Majjhima Nikāya

Middle-Length Discourses

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 601-700 න් 6395

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTඉදමවොච භගවා. අත්තමනො ආයස්මා නාගසමාලො භගවතො භාසිතං අභිනන්දීති.
Sinhala BJTභාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සතුටු සිත් ඇති ආයුෂ්මත් නාගසමාල තෙමේ භාග්‍යවතුන් වහන්සේ ගේ භාෂිතය සතුටින් පිළිගත්තේය.
Pali BJTමහාසීහනාදසුත්තං දුතියං.
Sinhala BJTමහාසීහනාද සූත්‍රය දෙවැනියි.
Pali BJT1. 2. 3.
Sinhala BJT1. 2. 3.
Pali BJTමහාදුක්ඛක්ඛන්ධසුත්තං
Sinhala BJTමහාදුක්ඛක්ඛන්‍ධ සූත්‍රය
Pali BJT1. එවං මෙ සුතං: එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. අථ ඛො සම්බහුලා භික්ඛූ පුබ්බන්හසමයං නිවාසෙත්වා පත්තචීවරං ආදාය සාවත්ථිං පිණ්ඩාය පවිසිංසු. අථ ඛො තෙසං භික්ඛූනං එතදහොසි: අතිප්පගො ඛො තාව සාවත්ථියං පිණ්ඩාය චරිතුං, යන්නූන මයං යෙනඤ්ඤතිත්ථියානං පරිබ්බාජකානං ආරාමො තෙනුපසඞ්කමෙය්යාමාති.
Sinhala BJT1. මා විසින් මෙසේ අසන ලදී: එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි වූ ජේතවන නම් අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වැඩ වසන සේක. එකල්හි බොහෝ භික්‍ෂූහු පෙරවරුයෙහි හැඳ පෙරෙව පා සිවුරු ගෙන සැවැත්නුවර පිඬු පිණිස පිවිසියහ. එකල්හි ඒ භික්‍ෂූන්ට මෙවැනි අදහසෙක් වීය: ‘පිඬු පිණිස හැසිරීමට මෙතෙක් ඉතා අලුයම, අන්තොටු පිරිවැජියන්ගේ අරමට පැමිණනේනෙමු නම් මැනැවැ’යි.
Pali BJT2. අථ ඛො තෙ භික්ඛූ යෙනඤ්ඤතිත්ථියානං පරිබ්බාජකානං ආරාමො තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා තෙහි අඤ්ඤතිත්ථියෙහි පරිබ්බාජකෙහි සද්ධිං සම්මොදිංසු. සම්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදිංසු. එකමන්තං නිසින්නෙ ඛො තෙ භික්ඛූ තෙ අඤ්ඤතිත්ථියා පරිබ්බාජකා එතදවොචුං: සමණො ආවුසො ගොතමො කාමානං පරිඤ්ඤං පඤ්ඤාපෙති. මයම්පි කාමානං පරිඤ්ඤං පඤ්ඤාපෙම. සමණො ආවුසො ගොතමො රූපානං පරිඤ්ඤං පඤ්ඤාපෙති. මයම්පි රූපානං පරිඤ්ඤං පඤ්ඤාපෙම. සමණො ආවුසො ගොතමො වෙදනානං පරිඤ්ඤං පඤ්ඤාපෙති. මයම්පි වෙදනානං පරිඤ්ඤං පඤ්ඤාපෙම. ඉධ නො ආවුසො කො විසෙසො කො අධිප්පායො කිං නානාකරණං, සමණස්ස වා ගොතමස්ස අම්හාකං වා යදිදං ධම්මදෙසනාය වා ධම්මදෙසනං, අනුසාසනියා වා අනුසාසනින්ති?
Sinhala BJT2. ඉක්බිති ඒ භික්‍ෂූහු අන්තොටු පිරිවැජියන්ගේ අරමට එළැඹියහ. එළැඹැ ඒ අන්තොටු පිරිවැජියන් සමග සතුටු වූහ. සතුටු විය යුතු සිහි කටයුතු කථා කොට නිමවා එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන් ම ඒ භික්‍ෂූන්ට ඒ අන්තොටු පිරිවැජියෝ මෙය කීහු: ‘ඇවැත්නි, ශ්‍රමණ ගෞතම තෙමේ කාමයන්ගේ ප්‍රහාණිය පනවයි. අපිත් කාමයන්ගේ ප්‍රහාණිය පනවමු. ඇවැත්නි, ශ්‍රමණ ගෞතම තෙමේ රූපයන්ගේ ප්‍රහාණිය පනවයි. අපි ද රූපයන්ගේ ප්‍රහාණිය පනවමු. ඇවැත්නි, ශ්‍රමණ ගෞතම තෙමේ වේදනාවන්ගේ ප්‍රහාණිය පනවයි. අපිත් වේදනාවන්ගේ ප්‍රහාණිය පනවමු. ඇවැත්නි, මෙහි ශ්‍රමණ ගෞතමයන්ගේ හෝ අපගේ හෝ ධර්‍මදේශනා සමඟ ධර්‍මදේශනා ද අනුශාසනාව සමග අනුශාසනාව ද ඇරබ වෙනස කවරේ ද? අධික ප්‍රයෝග කවරේ ද? නානාකාරණය කුමක් ද?
Pali BJT3. අථ ඛො තෙ භික්ඛූ තෙසං අඤ්ඤතිත්ථියානං පරිබ්බාජකානං භාසිතං නෙව අභිනන්දිංසු. නප්පටික්කොසිංසු අනභිනන්දිත්වා අප්පටික්කොසිත්වා උට්ඨායාසනා පක්කමිංසු භගවතො සන්තිකෙ එතස්ස භාසිතස්ස අත්ථං ආජානිස්සාමාති.
Sinhala BJT3. එකල්හි ඒ භික්‍ෂූහු ඒ අන්තොටු පිරිවැජියන්ගේ භාෂිතය නො ම පිළිගත්හ. පිළිකෙවු ද නො කළහ. නො පිළිගෙන නො පිළිකෙවු කොට “භාග්‍යවතුන් වහන්සේගේ හමුයෙහි දී මෙබසෙහි අදහස දැන ගන්නෙමු”යි හුනස්නෙන් නැගිට ගියාහු ය.
Pali BJT4. අථ ඛො තෙ භික්ඛූ සාවත්ථියං පිණ්ඩාය චරිත්වා පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තා යෙන භගවා තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදිංසු. එකමන්තං නිසින්නා ඛො තෙ භික්ඛූ භගවන්තං එතදවොචුං: ඉධ මයං භන්තෙ පුබ්බන්හසමයං නිවාසෙත්වා පත්තචීවරං ආදාය සාවත්ථිං පිණ්ඩාය පවිසිම්හ. තෙසං නො භන්තෙ අම්හාකං එතදහොසි: “අතිප්පගො ඛො තාව සාවත්ථියං පිණ්ඩාය චරිතුං, යන්නූන මයං යෙනඤ්ඤතිත්ථියානං පරිබ්බාජකානං ආරාමො තෙනුපසඞ්කමෙය්යාමා”ති. අථ ඛො මයං භන්තෙ යෙනඤ්ඤතිත්ථියානං පරිබ්බාජකානං ආරාමො තෙනුපසඞ්කමිම්හ. උපසඞ්කමිත්වා තෙහි අඤ්ඤතිත්ථියෙහි පරිබ්බාජකෙහි සද්ධිං සම්මොදිම්හ. සම්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදිම්හ. එකමන්තං නිසින්නෙ ඛො භන්තෙ තෙ අඤ්ඤතිත්ථියා පරිබ්බාජකා අම්හෙ එතදවොචුං: සමණො ආවුසො ගොතමො කාමානං පරිඤ්ඤං පඤ්ඤාපෙති. මයම්පි කාමානං පරිඤ්ඤං පඤ්ඤාපෙම. සමණො ආවුසො ගොතමො රූපානං පරිඤ්ඤං පඤ්ඤාපෙති. මයම්පි රූපානං පරිඤ්ඤං පඤ්ඤාපෙම.–
Sinhala BJT4. ඉක්බිති ඒ භික්‍ෂූහු සැවැත්නුවර පිඬු පිණිස හැසිර බතින් පසු පිණ්ඩපාතයෙන් වැළැකුණාහු භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹියහ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන් ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය සැළ කළහ: “වහන්ස, මෙහි අපි පෙරවරු හැඳ පෙරෙව පා සිවුරු ගෙන සැවැත් නුවරට පිඬු පිණිස හැසිරෙන්නට මෙතෙක් ඉතා අලුයම, අන්තොටු පිරිවැජියන්ගේ ආරාමය වෙත එළඹෙන්නෙමු නම් මැනැවැ’යි. වහන්ස, එකල්හි අපි අන්තොටු පිරිවැජියන්ගේ ආරාමය වෙත එළැඹියෙමු. එළැඹ ඒ අන්තොටු පිරිවැජියන් සමඟ සතුටු වූයෙමු. සතුටු විය යුතු සිහි කට යුතු කථා කොට නිමවා එකත්පසෙක හුන්නෙමු. වහන්ස, එකත්පසෙක හුන් අපට ඒ අන්තොටු පිරිවැජියෝ මෙය කීහු: ‘ඇවැත්නි, ශ්‍රමණ ගෞතම තෙමේ කාමයන්ගේ ප්‍රාහාණය පනවයි. අපි දු කාමයන්ගේ ප්‍රහාණය පනවමු. ඇවැත්නි, ශ්‍රමණ ගෞතම තෙමේ රූපයන්ගේ ප්‍රහාණය පනවයි. අපි දු රූපයන්ගේ ප්‍රාහාණිය පනවමු.
Pali BJTසමණො ආවුසො ගොතමො වෙදනානං පරිඤ්ඤං පඤ්ඤාපෙති. මයම්පි වෙදනානං පරිඤ්ඤං පඤ්ඤාපෙම. ඉධ නො ආවුසො කො විසෙසො කො අධිප්පායො කිං නානාකරණං, සමණස්ස වා ගොතමස්ස අම්හාකං වා යදිදං ධම්මදෙසනාය වා ධම්මදෙසනං, අනුසාසනියා වා අනුසාසනින්ති? අථ ඛො මයං භන්තෙ තෙසං අඤ්ඤතිත්ථියානං පරිබ්බාජකානං භාසිතං නෙව අභිනන්දිම්හ නප්පටික්කොසිම්හ. අනභිනන්දිත්වා අප්පටික්කොසිත්වා උට්ඨායාසනා පක්කමිම්හ “භගවතො සන්තිකෙ එතස්ස භාසිතස්ස අත්ථං ආජානිස්සාමා”ති.
Sinhala BJTඇවැත්නි, ශ්‍රමණ ගෞතම තෙමේ වේදනාවන්ගේ ප්‍රහාණිය පනවයි. අපි දු වේදනාවන්ගේ ප්‍රහාණිය පනවමු. ඇවැත්නි, මෙහි ශ්‍රමණ ගෞතමයන්ගේ හෝ අපගේ හෝ ධර්‍මදේශනාව සමග ධර්‍මදේශනාව ද අනුශාසනාව සමග අනුශාසනාව ද ඇරබ වෙනස කවරේ ද? අධිකප්‍රයෝගය කවරේ ද? නා නා කාරණය කුමක් දැ? යි. එකල්හි වහන්ස, ඒ අන්තොටු පිරිවැජියන්ගේ භාෂිතය නොම පිළිගතිමු. පිළිකෙවු ද නො කෙළෙමු. නො පිළිගෙන නො පිළිකෙවු කොට “භාග්‍යවතුන් වහන්සේගේ හමුයෙහි මේ බසෙහි අදහස දැන ගනිමු” යි හුනස්නෙන් නැගිට ගියෙමු.
Pali BJT5. එවංවාදිනො භික්ඛවෙ අඤ්ඤතිත්ථියා පරිබ්බාජකා එවමස්සු වචනීයා: කො පනාවුසො කාමානං අස්සාදො? කො ආදීනවො? කිං නිස්සරණං? කො රූපානං අස්සාදො? කො ආදීනවො? කිං නිස්සරණං? කො වෙදනානං අස්සාදො? කො ආදීනවො? කිං නිස්සරණන්ති? එවං පුට්ඨා භික්ඛවෙ අඤ්ඤතිත්ථියා පරිබ්බාජකා න චෙව සම්පායිස්සන්ති. උත්තරිඤ්ච විඝාතං ආපජ්ජිස්සන්ති. තං කිස්ස හෙතු? යථා තං භික්ඛවෙ අවිසයස්මිං. නාහං තං භික්ඛවෙ පස්සාමි සදෙවකෙ ලොකෙ සමාරකෙ සබ්රහ්මකෙ, සස්සමණබ්රාහ්මණියා පජාය සදෙවමනුස්සාය යො ඉමෙසං පඤ්හානං වෙය්යාකරණෙන චිත්තං ආරාධෙය්ය, අඤ්ඤත්ර තථාගතෙන වා තථාගතසාවකෙන වා ඉතො වා පන සුත්වා.
Sinhala BJT5. මහණෙනි, මෙසේ කියන්නා වූ අන්තොටු පිරිවැජියෝ මෙසේ කියයුතු වන්නාහු ය: “ඇවැත්නි, කාමයන්ගේ ආස්වාදය කවරේ ද? ආදීනවය කවරේ ද? නිස්සරණය කුමක් ද? රූපයන්ගේ ආස්වාදය කවරේ ද? ආදීනවය කවරේ ද? නිස්සරණය කුමක් ද? වේදනාවන්ගේ ආස්වාදය කවරේ ද? ආදීනවය කවරේ ද? නිස්සරණය කුමක් දැ’ යි. මහණෙනි, මෙසේ විචාළා වූ අන්තොටු පිරිවැජියෝ මෙය සපයා කිය නොහෙන්නාහ. මත්තෙහි දු වෙහෙසට පැමිණෙන්නාහ. එය කවර හෙයින යත්: එය ඔවුන්ට විෂය නො වූ ප්‍රශ්නයක් වන බැවිනි. මහණෙනි, තථාගතයන්ගෙන් හෝ තථාගත ශ්‍රාවකයාගෙන් හෝ මේ ශාසනයෙන් හෝ නො අසා යමෙක් මේ ප්‍රශ්න විසඳීමෙන් සිත සතුටු කරන්නේ නම් එවැන්නක්හු දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලෝකයෙහි, දෙවි මිනිසුන් සහිත මහණබමුණන් සහිත ප්‍රජාවෙහි මම නොදකිමි.
Pali BJT6. කො ච භික්ඛවෙ කාමානං අස්සාදො? පඤ්චිමෙ භික්ඛවෙ කාමගුණා. කතමෙ පඤ්ච? චක්ඛුවිඤ්ඤෙය්යා රූපා ඉට්ඨා කන්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා. සොතවිඤ්ඤෙය්යා -පෙ- ඝානවිඤ්ඤෙය්යා ගන්ධා -පෙ- ජිව්හාවිඤ්ඤෙය්යා රසා -පෙ- කායවිඤ්ඤෙය්යා ඵොට්ඨබ්බා ඉට්ඨා කන්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා. ඉමෙ ඛො භික්ඛවෙ පඤ්ච කාමගුණා. යං ඛො භික්ඛවෙ ඉමෙ පඤ්ච කාමගුණෙ පටිච්ච උප්පජ්ජති සුඛං සොමනස්සං, අයං කාමානං අස්සාදො.
Sinhala BJT6. මහණෙනි, කාමයන්ගේ ආස්වාදය කවරේ ද? මහණෙනි, මේ කාමගුණ පසෙකි. කවර පසෙක් ද? චක්‍ෂුර්විඥානයෙන් දතයුතු වූ ඉෂ්ට වූ කාන්තවූ මන වඩන්නා වූ ප්‍රිය රූප වූ රාගය ඉපදීමට කරුණු වූ රූපයෝය. ශ්‍රොත්‍රවිඥානයෙන් දතයුතු වූ ... ශබ්දයෝ ය. ඝ්‍රාණවිඥානයෙන් දතයුතු වූ ... ගන්‍ධයෝ ය. ජිහ්වාවිඥානයෙන් දත යුතු වූ ... රසයෝ ය. කායවිඥානයෙන් දතයුතු වූ ඉෂ්ට වූ කාන්තවූ මනවඩන්නාවූ ප්‍රියරූප වූ කාමෝපසංහිතවූ රාගය ඉපදීමට කරුණුවූ ස්ප්‍රෂ්ටව්‍යයෝ ය. මහණෙනි, මේ පඤ්ච කාමගුණයෝයි. මහණෙනි, මේ පස්කම් ගුණ නිසා යම් සැපයෙක් සොම්නසෙක් උපදී ද, මේ කාමයන්ගේ ආස්වාදය යි.
Pali BJT7. කො ච භික්ඛවෙ කාමානං ආදීනවො? ඉධ භික්ඛවෙ කුලපුත්තො යෙන සිප්පට්ඨානෙන{1} ජීවිකං කප්පෙති: යදි මුද්දාය, යදි ගණනාය, යදි සඞ්ඛානෙන, යදි කසියා, යදි වණිජ්ජාය, යදි ගොරක්ඛෙන, යදි ඉස්සත්ථෙන, යදි රාජපොරිසෙන, යදි සිප්පඤ්ඤතරෙන, සීතස්ස පුරක්ඛතො උණ්හස්ස පුරක්ඛතො, ඩංසමකසවාතාතපසිරිංසපසම්ඵස්සෙහි රිස්සමානො{2}, ඛුප්පිපාසාය මීයමානො.{3} අයම්පි භික්ඛවෙ කාමානං ආදීනවො සන්දිට්ඨිකො දුක්ඛක්ඛන්ධො කාමහෙතු කාමනිදානං කාමාධිකරණං කාමානමෙව හෙතු.
Sinhala BJT7. මහණෙනි, කාමයන්ගේ ආදීනව කවරේ ද? මහණෙනි, මේ ලෝකයෙහි කුලපුත්‍රයෙක් යම් ශිල්පයෙකින් හස්තමුද්‍රායෙන් හෝ අච්ඡිද්‍ර ගණනායෙන් හෝ පිණ්ඩගණනායෙන් හෝ සී සෑමෙන් හෝ වෙළඳාමෙන් හෝ ගවපාලනයෙන් හෝ අවි ගෙන රජු ට කරන උවැටනින් හෝ අවියෙන් තොර ව රාජසේවා කිරීමෙන් හෝ අන්‍යතර ශිල්පයෙකින් හෝ ශීතයෙන් පෙළුණේ උෂ්ණයෙන් පෙළුණේ මැසි මදුරු සුළං අවු සප් යන මොවුන්ගේ පහසින් ගැටෙමින් සාපිපාසායෙන් මැරෙමින් ජීවිකාව කෙරෙයි. මහණෙනි, කාමයන්ගේ උපද්‍රව වූ තමා විසින් ම දැක්ක යුතු වූ මේ දුක්රැස කාමය හේතු කොට කාමය මූලකාරණය කොට කාමය කරුණු කොට ඇත. කාමයන්ගේ ම හේතුවෙන් වෙයි.
Pali BJT8. තස්ස චෙ භික්ඛවෙ කුලපුත්තස්ස එවං උට්ඨහතො ඝටතො වායමතො භොගා නාභිනිප්ඵජ්ජන්ති, සො සොචති කිලමති පරිදෙවති උරත්තාළිං කන්දති සම්මොහං ආපජ්ජති: “මොඝං වත මෙ උට්ඨානං, අඵලො වත මෙ වායාමොති.” අයම්පි භික්ඛවෙ කාමානං ආදීනවො සන්දිට්ඨිකො දුක්ඛක්ඛන්ධො කාමහෙතු කාමනිදානං කාමාධිකරණං කාමානමෙව හෙතු.
Sinhala BJT8. මහණෙනි, මෙසේ උත්‍ථානවීර්‍ය්‍යය කරන්නා වූ ගටන්නා වූ වෑයම් කරන්නා වූ ඒ කුලපුත්‍රයාහට ඒ භෝගයෝ නො නිපැදෙත් නම්, හෙතෙම ‘ඒකාන්තයෙන් මාගේ උත්සාහය හිස් විය මාගේ ව්‍යායාමය නිෂ්ඵලය’යි ශෝක කරයි. වෙහෙසෙයි. වැලපෙයි. ළෙහි අත් ගසමින් හඬයි. සිහි මුළාබවට පැමිණෙයි. මහණෙනි, කාමයන්ගේ ආදීනවය වූ තමා විසින් ම දැක්ක යුතු වූ මේ දුක්රැස ද කාමය හේතුකොට ඇත්තේ ය. කාමය මූලකාරණය කොට ඇත කාමය කරුණු කොට ඇත. කාමයන්ගේ ම හේතුවෙන් වෙයි.
Pali BJT9. තස්ස චෙ භික්ඛවෙ කුලපුත්තස්ස එවං උට්ඨහතො ඝටතො වායමතො තෙ භොගා අභිනිප්ඵජ්ජන්ති. සො තෙසං භොගානං ආරක්ඛාධිකරණං දුක්ඛං දොමනස්සං පටිසංවෙදෙති: “කින්ති මෙ භොගෙ නෙව රාජානො හරෙය්යුං න චොරා හරෙය්යුං න අග්ගි ඩහෙය්ය න උදකං වහෙය්ය{1} න අප්පියා දායාදා හරෙය්යු”න්ති. තස්ස එවං ආරක්ඛතො ගොපයතො තෙ භොගෙ රාජානො වා හරන්ති, චොරා වා හරන්ති, අග්ගි වා ඩහති, උදකං වා වහති, අප්පියා වා දායාදා හරන්ති. සො සොචති කිලමති පරිදෙවති උරත්තාළිං කන්දති, සම්මොහං ආපජ්ජති: ‘යම්පි මෙ අහොසි තම්පි නො නත්ථී’ති. අයම්පි භික්ඛවෙ කාමානං ආදීනවො සන්දිට්ඨිකො දුක්ඛක්ඛන්ධො කාමහෙතු කාමනිදානං කාමාධිකරණං කාමානමෙව හෙතු.
Sinhala BJT9. මහණෙනි, මෙසේ උත්‍ථානවීර්‍ය්‍යය කරන්නා වූ ගටන්නා වූ වෑයම් කරන්නා වූ ඒ කුලපුත්‍රයාහට ඒ භෝගයෝ මනා ව නිපැදෙත් නම්, හෙතෙමේ කෙසේ මාගේ මේ භෝගයන් රජවරු පැහැර නො ගන්නාහු ද, හොරු පැහැර නො ගන්නාහු ද, ගින්න නො දවා ද, දිය පා කොට නොහරී ද, අප්‍රිය දායාදයෝ (දූපුත්හු) පැහැර නො ගන්නාහු දැ’ යි ඒ භෝගයන්ගේ ආරක්‍ෂාව කරුණු කොට ඇති දුක් දොම්නස් විඳී. මෙසේ රකින ගෝපනය කරන ඔහුගේ ඒ භෝගයන් රජවරු හෝ ගනිත්. හොරු හෝ ගනිත්. ගින්න හෝ දවයි. ජලය හෝ පා කොට හරියි. අප්‍රිය දායාදයෝ හෝ ගනිත්. හෙතෙම ‘යමක් මට වී ද, එය ද අපට නැති වී’ ය යි ශෝක කරයි. වෙහෙසෙයි. වැලැපෙයි. ළෙහි අත් ගසමින් හඬයි. සිහි මුළාබවට පැමිණෙයි. මහණෙනි, කාමයන්ගේ ආදීනවය වූ තමා විසින් ම දැක්කයුතු වූ මේ දුක්රැස ද කාමය හේතු කොට කාමය මූලකාරණය කොට කාමය කරුණු කොට ඇත. කාමයන්ගේම හේතුවෙන් වෙයි.
Pali BJT10. පුන චපරං භික්ඛවෙ කාමහෙතු කාමනිදානං කාමාධිකරණං කාමානමෙව හෙතු රාජානොපි රාජූහි විවදන්ති. ඛත්තියාපි ඛත්තියෙහි විවදන්ති. බ්රාහ්මණාපි බ්රාහ්මණෙහි විවදන්ති. ගහපතීපි ගහපතීහි විවදන්ති. මාතාපි පුත්තෙන විවදති. පුත්තොපි මාතරා විවදති. පිතාපි පුත්තෙන විවදති. පුත්තොපි පිතරා විවදති. භාතාපි භාතරා විවදති. භාතාපි භගිනියා විවදති. භගිනීපි භාතරා විවදති. සහායොපි සහායෙන විවදති. තෙ තත්ථ කලහවිග්ගහවිවාදාපන්නා අඤ්ඤමඤ්ඤං පාණීහිපි උපක්කමන්ති. ලෙඩ්ඩූහිපි උපක්කමන්ති. දණ්ඩෙහිපි උපක්කමන්ති. සත්ථෙහිපි උපක්කමන්ති. තෙ තත්ථ මරණම්පි නිගච්ඡන්ති, මරණමත්තම්පි දුක්ඛං. අයම්පි භික්ඛවෙ කාමානං ආදීනවො සන්දිට්ඨිකො දුක්ඛක්ඛන්ධො කාමහෙතු කාමනිදානං කාමාධිකරණං කාමානමෙව හෙතු.
Sinhala BJT10. නැවත අනෙකක් ද වෙයි: මහණෙනි, කාමයන් හේතු කොට ගෙන කාමයන් මූලකාරණය කොට ගෙන කාමයන් කරුණු කොට ගෙන කාමයන්ගේ ම හේතුවෙන් රජහු ද රජුන් සමග විවාද කරත්. ක්‍ෂත්‍රියයෝ ද ක්‍ෂත්‍රියන් සමඟ විවාද කරත්. බමුණෝ ද බමුණන් සමඟ විවාද කරත්. ගැහැවියෝ ද ගැහැවියන් සමඟ විවාද කරත්. මව ද පුතු සමඟ විවාද කරයි. පුතා ද මව සමඟ විවාද කරයි. පියා ද පුතා සමඟ විවාද කරයි. පුතා ද පියා සමඟ විවාද කරයි. සහෝදරයා ද සහෝදරයා සමඟ විවාද කරයි. සහෝදරයා ද සහෝදරිය සමඟ විවාද කරයි. සහෝදරිය ද සහෝදරයා සමඟ විවාද කරයි. ඔහු එහිදී කලහ විග්‍රහ විවාදයනට පැමිණියාහු ඔවුනොවුන්ට අතින් ද පහර දෙති. කැටකැබිලිත්තෙන් ද පහර දෙති. මුගුරුවලින් ද පහර දෙති. සැත්වලින් ද පහර දෙති. ඔහු එහි දී මරණයට ද පැමිණෙති. මරණමාත්‍ර දුකට ද පැමිණෙත්. මහණෙනි, කාමයන්ගේ ආදීනවය වූ තමා විසින් ම දැක්ක යුතු වූ මේ දුක් රැස ම කාමය හේතු කොට ඇත. කාමය මූලකාරණය කොට කාමය කරුණු කොට ඇත. කාමයන්ගේ ම හේතුවෙන් වෙයි.
Pali BJT11. පුන චපරං භික්ඛවෙ කාමහෙතු කාමනිදානං කාමාධිකරණං කාමානමෙව හෙතු අසිචම්මං ගහෙත්වා ධනුකලාපං සන්නය්හිත්වා උභතො වියූළ්හං සඞ්ගාමං පක්ඛන්දන්ති උසූසුපි ඛිප්පමානෙසු සත්තීසුපි ඛිප්පමානාසු අසීසුපි විජ්ජොතලන්තෙසු. තෙ තත්ථ උසූහිපි විජ්ඣන්ති, සත්තියාපි විජ්ඣන්ති, අසිනාපි සීසං ඡින්දන්ති. තෙ තත්ථ මරණම්පි නිගච්ඡන්ති මරණමත්තම්පි දුක්ඛං. අයම්පි භික්ඛවෙ කාමානං ආදීනවො සන්දිට්ඨිකො දුක්ඛක්ඛන්ධො කාමහෙතු කාමනිදානං කාමාධිකරණං කාමානමෙව හෙතු.
Sinhala BJT11. නැවත ද අනෙකෙක් වෙයි. මහණෙනි කාමයන් හේතු කොට ගෙන කාමයන් මූලකාරණය කොට ගෙන කාමයන් කරුණු කොට ගෙන කාමයන්ගේ ම හේතුවෙන් ඊතල විදිනු ලබන කල්හි අඩයටි හෙළනු ලබන කල්හි කඩු ඔබමොබ පෙරළෙන කල්හි කඩුව හා පලිහ ගෙන දුනු හියවුරු බැඳගෙන දෙපසින් රැස් වූ රණබිමට වදිත්. ඊවලින් ද විදිති. අඩයටියෙන් ද විදිත්. කඩුවෙන් ද හිස සිඳිති එහි දී ඔහු මරණයට ද පැමිණෙති. මරණමාත්‍ර දුකට ද පැමිණෙත්. මහණෙනි, කාමයන්ගේ ආදීනවය වූ තමා විසින්ම දැක්ක යුතුවූ මේ දුක් රැසම කාමය මූලකාරණය කොට කාමය හේතු කොට ඇත. කාමය කරුණු කොට ඇත. කාමයන්ගේ ම හේතුවෙන් වෙයි.
Pali BJT12. පුන චපරං භික්ඛවෙ කාමහෙතු කාමනිදානං කාමාධිකරණං කාමානමෙව හෙතු අසිචම්මං ගහෙත්වා ධනුකලාපං සන්නය්හිත්වා අද්දාවලෙපනා{1} උපකාරියො පක්ඛන්දන්ති. උසූසුපි ඛිප්පමානෙසු සත්තීසුපි ඛිප්පමානාසු අසීසුපි විජ්ජොතලන්තෙසු. තෙ තත්ථ උසූහිපි විජ්ඣන්ති, සත්තියාපි විජ්ඣන්ති, පක්කට්ඨියාපි{2} ඔසිඤ්චන්ති, අභිවග්ගෙනපි ඔමද්දන්ති, අසිනාපි සීසං ඡින්දන්ති. තෙ තත්ථ මරණම්පි නිගච්ඡන්ති, මරණමත්තම්පි දුක්ඛං. අයම්පි භික්ඛවෙ කාමානං ආදීනවො සන්දිට්ඨිකො, දුක්ඛක්ඛන්ධො කාමහෙතු කාමනිදානං කාමාධිකරණං කාමානමෙව හෙතු.
Sinhala BJT12. නැවත ද අනෙකෙක් වෙයි. මහණෙනි, කාමයන් හේතු කොට ගෙන කාමයන් මූලකාරණය කොට ගෙන කාමයන් කරුණු කොට ගෙන කාමයන්ගේ ම හේතුවෙන් ඊතල විදිනු ලබන කල්හි අඩයටි හෙළෙන කල්හි කඩු පෙරළෙන කල්හි කඩු හා පලිහ ගෙන දුනු හියවුරු බැඳ ගෙන තෙත් මඩ අලෙවි කළ පවුරු පදනම්වලට පනිත්. එහිදී ඔහු ඊවලින් ද විදිති. අඩයටියෙන් ද විදිති. කකියන ගොමින් ද ඉසිති. ශතදන්ත යෙනුදු මඩිති. කඩුවෙන් ද හිස සිඳීති. එහි දී ඔහු මරණයට ද පැමිණෙති. මරණමාත්‍ර දුකට ද පැමිණෙත්. මහණෙනි, කාමයන්ගේ ආදීනවය වූ තමා විසින් ම දැක්කයුතු වූ මේ දුක්රැස ද කාමය හේතු කොට කාමය මූලකාරණය කොට කාමය කරුණු කොට ඇත්තේය. කාමයන්ගේ ම හේතුවෙන් වෙයි.
Pali BJT13. පුන චපරං භික්ඛවෙ කාමහෙතු කාමනිදානං කාමාධිකරණං කාමානමෙව හෙතු සන්ධිම්පි ඡින්දන්ති, නිල්ලොපම්පි හරන්ති, එකාගාරිකම්පි කරොන්ති, පරිපන්ථෙපි තිට්ඨන්ති, පරදාරම්පි ගච්ඡන්ති. තමෙනං රාජානො ගහෙත්වා විවිධා කම්මකාරණා{3} කාරෙන්ති: කසාහිපි තාළෙන්ති, වෙත්තෙහිපි තාළෙන්ති, අද්ධදණ්ඩකෙහිපි තාළෙන්ති, හත්ථම්පි ඡින්දන්ති, පාදම්පි ඡින්දන්ති, හත්ථපාදම්පි ඡින්දන්ති, කණ්ණම්පි ඡින්දන්ති, නාසම්පි ඡින්දන්ති, කණ්ණනාසම්පි ඡින්දන්ති, බිලඞ්ගථාලිකම්පි කරොන්ති, සඞ්ඛමුණ්ඩිකම්පි කරොන්ති, රාහුමුඛම්පි කරොන්ති, ජොතිමාලිකම්පි කරොන්ති, හත්ථපජ්ජොතිකම්පි කරොන්ති, එරකවත්තිකම්පි කරොන්ති, චීරකවාසිකම්පි කරොන්ති, එණෙය්යකම්පි කරොන්ති, බළිසමංසිකම්පි කරොන්ති, කහාපණකම්පි කරොන්ති–
Sinhala BJT13. නැවත ද අනෙකෙක් වෙයි. මහණෙනි, කාමයන් හේතු කොට ගෙන කාමයන් මූලකාරණය කොට ගෙන කාමයන් ආධාර කොට ගෙන කාමයන්ගේ ම හේතුවෙන් ගෘහසන්‍ධි සිඳිති. ගම් පහරති. එක් ගෙයක් වට කොට ගෙවැසියන් දිවියෙන් ගෙන ධනය ගෙන්වා ගනිති. මං පහරති. පරඹූව ද කරා යෙති. රජවරු ඒ මොහු අල්ලා ගෙන නන්වැදෑරුම් කම්කටොලු කරති. කසවලින් ද තළත්. වේවැල්වලින් ද තළත්. මුගුරු වලින් ද තළත්. අත ද සිඳිත්. පා ද සිඳිත්. අත් පා ද සිඳිත්. කන ද සිඳිත්. නාසය ද සිඳිත්. කන්නාසා ද සිඳිත්. ඛිලඞ්ගථාලිකය (හිස්කබල කැඳසැළියක් මෙන් කරන කර්‍මය) කරති. ශඞ්ඛමුණ්ඩිකය (හිස්කබල බොරළු උළා දොවා හක් මුඩුවක් මෙන් කරන කර්‍මය) ද කරවති. රාහුමුඛය (අඬුවෙන් මුඛය විවෘත කොට ඇතුළත පහන් දැල්වීමෙන් කරන කර්‍මය) ද කරති. ජෝතිමාලිකය සිරුරෙහි තෙල්පිළී ඔතා ගිනි දැල්වීමෙන් කරන කර්‍මය ද කරති. හත්‍ථපජ්ජෝතිකය (අත් තෙල්පිළියෙන් වෙළා ගිනි දැල්වීමෙන් කරන කර්‍මයද) කරති. එරකවත්තිකය (ගෙලෙහි යටපටන් සම ගලවා ගොප් ඇටයෙහි හෙළා යොතින් බැඳ අදිමින් කරන කර්‍මය) ද කරත්. චීරකවාසිකය (ගෙල පටන් සම ගලවා කටියෙහි ද කටියෙහි පටන් සම ගලවා ගොප්ඇටයෙහි තබා වැහැරි වතක් මෙන් කරන කර්‍මය) ද කරති. එණෙය්‍යකය (දෙදණ දෙවැලමිටෙහි යවුල් ගසා බිමට සවි කොට අවට ගිනි දල්වා කරන කර්‍මය) ද කරති. බළිසමංසික (දෙපස කටු ඇති ඇවුලුම් බිළියෙන් ඇන සම්මස් නහර උපුටා ලන කර්‍මය) ද කරති. කහාපණකය (මුළු සිරුර තියුණු වෑයෙන් කහවණු පමණ කොට සසින කර්‍මය) ද කරති.
Pali BJTඛාරාපතච්ඡිකම්පි කරොන්ති, පලිඝපරිවත්තිකම්පි කරොන්ති. පලාලපීඨකම්පි කරොන්ති. තත්තෙනපි තෙලෙන ඔසිඤ්චන්ති. සුනඛෙහිපි ඛාදාපෙන්ති. ජීවන්තම්පි සූලෙ උත්තාසෙන්ති. අසිනාපි සීසං ඡින්දන්ති. තෙ තත්ථ මරණම්පි නිගච්ඡන්ති මරණ මත්තම්පි දුක්ඛං. අයම්පි භික්ඛවෙ කාමානං ආදීනවො සන්දිට්ඨිකො දුක්ඛක්ඛන්ධො කාමහෙතු කාමනිදානං කාමාධිකරණං කාමානමෙව හෙතු.
Sinhala BJTඛාරාපතව්ඡිකය (අවියෙන් සිරුරෙහි තන්හි තන්හි පහරා කාරම් ඉසීමෙන් කරන කර්‍මය) ද කරත්. පලිඝපරිවත්තිකය (එක් ඇළයකින් හොවා කන් සිදුරෙහි යවුලක් ගසා බිම හා සවි කොට පය ගෙන සිසාරවන කර්‍මය) ද කරති. පලාලපීඨකය (සිරුරෙහි සිවිසම් නොසිඳ ඇඹැරුම් ගලින් ඇට බිඳ පිදුරු බිස්සක් මෙන් කරන කර්‍මය) ද කරති. රත් වූ තෙලිනුදු ඉස්ති. කිණබල්ලන් ලවා ද කවති. දිවිඇතියහු හුල හිඳුවති. කඩුවෙනුදු හිස සිඳුවති. එහි දී ඔහු මරණයට ද පැමිණෙති. මරණමාත්‍ර දුකට ද පැමිණෙති. මහණෙනි, කාමයන්ගේ ආදීනවය වූ තමා විසින් ම දැකිය යුතු වූ මේ දුක්රැස ද කාමය හේතු කොට ඇත. කාමය මූලකාරණ කොට ඇත. කාමය කරුණු හේතු කොට ඇත. කාමයන්ගේ ම හේතුවෙන් වෙයි.
Pali BJT14. පුන චපරං භික්ඛවෙ කාමහෙතු කාමනිදානං කාමාධිකරණං කාමානමෙව හෙතු කායෙන දුච්චරිතං චරන්ති, වාචාය දුච්චරිතං චරන්ති, මනසා දුච්චරිතං චරන්ති. තෙ කායෙන දුච්චරිතං චරිත්වා වාචාය දුච්චරිතං චරිත්වා මනසා දුච්චරිතං චරිත්වා කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජන්ති. අයං{1} භික්ඛවෙ කාමානං ආදීනවො සම්පරායිකො දුක්ඛක්ඛන්ධො කාමහෙතු කාමනිදානං කාමාධිකරණං කාමානමෙව හෙතු.
Sinhala BJT14. නැවත ද අනෙකෙක් වෙයි. මහණෙනි, කාමයන් හේතු කොට ගෙන කාමයන් මූලකාරණය කොට ගෙන කාමයන් කරුණු කොට ගෙන කාමයන්ගේ ම හේතුවෙන් කයින් දුසිරිත් කරති. වචනයෙන් දුසිරිත් කරති. සිතින් දුසිරිත් කරත්. ඔහු කයින් දුසිරිත් කොට වචනයෙන් දුසිරිත් කොට සිතින් දුසිරිත් කොට කාබුන් මරණින් මතු සැපයෙන් පහ වූ දුකට පිහිට වූ විවසව පතිත වන්නා වූ නිරයෙහි උපදිති. මහණෙනි, කාමයන්ගේ ආදීනවය වූ පරලොවෙහි වන්නා වූ මේ දුක්රැස කාමය හේතු කොට කාමය මූලකාරණය කොට කාමය කරුණු කොට ඇත්තේ ය. කාමයන්ගේ ම හේතුවෙන් වෙයි.
Pali BJT15. කිඤ්ච භික්ඛවෙ කාමානං නිස්සරණං? යො ඛො{2} භික්ඛවෙ කාමෙසු ඡන්දරාගවිනයො, ඡන්දරාගප්පහානං, ඉදං කාමානං නිස්සරණං.
Sinhala BJT15. මහණෙනි, කාමයන්ගේ නිස්සරණය කවරේ ද? මහණෙනි, යම් මේ කාමයන්ගේ ඡන්‍දරාගවිනයෙක්, ඡන්‍දරාගප්‍රහාණයෙක් වේ ද, මේ කාමයන්ගේ නිස්සරණය වේ.
Pali BJT16. යෙ හි කෙ චි භික්ඛවෙ සමණා වා බ්රාහ්මණා වා එවං කාමානං අස්සාදඤ්ච අස්සාදතො ආදීනවඤ්ච ආදීනවතො නිස්සරණඤ්ච නිස්සරණතො යථාභූතං නප්පජානන්ති. තෙ වත සාමං වා කාමෙ පරිජානිස්සන්ති පරං වා තථත්තාය සමාදපෙස්සන්ති යථා පටිපන්නො කාමෙ පරිජානිස්සතීති නෙතං ඨානං විජ්ජති. යෙ ච ඛො කෙ චි භික්ඛවෙ සමණා වා බ්රාහ්මණා වා එවං කාමානං අස්සාදඤ්ච අස්සාදතො ආදීනවඤ්ච ආදීනවතො නිස්සරණඤ්ච නිස්සරණතො යථාභූතං පජානන්ති. තෙ වත සාමං වා කාමෙ පරිජානිස්සන්ති, පරං වා තථත්තාය සමාදපෙස්සන්ති යථා පටිපන්නො කාමෙ පරිජානිස්සතීති ඨානමෙතං විජ්ජති.
Sinhala BJT16. මහණෙනි, යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ මෙසේ කාමයන්ගේ ආස්වාදය ආස්වාද වශයෙන් ද, ආදීනවය ආදීනව වශයෙන් ද නිස්සරණය නිස්සරණය වශයෙන් ද, තතු සේ නොදනිත් ද, “ඔහු ඒකාන්තයෙන් තුමූ හෝ කාමයන් විදසුන් විසින් පිරිසිඳ දන්නාහු ය. යම්සේ පිළිපන්නේ කාමයන් පිරිසිඳ දන්නේ නම්, එබඳු බව පිණිස මෙරමා හෝ සමාදන් කරවන්නාහු ය” යන මේ කාරණය විද්‍යමාන නො වේ. මහණෙනි, යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ මෙසේ කාමයන්ගේ ආස්වාදය ආස්වාද වශයෙන් ද, ආදීනවය ආදීනව වශයෙන් ද, නිස්සරණය නිස්සරණ වශයෙන් ද, තතුසේ දනිත් ද, “ඔහු ඒකාන්තයෙන් තුමූ හෝ කාමයන් පිරිසිඳ දන්නාහු ය. යම් සේ පිළිපන්නේ කාමයන් පිරිසිඳ දන්නේ නම් එබඳුබව පිණිස මෙරමා හෝ සමාදන් කරවන්නාහු ය” යන මේ කාරණය විද්‍යමාන වේ.
Pali BJT17. කො ච භික්ඛවෙ රූපානං අස්සාදො? සෙය්යථාපි භික්ඛවෙ ඛත්තියකඤ්ඤා වා බ්රාහ්මණකඤ්ඤා වා ගහපතිකඤ්ඤා වා පණ්ණරස වස්සුද්දෙසිකා වා සොළස වස්සුද්දෙසිකා වා නාතිදීඝා නාතිරස්සා නාතිකිසා නාතිථූලා නාතිකාළී{3} නාච්චොදාතා, පරමා සා භික්ඛවෙ තස්මිං සමයෙ සුභා වණ්ණනිභාති? එවං භන්තෙ. යං ඛො භික්ඛවෙ සුභං වණ්ණනිභං පටිච්ච උප්පජ්ජති සුඛං සොමනස්සං. අයං රූපානං අස්සාදො.
Sinhala BJT17. මහණෙනි, රූපයන්ගේ ආස්වාදය කවරේ ද? මහණෙනි, පසළොස් හැවිදිරි වූ හෝ සොළොස් හැවිරිදි වූ හෝ ඉතා උස් නොවූ ඉතා මිටි නොවූ ඉතා කෘශ නො වූ ඉතා මහත් නොවූ ඉතා කළු නොවූ ඉතා සුදු නොවූ ක්‍ෂත්‍රියකන්‍යාවක් හෝ බ්‍රාහ්මණකන්‍යාවක් හෝ ගෘහපති කන්‍යාවක් හෝ වේ ද, මහණෙනි, ඒ කාලයෙහි (ඇගේ) ඒ ශරීර වර්‍ණය යහපත් වේ ද? වහන්ස, එසේ ය. මහණෙනි, යහපත් පැහැය නිසා සැපයෙක් සොම්නසක් උපදී ද, මේ රූපයන්ගේ ආස්වාදය යි.
Pali BJT18. කො ච භික්ඛවෙ රූපානං ආදීනවො? ඉධ භික්ඛවෙ තමෙව භගිනිං පස්සෙය්ය අපරෙන සමයෙන ආසීතිකං වා නාවුතිකං වා වස්සසතිකං වා ජාතියා, ජිණ්ණං ගොපානසිවඞ්කං භොග්ගං දණ්ඩපරායනං පවෙධමානං ගච්ඡන්තිං ආතුරං ගතයොබ්බනං ඛණ්ඩදන්තං{1} පලිතකෙසං{2} විලූනං ඛලිතංසිරං{3} වලිතං{4} තිලකාහත ගත්තං.{5} තං කිං මඤ්ඤථ භික්ඛවෙ යා පුරිමා සුභා වණ්ණනිභා සා අන්තරහිතා, ආදීනවො පාතුභූතො’ති? එවං භන්තෙ. අයම්පි භික්ඛවෙ රූපානං ආදීනවො.
Sinhala BJT18. මහණෙනි, රූපයන්ගේ ආදීනවය කවරේ ද? මහණෙනි, මෙහි පසුකලෙක දී, ඉපදීමෙන් අසූ හැවිරිදි වූ හෝ අනූ හැවිරිදි වූ හෝ සියහැවිරිදි වූ හෝ ජරාවෙන් ජීර්‍ණ වූ ගොනැස්සක් සේ වක් වූ බිඳුණා වූ සැරයටිය පිහිට කොට ඇති වෙවුලමින් යන රෝගී වූ පහ වූ යොවුන් ඇති කඩදත් ඇති පැසුණු කෙහෙ ඇති වැටුණු කෙහෙ ඇති පැතැටි වූ වලයිත වූ (හටගත් ඇඟ රැළි ඇති) තලකැලලින් ගැවසුණු ශරීර ඇති, ඒ නැගණියන් ම දක්නේ වේ ද, මහණෙනි, ඒ කිමැයි හඟිනහු ද, පෙර වූ යම් ශුභ වූ වර්‍ණයෙක් වී ද, එය අතුරුදහන් වී ද, ආදීනවය පහළ වී ද? වහන්ස, එසේය. මහණෙනි, මේද රූපයන්ගේ ආදීනවය යි.
Pali BJT19. පුන චපරං භික්ඛවෙ තමෙව භගිනිං පස්සෙය්ය ආබාධිකං දුක්ඛිතං බාළ්හගිලානං සකෙ මුත්තකරීසෙ පලිපන්නං සෙමානං අඤ්ඤෙහි වුට්ඨාපියමානං අඤ්ඤෙහි සංවෙසියමානං.{6} තං කිං මඤ්ඤථ භික්ඛවෙ යා පුරිමා සුභා වණ්ණනිභා සා අන්තරහිතා, ආදීනවො පාතුභූතො’ති? එවං භන්තෙ. අයම්පි භික්ඛවෙ රූපානං ආදීනවො.
Sinhala BJT19. නැවත ද අනෙකෙක් වෙයි. මහණෙනි, රෝගී වූ දුඃඛිත වූ දැඩි ගිලන් වූ තමාගේ ම මලමූයෙහි ගැලී හොවින මෙරමා විසින් නැගිටුවනු ලබන මෙරමා විසින් හිඳවනු ලබන ඒ නැගණියන් ම දක්නේ ද, මහණෙනි, ඒ කිමැයි හඟනහු ද? පෙර වූ යම් ශුභ වූ වර්‍ණයෙක් වී ද, එය අතුරුදහන් වී ද, ආදීනවය පහළ වී ද? වහන්ස, එසේ ය. මහණෙනි, මේ රූපයන්ගේ ආදීනවය යි.
Pali BJT20. පුන චපරං භික්ඛවෙ තමෙව භගිනිං පස්සෙය්ය සරීරං සීවථිකාය ඡඩ්ඩිතං එකාහමතං වා ද්වීහමතං වා තීහමතං වා, උද්ධුමාතකං විනීලකං විපුබ්බකජාතං. තං කිං මඤ්ඤථ භික්ඛවෙ යා පුරිමා සුභා වණ්ණනිභා සා අන්තරහිතා, ආදීනවො පාතුභූතො’ති? එවං භන්තෙ. අයම්පි භික්ඛවෙ රූපානං ආදීනවො.
Sinhala BJT20. නැවත ද අනෙකෙක් වෙයි. මහණෙනි, මැරී එක දවසක් ගියා වූ හෝ මැරී දෙදවසක් ගියා වූ හෝ මැරී තුන්දවසක් ගියාවූ හෝ ඉදිමුණු නිල් වූ හටගත් පිළිකුල් පූයා ඇති සොහොනෙහි දැමූ සිරුරක් වූ ඒ නැගණියන් ම දක්නේ ද, මහණෙනි, ඒ කිමැයි හඟනහුද? පෙර වූ යම් ශුභවූ වර්‍ණයෙක් වී ද, එය අතුරුදහන් වී ද, ආදීනව ය පහළ වී ද? වහන්ස, එසේ ය. මහණෙනි, මෙ ද රූපයන්ගේ ආදීනවය යි.
Pali BJT21. පුන චපරං භික්ඛවෙ තමෙව භගිනිං පස්සෙය්ය සරීරං සීවථිකාය ඡඩ්ඩිතං කාකෙහි වා ඛජ්ජමානං කුලලෙහි වා ඛජ්ජමානං ගිජ්ඣෙහි වා ඛජ්ජමානං{7} සුවාණෙහි වා{8} ඛජ්ජමානං සිගාලෙහි වා{9} ඛජ්ජමානං විවිධෙහි වා පාණකජාතෙහි ඛජ්ජමානං. තං කිං මඤ්ඤථ භික්ඛවෙ යා පුරිමා සුභා වණ්ණනිභා සා අන්තරහිතා, ආදීනවො පාතුභූතො’ති? එවං භන්තෙ. අයම්පි භික්ඛවෙ රූපානං ආදීනවො.
Sinhala BJT21. නැවත ද අනෙකෙක් වෙයි. මහණෙනි, කවුඩන් විසින් හෝ කනු ලබන්නාවූ උකුස්සන් විසින් හෝ කනු ලබන්නා වූ ගිජුළිහිණියන් විසින් හෝ කනු ලබන්නාවූ බල්ලන් විසින් හෝ කනු ලබන්නාවූ සිවලුන් විසින් හෝ කනු ලබන්නාවූ විවිධ වූ ප්‍රාණීන් විසින් හෝ කනු ලබන්නාවූ සොහොනෙහි දමන ලද සිරුරක්වූ ඒ නැගණියන් ම දක්නේ ද, මහණෙනි, ඒ කිමැයි හඟනහු ද? පෙර වූ යම් ශුභවූ වර්‍ණයෙක් වී ද එය අතුරුදහන් වී ද? ආදීනවය පහළ වී ද? වහන්ස, එසේ ය. මහණෙනි, මෙ ද රූපයන්ගේ ආදීනවය යි.
Pali BJT22. පුන චපරං භික්ඛවෙ තමෙව භගිනිං පස්සෙය්ය සරීරං සිවථිකාය ඡඩ්ඩිතං අට්ඨිකසඞ්ඛලිකං සමංසලොහිතං නහාරුසම්බන්ධං -පෙ- අට්ඨිකසඞ්ඛලිකං නිමංසලොහිතමක්ඛිතං නහාරුසම්බන්ධං -පෙ- අට්ඨිකසඞ්ඛලිකං අපගතමංසලොහිතං නහාරුසම්බන්ධං -පෙ- අට්ඨිකානි අපගතසම්බන්ධානි දිසාවිදිසා වික්ඛිත්තානි{10} අඤ්ඤෙන හත්ථට්ඨිකං අඤ්ඤෙන පාදට්ඨිකං අඤ්ඤෙන ජඞ්ඝට්ඨිකං අඤ්ඤෙන ඌරට්ඨිකං{11} අඤ්ඤෙන කටට්ඨිකං{12} අඤ්ඤෙන පිට්ඨිකණ්ටකං{13} අඤ්ඤෙන සීසකටාහං. තං කිං මඤ්ඤථ භික්ඛවෙ යා පුරිමා සුභා වණ්ණනිභා සා අන්තරහිතා, ආදීනවො පාතුභූතො’ති? එවං භන්තෙ. අයම්පි භික්ඛවෙ රූපානං ආදීනවො.
Sinhala BJT22. නැවත ද අනෙකෙක් වෙයි. මහණෙනි, ඇටසැකිල්ලක් වූ මස් ලේ සහිත වූ නහරින් බැඳුණු ... ඇටසැකිල්ලක් වූ මස් නැති ලේ තැවරුණු නහරින් බැඳුණු ... ඇටසැකිල්ලක් වූ මස් ලේ නැති නහරින් බැඳුණු ... අන් තැනෙක අත්ඇට ය, අන් තැනෙක පාඇට ය, අන් තැනෙක දඟඇට ය, අන් තැනෙක කලවා ඇට ය, අන් තැනෙක උකුළු ඇටය, අන් තැනෙක පිටකටුව, අන් තැනෙක හිස්කබල දැයි පහවූ බැඳුම් ඇති දසනුදසැ විසුරුණු ඇට ඇති සොහොනෙහි දමන ලද සිරුරක් වූ ඒ නැගණියන් ම දක්නේ ද, මහණෙනි, ඒ කිමැයි හඟනහු ද? පෙර වූ යම් ශුභවූ වර්‍ණයෙක් වී ද, එය අතුරු දහන් වී ද, ආදීනවය පහළ වීද? වහන්ස, එසේ ය. මහණෙනි, මෙ ද රූපයන්ගේ ආදීනවය යි.
Pali BJT23. පුන චපරං භික්ඛවෙ තමෙව භගිනිං පස්සෙය්ය සරීරං සිවථිකාය ඡඩ්ඩිතං අට්ඨිකානි සෙතානි සඞ්ඛවණ්ණූපනිභානි{1} -පෙ- අට්ඨිකානි පුඤ්ජකිතානි තෙරොවස්සිකානි -පෙ- අට්ඨිකානි පූතීනි චුණ්ණකජාතානි. තං කිං මඤ්ඤථ භික්ඛවෙ යා පුරිමා සුභා වණ්ණනිභා සා අන්තරහිතා, ආදීනවො පාතුභූතො’ති? එවං භන්තෙ. අයම්පි භික්ඛවෙ රූපානං ආදීනවො.
Sinhala BJT23. නැවත ද අනෙකෙක් වෙයි. මහණෙනි, සුදු වූ සක්වන් පැහැ ඇට ඇති ... අවුරුදු ගණන් ඉක්ම ගියාවූ රැස් වූ ඇට ඇති ... කුණු වූ සුණු වූ ඇට ඇති සොහොනෙහි දමන ලද සිරුරක් වූ ඒ නැගණියන් ම දක්නේ වේ ද, මහණෙනි, ඒ කිමැයි හඟනහු ද, පෙර වූ යම් ශුභ වූ වර්‍ණයෙක් වී ද එය අතුරුදහන් වී ද, ආදීනවය පහළ වී ද? වහන්ස, එසේ ය. මහණෙනි, මෙ ද රූපයන්ගේ ආදීනවය යි.
Pali BJT24. කිඤ්ච භික්ඛවෙ රූපානං නිස්සරණං? යො භික්ඛවෙ රූපෙසු ඡන්දරාගවිනයො ඡන්දරාගප්පහානං ඉදං රූපානං නිස්සරණං.
Sinhala BJT24. මහණෙනි, රූපයන්ගේ නිස්සරණය කුමක් ද? මහණෙනි, රූපයන්හි වූ යම් ඡන්‍දරාග විනයයෙක් යම් ඡන්‍දරාගප්‍රහාණයෙක් වේ ද, මේ රූපයන්ගේ නිස්සරණය යි.
Pali BJT25. යෙ හි කෙචි භික්ඛවෙ සමණා වා බ්රාහ්මණා වා එවං රූපානං අස්සාදඤ්ච අස්සාදතො ආදීනවඤ්ච ආදීනවතො නිස්සරණඤ්ච නිස්සරණතො යථාභූතං නප්පජානන්ති, තෙ වත සාමං වා රූපෙ පරිජානිස්සන්ති, පරං වා තථත්තාය සමාදපෙස්සන්ති යථා පටිපන්නො රූපෙ පරිජානිස්සතීති නෙතං ඨානං විජ්ජති. යෙ ච ඛො කෙ චි භික්ඛවෙ සමණා වා බ්රාහ්මණා වා එවං රූපානං අස්සාදඤ්ච අස්සාදතො ආදීනවඤ්ච ආදීනවතො නිස්සරණඤ්ච නිස්සරණතො යථාභූතං පජානන්ති, තෙ වත සාමං වා රූපෙ පරිජානිස්සන්ති, පරං වා තථත්තාය සමාදපෙස්සන්ති යථා පටිපන්නො රූපෙ පරිජානිස්සතීති ඨානමෙතං විජ්ජති.
Sinhala BJT25. මහණෙනි, යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ මෙසේ රූපයන්ගේ ආස්වාදය ආස්වාද වශයෙන් ද, ආදීනව ආදීනව වශයෙන් ද, නිස්සරණය නිස්සරණ වශයෙන් ද, තතුසේ නොදනිත් ද, ඔහු ඒකාන්තයෙන් තුමූ හෝ රූපයන් පිරිසිඳ දනිත් ය, යම් සේ පිළිපන්නේ රූපයන් පිරිසිඳ දන්නේ නම් එබඳු බව පිණිස මෙරමා හෝ සමාදන් කරවන්නාහුය යන මේ කාරණය විද්‍යමාන නො වේ. මහණෙනි, යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ මෙසේ රූපයන්ගේ ආස්වාදය ආස්වාද වශයෙන් ද, ආදීනවය ආදීනව වශයෙන් ද, නිස්සරණය නිස්සරණ වශයෙන් ද තතු සේ දනිත් ද, ඔහු ඒකාන්තයෙන් තුමූ හෝ රූපයන් පිරිසිඳ දන්නා හු ය, යම් සේ පිළිපන්නේ රූපයන් පිරිසිඳ දන්නේ නම්, එබඳු බව පිණිස මෙරමා හෝ සමාදන් කරවන්නාහුය යන මේ කාරණය විද්‍යමාන වේ.
Pali BJT26. කො ච භික්ඛවෙ වෙදනානං අස්සාදො? ඉධ භික්ඛවෙ භික්ඛු විවිච්චෙව කාමෙහි විවිච්ච අකුසලෙහි ධම්මෙහි සවිතක්කං සවිචාරං විවෙකජං පීතිසුඛං පඨමං ඣානං උපසම්පජ්ජ විහරති. යස්මිං සමයෙ භික්ඛවෙ භික්ඛු විවිච්චෙව කාමෙහි විවිච්ච අකුසලෙහි ධම්මෙහි සවිතක්කං සවිචාරං විවෙකජං පීතිසුඛං පඨමංඣානං උපසම්පජ්ජ විහරති, නෙව තස්මිං සමයෙ අත්තව්යාබාධාය චෙතෙති. න පරව්යාබාධාය චෙතෙති. න උභයව්යාබාධාය චෙතෙති. අබ්යාපජ්ඣංයෙව තස්මිං සමයෙ වෙදනං වෙදෙති. අබ්යාපජ්ඣපරමාහං භික්ඛවෙ වෙදනානං අස්සාදං වදාමි.
Sinhala BJT26. මහණෙනි, වේදනාවන්ගේ ආස්වාදය කවරේ ද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙමේ කාමයන්ගෙන් වෙන් ව ම අකුශලධර්‍මයන්ගෙන් වෙන් ව ම විතර්‍ක සහිත විචාර සහිත විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සැප ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වාසය කරයි. මහණෙනි, යම් කලෙක මහණ තෙමේ කාමයන්ගෙන් වෙන් ව ම අකුශලධර්‍මයන් ගෙන් වෙන් ව ම විතර්‍ක සහිත විචාර සහිත විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සැප ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වාසය කෙරේ ද, එසමයෙහි තමහට දුක් පිණිස නො සිතයි. අන්හට දුක් පිණිස නො සිතයි. දෙපසට දුක් පිණිස නො සිතයි. එකල නිදුක් වූ වේදනාවක් ම විඳියි. මහණෙනි, මම වේදනාවන්ගේ ආස්වාදය නිදුක්බව ම පරම කොට ඇතැයි කියමි.
Pali BJT27. පුන චපරං භික්ඛවෙ භික්ඛු විතක්කවිචාරානං වූපසමා අජ්ඣත්තං සම්පසාදනං චෙතසො එකොදිභාවං අවිතක්කං අවිචාරං සමාධිජං පීතිසුඛං දුතියං ඣානං -පෙ- තතියං ඣානං -පෙ- චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරති. යස්මිං සමයෙ භික්ඛවෙ භික්ඛු සුඛස්ස ච පහානා දුක්ඛස්ස ච පහානා පුබ්බෙව සොමනස්සදොමනස්සානං අත්ථගමා අදුක්ඛං අසුඛං උපෙක්ඛාසතිපාරිසුද්ධිං චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරති, නෙව තස්මිං සමයෙ අත්තව්යාබාධාය චෙතෙති. න පරව්යාබාධාය චෙතෙති. න උභයව්යාබාධාය චෙතෙති. අබ්යාපජ්ඣංයෙව තස්මිං සමයෙ වෙදනං වෙදෙති. අබ්යාපජ්ඣපරමාහං භික්ඛවෙ වෙදනානං අස්සාදං වදාමි.
Sinhala BJT27. නැවත ද අනෙකෙක් වෙයි. මහණෙනි, මහණ තෙමේ විතර්‍ක විචාරයන් සන්සිඳවීමෙන් තමා තුළ පැහැදීම කරන සිතේ එකඟ බව වූ විතර්‍ක රහිත සමාධියෙන් හටගත් ප්‍රීතිය හා සැප ඇති, ද්විතීය ධ්‍යානයට ... තෘතීය ධ්‍යානයට ... චතුර්‍ත්‍ථධ්‍යානයට පැමිණ වාසය කෙරෙයි. මහණෙනි, යම් කලෙක මහණ තෙමේ සුඛප්‍රහාණියෙන් ද දුඃඛප්‍රහාණියෙන් ද පෙරම සොම්නස් දොම්නස් දෙදෙනාගේ අස්තඞ්ගමයෙන් නිදුක් වූ නො සුව වූ උපේක්‍ෂාස්මෘති පරිශුද්ධි ඇති චතුර්‍ත්‍ථධ්‍යානයට පැමිණ වෙසේ ද, එකල්හි තමාට ද දුක් පිණිස නො සිතා ම ය. අන්හට ද දුක් පිණිස නො සිතා ම ය. දෙපසට දුක් පිණිස නොසිතා ම ය. එකල්හි නිදුක් වූ ම වේදනාව විඳියි. මහණෙනි, මම වේදනාවන්ගේ ආස්වාදය නිදුක් බව ම පරම කොට ඇතැයි කියමි.
Pali BJT28. කො ච භික්ඛවෙ වෙදනානං ආදීනවො? යං{1} භික්ඛවෙ වෙදනා අනිච්චා දුක්ඛා විපරිණාමධම්මා, අයං වෙදනානං ආදීනවො.
Sinhala BJT28. මහණෙනි, වේදනාවන්ගේ ආදීනවය කවරේ ද? මහණෙනි, යම් හෙයෙකින් වේදනාව අනිත්‍ය ද දුක් ද පෙරළෙනසුලු ද, මේ වේදනාවන්ගේ ආදීනව ය යි.
Pali BJT29. කිඤ්ච භික්ඛවෙ වෙදනානං නිස්සරණං? යො භික්ඛවෙ වෙදනාසු ඡන්දරාගවිනයො ඡන්දරාගප්පහානං, ඉදං වෙදනානං නිස්සරණං.
Sinhala BJT29. මහණෙනි, වේදනාවන්ගේ නිස්සරණය කුමක් ද? මහණෙනි, වේදනාවන්හි යම් ඡන්‍දරාග විනයයෙක් වේ ද, ඡන්‍දරාග ප්‍රහාණියෙක් වේ ද, මෙය වේදනාවන්ගේ නිස්සරණය යි.
Pali BJT30. යෙ හි කෙ චි භික්ඛවෙ සමණා වා බ්රාහ්මණා වා එවං වෙදනානං අස්සාදඤ්ච අස්සාදතො ආදීනවඤ්ච ආදීනවතො නිස්සරණඤ්ච නිස්සරණතො යථාභූතං නප්පජානන්ති, තෙ වත සාමං වා වෙදනා{2} පරිජානිස්සන්ති, පරං වා තථත්තාය සමාදපෙස්සන්ති, යථා පටිපන්නො වෙදනා පරිජානිස්සතීති නෙතං ඨානං විජ්ජති. යෙ ච ඛො කෙ චි භික්ඛවෙ සමණා වා බ්රාහ්මණා වා එවං වෙදනානං අස්සාදඤ්ච අස්සාදතො ආදීනවඤ්ච ආදීනවතො නිස්සරණඤ්ච නිස්සරණතො යථාභූතං පජානාති, තෙ වත සාමං වා වෙදනා පරිජානිස්සන්ති, පරං වා තථත්තාය සමාදපෙස්සන්ති යථා පටිපන්නො වෙදනාපරිජානිස්සතීති ඨානමෙතං විජ්ජතීති.
Sinhala BJT30. මහණෙනි, යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ මෙසේ වේදනාවන්ගේ ආස්වාදය ආස්වාද වශයෙන් ද, ආදීනවය ආදීනව වශයෙන් ද, නිස්සරණය නිස්සරණ වශයෙන් ද තතුසේ නොදනිත් ද, ඔහු ඒකාන්තයෙන් තුමූ හෝ වේදනාවන් පිරිසිඳ දන්නාහු ය, යම් සේ පිළිපන්නේ වේදනාවන් පිරිසිඳ දන්නේ නම් එබඳු බව පිණිස මෙරමා හෝ සමාදන් කරවන්නාහු ය යන මේ කාරණය විද්‍යාමාන නො වේ. මහණෙනි, යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ මෙසේ වේදනාවන්ගේ ආස්වාදය ආස්වාද වශයෙන් ද ආදීනවය ආදීනව වශයෙන් ද නිස්සරණය නිස්සරණ වශයෙන් ද තතුසේ දනිත් ද, ඔහු ඒකාන්තයෙන් තුමූ හෝ වේදනාවන් පිරිසිඳ දන්නාහු ය, යම් සේ පිළිපන්නේ වේදනාවන් පිරිසිඳ දන්නේ නම් එබඳු බව පිණිස මෙරමා හෝ සමාදන් කරවන්නාහු ය යන මේ කාරණය විද්‍යමාන වේ.
Pali BJTඉදමවොච භගවා. අත්තමනා තෙ භික්ඛූ භගවතො භාසිතං අභිනන්දුන්ති.
Sinhala BJTභාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සතුටු වූ ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය සතුටින් පිළිගත්හ.
Pali BJTමහාදුක්ඛක්ඛන්ධසුත්තං තතියං.
Sinhala BJTමහාදුක්‍ඛක්‍ඛන්‍ධ සූත්‍රය තෙවැනි යි.
Pali BJT1. 2. 4.
Sinhala BJT1. 2. 4.
Pali BJTචූළදුක්ඛක්ඛන්ධසුත්තං
Sinhala BJTචුළදුක්ඛක්ඛන්‍ධ සූත්‍රය
Pali BJT1. එවං මෙ සුතං: එකං සමයං භගවා සක්කෙසු විහරති කපිලවත්ථුස්මිං නිග්රොධාරාමෙ. අථ ඛො මහානාමො සක්කො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො මහානාමො සක්කො භගවන්තං එතදවොච:
Sinhala BJT1. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක් භාග්‍යවතුන් වහන්සේ ශාක්‍යජනපදයෙහි කිඹුල්වත්පුර නිග්‍රෝධාරාමයෙහි වැඩවසන සේක. එසඳ මහානාම සැහැරජ භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පසෙක හින. එකත්පස් වැ හුන් මහානාම සැහැරජ භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කෙළේ ය.
Pali BJT2. දීඝරත්තාහං භන්තෙ භගවතා එවං ධම්මං දෙසිතං ආජානාමි: ලොභො චිත්තස්ස උපක්කිලෙසො, දොසො චිත්තස්ස උපක්කිලෙසො, මොහො චිත්තස්ස උපක්කිලෙසො’ති. එවඤ්චාහං භන්තෙ භගවතා ධම්මං දෙසිතං ආජානාමි: ලොභො චිත්තස්ස උපක්කිලෙසො, දොසො චිත්තස්ස උපක්කිලෙසො, මොහො චිත්තස්ස උපක්කිලෙසොති. අථ ච පන මෙ එකදා ලොභධම්මාපි චිත්තං පරියාදාය තිට්ඨන්ති. දොසධම්මාපි චිත්තං පරියාදාය තිට්ඨන්ති. මොහධම්මාපි චිත්තං පරියාදාය තිට්ඨන්ති. තස්ස මය්හං භන්තෙ එවං හොති: කොසු නාම මෙ ධම්මො අජ්ඣත්තං අප්පහීනො යෙන මෙ එකදා ලොභධම්මාපි චිත්තං පරියාදාය තිට්ඨන්ති, දොසධම්මාපි චිත්තං පරියාදාය තිට්ඨන්ති, මොහධම්මාපි චිත්තං පරියාදාය තිට්ඨන්තීති.
Sinhala BJT2. වහන්ස, “ලෝභය චිත්තෝපක්ලේශයෙක, ද්වේෂය චිත්තෝපක්ලේශයෙක, මෝහය චිත්තෝපක්ලේශයෙකැ” යි භගවත්හු විසින් දෙසූ දහම මෙසේ මම දීර්‍ඝරාත්‍රයෙහි දැන සිටිමි. වහන්ස, “ලෝභය චිත්තෝපක්ලේශයෙක, ද්වේෂය චිත්තෝපක්ලේශයෙක, මෝහය චිත්තෝපක්ලේශයෙකැ” යි භගවත්හු දෙසූ දහම මෙසේ මම දන්නෙම් නමුදු, කලෙක ලෝභධර්‍මයෝ ද මා සිත ගෙවා ගෙන සිටුති. ද්වේෂධර්‍මයෝ ද මා සිත ගෙවා ගෙන සිටුති. මෝහධර්‍මයෝ ද මා සිත ගෙවා ගෙන සිටුති. වහන්ස, ඒ මට මෙසේ සිතෙක් වෙයි: “යම් හෙයෙකින් කලෙක ලෝභධර්‍මයෝ ද මා සිත පැහැරැ ගෙන සිටිත් ද, ද්වේෂධර්‍මයෝ ද මා සිත පැහැරැ ගෙන සිටිත් ද, මෝහධර්‍මයෝ ද මා සිත පැහැරැ ගෙන සිටිත් ද, එහෙයින් කිනම් කෙලෙස්දහමෙක් මා සතන්හි නොපුහුන් වී දෝ හෝ (යන සන්‍දේහ සහිත සිත) යි.
Pali BJT3. සො එව ඛො තෙ මහානාම ධම්මො අජ්ඣත්තං අප්පහීනො යෙන තෙ එකදා ලොභධම්මාපි චිත්තං පරියාදාය තිට්ඨන්ති, දොසධම්මාපි චිත්තං පරියාදාය තිට්ඨන්ති, මොහධම්මාපි චිත්තං පරියාදාය තිට්ඨන්ති. සො ච හි තෙ මහානාම ධම්මො අජ්ඣත්තං පහීනො අභවිස්ස, න ත්වං අගාරං අජ්ඣාවසෙය්යාසි, න කාමෙ පරිභුඤ්ජෙය්යාසි. යස්මා ච ඛො තෙ මහානාම සො එව ධම්මො අජ්ඣත්තං අප්පහීනො, තස්මා ත්වං අගාරං අජ්ඣාවසසි, කාමෙ පරිභුඤ්ජසි.
Sinhala BJT3. මහානාමය, “යම් හෙයෙකින් කලෙක ලෝභධර්‍මයෝත් තා සිත පැහැරැ ගෙන සිටුනාහු වෙත් ද, ද්වේෂධර්‍මයෝත් තා සිත පැහැරැ ගෙන සිටුනාහු වෙත් ද, මෝහධර්‍මයෝත් තා සිත පැහැරැ ගෙන සිටුනාහු වෙත් ද, එහෙයින් ගෙ ම ලෝභද්වේෂමෝහාඛ්‍යධර්‍මය තා සතන්හි නොපුහුන් වෙයි. මහානාමය, ඉදින් එ ලෝභාදිධර්‍මය තා සතන්හි ප්‍රහීණ වී නම්, තෝ ගිහිගෙහි බැසගෙන නො වසන්නෙහි. ද්විවිධකාමසම්පතුදු නො වළඳන්නෙහි. මහානාමය, යම් හෙයෙකින් හෙ ම ලෝභාදිධර්‍මය තා සතන්හි අප්‍රහීණ වේ ද, එහෙයින් තෝ ගෙහි වාස කෙරෙහි. කාමයනුදු වළඳ කෙරෙහි.
Pali BJT4. අප්පස්සාදා කාමා බහුදුක්ඛා බහුපායාසා, ආදීනවො එත්ථ භිය්යොති ඉති චෙපි මහානාම අරියසාවකස්ස යථාභූතං සම්මප්පඤ්ඤාය සුදිට්ඨං හොති, සො ච අඤ්ඤත්රෙවකාමෙහි අඤ්ඤත්ර අකුසලෙහි ධම්මෙහි පීතිසුඛං නාධිගච්ඡති අඤ්ඤං වා තතො සන්තතරං, අථ ඛො සො නෙව තාව අනාවට්ටී කාමෙසු හොති.
Sinhala BJT4. මහානාමය, ඉදින් ආර්‍ය්‍යශ්‍රාවකයා විසින් “කාමයෝ (පරිත්තසුඛ වන බැවින්) අල්පාස්වාදයහ. (ඉහභවයෙහිදු සම්පරායභවයෙහිදු අනන්තදුඃඛදායක වන බැවින්) බහුදුඃඛයහ. ඓහලෞකික (පාරලෞකික උපායාසක්ලේශසාධක වන බැවින්) බහුපායාසයහ. (දෘෂ්ටධාර්මික සාම්පරායික උපද්‍රවාධිෂ්ඨාන වන බැවින්) තෙල කාමසම්පතෙහි ආදීනව බෙහෙවැ” යි මෙසෙයින් යථාස්වභාවය මනා නය විසින් ප්‍රඥායෙන් (සෝවන් සෙදගැමි දෙමඟනැණින්) මනා කොට දක්නා ලදුයේ වෙයි. හෙ අරීසවු දු කාමයන් විනා මැ ලමු අකුසල් දහමුන් විනා මැ ප්‍රීතිසුඛය (සප්‍රීතික දෙ දැහැන) අධිගම නො කෙරේ ද, ඒ වරා, ශාන්තතර අනෙකක් හෝ (මතු දෙදැහැන හා දෙමඟ හා) අධිගම නො කෙරේ ද, වැළිත් හෙ එතැන් දක්වා කාමයෙහි අනාවර්තී නො ම වන්නේ යැ. (ආවර්තිත ම වන්නේ ය. සෙසු දැහැනින් කරන විෂ්කම්භන ප්‍රහාණය හා මතු දෙමඟනැණින් කරන සමුච්ඡෙදප්‍රහාණය හා නැති හෙයින.)
Pali BJT5. යතො ච ඛො මහානාම අරියසාවකස්ස අප්පස්සාදා කාමා බහුදුක්ඛා බහුපායාසා, ආදීනවො එත්ථ භිය්යොති එවමෙතං යථාභූතං සම්මප්පඤ්ඤාය සුදිට්ඨං හොති, සො ච අඤ්ඤත්රෙව කාමෙහි අඤ්ඤත්ර අකුසලෙහි ධම්මෙහි පීතිසුඛං අධිගච්ඡති අඤ්ඤං වා තතො සන්තතරං, අථ ඛො සො අනාවට්ටී කාමෙසු හොති.
Sinhala BJT5. මහානාමය, යම්කලෙක ආර්‍ය්‍යශ්‍රාවකයා විසින් “කාමයෝ අල්පාස්වාදයහ, බහුදුඃඛයහ, තෙල කාමයෙහි උපද්‍රව බහුලයැ” යි මෙසෙයින් තෙල යථාස්වභාවය මනා නයවිසින් විදර්‍ශනා ප්‍රඥායෙන් මොනොවට දක්නා ලදුයේ වේ. හෙ ද කාමයන් විනා මැ අකුසල් දහමුන් විනා ම ප්‍රීතිසුඛය අධිගම කෙරේ ද, එ වරා, ශාන්තතර අනෙකක් හෝ අධිගම කෙරේ ද, එකල හෙ කාමයෙහි අනාවර්තී වෙයි (ලලන නැතියේ වෙයි.)
Pali BJT6. මය්හම්පි ඛො මහානාම පුබ්බෙව සම්බොධා අනභිසම්බුද්ධස්ස බොධිසත්තස්සෙව සතො: “අප්පස්සාදා කාමා බහුදුක්ඛා බහුපායාසා, ආදීනවො එත්ථ භිය්යොති එවමෙතං යථාභූතං සම්මප්පඤ්ඤාය සුදිට්ඨං අහොසි,{1} සො ච අඤ්ඤත්රෙව කාමෙහි අඤ්ඤත්ර අකුසලෙහි ධම්මෙහි පීතිසුඛං නාජ්ඣගමං අඤ්ඤං වා තතො සන්තතරං, අථ ඛ්වාහං නෙව තාව අනාවට්ටී කාමෙසු පච්චඤ්ඤාසිං.
Sinhala BJT6. මහානාමය, මාර්‍ගසම්බෝධයෙන් පළමු මැ චතුස්සත්‍යාවබෝධ නොකළ බෝසත් වැ සිටි මවිසුනු දු “කාමයෝ අල්පාස්වාදයහ, බහුදුඃඛයහ, බහුපායාසයහ, තෙල කාමයෙහි උපද්‍රව බහුලයැ” යි මෙසෙයින් තෙල යථාස්වභාවය මනානයින් (ඇතොරනළුදනා හැරැපියන) ප්‍රඥායෙන් මොනොවට දක්නා ලදුයේ වෙයි. මම ද කාමයන් විනා මැ අකුසල් දහමුන් විනා මැ ප්‍රීතිසුඛය අධිගම නො කෙළෙම් වේ ද, එ වරා, ශාන්තතර අනෙකෙක් හෝ (මතු දෙදැහැන හා සතර මඟ හා) අධිගම නොකෙළෙම් වේ ද, වැළිත් මම එතැන් දක්වා “කාමයෙහි අනාවර්තීයෙමි” යි නො මැ පිළින කෙළෙමි.
Pali BJT7. යතො ච ඛො මෙ මහානාම: “අප්පස්සාදා කාමා බහුදුක්ඛා බහුපායාසා, ආදීනවො එත්ථ භිය්යො”ති එවමෙතං යථාභූතං සම්මප්පඤ්ඤාය සුදිට්ඨං අහොසි, සො ච අඤ්ඤත්රෙව කාමෙහි අඤ්ඤත්ර අකුසලෙහි ධම්මෙහි පීතිසුඛං අජ්ඣගමං, අඤ්ඤඤ්ච තතො සන්තතරං, අථාහං අනාවට්ටී කාමෙසු පච්චඤ්ඤාසිං.
Sinhala BJT7. මහානාමය, යම්කලෙක් “කාමයෝ අල්පාස්වාදයහ, බහුදුඃඛයහ, බහූපායාසයහ, තෙල කාමයෙහි උපද්‍රව බහුල යැ” යි මෙසෙයින් තෙල යථාස්වභාවය මනා නයින් ප්‍රඥායෙන් දක්නා ලදුයේ වී ද, මම ද කාමයන් විනාමැ අකුසල් දහමුන් විනා මැ ප්‍රීතිසුඛය අධිගම කෙළෙම් වෙම් ද, එ වරා ශාන්තතර අනෙකක් හෝ අධිගම කෙළෙම් වෙම් ද, එකල මම “කාමයෙහි අනාවර්තීයෙමි”යි පිළින කෙළෙමි.
Pali BJT8. කො ච මහානාම කාමානං අස්සාදො? පඤ්චිමෙ මහානාම කාමගුණා. කතමෙ පඤ්ච? චක්ඛුවිඤ්ඤෙය්යා රූපා ඉට්ඨා කන්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා, සොතවිඤ්ඤෙය්යා සද්දා -පෙ- ඝානවිඤ්ඤෙය්යා ගන්ධා -පෙ- ජිව්හාවිඤ්ඤෙය්යා රසා -පෙ- කායවිඤ්ඤෙය්යා ඵොට්ඨබ්බා ඉට්ඨා කන්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා. ඉමෙ ඛො මහානාම පඤ්ච කාමගුණා. යං ඛො මහානාම ඉමෙ පඤ්ච කාමගුණෙ පටිච්ච උප්පජ්ජති සුඛං සොමනස්සං, අයං කාමානං අස්සාදො.
Sinhala BJT8. මහානාමය, කාමයන්ගේ ආස්වාද කවරේ ය? මහානාමය, මෙ කාමගුණයෝ පස් දෙනෙකි. කවර පස්දෙනෙක යත්: ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ ප්‍රියජාතික වූ කාමෝපසංහෘත වූ සිත්රඳනට නිසි වූ චක්‍ෂුර් විඥේය රූපායතනයෝ ය ... ශ්‍රෝතවිඥේය ශබ්දායතනයෝ ය ... ඝ්‍රාණවිඥේය ගන්‍ධායතනයෝ ය ... ජිහ්වාවිඥේය රසායතනයෝ ය, ඉෂ්ටාරම්මණවූ මනාපවූ ප්‍රියරූපවූ කාමෝපසංහෘතවූ, රජනීයවූ, කායවිඥේය ස්ප්‍රෂ්ටව්‍යායතනයෝ ය. මහානාමය, මොහු පඤ්චකාමගුණයෝ යි. මහානාමය, මේ පස්කම්ගුණ පිණිස යම් සුඛයෙක් හෝ සොම්නසෙක් හෝ උපදනේ වේ ද මේ කාමයන්ගේ ආස්වාද නම් වෙයි.
Pali BJT9. කො ච මහානාම කාමානං ආදීනවො? ඉධ මහානාම කුලපුත්තො යෙන සිප්පට්ඨානෙන ජීවිකං කප්පෙති: යදි මුද්දාය යදි ගණනාය යදි සඞ්ඛානෙන යදි කසියා යදි වණිජ්ජාය යදි ගොරක්ඛෙන යදි ඉස්සත්ථෙන යදි රාජපොරිසෙන යදි සිප්පඤ්ඤතරෙන, සීතස්ස පුරක්ඛතො උණ්හස්ස පුරක්ඛතො, ඩංසමකසවාතාතපසිරිංසපසම්ඵස්සෙහි රිස්සමානො, ඛුප්පිපාසාය මීයමානො. අයම්පි මහානාම කාමානං ආදීනවො සන්දිට්ඨිකො දුක්ඛක්ඛන්ධො කාමහෙතු කාමනිදානං කාමාධිකරණං කාමානමෙව හෙතු.
Sinhala BJT9. මහානාමය, කාමයන්ගේ ආදීනව කවරේ ය? මහානාමය, මෙලොවැ කුලපුත්‍රයෙක් හස්තමුද්‍රායෙන් වේව යි, ගණනායෙන් වේව යි, පිණ්ඩගණනායෙන් වේව යි, කෘෂිකර්‍මයෙන් වේව යි, වෙණෙදාමෙන් වේව යි, ගෝරක්‍ෂායෙන් වේව යි, අවි වටනින් වේව යි, රාජපුරුෂකර්‍මයෙන් වේව යි, ශීතයට පුරෂ්කෘත වැ (ශීතයට පෙරට වැ) උෂ්ණයට පුරෂ්කෘත වැ මැසි මදුරු වාසුළඟසපු යන මුන්ගේ දළපහසින් ගැටෙමින් සාපවසින් මියමින් යම්මැ ශිල්පයෙකින් දිවිවැටුම කෙරෙයි. මහානාමය, කාමයන් පිළිබඳ මේ ආදීනවය. ප්‍රත්‍යක්‍ෂ දුක්රැසෙක. කාමයන් ප්‍රත්‍යය කොට ගෙන ඇත. කාමයන් මුල් කොට ගෙන ඇත. කාමයන් කාරණ කොටගෙන ඇත. කාමයන් පිළිබැඳි මැ හේතු ඇති වෙයි.
Pali BJT10. තස්ස චෙ මහානාම කුලපුත්තස්ස එවං උට්ඨහතො ඝටතො වායමතො තෙ භොගා නාභිනිප්ඵජ්ජන්ති, සො සොචති කිලමති පරිදෙවති, උරත්තාළිං කන්දති, සම්මොහං ආපජ්ජති: “මොඝං වත මෙ උට්ඨානං. අඵලො වත මෙ වායාමොති”. අයම්පි මහානාම කාමානං ආදීනවො සන්දිට්ඨිකො දුක්ඛක්ඛන්ධො කාමහෙතු කාමනිදානං කාමාධිකරණං කාමානමෙව හෙතු.
Sinhala BJT10. මහානාමය, ඉදින් මෙසෙයින් (ආජීවසමුත්‍ථාපක වීර්‍ය්‍යයෙන් උසා කරන, (පූර්‍වාපරවීර්‍ය්‍යය) ඝටනා කරන, ඵලනිෂ්පත්ති සඳහා පියෝ කරන, ඒ කුලපුත්හට ඒ භෝගයෝ පලදාවිසින් අභිනිෂ්පත්ති නො කෙරෙත් නම්, හෙ සොන්නේ ය. කළ කිරෙන්නේ ය. වලපන්නේ ය. ළමිඩියෙහි අත් පුනපුනා පැහැර හඬන්නේ ය. (විසංඥයකු සෙයින්) සම්මෝහයට වදනේ ය. කෙසේ ය යත්: “එකැතින් මා උසා සිස් වී. එකැතින් මා උසා අඵල වී” කියා යි. මහානාමය, කාමයන්ගේ මේ ආදීනවය. ප්‍රත්‍යක්‍ෂ දුක්රැසෙකැ. කාමයන් ප්‍රත්‍යය කොට ගෙන ඇත. කාමයන් මුල් කොට ගෙන ඇත. කාමයන් කාරණ කොටගෙන ඇත. කාමයන් මැ හේතු කොට ගෙන පවත්නේ ය.
Pali BJT11. තස්ස චෙ මහානාම කුලපුත්තස්ස එවං උට්ඨහතො ඝටතො වායමතො තෙ භොගා අභිනිප්ඵජ්ජන්ති, සො තෙසං භොගානං ආරක්ඛාධිකරණං දුක්ඛං දොමනස්සං පටිසංවෙදෙති: “කින්ති මෙ භොගෙ නෙව රාජානො හරෙය්යුං, න චොරා හරෙය්යුං, න අග්ගි දහෙය්ය, න උදකං වහෙය්ය, න අප්පියා වා දායාදා හරෙය්යුන්ති”.
Sinhala BJT11. මහානාමය, ඉදින් මෙසෙයින් උසා කරන, ඝටනා කරන, පියෝ කරන, ඒ කුලපුත්‍රයාහට ඒ භෝගයෝ පලදා විසින් නිපදිත් නම්, හෙ ඒ භෝගයන්ගේ ආරක්‍ෂා කාරණ කොට ගෙන දුක් දොම්නස් වළඳ කෙරෙයි. කෙසේය යත්: “කිනම් උපායෙකින් මා අයත් භෝගයන් රජදරුවෝ නො ම ගෙන යෙත් ද, සොරු නොගෙන යෙද් ද, ගිනි නො දවා ද, දිය උල්පවා නො වහා ද, අප්‍රියදායාදයෝ නො නෙරත් ද” කියා යි.
Pali BJT12. තස්ස එවං ආරක්ඛතො ගොපයතො තෙ භොගෙ රාජානො වා හරන්ති. චොරා වා හරන්ති. අග්ගි වා ඩහති. උදකං වා වහති. අප්පියා වා දායාදා හරන්ති. සො සොචති කිලමති පරිදෙවති උරත්තාළිං කන්දති සම්මොහං ආපජ්ජති: යම්පි මෙ අහොසි තම්පි නො නත්ථීති. අයම්පි මහානාම කාමානං ආදීනවො සන්දිට්ඨිකො දුක්ඛක්ඛන්ධො කාමහෙතු කාමනිදානං කාමාධිකරණං කාමානමෙව හෙතු.
Sinhala BJT12. මෙසෙයින් ආරක්‍ෂා කරන, ගොපනා කරන, උහුගේ ඒ භෝගයන් රජදරුවෝ ගෙන යෙත්. සොරු හෝ ගෙන යෙත්. ගිනි හෝ දවයි. දිය හෝ පා කෙරෙයි. අප්‍රිය දායාදයෝ හෝ නෙරත්. හෙ සොස්නේ ය, කළකිරෙන්නේ ය, වලප්නේ ය, ළමිඬියෙහි අත් පැහැර හඬන්නේ ය, සම්මෝහයට වදනේ ය. කෙසේය යත්: “යම් ධනයෙක් මට වී ද, එ ද අපට නැති වී” කියා යි. මහානාමය, මේද කාමයන්ගේ ආදීනවය, ප්‍රත්‍යක්‍ෂ දුක් රැසෙකැ. කාමයන් ප්‍රත්‍යය කොට ගෙන ඇත. කාමයන් මුල්කොට ගෙන ඇත. කාමයන් කාරණ කොට ගෙන ඇත. කාමයන් මැ හේතු කොට ගෙන පවත්නේ ය.
Pali BJT13. පුන චපරං මහානාම කාමහෙතු කාමනිදානං කාමාධිකරණං කාමානමෙව හෙතු රාජානොපි රාජූහි විවදන්ති. ඛත්තියාපි ඛත්තියෙහි විවදන්ති. බ්රාහ්මණාපි බ්රාහ්මණෙහි විවදන්ති. ගහපතීපි ගහපතීහි විවදන්ති. මාතාපි පුත්තෙන විවදති. පුත්තොපි මාතරා විවදති. පිතාපි පුත්තෙන විවදති. පුත්තොපි පිතරා විවදති. භාතාපි භාතරා විවදති. භාතාපි භගිනියා විවදති. භගිනීපි භාතරා විවදති. සහායොපි සහායෙන විවදති. තෙ තත්ථ කලහවිග්ගහවිවාදාපන්නා අඤ්ඤමඤ්ඤං පාණීහිපි උපක්කමන්ති. ලෙඩ්ඩූහිපි උපක්කමන්ති. දණ්ඩෙහිපි උපක්කමන්ති. සත්ථෙහිපි උපක්කමන්ති. තෙ තත්ථ මරණම්පි නිගච්ඡන්ති මරණමත්තම්පි දුක්ඛං. අයම්පි මහානාම කාමානං ආදීනවො සන්දිට්ඨිකො දුක්ඛක්ඛන්ධො කාමහෙතු කාමනිදානං කාමාධිකරණං කාමානමෙව හෙතු.
Sinhala BJT13. තවද මහානාමය, කාමප්‍රත්‍යයයෙන් කාමයන් නිදාන කොට, කාමයන් කරණ කොට, කාමයන් මැ හේතු කොට රජදරුවෝ ද රජදරුවන් හා විරුද්ධ වාද කෙරෙත් ක්‍ෂත්‍රියයෝ ද ක්‍ෂත්‍රියයන් හා විවාද කෙරෙත්. බමුණෝ ද බමුණන් හා විවාද කෙරෙත්. ගැහැවියෝ ද ගැහැවියන් හා විවාද කෙරෙත්. මවුදු පුතු හා විවාද කෙරෙයි. පිත් ද මවු හා විවාද කෙරෙයි. සොහොවුරු දු සොහොවුරු හා විවාද කෙරෙයි. සොහොවුරු ද බින්හැඹු හා විවාද කෙරෙයි. බින්හැඹු දු බෑයා හා විවාද කෙරෙයි. යහළු දු යහළු හා විවාද කෙරෙයි. ඔහු එහි කලහවිරුද්ධග්‍රහණ විරුද්ධවාදයට අවන්නාහු උනුන් අතිනුදු පහරත්. කැටිනුදු පහරත්. දඩියෙනු දු පහරත්. සැතිනුදු පහරත්. ඔහු එහි දී මරණයට ද මරණමාත්‍ර දුඃඛයට ද යෙති. මහානාමය, කාමයන්ගේ මේද ආදීනවය. ප්‍රත්‍යක්‍ෂ දුක් රැසෙකැ. කාමයන් ප්‍රත්‍යය කොට ගෙන ඇත. කාමයන් මුල් කොට ගෙන ඇත. කාමයන් කාරණ කොට ගෙන ඇත. කාමයන් මැ හේතු කොට ගෙන පවත්නේ ය.
Pali BJT14. පුන චපරං මහානාම කාමහෙතු කාමනිදානං කාමාධිකරණං කාමානමෙව හෙතු අසිචම්මං ගහෙත්වා ධනුකලාපං සන්නය්හිත්වා උභතො වියූළ්හං සඞ්ගාමං පක්ඛන්දන්ති උසූසුපි ඛිප්පමානෙසු, සත්තීසුපි ඛිප්පමානාසු අසීසුපි විජ්ජොතලන්තෙසු. තෙ තත්ථ උසූහිපි විජ්ඣන්ති, සත්තියාපි විජ්ඣන්ති, අසිනාපි සීසං ඡින්දන්ති. තෙ තත්ථ මරණම්පි නිගච්ඡන්ති මරණමත්තම්පි දුක්ඛං. අයම්පි මහානාම කාමානං ආදීනවො සන්දිට්ඨිකො දුක්ඛක්ඛන්ධො කාමහෙතු කාමනිදානං කාමාධිකරණං කාමානමෙව හෙතු.
Sinhala BJT14. තවද මහානාමය, කාමප්‍රත්‍යයයෙන් කාමයන් නිදාන කොට, කාමයන් කරණ කොට, කාමයන් මැ හේතු කොට සර ද විදුනා ලබත් මැ සිරිය ද වුහුටත් මැ කඩුදු ඔබමොබ පෙරෙළා වැටෙත් මැ කඩුපලිහ ගෙන, දුනු හියොවුරු සකසා බැඳ, දෙපසින් මුළුදුන් සඞ්ග්‍රාමයට පිවිසෙති. ඔහු එහි දි ඊයෙනුදු විදිත්. සිරියෙනුදු විදිත්. කඩුයෙනුදු හිස් සිඳිත්. ඔහු එහි දී මරණයට ද මරණමාත්‍ර දුඃඛයට ද යෙති. මහානාමය, කමායන්ගේ මේද ආදීනවය. ප්‍රත්‍යක්‍ෂ දුක්රැසෙකැ. කාමයන් ප්‍රත්‍යය කොට ගෙන ඇත. කාමයන් මුල් කොට ගෙන ඇත. කාමයන් කාරණ කොටගෙන ඇත. කාමයන් හේතු කොට ගෙන පවත්නේ ය.
Pali BJT15. පුන චපරං මහානාම කාමහෙතු කාමනිදානං කාමාධිකරණං කාමානමෙව හෙතු අසිචම්මං ගහෙත්වා ධනුකලාපං සන්නය්හිත්වා අද්දාවලෙපනා{1} උපකාරියො පක්ඛන්දන්ති උසූසුපි ඛිප්පමානෙසු සත්තීසුපි ඛිප්පමානාසු අසීසුපි විජ්ජොතලන්තෙසු. තෙ තත්ථ උසූහිපි විජ්ඣන්ති, සත්තියාපි විජ්ඣන්ති, පක්කට්ඨියාපි{2} ඔසිඤ්චන්ති, අභිවග්ගෙනපි ඔමද්දන්ති, අසිනාපි සීසං ඡින්දන්ති. තෙ තත්ථ මරණම්පි නිගච්ඡන්ති මරණමත්තම්පි දුක්ඛං. අයම්පි මහානාම කාමානං ආදීනවො සන්දිට්ඨිකො දුක්ඛක්ඛන්ධො කාමහෙතු කාමනිදානං කාමාධිකරණං කාමානමෙව හෙතු.
Sinhala BJT15. තවද මහානාමය, කාමප්‍රත්‍යයයෙන් කාමයන් නිදාන කොට, කාමයන් කරණ කොට කාමයන් මැ හේතු කොට, සර ද විදුනා ලබත් මැ සිරිය ද වුහුටත් මැ කඩුදු ඔබ මොබ පෙරෙළා වැටෙත් මැ කඩුපලිහ ගෙන, දුනු හියොවුරු සකසා බැඳ තෙත්කලල් අලෙවු දුන් පවුරු පදනමට පැහැ ගනිත්. ඔහු එහි දී ඊයෙනුදු විදිත්. සිරියෙනුදු විදිත්. කකියන ගොමිනු දු තෙමත් ශත දන්තයෙනුදු අවමර්දන කෙරෙත්. කඩුයෙනුදු හිස් සිඳිත්. ඔහු එහි දී මරණයට ද මරණමාත්‍ර දුඃඛයට ද යෙත්. මහානාමය, මෙ ද කාමයන්ගේ ආදීනවය වෙයි. සාංදෘෂ්ටික දුක්රැසෙකැ. කාමයන් ප්‍රත්‍යය කොට ඇති වෙයි කාමයන් කාරණ කොට ඇති වෙයි. කාමයන් පිළිබැඳි මැ හේතු ඇතියේ වෙයි.
Pali BJT16. පුන චපරං මහානාම කාමහෙතු කාමනිදානං කාමාධිකරණං කාමානමෙව හෙතු සන්ධිම්පි ඡින්දන්ති, නිල්ලොපම්පි හරන්ති, එකාගාරිකම්පි කරොන්ති, පරිපන්ථෙපි තිට්ඨන්ති, පරදාරම්පි ගච්ඡන්ති. තමෙනං රාජානො ගහෙත්වා විවිධා{1} කම්මකාරණා{2} කාරෙන්ති: කසාහිපි තාළෙන්ති, වෙත්තෙහිපි තාළෙන්ති, අද්ධදණ්ඩකෙහිපි තාළෙන්ති, හත්ථම්පි ඡින්දන්ති, පාදම්පි ඡින්දන්ති, හත්ථපාදම්පි ඡින්දන්ති, කණ්ණම්පි ඡින්දන්ති, නාසම්පි ඡින්දන්ති, කණ්ණනාසම්පි ඡින්දන්ති, බිලඞ්ගථාලිකම්පි කරොන්ති, සඞ්ඛමුණ්ඩිකම්පි කරොන්ති, රාහුමුඛම්පි කරොන්ති, ජොතිමාලිකම්පි කරොන්ති, හත්ථපජ්ජොතිකම්පි කරොන්ති, එරකවත්තිකම්පි කරොන්ති, චීරකවාසිකම්පි කරොන්ති, ඛාරාපතච්ඡිකම්පි කරොන්ති, පලිඝපරිවත්තිකම්පි කරොන්ති, පලාලපීඨකම්පි කරොන්ති, තත්තෙනපි තෙලෙන ඔසිඤ්චන්ති, සුනඛෙහිපි ඛාදාපෙන්ති, ජීවන්තම්පි සූලෙ උත්තාසෙන්ති, අසිනාපි සීසං ඡින්දන්ති. තෙ තත්ථ මරණම්පි නිගච්ඡන්ති, මරණමත්තම්පි දුක්ඛං. අයම්පි මහානාම කාමානං ආදීනවො සන්දිට්ඨිකො දුක්ඛක්ඛන්ධො කාමහෙතු කාමනිදානං කාමාධිකරණං කාමානමෙව හෙතු.
Sinhala BJT16. තවද මහානාමය, කාමප්‍රත්‍යයයෙන් කාමයන් නිදාන කොට, කාමයන් කරණ කොට, කාමයන් මැ හේතු කොට, උමඟ ද සිඳිත්. නිර්ලෝප (ගම්පැහැරිම්) කොට නෙරත්. ජීවග්‍රාහයෙන් ගෙනැ ධන නෙරිම් ද කෙරෙත්. මඟනැහිමෙහිදු සිටිත් පරඹුන් කරා ද යෙති. රජදරුවෝ උහු ගෙන විවිධ කම්කටොලු කෙරෙති: කටුමතිගායෙනු දු තළත්. වේවැලිනුදු තළත්. අත ද සිඳිත්. පය ද සිඳිත්. අත්පා ද සිඳිත්. කන ද සිඳිත්. නැහැය ද සිඳිත්. කන්නැහැ ද සිඳිත්. බිළඞ්ගථාලිකවධ ද කෙරෙත්. සඞ්ඛමුණ්ඩිකවධ ද කෙරෙත්. රාහුමුඛවධ ද කෙරෙත්. ජෝතිමාලිකවධ ද කෙරෙත්. හත්‍ථපජ්ජෝතිකවධ ද කෙරෙත්. ඵරකවත්තිකවධ ද කෙරෙත්. චීරකවාසිකවධ ද කෙරෙත්. එණෙය්‍යකවධ ද කෙරෙත්. බළිසමංසිකවධ ද කෙරෙත්. කහාපණක වධ ද කෙරෙත්. ඛාරාපතච්ඡිකවධ ද කෙරෙත්. පලිඝපරිවත්තිකවධ ද කෙරෙත්. පලාලපීඨකවධ ද කෙරෙත්. තප්තතෛලයෙනුදු තෙමත්. කීණබල්ලන් ලවා කවත්. දිවස් හුලැ හිඳුවත්. දඩුයෙනුදු හිස් සිඳිත්. ඔහු එහි දී මරණයට ද වැදගනිත්. මරණමාත්‍රදුඃඛයට ද යෙත්. මහානාමය, මේද කාමාදිනවය, සාන්දෘෂ්ටික දුඃඛස්කන්‍ධයෙකැ. කාමයන් ප්‍රත්‍යය කොට ගෙන ඇත. කාමයන් මුල් කොට ගෙන ඇත. කාමයන් කාරණ කොට ගෙන ඇත. කාමයන් පිළිබැදි මැ හේතු ඇතියේ වෙයි.
Pali BJT17. පුන චපරං මහානාම කාමහෙතු කාමනිදානං කාමාධිකරණං කාමානමෙව හෙතු කායෙන දුච්චරිතං චරන්ති, වාචාය දුච්චරිතං චරන්ති, මනසා දුච්චරිතං චරන්ති. තෙ කායෙන දුච්චරිතං චරිත්වා වාචාය දුච්චරිතං චරිත්වා මනසා දුච්චරිතං චරිත්වා කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජන්ති. අයං මහානාම කාමානං ආදීනවො සම්පරායිකො දුක්ඛක්ඛන්ධො කාමහෙතු කාමනිදානං කාමාධිකරණං කාමානමෙව හෙතු.
Sinhala BJT17. තවද මහානාමය, කාමප්‍රත්‍යයයෙන් කාමයන් නිදාන කොට කාමයන් කරණ කොට, කාමයන් මැ හේතුකොට, කයින් දුසිරිත් කරත්. වචනයෙන් දුසිරිත් කරත්. සිතින් දුසිරිත් කරත්. ඔහු කයින් දුසිරිත් පුරා, වචනයෙන් දුසිරිත් පුරා, සිතින් දුසිරිත් පුරා, කාබුන් මරණින් මතු සැපයෙන් වෙන් ව සිටුනා නපුරුගතියක් වන විවසව වැ වැටෙන තැන් වන නිරයට එළඹෙත්. මහානාමය, මේ කාමාදිනවය සාම්පරායිකදුඃඛ ස්කන්‍ධයෙකි. කාමයන් ප්‍රත්‍යය කොට ඇත. කාමයන් මුල් කොට ඇත. කාමයන් කාරණ කොට ඇත. කාමයන් පිළිබැඳි මැ හේතු ඇතියේ වෙයි.
Pali BJT18. එකමිදාහං මහානාම සමයං රාජගහෙ විහරාමි ගිජ්ඣකූටෙ පබ්බතෙ. තෙන ඛො පන සමයෙන සම්බහුලා නිගණ්ඨා ඉසිගිලිපස්සෙ කාළසිලායං උබ්භට්ඨකා හොන්ති ආසනපටික්ඛිත්තා. ඔපක්කමිකා දුක්ඛා තිප්පා කටුකා වෙදනා වෙදියන්ති. අථ ඛොහං මහානාම සායන්හසමයං පටිසල්ලානා වුට්ඨිතො යෙන ඉසිගිලි පස්සෙ කාළසිලා යෙන තෙ නිගණ්ඨා තෙනුපසඞ්කමිං. උපසඞ්කමිත්වා තෙ නිගණ්ඨෙ එතදවොචං: කින්නු තුම්හෙ ආවුසො නිගණ්ඨා, උබ්භට්ඨකා ආසනපටික්ඛිත්තා ඔපක්කමිකා තිප්පා කටුකා වෙදනා වෙදියථාති? එවං වුත්තෙ මහානාම තෙ නිගණ්ඨා මං එතදවොචුං: නිගණ්ඨො ආවුසො නාතපුත්තො සබ්බඤ්ඤූ සබ්බදස්සාවී අපරිසෙසං ඤාණදස්සනං පටිජානාති: චරතො ච මෙ තිට්ඨතො ච සුත්තස්ස ච ජාගරස්ස ච සතතං සමිතං ඤාණදස්සනං පච්චුපට්ඨිතන්ති–
Sinhala BJT18. මහානාමය, මම එක් කලෙක මේ රජගහ නුවර ගිජුකුළු පව්වෙහි විසීමි. එසමයෙහි නුවටහු බොහෝ දෙනෙක් ඉසිගිලිපවු ඇළයෙහි කළුගල් අතලෙහි පියනලද අසුන් ඇති වැ නැගිට සිටියාහු වෙති. (ස්ථානාදි) උපක්‍රමයෙන් වන තීව්‍ර කටුක දුඃඛවේදනාවන් විඳිත්. මහානාමය, මම එසඳ සවස්වරුයෙහි පිළිසලනින් නැගිටියෙම් ඉසිගිලි ඇළයෙහි කළු ගල් අතල වෙත එනුවටුන් කරා එළැඹියෙමි. එළඹ එ නුවටුනට තෙල බස් කියෙමි: ‘ඇවැත්නි, නිගණ්ඨයෙනි, කවර කරුණින් තෙපි පියු අසුන් ඇති වැ නැඟිට සිටිනහු තීව්‍ර කටුක ඖපක්‍රමික දුඃඛවේදනාවන් විඳුනාව? කියා යි. මහානාමය, මෙසේ කී කල, ඒ නුවටහු මට තෙල බස් කී “ඇවැත්නි, නාතපුත්ත නුවට (අයු අනා වත්මන්) හැම දන්නෙකැ හැම දක්නාසුල්ලෙකැ අපරිශේෂ සඞ්ඛ්‍යාත ඥානදර්‍ශනය පිළින කෙරෙයි: ඇවිදුනු වූ ද, සිටුනු වූ ද, නිදනු වූ ද, නිදිවරනු වූ ද, මට හැමකල් නිරතුරු ඥානදර්‍ශනය එළඹ සිටුනේ ය කියා” යි.
Pali BJTසො එවමාහ: “අත්ථි වො නිගණ්ඨා, පුබ්බෙ පාපං කම්මං කතං. තං ඉමාය කටුකාය දුක්කරකාරිකාය නිජ්ජරෙථ. යං පනෙත්ථ එතරහි කායෙන සංවුතා වාචාය සංවුතා මනසා සංවුතා තං ආයතිං පාපස්ස කම්මස්ස අකරණං. ඉති පුරාණානං කම්මානං තපසා ව්යන්තීභාවා, නවානං කම්මානං අකරණා ආයතිං අනවස්සවො. ආයතිං අනවස්සවා කම්මක්ඛයො. කම්මක්ඛයා දුක්ඛක්ඛයො. දුක්ඛක්ඛයා වෙදනාක්ඛයො. වෙදනාක්ඛයා සබ්බං දුක්ඛං නිජ්ජිණ්ණං භවිස්සතී”ති. තඤ්ච පනම්හාකා රුච්චති චෙව ඛමති ච තෙන චම්හා අත්තමනාති.
Sinhala BJTහෙ මෙසේ කියයි: “නුවටුනි, පෙරැ තොප කළ පාපකර්‍ම ඇත. එපව් මේ කටුක දුෂ්කරක්‍රියායෙන් දිරවා ලව. යම් කරුණින් මෙහි දැන් කාවිසිමුනි තුන් තැනින් සංවෘත වව් ද, එකරුණ මතුයෙහි පාපකර්‍මයාගේ නොකිරීම වෙයි. මෙසේ පුරාණ කර්‍මයන් තපසින් තැවී අවසන් වීමෙනුදු, නවකර්‍මයන් නො කිරීමෙනු දු මතුයෙහි ආස්‍රව (කර්‍ම රැස් කිරීමෙක්) නො වෙයි. මතුයෙහි අනාස්‍රව හේතුයෙන් කර්‍මක්‍ෂය වෙයි. කර්‍මක්‍ෂය හේතුයෙන් දුඃඛක්‍ෂය වෙයි. දුඃඛක්‍ෂය හේතුයෙන් වේදනාක්‍ෂය වෙයි. වේදනාක්‍ෂය හේතුයෙන් හැම දුක් නිර්ජිර්‍ණ වෙයි.” එද වනාහි අපට රුස්නේ හැ. සහනු ද වෙයි. එයිනුදු අපි සතුටු වම්හ යි.
Pali BJT19. එවං වුත්තෙ අහං මහානාම තෙ නිගණ්ඨෙ එතදවොචං: කිම්පන තුම්හෙ ආවුසො නිගණ්ඨා ජානාථ: ‘අහුවම්හෙව මයං පුබ්බෙ න නාහුවම්හාති? නො හිදං ආවුසො. කිම්පන තුම්හෙ ආවුසො නිගණ්ඨා ජානාථ: අකරම්හෙව මයං පුබ්බෙ පාපං කම්මං. නාකරම්හාති? නො හිදං ආවුසො. කිම්පන තුම්හෙ ආවුසො නිගණ්ඨා ජානාථ: එවරූපං වා එවරූපං වා පාපං කම්මං අකරම්හාති? නො හිදං ආවුසො. කිම්පන තුම්හෙ ආවුසො නිගණ්ඨා ජානාථ: එත්තකං වා දුක්ඛං නිජ්ජිණ්ණං, එත්තකං වා දුක්ඛං, නිජ්ජරෙතබ්බං එත්තකම්හි වා දුක්ඛෙ නිජ්ජිණ්ණෙ සබ්බං දුක්ඛං නිජ්ජිණ්ණං භවිස්සතීති? නො හිදං ආවුසො. කිම්පන තුම්හෙ ආවුසො නිගණ්ඨා ජානාථ: දිට්ඨෙව ධම්මෙ අකුසලානං ධම්මානං පහානං, කුසලානං ධම්මානං උපසම්පදන්ති? නො හිදං ආවුසො. ඉති කිර තුම්හෙ ආවුසො නිගණ්ඨා න ජානාථ: අහුවම්හෙව මයං පුබ්බෙ න නාහුවම්හාති. න ජානාථ: අකරම්හෙව මයං පුබ්බෙ පාපං කම්මං න නාකරම්හාති. න ජානාථ: එවරූපං වා එවරූපං වා පාපං කම්මං අකරම්හාති. න ජානාථ: එත්තකං වා දුක්ඛං නිජ්ජිණ්ණං, එත්තකං වා දුක්ඛං නිජ්ජරෙතබ්බං, එත්තකම්හි වා දුක්ඛෙ නිජ්ජිණ්ණෙ සබ්බං දුක්ඛං නිජ්ජිණ්ණං භවිස්සතීති. න ජානාථ: දිට්ඨෙව ධම්මෙ අකුසලානං ධම්මානං පහානං කුසලානං ධම්මානං උපසම්පදං. එවං සන්තෙ ආවුසො නිගණ්ඨා යෙ ලොකෙ ලුද්දා ලොහිතපාණිනො කුරූරකම්මන්තා මනුස්සෙසු පච්චාජාතා, තෙ නිගණ්ඨෙසු පබ්බජන්තීති.
Sinhala BJT19. මහානාමය, මෙසේ කීකල මම එ නුවටුනට තෙල කීයෙමි: ඇවැත්නි, නුවටුනි, “අපි පෙර වූමෝ ම යැ. නුවූමෝ නො වූම්හ”යි කිම තෙපි දන්නා ව? ඇවැත්නි, මෙසේ අපි නොදනුම්හ. ඇවැත්නි නුවටුනි, “අපි පෙර පව්කම් කළාවමෝ ම යැ. නොකළාවමෝ නො වූම්හ” යි කිම තෙපි දන්නා ව? ඇවැත්නි, මෙ ද නොදනුම්. ඇවැත්නි, නුවටුනි, “මෙවන් මෙවන් පව්කම් කළාවමෝ” යි කිම තෙපි දන්නා ව? ඇවැත්නි, මෙ ද නොදනුම්හ. ඇවැත්නි, නුවටුනි, “මෙතෙක් හෝ දුක් දිරිණ. මෙතෙක් හෝ දුක් දිරවිය යුතුය. මෙතෙක් හෝ දුක් දිරුණුකල දුක් හැම නිර්ජිර්‍ණ වනුයේ” යි කිම තෙපි දන්නා ව? ඇවැත්නි, මෙ ද නොදනුම්හ. ඇවැත්නි, නුවටුනි, “මෙ ලොව්හි මැ අකුශලධර්‍මයන්ගේ ප්‍රහාණය හා කුශලධර්‍මයන්ගේ උපසම්පත් හා වෙති”යි කිම තෙපි දන්නා ව? ඇවැත්නි, මෙ ද නොදනුම්හ. ඇවැත්නි, නුවටුනි, මෙසෙයින් තෙපි “පෙර වූවෝ මය, නුවූවෝ නො වූම්හ” යි නො දනුව. “අපි පෙර පව්කම් කළාවමෝ ම යැ, නොකළාවමෝ නො වූම්හ” යි නො දනුව. “මෙවන් මෙවන් පව්කම් කළාවමෝ” යි නො දනුව. “මෙතෙක් හෝ දුක් දිරිණ. මෙතෙක් හෝ දුක් දිරවිය යුතු ය. මෙතෙක් හෝ දුක් දිරුණු කලැ දුක් හැම නිර්ජිර්‍ණ වනුයේ” යැ යි නො දනුව. “මෙ ලොව්හි මැ අකුශලධර්‍මයන්ගේ ප්‍රහාණය හා කුශලධර්‍මයන්ගේ උපසම්පත් හා වෙති” යි නො දනුව. ඇවැත්නි, නුවටුනි, මෙසේ වත් මැ, ලෝකයෙහි රෞද්‍ර, ලෙහෙයෙන් වැකුණු අත් ඇති, කැකුළුකම් ඇති, මිනිසුන් කෙරෙහි උපන් යම් කෙනෙක් ඇත් ද, ඔහු නුවටුන් කෙරෙහි පැවිදි වෙති.
Pali BJT20. න ඛො ආවුසො ගොතම සුඛෙන සුඛං අධිගන්තබ්බං, දුක්ඛෙන ඛො සුඛං අධිගන්තබ්බං. සුඛෙන ච හාවුසො ගොතම සුඛං අධිගන්තබ්බං අභවිස්ස, රාජා මාගධො සෙනියො බිම්බිසාරො සුඛං අධිගච්ඡෙය්ය. රාජා මාගධො සෙනියො බිම්බිසාරො සුඛවිහාරිතරො ආයස්මතා ගොතමෙනාති.
Sinhala BJT20. ඇවැත්නි, ගොයුම් ගොතුවෙනි, සුඛයෙන් සුඛය අධිගන්තව්‍ය (ලැබිය යුතු) නොවේ. දුඃඛයෙන් මැ සුඛය අධිගන්තව්‍ය වේ. ඇවැත්නි, ගොයුම්ගොතුවෙනි, සුඛයෙන් සුඛය අධිගන්තව්‍ය වේ නම්, මගධේශ්වර වන, සේනා ඇති, දැකුම්කලු අත් බැව් ඇති බිම්සර රජ සුඛය ලබන්නේ යැ. මගධේශ්වර වන බිම්බිසාර සේනිය රජ ආයුෂ්මත් ගොයුම්ගොතුවනට වඩා අත්‍යර්‍ත්‍ථයෙන් සුඛවිහාර ඇතියේ යැ.
Pali BJT21. අද්ධායස්මන්තෙහි නිගණ්ඨෙහි සහසා අප්පටිසඞ්ඛා වාචා භාසිතා: “න ඛො ආවුසො ගොතම, සුඛෙන සුඛං අධිගන්තබ්බං. දුක්ඛෙන ඛො සුඛං අධිගන්තබ්බං. සුඛෙන ච හාවුසො ගොතම, සුඛං අධිගන්තබ්බං අභවිස්ස, රාජා මාගධො සෙනියො බිම්බිසාරො සුඛං අධිගච්ඡෙය්ය. රාජා මාගධො සෙනියො බිම්බිසාරො සුඛවිහාරිතරො ආයස්මතා ගොතමෙනා”ති.
Sinhala BJT21. “ඇවැත්නි, ගොයුම්ගොතුවෙනි, සුඛයෙන් සුඛය අධිගන්තව්‍ය නො වේ. දුඃඛයෙන් මැ සුඛය අධිගන්තව්‍ය වේ. ඇවැත්නි, ගොයුම් ගොතුවෙනි, සුඛයෙන් සුඛය අධිගන්තව්‍ය වේ නම්, මගධේශ්වර වන, දැකුම්කලු අත්බැව් ඇති, සේනියරජ සුඛය ලබන්නේ යැ. මගධේශ්වර වන බිම්බිසාර සේනිය රජ ආයුෂ්මත් ගොයුම් ගොතුවනට වඩා අත්‍යර්‍ත්‍ථයෙන් සුඛවිහාර ඇතියේ යැ” යි ආයුෂ්මත් නුවටුන් විසින් ඒකාන්තයෙන් මැ ලාහෙළා නුවණින් නොසලකා බසෙක් කියන ලද.
Pali BJT22. අපි ච අහමෙව තත්ථ පටිපුච්ඡිතබ්බො: කො නු ඛො ආයස්මන්තානං සුඛවිහාරිතරො රාජා වා මාගධො සෙනියො බිම්බිසාරො ආයස්මා වා ගොතමොති?
Sinhala BJT22. වැළිදු මම මැ එකරුණෙහි ලා (තොප විසින්) පිළිවිසිය යුතුයෙමි. කෙසේ ය: “ආයුෂ්මතුන් දෙදෙනා අතුරින් කවරෙක් නම් අධිකතර සුඛවිහරණ ඇතියේ වේ ද, මගධේශ්වර බිම්බිසාර සේනියරජ හෝ ආයුෂ්මත් ගොයුම්ගොතු හෝ?” යි.
Pali BJT23. අද්ධාවුසො ගොතම අම්හෙහි සහසා අප්පටිසඞ්ඛා වාචා භාසිතා: “න ඛො ආවුසො ගොතම සුඛෙන සුඛං අධිගන්තබ්බං. දුක්ඛෙන ඛො සුඛං අධිගන්තබ්බං. සුඛෙන ච හාවුසො ගොතම, සුඛං අධිගන්තබ්බං අභවිස්ස, රාජා මාගධො සෙනියො බිම්බිසාරො සුඛං අධිගච්ඡෙය්ය. රාජා මාගධො සෙනියො බිම්බිසාරො සුඛවිහාරිතරො ආයස්මතා ගොතමෙනා”ති. අපි ච තිට්ඨතෙතං, ඉදානිපි මයං ආයස්මන්තං ගොතමං පුච්ඡාම: කො නු ඛො ආයස්මන්තානං සුඛවිහාරිතරො රාජා වා මාගධො සෙනියො බිම්බිසාරො ආයස්මා වා ගොතමොති?
Sinhala BJT23. “ඇවැත්නි, ගොයුම්ගොතුවෙනි, සුඛයෙන් සුඛය අධිගන්තව්‍ය නො වේ. දුඃඛයෙන් මැ සුඛය අධිගන්තව්‍ය වේ. ඇවැත්නි, ගොයුම්ගොතුවෙනි, සුඛයෙන් සුඛය අධිගන්තව්‍ය වේ නම් මගධේශ්වර වන, දැකුම්කලු අත්බැව් ඇති, සේනියරජ සුඛය ලබන්නේ ය. ආයුෂ්මත් ගොයුම්ගොතුවනට වඩා මගධේශ්වර බිම්බිසාර සේනියරජ අධිකසුඛවිහරණ ඇතියේ යැ” යි ඇවැත්නි, ගොයුම්ගොතුවෙනි, අප විසින් ඒකාන්තයෙන් මැ ලාහෙළා නුවණින් නොසලකා බසෙක් කියනලද මැයි. වැළිත් තෙල තිබේවා. දැන් වේව යි අපි ආයුෂ්මත් ගොයුම්ගොතුවන් විචාරම්හ: “ආයුෂ්මතුන් දෙදෙනා අතුරින් කවරෙක් නම් අධිකසුඛවිහරණ ඇතියේ වේ ද, මගධේශ්වර බිම්බිසාර සේනියරජ හෝ ආයුෂ්මත් ගොයුම්ගොතු හෝ?” යි.
Pali BJT24. තෙන හාවුසො නිගණ්ඨා තුම්හෙව තත්ථ පටිපුච්ඡිස්සාමි. යථා වො ඛමෙය්ය, තථා නං බ්යාකරෙය්යාථ: තං කිං මඤ්ඤථාවුසො නිගණ්ඨා, පහොති රාජා මාගධො සෙනියො බිම්බිසාරො අනිඤ්ජමානො කායෙන අභාසමානො වාචං සත්ත රත්තින්දිවානි එකන්තසුඛපටිසංවෙදී{1} විහරිතුන්ති? නො හිදං ආවුසො. තං කිං මඤ්ඤථාවුසො නිගණ්ඨා, පහොති රාජා මාගධො සෙනියො බිම්බිසාරො අනිඤ්ජමානො කායෙන අභාසමානො වාචං ඡ රත්තින්දිවානි -පෙ- පඤ්ච රත්තින්දිවානි -පෙ- චත්තාරි රත්තින්දිවානි -පෙ- තීණි රත්තින්දිවානි -පෙ- ද්වෙ රත්තින්දිවානි -පෙ- එකං රත්තින්දිවං එකන්තසුඛපටිසංවෙදී විහරිතුන්ති? නො හිදං ආවුසො.
Sinhala BJT24. ඇවැත්නි, නුවටුනි, එකරුණින් තොප මැ එහිලා පුළුවුසුම්හ: යම් පරිදි තොපට රිසියේ ද, එපරිදි එය පවසව. ඇවැත්නි, ඒ කිමැ යි හඟනාව? මගධේශ්වර බිම්බිසාර සේනියරජ කයින් නොසැලෙමින් තෙපුල් නොබෙණෙමින් සත් දවරැයක් නරතුරි සුව විඳුනාසුලු වැ විහරණ කරන්නට හැකියේ ද? ඇවැත්නි, මේ නොහැකි යැ. ඇවැත්නි, ඒ කිමැයි හඟනාව? මගධේශ්වර බිම්බිසාර සේනියරජ කයින් නොසැලෙමින් තෙපුල් නො බෙණෙමින් දවරැය සයක් ... විහරණ කරන්නට හැකියේ ද?... දවරැය පසක් ... දවරැය සතරක් ... දවරැය තුනක් ... දවරැය දෙකක් ... එක් දවරැයක් ... නරතුර සුව විඳුනාසුලු වැ විහරණ කරන්නට හැකියේ ද? ඇවැත්නි, මේ නොහැකි යැ.
Pali BJT25. අහං ඛො ආවුසො නිගණ්ඨා, පහොමි අනිඤ්ජමානො කායෙන අභාසමානො වාචං එකං රත්තින්දිවං එකන්තසුඛපටිසංවෙදී විහරිතුං. අහං ඛො ආවුසො නිගණ්ඨා, පහොමි අනිඤ්ජමානො කායෙන අභාසමානො වාචං ද්වෙ රත්තින්දිවානි -පෙ- තීණි රත්තින්දිවානි -පෙ- චත්තාරි රත්තින්දිවානි -පෙ- පඤ්ච රත්තින්දිවානි -පෙ- ඡ රත්තින්දිවානි -පෙ- සත්ත රත්තින්දිවානි එකන්තසුඛපටිසංවෙදී විහරිතුං. තං කිං මඤ්ඤථාවුසො නිගණ්ඨා, එවං සන්තෙ කො සුඛවිහාරිතරො රාජා වා මාගධො සෙනියො බිම්බිසාරො අහං වා’ති? එවං සන්තෙ ආයස්මාව ගොතමො සුඛවිහාරිතරො රඤ්ඤා මාගධෙන සෙනියෙන බිම්බිසාරෙනාති.
Sinhala BJT25. ඇවැත්නි, නුවටුනි, මම වනාහි කයින් නොසැලෙමින් තෙපුල් නොබෙණෙමින් එක් දවරැයක් නරතුරු සුව විඳුනාසුලු වැ විහරණ කරන්නට හැකියෙමි. ඇවැත්නි, නුවටුනි, මම වනාහි කයින් නොසැලෙමින් තෙපුල් නොබෙණෙමින් දවරැය දෙකක් ... දවරැය තුනක් ... දවරැය සතරක් ... දවරැය පසක් ... දවරැය සයක් ... දවරැය සතක් නරතුරු සුව විඳුනාසුලු වැ විහරණ කරන්නට හැකියෙමි. ඇවැත්නි, නුවටුනි, ඒ කිමැ යි සිතන්නාව? මෙසෙයින් වත් මැ කවරෙක් නම් අධික සුඛවිහරණ ඇතියේ වේ ද, මගධේශ්වර බිම්බිසාර සේනියරජ හෝ යැ, මම් හෝ ය? මෙසෙයින් වත් මැ මගධේශ්වර බිම්බිසාර සේනියරජුට වඩා ආයුෂ්මත් ගොයුම්ගොතුවෝ අධික සුඛවිහරණ ඇතියහ යි.
Pali BJTඉදමවොච භගවා. අත්තමනො මහානාමො සක්කො භගවතො භාසිතං අභිනන්දීති.
Sinhala BJTභාග්‍යවතුන් වහන්සේ මෙසුත වදාළහ. සතුටුසිත් ඇති මහානාම සැහැරජ භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය අභිමුඛ කොට පිළි ගත්තේ ය.
Pali BJTචූළදුක්ඛක්ඛන්ධසුත්තං චතුත්ථං.
Sinhala BJTචූළදුක්ඛක්ඛන්‍ධසූත්‍රය සතරවැනි යි.
Pali BJT1. 2. 5.
Sinhala BJT1. 2. 5.
Pali BJTඅනුමානසුත්තං
Sinhala BJTඅනුමාන සූත්‍රය
Pali BJT1. එවං මෙ සුතං: එකං සමයං ආයස්මා මහාමොග්ගල්ලානො භග්ගෙසු විහරති සුංසුමාරගිරෙ{1} භෙසකලාවනෙ{2} මිගදායෙ. තත්ර ඛො ආයස්මා මහාමොග්ගල්ලානො භික්ඛූ ආමන්තෙසි: ආවුසො භික්ඛවොති. ආවුසොති ඛො තෙ භික්ඛූ ආයස්මතො මහාමොග්ගල්ලානස්ස පච්චස්සොසුං. ආයස්මා මහාමොග්ගල්ලානො එතදවොච: පවාරෙති චෙපි ආවුසො භික්ඛු වදන්තු මං ආයස්මන්තො, වචනීයොම්හි ආයස්මන්තෙහීති. සො ච හොති දුබ්බචො දොවචස්සකරණීයෙහි ධම්මෙහි සමන්නාගතො අක්ඛමො අප්පදක්ඛිණග්ගාහී අනුසාසනිං. අථ ඛො නං සබ්රහ්මචාරී න චෙව වත්තබ්බං මඤ්ඤන්ති. න ච අනුසාසිතබ්බං මඤ්ඤන්ති න ච තස්මිං පුග්ගලෙ විස්සාසං ආපජ්ජිතබ්බං මඤ්ඤන්ති.
Sinhala BJT1. මා විසින් මෙසේ අසන ලදි: එක් කලෙක ආයුෂ්මත් මහාමෞද්ගල්‍යායන ස්ථවිරයන් වහන්සේ භගු රට සුංසුමාරගිර නුවර සමීපයෙහි මිහිඟුගස් ඇති මුවළැව් උයන්හි වාස කෙරෙති. එහි දී ආයුෂ්මත් මහාමෞද්ගල්‍යායන ස්ථවිරයන් වහන්සේ “ඇවැත්නි, මහණෙනි,”යි භික්‍ෂූන් ඇමැතූහු. ඒ භික්‍ෂූහු ඇවැත්නි, යි ආයුෂ්මත් මහාමෞද්ගල්‍යායන ස්ථවිරයන් වහන්සේට පිළිවදන් ඇස්වූහු. ආයුෂ්මත් මහාමෞද්ගල්‍යායන ස්ථවිරයන් වහන්සේ තෙල දෙසූහ: ඇවැත්නි, යම් මැ මහණකු “මම අයුෂ්මතුන් විසින් අවවාද අනුශාසනා වශයෙන් කියයුත්තෙම් වෙමි. ආයුෂ්මත්හු මට අවවාද අනුශාසනා වශයෙන් කරුණු කියත්වා”යි පවරතුදු, හෙ ද, දුර්වච වූයේ දුර්‍වචභාවය කරන (මතු එන සොළොස්) ධර්‍මයෙන් යුක්ත වූයේ, නො සහනුයේ, අනුශාසනය ඇදුරු කොට නොගන්නාසුලු වූයේ වේ නම්, එසේ ඇති කල්හි සබ්‍රහ්මචාරීහු ඔහු කියයුත්තකු කොට නො හඟිත්. අනුශාසනය කළයුත්තකු කොට නො හඟිත්. ඒ පුද්ගලයා කෙරෙහි විශ්වාසය එළවියයුතු කොට නො හඟිත්.
Pali BJT2. කතමෙ චාවුසො දොවචස්සකරණා ධම්මා?
Sinhala BJT2. ඇවැත්නි, දුර්‍වචභාවය කරන ධර්‍මයෝ කවරහ?
Pali BJTඉධාවුසො භික්ඛු පාපිච්ඡො හොති පාපිකානං ඉච්ඡානං වසං ගතො. යම්පාවුසො භික්ඛු පාපිච්ඡො හොති පාපිකානං ඉච්ඡානං වසං ගතො, අයම්පි ධම්මො දොවචස්සකරණො. (1)
Sinhala BJTඇවැත්නි, මේ ශාසනයෙහි මහණෙක් පාපේච්ඡ වූයේ, ලාමකඉච්ඡාවන්ගේ වශයට ගියේ වෙයි. ඇවැත්නි, යම් හෙයෙකින් වනාහි මහණ ලමු ඉච්ඡාවන්ගේ වශයට ගියේ වේ ද, මෙ ද දුර්‍වචභාවය කරන ධර්‍මයෙකි. (1)
Pali BJT3. පුන චපරං ආවුසො භික්ඛු අත්තුක්කංසකො හොති පරවම්භී. යම්පාවුසො භික්ඛු අත්තුක්කංසකො හොති පරවම්භී, අයම්පි ධම්මො දොවචස්සකරණො. (2)
Sinhala BJT3. තවද, අනෙකෙක් වෙයි. ඇවැත්නි, මහණ තමා හුවා දක්නේ පරා හෙළා දක්නේ වෙයි. ඇවැත්නි, යම් හෙයෙකින් මහණ තමා හුවා දක්නේ පරා හෙළා වේ ද, මෙ ද දුර්‍වචභාවය කරන ධර්‍මයෙකි. (2)
Pali BJT4. පුන චපරං ආවුසො භික්ඛු කොධනො හොති කොධාභිභූතො. යම්පාවුසො භික්ඛු කොධනො හොති කොධාභිභූතො, අයම්පි ධම්මො දොවචස්සකරණො. (3)
Sinhala BJT4. තවද, අනෙකෙක් වෙයි. ඇවැත්නි, මහණ ක්‍රෝධ කරනසුලු වූයේ, ක්‍රෝධයා විසින් මඩනා ලද්දේ වෙයි. ඇවැත්නි, යම් හෙයෙකින් මහණ ක්‍රෝධ කරනසුලු වූයේ, ක්‍රෝධයා විසින් මඩනා ලද්දේ වේ ද, මෙ ද දුර්‍වචභාවය කරන ධර්‍මයෙකි. (3)
Pali BJT5. පුන චපරං ආවුසො භික්ඛු කොධනො හොති කොධහෙතු උපනාහී. යම්පාවුසො භික්ඛු කොධනො හොති කොධහෙතු උපනාහී, අයම්පි ධම්මො දොවචස්සකරණො. (4)
Sinhala BJT5. තවද, අනෙකෙක් වෙයි. ඇවැත්නි, මහණ ක්‍රෝධ කරනසුලු වූයේ, ක්‍රෝධය හේතු කොට ගෙන බද්ධවෛර ඇත්තේ වෙයි. ඇවැත්නි, යම් හෙයෙකින් මහණ ක්‍රෝධ කරනසුලු වූයේ, ක්‍රෝධය හේතු කොට ගෙන බද්ධවෛර ඇත්තේ වේ ද, මෙ ද දුර්‍වචභාවය කරන ධර්‍මයෙකි. (4)
Pali BJT6. පුන චපරං ආවුසො භික්ඛු කොධනො හොති කොධහෙතු අභිසඞ්ගී. යම්පාවුසො භික්ඛු කොධනො හොති කොධහෙතු අභිසඞ්ගී, අයම්පි ධම්මො දොවචස්සකරණො. (5)
Sinhala BJT6. තවද, අනෙකෙක් වෙයි. ඇවැත්නි, මහණ ක්‍රෝධ කරනසුලු වූයේ, ක්‍රෝධය හේතු කොට ගෙන ගැටෙන සුලු වූයේ වෙයි. ඇවැත්නි, යම් හෙයෙකින් මහණ ක්‍රෝධ කරනසුලු වූයේ, ක්‍රෝධය හේතු කොට ගෙන ගැටෙනසුලු වූයේ වේ ද, මෙ ද දුර්‍වචභාවය කරන ධර්‍මයෙකි. (5)
Pali BJT7. පුන චපරං ආවුසො භික්ඛු කොධනො හොති කොධසාමන්තා වාචං නිච්ඡාරෙතා. යම්පාවුසො භික්ඛු කොධනො හොති කොධසාමන්තා වාචං නිච්ඡාරෙතා, අයම්පි ධම්මො දොවචස්සකරණො. (6)
Sinhala BJT7. තවද, අනෙකෙක් වෙයි. ඇවැත්නි, මහණ ක්‍රෝධ කරනසුලු වූයේ, ක්‍රෝධයට අසල් වචන විහිදනුයේ වෙයි. ඇවැත්නි, යම් හෙයෙකින් මහණ ක්‍රෝධ කරනසුලු වූයේ, ක්‍රෝධයට අසල් වචන විහිදනුයේ වේ ද, මෙ ද දුර්‍වචභාවය කරන ධර්‍මයෙකි. (6)
Pali BJT8. පුන චපරං ආවුසො භික්ඛු චුදිතො{1} චොදකෙන චොදකං පටිප්ඵරති. යම්පාවුසො භික්ඛු චොදිතො චොදකෙන චොදකං පටිප්ඵරති, අයම්පි ධම්මො දොවචස්සකරණො. (7)
Sinhala BJT8. තවද, අනෙකෙක් වෙයි. ඇවැත්නි, මහණ චෝදකයකු විසින් චෝදනා කරන ලද්දේ චෝදකයාට පටහැනි ව සිටුනේ ය. ඇවැත්නි, යම් හෙයෙකින් මහණ චෝදකයකු විසින් චෝදනා කරන ලද්දේ චෝදකයාට ප්‍රත්‍යනීක ව සිටී ද, මෙ ද දුර්‍වචභාවය කරන ධර්‍මයෙකි. (7)
Pali BJT9. පුන චපරං ආවුසො භික්ඛු චුදිතො චොදකෙන චොදකං අපසාදෙති. යම්පාවුසො භික්ඛු චුදිතො චොදකෙන චොදකං අපසාදෙති, අයම්පි ධම්මො දොවචස්සකරණො. (8)
Sinhala BJT9. තවද, අනෙකෙක් වෙයි. ඇවැත්නි, මහණ චෝදකයකු විසින් චෝදනා කරන ලද්දේ චෝදකයා ගරහයි. ඇවැත්නි, යම් හෙයෙකින් මහණ චෝදකයකු විසින් චෝදනා කරන ලද්දේ චෝදකයා ගටා ද, මෙ ද දුර්‍වචභාවය කරන ධර්‍මයෙකි. (8)
Pali BJT10. පුන චපරං ආවුසො භික්ඛු චුදිතො චොදකෙන චොදකස්ස පච්චාරොපෙති. යම්පාවුසො භික්ඛු චුදිතො චොදකෙන චොදකස්ස පච්චාරොපෙති, අයම්පි ධම්මො දොවචස්සකරණො. (9)
Sinhala BJT10. තවද, අනෙකෙක් වෙයි. ඇවැත්නි, මහණ චෝදකයකු විසින් චෝදනා කරන ලද්දේ චෝදකයාට වටාලා චෝදනා කරයි. ඇවැත්නි, යම් හෙයෙකින් මහණ චෝදකයකු විසින් චෝදනා කරන ලද්දේ චෝදකයාට පෙරළා චෝදනා කෙරේ ද, මෙ ද දුර්‍වචභාවය කරන ධර්‍මයෙකි. (9)
Pali BJT11. පුන චපරං ආවුසො භික්ඛු චුදිතො චොදකෙන අඤ්ඤෙනඤ්ඤං පටිචරති, බහිද්ධා කථං අපනාමෙති, කොපඤ්ච දොසඤ්ච අප්පච්චයඤ්ච පාතුකරොති. යම්පාවුසො භික්ඛු චුදිතො චොදකෙන අඤ්ඤෙනඤ්ඤං පටිචරති, බහිද්ධා කථං අපනාමෙති, කොපඤ්ච දොසඤ්ච අප්පච්චයඤ්ච පාතුකරොති, අයම්පි ධම්මො දොවචස්සකරණො. (10)
Sinhala BJT11. තවද, අනෙකෙක් වෙයි. ඇවැත්නි, මහණ චෝදකයකු විසින් චෝදනා කරන ලද්දේ අනෙකෙකින් අනෙක වසයි. කථාව බැහැර පහ කෙරෙයි. කොපයත් ද්වේෂයත් අප්‍රීතියත් පහළ කෙරෙයි. ඇවැත්නි, යම් හෙයෙකින් මහණ චෝදකයකු විසින් චෝදනා කරන ලද්දේ අනෙකෙකින් අනෙක පිළිසොයා ද, කථාව බැහැර නතු කෙරේ ද, කොපයත් ද්වේෂයත් අප්‍රීතියත් පහළ කෙරේ ද, මෙ ද දුර්‍වචභාවය කරන ධර්‍මයෙකි. (10)
Pali BJT12. පුන චපරං ආවුසො භික්ඛු චුදිතො චොදකෙන අපදානෙ න සම්පායති. යම්පාවුසො භික්ඛු චුදිතො චොදකෙන අපදානෙ න සම්පායති, අයම්පි ධම්මො දොවචස්සකරණො. (11)
Sinhala BJT12. තවද, අනෙකෙක් වෙයි. ඇවැත්නි, මහණ චෝදකයකු විසින් චෝදනා කරන ලද්දේ ස්වකීය චරිතය සපයා කියන්නට නො හැකි වෙයි. ඇවැත්නි, යම් හෙයෙකින් මහණ චෝදකයකු විසින් චෝදනා කරන ලද්දේ ස්වකීය චරිතය සපයා කියන්නට නො හැකි වේ ද, මෙ ද දුර්‍වචභාවය කරන ධර්‍මයෙකි. (11)
Pali BJT13. පුන චපරං ආවුසො භික්ඛු මක්ඛී හොති පළාසී. යම්පාවුසො භික්ඛු මක්ඛී හොති පළාසී, අයම්පි ධම්මො දොවචස්සකරණො. (12)
Sinhala BJT13. තවද, අනෙකෙක් වෙයි. ඇවැත්නි, මහණ ගුණමකු වූයේ යුගග්‍රාහ ඇත්තේ වෙයි. ඇවැත්නි, යම් හෙයෙකින් මහණ ගුණමකු වූයේ යුගග්‍රාහ ඇත්තේ වේ ද, මෙ ද දුර්‍වචභාවය කරන ධර්‍මයෙකි. (12)
Pali BJT14. පුන චපරං ආවුසො භික්ඛු ඉස්සුකී හොති මච්ඡරී. යම්පාවුසො භික්ඛු ඉස්සුකී හොති මච්ඡරී, අයම්පි ධම්මො දොවචස්සකරණො. (13)
Sinhala BJT14. තවද, අනෙකෙක් වෙයි. ඇවැත්නි, මහණ ඊර්‍ෂ්‍යා කරනසුලු වූයේ මසුරු වූයේ වෙයි. ඇවැත්නි, යම් හෙයෙකින් මහණ ඊර්‍ෂ්‍යා කරනසුලු වූයේ මසුරු වූයේ වේ ද, මෙ ද දුර්‍වචභාවය කරන ධර්‍මයෙකි. (13)
Pali BJT15. පුන චපරං ආවුසො භික්ඛු සඨො හොති මායාවී. යම්පාවුසො භික්ඛු සඨො හොති මායාවී, අයම්පි ධම්මො දොවචස්සකරණො. (14)
Sinhala BJT15. තවද, අනෙකෙක් වෙයි. ඇවැත්නි, මහණ කෛරාටික වූයේ මායා ඇත්තේ වෙයි. ඇවැත්නි, යම් හෙයෙකින් මහණ කෛරාටික වූයේ මායා ඇත්තේ වේ ද, මෙ ද දුර්‍වචභාවය කරන ධර්‍මයෙකි. (14)
Pali BJT16. පුන චපරං ආවුසො භික්ඛු ථද්ධො හොති අතිමානී. යම්පාවුසො භික්ඛු ථද්ධො හොති අතිමානී, අයම්පි ධම්මො දොවචස්සකරණො. (15)
Sinhala BJT16. තවද, අනෙකෙක් වෙයි. ඇවැත්නි, මහණ තදබව ඇත්තේ අධිකමාන ඇත්තේ වෙයි. ඇවැත්නි, යම් හෙයෙකින් මහණ තදබව ඇත්තේ අධිකමාන ඇත්තේ වේ ද, මෙ ද දුර්‍වචභාවය කරන ධර්‍මයෙකි. (15)
Pali BJT17. පුන චපරං ආවුසො භික්ඛු සන්දිට්ඨිපරාමාසී හොති ආධානගාහී{2} දුප්පටිනිස්සග්ගී. යම්පාවුසො භික්ඛු සන්දිට්ඨිපරාමාසී හොති ආධානගාහී දුප්පටිනිස්සග්ගී, අයම්පි ධම්මො දොවචස්සකරණො. (16)
Sinhala BJT17. තවද, අනෙකෙක් වෙයි. ඇවැත්නි, මහණ ස්වකීය දෘෂ්ටිය පරාමර්‍ශනය කරන්නේ, එය ම දැඩි කොට ගන්නේ හරනට නො හැකි වෙයි. ඇවැත්නි, යම් හෙයෙකින් මහණ ස්වකීය දෘෂ්ටිය පරාමර්‍ශනය කරන්නේ, එය ම දැඩි කොට ගන්නේ බැහැර කිරීමට නො හැකි වූයේ වේ ද, මෙ ද දුර්‍වචභාවය කරන ධර්‍මයෙකි. (16)
Pali BJTඉමෙ වුච්චන්තාවුසො දොවචස්සකරණා ධම්මා.
Sinhala BJTඇවැත්නි, මොහු (සොළස) දුර්‍වචභාවය කරන ධර්‍මයෝ යැ යි කියනු ලැබෙත්.
Pali BJT18. නො චෙපි ආවුසො භික්ඛු පවාරෙති: වදන්තු මං ආයස්මන්තො, වචනීයොම්හි ආයස්මන්තෙහීති. සො ච හොති සුවචො සොවචස්සකරණෙහි ධම්මෙහි සමන්නාගතො ඛමො පදක්ඛිණග්ගාහී අනුසාසනිං. අථ ඛො නං සබ්රහ්මචාරී වත්තබ්බඤ්චෙව මඤ්ඤන්ති. අනුසාසිතබ්බඤ්ච මඤ්ඤන්ති. තස්මිඤ්ච පුග්ගලෙ විස්සාසං ආපජ්ජිතබ්බං මඤ්ඤන්ති.
Sinhala BJT18. ඇවැත්නි, මහණ “මම ආයුෂ්මතුන් විසින් කියයුත්තෙම් වෙමි. ආයුෂ්මත්හු මට (අවවාද වශයෙන්) කියත්වා”යි නො පවරතුදු හෙ ද සුවච වූයේ, සුවචභාවය කරන ධර්‍මයෙන් යුක්ත වූයේ, ඉවසන්නේ, අනුශාසනය ඇදුරු කොට ගන්නාසුලු වූයේ වේ නම්, එසේ ඇති කල්හි සබ්‍රහ්මචාරීහු ඔහු කියයුත්තකු කොට හඟිත්. අනුශාසනය කළයුත්තකු කොට හඟිත්. ඒ පුද්ගලයා කෙරෙහි විශ්වාසය එළවිය කොට හඟිත්.
Pali BJT19. කතමෙ චාවුසො, සොවචස්සකරණා ධම්මා?
Sinhala BJT19. ඇවැත්නි, සුවචභාවය කරන ධර්‍මයෝ කවරහ?
Pali BJTඉධාවුසො භික්ඛු න පාපිච්ඡො හොති න පාපිකානං ඉච්ඡානං වසං ගතො. යම්පාවුසො භික්ඛු න පාපිච්ඡො හොති න පාපිකානං ඉච්ඡානං වසං ගතො, අයම්පි ධම්මො සොවචස්සකරණො.
Sinhala BJTඇවැත්නි, මේ ශාසනයෙහි මහණ පාපේච්ඡ නො වූයේ ලාමක ඉච්ඡාවන්ගේ වශයට නො ගියේ වෙයි. ඇවැත්නි, යම් හෙයෙකින් මහණ පාපේච්ඡ නො වූයේ ලාමක ඉච්ඡාවන්ගේ වශයට නො ගියේ වේ ද, මෙ ද සුවචභාවය කරන ධර්‍මයෙකි.
Pali BJT20. පුන චපරං ආවුසො භික්ඛු අනත්තුක්කංසකො හොති අපරවම්භී. යම්පාවුසො භික්ඛු අනත්තුක්කංසකො හොති අපරවම්භී, අයම්පි ධම්මො සොවචස්සකරණො.
Sinhala BJT20. තවද, අනෙකෙක් වෙයි. ඇවැත්නි, මහණ තමා හුවා නො දක්නේ, පරා හෙළා නො දක්නේ වෙයි. ඇවැත්නි, යම් හෙයෙකින් මහණ තමා හුවා නො දක්නේ, පරා හෙළා නො දක්නේ වේ ද, මෙ ද සුවචභාවය කරන ධර්‍මයෙකි.
Pali BJT21. පුන චපරං ආවුසො භික්ඛු න කොධනො හොති න කොධාභිභූතො. යම්පාවුසො භික්ඛු න කොධනො හොති න කොධාභිභූතො, අයම්පි ධම්මො සොවචස්සකරණො.
Sinhala BJT21. තවද, අනෙකෙක් වෙයි. ඇවැත්නි, මහණ ක්‍රෝධ නො කරන සුලු වූයේ ක්‍රෝධයා විසින් නො මඩනා ලද්දේ වෙයි. ඇවැත්නි, යම් හෙයෙකින් මහණ ක්‍රෝධ නො කරන සුලු වූයේ ක්‍රෝධයා විසින් නො මඩනා ලද්දේ වේ ද, මෙ ද සුවචභාවය කරන ධර්‍මයෙකි.
Pali BJT22. පුන චපරං ආවුසො භික්ඛු න කොධනො හොති න කොධහෙතු උපනාහී. යම්පාවුසො භික්ඛු න කොධනො හොති න කොධහෙතු උපනාහී, අයම්පි ධම්මො සොවචස්සකරණො.
Sinhala BJT22. තවද, අනෙකෙක් වෙයි. ඇවැත්නි, මහණ ක්‍රෝධ නො කරන සුලු වූයේ ක්‍රෝධය හේතු කොට ගෙන බද්ධවෛර නැත්තේ වෙයි. ඇවැත්නි, යම් හෙයෙකින් මහණ ක්‍රෝධ නො කරන සුලු වූයේ ක්‍රෝධය හේතු කොට ගෙන බද්ධවෛර නැත්තේ වේ ද, මෙ ද සුවචභාවය කරන ධර්‍මයෙකි.
Pali BJT23. පුන චපරං ආවුසො භික්ඛු න කොධනො හොති න කොධහෙතු අභිසඞ්ගී. යම්පාවුසො භික්ඛු න කොධනො හොති න කොධහෙතු අභිසඞ්ගී, අයම්පි ධම්මො සොවචස්සකරණො.
Sinhala BJT23. තවද, අනෙකෙක් වෙයි. ඇවැත්නි, මහණ ක්‍රෝධ නො කරන සුලු වූයේ ක්‍රෝධය හේතු කොට ගෙන නො ගැටෙනසුලු වූයේ වෙයි. ඇවැත්නි, යම් හෙයෙකින් මහණ ක්‍රෝධ නො කරන සුලු වූයේ ක්‍රෝධය හේතු කොට ගෙන නො ගැටෙනසුලු වූයේ වේ ද, මෙ ද සුවචභාවය කරන ධර්‍මයෙකි.
Pali BJT24. පුන චපරං ආවුසො භික්ඛු න කොධනො හොති න කොධසාමන්තා වාචං නිච්ඡාරෙතා. යම්පාවුසො භික්ඛු න කොධනො හොති න කොධසාමන්තා වාචං නිච්ඡාරෙතා, අයම්පි ධම්මො සොවචස්සකරණො.
Sinhala BJT24. තවද, අනෙකෙක් වෙයි. ඇවැත්නි, මහණ ක්‍රෝධ නොකරන්නේ ක්‍රෝධයට අසල් වචන නිකුත් නො කරන්නේ වෙයි. ඇවැත්නි, යම් හෙයෙකින් මහණ ක්‍රෝධ නොකරන්නේ ක්‍රෝධයට අසල් වචන නො විහිදනුයේ වේ ද, මෙ ද සුවචභාවය කරන ධර්‍මයෙකි.
Pali BJT25. පුන චපරං ආවුසො භික්ඛු චුදිතො චොදකෙන චොදකං න පටිප්ඵරති. යම්පාවුසො භික්ඛු චුදිතො චොදකෙන චොදකං න පටිප්ඵරති, අයම්පි ධම්මො සොවචස්සකරණො.
Sinhala BJT25. තවද, අනෙකෙක් වෙයි. ඇවැත්නි, මහණ චෝදකයකු විසින් චෝදනා කරන ලද්දේ චෝදකයාට පටහැනි ව නො සිටියි. ඇවැත්නි, යම් හෙයෙකින් මහණ චෝදකයකු විසින් චෝදනා කරන ලද්දේ චෝදකයාට පටහැනි ව නො සිටීද, මෙ ද සුවචභාවය කරන ධර්‍මයෙකි.
Pali BJT26. පුන චපරං ආවුසො භික්ඛු චුදිතො චොදකෙන චොදකං න අපසාදෙති. යම්පාවුසො භික්ඛු චුදිතො චොදකෙන චොදකං න අපසාදෙති, අයම්පි ධම්මො සොවචස්සකරණො.
Sinhala BJT26. තවද, අනෙකෙක් වෙයි. ඇවැත්නි, මහණ චෝදකයකු විසින් චෝදනා කරන ලද්දේ චෝදකයාට නො ගටයි. ඇවැත්නි, යම් හෙයෙකින් මහණ චෝදකයකු විසින් චෝදනා කරන ලද්දේ චෝදකයාට නො ගටාද, මෙ ද සුවචභාවය කරන ධර්‍මයෙකි.
Pali BJT27. පුන චපරං ආවුසො භික්ඛු චුදිතො චොදකෙන චොදකස්ස න පච්චාරොපෙති. යම්පාවුසො භික්ඛු චුදිතො චොදකෙන චොදකස්ස න පච්චාරොපෙති, අයම්පි ධම්මො සොවචස්සකරණො.
Sinhala BJT27. තවද, අනෙකෙක් වෙයි. ඇවැත්නි, මහණ චෝදකයකු විසින් චෝදනා කරන ලද්දේ චෝදකයාට පෙරළා චෝදනා නො කෙරෙයි. ඇවැත්නි, යම් හෙයෙකින් මහණ චෝදකයකු විසින් චෝදනා කරන ලද්දේ චෝදකයාට පෙරළා චෝදනා නො කෙරේ ද, මෙ ද සුවචභාවය කරන ධර්‍මයෙකි.