Nettippakaraṇa

The Guide

Buddha Jayanthi Tipitaka · pathnirvana/tipitaka.lk · CC BY-ND 4.0 · Fetched 2026-04-29 · 1303 segments

පෙන්වන කොටස් 1201-1300 න් 1303

(20) තත්ථ කතමො විපාකො:
“ලාභා වො භික්ඛවෙ, සුලද්ධං වො භික්ඛවෙ ඛනො වො පටිලද්ධො බ්රහ්මචරියවාසාය, දිට්ඨා මයා භික්ඛවෙ, ඡ ඵස්සායතනිකා නාම නිරයා, තත්ථ යං කිඤ්චි චක්ඛුනා රූපං පස්සති අනිට්ඨරූපං යෙව පස්සති නෙට ඉට්ඨරූපං, අකන්තරූපං යෙව පස්සති නො කන්තරූපං, අමනාපරූපංයෙව පස්සති නො මනාපරූපං, යං කිඤ්චි සොතෙන -පෙ- ඝානෙන -පෙ- ජිව්හාය -පෙ- කායෙන -පෙ- යං කිඤ්චි මනසා ධම්මං විජානාති අනිට්ඨධම්මං යෙව විජානාති නො ඉට්ඨධම්මං, අකන්තධම්මං යෙව විජානාති නො කන්තධම්මං, අමනාප ධම්මං යෙව විජානාති, නො මනාපධම්මං ලාභා වො භික්ඛවෙ, සුලද්ධං වො භික්ඛවෙ, ඛණො වො පටිලද්ධො බ්රහ්මචරියවාසාය.
දිට්ඨා මයා භික්ඛවෙ, ඡ ඵස්සායතනිකා නාම සග්ගා. තත්ථ යං කිඤ්චි චක්ඛුනා රූපං පස්සති ඉට්ඨරූපංයෙව පස්සති නො අනිට්ඨරූපං, කන්තරූපංයෙව පස්සති නො අකන්තරූපං, මනාපරූපංයෙව පස්සති නො අමනාපරූපං, යං කිඤ්චි සොතෙන සද්දං සුණාති -පෙ- ඝානෙන -පෙ- ජිව්හාය -පෙ- කායෙන -පෙ- මනසා ධම්මං විජානාති ඉට්ඨධම්මංයෙව විජානාති නො අනිට්ඨධම්මං, කන්තධම්මංයෙව විජානාති නො අකන්ත ධම්මං, මනාපධම්මංයෙව විජානාති නො අමනාපධම්මං, ලාභා වො භික්ඛවෙ, සුලද්ධං වො භික්ඛවෙ, ඛණො වො පටිලද්ධො බ්රහ්මචරිය වාසායා”ති
අයං විපාකො.
40. “සට්ඨි වස්සසහස්සානි පරිපුණ්ණානි සබ්බසො, නිරයෙ පච්චමානානං කදා අන්තො භවිස්සති.
41. නත්ථි අන්තො කුතො අන්තො න අන්තො පති දිස්සති, තදා හි පකතං පාපං මම{1} තුය්හං ච මාරිසා”ති.
අයං විපාකො.
(21) තත්ථ කතමං කම්මං ච විපාකොච :
42. “අධම්මචාරී හි නරො පමත්තො යහිං යහිං ගච්ඡති දුග්ගතිං යො, සො නං අධම්මො චරිතො හනාති සයං ගහීතො යථා කණ්හසප්පො”
43. “න හි ධම්මො අධම්මො ච අභො සමවිපාකිනො, අධම්මො නිරයං නෙති ධම්මො පාපෙති සුග්ගතිං”
ඉදං කම්මං ච විපාකො ච.
“මා භික්ඛවෙ පුඤ්ඤානං භායිත්ථ, සුඛස්සෙතං භික්ඛවෙ, අධිවචනං ඉට්ඨස්ස කන්තස්ස පියස්ස මනාපස්ස යදිදං පුඤ්ඤානීති. අභිජානාමි ඛො පනාහං භික්ඛවෙ, දීඝරත්තං කතානං පුඤ්ඤානං දීඝරත්තං{1} ඉට්ඨං කන්තං පියං මනාපං විපාකං පච්චනුභූතං සත්ත වස්සානි මෙත්තචිත්තං භාවෙත්වා සත්ත සංවට්ටවිවට්ටකප්පෙ න ඉමං ලොකං පුනරාගමාසිං, සාවට්ටමානෙ සුදං{2} භික්ඛවෙ, කප්පෙ ආභස්සරූපගො හොමි, විවට්ටමානෙ කප්පෙ සුඤ්ඤං බ්රහ්මවිමානං උපපජ්ජාමි, තත්ර සුදං{2} භික්ඛවෙ, බ්රහ්මා හොමි මහාබ්රහ්මා අභිභූ අනභිභූතො අඤ්ඤදත්ථු දසො වසවත්තී. ඡත්තිංසක්ඛත්තුං ඛො පනාහං භික්ඛවෙ, සක්කො අහොසිං දෙවානමින්දො. අනෙකසතක්ඛත්තුං රාජා අහොසිං චක්කවත්තී ධම්මිකො ධම්මරාජා චාතුරන්තො විජිතාවී ජනපදත්ථාවරියප්පත්තො සත්තරතනසමන්නාගතො කො පන වාදො පදෙසරජ්ජස්ස.
තස්ස මය්හං භික්ඛෙවෙ, එතදහොසි: කිස්ස නුඛො මෙ ඉදං කම්මස්ස ඵලං කිස්ස කම්මස්ස විපාකො යෙනාහං එතරහි එවං මහිද්ධිකො එවං මහානුභාවොති. තස්ස මය්හං භික්ඛවො, එතදහොසි: තිණ්ණං ඛො මෙ ඉදං කම්මානං ඵලං තිණ්ණං කම්මානං විපාකො යෙනාහං එතරහි එවං මහිද්ධිකො එවං මහානුභාවො, සෙය්යථීදං: දානස්ස දමස්ස සංයමස්සාති.
තත්ථ යඤ්ච දානං යො ච දමො යො ච සංයමො, ඉදං කම්මං. යො තප්පච්චයා විපාකො පච්චනුභූතො, අයං විපාකො.
තථා “චුල්ලකම්මවිභඞ්ගො” වත්තබ්බො, යං සුභස්ස මාණවස්ස තොදෙය්ය පුත්තස්ස දෙසිතං. තත්ථ යෙ ධම්මා අප්පායුකදීඝායුකතාය සංවත්තන්ති, බව්හාබාධඅප්පාබාධතාය - අප්පෙසක්ඛ මහෙසක්ඛතාය - දුබ්බණ්ණ සුවණ්ණතාය - නීචකුලිකඋච්චාකුලිකතාය - අප්පභොග මහා භොගතාය - දුප්පඤ්ඤපඤ්ඤාවන්තතාය ච සංවත්තන්ති, ඉදං කම්මං. යා තත්ථ අප්පායුකදීඝායුකතා -පෙ- දුප්පඤ්ඤපඤ්ඤාවන්තතා, අයං විපාකො.
ඉදං කම්මං ච විපාකො ච.
(22) තත්ථ කතමං කුසලං :
44. “වාචානුරක්ඛී මනසා සුසංවුතො කායෙන ච අකුසලං න{3} කයිරා, එතෙ තයො කම්මපථෙ විසොධයෙ ආරාධයෙ මග්ගං ඉසිප්පවෙදිත”න්ති.
ඉදං කුසලං.
45. “යස්ස කායෙන වාචාය මනසා නත්ථි දුක්කටං, සංවුතං තීහි ඨානෙහි තමහං බ්රූමි බ්රාහ්මණ”න්ති.
ඉදං කුසලං.
”තීණිමානි භික්ඛවෙ, කුසලමූලානි. කතමානි තීණි: අලොභො කුසලමූලං අදොසො කුසලමූලං අමොහො කුසලමූලං. ඉමානි ඛො භික්ඛවෙ, තීණි කුසලමූලානී”ති
ඉදං කුසලං.
“විජ්ජා භික්ඛවෙ, පුබ්බඞ්ගමා කුසලානං ධම්මානං සමාපත්තියා අන්වදෙව{1} හිරිඤ්ච ඔතප්පං චා”ති.
ඉදං කුසලං.
(23) තත්ථ කතමං අකුසලං:
46. “යස්ස අච්චන්තදුස්සීල්යං මාලුවා සාලමිවොතතං, කරොති සො තථත්තානං යථා නං ඉච්ඡති දිසො”ති.
ඉදං අකුසලං.
47. “අත්තනා හි කතං පාපං{2} අත්තජ අත්තසම්භවං, අභිමන්ථති දුම්මෙධං වජිරං වස්මමයං මණිං”ති.
ඉදං අකුසලං.
48. දස කම්මපථෙ නිසෙවිය අකුසලා කුසලෙහි විවජ්ජිතා, ගරහා භවන්ති දෙවතෙ, බාලමතී නිරයෙසු පච්චරෙ”ති.
ඉදං අකුසලං.
“තීණිමානි භික්ඛවෙ අකුසලමූලානි. කතමානි තීණි: ලොභො අකුසලමූලං දොසො අකුසලමූලං මොහො අකුසලමූලං. ඉමානි ඛො භික්ඛවෙ තීණි අකුසලමූලානී”ති.
ඉදං අකුසලං.
(24) තත්ථ කතමං කුසලං ච අකුසලං ච:
49. “යාදිසං වපතෙ බීජං තාදිසං හරතෙ ඵලං, කල්යාණකාරී කල්යාණං පාපකාරී ච පාපක”න්ති.
තත්ථ යං ආහ: “කල්යාණකාරී කල්යාණ”න්ති ඉදං කුසලං, යං ආහ: “පාපකාරී ච පාපකං”තී ඉදං අකුසලං.
ඉදං කුසලං ච අකුසලං ච.
50. “සුභෙන කම්මෙන වජන්ති සුග්ගතිං අපායභුමිං අසුභෙන කම්මුනා, ඛයා ච කම්මස්ස විමුත්තචෙතසො නිබ්බන්ති තෙ ජොතීරිවින්ධනක්ඛයා”.
තත්ථ යං ආහ: සුභෙන කම්මෙන වජන්ති සුග්ගති”න්ති ඉදං කුසලං, යං ආහ: “අපායභූමිං අසුභෙන කම්මුනා”ති ඉදං අකුසලං.
ඉදං කුසලඤ්ච අකුසලඤ්ච.
(25) තත්ථ කතමං අනුඤ්ඤාතං :
51. “යථාපි භමරො පුප්ඵං වණ්ණගන්ධං අහෙඨයං, පලෙති රසමාදාය එවං ගාමෙ මුනී චරෙ”ති.
ඉදං අනුඤ්ඤාතං.
තීණිමානි භික්ඛවෙ, භික්ඛූනං කරණීයානි. කතමානි තීණි: ඉධ භික්ඛවෙ, භික්ඛු පාතිමොක්ඛ සංවරසංවුතො විහරති ආචාරගොචර සම්පන්නො අණුමත්තෙසු වජ්ජෙසු භයදස්සාවී සමාදාය සික්ඛති සික්ඛා පදෙසු, කායකම්මවචීකම්මෙන සමන්නාගතො කුසලෙන පරිසුද්ධාජීවො, ආරද්ධවිරියො ඛො පන හොති, ථාමවා දළ්හපරක්කමො අනික්ඛිත්තධුරො අකුසලානං ධම්මානං පහානාය කුසලානං ධම්මානං භාවනාය සච්ඡිකිරියාය, පඤ්ඤවා ඛො පන හොති උදයබ්බයගාමිනියා පඤ්ඤාය සමන්නාගතො අරියාය නිබ්බෙධිකාය සම්මාදුක්ඛක්ඛයගාමිනියා. ඉමානි ඛො භික්ඛවෙ භික්ඛූනං තීණි කරණීයානී”ති.
ඉදං අනුඤ්ඤාතං.
“දස ඉමෙ භික්ඛවෙ, ධම්මා පබ්බජිතෙන අභිණ්හං පච්චවෙක්ඛිතබ්බා. කතමෙ දස: වෙවණ්ණියම්හි අජ්ඣූපගතොති. පබ්බජිතෙන අභිණ්හං පච්චවෙක්ඛිතබ්බං -පෙ- ඉමෙ ඛො භික්ඛවෙ, දස ධම්මා පබ්බජිතෙන අභිණ්හං පච්චවෙක්ඛිතබ්බා”ති.
ඉදං අනුඤ්ඤාතං.
“තීණිමානි භික්ඛවෙ කරණීයාති. කතමානි තීණි: කායසුචරිතං වචීසුචරිතං මනොසුචරිතං. ඉමානි ඛො භික්ඛවෙ තීණි කරණීයානී”ති
ඉදං අනුඤ්ඤාතං.
(26) තත්ථ කතමං පටික්ඛිත්තං :
52. “නත්ථි පුත්තසමං පෙමං නත්ථි ගොසමිතං ධනං, නත්ථි සුරියසමා ආභා සමුද්දපරමා සරා”ති.
භගවා ආහ:
53. ‘නත්ථි අත්තසමං පෙමං නත්ථි ධඤ්ඤසමං ධනං, නත්ථි පඤ්ඤාසමා ආභා වුට්ඨි වෙ පරමා සරා”ති.
එත්ථ යං පුරිමකං, ඉදං පටික්ඛිත්තං.
”තීණිමානි භික්ඛවෙ, අකරණීයානි. කතමානි තීණි: කායදුච්චරිතං වචීදුච්චරිතං මනොදුච්චරිතං. ඉමානි ඛො භික්ඛවෙ, තීණි අකරණියානී”ති.
ඉදං පටික්ඛිත්තං.
(27) තත්ථ කතමං අනුඤ්ඤාතං ච පටික්ඛිත්තං ච :
54. “කිංසූධ භීතා ජනතා අනෙකා මග්ගො ච නෙකායතනො{1} පවුත්තො, පුච්ඡාමි තං ගොතම භූරිපඤ්ඤ, කිස්මිං ඨිතො පරලොකං න භායෙ”ති.
55. “වාචං මනඤ්ච පණිධාය සම්මා කායෙන පාපානි අකුබ්බමානො, බව්හන්නපානං ඝරමාවසන්තො සද්ධො මුදු සංවිභාගී වදඤ්ඤූ; එතෙසු ධම්මෙසු ඨිතො චතූසු ධම්මෙ ඨිතො පරලොකං න භායෙ”ති.
තත්ථ යං ආහ : “වාචං මනං ච පණිධාය සම්මා”ති ඉදං අනුඤ්ඤාතං; “කායෙන පාපානි අකුබ්බමානො”ති ඉදං පටික්ඛිත්තං; “බව්හන්නපානං ඝරමාවසන්තො සද්ධො මුදූ සංවිභාගී වදඤ්ඤූ එතෙසු ධම්මෙසු ඨිතො චතුසු ධම්මෙ ඨිතො පරලොකං න භායෙ”ති ඉදං අනුඤ්ඤාතං;
ඉදං අනුඤ්ඤාතඤ්ච පටික්ඛිත්තං ච.
56. “සබ්බපාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා, සචිත්තපරියොදපනං එතං බුද්ධානසාසනං”
තත්ථ යං ආහ: “සබ්බපාපස්ස අකරණ”න්ති ඉදං පටික්ඛිත්තං, යං ආහ: “කුසලස්ස උපසම්පදා”ති ඉදං අනුඤ්ඤාතං.
ඉදං අනුඤ්ඤාතං ච පටික්ඛිත්තං ච.
“කායසමාචාරම්පහං දෙවානමින්ද, දුවිධෙන වදාමි: සෙවිතබ්බම්පි අසෙවිතබ්බම්පීති. වචීසමාචාරම්පහං දෙවානමින්ද, දුවිධෙන වදාමි: සෙවිතබ්බම්පි අසෙවිතබ්බම්පීති, පරියෙසනම්පහං දෙවානමින්ද, දුවිධෙන වදාමි: සෙවිතබ්බම්පි අසෙවිතබ්බම්පීති
කායසමාචාරම්පහං දෙවානමින්ද, දුවිධෙන වදාමි: සෙවිතබ්බම්පි අසෙවිතබ්බම්පීති. ඉති ඛො පනෙතං වුත්තං, කිඤ්චෙතං පටිච්ච වුත්තං: යථාරූපඤ්ච ඛො කායසමාචාරං සෙවතො අකුසලා ධම්මා අභිවඩ්ඪන්ති කුසලා ධම්මා පරිහායන්ති, එවරූපො කායස්මාචාරො න සෙවිතබ්බො, තත්ථ යං ජඤ්ඤා කායසමාචාරං ඉමං ඛො මෙ කායසමාචාරං සෙවතො අකුසලා ධම්මා පරිහායන්ති කුසලා ධම්මා අභිවඩ්ඪන්ති, එවරූපො කායසමාචාරො සෙවිතබ්බො. කායසමාචාරම්පහං දෙවානමින්ද දුවිධෙන වදාමි: සෙවිතබ්බම්පි අසෙවිතබ්බම්පි ඉති යන්තං වුත්තං, ඉදමෙතං පටිච්ච වුත්තං. වචීසමාචාරං -පෙ-
පරියෙසනම්පහං දෙවානමින්ද, දුවිධෙන වදාමි: සෙවිතබ්බම්පි අසෙවිතබ්බම්පීති. ඉති ඛො පනෙතං වුත්තං, කිඤ්චෙතං පටිච්ච වුත්තං: යථාරූපඤ්ච ඛො පරියෙසනං සෙවතො අකුසලා ධම්මා අභිවඩ්ඪන්ති කුසලා ධම්මා පරිහායන්ති, එවරූපා පරියෙසනා න සෙවිතබ්බා. තත්ථ යං ජඤ්ඤා පරියෙසනං ඉමං ඛො මෙ පරියෙසනං සෙවතො අකුසලා ධම්මා පරිහායන්ති කුසලා ධම්මා අභිවඩ්ඪන්තීති, එවරූපා පරියෙසනා සෙවිතබ්බා. පරියෙසනම්පහං දෙවානමින්ද දුවිධෙන වදාමි: සෙවිතබ්බම්පි අසෙවිතබ්බම්පි. ඉති යං තං වුත්තං, ඉදමෙතං පටිච්ච වුත්තං.
තත්ථ යං ආහ: “සෙවිතබ්බම්පී”ති ඉදං අනුඤ්ඤාතං. යං ආහ: “න සෙවිතබ්බම්පි”ති ඉදං පටික්ඛිත්තං.
ඉදං අනුඤ්ඤාතං ච පටික්ඛිත්තං ච.
(28) තත්ථ කතමො ථවො:
57. “මග්ගානට්ඨඞ්ගිකො සෙට්ඨො සච්චානං චතුරො පදා, විරාගො සෙට්ඨො ධම්මානං ද්විපදානං ච චක්ඛුමා”ති.
අයං ථවො.
“තීණිමානි භික්ඛවෙ, අග්ගානි, කතමානි තීණි: යාවතා භික්ඛවෙ සත්තා අපදා වා ද්විපදා වා චතුප්පදා වා බහුප්පදා වා රූපිනො වා අරූපිනො වා සඤ්ඤිනො වා අසඤ්ඤිනො නෙවසඤ්ඤිනාසඤ්ඤිනො වා, තථාගතො තෙසං අග්ගමක්ඛායති සෙට්ඨමක්ඛායති පවරමක්ඛායති, යදිදං අරහං සම්මාසම්බුද්ධො.
යාවතා භික්ඛවෙ, ධම්මානං පණ්ණත්ති සඞ්ඛතානං වා අසඞ්ඛතානං වා විරාගො තෙසං ධම්මානං අග්ගමක්ඛායති සෙට්ඨමක්ඛායති පවරමක්ඛායති, යදිදං මදනිම්මදනො -පෙ- නිරොධො නිබ්බානං.
යාවතා භික්ඛවෙ, සඞ්ඝානං පණ්ණත්ති ගණානං පණ්ණත්ති මහාජනසන්නිපාතානං පණ්ණත්ති තථාගතසාවකසඞ්ඛො තෙසං අග්ගමක්ඛායති සෙට්ඨමක්ඛායති පවරමක්ඛායති යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨපුරිසපුග්ගලා -පෙ- පුඤ්ඤක්ඛෙත්තං ලොකස්සා”ති.
58. “සබ්බලොකුත්තරො සත්ථා ධම්මො ච කුසලක්ඛතො,{1} ගණො ච නරසීහස්ස තානි තීණි විසිස්සරෙ.
59. සමණපදුමසඤ්චයො ගණො ධම්මවරො ච විදූන සක්කතො, නරවරදමකො ච චක්ඛුමා තානි තීණි ලොකස්ස උත්තරි.
60. සත්ථා ච අප්පටිසමො ධම්මො ච සබ්බො නිරූපදාහො, අරියො ච ගණවරො තානි ඛලු විසිස්සරෙ තීණි.
61. සච්චනාමො ජිනො ඛෙමො සබ්බාභිභූ සච්චධම්මො, නත්ථඤ්ඤො තස්ස උත්තරි අරියසඞ්ඝො නිච්චං විඤ්ඤූන පූජිතො තානි තීණි ලොකස්ස උත්තරි.”
62. “එකායනං ජාතිඛයන්තදස්සී මග්ගං පජානාති හිතානුකම්පී, එතෙන මග්ගෙන තරිංසු පුබ්බෙ තරිස්සන්ති යෙ ච{2} තරන්ති ඔඝං.
63. තං තාදිසං දෙවමනුස්සසෙට්ඨං සත්තා නමස්සන්ති විසුද්ධිපෙක්ඛා”ති.
අයං ථවො’ති.
තත්ථ ලොකියං සුත්තං ද්වීහි සුත්තෙහි නිද්දිසිතබ්බං: සංකිලෙස භාගියෙන ච වාසනාභාගියෙන ච. ලොකුත්තරම්පි සුත්තං තීහි සුත්තෙහි නිද්දිසිතබ්බං: දස්සනභාගියෙන ච
භාවනාභාගියෙන ච අසෙඛභාගියෙන ච. ලොකියඤ්ච ලොකුත්තරඤ්ච යස්මිං සුත්තෙ යං යං පදං දිස්සති සංකිලෙසභාගියං වාසනාභාගියං වා, තෙන තෙන ලොකියන්ති නිද්දිසිතබ්බං, දස්සනභාගියං වා භාවනාභාගියං වා අසෙක්ඛභාගියං වා යං යං පදං දිස්සති, තෙන තෙන ලොකුත්තරන්ති නිද්දිසිතබ්බං.
වාසනාභාගියං සුත්තං සංකිලෙසභාගියස්ස සුත්තස්ස නිග්ඝාතාය, දස්සනභාගියං සුත්තං වාසනාභාගියස්ස සුත්තස්ස නිග්ඝාතාය, දස්සනභාගියං සුත්තං වාසනාභාගියස්ස සුත්තස්ස පටිනිස්සග්ගාය. භාවනාභාගියං සුත්තං දස්සනභාගියස්ස සුත්තස්ස පටිනිස්සග්ගාය, අසෙක්ඛභාගියං සුත්තං භාවනාභාගියස්ස සුත්තස්ස පටිනිස්සග්ගාය, අසෙක්ඛභාගියං සුත්තං දිට්ඨධම්මසුඛවිහාරත්ථං.
ලොකුත්තරං සුත්තං සත්තාධිට්ඨානං ඡබ්බීසතියා පුග්ගලෙහි නිද්දිසිතබ්බං. තෙ තීහි සුත්තෙහි සමන්වෙසිතබ්බා: දස්සනභාගියෙන භාවනාභාගියෙන අසෙක්ඛභාගියෙන චාති.
තත්ථ දස්සනභාගියං සුත්තං පඤ්චහි පුග්ගලෙහි නිද්දිසිතබ්බං: එකබීජිනා කොලංකොලෙන සත්තක්ඛත්තූපරමෙන සද්ධානුසාරිනා ධම්මානුසාරිනා චාති. දස්සනභාගියං සුත්තං ඉමෙහි පඤ්චහි පුග්ගලෙහි නිද්දිසිතබ්බං. භාවනාභාගියං සුත්තං ද්වාදසහි පුග්ගලෙහි නිද්දිසිතබ්බං: සකදාගාමිඵලසච්ඡිකිරියාය පටිපන්නෙන, සකදාගාමිනා, අනාගාමිඵලසච්ඡිකිරියාය පටිපන්නෙන, අනාගාමිනා, අන්තරාපරිනිබ්බායිනා, උපහච්චපරිනිබ්බායිනා, අසඞ්ඛාරපරිනිබ්බායිනා, සසඞ්ඛාරපරිනිබ්බායිනා, උද්ධං සොතෙන අකණිට්ඨගාමිනා, සද්ධාවිමුත්තෙන, දිට්ඨිප්පත්තෙන, කායසක්ඛිනා චාති. භාවනාභාගියං සුත්තං ඉමෙහි ද්වාදසහි පුග්ගලෙහි නිද්දිසිතබ්බං. අසෙඛභාගියං සුත්තං නවහි පුග්ගලෙහි නිද්දිසිතබ්බං: සද්ධාවිමුත්තෙන, පඤ්ඤාවිමුත්තෙන, සුඤ්ඤතවිමුත්තෙන, අනිමිත්ත විමුත්තෙන, අප්පණිහිතවිමුත්තෙන, උභතොභාගවිමුත්තෙන, සමසීසිනා, පච්චෙකබුද්ධසම්මාසම්බුද්ධෙහි චාති. අසෙක්ඛභාගියං සුත්තං ඉමෙහි නවහි පුග්ගලෙහි නිද්දිසිතබ්බං. එවං ලොකුත්තරං සුත්තං සත්තාධිට්ඨානං ඉමෙහි ඡබ්බීසතියා පුග්ගලෙහි නිද්දිසිතබ්බං.
ලොකියං සුත්තං සත්තාධිට්ඨානං එකූනවීසතියා පුග්ගලෙහි නිද්දිසිතබ්බං: තෙ චරිතෙහි නිද්දිට්ඨා සමන්වෙසිතබ්බා, කෙචි රාගචරිතා, කෙචි දොසචරිතා, කෙචි මොහචරිතා, කෙචි රාගචරිතා ච දොසචරිතා ච, කෙචි රාගචරිතා ච මොහචරිතා ච, කෙචි දොසචරිතා ච මොහචරිතා ච, කෙචි රාගචරිතා ච දොසචරිතා ච මොහචරිතා ච. රාගමුඛෙ ඨිතො රාගචරිතො, රාගමුඛෙ ඨිතො දොසචරිතො, රාගමුඛෙ ඨිතො මොහචරිතො, රාගමුඛෙ ඨිතො රාගචරිතො ච දොසචරිතො ච මොහචරිතො ච. දොසමුඛෙ ඨිතො දොසචරිතො දොසමුඛෙ ඨිතො මොහචරිතො, දොසමුඛෙ ඨිතො රාගචරිතො, දොසමුඛෙ ඨිතො රාගචරිතො ච දොස චරිතො ච මොහචරිතො ච. මොහමුඛෙ ඨිතො මොහචරිතො, මොහමුඛෙ ඨිතො රාගචරිතො, මොහමුඛෙ ඨිතො දොසචරිතො, මොහමුඛෙ ඨිතො රාගචරිතො ච දොසචරිතො ච මොහචරිතො චා ති. ලොකියං සුත්තං සත්තාධිට්ඨානං ඉමෙහි එකූනවීසතියා පුග්ගලෙහි නිද්දිසිතබ්බං.
වාසනාභාගියං සුත්තං සීලවන්තෙහි නිද්දිසිතබ්බං. තෙ යීලවන්තො පඤ්ච පුග්ගලා: පකතිසීලං සමාදානසීලං චිත්තප්පසාදො සමථො විපස්සනා චාති. වාසනාභාගියං සුත්තං ඉමෙහි පඤ්චහි පුග්ගලෙහි නිද්දිසිතබ්බං. ඉමෙහි පඤ්චහි ධම්මෙහි.{1}
ලොකුත්තරං සුත්තං ධම්මාධිට්ඨානං තීහි සුත්තෙහි නිද්දිසිතබ්බං. දස්සනභාගියෙන භාවනාභාගියෙන අසෙක්ඛභාගියෙන ච.
ලොකියඤ්ච ලොකුත්තරඤ්ච සත්තාධිට්ඨානඤ්ච ධම්මාධිට්ඨානඤ්ච උභයෙන නිද්දිසිතබ්බං. ඤාණං පඤ්ඤාය නිද්දිසිතබ්බං. පඤ්ඤින්ද්රියෙන පඤ්ඤාබලෙන අධිපඤ්ඤාසික්ඛාය ධම්මවිචයසම්බොජ්ඣඞ්ගෙන සම්මාදිට්ඨියා තීරණාය සන්තීරණාය ධම්මෙ ඤාණෙන අන්වයෙ ඤාණෙන ඛයෙ ඤාණෙන අනුප්පාදෙ ඤාණෙන අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියෙන අඤ්ඤින්ද්රියෙන අඤ්ඤාතාවින්ද්රියෙන චක්ඛුනා විජ්ජාය බුද්ධියා භූරියා මෙධාය, යං යං වා පන ලබ්භති තෙන තෙන පඤ්ඤාධිවචනෙන නිද්දිසිතබ්බං.
ඤෙය්යං අතීතානාගතපච්චුප්පන්නෙහි අජ්ඣත්තිකබාහිරෙහි හීනප්පණීතෙහි දූරසන්තිකෙහි සඞ්ඛතාසඞ්ඛතෙහි කුසලාකුසලබ්යාකතෙහි, සඞ්ඛෙපතො වා ඡහි ආරම්මණෙහි නිද්දිසිතබ්බං. ඤාණඤ්ච ඤෙය්යඤ්ච තදුභයෙන නිද්දිසිතබ්බං. පඤ්ඤා’පි ආරම්මණභූතා ඤෙය්යා, යං කිඤ්චි ආරම්මණභූතං අජ්ඣත්තිකං වා බාහිරං වා, සබ්බං තං සඞ්ඛතෙන අසඞ්ඛතෙන ච නිද්දිසිතබ්බං.
දස්සනං{1} භාවනා සකවචනං පරවචනං විස්සජ්ජනීයං අවිස්සජ්ජනීයං කම්මං විපාකොති සබ්බත්ථ තදුභයං සුත්තෙ යථා නිද්දිට්ඨං තථා උපධාරයිත්වා ලබ්භමානතො නිද්දිසිතබ්බං, යං වා පන කිඤ්චි භගවා අඤ්ඤතරං වචානං භාසති, සබ්බං තං යථා නිද්දිට්ඨං ධාරයිතබ්බං.
දුවිධො හෙතු: යඤ්ච කම්මං යෙ ච කිලෙසා. සමුදයො කිලෙසා තත්ථ කිලෙසා සංකිලෙසභාගියෙන සුත්තෙන නිද්දිසිතබ්බා. සමුදයො සංකිලෙසභාගියෙන ච වාසනාභාගියෙන ච සුත්තෙන නිද්දිසිතබ්බො.
තත්ථ කුසලං චතුහි සුත්තෙහි නිද්දිසිතබ්බං: වාසනාභාගියෙන දස්සනභාගියෙන භාවනාභාගියෙන අසෙක්ඛභාගියෙන ච. අකුසලං සංකිලෙසභාගියෙන නිද්දිසිතබ්බං. කුසලං ච අකුසලං ච තදුභයෙහි නිද්දිසිතබ්බං.
අනුඤ්ඤාතං භගවතො අනුඤ්ඤාතාය නිද්දිසිතබ්බං. තං පඤ්චවිධං: සංවරො පහානං භාවනා සච්ඡිකිරියා කප්පියානුලොමොති. යං දිස්සති තාසු තාසු භූමීසු තං කප්පියානුලොමෙන නිද්දිසිතබ්බං. භගවතා පටික්ඛිත්තං පටික්ඛිත්තකාරණෙන නිද්දිසිතබ්බං. අනුඤ්ඤාතඤ්ච පටික්ඛිත්තඤ්ච තදුභයෙන නිද්දිසිතබ්බං.
ථවො පසංසාය නිද්දිසිතබ්බො. සො පඤ්චවිධෙන වෙදිතබ්බො: භගවතො, ධම්මස්ස, අරියසඞ්ඝස්ස, අරියධම්මානං සික්ඛාය ලොකියගුණසම්පත්තියාති. එවං ථවො පඤ්චවිධෙන නිද්දිසිතබ්බො.
ඉන්ද්රියභූමි නවහි පදෙහි නිද්දිසිතබ්බා, කිලෙසභූමි නවහි පදෙහි නිද්දිසිතබ්බා. එවමෙතානි අට්ඨාරස පදානි හොන්ති: නව පදානි කුසලානි නව පදානි අකුසලානීති තථා හි වුත්තං: “අට්ඨාරස මූලපදා කුහිං දට්ඨබ්බා: සාසනපට්ඨානෙ”ති. තෙනාහ ආයස්මා මහාකච්චායනො:
“නවහි පදෙහි කුසලා නවහි ච යුජ්ජන්ති අකුසලා පක්ඛා, එතෙ ඛලු මූලපදා භවන්ති අට්ඨාරස පදානී”ති.