Majjhima Nikāya

Middle-Length Discourses

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 6301-6395 න් 6395

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTමහාසළායතනික සුත්තං
Sinhala BJTමහාසළායතනික සූත්‍රය
Pali BJTඑවං මෙ සුතං: එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තත්ර ඛො භගවා භික්ඛූ ආමන්තෙසි භික්ඛවො’ති. ‘භදන්තෙ’ති තෙ භික්ඛූ භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච:
Sinhala BJTමා විසින් මෙසේ අසනලද: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර අනේපිඬු සිටුහුගේ දෙව්රම් වෙහෙර වැඩවාසය කරණ සේක. එසමයෙහි භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි භික්‍ෂූන් ඇමතූසේක. ‘වහන්සැ’යි ඒ මහණහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හු. භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ සේක:
Pali BJTමහාසළායතනිකං වො භික්ඛවෙ, දෙසිස්සාමි. තං සුණාථ, සාධුකං මනසි කරොථ භාසිස්සාමීති.
Sinhala BJTමහණෙනි, තොපට මහාෂඩායතන පර්‍ය්‍යාය දෙසමි. එය අසව, මනාකොට මෙනෙහි කරව, කියමි’යි.
Pali BJTඑවං භන්තෙති ඛො තෙ භික්ඛූ භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච:
Sinhala BJT‘වහන්ස, එසේ යැ’යි ඒ මහණහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් අස්වූහු, භාග්‍යවතුන් වහන්සේ තෙල මහාෂඩායතනපර්‍ය්‍යාය වදාළෝ.
Pali BJTචක්ඛුං භික්ඛවෙ, අජානං අපස්සං යථාභූතං, රූපෙ අජානං අපස්සං යථාභූතං, චක්ඛුවිඤ්ඤාණං අජානං අපස්සං යථාභූතං, චක්ඛුසම්ඵස්සං අජානං අපස්සං යථාභූතං, යම්පිදං චක්ඛුසම්ඵස්සපච්චයා උප්පජ්ජති වෙදයිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා, තම්පි අජානං අපස්සං යථාභූතං, චක්ඛුස්මිං සාරජ්ජති, රූපෙසු සාරජ්ජති, චක්ඛුවිඤ්ඤාණෙ සාරජ්ජති, චක්ඛුසම්ඵස්සෙ සාරජ්ජති, යම්පිදං{1} චක්ඛුසම්ඵස්සපච්චයා උප්පජ්ජති වෙදයිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා, තස්මිම්පි සාරජ්ජති.
Sinhala BJTමහණෙනි, චක්‍ෂුස ඇති සැටි මාර්‍ගඥානයෙන් නො දන්මින් නො දක්මින් රූපයන් ඇති සැටි නො දන්මින් නො දක්මින් චක්‍ෂුර්විඥානය ඇති සැටි නො දන්මින් නො දක්මින් චක්‍ෂුස්සංස්පර්‍ශය ඇති සැටි නො දන්මින් නො දක්මින් සුඛ වේවයි දුඃඛ වේවයි උපේක්‍ෂාසහගත වේවයි චක්‍ෂුස්සංස්පර්‍ශය හේතුයෙන් යම් වේදයිතයෙක් උපදනේ නම් එ ද ඇති සැටි නො දන්මින් නො දක්මින් චක්‍ෂුසෙහි සංරාග කෙරෙයි, රූපයෙහි සංරාග කෙරෙයි, චක්‍ෂුර්විඥානයෙහි සංරාග කෙරෙයි, චක්‍ෂුස්සංස්පර්‍ශය සංරාග කෙරෙයි, සුඛ වේවයි දුඃඛ වේවයි උපේක්‍ෂාසහගත වේවයි චක්‍ෂුඃසංස්පර්‍ශය හේතුයෙන් යම් වේදයිතයෙක් උපදනේ නම් එහිදු ඇලේ.
Pali BJTතස්ස සාරත්තස්ස සංයුත්තස්ස සම්මූළ්හස්ස අස්සාදානුපස්සිනො විහරතො ආයතිං පඤ්චුපාදානක්ඛන්ධා උපචයං ගච්ඡන්ති. තණ්හා චස්ස පොනොභවිකා නන්දිරාගසහගතා තත්ර තත්රාභිනන්දිනී, සා චස්ස පවඩ්ඪති. තස්ස කායිකාපි දරථා පවඩ්ඪන්ති, චෙතසිකාපි දරථා පවඩ්ඪන්ති, කායිකාපි සන්තාපා පවඩ්ඪන්ති, චෙතසිකාපි සන්තාපා පවඩ්ඪන්ති, කායිකාපි පරිළාහා පවඩ්ඪන්ති, චෙතසිකාපි පරිළාහා පවඩ්ඪන්ති. සො කායදුක්ඛම්පි චෙතොදුක්ඛම්පි පටිසංවෙදෙති.
Sinhala BJTසංරක්ත වැ සංයුක්ත වැ සම්මූඪ වැ ආස්වාද දක්මින් විහරණ කරණ ඔහුගේ මතු පඤ්චඋපාදානස්කන්‍ධයෝ උපචයට යෙති. ඔහුගේ පුනර්‍භවය පිණිස වැටෙන නන්‍දිරාග සහගත වූ ඒ ඒ තන්හි අභිනන්‍දන කරන තෘෂ්ණායෙක් ඇද්ද, ඔහුට ඒ තෘෂ්ණා ද වෙසෙසින් වැඩෙයි. ඔහුගේ කායදරථයෝ ද වැඩෙති, චෛතසිකරථයෝ ද වැඩෙති. කායික සන්තාපයෝ ද වැඩෙති, චෛතසිකසන්තාපයෝ ද වැඩෙති. කායිකපරිදාහයෝ ද වැඩෙති. චෛතසිකයෝ ද වැඩෙත්. හෙ කායදුඃඛය විඳුනේ යැ.
Pali BJTසොතං භික්ඛවෙ, අජානං අපස්සං යථාභූතං -පෙ- ඝානං භික්ඛවෙ, අජානං අපස්සං යථාභූතං -පෙ- ජිව්හං භික්ඛවෙ, අජානං අපස්සං යථාභූතං -පෙ- කායං භික්ඛවෙ, අජානං අපස්සං යථාභූතං -පෙ- මනං භික්ඛවෙ, අජානං අපස්සං යථාභූතං, ධම්මෙ අජානං අපස්සං යථාභූතං, මනොවිඤ්ඤාණං අජානං අපස්සං යථාභූතං, මනොසම්ඵස්සං අජානං අපස්සං යථාභූතං, යම්පිදං මනොසම්ඵස්සපච්චයා උප්පජ්ජති වෙදයිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා, තම්පි අජානං අපස්සං යථාභූතං, මනස්මිං සාරජ්ජති, ධම්මෙසු සාරජ්ජති, මනොවිඤ්ඤාණෙ සාරජ්ජති, මනොසම්ඵස්සෙ සාරජ්ජති, යම්පිදං මනොසම්ඵස්සපච්චයා උප්පජ්ජති වෙදයිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා තස්මිම්පි සාරජ්ජති.
Sinhala BJTමහණෙනි, ශ්‍රෝත්‍රය මාර්‍ගඥානයෙන් ඇති සැටි නො දන්මින් නො දක්මින් …. මහණෙනි, ඝ්‍රාණය ඇති සැටි නො දන්මින් නො දක්මින් …. මහණෙනි, ජිහ්වාව ඇති සැටි නො දන්මින් නො දක්මින් … මහණෙනි, කය ඇති සැටි නො දන්මින් නො දක්මින් … මහණෙනි, මනස ඇති සැටි නො දන්මින් නො දක්මින් ධර්‍මයන් යථාභූත වැ නො දන්මින් නො දක්මින් මනෝවිඥානය යථාභූත වැ නො දන්මින් නො දක්මින් මනෝසම්ඵස්සය යථාභූත වැ නො දන්මින් නො දක්මින් මනෝසම්ඵස්ස හේතුයෙන් සුව වේවයි දුක් වේවයි නො දුක් නො සුව වේවයි යම් වේදනාවක් උපදී ද, එ ද යථාභූත ව නො දන්මින් නො දක්මින් මනසෙහි රාග විසින් ඇලෙයි, ධර්‍මයන්හි ඇලෙයි, මනෝ විඥානයෙහි ඇලෙයි, මනෝසම්ඵස්සයෙහි ඇලෙයි, මනෝසම්ඵස්ස හේතුයෙන් සුව වේවයි දුක් වේවයි නො දුක් නො සුව වේවයි යම් වේදනාවක් උපදී ද, එහිදු රාග විසින් ඇලේ.
Pali BJTතස්ස සාරත්තස්ස සංයුත්තස්ස සම්මූළ්හස්ස අස්සාදානුපස්සිනො විහරතො ආයතිං පඤ්චුපාදානක්ඛන්ධා උපචයං ගච්ඡන්ති. තණ්හා චස්ස පොනොභවිකා නන්දිරාගසහගතා තත්රතත්රාභිනන්දිනී, සා චස්ස පවඩ්ඪති. තස්ස කායිකාපි දරථා පවඩ්ඪන්ති, චෙතසිකාපි දරථා පවඩ්ඪන්ති, කායිකාපි සන්තාපා පවඩ්ඪන්ති, චෙතසිකාපි සන්තාපා පවඩ්ඪන්ති, කායිකාපි පරිළාහා පවඩ්ඪන්ති, චෙතසිකාපි පරිළාහා පවඩ්ඪන්ති. සො කායදුක්ඛම්පි චෙතොදුක්ඛම්පි පටිසංවෙදෙති.
Sinhala BJTසංරක්ත වැ සංයුක්ත වැ සම්මූඪ වැ ආස්වාද වශයෙන් දක්මින් වෙසෙන ඔහුට මතු පඤ්චෝපාදානස්කන්‍ධයෝ උපචයට යෙති. ඔහුගේ පුනර්‍භවය පිණිස වැටෙන නන්‍දිරාග සහගත වූ ඒ ඒ තන්හි අභිනන්‍දනා කරණ තෘෂ්ණායෙක් ඇද්ද, ඔහුට ඒ තෘෂ්ණා ද වෙසෙසින් වැඩෙයි. ඔහුට පඤ්චද්වාරික දරථයෝ ද වෙසෙසින් වැඩෙති, මනෝද්වාරික දරථයෝ ද වෙසෙසින් වැඩෙති, පඤ්චද්වාරික සන්තාපයෝ ද වැඩෙති, මනෝද්වාරික සන්තාපයෝ ද වැඩෙති, පඤ්චද්වාරික පරිදාහයෝ ද වැඩෙති, මනෝද්වාරික පරිදාහයෝ ද වැඩෙත්. හෙ පඤ්චද්වාරික දුඃඛය ද මනෝද්වාරික දුඃඛය ද විඳී.
Pali BJTචක්ඛුඤ්ච ඛො භික්ඛවෙ, ජානං පස්සං යථාභූතං, රූපෙ ජානං පස්සං යථාභූතං, චක්ඛුවිඤ්ඤාණං ජානං පස්සං යථාභූතං, චක්ඛුසම්ඵස්සං ජානං පස්සං යථාභූතං, යම්පිදං චක්ඛුසම්ඵස්සපච්චයා උප්පජ්ජති වෙදයිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා, තම්පි ජානං පස්සං යථාභූතං, චක්ඛුස්මිං න සාරජ්ජති, රූපෙසු න සාරජ්ජති, චක්ඛුවිඤ්ඤාණෙ න සාරජ්ජති, චක්ඛුසම්ඵස්සෙ න සාරජ්ජති, යම්පිදං චක්ඛුසම්ඵස්සපච්චයා උප්පජ්ජති වෙදයිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා, තස්මිම්පි න සාරජ්ජති.
Sinhala BJTමහණෙනි, චක්‍ෂුස යථාභූත වැ දන්මින් දක්මින් රූපයන් යථාභූත වැ දන්මින් දක්මින් චක්‍ෂුර් විඥානය යථාභූත වැ දන්මින් දක්මින් චක්ඛුසම්ඵස්සය යථාභූත වැ දන්මින් දක්මින් චක්ඛුසම්ඵස්ස හේතුයෙන් සුව වේවයි දුක් වේවයි නො දුක් නො සුව වේවයි යම් වේදනාවක් උපදී ද, එ ද යථාභූත වැ දන්මින් දක්මින් චක්‍ෂුසෙහි නො ඇලෙයි. රූපයන්හි නො ඇලෙයි. චක්‍ෂුර්විඥානයෙහි නො ඇලෙයි. චක්ඛුසම්ඵස්සයෙහි නො ඇලෙයි. චක්ඛුසම්ඵස්ස හේතුයෙන් සුව වේවයි දුක් වේවයි නො දුක් නො සුව වේවයි යම් වේදනාවක් උපදී ද, එහිදු නො ඇලේ.
Pali BJTතස්ස අසාරත්තස්ස අසංයුත්තස්ස අසම්මූළ්හස්ස ආදීනවානුපස්සිනො විහරතො ආයතිං පඤ්චුපාදානක්ඛන්ධා අපචයං ගච්ඡන්ති. තණ්හා චස්ස පොනොභවිකා නන්දිරාගසහගතා තත්ර තත්රාභිනන්දිනී, සා චස්ස පහීයති. තස්ස කායිකාපි දරථා පහීයන්ති, චෙතසිකාපි දරථා පහීයන්ති. කායිකාපි සන්තාපා පහීයන්ති. චෙතසිකාපි සන්තාපා පහීයන්ති. කායිකාපි පරිළාහා පහීයන්ති, චෙතසිකාපි පරිළාහා පහීයන්ති. සො කායසුඛම්පි චෙතොසුඛම්පි පටිසංවෙදෙති.
Sinhala BJTඅසංරක්ත වැ අසංයුක්ත වැ අසම්මුඪ වැ ආදීනව දක්මින් වාස කරණ ඔහුට මතු පඤ්චෝපාදානස්කන්‍ධයෝ අපචයට යෙති. ඔහුගේ පුනර්‍භවය ඇති කරන නන්‍දිරාග සහගත වූ ඒ ඒ භවයෙහි අභිනන්‍දනා කරන යම් තෘෂ්ණාවක් ඇද්ද, ඔහුට ඒ තෘෂ්ණාව ද ප්‍රහීණ වෙයි. ඔහුට පඤ්චද්වාරික දරථයෝ ද ප්‍රහීණ වෙති, මනෝද්වාරික දරථයෝ ද ප්‍රහීණ වෙති, පඤ්චද්වාරික සන්තාපයෝ ද ප්‍රහීණ වෙති, මනෝද්වාරික සන්තාපයෝ ද ප්‍රහීණ වෙති, පඤ්චද්වාරික පරිදාහයෝ ද ප්‍රහීණ වෙති, මනෝද්වාරික පරිදාහයෝ ද ප්‍රහීණ වෙත්. හේ පඤ්චද්වාරික සුඛය ද මනෝද්වාරික සුඛය ද විඳී.
Pali BJTයා තථාභූතස්ස දිට්ඨි, සාස්ස හොති සම්මාදිට්ඨි. යො තථාභූතස්ස සඞ්කප්පො, ස්වාස්ස හොති සම්මාසඞ්කප්පො. යො තථාභූතස්ස වායාමො, ස්වාස්ස හොති සම්මාවායාමො. යා තථාභූතස්ස සති, සාස්ස හොති සම්මාසති. යො තථාභූතස්ස සමාධි, ස්වාස්ස හොති සම්මාසමාධි. පුබ්බෙව ඛො පනස්ස කායකම්මං වචීකම්මං ආජීවො සුපරිසුද්ධො හොති. එවමස්සායං අරියො අට්ඨඞ්ගිකො මග්ගො භාවනාපාරිපූරිං ගච්ඡති.
Sinhala BJTඑබඳු වූවහුගේ යම් දෘෂ්ටියක් ඇද්ද, ඒ දෘෂ්ටිය ඔහුට සම්‍යග්දෘෂ්ටි වෙයි. එබඳු වූවහුගේ යම් සංකල්පයෙක් ඇද්ද, ඒ සංකල්පය ඔහුට සම්‍යක්සංකල්ප වෙයි. එබඳු වූවහුගේ යම් ව්‍යායාමයෙක් ඇද්ද, ඒ ව්‍යායාමය ඔහුට සම්‍යග්ව්‍යායාම වෙයි. එබඳු වූවහුගේ යම් ස්මෘතියක් ඇද්ද, ඒ ස්මෘතිය ඔහුට සම්‍යක්ස්මෘති වෙයි. එබඳු වූවහුගේ යම් සමාධියෙක් ඇද්ද, ඒ සමාධිය ඔහුට සම්‍යක් සමාධි වෙයි. ඒ මහණහුගේ කායකර්‍මය ද වාක්කර්‍මය ද ආජීවය ද කැල මැ සුපරිශුද්ධ වේ. මෙසේ ඒ මහණහට මේ ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගික මාර්‍ගය භාවනායෙන් වැඩීමට යේ.
Pali BJTතස්ස එවං ඉමං අරියං අට්ඨඞ්ගිකං මග්ගං භාවයතො චත්තාරොපි සතිපට්ඨානා භාවනාපාරිපූරිං ගච්ඡන්ති. චත්තාරොපි සම්මප්පධානා භාවනාපාරිපූරිං ගච්ඡන්ති. චත්තාරොපි ඉද්ධිපාදා භාවනා පාරිපූරිං ගච්ඡන්ති. පඤ්චපි ඉන්ද්රියානි භාවනාපාරිපූරිං ගච්ඡන්ති. පඤ්චපි බලානි භාවනාපාරිපූරිං ගච්ඡන්ති. සත්තපි බොජ්ඣඞ්ගා භාවනාපාරිපූරිං ගච්ඡන්ති.
Sinhala BJTමෙසේ මේ ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගික මාර්‍ගය වඩන ඒ මහණහට සතර සතිපට්ඨානයෝ ද භාවනායෙන් පිරීමට යෙති. සතර සම්‍යක් ප්‍රධානයෝ ද භාවනායෙන් පිරීමට යෙති, සතර ඍද්ධිපාදයෝ ද භාවනායෙන් පිරීමට යෙති. පඤ්චේන්‍ද්‍රියෝ ද භාවනායෙන් පිරීමට යෙති. පඤ්ච බලයෝ භාවනායෙන් පිරීමට යෙති. සප්ත බෝධ්‍යඞ්ගයෝ ද භාවනායෙන් පිරීමට යෙත්.
Pali BJTතස්සිමෙ ද්වෙ ධම්මා යුගනද්ධා{1} වත්තන්ති සමථො ච විපස්සනා ච. සො යෙ ධම්මා අභිඤ්ඤා පරිඤ්ඤෙය්යා, ධම්මෙ අභිඤ්ඤා පරිජානාති. යෙ ධම්මා අභිඤ්ඤා පහාතබ්බා,තෙ ධම්මෙ අභිඤ්ඤා පජහති. යෙ ධම්මා අභිඤ්ඤා භාවෙතබ්බා, තෙ ධම්මෙ අභිඤ්ඤා භාවෙති. යෙ ධම්මා අභිඤ්ඤා සච්ඡිකාතබ්බා, තෙ ධම්මෙ අභිඤ්ඤා සච්ඡිකරොති.
Sinhala BJTඔහුට ශමථය ද විදර්‍ශනා ද යන මේ ධර්‍මයෝ දෙදෙන යුගනද්ධ වැ පවත්නාහ. හෙතෙම යම් ධර්‍ම කෙනෙක් අභිඥායෙන් පිරිසිඳ දතයුත්තාහු ද, ඒ ධර්‍මයන් අභිඥායෙන් පිරිසිඳ දැනගනී. යම් ධර්‍ම කෙනෙක් අභිඥායෙන් ප්‍රහාතව්‍ය වෙත් ද, ඒ ධර්‍මයන් අභිඥායෙන් දුරු කෙරෙයි. යම් ධර්‍ම කෙනෙක් අභිඥායෙන් භාවිතව්‍ය වෙත් ද, ඒ ධර්‍මයන් අභිඥායෙන් වඩයි, යම් ධර්‍ම කෙනෙක් අභිඥායෙන් ප්‍රත්‍යක්‍ෂ කටයුත්තාහු වෙත් ද, ඒ ධර්‍මයන් අභිඥායෙන් ප්‍රත්‍යක්‍ෂ කෙරේ.
Pali BJTකතමෙ ච භික්ඛවෙ, ධම්මා අභිඤ්ඤා පරිඤ්ඤෙය්යා: පඤ්චුපාදානක්ඛන්ධාතිස්ස වචනීයං. සෙය්යථීදං: රූපූපාදානක්ඛන්ධො, වෙදනූපාදානක්ඛන්ධො, සඤ්ඤූපාදානක්ඛන්ධො, සඞ්ඛාරූපාදානක්ඛන්ධො, විඤ්ඤාණුපාදානක්ඛන්ධො. ඉමෙ ධම්මා අභිඤ්ඤා පරිඤ්ඤෙය්යා.
Sinhala BJTමහණෙනි, කවර ධර්‍ම කෙනෙක් අභිඥායෙන් පරිඥේය වෙත් ද යත්: ‘පඤ්චෝපාදානස්කන්‍ධයෝ’ යයි ඊට පිළිතුරු කියයුතු වෙයි. ඒ මෙසේ යැ. රූපෝපාදානස්කන්‍ධ යැ වේදනෝපාදානස්කන්‍ධ යැ සංඥෝපාදානස්කන්‍ධ යැ සංස්කාරෝපාදානස්කන්‍ධ යැ විඥානෝපාදානස්කන්‍ධ යි. මේ ධර්‍මයෝ අභිඥායෙන් පරිඥේය වෙත්.
Pali BJTකතමෙ ච භික්ඛවෙ, ධම්මා අභිඤ්ඤා පහාතබ්බා: අවිජ්ජා ච භවතණ්හා ච. ඉමෙ ධම්මා අභිඤ්ඤා පහාතබ්බා.
Sinhala BJTමහණෙනි, කවර ධර්‍ම කෙනෙක් අභිඥායෙන් ප්‍රහාතව්‍ය වෙත් ද යත්: අවිද්‍යාව ද භවතෘෂ්ණාව ද යන මේ ධර්‍මයෝ අභිඥායෙන් ප්‍රහාතව්‍ය වෙති.
Pali BJTකතමෙ ච භික්ඛවෙ, ධම්මා අභිඤ්ඤා භාවෙතබ්බා: සමථො ච විපස්සනා ච. ඉමෙ ධම්මා අභිඤ්ඤා භාවෙතබ්බා.
Sinhala BJTමහණෙනි, කවර ධර්‍ම කෙනෙක් අභිඥායෙන් භාවිතව්‍ය වෙත් ද යත්: ශමථය ද විදර්‍ශනාව ද යන මේ ධර්‍මයෝ අභිඥායෙන් භාවිතව්‍ය වෙති.
Pali BJTකතමෙ ච භික්ඛවෙ, ධම්මා අභිඤ්ඤා සච්ඡිකාතබ්බා: විජ්ජා ච විමුත්ති ච. ඉමෙ ධම්මා අභිඤ්ඤා සච්ඡිකාතබ්බා.
Sinhala BJTමහණෙනි, කවර ධර්‍ම කෙනෙක් අභිඥායෙන් ප්‍රත්‍යක්‍ෂ කටයුත්තාහු ද යත්: විද්‍යාව ද විමුක්තිය ද යන මේ ධර්‍මයෝ අභිඥායෙන් ප්‍රත්‍යක්‍ෂ කටයුත්තාහු වෙත්.
Pali BJTසොතං භික්ඛවෙ, ජානං පස්සං යථාභූතං -පෙ- ඝානං භික්ඛවෙ, ජානං පස්සං යථාභූතං -පෙ- ජිව්හං භික්ඛවෙ, ජානං පස්සං යථාභූතං -පෙ- කායං භික්ඛවෙ, ජානං පස්සං යථාභූතං -පෙ- මනං භික්ඛවෙ, ජානං පස්සං යථාභූතං, ධම්මෙ ජානං පස්සං යථාභූතං, මනොවිඤ්ඤාණං ජානං පස්සං යථාභූතං, මනොසම්ඵස්සං ජානං පස්සං යථාභූතං, යම්පිදං මනොසම්ඵස්සපච්චයා උප්පජ්ජති වෙදයිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා තම්පි ජානං පස්සං යථාභූතං, මනස්මිං න සාරජ්ජති, ධම්මෙසු න සාරජ්ජති, මනොවිඤ්ඤාණෙ න සාරජ්ජති, මනොසම්ඵස්සෙ න සාරජ්ජති. යම්පිදං මනොසම්ඵස්සපච්චයා උප්පජ්ජති වෙදයිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා. තස්මිම්පි න සාරජ්ජති.
Sinhala BJTමහණෙනි, ශ්‍රෝත්‍රය යථාභූත කොට දන්මින් දක්මින් ... මහණෙනි, ඝ්‍රාණය යථාභූත වැ දන්මින් දක්මින් … මහණෙනි, ජිහ්වාව යථාභූත වැ දන්මින් දක්මින් …මහණෙනි, කය යථාභූත වැ දන්මින් දක්මින් … මහණෙනි, මනස යථාභූත වැ දන්මින් දක්මින් ධර්‍මයන් යථාභූත වැ දන්මින් දක්මින් මනෝවිඥානය යථාභූත වැ දන්මින් දක්මින් මනෝසම්ඵස්සය යථාභූත වැ දන්මින් දක්මින් මනෝසම්ඵස්ස හේතුයෙන් සුව වූ හෝ දුක් වූ හෝ නො දුක් නො සුව වූ හෝ යම් වේදනාවක් උපදී ද, එ ද යථාභූත වැ දන්මින් දක්මින් මනසෙහි නො ඇලෙයි. ධර්‍මයන්හි නො ඇලෙයි, මනෝවිඥානයෙහි නො ඇලෙයි, මනෝසම්ඵස්සයෙහි නො ඇලෙයි. මනෝසම්ඵස්ස හේතුයෙන් සුව වූ හෝ දුක් වූ හෝ නො දුක් නො සුව වූ හෝ යම් වේදනාවක් උපදී ද, එහිදු නො ඇලේ.
Pali BJTතස්ස අසාරත්තස්ස අසංයුත්තස්ස අසම්මූළ්හස්ස ආදීනවානුපස්සිනො විහරතො ආයතිං පඤ්චුපාදානක්ඛන්ධා අපචයං ගච්ඡන්ති. තණ්හා චස්ස පොනොභවිකා නන්දිරාගසහගතා තත්ර තත්රාභිනන්දිනී, සා චස්ස පහීයති. තස්ස කායිකාපි දරථා පහීයන්ති. චෙතසිකාපි දරථා පහීයන්ති. කායිකාපි සන්තාපා පහීයන්ති. චෙතසිකාපි සන්තාපා පහීයන්ති. කායිකාපි පරිළාහා පහීයන්ති. චෙතසිකාපි පරිළාහා පහීයන්ති. සො කායසුඛම්පි චෙතොසුඛම්පි පටිසංවෙදෙති.
Sinhala BJTඅසංරක්ත වැ අසංයුක්ත වැ අසම්මුඪ වැ ආදීනවානුදර්ශී වැ වෙසෙන ඔහුට මතුයෙහි පඤ්චෝපාදානස්කන්‍ධයෝ අපචයට යෙති. ඔහුගේ පුනර්‍භවික වූ නන්‍දිරාග සහගත වූ ඒ ඒ භවයෙහි අභිනන්‍දනා කරණ තෘෂ්ණාවක් ඇද්ද, ඔහුට ඒ තෘෂ්ණාව ද ප්‍රහීණ වෙයි. ඔහුට පඤ්චද්වාරික දරථයෝ ද ප්‍රහීණ වෙති. මනෝද්වාරික දරථයෝ ද ප්‍රහීණ වෙති. පඤ්චද්වාරික සන්තාපයෝ ද ප්‍රහීණ වෙති. මනෝද්වාරික සන්තාපයෝ ද ප්‍රහීණ වෙති. පඤ්චද්වාරික පරිදාහයෝ ද ප්‍රහීණ වෙති. මනෝද්වාරික පරිදාහයෝ ද ප්‍රහීණ වෙත්, හේ පඤ්චද්වාරික සුඛය ද මනෝද්වාරික සුඛය ද විඳී.
Pali BJTයා තථාභූතස්ස දිට්ඨි, සාස්ස හොති සම්මාදිට්ඨි. යො තථාභූතස්ස සඞ්කප්පො, ස්වාස්ස හොති සම්මාසඞ්කප්පො. යො තථාභූතස්ස වායාමො, ස්වාස්ස හොති සම්මාවායාමො. යා තථාභූතස්ස සති, සාස්ස හොති සම්මාසති. යො තථාභූතස්ස සමාධි, ස්වාස්ස හොති සම්මාසමාධි. පුබ්බෙව ඛො පනස්ස කායකම්මං වචීකම්මං ආජීවො සුපරිසුද්ධො හොති. එවමස්සායං අරියො අට්ඨඞ්ගිකො මග්ගො භාවනාපාරිපූරිං ගච්ඡති.
Sinhala BJTඑබඳු මහණහු ගේ යම් දෘෂ්ටියක් ඇද්ද, එය ඔහුට සම්‍යග්දෘෂ්ටි වෙයි. එබඳු වූවහුගේ යම් සංකල්පයෙක් ඇද්ද, ඒ සංකල්පය ඔහුට සම්‍යක්සංකල්ප වෙයි. එබඳු වූවහු ගේ යම් ව්‍යායාමයෙක් ඇද්ද, එය ඔහුට සම්‍යග්ව්‍යායාම වෙයි. එබඳු වූවහුගේ යම් ස්මෘතියක් ඇද්ද, ඒ ඔහුට සම්‍යක්ස්මෘති වෙයි. එබඳු වූවහුගේ යම් සමාධියෙක් ඇද්ද, එය ඔහුට සම්‍යක් සමාධි වෙයි. ඔහුට කායකර්‍මය ද වාක්කර්‍මය ද ආජීවය ද කැල මැ සුපරිශුද්ධ වෙයි. මෙසේ ඔහුට මේ ආර්‍ය්‍ය අෂ්ටාඞ්ගික මාර්‍ගය භාවනායෙන් වැඩීමට යේ.
Pali BJTතස්ස එවං ඉමං අරියං අට්ඨඞ්ගිකං මග්ගං භාවයතො චත්තාරොපි සතිපට්ඨානා භාවනාපාරිපූරිං ගච්ඡන්ති. චත්තාරොපි සම්මප්පධානා භාවනාපාරිපූරිං ගච්ඡන්ති. චත්තාරොපි ඉද්ධිපාදා භාවනාපාරිපූරිං ගච්ඡන්ති. පඤ්චපි ඉන්ද්රියානි භාවනාපාරිපූරිං ගච්ඡන්ති. පඤ්චපි බලානි භාවනාපාරිපූරිං ගච්ඡන්ති. සත්තපි බොජ්ඣඞ්ගා භාවනාපාරිපූරිං ගච්ඡන්ති.
Sinhala BJTමෙසේ මේ ආර්‍ය්‍ය අෂ්ටාඞ්ගික මාර්‍ගය වඩන ඔහුට සතර සතිපට්ඨානයෝ ද භාවනායෙන් පිරීමට යෙති. සතර සම්‍යක් ප්‍රධානයෝ ද වැඩීමෙන් පිරීමට යෙති. සතර ඍද්ධිපාදයෝ ද වැඩීමෙන් පිරීමට යෙති. පඤ්ච ඉන්‍ද්‍රියයෝ ද වැඩීමෙන් පිරීමට යෙති. පඤ්ච බලයෝ ද වැඩීමෙන් පිරීමට යෙති. සප්ත බෝධ්‍යඞ්ගයෝ ද වැඩීමෙන් පිරීමට යෙත්.
Pali BJTතස්සිමෙ ද්වෙ ධම්මා යුගනද්ධා වත්තන්ති සමථො ච විපස්සනා ච. සො යෙ ධම්මා අභිඤ්ඤා පරිඤ්ඤෙය්යා, තෙ ධම්මෙ අභිඤ්ඤා පරිජානාති. යෙ ධම්මා අභිඤ්ඤා පහාතබ්බා, තෙ ධම්මෙ අභිඤ්ඤා පජහති. යෙ ධම්මා අභිඤ්ඤා භාවෙතබ්බා, තෙ ධම්මෙ අභිඤ්ඤා භාවෙති. යෙ ධම්මා අභිඤ්ඤා සච්ඡිකාතබ්බා, තෙ ධම්මෙ අභිඤ්ඤා සච්ඡිකරොති.
Sinhala BJTඔහුට ශමථ ද විදර්‍ශනා ද යන මේ ධර්‍මයෝ දෙදෙන යුගනද්ධ වැ වැඩෙති. හේ යම් ධර්‍ම කෙනෙක් ප්‍රඥායෙන් පිරිසිඳ දතයුත්තාහු ද, ඒ ධර්‍මයන් ප්‍රඥායෙන් පිරිසිඳ දැනගනී. යම් ධර්‍ම කෙනෙක් අභිඥායෙන් ප්‍රහාතව්‍ය වෙත් ද, ඒ ධර්‍මයන් අභිඥායෙන් ප්‍රහීණ කෙරෙයි. යම් ධර්‍ම කෙනෙක් අභිඥායෙන් භාවිතව්‍ය වෙත් ද, ඒ ධර්‍මයන් අභිඥායෙන් භාවනා කෙරෙයි. යම් ධර්‍ම කෙනෙක් අභිඥායෙන් සාක්‍ෂාත් කර්‍තව්‍ය වෙත් ද, ඒ ධර්‍මයන් අභිඥායෙන් සාක්‍ෂාත් කෙරේ.
Pali BJTකතමෙ ච භික්ඛවෙ, ධම්මා අභිඤ්ඤා පරිඤ්ඤෙය්යා: පඤ්චුපාදානක්ඛන්ධා’ තිස්ස වචනීයං සෙය්යථිදං: රූපුපාදානක්ඛන්ධො, වෙදනුපාදානක්ඛන්ධො, සඤ්ඤුපාදානක්ඛන්ධො, සඞ්ඛාරුපාදානක්ඛන්ධො, විඤ්ඤාණුපාදානක්ඛන්ධො. ඉමෙ ධම්මා අභිඤ්ඤා පරිඤ්ඤෙය්යා.
Sinhala BJTමහණෙනි, කවර ධර්‍ම කෙනෙක් අභිඥායෙන් පරිඥේය වෙති යත්: ‘පඤ්චෝපාදානස්කන්‍ධයෝ’ යයි ඊට කියැයුතු යැ. ඒ මෙසේ යැ: රූපෝපාදානස්කන්‍ධ යැ. වේදනෝපාදානස්කන්‍ධ යැ. සංඥෝපාදානස්කන්‍ධ යැ. සංස්කාරෝපාදානස්කන්‍ධ යැ. විඥානෝපාදානස්කන්‍ධයි. මේ ධර්‍මයෝ අභිඥායෙන් පරිඥේය වෙති.
Pali BJTකතමෙ ච භික්ඛවෙ, ධම්මා අභිඤ්ඤා පහාතබ්බා: අවිජ්ජා ච භවතණ්හා ච. ඉමෙ ධම්මා අභිඤ්ඤා පහාතබ්බා.
Sinhala BJTමහණෙනි, කවර ධර්‍ම කෙනෙක් අභිඥායෙන් ප්‍රහාතව්‍ය වෙති යත්: අවිද්‍යාව ද භවතෘෂ්ණාව ද යන මේ ධර්‍මයෝ අභිඥායෙන් ප්‍රහාතව්‍ය වෙති.
Pali BJTකතමෙ ච භික්ඛවෙ, ධම්මා අභිඤ්ඤා භාවෙතබ්බා: සමථො ච විපස්සනා ච. ඉමෙ ධම්මා අභිඤ්ඤා භාවෙතබ්බා.
Sinhala BJTමහණෙනි, කවර ධර්‍ම කෙනෙක් අභිඥායෙන් භාවිතව්‍ය වෙති යත්: ශමථ ද විදර්‍ශනා ද යන මේ ධර්‍මයෝ අභිඥායෙන් භාවිතව්‍ය වෙති.
Pali BJTකතමෙ ච භික්ඛවෙ, ධම්මා අභිඤ්ඤා සච්ඡිකාතබ්බා: විජ්ජා ච විමුත්ති ච. ඉමෙ ධම්මා අභිඤ්ඤා සච්ඡිකාතබ්බාති.
Sinhala BJTමහණෙනි, කවර ධර්‍ම කෙනෙක් අභිඥායෙන් සාක්‍ෂාත් කර්‍තව්‍ය වෙති යත්: විද්‍යා ද විමුක්ති ද යන මේ ධර්‍මයෝ අභිඥායෙන් සාක්‍ෂාත් කර්‍තව්‍ය වෙත්.
Pali BJTඉදමවොච භගවා. අත්තමනා තෙ භික්ඛූ භගවතො භාසිතං අභිනන්දුන්ති.
Sinhala BJTභාග්‍යවතුන් වහන්සේ මේ මහාෂඩායතනික සූත්‍රය වදාළ සේක. සතුටු සිත් ඇති ඒ වහන්දෑ භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය අභිනන්‍දනා කළෝ.
Pali BJTමහාසළායතනික සුත්තං සත්තමං.
Sinhala BJTසත් වැනි මහාසළායතනික සූත්‍ර යි.
Pali BJT3. 5. 8.
Sinhala BJT3. 5. 8.
Pali BJTනගරවින්දෙය්ය සුත්තං
Sinhala BJTනගරවින්‍දෙය්‍ය සූත්‍රය
Pali BJTඑවං මෙ සුතං: එකං සමයං භගවා කොසලෙසු චාරිකං චරමානො මහතා භික්ඛුසඞ්ඝෙන සද්ධිං යෙන නගරවින්දං නාම කොසලානං බ්රාහ්මණගාමො, තදවසරි. අස්සොසුං ඛො නගරවින්දෙය්යකා බ්රාහ්මණගහපතිකා: ‘සමණො ඛලු භො ගොතමො සක්යපුත්තො සක්යකුලා පබ්බජිතො කොසලෙසු චාරිකං චරමානො මහතා භික්ඛුසඞ්ඝෙන සද්ධිං නගරවින්දං අනුප්පත්තො. තං ඛො පන භවන්තං ගොතමං එවං කල්යාණො කිත්තිසද්දො අබ්භුග්ගතො: ‘ඉතිපි සො භගවා අරහං සම්මාසම්බුද්ධො විජ්ජාචරණසම්පන්නො සුගතො ලොකවිදූ අනුත්තරො පුරිසදම්මසාරථි සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවා’ති. සො ඉමං ලොකං සදෙවකං සමාරකං සබ්රහ්මකං සස්සමණබ්රාහ්මණිං පජං සදෙවමනුස්සං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවෙදෙති. සො ධම්මං දෙසෙති ආදිකල්යාණං මජ්ඣෙකල්යාණං පරියොසානකල්යාණං සාත්ථං සබ්යඤ්ජනං කෙවලපරිපුණ්ණං පරිසුද්ධං බ්රහ්මචරියං පකාසෙති. සාධු ඛො පන තථාරූපානං අරහතං දස්සනං හොතී’ති.
Sinhala BJTමා විසින් මෙසේ අසන ලද: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ මහාභික්‍ෂු සංඝයා සමග කොසොල් ජනපදයෙහි චාරිකා කරන සේක් කොසොල්රට නගරවින්‍ද නම් බමුණුගමට වැඩිසේක. නගරවින්‍දයෙහි වැසි බමුණු ගැහැවියෝ මේ ඇසූහ: ‘ශාක්‍ය පුත්‍ර වූ ශාක්‍ය කුලයෙන් නික්මැ පැවිදි වූ ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ මහාභික්‍ෂු සංඝයා සමග කොසොල් ජනපදයෙහි චාරිකා කරන සේක් නගරවින්‍දයට පැමිණි සේක. ඒ භවත් ගෞතමයන් වහන්සේගේ මෙබඳු කල්‍යාණ කීර්තිශබ්දය උස් වැ නැඟිණ: ඒ භාග්‍යවතුන් වහන්සේ මෙසේ අර්‍හත් වූහ. සම්‍යක්සම්බුද්ධයහ. අෂ්ටවිද්‍යා පසළොස්චරණයෙන් සමන්‍විතයහ. සුගතයහ. ලෝකවිද්හ. අනුත්තර පුරුෂදම්‍යසාරථිහ. දෙවි මිනිස්නට ශාස්තෘ වූහ. බුද්ධයහ. භාග්‍යවත්හ’ යි. ඒ භාග්‍යවත්හු සදේවක සමාරක සබ්‍රහ්මක වූ ශ්‍රමණබ්‍රාහ්මණයන් සහිත ප්‍රජාව ඇති දෙවිමිනිසුන් සහිත මේ ලෝකය තමන් වහන්සේ විශිෂ්ටඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට ප්‍රකාශ කරන සේක. ඒ භාග්‍යවතුන් වහන්සේ ආදී කල්‍යාණ වූ මධ්‍යකල්‍යාණ වූ පර්‍ය්‍යවසාන කල්‍යාණ සාර්‍ත්‍ථ වූ සව්‍යඤ්ජන වූ කේවලපරිපූර්‍ණ වූ ධර්‍මය දෙසන සේක. පරිශුද්ධ වූ මාර්‍ගබ්‍රහ්මචර්‍ය්‍ය ප්‍රකාශ කරන සේක. එබඳු වූ රහතුන්ගේ දැකීම මනා මැ නු’ යි.
Pali BJTඅථ ඛො නගරවින්දෙය්යකා බ්රාහ්මණගහපතිකා යෙන භගවා, තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා අප්පෙකච්චෙ භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදිංසු. අප්පෙකච්චෙ භගවතා සද්ධිං සම්මොදිංසු. සම්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදිංසු. අප්පෙකච්චෙ යෙන භගවා, තෙනඤ්ජලිං පණාමෙත්වා එකමන්තං නිසීදිංසු. අප්පෙකච්චෙ භගවතො සන්තිකෙ නාමගොත්තං සාවෙත්වා එකමන්තං නිසීදිංසු. අප්පෙකච්චෙ තුණ්හීභූතා එකමන්තං නිසීදිංසු. එකමන්තං නිසින්නෙ ඛො නගරවින්දෙය්යකෙ බ්රාහ්මණගහපතිකෙ භගවා එතදවොච:
Sinhala BJTඉක්බිති නගරවින්‍දයෙහි වැසි බමුණුගැහැවියෝ භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියහ. එළැඹ කිසි කෙනෙක් භාග්‍යවතුන් වහන්සේට අභිවාදනා කොට එකත්පස් වැ හුන්හ. ඇතැම් කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු වූහ. සතුටු වියයුතු සිහි කළයුතු කථාව කොට නිමවා එකත්පස් වැ හුන්හ. ඇතැම් කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ දෙසට පිණිපා කොට එකත්පස් වැ හුන්හ. ඇතැම් කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි නම්ගොත් අස්වා එකත්පස් වැ හුන්හ. ඇතැම් කෙනෙක් තුෂ්ණීම්භූත වැ එකත්පස් වැ හුන්හ. එකත්පස් වැ හුන් නගරවින්‍දයෙහි වැසි බමුණුගැහැවියනට භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ සේක.
Pali BJTසචෙ වො ගහපතයො, අඤ්ඤතිත්ථියා පරිබ්බාජකා එවං පුච්ඡෙය්යුං: කථංරූපා ගහපතයො, සමණබ්රාහ්මණා න සක්කාතබ්බා න ගරුකාතබ්බා න මානෙතබ්බා න පූජෙතබ්බාති. එවං පුට්ඨා තුම්හෙ ගහපතයො, තෙසං අඤ්ඤතිත්ථියානං පරිබ්බාජකානං එවං ව්යාකරෙය්යාථ: යෙ තෙ සමණබ්රාහ්මණා චක්ඛුවිඤ්ඤෙය්යෙසු රූපෙසු අවීතරාගා අවීතදොසා අවීතමොහා අජ්ඣත්තං අවූපසන්තචිත්තා සමවිසමං චරන්ති කායෙන වාචාය මනසා, එවරූපා සමණබ්රාහ්මණා න සක්කාතබ්බා, න ගරුකාතබ්බා, න මානෙතබ්බා, න පූජෙතබ්බා. තං කිස්ස හෙතු: මයම්පිහි චක්ඛුවිඤ්ඤෙය්යෙසු රූපෙසු අවීතරාගා අවීතදොසා අවීතමොහා අජ්ඣත්තං අවූපසන්තචිත්තා සමවිසමං චරාම කායෙන වාචාය මනසා. තෙසං නො සමචරියම්පි හෙතං උත්තරිං අපස්සතං. තස්මා තෙ භොන්තො සමණබ්රාහ්මණා න සක්කාතබ්බා න ගරුකාතබ්බා න මානෙතබ්බා න පූජෙතබ්බා.
Sinhala BJTඉදින් ගැහැවියෙනි, අන්තොටු පිරිවැජියෝ තොප මෙසේ පුළුවුස්නාහු නම්: “ගැහැවියෙනි, කෙබඳු පියවි ඇති මහණ බමුණෝ සත්කාර නො කටයුත්තාහු ද ගරුකාර නො කට යුත්තාහු ද බුහුමන් නො කටයුත්තාහු ද නො පිදියයුත්තාහු දැ? යි”, ගැහැවියෙනි, මෙසේ පුළුවුස්නාලද තෙපි ඒ අන්තොටු පිරිවැජියනට මෙසේ ප්‍රකාශ කරන්නහු යැ: ‘යම් මහණබමුණු කෙනෙක් චක්‍ෂුර්විඥේය රූපයෙහි නො පැහූ රාග ඇති වැ නො පැහූ ද්වේෂ ඇති වැ නො පැහූ මෝහ ඇති වැ තමා තුළ නො සන්හුන් සිත් ඇති වැ කයින් වචසින් මනසින් සමවිසම කොට හැසිරෙත් ද, මෙවන් මහණ බමුණෝ සත්කාර නො කළයුතු වෙති. ගරුකාර නො කළයුතු වෙති. බුහුමන් නො කළයුතු වෙති. නො පිදිය යුතු වෙත්. ඒ කවර හෙයින යත්: අපිදු චක්‍ෂුර්විඥේය රූපයෙහි අවීතරාගයම්හ, අවීතද්වේෂයම්හ, අවීතමෝහයම්හ, තමා තුළ නො සන්හුන් සිතැතියම්හ. කයින් වචසින් මනසින් සමවිසම කොට හැසිරෙම්හ. මතුයෙහි අන්‍යචර්‍ය්‍යාවක් නො දක්නා අපට තෙල සමචර්‍ය්‍යා මැ වෙයි. එයින් ඒ භවත් මහණ බමුණෝ සත්කාර නො කළයුතු වෙති. ගරුකාර නො කළයුතු වෙති. බුහුමන් නො කළයුතු වෙති. නො පිදියයුතු වෙත්.
Pali BJTයෙ තෙ සමණබ්රාහ්මණා සොතවිඤ්ඤෙය්යෙසු සද්දෙසු, -පෙ- ඝානවිඤ්ඤෙය්යෙසු ගන්ධෙසු, -පෙ- ජිව්හාවිඤ්ඤෙය්යෙසු රසෙසු, -පෙ- කායවිඤ්ඤෙය්යෙසු ඵොට්ඨබ්බෙසු, -පෙ- මනොවිඤ්ඤෙය්යෙසු ධම්මෙසු අවීතරාගා අවීතදොසා අවීතමොහා අජ්ඣත්තං අවූපසන්තචිත්තා සමවිසමං චරන්ති කායෙන වාචාය මනසා. එවරූපා සමණබ්රාහ්මණා න සක්කාතබ්බා න ගරුකාතබ්බා න මානෙතබ්බා න පූජෙතබ්බා. තං කිස්ස හෙතු: මයම්පි හි මනොවිඤ්ඤෙය්යෙසු ධම්මෙසු අවීතරාගා අවීතදොසා අවීතමොහා අජ්ඣත්තං අවූපසන්තචිත්තා සමවිසමං චරාම කායෙන වාචාය මනසා. තෙසං නො සමචරියම්පි හෙතං උත්තරිං අපස්සතං. තස්මා තෙ භොන්තො සමණබ්රාහ්මණා න සක්කාතබ්බා න ගරුකාතබ්බා න මානෙතබ්බා න පූජෙතබ්බාති. එවං පුට්ඨා තුම්හෙ ගහපතයො, තෙසං අඤ්ඤතිත්ථියානං පරිබ්බාජකානං එවං ව්යාකරෙය්යාථ.
Sinhala BJTයම් ඒ මහණ බමුණු කෙනෙක් ශ්‍රෝත්‍රවිඥේය වූ ශබ්දයෙහි … ඝ්‍රාණවිඥේය වූ ගන්‍ධයෙහි ... ජිහ්වාවිඥේය වූ රසයෙහි ... කායවිඥේය වූ ස්ප්‍රෂ්ටව්‍යයෙහි ... මනෝවිඥේය වූ ධර්‍මයෙහි නො පැහූ රාග ඇති වැ නො පැහූ ද්වේෂ ඇති වැ නො පැහූ මෝහ ඇති වැ තමා තුළ නො සන්හුන් සිතැති වැ කයින් වචසින් මනසින් සමවිසම කොට හැසිරෙත් ද, මෙවන් මහණ බමුණෝ සත්කාර නො කළයුතු වෙති. ගරුකාර නො කළයුතු වෙති. බුහුමන් නො කළයුතු වෙති. නො පිදිය යුතු වෙත්. ඒ කවර හෙයින යත්: අපිදු මනෝවිඥේය වූ ධර්‍මයෙහි නො පැහූ රාග ඇතියම්හ. නො පැහූ ද්වේෂ ඇතියම්හ. නො පැහූ මෝහ ඇතියම්හ. තමා තුලා නො සන්හුන් සිත් ඇතියම්හ. කයින් වචසින් මනසින් සමවිසමචර්‍ය්‍යා කරම්හ. මතුයෙහි අන්‍යචර්‍ය්‍යා නො දක්නා අපට තෙල සමචර්‍ය්‍යා ද වියහෙයි. එයින් ඒ භවත් මහණබමුණෝ සත්කාර නො කළයුතු වෙති, ගරුකාර නො කළ යුතු වෙති. බුහුමන් නො කළයුතු වෙති. නො පිදියයුතු වෙති’ යි. මෙසේ පුළුවුස්නාලද ගැහැවි වූ තෙපි ඒ අන් තොටු පිරිවැජියනට මෙසේ විභාග කොට කියවු.
Pali BJTසචෙ පන වො ගහපතයො අඤ්ඤතිත්ථියා පරිබ්බාජකා එවං පුච්ඡෙය්යුං: කථංරූපා{1} ගහපතයො සමණබ්රාහ්මණා සක්කාතබ්බා, ගරුකාතබ්බා, මානෙතබ්බා, පූජෙතබ්බා’ති: එවං පුට්ඨා තුම්හෙ ගහපතයො, තෙසං අඤ්ඤතිත්ථියානං පරිබ්බාජකානං එවං ව්යාකරෙය්යාථ: යෙ තෙ සමණබ්රාහ්මණා චක්ඛුවිඤ්ඤෙය්යෙසු රූපෙසු වීතරාගා වීතදොසා වීතමොහා අජ්ඣත්තං වූපසන්තචිත්තා සමචරියං චරන්ති කායෙන වාචාය මනසා. එවරූපා සමණබ්රාහ්මණා සක්කාතබ්බා ගරුකාතබ්බා මානෙතබ්බා පූජෙතබ්බා. තං කිස්ස හෙතු: මයම්පි හි චක්ඛුවිඤ්ඤෙය්යෙසු රූපෙසු අවීතරාගා අවීතදොසා අවීතමොහා අජ්ඣත්තං අවූපසන්තචිත්තා සමවිසමං චරාම කායෙන වාචාය මනසා. තෙසං නො සමචරියම්පි හෙතං උත්තරිං පස්සතං. තස්මා තෙ භොන්තො සමණබ්රාහ්මණා සක්කාතබ්බා ගරුකාතබ්බා මානෙතබ්බා පූජෙතබ්බා. යෙ තෙ සමණබ්රාහ්මණා සොතවිඤ්ඤෙය්යෙසු සද්දෙසු -පෙ- ඝානවිඤ්ඤෙය්යෙසු ගන්ධෙසු -පෙ- ජිව්හාවිඤ්ඤෙය්යෙසු රසෙසු -පෙ- කායවිඤ්ඤෙය්යෙසු ඵොට්ඨබ්බෙසු -පෙ- මනොවිඤ්ඤෙය්යෙසු ධම්මෙසු වීතරාගා වීතදොසා වීතමොහා, අජ්ඣත්තං වූපසන්තචිත්තා සමචරියං චරන්ති කායෙන වාචාය මනසා. එවරූපා සමණබ්රාහ්මණා සක්කාතබ්බා ගරුකාතබ්බා මානෙතබ්බා පූජෙතබ්බා. තං කිස්ස හෙතු: මයම්පි හි මනොවිඤ්ඤෙය්යෙසු ධම්මෙසු අවීතරාගා අවීතදොසා අවීතමොහා අජ්ඣත්තං අවූපසන්තචිත්තා සමවිසමං චරාම කායෙන වාචාය මනසා. තෙසං නො සමචරියම්පි හෙතං උත්තරි පස්සතං. තස්මා තෙ භොන්තො සමණබ්රාහ්මණා සක්කාතබ්බා ගරුකාතබ්බා මානෙතබ්බා පූජෙතබ්බා’ති. එවං පුට්ඨා තුම්හෙ ගහපතයො, තෙසං අඤ්ඤතිත්ථියානං පරිබ්බාජකානං එවං ව්යාකරෙය්යාථ.
Sinhala BJTඉදින් ගැහැවියෙනි, අන් තොටු පිරිවැජියෝ ‘ගැහැවියෙනි, කෙබඳු මහණ බමුණෝ සත්කාරාර්‍හ වෙත් ද ගරුකාර්‍හ වෙත් ද මානනාර්‍හ වෙත් ද පූජනාර්‍හ වෙත් දැ?’ යි. තොප මෙසේ පුළුවුස්නාහු නම් ගැහැවියෙනි, මෙසේ පුළුවුස්නාලද තෙපි ඒ අන් තොටු පිරිවැජියනට මෙසේ විභාග කොට කියව. යම් මහණ බමුණු කෙනෙක් චක්‍ෂුර්විඥේය රූපාලම්බනයෙහි පැහූ රාග ඇති වෙත් ද පැහූ ද්වේෂ ඇති වෙත් ද පැහූ මෝහ ඇති වෙත් ද තමා තුළ සන්හුන් සිත් ඇති වෙත් ද කයින් වචසින් මනසින් සමචර්‍ය්‍යා කෙරෙත් ද මෙබඳු මහණ බමුණෝ සත්කාරාර්‍හ වෙති, ගරුකාර්‍හ වෙති, මානනාර්‍හ වෙති, පූජනාර්‍හ වෙති. ඒ කවර හෙයින යත්: අපි වනාහි චක්‍ෂුර් විඥේය රූපාලම්බනයෙහි නො පැහූ රාග ඇතියම්හ, නො පැහූ ද්වේෂ ඇතියම්හ, නො පැහූ මෝහ ඇතියම්හ, තමා තුළ නො සන්හුන් සිත් ඇතියම්හ. කයින් වචසින් මනසින් සමවිසමචර්‍ය්‍යා කරම්හ. මතුයෙහි අන්‍යචර්‍ය්‍යා දක්නා අපට තෙල සමචර්‍ය්‍යා ද විය හෙයි. එයින් ඒ භවත් මහණ බමුණෝ සත්කාරාර්‍හ වෙති, ගරුකාර්‍හ වෙති, මානනාර්‍හ වෙති, පූජනාර්‍හ වෙති. යම් මහණ බමුණු කෙනෙක් ශ්‍රෝත්‍රවිඥේය ශබ්දාලම්බනයෙහි ... ඝ්‍රාණවිඥේය ගන්‍ධාලම්බනයෙහි ... ජිහ්වාවිඥේය රසාලම්බනයෙහි ... කායවිඥේය ස්ප්‍රෂ්ටව්‍යාලම්බනයෙහි ... මනෝවිඥේය ධර්‍මයෙහි වීතරාග වෙත් ද වීතද්වේෂ වෙත් ද වීතමෝහ වෙත් ද, තමා තුළ සන්හුන් සිත් ඇති වෙත් ද, කයින් වචසින් මනසින් සමචර්‍ය්‍යා කෙරෙත් ද, මෙබඳු මහණ බමුණෝ සත්කාරාර්‍හ වෙති, ගරුකාර්‍හ වෙති, මානනාර්‍හ වෙති, පූජනාර්‍හ වෙත්, ඒ කවර හෙයින යත්: අපි වනාහි මනෝවිඥේය ධර්‍මයෙහි අවීතරාගයම්හ, අවීතද්වේෂයම්හ, අවීතමෝහයම්හ. තමා තුලා නො සන්හුන් සිත් ඇතියම්හ. කයින් වචසින් මනසින් සමවිසමචර්‍ය්‍යා කරම්හ. මතුයෙහි අන්‍යචර්‍ය්‍යා දක්නා අපට තෙල සමචර්‍ය්‍යා ද වෙයි. එයින් ඒ භවත් මහණ බමුණෝ සත්කාරාර්‍හ වෙති, ගරුකාර්‍හ වෙති, මානනාර්‍හ වෙති, පූජනාර්‍හ වෙත්’ යි. ගැහැවියෙනි, මෙසේ පුළුවුස්නාලද තෙපි ඒ අන්තොටු පිරිවැජියනට මෙසේ විභාග කොට කියව.
Pali BJTසචෙ පන වො ගහපතයො, අඤ්ඤතිත්ථියා පරිබ්බාජකා එවං පුච්ඡෙය්යුං: කෙ පනායස්මන්තානං ආකාරා කෙ අන්වයා, යෙන තුම්හෙ ආයස්මන්තො එවං වදෙථ: අද්ධා තෙ ආයස්මන්තො වීතරාගා වා රාගවිනයාය වා පටිපන්නා, වීතදොසා වා දොසවිනයාය වා පටිපන්නා, වීතමොහා වා මොහවිනයාය වා පටිපන්නා’ති: එවං පුට්ඨා තුම්හෙ ගහපතයො, තෙසං අඤ්ඤතිත්ථියානං පරිබ්බාජකානං එවං ව්යාකරෙය්යාථ: තථා හි තෙ ආයස්මන්තො අරඤ්ඤෙ වනපත්ථානි{1} පන්තානි සෙනාසනානි පටිසෙවන්ති. නත්ථි ඛො පන තත්ථ තථාරූපා චක්ඛුවිඤ්ඤෙය්යා රූපා, යෙ දිස්වා දිස්වා අභිරමෙය්යුං. නත්ථි ඛො පන තත්ථ තථාරූපා සොතවිඤ්ඤෙය්යා සද්දා, යෙ සුත්වා සුත්වා අභිරමෙය්යුං. නත්ථි ඛො පන තත්ථ තථාරූපා ඝානවිඤ්ඤෙය්යා ගන්ධා, යෙ ඝායිත්වා ඝායිත්වා අභිරමෙය්යුං. නත්ථි ඛො පන තත්ථ තථාරූපා ජිව්හාවිඤ්ඤෙය්යා රසා, යෙ සායිත්වා සායිත්වා අභිරමෙය්යුං. නත්ථි ඛො පන තත්ථ තථාරූපා කායවිඤ්ඤෙය්යා ඵොට්ඨබ්බා, යෙ ඵුසිත්වා ඵුසිත්වා අභිරමෙය්යුං. ඉමෙ ඛො නො ආවුසො, ආකාරා ඉමෙ අන්වයා, යෙන මයං යෙන මයං ආයස්මන්තො එවං වදෙම. අද්ධා තෙ ආයස්මන්තො වීතරාගා වා රාගවිනයාය වා පටිපන්නා, වීතදොසා වා දොසවිනයාය වා පටිපන්නා, වීතමොහා වා මොහවිනයාය වා පටිපන්නා’ති. එවං පුට්ඨා තුම්හෙ ගහපතයො, තෙසං අඤ්ඤතිත්ථියානං පරිබ්බාජකානං එවං ව්යාකරෙය්යාථා’ති.
Sinhala BJTගැහැවියෙනි, ඉදින් තොප අතින් අන්තොටු පිරිවැජියෝ මෙසේ විචාරත් ද, (කෙසේද යත්: ) ‘යම් හෙයෙකින් ඇවැත්නි, තෙපි ඒකාන්තයෙන් ඒ ආයුෂ්මත්හු වීතරාග හෝ වෙති, රාගවිනය පිණිස හෝ පිළිපන්නාහු වෙති, වීතද්වේෂ හෝ වෙති, ද්වේෂවිනය පිණිස හෝ පිළිපන්නාහු වෙති, වීතමෝහ හෝ වෙති, මෝහවිනය පිණිස හෝ පිළිපන්නාහු වෙති’ යි මෙසේ කියවු ද, ඒ ආයුෂ්මතුන්ගේ තාදෘශාකාරයෝ කවරහ, අන්‍වයයෝ කවරහ’ කියා යි. ගැහැවියෙනි, මෙසේ පුළුවුස්නාලද තෙපි ඒ අන්තොටු පිරිවැජියනට මෙසේ කියව: ‘එසේ මැ යැ. ඒ ආයුෂ්මත්හු අරණ්‍ය වානප්‍රස්ථ ප්‍රාන්ත ශයනාසනයන් සෙවිති. එහි යම් බඳු රූපයන් දැක දැක සිත් අලවත් ද, එවන් චක්‍ෂුර්විඥේය වූ රූපායතනයෝ නැත. එහි යම් බඳු ශබ්දයන් අස අසා සිත් අලවත් ද, එබඳු ශ්‍රෝත්‍රවිඥේය ශබ්දයෝ නැත. එහි යම්බඳු ගන්‍ධයන් අඝ්‍රාණ කොට කොට සිත් අලවත් ද, එබඳු ඝ්‍රාණවිඥේය ගන්‍ධයෝ නැත. එහි යම්බඳු රසයන් ආස්වාද කොට කොට සිත් අලවත් ද, එබඳු ජිහ්වාවිඥේය රසයෝ නැත. එහි යම්බඳු ස්ප්‍රෂ්ටව්‍යයන් ස්පර්‍ශ කොට කොට සිත් අලවත් ද, එබඳු වූ කායවිඥේය ස්ප්‍රෂ්ටව්‍යයෝ නැත. ආයුෂ්මත්නි, අපි යම් හෙයෙකින් මෙසේ කියමෝද (කෙසේද යැ යත්: ) ‘ඒකාන්තයෙන් ඒ ආයුෂ්මත්හු වීතරාග හෝ වෙති. රාගවිනය පිණිස පිළිපන්නාහු හෝ වෙති. වීතද්වේෂ හෝ වෙති, ද්වේෂවිනය පිණිස පිළිපන්නාහු හෝ වෙති. වීතමෝහ හෝ වෙති, මෝහ විනය පිණිස පිළිපන්නාහු හෝ වෙති’ යි. ඇවැත්නි, මොහු අප ගත් ආකාරයෝ වෙති. මොහු අන්‍වයෝ වෙත්. ගැහැවියෙනි, මෙසේ පුළුවුස්නාලද තෙපි ඒ අන්තොටු පිරිවැජියනට මෙසේ විභාග කොට කියව යි.
Pali BJTඑවං වුත්තෙ නගරවින්දෙය්යකා බ්රාහ්මණගහපතිකා භගවන්තං එතදවොචුං: ‘අභික්කන්තං භො ගොතම, අභික්කන්තං භො ගොතම, සෙය්යථාපි භො ගොතම, නික්කුජ්ජිතං වා උක්කුජ්ජෙය්ය, පටිච්ඡන්නං වා විවරෙය්ය, මූළ්හස්ස වා මග්ගං ආචික්ඛෙය්ය, අන්ධකාරෙ වා තෙලපජ්ජොතං ධාරෙය්ය චක්ඛුමන්තො රූපානි දක්ඛින්තී’ති. එවමෙවං භොතා ගොතමෙන අනෙකපරියායෙන ධම්මො පකාසිතො. එතෙ මයං භවන්තං ගොතමං සරණං ගච්ඡාම ධම්මඤ්ච භික්ඛුසඞ්ඝඤ්ච. උපාසකෙ නො භවං ගොතමො ධාරෙතු අජ්ජතග්ගෙ පාණුපෙතෙ සරණං ගතෙ’ති.
Sinhala BJTමෙසේ වදාළ කල්හි නගරවින්‍ද වැසි බමුණු ගැහැවියෝ භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කොළෝ: භවත් ගෞතමයන් වහන්ස, ඉතා මැනැව, භවත් ගෞතමයන් වහන්ස, ඉතා මැනැව, භවත් ගෝතමයන් වහන්ස, යම් පරිදි යටිහුරු කළ දෙයක් හෝ උඩුහුරු කරන්නේ වේ ද, පිළිසන් දෙයක් හෝ විවර කරන්නේ වේ ද, මං මුළා වූවක්හට හෝ මග කියන්නේ වේ ද, ‘ඇස් ඇතියෝ රූපයන් දක්නාහ’ යි අඳුරෙහි හෝ තෙල් පහනක් දල්වන්නේ වේ ද, එපරිදි භවත් ගෞතමයන් වහන්සේ විසින් දහම් පැවැසිණ. තෙල අපි භවත් ගෞතමයන් වහන්සේ ද ධර්‍මය ද භික්‍ෂු සංඝයා ද සරණ කොට යම්හ. භවත් ගෞතමයන් වහන්සේ අද පටන් කොට දිවිහිමියෙන් සරණගිය උපාසකයන් කොට ධරත්ව යි.
Pali BJTනගර වින්දෙය්ය සුත්තං අට්ඨමං.
Sinhala BJTඅටවැනි නගරවින්‍දෙය්‍ය සූත්‍ර යි.
Pali BJT3. 5. 9.
Sinhala BJT3. 5. 9.
Pali BJTපිණ්ඩපාතපාරිසුද්ධි සුත්තං
Sinhala BJTපිණ්ඩපාතපාරිසුද්ධි සූත්‍රය
Pali BJTඑවං මෙ සුතං: එකං සමයං භගවා රාජගහෙ විහරති වෙළුවනෙ කලන්දකනිවාපෙ. අථ ඛො ආයස්මා සාරිපුත්තො සායන්හසමයං පතිසල්ලානා වුට්ඨිතො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නං ඛො ආයස්මන්තං සාරිපුත්තං භගවා එතදවොච:
Sinhala BJTමා විසින් මෙසේ අසන ලද: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර කලන්‍දකනිවාප නම් වේළුවනයෙහි වැඩවසන සේක. එකල්හි ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ සවස් වේලෙහි පලසමවතින් නැඟීසිටියාහු භාග්‍යවතුන්වහන්සේ කරා එළැඹියහ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස් වැ හුන්හ. එකත්පස් වැ හුන් ආයුෂ්මත් සැරියුත් තෙරණුවනට තෙල වදාළසේක:
Pali BJTවිප්පසන්නානි ඛො තෙ සාරිපුත්ත, ඉන්ද්රියානි පරිසුද්ධො ඡවිවණ්ණො පරියොදාතො. කතමෙන ඛො ත්වං සාරිපුත්ත, විහාරෙන එතරහි බහුලං විහරසීති:
Sinhala BJTශාරිපුත්‍රය, තොපගේ ඉන්‍ද්‍රියයෝ වෙසෙසින් පහන්හ, සිවිපැහැ පරිශුද්ධ යැ, පර්‍ය්‍යවදාත යි. ශාරිපුත්‍රය, තෙපි මෙකල්හි කවර විහරණයෙකින් යුක්ත වැ බහුල කොට වාස කරවු දැ? යි.
Pali BJTසුඤ්ඤතාවිහාරෙන ඛො අහං භන්තෙ, එතරහි බහුලං විහරාමීති.
Sinhala BJT‘වහන්ස, මෙකල්හි මම් ශුන්‍යතාවිහරණයෙන් යුක්ත වැ බහුල කොට වෙසෙමි’ යි.
Pali BJTසාධු සාධු සාරිපුත්ත, මහාපුරිසවිහාරෙන කිර ත්වං සාරිපුත්ත, එතරහි බහුලං විහරසි. ‘මහාපුරිසවිහාරො හෙස සාරිපුත්ත, යදිදං සුඤ්ඤතා. තස්මාතිහ සාරිපුත්ත, භික්ඛු සචෙ ආකඞ්ඛෙය්ය, සුඤ්ඤතා විහාරෙන එතරහි බහුලං විහරෙය්ය’න්ති. තෙන සාරිපුත්ත, භික්ඛුනා ඉති පටිසඤ්චික්ඛිතබ්බං: ‘යෙන චාහං මග්ගෙන ගාමං පිණ්ඩාය පාවිසිං, යස්මිඤ්ච පදෙසෙ පිණ්ඩාය අචරිං, යෙන ච මග්ගෙන ගාමතො පිණ්ඩාය පටික්කමිං. අත්ථි නු ඛො මෙ තත්ථ චක්ඛුවිඤ්ඤෙය්යෙසු රූපෙසු ඡන්දො වා රාගො වා දොසො වා මොහො වා පටිඝං වාපි චෙතසො’ති.
Sinhala BJTසාධු සාධු ශාරිපුත්‍රය. ශාරිපුත්‍රය, තෙපි මෙකල්හි මහාපුරුෂවිහරණයෙන් බහුල කොට වාස කරවු. ශාරිපුත්‍රය, යම් ශුන්‍යතායෙක් ඇද්ද, තෙල මහාපුරුෂවිහරණයෙක. ශාරිපුත්‍රය, එහෙයින් මෙහිලා ඉදින් මහණ මෙකල්හි ශුන්‍යතාවිහරණයෙන් බහුල කොට වසන්නෙමි’ යි කැමැති වේ නම් ශාරිපුත්‍රය, ඒ මහණහු විසින් මෙසේ ප්‍රත්‍යවේක්‍ෂා කටයුතු: ‘මම් යම් මගෙකින් ගමින් පිඬු පිණිස පිවිසියෙම් ද, යම් පෙදෙසෙක්හි පිඬු සිඟා ගියෙම් ද, යම් මඟෙකින් ගමින් පිඬුවායෙන් පෙරළා ආයෙම් ද, එහි මාගේ චක්‍ෂුර්විඥේය රූපයෙහි ඡන්‍දයෙක් වේවයි රාගයෙක් වේවයි ද්වේෂයෙක් වේවයි මෝහයෙක් වේවයි චිත්තයාගේ ගැටෙන ක්ලේශයෙක් වේවයි ඇත්තේ දෝ හො’යි.
Pali BJTසචෙ සාරිපුත්ත, භික්ඛු පච්චවෙක්ඛමානො එවං ජානාති: ‘යෙන චාහං මග්ගෙන ගාමං පිණ්ඩාය පාවිසිං. යස්මිඤ්ච පදෙසෙ පිණ්ඩාය අචරිං, යෙන ච මග්ගෙන ගාමතො පිණ්ඩාය පටික්කමිං. අත්ථි මෙ තත්ථ චක්ඛුවිඤ්ඤෙය්යෙසු රූපෙසු ඡන්දො වා රාගො වා දොසො වා මොහො වා පටිඝං වාපි චෙතසො’ති. තෙන සාරිපුත්ත, භික්ඛුනා තෙසංයෙව පාපකානං අකුසලානං ධම්මානං පහානාය වායමිතබ්බං.
Sinhala BJTඉදින් ශාරිපුත්‍රය, මහණ ප්‍රත්‍යවේක්‍ෂා කරනුයේ මෙසේ දනී ද ‘මම් යම් මඟෙකින් ගමට පිඬු පිණිස පිවිසියෙම් ද, යම් පෙදෙසෙක්හි පිඬු සිඟා ගියෙම් ද, යම් මඟෙකින් ගමින් පිඬු සිඟා පෙරළා ආයෙම් ද, එහි දී මාගේ චක්‍ෂුර්විඥේය රූපයෙහි ඡන්‍දයෙක් වේවයි රාගයෙක් වේවයි ද්වේෂයෙක් වේවයි මෝහයෙක් වේවයි චිත්තයාගේ ගැටෙන ක්ලේශ ජාතයෙක් වේවයි ඇතැ’ යි. ශාරිපුත්‍රය, ඒ මහණහු විසින් ඒ ලාමක අකුශලධර්‍මයන්ගේ මැ ප්‍රහාණය පිණිස වෑයම් කටයුතු යි.
Pali BJTසචෙ පන සාරිපුත්ත, භික්ඛු පච්චවෙක්ඛමානො එවං ජානාති: ‘යෙන චාහං මග්ගෙන ගාමං පිණ්ඩාය පාවිසිං, යස්මිං ච පදෙසෙ පිණ්ඩාය අචරිං, යෙන ච මග්ගෙන ගාමතො පිණ්ඩාය පටික්කමිං. නත්ථි මෙ තත්ථ චක්ඛුවිඤ්ඤෙය්යෙසු රූපෙසු ඡන්දො වා රාගො වා දොසො වා මොහො වා පටිඝං වාපි චෙතසො’ති. තෙන සාරිපුත්ත, භික්ඛුනා තෙනෙව පීතිපාමොජ්ජෙන විහාතබ්බං අහොරත්තානුසික්ඛිනා කුසලෙසු ධම්මෙසු.
Sinhala BJTතවද ශාරිපුත්‍රය, ඉදින් මහණ ප්‍රත්‍යවේක්‍ෂා කරනුයේ ‘මම් යම් මඟෙකින් ගමට පිඬු පිණිස පිවිසියෙම් ද, යම් පෙදෙසෙක පිඬු සිඟා ගියෙම් ද, යම් මඟෙකින් ගමින් පිඬු සිඟා පෙරළා ආයෙම් ද, එහි දී මාගේ චක්‍ෂුර්විඥේය රූපයෙහි ඡන්‍දයෙක් හෝ රාගයෙක් හෝ ද්වේෂයෙක් හෝ මෝහයෙක් හෝ සිතෙහි ගැටෙන ක්ලේශජාතයෙක් හෝ නැතැ’ යි මෙසේ දනී ද, ශාරිපුත්‍රය, ඒ මහණහු විසින් ඒ ප්‍රීතිප්‍රාමෝද්‍යයෙන් මැ කුශලධර්‍මයෙහි රෑදෙවෙහි හික්මෙන්නහු වාස කටයුතු.
Pali BJTපුන චපරං සාරිපුත්ත, භික්ඛුනා ඉති පටිසඤ්චික්ඛිතබ්බං: ‘යෙන චාහං මග්ගෙන ගාමං පිණ්ඩාය පාවිසිං, යස්මිඤ්ච පදෙසෙ පිණ්ඩාය අචරිං, යෙන ච මග්ගෙන ගාමතො පිණ්ඩාය පටික්කමිං. අත්ථි නු ඛො මෙ තත්ථ සොතවිඤ්ඤෙය්යෙසු සද්දෙසු -පෙ- ඝානවිඤ්ඤෙය්යෙසු ගන්ධෙසු -පෙ- ජිව්හාවිඤ්ඤෙය්යෙසු රසෙසු -පෙ- කායවිඤ්ඤෙය්යෙසු ඵොට්ඨබ්බෙසු -පෙ- මනොවිඤ්ඤෙය්යෙසු ධම්මෙසු ඡන්දො වා රාගො වා දොසො වා මොහො වා පටිඝං වාපි චෙතසො’ති. සචෙ සාරිපුත්ත, භික්ඛු පච්චවෙක්ඛමානො එවං ජානාති: ‘යෙන චාහං මග්ගෙන ගාමං පිණ්ඩාය පාවිසිං, යස්මිඤ්ච පදෙසෙ පිණ්ඩාය අචරිං, යෙන ච මග්ගෙන ගාමතො පිණ්ඩාය පටික්කමිං. අත්ථි මෙ තත්ථ මනොවිඤ්ඤෙය්යෙසු ධම්මෙසු ඡන්දො වා රාගො වා දොසො වා මොහො වා පටිඝං වාපි චෙතසො’ති. තෙන සාරිපුත්ත, භික්ඛුනා තෙසංයෙව පාපකානං අකුසලානං ධම්මානං පහානාය වායමිතබ්බං.
Sinhala BJTතවද ශාරිපුත්‍රය, අනෙකෙකි: මහණහු විසින් මෙසේ ප්‍රත්‍යවේක්‍ෂා කටයුතු: යම් මඟෙකින් මම ගමට පිඬු සිඟා පිවිසියෙම් ද, යම් පෙදෙසෙක්හි පිඬු සිඟා ගියෙම් ද, යම් මඟෙකින් පිඬු සිඟා ගමින් පෙරළා ආයෙම් ද, එහි දී මාගේ ශ්‍රෝත්‍රවිඥේය ශබ්දයෙහි ... ඝ්‍රාණවිඥේය ගන්‍ධයෙහි ... ජිහ්වාවිඥේය රසයෙහි ... කායවිඥේය ස්ප්‍රෂ්ටව්‍යයෙහි ... මනෝවිඥේය ධර්‍මයෙහි ඡන්‍දයෙක් හෝ රාගයෙක් හෝ ද්වේෂයෙක් හෝ මෝහයෙක් හෝ සිතෙහි ගැටෙන ක්ලේශජාතයෙක් හෝ ඇද්ද? යි. ඉදින් ශාරිපුත්‍රය, මහණ ප්‍රත්‍යවේක්‍ෂා කරනුයේ: ‘යම් මඟෙකින් මම ගමට පිඬු සිඟා පිවිසියෙම් ද, යම් පෙදෙසෙක පිඬු සිඟා ගියෙම් ද, යම් මඟෙකින් පිඬු පිණිස හැසිර ගමින් පෙරළා ආයෙම් ද, එහි දී මාගේ මනෝවිඥෙය ධර්‍මයෙහි ඡන්‍දයෙක් වේවයි රාගයෙක් වේවයි ද්වේෂයෙක් වේවයි මෝහයෙක් වේවයි සිතෙහි ගැටෙන ක්ලේශජාතයෙක් වේවයි ඇතැ’ යි මෙසේ දනී ද ශාරිපුත්‍රය, ඒ මහණහු විසින් ඒ ලාමක අකුශලධර්‍මයන්ගේ මැ ප්‍රහාණය පිණිස වෑයම් කටයුතු යි.
Pali BJTසචෙ පන සාරිපුත්ත, භික්ඛු පච්චවෙක්ඛමානො එවං ජානාති: යෙන චාහං මග්ගෙන ගාමං පිණ්ඩාය පාවිසිං, යස්මිඤ්ච පදෙසෙ පිණ්ඩාය අචරිං, යෙන ච මග්ගෙන ගාමතො පිණ්ඩාය පටික්කමිං. නත්ථි මෙ තත්ථ මනොවිඤ්ඤෙය්යෙසු ධම්මෙසු ඡන්දො වා රාගො වා දොසො වා මොහො වා පටිඝං වාපි චෙතසො’ති. තෙන සාරිපුත්ත, භික්ඛුනා තෙනෙව පීතිපාමොජ්ජෙන විහාතබ්බං අහොරත්තානුසික්ඛිනා කුසලෙසු ධම්මෙසු.
Sinhala BJTඉදින් ශාරිපුත්‍රය, මහණ ප්‍රත්‍යවේක්‍ෂා කරනුයේ ‘යම් මඟෙකින් මම ගමට පිඬු පිණිස පිවිසියෙම් ද, යම් පෙදෙසෙක්හි පිඬු සිඟා ගියෙම් ද, යම් මඟෙකින් පිඬු පිණිස හැසිර ගමින් පෙරළා ආයෙම් ද, එහි දී මාගේ මනෝවිඥේය ධර්‍මයෙහි ඡන්‍දයෙක් වේවයි රාගයෙක් වේවයි ද්වේෂයෙක් වේවයි මෝහයෙක් වේවයි සිත පිළිබඳ ගැටෙන ක්ලේශ ජාතයෙක් වේවයි නැතැ’ යි මෙසේ දැනගනී ද, ශාරිපුත්‍රය, ඒ මහණහු විසින් ඒ ප්‍රීතිප්‍රාමෝද්‍යයෙන් මැ කුශල ධර්‍මයන්හි රෑදෙවෙහි හික්මෙන්නහු වාස කටයුතු යි.
Pali BJTපුන චපරං සාරිපුත්ත, භික්ඛුනා ඉති පටිසඤ්චික්ඛිතබ්බං: පහීනා නු ඛො මෙ පඤ්ච කාමගුණාති, සචෙ සාරිපුත්ත, භික්ඛු පච්චවෙක්ඛමානො එවං ජානාති: අප්පහීනා ඛො මෙ පඤ්ච කාමගුණාති. තෙන සාරිපුත්ත, භික්ඛුනා පඤ්චන්නං කාමගුණානං පහානාය වායමිතබ්බං. සචෙ පන සාරිපුත්ත, භික්ඛු පච්චවෙක්ඛමානො එවං ජානාති: පහීනා ඛො මෙ පඤ්ච කාමගුණාති. තෙන සාරිපුත්ත, භික්ඛුනා තෙනෙව පීතිපාමොජ්ජෙන විහාතබ්බං අහොරත්තානුසික්ඛිනා කුසලෙසු ධම්මෙසු.
Sinhala BJTතවද ශාරිපුත්‍රය, අනෙකක් කියමි. මහණහු විසින් ‘මාගේ පඤ්චකාමගුණයෝ ප්‍රහීණ වූවාහු දැ’ යි මෙසේ ප්‍රත්‍යවේක්‍ෂා කටයුතු යි. ඉදින් ශාරිපුත්‍රය, මහණ ප්‍රත්‍යවේක්‍ෂා කරනුයේ මාගේ පඤ්චකාමගුණයෝ අප්‍රහීණයහ’ යි මෙසේ දැනගනී ද, ශාරිපුත්‍රය, ඒ මහණහු විසින් පඤ්චකාමගුණයන්ගේ ප්‍රහාණය පිණිස වෑයම් කටයුතු යි. ඉදින් ශාරිපුත්‍රය, මහණ ප්‍රත්‍යවේක්‍ෂා කරනුයේ මාගේ පඤ්චකාමගුණයෝ ප්‍රහීණ වූහ’ යි මෙසේ දැනගනී ද, ශාරිපුත්‍රය, ඒ මහණහු විසින් ඒ ප්‍රීතිප්‍රාමෝද්‍යයෙන් යුක්ත වැ කුශල ධර්‍මයන්හි රෑදෙවෙහි හික්මෙන්නහු වාස කටයුතු.
Pali BJTපුන චපරං සාරිපුත්ත, භික්ඛුනා ඉති පටිසඤ්චික්ඛිතබ්බං: ‘පහීනා නු ඛො මෙ පඤ්ච නීවරණා’ති. සචෙ සාරිපුත්ත, භික්ඛු පච්චවෙක්ඛමානො එවං ජානාති: අප්පහීනා ඛො මෙ පඤ්ච නීවරණා’ති. තෙන සාරිපුත්ත, භික්ඛුනා පඤ්චන්නං නීවරණානං පහානාය වායමිතබ්බං. සචෙ පන සාරිපුත්ත, භික්ඛු පච්චවෙක්ඛමානො එවං ජානාති: ‘පහීනා ඛො මෙ පඤ්ච නීවරණා’ති. තෙන සාරිපුත්ත, භික්ඛුනා තෙනෙව පීතිපාමොජ්ජෙන විහාතබ්බං අහොරත්තානුසික්ඛිනා කුසලෙසු ධම්මෙසු.
Sinhala BJTතවද ශාරිපුත්‍රය, මහණහු විසින් මෙසේ ප්‍රත්‍යවේක්‍ෂා කටයුතු යැ: මාගේ පඤ්චනීවරණයෝ ප්‍රහීණ වූවාහු දෝහෝ’ යි. ඉදින් ශාරිපුත්‍රය, මහණ ප්‍රත්‍යවේක්‍ෂා කරනුයේ ‘මාගේ පඤ්චනීවරණයෝ අප්‍රහීණයහ’ යි මෙසේ දැනගනී ද, ශාරිපුත්‍රය, ඒ මහණහු විසින් පඤ්චනීවරණයන්ගේ ප්‍රහාණය පිණිස වෑයම් කටයුතු යැ. ඉදින් ශාරිපුත්‍රය, මහණ ප්‍රත්‍යවේක්‍ෂා කරනුයේ (මාගේ සන්තානයෙහි) පඤ්චනීවරණයෝ ප්‍රහීණ වූහ’ යි මෙසේ දැනගනී ද, ශාරිපුත්‍රය, ඒ මහණහු විසින් ඒ ප්‍රීතිප්‍රාමෝද්‍යයෙන් මැ කුශලධර්‍මයන්හි රෑදෙවෙහි හික්මෙන්නහු වාස කටයුතු.
Pali BJTපුන චපරං සාරිපුත්ත, භික්ඛුනා ඉති පටිසඤ්චික්ඛිතබ්බං: පරිඤ්ඤාතා නු ඛො මෙ පඤ්චුපාදානක්ඛන්ධා’ති. සචෙ සාරිපුත්ත, භික්ඛු පච්චවෙක්ඛමානො එවං ජානාති: අපරිඤ්ඤාතා ඛො මෙ පඤ්චුපාදානක්ඛන්ධා’ති. තෙන සාරිපුත්ත, භික්ඛුනා පඤ්චන්නං උපාදානක්ඛන්ධානං පරිඤ්ඤාය වායමිතබ්බං. සචෙ පන සාරිපුත්ත, භික්ඛු පච්චවෙක්ඛමානො එවං ජානාති: පරිඤ්ඤාතා ඛො මෙ පඤ්චුපාදානක්ඛන්ධා’ති. තෙන සාරිපුත්ත, භික්ඛුනා තෙනෙව පීතිපාමොජ්ජෙන විහාතබ්බං අහොරත්තානුසික්ඛිනා කුසලෙසු ධම්මෙසු.
Sinhala BJTතවද ශාරිපුත්‍රය, මහණහු විසින් මෙසේ ප්‍රත්‍යවේක්‍ෂා කටයුතු යැ: මා විසින් පඤ්චෝපාදානස්කන්‍ධයෝ පිරිසිඳ දන්නාලද්දාහු දැ’ යි. ඉදින් ශාරිපුත්‍රය, මහණ ප්‍රත්‍යවේක්‍ෂා කරනුයේ ‘මා විසින් පඤ්චෝපාදානස්කන්‍ධයෝ අපරිඥාතයහ’ යි මෙසේ දැනගනීද, ශාරිපුත්‍රය, ඒ මහණහු විසින් පඤ්චොපාදානස්කන්‍ධයන්ගේ පරිඥානය පිණිස වෑයම් කටයුතුයැ. ඉදින් ශාරිපුත්‍රය, මහණ ප්‍රත්‍යවේක්‍ෂා කරනුයේ මා විසින් පඤ්චෝපාදානස්කන්‍ධයෝ පිරිසිඳ දන්නාලදහ’ යි මෙසේ දැනගනී ද, ශාරිපුත්‍රය, ඒ මහණහු විසින් එ මැ ප්‍රීතිප්‍රාමෝද්‍යයෙන් යුක්ත වැ කුශලධර්‍මයන්හි රෑදෙවෙහි හික්මෙන්නහු වාස කටයුතු.
Pali BJTපුන චපරං සාරිපුත්ත, භික්ඛුනා ඉති පටිසඤ්චික්ඛිතබ්බං: භාවිතා නු ඛො මෙ චත්තාරො සතිපට්ඨානා’ති: සචෙ සාරිපුත්ත, භික්ඛු පච්චවෙක්ඛමානො එවං ජානාති: අභාවිතා ඛො මෙ චත්තාරො සතිපට්ඨානා’ති. තෙන සාරිපුත්ත, භික්ඛුනා චතුන්නං සතිපට්ඨානානං භාවනාය වායමිතබ්බං. සචෙ පන සාරිපුත්ත, භික්ඛුනා පච්චවෙක්ඛමානො එවං ජානාති: ‘භාවිතා ඛො මෙ චත්තාරො සතිපට්ඨානා’ති. තෙන සාරිපුත්ත, භික්ඛුනා තෙනෙව පීතිපාමොජ්ජෙන විහාතබ්බං අහොරත්තානුසික්ඛිනා කුසලෙසු ධම්මෙසු.
Sinhala BJTඉදින් ශාරිපුත්‍රය, මහණහු විසින් මෙසේ ප්‍රත්‍යවේක්‍ෂා කටයුතු යැ: මා විසින් සතර සතිපට්ඨානයෝ වඩනලද්දාහු දෝහෝ’ යි. ඉදින් ශාරිපුත්‍රය, ප්‍රත්‍යවේක්‍ෂා කරන මහණ ‘මා විසින් සතර සතිපට්ඨානයෝ අභාවිතයහ’ යි මෙසේ දැනගනී ද ශාරිපුත්‍රය, ඒ මහණහු විසින් සතර සතිපට්ඨානයන් වැඩීම පිණිස වෑයම් කටයුතු යැ. ඉදින් ශාරිපුත්‍රය, ප්‍රත්‍යවේක්‍ෂා කරන මහණ ‘මා විසින් සතර සතිපට්ඨානයෝ භාවිතයහ’ යි මෙසේ දැනගනී ද, ශාරිපුත්‍රය, ඒ මහණහු විසින් එ මැ ප්‍රීතිප්‍රාමෝද්‍යයෙන් යුක්ත වැ කුශලධර්‍මයන්හි දවරෑ හික්මෙන්නහු විසින් වාස කටයුතු.
Pali BJTපුන චපරං සාරිපුත්ත, භික්ඛුනා ඉති පටිසඤ්චික්ඛිතබ්බං: භාවිතා නු ඛො මෙ චත්තාරො සම්මප්පධානා’ති. සචෙ සාරිපුත්ත, භික්ඛු පච්චවෙක්ඛමානො එවං ජානාති: අභාවිතා ඛො මෙ චත්තාරො සම්මප්පධානා’ති. තෙන සාරිපුත්ත, භික්ඛුනා චතුන්නං සම්මප්පධානානං භාවනාය වායමිතබ්බං. සචෙ පන සාරිපුත්ත, භික්ඛු පච්චවෙක්ඛමානො එවං ජානාති: භාවිතා ඛො මෙ චත්තාරො සම්මප්පධානා’ති. තෙන සාරිපුත්ත, භික්ඛුනා තෙනෙව පීතිපාමොජ්ජෙන විහාතබ්බං අහොරත්තානුසික්ඛිනා කුසලෙසු ධම්මෙසු.
Sinhala BJTතවද අනෙකෙකි: ශාරිපුත්‍රය, මහණහු විසින් මෙසේ ප්‍රත්‍යවේක්‍ෂා කළයුතු යැ: ‘මා විසින් සතර සම්‍යක් ප්‍රධානයෝ වඩනලද්දාහු දෝහෝ’ යි. ඉදින් ශාරිපුත්‍රය, ප්‍රත්‍යවේක්‍ෂා කරන මහණ ‘සතර සම්‍යක් ප්‍රධානයෝ මා විසින් අභාවිතයහ’ යි මෙසේ දැනගනී ද, ශාරිපුත්‍රය, ඒ මහණහු විසින් සතර සම්‍යක් ප්‍රධානයන් වැඩීම පිණිස වෑයම් කළ යුතු යැ. ඉදින් ශාරිපුත්‍රය, ප්‍රත්‍යවේක්‍ෂා කරන මහණ ‘මා විසින් සතර සම්‍යක් ප්‍රධානයෝ භාවිතයහ’ යි මෙසේ දැනගනී ද, ශාරිපුත්‍රය, ඒ මහණහු විසින් එ මැ ප්‍රීතිප්‍රාමෝද්‍යයෙන් යුක්ත වැ කුශලධර්‍මයන්හි දවරෑ හික්මෙන්නහු විසියයුතු.
Pali BJTපුන චපරං සාරිපුත්ත, භික්ඛුනා ඉති පටිසඤ්චික්ඛිතබ්බං: භාවිතා නු ඛො මෙ චත්තාරො ඉද්ධිපාදා’ති. සචෙ සාරිපුත්ත, භික්ඛු පච්චවෙක්ඛමානො එවං ජානාති: අභාවිතා ඛො මෙ චත්තාරො ඉද්ධිපාදාති. තෙන සාරිපුත්ත, භික්ඛුනා චතුන්නං ඉද්ධිපාදානං භාවනාය වායමිතබ්බං. සචෙ පන සාරිපුත්ත, භික්ඛු පච්චවෙක්ඛමානො එවං ජානාති: භාවිතා ඛො මෙ චත්තාරො ඉද්ධිපාදාති. තෙන සාරිපුත්ත, භික්ඛුනා තෙනෙව පීතිපාමොජ්ජෙන විහාතබ්බං අහොරත්තානුසික්ඛිනා කුසලෙසු ධම්මෙසු.
Sinhala BJTතවද ශාරිපුත්‍රය, මහණහු විසින් මෙසේ ප්‍රත්‍යවේක්‍ෂා කටයුතු යැ, මා විසින් සතර ඍද්ධිපාදයෝ භාවිත වූවාහු දෝහෝ’ යි ඉදින් ශාරිපුත්‍රය, ප්‍රත්‍යවේක්‍ෂා කරන මහණ මා විසින් සතර ඍද්ධිපාදයෝ අභාවිතයහ’ යි මෙසේ දැනගනී ද, ශාරිපුත්‍රය, ඒ මහණහු විසින් සතර ඍද්ධිපාදයන්ගේ වැඩීම පිණිස වෑයම් කළයුතු යැ. ඉදින් ශාරිපුත්‍රය, ප්‍රත්‍යවේක්‍ෂා කරන මහණ මා විසින් සතර ඍද්ධිපාදයෝ භාවිතයහ’ යි මෙසේ දැනගනී ද, ශාරිපුත්‍රය, ඒ මහණහු එ මැ ප්‍රීතිප්‍රාමෝද්‍යයෙන් යුක්ත වැ කුශලධර්‍මයන්හි දවරෑ හික්මෙන්නහු විසින් විසියයුතු.
Pali BJTපුන චපරං සාරිපුත්ත, භික්ඛුනා ඉති පටිසඤ්චික්ඛිතබ්බං: ‘භාවිතා නු ඛො මෙ පඤ්චින්ද්රියානීති. සචෙ සාරිපුත්ත, භික්ඛු පච්චවෙක්ඛමානො එවං ජානාති: අභාවිතා ඛො මෙ පඤ්චින්ද්රියානී’ති. තෙන සාරිපුත්ත, භික්ඛුනා පඤ්චන්නං ඉන්ද්රියානං භාවනාය වායමිතබ්බං. සචෙ පන සාරිපුත්ත, භික්ඛු පච්චවෙක්ඛමානො එවං ජානාති: භාවිතා ඛො මෙ පඤ්චින්ද්රියානී’ති. තෙන සාරිපුත්ත, භික්ඛුනා තෙනෙව පීතිපාමොජ්ජෙන විහාතබ්බං අහොරත්තානුසික්ඛිනා කුසලෙසු ධම්මෙසු.
Sinhala BJTතවද ශාරිපුත්‍රය, මහණහු විසින් මෙසේ ප්‍රත්‍යවේක්‍ෂා කටයුතු යැ: ‘මා විසින් පඤ්චේන්‍ද්‍රියෝ වඩනලද්දාහු දෝහෝ’ යි. ඉදින් ශාරිපුත්‍රය, ප්‍රත්‍යවේක්‍ෂා කරන මහණ ‘මා විසින් පඤ්චේන්‍ද්‍රියෝ අභාවිතයහ’ යි මෙසේ දැනගනී ද, ශාරිපුත්‍රය, ඒ මහණහු විසින් පඤ්චේන්‍ද්‍රියෝ වැඩීම පිණිස වෑයම් කළයුතු යැ. ඉදින් ශාරිපුත්‍රය, ප්‍රත්‍යවේක්‍ෂා කරන මහණ ‘මා විසින් පඤ්චේන්‍ද්‍රියෝ භාවිතයහ’ යි මෙසේ දැනගනී ද, ශාරිපුත්‍රය, ඒ මහණහු එ මැ ප්‍රීතිප්‍රාමෝද්‍යයෙන් යුක්ත වැ කුශලධර්‍මයන්හි දවරෑ හික්මෙන්නහු විසින් විසියයුතු.
Pali BJTපුන චපරං සාරිපුත්ත, භික්ඛුනා ඉති පටිසඤ්චික්ඛිතබ්බං: භාවිතා නු ඛො මෙ පඤ්චබලානීති. සචෙ සාරිපුත්ත, භික්ඛු පච්චවෙක්ඛමානො එවං ජානාති: අභාවිතා ඛො මෙ පඤ්චබලානී’ති. තෙන සාරිපුත්ත, භික්ඛුනා පඤ්චන්නං බලානං භාවනාය වායමිතබ්බං. සචෙ පන සාරිපුත්ත, භික්ඛු පච්චවෙක්ඛමානො එවං ජානාති: භාවිතා ඛො මෙ පඤ්චබලානීති. තෙන සාරිපුත්ත, භික්ඛුනා තෙනෙව පීතිපාමොජ්ජෙන විහාතබ්බං අහොරත්තානුසික්ඛිනා කුසලෙසු ධම්මෙසු.
Sinhala BJTතවද ශාරිපුත්‍රය, මහණහු විසින් මෙසේ ප්‍රත්‍යවේක්‍ෂා කළයුතු යැ: ‘මා විසින් පඤ්චබලයෝ වඩනලද්දාහු දෝහෝ’ යි. ඉදින් ශාරිපුත්‍රය, ප්‍රත්‍යවේක්‍ෂා කරන මහණ ‘මා විසින් පඤ්චබලයෝ අභාවිතයහ’ යි මෙසේ දැනගනී ද, ශාරිපුත්‍රය, ඒ මහණහු විසින් පඤ්චබලයෝ භාවනාව පිණිස වෑයම් කළයුතු යැ. ඉදින් ශාරිපුත්‍රය, ප්‍රත්‍යවේක්‍ෂා කරන මහණ ‘මා විසින් පඤ්චබලයෝ භාවිතයහ’ යි මෙසේ දැනගනී ද, ශාරිපුත්‍රය, මහණහු එ මැ ප්‍රීතිප්‍රාමෝද්‍යයෙන් යුක්ත වැ කුශලධර්‍මයන්හි දවරෑ හික්මෙන්නහු විසින් විසියයුතු.
Pali BJTපුන චපරං සාරිපුත්ත, භික්ඛුනා ඉති පටිසඤ්චික්ඛිතබ්බං: භාවිතා නු ඛො මෙ සත්තබොජ්ඣඞ්ගාති: සචෙ සාරිපුත්ත, භික්ඛු පච්චවෙක්ඛමානො එවං ජානාති: අභාවිතා ඛො මෙ සත්තබොජ්ඣඞ්ගා’ති. තෙන සාරිපුත්ත, භික්ඛුනා සත්තන්නං බොජ්ඣඞ්ගානං භාවනාය වායමිතබ්බං. සචෙ පන සාරිපුත්ත, භික්ඛු පච්චවෙක්ඛමානො එවං ජානාති: භාවිතා ඛො මෙ සත්තබොජ්ඣඞ්ගා’ති. තෙන සාරිපුත්ත, භික්ඛුනා තෙනෙව පීතිපාමොජ්ජෙන විහාතබ්බං, අහොරත්තානුසික්ඛිනා කුසලෙසු ධම්මෙසු.
Sinhala BJTතවද ශාරිපුත්‍රය, මහණහු විසින් මෙසේ ප්‍රත්‍යවේක්‍ෂා කළයුතු යැ: ‘මා විසින් සප්තබෝධ්‍යඞ්ගයෝ වඩනලද්දාහු දෝහෝ’ යි. ඉදින් ශාරිපුත්‍රය, ප්‍රත්‍යවේක්‍ෂා කරන මහණ ‘මා විසින් සප්තබෝධ්‍යඞ්ගයෝ අභාවිතයහ’ යි මෙසේ දැනගනී ද, ශාරිපුත්‍රය, ඒ මහණහු විසින් සප්තබෝධ්‍යඞ්ගයන් වැඩීම පිණිස වෑයම් කටයුතු යැ. ඉදින් ශාරිපුත්‍රය, ප්‍රත්‍යවේක්‍ෂා කරන මහණ ‘මා විසින් සප්තබෝධ්‍යඞ්ගයෝ භාවිතයහ’ යි මෙසේ දැනගනී ද, ශාරිපුත්‍රය, ඒ මහණහු එ මැ ප්‍රීතිප්‍රාමෝද්‍යයෙන් යුතු වැ කුශලධර්‍මයන්හි දවරෑ හික්මෙනුවහු විසින් වාස කටයුතු.
Pali BJTපුන චපරං සාරිපුත්ත, භික්ඛුනා ඉති පටිසඤ්චික්ඛිතබ්බං: ‘භාවිතො නු ඛො මෙ අරියො අට්ඨඞ්ගිකො මග්ගො’ති. සචෙ සාරිපුත්ත, භික්ඛු පච්චවෙක්ඛමානො එවං ජානාති: ‘අභාවිතො ඛො මෙ අරියො අට්ඨඞ්ගිකො මග්ගො’ති. තෙන සාරිපුත්ත, භික්ඛුනා අරියස්ස අට්ඨඞ්ගිකස්ස මග්ගස්ස භාවනාය වායමිතබ්බං. සචෙ පන සාරිපුත්ත, භික්ඛු පච්චවෙක්ඛමානො එවං ජානාති: ‘භාවිතො ඛො මෙ අරියො අට්ඨඞ්ගිකො මග්ගො’ති. තෙන සාරිපුත්ත, භික්ඛුනා තෙනෙව පීතිපාමොජ්ජෙන විහාතබ්බං අහොරත්තානුසික්ඛිනා කුසලෙසු ධම්මෙසු.
Sinhala BJTතවද ශාරිපුත්‍රය, මහණහු විසින් මෙසේ ප්‍රත්‍යවේක්‍ෂා කටයුතු යැ: ‘මා විසින් ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගිකමාර්‍ගය වඩනාලද දෝහෝ’ යි. ඉදින් ශාරිපුත්‍රය, ප්‍රත්‍යවේක්‍ෂා කරන මහණ ‘මා විසින් ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගිකමාර්‍ගය අභාවිතයයි’ මෙසේ දැනගනී ද, ශාරිපුත්‍රය, ඒ මහණහු විසින් ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගිකමාර්‍ගය වැඩීම පිණිස වෑයම් කළයුතු යැ. ඉදින් ශාරිපුත්‍රය, ප්‍රත්‍යවේක්‍ෂා කරන මහණ ‘මා විසින් ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගික මාර්‍ගය වඩනාලද’ යි මෙසේ දැනගනී ද, ශාරිපුත්‍රය, ඒ මහණහු එ මැ ප්‍රීතිප්‍රාමෝද්‍යයෙන් යුක්ත වැ කුශලධර්‍මයන්හි දවරෑ හික්මෙනුවහු විසින් වාස කටයුතු.
Pali BJTපුන චපරං සාරිපුත්ත, භික්ඛුනා ඉති පටිසඤ්චික්ඛිතබ්බං: ‘භාවිතා නු ඛො මෙ සමථො ච විපස්සනා චා’ති. සචෙ සාරිපුත්ත, භික්ඛු පච්චවෙක්ඛමානො එවං ජානාති: ‘අභාවිතා ඛො මෙ සමථො ච විපස්සනා චා’ති. තෙන සාරිපුත්ත, භික්ඛුනා සමථවිපස්සනානං භාවනාය වායමිතබ්බං. සචෙ පන සාරිපුත්ත, භික්ඛු පච්චවෙක්ඛමානො එවං ජානාති: ‘භාවිතා ඛො මෙ සමථො ච විපස්සනා චා’ති. තෙන සාරිපුත්ත, භික්ඛුනා තෙනෙව පීතිපාමොජ්ජෙන විහාතබ්බං අහොරත්තානුසික්ඛිනා කුසලෙසු ධම්මෙසු.
Sinhala BJTතවද ශාරිපුත්‍රය, මහණහු විසින් මෙසේ ප්‍රත්‍යවේක්‍ෂා කටයුතු යැ: ‘මා විසින් ශමථය ද විදර්‍ශනාව ද වඩනලද්දාහු දෝහෝ’ යි. ඉදින් ශාරිපුත්‍රය, මහණ ප්‍රත්‍යවේක්‍ෂා කරන්නේ මෙසේ දන්නේ වේ ද: ‘මා විසින් ශමථය ද විදර්‍ශනා ද නො ව වඩනලදහ’ යි. ශාරිපුත්‍රය, ඒ මහණහු විසින් ශමථවිදර්‍ශනා දෙක වඩනු පිණිස ව්‍යායාම කළයුතු යැ. ඉදින් ශාරිපුත්‍රය, මහණ ප්‍රත්‍යවේක්‍ෂා කරන්නේ මෙසේ දන්නේ වේ ද: ‘මා විසින් ශමථය ද විදර්‍ශනා ද වඩනාලදහ’ යි. ශාරිපුත්‍රය, ඒ මහණහු එ මැ ප්‍රීතිප්‍රමෝදයෙන් කුශලධර්‍මයෙහි දවරෑ හික්මෙනුවහු විසින් විහරණ කළයුතු යැ.
Pali BJTපුන චපරං සාරිපුත්ත, භික්ඛුනා ඉති පටිසඤ්චික්ඛිතබ්බං: ‘සච්ඡිකතා නු ඛො මෙ විජ්ජා ච විමුත්ති චා’ති. සචෙ සාරිපුත්ත, භික්ඛු පච්චවෙක්ඛමානො එවං ජානාති: ‘අසච්ඡිකතා ඛො මෙ විජ්ජා ච විමුත්ති චා’ති. තෙන සාරිපුත්ත, භික්ඛුනා විජ්ජාය ච විමුත්තියා ච සච්ඡිකිරියාය වායමිතබ්බං. සචෙ පන සාරිපුත්ත, භික්ඛු පච්චවෙක්ඛමානො එවං ජානාති: ‘සච්ඡිකතා ඛො මෙ විජ්ජා ච විමුත්ති චා’ති. තෙන සාරිපුත්ත, භික්ඛුනා තෙනෙව පීතිපාමොජ්ජෙන විහාතබ්බං අහොරත්තානුසික්ඛිනා කුසලෙසු ධම්මෙසු.
Sinhala BJTතවද ශාරිපුත්‍රය, මහණහු විසින් මෙසේ ප්‍රත්‍යවේක්‍ෂා කළයුතු යැ: ‘මා විසින් විද්‍යා ද විමුක්ති ද ප්‍රත්‍යක්‍ෂ කරන ලද්දාහු දෝහෝ’ යි. ඉදින් ශාරිපුත්‍රය, මහණ ප්‍රත්‍යවේක්‍ෂා කරන්නේ මෙසේ දන්නේ වේ ද: ‘මා විසින් විද්‍යා ද විමුක්ති ද ප්‍රත්‍යක්‍ෂ නො කරන ලදහ’ යි. ශාරිපුත්‍රය, ඒ මහණහු විසින් විද්‍යාව හා විමුක්තියගේ ප්‍රත්‍යක්‍ෂ කිරීම පිණිස ව්‍යායාම කළයුතු යැ. ඉදින් ශාරිපුත්‍රය, මහණ ප්‍රත්‍යවේක්‍ෂා කරන්නේ මෙසේ දන්නේ වේ ද: ‘මා විසින් විද්‍යා ද විමුක්ති ද ප්‍රත්‍යක්‍ෂ කරන ලදහ’ යි. ශාරිපුත්‍රය, ඒ මහණහු එ මැ ප්‍රීතිප්‍රමෝදයෙන් කුශලධර්‍මයෙහි දවරෑ හික්මෙනුවහු විසින් විහාර කළයුතු යැ.
Pali BJTයෙ හි කෙචි සාරිපුත්ත, අතීතමද්ධානං සමණා වා බ්රාහ්මණා වා පිණ්ඩපාතං පරිසොධෙසුං, සබ්බෙ තෙ එවමෙව පච්චවෙක්ඛිත්වා පච්චවෙක්ඛිත්වා පිණ්ඩපාතං පරිසොධෙසුං. යෙපි හි කෙචි සාරිපුත්ත, අනාගතමද්ධානං සමණා වා බ්රාහ්මණා වා පිණ්ඩපාතං පරිසොධෙස්සන්ති, සබ්බෙ තෙ එවමෙව පච්චවෙක්ඛිත්වා පච්චවෙක්ඛිත්වා පිණ්ඩපාතං පරිසොධෙස්සන්ති. යෙපි හි කෙචි සාරිපුත්ත, එතරහි සමණා වා බ්රාහ්මණා වා පිණ්ඩපාතං පරිසොධෙන්ති, සබ්බෙ තෙ එවමෙව පච්චවෙක්ඛිත්වා පච්චවෙක්ඛිත්වා පිණ්ඩපාතං පරිසොධෙන්ති. තෙන හි වො සාරිපුත්ත එවං සික්ඛිතබ්බං: ‘පච්චවෙක්ඛිත්වා පච්චවෙක්ඛිත්වා පිණ්ඩපාතං පරිසොධෙස්සාමා’ති. එවං හි වො සාරිපුත්ත, සික්ඛිතබ්බන්ති.
Sinhala BJTශාරිපුත්‍රය, අතීතකාලයෙහි යම්කිසි ශ්‍රමණ කෙනෙක් හෝ බ්‍රාහ්මණ කෙනෙක් හෝ පිණ්ඩපාතශුද්ධි කළාහු ද , එ හැම මෙසෙයින් ම පුනපුනා ප්‍රත්‍යවේක්‍ෂා කොට පිණ්ඩපාත පරිශෝධනා කළාහු යැ. ශාරිපුත්‍රය, අනාගතකාලයෙහි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ පිණ්ඩපාතපරිශෝධනා කෙරෙත් ද, ඒ හැම මෙසෙයින් මැ පුනපුනා ප්‍රත්‍යවේක්‍ෂා කොට පිණ්ඩපාතපරිශෝධනා කෙරෙති. ශාරිපුත්‍රය, මෙ වත්මනුයෙහි යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ පිණ්ඩපාතපරිශෝධනා කෙරෙත් ද, එ හැම මෙපෙරිදි මැ පුනපුනා ප්‍රත්‍යවේක්‍ෂා කොට පිණ්ඩපාතපරිශෝධනා කෙරෙති. එකරුණින් ශාරිපුත්‍රය, තොප මෙසේ හික්මෙන්නේ යැ: ‘පුනපුනා ප්‍රත්‍යවේක්‍ෂා කොට පිණ්ඩපාතපරිශෝධනා කරම්හ’ යි. ශාරිපුත්‍රය, මෙසේ තොප හික්මෙන්නේ මැනැව.
Pali BJTඉදමවොච භගවා. අත්තමනො ආයස්මා සාරිපුත්තො භගවතො භාසිතං අභිනන්දීති.
Sinhala BJTභාග්‍යවතුන් වහන්සේ මේ සූත්‍රය වදාළසේක. සතුටුසිත් ඇති ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය අභිනන්‍දන කළෝ.
Pali BJTපිණ්ඩපාතපාරිසුද්ධි සුත්තං නවමං.
Sinhala BJTනව වැනි පිණ්ඩපාතපාරිසුද්ධි සූත්‍ර යි.
Pali BJT3. 5. 10.
Sinhala BJT3. 5. 10.
Pali BJTඉන්ද්රියභාවනා සුත්තං
Sinhala BJTඉන්‍ද්‍රියභාවනා සූත්‍රය
Pali BJTඑවං මෙ සුතං: එකං සමයං භගවා කජඞ්ගලායං{1} විහරති මුඛෙලුවනෙ{2}. අථ ඛො උත්තරො මාණවො පාරාසරියන්තෙවාසී{3} යෙන භගවා, තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවතා සද්ධිං සම්මොදි. සම්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නං ඛො උත්තරං මාණවං පාරාසරියන්තෙවාසිං භගවා එතදවොච:
Sinhala BJTමා විසින් මෙසේ අසනලද: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ කජඞ්ගලා නම් නිගමයෙහි මුඛෙලු වනයෙහි වාසය කරනසේක. එසමයෙහි පාරාශරිය ඇතැවැසි උත්තර මාණවක භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු විය. සතුටු විය යුතු සිහි කළයුතු කථාව නිමාව එකත්පස් වැ හිණ. එකත්පස් වැ හුන් පාරාශරිය ඇතැවැසි උත්තරමාණවකහට භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළහ:
Pali BJTදෙසෙති උත්තර, පාරාසරියො{4} බ්රාහ්මණො සාවකානං ඉන්ද්රියභාවනන්ති.
Sinhala BJT‘උත්තරය, පාරාශරිය බ්‍රාහ්මණ සව්වනට ඉන්‍ද්‍රියභාවනාව දෙසා දැ’ යි.
Pali BJTදෙසෙති භො ගොතම, පාරාසරියො{4} බ්රාහ්මණො සාවකානං ඉන්ද්රියභාවනන්ති.
Sinhala BJT‘භවත් ගෞතමයන් වහන්ස, පාරාශරිය බ්‍රාහ්මණ සව්වනට ඉන්‍ද්‍රියභාවනාව දෙසා’ යයි.
Pali BJTයථා කථං පන උත්තර, දෙසෙති පාරාසරියො බ්රාහ්මණො සාවකානං ඉන්ද්රියභාවනන්ති.
Sinhala BJTඋත්තරය, පාරාශරිය බ්‍රාහ්මණ සව්වනට කිසෙයින් ඉන්‍ද්‍රියභාවනාව දෙසා දැ’ යි.
Pali BJTඉධ භො ගොතම, චක්ඛුනා රූපං න පස්සති, සොතෙන සද්දං න සුණාති. එවං ඛො භො ගොතම, දෙසෙති පාරාසරියො{4} බ්රාහ්මණො සාවකානං ඉන්ද්රියභාවනන්ති.
Sinhala BJTභවත් ගෞතමයන් වහන්ස, මෙහිලා ඇසින් රූ නො දකී ද, කනින් ශබ්ද නො අසා ද, භවත් ගෞතමයන් වහන්ස, මෙපරිද්දෙන් පාරාශරිය බ්‍රාහ්මණ සව්වනට ඉන්‍ද්‍රියභාවනා දෙසා’ යයි.
Pali BJTඑවං සන්තෙ ඛො උත්තර, අන්ධො භාවිතින්ද්රියො භවිස්සති, බධිරො භාවිතින්ද්රියො භවිස්සති. යථා පාරාසරියස්ස බ්රාහ්මණස්ස වචනං. අන්ධො හි උත්තර, චක්ඛුනා රූපං න පස්සති. බධිරො සොතෙන සද්දං න සුණාතීති.
Sinhala BJTඋත්තරය, මෙසේ කල්හි පාරාශරිය බමුණුහුගේ බස් පරිදි අන්‍ධ තෙම වැඩූ ඉඳුරන් ඇති වන්නේ යැ. බධිර තෙම වැඩූ ඉඳුරන් ඇති වන්නේ යැ. උත්තරය, යම් හෙයෙකින් අන්‍ධ තෙම ඇසින් රූ නො දකී ද බධිර තෙම කනින් ශබ්ද නො අසා ද එහෙයිනි.
Pali BJTඑවං වුත්තෙ උත්තරො මාණවො පාරාසරියන්තෙවාසී තුණ්හීභූතො මඞ්කුභූතො පත්තක්ඛන්ධො අධොමුඛො පජ්ඣායන්තො අප්පටිභානො නිසීදි.
Sinhala BJTමෙසේ වදාළ කල්හි පාරාශරිය අතැවැසි උත්තර මාණවක තුෂ්ණීම්භූත වූයේ මකු වූයේ බැහූ කඳට ඇතියේ අධෝමුඛ වූයේ සිතිවිලි සිතමින් වැටහීම් රහිත වැ හින.
Pali BJTඅථ ඛො භගවා උත්තරං මාණවං පාරාසරියන්තෙවාසිං තුණ්හීභූතං මඞ්කුභූතං පත්තක්ඛන්ධං අධොමුඛං පජ්ඣායන්තං අප්පටිභානං විදිත්වා ආයස්මන්තං ආනන්දං ආමන්තෙසි: ‘අඤ්ඤථා ඛො ආනන්ද, දෙසෙති පාරාසරියො බ්රාහ්මණො සාවකානං ඉන්ද්රියභාවනං, අඤ්ඤථා ච පනානන්ද, අරියස්ස විනයෙ අනුත්තරා ඉන්ද්රියභාවනා හොතී’ති.
Sinhala BJTඉක්බිති භාග්‍යවතුන් වහන්සේ පාරාශරිය අතැවැසි උත්තරමාණවක තුෂ්ණීම්භූත වූවහු තෙද නැතියහු හෙළු කඳට ඇතියහු අධෝමුඛ වූවහු සිතිවිලි සිතනුවහු වැටහීම් රහිත වූවහු දැන ආයුෂ්මත් අනඳ තෙරුන් ඇමතූසේක: ‘ආනන්‍දය, පාරාශරිය බ්‍රාහ්මණ අන් පරිදි සව්වනට ඉන්‍ද්‍රියභාවනාව දෙසයි. ආනන්‍දය, අන් පරිද්දෙකින් ආර්‍ය්‍යවිනයෙහි අනුත්තර වූ ඉන්‍ද්‍රියභාවනා වේ’ යයි.
Pali BJTඑතස්ස භගවා කාලො, එතස්ස සුගත කාලො යං භගවා අරියස්ස විනයෙ අනුත්තරං ඉන්ද්රියභාවනං දෙසෙය්ය, භගවතො සුත්වා භික්ඛූ ධාරෙස්සන්තී’ති.
Sinhala BJTභාග්‍යවතුන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේ ආර්‍ය්‍යවිනයෙහි යම් අනුත්තර ඉන්‍ද්‍රිය භාවනාවක් දෙසනසේක් ද, මේ ඊට කලැ. සුගතයන් වහන්ස, මේ ඊට කලැ. භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ වදන් අසා ධරන්නාහ’ යි.
Pali BJTතෙන’හානන්ද, සුණාහි සාධුකං මනසිකරොහි භාසිස්සාමීති.
Sinhala BJTඑසේ වී නම් ආනන්‍දය, මනා කොට අසව. මනා කොට මෙනෙහි කරව, කියන්නෙමි’ යි.
Pali BJTඑවං භන්තෙති ඛො ආයස්මා ආනන්දො භගවතො පච්චස්සොසි. භගවා එතදවොච:
Sinhala BJT‘එසේ යැ වහන්සැ’ යි ආයුෂ්මත් අනඳ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළසේක:
Pali BJTකථඤ්චානන්ද, අරියස්ස විනයෙ අනුත්තරා ඉන්ද්රියභාවනා හොති: ඉධානන්ද, භික්ඛුනො චක්ඛුනා රූපං දිස්වා උප්පජ්ජති මනාපං, උප්පජ්ජති අමනාපං, උප්පජ්ජති මනාපාමනාපං. සො එවං පජානාති: ‘උප්පන්නං ඛො මෙ ඉදං මනාපං, උප්පන්නං අමනාපං, උප්පන්නං මනාපාමනාපං. තඤ්ච ඛො සඞ්ඛතං ඔළාරිකං පටිච්චසමුප්පන්නං, එතං සන්තං එතං පණීතං යදිදං උපෙක්ඛා’ති. තස්ස තං උප්පන්නං මනාපං උප්පන්නං අමනාපං උප්පන්නං මනාපාමනාපං නිරුජ්ඣති, උපෙක්ඛා සණ්ඨාති. සෙය්යථාපි ආනන්ද, චක්ඛුමා පුරිසො උම්මීලෙත්වා වා නිමීලෙය්ය, නිමීලෙත්වා වා උම්මීලෙය්ය. එවමෙව ඛො ආනන්ද, යස්ස කස්සචි එවං සීඝං එවං තුවටං එවං අප්පකසිරෙන උප්පන්නං මනාපං උප්පන්නං අමනාපං උප්පන්නං මනාපාමනාපං නිරුජ්ඣති, උපෙක්ඛා සණ්ඨාති. අයං වුච්චතානන්ද, අරියස්ස විනයෙ අනුත්තරා ඉන්ද්රියභාවනා චක්ඛුවිඤ්ඤෙය්යෙසු රූපෙසු.
Sinhala BJTආනන්‍දය, කිසෙයින් ආර්‍ය්‍යවිනයෙහි අනුත්තර ඉන්‍ද්‍රියභාවනා වෙයි යත්: ආනන්‍දය, මෙසස්නෙහි මහණහට ඇසින් රූ දැක මනාප උපදී, අමනාප උපදී, මනාපාමනාප උපදී. හේ මෙසේ දැනගනී: ‘මට මේ මනාපය උපන, අමනාපය උපන, මනාපාමනාපය උපන හෙද සඞ්ඛත යැ, ඖදාරික යැ, ප්‍රතීත්‍යසමුත්පන්න යි. යම් උපේක්‍ෂාවක් ඇද්ද තෙල ශාන්ත යැ, තෙල ප්‍රණීත යැ’ යි කියා යි. ඔහුට ඒ උපන් මනාපය උපන් අමනාපය උපන් මනාපාමනාපය නිරුද්ධ වෙයි. උපේක්‍ෂාව පිහිටා සිටී. ආනන්‍දය, යම්සේ ඇස් ඇති පුරුෂයෙක් ඇස ඇර පියාලන්නේ හෝ වේ ද ඇස පියා ඇරලන්නේ හෝ වේ ද, එසෙයින් මැ ආනන්‍දය, යම් කිසිවක්හට මෙසේ ශීඝ්‍ර වැ මෙසේ වෙලෙවි වැ මෙසේ නිදුකින් උපන් මනාපය උපන් අමනාපය උපන් මනාපාමනාපය නිරුද්ධ වේ ද, විදර්‍ශනෝපේක්‍ෂාව පිහිටා සිටී ද, ආනන්‍දය, මේ ආර්‍ය්‍යවිනයෙහි චක්‍ෂුර්විඥේය රූප විෂයෙහි අනුත්තර වූ ඉන්‍ද්‍රියභාවනා යයි කියනු ලැබේ.
Pali BJTපුන චපරං ආනන්ද, භික්ඛුනො සොතෙන සද්දං සුත්වා උප්පජ්ජති මනාපං, උප්පජ්ජති අමනාපං, උප්පජ්ජති මනාපාමනාපං. සො එවං පජානාති: උප්පන්නං ඛො මෙ ඉදං මනාපං, උප්පන්නං අමනාපං, උප්පන්නං මනාපාමනාපං. තඤ්ච ඛො සඞ්ඛතං ඔළාරිකං පටිච්චසමුප්පන්නං. එතං සන්තං එතං පණීතං යදිදං උපෙක්ඛා’ති. තස්ස තං උප්පන්නං මනාපං උප්පන්නං අමනාපං උප්පන්නං මනාපාමනාපං නිරුජ්ඣති, උපෙක්ඛා සණ්ඨාති. සෙය්යථාපි ආනන්ද, බලවා පුරිසො අප්පකසිරෙනෙව අච්ඡරං පහරෙය්ය. එවමෙව ඛො ආනන්ද, යස්ස කස්සචි එවං සීඝං එවං තුවටං එවං අප්පකසිරෙන උප්පන්නං මනාපං උප්පන්නං අමනාපං උප්පන්නං මනාපාමනාපං නිරුජ්ඣති, උපෙක්ඛා සණ්ඨාති. අයං වුච්චතානන්ද, අරියස්ස විනයෙ අනුත්තරා ඉන්ද්රියභාවනා සොතවිඤ්ඤෙය්යෙසු සද්දෙසු.
Sinhala BJTතවද ආනන්‍දය, මහණහට කනින් ශබ්ද අසා මනාප උපදී, අමනාප උපදී, මනාපාමනාප උපදී. හේ මෙසේ දැනගනී. මට මේ මනාපය උපන, අමනාපය උපන, මනාපාමනාපය උපන. හෙද සඞ්ඛත ය, ඖදාරික යැ, ප්‍රතීත්‍යසමුත්පන්න යි. යම් උපේක්‍ෂාවක් ඇද්ද තෙල ශාන්ත යැ, තෙල ප්‍රණීත යැ’ යි කියා යි. ඔහුට ඒ උපන් මනාපය උපන් අමනාපය, උපන් මනාපාමනාපය නිරුද්ධ වෙයි. උපේක්‍ෂාව පිහිටා සිටී. ආනන්‍දය යම්සේ බලවත් පුරුෂයෙක් නිදුකින් මැ අසුර ගසන්නේ ද, එසෙයින් මැ ආනන්‍දය, යම් කිසිවක්හට මෙසේ ශීඝ්‍ර වැ මෙසේ වෙලෙවි වැ මෙසේ නිදුකින් උපන් මනාපය උපන් අමනාපය උපන් මනාපාමනාපය නිරුද්ධ වේ ද , විදර්‍ශනෝපේක්‍ෂාව පිහිටා සිටී ද, ආනන්‍දය, මේ ආර්‍ය්‍යවිනයෙහි ශ්‍රෝත්‍රවිඥේය ශබ්ද විෂයෙහි අනුත්තර වූ ඉන්‍ද්‍රියභාවනා යයි කියනු ලැබේ.
Pali BJTපුන චපරං ආනන්ද, භික්ඛුනො ඝානෙන ගන්ධං ඝායිත්වා උප්පජ්ජති මනාපං, උප්පජ්ජති අමනාපං, උප්පජ්ජති මනාපාමනාපං. සො එවං පජානාති: ‘උප්පන්නං ඛො මෙ ඉදං මනාපං, උප්පන්නං අමනාපං, උප්පන්නං මනාපාමනාපං. තඤ්ච ඛො සඞ්ඛතං ඔළාරිකං පටිච්චසමුප්පන්නං. එතං සන්තං එතං පණීතං යදිදං උපෙක්ඛා’ති. තස්ස තං උප්පන්නං මනාපං උප්පන්නං අමනාපං උප්පන්නං මනාපාමනාපං නිරුජ්ඣති, උපෙක්ඛා සණ්ඨාති. සෙය්යථාපි ආනන්ද, ඊසකපොණෙ,{1} පදුමිනීපත්තෙ{2} උදකඵුසිතානි පවත්තන්ති, න සණ්ඨහන්ති.{3} එවමෙව ඛො ආනන්ද, යස්ස කස්සචි එවං සීඝං එවං තුවටං එවං අප්පකසිරෙන උප්පන්නං මනාපං උප්පන්නං අමනාපං උප්පන්නං මනාපාමනාපං නිරුජ්ඣති, උපෙක්ඛා සණ්ඨාති. අයං වුච්චතානන්ද, අරියස්ස විනයෙ අනුත්තරා ඉන්ද්රියභාවනා ඝානවිඤ්ඤෙය්යෙසු ගන්ධෙසු.
Sinhala BJTතවද ආනන්‍දය, මහණහට ඝ්‍රාණයෙන් ගන්‍ධාඝ්‍රාණය කොට මනාප උපදී, අමනාප උපදී, මනාපාමනාප උපදී. හේ මෙසේ දැනගනී: ‘මට මේ මනාපය උපන, අමනාපය උපන, මනාපාමනාපය උපන. හෙද සඞ්ඛත යැ, ඖදාරික යැ, ප්‍රතීත්‍යසමුත්පන්න යි. යම් විදර්‍ශනෝපේක්‍ෂාවක් ඇද්ද, තෙල ශාන්ත යැ, තෙල ප්‍රණීත යැ’ යි කියා යි. ඔහුට ඒ උපන් මනාපය උපන් අමනාපය, උපන් මනාපාමනාපය නිරුද්ධ වෙයි, විදර්‍ශනෝපේක්‍ෂාව පිහිටා සිටියි. යම්සේ ආනන්‍දය, මඳක් නැඹුරු කල පියුම්පතෙහි දියබිඳුහු පෙරළෙත් ද, පිහිටා නො සිටිත් ද, එසෙයින් මැ ආනන්‍දය, යම්කිසිවක්හට මෙසේ ශීඝ්‍ර වැ මෙසේ වෙලෙවි වැ මෙසේ නිදුකින් උපන් මනාපය උපන් අමනාපය උපන් මනාපාමනාපය නිරුද්ධ වේ ද, විදර්‍ශනෝපේක්‍ෂාව පිහිටා සිටී ද, ආනන්‍දය, මේ ආර්‍ය්‍ය විනයෙහි ඝ්‍රාණවිඥේය ගන්‍ධ විෂයෙහි අනුත්තර වූ ඉන්‍ද්‍රියභාවනා’ යයි කියනු ලැබේ.
Pali BJTපුන චපරං ආනන්ද, භික්ඛුනො ජිව්හාය රසං සායිත්වා උප්පජ්ජති මනාපං, උප්පජ්ජති අමනාපං, උප්පජ්ජති මනාපාමනාපං. සො එවං පජානාති: ‘උප්පන්නං ඛො මෙ ඉදං මනාපං, උප්පන්නං අමනාපං, උප්පන්නං මනාපාමනාපං. තඤ්ච ඛො සඞ්ඛතං ඔළාරිකං පටිච්චසමුප්පන්නං. එතං සන්තං එතං පණීතං යදිදං උපෙක්ඛා’ති. තස්ස තං උප්පන්නං මනාපං උප්පන්නං අමනාපං උප්පන්නං මනාපාමනාපං නිරුජ්ඣති, උපෙක්ඛා සණ්ඨාති. සෙය්යථාපි ආනන්ද, බලවා පුරිසො ජිව්හග්ගෙ ඛෙළපිණ්ඩං සංයූහිත්වා අප්පකසිරෙන වමෙය්ය. එවමෙව ඛො ආනන්ද, යස්ස කස්සචි එවං සීඝං එවං තුවටං එවං අප්පකසිරෙන උප්පන්නං මනාපං උප්පන්නං අමනාපං උප්පන්නං මනාපාමනාපං නිරුජ්ඣති, උපෙක්ඛා සණ්ඨාති. අයං වුච්චතානන්ද, අරියස්ස විනයෙ අනුත්තරා ඉන්ද්රියභාවනා ජිව්හාවිඤ්ඤෙය්යෙසු රසෙසු.
Sinhala BJTතවද ආනන්‍දය, මහණහට දිවින් රස විඳ මනාප උපදී, අමනාප උපදී, මනාපාමනාප උපදී. හේ මෙසේ දැනගනී. මට මේ මනාපය උපන, අමනාපය උපන, මනාපාමනාපය උපන, හෙද සඞ්ඛත යැ, ඖදාරික යැ, ප්‍රතීත්‍යසමුත්පන්න යි. යම් විදර්‍ශනෝපේක්‍ෂාවක් ඇද්ද, තෙල ශාන්ත යැ, තෙල ප්‍රණීත යැ’ යි කියා යි. ඔහුට ඒ උපන් මනාපය උපන් අමනාපය, උපන් මනාපාමනාපය නිරුද්ධ වෙයි, උපේක්‍ෂා පිහිටා සිටී. යම්සේ ආනන්‍දය බලවත් පුරුෂයෙක් දිවග කෙලපිඬක් රැස් කොට නිදුකින් නඟන්නේ ද, එසෙයින් මැ ආනන්‍දය, යම් කිසිවක්හට මෙසේ ශීඝ්‍ර වැ මෙසේ වෙලෙවි වැ මෙසේ නිදුකින් උපන් මනාපය උපන් අමනාපය උපන් මනාපාමනාපය නිරුද්ධ වෙයි. උපේක්‍ෂාව පිහිටා සිටියි. ආනන්‍දය, මේ ආර්‍ය්‍යවිනයෙහි ජිහ්වාවිඥේය රූප විෂයෙහි අනුත්තර වූ ඉන්‍ද්‍රියභාවනා’ යි කියනු ලැබේ.
Pali BJTපුන චපරං ආනන්ද, භික්ඛුනො කායෙන ඵොට්ඨබ්බං ඵුසිත්වා උප්පජ්ජති මනාපං, උප්පජ්ජති අමනාපං, උප්පජ්ජති මනාපාමනාපං. සො එවං පජානාති: ‘උප්පන්නං ඛො මෙ ඉදං මනාපං, උප්පන්නං අමනාපං, උප්පන්නං මනාපාමනාපං. තඤ්ච ඛො සඞ්ඛතං ඔළාරිකං පටිච්චසමුප්පන්නං. එතං සන්තං එතං පණීතං යදිදං උපෙක්ඛා’ති. තස්ස තං උප්පන්නං මනාපං උප්පන්නං අමනාපං උප්පන්නං මනාපාමනාපං නිරුජ්ඣති, උපෙක්ඛා සණ්ඨාති. සෙය්යථාපි ආනන්ද, බලවා පුරිසො සමිඤ්ජිතං වා බාහං පසාරෙය්ය, පසාරිතං වා බාහං සමිඤ්ජෙය්ය{1} එවමෙව ඛො ආනන්ද, යස්ස කස්සචි එවං සීඝං එවං තුවටං එවං අප්පකසිරෙන උප්පන්නං මනාපං උප්පන්නං අමනාපං උප්පන්නං මනාපාමනාපං නිරුජ්ඣති, උපෙක්ඛා සණ්ඨාති. අයං වුච්චතානන්ද, අරියස්ස විනයෙ අනුත්තරා ඉන්ද්රියභාවනා කායවිඤ්ඤෙය්යෙසු ඵොට්ඨබ්බෙසු.
Sinhala BJTතවද ආනන්‍දය, මහණහට කයින් ස්ප්‍රෂ්ටව්‍යය පැහැස මනාප උපදී, අමනාප උපදී, මනාපාමනාප උපදී. හේ මෙසේ දැනගනී. මට මේ මනාපය උපන, අමනාපය උපන, මනාපාමනාපය උපන. හෙ ද සඞ්ඛත යැ, ඖදාරික යැ, ප්‍රතීත්‍යසමුත්පන්න යි. යම් විදර්‍ශනෝපේක්‍ෂාවක් ඇද්ද, තෙල ශාන්ත යැ තෙල ප්‍රණීත යැ’ යි කියා යි. ඔහුට උපන් ඒ මනාපය උපන් අමනාපය උපන් මනාපාමනාපය නිරුද්ධ වෙයි. විදර්‍ශනෝපේක්‍ෂාව පිහිටා සිටී. යම්සේ ආනන්‍දය බලවත් පුරුෂයෙක් හැකුළූ බාහුව දිගු කරන්නේ හෝ වේද දිගු කළ බාහුව හකුළන්නේ හෝ වේද, එසෙයින් මැ ආනන්‍දය, යම් කිසිවක්හට මෙසේ ශීඝ්‍ර වැ මෙසේ වෙලෙවි වැ මෙසේ නිදුකින් උපන් මනාපය උපන් අමනාපය උපන් මනාපාමනාපය නිරුද්ධ වෙයි. විදර්‍ශනෝපේක්‍ෂාව පිහිටා සිටී. ආනන්‍දය, මේ ආර්‍ය්‍යවිනයෙහි කායවිඥේය ස්ප්‍රෂ්ටව්‍ය විෂයෙහි අනුත්තර වූ ඉන්‍ද්‍රියභාවනා’ යි කියනුලැබේ.
Pali BJTපුන චපරං ආනන්ද, භික්ඛුනො මනසා ධම්මං විඤ්ඤාය උප්පජ්ජති මනාපං, උප්පජ්ජති අමනාපං, උප්පජ්ජති මනාපාමනාපං. සො එවං පජානාති: ‘උප්පන්නං ඛො මෙ ඉදං මනාපං, උප්පන්නං අමනාපං, උප්පන්නං මනාපාමනාපං. තඤ්ච ඛො සඞ්ඛතං ඔළාරිකං පටිච්චසමුප්පන්නං. එතං සන්තං එතං පණීතං යදිදං උපෙක්ඛා’ති. තස්ස තං උප්පන්නං මනාපං උප්පන්නං අමනාපං උප්පන්නං මනාපාමනාපං නිරුජ්ඣති, උපෙක්ඛා සණ්ඨාති. සෙය්යථාපි ආනන්ද, බලවා පුරිසො දිවසසන්තත්තෙ{2} අයොකටාහෙ ද්වෙ වා තීණි වා උදකඵුසිතානි නිපාතෙය්ය. දන්ධො ආනන්ද, උදකඵුසිතානං නිපාතො, අථ ඛො නං ඛිප්පමෙව පරික්ඛයං පරියාදානං ගච්ඡෙය්ය. එවමෙව ඛො, ආනන්ද, යස්ස කස්සචි එවං සීඝං එවං තුවටං එවං අප්පකසිරෙන උප්පන්නං මනාපං උප්පන්නං අමනාපං උප්පන්නං මනාපාමනාපං නිරුජ්ඣති, උපෙක්ඛා සණ්ඨාති. අයං වුච්චතානන්ද, අරියස්ස විනයෙ අනුත්තරා ඉන්ද්රියභාවනා මනොවිඤ්ඤෙය්යෙසු ධම්මෙසු. එවං ඛො ආනන්ද, අරියස්ස විනයෙ අනුත්තරා ඉන්ද්රියභාවනා හොති.
Sinhala BJTතවද ආනන්‍දය, මහණහට මනසින් දහම් දැන මනාප උපදී. අමනාප උපදී. මනාපාමනාප උපදී. හේ මෙසේ දැනගනී: ‘මට මේ මනාපය උපන. අමනාපය උපන. මනාපාමනාපය උපන. හෙ ද සඞ්ඛත යැ, ඖදාරික යැ, ප්‍රතීත්‍යසමුත්පන්න යි. යම් විදර්‍ශනෝපේක්‍ෂායෙක් ඇද්ද තෙල ශාන්ත යැ, තෙල ප්‍රණීත යැ’ යි කියා යි. ඔහුට ඒ උපන් මනාපය උපන් අමනාපය උපන් මනාපාමනාපය නිරුද්ධ වෙයි. උපේක්‍ෂාව පිහිටා සිටී. යම්සේ ආනන්‍දය, බලවත් පුරුෂයෙක් දවසක් මොනොවට තැවුණු යකබලෙක්හි දියබිඳු දෙකක් හෝ තුනක් හෝ හෙළන්නේ ද ආනන්‍දය, ජලබින්‍දුන්ගේ වැටීම ලැසිවේ ද, වැළි එය වහා මැ ක්‍ෂය වීමට ගෙවීමට යන්නේ ද, එසෙයින් මැ ආනන්‍දය යම් කිසිවක්හට මෙසේ ශීඝ්‍ර වැ මෙසේ වෙලෙවි වැ මෙසේ නිදුකින් උපන් මනාපය උපන් අමනාපය උපන් මනාපාමනාපය නිරුද්ධ වෙයි. විදර්‍ශනෝපේක්‍ෂාව පිහිටා සිටී. ආනන්‍දය, මේ ආර්‍ය්‍යවිනයෙහි මනෝවිඥේය ධර්‍ම විෂයෙහි අනුත්තර වූ ඉන්‍ද්‍රිය භාවනා’ යි කියනු ලැබේ. ආනන්‍දය, මෙසේ ආර්‍ය්‍යවිනයෙහි අනුත්තර වූ ඉන්‍ද්‍රියභාවනා වේ.
Pali BJTකථඤ්චානන්ද, සෙඛො හොති පාටිපදො. ඉධානන්ද, භික්ඛුනො චක්ඛුනා රූපං දිස්වා උප්පජ්ජති මනාපං, උප්පජ්ජති අමනාපං, උප්පජ්ජති මනාපාමනාපං. සො තෙන උප්පන්නෙන මනාපෙන උප්පන්නෙන අමනාපෙන උප්පන්නෙන මනාපාමනාපෙන අට්ටීයති හරායති ජිගුච්ඡති. සොතෙන සද්දං සුත්වා -පෙ- ඝානෙන ගන්ධං ඝායිත්වා -පෙ-, ජිව්හාය රසං සායිත්වා -පෙ- කායෙන ඵොට්ඨබ්බං ඵුසිත්වා -පෙ- මනසා ධම්මං විඤ්ඤාය උප්පජ්ජති මනාපං, උප්පජ්ජති අමනාපං, උප්පජ්ජති මනාපාමනාපං. සො තෙන උප්පන්නෙන මනාපෙන උප්පන්නෙන අමනාපෙන උප්පන්නෙන මනාපාමනාපෙන අට්ටීයති හරායති ජිගුච්ඡති. එවං ඛො ආනන්ද, සෙඛො හොති පාටිපදො.
Sinhala BJTආනන්‍දය, කිසෙයින් ශෛක්‍ෂප්‍රතිපත් ඇත්තේ වෙයි යත්: ආනන්‍දය, මේ සස්නෙහි මහණහට ඇසින් රූ දැක මනාප උපදී. අමනාප උපදී. මනාපාමනාප උපදී. හේ ඒ උපන් මානාපයෙන් උපන් අමනාපයෙන් උපන් මනාපාමනාපයෙන් දුකට පැමිණෙයි. ලජ්ජාවට පැමිණෙයි. ජුගුප්සාවට පැමිණෙයි. කනින් ශබ්ද අසා ... නැහැයෙන් ගඳ ආඝ්‍රාණය කොට ... දිවින් රස විඳ ... කයින් පහස් පැහැස ... මනසින් දහම් දැන මනාප උපදී. අමනාප උපදී. මනාපාමනාප උපදී. හේ ඒ උපන් මනාපයෙන් උපන් අමනාපයෙන් උපන් මනාපාමනාපයෙන් දුක් වෙයි. ලජ්ජාවෙයි. ජුගුප්සා කෙරෙයි. ආනන්‍දය, මෙසේ ශෛක්‍ෂප්‍රතිපත් ඇත්තේ වේ.
Pali BJTකථඤ්චානන්ද, අරියො හොති භාවිතින්ද්රියො. ඉධානන්ද, භික්ඛුනො චක්ඛුනා රූපං දිස්වා උප්පජ්ජති මනාපං, උප්පජ්ජති අමනාපං, උප්පජ්ජති මනාපාමනාපං. සො සචෙ ආකඞ්ඛති: ‘පටික්කූලෙ{1} අප්පටික්කූලසඤ්ඤී විහරෙය්ය’න්ති. අප්පටික්කූලසඤ්ඤී තත්ථ විහරති. සචෙ ආකඞ්ඛති අප්පටික්කූලෙ පටික්කූලසඤ්ඤී විහරෙය්යන්ති. පටික්කූලසඤ්ඤී තත්ථ විහරති. සචෙ ආකඞ්ඛති: ‘පටික්කූලෙ ච අප්පටික්කූලෙ ච අප්පටික්කූලසඤ්ඤී විහරෙය්ය’න්ති. අප්පටික්කූලසඤ්ඤී තත්ථ විහරති. සචෙ ආකඞ්ඛති: අප්පටික්කූලෙ ච පටික්කූලෙ ච පටික්කූලසඤ්ඤී විහරෙය්ය’න්ති. පටික්කූලසඤ්ඤී තත්ථ විහරති. සචෙ ආකඞ්ඛති: ‘පටික්කූලං ච අප්පටික්කූලං ච තදුභයං අභිනිවජ්ජෙත්වා උපෙක්ඛකො විහරෙය්යං සතො සම්පජානො’ති. උපෙක්ඛකො තත්ථ විහරති සතො සම්පජානො.
Sinhala BJTආනන්‍දය, කිසෙයින් ආර්‍ය්‍ය වැඩූ ඉඳුරන් ඇත්තේ වෙයි යත්: ආනන්‍දය, මේ සස්නෙහි මහණහට ඇසින් රූ දැක මනාප උපදී, අමනාප උපදී, මනාපාමනාප උපදී. ඉදින් හේ ප්‍රතිකූලයෙහි අප්‍රතිකූලසංඥා ඇති වැ වසන්නෙමි’ යි කැමති වේ නම් එහි අප්‍රතිකූලසංඥා ඇති වැ වෙසෙයි. ඉදින් අප්‍රතිකූලයෙහි ප්‍රතිකූලසංඥා ඇති වැ වෙසෙන්නෙමි’ යි රිසි වේ නම් එහි ප්‍රතිකූල සංඥා ඇති වැ වෙසෙයි. ඉදින් ප්‍රතිකූලයෙහි ද අප්‍රතිකූලයෙහි ද අප්‍රතිකූලසංඥා ඇති වැ වෙසෙන්නෙමි’ යි රිසි වේ නම් එහි අප්‍රතිකූල සංඥා ඇති වැ වෙසෙයි. ඉදින් අප්‍රතිකූලයෙහි ද ප්‍රතිකූලයෙහි ද ප්‍රතිකූලසංඥා ඇති වැ වෙසෙන්නෙමි’ යි රිසි වේ නම් එහි ප්‍රතිකූලසංඥා ඇති වැ වෙසෙයි. ඉදින් ප්‍රතිකූලයත් අප්‍රතිකූලයත් යන දෙක දුරු කොට පියා උපේක්‍ෂා ඇති වැ ස්මෘතිමත් වැ සම්‍යග්ඥාන ඇති වැ වෙසෙන්නෙමි’ යි කැමැති වේ නම් එහි උපේක්‍ෂා ඇති වැ ස්මෘතිමත් වැ සම්‍යග්ඥාන ඇති වැ වෙසෙයි.
Pali BJTපුන චපරං ආනන්ද, භික්ඛුනො සොතෙන සද්දං සුත්වා -පෙ- ඝානෙන ගන්ධං ඝායිත්වා -පෙ- ජිව්හාය රසං සායිත්වා -පෙ- කායෙන ඵොට්ඨබ්බං ඵුසිත්වා -පෙ- මනසා ධම්මං විඤ්ඤාය උප්පජ්ජති මනාපං, උප්පජ්ජති අමනාපං, උප්පජ්ජති මනාපාමනාපං. සො සචෙ ආකඞ්ඛති පටික්කූලෙ අප්පටික්කූලසඤ්ඤී විහරෙය්යන්ති. අප්පටික්කූලසඤ්ඤී තත්ථ විහරති. සචෙ ආකඞ්ඛති: ‘අප්පටික්කූලෙ පටික්කූලසඤ්ඤී විහරෙය්යන්ති. පටික්කූලසඤ්ඤී තත්ථ විහරති. සචෙ ආකඞ්ඛති: ‘පටික්කූලෙ ච අප්පටික්කූලෙ ච අප්පටික්කූලසඤ්ඤී විහරෙය්ය’න්ති. අප්පටික්කූලසඤ්ඤී තත්ථ විහරති. සචෙ ආකඞ්ඛති: ‘අප්පටික්කූලෙ ච පටික්කූලෙ ච පටික්කූලසඤ්ඤී විහරෙය්ය’න්ති. පටික්කූලසඤ්ඤී තත්ථ විහරති. සචෙ ආකඞ්ඛති ; පටික්කූලඤ්ච අප්පටික්කූලඤ්ච තදුභයං{2} අභිනිවජ්ජෙත්වා උපෙක්ඛකො විහරෙය්යං සතො සම්පජානො’ති. උපෙක්ඛකො තත්ථ විහරති සතො සම්පජානො. එවං ඛො ආනන්ද, අරියො හොති භාවිතින්ද්රියො.
Sinhala BJTතවද ආනන්‍දය, මහණහට කනින් ශබ්ද අසා ... නැහැයෙන් ගඳ ආඝ්‍රාණය කොට ... දිවින් රස විඳ ... කයින් පහස් පැහැස ... මනසින් දහම් දැන මනාප උපදී, අමනාප උපදී, මනාපාමනාප උපදී. ඉදින් හෙතෙම ප්‍රතිකූලයෙහි අප්‍රතිකූලසංඥා ඇති වැ වෙසෙන්නෙමි’ යි කැමැති වේ නම් එහි අප්‍රතිකූලසංඥා ඇති වැ වෙසෙයි. ඉදින් අප්‍රති කූලයෙහි ප්‍රතිකූලසංඥා ඇති වැ වෙසෙන්නෙමි’ යි කැමැති වේ නම් එහි ප්‍රතිකූලසංඥා ඇති වැ වෙසෙයි. ඉදින් ප්‍රතිකූලයෙහිත් අප්‍රතිකූලයෙහිත් අප්‍රතිකූලසංඥා ඇති වැ වෙසෙන්නෙමි’ යි කැමැති වේ නම් එහි අප්‍රතිකූලසංඥා ඇති වැ වෙසෙයි. ඉදින් අප්‍රතිකූලයෙහිත් ප්‍රතිකූලයෙහි ද ප්‍රතිකූලසංඥා ඇති වැ වෙසෙන්නෙමි’ යි කැමැති වේ නම් එහි ප්‍රතිකූලසංඥා ඇති වැ වෙසෙයි. ඉදින් ප්‍රතිකූලය ද අප්‍රතිකූලය ද යන දෙක දුරු කොට පියා උපේක්‍ෂක වූයෙම් ස්මෘතිමත් වැ සම්‍යග්ඥාන ඇති වැ වෙසෙන්නෙමි’ යි කැමැති වේ නම් එහි උපේක්‍ෂක වූයේ ස්මෘතිමත් වැ සම්‍යග්ඥාන ඇති වැ වෙසෙයි. මෙසෙයින් ආනන්‍දය, ආර්‍ය්‍ය වැඩූ ඉඳුරන් ඇත්තේ වේ.
Pali BJTඉති ඛො ආනන්ද, දෙසිතා මයා අරියස්ස විනයෙ අනුත්තරා ඉන්ද්රියභාවනා. දෙසිතො සෙඛො පාටිපදො. දෙසිතො අරියො භාවිතින්ද්රියො. යං ඛො ආනන්ද, සත්ථාරා කරණීයං සාවකානං හිතෙසිනා අනුකම්පකෙන අනුකම්පං උපාදාය, කතං වො තං මයා. එතානි ආනන්ද, රුක්ඛමූලානි, එතානි සුඤ්ඤාගාරානි, ඣායථානන්ද, මා පමාදත්ථ. මා පච්ඡා විප්පටිසාරිනො අහුවත්ථ. අයං වො අම්හාකං අනුසාසනීති.
Sinhala BJTආනන්‍දය, මෙසේ මා විසින් ආර්‍ය්‍යවිනයෙහි අනුත්තර වූ ඉන්‍ද්‍රියභාවනා දෙසන ලදු. ශෛක්‍ෂප්‍රතිපදා ඇතියේ දෙසනලද, භාවිතෙන්‍ද්‍රිය වූ ආර්‍ය්‍ය තෙම දෙසන ලද. ආනන්‍දය, ශ්‍රාවකයනට හිතෛෂී වූ අනුකම්පා කරන ශාස්තෘහු අනුකම්පා පිණිස යමක් කටයුතු ද, මා විසින් තොපට එය කරන ලද. ආනන්‍දය, තෙල වෘක්‍ෂමූල සෙනසුන් වෙයි. තෙල ශුන්‍යාගාරයෝ වෙති. ආනන්‍දය, ධ්‍යාන කරව. නහමක් ප්‍රමාද වව. පසු වැ නහමක් විපිළිසර ඇති වව’ යි. මේ තොපට අපගේ අනුසසුන් වේ යයි.
Pali BJTඉදමවොච භගවා. අත්තමනො ආයස්මා ආනන්දො භගවතො භාසිතං අභිනන්දීති.
Sinhala BJTභාග්‍යවතුන් වහන්සේ මේ ඉන්‍ද්‍රියභාවනා සුත වදාළ සේක. ආයුෂ්මත් අනඳ තෙරණුවෝ සතුටු වූවාහු භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය අනුමෝදනා කොළෝ.
Pali BJTඉන්ද්රියභාවනා සුත්තං දසමං.
Sinhala BJTදස වැනි ඉන්‍ද්‍රියභාවනාසූත්‍ර යි.
Pali BJTසළායතනවග්ගො පඤ්චමො
Sinhala BJTපස් වැනි සළායතන වර්‍ග යි.
Pali BJTඋපරිපණ්ණාසකං සමත්තං.
Sinhala BJTඋපරිපණ්ණාසකය සමාප්ත යි.
Pali BJTතස්ස වග්ගස්ස උද්දානං:
Sinhala BJTඒ වර්‍ගයාගේ උද්දානය:
Pali BJTඅනාථපිණ්ඩිකො ඡන්නො පුණ්ණො නන්දක රාහුලා, ඡ ඡක්කං සළායතනිකං නගරවින්දෙය්ය සුද්ධිකා, ඉන්ද්රියභාවනා චාපි වග්ගො ඔවාද පඤ්චමොති.{1}
Sinhala BJTඅනාථපිණ්ඩිකොවාද යැ, ඡන්නෝවාද යැ පුණ්ණෝවාදය හා නන්‍දකරාහුලෝවාදයෝ යැ ඡඡක්කසූත්‍ර යැ මහාසළායතනසූත්‍ර යැ නගරවින්‍දෙය්‍යසූත්‍රය හා පිණ්ඩපාතසුද්ධිකසූත්‍ර යැ ඉන්‍ද්‍රිය භාවනාසුත්‍ර යැ යි පස්වැනි අවවාද වර්‍ගය වේ.
Pali BJTඉදං වග්ගානමුද්දානං:
Sinhala BJTමේ වර්‍ගයන්ගේ උද්දානය:
Pali BJTදෙවදහො’නුපදො ච සුඤ්ඤතො ච විභඞ්ගකො, සළායතනොති වග්ගා උපරිපණ්ණාසකෙ ඨිතාති.
Sinhala BJTදේවදහවර්‍ගය ද අනුපදවර්‍ගය ද සුඤ්ඤතවර්‍ගය ද විභඞ්ගවර්‍ගය ද සළායතන වර්‍ගය දැ’ යි උපරිපණ්ණාසකයෙහි සිටි වර්‍ගයෝ යි.
Pali BJTතීහි පණ්ණාසකෙහි පතිමණ්ඩිතො සකලො මජ්ඣිමනිකායො සමත්තො.
Sinhala BJTතුන් පනසෙකින් ප්‍රතිමණ්ඩිත වූ සියලු මධ්‍යමනිකාය සමාප්ත යි.