Majjhima Nikāya

Middle-Length Discourses

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 6001-6100 න් 6395

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTඉමිනා ච ත්වං පුණ්ණ, මයා සඞ්ඛිත්තෙන ඔවාදෙන ඔවදිතො කතරස්මිං ජනපදෙ විහරිස්සසීති. ඉමිනාහං භන්තෙ, භගවතා සඞ්ඛිත්තෙන ඔවාදෙන ඔවදිතො අත්ථි සුණාපරන්තො නාම ජනපදො තත්ථාහං විහරිස්සාමි.
Sinhala BJTපුණ්ණය, මා විසින් මේ සංක්‍ෂිප්ත වූ අවවාදයෙන් අවවාද කරන ලද තෝ කිනම් දනවියෙක වාස කෙරෙහි? වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් මේ සංක්‍ෂිප්ත අවවාදයෙන් මම ඔවා දෙනලදිමි. සුනාපරන්ත නම් දනවියෙක් ඇත, එහි මම වාස කෙරෙමි.
Pali BJTචණ්ඩා ඛො පුණ්ණ, සුණාපරන්තකා මනුස්සා, ඵරුසා ඛො පුණ්ණ, සුණාපරන්තකා මනුස්සා. සචෙ තං පුණ්ණ, සුණාපරන්තකා මනුස්සා අක්කොසිස්සන්ති පරිභාසිස්සන්ති, තත්ථ තෙ පුණ්ණ කින්ති භවිස්සතී’ති.
Sinhala BJTපුණ්ණය, සුනාපරන්ත දනවුවැසි මිනිස්හු චණ්ඩයහ. පුණ්ණය, සුනාපරන්ත දනවුවැසි මිනිස්හු පරුෂයහ. පුණ්ණය, ඉදින් සුනාපරන්ත දනවුවැසි මිනිස්හු තට ආක්‍රෝශ කෙරෙත් නම්, නින්‍දා බස් බෙණෙ නම් පුණ්ණය, එහිලා තට කෙබඳු සිතෙක් වේ යැ?
Pali BJTසචෙ මං භන්තෙ, සුණාපරන්තකා මනුස්සා අක්කොසිස්සන්ති. පරිභාසිස්සන්ති, තත්ථ මෙ එවං භවිස්සති: ‘භද්දකා වතිමෙ සුණාපරන්තකා මනුස්සා, සුභද්දකා වතිමෙ සුණාපරන්තකා මනුස්සා. යං මෙ නයිමෙ පාණිනා පහාරං දෙන්තී’ති. එවමෙත්ථ භගවා, භවිස්සති. එවමෙත්ථ සුගත, භවිස්සතී’ති.
Sinhala BJTවහන්ස, ඉදින් සුනාපරන්ත දනව්වැසි මිනිස්හු මට ආක්‍රෝශ කෙරෙත් නම් නින්‍දා බෙණෙත් නම් එහිලා මට මෙබඳු සිත් වෙයි: සුනාපරන්ත වැසි මේ මිනිස්හු ඒකාන්තයෙන් භද්‍රයහ, සුනාපරන්ත වැසි මේ මිනිස්හු ඒකාන්තයෙන් භද්‍රයහ. යම් හෙයෙකින් මොහු මට අතින් පහර නො දෙත් ද, එහෙයිනි. භාග්‍යවතුන් වහන්ස, මෙහිලා මෙසේ සිත් වෙයි, සුගතයන් වහන්ස, මෙහිලා මෙසේ සිත් වෙතියි සැල කොළෝ.
Pali BJTසචෙ පන තෙ පුණ්ණ, සුණාපරන්තකා මනුස්සා පාණිනා පහාරං දස්සන්ති, තත්ථ පන තෙ පුණ්ණ, කින්ති භවිස්සතී’ති.
Sinhala BJTඉදින් පුණ්ණය, තට සුනාපරන්ත වැසි මිනිස්හු අතින් පහර දෙත් නම් එහිලා පුණ්ණය තට කෙසේ සිත් වේ යැ? යි.
Pali BJTසචෙ මෙ{1} භන්තෙ, සුණාපරන්තකා මනුස්සා පාණිනා පහාරං දස්සන්ති. තත්ථ මෙ එවං භවිස්සති: ‘භද්දකා වතිමෙ සුණාපරන්තකා මනුස්සා, සුභද්දකා වතිමෙ සුණාපරන්තකා මනුස්සා, යං මෙ නයිමෙ ලෙඩ්ඩුනා පහාරං දෙන්තී’ති. එවමෙත්ථ භගවා, භවිස්සති. එවමෙත්ථ සුගත, භවිස්සතී’ති.
Sinhala BJTවහන්ස, ඉදින් සුනාපරන්ත දනව්වැසි මිනිස්හු මට අතින් පහර දෙත් නම් එහිලා මට මෙබඳු සිත් වෙයි: මේ සුනාපරන්ත වැසි මිනිස්හු ඒකාන්තයෙන් භද්‍රයහ. මේ සුනාපරන්ත වැසි මිනිස්හු ඒකාන්තයෙන් භද්‍රයහ. යම් හෙයෙකින් ඔහු මට කැටින් පහර නො දෙත් ද, එහෙයිනි. භාග්‍යවතුන් වහන්ස, මෙහිලා මෙසේ සිත් වෙයි. සුගතයන් වහන්ස, මෙහිලා මෙසේ සිත් වෙති’ යි කී.
Pali BJTසචෙ පන තෙ පුණ්ණ, සුණාපරන්තකා මනුස්සා ලෙඩ්ඩුනා පහාරං දස්සන්ති. තත්ථ පන තෙ පුණ්ණ, කින්ති භවිස්සතී’ති. සචෙ මෙ භන්තෙ, සුණාපරන්තකා මනුස්සා ලෙඩ්ඩුනා පහාරං දස්සන්ති, තත්ථ මෙ එවං භවිස්සති: ‘භද්දකා වතිමෙ සුණාපරන්තකා මනුස්සා, සුභද්දකා වතිමෙ සුණාපරන්තකා මනුස්සා, යං මෙ නයිමෙ දණ්ඩෙන පහාරං දෙන්තී’ති. එවමෙත්ථ භගවා, භවිස්සති. එවමෙත්ථ සුගත, භවිස්සතී’ති.
Sinhala BJTඉදින් පුණ්ණය, සුනාපරන්ත වැසි මිනිස්හු තට කැටින් පහර දෙත් නම් පුණ්ණය එහිලා තට කෙසේ සිත් වේ යැ? යි. වහන්ස, ඉදින් සුනාපරන්ත වැසි මිනිස්හු මට කැටින් පහර දෙත් නම් එහිලා මට මෙසේ සිත් වෙයි: මේ සුනාපරන්ත වැසි මිනිස්හු ඒකාන්තයෙන් භද්‍රයහ. මේ සුනාපරන්ත වැසි මිනිස්හු ඒකාන්තයෙන් භද්‍රයහ. යම් හෙයෙකින් මොහු මට දඬින් පහර නො දෙත් ද, එහෙයිනි. භාග්‍යවතුන් වහන්ස, මෙහිලා මෙසේ සිත් වෙයි. සුගතයන් වහන්ස, මෙහිලා මෙසේ සිත් වෙති’ යි කී.
Pali BJTසචෙ පන තෙ පුණ්ණ, සුණාපරන්තකා මනුස්සා දණ්ඩෙන පහාරං දස්සන්ති. තත්ථ පන තෙ පුණ්ණ, කින්ති භවිස්සතී’ති. ‘සචෙ පන මෙ භන්තෙ, සුණාපරන්තකා මනුස්සා දණ්ඩෙන පහාරං දස්සන්ති. තත්ථ මෙ එවං භවිස්සති: භද්දකා වතිමෙ සුණාපරන්තකා මනුස්සා, සුභද්දකා වතිමෙ සුණාපරන්තකා මනුස්සා, යං මෙ නයිමෙ සත්ථෙන පහාරං දෙන්තී’ති. එවමෙත්ථ භගවා, භවිස්සති එවමෙත්ථ සුගත, භවිස්සතී’ති.
Sinhala BJTඉදින් පුණ්ණය, තට සුනාපරන්ත වැසි මිනිස්හු දඬින් පහර දෙත් නම් පුණ්ණය එහිලා තට කෙසේ සිත් වේ යැ? යි. වහන්ස, ඉදින් මට සුනාපරන්ත වැසි මිනිස්හු දඬින් පහර දෙත් නම් එහිලා මට මෙසේ සිත් වෙයි. මේ සුනාපරන්ත වැසි මිනිස්හු ඒකාන්තයෙන් භද්‍රයහ, මේ සුනාපරන්ත වැසි මිනිස්හු ඒකාන්තයෙන් භද්‍රයහ. යම් හෙයෙකින් ඔහු මට සැතින් පහර නො දෙත් ද, එහෙයිනි. භාග්‍යවතුන් වහන්ස, මෙහිලා මෙසේ සිත් වෙයි. සුගතයන් වහන්ස, මෙහිලා මෙසේ සිත් වෙති’ යි කී.
Pali BJTසචෙ පන තෙ පුණ්ණ, සුණාපරන්තකා මනුස්සා සත්ථෙන පහාරං දස්සන්ති. තත්ථ පන තෙ පුණ්ණ, කින්ති භවිස්සතී’ති. ‘සචෙ මෙ භන්තෙ සුණාපරන්තකා මනුස්සා සත්ථෙන පහාරං දස්සන්ති. තත්ථ මෙ එවං භවිස්සති: ‘භද්දකා වතිමෙ සුණාපරන්තකා මනුස්සා, සුභද්දකා වතිමෙ සුණාපරන්තකා මනුස්සා, යං මං{2} නයිමෙ තිණ්හෙන සත්ථෙන ජීවිතා වොරොපෙන්ති. එවමෙත්ථ භගවා, භවිස්සති. එවමෙත්ථ සුගත, භවිස්සතී’ති.
Sinhala BJTඉදින් පුණ්ණය, තට සුනාපරන්ත වැසි මිනිස්හු සැතින් පහර දෙත් නම් එහිලා පුණ්ණය, තට කෙසේ සිත් වේ යැ? යි. වහන්ස, ඉදින් මට සුනාපරන්ත වැසි මිනිස්හු සැතින් පහර දෙත් නම් එහිලා මට මෙසේ සිත් වෙයි. මේ සුනාපරන්ත වැසි මිනිස්හු ඒකාන්තයෙන් භද්‍රයහ, මේ සුනාපරන්ත වැසි මිනිස්හු ඒකාන්තයෙන් භද්‍රයහ. යම් හෙයෙකින් තියුණු සැතින් මා දිවියෙන් තොර නො කෙරෙත් ද, එහෙයිනි. භාග්‍යවතුන් වහන්ස, මෙහිලා මෙසේ සිත් වෙයි. සුගතයන් වහන්ස, මෙහිලා මෙසේ සිත් වෙති’ යි කී.
Pali BJTසචෙ පන තං පුණ්ණ{1}, සුණාපරන්තකා මනුස්සා තිණ්හෙන සත්ථෙන ජීවිතා වොරොපෙස්සන්ති. තත්ථ පන තෙ පුණ්ණ, කින්ති භවිස්සතී’ති. සචෙ මං භන්තෙ, සුණාපරන්තකා මනුස්සා තිණ්හෙන සත්ථෙන ජීවිතා වොරොපෙන්ති. තත්ථ පන මෙ එවං භවිස්සති: සන්ති ඛො භගවතො සාවකා කායෙන ච ජීවිතෙන ච අට්ටියමානා හරායමානා ජිගුච්ඡමානා සත්ථහාරකං පරියෙසන්ති. තං මෙ ඉදං අපරියිට්ඨංයෙව සත්ථහාරකං ලද්ධන්ති. එවමෙත්ථ භගවා, භවිස්සති. එවමෙත්ථ සුගත, භවිස්සතී’ති.
Sinhala BJTඉදින් පුණ්ණය, සුනාපරන්ත වැසි මිනිස්හු තියුණු සැතින් තා දිවියෙන් තොර කෙරෙත් නම් පුණ්ණය, එහිලා තට කෙසේ සිත් වේ යැ? යි. වහන්ස, ඉදින් සුනාපරන්ත වැසි මිනිස්හු තියුණු සැතින් දිවියෙන් තොර කෙරෙත් නම් එහිලා මට මෙසේ සිත් වෙයි: ‘භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක කෙනෙක් කයිනුදු දිවියෙනුදු පෙළෙන්නාහු ලජ්ජා කරන්නාහු පිළිකුල් කරන්නාහු ශස්ත්‍රහාරකයකු සොයන්නාහු ඇත. මා විසින් නො සොයනලද මැ ඒ ශස්ත්‍රහාරකයා ලැබිණැ’ යි. භාග්‍යවතුන් වහන්ස, මෙහිලා මෙසේ සිත් වෙයි. සුගතයන් වහන්ස, මෙහිලා මෙසේ සිත් වෙති’ යි කී.
Pali BJTසාධු සාධු පුණ්ණ, සක්ඛිස්සසි ඛො ත්වං පුණ්ණ, ඉමිනා දමූපසමෙන සමන්නාගතො සුණාපරන්තස්මිං ජනපදෙ විහරිතුං. යස්සදානි ත්වං පුණ්ණ, කාලං මඤ්ඤසීති.
Sinhala BJTමැනැව මැනැව පුණ්ණය, මේ දම උපසම දෙකින් සමන්‍වාගත වැ සුනාපරන්ත දනවියෙහි වාස කරන්නට තෝ හැක්කෙහි පුණ්ණය, යි. දැන් එයට කල් දන පුණ්ණය, යි වදාළෝ.
Pali BJTඅථ ඛො ආයස්මා පුණ්ණො භගවතො භාසිතං අභිනන්දිත්වා අනුමොදිත්වා උට්ඨායාසනා භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා සෙනාසනං සංසාමෙත්වා පත්තචීවරං ආදාය යෙන සුණාපරන්තො ජනපදො, තෙන චාරිකං පක්කාමි. අනුපුබ්බෙන චාරිකං චරමානො යෙන සුණාපරන්තො ජනපදො, තදවසරි. තත්ර සුදං ආයස්මා පුණ්ණො සුණාපරන්තස්මිං ජනපදෙ විහරති.
Sinhala BJTඑසඳ ආයුෂ්මත් පුණ්ණ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය සතුටින් පිළිගෙන අනුමෝදන් වැ හුනස්නෙන් නැඟී භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ පැදකුණු කොට සෙනසුන් සඟවා තබා පාසිවුරු ගෙන් සුනාපරන්ත දනවු කරා සැරිසරා ගියහ. පිළිවෙළින් සැරිසරන්නාහු සුනාපරන්ත ජනපදය කරා ගියෝ. එසඳ ආයුෂ්මත් පුණ්ණ තෙරණුවෝ සුනාපරන්ත දනවියෙහි වාස කෙරෙති.
Pali BJTඅථ ඛො ආයස්මා පුණ්ණො තෙනෙවන්තරවස්සෙන පඤ්චමත්තානි උපාසකසතානි පටිපාදෙසි.{2} තෙනෙවන්තර වස්සෙන පඤ්චමත්තානි උපාසිකාසතානි පටිපාදෙසි. තෙනෙවන්තරවස්සෙන තිස්සො විජ්ජා සච්ඡාකාසි. අථ ඛො ආයස්මා පුණ්ණො අපරෙන සමයෙන පරිනිබ්බායි. අථ ඛො සම්බහුලා භික්ඛූ යෙන භගවා තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදිංසු. එකමන්තං නිසින්නා ඛො තෙ භික්ඛූ භගවන්තං එතදවොචුං: යො සො භන්තෙ, පුණ්ණො නාම කුලපුත්තො භගවතා සඞ්ඛිත්තෙන ඔවාදෙන ඔවදිතො, සො කාලඞ්කතො. තස්ස කා ගති, කො අභිසම්පරායො’ති.
Sinhala BJTඑකල ආයුෂ්මත් පුණ්ණ තෙරණුවෝ ඒ අතුරුවසෙහි පන්සියක් පමණ උපාසකයන් ඇති කොළෝ. ඒ අතුරුවසෙහි මැ පන්සියක් පමණ උපාසිකාවන් ඇති කොළෝ. ඒ අතුරුවසෙහි මැ ත්‍රිවිද්‍යා පසක් කොළෝ. ඉක්බිති ආයුෂ්මත් පුණ්ණ තෙරණුවෝ පසු කලෙක පිරිනිවියහ. ඉක්බිති බොහෝ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස් වැ හුන්හ. එකත්පස් වැ හුන් ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කොළෝ: වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් සංක්‍ෂිප්ත අවවාදයෙන් ඔවා දෙනලද යම් පුණ්ණ නම් කුලපුත්‍රයෙක් වී ද, හේ කලුරිය කෙළේ. ඔහුගේ ගති කවර? පරලෝ කවරෙ? යි.
Pali BJTපණ්ඩිතො භික්ඛවෙ, පුණ්ණො කුලපුත්තො, පච්චපාදී ධම්මස්සානුධම්මං, න ච මං ධම්මාධිකරණං විහෙඨෙසි. පරිනිබ්බුතො භික්ඛවෙ, පුණ්ණො කුලපුත්තොති.
Sinhala BJTමහණෙනි, පුණු කුලපුත් පණ්ඩිත වෙයි. ධර්‍මානුධර්‍මයෙහි පිළිපන්නේ ය. ධර්‍ම හේතුයෙන් මා නොවෙහෙසී. මහණෙනි, පුණ්ණ කුලපුත් පිනිවියේ යැ.
Pali BJTඉදමවොච භගවා. අත්තමනා තෙ භික්ඛූ භගවතො භාසිතං අභිනන්දුන්ති.
Sinhala BJTභාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක. සතුටු සිත් ඇති ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය සතුටින් පිළිගත්හු.
Pali BJTපුණ්ණොවාද සුත්තං තතියං.
Sinhala BJTතුන් වැනි පුණ්ණෝවාද සූත්‍ර යි.
Pali BJT3. 5. 4.
Sinhala BJT3. 5. 4.
Pali BJTනන්දකොවාද සුත්තං
Sinhala BJTනන්‍දකොවාද සූත්‍රය
Pali BJTඑවං මෙ සුතං: එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. අථ ඛො මහාපජාපතී ගොතමී පඤ්චමත්තෙහි භික්ඛුනීසතෙහි සද්ධිං යෙන භගවා තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං අට්ඨාසි. එකමන්තං ඨිතා ඛො මහාපජාපතී ගොතමී භගවන්තං එතදවොච: ‘ඔවදතු භන්තෙ, භගවා භික්ඛුනියො, අනුසාසතු භන්තෙ, භගවා භික්ඛුනියො, කරොතු භන්තෙ, භගවා භික්ඛුනීනං ධම්මිං කථ’න්ති.
Sinhala BJTමා විසින් මෙසේ අසන ලද: එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර අනේපිඬු මහසිටුහුගේ දෙව්රම් වෙහෙර වැඩවාස කෙරෙති. එකල ගොයුම්ගොත් මහාප්‍රජාපතී මෙහෙණ පන්සියක් පමණ මෙහෙණන් හා සමග භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියා. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස් වැ සිටගතු. එකත්පස් වැ සිටි ගොයුම්ගොත් මහාප්‍රජාපතී මෙහෙණ භාග්‍යවතුන් වහන්සේට තෙල සැලකළා: ‘වහන්ස, භාග්‍යවතුන් වහන්සේ මෙහෙණනට ඕවා දෙනසේක්වා, වහන්ස භාග්‍යවතුන් වහන්සේ මෙහෙණනට අනුශාසනා කරනසේක්වා. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ මෙහෙණනට ධර්‍ම කථා කරන සේක්වා’ යි.
Pali BJTතෙන ඛො පන සමයෙන ථෙරා භික්ඛූ භික්ඛුනියො ඔවදන්ති පරියායෙන. ආයස්මා පන නන්දකො න ඉච්ඡති භික්ඛුනියො ඔවදිතුං පරියායෙන. අථ ඛො භගවා ආයස්මන්තං ආනන්දං ආමන්තෙසි: ‘කස්ස නු ඛො ආනන්ද, අජ්ජ පරියායො භික්ඛුනියො ඔවදිතුං පරියායෙනා’ති.
Sinhala BJTඑසමයෙහි ස්ථවිර භික්‍ෂූහු මෙහෙණනට වාර වශයෙන් ඔවා දෙති. ආයුෂ්මත් නන්‍දක තෙරණුවෝ මෙහෙණනට, වාර වශයෙන් ඔවා දෙන්නට නො කැමැති වෙති. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් අනඳ තෙරණුවන් ඇමැතූසේක: ‘ආනන්‍දය, මෙහෙණනට වාර වශයෙන් ඔවා දෙන්නට අද කවරහුගේ වාරය වේ දැ?’ යි.
Pali BJTනන්දකස්ස භන්තෙ, පරියායො භික්ඛුනියො ඔවදිතුං පරියායෙන{1}, අයං භන්තෙ, ආයස්මා නන්දකො න ඉච්ඡති භික්ඛුනියො ඔවදිතුං පරියායෙනා’ති.
Sinhala BJTවහන්ස, මෙහෙණනට වාර වශයෙන් ඔවා දෙන්නට නන්‍දක තෙරණුවනට වාරය වෙයි. වහන්ස, මේ ආයුෂ්මත් නන්‍දක තෙරණුවෝ මෙහෙණනට වාර වශයෙන් ඔවා දෙන්නට නො කැමැතියහ.
Pali BJTඅථ ඛො භගවා ආයස්මන්තං නන්දකං ආමන්තෙසි: ‘ඔවද නන්දක, භික්ඛුනියො. අනුසාස නන්දක, භික්ඛුනියො, කරොහි ත්වං බ්රාහ්මණ. භික්ඛුනීනං ධම්මිං කථ’න්ති.
Sinhala BJTඑසඳ භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් නන්‍දක තෙරණුවන් ඇමතූසේක: ‘නන්‍දකය, මෙහෙණනට ඔවා දෙව. නන්‍දකය, මෙහෙණනට අනුශාසනා කරව. බ්‍රාහ්මණය, තෝ මෙහෙණනට ධර්‍මකථා කරව’ යි.
Pali BJTඑවං භන්තෙති ඛො ආයස්මා නන්දකො භගවතො පටිස්සුත්වා පුබ්බණ්හසමයං නිවාසෙත්වා පත්තචීවරං ආදාය සාවත්ථිං පිණ්ඩාය පාවිසි. සාවත්ථියං පිණ්ඩාය චරිත්වා පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තො අත්තදුතියො යෙන රාජකාරාමො තෙනුපසඞ්කමි. අද්දසංසු{2} ඛො තා භික්ඛුනියො ආයස්මන්තං නන්දකං දූරතොව ආගච්ඡන්තං දිස්වාන ආසනං පඤ්ඤාපෙසුං, උදකඤ්ච පාදානං උපට්ඨපෙසුං. නිසීදි ඛො ආයස්මා නන්දකො පඤ්ඤත්තෙ ආසනෙ, නිසජ්ජ පාදෙ පක්ඛාලෙසි. තාපි ඛො භික්ඛුනියො ආයස්මන්තං නන්දකං අභිවාදෙත්වා එකමන්තං නිසීදිංසු. එකමන්තං නිසින්නා ඛො තා භික්ඛුනියො ආයස්මා නන්දකො එතදවොච: පටිපුච්ඡකථා ඛො භගිනියො, භවිස්සති. තත්ථ ආජානන්තීහි ආජානාමාතිස්ස වචනීයං, න ආජානන්තීහි න ආජානාමාතිස්ස වචනීයං. යස්සා වා පනස්ස කඞ්ඛා වා විමති වා, අහමෙව තත්ථ පටිපුච්ඡිතබ්බො: ‘ඉදං භන්තෙ, කථං ඉමස්ස ක්වත්ථො’ති.
Sinhala BJT‘වහන්ස, එසේ යැ’ යි ඒ ආයුෂ්මත් නන්‍දක තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දී පෙරවරු හැඳ පෙරෙවැ පාසිවුරු ගෙන සැවැතට පිඬු පිණිස පිවිසියහ. සැවැත්හි පිඬු පිණිස හැසිර පසුබත පිණ්ඩපාතයෙන් වැළැක්කාහු තමහට දෙවැන්නකු ඇති වැ රාජකාරාමය කරා එළඹියහ. ඒ මෙහෙණහු දුර දී මැ ආයුෂ්මත් නන්‍දක තෙරණුවන් එනුවන් දුටහ. දැක අසුන් පැන්වූහු. පා දෝනා දිය එළවූහු. ආයුෂ්මත් නන්‍දක තෙරණුවෝ පැන්වූ අස්නෙහි හුන්හ. හිඳ පාද ප්‍රක්‍ෂාලනා කොළෝ. ඒ මෙහෙණහු ද ආයුෂ්මත් නන්‍දක තෙරණුවන් සකසා වැඳ එකත්පස් වැ හුන්හ. එකත්පස් වැ හුන් මෙහෙණනට ආයුෂ්මත් නන්‍දක තෙරණුවෝ තෙල කීහ: බුහුනැණියෙනි, පිළිවිස කරන කථායෙක් ඇත. එහි දී වටහා දන්නවුන් විසින් ‘දනුම්හ’ යි කියයුතු වෙයි. වටහා නො දන්නවුන් විසින් ‘නො දනුම්හ’ යි කියයුතු වෙයි. යමක්හට සැකයෙක් හෝ විමතියෙක් හෝ වේ ද එහි දී මම් මැ පිළිවිස්ස යුතුයෙම් වෙමි. (කෙසේ යැ?) ‘වහන්ස, මේ කෙසේ යැ? මේ වචනයාගේ අර්‍ත්‍ථ කවරේ යැ?’ යි.
Pali BJTඑත්තකෙනපි මයං භන්තෙ, අය්යස්ස නන්දකස්ස අත්තමනා අභිරද්ධා. යං නො අය්යො නන්දකො පවාරෙතී’ති.
Sinhala BJTවහන්ස, ඇපි මෙතෙකිනුදු ආර්‍ය්‍ය වූ නන්‍දක තෙරණුවනට සතුටු සිතැත්තමෝ වම්හ. අභිරද්ධයම්හ. යම් හෙයෙකින් ආර්‍ය්‍ය වූ නන්‍දක තෙරණුවෝ අප පවරත් ද, එහෙයිනි.
Pali BJTතං කිං මඤ්ඤථ භගිනියො, චක්ඛුං{3} නිච්චං වා අනිච්චං වාති?
Sinhala BJTබුහුනැණියෙනි, ඒ කෙසේ හඟනාව. චක්‍ෂුස නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේ ද?
Pali BJTඅනිච්චං භන්තෙ.
Sinhala BJTවහන්ස, අනිත්‍ය යැ.
Pali BJTයං පනානිච්චං දුක්ඛං වා තං සුඛං වාති.
Sinhala BJTයමෙක් අනිත්‍ය වේ නම්, ඒ දුඃඛ හෝ සුඛ හෝ වේ ද?
Pali BJTදුක්ඛං භන්තෙ.
Sinhala BJTවහන්ස, දුඃඛ යැ.
Pali BJTයං පනානිච්චං දුක්ඛං විපරිනාමධම්මං, කල්ලං නු තං සමනුපස්සිතුං. එතං මම, එසොහමස්මි, එසො මෙ අත්තා’ති.
Sinhala BJTයමෙක් අනිත්‍ය දුඃඛ විපරිණාමධර්‍ම වේ ද, ඒ ‘තෙල මා ගැත්තේ යැ, තෙලෙ මම වෙමි, තෙල මාගේ ආත්ම ය’යි දක්නට නිසි වේ ද?
Pali BJTනො හෙතං භන්තෙ.
Sinhala BJTවහන්ස, තෙල නො නිසි වේ මැ යැ.
Pali BJTතං කිං මඤ්ඤථ භගිනියො, සොතං නිච්චං වා අනිච්චං වාති.
Sinhala BJTබුහුනැණියෙනි, ඒ කෙසේ හඟනාව. ශ්‍රෝතය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේ ද?
Pali BJTඅනිච්චං භන්තෙ -පෙ-
Sinhala BJTවහන්ස, අනිත්‍ය යැ ...
Pali BJTඝානං නිච්චං වා අනිච්චං වා’ති.
Sinhala BJTඝ්‍රාණය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේ ද?
Pali BJTඅනිච්චං භන්තෙ. -පෙ-
Sinhala BJTවහන්ස, අනිත්‍ය යැ ...
Pali BJTජිව්හා නිච්චා වා අනිච්චා වා’ති.
Sinhala BJTජිහ්වා නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේ ද?
Pali BJTඅනිච්චා, භන්තෙ. -පෙ-
Sinhala BJTවහන්ස, අනිත්‍ය යැ ...
Pali BJTකායො නිච්චො වා අනිච්චො වා’ති.
Sinhala BJTකය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේ ද?
Pali BJTඅනිච්චො භන්තෙ. -පෙ-
Sinhala BJTවහන්ස, අනිත්‍ය යැ ...
Pali BJTමනො නිච්චො වා අනිච්චො වා’ති.
Sinhala BJTමනස නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේ ද?
Pali BJTඅනිච්චො භන්තෙ.
Sinhala BJTවහන්ස, අනිත්‍ය යැ ...
Pali BJTයං පනානිච්චං දුක්ඛං වා තං සුඛං වා’ති.
Sinhala BJTයමෙක් අනිත්‍ය වේ නම් ඒ දුඃඛ හෝ සුඛ හෝ වේ ද?
Pali BJTදුක්ඛං භන්තෙ.
Sinhala BJTවහන්ස, දුඃඛ යැ.
Pali BJTයං පනානිච්චං දුක්ඛං විපරිණාමධම්මං කල්ලං නු තං සමනුපස්සිතුං එතං මම, එසොහමස්මි, එසො මෙ අත්තා’ති.
Sinhala BJTයමෙක් අනිත්‍ය දුඃඛ විපරිණාමධර්‍ම වේ ද, ඒ ‘තෙල මා ගැත්තේ යැ, තෙලෙ මම වෙමි, තෙල මාගේ ආත්ම ය’යි දක්නට නිසි වේ ද?
Pali BJTනො හෙතං භන්තෙ. තං කිස්ස හෙතු: පුබ්බෙව නො හෙතං භන්තෙ, යථාභූතං සම්මප්පඤ්ඤාය සුදිට්ඨං: ‘ඉතිපිමෙ ඡ අජ්ඣත්තිකා ආයතනා අනිච්චා’ති.
Sinhala BJTවහන්ස, තෙල නො නිසි වේ මැ යැ. ඒ කවර හෙයින යත්: වහන්ස, තෙල කරුණ පළමු මැ අප විසින් ඇති තතු සම්‍යක් ප්‍රඥායෙන්, මොනොවට දක්නා ලදි: ‘මෙ කරුණිනුදු මේ අධ්‍යාත්මික ෂඩායතනයෝ අනිත්‍යයහ’ කියා ය.
Pali BJTසාධු සාධු භගිනියො, එවං හෙතං භගිනියො, හොති අරියසාවකස්ස යථාභූතං සම්මප්පඤ්ඤාය පස්සතො. තං කිං මඤ්ඤථ භගිනියො, රූපා නිච්චා වා අනිච්චා වා’ති.
Sinhala BJTමැනව මැනව බුහුනැණියෙනි. බුහුනැණියෙනි, තෙල යථාභූතය සම්‍යක් ප්‍රඥායෙන් දක්නා ආර්‍ය්‍යශ්‍රාවකයක් හට තෙල සිත් මෙසේ වේ මැ යි. බුහුනැණියෙනි, ඒ කෙසේ හඟනාව රූපායතනයෝ නිත්‍ය හෝ අනිත්‍ය හෝ වෙත් ද?
Pali BJTඅනිච්චා භන්තෙ.
Sinhala BJTවහන්ස, අනිත්‍යයහ.
Pali BJTයං පනානිච්චං දුක්ඛං වා තං සුඛං වා’ති.
Sinhala BJTයමෙක් අනිත්‍ය වේ නම්, ඒ දුඃඛ හෝ සුඛ හෝ වේ ද?
Pali BJTදුක්ඛං භන්තෙ.
Sinhala BJTවහන්ස, දුඃඛ යැ.
Pali BJTයං පනානිච්චං දුක්ඛං විපරිණාමධම්මං කල්ලං නු තං සමනුපස්සිතුං. එතං මම, එසොහමස්මි, එසො මෙ අත්තා’ති.
Sinhala BJTයමෙක් අනිත්‍ය දුඃඛ විපරිණාමධර්‍ම වේ නම් එය ‘තෙල මා ගැත්තේ යැ, තෙලෙ මම වෙමි, තෙල මාගේ ආත්ම ය’යි දක්නට නිසි වේ ද?
Pali BJTනො හෙතං භන්තෙ.
Sinhala BJTවහන්ස, තෙල නො නිසි වේ මැ යැ.
Pali BJTතං කිං මඤ්ඤථ භගිනියො, සද්දා නිච්චා වා අනිච්චා වාති.
Sinhala BJTබුහුනැණියෙනි, ඒ කෙසේ හඟනාව. ශබ්දායතනයෝ නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේ ද?
Pali BJTඅනිච්චා භන්තෙ -පෙ-
Sinhala BJTවහන්ස, අනිත්‍යයහ ...
Pali BJTගන්ධා නිච්චා වා අනිච්චා වා’ති.
Sinhala BJTගන්‍ධායතනයෝ නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේ ද?
Pali BJTඅනිච්චා භන්තෙ. -පෙ-
Sinhala BJTවහන්ස, අනිත්‍යයහ ...
Pali BJTරසා නිච්චා වා අනිච්චා වා’ති.
Sinhala BJTරසායතනයෝ නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේ ද?
Pali BJTඅනිච්චා භන්තෙ -පෙ-
Sinhala BJTවහන්ස, අනිත්‍යයහ ...
Pali BJTඵොට්ඨබ්බා නිච්චා වා අනිච්චා වා’ති.
Sinhala BJTස්ප්‍රෂ්ටව්‍යායතනයෝ නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේ ද?
Pali BJTඅනිච්චා භන්තෙ -පෙ-
Sinhala BJTවහන්ස, අනිත්‍යයහ ...
Pali BJTධම්මා නිච්චා වා අනිච්චා වා’ති.
Sinhala BJTධර්‍මායතනයෝ නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේ ද?
Pali BJTඅනිච්චා භන්තෙ.
Sinhala BJTවහන්ස, අනිත්‍යයහ ...
Pali BJTයං පනානිච්චං දුක්ඛං වා තං සුඛං වා’ති.
Sinhala BJTයමෙක් අනිත්‍ය වේ නම්, ඒ දුඃඛ හෝ සුඛ හෝ වේ ද?
Pali BJTදුක්ඛං භන්තෙ.
Sinhala BJTවහන්ස, දුඃඛ යැ.
Pali BJTයං පනානිච්චං දුක්ඛං විපරිණාමධම්මං, කල්ලං නු තං සමනුපස්සිතුං එතං මම, එසොහමස්මි, එසො මෙ අත්තා’ති.
Sinhala BJTයමෙක් අනිත්‍ය දුඃඛ විපරිණාමධර්‍ම වේ නම් එය ‘තෙල මා ගැත්තේ යැ, තෙලෙ මම වෙමි, තෙල මාගේ ආත්ම යැ’යි නුවණින් දක්නට නිසි වේ ද?
Pali BJTනො හෙතං භන්තෙ. තං කිස්ස හෙතු: පුබ්බෙව නො හෙතං භන්තෙ, යථාභූතං සම්මප්පඤ්ඤාය සුදිට්ඨං: ඉතිපි මෙ ඡ බාහිරා ආයතනා අනිච්චා’ති.
Sinhala BJTවහන්ස, තෙල නො නිසි වේ මැ යැ. ඒ කවර හෙයින යත්: වහන්ස, අප විසින් තෙල යථාභූතය පළමු වැ සම්‍යක් ප්‍රඥායෙන්, මොනවට දක්නා ලදි: ‘මෙ හේතුයෙනුදු මේ බාහිර ෂඩායතනයෝ අනිත්‍යයහ’යි කියා යි.
Pali BJTසාධු සාධු භගිනියො, එවං හෙතං භගිනියො, හොති අරියසාවකස්ස යථාභූතං සම්මප්පඤ්ඤාය පස්සතො. තං කිං මඤ්ඤථ භගිනියො, චක්ඛුවිඤ්ඤාණං නිච්චං වා අනිච්චං වාති.
Sinhala BJTමැනව මැනව බුහුනැණියෙනි. මෙසේ බුහුනැණියෙනි, යථාභූතය සම්‍යක් ප්‍රඥායෙන් දක්නා ආර්‍ය්‍යශ්‍රාවකයක් හට තෙල සිත් වෙයි. ඒ කෙසේ හඟනාව බුහුනැණියෙනි, චක්‍ෂුර්විඥානය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේ ද?
Pali BJTඅනිච්චං භන්තෙ.
Sinhala BJTවහන්ස, අනිත්‍ය යැ.
Pali BJTයං පනානිච්චං දුක්ඛං වා තං සුඛං වාති.
Sinhala BJTයමෙක් අනිත්‍ය වේ නම්, ඒ දුඃඛ හෝ සුඛ හෝ වේ ද?
Pali BJTදුක්ඛං භන්තෙ.
Sinhala BJTවහන්ස, දුඃඛ යැ.
Pali BJTයං පනානිච්චං දුක්ඛං විපරිණාමධම්මං, කල්ලං නු තං සමනුපස්සිතුං. එතං මම, එසොහමස්මි, එසො මෙ අත්තා’ති.
Sinhala BJTයමෙක් අනිත්‍ය දුඃඛ විපරිණාමධර්‍ම වේ නම් ‘තෙල මා ගැත්තේ යැ, තෙලෙ මම වෙමි, තෙල මාගේ ආත්ම ය’යි නුවණින් දක්නට නිසි වේ ද?
Pali BJTනො හෙතං භන්තෙ.
Sinhala BJTවහන්ස, තෙල නො නිසි වේ මැ යැ.
Pali BJTතං කිං මඤ්ඤථ භගිනියො, සොතවිඤ්ඤාණං නිච්චං වා අනිච්චං වාති.
Sinhala BJTඒ කෙසේ හඟනාව බුහුනැණියෙනි, ශ්‍රෝතවිඥානය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේ ද?
Pali BJTඅනිච්චං භන්තෙ -පෙ-
Sinhala BJTවහන්ස, අනිත්‍ය යැ.
Pali BJTඝානවිඤ්ඤාණං නිච්චං වා අනිච්චං වාති.
Sinhala BJTඝ්‍රාණවිඥානය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේ ද?
Pali BJTඅනිච්චං භන්තෙ -පෙ-
Sinhala BJTවහන්ස, අනිත්‍ය යැ ...
Pali BJTජිව්හාවිඤ්ඤාණං නිච්චං වා අනිච්චං වාති.
Sinhala BJTජිහ්වාවිඥානය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේ ද?
Pali BJTඅනිච්චං භන්තෙ -පෙ-
Sinhala BJTවහන්ස, අනිත්‍ය යැ ...
Pali BJTකායවිඤ්ඤාණං නිච්චං වා අනිච්චං වාති.
Sinhala BJTකායවිඥානය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේ ද?
Pali BJTඅනිච්චං භන්තෙ -පෙ-
Sinhala BJTවහන්ස, අනිත්‍ය යැ ...
Pali BJTමනොවිඤ්ඤාණං නිච්චං වා අනිච්චං වාති.
Sinhala BJTමනෝවිඥානය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේ ද?
Pali BJTඅනිච්චං භන්තෙ.
Sinhala BJTවහන්ස, අනිත්‍ය යැ.
Pali BJTයං පනානිච්චං, දුක්ඛං වා තං සුඛං වාති.
Sinhala BJTයමෙක් අනිත්‍ය වේ නම්, ඒ දුඃඛ හෝ සුඛ හෝ වේ ද?
Pali BJTදුක්ඛං භන්තෙ.
Sinhala BJTවහන්ස, දුඃඛ යැ.
Pali BJTයං පනානිච්චං දුක්ඛං විපරිණාමධම්මං, කල්ලං නු තං සමනුපස්සිතුං එතං මම එසොහමස්මි, එසො මෙ අත්තා’ති.
Sinhala BJTයමෙක් අනිත්‍ය දුඃඛ විපරිණාමධර්‍ම වේ නම් ‘තෙල මා ගැත්තේ යැ, තෙල මම වෙමි, තෙල මාගේ ආත්ම යැ’ යි එය නුවණින් දක්නට නිසි වේ ද?
Pali BJTනො හෙතං භන්තෙ. තං කිස්ස හෙතු: පුබ්බෙව නො හෙතං භන්තෙ, යථාභූතං සම්මප්පඤ්ඤාය සුදිට්ඨං: ඉතිපි මෙ ඡ විඤ්ඤාණකායා අනිච්චා’ති.
Sinhala BJTවහන්ස, තෙල නො නිසි වේ මැ යැ. ඒ කවර හෙයින යත්: වහන්ස, අප විසින් පළමු ව තෙල යථාභූතය සම්‍යක් ප්‍රඥායෙන් මොනොවට දක්නා ලදි: ‘මේ හේතුයෙනුදු මේ සවැදෑරුම් විඥානකායයෝ අනිත්‍යයහ’ කියා යි.
Pali BJTසාධු සාධු භගිනියො, එවං හෙතං භගිනියො, හොති අරියසාවකස්ස යථාභූතං සම්මප්පඤ්ඤාය පස්සතො.
Sinhala BJTමැනව මැනව බුහුනැණියෙනි. මෙසේ බුහුනැණියෙනි, තෙල යථාභූතය සම්‍යක්ප්‍රඥායෙන් දක්නා ආර්‍ය්‍යශ්‍රාවකයක් හට තෙල සිත් වේ මැ යි.
Pali BJTසෙය්යථාපි භගිනියො, තෙලප්පදීපස්ස ඣායතො තෙලම්පි අනිච්චං විපරිණාමධම්මං, වට්ටිපි අනිච්චා විපරිණාමධම්මා, අච්චිපි අනිච්චා විපරිණාමධම්මා, ආභාපි අනිච්චා විපරිණාමධම්මා. යො නු ඛො භගිනියො එවං වදෙය්ය, ‘අමුස්ස තෙලප්පදීපස්ස ඣායතො තෙලම්පි අනිච්චං විපරිණාමධම්මං, වට්ටිපි අනිච්චා විපරිණාමධම්මා, අච්චිපි අනිච්චා විපරිණාමධම්මා, යා ඛ්වාස්ස ආභා, සා නිච්චා ධුවා සස්සතා අවිපරිණාමධම්මා’ති. සම්මා නු ඛො සො භගිනියො, වදමානො වදෙය්යාති.
Sinhala BJTබුහුනැණියෙනි, යම් පරිදි දැල්වෙන තෙල් පහනක්හුගේ තෙල ද අනිත්‍ය වේ ද පෙරැළෙන සැහැවි ඇති වේ ද, වැටි ද අනිත්‍ය විපරිණාමධර්‍ම වේ ද, සිළු ද අනිත්‍ය විපරිණාම ධර්‍ම වේ ද, එලි ද අනිත්‍ය විපරිණාමධර්‍ම වේ ද, බුහුනැණියෙනි, යමෙක් ‘මේ දැල්වෙන තෙල් පහනෙහි තෙල ද අනිත්‍ය යැ විපරිණාම ධර්‍ම යැ, වැටි ද අනිත්‍ය යැ විපරිණාම ධර්‍ම යැ, සිළු ද අනිත්‍ය යැ විපරිණාම ධර්‍ම යැ, මේ ප්‍රදීපයාගේ යම් එළියෙක් ඇද්ද ඒ නිත්‍ය යැ ධ්‍රැව යැ ශාශ්වත යැ අවිපරිණාමධර්‍ම යැ’ යි මෙසේ කියා නම් බුහුනැණියෙනි, ඒ බණන්නා මැනැවක් බෙණේ දැ? යි.
Pali BJTනො හෙතං භන්තෙ. තං කිස්ස හෙතු: අමුස්ස හි භන්තෙ, තෙලප්පදීපස්ස ඣායතො තෙලම්පි අනිච්චං විපරිණාමධම්මං, වට්ටිපි අනිච්චා විපරිණාමධම්මා, අච්චිපි අනිච්චා විපරිණාමධම්මා, පගෙවස්ස ආභා අනිච්චා විපරිණාමධම්මා’ති.
Sinhala BJTවහන්ස, තෙල මැනැවෙක් නො වේ මැ යැ. ඒ කවර හෙයින යත්: මේ දැල්වෙන තෛල ප්‍රදීපයාගේ තෙල ද අනිත්‍ය යැ විපරිණාමධර්‍ම යැ, වැටි ද අනිත්‍ය යැ විපරිණාමධර්‍ම යැ, සිළු ද අනිත්‍ය විපරිණාම ධර්‍ම යැ, කැල මැ තෙල ප්‍රදීපයාගේ එළිය අනිත්‍ය විපරිණාමධර්‍ම වේ ද එහෙයිනි.
Pali BJTඑවමෙව ඛො භගිනියො, යො නු ඛො එවං වදෙය්ය, ඡ හි ඛො ඉමා අජ්ඣත්තිකා ආයතනා අනිච්චා, යඤ්ච ඛො ඡ අජ්ඣත්තිකෙ ආයතනෙ පටිච්ච පටිසංවෙදෙති සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා, තං නිච්චං ධුවං සස්සතං අවිපරිණාමධම්මන්ති. සම්මා{1} නු ඛො සො භගිනියො, වදමානො වදෙය්යා’ති.
Sinhala BJTඑපරිදි මැ බුහුනැණියෙනි, යමෙක් ‘මේ අධ්‍යාත්මික ෂඩායතනයෝ අනිත්‍යයහ. අධ්‍යාත්මික ෂඩායතනයන් නිසා යම් සුඛයක් හෝ දුඃඛයක් හෝ උපේක්‍ෂාවේදනාවක් හෝ විඳුනේ නම් ඒ නිත්‍ය යැ ධ්‍රැව යැ ශාශ්වත යැ අවිපරිණාමධර්‍ම යැ’ යි මෙසේ කියා නම් බුහුනැණියෙනි, බණන හේ මොනොවට බණන්නේ වේ ද?
Pali BJTනො හෙතං භන්තෙ. තං කිස්ස හෙතු, ‘තජ්ජං තජ්ජං භන්තෙ. පච්චයං පටිච්ච තජ්ජා තජ්ජා වෙදනා උප්පජ්ජන්ති. තජ්ජස්ස තජ්ජස්ස පච්චයස්ස නිරොධා තජ්ජා තජ්ජා වෙදනා නිරුජ්ඣන්තී’ති.
Sinhala BJTවහන්ස, තෙල බිණීම මනා නො වේ මැ යැ. ඒ කවර හෙයින යත්: නන් නන් ස්වභාව වූ ප්‍රත්‍යය නිසා තත් තත් ස්වභාව වූ වේදනාවෝ උපදිති. තත් තත් ස්වභාව වූ ප්‍රත්‍යයාගේ නිරෝධයාගේ තත් තත් ස්වභාව වූ වේදනාවෝ නිරුද්ධ වෙති, එහෙයිනි.
Pali BJTසාධු සාධු භගිනියො, එවං හෙතං භගිනියො, හොති අරියසාවකස්ස යථාභූතං සම්මප්පඤ්ඤාය පස්සතො.
Sinhala BJTමැනැව මැනැව බුහුනැණියෙනි, යථාභූතය සම්‍යක්ප්‍රඥායෙන් දක්නා ආර්‍ය්‍යශ්‍රාවකයක් හට තෙල සිත් වේ මැ යැ.
Pali BJTසෙය්යථාපි භගිනියො, මහතො රුක්ඛස්ස තිට්ඨතො සාරවතො මූලම්පි අනිච්චං විපරිණාමධම්මං, ඛන්ධොපි අනිච්චො විපරිණාමධම්මො, සාඛාපලාසම්පි අනිච්චං විපරිණාමධම්මං, ඡායාපි අනිච්චා විපරිණාමධම්මා. යො නු ඛො භගිනියො, එවං වදෙය්ය: ‘අමුස්ස මහතො රුක්ඛස්ස තිට්ඨතො සාරවතො මූලම්පි අනිච්චං විපරිණාමධම්මං, ඛන්ධොපි අනිච්චො විපරිණාමධම්මො, සාඛාපලාසම්පි අනිච්චං විපරිණාමධම්මං, යා ච ඛ්වාස්ස ඡායා සා නිච්චා ධුවා සස්සතා අවිපරිණාමධම්මා’ති. සම්මා නු ඛො සො භගිනියො, වදමානො වදෙය්යා’ති.
Sinhala BJTබුහුනැණියෙනි, යම්සේ මුල් බැස සිටි සාරවත් මහාවෘක්‍ෂයක්හුගේ මුල ද අනිත්‍ය විපරිණාමධර්‍ම වේ ද, කඳ ද අනිත්‍ය විපරිණාමධර්‍ම වේ ද, ශාඛාපලාස ද අනිත්‍ය විපරිණාමධර්‍ම වේ ද, සෙවණ ද අනිත්‍ය විපරිණාමධර්‍ම වේ ද, බුහුනැණියෙනි, යමෙක් මුල් බැසසිටි සාරවත් මේ මහාවෘක්‍ෂයාගේ මුල ද අනිත්‍ය විපරිණාමධර්‍ම යැ යි කඳ ද අනිත්‍ය විපරිණාමධර්‍ම යැ යි අතුකොළ ද අනිත්‍ය විපරිණාමධර්‍ම යැ යි ද මේ වෘක්‍ෂයාගේ යම් සෙවණෙක් ඇද්ද ඒ නිත්‍ය යැ ධ්‍රැව යැ ශාශ්වත යැ අවිපරිණාමධර්‍ම යැ’ යි මෙසේ කියා ද, බුහුනැණියෙනි, බණන හේ මොනොවට බෙණේ දැ යි.
Pali BJTනො හෙතං භන්තෙ. තං කිස්ස හෙතු: ‘අමුස්ස හි භන්තෙ, මහතො රුක්ඛස්ස තිට්ඨතො සාරවතො මූලම්පි අනිච්චං විපරිණාමධම්මං, ඛන්ධොපි අනිච්චො විපරිණාමධම්මො, සාඛාපලාසම්පි අනිච්චං විපරිණාමධම්මං, පගෙවස්ස ඡායා අනිච්චා විපරිණාමධම්මා’ති.
Sinhala BJTවහන්ස, තෙල මනා බිණීමෙක් නො වේ මැ යැ. ඒ කවර හෙයින යත්: වහන්ස, මුල් බැස සිටුනා සාරවත් වූ මහාවෘක්‍ෂයාගේ මුල ද අනිත්‍ය විපරිණාමධර්‍ම වේ ද, කඳ ද අනිත්‍ය විපරිණාමධර්‍ම වේ ද, අතු කොළ දෑ ද අනිත්‍ය විපරිණාමධර්‍ම වේ ද, කැල මැ මේ වෘක්‍ෂයාගේ සෙවණ අනිත්‍ය විපරිණාමධර්‍ම වේ ද එහෙයිනි.
Pali BJTඑවමෙව ඛො භගිනියො, යො නු ඛො එවං වදෙය්ය: ඡ ඛො මෙ බාහිරා ආයතනා අනිච්චා විපරිණාමධම්මා. යඤ්ච ඛො ඡ බාහිරෙ ආයතනෙ පටිච්ච පටිසංවෙදෙමි සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා, තං නිච්චං ධුවං සස්සතං අවිපරිණාමධම්මන්ති, සම්මා නු ඛො සො භගිනියො, වදමානො වදෙය්යා’ති.
Sinhala BJTඑපරිදි මැ බුහුනැණි යෙනි, යමෙක් ‘මේ බාහිර ෂඩායතනයෝ අනිත්‍ය විපරිණාම ධර්‍මයහ. බාහිර ෂඩායතනයන් නිසා යම් සුඛයක් හෝ දුඃඛයක් හෝ උපේක්‍ෂා වේදනාවක් හෝ විඳුනේ නම් එය නිත්‍ය යැ ධ්‍රැව යැ ශාශ්වත යැ අවිපරිණාමධර්‍ම යැ’ යි මෙසේ බණන්නේ නම්, බුහුනැණියෙනි, මෙසේ බණන හේ මනා කොට බෙණේ’ දැ? යි.
Pali BJTනො හෙතං භන්තෙ. තං කිස්ස හෙතු: තජ්ජං තජ්ජං භන්තෙ, පච්චයං පටිච්ච තජ්ජා තජ්ජා වෙදනා උප්පජ්ජන්ති. තජ්ජස්ස තජ්ජස්ස පච්චයස්ස නිරොධා තජ්ජා තජ්ජා වෙදනා නිරුජ්ඣන්තී’ති.
Sinhala BJTවහන්ස, තෙල නො වේ මැ යැ, ඒ කවර හෙයින යත්: තත් තත් ස්වභාව වූ ප්‍රත්‍යය නිසා තත් තත් ස්වභාව වූ වේදනාවෝ උපදිති. තත් තත් ස්වභාව වූ ප්‍රත්‍යයාගේ නිරෝධයෙන් තත් තත් ස්වභාව වූ වේදනාවෝ නිරුද්ධ වෙත්, එහෙයිනි.
Pali BJTසාධු සාධු භගිනියො, එවං හෙතං භගිනියො, හොති අරියසාවකස්ස යථාභූතං සම්මප්පඤ්ඤාය පස්සතො.
Sinhala BJTමැනැව මැනැව බුහුනැණියෙනි, යථාභූතය සම්‍යක් ප්‍රඥායෙන් දක්නා ආර්‍ය්‍යශ්‍රාවකයා හට තෙල සිත් වේ මැ යි.
Pali BJTසෙය්යථාපි භගිනියො, දක්ඛො ගොඝාතකො වා ගොඝාතකන්තෙවාසී වා ගාවිං වධිත්වා තිණ්හෙන. ගොවිකන්තනෙන ගාවිං විකන්තෙය්ය,{1} අනුපහච්ච අන්තරං මංසකායං, අනුපහච්ච බාහිරං චම්මකායං, යං යදෙව තත්ථ අන්තරා විලීමංසං, අන්තරා නහාරූ, අන්තරා බන්ධනං, තං තදෙව තිණ්හෙන ගොවිකන්තනෙන සඤ්ඡින්දෙය්ය සඞ්කන්තෙය්ය සම්පකන්තෙය්ය සම්පරිකන්තෙය්ය. සඤ්ඡින්දිත්වා සඞ්කන්තිත්වා සම්පකන්තිත්වා සම්පරිකන්තිත්වා විධුනිත්වා බාහිරං චම්මකායං තෙනෙව චම්මෙන තං ගාවිං පටිච්ඡාදෙත්වා එවං වදෙය්ය: ‘තථෙවායං ගාවී සංයුත්තා ඉමිනාව චම්මෙනා’ති. සම්මා නු ඛො සො භගිනියො, වදමානො වදෙය්යා’ති.
Sinhala BJTයම්සේ බුහුනැණියෙනි, දක්‍ෂ වූ ගවඝාතකයෙක් හෝ ගවඝාතක අතැවැසියෙක් හෝ ගවදෙනක නසා තියුණු ගෙරි කපන කැත්තෙන් ගවදෙන වෙන් කොට කපන්නේ වේ ද, අතර මාංශකාය නො පෙළා බාහිර චර්‍මකාය නො පෙළා යම් යම් එහි අතුරු විලිමස් අතුරු නහර අතුරු බන්‍ධන ඇද්ද, ඒ ඒ දැය මැ තියුණු ගෙරි කපන කැත්තෙන් සිඳුනේ වේ ද බිඳ කපන්නේ වේ ද වෙසෙසින් බිඳ කපන්නේ වේ ද හාත්පසින් බිඳ කපන්නේ වේ ද හාත්පසින් සිඳ හාත්පසින් කපා හාත්පසින් මොනොවට කපා මෙසේ බාහිර සම්කය ගලවාගෙන ඒ සමින් මැ ඒ දෙන වසා මෙසේ කියන්නේ වේ ද මේ සමින් මැ තුබූ සැටි මැ ගෙන ‘සංයුක්ත’ යයි. බුහුනැණියෙනි, බණන හේ මොනොවට බණන්නේ වේ ද?
Pali BJTනො හෙතං භන්තෙ. තං කිස්ස හෙතු: අමු හි භන්තෙ, දක්ඛො ගොඝාතකො වා ගොඝාතකන්තෙවාසී වා ගාවිං වධිත්වා තිණ්හෙන ගොවිකන්තනෙන ගාවිං සඞ්කන්තෙය්ය අනුපහච්ච අන්තරං මංසකායං. අනුපහච්ච බාහිරං චම්මකායං. යං යදෙව තත්ථ අන්තරා විලීමංසං, අන්තරා නහාරූ, අන්තරා බන්ධනං, තං තදෙව තිණ්හෙන ගොවිකන්තනෙන සඤ්ඡින්දෙය්ය, සඞ්කන්තෙය්ය, සම්පකන්තෙය්ය, සම්පරිකන්තෙය්ය. සඤ්ඡින්දිත්වා සඞ්කන්තිත්වා සම්පකන්තිත්වා සම්පරිකන්තිත්වා විධුනිත්වා බාහිරං චම්මකායං තෙනෙව චම්මෙන තං ගාවිං පටිච්ඡාදෙත්වා කිඤ්චාපි සො එවං වදෙය්ය: ‘තථෙවායං ගාවී සංයුත්තා ඉමිනාව චම්මෙනා’ති. අථ ඛො සා ගාවී විසංයුත්තා තෙනෙව චම්මෙනා’ති.
Sinhala BJTවහන්ස, තෙල නො වන්නේ මැ යැ. ඒ කවර හෙයින යත්: වහන්ස, දක්‍ෂ වූ මේ ගෝඝාතක වේවයි ගවඝාතක අතැවැසි වේවයි දෙනක මරා තියුණු ගෙරි කපන කැත්තෙන් අතර මස්කය නො පෙළා බැහැර සම්කය නො පෙළා එහි යම් යම් අතුරු විලිමස් අතුරු නහර අතුරු බැඳුම් ඇද්ද, ඒ ඒ දැය මැ තියුණු ගෙරි කපන කැත්තෙන් මොනොවට වෙන් කරනුයේ මොනොවට කපනුයේ මොනොවට හාත්පස කපනුයේ මොනොවට වෙන් කොට කපනුයේ වේ ද, මොනොවට වෙන් කොට, මොනොවට කපා, මොනොවට වෙන් කොට කපා, බැහැර සම්කය උපුටා ගෙන ඒ සමින් මැ ඒ දෙන වසා ‘මේ සමින් මැ මේ දෙන තුබූ සැටි මැ සංයුක්ත වැ ඇතැ’ යි හෝ මෙසේ කියන්නේ නමුදු වැලි ඒ දෙන ඒ සමින් විසංයුක්ත මැ වේද, එහෙයිනි.
Pali BJTඋපමා ඛො මෙ අයං භගිනියො, කතා අත්ථස්ස විඤ්ඤාපනාය. අයමෙවෙත්ථ අත්ථො: ‘අන්තරා මංසකායොති ඛො භගිනියො ඡන්නෙතං අජ්ඣත්තිකානං ආයතනානං අධිවචනං. බාහිරො චම්මකායොති ඛො භගිනියො, ඡන්නෙතං බාහිරානං ආයතනානං අධිවචනං. අන්තරා විලීමංසං අන්තරා නහාරූ අන්තරා බන්ධනන්ති ඛො භගිනියො, නන්දීරාගස්සෙතං අධිවචනං. තිණ්හං ගොවිකන්තනන්ති ඛො භගිනියො, අරියායෙතං පඤ්ඤාය අධිවචනං. යා’යං අරියා පඤ්ඤා අන්තරා කිලෙසං අන්තරා සඤ්ඤොජනං අන්තරා බන්ධනං සඤ්ඡින්දති සඞ්කන්තති සම්පකන්තති සම්පරිකන්තති.
Sinhala BJTබුහුනැණියෙනි, මා විසින් අර්‍ත්‍ථය හඟවනු සඳහා මේ උපමා කරනලදු. මේ මේ මැ අර්‍ත්‍ථ යැ: බුහුනැණියෙනි, ‘අතුරු මස්කය යැ’ යන තෙල සවැදෑරුම් අධ්‍යාත්මික ආයතනයට නමි. බුහුනැණියෙනි, ‘බාහිර චර්‍මකාය යැ’ යන තෙල සවැදෑරුම් වාහ්‍යායතනයනට නමි. බුහුනැණියෙනි, ‘අතුරු විලිමස් යැ අතුරු නහර යැ අතුරු බන්‍ධන යැ’ යන තෙල නන්‍දිරාගයට නමෙකි. බුහුනැණියෙනි, ‘තියුණු ගෙරි කපන සැත යැ’ යන තෙල ආර්‍ය්‍යප්‍රඥාවට නමෙකි. යම් ආර්‍ය්‍යමාර්‍ගඥානයක් අතුරු කෙලෙස් අතුරු සංයෝජන අතුරු බන්‍ධන මොනොවට සිඳී ද මොනොවට කපා ද මොනවට ප්‍රකාරයෙන් කපා ද මොනවට හාත්පසින් කපා ද එය යි.
Pali BJTසත්ත ඛො ඉමෙ භගිනියො, බොජ්ඣඞ්ගා යෙසං භාවිතත්තා බහුලීකතත්තා භික්ඛු ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨෙවධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරති. කතමෙ සත්ත: ඉධ භගිනියො, භික්ඛු සතිසම්බොජ්ඣඞ්ගං භාවෙති විවෙකනිස්සිතං විරාගනිස්සිතං නිරොධනිස්සිතං වොස්සග්ගපරිණාමිං, ධම්මවිචයසම්බොජ්ඣඞ්ගං භාවෙති -පෙ- විරියසම්බොජ්ඣඞ්ගං භාවෙති -පෙ- භාවෙති -පෙ- පස්සද්ධිසම්බොජ්ඣඞ්ගං භාවෙති -පෙ- සමාධිසම්බොජ්ඣඞ්ගං භාවෙති -පෙ- උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගං භාවෙති විවෙකනිස්සිතං විරාගනිස්සිතං නිරොධනිස්සිතං වොස්සග්ගපරිණාමිං. ඉමෙ ඛො භගිනියො, සත්ත බොජ්ඣඞ්ගා: යෙසං භාවිතත්තා බහුලීකතත්තා භික්ඛු ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරතී’ති.
Sinhala BJTබුහුනැණියෙනි, මේ බෝධ්‍යඞ්ගයෝ සත්දෙනෙක් වෙති. යම් බෝධ්‍යඞ්ග කෙනකුන් වැඩු හෙයින් බහුල කළ හෙයින් මහණ ආස්‍රවයන්ගේ ක්‍ෂය වීමෙන් අනාස්‍රව වූ චිත්තවිමුක්තිය ප්‍රඥාවිමුක්තිය ඉහාත්මයෙහි තෙමේ මැ නුවණින් දැන ප්‍රත්‍යක්‍ෂ කොට ඊට පැමිණ වෙසේ ද, කවර සත්දෙනෙක යත්: බුහුනැණියෙනි, මෙ සස්නෙහි මහණ විවේකනිඃශ්‍රිත වූ විරාගනිඃශ්‍රිත වූ නිරෝධනිඃශ්‍රිත වූ වොස්සග්ගයට පිරිනැමුණු ස්මෘතිසම්බොධ්‍යඞ්ගය වඩයි. ... ධර්‍මවිචයසම්බෝධ්‍යඞ්ගය වඩයි. ... වීර්‍ය්‍යසම්බෝධ්‍යඞ්ගය වඩයි. ... ප්‍රීතිසම්බෝධ්‍යඞ්ගය වඩයි. ... ප්‍රශ්‍රබ්ධිසම්බෝධ්‍යඞ්ගය වඩයි. ... සමාධිසම්බෝධ්‍යඞ්ගය වඩයි. විවේකනිඃශ්‍රිත වූ විරාගනිඃශ්‍රිත වූ නිරෝධනිඃශ්‍රිත වූ වොස්සග්ගයට පිරිනැමුණු උපේක්‍ෂාසම්බෝධ්‍යඞ්ගය වඩයි. බුහුනැණියෙනි, යම් බෝධ්‍යඞ්ග කෙනකුන් භාවිත බහුලීකෘත හෙයින් මහණ ආස්‍රවයන්ගේ ක්‍ෂය වීමෙන් අනාස්‍රව වූ ඵලසමාධිය ද ඵලප්‍රඥාව ද ඉහාත්මයෙහි තෙමේ මැ නුවණින් දැන ප්‍රත්‍යක්‍ෂ කොට උපයා වෙසේ ද එබඳුවූ මේ සප්තබෝධ්‍යඞ්ගයෝ යි.
Pali BJTඅථ ඛො ආයස්මා නන්දකො තා භික්ඛුනියො ඉමිනා ඔවාදෙන ඔවදිත්වා උය්යොජෙසි: ‘ගච්ඡථ භගිනියො, කාලො’ති.
Sinhala BJTඉක්බිති ආයුෂ්මත් නන්‍දක තෙරණුවෝ ඒ මෙහෙණනට මේ අවවාදයෙන් ඔවා දී ‘යව බුහුනැණියෙනි, කලැ’ යි යවාලූහ.
Pali BJTඅථ ඛො තා භික්ඛුනියො ආයස්මතො නන්දකස්ස භාසිතං අභිනන්දිත්වා අනුමොදිත්වා උට්ඨායාසනා ආයස්මන්තං නන්දකං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා යෙන භගවා, තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං අට්ඨංසු. එකමන්තං ඨිතා ඛො තා භික්ඛුනියො භගවා එතදවොච: ‘ගච්ඡථ, භික්ඛුනියො කාලො’ති.
Sinhala BJTඑසඳ ඒ මෙහෙණහු ආයුෂ්මත් නන්‍දක තෙරණුවන්ගේ භාෂිතය අභිනන්‍දනා කොට අනුමෝදන් වැ හුනස්නෙන් නැගී ආයුෂ්මත් නන්‍දක තෙරුන් වැඳ පැදකුණු කොට භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස්වැ සිටියහ. එකත්පස් වැ සිටි ඒ භික්‍ෂුණීන්ට බුදුහු තෙල කරුණ වදාළහ: ‘යව මෙහෙණෙනි, කලැ’ යි.