීණ වූ නිරය ඇතියෙම් වෙමි, ක්‍ෂීණ වූ තිරශ්චීනයෝනි ඇතියෙමි, ක්‍ෂීණ වූ ප්‍රේතවිෂය ඇතියෙමි, ක්‍ෂීණ වූ අපායදුර්‍ගති විනිපාත ඇතියෙමි, මම් සෝවන් වූයෙමි, (පෘථග්ජන) විරූපයෙහි නො වැටෙන සැහැවි ඇතියෙම්, (මාර්‍ගනියාමයෙන්) නියත වූයෙම්. (මතු මාර්‍ගත්‍රය සංඛ්‍යාත) සම්බෝධිය පරායන කොට ඇතියෙම් සත්වරක් පරම කොට දෙව්ලොව ද මිනිස්ලොව ද සන්‍ධාවන සංසරණ කොට දුක් කෙළවර කරන්නෙමි, කවර සතර අඟෙකින යත් : මහණෙනි, මෙ සස්නෙහි ආර්‍ය්‍යශ්‍රාවකහට තථාගතයන් කෙරෙහි ශ්‍රද්ධාව නිවිෂ්ට වූවා පිහිටියා වැඩුනී හටගත් මුල් ඇත්තී මහණකු හෝ බමුණකු හෝ දෙවියකු හෝ මරකු හෝ බඹකු හෝ ලොවැ අන් කිසිවකු විසින් හෝ සහේතුක වැ උගුළුවාලියැ නො හැකි වෙයි. යළි මානමදාදි මද නිර්මර්දනය කරන ... නිරෝධ සංඛ්‍යාත යම් නිවනෙක් ඇද්ද, භාග්‍යවතුන් විසින් ඒ ධර්‍මය ස්වාඛ්‍යාත යැ සාංදෘෂ්ටික යැ අකාලික යැ ඒහිපස්සික යැ උපනයනයට සුදුසු යැ විඥයන් විසින් තමන් කෙරෙහි ලා දතයුතු යැයි ධර්‍මයෙහි නිෂ්ඨාවට ගියේ වෙයි. යළි ඔහුට ගිහි වූ ද පැවිදි වූ ද සබ්‍රහ්මචාරීහු ඉෂ්ට වූවාහු කාන්ත ප්‍රිය මනාප වූවාහු වෙත්. යළිදු ආර්‍ය්‍යකාන්ත වූ අඛණ්ඩ වූ අච්ඡිද්‍ර වූ අශබල වූ අකල්මාස වූ නිදාස වූ විඥයන් විසින් පසස්නාලද අපරාමෘෂ්ට වූ සමාධිය පිණිස පවත්නා ශීලයෙන් සමන්‍වාගත වේ. මහණෙනි, මේ සතර සෝතාපත්ති අඞ්ගයෙන් සමන්‍වාගත ආර්‍ය්‍යශ්‍රාවක කැමැතිවනුයේ තෙමේ මැ තමා පාළකරන්නේ යැ : ක්‍ෂය වූ නිරය ඇතියෙමි, ක්‍ෂය වූ තිරිසන්යොන් ඇතියෙමි, ක්‍ෂය වූ ප්‍රේතවිෂය ඇතියෙමි, ක්‍ෂීණ වූ අපායදුර්‍ගති විනිපාත ඇතියෙමි, මම් සෝවන් වූයෙම් වෙමි, (පෘථග්ජනභාව සංඛ්‍යාත) විරූපයෙහි නො හෙනපියවි ඇතියෙම් (මාර්‍ගනියාමයෙන්) නියත වූයෙම් (මතු මාර්‍ගත්‍රය සංඛ්‍යාත) සම්බෝධිය පරායන කොට ඇතියෙම් සත්වරක් පරම කොට දෙව්ලොවැ ද මිනිස්ලොවැ ද භවයෙන් භවයට සංධාවන කොට පුනපුනා සංසරණ කොට දුක් කෙළවර කරන්නෙමි.”
Pali BJTඉදං දස්සනං.
Sinhala BJTමේ දස්සන යි.
Pali BJT(11) තත්ථ කතමා භාවනා:
Sinhala BJT(11) එහි භාවනා කවර යැ :
Pali BJT18. “යස්සින්ද්රියානි{2} සුභාවිතානි අජ්ඣත්තං බහිද්ධා ච සබ්බලොකෙ, නිබ්බිජ්ඣ ඉමං පරං ච ලොකං කාලං කඞ්ඛති භාවිතො ස දන්තො{3}”ති.
Sinhala BJT18. යම් ආර්‍ය්‍යපුද්ගලයක්හු විසින් ශ්‍රද්ධාදි ඉන්‍ද්‍රියයෝ මොනොවට වඩනලද්දාහු ද, සියලු ලොවැ (උද්ධංභාගිය ඕරංභාගිය සංයෝජන දුරැලීම් වශයෙන්) ආධ්‍යාත්ම බාහිර වූ ද මෙලොව පරලොව ද ප්‍රතිවේධ කොට භාවිත සිත්ඇති දැමුණු ඉඳුරන් ඇති හෙතෙම මරණකාලය කැමැති වේ යයි. (මෙය සූත්‍රනිපාතඅටුවාව හා නොයෙදෙයි.)
Pali BJTඅයං භාවනා.
Sinhala BJTමේ භාවනා යැ.
Pali BJT“චත්තාරිමානි භික්ඛවෙ ධම්මපදානි. කතමානි චත්තාරි: අනභිජ්ඣා ධම්මපදං අබ්යාපාදො ධම්මපදං සම්මාසති ධම්මපදං සම්මාසමාධි ධම්මපදං. ඉමානි ඛො භික්ඛවෙ චත්තාරි ධම්මපදානී”ති.
Sinhala BJT“මහණෙනි, මේ ධර්‍මකොට්ඨාසයෝ සතරදෙනෙකි, කවර සතරදෙනෙක යත් : අලෝභය හෝ අලෝභශීර්‍ෂයෙන් අධිගත ධ්‍යාන විදර්‍ශනා මාර්‍ග ඵල නිර්‍වාණ සංඛ්‍යාත අනභිධ්‍යා ධර්‍මපද යැ, බ්‍රහ්මවිහාරවශයෙන් අධිගත අව්‍යාපාද ධර්‍මපද යැ, දසානුස්සති ආදි විසින් අධිගත සම්මාසති ධර්‍මපද යැ, දසකසිණ ආනාපාන වශයෙන් අධිගත සම්මාසමාධි ධර්‍මපද යැ. මහණෙනි, මේ සතර ධර්‍මපදයෝ’ යි.
Pali BJTඅයං භාවනා.
Sinhala BJTමේ භාවනා යි.
Pali BJT(12) තත්ථ කතමං දස්සනං ච භාවනා ච:
Sinhala BJT(12) එහි දස්සන ද භාවනා ද කවරෙ යැ :
Pali BJT19. “පඤ්ච ඡින්දෙ පඤ්ච ජහෙ පඤ්චචුත්තරි භාවයෙ, පඤ්ච සඞ්ගාතිගො භික්ඛු ඔඝතිණ්ණොති වුච්චතී”ති.
Sinhala BJT19. (සිඳිනුයේ) පඤ්ච ඕරම්භාගිය සංයෝජනයන් සිඳුනේ යැ, (දුරලනුයේ) පඤ්ච උද්ධංභාගිය සංයෝජනයන් දුරැලන්නේ යැ, (සංයෝජන දුරැලීම සඳහා) මතුයෙහි ශ්‍රද්ධාදී පඤ්චේන්‍ද්‍රියයන් වඩන්නේ යැ, රාගාදි පඤ්ච සංගයන් ඉක්මවාලූ මහණ චතුරෝඝය තරණය කෙළේයයි කියනු ලැබේ යි.
Pali BJT“පඤ්ච ඡින්දෙ පඤ්ච ජහෙ”ති ඉදං දස්සනං. “පඤ්ච චුත්තරි භාවයෙ පඤ්ච සඞ්ගාතිගො භික්ඛූ ඔඝතිණ්ණොති වුච්චතී”ති අයං භාවනා.
Sinhala BJTපඤ්ච ජින‍්දෙ පඤ්ච ජහෙ යන දස්සන යැ. පඤ්ච චුත්තරි භාවයෙ පඤ්ච සංගාතිගො භික්ඛු ඕඝතිණ්ණොති වුච්චති යන මේ භාවනා යැ.
Pali BJTඉදං දස්සනං ච භාවනා ච.
Sinhala BJTමේ දේශනාව දස්සන ද භාවනා ද වෙයි.
Pali BJT“තීණිමානි භික්ඛවෙ, ඉන්ද්රියානි. කතමානි තීණි: අනඤ්ඤා තඤ්ඤස්සාමීතින්ද්රියං අඤ්ඤාතාවින්ද්රියං.
Sinhala BJT“මහණෙනි, මේ ඉන්‍ද්‍රියයෝ තිදෙනෙක් වෙති, කවර තිදෙනෙක යත් : පෙර අවබෝධ නොකළ ධර්‍මය දැනගනිමි පිළිපන්නහුට ස්‍රෝතාපත්තිමාර්‍ගක්‍ෂණයෙහි උපන් ඉන්‍ද්‍රිය යැ, ඒ ධර්‍මයන් ම දන්නා අයුරින් ස්‍රොතාපත්තිඵලාදි සතැන්හි උපන් ඉන්‍ද්‍රිය යැ, අඤ්ඤාතාවීහුගේ අර්‍හත්ඵලධර්‍මයන්හි උපන් ඉන්‍ද්‍රිය යි.
Pali BJTකතමං ච භික්ඛවෙ, අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියං: ඉධ භික්ඛවෙ, භික්ඛූ අනභිසමෙතස්ස දුක්ඛස්ස අරියසච්චස්ස අභිසමයාය ඡන්දං ජනෙති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති, අනභිසමෙතස්ස දුක්ඛසමුදයස්ස අරියසච්චස්ස -පෙ- දුක්ඛනිරොධස්ස -පෙ- දුක්ඛනිරොධ ගාමිනියා පටිපදාය අරියසච්චස්ස අභිසමයාය ඡන්දං ජනෙති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති, ඉදං භික්ඛවෙ, අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියං”ති.
Sinhala BJTමහණෙනි, අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය කවරෙ යැ : මහණෙනි, මෙසස්නෙහි මහණ ප්‍රවේධ නොකළ දුඃඛාර්‍ය්‍යසත්‍යයාගේ ප්‍රතිවේධය පිණිස කත්තුකම්‍යතා කුසලච්ඡන්‍දය උපදවයි වෑයම් කෙරෙයි වීර්‍ය්‍යාරම්භ කෙරෙයි සිත දැඩිකොට ගනී ප්‍රධන්වීර්‍ය්‍ය කෙරෙයි. දුඃඛසමුදයාර්‍ය්‍යසත්‍යයාගේ ... දුඃඛනිරෝධාර්‍ය්‍යසත්‍යයාගේ ... දුඃඛනිරෝධගාමිනී ප්‍රතිපදාර්‍ය්‍යසත්‍යයාගේ ප්‍රතිවේධය පිණිස ඡන්‍දය උපදවයි වෑයම් කෙරෙයි වීර්‍ය්‍යාරම්භ කෙරෙයි සිත දැඩි කොට ගනී ප්‍රධන්වීර්‍ය්‍යය කෙරෙයි. මහණෙනි, මේ අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය’ යි.
Pali BJTඉදං දස්සනං.
Sinhala BJTමේ දස්සන යැ.
Pali BJT“කතමං ච භික්ඛවෙ, අඤ්ඤින්ද්රියං: ඉධ භික්ඛවෙ, භික්ඛු ඉදං දුක්ඛන්ති යථාභූතං පජානාති, අයං දුක්ඛසමුදයොති යථාභූතං පජානාති, අයං දුක්ඛනිරොධොති යථාභූතං පජානාති, අයං දුක්ඛනිරොධගාමිනී පටිපදාති යථාභූතං පජානාති, ඉදං භික්ඛවෙ, අඤ්ඤින්ද්රියං.
Sinhala BJT“මහණෙනි, අඤ්ඤින්‍ද්‍රිය කවරෙ යැ : මහණෙනි, මෙ සස්නෙහි මහණ මේ දුක යැයි අවිපරීතව දැනගනී, මේ දුක්ඛසමුදයයැයි අවිපරීතව දැනගනී, මේ දුක්ඛනිරෝධයැයි අවිපරීතව දැනගනී, මේ දුක්ඛනිරෝධගාමිනී පටිපදා යයි අවිපරීතව දැනගනී. මහණෙනි, මේ අඤ්ඤින්‍ද්‍රිය යැ.”
Pali BJTකතමං ච භික්ඛවෙ, අඤ්ඤාතාවින්ද්රියං: ඉධ භික්ඛවෙ, භික්ඛූ ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරති, ඛීණා ජාති, වුසිතං බ්රහ්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්ථත්තායාති පජානාති, ඉදං භික්ඛවෙ, අඤ්ඤාතාවින්ද්රිය”න්ති.
Sinhala BJT“මහණෙනි, අඤ්ඤාතාවින්‍ද්‍රිය කවරෙ යැ : මහණෙනි, මෙ සස්නෙහි මහණ ආස්‍රවයන්ගේ ක්‍ෂය වීමෙන් අනාස්‍රව වූ අර්‍හත්ඵලසමාධිය ද අර්‍හත්ඵලප්‍රඥාව ද ඉහාත්මයෙහි මැ තෙමේ විශිෂ්ටඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට ඊට පැමිණ වාස කෙරෙයි, ජාතිය ක්‍ෂය වූ යැ, මඟබඹසර වැසනිමවනලද, කරණී කරනලද, ඉත්‍ථභාවය සඳහා අන් කටයුත්තෙක් නැතැ’ යි දැනගනී. මහණෙනි, මේ ‘අඤ්ඤාතාවින්‍ද්‍රිය’ යි.
Pali BJTඅයං භාවනා.
Sinhala BJTමේ භාවනා යැ.”
Pali BJTඉදං දස්සනං ච භාවනා ච.
Sinhala BJTමේ දේශනාව දස්සන ද භාවනා ද වේ.
Pali BJT(13) තත්ථ කතමං සකවචනං:
Sinhala BJT(13) එහි සකවචන කවරෙ යැ :
Pali BJT20. “සබ්බපාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා, සචිත්තපරියොදපනං එතං බුද්ධාන’සාසන”න්ති.
Sinhala BJT20. සියලු අකුශලය නො ඉපැදවීම ද චාතුර්භූමක කුශලයාගේ ප්‍රතිලාභය ද රහත් මගින් ස්වකීය චිත්තසන්තානය පවිත්‍ර කිරීම ද යන තෙල සියලු බුදුවරයන්ගේ අනුශාසනා යි.
Pali BJTඉදං සකවචනං.
Sinhala BJTමේ සකවචන යැ.
Pali BJT“තීණිමානි භික්ඛවෙ බාලස්ස බාලලක්ඛණානි, බාලනිමිත්තානි බාලාපදානානි, යෙහි බාලං බාලොති පරෙ සඤ්ජානන්ති, කතමානි තීණි: බාලො භික්ඛවෙ දුච්චින්තිතචින්තී ච හොති, දුබ්භාසිතභාසී ච හොති, දුක්කතකම්මකාරී ච හොති, ඉමානි ඛො භික්ඛවෙ තීණි බාලස්ස බාලලක්ඛණානි බාලනිමිත්තානි බාලාපදානානි.
Sinhala BJT“මහණෙනි, මේ බාලයාගේ බාලලක්‍ෂණයෝ බාලනිමිත්තයෝ බාලචරිතයෝ තිදෙනෙක් වෙති. යම් ලක්‍ෂණයෙකින් බාලයා ‘මේ බාලයෙකැ’ යි අන්‍යයෝ හැඳින ගනිත් ද, (එබඳු වූවාහුය.) කවර තුනෙක යත් : මහණෙනි, බාලයා නපුරු සිතිවිලි සිතනුයේ ද වෙයි, නපුරු බස් බණනුයේ ද වෙයි, නපුරුකම් කරනුයේ ද වෙයි. මහණෙනි, මේ තුන බාලයාගේ බාලලක්‍ෂණයෝ බාලනිමිත්තයෝ බාලඅපදානයෝ වෙත්.
Pali BJT“තීණිමානි භික්ඛවෙ පණ්ඩිතස්ස පණ්ඩිතලක්ඛණානි පණ්ඩිතනිමිත්තානි පණ්ඩිතාපදානානි, යෙහි පණ්ඩිතං පණ්ඩිතොති පරෙ සඤ්ජානන්ති. කතමානි තීණි: පණ්ඩිතො භික්ඛවෙ සුචින්තිතචින්තී ච හොති, සුභාසිතභාසී ච හොති, සුකතකම්මකාරී ච හොති. ඉමානි ඛො භික්ඛවෙ තීණි පණ්ඩිතස්ස පණ්ඩිතලක්ඛණානි පණ්ඩිතනිමිත්තානි පණ්ඩිතාපදානානී”ති.
Sinhala BJTමහණෙනි, මේ පණ්ඩිතයාගේ පණ්ඩිතලක්‍ෂණයෝ පණ්ඩිතනිමිත්තයෝ පණ්ඩිතචරිතයෝ තිදෙනෙක් වෙති. යම් ලකුණෙකින් පණ්ඩිතයා ‘මේ පණ්ඩිතයෙකැ’ යි අන්‍යයෝ දැනගනිත් ද, (එබඳු වූවාහුය.) කවර තුනෙක යත් : මහණෙනි, පණ්ඩිතයා මනාසිතුවිලි සිතනුයේ ද වෙයි, මනාබස් බණනුයේ ද වෙයි, සුකෘතක්‍රියා කරනුයේ ද වෙයි. මහණෙනි, මේ තුන පණ්ඩිතයාගේ පණ්ඩිතලක්‍ෂණයෝ පණ්ඩිතනිමිත්තයෝ පණ්ඩිතඅපදානයෝ වෙත්” යයි.
Pali BJTඉදං සකවචනං.
Sinhala BJTමේ සකවචන යි.
Pali BJT(14) තත්ථ කතමං පරවචනං :
Sinhala BJT(14) එහි පරවචන කවරෙ යැ :
Pali BJT21. “පඨවීසමො නත්ථි විත්ථතො නින්නො පාතාලසමො න විජ්ජති. මෙරුසමො නත්ථි උන්නතො චක්කවත්ති සදිසො නත්ථි පොරිසො”ති.
Sinhala BJT21. පෘථිවිය හා සම වූ විස්තෘත (පැතුරුණු) දැයෙක් නැත, පාතාලය හා සම වූ නිම්නයෙක් නො වේ. මේරුපර්‍වතය සම වූ උන්නත වස්තුයෙක් නැත, සක්විති රජු හා සදෘශ වූ උත්තම පුරුෂයෙක් නැති’ යි.
Pali BJTඉදං පරවචනං.
Sinhala BJTමේ පරවචන යැ.
Pali BJT“හොතු දෙවානමින්ද, සුභාසිතෙන ජයොති. හොතු වෙපචිත්ති සුභාසිතෙන ජයොති. භණ වෙපචිත්ති, ගාථන්ති, අථ ඛො භික්ඛවෙ වෙපචිත්ති අසුරින්දො ඉමං ගාථං අභාසි:
Sinhala BJT“දේවේන්‍ද්‍රය සුභාෂිතයෙන් ජය වේව’ යි, වේපචිත්තිය සුභාෂිතයෙන් ජය වේව’ යි, වේපචිත්තිය ගාථාවක් කිය යි. ඉක්බිති මහණෙනි, වේපචිත්ති අසුරෙන්‍ද්‍ර මේ ගාථාව කී :
Pali BJT22. “භිය්යො බාලා පකුජ්ඣෙය්යුං{1} නො චස්ස පටිසෙධකො, තස්මා භුසෙන දණ්ඩෙන ධීරො බාලං නිසෙධයෙ”ති.
Sinhala BJT22. බාලයෝ වළකනුයෙක් නො වූයේ නම් මතුමතුයෙහි (බෙහෙවින්) විරුද්ධ වන්නාහ, එහෙයින් ප්‍රාඥතෙමේ දැඩි දඬුවමින් බාලයා වළහන්නේ යැ.
Pali BJTභාසිතාය ඛො පන භික්ඛවෙ වෙපචිත්තිනා අසුරින්දෙන ගාථාය අසුරා අනුමොදිංසු දෙවා තුණ්හී අහෙසුං. අථ ඛො භික්ඛවෙ වෙපචිත්ති අසුරින්දො සක්කං දෙවානමින්දං එතදවොච: භණ දෙවානමින්ද ගාථන්ති. අථ ඛො භික්ඛවෙ සක්කො දෙවානමින්දො ඉමං ගාථං අභාසි:
Sinhala BJTමහණෙනි, වේපචිත්ති අසුරෙන්‍ද්‍රයා විසින් ගාථාව කීකල්හි අසුරයෝ අභිනන්‍දනා කළහ, දෙවියෝ නො බැණ හුන්හ. ඉක්බිති, මහණෙනි, වේපචිත්ති අසුරෙන්‍ද්‍ර සක්දෙවිඳුට මෙසේ කී : දේවේන්‍ද්‍රය ගාථාවක් කිය’ යි, ඉක්බිති මහණෙනි, ශක්‍රදේවේන්‍ද්‍ර මේ ගාථාව කී :
Pali BJT23. “එතදෙව අහං මඤ්ඤෙ බාලස්ස පටිසෙධනං, පරං සංකුපිතං ඤත්වා යො සතො උපසම්මතී”ති.
Sinhala BJT23. යමෙක් සතුරා කිපියහු දැන සිහිඇති වැ ඉවසා ද, මම් තෙල ඉවසීම මැ බාලයාගේ වැළැකීම යැයි සිතමි.
Pali BJTභායිතාය ඛො භික්ඛවෙ සක්කෙන දෙවානමින්දෙන ගාථාය දෙවා අනුමොදිංසු, අසුරා තුණ්හී අහෙසුං. අථඛො භික්ඛවෙ සක්කො දෙවානමින්දො වෙපචිත්ති අසුරින්දං එතදවොච භණ වෙපචිත්ති ගාථන්ති. අථ ඛො භික්ඛවෙ වෙපචිත්ති අසුරින්දො ඉමං ගාථං අභාසි:
Sinhala BJTමහණෙනි සක්දෙවිඳු විසින් ගාථාව කී කල්හි දෙවියෝ අනුමෝදන් වූහ, අසුරයෝ නො බැණ හුන්හ, යළි මහණෙනි, සක්දෙවිඳු වේපචිත්ති අසුරිඳුට තෙල කී : ‘වේපචිත්තිය ගාථාවක් කිය’ යි. ඉක්බිති මහණෙනි, වේපචිත්ති අසුරිඳු මේ ගාථාව කී :
Pali BJT24. “එතදෙව තිතික්ඛාය වජ්ජං පස්සාමි වාසව, යදා නං මඤ්ඤතී බාලො භයා ම්යායං තිතික්ඛති: අජ්ඣාරූහති දුම්මෙධො ගොව භීයො පලායින”න්ති.
Sinhala BJT24. වාසවය, යම් කලෙක බාලතෙමේ ‘මෙතෙම මට බියපත්වැ ඉවසා යැ’ යි ඔහු ගෙන සිතා ද තෙල කරුණ මැ ඉවසීමෙහි දෝෂය කොට දකිමි. අඥානතෙමේ පැරැදැ පලායන ගවයකු මැඩගෙන යන ගවමුළක් සෙයින් ඉවසනුවහු බෙහෙවින් මැඩගෙන යයි.
Pali BJTභාසිතාය ඛො පන භික්ඛවෙ වෙපචිත්තිනා අසුරින්දෙන ගාථාය අසුරා අනුමොදිංසු, දෙවා තුණ්හී අහෙසුං අථඛො භික්ඛවෙ වෙපචිත්ති අසුරින්දො සක්කං දෙවානමින්දං එතදවොච. භණ දෙවානමින්ද, ගාථන්ති. අථඛො භික්ඛවෙ, සක්කො දෙවානමින්දො ඉමා ගාථායො අභාසි:
Sinhala BJTතවද මහණෙනි, වේපචිත්ති අසුරිඳු විසින් ගාථාව කී කල්හි අසුරයෝ අනුමෝදන් වූහ. දෙවියෝ නොබැණ හුන්හ. ඉක්බිති මහණෙනි, වේපචිත්ති අසුරෙන්‍ද්‍ර සක්දෙවිඳුට තෙල කී : ‘දේවේන්‍ද්‍රය ගාථාවක් කිය’ යි. එකල මහණෙනි, සක්දෙවිඳු මේ ගාථාව කී :
Pali BJT25. “කාමං මඤ්ඤතු වා මා වා භයා ම්යායං තිතික්ඛති, සදත්ථපරමා අත්ථා ඛන්ත්යා භීයො න විජ්ජති.
Sinhala BJT25. ඒකාන්තයෙන් ‘මේතෙම මට බියෙන් ඉවසා’ යයි සිතාවා හෝ නොසිතා වා හෝ අර්‍ත්‍ථයෝ ස්වාර්‍ත්‍ථය පරම කොට ඇත්තාහ, (ඒ අර්‍ත්‍ථයන් කෙරෙහිදු) ක්‍ෂාන්තියට වඩා අධික වූ අර්‍ත්‍ථයෙක් නැති.
Pali BJT26. යො හවෙ බලවා සන්තො දුබ්බලස්ස තිතික්ඛති. තමාහු පරමං ඛන්තිං නිච්චං ඛමති දුබ්බලො.
Sinhala BJT26. ඒකාන්තයෙන් යමෙක් බලවත් වූයේ දුබලයාහට ඉවසා ද එය පරම ක්‍ෂාන්තිය යයි (නුවණැතියෝ) කියති, දුර්‍වලයා නිරතුරු ඉවසයි.
Pali BJT27. අබලං තං බලං ආහු යස්ස බාලබලං බලං, බලස්ස ධම්මගුත්තස්ස පටිවත්තා න විජ්ජති.
Sinhala BJT27. අඥානබලය යමක්හුගේ බලය වේ ද, අබල වූ ඒ අඥානබලය බලයෙකැයි කියති, ධර්‍මයෙන් රක්‍ෂිත වූවහුගේ නොහොත් ධර්‍මය රක්නහුගේ (ක්‍ෂාන්ති) බලයට අභිභවා බණන්නෙක් නැති.
Pali BJT28. තස්සෙව තෙන පාපියො යො කුද්ධං පටිකුජ්ඣති, කුද්ධං අපටිකුජ්ඣන්තො සඞ්ගාමං ජෙති දුජ්ජයං.
Sinhala BJT28. යමෙක් කිපියහුට පෙරළා කිපේ ද, ඒ කෝපය හේතු කොටගෙන ඔහුට මැ පාපය වෙයි, කිපියහුට පෙරළා නො කිපෙනුයේ දිනියැ නො හෙන සංග්‍රාමය දිනයි.
Pali BJT29. උභින්නමත්ථං චරති අත්තනො ච පරස්ස ච, පරං සංකුපිතං ඤත්වා යො සතො උපසම්මති.
Sinhala BJT29. යමෙක් මෙරමා කිපියහු දැන සිහි ඇතිවැ ඉවසා ද, හේ තමහට ද පරහට ද යන දෙපක්‍ෂයට මැ අර්‍ත්‍ථය සිදුකෙරෙයි.
Pali BJT30. උභින්නං තිකිච්ඡන්තානං අත්තනො ච පරස්ස ච. ජනා මඤ්ඤන්ති බාලොති යෙ ධම්මස්ස අකොවිදා”ති.
Sinhala BJT30. යම් කෙනෙක් ධර්‍මයෙහි නිපුණ නොවෙත් ද, ඒ අඳබල් ජනයෝ තමහට ද පරහට ද යන දෙපක්‍ෂයට මැ වැඩ සිදුකරන්නහු බාලයෙකැ’ යි සිතත් යයි.
Pali BJT“භාසිතාසු ඛො පන භික්ඛවෙ, සක්කෙන දෙවානමින්දෙන ගාථාසු දෙවා අනුමොදිංසු අසුරා තුණ්හී අහෙසු”න්ති.
Sinhala BJTමහණෙනි, සක්දෙවිඳුන් විසින් ගාථාවන් කීකල්හි දෙවියෝ අනුමෝදන් වූහ, අසුරයෝ තුෂ්ණිම්භූත වූහ’ යි.
Pali BJTඉදං පරවචනං.
Sinhala BJTමේ පරවචන යි.
Pali BJT(15) තත්ථ කතමං සකවචනං ච පරවචනං ච:
Sinhala BJT(15) එහි සකවචන ද පරවචන ද කවරෙ යැ :
Pali BJT“යඤ්ච පත්තං යඤ්ච පත්තබ්බං උභයමෙතං රජානුකිණ්ණං ආතුරස්සානුසික්ඛතො. යෙ ච සික්ඛාසාරා සීලං වතං ජීවිතං බ්රහ්මචරියං උපට්ඨානසාරා, අයමෙකො අන්තො. යෙ ච එවංවාදිනො එවංදිට්ඨිනො නත්ථි කාමෙසු දොසොති, අයං දුතියො අන්තො. ඉච්චෙතෙ උභො අන්තා කටසිවඩ්ඪනා කටසියො දිට්ඨිං වඩ්ඪෙන්ති, එතෙ උභො අන්තෙ අනභිඤ්ඤාය ඔලීයන්ති එකො අතිධාවන්ති එකෙ”ති.
Sinhala BJT“කෙලෙස් බහුල පුද්ගලයන් අනුව හික්මෙන රාගාදිකෙලෙසින් ආතුරවූවහුට ලැබූ (මෙකල වළඳනා) යම් කාමෝපකරණයෙක් ඇද්ද මතු ලැබියයුතු යම් කාමොපකරණයෙකුත් ඇද්ද තෙල උභය කාමෝපකරණය රාගරජස් ආදීන් අවතීර්‍ණ යැ. සමාදානය කළ ශීලව්‍රතාදිය සාරවශයෙන් ගත් යම් කෙනෙක් ශීලය ව්‍රතය ආජීවය මෛථුනවිරතිය යන මේ සංසාරශුද්ධිය’ යි සාරහෙයින් ගත්තාහු වෙත් ද, මේ එක් අන්තයෙක. යම් කෙනෙක් කාමයන් සේවනයෙහි දෝෂයක් නැතැ’ යි මෙසේ කියන්නාහු මෙසේ ලබ්ධි ඇත්තාහු වෙත් ද, මේ දෙවැනි අන්තය යැ. තෙල උභයාන්තයෝ (මතුමත්තෙහි ජරාමරණයෙන්) කටසි (තෘෂ්ණ අවිද්‍යා) වඩනාහුය, කටසීහු දෘෂ්ටිය වඩත්. තෙල උභයාන්තයන් නො දැන ඇතැම් කෙනෙක් තෘෂ්ණාවශයෙන් ඇලෙති, ඇතැම් කෙනෙක් අතිධාවනය කෙරෙත්” යයි.
Pali BJTඉදං පරවචනං.
Sinhala BJTමේ පරවචන යැ.
Pali BJTයෙ ච ඛො තෙ උභො අන්තෙ අභිඤ්ඤාය තත්ර ච න අහෙසුං. තෙ න ච අමඤ්ඤිංසු. වට්ටං තෙසං නත්ථි පඤ්ඤාපනායා”ති.
Sinhala BJTයම් ආර්‍ය්‍යපුද්ගල කෙනෙක් ඒ උභයාන්තයන් විශිෂ්ටඥානයෙන් දැන ඒ උභයාන්තයෙහි නො වැටුණාහු වෙත් ද ඔවුහු (තෘෂ්ණාදෘෂ්ටිමාන වශයෙන්) නො ද සිතත්. (අනුපාදාපරිනිර්‍වාණයෙන් පිරිනිවි) ඔවුනට (මරණින් මතු ඇතැයි) පැනැවීමට කර්‍මාදී වර්‍තයෙක් නැතැ’ යි.
Pali BJTඉදං සකවචනං
Sinhala BJTමේ සකවචන යැ.
Pali BJTඅයං උදානො සකවචනං ච පරවචනං ච.
Sinhala BJTමේ උදානය සකවචන ද පරවචන ද වේ.
Pali BJT“රාජා පසෙනදි කොසලො භගවන්තං එතදවොච: ඉධ මය්හං භන්තෙ, රහොගතස්ස පතිසල්ලීනස්ස එවං චෙතසො පරිවිතක්කො උදපාදි: කෙසං නු ඛො පියො අත්තා, කෙසං අප්පියො අත්තාති. තස්ස මය්හං භන්තෙ එතදහොසි: යෙ ඛො කෙචි කායෙන දුච්චරිතං චරන්ති වාචාය දුච්චරිතං චරන්ති මනසා දුච්චරිතං චරන්ති, තෙසං අප්පියො අත්තා. කිඤ්චාපි තෙ එවං වදෙය්යුං: ‘පියො නො අත්තා’ති. අථ ඛො තෙසං අප්පියො අත්තා. තං කිස්ස හෙතු: යඤ්හි අප්පියො අප්පියස්ස කරොති. තං තෙ අත්තාව අත්තනො කරොන්ති. තස්මා තෙසං අප්පියො අත්තා. යෙ ච ඛො කෙචි කායෙන සුචරිතං චරන්ති වාචාය සුචරිතං චරන්ති මනසා සුචරිතං චරන්ති, තෙසං පියො අත්තා. කිඤ්චාපි තෙ එවං වදෙය්යුං ‘අප්පියො නො අත්තා’ති, අථ ඛො තෙසං පියො අත්තා. තං කිස්ස හෙතු: යං හි පියො පියස්ස කරෙය්ය, තං තෙ අත්තනාව අත්තනො කරොන්ති, තස්මා තෙසං පියො අත්තා’ති.
Sinhala BJT“පසේනදි කොසොල්රජ භාග්‍යවතුන් වහන්සේට තෙල සැලකළේ යැ : ‘වහන්ස, එකලා වැ විවේකී වැ හුන් මට මෙබඳු චිත්තපරිවිතර්‍කයෙක් උපන : කවර කෙනකුන්ට ආත්මය ප්‍රිය ද, කවර කෙනකුන්ට ආත්මය අප්‍රිය දැ’ යි. වහන්ස, එසේ සිතන මට මේ සිත විය : ‘යම් කෙනෙක් කයින් දුසිරිත කෙරෙත් ද බසින් දුසිරිත කෙරෙත් ද සිතින් දුසිරිත කෙරෙත් ද, ඔවුනට ආත්මය අප්‍රිය යැ, ඔවුහු ‘අපට ආත්මය ප්‍රිය යැ’ යි මෙසේ කියතුදු වැලි ඔවුනට ආත්මය අප්‍රිය යැ, එ කවර හෙයි නැ : සතුරෙක් සතුරාට යමක් මැ කෙරේ ද, එය ඔවුහු තුමූ මැ තමහට කෙරෙති. එහෙයින් ඔවුනට ආත්මය අප්‍රිය යැ, තවද යම් කිසි කෙනෙක් ක් සුචරිතය කෙරෙත් ද බසින් සුචරිතය කෙරෙත් ද සිතින් සුචරිතය කෙරෙත් ද, ඔවුනට ආත්මය ප්‍රිය යැ, ඔවුහු අපට ආත්මය අප්‍රිය යැ’ යි මෙසේ කියන්නාහු නමුදු වැලි ඔවුනට ආත්මය ප්‍රිය යැ, ඒ කවර හෙයිනැ : මිතුරෙක් මිතුරකුට යමක් මැ කෙරේ ද එය ඔවුහු තුමූ මැ තමහට කෙරෙති. එහෙයින් ඔවුනට ආත්මය ප්‍රිය වේ” යයි.
Pali BJTඑවමෙතං මහාරාජ, එවමෙතං මහාරාජ, යෙ හි කෙචි මහාරාජ කායෙන දුච්චරිතං චරන්ති වාචාය දුච්චරිතං චරන්ති මනසා දුච්චරිතං චරන්ති, තෙසං අප්පියො අත්තා. කිඤ්චාපි තෙ එවං වදෙය්යුං ‘පියො නො අත්තා’ති, අථ ඛො තෙසං අප්පියො අත්තා, තං කිස්ස හෙතු: යං හි මහාරාජ, අප්පියො අප්පියස්ස කරෙය්ය, තං තෙ අත්තනාව අත්තනො කරොන්ති, තස්මා තෙසං අප්පියො අත්තා, යෙ ච ඛො කෙචි මහාරාජ කායෙන සුචරිතං චරන්ති වාචාය සුචරිතං චරන්ති මනසා සුචරිතං චරන්ති, තෙසං පියො අත්තා. කිඤ්චාපි තෙ එවං වදෙය්යුං ‘අප්පියො නො අත්තා’ති, අථ ඛො තෙසං පියො අත්තා. තං කිස්ස හෙතු: යං හි මහාරාජ, පියො පියස්ස කරෙය්ය, තං තෙ අත්තනාව අත්තනො කරොන්ති. තස්මා තෙසං පියො අත්තාති. ඉදමවොච භගවා. ඉදං වත්වා සුගතො අථාපරං එතදවොච සත්ථා:
Sinhala BJT“මහරජ, තෙල කරුණ එසේ මැ ය, මහරජ තෙල එසේ මැ ය, මහරජ, යම්කෙනෙක් කයින් දුසිරිත කෙරෙත් ද වචනයෙන් දුසිරිත කෙරෙත් ද සිතින් දුසිරිත කෙරෙත් ද, ඔවුනට ආත්මය අප්‍රිය යැ, ඔවුහු ‘අපට ආත්මය ප්‍රිය යැ’ යි කියන්නාහු නමුදු වැලි ඔවුනට ආත්මය අප්‍රිය යැ, එ කවර හෙයිනැ : මහරජ, සතුරෙක් සතුරකුට යමක් මැ කෙරේ ද, එය ඔවුහු තුමූ මැ තමහට කෙරෙති, එහෙයින් ඔවුනට ආත්මය අප්‍රිය වේ. තවද මහරජ, යම් කෙනෙක් කයින් සුසිරිත කෙරෙත් ද බසින් සුසිරිත කෙරෙත් ද සිතින් සුසිරිත කෙරෙත් ද, ඔවුනට ආත්මය ප්‍රිය යැ, ඔවුහු ‘අපට ආත්මය අප්‍රිය යැ’ යි මෙසේ කියන්නාහු නමුදු වැලි ඔවුනට ආත්මය ප්‍රිය යැ, එ කවර හෙයිනැ : මහරජ, මිතුරෙක් මිතුරකුට යමක් මැ කරන්නේ ද, එය ඔවුහු තුමූ මැ තමහට කෙරෙති. එහෙයින් ඔවුනට ආත්මය ප්‍රිය වේ” යයි. බුදුහු මේ වදාළහ, මේ වදාරා යළි සුගත වූ ශාස්තෲන් වහන්සේ තෙල වදාළසේක :
Pali BJT31. “අත්තානඤ්චෙ පියං ජඤ්ඤා න නං පාපෙන සංයුජෙ, න හි තං සුලභං හොති සුඛං දුක්කතකාරිනා.
Sinhala BJT31. ඉදින් ආත්මය තමහට ප්‍රිය යයි දන්නේ නම්, ඒ ආත්මය පාපය හා නො යොදන්නේ යැ, දුෂ්කෘත කරන්නහුට (තමා රිසියෙන) ඒ සුවය නො මැ සුලභ වේ.
Pali BJT32. අන්තකෙනාධිපන්නස්ස ජහතො මානුසං භවං, කිං හි තස්ස සකං හොති කිඤ්ච ආදාය ගච්ඡති; කිං චස්ස අනුගං හොති ඡායාව අනපායිනී.
Sinhala BJT32. මරණයෙන් මඩනාලද මනුෂ්‍ය ආත්මභාවය හරනාවූ ඔහුට කුමක් නම් තමා අයත් වේ ද, කුමක් හැරැගෙන පරලොවට යේ ද, තමා නොහැර යන සෙවණැල්ල සෙයින් කුමක් ඔහු අනුව යන්නේ වේ ද -
Pali BJT33. උභො පුඤ්ඤං ච පාපං ච යං මච්චො කුරුතෙ ඉධ, තං හි තස්ස සකං හොති තං ච ආදාය ගච්ඡති; තං චස්ස අනුගං හොති ඡායාව අනපායිනී.
Sinhala BJT33. මේ ලොවැ සත්ත්‍වයා පින ද පව ද යන දෙවැදෑරුම් වූ යම් කර්‍මයක් රැස්කෙරේ ද, එය මැ ඔහුට තමා අයත් වෙයි, ඒ කර්‍මය ගෙන පරලොව යෙයි, ඔහුගේ ඒ කර්‍මය තමා නොහැර යන සෙවණැල්ල සෙයින් අනුව යන්නේ වේ.
Pali BJT34. තස්මා කරෙය්ය කල්යාණං නිචයං සම්පරායිකං, පුඤ්ඤානි පරලොකස්මිං පතිට්ඨා හොන්ති පාණීන”න්ති.
Sinhala BJT34. එහෙයින් පරලොවැ විපාකඵලය රැස්කරනුයේ කුසලය කරන්නේ යැ, සත්ත්‍වයන්ට පරලොවැ දී පුණ්‍යයෝ පිහිට වෙත් යයි.
Pali BJTඉදං සුත්තං පරවචනං. අනුගීති සකවචනං.
Sinhala BJTමේ සූත්‍රය පරවචන යැ, අනුගීතිය සකවචනයි.
Pali BJTඉදං සකවචනං ච පරවචනඤ්ච.
Sinhala BJTමේ සකවචන ද පරවචන ද වේ.
Pali BJT(16) තත්ථ කතමං විස්සජ්ජනීයං:
Sinhala BJT(16) එහි විස්සජ්ජනීය කවරෙ යත් :
Pali BJTපඤ්හෙ පුච්ඡිතෙ ඉදං අභිඤ්ඤෙය්යං ඉදං පරිඤ්ඤෙය්යං ඉදං පහාතබ්බං ඉදං භාවෙතබ්බං ඉදං සච්ඡිකාතබ්බං ඉමෙ ධම්මා එවං ගහිතා ඉදං ඵලං නිබ්බත්තයන්ති තෙසං එවං ගහිතානං අයං අත්ථො ඉති.
Sinhala BJTප්‍රශ්නයක් විචාළකල්හි ‘මෙය අභිඥෙය යැ මෙය පරිඥේය යැ මෙයප්‍රහ්‍යාතව්‍ය යැ මෙය භාවිතව්‍ය යැ මෙය ප්‍රත්‍යක්‍ෂ කටයුතු යැ මේ කුශලාකුශලධර්‍මයෝ මෙසේ රැස් කරනලද්දාහු (ඉෂ්ට හෝ අනිෂ්ට හෝ) මේ විපාකඵලය උපදවති, මෙසේ රැස්කරනලද ඒ කර්‍මයන්ගේ මේ අර්‍ත්‍ථ යැ’ යි.
Pali BJTඉදං විස්සජ්ජනීයං.
Sinhala BJTමේ විස්සජ්ජනීය වෙයි.
Pali BJT“උළාරො බුද්ධො භගවා”ති බුද්ධුළාරත්තං ධම්මස්වාක්ඛාතතං සඞ්ඝසුප්පටිපත්තිඤ්ච එකංසෙනෙව නිද්දිසෙ. “සබ්බෙ සඞ්ඛාරා අනිච්චා”ති “සබ්බෙ සඞ්ඛාරා දුක්ඛා”ති “සබ්බෙ ධම්මා අනත්තා”ති එකංසෙනෙව නිද්දිසෙ. යං වා පනඤ්ඤම්පි එවං ජාතියන්ති.
Sinhala BJT‘භාග්‍යවත් බුදුහු උදාර වූහ’ යි (විචාළ කල්හි) බුදුරදුන්ගේ උදාරබව ද ධර්‍මය ස්වාක්ඛාත බව ද සඞ්ඝයාගේ සුප්‍රතිපත්තිය ද ඒකාන්තයෙන් මැ දක්වන්නේ යැ, සියලු සංස්කාරයෝ අනිත්‍යයහ’ යි ද සියලු සංස්කාරයෝ දුක් වූහ’ යි ද සියලු ධර්‍මයෝ අනාත්මයහ’ යි ද ඒකාන්තයෙන් මැ ප්‍රකාශ කරන්නේ යැ, මෙබඳු ස්වභාව ඇති යම් අනික් පැනයකුදු විසඳන්නේ යි.
Pali BJTඉදං විස්සජ්ජනීයං.
Sinhala BJTමේ විස්සජ්ජනීය යි.
Pali BJT(17) තත්ථ කතමං අවිස්සජ්ජනීයං.
Sinhala BJT(17) එහි අවිස්සජ්ජනීය කවරෙ යැ :
Pali BJT35. “ආකඞ්ඛතො තෙ නරදම්මසාරථි දෙවා මනුස්සා මනසා විචින්තිතං. සබ්බෙ න ජඤ්ඤා{1} කසිණාපි පාණිනො සන්තං සමාධිං අරණං නිසෙවතො. “කිං තං භගවා ආකඞ්ඛති”ති.
Sinhala BJT35. නරදම්සැරිය, (සත්ත්‍වයන්ගේ හිතාර්‍ත්‍ථය) කැමැතිවන නුඹවහන්සේ විසින් (කරුණායෙන් සිහිල් වූ) සිතින් සිතනලද අර්‍ත්‍ථය දෙවියෝ ද මනුෂ්‍යයෝ ද සියලු අනවශේෂ ප්‍රාණීහු ද නො දන්නාහුය, ශාන්ත වූ අරණ සමාධිය සෙවුනා බුදුරදුන්ගේ චින්තිතය ‘භාග්‍යවත්හු කුමක් කැමැති වෙත් දැ’ යි අන්‍යයනට අවිසය වේ.
Pali BJTඉදං අවිස්සජ්ජනීයං.
Sinhala BJTමේ අවිස්සජ්ජනීය වෙයි.
Pali BJT“එත්තකො භගවා සීලක්ඛන්ධෙ{2} සමාධික්ඛන්ධෙ පඤ්ඤාක්ඛන්ධෙ විමුත්තික්ඛන්ධෙ විමුත්තිඤාණදස්සනක්ඛන්ධෙ ඉරියායං පභාවෙ හිතෙසි තායං කරුණායං ඉද්ධිය”න්ති.
Sinhala BJT“බුදුහු ශීලස්කන්‍ධහේතුයෙන් සමාධිස්කන්‍ධයෙන් ප්‍රඥාස්කන්‍ධයෙන් විමුක්තිස්කන්‍ධයෙන් විමුක්තිඥානදර්‍ශනස්කන්‍ධයෙන් කායවාක්සමාචාරය හේතු කොටගෙන අනුභාවයෙන් හිතෙසිතා (මෛත්‍රි) යෙන් කරුණායෙන් ඍද්ධිහේතුයෙන් මෙපමණ වන්නාහ’ යි.
Pali BJTඉදං අවිස්සජ්ජනීයං.
Sinhala BJTමේ අවිස්සජ්ජනීය වෙයි.
Pali BJT“තථාගතස්ස භික්ඛවෙ අරහතො සම්මාසම්බුද්ධස්ස ලොකෙ උප්පාදා තිණ්ණං රතනානං උප්පාදො: බුද්ධරතනස්ස ධම්මරතනස්ස සඞ්ඛරතනස්ස”.
Sinhala BJT“මහණෙනි, තථාගත අරහත් සම්‍යක් සම්බුද්ධයන්ගේ ලොවැ පහළවීමෙන් බුද්ධරත්නය ධර්‍මරත්නය සඞ්ඝරත්නය යන තුනුරුවන්ගේ පහළවීම වේ.”
Pali BJT“කිං පමාණානි තීණි රතනානී”ති ඉදං අවිස්සජ්ජනීයං බුද්ධවිසයො අවිස්සජ්ජනීයො. පුග්ගලපරොපරඤ්ඤුතා අවිස්සජ්ජනීයා.
Sinhala BJT‘රත්නත්‍රය (ගුණවිසින්) කිපමණ දැ’ යි මේ අවිස්සජ්ජනීය වෙයි, මේ බුද්ධවිසය අවිස්සජ්ජනීය වෙයි, පුද්ගලපරාවර දන්නාබව අවිස්සජ්ජනීය වේ.
Pali BJT“පුබ්බා භික්ඛවෙ කොටි න පඤ්ඤායති අවිජ්ජානීවරණානං සත්තානං තණ්හාසංයොජනානං සකිං නිරයං සකිං තිරච්ඡානයොනිං සකිං පෙත්තිවිසයං සකිං අසුරයොනිං සකිං දෙවෙ සකිං මනුස්සෙ සන්ධාවතං සංසරතං”.
Sinhala BJT“මහණෙනි, අවිද්‍යානීවරණ ඇති තණ්හාසංයෝජනයෙන් බැඳුණු (එහෙයින්) වරෙක නිරයට ද වරෙක තිරිසන්යෝනට ද වරෙක ප්‍රේතවිෂයට ද වරෙක අසුරනිකායට ද වරෙක දෙව්ලොවෙහි ද වරෙක මිනිස්ලොවැ ද භවයෙන් භවයට සන්‍ධාවන කරන පුනපුනා භවයෙහි සැරිසරන සත්ත්‍වයන්ගේ පුර්‍වකෝටිය නො පැනෙයි.”
Pali BJT“කතමා පුබ්බා කොටි”ති අවිස්සජ්ජනීයං. “න පඤ්ඤායතී”ති සාවකානං ඤාණවෙකල්ලෙන. දුවිධා බුද්ධානං භගවන්තානං දෙසනා: අත්තූපනායිකා ච පරූපනායිකා ච. ‘න පඤ්ඤායතී’ති පරූපනායිකා; ‘නත්ථි බුද්ධානං භගවන්තානං අප්පජානනා’ති{1} අත්තූපනායිකා; යථා භගවා කොකාලිකං භික්ඛුං ආරබ්භ අඤ්ඤතරං භික්ඛුං එවමාහ:
Sinhala BJT‘පූර්‍වකෝටිය කවර දැ’ යි අවිස්සජ්ජනීය වෙයි, ‘නො පැනෙයි’ යනු ශ්‍රාවකයන්ගේ ඥානවෛකල්‍යය හෙයිනි. භාග්‍යවත් බුදුවරයන්ගේ දේශනාව අත්තූපනායිකා (තමන් වහන්සේ එළවා දැක්වියැයුතු) දේශනාව ද පරූපනායිකා දේශනාව දැ’ යි දෙවැදෑරුම් වෙයි, (එහි) න පඤ්ඤායති යනු (මෙරමා එළවාදක්වන) පරූපනායිකා දේශනා යි. “... “නත්‍ථි බුද්ධානං භගවන්තානං අප්පජානනා යනු අත්තූපනායිකා දේශනා යි. ඒ මෙසේ යැ : බුදුහු කෝකාලික භික්‍ෂු අරබයා අන්‍යතර මහණක්හට මෙසේ වදාළසේක :
Pali BJT‘සෙය්යථාපි භික්ඛු, වීසතිඛාරිකො කොසලකො තිලවාහො -පෙ- නත්වෙව එකො අබ්බුදො නිරයො. සෙය්යථාපි භික්ඛු, වීසති අබ්බුදා නිරයා, එවමෙකො නිරබ්බුදො නිරයො, සෙය්යථාපි භික්ඛු, වීසති නිරබ්බුදා නිරයා, එවමෙකො අබබො නිරයො සෙය්යථාපි භික්ඛු, වීසති අබබා නිරයා, එවමෙකො අටටො නිරයො. සෙය්යථාපි භික්ඛු, වීසති අටටා නිරයා, එවමෙකො අහහො නිරයො. සෙය්යථාපි භික්ඛු වීසති අහහා නිරයා. එවමෙකො කුමුදො නිරයො. සෙය්යථාපි භික්ඛු, වීසති කුමුදා නිරයා, එවමෙකො සොගන්ධිකො නිරයො, සෙය්යථාපි භික්ඛු, වීසති සොගන්ධිකා නිරයා, එවමෙකො උප්පලකො නිරයො. සෙය්යථාපි භික්ඛු, වීසති උප්පලකා නිරයා, එවමෙකො පුණ්ඩරීකො නිරයො. සෙය්යථාපි භික්ඛු, වීසති පුණ්ඩරීකා නිරයා, එවමෙකො පදුමො නිරයො. පදුමං ඛො පන භික්ඛු, නිරයං කොකාලිකො භික්ඛූ උපපන්නො සාරිපුත්ත මොග්ගල්ලානෙසු චිත්තං ආඝාතෙත්වා”ති.
Sinhala BJT“මහණ, යම්පරිදි විසිකිරියකින් යුත් කොසොල්රට වහරට පැමිණි තිලවාහයෙක් (තලගැලෙක්) වේ ද ... අබ්බුදනිරයක ආයු නො ගෙවේ මැ ය. අබ්බුදනිරයක ආයු නො ගෙවේ මැ ය. මහණ, අබ්බුදනිරය විස්සක් යම්සේ ද එක නිර්බ්බුදනිරය එබඳු වෙයි. මහණ, නිරබ්බුදනිරය විස්සක් යම්සේ ද, එක අබබනිරය එබඳු වෙයි. මහණ, අබබනිරය විස්සක් යම්බඳු ද එක අටටනිරය එබඳු වෙයි. මහණ, අටටනිරය විස්සක් යම්සේ ද එක අහහනිරය එබඳු වෙයි. මහණ, අහහනිරය විස්සක් යම්සේ ද එක කුමුදනිරය එබඳු වෙයි. මහණ, කුමුදනිරය විස්සක් යම්සේ ද එක සොගන්‍ධිකනිරය එබඳු වෙයි. මහණ, සොගන්‍ධිකනිරය විස්සක් යම්සේ ද එක උප්පලකනිරය එබඳු වෙයි. මහණ, උප්පලකනිරය විස්සක් යම්පරිදි ද එක පුණ්ඩරීක නිරය එසේ යැ, මහණ, පුණ්ඩරීකනිරය විස්සක් යම්සේ ද එක පදුමනිරය එසේ යැ. මහණ, කෝකාලික භික්‍ෂු සාරිපුත්තමොග්ගල්ලානයන් කෙරෙහි සිත ප්‍රදූෂ්‍ය කොට පදුම නිරයට පැමිණියේ” යයි.
Pali BJTයං වා පන කිඤ්චි භගවා ආහ: අයං අප්පමෙය්යො අසංඛෙය්යොති, සබ්බං තං අවිස්සජ්ජනීයන්තී.
Sinhala BJTතවද බුදුහු යම් කිසිවක් ‘මෙය අප්‍රමේය යැ අසංඛ්‍යෙය’ යි වදාළසේක් ද ඒ සියල්ල නො විසඳියයුතු වේ යයි.
Pali BJTඉදං අවිස්සජ්ජනීයං
Sinhala BJTමේ අවිස්සජ්ජනීය දේශනා යි.
Pali BJT(18) තත්ථ කතමං විස්සජ්ජනීයං ච අවිස්සජ්ජනීයං ච:
Sinhala BJT(18) එහි කවරෙක් විස්සජ්ජනීය ද අවිස්සජ්ජනීය ද වේ යැ යත් :
Pali BJTයදා සො උපකො ආජීවකො භගවන්තං ආහ: “කුහිං ආවුසො ගොතම, ගමිස්සතී”ති. භගවා ආහ:
Sinhala BJTයම් කලෙක ඒ උපක ආජීවක භාග්‍යවතුන් වහන්සේට ‘ඇවැත්නි ගෞතමයෙනි, කොහි යන්නවු දැ’ යි කීයේ ද, බුදුහු මෙසේ වදාළහ :
Pali BJT36. “බාරාණසිං ගමිස්සාමි ආහන්තුං{2} අමතදුන්දූහිං,
Sinhala BJT36. දහම්අමාබෙරය ගසන්නට, ලොවැ අනෙකක්හු විසින් පවත්වාලියැ නොහෙන දම්සක් පවත්වන්නට බරණැසට යන්නෙමි’ යි.
Pali BJTධම්මචක්කං පවත්තෙතුං ලොකෙ අප්පතිවත්තිය”න්ති.
Sinhala BJTඋපක ආජීවක මෙසේ කී : ‘ඇවැත්නි ගෞතමයෙනි, ‘ජින’ යි මැ පිළින කරවු දැ’ යි.
Pali BJTඋපකො ආජීවකො ආහ: “ජිනොති ඛො ආවුසො භො ගොතම පටිජානාසි”ති, භගවා ආහ:
Sinhala BJTබුදුහු වදාළහ :
Pali BJT37. “මාදිසා වෙ ජිනා{3} හොන්ති යෙ පත්තා ආසවක්ඛයං, ජිතා මෙ පාපකා ධම්මා තස්මාහං උපකා ජිනො”ති.
Sinhala BJT37. යම් කෙනෙක් ආස්‍රවක්‍ෂයට (නිවනට) පැමිණියාහු ද, මාබඳු වූවාහු ඒකාන්තයෙන් ජින නම් වෙති. මා විසින් අකුශලධර්‍මයෝ දිනනලදහ, උපකය එහෙයින් මම ජින වෙමි’ යි.
Pali BJT“කථං ජිනො” “කෙන ජිනො”ති විස්සජ්ජනීයං; “කතමො ජිනො”ති අවිස්සජ්ජනීයං, “කතමො ආසවක්ඛයො: රාගක්ඛයො දොසක්ඛයො මොහක්ඛයො”ති විස්සජ්ජනීයං; කිත්තකො ආසවක්ඛයො”ති අවිස්සජ්ජනීයං;
Sinhala BJT“කිසෙයින් ජින වේ ද? ‘කවර කරුණෙකින් ජින වේ දැ’ යි විස්සජ්ජනීය වෙයි. ‘කවරෙක් ජින වේ දැ’ යි අවිස්සජ්ජනීය යැ. ‘ආස්‍රවක්‍ෂය කවරේ ද? රාගක්‍ෂය ද්වේෂක්‍ෂය මෝහක්‍ෂය’ යි විස්සජ්ජනීය යැ. ‘ආස්‍රවක්‍ෂය කිපමණ වේ දැ’ යි අවිස්සජ්ජනීය යි.
Pali BJTඉදං විස්සජ්ජනීයඤ්ච අවිස්සජ්ජනීයඤ්ච.
Sinhala BJTමේ විස්සජ්ජනීය ද අවිස්සජ්ජනීය ද වේ.
Pali BJT“අත්ථි තථාගතො”ති විස්සජ්ජනීයං; “අත්ථි රූපං”ති විස්සජ්ජනීයං. “රූපං තථාගතො”ති අවිස්සජ්ජනීයං, “රූපවා තථාගතො”ති අවිස්සජ්ජනීයං, “රූපෙ වා තථාගතො”ති අවිස්සජ්ජනීයං, “තථාගතෙ රූප”න්ති අවිස්සජ්ජනීයං. එවං “අත්ථි වෙදනා -පෙ- සඤ්ඤා -පෙ- සංඛාරා අත්ථි විඤ්ඤාණ”න්ති විස්සජ්ජනීයං. “විඤ්ඤාණං තථාගතො”ති අවිස්සජ්ජනීයං, විඤ්ඤාණවා තථාගතො”ති අවිස්සජ්ජනීයං, විඤ්ඤාණෙ තථාගතො”ති අවිස්සජ්ජනීයං, “තථාගතෙ විඤ්ඤාණ”න්ති අවිස්සජ්ජනීයං. “අඤ්ඤත්ර රූපෙන තථාගතො”ති අවිස්සජ්ජනීයං, අඤ්ඤත්ර වෙදනාය -පෙ- සඤ්ඤාය - සඞ්ඛාරෙහි - විඤ්ඤාණෙන තථාගතො”ති අවිස්සජ්ජනීයං, “අයං සො තථාගතො අරූපකො අවෙදනකො අසඤ්ඤකො අසඞ්ඛාරකො අවිඤ්ඤාණකො”ති අවිස්සජ්ජනීයං.
Sinhala BJT‘තථාගත (සත්ත්‍ව) ඇද්දැ’ යි විස්සජ්ජනීය යැ, ‘රූපය ඇද්දැ’ යි විස්සජ්ජනීය යැ, ‘රූපය තථාගත දැ’ යි අවිස්සජ්ජනීය යැ, ‘තථාගත රූපවත් දැ’ යි අවිස්සජ්ජනීය යැ, ‘රූපයෙහි හෝ තථාගත වේ දැ’ යි අවිස්සජ්ජනීය යැ, ‘තථාගත කෙරෙහි රූපය වේ දැ’ යි අවිස්සජ්ජනීය යි. මෙසේ ‘වේදනා ඇද්ද ... සංඥා ... සංස්කාර ... විඥාන ඇද්දැ’ යි විස්සජ්ජනීය යැ, ‘විඥානය තථාගත දැ’ යි අවිස්සජ්ජනීය යැ, ‘තථාගත විඥානවත් දැ’ යි අවිස්සජ්ජනීය යැ, ‘විඥානයෙහි තථාගත ඇද්දැ’ යි අවිස්සජ්ජනීය යැ, ‘තථාගත කෙරෙහි විඥානය ඇද්දැ’ යි අවිස්සජ්ජනීය යැ, රූපයෙන් අන් තැනක තථාගත වේ දැ යි අවිස්සජ්ජනීය යැ ‘වේදනායෙන් අන් තැනෙක ... සංඥායෙන් ... සංස්කාරයන්ගෙන් ... විඥානයෙන් අන් තැනෙක තථාගත වේ දැ’ යි අවිස්සජ්ජනීය යැ, මේ ඒ තථාගත රූප නැතියෙක් ද ? අවේදක අසංඥක අසංස්කාරක අවිඥානක දැ’ යි අවිස්සජ්ජනීය වේ.
Pali BJTඉදං විස්සජ්ජනීයඤ්ච අවිස්සජ්ජනීයඤ්ච.
Sinhala BJTමේ විස්සජ්ජනීය ද අවිස්සජ්ජනීය ද වේ.
Pali BJT“පස්සති භගවා දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන අතික්කන්තමානුසකෙන සත්තෙ චවමානෙ උපපජ්ජමානෙ (එවං සබ්බං) -පෙ- යථාකම්මූපගෙ සත්තෙ පජානාතී”ති විස්සජ්ජනීයං. “කතමෙ සත්තා’ කතමො තථාගතො”ති අවිස්සජ්ජනීයං.
Sinhala BJTබුදුහු විශුද්ධ වූ මිනිසැස ඉක්මවා සිටි දිවැසින් (මෙලොවින්) ච්‍යුත වන්නාවූ ද (පටිසන්‍ධි විසින් මෙලොවට) පැමිණෙන්නාවූ ද සත්ත්‍වයන් දක්නාසේක් ද, ... කම්වූ පරිදි පරලොව යන සත්ත්‍වයන් දන්නාසේක් දැ’ යි විස්සජ්ජනීය යැ, කවර සත්ත්‍වයෝ ද? තථාගත කවරේ දැ’ යි අවිස්සජ්ජනීය යැ.
Pali BJTඉදං විස්සජ්ජනීයඤ්ච අවිස්සජ්ජනීයඤ්ච.
Sinhala BJTමේ විස්සජ්ජනීය ද අවිස්සජ්ජනීය ද වේ.
Pali BJT“අත්ථි තථාගතො”ති විස්සජ්ජනීයං, “අත්ථි තථාගතො පරම්මරණා”ති අවිස්සජ්ජනීයං.
Sinhala BJT‘තථාගත ඇද්ද’ යනු විස්සජ්ජනීය යැ, ‘තථාගත මරණින් මතු ඇද්ද’ යනු අවිස්සජ්ජනීය යි.