Majjhima Nikāya

Middle-Length Discourses

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 6201-6300 න් 6395

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTඅනිච්චා භන්තෙ.
Sinhala BJTවහන්ස, අනිත්‍යයහ.
Pali BJTයං පනානිච්චං, දුක්ඛං වා තං සුඛං වාති.
Sinhala BJTයමෙක් අනිත්‍ය වේ නම් ඒ දුඃඛ හෝ සුඛ හෝ වේ ද?
Pali BJTදුක්ඛං භන්තෙ.
Sinhala BJTවහන්ස, දුඃඛ යැ.
Pali BJTයං පනානිච්චං දුක්ඛං විපරිණාමධම්මං, කල්ලං නු තං සමනුපස්සිතුං: ‘එතං මම, එසොහමස්මි, එසො මෙ අත්තා’ති.
Sinhala BJTයමෙක් අනිත්‍ය දුඃඛ විපරිණාමධර්‍ම වේ නම් එය ‘තෙල මා ගැත්තේ යැ, තෙලෙ මම් වෙමි, තෙලෙ මාගේ ආත්මයැ’ යි තෘෂ්ණාදි විසින් ගන්නට නිසි වේ ද?
Pali BJTනො හෙතං භන්තෙ.
Sinhala BJTවහන්ස, තෙල නො නිසි වේ මැ යි.
Pali BJTතං කිං මඤ්ඤසි රාහුල, චක්ඛුවිඤ්ඤාණං නිච්චං වා අනිච්චං වාති.
Sinhala BJTරාහුලය, ඒ කෙසේ හඟනෙහි, චක්‍ෂුර්විඥානය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේ ද?
Pali BJTඅනිච්චං භන්තෙ.
Sinhala BJTවහන්ස, අනිත්‍ය වෙයි.
Pali BJTයං පනානිච්චං, දුක්ඛං වා තං සුඛං වාති.
Sinhala BJTවැළි යමෙක් අනිත්‍ය වේ නම් එය දුක් හෝ සුව හෝ වේ ද?
Pali BJTදුක්ඛං භන්තෙ.
Sinhala BJTවහන්ස, දුක් වෙයි.
Pali BJTයං පනානිච්චං දුක්ඛං විපරිණාමධම්මං, කල්ලං නු තං සමනුපස්සිතුං: ‘එතං මම, එසො හමස්මි, එසො මෙ අත්තා’ති.
Sinhala BJTවැළි යමෙක් අනිත්‍ය දුඃඛ විපරිණාමස්වභාව වේ නම් එය ‘තෙල මා ගැත්තේ යැ, තෙලෙ මම් වෙමි, තෙලෙ මාගේ ආත්ම යැ’ යි තෘෂ්ණාදි විසින් දක්නට නිසි වේ ද?
Pali BJTනො හෙතං භන්තෙ.
Sinhala BJTවහන්ස, තෙල නො වේ මැ යැ.
Pali BJTතං කිං මඤ්ඤසි රාහුල, චක්ඛුසම්ඵස්සො නිච්චො වා අනිච්චො වාති.
Sinhala BJTරාහුලය, ඒ කෙසේ හඟනෙහි? චක්‍ෂුස්සංස්පර්‍ශය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේ ද?
Pali BJTඅනිච්චො භන්තෙ.
Sinhala BJTවහන්ස, අනිත්‍ය වෙයි.
Pali BJT‘යං පනානිච්චං, දුක්ඛං වා තං සුඛං වා’ති.
Sinhala BJTවැළි යමෙක් අනිත්‍ය වේ නම් එය දුක් හෝ සුව හෝ වේ ද?
Pali BJTදුක්ඛං භන්තෙ.
Sinhala BJTවහන්ස, දුක් වෙයි.
Pali BJTයං පනානිච්චං දුක්ඛං, විපරිණාමධම්මං, කල්ලං නු තං සමනුපස්සිතුං: ‘එතං මම, එසො හමස්මි, එසො මෙ අත්තා’ති.
Sinhala BJTවැළි යමෙක් අනිත්‍ය දුඃඛ විපරිණාමස්වභාව වේ නම් එය ‘තෙල මා ගැත්තේ යැ, තෙලෙ මම් වෙමි, තෙලෙ මාගේ ආත්ම යැ’ යි තෘෂ්ණාදි විසින් දක්නට නිසි වේ ද?
Pali BJTනො හෙතං භන්තෙ.
Sinhala BJTවහන්ස, තෙල නො වේ මැ යැ.
Pali BJTතං කිං මඤ්ඤසි රාහුල, යම්පිදං චක්ඛුසම්ඵස්සපච්චයා උප්පජ්ජති වෙදනාගතං සඤ්ඤාගතං සඞ්ඛාරගතං විඤ්ඤාණගතං, තම්පි නිච්චං වා අනිච්චං වා’ති.
Sinhala BJTරාහුලය, ඒ කෙසේ හඟනෙහි? චක්‍ෂුඃසංස්පර්‍ශය හේතුයෙන් යම් වේදනාගතයෙක් සංඥාගතයෙක් සංස්කාරගතයෙක් විඥානගතයෙක් උපදී නම් එ ද නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේ ද?
Pali BJTඅනිච්චං භන්තෙ.
Sinhala BJTවහන්ස, අනිත්‍ය වෙයි.
Pali BJTයං පනානිච්චං, දුක්ඛං වා තං සුඛං වාති.
Sinhala BJTවැළි යමෙක් අනිත්‍ය වේ නම් එය දුක් හෝ සුව හෝ වේ ද?
Pali BJTදුක්ඛං භන්තෙ.
Sinhala BJTවහන්ස, දුක් වෙයි.
Pali BJTයං පනානිච්චං දුක්ඛං විපරිණාමධම්මං, කල්ලං නු තං සමනුපස්සිතුං: ‘එතං මම, එසො හමස්මි, එසො මෙ අත්තා’ති.
Sinhala BJTවැළි යමෙක් අනිත්‍ය දුඃඛ විපරිණාම ස්වභාව වේ නම් එය ‘තෙල මා ගැත්තේ යැ, තෙලෙ මම් වෙමි, තෙලෙ මාගේ ආත්ම යැ’ යි තෘෂ්ණාදි විසින් දක්නට නිසි වේ ද?
Pali BJTනො හෙතං භන්තෙ.
Sinhala BJTවහන්ස, තෙල නො වේ මැ යැ.
Pali BJTතං කිං මඤ්ඤසි රාහුල, සොතං නිච්චං වා අනිච්චං වාති.
Sinhala BJTරාහුලය, ඒ කෙසේ හඟනෙහි? ශ්‍රෝත්‍රය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේ ද?
Pali BJTඅනිච්චං භන්තෙ -පෙ-
Sinhala BJTවහන්ස, අනිත්‍ය වෙයි. ...
Pali BJTඝානං නිච්චං වා අනිච්චං වාති.
Sinhala BJTඝ්‍රාණය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේ ද?
Pali BJTඅනිච්චං භන්තෙ -පෙ-
Sinhala BJTවහන්ස, අනිත්‍ය වෙයි. ...
Pali BJTජිව්හා නිච්චා වා අනිච්චා වාති.
Sinhala BJTජිහ්වා නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේ ද?
Pali BJTඅනිච්චා භන්තෙ -පෙ-
Sinhala BJTවහන්ස, අනිත්‍ය වෙයි. ...
Pali BJTකායො නිච්චො වා අනිච්චො වාති.
Sinhala BJTකය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේ ද?
Pali BJTඅනිච්චො භන්තෙ -පෙ-
Sinhala BJTවහන්ස, අනිත්‍ය වෙයි. ...
Pali BJTමනො නිච්චො වා අනිච්චො වාති.
Sinhala BJTමනස නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේ ද?
Pali BJTඅනිච්චො භන්තෙ.
Sinhala BJTවහන්ස, අනිත්‍ය වෙයි. ...
Pali BJTයං පනානිච්චං, දුක්ඛං වා තං සුඛං වාති.
Sinhala BJTවැළි යමෙක් අනිත්‍ය වේ නම් එය දුක් හෝ සුව හෝ වේ ද?
Pali BJTදුක්ඛං භන්තෙ.
Sinhala BJTවහන්ස, දුක් වෙයි.
Pali BJTයං පනානිච්චං දුක්ඛං විපරිණාමධම්මං, කල්ලං නු තං සමනුපස්සිතුං:‘එතං මම, එසොහමස්මි, එසො මෙ අත්තා’ති.
Sinhala BJTවැළි යමෙක් අනිත්‍ය දුඃඛ විපරිණාම ස්වභාව වේ නම් එය ‘තෙල මා ගැත්තේ යැ, තෙලෙ මම් වෙමි, තෙලෙ මාගේ ආත්ම යැ’ යි තෘෂ්ණාදි විසින් දක්නට නිසි වේ ද?
Pali BJTනො හෙතං භන්තෙ.
Sinhala BJTවහන්ස, තෙල නො වේ මැ යැ.
Pali BJTතං කිං මඤ්ඤසි රාහුල, ධම්මා නිච්චා වා අනිච්චා වාති.
Sinhala BJTරාහුලය, ඒ කෙසේ හඟනෙහි? ධර්‍මයෝ නිත්‍ය හෝ අනිත්‍ය හෝ වෙත් ද?
Pali BJTඅනිච්චා භන්තෙ.
Sinhala BJTවහන්ස, අනිත්‍ය වෙති.
Pali BJTයං පනානිච්චං දුක්ඛං වා තං සුඛං වාති.
Sinhala BJTවැළි යමෙක් අනිත්‍ය වේ නම් එය දුක් හෝ සුව හෝ වේ ද?
Pali BJTදුක්ඛං භන්තෙ.
Sinhala BJTවහන්ස, දුක් වෙයි.
Pali BJTයං පනානිච්චං දුක්ඛං විපරිණාමධම්මං, කල්ලං නු තං සමනුපස්සිතුං: ‘එතං මම, එසොහමස්මි, එසො මෙ අත්තා’ති.
Sinhala BJTවැළි යමෙක් අනිත්‍ය දුඃඛ විපරිණාම ස්වභාව වේ නම් එය ‘තෙල මා ගැත්තේ යැ, තෙලෙ මම් වෙමි, තෙලෙ මාගේ ආත්ම යැ’ යි තෘෂ්ණාදි විසින් දක්නට නිසි වේ ද?
Pali BJTනො හෙතං භන්තෙ.
Sinhala BJTවහන්ස, තෙල නො නිසි වේ මැ යැ.
Pali BJTතං කිං මඤ්ඤසි රාහුල, මනොවිඤ්ඤාණං නිච්චං වා අනිච්චං වාති.
Sinhala BJTරාහුලය, ඒ කෙසේ හඟනෙහි? මනෝවිඥානය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේ ද?
Pali BJTඅනිච්චං භන්තෙ.
Sinhala BJTවහන්ස, අනිත්‍ය වෙයි.
Pali BJTයං පනානිච්චං, දුක්ඛං වා තං සුඛං වාති.
Sinhala BJTවැළි යමෙක් අනිත්‍ය වේ නම් එය දුක් හෝ සුව හෝ වේ ද?
Pali BJTදුක්ඛං භන්තෙ.
Sinhala BJTවහන්ස, දුක් වෙයි.
Pali BJTයං පනානිච්චං දුක්ඛං විපරිණාමධම්මං, කල්ලං නු තං සමනුපස්සිතුං: ‘එතං මම, එසො හමස්මි, එසො මෙ අත්තා’ති.
Sinhala BJTවැළි යමෙක් අනිත්‍ය දුඃඛ විපරිණාම ස්වභාව වේ නම් එය ‘තෙල මා ගැත්තේ යැ, තෙලෙ මම් වෙමි, තෙලෙ මාගේ ආත්ම යැ’ යි තෘෂ්ණාදි විසින් දක්නට නිසි වේ ද?
Pali BJTනො හෙතං භන්තෙ.
Sinhala BJTවහන්ස, තෙල නො වේ මැ යැ.
Pali BJTතං කිං මඤ්ඤසි රාහුල, මනොසම්ඵස්සො නිච්චො වා අනිච්චො වාති.
Sinhala BJTරාහුලය, ඒ කෙසේ හඟනෙහි? මනස්සංස්පර්‍ශය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේ ද?
Pali BJTඅනිච්චො භන්තෙ.
Sinhala BJTවහන්ස, අනිත්‍ය වෙයි.
Pali BJTයං පනානිච්චං, දුක්ඛං වා තං සුඛං වාති.
Sinhala BJTවැළි යමෙක් අනිත්‍ය වේ නම් එය දුක් හෝ සුව හෝ වේ ද?
Pali BJTදුක්ඛං භන්තෙ.
Sinhala BJTවහන්ස, දුක් වෙයි.
Pali BJTයං පනානිච්චං දුක්ඛං විපරිණාමධම්මං, කල්ලං නු තං සමනුපස්සිතුං: ‘එතං මම, එසොහමස්මි, එසො මෙ අත්තා’ති.
Sinhala BJTවැළි යමෙක් අනිත්‍ය දුඃඛ විපරිණාමස්වභාව වේ නම් එය ‘තෙල මා ගැත්තේ යැ, තෙලෙ මම් වෙමි, තෙලෙ මාගේ ආත්ම යැ’ යි තෘෂ්ණාදි විසින් දක්නට නිසි වේ ද?
Pali BJTනො හෙතං භන්තෙ.
Sinhala BJTවහන්ස, තෙල නො වේ මැ යැ.
Pali BJTතං කිං මඤ්ඤසි රාහුල, යම්පිදං මනොසම්ඵස්සපච්චයා උප්පජ්ජති වෙදනාගතං සඤ්ඤාගතං සඞ්ඛාරගතං විඤ්ඤාණගතං, තම්පි නිච්චං වා අනිච්චං වාති.
Sinhala BJTරාහුලය, ඒ කෙසේ හඟනෙහි, මනඃසංස්පර්‍ශය හේතුයෙන් යම් වේදනාගතයෙක් සංඥාගතයෙක් සංස්කාරගතයෙක් විඥානගතයෙක් උපදී ද, එ ද නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේ ද?
Pali BJTඅනිච්චං භන්තෙ.
Sinhala BJTවහන්ස, අනිත්‍ය වෙයි.
Pali BJTයං පනානිච්චං, දුක්ඛං වා තං සුඛං වාති.
Sinhala BJTවැළි යමෙක් අනිත්‍ය වේ නම් එය දුක් හෝ සුව හෝ වේ ද?
Pali BJTදුක්ඛං භන්තෙ.
Sinhala BJTවහන්ස, දුක් වෙයි.
Pali BJTයම්පනානිච්චං දුක්ඛං විපරිණාමධම්මං කල්ලං නු තං සමනුපස්සිතුං: ‘එතං මම, එසොහමස්මි, එසො මෙ අත්තා’ති.
Sinhala BJTවැළි යමෙක් අනිත්‍ය දුඃඛ විපරිණාම ස්වභාව වේ නම් එය ‘තෙල මා ගැත්තේ යැ, තෙලෙ මම් වෙමි, තෙලෙ මාගේ ආත්ම යැ’ යි තෘෂ්ණාදි විසින් දක්නට නිසි වේ ද?
Pali BJTනො හෙතං භන්තෙ.
Sinhala BJTවහන්ස, තෙල නො වේ මැ යැ.
Pali BJTඑවං පස්සං රාහුල, සුතවා අරියසාවකො චක්ඛුස්මිං නිබ්බින්දති, රූපෙසු නිබ්බින්දති, චක්ඛුවිඤ්ඤාණෙ නිබ්බින්දති, චක්ඛුසම්ඵස්සෙ නිබ්බින්දති, යම්පිදං{1} චක්ඛුසම්ඵස්සපච්චයා උප්පජ්ජති වෙදනාගතං සඤ්ඤාගතං සඞ්ඛාරගතං විඤ්ඤාණගතං තස්මිම්පි නිබ්බින්දති. සොතස්මිං නිබ්බින්දති, සද්දෙසු නිබ්බින්දති -පෙ- ඝානස්මිං නිබ්බින්දති, ගන්ධෙසු නිබ්බින්දති -පෙ- ජිව්හාය නිබ්බින්දති, රසෙසු නිබ්බින්දති -පෙ- කායස්මිං නිබ්බින්දති, ඵොට්ඨබ්බෙසු නිබ්බින්දති -පෙ- මනස්මිං නිබ්බින්දති, ධම්මෙසු නිබ්බින්දති, මනොවිඤ්ඤාණෙ නිබ්බින්දති, මනොසම්ඵස්සෙ නිබ්බින්දති, යම්පිදං{1} මනොසම්ඵස්සපච්චයා උප්පජ්ජති වෙදනාගතං සඤ්ඤාගතං සඞ්ඛාරගතං විඤ්ඤාණගතං තස්මිම්පි නිබ්බින්දති. නිබ්බින්දං විරජ්ජති, විරාගා විමුච්චති. විමුත්තස්මිං විමුත්තමිති ඤාණං හොති: ඛීණා ජාති, වුසිතං බ්රහ්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්ථත්තායාති පජානාතීති.
Sinhala BJTරාහුලය, මෙසේ නුවණින් දක්නා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක චක්‍ෂුසෙහි කලකිරෙයි. රූපයෙහි කලකිරෙයි, චක්‍ෂුර්විඥානයෙහි කලකිරෙයි, චක්‍ෂුස්සංස්පර්‍ශයෙහි කලකිරෙයි, චක්‍ෂුස්සංස්පර්‍ශ හේතුයෙන් උපන් යම් වේදනාගතයෙක් සංඥාගතයෙක් සංස්කාරගතයෙක් විඥානගතයෙක් උපදී නම් එහිදු කලකිරෙයි. ශ්‍රෝතයෙහි කලකිරෙයි. ... ශබ්දයෙහි කලකිරෙයි. ... ඝ්‍රාණයෙහි කලකිරෙයි. ... ගන්‍ධයෙහි කලකිරෙයි. ... ජිහ්වායෙහි කලකිරෙයි, රසයෙහි කලකිරෙයි. ... කායයෙහි කලකිරෙයි, ස්ප්‍රෂ්ටව්‍යයෙහි කලකිරෙයි. ... මනසෙහි කලකිරෙයි, ධර්‍මයන්හි කලකිරෙයි, මනොවිඥානයෙහි කලකිරෙයි, මනඃස්පර්‍ශයෙහි කලකිරෙයි. මනඃස්පර්‍ශ හේතුයෙන් යම් වේදනාගතයෙක් සංඥාගතයෙක් සංස්කාරගතයෙක් විඥානගතයෙක් උපදී නම් එහිදු කලකිරෙයි. නිර්වේදයට පැමිණියේ නො ඇලෙයි. විරාගයෙන් විමුක්ත වෙයි. විමුක්ත කල්හි විමුක්ත යැ’ යි (ප්‍රත්‍යවේක්‍ෂා) ඥානය උපදී: ‘ජාති ක්‍ෂය වූ යැ. මඟ බඹසර වැසැ නිමවනලද. මඟකරණී කරනලද. මේ ආත්මභාවය පිණිස කළයුතු අන් කිසෙක් නැතැ’ යි දැනගනී.
Pali BJTඉදමවොච භගවා. අත්තමනො ආයස්මා රාහුලො භගවතො භාසිතං අභිනන්දීති.
Sinhala BJTභාග්‍යවතුන් වහන්සේ මේ රාහුලෝවාදය වදාළසේක. සතුටුසිත් ඇති ආයුෂ්මත් රහල් තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ ගේ භාෂිතය පිළිගත්හ.
Pali BJTඉමස්මිඤ්ච පන වෙය්යාකරණස්මිං භඤ්ඤමානෙ ආයස්මතො රාහුලස්ස අනුපාදාය ආසවෙහි චිත්තං විමුච්චි. තාසඤ්ච අනෙකානං දෙවතාසහස්සානං විරජං වීතමලං ධම්මචක්ඛුං උදපාදි: ‘යං කිඤ්චි සමුදයධම්මං සබ්බං තං නිරොධධම්ම’න්ති.
Sinhala BJTතවද මේ වෙය්‍යාකරණය වදාරන කල්හි ආයුෂ්මත් රහල් තෙරණුවන්ගේ සිත උපාදානය නො කොට ආස්‍රවයන් කෙරෙන් මිදිණ. ඒ නොයෙක් දේවතා දහසුන්ට ද කෙලෙස් රජස් රහිත වූ කෙලෙස් මල රහිත වූ දහම් ඇස පහළ වී: ‘යම්කිසි සමුදය ධර්‍මයෙක් ඇද්ද එ හැම නිරෝධස්වභාව ඇතැ’ යි කියා යි.
Pali BJTචූළරාහුලොවාද සුත්තං පඤ්චමං.
Sinhala BJTපස් වැනි චූළරාහුලෝවාද සූත්‍ර යි.
Pali BJT3. 5. 6.
Sinhala BJT3. 5. 6.
Pali BJTඡ ඡක්ක සුත්තං
Sinhala BJTඡ ඡක්ක සූත්‍රය
Pali BJTඑවං මෙ සුතං: එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තත්ර ඛො භගවා භික්ඛූ ආමන්තෙසි: ‘භික්ඛවො’ති. භදන්තෙති තෙ භික්ඛූ භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච:
Sinhala BJTමා විසින් මෙසේ අසන ලද: එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර ජේතවන නම් වූ අනේපිඬු මහසිටුහුගේ අරම්හි වැඩවාස කෙරෙති. එකල භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’ යි භික්‍ෂූන් ඇමතූසේක. ‘වහන්සැ’ යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හු. භාග්‍යවතුන් වහන්සේ තෙල ඡඡක්ක දේශනා වදාළහ:
Pali BJTධම්මං වො භික්ඛවෙ, දෙසිස්සාමි ආදිකල්යාණං මජ්ඣෙකල්යාණං පරියොසානකල්යාණං සාත්ථං සව්යඤ්ජනං කෙවලපරිපුණ්ණං පරිසුද්ධං බ්රහ්මචරියං පකාසිස්සාමි. යදිදං ඡ ඡක්කානි. තං සුණාථ, සාධුකං මනසිකරොථ. භාසිස්සාමී’ති.
Sinhala BJTමහණෙනි, තොපට ආදිකල්‍යාණ වූ මධ්‍යකල්‍යාණ වූ පර්‍ය්‍යවසානකල්‍යාණ වූ සාර්‍ත්‍ථ වූ සව්‍යඤ්ජන වූ කේවලපරිපූර්‍ණ වූ ධර්‍මයක් දෙසමි. පරිශුද්ධ බ්‍රහ්මචර්‍ය්‍ය ප්‍රකාශ කරමි. ඒ කිමෙක යත්: ‘ඡඡක්ක’ ධර්‍ම යි. ඒ අසව, මොනවට මෙනෙහි කරව, කියමි’ යි වදාළෝ.
Pali BJTඑවං භන්තෙති ඛො තෙ භික්ඛූ භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච:
Sinhala BJT‘වහන්ස, එසේ යැ’ යි භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හු.
Pali BJTඡ අජ්ඣත්තිකානි ආයතනානි වෙදිතබ්බානි, ඡ බාහිරානි ආයතනානි වෙදිතබ්බානි, ඡ විඤ්ඤාණකායා වෙදිතබ්බා, ඡ ඵස්සකායා වෙදිතබ්බා, ඡ වෙදනාකායා වෙදිතබ්බා, ඡ තණ්හාකායා වෙදිතබ්බා.
Sinhala BJTසවැදෑරුම් ආධ්‍යාත්මික ආයතනයෝ දතයුත්තාහ. සවැදෑරුම් බාහිර ආයතනයෝ දතයුත්තාහ. සවැදෑරුම් විඥානකායයෝ දතයුත්තාහ. සවැදෑරුම් ස්පර්‍ශකායයෝ දතයුත්තාහ. සවැදෑරුම් වේදනාකායයෝ දතයුත්තාහ. සවැදෑරුම් තෘෂ්ණාකායයෝ දතයුත්තාහ’ යි.
Pali BJTඡ අජ්ඣත්තිකානි ආයතනානි වෙදිතබ්බානී’ති ඉති ඛො පනෙතං වුත්තං. කිඤ්චෙතං පටිච්ච වුත්තං. චක්ඛායතනං, සොතායතනං, ඝානායතනං, ජිව්හායතනං , කායායතනං, මනායතනං. ‘ඡ අජ්ඣත්තිකානි ආයතනානි වෙදිතබ්බානී’ති ඉති යං තං වුත්තං, ඉදමෙතං පටිච්ච වුත්තං. ඉදං පඨමං ඡක්කං.
Sinhala BJT‘සවැදෑරුම් ආධ්‍යාත්මික ආයතනයෝ දතයුත්තාහයි’ යි මෙසේ තෙල බසෙක් කියන ලද යැ, තෙල බස් කුමක් පිණිස කියන ලද ද යත්: චක්‍ෂුරායතන යැ ශ්‍රෝතායතන යැ ඝ්‍රාණායතන යැ ජිහ්වායතන යැ කායායතන යැ මනායතන යි. ‘සවැදෑරුම් ආධ්‍යාත්මික ආයතනයෝ දතයුත්තාහ’ යි මෙසේ යම් බසෙක් කියනලද ද මෙය, තෙල ආයතන පිණිස කියනලදි. මේ පළමු වන ෂට්ක යි.
Pali BJT‘ඡ බාහිරානි ආයතනානි වෙදිතබ්බානී’ති ඉති ඛො පනෙතං වුත්තං. කිඤ්චෙතං පටිච්ච වුත්තං. රූපායතනං, සද්දායතනං, ගන්ධායතනං, රසායතනං, ඵොට්ඨබ්බායතනං, ධම්මායතනං. ඡ බාහිරානි ආයතනානි වෙදිතබ්බානී’ති. ඉති යං තං වුත්තං, ඉදමෙතං පටිච්ච වුත්තං. ඉදං දුතියං ඡක්කං.
Sinhala BJT‘සවැදෑරුම් බාහිරායතනයෝ දතයුත්තාහ’ යි මෙසේ තෙල බසෙක් කියන ලද යැ, තෙල බස් කුමක් පිණිස කියන ලද ද යත්: රූපායතන යැ ශබ්දායතන යැ ගන්‍ධායතන යැ රසායතන යැ ස්ප්‍රෂ්ටව්‍යායතන යැ ධර්‍මායතන යි. ‘සවැදෑරුම් බාහිර ආයතනයෝ දතයුත්තාහ’ යි මෙසේ යම් බසෙක් කියනලද ද, මෙය තෙල ආයතන පිණිස කියනලදි. මේ දෙවන ෂට්ක යි.
Pali BJT‘ඡ විඤ්ඤාණකායා වෙදිතබ්බා’ති ඉති ඛො පනෙතං වුත්තං. කිඤ්චෙතං පටිච්ච වුත්තං. චක්ඛුඤ්ච පටිච්ච රූපෙ ච උප්පජ්ජති චක්ඛුවිඤ්ඤාණං, සොතඤ්ච පටිච්ච සද්දෙ ච උප්පජ්ජති සොතවිඤ්ඤාණං, ඝානඤ්ච පටිච්ච ගන්ධෙ ච උප්පජ්ජති ඝානවිඤ්ඤාණං, ජිව්හඤ්ච පටිච්ච රසෙ ච උප්පජ්ජති ජිව්හාවිඤ්ඤාණං, කායඤ්ච පටිච්ච ඵොට්ඨබ්බෙ ච උප්පජ්ජති කායවිඤ්ඤාණං, මනඤ්ච පටිච්ච ධම්මෙ ච උප්පජ්ජති මනොවිඤ්ඤාණං. ‘ඡ විඤ්ඤාණකායා වෙදිතබ්බා’ති ඉති යං තං වුත්තං, ඉදමෙතං පටිච්ච වුත්තං. ඉදං තතියං ඡක්කං.
Sinhala BJT‘සවැදෑරුම් විඥානකායයෝ දතයුත්තාහ’ යි මෙසේ තෙල බසෙක් කියනලද යැ, තෙල බස් කුමක් පිණිස කියන ලද යැ යත්: ඇස ද රූපායතන ද නිසා චක්‍ෂුර්විඥානය උපදනේ යැ. කන ද ශබ්දායතන ද නිසා ශ්‍රෝතවිඥානය උපදනේ යැ. නැහැය ද ගන්‍ධායතන ද නිසා ඝ්‍රාණවිඥාන උපදනේ යැ. දිව ද රසායතන ද නිසා ජිහ්වාවිඥාන උපදනේ යැ. කය ද ස්ප්‍රෂ්ටව්‍යායතන ද නිසා කායවිඥාන උපදනේ යැ. සිත ද ධර්‍මායතන ද නිසා මනෝවිඥාන උපදනේ යැ. ‘සවැදෑරුම් විඥානකායයෝ දතයුත්තාහ’ යි මෙසේ යම් බසෙක් කියනලද ද, මෙය තෙල කාය පිණිස කියන ලදි. මේ තුන් වන ෂට්ක යි.
Pali BJT‘ඡ ඵස්සකායා වෙදිතබ්බා’ති ඉති ඛො පනෙතං වුත්තං. කිඤ්චෙතං පටිච්ච වුත්තං. චක්ඛුඤ්ච පටිච්ච රූපෙ ච උප්පජ්ජති චක්ඛුවිඤ්ඤාණං, තිණ්ණං සඞ්ගති ඵස්සො. සොතඤ්ච පටිච්ච සද්දෙ ච උප්පජ්ජති සොතවිඤ්ඤාණං, තිණ්ණං සඞ්ගති ඵස්සො. ඝානඤ්ච පටිච්ච ගන්ධෙ ච උප්පජ්ජති ඝානවිඤ්ඤාණං, තිණ්ණං සඞ්ගති ඵස්සො. ජිව්හඤ්ච පටිච්ච රසෙ ච උප්පජ්ජති ජිව්හාවිඤ්ඤාණං, තිණ්ණං සඞ්ගති ඵස්සො. කායඤ්ච පටිච්ච ඵොට්ඨබ්බෙ ච උප්පජ්ජති කායවිඤ්ඤාණං, තිණ්ණං සඞ්ගති ඵස්සො. මනඤ්ච පටිච්ච ධම්මෙ ච උප්පජ්ජති මනොවිඤ්ඤාණං, තිණ්ණං සඞ්ගති ඵස්සො. ‘ඡ ඵස්සකායා වෙදිතබ්බා’ති ඉති යං තං වුත්තං, ඉදමෙතං පටිච්ච වුත්තං. ඉදං චතුත්ථං ඡක්කං.
Sinhala BJT‘සවැදෑරුම් ස්පර්‍ශකායයෝ දතයුත්තාහ’ යි මෙසේ තෙල බසෙක් කියනලද යැ, තෙල බස් කුමක් පිණිස කියන ලද යැ යත්: ඇස ද රූපායතන ද නිසා චක්‍ෂුර්විඥානය උපදනේ යැ. තුන් දෙනාගේ සඞ්ගතිය ස්පර්‍ශ නමි. කන ද ශබ්දායතන ද නිසා ශ්‍රෝතවිඥානය උපදනේ යැ. තුන් දෙනාගේ සඞ්ගතිය ස්පර්‍ශ නමි. නැහැය ද ගන්‍ධායතන ද නිසා ඝ්‍රාණවිඥාන උපදනේ යැ. තුන් දෙනාගේ සඞ්ගතිය ස්පර්‍ශ නමි. දිව ද රසායතන ද නිසා ජිහ්වාවිඥාන උපදනේ යැ. තුන් දෙනාගේ සඞ්ගතිය ස්පර්‍ශ නමි. කය ද ස්ප්‍රෂ්ටව්‍යායතන ද නිසා කායවිඥාන උපදනේ යැ. තුන් දෙනාගේ සඞ්ගතිය ස්පර්‍ශ නමි. සිත ද ධර්‍මායතන ද නිසා මනෝවිඥාන උපදනේ යැ. තුන් දෙනාගේ සඞ්ගතිය ස්පර්‍ශ නමි. ‘සවැදෑරුම් ස්පර්‍ශකායයෝ දතයුත්තාහ’ යි මෙසේ යම් බසෙක් කියනලද ද, මෙය තෙල ස්පර්‍ශ පිණිස කියනලදි. මේ සතර වන ෂට්ක යි.
Pali BJT‘ඡ වෙදනාකායා වෙදිතබ්බා’ති ඉති ඛො පනෙතං වුත්තං. කිඤ්චෙතං පටිච්ච වුත්තං. චක්ඛුඤ්ච පටිච්ච රූපෙ ච උප්පජ්ජති චක්ඛුවිඤ්ඤාණං, තිණ්ණං සඞ්ගති ඵස්සො, ඵස්සපච්චයා වෙදනා. සොතඤ්ච පටිච්ච සද්දෙ ච උප්පජ්ජති සොතවිඤ්ඤාණං, -පෙ- ඝානඤ්ච පටිච්ච ගන්ධෙ ච උප්පජ්ජති ඝානවිඤ්ඤාණං, -පෙ- ජිව්හඤ්ච පටිච්ච රසෙ ච උප්පජ්ජති ජිව්හාවිඤ්ඤාණං, -පෙ- කායඤ්ච පටිච්ච ඵොට්ඨබ්බෙ ච උප්පජ්ජති කායවිඤ්ඤාණං, -පෙ- මනඤ්ච පටිච්ච ධම්මෙ ච උප්පජ්ජති මනොවිඤ්ඤාණං, තිණ්ණං සඞ්ගති ඵස්සො, ඵස්සපච්චයා වෙදනා. ‘ඡ වෙදනාකායා වෙදිතබ්බා’ති ඉති යං තං වුත්තං, ඉදමෙතං පටිච්ච වුත්තං. ඉදං පඤ්චමං ඡක්කං.
Sinhala BJT‘සවැදෑරුම් වේදනාකායයෝ දතයුත්තාහ’ යි මෙසේ තෙල බසෙක් කියනලද යැ, තෙල බස් කුමක් පිණිස කියන ලද යැ යත්: ඇස ද රූපායතන ද නිසා චක්‍ෂුර්විඥානය උපදනේ යැ. තුන් දෙනාගේ සඞ්ගතිය ස්පර්‍ශ නමි. ස්පර්‍ශ හේතුයෙන් වේදනා පහළ වෙයි. කන ද ශබ්දායතන ද නිසා ශ්‍රෝතවිඥානය උපදනේ යැ. ... නැහැය ද ගන්‍ධායතන ද නිසා ඝ්‍රාණවිඥාන උපදනේ යැ. ... දිව ද රසායතන ද නිසා ජිහ්වාවිඥාන උපදනේ යැ. ... කය ද ස්ප්‍රෂ්ටව්‍යායතන ද නිසා කායවිඥාන උපදනේ යැ. ... සිත ද ධර්‍මායතන ද නිසා මනෝවිඥාන උපදනේ යැ. තුන් දෙනාගේ සඞ්ගතිය ස්පර්‍ශ නමි. ස්පර්‍ශ හේතුයෙන් වේදනා පහළ වෙයි. ‘සවැදෑරුම් වේදනාකායයෝ දතයුත්තාහ’ යි මෙසේ යම් බසෙක් කියනලද ද, මෙය තෙල වේදනා පිණිස කියනලදි. මේ පස් වන ෂට්ක යි.
Pali BJT‘ඡ තණ්හාකායා වෙදිතබ්බා’ති ඉති ඛො පනෙතං වුත්තං. කිඤ්චෙතං පටිච්ච වුත්තං. චක්ඛුඤ්ච පටිච්ච රූපෙ ච උප්පජ්ජති චක්ඛුවිඤ්ඤාණං, තිණ්ණං සඞ්ගති ඵස්සො, ඵස්සපච්චයා වෙදනා, වෙදනාපච්චයා තණ්හා. සොතඤ්ච පටිච්ච සද්දෙ ච උප්පජ්ජති සොතවිඤ්ඤාණං -පෙ- ඝානඤ්ච පටිච්ච ගන්ධෙ ච උප්පජ්ජති ඝානවිඤ්ඤාණං -පෙ- ජිව්හඤ්ච පටිච්ච රසෙ ච උප්පජ්ජති ජිව්හාවිඤ්ඤාණං -පෙ- කායඤ්ච පටිච්ච ඵොට්ඨබ්බෙ ච උප්පජ්ජති කායවිඤ්ඤාණං -පෙ- මනඤ්ච පටිච්ච ධම්මෙ ච උප්පජ්ජති මනොවිඤ්ඤාණං, තිණ්ණං සඞ්ගති ඵස්සො, ඵස්සපච්චයා වෙදනා, වෙදනාපච්චයා තණ්හා. ‘ඡ තණ්හාකායා වෙදිතබ්බා’ති ඉති යං තං වුත්තං, ඉදමෙතං පටිච්ච වුත්තං. ඉදං ඡට්ඨං ඡක්කං.
Sinhala BJT‘ෂට් තෘෂ්ණාකායයෝ දතයුත්තාහ’ යි මෙසේ තෙල බසෙක් කියනලද ද, තෙල බස් කුමක් පිණිස කියන ලද ද යත්: ඇස ද රූපායතන ද නිසා චක්‍ෂුර්විඥානය උපදනේ යැ. තුන් දෙනාගේ සඞ්ගතිය ස්පර්‍ශ නමි. ස්පර්‍ශ ප්‍රත්‍යයෙන් වේදනා වෙයි. වේදනා ප්‍රත්‍යයෙන් තෘෂ්ණා වෙයි. ශ්‍රෝත්‍රය ද ශබ්දායතන ද නිසා ශ්‍රෝතවිඥානය උපදනේ යැ. ... ඝ්‍රාණය ද ගන්‍ධායතන ද නිසා ඝ්‍රාණවිඥාන උපදනේ යැ. ... ජිහ්වාව ද නිසා රසායතන ද නිසා ජිහ්වාවිඥාන උපදනේ යැ. ... කය ද ස්ප්‍රෂ්ටව්‍යායතන ද නිසා කායවිඥාන උපදනේ යැ. ... මනස ද නිසා ධර්‍මායතන ද නිසා මනෝවිඥාන උපදනේ යැ. තුන් දෙනාගේ සඞ්ගතිය ස්පර්‍ශ නමි. ස්පර්‍ශ ප්‍රත්‍යයෙන් වේදනා වෙයි. වේදනා ප්‍රත්‍යයෙන් තෘෂ්ණා වෙයි. ‘ෂට් තෘෂ්ණාකායයෝ දතයුත්තාහ’ යි මෙසේ යමක් කියනලද ද, මෙය තෙල සඳහා කියනලදි. මේ සවන ෂට්ක යි.
Pali BJT‘චක්ඛුං{1} අත්තා’ති යො වදෙය්ය, තං න උපපජ්ජති.{2} චක්ඛුස්ස උප්පාදොපි වයොපි පඤ්ඤායති. යස්ස ඛො පන උප්පාදොපි වයොපි පඤ්ඤායති, ‘අත්තා මෙ උප්පජ්ජති ච වෙති චා’ති ඉච්චස්ස එවමාගතං හොති. තස්මා තං න උපපජ්ජති, ‘චක්ඛුං අත්තා’ති යො වදෙය්ය. ඉති චක්ඛුං අනත්තා.
Sinhala BJT‘චක්‍ෂුස ආත්ම යැ’ යි යමෙක් කියා ද එය නො යෙදෙයි. චක්‍ෂුස්හුගේ උත්පාදය ද විනාශය ද පැනෙයි. යමක්හුගේ වැළිත් උත්පාදයත් ව්‍යයත් පැනේ නම් ‘මාගේ ආත්මය උපදනේත් නිරුද්ධ වන්නේත් වේ ය’යි ඔහුට මෙසේ (ලබ්ධි) ආයේ වෙයි. එහෙයින් ‘චක්‍ෂුස ආත්ම යැ’ යි යමෙක් කියා නම් එය නො යෙදෙයි. මෙසේ චක්‍ෂුස අනාත්ම වෙයි.
Pali BJT‘රූපා අත්තා’ති යො වදෙය්ය, තං න උපපජ්ජති. රූපානං උප්පාදොපි වයොපි පඤ්ඤායති. යස්ස ඛො පන උප්පාදොපි වයොපි පඤ්ඤායති. ‘අත්තා මෙ උප්පජ්ජති ච වෙති චා’ති ඉච්චස්ස එවමාගතං හොති. තස්මා තං න උපපජ්ජති, ‘රූපා අත්තා’ති යො වදෙය්ය. ඉති චක්ඛුං අනත්තා, රූපා අනත්තා.
Sinhala BJT‘රූපායතනය ආත්ම යැ’ යි යමෙක් කියා නම් ඒ නො යෙදෙයි. රූපායතනයාගේ උත්පාදයත් ව්‍යයත් පැනෙයි. යමක්හුගේ වැළිත් උත්පාදයත් ව්‍යයත් පැනේ නම් ‘මාගේ ආත්මය උපදනේත් වෙයි, නැසෙනුයේත් වේ ය’යි ඔහුට මෙසේ ලබ්ධිය ආයේ වෙයි. එහෙයින් ‘රූපායතනය ආත්ම යැ’ යි යමෙක් කියා නම් එය නො යෙදෙයි. මෙසේ චක්‍ෂුස අනාත්ම වෙයි. රූපායතනය අනාත්ම වෙයි.
Pali BJT‘චක්ඛුවිඤ්ඤාණං අත්තා’ති යො වදෙය්ය, තං න උපපජ්ජති. චක්ඛුවිඤ්ඤාණස්ස උප්පාදොපි වයොපි පඤ්ඤායති. යස්ස ඛො පන උප්පාදොපි වයොපි පඤ්ඤායති, ‘අත්තා මෙ උප්පජ්ජති ච වෙති චා’ති ඉච්චස්ස එවමාගතං හොති. තස්මා තං න උපපජ්ජති, ‘චක්ඛුවිඤ්ඤාණං අත්තා’ති යො වදෙය්ය. ඉති චක්ඛුං අනත්තා, රූපා අනත්තා, චක්ඛුවිඤ්ඤාණං අනත්තා.
Sinhala BJT‘චක්‍ෂුර්විඥානය ආත්ම යැ’ යි යමෙක් කියා නම් එය නො යෙදෙයි. චක්‍ෂුර්විඥානයාගේ උත්පාදයත් ව්‍යයත් පැනෙයි. යමක්හුගේ වැළිත් උත්පාදයත් ව්‍යයත් පැනේ නම් ‘මාගේ ආත්මය උපදනේත් නැසෙන්නේත් වේ ය’යි ඔහුට මෙසේ ලබ්ධිය ආයේ වෙයි. එහෙයින් ‘චක්‍ෂුර්විඥානය ආත්ම යැ’ යි යමෙක් කියා නම් එය නො යෙදෙයි. මෙසේ චක්‍ෂුස අනාත්ම යැ. රූපායතනය අනාත්ම යැ. චක්‍ෂුර්විඥානය අනාත්මයි.
Pali BJT‘චක්ඛුසම්ඵස්සො අත්තා’ති යො වදෙය්ය, තං න උපපජ්ජති. චක්ඛුසම්ඵස්සස්ස උප්පාදොපි වයොපි පඤ්ඤායති. යස්ස ඛො පන උප්පාදොපි වයොපි පඤ්ඤායති, ‘අත්තා මෙ උප්පජ්ජති ච වෙති චා’ති ඉච්චස්ස එවමාගතං හොති. තස්මා තං න උපපජ්ජති ‘චක්ඛුසම්ඵස්සො අත්තා’ති යො වදෙය්ය. ඉති චක්ඛුං අනත්තා, රූපා අනත්තා, චක්ඛුවිඤ්ඤාණං අනත්තා, චක්ඛුසම්ඵස්සො අනත්තා.
Sinhala BJT‘චක්‍ෂුස්සංස්පර්‍ශය ආත්ම යැ’ යි යමෙක් කියා නම් එය නො යෙදෙයි. චක්‍ෂුස්සංස්පර්‍ශයාගේ උත්පාදයත් ව්‍යයත් පැනෙයි. යමක්හුගේ වැළිත් උත්පාදයත් ව්‍යයත් පැනේ නම් ‘මාගේ ආත්මය උපදනේත් වෙයි, නැසෙන්නේත් වේ’ යයි මෙසේ ඔහුට ලබ්ධිය පැමිණියේ වෙයි. එහෙයින් ‘චක්‍ෂුස්සංස්පර්‍ශය ආත්ම යැ’ යි යමෙක් කියා නම් එය නො යෙදෙයි. මෙසේ චක්‍ෂුස අනාත්ම වෙයි. රූපයෝ අනාත්ම වෙයි. චක්‍ෂුර්විඥානය අනාත්ම වෙයි. චක්‍ෂුස්සංස්පර්‍ශය අනාත්මයි.
Pali BJT‘වෙදනා අත්තා’ති යො වදෙය්ය, තං න උපපජ්ජති. වෙදනාය උප්පාදොපි වයොපි පඤ්ඤායති. යස්ස ඛො පන උප්පාදොපි වයොපි පඤ්ඤායති, ‘අත්තා මෙ උප්පජ්ජති ච වෙති චා’ති ඉච්චස්ස එවමාගතං හොති. තස්මා තං න උපපජ්ජති ‘වෙදනා අත්තා’ති යො වදෙය්ය. ඉති චක්ඛුං අනත්තා, රූපා අනත්තා, චක්ඛුවිඤ්ඤාණං අනත්තා, චක්ඛුසම්ඵස්සො අනත්තා, වෙදනා අනත්තා.
Sinhala BJT‘වේදනාව ආත්ම යැ’ යි යමෙක් කියා නම් එය නො යෙදෙයි. වේදනාවගේ උත්පාදයත් ව්‍යයත් පැනෙයි. යමක්හුගේ වැළිත් උත්පාදයත් ව්‍යයත් පැනේ නම් ‘මාගේ ආත්මය උපදනේත් වෙයි, නැසෙන්නේත් වේ’ යයි මෙසේ ඔහුට ලබ්ධිය ආයේ වෙයි. එහෙයින් ‘වේදනාව ආත්ම යැ’ යි යමෙක් කියා නම් එය නො යෙදෙයි. මෙසේ චක්‍ෂුස අනාත්ම වෙයි. රූපයෝ අනාත්ම වෙයි. චක්‍ෂුර්විඥානය අනාත්ම වෙයි. චක්‍ෂුස්සංස්පර්‍ශය අනාත්ම වෙයි. වේදනාව අනාත්මයි.
Pali BJT‘තණ්හා අත්තා’ති යො වදෙය්ය, තං න උපපජ්ජති. තණ්හාය උප්පාදොපි වයොපි පඤ්ඤායති. යස්ස ඛො පන උප්පාදොපි වයොපි පඤ්ඤායති, ‘අත්තා මෙ උප්පජ්ජති ච වෙති චා’ති ඉච්චස්ස එවමාගතං හොති. තස්මා තං න උපපජ්ජති ‘තණ්හා අත්තා’ති යො වදෙය්ය. ඉති චක්ඛුං අනත්තා, රූපා අනත්තා, චක්ඛුවිඤ්ඤාණං අනත්තා, චක්ඛුසම්ඵස්සො අනත්තා, වෙදනා අනත්තා, තණ්හා අනත්තා.
Sinhala BJT‘තෘෂ්ණාව ආත්ම යැ’ යි යමෙක් කියා නම් එය නො යෙදෙයි. තෘෂ්ණාවගේ උත්පාදයත් ව්‍යයත් පැනෙයි. යමක්හුගේ වැළිත් උත්පාදයත් ව්‍යයත් පැනේ නම් ‘මාගේ ආත්මය උපදනේත් වෙයි, නැසෙන්නේත් වේ’ යයි මෙසේ ඔහුට ලබ්ධිය පැමිණියේ වෙයි. ‘තෘෂ්ණාව ආත්ම යැ’ යි යමෙක් කියා නම් එය නො යෙදෙයි. මෙසේ චක්‍ෂුස අනාත්ම යැ. රූපයෝ අනාත්මයෝ යැ. චක්‍ෂුර්විඥානය අනාත්ම යැ. චක්‍ෂුස්සංස්පර්‍ශය අනාත්ම යැ. වේදනාව අනාත්ම යැ. තෘෂ්ණාව අනාත්ම යි.
Pali BJT‘සොතං අත්තා’ති යො වදෙය්ය -පෙ- ‘ඝානං අත්තා’ති යො වදෙය්ය -පෙ- ‘ජිව්හා අත්තා’ති යො වදෙය්ය -පෙ- ‘කායො අත්තා’ති යො වදෙය්ය -පෙ- ‘මනො අත්තා’ති යො වදෙය්ය, තං න උපපජ්ජති. මනස්ස උප්පාදොපි වයොපි පඤ්ඤායති. යස්ස ඛො පන උප්පාදොපි වයොපි පඤ්ඤායති, ‘අත්තා මෙ උප්පජ්ජති ච වෙති චා’ති ඉච්චස්ස එවමාගතං හොති. තස්මා තං න උපපජ්ජති ‘මනො අත්තා’ති යො වදෙය්ය. ඉති මනො අනත්තා.
Sinhala BJT‘ශ්‍රෝතය ආත්ම යැ’ යි යමෙක් කියා නම් ... ඝ්‍රාණය ආත්ම යැ’ යි යමෙක් කියා නම් ... ජිහ්වාව ආත්ම යැ’ යි යමෙක් කියා නම් ... කාය ආත්ම යැ’ යි යමෙක් කියා නම් ... මනස ආත්ම යැ’ යි යමෙක් කියා නම් එය නො යෙදෙයි. මනස්හුගේ උත්පාදයත් ව්‍යයත් පැනෙයි. වැලි යමෙක්හුගේ උත්පාදයත් ව්‍යයත් පැනේ නම් ‘මාගේ ආත්මය උපදනේත් නැසෙන්නේත් වේ’ යයි මෙසේ ඔහුට ලබ්ධිය ආයේ වෙයි. එහෙයින් ‘මනස ආත්ම යැ’ යි යමෙක් කියා නම් එය නො යෙදෙයි. මෙසේ මනස අනාත්මයි.
Pali BJT‘ධම්මා අත්තා’ති යො වදෙය්ය තං න උපපජ්ජති. ධම්මානං උප්පාදොපි වයොපි පඤ්ඤායති. යස්ස ඛො පන උප්පාදොපි වයොපි පඤ්ඤායති, ‘අත්තා මෙ උප්පජ්ජති ච වෙති චා’ති ඉච්චස්ස එවමාගතං හොති. තස්මා තං න උපපජ්ජති. ‘ධම්මා අත්තා’ති යො වදෙය්ය. ඉති මනො අනත්තා, ධම්මා අනත්තා.
Sinhala BJT‘ධර්‍මයෝ ආත්මයහ’ යි යමෙක් කියා නම් එය නො යෙදෙයි. ධර්‍මයන්ගේ උත්පාදයත් ව්‍යයත් පැනෙයි. යමක්හුගේ උත්පාදයත් ව්‍යයත් පැනේ නම් ‘මාගේ ආත්මය උපදනේත් නැසෙන්නේත් වේ’ යයි මෙසේ ඔහුට ලබ්ධිය ආයේ වෙයි. එහෙයින් ‘ධර්‍මයෝ ආත්මයහ’ යි යමෙක් කියා නම් එය නො යෙදෙයි. මෙසේ මනස අනාත්ම යැ ධර්‍මයෝ අනාත්මයෝ යි.
Pali BJT‘මනොවිඤ්ඤාණං අත්තා’ති යො වදෙය්ය තං න උපපජ්ජති. මනොවිඤ්ඤාණස්ස උප්පාදොපි වයොපි පඤ්ඤායති. යස්ස ඛො පන උප්පාදොපි වයොපි පඤ්ඤායති, ‘අත්තා මෙ උප්පජ්ජති ච වෙති චා’ති ඉච්චස්ස එවමාගතං හොති. තස්මා තං න උපපජ්ජති ‘මනොවිඤ්ඤාණං අත්තා’ති යො වදෙය්ය. ඉති මනො අනත්තා, ධම්මා අනත්තා, මනොවිඤ්ඤාණං අනත්තා.
Sinhala BJT‘මනෝවිඥානය ආත්ම යැ’ යි යමෙක් කියා නම් එය නො යෙදෙයි. මනෝවිඥානයාගේ උත්පාදයත් ව්‍යයත් පැනෙයි. යමක්හුගේ උත්පාදයත් ව්‍යයත් පැනේ නම් ‘මාගේ ආත්මය උපදනේත් නැසෙන්නේත් වේ’ යයි මෙසේ දෘෂ්ටිය ආයේ වෙයි. එහෙයින් ‘මනෝවිඥානය ආත්ම යැ’ යි යමෙක් කියා නම් එය නො යෙදෙයි. මෙසේ මනස අනාත්ම යැ, ධර්‍මයෝ අනාත්ම වෙති, මනෝවිඥානය අනාත්ම යි.
Pali BJT‘මනොසම්ඵස්සො අත්තා’ති යො වදෙය්ය. තං න උපපජ්ජති. මනොසම්ඵස්සස්ස උප්පාදොපි වයොපි පඤ්ඤායති. යස්ස ඛො පන උප්පාදොපි වයොපි පඤ්ඤායති, ‘අත්තා මෙ උප්පජ්ජති ච වෙති චා’ති ඉච්චස්ස එවමාගතං හොති. තස්මා තං න උපපජ්ජති ‘මනොසම්ඵස්සො අත්තා’ති යො වදෙය්ය. ඉති මනො අනත්තා, ධම්මා අනත්තා, මනොවිඤ්ඤාණං අනත්තා, මනොසම්ඵස්සො අනත්තා.
Sinhala BJT‘මනස්සංස්පර්‍ශය ආත්ම යැ’ යි යමෙක් කියා නම් එය නොයෙදෙයි. මනෝසම්ඵස්සයාගේ උත්පාදයත් ව්‍යයත් පැනෙයි. යමක්හුගේ උත්පාදයත් ව්‍යයත් පැනේ නම් ‘මාගේ ආත්මය උපදනේත් නැසෙන්නේත් වේ’ යයි මෙසේ දෘෂ්ටිය ආයේ වෙයි. එහෙයින් ‘මනෝසම්ඵස්සය ආත්ම යැ’ යි යමෙක් කියා නම් එය නො යෙදෙයි. මනස අනාත්ම යැ, ධර්‍මයෝ අනාත්ම වෙති, මනෝවිඥානය අනාත්ම යැ, මනෝසම්ඵස්සය අනාත්ම යි.
Pali BJT‘වෙදනා අත්තා’ති යො වදෙය්ය. තං න උපපජ්ජති. වෙදනාය උප්පාදොපි වයොපි පඤ්ඤායති. යස්ස ඛො පන උප්පාදොපි වයොපි පඤ්ඤායති, ‘අත්තා මෙ උප්පජ්ජති ච වෙති චා’ති ඉච්චස්ස එවමාගතං හොති. තස්මා තං න උපපජ්ජති. ‘වෙදනා අත්තා’ති යො වදෙය්ය. ඉති මනො අනත්තා, ධම්මා අනත්තා, මනොවිඤ්ඤාණං අනත්තා, මනොසම්ඵස්සො අනත්තා, වෙදනා අනත්තා.
Sinhala BJT‘වේදනාව ආත්ම යැ’ යි යමෙක් කියා නම් එය නොයෙදෙයි. වේදනාවගේ උත්පාදයත් ව්‍යයත් පැනෙයි. ‘මාගේ ආත්මය උපදනේත් නැසෙන්නේත් වේ’ යයි මෙසේ දෘෂ්ටිය ආයේ වෙයි. එහෙයින් ‘වේදනාව ආත්ම යැ’ යි යමෙක් කියා නම් එය නො යෙදෙයි. මෙසේ මනස අනාත්ම යැ, ධර්‍මයෝ අනාත්ම වෙති, මනෝවිඥානය අනාත්ම යැ, මනෝසම්ඵස්සය අනාත්ම යැ, වේදනා අනාත්ම යි.
Pali BJT‘තණ්හා අත්තා’ති යො වදෙය්ය. තං න උපපජ්ජති. තණ්හාය උප්පාදොපි වයොපි පඤ්ඤායති. යස්ස ඛො පන උප්පාදොපි වයොපි පඤ්ඤායති, ‘අත්තා මෙ උප්පජ්ජති ච වෙති චා’ති ඉච්චස්ස එවමාගතං හොති. තස්මා තං න උපපජ්ජති ‘තණ්හා අත්තා’ති යො වදෙය්ය. ඉති මනො අනත්තා, ධම්මා අනත්තා, මනොවිඤ්ඤාණං අනත්තා, මනොසම්ඵස්සො අනත්තා, වෙදනා අනත්තා, තණ්හා අනත්තා.
Sinhala BJT‘තෘෂ්ණාව ආත්ම යැ’ යි යමෙක් කියා නම් එය නොයෙදෙයි. යමක්හුගේ උත්පාදයත් ව්‍යයත් පැනේ නම් ‘මාගේ ආත්මය උපදනේත් නැසෙන්නේත් වේ’ යයි මෙසේ දෘෂ්ටිය ආයේ වෙයි. එහෙයින් ‘තෘෂ්ණාව ආත්ම යැ’ යි යමෙක් කියා නම් එය නො යෙදෙයි. මෙසේ මනස අනාත්ම යැ, ධර්‍මයෝ අනාත්මයහ, මනෝවිඥානය අනාත්ම යැ, මනෝසම්ඵස්සය අනාත්ම යැ, වේදනා අනාත්ම යැ, තෘෂ්ණාව අනාත්ම යි.
Pali BJTඅයං ඛො පන, භික්ඛවෙ, සක්කාය සමුදයගාමිනී පටිපදා: චක්ඛුං ‘එතං මම, එසොහමස්මි, එසො මෙ අත්තා’ති සමනුපස්සති. රූපෙ ‘එතං මම, එසොහමස්මි, එසො මෙ අත්තා’ති සමනුපස්සති. චක්ඛුවිඤ්ඤාණං ‘එතං මම, එසොහමස්මි, එසො මෙ අත්තා’ති සමනුපස්සති. චක්ඛුසම්ඵස්සං ‘එතං මම, එසොහමස්මි, එසො මෙ අත්තා’ති සමනුපස්සති. වෙදනං ‘එතං මම, එසොහමස්මි, එසො මෙ අත්තා’ති සමනුපස්සති. තණ්හං ‘එතං මම, එසොහමස්මි, එසො මෙ අත්තා’ති සමනුපස්සති. සොතං ‘එතං මම -පෙ- ඝානං ‘එතං මම -පෙ- ජිව්හං ‘එතං මම -පෙ- කායං ‘එතං මම -පෙ- මනං ‘එතං මම, එසොහමස්මි, එසො මෙ අත්තා’ති සමනුපස්සති, ධම්මෙ ‘එතං මම, එසොහමස්මි, එසො මෙ අත්තා’ති සමනුපස්සති, මනොවිඤ්ඤාණං ‘එතං මම, එසොහමස්මි, එසො මෙ අත්තා’ති සමනුපස්සති, මනොසම්ඵස්සං ‘එතං මම, එසොහමස්මි, එසො මෙ අත්තා’ති සමනුපස්සති, වෙදනං ‘එතං මම, එසොහමස්මි, එසො මෙ අත්තා’ති සමනුපස්සති, තණ්හං ‘එතං මම, එසොහමස්මි, එසො මෙ අත්තා’ති සමනුපස්සති.
Sinhala BJTමහණෙනි, මේ වැළිත් සත්කායසමුදයගාමිනී ප්‍රතිපත් වෙයි: චක්‍ෂුස ‘තෙල මාගේ යැ, තෙලෙ මම් වෙමි, තෙලෙ මාගේ ආත්මයැ’ යි තෘෂ්ණාදි විසින් දකී. රූපයන් ‘තෙල මාගේ යැ, තෙලෙ මම් වෙමි, තෙලෙ මාගේ ආත්ම යැ’ යි තෘෂ්ණාදි විසින් දකී. චක්‍ෂුර්විඥානය ‘තෙල මාගේ යැ, තෙලෙ මම් වෙමි, තෙලෙ මාගේ ආත්ම යැ’ යි දකී. චක්‍ෂුස්සංස්පර්‍ශය ‘තෙල මාගේ යැ, තෙලෙ මම් වෙමි, තෙලෙ මාගේ ආත්ම යැ’ යි දකී. වේදනාව ‘තෙල මාගේ යැ, තෙලෙ මම් වෙමි, තෙලෙ මාගේ ආත්ම යැ’ යි දකී. තෘෂ්ණාව ‘තෙල මාගේ යැ, තෙලෙ මම් වෙමි, තෙලෙ මාගේ ආත්ම යැ’ යි දකී. ශ්‍රෝතය ‘තෙල මාගේ යැ’ ... ඝ්‍රාණය ‘තෙල මාගේ යැ’ ... ජිහ්වාව ‘තෙල මාගේ යැ’ ... කය ‘තෙල මාගේ යැ’ ... මනස ‘තෙල මාගේ යැ, තෙලෙ මම් වෙමි, තෙලෙ මාගේ ආත්ම යැ’ යි තෘෂ්ණාදි විසින් දකී. ධර්‍මයන් ‘තෙල මාගේ යැ, තෙලෙ මම් වෙමි, තෙලෙ මාගේ ආත්ම යැ’ යි දකී. මනෝවිඥානය ‘තෙල මාගේ යැ, තෙලෙ මම් වෙමි, තෙලෙ මාගේ ආත්ම යැ’ යි දකී. මනෝසම්ඵස්සය ‘තෙල මාගේ යැ, තෙලෙ මම් වෙමි, තෙලෙ මාගේ ආත්ම යැ’ යි දකී. වේදනාව ‘තෙල මාගේ යැ, තෙලෙ මම් වෙමි, තෙලෙ මාගේ ආත්ම යැ’ යි දකී. තෘෂ්ණාව ‘තෙල මාගේ යැ, තෙලෙ මම් වෙමි, තෙලෙ මාගේ ආත්ම යැ’ යි තෘෂ්ණාදි විසින් දකී.
Pali BJTඅයං ඛො පන භික්ඛවෙ, සක්කාය නිරොධගාමිනී පටිපදා: චක්ඛුං ‘නෙතං මම, නෙසොහමස්මි, න මෙසො අත්තා’ති සමනුපස්සති. රූපෙ ‘නෙතං මම, නෙසොහමස්මි, න මෙසො අත්තා’ති සමනුපස්සති. චක්ඛුවිඤ්ඤාණං ‘නෙතං මම, නෙසොහමස්මි, න මෙසො අත්තා’ති සමනුපස්සති. චක්ඛුසම්ඵස්සං ‘නෙතං මම, නෙසොහමස්මි, න මෙසො අත්තා’ති සමනුපස්සති. වෙදනං ‘නෙතං මම, නෙසොහමස්මි, න මෙසො අත්තා’ති සමනුපස්සති. තණ්හං ‘නෙතං මම, නෙසොහමස්මි, න මෙසො අත්තා’ති සමනුපස්සති. සොතං ‘නෙතං මම -පෙ- ඝානං ‘නෙතං මම -පෙ- ජිව්හං ‘නෙතං මම -පෙ- කායං ‘නෙතං මම -පෙ- මනං ‘නෙතං මම, නෙසොහමස්මි, න මෙසො අත්තා’ති සමනුපස්සති.
Sinhala BJTමහණෙනි, මේ සත්කායනිරෝධගාමිනී ප්‍රතිපත් වෙයි: චක්‍ෂුස ‘තෙල මාගේ නො වෙයි, තෙලෙ මම් නො වෙමි, තෙලෙ මාගේ ආත්මය නො වේ’ යයි අනිත්‍යාදි විසින් දකී. රූපයන් ‘තෙල මාගේ නො වෙයි, තෙලෙ මම් නො වෙමි, තෙලෙ මාගේ ආත්මය නො වේ’ යයි අනිත්‍යාදි විසින් දකී. චක්‍ෂුර්විඥානය ‘තෙල මාගේ නො වෙයි, තෙලෙ මම් නො වෙමි, තෙලෙ මාගේ ආත්මය නො වේ’ යයි දකී. චක්‍ෂුස්සංස්පර්‍ශය ‘තෙල මාගේ නො වෙයි, තෙලෙ මම් නො වෙමි, තෙලෙ මාගේ ආත්මය නො වේ’ යයි දකී. වේදනාව ‘තෙල මාගේ නො වෙයි, තෙලෙ මම් නො වෙමි, තෙලෙ මාගේ ආත්මය නො වේ’ යයි දකී. තෘෂ්ණාව ‘තෙල මාගේ නො වෙයි, තෙලෙ මම් නො වෙමි, තෙලෙ මාගේ ආත්මය නො වේ’ යයි දකී. ශ්‍රෝතය ‘තෙල මාගේ නො වෙයි’ ... ඝ්‍රාණය ‘තෙල මාගේ නො වෙයි’ ... ජිහ්වාව ‘තෙල මාගේ නො වෙයි’ ... කය ‘තෙල මාගේ නො වෙයි’ ... මනස ‘තෙල මාගේ නො වෙයි, තෙලෙ මම් නො වෙමි, තෙලෙ මාගේ ආත්මය නො වේ’ යයි දකී.
Pali BJTධම්මෙ ‘නෙතං මම, නෙසොහමස්මි, න මෙසො අත්තා’ති සමනුපස්සති. මනොවිඤ්ඤාණං ‘නෙතං මම, නෙසොහමස්මි, න මෙසො අත්තා’ති සමනුපස්සති. මනොසම්ඵස්සං ‘නෙතං මම, නෙසොහමස්මි, න මෙසො අත්තා’ති සමනුපස්සති. වෙදනං ‘නෙතං මම, නෙසොහමස්මි, න මෙසො අත්තා’ති සමනුපස්සති. තණ්හං ‘නෙතං මම, නෙසොහමස්මි, න මෙසො අත්තා’ති සමනුපස්සති.
Sinhala BJTධර්‍මයන් ‘තෙල මාගේ නො වෙයි, තෙලෙ මම් නො වෙමි, තෙලෙ මාගේ ආත්මය නො වේ’ යයි දකී. මනෝවිඥානය ‘තෙල මාගේ නො වෙයි, තෙලෙ මම් නො වෙමි, තෙලෙ මාගේ ආත්මය නො වේ’ යයි දකී. මනෝසම්ඵස්සය ‘තෙල මාගේ නො වෙයි, තෙලෙ මම් නො වෙමි, තෙලෙ මාගේ ආත්මය නො වේ’ යයි දකී. වේදනාව ‘තෙල මාගේ නො වෙයි, තෙලෙ මම් නො වෙමි, තෙලෙ මාගේ ආත්මය නො වේ’ යයි දකී. තෘෂ්ණාව ‘තෙල මාගේ නො වෙයි, තෙලෙ මම් නො වෙමි, තෙලෙ මාගේ ආත්මය නො වේ’ යයි අනිත්‍යාදි විසින් දකී.
Pali BJTචක්ඛුඤ්ච භික්ඛවෙ, පටිච්ච රූපෙ ච උප්පජ්ජති චක්ඛුවිඤ්ඤාණං. තිණ්ණං සඞ්ගති ඵස්සො. ඵස්සපච්චයා උප්පජ්ජති වෙදයිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා. සො සුඛාය වෙදනාය ඵුට්ඨො සමානො අභිනන්දති අභිවදති අජ්ඣොසාය තිට්ඨති. තස්ස රාගානුසයො අනුසෙති. දුක්ඛාය වෙදනාය ඵුට්ඨො සමානො සොචති කිලමති පරිදෙවති උරත්තාළිංකන්දති සම්මොහං ආපජ්ජති. තස්ස පටිඝානුසයො අනුසෙති. අදුක්ඛමසුඛාය වෙදනාය ඵුට්ඨො සමානො තස්සා වෙදනාය සමුදයඤ්ච අත්ථඞ්ගමඤ්ච අස්සාදඤ්ච ආදීනවඤ්ච නිස්සරණඤ්ච යථාභූතං නප්පජානාති. තස්ස අවිජ්ජානුසයො අනුසෙති. සො වත භික්ඛවෙ, සුඛාය වෙදනාය රාගානුසයං අප්පහාය දුක්ඛාය වෙදනාය පටිඝානුසයං අප්පටිවිනොදෙත්වා අදුක්ඛමසුඛාය වෙදනාය අවිජ්ජානුසයං අසමූහනිත්වා අවිජ්ජං අප්පහාය විජ්ජං අනුප්පාදෙත්වා දිට්ඨෙව ධම්මෙ දුක්ඛස්සන්තකරො භවිස්සතීති නෙතං ඨානං විජ්ජති.
Sinhala BJTමහණෙනි, චක්‍ෂුසත් රූපත් නිසා චක්‍ෂුර්විඥානය උපදී. (චක්‍ෂු, රූප, විඥාන යන) තිදෙනාගේ සඞ්ගතිය ඵස්ස වෙයි. ස්පර්‍ශ ප්‍රත්‍යයෙන් සුඛ වූ හෝ දුඃඛ වූ හෝ උපේක්‍ෂා වූ හෝ වේදනාව උපදී. හේ සුඛවේදනායෙන් පහස්නාලදුයේ සතුටු වෙයි. සතුටුබස් කියයි. බැසගෙන සිටී. ඔහුගේ සන්තානයෙහි රාගානුසය අප්‍රහීණ වැ සිටී. දුඃඛ වේදනායෙන් පහස්නාලදුයේ ශෝක කෙරෙයි, වෙහෙසෙයි, පරිවේදනා කෙරෙයි, ළෙහි පැහැර හඬයි, සම්මෝහයට පැමිණෙයි. ඔහුගේ සන්තානයෙහි ප්‍රතිඝානුශය අප්‍රහීණ වැ සිටී. උපේක්‍ෂාවේදනායෙන් පහස්නාලදුයේ ඒ වේදනාවගේ සමුදය ද අස්තඞ්ගමය ද ආස්වාදය ද ආදීනවය ද නිස්සරණය ද ඇතිසැටි නො දනී. ඔහුගේ සන්තානයෙහි අවිද්‍යානුශය අප්‍රහීණ වැ සිටී. මහණෙනි, ඒකාන්තයෙන් හෙතෙම සුඛවේදනායෙන් රාගානුශය දුරු නො කොට දුඃඛවේදනායෙන් ප්‍රතිඝානුශය විනෝදනය නො කොට අදුඃඛමසුඛවේදනායෙන් අවිද්‍යානුශය සමුද්ඝාතනය නො කොට අවිද්‍යාව ප්‍රහීණ නො කොට මාර්‍ගඥානවිද්‍යාව නූපදවා ඉහාත්මයෙහි මැ වට්ටදුක්ඛය කෙළවර කරන්නේ ය යන තෙල කරුණ නො වේ.
Pali BJTසොතඤ්ච භික්ඛවෙ, පටිච්ච සද්දෙ ච උප්පජ්ජති සොතවිඤ්ඤාණං. -පෙ- ඝානඤ්ච භික්ඛවෙ, පටිච්ච ගන්ධෙ ච උප්පජ්ජති ඝානවිඤ්ඤාණං. -පෙ- ජිව්හඤ්ච භික්ඛවෙ, පටිච්ච රසෙ ච උප්පජ්ජති ජිව්හාවිඤ්ඤාණං. -පෙ- කායඤ්ච භික්ඛවෙ, පටිච්ච ඵොට්ඨබ්බෙ ච උප්පජ්ජති කායවිඤ්ඤාණං. -පෙ- මනඤ්ච භික්ඛවෙ, පටිච්ච ධම්මෙ ච උප්පජ්ජති මනොවිඤ්ඤාණං, තිණ්ණං සඞ්ගති ඵස්සො, ඵස්සපච්චයා උප්පජ්ජති වෙදයිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා. සො සුඛාය වෙදනාය ඵුට්ඨො සමානො අභිනන්දති අභිවදති අජ්ඣොසාය තිට්ඨති. තස්ස රාගානුසයො අනුසෙති. දුක්ඛාය වෙදනාය ඵුට්ඨො සමානො සොචති කිලමති පරිදෙවති උරත්තාළිංකන්දති සම්මොහං ආපජ්ජති. තස්ස පටිඝානුසයො අනුසෙති. අදුක්ඛමසුඛාය වෙදනාය ඵුට්ඨො සමානො තස්සා වෙදනාය සමුදයඤ්ච අත්ථඞ්ගමඤ්ච අස්සාදඤ්ච ආදීනවඤ්ච නිස්සරණඤ්ච යථාභූතං නප්පජානාති. තස්ස අවිජ්ජානුසයො අනුසෙති. සො වත භික්ඛවෙ, සුඛාය වෙදනාය රාගානුසයං අප්පහාය දුක්ඛාය වෙදනාය පටිඝානුසයං අප්පටිවිනොදෙත්වා අදුක්ඛමසුඛාය වෙදනාය අවිජ්ජානුසයං අසමූහනිත්වා අවිජ්ජං අප්පහාය විජ්ජං අනුප්පාදෙත්වා දිට්ඨෙව ධම්මෙ දුක්ඛස්සන්තකරො භවිස්සතීති නෙතං ඨානං විජ්ජති.
Sinhala BJTමහණෙනි, ශ්‍රෝතය ද නිසා ශබ්දයන් ද නිසා ශ්‍රොතවිඥාන උපදී. ... ඝ්‍රාණය ද නිසා ගන්‍ධයන් ද නිසා ... ජිහ්වාව ද රසයන් ද නිසා … කාය ද ස්ප්‍රෂ්ටව්‍යයන් ද නිසා ... මනස ද ධර්‍මයන් ද නිසා මනෝවිඥාන උපදී. තිදෙනාගේ සඞ්ගතිය ස්පර්‍ශ නමි, ස්පර්‍ශප්‍රත්‍යයෙන් සුව වූ හෝ දුක් වූ හෝ නො දුක් නො සුව වූ හෝ වේදනාව උපදී. හේ සුඛවේදනායෙන් පහස්නා ලදුයේ සතුටු වෙයි. තුටුවදන් බෙණෙයි. බැසගෙන සිටී. ඔහුට රාගානුශය අප්‍රහීණ වෙයි. දුඃඛවේදනායෙන් පහස්නාලදුයේ ශෝක කෙරෙයි, වෙහෙසෙයි, පරිදේවනා කෙරෙයි, ළෙහි පැහැර හඬයි, සම්මෝහයට පැමිණෙයි. ඔහුට ප්‍රතිඝානුශය අප්‍රහීණ වැ සිටී. නො දුක් නො සුව වේදනායෙන් පහස්නාලදුයේ ඒ වේදනාවගේ සමුදය ද අස්තඞ්ගමය ද ආස්වාදය ද ආදීනවය ද නිස්සරණය ද ඇතිසැටි නො දනී. ඔහුට අවිද්‍යානුශය අප්‍රහීණ වැ සිටී. මහණෙනි, ඒකාන්තයෙන් හෙතෙම සුඛවේදනායෙන් රාගානුශය දුරු නො කොට දුඃඛවේදනායෙන් ප්‍රතිඝානුශය බැහැර නො කොට අදුඃඛමසුඛ වේදනායෙන් අවිද්‍යානුශය සමූහනය නො කොට අවිද්‍යාව ප්‍රහීණ නො කොට විද්‍යාව නූපදවා ‘ඉහාත්මයෙහි මැ දුක් කෙළවර කරන්නේ වෙයි’ යන තෙල කරුණ නො වන්නේ යැ.
Pali BJTචක්ඛුඤ්ච ඛො භික්ඛවෙ, පටිච්ච රූපෙ ච උප්පජ්ජති චක්ඛුවිඤ්ඤාණං, තිණ්ණං සඞ්ගති ඵස්සො, ඵස්සපච්චයා උප්පජ්ජති වෙදයිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා. සො සුඛාය වෙදනාය ඵුට්ඨො සමානො නාභිනන්දති නාභිවදති නාජ්ඣොසාය තිට්ඨති. තස්ස රාගානුසයො නානුසෙති. දුක්ඛාය වෙදනාය ඵුට්ඨො සමානො න සොචති, න කිලමති, න පරිදෙවති, න උරත්තාළිංකන්දති, න සම්මොහං ආපජ්ජති. තස්ස පටිඝානුසයො නානුසෙති. අදුක්ඛමසුඛාය වෙදනාය ඵුට්ඨො සමානො තස්සා වෙදනාය සමුදයඤ්ච අත්ථඞ්ගමඤ්ච අස්සාදඤ්ච ආදීනවඤ්ච නිස්සරණඤ්ච යථාභූතං පජානාති. තස්ස අවිජ්ජානුසයො නානුසෙති. සො වත භික්ඛවෙ, සුඛාය වෙදනාය රාගානුසයං පහාය දුක්ඛාය වෙදනාය පටිඝානුසයං පටිවිනොදෙත්වා අදුක්ඛමසුඛාය වෙදනාය අවිජ්ජානුසයං සමූහනිත්වා අවිජ්ජං පහාය විජ්ජං උප්පාදෙත්වා දිට්ඨෙව ධම්මෙ දුක්ඛස්සන්තකරො භවිස්සතීති ඨානමෙතං විජ්ජති.
Sinhala BJTමහණෙනි, ඇසත් රූපත් නිසා චක්‍ෂුර්විඥානය උපදී. ඒ චක්‍ෂුරාදි තිදෙනාගේ සඞ්ගතිය ස්පර්‍ශ නමි. ස්පර්‍ශ හේතුයෙන් සුඛ වූ හෝ දුක්ඛ වූ හෝ අදුක්ඛඅසුඛ වූ හෝ වේදනා උපදී. හේ සුඛවේදනායෙන් පහරන ලදුව අභිනන්‍දන නො කෙරෙයි, තෘෂ්ණා වශයෙන් ගෙන නො බෙණෙයි. ගැලගෙන නො සිටී. ඔහුගේ රාගානුශය අනුශය වශයෙන් නො සිටී. දුඃඛවේදනායෙන් පහරනලදුවැ ශෝක නො කෙරෙයි, ක්ලාන්ත නො වෙයි, පරිදේවනා නො කෙරෙයි, ළෙහි අත්පැහැර නො හඬයි, සම්මෝහයට නො පැමිණෙයි, ඔහුගේ ප්‍රතිඝානුශය අනුශය නො කෙරෙයි. උපේක්‍ෂාවේදනායෙන් පහරනලදුවැ ඒ වේදනාවගේ සමුදය හා අස්තඞ්ගමය හා ආස්වාදය හා ආදීනවය හා නිස්සරණය හා ඇති සැටි නුවණින් දනී. ඔහුගේ අවිද්‍යානුශය අනුශය නො කෙරෙයි. මහණෙනි, මෙසේ ඒ මහණ සුඛවේදනායෙහි රාගානුශය පියා දුඃඛවේදනායෙහි ප්‍රතිඝානුශය අනුශය දුරු කොට උපෙක්‍ෂාවේදනායෙහිලා අවිද්‍යානුශය නසා අවිද්‍යාව හැර විද්‍යාව උපයා ‘ඉහාත්මයෙහි මැ දුක් කෙළවර කරනු වෙයි’ යන මෙ කරුණ වෙයි.
Pali BJTසොතඤ්ච භික්ඛවෙ, පටිච්ච සද්දෙ ච උප්පජ්ජති සොතවිඤ්ඤාණං -පෙ- ඝානඤ්ච භික්ඛවෙ, පටිච්ච ගන්ධෙ ච උප්පජ්ජති ඝානවිඤ්ඤාණං -පෙ- ජිව්හඤ්ච භික්ඛවෙ, පටිච්ච රසෙ ච උප්පජ්ජති ජිව්හාවිඤ්ඤාණං -පෙ- කායඤ්ච භික්ඛවෙ, පටිච්ච ඵොට්ඨබ්බෙ ච උප්පජ්ජති කායවිඤ්ඤාණං -පෙ- මනඤ්ච භික්ඛවෙ, පටිච්ච ධම්මෙ ච උප්පජ්ජති මනොවිඤ්ඤාණං. තිණ්ණං සඞ්ගති ඵස්සො, ඵස්සපච්චයා උප්පජ්ජති වෙදයිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා. සො සුඛාය වෙදනාය ඵුට්ඨො සමානො නාභිනන්දති, නාභිවදති, නාජ්ඣොසාය තිට්ඨති. තස්ස රාගානුසයො නානුසෙති. සො දුක්ඛාය වෙදනාය ඵුට්ඨො සමානො -පෙ- සො අදුක්ඛමසුඛාය වෙදනාය ඵුට්ඨො සමානො තස්සා වෙදනාය සමුදයඤ්ච අත්ථඞ්ගමඤ්ච අස්සාදඤ්ච ආදීනවඤ්ච නිස්සරණඤ්ච යථාභූතං පජානාති. තස්ස අවිජ්ජානුසයො නානුසෙති. සො වත භික්ඛවෙ, සුඛාය වෙදනාය රාගානුසයං පහාය දුක්ඛාය වෙදනාය පටිඝානුසයං පටිවිනොදෙත්වා අදුක්ඛමසුඛාය වෙදනාය අවිජ්ජානුසයං සමූහනිත්වා අවිජ්ජං පහාය විජ්ජං උප්පාදෙත්වා දිට්ඨෙව ධම්මෙ දුක්ඛස්සන්තකරො භවිස්සතීති ඨානමෙතං විජ්ජති.
Sinhala BJTමහණෙනි, ශ්‍රෝතය ද නිසා ශබ්දයනුදු නිසා ශ්‍රොතවිඥාන උපදී. ... මහණෙනි, ඝ්‍රාණය ද නිසා ගන්‍ධයනුදු නිසා ඝ්‍රාණවිඥාන උපදී. ... මහණෙනි, ජිහ්වාවද නිසා රසයනුදු නිසා ජිහ්වාවිඥාන උපදී. ... මහණෙනි, කය ද නිසා ස්ප්‍රෂ්ටව්‍යයනුදු නිසා කායවිඥාන උපදී. ... මහණෙනි, මනස ද නිසා ධර්‍මයනුදු නිසා මනෝවිඥාන උපදී. තුන්දෙනාගේ සඞ්ගතිය ස්පර්‍ශ නමි. ස්පර්‍ශ හේතුයෙන් සුඛ වූ හෝ දුඃඛ වූ හෝ උපේක්‍ෂා සහගත වූ හෝ වේදනා උපදී. හේ සුඛවේදනායෙන් පහරන ලදුවැ තෘෂ්ණා විසින් අභිනන්‍දන නො කෙරෙයි. තෘෂ්ණා විසින් නො බෙණෙයි. ගැලගෙන නො සිටී. ඔහුගේ රාගානුශය අනුශයන නො කෙරෙයි. හේ දුඃඛ වේදනායෙන් පහරන ලදු වැ … හේ උපේක්‍ෂාසහගත වේදනායෙන් පහළේ ඒ වේදනායෙහි ලා සමුදය හා අස්තඞ්ගමය හා ආස්වාදය හා ආදීනවය හා නිස්සරණය හා ඇති සැටි නුවණින් දනී. ඔහුගේ අවිද්‍යානුශය අනුශය නො කෙරෙයි. මහණෙනි, ඒ මහණ සුඛවේදනායෙහි ලා රාගානුශය පියා දුඃඛවේදනායෙහි ලා ප්‍රතිඝානුශය හැර උපේක්‍ෂාවේදනායෙහි ලා අවිද්‍යානුශය නසා අවිද්‍යාව පියා විද්‍යාව උපයා ‘මෙ වත්මනු බෙවෙහි මැ දුක් කෙළවර කරනු වෙති’ යි මෙ කරුණ වෙයි.
Pali BJTඑවං පස්සං භික්ඛවෙ, සුතවා අරියසාවකො චක්ඛුස්මිං නිබ්බින්දති, රූපෙසු නිබ්බින්දති, චක්ඛුවිඤ්ඤාණෙ නිබ්බින්දති, චක්ඛුසම්ඵස්සෙ නිබ්බින්දති, වෙදනාය නිබ්බින්දති, තණ්හාය නිබ්බින්දති. සොතස්මිං නිබ්බින්දති, සද්දෙසු නිබ්බින්දති -පෙ- ඝානස්මිං නිබ්බින්දති, ගන්ධෙසු නිබ්බින්දති. -පෙ- ජිව්හාය නිබ්බින්දති, රසෙසු නිබ්බින්දති -පෙ- කායස්මිං නිබ්බින්දති, ඵොට්ඨබ්බෙසු නිබ්බින්දති -පෙ- මනස්මිං නිබ්බින්දති, ධම්මෙසු නිබ්බින්දති, මනොවිඤ්ඤාණෙ නිබ්බින්දති, මනොසම්ඵස්සෙ නිබ්බින්දති, වෙදනාය නිබ්බින්දති, තණ්හාය නිබ්බින්දති. නිබ්බින්දං විරජ්ජති, විරාගා විමුච්චති. විමුත්තස්මිං විමුත්තමිති ඤාණං හොති. ‘ඛීණා ජාති, වුසිතං බ්රහ්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්ථත්තායා’ති පජානාතීති.
Sinhala BJTමහණෙනි, මෙසේ දක්නා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ චක්‍ෂුසෙහි කලකිරෙයි, රූපයෙහි කලකිරෙයි, චක්‍ෂුර්විඥානයෙහි කලකිරෙයි. චක්‍ෂුස්සංස්පර්‍ශයෙහි කලකිරෙයි. වේදනායෙහි කලකිරෙයි. තෘෂ්ණායෙහි කලකිරෙයි. ශ්‍රෝතයෙහි කලකිරෙයි. ශබ්දයෙහි කලකිරෙයි ... ජිහ්වායෙහි කලකිරෙයි. රසයෙහි කලකිරෙයි. ... කයෙහි කල කිරෙයි. ස්පර්‍ශයෙහි කලකිරෙයි. ... මනසෙහි කලකිරෙයි. ධර්‍මයෙහි කල කිරෙයි. මනෝවිඥානයෙහි කලකිරෙයි, මනඃසංස්පර්‍ශයෙහි කලකිරෙයි, වේදනායෙහි කලකිරෙයි, තෘෂ්ණායෙහි කලකිරෙයි. කලකිරෙනුයේ විරාගයට පැමිණෙයි. විරාගහේතුයෙන් මිදෙයි. මිදීයත් මැ ‘මිදිණැ’ යි ඥානය වෙයි. ජාතිය ක්‍ෂීණ විය, බඹසර වැස නිමවනලද, කරණී කරනලද, ‘මේ අර්‍හත්ත්‍වය පිණිස අන් කරණී නැති’ යි නුවණින් දනී.
Pali BJTඉදමවොච භගවා. අත්තමනා තෙ භික්ඛූ භගවතො භාසිතං අභිනන්දුන්ති. ඉමස්මිං ඛො පන වෙය්යාකරණස්මිං භඤ්ඤමානෙ සට්ඨිමත්තානං භික්ඛූනං අනුපාදාය ආසවෙහි චිත්තානි විමුච්චිංසූති.
Sinhala BJTභාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක. සතුටුසිත් ඇති ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය සතුටින් පිළිගත්හ. මේ විභාගධර්‍මය බණත් මැ සැටක් පමණ මහණුන්ගේ සිත් උපාදාන වශයෙන් නො ගෙන ආස්‍රවයන්ගෙන් මිදිණි.
Pali BJTඡ ඡක්ක සුත්තං ඡට්ඨං.
Sinhala BJTසවන ඡ ඡක්ක සූත්‍ර යි.
Pali BJT3. 5. 7.
Sinhala BJT3. 5. 7.