Pali BJTඉදං නිබ්බෙධභාගියං සුත්තං.
Sinhala BJTමේ නිබ්බේධභාගිය සූත්‍ර යි.
Pali BJT3. 4. 4.
Sinhala BJT3. 4. 4.
Pali BJT(4) තත්ථ කතමං අසෙඛභාගියං සුත්තං.
Sinhala BJT(4) එහි අසේඛභාගිය සූත්‍ර කවරෙ යැ:
Pali BJT1. “යස්ස සෙලූපමං චිත්තං ඨිතං නා’නුපකම්පති, විරත්තං රජනීයෙසු කොපනෙය්යෙ න කුප්පති. යස්සෙවං භාවිතං චිත්තං කුතො නං දුක්ඛමෙස්සතී”ති.
Sinhala BJT1. යමක්හුගේ සිත සෙල්පව්වක් සෙයින් සිටියේ අටලෝදහමින් නො සැලේ ද, රාගය ඉපදීමට කාරණ වූ ත්‍රෛභූමක ධර්‍මයන්හි නො ඇලුණේ ද, කෝප ඉපැද්මට කාරණ වූ ආඝාත වස්තු විෂයෙහි නො කිපේ ද, යමක්හුගේ සිත මෙසේ භාවිත ද ඔහු කරා දුකෙක් කොයිබින් එන්නේ දැයි.
Pali BJTඉදං අසෙඛභාගියං සුත්තං.
Sinhala BJTමේ අසේඛභාගිය සූත්‍ර යැ.
Pali BJT“ආයස්මතො ච සාරිපුත්තස්ස චාරිකා දසමං වෙය්යාකරණං කාතබ්බ”න්ති.
Sinhala BJTතවද ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේගේ චාරිකා දහවැනි වෙය්‍යාකරණය කටයුත්තේ යැ යි.
Pali BJTඉදං අසෙඛභාගියං සුත්තං.
Sinhala BJTමේ අසේඛභාගිය සූත්‍ර යැ.
Pali BJT2. “යො බ්රාහ්මණො බාහිතපාපධම්මො නිහුහුංකො{2} නික්කසාවො යතත්තො, වෙදන්තගූ වුසිතබ්රහ්මචරියො ධම්මෙන සො බ්රහ්මවාදං වදෙය්ය, යස්සුස්සදා නත්ථි කුහිඤ්චි ලොකෙ”ති
Sinhala BJT2. බාහිතපාප බ්‍රාහ්මණ වූ යමෙක් බැහැර කළ පාපධර්‍ම ඇත්තේ ද, (ක්‍රෝධ මාන විසින්) හු හුං කාර නැත්තේ ද, කෙලෙස් කසට නැත්තේ ද සංයම කළ සිත් ඇත්තේ ද මාර්‍ග ඥානයෙන් නිවනට (වේදාන්තයට) පැමිණි යේ ද වැස නිම වූ මඟබඹසර ඇත්තේ ද, යමක්හුගේ (සන්තානයෙහි) ලොවැ කිසි අරමුණෙක්හි දු (රාගාදි) උත්සදයෝ නැත් ද, හේ ධර්‍මයෙන් (මම බ්‍රාහ්මණයෙමි) බ්‍රහ්මවාදය කියන්නේ යයි.
Pali BJTඉදං අසෙඛභාගියං සුත්තං.
Sinhala BJTමේ අසේඛභාගිය සූත්‍ර යැ.
Pali BJT3. “බාහිත්වා පාපකෙ ධම්මෙ යෙ චරන්ති සදා සතා, ඛීණසංයොජනා බුද්ධා තෙ වෙ ලොකස්මිං බ්රාහ්මණා”ති.
Sinhala BJT3. යම් කෙනෙක් ලාමක අකුශලධර්‍මයන් දුරු කොට හැමකල්හි සිහි ඇතිවැ හැසිරෙත් ද ක්‍ෂය කරන ලද සංයෝජන ඇති සත්‍යාවබෝධය කළ ඔවුහු ලොව ඒකාන්තයෙන් බ්‍රාහ්මණ වෙත්.
Pali BJTඉදං අසෙඛභාගියං සුත්තං.
Sinhala BJTමේ අසේඛභාගිය සූත්‍ර යැ.
Pali BJT4. “යත්ථ ආපො ච පඨවී තෙජො වායො න ගාධති, න තත්ථ සුක්කා ජොතන්ති ආදිච්චො නප්පකාසති. න තත්ථ චන්දිමා භාති තමො තත්ථ න විජ්ජති,
Sinhala BJT4. යම් නිර්‍වාණධාතුයෙක්හි ආපෝධාතුවත් පඨවිධාතුවත් තේජෝධාතුවත් වායෝධාතුවත් නො පිහිටා ද, ඒ නිවනෙහි ග්‍රහතාරකාවෝ නො බබළති, හිරු ආලෝක නො කෙරෙයි, එහි සඳ නො බබළයි එහි අඳුරෙක් නැති.
Pali BJT5. “යදා ච අත්තනා වෙදි මුනි මොනෙන බ්රාහ්මණො, අථ රූපා අරූපා ච සුඛදුක්ඛා පමුච්චතී”තී.
Sinhala BJT5. යම් කලෙක මුනි වූ ක්‍ෂීණාස්‍රව බ්‍රාහ්මණ තමා විසින් ආත්මප්‍රත්‍යක්‍ෂ වූ මෝන සංඛ්‍යාත මාර්‍ගඥානයෙන් (නිර්‍වාණය) අවබෝධ කෙළේ ද, එකල්හි රූපධර්‍මයෙන් ද අරූපධර්‍මයෙන් ද සුවදුක් දෙකින්ද වෙසෙසින් මිදේ යයි.
Pali BJTඉදං අසෙඛභාගියං සුත්තං.
Sinhala BJTමේ අසේඛභාගිය සූත්‍ර යැ.
Pali BJT6. “යදා සකෙසු ධම්මෙසු පාරගූ හොති බ්රාහ්මණො, අථ එතං පිසාචඤ්ච පක්කුලඤ්චා’ති වත්තති”ති.
Sinhala BJT6. යම් කලෙක ක්‍ෂීණාස්‍රව බ්‍රාහ්මණ ස්වකීය (පඤ්චස්කන්‍ධ) ධර්‍මයන්හි පරිඥාභිසමය වශයෙන් (නොහොත් ශීලාදී ධර්‍මයන්හි පාරිපූරී වශයෙන්) පාරයට ගියේ වේ ද, එකල්හි තෙල පිශාචයා ද, (තා කියනලද) පක්කුලකරණය ද ඉක්මැ සිටී යයි.
Pali BJTඉදං අසෙඛභාගියං සුත්තං.
Sinhala BJTමේ අසේඛභාගිය සූත්‍ර යැ.
Pali BJT7. “නාභිනන්දති ආයන්තිං පක්කමන්තිං න සොචති, සඞ්ගා සඞ්ගාමජිං මුත්තං තමහං බ්රූමී බ්රාහ්මණ”න්ති
Sinhala BJT7. (තමා සමීපයට) එන තෙනැත්තිය සිතින් නොපිළිගනී, පෙරළායන තෙනැත්තියට ශෝක නො කෙරෙයි. (රාගාදි පඤ්ච) සඞ්ගයෙන් මිදුණු ඒ සඞ්ගාමජි මහණ බ්‍රාහ්මණ යැයි මම් කියමි යි.
Pali BJTඉදං අසෙඛභාගියං සුත්තං,
Sinhala BJTමේ අසේඛභාගිය සූත්‍ර යැ.
Pali BJT8. “න උදකෙන සුචී හොති බව්හෙත්ථ න්හායති ජනො, යම්හි සච්චං ච ධම්මො ච සො සුචි සො ච බ්රාහ්මණො”ති.
Sinhala BJT8. මේ ගයාතීර්‍ත්‍ථයෙහි බොහෝ ජන තෙමේ ස්නානය කෙරෙයි, එහෙත් දියෙහි ගැලීම් ආදීන් (පාපමලයෙන්) ශුද්ධවීමෙක් නැති. යමක්හු කෙරෙහි පරමාර්‍ත්‍ථසත්‍යයත් මාර්‍ගඵලධර්‍මයත් ඇද්ද, හේ පවිත්‍ර වූයේ වෙයි. හේ බ්‍රාහ්මණ ද වේ යයි.
Pali BJTඉදං අසෙඛභාගියං සුත්තං.
Sinhala BJTමේ අසේඛභාගිය සූත්‍ර යැ.
Pali BJT9. “යදා හවෙ පාතුභවන්ති ධම්මා ආතාපිනො ඣායතො බ්රාහ්මණස්ස, විධූපයං තිට්ඨති මාරසෙනං සුරියොව ඔභාසයමන්තලික්ඛ”න්ති.
Sinhala BJT9. සම්‍යක්ප්‍රධානවිර්‍ය්‍ය ඇති ධ්‍යාන කරන ක්‍ෂීණාස්‍රව බ්‍රාහ්මණහට යම් ඇසිල්ලෙක බෝධිපාක්‍ෂිකධර්‍මයෝ පහළවෙත් ද, එකල්හි අන්තරීක්‍ෂය ආලෝක කරමින් සිටුනා හිරු සෙයින් දස කෙලෙස්මරසෙන් විධ්වංසන කෙරෙමින් සිටී යයි.
Pali BJTඉදං අසෙඛභාගියං සුත්තං.
Sinhala BJTමේ අසේඛභාගිය සූත්‍ර යැ.
Pali BJT10. “සන්තින්ද්රියං පස්සථ ඉරීයමානං තෙවිජ්ජප්පත්තං අපහානධම්මං. සබ්බානි යොගානි උපාතිවත්තො අකිඤ්චනො ඉරීයති පංසුකූලිකො.
Sinhala BJT10. සන්හුන් ඉඳුරන් ඇති ත්‍රිවිද්‍යාවට පැමිණි අපරිහානස්වභාව ඇතිවැ ඉරියව් පවත්වන්නහු බලව, සියලු කාමාදි යෝගයන් ඉක්මවාලූ පාංශුකූල චීවරධර වූ (ඒ ක්‍ෂීණාස්‍රව) රාගාදි කිඤ්චන රහිත ව වෙසෙයි.
Pali BJT11. “තං දෙවතා සම්බහුලා උළාරා බ්රහ්මවිමානං උපසඞ්කමිත්වා ආජානීයං ජාතිබලනිසෙධං තිධා නමස්සන්ති පසන්නචිත්තා.
Sinhala BJT11. උදාර වූ බොහෝ දේවතාවෝ බඹවිමනට එලඹ පුරුෂාජානේය වූ ජාතිබලය ප්‍රතිෂේධ කළ ඒ ක්‍ෂීණාස්‍රවයා පහන්සිත් ඇත්තාහු කායාදි තුන්දොරින් නමස්කාර කෙරෙත්.
Pali BJT12. “නමො තෙ පුරිසාජඤ්ඤ නමො තෙ පුරිසුත්තම, යස්ස තෙ නාභිජානාම කින්ති{1} නිස්සාය ඣායසී”ති.
Sinhala BJT12. තෙපි කවර අරමුණක් නිසා ධ්‍යාන කරහු දැ’ යි තොපගේ ඒ ධ්‍යානාලම්බනය නොදනුම්හ, පුරුෂාජානේයය තොපට නමස්කාර වේවා, පුරුෂෝත්තමය තොපට නමස්කාර වේවා’ යි.
Pali BJTඉදං අසෙඛභාගියං සුත්තං.
Sinhala BJTමේ අසේඛභාගිය සූත්‍ර යැ.
Pali BJT13. “සහායා වතිමෙ භික්ඛූ චිරරත්තං සමෙතිකා, සමෙති නෙසං සද්ධම්මො ධම්මෙ බුද්ධප්පවෙදිතෙ.
Sinhala BJT13. ඒකාන්තයෙන් සහාය වූ මේ භික්‍ෂූහු බොහෝකලක් සමවූ සම්මාදිට්ඨි ආදි ලබ්ධි ඇත්තාහු යැ, එහෙයින් බුදුරදුන් විසින් ප්‍රවිදිත වූ සද්ධර්‍මයෙහි ඔවුන්ගේ ප්‍රතිපත්ති ආදි සද්ධර්‍මය සම වේ.
Pali BJT14. සුවිනීතා කප්පීනෙන ධම්මෙ අරියප්පවෙදිතෙ, ධාරෙන්ති අන්තිමං දෙහං ජිත්වා මාරං සවාහිනි”න්ති.
Sinhala BJT14. කප්පින තෙරුන් විසින් ආර්‍ය්‍යන් විසින් ප්‍රවිදිත වූ ධර්‍මයෙහි මොනොවට හික්මවනලද්දාහු සේනාසහිත මරහු දිනා අන්තිම ශරීරය ධරත් යයි.
Pali BJTඉදං අසෙඛභාගියං සුත්තං.
Sinhala BJTමේ අසේඛභාගිය සූත්‍ර යැ.
Pali BJT15. “නයිදං සිථිලමාරබ්භ නයිදං අප්පෙන ථාමසා, නිබ්බානං අධිගන්තබ්බං සබ්බගන්ථප්පමොචනං.
Sinhala BJT15. සියලු ක්ලේශග්‍රන්‍ථයන් මුදාලන්නා වූ මේ නිවන ලිහිල්වැ වීර්‍ය්‍යය කොට නොලැබියැ හැක්ක, මේ නිවන අල්ප වූ ශක්තියෙන් නොලැබියැ හැක්ක.
Pali BJT16. අයඤ්ච දහරො භික්ඛු අයමුත්තමපොරිසො, ධාරෙති අන්තිමං දෙහං ජෙත්වා මාරං සවාහිනි”න්ති.
Sinhala BJT16. මේ තරුණ මහණෙක, මේ උතුම් පුරුෂයෙක, හේ සෙන් සහිත මරු දිනා අන්තිම ශරීරය ධරා යයි.
Pali BJTඉදං අසෙඛභාගියං සුත්තං.
Sinhala BJTමේ අසේඛභාගිය සූත්‍ර යැ.
Pali BJT17. “දුබ්බණ්ණකො ලූඛචීවරො මොඝරාජා සදා සතො. ඛීණාසවො විසංයුත්තො කතකිච්චො අනාසවො.
Sinhala BJT17. දුර්වර්‍ණ වූ රූක්‍ෂ වූ සිවුරුඇති හැමකල්හි ස්මෘතිමත් වූ මෝඝරාජ ක්‍ෂීණාස්‍රව වූයේ විගත සංයෝජන ඇතියේ සිවුමඟින් කළ කිස ඇතියේ ආස්‍රව රහිත වූයේ යැ.
Pali BJT18. තෙවිජ්ජො ඉද්ධිප්පත්තො ච චෙතොපරියාය කොවිදො, ධාරෙති අන්තිමං දෙහං ජෙත්වා වාරං සවාහිනි”න්ති.
Sinhala BJT18. ත්‍රිවිද්‍යා ඇතියේ ලැබූ ඍද්ධි ඇත්තේ ද චේතෝපරියඤාණයෙහි නිපුණවූයේ ද වෙයි, හේ සෙන් සහිත මරු දිනා අන්තිම දේහය ධරා යයි.
Pali BJTඉදං අසෙඛභාගියං සුත්තං.
Sinhala BJTමේ අසේඛභාගිය සූත්‍ර යැ.
Pali BJT“තථාගතො භික්ඛවෙ අරහං සම්මාසම්බුද්ධො රූපස්ස නිබ්බිදා විරාගා නිරොධා අනුපාදා විමුත්තො සම්මාසම්බුද්ධො’ති වුච්චති. භික්ඛු’පි භික්ඛවෙ පඤ්ඤාවිමුත්තො රූපස්ස නිබ්බිදා විරාගා නිරොධා අනුපාදා විමුත්තො පඤ්ඤාවිමුත්තො’ති වුච්චති.
Sinhala BJT“මහණෙනි, තථාගත අර්‍හත් සම්‍යක්සම්බුද්ධයෝ රූපයාගේ නිර්වේද (විදර්‍ශනා) යෙන් නො ඇලීමෙන් නිරුද්ධ කිරීමෙන් නො ගැනීමෙන් (සමුච්ඡේදවිමුත්තියෙන්) මිදුණාහු ‘සම්බුද්ධ’ යි කියනු ලැබෙති. මහණෙනි, මහණ ද (විදර්‍ශනා වශයෙන්) පඤ්ඤාවිමුත්ත වූයේ රූපයාගේ නිබ්බිදායෙන් විරාගයෙන් නිරෝධයෙන් ග්‍රහණය නො කොට විමුක්ත වූයේ ‘පඤ්ඤාවිමුත්ත’ යි කියනුලැබේ.
Pali BJTතථාගතො භික්ඛවෙ අරහං සම්මාසම්බුද්ධො වෙදනාය -පෙ- සඤ්ඤාය -පෙ- සඞ්ඛාරානං -පෙ- විඤ්ඤාණස්ස නිබ්බිදා විරාගා නිරොධා අනුපාදා විමුත්තො ‘සම්මාසම්බුද්ධො’ති වුච්චති. භික්ඛු’පි භික්ඛවෙ පඤ්ඤාවිමුත්තො -පෙ- විඤ්ඤාණස්ස නිබ්බිදා විරාගා නිරොධා අනුපාදා විමුත්තො ‘පඤ්ඤාවිමුත්තො’ති වුච්චති.
Sinhala BJTමහණෙනි, තථාගත අර්‍හත් සම්‍යක්සම්බුද්ධයෝ වේදනාවගේ ... සංඥාවගේ ... සංස්කාරයන්ගේ ... විඥානයාගේ නිබ්බිදායෙන් විරාගයෙන් නිරෝධයෙන් ග්‍රහණය නො කොට විමුක්ත වූවාහු ‘සම්මාසම්බුද්ධ’ යි කියනු ලැබෙති. මහණෙනි, මහණ ද ප්‍රඥාවිමුක්ත වූයේ ... විඥානයාගේ නිර්වේදයෙන් විරාගයෙන් නිරුද්ධ කිරීමෙන් (නිත්‍යාදි වශයෙන්) ග්‍රහණය නො කොට කෙලෙසුන් කෙරෙන් මිදුණේ ‘පඤ්ඤාවිමුක්ත’ යි කියනුලැබේ.
Pali BJTතත්ර භික්ඛවෙ කො විසෙසො කො අධිප්පායො කිං නානාකරණං තථාගතස්ස අරහතො සම්මාසම්බුද්ධස්ස පඤ්ඤාවිමුත්තෙන භික්ඛුනා’ති? භගවම්මූලකා නො භන්තෙ ධම්මා -පෙ- තථාගතො භික්ඛවෙ අරහං සම්මාසම්බුද්ධො අනුප්පන්නස්ස මග්ගස්ස උප්පාදෙතා අසඤ්ජාතස්ස මග්ගස්ස සඤ්ජනෙතා අනක්ඛාතස්ස මග්ගස්ස අක්ඛාතා මග්ගඤ්ඤූ මග්ගවිදූ මග්ගකොවිදො මග්ගානුගා ච භික්ඛවෙ එතරහි සාවකා විහරන්ති පච්ඡා සමන්නාගතා. අයං ඛො භික්ඛවෙ විසෙසො අයං අධිප්පායො ඉදං නානාකරණං තථාගතස්ස අරහතො සම්මාසම්බුද්ධස්ස පඤ්ඤාවිමුත්තෙන භික්ඛුනා”ති.
Sinhala BJTමහණෙනි, එහි ලා පඤ්ඤාවිමුත්ත මහණහු හා තථාගත අර්‍හත් සම්‍යක්සම්බුද්ධයන්ගේ විශේෂය කවරෙ යැ අධිකප්‍රයෝගය කවරෙ යැ නානාකරණය කවරෙ යැ’ යි? වහන්ස, අපගේ ධර්‍මයෝ භාග්‍යවතුන් වහන්සේ මූල කොට ඇත්තාහ ... මහණෙනි, තථාගත අර්‍හත් සම්‍යක්සම්බුද්ධයෝ නූපන් ආර්‍ය්‍යමාර්‍ගය උපදවන්නාහ, අසංජාත මාර්‍ගය ජනනය කරන්නාහ, අනෙකක්හු විසින් ප්‍රකාශ නොකළ මාර්‍ගය ප්‍රකාශ කරන්නාහ, මාර්‍ගඥයහ මාර්‍ගය ප්‍රකට කරනුවහ මාර්‍ගයෙහි නිපුණයහ. තවද මහණෙනි, මෙකල ශ්‍රාවකයෝ මාර්‍ගය අනුව යන්නාහු පසුව යෙදුණාහු වාස කෙරෙත්. මහණෙනි, පඤ්ඤාවිමුත්ත මහණහු හා තථාගත අර්‍හත් සම්‍යක්සම්බුද්ධයන්ගේ මේ වූකලි විශේෂ යැ මේ අධිකප්‍රයෝග යැ මේ නානාකරණ යැ” යි.
Pali BJTඉදං අසෙඛභාගියං සුත්තං.
Sinhala BJTමේ අසේඛභාගිය සූත්‍ර යැ.
Pali BJT3. 4. 5.
Sinhala BJT3. 4. 5.
Pali BJT(5) තත්ථ කතමං සංකිලෙසභාගියඤ්ච වාසනාභාගියඤ්ච සුත්තං:
Sinhala BJT(5) එහි සංකිලෙසභාගිය ද වාසනාභාගිය ද සූත්‍ර කවරෙ යැ.
Pali BJT1. “ඡන්නමතිවස්සති විවටං නාතිවස්සති, තස්මා ඡන්නං විවරෙථ එවං තං නාතිවස්සති”
Sinhala BJT1. වසනලද ඇවැත් ඇතියහු කෙලෙස්වැසි අතිශයින් තෙමයි, විවෘත වූයේ අතිශයින් නොතෙමයි, එහෙයින් ප්‍රතිච්ඡන්න වූ ඇවත ප්‍රකට කරවු, මෙසේ ඒ දෝෂය හෙවත් ඇවැත් ඇතියහු කෙලෙස්වැසි අතිශයින් නො තෙමයි.
Pali BJT“ඡන්නමතිවස්සතී”ති සංකිලෙසො; “විවටං නාතිවස්සතී”ති වාසනා: “තස්මා ඡන්නං විවරෙථ එවං තං නාතිවස්සතී”ති අයං සංකිලෙසො ච වාසනා ච.
Sinhala BJTඡන්නමතිවස්සති යනු සංකිලේස යැ විවටං නාතිවස්සති යනු වාසනා යැ, තස්මා ඡන්නං විවරෙථ එවං තං නාතිවස්සති යනු මේ සංකිලේස ද වාසනා ද වේ.
Pali BJTඉදං සංකිලෙසභාගියඤ්ච වාසනා භාගියඤ්ච සුත්තං.
Sinhala BJTමේ සංකිලෙසභාගිය ද වාසනාභාගිය ද සූත්‍ර යැ.
Pali BJT“චත්තාරොමෙ මහාරාජ පුග්ගලා සන්තො සංවිජ්ජමානා ලොකස්මිං කතමෙ චත්තාරො: තමො තමපරායණො, තමො ජොතිපරායණො, ජොති තමපරායණො, ජොති ජොතිපරායණො”ති. තත්ථ යො ච පුග්ගලො ජොති තමපරායණො යො ච පුග්ගලො තමො තමපරායණො, ඉමෙ ද්වෙ පුග්ගලා සංකිලෙසභාගියා; යෙ ච පුග්ගලො තමො ජොතිපරායණො යො ච පුග්ගලො ජොති ජොතිපරායණො ඉමෙ ද්වෙ පුග්ගලා වාසනාභාගියා”.
Sinhala BJT“මහරජ ලොවැ විද්‍යමාන වූ මේ පුද්ගලයෝ සතරදෙනෙකි : කවරසතරදෙනෙක යත් : අඳුරෙන් යුතුවැ අඳුරට යන්නේ යැ, අඳුරෙන් යුතුවැ එලියට යන්නේ යැ, එළියෙන් යුතුවැ අඳුරට යන්නේ යැ, එළියෙන් යුතුවැ එලියට යන්නේ යි. ඔවුන් කෙරෙහි යම් පුඟුලෙක් ජෝති තමපරායණ ද යම් පුඟුලෙක් තමෝ තමපරායණ ද, මේ පුඟුලෝ දෙදෙන සංකිලෙසභාගිය වෙති. යම් පුඟුලෙක් තමෝ ජෝතිපරායණ ද යම් පුඟුලෙක් ජෝති ජෝතිපරායණ ද මේ පුඟුලෝ දෙදෙන වාසනාභාගිය වෙත්.
Pali BJTඉදං සංකිලෙසභාගියඤ්ච වාසනාභාගියඤ්ච සුත්තං.
Sinhala BJTමේ සංකිලෙසභාගිය ද වාසනාභාගිය ද සූත්‍ර යි.
Pali BJT3. 4. 6.
Sinhala BJT3. 4. 6.
Pali BJT(6) තත්ථ කතමං සංකිලෙසභාගියඤ්ච නිබ්බෙධභාගියඤ්ච සුත්තං.
Sinhala BJT(6) එහි සංකිලෙසභාගිය ද නිබ්බේධභාගිය ද සූත්‍ර කවරෙ යැ :
Pali BJT1. “න තං දළ්හං බන්ධනමාහු ධීරා යදායසං දාරුජං බබ්බජං චා, සාරත්තරත්තා මණිකුණ්ඩලෙසු පුත්තෙසු දාරෙසු ච යා අපෙක්ඛා”ති.
Sinhala BJT1. හැකිලිබැඳුම් සංඛ්‍යාත යමුවා වූ ද අන්‍දුබන්‍ධන සංඛ්‍යාත දැවමුවා වූ ද රජ්ජුබන්‍ධන සංඛ්‍යාත බබුස්තණමුවා වූ ද යම් බන්‍ධනයෙක් ඇද්ද එය බුද්ධාදි පණ්ඩිත පුරුෂයෝ දැඩි බැඳුමෙකැයි නො කියති, (අසි ආදියකින් සිඳලියැහෙන හෙයිනි.) මිණිකොඬොල් දූපුතුන් අඹුන් කෙරෙහි බලවත් රාගයෙන් ඇලුණු යම් අපේක්‍ෂායෙක් ඇද්ද -
Pali BJTඅයං සංකිලෙසො.
Sinhala BJTමේ සංකිලේස යැ.
Pali BJT2. “එතං දළ්හං බන්ධනමාහු ධීරා ඔහාරිනං සිථිලං දුප්පමුඤ්චං එතම්පි ඡෙත්වාන පරිබ්බජන්ති අනපෙක්ඛිනො කාමසුඛං පහායාති
Sinhala BJT2. (සිවුඅපායෙහි හෙළන හෙයින්) යටට ඇදලන ලිහිල්වූ සිඳීමට දුෂ්කර වූ තෙල බන්‍ධනය දැඩිවූවෙකැයි ධීරයෝ කියති, කාමයන්හි අපේක්‍ෂා රහිත වූවාහු තෙල බන්‍ධනය ද සිඳ කාමසුඛය හැරපියා ගිහිගෙන් නික්මැයෙත් යයි.
Pali BJTඅයං නිබ්බෙධො.
Sinhala BJTමේ නිබ්බේධ යැ.
Pali BJTඉදං සංකිලෙසභාගියඤ්ච නිබ්බෙධභාගියඤ්ච සුත්තං,
Sinhala BJTමේ සංකිලෙසභාගිය ද නිබ්බේධභාගිය ද සූත්‍ර යැ.
Pali BJT“යඤ්ච භික්ඛවෙ චෙතෙති, යඤ්ච පකප්පෙති, යඤ්ච අනුසෙති, ආරම්මණමෙතං හොති විඤ්ඤාණස්ස ඨිතියා. ආරම්මණෙ සති පතිට්ඨා තස්ස විඤ්ඤාණස්ස හොති, තස්මිං පතිට්ඨිතෙ විඤ්ඤාණෙ විරූළ්හෙ ආයතිං පුනබ්භවාභිනිබ්බත්ති හොති. ආයතිං පුනබ්භවාභිනිබ්බත්තියා සති ආයතිං ජරාමරණං සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසා සම්භවන්ති එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයො හොති.
Sinhala BJT“මහණෙනි, යම් අරමුණක් (අකුශලචේතනා වශයෙන්) සිතා ද, යමක් (කාය වාක්කර්‍මභාවයට පැමිණවීම් වශයෙන්) කෙරේ ද, යමක් (අප්‍රහීණ භාවයෙන් සන්තාන ගතව) පවතී ද, තෙල අරමුණ අභිසංස්කාර විඥානයාගේ පැවැත්මට ප්‍රත්‍යය වෙයි. (යථෝක්ත) ආලම්බන සංඛ්‍යාත ප්‍රත්‍යය ඇතිකල්හි (කර්‍මය දුවවා ප්‍රතිසන්‍ධි ආකර්‍ෂණයට සමර්‍ත්‍ථ බව සපයනුයෙන්) ඒ අභිසංස්කාර විඥානයාගේ පිහිටීම වෙයි. ඒ විඥානය පිහිටි කල්හි විරූඪ කල්හි මතුයෙහි පුනර්‍භව සංඛ්‍යාත විඥානාදීන්ගේ ඉපදීම වෙයි. මතුයෙහි පුනර්‍භවයාගේ ඉපදීම ඇතිකල්හි මතුයෙහි ජාති ජරාමරණ ද සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසයෝ ද හටගනිත්. මෙසේ තෙල හුදු දුඃඛරාශිහුගේ සමුදය වේ.
Pali BJTනො චෙ භික්ඛවෙ චෙතෙති, නො චෙ පකප්පෙති, අථ චෙ අනුසෙති, ආරම්මණමෙතං හොති විඤ්ඤාණස්ස ඨිතියා, ආරම්මණෙ සති පතිට්ඨා තස්ස විඤ්ඤාණස්ස හොති. තස්මිං පතිට්ඨිතෙ විඤ්ඤාණෙ විරූළ්හෙ ආයතිං පුනබ්භවාභිනිබ්බත්ති හොති. ආයතිං පුනබ්භවාභිනිබ්බත්තියා සති ආයතිං ජාතිජරාමරණං සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසා සම්භවන්ති. එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයො හොතී”ති.
Sinhala BJTමහණෙනි, ඉදින් (අකුශල චේතනා) නො සිතා ද, ඉදින් (කායවාක්කර්‍ම) නො කෙරේ ද, ඉදින් එකල අනුශයවශයෙන් පවතී ද, තෙල අරමුණ අභිසංස්කාර විඥානයාගේ ස්ථිතිය පිණිස වෙයි. ආලම්බනය ඇතිකල්හි ඒ විඥානයාගේ පිහිටීම වෙයි, ඒ විඥානය පිහිටි කල්හි විරූඪ කල්හි මතුයෙහි පුනර්‍භවයාගේ ඉපදීම වෙයි, මතුයෙහි පුනර්‍භවයාගේ ඉපදීම ඇතිකල්හි මතුයෙහි ජාති ජරා මරණ ද සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසයෝ ද හටගනිත්. මෙසේ තෙල හුදු දුඃඛරාශිහුගේ සමුදය වේ යයි.
Pali BJTඅයං සංකිලෙසො.
Sinhala BJTමේ සංකිලේස යැ.
Pali BJT“යතො ච ඛො භික්ඛවෙ නො චෙතෙති නො ච පකප්පෙති නො ච අනුසෙති ආරම්මණෙමෙතං න හොති විඤ්ඤාණස්ස ඨිතියා, ආරම්මණෙ අසති පතිට්ඨා තස්ස විඤ්ඤාණස්ස න හොති, තස්මා අප්පතිට්ඨිතෙ විඤ්ඤාණෙ අවිරූළ්හෙ ආයතිං පුනබ්භවාභිනිබ්බත්ති න හොති, ආයතිං පුනබ්භවාභිනිබ්බත්තියා අසති ජාතිජරාමරණං සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසා නිරුජ්ඣන්ති. එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස නිරොධො හොති.
Sinhala BJTමහණෙනි, යම් තැනෙක පටන් (අකුශලචේතනා වශයෙන්) නොද සිතා ද, නො ද (කායවාක්කර්‍ම) කෙරේ ද නො ද අනුශය වශයෙන් පවතී ද, තෙල අරමුණ කර්‍ම විඥානයාගේ පැවැත්මට ප්‍රත්‍යය නො වේ, ආලම්බනය නැති කල්හි ඒ අභිසංස්කාර විඥානයාගේ පිහිටීමෙක් නො වෙයි, ඒ විඥානය අප්‍රතිෂ්ඨිත කල්හි අවිරූඪ කල්හි මතුයෙහි පුනර්‍භවයාගේ පහළවීමෙක් නො වෙයි, මතුයෙහි පුනර්‍භවයාගේ අභිනිබ්බත්තිය නැති කල්හි ජාති ජරා මරණ ද සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසයෝ ද නිරුද්ධ වෙත්. මෙසේ තෙල සකල දුඃඛස්කන්‍ධයාගේ නිරෝධය වේ” යයි.
Pali BJTඅයං නිබ්බෙධො;
Sinhala BJTමේ නිබ්බේධ යැ.
Pali BJTඉදං සංකිලෙසභාගියඤ්ච නිබ්බෙධභාගියඤ්ච සුත්තං.
Sinhala BJTමේ සංකිලෙසභාගිය ද නිබ්බේධභාගිය ද සූත්‍ර යි.
Pali BJT3. 4. 7.
Sinhala BJT3. 4. 7.
Pali BJT(7) තත්ථ කතමං සංකිලෙසභාගියඤ්ච අසෙඛභාගියඤ්ච සුත්තං:
Sinhala BJT(7) එහි සංකිලෙසභාගිය ද අසේඛභාගිය ද සූත්‍ර කවරෙ යැ :
Pali BJT“සමුද්දො සමුද්දොති ඛො භික්ඛවෙ අස්සුතවා පුථුජ්ජනො භාසති. නෙසො භික්ඛවෙ අරියස්ස විනයෙ සමුද්දො, මහා එසො භික්ඛවෙ උදකරාසි මහා උදකණ්ණවො. චක්ඛු භික්ඛවෙ පුරිසස්ස සමුද්දො, තස්ස රූපමයො වෙගො”ති.
Sinhala BJT“මහණෙනි, අශ්‍රැතවත් පෘථග්ජන සමුද්ද, සමුද්ද (මුහුද) යි කියයි, මහණෙනි, ආර්‍ය්‍ය විනයෙහි තෙල (ලවණසාගරය) සමුද්ද නො වෙයි, මහණෙනි, තෙලෙ මහාඋදක රාශියෙක, මහා උදකාර්‍ණවයෙකි, මහණෙනි, චක්‍ෂුස පුරුෂහට සමුද්ද (මුහුද) වෙයි, ඒ චක්‍ෂුස්සමුද්‍රයාගේ (පියවි මුහුදෙහි අපමණ රළ වේගය සෙයින්) නීලාදී අරමුණු විසින් රූපමය වේගය වේ” යයි
Pali BJTඅයං සංකිලෙසො;
Sinhala BJTමේ සංකිලේස යැ.
Pali BJT“යො තං රූපමයං වෙගං සහති, අයං වුච්චති භික්ඛවෙ අතාරි චක්ඛූසමුද්දං සඌමිං සාවට්ටං සගාහං{1}. සරක්ඛසං තිණ්ණො පාරගතො ථලෙ තිට්ඨති බ්රාහ්මණො”ති.
Sinhala BJT“යමෙක් ඒ රූපමය වේගය (රාගාදි කෙලෙස් නූපදවමින් උපේක්‍ෂකභාවයෙන්) ඉවසා ද මහණෙනි, මේ තෙමේ (කෙලෙස් නමැති) රළ සහිත වූ (කෙලෙස් නමැති) දිය සුළි සහිත වූ (කෙලෙස් නමැති මකරාදි) ග්‍රාහයන් සහිත වූ (කෙලෙස් නමැති) රකුසන් සහිත වූ චක්‍ෂුස්සමුද්‍රය තරණය කෙළේ යැ, උත්තීර්‍ණ වූ ක්‍ෂීණාස්‍රව බ්‍රාහ්මණ නිර්‍වාණ පාරයට ගියේ නිර්‍වාණස්ථලයෙහි සිටි යයි කියනුලැබේ” යි.
Pali BJTඅයං අසෙඛො;
Sinhala BJTමේ අසේඛ යැ.
Pali BJT“සොතං භික්ඛවෙ -පෙ- ඝානං -පෙ- ජිව්හා -පෙ- කායො -පෙ- මනො භික්ඛවෙ පුරිසස්ස සමුද්දො තස්ස ධම්මමයො වෙගො”ති.
Sinhala BJT“මහණෙනි, ශ්‍රෝතය ... ඝ්‍රාණය ... ජිහ්වාව ... කායය ... මහණෙනි, මනස පුරුෂහට සමුද්‍ර වෙයි, මනස්සමුද්‍රයාගේ (ආලම්බන වූ) ධර්‍මමය වේගය වේ” යයි.
Pali BJTඅයං සංකිලෙසො;
Sinhala BJTමේ සංකිලේස යැ.
Pali BJT“යො තං ධම්මමයං වෙගං සහති, අයං වුච්චති භික්ඛවෙ අතාරි{2} මනොසමුද්දං සඌමිං සාවට්ටං සගාහං{1} සරක්ඛසං තිණ්ණො පාරගතො ථලෙ තිට්ඨති බ්රාහ්මණො”ති.
Sinhala BJT“යමෙක් ඒ ධර්‍මමය වේගය (උපේක්‍ෂකභාවයෙන්) ඉවසා ද, මහණෙනි මේ තෙමේ (ක්‍රෝධ උපායාස වශයෙන්) කෙලෙස් රළ සහිත වූ (කාමගුණවශයෙන්) ක්ලේශාවර්‍ත සහිත වූ (මාතුගාම වශහෙන්) ග්‍රාහයන් සහිත වූ රාක්‍ෂසයන් සහිත වූ මනස්සමුද්‍රය තරණය කෙළේ යැ, උත්තීර්‍ණ ක්‍ෂීණාස්‍රව බ්‍රාහ්මණ නිර්‍වාණපාරයට ගියේ නිර්‍වාණස්ථලයෙහි සිටී යයි කියනු ලැබේ” යි.
Pali BJTඅයං අසෙඛො;
Sinhala BJTමේ අසේඛ යැ.
Pali BJT“ඉදමෙවොච භගවා, ඉදං වත්වා සුගතො අථාපරං එතදවොච සත්ථා:
Sinhala BJTබුදුහු මේ වදාළහ, මේ වදාරා යළි සුගත වූ ශාස්තෲන් වහන්සේ අන්‍ය වූ තෙල ගාථාව වදාළහ.
Pali BJT1. “යො ඉමං සමුද්දං සගාහං{1} සරක්ඛසං සඌමිභයං දුත්තරං අච්චතාරි,{2} ස වෙදන්තගූ වුසිතබ්රහ්මචරියො ලොකන්තගූ පාරගතො’ති වුච්චතී”ති.
Sinhala BJT1. යමෙක් ග්‍රාහයන් සහිත වූ රාක්‍ෂසයන් සහිත වූ ඌර්මිභය සහිත වූ උත්තරණය දුෂ්කර වූ මේ චක්‍ෂුරාදි සමුද්‍රය ඉක්මැවූයේ ද, මාර්‍ගඥානවේදයාගේ අන්තයට ගිය වැසැ නිමවූ මඟබඹසර ඇති ඒ ක්‍ෂීණාස්‍රව සංස්කාරලෝකයෙහි අන්තයට ගියේ යැ, නිර්‍වාණපාරයට ගියේ යැයි කියනු ලැබේ.
Pali BJTඅයං අසෙඛො;
Sinhala BJTමේ අසේඛ යැ.
Pali BJTඉදං සංකිලෙසභාගියඤ්ච අසෙඛභාගියඤ්ච සුත්තං.
Sinhala BJTමේ සංකිලෙසභාගිය ද අසේඛභාගිය ද සූත්‍ර යැ.
Pali BJT“ඡ ඉමෙ භික්ඛවෙ බළිසා ලොකස්මිං අනයාය සත්තානං බ්යාබාධාය{3} පාණීනං. කතමෙ ඡ; සන්ති භික්ඛවෙ චක්ඛුවිඤ්ඤෙය්යා රූපා ඉට්ඨා කන්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා; තං වෙ භික්ඛූ අභිනන්දති අභිවදති අජ්ඣොසාය තිට්ඨති, අයං වුච්චති භික්ඛවෙ භික්ඛූ ගිලබළිසො මාරස්ස අනයං ආපන්නො බ්යසනං ආපන්නො යථාකාම කරණීයො පාපිමතො.
Sinhala BJT“මහණෙනි, ලොවැ මේ බඩිශයෝ (බිළි) සදෙනෙක් සත්ත්‍වයන්ට අනර්‍ත්‍ථ පිණිස ප්‍රාණීන්ට දුක් පිණිස පවත්නාහු වෙති, කවර සදෙනෙක යත් : මහණෙනි, ඉෂ්ට වූ කාන්ත වූ මනවඩන ප්‍රියස්වභාව වූ ක්ලේශකාම සහිත වූ සිත් අලවන චක්‍ෂුර්විඥානයෙන් දතයුතු රූපයෝ ඇත. ඉදින් මහණ ඒ රූපයට සප්‍රීතික තෘෂ්ණායෙන් සතුටු වේ ද තෘෂ්ණා වශයෙන් බෙණේ ද, එහි ගැලිසිටී ද මහණෙනි, මේ මහණ ක්ලේශමාරයාගේ රූප තෘෂ්ණබඩිශය ගිලගෙන සිටියේ අනර්‍ත්‍ථයට පැමිණියේ පාපිමත්හු විසින් රිසිසේ කටයුතු බවට පැමිණියේ යයි කියනු ලැබේ.
Pali BJTසන්ති භික්ඛවෙ සොතවිඤ්ඤෙය්යා සද්දා -පෙ- ඝානවිඤ්ඤෙය්යා ගන්ධා -පෙ- ජිව්හාවිඤ්ඤෙය්යා රසා -පෙ- කායවිඤ්ඤෙය්යා ඵොට්ඨබ්බා -පෙ- මනොවිඤ්ඤෙය්යා ධම්මා ඉට්ඨා කන්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා. තඤ්චෙ භික්ඛු අභිනන්දති අභිවදති අජ්ඣොසාය තිට්ඨති. අයං වුච්චති භික්ඛවෙ භික්ඛු ගිලබළිසො මාරස්ස අනයං ආපන්නො බ්යසනං ආපන්නො යථාකාමකරණීයො පාපිමතො”ති.
Sinhala BJTමහණෙනි, ශ්‍රෝත්‍රවිඥේය ශබ්දයෝ ... ඝ්‍රාණවිඥේයගන්‍ධයෝ ජිව්හාවිඥේය රසයෝ ... කායවිඥේය ස්ප්‍රෂ්ටව්‍යයෝ ... ඉෂ්ට කාන්ත මනාප ප්‍රියරූප කාමෝපසංහිත රජනීය වූ මනෝවිඥෙය ධර්‍මයෝ ඇත. ඉදින් මහණ ඒ ධර්‍මාලම්බනය සතුටුවේ ද, ප්‍රියබස් කියා ද එහි ගැලී සිටී ද මහණෙනි, මේ මහණ කෙලෙස්මරහුගේ ධර්‍මාලම්බන නමැති බිළිය ගිලගෙන සිටියේ අනර්‍ත්‍ථයට පැමිණියේ ව්‍යසනයට පැමිණියේ පාපිමත්හු විසින් යථාකාමකරණීය වූයේ යයි කියනු ලැබේ” යි.
Pali BJTඅයං සංකිලෙසො,
Sinhala BJTමේ සංකිලේස යැ.
Pali BJT“සන්ති ච ඛො භික්ඛවෙ චක්ඛුවිඤ්ඤෙය්යා රූපා ඉට්ඨා කන්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා. තඤ්චෙ භික්ඛූ නාභිනන්දති නාභිවදති න අජ්ඣොසාය තිට්ඨති, අයං වුච්චති භික්ඛවෙ භික්ඛූ න ගිලබළිසො මාරස්ස අභෙදී බළිසං පරිභෙදී බළිසං න අනයං ආපන්නො න බ්යසනං ආපන්නො න යථාකාමකරණීයො පාපිමතො.
Sinhala BJT“තවද මහණෙනි, ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ ප්‍රියස්වභාව ඇති කාමෝපසංහිත වූ රජනීය වූ රූපයෝ ඇත්තාහ. ඉදින් මහණ ඒ රූපයට තෘෂ්ණාවශයෙන් සතුටු නොවේ ද තෘෂ්ණාවශයෙන් නො බෙණේ ද එහි ගැලී නො සිටී ද, මහණෙනි, මේ මහණ කෙලෙස් මරහුගේ රූපතෘෂ්ණාබඩිශය ගිලගෙන නො සිටියේ මාරබළිසය බින්ඳේ යැ, මාරබළිසය හාත්පසින් බින්ඳේ යැ, අනර්‍ත්‍ථයට නො පැමිණියේ ව්‍යසනයට නො පැමිණියේ පාපිමත්හු විසින් යථාකාමකරණීය නො වූයේ යයි කියනු ලැබේ.
Pali BJTසන්ති ච භික්ඛවෙ සොතවිඤ්ඤෙය්යා සද්දා -පෙ- ඝාන - ජිව්හා - කාය - මනොවිඤ්ඤෙය්යා ධම්මා ඉට්ඨා කන්තා මනාපා පියරූපා කාමූප සංහිතා රජනීයා. තං චෙ භික්ඛු නාභිනන්දති නාභිවදති නාජ්ඣොසාය තිට්ඨති. අයං වුච්චති භික්ඛවෙ භික්ඛු න ගිලබළිසො මාරස්ස අභෙදී බළිසං පරිගෙදී බළිසං න අනයං ආපන්නො න බ්යසනං ආපන්නො න යථාකාමකරණීයො පාපිමතො”ති.
Sinhala BJTමහණෙනි, ශ්‍රෝතවිඥේය වූ ශබ්දයෝ ... ඝ්‍රාණ ... ජිහ්වා ... කාය ... මනෝවිඥෙය වූ ඉෂ්ට කාන්ත මනාප ප්‍රියස්වරූප කාමෝපසංහිත රජනීය වූ ධර්‍මාලම්බනයෝ ඇත්තාහ, ඉදින් මහණ ඒ ධර්‍මාලම්බනයට තෘෂ්ණාවශයෙන් සතුටු නො වේ ද, තෘෂ්ණාවශයෙන් නො බෙණේ ද, එහි ගැලී නො සිටී ද, මහණෙනි, මේ මහණ මාරයාගේ ධර්‍ම තෘෂ්ණා නමැති බළිසය ගිලගෙන නො සිටියේ මාරබළිසය බින්දේ යැ, මාරබළිසය හාත්පසින් බින්ඳේ යැ. අනර්‍ත්‍ථයට නො පැමිණියේ ව්‍යසනයට නො පැමිණියේ පාපිමත්හු විසින් කැමැතිසේ කළයුතු නො වූයේ මැයි කියනු ලැබේ” යි.
Pali BJTඅයං අසෙඛො;
Sinhala BJTමේ අසේඛ යැ.
Pali BJTඉදං සංකිලෙසභාගියඤ්ච අසෙඛභාගියඤ්ච සුත්තං.
Sinhala BJTමේ සංකිලෙසභාගිය ද අසේඛභාගිය ද සූත්‍ර යි.
Pali BJT3. 4. 8.
Sinhala BJT3. 4. 8.
Pali BJT(8) තත්ථ කතමං සංකිලෙසභාගියඤ්ච නිබ්බෙධභාගියඤ්ච අසෙඛභාගියඤ්ච සුත්තං:
Sinhala BJT(8) එහි සංකිලෙසභාගිය ද නිබ්බේධභාගිය ද අසේඛභාගිය ද සූත්‍ර කවරේ යැ :
Pali BJT1. “අයං ලොකො සන්තාපජාතො ඵස්සපරෙතො රොදං{1} වදති අත්තනො,{2} යෙන යෙන හි මඤ්ඤන්ති තතො නං හොති අඤ්ඤථා
Sinhala BJT1. මේ සත්ත්‍වලෝක තෙමේ (ඥාතිව්‍යාසනාදීන්) උපන් ශෝක සන්තාප ඇත්තේ නොයෙක් දුඃඛස්පර්‍ශයෙන් මඩනාලදුයේ තමා විසින් පහස්නා ලද දුක (මෙබන්දක් මාගේ සතුරකුටත් නොවේවයි) වැළපෙමින් කියයි. (රෝගා වදති අත්තතෝ යන පාඨයෙහි ඵස්සපච්චයෙන් උපදනා වේදනා සංඛ්‍යාත රෝගය ආත්මවශයෙන් කියයි). යම් යම් පරිද්දෙකින් මැ තමාගේ දුකට පිළියම් සිතත් ද, ඒ දුකට එයින් අන් පරිද්දෙකින් පිළියම් කටයුතු වේ.
Pali BJT2. අඤ්ඤථාභාවී භවසත්තො ලොකො භවපරෙතො භවමෙවාභිනන්දති, යදභිනන්දති තං භයං යස්ස භායති තං දුක්ඛ”න්ති.
Sinhala BJT2. කාමාදි භවයෙහි හෝ අභිවෘද්ධියෙහි ඇලුණු ලෝවැසි තෙමේ (තමා සිතන සැටියෙන්) අන් පරිද්දෙකින් මැ වනසුලු වෙයි. එතෙකුදුවත් භවයෙහි ඇලුණේ භවය මැ කැමැති වෙයි, (ප්‍රාර්‍ත්‍ථනා කෙරෙයි,) යම් භවයක් හෝ අභිවෘද්ධියක් කැමැති වේ ද, එය බියෙකි. යම් ජරාමරණාදියෙකින් බිය වේ ද, එය දුකෙකි’ යි
Pali BJTඅයං සංකිලෙසො;
Sinhala BJTමේ සංකිලේස යැ.
Pali BJT“භවවිප්පහානාය කො පනිදං බ්රහ්මචරියං වුස්සතී”ති.
Sinhala BJT“යළි භවය වෙසෙසින් ප්‍රහාණය පිණිස මැ මේ (මා විසින් අධිගත) මඟ බඹසර වෙසෙන්නේ යැ” යන -
Pali BJTඅයං නිබ්බෙධො;
Sinhala BJTමේ නිබ්බේධ යැ.
Pali BJT“යෙ හි කෙචි සමණා වා බ්රාහ්මණා වා භවෙන භවස්ස විප්ප මොක්ඛමාහංසු, සබ්බෙ තෙ අවිප්පමුත්තා භවස්මා’ති වදාමි.
Sinhala BJT“යම් කිසි මහණකෙනෙක් වේවයි බමුණුකෙනෙක් වේවයි රූපභවයෙන් හෝ අරූපභවයෙන් නොහොත් භවදෘෂ්ටියෙන් භව (සංසාර) යාගේ මිදීම (ශුද්ධිය) කියත් ද, ඔහු සියල්ලෝ භවයෙන් නොමිදුණාහ’ යි කියමි.
Pali BJTයෙ වා පන කෙචි සමණා වා බ්රාහ්මණා වා විභවෙන භවස්ස නිස්සරණමාහංසු, සබ්බෙ තෙ අනිස්සටා භවස්මා’ති වදාමි. උපධී හි{3} පටිච්ච දුක්ඛමිදං සම්භොතී”ති.
Sinhala BJT“යළි යම් මහණකෙනෙක් වේවයි බමුණුකෙනෙක් වේවයි උච්ඡේදයෙන් භවයාගේ නිස්සරණය කියත් ද, ඔහු සියල්ලෝ භවයෙන් නො නික්මුණා’ යි කියමි. ඛන්‍ධාදි උපධීන් නිසා මේ සසරදුක හටගනී” යන -
Pali BJTඅයං සංකිලෙසො;
Sinhala BJTමේ සංකිලේස යැ.
Pali BJT“සබ්බූපාදානක්ඛයා නත්ථි දුක්ඛස්ස සම්භවො”ති.
Sinhala BJT“සියලු කාමාදි උපාදානයන්ගේ ක්‍ෂයවීමෙන් දුඃඛයාගේ සම්භවයෙක් නැත,” යන -
Pali BJTඅයං නිබ්බෙධො;
Sinhala BJTමේ නිබ්බේධ යැ.
Pali BJT“ලොකමිමං පස්ස, පුථු අවිජ්ජාය පරෙතං භූතං භූතරතං භවා අපරිමුත්තං.{4} යෙ හි කෙචි භවා සබ්බධි සබ්බත්තතාය{5} සබ්බෙ තෙ භවා අනිච්චා දුක්ඛා විපරිණාමධම්මා”ති.
Sinhala BJT(බුදුහු තමන් වහන්සේගේ සිත අමතන සේක :) වෙන වෙන පඤ්චස්කන්‍ධ වූ අවිද්‍යායෙන් මඩනාලද ස්ත්‍රීපුරුෂයන් ඔවුනොවුන් කෙරෙහි ඇලුණු එහෙයින් ම භවයෙන් නො මිදුණු මේ සත්ත්‍වලෝකය බල, (ප්‍රථමාබහුවචන පාඨයෙහි : ‘මේ සත්ත්‍වලෝකය බල’ බොහෝ වූ නොහොත් වෙන් වෙන් වූ අවිද්‍යායෙන් වැඩුණු භූත සංඛ්‍යාත පඤ්චස්කන්‍ධයෝ මවුපිය දූදරු ආදි සංඥායෙන් ඔවුනොවුන් කෙරෙහි ඇලුණාහු භවයෙන් නොමිදුණාහ,) යම් කිසි කාමාදි භවයෝ වෙත් ද, උඩ යට ආදි සියලු තැන්හි සර්‍ව භාවයෙන් ඒ හැම භවයෝ අනිත්‍යයහ දුඃඛයහ විපරිණාමස්වභාව වූහ” යි.
Pali BJTඅයං සංකිලෙසො;
Sinhala BJTමේ සංකිලේස යැ.
Pali BJT3. “එවමෙතං යථාභූතං සම්මප්පඤ්ඤාය පස්සතො, භවතණ්හා පහීයති විභවං නාභිනන්දති.
Sinhala BJT3. මෙසේ ත්‍රිලක්‍ෂණ ප්‍රතිවේධාකාරයෙන් තෙල භව සංඛ්‍යාත පඤ්චස්කන්‍ධය තත්වූ පරිදි විදර්‍ශනා සහිත මාර්‍ගඥානයෙන් දක්නාහට භවතෘෂ්ණාව ප්‍රහීණ වෙයි, උච්ඡේදය ද නො කැමැති වේ.
Pali BJTසබ්බසො තණ්හානං ඛයා{1} අසෙසවිරාගනිරොධො නිබ්බාන”න්ති.
Sinhala BJTසර්‍වප්‍රකාරයෙන් තෘෂ්ණාවන්ගේ ක්‍ෂය වීමෙන් අශේෂ කොට ආර්‍ය්‍ය මාර්‍ගයෙන් වූ අනුත්පාදනිරෝධය නිර්‍වාණ යැ” යන -
Pali BJTඅයං නිබ්බෙධො;
Sinhala BJTමේ නිබ්බේධ යැ.
Pali BJT4. “තස්ස නිබ්බුතස්ස භික්ඛුනො අනුපාදානා පුනබ්භවො න හොති, අභිභූතො මාරො විජිතසඞ්ගාමො{2} උපච්චගා සබ්බභවානි තාදී”ති.
Sinhala BJT4. ඒ කෙලෙස් පිරිනිවනින් නිවුණු මහණහට උපාදාන රහිත හෙයින් පුනර්‍භවය නො වේ. ක්ලේශාදි පඤ්චමාර මඩනාලද, ක්ලේශසඞ්ග්‍රාමය දිනනලද, සුඛදුක්ඛාදියෙහි තාදී වූයේ සියලු භවයන් ඉක්මැවූයේ” යි.
Pali BJTඅයං අසෙඛො;
Sinhala BJTමේ අසේඛ යැ.
Pali BJTඉදං සංකිලෙසභාගියඤ්ච නිබ්බෙධභාගියඤ්ච අසෙඛභාගියඤ්ච සුත්තං.
Sinhala BJTමේ උදානය සංකිලෙසභාගිය ද නිබ්බේධභාගිය ද අසේඛභාගිය ද සූත්‍ර යැ.