Majjhima Nikāya

Middle-Length Discourses

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

Showing entries 701-800 of 6395

SegmentPali BJTSinhala BJT
Pali BJT28. පුන චපරං ආවුසො භික්ඛු චුදිතො චොදකෙන න අඤ්ඤෙනඤ්ඤං පටිචරති, න බහිද්ධා කථං අපනාමෙති, න කොපඤ්ච දොසඤ්ච අප්පච්චයඤ්ච පාතුකරොති. යම්පාවුසො භික්ඛු චුදිතො චොදකෙන න අඤ්ඤෙනඤ්ඤං පටිචරති, න බහිද්ධා කථං අපනාමෙති, න කොපඤ්ච දොසඤ්ච අප්පච්චයඤ්ච පාතුකරොති, අයම්පි ධම්මො සොවචස්සකරණො.
Sinhala BJT28. තවද, අනෙකෙක් වෙයි. ඇවැත්නි, මහණ චෝදකයකු විසින් චෝදනා කරන ලද්දේ අනෙකෙකින් අනෙක නො පිළිසොයයි. කථාව බැහැර නො කෙරෙයි. කොපයත් ද්වේෂයත් අප්‍රීතියත් පහළ නො කෙරෙයි. ඇවැත්නි, යම් හෙයෙකින් මහණ චෝදකයකු විසින් චෝදනා කරන ලද්දේ අනෙකෙකින් අනෙක නො වසා ද, කථාව බැහැර නො නෙරා ද, කොපයත් ද්වේෂයත් අප්‍රීතියත් පහළ නො කෙරේ ද, මෙ ද සුවචභාවය කරන ධර්‍මයෙකි.
Pali BJT29. පුන චපරං ආවුසො භික්ඛු චුදිතො චොදකෙන අපදානෙ සම්පායති. යම්පාවුසො භික්ඛු චුදිතො චොදකෙන අපදානෙ සම්පායති. අයම්පි ධම්මො සොවචස්සකරණො.
Sinhala BJT29. තවද, අනෙකෙක් වෙයි. ඇවැත්නි, මහණ චෝදකයකු විසින් චෝදනා කරන ලද්දේ ස්වකීය චරිතය සපයා කියන්නට හැක්කේ වෙයි. ඇවැත්නි, යම් හෙයෙකින් මහණ චෝදකයකු විසින් චෝදනා කරන ලද්දේ ස්වකීය චරිතය සපයා කියන්නට හැකි වේ ද, මෙ ද සුවචභාවය කරන ධර්‍මයෙකි.
Pali BJT30. පුන චපරං ආවුසො භික්ඛු අමක්ඛී හොති අපළාසී. යම්පාවුසො භික්ඛු අමක්ඛී හොති අපළාසී. අයම්පි ධම්මො සොවචස්සකරණො.
Sinhala BJT30. තවද, අනෙකෙක් වෙයි. ඇවැත්නි, මහණ ගුණමකු නො වූයේ යුගග්‍රාහය නැත්තේ වෙයි. ඇවැත්නි, යම් හෙයෙකින් මහණ ගුණමකු නො වූයේ යුගග්‍රාහය නැත්තේ වේ ද, මෙ ද සුවචභාවය කරන ධර්‍මයෙකි.
Pali BJT31. පුන චපරං ආවුසො භික්ඛු අනිස්සුකී හොති අමච්ඡරී. යම්පාවුසො භික්ඛු අනිස්සුකී හොති අමච්ඡරී. අයම්පි ධම්මො සොවචස්සකරණො.
Sinhala BJT31. තවද, අනෙකෙක් වෙයි. ඇවැත්නි, මහණ ඊර්‍ෂ්‍යා නො කරන සුලු වූයේ මසුරු නැත්තේ වෙයි. ඇවැත්නි, යම් හෙයෙකින් මහණ ඊර්‍ෂ්‍යා නො කරන සුලු වූයේ මසුරු නැත්තේ වේ ද, මෙ ද සුවචභාවය කරන ධර්‍මයෙකි.
Pali BJT32. පුන චපරං ආවුසො භික්ඛු අසඨො හොති අමායාවී. යම්පාවුසො භික්ඛු අසඨො හොති අමායාවී. අයම්පි ධම්මො සොවචස්සකරණො.
Sinhala BJT32. තවද, අනෙකෙක් වෙයි. ඇවැත්නි, මහණ කෛරාටික නො වූයේ මායා නැත්තේ වෙයි. ඇවැත්නි, යම් හෙයෙකින් මහණ කෛරාටික නො වූයේ මායා නැත්තේ වේ ද, මෙ ද සුවචභාවය කරන ධර්‍මයෙකි.
Pali BJT33. පුන චපරං ආවුසො භික්ඛු අත්ථද්ධො හොති අනතිමානී. යම්පාවුසො භික්ඛු අත්ථද්ධො හොති අනතිමානී, අයම්පි ධම්මො සොවචස්සකරණො.
Sinhala BJT33. තවද, අනෙකෙක් වෙයි. ඇවැත්නි, මහණ තදබැව් නැත්තේ අධික මාන නැත්තේ වෙයි. ඇවැත්නි, යම් හෙයෙකින් මහණ තදබැව් නැත්තේ අධික මාන නැත්තේ වේ ද, මෙ ද සුවචභාවය කරන ධර්‍මයෙකි.
Pali BJT34. පුන චපරං ආවුසො භික්ඛු අසන්දිට්ඨිපරාමාසී හොති අනාධානගාහී සුප්පටිනිස්සග්ගී. යම්පාවුසො භික්ඛු අසන්දිට්ඨිපරාමාසී හොති අනාධානගාහී සුප්පටිනිස්සග්ගී, අයම්පි ධම්මො සොවචස්සකරණො.
Sinhala BJT34. තවද, අනෙකෙක් වෙයි. ඇවැත්නි, මහණ ස්වකීය දෘෂ්ටිය පරාමර්‍ශනය නො කරන්නේ, එය ම දැඩි කොට නො ගන්නේ, සුවසේ බැහැර කිරීමට හැකි වූයේ වෙයි. ඇවැත්නි, යම් හෙයෙකින් මහණ ස්වකීය දෘෂ්ටිය පරාමර්‍ශනය නො කරන්නේ, එය ම දැඩි කොට නො ගන්නේ, සුවසේ බැහැර කිරීමට හැකි වූයේ වේ ද, මෙ ද සුවචභාවය කරන ධර්‍මයෙකි.
Pali BJTඉමෙ වුච්චන්තාවුසො සොවචස්සකරණා ධම්මා.
Sinhala BJTඇවැත්නි, මොහු (සොළස) සුවචභාවය කරන ධර්‍මයෝ යි කියනු ලැබෙත්.
Pali BJT35. තත්රාවුසො භික්ඛුනා අත්තනාව අත්තානං එවං අනුමිනිතබ්බං:{1} “යො ඛ්වායං පුග්ගලො පාපිච්ඡො පාපිකානං ඉච්ඡානං වසං ගතො, අයං මෙ පුග්ගලො අප්පියො අමනාපො. අහඤ්චෙව ඛො පනස්සං පාපිච්ඡො පාපිකානං ඉච්ඡානං වසං ගතො, අහම්පස්සං{2} පරෙසං අප්පියො අමනාපො”ති. එවං ජානන්තෙනාවුසො භික්ඛුනා න පාපිච්ඡො භවිස්සාමි න පාපිකානං ඉච්ඡානං වසං ගතොති චිත්තං උප්පාදෙතබ්බං.
Sinhala BJT35. ඇවැත්නි, මේ සොළොස් වැදෑරුම් ධර්‍මයෙහි ලා මහණහු විසින් තමා ම මෙසේ තුලනා කටයුතුයි: (සසඳා තීරණය කටයුතුයි: ) “යම් මේ පුද්ගලයෙක් පාපේච්ඡා ඇත්තේ ලාමක ඉච්ඡාවන්ගේ වශයට ගියේ වේ ද, මේ පුද්ගල මට අප්‍රිය වෙයි. ඉදින් මමත් පාපේච්ඡා ඇත්තෙම්, ලාමක ඉච්ඡාවන්ගේ වශයට ගියෙම් නම්, මමත් අනුන්ට අප්‍රිය වන්නෙමි. අමනාප වන්නෙමි” යි ඇවැත්නි, මෙසේ දන්නාවූ මහණහු විසින් “පාපේච්ඡා නැත්තෙම් ලාමක ඉච්ඡාවන්ගේ වශයට නො ගියෙම් වන්නෙමි”යි සිත ඉපිදවිය යුතු ය.
Pali BJT36. “යො ඛ්වායං පුග්ගලො අත්තුක්කංසකො පරවම්භී, අයං මෙ පුග්ගලො අප්පියො අමනාපො. අහඤ්චෙව ඛො පනස්සං අත්තුක්කංසකො පරවම්භී, අහම්පස්සං පරෙසං අප්පියො අමනාපො”ති. එවං ජානන්තෙනාවුසො භික්ඛුනා ‘අනත්තුක්කංසකො භවිස්සාමි අපරවම්භී’ති චිත්තං උප්පාදෙතබ්බං.
Sinhala BJT36. “යම් මේ පුද්ගලයෙක් වනාහි තමා හුවා දක්නේ පරා හෙළා දක්නේ වේ ද, මේ පුද්ගල මට අප්‍රිය වෙයි අමනාප වෙයි. ඉදින් මමත් තමා හුවා දක්නෙම් පරා හෙළා දක්නෙම් වන්නෙම් නම්, මම ද අනුන්ට අප්‍රිය වූයෙම්, අමනාප වූයෙම් වෙමි” යි. ඇවැත්නි, මෙසේ දන්නා මහණහු විසින් “හුවා නො දක්නෙම්, පරා හෙළා නො දක්නෙම් වෙමි”යි සිත ඉපදවිය යුතු ය.
Pali BJT37. “යො ඛ්වායං පුග්ගලො කොධනො කොධාභිභූතො, අයං මෙ පුග්ගලො අප්පියො අමනාපො. අහඤ්චෙව ඛො පනස්සං කොධනො කොධාභිභූතො, අහම්පස්සං පරෙසං අප්පියො අමනාපො”ති. එවං ජානන්තෙනාවුසො භික්ඛුනා, ‘න කොධනො භවිස්සාමි න කොධාභිභූතො’ති චිත්තං උප්පාදෙතබ්බං.
Sinhala BJT37. “යම් මේ පුද්ගලයෙක් වනාහි ක්‍රෝධ කරනසුලු වූයේ ක්‍රෝධයෙන් මඩනා ලද්දේ වේ ද, මේ පුද්ගල මට අප්‍රිය වෙයි. ඉදින් මමත් ක්‍රෝධ කරන සුල්ලෙම්, මම ද අනුනට අප්‍රිය වූයෙම්, අමනාප වූයෙම් වෙමි” යි ඇවැත්නි, මෙසේ දන්නා මහණහු විසින් “ක්‍රෝධ නො කරන සුල්ලෙම් ක්‍රෝධයෙන් නො මඩනා ලද්දෙම් වෙමි”යි සිත ඉපදවිය යුතු ය.
Pali BJT38. “යො ඛ්වායං පුග්ගලො කොධනො කොධහෙතු උපනාහී, අයං මෙ පුග්ගලො අප්පියො අමනාපො. අහඤ්චෙව ඛො පනස්සං කොධනො කොධහෙතු උපනාහී, අහම්පස්සං පරෙසං අප්පියො අමනාපො”ති. එවං ජානන්තෙනාවුසො භික්ඛුනා ‘න කොධනො භවිස්සාමි න කොධහෙතු උපනාහී’ති චිත්තං උප්පාදෙතබ්බං.
Sinhala BJT38. “යම් මේ පුද්ගලයෙක් වනාහි ක්‍රෝධ කරනසුලු වූයේ, ක්‍රෝධ හේතු කොට බද්ධවෛර ඇත්තේ වේ ද, මේ පුද්ගල මට අප්‍රිය වෙයි. අමනාප වෙයි. ඉදින් මමත් ක්‍රෝධ කරන සුල්ලෙම් ක්‍රෝධ හේතු කොට බද්ධවෛර ඇත්තෙම් වෙම් නම්, මම ද අනුන්ට අප්‍රිය වූයෙම්, අමනාප වූයෙම් වෙමි” යි ඇවැත්නි, මෙසේ දන්නා මහණහු විසින් “ක්‍රෝධ නො කරන සුල්ලෙම් ක්‍රෝධය හේතු කොට බද්ධවෛර නැත්තෙම් වෙමි” යි සිත ඉපදවිය යුතු ය.
Pali BJT39. “යො ඛ්වායං පුග්ගලො කොධනො කොධහෙතු අභිසඞ්ගී, අයං මෙ පුග්ගලො අප්පියො අමනාපො. අහඤ්චෙව ඛො පනස්සං කොධනො කොධහෙතු අභිසඞ්ගී, අහම්පස්සං පරෙසං අප්පියො අමනාපො”ති. එවං ජානන්තෙනාවුසො භික්ඛුනා ‘න කොධනො භවිස්සාමි න කොධහෙතු අභිසඞ්ගී’ති චිත්තං උප්පාදෙතබ්බං.
Sinhala BJT39. “යම් මේ පුද්ගලයෙක් වනාහි ක්‍රෝධ කරනසුලු වූයේ, ක්‍රෝධය හේතු කොට ගැටෙනසුලු වූයේ වේ ද, මේ පුද්ගල මට අප්‍රිය වෙයි. අමනාප වෙයි. ඉදින් මම ද ක්‍රෝධ කරන සුල්ලෙම් වෙම් නම්, මමත් අනුන්ට අප්‍රිය වූයෙම්, අමනාප වූයෙම් වෙමි” යි ඇවැත්නි, මෙසේ දන්නා මහණහු විසින් “ක්‍රෝධ නො කරන සුල්ලෙම්, ක්‍රෝධය හේතු කොට නො ගැටෙන සුල්ලෙම් වෙමි” යි සිත ඉපදවිය යුතු ය.
Pali BJT40. “යො ඛ්වායං පුග්ගලො කොධනො කොධසාමන්තා වාචං නිච්ඡාරෙතා, අයං මෙ පුග්ගලො අප්පියො අමනාපො; අහඤ්චෙව ඛො පනස්සං කොධනො කොධසාමන්තා වාචං නිච්ඡාරෙතා, අහම්පස්සං පරෙසං අප්පියො අමනාපො”ති. එවං ජානන්තෙනාවුසො භික්ඛුනා “න කොධනො භවිස්සාමි. න කොධසාමන්තා වාචං නිච්ඡාරෙස්සාමී”ති චිත්තං උප්පාදෙතබ්බං.
Sinhala BJT40. “යම් මේ පුද්ගලයෙක් වනාහි ක්‍රෝධ කරනසුලු වූයේ, ක්‍රෝධයට ළං කොට වචන නිකුත් කරන්නේ වේ ද, මේ පුද්ගල මට අප්‍රිය වෙයි. ඉදින් මමත් ක්‍රෝධ කරනසුලු වූයෙම් ක්‍රෝධයට ළං කොට වචන නිකුත් කරන්නෙම් වෙම් නම්, මම ද අනුන්ට අප්‍රිය වූයෙම් අමනාප වූයෙම් වෙමි” යි. ඇවැත්නි, මෙසේ දන්නා මහණහු විසින් “ක්‍රෝධ නො කරන සුල්ලෙම් වෙමි. ක්‍රෝධයට ළං කොට වචන නො නිකුත් කරමි” යි සිත ඉපදවිය යුතු ය.
Pali BJT41. “යො ඛ්වායං පුග්ගලො චුදිතො චොදකෙන පටිප්ඵරති, අයං මෙ පුග්ගලො අප්පියො අමනාපො; අහඤ්චෙව ඛො පන චුදිතො චොදකෙන චොදකං පටිප්ඵරෙය්යං, අහම්පස්සං පරෙසං අප්පියො අමනාපො”ති. එවං ජානන්තෙනාවුසො භික්ඛුනා ‘චුදිතො චොදකෙන චොදකං න පටිප්ඵරිස්සාමී”ති චිත්තං උප්පාදෙතබ්බං.
Sinhala BJT41. “යම් මේ පුද්ගලයෙක් වනාහි චෝදකයකු විසින් චෝදනා කරන ලද්දේ චෝදකයාට පටහැනි ව සිටී ද, මේ පුද්ගල මට අප්‍රිය වෙයි. ඉදින් මමත් චෝදකයකු විසින් චෝදනා කරන ලද්දෙම් චෝදකයාට පටහැනි ව සිටින්නෙම් නම්, මම ද අනුන්ට අප්‍රිය වූයෙම්, අමනාප වූයෙම් වෙමි” යි. ඇවැත්නි, මෙසේ දන්නා මහණහු විසින් “චෝදකයකු විසින් චෝදනා කරන ලද්දෙම් චෝදකයාට නො පටහැනි ව සිටින්නෙමි” යි සිත ඉපදවිය යුතු ය.
Pali BJT42. “යො ඛ්වායං පුග්ගලො චුදිතො චොදකෙන චොදකං අපසාදෙති, අයං මෙ පුග්ගලො අප්පියො අමනාපො; අහඤ්චෙව ඛො පන චුදිතො චොදකෙන චොදකං අපසාදෙය්යං, අහම්පස්සං පරෙසං අප්පියො අමනාපො”ති. එවං ජානන්තෙනාවුසො භික්ඛුනා “චුදිතො චොදකෙන චොදකං න අපසාදෙස්සාමී”ති චිත්තං උප්පාදෙතබ්බං.
Sinhala BJT42. “යම් මේ පුද්ගලයෙක් වනාහි චෝදකයකු විසින් චෝදනා කරන ලද්දේ චෝදකයා ගරහා ද, මේ පුද්ගල මට අප්‍රිය වෙයි. අමනාප වෙයි. ඉදින් මමත් චෝදකයකු විසින් චෝදනා කරන ලද්දෙම් චෝදකයා ගරහම් නම්, “මම ද අනුන්ට අප්‍රිය වූයෙම්, අමනාප වූයෙම් වෙමි” යි. ඇවැත්නි, මෙසේ දන්නා මහණහු විසින් “චෝදනා කරන ලද්දෙම් චෝදකයාට නො ගරහමි” යි සිත ඉපදවිය යුතු ය.
Pali BJT43. “යො ඛ්වායං පුග්ගලො චුදිතො චොදකෙන චොදකස්ස පච්චාරොපෙති, අයං මෙ පුග්ගලො අප්පියො අමනාපො; අහඤ්චෙව ඛො පන චුදිතො චොදකෙන චොදකස්ස පච්චාරොපෙය්යං, අහම්පස්සං පරෙසං අප්පියො අමනාපො”ති. එවං ජානන්තෙනාවුසො භික්ඛුනා “චුදිතො චොදකෙන චොදකස්ස න පච්චාරොපෙස්සාමී”ති චිත්තං උප්පාදෙතබ්බං.
Sinhala BJT43. “යම් මේ පුද්ගලයෙක් වනාහි චෝදකයකු විසින් චෝදනා කරන ලද්දේ චෝදකයාට පෙරළා චෝදනා කෙරේ ද, මේ පුද්ගල මට අප්‍රිය වෙයි. ඉදින් මමත් චෝදකයාට පෙරළා චෝදනා කරන්නෙම් නම්, මම ද අනුනට අප්‍රිය වූයෙම් වෙමි” යි. ඇවැත්නි, මෙසේ දන්නා මහණහු විසින් “චෝදකයකු විසින් චෝදනා කරන ලද්දෙම් චෝදකයාට පෙරළා චෝදනා නො කරමි” යි සිත ඉපදවිය යුතු ය.
Pali BJT44. “යො ඛ්වායං පුග්ගලො චුදිතො චොදකෙන අඤ්ඤෙනඤ්ඤං පටිචරති, බහිද්ධා කථං අපනාමෙති, කොපඤ්ච දොසඤ්ච අප්පච්චයඤ්ච පාතුකරොති, අයං මෙ පුග්ගලො අප්පියො අමනාපො; අහඤ්චෙව ඛො පන චුදිතො චොදකෙන අඤ්ඤෙනඤ්ඤං පටිචරෙය්යං බහිද්ධා කථං අපනාමෙය්යං කොපඤ්ච දොසඤ්ච අප්පච්චයඤ්ච පාතුකරෙය්යං, අහම්පස්සං පරෙසං අප්පියො අමනාපො”ති. එවං ජානන්තෙනාවුසො භික්ඛුනා “චුදිතො චොදකෙන න අඤ්ඤෙනඤ්ඤං පටිචරිස්සාමි. න බහිද්ධා කථං අපනාමෙස්සාමි. න කොපඤ්ච දොසඤ්ච අප්පච්චයඤ්ච පාතුකරිස්සාමී”ති චිත්තං උප්පාදෙතබ්බං.
Sinhala BJT44. “යම් මේ පුද්ගලයෙක් වනාහි ද, චෝදකයකු විසින් චෝදනා කරන ලද්දේ අනෙකෙකින් අනෙක වසා ද, බැහැරට කථාව නතු කෙරේ ද, කොපයත් ද්වේෂයත් අප්‍රීතියත් පහළ කෙරේ ද, මේ පුද්ගල මට අප්‍රිය වෙයි. අමනාප වෙයි. ඉදින් මමත් චෝදකයකු විසින් චෝදනා කරන ලද්දෙම්, අනෙකෙකින් අනෙක වසම් නම්, බැහැරට කථාව නතු කරම් නම්, කොපයත් ද්වේෂයත් අප්‍රීතියත් පහළ කෙරෙම් නම්, මම ද අනුනට අප්‍රිය වූයෙම් වෙමි” යි. ඇවැත්නි, මෙසේ දන්නා මහණහු විසින් “චෝදකයකු විසින් චෝදනා කරන ලද්දෙම්, අනෙකෙකින් අනෙක නො වසමි, බැහැරට කථාව නතු නො කරමි. කොපයත් ද්වේෂයත් අප්‍රීතියත් පහළ නො කරමි” යි සිත ඉපදවිය යුතු ය.
Pali BJT45. “යො ඛ්වායං පුග්ගලො චුදිතො චොදකෙන අපදානෙ න සම්පායති, අයං මෙ පුග්ගලො අප්පියො අමනාපො. අහඤ්චෙව ඛො පන චුදිතො චොදකෙන අපදානෙ න සම්පායෙය්යං, අහම්පස්සං පරෙසං අප්පියො අමනාපො”ති එවං ජානන්තෙනාවුසො භික්ඛුනා “චුදිතො චොදකෙන අපදානෙ සම්පායිස්සාමී”ති චිත්තං උප්පාදෙතබ්බං.
Sinhala BJT45. “යම් මේ පුද්ගලයෙක් වනාහි චෝදකයකු විසින් චෝදනා කරන ලද්දේ ස්වකීය චරිත විෂයෙහි සපයා කියන්නට නො හැකි වේ ද, මේ පුද්ගල මට අප්‍රිය වෙයි. අමනාප වෙයි. ඉදින් මමත් චෝදකයකු විසින් චෝදනා කරන ලද්දෙම්, ස්වකීය චරිත විෂයෙහි සපයා කියන්නට නො හැක්කෙම් නම්, මම ද අනුනට අප්‍රිය වූයෙම් අමනාප වූයෙම් වෙමි” යි. ඇවැත්නි, මෙසේ දන්නා මහණහු විසින් “චෝදකයකු විසින් චෝදනා කරන ලද්දෙම්, ස්වකීය චරිත විෂයෙහි සපයා කියමි” යි සිත ඉපදවිය යුතු ය.
Pali BJT46. “යො ඛ්වායං පුග්ගලො මක්ඛී පළාසී, අයං මෙ පුග්ගලො අප්පියො අමනාපො; අහඤ්චෙව ඛො පනස්සං මක්ඛී පළාසී, අහම්පස්සං පරෙසං අප්පියො අමනාපො”ති එවං ජානන්තෙනාවුසො භික්ඛුනා “අමක්ඛී භවිස්සාමි අපළාසී”ති චිත්තං උප්පාදෙතබ්බං.
Sinhala BJT46. “යම් මේ පුද්ගලයෙක් වනාහි ගුණ මකන්නේ යුගග්‍රාහ ඇත්තේ වේ ද, මේ පුද්ගල මට අප්‍රිය වෙයි. අමනාප වෙයි. ඉදින් මමත් ගුණ මකන්නෙම් යුගග්‍රාහ ඇත්තෙම් වෙම් නම්, මම ද අනුන්ට අප්‍රිය වූයෙම්, අමනාප වූයෙම් වෙමි” යි. ඇවැත්නි, මෙසේ දන්නා මහණහු විසින් “ගුණ නො මකන්නෙම් වෙමි” යි සිත ඉපදවිය යුතු ය.
Pali BJT47. “යො ඛ්වායං පුග්ගලො ඉස්සුකී මච්ඡරී, අයං මෙ පුග්ගලො අප්පියො අමනාපො; අහඤ්චෙව ඛො පනස්සං ඉස්සුකී මච්ඡරී, අහම්පස්සං පරෙසං අප්පියො අමනාපො”ති එවං ජානන්තෙනාවුසො භික්ඛුනා “අනිස්සුකී භවිස්සාමි අමච්ඡරී”ති චිත්තං උප්පාදෙතබ්බං.
Sinhala BJT47. “යම් මේ පුද්ගලයෙක් වනාහි ඊර්‍ෂ්‍යා කරන්නේ මසුරු බැව් ඇත්තේ වේ ද, මට මේ පුද්ගල අප්‍රිය වෙයි. අමනාප වෙයි. ඉදින් මමත් ඊර්‍ෂ්‍යා කරන්නෙම්, මසුරු බැව් ඇත්තෙම් වෙම් නම්, මම ද අනුනට අප්‍රිය වූයෙම්, අමනාප වූයෙම් වෙමි” යි. ඇවැත්නි, මෙසේ දන්නා මහණහු විසින් “ඊර්‍ෂ්‍යා නො කරන්නෙම්, නො මසුරු බැව් ඇත්තෙම් වෙමි” යි සිත ඉපදවිය යුතු ය.
Pali BJT48. “යො ඛ්වායං පුග්ගලො සඨො මායාවී, අයං මෙ පුග්ගලො අප්පියො අමනාපො. අහඤ්චෙව ඛො පනස්සං සඨො මායාවී අහම්පස්සං පරෙසං අප්පියො අමනාපො”ති එවං ජානන්තෙනාවුසො භික්ඛුනා “අසඨො භවිස්සාමි අමායාවී”ති චිත්තං උප්පාදෙතබ්බං.
Sinhala BJT48. “යම් මේ පුද්ගලයෙක් වනාහි කෛරාටික වූයේ මායා ඇත්තේ වේ ද, මට මේ පුද්ගල අප්‍රිය වෙයි. අමනාප වෙයි. ඉදින් මමත් කෛරාටික වූයෙම් මායා ඇත්තෙම් වෙම් නම්, මම ද අනුනට අප්‍රිය වූයෙම්, අමනාප වූයෙම් වෙමි” යි. ඇවැත්නි, මෙසේ දන්නා මහණහු විසින් “කෛරාටික නො වූයෙම්, මායා නැත්තෙම් වෙමි” යි සිත ඉපදවිය යුතු ය.
Pali BJT49. “යො ඛ්වායං පුග්ගලො ථද්ධො අතිමානී, අයං මෙ පුග්ගලො අප්පියො අමනාපො. අහඤ්චෙව ඛො පනස්සං ථද්ධො අතිමානී, අහම්පස්සං පරෙසං අප්පියො අමනාපො”ති. එවං ජානන්තෙනාවුසො, භික්ඛුනා “අත්ථද්ධො භවිස්සාමි අනතිමානී”ති චිත්තං උප්පාදෙතබ්බං.
Sinhala BJT49. “යම් මේ පුද්ගලයෙක් වනාහි තදබැව් ඇත්තේ අධිකමාන ඇත්තේ වේ ද, මේ පුද්ගල මට අප්‍රිය වෙයි. අමනාප වෙයි. ඉදින් මමත් තදබැව් ඇත්තෙම්, අධිකමාන ඇත්තෙම් වෙම් නම්, මම ද අනුනට අප්‍රිය වූයෙම්, අමනාප වූයෙම් වෙමි” යි. ඇවැත්නි, මෙසේ දන්නා මහණහු විසින් “නො තදබැව් ඇත්තෙම් අධිකමාන නැත්තෙම් වෙමි” යි සිත ඉපදවිය යුතු ය.
Pali BJT50. “යො ඛ්වායං පුග්ගලො සන්දිට්ඨිපරාමාසී ආධානගාහී දුප්පටිනිස්සග්ගී, අයං මෙ පුග්ගලො අප්පියො අමනාපො. අහඤ්චෙව ඛො පනස්සං සන්දිට්ඨිපරාමාසී ආධානගාහී දුප්පටිනිස්සග්ගී, අහම්පස්සං පරෙසං අප්පියො අමනාපො”ති එවං ජානන්තෙනාවුසො, භික්ඛුනා “අසන්දිට්ඨිපරාමාසී භවිස්සාමි අනාධානගාහී සුප්පටිනිස්සග්ගී”ති චිත්තං උප්පාදෙතබ්බං.
Sinhala BJT50. “යම් මේ පුද්ගලයෙක් වනාහි ස්වකීය දෘෂ්ටිය පරාමර්‍ශනය කරන්නේ, එය ම දැඩි කොට ගන්නේ, බැහැර කිරීමට නො හැකි වූයේ වේ ද, මේ පුද්ගල මට අප්‍රිය වෙයි. අමනාප වෙයි. ඉදින් මමත් ස්වකීය දෘෂ්ටිය පරාමර්‍ශනය කරන්නෙම්, එය ම දැඩි කොට ගන්නෙම්, බැහැර කිරීමට නො හැකි වූයෙම් වෙම් නම්, මම ද අනුනට අප්‍රිය වූයෙම්, අමනාප වූයෙම් වෙමි” යි. ඇවැත්නි, මෙසේ දන්නා මහණහු විසින් “ස්වකීය දෘෂ්ටිය පරාමර්‍ශනය නො කරන්නෙම්, එය ම දැඩි කොට නො ගන්නෙම්, සුවසේ බැහැර කිරීමට හැකි වෙමි” යි සිත ඉපදවිය යුතු ය.
Pali BJT51. තත්රාවුසො භික්ඛුනා අත්තනාව අත්තානං එවං පච්චවෙක්ඛිතබ්බං: “කින්නු ඛොම්හි පාපිච්ඡො පාපිකානං ඉච්ඡානං වසං ගතො”ති. සචෙ ආවුසො භික්ඛු පච්චවෙක්ඛමානො එවං ජානාති: “පාපිච්ඡො ඛොම්හි පාපිකානං ඉච්ඡානං වසං ගතො”ති. තෙනාවුසො භික්ඛුනා තෙසං යෙව පාපකානං අකුසලානං ධම්මානං පහානාය වායමිතබ්බං. සචෙ පනාවුසො භික්ඛු පච්චවෙක්ඛමානො එවං ජානාති: “න ඛොම්හි පාපිච්ඡො න පාපිකානං ඉච්ඡානං වසං ගතො”ති, තෙනාවුසො භික්ඛුනා තෙනෙව පීතිපාමොජ්ජෙන විහාතබ්බං අහොරත්තානුසික්ඛිනා කුසලෙසු ධම්මෙසු.
Sinhala BJT51. ඇවැත්නි, එහි ලා මහණහු විසින් “කිම, මම පාපේච්ඡා ඇත්තෙම් වෙම් ද, ලාමක ඉච්ඡාවන්ගේ වශයට ගියෙම් වෙම් දැ”යි මෙසේ තමා විසින් ම තමා ගැන නුවණින් සැලකිය යුතු ය. ඇවැත්නි, ඉදින් මහණ නුවණින් සලකන්නේ “පාපේච්ඡා ඇත්තෙම්, ලාමක ඉච්ඡාවන්ගේ වශයට ගියෙම් වෙමි” යි මෙසේ දනී නම්, ඇවැත්නි, ඒ මහණහු විසින් ඒ ලාමක අකුශල ධර්‍මයන්ගේ ම ප්‍රහාණය පිණිස වෑයම් කළයුතු ය. ඇවැත්නි, ඉදින් මහණ නුවණින් සලකන්නේ “මම පාපේච්ඡා ඇත්තෙම් නො වෙමි. ලාමක ඉච්ඡාවන්ගේ වශයට නො ගියෙම් වෙමි” යි මෙසේ දනී ද, ඇවැත්නි, ඒ මහණහු විසින් ඒ ප්‍රීතිප්‍රාමෝද්‍යයෙන් ම කුශලධර්‍මයෙහි දවරෑ හික්මෙන්නකු ව විසිය යුතු ය.
Pali BJT52. පුන චපරං ආවුසො භික්ඛුනා අත්තනාව අත්තානං එවං පච්චවෙක්ඛිතබ්බං: “කින්නු ඛොම්හි අත්තුක්කංසකො පරවම්භී”ති. සචෙ ආවුසො භික්ඛු පච්චවෙක්ඛමානො එවං ජානාති: “අත්තුක්කංසකො ඛොම්හි පරවම්භී”ති. තෙනාවුසො භික්ඛුනා තෙසං යෙව පාපකානං අකුසලානං ධම්මානං පහානාය වායමිතබ්බං. සචෙ පනාවුසො භික්ඛු පච්චවෙක්ඛමානො එවං ජානාති: “අනත්තුක්කංසකො ඛොම්හි අපරවම්භී”ති, තෙනාවුසො භික්ඛුනා තෙනෙව පීතිපාමොජ්ජෙන විහාතබ්බං අහොරත්තානුසික්ඛිනා කුසලෙසු ධම්මෙසු.
Sinhala BJT52. තවද, අනෙකෙක් වෙයි. ඇවැත්නි, මහණහු විසින් “කිම, මම තමා හුවා දක්නෙම්, පරා හෙළා දක්නෙම් වෙම්” දැ යි මෙසේ තමා විසින් ම තමා ගැන නුවණින් සැලකිය යුතු ය. ඇවැත්නි, ඉදින් මහණ නුවණින් සලකන්නේ “තමා හුවා දක්නෙම්, පරා හෙළා දක්නෙම් වෙමි”යි මෙසේ දනී නම්, ඇවැත්නි, ඒ මහණහු විසින් ඒ ලාමක අකුශල ධර්‍මයන්ගේ ම ප්‍රහාණය පිණිස වෑයම් කළයුතු ය. ඉදින් මහණ නුවණින් සලකන්නේ “තමා හුවා නො දක්නෙම්, පරා හෙළා නො දක්නෙම් වෙමි” යි මෙසේ දනී ද, ඇවැත්නි, ඒ මහණහු විසින් ඒ ප්‍රීතිප්‍රාමෝද්‍යයෙන් ම කුශලධර්‍මයෙහි දවරෑ හික්මෙන්නකු ව විසිය යුතු ය.
Pali BJT53. පුන චපරං ආවුසො භික්ඛුනා අත්තනාව අත්තානං එවං පච්චවෙක්ඛිතබ්බං: “කින්නු ඛොම්හි කොධනො කොධාභිභූතො”ති. සචෙ ආවුසො භික්ඛු පච්චවෙක්ඛමානො එවං ජානාති: “කොධනො ඛොම්හි කොධාභිභූතො”ති. තෙනාවුසො භික්ඛුනා තෙසං යෙව පාපකානං අකුසලානං ධම්මානං පහානාය වායමිතබ්බං. සචෙ පනාවුසො භික්ඛු පච්චවෙක්ඛමානො එවං ජානාති: “න ඛොම්හි කොධනො න කොධාභිභූතො”ති,{1} තෙනාවුසො භික්ඛුනා තෙනෙව පීතිපාමොජ්ජෙන විහාතබ්බං අහොරත්තානුසික්ඛිනා කුසලෙසු ධම්මෙසු.
Sinhala BJT53. තවද, අනෙකෙක් වෙයි. ඇවැත්නි, මහණහු විසින් “කිම, මම ක්‍රෝධ කරන සුල්ලෙම්, ක්‍රෝධයෙන් මඩනා ලද්දෙම් වෙම්” දැයි තමා විසින් ම තමා ගැන මෙසේ නුවණින් සැලකිය යුතු ය. ඇවැත්නි, මහණ නුවණින් සලකන්නේ “මම ක්‍රෝධ කරන සුල්ලෙම්, ක්‍රෝධයෙන් මඩනා ලද්දෙම් වෙමි”යි මෙසේ දනී නම්, ඇවැත්නි, ඒ මහණහු විසින් ඒ ලාමක අකුශල ධර්‍මයන්ගේ ම ප්‍රහාණය පිණිස වෑයම් කළයුතු ය. ඉදින් මහණ නුවණින් සලකන්නේ “මම ක්‍රෝධ කරන සුල්ලෙම්, ක්‍රෝධයෙන් මඩනා ලද්දෙම් නො වෙමි” යි මෙසේ දනී ද, ඇවැත්නි, ඒ මහණහු විසින් ඒ ප්‍රීතිප්‍රාමෝද්‍යයෙන් ම කුශලධර්‍මයෙහි දවරෑ හික්මෙන්නකු ව විසිය යුතු ය.
Pali BJT54. පුන චපරං ආවුසො භික්ඛුනා අත්තනාව අත්තානං එවං පච්චවෙක්ඛිතබ්බං: “කින්නු ඛොම්හි කොධනො කොධහෙතු උපනාහී”ති. සචෙ ආවුසො භික්ඛු පච්චවෙක්ඛමානො එවං ජානාති: “කොධනො ඛොම්හි කොධහෙතු උපනාහී”ති. තෙනාවුසො භික්ඛුනා තෙසං යෙව පාපකානං අකුසලානං ධම්මානං පහානාය වායමිතබ්බං. සචෙ පනාවුසො භික්ඛු පච්චවෙක්ඛමානො එවං ජානාති: “න ඛොම්හි කොධනො න කොධහෙතු උපනාහී”ති, තෙනාවුසො භික්ඛුනා තෙනෙව පීතිපාමොජ්ජෙන විහාතබ්බං අහොරත්තානුසික්ඛිනා කුසලෙසු ධම්මෙසු.
Sinhala BJT54. තවද, අනෙකෙක් වෙයි. ඇවැත්නි, මහණහු විසින් “කිම, මම ක්‍රෝධ කරන සුල්ලෙම්, ක්‍රෝධය හේතු කොට ගෙන බද්ධවෛර ඇත්තෙම්, වෙම් දැ”යි තමා විසින් ම තමා ගැන මෙසේ නුවණින් සැලකිය යුතු ය. ඇවැත්නි, මහණ නුවණින් සලකන්නේ “මම ක්‍රෝධ කරන සුල්ලෙම්, ක්‍රෝධය හේතු කොට ගෙන බද්ධවෛර ඇත්තෙම් වෙමි”යි මෙසේ දනී නම්, ඇවැත්නි, ඒ මහණහු විසින් ඒ ලාමක අකුශල ධර්‍මයන්ගේ ම ප්‍රහාණය පිණිස වෑයම් කළයුතු ය. ඇවැත්නි, ඉදින් මහණ නුවණින් සලකන්නේ “මම ක්‍රෝධ කරන සුල්ලෙම් නො වෙමි. ක්‍රෝධය හේතු කොට ගෙන බද්ධවෛර ඇත්තෙම් නො වෙමි” යි මෙසේ දනී ද, ඇවැත්නි, ඒ මහණහු විසින් ඒ ප්‍රීතිප්‍රාමෝද්‍යයෙන් ම කුශලධර්‍මයෙහි දවරෑ හික්මෙන්නකු ව විසිය යුතු ය.
Pali BJT55. පුන චපරං ආවුසො භික්ඛුනා අත්තනාව අත්තානං එවං පච්චවෙක්ඛිතබ්බං: “කින්නු ඛොම්හි කොධහෙතු අභිසඞ්ගී”ති. සචෙ ආවුසො භික්ඛු පච්චවෙක්ඛමානො එවං ජානාති: “කොධනො ඛොම්හි කොධහෙතු අභිසඞ්ගී”ති, තෙනාවුසො භික්ඛුනා තෙසංයෙව පාපකානං අකුසලානං ධම්මානං පහානාය වායමිතබ්බං. සචෙ පනාවුසො භික්ඛු පච්චවෙක්ඛමානො එවං ජානාති: “න ඛොම්හි කොධනො කොධහෙතු අභිසඞ්ගී”ති, තෙනාවුසො භික්ඛුනා තෙනෙව පීතිපාමොජ්ජෙන විහාතබ්බං අහොරත්තානුසික්ඛිනා කුසලෙසු ධම්මෙසු.
Sinhala BJT55. තවද, අනෙකෙක් වෙයි. ඇවැත්නි, මහණහු විසින් “කිම, මම ක්‍රෝධ කරන සුල්ලෙම්, ක්‍රෝධය හේතු කොට ගෙන ගැටෙන්නෙම්, වෙම් දැ”යි තමා විසින් ම තමා ගැන මෙසේ නුවණින් සැලකිය යුතු ය. ඇවැත්නි, මහණ නුවණින් සලකන්නේ “මම ක්‍රෝධ කරන සුල්ලෙම්, ක්‍රෝධය හේතු කොට ගෙන ගැටෙන්නෙම් වෙමි”යි මෙසේ දනී නම්, ඇවැත්නි, ඒ මහණහු විසින් ඒ ලාමක අකුශල ධර්‍මයන්ගේ ම ප්‍රහාණය පිණිස වෑයම් කළයුතු ය. ඇවැත්නි, ඉදින් මහණ නුවණින් සලකන්නේ “මම ක්‍රෝධ කරන සුල්ලෙම් නො වෙමි. ක්‍රෝධය හේතු කොට ගෙන නො ගැටෙන්නෙම් වෙමි” යි මෙසේ දනී ද, ඇවැත්නි, ඒ මහණහු විසින් ඒ ප්‍රීතිප්‍රාමෝද්‍යයෙන් ම කුශලධර්‍මයෙහි දවරෑ හික්මෙන්නකු ව විසිය යුතු ය.
Pali BJT56. පුන චපරං ආවුසො භික්ඛුනා අත්තනාව අත්තානං එවං පච්චවෙක්ඛිතබ්බං: “කින්නු ඛොම්හි කොධනො කොධසාමන්තා වාචං නිච්ඡාරෙතා”ති. සචෙ ආවුසො භික්ඛු පච්චවෙක්ඛමානො එවං ජානාති: “කොධනො ඛොම්හි කොධසාමන්තා වාචං නිච්ඡාරෙතා”ති, තෙනාවුසො භික්ඛුනා තෙසං යෙව පාපකානං අකුසලානං ධම්මානං පහානාය වායමිතබ්බං. සචෙ පනාවුසො භික්ඛු පච්චවෙක්ඛමානො එවං ජානාති: “න ඛොම්හි කොධනො න කොධසාමන්තා වාචං නිච්ඡාරෙතා”ති, තෙනාවුසො භික්ඛුනා තෙනෙව පීතිපාමොජ්ජෙන විහාතබ්බං අහොරත්තානුසික්ඛිනා කුසලෙසු ධම්මෙසු.
Sinhala BJT56. තවද, අනෙකෙක් වෙයි. ඇවැත්නි, මහණහු විසින් “කිම, මම ක්‍රෝධ කරන සුල්ලෙම්, ක්‍රෝධයට ළං කොට වචන නිකුත් කරන්නෙම්, වෙම් දැ”යි තමා විසින් ම තමා ගැන මෙසේ නුවණින් සැලකිය යුතු ය. ඇවැත්නි, මහණ නුවණින් සලකන්නේ “මම ක්‍රෝධ කරන සුල්ලෙම්, ක්‍රෝධයට ළං කොට වචන නිකුත් කරන්නෙම් වෙමි”යි මෙසේ දනී නම්, ඇවැත්නි, ඒ මහණහු විසින් ඒ ලාමක අකුශල ධර්‍මයන්ගේ ම ප්‍රහාණය පිණිස වෑයම් කළයුතු ය. ඇවැත්නි, ඉදින් මහණ නුවණින් සලකන්නේ “මම ක්‍රෝධ කරන සුල්ලෙම් නො වෙමි. ක්‍රෝධයට ළං කොට වචන නිකුත් කරන්නෙම් නො වෙමි” යි මෙසේ දනී ද, ඇවැත්නි, ඒ මහණහු විසින් ඒ ප්‍රීතිප්‍රාමෝද්‍යයෙන් ම කුශලධර්‍මයෙහි දවරෑ හික්මෙන්නකු ව විසිය යුතු ය.
Pali BJT57. පුන චපරං ආවුසො භික්ඛුනා අත්තනාව අත්තානං එවං පච්චවෙක්ඛිතබ්බං: “කින්නු ඛොම්හි චුදිතො චොදකෙන චොදකං පටිප්ඵරාමී”ති. සචෙ ආවුසො භික්ඛු පච්චවෙක්ඛමානො එවං ජානාති: “චුදිතො ඛොම්හි චොදකෙන චොදකං පටිප්ඵරාමී”ති, තෙනාවුසො භික්ඛුනා තෙසං යෙව පාපකානං අකුසලානං ධම්මානං පහානාය වායමිතබ්බං. සචෙ පනාවුසො භික්ඛු පච්චවෙක්ඛමානො එවං ජානාති: “චුදිතො ඛොම්හි චොදකෙන චොදකං න පටිප්ඵරාමී”ති, තෙනාවුසො භික්ඛුනා තෙනෙව පීතිපාමොජ්ජෙන විහාතබ්බං අහොරත්තානුසික්ඛිනා කුසලෙසු ධම්මෙසු.
Sinhala BJT57. තවද, අනෙකෙක් වෙයි. ඇවැත්නි, මහණහු විසින් “කිම, මම චෝදකයකු විසින් චෝදනා කරන ලද්දෙම්, චෝදකයාට පටහැනිව සිටිම් දැ”යි තමා විසින් ම තමා ගැන මෙසේ නුවණින් සැලකිය යුතු ය. ඇවැත්නි, මහණ නුවණින් සලකන්නේ “මම චෝදකයකු විසින් චෝදනා කරන ලද්දෙම්, චෝදකයාට පටහැනිව සිටිමි”යි මෙසේ දනී නම්, ඇවැත්නි, ඒ මහණහු විසින් ඒ ලාමක අකුශල ධර්‍මයන්ගේ ම ප්‍රහාණය පිණිස වෑයම් කළයුතු ය. ඇවැත්නි, ඉදින් මහණ නුවණින් සලකන්නේ “මම චෝදකයකු විසින් චෝදනා කරන ලද්දෙම්, චෝදකයාට පටහැනිව නො සිටිමි” යි මෙසේ දනී ද, ඇවැත්නි, ඒ මහණහු විසින් ඒ ප්‍රීතිප්‍රාමෝද්‍යයෙන් ම කුශලධර්‍මයෙහි දවරෑ හික්මෙන්නකු ව විසිය යුතු ය.
Pali BJT58. පුන චපරං ආවුසො භික්ඛුනා අත්තනාව අත්තානං එවං පච්චවෙක්ඛිතබ්බං: “කින්නු ඛොම්හි චුදිතො චොදකෙන චොදකං අපසාදෙමී”ති. සචෙ ආවුසො භික්ඛු පච්චවෙක්ඛමානො එවං ජානාති: “චුදිතො ඛොම්හි චොදකෙන චොදකං අපසාදෙමී”ති, තෙනාවුසො භික්ඛුනා තෙසං යෙව පාපකානං අකුසලානං ධම්මානං පහානාය වායමිතබ්බං. සචෙ පනාවුසො භික්ඛු පච්චවෙක්ඛමානො එවං ජානාති: “චුදිතො ඛොම්හි චොදකෙන චොදකං න අපසාදෙමී”ති, තෙනාවුසො භික්ඛුනා තෙනෙව පීතිපාමොජ්ජෙන විහාතබ්බං අහොරත්තානුසික්ඛිනා කුසලෙසු ධම්මෙසු.
Sinhala BJT58. තවද, අනෙකෙක් වෙයි. ඇවැත්නි, මහණහු විසින් “කිම, මම චෝදකයකු විසින් චෝදනා කරන ලද්දෙම්, චෝදකයා ගරහම් දැ”යි තමා විසින් ම තමා ගැන මෙසේ නුවණින් සැලකිය යුතු ය. ඇවැත්නි, මහණ නුවණින් සලකන්නේ “මම චෝදකයකු විසින් චෝදනා කරන ලද්දෙම්, චෝදකයා ගරහමි”යි මෙසේ දනී නම්, ඇවැත්නි, ඒ මහණහු විසින් ඒ ලාමක අකුශල ධර්‍මයන්ගේ ම ප්‍රහාණය පිණිස වෑයම් කළයුතු ය. ඇවැත්නි, ඉදින් මහණ නුවණින් සලකන්නේ “මම චෝදකයකු විසින් චෝදනා කරන ලද්දෙම්, චෝදකයා නො ගරහමි” යි මෙසේ දනී ද, ඇවැත්නි, ඒ මහණහු විසින් ඒ ප්‍රීතිප්‍රාමෝද්‍යයෙන් ම කුශලධර්‍මයෙහි දවරෑ හික්මෙන්නකු ව විසිය යුතු ය.
Pali BJT59. පුන චපරං ආවුසො භික්ඛුනා අත්තනාව අත්තානං එවං පච්චවෙක්ඛිතබ්බං: “කින්නු ඛොම්හි චුදිතො චොදකෙන චොදකස්ස පච්චාරොපෙමී”ති. සචෙ ආවුසො භික්ඛු පච්චවෙක්ඛමානො එවං ජානාති: “චුදිතො ඛොම්හි චොදකෙන චොදකස්ස පච්චාරොපෙමී”ති, තෙනාවුසො භික්ඛුනා තෙසං යෙව පාපකානං අකුසලානං ධම්මානං පහානාය වායමිතබ්බං. සචෙ පනාවුසො භික්ඛු පච්චවෙක්ඛමානො එවං ජානාති: “චුදිතො ඛොම්හි චොදකෙන චොදකස්ස න පච්චාරොපෙමී”ති, තෙනාවුසො භික්ඛුනා තෙනෙව පීතිපාමොජ්ජෙන විහාතබ්බං අහොරත්තානුසික්ඛිනා කුසලෙසු ධම්මෙසු.
Sinhala BJT59. තවද, අනෙකෙක් වෙයි. ඇවැත්නි, මහණහු විසින් “කිම, මම චෝදකයකු විසින් චෝදනා කරන ලද්දෙම්, චෝදකයාට පෙරළා චෝදනා කෙරෙම් දැ”යි තමා විසින් ම තමා ගැන මෙසේ නුවණින් සැලකිය යුතු ය. ඇවැත්නි, මහණ නුවණින් සලකන්නේ “මම චෝදකයකු විසින් චෝදනා කරන ලද්දෙම්, චෝදකයාට පෙරළා චෝදනා කරමි”යි මෙසේ දනී නම්, ඇවැත්නි, ඒ මහණහු විසින් ඒ ලාමක අකුශල ධර්‍මයන්ගේ ම ප්‍රහාණය පිණිස වෑයම් කළයුතු ය. ඇවැත්නි, ඉදින් මහණ නුවණින් සලකන්නේ “මම චෝදකයකු විසින් චෝදනා කරන ලද්දෙම්, චෝදකයාට පෙරළා චෝදනා නො කෙරෙමි” යි මෙසේ දනී ද, ඇවැත්නි, ඒ මහණහු විසින් ඒ ප්‍රීතිප්‍රාමෝද්‍යයෙන් ම කුශලධර්‍මයෙහි දවරෑ හික්මෙන්නකු ව විසිය යුතු ය.
Pali BJT60. පුන චපරං ආවුසො භික්ඛුනා අත්තනාව අත්තානං එවං පච්චවෙක්ඛිතබ්බං: “කින්නු ඛොම්හි චුදිතො චොදකෙන අඤ්ඤෙනඤ්ඤං පටිචරාමි, බහිද්ධා කථං අපනාමෙමි, කොපඤ්ච දොසඤ්ච අප්පච්චයඤ්ච පාතුකරොමී”ති. සචෙ ආවුසො භික්ඛු පච්චවෙක්ඛමානො එවං ජානාති: “චුදිතො ඛොම්හි චොදකෙන අඤ්ඤෙනඤ්ඤං පටිචරාමි, බහිද්ධා කථං අපනාමෙමි, කොපඤ්ච දොසඤ්ච අප්පච්චයඤ්ච පාතුකරොමී”ති, තෙනාවුසො භික්ඛුනා තෙසං යෙව පාපකානං අකුසලානං ධම්මානං පහානාය වායමිතබ්බං. සචෙ පනාවුසො භික්ඛු පච්චවෙක්ඛමානො එවං ජානාති: “චුදිතො ඛොම්හි චොදකෙන න අඤ්ඤෙනඤ්ඤං පටිචරාමි. න බහිද්ධා කථං අපනාමෙමි. න කොපඤ්ච දොසඤ්ච අප්පච්චයඤ්ච පාතුකරොමී”ති, තෙනාවුසො භික්ඛුනා තෙනෙව පීතිපාමොජ්ජෙන විහාතබ්බං අහොරත්තානුසික්ඛිනා කුසලෙසු ධම්මෙසු.
Sinhala BJT60. තවද, අනෙකෙක් වෙයි. ඇවැත්නි, මහණහු විසින් “කිම, මම චෝදකයකු විසින් චෝදනා කරන ලද්දෙම්, අනෙකෙකින් අනෙක වසම් ද, බැහැරට කථාව නතු කෙරෙම් ද කොපයත් ද්වේෂයත් අප්‍රීතියත් පහළ කෙරෙම් දැ”යි තමා විසින් ම තමා ගැන මෙසේ නුවණින් සැලකිය යුතු ය. ඇවැත්නි, මහණ නුවණින් සලකන්නේ “මම චෝදකයකු විසින් චෝදනා කරන ලද්දෙම්, අනෙකෙකින් අනෙක වසමි. බැහැරට කථාව නතු කෙරෙමි. කොපයත් ද්වේෂයත් අප්‍රීතියත් පහළ කරමි”යි මෙසේ දනී නම්, ඇවැත්නි, ඒ මහණහු විසින් ඒ ලාමක අකුශල ධර්‍මයන්ගේ ම ප්‍රහාණය පිණිස වෑයම් කළයුතු ය. ඇවැත්නි, ඉදින් මහණ නුවණින් සලකන්නේ “මම චෝදකයකු විසින් චෝදනා කරන ලද්දෙම්, අනෙකෙකින් අනෙක නො වසමි. බැහැරට කථාව නතු නො කරමි. කොපයත් ද්වේෂයත් අප්‍රීතියත් පහළ නො කෙරෙමි” යි මෙසේ දනී ද, ඇවැත්නි, ඒ මහණහු විසින් ඒ ප්‍රීතිප්‍රාමෝද්‍යයෙන් ම කුශලධර්‍මයෙහි දවරෑ හික්මෙන්නකු ව විසිය යුතු ය.
Pali BJT61. පුන චපරං ආවුසො භික්ඛුනා අත්තනාව අත්තානං එවං පච්චවෙක්ඛිතබ්බං: “කින්නු ඛොම්හි චුදිතො චොදකෙන අපදානෙ න සම්පායාමී”ති. සචෙ ආවුසො භික්ඛු පච්චවෙක්ඛමානො එවං ජානාති: “චුදිතො ඛොම්හි චොදකෙන අපදානෙ න සම්පායාමී”ති, තෙනාවුසො, භික්ඛුනා තෙසං යෙව පාපකානං අකුසලානං ධම්මානං පහානාය වායමිතබ්බං. සචෙ පනාවුසො භික්ඛු පච්චවෙක්ඛමානො එවං ජානාති: “චුදිතො ඛොම්හි චොදකෙන අපදානෙ සම්පායාමී”ති, තෙනාවුසො භික්ඛුනා තෙනෙව පීතිපාමොජ්ජෙන විහාතබ්බං අහොරත්තානුසික්ඛිනා කුසලෙසු ධම්මෙසු.
Sinhala BJT61. තවද, අනෙකෙක් වෙයි. ඇවැත්නි, මහණහු විසින් “කිම, මම චෝදකයකු විසින් චෝදනා කරන ලද්දෙම්, ස්වකීය චරිත විෂයෙහි සපයා කියන්නට නො හැක්කෙම් දැ”යි තමා විසින් ම තමා ගැන මෙසේ නුවණින් සැලකිය යුතු ය. ඇවැත්නි, මහණ නුවණින් සලකන්නේ “මම චෝදකයකු විසින් චෝදනා කරන ලද්දෙම්, ස්වකීය චරිත විෂයෙහි සපයා කියන්නට නො හැක්කෙමි වෙමි”යි මෙසේ දනී නම්, ඇවැත්නි, ඒ මහණහු විසින් ඒ ලාමක අකුශල ධර්‍මයන්ගේ ම ප්‍රහාණය පිණිස වෑයම් කළයුතු ය. ඇවැත්නි, ඉදින් මහණ නුවණින් සලකන්නේ “මම චෝදකයකු විසින් චෝදනා කරන ලද්දෙම්, ස්වකීය චරිත විෂයෙහි සපයා කියන්නට හැක්කෙමි” යි මෙසේ දනී ද, ඇවැත්නි, ඒ මහණහු විසින් ඒ ප්‍රීතිප්‍රාමෝද්‍යයෙන් ම කුශලධර්‍මයෙහි දවරෑ හික්මෙන්නකු ව විසිය යුතු ය.
Pali BJT62. “පුන චපරං ආවුසො භික්ඛුනා අත්තනාව අත්තානං එවං පච්චවෙක්ඛිතබ්බං: “කින්නු ඛොම්හි මක්ඛී පළාසී”ති. සචෙ ආවුසො භික්ඛු පච්චවෙක්ඛමානො එවං ජානාති: “මක්ඛී ඛොම්හි පළාසී”ති, තෙනාවුසො භික්ඛුනා තෙසං යෙව පාපකානං අකුසලානං ධම්මානං පහානාය වායමිතබ්බං. සචෙ පනාවුසො භික්ඛු පච්චවෙක්ඛමානො එවං ජානාති: “අමක්ඛී ඛොම්හි අපළාසී”ති, තෙනාවුසො භික්ඛුනා තෙනෙව පීතිපාමොජ්ජෙන විහාතබ්බං අහොරත්තානුසික්ඛිනා කුසලෙසු ධම්මෙසු.
Sinhala BJT62. තවද, අනෙකෙක් වෙයි. ඇවැත්නි, මහණහු විසින් “කිම, මම ගුණ මකන්නෙම්, යුගග්‍රාහ ඇත්තෙම් වෙම් දැ”යි තමා විසින් ම තමා ගැන මෙසේ නුවණින් සැලකිය යුතු ය. ඇවැත්නි, මහණ නුවණින් සලකන්නේ “මම ගුණ මකන්නෙම්, යුගග්‍රාහ ඇත්තෙම් වෙමි”යි දනී නම්, ඇවැත්නි, ඒ මහණහු විසින් ඒ ලාමක අකුශලධර්‍මයන්ගේ ම ප්‍රහාණය පිණිස වෑයම් කළයුතු ය. ඇවැත්නි, ඉදින් මහණ නුවණින් සලකන්නේ “මම ගුණ මකන්නෙම්, යුගග්‍රාහ ඇත්තෙම් නො වෙමි” යි මෙසේ දනී ද, ඇවැත්නි, ඒ මහණහු විසින් ඒ ප්‍රීතිප්‍රාමෝද්‍යයෙන් ම කුශලධර්‍මයෙහි දවරෑ හික්මෙන්නකු ව විසිය යුතු ය.
Pali BJT63. පුන චපරං ආවුසො භික්ඛුනා අත්තනාව අත්තානං එවං පච්චවෙක්ඛිතබ්බං: “කින්නු ඛොම්හි ඉස්සුකී මච්ඡරී”ති. සචෙ ආවුසො භික්ඛු පච්චවෙක්ඛමානො එවං ජානාති: “ඉස්සුකී ඛොම්හි මච්ඡරී”ති, තෙනාවුසො භික්ඛුනා තෙසං යෙව පාපකානං අකුසලානං ධම්මානං පහානාය වායමිතබ්බං. සචෙ පනාවුසො භික්ඛු පච්චවෙක්ඛමානො එවං ජානාති: “අනිස්සුකී ඛොම්හි අමච්ඡරී”ති, තෙනාවුසො භික්ඛුනා තෙනෙව පීතිපාමොජ්ජෙන විහාතබ්බං අහොරත්තානුසික්ඛිනා කුසලෙසු ධම්මෙසු.
Sinhala BJT63. තවද, අනෙකෙක් වෙයි. ඇවැත්නි, මහණහු විසින් “කිම, මම ඊර්‍ෂ්‍යා ඇත්තෙම්, මසුරුබැව් ඇත්තෙම් වෙම් දැ”යි තමා විසින් ම තමා ගැන මෙසේ නුවණින් සැලකිය යුතු ය. ඇවැත්නි, මහණ නුවණින් සලකන්නේ “මම ඊර්‍ෂ්‍යා ඇත්තෙම්, මසුරුබැව් ඇත්තෙම් වෙමි”යි මෙසේ දනී නම්, ඇවැත්නි, ඒ මහණහු විසින් ඒ ලාමක අකුශලධර්‍මයන්ගේ ම ප්‍රහාණය පිණිස වෑයම් කළයුතු ය. ඇවැත්නි, ඉදින් මහණ නුවණින් සලකන්නේ “මම ඊර්‍ෂ්‍යා ඇත්තෙම් නො වෙමි. මසුරුබැව් ඇත්තෙම් නො වෙමි” යි මෙසේ දනී ද, ඇවැත්නි, ඒ මහණහු විසින් ඒ ප්‍රීතිප්‍රාමෝද්‍යයෙන් ම කුශලධර්‍මයෙහි දවරෑ හික්මෙන්නකු ව විසිය යුතු ය.
Pali BJT64. පුන චපරං ආවුසො භික්ඛුනා අත්තනාව අත්තානං එවං පච්චවෙක්ඛිතබ්බං: “කින්නු ඛොම්හි සඨො මායාවී”ති. සචෙ ආවුසො භික්ඛු පච්චවෙක්ඛමානො එවං ජානාති: “සඨො ඛොම්හි මායාවී”ති, තෙනාවුසො භික්ඛුනා තෙසං යෙව පාපකානං අකුසලානං ධම්මානං පහානාය වායමිතබ්බං. සචෙ පනාවුසො භික්ඛු පච්චවෙක්ඛමානො එවං ජානාති: “අසඨො ඛොම්හි අමායාවී”ති, තෙනාවුසො භික්ඛුනා තෙනෙව පීතිපාමොජ්ජෙන විහාතබ්බං අහොරත්තානුසික්ඛිනා කුසලෙසු ධම්මෙසු.
Sinhala BJT64. තවද, අනෙකෙක් වෙයි. ඇවැත්නි, මහණහු විසින් “කිම, මම කෛරාටිකයෙම්, මායා ඇත්තෙම් වෙම් දැ”යි තමා විසින් ම තමා ගැන මෙසේ නුවණින් සැලකිය යුතු ය. ඇවැත්නි, මහණ නුවණින් සලකන්නේ “මම කෛරාටිකයෙම්, මායා ඇත්තෙම් වෙමි”යි මෙසේ දනී නම්, ඇවැත්නි, ඒ මහණහු විසින් ඒ ලාමක අකුශලධර්‍මයන්ගේ ම ප්‍රහාණය පිණිස වෑයම් කළයුතු ය. ඇවැත්නි, ඉදින් මහණ නුවණින් සලකන්නේ “මම කෛරාටික වූයෙම්, මායා ඇත්තෙම් නො වෙමි” යි මෙසේ දනී ද, ඇවැත්නි, ඒ මහණහු විසින් ඒ ප්‍රීතිප්‍රාමෝද්‍යයෙන් ම කුශලධර්‍මයෙහි දවරෑ හික්මෙන්නකු ව විසිය යුතු ය.
Pali BJT65. පුන චපරං ආවුසො භික්ඛුනා අත්තනාව අත්තානං එවං පච්චවෙක්ඛිතබ්බං: “කින්නු ඛොම්හි ථද්ධො අතිමානී”ති. සචෙ ආවුසො භික්ඛු පච්චවෙක්ඛමානො එවං ජානාති: “ථද්ධො ඛොම්හි අතිමානී”ති, තෙනාවුසො භික්ඛුනා තෙසං යෙව පාපකානං අකුසලානං ධම්මානං පහානාය වායමිතබ්බං. සචෙ පනාවුසො භික්ඛු පච්චවෙක්ඛමානො එවං ජානාති: “අත්ථද්ධො ඛොම්හි අනතිමානී”ති, තෙනාවුසො භික්ඛුනා තෙනෙව පීතිපාමොජ්ජෙන විහාතබ්බං අහොරත්තානුසික්ඛිනා කුසලෙසු ධම්මෙසු.
Sinhala BJT65. තවද, අනෙකෙක් වෙයි. ඇවැත්නි, මහණහු විසින් “කිම, මම තදබැව් ඇත්තෙම්, අධිකමාන ඇත්තෙම් වෙම් දැ”යි තමා විසින් ම තමා ගැන මෙසේ නුවණින් සැලකිය යුතු ය. ඇවැත්නි, මහණ නුවණින් සලකන්නේ “මම තදබැව් ඇත්තෙම්, අධිකමාන ඇත්තෙම් වෙමි”යි මෙසේ දනී නම්, ඇවැත්නි, ඒ මහණහු විසින් ඒ ලාමක අකුශලධර්‍මයන්ගේ ම ප්‍රහාණය පිණිස වෑයම් කළයුතු ය. ඇවැත්නි, ඉදින් මහණ නුවණින් සලකන්නේ “මම නො තදබැව් ඇත්තෙම්, අධිකමාන නැත්තෙම් වෙමි” යි මෙසේ දනී ද, ඇවැත්නි, ඒ මහණහු විසින් ඒ ප්‍රීතිප්‍රාමෝද්‍යයෙන් ම කුශලධර්‍මයෙහි දවරෑ හික්මෙන්නකු ව විසිය යුතු ය.
Pali BJT66. පුන චපරං ආවුසො භික්ඛුනා අත්තනාව අත්තානං එවං පච්චවෙක්ඛිතබ්බං: “කින්නු ඛොම්හි සන්දිට්ඨිපරාමාසී ආධානගාහී දුප්පටිනිස්සග්ගී”ති. සචෙ ආවුසො භික්ඛු පච්චවෙක්ඛමානො එවං ජානාති: “සන්දිට්ඨිපරාමාසී ඛොම්හි ආධානගාහී දුප්පටිනිස්සග්ගී”ති, තෙනාවුසො භික්ඛුනා තෙසංයෙව පාපකානං අකුසලානං ධම්මානං පහානාය වායමිතබ්බං. සචෙ පනාවුසො භික්ඛු පච්චවෙක්ඛමානො එවං ජානාති: “අසන්දිට්ඨිපරාමාසී ඛොම්හි අනාධානගාහී සුප්පටිනිස්සග්ගී”ති, තෙනාවුසො භික්ඛුනා තෙනෙව පීතිපාමොජ්ජෙන විහාතබ්බං අහොරත්තානුසික්ඛිනා කුසලෙසු ධම්මෙසු.
Sinhala BJT66. තව ද, අනෙකෙක් වෙයි. ඇවැත්නි, මහණහු විසින් “මම ස්වකීය දෘෂ්ටිය පරාමර්‍ශනය කරන්නෙම්, එය ම දැඩි කොට ගන්නෙම්, දුකසේත් බැහැර කිරීමට නො හැක්කෙම් වෙම් දැ”යි තමා විසින් ම තමා ගැන මෙසේ නුවණින් සැලකිය යුතු ය. ඇවැත්නි, ඉදින් මහණ නුවණින් සලකන්නේ “මම ස්වකීය දෘෂ්ටිය පරාමර්‍ශනය කරන්නෙම්, එය ම දැඩි කොට ගන්නෙම්, දුකසේත් බැහැර කිරීමට නො හැක්කෙම් වෙමි”යි මෙසේ දනී නම්, ඇවැත්නි, ඒ මහණහු විසින් ඒ ලාමක අකුශලධර්‍මයන්ගේ ම ප්‍රහාණය පිණිස වෑයම් කළයුතු ය. ඇවැත්නි, ඉදින් මහණ නුවණින් සලකන්නේ “මම ස්වකීය දෘෂ්ටිය පරාමර්‍ශනය නො කරන්නෙම්, එය ම දැඩි කොට නො ගන්නෙම්, සුවසේ බැහැර කිරීමට හැක්කෙම් වෙමි” යි මෙසේ දනී ද, ඇවැත්නි, ඒ මහණහු විසින් ඒ ප්‍රීතිප්‍රාමෝද්‍යයෙන් ම කුශලධර්‍මයෙහි දවරෑ හික්මෙන්නකු ව විසිය යුතු ය.
Pali BJT67. සචෙ ආවුසො භික්ඛු පච්චවෙක්ඛමානො සබ්බෙපිමෙ පාපකෙ අකුසලෙ ධම්මෙ අප්පහීනෙ අත්තනි සමනුපස්සති, තෙනාවුසො භික්ඛුනා සබ්බෙසං යෙව ඉමෙසං පාපකානං අකුසලානං ධම්මානං පහානාය වායමිතබ්බං. සචෙ පනාවුසො භික්ඛු පච්චවෙක්ඛමානො සබ්බෙපිමෙ පාපකෙ අකුසලෙ ධම්මෙ පහීනෙ අත්තනි සමනුපස්සති, තෙනාවුසො භික්ඛුනා තෙනෙව පීතිපාමොජ්ජෙන විහාතබ්බං අහොරත්තානුසික්ඛිනා කුසලෙසු ධම්මෙසු.
Sinhala BJT67. ඇවැත්නි, ඉදින් මහණ නුවණින් සලකන්නේ තමා තුළ නො පැහූ මේ සියලු ලාමක අකුශල ධර්‍මයන් දකී ද, ඇවැත්නි, ඒ මහණහු විසින් මේ සියලු ලාමක අකුශල ධර්‍මයන්ගේ ම ප්‍රහාණය පිණිස වෑයම් කළයුතු ය. ඇවැත්නි, ඉදින් මහණ නුවණින් සලකන්නේ තමා තුළ පැහූ මේ සියලු ලාමක අකුශල ධර්‍මයන් දකී ද, ඇවැත්නි, ඒ මහණහු විසින් ඒ ප්‍රීතිප්‍රාමෝද්‍යයෙන් ම කුශලධර්‍මයෙහි දවරෑ හික්මෙන්නකු ව විසිය යුතු ය.
Pali BJT68. සෙය්යථාපි ආවුසො ඉත්ථී වා පුරිසො වා දහරො යුවා මණ්ඩනකජාතිකො{1} ආදාසෙ වා පරියොදාතෙ අච්ඡෙ වා උදපත්තෙ{2} සකං මුඛනිමිත්තං පච්චවෙක්ඛමානො සචෙ තත්ථ පස්සති රජං වා අඞ්ගණං වා, තස්සෙව රජස්ස වා අඞ්ගණස්ස වා පහානාය වායමති. නො චෙ තත්ථ පස්සති රජං වා අඞ්ගණං වා තෙනෙව අත්තමනො හොති: “ලාභා වත මෙ, පරිසුද්ධං වත මෙ”ති. එවමෙව ඛො ආවුසො සචෙ භික්ඛු පච්චවෙක්ඛමානො සබ්බෙපිමෙ පාපකෙ අකුසලෙ ධම්මෙ අප්පහීනෙ අත්තනි සමනුපස්සති, තෙනාවුසො භික්ඛුනා සබ්බෙසංයෙව ඉමෙසං පාපකානං අකුසලානං ධම්මානං පහානාය වායමිතබ්බං. සචෙ පනාවුසො භික්ඛු පච්චවෙක්ඛමානො සබ්බෙපිමෙ පාපකෙ අකුසලෙ ධම්මෙ පහීනෙ අත්තනි සමනුපස්සති, තෙනාවුසො භික්ඛුනා තෙනෙව පීතිපාමොජ්ජෙන විහාතබ්බං අහොරත්තානුසික්ඛිනා කුසලෙසු ධම්මෙසූති.
Sinhala BJT68. ඇවැත්නි, යම්සේ තරුණ වූ යොවුන් විය ඇති සැරසීම සැහැවි කොට ඇත්තාවූ ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ පිරිසිදු හාත්පසින් බබලන කැඩපතෙක හෝ පහන් දියබඳුනෙක හෝ සිය මුවනිමිති බලන්නේ ඉදින් එහි රජස් හෝ හටගත් තලකැලැල් ඈ දොසක් හෝ දකී ද, එම රජස් හෝ දොස් හෝ දුරුකිරීම පිණිස වෑයම් කෙරේ ද, ඉදින් එහි රජස් හෝ දොස් හෝ නො දකී නම්, “මට ඒකාන්තයෙන් ලාභයෙක, මාගේ මුව පිරිසිදු ය”යි එයින් ම සතුටු වේ ද, එසේ ම ඇවැත්නි, ඉදින් මහණ නුවණින් සලකන්නේ නො පැහූ මේ ලාමක අකුශල ධර්‍මයන් තමා තුළ දකී ද, ඇවැත්නි, ඒ මහණහු විසින් මේ සියලු ලාමක ධර්‍මයන්ගේ ප්‍රහාණය පිණිස වෑයම් කළයුතු ය. ඇවැත්නි, ඉදින් වනාහි මහණ නුවණින් සලකන්නේ තමා තුළ පැහූ මේ ලාමක අකුශල ධර්‍මයන් දකී ද, ඇවැත්නි, ඒ මහණහු විසින් ඒ ප්‍රීතිප්‍රාමෝද්‍යයෙන් ම කුශලධර්‍මයෙහි දවරෑ හික්මෙන්නකු ව විසිය යුතු ය.
Pali BJTඉදමවොචායස්මා මහාමොග්ගල්ලානො. අත්තමනා තෙ භික්ඛූ ආයස්මතො මහාමොග්ගල්ලානස්ස භාසිතං අභිනන්දුන්ති.
Sinhala BJTආයුෂ්මත් මහාමෞද්ගල්‍යායන ස්ථවිරයන් වහන්සේ මෙය වදාළසේක. සතුටු වූ ඒ භික්‍ෂූහු ආයුෂ්මත් මහාමෞද්ගල්‍යායන ස්ථවිරයන් වහන්සේගේ දේශනාව මැනැවැ යි පිළිගත්හ.
Pali BJTඅනුමානසුත්තං පඤ්චමං.
Sinhala BJTඅනුමාන සූත්‍රය පස්වැනි යි.
Pali BJT1. 2. 6.
Sinhala BJT1. 2. 6.
Pali BJTචෙතොඛිලසුත්තං
Sinhala BJTචේතෝඛිල සූත්‍රය
Pali BJT1. එවං මෙ සුතං: එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තත්ර ඛො භගවා භික්ඛූ ආමන්තෙසි භික්ඛවොති. භදන්තෙති තෙ භික්ඛූ භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච:
Sinhala BJT1. මා විසින් මෙසේ අසන ලදි: එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර ජේතවන නම් අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වැඩ වසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ මහණෙනි, යි භික්‍ෂූන් ඇමතූ සේක. ඒ භික්‍ෂූහු වහන්සැ යි භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ සේක:
Pali BJT2. යස්ස කස්සචි භික්ඛවෙ භික්ඛුනො පඤ්ච චෙතොඛිලා{1} අප්පහීනා, පඤ්ච චෙතසො විනිබන්ධා{2} අසමුච්ඡින්නා, සො වතිමස්මිං ධම්මවිනයෙ වුද්ධිං විරූළ්හිං වෙපුල්ලං ආපජ්ජිස්සතීති නෙතං ඨානං විජ්ජති.
Sinhala BJT2. මහණෙනි, යම් කිසි මහණක්හුගේ සිත්කසළහු පස්දෙන නො පහ වූහු ද, සිත පිළිබඳ බැඳුම්හු පස්දෙන නො සිඳුණාහු ද, හෙ ඒකාන්තයෙන් මේ ශාසනයෙහි වෘද්ධියට විරූඪියට වෛපුල්‍යයට පැමිණෙන්නේ ය යන මේ කාරණය විද්‍යමාන නො වෙයි.
Pali BJT3. කතමස්ස{3} පඤ්ච චෙතොඛිලා අප්පහීනා හොන්ති?
Sinhala BJT3. ඔහුගේ නො පැහු සිත්කසළහු පස්දෙන කවරහු ද?
Pali BJTඉධ භික්ඛවෙ භික්ඛු සත්ථරි කඞ්ඛති විචිකිච්ඡති නාධිමුච්චති න සම්පසීදති. යො සො භික්ඛවෙ භික්ඛු සත්ථරි කඞ්ඛති විචිකිච්ඡති නාධිමුච්චති න සම්පසීදති, තස්ස චිත්තං න නමති ආතප්පාය අනුයොගාය සාතච්චාය පධානාය. යස්ස චිත්තං න නමති ආතප්පාය අනුයොගාය සාතච්චාය පධානාය, එවමස්සායං පඨමො චෙතොඛිලො අප්පහීනො හොති.
Sinhala BJTමහණෙනි, මේ ශාසනයෙහි මහණ, බුදුන් කෙරෙහි සැක කරයි, විචිකිච්ඡා කරයි. නිශ්චයට නො පැමිණෙයි. නො පහදියි. මහණෙනි, යම් ඒ මහණෙක් බුදුන් කෙරෙහි සැක කෙරේ ද, විචිකිච්ඡා කෙරේ ද, නිශ්චයට නො පැමිණේ ද, නො පහදී ද, ඒ මහණහුගේ සිත කෙලෙස් තවන වැර පිණිස එහි පුන පුනා යෙදීම පිණිස නිතර වැර කිරීම පිණිස ප්‍රධන් පිණිස නො නැමෙයි. යමකුගේ සිත කෙලෙස් තවන වැර පිණිස එහි පුන පුනා යෙදීම පිණිස නිතර වැර කිරීම පිණිස ප්‍රධන් පිණිස නො නැමේ නම් මෙසේ මොහුගේ මේ පළමුවන සිත් කසළ ප්‍රහීණ නො වූයේ වෙයි.
Pali BJT4. පුන චපරං භික්ඛවෙ භික්ඛු ධම්මෙ කඞ්ඛති විචිකිච්ඡති නාධිමුච්චති න සම්පසීදති. යො සො භික්ඛවෙ භික්ඛු ධම්මෙ කඞ්ඛති විචිකිච්ඡති නාධිමුච්චති න සම්පසීදති, තස්ස චිත්තං න නමති ආතප්පාය අනුයොගාය සාතච්චාය පධානාය. යස්ස චිත්තං න නමති ආතප්පාය අනුයොගාය සාතච්චාය පධානාය, එවමස්සායං දුතියො චෙතොඛිලො අප්පහීනො හොති.
Sinhala BJT4. තවද, අනෙකෙක් වෙයි. මහණෙනි, මහණ, ධර්‍මය කෙරෙහි සැක කරයි. විචිකිච්ඡා කරයි. නිශ්චයට නො පැමිණෙයි, නො පහදියි. මහණෙනි, යම් ඒ මහණෙක් ධර්‍මය කෙරෙහි සැක කෙරේ ද, විචිකිච්ඡා කෙරේ ද, නිශ්චයට නො පැමිණේ ද, නො පහදී ද, ඔහුගේ සිත කෙලෙස් තවන වැර පිණිස එහි පුන පුනා යෙදීම පිණිස නිතර වැර කිරීම පිණිස ප්‍රධන් පිණිස නො නැමෙයි. යමකුගේ සිත කෙලෙස් තවන වැර පිණිස එහි පුන පුනා යෙදීම පිණිස නිතර වැර කිරීම පිණිස ප්‍රධන් පිණිස නො නැමේ නම් මෙසේ මොහුගේ මේ දෙවන සිත්කසළ ප්‍රහීණ නො වූයේ වෙයි.
Pali BJT5. පුන චපරං භික්ඛවෙ භික්ඛු සඞ්ඝෙ කඞ්ඛති විචිකිච්ඡති නාධිමුච්චති න සම්පසීදති. යො සො භික්ඛවෙ භික්ඛු සඞ්ඝෙ කඞ්ඛති විචිකිච්ඡති නාධිමුච්චති න සම්පසීදති, තස්ස චිත්තං න නමති ආතප්පාය අනුයොගාය සාතච්චාය පධානාය. යස්ස චිත්තං න නමති ආතප්පාය අනුයොගාය සාතච්චාය පධානාය, එවමස්සායං තතියො චෙතොඛිලො අප්පහීනො හොති.
Sinhala BJT5. තවද, අනෙකෙක් වෙයි. මහණෙනි, මහණ, සඞ්ඝයා කෙරෙහි සැක කෙරෙයි. විචිකිච්ඡා කෙරෙයි. නිශ්චයට නො පැමිණෙයි. නො පහදියි. මහණෙනි, යම් ඒ මහණෙක් සඞ්ඝයා කෙරෙහි සැක කෙරේ ද, විචිකිච්ඡා කෙරේ ද, නිශ්චයට නො පැමිණේද, නො පහදී ද, ඔහුගේ සිත කෙලෙස් තවන වැර පිණිස එහි පුන පුනා යෙදීම පිණිස නිතර වැර කිරීම පිණිස ප්‍රධන් පිණිස නො නැමෙයි. යමකුගේ සිත කෙලෙස් තවන වැර පිණිස එහි පුන පුනා යෙදීම පිණිස නිතර වැර කිරීම පිණිස ප්‍රධන් පිණිස නො නැමේ නම්, මෙසේ මොහුගේ මේ තෙවන සිත්කසළ ප්‍රහීණ නො වූයේ වෙයි.
Pali BJT6. පුන චපරං භික්ඛවෙ භික්ඛු සික්ඛාය කඞ්ඛති විචිකිච්ඡති නාධිමුච්චති න සම්පසීදති. යො සො භික්ඛවෙ භික්ඛු සික්ඛාය කඞ්ඛති විචිකිච්ඡති නාධිමුච්චති න සම්පසීදති, තස්ස චිත්තං න නමති ආතප්පාය අනුයොගාය සාතච්චාය පධානාය. යස්ස චිත්තං න නමති ආතප්පාය අනුයොගාය සාතච්චාය පධානාය, එවමස්සායං චතුත්ථො චෙතොඛිලො අප්පහීනො හොති.
Sinhala BJT6. තවද, අනෙකෙක් වෙයි. මහණෙනි, මහණ, ශික්‍ෂාව කෙරෙහි සැක කෙරෙයි. විචිකිච්ඡා කෙරෙයි. නිශ්චයට නො පැමිණෙයි. නො පහදියි. මහණෙනි, යම් ඒ මහණෙක් ශික්‍ෂාව කෙරෙහි සැක කෙරේ ද, විචිකිච්ඡා කෙරේ ද, නිශ්චයට නො පැමිණේ ද, නො පහදී ද, ඔහුගේ සිත කෙලෙස් තවන වැර පිණිස එහි පුන පුනා යෙදීම පිණිස නිතර වැර කිරීම පිණිස ප්‍රධන් පිණිස නො නැමෙයි. යමකුගේ සිත කෙලෙස් තවන වැර පිණිස එහි පුන පුනා යෙදීම පිණිස සාතත්‍යය පිණිස ප්‍රධන් පිණිස නො නැමේ නම්, මෙසේ මොහුගේ සතරවන සිත්කසළ ප්‍රහීණ නො වූයේ වෙයි.
Pali BJT7. පුන චපරං භික්ඛවෙ භික්ඛු සබ්රහ්මචාරීසු කුපිතො හොති අනත්තමනො ආහතචිත්තො ඛිලජාතො{1}. යො සො භික්ඛවෙ භික්ඛු සබ්රහ්මචාරීසු කුපිතො හොති අනත්තමනො ආහතචිත්තො ඛිලජාතො, තස්ස චිත්තං න නමති ආතප්පාය අනුයොගාය සාතච්චාය පධානාය. යස්ස චිත්තං න නමති ආතප්පාය අනුයොගාය සාතච්චාය පධානාය, එවමස්සායං පඤ්චමො චෙතොඛිලො අප්පහීනො හොති.
Sinhala BJT7. තවද, අනෙකෙක් වෙයි. මහණෙනි, මහණ, සබ්‍රම්සරුන් කෙරෙහි කිපියේ ප්‍රීතිසෞමනස්‍ය විසින් නොගන්නාලද සිත් ඇතියේ, ගැටුණු සිත් ඇත්තේ, උපන් සිත්කණු ඇත්තේ වෙයි. මහණෙනි, යම් ඒ මහණෙක් සබ්‍රම්සරුන් කෙරෙහි කිපියේ නො සතුටු සිත් ඇත්තේ ගැටුණු සිත් ඇත්තේ හටගත් සිත්කණු ඇත්තේ වේ ද, ඔහුගේ සිත කෙලෙස් තවන වැර පිණිස එහි පුන පුනා යෙදීම පිණිස නිතර වැර කිරීම පිණිස ප්‍රධන් පිණිස නො නැමෙයි. යමකුගේ සිත කෙලෙස් තවන වැර පිණිස එහි පුන පුනා යෙදීම පිණිස සතතක්‍රියා පිණිස ප්‍රධන් පිණිස නො නැමේ නම්, මෙසේ මොහුගේ පස්වන සිත්කසළ ප්‍රහීණ නො වූයේ වෙයි.
Pali BJTඉමස්ස{2} පඤ්ච චෙතොඛිලා අප්පහීනා හොන්ති.
Sinhala BJTමොහුගේ සිත පිළිබඳ කසළහු පස්දෙනා ප්‍රහීණ නො වූවාහු වෙත්.
Pali BJT8. කතමස්ස පඤ්ච චෙතසො විනිබන්ධා අසමුච්ඡින්නා හොන්ති.
Sinhala BJT8. ඔහුගේ සිත පිළිබඳ නො සිඳුණු බැඳුම් පස්දෙනා කවරහු වෙද්ද?
Pali BJTඉධ භික්ඛවෙ භික්ඛු කාමෙ අවීතරාගො හොති අවිගතච්ඡන්දො{3} අවිගතපෙමො අවිගතපිපාසො අවිගතපරිළාහො අවිගතතණ්හො. යො සො භික්ඛවෙ භික්ඛු කාමෙ අවීතරාගො හොති අවිගතච්ඡන්දො අවිගතපෙමො අවිගතපිපාසො අවිගතපරිළාහො අවිගතතණ්හො, තස්ස චිත්තං න නමති ආතප්පාය අනුයොගාය සාතච්චාය පධානාය. යස්ස චිත්තං න නමති ආතප්පාය අනුයොගාය සාතච්චාය පධානාය, එවමස්සායං පඨමො චෙතසො විනිබන්ධො අසමුච්ඡින්නො හොති.
Sinhala BJTමහණෙනි, මේ ශාසනයෙහි මහණ, කාමයෙහි නො පහ කළ රාග ඇත්තේ නො පහ කළ සඳ ඇත්තේ නො පහ කළ ප්‍රේම ඇත්තේ නො පහ කළ පිපාසා ඇත්තේ නො පහ කළ දැවිලි ඇත්තේ නො පහ කළ තෘෂ්ණා ඇත්තේ වෙයි. මහණෙනි, යම් ඒ මහණෙක් කාමයෙහි නො පහ කළ රාග ඇත්තේ නො පහ කළ සඳ ඇත්තේ නො පහ කළ ප්‍රේම ඇත්තේ නො පහ කළ පිපාසා ඇත්තේ නො පහ කළ දැවිලි ඇත්තේ නො පහ කළ තෘෂ්ණා ඇත්තේ වේ ද, ඔහුගේ සිත කෙලෙස් තවන වැර පිණිස එහි පුන පුනා යෙදීම පිණිස සත්තක්‍රියා පිණිස ප්‍රධන් පිණිස නො නැමෙයි. යමකුගේ සිත කෙලෙස් තවන වැර පිණිස එහි පුන පුනා යෙදීම පිණිස සත්තක්‍රියා පිණිස ප්‍රධන් පිණිස නො නැමේ නම්, මෙසේ මොහුගේ පළමුවන චිත්තවිනිබන්‍ධය නො සිඳුණේ වෙයි.
Pali BJT9. පුන චපරං භික්ඛවෙ භික්ඛු කායෙ අවීතරාගො හොති අවිගතච්ඡන්දො අවිගතපෙමො අවිගතපිපාසො අවිගතපරිළාහො අවිගතතණ්හො. යො සො භික්ඛවෙ භික්ඛු කායෙ අවීතරාගො හොති අවිගතච්ඡන්දො අවිගතපෙමො අවිගතපිපාසො අවිගතපරිළාහො අවිගතතණ්හො, තස්ස චිත්තං න නමති ආතප්පාය අනුයොගාය සාතච්චාය පධානාය. යස්ස චිත්තං න නමති ආතප්පාය අනුයොගාය සාතච්චාය පධානාය, එවමස්සායං දුතියො චෙතසො විනිබන්ධො අසමුච්ඡින්නො හොති.
Sinhala BJT9. තවද, මහණෙනි, අනෙකෙක් වෙයි. මහණ, කයෙහි නො පැහු රාග ඇත්තේ නො පැහු සඳ ඇත්තේ නො පැහු ප්‍රේම ඇත්තේ නො පැහු පිපාසා ඇත්තේ නො පැහු දැවිලි ඇත්තේ නො පැහු තෘෂ්ණා ඇත්තේ වෙයි. මහණෙනි, යම් ඒ මහණෙක් කයෙහි නො පැහු රාග ඇත්තේ නො පැහු සඳ ඇත්තේ නො පැහු ප්‍රේම ඇත්තේ නො පැහු පිපාසා ඇත්තේ නො පැහු දැවිලි ඇත්තේ නො පැහු තෘෂ්ණා ඇත්තේ වේ ද, ඔහුගේ සිත කෙලෙස් තවන වැර පිණිස එහි පුන පුනා යෙදීම පිණිස සතතක්‍රියා පිණිස නො නැමෙයි. යමකුගේ සිත කෙලෙස් තවන වැර පිණිස එහි පුන පුනා යෙදීම පිණිස නිතර නිතර වැර කිරීම පිණිස කෙලෙස් දැවීම පිණිස ප්‍රධන් පිණිස නො නැමේ නම්, මෙසේ ඔහුගේ මේ දෙවන චිත්තවිනිබන්‍ධය නො සිඳුණේ වෙයි.
Pali BJT10. පුන චපරං භික්ඛවෙ භික්ඛු රූපෙ අවීතරාගො හොති අවිගතච්ඡන්දො අවිගතපෙමො අවිගතපිපාසො අවිගතපරිළාහො අවිගතතණ්හො. යො සො භික්ඛවෙ භික්ඛු රූපෙ අවීතරාගො හොති අවිගතච්ඡන්දො අවිගතපෙමො අවිගතපිපාසො අවිගතපරිළාහො අවිගතතණ්හො, තස්ස චිත්තං න නමති ආතප්පාය අනුයොගාය සාතච්චාය පධානාය. යස්ස චිත්තං න නමති ආතප්පාය අනුයොගාය සාතච්චාය පධානාය, එවමස්සායං තතියො චෙතසො විනිබන්ධො අසමුච්ඡින්නො හොති.
Sinhala BJT10. තවද, මහණෙනි, අනෙකෙක් වෙයි. මහණ, රූපයෙහි නො පහ කළ රාග ඇත්තේ නො පහ කළ සඳ ඇත්තේ නො පහ කළ ප්‍රේම ඇත්තේ නො පහ කළ පිපාසා ඇත්තේ නො පහ කළ දැවිලි ඇත්තේ නො පහ කළ තෘෂ්ණා ඇත්තේ වෙයි. මහණෙනි, යම් ඒ මහණෙක් රූපයෙහි නො පහ කළ රාග ඇත්තේ නො පහ කළ සඳ ඇත්තේ නො පහ කළ ප්‍රේම ඇත්තේ නො පහ කළ පිපාසා ඇත්තේ නො පහ කළ දැවිලි ඇත්තේ නො පහ කළ තෘෂ්ණා ඇත්තේ වේ ද, ඔහුගේ සිත කෙලෙස් තවන වැර පිණිස එහි පුන පුනා යෙදීම පිණිස සතතක්‍රියා පිණිස ප්‍රධන් පිණිස නො නැමෙයි. යමකුගේ සිත කෙලෙස් තවන වැර පිණිස එහි පුන පුනා යෙදීම පිණිස සතතක්‍රියා පිණිස ප්‍රධන් පිණිස නො නැමේ නම්, මෙසේ ඔහුගේ මේ තෙවන චිත්තවිනිබන්‍ධය නො සිඳුණේ වෙයි.
Pali BJT11. පුන චපරං භික්ඛවෙ භික්ඛු යාවදත්ථං උදරාවදෙහකං භුඤ්ජිත්වා සෙය්යසුඛං පස්සසුඛං{1} මිද්ධසුඛං අනුයුත්තො විහරති. යො සො භික්ඛවෙ භික්ඛු යාවදත්ථං උදරාවදෙහකං භුඤ්ජිත්වා සෙය්යසුඛං පස්සසුඛං මිද්ධසුඛං අනුයුත්තො විහරති, තස්ස චිත්තං න නමති ආතප්පාය අනුයොගාය සාතච්චාය පධානාය. යස්ස චිත්තං න නමති ආතප්පාය අනුයොගාය සාතච්චාය පධානාය, එවමස්සායං චතුත්ථො චෙතසො විනිබන්ධො අසමුච්ඡින්නො හොති.
Sinhala BJT11. තවද, මහණෙනි, අනෙකෙක් වෙයි. මහණ, හම්මනතාක් කුස් පුරා වළඳා සෙය්‍යසුඛයෙහි (ඇඳ පුටු පහසින් වන සැපයෙහි) පස්සසුඛයෙහි (පෙරළි පෙරළි හෝනාහට වන පාර්ශ්වසුඛයෙහි) මිද්ධසුඛයෙහි (නිදීමෙන් වන සැපයෙහි) යෙදුණේ වෙසෙයි. මහණෙනි, යම් ඒ මහණෙක් කැමැතිතාක් කුස්පුරා වළඳා සෙය්‍යසුඛයෙහි පස්සසුඛයෙහි මිද්ධසුඛයෙහි යුක්තප්‍රයුක්ත ව වෙසේ ද, ඔහුගේ සිත කෙලෙස් තවන වැර පිණිස එහි පුන පුනා යෙදීම පිණිස සතතක්‍රියා පිණිස ප්‍රධන් පිණිස නො නැමෙයි. යමකුගේ සිත කෙලෙස් තවන වැර පිණිස එහි පුන පුනා යෙදීම පිණිස සතතක්‍රියා පිණිස ප්‍රධන් පිණිස නො නැමේ නම්, මෙසේ ඔහුගේ මේ සිවුවන චිත්තවිනිබන්‍ධය නො සිඳුණේ වෙයි.
Pali BJT12. පුන චපරං භික්ඛවෙ භික්ඛු අඤ්ඤතරං දෙවනිකායං පණිධාය බ්රහ්මචරියං චරති: ඉමිනාහං සීලෙන වා වතෙන වා තපෙන වා බ්රහ්මචරියෙන වා දෙවො වා භවිස්සාමි දෙවඤ්ඤතරො වාති. යො සො භික්ඛවෙ භික්ඛු අඤ්ඤතරං දෙවනිකායං පණිධාය බ්රහ්මචරියං චරති: ඉමිනාහං සීලෙන වා වතෙන වා තපෙන වා බ්රහ්මචරියෙන වා දෙවො වා භවිස්සාමි දෙවඤ්ඤතරො වාති, තස්ස චිත්තං න නමති ආතප්පාය අනුයොගාය සාතච්චාය පධානාය. යස්ස චිත්තං න නමති ආතප්පාය අනුයොගාය සාතච්චාය පධානාය, එවමස්සායං පඤ්චමො චෙතසො විනිබන්ධො අසමුච්ඡින්නො හොති.
Sinhala BJT12. තවද මහණෙනි, අනෙකෙක් වෙයි. මහණ, එක්තරා දේවනිකායක් පතා මම මේ සීලයෙන් හෝ වතින් හෝ තපසින් හෝ බඹසරින් හෝ දෙවියෙකිම් හෝ දෙවියන් අතුරෙන් එක්තරා එකෙකිම් හෝ වන්නෙමි’ යි බඹසර පුරයි. මහණෙනි, යම් ඒ මහණෙක් එක්තරා දේවනිකායක් පතා මම මේ සීලයෙන් හෝ වතින් හෝ තපසින් හෝ බඹසරින් හෝ දෙවියෙකිම් හෝ දෙවියන් අතුරෙන් එක්තරා එකෙකිම් හෝ වන්නෙමි’ යි බඹසර පුරා නම් ඔහුගේ සිත කෙලෙස් තවන වැර පිණිස එහි පුන පුනා යෙදීම පිණිස සතතක්‍රියා පිණිස ප්‍රධන් පිණිස නො නැමේ. යමකුගේ සිත කෙලෙස් තවන වැර පිණිස එහි පුන පුනා යෙදීම පිණිස සතතක්‍රියා පිණිස ප්‍රධන් පිණිස නො නැමේ නම් මෙසේ ඔහුගේ මේ පස්වන චිත්තවිනිබන්‍ධය නො සිඳුණේ වෙයි.
Pali BJTඉමස්ස පඤ්ච චෙතසො විනිබන්ධා අසමුච්ඡින්නා හොන්ති.
Sinhala BJTඔහුගේ මේ චිත්තවිනිබන්‍ධයෝ පස් දෙන නො සිඳුණාහු වෙති.
Pali BJT13. යස්ස කස්ස චි භික්ඛවෙ භික්ඛුනො ඉමෙ පඤ්ච චෙතොඛිලා අප්පහීනා, ඉමෙ පඤ්ච චෙතසො විනිබන්ධා අසමුච්ඡින්නා, සො වතිමස්මිං ධම්මවිනයෙ වුද්ධිං විරූළ්හිං වෙපුල්ලං ආපජ්ජිස්සතීති නෙතං ඨානං විජ්ජති.
Sinhala BJT13. මහණෙනි, යම් කිසි මහණක්හුගේ මේ සිත් කසළහු පස්දෙන ප්‍රහීණ නො වූවාහු ද, මේ චිත්තවිනිබන්‍ධයෝ පස්දෙන නො සිඳුණාහු ද, හෙ ඒකාන්තයෙන් මේ ශාසනයෙහි වැඩීමට ද විරුඪියට ද වෛපුල්‍යයට ද පැමිණෙන්නේ ය යන මේ කාරණය විද්‍යමාන නො වෙයි.
Pali BJT14. යස්ස කස්ස චි භික්ඛවෙ භික්ඛුනො පඤ්ච චෙතොඛිලා පහීනා, පඤ්ච චෙතසො විනිබන්ධා සුසමුච්ඡින්නා, සො වතිමස්මිං ධම්මවිනයෙ වුද්ධිං විරූළ්හිං වෙපුල්ලං ආපජ්ජිස්සතීති ඨානමෙතං විජ්ජති.
Sinhala BJT14. මහණෙනි, යම් කිසි මහණක්හුගේ මේ සිත් කසළහු පස්දෙන ප්‍රහීණ වූවාහු ද, චිත්තවිනිබන්‍ධයෝ මොනවට සිඳුණාහු ද, හෙ ඒකාන්තයෙන් මේ ශාසනයෙහි වැඩීමට ද විරූඪියට ද වෛපුල්‍යයට ද පැමිණෙන්නේ ය යන මේ කාරණය විද්‍යමාන වෙයි.
Pali BJT15. කතමස්ස පඤ්ච චෙතොඛිලා පහීනා හොන්ති?
Sinhala BJT15. ඔහුගේ කවර නම් සිත් කසළහු පස් දෙනෙක් ප්‍රහීණ වූවාහු වෙත් ද?
Pali BJTඉධ භික්ඛවෙ භික්ඛු සත්ථරි න කඞ්ඛති න විචිකිච්ඡති අධිමුච්චති සම්පසීදති. යො සො භික්ඛවෙ භික්ඛු සත්ථරි න කඞ්ඛති න විචිකිච්ඡති අධිමුච්චති සම්පසීදති, තස්ස චිත්තං නමති ආතප්පාය අනුයොගාය සාතච්චාය පධානාය. යස්ස චිත්තං නමති ආතප්පාය අනුයොගාය සාතච්චාය පධානාය, එවමස්සායං පඨමො චෙතොඛිලො පහීනො හොති.
Sinhala BJTමහණෙනි, මේ ශාසනයෙහි මහණ, බුදුන් කෙරෙහි සැක නො කෙරෙයි. විචිකිච්ඡා නො කෙරෙයි. නිශ්චයට පැමිණෙයි. පහදියි. මහණෙනි, යම් ඒ මහණෙක් බුදුන් කෙරෙහි සැක නො කෙරේ ද, විචිකිච්ඡා නො කෙරේ ද, නිශ්චයට පැමිණේ ද, පහදී ද, ඔහුගේ සිත කෙලෙස් තවන වැර පිණිස එහි පුන පුනා යෙදීම පිණිස සතතක්‍රියාව පිණිස ප්‍රධන් පිණිස නැමේ. යමකුගේ සිත කෙලෙස් තවන වැර පිණිස එහි පුන පුනා යෙදීම පිණිස සතතක්‍රියා පිණිස ප්‍රධන් පිණිස නැමේ නම්, මෙසේ ඔහුගේ මේ පළමුවන සිත්කසළ ප්‍රහීණ වූයේ වෙයි.
Pali BJT16. පුන චපරං භික්ඛවෙ භික්ඛු ධම්මෙ න කඞ්ඛති න විචිකිච්ඡති අධිමුච්චති සම්පසීදති. යො සො භික්ඛවෙ භික්ඛු ධම්මෙ න කඞ්ඛති න විචිකිච්ඡති අධිමුච්චති සම්පසීදති, තස්ස චිත්තං නමති ආතප්පාය අනුයොගාය සාතච්චාය පධානාය. යස්ස චිත්තං නමති ආතප්පාය අනුයොගාය සාතච්චාය පධානාය, එවමස්සායං දුතියො චෙතොඛිලො පහීනො හොති.
Sinhala BJT16. තවද, අනෙකෙක් වෙයි. මහණෙනි, මහණ, ධර්‍මයෙහි සැක නො කෙරෙයි. විචිකිච්ඡා නො කෙරෙයි. නිශ්චයට පැමිණෙයි. පහදියි. මහණෙනි, යම් ඒ මහණෙක් ධර්‍මයෙහි සැක නො කෙරේ ද, විචිකිච්ඡා නො කෙරේ ද, නිශ්චයට පැමිණේ ද, පහදී ද, ඔහුගේ සිත කෙලෙස් තවන වැර පිණිස එහි පුන පුනා යෙදීම පිණිස සතතක්‍රියා පිණිස ප්‍රධන් පිණිස නැමෙයි. යමකුගේ සිත කෙලෙස් තවන වැර පිණිස එහි පුන පුනා යෙදීම පිණිස සතතක්‍රියා පිණිස ප්‍රධන් පිණිස නැමේ නම්, මෙසේ ඔහුගේ මේ දෙවන සිත්කසළ ප්‍රහීණ වූයේ වෙයි.
Pali BJT17. පුන චපරං භික්ඛවෙ භික්ඛු සඞ්ඝෙ න කඞ්ඛති න විචිකිච්ඡති අධිමුච්චති සම්පසීදති. යො සො භික්ඛවෙ භික්ඛු සඞ්ඝෙ න කඞ්ඛති න විචිකිච්ඡති අධිමුච්චති සම්පසීදති, තස්ස චිත්තං නමති ආතප්පාය අනුයොගාය සාතච්චාය පධානාය. යස්ස චිත්තං නමති ආතප්පාය අනුයොගාය සාතච්චාය පධානාය, එවමස්සායං තතියො චෙතොඛිලො පහීනො හොති.
Sinhala BJT17. තවද, අනෙකෙක් වෙයි. මහණෙනි, මහණ, සඞ්ඝයා කෙරෙහි සැක නො කෙරෙයි. විචිකිච්ඡා නො කෙරෙයි. නිශ්චයට පැමිණෙයි. පහදියි. මහණෙනි, යම් ඒ මහණෙක් සඞ්ඝයා කෙරෙහි සැක නො කෙරේ ද, විචිකිච්ඡා නො කෙරේ ද, නිශ්චයට පැමිණේ ද, පහදී ද, ඔහුගේ සිත කෙලෙස් තවන වැර පිණිස එහි පුන පුනා යෙදීම පිණිස සතතක්‍රියා පිණිස ප්‍රධන් පිණිස නැමෙයි. යමකුගේ සිත කෙලෙස් තවන වැර පිණිස එහි පුන පුනා යෙදීම පිණිස සතතක්‍රියා පිණිස ප්‍රධන් පිණිස නැමේ නම්, මෙසේ ඔහුගේ මේ තෙවන සිත්කසළ ප්‍රහීණ වූයේ වෙයි.
Pali BJT18. පුන චපරං භික්ඛවෙ භික්ඛු සික්ඛාය න කඞ්ඛති න විචිකිච්ඡති අධිමුච්චති සම්පසීදති. යො සො භික්ඛවෙ භික්ඛු සික්ඛාය න කඞ්ඛති න විචිකිච්ඡති අධිමුච්චති සම්පසීදති, තස්ස චිත්තං නමති ආතප්පාය අනුයොගාය සාතච්චාය පධානාය. යස්ස චිත්තං නමති ආතප්පාය අනුයොගාය සාතච්චාය පධානාය, එවමස්සායං චතුත්ථො චෙතොඛිලො පහීනො හොති.
Sinhala BJT18. තවද, අනෙකෙක් වෙයි. මහණෙනි, මහණ, ශික්‍ෂාව කෙරෙහි සැක නො කෙරෙයි. විචිකිච්ඡා නො කෙරෙයි. නිශ්චයට පැමිණෙයි. පහදියි. මහණෙනි, යම් ඒ මහණෙක් ශික්‍ෂාව කෙරෙහි සැක නො කෙරේ ද, විචිකිච්ඡා නො කෙරේ ද, නිශ්චයට පැමිණේ ද, පහදී ද, ඔහුගේ සිත කෙලෙස් තවන වැර පිණිස එහි පුන පුනා යෙදීම පිණිස සතතක්‍රියා කිරීම පිණිස ප්‍රධන් පිණිස නැමෙයි. යමකුගේ සිත කෙලෙස් තවන වැර පිණිස එහි පුන පුනා යෙදීම පිණිස සතතක්‍රියා කිරීම පිණිස ප්‍රධන් පිණිස නැමේ නම්, මෙසේ ඔහුගේ මේ සතරවන සිත් කසළ ප්‍රහීණ වූයේ වෙයි.
Pali BJT19. පුන චපරං භික්ඛවෙ භික්ඛු සබ්රහ්මචාරීසු න කුපිතො හොති අත්තමනො අනාහතචිත්තො අඛිලජාතො.{1} යො සො භික්ඛවෙ භික්ඛු සබ්රහ්මචාරීසු න කුපිතො හොති අත්තමනො අනාහතචිත්තො අඛිලජාතො, තස්ස චිත්තං නමති ආතප්පාය අනුයොගාය සාතච්චාය පධානාය. යස්ස චිත්තං නමති ආතප්පාය අනුයොගාය සාතච්චාය පධානාය, එවමස්සායං පඤ්චමො චෙතොඛිලො පහීනො හොති.
Sinhala BJT19. තවද, අනෙකෙක් වෙයි. මහණෙනි, මහණ, සබ්‍රම්සරුන් කෙරෙහි නො කිපියේ සතුටු සිත් ඇත්තේ කෝපයෙන් නො ගැටුණු සිත් ඇත්තේ හටගත් සිත්කණු නැත්තේ වෙයි. මහණෙනි, යම් ඒ මහණෙක් සබ්‍රම්සරුන් කෙරෙහි නො කිපියේ සතුටු සිත් ඇත්තේ කෝපයෙන් නො ගැටුණු සිත් ඇත්තේ හටගත් සිත්කණු නැත්තේ වේ ද, ඔහුගේ සිත කෙලෙස් තවන වැර පිණිස එහි පුන පුනා යෙදීම පිණිස සතතක්‍රියා පිණිස ප්‍රධන් පිණිස නැමේ. යමකුගේ සිත කෙලෙස් තවන වැර පිණිස එහි පුන පුනා යෙදීම පිණිස සතතක්‍රියා පිණිස ප්‍රධන් පිණිස නැමේ නම් මෙසේ ඔහුගේ මේ පස්වන සිත්කසළ ප්‍රහීණ වූයේ වෙයි.
Pali BJTඉමාස්ස පඤ්ච චෙතොඛිලා පහීනා හොන්ති.
Sinhala BJTඔහුගේ මේ සිත්කසළහු පස් දෙන ප්‍රහීණ වූවාහු වෙත්.
Pali BJT20. කතමස්ස පඤ්ච චෙතසො විනිබන්ධා සුසමුච්ඡින්නා හොන්ති?
Sinhala BJT20.ඔහුගේ කවර නම් චිත්තවිනිබන්‍ධයෝ පස් දෙනෙක් මොනවට සිඳුණාහු වෙත් ද?
Pali BJTඉධ භික්ඛවෙ භික්ඛු කාමෙ වීතරාගො හොති විගතඡන්දො විගතපෙමො විගතපිපාසො විගතපරිළාහො විගතතණ්හො. යො සො භික්ඛවෙ භික්ඛු කාමෙ වීතරාගො හොති විගතඡන්දො විගතපෙමො විගතපිපාසො විගතපරිළාහො විගතතණ්හො, තස්ස චිත්තං නමති ආතප්පාය අනුයොගාය සාතච්චාය පධානාය. යස්ස චිත්තං නමති ආතප්පාය අනුයොගාය සාතච්චාය පධානාය, එවමස්සායං පඨමො චෙතසො විනිබන්ධො සුසමුච්ඡින්නො හොති.
Sinhala BJTමහණෙනි, මේ ශාසනයෙහි මහණ, කාමයෙහි පහ වූ රාග ඇත්තේ පහ වූ සඳ ඇත්තේ පහ වූ ප්‍රේම ඇත්තේ පහ වූ පවස් ඇත්තේ පහ වූ දැවිලි ඇත්තේ පහ වූ තෘෂ්ණා ඇත්තේ වෙයි. මහණෙනි, යම් ඒ මහණෙක් කාමයෙහි පහ වූ රාග ඇත්තේ පහ වූ සඳ ඇත්තේ පහ වූ ප්‍රේම ඇත්තේ පහ වූ පවස් ඇත්තේ පහ වූ තෘෂ්ණා ඇත්තේ වේ ද, ඔහුගේ සිත කෙලෙස් තවන වැර පිණිස එහි පුන පුනා යෙදීම පිණිස සතතක්‍රියා පිණිස ප්‍රධන් පිණිස නැමෙයි. යමකුගේ සිත කෙලෙස් තවන වැර පිණිස එහි පුන පුනා යෙදීම පිණිස සතතක්‍රියා පිණිස ප්‍රධන් පිණිස නැමේ නම්, මෙසේ ඔහුගේ මේ පළමුවන චිත්තවිනිබන්‍ධය මොනවට සිඳුණේ වෙයි.
Pali BJT21. පුන චපරං භික්ඛවෙ භික්ඛු කායෙ වීතරාගො හොති විගතඡන්දො විගතපෙමො විගතපිපාසො විගතපරිළාහො විගතතණ්හො. යො සො භික්ඛවෙ භික්ඛු කායෙ වීතරාගො හොති විගතඡන්දො විගතපෙමො විගතපිපාසො විගතපරිළාහො විගතතණ්හො, තස්ස චිත්තං නමති ආතප්පාය අනුයොගාය සාතච්චාය පධානාය. යස්ස චිත්තං නමති ආතප්පාය අනුයොගාය සාතච්චාය පධානාය, එවමස්සායං දුතියො චෙතසො විනිබන්ධො සුසමුච්ඡින්නො හොති.
Sinhala BJT21. තවද, අනෙකෙක් වෙයි. මහණෙනි, මහණ, කයෙහි පහ වූ රාග ඇත්තේ පහ වූ සඳ ඇත්තේ පහ වූ ප්‍රේම ඇත්තේ පහ වූ පවස් ඇත්තේ පහ වූ දැවිලි ඇත්තේ පහ වූ තෘෂ්ණා ඇත්තේ වෙයි. මහණෙනි, යම් ඒ මහණෙක් කයෙහි පහ වූ රාග ඇත්තේ පහ වූ සඳ ඇත්තේ පහ වූ ප්‍රේම ඇත්තේ පහ වූ පවස් ඇත්තේ පහ වූ දැවිලි ඇත්තේ පහ වූ තෘෂ්ණා ඇත්තේ වේ ද, ඔහුගේ සිත කෙලෙස් තවන වැර පිණිස එහි පුන පුනා යෙදීම පිණිස සතතක්‍රියා පිණිස ප්‍රධන් පිණිස නැමෙයි. යමකුගේ සිත කෙලෙස් තවන වැර පිණිස එහි පුන පුනා යෙදීම පිණිස සතතක්‍රියා පිණිස ප්‍රධන් පිණිස නැමේ නම්, මෙසේ ඔහුගේ දෙවන චිත්තවිනිබන්‍ධය මොනවට සිඳුණේ වෙයි.
Pali BJT22. පුන චපරං භික්ඛවෙ භික්ඛු රූපෙ වීතරාගො හොති විගතඡන්දො විගතපෙමො විගතපිපාසො විගතපරිළාහො විගතතණ්හො. යො සො භික්ඛවෙ භික්ඛු රූපෙ වීතරාගො හොති විගතඡන්දො විගතපෙමො විගතපිපාසො විගතපරිළාහො විගතතණ්හො, තස්ස චිත්තං නමති ආතප්පාය අනුයොගාය සාතච්චාය පධානාය. යස්ස චිත්තං නමති ආතප්පාය අනුයොගාය සාතච්චාය පධානාය, එවමස්සායං තතියො චෙතසො විනිබන්ධො සුසමුච්ඡින්නො හොති.
Sinhala BJT22. තවද, අනෙකෙක් වෙයි. මහණෙනි, මහණ, රූපයෙහි පහ වූ රාග ඇත්තේ පහ වූ සඳ ඇත්තේ පහ වූ ප්‍රේම ඇත්තේ පහ වූ පවස් ඇත්තේ පහ වූ දැවිලි ඇත්තේ පහ වූ තෘෂ්ණා ඇත්තේ වෙයි. මහණෙනි, යම් ඒ මහණෙක් රූපයෙහි පහ වූ රාග ඇත්තේ පහ වූ සඳ ඇත්තේ පහ වූ ප්‍රේම ඇත්තේ පහ වූ පවස් ඇත්තේ පහ වූ දැවිලි ඇත්තේ පහ වූ තෘෂ්ණා ඇත්තේ වේ ද, ඔහුගේ සිත කෙලෙස් තවන වැර පිණිස එහි පුන පුනා යෙදීම පිණිස සතතක්‍රියා කිරීම පිණිස ප්‍රධන් පිණිස නැමෙයි. යමකුගේ සිත කෙලෙස් තවන වැර පිණිස එහි පුන පුනා යෙදීම පිණිස සතතක්‍රියා කිරීම පිණිස ප්‍රධන් පිණිස නැමේ නම්, මෙසේ ඔහුගේ මේ තුන්වන චිත්තවිනිබන්‍ධය මොනවට සිඳුණේ වෙයි.
Pali BJT23. පුන චපරං භික්ඛවෙ භික්ඛු න යාවදත්ථං උදරාවදෙහකං භුඤ්ජිත්වා සෙය්යසුඛං පස්සසුඛං මිද්ධසුඛං අනුයුත්තො විහරති. යො සො භික්ඛවෙ භික්ඛු න යාවදත්ථං උදරාවදෙහකං භුඤ්ජිත්වා සෙය්යසුඛං පස්සසුඛං මිද්ධසුඛං අනුයුත්තො විහරති, තස්ස චිත්තං නමති ආතප්පාය අනුයොගාය සාතච්චාය පධානාය. යස්ස චිත්තං නමති ආතප්පාය අනුයොගාය සාතච්චාය පධානාය, එවමස්සායං චතුත්ථො චෙතසො විනිබන්ධො සුසමුච්ඡින්නො හොති.
Sinhala BJT23. තවද, අනෙකෙක් වෙයි. මහණෙනි, මහණ, හම්මනතාක් කුස පුරා ආහාර අනුභව කොට සෙය්‍යසුඛයෙහි පස්සසුඛයෙහි මිද්ධසුඛයෙහි නො යෙදුනේ වෙයි. මහණෙනි, යම් ඒ මහණෙක් කුස පිරෙන සේ හම්මනතාක් ආහාර අනුභව කොට සෙය්‍යසුඛයෙහි පස්සසුඛයෙහි මිද්ධසුඛයෙහි නො යෙදුණේ ද, ඔහුගේ සිත කෙලෙස් තවන වැර පිණිස එහි පුන පුනා යෙදීම පිණිස සතතක්‍රියා පිණිස ප්‍රධන් පිණිස නැමෙයි. යමකුගේ සිත කෙලෙස් තවන වැර පිණිස එහි පුන පුනා යෙදීම පිණිස සතතක්‍රියා පිණිස ප්‍රධන් පිණිස නැමේ නම්, මෙසේ ඔහුගේ මේ සිවුවන චිත්තවිනිබන්‍ධය සිඳුණේ වෙයි.
Pali BJT24. පුන චපරං භික්ඛවෙ භික්ඛු න අඤ්ඤතරං දෙවනිකායං පණිධාය බ්රහ්මචරියං චරති: ඉමිනාහං සීලෙන වා වතෙන වා තපෙන වා බ්රහ්මචරියෙන වා දෙවො වා භවිස්සාමි දෙවඤ්ඤතරො වාති. යො සො භික්ඛවෙ භික්ඛු න අඤ්ඤතරං දෙවනිකායං පණිධාය බ්රහ්මචරියං චරති: ඉමිනාහං සීලෙන වා වතෙන වා තපෙන වා බ්රහ්මචරියෙන වා දෙවො වා භවිස්සාමි දෙවඤ්ඤතරො වාති, තස්ස චිත්තං නමති ආතප්පාය අනුයොගාය සාතච්චාය පධානාය. යස්ස චිත්තං නමති ආතප්පාය අනුයොගාය සාතච්චාය පධානාය, එවමස්සායං පඤ්චමො චෙතසො විනිබන්ධො සුසමුච්ඡින්නො හොති.
Sinhala BJT24. තවද, අනෙකෙක් වෙයි. මහණෙනි, මහණ, එක්තරා දේව නිකායක් පතා “මේ සීලයෙන් හෝ වතින් හෝ තපසින් හෝ බඹසරින් හෝ දෙවියෙකිම් හෝ දෙවියන් අතර එක්තරා එකෙකිම් හෝ වන්නෙමි” යි බඹසර නො හැසිරෙයි. මහණෙනි, යම් ඒ මහණෙක් එක්තරා දේවනිකායක් පතා “මේ සීලයෙන් හෝ වතින් හෝ තපසින් හෝ බඹසරින් හෝ දෙවියෙකිම් හෝ දෙවියන් අතර එක්තරා එකෙකිම් හෝ වන්නෙමි” යි බඹසර නො හැසිරේ ද, ඔහුගේ සිත කෙලෙස් තවන වැර පිණිස එහි පුන පුනා යෙදීම පිණිස සතතක්‍රියා පිණිස ප්‍රධන් පිණිස නැමේ. යමකුගේ සිත කෙලෙස් තවන වැර පිණිස එහි පුන පුනා යෙදීම පිණිස සතතක්‍රියා පිණිස ප්‍රධන් පිණිස නැමේ නම්, මෙසේ ඔහුගේ මේ පස්වන චිත්තවිනිබන්‍ධය සිඳුණේ වෙයි.
Pali BJTඉමස්ස පඤ්ච චෙතසො විනිබන්ධා සුසමුච්ඡින්නා හොන්ති.
Sinhala BJTඔහුගේ මේ චිත්තවිනිබන්‍ධයෝ පස්දෙන මොනවට සිඳුණාහු වෙත්.
Pali BJT25. යස්ස කස්ස චි භික්ඛවෙ භික්ඛුනො ඉමෙ පඤ්ච චෙතොඛිලා පහීනා, ඉමෙ පඤ්ච චෙතසො විනිබන්ධා සුසමුච්ඡින්නා, සො වතිමස්මිං ධම්මවිනයෙ වුද්ධිං විරූළ්හිං වෙපුල්ලං ආපජ්ජිස්සතීති ඨානමෙතං විජ්ජති.
Sinhala BJT25. මහණෙනි, යම් කිසි මහණක්හුගේ මේ සිත්කසළහු පස්දෙන ප්‍රහීණ වූවාහු ද, මේ චිත්තවිනිබන්‍ධයෝ පස්දෙන මොනවට සිඳුණාහු ද, හෙ ඒකාන්තයෙන් මේ ශාසනයෙහි වැඩීමට ද විරූඪියට ද වෛපුල්‍යයට ද පැමිණෙන්නේ ය යන මේ කාරණය විද්‍යමාන වෙයි.
Pali BJT26. සො ඡන්දසමාධිපධානසඞ්ඛාරසමන්නාගතං ඉද්ධිපාදං භාවෙති. විරියසමාධිපධානසඞ්ඛාරසමන්නාගතං ඉද්ධිපාදං භාවෙති. චිත්තසමාධිපධානසඞ්ඛාරසමන්නාගතං ඉද්ධිපාදං භාවෙති. වීමංසාසමාධිපධානසඞ්ඛාරසමන්නාගතං ඉද්ධිපාදං භාවෙති. උස්සොළ්හියෙව{1} පඤ්චමී.
Sinhala BJT26. හෙ ඡන්‍දාධිපති සමාධි හා ප්‍රධාන සංස්කාරයෙන් (උතුම් වීර්‍ය්‍යයෙන්) යුක්ත වූ ඍද්ධි පාදය (ඍද්ධි උපාය) වඩයි. වීර්‍ය්‍යාධිපතිසමාධි හා ප්‍රධාන සංස්කාරයෙන් යුක්ත වූ ඍද්ධිපාදය වඩයි. චිත්තාධිපතිසමාධි හා ප්‍රධාන සංස්කාරයෙන් යුක්ත වූ ඍද්ධිපාදය වඩයි. වීමංසාධිපතිසමාධි හා ප්‍රධාන සංස්කාරයෙන් යුක්ත වූ ඍද්ධිපාදය වඩයි. උත්සාහය (හැම තන්හි කටයුතු වීර්‍ය්‍යය) පස්වැනි වෙයි.
Pali BJT27. ස ඛො සො භික්ඛවෙ එවං උස්සොළ්හී පන්නරසඞ්ගසමන්නාගතො භික්ඛු භබ්බො අභිනිබ්භිදාය,{2} භබ්බො සම්බොධාය, භබ්බො අනුත්තරස්ස යොගක්ඛෙමස්ස අධිගමාය. සෙය්යථාපි භික්ඛවෙ කුක්කුටියා අණ්ඩානි අට්ඨ වා දස වා ද්වාදස වා, තානස්සු කුක්කුටියා සම්මා අධිසයිතානි, සම්මා පරිසෙදිතානි, සම්මා පරිභාවිතානි, කිඤ්චාපිතස්සා කුක්කුටියා න එවං ඉච්ඡා උප්පජ්ජෙය්ය: අහො වතිමෙ කුක්කුටපොතකා පාදනඛසිඛාය වා මුඛතුණ්ඩකෙන වා අණ්ඩකොසං පදාලෙත්වා සොත්ථිනා අභිනිබ්භිජ්ජෙය්යුන්ති. අථ ඛො භබ්බාව තෙ කුක්කුට පොතකා පාදනඛ සිඛාය වා මුඛතුණ්ඩකෙන වා අණ්ඩකොසං පදාලෙත්වා සොත්ථිනා අභිනිබ්භිජ්ජිතුං. එවමෙව ඛො භික්ඛවෙ එවං උස්සොළ්හී පන්නරසඞ්ගසමන්නාගතො භික්ඛු භබ්බො සම්බොධාය, භබ්බො අභිනිබ්භිදාය, භබ්බො අනුත්තරස්ස යොගක්ඛෙමස්ස අධිගමායාති.
Sinhala BJT27. මහණෙනි, මෙසේ වීර්‍ය්‍යය සහිත පසළොස් අඞ්ගයෙන් යුක්ත වූ මහණ කෙලෙස් බිඳීම පිණිස නිසි වේ. මාර්‍ගඥානය පිණිස නිසි වේ. ශ්‍රේෂ්ඨ වූ අර්‍හත්ඵලාවබෝධය පිණිස නිසි වේ. මහණෙනි, යම්සේ කිකිළියකට බීජ අටෙක් හෝ දසයෙක් හෝ දොළොසෙක් හෝ වේ ද, ඒ බීජයෝ කිකිළිය විසින් මොනවට මතුයෙහි හෝනා ලද්දාහු මොනවට උණුසුම් කිරීමෙන් හිදවන ලද්දාහු කුකුළුගඳ ගන්වන ලද්දාහු වෙත් ද, හුදෙක් ඒ කිකිළියට මාගේ කුකුළු පැටවු පා නියසිළින් හෝ මුවතුඩින් හෝ බිජුවට පළා ගෙන සුවසේ බිහිවන්නාහු නම් ඉතා යෙහෙකැයි මෙබඳු ඉච්ඡායෙක් නො උපදනේ ය. එතෙකුදු වුවත් ඒ සියලු කුකුළුපැටවු පා නියසිළින් හෝ මුවතුඩින් හෝ බිජුවට පළා ගෙන සුවසේ බිහිවන්නට නිසි වූවාහු ම වෙත්. මහණෙනි, එපරිද්දෙන් ම මෙසේ උත්සාහය සහිත පසළොස් අඞ්ගයෙන් යුක්ත වූ මහණ කෙලෙස් බිඳීම පිණිස නිසි වේ. මාර්‍ගඥානය පිණිස නිසි වේ. ශ්‍රේෂ්ඨ වූ අර්‍හත්ඵලාවබෝධය පිණිස නිසි වේ.
Pali BJTඉදමවොච භගවා. අත්තමනා තෙ භික්ඛූ භගවතො භාසිතං අභිනන්දුන්ති.
Sinhala BJTභාග්‍යවතුන් වහන්සේ මෙ සූත්‍රය වදාළ සේක. සතුටු වූ ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව මැනැවැයි පිළිගත්හ.
Pali BJTචෙතොඛිලසුත්තං ඡට්ඨං.
Sinhala BJTචේතෝඛිල සූත්‍රය සවැනි යි.
Pali BJT1. 2. 7.
Sinhala BJT1. 2. 7.
Pali BJTවනපත්ථසුත්තං
Sinhala BJTවනපත්‍ථ සූත්‍රය
Pali BJT1. එවං මෙ සුතං: එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තත්ර ඛො භගවා භික්ඛූ ආමන්තෙසි භික්ඛවොති. භදන්තෙති තෙ භික්ඛූ භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච:
Sinhala BJT1. මා විසින් මෙසේ අසන ලදී: එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වැඩ වසන සේක. එහි දී භාග්‍යවතුන් වහන්සේ මහණෙනියි, යි භික්‍ෂූන් ඇමැතූසේක. ඒ භික්‍ෂූහු වහන්සැ යි භාග්‍යවතුන් වහන්සේ හට පිළිවදන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ සේක:
Pali BJT2. වනපත්ථපරියායං වො භික්ඛවෙ දෙසිස්සාමි. තං සුණාථ, සාධුකං මනසිකරොථ, භාසිස්සාමීති. එවං භන්තෙති ඛො තෙ භික්ඛූ භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච:
Sinhala BJT2. මහණෙනි, තොපට වනපත් දෙසුමක් දෙසමි. එය අසව, මොනවට මෙනෙහි කරව, කියමි යි වදාළ සේක. එසේ ය වහන්සැ යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේ හට පිළිවදන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ සේක:
Pali BJT3. ඉධ භික්ඛවෙ භික්ඛු අඤ්ඤතරං වනපත්ථං උපනිස්සාය විහරති. තස්ස තං වනපත්ථං උපනිස්සාය විහරතො අනුපට්ඨිතා චෙව සති න උපට්ඨාති. අසමාහිතඤ්ච චිත්තං න සමාධියති. අපරික්ඛීණා ච ආසවා න පරික්ඛයං ගච්ඡන්ති. අනනුප්පත්තඤ්ච අනුත්තරං යොගක්ඛෙමං නානුපාපුණාති. යෙ ච ඛොමෙ{1} පබ්බජිතෙන ජීවිතපරික්ඛාරා සමුදානෙතබ්බං: චීවරපිණ්ඩපාතසෙනාසනගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරා, තෙ කසිරෙන සමුදාගච්ඡන්ති. තෙන භික්ඛවෙ භික්ඛුනා ඉති පටිසඤ්චික්ඛිතබ්බං: “අහං ඛො ඉමං වනපත්ථං උපනිස්සාය විහරාමි. තස්ස මෙ ඉමං වනපත්ථං උපනිස්සාය විහරතො අනුපට්ඨිතා චෙව සති න උපට්ඨාති. අසමාහිතඤ්ච චිත්තං න සමාධියති. අපරික්ඛීණා ච ආසවා න පරික්ඛයං ගච්ඡන්ති. අනනුප්පත්තඤ්ච අනුත්තරං යොගක්ඛෙමං නානුපාපුණාමි. යෙ ච ඛොමෙ පබ්බජිතෙන ජීවිතපරික්ඛාරා සමුදානෙතබ්බා: චීවරපිණ්ඩපාතසෙනාසනගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරා, තෙ කසිරෙන සමුදාගච්ඡන්තී”ති. තෙන භික්ඛවෙ භික්ඛුනා රත්තිභාගං වා දිවසභාගං වා තම්හා වනපත්ථා පක්කමිතබ්බං, න වත්ථබ්බං.
Sinhala BJT3. මහණෙනි, මේ ශාසනයෙහි මහණ එක්තරා වනපත් සෙනසුනක් ඇසිරි කොට වෙසෙයි. ඒ වනපත ඇසිරි කොට වසන ඒ මහණහට පළමු නො එළඹ සිටි සිහිය වනපෙත් ඇසුරු කළ ද නො එළඹ සිටියි. පළමු එකඟ නො වූ ද සිත වනපෙත් ඇසුරු කළ ද එකඟ නො වෙයි. අපරික්‍ෂීණ වූ ද ආස්‍රවයෝ පරික්‍ෂයට නො යෙත්. නො පැමිණියා වූ ද අනුත්තර අර්‍හත්ත්‍වයට නො පැමිණෙයි. පැවිද්දහු විසින් දිවිවටනට නිසි යම් මේ සිවුරු පිඬුවා සෙනසුන් ගිලන්පස බෙහෙසත් පිරිකරහු එළවා ගතයුතු වෙත් නම් ඔහු දුකින් උපදිත්. මහණෙනි, ඒ මහණහු විසින් මෙසේ නුවණින් සැලකිය යුතු යි: “මම වනාහි මේ වනපත ඇසිරි කොට වෙසෙමි. මේ වනපත ඇසිරි කොට වසන මාහට පළමු නො එළඹ සිටියා වූ ම සිහිය නො එළඹ සිටියි. එකඟ නො වූ ද සිත එකඟ නො වෙයි. අපරික්‍ෂීණ වූ ද ආස්‍රවයෝ පරික්‍ෂයට නො යෙත්. නො පැමිණියා වූ ද අනුත්තර අර්‍හත්ත්‍වයට නො පැමිණෙමි. පැවිද්දහු විසින් දිවිවටනට නිසි යම් මේ සිවුරු පිඬුවා සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකරහු එළවා ගතයුතු වෙත් නම් ඔහු දුකින් උපදිත්” යැ යි. මහණෙනි, ඒ මහණහු විසින් රාත්‍රිභාගයෙහි හෝ දිවාභාගයෙහි හෝ ඒ වනපතින් බැහැර යා යුතු යි. නො විසිය යුතු යි.
Pali BJT4. ඉධ පන භික්ඛවෙ භික්ඛු අඤ්ඤතරං වනපත්ථං උපනිස්සාය විහරති. තස්ස තං වනපත්ථං උපනිස්සාය විහරතො අනුපට්ඨිතා චෙව සති න උපට්ඨාති. අසමාහිතඤ්ච චිත්තං න සමාධියති. අපරික්ඛීණා ච ආසවා න පරික්ඛයං ගච්ඡන්ති. අනනුප්පත්තඤ්ච අනුත්තරං යොගක්ඛෙමං නානුපාපුණාති. යෙ ච ඛො ඉමෙ පබ්බජිතෙන ජීවිතපරික්ඛාරා සමුදානෙතබ්බා: චීවරපිණ්ඩපාතසෙනාසනගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරා, තෙ අප්පකසිරෙන සමුදාගච්ඡන්ති. තෙන භික්ඛවෙ භික්ඛුනා ඉති පටිසඤ්චික්ඛිතබ්බං “අහං ඛො ඉමං වනපත්ථං උපනිස්සාය විහරාමි. තස්ස මෙ ඉමං වනපත්ථං උපනිස්සාය විහරතො අනුපට්ඨිතා චෙව සති න උපට්ඨාති. අසමාහිතඤ්ච චිත්තං න සමාධියති. අපරික්ඛීණා ච ආසවා න පරික්ඛයං ගච්ඡන්ති. අනනුප්පත්තඤ්ච අනුත්තරං යොගක්ඛෙමං නානුපාපුණාමි.–
Sinhala BJT4. මහණෙනි, මේ ශාසනයෙහි මහණෙක් එක්තරා වනපතක් ඇසිරි කොට වෙසෙයි. ඒ වනපත ඇසිරි කොට වසන ඒ මහණහට නො ද එළඹ සිටියා වූ ම සිහිය නො එළඹ සිටියි. එකඟ නො වූ ද සිත එකඟ නො වෙයි. අපරික්‍ෂීණ වූ ද ආස්‍රවයෝ පරික්‍ෂයට නො යෙත්. නො පැමිණියා වූ ද අනුත්තර අර්‍හත්ත්‍වයට නො පැමිණෙයි. පැවිද්දහු විසින් දිවිවටනට නිසි යම් මේ සිවුරු පිඬුවා සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකරහු එළවා ගත යුතු වෙත් නම් ඔහු නිදුකින් උපදිත්. මහණෙනි, ඒ මහණහු විසින් මෙසේ නුවණින් සැලකිය යුතුයි. “මම වනාහි මේ වනපත් ඇසිරි කොට වෙසෙමි. මේ වනපත ඇසිරි කොට වසන මාහට පළමු නො එළඹ සිටියා වූ සිහිය නො එළඹ සිටියි. එකඟ නො වූ සිත ද එකඟ නො වෙයි. අපරික්‍ෂීණ වූ ද ආස්‍රවයෝ පරික්‍ෂයට නො යෙත්. නො පැමිණියා වූ ද අනුත්තර අර්‍හත්ත්‍වයට නො පැමිණෙමි.
Pali BJTයෙ ච ඛො ඉමෙ පබ්බජිතෙන ජීවිතපරික්ඛාරා සමුදානෙතබ්බා: චීවරපිණ්ඩපාතසෙනාසනගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරා, තෙ අප්පකසිරෙන සමුදාගච්ඡන්ති. න ඛො පනාහං චීවරහෙතු අගාරස්මා අනගාරියං පබ්බජිතො. න පිණ්ඩපාතහෙතු -පෙ- න සෙනාසනහෙතු -පෙ- න ගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරහෙතු අගාරස්මා අනගාරියං පබ්බජිතො. අථ ච පන මෙ ඉමං වනපත්ථං උපනිස්සාය විහරතො අනුපට්ඨිතා චෙව සති න උපට්ඨාති. අසමාහිතඤ්ච චිත්තං න සමාධියති. අපරික්ඛීණා ච ආසවා න පරික්ඛයං ගච්ඡන්ති. නානුප්පත්තඤ්ච අනුත්තරං යොගක්ඛෙමං නානුපාපුණාමී”ති. තෙන භික්ඛවෙ භික්ඛුනා සඞ්ඛාපි තම්හා වනපත්ථා පක්කමිතබ්බං, න වත්ථබ්බං.
Sinhala BJTපැවිද්දහු විසින් දිවිවටනට නිසි යම් මේ සිවුරු පිඬුවා සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකරහු එළවා ගතයුතු වෙත් නම්, ඔහු නිදුකින් උපදිත්. මම වනාහි සිවුරු හේතු කොට ගෙන ගිහිගෙයින් නික්ම පැවිද්දට නො පැමිණියෙම් ම ය. පිඬුවා හේතුකොට ගෙන ... සෙනසුන් හේතු කොට ගෙන ... ගිලන්පස බෙහෙත් පිරිකර හේතු කොට ගෙන ගිහිගෙයින් නික්ම පැවිද්දට නො පැමිණියෙම් ම ය. එතෙකුදු වුවත් මේ වනපත ඇසිරි කොට වසන මාහට නො එළඹ සිටියා වූ සිහිය නො එළඹ සිටියි. එකඟ නො වූ ද සිත එකඟ නො වෙයි. අපරික්‍ෂීණ වූ ද ආස්‍රවයෝ පරික්‍ෂයට නො යෙත්. නො පැමිණියා වූ ද අනුත්තර අර්‍හත්ත්‍වයට නො පැමිණෙමි” යි. මහණෙනි, ඒ මහණහු විසින් (මහණුවම් නො නිපැදෙනබව නුවණින්) දැන ඒ වනපතින් බැහැර යා යුතු යි. නො විසිය යුතු යි.
Pali BJT5. ඉධ පන භික්ඛවෙ භික්ඛු අඤ්ඤතරං වනපත්ථං උපනිස්සාය විහරති. තස්ස තං වනපත්ථං උපනිස්සාය විහරතො අනුපට්ඨිතා චෙව සති උපට්ඨාති. අසමාහිතඤ්ච චිත්තං සමාධියති. අපරික්ඛීණා ච ආසවා පරික්ඛයං ගච්ඡන්ති. අනනුප්පත්තඤ්ච අනුත්තරං යොගක්ඛෙමං අනුපාපුණාති. යෙ ච ඛො ඉමෙ පබ්බජිතෙන ජීවිතපරික්ඛාරා සමුදානෙතබ්බා: චීවරපිණ්ඩපාතසෙනාසනගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරා, තෙ කසිරෙන සමුදාගච්ඡන්ති. තෙන භික්ඛවෙ භික්ඛුනා ඉති පටිසඤ්චික්ඛිතබ්බං: “අහං ඛො ඉමං වනපත්ථං උපනිස්සාය විහරාමි. තස්ස මෙ ඉමං වනපත්ථං උපනිස්සාය විහරතො අනුපට්ඨිතා චෙව සති උපට්ඨාති. අසමාහිතඤ්ච චිත්තං සමාධියති. අපරික්ඛීණා ච ආසවා පරික්ඛයං ගච්ඡන්ති. අනනුප්පත්තඤ්ච අනුත්තරං යොගක්ඛෙමං අනුපාපුණාමි. යෙ ච ඛො ඉමෙ පබ්බජිතෙන ජීවිතපරික්ඛාරා සමුදානෙතබ්බා: චීවරපිණ්ඩපාතසෙනාසනගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරා, තෙ කසිරෙන සමුදාගච්ඡන්ති. න ඛො පනාහං චීවරහෙතු අගාරස්මා අනගාරියං පබ්බජිතො. න පිණ්ඩපාතහෙතු -පෙ- න සෙනාසනහෙතු -පෙ- න ගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරහෙතු අගාරස්මා අනගාරියං පබ්බජිතො. අථ ච පන මෙ ඉමං වනපත්ථං උපනිස්සාය විහරතො අනුපට්ඨිතා චෙව සති උපට්ඨාති. අසමාහිතඤ්ච චිත්තං සමාධියති. අපරික්ඛීණා ච ආසවා පරික්ඛයං ගච්ඡන්ති. අනනුප්පත්තඤ්ච අනුත්තරං යොගක්ඛෙමං අනුපාපුණාමී”ති. තෙන භික්ඛවෙ භික්ඛුනා සඞ්ඛාපි තස්මිං වනපත්ථෙ වත්ථබ්බං, න පක්කමිතබ්බං.
Sinhala BJT5. මහණෙනි, මේ ශාසනයෙහි මහණෙක් එක්තරා වනපතක් ඇසිරි කොට වෙසෙයි. ඒ වනපත ඇසිරි කොට වසන ඒ මහණහට නො එළඹ සිටියා වූ ම සිහිය එළඹ සිටියි. එකඟ නො වූ ද සිත එකඟ වෙයි. අපරික්‍ෂීණ වූ ද ආස්‍රවයෝ පරික්‍ෂයට යෙත්. නො පැමිණියා වූ ද අනුත්තර අර්‍හත්ත්‍වයට පැමිණෙයි. පැවිද්දහු විසින් දිවිවටනට නිසි යම් මේ සිවුරු පිඬුවා සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකරහු එළවා ගතයුතු වෙත් නම් ඔහු දුකින් උපදිත්. මහණෙනි, ඒ මහණහු විසින් මෙසේ නුවණින් සැලකිය යුතු යි. “මම වනාහි මේ වනපත ඇසිරි කොට වෙසෙමි. මේ වනපත ඇසිරි කොට වසන ඒ මාහට නො එළඹ සිටියා වූ ම සිහිය එළඹ සිටියි. එකඟ නො වූ ද සිත එකඟ වෙයි. අපරික්‍ෂීණ වූ ද ආස්‍රවයෝ පරික්‍ෂයට යෙත්. නො පැමිණියා වූ ද අනුත්තර අර්‍හත්ත්‍වයට පැමිණෙමි. පැවිද්දහු විසින් දිවිවටනට නිසි යම් මේ සිවුරු පිඬුවා සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකරහු එළවා ගතයුතු වෙත් නම් ඔහු දුකින් උපදිත්. මම වනාහි සිවුරු හේතු කොට ගෙන ගිහිගෙයින් නික්ම පැවිද්දට නො පැමිණියෙම් ම ය. පිඬුවා හේතු කොට ගෙන ... සෙනසුන් හේතු කොට ගෙන ... ගිලන්පස බෙහෙත් පිරිකර හේතු කොට ගෙන ගිහිගෙයින් නික්ම පැවිද්දට නො පැමිණියෙම් ම ය. එතෙකුදුවුවත්, මේ වනපත ඇසිරි කොට වසන්නා වූ මාහට නො එළඹ සිටියා වූ ම සිහිය එළඹ සිටියි. එකඟ නො වූ ද සිත එකඟ වෙයි. අපරික්‍ෂීණ වූ ද ආස්‍රවයෝ පරික්‍ෂයට යෙත්. නො පැමිණියා වූ ද, අනුත්තර අර්‍හත්ත්‍වයට පැමිණෙ මි.” මහණෙනි, ඒ මහණහු විසින් (මහණුවම් නිපැදෙනසෙ නුවණින්) දැන ඒ වනපත්හි විසිය යුතු යි. බැහැර නො යායුතු යි.
Pali BJT6. ඉධ පන භික්ඛවෙ භික්ඛු අඤ්ඤතරං වනපත්ථං උපනිස්සාය විහරති. තස්ස තං වනපත්ථං උපනිස්සාය විහරතො අනුපට්ඨිතා චෙව සති උපට්ඨාති. අසමාහිතඤ්ච චිත්තං සමාධියති. අපරික්ඛීණා ච ආසවා පරික්ඛයං ගච්ඡන්ති. අනනුප්පත්තඤ්ච අනුත්තරං යොගක්ඛෙමං අනුපාපුණාති. යෙ ච ඛො ඉමෙ පබ්බජිතෙන ජීවිතපරික්ඛාරා සමුදානෙතබ්බා: චීවරපිණ්ඩපාතසෙනාසනගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරා, තෙ අප්පකසිරෙන සමුදාගච්ඡන්ති. තෙන, භික්ඛවෙ, භික්ඛුනා ඉති පටිසඤ්චික්ඛිතබ්බං:
Sinhala BJT6. මහණෙනි, මේ ශාසනයෙහි මහණෙක් එක්තරා වනපතක් ඇසිරි කොට වෙසෙයි. ඒ වනපත ඇසිරි කොට වසන ඒ මහණහට නො එළඹ සිටියා වූ ම සිහිය එළඹ සිටියි. එකඟ නො වූ සිත එකඟ වෙයි. අපරික්‍ෂීණ වූ ද ආස්‍රවයෝ පරික්‍ෂයට යෙත්. නො පැමිණියා වූ ද අනුත්තර අර්‍හත්ත්‍වයට පැමිණෙයි. පැවිද්දහු විසින් දිවිවටනට නිසි යම් මේ සිවුරු පිඬුවා සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකරහු එළවා ගත යුතු වෙත් නම් ඔහු නිදුකින් උපදිත්. මහණෙනි, ඒ මහණහු විසින් මෙසේ නුවණින් සැලකිය යුතු යි:
Pali BJT“අහං ඛො ඉමං වනපත්ථං උපනිස්සාය විහරාමි. තස්ස මෙ ඉමං වනපත්ථං උපනිස්සාය විහරතො අනුපට්ඨිතා චෙව සති උපට්ඨාති. අසමාහිතඤ්ච චිත්තං සමාධියති. අපරික්ඛීණා ච ආසවා පරික්ඛයං ගච්ඡන්ති. අනනුප්පත්තඤ්ච අනුත්තරං යොගක්ඛෙමං අනුපාපුණාමි. යෙ ච ඛො ඉමෙ පබ්බජිතෙන ජීවිතපරික්ඛාරා සමුදානෙතබ්බා: චීවරපිණ්ඩපාතසෙනාසනගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරා, තෙ අප්පකසිරෙන සමුදාගච්ඡන්තී”ති. තෙන භික්ඛවෙ භික්ඛුනා යාවජීවම්පි තස්මිං වනපත්ථෙ වත්ථබ්බං, න පක්කමිතබ්බං.
Sinhala BJT“මම වනාහි මේ වනපත ඇසිරි කොට වෙසෙමි. මේ වනපත ඇසිරි කොට වසන මාහට නො එළඹ සිටියා වූ ම සිහිය එළඹ සිටියි. එකඟ නො වූ සිත එකඟ වෙයි. අපරික්‍ෂීණ වූ ද ආස්‍රවයෝ පරික්‍ෂයට යෙත්. නො පැමිණියා වූ ද ඉතා උතුම් අර්‍හත්ත්‍වයට පැමිණෙමි. පැවිද්දහු විසින් දිවිවටනට නිසි යම් මේ සිවුරු පිඬුවා සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකරහු එළවා ගතයුතු වෙත් නම් ඔහු නිදුකින් උපදිත්” යැයි. මහණෙනි, ඒ මහණහු විසින් දිවිහිමියෙනුදු ඒ වනපත්හි විසිය යුතු යි. බැහැර නො යායුතු යි.
Pali BJT7. ඉධ භික්ඛවෙ භික්ඛු අඤ්ඤතරං ගාමං උපනිස්සාය විහරති -පෙ- අඤ්ඤතරං නිගමං උපනිස්සාය විහරති -පෙ- අඤ්ඤතරං නගරං උපනිස්සාය විහරති -පෙ- අඤ්ඤතරං ජනපදං උපනිස්සාය විහරති -පෙ- {*}
Sinhala BJT7. මහණෙනි, මේ ශාසනයෙහි මහණෙක් එක්තරා ගමක් ඇසිරි කොට වෙසෙයි ... එක්තරා නියම්ගමක් ඇසිරි කොට වෙසෙයි ... එක්තරා නුවරක් ඇසිරි කොට වෙසෙයි ... එක්තරා ජනවියක් ඇසිරි කොට වෙසෙයි...{*}
Pali BJT8. ඉධ පන භික්ඛවෙ භික්ඛු අඤ්ඤතරං පුග්ගලං උපනිස්සාය විහරති. තස්ස තං පුග්ගලං උපනිස්සාය විහරතො අනුපට්ඨිතා චෙව සති න උපට්ඨාති. අසමාහිතඤ්ච චිත්තං න සමාධියති. අපරික්ඛීණා ච ආසවා න පරික්ඛයං ගච්ඡන්ති. අනනුප්පත්තඤ්ච අනුත්තරං යොගක්ඛෙමං නානුපාපුණාති. යෙ ච ඛො ඉමෙ පබ්බජිතෙන ජීවිතපරික්ඛාරා සමුදානෙතබ්බා: චීවරපිණ්ඩපාතසෙනාසනගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරා, තෙ කසිරෙන සමුදාගච්ඡන්ති. තෙන භික්ඛවෙ භික්ඛුනා ඉති පටිසඤ්චික්ඛිතබ්බං: “අහං ඛො ඉමං පුග්ගලං උපනිස්සාය විහරාමි. තස්ස මෙ ඉමං පුග්ගලං උපනිස්සාය විහරතො අනුපට්ඨිතා චෙව සති න උපට්ඨාති. අසමාහිතඤ්ච චිත්තං න සමාධියති. අපරික්ඛීණා ච ආසවා න පරික්ඛයං ගච්ඡන්ති. අනනුප්පත්තඤ්ච අනුත්තරං යොගක්ඛෙමං නානුපාපුණාමි. යෙ ච ඛො ඉමෙ පබ්බජිතෙන ජීවිතපරික්ඛාරා සමුදානෙතබ්බා: චීවරපිණ්ඩපාතසෙනාසනගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරා, තෙ කසිරෙන සමුදාගච්ඡන්තී”ති. තෙන භික්ඛවෙ භික්ඛුනා රත්තිභාගං වා දිවසභාගං වා පුග්ගලො අනාපුච්ඡා පක්කමිතබ්බං{1} නානුබන්ධිතබ්බො.
Sinhala BJT8. මහණෙනි, මේ ශාසනයෙහි මහණෙක් එක්තරා පුඟුලකු ඇසිරි කොට වෙසෙයි. එක්තරා පුඟුලකු ඇසිරි කොට වසන ඒ මහණහට නො එළඹ සිටියා වූ ම සිහිය නො එළඹ සිටියි. එකඟ නො වූ සිත එකඟ නො වෙයි අපරික්‍ෂීණ වූ ද ආස්‍රවයෝ පරික්‍ෂයට නො යෙත්. නො පැමිණියා වූ ද අනුත්තර අර්‍හත්ත්‍වයට නො පැමිණෙයි. පැවිද්දහු විසින් දිවිවටනට නිසි යම් මේ සිවුරු පිඬුවා සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකරහු එළවා ගතයුතු වෙත් ද, ඔහු දුකින් උපදිත්. මහණෙනි, ඒ මහණහු විසින් මෙසේ නුවණින් සැලකිය යුතු යි. “මම වනාහි මේ පුඟුල්හු ඇසිරි කොට වෙසෙමි. මේ පුඟුල්හු ඇසිරි කොට වසන මා හට නො එළඹ සිටියා වූ ම සිහිය නො එළඹ සිටියි. එකඟ නො වූ සිත එකඟ නො වෙයි. අපරික්‍ෂීණ වූ ද ආස්‍රවයෝ පරික්‍ෂයට නො යෙත්. නො පැමිණියා වූ ද අනුත්තර අර්‍හත්ත්‍වයට නො පැමිණෙමි. පැවිද්දහු විසින් දිවිවටනට නිසි යම් මේ සිවුරු පිඬුවා සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකරහු එළවා ගතයුතු වෙත් නම්, ඔහු දුකින් උපදිත්” යැයි. මහණෙනි, ඒ මහණහු විසින් රාත්‍රිභාගයෙහි හෝ දිවාභාගයෙහි හෝ නො පිළිවිස බැහැර යා යුතු යි. ඒ පුද්ගල නො ලුහුබැඳිය යුත්තේ ය.
Pali BJT9. ඉධ පන භික්ඛවෙ භික්ඛු අඤ්ඤතරං පුග්ගලං උපනිස්සාය විහරති. තස්ස තං පුග්ගලං උපනිස්සාය විහරතො අනුපට්ඨිතා චෙව සති න උපට්ඨාති. අසමාහිතඤ්ච චිත්තං න සමාධියති. අපරික්ඛීණා ච ආසවා න පරික්ඛයං ගච්ඡන්ති. අනනුප්පත්තඤ්ච අනුත්තරං යොගක්ඛෙමං නානුපාපුණාති. යෙ ච ඛො ඉමෙ පබ්බජිතෙන ජීවිතපරික්ඛාරා සමුදානෙතබ්බා: චීවරපිණ්ඩපාතසෙනාසනගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරා, තෙ අප්පකසිරෙන සමුදාගච්ඡන්ති. තෙන භික්ඛවෙ භික්ඛුනා ඉති පටිසඤ්චික්ඛිතබ්බං:
Sinhala BJT9. මහණෙනි, මේ ශාසනයෙහි මහණෙක් එක්තරා පුඟුලක්හු ඇසිරි කොට වෙසෙයි. ඒ පුඟුල්හු ඇසිරි කොට වසන මහණහට නො එළඹ සිටියා වූ ම සිහිය නො එළඹ සිටියි. එකඟ නො වූ සිත එකඟ නො වෙයි. අපරික්‍ෂීණ වූ ද ආස්‍රවයෝ පරික්‍ෂයට නො යෙත්. නො පැමිණියා වූ ද අනුත්තර අර්‍හත්ත්‍වයට නො පැමිණෙයි. පැවිද්දහු විසින් දිවිවටනට නිසි යම් මේ සිවුරු පිඬුවා සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකරහු එළවා ගත යුතු වෙත් නම්, ඔහු නිදුකින් උපදිත්. මහණෙනි, ඒ මහණහු විසින් මෙසේ නුවණින් සැලකිය යුතු යි:
Pali BJT“අහං ඛො ඉමං පුග්ගලං උපනිස්සාය විහරාමි. තස්ස මෙ ඉමං පුග්ගලං උපනිස්සාය විහරතො අනුපට්ඨිතා චෙව සති න උපට්ඨාති. අසමාහිතඤ්ච චිත්තං න සමාධියති. අපරික්ඛීණා ච ආසවා න පරික්ඛයං ගච්ඡන්ති. අනනුප්පත්තඤ්ච අනුත්තරං යොගක්ඛෙමං නානුපාපුණාමි. යෙ ච ඛො ඉමෙ පබ්බජිතෙන ජීවිතපරික්ඛාරා: සමුදානෙතබ්බා චීවරපිණ්ඩපාතසෙනාසනගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරා, තෙ අප්පකසිරෙන සමුදාගච්ඡන්ති. න ඛො පනාහං චීවරහෙතු අගාරස්මා අනගාරියං පබ්බජිතො. න පිණ්ඩපාතහෙතු -පෙ- න සෙනාසනහෙතු -පෙ- න ගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරහෙතු අගාරස්මා අනගාරියං පබ්බජිතො. අථ ච පන මෙ ඉමං පුග්ගලං උපනිස්සාය විහරතො අනුපට්ඨිතා චෙව සති න උපට්ඨාති. අසමාහිතඤ්ච චිත්තං න සමාධියති. අපරික්ඛීණා ච ආසවා න පරික්ඛයං ගච්ඡන්ති. අනනුප්පත්තඤ්ච අනුත්තරං යොගක්ඛෙමං නානුපාපුණාමී”ති. තෙන භික්ඛවෙ භික්ඛුනා සඞ්ඛාපි සො පුග්ගලො ආපුච්ඡා පක්කමිතබ්බං{1} නානුබන්ධිතබ්බො.
Sinhala BJT“මම වනාහි මේ පුඟුල්හු ඇසිරි කොට වෙසෙමි. මේ පුඟුල්හු ඇසිරි කොට වසන මාහට නො එළඹ සිටියා වූ ම සිහිය නො එළඹ සිටියි. එකඟ නො වූ සිත එකඟ නො වෙයි. අපරික්‍ෂීණ වූ ද ආස්‍රවයෝ පරික්‍ෂයට නො යෙත්. නො පැමිණියා වූ ද අනුත්තර අර්‍හත්ත්‍වයට නො පැමිණෙමි. පැවිද්දහු විසින් දිවිවටනට නිසි යම් මේ සිවුරු පිඬුවා සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකරහු එළවා ගතයුතු වෙත් නම් ඔහු නිදුකින් සැපයෙත්. මම වනාහි සිවුරු හේතු කොට ගෙන ගිහිගෙන් නික්ම පැවිද්දට නො පැමිණියෙම් ම ය. පිඬුවා හේතු කොට ගෙන ... සෙනසුන් හේතු කොට ගෙන ... ගිලන්පස බෙහෙත් පිරිකර හේතු කොට ගෙන ගිහිගෙයින් නික්ම පැවිද්දට නො පැමිණියෙම් ම ය. එතෙකුදු වුවත් මේ පුඟුල්හු ඇසිරි කොට වසන මාහට නො එළඹ සිටියා වූ ම සිහිය නො එළඹ සිටියි එකඟ නො වූ සිත එකඟ නො වෙයි. අපරික්‍ෂීණ වූ ද ආස්‍රවයෝ පරික්‍ෂයට නො යෙත්. නො පැමිණියා වූ ද ඉතා උතුම් අර්‍හත්ත්‍වයට නො පැමිණෙමි” යි මහණෙනි, ඒ මහණහු විසින් (මහණුවම් නො නිපැදෙන බව නුවණින්) දැන පිළිවිස බැහැර යා යුතු යි. ඒ පුද්ගල තෙමේ නො නුහුබැඳිය යුත්තේ ය.
Pali BJT10. ඉධ පන භික්ඛවෙ භික්ඛු අඤ්ඤතරං පුග්ගලං උපනිස්සාය විහරති. තස්ස තං පුග්ගලං උපනිස්සාය විහරතො අනුපට්ඨිතා චෙව සති උපට්ඨාති. අසමාහිතඤ්ච චිත්තං සමාධියති. අපරික්ඛීණා ච ආසවා පරික්ඛයං ගච්ඡන්ති. අනනුප්පත්තඤ්ච අනුත්තරං යොගක්ඛෙමං අනුපාපුණාති. යෙ ච ඛො ඉමෙ පබ්බජිතෙන ජීවිතපරික්ඛාරා සමුදානෙතබ්බා: චීවරපිණ්ඩපාතසෙනාසනගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරා, තෙ කසිරෙන සමුදාගච්ඡන්ති. තෙන භික්ඛවෙ භික්ඛුනා ඉති පටිසඤ්චික්ඛිතබ්බං: “අහං ඛො ඉමං පුග්ගලං උපනිස්සාය විහරාමි. තස්ස මෙ ඉමං පුග්ගලං උපනිස්සාය විහරතො අනුපට්ඨිතා චෙව සති උපට්ඨාති. අසමාහිතඤ්ච චිත්තං සමාධියති. අපරික්ඛීණා ච ආසවා පරික්ඛයං ගච්ඡන්ති. අනනුප්පත්තඤ්ච අනුත්තරං යොගක්ඛෙමං අනුපාපුණාමි. යෙ ච ඛො ඉමෙ පබ්බජිතෙන ජීවිතපරික්ඛාරා සමුදානෙතබ්බා: චීවරපිණ්ඩපාතසෙනාසනගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරා, තෙ කසිරෙන සමුදාගච්ඡන්ති. න ඛො පනාහං චීවරහෙතු අගාරස්මා අනගාරියං පබ්බජිතො, න පිණ්ඩපාතහෙතු -පෙ- න සෙනාසනහෙතු -පෙ- න ගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරහෙතු අගාරස්මා අනගාරියං පබ්බජිතො. අථ ච පන මෙ ඉමං පුග්ගලං උපනිස්සාය විහරතො අනුපට්ඨිතා චෙව සති උපට්ඨාති. අසමාහිතඤ්ච චිත්තං සමාධියති. අපරික්ඛීණා ච ආසවා පරික්ඛයං ගච්ඡන්ති. අනනුප්පත්තඤ්ච අනුත්තරං යොගක්ඛෙමං අනුපාපුණාමී”ති. තෙන භික්ඛවෙ භික්ඛුනා සඞ්ඛාපි සො පුග්ගලො අනුබන්ධිතබ්බො, න පක්කමිතබ්බං.
Sinhala BJT10. මහණෙනි, මේ ශාසනයෙහි මහණෙක් එක්තරා පුඟුලකු ඇසිරි කොට වෙසෙයි. ඒ පුඟුල්හු ඇසිරි කොට වසන මහණහට නො එළඹ සිටියා වූ ම සිහිය එළඹ සිටියි එකඟ නො වූ සිත එකඟ වෙයි. අපරික්‍ෂීණ වූ ද ආස්‍රවයෝ පරික්‍ෂයට යෙත්. නො පැමිණියා වූ ද අනුත්තර අර්‍හත්ත්‍වයට පැමිණේ. පැවිද්දහු විසින් දිවිවටනට නිසි යම් මේ සිවුරු පිඬුවා සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකරහු එළවා ගතයුතු වෙත් නම් ඔහු දුකින් උපදිත්. මහණෙනි, ඒ මහණහු විසින් මෙසේ නුවණින් සැලකිය යුතු යි: “මම වනාහි මේ පුඟුල්හු ඇසිරි කොට වෙසෙමි. මේ පුඟුල්හු ඇසිරි කොට වසන ඒ මාහට නො එළඹ සිටියා වූ ම සිහිය එළඹ සිටියි. එකඟ නො වූ සිත එකඟ වෙයි. අපරික්‍ෂීණ වූ ද ආස්‍රවයෝ පරික්‍ෂයට යෙත්. නො පැමිණියා වූ ද අනුත්තර අර්‍හත්ත්‍වයට පැමිණෙමි. පැවිද්දහු විසින් දිවිවටනට නිසි යම් මේ සිවුරු පිඬුවා සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකරහු එළවා ගතයුතු වෙත් නම් ඔහු දුකින් උපදිත්. මම වනාහි සිවුරු හේතු කොට ගෙන ගිහිගෙයින් නික්ම පැවිද්දට නො පැමිණියෙම් ම ය පිඬුවා හේතු කොට ගෙන පැවිද්දට නො පැමිණියෙම් ම ය ... සෙනසුන් හේතු කොට ගෙන පැවිද්දට නො පැමිණියෙම් ම ය ... ගිලන්පස බෙහෙත් පිරිකර හේතු කොට ගෙන ගිහිගෙයින් නික්ම පැවිද්දට නො පැමිණියෙම් ම ය. එතෙකුදු වුවත් මේ පුඟුල්හු ඇසිරි කොට වසන මාහට නො එළඹ සිටියා වූ ම සිහිය එළඹ සිටියි. එකඟ නො වූ සිත එකඟ වෙයි. අපරික්‍ෂීණ වූ ද ආස්‍රවයෝ පරික්‍ෂයට යෙත්. නො පැමිණියා වූ ද ඉතා උතුම් අර්‍හත්ත්‍වයට පැමිණෙමි” යි මහණෙනි, ඒ මහණහු විසින් මහණුවන් නිපැදෙන බව (නුවණින් දැන) ඒ පුද්ගල තෙමේ නුහුබැඳිය යුත්තේ යි. බැහැර නොයා යුතු යි.
Pali BJT11. ඉධ පන භික්ඛවෙ භික්ඛු අඤ්ඤතරං පුග්ගලං උපනිස්සාය විහරති. තස්ස තං පුග්ගලං උපනිස්සාය විහරතො අනුපට්ඨිතා චෙව සති උපට්ඨාති. අසමාහිතඤ්ච චිත්තං සමාධියති. අපරික්ඛීණා ච ආසවා පරික්ඛයං ගච්ඡන්ති. අනනුප්පත්තඤ්ච අනුත්තරං යොගක්ඛෙමං අනුපාපුණාති. යෙ ච ඛො ඉමෙ පබ්බජිතෙන ජීවිතපරික්ඛාරා සමුදානෙතබ්බා: චීවරපිණ්ඩපාතසෙනාසනගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරා, තෙ අප්පකසිරෙන සමුදාගච්ඡන්ති. තෙන භික්ඛවෙ භික්ඛුනා ඉති පටිසඤ්චික්ඛිතබ්බං: “අහං ඛො ඉමං පුග්ගලං උපනිස්සාය විහරාමි. තස්ස මෙ ඉමං පුග්ගලං උපනිස්සාය විහරතො අනුපට්ඨිතා චෙව සති උපට්ඨාති, අසමාහිතඤ්ච චිත්තං සමාධියති. අපරික්ඛීණා ච ආසවා පරික්ඛයං ගච්ඡන්ති. අනනුප්පත්තඤ්ච අනුත්තරං යොගක්ඛෙමං අනුපාපුණාමි. යෙ ච ඛො ඉමෙ පබ්බජිතෙන ජීවිතපරික්ඛාරා සමුදානෙතබ්බා: චීවරපිණ්ඩපාතසෙනාසනගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරා, තෙ අප්පකසිරෙන සමුදාගච්ඡන්තී”ති. තෙන භික්ඛවෙ භික්ඛුනා යාවජීවම්පි සො පුග්ගලො අනුබන්ධිතබ්බො, න පක්කමිතබ්බං අපි පනුජ්ජමානෙනපී”ති.
Sinhala BJT11. මහණෙනි, මේ ශාසනයෙහි මහණෙක් එක්තරා පුඟුලකු ඇසිරි කොට වෙසෙයි. ඒ පුඟුල්හු ඇසිරි කොට වසන ඒ මහණහට නො එළඹ සිටියා වූ ම සිහිය එළඹ සිටියි. එකඟ නො වූ සිත එකඟ වෙයි. අපරික්‍ෂීණ වූ ද ආස්‍රවයෝ පරික්‍ෂයට යෙත්. නො පැමිණියා වු ද අනුත්තර අර්‍හත්ත්‍වයට පැමිණෙයි. පැවිද්දහු විසින් දිවිවටනට නිසි සිවුරු පිඬුවා සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකරහු එළවා ගතයුතු වෙත් නම්, ඔහු නිදුකින් උපදිත්. මහණෙනි, ඒ මහණහු විසින් මෙසේ නුවණින් සැලකිය යුතු ය. “මම වනාහි මේ පුඟුල්හු ඇසිරි කොට වෙසෙමි. මේ පුඟුල්හු ඇසිරි කොට වසන්නා වූ මාහට නො එළඹ සිටියා වූ ම සිහිය එළඹ සිටියි. එකඟ නො වූ සිත එකඟ වෙයි. අපරික්‍ෂීණ වූ ද ආස්‍රවයෝ පරික්‍ෂයට යෙත්. නො පැමිණියා වූ ද අනුත්තර අර්‍හත්ත්‍වයට පැමිණෙමි. පැවිද්දහු විසින් යම් මේ සිවුරු පිඬුවා සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකරහු එළවා ගතයුතු වෙත් නම්, ඔහු නිදුකින් උපදිත්” යැ යි. මහණෙනි, ඒ මහණහු විසින් දිවිහිම් කොට ඒ පුද්ගල නුහුබැඳිය යුත්තේ යි. බැහැර කරනු ලබන්නහු විසිනුදු නො යායුතු යි.
Pali BJTඉදමවොච භගවා. අත්තමනා තෙ භික්ඛූ භගවතො භාසිතං අභිනන්දුන්ති.
Sinhala BJTභාග්‍යවතුන් වහන්සේ මේ සූත්‍රය වදාළ සේක. සතුටු වූ ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව මැනැවැ යි සතුටින් පිළිගත්හ.