Pali BJT“චත්තාරො’මෙ භික්ඛවෙ පුග්ගලා. කතමෙ චත්තාරො: අනුසොතගාමී පටිසොතගාමී ඨිතත්තො තිණ්ණො පාරගතො ථලෙ තිට්ඨති බ්රාහ්මණො”ති.
Sinhala BJT“මහණෙනි, මේ පුද්ගලයෝ සතරදෙනෙක, කවර සතරදෙනෙක යත් : අනුසෝතගාමී යැ, පටිසෝතගාමී යැ, ඨිතත්ත යැ, චතුරෝඝතරණය කොට පරතෙරට ගිය නිවන් තෙලෙහි සිටුනා ක්‍ෂීණාස්‍රව බ්‍රාහ්මණ යැ යන මොහු යි.”
Pali BJTතත්ථ යො’යං පුග්ගලො අනුසොතගාමී, අයං පුග්ගලො සංකිලෙස භාගියො. තත්ථ යො ච පුග්ගලො පටිසොතගාමී යෙ ච ඨිතත්තො, ඉමෙ ද්වෙ පුග්ගලා නිබ්බෙධභාගියා. තත්ථ යො’යං පුග්ගලො තිණ්ණො පාරගතො ථලෙ තිට්ඨති බ්රාහ්මණො, අයං අසෙඛො.
Sinhala BJTමේ පුද්ගලත් සතරදෙනා කෙරෙහි යම් පුඟුලෙක් අනුසෝතගාමී වේ ද මේ පුද්ගල සංකිලේසභාගී යැ, එහි යම් පුඟුලෙක් පටිසෝතගාමී වේ ද, යම් පුඟුලෙක් ඨිතත්ත වේ ද මේ පුද්ගලයෝ දෙදෙන නිබ්බේධභාගිය වෙති, එහි යම් පුඟුලෙක් ඕඝතරණය කොට පාරයට ගියේ නිවන්තෙලෙහි සිටුනා බ්‍රාහ්මණ වේ ද මේ පුද්ගල අසේඛ යි.
Pali BJTඉදං සංකිලෙසභාගියං ච නිබ්බෙධභාගියං ච අසෙඛභාගියං ච සුත්තං.
Sinhala BJTමේ සංකිලෙසභාගිය ද නිබ්බේධභාගිය ද අසේඛභාගිය ද සූත්‍ර යි.
Pali BJT3. 4. 9.
Sinhala BJT3. 4. 9.
Pali BJT(9) තත්ථ කතමං සංකිලෙසභාගියං ච වාසනාභාගියං ච නිබ්බෙධභාගියං ච සුත්තං:
Sinhala BJT(9) එහි සංකිලෙසභාගිය ද වාසනාභාගිය ද නිබ්බේධභාගිය ද සූත්‍ර කවරෙ යැ :
Pali BJT“ඡළාභිජාතියො: අත්ථි පුග්ගලො කණ්හො කණ්හාභිජාතිකො කණ්හං ධම්මං අභිජායති, අත්ථි පුග්ගලො කණ්හො කණ්හාභිජාතිකො සුක්කං ධම්මං අභිජායති, අත්ථි පුග්ගලො කණ්හො කණ්හාභිජාතිකො අකණ්හං අසුක්කං අකණ්හඅසුක්කවිපාකං අච්චන්තනිට්ඨං{3} නිබ්බානං ආරාධෙති, අත්ථි පුග්ගලො සුක්කො සුක්කාභිජාතිකො කණ්හං ධම්මං අභිජායති. අත්ථි පුග්ගලො සුක්කො සුක්කාභිජාතිකො සුක්කං ධම්මං අභිජායති, අත්ථි පුග්ගලො සුක්කො සුක්කාභිජාතිකො අකණ්හං අසුක්කං අකණ්හඅසුක්කවිපාකං අච්චන්තනිට්ඨං නිබ්බානං ආරාධෙති.
Sinhala BJT“අභිජාතීහු සදෙනෙකි : කෘෂ්ණ වූ කෘෂ්ණාභිජාති (නීචකුල) ඇති පුද්ගලයෙක් ඇත, හේ කෘෂ්ණ වූ අකුශලධර්‍මය රැස්කෙරෙයි, කෘෂ්ණ වූ කෘෂ්ණාභිජාති ඇති පුද්ගලයෙක් ඇත, හේ ශුක්ල වූ කුශලධර්‍මය රැස්කෙරෙයි, කෘෂ්ණ වූ කෘෂ්ණාභිජාති ඇති පුද්ගලයෙක් ඇත, හේ අකෘෂ්ණ අශුක්ල වූ අකණ්හඅසුක්කවිපාක උපදවන අත්‍යන්ත නිෂ්ඨා වූ අර්‍හත්‍ව සංඛ්‍යාත නිවන උපදවයි. ශුක්ල වූ ශුක්ලාභිජාති (උසස්කුල) ඇති පුඟුලෙක් ඇත, හේ අකුශලධර්‍ම රැස්කෙරෙයි, ශුක්ල වූ ශුක්ලාභිජාති ඇති පුඟුලෙක් ඇත, හේ කුශලධර්‍ම රැස්කෙරෙයි, ශුක්ල වූ ශුක්ලාභිජාති ඇති පුඟුලෙක් ඇත, හේ අකෘෂ්ණ අශුක්ල වූ අකෘෂ්ණඅශුක්ල විපාක ඇති අත්‍යන්තනිෂ්ඨා වූ අර්‍හත්‍ව සංඛ්‍යාත නිවන උපදවයි.
Pali BJTතත්ථ යො ච පුග්ගලො කණ්හො කණ්හාභිජාතිකො කණ්හං ධම්මං අභිජායති, යො ච පුග්ගලො සුක්කො සුක්කාභිජාතිකො කණ්හං ධම්මං අභිජායති, ඉමෙ ද්වෙ පුග්ගලා සංකිලෙසභාගියා.
Sinhala BJTඒ පුඟුලන් සදෙනා කෙරෙහි යම් පුඟුලෙක් කෘෂ්ණ වූ කෘෂ්ණජාති ඇතියේ අකුශල ධර්‍ම රැස්කෙරේ ද, යම් පුඟුලෙක් ශුක්ල වූ ශුක්ලාභිජාති ඇතියේ අකුශලධර්‍ම රැස්කෙරේ ද මේ පුද්ගලයෝ දෙදෙන සංකිලෙසභාගිය වෙති.
Pali BJTතත්ථ යො ච පුග්ගලො කණ්හො කණ්හාභිජාතිකො සුක්කං ධම්මං අභිජායති, යො ච පුග්ගලො සුක්කො සුක්කාභිජාතිකො සුක්කං ධම්මං අභිජායති, ඉමෙ ද්වෙ පුග්ගලා වාසනාභාගියා.
Sinhala BJTඑහි යම් පුඟුලෙක් කෘෂ්ණ වූයේ කෘෂ්ණාභිජාති ඇතියේ කුශලධර්‍ම රැස්කෙරේ ද, යම් පුඟුලෙක් ශුක්ල වූ ශුක්ලාභිජාති ඇතියේ කුශලධර්‍ම රැස්කෙරේ ද, මේ පුද්ගලයෝ දෙදෙන වාසනාභාගිය වෙති.
Pali BJTතත්ථ යො ච පුග්ගලො කණ්හො කණ්හාභිජාතිකො අකණ්හං අසුක්කං අකණ්හඅසුක්කවිපාකං අච්චන්තනිට්ඨං නිබ්බානං ආරාධෙති, යො ච පුග්ගලො සුක්කො සුක්කාභිජාතිකො අකණ්හං අසුක්කං අකණ්හඅසුක්කවිපාකං අච්චන්තනිට්ඨං නිබ්බානං ආරාධෙති, ඉමෙ ද්වෙ පුග්ගලා නිබ්බෙධභාගියාති.
Sinhala BJTඑහි යම් පුඟුලෙක් කෘෂ්ණ වූ කෘෂ්ණාභිජාති ඇතියේ අකෘෂ්ණ අශුක්ල වූ අකෘෂ්ණා ශුක්ල විපාක ඇති අත්‍යන්ත නිෂ්ඨා වූ අර්‍හත්‍ව සංඛ්‍යාත නිවන ආරාධනය කෙරේ ද, යම් පුඟුලෙක් ශුක්ල වූ ශුක්ලාභිජාති ඇතියේ අකෘෂ්ණ අශුක්ල වූ අකෘෂ්ණාශුක්ල විපාක ඇති අත්‍යන්තනිෂ්ඨා වූ අර්‍හත්‍ව සංඛ්‍යාත නිර්‍වාණය අධිගම කෙරේ ද, මේ පුද්ගලයෝ දෙදෙන නිබ්බේධභාගිය වූවාහු” යයි.
Pali BJTඉදං සංකිලෙසභාගියඤ්ච වාසනාභාගියඤ්ච නිබ්බෙධභාගියඤ්ච සුත්තං.
Sinhala BJTමේ සංකිලෙසභාගිය ද වාසනාභාගිය ද නිබ්බේධභාගිය ද සූත්‍ර යැ.
Pali BJT“චත්තාරිමානි භික්ඛවෙ කම්මානි, කතමානි චත්තාරි: අත්ථි කම්මං කණ්හං කණ්හවිපාකං, අත්ථි කම්මං සුක්කං සුක්කවිපාකං, අත්ථි කම්මං කණ්හං සුක්කං කණ්හසුක්කවිපාකං, අත්ථි කම්මං අකණ්හං අසුක්කං අකණ්හඅසුක්කවිපාකං කම්මං කම්මුත්තමං කම්මසෙට්ඨං කම්මක්ඛයාය සංවත්තති”.
Sinhala BJT“මහණෙනි, මේ කර්‍මයෝ සතරදෙනෙකි, කවර සතරදෙනෙක යත් : කෘෂ්ණ වූ කෘෂ්ණවිපාක ඇති කර්‍මයෙක් ඇත, ශුක්ල වූ ශුක්ලවිපාක ඇති කර්‍මයෙක් ඇත, කෘෂ්ණ ශුක්ල වූ කෘෂ්ණශුක්ලවිපාක ඇති කර්‍මයෙක් ඇත, අකෘෂ්ණ අශුක්ල වූ අකෘෂ්ණාශුක්ල විපාක ඇති කර්‍මයෙක් ඇත, කර්‍මයන් කෙරෙහි උත්තම වූ කර්‍මශ්‍රේෂ්ඨ වූ ඒ කර්‍මය කර්‍මක්‍ෂය පිණිස පවත්නේ” යි.
Pali BJTතත්ථ යඤ්ච කම්මං කණ්හං කණ්හවිපාකං, යඤ්ච කම්මං කණ්හං සුක්කං කණ්හසුක්කවිපාකං, අයං සංකිලෙසා. යඤ්ච කම්මං සුක්කං සුක්කවිපාකං, අයං වාසනා. යඤ්ච කම්මං අකණ්හං අසුක්කං අකණ්හ සුක්කවිපාකං කම්මං කම්මුත්තමං කම්මසෙට්ඨං කම්මක්ඛයාය සංවත්තති, අයං නිබ්බෙධොති.
Sinhala BJTඑහි කෘෂ්ණ වූ කෘෂ්ණවිපාක ඇති යම් කර්‍මයෙකුත් කෘෂ්ණ ශුක්ල වූ කෘෂ්ණශුක්ල විපාක ඇති යම් කර්‍මයෙකුත් වේ ද, මේ සංකිලේස යැ. එහි ශුක්ල වූ ශුක්ලවිපාක ඇති යම් කර්‍මයෙකුත් වේ ද, මේ වාසනා යැ. අකෘෂ්ණ අශුක්ල වූ අකෘෂ්ණාශුක්ලවිපාක ඇති යම් කර්‍මයෙක් වේ ද, කර්මෝත්තම වූ කර්‍මශ්‍රේෂ්ඨ වූ ඒ කර්‍මය කර්‍මක්‍ෂය පිණිස පවතී. මේ නිබ්බේධ යි.
Pali BJTඉදං සංකිලෙසභාගියඤ්ච වාසනාභාගියඤ්ච නිබ්බෙධභාගියඤ්ච සුත්තං.
Sinhala BJTමේ සංකිලෙසභාගිය ද වාසනාභාගිය ද නිබ්බේධභාගිය ද සූත්‍ර යි.
Pali BJT3. 4. 10.
Sinhala BJT3. 4. 10.
Pali BJT(10) තත්ථ කතමං වාසනාභාගියඤ්ච නිබ්බෙධභාගියඤ්ච සුත්තං:
Sinhala BJT(10) එහි වාසනාභාගිය ද නිබ්බේධභාගිය ද සූත්‍ර කවරෙ යැ.
Pali BJT1. “ලද්ධාන මානුසත්තං චෙ කිච්චං අකිච්චමෙව ච, සුකිච්චං චෙව පුඤ්ඤානි සංයොජනවිප්පහානං වා”ති.
Sinhala BJT1. මනුෂ්‍යභාවය ලැබ කටයුතු දැය ද නො කටයුතු දැය ද යන දෙක කෙරෙති. එහෙත් මොනොවට කටයුතු වූයේ කුසල් හෝ සංයෝජනය ප්‍රහාණය හෝ යි.
Pali BJT“සුකිච්චං චෙව පුඤ්ඤානී”ති වාසනා; සංයොජනවිප්පහානං වා”ති නිබ්බෙධො;
Sinhala BJT‘සුකිච්චං චෙවපුඤ්ඤනි’ යනු වාසනා යැ. ‘සංයෝජනවිප්පහානං’ යනු නිබ්බේධ යි.
Pali BJT2. “පුඤ්ඤානි කරිත්වාන සග්ගා සග්ගං වජන්ති කතපුඤ්ඤා, සංයොජනප්පහානා ජරාමරණා විමුච්චන්තී”ති.
Sinhala BJT2. පින්කම් කොට කළ පින් ඇත්තාහු ස්වර්‍ගයෙන් ස්වර්‍ගයට යෙති සංයෝජනයන්ගේ ප්‍රහාණයෙන් ජරාමරණයෙන් මිදෙත් යයි.
Pali BJT“පුඤ්ඤානි කරිත්වාන සග්ගා සග්ගං වජන්ති කතපුඤ්ඤා”ති වාසනා; “සංයොජනප්පහානා ජරාමරණා විමුච්චන්තී”ති නිබ්බෙධොති.
Sinhala BJT‘පුඤ්ඤානි කරිත්වාන සග්ගා සග්ගං වජන්ති කතපුඤ්ඤා’ යනු වාසනායැ. ‘සංයෝජනාප්පහානා ජරාමරණං විමුච්චන්ති’ යනු නිබ්බේධ යි.
Pali BJTඉදං වාසනාභාගියඤ්ච නිබ්බෙධභාගියඤ්ච සුත්තං.
Sinhala BJTමේ වාසනා භාගිය ද නිබ්බේධභාගිය ද සූත්‍ර යැ.
Pali BJT“ද්වෙමානි භික්ඛවෙ පධානානි, කතමානි ද්වෙ: යො ච අගාරස්මා අනගාරියං පබ්බජිතෙසු චීවර- පිණ්ඩපාත - සෙනාසන - ගිලානපච්චය - භෙසජ්ජපරික්ඛාරං පරිච්චජති, යො ච අගාරස්මා අනගාරියං පබ්බජිතෙසු සබ්බූපධිපටිනිස්සග්ගො තණ්හක්ඛයො විරාගො නිරොධො නිබ්බාන”න්ති.
Sinhala BJTමහණෙනි, මේ ප්‍රධන්වීර්‍ය්‍යයෝ (නොහොත්) උත්තම කර්‍මයෝ දෙදෙනෙක් වෙති, කවර දෙදෙනෙක යත් : යමෙක් ගිහිගෙන් නික්මැ සසුන්හි පැවිදිවූවන් විෂයෙහි සිවුරු පිඬුවා සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකර පරිත්‍යාග කෙරේ ද, ගිහිගෙන් නික්මැ සසුන්හි පැවිදි වූවන් කෙරෙහි යම් සියලු උපධීන්ගේ දුරැලීමෙක් තෘෂ්ණාක්‍ෂයයෙක් විරාග සංඛ්‍යාත මාර්‍ගයෙක් නිරෝධයෙක් නිර්‍වාණයෙක් ඇද්ද, යන මේ දෙක යි.
Pali BJTතත්ථ “යො අගාරස්මා අනගාරියං පබ්බජිතෙසු චීවර -පෙ- පරික්ඛාරං පරිච්චජති, “අයං වාසනා, “යො අගාරස්මා අනගාරියං පබ්බජිතෙන සබ්බූපධිපටිනිස්සග්ගො තණ්හක්ඛයො විරාගො නිරොධො නිබ්බානං”
Sinhala BJTඑහි යමෙක් ගිහිගෙන් නික්මැ සසුන්හි පැවිදි වූවන් විෂයෙහි සිවුරු … පිරිකර පරිත්‍යාග කෙරේ ද, මේ වාසනා යැ. ගිහිගෙන් නික්මැ සසුන්හි පැවිදි වූවන් කෙරෙහි යම් සියලු උපධීන්ගේ දුරැලීමෙක් තෘෂ්ණාක්‍ෂයයෙක් විරාගයෙක් නිරෝධයෙක් නිර්‍වාණයෙක් ඇද්ද’
Pali BJTඅයං නිබ්බෙධො;
Sinhala BJTමේ නිබ්බේධ යි.
Pali BJTඉදං වාසනාභාගියඤ්ච නිබ්බෙධභාගියඤ්ච සුත්තං.
Sinhala BJTමේ වාසනාභාගිය ද නිබ්බේධභාගිය ද සූත්‍ර යි.
Pali BJTතත්ථ තණ්හාසංකිලෙසභාගියං සුත්තං තණ්හාපක්ඛෙනෙව නිද්දිසිතබ්බං. තීහි තණ්හාහි: කාමතණ්හාය භවතණ්හාය විභවතණ්හාය. යෙන යෙන වා පන වත්ථුනා අජ්ඣොසිතා තෙන තෙනෙව නිද්දිසිතබ්බා. තස්සා තණ්හාය විත්ථාරො ඡත්තිංසතණ්හාජාලිනියා විචරිතානි.
Sinhala BJTඒ සොළොස් වැදෑරුම් සූත්‍රයන් කෙරෙහි තණ්හාසංකිලේසභාගිය සූත්‍රය තෘෂ්ණා පක්‍ෂයෙන් මැ දැක්විය යුතු යැ. කාමතණ්හායෙන් භවතණ්හායෙන් විභවතණ්හායෙන් යන තණ්හා තුනෙනි, නොහොත් උච්ඡේදාදි යම් යම් වස්තුයෙකින් බැසගන්නා ලද ද ඒ ඒ වස්තුයෙන් මැ දැක්විය යුතු යැ. ඒ තෘෂ්ණාවගේ විස්තරය ෂට්ත්‍රිංශත් තෘෂ්ණා ජාලිනියගේ විචරිතයෝ යි.
Pali BJTතත්ථ දිට්ඨිසංකිලෙසභාගියං සුත්තං දිට්ඨිපක්ඛෙනෙව නිද්දිසිතබ්බං උච්ඡෙදසස්සතෙන, යෙන යෙන වා පන වත්ථුනා දිට්ඨිවසෙන අභිනිවිසති ඉදමෙව සච්චං මොඝමඤ්ඤන්ති තෙන තෙනෙව නිද්දිසිතබ්බං තස්සා විත්ථාරො- ද්වාසට්ඨි දිට්ඨිගතානි.
Sinhala BJTඑහි දිට්ඨිසංකිලේසභාගිය සූත්‍රය දෘෂ්ටිපක්‍ෂයෙන් මැ දැක්විය යුතු යැ. උච්ඡේද ශෘස්වත දෘෂ්ටි දෙකෙහි නොහොත් අමරාවික්ඛේපාදි යම් යම් වස්තුයෙකින් මෙය මැ සැබැවැ අන්‍යය තුච්ඡ යැ යි දෘෂ්ටිවශයෙන් බැසගනී ද, ඒ ඒ වස්තුයෙන් මැ දැක්විය යුතුයැ. ඒ දෘෂ්ටියගේ විස්තරය දෙසැට දෘෂ්ටිගතයෝ යි.
Pali BJTතත්ථ දුච්චරිතසංකිලෙසභාගියං සුත්තං චෙතනාය චෙතසිකකම්මෙන නිද්දිසිතබ්බං, තීහි දුච්චරිතෙහි: කායදුච්චරිතෙන වචීදුච්චරිතෙන මනොදුච්චරිතෙන. තස්ස විත්ථාරො දසඅකුසලකම්මපථා.
Sinhala BJTඑහි දුශ්චරිත සංකිලෙසභාගිය සූත්‍රය චේතනායෙන් ද චෛතසික කර්‍මයෙන් ද දැක්විය යුතු යැ. කායදුශ්චරිතයෙන් වාග්දුශ්චරිතයෙන් මනෝදුශ්චරිතයෙන් යන තුන් දුශ්චරිතයෙනි. ඒ දුශ්චරිතයාගේ විස්තරය දශඅකුශල කර්‍මපථයෝ යි.
Pali BJTතත්ථ තණ්හාවොදානභාගියං සුත්තං සමථෙන නිද්දිසිතබ්බං. දිට්ඨිවොදානභාගියං සුත්තං විපස්සනාය නිද්දිසිතබ්බං. දුච්චරිත වොදානභාගියං සුත්තං සුචරිතෙන නිද්දිසිතබ්බං.
Sinhala BJTඑහි තණ්හාවෝදානභාගිය සූත්‍රය සමථයෙන් දැක්විය යුතු යැ. දිට්ඨිවෝදානභාගිය සූත්‍රය විදර්‍ශනායෙන් දැක්විය යුතු යැ. දුච්චරිතවෝදානභාගිය සූත්‍රය සුචරිතයෙන් දැක්විය යුතු යි.
Pali BJTතීණි අකුසලමූලානි, තං කිස්ස හෙතු සංසාරස්ස නිබ්බත්තියා, තථා නිබ්බත්තෙ සංසාරෙ කායදුච්චරිතං කායසුචරිතං වචීදුච්චරිතං වචීසුචරිතං මනොදුච්චරිතං මනොසුචරිතං.
Sinhala BJTඅකුශලමූලයෝ තිදෙනෙක් වෙති, ඒ කවරහෙයින යත් : සංසාරයාගේ ඉපදීම ඇති හෙයිනි. එසේ උපන් සසරෙහි කායදුශ්චරිත යැ කායසුචරිත යැ වාග්දුශ්චරිත යැ වාග්සුචරිත යැ මනෝදුශ්චරිත යැ මනස්සුචරිත යැ (යන මේ උපදවයි).
Pali BJTඉමිනා අසුභෙන කම්මවිපාකෙන ඉදං බාලලක්ඛණං නිබ්බත්තතීති.
Sinhala BJTමේ කායදුශ්චරිතාදි අනිෂ්ට වූ කර්‍මවිපාකයෙන් (පූර්‍වභවයෙහි දුශ්චරිතසමඞ්ගී බැවින් මේ බාලයෙකැයි දක්වා ලියැහෙන) බාලලක්‍ෂණය උපදී යයි.
Pali BJTඉදං සංකිලෙසභාගියං සුත්තං.
Sinhala BJTමේ සංකිලෙසභාගිය සූත්‍ර යැ.
Pali BJTඉමිනා සුභෙන කම්මවිපාකෙන ඉදං මහාපුරිසලක්ඛණං නිබ්බත්තතී’ති.
Sinhala BJTමේ කායසුචරිතාදි ඉෂ්ට වූ කර්‍මවිපාකයෙන් (පූර්‍වභවයෙහි සුචරිත සමඞ්ගී බැවින් මේ පණ්ඩිතයෙකැ යි දක්වා ලියැහෙන) මේ මහාපුරුෂ (පණ්ඩිත) ලක්‍ෂණය උපදී” යයි.
Pali BJTඉදං වාසනාභාගියං සුත්තං.
Sinhala BJTමේ වාසනාභාගිය සූත්‍ර යි.
Pali BJTතත්ථ සංකිලෙසභාගියං සුත්තං චතූහි කිලෙසභූමීහි නිද්දිසිතබ්බං: අනුසයභූමියා පරියුට්ඨානභූමියා සංයොජනභූමියා උපාදානභූමියා. සානුසයස්ස පරියුට්ඨානං ජායති, පරියුට්ඨිතො සංයුජ්ජති, සංයුජ්ජන්තො උපාදියති, උපාදානපච්චයා භවො, භවපච්චයා ජාති, ජාතිපච්චයා ජරාමරණං සොකපරිදෙවදුක්ඛදොමනස්සූපායාසා සම්භවන්ති. එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයො හොති. ඉමාහි චතුහි කිලෙසභූමීහි සබ්බෙ කිලෙසා සඞ්ගහං සමොසරණං ගච්ඡන්ති.
Sinhala BJTඑහි සංකිලෙසභාගිය සූත්‍රය අනුසයභූමියෙන් පරිසුට්ඨානභූමියෙන් සංයෝජනභූමියෙන් උපාදානභූමියෙන් යන සතර ක්ලේශභූමියෙන් (ක්ලේශ අවස්ථායෙන්) දැක්විය යුතු යැ. අනුශය සහිත අප්‍රහීණ අනුශය ඇතියහුට (ප්‍රත්‍යය සමායෝගය ඇති කල්හි) රාගාදීන්ගේ පරියුට්ඨානය වෙයි. රාගාදීන් පරියුට්ඨිත සිත් ඇතියේ කාමරාගාදි සංයෝජනයෙන් බැඳෙයි, බැඳෙනුයේ උපාදානය කෙරෙයි, උපාදානප්‍රත්‍යයෙන් භවය වෙයි, භවප්‍රත්‍යයෙන් ජාතිය වෙයි ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ යැ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසයෝ හටගනිත්, මෙසේ තෙල සියලු දුඃඛරාශිහුගේ සමුදය වේ. මේ සතර ක්ලේශභූමියෙන් සකල ක්ලේශයෝ සංග්‍රහයට සමෝසරණයට යෙත්.
Pali BJTඉදං සංකිලෙසභාගියං සුත්තං.
Sinhala BJTමේ සංකිලෙසභාගිය සූත්‍ර යැ.
Pali BJTවාසනාභාගියං සුත්තං තීහි සුචරිතෙහි නිද්දිසිතබ්බං. නිබ්බෙධභාගියං සුත්තං චතුහි සච්චෙහි නිද්දිසිතබ්බං. අසෙඛභාගියං සුත්තං තීහි ධම්මෙහි නිද්දිසිතබ්බං බුද්ධධම්මෙහි පච්චෙකබුද්ධධම්මෙහි සාවකභූමියා, ඣායිවිසයෙ නිද්දිසිතබ්බන්ති.
Sinhala BJTවාසනාභාගිය සූත්‍රය ත්‍රිවිධ සුචරිතයෙන් දැක්විය යුතු යැ, නිබ්බේධභාගිය සූත්‍රය චතුස්සත්‍යයෙන් දැක්විය යුතු යැ. අසේඛභාගිය සූත්‍රය බුද්ධධර්‍මයෙන් ප්‍රත්‍යෙක බුද්ධධර්‍මයෙන් ශ්‍රාවකභූමියෙන් යන තුන් ධර්‍මයෙන් දැක්විය යුතු යැ. ධ්‍යායීන් විෂයෙහි දැක්විය යුත්තේ යයි.
Pali BJTතත්ථ කතමෙ අට්ඨාරස මූලපදා: ලොකියං ලොකුත්තරං ලොකියඤ්ච ලොකුත්තරඤ්ච, සත්තාධිට්ඨානං ධම්මාධිට්ඨානං සත්තාධිට්ඨානං ච ධම්මාධිට්ඨානං ච, ඤාණං ඤෙය්යං ඤාණඤ්ච ඤෙය්යං ච, දස්සනං භාවනා දස්සනං ච භාවනා ච, සකවචනං පරවචනං සකවචනඤ්ච පරවචනඤ්ච, විස්සජ්ජනීයං අවිස්සජ්ජනීයං විස්සජ්ජනීයඤ්ච අවිස්සජ්ජනීයඤ්ච, කම්මං විපාකො කම්මඤ්ච විපාකො ච, කුසලං අකුසලං කුසලඤ්ච අකුසලඤ්ච, අනුඤ්ඤාතං පටික්ඛිත්තං අනුඤ්ඤාතඤ්ච පටික්ඛිත්තඤ්ච, ථවො චාති.
Sinhala BJTඒ පට්ඨානවිභාගයෙහි අටළොස් මූලපදයෝ කවරහ : ලෞකිකාර්‍ත්‍ථ ඇති ලෝකිය සූත්‍ර යැ ලෝකෝත්තරාර්‍ත්‍ථ ඇති ලෝකුත්තර සූත්‍ර යැ පෙදෙසක ලෞකික ද පෙදෙසක ලෝකෝත්තර අර්‍ත්‍ථ ද වදාළ ලෝකිය ද ලෝකුත්තර ද සූත්‍ර යැ. සත්ත්‍ව ප්‍රඥප්ති විසින් වදාළ සත්තාධිට්ඨාන සූත්‍ර යැ ධර්‍ම වශයෙන් ම වදාළ ධම්මාධිට්ඨාන සූත්‍රය යැ උභයවශයෙන් වදාළ සත්තාධිට්ඨාන ද ධම්මාධිට්ඨාන ද සූත්‍ර යැ. (මෙපරිද්දෙන්) ඤාණ සූත්‍ර යැ ඤෙය්‍ය සූත්‍ර යැ. ඤාණ ද ඤෙය්‍ය ද සූත්‍ර යැ. දස්සන සූත්‍ර යැ භාවනා සූත්‍ර යැ දස්සන භාවනා සූත්‍ර යැ, සකවචන යැ, පරවචන යැ, සකවචන පරවචන යැ, විස්සජ්ජනීය යැ අවිස්සජ්ජනීය යැ විස්සජ්ජනීය ද අවිස්සජ්ජනීය ද සූත්‍ර යැ, කම්ම යැ විපාක යැ කම්ම ද විපාක ද සූත්‍ර යැ, කුසල යැ අකුසල යැ කුසල අකුසල සූත්‍ර යැ, අනුඤ්ඤාත සූත්‍ර යැ පටික්ඛිත්ත සූත්‍ර යැ අනුඤ්ඤාත පටික්ඛිත්ත සූත්‍ර යැ. (යළි බුද්ධාදීන්ගේ ගුණස්තව වශයෙන් වදාළ) ථව සූත්‍ර දැයි අටවිසි සූත්‍ර කෙනෙක් වෙත්.
Pali BJT(1) තත්ථ කතමං ලොකියං:
Sinhala BJT(1) ඒ අටවිසි සූත්‍රයන් කෙරෙහි ලෝකිය සූත්‍ර කවරෙ යැ :
Pali BJT1. “න හි පාපං කතං කම්මං සජ්ජු ඛීරංව මුච්චති, දහන්තං බාලමන්වෙති භස්මච්ඡන්නො ව පාවකො”ති
Sinhala BJT1. කරනලද පාපකර්‍මය එකෙණෙහි (දෙනගෙන් දොවනලද ධාරොෂ්ණ) ක්‍ෂීරය දිහිබවට නොයන්නාක් මෙන් නො මැ විපාක දෙයි, හළුයෙන් වැසුණු සඟලඟරක් සෙයින් පව්කම් කළ බාලයා දවමින් ඔහු ලුහුබැඳ යේ යයි.
Pali BJTඉදං ලොකියං.
Sinhala BJTමේ ලෝකිය සූත්‍ර යැ.
Pali BJT“චත්තාරිමානි භික්ඛවෙ අගතිගමනානී’ති (සබ්බං) -පෙ- නිහීයතෙ තස්ස යසො කාලපක්ඛෙව චන්දිමා”ති.
Sinhala BJT“මහණෙනි, මේ අගතිගමනයෝ සතර දෙනෙකි’ යි (සියල්ල) ... ඔහුගේ යසස් අවපසැ සඳ සෙයින් පිරිහේ” යයි.
Pali BJTඉදං ලොකියං.
Sinhala BJTමේ ලෝකිය සූත්‍ර යැ.
Pali BJT“අට්ඨිමෙ භික්ඛවෙ ලොකධම්මා. කතමෙ අට්ඨ: ලාභො ච අලාභො ච අයසො ච යසො ච නින්දා ච පසංසා ච සුඛඤ්ච දුක්ඛං ච. ඉමෙ ඛො භික්ඛවෙ අට්ඨ ලොකධම්මාති.
Sinhala BJT“මහණෙනි, මේ ලෝකධර්‍මයෝ අටදෙනෙකි, කවර අටෙක යත් : ලාභය ද අලාභය ද අයශස් ද යශස් ද නින්‍දා ද ප්‍රශංසා ද සුව ද දුක් ද යන මහණෙනි, මේ ලෝකධර්‍මයෝ අටදෙන වෙත්” යයි.
Pali BJTඉදං ලොකියං.
Sinhala BJTමේ ලෝකිය සූත්‍ර යි.
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT(මෙසේ සොළොස් වැදෑරුම් ශාසනපට්ඨානය නානාසූත්‍රයන්ගෙන් උදාහරණ වශයෙන් විභාග කොට යළි අටවිසි අයුරෙකින් ශාසනපට්ඨානය දක්වනුවෝ පට්ඨාන විභාගය ද මුල පදයෙන් සංග්‍රහවන හෙයින් මූලාපදාමර්‍ශ කෙරෙති).
Pali BJT(2) තත්ථ කතමං ලොකුත්තරං:
Sinhala BJT(2) එහි ලෝකුත්තර සූත්‍ර කවරෙ යැ :
Pali BJT2. “යස්සින්ද්රියානි සමථං ගතානි අස්සා යථා සාරථිනා සුදන්තා, පහීනමානස්ස අනාසවස්ස දෙවාපි තස්ස පිහයන්ති තාදිනො”ති.
Sinhala BJT2. යම් මහණක්හුගේ චක්‍ෂුරාදි ඉන්‍ද්‍රියයෝ දක්‍ෂ රියදුරක්හු විසින් මොනොවට දමනය කළ අසුන් මෙන් ශමථයට (දැමුණුබවට) ගියාහු ද, ප්‍රහීණ වූ මානඇති අනාස්‍රව වූ ලාභාලාභාදියෙහි තාදීවූ ඒ ක්‍ෂීණාස්‍රවහට දෙවියෝ ද (මනුෂ්‍යයෝ ද) කැමැති වෙත් යයි.
Pali BJTඉදං ලොකුත්තරං.
Sinhala BJTමේ ලෝකුත්තර සූත්‍ර යැ.
Pali BJT“පඤ්චිමානි භික්ඛවෙ ඉන්ද්රියානි ලොකුත්තරානි, කතමානි පඤ්ච: සද්ධින්ද්රියං විරියින්ද්රියං සතින්ද්රියං. සමාධින්ද්රියං පඤ්ඤින්ද්රියං. ඉමානි ඛො භික්ඛවෙ පඤ්චින්ද්රියානි ලොකුත්තරානී”ති.
Sinhala BJT“මහණෙනි, මේ ලෝකෝත්තර ඉන්‍ද්‍රිය පසෙකි, කවර පසෙක යත් : සද්ධින්‍ද්‍රිය විරියින්‍ද්‍රිය සතින්‍ද්‍රිය සමාධින්‍ද්‍රිය පඤ්ඤින්‍ද්‍රිය යන මහණෙනි, මේ ලෝකෝත්තර පඤේචින්ද්‍රියයෝ යි.
Pali BJTඉදං ලොකුත්තරං
Sinhala BJTමේ ලෝකුත්තර සූත්‍ර යි.
Pali BJT(3) තත්ථ කතමං ලොකියඤ්ච ලොකුත්තරඤ්ච:
Sinhala BJT(3) එහි ලෝකිය ද ලෝකුත්තර ද සූත්‍ර කවරෙ යැ.
Pali BJT“ලද්ධාන මානුසත්තං ද්වෙ කිච්චං අකිච්චමෙව චා”ති ද්වෙ ගාථා. යං ඉහ “සුකිච්චං චෙව පුඤ්ඤානී”ති ච “පුඤ්ඤානි කරිත්වාන සග්ගා සග්ගං වජන්ති කතපුඤ්ඤා”ති ච ඉදං ලොකියං. යං ඉහ ‘සංයොජන විප්පහානං වා”ති ච “සංයොජනප්පහානා ජරාමරණා විමුච්චන්තී”ති ච ඉදං ලොකුත්තරං.
Sinhala BJT“ලද්ධාන මානුසත්තං ද්වෙ කිච්චං අකිච්චමෙව ච” යනාදි දෙගය නිදසුනි. මෙහි යම් “සුකිච්චං චෙව පුඤ්ඤානි” යනු ද “පුඤ්ඤානි කරිත්වාන සග්ගා සග්ගං වජන්ති කතපුඤ්ඤා” යනු ද මේ ලෝකිය යැ. මෙහි යම් “සංයෝජන විප්පහානං ච” යනු ද “සංයෝජනප්පහානා ජරාමරණා විමුච්චන්ති” යනු ද මේ ලෝකුත්තර යැ.
Pali BJTඉදං ලොකියඤ්ච ලොකුත්තරඤ්ච.
Sinhala BJTමේ ලෝකිය ද ලෝකුත්තර ද සූත්‍ර යැ.
Pali BJT“විඤ්ඤාණෙ හි භික්ඛවෙ ආහාරෙ සති නාමරූපස්ස අවක්කන්ති හොති, නාමරූපස්ස අවක්කන්තියා සති පුනබ්භවො, හොති, පුනබ්භවෙ සති ජාති හොති, ජාතියා සති ජරාමරණං සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසා සම්භවන්ති, එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයො හොති, සෙය්යථාපි භික්ඛවෙ මහාරුක්ඛො, තස්ස යානි චෙව මූලානි අධොගමානි යානි ච තිරියඞ්ගමානි සබ්බානි තානි උද්ධං ඔජං අභිහරන්ති, එවං හි සො භික්ඛවෙ මහාරාක්ඛො තදාහාරො තදුපාදානො චිරං දීඝමද්ධානං තිට්ඨෙය්ය. එවමෙව ඛො භික්ඛවෙ විඤ්ඤාණෙ ආහාරෙ සති නාමරූපස්ස අවක්කන්ති හොති, (සබ්බං) -පෙ- එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයො හොති”ති. ඉදං ලොකියං.
Sinhala BJT“මහණෙනි, විඤ්ඤාණාහාරය ඇතිකල්හි නාමරූපයාගේ අවක්‍රාන්තිය වෙයි, නාමරූපයාගේ අවක්‍රාන්තිය ඇතිකල්හි පුනර්‍භවය වෙයි, පුනර්‍භවය ඇති කල්හි ජාතිය වෙයි. ජාතිය ඇතිකල්හි ජරාමරණ යැ සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසයෝ වෙත්, මෙසේ තෙල කේවල දුක්ඛක්ඛන්‍ධයාගේ සමුදය වේ. මහණෙනි, මහරුකෙක් යම්සේ ද, ඒ රුකෙහි යටට බස්නා යම් මුල් වේ ද සරසට යන යම් මුල් වේ ද ඒ හැම මුල් උඩට ඕජාව ගෙනයති, මහණෙනි, මෙසේ මැ ඒ මහරුක ඒ ඕජාව ආහාර කොට ඇතියේ එය උපාදාන කොට ඇතියේ බොහෝ දිගුකලක් පවත්නේ යැ. එසෙයින් මැ මහණෙනි, විඤ්ඤාණාහාරය ඇතිකල්හි නාමරූපයාගේ අවක්‍රාන්තිය වෙයි. ... මෙසේ තෙල කේවල දුක්ඛක්ඛන්‍ධයාගේ සමුදය වේ” යයි. මේ ලෝකිය යැ.
Pali BJTවිඤ්ඤාණෙ චෙ භික්ඛවෙ ආහාරෙ අසති නාමරූපස්ස අවක්කන්ති න හොති, නාමරූපස්ස අවක්කන්තියා අසති පුනබ්භවො න හොති, පුනබ්භවෙ අසති ජාති න හොති, ජාතියා අසති ජරාමරණං සොකපරිදෙවදුක්ඛදොමනස්සූපායාසා නිරුජ්ඣන්ති, එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස නිරොධො හොති. සෙය්යථාපි භික්ඛවෙ මහාරුක්ඛො, අථ පුරිසො ආගච්ඡෙය්ය කුද්දාලපිටකං ආදාය, සො තං රුක්ඛං මූලෙ ඡින්දෙය්ය, මූලෙ ඡෙත්වා පළිඛණෙය්ය, පළිඛණිත්වා මූලානි උද්ධරෙය්ය අන්තමසො උසීරනාළමත්තානිපි, සො තං රුක්ඛං ඛණ්ඩාඛණ්ඩිකං ඡින්දෙය්ය, ඛණ්ඩාඛණ්ඩිකං ඡෙත්වා ඵාලෙය්ය, ඵාලෙත්වා සකලිකං සකලිකං කරෙය්ය සකලිකං කත්වා වාතාතපෙ විසොසෙය්ය, වාතාතපෙ විසොසෙත්වා අග්ගිනා ඩහෙය්ය, අග්ගිනා ඩහිත්වා මසිං කරෙය්ය, මසිං කත්වා මහාවාතෙ වා ඔපුනෙය්ය නදියා වා සීඝසොතාය පවාහෙය්ය,
Sinhala BJT“මහණෙනි, ඉදින් විඤ්ඤාණාහාරය නැතිකල්හි නාමරූපයාගේ අවක්‍රාන්තිය නො වෙයි, නාමරූපාවක්‍රාන්තිය නැතිකල්හි පුනර්‍භවය නො වෙයි, පුනර්‍භවය නැති කල්හි ජාතිය නො වෙයි, ජාතිය නැතිකල්හි ජරාමරණ යැ සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසයෝ නිරුද්ධ වෙති. මෙසේ තෙල කේවල දුක්ඛක්ඛන්‍ධයාගේ නිරෝධය වේ. මහණෙනි, යම්පරිදි මහරුකෙක් වේ ද, එකල පුරුෂයෙක් උදැල්ලක් පැසක් ගෙන එන්නේ යැ, හේ ඒ රුක මුලැ සිඳුනේ යැ, මුලැ සිඳ අවට කණිනේ යැ, අවට කැණැ යටත් පිරිසෙයින් සැවැන්නමුල් පමණ වූ ද උදුරන්නේ යැ, හේ ඒ රුක කුදුමහත් කඩකොට සිඳුනේ යැ, කඩකඩවැ සිඳ පළන්නේ යැ, පළා කැබැලි කැබැලි කරන්නේ යැ, කැබැලි කොට අවුසුළඟෙහි වියළන්නේ යැ, වාතාතපයෙහි වියළා ගින්නෙන් දවන්නේ යැ, ගින්නෙන් දවා හළුකරන්නේ යැ, හළු කොට මහසුළඟෙහි හෝ පිඹැ හරින්නේ යැ, සැඩදිය ඇති නදියක හෝ උල්පවාහරින්නේ යැ.
Pali BJTඑවඤ්හි සො භික්ඛවෙ මහාරුක්ඛො උච්ඡින්නමූලො අස්ස තාලාවත්ථුකතො අනභාවං ගතො ආයතිං අනුප්පාදධම්මො. එවමෙව ඛො භික්ඛවෙ විඤ්ඤාණෙ ආහාරෙ අසති නාමරූපස්ස අවක්කන්ති න හොති, නාමරූපස්ස අවක්කන්තියා අසති (සබ්බං) -පෙ- එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස නිරොධො හොතී”ති ඉදං ලොකුත්තරං.
Sinhala BJTමහණෙනි, මෙසේ ඒ මහරුක උසුන්මුල් ඇත්තේ තල්වත්තක් මෙන් කරනලද්දේ අනභාවයට ගියේ මතු නූපදනාසැහැවි ඇතිවන්නේ යැ. එසෙයින් මැ මහණෙනි, විඤ්ඤාණාහාරය නැතිකල්හි නාමරූපයාගේ අවක්‍රාන්තිය නො වෙයි, නාමරූපයාගේ අවක්‍රාන්තිය නැතිකල්හි ... මෙසේ තෙල කේවල දුක්ඛක්ඛන්‍ධයාගේ නිරෝධය වේ” යයි. මේ ලෝකුත්තර යැ.
Pali BJTඉදං ලොකියඤ්ච ලොකුත්තරඤ්ච.
Sinhala BJTමේ ලෝකිය ද ලෝකුත්තර ද සූත්‍ර යි.
Pali BJT(4) තත්ථ කතමං සත්තාධිට්ඨානං:
Sinhala BJT(4) එහි සත්තාධිට්ඨාන කවරෙ යැ :
Pali BJT3. “සබ්බා දිසා අනුපරිගම්ම චෙතසා නෙවජ්ඣගා පියතරමත්තනා ක්වචි, එවම්පියො පුථු අත්තා පරෙසං තස්මා න හිංසෙ පරං අත්තකාමො”{1}ති.
Sinhala BJT3. සියලු දසදිගුන් සිතින් විමසාගොස් තමහට වඩා ඉතාප්‍රිය වූවකු කිසිතැනෙක්හි නො මැ දක්නේ යැ, එසෙයින් අන්‍යයනට වෙන වෙන මැ ස්වකීය ආත්මය ප්‍රිය වෙයි එහෙයින් තමහට සුව කැමැත්තේ මෙරමා නො පෙළන්නේ යි.
Pali BJTඉදං සත්තාධිට්ඨානං.
Sinhala BJTමේ සත්තාධිට්ඨාන යැ.
Pali BJT4. “යෙ කෙචි භූතා භවිස්සන්ති වාපි{2} සබ්බෙ ගමිස්සන්ති පහාය දෙහං තං සබ්බජාතිං කුසලො{3} විදිත්වා ආතාපී සො{4} බ්රහ්මචරියං චරෙය්යා”ති.
Sinhala BJT4. යම් සත්ත්‍ව කෙනෙක් උපන්හු ද යම් කෙනෙකුන් මතු උපදනාහු ද ඒ සියල්ලෝ දේහය හැරපියා පරලොව යන්නාහ, පණ්ඩිතපුරුෂ ඒ සියලු පරිහානිය (සියලු සත්ත්‍වයන්ගේ විනාශය) මරණසති වශයෙන් දැන කෙලෙස් තවන වැරඇති හේ බඹසර වසන්නේ යි.
Pali BJTඉදං සත්තාධිට්ඨානං.
Sinhala BJTමේ සත්තාධිට්ඨාන යැ.
Pali BJT”සත්තහි භික්ඛවෙ අඞ්ගෙහි සමන්නාගතං කල්යාණමිත්තං අපි විවෙචීයමානෙන පනාමියමානෙන ගලෙ’පි පනුජ්ජමානෙන{5} යාවජීවං න විජහිතබ්බං. කතමෙහි සත්තහි: පියො ච හොති ගරු ච භාවනීයො ච වත්තා ච වචනක්ඛමො ච ගම්භීරං ච කථං කත්තා න ච{6} අට්ඨානෙ නියොජකො, ඉමෙහි ඛො භික්ඛවෙ සත්තහි -පෙ- න විජහිතබ්බං ඉදමවොච භගවා ඉදං වත්වාන සුගතො අථාපරං එතදවොච සත්ථා:
Sinhala BJT“මහණෙනි, සප්තාඞ්ගයෙකින් සමන්‍වාගත කල්‍යාණමිත්‍රයා වෙන්කරනු ලබන්නහු විසිනුදු බැහැර කරනුලබන්නහු විසිනුදු ගෙලෙහිදු ගෙන නෙරනුලබන්නහු විසිනුදු නො හළයුතු යැ, කවර සතඟින යත් : ප්‍රිය වූයේ ද වෙයි, පාෂාණච්ඡත්‍රයක් මෙන් ගුරු වූයේ ද සම්භාවනා කටයුත්තේ ද වක්තෘ වූයේ ද වචනක්‍ෂම වූයේ ද චතුස්සත්‍යාදි ගම්භීර කථා කරන්නේ ද නො ද අස්ථානයෙහි යොදනුයේ ද වෙයි. මහණෙනි, මේ සතඟින් සමන්‍වාගත ... නො හළයුත්තේ” යි. බුදුහු මේ වදාළ සේක, මේ වදාරා සුගත වූ ශාස්තෲන් වහන්සේ යළි අනෙකුදු තෙල ගාථාධර්‍මය වදාළහ :
Pali BJT5. “පියො ච ගරු භාවනීයො වත්තා ච වචනක්ඛමො, ගම්භීරඤ්ච කථං කත්තා නො චට්ඨානෙ නියොජකො; තං මිත්තං මිත්තකාමෙන යාවජීවම්පි සෙවිය”න්ති.
Sinhala BJT5. යමෙක් ප්‍රිය වූයේ වේ ද ගුරු වූයේ ද භාවනීය ද වක්තෘ වේ ද වචනක්‍ෂම වේ ද ගැඹුරු කථා කරන්නේ ද නො ද අස්ථානයෙහි යොදවන්නේ වේ ද, මිත්‍රයන් කැමැතියහු විසින් ඒ කල්‍යාණමිත්‍රයා යාවජ්ජීවයෙන් සේවනය කළයුත්තේ යයි.
Pali BJTඉදං සත්තාධිට්ඨානං.
Sinhala BJTමේ සත්තාධිට්ඨාන දේශනා යි.
Pali BJT(5) තත්ථ කතමං ධම්මාධිට්ඨානං;
Sinhala BJT(5) එහි ධම්මාධිට්ඨාන කවරෙ යත් :
Pali BJT6. “යඤ්ච කාමසුඛං ලොකෙ යං චිදං දිවියං සුඛං, තණ්හක්ඛයසුඛස්සෙතෙ කලං නාග්ඝන්ති සොළසිං”ති.
Sinhala BJT6. ලොවැ යම් කාමසහගත සුඛයෙක් වේ ද, දිව්‍යවිහාර වශයෙන් ලැබියැයුතු යම් රූපසමාපත්තිසුඛයෙක් වේ ද, තෙල සුඛයෝ තෘෂ්ණාක්‍ෂය සංඛ්‍යාත නිවන්සුවයාගේ සොළොස්වන කලාවට නො අගනාහු වෙත් යයි.
Pali BJTඉදං ධම්මාධිට්ඨානං
Sinhala BJTමේ ධම්මාධිට්ඨාන යැ.
Pali BJT7. “සුසුඛං වත නිබ්බානං සම්මාසම්බුද්ධදෙසිතං, අසොකං විරජං ඛෙමං යත්ථ දුක්ඛං නිරුජ්ඣතී”ති.
Sinhala BJT7. යම් තැනෙක්හි සකලවට්ටදුක්ඛය නිරුද්ධ වේ ද, සම්‍යක්සම්බුද්ධයන් විසින් දෙසනලද ශෝකරහිත වූ විරජ වූ නිර්‍භය වූ ඒ නිවන ඒකාන්තයෙන් අතිශයින් සුව වූයේ යි.
Pali BJTඉදං ධම්මාධිට්ඨානං.
Sinhala BJTමේ ධම්මාධිට්ඨාන යි.
Pali BJT(6) තත්ථ කතමං සත්තාධිට්ඨානඤ්ච ධම්මාධිට්ඨානං ච:
Sinhala BJT(6) එහි සත්තාධිට්ඨාන ද ධම්මාධිට්ඨාන ද සූත්‍ර කවරෙ යැ :
Pali BJT8. “මාතරං පිතරං හන්ත්වා රාජානො ද්වෙ ව ඛත්තියෙ, රට්ඨං සානුචරං හන්ත්වා”ති.
Sinhala BJT8. ‘තෘෂ්ණා සංඛ්‍යාත මව ද අස්මිමාන නමැති පියා ද ශාශ්වත උච්ඡේදදෘෂ්ටි සංඛ්‍යාත ක්‍ෂත්‍රිය රජුන් දෙදෙනා ද නන්‍දිරාග නමැති අයකැමියා සහිත ද්වාදශායතන නමැති රට ද, (රහත්මගනුවණ නමැති අසිපතින්) වනසා’ යන -
Pali BJTඉදං ධම්මාධිට්ඨානං.
Sinhala BJTමේ ධම්මාධිට්ඨාන යැ.
Pali BJT“අනීඝො යාති බ්රාහ්මණො”ති.
Sinhala BJT‘බාහිතපාප වූ ක්‍ෂීණාස්‍රව බ්‍රාහ්මණ නිදුක් වැ නිවන් පුර වදනේ යැ’ යන -
Pali BJTඉදං සත්තාධිට්ඨානං.
Sinhala BJTමේ සත්තාධිට්ඨාන යැ.
Pali BJTඉදං සත්තාධිට්ඨානං ච ධම්මාධිට්ඨානඤ්ච.
Sinhala BJTමේ සත්තාධිට්ඨාන ද ධම්මාධිට්ඨාන ද වූ දේශනා යැ.
Pali BJT“චත්තාරො මෙ භික්ඛවෙ ඉද්ධිපාදා, කතමෙ චත්තාරො: ඡන්දසමාධිපධානසඞ්ඛාරසමන්නාගතො ඉද්ධිපාදො, විරිය -පෙ- චිත්ත -පෙ- වීමංසාසමාධිපධානසඞ්ඛාරසමන්නාගතො ඉද්ධිපාදො”ති.
Sinhala BJT“මහණෙනි, මේ ඍද්ධිපාදධර්‍මයෝ සතර දෙනෙකි, කවර සතරදෙනෙක යත් : කත්තුකම්‍යතාඡන්‍දය අධිපති කොට ඇති සමාධියෙන් හා සම්‍යක්ප්‍රධානවිර්‍ය්‍යයෙන් සමන්‍වාගත ඍද්ධිපාද යැ විරිය ... චිත්ත ... විමංසා සමාධියෙන් හා සම්‍යක්ප්‍රධානවිර්‍ය්‍යයෙන් සමන්‍වාගත ඍද්ධිපාද යැ යන මොහු යි.
Pali BJTඉදං ධම්මාධිට්ඨානං.
Sinhala BJTමේ ධම්මාධිට්ඨාන යැ.
Pali BJT“සො කායෙ’පි චිත්තං සමොදහති, චිත්තෙ’පි කායං සමොදහති. කායෙ සුඛසඤ්ඤඤ්ච ලහුසඤ්ඤච ඔක්කමිත්වා උපසම්පජ්ජ විහරතී”ති.
Sinhala BJT“හේ කරජකයෙහිදු පාදකධ්‍යානචිත්තය බහාලයි, පාදකධ්‍යානචිත්තයෙහිදු කරජකය බහාලයි, කයෙහි සුඛසංඥාව ද ලඝුසංඥාව ද එළවා ඊට පැමිණ වාස කෙරෙයි” යන -
Pali BJTඉදං සත්තාධිට්ඨානං.
Sinhala BJTමේ සත්තාධිට්ඨාන යැ.
Pali BJTඉදං සත්තාධිට්ඨානඤ්ච ධම්මාධිට්ඨානඤ්ච.
Sinhala BJTමේ සත්තාධිට්ඨාන ද ධම්මාධිට්ඨාන ද දේශනා යි.
Pali BJT(7) තත්ථ කතමං ඤාණං:
Sinhala BJT(7) එහි ඤාණ කවරෙ යැ :
Pali BJT9. “යං තං ලොකුත්තරං ඤාණං සබ්බඤ්ඤූ යෙන වුච්චති, න තස්ස පරිහානත්ථි සබ්බකාලෙ පවත්තතී”ති.
Sinhala BJT9. ලෝකය තරණය කොට සිටි යම් ඥානයෙක් වේ ද, යම් ඥානයක් හේතු කොටගෙන සර්‍වඥයයි කියනු ලැබේ ද, ඒ ඥානයාගේ පිරිහීමෙක් නැත, (ආවජ්ජනාපටිබද්ධ හෙයින්) සියලු කල්හි පවතී’ යයි.
Pali BJTඉදං ඤාණං.
Sinhala BJTමේ ඤාණ යැ.
Pali BJT10. “පඤ්ඤා හි සෙට්ඨා ලොකස්මිං යා’යං නිබ්බානගාමිනී{1} යාය සම්මා පජානාති ජාතිමරණ සඞ්ඛය’න්ති.{2}
Sinhala BJT10. නිවනට පමුණුවන යම් ප්‍රඥාවක් ඇද්ද යම් විදර්‍ශනා සහිත මාර්‍ගඥානයෙකින් ජාතිමරණක්‍ෂය සංඛ්‍යාත නිවන හා අර්‍හත්‍වය මැනැවින් දැනගනී ද ලොවැ ඒ ප්‍රඥාව මැ ශ්‍රේෂ්ඨ වන්නීය’ යි.
Pali BJTඉදං ඤාණං.
Sinhala BJTමේ ඤාණ යැ.
Pali BJT(8) තත්ථ කතමං ඤෙය්යං:
Sinhala BJT(8) එහි ඤෙය්‍ය කවරෙ යැ :
Pali BJT11. “කිත්තයිස්සාමි තෙ සන්තිං (ධොතකා’ති භගවා) දිට්ඨෙ ධම්මෙ අනීතිහං, යං විදිත්වා සතො චරං තරෙ ලොකෙ විසත්තිකං.
Sinhala BJT11. (බුදුහු මෙසේ වදාළහ, ධෝතකය) ස්මෘතිමත් වැ හැසිරෙනුයේ දක්නාලද දුඃඛාදි ධර්‍මයෙහි නොහොත් මෙ අත්බව්හි මැ තමහට ප්‍රත්‍යක්‍ෂ වූ යම් දහමක් දැන ලොවැ විසත්තිකා නම්වූ තෘෂ්ණාව තරණය කරන්නේ නම් ඒ ශාන්තිය (නිවන ද) නිර්‍වාණගාමිනී ප්‍රතිපත් ද තොපට ප්‍රකාශ කරන්නෙමි.
Pali BJT12. තඤ්චා’හං අභිනන්දාමි (ඉච්චායස්මා ධොතකො) මහෙසි සන්තිමුත්තමං, යං වීදීත්වා සතො චරං තරෙ ලොකෙ චීසත්තිකං.
Sinhala BJT12. (ආයුෂ්මත් ධෝතක මෙසේ කී :) මහර්ෂීන් වහන්ස, ස්මෘතිමත් වැ හැසිරෙනුයේ යම් දහමක් දැන ලොවැ විසත්තිකා (තෘෂ්ණා) ව තරණය කරන්නේ නම් මම නුඹ වහන්සේගේ ඒ ධර්‍මදේශනාව ද රුස්මි, උත්තම වූ ඒ ශාන්තිය ද රුස්මි.
Pali BJT13. යං කිඤ්චි සම්පජානාසි (ධොතකා’ති භගවා) උද්ධං අධො තිරියං චා පි මජ්ඣෙ, එතං විදිත්වා සඞ්ගොති ලොකෙ භවාභවාය මාකාසි තණ්හ”න්ති.
Sinhala BJT13. (බුදුහු මෙසේ වදාළහ, ධෝතකය,) (අනාගතකාලාදි) උඩ ද (අතීතකාලාදි) යට ද (වර්‍තමානකාලාදි) මැද සරස ද වූ යම් කිසි ධර්‍මජාතයක් තෙපි දන්නවු නම් තෙල ලොවැ සඞ්ග යැයි දැන කුදුමහත් භවයෙහි තෘෂ්ණා නො කරව’ යි.
Pali BJTඉදං ඤෙය්යං.
Sinhala BJTමේ ඤෙය්‍ය යැ.
Pali BJT“චතුන්නං භික්ඛවෙ අරියසච්චානං අනනුබොධා අප්පටිවෙධා එවමිදං දීඝමද්ධානං සන්ධාවිතං සංසරිතං මමඤ්චෙව තුම්හාකං ච. තයිදං භික්ඛවෙ දුක්ඛං අරියසච්චං අනුබුද්ධං පටිවිද්ධං, දුක්ඛසමුදයො{1} අරියසච්චං අනුබුද්ධං පටිවිද්ධං, දුක්ඛනිරොධො{2} අරියසච්චං දුක්ඛ නිරොධගාමිනී පටිපදා අරියසච්චං අනුබුද්ධං පටිවිද්ධං, උච්ඡින්නා භවතණ්හා, ඛීණා භවනෙත්ති, නත්ථි’දානි පුනබ්භවොති. ඉදමවොච භගවා ඉදං වත්වාන සුගතො අථා’පරං එතද’වොච සත්ථා:
Sinhala BJT“මහණෙනි, චතුරාර්‍ය්‍යසත්‍යයන්ගේ නො දැනීමෙන් ප්‍රතිවේධ නො කිරීමෙන් මෙසේ මේ දීර්‍ඝකාලය මුළුල්ලෙහි භවයෙන් භවයට යෑමෙන් මාගේ ද තොපගේ ද සන්‍ධාවනය විය. පුනපුනා යෑමෙන් සංසරණය විය. මහණෙනි, ඒ දුඃඛාර්‍ය්‍යසත්‍යය අවබෝධ කරනලද ප්‍රතිවේධ කරනලද, දුඃඛසමුදයාර්‍ය්‍යසත්‍යය අවබෝධ කරණලද ප්‍රතිවේධ කරනලද, දුඃඛනිරෝධාර්‍ය්‍යසත්‍යය අවබෝධ කරනලද ප්‍රතිවේධ කරනලද, දුඃඛනිරෝධගාමිනීප්‍රතිපදාර්‍ය්‍යසත්‍යය අවබෝධ කරනලද ප්‍රතිවේධ කරනලදි. භවතෘෂ්ණාව මුලුසුන් කරන ලදු, භවරජ්ජුව ක්‍ෂය වූ යැ, දැන් පුනර්‍භවයෙක් නැතැ’ යි බුදුහු මේ වදාළහ. මේ වදාරා යළිදු සුගත වූ ශාස්තෲන් වහන්සේ තෙල ගාථා වදාළසේක :
Pali BJT14. චතුන්නං අරියසච්චානං යථාභූතං අදස්සනා. සංසිතං{3} දීඝමද්ධානං තාසු තාස්වෙ’ව ජාතිසු
Sinhala BJT14. චතුරාර්‍ය්‍යසත්‍යය යථාභූතව නො දැක්ම හේතු කොටගෙන දිගුකලක් මුළුල්ලෙහි ඒ ඒ ජාතීන්හි මැ සංසරණය විය.
Pali BJT15. තානි එතානි දිට්ඨානි භවනෙත්ති සමූහතා, උච්ඡින්නං මූලං දුක්ඛස්ස නත්ථි”දානි පුනබ්භවො”ති.
Sinhala BJT15. ඒ තෙල චතුස්සත්‍යයෝ දක්නා ලදහ, භවනායිකාව නසනලද්දීය, දුඃඛයාගේ මූලය උසුන් කරන ලද, දැන් පුනර්‍භවයෙක් නැති’ යි.
Pali BJTඉදං ඤෙය්යං.
Sinhala BJTමේ ඤෙය්‍ය දේශනා යි.
Pali BJT(9) තත්ථ කතමං ඤාණං ච ඤෙය්යං ච:
Sinhala BJT(9) එහි ඤාණ ද ඤෙය්‍ය ද කවරෙ යැ :
Pali BJT“රූපං අනිච්චං වෙදනා අනිච්චා සඤ්ඤා අනිච්චා සංඛාරා අනිච්චා විඤ්ඤාණං අනිච්ච”න්ති ඉදං ඤෙය්යං.
Sinhala BJT“රූපය අනිත්‍යය යැ වේදනා අනිත්‍ය යැ සංඥා අනිත්‍ය යැ සංස්කාරයෝ අනිත්‍යයහ විඥානය අනිත්‍ය යැ” යන මේ ‘ඤෙය්‍ය’ යි.
Pali BJT“එවං ජානං එවං පස්සං අරියසාවකො රූපං අනිච්චන්ති පස්සති, වෙදනා අනිච්චාති පස්සති, සඤ්ඤා -පෙ- සංඛාරා -පෙ- විඤ්ඤාණං අනිච්චන්ති පස්සතී”ති ඉදං ඤාණං.
Sinhala BJT“මෙසේ දන්නා මෙසේ දක්නා ආර්‍ය්‍යශ්‍රාවක ‘රූපය අනිත්‍යය’ යි දකී, ‘වේදනා අනිත්‍ය වූ යැ’ යි දකී, සංඥාව ... සංස්කාරයෝ ... ‘විඥානය අනිත්‍ය යැ’ යි දකී” යන මේ ‘ඤාණ’ යැ.
Pali BJT“සො පරිමුච්චති රූපෙන පරිමුච්චති වෙදනාය පරිමුච්චති සඤ්ඤාය පරිමුච්චති සඞ්ඛාරෙහි පරිමුච්චති විඤ්ඤාණම්හා පරිමුච්චති දුක්ඛස්මාති වදාමී’ති.
Sinhala BJT“හේ රූපයෙන් මිදෙයි, වේදනායෙන් මිදෙයි, සංඥායෙන් මිදෙයි, සංස්කාරයන් කෙරෙන් මිදෙයි, විඥානයෙන් මිදෙයි, දුකින් මිදේ යයි කියමි” යන
Pali BJTඉදං ඤාණං ච ඤෙය්යං ච.
Sinhala BJTමේ ‘ඤාණ ද ඤෙය්‍ය’ ද වේ.