Pali BJT3. එවංවාදිනො භික්ඛවෙ අඤ්ඤතිත්ථියා පරිබ්බාජකා එවමස්සු වචනීයා: අත්ථි ඛො නො ආවුසො තෙන භගවතා ජානතා පස්සතා අරහතා සම්මාසම්බුද්ධෙන චත්තාරො ධම්මා අක්ඛාතා යෙ මයං අත්තනි සම්පස්සමානා එවං වදෙම: ‘ඉධෙව සමණො, ඉධ දුතියො සමණො, ඉධ තතියො සමණො, ඉධ චතුත්ථො සමණො. සුඤ්ඤා පරප්පවාදා සමණෙහි අඤ්ඤෙ’ති. කතමෙ චත්තාරො? අත්ථි ඛො නො ආවුසො සත්ථරි පසාදො. අත්ථි ධම්මෙ පසාදො. අත්ථි සීලෙසු පරිපූරකාරිතා සහධම්මිකා ඛො පන පියා{1} මනාපා ගහට්ඨා චෙව පබ්බජිතා ච. ඉමෙ ඛො නො ආවුසො තෙන භගවතා ජානතා පස්සතා අරහතා සම්මාසම්බුද්ධෙන චත්තාරො ධම්මා අක්ඛාතා යෙ මයං අත්තනි සම්පස්සමානා එවං වදෙම: ‘ඉධෙව සමණො, ඉධ දුතියො සමණො, ඉධ තතියො සමණො, ඉධ චතුත්ථො සමණො. සුඤ්ඤා පරප්පවාදා සමණෙහි අඤ්ඤෙ’ති.
Sinhala BJT3. මහණෙනි, මෙසේ කියන අන්තොටු පිරිවැජියෝ තෙල සෙයින් කියයුතු වෙති: ඇවැත්නි, අපි යම් ධර්‍මෙකනෙකුන් තමා කෙරෙහි මොනවට දක්නමෝ ‘මහණ මේ සස්නෙහි ම ය. දෙවෙනි මහණ මේ සස්නෙහි ම ය. තෙවෙනි මහණ මේ සස්නෙහි ම ය. සියුවැනි මහණ මේ සස්නෙහි ම ය. අන්‍යවූ පරප්‍රවාදයෝ ශ්‍රමණයන් කෙරෙන් ශූන්‍යයහ’ යි මෙසේ කියමෝ ද, (එහිලා) සියල්ල දන්නාවූ සියල්ල දක්නාවූ අර්‍හත්වූ සම්‍යක් සම්බුද්ධ වූ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් වදාළ ධර්‍ම සතරෙක් ඇත. කවර සතරෙක යත්: ඇවැත්නි, අපගේ ශාස‍්තෘන් වහන්සේ කෙරෙහි පැහැදීම ඇත. ධර්‍මය කෙරෙහි පැහැදීම ඇත. ශීලයෙහි පරිපූර්‍ණකාරිත‍්වය ඇත. ගිහියෝ ද පැවිද්දෝ ද යන ආර්‍ය්‍යශ්‍රාවක සහ ධාර්මික පිරිස්හු දු උනුනට ප්‍රිය වෙති. මනාප(කල්) වෙති. ඇවැත්නි, අපි යම් ධර්‍මෙකනෙකුන් තමන් තුළ මොනවට දක්නමෝ ‘මහණ මේ සස්නෙහි ම ය. දෙවැනි මහණ මේ සස්නෙහි ම ය. තුන්වැනි මහණ මේ සස්නෙහි ම ය. සිවුවැනි මහණ මේ සස්නෙහි මය. අන්‍යවූ පරප්‍රවාදයෝ ශ්‍රමණයන් කෙරෙන් ශූන්‍යයහ’ යි මෙසේ කියමෝ ද, (එහිලා) සියල්ල දන්නාවූ සියල්ල දක්නාවූ අර්‍හත්වූ සම්‍යක් සම්බුද්ධ වූ අපගේ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් වදාළ ධර්‍මයෝ සතර දෙන වෙති.
Pali BJT4. ඨානං ඛො පනෙතං භික්ඛවෙ විජ්ජති යං අඤ්ඤතිත්ථියා පරිබ්බාජකා එවං වදෙය්යුං: අම්හාකම්පි ඛො ආවුසො අත්ථි සත්ථරි පසාදො යො අම්හාකං සත්ථා. අම්හාකම්පි අත්ථි ධම්මෙ පසාදො යො අම්හාකං ධම්මො. මයම්පි සීලෙසු පරිපූරකාරිනො යානි අම්හාකං සීලානි. අම්හාකම්පි සහධම්මිකා පියා මනාපා ගහට්ඨා චෙව පබ්බජිතා ච. ඉධ නො ආවුසො කො විසෙසො කො අධිප්පායො{2} කිං නානාකරණං යදිදං තුම්හාකඤ්චෙව අම්හාකඤ්චාති.
Sinhala BJT4. මහණෙනි, යම් හෙයකින් අන්තොටු පිරිවැජියෝ “අවැත්නි යමෙක් අපගේ ශාස්තෘ වේ ද, ඒ ශාස්තෘන් වහන්සේ කෙරෙහි අප ද ගේ පැහැදීම ඇත. යමක් අපගේ ධර්‍මය වේද, (ඒ) ධර්‍මය කෙරෙහි අපගේ ද පැහැදීම ඇත. අපගේ යම් ශීලයෝ වෙත් ද, අපි දු ඒ සිල් පුරන සුල්ලමෝ වම්හ. අප ද ගේ සහධාර්මික වූ ගිහියෝ ද පැවිද්දෝ ද උනුනට ප්‍රිය වෙති. කල් වෙති. ඇවැත්නි, තෙල ප්‍රසාදයෙහි ලා තොප සහ අපගේත් විශේෂය කවරේ ය? අධික ප්‍රයෝගය කවරේය? වෙනස කවරේය? යි මෙසේ කියන්නාහු ය” යන මේ කාරණය විද්‍යාමාන වෙයි.
Pali BJT5. එවං වාදිනො භික්ඛවෙ අඤ්ඤතිත්ථියා පරිබ්බාජකා එවමස්සු වචනීයා: කිම්පනාවුසො එකා නිට්ඨා? උදාහු පුථු නිට්ඨා’ති? සම්මා ව්යාකරමානා භික්ඛවෙ අඤ්ඤතිත්ථියා පරිබ්බාජකා එවං ව්යාකරෙය්යුං: එකා හාවුසො නිට්ඨා, න පුථු නිට්ඨා’ති.
Sinhala BJT5. මහණෙනි, මෙසේ කියන අන්තොටු පිරිවැජ්ජෝ “ඇවැත්නි, කිම (ඒ ප්‍රසාදයාගේ) නිෂ්ඨාව එකෙක් ද? නොහොත් බොහෝ නිෂ්‍ඨා ඇත්දැ?යි” මෙසේ කියයුතු වෙත්. මහණෙනි, අන්තොටු පිරිවැජියෝ මනාකොට(කරුණු සහිතව) ප්‍රකාශ කරන්නාහු “ඇවැත්නි, නිෂ්‍ඨාව එකෙක් ම ය. නිෂ්‍ඨාවෝ බොහෝ නො වෙති” යි මෙසේ ප්‍රකාශ කරන්නාහු ය.
Pali BJT6. සා පනාවුසො නිට්ඨා සරාගස්ස? උදාහු වීතරාගස්සාති? සම්මා ව්යාකරමානා භික්ඛවෙ අඤ්ඤතිත්ථියා පරිබ්බාජකා එවං ව්යාකරෙය්යුං: වීතරාගස්සාවුසො සා නිට්ඨා, න සා නිට්ඨා සරාගස්සාති.
Sinhala BJT6. ඇවැත්නි, එ නිෂ්ඨාව රාග සහිතයාහට වේ ද? නොහොත් රාග රහිතයාහට වේ ද? (මෙසේ කියයුතු වෙති.) මහණෙනි, මනාකොට ප්‍රකාශ කරන අන්තොටු පිරිවැජියෝ “ඇවැත්නි, එ නිෂ්‍ඨාව වීතරාගයාහට වෙයි. එ නිෂ්‍ඨාව සරාගයාහට නො වේ”යි මෙසේ ප්‍රකාශ කරන්නාහු ය.
Pali BJTසා පනාවුසො නිට්ඨා සදොසස්ස? උදාහු වීතදොසස්සාති? සම්මා ව්යාකරමානා භික්ඛවෙ අඤ්ඤතිත්ථියා පරිබ්බාජකා එවං ව්යාකරෙය්යුං: වීතදොසස්සාවුසො සා නිට්ඨා, න සා නිට්ඨා සදොසස්සාති.
Sinhala BJTඇවැත්නි, එ නිෂ්‍ඨාව ද්වේෂ සහිතයාහට වේ ද? නොහොත් ද්වේෂ රහිතයාහට වේ ද? (මෙසේ කියයුතු වෙති.) මහණෙනි, මනාකොට ප්‍රකාශ කරන අන්තොටු පිරිවැජියෝ “ඇවැත්නි, එ නිෂ්‍ඨාව ද්වේෂ රහිතයාහට වෙයි. එ නිෂ්‍ඨාව ද්වේෂ සහිතයාහට නො වේ” යි මෙසේ ප්‍රකාශ කරන්නාහු ය.
Pali BJTසා පනාවුසො නිට්ඨා සමොහස්ස? උදාහු වීතමොහස්සාති? සම්මා ව්යාකරමානා භික්ඛවෙ අඤ්ඤතිත්ථියා පරිබ්බාජකා එවං ව්යාකරෙය්යුං: වීතමොහස්සාවුසො සා නිට්ඨා, න සා නිට්ඨා සමොහස්සාති.
Sinhala BJTඇවැත්නි, එ නිෂ්ඨාව මෝහ සහිතයාට වේ ද? නොහොත් මෝහ රහිතයාට වේද? මහණෙනි, මනාකොට ප්‍රකාශ කරන අන්තොටු පිරිවැජියෝ “ඇවැත්නි, ඒ නිෂ්ඨාව මෝහ රහිතයාහට වෙයි. මෝහ සහිතයාහට නො වෙයි”යි මෙසේ ප්‍රකාශ කරන්නාහු ය.
Pali BJTසා පනාවුසො නිට්ඨා සතණ්හස්ස? උදාහු වීතතණ්හස්සාති? සම්මා ව්යාකරමානා භික්ඛවෙ අඤ්ඤතිත්ථියා පරිබ්බාජකා එවං ව්යාකරෙය්යුං: වීතතණ්හස්සාවුසො සා නිට්ඨා, න සා නිට්ඨා සතණ්හස්සාති.
Sinhala BJTඇවැත්නි, එ නිෂ්ඨාව තෘෂ්ණා සහිතයාහට වේ ද? නොහොත් තෘෂ්ණා රහිතයාහට වේ ද? මනාකොට ප්‍රකාශ කරන අන්තොටු පිරිවැජියෝ “ඇවැත්නි, ඒ නිෂ්ඨාව තෘෂ්ණා රහිතයාහට වෙයි, තෘෂ්ණා සහිතයාහට නො වේ”යි මෙසේ ප්‍රකාශ කරන්නාහු ය.
Pali BJTසා පනාවුසො නිට්ඨා සඋපාදානස්ස? උදාහු අනුපාදානස්සාති? සම්මා ව්යාකරමානා භික්ඛවෙ අඤ්ඤතිත්ථියා පරිබ්බාජකා එවං ව්යාකරෙය්යුං: අනුපාදානස්සාවුසො සා නිට්ඨා, න සා නිට්ඨා සඋපාදානස්සාති.
Sinhala BJTඇවැත්නි, එ නිෂ්ඨාව උපාදාන සහිතයාට වේ ද? නොහොත් උපාදාන රහිතයාහට වේ ද? මහණෙනි, මනාකොට ප්‍රකාශ කරන අන්තොටු පිරිවැජියෝ “ඇවැත්නි, ඒ නිෂ්ඨාව උපාදාන රහිතයාහට වෙයි, උපාදාන සහිතයාහට නො වේ”යි මෙසේ ප්‍රකාශ කරන්නාහු ය.
Pali BJTසා පනාවුසො නිට්ඨා විද්දසුනො උදාහු අවිද්දසුනො’ති? සම්මා ව්යාකරමානා භික්ඛවෙ අඤ්ඤතිත්ථියා පරිබ්බාජකා එවං ව්යාකරෙය්යුං: විද්දසුනො ආවුසො සා නිට්ඨා, න සා නිට්ඨා අවිද්දසුනො’ති.
Sinhala BJTඇවැත්නි, එ නිෂ්ඨාව පණ්ඩිතයාහට වේ ද? නොහොත් අපණ්ඩිතයාහට වේද? මහණෙනි, මනාකොට ප්‍රකාශ කරන අන්තොටු පිරිවැජියෝ “ඇවැත්නි, ඒ නිෂ්ඨාව නුවණැත්තහුට වෙයි. නුවණනැත්තහුට නො වේ”යි මෙසේ ප්‍රකාශ කරන්නාහු ය.
Pali BJTසා පනාවුසො නිට්ඨා අනුරුද්ධපටිවිරුද්ධස්ස? උදාහු අනනුරුද්ධඅප්පටිවිරුද්ධස්සාති? සම්මා ව්යාකරමානා භික්ඛවෙ අඤ්ඤතිත්ථියා පරිබ්බාජකා එවං ව්යාකරෙය්යුං: අනනුරුද්ධඅප්පටිවිරුද්ධස්සාවුසො සා නිට්ඨා, න සා නිට්ඨා අනුරුද්ධපටිවිරුද්ධස්සාති.
Sinhala BJTඇවැත්නි, එ නිෂ්ඨාව (රාග විසින්) අනුරුද්ධ (ක්‍රෝධ විසින්) ප්‍රතිවිරුද්ධයාහට වේ ද? නොහොත් අනනුරුද්ධ අප්‍රතිවිරුද්ධයාහට වේ ද? මහණෙනි, මනාකොට ප්‍රකාශ කරන අන්තොටු පිරිවැජියෝ “ඇවැත්නි, ඒ නිෂ්ඨාව රාගයෙන් නො බැඳුණු ක්‍රෝධයෙන් නො කිපුණාහට වෙයි. රාගයෙන් බැඳුණු ක්‍රෝධයෙන් කිපුණාහට නො වේ”යි මෙසේ ප්‍රකාශ කරන්නාහුය.
Pali BJTසා පනාවුසො නිට්ඨා පපඤ්චාරාමස්ස පපඤ්චරතිනො? උදාහු නිප්පපඤ්චාරාමස්ස නිප්පපඤ්චරතිනො’ති? සම්මා ව්යාකරමානා භික්ඛවෙ අඤ්ඤතිත්ථියා පරිබ්බාජකා එවං ව්යාකරෙය්යුං: නිප්පපඤ්චාරාමස්සාවුසො සා නිට්ඨා නිප්පපඤ්චරතිනො, න සා නිට්ඨා පපඤ්චාරාමස්ස පපඤ්චරතිනො’ති.
Sinhala BJTඇවැත්නි, එ නිෂ්ඨාව තෘෂ්ණාදෘෂ්ටි ප්‍රපඤ්ච අරම් කොට ඇති ප්‍රපඤ්චෙයහි ඇලීම් ඇත්තහුට වේ ද? නොහොත් ප්‍රපඤ්ච අරම් කොට නැති ප්‍රපඤ්චෙයහි නො ඇලුණුහට වේ ද? මහණෙනි, මනාකොට ප්‍රකාශ කරන අන්තොටු පිරිවැජියෝ “ඇවැත්නි, ඒ නිෂ්ඨාව පඤ්ච අරම් කොට නැති ප්‍රපඤ්චෙයහි නො ඇලුණුහට වෙයි. ඒ නිෂ්ඨාව ප්‍රපඤ්ච අරම් කොට ඇති ප්‍රපඤ්චෙයහි ඇලුණුහට නො වේ”යි මෙසේ ප්‍රකාශ කරන්නාහුය.
Pali BJT7. ද්වෙමා භික්ඛවෙ දිට්ඨියො: භවදිට්ඨි ච විභවදිට්ඨි ච. යෙ හි කෙ චි භික්ඛවෙ සමණා වා බ්රාහ්මණා වා භවදිට්ඨිං අල්ලීනා භවදිට්ඨිං උපගතා භවදිට්ඨිං අජ්ඣොසිතා, විභවදිට්ඨියා තෙ පටිවිරුද්ධා. යෙ හි කෙ චි භික්ඛවෙ සමණා වා බ්රාහ්මණා වා විභවදිට්ඨිං අල්ලීනා විභවදිට්ඨිං උපගතා විභවදිට්ඨිං අජ්ඣොසිතා, භවදිට්ඨියා තෙ පටිවිරුද්ධා. යෙ හි කෙ චි භික්ඛවෙ, සමණා වා බ්රාහ්මණා වා ඉමාසං ද්වින්නං දිට්ඨීනං සමුදයඤ්ච අත්ථගමඤ්ච අස්සාදඤ්ච ආදීනවඤ්ච නිස්සරණඤ්ච යථාභූතං නප්පජානන්ති, තෙ සරාගා තෙ සදොසා තෙ සමොහා තෙ සතණ්හා තෙ සඋපාදානා තෙ අවිද්දසුනො තෙ අනුරුද්ධපටිවිරුද්ධා තෙ පපඤ්චාරාමා තෙ පපඤ්චරතිනො තෙ න පරිමුච්චන්ති ජාතියා ජරාය මරණෙන සොකෙහි පරිදෙවෙහි දුක්ඛෙහි දොමනස්සෙහි උපායාසෙහි{1}. න පරිමුච්චන්ති දුක්ඛස්මාති වදාමි.
Sinhala BJT7. මහණෙනි, භවදෘෂ්ටිය විභවදෘෂ්ඨිය දැයි මේ දෘෂ්ටීහු දෙදෙනෙක් වෙත්. මහණෙනි, යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ භවදෘෂ්ඨියෙහි ඇලුනාහු භවදෘෂ්ඨියට පැමැණියාහු භවදෘෂ්ඨියෙහි ගැලුණාහු වෙත් නම් ඔහු විභවදෘෂ්ඨියට ප්‍රතිවිරුද්ධයහ. මහණෙනි, යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ විභවදෘෂ්ඨියෙහි ඇලුනාහු විභවදෘෂ්ඨියට පැමැණියාහු විභවදෘෂ්ඨියෙහි ගැලුණාහු වෙත් නම් ඔහු භවදෘෂ්ඨියට ප්‍රතිවිරුද්ධයහ. මහණෙනි, යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ මේ ද්විවිධ දෘෂ්ටියෙහි සමුදයත් අස්තඞ්ගමයත් ආස්වාදයත් ආදීනවයත් නිස්සරණයත් තතුසේ නො දනිත් නම් ඔහු රාගසහිත වූවාහු ය. ඔහු ද්වේෂසහිත වූවාහු ය. ඔහු මෝහ සහිත වූවාහු ය. ඔහු තෘෂ්ණාසහිත වූවාහු ය. ඔහු උපාදානසහිත වූවාහු ය. ඔහු නුවණ නැත්තාහු ය. ඔහු රාගයෙන් බැඳුණාහු ය. ක්‍රෝධයෙන් කිපුණාහු ය. ඔහු ප්‍රපඤ්ච අරම් කොට ඇත්තාහු ප්‍රපඤ්චෙයහි ඇලුණාහු ය. ඔහු ජාතියෙන් ජරායෙන් මරණෙයන් ශෝකයෙන් පරිදේවයෙන් දුකින් දොම්නසින් උපායාසෙයන් නො මිදෙත්. සියලු සසර දුකින් නො මිදෙත් යයි කියමි.
Pali BJT8. යෙ ච ඛො කෙචි{1} භික්ඛවෙ සමණා වා බ්රාහ්මණා වා ඉමාසං ද්වින්නං දිට්ඨීනං සමුදයඤ්ච අත්ථගමඤ්ච{2} අස්සාදඤ්ච ආදීනවඤ්ච නිස්සරණඤ්ච යථාභූතං පජානන්ති, තෙ වීතරාගා තෙ වීතදොසා තෙ වීතමොහා තෙ වීතතණ්හා තෙ අනුපාදානා තෙ විද්දසුනො තෙ අනනුරුද්ධඅප්පටිවිරුද්ධා තෙ නිප්පපඤ්චාරාමා නිප්පපඤ්චරතිනො තෙ පරිමුච්චන්ති ජාතියා ජරාය මරණෙන සොකෙහි පරිදෙවෙහි දුක්ඛෙහි දොමනස්සෙහි උපායාසෙහි. පරිමුච්චන්ති දුක්ඛස්මාති වදාමි.
Sinhala BJT8. මහණෙනි, යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ මේ ද්විවිධ දෘෂ්ටියෙහි සමුදයත් අස්තඞ්ගමයත් ආස්වාදයත් ආදීනවයත් නිස්සරණයත් තතුසේ දනිත් නම් ඔහු වීතරාගයෝ ය. ඔහු වීතද්වේෂයෝ ය. විතමෝහයෝ ය. ඔහු පහවූ තෘෂ්ණාව ඇත්තාහු ය. ඔහු උපාදානරහිතයෝ ය. ඔහු නුවණැත්තාහු ය. ඔහු රාගයෙන් නො බැඳුණාහු ය. ක්‍රෝධයෙන් නො කිපුණාහු ය. ඔහු ප්‍රපඤ්ච අරම් කොට නැත්තාහු ය. ප්‍රපඤ්චෙයහි ඇලුම් නැත්තාහු ය. ඔහු ජාතියෙන් ජරායෙන් මරණෙයන් ශෝකයෙන් පරිදේවයෙන් දුකින් දොම්නසින් උපායාසෙයන් මිදෙත්. ඔහු සියලු සසර දුකින් මිදෙත් යයි කියමි.
Pali BJT9. චත්තාරිමානි භික්ඛවෙ උපාදානානි. කතමානි චත්තාරි? කාමූපාදානං දිට්ඨූපාදානං සීලබ්බතූපාදානං අත්තවාදූපාදානං. සන්ති භික්ඛවෙ එකෙ සමණබ්රාහ්මණා සබ්බූපාදානපරිඤ්ඤාවාදා පටිජානමානා. තෙ න සම්මා සබ්බූපාදානපරිඤ්ඤං පඤ්ඤාපෙන්ති. කාමූපාදානස්ස පරිඤ්ඤං පඤ්ඤාපෙන්ති න දිට්ඨූපාදානස්ස පරිඤ්ඤං පඤ්ඤාපෙන්ති.{3} න සීලබ්බතූපාදානස්ස පරිඤ්ඤං පඤ්ඤාපෙන්ති. න අත්තවාදූපාදානස්ස පරිඤ්ඤං පඤ්ඤාපෙන්ති. තං කිස්ස හෙතු? ඉමානි හි තෙ භොන්තො සමණබ්රාහ්මණා තීණි ඨානානි යථාභූතං නප්පජානන්ති. තස්මා තෙ භොන්තො සමණබ්රාහ්මණා සබ්බූපාදානපරිඤ්ඤාවාදා පටිජානමානා තෙ න සම්මා සබ්බූපාදානපරිඤ්ඤං පඤ්ඤාපෙන්ති. කාමූපාදානස්ස පරිඤ්ඤං පඤ්ඤාපෙන්ති න දිට්ඨූපාදානස්ස පරිඤ්ඤං පඤ්ඤාපෙන්ති. න සීලබ්බතූපාදානස්ස පරිඤ්ඤං පඤ්ඤාපෙන්ති. න අත්තවාදූපාදානස්ස පරිඤ්ඤං පඤ්ඤාපෙන්ති.
Sinhala BJT9. මහණෙනි, මේ උපාදානයෝ සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්: කාමූපාදානය දිට්ඨූපාදානය සීලබ්බතුපාදානය අත්තවාදූපාදානය යි. මහණෙනි, සියලු උපාදානයන්ගේ ප්‍රහාණය කියම්හ’යි ප්‍රතිඥා කරන මහණ බමුණු කෙනෙක් ඇත. ඔහු මැනවින් සියලු උපාදානයන්ගේ ප්‍රහාණය නො පනවත්. කාමූපාදානයාගේ ප්‍රහාණය පනවත් දිට්ඨූපාදානයාගේ ප්‍රහාණය නො පනවත්. සීලබ්බතුපාදානයාගේ ප්‍රහාණය නො පනවත්. අත්තවාදූපාදානයාගේ ප්‍රහාණය නො පනවත්. ඒ කවරහෙයින යත්: එ භවත් මහණ බමුණෝ මේ කරුණු තුන තතුසේ නො දනිත්. එහෙයින් එ පින්වත් මහණ බමුණෝ ‘සියලු උපාදානයන්ගේ ප්‍රහාණය කියම්හ’යි ප්‍රතිඥා කරන්නාහු සියලු උපාදානයන්ගේ ප්‍රහාණය මැනවින් නො පනවත්. කාමූපාදානයාගේ ප්‍රහාණය පනවත්. දිට්ඨූපදානයාගේ ප්‍රහාණය නො පනවත්. සීලබ්බතුපාදානයාගේ ප්‍රහාණය නො පනවත්. අත්තවාදූපාදානයාගේ ප්‍රහාණය නො පනවත්.
Pali BJT10. සන්ති භික්ඛවෙ එකෙ සමණබ්රාහ්මණා සබ්බූපාදානපරිඤ්ඤාවාදා පටිජානමානා. තෙ න සම්මා සබ්බූපාදානපරිඤ්ඤං පඤ්ඤාපෙන්ති. කාමූපාදානස්ස පරිඤ්ඤං පඤ්ඤාපෙන්ති. දිට්ඨූපාදානස්ස පරිඤ්ඤං පඤ්ඤාපෙන්ති. න සීලබ්බතූපාදානස්ස පරිඤ්ඤං පඤ්ඤාපෙන්ති. න අත්තවාදූපාදානස්ස පරිඤ්ඤං පඤ්ඤාපෙන්ති. තං කිස්ස හෙතු? ඉමානි හි තෙ භොන්තො සමණබ්රාහ්මණා ද්වෙ ඨානානි යථාභූතං නප්පජානන්ති. තස්මා තෙ භොන්තො සමණබ්රාහ්මණා සබ්බූපාදානපරිඤ්ඤාවාදා පටිජානමානා තෙ න සම්මා සබ්බූපාදාන{4}පරිඤ්ඤං පඤ්ඤාපෙන්ති. කාමූපාදානස්ස පරිඤ්ඤං පඤ්ඤාපෙන්ති. දිට්ඨූපාදානස්ස පරිඤ්ඤං පඤ්ඤාපෙන්ති. න සීලබ්බතූපාදානස්ස පරිඤ්ඤං පඤ්ඤාපෙන්ති. න අත්තවාදූපාදානස්ස පරිඤ්ඤං පඤ්ඤාපෙන්ති.
Sinhala BJT10. මහණෙනි, ‘සියලු උපාදානයන්ගේ ප්‍රහාණය කියම්හ’යි පිළින කරන මහණ බමුණු කෙනෙක් ඇත. ඔහු මැනවින් සියලු උපාදානයන්ගේ ප්‍රහාණය නො පනවත්. කාමූපාදානයාගේ ප්‍රහාණය පනවත් දිට්ඨූපාදානයාගේ ප්‍රහාණය පනවත්. සීලබ්බතුපාදානයාගේ ප්‍රහාණය නො පනවත්. අත්තවාදූපාදානයාගේ ප්‍රහාණය නො පනවත්. ඒ කවරහෙයින යත්: එ භවත් මහණ බමුණෝ මේ කරුණු දෙක තතුසේ නො දනිත්. එහෙයින් එ භවත් මහණ බමුණෝ ‘සියලු උපාදානයන්ගේ ප්‍රහාණය කියම්හ’යි ප්‍රතිඥා කරන්නාහු මැනවින් සියලු උපාදානයන්ගේ ප්‍රහාණය නො පනවත්. කාමූපාදානයාගේ ප්‍රහාණය පනවත්. දිට්ඨූපදානයාගේ ප්‍රහාණය පනවත්. සීලබ්බතුපාදානයාගේ ප්‍රහාණය නො පනවත්. අත්තවාදූපාදානයාගේ ප්‍රහාණය නො පනවත්.
Pali BJT11. සන්ති භික්ඛවෙ එකෙ සමණබ්රාහ්මණා සබ්බූපාදානපරිඤ්ඤාවාදා පටිජානමානා තෙ න සම්මා සබ්බූපාදාන{4}පරිඤ්ඤං පඤ්ඤාපෙන්ති. කාමූපාදානස්ස පරිඤ්ඤං පඤ්ඤාපෙන්ති. දිට්ඨූපාදානස්ස පරිඤ්ඤං පඤ්ඤාපෙන්ති. සීලබ්බතූපාදානස්ස පරිඤ්ඤං පඤ්ඤාපෙන්ති. න අත්තවාදූපාදානස්ස පරිඤ්ඤං පඤ්ඤාපෙන්ති. තං කිස්ස හෙතු? ඉමං හි තෙ භොන්තො සමණබ්රාහ්මණා එකං ඨානං යථාභූතං නප්පජානන්ති. තස්මා තෙ භොන්තො සමණබ්රාහ්මණා සබ්බූපාදානපරිඤ්ඤාවාදා පටිජානමානා තෙ න සම්මා සබ්බූපාදාන{4}පරිඤ්ඤං පඤ්ඤාපෙන්ති. කාමූපාදානස්ස පරිඤ්ඤං පඤ්ඤාපෙන්ති. දිට්ඨූපාදානස්ස පරිඤ්ඤං පඤ්ඤාපෙන්ති. සීලබ්බතූපාදානස්ස පරිඤ්ඤං පඤ්ඤාපෙන්ති. න අත්තවාදූපාදානස්ස පරිඤ්ඤං පඤ්ඤාපෙන්ති.
Sinhala BJT11. මහණෙනි, ‘සියලු උපාදානයන්ගේ ප්‍රහාණය කියම්හ’යි ප්‍රතිඥා කරන මහණ බමුණු කෙනෙක් ඇත. ඔහු මැනවින් සියලු උපාදානයන්ගේ ප්‍රහාණය නො පනවත්. කාමූපාදානයාගේ ප්‍රහාණය පනවත් දිට්ඨූපාදානයාගේ ප්‍රහාණය පනවත්. සීලබ්බතුපාදානයාගේ ප්‍රහාණය පනවත්. අත්තවාදූපාදානයාගේ ප්‍රහාණය නො පනවත්. ඒ කවරහෙයින යත්: එ භවත් මහණ බමුණෝ මේ එක කරුණ තතුසේ නො දනිත්. එහෙයින් එ භවත් මහණ බමුණෝ ‘සියලු උපාදානයන්ගේ ප්‍රහාණය කියම්හ’යි ප්‍රතිඥා කරන්නාහු මැනවින් සියලු උපාදානයන්ගේ ප්‍රහාණය නො පනවත්. කාමූපාදානයාගේ ප්‍රහාණය පනවත්. දිට්ඨූපදානයාගේ ප්‍රහාණය පනවත්. සීලබ්බතුපාදානයාගේ ප්‍රහාණය පනවත්. අත්තවාදූපාදානයාගේ ප්‍රහාණය නො පනවත්.
Pali BJT12. එවරූපෙ ඛො භික්ඛවෙ ධම්මවිනයෙ යො සත්ථරි පසාදො, සො න සම්මග්ගතො අක්ඛායති. යො ධම්මෙ පසාදො, සො න සම්මග්ගතො අක්ඛායති. යා සීලෙසු පරිපූරකාරිතා, සා න සම්මග්ගතා අක්ඛායති. යා සහධම්මිකෙසු පියමනාපතා, සා න සම්මග්ගතා අක්ඛායති. තං කිස්ස හෙතු? එවං හෙතං භික්ඛවෙ හොති යථා තං දුරක්ඛාතෙ ධම්මවිනයෙ දුප්පවෙදිතෙ අනිය්යානිකෙ අනුපසමසංවත්තනිකෙ අසම්මාසම්බුද්ධප්පවෙදිතෙ.
Sinhala BJT12. මහණෙනි, මෙබඳු ධර්‍මවිනයයෙක්හි ශාස්තෘන් කෙරෙහි යම් පැහැදීමෙක් වේ නම්, එය සම්‍යග්ගතය (මනාව පිහිටියේ - සම්පූර්‍ණ වූයේ) යි නො කියනු ලැබේ. ධර්‍මෙයහි යම් පැහැදීමෙක් වේ නම්, එය සම්‍යග්ගතය යි නො කියනු ලැබේ. ශීලෙයහි යම් පරිපූර්‍ණකාරිත්‍වෙයක් වේ නම්, එ සම්‍යග්ගත යි නො කියනු ලැබේ. සහධාර්මිකයන් කෙරෙහි යම් ප්‍රිය මනාප භාවයෙක් වේ නම්, එය සම්‍යග්ගතය යි නො කියනු ලැබේ. එ කවර හෙයින යත්: මහණෙනි, වරදවා කියූ වරදවා ඉගැන්වූ, මඟපල පිණිස නො පවත්නාවූ, කෙලෙස් සංසිඳීම පිණිස නොපවත්නා වූ, අසම්‍යක් සම්බුද්ධයන් විසින් ප්‍රකාශ කරන ලද ශාසනෙයහි යම්සේ වේ නම්, තෙල එසේම ය.
Pali BJT13. තථාගතො ච ඛො භික්ඛවෙ අරහං සම්මාසම්බුද්ධො සබ්බූපාදානපරිඤ්ඤාවාදො පටිජානමානො සම්මා සබ්බූපාදානපරිඤ්ඤං පඤ්ඤාපෙති. කාමූපාදානස්ස පරිඤ්ඤං පඤ්ඤාපෙති. දිට්ඨූපාදානස්ස පරිඤ්ඤං පඤ්ඤාපෙති. සීලබ්බතූපාදානස්ස පරිඤ්ඤං පඤ්ඤාපෙති. අත්තවාදූපාදානස්ස පරිඤ්ඤං පඤ්ඤාපෙති.
Sinhala BJT13. මහණෙනි, අර්‍හත් වූ, සම්‍යක් සම්බුද්ධ වූ, තථාගතයන් වහන්සේ ද ‘සියලු උපාදානයන්ගේ ප්‍රහාණය කියම්හ’ යි ප්‍රතිඥා කරන්නෝ මැනවින් සියලු උපාදානයන්ගේ ප්‍රහාණය පනවත්. කාමූපදානයයාගේ ප්‍රහාණය පනවත්. දිට්ඨූපාදානයාගේ ප්‍රහාණය පනවත්. සීලබ්බතුපාදානයාගේ ප්‍රහාණය පනවත්. අත්තවාදූපාදානයාගේ ප්‍රහාණය පනවත්.
Pali BJT14. එවරූපෙ ඛො භික්ඛවෙ ධම්මවිනයෙ යො සත්ථරි පසාදො, සො සම්මග්ගතො අක්ඛායති. යො ධම්මෙ පසාදො, සො සම්මග්ගතො අක්ඛායති. යා සීලෙසු පරිපූරකාරිතා, සා සම්මග්ගතා අක්ඛායති. යා සහධම්මිකෙසු පියමනාපතා, සා සම්මග්ගතා අක්ඛායති. තං කිස්ස හෙතු? එවං හෙතං භික්ඛවෙ හොති යථා තං ස්වාක්ඛාතෙ ධම්මවිනයෙ සුප්පවෙදිතෙ නිය්යානිකෙ උපසමසංවත්තනිකෙ සම්මාසම්බුද්ධප්පවෙදිතෙ.
Sinhala BJT14. මහණෙනි, මෙබඳු ධර්‍මවිනයෙහි ශාස්තෘන් කෙරෙහි යම් පැහැදීමෙක් වේ නම්, එය සම්‍යග්ගතය (මනාව පිහිටියේ - සම්පූර්‍ණ වූයේ) යි කියනු ලැබේ. ධර්‍මෙයහි යම් පැහැදීමෙක් වේ නම්, එය සම්‍යග්ගතය යි කියනු ලැබේ. ශීලෙයහි යම් පරිපූර්‍ණකාරිත්‍වෙයක් වේ නම්, එ සම්‍යග්ගත යි කියනු ලැබේ. සහධාර්මිකයන් කෙරෙහි යම් ප්‍රිය මනාප භාවයෙක් වේ නම්, එය සම්‍යග්ගතය යි කියනු ලැබේ. එ කවර හෙයින යත්: මහණෙනි, මනා කොට කියූ මනා කොට ඉගැන්වූ, මඟපල පිණිස පවත්නාවූ, කෙලෙස් සංසිඳීම පිණිස පවත්නා වූ, සම්‍යක් සම්බුද්ධයන් විසින් ප්‍රකාශ කරන ලද ශාසනෙයහි යම්සේ වේ නම්, තෙල එසේම ය.
Pali BJT15. ඉමෙ ච භික්ඛවෙ චත්තාරො උපාදානා. කිංනිදානා? කිංසමුදයා? කිංජාතිකා? කිංපභවා? ඉමෙ චත්තාරො උපාදානා තණ්හානිදානා තණ්හාසමුදයා තණ්හාජාතිකා තණ්හාපභවා. තණ්හා චායං භික්ඛවෙ කිංනිදානා? කිංසමුදයා? කිංජාතිකා? කිංපභවා? තණ්හා වෙදනානිදානා වෙදනාසමුදයා වෙදනාජාතිකා වෙදනාපභවා. වෙදනා චායං භික්ඛවෙ කිංනිදානා? කිංසමුදයා? කිංජාතිකා? කිංපභවා? වෙදනා ඵස්සනිදානා ඵස්සසමුදයා ඵස්සජාතිකා ඵස්සපභවා. ඵස්සො චායං භික්ඛවෙ කිං නිදානො? කිංසමුදයො? කිංජාතිකො? කිංපභවො? ඵස්සො සළායතනනිදානො සළායතනසමුදයො.–
Sinhala BJT15. මහණෙනි, මේ සතර උපාදානයෝ කුමක් මූලකාරණ කොට ඇත් ද? කුමක් උත්පත්ති හේතු කොට ඇත් ද? කුමක් ජාති කොට ඇත් ද? කුමක් ප්‍රභව කොට ඇත් ද? මේ සතර උපාදානයෝ තෘෂ්ණාව මූලකාරණ කොට ඇත. තෘෂ්ණාව උත්පත්ති හේතු කොට ඇත. තෘෂ්ණාව ජාති කොට ඇත. තෘෂ්ණාව ප්‍රභව කොට ඇත. මහණෙනි, මේ තෘෂ්ණාව කුමක් මූලකාරණ කොට ඇත් ද? කුමක් උත්පත්ති හේතු කොට ඇත් ද? කුමක් ජාති කොට ඇත් ද? කුමක් ප්‍රභව කොට ඇත් ද? තෘෂ්ණාව වේදනාව මූලකාරණ කොට ඇත. වේදනාව උත්පත්ති හේතු කොට ඇත. වේදනාව ජාති කොට ඇත. වේදනාව ප්‍රභව කොට ඇත. මහණෙනි, මේ වේදනාව කුමක් මූලකාරණ කොට ඇත් ද? කුමක් උත්පත්ති හේතු කොට ඇත් ද? කුමක් ජාති කොට ඇත් ද? කුමක් ප්‍රභව කොට ඇත් ද? වේදනාව ස්පර්‍ශය මූලකාරණ කොට ඇත. ස්පර්‍ශය උත්පත්ති හේතු කොට ඇත. ස්පර්‍ශය ජාති කොට ඇත. ස්පර්‍ශය ප්‍රභව කොට ඇත. මහණෙනි, මේ ස්පර්‍ශය කුමක් මූලකාරණ කොට ඇත් ද? කුමක් උත්පත්ති හේතු කොට ඇත් ද? කුමක් ජාති කොට ඇත් ද? කුමක් ප්‍රභව කොට ඇත් ද? ස්පර්‍ශය ෂඩායතන මූලකාරණ කොට ඇත. ෂඩායතන උත්පත්ති හේතු කොට ඇත.
Pali BJTසළායතනජාතිකො සළායතනපභවො. සළායතනඤ්චිදං භික්ඛවෙ කිංනිදානං? කිංසමුදයං? කිංජාතිකං? කිංපභවං? සළායතනං නාමරූපනිදානං නාමරූපසමුදයං නාමරූපජාතිකං නාමරූපපභවං. නාමරූපඤ්චිදං භික්ඛවෙ කිංනිදානං? කිංසමුදයං? කිංජාතිකං? කිංපභවං? නාමරූපං විඤ්ඤාණනිදානං විඤ්ඤාණසමුදයං විඤ්ඤාණජාතිකං විඤ්ඤාණපභවං. විඤ්ඤාණඤ්චිදං භික්ඛවෙ කිංනිදානං? කිංසමුදයං? කිංජාතිකං? කිංපභවං? විඤ්ඤාණං සඞ්ඛාරනිදානං සඞ්ඛාරසමුදයං සඞ්ඛාරජාතිකං සඞ්ඛාරපභවං. සඞ්ඛාරාචිමෙ භික්ඛවෙ කිංනිදානා? කිංසමුදයා? කිංජාතිකා? කිංපභවා? සඞ්ඛාරා අවිජ්ජානිදානා අවිජ්ජාසමුදයා අවිජ්ජාජාතිකා අවිජ්ජාපභවා.
Sinhala BJTෂඩායතන ජාති කොට ඇත. ෂඩායතන ප්‍රභව කොට ඇත. මහණෙනි, මේ ෂඩායතන කුමක් මූලකාරණ කොට ඇත් ද? කුමක් උත්පත්ති හේතු කොට ඇත් ද? කුමක් ජාති කොට ඇත් ද? කුමක් ප්‍රභව කොට ඇත් ද? ෂඩායතන නාම රූප මූලකාරණ කොට ඇත. නාම රූප උත්පත්ති හේතු කොට ඇත. නාම රූප ජාති කොට ඇත. නාම රූප ප්‍රභව කොට ඇත. මහණෙනි, මේ නාම රූප කුමක් මූලකාරණ කොට ඇත් ද? කුමක් උත්පත්ති හේතු කොට ඇත් ද? කුමක් ජාති කොට ඇත් ද? කුමක් ප්‍රභව කොට ඇත් ද? නාම රූප විඤ්ඤාණය මූලකාරණ කොට ඇත. විඤ්ඤාණය උත්පත්ති හේතු කොට ඇත. විඤ්ඤාණය ජාති කොට ඇත. විඤ්ඤාණය ප්‍රභව කොට ඇත. මහණෙනි, මේ විඤ්ඤාණය කුමක් මූලකාරණ කොට ඇත් ද? කුමක් උත්පත්ති හේතු කොට ඇත් ද? කුමක් ජාති කොට ඇත් ද? කුමක් ප්‍රභව කොට ඇත් ද? විඤ්ඤාණය සංස්කාර මූලකාරණ කොට ඇත. සංස්කාර උත්පත්ති හේතු කොට ඇත. සංස්කාර ජාති කොට ඇත. සංස්කාර ප්‍රභව කොට ඇත. මහණෙනි, මේ සංස්කාරයෝ කුමක් මූලකාරණ කොට ඇත් ද? කුමක් උත්පත්ති හේතු කොට ඇත් ද? කුමක් ජාති කොට ඇත් ද? කුමක් ප්‍රභව කොට ඇත් ද? සංස්කාරයෝ අවිද්‍යාව මූලකාරණ කොට ඇත. අවිද්‍යාව උත්පත්ති හේතු කොට ඇත. අවිද්‍යාව ජාති කොට ඇත. අවිද්‍යාව ප්‍රභව කොට ඇත.
Pali BJT16. යතො ච ඛො භික්ඛවෙ භික්ඛුනො අවිජ්ජා පහීනා හොති විජ්ජා උප්පන්නා. සො අවිජ්ජාවිරාගා විජ්ජුප්පාදා නෙව කාමූපාදානං උපාදියති. න දිට්ඨූපාදානං උපාදියති. න සීලබ්බතූපාදානං උපාදියති. න අත්තවාදූපාදානං උපාදියති. අනුපාදියං න පරිතස්සති. අපරිතස්සං පච්චත්තංයෙව පරිනිබ්බායති. ඛීණා ජාති, වුසිතං බ්රහ්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්ථත්තායාති පජානාතීති.
Sinhala BJT16. මහණෙනි, යම් කලෙක පටන් මහණහුගේ අවිද්‍යාව ප්‍රහීණ වූවා ද, අර්‍හත්මාර්‍ගවිද්‍යාව උපන ද, හේ අවිද්‍යාව දුරුවීමෙන් කාමූපාදානය නො ගනියි. දිට්ඨූපාදානය නො ගනියි. සීලබ්බතුපාදානය නො ගනියි. අත්තවාදූපාදානය නො ගනියි. උපාදාන වශයෙන් නො ගන්නේ (තණ්හා පරිතස්සනායෙන්) තෘෂ්ණාධීත නොවෙයි. තෘෂ්ණා නො උපදවන්නේ තෙමේ ම කෙලෙස් පිරිනිවීමෙන් පිරිනිවෙයි. උත්පත්තිය ක්‍ෂය වූ ය. බඹසර වැස නිමවන ලදි. කරණී කරණ ලදි. මේ අර්‍හත්‍වය පිණිස අනෙක් කටයුත්තෙක් නැතැයි දැන ගනියි.
Pali BJTඉදමවොච භගවා. අත්තමනා තෙ භික්ඛූ භගවතො භාසිතං අභිනන්දුන්ති.
Sinhala BJTභාග්‍යවතුන් වහන්සේ මේ සූත්‍රය වදාළ සේක. සතුටු සිත් ඇති තෘප්තවූ ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව සතුටින් පිළිගත්හ.
Pali BJTචූළසීහනාදසුත්තං පඨමං.
Sinhala BJTචූලසීහනාද සූත්‍රය පළමුවැනි යි.
Pali BJT1. 2. 2.
Sinhala BJT1. 2. 2.
Pali BJTමහාසීහනාදසුත්තං
Sinhala BJTමහාසීහනාද සූත්‍රය
Pali BJT1. එවං මෙ සුතං: එකං සමයං භගවා වෙසාලියං විහරති බහිනගරෙ අවරපුරෙ{1} වනසණ්ඩෙ. තෙන ඛො පන සමයෙන සුනක්ඛත්තො ලිච්ඡවිපුත්තො අචිරපක්කන්තො හොති ඉමස්මා ධම්මවිනයා. සො වෙසාලියං පරිසතිං{2} එවං{3} වාචං භාසති: “නත්ථි සමණස්ස ගොතමස්ස උත්තරි මනුස්සධම්මා අලමරියඤාණදස්සනවිසෙසො. තක්කපරියාහතං සමණො ගොතමො ධම්මං දෙසෙති වීමංසානුචරිතං සයම්පටිභානං. යස්ස ච ඛ්වාස්ස අත්ථාය ධම්මො දෙසිතො, සො නිය්යාති තක්කරස්ස සම්මා දුක්ඛක්ඛයායා”ති.
Sinhala BJT1. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ විශාලානගර සමීපයෙහි බිහිනුවර නුවරින් පැළදිග වනලැහැබෙහි වැඩ වසන සේක. ලිච්ඡවිරාජ පුත්‍ර සුනක්ඛත්ත මහණ මේ ශාසනයෙන් නික්ම ගිය නොබෝකල් ඇති වෙයි. හෙ විශාලාමහනුවර පිරිස් මැද මෙසෙයින් තෙපලයි: “ශ්‍රමණ ගෞතමයාහට මනුෂ්‍ය ධර්‍මයෙන් වැඩි ආර්‍ය්‍යභාවය පිණිස සමර්‍ත්‍ථවූ ඥානදර්‍ශන විශේෂයක් නැත. ශ්‍රමණ ගෞතම තෙමේ තර්‍කයෙන් පර්‍ය්‍යාහත (ගැටුම්) කොට විමසුම් නුවණින් ලුහුබැඳ ගත්, සියවටහනු වු දහමක් දේශනා කරයි. (එහෙත්) යම් අර්‍ත්‍ථයක් පිණිස ධර්‍මය දෙසන ලද නම්, ඒ ධර්‍මය දේශිත පරිදි කරනුවාගේ දුක් මැනැවින් නස්නා පිණිස වැටේය” කියා යි.
Pali BJT2. අථ ඛො ආයස්මා සාරිපුත්තො පුබ්බණ්හසමයං නිවාසෙත්වා පත්තචීවරං ආදාය වෙසාලිං පිණ්ඩාය පාවිසි. අස්සොසි ඛො ආයස්මා සාරිපුත්තො සුනක්ඛත්තස්ස ලිච්ඡවිපුත්තස්ස වෙසාලියං පරිසතිං එවං වාචං භාසමානස්ස: “නත්ථි සමණස්ස ගොතමස්ස උත්තරි මනුස්සධම්මා අලමරියඤාණදස්සනවිසෙසො. තක්කපරියාහතං සමණො ගොතමො ධම්මං දෙසෙති වීමංසානුචරිතං සයංපටිභානං. යස්ස ච ඛ්වාස්ස අත්ථාය ධම්මො දෙසිතො, සො නිය්යාති තක්කරස්ස සම්මා දුක්ඛක්ඛයායා”ති.
Sinhala BJT2. එකල්හි ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ පෙරවරු සිවුරු හැඳ පෙරෙව පාසිවුරු ගෙන විශාලානුවරට පිඬු පිණිස පිවිසියහ. ආයුෂ්මත් ශාරිපුත්‍රස්ථවිරයන් වහන්සේ “ශ්‍රමණ ගෞතමයාහට මනුෂ්‍ය ධර්‍මයෙන් වැඩි වූ ආර්‍ය්‍යභාවය කිරීමට සමර්‍ත්‍ථ වූ ඥානදර්‍ශන විශේෂයෙක් නැත. ශ්‍රමණ ගෞතම තෙමේ තර්‍කයෙන් ගැටුම් කොට විමසන නුවණින් ලුහුබැඳ ගත්, සියවටහනු දහමක් දේශනා කරයි. යම් අර්‍ත්‍ථයක් පිණිස ධර්‍මය දෙසන ලද නම්, ඒ ධර්‍මය අනුව ක්‍රියා කරන්නහුගේ මැනැවින් දුක් කෙළෙවර කිරීම පිණිස පවත්නේ ය” යි විශාලානුවර පිරිස් මැද මෙබඳු වචන කියන ලිච්ඡවිරාජ පුත්‍ර සුනක්ඛත්තයාගේ කථාව ඇසූහ.
Pali BJT3. අථ ඛො ආයස්මා සාරිපුත්තො වෙසාලියං පිණ්ඩාය චරිත්වා පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ආයස්මා සාරිපුත්තො භගවන්තං එතදවොච: සුනක්ඛත්තො භන්තෙ ලිච්ඡවිපුත්තො අචිරපක්කන්තො ඉමස්මා ධම්මවිනයා. සො වෙසාලියං පරිසතිං එවං වාචං භාසති: “නත්ථි සමණස්ස ගොතමස්ස උත්තරිමනුස්සධම්මා අලමරියඤාණදස්සනවිසෙසො. තක්කපරියාහතං සමණො ගොතමො ධම්මං දෙසෙති වීමංසානුචරිතං සයම්පටිභානං. යස්ස ච ඛ්වාස්ස අත්ථාය ධම්මො දෙසිතො, සො නිය්යාති තක්කරස්ස සම්මා දුක්ඛක්ඛයායා”ති.
Sinhala BJT3. ඉක්බිති ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ විසල්පුර පිඬු පිණිස හැසිර බතින් පසු පිණ්ඩපාතයෙන් වැළකියාහු භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන් ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කළහ: වහන්ස, ලිච්ඡවිරාජ පුත්‍ර සුනක්ඛත්ත මහණ මෙ සස්නෙන් පහව ගිය විරූ නොබෝකල් ඇත්තෙක. විශාලා නගරයෙහි පිරිස් මැද “ශ්‍රමණ ගෞතමයාහට මනුෂ්‍ය ධර්‍මයෙන් වැඩි වූ ආර්‍ය්‍යභාවය කිරීමට සමර්‍ත්‍ථවූ ඥානදර්‍ශන විශේෂයෙක් නැත. ශ්‍රමණ ගෞතම තෙමේ තර්‍කයෙන් ගටා විමසුමෙන් එළවා ගත්, සියවටහනු දහමක් දේශනා කරයි. යම් අර්‍ත්‍ථයක් පිණිස ධර්‍මය දෙසන ලද නම්, ඒ ධර්‍මය අනුව ක්‍රියා කරන්නහුගේ මැනැවින් දුක් කෙළෙවර කිරීම පිණිස පවත්නේ ය”යි මෙබඳු වචනයක් කියයි.
Pali BJT4. කොධනො{1} සාරිපුත්ත සුනක්ඛත්තො මොඝපුරිසො. කොධා ච පනස්ස එසා වාචා භාසිතා ‘අවණ්ණං භාසිස්සාමී’ති. සො සාරිපුත්ත සුනක්ඛත්තො මොඝපුරිසො වණ්ණංයෙව තථාගතස්ස භාසති. වණ්ණො හෙසො සාරිපුත්ත තථාගතස්ස, යො එවං වදෙය්ය: ‘යස්ස ච ඛ්වාස්ස අත්ථාය ධම්මො දෙසිතො, සො නිය්යාති තක්කරස්ස සම්මා දුක්ඛක්ඛයායා’ති.
Sinhala BJT4. ශාරිපුත්‍රය, සුනක්ඛත්ත මෝඝපුරුෂ ක්‍රෝධ කරන සුලුය. ක්‍රෝධ හේතුයෙන් තුලුන් විසින් මේ වචනය කියන ලදි. ශාරිපුත්‍රය, ඒ සුනක්ඛත්ත මෝඝපුරුෂ ‘නුගුණ කියමි’ යි තථාගතයන්ගේ ගුණයක් ම කියයි. ශාරිපුත්‍රය, “තථාගතයන් විසින් යම් අර්‍ත්‍ථයක් පිණිස යමකුට ධර්‍මය දෙසන ලද නම්, ඒ ධර්‍මය අනුව ක්‍රියා කරන්නාහුගේ මැනැවින් දුක් කෙළෙවර කිරීම පිණිස පවත්නේ ය”යි යමෙක් කියා නම්, එය තථාගතයන්ගේ ගුණයෙක් ම ය.
Pali BJT5. අයම්පි හි නාම සාරිපුත්ත, සුනක්ඛත්තස්ස මොඝපුරිසස්ස මයි ධම්මන්වයො න භවිස්සති: “ඉතිපි සො භගවා අරහං සම්මාසම්බුද්ධො විජ්ජාචරණසම්පන්නො සුගතො ලොකවිදූ අනුත්තරො පුරිසදම්මසාරථි සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවා”ති.
Sinhala BJT5. ශාරිපුත්‍රය, සුනක්ඛත්ත මෝඝපුරුෂයාහට - “මේ මේ කාරණයෙනුදු ඒ භාග්‍යවතුන් වහන්සේ අර්‍හත්හ. සම්‍යක් සම්බුද්ධයහ. අෂ්ටවිද්‍යාවෙන් හා පසළොස් චරණ ධර්‍මයෙන් හා යුක්තයහ. සුගතයහ. ලෝකවිදූහ. අනුත්තරපුරිසදම්මසාරථීහ. දෙවිමිනිසුන්ගේ ශාස්තෘයහ. බුද්ධයහ. භගවත්හ” යි මා කෙරෙහි මේ (සර්‍වඥතාඥාන සඞ්ඛ්‍යාත උතුරු මිනිස්දම් දැනීමෙහි සමර්‍ත්‍ථ ඥානය වූ) ධර්‍මාන්‍වය ද නො වෙයි.
Pali BJT6. අයම්පි හි නාම සාරිපුත්ත සුනක්ඛත්තස්ස මොඝපුරිසස්ස මයි ධම්මන්වයො න භවිස්සති: “ඉතිපි සො භගවා අනෙකවිහිතං ඉද්ධිවිධං පච්චනුභොති: එකොපි හුත්වා බහුධා හොති. බහුධාපි හුත්වා එකො හොති. ආවිභාවං තිරොභාවං තිරොකුඩ්ඩං තිරොපාකාරං තිරොපබ්බතං අසජ්ජමානො ගච්ඡති. සෙය්යථාපි ආකාසෙ. පඨවියම්පි{2} උම්මුජ්ජනිමුජ්ජං කරොති. සෙය්යථාපි උදකෙ. උදකෙපි අභිජ්ජමානෙ ගච්ඡති සෙය්යථාපි පඨවියං. ආකාසෙපි පල්ලඞ්කෙන කමති සෙය්යථාපි පක්ඛීසකුණො. ඉමෙපි චන්දිමසුරියෙ එවංමහිද්ධිකෙ එවංමහානුභාවෙ පාණිනා පරිමසති පරිමජ්ජති. යාව බ්රහ්මලොකාපි කායෙන වසං වත්තෙතී”ති.
Sinhala BJT6. ශාරිපුත්‍රය, සුනක්ඛත්ත මෝඝපුරුෂයාහට - “ඒ භාග්‍යවතුන් වහන්සේ මේ කාරණයෙනු දු නන්වැදෑරුම් ඍද්ධිවිධ වළඳ කෙරෙති: එකෙක් වූහු බොහෝ ව මැවෙත්. බොහෝ වූවාහු ම එකෙක් ව මැවෙත් ප්‍රකට භාවයට අප්‍රකට භාවයට පත්වන සේක. බිත්තියෙන් පිටත පවුරෙන් පිටත පව්වෙන් පිටත අහසෙහි යනුවන් මෙන් නොගැටෙමින් යන සේක. ජලයෙහි සෙයින් පොළොවෙහි ද ඉල්පීම් ගැලීම් කරන සේක. පොළොවෙහි සෙයින් නොබිඳෙන දියෙහි ද යන සේක. අහසෙහි ද පක්‍ෂීශකූනීන් සෙයින් පර්‍ය්‍යඞ්කයෙන් යන සේක. මෙසේ මහත් ඍද්ධි ඇති මහත් ආනුභාව ඇති මේ සඳ හිරු දෙදෙනා කරතලයෙන් පරාමර්‍ශන කරන සේක. පිරිමදින සේක. බඹලොව ද තෙක් කයින් විසිය පවත්වන සේකැ”යි මා කෙරෙහි මේ ධර්‍මාන්‍වය (ඍද්ධිවිධඥානසඞ්ඛ්‍යාත උතුරු මිනිස්දම් දන්නා ඥානය) ද නො වෙයි.
Pali BJT7. අයම්පි හි නාම සාරිපුත්ත, සුනක්ඛත්තස්ස මොඝපුරිසස්ස මයි ධම්මන්වයො න භවිස්සති: “ඉතිපි සො භගවා දිබ්බාය සොතධාතුයා විසුද්ධාය අතික්කන්තමානුසිකාය උභො සද්දෙ සුණාති දිබ්බෙ ච මානුසෙ ච යෙ දූරෙ සන්තිකෙ චා”ති.
Sinhala BJT7. ශාරිපුත්‍රය, සුනක්ඛත්ත මෝඝපුරුෂයාහට මා කෙරෙහි මේ ධර්‍මාන්‍වය ද (දිව්‍ය ශ්‍රෝතධාතුඥානසඞ්ඛ්‍යාත උතුරු මිනිස්දම් දැනගන්නා ප්‍රඥා) නො වෙයි. එනම්: “ඒ භාග්‍යවතුන් වහන්සේ මෙසේත් ඉතා පිරිසිදු මිනිසැස ඉක්ම වූ දිව්‍ය ශ්‍රොතධාතුවෙන් දෙවියන් පිළිබඳ වූත් මිනිසුන් පිළිබඳ වූත් දුරැ වූත් සමීප වූත් ද්විවිධ ශබ්දයන් අසන සේකැ” කියා ය.
Pali BJT8. අයම්පි හි නාම සාරිපුත්ත, සුනක්ඛත්තස්ස මොඝපුරිසස්ස මයි ධම්මන්වයො න භවිස්සති: “ඉතිපි සො භගවා පරසත්තානං පරපුග්ගලානං චෙතසා චෙතො පරිච්ච පජානාති: සරාගං වා චිත්තං සරාගං චිත්තන්ති පජානාති. වීතරාගං වා චිත්තං වීතරාගං චිත්තන්ති පජානාති. සදොසං වා චිත්තං සදොසං චිත්තන්ති පජානාති. වීතදොසං වා චිත්තං වීතදොසං චිත්තන්ති පජානාති. සමොහං වා චිත්තං සමොහං චිත්තන්ති පජානාති. වීතමොහං වා චිත්තං වීතමොහං චිත්තන්ති පජානාති. සඞ්ඛිත්තං වා චිත්තං සඞ්ඛිත්තං චිත්තන්ති පජානාති. වික්ඛිත්තං වා චිත්තං වික්ඛිත්තං චිත්තන්ති පජානාති. මහග්ගතං වා චිත්තං මහග්ගතං චිත්තන්ති පජානාති. අමහග්ගතං වා චිත්තං අමහග්ගතං චිත්තන්ති පජානාති. සඋත්තරං වා චිත්තං සඋත්තරං චිත්තන්ති පජානාති. අනුත්තරං වා චිත්තං අනුත්තරං චිත්තන්ති පජානාති. සමාහිතං වා චිත්තං සමාහිතං චිත්තන්ති පජානාති. අසමාහිතං වා චිත්තං අසමාහිතං චිත්තන්ති පජානාති. විමුත්තං වා චිත්තං විමුත්තං චිත්තන්ති පජානාති. අවිමුත්තං වා චිත්තං අවිමුත්තං චිත්තන්ති පජානාති.”
Sinhala BJT8. ශාරිපුත්‍රය, සුනක්ඛත්ත මෝඝපුරුෂයාට - “භාග්‍යවතුන් වහන්සේ මෙසේත් අන්‍යසත්ත්‍වයන්ගේ අන්‍ය පුද්ගලයන්ගේ සිත සිය සිතින් පිරිසිඳ දැන ගන්නා සේක. රාග සහිත වූ හෝ සිත රාග සහිත සිතැ යි දන්නා සේක. රාග රහිත වූ හෝ සිත රාග රහිත සිතැ යි දන්නා සේක. ද්වේෂ සහිත වූ හෝ සිත ද්වේෂ සහිත සිතැ යි දන්නා සේක. ද්වේෂ රහිත වූ හෝ සිත ද්වේෂ රහිත සිතැ යි දන්නා සේක. මෝහ සහිත වූ හෝ සිත මෝහ සහිත සිතැ යි දන්නා සේක. මෝහ රහිත වූ හෝ සිත මෝහ රහිත සිතැ යි දන්නා සේක. (ථීනමිද්ධයෙන්) සංක්‍ෂිප්ත වූ හෝ සිත සංක්‍ෂිප්ත වූ සිතැ යි දන්නා සේක. (උද්ධච්චයෙන්) වික්‍ෂිප්ත වූ හෝ සිත වික්‍ෂිප්ත වූ සිතැ යි දන්නා සේක. මහග්‍ගත වූ හෝ සිත මහග්‍ගත වූ සිතැ යි දන්නා සේක. අමහග්‍ගත වූ හෝ සිත අමහග්‍ගත වූ සිතැ යි දන්නා සේක. සඋත්තර වූ හෝ සිත සඋත්තර වූ සිතැ යි දන්නා සේක. නිරුත්තර වූ හෝ සිත නිරුත්තර වූ සිතැ යි දන්නා සේක. සමාහිත වූ හෝ සිත සමාහිත වූ සිතැ යි දන්නා සේක. අසමාහිත වූ හෝ සිත අසමාහිත වූ සිතැ යි දන්නා සේක. විමුත්ත වූ හෝ සිත විමුත්ත වූ සිතැ යි දන්නා සේක. අවිමුත්ත වූ හෝ සිත අවිමුත්ත වූ සිතැ යි දන්නා සේකැ”යි මෙසේ මා කෙරෙහි ඇති මේ (චේතෝපරියඤාණ සඞ්ඛ්‍යාත උතුරු මිනිස්දම් දන්නා) ඥානය ද නො වෙයි.
Pali BJT9. දස ඛො පනිමානි සාරිපුත්ත තථාගතස්ස තථාගතබලානි යෙහි බලෙහි සමන්නාගතො තථාගතො ආසභං ඨානං පටිජානාති, පරිසාසු සීහනාදං නදති, බ්රහ්මචක්කං පවත්තෙති. කතමානි දස? ඉධ සාරිපුත්ත, තථාගතො ඨානඤ්ච ඨානතො අට්ඨානඤ්ච අට්ඨානතො යථාභූතං පජානාති. යම්පි සාරිපුත්ත, තථාගතො ඨානඤ්ච ඨානතො අට්ඨානඤ්ච අට්ඨානතො යථාභූතං පජානාති, ඉදම්පි සාරිපුත්ත, තථාගතස්ස තථාගතබලං හොති යං බලං ආගම්ම තථාගතො ආසභං ඨානං පටිජානාති, පරිසාසු සීහනාදං නදති, බ්රහ්මචක්කං පවත්තෙති.
Sinhala BJT9. ශාරිපුත්‍රය, යම් බඳු බලයන්ගෙන් යුත් තථාගත තෙම ශ්‍රේෂ්ඨ ස්ථානය (තමන් වහන්සේ කෙරෙහි ඇතැයි) ප්‍රතිඥා කෙරේ ද, පිරිස්හි සිංහනාද කෙරේ ද, ශ්‍රේෂ්ඨ ධර්‍මචක්‍රය පවත්වා ද, මේ එබඳු තථාගත බල දසයෙක් වෙයි. කවර දසයෙක් ද යත්: ශාරිපුත්‍රය, මෙහි තථාගත තෙමෙ කාරණය කාරණය වශයෙන් ද අකාරණය අකාරණය වශයෙන් ද තතු ලෙස දැන ගනියි. ශාරිපුත්‍රය, තථාගත තෙමේ කාරණය කාරණය වශයෙනුත් අකාරණය අකාරණය වශයෙනුත් තත් වූ පරිදි දනී යන යමක් ඇද්ද, ශාරිපුත්‍රය, තථාගත තෙමේ යම් බලයකට පැමිණ ශ්‍රේෂ්ඨ ස්ථානය ප්‍රතිඥා කෙරේ ද, පිරිස්හි සිංහනාද කෙරේ ද, ශ්‍රේෂ්ඨ ධර්‍මචක්‍රය පවත්වා ද, මේ ඒ ස්ථානාස්ථානඥානය ද තථාගතයන්ගේ තථාගතබලයෙක් වෙයි.
Pali BJT10. පුන චපරං සාරිපුත්ත තථාගතො අතීතානාගතපච්චුප්පන්නානං කම්මසමාදානානං ඨානසො හෙතුසො විපාකං යථාභූතං පජානාති. යම්පි සාරිපුත්ත, තථාගතො අතීතානාගතපච්චුප්පන්නානං කම්මසමාදානානං ඨානසො හෙතුසො විපාකං යථාභූතං පජානාති, ඉදම්පි සාරිපුත්ත, තථාගතස්ස තථාගතබලං හොති යං බලං ආගම්ම තථාගතො ආසභං ඨානං පටිජානාති, පරිසාසු සීහනාදං නදති, බ්රහ්මචක්කං පවත්තෙති.
Sinhala BJT10. තවද ශාරිපුත්‍රය, අනෙකක් ඇත. තථාගත තෙමේ අතීත අනාගත වර්‍තමාන කර්‍මසමාදානයන්ගේ විපාක ප්‍රත්‍ය වශයෙන් හේතු වශයෙන් තත් වූ පරිදි දන්නේය. ශාරිපුත්‍රය, යම් ඥානයෙකින් තථාගත තෙමේ අතීතඅනාගතවර්‍තමාන කර්‍මයන්ගේ විපාකය ප්‍රත්‍ය වශයෙන් හේතු වශයෙන් තතු සේ දන්නේ ද, ශාරිපුත්‍රය, තථාගත තෙමේ යම් බලයකට පැමිණ ශ්‍රේෂ්ඨස්ථානය ප්‍රතිඥා කෙරේ ද, පිරිස්හි සිංහනාද කෙරේ ද, ශ්‍රේෂ්ඨ ධර්‍මචක්‍රය පවත්වා ද, මේ කර්‍මවිපාකඥානය ද තථාගතයන්ගේ තථාගතබලයෙක් වෙයි.
Pali BJT11. පුන චපරං සාරිපුත්ත, තථාගතො සබ්බත්ථගාමිනිං පටිපදං යථාභූතං පජානාති. යම්පි සාරිපුත්ත, තථාගතො සබ්බත්ථගාමිනිං පටිපදං යථාභූතං පජානාති, ඉදම්පි සාරිපුත්ත තථාගතස්ස තථාගතබලං හොති යං බලං ආගම්ම තථාගතො ආසභං ඨානං පටිජානාති, පරිසාසු සීහනාදං නදති, බ්රහ්මචක්කං පවත්තෙති.
Sinhala BJT11. තවද ශාරිපුත්‍රය, අනෙකක් ඇත. තථාගත තෙමේ සර්‍වත්‍රගාමිනී (නිරයාදී හැම තැන් යන) ප්‍රතිපදාව තතු සේ දන්නේය. ශාරිපුත්‍රය, යම් ඥානයෙකින් තථාගත තෙමේ සර්‍වත්‍රගාමිනී ප්‍රතිපදාව තතු සේ දන්නේ ද, ශාරිපුත්‍රය, තථාගත තෙමේ යම් බලයකට පැමිණ ශ්‍රේෂඨස්ථානය ප්‍රතිඥා කෙරේ ද, පිරිස්හි සිංහනාද කෙරේ ද, ශ්‍රේෂ්ඨ ධර්‍මචක්‍රය පවත්වා ද, මේ ද තථාගතයන්ගේ තථාගතබලයෙක් වෙයි.
Pali BJT12. පුන චපරං සාරිපුත්ත, තථාගතො අනෙකධාතුනානාධාතුලොකං යථාභූතං පජානාති. යම්පි සාරිපුත්ත, තථාගතො අනෙකධාතුනානාධාතුලොකං යථාභූතං පජානාති, ඉදම්පි සාරිපුත්ත, තථාගතස්ස තථාගතබලං හොති යං බලං ආගම්ම තථාගතො ආසභං ඨානං පටිජානාති, පරිසාසු සීහනාදං නදති, බ්රහ්මචක්කං පවත්තෙති.
Sinhala BJT12. තවද ශාරිපුත්‍රය, අනෙකක් ඇත. තථාගත තෙමේ අනේකධාතු නානාධාතු ලෝකය තතු සේ දන්නේය. ශාරිපුත්‍රය, යම් ඥානයෙකින් තථාගත තෙමේ අනේකධාතු නානාධාතු ලෝකය තතු සේ දන්නේ ද, ශාරිපුත්‍රය, තථාගත තෙමේ යම් බලයකට පැමිණ ශ්‍රේෂඨස්ථානය ප්‍රතිඥා කෙරේ ද, පිරිස්හි සිංහනාද කෙරේ ද, ශ්‍රේෂ්ඨ ධර්‍මචක්‍රය පවත්වා ද, මේ ද තථාගතයන්ගේ තථාගතබලයෙක් වෙයි.
Pali BJT13. පුන චපරං සාරිපුත්ත, තථාගතො සත්තානං නානාධිමුත්තිකතං යථාභූතං පජානාති. යම්පි සාරිපුත්ත තථාගතො සත්තානං නානාධිමුත්තිකතං යථාභූතං පජානාති, ඉදම්පි සාරිපුත්ත, තථාගතස්ස තථාගතබලං හොති යං බලං ආගම්ම තථාගතො ආසභං ඨානං පටිජානාති, පරිසාසු සීහනාදං නදති, බ්රහ්මචක්කං පවත්තෙති.
Sinhala BJT13. තවද ශාරිපුත්‍රය, අනෙකක් ඇත. තථාගත තෙමේ සත්ත්‍වයන්ගේ නානාධිමුක්තිකත්‍ව දන්නේය. ශාරිපුත්‍රය, යම් ඥානයෙකින් තථාගත තෙමේ සත්ත්‍වයන්ගේ නානාධිමුක්තිකත්‍ව දන්නේ ද, ශාරිපුත්‍රය, තථාගත තෙමේ යම් බලයකට පැමිණ ශ්‍රේෂඨස්ථානය ප්‍රතිඥා කෙරේ ද, පිරිස්හි සිංහනාද කෙරේ ද, ශ්‍රේෂ්ඨ ධර්‍මචක්‍රය පවත්වා ද, මේ ද තථාගතයන්ගේ තථාගතබලයෙක් වෙයි.
Pali BJT14. පුන චපරං සාරිපුත්ත, තථාගතො පරසත්තානං පරපුග්ගලානං ඉන්ද්රියපරොපරියත්තං යථාභූතං පජානාති. යම්පි සාරිපුත්ත තථාගතො පරසත්තානං පරපුග්ගලානං ඉන්ද්රියපරොපරියත්තං යථාභූතං පජානාති, ඉදම්පි සාරිපුත්ත, තථාගතස්ස තථාගතබලං හොති යං බලං ආගම්ම තථාගතො ආසභං ඨානං පටිජානාති, පරිසාසු සීහනාදං නදති, බ්රහ්මචක්කං පවත්තෙති.
Sinhala BJT14. තවද ශාරිපුත්‍රය, අනෙකක් ඇත. තථාගත තෙමේ පරසත්‍වයන්ගේ පරපුද්ගලයන්ගේ ශ්‍රද්ධාදි ඉන්‍ද්‍රියයන්ගේ පරාවරතා (වෘද්ධිය හානිය) තතු සේ දන්නේය. ශාරිපුත්‍රය, යම් ඥානයෙකින් තථාගත තෙමේ පරසත්‍වයන්ගේ පරපුද්ගලයන්ගේ ශ්‍රද්ධාදි ඉන්‍ද්‍රියයන්ගේ පරාවරතා තතු සේ දන්නේ ද, ශාරිපුත්‍රය, තථාගත තෙමේ යම් බලයකට පැමිණ ශ්‍රේෂ්ඨ ස්ථානය ප්‍රතිඥා කෙරේ ද, පිරිස්හි සිංහනාද කෙරේ ද, ශ්‍රේෂ්ඨ ධර්‍මචක්‍රය පවත්වා ද, මේ ද තථාගතයන්ගේ තථාගතබලයෙක් වෙයි.
Pali BJT15. පුන චපරං සාරිපුත්ත, තථාගතො ඣානවිමොක්ඛසමාධිසමාපත්තීනං සඞ්කිලෙසං වොදානං වුට්ඨානං යථාභූතං පජානාති. යම්පි සාරිපුත්ත, තථාගතො ඣානවිමොක්ඛසමාධිසමාපත්තීනං සංකිලෙසං වොදානං වුට්ඨානං යථාභූතං පජානාති, ඉදම්පි සාරිපුත්ත, තථාගතස්ස තථාගතබලං, හොති යං බලං ආගම්ම තථාගතො ආසභං ඨානං පටිජානාති, පරිසාසු සීහනාදං නදති, බ්රහ්මචක්කං පවත්තෙති.
Sinhala BJT15. තවද ශාරිපුත්‍රය, අනෙකක් ඇත. තථාගත තෙමේ ධ්‍යාන විමෝක්‍ෂ සමාධි සමාපත්තීන්ගේ කෙලෙසීම ද පිරිසිදු බව ද එයින් නැගී සිටීම ද තතු සේ දන්නේය. ශාරිපුත්‍රය, යම් ඥානයෙකින් තථාගත තෙමේ ධ්‍යාන විමෝක්‍ෂ සමාධි සමාපත්තීන්ගේ සංකෙලශ ව්‍යවදාන ව්‍යුත්‍ථාන තතුසේ දන්නේ ද, ශාරිපුත්‍රය, තථාගත තෙමේ යම් බලයකට පැමිණ ශ්‍රේෂ්ඨ ස්ථානය ප්‍රතිඥා කෙරේ ද, පිරිස්හි සිංහනාද කෙරේ ද, ශ්‍රේෂ්ඨ ධර්‍මචක්‍රය පවත්වා ද, මේ ද තථාගතයන්ගේ තථාගතබලයෙක් වෙයි.
Pali BJT16. පුන චපරං සාරිපුත්ත, තථාගතො අනෙකවිහිතං පුබ්බෙනිවාසං අනුස්සරති. සෙය්යථිදං: එකම්පි ජාතිං ද්වෙපි ජාතියො තිස්සොපි ජාතියො චතස්සොපි ජාතියො පඤ්චපි ජාතියො දසපි ජාතියො වීසතිම්පි{1} ජාතියො තිංසම්පි ජාතියො චත්තාරීසම්පි ජාතියො පඤ්ඤාසම්පි ජාතියො ජාතිසතම්පි ජාතිසහස්සම්පි ජාතිසතසහස්සම්පි, අනෙකෙපි සංවට්ටකප්පෙ අනෙකෙපි විවට්ටකප්පෙ අනෙකෙපි සංවට්ටවිවට්ටකප්පෙ, “අමුත්රාසිං එවංනාමො එවංගොත්තො එවංවණ්ණො එවමාහාරො එවංසුඛදුක්ඛපටිසංවෙදී එවමායුපරියන්තො, සො තතො චුතො අමුත්ර උදපාදිං.–
Sinhala BJT16. තවද ශාරිපුත්‍රය, අනෙකක් ඇත. තථාගත තෙමේ නන් වැදෑරුම් පූර්වේනිවාසය සිහි කෙරෙයි. එනම්: ඒකජාතියක් ද ජාති දෙකක් ද ජාති තුනක් ද ජාති සතරක් ද ජාති පසක් ද ජාති දසයක් ද ජාති විස්සක් ද ජාති තිසක් ද ජාති සතළිසක් ද ජාති පණසක් ද ජාති සියයක් ද ජාති දහසක් ද ජාති සියක් දහසක් ද, නොයෙක් නස්නා කල්පයන් ද නොයෙක් හටගන්නා කල්පයන් ද නොයෙක් නස්නා හටගන්නා කල්පයන් ද “අසුවල් තැන උපන්නෙමි. මේ නම් ඇත්තෙම් වීමි. මෙනම් ගෝත්‍ර ඇත්තෙම් වීමි. මෙවැනි වර්‍ණ ඇත්තෙම් වීමි. මෙවැනි ආහාර ඇත්තෙම් වීමි. මෙවැනි සැප දුක් වින්දෙම් වීමි. මෙවැනි ආයු කෙළවර කොට ඇත්තෙක් වීමි. මම එයින් ච්‍යුත වූයෙම් අසුවල් තැන උපන්නෙමි.
Pali BJTතත්රාපාසිං එවංනාමො එවංගොත්තො එවංවණ්ණො එවමාහාරො එවංසුඛදුක්ඛපටිසංවෙදී එවමායුපරියන්තො. සො තතො චුතො ඉධූපපන්නො”ති. ඉති සාකාරං සඋද්දෙසං අනෙකවිහිතං පුබ්බෙනිවාසං අනුස්සරති. යම්පි සාරිපුත්ත, තථාගතො අනෙකවිහිතං පුබ්බෙනිවාසං අනුස්සරති. සෙය්යථිදං: එකම්පි ජාතිං ද්වෙපි ජාතියො -පෙ- ඉති සාකාරං සඋද්දෙසං අනෙකවිහිතං පුබ්බෙනිවාසං අනුස්සරති, ඉදම්පි සාරිපුත්ත තථාගතස්ස තථාගතබලං හොති, යං බලං ආගම්ම තථාගතො ආසභං ඨානං පටිජානාති, පරිසාසු සීහනාදං නදති, බ්රහ්මචක්කං පවත්තෙති.
Sinhala BJTඑහි දී ද මෙනම් ඇත්තෙකිමි මෙනම් ගෝත්‍ර ඇත්තෙකිමි මෙවැනි වර්‍ණ ඇත්තෙකිමි මෙවැනි සැප දුක් වින්දෙකිමි මෙවැනි ආයු කෙළවර කොට ඇත්තෙක් වීමි. ඒ මම එයින් චුත වූයෙම් මෙහි උපන්නෙමි.” මෙසේ ආකාර සහිත වූ උදෙසීම් සහිත වූ නන්වැදෑරුම් පූර්වේනිවාසය සිහි කරයි. ශාරිපුත්‍රය, යම් ඥානයෙකින් තථාගත තෙමේ නන්වැදෑරුම් පූර්වේනිවාසය සිහි කෙරේ ද, එනම් ජාති එකක් ද ජාති දෙකක් ද ... මෙසේ ආකාර සහිත වූ උදෙසීම් සහිත වූ නන්වැදෑරුම් පෙර විසූ කඳපිළිවෙළ සිහි කෙරේ ද, තථාගත තෙමේ යම් බලයකට පැමිණ ශ්‍රේෂ්ඨ ස්ථානය ප්‍රතිඥා කෙරේ ද, පිරිස්හි සිංහනාද කෙරේ ද, ශ්‍රේෂ්ඨ ධර්‍මචක්‍රය පවත්වා ද, මේ ද තථාගතයන්ගේ තථාගතබලයෙක් වෙයි.
Pali BJT17. පුන චපරං සාරිපුත්ත, තථාගතො දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන අතික්කන්තමානුසකෙන සත්තෙ පස්සති: චවමානෙ උපපජ්ජමානෙ හීනෙ පණීතෙ සුවණ්ණෙ දුබ්බණ්ණෙ සුගතෙ දුග්ගතෙ. යථාකම්මූපගෙ සත්තෙ පජානාති: “ඉමෙ වත භොන්තො සත්තා කායදුච්චරිතෙන සමන්නාගතා වචීදුච්චරිතෙන සමන්නාගතා මනොදුච්චරිතෙන සමන්නාගතා අරියානං උපවාදකා මිච්ඡාදිට්ඨිකා මිච්ඡාදිට්ඨිකම්මසමාදානා. තෙ කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපන්නා; ඉමෙ වා පන භොන්තො සත්තා කායසුචරිතෙන සමන්නාගතා වචීසුචරිතෙන සමන්නාගතා මනොසුචරිතෙන සමන්නාගතා අරියානං අනුපවාදකා සම්මාදිට්ඨිකා සම්මාදිට්ඨිකම්මසමාදානා. තෙ කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපන්නා”ති. ඉති දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන අතික්කන්තමානුසකෙන සත්තෙ පස්සති චවමානෙ උපපජ්ජමානෙ හීනෙ පණීතෙ සුවණ්ණෙ දුබ්බණ්ණෙ සුගතෙ දුග්ගතෙ. යථාකම්මූපගෙ සත්තෙ පජානාති. යම්පි සාරිපුත්ත තථාගතො -පෙ- යථාකම්මූපගෙ සත්තෙ පජානාති, ඉදම්පි සාරිපුත්ත තථාගතස්ස තථාගතබලං හොති. යං බලං ආගම්ම තථාගතො ආසභං ඨානං පටිජානාති, පරිසාසු සීහනාදං නදති, බ්රහ්මචක්කං පවත්තෙති.
Sinhala BJT17. තවද ශාරිපුත්‍රය, අනෙකක් ඇත. තථාගත තෙමේ මිනිසැස ඉක්මවා පැවැති ඉතා පිරිසිදු පහත් උසස් මනා පැහැ ඇති නො මනා පැහැ ඇති සුගතියට ගිය දුගතියට ගිය සත්‍වයන් දක්නේය: “කම් වූ පරිදි මිය පරලොව ගිය සත්‍වයන් දන්නේය. මේ භවත් සත්‍වයෝ ඒකාන්තයෙන් කායදුශ්‍චරිතයෙන් යුක්ත වූවාහුය. වාග්දුශ්‍චරිතයෙන් යුක්ත වූවාහුය. මනෝදුශ්චරිතයෙන් යුක්ත වූවාහුය. ආර්‍ය්‍යෝපවාදය කළාහුය. මිථ්‍යාදෘෂ්ටිකයෝය. මිථ්‍යාදෘෂ්ටිකර්‍මසමාදාන ඇත්තෝය. ඔහු කය බිඳීමෙන් මරණයෙන් මතු අපාය නම් වූ දුර්‍ගති නම් වූ විනිපාත නම් වූ නරකයට ඉපදීම් වශයෙන් පැමිණියාහුය. මේ පින්වත් සත්ත්‍වයෝ කායසුචරිතයෙන් යුක්ත වූවාහුය. වාග්සුචරිතයෙන් යුක්ත වූවාහුය. මනෝසුචරිතයෙන් යුක්ත වූවාහුය. ආර්‍ය්‍යයන්ට උපවාද නො කළාහුය. සම්‍යග්දෘෂ්ටිකයෝය. සම්‍යග්දෘෂ්ටිකර්‍මසමාදාන ඇත්තෝය. ඔහු කය බිඳීමෙන් මරණයෙන් මතු සුගති නම් වූ ස්වර්‍ගලෝකයට ඉපදීම් වශයෙන් පැමිණියාහු ය.” මෙසේ මිනිසැස ඉක්මවා පැවැති ඉතා පිරිසිදු දිවැසින් මැරෙන උපදින හීන වූ ප්‍රණීත වූ මනා පැහැති නො මනා පැහැති සුගතියට ගිය දුගතියට ගිය සත්ත්‍වයන් දැන ගනියි. ශාරිපුත්‍රය, තථාගත තෙමේ යම් බලයකට පැමිණ ශ්‍රේෂඨස්ථානය ප්‍රතිඥා කෙරේ ද, පිරිස්හි සිංහනාද කෙරේ ද, ශ්‍රේෂ්ඨ ධර්‍මචක්‍රය පවත්වා ද, මේ ද තථාගතයන්ගේ තථාගතබලයෙක් වෙයි.
Pali BJT18. පුන චපරං සාරිපුත්ත තථාගතො ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරති. යම්පි සාරිපුත්ත තථාගතො ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරති, ඉදම්පි සාරිපුත්ත තථාගතස්ස තථාගතබලං හොති යං බලං ආගම්ම තථාගතො ආසභං ඨානං පටිජානාති, පරිසාසු සීහනාදං නදති, බ්රහ්මචක්කං පවත්තෙති.
Sinhala BJT18. තවද ශාරිපුත්‍රය, අනෙකක් ඇත. තථාගත තෙමේ ආස්‍රවයන් ක්‍ෂය වීමෙන් ආස්‍රව නැති චේතෝවිමුත්තියත් පඤ්ඤාවිමුත්තියත් ඉහාත්මයේ දී ම තමා විසින් විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට ඊට පැමිණ වාසය කරන්නේය. ශාරිපුත්‍රය, යම් ඥානයෙකින් තථාගත තෙමේ ආස්‍රවයන් නැති වීමෙන් ආස්‍රව නැති චේතෝවිමුත්තියත් පඤ්ඤාවිමුත්තියත් ඉහාත්මයේ දී ම තෙමේ විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට ඊට පැමිණ වාසය කෙරේ ද, ශාරිපුත්‍රය, තථාගත තෙමේ යම් බලයකට පැමිණ ශ්‍රේෂඨස්ථානය ප්‍රතිඥා කෙරේ ද, පිරිස්හි සිංහනාද කෙරේ ද, ශ්‍රේෂ්ඨ ධර්‍මචක්‍රය පවත්වා ද, මේ ද තථාගතයන්ගේ තථාගතබලයෙක් වෙයි.
Pali BJT19. ඉමානි ඛො සාරිපුත්ත දස තථාගතස්ස තථාගතබලානි, යෙහි බලෙහි සමන්නාගතො තථාගතො ආසභං ඨානං පටිජානාති, පරිසාසු සීහනාදං නදති, බ්රහ්මචක්කං පවත්තෙති.
Sinhala BJT19. ශාරිපුත්‍රය, යම් බඳු බලයෙකින් යුක්ත තථාගත තෙමේ ශ්‍රේෂඨස්ථානය ප්‍රතිඥා කෙරේ ද, පිරිස්හි සිංහනාද කෙරේ ද, ශ්‍රේෂ්ඨ ධර්‍මචක්‍රය පවත්වා ද, මේ ඒ තථාගතයන්ගේ දශ තථාගත බලයෝ යි.
Pali BJT20. යො ඛො මං සාරිපුත්ත එවං ජානන්තං එවං පස්සන්තං එවං වදෙය්ය: “නත්ථි සමණස්ස ගොතමස්ස උත්තරිමනුස්සධම්මා අලමරියඤාණදස්සනවිසෙසො, තක්කපරියාහතං සමණො ගොතමො ධම්මං දෙසෙති වීමංසානුචරිතං සයම්පටිභාන”න්ති. තං සාරිපුත්ත වාචං අප්පහාය තං චිත්තං අප්පහාය තං දිට්ඨිං අප්පටිනිස්සජ්ජිත්වා යථාභතං නික්ඛිත්තො එවං නිරයෙ. සෙය්යථාපි සාරිපුත්ත භික්ඛු සීලසම්පන්නො සමාධිසම්පන්නො පඤ්ඤාසම්පන්නො දිට්ඨෙව ධම්මෙ අඤ්ඤං ආරාධෙය්ය, එවං සම්පදමිදං සාරිපුත්ත වදාමි: තං වාචං අප්පහාය තං චිත්තං අප්පහාය තං දිට්ඨිං අප්පටිනිස්සජ්ජිත්වා යථාභතං නික්ඛිත්තො එවං නිරයෙ.
Sinhala BJT20. ශාරිපුත්‍රය, යමෙක් මෙසේ දන්නා මෙසේ දක්නා මට “ශ්‍රමණ ගෞතමයාහට මනුෂ්‍යධර්‍මයට වැඩි ආර්‍ය්‍යභාවය කිරීමට සමර්‍ත්‍ථවූ ඥානදර්‍ශනයෙක් නැත. ශ්‍රමණ ගෞතම තෙමේ තර්‍කපර්‍ය්‍යාහත කොට විමසන නුවණින් ලුහුබැඳ ගත්, සිය වටහනු දහමක් දේශනා කෙරේ” ය යි කියා නම්, ශාරීපුත්‍රය, ඒ කීම නො හැර ඒ සිත නො හැර ඒ දෘෂ්ටිය බැහැර නොකොට (සිටියේ) ගෙන ඇර සිටුවූවකු සෙයින් නිරයෙහි උපදනේ ය. ශාරිපුත්‍රය, සීලසම්පන්න සමාධිසම්පන්න ප්‍රඥාසම්පන්න මහණ යම්සේ ඉහාත්මයේ දී ම රහත් බවට පැමිණේද, ශාරිපුත්‍රය, මේ කාරණය ද මෙසේය යි කියමි: ඒ කීම නොහැර ඒ දෘෂ්ටිය බැහැර නොකොට (සිටියේ) ගෙන ඇර සිටුවූවකු සෙයින් නිරයෙහි උපදනේ වේ.
Pali BJT21. චත්තාරිමානි සාරිපුත්ත තථාගතස්ස වෙසාරජ්ජානි යෙහි වෙසාරජ්ජෙහි සමන්නාගතො තථාගතො ආසභං ඨානං පටිජානාති, පරිසාසු සීහනාදං නදති, බ්රහ්මචක්කං පවත්තෙති. කතමානි චත්තාරි?
Sinhala BJT21. ශාරිපුත්‍රය, යම් බඳු විශාරදභාවයෙන් යුත් තථාගත තෙමේ ශ්‍රේෂ්ඨස්ථානය ප්‍රතිඥා කෙරේ ද, පිරිස්හි සිංහනාද කෙරේ ද, ශ්‍රේෂ්ඨ ධර්‍මචක්‍රය පවත්වා ද, තථාගතයන්ගේ ඒ විශාරද භාවයෝ මේ සතර දෙනෙක් වෙත්. ඒ කවර සතර දෙනෙක යත්:
Pali BJT22. “සම්මාසම්බුද්ධස්ස තෙ පටිජානතො ඉමෙ ධම්මා අනභිසම්බුද්ධා”ති. තත්ර වත මං සමණො වා බ්රාහ්මණො වා දෙවො වා මාරො වා බ්රහ්මා වා කොචි වා ලොකස්මිං සහධම්මෙන පටිචොදෙස්සතීති නිමිත්තමෙතං සාරිපුත්ත න සමනුපස්සාමි. එතම්පහං සාරිපුත්ත නිමිත්තං අසමනුපස්සන්තො ඛෙමප්පත්තො අභයප්පත්තො වෙසාරජ්ජප්පත්තො විහරාමි.
Sinhala BJT22. “සම්‍යක්සම්බුද්ධයෙමි යි ප්‍රතිඥා කරන්නා වූ තොප විසින් මෙනම් ධර්‍මයෝ අවබෝධ නොකරන ලද්දාහු ය, යි එහි ලා ඒකාන්තයෙන් ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ දෙවියෙක් හෝ මාරයෙක් හෝ බ්‍රහ්මයෙක් හෝ ලෝකයෙහි කිසිවෙක් හෝ සකාරණයෙන් මට ප්‍රතිචෝදනා කරන්නේ ය යන මේ කාරණය, ශාරිපුත්‍රය, මම නොදක්මි. ශාරිපුත්‍රය, “මම මේ කාරණය නො දක්නෙම් ක්‍ෂේමයට පැමිණියෙම් නිර්‍භය භාවයට පැමිණියෙම් විශාරද භාවයට පැමිණියෙම් වාසය කරමි”.
Pali BJT23. “ඛීණාසවස්ස තෙ පටිජානතො ඉමෙ ආසවා අපරික්ඛීණා”ති, තත්ර වත මං සමණො වා බ්රාහ්මණො වා දෙවො වා මාරො වා බ්රහ්මා වා කොචි වා ලොකස්මිං සහධම්මෙන පටිචොදෙස්සතීති නිමිත්තමෙතං සාරිපුත්ත න සමනුපස්සාමි. එතම්පහං සාරිපුත්ත නිමිත්තං අසමනුපස්සන්තො ඛෙමප්පත්තො අභයප්පත්තො වෙසාරජ්ජප්පත්තො විහරාමි.
Sinhala BJT23. ක්‍ෂීණාස්‍රවයෙමි යි ප්‍රතිඥා කරන්නා වූ තොප විසින් මේ ආස්‍රවයෝ ක්‍ෂය නොකරන ලදහ” යි එහිලා ඒකාන්තයෙන් ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ දෙවියෙක් හෝ මාරයෙක් හෝ බ්‍රහ්මයෙක් හෝ ලෝකයෙහි කිසිවෙක් හෝ කරුණු සහිත ව මට ප්‍රතිචෝදනා කරන්නේ ය යන මේ කාරණය, ශාරිපුත්‍රය, නොදක්මි. ශාරිපුත්‍රය, මම මේ කාරණය නො දක්නෙම් ක්‍ෂේමයට පැමිණියෙම් නිර්‍භය භාවයට පැමිණියෙම් විශාරද භාවයට පැමිණියෙම් වාසය කරමි.
Pali BJT24. “යෙ ඛො පන තෙ අන්තරායිකා ධම්මා වුත්තා තෙ පටිසෙවතො නාලං අන්තරායායා”ති. තත්ර වත මං සමණො වා බ්රාහ්මණො වා දෙවො වා මාරො වා බ්රහ්මා වා කොචි වා ලොකස්මිං සහධම්මෙන පටිචොදෙස්සතීති නිමිත්තමෙතං සාරිපුත්ත න සමනුපස්සාමි. එතම්පහං සාරිපුත්ත නිමිත්තං අසමනුපස්සන්තො ඛෙමප්පත්තො අභයප්පත්තො වෙසාරජ්ජප්පත්තො විහරාමි.
Sinhala BJT24. “මාර්‍ගඵලයන්ට අන්තරායකර යම් ධර්‍ම කෙනෙක් තොප විසින් ප්‍රකාශ කරන ලද්දාහු ද, ඒ ධර්‍මයන් සේවනය කරන්නහුට අන්තරාය පිණිස නො පවත්නාහු ය” යි එහිලා ඒකාන්තයෙන් ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ දෙවියෙක් හෝ මාරයෙක් හෝ බ්‍රහ්මයෙක් හෝ ලෝකයෙහි කිසිවෙක් හෝ කරුණු සහිත ව මට ප්‍රතිචෝදනා කරන්නේ ය යන මේ කාරණය, ශාරිපුත්‍රය, නොදක්මි. ශාරිපුත්‍රය, මම මේ කාරණය නො දක්නෙම් ක්‍ෂේමයට පැමිණියෙම් නිර්‍භය භාවයට පැමිණියෙම් විශාරද භාවයට පැමිණියෙම් වාසය කරමි.
Pali BJT25. “යස්ස ඛො පන තෙ අත්ථාය ධම්මො දෙසිතො සො න නිය්යාති තක්කරස්ස සම්මා දුක්ඛක්ඛයායා”ති. තත්ර වත මං සමණො වා බ්රාහ්මණො වා දෙවො වා මාරො වා බ්රහ්මා වා කොචි වා ලොකස්මිං සහධම්මෙන පටිචොදෙස්සතීති නිමිත්තමෙතං සාරිපුත්ත න සමනුපස්සාමි. එතම්පහං සාරිපුත්ත නිමිත්තං අසමනුපස්සන්තො ඛෙමප්පත්තො අභයප්පත්තො වෙසාරජ්ජප්පත්තො විහරාමි.
Sinhala BJT25. “තොප විසින් යම් අර්‍ත්‍ථයක් පිණිස ධර්‍මය දේශනා කරන ලද නම්, ඒ ධර්‍මය ඊට අනුව පිළිපදින්නහුගේ මැනවින් දුක් කෙළවර කිරීම පිණිස නොවන්නේ යැ” යි එහිලා ඒකාන්තයෙන් ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ දෙවියෙක් හෝ මාරයෙක් හෝ බ්‍රහ්මයෙක් හෝ ලෝකයෙහි අන් කිසිවෙක් හෝ කරුණු සහිත ව මට ප්‍රතිචෝදනා කරන්නේ ය යන මේ කාරණය, ශාරිපුත්‍රය, නොදක්මි. ශාරිපුත්‍රය, මම මේ කාරණය නො දක්නෙම් ක්‍ෂේමයට පැමිණියෙම් නිර්‍භය භාවයට පැමිණියෙම් විශාරද භාවයට පැමිණියෙම් වාසය කරමි.
Pali BJT26. ඉමානි ඛො සාරිපුත්ත චත්තාරි තථාගතස්ස වෙසාරජ්ජානි යෙහි වෙසාරජ්ජෙහි සමන්නාගතො තථාගතො ආසභං ඨානං පටිජානාති, පරිසාසු සීහනාදං නදති, බ්රහ්මචක්කං පවත්තෙති.
Sinhala BJT26. ශාරිපුත්‍රය, යම් බඳු විශාරදභාවයෙන් යුක්ත තථාගත තෙමේ ශ්‍රේෂඨස්ථානය ප්‍රතිඥා කෙරේ ද, පිරිස්හි සිංහනාද කෙරේ ද, ශ්‍රේෂ්ඨ ධර්‍මචක්‍රය පවත්වා ද, මේ සතරහු තථාගතයන්ගේ ඒ විශාරද භාවයෝ යි.
Pali BJT27. යො ඛො මං සාරිපුත්ත එවං ජානන්තං එවං පස්සන්තං එවං වදෙය්ය: “නත්ථි සමණස්ස ගොතමස්ස උත්තරි මනුස්සධම්මා අලමරියඤාණදස්සනවිසෙසො, තක්කපරියාහතං සමණො ගොතමො ධම්මං දෙසෙති වීමංසානුචරිතං සයම්පටිභාන”න්ති, තං සාරිපුත්ත වාචං අප්පහාය තං චිත්තං අප්පහාය තං දිට්ඨිං අප්පටිනිස්සජ්ජිත්වා යථාභතං නික්ඛිත්තො එවං නිරයෙ. සෙය්යථාපි සාරිපුත්ත භික්ඛු සීලසම්පන්නො සමාධිසම්පන්නො පඤ්ඤාසම්පන්නො දිට්ඨෙව ධම්මෙ අඤ්ඤං ආරාධෙය්ය, එවං සම්පදමිදං සාරිපුත්ත වදාමි: තං වාචං අප්පහාය තං චිත්තං අප්පහාය තං දිට්ඨිං අප්පටිනිස්සජ්ජිත්වා යථාභතං නික්ඛිත්තො එවං නිරයෙ.
Sinhala BJT27. ශාරිපුත්‍රය, යමෙක් මෙසේ දන්නා වූ මෙසේ දක්නා වූ මට “ශ්‍රමණ ගෞතමයාහට මනුෂ්‍යධර්‍මයට වැඩි ආර්‍ය්‍යභාවය කිරීමට සමර්‍ත්‍ථවූ ඥානවිශේෂයෙක් නැත. ශ්‍රමණ ගෞතම තෙමේ තර්‍කයෙන් ගැටුණු විමසීම අනුව ගිය සියවටහනු දහමක් දේශනා කෙරේ” ය යි මෙසේ කියා නම්, ශාරිපුත්‍රය, ඒ කීම නො හැර ඒ සිත නො හැර ඒ දෘෂ්ටිය බැහැර නොකොට සිටියේ ගෙන අවුත් තබන ලද්දක් සෙයින් නරකයෙහි උපදනේ වෙයි. ශාරිපුත්‍රය, ශීලයෙන් යුක්ත වූ සමාධියෙන් යුක්ත වූ ප්‍රඥාවෙන් යුක්ත වූ මහණෙක් ඉහාත්මයේ දී ම යම්සේ අර්‍හත්‍වය ලබාද, මේ කාරණය ත් එසේ ය යි කියමි. ශාරිපුත්‍රය, ඒ කීම නොහැර ඒ සිත නොහැර ඒ දෘෂ්ටිය බැහැර නොකොට සිටියේ ගෙන එන ලද්දක් බහා තබන්නාක් මෙන් නරකයෙහි උපදනේ වේ.
Pali BJT28. අට්ඨ ඛො ඉමා සාරිපුත්ත පරිසා: කතමා අට්ඨ? ඛත්තියපරිසා, බ්රාහ්මණපරිසා, ගහපතිපරිසා, සමණපරිසා, චාතුම්මහාරාජිකපරිසා, තාවතිංසපරිසා, මාරපරිසා, බ්රහ්මපරිසා. ඉමා ඛො සාරිපුත්ත අට්ඨ පරිසා. ඉමෙහි ඛො සාරිපුත්ත චතූහි වෙසාරජ්ජෙහි සමන්නාගතො තථාගතො ඉමා අට්ඨ පරිසා උපසඞ්කමති අජ්ඣොගාහති.
Sinhala BJT28. ශාරිපුත්‍රය, මේ පිරිස් අටෙකි. කවර අටෙක් ද යත්: කැත් පිරිස ය, බමුණු පිරිසය, ගැහැවි පිරිසය, මහණ පිරිසය, සිවුමහරැජි පිරිසය, තව්තිසා පිරිසය, මාර පිරිසය, බඹ පිරිසය. ශාරිපුත්‍රය, මේ සිවු වෙසරද බැවින් යුත් තථාගත තෙමේ මේ අටපිරිස ම කරා එළඹෙයි, පිවිසෙයි.
Pali BJT29. අභිජානාමි ඛො පනාහං සාරිපුත්ත අනෙකසතං ඛත්තියපරිසං උපසඞ්කමිතා. තත්රපි මයා සන්නිසින්නපුබ්බඤ්චෙව සල්ලපිතපුබ්බඤ්ච සාකච්ඡා ච සමාපජ්ජිතපුබ්බා. තත්ර වත මං භයං වා සාරජ්ජං වා ඔක්කමිස්සතීති නිමිත්තමෙතං සාරිපුත්ත න සමනුපස්සාමි. එතම්පහං සාරිපුත්ත නිමිත්තං අසමනුපස්සන්තො ඛෙමප්පත්තො අභයප්පත්තො වෙසාරජ්ජප්පත්තො විහරාමි.
Sinhala BJT29. ශාරිපුත්‍රය, මම නොයෙක් සිය ගණන් කැත්පිරිස් වෙතට පැමිණියෙමි යි දනිමි. එපිරිස්හි මා හුන්විරූ ද කථාකළ විරූ ද සාකච්ඡා කළ විරූ ද වෙයි. ශාරිපුත්‍රය, එහි දී ඒකාන්තයෙන් මට භයක් හෝ තැති ගැන්මක් හෝ පැමිණෙන්නේ යැ යන මේ කාරණය නො දක්මි. ශාරිපුත්‍රය, මම මේ කාරණය නො දක්නෙම් ක්‍ෂේමයට පැමිණියෙම්, නිර්‍භය භාවයට පැමිණියෙම්, විශාරද භාවයට පැමිණියෙම් වාසය කරමි.
Pali BJT30. අභිජානාමි ඛො පනාහං සාරිපුත්ත අනෙකසතං බ්රාහ්මණපරිසං -පෙ- ගහපතිපරිසං -පෙ- සමණපරිසං -පෙ- චාතුම්මහාරාජිකපරිසං -පෙ- තාවතිංසපරිසං -පෙ- මාරපරිසං -පෙ- බ්රහ්මපරිසං උපසඞ්කමිතා. තත්රපි මයා සන්නිසින්නපුබ්බඤ්චෙව සල්ලපිතපුබ්බඤ්ච සාකච්ඡා ච සමාපජ්ජිතපුබ්බා තත්ර වත මං භයං වා සාරජ්ජං වා ඔක්කමිස්සතීති නිමිත්තමෙතං සාරිපුත්ත න සමනුපස්සාමි. එතම්පහං සාරිපුත්ත නිමිත්තං අසමනුපස්සන්තො ඛෙමප්පත්තො අභයප්පත්තො වෙසාරජ්ජප්පත්තො විහරාමි.
Sinhala BJT30. ශාරිපුත්‍රය, මම නොයෙක් සිය ගණන් බමුණු පිරිස් වෙත ... ගැහැවි පිරිස් වෙත ... මහණ පිරිස් වෙත ... සිවුමහරැජි පිරිස් වෙත ... තව්තිසා පිරිස් වෙත ... මාර පිරිස් වෙත ... බඹ පිරිස් වෙත ... එළඹියෙමි යි දනිමි. එහි දීත් මා හුන්විරූ ද කථාකළවිරූ ද සාකච්ඡා කළවිරූ ද වෙයි. ශාරිපුත්‍රය, එපිරිස්හි මට භයක් හෝ තැති ගැන්මක් හෝ පැමිණෙන්නේය යන මේ කාරණය නො දක්මි. ශාරිපුත්‍රය, මම මේ කාරණය නො දක්නෙම් ක්‍ෂේමයට පැමිණියෙම්, නිර්‍භය භාවයට පැමිණියෙම්, විශාරද භාවයට පැමිණියෙම් වාසය කරමි.
Pali BJT31. යො ඛො මං සාරිපුත්ත එවං ජානන්තං එවං පස්සන්තං එවං වදෙය්ය: “නත්ථි සමණස්ස ගොතමස්ස උත්තරිමනුස්සධම්මා අලමරියඤාණදස්සනවිසෙසො, තක්කපරියාහතං සමණො ගොතමො ධම්මං දෙසෙති වීමංසානුචරිතං සයංපටිභාන”න්ති තං සාරිපුත්ත වාචං අප්පහාය තං චිත්තං අප්පහාය තං දිට්ඨිං අප්පටිනිස්සජ්ජිත්වා යථාභතං නික්ඛිත්තො එවං නිරයෙ. සෙය්යථාපි සාරිපුත්ත භික්ඛු සීලසම්පන්නො සමාධිසම්පන්නො පඤ්ඤාසම්පන්නො දිට්ඨෙව ධම්මෙ අඤ්ඤං ආරාධෙය්ය, එවං සම්පදමිදං සාරිපුත්ත වදාමි: තං වාචං අප්පහාය තං චිත්තං අප්පහාය තං දිට්ඨිං අප්පටිනිස්සජ්ජිත්වා යථාභතං නික්ඛිත්තො එවං නිරයෙ.
Sinhala BJT31. ශාරිපුත්‍රය, මෙසේ දන්නා වූ මෙසේ දක්නා වූ මට යමෙක් “ශ්‍රමණ ගෞතම තෙමේ තර්‍කයෙන් ගැටුණු විමසීම අනුව ගිය තමාට වැටහුනු සේ ධර්‍මය දේශනා කෙරේය” යි කියා නම්, ශාරිපුත්‍රය, ඒ කීම නො හැර ඒ සිත නො හැර ඒ දෘෂ්ටිය බැහැර නොකොට සිටියේ ගෙන ඇර සිටුවූවකු සෙයින් නරකයෙහි උපදනේ වෙයි. ශාරිපුත්‍රය, ශීලයෙන් යුක්ත වූ සමාධියෙන් යුක්ත වූ ප්‍රඥාවෙන් යුක්ත වූ මහණෙක් තෙමේ ඉහාත්මයේ දී ම යම්සේ (මාර්‍ගයට අනතුරුව ඵලය මෙන්) අර්‍හත්‍වයට පැමිණියේ ද, ශාරිපුත්‍රය, ඒ කීම නොහැර ඒ සිත නොහැර ඒ දෘෂ්ටිය බැහැර නොකොට (සිටි හේ) ගෙන එන ලද්දක් බහා තබන්නා සේ (චුතියට අනතුරුව පතිසන්‍ධිය මෙන්) නරකයෙහි උපදිනේ යැ යන මේ කාරණය ද එසේ යැ යි කියමි.
Pali BJT32. චතස්සො ඛො ඉමා සාරිපුත්ත යොනියො. කතමා චතස්සො? අණ්ඩජා යොනි, ජලාබුජා යොනි, සංසෙදජා යොනි, ඔපපාතිකා යොනි. කතමා ච සාරිපුත්ත අණ්ඩජා යොනි? යෙ ඛො තෙ සාරිපුත්ත සත්තා අණ්ඩකොසං අභිනිබ්භිජ්ජ ජායන්ති, අයං වුච්චති සාරිපුත්ත අණ්ඩජා යොනි. කතමා ච සාරිපුත්ත ජලාබුජා යොනි? යෙ ඛො තෙ සාරිපුත්ත සත්තා වත්ථිකොසං අභිනිබ්භිජ්ජ ජායන්ති, අයං වුච්චති සාරිපුත්ත ජලාබුජා යොනි. කතමා ච සාරිපුත්ත සංසෙදජා යොනි? යෙ ඛො තෙ සාරිපුත්ත සත්තා පූතිමච්ඡෙ වා ජායන්ති පූතිකුණපෙ වා පූතිකුම්මාසෙ වා චන්දනිකායෙ වා ඔළිගල්ලෙ වා ජායන්ති, අයං වුච්චති සාරිපුත්ත සංසෙදජා යොනි. කතමා ච සාරිපුත්ත ඔපපාතිකා යොනි? දෙවා නෙරයිකා එකච්චෙ ච මනුස්සා එකච්චෙ ච විනිපාතිකා. අයං වුච්චති සාරිපුත්ත ඔපපාතිකා යොනි. ඉමා ඛො සාරිපුත්ත චතස්සො යොනියො.
Sinhala BJT32. ශාරිපුත්‍රය, මේ යෝනීහු සතර දෙනෙක් වෙත්. කවර සතර දෙනෙක් ද යත්: අණ්ඩජයෝනිය, ජලාබුජයෝනිය, සංසේදජයෝනිය, ඕපපාතිකයෝනිය යි. ශාරිපුත්‍රය, අණ්ඩජයෝනිය කවරේ ය? ශාරිපුත්‍රය, යම් ඒ සත්‍ව කෙනෙක් බිජුවට බිඳ ගෙන උපදිත් ද, ශාරිපුත්‍රය, මේ අණ්ඩජයෝනිය යි කියනු ලැබේ. ශාරිපුත්‍රය, ජලාබුජයෝනිය කවරය? ශාරිපුත්‍රය, යම් ඒ සත්‍ව කෙනෙක් වස්තිකෝෂය බිඳ ගෙන උපදිත් ද, ශාරිපුත්‍රය, මේ ජලාබුජ යෝනිය යි කියනු ලැබේ. ශාරිපුත්‍රය, සංසේදජයෝනිය කවරය? ශාරිපුත්‍රය, යම් ඒ සත්‍ව කෙනෙක් දුඟද මසෙහි හෝ උපදිත් ද, දුඟද සිරුරෙහි හෝ දුඟද කොමුයෙහි හෝ මොළෙහි (=අපවිත්‍ර දේ ගලාබස්නා තැන) හෝ ගම්දොර ගවරවළෙහි හෝ උපදිත් ද, ශාරිපුත්‍රය, මේ සංසේදජ යෝනිය යි කියනු ලැබේ. ශාරිපුත්‍රය, ඕපපාතික යෝනිය කවරය? දෙවියෝ ය, නේරයික සත්ත්‍වයෝ ය, ඇතැම් මනුෂ්‍යයෝ ය, ඇතැම් වෛමානිකයෝය. ශාරිපුත්‍රය, මේ ඕපපාතික යෝනිය යි කියනු ලැබේ. ශාරිපුත්‍රය, මේ වනාහි සතර යෝනීහු ය.
Pali BJT33. යො ඛො මං සාරිපුත්ත එවං ජානන්තං එවං පස්සන්තං එවං වදෙය්ය: නත්ථි සමණස්ස ගොතමස්ස උත්තරි මනුස්සධම්මා අලමරියඤාණදස්සනවිසෙසො, තක්කපරියාහතං සමණො ගොතමො ධම්මං දෙසෙති වීමංසානුචරිතං සයම්පටිභානන්ති. තං සාරිපුත්ත වාචං අප්පහාය තං චිත්තං අප්පහාය තං දිට්ඨිං අප්පටිනිස්සජ්ජිත්වා යථාභතං නික්ඛිත්තො එවං නිරයෙ. සෙය්යථාපි සාරිපුත්ත භික්ඛු සීලසම්පන්නො සමාධිසම්පන්නො පඤ්ඤාසම්පන්නො දිට්ඨෙව ධම්මෙ අඤ්ඤං ආරාධෙය්ය, එවං සම්පදමිදං සාරිපුත්ත වදාමි: තං වාචං අප්පහාය තං චිත්තං අප්පහාය තං දිට්ඨිං අප්පටිනිස්සජ්ජිත්වා යථාභතං නික්ඛිත්තො එවං නිරයෙ.
Sinhala BJT33. ශාරිපුත්‍රය, මෙසේ දන්නා වූ මෙසේ දක්නා වූ මට යමෙක් “ශ්‍රමණ ගෞතමයාහට මනුෂ්‍යධර්‍මයට වැඩි ආර්‍ය්‍යභාවය කිරීමට සමර්‍ත්‍ථවූ ඥානදර්‍ශන විශේෂයෙක් නැත. ශ්‍රමණගෞතම තෙමේ තර්‍කය හා ගැටුණු විමසීමෙන් එළවාගත් ධර්‍මයක් තමාට වැටහුණු සේ දේශනා කෙරේ ය” යි මෙසේ කියන්නේ නම්, ශාරිපුත්‍රය, ඒ කීම නො හැර ඒ සිත නො හැර ඒ දෘෂ්ටිය බැහැර නොකොට සිටි හේ ගෙනවුත් බහා තැබුවෙකු සේ නරකයෙහි උපදනේ වේ. ශාරිපුත්‍රය, ශීලයෙන් යුක්ත වූ සමාධියෙන් යුක්ත වූ ප්‍රඥාවෙන් යුක්ත වූ මහණෙක් ඉහාත්මයේ දී ම යම්සේ අර්‍හත් බවට පැමිණේ ද, ශාරිපුත්‍රය, ඒ කීම නොහැර ඒ සිත නොහැර ඒ දෘෂ්ටිය බැහැර නොකොට සිටි හේ ගෙනවුත් බහා තැබුවෙකු සේ නරකයෙහි උපදනේ ය යන මේ කාරණය ද එසේ යැ යි කියමි.
Pali BJT34. පඤ්ච ඛො ඉමා සාරිපුත්ත ගතියො. කතමා පඤ්ච? නිරයො, තිරච්ඡානයොනි, පෙත්තිවිසයො, මනුස්සා, දෙවා. නිරයඤ්චාහං සාරිපුත්ත පජානාමි, නිරයගාමිඤ්ච මග්ගං, නිරයගාමිනිඤ්ච පටිපදං. යථා පටිපන්නො ච කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජති, තඤ්ච පජානාමි. තිරච්ඡානයොනිඤ්චාහං සාරිපුත්ත පජානාමි, තිරච්ඡානයොනිගාමිඤ්ච මග්ගං, තිරච්ඡානයොනිගාමිනිඤ්ච පටිපදං. යථා පටිපන්නො ච කායස්ස භෙදා පරම්මරණා තිරච්ඡානයොනිං උපපජ්ජති, තඤ්ච පජානාමි. පෙත්තිවිසයඤ්චාහං සාරිපුත්ත පජානාමි පෙත්තිවිසයගාමිඤ්ච මග්ගං පෙත්තිවිසයගාමිනිඤ්ච පටිපදං. යථා පටිපන්නො ච කායස්ස භෙදා පරම්මරණා පෙත්තිවිසයං උපපජ්ජති, තඤ්ච පජානාමි. මනුස්සෙචාහං සාරිපුත්ත පජානාමි, මනුස්සලොකගාමිඤ්ච මග්ගං, මනුස්සලොකගාමිනිඤ්ච පටිපදං. යථා පටිපන්නො ච කායස්ස භෙදා පරම්මරණා මනුස්සෙසු උපපජ්ජති, තඤ්ච පජානාමි. දෙවෙ චාහං සාරිපුත්ත පජානාමි. දෙවලොකගාමිඤ්ච මග්ගං, දෙවලොකගාමිනිඤ්ච පටිපදං. යථා පටිපන්නො ච කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජති, තඤ්ච පජානාමි–
Sinhala BJT34. ශාරිපුත්‍රය, මේ ගති පසෙකි. කවර පසෙක් ද යත්: නරකය, තිරිසන් යෝනිය, ප්‍රේතවිෂය ය, මනුෂ්‍යයෝ ය, දෙවියෝ ය. ශාරිපුත්‍රය, මම නිරයත් නිරයගාමී මාර්‍ගයත් නිරයගාමී ප්‍රතිපදාවත් දනිමි. යම්සේ පිළිපන්නේත් කාබුන් මරණින් මතු සැපයෙන් පහ වූ දුකෙහි පිහිට වූ විවස ව පතිත වන නිරයෙහි උපදී ද, එය ද දනිමි. ශාරිපුත්‍රය, මම තිරිසන් යෝනිය ද තිරිසන් යෝනියට යන මාර්‍ගය ද තිරිසන් යෝනියට යන ප්‍රතිපදාව ද දනිමි. යම්සේ පිළිපන්නේත් කාබුන් මරණින් මතු තිරිසන් යෝනියෙහි උපදී ද, එය ද දනිමි. ශාරිපුත්‍රය, මම ප්‍රේතවිෂය ද ප්‍රේතවිෂයයට යන මාර්‍ගය ද ප්‍රේතවිෂයයට යන ප්‍රතිපදාව ද දනිමි. යම්සේ පිළිපන්නේත් කාබුන් මරණින් මතු ප්‍රේතවිෂයයෙහි උපදී ද, එය ද දනිමි. ශාරිපුත්‍රය, මම මනුෂ්‍යයනුත් මනුෂ්‍යලෝකයට යන මාර්‍ගයත් මනුෂ්‍යලෝකයට යන ප්‍රතිපදාවත් දනිමි. යම් සේ පිළිපන්නේත් කාබුන් මරණින් මතු මනුෂ්‍යයන් විෂයෙහි උපදී ද, එය ද දනිමි. ශාරිපුත්‍රය, මම දෙවියන් ද දෙවලොකයට යන මාර්‍ගයත් දෙවලොකයට යන ප්‍රතිපදාව ද දනිමි. යම්සේ පිළිපන්නේත් කාබුන් මරණින් මතු සුගති නම් ස්වර්‍ගලෝකයෙහි උපදී ද, එය ද දනිමි.
Pali BJTනිබ්බානඤ්චාහං සාරිපුත්ත පජානාමි නිබ්බානගාමිඤ්ච මග්ගං නිබ්බානගාමිනිඤ්ච පටිපදං. යථා පටිපන්නො ච ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරති, තඤ්ච පජානාමි.
Sinhala BJTශාරිපුත්‍රය, මම ගතිනිස්සරණය වූ නිවන ද නිවනට යන මාර්‍ගය ද නිවනට යන ප්‍රතිපදාව ද දනිමි. යම්සේ පිළිපන්නේත් ආස්‍රවයන්ගේ ක්‍ෂය කිරීමෙන් නිරාස්‍රව වූ චේතෝවිමුක්තිය ද ප්‍රඥාවිමුක්තිය ද ඉහාත්මයේ දී ම තමා විසින් විශිෂ්ටඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට එයට පැමිණ වාසය කෙරේ ද, එය ද දනිමි.
Pali BJT35. ඉධාහං සාරිපුත්ත එකච්චං පුග්ගලං එවං චෙතසා චෙතො පරිච්ච පජානාමි: තථායං පුග්ගලො පටිපන්නො තථා ච ඉරීයති තඤ්ච මග්ගං සමාරූළ්හො යථා කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජිස්සතීති. තමෙනං පස්සාමි අපරෙන සමයෙන දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන අතික්කන්තමානුසකෙන කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපන්නං එකන්තදුක්ඛා තිප්පා කටුකා වෙදනා වෙදියමානං. සෙය්යථාපි සාරිපුත්ත අඞ්ගාරකාසු සාධිකපොරිසා පූරඞ්ගාරානං වීතච්චිකානං වීතධූමානං, අථ පුරිසො ආගච්ඡෙය්ය ඝම්මාභිතත්තො ඝම්මපරෙතො කිලන්තො තසිතො පිපාසිතො එකායනෙන මග්ගෙන තමෙව අඞ්ගාරකාසුං පණිධාය. තමෙනං චක්ඛුමා පුරිසො දිස්වා එවං වදෙය්ය: තථායං භවං පුරිසො පටිපන්නො තථා ච ඉරීයති තඤ්ච මග්ගං සමාරූළ්හො යථා ඉමං යෙව අඞ්ගාරකාසුං ආගමිස්සතීති. තමෙනං පස්සෙය්ය අපරෙන සමයෙන තස්සා අඞ්ගාරකාසුයා පතිතං එකන්තදුක්ඛා තිප්පා කටුකා වෙදනා වෙදියමානං. එවමෙව ඛො අහං සාරිපුත්ත ඉධෙකච්චං පුග්ගලං එවං චෙතසා චෙතො පරිච්ච පජානාමි: තථායං පුග්ගලො පටිපන්නො තථා ච ඉරීයති තඤ්ච මග්ගං සමාරූළ්හො යථා කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජිස්සතීති. තමෙනං පස්සාමි අපරෙන සමයෙන දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන අතික්කන්තමානුසකෙන කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපන්නං එකන්තදුක්ඛා තිප්පා කටුකා වෙදනා වෙදියමානං.
Sinhala BJT35. ශාරිපුත්‍රය, මම මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයකු මෙසේ මා සිතින් ඔහු සිත පිරිසිඳ දනිමි: කාබුන් මරණින් මතු අපාය වූ දුර්‍ගති වූ විවස ව පතිත වන නිරයෙහි යම් සේ උපදින්නේ ද, එසේ මේ පුද්ගල තෙමේ පිළිපන්නේය. එසේත් ඉරියවු පවත්වයි. ඒ මාර්‍ගයට ද නැගී සිටියේ යැ යි. පසු කලෙක මිනිසැස ඉක්ම පිරිසිදු වූ දිවැසින් කාබුන් මරණින් මතු සැපයෙන් පහ වූ දුකට පිහිට වූ විවස ව පතිත වන නිරයෙහි උපන් ඒකාන්තයෙන් දුක් වූ තියුණු වූ රළු වේදනා විඳින ඒ මේ පුද්ගලයා දකිමි. ශාරිපුත්‍රය, පහ වූ ගිනිසිළු ඇති පහ වූ දුම් ඇති ගිනි අඟුරෙන් පිරුණු පුරුෂ ප්‍රමාණයට අධික වූ අඟුරුවළෙක් යම් සේ වේ ද, එකල්හි ග්‍රීෂ්මයෙන් තැවුණු ග්‍රීෂ්මයෙන් පෙළුණු ක්ලාන්ත වූ හටගත් ජලතෘෂ්ණා ඇති හටගත් පවස් ඇති පුරුෂයෙක් ඒ අඟුරුවළ ම උදෙසා ඊට ම වැටී තිබෙන එක ම මගින් එන්නේ නම්, ඇස් ඇති පුරුෂයෙක් ඒ මොහු දැක “මේ පින්වත් පුරුෂ තෙමේ යම් සේ මේ අඟුරු වලට ම එන්නේ ද, එසේ මේ පින්වත් පුරුෂ තෙමේ පිළිපන්නේ ය. එසේ ඉරියවු පවත්වයි. ඒ මාර්‍ගයට ද නැගී සිටියේ යැ” යි මෙසේ කියන්නේ ය. පසු කාලයෙහි ඒ අඟුරුවළට වැටුණු ඒකාන්තයෙන් දුක් වූ තියුණු වූ රළු වූ වේදනා විඳින ඒ මොහු දක්නේ ය. ශාරිපුත්‍රය, මම එපරිද්දෙන් ම මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයකු මෙසේ මාගේ සිතින් ඔහුගේ සිත පිරිසිඳ දනිමි: මේ පුද්ගල තෙමේ යම් සේ කාබුන් මරණින් මතු සැපයෙන් පහ වූ දුකට පිහිට වූ විවස ව පතිත වන නිරයෙහි උපදින්නේ ද, එසේ පිළිපන්නේ ය. එසේත් ඉරියවු පවත්වයි. ඒ මාර්‍ගයට ද නැගී සිටියේ යැයි. පසු කලෙක මිනිසැස ඉක්ම දිවැසින් කාබුන් මරණින් මතු සැපයෙන් පහ වූ දුකට පිහිට වූ විවස ව පතිත වන නිරයෙහි උපන් ඒකාන්තයෙන් දුක් වූ තියුණු වූ රළු වූ වේදනා විඳින ඒ මොහු දකිමි.
Pali BJT36. ඉධ පනාහං සාරිපුත්ත එකච්චං පුග්ගලං එවං චෙතසා චෙතො පරිච්ච පජානාමි: ‘තථායං පුග්ගලො පටිපන්නො තථා ච ඉරීයති තඤ්ච මග්ගං සමාරූළ්හො යථා කායස්ස භෙදා පරම්මරණා තිරච්ඡානයොනිං උපපජ්ජිස්සතීති. තමෙනං පස්සාමි අපරෙන සමයෙන දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන අතික්කන්තමානුසකෙන කායස්ස භෙදා පරම්මරණා තිරච්ඡානයොනිං උපපන්නං දුක්ඛා තිප්පා කටුකා වෙදනා වෙදියමානං. සෙය්යථාපි සාරිපුත්ත ගූථකූපො සාධිකපොරිසො පූරො ගූථස්ස. අථ පුරිසො ආගච්ඡෙය්ය ඝම්මාභිතත්තො ඝම්මපරෙතො කිලන්තො තසිතො පිපාසිතො එකායනෙන මග්ගෙන තමෙව ගූථකූපං පණිධාය. තමෙනං චක්ඛුමා පුරිසො දිස්වා එවං වදෙය්ය: තථායං භවං පුරිසො පටිපන්නො තථා ච ඉරීයති තඤ්ච මග්ගං සමාරූළ්හො යථා ඉමං යෙව ගූථකූපං ආගමිස්සතීති. තමෙනං පස්සෙය්ය අපරෙන සමයෙන තස්මිං ගූථකූපෙ පතිතං දුක්ඛා තිප්පා කටුකා වෙදනා වෙදියමානං.–
Sinhala BJT36. ශාරිපුත්‍රය, මම මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයකු මෙසේ මාගේ සිතින් ඔහුගේ සිත පිරිසිඳ දනිමි. මේ පුද්ගල තෙමේ යම්සේ කාබුන් මරණින් මතු තිරිසන් යෝනියෙහි උපදින්නේ ද, එසේ පිළිපන්නේය. එසේ ඉරියවු පවත්වයි. ඒ මාර්‍ගයට ද නැගී සිටියේ යැ යි. පසු කාලයෙහි පිරිසිදු වූ මිනිසැස ඉක්ම දිවැසින් කාබුන් මරණින් මතු තිරිසන් යෝනියෙහි උපන් දුක් වූ තියුණු වූ රළු වූ වේදනා විඳින ඒ මොහු දකිමි. ශාරිපුත්‍රය, පුරුෂප්‍රමාණයට අධික වූ අසූචියෙන් පිරුණු අසූචිවළෙක් යම්සේ වේ ද, එකල්හි ග්‍රීෂ්මයෙන් තැවුණු ග්‍රීෂ්මයෙන් පෙළුණු ක්ලාන්ත වූ හටගත් ජලතෘෂ්ණා ඇති හටගත් පවස් ඇති පුරුෂයෙක් ඊට ම වැටී තිබෙන එක ම මගින් එ ම අසූචි වළ ම උදෙසා එන්නේ නම්, ඇස් ඇති පුරුෂයෙක් ඒ මොහු දැක “මේ පින්වත් පුරුෂ තෙමේ යම් සේ මේ අසූචිවළට එන්නේ ද එසේ පිළිපන්නේය. එසේත් ඉරියවු පවත්වයි. ඒ මාර්‍ගයටද නැගී සිටියේ ය” යි මෙසේ කියන්නේ ය. පසු කලෙක ඒ අසූචිවළෙහි වැටුණු දුක් වූ තියුණු වූ රළු වූ වේදනා විඳින ඒ මොහු දක්නේය.
Pali BJTඑවමෙව ඛො අහං සාරිපුත්ත ඉධෙකච්චං පුග්ගලං එවං චෙතසා චෙතො පරිච්ච පජානාමි: තථායං පුග්ගලො පටිපන්නො තථා ච ඉරීයති, තඤ්ච මග්ගං සමාරූළ්හො, යථා කායස්ස භෙදා පරම්මරණා තිරච්ඡානයොනිං උපපජ්ජිස්සතීති. තමෙනං පස්සාමි අපරෙන සමයෙන දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන අතික්කන්තමානුසකෙන කායස්ස භෙදා පරම්මරණා තිරච්ඡානයොනිං උපපන්නං දුක්ඛා තිප්පා කටුකා වෙදනා වෙදියමානං.
Sinhala BJTශාරිපුත්‍රය, එසේ ම මම මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයකු මෙසේ මාගේ සිතින් ඔහුගේ සිත පිරිසිඳ දනිමි: මේ පුද්ගල තෙමේ යම්සේ කාබුන් මරණින් මතු තිරිසන් යෝනියෙහි උපදින්නේ ද, එසේ පිළිපන්නේ ය. එසේ ඉරියවු පවත්වයි. ඒ මාර්‍ගයට ද නැගී සිටියේ යැයි පිරිසුදු වූ මිනිසැස ඉක්ම දිවැසින් පසු කලෙක කාබුන් මරණින් මතු තිරිසන්යෝනියෙහි උපන් දුක් වූ තියුණු වූ රළු වූ වේදනා විඳින ඒ මොහු දකිමි.
Pali BJT37. ඉධ පනාහං සාරිපුත්ත එකච්චං පුග්ගලං එවං චෙතසා චෙතො පරිච්ච පජානාමි: තථායං පුග්ගලො පටිපන්නො තථා ච ඉරීයති. තඤ්ච මග්ගං සමාරූළ්හො, යථා කායස්ස භෙදා පරම්මරණා පෙත්තිවිසයං උපපජ්ජිස්සතීති. තමෙනං පස්සාමි අපරෙන සමයෙන දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන අතික්කන්තමානුසකෙන කායස්ස භෙදා පරම්මරණා පෙත්තිවිසයං උපපන්නං දුක්ඛබහුලා වෙදනා වෙදියමානං. සෙය්යථාපි සාරිපුත්ත රුක්ඛො විසමෙ භූමිභාගෙ ජාතො තනුපත්තපලාසො කබරච්ඡායො. අථ පුරිසො ආගච්ඡෙය්ය ඝම්මාභිතත්තො ඝම්මපරෙතො කිලන්තො තසිතො පිපාසිතො එකායනෙන මග්ගෙන තමෙව රුක්ඛං පණිධාය. තමෙනං චක්ඛුමා පුරිසො දිස්වා එවං වදෙය්ය: තථායං භවං පුරිසො පටිපන්නො තථා ච ඉරීයති, තඤ්ච මග්ගං සමාරූළ්හො, යථා ඉමං යෙව රුක්ඛං ආගමිස්සතීති. තමෙනං පස්සෙය්ය අපරෙන සමයෙන තස්ස රුක්ඛස්ස ඡායාය නිසින්නං වා නිපන්නං වා දුක්ඛබහුලා වෙදනා වෙදියමානං. එවමෙව ඛො අහං සාරිපුත්ත ඉධෙකච්චං පුග්ගලං එවං චෙතසා චෙතො පරිච්ච පජානාමි: තථායං පුග්ගලො පටිපන්නො තථා ච ඉරීයති, තඤ්ච මග්ගං සමාරූළ්හො, යථා කායස්ස භෙදා පරම්මරණා පෙත්තිවිසයං උපපජ්ජිස්සතීති. තමෙනං පස්සාමි අපරෙන සමයෙන දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන අතික්කන්තමානුසකෙන කායස්ස භෙදා පරම්මරණා පෙත්තිවිසයං උපපන්නං දුක්ඛබහුලා වෙදනා වෙදියමානං.
Sinhala BJT37. ශාරිපුත්‍රය, මම මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයකු මෙසේ මාගේ සිතින් ඔහු සිත පිරිසිඳ දනිමි: මේ පුද්ගල තෙම යම් සේ කාබුන් මරණින් මතු ප්‍රේතවිෂයයෙහි උපදින්නේ ද, එසේ පිළිපන්නේය. එසේ ඉරියවු පවත්වයි. ඒ මාර්‍ගයට ද නැගී සිටියේ යැ යි. පසු කාලයෙහි පිරිසිදු වූ මිනිසැස ඉක්ම දිවැසින් කාබුන් මරණින් මතු ප්‍රේතවිෂයයෙහි උපන් දුක් බහුල වේදනා විඳින ඒ මොහු දකිමි. ශාරිපුත්‍රය, විෂමභූමියෙක හටගත් තුනී කොළ පත් ඇති විරල සෙවණ ඇති රුකෙක් යම් සේ වේ ද, එකල්හි ග්‍රීෂ්මයෙන් ඉතා තැවුණු ග්‍රීෂ්මයෙන් පෙළුණු ක්ලාන්ත වූ හටගත් ජලතෘෂ්ණා ඇති හටගත් පවස් ඇති පුරුෂයෙක් ඊට ම වැටී තිබෙන එකම මගින් ඒ රුකම උදෙසා එන්නේ නම්, ඇස් ඇති පුරුෂයෙක් ඒ මොහු දැක “මේ පින්වත් පුරුෂ තෙමේ යම සේ මේ රුක කරා එන්නේ ද එසේ පිළිපන්නේය. එසේත් ඉරියවු පවත්වයි. ඒ මාර්‍ගයටද නැගී සිටියේ යැ”යි මෙසේ කියන්නේ ය. පසු කලෙක ඒ රුක් සෙවණේ හුන්නා වූ හෝ හොත්තා වූ හෝ දුක් බහුල වේදනා විඳින ඒ මොහු දක්නේය. ශාරිපුත්‍රය, එසේ ම මම මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයකු මෙසේ මාගේ සිතින් ඔහුගේ සිත පිරිසිඳ දනිමි. මේ පුද්ගල තෙමේ කාබුන් මරණින් මතු ප්‍රේතවිෂයයෙහි උපදින්නේ ද, එසේ පිළිපන්නේ ය. එසේත් ඉරියවු පවත්වයි. ඒ මාර්‍ගයට ද නැගී සිටියේ යැයි පිරිසුදු වූ මිනිසැස ඉක්ම දිවැසින් පසු කලෙක කාබුන් මරණින් මතු ප්‍රේතවිෂයයෙහි උපන් දුක් බහුල වේදනා විඳින ඒ මොහු දකිමි.
Pali BJT38. ඉධ පනාහං සාරිපුත්ත එකච්චං පුග්ගලං එවං චෙතසා චෙතො පරිච්ච පජානාමි: තථායං පුග්ගලො පටිපන්නො තථා ච ඉරීයති, තඤ්ච මග්ගං සමාරූළ්හො, යථා කායස්ස භෙදා පරම්මරණා මනුස්සෙසු උපපජ්ජිස්සතීති. තමෙනං පස්සාමි අපරෙන සමයෙන දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන අතික්කන්තමානුසකෙන කායස්ස භෙදා පරම්මරණා මනුස්සෙසු උපපන්නං සුඛබහුලා වෙදනා වෙදියමානං. සෙය්යථාපි සාරිපුත්ත රුක්ඛො සමෙ භූමිභාගෙ ජාතො බහලපත්තපලාසො සන්දච්ඡායො, අථ පුරිසො ආගච්ඡෙය්ය ඝම්මාභිතත්තො ඝම්මපරෙතො කිලන්තො තසිතො පිපාසිතො එකායනෙන මග්ගෙන තමෙව රුක්ඛං පණිධාය. තමෙනං චක්ඛුමා පුරිසො දිස්වා එවං වදෙය්ය: තථායං භවං පුරිසො පටිපන්නො තථා ච ඉරීයති, තඤ්ච මග්ගං සමාරූළ්හො, යථා ඉමං යෙව රුක්ඛං ආගමිස්සතීති. තමෙනං පස්සෙය්ය අපරෙන සමයෙන තස්ස රුක්ඛස්ස ඡායාය නිසින්නං වා නිපන්නං වා සුඛබහුලා වෙදනා වෙදියමානං–
Sinhala BJT38. ශාරිපුත්‍රය, මම මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයකු මෙසේ මා සිතින් ඔහුගේ සිත පිරිසිඳ දනිමි: මේ පුද්ගල තෙම යම් සේ කාබුන් මරණින් මතු මනුෂ්‍යයන් විෂයයෙහි උපදින්නේ ද, එසේ පිළිපන්නේය. එසේත් ඉරියවු පවත්වයි. ඒ මාර්‍ගයට ද නැගී සිටියේ යැ යි. පසු කාලයෙහි පිරිසිදු වූ මිනිසැස ඉක්ම දිවැසින් කාබුන් මරණින් මතු මනුෂ්‍යයන් විෂයයෙහි උපන් සැප බහුල වේදනා විඳින ඒ මොහු දකිමි. ශාරිපුත්‍රය, සමභූමිභාගයෙහි හටගත් බොල් කොළ පත් ඇති ගන සෙවණ ඇති රුකෙක් යම් සේ වේ ද, එකල්හි ග්‍රීෂ්මයෙන් ඉතා තැවුණු පවස් ඇති පුරුෂයෙක් ඊට ම වැටී තිබෙන එකම මගින් ඒ රුක ම උදෙසා එන්නේ නම්, ඇස් ඇති පුරුෂයෙක් ඒ මොහු දැක “මේ පින්වත් පුරුෂ තෙමේ යම් සේ මේ රුක කරා එන්නේ ද එසේ පිළිපන්නේය. එසේත් ඉරියවු පවත්වයි. ඒ මාර්‍ගයටද නැගී සිටියේ ය”යි මෙසේ කියන්නේ ය. පසු කලෙක ඒ රුක් සෙවණේ හුන්නා වූ හෝ හොත්තා වූ හෝ සැප බහුල වේදනා විඳින ඒ මොහු දක්නේය.
Pali BJTඑවමෙව ඛො අහං සාරිපුත්ත ඉධෙකච්චං පුග්ගලං එවං චෙතසා චෙතො පරිච්ච පජානාමි: තථායං පුග්ගලො පටිපන්නො තථා ච ඉරීයති, තඤ්ච මග්ගං සමාරූළ්හො, යථා කායස්ස භෙදා පරම්මරණා මනුස්සෙසු උපපජ්ජිස්සතීති. තමෙනං පස්සාමි අපරෙන සමයෙන දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන අතික්කන්තමානුසකෙන කායස්ස භෙදා පරම්මරණා මනුස්සෙසු උපපන්නං සුඛබහුලා වෙදනා වෙදියමානං.
Sinhala BJTශාරිපුත්‍රය, එසේ ම මම මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයකු මෙසේ මාගේ සිතින් ඔහුගේ සිත පිරිසිඳ දනිමි: මේ පුද්ගල තෙමේ යම්සේ කාබුන් මරණින් මතු මනුෂ්‍යයන් විෂයයෙහි උපදින්නේ ද, එසේ පිළිපන්නේ ය. එසේත් ඉරියවු පවත්වයි. ඒ මාර්‍ගයට ද නැගී සිටියේ යයි. පසු කලෙක පිරිසුදු වූ මසැස ඉක්මි දිවැසින් කාබුන් මරණින් මතු මනුෂ්‍යයන් විෂයයෙහි උපන් සැප බහුල වේදනා විඳින ඒ මොහු දකිමි.
Pali BJT39. ඉධ පනාහං සාරිපුත්ත එකච්චං පුග්ගලං එවං චෙතසා චෙතො පරිච්ච පජානාමි: තථායං පුග්ගලො පටිපන්නො තථා ච ඉරීයති, තඤ්ච මග්ගං සමාරූළ්හො, යථා කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජිස්සතීති. තමෙනං පස්සාමි අපරෙන සමයෙන දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන අතික්කන්තමානුසකෙන කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපන්නං එකන්තසුඛා වෙදනා වෙදියමානං. සෙය්යථාපි සාරිපුත්ත පාසාදො, තත්රාස්ස කූටාගාරං උල්ලිත්තාවලිත්තං නිවාතං ඵුස්සිතග්ගළං පිහිතවාතපානං. තත්රස්ස පල්ලඞ්කො ගොනකත්ථතො පටිකත්ථතො පටලිකත්ථතො කාදලිමිගපවරපච්චත්ථරණො සඋත්තරච්ඡදො උභතොලොහිත කූපධානො. අථ පුරිසො ආගච්ඡෙය්ය ඝම්මාභිතත්තො ඝම්මපරෙතො කිලන්තො තසිතො පිපාසිතො එකායනෙන මග්ගෙන තමෙව පාසාදං පණිධාය. තමෙනං චක්ඛුමා පුරිසො දිස්වා එවං වදෙය්ය: තථායං භවං පුරිසො පටිපන්නො තථා ච ඉරීයති, තඤ්ච මග්ගං සමාරූළ්හො, යථා ඉමංයෙව පාසාදං ආගමිස්සතීති. තමෙනං පස්සෙය්ය, අපරෙන සමයෙන තස්මිං පාසාදෙ තස්මිං කූටාගාරෙ තස්මිං පල්ලඞ්කෙ නිසින්නං වා නිපන්නං වා එකන්තසුඛා වෙදනා වෙදියමානං. එවමෙව ඛො අහං සාරිපුත්ත ඉධෙකච්චං පුග්ගලං එවං චෙතසා චෙතො පරිච්ච පජානාමි: තථායං පුග්ගලො පටිපන්නො තථා ච ඉරීයති. තඤ්ච මග්ගං සමාරූළ්හො, යථා කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජිස්සතීති. තමෙනං පස්සාමි අපරෙන සමයෙන දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන අතික්කන්තමානුසකෙන කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපන්නං එකන්තසුඛා වෙදනා වෙදියමානං.
Sinhala BJT39. ශාරිපුත්‍රය, මම මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයකු මෙසේ මාගේ සිතින් ඔහුගේ සිත පිරිසිඳ දනිමි: මේ පුද්ගල තෙම යම් සේ කාබුන් මරණින් මතු සුගති නම් වූ ස්වර්‍ගලෝකයෙහි උපදින්නේ ද, එසේ පිළිපන්නේය. එසේත් ඉරියවු පවත්වයි. ඒ මාර්‍ගයට ද නැගී සිටියේ යැයි. පසු කාලයෙහි පිරිසිදු වූ මිනිසැස ඉක්ම දිවැසින් කාබුන් මරණින් මතු සුගති නම් වූ ස්වර්‍ගලෝකයෙහි උපන් ඒකාන්තයෙන් සැප වූ වේදනා විඳින ඒ මොහු දකිමි. ශාරිපුත්‍රය, යම් සේ ප්‍රාසාදයෙක් වේ ද, එහි ඇතුළත පිටත අලෙවු දුන් වැළහු වා ඇති පැහැසු අගුළු ඇති, යෙදූ වාකවුළු ඇති කුළුගෙයක් වන්නේ ද, එහි අතුළ කොඳු පලස් ඇති අතුළ සුදු එළුලොම් පලස් ඇති අතුළ ඝනපුප් එළුලොම් පලස් ඇති අතුළ කෙහෙල්මුව සමින් කල උතුම් පසතුරුණු ඇති බැඳි රතු උඩුවියන් ඇති දෙපස තැබූ ලේවන් කන්වයින් ඇති පලඟෙක් වන්නේ ද, එකල්හි ග්‍රීෂ්මයෙන් ඉතා තැවුණු ග්‍රීෂ්මයෙන් පෙළුණු ක්ලාන්ත වූ හටගත් ජලතෘෂ්ණා ඇති හටගත් පවස් ඇති පුරුෂයෙක් ඊට ම වැටී තිබෙන එකම මගින් ඒ ප්‍රාසාදයම උදෙසා එන්නේ නම්, ඇස් ඇති පුරුෂයෙක් ඒ මොහු දැක “මේ පින්වත් පුරුෂ තෙමේ යම සේ මේ ප්‍රසාදය කරා එන්නේ ද, එසේ පිළිපන්නේය. එසේත් ඉරියවු පවත්වයි. ඒ මාර්‍ගයටද නැගී යේ යැ”යි මෙසේ කියන්නේ ද, පසු කලෙක ඒ ප්‍රාසාදයෙහි ඒ කුළුගෙයි ඒ පලඟෙහි හුන්නා වූ හෝ හොත්තා වූ හෝ ඒකාන්තයෙන් සැප වේදනා විඳින ඒ මොහු දකී ද. ශාරිපුත්‍රය, එසේ ම මම මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයකු මෙසේ මාගේ සිතින් ඔහුගේ සිත පිරිසිඳ දනිමි: මේ පුද්ගල තෙමේ යම්සේ කාබුන් මරණින් මතු සුගති නම් වූ ස්වර්‍ගලෝකයෙහි උපදින්නේ ද, එසේ පිළිපන්නේ ය. එසේත් ඉරියවු පවත්වයි. ඒ මාර්‍ගයට ද නැගී සිටියේ යැයි. පසු කලෙක පිරිසුදු වූ මිනිසැස ඉක්මි දිවැසින් කාබුන් මරණින් මතු සුගති නම් වූ ස්වර්‍ගලෝකයෙහි උපන් ඒකාන්ත සැප වේදනා විඳින ඒ මොහු දකිමි.
Pali BJT40. ඉධ පනාහං සාරිපුත්ත එකච්චං පුග්ගලං එවං චෙතසා චෙතො පරිච්ච පජානාමි: තථායං පුග්ගලො පටිපන්නො තථා ච ඉරීයති තඤ්ච මග්ගං සමාරූළ්හො, යථා ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරිස්සතීති. තමෙනං පස්සාමි අපරෙන සමයෙන ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරන්තං, එකන්තසුඛා වෙදනා වෙදියමානං.–
Sinhala BJT40. ශාරිපුත්‍රය, මම මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයකු මෙසේ මාගේ සිතින් ඔහුගේ සිත පිරිසිඳ දනිමි: මේ පුද්ගල තෙමේ යම්සේ ආස්‍රවයන් ක්‍ෂයයෙන් ආස්‍රව රහිත වූ අර්‍හත්ඵල සමාධිය ද අර්‍හත්ඵල ප්‍රඥාව ද තමා විසින් ඉහාත්මයේ දී ම විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට එයට පැමිණ වාසය කරන්නේ ද, එසේ පිළිපන්නේය. එසේත් ඉරියවු පවත්වයි. ඒ මාර්‍ගයට ද නැගී සිටියේ යැ යි. පසු කලෙක ආස්‍රවයන්ගේ ක්‍ෂය කිරීමෙන් ආස්‍රව රහිත වූ අර්‍හත්ඵල සමාධිය ද අර්‍හත්ඵල ප්‍රඥාව ද තමා විසින් ඉහාත්මයේ දී ම විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට එයට පැමිණ වාසය කරන ඒකාන්ත සැප වේදනා විඳින ඒ මොහු දකිමි.
Pali BJTසෙය්යථාපි සාරිපුත්ත පොක්ඛරණී අච්ඡොදිකා සාතොදිකා සීතොදිකා සෙතකා සුපතිත්ථා රමණීයා. අවිදූරෙ චස්සා තීරෙ වනසණ්ඩො, අථ පුරිසො ආගච්ඡෙය්ය ඝම්මාභිතත්තො ඝම්මපරෙතො කිලන්තො තසිතො පිපාසිතො එකායනෙන මග්ගෙන තමෙව පොක්ඛරණිං පණිධාය. තමෙනං චක්ඛුමා පුරිසො දිස්වා එවං වදෙය්ය: තථායං භවං පුරිසො පටිපන්නො තථා ච ඉරීයති, තඤ්ච මග්ගං සමාරූළ්හො, යථා ඉමංයෙව පොක්ඛරණිං ආගමිස්සතීති. තමෙනං පස්සෙය්ය අපරෙන සමයෙන තං පොක්ඛරණිං ඔගාහෙත්වා නහායිත්වා පීත්වා ච සබ්බදරථකිලමථපරිළාහං පටිප්පස්සම්භෙත්වා පච්චුත්තරිත්වා තස්මිං වනසණ්ඩෙ නිසින්නං වා නිපන්නං වා එකන්තසුඛා වෙදනා වෙදියමානං. එවමෙව ඛො අහං සාරිපුත්ත ඉධෙකච්චං පුග්ගලං එවං චෙතසා චෙතො පරිච්ච පජානාමි: තථායං පුග්ගලො පටිපන්නො තථා ච ඉරීයති, තඤ්ච මග්ගං සමාරූළ්හො, යථා ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරිස්සතීති. තමෙනං පස්සාමි අපරෙන සමයෙන ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරන්තං, එකන්තසුඛා වෙදනා වෙදියමානං. ඉමා ඛො සාරිපුත්ත පඤ්ච ගතියො.
Sinhala BJTශාරිපුත්‍රය, පහන් දිය ඇති මිහිරි දිය ඇති සිහිල් දිය ඇති සුදු වැලිතලා ඇති මනා ව පිහිටි තොට ඇති සිත්කලු පොකුණෙක් යම සේ වේ ද, එයට නුදුරෙහි ඝන වන ලැහැබක් වේ ද, එකල්හි ග්‍රීෂ්මයෙන් පෙළුණු ක්ලාන්ත වූ හටගත් ජලතෘෂ්ණා ඇති හටගත් පවස් ඇති පුරුෂයෙක් ඊට ම යන එකම මගින් ඒ පොකුණ ම උදෙසා එන්නේ නම්, ඇස් ඇති පුරුෂයෙක් ඒ මොහු දැක “මේ පින්වත් පුරුෂ තෙම යම් සේ මේ පොකුණ කරා එන්නේ ද, එසේ පිළිපැන්නේය. එසේ ඉරියවු පවත්වයි. ඒ මාර්‍ගයට ද නැගී සිටියේ යැ” යි මෙසේ කියන්නේය. පසු කලෙක ඒ පොකුණට බැස ස්නානය කොට පැන් බී සියලු වෙහෙස විඩා දැවිලි සන්හිඳුවා ඉන් ගොඩ නැගී ඒ වන ලැහැබෙහි හුන්නා වූ හෝ හොත්තා වූ හෝ ඒකාන්ත සැප වේදනා විඳින ඒ මොහු දක්නේ ද, ශාරිපුත්‍රය, එසේම මම මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයකු මෙසේ මාගේ සිතින් ඔහුගේ සිත පිරිසිඳ දනිමි: “මේ පුද්ගල තෙමේ යම්සේ ආස්‍රවයන් ක්‍ෂය කිරීමෙන් ආස්‍රව රහිත වූ අර්‍හත්ඵල සමාධිය ද අර්‍හත්ඵල ප්‍රඥාව ද තමා විසින් ඉහාත්මයේ දී ම තෙමේ විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට එයට පැමිණ වාසය කරන්නේ ද, එසේ පිළිපන්නේය. එසේත් ඉරියවු පවත්වයි. ඒ මාර්‍ගයට ද නැගී සිටියේ යැ” යි. පසු කලෙක ආස්‍රව රහිත වූ අර්‍හත්ඵල සමාධිය ද අර්‍හත්ඵල ප්‍රඥාව ද ඉහාත්මයේ දී ම විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට එයට පැමිණ වාසය කරන ඒකාන්ත සැප වේදනා විඳින ඒ මොහු දකිමි. ශාරිපුත්‍රය,මේ පස් ගතීහු යි.
Pali BJT41. යො ඛො මං සාරිපුත්ත එවං ජානන්තං එවං පස්සන්තං එවං වදෙය්ය: “නත්ථි සමණස්ස ගොතමස්ස උත්තරිමනුස්සධම්මා අලමරියඤාණදස්සනවිසෙසො. තක්කපරියාහතං සමණො ගොතමො ධම්මං දෙසෙති වීමංසානුචරිතං සයංපටිභානන්ති.” තං සාරිපුත්ත වාචං අප්පහාය තං චිත්තං අප්පහාය තං දිට්ඨිං අප්පටිනිස්සජ්ජිත්වා යථාභතං නික්ඛිත්තො එවං නිරයෙ. සෙය්යථාපි සාරිපුත්ත භික්ඛු සීලසම්පන්නො සමාධිසම්පන්නො පඤ්ඤාසම්පන්නො දිට්ඨෙව ධම්මෙ අඤ්ඤං ආරාධෙය්ය, එවං සම්පදමිදං සාරිපුත්ත වදාමි: තං වාචං අප්පහාය තං චිත්තං අප්පහාය තං දිට්ඨිං අප්පටිනිස්සජ්ජිත්වා යථාභතං නික්ඛිත්තො එවං නිරයෙ.
Sinhala BJT41. ශාරිපුත්‍රය, යමෙක් මෙසේ දන්නා වූ මෙසේ දක්නා වූ මට “ශ්‍රමණ ගෞතමයාහට මිනිස් දහමින් වැඩි ආර්‍ය්‍යභාවය කිරීමට සමර්‍ත්‍ථ ඥානදර්‍ශන විශේෂයෙක් නැත. ශ්‍රමණ ගෞතම තෙමේ තර්‍ක හා ගැටුණු විමසීමෙන් එළවාගත් ධර්‍මයක් තමාට වැටහුණු සේ දේශනා කෙරේ ය” යි මෙසේ කියන්නේ නම්, ශාරිපුත්‍රය, ඒ කීම නො හැර ඒ සිත නො හැර ඒ දෘෂ්ටිය බැහැර නොකොට සිටි හේ ගෙනවුත් තැබුවෙකු සේ නරකයෙහි උපදනේ වේ. ශාරිපුත්‍රය, ශීලයෙන් යුක්ත වූ සමාධියෙන් යුක්ත වූ ප්‍රඥාවෙන් යුක්ත වූ මහණෙක් ඉහාත්මයේ දී ම අර්‍හත්‍වයට යම්සේ පැමිණෙන්නේ ද, ශාරිපුත්‍රය, ඒ කීම නොහැර ඒ සිත නොහැර ඒ දෘෂ්ටිය බැහැර නොකොට සිටි හේ ගෙන එන ලද්දක් තබන්නා සේ නිරයෙහි උපදනේ යැ යන මේ කාරණය ද එසේ යැ යි කියමි.
Pali BJT42. අභිජානාමි ඛො පනාහං සාරිපුත්ත චතුරඞ්ගසමන්නාගතං බ්රහ්මචරියං චරිතා: තපස්සිස්සුදං හොමි පරමතපස්සී. ලූඛස්සුදං හොමි පරමලූඛො. ජෙගුච්ඡී සුදං හොමි පරමජෙගුච්ඡී. පවිවිත්තස්සුදං හොමි පරමපවිවිත්තො.
Sinhala BJT42. ශාරිපුත්‍රය, මම අඞ්‍ග සතරෙකින් යුක්ත වූ බඹසර හෙවත් වීර්‍ය්‍යය කෙළෙමි යි දනිමි: තපස් ඇත්තෙම් තපස් ඇත්තවුන් අතුරෙන් උතුම් වෙමි. රළු පිළිවෙත් ඇත්තෙම් රළු පිළිවෙත් ඇත්තවුන් අතුරෙන් උතුම් වෙමි. පාපයට පිළිකුල් කරන්නෙම් පාපයට පිළිකුල් කරන්නවුන් අතුරෙන් උතුම් වෙමි. ප්‍රකර්‍ෂවිවේක ඇත්තෙම් ප්‍රකර්‍ෂවිවේක ඇත්තවුන් අතුරෙන් උතුම් වෙමි.
Pali BJT43. තත්රස්සු මෙ ඉදං සාරිපුත්ත තපස්සිතාය හොති: අචෙලකො හොමි මුත්තාචාරො හත්ථාපලෙඛනො, න එහිභද්දන්තිකො න තිට්ඨභද්දන්තිකො. න අභිහටං න උද්දිස්ස කටං න නිමන්තනං සාදියාමි. සො න කුම්භිමුඛා පතිගණ්හාමි, න කළොපිමුඛා පතිගණ්හාමි, න එළකමන්තරං න දණ්ඩමන්තරං න මුසලමන්තරං, න ද්වින්නං භුඤ්ජමානානං, න ගබ්භිනියා, න පායමානාය, න පුරිසන්තරගතාය, න සඞ්කිත්තීසු, න යත්ථ සා උපට්ඨිතො හොති, න යත්ථ මක්ඛිකා සණ්ඩසණ්ඩචාරිනී, න මච්ඡං න මංසං, න සුරං න මෙරයං න ථුසොදකං පිවාමි.
Sinhala BJT43. ශාරිපුත්‍රය, (මේ මතු පැවසෙන අචේලකත්‍වාදිය) මාගේ තපස් බව වෙයි: නග්න වූයෙම් හල ශිෂ්ටකුලාචාර ඇත්තෙම් අත ලොවින්නෙම් නොහොත් මල පහ කොට අතින් පිස දමන්නෙම් වෙමි. ආහාර ගැනීම සඳහා එන්න වහන්සැ යි, සිටින්න වහන්සැ යි කියන ලද්ද නො පිළිගන්නෙමි. පළමු ගොට ගෙනෙන ලද්ද උදෙසා කරන ලද්ද නිමැතූ භික්‍ෂාව ද නො ඉවසමි. ඒ මම කළමුවින් නගා දෙන දෙය නොපිළිගනිමි. සැළිමුවින් නඟා දෙන දෙය, එළිපත අතර කොට සිට දෙන දෙය, දණ්ඩක් අතර කොට සිට දෙන දෙය, මොහොලක් අතර කොට සිට දෙන දෙය, අනුභව කරන්නවුන් දෙදෙනකුන්ගෙන් එකකු අවුත් දෙන දෙය, ගැබිනිය විසින් දෙන දෙය, කිරි පොවන්නිය විසින් දෙන දෙය, නොපිළිගනිමි. පුරුෂයා වෙත ගිය තැනැත්තිය විසින් දෙන දෙය, සම්මාදම් කළ දෙයින් දෙන දෙය, යම් තැනෙක බල්ලෙක් පැමිණ සිටියේ නම්, ඔහුට නො දී දෙන දෙය යම් තැනෙක මැස්සෝ කැටි කැටි ව හැසිරෙත් ද එහිදී දෙන දෙය නොපිළිගනිමි. දියමස් නො වළඳමි. ගොඩමස් නො වළඳමි. සුරා නො බොමි. පුෂ්පාසවය නො බොමි. ලෝණසෝවීකරය (= සියලු සස්‍යාදිය පල්කොට ගත් කාඩිදිය) නො බොමි.
Pali BJTසො එකාගාරිකො වා හොමි එකාලොපිකො, ද්වාගාරිකො වා හොමි ද්වාලොපිකො, සත්තාගාරිකො වා හොමි සත්තාලොපිකො. එකිස්සාපි දත්තියා යාපෙමි. ද්වීහිපි දත්තීහි යාපෙමි. සත්තහිපි දත්තීහි යාපෙමි. එකාහිකම්පි ආහාරං ආහාරෙමි. ද්වීහිකම්පි ආහාරං ආහාරෙමි. සත්තාහිකම්පි ආහාරං ආහාරෙමි. ඉති එවරූපං අද්ධමාසිකම්පි පරියායභත්තභොජනානුයොගමනුයුත්තො විහරාමි.
Sinhala BJTමම පිඬු පිණිස එක ම ගෙයක් පමණ කොට ගත්තෙම් වෙමි. එක ම පිඬෙකින් යැපෙන්නෙම් වෙමි. පිඬු පිණිස ගෙවල් දෙකක් පමණ කොට ගත්තෙම් වෙමි. පිඬු දෙකකින් යැපෙන්නෙම් වෙමි. පිඬු පිණිස ගෙවල් සතක් පමණ කොට ගත්තෙම් වෙමි. පිඬු සතකින් යැපෙන්නෙම් වෙමි. එක් කුඩා බත්තැටියකින් බත්තැටි දෙකෙකින් බත්තැටි සතෙකින් ද යැපෙමි. දවසකට වරක් දෙදවසකට වරක් සත් දවසකට වරක් ආහාර ගනිමි. මෙසේ මෙලෙසින් අඩමසකට වරක් දැයි වාර වශයෙන් බත් බුදීමෙහි යෙදුනෙම් වාසය කරමි.
Pali BJTසො සාකභක්ඛො වා හොමි, සාමාකභක්ඛො වා හොමි, නීවාරභක්ඛො වා හොමි, දද්දුලභක්ඛො වා හොමි, හටභක්ඛො වා හොමි, කණභක්ඛො වා හොමි, ආචාමභක්ඛො වා හොමි, පිඤ්ඤාකභක්ඛො වා හොමි, තිණභක්ඛො වා හොමි, ගොමයභක්ඛො වා හොමි. වනමූලඵලාහාරො වා යාපෙමි පවත්තඵලභොජී.
Sinhala BJTඒ මම අමු පලා බුදින්නෙම් හෝ වෙමි. බඩහමු බුදින්නෙම් හෝ වෙමි. ඌරුහැල් බුදින්නෙම් හෝ කපා හළ සම් කසට බුදින්නෙම් හෝ වෙමි. දඹු බත් බුදින්නෙම් හෝ වෙමි. මුරුවට බුදින්නෙම් හෝ වෙමි. තණකොළ බුදින්නෙම් හෝ වෙමි. ගොම බුදින්නෙම් හෝ වෙමි. වනමුල් පල ආහාර කොට ඇත්තෙම් ස්වයංපතිත ඵල බුදින්නෙම් හෝ යැපෙමි.
Pali BJTසො සාණානිපි ධාරෙමි, මසාණානිපි ධාරෙමි, තිරීටානිපි ධාරෙමි, අජිනම්පි ධාරෙමි, අජිනක්ඛිපම්පි ධාරෙමි, කුසචීරම්පි ධාරෙමි, වාකචීරම්පි ධාරෙමි, ඵලකචීරම්පි ධාරෙමි, කෙසකම්බලම්පි ධාරෙමි, වාළකම්බලම්පි ධාරෙමි, උලූකපක්ඛම්පි ධාරෙමි.
Sinhala BJTඒ මම හණ වැහැරිත් දරමි. නන්වැදෑරුම් හූ මුසු කොට වියූ පිළීත් මිනී එතූ පිළීත් දරමි. පවුල් පිළීත් දරමි. රුක්පතුරෙන් කළ පිළී ද දරමි. අඳුන්දිවිසම් ද දරමි. මැදින් පැළූ කුර සහිත අඳුන්මුවසම් ද දරමි. කුසතණවැහැරි ද දරමි. නියදවැහැරි ද දරමි. පුවරුවැහැරි ද දරමි. කෙස්වලින් කළ කම්බිලි ද දරමි. අස්ලොමින් කළ කම්බිලි ද දරමි. බකමුහුණු පියාපතින් කළ වැහැරි ද දරමි.
Pali BJTසො කෙසමස්සුලොචකොපි හොමි කෙසමස්සුලොචනානුයොගමනුයුත්තො. උබ්භට්ඨකොපි{1} හොමි ආසනපටික්ඛිත්තො. උක්කුටිකොපි හොමි. උක්කුටිකප්පධානමනුයුත්තො. කණ්ටකාපස්සයිකො පි හොමි කණ්ටකාපස්සයෙසෙය්යං කප්පෙමි. සායතතියකම්පි උදකොරොහනානුයොගමනුයුත්තො විහරාමි.
Sinhala BJTඒ මම කෙස් රවුලු ඉදිරීම නමැති අනුයෝගයෙහි නැවත නැවත යෙදුනෙම් කේසමසසුලොවක වෙමි. අසුන් පිළිකෙවු කෙළෙමි. උඩුකුරු ව සිටින්නෙම් ද වෙමි. උළුලුයෙන් හිඳීම නමැති උතකුටික වීර්‍ය්‍යයෙන් යුක්ත වූයෙම් උත්කුටුකයෙන් සිටින්නෙම් ද වෙමි. කටුඇතිරියෙහි සක්මන් ආදිය කරන්නෙම් කටු සවි කළ වැතිරෙණ පුවරුවෙහි ශයනය කරමි. සවස තුන්වැනි කොට දියට බැසීම නමැති අනුයෝගයෙහි යෙදුනෙම් වාසය කරමි.
Pali BJTඉති එවරූපං අනෙකවිහිතං කායස්ස ආතාපනපරිතාපනානුයොගමනුයුත්තො විහරාමි. ඉදං සු මෙ සාරිපුත්ත තපස්සිතාය හොති.
Sinhala BJTමෙසේ මෙබඳු නන්වැදෑරුම් සිරුර තැවීමෙහි පෙළීමෙහි හාත්පසින් තැවීමෙහි එක්වන් යෙදුනෙම් වෙසෙමි. ශාරිපුත්‍රය, මේ මාගේ තපස්බව වෙයි.
Pali BJT44. තත්රස්සු මෙ ඉදං සාරිපුත්ත ලූඛස්මිං හොති: නෙකවස්සගණිකං රජොජල්ලං කායෙ සන්නිචිතං හොති පපටිකජාතං. සෙය්යථාපි සාරිපුත්ත තින්දුකඛාණු නෙකවස්සගණිකො සන්නිචිතො හොති පපටිකජාතො, එවමෙවස්සු මෙ සාරිපුත්ත නෙකවස්සගණිකං රජොජල්ලං කායෙ සන්නිචිතං හොති පපටිකජාතං. තස්ස මය්හං සාරිපුත්ත න එවං හොති: අහො වතාහං ඉමං රජොජල්ලං පාණිනා පරිමජ්ජෙය්යං, අඤ්ඤෙ වා පන මෙ ඉමං රජොජල්ලං පාණිනා පරිමජ්ජෙය්යුන්ති. එවම්පි මෙ සාරිපුත්ත න හොති. ඉදංසු මෙ සාරිපුත්ත ලූඛස්මිං හොති.
Sinhala BJT44. ශාරිපුත්‍රය, එහි මේ මාගේ රළුබව වෙයි: නොයෙක් අවුරුදු ගණන් මුළුල්ලෙහි හටගත් රජස්දැලි සිරුරෙහි රැස් වූයේ හටගත් පැළිවල ඇත්තේ වෙයි. ශාරිපුත්‍රය, නොයෙක් අවුරුදු ගණන් වයසැති හටගත් පතුරු ඇති මහත් වූ තිඹිරි කණුවෙක් යම්සේ වේ ද, ශාරිපුත්‍රය, එපරිද්දෙන්ම මාගේ සිරුරෙහි නොයෙක් අවුරුදු ගණන් වයසැති රජස්දැලි රැස් වූයේ හටගත් පැළිවල ඇත්තේ වෙයි. ශාරිපුත්‍රය, එ මට මෙබඳු අදහසෙක් නො වෙයි: “මම මේ රජස් දැලි අතින් පිරිමදින්නෙම් නම් හෝ යෙහෙකැ” යි මෙසේත් මට අදහස් නො වෙයි. ශාරිපුත්‍රය, මේ මාගේ රළු පිළිවෙත වෙයි.
Pali BJT45. තත්රස්සු මෙ ඉදං සාරිපුත්ත ජෙගුච්ඡිස්මිං හොති: සො ඛො අහං සාරිපුත්ත සතොව අභික්කමාමි සතො පටික්කමාමි. යාව උදබින්දුම්හිපි මෙ දයා පච්චුපට්ඨිතා හොති: මාහං ඛුද්දකෙ පාණෙ විසමගතෙ සඞ්ඝාතං ආපාදෙස්සන්ති. ඉදංසු මෙ සාරිපුත්ත ජෙගුච්ඡිස්මිං හොති.
Sinhala BJT45. ශාරිපුත්‍රය, එහි මේ මාගේ පවට පිළිකුල් බව වෙයි: ශාරිපුත්‍රය, කුඩාපණුවන් (නොමරම්වා යි) ඒ මම සිහි ඇත්තෙම් ම ඉදිරියට යමි. සිහි ඇත්තෙම් ම පෙරළා එමි. “මේ විෂමස්ථාන ගත වූ කුඩාදිය බිඳුය යි කියන ප්‍රාණීන් විනාශයට නො පමුණුවම්වා” යි දියබිඳුවෙහි පවා දයාව එළඹ සිටියා වේ. ශාරිපුත්‍රය, මේ මාගේ පවට පිළිකුල් කරණ බව වෙයි.
Pali BJT46. තත්රස්සු මෙ ඉදං සාරිපුත්ත පවිවිත්තස්මිං හොති: සො ඛො අහං සාරිපුත්ත අඤ්ඤතරං අරඤ්ඤායතනං අජ්ඣොගහෙත්වා විහරාමි. යදා පස්සාමි ගොපාලකං වා පසුපාලකං වා තිණහාරකං වා කට්ඨහාරකං වා වනකම්මිකං වා, වනෙන වනං ගහනෙන ගහනං නින්නෙන නින්නං ථලෙන ථලං පපතාමි. තං කිස්ස හෙතු: මා මං තෙ අද්දසංසු, අහඤ්ච මා තෙ අද්දසන්ති. සෙය්යථාපි සාරිපුත්ත ආරඤ්ඤකො මිගො මනුස්සෙ දිස්වා වනෙන වනං ගහනෙන ගහනං නින්නෙන නින්නං ථලෙන ථලං පපතති, එවමෙව ඛො අහං සාරිපුත්ත යදා පස්සාමි ගොපාලකං වා පසුපාලකං වා තිණහාරකං වා කට්ඨහාරකං වා වනකම්මිකං වා, වනෙන වනං ගහනෙන ගහනං නින්නෙන නින්නං ථලෙන ථලං පපතාමි. තං කිස්ස හෙතු: මා මං තෙ අද්දසංසු, අහඤ්ච වා තෙ අද්දසන්ති. ඉදංසු මෙ සාරිපුත්ත පවිවිත්තස්මිං හොති.
Sinhala BJT46. ශාරිපුත්‍රය, එහි මේ මාගේ ප්‍රකෘෂ්ටවිවේකය වෙයි: ශාරිපුත්‍රය, ඒ මම එක්තරා වනයකට වැද වාසය කරමි. යම කලෙක ගොපාලයකු පසුපාලයකු හෝ තණ ගෙනයන්නකු හෝ දර ගෙනයන්නකු හෝ වනකැමියකු හෝ දකිම් ද, එකල මම (සිටි) වනයෙන් (අන්) වනයකට (සිටි) ලැහැබින් (අන්) ලැහැබකට මිටි බිමින් මිටි බිමට උස් බිමින් උස් බිමට යමි. කවර හෙයින යත්: ඔහු මා නො දකිත්වා, මම ද ඔවුන් නො දකිම්වා යි යන අදහසිනි. ශාරිපුත්‍රය, වනමුවෙක් මිනිසුන් දැක වනයෙන් වනයට ලැහැබින් ලැහැබට මිටි බිමින් මිටි බිමට උස් බිමින් උස් බිමට යම්සේ යේ ද, ශාරිපුත්‍රය, මමත් එපරිද්දෙන් ම යම් කලෙක ගොපාලයකු හෝ තණ ගෙනයන්නකු හෝ දර ගෙනයන්නකු හෝ වනකැමියකු දැකීම ම් ද, එකල මම වනයෙන් වනයට ලැහැබින් ලැහැබට මිටි තැනින් මිටි තැනට උස් තැනින් උස් තැනට යමි. එය කවර හෙයින? යත්: ඔහු මා නො දකිත්වා, මමත් ඔවුන් නො දකිම්වා යන අදහසිනි. ශාරිපුත්‍රය, මේ මාගේ ප්‍රකෘෂ්ටවිවේකය වෙයි.
Pali BJT47. [තත්රස්සු මෙ ඉදං සාරිපුත්ත මහාවිකට භොජනස්මිං හොති:] සො ඛො අහං සාරිපුත්ත යෙ තෙ ගොට්ඨා පට්ඨිතගාවො අපගතගොපාලා තත්ථ චතුකුණ්ඩිකො උපසඞ්කමිත්වා යානි තානි වච්ඡකානං තරුණකානං ධෙනුපකානං ගොමයානි, තානි සුදං ආහාරෙමි. යාවකීවඤ්ච මෙ සාරිපුත්ත සකං මුත්තකරීසං අපරියාදින්නං හොති, සකං යෙව සුදං මුත්තකරීසං ආහාරෙමි. ඉදංසු මෙ සාරිපුත්ත මහාවිකටභොජනස්මිං හොති.
Sinhala BJT47. [ශාරිපුත්‍රය, එහි මේ මාගේ මහාවිකට භෝජනය වෙයි.] ශාරිපුත්‍රය, ඒ මම පිටත්ව ගිය ගෙරින් ඇති පහව ගිය ගොපල්ලන් ඇති යම් ඒ ගොවුදු වේ ද, එහි දෙදණ දෙවැළමිට බිම තබුවෙක් ව එළඹ දෙනුන් වෙතට කිරි බීමට පැමිණෙන වසු පැටවුන්ගේ යම් ඒ ගොම වේ ද, ඒ ගොම අනුභව කරමි. ශාරිපුත්‍රය, යම්තාක් මාගේ ස්වකීය මලමුත්‍ර හීන නො වූයේ ද, ඒ තාක් ස්වකීය මලමුත්‍ර අනුභව කරමි. ශාරිපුත්‍රය, මේ මාගේ මහාවිකට භෝජනය වෙයි.
Pali BJT48. සො ඛො අහං සාරිපුත්ත අඤ්ඤතරං භිංසනකං වනසණ්ඩං අජ්ඣොගාහෙත්වා විහරාමි. තත්ර සුදං සාරිපුත්ත භිංසනකස්ස වනසණ්ඩස්ස භිංසනකතස්මිං හොති: යො කො චි අවීතරාගො තං වනසණ්ඩං පවිසති යෙභුය්යෙන ලොමානි හංසන්ති. සො ඛො අහං සාරිපුත්ත යා තා රත්තියො සීතා හෙමන්තිකා අන්තරට්ඨකෙ හිමපාතසමයෙ, තථාරූපාසු රත්තීසු රත්තිං අබ්භොකාසෙ විහරාමි දිවා වනසණ්ඩෙ. ගිම්හානං පච්ඡිමෙ මාසෙ දිවා අබ්භොකාසෙ විහරාමි රත්තිං වනසණ්ඩෙ. අපිස්සු මං සාරිපුත්ත අයං අනච්ඡරියා ගාථා පටිභාසි පුබ්බෙ අස්සුතපුබ්බා:
Sinhala BJT48. ශාරිපුත්‍රය, ඒ මම එක්තරා බිහිසුණු වනලැහැබකට වැද වාසය කරමි. ශාරිපුත්‍රය, ඒ බිහිසුණු වනලැහැබෙහි මේ (මතු පැවසෙන) භීෂණ භාවය වෙයි: යම් කිසි අවීතරාගියෙක් ඒ වනලැහැබට පිවිසේ නම්, බොහෝ සෙයින් ලොමුදහ ගනී. ශාරිපුත්‍රය, ඒ මම නවම් මැදින් දෙමස අතර අටදවසෙහි වූ හිම වැටෙන කාලයෙහි හේමන්ත ඍතුවට අයත් සීත වූ යම් ඒ රාත්‍රීහු වෙත් ද, එබඳු රාත්‍රීන්හි මුළු රැයෙහි එළිමහනෙහි වෙසෙමි. දවල් වනලැහැබෙහි වෙසෙමි. ග්‍රීෂ්ම සමයෙහි පැසුළු මාසයෙහි දවල් එළිමහනෙහි වෙසෙමි. රාත්‍රියෙහි වනලැහැබෙහි වෙසෙමි. ශාරිපුත්‍රය, තව ද මට පෙර නොඇසූ විරූ මතු මතු ආශ්චර්‍ය්‍යය උපදවන මේ ගාථාව වැටහිණි:
Pali BJTසොතත්තො සොසීනො එකො භිංසනකෙ වනෙ. නග්ගො න චග්ගිමාසීනො එසනා පසුතො මුනීති.
Sinhala BJT“ශුද්ධිය සෙවීමෙහි යෙදුණු මුනි වූ මම ග්‍රීෂ්මයෙන් අතිශයින් තැවුණෙම් හිමයෙන් ඉතා තෙත් වූයෙම් බිහිසුණු වූ වනයෙහි එකලා වූයෙම් නග්න වූයෙම් ද ගින්න වෙත නො එළඹීමි.”
Pali BJT49. සො ඛො අහං සාරිපුත්ත, සුසානෙ සෙය්යං කප්පෙමි ඡවට්ඨිකානි උපධාය. අපිස්සු මං සාරිපුත්ත ගොමණ්ඩලා උපසඞ්කමිත්වා ඔට්ඨුභන්තිපි, ඔමුත්තෙන්තිපි, පංසුකෙනපි ඔකිරන්ති. කණ්ණසොතෙසු’පි සලාකං පවෙසෙන්ති. න ඛො පනාහං සාරිපුත්ත අභිජානාමි තෙසු පාපකං චිත්තං උප්පාදෙතා. ඉදං සු මෙ සාරිපුත්ත උපෙක්ඛාවිහාරස්මිං හොති.
Sinhala BJT49. ශාරිපුත්‍රය, ඒ මම සොහොනෙහි මිනීඇට කන්වයින් කොට ගෙන ශයනය කරමි. ශාරිපුත්‍රය, එකල මා වෙතට ගොපලුදරුවෝ පැමිණ (මා මත්තෙහි) කෙළ ද ඔවිත්. මුත්‍ර ද කරත්. පස් ද විසුරු වත්. කන්සිදුරුවල ඉරටු ද ගසත්. ශාරිපුත්‍රය, මම ඔවුන් කෙරෙහි පවිටු සිතක් ඉපදවූයෙමැ යි නො දනිමි. ශාරිපුත්‍රය, මෙය මාගේ උපේක්‍ෂා විහරණය වේ.
Pali BJT50. සන්ති ඛො පන සාරිපුත්ත එකෙ සමණබ්රාහ්මණා එවංවාදිනො එවංදිට්ඨිනො: ආහාරෙන සුද්ධීති. තෙ එවමාහංසු: කොලෙහි යාපෙමාති. තෙ කොලම්පි ඛාදන්ති, කොලචුණ්ණම්පි ඛාදන්ති, කොලොදකම්පි පිවන්ති, අනෙකවිහිතම්පි කොලවිකතිං පරිභුඤ්ජන්ති. අභිජානාමි ඛො පනාහං සාරිපුත්ත එකංයෙව කොලං ආහාරං ආහාරිතා. සියා ඛො පන තෙ සාරිපුත්ත එවමස්ස: මහා නූන තෙන සමයෙන කොලො අහොසීති. න ඛො පනෙතං සාරිපුත්ත එවං දට්ඨබ්බං. තදාපි එත පරමොයෙව කොලො අහොසි, සෙය්යථාපි එතරහි. තස්ස මය්හං සාරිපුත්ත එකංයෙව කොලං ආහාරං ආහාරයතො අධිමත්තකසිමානං පත්තො කායො හොති: සෙය්යථාපි නාම ආසීතිකපබ්බානි වා කාළපබ්බානි වා, එවමෙවස්සු මෙ අඞ්ගපච්චඞ්ගානි භවන්ති තායෙවප්පාහාරතාය. සෙය්යථාපි නාම ඔට්ඨපදං, එවමෙවස්සු මෙ ආනිසදං හොති තායෙවප්පාහාරතාය. සෙය්යථාපි නාම වට්ටනාවළී, එවමෙවස්සු මෙ පිට්ඨිකණ්ටකො උණ්ණතාවනතො හොති තායෙවප්පාහාරතාය. සෙය්යථාපි නාම ජරසාලාය ගොපානසියො ඔලුග්ගවිලුග්ගා භවන්ති, එවමෙවස්සු මෙ ඵාසුළියො ඔලුග්ගවිලුග්ගා භවන්ති තායෙවප්පාහාරතාය. සෙය්යථාපි නාම ගම්භීරෙ උදපානෙ උදකතාරකා ගම්භීරගතා ඔක්ඛායිකා දිස්සන්ති, එවමෙවස්සු මෙ අක්ඛිකූපෙසු අක්ඛිතාරකා ගම්භීරගතා ඔක්ඛායිකා දිස්සන්ති තායෙවප්පාහාරතාය. සෙය්යථාපි නාම තිත්තකාලාබු ආමකච්ඡින්නො වාතාතපෙන සම්ඵුටිතො හොති සම්මිලාතො, එවමෙවස්සු මෙ සීසච්ඡවි සම්ඵුටිතා හොති සම්මිලාතා, තායෙවප්පාහාරතාය.
Sinhala BJT50. ශාරිපුත්‍රය, ආහාරයෙන් ශුද්ධිය වෙති යි මෙසේ කියන්නා වූ මෙසේ ලබ්ධි ඇත්තා වූ ඇතැම් මහණ බමුණෝ ඇත් ම ය. ඔහු ඩෙබරවලින් යැපෙන්නෙමු යි මෙසේ කියත්. ඔහු ඩෙබරපල ද කත්. ඩෙබරසුණු ද කත්. ඩෙබර මැඩගත් දිය ද බොත්. නන් වැදෑරුම් වූ ඩෙබරින් කළ ආහාර ද අනුභව කරත්. තවද, ශාරිපුත්‍රය, මම එකම ඩෙබරපලයක් ආහාර වශයෙන් ගත්තෙක්මි යි දනිම් ම ය. ශාරිපුත්‍රය, ඒකාන්තයෙන් එසමයෙහි ඩෙබරපල මහත් වූයේ දෝ යි, ඔබට මෙබඳු අදහසෙක් විය හැකි ය. ශාරිපුත්‍රය, මෙය එසේ නො දතයුතු යි. එකල්හි ද ඩෙබරපල මෙකල යම් පමණ මහත් නම් එපමණ ම වූයේ ය. ශාරිපුත්‍රය, එකම ඩෙබරපලයක් ආහාර කොට ගන්නා වූ ඒ මාගේ කය අතිශය කෘශභාවයට පැමිණියේ වෙයි. ආසීතික වැල්පුරුක් හෝ කළු වැල්පුරුක් හෝ යම් සේ වෙත් ද, ඒ අල්පාහාරයෙන් මාගේ අඞ්ගප්‍රත්‍යඞ්ගයෝ ද එ බඳු ම වෙත්. ඔටුපිය යම් සේ වේ ද, මාගේ නිසීදනමාංසය ද් ඒ අල්පාහාර භාවයෙන් එ බඳු ම වෙයි. වට්ටනාවළිය (කුරුඳු වැළය) යම් සේ වේ ද, මාගේ වසට (=කොඳුඇටය) ඒ අල්පාහාර භාවයෙන් එබඳු`උස් පහත් වූයේ වෙයි. දිරූ ශාලාවෙක ගොනැස්හු යම්සේ උඩුයටි ව නැමුනාහු වෙත් ද, එපරිද්දෙන් මාගේ ඉළ ඇට ඒ නිරාහාරභාවයෙන් ම උඩුයටි ව නැමී ගියාහු වෙත්. ගැඹුරු ළිඳෙක උදක තාරකාවෝ ගැඹුරට ගියාහු ඇතුළට පිවිසියාහු යම් සේ දක්නා ලැබෙත් ද, එපරිද්දෙන් ම මාගේ අක්‍ෂිකූපයන්හි ඇස්තරු ඒ අල්පාහාරභාවයෙන් ම ගැඹුරට ගියාහු ඇතුළට පිවිසියාහු දක්නා ලැබෙත්. තිත්ත ලබුවක් අමු කල සිඳිනා ලද්දේ අවු සුළඟින් පැළී ගියේ මැලවී ගියේ යම් සේ වේ ද, එපරිද්දෙන් ම මාගේ මේ හිසෙහි සිවිය ඒ අල්පාහාරභාවයෙන් ම පැළී ගියේ මැලවී ගියේ වෙයි.
Pali BJT51. සො ඛො අහං සාරිපුත්ත උදරච්ඡවිං පරිමසිස්සාමීති පිට්ඨිකණ්ටකං යෙව පරිගණ්හාමි. පිට්ඨිකණ්ටකං පරිමසිස්සාමීති උදරච්ඡවිංයෙව පරිගණ්හාමි. යාවස්සු මෙ සාරිපුත්ත උදරච්ඡවි පිට්ඨිකණ්ටකං අල්ලීනා හොති තායෙවප්පාහාරතාය. සො ඛො අහං සාරිපුත්ත, වච්චං වා මුත්තං වා කරිස්සාමීති තත්ථෙව අවකුජ්ජො පපතාමි. තායෙවප්පාහාරතාය. සො ඛො අහං සාරිපුත්ත තමෙව කායං අස්සාසෙන්තො පාණිනා ගත්තානි අනොමජ්ජාමි. තස්ස මය්හං සාරිපුත්ත පාණිනා ගත්තානි අනොමජ්ජතො පූතිමූලානි ලොමානි කායස්මා පපතන්ති. තායෙවප්පාහාරතාය.
Sinhala BJT51. ශාරිපුත්‍රය, ඒ මම උදරසිවිය පිරිමදින්නෙමි යි පිටකටුව ම අල්ලා ගනිමි. පිටකටුව පිරිමදින්නෙමි යි උදරසිවිය ම අල්ලා ගනිමි. ශාරිපුත්‍රය, ඒ අල්පාහාරභාවයෙන් ම උදර සිවිය පිටකටුව හා ඇලුණේ වේ. ශාරිපුත්‍රය, මම මල හෝ මූ හෝ පහ කරන්නෙමි යි එහි ම යටිහුරු ව වැටෙමි. ඒ අල්පාහාරභාවයෙනි. ශාරිපුත්‍රය, මම ඒ සිරුර අස්වසන්නෙම් සිරුරුඅවයව අතින් පිරිමදිමි. ශාරිපුත්‍රය, අතින් අවයව පිරිමදින ඒ මාගේ සිරුරෙන් දිරූ මුල් ඇති ලෝමයෝ ගිලිහී වැටෙත්. ඒ අල්පාහාර භාවයෙනි
Pali BJT52. සන්ති ඛො පන සාරිපුත්ත එකෙ සමණබ්රාහ්මණා එවංවාදිනො එවංදිට්ඨිනො: ආහාරෙන සුද්ධීති. තෙ එවමාහංසු: මුග්ගෙහි යාපෙම -පෙ- තිලෙහි යාපෙම -පෙ- තණ්ඩුලෙහි යාපෙමාති. තෙ තණ්ඩුලම්පි ඛාදන්ති, තණ්ඩුලචුණ්ණම්පි ඛාදන්ති, තණ්ඩුලොදකම්පි පිවන්ති, අනෙකවිහිතම්පි තණ්ඩුලවිකතිං පරිභුඤ්ජන්ති. අභිජානාමි ඛො පනාහං සාරිපුත්ත එකංයෙව තණ්ඩුලං ආහාරං ආහරිතා. සියා ඛො පන තෙ සාරිපුත්ත එවමස්ස: මහා නූන තෙන සමයෙන තණ්ඩුලො අහොසීති. න ඛො පනෙතං සාරිපුත්ත එවං දට්ඨබ්බං. තදාපි එතපරමොයෙව තණ්ඩුලො අහොසි සෙය්යථාපි එතරහි.
Sinhala BJT52. ශාරිපුත්‍රය, ‘ආහාරයෙන් ශුද්ධිය වෙති’යි මෙසේ වාද ඇති මෙබඳු ලබ්ධි ඇති ඇතැම් මහණ බමුණෝ ඇත. ඔහු ‘මුඟුවෙන් යැපෙමු’ යි ... ‘තලයෙන් යැපෙමු’ යි ... ‘සහලෙන් යැපෙමු’ යි මෙසේ කීහ. ඔහු සහල් ද කත්. සහල්සුණු ද කත්. හාල්පානුදු බොත්. සහලින් කළ නන්වැදෑරුම් දැය ද අනුභව කරත්. ශාරිපුත්‍රය, මම එකම සහල්ඇටයක් ආහාර කොට ගත්තෙමි යි දනිමි. ශාරිපුත්‍රය, තොපට ‘ඒ කාලයෙහි සහල්ඇටය මහත් විය හැකි ය’ යි මෙබඳු අදහසෙක් විය හැකිය. ශාරිපුත්‍රය, එය එසේ නො දතයුතු යි. මෙකල යම් සේ ද එකල්හි දු සහල්ඇටය මෙපමණ ම විය.
Pali BJT53. තස්ස මය්හං සාරිපුත්ත එකංයෙව තණ්ඩුලං ආහාරං ආහාරයතො අධිමත්තකසිමානං පත්තො කායො හොති. සෙය්යථාපි නාම ආසීතිකපබ්බානි වා කාළපබ්බානි වා, එවමෙවස්සු මෙ අඞ්ගපච්චඞ්ගානි භවන්ති තායෙවප්පාහාරතාය. සෙය්යථාපි නාම ඔට්ඨපදං එවමෙවස්සු මෙ ආනිසදං හොති තායෙවප්පාහාරතාය. සෙය්යථාපි නාම වට්ටනාවළී, එවමෙවස්සු මෙ පිට්ඨිකණ්ටකො උණ්ණතාවනතො හොති තායෙවප්පාහාරතායං. සෙය්යථාපි නාම ජරසාලාය ගොපානසියො ඔලුග්ගවිලුග්ගා භවන්ති, එවමෙවස්සු මෙ ඵාසුළියො ඔලුග්ගවිලුග්ගා භවන්ති තායෙවප්පාහාරතාය. සෙය්යථාපි නාම ගම්භීරෙ උදපානෙ උදකතාරකා ගම්භීරගතා ඔක්ඛායිකා දිස්සන්ති, එවමෙවස්සු මෙ අක්ඛිකූපෙසු අක්ඛිතාරකා ගම්භීරගතා ඔක්ඛායිකා දිස්සන්ති තායෙවප්පාහාරතාය. සෙය්යථාපි නාම තිත්තකාලාබු ආමකච්ඡින්නො වාතාතපෙන සම්ඵුටිතො හොති සම්මිලාතො, එවමෙවස්සු මෙ සීසච්ඡවි සම්ඵුටිතා හොති සම්මිලාතා තායෙවප්පාහාරතාය. සො ඛො අහං සාරිපුත්ත, උදරච්ඡවිං පරිමසිස්සාමීති පිට්ඨිකණ්ටකංයෙව පරිගණ්හාමි. පිට්ඨිකණ්ටකං පරිමසිස්සාමීති උදරච්ඡවිං යෙව පරිගණ්හාමි. යාවස්සු මෙ සාරිපුත්ත උදරච්ඡවි පිට්ඨිකණ්ටකං අල්ලීනා හොති තායෙවප්පාහාරතාය. සො ඛො අහං සාරිපුත්ත, වච්චං වා මුත්තං වා කරිස්සාමීති තත්ථෙව අවකුජ්ජො පපතාමි තායෙවප්පාහාරතාය. සො ඛො අහං සාරිපුත්ත, තමෙව කායං අස්සාසෙන්තො පාණිනා ගත්තානි අනොමජ්ජාමි. තස්ස මය්හං සාරිපුත්ත, පාණිනා ගත්තානි අනොමජ්ජතො පූතිමූලානි ලොමානි කායස්මා පතන්ති තායෙවප්පාහාරතාය.
Sinhala BJT53. ශාරිපුත්‍රය, සහල්ඇටයක් ආහාර කොට ගන්නා වූ ඒ මාගේ ශරීරය අතිශය කෘශභාවයට පැමිණියේ වෙයි. ආසීතික වැල්පුරුක් හෝ කළු වැල්පුරුක් හෝ යම් සේ වෙත් ද, ඒ අල්පාහාරභාවයෙන් ම මාගේ ශරීරාවයවයෝ එසේ වෙත්. ඔටුපිය යම්සේ වේ නම් ඒ අල්පාහාරභාවයෙන් ම මාගේ ආනිසදය - හිද්ම ද එසේ වෙයි. ඒ අල්පාහාරභාවයෙන් ම මාගේ වසටද වට්ටනාවළිය (වටඇටවැළ) යම්සේ නම් එසේ උස්පහත් වූයේ වෙයි. දිරූ ශාලාවක ගොනැස්හු යම්සේ උඩුයටි ව නැමුණාහු වෙත් ද, ඒ අල්පාහාරභාවයෙන් ම මාගේ ඉළඇට ද එසේ උඩුයටිව නැමුණාහු වෙත්. ගැඹුරු ළිඳක උදකතාරකාවෝ ගැඹුරට ගියාහු ඇතුළට පිවිසියාහු යම්සේ පැනෙත් ද, එසේ මාගේ අක්‍ෂිකූපයන්හි ඇස්තරු ඒ අල්පාහාරභාවයෙන් ම ගැඹුරට ගියාහු ඇතුළට පිවිසියාහු දක්නා ලැබෙත්. යම්සේ තිත්ත ලබුවක් අමුවෙන් සිඳින ලද්දේ අවුසුළඟින් හැකිළී ගියේ මැලවී ගියේ වේ ද, එසේ ඒ අල්පාහාරභාවයෙන් මාගේ හිසෙහි සිවිය හැකිළී ගියේ මැලවී ගියේ වෙයි. ශාරිපුත්‍රය, මම උදර සිවිය පිරිමදින්නෙමියි පිටකටුව ම පිරිමැද ගනිමි. පිටකටුව පිරිමදිමියි උදර සිවිය ම පිරිමැද ගනිමි. ඒ අල්පාහාරභාවයෙන් උදර සිවිය පිටකටුව හා ඇලුණේ වේ. ශාරිපුත්‍රය, මම මල හෝ මූ හෝ පහ කරන්නෙමි යි ඒ අල්පාහාරභාවයෙන් එහි ම යටි හුරු ව වැටෙමි. ශාරිපුත්‍රය, මම එම ශරීරය අස් වසන්නෙම් අතින් ශරීරාවයව පිරිමදිමි. ශාරිපුත්‍රය, ඒ අතින් ශරීරාවයව පිරිමදිමන මාගේ සිරුරෙන් ඒ අල්පාහාරභාවයෙන් ම දිරූ මුල් ඇති ලෝමයෝ ගිලිහී වැටෙත්.
Pali BJT54. තායපි ඛො අහං සාරිපුත්ත ඉරියාය තාය පටිපදාය තාය දුක්කරකාරිකාය න අජ්ඣගමං උත්තරිමනුස්සධම්මා අලමරියඤාණදස්සනවිසෙසං. තං කිස්ස හෙතු: ඉමිස්සායෙව අරියාය පඤ්ඤාය අනධිගමා යායං අරියා පඤ්ඤා අධිගතා අරියා නිය්යානිකා නිය්යාති තක්කරස්ස සම්මා දුක්ඛක්ඛයාය.
Sinhala BJT54. ශාරිපුත්‍රය, මම ඒ ඉරියව්වෙන් ද ඒ පිළිවෙතින් ද ඒ දුෂ්කර ක්‍රියාවෙන් ද මනුෂ්‍යධර්‍මයට වැඩි වූ ආර්‍ය්‍යභාවය කිරීමට සමර්‍ත්‍ථ වූ ඥානදර්‍ශන විශේෂයෙක් නො ලදිමි. ඒ කවර හෙයින යත්: යම් මේ ආර්‍ය්‍ය (මාර්‍ග) ප්‍රඥාවක් (දැන් ම විසින්) ලබන ලද ද, ආර්‍ය්‍ය වූ නීයානික වූ, ඒ පිළිපදනහුට මනා කොට දුඃඛක්‍ෂය කිරීම පිණිස පමුණුවන්නා වූ, මේ මාර්‍ග ප්‍රඥාව (එකල මා විසින්) නො ලබන ලදී. එහෙයිනි.
Pali BJT55. සන්ති ඛො පන සාරිපුත්ත එකෙ සමණබ්රාහ්මණා එවංවාදිනො එවංදිට්ඨිනො: සංසාරෙන සුද්ධීති. න ඛො පෙනසො සාරිපුත්ත සංසාරො සුලභරූපො යො මයා අසංසරිතපුබ්බො ඉමිනා දීඝෙන අද්ධුනා, අඤ්ඤත්ර සුද්ධාවාසෙහි දෙවෙහි. සුද්ධාවාසෙ චාහං සාරිපුත්ත දෙවෙ සංසරෙය්යං, නයිමං ලොකං පුනරාගච්ඡෙය්යං.
Sinhala BJT55. ශාරිපුත්‍රය, සංසාරයෙන් (භවසඞ්ක්‍රමණයෙන්) ශුද්ධිය වෙති යි මෙසේ කියනසුලු මෙබඳු දෘෂ්ටි ඇති ඇතැම් මහණබමුණු කෙනෙක් ඇත. ශාරිපුත්‍රය, මේ දීර්‍ඝකාලයෙහි මා නො සැරිසැරූ මේ භවයෙක් සුලභ නොවේ. ශුද්ධාවාසයන් හැරයි. ශාරිපුත්‍රය, මම ශුද්ධාවාස දෙව්ලොව හැසුරුනෙම් නම්, යලි මෙලොවට නො එන්නෙමි.
Pali BJT56. සන්ති ඛො පන සාරිපුත්ත එකෙ සමණබ්රාහ්මණා එවංවාදිනො එවංදිට්ඨිනො: උපපත්තියා සුද්ධීති. න ඛො පනෙසා සාරිපුත්ත උපපත්ති සුලභරූපා යා මයා අනුපපන්නපුබ්බා ඉමිනා දීඝෙන අද්ධුනා අඤ්ඤත්ර සුද්ධාවාසෙහි දෙවෙහි. සුද්ධාවාසෙ චාහං සාරිපුත්ත දෙවෙ උපපජ්ජෙය්යං, නයිමං ලොකං පුනරාගච්ඡෙය්යං.
Sinhala BJT56. ශාරිපුත්‍රය, උත්පත්තියෙන් ශුද්ධිය වෙති යි මෙසේ කියනසුලු මෙබඳු දෘෂ්ටි ඇති ඇතැම් මහණ බමුණු කෙනෙක් ඇත. ශාරිපුත්‍රය, මේ දීර්‍ඝකාලයෙහි මා නූපන්විරූ මේ උත්පත්තියක් සුලභ නොවේ. ශුද්ධාවාසයන් හැරයි. ශාරිපුත්‍රය, මම ශුද්ධාවාස දෙව්ලොව හැසුරුනෙම් නම්, යලි මේ ලෝකයට නො පැමිණෙන්නෙමි.
Pali BJT57. සන්ති ඛො පන සාරිපුත්ත එකෙ සමණබ්රාහ්මණා එවංවාදිනො එවංදිට්ඨිනො: ආවාසෙන සුද්ධීති. න ඛො පනෙසො සාරිපුත්ත ආවාසො සුලභරූපො යො මයා අනාවුත්ථපුබ්බො ඉමිනා දීඝෙන අද්ධුනා, අඤ්ඤත්ර සුද්ධාවාසෙහි දෙවෙහි. සුද්ධාවාසෙ චාහං සාරිපුත්ත දෙවෙ වසෙය්යං, නයිමං ලොකං පුනරාගච්ඡෙය්යං.
Sinhala BJT57. ශාරිපුත්‍රය, (බොහෝ භවයන්හි) විසීමෙන් ශුද්ධිය වෙතැ යි මෙසේ කියනසුලු මෙබඳු දෘෂ්ටි ඇති ඇතැම් මහණ බමුණු කෙනෙක් ඇත. ශාරිපුත්‍රය, මේ දීර්‍ඝකාලයෙහි මා නො විසූ විරූ ආවාසයෙක් සුලභරූප නො වේ. ශුද්ධාවාසයන් හැරයි. ශාරිපුත්‍රය, මම ශුද්ධාවාස දෙව් ලොවෙහි විසුයෙම් නම්, යලි මෙලොවට නො එන්නෙමි.
Pali BJT58. සන්ති ඛො පන සාරිපුත්ත එකෙ සමණබ්රාහ්මණා එවංවාදිනො එවංදිට්ඨිනො: යඤ්ඤෙන සුද්ධීති. න ඛො පනෙසො සාරිපුත්ත යඤ්ඤො සුලභරූපො යො මයා අයිට්ඨපුබ්බො ඉමිනා දීඝෙන අද්ධුනා, තඤ්ච ඛො රඤ්ඤා ව සතා ඛත්තියෙන මුද්ධාවසිත්තෙන, බ්රාහ්මණෙන වා මහාසාලෙන.
Sinhala BJT58. ශාරිපුත්‍රය, යාගයෙන් ශුද්ධිය වෙතැ යි මෙසේ කියනසුලු මෙබඳු දෘෂ්ටි ඇති ඇතැම් මහණ බමුණු කෙනෙක් ඇත. ශාරිපුත්‍රය, මේ දීර්‍ඝකාලයෙහි මා නො යැපු විරූ මේ යාගයෙක් සුලභරූප නොවේ. එ ද අභිෂික්ත ක්‍ෂත්‍රියරාජ වූ ම හෝ මහාසාරබ්‍රාහ්මණ වූ ම හෝ මා විසින් කරන ලදී.
Pali BJT59. සන්ති ඛො පන සාරිපුත්ත එකෙ සමණබ්රාහ්මණා එවංවාදිනො එවංදිට්ඨිනො: අග්ගිපරිචරියාය සුද්ධීති. න ඛො පනෙසො සාරිපුත්ත අග්ගි සුලභරූපො යො මයා අපරිචිණ්ණපුබ්බො ඉමිනා දීඝෙන අද්ධුනා, තඤ්ච ඛො රඤ්ඤා ව සතා ඛත්තියෙන මුද්ධාවසිත්තෙන, බ්රාහ්මණෙන වා මහාසාලෙන.
Sinhala BJT59. ශාරිපුත්‍රය, ගිනි පීදීමෙන් ශුද්ධිය වෙතැ යි මෙසේ කියනසුලු මෙබඳු දෘෂ්ටි ඇති ඇතැම් මහණ බමුණු කෙනෙක් ඇත. ශාරිපුත්‍රය, මේ දීර්‍ඝකාලයෙහි මා නො පිදූ විරූ ගින්නක් සුලභරූප නොවේ. එ ද අභිෂික්ත ක්‍ෂත්‍රියරාජ වූ ම හෝ මහාසාරබ්‍රාහ්මණ වූ ම හෝ මා විසින් කරන ලදී.
Pali BJT60. සන්ති ඛො පන සාරිපුත්ත එකෙ සමණබ්රාහ්මණා එවංවාදිනො එවංදිට්ඨිනො: යාවදෙවායං භවං පුරිසො දහරො හොති යුවා සුසුකාළකෙසො භද්රෙන යොබ්බනෙන සමන්නාගතො පඨමෙන වයසා, තාවදෙව පරමෙන පඤ්ඤාවෙය්යත්තියෙන සමන්නාගතො හොති. යතො ච ඛො අයං භවං පුරිසො ජිණ්ණො හොති වුද්ධො මහල්ලකො අද්ධගතො වයො අනුප්පත්තො: ආසීතිකො වා නාවුතිකො වා වස්සසතිකො වා ජාතියා, අථ තම්හා පඤ්ඤාවෙය්යත්තියා පරිහායතී ති. න ඛො පනෙතං සාරිපුත්ත එවං දට්ඨබ්බං. අහං ඛො පන සාරිපුත්ත එතරහි ජිණ්ණො වුද්ධො මහල්ලකො අද්ධගතො වයො අනුප්පත්තො, ආසීතිකො මෙ වයො වත්තති.
Sinhala BJT60. ශාරිපුත්‍රය, “යම් තාක් කල් මේ පින්වත් පුරුෂ තෙමේ තරුණ වූයේ මනා කළුකෙස් ඇත්තේ ප්‍රථම වයස වූ යොවුන් බැවින් යුක්ත වූයේ දහර වූයේ වේ ද, එ තාක් කල් උතුම් වූ ප්‍රඥාව පිළිබඳ ව්‍යක්තභාවයෙන් යුක්ත වූයේ වෙයි. යම් තැනෙක පටන් මේ පින්වත් පුරුෂ තෙමේ දිරුණේ වෘද්ධ වූයේ මහලු වූයේ බොහෝ කල් ඉක්ම වූයේ පැසුළුවයසට පැමිණියේ උත්පත්තියෙන් අසූවයස් ඇත්තේ හෝ අනූවයස් ඇත්තේ හෝ සියවස් ඇත්තේ හෝ වේ ද, එකල්හි ප්‍රඥාව පිළිබඳ ව්‍යක්තභාවයෙන් පිරිහේ” යැ යි මෙසේ කියනසුලු මෙබඳු දෘෂ්ටි ඇති ඇතැම් මහණ බමුණු කෙනෙක් ඇත. ශාරිපුත්‍රය, මේ කාරණය මෙසේ නො දත යුතු යි. ශාරිපුත්‍රය, මම දැන් ජරාවෙන් ජීර්‍ණයෙමි. වැඩී සිටියෙමි. මහලු වෙමි. බොහෝකල් ඉක්ම වූයෙමි. පැසුළුවයසට පැමිණියෙමි. මාහට දැන් අසූ හැවිරිදි වියෙක් පවතී.
Pali BJT61. ඉධ මෙ අස්සු සාරිපුත්ත චත්තාරො සාවකා වස්සසතායුකා වස්සසතජීවිනො පරමාය ගතියා සතියා ච ධිතියා ච සමන්නාගතා පරමෙන ච පඤ්ඤාවෙය්යත්තියෙන. සෙය්යථාපි සාරිපුත්ත දළ්හධම්මො ධනුග්ගහො සික්ඛිතො කතහත්ථො කතූපාසනො ලහුකෙන අසනෙන අප්පකසිරෙනෙව තිරියං තාලච්ඡායං අතිපාතෙය්ය, එවං අධිමත්තසතිමන්තො එවං අධිමත්තගතිමන්තො එවං අධිමත්තධිතිමන්තො එවං පරමෙන පඤ්ඤාවෙය්යත්තියෙන සමන්නාගතා. තෙ මං චතුන්නං සතිපට්ඨානානං උපාදායුපාදාය පඤ්හං පුච්ඡෙය්යුං, පුට්ඨො පුට්ඨො චාහං තෙසං ව්යාකරෙය්යං. ව්යාකතඤ්ච මෙ ව්යාකතතො ධාරෙය්යුං. න ච මං දුතියකං උත්තරිං පටිපුච්ඡෙය්යුං. අඤ්ඤත්ර අසිතපීතඛායිතසායිතා, අඤ්ඤත්ර උච්චාරපස්සාවකම්මා, අඤ්ඤත්ර නිද්දාකිළමථපටිවිනොදනා, අපරියාදිණ්ණා යෙවස්ස සාරිපුත්ත තථාගතස්ස ධම්මදෙසනා. අපරියාදිණ්ණං යෙවස්ස තථාගතස්ස ධම්මපද බ්යඤ්ජනං. අපරියාදිණ්ණං යෙවස්ස තථාගතස්ස පඤ්හපටිභානං. අථ මෙ තෙ චත්තාරො සාවකා වස්සසතායුකා වස්සසතජීවිනො වස්සසතස්ස අච්චයෙන කාලං කරෙය්යුං. මඤ්චකෙන චෙපි මං සාරිපුත්ත පරිහරිස්සථ නෙවත්ථි තථාගතස්ස පඤ්ඤාවෙය්යත්තියස්ස අඤ්ඤථත්තං.
Sinhala BJT61. ශාරිපුත්‍රය, මාගේ මේ ශාසනයෙහි සියක් අවුරුදු ආයු ඇති සියක් අවුරුදු ජීවත් වන, (පද සියදහසකුදු එකවර ඇසූ පමණින් ඉගෙනීමට සමර්‍ත්‍ථ) උතුම් ඥාණ ගතියෙන් ද, (උගත් දෙය දරා පවත්වා දැරීමට සමර්‍ත්‍ථ) සිහියෙන් ද, (දැරූ දෙය වණ පොත් කොට දැරීමට සමර්‍ත්‍ථ) ධෘතියෙන් ද, උතුම් ප්‍රඥාව පිළිබඳ ව්‍යක්තභාවයෙන් ද යුක්ත වූ ශ්‍රාවකයෝ සතර දෙනෙක් ඇත් ද, ශාරිපුත්‍රය, උගත් සිප් ඇති, කෘතහස්ත වූ, (රාජකුලාදියෙහි) දැක්වූ ශිල්ප ඇති දැඩි දුන්නක් ගෙන සිටි දුනුවායෙක් සැහැල්ලු ඊයකින් නිදුකින් ම තල්සෙය සරස යම්සේ ඉක්මවන්නේ ද, මෙසේ අධිකමාත්‍ර ස්මෘති ඇත්තාවූ මෙසේ අධිකමාත්‍ර ගති ඇත්තා වූ මෙසේ අධිකමාත්‍ර ධෘති ඇත්තා වූ මෙසේ උතුම් ප්‍රඥාව පිළිබඳ ව්‍යක්තභාවයෙන් යුක්ත වූ ඒ ශ්‍රාවකයෝ සතර සතිපට්ඨානයන්ගෙන් එකිනෙක ගෙන මා අතින් ප්‍රශ්න විචාරන්නාහු නම් විචාළ විචාළ ප්‍රශ්නය මම ඔවුන්ට විසඳන්නෙමි. මා විසින් විසඳන ලද්ද විසඳූ සේ ඔහු දරන්නාහුය. මත්තෙහි දෙවෙනි ප්‍රශ්නයක් මා නොපිළිවිස්නාහුය. කන බොන රස විඳින කාලය තබා මල මූ පහ කරන කාලය තබා නිදීම් විඩා හැරීම් දුරු කරන කාලය තබා (සෙසු හැම කල්හි ඔහු ප්‍රශ්න විචාරත්ද), ශාරිපුත්‍රය, තථාගතයන්ගේ ධර්‍මදේශනාව පරික්‍ෂීණ නො වේමය. තථාගතයන්ගේ පාළිය පිළිබඳ පද හා අක්‍ෂර පරික්‍ෂීණ නො වේමය. තථාගතයන්ගේ ප්‍රශ්න විසඳීම පරික්‍ෂීණ නො වේමය. එසේ වත්ම, අවුරුදු සීයක් ආයු ඇති අවුරුදු සීයක් ජීවත් වනසුලු ඒ මාගේ ශ්‍රාවකයෝ සතර දෙන අවුරුදු සීය ඇවෑමෙන් කාලක්‍රියා කරන්නාහුය. ශාරිපුත්‍රය, ඉදින් මා ඇඳක තබා ගෙන පරිහරණය කරන්නාහු නමුදු තථාගතයන්ගේ ප්‍රඥාව පිළිබඳ ව්‍යක්තභාවයෙහි වෙනසක් නො ම ඇත.
Pali BJT62. යං ඛො පනෙතං සාරිපුත්ත සම්මා වදමානො වදෙය්ය: අසම්මොහධම්මො සත්තො ලොකෙ උපපන්නො බහුජනහිතාය බහුජනසුඛාය ලොකානුකම්පාය අත්ථාය හිතාය සුඛාය දෙවමනුස්සානන්ති, මමෙව තං සම්මා වදමානො වදෙය්ය: අසම්මොහධම්මො සත්තො ලොකෙ උපපන්නො බහුජනහිතාය බහුජනසුඛාය ලොකානුකම්පකාය අත්ථාය හිතාය සුඛාය දෙවමනුස්සානන්ති.
Sinhala BJT62. ශාරිපුත්‍රය, මනා කොට (සැබෑ) කියන්නෙක් “නොමුළා වන ස්වභාව ඇති සත්‍වයෙක් ලෝකයෙහි බොහෝ දෙනාට හිත පිණිස බොහෝ දෙනාට සැප පිණිස, ලොවට අනුකම්පා පිණිස, දෙවිමිනිසුන්ට වැඩ පිණිස, සුව පිණිස උපන්නේය,” යි යමකු උදෙසා කියන්නේ නම්, මනා කොට කියන හේ “නොමුළා වන ස්වභාව ඇති සත්‍වයෙක් ලෝකයෙහි බොහෝ දෙනාට වැඩ පිණිස, බොහෝ දෙනාට සැප පිණිස, ලොවට අනුකම්පා පිණිස, දෙවිමිනිසුන්ට වැඩ පිණිස, හිත පිණිස සුව පිණිස උපන” යන වචනය මා උදෙසා ම කියන්නේ ය.
Pali BJT63. තෙන ඛො පන සමයෙන ආයස්මා නාගසමාලො භගවතො පිට්ඨිතො ඨිතො හොති භගවන්තං වීජයමානො. අථ ඛො ආයස්මා නාගසමාලො භගවන්තං එතදවොච: “අච්ඡරියං භන්තෙ, අබ්භුතං භන්තෙ. අපි ච මෙ භන්තෙ ඉමං ධම්මපරියායං සුත්වා ලොමානි හට්ඨානි. කො නාමො අයං භන්තෙ ධම්මපරියායො”ති. තස්මාතිහ ත්වං නාගසමාල ඉමං ධම්මපරියායං ලොමහංසනපරියායො ත්වෙව නං ධාරෙහීති.
Sinhala BJT63. එසමයෙහි වනාහි ආයුෂ්මත් නාගසමාල ස්ථවිර තෙමේ භාග්‍යවතුන් වහන්සේට පවන් සලමින් භාග්‍යවතුන් වහන්සේගේ පිටුපසැ සිටියේ වෙයි. එකල්හි නාගසමාල ආයුෂ්මත් තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළේය. වහන්ස ආශ්චර්‍ය්‍යය, වහන්ස අද්භූතය. තව ද වහන්ස, මේ ධර්‍මක්‍රමය අසා මාගේ ලෝමයෝ දහ ගත්හ. වහන්ස මේ කිනම් ධර්‍මක්‍රමයෙක් ද? නාගසමාල, එසේ නම තෙපි මේ ධර්‍මපර්‍ය්‍යාය ලෝමහංසනපරියාය යි කියා ම දරව යි වදාළ සේක.