Majjhima Nikāya

Middle-Length Discourses

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 801-900 න් 6395

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTවනපත්ථසුත්තං සත්තමං.
Sinhala BJTවනපත්‍ථ සූත්‍රය සත්වැනි යි.
Pali BJT1. 2. 8.
Sinhala BJT1. 2. 8.
Pali BJTමධුපිණ්ඩිකසුත්තං
Sinhala BJTමධුපිණ්ඩික සූත්‍රය
Pali BJT1. එවං මෙ සුතං: එකං සමයං භගවා සක්කෙසු විහරති කපිලවත්ථුස්මිං නිග්රොධාරාමෙ. අථ ඛො භගවා පුබ්බණ්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය කපිලවත්ථුං පිණ්ඩාය පාවිසි. කපිලවත්ථුස්මිං පිණ්ඩාය චරිත්වා පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තො යෙන මහාවනං තෙනුපසඞ්කමි දිවාවිහාරාය. මහාවනං අජ්ඣොගහෙත්වා{1} බෙලුවලට්ඨිකාය{2} මූලෙ දිවාවිහාරං නිසීදි. දණ්ඩපාණිපි ඛො සක්කො ජඞ්ඝාවිහාරං අනුචඞ්කමමානො අනුවිචරමානො යෙන මහාවනං තෙනුපසඞ්කමි. මහාවනං අජ්ඣොගහෙත්වා යෙන බෙලුවලට්ඨිකා යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවතා සද්ධිං සම්මොදි. සම්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්වා දණ්ඩමොලුබ්භ එකමන්තං අට්ඨාසි. එකමන්තං ඨිතො ඛො දණ්ඩපාණි සක්කො භගවන්තං එතදවොච:
Sinhala BJT1. මා විසින් මෙසේ අසන ලදී: එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ ශාක්‍යජනපදයෙහි කිඹුල්වත් නුවර න්‍යග්‍රෝධාරාමයෙහි වැඩ වසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ පෙරවරුයෙහි සරහා හැඳ පාසිවුරු ගෙන කිඹුල්වතට පිඬු පිණිස වැඩ වදාළ සේක. කිම්බුල්වතෙහි පිඬු පිණිස හැසිර පස්බත පිණ්ඩපාතයෙන් වැළැකුණු සේක් දිවා විහරණය පිණිස මහාවනයට එළඹි සේක. මහාවනයට වැද ගෙන තරුණ බෙලිගසක් මුල දිවාවිහරණ කොට වැඩහුන් සේක. දණ්ඩපාණී සැහැරජරද ජඞ්ඝාවිහරණය පිණිස (කෙණ්ඩා විඩා දුරු කරණු පිණිස) ඔබමොබ සක්මන් කරන්නේ ඔබමොබ හැසිරෙන්නේ, මහාවනයට එළඹියේ ය. මහාවනයට වැද තරුණ බෙලිගස මුල (වැඩහුන්) භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු වී. තුස්නට නිසි සිහි කරණට නිසි කථා කොට නිමවා දඬුහිස එල්බ ගෙන එකත්පසෙක සිටියේ ය. එකත්පසෙක සිටි දණ්ඩපාණී ශාක්‍ය භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කෙළේ ය:
Pali BJT“කිංවාදී සමණො කිමක්ඛායී”ති?
Sinhala BJT“ශ්‍රමණ තෙමේ කිබඳු දිටුහ ඇත්තේ ද, කුමක් ප්‍රකාශ කරන්නේ දැ?” යි.
Pali BJT“යථාවාදී ඛො ආවුසො සදෙවකෙ ලොකෙ සමාරකෙ සබ්රහ්මකෙ, සස්සමණබ්රාහ්මණියා පජාය සදෙවමනුස්සාය න කෙනචි ලොකෙ විග්ගය්හ තිට්ඨති, යථා ච පන කාමෙහි විසංයුත්තං විහරන්තං තං බ්රාහ්මණං අකථඞ්කථිං ඡින්නකුක්කුච්චං භවාභවෙ වීතතණ්හං සඤ්ඤා නානුසෙන්ති. එවංවාදී ඛො අහං ආවුසො එවමක්ඛායී”ති. එවං වුත්තෙ දණ්ඩපාණි සක්කො සීසං ඔකම්පෙත්වා ජිව්හං නිල්ලාළෙත්වා{1} තිවිසාඛං නළාටිකං නළාටෙ වුට්ඨාපෙත්වා දණ්ඩමොලුබ්භ පක්කාමි.
Sinhala BJT“ඇවැත්නි, දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලෝකයෙහි, මහණබඹුන් සහිත නරදෙවි මිනිසුන් සහිත ප්‍රජාවෙහි යම් බඳු දෘෂ්ටි ඇත්තෙක් ලෝකයෙහි කිසිවෙකු හාත් විවාද කොට නො සිටී ද, යම් කරුණින් කාමයෙන් විසංයුක්ත කොට විහරණ කරණ විචිකිච්ඡා රහිත සුන් කුකුස් ඇති, කුදු මහත් භවයෙහි පහ වූ තෘෂ්ණා ඇති, ඒ ක්‍ෂීණාස්‍රව බ්‍රාහ්මණයා වෙත සංඥාවෝ (ක්ලේශයෝ) ලැග නො හොවිත් ද, ඇවැත්නි, මම එබඳු වාද ඇත්තෙක්මි. එසේ ප්‍රකාශ කරන්නෙක්මි” යි වදාළ සේක මෙසේ වදාළ කල්හි දණ්ඩපාණී ශාක්‍ය හිස සලා දිව නෙරැනළවා (වෙන්ව පෙණෙන සේ) රැළි තුනක් ඇති නළල් රැළියක් නළලත නංවාගෙන දඬිය හයාගෙන බැස ගියේ ය.
Pali BJT2. අථ ඛො භගවා සායන්හසමයං පටිසල්ලානා වුට්ඨිතො යෙන නිග්රොධාරාමො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා පඤ්ඤත්තෙ ආසනෙ නිසීදි. නිසජ්ජ ඛො භගවා භික්ඛූ ආමන්තෙසි: ඉධාහං භික්ඛවෙ පුබ්බන්හසමයං නිවාසෙත්වා පත්තචීවරං ආදාය කපිලවත්ථුං පිණ්ඩාය පාවිසිං. කපිලවත්ථුස්මිං පිණ්ඩාය චරිත්වා පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තො යෙන මහාවනං තෙනුපසඞ්කමිං දිවාවිහාරාය. මහාවනං අජ්ඣොගහෙත්වා බෙලුවලට්ඨිකාය මූලෙ දිවාවිහාරං නිසීදිං. දණ්ඩපාණිපි ඛො භික්ඛවෙ සක්කො ජඞ්ඝාවිහාරං අනුචඞ්කමමානො අනුවිචරමානො යෙන මහාවනං තෙනුපසඞ්කමි. මහාවනං අජ්ඣොගහෙත්වා යෙන බෙලුවලට්ඨිකා යෙනාහං තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා මම සද්ධිං{2} සම්මොදි. සම්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්වා දණ්ඩමොලුබ්භ එකමන්තං අට්ඨාසි. එකමන්තං ඨිතො ඛො භික්ඛවෙ දණ්ඩපාණි සක්කො මං එතදවොච: “කිංවාදී සමණො, කිමක්ඛායී”ති?
Sinhala BJT2. එක්බිති, භාග්‍යවතුන් වහන්සේ සවස් කාලයෙහි පිළිසලණින් නැගී සිටි සේක් න්‍යග්‍රෝධාරාමයට වැඩි සේක. වැඩ පනවන ලද අස්නෙහි වැඩහුන් සේක වැඩ හිඳ භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් ඇමතූ සේක: මහණෙනි, මම පෙරවරුයෙහි සරහා හැඳ පාසිවුරු ගෙන කිඹුල්වතට පිඬු පිණිස පිවිසියෙමි. කිම්බුල්වත්හි පිඬු පිණිස හැසිර පසුබත පිණ්ඩපාතයෙන් වැළැක්කෙම් දිවාවිහරණය පිණිස මහාවනයට එළඹියෙමි. මහාවනයට වැද තරුණ බෙලිගසක් මුල දිවාවිහරණයෙන් හුන්නෙමි. මහණෙනි, දණ්ඩපානී ශාක්‍යරජ ද ජඞ්ඝාවිහරණය පිණිස ඔබමොබ සක්මන් කරන්නේ ඔබමොබ හැසිරෙන්නේ, මහාවනයට එළඹියේ ය. මහාවනයට වැද තරුණ බෙලිගස මුල (හුන්) මා වෙත එළඹියේ ය. එළඹ මා සමග සතුටු වීය. සතුටු වියයුතු සිහි කටයුතු කථා කොට නිමවා සෝලු දණ්ඩ එල්බ එකත්පසෙක සිටියේ ය. මහණෙනි, එකත්පසෙක සිටි දණ්ඩපානී ශාක්‍ය මට තෙල සැළ කෙළේ ය: “ශ්‍රමණ තෙමේ කෙබඳු දෘෂ්ටි ඇත්තෙක් ද, කුමක් ප්‍රකාශ කරන්නේ දැ?”යි.
Pali BJT3. එවං වුත්තෙ අහං භික්ඛවෙ දණ්ඩපාණිං සක්කං එතදවොචං: “යථාවාදී ඛො ආවුසො සදෙවකෙ ලොකෙ සමාරකෙ සබ්රහ්මකෙ, සස්සමණබ්රාහ්මණියා පජාය සදෙවමනුස්සාය න කෙනචි ලොකෙ විග්ගය්හ තිට්ඨති, යථා ච පන කාමෙහි විසංයුත්තං විහරන්තං තං බ්රාහ්මණං අකථඞ්කථිං ඡින්නකුක්කුච්චං භවාභවෙ වීතතණ්හං සඤ්ඤා නානුසෙන්ති, එවංවාදී ඛො අහං ආවුසො එවමක්ඛායී”ති. එවං වුත්තෙ භික්ඛවෙ දණ්ඩපාණි සක්කො සීසං ඔකම්පෙත්වා ජිව්හං නිල්ලාළෙත්වා තිවිසාඛං නළාටිකං නළාටෙ වුට්ඨාපෙත්වා දණ්ඩමොලුබ්භ පක්කාමී”ති.
Sinhala BJT3. මහණෙනි, මෙසේ කී කල්හි දණ්ඩපාණී ශාක්‍යයාට මම තෙල කීමි: “ඇවැත්නි, දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලෝකයෙහි, මහණ බමුණන් සහිත නරදෙවි මිනිසුන් සහිත ප්‍රජාවෙහි යම්බඳු වාද ඇත්තෙක් ලෝකයෙහි කිසිවකුත් හා විවාද කොට නො සිටී ද, යම් කරුණෙකින් කාමයෙන් වෙන් ව වසන්නා වූ විචිකිච්ඡා රහිත වූ සිඳලූ කුකුස් ඇත්තා වූ කුදු මහත් භවයෙහි පහ වූ තෘෂ්ණා ඇති ඒ බමුණා වෙත ක්ලේශයෝ ලැග නො විහිත් ද, ඇවැත, මම එවැනි වාද ඇත්තෙක්මි. එසේ ප්‍රකාශ කරන්නෙක්මි”යි. මහණෙනි, මෙසේ කී කල්හි දණ්ඩපානී ශාක්‍ය හිස සලා දිව නෙරා නළවා රැළි තුනක් ඇති නළල්රැල්ල නළලෙහි නංවා සෝලු දණ්ඩ සනාගෙන (තල්ලුයෙන් හයා ගෙන) නික්ම ගියේ ය.
Pali BJT4. එවං වුත්තෙ අඤ්ඤතරො භික්ඛු භගවන්තං එතදවොච: “කිංවාදී පන භන්තෙ භගවා සදෙවකෙ ලොකෙ සමාරකෙ සබ්රහ්මකෙ, සස්සමණබ්රාහ්මණියා පජාය සදෙවමනුස්සාය න කෙනචි ලොකෙ විග්ගය්හ තිට්ඨති? කථඤ්ච පන භන්තෙ භගවන්තං කාමෙහි විසංයුත්තං විහරන්තං තං බ්රාහ්මණං අකථඞ්කථිං ඡින්නකුක්කුච්චං භවාභවෙ වීතතණ්හං සඤ්ඤා නානුසෙන්තී”ති?
Sinhala BJT4. මෙසේ වදාළ කල්හි එක්තරා මහණෙක් භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කෙළේ ය: “වහන්ස, දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලෝකයෙහි, මහණ බමුණන් සහිත දෙවි මිනිසුන් සහිත ප්‍රජාවෙහි භාග්‍යවතුන් වහන්සේ කෙබඳු වාද ඇතිසේක්, ලෝකයෙහි කිසිවකුත් හා විරුද්ධවාද නො කොට සිටින සේක් ද, වහන්ස, කෙසේ නම් කාමයෙන් වෙන් ව වාසය කරන කරන විචිකිච්ඡා නැත්තා වූ සිඳලූ කුකුස් ඇති කුදු මහත් භාවයෙහි පහ වූ තෘෂ්ණා ඇති බැහැර කළ පව් ඇති ඒ භාග්‍යවතුන් වහන්සේ වෙත ක්ලේශයෝ ලැග නො හොවිත් දැ?” යි.
Pali BJT5. යතොනිදානං භික්ඛු පුරිසං පපඤ්චසඤ්ඤාසඞ්ඛා සමුදාචරන්ති, එත්ථ චෙ නත්ථි අභිනන්දිතබ්බං අභිවදිතබ්බං අජ්ඣොසෙතබ්බං,{1} එසෙවන්තො රාගානුසයානං. එසෙවන්තො පටිඝානුසයානං. එසෙවන්තො දිට්ඨානුසයානං. එසෙවන්තො විචිකිච්ඡානුසයානං. එසෙවන්තො මානානුසයානං. එසෙවන්තො භවරාගානුසයානං. එසෙවන්තො අවිජ්ජානුසයානං. එසෙවන්තො දණ්ඩාදානසත්ථාදානකලහවිග්ගහවිවාදතුවන්තුවම්පෙසුඤ්ඤමුසාවාදානං. එත්ථෙතෙ පාපකා අකුසලා ධම්මා අපරිසෙසා නිරුජ්ඣන්තීති. ඉදමවොච භගවා, ඉදං වත්වා{2} සුගතො උට්ඨායාසනා විහාරං පාවිසි.
Sinhala BJT5. මහණ, යම් කාරණයෙකින් තෘෂ්ණාදෘෂ්ටි ප්‍රපඤ්ච සඞ්ඛ්‍යාත සංඥා කොට්ඨාසයෝ පුරුෂයා සහගත කොට පවතිත් ද, ඉදින් මෙකරුණෙහි (මම ය මාගේ ය යි) සතුටු වියයුත්තෙක් කිවයුත්තෙක් ගැල ගතයුත්තෙක් නැත් නම් මෙය ම රාගානුසයයන්ගේ කෙළවර ය. මෙය ම පටිඝානුසයයන්ගේ කෙළවර ය. මෙය ම දිට්ඨානුසයන්ගේ කෙළවර ය. මෙය ම විචිකිච්ඡානුසයන්ගේ කෙළවර ය. මෙය ම මානානුසයයන්ගේ කෙළවර ය. මෙය ම භවරාගානුසයයන්ගේ කෙළවර ය. මෙය ම අවිජ්ජානුසයයන්ගේ කෙළවර ය. මෙය ම දඬු ගැනීම, සැත් ගැනීම, කලහ, විග්‍රහ, විරුද්ධකථා, තෝ තෝ කීම, පිසුනුබස, මුසවා යන මොවුන්ට කරුණු වූ චේතනාවන්ගේ කෙළවර වෙයි. මෙහි මේ ලාමක වූ අකුශලධර්‍මයෝ නිරවශේෂයෙන් නිරුද්ධ වෙත්. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. වදාරා සුගතයන් වහන්සේ හුනස්නෙන් නැගී විහාරයට වැඩි සේක.
Pali BJT6. අථ ඛො තෙසං භික්ඛූනං අචිරපක්කන්තස්ස භගවතො එතදහොසි: “ඉදං ඛො නො ආවුසො භගවා සඞ්ඛිත්තෙන උද්දෙසං උද්දිසිත්වා විත්ථාරෙන අත්ථං අවිභජිත්වා උට්ඨායාසනා විහාරං පවිට්ඨො: “යතොනිදානං භික්ඛු පුරිසං පපඤ්චසඤ්ඤාසඞ්ඛා සමුදාචරන්ති, එත්ථ චෙ නත්ථි අභිනන්දිතබ්බං අභිවදිතබ්බං අජ්ඣොසෙතබ්බං, එසෙවන්තො රාගානුසයානං. එසෙවන්තො පටිඝානුසයානං. එසෙවන්තො දිට්ඨානුසයානං. එසෙවන්තො විචිකිච්ඡානුසයානං. එසෙවන්තො මානානුසයානං. එසෙවන්තො භවරාගානුසයානං. එසෙවන්තො අවිජ්ජානුසයානං. එසෙවන්තො දණ්ඩාදානසත්ථාදාන කලහවිග්ගහවිවාදතුවන්තුවම්පෙසුඤ්ඤමුසාවාදානං. එත්ථෙතෙ පාපකා අකුසලා ධම්මා අපරිසෙසා නිරුජ්ඣන්තී’ති. කො නු ඛො ඉමස්ස භගවතා සඞ්ඛිත්තෙන උද්දෙසස්ස උද්දිට්ඨස්ස විත්ථාරෙන අත්ථං අවිභත්තස්ස විත්ථාරෙන අත්ථං විභජෙය්යා”ති.
Sinhala BJT6. එක්බිති භාග්‍යවතුන් වහන්සේ නැගී වැඩි නො බෝ වෙලායෙහි ඒ භික්‍ෂූන්ට මෙබඳු අදහසෙක් වී: “ඇවැත්නි, අපගේ භාග්‍යවතුන් වහන්සේ ‘මහණ, යම් කාරණයෙකින් තෘෂ්ණාදෘෂ්ටි ප්‍රපඤ්ච සඞ්ඛ්‍යාත සංඥා කොට්ඨාසයෝ පුරුෂයා සහගත කොට පවතිත් ද, ඉදින් මෙහි සතුටු වියයුත්තෙක් කියයුත්තෙක් ගැල ගතයුත්තෙක් නැත් නම් මෙය ම රාගානුසයයන් ගේ කෙළවර. මෙය ම පටිඝානුසයයන්ගේ කෙළවර ය. මෙය ම දිට්ඨානුසයයන්ගේ කෙළවරය. මෙය ම විචිකිච්ඡානුසයයන්ගේ කෙළවර ය. මෙය ම මානානුසයයන්ගේ කෙළවර ය. මෙය ම භවරාගානුසයයන්ගේ කෙළවර ය. මෙය ම අවිජ්ජානුසයයන්ගේ කෙළවර ය. මෙය ම දඬු ගැනීම, සැත් ගැනීම, කලහ, විග්‍රහ, විරුද්ධකථා, තෝ තෝ කීම, පිසුනුබස, මුසවා යන මොවුන්ට කරුණු වූ චේතනාවන්ගේ කෙළවර වෙයි. මෙහි මේ ලාමක වූ අකුශලධර්‍මයෝ නිරවශේෂයෙන් නිරුද්ධ වෙත් ’ ය යි මේ උද්දේශය සැකෙවින් උදෙසා විස්තර විසින් අරුත් නො බෙදා අසුනෙන් නැගී විහාරයට පිවිසි සේක. භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් උදෙසූ විස්තර අරුත් නො බෙදූ මේ උද්දේශයාගේ අර්‍ත්‍ථය කවරෙක් විස්තර වශයෙන් බෙදා දක්වන්නේ දැ?” යි.
Pali BJT7. අථ ඛො තෙසං භික්ඛූනං එතදහොසි: “අයං ඛො ආයස්මා මහාකච්චානො සත්ථු චෙව සංවණ්ණිතො සම්භාවිතො ච විඤ්ඤූනං සබ්රහ්මචාරීනං. පහොති චායස්මා මහාකච්චානො ඉමස්ස භගවතා සඞ්ඛිත්තෙන උද්දෙසස්ස උද්දිට්ඨස්ස විත්ථාරෙන අත්ථං අවිභත්තස්ස විත්ථාරෙන අත්ථං විභජිතුං. යන්නූන මයං යෙනායස්මා මහාකච්චානො තෙනුපසඞ්කමෙය්යාම, උපසඞ්කමිත්වා ආයස්මන්තං මහාකච්චානං එතමත්ථං පටිපුච්ඡෙය්යාමා”ති.
Sinhala BJT7. යළි ඒ භික්‍ෂූන්ට මේ අදහස වී: “මේ ආයුෂ්මත් මහාකාත්‍යායන ස්ථවිර තෙමේ ශාස්තෘන් වහන්සේ විසිනුත් සංවර්ණිත ය. නුවණැති සබ්‍රම්සරුන් විසිනුත් සම්භාවිත ය. ආයුෂ්මත් මහාකාත්‍යායන ස්ථවිර තෙමේ භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් උදෙසූ විස්තර විසින් අරුත් නො බෙදූ මේ උද්දේශයාගේ අර්‍ත්‍ථය විස්තර වශයෙන් බෙදා දක්වන්නට සමර්‍ත්‍ථ වෙයි. අපි ආයුෂ්මත් මහාකාත්‍යායන ස්ථවිරයන් වෙත එළඹෙන්නමෝ නම් එළඹ ආයුෂ්මත් මහාකාත්‍යායන ස්ථවිරයන්ගෙන් මෙහි අර්‍ත්‍ථය පිළිවිසින්නමෝ නම් ඉතා මැනැවැ යි”
Pali BJT8. අථ ඛො තෙ භික්ඛූ යෙනායස්මා මහාකච්චානො තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා ආයස්මතා මහාකච්චානෙන සද්ධිං සම්මොදිංසු. සම්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදිංසු. එකමන්තං නිසින්නා ඛො තෙ භික්ඛූ ආයස්මන්තං මහාකච්චානං එතදවොචුං: ඉදං ඛො නො ආවුසො කච්චාන භගවා සඞ්ඛිත්තෙන උද්දෙසං උද්දිසිත්වා විත්ථාරෙන අත්ථං අවිභජිත්වා උට්ඨායාසනා විහාරං පවිට්ඨො. “යතොනිදානං භික්ඛු, පුරිසං පපඤ්චසඤ්ඤාසඞ්ඛා සමුදාචරන්ති, එත්ථ චෙ නත්ථි අභිනන්දිතබ්බං අභිවදිතබ්බං අජ්ඣොසෙතබ්බං, එසෙවන්තො රාගානුසයානං. -පෙ- එත්ථෙතෙ පාපකා අකුසලා ධම්මා අපරිසෙසා නිරුජ්ඣන්තී”ති. තෙසං නො ආවුසො කච්චාන අම්හාකං අචිරපක්කන්තස්ස භගවතො එතදහොසි: “ඉදං ඛො නො ආවුසො භගවා සඞ්ඛිත්තෙන උද්දෙසං උද්දිසිත්වා විත්ථාරෙන අත්ථං අවිභජිත්වා උට්ඨායාසනා විහාරං පවිට්ඨො: යතොනිදානං භික්ඛු පුරිසං පපඤ්චසඤ්ඤාසඞ්ඛා සමුදාචරන්ති. -පෙ- එත්ථෙතෙ පාපකා අකුසලා ධම්මා අපරිසෙසා නිරුජ්ඣන්තීති. කො නු ඛො ඉමස්ස භගවතා සඞ්ඛිත්තෙන උද්දෙසස්ස උද්දිට්ඨස්ස විත්ථාරෙන අත්ථං අවිභත්තස්ස විත්ථාරෙන අත්ථං විභජෙය්යාති? තෙසං නො ආවුසො කච්චාන අම්හාකං එතදහොසි: අයං ඛො ආයස්මා මහාකච්චානො සත්ථු චෙව සංවණ්ණිතො සම්භාවිතො ච විඤ්ඤූනං සබ්රහ්මචාරීනං. පහොති චායස්මා මහාකච්චානො ඉමස්ස භගවතා සඞ්ඛිත්තෙන උද්දෙසස්ස උද්දිට්ඨස්ස විත්ථාරෙන අත්ථං අවිභත්තස්ස විත්ථාරෙන අත්ථං විභජිතුං. යන්නූන මයං යෙනායස්මා මහාකච්චානො තෙනුපසඞ්කමෙය්යාම, උපසඞ්කමිත්වා ආයස්මන්තං මහාකච්චානං එතමත්ථං පටිපුච්ඡෙය්යාමා”ති. විභජතායස්මා මහාකච්චානොති.
Sinhala BJT8. ඉක්බිති ඒ භික්‍ෂුහු ආයුෂ්මත් මහාකාත්‍යායන ස්ථවිරයන් වෙත එළඹියහ එළඹ ආයුෂ්මත් මහාකාත්‍යායන ස්ථවිරයන් සමග සතුටු වූහ. සතුටු වියයුතු සිහි කටයුතු කථා කොට නිමවා එකත්පසෙක හුන්හු. එකත්පසෙක හුන් ඒ භික්‍ෂුහු ආයුෂ්මත් මහාකාත්‍යායන ස්ථවිරයන්හට මෙය කීහු: ඇවැතැ කාත්‍යායන තෙරණුවෙනි, අපගේ භාග්‍යවතුන් වහන්සේ “මහණ, යම් කාරණයෙකින් ප්‍රපඤසංඥා කොට්ඨාසයෝ පුරුෂයා වෙත පවතිද්ද. ඉදින් මෙහි සතුටු විය යුත්තෙක් (මම ය මාගේ යැයි) කියයුත්තෙක් ගිලගත යුත්තෙක් නැති නම්, මෙය ම රාගානුසයයන්ගේ කෙළවර ය… මෙහි මේ ලාමක අකුශල ධර්‍මයෝ නිරවශේෂයෙන් නිරුද්ධ වෙත්” යන මේ උද්දේශය සැකෙවින් උදෙසා විස්තර විසින් අරුත් නො බෙදා හුනස්නෙන් නැගිට විහාරයට වැඩි සේක. ඇවැතැ කාත්‍යායන තෙරණුවෙනි, ඒ අපට භාග්‍යවතුන් වහන්සේ වැඩ වදාළ නො බෝ වේලෙහි මේ අදහස විය: ඇවැත්නි, අපගේ භාග්‍යවතුන් වහන්සේ “මහණ, යම් කාරණයෙකින් ප්‍රපඤසංඥා කොට්ඨාසයෝ පුරුෂයා සහගතවැ පවතිත් ද … මෙහි මේ ලාමක අකුශල ධර්‍මයෝ නිරවශේෂයෙන් නිරුද්ධ වෙත්” යන මේ උද්දේශය සැකෙවින් උදෙසා විස්තර විසින් අරුත් නො බෙදා හුනස්නෙන් නැගී විහාරයට වැඩි සේක. භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් උදෙසූ විස්තර විසින් අරුත් නො බෙදූ මේ උද්දේශයාගේ අර්‍ත්‍ථය කවරෙක් විස්තර විසින් බෙදා දක්වන්නේ දැ යි. ඇවැත් කාත්‍යායන ස්ථවිර තෙමේ වනාහි ශාස්තෘහු විසිනුදු සංවර්ණිත ය. නුවණැති සබ්‍රම්සරුන් විසිනුදු සම්භාවිතය භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් උදෙසූ විස්තර විසින් අරුත් නො බෙදූ මේ උද්දේශයාගේ අර්‍ත්‍ථය විස්තර විසින් අරුත් බෙදා දක්වන්නට ද සමර්‍ත්‍ථ වෙයි. යම් හෙයකින් අපි ආයුෂ්මත් මහාකාත්‍යායන ස්ථවිරයන් වෙත එළඹෙන්නමෝ නම් එළඹ ආයුෂ්මත් මහාකාත්‍යායන ස්ථවිරයන්ගෙන් මේ අර්‍ත්‍ථය පිළිවිසින්නමෝ නම් ඉතා මැනැවැ යි. ආයුෂ්මත් මහාකාත්‍යායන ස්ථවිර තෙමේ මෙය විභාග කෙරේවා යි.
Pali BJT9. සෙය්යථාපි ආවුසො පුරිසො සාරත්ථිකො සාරගවෙසී සාරපරියෙසනං චරමානො මහතො රුක්ඛස්ස තිට්ඨතො සාරවතො අතික්කම්මෙව මූලං අතික්කම්ම ඛන්ධං සාඛාපලාසෙ සාරං පරියෙසිතබ්බං මඤ්ඤෙය්ය, එවං සම්පදමිදං, ආයස්මන්තානං සත්ථරි සම්මුඛීභූතෙ තං භගවන්තං අතිසිත්වා අම්හෙ එතමත්ථං පටිපුච්ඡිතබ්බං මඤ්ඤථ. සො හාවුසො භගවා ජානං ජානාති. පස්සං පස්සති, චක්ඛුභූතො ඤාණභූතො ධම්මභූතො බ්රහ්මභූතො, වත්තා පවත්තා, අත්ථස්ස නින්නෙතා, අමතස්ස දාතා, ධම්මස්සාමී, තථාගතො. සො චෙව පනෙතස්ස කාලො අහොසි යං භගවන්තං යෙව එතමත්ථං පටිපුච්ඡෙය්යාථ. යථා නො භගවා ව්යාකරෙය්ය, තථා නං ධාරෙය්යාථාති.
Sinhala BJT9. ඇවැත්නි, යම්සේ හරයෙන් ප්‍රයෝජන ඇති හර සොයන හර සොයමින් ඇවිදුනා පුරුෂයෙක් නො වැටී සිටුනා හර ඇති මහරුකෙක මුල ඉක්ම කඳ ඉක්ම අතු කොළෙහි හරය සෙවිය යුතු කොට සලකන්නේ ද, ආයුෂ්මත්නට බුදුන් හමු වූ කල්හි ඒ භාග්‍යවතුන් ඉක්ම අප අතින් මේ අර්‍ත්‍ථය පිළිවිසිය යුතු යැයි සලකන්නහු නම් මේ කාරණය ද එබඳු නිපැත් ඇතියේ ය. ඇවැත්නි, ඒ භාග්‍යවත් තෙමේ වනාහි දත යුත්ත දනී. දැක්ක යුත්ත දකී. චක්‍ෂුර්භූත ය, ඥානභූත ය, ධර්‍මභූත ය, බ්‍රහ්මභූත ය, (ධර්‍ම) වර්‍තක ය, ප්‍රවර්‍තකය, අර්‍ත්‍ථනිර්නේතෘ (අර්‍ත්‍ථය ගෙණ දෙන්නේ)ය, අමුර්තදාතෘ ය, ධර්‍මස්වාමී ය, තථාගත යැ. යම් කලෙක භාග්‍යවතුන්ගෙන් ම මේ අර්‍ත්‍ථය පිළිවිසින්නහු නම් මේ එයට කල්ම ය. යම්සේ අපගේ භාග්‍යවත් තෙමේ ප්‍රකාශ කරන්නේ නම්, එසේ එය දරව යි.
Pali BJT10. අද්ධාවුසො කච්චාන භගවා ජානං ජානාති, පස්සං පස්සති. චක්ඛුභූතො ඤාණභූතො, ධම්මභූතො බ්රහ්මභූතො, වත්තා පවත්තා, අත්ථස්ස නින්නෙතා, අමතස්ස දාතා, ධම්මස්සාමී, තථාගතො. සො චෙව පනෙතස්ස කාලො අහොසි යං භගවන්තං යෙව එතමත්ථං පටිපුච්ඡෙය්යාම. යථා නො භගවා ව්යාකරෙය්ය, තථා නං ධාරෙය්යාම.
Sinhala BJT10. ඇවැත් කාත්‍යායන ස්ථවිරයෙනි, ඒකාන්තයෙන් භාග්‍යවත් තෙමේ දතයුත්ත දනී. දැක්ක යුත්ත දකී. චක්‍ෂුර්භූත ය, ඥානභූත ය, ධර්‍මභූත ය, බ්‍රහ්මභූත ය, (ධර්‍ම) වර්‍තක ය, ප්‍රවර්‍තකය, අර්‍ත්‍ථනිර්නේතෘ (අර්‍ත්‍ථය ගෙණ දෙන්නේ) ය, අමුර්තදාතෘ ය, ධර්‍මස්වාමී ය, තථාගත යැ. යම් කලෙක භාග්‍යවතුන්ගෙන් ම මේ අර්‍ත්‍ථය පිළිවිසින්නමෝ නම් එයට මෙකල් ම විය. යම් සේ අපගේ භාග්‍යවත් තෙමේ ප්‍රකාශ කරන්නේ නම්, එසේ එය දරන්නමු.
Pali BJTඅපි චායස්මා මහාකච්චානො සත්ථු චෙව සංවණ්ණිතො සම්භාවිතො ච විඤ්ඤූනං සබ්රහ්මචාරීනං. පහොති චායස්මා මහාකච්චානො ඉමස්ස භගවතා සඞ්ඛිත්තෙන උද්දෙසස්ස උද්දිට්ඨස්ස විත්ථාරෙන අත්ථං අවිභත්තස්ස විත්ථාරෙන අත්ථං විභජිතුං. විභජතායස්මා මහාකච්චානො අගරුකත්වාති.
Sinhala BJTතවද ආයුෂ්මත් මහාකාත්‍යායන ස්ථවිර තෙමේ වනාහි ශාස්තෘහු විසිනුදු සංවර්ණිත ය. නුවණැති සබ්‍රම්සරුන් විසිනුදු සම්භාවිතය ආයුෂ්මත් මහාකාත්‍යායන ස්ථවිර තෙමේ භාග්‍යවතුන් විසින් සැකෙවින් උදෙසූ විස්තර විසින් අරුත් නො බෙදූ මේ උද්දේශයාගේ අර්‍ත්‍ථය විස්තර විසින් බෙදා දක්වන්නට ද සමර්‍ත්‍ථ වෙයි. ආයුෂ්මත් මහාකාත්‍යායන ස්ථවිර තෙමේ බර නො කොට අර්‍ත්‍ථ විභාග කෙරේවා යි.
Pali BJT11. තෙනහාවුසො සුණාථ, සාධුකං මනසිකරොථ, භාසිස්සාමීති. එවමාවුසොති ඛො තෙ භික්ඛූ ආයස්මතො මහාකච්චානස්ස පච්චස්සොසුං. ආයස්මා මහාකච්චානො එතදවොච: යං ඛො නො ආවුසො භගවා සඞ්ඛිත්තෙන උද්දෙසං උද්දිසිත්වා විත්ථාරෙන අත්ථං අවිභජිත්වා උට්ඨායාසනා විහාරං පවිට්ඨො, “යතොනිදානං භික්ඛු පුරිසං පපඤ්චසඤ්ඤාසඞ්ඛා සමුදාචරන්ති. -පෙ- එත්ථෙතෙ පාපකා අකුසලා ධම්මා අපරිසෙසා නිරුජ්ඣන්තීති”. ඉමස්ස ඛො අහං ආවුසො භගවතා සඞ්ඛිත්තෙන උද්දෙසස්ස උද්දිට්ඨස්ස විත්ථාරෙන අත්ථං අවිභත්තස්ස එවං විත්ථාරෙන අත්ථං ආජානාමි:
Sinhala BJT11. එසේ නම් ඇවැත්නි, අසව මොනවට මෙනෙහි කරව කියන්නෙමි යි. ඇවැත්නි, එසේ යැයි ඒ භික්‍ෂුහු ආයුෂ්මත් මහාකාත්‍යායන ස්ථවිරයන්හට පිළිවදන් දුන්හු. ආයුෂ්මත් මහාකාත්‍යායන ස්ථවිරයන් වහන්සේ තෙල ප්‍රකාශ කළහ: ඇවැත්නි, අපගේ භාග්‍යවතුන් වහන්සේ “මහණ, යම් කාරණයෙකින් ප්‍රපඤ්චසංඥාකොට්ඨාසයෝ පුරුෂයා සහගතවැ පවතිද්ද … මෙහි ඒ ලාමක අකුශල ධර්‍මයෝ නිරවශේෂයෙන් නිරුද්ධ වෙත්” යන මේ උද්දේශයක් සැකෙවින් උදෙසා විස්තර විසින් අරුත් නො බෙදා හුනස්නෙන් නැගී විහාරයට වැඩි සේක් ද, ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් උදෙසූ විස්තර විසින් අරුත් නො බෙදූ මේ උද්දේශයාගේ අර්‍ත්‍ථය මම මෙසේ විස්තර විසින් දනිමි:
Pali BJT12. චක්ඛුඤ්චාවුසො පටිච්ච රූපෙ ච උප්පජ්ජති චක්ඛුවිඤ්ඤාණං තිණ්ණං සඞ්ගති ඵස්සො. ඵස්සපච්චයා වෙදනා. යං වෙදෙති, තං සඤ්ජානාති. යං සඤ්ජානාති තං විතක්කෙති. යං විතක්කෙති තං පපඤ්චෙති. යං පපඤ්චෙති තතොනිදානං පුරිසං පපඤ්චසඤ්ඤාසඞ්ඛා සමුදාචරන්ති අතීතානාගතපච්චුප්පන්නෙසු චක්ඛුවිඤ්ඤෙය්යෙසු රූපෙසු. සොතඤ්චාවුසො පටිච්ච සද්දෙ ච උප්පජ්ජති සොතවිඤ්ඤාණං -පෙ- ඝානඤ්චාවුසො පටිච්ච ගන්ධෙ ච උප්පජ්ජති ඝානවිඤ්ඤාණං -පෙ- ජිව්හඤ්චාවුසො පටිච්ච රසෙ ච උප්පජ්ජති ජිව්හාවිඤ්ඤාණං -පෙ- කායඤ්චාවුසො පටිච්ච ඵොට්ඨබ්බෙ ච උප්පජ්ජති කායවිඤ්ඤාණං -පෙ- මනඤ්චාවුසො පටිච්ච ධම්මෙ ච උප්පජ්ජති මනොවිඤ්ඤාණං. තිණ්ණං සඞ්ගති ඵස්සො. ඵස්සපච්චයා වෙදනා. යං වෙදෙති තං සඤ්ජානාති. යං සඤ්ජානාති තං විතක්කෙති. යං විතක්කෙති තං පපඤ්චෙති. යං පපඤ්චෙති තතොනිදානං පුරිසං පපඤ්චසඤ්ඤාසඞ්ඛා සමුදාචරන්ති අතීතානාගතපච්චුප්පන්නෙසු මනොවිඤ්ඤෙය්යෙසු ධම්මෙසු.
Sinhala BJT12. ඇවැත්නි, ඇස ද රූපයන් ද නිසා චක්‍ෂුර්විඥානය උපදී. මේ තුන් දෙනාගේ එක්වීමෙන් ස්පර්‍ශය වෙයි. ස්පර්‍ශය නිසා වේදනාව වෙයි. යමක් විඳී ද එය හඳුනයි. යමක් හඳුනා ද එය විතර්‍කණය කෙරෙයි. යමක් විතර්‍කණය කෙරේ ද, එය ප්‍රපඤ්චයට පමුණුවයි. යමක් ප්‍රපඤ්චයට පමුණුවා නම් ඒ චක්‍ෂුරූපාදී කාරණයෙන් (තෘෂ්ණාදෘෂ්ටි) ප්‍රපඤ්චයන්ගෙන් යුක්ත සංඥාකොට්ඨාසයෝ අතීතානාගතවර්‍තමාන වූ ඇසින් බලා දතයුතු වූ රූපයෙහි ලා පුරුෂයා අභිභවනය කෙරෙත්. ඇවැත්නි, කණ ද ශබ්දයන් ද නිසා ශොත්‍රවිඥානය උපදී … ඇවැත්නි, නැහැය ද ගඳ ද නිසා ඝ්‍රාණවිඥානය උපදී … ඇවැත්නි, දිව ද රසයන් ද නිසා ජිව්හාවිඥානය උපදී … ඇවැත්නි, කය ද ස්ප්‍රෂ්ටව්‍යයන් ද නිසා කායවිඥානය උපදී … ඇවැත්නි, සිත ද ධර්‍මයන් ද නිසා මනෝවිඥානය උපදී. මේ තිදෙනාගේ එක්වීමෙන් ස්පර්‍ශය වෙයි. ස්පර්‍ශය නිසා වේදනාව වෙයි. යමක් විඳී ද එය හඳුනයි. යමක් හඳුනා ද එය විතර්‍කණය කෙරෙයි. යමක් විතර්‍කණය කෙරේ ද එය ප්‍රපඤ්චයට පමුණුවයි. යමක් ප්‍රපඤ්චයට පමුණුවා නම් ඒ මනෝධර්‍මාදි කාරණයෙන් ප්‍රපඤ්චසංඥා කොට්ඨාසයෝ අතීතානාගතවර්‍තමාන වූ සිතින් දතයුතු වූ ධර්‍මයන්හි පුරුෂයා අභිභවනය කෙරෙත්.
Pali BJT13. සො වතාවුසො චක්ඛුස්මිං සති රූපෙ සති චක්ඛුවිඤ්ඤාණෙ සති ඵස්සපඤ්ඤත්තිං පඤ්ඤාපෙස්සතීති ඨානමෙතං විජ්ජති. ඵස්සපඤ්ඤත්තියා සති වෙදනාපඤ්ඤත්තිං පඤ්ඤාපෙස්සතීති ඨානමෙතං විජ්ජති. වෙදනාපඤ්ඤත්තියා සති සඤ්ඤාපඤ්ඤත්තිං පඤ්ඤාපෙස්සතීති ඨානමෙතං විජ්ජති. සඤ්ඤාපඤ්ඤත්තියා සති විතක්කපඤ්ඤත්තිං පඤ්ඤාපෙස්සතීති ඨානමෙතං විජ්ජති. විතක්කපඤ්ඤත්තියා සති පපඤ්චසඤ්ඤාසඞ්ඛාසමුදාචරණපඤ්ඤත්තිං පඤ්ඤාපෙස්සතීති ඨානමෙතං විජ්ජති.
Sinhala BJT13. ඇවැත්නි, ඒකාන්තයෙන් හෙතෙමේ ඇස ඇති කල්හි රූපය ඇති කල්හි චක්‍ෂුර්විඥානය ඇති කල්හි ස්පර්‍ශ යැ යි පැනවීමක් කරන්නේ ය (උපදනේය) යන මේ කාරණය විද්‍යමාන වෙයි. ස්පර්‍ශ යැ යි පැනවීමක් ඇති කල්හි වේදනා යැ යි පැනවීමක් කරන්නේ ය යන මේ කාරණය විද්‍යමාන වෙයි. වේදනා යැ යි පැනවීමක් ඇති කල්හි සංඥා යැ යි පැනවීමක් කරන්නේ ය යන මේ කාරණය විද්‍යමාන වෙයි. සංඥා යැ යි පැනවීමක් ඇති කල්හි විතර්‍කයැ යි පැනවීමක් කරන්නේය යන මේ කාරණය විද්‍යමාන වේ. විතර්‍ක යැයි පැනවීමක් ඇති කල්හි ප්‍රපඤ්චසංඥාකොට්ඨාසයන්ගේ පැවැත්ම පිළිබඳ පැනවීමක් කරන්නේය යන මේ කාරණය විද්‍යමාන වේ. විතර්‍කයැ යි පැනවීමක් කරන්නේ ය යන මේ කාරණය විද්‍යමාන වෙයි.
Pali BJT14. සො වතාවුසො සොතස්මිං සති සද්දෙ සති සොතවිඤ්ඤාණෙ සති -පෙ- ඝානස්මිං සති ගන්ධෙ සති ඝානවිඤ්ඤාණෙ සති -පෙ- ජිව්හාය සති රසෙ සති ජිව්හාවිඤ්ඤාණෙ සති -පෙ- කායස්මිං සති ඵොට්ඨබ්බෙ සති කායවිඤ්ඤාණෙ සති -පෙ- මනස්මිං සති ධම්මෙ සති මනොවිඤ්ඤාණෙ සති ඵස්සපඤ්ඤත්තිං පඤ්ඤාපෙස්සතීති ඨානමෙතං විජ්ජති. ඵස්සපඤ්ඤත්තියා සති වෙදනාපඤ්ඤත්තිං පඤ්ඤාපෙස්සතීති ඨානමෙතං විජ්ජති. වෙදනාපඤ්ඤත්තියා සති සඤ්ඤාපඤ්ඤත්තිං පඤ්ඤාපෙස්සතීති ඨානමෙතං විජ්ජති. සඤ්ඤාපඤ්ඤත්තියා සති විතක්කපඤ්ඤත්තිං පඤ්ඤාපෙස්සතීති ඨානමෙතං විජ්ජති. විතක්කපඤ්ඤත්තියා සති පපඤ්චසඤ්ඤාසඞ්ඛාසමුදාචරණපඤ්ඤත්තිං පඤ්ඤාපෙස්සතීති ඨානමෙතං විජ්ජති.
Sinhala BJT14. ඇවැත්නි, ඒකාන්තයෙන් හෙතෙමේ කණ ඇති කල්හි ශබ්දය ඇති කල්හි සෝතවිඤ්ඤාණය ඇති කල්හි … නැහැය ඇති කල්හි ගඳ ඇති කල්හි ඝානවිඤ්ඤාණය ඇති කල්හි … දිව ඇති කල්හි රසය ඇති කල්හි ජිව්හාවිඤ්ඤාණය ඇති කල්හි … කය ඇති කල්හි ස්ප්‍රෂ්ටව්‍යය ඇති කල්හි කායවිඤ්ඤාණය ඇති කල්හි … සිත ඇති කල්හි ධර්‍මය ඇති කල්හි මනෝවිඤ්ඤාණය ඇති කල්හි ස්පර්‍ශ යැ යි පැනවීමක් කරන්නේ ය යන මේ කාරණය විද්‍යමාන වෙයි. ස්පර්‍ශ යැ යි පැනවීමක් ඇති කල්හි වේදනා යැ යි පැනවීමක් කරන්නේ ය යන මේ කාරණය විද්‍යමාන වෙයි. වේදනා යැ යි පැනවීමක් ඇති කල්හි සංඥා යැ යි පැනවීමක් කරන්නේ ය යන මේ කාරණය විද්‍යමාන වෙයි. සංඥා යැ යි පැනවීමක් ඇති කල්හි විතර්‍ක යැ යි පැනවීමක් කරන්නේ ය යන මේ කාරණය විද්‍යමාන වෙයි. විතර්‍ක යැයි පැනවීමක් ඇති කල්හි ප්‍රපඤ්චසංඥාකොට්ඨාසයන්ගේ පැවැත්ම පිළිබඳ පැනවීමක් කරන්නේ ය යන මේ කාරණය විද්‍යමාන වෙයි.
Pali BJT15. සො වතාවුසො චක්ඛුස්මිං අසති රූපෙ අසති චක්ඛුවිඤ්ඤාණෙ අසති ඵස්සපඤ්ඤත්තිං පඤ්ඤාපෙස්සතීති නෙතං ඨානං විජ්ජති. ඵස්සපඤ්ඤත්තියා අසති වෙදනාපඤ්ඤත්තිං පඤ්ඤාපෙස්සතීති නෙතං ඨානං විජ්ජති. වෙදනාපඤ්ඤත්තියා අසති සඤ්ඤාපඤ්ඤත්තිං පඤ්ඤාපෙස්සතීති නෙතං ඨානං විජ්ජති. සඤ්ඤාපඤ්ඤත්තියා අසති විතක්කපඤ්ඤත්තිං පඤ්ඤාපෙස්සතීති නෙතං ඨානං විජ්ජති. විතක්කපඤ්ඤත්තියා අසති පපඤ්චසඤ්ඤාසඞ්ඛාසමුදාචරණපඤ්ඤත්තිං පඤ්ඤාපෙස්සතීති නෙතං ඨානං විජ්ජති.
Sinhala BJT15. ඇවැත්නි, ඒකාන්තයෙන් හෙතෙමේ ඇස නැති කල්හි රූපය නැති කල්හි චක්‍ෂුර්විඥානය නැති කල්හි ස්පර්‍ශ යැයි පැනවීමක් කරන්නේ ය යන මේ කාරණය විද්‍යමාන නො වෙයි. ස්පර්‍ශ යැ යි පැනවීමක් නැති කල්හි වේදනා යැ යි පැනවීමක් කරන්නේ ය යන මේ කාරණය විද්‍යමාන නො වෙයි. වේදනා යැයි පැනවීමක් නැති කල්හි සංඥා යැ යි පැනවීමක් කරන්නේ ය යන මේ කාරණය විද්‍යමාන නො වෙයි. සංඥා යැ යි පැනවීමක් නැති කල්හි විතර්‍ක යැයි පැනවීමක් කරන්නේ ය යන මේ කාරණය විද්‍යමාන නො වෙයි. විතර්‍ක යැ යි පැනවීමක් නැති කල්හි ප්‍රපඤ්චසංඥාකොට්ඨාසයන්ගේ පැවැත්ම පිළිබඳ පැනවීමක් කරන්නේ ය යන මේ කාරණය විද්‍යමාන නො වෙයි.
Pali BJT16. සො වතාවුසො සොතස්මිං අසති සද්දෙ අසති සොතවිඤ්ඤාණෙ අසති -පෙ- ඝානස්මිං අසති ගන්ධෙ අසති ඝානවිඤ්ඤාණෙ අසති -පෙ- ජිව්හාය අසති රසෙ අසති ජිව්හාවිඤ්ඤාණෙ අසති -පෙ- කායස්මිං අසති ඵොට්ඨබ්බෙ අසති කායවිඤ්ඤාණෙ අසති -පෙ- මනස්මිං අසති ධම්මෙ අසති මනොවිඤ්ඤාණෙ අසති ඵස්සපඤ්ඤත්තිං පඤ්ඤාපෙස්සතීති නෙතං ඨානං විජ්ජති. ඵස්සපඤ්ඤත්තියා අසති වෙදනාපඤ්ඤත්තිං පඤ්ඤාපෙස්සතීති නෙතං ඨානං විජ්ජති. වෙදනාපඤ්ඤත්තියා අසති සඤ්ඤාපඤ්ඤත්තිං පඤ්ඤාපෙස්සතීති නෙතං ඨානං විජ්ජති. සඤ්ඤාපඤ්ඤත්තියා අසති විතක්කපඤ්ඤත්තිං පඤ්ඤාපෙස්සතීති නෙතං ඨානං විජ්ජති. විතක්කපඤ්ඤත්තියා අසති පපඤ්චසඤ්ඤාසඞ්ඛාසමුදාචරණපඤ්ඤත්තිං පඤ්ඤාපෙස්සතීති නෙතං ඨානං විජ්ජති.
Sinhala BJT16. ඇවැත්නි, ඒකාන්තයෙන් හෙතෙමේ කණ නැති කල්හි ශබ්දය නැති කල්හි සෝතවිඤ්ඤාණය නැති කල්හි … නැහැය නැති කල්හි ගඳ නැති කල්හි ඝාන විඤ්ඤාණය නැති කල්හි … දිව නැති කල්හි රසය නැති කල්හි ජිව්හාවිඤ්ඤාණය නැති කල්හි … කය නැති කල්හි ස්ප්‍රෂ්ටව්‍යය නැති කල්හි කායවිඤ්ඤාණය නැති කල්හි … සිත නැති කල්හි ධර්‍ම නැති කල්හි මනෝවිඤ්ඤාණය නැති කල්හි ස්පර්‍ශ යැ යි පැනවීමක් කරන්නේ ය යන මේ කාරණය විද්‍යමාන නො වෙයි. වේදනා යැ යි පැනවීමක් නැති කල්හි සංඥා යැ යි පැනවීමක් කරන්නේ ය යන මේ කාරණය විද්‍යමාන නො වෙයි. සංඥා යැයි පැනවීමක් නැති කල්හි විතර්‍ක යැ යි පැනවීමක් කරන්නේ ය යන මේ කාරණය විද්‍යමාන නො වෙයි. විතර්‍ක යැ යි පැනවීමක් නැති කල්හි ප්‍රපඤ්චසංඥාකොට්ඨාසයන්ගේ පැවැත්ම පිළිබඳ පැනවීමක් කරන්නේ ය යන මේ කාරණය විද්‍යමාන නො වෙයි.
Pali BJT17. යං ඛො නො ආවුසො භගවා සඞ්ඛිත්තෙන උද්දෙසං උද්දිසිත්වා විත්ථාරෙන අත්ථං අවිභජිත්වා උට්ඨායාසනා විහාරං පවිට්ඨො, “යතො නිදානං භික්ඛු පුරිසං පපඤ්චසඤ්ඤාසඞ්ඛා සමුදාචරන්ති, එත්ථ චෙ නත්ථි අභිනන්දිතබ්බං අභිවදිතබ්බං අජ්ඣොසෙතබ්බං, එසෙවන්තො රාගානුසයානං -පෙ- එත්ථෙතෙ පාපකා අකුසලා ධම්මා අපරිසෙසා නිරුජ්ඣන්තී”ති. ඉමස්ස ඛො අහං ආවුසො භගවතා සඞ්ඛිත්තෙන උද්දෙසස්ස උද්දිට්ඨස්ස විත්ථාරෙන අත්ථං අවිභත්තස්ස එවං විත්ථාරෙන අත්ථං ආජානාමි. ආකඞ්ඛමානා ච පන තුම්හෙ ආයස්මන්තො භගවන්තංයෙව උපසඞ්කමිත්වා එතමත්ථං පටිපුච්ඡෙය්යාථ. යථා නො භගවා ව්යාකරොති තථා නං ධාරෙය්යාථාති.
Sinhala BJT17. ඇවැත්නි, අපගේ භාග්‍යවතුන් වහන්සේ “මහණ, යම් කරුණෙකින් ප්‍රපඤ්චසංඥා කොට්ඨාසයෝ පුරුෂයා තුළ පවතිත් ද, ඉදින් මේ කරුණෙහි (ද්වාදශායතනයන්හි) සතුටුවිය යුත්තෙක් කියා යුත්තෙක් ගිල ගතයුත්තෙක් නැත් නම් මෙය ම (අභිනන්‍දනාදිය නැති බව ම) රාගානුසයයන්ගේ කෙළවර ය … මේ ද්වාදශායතනයන්හි මේ ලාමක අකුශල ධර්‍මයෝ නිරවශේෂයෙන් නිරුද්ධ වෙත්” යන මේ උද්දේශයක් සැකෙවින් උදෙසා විස්තර විසින් අරුත් නො බෙදා හුනන්ස්නෙන් නැගිට විහාරයට වැඩි සේක් ද, ඇවැත්නි, මම භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් උදෙසූ විස්තර විසින් අරුත් නො බෙදූ මේ උද්දේශයාගේ විස්තර විසින් අර්‍ත්‍ථය මෙසේ දනිමි. ආයුෂ්මත්නි, තෙපි කැමතියව්හු නම් භාග්‍යවතුන් වහන්සේ වෙත ම එළඹ මේ අර්‍ත්‍ථය පුළුවුස්ව. අපගේ භාග්‍යවතුන් වහන්සේ යම් සේ වදාරනසේක් නම් එය එසේ ධරව යි.
Pali BJT18. අථ ඛො තෙ භික්ඛූ ආයස්මතො මහාකච්චානස්ස භාසිතං අභිනන්දිත්වා අනුමොදිත්වා උට්ඨායාසනා යෙන භගවා තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදිංසු. එකමන්තං නිසින්නා ඛො තෙ භික්ඛූ භගවන්තං එතදවොචුං:
Sinhala BJT18. එක්බිති, ඒ භික්‍ෂූහු ආයුෂ්මත් මහාකාත්‍යායන ස්ථවිරයන්ගේ දේශනාව අභිමුඛව පිළිගෙන අනුමෝදන් ව හුනස්නෙන් නැගී භාග්‍යවතුන් කරා එළඹියාහු ය. එළඹ භාග්‍යවතුන් වැඳ එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන් ඒ භික්‍ෂුහු භාග්‍යවතුන්හට තෙල සැළ කළහ:
Pali BJT19. “යං ඛො නො භන්තෙ භගවා සඞ්ඛිත්තෙන උද්දෙසං උද්දිසිත්වා විත්ථාරෙන අත්ථං අවිභජිත්වාඋට්ඨායාසනා විහාරං පවිට්ඨො, “යතොනිදානං භික්ඛු පුරිසං පපඤ්චසඤ්ඤාසඞ්ඛා සමුදාචරන්ති. එත්ථ චෙ නත්ථි අභිනන්දිතබ්බං අභිවදිතබ්බං අජ්ඣොසෙතබ්බං. එසෙවන්තො රාගානුසයානං -පෙ- එත්ථෙතෙ පාපකා අකුසලා ධම්මා අපරිසෙසා නිරුජ්ඣන්තී”ති. තෙසං නො භන්තෙ අම්හාකං අචිරපක්කන්තස්ස භගවතො එතදහොසි: “ඉදං ඛො නො ආවුසො භගවා සඞ්ඛිත්තෙන උද්දෙසං උද්දිසිත්වා විත්ථාරෙන අත්ථං අවිභජිත්වා උට්ඨායාසනා විහාරං පවිට්ඨො, ‘යතොනිදානං භික්ඛු පුරිසං පපඤ්චසඤ්ඤාසඞ්ඛා සමුදාචරන්ති. එත්ථ චෙ නත්ථි අභිනන්දිතබ්බං අභිවදිතබ්බං අජ්ඣොසෙතබ්බං. එසෙවන්තො රාගානුසයානං එසෙවන්තො පටිඝානුසයානං. එසෙවන්තො දිට්ඨානුසයානං. එසෙවන්තො විචිකිච්ඡානුසයානං. එසෙවන්තො මානානුසයානං. එසෙවන්තො භවරාගානුසයානං. එසෙවන්තො අවිජ්ජානුසයානං. එසෙවන්තො දණ්ඩාදානසත්ථාදානකලහවිග්ගහවිවාදතුවන්තුවම්පෙසුඤ්ඤමුසාවාදානං. එත්ථෙතෙ පාපකා අකුසලා ධම්මා අපරිසෙසා නිරුජ්ඣන්තී’ති. කො නු ඛො ඉමස්ස භගවතා සඞ්ඛිත්තෙන උද්දෙසස්ස උද්දිට්ඨස්ස විත්ථාරෙන අත්ථං අවිභත්තස්ස විත්ථාරෙන අත්ථං විභජෙය්යා”ති.
Sinhala BJT19. “වහන්ස, අපගේ භාග්‍යවතුන් වහන්සේ ‘මහණ, යම් කාරණයෙකින් ප්‍රපඤ්චසංඥාකොට්ඨාසයෝ පුරුෂයාහට පවතිත් ද, ඉදින් මෙහි සතුටුවිය යුත්තෙක් කිය යුත්තෙක් ගිල ගතයුත්තෙක් නැත් නම් මෙය ම රාගානුසයයන්ගේ කෙළවර ය … මෙහි මේ ලාමක අකුශල ධර්‍මයෝ නිරවශේෂයෙන් නිරුද්ධ වෙත්’ යන මේ උද්දේශයක් සැකෙවින් උදෙසා විස්තර විසින් අරුත් නො බෙදා හුනස්නෙන් නැගිට විහාරයට වැඩිසේක් ද, වහන්ස, අපගේ භාග්‍යවතුන් වහන්සේ වැඩි නො බෝ වේලායෙකින් ඒ අපට මේ අදහස වී: ඇවැත්නි, අපගේ භාග්‍යවතුන් වහන්සේ, ‘මහණ, යම් කාරණයෙකින් ප්‍රපඤ්චසංඥා කොට්ඨාසයෝ පුරුෂයා තුළ පවතිත් ද, ඉදින් මෙහි සතුටු වියයුත්තෙක් කියායුත්තෙක් ගිල ගත යුත්තෙක් නැත් නම් මෙය ම රාගානුසයයන්ගේ කෙළවර ය. මෙය ම පටිඝානුසයයන්ගේ කෙළවර ය. මෙය ම දිට්ඨානුසයයන්ගේ කෙළවර ය. මෙය ම විචිකිච්ඡානුසයයන්ගේ කෙළවර ය. මෙය ම මානානුසයයන්ගේ කෙළවර ය. මෙය ම භවරාගානුසයයන්ගේ කෙළවර ය. මෙය ම අවිජ්ජානුසයයන්ගේ කෙළවර ය. මෙය ම දඬු ගැනීම, සැත් ගැනීම, කලහ, විග්‍රහ, විරුද්ධකථා, තෝ තෝ කීම, පිසුනුබස, මුසවා යන මොවුන්ට කරුණු වූ චේතනාවන්ගේ කෙළවර ය. මෙහි ම මේ ලාමක වූ අකුශල ධර්‍මයෝ නිරවශේෂයෙන් නිරුද්ධ වෙත්’ යන මේ උද්දේශයක් සැකෙවින් උදෙසා විස්තර විසින් අරුත් නො බෙදා හුනස්නෙන් නැගිට විහාරයට වැඩි සේක. භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් උදෙසූ විස්තර විසින් අරුත් නො බෙදූ මේ උද්දේශයාගේ අර්‍ත්‍ථය විස්තර විසින් කවරෙක් බෙදා දක්වන්නේ දැ” යි.
Pali BJT20. තෙසං නො භන්තෙ අම්හාකං එතදහොසි: අයං ඛො ආයස්මා මහාකච්චානො සත්ථු චෙව සංවණ්ණිතො. සම්භාවිතො ච විඤ්ඤූනං සබ්රහ්මචාරීනං පහොති චායස්මා මහාකච්චානො ඉමස්ස භගවතා සඞ්ඛිත්තෙන උද්දෙසස්ස උද්දිට්ඨස්ස විත්ථාරෙන අත්ථං අවිභත්තස්ස විත්ථාරෙන අත්ථං විභජිතුං. යන්නූන මයං යෙනායස්මා මහාකච්චානො තෙනුපසඞ්කමෙය්යාම, උපසඞ්කමිත්වා ආයස්මන්තං මහාකච්චානං එතමත්ථං පටිපුච්ඡෙය්යාමා”ති.
Sinhala BJT20. “වහන්ස, ඒ අපට මේ අදහස වී ය: මේ ආයුෂ්මත් මහාකාත්‍යායන ස්ථවිර තෙමේ ශාස්තෘහු විසිනුදු වර්ණිත ය. නුවණැති සබ්‍රම්සරුන් විසිනුදු සම්භාවිතය. භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් උදෙසන ලද විස්තර විසින් අරුත් නොබෙදූ මේ උද්දේශයාගේ විස්තර විසින් අරුත් බෙදා දක්වන්නට ද සමර්‍ත්‍ථ වෙයි. අපි ආයුෂ්මත් මහාකාත්‍යායන ස්ථවිරයන් වෙත එළඹෙන්නමෝ නම්, එළඹ ආයුෂ්මත් මහාකාත්‍යායන ස්ථවිරයන් අතින් මේ අර්‍ත්‍ථය පිළිවිසින්නමෝ නම් මැනැවැ” යි.
Pali BJT21. අථ ඛො මයං භන්තෙ යෙනායස්මා මහාකච්චානො තෙනුපසඞ්කමිම්හ. උපසඞ්කමිත්වා ආයස්මන්තං මහාකච්චානං එතමත්ථං පටිපුච්ඡිම්හ. තෙසං නො භන්තෙ ආයස්මතා මහාකච්චානෙන ඉමෙහි ආකාරෙහි ඉමෙහි පදෙහි ඉමෙහි බ්යඤ්ජනෙහි අත්ථො විභත්තො”ති.
Sinhala BJT21. “එක්බිති, වහන්ස, අපි ආයුෂ්මත් මහාකාත්‍යායන ස්ථවිරයන් වෙත් එළඹියම්හ. එළඹ ආයුෂ්මත් මහාකාත්‍යායන ස්ථවිරයන්ගෙන් මේ අර්‍ත්‍ථය පිළිවිසුම්හ. වහන්ස, ඒ අපට ආයුෂ්මත් මහාකාත්‍යායන ස්ථවිරයන් විසින් මේ ආකාරයෙන් මේ පදයන්ගෙන් මේ ව්‍යඤ්ජනයන්ගෙන් අර්‍ත්‍ථය බෙදා දක්වන ලද්දේ ය.”
Pali BJT22. පණ්ඩිතො භික්ඛවෙ මහාකච්චානො, මහාපඤ්ඤො භික්ඛවෙ මහාකච්චානො. මඤ්චෙපි තුම්හෙ භික්ඛවෙ එතමත්ථං පටිපුච්ඡෙය්යාථ, අහම්පි නං එවමෙවං ව්යාකරෙය්යං යථා තං මහාකච්චානෙන ව්යාකතං. එසො චෙවෙතස්ස අත්ථො. එවඤ්ච නං ධාරෙථාති.
Sinhala BJT22. මහණෙනි, මහාකාත්‍යායන තෙමේ පණ්ඩිතය. මහණෙනි, මහාකාත්‍යායන තෙමේ මහනුවණැත්තේ ය. මහණෙනි, තෙපි මාගෙන් වුවත් මේ අර්‍ත්‍ථය පිළිවිසුවහු නම් මහාකාත්‍යායනයා විසින් යම්සේ එය ප්‍රකාශ කරන ලද නම් මම ද තොපට එය එසේ ම ප්‍රකාශ කරන්නෙමි. මෙහි අර්‍ත්‍ථය මේ ම ය. එසේ ම දරව.
Pali BJT23. එවං වුත්තෙ ආයස්මා ආනන්දො භගවන්තං එතදවොච: සෙය්යථාපි භන්තෙ පුරිසො ජිඝච්ඡාදුබ්බල්යපරෙතො මධුපිණ්ඩිකං අධිගච්ඡෙය්ය, සො යතො යතො සායෙය්ය ලභෙථෙව සාදුං රසං අසෙචනකං. එවමෙව ඛො භන්තෙ චෙතසො භික්ඛු දබ්බජාතිකො යතො යතො ඉමස්ස ධම්මපරියායස්ස පඤ්ඤාය අත්ථං උපපරික්ඛෙය්ය ලභෙථෙව අත්තමනතං ලභෙථ චෙතසො පසාදං. කො නාමො අයං භන්තෙ ධම්මපරියායොති? තස්මාතිහ ත්වං ආනන්ද, ඉමං ධම්මපරියායං මධුපිණ්ඩිකපරියායොත්වෙව නං ධාරෙහීති.
Sinhala BJT23. මෙසේ වදාළ කල්හි ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිර තෙමේ භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කෙළේ ය: “වහන්ස බඩසා දුබල බැවින් පෙළුණු පුරුෂයෙක් මිහිරි කිරීමට අමුතු රස නො ඉසිය යුත් මීපිඬුවක් (බදහත්වටක්) ලබා ද, හෙතෙමේ යම් යම් පසෙකින් (එය) ආස්වාදනය කෙරේ ද (ඒ ඒ පැත්තෙන්) මිහිරි රසයක් ලබන්නේ ම ය. වහන්ස එ පරිද්දෙන් ම සිතන සැහැවි ඇති පණ්ඩිත ස්වභාව ඇති මහණෙක් යම් යම් ලෙසෙකින් මේ ධර්‍මදේශනාවගෙ අර්‍ත්‍ථය නුවණින් පරීක්‍ෂා කරන්නේ ද ඒ ඒ ලෙසින් සතුටුබව ලබන්නේ ම ය සිතේ පැහැදී ම ලබන්නේ ම ය වහන්ස, මේ ධර්‍මපර්‍ය්‍යාය ය කිනම් ඇත්තේ ද? ආනන්‍දය, එසේ නම් තෝ මෙහි ලා මේ ධර්‍මදේශනාව මධුපිණ්ඩිකපර්‍ය්‍යාය යැ යි දරව යි වදාළ සේක.”
Pali BJTඉදමවොච භගවා. අත්තමනො ආයස්මා ආනන්දො භගවතො භාසිතං අභිනන්දීති.
Sinhala BJTභාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සතුටු වූ ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිර තෙමේ භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව මැනවැ යි සතුටින් පිළිගත්තේයි.
Pali BJTමධුපිණ්ඩිකසුත්තං අට්ඨමං.
Sinhala BJTමධුපිණ්ඩිකසූත්‍රය අටවැනි යි.
Pali BJT1. 2. 9.
Sinhala BJT1. 2. 9.
Pali BJTද්වෙධාවිතක්කසුත්තං
Sinhala BJTද්වේධා විතක්ක සූත්‍රය
Pali BJT1. එවං මෙ සුතං: එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තත්ර ඛො භගවා භික්ඛූ ආමන්තෙසි භික්ඛවොති. භදන්තෙති තෙ භික්ඛූ භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච:
Sinhala BJT1. මා විසින් මෙසේ අසන ලදි: එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වැඩ වසන සේක. එහි දී භාග්‍යවතුන් වහන්සේ මහණෙනි යි භික්‍ෂූන් ඇමතූ සේක. ඒ භික්‍ෂූහු වහන්සැ යි භාග්‍යවතුන් වහන්සේහට පිළිවදන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක:
Pali BJT2. පුබ්බෙව මෙ භික්ඛවෙ සම්බොධා අනභිසම්බුද්ධස්ස බොධිසත්තස්සෙව සතො එතදහොසි: යන්නූනාහං ද්වෙධා{1} කත්වා ද්වෙධා කත්වා විතක්කෙ විහරෙය්යන්ති. සො ඛො අහං භික්ඛවෙ යො චායං කාමවිතක්කො යො ච බ්යාපාදවිතක්කො යො ච විහිංසාවිතක්කො, ඉමං එකං භාගමකාසිං. යො චායං නෙක්ඛම්මවිතක්කො යො ච අබ්යාපාදවිතක්කො යො ච අවිහිංසාවිතක්කො, ඉමං දුතියං භාගමකාසිං.
Sinhala BJT2. මහණෙනි, බුදුවීමට පෙර ම බුදු නො වූ බෝධිසත්ත්‍ව වූ ම මට මේ අදහස වී ය: “ඉදින් මම විතර්‍කයන් දෙ කොටසක් කොට, දෙ කොටසක් කොට වාසය කරන්නෙම් නම් ඉතා මැනව” යි. මහණෙනි, ඒ මම යම් මේ කාමවිතර්‍කයකුත් යම් මේ ව්‍යාපාදවිතර්‍කයකුත් යම් මේ විහිංසාවිතර්‍කයකුත් වේ ද, මෙය එක් කොටසක් කෙළෙමි. යම් මේ නෛෂ්ක්‍රම්‍යවිතර්‍කයකුත් යම් මේ අව්‍යාපාදවිතර්‍කයකුත් යම් මේ අවිහිංසාවිතර්‍කයකුත් වේ ද, මෙය දෙවන කොටස කෙළෙමි.
Pali BJT3. තස්ස මය්හං භික්ඛවෙ එවං අප්පමත්තස්ස ආතාපිනො පහිතත්තස්ස විහරතො උප්පජ්ජති කාමවිතක්කො. සො එවං පජානාමි: උප්පන්නො ඛො මෙ අයං කාමවිතක්කො. සො ච ඛො අත්තව්යාබාධායපි සංවත්තති, පරව්යාබාධායපි සංවත්තති, උභයව්යාබාධායපි සංවත්තති, පඤ්ඤානිරොධිකො විඝාතපක්ඛිකො අනිබ්බානසංවත්තනිකො. අත්තව්යාබාධාය සංවත්තතීතිපි මෙ භික්ඛවෙ පටිසඤ්චික්ඛතො අබ්භත්ථං ගච්ඡති. පරව්යාබාධාය සංවත්තතීතිපි මෙ භික්ඛවෙ පටිසඤ්චික්ඛතො අබ්භත්ථං ගච්ඡති. උභයව්යාබාධාය සංවත්තතීතිපි මෙ භික්ඛවෙ පටිසඤ්චික්ඛතො අබ්භත්ථං ගච්ඡති. පඤ්ඤානිරොධිකො විඝාතපක්ඛිකො අනිබ්බානසංවත්තනිකොතිපි මෙ භික්ඛවෙ පටිසඤ්චික්ඛතො අබ්භත්ථං ගච්ඡති. සො ඛො අහං භික්ඛවෙ උප්පන්නුප්පන්නං කාමවිතක්කං පජහමෙව{2} විනොදමෙව{3} බ්යන්තෙව{4} නං අකාසිං.
Sinhala BJT3. මහණෙනි, අප්‍රමත්ත වූ කෙලෙස් තවන වැර ඇත්තා වූ නිවන් පිණිස මෙහෙයු සිත් ඇති ව වසන්නා වූ ඒ මට කාමවිතර්‍ක උපදී. ඒ මම මෙසේ දනිමි: “මට මේ කාමවිතර්‍ක උපන්නේ ය. ඒ කාමවිතර්‍ක තෙමේ තමාට දුක් පිණිස ද පවතී. අන්හට දුක් පිණිස ද පවතී. දෙපසට දුක් පිණිස ද පවතී. ප්‍රඥාව සිඳ හරින්නෙකි. දුක් කොටසෙහි වූවෙකි. නිවන සඳහා නො පවතින්නෙකැ”යි. මහණෙනි, තමහට දුක් පිණිස පවතී ය යි සලකන්නා වූ මාගේ ඒ විතර්‍කය විනාශයට යෙයි. මහණෙනි, අන්හට දුක් පිණිස පවතී ය යි සලකන්නා වූ මාගේ ඒ විතර්‍කය විනාශයට යෙයි. මහණෙනි, දෙපසට දුක් පිණිස පවතී ය යි සලකන්නා වූ මාගේ ඒ විතර්‍කය විනාශයට යෙයි. ප්‍රඥාව සිඳ හරින්නෙකි, දුක් කොටසෙහි වූවෙකි, නිවන සඳහා නො පවතින්නෙකි යි සලකන්නා වූ මාගේ ඒ විතර්‍කය විනාශයට යෙයි. මහණෙනි, ඒ මම උපනුපන් කාමවිතර්‍කය දුරු කෙළෙම් ම ය. බැහැර කෙළෙම් ම ය. එය අවසන් වූවක් ම කෙළෙමි.
Pali BJT4. තස්ස මය්හං භික්ඛවෙ එවං අප්පමත්තස්ස ආතාපිනො පහිතත්තස්ස විහරතො උප්පජ්ජති බ්යාපාදවිතක්කො -පෙ- උප්පජ්ජති විහිංසාවිතක්කො. සො එවං පජානාමි: උප්පන්නො ඛො මෙ අයං විහිංසාවිතක්කො. සො ච ඛො අත්තව්යාබාධායපි සංවත්තති, පරව්යාබාධායපි සංවත්තති, උභයව්යාබාධායපි සංවත්තති, පඤ්ඤානිරොධිකො විඝාතපක්ඛිකො අනිබ්බානසංවත්තනිකො. අත්තව්යාබාධාය සංවත්තතීතිපි මෙ භික්ඛවෙ පටිසඤ්චික්ඛතො අබ්භත්ථං ගච්ඡති පරව්යාබාධාය සංවත්තතීතිපි මෙ භික්ඛවෙ පටිසඤ්චික්ඛතො අබ්භත්ථං ගච්ඡති. උභයව්යාබාධාය සංවත්තතීතිපි මෙ භික්ඛවෙ පටිසඤ්චික්ඛතො අබ්භත්ථං ගච්ඡති. පඤ්ඤානිරොධිකො විඝාතපක්ඛිකො අනිබ්බානසංවත්තනිකොතිපි මෙ භික්ඛවෙ පටිසඤ්චික්ඛතො අබ්භත්ථං ගච්ඡති. සො ඛො අහං භික්ඛවෙ උප්පන්නුප්පන්නං විහිංසාවිතක්කං පජහමෙව{2} විනොදමෙව{3} බ්යන්තෙව {4} නං අකාසිං.
Sinhala BJT4. මහණෙනි, අප්‍රමත්ත වූ කෙලෙස් තවන වැර ඇත්තා වූ නිවන් පිණිස මෙහෙයු සිත් ඇති ව වසන්නා වූ ඒ මට ව්‍යාපාදවිතර්‍කය උපදී ... විහිංසාවිතර්‍කය උපදී. ඒ මම මෙසේ දනිමි: ‘මට මේ විහිංසා විතර්‍ක උපන්නේ ය. ඒ විහිංසා විතර්‍කය තෙමේ තමාට දුක් පිණිස ද පවතී. අන්හට දුක් පිණිස ද පවතී. දෙපසට දුක් පිණිස ද පවතී. ප්‍රඥාව සිඳ හරින්නෙකි. දුක් කොටසෙහි වූවෙකි. නිවන සඳහා නො පවතින්නෙකි යි. මහණෙනි, තමාට දුක් පිණිස පවති යි සලකන්නා වූ මාගේ ඒ විතර්‍කය විනාශයට යෙයි. මහණෙනි, අන්හට දුක් පිණිස පවතී යි සලකන්නා වූ මාගේ ඒ විතර්‍කය විනාශයට යෙයි. මහණෙනි, දෙපසට දුක් පිණිස පවතී යි සලකන්නා වූ මාගේ ඒ විතර්‍කය විනාශයට යෙයි. මහණෙනි, ප්‍රඥාව සිඳ හරින්නෙකි, දුක් කොටසෙහි වූවෙකි, නිවන පිණිස නො පවතින්නෙකැ යි සලකන්නා වූ මාගේ ඒ විතර්‍කය විනාශයට යෙයි. මහණෙනි, ඒ මම් උපනුපන් විහිංසාවිතර්‍කය දුරු කෙළෙම් ම ය. බැහැර කෙළෙම් ම ය. එය අවසන් වූවක් ම කෙළෙමි.
Pali BJT5. යඤ්ඤදෙව භික්ඛවෙ භික්ඛු බහුලමනුවිතක්කෙති අනුවිචාරෙති තථා තථා නති හොති චෙතසො. කාමවිතක්කඤ්චෙ භික්ඛවෙ භික්ඛු බහුලමනුවිතක්කෙති අනුවිචාරෙති, පහාසි නෙක්ඛම්මවිතක්කං. කාමවිතක්කං බහුලමකාසි. තස්ස තං කාමවිතක්කාය චිත්තං නමති. බ්යාපාදවිතක්කඤ්චෙ භික්ඛවෙ භික්ඛු බහුලමනුවිතක්කෙති අනුවිචාරෙති, පහාසි අබ්යාපාදවිතක්කං. බ්යාපාදවිතක්කං බහුලමකාසි. තස්ස තං බ්යාපාදවිතක්කාය චිත්තං නමති. විහිංසාවිතක්කඤ්චෙ භික්ඛවෙ භික්ඛු බහුලමනුවිතක්කෙති අනුවිචාරෙති, පහාසි අවිහිංසාවිතක්කං. විහිංසාවිතක්කං බහුලමකාසි. තස්ස තං විහිංසාවිතක්කාය චිත්තං නමති.
Sinhala BJT5. මහණෙනි, මහණ තෙමේ යම් ම විතර්‍කයක් බහුල කොට නැවත නැවත විතර්‍කණය කෙරේ ද, නැවත නැවත හසුරුවා ද, ඒ ඒ ලෙසින් ම සිත්හි නැඹුරුබව වෙයි. මහණෙනි, ඉදින් මහණ තෙමේ කාමවිතර්‍කය ම බහුල කොට නැවත නැවත විතර්‍කණය කෙරේ නම් නැවැත නැවැත හසුරුවා නම් නෛෂ්ක්‍රම්‍ය විතර්‍කය දුරු කෙරෙයි. කාමවිතර්‍කය බහුල කෙරෙයි. ඔහුගේ ඒ සිත කාමවිතර්‍කය පිණිස නැමේ. මහණෙනි, ඉදින් මහණ තෙමේ ව්‍යාපාද විතර්‍කය බහුල කොට නැවත නැවත විතර්‍කණය කෙරේ නම් නැවැත නැවැත හසුරුවා නම් අව්‍යාපාදවිතර්‍කය දුරු කෙරෙයි. ව්‍යාපාද විතර්‍කය බහුල කෙරෙයි. ඔහුගේ ඒ සිත ව්‍යාපාද විතර්‍කය පිණිස නැමේ. මහණෙනි, ඉදින් මහණ තෙමේ විහිංසාවිතර්‍කය බහුල කොට නැවැත නැවැත විතර්‍කණය කෙරේ නම් නැවැත නැවැත හසුරුවා නම් අවිහිංසාවිතර්‍කය දුරු කෙරෙයි. විහිංසාවිතර්‍කය බහුල කෙරෙයි. ඔහුගේ ඒ සිත විහිංසා විතර්‍කය පිණිස නැමේ.
Pali BJT6. සෙය්යථාපි භික්ඛවෙ වස්සානං පච්ඡිමෙ මාසෙ සරදසමයෙ කිට්ඨසම්බාධෙ ගොපාලකො ගාවො රක්ඛෙය්ය. සො තා ගාවො තතො තතො දණ්ඩෙන ආකොටෙය්ය පතිකොටෙය්ය{1} සන්නිරුන්ධෙය්ය{2} සන්නිවාරෙය්ය. තං කිස්ස හෙතු? පස්සති හි සො භික්ඛවෙ ගොපාලකො තතොනිදානං වධං වා බන්ධං{3} වා ජානිං වා ගරහං වා. එවමෙව ඛො අහං භික්ඛවෙ අද්දසං අකුසලානං ධම්මානං ආදීනවං ඔකාරං සඞ්කිලෙසං, කුසලානං ධම්මානං නෙක්ඛම්මෙ ආනිසංසං වොදානපක්ඛං.
Sinhala BJT6. මහණෙනි, යම් සේ වැසිසමය පිළිබඳ පැසුළු මස ගොයමින් හක (හානි) වූ සරාකල්හි ගොපල්ලෙක් ගවයන් රක්නේ ද, හෙ තෙමේ ඒ ගවයන්ට ඒ ඒ දෙසින් පිටෙහි දඬුයෙන් (කෙළින්) පහර දෙන්නේ ය. ඉලඇටෙහි සරසින් පහර දෙන්නේ ය. ඔබමොබ යෑමෙන් අවුරා සිටිනේ ය. වළක් වන්නේ ය. ඒ කවර හෙයින යත්: මහණෙනි, ඒ ගොපල්ලා ඒ ගවයන් ගොයමින් නො රැක්ම හේතු කොට ගෙන වධයක් හෝ බන්‍ධනයක් හෝ ධනහානියක් හෝ ගර්‍හාවක් හෝ දක්නේ ද එහෙයිනි. මහණෙනි, එපරිද්දෙන් ම මම අකුශල ධර්‍මයන්ගේ දෝෂය ලාමකබව කෙලෙසීම ද කුශල ධර්‍මයන් පිළිබඳ නෛෂ්ක්‍රම්‍යයෙහි අනුසස් ද විශුද්ධිපක්‍ෂය ද දිටිමි.
Pali BJT7. තස්ස මය්හං භික්ඛවෙ එවං අප්පමත්තස්ස ආතාපිනො පහිතත්තස්ස විහරතො උප්පජ්ජති නෙක්ඛම්මවිතක්කො. සො එවං පජානාමි: උප්පන්නො ඛො මෙ අයං නෙක්ඛම්මවිතක්කො. සො ච ඛො නෙවත්තව්යාබාධාය සංවත්තති, න පරබ්යාබාධාය සංවත්තති, න උභයව්යාබාධාය සංවත්තති, පඤ්ඤාවුද්ධිකො අවිඝාතපක්ඛිකො නිබ්බානසංවත්තනිකො. රත්තිඤ්චෙපි නං භික්ඛවෙ අනුවිතක්කෙය්යං අනුවිචාරෙය්යං නෙව තතොනිදානං භයං සමනුපස්සාමි. දිවසඤ්චෙපි නං භික්ඛවෙ අනුවිතක්කෙය්යං අනුවිචාරෙය්යං නෙව තතොනිදානං භයං සමනුපස්සාමි. රත්තින්දිවඤ්චෙපි නං භික්ඛවෙ අනුවිතක්කෙය්යං අනුවිචාරෙය්යං නෙව තතොනිදානං භයං සමනුපස්සාමි. අපි ච ඛො මෙ අතිචිරං අනුවිතක්කයතො අනුවිචාරයතො කායො කිලමෙය්ය. කායෙ කිලන්තෙ{4} චිත්තං ඌහඤ්ඤෙය්ය.{5} ඌහතෙ{6} චිත්තෙ ආරා චිත්තං සමාධිම්හාති. සො ඛො අහං භික්ඛවෙ අජ්ඣත්තමෙව චිත්තං සණ්ඨපෙමි සන්නිසාදෙමි{7} එකොදිං{8} කරොමි සමාදහාමි. තං කිස්ස හෙතු: මා මෙ චිත්තං ඌහඤ්ඤීති.{9}
Sinhala BJT7. මහණෙනි, මෙසේ අප්‍රමත්ත වූ කෙලෙස් තවන වැර ඇත්තා වූ නිවනට මෙහෙයු සිත් ඇති ව වසන්නා වූ ඒ මට නෛෂ්ක්‍රම්‍ය විතර්‍කය උපදී. ඒ මම මෙසේ දනිමි: මට මේ නෛෂ්ක්‍රම්‍ය විතර්‍කය උපන්නේ ය. ඒ නෛෂ්ක්‍රම්‍ය විතර්‍කය තෙමේත් තමාට දුක් පිණිස නො පවතී. අන්හට දුක් පිණිස නො පවතී. දෙපසට දුක් පිණිස නො පවතී. ප්‍රඥාව වඩන්නෙකි. දුක් කොටසෙහි නො වූවෙකි. නිවන් සඳහා පවතින්නෙකි. මහණෙනි, රෑ මුළුල්ලෙහිදු ඒ විතර්‍කය නැවත නැවත විතර්‍කණය කරන්නෙම් නම් පුන පුනා හසුරුවන්නෙම් නම් ඒ හේතුකොට ගෙන බියක් නො ම දකිමි. මහණෙනි, දහවල මුළුල්ලෙහිදු ඒ විතර්‍කය නැවත නැවත විතර්‍කණය කරන්නෙම් නම් පුන පුනා හසුරුවන්නෙම් නම් ඒ හේතුකොට ගෙන බියක් නො ම දකිමි. මහණෙනි, රෑ දාවල මුළුල්ලෙහි ඒ විතර්‍කය නැවත නැවත විතර්‍කණය කරන්නෙම් නම් පුන පුනා හසුරුවන්නෙම් නම් ඒ හේතුකොට ගෙන බියක් නො ම දකිමි. වැලිදු බොහෝ කලක් නැවත නැවත විතර්‍කණය කරන්නාවූ පුන පුනා හසුරු වන්නා වූ මාගේ ශරීරය ක්ලාන්ත වන්නේ ය. ශරීරය ක්ලාන්තවූ කල්හි සිත නො සන්හුන් වේ. සිත නොසන්හුන් කල්හි සමාධිය කෙරෙන් සිත දුරෙහි වෙයි. මහණෙනි, ඒ මම සන්තානයෙහි ම සිත මැනැවින් තබමි. මැනැවින් හිඳුවමි. එකඟ කරමි. මැනැවින් පිහිටු වමි. ඒ කවර හෙයින යත්: මාගේ සිත නහමක් නො සන්හුන් වේවා යි. (සිතීමෙනි.)
Pali BJT8. තස්ස මය්හං භික්ඛවෙ එවං අප්පමත්තස්ස ආතාපිනො පහිතත්තස්ස විහරතො උප්පජ්ජති අබ්යාපාදවිතක්කො -පෙ- උප්පජ්ජති අවිහිංසාවිතක්කො. සො එවං පජානාමි: උප්පන්නො ඛො මෙ අයං අවිහිංසාවිතක්කො. සො ච ඛො නෙවත්තව්යාබාධාය සංවත්තති, න පරව්යාබාධාය සංවත්තති, න උභයව්යාබාධාය සංවත්තති, පඤ්ඤාවුද්ධිකො අවිඝාතපක්ඛිකො නිබ්බානසංවත්තනිකො. රත්තිඤ්චෙපි නං භික්ඛවෙ අනුවිතක්කෙය්යං අනුවිචාරෙය්යං නෙව තතොනිදානං භයං සමනුපස්සාමි. දිවසඤ්චෙපි නං භික්ඛවෙ අනුවිතක්කෙය්යං අනුවිචාරෙය්යං නෙව තතොනිදානං භයං සමනුපස්සාමි. රත්තින්දිවඤ්චෙපි නං භික්ඛවෙ අනුවිතක්කෙය්යං අනුවිචාරෙය්යං නෙව තතොනිදානං භයං සමනුපස්සාමි. අපි ච ඛො මෙ අතිචිරං අනුවිතක්කයතො අනුවිචාරයතො කායො කිලමෙය්ය. කායෙ කිලන්තෙ චිත්තං ඌහඤ්ඤෙය්ය. ඌහතෙ චිත්තෙ ආරා චිත්තං සමාධිම්හාති. සො ඛො අහං භික්ඛවෙ අජ්ඣත්තමෙව චිත්තං සණ්ඨපෙමි සන්නිසාදෙමි එකොදිං කරොමි සමාදහාමි. තං කිස්ස හෙතු: මා මෙ චිත්තං ඌහඤ්ඤීති.
Sinhala BJT8. මහණෙනි, අප්‍රමත්ත වූ කෙලෙස් තවන වැර ඇත්තා වූ නිවනට මෙහෙයූ සිත් ඇතිව වසන්නාවූ ඒ මට අව්‍යාපාද විතර්‍කය උපදී ... අවිහිංසා විතර්‍කය උපදී. ඒ මම මෙසේ දනිමි. මට අවිහිංසා විතර්‍කය උපන්නේ ය. ඒ අවිහිංසා විතර්‍කය තෙමේ තමාට දුක් පිණිස නො පවතී. අන්හට දුක් පිණිස නො පවතී. දෙපසට දුක් පිණිස නො පවතී. ප්‍රඥාව වඩන්නෙකි. දුක් කොටසෙහි නොවූවෙකි. නිවන් පිණිස පවතින්නෙකි. මහණෙනි, රෑ මුළුල්ලෙහිදු එය නැවත නැවත විතර්‍කණය කරන්නෙම් නම් පුන පුනා හසුරු වන්නෙම් නම් ඒ හේතුකොට ගෙන බියක් නො ම දකිමි. මහණෙනි, දහවල මුළුල්ලෙහි දු නැවත නැවත විතර්‍කණය කරන්නෙම් නම් පුන පුනා හසුරු වන්නෙම් නම් ඒ හේතුකොට ගෙන බියක් නො ම දකිමි. මහණෙනි, රෑ දහවල මුළුල්ලෙහි දු එය නැවත නැවත විතර්‍කණය කරන්නෙම් නම් පුන පුනා හසුරුවන්නෙම් නම් ඒ හේතු කොට ගෙන බියක් නො ම දකිමි. වැලිදු බොහෝ කලක් නැවත නැවත විතර්‍කණය කරන්නාවූ පුන පුනා හසුරු වන්නා වූ මාගේ ශරීරය ක්ලාන්ත වන්නේ ය. ශරීරය ක්ලාන්ත වූ කල්හි සිත නොසන්හුන් වන්නේ ය. සිත නොසන්හුන් කල්හි සමාධිය කෙරෙන් සිත දුරෙහි වෙයි. මහණෙනි, ඒ මම සියසතන්හි ම සිත මැනැවින් තබමි. මැනැවින් හිඳුවමි. එකඟ කරමි. මැනැවින් පිහිටුවමි. ඒ කවර හෙයින යත්: මාගේ සිත නහමක් නොසන්හුන් වේවා යි. (සිතීමෙනි.)
Pali BJT9. යඤ්ඤදෙව භික්ඛවෙ භික්ඛු බහුලමනුවිතක්කෙති අනුවිචාරෙති තථා තථා නති හොති චෙතසො. නෙක්ඛම්මවිතක්කඤ්චෙ භික්ඛවෙ භික්ඛු බහුලමනුවිතක්කෙති අනුවිචාරෙති, පහාසි කාමවිතක්කං. නෙක්ඛම්මවිතක්කං බහුලමකාසි. තස්සං තං නෙක්ඛම්මවිතක්කාය චිත්තං නමති. අබ්යාපාද විතක්කඤ්චෙ භික්ඛවෙ, භික්ඛු බහුලමනුවිතක්කෙති අනුවිචාරෙති, පහාසි බ්යාපාදවිතක්කං. අබ්යාපාදවිතක්කං බහුලමකාසි. තස්සං තං අබ්යාපාදවිතක්කාය චිත්තං නමති. අවිහිංසාවිතක්කඤ්චෙ භික්ඛවෙ භික්ඛු බහුලමනුවිතක්කෙති අනුවිචාරෙති, පහාසි විහිංසාවිතක්කං. අවිහිංසාවිතක්කං බහුලමකාසි. තස්ස තං අවිහිංසාවිතක්කාය චිත්තං නමති. සෙය්යථාපි භික්ඛවෙ ගිම්හානං පච්ඡිමෙ මාසෙ සබ්බසස්සෙසු ගාමන්තසම්භතෙසු ගොපාලකො ගාවො රක්ඛෙය්ය. තස්ස රුක්ඛමූලගතස්ස වා අබ්භොකාසගතස්ස වා සතිකරණීයමෙව හොති: එතා{1} ගාවොති. එවමෙව{2} ඛො භික්ඛවෙ සතිකරණීයමෙව අහොසි: එතෙ ධම්මාති.
Sinhala BJT9. මහණෙනි, මහණ තෙමේ යම් යම් ම විතර්‍කයක් බහුල කොට නැවත නැවත විතර්‍කණය කෙරේ ද, පුන පුනා හසුරුවා ද, ඒ ඒ ලෙසින් සිත්හි නැඹුරු බව වේ. මහණෙනි, මහණ තෙමේ නෛෂ්ක්‍රම්‍ය විතර්‍කය බහුල කොට නැවත නැවත විතර්‍කණය කෙරේ නම් පුන පුනා හසුරුවා නම් කාමවිතර්‍කය දුරු කෙරෙයි. නෛෂ්ක්‍රම්‍ය විතර්‍කය බහුල කෙරෙයි. ඔහුගේ ඒ සිත නෛෂ්ක්‍රම්‍ය විතර්‍කයට නැමෙයි. මහණෙනි, මහණ තෙමේ අව්‍යාපාද විතර්‍කය නැවත නැවත විතර්‍කණය කෙරේ නම් පුන පුනා හසුරුවා නම් ව්‍යාපාද විතර්‍කය දුරු කෙරෙයි. අව්‍යාපාද විතර්‍කය බහුල කෙරෙයි. ඔහුගේ ඒ සිත අව්‍යාපාද විතර්‍කයට නැමෙයි. මහණෙනි, ඉදින් මහණ තෙමේ අවිහිංසා විතර්‍කය බහුල කොට නැවත නැවත විතර්‍කණය කෙරේ ද, පුන පුනා හසුරුවා ද, විහිංසා විතර්‍කය දුරු කෙරෙයි. අවිහිංසා විතර්‍කය බහුල කෙරෙයි. ඔහුගේ ඒ සිත අවිහිංසා විතර්‍කයට නැමෙයි. මහණෙනි, යම් සේ ග්‍රීෂ්මඍතුවෙහි පශ්චිම මාසයෙහි සියලු ශෂ්‍යයන් ගමෙහි රැස් කළ කල්හි ගෝපොල්ලෙක් ගවයන් රක්නේ ද, රුක්මුලට ගියාවූ හෝ එලිමහනට ගියාවූ හෝ ඔහු විසින් ‘මොහු ගෙරිහු ය’ යි සිහි කිරීම් පමණෙක් ම වේ ද, මහණෙනි, එ පරිද්දෙන් ම ‘මොහු ශමථවිදර්‍ශනා ධර්‍මයෝ’ ය යි සිහිකිරීම් පමණෙක් ම වී ය.
Pali BJT10. ආරද්ධං ඛො පන මෙ භික්ඛවෙ විරියං අහොසි අසල්ලීනං. උපට්ඨිතා සති අසම්මුට්ඨා{3}. පස්සද්ධො කායො අසාරද්ධො. සමාහිතං චිත්තං එකග්ගං. සො ඛො අහං භික්ඛවෙ විවිච්චෙව කාමෙහි විවිච්ච අකුසලෙහි ධම්මෙහි සවිතක්කං සවිචාරං විවෙකජං පීතිසුඛං පඨමං ඣානං උපසම්පජ්ජ විහාසිං.–
Sinhala BJT10. මහණෙනි, මා විසින් (සිවුරඟින් යුත්) වීර්‍ය්‍යය පටන්ගන්නා ලදී. (එබැවින්) එය නො සැඟුනේ වී. සිහිය එළඹ සිටියා ය (එබැවින්ම එය මුළා නොවූ ය. කය සන්සිඳුණේ ය. (එබැවින් ම) පහවූ දැවිලි ඇත්තේ වීය. සිත මැනැවින් පිහිටුවන ලදී. (එබැවින් ම) එකඟ විය. මහණෙනි, ඒ මම කාමයන්ගෙන් වෙන්ව ම අකුශල ධර්‍මයන්ගෙන් වෙන්ව ම විතර්‍ක සහිත වූ විචාර සහිත වූ විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සුව ඇති ප්‍රථම ධ්‍යානයට පැමිණ වාසය කෙළෙමි.
Pali BJTවිතක්කවිචාරානං වූපසමා අජ්ඣත්තං සම්පසාදනං චෙතසො එකොදිභාවං අවිතක්කං අවිචාරං සමාධිජං පීතිසුඛං දුතියංඣානං උපසම්පජ්ජ විහාසිං. පීතියා ච විරාගා උපෙක්ඛකො{1} ච විහාසිං සතො ච සම්පජානො. සුඛඤ්ච කායෙන පටිසංවෙදෙසිං. යං තං අරියා ආචික්ඛන්ති: උපෙක්ඛකො සතිමා සුඛවිහාරීති තතියං ඣානං උපසම්පජ්ජ විහාසිං. සුඛස්ස ච පහානා දුක්ඛස්ස ච පහානා පුබ්බෙව සොමනස්සදොමනස්සානං අත්ථගමා අදුක්ඛමසුඛං උපෙක්ඛාසතිපාරිසුද්ධිං චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහාසිං.
Sinhala BJTවිතර්‍ක විචාරයන්ගේ සන්හිඳීමෙන් තමා තුළ පැහැදීම දනවන සිත්හි එකඟ බව ඇති විතර්‍ක රහිත වූ විචාර රහිත වූ සමාධියෙන් හටගත් ප්‍රීතිය හා සුව ඇති ද්විතීය ධ්‍යානයට පැමිණ වාසය කෙළෙමි. ප්‍රීතිය ද දුරු වීමෙන් මැදහත්ව ම වාසය කෙළෙමි. සිහි ඇත්තෙම් මනා නුවණ ඇත්තෙම් කයින් සුවය ද වින්දෙහි. ආර්‍ය්‍යයෝ ‘උපේක්‍ෂා ඇත්තේ ස්මෘතිමත් වූයේ සුඛවිහරණ ඇත්තේ ය’ යි යම් ධ්‍යානයක් වර්‍ණනා කරත් ද, ඒ තෘතීය ධ්‍යානයට පැමිණ වාසය කෙළෙමි. සුවය ද දුරු කිරීමෙන් දුක ද නැති කිරීමෙන් පෙර ම සොම්නස් දොම්නසුන්ගේ වැනසීමෙන් නො දුක් වූ නො සුව වූ උපේක්‍ෂාවෙන් හටගත් සිහිය පිළිබඳ පිරිසිදු බව ඇති චතුර්‍ත්‍ථධ්‍යානයට පැමිණ වාසය කෙළෙමි.
Pali BJT11. සො එවං සමාහිතෙ චිත්තෙ පරිසුද්ධෙ පරියොදාතෙ අනඞ්ගණෙ විගතූපක්කිලෙසෙ මුදුභූතෙ කම්මනියෙ ඨිතෙ ආනෙඤ්ජප්පත්තෙ පුබ්බෙනිවාසානුස්සතිඤාණාය චිත්තං අභිනින්නාමෙසිං. සො අනෙකවිහිතං පුබ්බෙනිවාසං අනුස්සරාමි. සෙය්යථිදං: එකම්පි ජාතිං ද්වෙපි ජාතියො තිස්සොපි ජාතියො චතස්සොපි ජාතියො පඤ්චපි ජාතියො දසපි ජාතියො වීසතිම්පි ජාතියො තිංසම්පි ජාතියො චත්තාරීසම්පි ජාතියො පඤ්ඤාසම්පි ජාතියො ජාතිසතම්පි ජාතිසහස්සම්පි ජාතිසතසහස්සම්පි, අනෙකෙපි සංවට්ටකප්පෙ අනෙකෙපි විවට්ටකප්පෙ අනෙකෙපි සංවට්ටවිවට්ටකප්පෙ “අමුත්රාසිං එවන්නාමො එවංගොත්තො එවංවණ්ණො එවමාහාරො එවංසුඛදුක්ඛපටිසංවෙදී එවමායුපරියන්තො. සො තතො චුතො අමුත්ර උප්පාදිං. තත්රාපාසිං එවන්නාමො එවංගොත්තො එවංවණ්ණො එවමාහාරො එවංසුඛදුක්ඛපටිසංවෙදී එවමායුපරියන්තො. සො තතො චුතො ඉධූපපන්නො”ති. ඉති සාකාරං සඋද්දෙසං අනෙකවිහිතං පුබ්බෙනිවාසං අනුස්සරාමි. අයං ඛො මෙ භික්ඛවෙ රත්තියා පඨමෙ යාමෙ පඨමා විජ්ජා අධිගතා අවිජ්ජා විහතා. විජ්ජා උප්පන්නා තමො විහතො ආලොකො උප්පන්නො යථා තං අප්පමත්තස්ස ආතාපිනො පහිතත්තස්ස විහරතො.
Sinhala BJT11. ඒ මම මෙසේ සමාධිගත සිත පිරිසිදු කල්හි, ප්‍රභාස්වර කල්හි, කෙලෙස් රහිත කල්හි, පහ වූ උපක්ලේශ ඇති කල්හි, මොළොක් වූ කල්හි, භාවනා කර්‍මයට සුදුසු කල්හි, ස්ථිති ප්‍රාප්ත කල්හි, නො සැලෙන බවට පැමිණි කල්හි, පෙර විසූ කඳ පිළිවෙළ සිහි කරන නුවණ පිණිස සිත වෙසෙසින් නැඹුරු කෙළෙමි. ඒ මම නොයෙක් ආකාර වූ පෙර විසූ කඳ පිළිවෙළ සිහි කරමි. එනම් - ජාති එකක් ද ජාති දෙකක් ද ජාති තුනක් ද ජාති සතරක් ද ජාති පසක් ද ජාති සයක් ද ජාති විස්සක් ද ජාති තිසක් ද ජාති සතළිසක් ද ජාති පණසක් ද ජාත සියයක් ද ජාති දහසක් ද ජාති සියදහසක් ද, නොයෙක් නස්නා කල්පයන් ද නොයෙක් වැඩෙනා කල්පයන් ද නොයෙක් නැසෙන වැඩෙන කල්පයන් ද - “අසුවල් තැන උපනිමි. මෙ නම් ඇත්තෙම් වීමි. මෙනම් ගෝත්‍ර ඇත්තෙම් වීමි. මෙ වැනි පැහැ ඇත්තෙම් වීමි. මෙ වැනි ආහාර ඇත්තෙම් වීමි. මෙ වැනි සුවදුක් විඳින්නෙකිම් වීමි. මෙ වැනි ආයු කෙළවර කොට ඇත්තෙම් වීමි. ඒ මම ඉන් ච්‍යුතව අසුවල් තැන උපනිමි. එහිදී ද මෙනම් ඇත්තෙම් වීමි. මෙ නම් ගෝත්‍ර ඇත්තෙම් වීමි. මෙ වැනි පැහැ ඇත්තෙම් වීමි. මෙ වැනි ආහාර ඇත්තෙම් වීමි. මෙ වැනි සුවදුක් වින්දෙකිම් වීමි. මෙ වැනි ආයු කෙළවර කොට ඇත්තෙම් වීමි. එ මම ඉන් ච්‍යුතව මෙහි උපන්නෙම් වෙමැ”යි මෙසේ ආකාර සහිත වූ උදෙසීම් සහිත වූ නන් වැදෑරුම් වූ පෙර විසූ කඳපිළිවෙළ සිහි කරමි. මහණෙනි, මා විසින් රැය පිළිබඳ පළමුයම්හි මේ පළමුවන විද්‍යාව ලබන ලදී. අවිද්‍යාව නසන ලදී. විද්‍යාව උපන. මොහඳුර නැසිණ. නැණලු උපන. අප්‍රමාදව කෙලෙස් තවන වැර ඇතිව නිවනට මෙහෙයු සිත් ඇතිව වසන්නහුට යම්සේ නම් එසේ ය.
Pali BJT12. සො එවං සමාහිතෙ චිත්තෙ පරිසුද්ධෙ පරියොදාතෙ අනඞ්ගණෙ විගතූපක්කිලෙසෙ මුදුභූතෙ කම්මනියෙ ඨිතෙ ආනෙඤ්ජප්පත්තෙ සත්තානං චුතූපපාතඤාණාය චිත්තං අභිනින්නාමෙසිං. සො දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන අතික්කන්තමානුසකෙන සත්තෙ පස්සාමි චවමානෙ උපපජ්ජමානෙ හීනෙ පණීතෙ සුවණ්ණෙ දුබ්බණ්ණෙ සුගතෙ දුග්ගතෙ, යථාකම්මූපගෙ සත්තෙ පජානාමි: –
Sinhala BJT12. ඒ මම මෙසේ සමාධිගත සිත පිරිසිදු කල්හි ප්‍රභාස්වර කල්හි කෙලෙස් රහිත කල්හි පහ වූ උපක්ලේශ ඇති කල්හි මොළොක් වූ කල්හි භාවනා කර්‍මයට සුදුසු කල්හි ස්ථිති ප්‍රාප්තකල්හි නො සැලෙන බවට පැමිණි කල්හි සත්ත්‍වයන්ගේ ච්‍යුතිඋත්පත්ති දන්නා නුවණ පිණිස සිත වෙසෙසින් නැඹුරු කෙළෙමි. ඒ මම ඉතා පිරිසිදු වූ මිනිසැස ඉක්ම වූ දිවැසින් - මැරෙන උපදින උසස් පහත් මනා පැහැ ඇති සුගතියට ගිය දුගතියට ගිය සත්ත්‍වයන් දකිමි. කම් වූ පරිදි මිය පරලොව යන සත්ත්‍වයන් දනිමි:
Pali BJT“ඉමෙ වත භොන්තො සත්තා කායදුච්චරිතෙන සමන්නාගතා, වචීදුච්චරිතෙන සමන්නාගතා, මනොදුච්චරිතෙන සමන්නාගතා, අරියානං උපවාදකා, මිච්ඡාදිට්ඨිකා මිච්ඡාදිට්ඨිකම්මසමාදානා. තෙ කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපන්නා. ඉමෙ වා පන භොන්තො සත්තා කායසුචරිතෙන සමන්නාගතා, වචීසුචරිතෙන සමන්නාගතා, මනොසුචරිතෙන සමන්නාගතා, අරියානං අනුපවාදකා, සම්මාදිට්ඨිකා, සම්මාදිට්ඨිකම්මසමාදානා. තෙ කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපන්නා”ති. ඉති දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන අතික්කන්තමානුසකෙන සත්තෙ පස්සාමි චවමානෙ උපපජ්ජමානෙ හීනෙ පණීතෙ සුවණ්ණෙ දුබ්බණ්ණෙ සුගතෙ දුග්ගතෙ, යථාකම්මූපගෙ සත්තෙ පජානාමි. අයං ඛො මෙ භික්ඛවෙ රත්තියා මජ්ඣිමෙ යාමෙ දුතියා විජ්ජා අධිගතා, අවිජ්ජා විහතා, විජ්ජා උප්පන්නා, තමො විහතො ආලොකො උප්පන්නො, යථා තං අප්පමත්තස්ස ආතාපිනො පහිතත්තස්ස විහරතො.
Sinhala BJT“මේ භවත් සත්ත්‍වයෝ ඒකාන්තයෙන් කායදුශ්චරිතයෙන් යුක්ත වූවෝ ය. වාග්දුශ්චරිතයෙන් යුක්ත වූවෝ ය. මනෝදුශ්චරිතයෙන් යුක්ත වූවෝ ය. ආර්‍ය්‍යෝපවාද කරන්නෝ ය. මිසදිටුවෝ ය. මිසදිටුකම් සමාදන් වූවෝ ය. ඔහු කාබුන් මරණින් මතු සැපයෙන් පහ වූ දුකට පිහිට වන විවසව පතිතවන නරකයෙහි උපන්නාහු ය. මේ භවත් සත්ත්‍වයෝ වනාහි කායසුචරිතයෙන් යුක්තයෝ ය. වාක්සුචරිතයෙන් යුක්තයෝ ය. මනඃසුචරිතයෙන් යුක්තයෝ ය. ආර්‍ය්‍යෝපවාද නොකරන්නෝ ය. සම්දිටුවෝ ය. සම්දිටුකම් සමාදන් වූ වෝය. ඔහු කාබුන් මරණින් මතු සුගතිනම් වූ ස්වර්‍ගලෝකයෙහි උපන්නෝය.” මෙසේ පිරිසිදු වූ මිනිසැස ඉක්ම වූ දිවැසින් - උපදින මැරෙන උසස් පහත් මනා පැහැ ඇති නො මනා පැහැ ඇති සුගතියට ගිය දුගතියට ගිය සත්ත්‍වයන් දකිමි. කම් වූ පරිදි මිය පරලොව යන සත්ත්‍වයන් දනිමි. මහණෙනි, මා විසින් රැය පිළිබඳ මැදුම්යම්හි මේ දෙවන විද්‍යාව ලබන ලදී. අවිද්‍යාව නසන ලදී. විද්‍යාව උපන. මොහඳුර නැසිණ. නැණලු උපන. අප්‍රමත්තව කෙලෙස් තවන වැර ඇතිව නිවනට මෙහෙයු සිතැතිව වසන්නහුට යම්සේ නම් එසේ ය.
Pali BJT13. සො එවං සමාහිතෙ චිත්තෙ පරිසුද්ධෙ පරියොදාතෙ අනඞ්ගණෙ විගතූපක්කිලෙසෙ මුදුභූතෙ කම්මනියෙ ඨිතෙ ආනෙඤ්ජප්පත්තෙ ආසවානං ඛයඤාණාය චිත්තං අභිනින්නාමෙසිං. සො ඉදං දුක්ඛන්ති යථාභූතං අබ්භඤ්ඤාසිං. අයං දුක්ඛසමුදයොති යථාභූතං අබ්භඤ්ඤාසිං. අයං දුක්ඛනිරොධොති යථාභූතං අබ්භඤ්ඤාසිං. අයං දුක්ඛනිරොධගාමිනී පටිපදාති යථාභූතං අබ්භඤ්ඤාසිං. ඉමෙ ආසවාති යථාභූතං අබ්භඤ්ඤාසිං. අයං ආසවසමුදයොති යථාභූතං අබ්භඤ්ඤාසිං. අයං ආසවනිරොධොති යථාභූතං අබ්භඤ්ඤාසිං. අයං ආසවනිරොධගාමිනී පටිපදාති යථාභූතං අබ්භඤ්ඤාසිං. තස්ස මෙ එවං ජානතො එවං පස්සතො කාමාසවාපි චිත්තං විමුච්චිත්ථ. භවාසවාපි චිත්තං විමුච්චිත්ථ{1}. අවිජ්ජාසවාපි චිත්තං විමුච්චිත්ථ. විමුත්තස්මිං විමුත්තමිති ඤාණං අහොසි. ‘ඛීණා ජාති, වුසිතං බ්රහ්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්ථත්තායා’ති අබ්භඤ්ඤාසිං. අයං ඛො මෙ භික්ඛවෙ රත්තියා පච්ඡිමෙ යාමෙ තතියා විජ්ජා අධිගතා, අවිජ්ජා විහතා, විජ්ජා උප්පන්නා, තමො විහතො, ආලොකො උප්පන්නො, යථා තං අප්පමත්තස්ස ආතාපිනො පහිතත්තස්ස විහරතො.
Sinhala BJT13. ඒ මම මෙසේ සමාධිගත සිත පිරිසිදු කල්හි ප්‍රභාස්වර කල්හි කෙලෙස් රහිත කල්හි පහ වූ උපක්ලේශ ඇති කල්හි මොළොක් වූ කල්හි භාවනාකර්‍මයට සුදුසු කල්හි ස්ථිතිප්‍රාප්ත කල්හි නො සැලෙනබවට පැමිණි කල්හි ආස්‍රවයන් ක්‍ෂය කරන ඥානය පිණිස සිත වෙසෙසින් නැඹුරු කෙළෙමි. ඒ මම මේ දුකය යි තතුලෙස දතිමි. මේ දුක් හට ගැනීමේ හේතුයැ යි තතුලෙස දතිමි. මේ දුක් නැති කිරීම ය යි තතුලෙස දතිමි. මේ දුක් නැතිකිරීමේ පිළිවෙත යැ යි තතුලෙස දතිමි. මේ ආස්‍රවයහ යි තතුලෙස දතිමි. මේ ආස්‍රවයන්ගේ සමුදය යැයි තතුලෙස දතිමි. මේ ආස්‍රවනිරෝධ යැ යි තතුලෙස දතිමි. මේ ආස්‍රවනිරෝධගාමිනී ප්‍රතිපදා යැ යි තතුලෙස දතිමි. මෙසේ දන්නා වූ මෙසේ දක්නා වූ මාගේ සිත කාමාස්‍රවයෙන් ද මිදුණේ ය. භවාස්‍රවයෙන් ද සිත මිදුණේ ය. අවිද්‍යාස්‍රවයෙන් ද සිත මිදුණේ ය. මිදුණු කල්හි මිදිණ යි නුවණ විය. ‘උපත නැති විය. බඹසර වැස නිමවන ලදී. කළයුතු කිස කරන ලදි. මේ අර්‍හත්ත්‍වය පිණිස කළයුතු අනෙකෙක් නැතැ’ යි දතිමි. මහණෙනි, මා විසින් රැය පිළිබඳ පැසුළුයම්හි මේ තුන්වැනි විද්‍යාව ලබන ලදී. අවිද්‍යාව නසන ලදී. විද්‍යාව උපන. මොහඳුර නැසිණ. නැණලු උපන. අප්‍රමත්තව කෙලෙස් තවන වැර ඇතිව නිවනට මෙහෙයු සිත් ඇතිව වසන්නහුට යම්සේ වේ නම් එසේ ය.
Pali BJT14. සෙය්යථාපි භික්ඛවෙ අරඤ්ඤෙ පවනෙ මහන්තං නින්නං පල්ලලං, තමෙනං මහාමිගසඞ්ඝො උපනිස්සාය විහරෙය්ය. තස්ස කොචිදෙව පුරිසො උප්පජ්ජෙය්ය අනත්ථකාමො අහිතකාමො අයොගක්ඛෙමකාමො, සො ය්වාස්ස මග්ගො ඛෙමො සොවත්ථිකො පීතිගමනීයො, තං මග්ගං පිදහෙය්ය විවරෙය්ය කුම්මග්ගං. ඔදහෙය්ය ඔකචරං, ඨපෙය්ය ඔකචාරිකං.–
Sinhala BJT14. මහණෙනි, මහවනයෙහි වනලැහැබෙක යම්බඳු මහත් නොගැඹුරු කුඩා දියවිලෙක් වේ ද, මහත් මුවරැළෙක් එය ඇසුරු කොට වසන්නේ ය. ඒ මුවරැළට අවැඩ කැමැති අහිත කැමැති භය කැමැති කිසියම් පුරුෂයෙක් පහළ වන්නේ ය. හෙතෙමේ නිර්‍භය වූ සුව එළවන ප්‍රීතියෙන් යා හැකි මගෙක් වන්නේ ද, ඒ මග වසන්නේ ය. නොමග විවෘත කරන්නේ ය. සේ මුවකු සිටුවන්නේ ය. සේ මුවදෙනක සිටුවන්නේ ය.
Pali BJTඑවං හි සො භික්ඛවෙ මහාමිගසඞ්ඝො අපරෙන සමයෙන අනයව්යසනං{1} තනුත්තං{2} ආපජ්ජෙය්ය. තස්සෙව ඛො පන භික්ඛවෙ, මහතො මිගසඞ්ඝස්ස කොචිදෙව පුරිසො උප්පජ්ජෙය්ය අත්ථකාමො හිතකාමො යොගක්ඛෙමකාමො, සො ය්වාස්ස මග්ගො ඛෙමො සොවත්ථිකො පීතිගමනීයො, තං මග්ගං විවරෙය්ය, පිදහෙය්ය කුම්මග්ගං, ඌහනෙය්ය ඔකචරං, නාසෙය්ය ඔක චාරිකං. එවං හි සො භික්ඛවෙ මහාමිගසඞ්ඝො අපරෙන සමයෙන වුද්ධිං විරූළ්හිං වෙපුල්ලං ආපජ්ජෙය්ය.
Sinhala BJTමහණෙනි, මෙසේ වනාහි ඒ මහමුවරැළ පසුකලෙක අනයව්‍යසනයට තනුත්‍වයට පැමිණෙන්නේ ය. මහණෙනි, ඒ මහත් මුවරැළට ම වැඩ කැමැති හිත කැමැති අභය කැමැති කිසියම් පුරුෂයෙක් පහළ වන්නේ ය. හෙ තෙමේ නිර්‍භය වූ සුව එළවන ප්‍රීතියෙන් යා හැකි යම් මාර්‍ගයෙක් වන්නේ ද, ඒ මග විවෘත කරන්නේ ය. නොමග වසන්නේ ය. සේ මුවා නසන්නේ ය. සේ මුවදෙන නසන්නේ ය. මහණෙනි, මෙසේ වනාහි ඒ මහමුවරැළ තෙමේ පසු කලෙක වැඩීමට පැතිරීමට මහත්බවට පැමිණෙන්නේ ය.
Pali BJT15. උපමා ඛො මෙ අයං භික්ඛවෙ කතා අත්ථස්ස විඤ්ඤාපනාය. අයඤ්චෙවෙත්ථ අත්ථො: මහන්තං නින්නං පල්ලලන්ති ඛො භික්ඛවෙ කාමානමෙතං අධිවචනං. මහාමිගසඞ්ඝොති ඛො භික්ඛවෙ සත්තානමෙතං අධිවචනං. පුරිසො අනත්ථකාමො අහිතකාමො අයොගක්ඛෙමකාමොති ඛො භික්ඛවෙ මාරස්සෙතං පාපිමතො අධිවචනං. කුම්මග්ගොති ඛො භික්ඛවෙ අට්ඨඞ්ගිකස්සෙතං මිච්ඡාමග්ගස්ස අධිවචනං සෙය්යථිදං: මිච්ඡාදිට්ඨියා මිච්ඡාසඞ්කප්පස්ස මිච්ඡාවාචාය මිච්ඡාකම්මන්තස්ස මිච්ඡාආජීවස්ස මිච්ඡාවායාමස්ස මිච්ඡාසතියා මිච්ඡාසමාධිස්ස. ඔකචරොති ඛො භික්ඛවෙ නන්දිරාගස්සෙතං අධිවචනං. ඔකචාරිකාති ඛො භික්ඛවෙ අවිජ්ජායෙතං අධිවචනං. පුරිසො අත්ථකාමො යොගක්ඛෙමකාමොති ඛො භික්ඛවෙ තථාගතස්සෙතං අධිවචනං අරහතො සම්මාසම්බුද්ධස්ස. ඛෙමො මග්ගො සොවත්ථිකො පීතිගමනීයොති ඛො භික්ඛවෙ අරියස්සෙතං අට්ඨඞ්ගිකස්ස මග්ගස්ස අධිවචනං. සෙය්යථීදං: සම්මාදිට්ඨියා සම්මාසඞ්කප්පස්ස සම්මාවාචාය සම්මාකම්මන්තස්ස සම්මාආජීවස්ස සම්මාවායාමස්ස සම්මාසතියා සම්මාසමාධිස්ස.
Sinhala BJT15. මහණෙනි, අර්‍ත්‍ථය හැඟවීම පිණිස මා විසින් මේ උපමාව කරන ලද්දී ය. මෙහි මේ අදහස වේ: මහණෙනි, “මහන්තං නිත්තං පල්ලං” යන මෙය කාමයනට නමෙකි. මහණෙනි, “මහාමිගසඞ්ඝෝ” යන මෙය සත්ත්‍වයනට නමෙකි. මහණෙනි, “පුරිසො අනත්‍ථකාමේ අහිතකාමෝ අයෝගක්ඛේමකාමෝ” යන මෙය පාපී වූ මාරයාට නමෙකි. “කුම්මග්ගො” යන මෙය මිථ්‍යාදෘෂ්ටිය මිථ්‍යාසංකල්පය මිථ්‍යාවචනය මිථ්‍යාකර්‍මාන්තය මිථ්‍යාආජීවය මිථ්‍යාව්‍යායාමය මිථ්‍යාස්මෘතිය මිථ්‍යාසමාධියැ යි අටඟින් යුක්ත වූ මිථ්‍යාමාර්‍ගයට නමෙකි. මහණෙනි, “ඔකචරො” යන මෙය නන්‍දිරාගයට නමෙකි. මහණෙනි, ‘ඔකචාරිකා’ යන මෙය අවිද්‍යාවට නමෙකි. මහණෙනි, “පුරිසො අත්‍ථකාමෝ යොගක්ඛෙමකාමො” යන මෙය තථාගත අර්‍හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේට නමෙකි. මහණෙනි, “ඛේමො මග්ගෝ සොවත්‍ථිකො පීතිගමනීයො” යන මෙය සම්‍යග්දෘෂ්ටිය සම්‍යක්සංකල්පය සම්‍යග්වචනය සම්‍යග්කර්‍මාන්තය සම්‍යගාජීවය සම්‍යග්ව්‍යායාමය සම්‍යක්ස්මෘතිය සම්‍යක්සමාධිය යැයි අටඟින් යුක්ත වූ ආර්‍ය්‍යයමාර්‍ගයට නමෙකි.
Pali BJT16. ඉති ඛො භික්ඛවෙ විවටො මයා ඛෙමො මග්ගො සොවත්ථිකො පීතිගමනීයො, පිහිතො කුම්මග්ගො, ඌහතො ඔකචරො, නාසිතා ඔකචාරිකා. යං භික්ඛවෙ සත්ථාරා කරණීයං සාවකානං හිතෙසිනා අනුකම්පං උපාදාය, කතං වො තං මයා. එතානි භික්ඛවෙ රුක්ඛමූලානි, එතානි සුඤ්ඤාගාරානි. ඣායථ භික්ඛවෙ, මා පමාදත්ථ, මා පච්ඡා විප්පටිසාරිනො අහුවත්ථ. අයං වො අම්හාකං අනුසාසනීති.
Sinhala BJT16. මහණෙනි, මෙසේ මා විසින් නිර්‍භය වූ සුව එළවන ප්‍රීතියෙන් යා හැකි මාර්‍ගය විවෘත කරන ලද්දේ ය. නොමඟ වසන ලද්දේ ය. සේ මුවා නසන ලද්දේ ය. සේ මුවදෙන නසන ලද්දේ ය. මහණෙනි, ශ්‍රාවකයනට හිත කැමැති අනුකම්පා ඇති ශාස්තෘවරයකු විසින් අනුකම්පාවෙන් යමක් කළයුතු ද, එය මා විසින් තොපට කරනලදි. මහණෙනි, තෙල වෘක්‍ෂමූලයෝ ය, තෙල ශුන්‍යාගාරයෝ ය. මහණෙනි, ධ්‍යාන කරවු. නාමක් පමාවවු. පසුව නාමක් විපිළිසරවවු මේ තොපට අපගේ අනුශාසනා යි.
Pali BJTඉදමවොච භගවා. අත්තමනා තෙ භික්ඛූ භගවතො භාසිතං අභිනන්දුන්ති.
Sinhala BJTභාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක. සතුටු වූ ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව මැනැවැ යි පිළිගත්හ.
Pali BJTද්වෙධාවිතක්කසුත්තං නවමං.
Sinhala BJTද්වේධාවිතක්ක සූත්‍රය නවවැනි යි.
Pali BJT1. 2. 10.
Sinhala BJT1. 2. 10.
Pali BJTවිතක්කසණ්ඨානසුත්තං
Sinhala BJTවිතක්කසණ්ඨාන සූත්‍රය
Pali BJT1. එවං මෙ සුතං: එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තත්ර ඛො භගවා භික්ඛූ ආමන්තෙසි භික්ඛවොති. භදන්තෙති තෙ භික්ඛූ භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච:
Sinhala BJT1. මා විසින් මෙසේ අසන ලදී: එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වැඩ වසන සේක. එහි දී භාග්‍යවතුන් වහන්සේ මහණෙනි යි භික්‍ෂූන් ඇමතූ සේක. ඒ භික්‍ෂුහු වහන්ස, යි භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක:
Pali BJT2. අධිචිත්තමනුයුත්තෙන භික්ඛවෙ භික්ඛුනා පඤ්ච නිමිත්තානි කාලෙන කාලං මනසිකාතබ්බානි. කතමානි පඤ්ච?
Sinhala BJT2. මහණෙනි, අධිචිත්තයෙහි (විදර්‍ශනාපාදක අෂ්ටසමාපත්ති චිත්තයෙහි) යෙදුණු මහණහු විසින් කලින් කල කරුණු පසෙක් මෙනෙහි කළයුතුය. කවර පසෙක් ද යත්:
Pali BJT3. ඉධ භික්ඛවෙ භික්ඛුනො යං නිමිත්තං ආගම්ම යං නිමිත්තං මනසිකරොතො උප්පජ්ජන්ති පාපකා අකුසලා විතක්කා ඡන්දූපසංහිතාපි දොසූපසංහිතාපි මොහූපසංහිතාපි, තෙන භික්ඛවෙ භික්ඛුනා තම්හා නිමිත්තා අඤ්ඤං නිමිත්තං මනසිකාතබ්බං කුසලූපසංහිතං. තස්ස තම්හා නිමිත්තා අඤ්ඤං නිමිත්තං මනසිකරොතො කුසලූපසංහිතං, යෙ පාපකා අකුසලා විතක්කා ඡන්දූපසංහිතාපි දොසූපසංහිතාපි මොහූපසංහිතාපි, තෙ පහීයන්ති. තෙ අබ්භත්ථං ගච්ඡන්ති. තෙසං පහානා අජ්ඣත්තමෙව චිත්තං සන්තිට්ඨති සන්නිසීදති එකොදි හොති{1}, සමාධියති. සෙය්යථාපි භික්ඛවෙ දක්ඛො පලගණ්ඩො වා පලගණ්ඩන්තෙවාසී වා සුඛුමාය ආණියා ඔළාරිකං ආණිං අභිනීහනෙය්ය{2} අභිනීහරෙය්ය අභිනිවජ්ජෙය්ය,{3} එවමෙව ඛො භික්ඛවෙ භික්ඛුනො යං නිමිත්තං ආගම්ම යං නිමිත්තං මනසිකරොතො උප්පජ්ජන්ති පාපකා අකුසලා විතක්කා ඡන්දූපසංහිතාපි දොසූපසංහිතාපි මොහූපසංහිතාපි, තෙන භික්ඛවෙ භික්ඛුනා තම්හා නිමිත්තා අඤ්ඤං නිමිත්තං මනසිකාතබ්බං කුසලූපසංහිතං. යෙ පාපකා අකුසලා විතක්කා ඡන්දූපසංහිතාපි දොසූපසංහිතාපි මොහූපසංහිතාපි තෙ පහීයන්ති. තෙ අබ්භත්ථං ගච්ඡන්ති. තෙසං පහානා අජ්ඣත්තමෙව චිත්තං සන්තිට්ඨති සන්නිසීදති එකොදි හොති සමාධියති. [1. අඤ්ඤනිමිත්තපබ්බං.]
Sinhala BJT3. මහණෙනි, මේ ශාසනයෙහි යම් අරමුණකට පැමිණ යම් අරමුණක් මෙනෙහි කරන මහණහුට ලෝභභසහගත වූත් ද්වේෂසහගත වූත් මෝහසහගතවූත් ලාමක වූ අකුශල විතර්‍කයෝ උපදිත් ද, මහණෙනි, ඒ මහණහු විසින් ඒ නිමිත්තෙන් අන්‍ය වූ කුශලයෙන් යුක්තවූ නිමිත්තෙක් මෙනෙහි කළ යුතුය. ඒ නිමිත්තෙන් අන්‍ය වූ කුශලයෙන් යුක්ත වූ නිමිත්තක් මෙනෙහි කරන්නා වූ ඔහුට ලෝභසහගත වූත් ද්වේෂසහගත වූත් මෝහසහගත් වූත් ලාමක වූ යම් අකුශල විතර්‍කයෝ වෙත් ද, ඔහු ප්‍රහීණ වෙත්. ඔහු විනාශයට යෙත්. ඔවුන් ප්‍රහීණ වීමෙන් සිය සතන්හි සිත පිහිටයි. මොනවට තැන්පත් වෙයි. එකඟ වෙයි. සමාධිගත වෙයි. මහණෙනි, යම් සේ දක්‍ෂ වඩුවෙක් හෝ වඩු අතවැස්සෙක් හෝ සියුම් ඇණයකින් මහා ඇණයකට ගසන්නේ ද, (ගසමින් පුවරුවෙන්) බැහැර කරන්නේ ද, (අතින්) ඇද දමන්නේ ද, මහණෙනි, එසේ ම යම් අරමුණකට පැමිණ යම් අරමුණක්මෙනෙහි කරන්නා වූ මහණහට ලෝභසහගත වූත් ද්වේෂසහගත වූත් මෝහ සහගත් වූත් ලාමක අකුශල විතර්‍කයෝ උපදිත් ද, මහණෙනි, ඒ මහණහු විසින් ඒ නිමිත්තෙන් අන්‍ය වූ කුශලයෙන් යුක්ත වූ නිමිත්තෙක් මෙනෙහි කළයුතු ය. ඒ නිමිත්තෙන් අන්‍ය වූ කුශලයෙන් යුක්ත වූ නිමිත්තක් මෙනෙහි කරන්නාවූ ඔහුට ලෝභසහගත වූත් ද්වේෂසහගත වූත් මෝහසහගත් වූත් ලාමක වූ යම් අකුශල විතර්‍කයෝ වෙත් ද, ඔව්හු ප්‍රහීණ වෙත්. විනාශයට යෙත්. ඔවුන් ප්‍රහීණ වීමෙන් සන්තානයෙහි සිත පිහිටයි. මොනවට තැන්පත් වෙයි. එකඟ වෙයි. සමාධිගත වෙයි. (1)
Pali BJT4. තස්ස චෙ භික්ඛවෙ භික්ඛුනො තම්හා නිමිත්තා අඤ්ඤං නිමිත්තං මනසිකරොතො කුසලූපසංහිතං උප්පජ්ජන්තෙව පාපකා අකුසලා විතක්කා ඡන්දූපසංහිතාපි දොසූපසංහිතාපි මොහූපසංහිතාපි, තෙන භික්ඛවෙ භික්ඛුනා තෙසං විතක්කානං ආදීනවො උපපරික්ඛිතබ්බො: ඉතිපිමෙ විතක්කා අකුසලා, ඉතිපිමෙ විතක්කා සාවජ්ජා, ඉතිපිමෙ විතක්කා දුක්ඛවිපාකාති. තස්ස තෙසං විතක්කානං ආදීනවං උපපරික්ඛතො යෙ පාපකා අකුසලා විතක්කා ඡන්දූපසංහිතාපි දොසූපසංහිතාපි මොහූපසංහිතාපි, තෙ පහීයන්ති. තෙ අබ්භත්ථං ගච්ඡන්ති. තෙසං පහානා අජ්ඣත්තමෙව චිත්තං සන්තිට්ඨති සන්නිසීදති එකොදි හොති සමාධියති.–
Sinhala BJT4. මහණෙනි, ඒ නිමිත්තෙන් අන්‍ය වූ කුශලයෙන් යුක්ත වූ නිමිත්තක් මෙනෙහි කරන ඔහුට ලෝභසහගත වූත් ද්වේෂසහගත වූත් මෝහසහගත් වූත් ලාමක වූ යම් අකුශල විතර්‍කයෝ උපදිත් ම නම් මහණෙනි ඒ මහණහු විසින් “මෙයිනුදු මේ විතර්‍කයෝ අකුශලයහ. මෙයිනුදු මේ විතර්‍කයෝ සාවද්‍යයහ. මෙයිනුදු මේ විතර්‍කයෝ දුඃඛ විපාකයහ” යි ඒ විතර්‍කයන්ගේ දෝෂය පිරික්සිය යුතුයි. ඒ විතර්‍කයන්ගේ දෝෂය පරීක්‍ෂා කරන්නා ඔහුට ලෝභසහගත වූත් ද්වේෂසහගත වූත් මෝහසහගත් වූත් ලාමක වූ යම් අකුශල විතර්‍කයෝ වෙත් ද ඔහු ප්‍රහීණ වෙත්. ඔහු විනාශයට යෙත්. ඔවුන් ප්‍රහීණ වීමෙන් සියසතන්හි ම සිත පිහිටයි. මොනොවට තැන්පත් වෙයි. එකඟ වෙයි. සමාධිගත වෙයි.
Pali BJTසෙය්යථාපි භික්ඛවෙ ඉත්ථී වා පුරිසො වා දහරො යුවා මණ්ඩනකජාතිකො අහිකුණපෙන වා කුක්කුරකුණපෙන වා මනුස්සකුණපෙන වා කණ්ඨෙ ආසත්තෙන අට්ටීයෙය්ය හරායෙය්ය ජිගුච්ඡෙය්ය, එවමෙව ඛො භික්ඛවෙ තස්ස චෙ භික්ඛුනො තම්හාපි{1} නිමිත්තා අඤ්ඤං නිමිත්තං මනසිකරොතො කුසලූපසංහිතං උප්පජ්ජන්තෙව පාපකා අකුසලා විතක්කා ඡන්දූපසංහිතාපි දොසූපසංහිතාපි මොහූපසංහිතාපි, තෙන භික්ඛවෙ භික්ඛුනා තෙසං විතක්කානං ආදීනවො උපපරික්ඛිතබ්බො: ඉතිපිමෙ විතක්කා අකුසලා, ඉතිපිමෙ විතක්කා සාවජ්ජා, ඉතිපිමෙ විතක්කා දුක්ඛවිපාකාති. තස්ස තෙසං විතක්කානං ආදීනවං උපපරික්ඛතො යෙ පාපකා අකුසලා විතක්කා ඡන්දූපසංහිතාපි දොසූපසංහිතාපි මොහූපසංහිතාපි, තෙ පහීයන්ති. තෙ අබ්භත්ථං ගච්ඡන්ති. තෙසං පහානා අජ්ඣත්තමෙව චිත්තං සන්තිට්ඨති සන්නිසීදති එකොදි හොති සමාධියති. [2. ආදීනවපබ්බං.]
Sinhala BJTමහණෙනි, යම් සේ තරුණ වූ සැරසෙන සුලු ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ ගෙලෙහි ලැගුණු සප්කුණකින් හෝ බලුකුණකින් හෝ මිනිස්කුණකින් හෝ හටගත් දුක් ඇත්තේ වන්නේ ද, ලජ්ජිත වන්නේ ද හටගත් පිළිකුල් ඇත්තේ වන්නේ ද, මහණෙනි, ඒ පරිද්දෙන්ම ඒ නිමිත්තයෙන් ද අන්‍ය වූ කුශලයෙන් යුක්ත වූ නිමිත්තක් මෙනෙහි කරන්නා වූ ඒ මහණහට ලෝභසහගත වූත් ද්වේෂසහගත වූත් මෝහසහගත වූත් ලාමක වූ අකුශල විතර්‍කයෝ උපදිත් ම නම් මහණෙනි, ඒ මහණහු විසින් “මෙයිනුදු මේ විතර්‍කයෝ අකුශලයහ. මෙයිනුදු මේ විතර්‍කයෝ සාවද්‍යයහ. මෙයිනුදු මේ තර්‍කයෝ දුඃඛවිපකයහ” යි ඒ විතර්‍කයන්ගේ දෝෂය පරීක්‍ෂා කොට බැලිය යුතුය. ඒ විතර්‍කයන්ගේ දෝෂය පරීක්‍ෂා කරන්නා වූ ඔහුට ලෝභසහගත වූත් ද්වේෂසහගත වූත් මෝහසහගත වූත් යම් ලාමක වූ අකුශලවිතර්‍කයෝ වෙත් ද, ඔහු ප්‍රහීණ වෙත්. ඔහු විනාශයට යෙත්. ඔවුන් ප්‍රහීණ වීමෙන් සන්තානයෙහි ම සිත පිහිටයි. මොනවට තැන්පත් වෙයි. එකඟ වෙයි. සමාධිගත වෙයි. (2)
Pali BJT5. තස්ස චෙ භික්ඛවෙ භික්ඛුනො තෙසං{2} විතක්කානං ආදීනවං උපපරික්ඛතො උප්පජ්ජන්තෙව පාපකා අකුසලා විතක්කා ඡන්දූපසංහිතාපි දොසූපසංහිතාපි මොහූපසංහිතාපි, තෙන භික්ඛවෙ භික්ඛුනා තෙසං{3} විතක්කානං අසති අමනසිකාරො ආපජ්ජිතබ්බො. තස්ස තෙසං විතක්කානං අසති අමනසිකාරං ආපජ්ජතො යෙ පාපකා අකුසලා විතක්කා ඡන්දූපසංහිතාපි දොසූපසංහිතාපි මොහූපසංහිතාපි, තෙ පහීයන්ති. තෙ අබ්භත්ථං ගච්ඡන්ති. තෙසං පහානා අජ්ඣත්තමෙව චිත්තං සන්තිට්ඨති සන්නිසීදති එකොදි හොති සමාධියති. සෙය්යථාපි භික්ඛවෙ චක්ඛුමා පුරිසො ආපාථගතානං රූපානං අදස්සනකාමො අස්ස, සො නිමීලෙය්ය{4} වා අඤ්ඤෙන වා අපලොකෙය්ය. එවමෙව ඛො භික්ඛවෙ තස්ස චෙ භික්ඛුනො තෙසම්පි විතක්කානං ආදීනවං උපපරික්ඛතො උප්පජ්ජන්තෙව පාපකා අකුසලා විතක්කා ඡන්දූපසංහිතාපි දොසූපසංහිතාපි මොහූපසංහිතාපි, තෙන භික්ඛවෙ භික්ඛුනා තෙසං විතක්කානං අසති අමනසිකාරො ආපජ්ජිතබ්බො. තස්ස තෙසං විතක්කානං අසති අමනසිකාරං අපජ්ජතො යෙ පාපකා අකුසලා විතක්කා ඡන්දූපසංහිතාපි දොසූපසංහිතාපි මොහූපසංහිතාපි{*} තෙ පහීයන්ති. තෙ අබ්භත්ථං ගච්ඡන්ති. තෙසං පහානා අජ්ඣත්තමෙව චිත්තං සන්තිට්ඨති සන්නිසීදති එකොදි හොති සමාධියති. [3. අසතිපබ්බං.]
Sinhala BJT5. මහණෙනි, ඒ විතර්‍කයන්ගේ දෝෂය පරීක්‍ෂා කරන්නා වූ ඒ මහණහට ලෝභසහගත වූත් ද්වේෂසහගත වූත් මෝහසහගත වූත් ලාමක වූ විතර්‍කයෝ උපදිත් ම නම්, මහණෙනි, ඒ මහණහු විසින් ඒ අකුශල විතර්‍කයන් සිහි නොකිරීමට මෙනෙහි නොකිරීමට පැමිණීම මැනවි. ඒ විතර්‍කයන් සිහි නොකිරීමට මෙනෙහි නොකිරීමට පැමිණෙන්නාවූ ඔහුට ලෝභසහගත වූත් ද්වේෂසහගතවූත් මෝහසහගත වූත් යම් ලාමක අකුශලවිතර්‍කයෝ වෙත් ද, ඔහු ප්‍රහීණ වෙත්. ඔහු විනාශයට යෙත්. ඔවුන් ප්‍රහීණ වීමෙන් ඇතුළත ම සිත පිහිටයි. මොනවට තැන්පත් වෙයි. එකඟ වෙයි. සමාධි ගත වෙයි. මහණෙනි, යම් සේ ඇස් ඇති පුරුෂයෙක් හමුවට පැමිණි රූපයන් නො දකිනු කැමැත්තේ වන්නේ ද, හෙතෙමේ ඇස් පියා ගන්නේ හෝ වේ ද, අන් දෙසක් බලන්නේ හෝ වේ ද, මහණෙනි, එපරිද්දෙන්ම ඒ විතර්‍කයන්ගේ දෝෂය පරීක්‍ෂා කරන්නා වූ මහණහට ලෝභසහගත වූත් ද්වේෂසහගතවූත් මෝහසහගත වූත් යම් ලාමක අකුශලවිතර්‍කයෝ උපදිත් ම නම්, මහණෙනි, ඒ මහණහු විසින් ඒ විතර්‍කයන් සිහි නොකිරීමට මෙනෙහි නොකිරීමට පැමිණීම මැනැවි. ඒ විතර්‍කයන් සිහි නොකිරීමට මෙනෙහි නොකිරීමට පැමිණෙන්නා වූ ඔහුට ලෝභසහගත වූත් ද්වේෂසහගතවූත් මෝහසහගත වූත් යම් ලාමක අකුශලවිතර්‍කයෝ වෙත් ද, ඔහු ප්‍රහීණ වෙත්. ඔහු විනාශයට යෙත්. ඔවුන් ප්‍රහීණ වීමෙන් සන්තයෙහි ම සිත පිහිටයි. මොනවට තැන්පත් වෙයි. එකඟ වෙයි. සමාධිගත වෙයි. (3)
Pali BJT6. තස්ස චෙ භික්ඛවෙ භික්ඛුනො තෙසම්පි විතක්කානං අසති අමනසිකාරං ආපජ්ජතො උප්පජ්ජන්තෙව පාපකා අකුසලා විතක්කා ඡන්දූපසංහිතාපි දොසූපසංහිතාපි මොහූපසංහිතාපි, තෙන භික්ඛවෙ භික්ඛුනා තෙසං විතක්කානං විතක්කසඞ්ඛාරසණ්ඨානං{5} මනසිකාතබ්බං. තස්ස තෙසං විතක්කානං විතක්කසඞ්ඛාරසණ්ඨානං මනසිකරොතො යෙ පාපකා අකුසලා විතක්කා ඡන්දූපසංහිතාපි දොසූපසංහිතාපි මොහූපසංහිතාපි, තෙ පහීයන්ති තෙ අබ්භත්ථං ගච්ඡන්ති. තෙසං පහානා අජ්ඣත්තමෙව චිත්තං සන්තිට්ඨති සන්නිසීදති එකොදි හොති සමාධියති.–
Sinhala BJT6. මහණෙනි, ඒ විතර්‍කයන් ද නො සිහි කිරීමට නො මෙනෙහි කිරීමට පැමිණෙන්නා වූ ඔහුට ලෝභසහගත වූත් ද්වේෂසහගතවූත් මෝහසහගත වූත් යම් ලාමක අකුශලවිතර්‍කයෝ උපදිත් ම නම්, මහණෙනි, ඒ මහණහු විසින් ඒ විතර්‍කයන්ගේ මුලස්ථානය මෙනෙහි කළයුතුයි. ඒ විතර්‍කයන්ගේ විතර්‍කමුලස්ථානය මෙනෙහි කරන්නා වූ ඔහුට ලෝභසහගත වූත් ද්වේෂසහගතවූත් මෝහසහගත වූත් යම් ලාමක විතර්‍කයෝ වෙත් ද, ඔහු ප්‍රහීණ වෙත්. ඔහු විනාශයට යෙත්. ඔවුන් ප්‍රහීණ වීමෙන් සන්තානයෙහි ම සිත පිහිටයි. මොනවට තැන්පත් වෙයි. එකඟ වෙයි. සමාධිගත වෙයි.
Pali BJTසෙය්යථාපි භික්ඛවෙ පුරිසො සීඝං ගච්ඡෙය්ය, තස්ස එවමස්ස: කින්නු ඛො අහං සීඝං ගච්ඡාමි, යන්නූනාහං සණිකං ගච්ඡෙය්යන්ති. සො සණිකං ගච්ඡෙය්ය. තස්ස එවමස්ස: කින්නුඛො අහං සණිකං ගච්ඡාමි, යන්නූනාහං තිට්ඨෙය්යන්ති. සො තිට්ඨෙය්ය. තස්ස එවමස්ස: කින්නු ඛො අහං ඨිතො, යන්නූනාහං නිසීදෙය්යන්ති. සො නිසීදෙය්ය. තස්ස එවමස්ස: කින්නු ඛො අහං නිසින්නො, යන්නූනාහං නිපජ්ජෙය්යන්ති. සො නිපජ්ජෙය්ය. එවං හි සො භික්ඛවෙ පුරිසො ඔළාරිකං ඔළාරිකං ඉරියාපථං අභිනිවජ්ජෙත්වා{1} සුඛුමං සුඛුමං ඉරියාපථං කප්පෙය්ය. එවමෙව ඛො භික්ඛවෙ තස්ස චෙ භික්ඛුනො තෙසම්පි විතක්කානං අසති අමනසිකාරං ආපජ්ජතො උප්පජ්ජන්තෙව පාපකා අකුසලා විතක්කා ඡන්දූපසංහිතාපි දොසූපසංහිතාපි මොහූපසංහිතාපි, තෙන භික්ඛවෙ භික්ඛුනා තෙසං විතක්කානං විතක්කසඞ්ඛාරසණ්ඨානං මනසිකාතබ්බං. තස්ස තෙසං විතක්කානං විතක්කසඞ්ඛාරසණ්ඨානං මනසිකරොතො යෙ පාපකා අකුසලා විතක්කා ඡන්දූපසංහිතාපි දොසූපසංහිතාපි මොහූපසංහිතාපි, තෙ පහීයන්ති තෙ අබ්භත්ථං ගච්ඡන්ති. තෙසං පහානා අජ්ඣත්තමෙව චිත්තං සන්තිට්ඨති සන්නිසීදති එකොදි හොති සමාධියති. [4. විතක්කමූලභෙදපබ්බං.]
Sinhala BJTමහණෙනි, යම් සේ පුරුෂයෙක් වහා යන්නේ ද, “කුමක් නිසා මම වහා යෙම් ද, මම සෙමෙන් යෙම් නම් යෙහෙකැ” යි ඔහුට මේ වැනි අදහසෙක් වන්නේ ය. හෙතෙම සෙමෙන් යන්නේය. “කුමක් නිසා මම සෙමෙන් යෙම් ද, මම සිටින්නෙම් නම් යෙහෙකැ” යි ඔහුට මෙවැනි අදහසෙක් වන්නේය. හෙතෙමේ සිටින්නේය. “කුමක් නිසා මම සිටියෙම් ද, මම හිඳින්නෙම් නම් යෙහෙකැ” යි ඔහුට මෙවැනි අදහසෙක් වන්නේය. හෙතෙමේ හිඳින්නේය. “කුමක් නිසා මම හුන්නෙම් ද, මම හොවින්නෙම් නම් යෙහෙකැ” යි ඔහුට මෙවැනි අදහසෙක් වන්නේය. හෙතෙමේ හොවින්නේය. මහණෙනි, මෙසේ ඒ පුරුෂ තෙමෙ ඉතා දැඩි ඉරියවු දුරු කොට ඉතා සියුම් ඉරියවු පවත් වන්නේය. මහණෙනි, එපරිද්දෙන්ම ඒ විතර්‍කයන් සිහි නොකිරීමට මෙනෙහි නොකිරීමට පැමිණෙන්නා වූ ඒ මහණ හට ලෝභසහගත වූත් ද්වේෂසහගතවූත් මෝහසහගත වූත් ලාමක අකුශලවිතර්‍කයෝ උපදිත් ම නම්, මහණෙනි, ඒ මහණහු විසින් ඒ විතර්‍කයන්ගේ විතර්‍කමූලස්ථානය මෙනෙහි කළයුතුය. ඒ විතර්‍කයන්ගේ විතර්‍කමූලස්ථානය මෙනෙහි කරන්නා වූ ඔහුට ලෝභසහගත වූත් ද්වේෂසහගතවූත් මෝහසහගත වූත් ලාමක අකුශලවිතර්‍කයෝ වෙත් ද, ඔහු ප්‍රහීණ වෙත්. ඔහු විනාශයට යෙත්. ඔවුන් ප්‍රහීණ වීමෙන් සියසතන්හි ම සිත පිහිටයි. මොනවට තැන්පත් වෙයි. එකඟ වෙයි. සමාධිගත වෙයි. (4)
Pali BJT7. තස්ස චෙ භික්ඛවෙ භික්ඛුනො තෙසම්පි විතක්කානං විතක්කසඞ්ඛාරසණ්ඨානං මනසිකරොතො උප්පජ්ජන්තෙව පාපකා අකුසලා විතක්කා ඡන්දූපසංහිතාපි දොසූපසංහිතාපි මොහූපසංහිතාපි, තෙන භික්ඛවෙ භික්ඛුනා දන්තෙ’භිදන්තමාධාය{2} ජිව්හාය තාලුං ආහච්ච චෙතසා චිත්තං අභිනිග්ගණ්හිතබ්බං අභිනිප්පීළෙතබ්බං අභිසන්තාපෙතබ්බං. තස්ස දන්තෙ’භිදන්තමාධාය ජිව්හාය තාලුං ආහච්ච චෙතසා චිත්තං අභිනිග්ගණ්හතො අභිනිප්පීළයතො අභිසන්තාපයතො යෙ පාපකා අකුසලා විතක්කා ඡන්දූපසංහිතාපි දොසූපසංහිතාපි මොහූපසංහිතාපි, තෙ පහීයන්ති. තෙ අබ්භත්ථං ගච්ඡන්ති. තෙසං පහානා අජ්ඣත්තමෙව චිත්තං සන්තිට්ඨති සන්නිසීදති එකොදි හොති සමාධියති. සෙය්යථාපි භික්ඛවෙ බලවා පුරිසො දුබ්බලතරං පුරිසං සීසෙ වා ගහෙත්වා ඛන්ධෙ වා ගහෙත්වා අභිනිග්ගණ්හෙය්ය අභිනිප්පීළෙය්ය අභිසන්තාපෙය්ය, එවමෙව ඛො භික්ඛවෙ තස්ස චෙ භික්ඛුනො තෙසම්පි විතක්කානං විතක්කසඞ්ඛාරසණ්ඨානං මනසිකරොතො උප්පජ්ජන්තෙව පාපකා අකුසලා විතක්කා ඡන්දූපසංහිතාපි දොසූපසංහිතාපි මොහූපසංහිතාපි, තෙන භික්ඛවෙ භික්ඛුනා දන්තෙ’භිදන්තමාධාය ජිව්හාය තාලුං ආහච්ච චෙතසා චිත්තං අභිනිග්ගණ්හතො අභිනිප්පීළයතො අභිසන්තාපයතො යෙ පාපකා අකුසලා විතක්කා ඡන්දූපසංහිතාපි දොසූපසංහිතාපි මොහූපසංහිතාපි, තෙ පහීයන්ති. තෙ අබ්භත්ථං ගච්ඡන්ති. තෙසං පහානා අජ්ඣත්තමෙව චිත්තං සන්තිට්ඨති සන්නිසීදති එකොදි හොති සමාධියති. [5. අභිනිග්ගණ්හපබ්බං.]
Sinhala BJT7. මහණෙනි, ඒ විතර්‍කයන්ගේ විතර්‍කමූලස්ථානය මෙනෙහි කරන්නා වූ ඒ මහණහට ලෝභසහගත වූත් ද්වේෂසහගතවූත් මෝහසහගත වූත් ලාමක අකුශලවිතර්‍කයෝ උපදිත් ම නම් මහණෙනි, ඒ මහණහු විසින් (යට) දතෙහි උඩු දත පිහිටුවා දිවෙන් තලු පෙළා කුසල් සිතින් අකුසල් සිත වෙසෙසින් නිගැනිය යුතුය. වෙසෙසින් පෙළිය යුතුය. දතෙහි දත පිහිටුවා දිවෙන් තලු පෙළා කුසල් සිතින් අකුසල් සිත වෙසෙසින් නිගන්නා වූ වෙසෙසින් පෙළන්නාවූ වෙසෙසින් තවන්නාවූ ඔහුට ලෝභසහගත වූත් ද්වේෂසහගතවූත් මෝහසහගත වූත් ලාමක අකුශලවිතර්‍කයෝ වෙත් ද, ඔහු ප්‍රහීණ වෙත්. ඔහු විනාශයට යෙත්. ඔවුන් ප්‍රහීණ වීමෙන් සියසතන්හි ම සිත පිහිටයි. මොනොවට තැන්පත් වෙයි. එකඟ වෙයි. සමාධිගත වෙයි. මහණෙනි, යම් සේ බලවත් පුරුෂයෙක් ඉතා දුබල වූ පුරුෂයකු හිස හෝ ගෙන කඳ හෝ ගෙන වෙසෙසින් නිගන්නේ ද, වෙසෙසින් පෙළන්නේ ද, වෙසෙසින් තවන්නේ ද, මහණෙනි, එපරිද්දෙන් ම ඒ විතර්‍කයන්ගේ විතර්‍කමූලස්ථානය මෙනෙහි කරන්නා වූ ඒ මහණහට ලෝභසහගත වූත් ද්වේෂසහගතවූත් මෝහසහගත වූත් ලාමක අකුශලවිතර්‍කයෝ උපදිත් ම නම් මහණෙනි, ඒ මහණහු විසින් දතෙහි දත පිහිටුවා දිවෙන් තලු පෙළා කුසල් සිතින් අකුසල් සිත වෙසෙසින් නිගැනිය යුතුය. වෙසෙසින් පෙළිය යුතුය. වෙසෙසින් තැවිය යුතුය. දතෙහි දත පිහිටුවා දිවෙන් තලු පෙළා කුසල් සිතින් අකුසල් සිත වෙසෙසින් නිගන්නා වූ වෙසෙසින් පෙළන්නා වූ වෙසෙසින් තවන්නා වූ ඔහුගේ ලෝභසහගත වූත් ද්වේෂසහගතවූත් මෝහසහගත වූත් යම් ලාමක අකුශලවිතර්‍කයෝ වෙත් නම් ඔහු ප්‍රහීණ වෙත්. ඔහු විනාශයට යෙත්. ඔවුන් ප්‍රහීණ වීමෙන් සියසතන්හි ම සිත පිහිටයි. මොනොවට තැන්පත් වෙයි. එකඟ වෙයි. සමාධිගත වෙයි. (5)
Pali BJT8. යතො ඛො භික්ඛවෙ භික්ඛුනො යං නිමිත්තං ආගම්ම යං නිමිත්තං මනසිකරොතො උප්පජ්ජන්ති පාපකා අකුසලා විතක්කා ඡන්දූපසංහිතාපි දොසූපසංහිතාපි මොහූපසංහිතාපි, තස්ස තම්හා නිමිත්තා අඤ්ඤං නිමිත්තං මනසිකරොතො කුසලූපසංහිතං යෙ පාපකා අකුසලා විතක්කා ඡන්දූපසංහිතාපි දොසූපසංහිතාපි මොහූපසංහිතාපි තෙ පහීයන්ති. තෙ අබ්භත්ථං ගච්ඡන්ති. තෙසං පහානා අජ්ඣත්තමෙව චිත්තං සන්තිට්ඨති සන්නිසීදති එකොදි හොති සමාධියති.
Sinhala BJT8. මහණෙනි, යම් තැනෙක පටන් යම් අරමුණක් ගෙන යම් අරමුණක් මෙනෙහි කරන මහණහට ලෝභසහගත වූත් ද්වේෂසහගතවූත් මෝහසහගත වූත් යම් ලාමක අකුශලවිතර්‍කයෝ උපදිත් ද, ඒ නිමිත්තෙන් අන්‍ය වූ කුශලයෙන් යුක්ත වූ නිමිත්තක් මෙනෙහි කරන්නා වූ ඔහුට ලෝභසහගත වූත් ද්වේෂසහගතවූත් මෝහසහගත වූත් යම් ලාමක අකුශලවිතර්‍කයෝ වෙත් ද, ඔහු ප්‍රහීණ වෙත්. ඔහු විනාශයට යෙත්. ඔවුන් ප්‍රහීණ වීමෙන් සියසතන්හි ම සිත පිහිටයි. මොනවට තැන්පත් වෙයි. එකඟ වෙයි. සමාධිගත වෙයි.
Pali BJTතෙසම්පි විතක්කානං ආදීනවං උපපරික්ඛතො යෙ පාපකා අකුසලා විතක්කා ඡන්දූපසංහිතාපි දොසූපසංහිතාපි මොහූපසංහිතාපි තෙ පහීයන්ති. තෙ අබ්භත්ථං ගච්ඡන්ති. තෙසං පහානා අජ්ඣත්තමෙව චිත්තං සන්තිට්ඨති සන්නිසීදති එකොදි හොති සමාධියති.
Sinhala BJTඒ විතර්‍කයන්ගේ ද දෝෂය පරීක්‍ෂා කරන්නහුට ලෝභසහගත වූත් ද්වේෂසහගතවූත් මෝහසහගත වූත් යම් ලාමක අකුශලවිතර්‍කයෝ වෙත් ද, ඔහු ප්‍රහීණ වෙත්. ඔහු විනාශයට යෙත්. ඔවුන් ප්‍රහීණ වීමෙන් සියසතන්හි ම සිත පිහිටයි. මොනවට තැන්පත් වෙයි. එකඟ වෙයි. සමාධිගත වෙයි.
Pali BJTතෙසම්පි විතක්කානං අසති අමනසිකාරං ආපජ්ජතො යෙ පාපකා අකුසලා විතක්කා ඡන්දූපසංහිතාපි දොසූපසංහිතාපි මොහූපසංහිතාපි තෙ පහීයන්ති. තෙ අබ්භත්ථං ගච්ඡන්ති. තෙසං පහානා අජ්ඣත්තමෙව චිත්තං සන්තිට්ඨති සන්නිසීදති එකොදි හොති සමාධියති.
Sinhala BJTඒ විතර්‍කයන් ද නො සිහි කිරීමට නො මෙනෙහි කිරීමට පැමිණෙන්නහුට ලෝභසහගත වූත් ද්වේෂසහගතවූත් මෝහසහගත වූත් යම් ලාමක අකුශලවිතර්‍කයෝ වෙත් ද, ඔහු ප්‍රහීණ වෙත්. ඔහු විනාශයට යෙත්. ඔවුන් ප්‍රහීණ වීමෙන් සියසතන්හි ම සිත පිහිටයි. මොනවට තැන්පත් වෙයි. එකඟ වෙයි. සමාධිගත වෙයි.
Pali BJTතෙසම්පි විතක්කානං විතක්කසඞ්ඛාරසන්ථානං මනසිකරොතො යෙ පාපකා අකුසලා විතක්කා ඡන්දූපසංහිතාපි දොසූපසංහිතාපි මොහූපසංහිතාපි තෙ පහීයන්ති තෙ අබ්භත්ථං ගච්ඡන්ති. තෙසං පහානා අජ්ඣත්තමෙව චිත්තං සන්තිට්ඨති සන්නිසීදති එකොදි හොති සමාධියති.
Sinhala BJTඒ විතර්‍කයන්ගේ ද විතර්‍කමුලස්ථානය මෙනෙහි කරන්නහුට ලෝභසහගත වූත් ද්වේෂසහගතවූත් මෝහසහගත වූත් යම් ලාමක අකුශලවිතර්‍කයෝ වෙත් ද, ඔහු ප්‍රහීණ වෙත්. ඔහු විනාශයට යෙත්. ඔවුන් ප්‍රහීණ වීමෙන් සියසතන්හි ම සිත පිහිටයි. මොනවට තැන්පත් වෙයි. එකඟ වෙයි. සමාධිගත වෙයි.
Pali BJTදන්තෙ’භිදන්තමාධාය{1} ජිව්හාය තාලුං ආහච්ච චෙතසා චිත්තං අභිනිග්ගණ්හතො අභිනිප්පීළයතො අභිසන්තාපයතො යෙ පාපකා අකුසලා විතක්කා ඡන්දූපසංහිතාපි දොසූපසංහිතාපි මොහූපසංහිතාපි තෙ පහීයන්ති තෙ අබ්භත්ථං ගච්ඡන්ති. තෙසං පහානා අජ්ඣත්තමෙව චිත්තං සන්තිට්ඨති සන්නිසීදති එකොදි හොති සමාධියති.
Sinhala BJTයට දතෙහි උඩු දත පිහිටුවා දිවෙන් තලු පෙළා ගෙණ කුසල් සිතින් අකුසල් සිත වෙසෙසින් නිගන්නා වූ වෙසෙසින් පෙළන්නා වූ වෙසෙසින් තවන්නා වූ ඔහුට ලෝභසහගත වූත් ද්වේෂසහගතවූත් මෝහසහගත වූත් යම් ලාමක අකුශලවිතර්‍කයෝ වෙත් ද, ඔහු ප්‍රහීණ වෙත්. ඔහු විනාශයට යෙත්. ඔවුන් ප්‍රහීණ වීමෙන් සියසතන්හි ම සිත පිහිටයි. මොනවට තැන්පත් වෙයි. එකඟ වෙයි. සමාධිගත වෙයි.
Pali BJTඅයං වුච්චති භික්ඛවෙ භික්ඛු වසී විතක්කපරියායපථෙසු: යං විතක්කං ආකඞ්ඛිස්සති තං විතක්කං විතක්කෙස්සති, යං විතක්කං නාකඞ්ඛිස්සති න තං විතක්කං විතක්කෙස්සති, අච්ඡෙච්ඡි තණ්හං, වාවත්තයි{2} සංයොජනං, සම්මා මානාභිසමයා අන්තමකාසි දුක්ඛස්සාති.
Sinhala BJTමහණෙනි, මේ මහණ තෙමේ විතර්‍කවාරමාර්‍ගයන්හි පුරුදු කරනලද වශීභාවය ඇත්තේ යයි ද, යම් විතර්‍කයක් කැමති වන්නේ නම් ඒ විතර්‍කය විතකන්නේ යයි ද, යම් විතර්‍කයක් නොකැමති වන්නේ නම් ඒ විතර්‍කය නො විතකන්නේ යයි ද, තෘෂ්ණාව සින්දේ යයි ද, සංයෝජන උපුටා හළේ යයි ද, මැනැවින් මානය දුරු කිරීමෙන් දුක් කෙළවර කළේ යයි ද කියනු ලැබේ.
Pali BJTඉදමවොච භගවා. අත්තමනා තෙ භික්ඛූ භගවතො භාසිතං අභිනන්දුන්ති.
Sinhala BJTභාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සතුටු සිත ඇති ඒ භික්‍ෂුහු භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව මැනැවැ යි පිළිගත්හ.
Pali BJTවිතක්කසණ්ඨානසුත්තං දසමං.
Sinhala BJTවිතක්කසණ්ඨාන සූත්‍රය දසවැනි යි.
Pali BJTසීහනාදවග්ගො දුතියො.
Sinhala BJTදෙවෙනි සීහනාද වර්‍ගය යි.
Pali BJTතස්ස වග්ගස්ස උද්දානං:
Sinhala BJTඒ වර්‍ගයාගේ උද්දානය:
Pali BJTචූළමහාමිගපොපමනාදා දුක්ඛ දුවෙ’පි සහත්තනුමානා ඛීලපථා මධුද්වෙධවිතක්කා පඤ්චනිමිත්තකථෙස දුතියො:{*}
Sinhala BJTචූළමහාමිගපොපමනාදා දුක්ඛදුවෙ’පි සහත්තනුමානා ඛීලපථා මධු ද්වෙධ විතක්කා පඤ්චනිමිත්තකථෙස දුතීයො
Pali BJT3. ඔපම්මවග්ගො
Sinhala BJT3. ඕපම්ම වර්‍ගය
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJTචූළමහා, ‘චූළ’ ශබ්ද හා ‘මහා’ ශබ්ද හා පූර්ව පද කොට සිටුනා; මිගපඋපමනාදා, මෘගාධිපනාදෝපම නාද ඇති සූත්‍රයෝයැ හෙවත් – චූළසීහනාද මහාසීහනාද සූත්‍රයෝ දෙදෙනයැ; සහත්තනුමානා, (ආත්මප්‍රත්‍යවෙක්‍ෂා හා අනුමාන මාර්‍ග වදහළ) අත්තානුමාන සූත්‍රය සහගත කොට ඇති; දුවෙ දුක්ඛා අපි, (‘චූළ’ ශබ්ද හා ‘මහා’ ශබ්ද හා පූර්ව පද කොට සිටුනා) දුක්ඛ සූත්‍රයෝ දෙදෙන ය හෙවත් – චූළදුක්ඛක්ඛන්‍ධ මහාදුක්ඛක්ඛන්‍ධ යන උභය සූත්‍රයෝ යැ; ඛීලපථා, (‘ඛීල’ ශබ්ද හා ‘පත්ථ’ ශබ්ද හා පරපද කොට සිටුනා) චෙතොඛීල වනපත්ථ සූත්‍රයෝ යැ; මධු ද්වෙධවිතක්කා, මධුපිණ්ඩික ද්වෙධාවිතක්කා සූත්‍රයෝ යැ; පඤ්චනිමිත්තකථා, (“අධිචිත්තමනුයුත්තෙන භික්ඛවෙ භික්ඛුනා පඤ්ව නිමිත්තානි කාලෙන කාලං මනසිකාතබ්බානි” යනාදීන් වදාළ) පඤ්චනිමිත්තකථා සූත්‍ර යැ හෙවත් – විතක්කසණ්ඨාන සූත්‍ර යැ යන මොහු නිමියහ එසො දුතියො, තෙල දෙවන වගයි. (“නාමෛකදෙශග්‍රහණෙ නාමග්‍රහණං ස්‍යාත්” යනු න්‍යාය වන හෙයින් ‘ඛීලපත්ථ මධු’ ආදීන් කී නාමෛකදේශයෙන් තත් තත් සූත්‍ර සඞ්ග්‍රහ කොට ගන්නේ යැ; ‘ඛීලපත්ථා’ කියුව මනා තැනැ ‘ඛී’ යන දීර්‍ඝය හා ‘පථා’ යන විසංයෝගය ගාථාබන්ධ සඳහා වෙයි){*}
Pali BJT1. 3. 1.
Sinhala BJT1. 3. 1.
Pali BJTකකචූපමසුත්තං
Sinhala BJTකකචූපම සූත්‍රය
Pali BJT1. එවං මෙ සුතං: එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන ආයස්මා මොලියඵග්ගුනො භික්ඛුනීහි සද්ධිං අතිවෙලං සංසට්ඨො විහරති. එවං සංසට්ඨො ආයස්මා මොලියඵග්ගුනො භික්ඛුනීහි සද්ධිං විහරති. සචෙ කො චි භික්ඛු ආයස්මතො මොලියඵග්ගුනස්ස සම්මුඛා තාසං භික්ඛුනීනං අවණ්ණං භාසති, තෙනායස්මා මොලියඵග්ගුනො කුපිතො අනත්තමනො අධිකරණම්පි කරොති. සචෙ පන කො චි භික්ඛු තාසං භික්ඛුනීනං සම්මුඛා ආයස්මතො මොලියඵග්ගුනස්ස අවණ්ණං භාසති. තෙන තා භික්ඛුනියො කුපිතා අනත්තමනා අධිකරණම්පි කරොන්ති. එවං සංසට්ඨො ආයස්මා මොලියඵග්ගුනො භික්ඛුනීහි සද්ධිං විහරති.
Sinhala BJT1. මා විසින් මෙසේ අසන ලදී: එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි වූ ජේතවන නම් අනේපිඬුසිටුහුගේ ආරාමයෙහි වැඩ වාසය කරන සේක. එකල්හි ආයුෂ්මත් මොලියඵග්ගුන තෙරණුවෝ ත්‍රිවිධ වෙලා ඉක්ම සිට මෙහෙණන් හා සංසටට්ඨ වැ (මුසුව) විහරණ කෙරෙති. ආයුෂ්මත් මොලියඵග්ගුන තෙරණුවෝ මෙහෙණන් හා මෙබඳු සසට ඇති වැ වාසය කරති: ඉදින් යම්කිසි මහණෙක් ආයුෂ්මත් මොලියඵග්ගුන තෙරණුවන් හමුවෙහි ඒ මෙහෙණන්ගේ අගුණ කියා ද, එයින් මොලියඵග්ගුන තෙරණුවෝ කිපියාහු නො සතුටු වූවාහු අධිකරණ ද කෙරෙති. ඉදින් යම්කිසි මහණෙක් ඒ මෙහෙණන් ඉදිරියෙහි ආයුෂ්මත් මොලියඵග්ගුන මහණහුගේ අගුණ කියා ද, එයින් ඒ මෙහෙණහු කිපියාහු නො සතුටු වූවාහු නඩු ද පවරති. මොලියඵග්ගුන තෙරණුවෝ භික්‍ෂුණින් හා මෙබඳු සසට ඇති වැ වෙසෙති.
Pali BJT2. අථ ඛො අඤ්ඤතරො භික්ඛු යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො සො භික්ඛු භගවන්තං එතදවොච: “ආයස්මා භන්තෙ මොලියඵග්ගුනො භික්ඛුනීහි සද්ධිං අතිවෙලං සංසට්ඨො විහරති. එවං සංසට්ඨො භන්තෙ ආයස්මා මොලියඵග්ගුනො භික්ඛුනීහි සද්ධිං විහරති: සචෙ කො චි භික්ඛු ආයස්මතො මොලියඵග්ගුනස්ස සම්මුඛා තාසං භික්ඛුනීනං අවණ්ණං භාසති, තෙනායස්මා මොලියඵග්ගුනො කුපිතො අනත්තමනො අධිකරණම්පි කරොති. සචෙ පන කො චි භික්ඛු තාසං භික්ඛුනීනං සම්මුඛා ආයස්මතො මොලියඵග්ගුනස්ස අවණ්ණං භාසති, තෙන තා භික්ඛුනියො කුපිතා අනත්තමනා අධිකරණම්පි කරොන්ති. එවං සංසට්ඨො භන්තෙ ආයස්මා මොලියඵග්ගුනො භික්ඛුනීහි සද්ධිං විහරතී”ති.
Sinhala BJT2. එකල්හි එක්තරා මහණෙක් භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හින. එකත්පසෙක් හුන් ඒ මහණ භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කෙළේය: “වහන්ස, ආයුෂ්මත් මොලියඵග්ගුන තෙරණුවෝ වේලා ඉක්මවා මෙහෙණන් හා මිශ්‍ර වූවාහු වාසය කෙරෙති. වහන්ස, ආයුෂ්මත් මොලියඵග්ගුන තෙරණුවෝ මෙහෙණන් හා මෙබඳු සසට ඇතිවැ වෙසෙති: ඉදින් යම්කිසි මහණෙක් ආයුෂ්මත් මොලියඵග්ගුන තෙරණුවන් ඉදිරියෙහි ඒ මෙහෙණන් අගුණ කියා ද, එයින් ආයුෂ්මත් මොලියඵග්ගුන තෙරණුවෝ කිපියාහු අසතුටු වූවාහු නඩු ද පවරති. ඉදින් යම් කිසි මහණෙක් ඒ මෙහෙණන් ඉදිරියෙහි ආයුෂ්මත් මොලියඵග්ගුන තෙරණුවන් අගුණ කියා ද, එයින් ඒ මෙහෙණහු කිපියාහු නොසතුටු වූවාහු නඩු ද කියත්. වහන්ස, ආයුෂ්මත් මොලියඵග්ගුන තෙරණුවෝ භික්‍ෂුණින් හා මෙබඳු සසට ඇති වැ වෙසෙති.”
Pali BJT3. අථ ඛො භගවා අඤ්ඤතරං භික්ඛුං ආමන්තෙසි: එහි ත්වං භික්ඛු මම වචනෙන මොලියඵග්ගුනං භික්ඛුං ආමන්තෙහි: ‘සත්ථා තං ආවුසො ඵග්ගුන ආමන්තෙතී’ති. ‘එවම්භන්තෙ’ති ඛො සො භික්ඛු භගවතො පටිස්සුත්වා යෙනායස්මා මොලියඵග්ගුනො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා ආයස්මන්තං මොලියඵග්ගුනං එතදවොච: සත්ථා තං ආවුසො ඵග්ගුන ආමන්තෙතීති. එවමාවුසොති ඛො ආයස්මා මොලියඵග්ගුනො තස්ස භික්ඛුනො පටිස්සුත්වා යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නං ඛො ආයස්මන්තං මොලියඵග්ගුනං භගවා එතදවොච:
Sinhala BJT3. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ එක්තරා මහණකු ඇමතූ සේක: මහණ, තෝ මෙහි එව. මාගේ වචනයෙන් ‘ඇවැත, ඵග්ගුනය, ශාස්තෘන්වහන්සේ ඔබ අමතනසේකැ’ යි මොලියඵග්ගුන භික්‍ෂුහු අමතව. ‘වහන්ස, එසේ ය’යි ඒ මහණ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දී මොලියඵග්ගුන ආයුෂ්මත්හු වෙත එළඹියේය. එළඹ ආයුෂ්මත් මොලියඵග්ගුන තෙරහුට මෙය කී ය: ඇවැත්, ඵග්ගුනය, ශාස්තෘන් වහන්සේ ඔබ අමතන සේකැ’යි කියා යි. ආයුෂ්මත් මොලියඵග්ගුන තෙමේ ‘එසේය, ඇවැත්නි’යි ඒ භික්‍ෂුහට පිළිවදන් දී භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්නේය. එකත්පසෙක හුන් ආයුෂ්මත් මොලියඵග්ගුන භික්‍ෂුහට භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ සේක.
Pali BJT4. සච්චං කිර ත්වං ඵග්ගුන භික්ඛුනීහි සද්ධිං අතිවෙලං සංසට්ඨො විහරසි? එවං සංසට්ඨො කිර ත්වං ඵග්ගුන භික්ඛුනීහි සද්ධිං විහරසි: “සචෙ කො චි භික්ඛු තුය්හං සම්මුඛා තාසං භික්ඛුනීනං අවණ්ණං භාසති, තෙන ත්වං කුපිතො අනත්තමනො අධිකරණම්පි කරොසි. සචෙ පන කො චි භික්ඛු තාසං භික්ඛුනීනං සම්මුඛා තුය්හං අවණ්ණං භාසති, තෙන තා භික්ඛුනියො කුපිතා අනත්තමනා අධිකරණම්පි කරොන්ති. එවං සංසට්ඨො කිර ත්වං ඵග්ගුන භික්ඛුනීහි සද්ධිං විහරසී”ති. ‘එවම්භන්තෙ.’ නනු ත්වං ඵග්ගුන කුලපුත්තො සද්ධා අගාරස්මා අනගාරියං පබ්බජිතොති? ‘එවම්භන්තෙ’.
Sinhala BJT4. ඵග්ගුනය, තෝ භික්‍ෂුණීන් සමග වෙලා ඉක්මවා වෙසෙහි යනු සැබෑ ද? ඵග්ගුනය, තෝ මෙහෙණන් හා මෙසේ සසට ඇති ව වාසය කෙරෙහි ල: කිසි මහණෙක් තා හමුවෙහි ඒ මෙහෙණන්ගේ අගුණ කියා ද, එයින් තෝ කිපියෙහි නො සතුටු වූයෙහි නඩු ද කියහි. ඉදින් කිසි මහණෙක් ඒ මෙහෙණන්ගේ හමුවෙහි තාගේ නුගුණ කියා ද, එයින් ඒ මෙහෙණහු කිපියාහු නො සතුටු වූවාහු නඩු ද පවරත්. ඵගග්ගුනය, තෝ මෙහෙණන් හා මෙසේ සසට ඇති වැ වෙසෙහි ද?” ‘එසේය, වහන්ස.’ ඵග්ගුනය, තෝ ශ්‍රද්ධාවෙන් ගිහිගෙයින් නික්ම සසුන වන කුලපුත්‍ර නො වෙහි ද? ‘වහන්ස, එසේය.’
Pali BJT5. න ඛො තෙ එතං ඵග්ගුන පතිරූපං, කුලපුත්තස්ස සද්ධා අගාරස්මා අනගාරියං පබ්බජිතස්ස, යං ත්වං භික්ඛුනීහි සද්ධිං අතිවෙලං සංසට්ඨො විහරෙය්යාසි. තස්මාතිහ ඵග්ගුන තව චෙපි කො චි සම්මුඛා තාසං භික්ඛුනීනං අවණ්ණං භාසෙය්ය, තත්රාපි ත්වං ඵග්ගුන යෙ ගෙහසිතා ඡන්දා යෙ ගෙහසිතා විතක්කා තෙ පජහෙය්යාසි. තත්රාපි තෙ ඵග්ගුන එවං සික්ඛිතබ්බං: “න චෙව මෙ චිත්තං විපරිණතං භවිස්සති, න ච පාපිකං වාචං නිච්ඡාරෙස්සාමි, හිතානුකම්පී ච විහරිස්සාමි මෙත්තචිත්තො න දොසන්තරො”ති. එවං හි තෙ ඵග්ගුන සික්ඛිතබ්බං.
Sinhala BJT5. “ශ්‍රද්ධාවෙන් ගිහිගෙයින් නික්ම සසුන වන තට වෙලා ඉක්මවා මෙහෙණන් හා තෝ හැනුණක්ව වසන්නෙහි යන යමක් වේ ද, එය නො නිසිය. එහෙයින් ඵග්ගුනය, ඉදින් කිසිවෙක් තා ඉදිරියෙහි ඒ මෙහෙණන්ගේ නුගුණ කියා ද, ඵග්ගුනය, එහි දී තෝ පඤ්‍චකාමගුණශ්‍රිත වූ යම් තෘෂ්ණාද්වේෂ ඡන්‍දයෝ වෙත් ද, ගෘහාශ්‍රිත විතර්‍කයෝ වෙත් ද, ඔවුන් දුරු කරව. ඵග්ගුනය, ඒ නුගුණ කීමෙහි ලා තා විසින් මෙසේ හික්මිය යුතු ය: ‘මාගේ සිත (රාගාදීන්) පෙරළුණේ නො වන්නේ ම ය. (මම) ලාමක වචන නො ද කියන්නෙමි. හිතානුකම්පා ඇත්තෙම් මෛත්‍රි සිත් ඇත්තෙම් ද්වේෂචිත්ත නැත්තෙම් වසන්නෙමි’යි. ඵග්ගුනය, තා විසින් මෙසේ ම හික්මිය යුතු.
Pali BJT6. තස්මාතිහ ඵග්ගුන තව චෙපි කො චි සම්මුඛා තාසං භික්ඛුනීනං පාණිනා පහාරං දදෙය්ය, ලෙඩ්ඩුනා පහාරං දදෙය්ය, දණ්ඩෙන පහාරං දදෙය්ය, සත්ථෙන පහාරං දදෙය්ය. තත්රාපි ත්වං ඵග්ගුන යෙ ගෙහසිතා ඡන්දා යෙ ගෙහසිතා විතක්කා තෙ පජහෙය්යාසි. තත්රාපි තෙ ඵග්ගුන එවං සික්ඛිතබ්බං: න චෙව මෙ චිත්තං විපරිණතං භවිස්සති න ච පාපිකං වාචං නිච්ඡාරෙස්සාමි. හිතානුකම්පී ච විහරිස්සාමි මෙත්තචිත්තො න දොසන්තරොති. එවං හි තෙ ඵග්ගුන සික්ඛිතබ්බං.
Sinhala BJT6. ඵග්ගුනය, එහෙයින් මෙහි තා ඉදිරියෙහි කිසිවෙක් ඒ මෙහෙණන් ට ඉදින් අතින් පහර දෙන්නේ ද, කැටින් පහර දෙන්නේ ද, මුගුරින් පහර දෙන්නේ ද, සැතින් පහර දෙන්නේ ද, ඵග්ගුනය, ඒ පහර දීමෙහි ද තෝ යම් ගෙහසිත ඡන්‍දයෝ යම් ගෙහසිත විතකකයෝ වෙත් ද, ඔවුන් දුරු කරව. ඵග්ගුනය, එහිදීද තා විසින් මෙසේ හික්මිය යුතු ය: ‘මාගේ සිත නො පෙරළුණේ වන්නේ ම ය. ලාමක වචන නොම කියන්නෙමි. හිතානුකම්පා ඇත්තෙම් මෛත්‍රි සහගත සිත් ඇත්තෙම් ද්වේෂචිත්ත නැත්තෙම් වසන්නෙමි’යි කියා යි. ඵග්ගුනය, තා විසින් මෙසේ ම හික්මිය යුතු ය.
Pali BJT7. තස්මාතිහ ඵග්ගුන තව චෙපි කො චි සම්මුඛා අවණ්ණං භාසෙය්ය, තත්රාපි ත්වං ඵග්ගුන යෙ ගෙහසිතා ඡන්දා යෙ ගෙහසිතා විතක්කා තෙ පජහෙය්යාසි. තත්රාපි තෙ ඵග්ගුන එවං සික්ඛිතබ්බං: න චෙව මෙ චිත්තං විපරිණතං භවිස්සති න ච පාපිකං වාචං නිච්ඡාරෙස්සාමි හිතානුකම්පී ච විහරිස්සාමි මෙත්තචිත්තො න දොසන්තරොති, එවං හි තෙ ඵග්ගුන සික්ඛිතබ්බං.
Sinhala BJT7. ඵග්ගුනය, එහෙයින් මෙහි යම් කිසිවෙක් තා ඉදිරියෙහි දී තාගේ වුවත් නුගුණය කියන්නේ නම්, ඵග්ගුනය, එහි දී ද තෝ යම් ගෙහසිත ඡන්‍දයෝ ඇත් ද, යම් ගෙහසිත විතකකයෝ ඇත් ද, ඔවුන් දුරු කරව. ඵග්ගුනය, එහිදීද තා විසින් මෙසේ හික්මිය යුතු ය: ‘මාගේ සිත වෙනස් නොවන්නේ ම ය. ලාමක වචන නොම කියන්නෙමි. හිතානුකම්පා ඇති ව මෛත්‍රි සිත් ඇතිව ද්වේෂ සිත් නැති ව වසන්නෙමි’යි කියා යි. ඵග්ගුනය, තා විසින් මෙසේ ම හික්මිය යුතු ය.
Pali BJT8. තස්මාතිහ ඵග්ගුන තව චෙපි කො චි පාණිනා පහාරං දදෙය්ය, ලෙඩ්ඩුනා පහාරං දදෙය්ය, දණ්ඩෙන පහාරං දදෙය්ය, සත්ථෙන පහාරං දදෙය්ය. තත්රාපි ත්වං ඵග්ගුන යෙ ගෙහසිතා ඡන්දා යෙ ගෙහසිතා විතක්කා තෙ පජහෙය්යාසි. තත්රාපි තෙ ඵග්ගුන එවං සික්ඛිතබ්බං: න චෙව මෙ චිත්තං විපරිණතං භවිස්සති න ච පාපිකං වාචං නිච්ඡාරෙස්සාමි. හිතානුකම්පී ච විහරිස්සාමි මෙත්තචිත්තො න දොසන්තරොති. එවං හි තෙ ඵග්ගුන සික්ඛිතබ්බන්ති.
Sinhala BJT8. ඵග්ගුනය, එහෙයින් මෙහි තට වුවත් ඉදින් කිසිවෙක් අතින් පහර දේ ද, කැටින් පහර දේ ද, මුගුරින් පහර දේ ද, සැතින් පහර දේ ද, ඵග්ගුනය, එහි දී ද යම් ගෙහසිත ඡන්‍දයෝ යම් ගෙහසිත විතකකයෝ වෙත් ද, තෝ ඔවුන් දුරු කරව. ඵග්ගුනය, එහිදීද තා විසින් මෙසේ හික්මිය යුතු ය: ‘මාගේ සිත වෙනස් නොවන්නේ ම ය. ලාමක වචනයක් ද ප්‍රකාශ නො කරන්නෙමි. හිතානුකම්පිව මෙත්සිත් ඇතිව ද්වේෂසිත් නැති ව වාසය කරන්නෙමි’යි කියා යි. ඵග්ගුනය, තා විසින් මෙසේ ම හික්මිය යුතු ය.
Pali BJT9. අථ ඛො භගවා භික්ඛූ ආමන්තෙසි: ආරාධයිංසු වත මෙ භික්ඛවෙ භික්ඛූ එකං සමයං චිත්තං. ඉධාහං භික්ඛවෙ භික්ඛූ ආමන්තෙසිං: ‘අහං ඛො භික්ඛවෙ එකාසනභොජනං භුඤ්ජාමි. එකාසනභොජනං ඛො අහං භික්ඛවෙ භුඤ්ජමානො අප්පාබාධතඤ්ච සඤ්ජානාමි අප්පාතඞ්කතඤ්ච ලහුට්ඨානඤ්ච බලඤ්ච ඵාසුවිහාරඤ්ච. එථ තුම්හෙපි භික්ඛවෙ එකාසනභොජනං භුඤ්ජථ. එකාසනභොජනං ඛො භික්ඛවෙ තුම්හෙපි භුඤ්ජමානා අප්පාබාධතඤ්ච සඤ්ජානිස්සථ අප්පාතඞ්කතඤ්ච ලහුට්ඨානඤ්ච බලඤ්ච ඵාසුවිහාරඤ්චා’ති. න මෙ භික්ඛවෙ තෙසු භික්ඛූසු අනුසාසනී කරණීයා අහොසි. සතුප්පාදකරණීයමෙව මෙ{1} භික්ඛවෙ තෙසු භික්ඛුසු{2} අහොසි.
Sinhala BJT9. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් ඇමතූසේක: මහණෙනි, එක් කලෙක (ප්‍රථම බෝධියෙහි) භික්‍ෂූහු ඒකාන්තයෙන්ම මා සිත් ගත්හ. මහණෙනි, මම භික්‍ෂූන් ඇමතීමි: ‘මහණෙනි, මම පෙරවරු එක්වේලේ බොජුන් වළඳ කරමි. මහණෙනි, මම එක්වේලේ වැළඳීම කරන්නෙම් නිරෝග බව ද නිදුක්බව ද සැහැල්ලු බව ද ශරීරශක්තිය ද පහසු විහරණය ද දනිමි. මහණෙනි, එවු, තෙපි ද නිරෝගී බවත් නිදුක් බවත් සැහැල්ලු බවත් ශරීර ශක්තියත් පහසු පැවැත්මත් දනිවු.’ මහණෙනි, එකල භික්‍ෂූන් කෙරෙහි මා විසින් අනුශාසනා කළ යුතු නො වී ය. ඒ භික්‍ෂූන්ට මා විසින් කළයුතු සිහි ඉපිදවීම පමණක්ම වී ය.
Pali BJT10. සෙය්යථාපි භික්ඛවෙ සුභූමියං චාතුම්මහාපථෙ ආජඤ්ඤරථො යුත්තො{3} අස්ස ඨිතො ඔධස්තපතොදො, තමෙනං දක්ඛො යොග්ගාචරියො අස්සදම්මසාරථි අභිරූහිත්වා වාමෙන හත්ථෙන රස්මියො ගහෙත්වා දක්ඛිණෙන හත්ථෙන පතොදං ගහෙත්වා යෙනිච්ඡකං යදිච්ඡකං සාරෙය්යාපි{4} පච්චාසාරෙය්යාපි,{5} එවමෙව ඛො භික්ඛවෙ න මෙ තෙසු භික්ඛූසු අනුසාසනී කරණීයා අහොසි. සතුප්පාදකරණීයමෙව මෙ භික්ඛවෙ තෙසු භික්ඛුසු{2} අහොසි. තස්මාතිහ භික්ඛවෙ තුම්හෙපි{6} අකුසලං පජහථ. කුසලෙසු ධම්මෙසු ආයොගං කරොථ. එවං හි තුම්හෙපි ඉමස්මිං ධම්මවිනයෙ වුද්ධිං විරූළ්හිං වෙපුල්ලං ආපජ්ජිස්සථ.
Sinhala BJT10. මහණෙනි, යම් සේ සමබිමෙක සතර මංසන්දියෙක (සුවසේ ගත හැකි ලෙස) තබනලද කෙහිටි ඇති, හික්මුණු අසුන් යෙදූ, රියක් ගමනට යුතු වැ සිටියේ වේ ද, දමනය කටයුතු අශ්වයන් හික්මවීමෙහි දක්‍ෂ වූ අශ්වාචාර්‍ය්‍යයෙක් තෙල රථයට නැගී වමතින් රැහැන් ගෙන දකුණතින් කෙහිට ගෙන කැමැති ගමනක් සඳහා ඉදිරියට මෙහෙයන්නේ ය. ආපසු හෝ මෙහෙයන්නේ ය. මහණෙනි, එපරිද්දෙන් ම මා විසින් ඒ භික්‍ෂූන් කෙරෙහි ද අනුශාසනාව කටයුතු නො වී ය. කළයුතු අනුශාසනාව සිහි ඉපදවීම පමණක්ම වී ය. මහණෙනි, එහෙයින් මෙහි තෙපි ද අකුසල් දුරු කරවු. කුසල්දහම්හි නැවත නැවත යෙදෙවු. මෙසේ තෙපි ද මේ ශාසනයෙහි වැඩීමට දියුණුවට විපුලත්‍වයට පැමිණෙන්නහු ය.
Pali BJT11. සෙය්යථාපි භික්ඛවෙ ගාමස්ස වා නිගමස්ස වා අවිදූරෙ මහන්තං සාලවනං, තඤ්චස්ස එලණ්ඩෙහි සඤ්ඡන්නං, තස්ස කොචිදෙව පුරිසො{1} උප්පජ්ජෙය්ය අත්ථකාමො හිතකාමො යොගක්ඛෙමකාමො. සො යා තා සාලලට්ඨියො කුටිලා ඔජාපහරණීයො{2} තා තච්ඡෙත්වා{3} බහිද්ධා නීහරෙය්ය, අන්තොවනං සුවිසොධිතං{4} විසොධෙය්ය. යා පන තා සාලලට්ඨියො උජුකා සුජාතා තා සම්මා{5} පරිහරෙය්ය, එවං හෙතං{6} භික්ඛවෙ සාලවනං අපරෙන සමයෙන වුද්ධිං විරූළ්හිං වෙපුල්ලං ආපජ්ජෙය්ය. එවමෙව ඛො භික්ඛවෙ තුම්හෙපි අකුසලං පජහථ. කුසලෙසු ධම්මෙසු ආයොගං කරොථ. එවං හි තුම්හෙපි ඉමස්මිං ධම්මවිනයෙ වුද්ධිං විරූළ්හිං වෙපුල්ලං ආපජ්ජිස්සථ{7}.
Sinhala BJT11. මහණෙනි, යම් සේ ගමක් හෝ නියම්ගමක් හෝ අසල මහත් සල්වනයක් වේ ද, හේ ද සල්පිලිළයෙන් වැසුණේ වේ ද, එයට වැඩ කැමැති අභය කැමැති කිසියම් පුරුෂයෙක් වේ නම්, හෙතෙම වක් වු ඕජා ගලා බස්නා වූ යම් ඒ තරුණ ශාලයෂ්ටිහු වෙත් ද, ඔවුන් සැස බැහැර කරන්නේය. ඇතුළු සල්වනය මැනවින් ශුද්ධ වූවක් කරන්නේ ය. ඍජු ව මැනවින් වැඩුණු යම් ඒ තරුණ ශාලවෘක්‍ෂයෝ වෙත් නම්, ඔවුන් මැනැවින් පෝෂණය කරන්නේ ය. මහණෙනි, මෙසේ ඒ සල්වනය පසුකලෙක වැඩීමට දියුණුවට විපුලත්‍වයට පැමිණෙන්නේ ය. මහණෙනි, එපරිද්දෙන් ම තෙපිත් අකුසල් දුරු කරවු. කුශලධර්‍මයන්හි නැවත නැවත යෙදෙවු. මෙසේ තෙපිත් මේ ශාසනයෙහි වැඩීමට දියුණුවට විපුලත්‍වයට පැමිණෙන්නහු ය.
Pali BJT12. භූතපුබ්බං භික්ඛවෙ ඉමිස්සායෙව සාවත්ථියා වෙදෙහිකා නාම ගහපතානී අහොසි. වෙදෙහිකාය භික්ඛවෙ ගහපතානියා එවං කල්යාණො කිත්තිසද්දො අබ්භුග්ගතො: සොරතා වෙදෙහිකා ගහපතානී, නිවාතා වෙදෙහිකා ගහපතානී, උපසන්තා වෙදෙහිකා ගහපතානීති. වෙදෙහිකාය ඛො පන භික්ඛවෙ ගහපතානියා කාළී නාම දාසී අහොසි, දක්ඛා අනලසා සුසංවිහිතකම්මන්තා.
Sinhala BJT12. මහණෙනි, පෙර වූවක් කියමි: මේ සැවැත්නුවර ම වේදේහිකා නම ගෙහඹුවක් වූය. මහණෙනි, වේදේහිකා ගැහැවිදුවගේ මෙබඳු කලණ කීර්තිශබ්දයෙක් පැනනැගී. වේදේහිකා ගැහැවිදූ සුරත ය. වේදේහිකා ගැහැවිදූ යටත් පැවතුම් ඇත්තීය. වේදේහිකා ගැහැවිදූ ශාන්තය, කියා ය. මහණෙනි, වේදේහිකා ගැහැවිදූවට කාළී නම් දාසියක් වූ ය. දක්‍ෂය. අනලසය. මනා ව සංවිධාන කළ කටයුතු ඇත්තීය.
Pali BJT13. අථ ඛො භික්ඛවෙ කාළියා දාසියා එතදහොසි: මය්හං ඛො අය්යාය එවං කල්යාණො කිත්තිසද්දො අබ්භුග්ගතො: සොරතා වෙදෙහිකා ගහපතානී, නිවාතා වෙදෙහිකා ගහපතානී, උපසන්තා වෙදෙහිකා ගහපතානීති. කින්නු ඛො මෙ අය්යා සන්තංයෙව නු ඛො අජ්ඣත්තං කොපං න පාතුකරොති? උදාහු අසන්තං? උදාහු මය්හෙවෙතෙ{8} කම්මන්තා සුසංවිහිතා, යෙන මෙ අය්යා සන්තංයෙව අජ්ඣත්තං කොපං න පාතුකරොති? නො අසන්තං? යන්නූනාහං අය්යං වීමංසෙය්යන්ති. අථ ඛො භික්ඛවෙ කාළී දාසී දිවා උට්ඨාසි. අථ ඛො භික්ඛවෙ වෙදෙහිකා ගහපතානී කාළිං දාසිං එතදවොච: හෙ ජෙ කාළීති.{9} කිං අය්යෙති?{10} කිං ජෙ දිවා උට්ඨාසීති? න ඛො අය්යෙ{11} කිඤ්චීති’.{12} නො වත රෙ කිඤ්චි පාපී දාසී{13} දිවා උට්ඨාසී’ති කුපිතා අනත්තමනා භාකුටිං{14} අකාසි.
Sinhala BJT13. මහණෙනි, කාළී දාසියට - “මාගේ ආර්‍ය්‍යාව පිළිබඳව, වේදේහිකා ගැහැවිදූ සුරතභාවයෙන් යුක්ත ය. වේදේහිකා ගැහැවිදූ යටහත් පැවතුම් ඇත්තීය. වේදේහිකා ගැහැවිදූ උපශාන්ත ය’යි කලන කීර්ති ශබ්දයෙක් පැන නැගිණ. කිමෙක් දෝ, මාගේ ආර්‍ය්‍යාව තමා තුළ ඇත්තා වූ කෝපය පහළ නො කෙරේද? නොහොත් නැත්තා වූ ම කෝපය පහළ නො කෙරේ ද? එසේත් නැතහොත් යම හෙයකින් මවිසින් ම තෙල කර්‍මාන්තයෝ සුසංවිහිත ද (මැනැවින් කරන ලදහු ද) එහෙයින් මාගේ ආර්‍ය්‍යා තොමෝ තමා තුළ ඇත්තාම වූ ම කෝපය පහළ නො කෙරේ ද නොහොත් නැත්තා වූ ම කෝපය පහළ නො කෙරේ දැ යි මම ආර්‍ය්‍යාව විමසා බලන්නෙම් නම් ඉතා මැනැවැ”යි මේ සිත විය. මහණෙනි, ඉක්බිති කාළී දාසී තොමෝ දහවල් කොට නැගිට සිටියා ය. මහණෙනි, ඉක්බිති වේදේහිකා ගෘහිණි තොමෝ කාළී දාසියට මෙය කීවු ය: “එම්බල කාළිය, ආර්‍ය්‍යාවෙනි, කීම?’ එම්බල කෙල්ල, කිම, දහවල් කොට නින්දෙන් නැගිට්ටෙහි ද? ‘ආර්‍ය්‍යාවෙනි, කිසිත් නැත.’ එම්බල පවිටු දාසිය, කිසිත් නැත් නම් දහවල් කොට නැගි සිටියෙහිදැ” යි කිපියා නො සතුටු වූවා බැම බිඳුම් කළා ය. (මුහුණ හැකිළී ය.)
Pali BJT14. අථ ඛො භික්ඛවෙ කාළියා දාසියා එතදහොසි: සන්තංයෙව ඛො මෙ අය්යා අජ්ඣත්තං කොපං න පාතුකරොති නො අසන්තං. මය්හෙවෙතෙ කම්මන්තා සුසංවිහිතා, යෙන මෙ අය්යා සන්තංයෙව අජ්ඣත්තං කොපං න පාතුකරොති නො අසන්තං. යන්නූනාහං භිය්යොසොමත්තාය අය්යං වීමංසෙය්යන්ති. අථ ඛො භික්ඛවෙ කාළීදාසී දිවාතරං උට්ඨාසි.
Sinhala BJT14. “මහණෙනි, එකල කාළී දාසියට මේ අදහස වී ය: “මාගේ ආර්‍ය්‍යාව තමා තුළ ඇත්තා වූ ම කෝපය පහළ නො කරන්නී ය. නැත්තා වූ ම කෝපය පහළ නො කරන්නී නො වේ. යම් හෙයකින් මා විසින් ම තෙල කර්‍මාන්තයෝ මැනැවින් සංහිත ද ඒ නිසා ආර්‍ය්‍යා තොමෝ තමා තුළ ඇත්තා වූ ම කෝපය පහළ නො කෙරේ ද, නැත්තා වූ ම කෝපය පහළ නො කෙරේ දැ යි මම ආර්‍ය්‍යාව බොහෝ සේ විමසා බලන්නෙම් නම් යෙහෙක” කියා යි. මහණෙනි, ඉක්බිති කාළී දාසිය වඩාත් දහවල් කොට නින්දෙන් නැගී සිටියා ය.
Pali BJT15. අථ ඛො භික්ඛවෙ වෙදෙහිකා ගහපතානී කාළිං දාසිං එතදවොච: හෙ ජෙ කාළීති. ‘කිං අය්යෙ’ති? කිං ජෙ දිවාතරං උට්ඨාසීති? ‘න ඛො අය්යෙ කිඤ්චී’ති. නො වත රෙ කිඤ්චි පාපී දාසි, දිවාතරං{1} උට්ඨාසීති කුපිතා අනත්තමනා අනත්තමනවාචං නිච්ඡාරෙසි. අථ ඛො භික්ඛවෙ කාළියා දාසියා එතදහොසි: සන්තංයෙව ඛො මෙ අය්යා අජ්ඣත්තං කොපං න පාතුකරොති නො අසන්තං, මය්හෙවෙතෙ කම්මන්තා සුසංවිහිතා යෙන මෙ අය්යා සන්තංයෙව අජ්ඣත්තං කොපං න පාතුකරොති නො අසන්තං; යන්නූනාහං භිය්යොසොමත්තාය අය්යං වීමංසෙය්යන්ති. අථ ඛො භික්ඛවෙ කාළී දාසී දිවාතරංයෙව උට්ඨාසි. අථ ඛො භික්ඛවෙ වෙදෙහිකා ගහපතානී කාළිං දාසිං එතදවොච: හෙ ජෙ කාළීති. කිං අය්යෙති? කිං ජෙ දිවාතරං උට්ඨාසීති? න ඛො අය්යෙ කිඤ්චීති. නො වත රෙ කිඤ්චි පාපී දාසි, දිවා උට්ඨාසීති කුපිතා අනත්තමනා අග්ගළසූචිං ගහෙත්වා සීසෙ පහාරං අදාසි. සීසං වොභින්දි.{2} අථ ඛො භික්ඛවෙ කාළී දාසී භින්නෙන සීසෙන ලොහිතෙන ගළන්තෙන{3} පටිවිස්සකානං උජ්ඣාපෙසි: ‘පස්සථය්යා, සොරතාය කම්මං පස්සථය්යා, නිවාතාය කම්මං. පස්සථය්යා, උපසන්තාය කම්මං කථං හි නාම එකදාසිකාය ‘දිවා උට්ඨාසී’ති කුපිතා අනත්තමනා අග්ගළසූචිං ගහෙත්වා සීසෙ පහාරං දස්සති, සීසං වොභින්දිස්සතීති?
Sinhala BJT15. මහණෙනි, ඉක්බිති වේදේහිකා ගැහැවිදු කාළී දාසියට මෙසේ කිවූ ය: එම්බල කෙල්ල, කාළිය, යි ‘කීම, ආර්‍ය්‍යාවෙනි’, ‘කෙල්ල, කුමක් නිසා ඉතා දහවල් කොට නැගී සිටිහි ද?’ ‘ආර්‍ය්‍යාවෙනි, කිසිත් නැත’. “එම්බල පවිටු දාසිය, කිසිවක් නැතිව දවල් කොට නැගිට්ටා ය”යි කිපියා නො සතුටු වූවා නො සතුටු වචන පහළ කළා ය. එකල කාළී දාසියට මේ අදහස ඇති වී ය: ‘මාගේ ආර්‍ය්‍යාව තමා තුළ ඇත්තා වූ ම කෝපය පහළ නො කරන්නී ය. නැත්තා වූ කෝපය පහළ නො කරන්නී නො වෙයි. යම් හෙයකින් මා විසින්ම ඒ කර්‍මාන්තයෝ සුසංවිහිත ද ඒ නිසා ආර්‍ය්‍යාතොමෝ තමා තුළ ඇත්තා වූ ම කෝපය පහළ නො කෙරේ දැ යි මම ආර්‍ය්‍යාව තවත් බොහෝ කොට විමසා බලන්නෙම් නම් මැනැවැ’යි කියා යි. මහණෙනි, ඉක්බිති කාළී දාසිය පෙරටත් වඩා දහවල් කොට නැගී සිටියා ය. ඉක්බිති වේදේහිකා ගැහැවිදු තොමෝ කාළී දාසියට මෙසේ කීවා ය: එම්බල කාළිය, ‘ආර්‍ය්‍යාවෙනි, කිම?’ ‘කෙල්ල, කුමක් නිසා පෙරටත් වඩා දහවල් කොට නැගිසිටියෙහි ද?’ ‘ආර්‍ය්‍යාවෙනි, කිසිත් නැත. ‘එම්බල පවිටු දාසිය, කිසිත් නැත් නම් පෙරටත් වඩා දවල් කොට නැගිසිටියෙහි දැ යි කිපියා නොසතුටු වූවා අගුලුඉද්ද ගෙන හිසට පහරක් දුන්නා ය. හිස පැළුවා ය. මහණෙනි, ඉක්බිති කාළී දාසිය පැළුණු හිසින් ද ගලන ලෙයින් ද යුතු ව අසල්වැසියනට අඬගා නුගුණ කිවු ය: ආර්‍ය්‍යයෙනි, සුරත ස්ත්‍රියගේ ක්‍රියාව බලව. යටහත් පැවතුම් අත්තියගේ ක්‍රියාව බලව. උපශාන්ත තැනැත්තියගේ ක්‍රියාව බලව. කෙසේ නම් එක ම දාසියට ‘දහවල් කොට නැගී සිටියා ය’යි කිපියා නොසතුටු වූවා අගුලු ඉද්ද ගෙන පහර දුන්නී ද, හිස බින්දා දැ’යි කියා යි.
Pali BJTඅථ ඛො භික්ඛවෙ වෙදෙහිකාය ගහපතානියා අපරෙන සමයෙන එවං පාපකො කිත්තිසද්දො අබ්භුග්ගඤ්ඡි:{4} චණ්ඩී වෙදෙහිකා ගහපතානී, අනිවාතා වෙදෙහිකා ගහපතානී, අනුපසන්තා වෙදෙහිකා ගහපතානීති.
Sinhala BJTඉක්බිති මහණෙනි, වේදේහිකා ගැහැවිදුවගේ පසුකාලයෙක මෙවැනි අපකීර්තියෙක් උස් ව නැංගේ ය: වේදේහිකා ගැහැවිදු චණ්ඩ ය, වේදේහිකා ගැහැවිදු නොදැමු නැ, වේදේහිකා ගැහැවිදු නො සන්හුන්ය කියා යි.
Pali BJT16. එවමෙව ඛො භික්ඛවෙ ඉධෙකච්චො භික්ඛු තාවදෙව සොරතසොරතො හොති නිවාතනිවාතො හොති උපසන්තුපසන්තො හොති යාව න නං අමනාපා{5} වචනපථා ඵුසන්ති. යතො ච ඛො භික්ඛවෙ භික්ඛුං අමනාපා වචනපථා ඵුසන්ති, අථ භික්ඛු{6} සොරතොති වෙදිතබ්බො නිවාතොති වෙදිතබ්බො. උපසන්තොති වෙදිතබ්බො. නාහං තං භික්ඛවෙ භික්ඛුං සුවචොති{7} වදාමි, යො චීවරපිණ්ඩපාතසෙනාසනගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරහෙතු සුවචො හොති. සොවචස්සතං ආපජ්ජති. තං කිස්ස හෙතු: තං හි සො භික්ඛවෙ භික්ඛු චීවරපිණ්ඩපාතසෙනාසනගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරං අලභමානො න සුවචො හොති. න සොවචස්සතං ආපජ්ජති. යො ච ඛො භික්ඛවෙ භික්ඛු ධම්මංයෙව සක්කරොන්තො ධම්මං ගරුකරොන්තො{8} ධම්මං අපචායමානො සුවචො හොති සොවචස්සතං ආපජ්ජති, තමහං සුවචොති වදාමි. තස්මාතිහ භික්ඛවෙ එවං සික්ඛිතබ්බං: ධම්මංයෙව සක්කරොන්තා ධම්මං ගරුකරොන්තා ධම්මං අපචායමානා සුවචා භවිස්සාම, සොවචස්සතං ආපජ්ජිස්සාමාති. එවං හි වො භික්ඛවෙ සික්ඛිතබ්බං.
Sinhala BJT16. මහණෙනි, එපරිද්දෙන් ම මේ ශාසනයෙහි ඇතැම් මහණෙක් යම් තාක් අමනාප වූ වචනපථයෝ ඔහු නො පහසත් ද, ඒ තාක් ඉතා සුරතභාවය ඇත්තේ වෙයි. ඉතා යටහත් වූයේ වෙයි. ඉතා සන්හුන් වූයේ වෙයි. මහණෙනි, යම් තැනෙක පටන් ගෙන අමනාප වූ වචනයෝ ඒ මහණහු පවසත් ද, ඒතාක් මහණතෙමේ සුරත ය යි දත යුතුය. නිහතමාන ය යි දත යුතු ය. ශාන්ත ය යි දත යුතු ය. මහණෙනි, යම් මහණෙක් සිවුරු පිඬුවා සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකර හේතු කොට සුවසේ අවවාද විසින් කිය හැකි වේ ද, සුවච බවට පැමිණේ ද, ඒ මහණ සුවච ය යි මම නො කියමි. ඒ කවර හෙයින යත්: මහණෙනි, ඒ මහණ සිවුරු පිඬුවා සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකර නො ලබන්නේ සුවච නො වෙයි. සුවචබවට නො පැමිණෙයි. එහෙයිනි. මහණෙනි, යම් මහණෙක් ධර්‍මයට ම සත්කාර කරන්නේ ධර්‍මය ම ගරු කරන්නේ ධර්‍මය පුදන්නේ සුවච වේ ද, සුවච බවට පැමිණේ ද, මම ඔහු සුවචයෙකැයි කියමි. මහණෙනි, එහෙයින් තොප විසින් මෙහි මෙසේ හික්මිය යුතු: ධර්‍මයට ම සත්කාර කරමින් ධර්‍මය ගරු කරමින් ධර්‍මය පුදමින් සුවච වන්නෙමු. සුවචබවට පැමිණෙන්නෙමු’යි කියා යි. මහණෙනි, තොප විසින් මෙසේ ම හික්මිය යුතුයි.
Pali BJT17. පඤ්චිමෙ භික්ඛවෙ වචනපථා යෙහි වො පරෙ වදමානා වදෙය්යුං: කාලෙන වා අකාලෙන වා, භූතෙන වා අභූතෙන වා, සණ්හෙන වා ඵරුසෙන වා, අත්ථසංහිතෙන වා අනත්ථසංහිතෙන වා, මෙත්තචිත්තා වා දොසන්තරා වා. කාලෙන වා භික්ඛවෙ පරෙ වදමානා වදෙය්යුං අකාලෙන වා. භූතෙන වා භික්ඛවෙ පරෙ වදමානා වදෙය්යුං අභූතෙන වා. සණ්හෙන වා භික්ඛවෙ පරෙ වදමානා වදෙය්යුං ඵරුසෙන වා. අත්ථසංහිතෙන වා භික්ඛවෙ පරෙ වදමානා, වදෙය්යුං අනත්ථසංහිතෙන වා; මෙත්තචිත්තා වා භික්ඛවෙ පරෙ වදමානා, වදෙය්යුං දොසන්තරා වා. තත්රාපි වො{1} භික්ඛවෙ එවං සික්ඛිතබ්බං: න චෙව නො චිත්තං විපරිණතං භවිස්සති. න ච පාපිකං වාචං නිච්ඡාරෙස්සාම. හිතානුකම්පී ච විහරිස්සාම මෙත්තචිත්තා න දොසන්තරා. තඤ්ච පුග්ගලං මෙත්තාසහගතෙන චෙතසා ඵරිත්වා විහරිස්සාම. තදාරම්මණඤ්ච සබ්බාවන්තං ලොකං මෙත්තාසහගතෙන චෙතසා විපුලෙන මහග්ගතෙන අප්පමාණෙන අවෙරෙන අබ්යාපජ්ඣෙන ඵරිත්වා විහරිස්සාමාති. එවං හි වො භික්ඛවෙ සික්ඛිතබ්බං.
Sinhala BJT17. “මහණෙනි, කාලයෙන් වේව යි අකාලයෙන් වේවයි, විද්‍යාමාන වුවෙන් වේවයි අවිද්‍යාමාන වුවෙන් වේවයි, මොළොක් වුවෙන් වේවයි රළු වුවෙන් වේවයි, අර්‍ත්‍ථසහිත වුවෙන් වේවයි අනර්‍ත්‍ථ සහිත වුවෙන් වේවයි, මෛත්‍රී සිත් ඇති ව හෝ ද්වේෂසිත් ඇති ව හෝ යම්කිසි වචනයෙකින් අන්‍යයෝ තොපට කියන්නාහු නම්, ඒ වචනමාර්‍ගයෝ පස් දෙනෙක් වෙති. මහණෙනි, තොපට කියන්නා වූ අන්‍යයෝ කල්හි හෝ නොකල්හි කියන්නාහු ය. මහණෙනි, තොපට කියන්නා වූ අන්‍යයෝ විද්‍යාමාන වූවෙකින් හෝ විද්‍යාමාන නො වූවෙකින් හෝ කියන්නාහු ය. මහණෙනි, කියන්නා වූ අන්‍යයෝ මොළොක් වූ හෝ රළු වූ හෝ වචනයෙන් කියන්නාහු ය. මහණෙනි, කියන්නා වූ අන්‍යයෝ වැඩෙන් යුක්ත වූ හෝ අවැඩෙන් යුක්ත වූ හෝ වචනයෙන් කියන්නා හු ය. මහණෙනි, කියන්නා වූ අන්‍යයෝ මෙත් සිත් ඇති ව හෝ කිපි සිත් ඇතිව කියන්නා හු ය. මහණෙනි, එහි දී ද තොප විසින් මෙසේ හික්මිය යුතු ය: ‘අපගේ සිත වෙනසකට පත් නො වන්නේය. ලාමක වචන නිකුත් නො කරන්නෙමු. හිතානුකම්පා ඇති ව මෙත්සිත් ඇත්තමෝ වාසය කරන්නෙමු. ඒ පුද්ගලයා කෙරෙයි මෛත්‍රිය පතුරුවා වසන්නෙමු. මෙත්සිතට අරමුණු වූ සියලු සත්‍වයන් ඇති ලෝකය මහත් වූ මහත්බවට ගිය අප්‍රමාණ වූ වෛර නැති ද්වේෂ නැති මහද්ගත සිතින් පතුරුවා වසන්නෙමු’යි කියා යි. මහණෙනි, තොප විසින් මෙසේ ම හික්මිය යුතු ය.
Pali BJT18. සෙය්යථාපි භික්ඛවෙ පුරිසො ආගච්ඡෙය්ය කුද්දාලපිටකං{2} ආදාය, සො එවං වදෙය්ය: අහං ඉමං මහාපඨවිං අපඨවිං කරිස්සාමීති, සො තත්ර තත්ර ඛණෙය්ය,{3} තත්ර තත්ර විකිරෙය්ය, තත්ර තත්ර ඔට්ඨුභෙය්ය, තත්ර තත්ර ඔමුත්තෙය්ය: අපඨවී භවසි අපඨවී භවසීති. තං කිං මඤ්ඤථ භික්ඛවෙ: අපි නු සො පුරිසො ඉමං මහාපඨවිං අපඨවිං කරෙය්යාති? ‘නො හෙතං භන්තෙ’. තං කිස්ස හෙතු? අයං හි භන්තෙ මහාපඨවී ගම්භීරා අප්පමෙය්යා. සා න සුකරා අපඨවිං කාතුං. යාවදෙව ච පන සො පුරිසො කිලමථස්ස විඝාතස්ස භාගී අස්සා’ති. එවමෙව ඛො භික්ඛවෙ පඤ්චිමෙ වචනපථා, යෙහි වො පරෙ වදමානා වදෙය්යුං: කාලෙන වා අකාලෙන වා, භූතෙන වා අභූතෙන වා, සණ්හෙන වා ඵරුසෙන වා, අත්ථසංහිතෙන වා අනත්ථසංහිතෙන වා, මෙත්තචිත්තා වා දොසන්තරා වා. කාලෙන වා භික්ඛවෙ පරෙ වදමානා වදෙය්යුං අකාලෙන වා භූතෙන වා භික්ඛවෙ පරෙ වදමානා වදෙය්යුං අභූතෙන වා. සණ්හෙන වා භික්ඛවෙ පරෙ වදමානා වදෙය්යුං ඵරුසෙන වා. අත්ථසංහිතෙන වා භික්ඛවෙ පරෙ වදමානා වදෙය්යුං අනත්ථසංහිතෙන වා. මෙත්තචිත්තා වා භික්ඛවෙ පරෙ වදමානා වදෙය්යුං දොසන්තරා වා. තත්රාපි වො{1} භික්ඛවෙ, එවං සික්ඛිතබ්බං: න චෙව නො චිත්තං විපරිණතං භවිස්සති. න ච පාපිකං වාචං නිච්ඡාරෙස්සාම. හිතානුකම්පී ච විහරිස්සාම මෙත්තචිත්තා න දොසන්තරා. තඤ්ච පුග්ගලං මෙත්තාසහගතෙන චෙතසා ඵරිත්වා විහරිස්සාම–
Sinhala BJT18. මහණෙනි, යම් සේ පුරුෂයෙක් උදැල්ලක් හා පැසක් රැගෙන එන්නේ ද, හෙතෙම මම මේ මහපොළොව නොපොළොව කරන්නෙමි’යි මෙසේ කියන්නේ ය. හෙතෙම ඒ ඒ තැන් සාරන්නේ ය. ඒ ඒ තන්හි පස් විසුරුවන්නේ ය. ඒ ඒ තැන කෙළපියන්නේ ය. ඒ ඒ තැන මුත්‍ර කරන්නේ ය. ‘නොපොළොවක් වේවා, නොපොළොවක් වේව’යි කියා ය. මහණෙනි, ඒ කිමැ යි කල්පනා කරන්නහු ද? ඒ පුරුෂ තෙම මේ මහා පොළොව නොපොළොවක් කරන්නේ ය යි සිතන්නහු ද? ‘වහන්ස, එසේ නො සිතන්නෙමු.’ එය කවර හෙයින? ‘වහන්ස, මේ මහපොළොව ගැඹුරු ය. පමණ නො කට හැකිය. නොපොළොවක් කරන්නට නො හැක්කේ ය. හුදෙක් ඒ පුරුෂයා ක්ලාන්ත වන්නේය. වෙහෙසට පත් වන්නේය. මහණෙනි, එපරිද්දෙන් ම කාලයෙහි හෝ අකාලයෙහි හෝ විද්‍යාමාන වූ හෝ අවිද්‍යාමාන වූ මොළොක් වූ හෝ රළු වූ හෝ අර්‍ත්‍ථ සහිත වූ හෝ අනර්‍ත්‍ථ සහිත වූ හෝ යම් වචනපථයෙකින් කියන්නා වූ අන්‍යයෝ මෙත් සිත් ඇති ව හෝ ද්වේෂ සිත් ඇති ව හෝ කියන්නාහු නම්, එහි මේ වචනමාර්‍ගයෝ පස් දෙනෙක් වෙත්: මහණෙනි, කියන්නා වූ අන්‍යයෝ කල්හි හෝ නොකල්හි කියන්නාහු ය. මහණෙනි, කියන්නා වූ අන්‍යයෝ විද්‍යාමාන වූ හෝ අවිද්‍යාමාන වූ හෝ වචනයෙන් කියන්නාහු ය. මහණෙනි, කියන්නා වූ අන්‍යයෝ මොළොක් වූ හෝ රළු වූ හෝ වචනයෙන් කියන්නාහු ය. මහණෙනි, කියන්නා වූ අන්‍යයෝ හෝ අර්‍ත්‍ථ සහිත වූ හෝ හෝ අර්‍ත්‍ථ රහිත වූ හෝ වචනයෙන් කියන්නා හු ය. මහණෙනි, කියන්නා වූ අන්‍යයෝ මෙත් සිත් ඇති ව හෝ ද්වේෂ සිත් ඇතිව කියන්නාහු ය. එහි දී තොප විසින් මෙසේ හික්මිය යුතු ය. ‘අපගේ සිත වෙනසකට පත් නො වන්නේ ය. ලාමකවචන නිකුත් නො කරන්නෙමු. හිතානුකම්පා ඇති වැ මෙත්සිත් ඇති ව නොකිපී සිත් ඇත ව වාසය කරන්නෙමු. ඒ පුද්ගලයා කෙරෙහි මෛත්‍රිය පතුරුවා වසන්නෙමු.’
Pali BJTතදාරම්මණඤ්ච සබ්බාවන්තං ලොකං පඨවිසමෙන චෙතසා විපුලෙන මහග්ගතෙන අප්පමාණෙන අවෙරෙන අබ්යාපජ්ඣෙන ඵරිත්වා විහරිස්සාමාති. එවං හි වො භික්ඛවෙ සික්ඛිතබ්බං.
Sinhala BJTමෙත් සිතට අරමුණු වූ සියලු සත්‍වයන් ඇති මුළු ලොව විපුල වූ මහත්බවට ගියා වූ අප්‍රමාණ වූ වෛර නැති නිදුක් වූ පොළොව හා සමාන වූ සිතින් පතුරුවා වසන්නෙමු’යි. මහණෙනි, තොප විසින් මෙසේ ම හික්මිය යුතු ය.