Pali BJTඅථ ඛො තා භික්ඛුනියො භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා පක්කමිංසු.
Sinhala BJTඑසඳ ඒ භික්‍ෂුණීහු භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ පැදකුණු කොට නික්ම ගියාහ.
Pali BJTඅථ ඛො භගවා අචිරපක්කන්තීසු තාසු භික්ඛුනීසු භික්ඛූ ආමන්තෙසි: ‘සෙය්යථාපි භික්ඛවෙ, තදහුපොසථෙ චාතුද්දසෙ න හොති බහුනොජනස්ස කඞ්ඛා වා විමති වා: ‘ඌනො නු ඛො චන්දො, පුණ්ණො නු ඛො චන්දො’ති. අථ ඛො ඌනො චන්දො ත්වෙව හොති. එවමෙව ඛො භික්ඛවෙ, තා භික්ඛුනියො නන්දකස්ස ධම්මදෙසනාය අත්තමනා චෙව හොන්ති, නො ච ඛො පරිපුණ්ණ සඞ්කප්පා’ති.
Sinhala BJTඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ මෙහෙණන් නික්මගිය නොබෝ කාලයෙහි භික්‍ෂූන් ඇමැතූසේක: ‘මහණෙනි, යම් පිරිදි එදවස් තුදුස්වක් පොහොයෙහි බොහෝ ජනයාට සඳ ඌන වූයේ දෝහෝ සඳ පිරුණේ දෝහෝ’ යි සැකයෙන් හෝ විමතියෙක් හෝ නො වෙයි. වැළි චන්‍ද්‍ර ඌන වූයේ මැ යයි සිත් වෙයි. එසෙයින් මැ මහණෙනි, ඒ මෙහෙණහු නන්‍දකයන්ගේ ධර්‍මදේශනායෙන් සතුටුසිත් ඇත්තාහු ද වෙති. පරිපූර්‍ණ සංකල්ප ඇත්තාහු නොද වෙති’ යි.
Pali BJTඅථ ඛො භගවා ආයස්මන්තං නන්දකං ආමන්තෙසි: ‘තෙන හි ත්වං නන්දක, ස්වෙපි තා භික්ඛුනියො තෙනෙවොවාදෙන ඔවදෙය්යාසීති. එවං භන්තෙති ඛො ආයස්මා නන්දකො භගවතො පච්චස්සොසි.
Sinhala BJTඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් නන්‍දක තෙරුන් ඇමතූ සේක: එහෙයින් නන්‍දකය තෙපි සෙට ද ඒ මෙහෙණන් ඒ අවවාදයෙන් මැ අවවාද කරව’ යි. ‘එසේ යැ වහන්සැ’ යි ආයුෂ්මත් නන්‍දක තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ.
Pali BJTඅථ ඛො ආයස්මා නන්දකො තස්සා රත්තියා අච්චයෙන පුබ්බණ්හසමයං නිවාසෙත්වා පත්තචීවරං ආදාය සාවත්ථිං පිණ්ඩාය පාවිසි. සාවත්ථියං පිණ්ඩාය චරිත්වා පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තො අත්තදුතියො යෙන රාජකාරාමො තෙනුපසඞ්කමි. අද්දසංසු ඛො තා භික්ඛුනියො ආයස්මන්තං නන්දකං දූරතොව ආගච්ඡන්තං දිස්වාන ආසනං පඤ්ඤාපෙසුං. උදකඤ්ච පාදානං උපට්ඨපෙසුං. නිසීදි ඛො ආයස්මා නන්දකො පඤ්ඤත්තෙ ආසනෙ. නිසජ්ජ පාදෙ පක්ඛාලෙසි. තාපි ඛො භික්ඛුනියො ආයස්මන්තං නන්දකං අභිවාදෙත්වා එකමන්තං නිසීදිංසු. එකමන්තං නිසින්නා ඛො තා භික්ඛුනියො ආයස්මා නන්දකො එතදවොච: ‘පටිපුච්ඡකථා ඛො, භගිනියො, භවිස්සති. තත්ථ ආජානන්තීහි ආජානාමාතිස්ස වචනීයං. න ආජානන්තීහි න ආජානාමාතිස්ස වචනීයං. යස්සා වා පනස්ස කඞ්ඛා වා විමති වා, අහමෙව තත්ථ පටිපුච්ඡිතබ්බො: ‘ඉදං භන්තෙ කථං ඉමස්ස ක්වත්ථො’ති.
Sinhala BJTඉක්බිති ආයුෂ්මත් නන්‍දක තෙරණුවෝ ඒ රාත්‍රිය ඇවෑමෙන් පෙරවරුයෙහි හැඳ පෙරෙවැ පාසිවුරු ගෙන සැවැත්නුවරට පිඬු පිණිස පිවිසියහ. සැවැත්නුවර පිඬු පිණිස හැසිර පසුබත්හි පිණ්ඩපාතයෙන් නැවැතියෝ එකලා වැ රාජකාරාමය කරා එළඹියහ. ඒ භික්‍ෂුණීහු ආයුෂ්මත් නන්‍දක තෙරණුවන් දුරින් මැ එනුවන් දුටහ. දැක අස්නක් පැනවූහ. පාදෝනා පිණිස දිය ද එළවා තැබූහ. ආයුෂ්මත් නන්‍දක තෙරණුවෝ පැනවූ අස්නෙහි වැඩහුන්හ. හිඳ පා දෙවූහ. ඒ මෙහෙණහු ද ආයුෂ්මත් නන්‍දක තෙරණුවන් වැඳ එකත්පස් වැ හුන්හ. එකත්පස් වැ හුන් ඒ මෙහෙණනට ආයුෂ්මත් නන්‍දක තෙරණුවෝ තෙල වදාළහ: බුහුනැණියෙනි, ‘ප්‍රතිපෘච්ඡාකථායෙක් වෙයි. එහිලා අවබෝධ කොට දන්නවුන් විසින් ‘දනුම්හ’ යි කියැයුතු වෙයි. අවබෝධ නො කරන්නවුන් විසින් ‘නො වටහම්හ’ යි කියැයුතු වෙයි. යමක්හට සැකයෙක් හෝ විමතියෙක් හෝ වේ ද එහිලා මා මැ පිළිවිසියයුතු වෙයි. ‘වහන්ස, මේ කෙසේ යැ? මේ වචනයාගේ අර්‍ත්‍ථ කවරේ යැ?’ කියා යි.
Pali BJTඑත්තකෙනපි මයං භන්තෙ, අය්යස්ස නන්දකස්ස අත්තමනා අභිරද්ධා, යං නො අය්යො නන්දකො පවාරෙතී’ති.
Sinhala BJTවහන්ස, අපි මෙතෙකිනිදු ආර්‍ය්‍ය වූ නන්‍දක තෙරණුවනට සතුටු සිතැත්තමෝ වම්හ. ඇලුණමෝ වම්හ. යම් හෙයෙකින් නන්‍දක තෙරණුවෝ අප පවරත් ද එහෙයිනි.
Pali BJTතං කිං මඤ්ඤථ භගිනියො, චක්ඛුං නිච්චං වා අනිච්චං වාති.
Sinhala BJTබුහුනැණියෙනි, ඒ කෙසේ හඟනාව. චක්‍ෂුස නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේ ද?
Pali BJTඅනිච්චං භන්තෙ.
Sinhala BJTවහන්ස, අනිත්‍ය යැ.
Pali BJTයං පනානිච්චං, දුක්ඛං වා තං සුඛං වාති.
Sinhala BJTයමෙක් අනිත්‍ය වේ නම් ඒ දුඃඛ හෝ සුඛ හෝ වේ ද?
Pali BJTදුක්ඛං භන්තෙ.
Sinhala BJTවහන්ස, දුඃඛ යැ.
Pali BJTයං පනානිච්චං දුක්ඛං විපරිණාමධම්මං, කල්ලං නු තං සමනුපස්සිතුං: ‘එතං මම, එසොහමස්මි, එසො මෙ අත්තා’ති.
Sinhala BJTයමෙක් අනිත්‍ය දුඃඛ විපරිණාමස්වභාව ඇති වේ ද, ඒ ‘තෙල මා ගැත්තේ යැ, තෙල මම වෙමි, තෙල මාගේ ආත්ම යයි සමනුපස්සනාවට නිසි වේ ද?
Pali BJTනො හෙතං භන්තෙ.
Sinhala BJTවහන්ස, තෙල නො නිසි මැ යැ.
Pali BJTතං කිං මඤ්ඤථ භගිනියො, සොතං නිච්චං වා අනිච්චං වාති.
Sinhala BJTබුහුනැණියෙනි, ඒ කෙසේ හඟනාව. ශ්‍රෝතය නිත්‍ය හෝ අනිත්‍ය වේ ද?
Pali BJTඅනිච්චං භන්තෙ -පෙ-
Sinhala BJTවහන්ස, අනිත්‍ය යැ ...
Pali BJTඝානං නිච්චං වා අනිච්චං වාති.
Sinhala BJTඝ්‍රාණය නිත්‍ය හෝ අනිත්‍ය වේ ද?
Pali BJTඅනිච්චං භන්තෙ -පෙ-
Sinhala BJTවහන්ස, අනිත්‍ය යැ ...
Pali BJTජිව්හා නිච්චා වා අනිච්චා වාති.
Sinhala BJTජිහ්වා නිත්‍ය හෝ අනිත්‍ය වේ ද?
Pali BJTඅනිච්චා භන්තෙ -පෙ-
Sinhala BJTවහන්ස, අනිත්‍ය යැ ...
Pali BJTකායො නිච්චොවා අනිච්චො වාති.
Sinhala BJTකය නිත්‍ය හෝ අනිත්‍ය වේ ද?
Pali BJTඅනිච්චො භන්තෙ -පෙ-
Sinhala BJTවහන්ස, අනිත්‍ය යැ ...
Pali BJTමනො නිච්චො වා අනිච්චො වාති.
Sinhala BJTමනස නිත්‍ය හෝ අනිත්‍ය වේ ද?
Pali BJTඅනිච්චො භන්තෙ.
Sinhala BJTවහන්ස, අනිත්‍ය යැ ...
Pali BJTයං පනානිච්චං දුක්ඛං වා තං සුඛං වාති.
Sinhala BJTයමෙක් අනිත්‍ය වේ නම් ඒ දුක් හෝ සුඛ හෝ වේ ද?
Pali BJTදුක්ඛං භන්තෙ.
Sinhala BJTවහන්ස, දුඃඛ යැ ...
Pali BJTයං පනානිච්චං දුක්ඛං විපරිණාමධම්මං, කල්ලං නු තං සමනුපස්සිතුං: ‘එතං මම, එසොහමස්මි, එසො මෙ අත්තා’ති.
Sinhala BJTයමෙක් අනිත්‍ය දුඃඛ විපරිණාම ස්වභාව වේ නම් ‘තෙල මම වෙමි, තෙල මම වෙමි, තෙල මාගේ ආත්ම යැ’ යි ගෙන එය සමනුපස්සනාව කරන්නට නිසි වේ ද?
Pali BJTනො හෙතං භන්තෙ. තං කිස්ස හෙතු: පුබ්බෙව නො හෙතං භන්තෙ, යථාභූතං සම්මප්පඤ්ඤාය සුදිට්ඨං: ‘ඉතිපි මෙ ඡ අජ්ඣත්තිකා ආයතනා අනිච්චා’ති.
Sinhala BJTවහන්ස, තෙල නො වේ මැ ය. ඒ කවර හෙයින යත්: වහන්ස, තෙල අප විසින් පළමු වැ යථා භූත වැ සම්‍යක් ප්‍රඥායෙන් මොනොවට දක්නා ලදී. මෙකරුණෙනුදු ආධ්‍යාත්මික ෂඩායතන අනිත්‍ය ය හ’ යි කියා යි.
Pali BJTසාධු සාධු භගිනියො, එවං හෙතං භගිනියො, හොති අරියසාවකස්ස යථාභූතං සම්මප්පඤ්ඤාය පස්සතො. තං කිං මඤ්ඤථ භගිනියො, රූපා නිච්චා වා අනිච්චා වාති:
Sinhala BJTමැනවැ මැනැවැ බුහුනැණියෙනි, තෙල යථා භූතය සම්‍යක් ඥානයෙන් දක්නා ආර්‍ය්‍යශ්‍රාවකයාහට තෙල සිත් මෙසේ වේ මැයි. බුහුනැණියෙනි, ඒ කෙසේ හඟනාව රූපායතනයෝ නිත්‍ය හෝ අනිත්‍ය හෝ වෙත් ද?
Pali BJTඅනිච්චා භන්තෙ.
Sinhala BJTවහන්ස, අනිත්‍යය හ.
Pali BJTයං පනානිච්චං දුක්ඛං වා තං සුඛං වාති.
Sinhala BJTයමෙක් අනිත්‍ය නම් ඒ දුක් හෝ සුඛ හෝ වේ ද?
Pali BJTදුක්ඛං භන්තෙ.
Sinhala BJTවහන්ස, දුක් යැ.
Pali BJTයං පනානිච්චං දුක්ඛං විපරිණාමධම්මං, කල්ලං නු තං සමනුපස්සිතුං: ‘එතං මම, එසොහමස්මි, එසො මෙ අත්තාති.
Sinhala BJTයමෙක් අනිත්‍ය දුඃඛ විපරිණාම ස්වභාව වේ නම්, එය ‘තෙල මා ගැත්තේ යැ, තෙල මම වෙමි, තෙල මාගේ ආත්මය’ යි නුවණින් දක්නට නිසි වේ ද?
Pali BJTනො හෙතං භන්තෙ.
Sinhala BJTවහන්ස, තෙල නොනිසි වේ මැ යැ,
Pali BJTතං කිං මඤ්ඤථ, භගිනියො, සද්දා නිච්චා වා අනිච්චා වාති.
Sinhala BJTබුහුනැණියෙනි, ඒ කෙසේ හඟනාව, ශබ්දායතනයෝ නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේ ද?
Pali BJTඅනිච්චා භන්තෙ -පෙ-
Sinhala BJTවහන්ස, අනිත්‍යයහ ...
Pali BJTගන්ධා නිච්චා වා අනිච්චා වාති.
Sinhala BJTගන්‍ධායතනයෝ නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේ ද?
Pali BJTඅනිච්චා භන්තෙ -පෙ-
Sinhala BJTවහන්ස, අනිත්‍යයහ ...
Pali BJTරසා නිච්චා වා අනිච්චා වාති.
Sinhala BJTරසායතනයෝ නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේ ද?
Pali BJTඅනිච්චා භන්තෙ -පෙ-
Sinhala BJTවහන්ස, අනිත්‍යයහ ...
Pali BJTඵොට්ඨබ්බා නිච්චා වා අනිච්චා වාති.
Sinhala BJTස්ප්‍රෂ්ටව්‍යායතනයෝ නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේ ද?
Pali BJTඅනිච්චා භන්තෙ -පෙ-
Sinhala BJTවහන්ස, අනිත්‍යයහ ...
Pali BJTධම්මා නිච්චා වා අනිච්චා වාති.
Sinhala BJTධර්‍මායතනයෝ නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේ ද?
Pali BJTඅනිච්චා භන්තෙ.
Sinhala BJTවහන්ස, අනිත්‍යයහ ...
Pali BJTයං පනානිච්චං දුක්ඛං වා තං සුඛං වාති.
Sinhala BJTයමෙක් අනිත්‍ය වේ නම්, එය දුක් හෝ සුඛ හෝ වේ ද?
Pali BJTදුක්ඛං භන්තෙ.
Sinhala BJTවහන්ස, දුක් යැ.
Pali BJTයං පනානිච්චං දුක්ඛං විපරිණාමධම්මං, කල්ලං නු තං සමනුපස්සිතුං: ‘එතං මම, එසොහමස්මි, එසො මෙ අත්තා’ති.
Sinhala BJTයමෙක් අනිත්‍ය දුඃඛ විපරිණාම ස්වභාව වේ නම්, එය ‘තෙල මා ගැත්තේ යැ, තෙල මම වෙමි, තෙල මාගේ ආත්මය’ යි නුවණින් දක්නට නිසි වේ ද?
Pali BJTනො හෙතං භන්තෙ. තං කිස්ස හෙතු: පුබ්බෙව නො හෙතං භන්තෙ, යථාභූතං සම්මප්පඤ්ඤාය සුදිට්ඨං: ‘ඉතිපි මෙ ඡ බාහිරා ආයතනා අනිච්චා’ති.
Sinhala BJTවහන්ස, තෙල නොනිසි වේ යැ, ඒ කවර හෙයිනයත්: වහන්ස, තෙල අප විසින් යථාභූතව පළමු වැ සම්‍යග් ඥානයෙන්, මොනොවට දක්නා ලදී. මේ හේතුයෙනුදු බාහිර ෂඩායතනයෙන් අනිත්‍යය හ’යි කියා යි.
Pali BJTසාධු සාධු භගිනියො, එවං හෙතං භගිනියො, හොති අරියසාවකස්ස යථාභූතං සම්මප්පඤ්ඤාය පස්සතො. තං කිං මඤ්ඤථ භගිනියො, චක්ඛුවිඤ්ඤාණං නිච්චං වා අනිච්චං වාති.
Sinhala BJTමැනැවැ මැනැවැ බුහුනැණියෙනි, මෙසේ බුහුනැණියෙනි, යථාභූතය සම්‍යග් ඥානයෙන් දක්නා ආර්‍ය්‍යශ්‍රාවකයා හට තෙල සිත් වෙයි. ඒ කෙසේ හඟනාව බුහුනැණියෙනි, චක්‍ෂුර් විඥානය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේ ද?
Pali BJTඅනිච්චං භන්තෙ.
Sinhala BJTවහන්ස, අනිත්‍ය යැ.
Pali BJTයං පනානිච්චං දුක්ඛං වා තං සුඛං වාති.
Sinhala BJTයමෙක් අනිත්‍ය වේ නම් එය දුක් හෝ සුඛ හෝ වේ ද?
Pali BJTදුක්ඛං භන්තෙ.
Sinhala BJTවහන්ස, දුක් යැ.
Pali BJTයං පනානිච්චං දුක්ඛං විපරිණාමධම්මං, කල්ලං නු තං සමනුපස්සිතුං: ‘එතං මම, එසොහමස්මි, එසො මෙ අත්තාති?
Sinhala BJTයමෙක් අනිත්‍ය දුඃඛ විපරිණාම ස්වභාව වේ නම්, ‘තෙල මා ගැත්තේ යැ, තෙල මම වෙමි, තෙල මාගේ ආත්මය යැ’ යි එය නුවණින් දක්නට නිසි වේ ද?
Pali BJTනො හෙතං භන්තෙ.
Sinhala BJTවහන්ස, තෙල නො නිසි වේ මැයැ.
Pali BJTතං කිං මඤ්ඤථ භගිනියො, සොතවිඤ්ඤාණං නිච්චං වා අනිච්චං වාති.
Sinhala BJTඒ කෙසේ හඟනාව බුහුනැණියෙනි, ශ්‍රෝතවිඥානය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේ ද?
Pali BJTඅනිච්චං භන්තෙ. -පෙ-
Sinhala BJTවහන්ස, අනිත්‍යය ...
Pali BJTඝානවිඤ්ඤාණං නිච්චං වා අනිච්චං වාති.
Sinhala BJTඝ්‍රාණවිඥානය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේ ද?
Pali BJTඅනිච්චං භන්තෙ -පෙ-
Sinhala BJTවහන්ස, අනිත්‍යය ...
Pali BJTජිව්හාවිඤ්ඤාණං නිච්චං වා අනිච්චං වාති.
Sinhala BJTජිහ්වාවිඥානය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේ ද?
Pali BJTඅනිච්චං භන්තෙ -පෙ-
Sinhala BJTවහන්ස, අනිත්‍යය ...
Pali BJTකායවිඤ්ඤාණං නිච්චං වා අනිච්චං වාති.
Sinhala BJTකායවිඥානය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේ ද?
Pali BJTඅනිච්චං භන්තෙ -පෙ-
Sinhala BJTවහන්ස, අනිත්‍යය ...
Pali BJTමනොවිඤ්ඤාණං නිච්චං වා අනිච්චං වාති.
Sinhala BJTමනෝවිඥානය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේ ද?
Pali BJTඅනිච්චං භන්තෙ.
Sinhala BJTවහන්ස, අනිත්‍යය.
Pali BJTයං පනානිච්චං දුක්ඛං වා තං සුඛං වාති.
Sinhala BJTයමෙක් අනිත්‍ය වේ නම්, ඒ දුක් හෝ සුඛ හෝ වේ ද?
Pali BJTදුක්ඛං භන්තෙ.
Sinhala BJTවහන්ස, දුක් යැ.
Pali BJTයං පනානිච්චං දුක්ඛං විපරිණාමධම්මං කල්ලං නු තං සමනුපස්සිතුං: ‘එතං මම, එසොහමස්මි, එසො මෙ අත්තා’ති.
Sinhala BJTයමෙක් අනිත්‍ය දුඃඛ විපරිණාම ස්වභාව වේ නම්, ‘තෙල මා ගැත්තේ යැ, තෙල මම වෙමි, තෙල මාගේ ආත්මය’ යි එය නුවණින් දක්නට නිසි වේ ද?
Pali BJTනො හෙතං භන්තෙ.
Sinhala BJTවහන්ස, තෙල නො නිසි වේ මැ යි.
Pali BJTතං කිස්ස හෙතු: පුබ්බෙව නො හෙතං භන්තෙ, යථාභූතං සම්මප්පඤ්ඤාය සුදිට්ඨං: ‘ඉතිපි මෙ ඡ විඤ්ඤාණකායා අනිච්චා’ති.
Sinhala BJTඒ කවර හෙයින යත්: වහන්ස, යම් හෙයෙකින් අප විසින් ‘මෙසේත් මේ ෂඩ්විඥානකායෝ අනිත්‍යයහ’ යි තෙල තත්වූ පරිදි සම්‍යක්ප්‍රඥායෙන් මොනොවට දක්නාලද ද එහෙයිනි.
Pali BJTසාධු සාධු භගිනියො, එවං හෙතං භගිනියො හොති අරියසාවකස්ස යථාභූතං සම්මප්පඤ්ඤාය පස්සතො.
Sinhala BJTමැනවැ මැනැවැ බුහුනැණියෙනි, යථාභූතය විදර්‍ශනාඥානයෙන් දක්නා ආර්‍ය්‍යශ්‍රාවක හට තෙල මෙසේ මැ වෙයි බුහුනැණියෙනි’ යි.
Pali BJTසෙය්යථාපි භගිනියො, තෙලප්පදීපස්ස ඣායතො තෙලම්පි අනිච්චං විපරිණාමධම්මං, වට්ටිපි අනිච්චා විපරිණාමධම්මා, අච්චිපි අනිච්චා විපරිණාමධම්මා, ආභාපි අනිච්චා විපරිණාමධම්මා. යො නු ඛො, භගිනියො, එවං වදෙය්ය: ‘අමුස්ස තෙලප්පදීපස්ස ඣායතො තෙලම්පි අනිච්චං විපරිණාමධම්මං, වට්ටිපි අනිච්චා විපරිණාමධම්මා, අච්චිපි අනිච්චා විපරිණාමධම්මා, යා ච ඛ්වාස්ස ආභා සා නිච්චා ධුවා සස්සතා අවිපරිණාමධම්මා’ති. සම්මා නු ඛො සො භගිනියො, වදමානො වදෙය්යාති.
Sinhala BJTයම් පරිදි බුහුනැණියෙනි, දැල්වෙන තෙල්පහනෙහි තෙලුදු අනිත්‍ය යැ, විපරිණාම ධර්‍ම යැ. වැටි දු අනිත්‍ය යැ, විපරිණාමධර්‍ම යැ. පහන්සිළුදු අනිත්‍ය යැ, විපරිණාමධර්‍ම යැ. එලිදු අනිත්‍ය යැ, විපරිණාමධර්‍ම යි. බුහුනැණියෙනි, යමෙක් මෙසේ කියා නම් මේ දැල්වෙන තෛලප්‍රදීපයාගේ තෙලුදු අනිත්‍ය යැ, විපරිණාමධර්‍ම යැ. වැටිදු අනිත්‍ය යැ, විපරිණාමධර්‍ම යැ. පහන්සිළුදු අනිත්‍ය යැ, විපරිණාමධර්‍ම යැ. එහි යම් ආභායෙක් ඇද්ද, එය නිත්‍ය යැ, ධ්‍රැව යැ, ශාශ්වත යැ, අවිපරිණාමධර්‍ම යැ යි. බුහුනැණියෙනි, (මෙසේ) කියන හේ මනා කොට කියන්නේ දැ? යි.
Pali BJTනො හෙතං භන්තෙ. තං කිස්ස හෙතු: ‘අමුස්ස හි භන්තෙ, තෙලප්පදීපස්ස ඣායතො තෙලම්පි අනිච්චං විපරිණාමධම්මං, වට්ටිපි අනිච්චා විපරිණාමධම්මා, අච්චිපි අනිච්චා විපරිණාමධම්මා, පගෙවස්ස ආභා අනිච්චා විපරිණාමධම්මා’ති.
Sinhala BJTවහන්ස, තෙල නො වේ මැ යි. ඊට හේතු කවරෙ යත්: වහන්ස, යම් හෙයෙකින් දැල්වෙන මේ තෛලප්‍රදීපයාගේ තෙලුදු අනිත්‍ය විපරිණාමධර්‍ම වේ ද, වැටිදු අනිත්‍ය විපරිණාමධර්‍ම වේ ද, පහන්සිළුදු අනිත්‍ය විපරිණාමධර්‍ම වේ ද, කැල මැ එහි එළිය අනිත්‍ය විපරිණාමධර්‍ම වේ ද එහෙයිනි.
Pali BJTඑවමෙව ඛො භගිනියො, යො නු ඛො එවං වදෙය්ය: ‘ඡ ඛොමෙ අජ්ඣත්තිකා ආයතනා අනිච්චා. යඤ්ච ඛො ඡ අජ්ඣත්තිකෙ ආයතනෙ පටිච්ච පටිසංවෙදෙමි සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා. තං නිච්චං ධුවං සස්සතං අවිපරිණාමධම්ම’න්ති. සම්මා නු ඛො සො, භගිනියො, වදමානො වදෙය්යා’ති.
Sinhala BJTඑපරිදි මැ බුහුනැණියෙනි, යමෙක් මෙසේ කියා නම් ‘මේ සවැදෑරුම් ආධ්‍යාත්මික ආයතනයෝ අනිත්‍යයහ. ෂට් ආධ්‍යාත්මික ආයතනයන් නිසා යම් සුවයක් වේව යි දුකක් වේවයි උපේක්‍ෂාවක් වේවයි විඳීම් ද එය නිත්‍ය යැ, ධ්‍රැව යැ, ශාශ්වත යැ, අවිපරිණාමධර්‍ම’ ය. බුහුනැණියෙනි, එසේ කියන හෙතෙම මනා කොට කියන්නේ දැ? යි.
Pali BJTනො හෙතං භන්තෙ. තං කිස්ස හෙතු: ‘තජ්ජං තජ්ජං භන්තෙ, පච්චයං පටිච්ච තජ්ජා තජ්ජා වෙදනා උප්පජ්ජන්ති. තජ්ජස්ස තජ්ජස්ස පච්චයස්ස නිරොධා තජ්ජා තජ්ජා වෙදනා නිරුජ්ඣන්තී’ති.
Sinhala BJTවහන්ස, තෙල නො වේ මැ යැ. එ කවර හෙයින? වහන්ස, තත් තත් ස්වභාව වූ ප්‍රත්‍යය නිසා තත් තත් ස්වභාව වූ වේදනාවෝ උපදිත් ද, තත් තත් ස්වභාව වූ ප්‍රත්‍යයාගේ නිරෝධයෙන් තත් තත් ස්වභාව වූ වේදනාවෝ නිරුද්ධ වෙත් ද එහෙයිනි.
Pali BJTසාධු සාධු භගිනියො, එවං හෙතං භගිනියො, හොති අරියසාවකස්ස යථාභූතං සම්මප්පඤ්ඤාය පස්සතො.
Sinhala BJTමැනැව මැනැව බුහුනැණියෙනි, මෙසේ මැ බුහුනැණියෙනි, යථාභූතය විදර්‍ශනා ඥානයෙන් දක්නා ආර්‍ය්‍යශ්‍රාවකයාහට තෙල වෙයි.
Pali BJTසෙය්යථාපි භගිනියො, මහතො රුක්ඛස්ස තිට්ඨතො සාරවතො මූලම්පි අනිච්චං විපරිණාමධම්මං, ඛන්ධොපි අනිච්චො විපරිණාමධම්මො, සාඛාපලාසම්පි අනිච්චං විපරිණාමධම්මං, ඡායාපි අනිච්චා විපරිණාමධම්මා. යො නු ඛො භගිනියො, එවං වදෙය්ය: ‘අමුස්ස මහතො රුක්ඛස්ස තිට්ඨතො සාරවතො මූලම්පි අනිච්චං විපරිණාමධම්මං, ඛන්ධොපි අනිච්චො විපරිණාමධම්මො, සාඛාපලාසම්පි අනිච්චං විපරිණාමධම්මං, යා ච ඛ්වාස්ස ඡායා සා නිච්චා ධුවා සස්සතා අවිපරිණාමධම්මො’ති. ‘සම්මා නු ඛො සො භගිනියො, වදමානො වදෙය්යා’ති.
Sinhala BJTයම්සේ බුහුනැණියෙනි, සාරවත් වූ මුල් බැස සිටුනා මහාවෘක්‍ෂයක්හුගේ මුල ද අනිත්‍ය විපරිණාමධර්‍ම වේ ද, කඳ ද අනිත්‍ය විපරිණාමධර්‍ම වේ ද, කොළ අතු ද අනිත්‍ය විපරිණාමධර්‍ම වේ ද, සෙවණ ද අනිත්‍ය විපරිණාමධර්‍ම වේ ද, බුහුනැණියෙනි, යමෙක් මෙසේ කියා නම් හර ඇති මුල් බැස සිටුනා මේ මහාවෘක්‍ෂයාගේ මුලත් අනිත්‍ය විපරිණාමධර්‍ම වෙයි. කඳ ද අනිත්‍ය විපරිණාමධර්‍ම වෙයි. කොළඅතු ද අනිත්‍ය විපරිණාමධර්‍ම වෙයි. එහි යම් ඡායාවක් ඇද්ද එය නිත්‍ය ධ්‍රැව යැ ශාශ්වත යැ අවිපරිණාමධර්‍ම වේ යයි. බුහුනැණියෙනි, එසේ කියන හේ මනා කොට කියන්නේ දැ? යි.
Pali BJTනො හෙතං භන්තෙ. තං කිස්ස හෙතු: ‘අමුස්ස හි භන්තෙ මහතො රුක්ඛස්ස තිට්ඨතො සාරවතො මූලම්පි අනිච්චං විපරිණාමධම්මං, ඛන්ධොපි අනිච්චො විපරිණාමධම්මො, සාඛාපලාසම්පි අනිච්චං විපරිණාමධම්මං, පගෙවස්ස ඡායා අනිච්චා විපරිණාමධම්මාති.
Sinhala BJTවහන්ස, තෙල නො වේ මැ යැ, ඊට හේතු කවරෙ යැ? වහන්ස, යම් හෙයෙකින් හර ඇති මුල් බැස සිටුනා මේ මහාවෘක්‍ෂයාගේ මුලත් අනිත්‍ය විපරිණාමධර්‍ම වේ ද, කඳත් අනිත්‍ය විපරිණාමධර්‍ම වේ ද, ශාඛාපලාසත් අනිත්‍ය විපරිණාමධර්‍ම වේ ද, එහි ඡායාව කැලමැ අනිත්‍ය විපරිණාමධර්‍ම වේ ද එහෙයිනි.
Pali BJTඑවමෙව ඛො භගිනියො, යො නු ඛො එවං වදෙය්ය: ‘ඡ ඛො මෙ බාහිරා ආයතනා අනිච්චා විපරිණාමධම්මා. යඤ්ච ඛො ඡ බාහිරෙ ආයතනෙ පටිච්ච පටිසංවෙදෙති සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා, තං නිච්චං ධුවං සස්සතං අවිපරිණාමධම්ම’න්ති. සම්මා නු ඛො සො භගිනියො, වදමානො වදෙය්යා’ති.
Sinhala BJTඑසෙයින් මැ බුහුනැණියෙනි, යමෙක් මෙසේ කියන්නේ ද: මේ සවැදෑරුම් බාහ්‍යායතන යෝ අනිත්‍ය විපරිණාමධර්‍මයෝ යැ, ෂඩ් බාහිරායතනයන් නිසා යම් සුවයක් වේවයි, දුකක් වේවයි, උපේක්‍ෂාවක් වේවයි විඳුනේ ද, එය නිත්‍ය යැ, ධ්‍රැව යැ, ශාශ්වත යැ, අවිපරිණාමධර්‍ම වේ යයි. බුහුනැණියෙනි, එසේ කියන හෙතෙම මනාකොට කියන්නේ දැ? යි.
Pali BJTනො හෙතං භන්තෙ. තං කිස්ස හෙතු: ‘තජ්ජං තජ්ජං භන්තෙ, පච්චයං පටිච්ච තජ්ජා තජ්ජා වෙදනා උප්පජ්ජන්ති. තජ්ජස්ස තජ්ජස්ස පච්චයස්ස නිරොධා තජ්ජා තජ්ජා වෙදනා නිරුජ්ඣන්තී’ති.
Sinhala BJTවහන්ස, තෙල නො වේ මැ යි. ඒ කවර හෙයින යත්: වහන්ස, තත් තත් ස්වභාව වූ ප්‍රත්‍යය නිසා තත් තත් ස්වභාව ඇති වේදනාවෝ උපදිත් ද, තත් තත් ස්වභාව ඇති ප්‍රත්‍යයාගේ නිරෝධයෙන් තත් තත් ස්වභාව වූ වේදනාවෝ නිරුද්ධ වෙත් ද, එහෙයිනි.
Pali BJTසාධු සාධු භගිනියො, එවං හෙතං භගිනියො, හොති අරියසාවකස්ස යථාභූතං සම්මප්පඤ්ඤාය පස්සතො.
Sinhala BJTමැනැව මැනැව බුහුනැණියෙනි, තෙල බුහුනැණියෙනි, යථාභූතය විදර්‍ශනාඥානයෙන් දක්නා ආර්‍ය්‍යශ්‍රාවකහට එසේ මැ වෙයි.
Pali BJTසෙය්යථාපි භගිනියො, දක්ඛො ගොඝාතකො වා ගොඝාතකන්තෙවාසී වා ගාවිං වධිත්වා තිණ්හෙන ගොවිකන්තනෙන ගාවිං විකන්තෙය්ය, අනුපහච්ච අන්තරං මංසකායං, අනුපහච්ච බාහිරං චම්මකායං. යං යදෙව තත්ථ අන්තරා විලීමංසං අන්තරා නහාරූ, අන්තරා බන්ධනං, තං තදෙව තිණ්හෙන ගොවිකන්තනෙන සඤ්ඡින්දෙය්ය සඞ්කන්තෙය්ය සම්පකන්තෙය්ය සම්පරිකන්තෙය්ය. සඤ්ඡින්දිත්වා සඞ්කන්තිත්වා සම්පකන්තිත්වා සම්පරිකන්තිත්වා විධුනිත්වා බාහිරං චම්මකායං, තෙනෙව චම්මෙන තං ගාවිං පටිච්ඡාදෙත්වා එවං වදෙය්ය: ‘තථෙවායං ගාවී සංයුත්තා ඉමිනා චම්මෙනා’ති. ‘සම්මා නු ඛො සො භගිනියො, වදමානො වදෙය්යා’ති.
Sinhala BJTයම්සේ බුහුනැණියෙනි, දක්‍ෂ වූ ගෝඝාතකයෙක් වේවයි, ගෝඝාතක අතැවැසියෙක් වේවයි, ගවදෙනක නසා තියුණු වූ ගෙරිකපන සැතින් ඇතුළු මස්කය නො නසා බැහැරි සම්කය නො නසා එහි යම් යම් අතුරු විලිමසක් ඇද්ද අතුරු නහර ඇද්ද අතුරු බන්‍ධන ඇද්ද ඒ ඒ දැය මැ තියුණු ගෙරිකපනසැතින් මොනොවට සිඳුනේ ද මොනොවට කපන්නේ ද මොනොවට අවට කපන්නේ ද මොනොවට හාත්පස කපන්නේ ද, මොනොවට සිඳ මොනොවට කපා අවට කපා මොනොවට හාත්පසින් කපා බැහැරි සම්කය සලා එ සමින් මැ ඒ ගවදෙන වසා මෙසේ කියා නම් ‘මේ ගවදෙන මේ සමින් එසේ මැ සංයුක්ත කරනලදැ’ යි. බුහුනැණියෙනි, එසේ කියන හෙතෙම මනා කොට කියන්නේ දැ? යි.
Pali BJTනො හෙතං භන්තෙ. තං කිස්ස හෙතු: ‘අසු හි භන්තෙ, දක්ඛො ගොඝාතකො වා ගොඝාතකන්තෙවාසී වා ගාවිං වධිත්වා තිණ්හෙන ගොවිකන්තනෙන ගාවිං විකන්තෙය්ය, අනුපහච්ච අන්තරං මංසකායං, අනුපහච්ච බාහිරං චම්මකායං, යං යදෙව තත්ථ අන්තරා විලීමංසං, අන්තරා නහාරූ, අන්තරා බන්ධනං, තං තදෙව තිණ්හෙන ගොවිකන්තනෙන සඤ්ඡින්දෙය්ය සඞ්කන්තෙය්ය සම්පකන්තෙය්ය සම්පරිකන්තෙය්ය. සඤ්ඡින්දිත්වා සඞ්කන්තිත්වා සම්පකන්තිත්වා සම්පරිකන්තිත්වා විධුනිත්වා බාහිරං චම්මකායං තෙනෙව චම්මෙන තං ගාවිං පටිච්ඡාදෙත්වා කිඤ්චාපි සො එවං වදෙය්ය: ‘තථෙවායං ගාවී සංයුත්තා ඉමිනා චම්මෙනා’ති. අථ ඛො සා ගාවී විසංයුත්තා තෙනෙව චම්මෙනා’ති.
Sinhala BJTවහන්ස, තෙල නො වේ මැ යැ. ඒ කවර හෙයින යත්: වහන්ස, යම් හෙයෙකින් අසෝ ගවඝාතකයා හෝ ගවඝාතකයාගේ අතැවැසියා හෝ ගවදෙනක නසා තියුණු ගෙරිකපනසැතින් අතර මස්කය නො නසා බැහැරි සම්කය නො නසා ගවදෙන කපන්නේ ද එහි යම් යම් අතුරු විලිමසෙක් ඇද්ද අතුරු නහර ඇද්ද අතුරු බැඳුම් ඇද්ද, ඒ ඒ දැය මැ තියුණු ගෙරිකපනසැතින් මොනොවට සිඳුනේ ද මොනොවට කපන්නේ ද මොනොවට අවට කපන්නේ ද මොනොවට හාත්පස කපන්නේ ද, මොනොවට සිඳ මොනොවට හාත්පස කපා, බැහැරි සම්කය සලා ඒ සමින් මැ ඒ ගවදෙන වසා හේ මෙසේ කියන්නේ නම් ‘මේ සමින් මේ ගවදෙන එසේ මැ සංයුක්ත කරන ලදැ’ යි. එතෙකුදු වත් ඒ ගවදෙන ඒ සමින් මැ විසංයුක්ත වී යයි.
Pali BJTඋපමා ඛො මෙ අයං භගිනියො, කතා අත්ථස්ස විඤ්ඤාපනාය. අයමෙවෙත්ථ අත්ථො: ‘අන්තරා මංසකායොති ඛො භගිනියො, ඡන්නෙතං අජ්ඣත්තිකානං ආයතනානං අධිවචනං. බාහිරො චම්මකායොති ඛො භගිනියො, ඡන්නෙතං බාහිරානං ආයතනානං අධිවචනං. අන්තරා විලීමංසං අන්තරා නහාරූ අන්තරා බන්ධනන්ති ඛො භගිනියො, නන්දීරාගස්සෙතං අධිවචනං. තිණ්හං ගොවිකන්තනන්ති ඛො භගිනියො, අරියායෙතං පඤ්ඤාය අධිවචනං, යායං අරියා පඤ්ඤා අන්තරා කිලෙසං අන්තරා සඤ්ඤොජනං අන්තරා බන්ධනං සඤ්ඡින්දති සඞ්කන්තති සම්පකන්තති සම්පරිකන්තති.
Sinhala BJTබුහුනැණියෙනි, අර්‍ත්‍ථය හැඟවීම පිණිස මා විසින් මේ උපමා එළවන ලදු. මෙහි මේ මැ අර්‍ත්‍ථ යැ: බුහුනැණියෙනි, අතුරු මස්කය යැ යන තෙල ආධ්‍යාත්මික ආයතනයනට නමෙකි. බුහුනැණියෙනි, බැහැරි සම්කය යැ යන තෙල සවැදෑරුම් බාහ්‍යායතනයනට නමෙකි. බුහුනැණියෙනි, අතුරු විලිමසැ අතුරු නහර යැ, අතුරු බැඳුම යැ යන තෙල නන්‍දිරාගයට නමෙකි. බුහුනැණියෙනි, තියුණු, ගෙරිකපනසැත යැ යන තෙල ආර්‍ය්‍යඥානයට නමෙකි. යම් ආර්‍ය්‍යඥානයෙක් අතුරු කෙලෙස් අතුරු සංයෝජන අතුරු බන්‍ධන සිඳී ද කපා ද මොනවට කපා ද හාත්පසින් කපා ද මොනවට හාත්පස කපා ද එය යි.
Pali BJTසත්ත ඛො පනිමෙ භගිනියො, බොජ්ඣඞ්ගා යෙසං භාවිතත්තා බහුලීකතත්තා භික්ඛු ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨෙවධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරති. කතමෙ සත්ත: ඉධ භගිනියො, භික්ඛු සතිසම්බොජ්ඣඞ්ගං භාවෙති විවෙකනිස්සිතං විරාගනිස්සිතං නිරොධනිස්සිතං වොස්සග්ගපරිණාමිං. ධම්මවිචයසම්බොජ්ඣඞ්ගං භාවෙති -පෙ- විරියසම්බොජ්ඣඞ්ගං භාවෙති. -පෙ- පීතිසම්බොජ්ඣඞ්ගං භාවෙති -පෙ- පස්සද්ධිසම්බොජ්ඣඞ්ගං භාවෙති -පෙ- සමාධිසම්බොජ්ඣඞ්ගං භාවෙති -පෙ- උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගං භාවෙති විවෙකනිස්සිතං විරාගනිස්සිතං නිරොධනිස්සිතං වොස්සග්ගපරිණාමිං. ඉමෙ ඛො භගිනියො සත්ත බොජ්ඣඞ්ගා යෙසං භාවිතත්තා බහුලීකතත්තා භික්ඛු ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨෙවධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරතී’ති.
Sinhala BJTබුහුනැණියෙනි, යම් බෝධ්‍යඞ්ග කෙනකුන් භාවිත බැවින් බිහිලි කළ බැවින් මහණ ආස්‍රවක්‍ෂය හේතුයෙන් අනාස්‍රව වූ චේතෝවිමුක්ති ප්‍රඥාවිමුක්ති ඉහාත්මයෙහි මැ තෙමේ විශිෂ්ටඥානයෙන් දැන පසක් කොට උපයාගෙන වාස කෙරේ ද, මේ බෝධ්‍යඞ්ග ධර්‍මයෝ සත් දෙනෙකි. කවර සත්දෙනෙක යත්: බුහුනැණියෙනි, මෙසස්නෙහි මහණ විවෙක නිඃශ්‍රිත වූ විරාගනිඃශ්‍රිත වූ නිරෝධනිඃශ්‍රිත වූ ව්‍යවසර්‍ගය පිණිස පිරිනැමුම් ඇති ස්මෘති සම්බෝධ්‍යඞ්ගය භවයි. ධර්‍මවිචය සම්බෝධ්‍යඞ්ගය භවයි. ... වීර්‍ය්‍යසම්බෝධ්‍යඞ්ගය භවයි. ... ප්‍රීතිසම්බෝධ්‍යඞ්ගය භවයි. ... ප්‍රශ්‍රබ්ධිසම්බෝධ්‍යඞ්ගය භවයි. ... සමාධිසම්බෝධ්‍යඞ්ගය භවයි. ... විවෙක නිඃශ්‍රිත වූ විරාගනිඃශ්‍රිත වූ නිරෝධනිඃශ්‍රිත වූ ව්‍යවසර්‍ගය පිණිස පිරිනැමුම් ඇති උපේක්‍ෂාසම්බෝධ්‍යඞ්ගය භවයි. බුහුනැණියෙනි, යම් බෝධ්‍යඞ්ගධර්‍ම කෙනකුන් භැවූ බැවින් බිහිලි කළ බැවින් මහණ ආස්‍රවක්‍ෂය හේතුයෙන් අනාස්‍රව වූ චේතෝවිමුක්ති ප්‍රඥාවිමුක්ති මේ භවයෙහි මැ තෙමේ වෙසෙසින් දැන පසක් කොට එයට එළඹ වාස කෙරේ ද, මේ බෝධ්‍යඞ්ගධර්‍මයෝ සත්දෙනා වෙති.
Pali BJTඅථ ඛො ආයස්මා නන්දකො තා භික්ඛුනියො ඉමිනා ඔවාදෙන ඔවදිත්වා උය්යොජෙසි: ‘ගච්ඡථ භගිනියො, කාලො’ති.
Sinhala BJTඉක්බිති ආයුෂ්මත් නන්‍දක තෙරණුවෝ ඒ මෙහෙණන් මේ අවවාදයෙන් ඔවා දී ‘බුහුනැණියෙනි, යන්නේ මැනැව යන්නට කලැ’ යි යැවී.
Pali BJTඅථ ඛො තා භික්ඛුනියො ආයස්මතො නන්දකස්ස භාසිතං අභිනන්දිත්වා අනුමොදිත්වා උට්ඨායාසනා ආයස්මන්තං නන්දකං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා යෙන භගවා, තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං අට්ඨංසු. එකමන්තං ඨිතා ඛො තා භික්ඛුනියො භගවා එතදවොච: ‘ගච්ඡථ භික්ඛුනියො, කාලො’ති.
Sinhala BJTඉක්බිති ඒ මෙහෙණහු ආයුෂ්මත් නන්‍දක තෙරණුවන්ගේ භාෂිතය සතුටින් පිළිගෙන අනුමෝදන් වැ හුනස්නෙන් නැඟී ආයුෂ්මත් නන්‍දක තෙරණුවන් සකසා වැඳ පැදකුණු කොට භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස් වැ සිටියහ. භාග්‍යවතුන් වහන්සේ එකත්පස් වැ සිටි ඒ මෙහෙණනට තෙල වදාළහ. මෙහෙණනි, ‘යව යන්නට කලැ’ යි.
Pali BJTඅථ ඛො තා භික්ඛුනියො භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා පක්කමිංසු. අථ ඛො භගවා අචිරපක්කන්තීසු තාසු භික්ඛුනීසු භික්ඛූ ආමන්තෙසි: ‘සෙය්යථාපි භික්ඛවෙ, තදහුපොසථෙ පණ්ණරසෙ න හොති බහුනො ජනස්ස කඞ්ඛා වා විමති වා: ‘ඌනො නු ඛො චන්දො පුණ්ණො නු ඛො චන්දො’ති, අථ ඛො පුණ්ණො චන්දොත්වෙව හොති. එවමෙව ඛො භික්ඛවෙ, තා භික්ඛුනියො නන්දකස්ස ධම්මදෙසනාය අත්තමනා චෙව පරිපුණ්ණසඞ්කප්පා ච. තාසං භික්ඛවෙ, පඤ්චන්නං භික්ඛුනීසතානං යා පච්ඡිමා{1} භික්ඛුනී, සා සොතාපන්නා{2} අවිනිපාතධම්මා නියතා සම්බොධිපරායණාති.
Sinhala BJTඑසඳ ඒ මෙහෙණහු භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ පැදකුණු කොට බැස ගියෝ. එසඳ භාග්‍යවතුන් වහන්සේ ඒ මෙහෙණන් බැස යන්නා හා මැ භික්‍ෂූන් ඇමතූසේක. මහණෙනි, යම් පරිදි එදවස් පොහොය පුණුරැසියෙහි ‘චන්‍ද්‍රයා ඌන වේ ද හෝ චන්‍ද්‍රයා පූර්‍ණ වේ ද හෝ’ යි බොහෝ දෙනාට සැකයෙන් හෝ විමතියෙක් හෝ නො වේ ද වැළිත් චන්‍ද්‍රයා පූර්‍ණ මැ වේ යයි සිත් වේ ද, මහණෙනි, එපරිදි මැ ඒ මෙහෙණහු නන්‍දකයන්ගේ දහම් දෙස්නෙන් ගත් සිතැතියාහු ද පරිපූර්‍ණ සංකල්ප ඇත්තාහු ද වෙති. මහණෙනි, ඒ පන්සියක් මෙහෙණන් ඇසුරින් හැමට සග මෙහෙණක් ඇද්ද හෝ අවිනිපාතධර්‍ම ඇති නියත වූ සම්බෝධිපරායණ වූ සෝවාන් මෙහෙණකැ’ යි වදාළහ.
Pali BJTඉදමවොච භගවා. අත්තමනා තෙ භික්ඛූ භගවතො භාසිතං අභිනන්දුන්ති.
Sinhala BJTභාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක. සතුටු සිත් ඇති ඒ මහණහු භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය සතුටින් පිළිගත්හු.
Pali BJTනන්දකොවාද සුත්තං චතුත්ථං.
Sinhala BJTසතර වැනි නන්‍දකොවාද සූත්‍ර යි.
Pali BJT3. 5. 5.
Sinhala BJT3. 5. 5.
Pali BJTචූළරාහුලොවාද සුත්තං
Sinhala BJTචූළරාහුලෝවාද සූත්‍රය
Pali BJTඑවං මෙ සුතං: එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. අථ ඛො භගවතො රහොගතස්ස පතිසල්ලීනස්ස එවං චෙතසො පරිවිතක්කො උදපාදි. පරිපක්කා ඛො රාහුලස්ස විමුත්තිපරිපාචනීයා ධම්මා. යන්නූනාහං රාහුලං උත්තරිං ආසවානං ඛයෙ විනෙය්යන්ති.
Sinhala BJTමා විසින් මෙසේ අසන ලද: එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර ජේතවන නම් වූ අනේපිඬු මහසිටුහුගේ අරම්හි වැඩවාස කෙරෙති. එකල රහෝගත වූ ඒකාකී වූ භාග්‍යවතුන් වහන්සේට මෙබඳු චිත්තපරිවිතර්‍කයෙක් උපන. රාහුලයන්ගේ විමුක්තිය මිහිකිරීමට හිත වූ ධර්‍මයෝ පැසී සිටියහ. මම රාහුලයන් මතු ආස්‍රවක්‍ෂයයෙහි ලා විනයන කෙරෙම් නම් මැනැවැයි.
Pali BJTඅථ ඛො භගවා පුබ්බන්හසමයං නිවාසෙත්වා පත්තචීවරං ආදාය සාවත්ථිං පිණ්ඩාය පාවිසි. සාවත්ථියං පිණ්ඩාය චරිත්වා පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තො ආයස්මන්තං රාහුලං ආමන්තෙසි: ‘ගණ්හාහි රාහුල නිසීදනං, යෙන අන්ධවනං තෙනුපසඞ්කමිස්සාම දිවාවිහාරායා’ති.
Sinhala BJTඉක්බිති භාග්‍යවතුන් වහන්සේ පෙරවරු හැඳපෙරෙවැ පාසිවුරු ගෙන් සැවතට පිඬු පිණිස වැඩියෝ, සැවැත පිඬු පිණිස හැසිර පසුබතැ පිඬුවායෙන් වැළැක්කාහු ආයුෂ්මත් රාහුල තෙරුන් ඇමතූසේක. රාහුලය, හිඳිනාකඩ ගනුව, දිවාවිහරණ සඳහා අන්‍ධවනය කරා යම්හ’ යි.
Pali BJTඑවං භන්තෙති ඛො ආයස්මා රාහුලො භගවතො පටිස්සුත්වා නිසීදනං ආදාය භගවන්තං{1} පිට්ඨිතො පිට්ඨිතො අනුබන්ධි.
Sinhala BJT‘වහන්ස, එසේ ය’යි ආයුෂ්මත් රාහුල තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් අස්වා හිඳිනාකඩ ගෙන භාග්‍යවතුන් වහන්සේ පසු පස් ලුහුබැඳ ගියහ.
Pali BJTතෙන ඛො පන සමයෙන අනෙකානි දෙවතාසහස්සානි භගවන්තං අනුබන්ධානි හොන්ති. ‘අජ්ජ භගවා ආයස්මන්තං රාහුලං උත්තරිං ආසවානං ඛයෙ විනෙස්සතී’ති.
Sinhala BJTඑසමයෙහි අනේක දේවතාසහස්‍රයෝ භාග්‍යවතුන් වහන්සේ ලුහුබැන්දාහු වෙති. ‘අද භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් රාහුල තෙරණුවන් මතු ආස්‍රවක්‍ෂය ඥානයෙහි ලා විනයන කෙරෙති’ යි.
Pali BJTඅථ ඛො භගවා අන්ධවනං අජ්ඣොගහෙත්වා අඤ්ඤතරස්මිං රුක්ඛමූලෙ පඤ්ඤත්තෙ ආසනෙ නිසීදි. ආයස්මාපි ඛො රාහුලො භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නං ඛො ආයස්මන්තං රාහුලං භගවා එතදවොච:
Sinhala BJTඉක්බිති භාග්‍යවතුන් වහන්සේ අන්‍ධවනයට බැසගෙන එක්තරා රුක්මුලෙක පැන්වූ අස්නෙහි හුන්සේක. ආයුෂ්මත් රාහුල තෙරණුවෝ ද භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස් වැ හුන්හ. භාග්‍යවතුන් වහන්සේ එකත්පස් වැ හුන් ආයුෂ්මත් රාහුල භද්‍රයන් බණවා තෙල වදාළසේක:
Pali BJT‘තං කිං මඤ්ඤසි රාහුල, චක්ඛු නිච්චං{2} වා අනිච්චං වාති.
Sinhala BJTරාහුලය, ඒ කෙසේ හඟනෙහි? චක්‍ෂුස නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේ ද?
Pali BJTඅනිච්චං භන්තෙ.
Sinhala BJTවහන්ස, අනිත්‍ය යැ.
Pali BJTයං පනානිච්චං, දුක්ඛං වා තං සුඛං වාති.
Sinhala BJTයමෙක් අනිත්‍ය වේ නම් ඒ දුඃඛ හෝ සුඛ හෝ වේ ද?
Pali BJTදුක්ඛං භන්තෙ.
Sinhala BJTවහන්ස, දුඃඛ යැ.
Pali BJTයං පනානිච්චං දුක්ඛං විපරිණාමධම්මං, කල්ලං නු තං සමනුපස්සිතුං: ‘එතං මම, එසොහමස්මි, එසො මෙ අත්තා’ති.
Sinhala BJTයමෙක් අනිත්‍ය දුඃඛ විපරිණාමධර්‍ම වේ නම් ‘තෙල මා ගැත්තේ යැ, තෙලෙ මම් වෙමි, තෙලෙ මාගේ ආත්ම යැ’ යි එය සමනුපස්සනා වශයෙන් ගන්නට නිසි වේ ද?
Pali BJTනො හෙතං භන්තෙ.
Sinhala BJTවහන්ස, තෙල නො නිසි වේ මැ යැ.
Pali BJTතං කිං මඤ්ඤසි රාහුල, රූපා නිච්චා වා අනිච්චා වාති.
Sinhala BJTරාහුලය, ඒ කෙසේ හඟනෙහි? රූපයෝ නිත්‍ය හෝ අනිත්‍ය හෝ වෙත් ද?