Pali BJTසච්චවිභඞ්ග සුත්තං එකාදසමං.
Sinhala BJTඑකොළොස් වැනි සච්චවිභඞ්ග සූත්‍ර යි.
Pali BJT3. 4. 12.
Sinhala BJT3. 4. 12.
Pali BJTදක්ඛිණාවිභඞ්ග සුත්තං
Sinhala BJTදක්ඛිණාවිභඞ්ග සූත්‍රය
Pali BJTඑවං මෙ සුතං: එකං සමයං භගවා සක්කෙසු විහරති කපිලවත්ථුස්මිං නිග්රොධාරාමෙ. අථ ඛො මහාපජාපතී ගොතමී නවං දුස්සයුගං ආදාය යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නා ඛො මහාපජාපතී ගොතමී භගවන්තං එතදවොච:
Sinhala BJTමා විසින් මෙසේ අසන ලද: එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ කිඹුල්වත්පුර නිග්‍රෝධාරාමයෙහි වැඩ වාස කරන සේක. එකල ගොයුම්ගොත් මහාප්‍රජාපතීදේවි අළුත් පිළී සඟළක් ගෙන භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියෝ. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස්වැ හුන්හ. එකත්පස්වැ හුන් ගොයුම්ගොත් මහාප්‍රජාපතීදේවි භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කොළෝ:
Pali BJTඉදං මෙ භන්තෙ, නවං දුස්සයුගං භගවන්තං උද්දිස්ස සාමං කන්තං සාමං වායිතං. තං මෙ භන්තෙ, භගවා පතිගණ්හාතු අනුකම්පං උපාදායා’ති. එවං වුත්තෙ භගවා මහාපජාපතිං ගොතමිං එතදවොච: සඞ්ඝෙ ගොතමී දෙහි. සඞ්ඝෙ තෙ දින්නෙ අහඤ්චෙව පූජිතො භවිස්සාමි සඞ්ඝො චා’ති. දුතියම්පි ඛො මහාපජාපතී ගොතමී භගවන්තං එතදවොච: ඉදං මෙ -පෙ- අනුකම්පං උපාදායා’ති. දුතියම්පි ඛො භගවා මහාපජාපතිං ගොතමිං එතදවොච: සඞ්ඝෙ ගොතමි දෙහි. සඞ්ඝෙ තෙ දින්නෙ අහඤ්චෙව පූජිතො භවිස්සාමි සඞ්ඝො චා’ති. තතියම්පි ඛො මහාපජාපතී ගොතමී භගවන්තං එතදවොච: ඉදං මෙ භන්තෙ -පෙ- අනුකම්පං උපාදායා’ති. තතියම්පි ඛො භගවා මහාපජාපතිං ගොතමිං එතදවොච: සඞ්ඝෙ ගොතමී දෙහි. සඞ්ඝෙ තෙ දින්නෙ අහඤ්චෙව පූජිතො භවිස්සාමි සඞ්ඝො චා’ති.
Sinhala BJTවහන්ස, මා සතු මේ අළුත් පිළීසඟළ භාග්‍යවතුන් වහන්සේ උදෙසා තමන් විසින් මැ නූල් කැට වියන ලද. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ මාගේ ඒ පිළීසඟළ අනුකම්පා පිණිස පිළිගන්නාසේක්වා. මෙසේ කී කළ භාග්‍යවතුන් වහන්සේ මහාප්‍රජාපතී ගොයුම්ගොතුවට තෙල වදාළසේක. ගොයුම්ගොතුව, සංඝයා විෂයෙහි දෙව, තොප විසින් සංඝයා විෂයෙහි දුන් කල මම ද පූජිතයෙමි, සංඝයා ද පූජිත වෙයි. දෙවනවට ද ගොයුම්ගොත් මහාප්‍රජාපතී දේවි භාග්‍යවතුන් වහන්සේට තෙල සැලකොළෝ. වහන්ස, මා සතු මේ පිළීසඟළ ... අනුකම්පා පිණිස පිළිගන්නේ මැනැව. දෙවනවට ද භාග්‍යවතුන් වහන්සේ මහාප්‍රජාපතී ගොයුම්ගොතුවට තෙල වදාළසේක. ගොයුම්ගොතුව, සංඝයා විෂයෙහි දෙව, තොප විසින් සංඝයා විෂයෙහි දුන් කල මම ද පූජිතයෙමි, සංඝයා ද පූජිත වෙයි. තුන්වනවට ද ගොයුම්ගොත් මහාප්‍රජාපතී දේවි භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කොළෝ: වහන්ස, මා සතු මේ පිළීසඟළ ... අනුකම්පා පිණිස පිළිගන්නේ මැනැවැ යි. තුන්වනවට ද භාග්‍යවතුන් වහන්සේ මහාප්‍රජාපතී ගොයුම්ගොතුවට තෙල වදාළහ: ගොයුම්ගොතුව, සංඝයා විෂයෙහි දෙව, තොප විසින් සංඝයා විෂයෙහි දුන් කල මම ද පූජිතයෙමි, සංඝයා ද පූජිත වෙයි.” කියා යි.
Pali BJTඑවං වුත්තෙ ආයස්මා ආනන්දො භගවන්තං එතදවොච: ‘පතිගණ්හාතු භන්තෙ, භගවා මහාපජාපතියා ගොතමියා නවං දුස්සයුගං. බහූපකාරා{1} භන්තෙ, මහාපජාපතී ගොතමී භගවතො මාතුච්ඡා ආපාදිකා පොසිකා ඛීරස්ස දායිකා, භගවන්තං ජනෙත්තියා කාලකතාය{2} ථඤ්ඤං පායෙසි. භගවාපි භන්තෙ, බහූපකාරො මහාපජාපතියා ගොතමියා. භගවන්තං භන්තෙ, ආගම්ම මහාපජාපතී ගොතමී බුද්ධං සරණං ගතා, ධම්මං සරණං ගතා, සඞ්ඝං සරණං ගතා. භගවන්තං භන්තෙ, ආගම්ම මහාපජාපතී ගොතමී පාණාතිපාතා පටිවිරතා, අදින්නාදානා පටිවිරතා, කාමෙසුමිච්ඡාචාරා පටිවිරතා, මුසාවාදා පටිවිරතා, සුරාමෙරයමජ්ජපමාදට්ඨානා පටිවිරතා. භගවන්තං භන්තෙ, ආගම්ම මහාපජාපතී ගොතමී බුද්ධෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතා, ධම්මෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතා, සඞ්ඝෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතා, අරියකන්තෙහි සීලෙහි සමන්නාගතා. භගවන්තං භන්තෙ, ආගම්ම මහාපජාපතී ගොතමී දුක්ඛෙ නික්කඞ්ඛා, දුක්ඛසමුදයෙ නික්කඞ්ඛා, දුක්ඛනිරොධෙ නික්කඞ්ඛා, දුක්ඛනිරොධගාමිනියා පටිපදාය නික්කඞ්ඛා. භගවාපි භන්තෙ බහූපකාරො මහාපජාපතියා ගොතමියාති.
Sinhala BJTමෙසේ වදාළ කල ආයුෂ්මත් අනඳ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කළහ. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ ගොයුම්ගොත් මහාප්‍රජාපතී දෙවියගේ අළුත් පිළීසඟළ පිළිගන්නේ මැනැවැ. වහන්ස, ගොයුම්ගොත් මහාප්‍රජාපතීදේවිය භාග්‍යවතුන් වහන්සේට බොහෝ උපකාර ඇතියහ, කුඩාමව වූහ, අත්පා වැඩූහ, පොෂණය කළහ, කිරි දුන්හු යයි. වැදූ මව කලුරිය කළ කල භාග්‍යවතුන් වහන්සේට කිරි පෙවූහ. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ ද ගොයුම්ගොත් මහාප්‍රජාපතීදේවිය ට බොහෝ උපකාර ඇතියහ. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ ලදින් ගොයුම්ගොත් මහාප්‍රජාපතීදේවි බුදුන් සරණ ගිය, දහම් සරණ ගියහ, සඟුන් සරණ ගියහ. වහන්ස, ගොයුම්ගොත් මහාප්‍රජාපතීදේවි භාග්‍යවතුන් වහන්සේ ලදින් පණිවායෙන් දුරු වූහ. අයිනාදනින් දුරු වූහ. කාමයෙහි මිසහසරින් දුරු වූහ. මුසවායෙන් දුරු වූහ. මද පමා දෙකට කරුණු වූ රහමෙරින් දුරු වූහ. වහන්ස, ගොයුම්ගොත් මහාප්‍රජාපතී දෙවි භාග්‍යවතුන් වහන්සේ ලදින් බුද්ධරත්නය කෙරෙහි අවෙත්‍යප්‍රසාදයෙන් සමන්‍වාගතයහ, ධර්‍මරත්නය කෙරෙහි අවෙත්‍යප්‍රසාදයෙන් සමන්‍වාගතයහ, සඞ්ඝරත්නය කෙරෙහි අවෙත්‍යප්‍රසාදයෙන් සමන්‍වාගතයහ, ආර්‍ය කාන්ත ශීලයෙන් සමන්‍වාගතයහ. වහන්ස, ගොයුම්ගොත් මහාප්‍රජාපතීදේවි භාග්‍යවතුන් වහන්සේ ලදින් දුඃඛසත්‍යයෙහි නිසැක වූහ, දුඃඛසමුදයසත්‍යයෙහි නිසැක වූහ, දුඃඛනිරෝධසත්‍යයෙහි නිසැක වූහ, දුඃඛනිරෝධගාමී ප්‍රතිපදා සත්‍යයෙහි නිසැක වූහ. වහන්සේ, (මෙසේ) භාග්‍යවතුන් වහන්සේ ද ගෞතමගෝත්‍ර මහාප්‍රජාපතීදේවියට බොහෝ වහල් වූහ යි.
Pali BJTඑවමෙතං ආනන්ද, එවමෙතං ආනන්ද, යං හි ආනන්ද, පුග්ගලො පුග්ගලං ආගම්ම බුද්ධං සරණං ගතො හොති, ධම්මං සරණං ගතො හොති, සඞ්ඝං සරණං ගතො හොති, ඉමස්සානන්ද, පුග්ගලස්ස ඉමිනා පුග්ගලෙන න සුප්පතිකාරං වදාමි, යදිදං අභිවාදනපච්චුට්ඨානඅඤ්ජලිකම්මසාමීචිකම්මචීවරපිණ්ඩපාතසෙනාසනගිලානප්පච්චයභෙසජ්ජපරික්ඛාරානුප්පදානෙන.
Sinhala BJTආනන්‍දය, තෙල එසේ යැ, ආනන්‍දය, තෙල එසේ යැ, ආනන්‍දය, යම් හෙයෙකින් පුද්ගලයෙක් පුද්ගලයකු ලදින් බුදුන් සරණ ගියේ වේ ද, දහම් සරණ ගියේ වේ ද, සඟුන් සරණ ගියේ වේ ද ආනන්‍දය, මේ පුද්ගලයාහට මේ පුද්ගලයා විසින් උපකාර සඞ්ඛ්‍යාත මනා ප්‍රතික්‍රියා නො කටහැකි යයි කියමි. කිමෙකින යත්: අභිවාදන ප්‍රත්‍යුත්‍ථාන අඤ්ජලිකර්‍ම සාමීචිකර්‍ම චීවර පිණ්ඩපාත ශයනාසන ග්ලානප්‍රත්‍යය භෛෂජ්‍ය පරීක්‍ෂාකාර යන මේ දීමෙන.
Pali BJTයං හානන්ද, පුග්ගලො පුග්ගලං ආගම්ම. පාණාතිපාතා පටිවිරතො හොති, අදින්නාදානා පටිවිරතො හොති, කාමෙසු මිච්ඡාචාරා පටිවිරතො හොති, මුසාවාදා පටිවිරතො හොති, සුරාමෙරයමජ්ජපමාදට්ඨානා පටිවිරතො හොති. ඉමස්සානන්ද, පුග්ගලස්ස ඉමිනා පුග්ගලෙන න සුප්පතිකාරං වදාමි, යදිදං අභිවාදනපච්චුට්ඨානඅඤ්ජලිකම්මසාමීචිකම්මචීවරපිණ්ඩපාතසෙනාසනගිලානප්පච්චයභෙසජ්ජපරික්ඛාරානුප්පදානෙන.
Sinhala BJTආනන්‍දය, යම් හෙයෙකින් පුද්ගලයෙක් පුද්ගලයකු ලදින් පණිවායෙන් දුරු වූයේ වේ ද, අයිනාදනින් දුරු වූයේ වේ ද, කාමයෙහි මිසහසරින් දුරු වූයේ වේ ද, මුසවායෙන් දුරු වූයේ වේ ද, මද පමා දෙකට කරුණු වූ රහමෙරින් දුරු වූයේ වේ ද, ආනන්‍දය, මේ පුද්ගලයාහට මේ පුද්ගලයා විසින් ප්‍රත්‍යුපකාර නො කට හැකි යයි කියමි. කෙමෙකින යත්: අභිවාදන ප්‍රත්‍යුත්‍ථාන අඤ්ජලිකර්‍ම සාමීචිකර්‍ම චීවර පිණ්ඩපාත ශයනාසන ග්ලානප්‍රත්‍යය භෛසජ්‍යපරීක්‍ෂාකාර දීමෙන.
Pali BJTයං හානන්ද, පුග්ගලො පුග්ගලං ආගම්ම බුද්ධෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො හොති, ධම්මෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො හොති, සඞ්ඝෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො හොති, අරියකන්තෙහි සීලෙහි සමන්නාගතො හොති, ඉමස්සානන්ද, පුග්ගලස්ස ඉමිනා පුග්ගලෙන න සුප්පතිකාරං වදාමි. යදිදං අභිවාදනපච්චුට්ඨානඅඤ්ජලිකම්මසාමීචිකම්මචීවරපිණ්ඩපාතසෙනාසනගිලානප්පච්චයභෙසජ්ජපරික්ඛාරානුප්පදානෙන.
Sinhala BJTආනන්‍දය, යම් හෙයෙකින් පුද්ගලයෙක් පුද්ගලයකු ලදින් බුදුන් කෙරෙහි අවෙත්‍යප්‍රසාදයෙන් සමන්‍වාගත වේ ද, ධර්‍මය කෙරෙහි අවෙත්‍යප්‍රසාදයෙන් සමන්‍වාගත වේ ද, සඞ්ඝයා කෙරෙහි අවෙත්‍යප්‍රසාදයෙන් සමන්‍වාගත වේ ද, ආර්‍ය්‍ය කාන්ත ශීලයෙන් සමන්‍වාගත වේ ද, ආනන්‍දය, මේ පුද්ගලයාහට මේ පුද්ගලයා විසින් සුප්‍රතිකාර නො කට හැකි යයි කියමි. කෙමෙකින යත්: අභිවාදන ප්‍රත්‍යුත්‍ථාන අඤ්ජලිකර්‍ම සාමීචිකර්‍ම චීවර පිණ්ඩපාත ශයනාසන ග්ලානප්‍රත්‍යය භෛසජ්‍යපරීක්‍ෂාකාර දීමෙන.
Pali BJTයං හානන්ද, පුග්ගලො පුග්ගලං ආගම්ම දුක්ඛෙ නික්කඞ්ඛො හොති, දුක්ඛසමුදයෙ නික්කඞ්ඛො හොති, දුක්ඛනිරොධෙ නික්කඞ්ඛො හොති, දුක්ඛනිරොධගාමිනියා පටිපදාය නික්කඞ්ඛො හොති. ඉමස්සානන්ද, පුග්ගලස්ස ඉමිනා පුග්ගලෙන න සුප්පතිකාරං වදාමි, යදිදං අභිවාදනපච්චුට්ඨානඅඤ්ජලිකම්මසාමීචිකම්මචීවරපිණ්ඩපාතසෙනාසනගිලානප්පච්චයභෙසජ්ජපරික්ඛාරානුප්පදානෙන.
Sinhala BJTආනන්‍දය, යම් හෙයෙකින් පුද්ගලයෙක් පුද්ගලයකු ලදින් දුඃඛසත්‍යයෙහි නිසැක වේ ද, දුඃඛසමුදයසත්‍යයෙහි නිසැක වේ ද, දුඃඛනිරෝධසත්‍යයෙහි නිසැක වේ ද, දුඃඛනිරෝධගාමීප්‍රතිපදාසත්‍යයෙහි නිසැක වේ ද, ආනන්‍දය, මේ පුද්ගලයාහට මේ පුද්ගලයා විසින් ප්‍රත්‍යුපකාර නො කට හැකි යයි කියමි. වැඳීම හුනස්නෙන් නැඟීම ඇඳිලි බැඳීම සාමීචිකර්‍ම සිවුරු පිඬුවා සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකර දීම යන මෙයිනැ’ යි.
Pali BJTචුද්දස ඛො පනිමානන්ද, පාටිපුග්ගලිකා දක්ඛිණා. කතමා චුද්දස: තථාගතෙ අරහන්තෙ සම්මාසම්බුද්ධෙ දානං දෙති, අයං පඨමා පාටිපුග්ගලිකා දක්ඛිණා. පච්චෙකබුද්ධෙ{1} දානං දෙති, අයං දුතියා පාටිපුග්ගලිකා දක්ඛිණා. තථාගතසාවකෙ අරහන්තෙ දානං දෙති, අයං තතියා පාටිපුග්ගලිකා දක්ඛිණා. අරහත්තඵලසච්ඡිකිරියාය පටිපන්නෙ දානං දෙති, අයං චතුත්ථි පාටිපුග්ගලිකා දක්ඛිණා. අනාගාමිස්ස දානං දෙති, අයං පඤ්චමී පාටිපුග්ගලිකා දක්ඛිණා. අනාගාමිඵලසච්ඡිකිරියාය පටිපන්නෙ දානං දෙති, අයං ඡට්ඨී පාටිපුග්ගලිකා දක්ඛිණා. සකදාගාමිස්ස දානං දෙති, අයං සත්තමී පාටිපුග්ගලිකා දක්ඛිණා. සකදාගාමිඵලසච්ඡිකිරියාය පටිපන්නෙ දානං දෙති, අයං අට්ඨමී පාටිපුග්ගලිකා දක්ඛිණා. සොතාපන්නෙ දානං දෙති, අයං නවමී පාටිපුග්ගලිකා දක්ඛිණා. සොතාපත්තිඵලසච්ඡිකිරියාය පටිපන්නෙ දානං දෙති, අයං දසමී පාටිපුග්ගලිකා දක්ඛිණා. බාහිරකෙ කාමෙසු වීතරාගෙ දානං දෙති, අයං එකාදසමී පාටිපුග්ගලිකා දක්ඛිණා. පුථුජ්ජනසීලවන්තෙ දානං දෙති, අයං ද්වාදසමී පාටිපුග්ගලිකා දක්ඛිණා. පුථුජ්ජනදුස්සීලෙ දානං දෙති, අයං තෙරසමී පාටිපුග්ගලිකා දක්ඛිණා. තිරච්ඡානගතෙ දානං දෙති, අයං චුද්දසමී පාටිපුග්ගලිකා දක්ඛිණාති.
Sinhala BJTආනන්‍දය, වෙන වෙන පුඟුලා කෙරෙහි පිහිටි මේ දක්‍ෂිණාවෝ තුදුස්දෙනෙකි. කවර තුදුස්දෙනෙක යත්: අර්‍හත් තථාගත සම්‍යක්සම්බුද්ධයන් විෂයෙහි දන් දෙයි, මේ පළමු වන පෞද්ගලික දක්‍ෂිණා යැ. ප්‍රත්‍යෙක බුද්ධයන් විෂයෙහි දන් දෙයි, මේ දෙවන පෞද්ගලික දක්‍ෂිණා යැ. අර්‍හත් තථාගතශ්‍රාවකයා විෂයෙහි දන් දෙයි, මේ තුන් වන පෞද්ගලික දක්‍ෂිණා යැ. රහත්පල පසක් කරන්නට පිළිපන් ශ්‍රාවකයා විෂයෙහි දන් දෙයි, මේ සිව් වන පෞද්ගලික දක්‍ෂිණා යැ. අනාගාමීහට දන් දෙයි, මේ පස්වන පෞද්ගලික දක්‍ෂිණා යැ. අනාගාමීඵල පසක් කරන්නට පිළිපන්නහු කෙරෙහි දන් දෙයි, මේ සවන පෞද්ගලික දක්‍ෂිණා යැ. සෙදගැමිහට දන් දෙයි, මේ සත්වන පෞද්ගලික දක්‍ෂිණා යැ. සෙදගැමිඵල පසක් කරන්නට පිළිපන්නහු කෙරෙහි දන් දෙයි, මේ අටවන පෞද්ගලික දක්‍ෂිණා යැ. සෝවන්හු කෙරෙහි දන් දෙයි, මේ නව වන පෞද්ගලික දක්‍ෂිණා යැ. සෝවත්ඵල පසක් කරන්නට පිළිපන්නහු කෙරෙහි දන් දෙයි, මේ දසවන පෞද්ගලික දක්‍ෂිණා යැ. කාමයෙහි වීතරාග වූ බාහිරක තාපසයා කෙරෙහි දන් දෙයි, මේ එකොළොස්වන පෞද්ගලික දක්‍ෂිණා යැ. පුහුදුන් සිල්වත්හු කෙරෙහි දන් දෙයි, මේ දොළොස් වන පෞද්ගලික දක්‍ෂිණා යැ. පුහුදුන් දුසිල්හු කෙරෙහි දන් දෙයි, මේ තෙළෙස් වන පෞද්ගලික දක්‍ෂිණා යැ. තිරිසන් ගියහු කෙරෙහි දන් දෙයි, මේ තුදුස් වන පෞද්ගලික දක්‍ෂිණා යි.
Pali BJTතත්රානන්ද, තිරච්ඡානගතෙ දානං දත්වා සතගුණා දක්ඛිණා පාටිකඞ්ඛිතබ්බා. පුථුජ්ජනදුස්සීලෙ දානං දත්වා සහස්සගුණා දක්ඛිණා පාටිකඞ්ඛිතබ්බා. පුථුජ්ජනසීලවන්තෙ දානං දත්වා සතසහස්සගුණා දක්ඛිණා පාටිකඞ්ඛිතබ්බා. බාහිරකෙ කාමෙසු වීතරාගෙ දානං දත්වා කොටිසතසහස්සගුණා දක්ඛිණා පාටිකඞ්ඛිතබ්බා. සොතාපත්තිඵලසච්ඡිකිරියාය පටිපන්නෙ දානං දත්වා අසඞ්ඛෙය්යා අප්පමෙය්යා දක්ඛිණා පාටිකඞ්ඛිතබ්බා. කො පන වාදො සොතාපන්නෙ, කො පන වාදො සකදාගාමිඵලසච්ඡිකිරියාය පටිපන්නෙ, කො පන වාදො සකදාගාමිස්ස, කො පන වාදො අනාගාමිඵලසච්ඡිකිරියාය පටිපන්නෙ, කො පන වාදො අනාගාමිස්ස, කො පන වාදො අරහත්තඵලසච්ඡිකිරියාය පටිපන්නෙ, කො පන වාදො තථාගතසාවකෙ අරහන්තෙ, කො පන වාදො පච්චෙකබුද්ධෙ, කො පන වාදො තථාගතෙ අරහන්තෙ සම්මාසම්බුද්ධෙති.
Sinhala BJTආනන්‍දය, ඒ දානයන් කෙරෙහි තිරිසන්ගියහු කෙරෙහි දන් දී සියක් අනුසස් ඇති දක්‍ෂිණායෙක් කැමැති වියයුතු යැ. පෘථග්ජන දුශ්ශීලයා කෙරෙහි දන් දී දහස් අනුසස් ඇති දක්‍ෂිණායෙක් කැමැති වියයුතු යැ. පෘථග්ජන සිල්වත්හු කෙරෙහි දන් දී සියදහස් අනුසස් ඇති දක්‍ෂිණායෙක් කැමැති වියයුතු යැ. කාමයෙහි වීතරාග වූ බාහිරක තවුසා කෙරෙහි දන් දී කෙළලක්‍ෂයක් අනුසස් ඇති දක්‍ෂිණායෙක් කැමැති වියයුතු යැ. සෝවත්ඵල පසක් කරන්නට පිළිපන්නහු කෙරෙහි දන් දී අසඞ්ඛෙය අප්‍රමේය අනුසස් ඇති දක්‍ෂිණායෙක් කැමැති වියයුතු යැ. සෝවන්හු කෙරෙහි කවර කථා යැ? සෙදගැමිඵල පසක් කරන්නට පිළිපන්නහු කෙරෙහි කවර කථා යැ? සෙදගැමිහට කෙරෙහි කවර කථා යැ? අනගැමිඵල පසක් කරන්නට පිළිපන්නහු කෙරෙහි කවර කථා යැ? අනගැමි හට කෙරෙහි කවර කථා යැ? රහත්ඵල පසක් කරන්නට පිළිපන්නහු කෙරෙහි කවර කථා යැ? තථාගතශ්‍රාවක වූ රහත්හු කෙරෙහි කෙරෙහි කවර කථා යැ? ප්‍රත්‍යෙකබුද්ධයන් වහන්සේ කෙරෙහි කවර කථා යැ? තථාගත අර්‍හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ කෙරෙහි කවර කථා යැ?
Pali BJTසත්ත ඛො පනිමානන්ද, සඞ්ඝගතා දක්ඛිණා. කතමා සත්ත: බුද්ධපමුඛෙ උභතො සඞ්ඝෙ දානං දෙති, අයං පඨමා සඞ්ඝගතා දක්ඛිණා. තථාගතෙ පරිනිබ්බුතෙ උභතො සඞ්ඝෙ දානං දෙති. අයං දුතියා සඞ්ඝගතා දක්ඛිණා. භික්ඛුසඞ්ඝෙ දානං දෙති, අයං තතියා සඞ්ඝගතා දක්ඛිණා. භික්ඛුනීසඞ්ඝෙ දානං දෙති, අයං චතුත්ථී සඞ්ඝගතා දක්ඛිණා. ‘එත්තකා මෙ භික්ඛූ ච භික්ඛුනියො ච සඞ්ඝතො උද්දිස්සථා’ති දානං දෙති. අයං පඤ්චමී සඞ්ඝගතා දක්ඛිණා. ‘එත්තකා මෙ භික්ඛූ සඞ්ඝතො උද්දිස්සථා’ති දානං දෙති, අයං ඡට්ඨී සඞ්ඝගතා දක්ඛිණා. ‘එත්තිකා මෙ භික්ඛුනියො සඞ්ඝතො උද්දිස්සථා’ති දානං දෙති, අයං සත්තමී සඞ්ඝගතා දක්ඛිණා.
Sinhala BJTආනන්‍දය, මේ සංඝගත දක්‍ෂිණාවෝ සත් දෙනෙකි: කවර සත් දෙනෙක යත්: බුද්ධප්‍රමුඛ උභාතොසංඝයා කෙරෙහි දන් දෙයි, මේ පළමු වන සංඝගත දක්‍ෂිණා යැ. තථාගතයන් වහන්සේ පිරිනිවී කල උභාතොසංඝයා කෙරෙහි දන් දෙයි, මේ දෙවන සංඝගත දක්‍ෂිණා යැ. භික්‍ෂුසංඝයා කෙරෙහි දන් දෙයි, මේ තුන් වන සංඝගත දක්‍ෂිණා යැ. භික්‍ෂුණීසංඝයා කෙරෙහි දන් දෙයි, මේ සතර වන සංඝගත දක්‍ෂිණා යැ. ‘මෙතෙක් මට භික්‍ෂුහු ද භික්‍ෂුණීහු ද සඟින් උදෙසාලව’ යි දන් දෙයි, මේ පස් වන සංඝගත දක්‍ෂිණා යැ. ‘මෙතෙක් මට භික්‍ෂුහු සඟින් උදෙසාලව’ යි දන් දෙයි, මේ සවන සංඝගත දක්‍ෂිණා යැ. ‘මෙතෙක් මට භික්‍ෂුණීහු සඟින් උදෙසාලව’ යි දන් දෙයි, මේ සත්වන සංඝගත දක්‍ෂිණා යැ.
Pali BJTභවිස්සන්ති ඛො පනානන්ද, අනාගතමද්ධානං ගොත්රභුනො කාසාවකණ්ඨා දුස්සීලා පාපධම්මා, තෙසු දුස්සීලෙසු සඞ්ඝං උද්දිස්ස දානං දස්සන්ති. තදාපහං{1} ආනන්ද, සඞ්ඝගතං දක්ඛිණං අසඞ්ඛෙය්යං අප්පමෙය්යං වදාමි. නත්වෙවාහං ආනන්ද, කෙනචි පරියායෙන සඞ්ඝගතාය දක්ඛිණාය පාටිපුග්ගලිකං දානං මහප්ඵලතරං වදාමි.
Sinhala BJTආනන්‍දය, අනාගතකාලයෙහි ගෝත්‍රභූ වූ දුශ්ශීල වූ පාපස්වභාව ඇති කාෂායකණ්ඨ කෙනෙක් වෙති. ඒ දුශ්ශීලයන් කෙරෙහි සඟුන් උදෙසා දන් දෙති. ආනන්‍දය, මම එකල්හිත් සංඝගත දක්‍ෂිණාව අසඞ්ඛෙය අප්‍රමේය අනුසස් ඇති’ යි කියමි. ආනන්‍දය, මම කවර අයුරෙකින් වුව ද සංඝගත දක්‍ෂිණායෙන් පෞද්ගලික දානය මහාඵලතර යයි නො කියමි.
Pali BJTචතස්සො ඛො ඉමා ආනන්ද, දක්ඛිණාවිසුද්ධියො. කතමා චතස්සො: අත්ථානන්ද, දක්ඛිණා දායකතො විසුජ්ඣති නො පටිග්ගාහකතො. අත්ථානන්ද, දක්ඛිණා පටිග්ගාහකතො විසුජ්ඣති නො දායකතො. අත්ථානන්ද, දක්ඛිණා නෙව දායකතො විසුජ්ඣති නො පටිග්ගාහකතො. අත්ථානන්ද, දක්ඛිණා දායකතො චෙව විසුජ්ඣති පටිග්ගාහකතො ච.
Sinhala BJTආනන්‍දය, මේ දක්‍ෂිණාවිශුද්ධීහු සතර දෙනෙකි, කවර සතර දෙනෙක යත්: ආනන්‍දය, ප්‍රතිග්‍රාහකයන් තබා දායකයා හේතු කොට විශුද්ධ වන දක්‍ෂිණායෙක් ඇත. ආනන්‍දය, දායකයා තබා ප්‍රතිග්‍රාහකයන් හේතු කොට ගෙන විශුද්ධ වන දක්‍ෂිණායෙක් ඇත. ආනන්‍දය, දායකයා හේතු කොටත් ප්‍රතිග්‍රාහකයන් හේතු කොටත් විශුද්ධ නො වන දක්‍ෂිණායෙක් ඇත. ආනන්‍දය, දායකයා හේතු කොට ද ප්‍රතිග්‍රාහකයන් හේතු කොට ද විශුද්ධ වන දක්‍ෂිණායෙක් ඇත.
Pali BJTකථඤ්චානන්ද, දක්ඛිණා දායකතො විසුජ්ඣති නො පටිග්ගාහකතො: ඉධානන්ද, දායකො හොති සීලවා කල්යාණධම්මො, පටිග්ගාහකා හොන්ති දුස්සීලා පාපධම්මා. එවං ඛො ආනන්ද, දක්ඛිණා දායකතො විසුජ්ඣති නො පටිග්ගාහකතො.
Sinhala BJTආනන්‍දය, ප්‍රතිග්‍රාහකයා තබා දායකයන් හේතු කොට විශුද්ධ වන දක්‍ෂිණා කවර යත්: ආනන්‍දය, මෙහි දායකයා සිල්වත් වෙයි, කලණදහම් ඇති වෙයි. ප්‍රතිග්‍රාහකයෝ දුශ්ශීල වෙති, පාපධර්‍මයෝ වෙති. ආනන්‍දය, මෙසෙයින් ප්‍රතිග්‍රාහකයන් තබා දායකයා හේතු කොට විශුද්ධ වන දක්‍ෂිණායෙක් ඇත.
Pali BJTකථඤ්චානන්ද, දක්ඛිණා පටිග්ගාහකතො විසුජ්ඣති නො දායකතො: ඉධානන්ද, දායකො හොති දුස්සීලො පාපධම්මො, පටිග්ගාහකා හොන්ති සීලවන්තො{2} කල්යාණධම්මා. එවං ඛො ආනන්ද, දක්ඛිණා පටිග්ගාහකතො විසුජ්ඣති නො දායකතො.
Sinhala BJTආනන්‍දය, දායකයා තබා ප්‍රතිග්‍රාහකයන් හේතු කොට ගෙන විශුද්ධ වන දක්‍ෂිණා කවර? ආනන්‍දය, මෙහි දායක දුශ්ශීල වෙයි, පාපධර්‍ම වෙයි. ප්‍රතිග්‍රාහකයෝ සිල්වත් වෙති, කලණදහම් වෙති. ආනන්‍දය, මෙසේ දායකයා තබා ප්‍රතිග්‍රාහකයන් හේතු කොට විශුද්ධ වන දක්‍ෂිණායෙක් ඇත.
Pali BJTකථඤ්චානන්ද, දක්ඛිණා නෙව දායකතො විසුජ්ඣති නො පටිග්ගාහකතො: ඉධානන්ද, දායකො ච හොති දුස්සීලො පාපධම්මො, පටිග්ගාහකා ච හොන්ති දුස්සීලා පාපධම්මා. එවං ඛො ආනන්ද, දක්ඛිණා නෙව දායකතො විසුජ්ඣති නො පටිග්ගාහකතො.
Sinhala BJTආනන්‍දය, දායකයා හේතු කොට ද, ප්‍රතිග්‍රාහකයන් හේතු කොට ද විශුද්ධ නො වන දක්‍ෂිණා කවර? ආනන්‍දය, මෙහි දායක ද දුශ්ශීල වෙයි, පාපධර්‍ම වෙති. ප්‍රතිග්‍රාහකයෝත් දුශ්ශීල වෙති, පාපධර්‍ම වෙති. ආනන්‍දය, මෙසේ දායකයා හේතු කොට ද ප්‍රතිග්‍රාහකයන් හේතු කොට ද විශුද්ධ නො වන දක්‍ෂිණායෙක් ඇත.
Pali BJTකථඤ්චානන්ද, දක්ඛිණා දායකතො චෙව විසුජ්ඣති පටිග්ගාහකතො ච: ඉධානන්ද, දායකො ච හොති සීලවා කල්යාණධම්මො, පටිග්ගාහකා ච හොන්ති සීලවන්තො කල්යාණධම්මා. එවං ඛො ආනන්ද, දක්ඛිණා දායකතො චෙව විසුජ්ඣති පටිග්ගාහකතො ච. ඉමා ඛො ආනන්ද, චතස්සො දක්ඛිණා විසුද්ධියොති.
Sinhala BJTආනන්‍දය, දායකයා හේතු කොට ද, ප්‍රතිග්‍රාහකයන් හේතු කොට ද විශුද්ධ වන දක්‍ෂිණා කවර? ආනන්‍දය, මෙහි දායක ද සිල්වත් වෙයි, කලණදහම් වෙයි. ප්‍රතිග්‍රාහකයෝ ද සිල්වත් වෙති, කලණදහම් වෙති. ආනන්‍දය, මෙසේ දායකයා හේතු කොට ද ප්‍රතිග්‍රාහකයන් හේතු කොට ද විශුද්ධ වන දක්‍ෂිණායෙක් ඇත. ආනන්‍දය, මේ දක්‍ෂිණාවිශුද්ධීහු සතරදෙන වෙති.
Pali BJTඉදමවොච භගවා. ඉදං වත්වා සුගතො අථාපරං එතදවොච සත්ථා:
Sinhala BJTභාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක. සුගතයන් වහන්සේ මෙය වදාරා නැවත අන්‍යවූ තෙල ගාථා ද වදාළෝ:
Pali BJTයො සීලවා දුස්සීලෙසු දදාති දානං ධම්මෙන ලද්ධා{1} සුපසන්නචිත්තො, අභිසද්දහං කම්මඵලං උළාරං සා දක්ඛිණා දායකතො විසුජ්ඣති.
Sinhala BJTසිල්වත් වූ යමෙක් දැහැමින් ලැබ පහන්සිත් ඇති වැ මහත් වූ කම්පල අදහමින් දුශ්ශීලයන් විෂයෙහි දන් දේ ද, ඒ දක්‍ෂිණා ව දායකයා කෙරෙන් පිරිසිදු වෙයි.
Pali BJTයො දුස්සීලො සීලවන්තෙසු දදාති දානං අධම්මෙන ලද්ධා{1} අප්පසන්නචිත්තො, අනභිසද්දහං කම්මඵලං උළාරං සා දක්ඛිණා පටිග්ගාහකතො විසුජ්ඣති.
Sinhala BJTදුශ්ශීල වූ යමෙක් අධර්‍මයෙන් ලැබ නො පහන්සිත් ඇති වැ මහත් වූ කම්පල නො අදහනුයේ සිල්වතුන් විෂයෙහි දන් දේ ද, ඒ දක්‍ෂිණාව පිළිගාවා කෙරෙන් විශුද්ධ වෙයි.
Pali BJTයො දුස්සීලො දුස්සීලෙසු දදාති දානං අධම්මෙන ලද්ධා{1} අප්පසන්නචිත්තො, අනභිසද්දහං කම්මඵලං උළාරං න තං දානං විපුලඵලන්ති{2} බ්රූමි.
Sinhala BJTදුශ්ශීල වූ යමෙක් අධර්‍මයෙන් ලැබ නො පහන්සිත් ඇති වැ මහත් වූ කම්පල නො අදහනුයේ දුශ්ශීලයන් විෂයෙහි දන් දේ ද, ඒ දානය මහත්ඵල යයි නො කියමි.
Pali BJTයො සීලවා සීලවන්තෙසු දදාති දානං ධම්මෙන ලද්ධා{1} සුපසන්නචිත්තො, අභිසද්දහං කම්මඵලං උළාරං තං වෙ දානං විපුලඵලන්ති{2} බ්රූමි.
Sinhala BJTසිල්වත් වූ යමෙක් දැහැමින් ලැබ පහන්සිත් ඇති වැ මහත් වූ කම්පල අදහමින් සිල්වතුන් විෂයෙහි දන් දේ ද, ඒකාන්තයෙන් ඒ දානය මහත්ඵල යයි ඇතැයි කියමි.
Pali BJTයො වීතරාගො වීතරාගෙසු දදාති දානං ධම්මෙන ලද්ධා{1} සුපසන්නචිත්තො, අභිසද්දහං කම්මඵලං උළාරං තං වෙ දානං ආමිසදානානමග්ගන්ති.{3}
Sinhala BJTවීතරාග වූ යමෙක් දැහැමින් ලැබ පහන්සිත් ඇති වැ මහත් වූ කම්පල අදහමින් වීතරාගයන් විෂයෙහි දන් දේ ද, ඒකාන්තයෙන් ඒ දානය ආමිසදානයන් අතුරෙන් අග්‍ර වේ යයි.
Pali BJTදක්ඛිණාවිභඞ්ග සුත්තං ද්වාදසමං.
Sinhala BJTදොළොස් වැනි දක්ඛිණාවිභඞ්ග සූත්‍ර යි.
Pali BJTවිභඞ්ගවග්ගො චතුත්ථො.
Sinhala BJTසතර වැනි විභඞ්ග වර්‍ග යි.
Pali BJTතස්ස වග්ගස්ස උද්දානං:
Sinhala BJTඑහි උද්දානය:
Pali BJTභද්දෙකානන්ද කච්චාන ලොමසකඞ්ගියා සුභො, මහාකම්ම සළායතන විභඞ්ගා, උද්දෙස අරණා ධාතු සච්චං, දක්ඛිණා විභඞ්ග සුත්තන්ති.__{4}__
Sinhala BJTභද්දේකරත්ත, ආනන්දභද්දේකරත්ත, කච්චානභද්දේකරත්ත, ලොමසකඞ්ගියභද්දේකරත්ත සූත්‍රයෝ යැ, චූළකම්මවිභඞ්ග, මහාකම්මවිභඞ්ග, සළයතනවිභඞ්ග, උද්දේසවිභඞ්ග, ධාතුවිභඞ්ග, සච්චවිභඞ්ග සූත්‍රය හා දක්‍ෂිණාවිභඞ්ගසූත්‍රය ද වේ.
Pali BJT5. සළායතනවග්ගො
Sinhala BJT5. සළායතන වර්‍ගය
Pali BJT3. 5. 1.
Sinhala BJT3. 5. 1.
Pali BJTඅනාථපිණ්ඩිකොවාදසුත්තං
Sinhala BJTඅනාථපිණ්ඩිකොවාද සූත්‍රය
Pali BJTඑවං මෙ සුතං: එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන අනාථපිණ්ඩිකො ගහපති ආබාධිකො හොති දුක්ඛිතො බාළ්හගිලානො. අථ ඛො අනාථපිණ්ඩිකො ගහපති අඤ්ඤතරං පුරිසං ආමන්තෙසි: ‘එහි ත්වං අම්භො පුරිස, යෙන භගවා තෙනුපසඞ්කම, උපසඞ්කමිත්වා මම වචනෙන භගවතො පාදෙ සිරසා වන්දාහි. ‘අනාථපිණ්ඩිකො භන්තෙ, ගහපති ආබාධිකො දුක්ඛිතො බාළ්හගිලානො. ‘සො භගවතො පාදෙ සිරසා වන්දතී’ති. යෙන චායස්මා සාරිපුත්තො තෙනුපසඞ්කම, උපසඞ්කමිත්වා මම වචනෙන ආයස්මතො සාරිපුත්තස්ස පාදෙ සිරසා වන්දාහි ‘අනාථපිණ්ඩිකො භන්තෙ, ගහපති ආබාධිකො දුක්ඛිතො බාළ්හගිලානො. සො ආයස්මතො සාරිපුත්තස්ස පාදෙ සිරසා වන්දතී’ති. එවඤ්ච වදෙහි: ‘සාධු කිර භන්තෙ, ආයස්මා සාරිපුත්තො යෙන අනාථපිණ්ඩිකස්ස ගහපතිස්ස නිවෙසනං තෙනුපසඞ්කමතු අනුකම්පං උපාදායා’ති.
Sinhala BJTමා විසින් මෙසේ අසන ලදි: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර අනේපිඬුසිටුහුගේ දෙව්රම්හි වැඩවසන සේක. එසමයෙහි අනේපිඬුගැහැවි හටගත් ආබාධ ඇති වැ දුකට පැමිණියේ දැඩිගිලන් වූයේ වෙයි. ඉක්බිති අනේපිඬුගැහැවි එක්තරා පුරුෂයෙක් ඇමතී. එව එම්බාපුරුෂය, තෝ භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹ මාගේ බසින් භාග්‍යවතුන් වහන්සේගේ පාසඟළ හිසින් වඳු. ‘වහන්ස, අනේපිඬුගැහැවි හටගත් ආබාධ ඇති වැ දුකට පැමිණියේ දැඩිගිලන් වූයේ හේ භාග්‍යවතුන් වහන්සේගේ පාසඟළ හිසින් වඳී’ යයි. යළි ආයුෂ්මත් සැරියුත් තෙරුන් කරා එළැඹැ මාගේ බසින් ආයුෂ්මත් සැරියුත් තෙරණුවන්ගේ පාසඟළ හිසින් වඳු. ‘වහන්ස, අනේපිඬු ගැහැවි ... වඳී’ යයි. මෙසේත් සැලකර. වහන්ස, ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ අනේපිඬු සිටුහුගේ නිවෙස්න කරා අනුකම්පා පිණිස එළැඹෙනසේක්ව’යි.
Pali BJT‘එවං භන්තෙ’ති ඛො සො පුරිසො අනාථපිණ්ඩිකස්ස ගහපතිස්ස පටිස්සුත්වා යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො සො පුරිසො භගවන්තං එතදවොච: ‘අනාථපිණ්ඩිකො භන්තෙ, ගහපති ආබාධිකො දුක්ඛිතො බාළ්හගිලානො, සො භගවතො පාදෙ සිරසා වන්දතී’ති. යෙන චායස්මා සාරිපුත්තො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා ආයස්මන්තං සාරිපුත්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො සො පුරිසො ආයස්මන්තං සාරිපුත්තං එතදවොච: ‘අනාථපිණ්ඩිකො භන්තෙ, ගහපති ආබාධිකො දුක්ඛිතො බාළ්හගිලානො, සො ආයස්මතො සාරිපුත්තස්ස පාදෙ සිරසා වන්දති. එවඤ්ච වදෙති: ‘සාධු කිර භන්තෙ, ආයස්මා සාරිපුත්තො යෙන අනාථපිණ්ඩිකස්ස ගහපතිස්ස නිවෙසනං තෙනුපසඞ්කමතු අනුකම්පං උපාදායා’ති.
Sinhala BJT‘එසේ යැ වහන්සැ’ යි ඒ පුරුෂ අනේපිඬුසිටුහට පිළිවදන් දී භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියේ යැ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පස් වැ හින. එකත්පස් වැ හුන් ඒ පුරුෂ භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කෙළේ: ‘වහන්ස, අනේපිඬුගැහැවි ආබාධික වැ දුකට පැමිණියේ දැඩිගිලන් වූයේ වෙයි, හේ භාග්‍යවතුන් වහන්සේගේ පාසඟළ හිසින් වඳී’ යයි. යළි ආයුෂ්මත් සැරියුත් තෙරුන් කරා එළැඹ ආයුෂ්මත් සැරියුත් තෙරුන් අභිවාදන කොට එකත්පස් වැ හින. එකත්පස් වැ හුන් ඒ පුරුෂ ආයුෂ්මත් සැරියුත් තෙරණුවන්ට තෙල කී: ‘වහන්ස, අනේපිඬුගැහැවි ආබාධික වැ දුඃඛිත වැ දැඩි ගිලන් වෙයි. හේ ආයුෂ්මත් සැරියුත් තෙරණුවන්ගේ පාසඟළ හිසින් වඳියි. මෙසේත් කියයි: ‘වහන්ස, ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ අනුකම්පා පිණිස අනේපිඬුසිටුහුගේ නිවෙස්න කරා එළැඹෙනසේක්ව’යි.
Pali BJTඅධිවාසෙසි ඛො ආයස්මා සාරිපුත්තො තුණ්හීභාවෙන. අථ ඛො ආයස්මා සාරිපුත්තො නිවාසෙත්වා පත්තචීවරමාදාය ආයස්මතා ආනන්දෙන පච්ඡාසමණෙන යෙන අනාථපිණ්ඩිකස්ස ගහපතිස්ස නිවෙසනං තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා පඤ්ඤත්තෙ ආසනෙ නිසීදි. නිසජ්ජ ඛො ආයස්මා සාරිපුත්තො අනාථපිණ්ඩිකං ගහපතිං එතදවොච: ‘කච්චි තෙ ගහපති, ඛමනීයං කච්චි යාපනීයං, කච්චි තෙ දුක්ඛා වෙදනා පටික්කමන්ති, නො අභික්කමන්ති, පටික්කමොසානං පඤ්ඤායති නො අභික්කමො”ති.
Sinhala BJTආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ නො බැණ ඉවසූසේක. ඉක්බිති, ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ හැඳ පෙරෙවැ පාසිවුරු ගෙන පසුවැ යන ආයුෂ්මත් අනඳ තෙරුන් සමග අනේපිඬුසිටුහුගේ නිවෙස්න කරා එළැඹියහ. එළැඹ පැනැවූ අස්නෙහි වැඩහුන්හ. වැඩහිඳ ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ අනේපිඬුගැහැවියනට තෙල වදාළහ. කිම ගැහැවිය, තොපට සැහිය හෙයි ද, කිම යැපියහෙයි ද, කිම තොපගේ දුක් වේදනාවෝ තනු වෙත් ද, නො වැඩෙත් ද, තනුභාවයෙන් පැනේ ද, වැඩීම නො පැනේ දැ’යි.
Pali BJTන මෙ භන්තෙ සාරිපුත්ත ඛමනීයං, න යාපනීයං, බාළ්හා මෙ දුක්ඛා වෙදනා. අභික්කමන්ති නො පටික්කමන්ති. අභික්කමොසානං පඤ්ඤායති, නො පටික්කමො’ති.
Sinhala BJTශාරිපුත්‍රයන් වහන්ස, මට ඉවසිය නො හැක්ක, යැපිය නො හැක්ක, මාගේ දුඃඛ වේදනාවෝ දැඩි වූවාහු, බලවත් වෙති, තුනී නො වෙත්, වැඩීමේ අවසානය පැනෙයි, බැසීමේ අවසානය නො පැනෙයි.
Pali BJTසෙය්යථාපි භන්තෙ සාරිපුත්ත, බලවා පුරිසො තිණ්හෙන සිඛරෙන මුද්ධනි අභිමන්ථෙය්ය, එවමෙව ඛො භන්තෙ සාරිපුත්ත, අධිමත්තා වාතා මුද්ධනි ඌහනන්ති. න මෙ භන්තෙ සාරිපුත්ත, ඛමනීයං, න යාපනීයං, බාළ්හා මෙ දුක්ඛා වෙදනා අභික්කමන්ති නො පටික්කමන්ති. අභික්කමොසානං පඤ්ඤායති නො පටික්කමොති.
Sinhala BJTශාරිපුත්‍රයන් වහන්ස, යම්සේ බලවත් පුරුෂයෙක් තියුණු සැතෙකින් මුදුන පෙළා ද එසෙයින් මැ ශාරිපුත්‍රයන් වහන්ස, අධිමාත්‍ර වූ වාතයෝ මුදුන පෙළති. ශාරිපුත්‍රයන් වහන්ස, මට ඉවසිය නො හැක්ක, යැපිය නො හැක්ක. මාගේ දැඩි වූ දුඃඛ වේදනාවෝ වැඩෙති, තනු නො වෙත්. වැඩීමේ අවසානය පැනෙයි, තනු බවෙක් නො පැනෙයි.
Pali BJTසෙය්යථාපි භන්තෙ සාරිපුත්ත, බලවා පුරිසො දළ්හෙන වරත්තබණ්ඩෙන{1} සීසෙ සීසවෙඨනං{2} දදෙය්ය, එවමෙව ඛො මෙ භන්තෙ සාරිපුත්ත, අධිමත්තා වාතා සීසං පරිකන්තන්ති{3}. න මෙ භන්තෙ සාරිපුත්ත, ඛමනීයං න යාපනීයං, බාළ්හා මෙ දුක්ඛා වෙදනා අභික්කමන්ති නො පටික්කමන්ති. අභික්කමොසානං පඤ්ඤායති, නො පටික්කමොති.
Sinhala BJTශාරිපුත්‍රස්ථවිරයන් වහන්ස, යම්සේ බලවත් පුරුෂයෙක් වරපටබැඳුමෙකින් හිස්වෙළුම් දෙන්නේ ද එසෙයින් මැ ශාරිපුත්‍රයන් වහන්ස, අධිමාත්‍ර වූ වාතයෝ මාගේ හිස සිඳිති. ස්වාමීනි ශාරිපුත්‍රයන් වහන්ස, මට සිහිය නො හැක්ක, යැපිය නො හැක්ක, මාගේ දැඩි වූ දුඃඛ වේදනාවෝ වැඩෙති, තනු නො වෙත්. වැඩීමේ අවසානය පැනෙයි, තනු බවෙක් නො පැනේ යයි.
Pali BJTසෙය්යථාපි භන්තෙ සාරිපුත්ත, දක්ඛො ගොඝාතකො වා ගොඝාතකන්තෙවාසී වා තිණ්හෙන ගොවිකන්තනෙන කුච්ඡිං පරිකන්තෙය්ය, එවමෙව ඛො මෙ භන්තෙ සාරිපුත්ත, අධිමත්තා වාතා කුච්ඡිං පරිකන්තන්ති. න මෙ භන්තෙ සාරිපුත්ත, ඛමනීයං න යාපනීයං, බාළ්හා මෙ දුක්ඛා වෙදනා අභික්කමන්ති නො පටික්කමන්ති. අභික්කමොසානං පඤ්ඤායති නො පටික්කමොති.
Sinhala BJTස්වාමීනි ශාරිපුත්‍රයන් වහන්ස, යම්සේ දක්‍ෂ වූ ගෝඝාතකයෙක් වේවයි ගෝඝාතක අතවැසියෙක් වේවයි තියුණු වූ ගෙරින් කපන සැතෙකින් කුස සිඳින්නේ ද, එසෙයින් මැ ශාරිපුත්‍රස්ථවිරයන් වහන්ස, අධිමාත්‍ර වූ වාතයෝ මාගේ කුස සිඳිති. ස්වාමීනි ශාරිපුත්‍රස්ථවිරයන් වහන්ස, මට සිහිය නො හැක්ක, මාගේ දැඩි වූ දුඃඛ වේදනාවෝ වැඩෙති, තනු නො වෙත්. වැඩීමේ අවසානය පැනෙයි, තනු බවෙක් නො පැනේ යයි.
Pali BJTසෙය්යථාපි භන්තෙ සාරිපුත්ත, ද්වෙ බලවන්තො පුරිසා දුබ්බලතරං පුරිසං නානාබාහාසු ගහෙත්වා අඞ්ගාරකාසුයා සන්තාපෙය්යුං සම්පරිතාපෙය්යුං, එවමෙව ඛො මෙ භන්තෙ සාරිපුත්ත, අධිමත්තො කායස්මිං ඩාහො. න මෙ භන්තෙ සාරිපුත්ත, ඛමනීයං න යාපනීයං, බාළ්හා මෙ දුක්ඛා වෙදනා අභික්කමන්ති, නො පටික්කමන්ති, අභික්කමොසානං පඤ්ඤායති, නො පටික්කමොති.
Sinhala BJTස්වාමීනි ශාරිපුත්‍රස්ථවිරයන් වහන්ස, යම්සේ බලවත් පුරුෂයෝ දෙදෙනෙක් ඉතා දුඹුල් පුරුෂයකු වෙන වෙන අත්ලාගෙන අඟුරුවළෙක්හි තවන්නාහු ද හාත්පසින් තවන්නාහු ද, එසෙයින් මැ ස්වාමීනි ශාරිපුත්‍රයන් වහන්ස, අධිමාත්‍ර වූ මාගේ ශරීරදාහය වෙයි. ස්වාමීනි ශාරිපුත්‍රස්ථවිරයන් වහන්සැ, මට සිහිය නො හැක්ක, යැපිය නො හැක්ක.
Pali BJTතස්මාතිහ තෙ ගහපති, එවං සික්ඛිතබ්බං: ‘න චක්ඛුං උපාදියිස්සාමි. න ච මෙ චක්ඛුනිස්සිතං විඤ්ඤාණං භවිස්සතී’ති. එවං හි තෙ ගහපති, සික්ඛිතබ්බං. තස්මාතිහ තෙ ගහපති, එවං සික්ඛිතබ්බං: ‘න සොතං උපාදියිස්සාමි. න ච මෙ සොතනිස්සිතං විඤ්ඤාණං භවිස්සතී’ති. එවං හි තෙ ගහපති, සික්ඛිතබ්බං. තස්මාතිහ තෙ ගහපති, එවං සික්ඛිතබ්බං: ‘න ඝානං උපාදියිස්සාමි. න ච මෙ ඝානනිස්සිතං විඤ්ඤාණං භවිස්සතී’ති. එවං හි තෙ ගහපති, සික්ඛිතබ්බං. තස්මාතිහ -පෙ- න ජිව්හං -පෙ- සික්ඛිතබ්බං. තස්මාතිහ -පෙ- න කායං -පෙ- සික්ඛිතබ්බං. තස්මාතිහ -පෙ- න මනං -පෙ- සික්ඛිතබ්බං.
Sinhala BJTගැහැවිය, එහෙයින් තොප විසින් මෙසේ හික්මියයුතු යැ, චක්‍ෂුස තෘෂ්ණාදීන් නො ගන්මි. මාගේ විඥානය චක්‍ෂුර්නිඃශ්‍රිත නො වේ යයි, ගැහැවිය, මෙසේ මැ තොප විසින් හික්මියයුතු ය. ගැහැවිය, එහෙයින් තොප විසින් මෙසේ හික්මියයුතු ය: ශ්‍රෝතය තෘෂ්ණාදීන් නො ගන්මි. මාගේ විඥානය ශ්‍රෝතනිඃශ්‍රිත ද නො වේ යයි, ගැහැවිය, මෙසේ මැ තොප විසින් හික්මියයුතු ය. ගැහැවිය, එහෙයින් තොප විසින් මෙසේ හික්මියයුතු ය: ඝ්‍රාණය තෘෂ්ණාදීන් නො ගන්මි. මාගේ විඥානය ඝ්‍රාණනිඃශ්‍රිත ද නො වේ යයි, ගැහැවිය, මෙසේ මැ තොප විසින් හික්මියයුතු ය. ගැහැවිය, එහෙයින් ... මාගේ විඥාන ජිහ්වා නිඃශ්‍රිත නො වේ යයි ... හික්මියයුතු ය. ගැහැවිය, එහෙයින් ... කය තෘෂ්ණාදීන් නො ගන්මි ... හික්මියයුතු ය. ගැහැවිය, එහෙයින් ... මනස තෘෂ්ණාදීන් නො ගන්මි ... හික්මියයුතු ය.
Pali BJTතස්මාතිහ -පෙ- න රූපං -පෙ- සික්ඛිතබ්බං: තස්මාතිහ -පෙ- න සද්දං උපාදියිස්සාමි -පෙ- න ගන්ධං උපාදියිස්සාමි. -පෙ- න රසං උපාදියිස්සාමි. -පෙ- න ඵොට්ඨබ්බං උපාදියිස්සාමි. -පෙ- න ධම්මං උපාදියිස්සාමි. න ච මෙ ධම්මනිස්සිතං විඤ්ඤාණං භවිස්සතී’ති. එවං හි තෙ ගහපති, සික්ඛිතබ්බං.
Sinhala BJTගැහැවිය, එහෙයින් ... රූපය තෘෂ්ණාදීන් නො ගන්මි ... හික්මියයුතු ය. ගැහැවිය, එහෙයින් ... ශබ්ද තෘෂ්ණාදීන් නො ගන්මි ... ගන්‍ධය තෘෂ්ණාදීන් නො ගන්මි ... රසය තෘෂ්ණාදීන් නො ගන්මි ... ස්පර්‍ශය තෘෂ්ණාදීන් නො ගන්මි ... ධර්‍මය තෘෂ්ණාදීන් නො ගන්මි. මාගේ විඥානය ධර්‍මනිඃශ්‍රිත නො ද වේ’ යයි තොප විසින් මෙසේ මැ හික්මියයුතු ය.
Pali BJTතස්මාතිහ තෙ ගහපති, එවං සික්ඛිතබ්බං: ‘න චක්ඛුවිඤ්ඤාණං උපාදියිස්සාමි. න ච මෙ චක්ඛුවිඤ්ඤාණනිස්සිතං විඤ්ඤාණං භවිස්සතී’ති. එවං හි තෙ ගහපති, සික්ඛිතබ්බං. තස්මාතිහ තෙ ගහපති, එවං සික්ඛිතබ්බං: ‘න සොතවිඤ්ඤාණං උපාදියිස්සාමි. -පෙ- න ඝානවිඤ්ඤාණං උපාදියිස්සාමි. -පෙ- න ජිව්හාවිඤ්ඤාණං උපාදියිස්සාමි. -පෙ- න කායවිඤ්ඤාණං උපාදියිස්සාමි -පෙ- න මනොවිඤ්ඤාණං උපාදියිස්සාමි. න ච මෙ මනොවිඤ්ඤාණනිස්සිතං විඤ්ඤාණං භවිස්සතී’ති. එවං හි තෙ ගහපති, සික්ඛිතබ්බං.
Sinhala BJTගැහැවිය, එහෙයින් තොප විසින් මෙසේ මැ හික්මියයුතු යැ: ‘චක්‍ෂුර්විඥානය තෘෂ්ණාදීන් නො ගන්මි. මාගේ විඥානය චක්‍ෂුරවිඥානනිඃශ්‍රිත ද නො වේ’ යයි, ගැහැවිය තොප විසින් මෙසේ මැ හික්මියයුතු ය. ගැහැවිය එහෙයින් තොප විසින් මෙසේ හික්මියයුතු යැ: ශ්‍රෝතවිඥානය තෘෂ්ණාදීන් නො ගන්මි ... ඝ්‍රාණවිඥානය තෘෂ්ණාදීන් නො ගන්මි. ... ජිහ්වාවිඥානය තෘෂ්ණාදීන් නො ගන්මි. ... කායවිඥානය තෘෂ්ණාදීන් නො ගන්මි. ... මනෝවිඥානය තෘෂ්ණාදීන් නො ගන්මි. මාගේ විඥානය මනෝවිඥානනිඃශ්‍රිත ද නො වේ’ යයි ගැහැවිය, මෙසේ මැ තොප විසින් හික්මියයුතු ය.
Pali BJTතස්මාතිහ තෙ ගහපති, එවං සික්ඛිතබ්බං: ‘න චක්ඛුසම්ඵස්සං උපාදියිස්සාමි. න ච මෙ චක්ඛුසම්ඵස්සනිස්සිතං විඤ්ඤාණං භවිස්සතී’ති. එවං හි තෙ ගහපති සික්ඛිතබ්බං. තස්මාතිහ තෙ ගහපති, එවං සික්ඛිතබ්බං: ‘න සොතසම්ඵස්සං උපාදියිස්සාමි. -පෙ- න ඝානසම්ඵස්සං උපාදියිස්සාමි. -පෙ- න ජිව්හාසම්ඵස්සං උපාදියිස්සාමි. -පෙ- න කායසම්ඵස්සං උපාදියිස්සාමි. -පෙ- න මනොසම්ඵස්සං උපාදියිස්සාමි. න ච මෙ මනොසම්ඵස්සනිස්සිතං විඤ්ඤාණං භවිස්සතී’ති. එවං හි තෙ ගහපති, සික්ඛිතබ්බං.
Sinhala BJTගැහැවිය, එහෙයින් තොප විසින් මෙසේ හික්මියයුතු ය: ‘චක්‍ෂුඃසංස්පර්‍ශය තෘෂ්ණාදීන් නො ගන්මි. මාගේ විඥානය චක්‍ෂුඃසංස්පර්‍ශනිඃශ්‍රිත ද නො වේ’ යයි, ගැහැවිය, තොප විසින් මෙසේ හික්මියයුතු ය. ගැහැවිය, එහෙයින් තොප විසින් මෙසේ හික්මියයුතු ය: ශ්‍රෝත්‍රසංස්පර්‍ශය තෘෂ්ණාදීන් නො ගන්මි ... ඝ්‍රාණසංස්පර්‍ශය තෘෂ්ණාදීන් නො ගන්මි ... ජිහ්වාසංස්පර්‍ශය තෘෂ්ණාදීන් නො ගන්මි ... කායසංස්පර්‍ශය තෘෂ්ණාදීන් නො ගන්මි ... මනඃසංස්පර්‍ශය තෘෂ්ණාදීන් නො ගන්මි. මාගේ විඥානය මනඃසංස්පර්‍ශනිඃශ්‍රිත නො වේ’ යයි ගැහැවිය, මෙසේ මැ තොප විසින් හික්මියයුතු යි.
Pali BJTතස්මාතිහ තෙ ගහපති, එවං සික්ඛිතබ්බං: ‘න චක්ඛුසම්ඵස්සජං වෙදනං උපාදියිස්සාමි. න ච මෙ චක්ඛුසම්ඵස්සජවෙදනානිස්සිතං{1} විඤ්ඤාණං භවිස්සතී’ති. එවං හි තෙ ගහපති, සික්ඛිතබ්බං. තස්මාතිහ තෙ ගහපති, එවං සික්ඛිතබ්බං: ‘න සොතසම්ඵස්සජං වෙදනං උපාදියිස්සාමි. -පෙ- න ඝානසම්ඵස්සජං වෙදනං උපාදියිස්සාමි. -පෙ- න ජිව්හාසම්ඵස්සජං වෙදනං උපාදියිස්සාමි. -පෙ- න කායසම්ඵස්සජං වෙදනං උපාදියිස්සාමි. -පෙ- න මනොසම්ඵස්සජං වෙදනං උපාදියිස්සාමි. න ච මෙ මනොසම්ඵස්සජවෙදනානිස්සිතං විඤ්ඤාණං භවිස්සතී’ති. එවං හි තෙ ගහපති, සික්ඛිතබ්බං.
Sinhala BJTගැහැවිය, එහෙයින් තොප විසින් මෙසේ හික්මියයුතු ය: ‘චක්‍ෂුඃසංස්පර්‍ශයෙන් උපන් වේදනාව තෘෂ්ණාදීන් නො ගන්මි. මාගේ විඥානය චක්‍ෂුඃසංස්පර්‍ශයෙන් උපන් වේදනානිඃශ්‍රිත ද නො වේ’ යයි, ගැහැවිය, තොප විසින් මෙසේ මැ හික්මියයුතු ය. ගැහැවිය, එහෙයින් තොප විසින් මෙසේ හික්මියයුතු ය: ‘ශ්‍රෝත්‍රසංස්පර්‍ශයෙන් උපන් වේදනාව තෘෂ්ණාදීන් නො ගන්මි ... ඝ්‍රාණසංස්පර්‍ශයෙන් උපන් වේදනාව තෘෂ්ණාදීන් නො ගන්මි ... ජිහ්වාසංස්පර්‍ශයෙන් උපන් වේදනාව තෘෂ්ණාදීන් නො ගන්මි ... කායසංස්පර්‍ශයෙන් උපන් වේදනාව තෘෂ්ණාදීන් නො ගන්මි ... මනඃසංස්පර්‍ශයෙන් උපන් වේදනාව තෘෂ්ණාදීන් නො ගන්මි. මාගේ විඥානය මනඃසංස්පර්‍ශයෙන් උපන් වේදනානිඃශ්‍රිත ද නො වේ’ යයි ගැහැවිය, තොප විසින් මෙසේ මැ හික්මියයුතු යි.
Pali BJTතස්මාතිහ තෙ ගහපති, එවං සික්ඛිතබ්බං: ‘න පථවීධාතුං උපාදියිස්සාමි, න ච මෙ පථවීධාතුනිස්සිතං විඤ්ඤාණං භවිස්සතී’ති. එවං හි තෙ ගහපති, සික්ඛිතබ්බං. තස්මාතිහ -පෙ- සික්ඛිතබ්බං: න ආපොධාතුං උපාදියිස්සාමි. -පෙ- න තෙජොධාතුං උපාදියිස්සාමි. -පෙ- න වායොධාතුං උපාදියිස්සාමි. -පෙ- න ආකාසධාතුං උපාදියිස්සාමි. -පෙ- න විඤ්ඤාණධාතුං උපාදියිස්සාමි. න ච මෙ විඤ්ඤාණධාතුනිස්සිතං විඤ්ඤාණං භවිස්සතී’ති. එවං හි තෙ ගහපති, සික්ඛිතබ්බං.
Sinhala BJTගැහැවිය, එහෙයින් තොප විසින් මෙසේ හික්මියයුතු ය: ‘පෘථිවිධාතු තෘෂ්ණාදීන් නො ගන්මි. මාගේ විඥානය පෘථිවිධාතුනිඃශ්‍රිත ද නො වේ’ යයි, ගැහැවිය, තොප විසින් මෙසේ මැ හික්මියයුතු ය. ගැහැවිය, එහෙයින් ... හික්මියයුතු ය: අබ්ධාතු තෘෂ්ණාදීන් නො ගන්මි ... තෙජොධාතු තෘෂ්ණාදීන් නො ගන්මි ... වායෝධාතු තෘෂ්ණාදීන් නො ගන්මි ... ආකාශධාතු තෘෂ්ණාදීන් නො ගන්මි ... විඥානධාතු තෘෂ්ණාදීන් නො ගන්මි. මාගේ විඥානය විඥානධාතුනිඃශ්‍රිත නො වේ’ යයි ගැහැවිය, තොප විසින් මෙසේ මැ හික්මියයුතු යි.
Pali BJTතස්මාතිහ තෙ ගහපති, එවං සික්ඛිතබ්බං: ‘න රූපං උපාදියිස්සාමි. න ච මෙ රූපනිස්සිතං විඤ්ඤාණං භවිස්සතී’ති. එවං හි තෙ ගහපති, සික්ඛිතබ්බං. තස්මාතිහ තෙ ගහපති, එවං සික්ඛිතබ්බං: ‘න වෙදනං උපාදියිස්සාමි. -පෙ- න සඤ්ඤං උපාදියිස්සාමි. -පෙ- න සඞ්ඛාරෙ උපාදියිස්සාමි. -පෙ- න විඤ්ඤාණං උපාදියිස්සාමි. න ච මෙ විඤ්ඤාණනිස්සිතං විඤ්ඤාණං භවිස්සතී’ති. එවං හි තෙ ගහපති, සික්ඛිතබ්බං.
Sinhala BJTඑහෙයින් ගැහැවිය, තොප විසින් මෙසේ හික්මියයුතු ය: ‘රූපය තෘෂ්ණාදීන් නො ගන්මි. මාගේ විඥානය රූප නිඃශ්‍රිත ද නො වේ’ යයි, ගැහැවිය, තොප විසින් මෙසේ මැ හික්මියයුතු ය. ‘වේදනාව තෘෂ්ණාදීන් නො ගන්මි ... සංඥාව ... සංස්කාරයන් ... විඥානය තෘෂ්ණාදීන් විසින් නො ගන්මි. මාගේ විඥානය නො ද විඥානනිඃශ්‍රිත වේ’ යයි ගැහැවිය, තොප විසින් මෙසේ මැ හික්මියයුතු.
Pali BJTතස්මාතිහ තෙ ගහපති, එවං සික්ඛිතබ්බං: ‘න ආකාසානඤ්චායතනං උපාදියිස්සාමි. න ච මෙ ආකාසානඤ්චායතනනිස්සිතං විඤ්ඤාණං භවිස්සතී’ති. එවං හි තෙ ගහපති, සික්ඛිතබ්බං. තස්මාතිහ තෙ ගහපති, එවං සික්ඛිතබ්බං: ‘න විඤ්ඤාණඤ්චායතනං උපාදියිස්සාමි. -පෙ- න ආකිඤ්චඤ්ඤායතනං උපාදියිස්සාමි. -පෙ- න නෙවසඤ්ඤානාසඤ්ඤායතනං උපාදියිස්සාමි. න ච මෙ නෙවසඤ්ඤානාසඤ්ඤායතනනිස්සිතං විඤ්ඤාණං භවිස්සතී’ති. එවං හි තෙ ගහපති, සික්ඛිතබ්බං.
Sinhala BJTගැහැවිය, එහෙයින් තොප විසින් මෙසේ හික්මියයුතු ය: ‘ආකාසානඤ්චායතනය තෘෂ්ණාදීන් විසින් නො ගන්මි. මාගේ විඥානය නො ද ආකාසානඤ්චායතනනිඃශ්‍රිත වේ’ යයි, ගැහැවිය, තොප විසින් මෙසේ මැ හික්මියයුතු ය. ගැහැවිය එහෙයින් තොප විසින් මෙසේ හික්මියයුතු ය: ‘විඤ්ඤාණඤ්චායතනය ... ආකිඤ්චඤ්ඤායතනය ... නේවසඤ්ඤානාසඤ්ඤායතනය තෘෂ්ණාදීන් විසින් නො ගන්මි. මාගේ විඥානය නේවසඤ්ඤානාසඤ්ඤායතනනිඃශ්‍රිත වූයේ නො ද වේ’ යයි ගැහැවිය, තොප විසින් මෙසේ මැ හික්මියයුතු යි.
Pali BJTතස්මාතිහ තෙ ගහපති, එවං සික්ඛිතබ්බං: ‘න ඉධලොකං උපාදියිස්සාමි, න ච මෙ ඉධලොකනිස්සිතං විඤ්ඤාණං භවිස්සතී’ති. එවං හි තෙ ගහපති, සික්ඛිතබ්බං. තස්මාතිහ තෙ, ගහපති, එවං සික්ඛිතබ්බං: ‘න පරලොකං උපාදියිස්සාමි, න ච මෙ පරලොකනිස්සිතං විඤ්ඤාණං භවිස්සතී’ති. එවං හි තෙ ගහපති, සික්ඛිතබ්බං.
Sinhala BJTඑහෙයින් ගැහැවිය, තොප විසින් මෙසේ හික්මියයුතු ය: ‘මෙලොව තෘෂ්ණාදීන් විසින් නො ගන්මි. මාගේ විඥානය නො ද මෙලොව ඇසුරු කරනලද වේ’ යයි, ගැහැවිය, තොප විසින් මෙසේ මැ හික්මියයුතු. එහෙයින් ගැහැවිය, තොප විසින් මෙසේ හික්මියයුතු ය: ‘පරලොව තෘෂ්ණාදීන් විසින් නො ගන්මි. මාගේ විඥානය නො ද පරලොව ඇසුරු කරනලද වේ’ යයි, ගැහැවිය, තොප විසින් මෙසේ මැ හික්මියයුතු.
Pali BJTතස්මාතිහ තෙ ගහපති, එවං සික්ඛිතබ්බං: ‘යම්පිදං{1} දිට්ඨං සුතං මුතං විඤ්ඤාතං පත්තං පරියෙසිතං{2} අනුවිචරිතං{3} මනසා. තම්පි න උපාදියිස්සාමි. න ච මෙ තන්නිස්සිතං විඤ්ඤාණං භවිස්සතී’ති. එවං හි තෙ ගහපති, සික්ඛිතබ්බන්ති.
Sinhala BJTඑහෙයින් ගැහැවිය, තොප විසින් මෙසේ හික්මියයුතු ලැබූ සිතින් විමසූ ‘යම් රූපායතනයෙක් ඇද්ද, ශබ්දායතනයෙක් ඇද්ද, ගන්‍ධරස ඵොට්ඨබ්බායතනයෙක් ඇද්ද, ධම්මායතනයෙක් ඇද්ද, එ ද තෘෂ්ණාදි විසින් නොගන්මි. මාගේ විඥානය ඒ රූපාදිය නො ද ඇසුරු කරනලද වේ’ යයි, ගැහැවිය, තොප විසින් මෙසේ මැ හික්මියයුතු යයි.
Pali BJTඑවං වුත්තෙ අනාථපිණ්ඩිකො ගහපති පරොදි, අස්සූනි පවත්තෙසි. අථ ඛො ආයස්මා ආනන්දො, අනාථපිණ්ඩිකං ගහපතිං එතදවොච: ඔලීයසි ඛො ත්වං ගහපති, සංසීදසි{4} ඛො ත්වං ගහපතී’ති.
Sinhala BJTමෙසේ වදාළ කල්හි අනේපිඬු ගැහැවි හැඬී, කඳුළු හෙළී. එකල්හි ආයුෂ්මත් අනඳ තෙරණුවෝ අනේපිඬු ගැහැවිහට තෙල වදාළහ: ගැහැවිය, තෙපි (අරමුණෙහි) ඇලෙව, ගැලෙව යි.
Pali BJTනාහං භන්තෙ ආනන්ද, ඔලිය්යාමි, නපි සංසීදාමි. අපි ච මෙ දීඝරත්තං සත්ථා පයිරුපාසිතො, මනොභාවනීයා ච භික්ඛූ. න ච මෙ එවරූපී ධම්මී කථා සුතපුබ්බා’ති.
Sinhala BJTවහන්ස ආනන්‍ද තෙරණුවෙනි, මම් අරමුණෙහි නො ඇලෙමි, නො ද ගැලෙමි. වැලි එකෙක් ඇති, මා විසින් දීර්‍ඝරාත්‍රයෙහි ශාස්තෲන් වහන්සේ පර්‍ය්‍යුපාසිතයහ. මනෝභාවනීය භික්‍ෂූහු ද පර්‍ය්‍යුපාසිත වූහු. මා විසින් මෙබඳු වූ ධර්‍මකථාවක් නො ද ඇසූවිරූ යයි.
Pali BJTන ඛො ගහපති, ගිහීනං ඔදාතවසනානං එවරූපී ධම්මී කථා පටිභාති. පබ්බජිතානං ඛො, ගහපති, එවරූපී ධම්මී කථා පටිභාතී’ති.
Sinhala BJTගැහැවිය, හෙළපිළිහඳනා ගිහිගේ වැසියනට මෙබඳු ධර්‍මකථා නො වැටහෙයි. ගැහැවිය,පැවිද්දනට මෙබඳු ධර්‍මකථා වැටහේ යයි.
Pali BJTතෙන හි භන්තෙ සාරිපුත්ත, ගිහීනං ඔදාතවසනානං එවරූපී ධම්මී කථා පටිභාතු. සන්ති හි භන්තෙ සාරිපුත්ත, කුලපුත්තා අප්පරජක්ඛජාතිකා, අස්සවනතා ධම්මස්ස පරිහායන්ති. භවිස්සන්ති ධම්මස්ස අඤ්ඤාතාරො’ති.
Sinhala BJTඑසේ වී නම් ස්වාමීනි, ශාරිපුත්‍රස්ථවිරයන් වහන්ස, හෙළපිළී හඳනා ගිහිගේ වැසියනට මෙබඳු ධර්‍මකථා වැටහේවා. ස්වාමීනි, ශාරිපුත්‍රස්ථවිරයන් වහන්ස, අල්පරජස්ක ස්වභාව ඇති කුලපුත්‍රයෝ ඇත්තාහු මැ යැ. ධර්‍මය අශ්‍රවණතායෙන් (ඔහු) පිරිහෙති. දහම් අවබෝධ කරන්නාහු ඇත්තාහ’ යි.
Pali BJTඅථ ඛො ආයස්මා ච සාරිපුත්තො ආයස්මා ච ආනන්දො, අනාථපිණ්ඩිකං ගහපතිං ඉමිනා ඔවාදෙන ඔවදිත්වා උට්ඨායාසනා පක්කමිංසු.
Sinhala BJTඉක්බිති ආයුෂ්මත් ශාරිපුත්‍රස්ථවිරයන් වහන්සේ ද ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ ද අනේපිඬු ගැහැවියනට මේ අවවාදයෙන් ඔවා දී හුනස්නෙන් නැඟී නික්ම ගියාහ.
Pali BJTඅථ ඛො අනාථපිණ්ඩිකො ගහපති, අචිරපක්කන්තෙ ආයස්මන්තෙ ච සාරිපුත්තෙ ආයස්මන්තෙ ච ආනන්දෙ කායස්ස භෙදා පරම්මරණා{5} තුසිතං කායං උපපජ්ජි{6}.
Sinhala BJTඉක්බිති ආයුෂ්මත් ශාරිපුත්‍රස්ථවිරයන් වහන්සේ ද ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ ද නික්මගිය නොබෝ කාලයෙහි අනේපිඬු ගැහැවි කාබුන් මරණින් මතුයෙහි තුසීපුර උපන.
Pali BJTඅථ ඛො අනාථපිණ්ඩිකො දෙවපුත්තො අභික්කන්තාය රත්තියා අභික්කන්තවණ්ණො කෙවලකප්පං ජෙතවනං ඔභාසෙත්වා යෙන භගවා තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං අට්ඨාසි. එකමන්තං ඨිතො ඛො අනාථපිණ්ඩිකො දෙවපුත්තො භගවන්තං ගාථාහි අජ්ඣභාසි:
Sinhala BJTඉක්බිති අනේපිඬු දෙව්පිත් මධ්‍යමරාත්‍රියෙහි මනා සිරුරු පැහැ ඇති වැ සියලු දෙව්රම බබුළුවා භාග්‍යවතුන් වහන්සේ කරා එළඹ භාග්‍යවතුන් වහන්සේට අභිවාදනා කොට එකත්පස් වැ සිටගත. එකත්පස් වැ සිටි අනේපිඬු දෙව්පිත් භාග්‍යවතුන් වහන්සේට ගාථායෙන් මෙසේ කී:
Pali BJTඉදං හි තං ජෙතවනං ඉසිසඞ්ඝනිසෙවිතං, ආවුත්ථං ධම්මරාජෙන පීතිසඤ්ජනනං මම.
Sinhala BJTභික්‍ෂුසංඝයා විසින් නිති සෙවුනා ලද, ධර්‍මරාජයන් වහන්සේ විසින් වාස කළ මේ ජේතවනය මට ප්‍රීති උපදවනු වෙයි.
Pali BJTකම්මං විජ්ජා ච ධම්මො ච සීලං ජීවිතමුත්තමං, එතෙන මච්චා සුජ්ඣන්ති න ගොත්තෙන ධනෙන වා.
Sinhala BJTමාර්‍ගචේතනා සංඛ්‍යාත කර්‍මය ද මාර්‍ගප්‍රඥා සංඛ්‍යාත විද්‍යාව ද සමාධිපාක්‍ෂික ධර්‍මය ද සිල්වත්හුගේ ජීවිතය ද උතුම් වෙයි. තෙල කර්‍මාදිය හේතු කොට ගෙන සත්ත්‍වයෝ විශුද්ධ වෙති. ගෝත්‍රයෙන් වේවයි ධනයෙන් වේවයි ශුද්ධ නො වෙත්.
Pali BJTතස්මා හි පණ්ඩිතො පොසො සම්පස්සං අත්ථමත්තනො, යොනිසො විචිනෙ ධම්මං එවං තත්ථ විසුජ්ඣති.
Sinhala BJTඑහෙයින් පණ්ඩිත පුරුෂ තමහට වැඩ පසස්නේ සමාධිපාක්‍ෂික ධර්‍මය උපායයෙන් (නුවණින්) විමසන්නේ ය. මෙසේ ඒ ආර්‍ය්‍යමාර්‍ගයෙහි විශුද්ධ වෙයි.
Pali BJTසාරිපුත්තොව පඤ්ඤාය සීලෙන උපසමෙන ච, යො හි{1} පාරගතො භික්ඛු, එතාව පරමො සියා’ති.
Sinhala BJTප්‍රඥායෙන් ද ශීලයෙන් ද ක්ලේශෝපශමයෙන් ද ශාරිපුත්‍රස්ථවිරයන් වහන්සේ මැ ශ්‍රේෂ්ඨ වෙති. නිර්‍වාණපාරයට පැමිණි යම් මහණෙක් වේ ද හෙතෙම ශාරිපුත්‍රස්ථවිරයන් වහන්සේ පරම කොට ඇති වන්නේ ය’යි.
Pali BJTඉදමවොච අනාථපිණ්ඩිකො දෙවපුත්තො, සමනුඤ්ඤො සත්ථා අහොසි. අථ ඛො අනාථපිණ්ඩිකො දෙවපුත්තො සමනුඤ්ඤො මෙ සත්ථාති භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා තත්ථෙවන්තරධායි.
Sinhala BJTඅනේපිඬු දෙව්පිත් මේ කී ය: ශාස්තෲන් වහන්සේ අනුදත්සේක. ඉක්බිති අනේපිඬු දෙව්පිත් ශාස්තෲන් වහන්සේ මා කී වදන් අනුදත්හ’ යි භාග්‍යවතුන් වහන්සේ වැඳ පැදකුණු කොට එහි මැ අතුරුදහන් වී.
Pali BJTඅථ ඛො භගවා තස්සා රත්තියා අච්චයෙන භික්ඛූ ආමන්තෙසි: ඉමං භික්ඛවෙ රත්තිං අඤ්ඤතරො දෙවපුත්තො අභික්කන්තාය රත්තියා අභික්කන්තවණ්ණො කෙවලකප්පං ජෙතවනං ඔභාසෙත්වා යෙනාහං තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා මං අභිවාදෙත්වා එකමන්තං අට්ඨාසි. එකමන්තං ඨිතො ඛො භික්ඛවෙ, සො දෙවපුත්තො මං ගාථාහි අජ්ඣභාසි:
Sinhala BJTඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ රාත්‍රිය ඇවෑමෙන් භික්‍ෂූන් ඇමතූසේක: මහණෙනි, මේ රාත්‍රියෙහි එක්තරා දිව්‍යපුත්‍රයෙක් ඉක්මගිය මධ්‍යමරාත්‍රියෙහි මනා සිරුරු පැහැ ඇති වැ සියලු දෙව්රම බබුළුවා මා කරා එළඹ මා අභිවාදනය කොට එකත්පස් වැ සිටගත. මහණෙනි, එකත්පස් වැ සිටි ඒ දෙව්පිත් මට ගාථායෙන් කී:
Pali BJTඉදං හි තං ජෙතවනං -පෙ- එතාව පරමො සියාති.
Sinhala BJTමේ ජේතවනය ... තෙල මැ පරම කොට ඇති වන්නේ යැ’යි.
Pali BJTඉදමවොච භික්ඛවෙ, සො දෙවපුත්තො. සමනුඤ්ඤො මෙ සත්ථාති මං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා තත්ථෙවන්තරධායී’ති.
Sinhala BJTමහණෙනි, ඒ දේවපුත්‍ර මෙය කී: ‘මා කී වදන් ශාස්තෲන් වහන්සේ අනුදත්හ’ යි. මා වැඳ පැදකුණු කොට එහි මැ අතුරුදහන් වී යයි.
Pali BJTඑවං වුත්තෙ ආයස්මා ආනන්දො භගවන්තං එතදවොච: ‘සො හි නූන සො භන්තෙ, අනාථපිණ්ඩිකො දෙවපුත්තො භවිස්සති. අනාථපිණ්ඩිකො භන්තෙ, ගහපති ආයස්මන්තෙ සාරිපුත්තෙ අභිප්පසන්නො{2} අහොසීති.
Sinhala BJTමෙසේ වදාළ කල්හි ආයුෂ්මත් අනඳ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට වහන්ස, හේ වනාහි ඒකාන්තයෙන් ඒ අනේපිඬු දෙව්පිත් වන්නේ ය. වහන්ස, අනේපිඬු ගැහැවි සැරියුත් තෙරණුවන් කෙරෙහි අතිශය පහන් වී යයි.
Pali BJTසාධු සාධු, ආනන්ද, යාවතකං ඛො ආනන්ද, තක්කාය පත්තබ්බං, අනුප්පත්තං තයා. අනාථපිණ්ඩිකො සො ආනන්ද, දෙවපුත්තො නාඤ්ඤොති.{3}
Sinhala BJTසාධු ! සාධු !! ආනන්‍දය, ආනන්‍දය යම් පමණ තර්‍කයෙන් දත යුතු ද තොප විසින් ඒ දන්නාලද්දේ ය. ආනන්‍දය, හේ අනේපිඬු දෙව්පිත. අනෙකෙක් නො වේ යයි.
Pali BJTඉදමවොච භගවා. අත්තමනො ආයස්මා ආනන්දො භගවතො භාසිතං අභිනන්දීති.
Sinhala BJTශාස්තෲන් වහන්සේ මෙය වදාළහ. සතුටුසිත් ඇති ආයුෂ්මත් අනඳ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය අභිනන්‍දනා කොළෝ
Pali BJTඅනාථපිණ්ඩිකොවාද සුත්තං පඨමං.
Sinhala BJTපළමු වැනි අනාථපිණ්ඩිකොවාද සූත්‍ර යි.
Pali BJT3. 5. 2.
Sinhala BJT3. 5. 2.
Pali BJTඡන්නොවාද සුත්තං
Sinhala BJTඡන්නෝවාද සූත්‍රය
Pali BJTඑවං මෙ සුතං: එකං සමයං භගවා රාජගහෙ විහරති වෙළුවනෙ කලන්දකනිවාපෙ. තෙන ඛො පන සමයෙන ආයස්මා ච සාරිපුත්තො ආයස්මා ච මහාචුන්දො ආයස්මා ච ඡන්නො ගිජ්ඣකූටෙ පබ්බතෙ විහරන්ති. තෙන ඛො පන සමයෙන ආයස්මා ඡන්නො ආබාධිකො හොති දුක්ඛිතො බාළ්හගිලානො. අථ ඛො ආයස්මා සාරිපුත්තො සායන්හසමයං පතිසල්ලානා වුට්ඨිතො යෙනායස්මා මහාචුන්දො, තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා ආයස්මන්තං මහාචුන්දං එතදවොච: ‘ආයාම ආවුසො චුන්ද, යෙනායස්මා ඡන්නො, තෙනුපසඞ්කමෙය්යාම ගිලානපුච්ඡකා’ති. එවමාවුසොති ඛො ආයස්මා මහාචුන්දො ආයස්මතො සාරිපුත්තස්ස පච්චස්සොසි.
Sinhala BJTමා විසින් මෙසේ අසන ලද: එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි කලන්‍දකනිවාප නම් වේළුවනයෙහි වැඩවසනසේක. එසමයෙහි ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ ද ආයුෂ්මත් මහාචුන්‍ද තෙරණුවෝ ද ආයුෂ්මත් ඡන්න තෙරණුවෝ ද ගිජුකුළු පව්වෙහි වාස කෙරෙති. එසමයෙහි ආයුෂ්මත් ඡන්න තෙරණුවෝ ආබාධික වැ දුඃඛිත වැ දැඩිගිලන් වූවාහු වෙති. එකල්හි ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ සවස්කාලයෙහි සමවතින් නැගීසිටියාහු ආයුෂ්මත් මහාචුන්‍ද තෙරුන් කරා එළඹ ආයුෂ්මත් මහාචුන්‍ද තෙරුන්ට තෙල කීහ: ඇවැත්නි චුන්‍දයෙනි, යම්හ ආයුෂ්මත් ඡන්නතෙරුන් කරා ගිලන් බව පුළුවුස්නමෝ එළඹෙම්හ. ඇවැත්නි, එසේ යයි ආයුෂ්මත් මහාචුන්‍ද තෙරණුවෝ ආයුෂ්මත් සැරියුත් තෙරණුවන්ට පිළිවදන් දුන්හ.
Pali BJTඅථ ඛො ආයස්මා ච සාරිපුත්තො ආයස්මා ච මහාචුන්දො යෙනායස්මා ඡන්නො, තෙනුපසඞ්කමිංසු, උපසඞ්කමිත්වා ආයස්මතා ඡන්නෙන සද්ධිං සම්මොදිංසු. සම්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදිංසු. එකමන්තං නිසින්නො ඛො ආයස්මා සාරිපුත්තො ආයස්මන්තං ඡන්නං එතදවොච: ‘කච්චි තෙ ආවුසො ඡන්න, ඛමනීයං කච්චි යාපනීයං, කච්චි තෙ දුක්ඛා වෙදනා, පටික්කමන්ති නො අභික්කමන්ති. පටික්කමොසානං පඤ්ඤායති, නො අභික්කමො’ති.
Sinhala BJTඉක්බිති ආයුෂ්මත් සැරියුත් තෙරණුවන් හා ආයුෂ්මත් මහාචුන්‍ද තෙරණුවෝ ඡන්න තෙරණුවන් කරා එළඹියහ. එළඹ ආයුෂ්මත් ඡන්න තෙරණුවන් සමග සතුටු වූහ. සතුටු වියයුතු වූ සිහි කළයුතු වූ කථා කොට නිමවා එකත්පස් වැ හුන්හ. එකත්පස් වැ හුන් ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ ආයුෂ්මත් ඡන්න තෙරණුවනට තෙල කීහ: කිම ඇවත් ඡන්නයෙනි, තොප විසින් සිහිය හැකි ද? කිම යැපිය හැකි ද? කිම තොපගේ දුඃඛවේදනාවෝ බැසයෙත් ද? නැඟ නො යෙත් ද? බැසුම් පැනේ ද? නැඟුම් නො පැනේ දැ? යි.
Pali BJTන මෙ ආවුසො සාරිපුත්ත, ඛමනීයං න යාපනීයං. බාළ්හා මෙ දුක්ඛා වෙදනා. අභික්කමන්ති, නො පටික්කමන්ති. අභික්කමොසානං පඤ්ඤායති, නො පටික්කමො’ති. සෙය්යථාපි ආවුසො සාරිපුත්ත, බලවා පුරිසො තිණ්හෙන සිඛරෙන මුද්ධනි අභිමන්ථෙය්ය, එවමෙව ඛො මෙ ආවුසො සාරිපුත්ත අධිමත්තා වාතා මුද්ධනි ඌහනන්ති. න මෙ ආවුසො සාරිපුත්ත, ඛමනීයං, න යාපනීයං. බාළ්හා මෙ දුක්ඛා වෙදනා, අභික්කමන්ති නො පටික්කමන්ති, අභික්කමොසානං පඤ්ඤායති නො පටික්කමොති.
Sinhala BJTඇවත් ශාරිපුත්‍රයෙනි, මා විසින් නො සැහිය හෙයි, යැපිය නො හෙයි, මාගේ දැඩි දුඃඛවේදනාවෝ නැඟෙති, බැස නො යෙත්. නැඟූම පැනේ, බැස්ම නො පැනේ. ඇවත් ශාරිපුත්‍රයෙනි, යම්සේ බලවත් පුරුෂයෙක් තියුණු යහුලින් මුදුන මඩනේ වේ ද, ඇවත් ශාරිපුත්‍රයෙනි, මාගේ මුදුන අධිමාත්‍ර වාතයෝ වෙසෙසින් පෙළත්. ඇවත් ශාරිපුත්‍රයෙනි, මා විසින් නො සිහිය හැකි යැ, නො යැපිය හැකි යැ. මාගේ දැඩි දුඃඛවේදනාවෝ නැඟෙති, නො බසිත්. නැඟූම් පැනේ, බැසුම් නො පැනේ.
Pali BJTසෙය්යථාපි ආවුසො සාරිපුත්ත, බලවා පුරිසො දළ්හෙන වරත්ත බන්ධෙන සීසෙ සීසවෙඨනං දදෙය්ය. එවමෙව ඛො මෙ ආවුසො සාරිපුත්ත, අධිමත්තා වාතා සීසං පරිකන්තන්ති{1} න මෙ ආවුසො සාරිපුත්ත, ඛමනීයං න යාපනීයං, බාළ්හා මෙ දුක්ඛා වෙදනා, අභික්කමන්ති නො පටික්කමන්ති, අභික්කමොසානං පඤ්ඤායති නො පටික්කමොති.
Sinhala BJTඇවත් ශාරිපුත්‍රයෙනි, යම් පරිදි බලවත් පුරුෂයෙක් දළ වරබානින් හිසෙහි හිස්වෙළුම් දෙන්නේ වේ ද, ඇවත් ශාරිපුත්‍රයෙනි, එපරිදි මැ මාගේ හිස අධිමාත්‍ර වාතයෝ වෙසෙසින් සිඳිති. ඇවත් ශාරිපුත්‍රයෙනි, මා විසින් නො සිහිය හැකි යැ, නො යැපිය හැකි යැ. මාගේ දැඩි දුඃඛවේදනාවෝ නැඟෙති, බැස නො යෙත්. නැඟූම් පැනෙයි, බැසුම් නො පැනේ.
Pali BJTසෙය්යථාපි ආවුසො සාරිපුත්ත, දක්ඛො ගොඝාතකො වා ගොඝාතකන්තෙවාසී වා තිණ්හෙන ගොවිකන්තනෙන කුච්ඡිං පරිකන්තෙය්ය. එවමෙව ඛො මෙ ආවුසො සාරිපුත්ත, අධිමත්තා වාතා කුච්ඡිං පරිකන්තන්ති. න මෙ ආවුසො සාරිපුත්ත, ඛමනීයං, න යාපනීයං. බාළ්හා මෙ දුක්ඛා වෙදනා අභික්කමන්ති නො පටික්කමන්ති, අභික්කමොසානං පඤ්ඤායති, නො පටික්කමොති.
Sinhala BJTඇවත් ශාරිපුත්‍රයෙනි, යම් පරිදි දක්‍ෂ ගෝඝාතකයෙක් හෝ ගෝඝාතක අතැවැසියෙක් හෝ තියුණු වූ ගෙරිකපන කැත්තෙන් කුස කපන්නේ වේ ද, ඇවත් ශාරිපුත්‍රයෙනි, එපරිදි මැ අධිමාත්‍ර වාතයෝ මාගේ කුස සිඳිත්. ඇවත් ශාරිපුත්‍රයෙනි, මා විසින් නො සිහිය හැකි යැ, නො යැපිය හැකි යැ. දැඩි දුඃඛවේදනාවෝ නැඟෙති, බැස නොයෙත්. නැඟූම් පැනේ, බැසුම් නො පැනේ.
Pali BJTසෙය්යථාපි ආවුසො සාරිපුත්ත, ද්වෙ බලවන්තො පුරිසා දුබ්බලතරං පුරිසං නානාබාහාසු ගහෙත්වා අඞ්ගාරකාසුයා සන්තාපෙය්යුං, සම්පරිතාපෙය්යුං. එවමෙව ඛො මෙ, ආවුසො සාරිපුත්ත, අධිමත්තො කායස්මිං ඩාහො. න මෙ ආවුසො සාරිපුත්ත, ඛමනීයං, න යාපනීයං. බාළ්හා මෙ දුක්ඛා වෙදනා අභික්කමන්ති, නො පටික්කමන්ති. අභික්කමොසානං පඤ්ඤායති, නො පටික්කමො’ති. සත්ථං ආවුසො සාරිපුත්ත, ආහරිස්සාමි, නාවකඞ්ඛාමි ජීවිතන්ති.
Sinhala BJTඇවත් ශාරිපුත්‍රයෙනි, යම් පරිදි බලවත් පුරුෂයෝ දෙදෙනෙක් ඉතා දුර්‍වල පුරුෂයකු වෙන වෙන අත් ගෙන අඞ්ගාරකර්ෂුයෙක ලා තවත් ද, තර කොට තවත් ද, ඇවත් ශාරිපුත්‍රයෙනි, එපරිදි මැ මාගේ කයෙහි අධිමාත්‍ර දාහයෙක. ඇවත් ශාරිපුත්‍රයෙනි, මා විසින් නො සිහිය හැකි යැ, නො යැපිය හැකි යැ. මාගේ දැඩි දුඃඛවේදනාවෝ නැඟෙති, නො බසිත්. නැඟූම් පැනෙයි, බැසුම් නො පැනේ. ඇවත් ශාරිපුත්‍රයෙනි, ශස්ත්‍රයක් එළවා ලමි. ජීවිතය නො කැමැත්තෙමි.
Pali BJT‘මායස්මා ඡන්නො සත්ථං ආහරෙසි. යාපෙතායස්මා ඡන්නො, යාපෙන්තං මයං ආයස්මන්තං ඡන්නං ඉච්ඡාම. සචෙ ආයස්මතො ඡන්නස්ස නත්ථි සප්පායානි භොජනානි, අහං ආයස්මතො ඡන්නස්ස සප්පායානි භොජනානි පරියෙසිස්සාමි. සචෙ ආයස්මතො ඡන්නස්ස නත්ථි සප්පායානි භෙසජ්ජානි, අහං ආයස්මතො ඡන්නස්ස සප්පායානි භෙසජ්ජානි පරියෙසිස්සාමි. සචෙ ආයස්මතො ඡන්නස්ස නත්ථි පතිරූපො උපට්ඨාකො, අහං ආයස්මන්තං ඡන්නං උපට්ඨහිස්සාමි. මායස්මා ඡන්නො සත්ථං ආහරෙසි. යාපෙතායස්මා ඡන්නො, යාපෙන්තං මයං ආයස්මන්තං ඡන්නං ඉච්ඡාමා’ති.
Sinhala BJTආයුෂ්මත් ඡන්න තෙමේ ශස්ත්‍රාහරණ නො කෙරේවා, ආයුෂ්මත් ඡන්න තෙමේ යැපේවා. අපි ආයුෂ්මත් ඡන්න තෙරුන් යැපෙන්නවුන් කැමැත්තම්හ. ඉදින් ආයුෂ්මත් ඡන්න තෙරුන්ට සත්ප්‍රායභෝජනයෝ නැත් නම් මම ආයුෂ්මත් ඡන්න තෙරුන්ට සත්ප්‍රායභෝජන සොයාලමි. ඉදින් ආයුෂ්මත් ඡන්න තෙරුන්ට සත්ප්‍රායභෛෂජ්‍ය නැත් නම් මම ආයුෂ්මත් ආයුෂ්මත් ඡන්න තෙරුන්ට සත්ප්‍රායභෛෂජ්‍ය සොයාලමි. ඉදින් ආයුෂ්මත් ඡන්න තෙරුන්ට නිසි උපස්ථායකයෙක් නො වේ නම් මම ආයුෂ්මත් ඡන්න තෙරුන් උවටන් කෙරෙමි. ආයුෂ්මත් ඡන්න තෙරුන් ශස්ත්‍රාහරණ නො කෙරේවා. ආයුෂ්මත් ඡන්න තෙමේ යැපේවා. අපි යැපෙන ආයුෂ්මත් ඡන්නයන් කැමැත්තම්හ’ යි.
Pali BJTනපි මෙ ආවුසො සාරිපුත්ත, නත්ථි සප්පායානි භොජනානි. නපි මෙ නත්ථි සප්පායානි භෙසජ්ජානි. නපි මෙ නත්ථි පතිරූපා උපට්ඨාකා. අපි චාවුසො සාරිපුත්ත, පරිචිණ්ණො මෙ සත්ථා දීඝරත්තං මනාපෙනෙව නො අමනාපෙන. එතං හි ආවුසො සාරිපුත්ත, සාවකස්ස පතිරූපං: යං සත්ථාරං පරිචරෙය්ය මනාපෙනෙව නො අමනාපෙන, අනුපවජ්ජං ඡන්නො භික්ඛු සත්ථං ආහරිස්සතී’ති. එවමෙතං ආවුසො සාරිපුත්ත, ධාරෙහීති.
Sinhala BJTඇවත් ශාරිපුත්‍රයෙනි, මට සත්ප්‍රායභෝජනයෝ නැත්තාහු නො වෙති. මට සත්ප්‍රායභෛෂජ්‍යයෝ නැත්තාහු නො වෙති. මට ප්‍රතිරූප උපස්ථායකයෝ නැත්තාහු නො වෙත්. වැළිදු ඇවත් ශාරිපුත්‍ර තෙරණුවෙනි, මා විසින් දීර්‍ඝරාත්‍රියෙහි මනාපගතීන් මැ ශාස්තෘන් වහන්සේ ඇසුරු කරන ලදහ, අමනාපගතීන් නො වෙයි. ඇවත් ශාරිපුත්‍ර තෙරණුවෙනි, අමනාපගති තබා මනාපගතීන් මැ ශාස්තෘන් වහන්සේ ඇසුරු කරන්නේ යැ යන යම් කරුණෙක් වේ ද, තෙල කරුණ ශ්‍රාවකයක්හට නිසි වෙයි. ඡන්න භික්‍ෂු අනුපදව්‍ය (අප්‍රතිසන්‍ධික) කොට ශස්ත්‍රාහරණ කෙරේ යයි මෙසේ ඇවත් සැරියුත් තෙරණුවෙනි, තෙල කරුණ ධරන්නේ මැනැව.
Pali BJTපුච්ඡෙය්යාම මයං ආයස්මන්තං ඡන්නං කඤ්චිදෙව දෙසං, සචෙ ආයස්මා ඡන්නො ඔකාසං කරොති පඤ්හස්ස වෙය්යාකරණායා’ති. පුච්ඡාවුසො සාරිපුත්ත, සුත්වා වෙදිස්සාමාති.
Sinhala BJTඉදින් ආයුෂ්මත් ඡන්නයෝ ප්‍රශ්නව්‍යාකරණ සඳහා අවකාශකෙරෙත් නම් අපි ආයුෂ්මත් ඡන්නයන් අතින් කිසි දෙසක් පුළුවුසුම්හ. ඇවත් සැරියුත් තෙරණුවෙනි, පුළුවුස්නේ මැනැව, අසා දනුම්හ’ යි.
Pali BJTචක්ඛුං ආවුසො ඡන්න, චක්ඛුවිඤ්ඤාණං චක්ඛුවිඤ්ඤාණවිඤ්ඤාතබ්බෙ ධම්මෙ එතං මම, එසොහමස්මි, එසො මෙ අත්තා’ති සමනුපස්සසි. සොතං ආවුසො ඡන්න, සොතවිඤ්ඤාණං -පෙ- ඝානං, ආවුසො ඡන්න, ඝානවිඤ්ඤාණං -පෙ- ජිව්හං, ආවුසො ඡන්න, ජිව්හාවිඤ්ඤාණං -පෙ- කායං, ආවුසො ඡන්න, කායවිඤ්ඤාණං -පෙ- මනං, ආවුසො ඡන්න, මනොවිඤ්ඤාණං. මනොවිඤ්ඤාණවිඤ්ඤාතබ්බෙ ධම්මෙ එතං මම, එසොහමස්මි, එසො මෙ අත්තා’ති සමනුපස්සසීති.
Sinhala BJTඇවත් ඡන්නයෙනි, චක්‍ෂුස චක්‍ෂුර්විඥාන චක්‍ෂුර්විඥානයෙන් විඥාතව්‍යධර්‍ම ‘තෙල මා ගැත්තේ යැ, තෙලෙ මම් වෙමි, තෙලෙ මාගේ ආත්මය’ යි නුවණින් දක්නෙහි ද? ඇවත් ඡන්නයෙනි, ශ්‍රෝත ශ්‍රොතවිඥාන ... ඇවත් ඡන්නයෙනි, ඝ්‍රාණ ඝ්‍රාණවිඥාන ... ඇවත් ඡන්නයෙනි, ජිහ්වා ජිහ්වාවිඥාන ... ඇවත් ඡන්නයෙනි, කාය කායවිඥාන ... ඇවත් ඡන්නයෙනි, මනස මනෝවිඥානයෙන් විඥාතව්‍යධර්‍ම ‘තෙල මා ගැත්තේ යැ, තෙලෙ මම් වෙමි. තෙලෙ මාගේ ආත්ම යයි නුවණින් දක්නෙහි දැ’ යි.
Pali BJTචක්ඛුං ආවුසො සාරිපුත්ත, චක්ඛුවිඤ්ඤාණං චක්ඛුවිඤ්ඤාණවිඤ්ඤාතබ්බෙ ධම්මෙ නෙතං මම, නෙසොහමස්මි, න මෙසො අත්තා’ති සමනුපස්සාමි. සොතං ආවුසො සාරිපුත්ත, සොතවිඤ්ඤාණං -පෙ- ඝානං, ආවුසො සාරිපුත්ත, ඝානවිඤ්ඤාණං -පෙ- ජිව්හං, ආවුසො සාරිපුත්ත, ජිව්හාවිඤ්ඤාණං -පෙ- කායං, ආවුසො සාරිපුත්ත, කායවිඤ්ඤාණං -පෙ- මනං, ආවුසො සාරිපුත්ත, මනොවිඤ්ඤාණං මනොවිඤ්ඤාණවිඤ්ඤාතබ්බෙ ධම්මෙ නෙතං මම, නෙසොහමස්මි, න මෙසො අත්තා’ති සමනුපස්සාමීති.
Sinhala BJTඇවත් සැරියුත් තෙරණුවෙනි, චක්‍ෂුස චක්‍ෂුර්විඥාන චක්‍ෂුර්විඥානයෙන් විඥාතව්‍යධර්‍ම ‘තෙල මා ගැත්තේ නො වෙයි, තෙලෙ මම් නො වෙමි. තෙලෙ මා ආත්ම නො වේ’ යයි නුවණින් දක්මි. ඇවත් සැරියුත් තෙරණුවෙනි, ශ්‍රෝත ශ්‍රොතවිඥාන ... ඇවත් සැරියුත් තෙරණුවෙනි, ඝ්‍රාණ ඝ්‍රාණවිඥාන ... ඇවත් සැරියුත් තෙරණුවෙනි, ජිහ්වා ජිහ්වාවිඥාන ... ඇවත් සැරියුත් තෙරණුවෙනි, කාය කායවිඥාන ... ඇවත් සැරියුත් තෙරණුවෙනි, මනස මනෝවිඥානයෙන් විඥාතව්‍යධර්‍ම ‘තෙල මා ගැත්තේ නො වෙයි, තෙලෙ මම් නො වෙමි. තෙලෙ මාගේ ආත්ම නො වේ’ යයි නුවණින් දක්මි.
Pali BJTචක්ඛුස්මිං ආවුසො ඡන්න, චක්ඛුවිඤ්ඤාණෙ චක්ඛුවිඤ්ඤාණවිඤ්ඤාතබ්බෙසු ධම්මෙසු කිං දිස්වා කිං අභිඤ්ඤාය චක්ඛුං චක්ඛුවිඤ්ඤාණං චක්ඛුවිඤ්ඤාණවිඤ්ඤාතබ්බෙ ධම්මෙ නෙතං මම, නෙසොහමස්මි, න මෙසො අත්තා’ති සමනුපස්සසි. සොතස්මිං ආවුසො ඡන්න, සොතවිඤ්ඤාණෙ -පෙ- ඝානස්මිං ආවුසො ඡන්න, ඝානවිඤ්ඤාණෙ -පෙ- ජිව්හාය ආවුසො ඡන්න, ජිව්හාවිඤ්ඤාණෙ -පෙ- කායස්මිං ආවුසො ඡන්න, කායවිඤ්ඤාණෙ -පෙ- මනස්මිං ආවුසො ඡන්න, මනොවිඤ්ඤාණෙ මනොවිඤ්ඤාණවිඤ්ඤාතබ්බෙසු ධම්මෙසු කිං දිස්වා කිං අභිඤ්ඤාය මනං මනොවිඤ්ඤාණං මනොවිඤ්ඤාණවිඤ්ඤාතබ්බෙ ධම්මෙ නෙතං මම, නෙසොහමස්මි, න මෙසො අත්තා’ති සමනුපස්සසීති.
Sinhala BJTඇවත් ඡන්නයෙනි, චක්‍ෂුසෙහි චක්‍ෂුර්විඥානයෙහි චක්‍ෂුර්විඥානයෙන් විඥාතව්‍යධර්‍මයෙහි කුමක් දැක කුමක් අවබෝධ කොට චක්‍ෂුස චක්‍ෂුර්විඥාන චක්‍ෂුර්විඥානයෙන් විඥාතව්‍යධර්‍ම යන මේ ‘තෙල මා ගැත්තේ නො වෙයි, තෙලෙ මම් නො වෙමි. තෙලෙ මා ආත්ම නො වේ යයි නුවණින් දක්නෙහි. ඇවත් ඡන්නයෙනි, ශ්‍රෝතයෙහි ශ්‍රෝතවිඥානයෙහි ... ඇවත් ඡන්නයෙනි, ඝ්‍රාණයෙහි ඝ්‍රාණවිඥානයෙහි ... ඇවත් ඡන්නයෙනි, ජිහ්වායෙහි ජිහ්වාවිඥානයෙහි ... ඇවත් ඡන්නයෙනි, කයෙහි කායවිඥානයෙහි ... ඇවත් ඡන්නයෙනි, මනස්හි මනොවිඥානයෙහි මනෝවිඥානයෙන් විඥාතව්‍යධර්‍මයෙහි කුමක් අවබෝධ කොට මනස මනෝවිඥාන මනෝවිඥානයෙන් විඥාතව්‍යධර්‍ම යන මේ තෙල මා ගැත්තේ නො වෙයි, තෙලෙ මම් නො වෙමි. තෙලෙ මාගේ ආත්ම නො වේ’ යයි නුවණින් දක්නෙහි?
Pali BJTචක්ඛුස්මිං ආවුසො සාරිපුත්ත, චක්ඛුවිඤ්ඤාණෙ චක්ඛුවිඤ්ඤාණවිඤ්ඤාතබ්බෙසු ධම්මෙසු නිරොධං දිස්වා නිරොධං අභිඤ්ඤාය චක්ඛුං චක්ඛුවිඤ්ඤාණං චක්ඛුවිඤ්ඤාණවිඤ්ඤාතබ්බෙ ධම්මෙ නෙතං මම, නෙසොහමස්මි, න මෙසො අත්තා’ති සමනුපස්සාමි. සොතස්මිං ආවුසො සාරිපුත්ත, සොතවිඤ්ඤාණෙ -පෙ- ඝානස්මිං ආවුසො සාරිපුත්ත, ඝානවිඤ්ඤාණෙ -පෙ- ජිව්හාය ආවුසො සාරිපුත්ත, ජිව්හාවිඤ්ඤාණෙ -පෙ- කායස්මිං ආවුසො සාරිපුත්ත, කායවිඤ්ඤාණෙ -පෙ- මනස්මිං ආවුසො සාරිපුත්ත, මනොවිඤ්ඤාණෙ, මනොවිඤ්ඤාණවිඤ්ඤාතබ්බෙසු ධම්මෙසු නිරොධං දිස්වා නිරොධං අභිඤ්ඤාය මනං මනොවිඤ්ඤාණං මනොවිඤ්ඤාණවිඤ්ඤාතබ්බෙ ධම්මෙ නෙතං මම, නෙසොහමස්මි, න මෙසො අත්තා’ති සමනුපස්සාමීති.
Sinhala BJTඇවත් සැරියුත් තෙරණුවෙනි, චක්‍ෂුසෙහි චක්‍ෂුර්විඥානයෙහි චක්‍ෂුර්විඥානයෙන් විඥාතව්‍යධර්‍මයෙහි නිරෝධය දැක නිරෝධය අවබෝධ කොට චක්‍ෂු චක්‍ෂුර්විඥාන චක්‍ෂුර්විඥානයෙන් විඥාතව්‍යධර්‍ම යන මේ ‘තෙල මා ගැත්තේ නො වෙයි, තෙලෙ මම් නො වෙමි. තෙලෙ මා ආත්ම නො වේ’ යයි නුවණින් දක්මි. ඇවත් සැරියුත් තෙරණුවෙනි, ශ්‍රෝතයෙහි ශ්‍රෝතවිඥානයෙහි ... ඇවත් සැරියුත් තෙරණුවෙනි, ඝ්‍රාණයෙහි ඝ්‍රාණවිඥානයෙහි ... ඇවත් සැරියුත් තෙරණුවෙනි, ජිහ්වායෙහි ජිහ්වාවිඥානයෙහි ... ඇවත් සැරියුත් තෙරණුවෙනි, කයෙහි කායවිඥානයෙහි ... ඇවත් සැරියුත් තෙරණුවෙනි, මනස්හි මනොවිඥානයෙහි මනෝවිඥානයෙන් විඥාතව්‍යධර්‍මයෙහි නිරෝධය දැක, නිරෝධය අවබෝධ කොට මනස මනෝවිඥාන මනෝවිඥානයෙන් විඥාතව්‍යධර්‍ම යන මේ ‘තෙල මා ගැත්තේ නො වෙයි, තෙලෙ මම් නො වෙමි, තෙලෙ මාගේ ආත්ම නො වේ යයි නුවණින් දක්මි’ යි කී.
Pali BJTඑවං වුත්තෙ ආයස්මා මහාචුන්දො, ආයස්මන්තං ඡන්නං එතදවොච: තස්මාතිහ ආවුසො ඡන්න, ඉදම්පි තස්ස භගවතො සාසනං නිච්චකප්පං මනසි කාතබ්බං: නිස්සිතස්ස චලිතං. අනිස්සිතස්ස චලිතං නත්ථි. චලිතෙ අසති පස්සද්ධි. පස්සද්ධියා සති නති න හොති. නතියා අසති ආගතිගති න හොති. ආගතිගතියා අසති චුතූපපාතො න හොති. චුතූපපාතෙ අසති නෙව ඉධ න හුරං න උභයමන්තරෙන. එසෙවන්තො දුක්ඛස්සා’ති.
Sinhala BJTමෙසේ කී කල්හි ආයුෂ්මත් මහාචුන්‍ද තෙරණුවෝ ආයුෂ්මත් ඡන්න තෙරුන්ට තෙල කීහ: ‘ඇවත් ඡන්නයෙනි, ඒ මාරණාන්තික වේදනා ඇතියෙන් ඒ භාග්‍යවතුන් වහන්සේගේ මේ අනුශිෂ්ටිය ද නිරතුරු සිහි කරන්නේ මැනැව. තෘෂ්ණාදීන් නිඃශ්‍රිතයාහට ක්ලේශකම්පනය වෙයි, අනිඃශ්‍රිතයා හට චලිතයෙක් නැත. චලිතය නැති කල්හි කෙලෙස් සන්හිඳුම් වෙයි. සන්හිඳුම් ඇතිවත් ම තෘෂ්ණා නො වෙයි. තෘෂ්ණා නැතිවත් ම (පිලිසඳ විසින්) ආගමන හා (ච්‍යුති විසින්) ගමන නො වෙයි. ආගති හා ගති නැති වත් ම ච්‍යුති උපපාත දෙක නො වෙයි. ච්‍යුති උපපාත දෙක නැති වත් ම මෙලොවැ හෝ නො වෙයි. පරලොවැ හෝ නො වෙයි. දෙලොව්හි මැ නො වෙයි. දුඃඛයාගේ තෙලෙ මැ කෙළවර වෙයි.
Pali BJTඅථ ඛො ආයස්මා සාරිපුත්තො ආයස්මා ච මහාචුන්දො ආයස්මන්තං ඡන්නං ඉමිනා ඔවාදෙන ඔවදිත්වා උට්ඨායාසනා පක්කමිංසු. අථ ඛො ආයස්මා ඡන්නො, අචිරපක්කන්තෙ ආයස්මන්තෙ ච සාරිපුත්තෙ ආයස්මන්තෙ ච මහාචුන්දෙ සත්ථං ආහරෙසි. අථ ඛො ආයස්මා සාරිපුත්තො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ආයස්මා සාරිපුත්තො භගවන්තං එතදවොච: ආයස්මතා භන්තෙ, ඡන්නෙන සත්ථං ආහරිතං, තස්ස කා ගති කො අභිසම්පරායොති:
Sinhala BJTඑසඳ ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ ද ආයුෂ්මත් මහාචුන්‍දතෙරණුවෝ ද ආයුෂ්මත් ඡන්න තෙරණුවන්ට මේ අවවාදයෙන් අවවාදදී හුනස්නෙන් නැඟී වැඩියෝ. එසඳ ආයුෂ්මත් ඡන්න තෙරහු ආයුෂ්මත් සැරියුත් තෙරණුවන් හා ආයුෂ්මත් මහාචුන්‍ද තෙරණුවන් වඩනා හා මැ ශාස්ත්‍රාහරණ කළෝ. ඉක්බිති ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියහ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස් වැ හුන්හ. එකත්පස් වැ හුන් ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල සැලකළහ. “වහන්ස, ආයුෂ්මත් ඡන්න තෙරුන් විසින් ශාස්ත්‍රාහරණ කරන ලද”, ඔහුගේ ගති කවර? පරලොව කවරෙ’ යි.
Pali BJTනනු තෙ සාරිපුත්ත, ඡන්නෙන භික්ඛුනා සම්මුඛායෙව අනුපවජ්ජතා බ්යාකතාති:
Sinhala BJTශාරිපුත්‍රය, ඡන්න මහණහු විසින් තොප හමියෙහි මැ අනුපවද්‍යතා පවසන ලද නො? යි.
Pali BJTඅත්ථි භන්තෙ, පුබ්බජිරං නාම වජ්ජිගාමො. තත්රායස්මතො{1} ඡන්නස්ස මිත්තකුලානි සුහජ්ජකුලානි උපවජ්ජකුලානී’ති. හොන්ති හෙතෙ සාරිපුත්ත, ඡන්නස්ස භික්ඛුනො මිත්තකුලානි සුහජ්ජකුලානි උපවජ්ජකුලානි. නාහං සාරිපුත්ත, එත්තාවතා සඋපවජ්ජොති වදාමි. යො ඛො සාරිපුත්ත, ඉමඤ්ච කායං නික්ඛිපති. අඤ්ඤඤ්ච කායං උපාදියති, තමහං සඋපවජ්ජො’ති වදාමි. තං ඡන්නස්ස භික්ඛුනො නත්ථි. අනුපවජ්ජො, ඡන්නො භික්ඛු සත්ථං ආහරෙසීති{2}.
Sinhala BJTවහන්ස, පුබ්බජිර නම් වැදැගමක් ඇත. එහි ආයුෂ්මත් ඡන්න තෙරුන්ගේ මිත්‍ර කුලයන් හා සුහද කුලයන් හා එළැඹිය යුතු කුලයෝ ද ඇත. ශාරිපුත්‍රය, ඡන්න මහණහුගේ තෙල මිත්‍රකුලයෝ ද සුහද කුලයෝ ද ‘උපවජ්ජ’ (එළැඹියැ යුතු) කුලයෝ ද වෙති. ශාරිපුත්‍රය, මම මෙතෙකින් සඋපවජ්ජහ’ යි නො කියමි. ශාරිපුත්‍රය, යමෙක් මේ කය හරණේ වේ ද, අන් කයකුදු ගන්නේ වේ ද, මම ඔහු සඋපවජ්ජහ’ යි කියමි. ඒ ඡන්න භික්‍ෂූහට නැත. (එහෙයින්) අනුපවජ්ජ වූ ඡන්න මහණ ශාස්ත්‍රාහරණ කෙළේ යයි.
Pali BJTඉදමවොච භගවා. අත්තමනො ආයස්මා සාරිපුත්තො භගවතො භාසිතං අභිනන්දීති.
Sinhala BJTභාග්‍යවතුන් වහන්සේ මේ වදාළ සේක. ප්‍රීතිසෞමනස්‍යයන් විසින් ගත් සිත් ඇති ආයුෂ්මත් ශාරිපුත්‍ර තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය අභිනන්‍දන කළෝ.
Pali BJTඡන්නොවාද සුත්තං දුතියං.
Sinhala BJTදෙවැනි ඡන්නෝවාද සූත්‍ර යි.
Pali BJT3. 5. 3.
Sinhala BJT3. 5. 3.
Pali BJTපුණ්ණොවාද සුත්තං
Sinhala BJTපුණ්ණෝවාද සූත්‍රය
Pali BJTඑවං මෙ සුතං: එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. අථ ඛො ආයස්මා පුණ්ණො සායන්හසමයං පතිසල්ලානා වුට්ඨිතො යෙන භගවා, තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ආයස්මා පුණ්ණො භගවන්තං එතදවොච:
Sinhala BJTමා විසින් මෙසේ අසන ලද: එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් අනේවඩු මහසිටුහුගේ අරම්හි වැඩවාස කෙරෙති. එසඳ ආයුෂ්මත් පුණ්ණ තෙරණුවෝ සවස් වේලෙහි පිළිසලනින් නැංගාහු භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස් වැ හුන්හු. එකත්පස් වැ හුන් ආයුෂ්මත් පුණ්ණ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල සැලකොළෝ:
Pali BJTසාධු මං භන්තෙ, භගවා සඞ්ඛිත්තෙන ඔවාදෙන ඔවදතු, ‘යමහං භගවතො ධම්මං සුත්වා එකො වූපකට්ඨො අප්පමත්තො ආතාපී පහිතත්තො විහරෙය්ය’න්ති.
Sinhala BJTවහන්ස, ‘මම භාග්‍යවතුන් වහන්සේගේ යම් දහමක් අසා එකලා වූයෙම් ගණයා කෙරෙන් වෙන් වූයෙම් නො පමා වූයෙම් කෙලෙස් තවන වැර ඇතියෙම් නිවනට මෙහෙයූ සිත් ඇතියෙම් වාස කෙරෙම් ද, භාග්‍යවතුන් වහන්සේ මට එබඳු සංක්‍ෂිප්ත අවවාදයෙකින් අවවාද කරනසේක්වා’ යි අයැදසිටුම්හ’යි.
Pali BJTතෙන හි පුණ්ණ, සුණොහි, සාධුකං මනසි කරොහි, භාසිස්සාමීති.
Sinhala BJT‘එසේ වී නම් පුණ්ණය, අසව, මනා කොට මෙනෙහි කරව, කියම්හ’ යි වදාළහ.
Pali BJTඑවං භන්තෙති ඛො ආයස්මා පුණ්ණො භගවතො පච්චස්සොසි. භගවා එතදවොච:
Sinhala BJT‘වහන්ස, එසේ යැ’ යි ආයුෂ්මත් පුණ්ණ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළහ:
Pali BJTසන්ති ඛො පුණ්ණ, චක්ඛුවිඤ්ඤෙය්යා රූපා ඉට්ඨා කන්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා. තඤ්චෙ භික්ඛු අභිනන්දති, අභිවදති, අජ්ඣොසාය තිට්ඨති. තස්ස තං අභිනන්දතො අභිවදතො අජ්ඣොසාය තිට්ඨතො උප්පජ්ජති නන්දි, නන්දි සමුදයා දුක්ඛසමුදයො පුණ්ණාති වදාමි.
Sinhala BJTපුණ්ණය, ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ ප්‍රිය ස්වරූප වූ කාමෝපසංහිත වූ සිත් ඇලවීමට නිසි චක්‍ෂුර්විඥේය රූපායතන කෙනෙක් ඇත. ඉදින් මහණ ඒ රූපායතන අභිනන්‍දන කෙරේ ද, සිතින් ගෙන තෘෂ්ණා වශයෙන් බෙණේ ද, ගැලගෙන සිටී ද, ඒ රූපායතන අභිනන්‍දන කරන තෘෂ්ණා වශයෙන් බණන ගැලගෙන සිටුනා ඒ මහණහට තෘෂ්ණාව උපදී. තෘෂ්ණා සමුදය හේතුයෙන් පුණ්ණය, දුඃඛසමුදය වේ යයි කියම්හ.
Pali BJTසන්ති ඛො පුණ්ණ, සොතවිඤ්ඤෙය්යා සද්දා -පෙ- ඝානවිඤ්ඤෙය්යා ගන්ධා -පෙ- ජිව්හාවිඤ්ඤෙය්යා රසා -පෙ- කායවිඤ්ඤෙය්යා ඵොට්ඨබ්බා -පෙ- මනොවිඤ්ඤෙය්යා ධම්මා ඉට්ඨා කන්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා. තං චෙ භික්ඛු අභිනන්දති අභිවදති අජ්ඣොසාය තිට්ඨති. තස්ස තං අභිනන්දතො අභිවදතො අජ්ඣොසාය තිට්ඨතො උප්පජ්ජති නන්දි. නන්දිසමුදයා දුක්ඛසමුදයො පුණ්ණාති වදාමි.
Sinhala BJTපුණ්ණය, ශ්‍රෝතවිඥේය ශබ්දායතන කෙනෙක් ... ඝ්‍රාණවිඥේය ගන්‍ධායතන කෙනෙක් ... ජිහ්වාවිඥේය රසායතන කෙනෙක් ... කායවිඥේය ස්ප්‍රෂ්ටව්‍යායතන කෙනෙක් ... ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ ප්‍රියස්වරූප වූ කාමෝපසංහිත වූ රඤ්ජනයට නිසි වූ මනෝවිඥේය ධර්‍මායතන කෙනෙක් ඇත. ඉදින්, මහණ ඒ ධර්‍මායතන අභිනන්‍දන කෙරේ ද, තෘෂ්ණා වශයෙන් බෙණේ ද, ගැලගෙන සිටුනේ වේ ද, එය අභිනන්‍දන කරන තෘෂ්ණා වශයෙන් බණන ගැලගෙන සිටුනා ඔහුට තෘෂ්ණා උපදී. තෘෂ්ණාසමුදය හේතුයෙන් දුඃඛසමුදය වේ යයි කියම්හ.
Pali BJTසන්ති ඛො පුණ්ණ, චක්ඛුවිඤ්ඤෙය්යා රූපා ඉට්ඨා කන්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා, තඤ්චෙ භික්ඛු නාභිනන්දති. නාභිවදති. නාජ්ඣොසාය තිට්ඨති. තස්ස තං අනභිනන්දතො අනභිවදතො අනජ්ඣොසාය තිට්ඨතො නන්දි නිරුජ්ඣති. ‘නන්දි නිරොධා දුක්ඛනිරොධො පුණ්ණාති වදාමි.
Sinhala BJTපුණ්ණය, ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ ප්‍රියස්වරූප වූ කාමෝපසංහිත වූ රඤ්ජනාර්‍හ වූ චක්‍ෂුර්විඥේය රූපායතන කෙනෙක් ඇත. ඉදින් මහණෙ රූපායතන අභිනන්‍දන නො කෙරේ ද, තෘෂ්ණා විසින් නො බෙණේ ද, ගැලගෙන නො සිටුනේ වේ ද, ඒ රූපායතන අභිනන්‍දන නො කරන තෘෂ්ණා හෙයින් නො බණන ගැලගෙන නො සිටුනා ඒ මහණහට තෘෂ්ණා නිරුද්ධ වෙයි. තෘෂ්ණානිරෝධ හේතුයෙන් පුණ්ණය, දුඃඛනිරෝධ වේ යයි කියම්හ.
Pali BJTසන්ති ඛො පුණ්ණ, සොතවිඤ්ඤෙය්යා සද්දා -පෙ- ඝානවිඤ්ඤෙය්යා ගන්ධා -පෙ- ජිව්හාවිඤ්ඤෙය්යා රසා -පෙ- කායවිඤ්ඤෙය්යා ඵොට්ඨබ්බා -පෙ- මනොවිඤ්ඤෙය්යා ධම්මා ඉට්ඨා කන්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා. තඤ්චෙ භික්ඛු නාභිනන්දති, නාභිවදති, නාජ්ඣොසාය තිට්ඨති. තස්ස තං අනභිනන්දතො අනභිවදතො අනජ්ඣොසාය තිට්ඨතො නන්දී නිරුජ්ඣති. නන්දීනිරොධා දුක්ඛනිරොධො පුණ්ණාති වදාමි.
Sinhala BJTපුණ්ණය, ශ්‍රෝතවිඥේය ශබ්දායතන කෙනෙක් ... ඝ්‍රාණවිඥේය ගන්‍ධායතන කෙනෙක් ... ජිහ්වාවිඥේය රසායතන කෙනෙක් ... කායවිඥේය ස්ප්‍රෂ්ටව්‍යායතන කෙනෙක් ... ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ ප්‍රියස්වරූප වූ කාමෝපසංහිත වූ රඤ්ජනයට නිසි වූ මනෝවිඥේය ධර්‍මායතන කෙනෙක් ඇත. ඉදින් මහණ ඒ ධර්‍මායතන අභිනන්‍දන නො කෙරේ ද, තෘෂ්ණා හෙයින් නො බෙණේ ද, ගැලගෙන නො සිටුනේ වේ ද, ඒ ධර්‍මායතන අභිනන්‍දන නො කරන තෘෂ්ණා හෙයින් නො බණන ගැලගෙන නො සිටුනා ඔහුගේ තෘෂ්ණා නිරුද්ධ වෙයි, තෘෂ්ණා නිරෝධ හේතුයෙන් පුණ්ණය, දුඃඛනිරෝධ වේ යයි කියම්හ.