Majjhima Nikāya

Middle-Length Discourses

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 5801-5900 න් 6395

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTතත්ර භික්ඛවෙ, යමිදං නෙක්ඛම්මසුඛං පවිවෙකසුඛං උපසමසුඛං සම්බොධිසුඛං{2}, අදුක්ඛො එසො ධම්මො අනුපඝාතො අනුපායාසො අපරිළාහො සම්මාපටිපදා. තස්මා එසො ධම්මො අරණො.
Sinhala BJTමහණෙනි, එහි යම් නෛෂ්ක්‍රම්‍යසුඛයෙක් ප්‍රවිවේකසුඛයෙක් උපශමසුඛයෙක් සම්බොධිසුඛයෙක් ඇද්ද (යම් හෙයෙකින්) තෙල දහම නො දුක් වූයේ පීඩා රහිත වූයේ උපායාස රහිත වූයේ පරිදාහ රහිත වූයේ සම්‍යක්ප්‍රතිපත් වී ද එහෙයින් තෙල දහම් කෙලෙස්රණ රහිත යැ.
Pali BJTතත්ර භික්ඛවෙ, ය්වායං රහොවාදො අභූතො අතච්ඡො අනත්ථසංහිතො, සදුක්ඛො එසො ධම්මො සඋපඝාතො සඋපායාසො සපරිළාහො මිච්ඡාපටිපදා. තස්මා එසො ධම්මො සරණො.
Sinhala BJTමහණෙනි, එහි යම් රහෝවාදයෙක් අභූත වූයේ අතථ්‍ය වූයේ අනර්‍ත්‍ථ සංහිත වූයේ ද තෙල දහම දුක් සහිත යැ, පීඩා සහිත යැ, උපඝාත සහිත යැ, උපායාස සහිත යැ, පරිදාහ සහිත යැ, මිථ්‍යාප්‍රතිපත් වෙයි. එයින් තෙල දහම කෙලෙස්රණ සහිත වෙයි.
Pali BJTතත්ර භික්ඛවෙ, ය්වායං රහොවාදො භූතො තච්ඡො අනත්ථසංහිතො, සදුක්ඛො එසො ධම්මො සඋපඝාතො සඋපායාසො සපරිළාහො මිච්ඡාපටිපදා. තස්මා එසො ධම්මො සරණො.
Sinhala BJTමහණෙනි, එහි යම් රහෝවාදයෙක් භූත වූයේ තථ්‍ය වූයේ අනර්‍ත්‍ථ සංහිත ද තෙල දහම දුක් සහිත යැ, උපඝාත සහිත යැ, උපායාස සහිත යැ, පරිදාහ සහිත යැ, මිථ්‍යාප්‍රතිපත් වෙයි. එහෙයින් තෙල සරණධර්‍ම වෙයි.
Pali BJTතත්ර භික්ඛවෙ, ය්වායං රහොවාදො භූතො තච්ඡො අත්ථසංහිතො, අදුක්ඛො එසො ධම්මො අනුපඝාතො අනුපායාසො අපරිළාහො සම්මාපටිපදා. තස්මා එසො ධම්මො අරණො.
Sinhala BJTමහණෙනි, එහි යම් රහෝවාදයෙක් භූත තථ්‍ය අර්‍ත්‍ථසංහිත වේ ද තෙල දහම අදුඃඛ යැ, අනුපඝාත යැ, අනුපායාස යැ, අපරිදාහ යැ, සම්‍යක්ප්‍රතිපත් වෙයි. එහෙයින් තෙල අරණධර්‍ම වෙයි.
Pali BJTතත්ර භික්ඛවෙ, ය්වායං සම්මුඛා ඛීණවාදො අභූතො අතච්ඡො අනත්ථසංහිතො, සදුක්ඛො එසො ධම්මො සඋපඝාතො සඋපායාසො සපරිළාහො මිච්ඡාපටිපදා. තස්මා එසො ධම්මො සරණො.
Sinhala BJTමහණෙනි, එහි යම් හමුයෙහි අයුණු බිණීමෙක් අභූත අතථ්‍ය අනර්‍ත්‍ථසංහිත වේ ද තෙල දහම සදුක්ඛ, සඋපඝාත, සඋපායාස, සපරිදාහ වූයේ මිථ්‍යාප්‍රතිපත් වෙයි. එහෙයින් තෙල සරණධර්‍ම වෙයි.
Pali BJTතත්ර භික්ඛවෙ, ය්වායං සම්මුඛා ඛීණවාදො භූතො තච්ඡො අනත්ථසංහිතො, සදුක්ඛො එසො ධම්මො සඋපඝාතො සඋපායාසො සපරිළාහො මිච්ඡාපටිපදා. තස්මා එසො ධම්මො සරණො.
Sinhala BJTමහණෙනි, එහි යම් හමුයෙහි අයුණු බිණීමෙක් භූත තථ්‍ය අනර්‍ත්‍ථසංහිත වේ ද තෙල දහම සදුක්ඛ යැ, සඋපඝාත යැ, සඋපායාස යැ, සපරිදාහ යැ, මිථ්‍යාප්‍රතිපත් වෙයි. එහෙයින් තෙලෙ සරණධර්‍ම වෙයි.
Pali BJTතත්ර භික්ඛවෙ, ය්වායං සම්මුඛා ඛීණවාදො භූතො තච්ඡො අත්ථසංහිතො, අදුක්ඛො එසො ධම්මො අනුපඝාතො අනුපායාසො අපරිළාහො සම්මාපටිපදා. තස්මා එසො ධම්මො අරණො.
Sinhala BJTමහණෙනි, එහි යම් හමුයෙහි අයුණු බිණීමෙක් භූත තථ්‍ය අර්‍ත්‍ථසංහිත වේ ද තෙල දහම අදුඃඛ යැ, අනුපඝාත යැ, අනුපායාස යැ, අපරිදාහ යැ, සම්‍යක්ප්‍රතිපත් වෙයි. එහෙයින් තෙල අරණධර්‍ම වෙයි.
Pali BJTතත්ර භික්ඛවෙ, යමිදං තරමානස්ස භාසිතං, සදුක්ඛො එසො ධම්මො සඋපඝාතො සඋපායාසො සපරිළාහො මිච්ඡාපටිපදා. තස්මා එසො ධම්මො සරණො.
Sinhala BJTමහණෙනි, තුරිත වූවහුගේ යම් භාෂිතයෙක් දුක් සහිත වූයේ ද තෙල දහම සඋපඝාත යැ, සඋපායාස යැ, සපරිදාහ යැ, මිථ්‍යාප්‍රතිපත් වෙයි. එහෙයින් තෙලෙ සරණධර්‍ම වෙයි.
Pali BJTතත්ර භික්ඛවෙ, යමිදං අතරමානස්ස භාසිතං, අදුක්ඛො එසො ධම්මො අනුපඝාතො අනුපායාසො අපරිළාහො සම්මාපටිපදා. තස්මා එසො ධම්මො අරණො.
Sinhala BJTමහණෙනි, එහි අතුරිත වූවහුගේ යම් භාෂිතයෙක් නො දුක් වූයේ ද තෙල දහම අනුපඝාත, අනුපායාස, අපරිදාහ වූයේ සම්‍යක්ප්‍රතිපත් වෙයි. එහෙයින් තෙලෙ අරණධර්‍ම වේ.
Pali BJTතත්ර භික්ඛවෙ, ය්වායං ජනපදනිරුත්තියා ච අභිනිවෙසො සමඤ්ඤාය ච අතිසාරො, සදුක්ඛො එසො ධම්මො සඋපඝාතො සඋපායාසො සපරිළාහො මිච්ඡාපටිපදා. තස්මා එසො ධම්මො සරණො.
Sinhala BJTමහණෙනි, එහි යම් ජනපදනිරුක්තියෙහි අභිනිවේශයෙකුත් ලෝකව්‍යවහාරයෙහි අතිධාවනයෙකුත් දුක් සහිත වේ ද, තෙල දහම සඋපඝාත, සඋපායාස, සපරිදාහ වූයේ මිථ්‍යාප්‍රතිපත් වෙයි. එහෙයින් තෙලෙ සරණධර්‍ම වෙයි.
Pali BJTතත්ර භික්ඛවෙ, ය්වායං ජනපදනිරුත්තියා ච අනභිනිවෙසො සමඤ්ඤාය ච අනතිසාරො, අදුක්ඛො එසො ධම්මො අනුපඝාතො අනුපායාසො අපරිළාහො සම්මාපටිපදා. තස්මා එසො ධම්මො අරණො.
Sinhala BJTමහණෙනි, එහි යම් ජනපදනිරුක්තියෙහි අභිනිවේශයෙක් ලෝකව්‍යවහාරයෙහි අනතිධාවනයෙක් ඇද්ද තෙල දහම අදුඃඛ යැ, අනුපඝාත යැ, අනුපායාස යැ, අපරිදාහ යැ, සම්‍යක්ප්‍රතිපත් වෙයි. එහෙයින් තෙලෙ අරණධර්‍ම නම් වේ යයි.
Pali BJTතස්මාතිහ භික්ඛවෙ, සරණඤ්ච ධම්මං ජානිස්සාම, අරණඤ්ච ධම්මං ජානිස්සාම. සරණඤ්ච ධම්මං ඤත්වා අරණඤ්ච ධම්මං ඤත්වා අරණපටිපදං පටිපජ්ජිස්සාමාති. එවං හි වො භික්ඛවෙ, සික්ඛිතබ්බං. සුභූති ච පන භික්ඛවෙ, කුලපුත්තො අරණපටිපදං පටිපන්නොති.
Sinhala BJTමහණෙනි, එහෙයින් මෙහි ලා සරණධර්‍මයත් දැනගනුම්හ, අරණධර්‍මයත් දැනගනුම්හ. සරණධර්‍මයත් දැන අරණධර්‍මයත් දැන අරණප්‍රතිපදායෙහි පිළිපදුම්හ’ යි. මහණෙනි, තොප විසින් මෙසේ මැ හික්මියයුතු. තවද මහණෙනි, සුභූති කුලපුත්‍ර අරණ ප්‍රතිපදාවට පිළිපන්නේ යයි.
Pali BJTඉදමවොච භගවා. අත්තමනා තෙ භික්ඛූ භගවතො භාසිතං අභිනන්දුන්ති.
Sinhala BJTභාග්‍යවතුන් වහන්සේ මේ අරණවිභඞ්ගය වදාළසේක. සතුටුසිත් ඇති ඒ මහණහු භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය පිළිගත්තාහ’ යයි.
Pali BJTඅරණවිභඞ්ගසුත්තං නවමං.
Sinhala BJTනව වැනි අරණවිභඞ්ග සූත්‍ර යි.
Pali BJT3. 4. 10.
Sinhala BJT3. 4. 10.
Pali BJTධාතුවිභඞ්ග සුත්තං
Sinhala BJTධාතුවිභඞ්ග සූත්‍රය
Pali BJTඑවං මෙ සුතං: එකං සමයං භගවා මගධෙසු චාරිකං චරමානො යෙන රාජගහං තදවසරි. යෙන භග්ගවො කුම්භකාරො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භග්ගවං කුම්භකාරං එතදවොච: ‘සචෙ තෙ භග්ගව අගරු, විහරෙම ආවෙසනෙ{1} එකරත්තින්ති.
Sinhala BJTමා විසින් මෙසේ අසන ලද: එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ මගධදනවියෙහි සැරිසරනසේක් රජගහනුවර කරා වැඩිසේක. වැඩ භග්ගව කුම්භකාරයා කරා එළැඹිසේක. එළැඹ භග්ගව කුම්භකාරයාහට තෙල වදාළෝ: භාර්‍ගවය, ඉදින් තොපට නො බර වී නම් එක් රැයක් කුඹල්හලෙහි වසම්හ’යි.
Pali BJTන ඛො මෙ භන්තෙ ගරු, අත්ථි චෙත්ථ පබ්බජිතො පඨමං වාසූපගතො. සචෙ සො අනුජානාති, විහරථ{2} භන්තෙ, යථාසුඛන්ති.
Sinhala BJTවහන්ස, මට නො බර වෙයි, වැළි එකෙක් ඇත, මෙහි කැල මැ වාසෝපගත වූ පැවිද්දෙක් ඇත. ඉදින් හේ අනුදන්නේ වී නම් වහන්ස, යථාසුඛ විහරණ කළ මැනැවැ’ යි.
Pali BJTතෙන ඛො පන සමයෙන පුක්කුසාති නාම කුලපුත්තො භගවන්තං උද්දිස්ස සද්ධා{3} අගාරස්මා අනගාරියං පබ්බජිතො. සො තස්මිං කුම්භකාරාවෙසනෙ පඨමං වාසූපගතො හොති. අථ ඛො භගවා යෙනායස්මා පුක්කුසාති තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා ආයස්මන්තං පුක්කුසාතිං එතදවොච: ‘සචෙ තෙ භික්ඛු අගරු, විහරෙම ආවෙසනෙ එකරත්තින්ති. ඌරුන්දං ආවුසො, කුම්භකාරාවෙසනං. විහරතායස්මා යථාසුඛන්ති.
Sinhala BJTඑසමයෙහි පුක්කුසාති නම් කුලපුත් බුදුන් උදෙසා සැදැහැයෙන් ගෙන් නික්ම සසුන් වන්නේ වෙයි. හේ ඒ කුම්භකාරාවෙසනයෙහි කැල මැ වාසෝපගත වෙයි. එසඳ බුදුහු පුක්කුසාති කුලපුතු කරා වැඩිසේක, වැඩ ආයුෂ්මත් පුක්කුසාති කුලපුත්හට තෙල වදාළෝ: ඉදින් මහණ, තොපට නො බර වී නම් එක් රැයක් සිප්හලෙහි වසම්හ’යි. ඇවැත්නි, කුම්භකාරාවෙසනය සම්බාධ රහිත යැ. ආයුෂ්මත් යථාසුඛයෙන් වසන්නේ මැනැවැ.
Pali BJTඅථ ඛො භගවා කුම්භකාරාවෙසනං පවිසිත්වා එකමන්තං තිණසන්ථාරකං පඤ්ඤාපෙත්වා නිසීදි පල්ලඞ්කං ආභුජිත්වා උජුං කායං පණිධාය පරිමුඛං සතිං උපට්ඨපෙත්වා. අථ ඛො භගවා බහුදෙව රත්තිං නිසජ්ජාය වීතිනාමෙසි. ආයස්මාපි ඛො පුක්කුසාති බහුදෙව රත්තිං නිසජ්ජාය වීතිනාමෙසි. අථ ඛො භගවතො එතදහොසි: ‘පාසාදිකං ඛො අයං කුලපුත්තො ඉරීයති. යන්නූනාහං පුච්ඡෙය්යන්ති. අථ ඛො භගවා ආයස්මන්තං පුක්කුසාතිං එතදවොච: ‘කංසි ත්වං භික්ඛු උද්දිස්ස පබ්බජිතො, කො වා තෙ සත්ථා, කස්ස වා ත්වං ධම්මං රොචෙසී’ති.
Sinhala BJTඑසඳ භාග්‍යවතුන් වහන්සේ කුඹල්සිප්හල් වැද එකත්පසෙක තණඇතිරිය පනවා පලක් අවුළුවා උපරිම කය ඍජු කොට තබා පරිමුඛ කොට සිහි එළවා වැඩ හුන්හු. එසඳ බුදුහු රැය බොහෝ වේලාවක් නිෂද්‍යායෙන් කල් ගැළවූසේක. ආයුෂ්මත් පුක්කුසාති කුලපුත් හු ද රැය බොහෝ වේලාවක් නිෂද්‍යායෙන් කල් ගැළවූහ. එසඳ භාග්‍යවතුන් වහන්සේට තෙල සිත් වී. මේ කුලපුත් ප්‍රසාද එළවනසුලු ඉරියවු කෙරෙයි, මම පුළුවුස්නෙම් මැනැවැ’ යි. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් පුක්කුසාති කුලපුත්හට තෙල වදාළෝ. මහණ තෝ කවරක්හු උදෙසා පැවිදි වූයෙහි? තාගේ ශාස්තෘ කවරෙක හො? කවරක්හුගේ දහම් තෝ රුස්ව? යි.
Pali BJTඅත්ථාවුසො, සමණො ගොතමො සක්යපුත්තො සක්යකුලා පබ්බජිතො. තං ඛො පන භගවන්තං ගොතමං එවං කල්යාණො කිත්තිසද්දො අබ්භුග්ගතො: ‘ඉතිපි සො භගවා අරහං සම්මාසම්බුද්ධො විජ්ජාචරණසම්පන්නො සුගතො ලොකවිදූ අනුත්තරො පුරිසදම්මසාරථි සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවා’ති. තා’හං භගවන්තං උද්දිස්ස පබ්බජිතො. සො ච මෙ භගවා සත්ථා, තස්සාහං{4} භගවතො ධම්මං රොචෙමී’ති.
Sinhala BJTඇවැත්නි, සැහැකුලෙන් නික්ම පැවිදි වූ සැහැකුලපුත් මහණගොයුම් ඇත. ඒ භගවත් ගෞතමයන් වහන්සේගේ මෙසේ කල්‍යාණ වූ කීර්ති ශබ්දයෙක් උස්ව නැඟිණි: “මෙකරුණිනුදු භාග්‍යවතුන් වහන්සේ අර්‍හත්හ, සම්‍යක් සම්බුද්ධයහ, විද්‍යාචරණ සම්පන්නයහ, සුගතයහ, ලෝකවිද්හ, අනුත්තර පුරුෂදම්‍යසාරථියහ, දෙව්මිනිස්නට ශාස්තෘයහ, බුද්ධයහ, භගවත්හ’ යි. මම ඒ භාග්‍යවතුන් වහන්සේ උදෙසා පැවිදි වූයෙමි. මට ඒ භාග්‍යවතුන් වහන්සේ ශාස්තෘයහ. මම ඒ භාග්‍යවතුන් වහන්සේගේ දහම් රුස්මි යි.
Pali BJTකහං පන භික්ඛු, එතරහි සො භගවා විහරති අරහං සම්මාසම්බුද්ධො’ති:
Sinhala BJTමහණ, ඒ භගවත් අර්‍හත් සම්‍යක් සම්බුද්ධයෝ මෙකල කොහි වෙසෙත්දැ? යි.
Pali BJTඅත්ථාවුසො, උත්තරෙසු ජනපදෙසු සාවත්ථි නාම නගරං. තත්ථ සො භගවා එතරහි විහරති අරහං සම්මාසම්බුද්ධො’ති.
Sinhala BJTඇවැත්නි, උතුරු දනවියෙහි ශ්‍රාවස්ති නම් නගරයෙක් ඇත. එහි ඒ භගවත් අර්‍හත් සම්‍යක් සම්බුද්ධයෝ මෙකල්හි වාස කරන සේකැ’ යි.
Pali BJT‘දිට්ඨපුබ්බො පන තෙ භික්ඛු, සො භගවා. දිස්වා ච පන ජානෙය්යාසී’ති.
Sinhala BJTමහණ, තොප විසින් ඒ භාග්‍යවත්හු දුටුවිරූහු ද? යළි දැක හඳුනන්නහු දැ? යි.
Pali BJTන ඛො මෙ ආවුසො, දිට්ඨපුබ්බො සො භගවා. දිස්වා චාහං න ජානෙය්ය’න්ති.
Sinhala BJTඇවැත්නි, මා විසින් ඒ භාග්‍යවත්හු නුදුටුවිරූහ. මම් දැක ද නො හඳුනමි’ යි.
Pali BJTඅථ ඛො භගවතො එතදහොසි: ‘මමං ඛ්වායං{1} කුලපුත්තො උද්දිස්ස පබ්බජිතො. යන්නූනස්සාහං ධම්මං දෙසෙය්ය’න්ති. අථ ඛො භගවා ආයස්මන්තං පුක්කුසාතිං ආමන්තෙසි: ‘ධම්මං තෙ භික්ඛු, දෙසිස්සාමි. තං සුණාහි, සාධුකං මනසි කරොහි, භාසිස්සාමී’ති.
Sinhala BJTඉක්බිති භාග්‍යවතුන් වහන්සේට තෙල සිත් වී: ‘මේ කුලපුත් මා උදෙසා පැවිදි වූයේ වන, මම් ඕහට දහම් දෙසම් නම් මැනැවැ’ යි. ඉක්බිති බුදුහු ආයුෂ්මත් පුක්කුසාති කුලපුත් ඇමැතූසේක: ‘මහණ, තොපට දහම් දෙසන්නෙමි, ඒ අසව, මොනොවට මෙනෙහි කරව, කියන්නෙමි’ යි.
Pali BJTඑවමාවුසොති ඛො ආයස්මා පුක්කුසාති භගවතො පච්චස්සොසි. භගවා එතදවොච:
Sinhala BJT‘එසේ යැ ඇවැත්නි’ යි ආයුෂ්මත් පුක්කුසාති භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වී. භාග්‍යවතුන් වහන්සේ තෙල ධාතුවිභඞ්ග වදාළෝ.
Pali BJT‘ඡද්ධාතුරො{2} අයං භික්ඛු, පුරිසො ඡ ඵස්සායතනො අට්ඨාරසමනොපවිචාරො චතුරාධිට්ඨානො, යත්ථ ඨිතං මඤ්ඤුස්සවා නප්පවත්තන්ති, මඤ්ඤුස්සවෙ ඛො පන නප්පවත්තමානෙ මුනි සන්තොති වුච්චති. පඤ්ඤං නප්පමජ්ජෙය්ය. සච්චමනුරක්ඛෙය්ය. චාගමනුබ්රූහෙය්ය, සන්තිමෙව සො සික්ඛෙය්යා’ති. අයමුද්දෙසො ඡධාතු විභඞ්ගස්ස.
Sinhala BJTමහණ, මේ පුරුෂ සවැදෑරුම් ධාතුමාත්‍රයෙක. සවැදෑරුම් ස්පර්‍ශායතන මාත්‍රයෙක. අටළොස් මනෝපවිචාරමාත්‍රයෙක, සතර ප්‍රතිෂ්ඨා ඇත්තේ යැ යම් අධිෂ්ඨානයෙක පිහිටියහුට උත්සන්න වූ (තෘෂ්ණාදි) මඤ්ඤනාවෝ නො පවතිත් ද( ඒ සතර අධිෂ්ඨානයෝ යි.) උත්සන්න වූ මඤ්ඤනාව නො පවත්නා කල්හි ක්‍ෂීණාස්‍රව මුනි තෙම ‘උපශාන්ත’ යයි කියනු ලැබේ. (අර්‍හත්ඵලප්‍රඥා ප්‍රතිවේධය පිණිස) සමාධිවිදර්‍ශනා ප්‍රඥායෙහි අප්‍රමත්ත වන්නේ යැ. වාක්සත්‍යය රක්නේ යැ. ක්ලේශපරිත්‍යාගය වඩන්නේය. ඒ මහණ ක්ලේශෝපශමය මැ හික්මෙන්නේ යයි. ෂඩ්ධාතුවිභඞ්ගයාගේ මේ උද්දේශ යැ.
Pali BJT‘ඡද්ධාතුරො අයං භික්ඛු, පුරිසො’ති ඉති ඛො පනෙතං වුත්තං. කිඤ්චෙතං පටිච්ච වුත්තං. පඨවීධාතු, ආපොධාතු, තෙජොධාතු, වායොධාතු, ආකාසධාතු, විඤ්ඤාණධාතු. ‘ඡද්ධාතුරො{2}. අයං භික්ඛු, පුරිසො’ති ඉති යං තං වුත්තං, ඉදමෙතං පටිච්ච වුත්තං.
Sinhala BJT‘මහණ, මේ පුරුෂ සවැදෑරුම් ධාතුමාත්‍රයෙකැ’ යි මෙසේ තෙල කියන ලද, තෙල බස් කුමක් සඳහා කියනලද ද යත්: පෘථිවිධාතු යැ අබ්ධාතු යැ තෙජොධාතු යැ වායෝධාතු යැ ආකාශධාතු යැ විඥානධාතු යි. ‘මහණ, මේ පුරුෂ සවැදෑරුම් ධාතුමාත්‍රයෙකැ’ යි මෙසේ යමක් කියන ලද ද මෙය තෙල සඳහා කියනලදි.
Pali BJT‘ඡඵස්සායතනො අයං භික්ඛු, පුරිසො’ති ඉති ඛො පනෙතං වුත්තං, කිඤ්චෙතං පටිච්ච වුත්තං: චක්ඛුසම්ඵස්සායතනං, සොතසම්ඵස්සායතනං, ඝානසම්ඵස්සායතනං, ජිව්හාසම්ඵස්සායතනං, කායසම්ඵස්සායතනං, මනොසම්ඵස්සායතනං. ‘ඡඵස්සායතනො අයං භික්ඛු, පුරිසො’ති ඉති යං තං වුත්තං, ඉදමෙතං පටිච්ච වුත්තං.
Sinhala BJT‘මහණ, මේ පුරුෂ සවැදෑරුම් ස්පර්‍ශායතනමාත්‍රයෙකැ’ යි මෙසේ තෙල කියන ලද. තෙල කුමක් සඳහා කියනලද ද යත්: චක්ඛු සම්ඵස්සායතන යැ සෝතසම්ඵස්සායතන යැ ඝානසම්ඵස්සායතන යැ ජිව්හාසම්ඵස්සායතන යැ කායසම්ඵස්සායතන යැ මනෝසම්ඵස්සායතන යි. ‘මහණ, මේ පුරුෂ සවැදෑරුම් ස්පර්‍ශායතනමාත්‍රයෙකැ’ යි මෙසේ යම් බසෙක් කියනලද ද මෙය තෙල පිණිස කියන ලදි.
Pali BJT‘අට්ඨාරසමනොපවිචාරො අයං භික්ඛු, පුරිසො’ති ඉති ඛො පනෙතං වුත්තං. කිඤ්චෙතං පටිච්ච වුත්තං: චක්ඛුනා රූපං දිස්වා සොමනස්සට්ඨානියං රූපං උපවිචරති. දොමනස්සට්ඨානියං රූපං උපවිචරති. උපෙක්ඛාට්ඨානියං රූපං උපවිචරති. සොතෙන සද්දං සුත්වා -පෙ- ඝානෙන ගන්ධං ඝායිත්වා -පෙ- ජිව්හාය රසං සායිත්වා -පෙ- කායෙන ඵොට්ඨබ්බං ඵුසිත්වා -පෙ- මනසා ධම්මං විඤ්ඤාය සොමනස්සට්ඨානියං ධම්මං උපවිචරති, දොමනස්සට්ඨානියං ධම්මං උපවිචරති , උපෙක්ඛාට්ඨානියං ධම්මං උපවිචරති. ඉති ඡ සොමනස්සූපවිචාරා, ඡ දොමනස්සූපවිචාරා, ඡ උපෙක්ඛූපවිචාරා. ‘අට්ඨාරසමනොපවිචාරො අයං භික්ඛු, පුරිසො’ති ඉති යං තං වුත්තං, ඉදමෙතං පටිච්ච වුත්තං.
Sinhala BJT‘මහණ, මේ පුරුෂ අටළොස් මනෝපවිචාරමාත්‍රයෙකැ’ යි මෙසේ තෙල බසෙක් කියන ලද, තෙල බස් කුමක් පිණිස කියන ලද යැ යත්: ඇසින් රූ දැක සොම්නසට කරුණු වූ රූපය විචාර කෙරෙයි. දොම්නසට කරුණු වූ රූපය විචාර කෙරෙයි. උපේක්‍ෂාවට කරුණු වූ රූපය විචාර කෙරෙයි. කනින් ශබ්ද අසා ... නැහැයෙන් ගඳ ආඝ්‍රාණ කොට ... දිවින් රස ආස්වාද කොට ... කයින් පහස ස්පර්‍ශ කොට ... සිතින් දහම් දැන සොම්නසට කරුණු වූ දහම විචාර කෙරෙයි. දොම්නසට කරුණු වූ දහම විචාර කෙරෙයි. උපේක්‍ෂාවට කරුණු වූ දහම විචාර කෙරෙයි. මෙසේ සෝමනස්සුපවිචාරයෝ සදෙනෙක, දෝමනස්සුපවිචාරයෝ සදෙනෙක, උපෙක්ඛුපවිචාරයෝ සදෙනෙක. ‘මහණ, මේ පුරුෂ අටළොස් මනෝපවිචාරමාත්‍රයෙකැ’ යි මෙසේ යම් බසෙක් කියනලද ද මෙය තෙල පිණිස කියන ලදි.
Pali BJT‘චතුරාධිට්ඨානො අයං භික්ඛු, පුරිසො’ති ඉති ඛො පනෙතං වුත්තං. කිඤ්චෙතං පටිච්ච වුත්තං: පඤ්ඤාධිට්ඨානො, සච්චාධිට්ඨානො, චාගාධිට්ඨානො, උපසමාධිට්ඨානො. ‘චතුරාධිට්ඨානො අයං භික්ඛු, පුරිසො’ති ඉති යං තං වුත්තං, ඉදමෙතං පටිච්ච වුත්තං.
Sinhala BJT‘මහණ, මේ පුරුෂ චතුරධිෂ්ඨානමාත්‍රයෙකැ’ යි මෙසේ තෙල බසෙක් කියන ලද, තෙල කුමක් පිණිස කියන ලද යැ යත්: ප්‍රඥාධිෂ්ඨාන යැ සත්‍යාධිෂ්ඨාන යැ ත්‍යාගාධිෂ්ඨාන යැ උපශමාධිෂ්ඨාන යි. ‘මහණ, මේ පුරුෂ චතුරධිෂ්ඨානමාත්‍රයෙකැ’ යි මෙසේ යම් බසෙක් කියන ලද ද, මෙය තෙල පිණිස කියන ලදි.
Pali BJT‘පඤ්ඤං නප්පමජ්ජෙය්ය සච්චමනුරක්ඛෙය්ය චාගමනුබ්රූහෙය්ය සන්තිමෙව සො සික්ඛෙය්යා’ති ඉති ඛො පනෙතං වුත්තං. කිඤ්චෙතං පටිච්ච වුත්තං: කථඤ්ච භික්ඛු, පඤ්ඤං නප්පමජ්ජති: ඡ ඉමා භික්ඛු, ධාතුයො: පඨවීධාතු, ආපොධාතු, තෙජොධාතු, වායොධාතු, ආකාසධාතු, විඤ්ඤාණධාතු.
Sinhala BJT‘ප්‍රඥායෙහි නො පමා වන්නේ යැ, සත්‍යය රක්නේ යැ, ත්‍යාගය වඩනේ යැ, හේ ශාන්තිය මැ හික්මෙන්නේ යැ’ යි මෙසේ තෙල බසෙක් කියනලද, තෙල බස් කුමක් පිණිස කියනලද යැ යත්: මහණ, කෙසේ ප්‍රඥාව පමා නො කරන්නේ වේ ද: මහණ, මේ ධාතුහු සදෙනෙකි: පෘථිවිධාතු යැ අබ්ධාතු යැ තෙජොධාතු යැ වායෝධාතු යැ ආකාශධාතු යැ විඥානධාතු යි.
Pali BJTකතමා ච භික්ඛු, පථවීධාතු: පථවීධාතු සියා අජ්ඣත්තිකා සියා බාහිරා. කතමා ච භික්ඛු, අජ්ඣත්තිකා පඨවීධාතු: යං අජ්ඣත්තං පච්චත්තං කක්ඛළං ඛරිගතං උපාදින්නං. සෙය්යථිදං: කෙසා ලොමා නඛා දන්තා තචො මංසං නහාරු අට්ඨි අට්ඨිමිඤ්ජා{1} වක්කං හදයං, යකනං කිලොමකං පිහකං පප්ඵාසං අන්තං අන්තගුණං උදරියං කරීසං යං වා පනඤ්ඤම්පි කිඤ්චි අජ්ඣත්තං පච්චත්තං කක්ඛළං ඛරිගතං උපාදින්නං. අයං වුච්චති භික්ඛු, අජ්ඣත්තිකා පඨවීධාතු. යා චෙව ඛො පන අජ්ඣත්තිකා පඨවීධාතු යා ච බාහිරා පඨවීධාතු, පඨවීධාතුරෙවෙසා. තං නෙතං මම, නෙසොහමස්මි, න මෙසො අත්තා’ති එවමෙතං යථාභූතං සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං. එවමෙතං යථාභූතං සම්මප්පඤ්ඤාය දිස්වා පඨවීධාතුයා නිබ්බින්දති, පඨවීධාතුයා චිත්තං විරාජෙති.
Sinhala BJTමහණ, පෘථිවිධාතු කවර? පෘථිවිධාතු ආධ්‍යාත්මික වැ ඇත බාහිර වැ ඇත. මහණ, ආධ්‍යාත්මික පෘථිවිධාතු කවර? ආධ්‍යාත්මික වූ තමා කෙරෙහි පිහිටි තද වූ රළු වූ උපාදින්නක් වූ යමක් ඇද්ද, හේ මෙසේ යැ: කේශයෝ යැ රෝමයෝ යැ නඛයෝ යැ දන්තයෝ යැ ත්‍වක් යැ මාංශ යැ නහර යැ අස්ථිහු යැ අස්ථිමජ්ජා යැ වකුගඩු යැ හෘදය යැ අක්මා යැ ක්ලෝම යැ ප්ලීහ යැ පුප්ඵුස යැ අන්ත යැ අන්තගුණ යැ නො පැසුණු අහර යැ මල යැ, යළි අන්‍ය වූත් අධ්‍යාත්ම වූ තමා කෙරෙහි පිහිටි තද වූ රළු වූ යම් කිසි උපාදින්නකයෙක් ඇද්ද, මහණ, මේ ආධ්‍යාත්මික පෘථිවිධාතු යයි කියනු ලැබේ. තවද යම් ආධ්‍යාත්මික පෘථිවිධාතුවකුත් ඇද්ද, යම් බාහ්‍ය වූ පෘථිවි ධාතුවකුත් ඇද්ද, තෙල පෘථිවිධාතු මැ යැ. තෙල මාගේ නො වෙයි. තෙලෙ මම් නො වෙව්මි. තෙලෙ මාගේ ආත්ම නො වේ යයි මෙසේ තෙල පෘථිවිධාතුව ඇති සැටි විදර්‍ශනාප්‍රඥායෙන් දැක්කයුතු යැ. මෙසේ තෙල යථාභූත කොට විදසුන් නුවණින් දැක පෘථිවිධාතුයෙහි නිර්වේදයට පැමිණෙයි. පෘථිවිධාතුයෙහි සිත නො අලවයි.
Pali BJTකතමා ච භික්ඛු, ආපොධාතු: ආපොධාතු සියා අජ්ඣත්තිකා සියා බාහිරා. කතමා ච භික්ඛු, අජ්ඣත්තිකා ආපොධාතු: යං අජ්ඣත්තං පච්චත්තං ආපො ආපොගතං උපාදින්නං. සෙය්යථිදං: පිත්තං සෙම්හං පුබ්බො ලොහිතං සෙදො මෙදො අස්සු වසා ඛෙළො සිඞ්ඝාණිකා ලසිකා මුත්තං. යං වා පනඤ්ඤම්පි කිඤ්චි අජ්ඣත්තං පච්චත්තං ආපො ආපොගතං උපාදින්නං. අයං වුච්චති භික්ඛු, අජ්ඣත්තිකා ආපොධාතු. යා චෙව ඛො පන අජ්ඣත්තිකා ආපොධාතු යා ච බාහිරා ආපොධාතු, ආපොධාතුරෙවෙසා. තං නෙතං මම, නෙසොහමස්මි, න මෙසො අත්තා’ති එවමෙතං යථාභූතං සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං. එවමෙතං යථාභූතං සම්මප්පඤ්ඤාය දිස්වා ආපොධාතුයා නිබ්බින්දති, ආපොධාතුයා චිත්තං විරාජෙති.
Sinhala BJTමහණ, අබ්ධාතු කවරැ? අධ්‍යාත්මික අබ්ධාතුයෙක් ඇත. බාහ්‍ය අබ්ධාතුයෙක් ඇත. මහණ, ආධ්‍යාත්මික අබ්ධාතු කවරැ? අධ්‍යාත්ම වූ ප්‍රත්‍යාත්ම වූ යම් ආපයෙක් අබ්ගතයෙක් කර්‍මසමුත්‍ථානයෙක් ඇද්ද, හේ මෙසේ යැ: පිත යැ සෙම යැ සැරව යැ ලෙහෙ යැ සෝදිය යැ මේද තෙලැ කඳුළු යැ වුරුණුතෙලැ කෙළ යැ මුකුණු යැ සඳමිදුළු යැ සුලුදිය යි. යළි අන්‍ය වූත් අධ්‍යාත්ම වූ ප්‍රත්‍යාත්ම වූ යම්කිසි ආපයෙක් අබ්ගතයෙක් උපාදින්නකයෙක් ඇද්ද මහණ, මේ ‘ආධ්‍යාත්මික අබ්ධාතු’ යයි කියනුලැබේ. යම් ආධ්‍යාත්මික අබ්ධාතුයෙක් ඇද්ද බාහ්‍ය වූ යම් අබ්ධාතුවකුත් ඇද්ද, තෙල අබ්ධාතු මැ යැ. තෙල මාගේ නො වෙයි. තෙලෙ මම් නො වෙමි. තෙලෙ මාගේ ආත්ම නො වේ යයි මෙසේ තෙල යථාභූත කොට සම්‍යක්ප්‍රඥායෙන් දැක්කයුතු යැ. මෙසේ තෙල යථාභූත කොට සම්‍යක්ප්‍රඥායෙන් දැක අබ්ධාතුයෙහි නිර්වේදයට පැමිණෙයි. අබ්ධාතුයෙහි සිත නො අලවයි.
Pali BJTකතමා ච භික්ඛු, තෙජොධාතු: තෙජොධාතු සියා අජ්ඣත්තිකා සියා බාහිරා. කතමා ච භික්ඛු, අජ්ඣත්තිකා තෙජොධාතු: යං අජ්ඣත්තං පච්චත්තං තෙජො තෙජොගතං උපාදින්නං. සෙය්යථිදං: යෙන ච සන්තප්පති{2} යෙන ච ජීරීයති{3}, යෙන ච පරිඩය්හති, යෙන ච අසිතපීතඛායිතසායිතං සම්මා පරිණාමං ගච්ඡති, යං වා පනඤ්ඤම්පි කිඤ්චි අජ්ඣත්තං පච්චත්තං තෙජො තෙජොගතං උපාදින්නං. අයං වුච්චති භික්ඛු, අජ්ඣත්තිකා තෙජොධාතු. යා චෙව ඛො පන අජ්ඣත්තිකා තෙජොධාතු යා ච බාහිරා තෙජොධාතු, තෙජොධාතුරෙවෙසා. තං නෙතං මම, නෙසොහමස්මි, න මෙසො අත්තාති එවමෙතං යථාභූතං සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං. එවමෙතං යථාභූතං සම්මප්පඤ්ඤාය දිස්වා තෙජොධාතුයා නිබ්බින්දති, තෙජොධාතුයා චිත්තං විරාජෙති.
Sinhala BJTමහණ, තෙජොධාතු කවරැ? අධ්‍යාත්මික වූ තේජෝධාතුයෙක් ඇත. බාහිර වූ තේජෝධාතුයෙක් ඇත. මහණ, ආධ්‍යාත්මික තෙජොධාතු කවරැ? තමා කෙරෙහි පිහිටි තේජෝගත වූ උපාදින්නක වූ යම් ආධ්‍යාත්මික තේජසෙක් වේ ද, ඒ කෙසේ යැ: යම් තේජසෙකින් තැවේ ද යම් තේජසකින් දිරා ද යම් තේජසකින් දැවේ ද යම් තේජසෙකින් බිදි පී කෑ ලෙවි දැය මොනොවට පැසීමට යේ ද, මෙයින් බැහැර යම්කිසි ද වූ තමා කෙරෙහි පිහිටි තේජොගත වූ උපාදින්නක වූ යම් අධ්‍යාත්මික තේජසෙක් වේ ද මහණ, මේ ආධ්‍යාත්මික තෙජොධාතු යයි කියනුලැබේ. යම් ආධ්‍යාත්මික තේජෝධාතුයෙක් ඇද්ද යම් බාහිර තේජෝධාතුයෙක් ඇද්ද, තෙල තෙජොධාතු මැ යැ. එය ‘තෙල මා ගැත්තේ නො වෙයි. තෙලෙ මම නො වෙමි. තෙලෙ මා ආත්ම නො වෙයි’ මෙසේ යම් යථාභූතය සම්‍යක්ප්‍රඥායෙන් දතයුතු. මෙසේ මේ යථාභූතය සම්‍යක්ප්‍රඥායෙන් දැක තේජෝධාතුයෙහි කලකිරෙයි. තේජෝධාතුයෙහි සිත නො අලවයි.
Pali BJTකතමා ච භික්ඛු, වායොධාතු: වායොධාතු සියා අජ්ඣත්තිකා සියා බාහිරා. කතමා ච භික්ඛු, අජ්ඣත්තිකා වායොධාතු: යං අජ්ඣත්තං පච්චත්තං වායො වායොගතං උපාදින්නං. සෙය්යථිදං: උද්ධඞ්ගමා වාතා අධොගමා වාතා කුච්ඡිසයා වාතා කොට්ඨසයා{1} වාතා අඞ්ගමඞ්ගානුසාරිනො වාතා අස්සාසො පස්සාසො, ඉති යං වා පනඤ්ඤම්පි කිඤ්චි අජ්ඣත්තං පච්චත්තං වායො වායොගතං උපාදින්නං. අයං වුච්චති භික්ඛු, අජ්ඣත්තිකා වායොධාතු, යා චෙව ඛො පන අජ්ඣත්තිකා වායොධාතු, යා ච බාහිරා වායොධාතු, වායොධාතුරෙවෙසා. තං නෙතං මම, නෙසොහමස්මි, න මෙසො අත්තාති එවමෙතං යථාභූතං සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං. එවමෙතං යථාභූතං සම්මප්පඤ්ඤාය දිස්වා වායොධාතුයා නිබ්බින්දති, වායොධාතුයා චිත්තං විරාජෙති.
Sinhala BJTමහණ, වායෝධාතු කවරැ? අධ්‍යාත්මික වායෝධාතුයෙක් ඇත. බාහිර වායෝධාතුයෙක් ඇත. මහණ, ආධ්‍යාත්මික වායෝධාතු කවරැ? තමා කෙරෙහි පිහිටි වායෝගත වූ උපාදින්න වූ යම් ආධ්‍යාත්මික වායෝධාතුයෙක් වේ ද, ඒ කෙසේ යැ? උද්ධඞ්ගම වාතයෝ යැ අධෝගමවාතයෝ යැ කුච්ඡිසයවාතයෝ යැ කොට්ඨසය වාතයෝ යැ අඞ්ගමඞ්ගානුසාරී වාතයෝ යැ ආශ්වාස ප්‍රශ්වාස යි. මෙසේ තමා කෙරෙහ්හි වූ වායෝගත වූ උපාදින්න වූ තදන්‍ය යම්කිසි වාතයෙක් ඇද්ද, මහණ, මේ ‘ආධ්‍යාත්මිකවායෝධාතු’ යයි කියනුලැබේ. යම් ආධ්‍යාත්මික වායෝධාතුයෙක් ඇද්ද යම් බාහිර වායෝධාතුයෙක් ඇද්ද තෙල වායෝධාතු මැ වෙයි. ඒ ‘තෙල මා ගැති නො වෙයි. මම තෙලෙ නො වෙමි. තෙලෙ මා ආත්ම නො වෙයි’ මෙසේ යම් යථාභූතය සම්‍යක්ප්‍රඥායෙන් දතයුතු යැ. මෙසේ මේ යථාභූතය සම්‍යක්ප්‍රඥායෙන් දැන වායෝධාතුයෙහි කලකිරෙයි. වායෝධාතුයෙහි සිත නො අලවයි.
Pali BJTකතමා ච භික්ඛු, ආකාසධාතු: ආකාසධාතු සියා අජ්ඣත්තිකා සියා බාහිරා. කතමා ච භික්ඛු, අජ්ඣත්තිකා ආකාසධාතු: යං අජ්ඣත්තං පච්චත්තං ආකාසං ආකාසගතං උපාදින්නං, සෙය්යථිදං: කණ්ණච්ඡිද්දං නාසච්ඡිද්දං මුඛද්වාරං යෙන ච අසිතපීතඛායිතසායිතං අජ්ඣොහරති, යත්ථ ච අසිතපීතඛායිතසායිතං සන්තිට්ඨති, යෙන ච අසිතපීතඛායිතසායිතං අධොභාගා{2} නික්ඛමති, යං වා පනඤ්ඤම්පි කිඤ්චි අජ්ඣත්තං පච්චත්තං ආකාසං ආකාසගතං අඝං අඝගතං විවරං විවරගතං අසම්ඵුට්ඨං මංසලොහිතෙහි උපාදින්නං. අයං වුච්චති භික්ඛු, අජ්ඣත්තිකා ආකාසධාතු. යා චෙව ඛො පන අජ්ඣත්තිකා ආකාසධාතු, යා ච බාහිරා ආකාසධාතු, ආකාසධාතුරෙවෙසා. තං නෙතං මම, නෙසොහමස්මි, න මෙසො අත්තාති එවමෙතං යථාභූතං සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං. එවමෙතං යථාභූතං සම්මප්පඤ්ඤාය දිස්වා ආකාසධාතුයා නිබ්බින්දති, ආකාසධාතුයා චිත්තං විරාජෙති.
Sinhala BJTමහණ, ආකාසධාතු කවරැ? අධ්‍යාත්මික ආකාසධාතුයෙක් ඇත. බාහිර ආකාසධාතුයෙක් ඇත. මහණ, ආධ්‍යාත්මික ආකාසධාතු කවරැ? තමා කෙරෙහි වූ ආකාසගත වූ උපාදින්න වූ යම් ආධ්‍යාත්මික ආකාසයෙක් වේ ද, ඒ කෙසේ යැ? කන්සිදුරැ නැහැසිදුරැ මුවදොරැ යම් ආකාසයෙකින් බිදි පී කෑ ලෙවි දැය ගිලගනී ද, යම් අහසෙක බිදි පී කෑ ලෙවි දැය සිටුනේ වේ ද, යම් අහසෙකින් බිදි පී කෑ ලෙවි දෑ අධෝභාගයෙන් නික්මේ ද, තමා කෙරෙහි වූ ආකසගත වූ ඝර්‍ෂණ රහිත වූ අඝගත වූ විවර වූ විවරගත වූ මස්ලෙහෙයින් නො පහළ උපාදින්න වූ යම් තදන්‍ය කිසිදු ආකාසයෙක් වේ ද, මහණ, මේ ‘ආධ්‍යාත්මික ආකාසධාතු’ යයි කියනුලැබේ. යම් ආධ්‍යාත්මික ආකාසධාතුයෙක් ඇද්ද යම් බාහිර ආකාසධාතුයෙක් ඇද්ද, තෙල ආකාසධාතු මැ යැ. එය ‘තෙල මා ගැති නො වෙයි. මම තෙල නො වෙමි, තෙලෙ මා ආත්ම නො වෙයි’ මෙසේ මේ යථාභූතය සම්‍යක්ප්‍රඥායෙන් දතයුතු. මෙසේ තෙල යථාභූතය සම්‍යක්ප්‍රඥායෙන් දැන ආකාසධාතුයෙහි කලකිරෙයි. ආකාසධාතුයෙහි සිත නො අලවයි.
Pali BJTඅථාපරං විඤ්ඤාණං යෙව අවසිස්සති පරිසුද්ධං පරියොදාතං. තෙන ච විඤ්ඤාණෙන කිං ජානාති: සුඛන්තිපි විජානාති, දුක්ඛන්තිපි විජානාති, අදුක්ඛමසුඛන්තිපි විජානාති. සුඛවෙදනියං භික්ඛු, ඵස්සං පටිච්ච උප්පජ්ජති සුඛා වෙදනා. සො සුඛං වෙදනං වෙදියමානො සුඛං වෙදනං වෙදියාමීති පජානාති. තස්සෙව සුඛවෙදනියස්ස ඵස්සස්ස නිරොධා යං තජ්ජං වෙදයිතං සුඛවෙදනියං ඵස්සං පටිච්ච උප්පන්නා සුඛා වෙදනා සා නිරුජ්ඣති, සා වූපසම්මතීති පජානාති.
Sinhala BJTඉක්බිති අපර වූ පරිශුද්ධ වූ පර්‍ය්‍යවදාත වූ විඥානය මැ ඉතිරි වෙයි. ඒ විඥානයෙන් කුමක් දනී ද? ‘සුඛ’ යයි ද දනී. ‘දුඃඛ’ යයි ද දනී. ‘අදුඃඛ අසුඛ’ යයි ද දනී. මහණ, සුඛවේදනාවට කරුණු වූ ස්පර්‍ශය නිසා සුඛවේදනා උපදී. හේ සුඛවේදනා විඳුනේ ‘සුඛවේදනා විඳිමී’ යි දනී. ඒ සුඛවේදනීය ස්පර්‍ශයාගේ නිරෝධයෙන් එයින් හටගත් යම් වේදනායෙක් ඇද්ද, සුඛවේදනීය ස්පර්‍ශය නිසා උපන් සුඛවේදනායෙක් ඇද්ද, ඒ වේදනා නිරුද්ධ වේ යයි ඒ වේදනා සන්හිඳේ යයි නුවණින් දනී.
Pali BJTදුක්ඛවෙදනියං භික්ඛු, ඵස්සං පටිච්ච උප්පජ්ජති දුක්ඛා වෙදනා. සො දුක්ඛං වෙදනං වෙදියමානො දුක්ඛං වෙදනං වෙදියාමීති පජානාති. තස්සෙව දුක්ඛවෙදනියස්ස ඵස්සස්ස නිරොධා යං තජ්ජං වෙදයිතං දුක්ඛවෙදනියං ඵස්සං පටිච්ච උප්පන්නා දුක්ඛා වෙදනා සා නිරුජ්ඣති. සා වූපසම්මතීති පජානාති.
Sinhala BJTමහණ, දුඃඛවේදනාවට කරුණු වූ ස්පර්‍ශය නිසා දුඃඛ දුඃඛවේදනා උපදී. හේ දුඃඛවේදනා විඳුනේ ‘දුඃඛවේදනා විඳිමී’ යි නුවණින් දනී. එ මැ දුඃඛ දුඃඛවේදනාවට කරුණු වූ ස්පර්‍ශයාගේ නිරෝධයෙන් එයින් හටගත් යම් වේදයිතයෙක් ඇද්ද දුඃඛවේදනාවට කරුණු වූ ස්පර්‍ශය නිසා උපන් දුඃඛවේදනායෙක් ඇද්ද, ඒ නිරුද්ධ වේ යයි ඒ සන්හිඳේ යයි නුවණින් දනී.
Pali BJTඅදුක්ඛමසුඛවෙදනියං භික්ඛු, ඵස්සං පටිච්ච උප්පජ්ජති අදුක්ඛමසුඛා වෙදනා. සො අදුක්ඛමසුඛං වෙදනං වෙදියමානො අදුක්ඛමසුඛං වෙදනං වෙදියාමීති පජානාති. තස්සෙව අදුක්ඛමසුඛවෙදනියස්ස ඵස්සස්ස නිරොධා යං තජ්ජං වෙදයිතං අදුක්ඛමසුඛවෙදනියං ඵස්සං පටිච්ච උප්පන්නා අදුක්ඛමසුඛා වෙදනා සා නිරුජ්ඣති, සා වූපසම්මතී’ති පජානාති.
Sinhala BJTමහණ, උපේක්‍ෂාවේදනාවට කරුණු වූ ස්පර්‍ශය නිසා උපේක්‍ෂා වේදනා උපදී. හේ උපේක්‍ෂාවේදනා විඳුනේ උපේක්‍ෂාවේදනා විඳිමි’ යි නුවණින් දනී. උපේක්‍ෂාවේදනාවට කරුණු වූ එ මැ ස්පර්‍ශයාගේ නිරෝධයෙන් එයින් හටගත් යම් වේදයිතයෙක් ඇද්ද උපේක්‍ෂා වේදනාවට කරුණු වූ ස්පර්‍ශය නිසා උපන් උපේක්‍ෂාවේදනා ඇද්ද, ඒ වේදනා නිරුද්ධ වේ යයි ඒ වේදනා සන්හිඳේ යයි නුවණින් දනී.
Pali BJTසෙය්යථාපි භික්ඛු ද්වින්නං කට්ඨානං සම්ඵස්සසමොධානා{1} උස්මා ජායති, තෙජො අභිනිබ්බත්තති. තෙසං යෙව ද්වින්නං කට්ඨානං නානාභාවා විනික්ඛෙපා යා තජ්ජා උස්මා, සා නිරුජ්ඣති, සා වූපසම්මති. එවමෙව ඛො භික්ඛු, සුඛවෙදනීයං ඵස්සං පටිච්ච උප්පජ්ජති සුඛා වෙදනා. සො සුඛං වෙදනං වෙදියමානො සුඛං වෙදනං වෙදියාමීති පජානාති. තස්සෙව සුඛවෙදනියස්ස ඵස්සස්ස නිරොධා යං තජ්ජං වෙදයිතං සුඛවෙදනියං ඵස්සං පටිච්ච උප්පන්නා සුඛා වෙදනා සා නිරුජ්ඣති, සා වූපසම්මතීති පජානාති.
Sinhala BJTමහණ, යම් පරිදි උභය කාෂ්ටයන්ගේ ස්පර්‍ශසමවධානයෙන් හුණුසුම් හටගනී ද ගිනිත් නිපදවා ද ඒ උභයකාෂ්ටයන්ගේ මැ වෙන් වීමෙන් විසුරුවාලීමෙන් එයින් උපන් යම් උණුසුමෙක් වේ නම් ඒ නිරුද්ධ වේ ද ඒ සන්හිඳේ ද, මහණ, එපරිදි මැ සුඛවේදනාවට කරුණු වූ පහස නිසා සුඛවේදනා උපදී. හේ සුඛවේදනා විඳුනේ ‘සුඛවේදනා විඳිමී’ යි ප්‍රකාරයෙන් දනී. සුඛ වේදනාවට කරුණු වූ එ මැ ස්පර්‍ශයාගේ නිරෝධයෙන් එයින් උපන් යම් වේදයිතයෙක් ඇද්ද, සුඛ වේදනාවට කරුණු වූ පහස නිසා උපන් සුඛවේදනාවෙක් ඇද්ද, ඒ නිරුද්ධ වේ යි ඒ සන්හිඳේ යයි ප්‍රකාරයෙන් දනී.
Pali BJTදුක්ඛවෙදනියං භික්ඛු, ඵස්සං පටිච්ච උප්පජ්ජති දුක්ඛා වෙදනා. සො දුක්ඛා වෙදනං වෙදියමානො දුක්ඛං වෙදනං වෙදියාමීති පජානාති. තස්සෙව දුක්ඛවෙදනියස්ස ඵස්සස්ස නිරොධා යං තජ්ජං වෙදයිතං දුක්ඛවෙදනියං ඵස්සං පටිච්ච උප්පන්නා දුක්ඛා වෙදනා සා නිරුජ්ඣති, සා වූපසම්මතීති පජානාති.
Sinhala BJTමහණ, දුඃඛවේදනාවට කරුණු වූ පහස නිසා දුඃඛවේදනා උපදී. හේ දුඃඛවේදනා විඳුනේ ‘දුඃඛවේදනා විඳිමී’යි ප්‍රකාරයෙන් දනී. දුඃඛවේදනාවට කරුණු වූ එ මැ ස්පර්‍ශයාගේ නිරෝධයෙන් එයින් උපන් යම් වේදයිතයෙක් ඇද්ද දුඃඛවේදනාවට කරුණු වූ පහස නිසා උපන් දුඃඛවේදනාවෙක් ඇද්ද, ඒ නිරුද්ධ වේ යයි එය සන්හිඳේ යයි ප්‍රකාරයෙන් දනී.
Pali BJTඅදුක්ඛමසුඛවෙදනියං භික්ඛු, ඵස්සං පටිච්ච උප්පජ්ජති අදුක්ඛමසුඛා වෙදනා. සො අදුක්ඛමසුඛං වෙදනං වෙදියමානො අදුක්ඛමසුඛං වෙදනං වෙදියාමීති පජානාති. තස්සෙව අදුක්ඛමසුඛවෙදනියස්ස ඵස්සස්ස නිරොධා යං තජ්ජං වෙදයිතං අදුක්ඛමසුඛවෙදනියං ඵස්සං පටිච්ච උප්පන්නා අදුක්ඛමසුඛා වෙදනා සා නිරුජ්ඣති සා වූපසම්මතීති පජානාති.
Sinhala BJTමහණ, උපේක්‍ෂාවේදනාවට කරුණු වූ පහස නිසා උපේක්‍ෂාවේදනා උපදී. හේ උපේක්‍ෂාවේදනා විඳුනේ ‘උපේක්‍ෂාවේදනා විඳිමී’යි ප්‍රකාරයෙන් දනී. උපේක්‍ෂාවේදනාවට කරුණු වූ එ මැ ස්පර්‍ශයාගේ නිරෝධයෙන් එයින් උපන් යම් වේදයිතයෙක් ඇද්ද උපේක්‍ෂාවේදනාවට කරුණු වූ පහස නිසා උපන් උපේක්‍ෂාවේදනායෙක් ඇද්ද, ඒ නිරුද්ධ වේ යයි එය සන්හිඳේ යයි ප්‍රකාරයෙන් දනී.
Pali BJTඅථාපරං උපෙක්ඛායෙව අවසිස්සති පරිසුද්ධා පරියොදාතා මුදු ච කම්මඤ්ඤා ච පභස්සරා ච. සෙය්යථාපි භික්ඛු, දක්ඛො සුවණ්ණකාරො වා සුවණ්ණකාරන්තෙවාසී වා උක්කං බන්ධෙය්ය, උක්කං බන්ධිත්වා උක්කාමුඛං ආලිම්පෙය්ය, උක්කාමුඛං ආලිම්පෙත්වා සණ්ඩාසෙන ජාතරූපං ගහෙත්වා උක්කාමුඛෙ පක්ඛිපෙය්ය. තමෙනං කාලෙන කාලං අභිධමෙය්ය. කාලෙන කාලං උදකෙන පරිප්ඵොසෙය්ය. කාලෙන කාලං අජ්ඣුපෙක්ඛෙය්ය. තං හොති ජාතරූපං ධන්තං{2} සුධන්තං නිද්ධන්තං නීහටං{3} නීහටකසාවං{4} මුදු ච කම්මඤ්ඤං ච පභස්සරඤ්ච. යස්සා යස්සා ච පිළන්ධනවිකතියා ආකඞ්ඛති, යදි පවද්ධිකාය යදි කුණ්ඩලාය යදි ගීවෙය්යකාය යදි සුවණ්ණමාලාය, තඤ්චස්ස අත්ථං අනුභොති.
Sinhala BJTඉක්බිති පරිශුද්ධ වූ පර්‍ය්‍යවදාත වූ මෘදු වූ කර්‍මණ්‍ය වූ ප්‍රභාස්වර වූ උපේක්‍ෂාව මැ ඉතිරි වෙයි. මහණ යම් පරිදි දක්‍ෂ වූ ස්වර්‍ණකාරයෙක් වේවයි ස්වර්‍ණකාර අන්තේවාසිකයෙක් වේවයි කෝවයක් බඳනේ වේ ද කෝවය බැඳ කෝවාමුව ආලිම්පනය කෙරේ ද කෝවාමුව ආලිම්පන කොට අඬුවෙන් රන් ගෙන කෝවාමුවෙහි බහනේ වේ ද, ඒ රන කලින් කල පිඹිනේ වේ ද කලින්කල කින් ඉස්නේ වේ ද කලින් කල උපේක්‍ෂා කෙරේ ද ඒ රන මල පිඹහළ මොනොවට පිඹහළ නිඃශේෂයෙන් පිඹහළ නෙරාගත් නෙරැලූ කසට ඇති මෘදු වූත් කර්‍මණ්‍ය වූත් ප්‍රභාස්වර වූත් රනෙක් වෙයි. යම් යම් පිලන්ධනවිකෘතියක් පිණිස කැමැති වේ ද හිණුදම් පිණිස වේවයි කුණ්ඩලාභරණ පිණිස වේවයි ග්‍රීවාහරණ පිණිස වේවයි රන් මල්දම් පිණිස වේවයි ඔහුගේ ඒ අර්‍ත්‍ථය ද සිදු කෙරෙයි.
Pali BJTඑවමෙව ඛො භික්ඛු, අථාපරං උපෙක්ඛායෙව අවසිස්සති පරිසුද්ධා පරියොදාතා මුදු ච කම්මඤ්ඤා ච පභස්සරා ච. සො එවං පජානාති: ‘ඉමං චෙ අහං උපෙක්ඛං එවංපරිසුද්ධං එවංපරියොදාතං ආකාසානඤ්චායතනං උපසංහරෙය්යං, තදනුධම්මඤ්ච චිත්තං භාවෙය්යං. එවං මෙ අයං උපෙක්ඛා තන්නිස්සිතා තදුපාදානා චිරං දීඝමද්ධානං තිට්ඨෙය්ය. ඉමං චෙ අහං උපෙක්ඛං එවංපරිසුද්ධං එවංපරියොදාතං විඤ්ඤාණඤ්චායතනං උපසංහරෙය්යං, තදනුධම්මඤ්ච චිත්තං භාවෙය්යං. එවං මෙ අයං උපෙක්ඛා තන්නිස්සිතා තදුපාදානා චිරං දීඝමද්ධානං තිට්ඨෙය්ය. ඉමං චෙ අහං උපෙක්ඛං එවංපරිසුද්ධං එවංපරියොදාතං ආකිඤ්චඤ්ඤායතනං උපසංහරෙය්යං, තදනුධම්මඤ්ච චිත්තං භාවෙය්යං. එවං මෙ අයං උපෙක්ඛා තන්නිස්සිතා තදුපාදානා චිරං දීඝමද්ධානං තිට්ඨෙය්ය. ඉමං චෙ අහං උපෙක්ඛං එවංපරිසුද්ධං එවංපරියොදාතං නෙවසඤ්ඤානාසඤ්ඤායතනං උපසංහරෙය්යං. තදනුධම්මඤ්ච චිත්තං භාවෙය්යං, එවං මෙ අයං උපෙක්ඛා තන්නිස්සිතා තදුපාදානා චිරං දීඝමද්ධානං තිට්ඨෙය්යා’ති.
Sinhala BJTමහණ, එපරිදි මැ ඉක්බිති පරිශුද්ධ වූ පර්‍ය්‍යවදාත වූ මෘදු වූ කර්‍මණ්‍ය වූ ප්‍රභාස්වර වූ උපේක්‍ෂාව මැ ඉතිරි වෙයි. හේ මෙසේ දනී: ඉදින් මම මෙසේ පරිශුද්ධ වූ මෙසේ පර්‍ය්‍යවදාත වූ මේ උපේක්‍ෂාව ආකාසානඤ්චායතනයට එළවන්නෙම් නම් තදනුධර්‍ම වූ චිත්තය ද වඩන්නෙම් නම් මෙසේ මාගේ මේ උපේක්‍ෂාව එය ඇසිරි කළා එය උපාදාන විසින් ගත්තී දීර්‍ඝකාලයක් සිටුනී යැ. ඉදින් මම මෙසේ පිරිසුදු වූ මෙසේ පර්‍ය්‍යවදාත වූ මේ උපේක්‍ෂාව විඤ්ඤාණඤ්චායතනයට එළවන්නෙම් නම් තදනුධර්‍මචිත්තය ද වඩන්නෙම් නම් තන්නිශ්‍රීත වූ තදුපාදාන වූ මෙසේ මාගේ මේ උපේක්‍ෂාව දීර්‍ඝකාලයක් සිටුනී යැ. මෙසේ පාරිශුද්ධ වූ මෙසේ පර්‍ය්‍යවදාත වූ මේ උපේක්‍ෂාව ඉදින් මම ආකිඤ්චඤ්ඤායතනයට එළවන්නෙම් නම් තදනුධර්‍මචිත්තය ද වඩන්නෙම් නම් තන්නිඃශ්‍රීත වූ තදුපාදාන වූ මෙසේ මාගේ මේ උපේක්‍ෂාව දිගුකල් සිටුනී යැ. ඉදින් මම මෙසේ පාරිශුද්ධ වූ මෙසේ පර්‍ය්‍යවදාත වූ මේ උපේක්‍ෂාව නේවසඤ්ඤානාසඤ්ඤායතනයට එළවන්නෙම් නම් තදනුධර්‍මචිත්තය ද වඩන්නෙම් නම් තන්නිඃශ්‍රීත වූ තදුපාදාන වූ මෙසේ මාගේ මේ උපේක්‍ෂාව දිගුකල් සිටුනී යැ කියා යි.
Pali BJTසො එවං පජානාති: ‘ඉමං චෙ අහං උපෙක්ඛං එවංපරිසුද්ධං එවංපරියොදාතං ආකාසානඤ්චායතනං උපසංහරෙය්යං, තදනුධම්මඤ්ච චිත්තං භාවෙය්යං, සඞ්ඛතමෙතං. ඉමඤ්චෙ අහං උපෙක්ඛං එවංපරිසුද්ධං එවංපරියොදාතං විඤ්ඤාණඤ්චායතනං උපසංහරෙය්යං, තදනුධම්මඤ්ච චිත්තං භාවෙය්යං, සඞ්ඛතමෙතං. ඉමං චෙ අහං උපෙක්ඛං එවංපරිසුද්ධං එවංපරියොදාතං ආකිඤ්චඤ්ඤායතනං උපසංහරෙය්යං, තදනුධම්මඤ්ච චිත්තං භාවෙය්යං, සඞ්ඛතමෙතං. ඉමඤ්චෙ අහං උපෙක්ඛං එවංපරිසුද්ධං එවංපරියොදාතං නෙවසඤ්ඤානාසඤ්ඤායතනං උපසංහරෙය්යං, තදනුධම්මඤ්ච චිත්තං භාවෙය්යං, සඞ්ඛතමෙතන්ති. සො නෙව තං අභිසඞ්ඛරොති, නාභිසඤ්චෙතයති භවාය වා විභවාය වා. සො අනභිසඞ්ඛරොන්තො අනභිසඤ්චෙතයන්තො භවාය වා විභවාය වා න කිඤ්චි ලොකෙ උපාදියති. අනුපාදියං න පරිතස්සති, අපරිතස්සං පච්චත්තංයෙව පරිනිබ්බායති. ‘ඛීණා ජාති, වුසිතං බ්රහ්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්ථත්තායා’ති පජානාති.
Sinhala BJTහේ මෙසේ දනී: ‘ඉදින් මම මෙසේ පිරිසිදු වූ මෙසේ පර්‍ය්‍යවදාත වූ මේ උපේක්‍ෂාව ආකාසානඤ්චායතනයට එළවම් නම් තදනුධර්‍ම චිත්තය ද වඩම් නම් තෙල සඞ්ඛතධර්‍මයෙකි. ඉදින් මම මෙසේ පිරිසුදු වූ මෙසේ පිරිසුදු වූ මෙසේ පර්‍ය්‍යවදාත වූ මේ උපේක්‍ෂාව විඤ්ඤාණඤ්චායතනයට එළවම් නම් තදනුධර්‍ම චිත්තය ද වඩම් නම් තෙල සඞ්ඛතධර්‍මයෙකි. ඉදින් මම මෙසේ මෙසේ පිරිසුදු වූ මෙසේ පර්‍ය්‍යවදාත වූ මේ උපේක්‍ෂාව ආකිඤ්චඤ්ඤායතනයට එළවම් නම් තදනුධර්‍ම චිත්තය ද වඩම් නම් තෙල සඞ්ඛතධර්‍මයෙකි. ඉදින් මම මෙසේ මෙසේ පිරිසුදු වූ මෙසේ පර්‍ය්‍යවදාත වූ මේ උපේක්‍ෂාව නේවසඤ්ඤානාසඤ්ඤායතනයට එළවම් නම් තදනුධර්‍ම චිත්තය ද වඩම් නම් තෙල සඞ්ඛතධර්‍මයෙකි කියා යි. හේ එය අභිසංස්කරණ නො කෙරෙයි. භවය පිණිස වේවයි. විභවය පිණිස වේවයි. අභිසඤ්චේතනා නො කෙරෙයි. හේ අභිසංස්කරණ නො කරන්නේ අභිසඤ්චේතනා නො කරන්නේ භවය පිණිස හෝ විභවය පිණිස හෝ ලෝකයෙහි කිසිදු උපාදාන වශයෙන් නොගනී. උපාදාන වශයෙන් නො ගන්නේ තෘෂ්ණා වශයෙන් පරිතස්සනා නො කෙරෙයි. තණ්හා පරිතස්සනා නො කරනුයේ තමා තුළ මැ පිරිනිවෙයි. ජාතිය ක්‍ෂය වී. බඹසර වැස නිමවනලද, කරණී කරන ලද, මේ අර්‍හත්ත්‍වය පිණිස කළමනා අනි කිසෙක් නැති’යි දනී.
Pali BJTසො සුඛං චෙ වෙදනං වෙදෙති. සා අනිච්චාති පජානාති, අනජ්ඣොසිතාති පජානාති, අනභිනන්දිතාති පජානාති. දුක්ඛං චෙ වෙදනං වෙදෙති. සා අනිච්චාති පජානාති. අනජ්ඣොසිතාති පජානාති. අභිනන්දිතාති පජානාති. අදුක්ඛමසුඛඤ්චෙ වෙදනං වෙදෙති, සා අනිච්චාති පජානාති, අනජ්ඣොසිතාති පජානාති, අනභිනන්දිතාති පජානාති.
Sinhala BJTඉදින් හේ සුඛවේදනා විඳී නම් ඒ වේදනා අනිත්‍ය යැ’යි දනී. ‘බැසගෙන සිටුනට නො නිසි ය’යි දනී. ‘තෘෂ්ණාදෘෂ්ටි වශයෙන් අභිනන්‍දන කරනට නො නිසි යැ’යි දනී. ඉදින් දුඃඛවේදනා විඳී නම් ඒ වේදනා අනිත්‍ය යැ’යි දනී. ගැලගෙන සිටුනට නො නිසි ය’යි දනී. තෘෂ්ණාදෘෂ්ටි වශයෙන් අභිනන්‍දනයට නො නිසි යැ’යි දනී. ඉදින් උපේක්‍ෂා වේදනා විඳී නම් ඒ වේදනා අනිත්‍ය යැ’යි දනී. ගැලගන්නට නො නිසි යැ’යි දනී. අභිනන්‍දනාර්‍හ නො වෙති’ යි දනී.
Pali BJTසො සුඛං චෙ වෙදනං වෙදෙති, විසංයුත්තො තං න වෙදෙති. සො දුක්ඛං චෙ වෙදනං වෙදෙති, විසංයුත්තො තං න වෙදෙති.{1} අදුක්ඛමසුඛං චෙ වෙදනං වෙදෙති, විසංයුත්තො තං න වෙදෙති.{1} සො කායපරියන්තිකං වෙදනං වෙදියමානො කායපරියන්තිකං වෙදනං වෙදියාමීති පජානාති. ජීවිතපරියන්තිකං වෙදනං වෙදියමානො ජීවිතපරියන්තිකං වෙදනං වෙදියාමීති පජානාති. කායස්ස භෙදා පරම්මරණා උද්ධං ජීවිතපරියාදානා ඉධෙව සබ්බවෙදයිතානි අනභිනන්දිතානි සීතීභවිස්සන්තී’ති පජානාති.
Sinhala BJTඉදින් හේ සුඛවේදනා විඳී නම් විසංයුක්ත වැ ඒ සුඛවේදනා නො විඳි. ඉදින් හේ දුඃඛවේදනා විඳී නම් විසංයුක්ත වැ ඒ දුඃඛවේදනා නො විඳී. ඉදින් හේ උපේක්‍ෂාවේදනා විඳී නම් විසංයුක්ත වැ ඒ උපේක්‍ෂා වේදනා නො විඳී. හේ කායපර්‍ය්‍යන්තිකවේදනා විඳුනේ කායපර්‍ය්‍යන්තිකවේදනා විඳිමි’යි දනී. ජීවිතපර්‍ය්‍යන්තිකවේදනා විඳුනේ ජීවිතපර්‍ය්‍යන්තිකවේදනා විඳිමි’යි දනී. කාබුන් මරණින් මතු ජීවිතපර්‍ය්‍යාදානයෙන් මතු මෙලොව මැ අනභිනන්‍දිත වූ සියලු වේදනාවෝ මේ ආයතනයන්හි මැ සන්හිඳෙති’යි දනී.
Pali BJTසෙය්යථාපි භික්ඛු, තෙලඤ්ච පටිච්ච වට්ටිඤ්ච පටිච්ච තෙලප්පදීපො ඣායති, තස්සෙව තෙලස්ස ච වට්ටියා ච පරියාදානා අඤ්ඤස්ස ච අනුපාහාරා{2} අනාහාරො නිබ්බායති. එවමෙව ඛො භික්ඛු, කායපරියන්තිකං වෙදනං වෙදියමානො කායපරියන්තිකං වෙදනං වෙදියාමීති පජානාති. ජීවිතපරියන්තිකං වෙදනං වෙදියමානො ජීවිතපරියන්තිකං වෙදනං වෙදියාමීති පජානාති. කායස්ස භෙදා පරම්මරණා උද්ධං ජීවිතපරියාදානා ඉධෙව සබ්බවෙදයිතානි අනභිනන්දිතානි සීතීභවිස්සන්තී’ති පජානාති. තස්මා එවං සමන්නාගතො භික්ඛු ඉමිනා පරමෙන පඤ්ඤාධිට්ඨානෙන සමන්නාගතො හොති. එසා හි භික්ඛු, පරමා අරියා පඤ්ඤා යදිදං සබ්බදුක්ඛක්ඛයෙ ඤාණං.
Sinhala BJTමහණ, යම් පරිදි තෙල් ද නිසා වැටි ද නිසා තෙල්පහන් දිලියේ ද ඒ තෛලයාගේ ද වැටියගේ ද ක්‍ෂය වැ යෑමෙන් අනෙකක්හුගේ නො ගැනීමෙන් අනාහාර වැ නිවියේ ද, මහණ, එපරිදි මැ කායපර්‍ය්‍යන්තික වේදනා විඳුනේ කායපර්‍ය්‍යන්තිකවේදනා විඳිමි’යි දනී. ජීවිතපර්‍ය්‍යන්තිකවේදනා විඳුනේ ජීවිතපර්‍ය්‍යන්තිකවේදනා විඳිමි’යි දනී. කාබුන් මරණින් මතු ජිවිතක්‍ෂයෙන් මතු මේ ආයතනයන්හි මැ අනභිනන්‍දන සියලු වේදනාවෝ සන්හිඳෙති’ යි දනී. එහෙයින් මෙසේ සමන්‍වාගත මහණ මේ පරම ප්‍රඥාධිෂ්ඨානයෙන් සමන්‍වාගත වූයේ නම් වෙයි. මහණ, මේ පරම ආර්‍ය්‍යප්‍රඥාව යි. කිමෙක යත්: සර්‍වදුඃඛක්‍ෂයෙහි ඥානය යි.
Pali BJTතස්ස සා විමුත්ති සච්චෙ ඨිතා අකුප්පා හොති. තං හි භික්ඛු මුසා, යං මොසධම්මං. තං සච්චං, යං අමොසධම්මං නිබ්බානං. තස්මා එවං සමන්නාගතො භික්ඛු ඉමිනා පරමෙන සච්චාධිට්ඨානෙන සමන්නාගතො හොති. එතං හි භික්ඛු, පරමං අරියසච්චං යදිදං අමොසධම්මං නිබ්බානං.
Sinhala BJTඔහුගේ ඒ අර්‍හත්ඵලවිමුක්තිය පරමාර්‍ත්‍ථසත්‍ය වූ නිවනෙහි සිටියා (කෙලෙසුන් විසින්) අකෝප්‍ය වෙයි. මහණ, යමක් නැසෙන පියවි ඇද්ද එය විතථ වෙයි. නො නැසෙන පියවි ඇති යම් නිවනෙක් ඇද්ද, එය සත්‍ය වෙයි. එහෙයින් මෙසේ එයින් සමන්‍වාගත මහණ මේ පරමාර්‍ත්‍ථසත්‍යාධිෂ්ඨානයෙන් සමන්‍විත වෙයි. මහණ, යම් නො නැසෙන ස්වභාව වූ නිවනෙක් ඇද්ද තෙල පරම වූ ආර්‍ය්‍යසත්‍ය යි.
Pali BJTතස්සෙව ඛො පන පුබ්බෙ අවිද්දසුනො උපධී හොන්ති සමත්තා සමාදින්නා. ත්යාස්ස පහීනා හොන්ති උච්ඡින්නමූලා තාලාවත්ථුකතා අනභාවකතා{1} ආයතිං අනුප්පාදධම්මා. තස්මා එවං සමන්නාගතො භික්ඛු ඉමිනා පරමෙන චාගාධිට්ඨානෙන සමන්නාගතො හොති. එසො හි භික්ඛු, පරමො අරියො චාගො යදිදං සබ්බූපධිපටිනිස්සග්ගො. තස්සෙව ඛො පන පුබ්බෙ අවිද්දසුනො අභිජ්ඣා හොති ඡන්දො සාරාගො. ස්වාස්ස පහීනො හොති උච්ඡින්නමූලො තාලාවත්ථුකතො අනභාවකතො ආයතිං අනුප්පාදධම්මො.
Sinhala BJTපෙර පෘථග්ජන කාලයෙහි අවිද්‍යායෙන් යුත් ඔහු විසින් මැ සම්පූර්‍ණ කරනලද ගන්නාලද ස්කන්‍ධාදි උපධීහු වෙත් ද ඔවුහු ඔහුට ප්‍රහීණ වූවාහු වෙති. උසුන්මුල් ඇත්තාහු තාලවස්තුවක් මෙන් කරන ලද්දාහු අනුඅභාවය කරන ලද්දාහු මත්තෙහි නූපදනා පියවි ඇත්තාහු වෙත්. එහෙයින් මෙයින් සමන්‍වාගත මහණ මේ උත්තම වූ ත්‍යාගාධිෂ්ඨානයෙන් සමන්‍විත වෙයි. මහණ, යම් සියලු උපධීන්ගේ දුරැලීමෙක් ඇද්ද තෙල උත්තම වූ ආර්‍ය්‍යත්‍යාගයවෙයි. පෙර පෘථග්ජන වූ අවිද්‍යායෙන් යුත් අභිධ්‍යායෙක් ඡන්‍දයෙක් බලවත් රාගයෙක් වේ ද, ඔහුට ඒ රාගය ප්‍රහීණ වෙයි. උසුන්මුල් ඇත්තේ තාලවස්තුවක් මෙන් කරන ලද්දේ අනු අභාවය කරනලද්දේ මත්තෙහි නූපදනා පියවි ඇත්තේ වෙයි.
Pali BJTතස්සෙව ඛො පන පුබ්බෙ අවිද්දසුනො ආඝාතො හොති බ්යාපාදො සම්පදොසො. ස්වාස්ස පහීනො හොති උච්ඡින්නමූලො තාලාවත්ථුකතො අනභාවකතො ආයතිං අනුප්පාදධම්මො.
Sinhala BJTපෙර අවිද්‍යායෙන් යුත් ඔහුට මැ ආඝාතයයෙක් ව්‍යාපාදයෙක් සම්ප්‍රදොෂයෙක් වේ ද ඔහුට ඒ සම්ප්‍රදෝෂය ප්‍රහීණ වෙයි. උසුන්මුල් ඇත්තේ තාලවස්තුවක් මෙන් කරනලද්දේ අනුඅභාවය කරනලද්දේ මත්තෙහි නූපදනා ස්වභාව ඇත්තේ වෙයි.
Pali BJTතස්සෙව ඛො පන පුබ්බෙ අවිද්දසුනො අවිජ්ජා හොති සම්මොහො සම්පදොසො, ස්වාස්ස පහීනො හොති උච්ඡින්නමූලො තාලාවත්ථුකතො අනභාවකතො ආයතිං අනුප්පාදධම්මො. තස්මා එවං සමන්නාගතො භික්ඛු ඉමිනා පරමෙන උපසමාධිට්ඨානෙන සමන්නාගතො හොති. එසො හි භික්ඛු, පරමො අරියො උපසමො යදිදං රාගදොසමොහානං උපසමො.
Sinhala BJTපෙර පෘථග්ජන කාලයෙහි අවිද්‍යායෙන් යුත් ඔහුට මැ යම් අවිද්‍යායෙක් සම්මොහයෙක් සම්ප්‍රදොෂයෙක් වී ද, ඔහුට ඒ සම්මෝහ සම්ප්‍රදෝෂය ප්‍රහීණ වෙයි. උසුන්මුල් ඇත්තේ තාලවස්තුවක් මෙන් කරනලද්දේ මත්තෙහි නූපදනා ස්වභාව ඇත්තා එහෙයින් මේ උපශමයෙන් සමන්‍විත වූ මහණ මේ උත්තම වූ උපශමාධිෂ්ඨානයෙන් සමන්‍වාගත වෙයි. මහණ, තෙල උත්තමවූ ආර්‍ය්‍ය උපශමය වෙයි, යම් රාගද්වේෂමෝහයන්ගේ උපශමයෙක් ඇද්ද එයයි.
Pali BJT‘පඤ්ඤං නප්පමජ්ජෙය්ය, සච්චමනුරක්ඛෙය්ය, චාගමනුබ්රූහෙය්ය, සන්තිමෙව සො සික්ඛෙය්යා’ති ඉති යං තං වුත්තං, ඉදමෙතං පටිච්ච වුත්තං.
Sinhala BJT‘විදර්‍ශනාප්‍රඥායෙහි නො පමා වන්නේ යැ වාක්සත්‍යය රක්නේ යැ, ක්ලේශත්‍යාගය වඩනේ යැ, හේ නිර්‍වාණ ශාන්තිය මැ හික්මෙන්නේ යයි මෙසේ යමක් කියනලද ද තෙල බස් මේ සඳහා කියනලදි.
Pali BJTයත්ථ ඨිතං මඤ්ඤුස්සවා නප්පවත්තන්ති. මඤ්ඤුස්සවෙ ඛො පන අප්පවත්තමානෙ මුනි සන්තොති වුච්චතී’ති ඉති ඛො පනෙතං වුත්තං. කිඤ්චෙතං පටිච්ච වුත්තං: අස්මීති භික්ඛු මඤ්ඤිතමෙතං. අයමහමස්මීති. මඤ්ඤිතමෙතං. භවිස්සන්ති මඤ්ඤිතමෙතං. න භවිස්සන්ති මඤ්ඤිතමෙතං. රූපී භවිස්සන්ති මඤ්ඤිතමෙතං. අරූපී භවිස්සන්ති මඤ්ඤිතමෙතං. සඤ්ඤී භවිස්සන්ති මඤ්ඤිතමෙතං. අසඤ්ඤී භවිස්සන්ති මඤ්ඤිතමෙතං. නෙවසඤ්ඤීනාසඤ්ඤී භවිස්සන්ති මඤ්ඤිතමෙතං. මඤ්ඤිතං භික්ඛු රොගො, මඤ්ඤිතං ගණ්ඩො, මඤ්ඤිතං සල්ලං. සබ්බමඤ්ඤිතානං ත්වෙව භික්ඛු, සමතික්කමා මුනි සන්තොති වුච්චති. මුනි ඛො පන භික්ඛු, සන්තො න ජායති න ජීයති න මීයති න කුප්පති න විහෙසති. තම්පිස්ස භික්ඛු නත්ථි, යෙන ජායෙථ, අජායමානො කිං ජීයිස්සති, අජීයමානො කිං මීයිස්සති, අමීයමානො කිං කුප්පිස්සති, අකුප්පමානො කිස්ස විහෙස්සති. ‘යත්ථ ඨිතං මඤ්ඤුස්සවා නප්පවත්තන්ති. මඤ්ඤුස්සවෙ ඛො පන නප්පවත්තමානෙ මුනි සන්තොති වුච්චතී’ති ඉති යං තං වුත්තං, ඉදමෙතං පටිච්ච වුත්තං. ඉමං ඛො මෙ ත්වං භික්ඛු, සඞ්ඛිත්තෙන ඡ ධාතුවිභඞ්ගං ධාරෙහීති.
Sinhala BJTයම් අධිෂ්ඨානයෙකැ පිහිටියහුට උත්සන්න වූ (තෘෂ්ණාදි) මඤ්ඤනාවෝ නො පවතිත් ද, උත්සන්න වූ මඤ්ඤනාව නො පවත්නා කල්හි ක්‍ෂීණාස්‍රව මුනි තෙම උපශාන්ත යැ යි කියනු ලැබෙයි යන් තෙල බස් කුමක් සඳහා කියනලද ද යත්: මහණ (මම් නිත්‍ය) වෙමි’ යන් තෙල දෘෂටිකල්පනයෙකි. ‘මේ මම් වෙමි’ යන තෙල තණ්හා මඤ්ඤිතයෙකි. ‘(මම්) අනායෙහි වෙමි’ යන තෙල දෘෂටිකල්පනයෙකි. ‘අනායෙහි නො වෙමි’ යන තෙල දෘෂටිකල්පනයෙකි. ‘රූපවත් වෙමි’ යන තෙල දෘෂටිකල්පනයෙකි ‘අරූපී වෙමි’ යන තෙල දෘෂටිකල්පනයෙකි. ‘සංඥාවත් වෙමි’ යන තෙල දෘෂටිකල්පනයෙකි. ‘අසංඥ වෙමි’ යන තෙල දෘෂ්ටි කල්පනයෙකි. ‘නෛවසංඥනාසංඥවෙමි’ යන තෙල දෘෂ්ටිකල්පනයෙකි. මහණ, මඤ්ඤිතය රෝගයෙක. මඤ්ඤිතය ගණ්ඩයෙක. මඤ්ඤිතය ශල්‍යයෙක. මහණ, මඤ්ඤිතයන්ගේ මැ, ඉක්මවාලීමෙන් ක්‍ෂීණාස්‍රව මුනි ‘ශාන්ත යැ’ යි කියනු ලැබේ. තවද මහණ, ක්‍ෂීණාස්‍රව මුනි ශාන්ත වූයේ නූපදී, නො දිරයි, නො මියෙයි, කෙලෙසුන් විසින් අකෝප්‍ය වෙයි. නො වෙහෙසෙයි. මහණ, යම් කරුණෙකින් උපදනේ ද, එකරුණ ඔහුට නැත. නූපදනේ කිම දිරන්නේ ද, නො දිරනුයේ කිම මියන්නේ ද, නො මියනුයේ කිම (කෙලෙසුන් විසින්) කෝප්‍ය වේ ද, අකෝප්‍ය වනුයේ කුමක් හෙයින් වෙහෙසේ ද? යම් අධිෂ්ඨානයෙක පිහිටියහුට උත්සන්න වූ (තෘෂ්ණාදි) මඤ්ඤනාවෝ නො පවතිත් ද උත්සන්න වූ මඤ්ඤනාව නො පවත්නා කල්හි ක්‍ෂීණාස්‍රව මුනි තෙම ‘උපශාන්ත යැ’ යි කියනුලැබේ යයි මෙසේ යමක් කියනලද ද, මෙය තෙල කරුණ සඳහා කියනලදි. මහණ, තෙපි මා විසින් සැකෙවින් ප්‍රකාශ කළ මේ ෂඩ්ධාතුවිභඞ්ගය ධරව යි.
Pali BJTඅථ ඛො ආයස්මා පුක්කුසාති ‘සත්ථා කිර මෙ අනුප්පත්තො, සුගතො කිර මෙ අනුප්පත්තො, සම්මාසම්බුද්ධො කිර මෙ අනුප්පත්තො’ති උට්ඨායාසනා එකංසං චීවරං කත්වා භගවතො පාදෙසු සිරසා නිපතිත්වා භගවන්තං එතදවොච: ‘අච්චයො මං භන්තෙ, අච්චගමා යථාබාලං යථාමූළ්හං යථාඅකුසලං, යොහං භගවන්තං ආවුසොවාදෙන සමුදාචරිතබ්බං අමඤ්ඤිස්සං. තස්ස මෙ භන්තෙ, භගවා අච්චයං අච්චයතො පටිග්ගණ්හාතු ආයතිං සංවරායා’ති.
Sinhala BJTඑසඳ පුක්කුසාති කුලපුත් මාගේ ශාස්තෘන් වහන්සේ වැඩිසේක, මාගේ සුගතයන් වහන්සේ වැඩිසේක, මාගේ සම්‍යක්සම්බුද්ධයන් වහන්සේ වැඩිසේකැ’ යි හුනස්නෙන් නැඟී සිවුර එකස් කොට ගෙන බුදුන්ගේ දෙපාමුල හිසින් වැටී සිට වැදහෙව භාග්‍යවතුන් වහන්සේට තෙල සැලකෙළේ: වහන්ස, වරද මා මැඩගත. බාලභාවය වූ සැටියෙනි, මූඪභාවය වූ සැටියෙනි, අකුශලභාවය වූ සැටියෙනි, මම භාග්‍යවතුන් වහන්සේ ‘ආවුසො වාදයෙන්’ බිණියයුතු කොට සිතීම් ද, එහෙයිනි. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ මාගේ වරද වරද විසින් පිළිගන්නාසේක්වා, ආයතිසංවරය පිණිස යයි.
Pali BJTතග්ඝ ත්වං භික්ඛු, අච්චයො අච්චගමා යථාබාලං යථාමූළ්හං යථාඅකුසලං, යං මං ත්වං ආවුසොවාදෙන සමුදාචරිතබ්බං අමඤ්ඤිත්ථ. යතො ච ඛො ත්වං භික්ඛු, අච්චයං අච්චයතො දිස්වා යථා ධම්මං පටිකරොසි. තං තෙ මයං පතිගණ්හාම. වුද්ධි හෙසා භික්ඛු, අරියස්ස විනයෙ යො අච්චයං අච්චයතො දිස්වා යථාධම්මං පටිකරොති, ආයතිං සංවරං ආපජ්ජතී’ති.
Sinhala BJTමහණ, බාලයකු මැඩගන්නා සෙයින් මූඪයකු මැඩගන්නා සෙයින් අදක්‍ෂයකු මැඩගන්නා සෙයින් ඒකාන්තයෙන් වරද තා මැඩගත, යම් හෙයෙකින් තෝ මා ‘ආවුසෝවාදයෙන්’ බිණියයුතු කොට සිතුයෙහි ද, එහෙයිනි. මහණ, යම් හෙයෙකින් තෝ වරද වරද විසින් දැක ධරමානුකූල කොට ප්‍රතික්‍රියා කෙරෙහි ද, අපි තාගේ ඒ ක්‍රියා පිළිගනුම්හ. මහණ, යමෙක් වරද වරද විසින් දැක ධර්‍මය නො ඉක්ම පිළියම් කෙරේ ද, ආයතිසංවරයට පැමිණේ ද, තෙල ආර්‍ය්‍යවිනයෙහි වෘද්ධියෙක් මැ යැ.
Pali BJTලභෙය්යාහං භන්තෙ, භගවතො සන්තිකෙ උපසම්පදන්ති.
Sinhala BJTවහන්ස, මම භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි උපසම්පදාව ලබම්වා!
Pali BJTපරිපුණ්ණං පන තෙ භික්ඛු, පත්තචීවරන්ති:
Sinhala BJTමහණ, තාගේ පාසිවුරු පරිපූර්‍ණ වැ ඇද්ද?
Pali BJTන ඛො මෙ භන්තෙ, පරිපුණ්ණං පත්තචීවරන්ති.
Sinhala BJTවහන්ස, මාගේ පාසිවුරු පරිපූර්‍ණ නො වෙ.
Pali BJTන ඛො භික්ඛු, තථාගතා අපරිපුණ්ණපත්තචීවරං උපසම්පාදෙන්තීති.
Sinhala BJTමහණ, තථාගතවරු නො පිරිපුන් පාසිවුරු ඇතියහු උපසපන් නො කෙරෙති.
Pali BJTඅථ ඛො ආයස්මා පුක්කුසාති භගවතො භාසිතං අභිනන්දිත්වා අනුමොදිත්වා උට්ඨායාසනා භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා පත්තචීවරපරියෙසනං පක්කාමි.
Sinhala BJTඑසඳ පුක්කුසාති කුලපුත් භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය සතුටින් පිළිගෙන අනුමෝදන් වැ හුනස්නෙන් නැඟී භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ පැදකුණු කොට පාත්‍රචීවර පර්‍ය්‍යෙෂණයට බැස ගියේ.
Pali BJTඅථ ඛො ආයස්මන්තං පුක්කුසාතිං පත්තචීවරපරියෙසනං චරන්තං භන්තගාවී{1} ජීවිතා වොරොපෙසි.
Sinhala BJTඉක්බිති පාසිවුරු පිරිසෙයුම් කරන පුක්කුසාති කුලපුත්හු භ්‍රාන්ත වූ දෙනක් දිවියෙන් තොර කළා.
Pali BJTඅථ ඛො සම්බහුලා භික්ඛූ යෙන භගවා, තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදිංසු. එකමන්තං නිසින්නා ඛො තෙ භික්ඛූ භගවන්තං එතදවොචුං: ‘යො සො, භන්තෙ, පුක්කුසාති නාම කුලපුත්තො භගවතා සඞ්ඛිත්තෙන ඔවාදෙන ඔවදිතො, සො කාලඞ්කතො. තස්ස කා ගති, කො අභිසම්පරායො’ති.
Sinhala BJTඑසඳ බොහෝ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස් වැ හුන්හ. එකත්පස් වැ හුන් ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කළෝ: වහන්ස, පුක්කුසාති නම් යම් කුලපුතෙක් භාග්‍යවතුන් වහන්සේ විසින් සංක්‍ෂිප්ත අවවාදයෙකින් ඔවා දෙනලද ද, හේ කාලක්‍රියා කෙළේ, ඔහුගේ ගති කවර? පරලොව කවරෙ? යි.
Pali BJTපණ්ඩිතො භික්ඛවෙ, පුක්කුසාති කුලපුත්තො, පච්චපාදි ධම්මස්සානුධම්මං. න ච මං ධම්මාධිකරණං විහෙඨෙසි. පුක්කුසාති භික්ඛවෙ, කුලපුත්තො පඤ්චන්නං ඔරම්භාගියානං සඤ්ඤොජනානං පරික්ඛයා ඔපපාතිකො තත්ථ පරිනිබ්බායී අනාවත්තිධම්මො තස්මා ලොකාති.
Sinhala BJTමහණෙනි, පුක්කුසාති කුලපුත් පණ්ඩිත යැ, ධර්‍මානුධර්‍ම අවබෝධ කෙළේ යැ. ධර්‍මහේතුයෙන් මා නො පෙළී. මහණෙනි, පුක්කුසාති කුලපුත් පස්වැදෑරුම් ඕරම්භාගිය සංයෝජනයන් ක්‍ෂය කිරීමෙන් ඕපපාතික වැ ඒ බඹලොවින් වටාලා නො එනසුලු වැ එහි මැ පිරිනිවන්පානේ යයි.
Pali BJTඉදමවොච භගවා. අත්තමනා තෙ භික්ඛූ භගවතො භාසිතං අභිනන්දුන්ති.
Sinhala BJTභාග්‍යවතුන් වහන්සේ තෙල වදාළසේක. සතුටුසිත් ඇති ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය අභිනන්‍දන කළහ.
Pali BJTධාතුවිභඞ්ගසුත්තං දසමං.
Sinhala BJTදස වැනි ධාතුවිභඞ්ග සූත්‍ර යි.
Pali BJT3. 4. 11.
Sinhala BJT3. 4. 11.
Pali BJTසච්චවිභඞ්ග සුත්තං
Sinhala BJTසච්චවිභඞ්ග සූත්‍රය
Pali BJTඑවං මෙ සුතං: එකං සමයං භගවා බාරාණසියං විහරති ඉසිපතනෙ මිගදායෙ. තත්ර ඛො භගවා භික්ඛූ ආමන්තෙසි භික්ඛවොති. භදන්තෙති තෙ භික්ඛූ භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච:
Sinhala BJTමා විසින් මෙසේ අසනලද: එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ බරණැස්නුවර මිගදාය නම් ඉසිපතනාරාමයෙහි වැඩ වාස කරනසේක. එකල භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’ කියා මහණුන් ඇමතූසේක. ඒ මහණහු ‘වහන්සැ’ යි භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළසේක:
Pali BJTතථාගතෙන භික්ඛවෙ, අරහතා සම්මාසම්බුද්ධෙන බාරාණසියං ඉසිපතනෙ මිගදායෙ අනුත්තරං ධම්මචක්කං පවත්තිතං අප්පතිවත්තියං සමණෙන වා බ්රාහ්මණෙන වා දෙවෙන වා මාරෙන වා බ්රහ්මුනා වා කෙනචි වා ලොකස්මිං, යදිදං චතුන්නං අරියසච්චානං ආචික්ඛනා දෙසනා පඤ්ඤපනා පට්ඨපනා විවරණා විභජනා උත්තානීකම්මං. කතමෙසං චතුන්නං: දුක්ඛස්ස අරියසච්චස්ස ආචික්ඛනා දෙසනා පඤ්ඤපනා පට්ඨපනා විවරණා විභජනා උත්තානීකම්මං, දුක්ඛසමුදයස්ස අරියසච්චස්ස ආචික්ඛනා දෙසනා පඤ්ඤපනා පට්ඨපනා විවරණා විභජනා උත්තානීකම්මං. දුක්ඛනිරොධස්ස අරියසච්චස්ස ආචික්ඛනා දෙසනා පඤ්ඤපනා පට්ඨපනා විවරණා විභජනා උත්තානීකම්මං. දුක්ඛනිරොධගාමිනියා පටිපදාය{1} අරියසච්චස්ස ආචික්ඛනා දෙසනා පඤ්ඤපනා පට්ඨපනා විවරණා විභජනා උත්තානීකම්මං. තථාගතෙන භික්ඛවෙ, අරහතා සම්මාසම්බුද්ධෙන බාරාණසියං ඉසිපතනෙ මිගදායෙ අනුත්තරං ධම්මචක්කං පවත්තිතං අප්පතිවත්තියං සමණෙන වා බ්රාහ්මණෙන වා දෙවෙන වා මාරෙන වා බ්රහ්මුනා වා කෙනචි වා ලොකස්මිං, යදිදං ඉමෙසං චතුන්නං අරියසච්චානං ආචික්ඛනා දෙසනා පඤ්ඤපනා පට්ඨපනා විවරණා විභජනා උත්තානීකම්මං.
Sinhala BJTමහණෙනි, අර්‍හත් සම්‍යක් සම්බුද්ධ වූ තථාගතයන් විසින් බරණැස ඉසිපතන නම් මුවළැව්හි දී මහණකු විසින් වේවයි බමුණකු විසින් වේවයි, දෙවියකු විසින් වේවයි, මරහු විසින් වේවයි, බඹහු විසින් වේවයි, ලොවැ කිසිවක්හු විසින් වේවයි, නො පැවැත්විය හෙන අනුත්තර ධර්‍මචක්‍රය පවත්වනලද, එ කිසෙ යැ යත්: චතුරාර්‍ය්‍යසත්‍යයන් පැවැසීම දෙසීම පැනවීම තැබීම විවරණය විභාගය පළට කිරීම යි. කවර සතර දෙනකුන්ගෙන් යැ යත්: දුඃඛාර්‍ය්‍යසත්‍යයාගේ පැවැසීම දෙසීම පැනවීම තැබීම විවරණය විභජනය උත්තානීකරණ යැ, දුඃඛසමුදයාර්‍ය්‍යසත්‍යයාගේ පැවැසීම දෙසීම පැනවීම තැබීම විවරණය විභජනය උත්තානීකරණ යැ, දුඃඛනිරෝධාර්‍ය්‍යසත්‍යයාගේ පැවැසීම දෙසීම පැනවීම තැබීම විවරණය විභජනය උත්තානීකරණ යැ, දුඃඛනිරෝධගාමිනීප්‍රතිපදාර්‍ය්‍යසත්‍යයාගේ පැවැසීම දෙසීම පැනවීම තැබීම විවරණය විභජනය උත්තානීකරණ යි. මහණෙනි, අර්‍හත් සම්‍යක් සම්බුද්ධ වූ තථාගතයන් විසින් බරණැස ඉසිපතන නම් මුවළැව්හි දී මහණකු වේවයි, බමුණකු වේවයි, දෙවියකු වේවයි, මරකු වේවයි, බඹකු වේවයි, ලොවැ කිසිවක්හු විසින් වේවයි, නො පැවැත්විය හෙන අනුත්තර ධර්‍මචක්‍රය පවත්වන ලද. මේ චතුරාර්‍ය්‍යසත්‍යයන්ගේ පැවැසීම දෙසීම පැනවීම තැබීම විවරණය විභජනය ප්‍රකට කිරීම යි.
Pali BJTසෙවෙථ භික්ඛවෙ, සාරිපුත්තමොග්ගල්ලානෙ. භජථ භික්ඛවෙ, සාරිපුත්තමොග්ගල්ලානෙ. පණ්ඩිතා භික්ඛූ අනුග්ගාහකා සබ්රහ්මචාරීනං. සෙය්යථාපි භික්ඛවෙ, ජනෙත්ති{2} එවං සාරිපුත්තො. සෙය්යථාපි ජාතස්ස ආපාදෙතා එවං ඛො මොග්ගල්ලානො. සාරිපුත්තො භික්ඛවෙ, සොතාපත්තිඵලෙ විනෙති, මොග්ගල්ලානො උත්තමත්ථෙ. සාරිපුත්තො භික්ඛවෙ, පහොති චත්තාරි අරියසච්චානි විත්ථාරෙන ආචික්ඛිතුං දෙසෙතුං පඤ්ඤාපෙතුං පට්ඨපෙතුං විවරිතුං විභජිතුං උත්තානීකාතුන්ති.
Sinhala BJTමහණෙනි, සැරියුත්මුගලන් දෙදෙන සේවනය කරව. මහණෙනි, සැරියුත්මුගලන් දෙදෙන භජනය කරව, ඒ භික්‍ෂූහු දෙදෙන පණ්‍ඩිතයහ, සබ්‍රහ්මචාරීනට අනුග්‍රාහකයෝ යි. මහණෙනි, ශාරීපුත්‍රයෝ විජාතමාතෘ සදෘශයහ. මහණෙනි, මෞද්ගල්‍යායනයෝ පෝෂක උපමාතෘ සදෘශයහ. මහණෙනි, ශාරිපුත්‍රයෝ සෝවන්පෙළෙහි විනයන කෙරෙති, මෞද්ගල්‍යායනයෝ උත්තමාර්‍ත්‍ථ වූ අර්‍හත්‍වයෙහි පිහිටුවති. මහණෙනි, ශාරීපුත්‍රයෝ චතුරාර්‍ය්‍යසත්‍යයන් විස්තර විසින් පවසන්නට පනවන්නට පිහිටුවන්නට විවරණ කරන්නට විභාග කරන්නට ප්‍රකට කරන්නට ප්‍රභූ වෙති’ යි.
Pali BJTඉදමවොච භගවා. ඉදං වත්වා සුගතො උට්ඨායාසනා විහාරං පාවිසි.
Sinhala BJTභාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළහ. සුගතයන් වහන්සේ මේ වදාරා හුනස්නෙන් නැඟී විහාරයට වැඩියෝ.
Pali BJTතත්ර ඛො ආයස්මා සාරිපුත්තො අචිරපක්කන්තස්ස භගවතො භික්ඛූ ආමන්තෙසි: ආවුසො භික්ඛවොති. ආවුසොති ඛො තෙ භික්ඛූ ආයස්මතො සාරිපුත්තස්ස පච්චස්සොසුං. ආයස්මා සාරිපුත්තො එතදවොච:
Sinhala BJTඑකල්හි ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ වඩනා හා ම ‘ඇවැත්නි, මහණෙනි’ යි භික්‍ෂූන් ඇමතූහ. ඒ භික්‍ෂූහු ‘ඇවැත්නි’ යි ආයුෂ්මත් සැරියුත් තෙරණුවනට පිළිවදන් ඇස්වූහ. ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ තෙල සච්චවිභඞග සුතත් වදාළෝ.
Pali BJTතථාගතෙන ආවුසො, අරහතා සම්මාසම්බුද්ධෙන බාරාණසියං ඉසිපතනෙ මිගදායෙ අනුත්තරං ධම්මචක්කං පවත්තිතං අප්පතිවත්තියං සමණෙන වා බ්රාහ්මණෙන වා දෙවෙන වා මාරෙන වා බ්රහ්මුනා වා කෙනචි වා ලොකස්මිං, යදිදං චතුන්නං අරියසච්චානං ආචික්ඛනා දෙසනා පඤ්ඤපනා පට්ඨපනා විවරණා විභජනා උත්තානීකම්මං. කතමෙසං චතුන්නං: දුක්ඛස්ස අරියසච්චස්ස ආචික්ඛනා දෙසනා පඤ්ඤපනා පට්ඨපනා විවරණා විභජනා උත්තානීකම්මං. දුක්ඛසමුදයස්ස අරියසච්චස්ස ආචික්ඛනා දෙසනා පඤ්ඤපනා පට්ඨපනා විවරණා විභජනා උත්තානීකම්මං. දුක්ඛනිරොධස්ස අරියසච්චස්ස ආචික්ඛනා දෙසනා පඤ්ඤපනා පට්ඨපනා විවරණා විභජනා උත්තානීකම්මං. දුක්ඛනිරොධගාමිනියා පටිපදාය අරියසච්චස්ස ආචික්ඛනා දෙසනා පඤ්ඤපනා පට්ඨපනා විවරණා විභජනා උත්තානීකම්මං.
Sinhala BJTඇවැත්නි, අර්‍හත් සම්‍යක් සම්බුද්ධ වූ තථාගතයන් විසින් බරණැස ඉසිපතන නම් මුවළැව්හි දී මහණකු වේවයි, දෙවියකු වේවයි, මරකු වේවයි, බඹකු වේවයි, ලොවැ කිසිවක්හු විසින් හෝ නො පැවැත්විය හෙන අනුත්තර ධර්‍මචක්‍රය පවත්වන ලද. ඒ කිසෙ යැ යත්: චතුරාර්‍ය්‍යසත්‍යයන්ගේ පැවැසීම දෙසීම පැනවීම තැබීම විවරණය විභජනය උත්තානීකරණය යි. කවර සතර දෙනකුන්ගේ යැ යත්: දුඃඛාර්‍ය්‍යසත්‍යයාගේ පැවැසීම දෙසීම පැනවීම තැබීම විවරණය විභජනය උත්තානීකරණ යැ, දුඃඛසමුදයාර්‍ය්‍යසත්‍යයාගේ පැවැසීම දෙසීම පැනවීම තැබීම විවරණය විභජනය උක්තානීකරණය යැ, දුඃඛනිරෝධාර්‍ය්‍යසත්‍යයාගේ පැවැසීම දෙසීම පැනවීම තැබීම විවරණය විභජනය උත්තානීකරණ යැ, දුඃඛනිරෝධගාමිනීප්‍රතිපදාර්‍ය්‍යසත්‍යයාගේ පැවැසීම දෙසීම පැනවීම තැබීම විවරණය විභජනය උත්තානීකරණ යි.
Pali BJTකතමඤ්චාවුසො දුක්ඛං අරියසච්චං: ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, මරණම්පි දුක්ඛං, සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසාපි දුක්ඛා, යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛං, සංඛිත්තෙන පඤ්චුපාදානක්ඛන්ධා දුක්ඛා.
Sinhala BJTඇවැත්නි, දුඃඛාර්‍ය්‍යසත්‍යය කවරෙ යැ: ජාතිය ද දුක් යැ, ජරාව ද දුකැ, මරණ ද දුකැ, ශෝකපරිදේවදුඃඛදෞර්‍මනස්‍ය - උපායාසයෝ ද දුක්හ. රිසි යමක් නො ලබා නම් ඒ ද දුකයැ, සැකෙවින් පඤ්චෝපාදානස්කන්‍ධයෝ දුක්හ.
Pali BJTකතමාචාවුසො ජාති: යා තෙසං තෙසං සත්තානං තම්හි තම්හි සත්තනිකායෙ ජාති සඤ්ජාති ඔක්කන්ති අභිනිබ්බත්ති{1} ඛන්ධානං පාතුභාවො ආයතනානං පටිලාභො, අයං වුච්චතාවුසො ජාති.
Sinhala BJTඇවැත්නි, ජාති කවර යැ: ඒ ඒ සත්ත්‍වයන්ගේ ඒ ඒ සත්ත්‍ව නිකායයෙහි යම් (අපරිපූර්‍ණායතන වශයෙන්) ඉපැත්මෙක් (පරිපුර්‍ණායතන වශයෙන්) මොනොවට ඉපැත්මෙක් (අණ්ඩජ ජලාබුජ වශයෙන්) අවක්‍රාන්තියෙක් (සංසේදජ උපපාදුක වශයෙන්) ඉපැත්මෙක් ස්කන්‍ධයන්ගේ පහළවීමෙක් ආයතනයන්ගේ ප්‍රතිලාභයෙක් වේ ද ඇවැත්නි, මේ ‘ජාති’ යයි කියනු ලැබේ.
Pali BJTකතමාචාවුසො ජරා: යා තෙසං තෙසං සත්තානං තම්හි තම්හි සත්තනිකායෙ ජරා ජීරණතා ඛණ්ඩිච්චං පාලිච්චං වලිත්තචතා ආයුනො සංහානි ඉන්ද්රියානං පරිපාකො, අයං වුච්චතාවුසො ජරා.
Sinhala BJTඇවැත්නි, ජරා කවර: ඒ ඒ සත්ත්‍වයන්ගේ ඒ ඒ සත්ත්‍වනිකායයෙහි යම් දිරීමෙක් දිරන අයුරෙක්, කැඩුණු බවෙක්, පලිත ඇති බවෙක්, ඇඟ රැලි වැටුණු බවෙක්, ආයු පිරිහීමෙක් ඉඳුරන් පැසීමෙක් වේ ද, ඇවැත්නි, මේ ‘ජරා’ යයි කියනු ලැබේ.
Pali BJTකතමඤ්චාවුසො{2} මරණං: යං තෙසං තෙසං{3} සත්තානං තම්හා තම්හා සත්තනිකායා චුති චවනතා භෙදො අන්තරධානං මච්චු මරණං කාලකිරියා ඛන්ධානං භෙදො කලෙබරස්ස නික්ඛෙපො, ජීවිතින්ද්රියස්ස උපච්ඡෙදො ඉදං වුච්චතාවුසො මරණං.
Sinhala BJTඇවැත්නි, මරණ කවරෙ යත්: ඒ ඒ සත්ත්‍වයන්ගේ ඒ ඒ සත්ත්‍වනිකායෙන් යම් ච්‍යුතියෙක් වචනාකාරයෙක් බිදිමෙක් අතුරුදහනෙක් මෘත්‍යු සංඛ්‍යාත මරණයෙක් කාලක්‍රියායෙක් ස්කන්‍ධයන්ගේ බිඳීමෙක් ශරීරයාගේ නික්‍ෂේපයෙක් ජීවිතේන්‍ද්‍රියයාගේ උපචේඡදයෙක් වේ ද, ඇවැත්නි, මේ ‘මරණ’ යයි කියනුලැබේ.
Pali BJTකතමො චාවුසො සොකො: යො ඛො ආවුසො අඤ්ඤතරඤ්ඤතරෙන ව්යසනෙන සමන්නාගතස්ස අඤ්ඤතරඤ්ඤතරෙන දුක්ඛධම්මෙන ඵුට්ඨස්ස සොකො සොචනා සොචිතත්තං අන්තො සොකො, අන්තො පරිසොකො, අයං වුච්චතාවුසො සොකො.
Sinhala BJTඇවැත්නි, ‘ශෝක’ කවරෙ යත්: ඇවැත්නි, අන්‍යතර අන්‍යතර ව්‍යසනයෙකින් සමන්‍වාගතවූ අන්‍යතර අන්‍යතර දුඃඛයෙකින් පහරනලද්දහුගේ යම් ශෝකයෙක් ශොචනායෙක් ශෝක කළ බවෙක් ඇතුළත ශෝකයෙක් අභ්‍යන්තර පරිශොකයෙක් වේ ද ඇවැත්නි, මේ ‘ශෝක’ යයි කියනු ලැබේ.
Pali BJTකතමො චාවුසො පරිදෙවො: යො ඛො ආවුසො අඤ්ඤතරඤ්ඤතරෙන බ්යසනෙන සමන්නාගතස්ස අඤ්ඤතරඤ්ඤතරෙන දුක්ඛධම්මෙන ඵුට්ඨස්ස ආදෙවො පරිදෙවො ආදෙවනා පරිදෙවනා ආදෙවිතත්තං පරිදෙවිතත්තං, අයං වුච්චතාවුසො පරිදෙවො.
Sinhala BJTඇවැත්නි, පරිදේව කවරෙ යැ යත්: ඇවැත්නි, අන්‍යතර අන්‍යතර ව්‍යසනයෙකින් සමන්‍වාගතවූ අන්‍යතර අන්‍යතර දුඃඛයෙකින් පහරන ලද්දහුගේ නම්ගොත් දක්වමින් හැඬීමෙක් ගුණ කියා හැඬීමෙක් නම් කියා හඬන අයුරෙක් ගුණ කියා හඬන අයුරෙක් නම්ගොත් කියා හඬන බවෙක් ගුණ කියා හඬන බවෙක් වේ ද ඇවැත්නි, මේ ‘පරිදේව’ යයි කියනු ලැබේ.
Pali BJTකතමං චාවුසො දුක්ඛං: යං ඛො ආවුසො කායිකං දුක්ඛං කායිකං අසාතං කායසම්ඵස්සජං දුක්ඛං අසාතං වෙදයිතං, ඉදං වුච්චතාවුසො දුක්ඛං.
Sinhala BJTඇවැත්නි, දුඃඛ කවරෙ යැ යත්: ඇවැත්නි, යම් කායික දුඃඛයෙක් කායික අමධුරයෙක් කායසංස්පර්‍ශයෙන් උපන් දුකෙක් නො මිහිරෙක් වේදනායෙක් වේ ද, ඇවැත්නි, මේ ‘දුඃඛ’ යයි කියනුලැබේ.
Pali BJTකතමං චාවුසො දොමනස්සං: යං ඛො ආවුසො චෙතසිකං දුක්ඛං චෙතසිකං අසාතං වෙදයිතං මනොසම්ඵස්සජං දුක්ඛං අසාතං වෙදයිතං, ඉදං වුච්චතාවුසො දොමනස්සං.
Sinhala BJTඇවැත්නි, දෞර්‍මනස්‍ය කවරෙ යැ යත්: ඇවැත්නි, යම් චෛතසික දුඃඛයෙක් චෛතසික අමධුරයෙක් මනෝසම්ඵස්සයෙන් හටගත් දුඃඛවේදනායෙක් අමධුර වේදනා යෙක් ඇද්ද? ඇවැත්නි, මේ දෞර්‍මනස්‍ය යයි කියනු ලැබේ.
Pali BJTකතමො චාවුසො උපායාසො: යො ඛො ආවුසො අඤ්ඤතරඤ්ඤතරෙන බ්යසනෙන සමන්නාගතස්ස අඤ්ඤතරඤ්ඤතරෙන දුක්ඛධම්මෙන ඵුට්ඨස්ස ආයාසො උපායාසො ආයාසිතත්තං උපායාසිතත්තං, අයං වුච්චතාවුසො උපායාසො.
Sinhala BJTඇවැත්නි, ‘උපායාස’ කවරෙ යැ යත්: ඇවැත්නි, අන්‍යතර අන්‍යතර ව්‍යසනයෙකින් යුක්ත වූවහුගේ අන්‍යතර අන්‍යතර වූ දුඃඛධර්‍මයෙකින් පහළහුගේ යම් ආයාසයෙක් උපායාසයෙක් ආයාසාකාරයෙක් උපායාසාකාරයෙක් ඇද්ද, ඇවැත්නි, මේ ‘උපායාස’ යයි කියනු ලැබේ.
Pali BJTකතමං චාවුසො යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛං: ජාතිධම්මානං ආවුසො, සත්තානං එවං ඉච්ඡා උප්පජ්ජති: අහො වත මයං න ජාතිධම්මා අස්සාම, න ච වත නො ජාති ආගච්ඡෙය්යාති. න ඛො පනෙතං ඉච්ඡාය පත්තබ්බං. ඉදම්පි යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛං. ජරාධම්මානං ආවුසො, සත්තානං -පෙ- බ්යාධිධම්මානං ආවුසො, සත්තානං -පෙ- මරණධම්මානං ආවුසො, සත්තානං -පෙ- සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසධම්මානං ආවුසො, සත්තානං එවං ඉච්ඡා උප්පජ්ජති: අහො වත මයං න සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසධම්මා අස්සාම. න ච වත නො සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසා ආගච්ඡෙය්යුන්ති. න ඛො පනෙතං ඉච්ඡාය පත්තබ්බං, ඉදම්පි යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛං.
Sinhala BJTඇවැත්නි, ‘යම් ඉච්ඡාවක් නො ලබා නම් එ ද දුක යැ’ යනු කවරෙ යැ යත්: ඇවැත්නි, ජාතිස්වභාව ඇති සත්ත්‍වයනට මෙබඳු ඉච්ඡායෙක් උපදනේ යැ, ‘අපි ජාතිස්වභාව ඇත්තමෝ නො වන්නමෝ නම් මනා මැනු ! උත්පත්තිය අප වෙත නො ඒ නම් මනා මැනු ! කියා යි. තෙල ඉච්ඡායෙන් නො ලැබිය හැක්කෙකි. මෙ ද ‘යම් ඉච්ඡාවක් නො ලබා නම් එ ද දුක යැ යනු වෙයි. ඇවැත්නි, ජරාස්වභාව ඇති සත්ත්‍වයනට ... ඇවැත්නි, ව්‍යාධිස්වභාව ඇති සත්ත්‍වයනට ... ඇවැත්නි, මරණ ස්වභාව ඇති සත්ත්‍වයනට ... ඇවැත්නි, ශෝක-පරිදේව-දුඃඛ-දෞර්‍මනස්‍යස්වභාව ඇති සත්ත්‍වයනට මෙබඳු ඉච්ඡායෙක් උපදනේ යැ, ‘අපි ශෝක-පරිදේව-දුඃඛ-දෞර්‍මනස්‍ය ස්වභාව ඇත්තමෝ නො වන්නමෝ නම් මනා මැ නු ! ශෝක-පරිදේව-දුඃඛ-දෞර්‍මනස්‍යස්වභාව-උපායාසයෝ අප කරා නො පැමිණෙත් නම් මනා මැ නු කියා යි. තෙල ඉච්ඡායෙන් නො ලැබිය හැක්කෙකි. මෙ ද ‘යම් ඉච්ඡාවක් නො ලබා නම් එ ද දුක යැ’ යනු නම් වෙයි.
Pali BJTකතමෙ චාවුසො සඞ්ඛිත්තෙන පඤ්චුපාදානක්ඛන්ධා දුක්ඛා: සෙය්යථිදං: රූපුපාදානක්ඛන්ධො, වෙදනුපාදානක්ඛන්ධො, සඤ්ඤුපාදානක්ඛන්ධො, සඞ්ඛාරූපාදානක්ඛන්ධො, විඤ්ඤාණුපාදානක්ඛන්ධො. ඉමෙ වුච්චන්තාවුසො සඞ්ඛිත්තෙන පඤ්චුපාදානක්ඛන්ධා දුක්ඛා. ඉදං වුච්චතාවුසො දුක්ඛං අරියසච්චං.
Sinhala BJTඇවැත්නි, සංක්‍ෂේපයෙන් දුඃඛ වූ පඤ්චෝපාදානස්කන්‍ධයෝ කවරහ යත්, හේ මෙසේ යැ, රූපෝපාදානස්කන්‍ධ යැ වේදනෝපාදානස්කන්‍ධ යැ සංඥෝපාදානස්කන්‍ධ යැ සංස්කාරෝපාදානස්කන්‍ධ යැ විඥානෝපාදානස්කන්‍ධ යි. ඇවැත්නි, මොහු සැකෙවින් දුඃඛ වූ පඤ්චොපාදානස්කන්‍ධයහ’යි කියනු ලැබෙත්. ඇවැත්නි,මේ ‘දුඃඛාර්‍ය්‍යසත්‍යය’ යයි කියනු ලැබේ
Pali BJTකතමඤ්චාවුසො, දුක්ඛසමුදයො{1} අරියසච්චං: යා’යං තණ්හා පොනොබ්භවිකා{2} නන්දිරාගසහගතා තත්ර තත්රාභිනන්දිනී, සෙය්යථිදං: කාමතණ්හා භවතණ්හා විභවතණ්හා. ඉදං වුච්චතාවුසො දුක්ඛසමුදයො අරියසච්චං.
Sinhala BJTඇවැත්නි, දුඃඛසමුදයාර්‍ය්‍යසත්‍යය කවරෙ යැ යත්: පුනර්‍භවය පිණිස වැටෙන නන්‍දිරාග සහගත වූ ඒ ඒ භවයෙහි ඇලුම් කරන යම් තෘෂ්ණායෙක් ඇද්ද, ඒ කෙසේද යැ යත්: කාමතෘෂ්ණා යැ භවතෘෂ්ණා යැ විභවතෘෂ්ණා යි. ඇවැත්නි, මෙ දුඃඛසමුදය-ආර්‍ය්‍යසත්‍යය යි කියනු ලැබේ.
Pali BJTකතමඤ්චාවුසො දුක්ඛනිරොධො{3} අරියසච්චං: යො තස්සායෙව තණ්හාය අසෙසවිරාගනිරොධො චාගො පටිනිස්සග්ගො මුත්ති අනාලයො. ඉදං වුච්චතාවුසො දුක්ඛනිරොධො අරියසච්චං.
Sinhala BJTඇවැත්නි, දුඃඛනිරෝධ-ආර්‍ය්‍යසත්‍යය කවරේ යැ යත්: ඒ තෘෂ්ණාවගේ මැ යම් අශේෂවිරාග නිරෝධයෙක් ත්‍යාගයෙක් නෙරැපීමෙක් මිදීමෙක් නො ඇල්මෙක් ඇද්ද ඇවැත්නි, මේ දුඃඛනිරෝධ-ආර්‍ය්‍යසත්‍යය යි කියනුලැබේ.
Pali BJTකතමඤ්චාවුසො, දුක්ඛනිරොධගාමිනී පටිපදා අරියසච්චං: අයමෙව අරියො අට්ඨඞ්ගිකො මග්ගො, සෙය්යථිදං: සම්මාදිට්ඨි, සම්මාසංකප්පො, සම්මාවාචා, සම්මාකම්මන්තො, සම්මාආජීවො, සම්මාවායාමො, සම්මාසති, සම්මාසමාධි.
Sinhala BJTඇවැත්නි, දුඃඛනිරෝධගාමිනීප්‍රතිපදා-ආර්‍ය්‍යසත්‍යය කවරෙ යැ යත්: මේ අරීඅටහිමග මැ යි. ඒ කෙසේ යැ යත්: සම්‍යග්දෘෂ්ටි යැ සම්‍යක් සංකල්ප සම්‍යග්වචන යැ සම්‍යක් කර්‍මාන්ත යැ සම්‍යක්ආජීව යැ සම්‍යග්ව්‍යායාම යැ සම්‍යක්ස්මෘති යැ සම්‍යක්සමාධි යි.
Pali BJTකතමා චාවුසො, සම්මාදිට්ඨි: යං ඛො ආවුසො දුක්ඛෙ ඤාණං දුක්ඛසමුදයෙ ඤාණං දුක්ඛනිරොධෙ ඤාණං දුක්ඛනිරොධගාමිනියා පටිපදාය ඤාණං. අයං වුච්චතාවුසො සම්මාදිට්ඨි.
Sinhala BJTඇවැත්නි, සම්‍යග්දෘෂ්ටි කවර යත්: ඇවැත්නි, යම්, දුඃඛයෙහි ඥානයෙක් දුඃඛසමුදයෙහි ඥානයෙක් දුඃඛනිරෝධයෙහි ඥානයෙක් දුඃඛනිරෝධගාමිනීප්‍රතිපදායෙහි ඥානයෙක් ඇද්ද, ඇවැත්නි, මේ සම්‍යග්දෘෂ්ටි යයි කියනුලැබේ.
Pali BJTකතමො චාවුසො සම්මාසඞ්කප්පො: නෙක්ඛම්මසඞ්කප්පො අව්යාපාදසඞ්කප්පො අවිහිංසාසඞ්කප්පො. අයං වුච්චතාවුසො සම්මාසඞ්කප්පො.
Sinhala BJTඇවැත්නි, සම්‍යක්සංකල්ප කවරෙ යැ යත්: නෛෂ්ක්‍රම්‍යසංකල්ප යැ අව්‍යාපාද සංකල්ප යැ අවිහිංසාසංකල්ප යි. ඇවැත්නි, මේ සම්‍යක්සංකල්ප යයි කියනු ලැබේ.
Pali BJTකතමා චාවුසො සම්මාවාචා: මුසාවාදා වෙරමණී, පිසුණාය වාචාය වෙරමණී, ඵරුසාය වාචාය වෙරමණී, සම්ඵප්පලාපා වෙරමණී. අයං වුච්චතාවුසො සම්මාවාචා.
Sinhala BJTඇවැත්නි, සම්‍යග්වචන කවරෙ යැ යත්: මුසාවායෙන් වැළකීම පිසුනුබසින් වැළකීම පරොස්බසින් වැළකීම පලපින් වැළකීම යි. ඇවැත්නි, මේ සම්‍යක්-වචන යයි කියනු ලැබේ.
Pali BJTකතමො චාවුසො සම්මාකම්මන්තො: පාණාතිපාතා වෙරමණී, අදින්නාදානා වෙරමණී, කාමෙසුමිච්ඡාචාරා වෙරමණී, අයං වුච්චතාවුසො සම්මාකම්මන්තො.
Sinhala BJTඇවැත්නි, සම්‍යක්කර්‍මාන්ත කවරෙ යැ යත්: පණිවායෙන් වැළකීම අයිනාදනින් වැළකීම කාමයෙහි මිසහසිරින් වැළකීම යි. ඇවැත්නි, මේ සම්‍යක්කර්‍මාන්ත යයි කියනුලැබේ.
Pali BJTකතමො චාවුසො සම්මා ආජීවො: ඉධාවුසො අරියසාවකො මිච්ඡාආජීවං පහාය සම්මා ආජීවෙන ජීවිකං කප්පෙති. අයං වුච්චතාවුසො සම්මාආජීවො.
Sinhala BJTඇවැත්නි, සම්‍යක්-ආජීව කවරෙ යැ යත්: ඇවැත්නි, මෙසස්නෙහි ආර්‍ය්‍යශ්‍රාවක මිථ්‍යා-ආජීව හැරපියා සම්‍යක්-ආජීවයෙන් ජීවිකා කෙරෙයි. ඇවැත්නි, මේ සම්‍යක්-ආජීව යයි කියනුලැබේ.
Pali BJTකතමො චාවුසො සම්මාවායාමො: ඉධාවුසො, භික්ඛු අනුප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං අනුප්පාදාය ඡන්දං ජනෙති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති. උප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං පහානාය ඡන්දං ජනෙති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති. අනුප්පන්නානං කුසලානං ධම්මානං උප්පාදාය ඡන්දං ජනෙති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති. උප්පන්නානං කුසලානං ධම්මානං ඨිතියා අසම්මොසාය{1} භිය්යොභාවාය වෙපුල්ලාය භාවනාය පාරිපූරියා ඡන්දං ජනෙති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති. අයං වුච්චතාවුසො සම්මාවායාමො.
Sinhala BJTඇවැත්නි, සම්‍යක්-ව්‍යායාම කවරෙ යත්: ඇවැත්නි, මෙසස්නෙහි මහණ නූපන් ලාමක අකුශලධර්‍මයන් නූපදනා පිණිස කර්තුකම්‍යතා කුශලච්ඡන්‍ද උපදවයි, ව්‍යායාම කෙරෙහි වීර්‍ය්‍යය පවත්වයි, සිත නඟයි, ප්‍රධන්වීර්‍ය්‍යය කෙරෙයි. උපන් ලාමක අකුශල ධර්‍මයන් දුරු කරණු පිණිස කුශලච්ඡන්‍දය උපදවයි ව්‍යායාම කෙරෙයි, වීර්‍ය්‍යය පවත්වයි, සිත නඟයි, ප්‍රධන්වීර්‍ය්‍යය කෙරෙයි. නූපන් කුශලධර්‍මයන් උපදනා පිණිස කුශලච්ඡන්‍ද උපදවයි, ව්‍යායාම කෙරෙයි, වීර්‍ය්‍යය පවත්වයි, සිත නඟයි, ප්‍රධන්වීර්‍ය්‍යය කෙරෙයි. උපන් කුශලධර්‍මයන්ගේ පැවැත්ම පිණිස නො නැසීම පිණිස බහුලභාවය පිණිස විපුල භාවය පිණිස වර්ධනය පිණිස පරිපූර්‍ණය පිණිස කර්තුකම්‍යතාකුශලච්ඡන්‍ද උපදවයි, ව්‍යායාම කෙරෙයි, වීර්‍ය්‍යය පවත්වයි, සිත නඟයි, ප්‍රධන් වීර්‍ය්‍යය කෙරෙයි. ඇවැත්නි, මේ සම්‍යග්ව්‍යායාම යයි කියනු ලැබේ.
Pali BJTකතමා චාවුසො සම්මාසති: ඉධාවුසො භික්ඛු කායෙ කායානුපස්සී විහරති ආතාපී සම්පජානො සතිමා විනෙය්ය ලොකෙ අභිජ්ඣා දොමනස්සං. වෙදනාසු -පෙ- චිත්තෙ -පෙ- ධම්මෙසු ධම්මානුපස්සී විහරති ආතාපී -පෙ- අභිජ්ඣා දොමනස්සං. අයං වුච්චතාවුසො සම්මාසති.
Sinhala BJTඇවැත්නි, සම්‍යක්ස්මෘතිය කවර යත්: ඇවැත්නි, මෙසස්නෙහි මහණ කයෙහි කය නුවණින් දක්නාසුලු වැ කෙලෙස් තවන වැර ඇති වැ සම්ප්‍රඥාන ඇති වැ ස්මෘතිමත් වැ පඤ්චස්කන්‍ධ ලෝකයෙහි අභිධ්‍යා දෞර්‍මනස්‍ය දුරු කොට වාස කෙරෙයි. වේදනා යෙහි ... චිත්තයෙහි … ධර්‍මයෙහි ධර්‍මය නුවණින් දක්නාසුලු වැ කෙලෙස් තවන වැර ඇති වැ ... අභිධ්‍යා දෞර්‍මනස්‍ය දුරුකොට වාසය කෙරෙයි. ඇවැත්නි, මේ සම්‍යක් ස්මෘති යයි කියනු ලැබේ.
Pali BJTකතමො චාවුසො, සම්මාසමාධි: ඉධාවුසො, භික්ඛු විවිච්චෙව කාමෙහි විවිච්ච අකුසලෙහි ධම්මෙහි සවිතක්කං සවිචාරං විවෙකජං පීතිසුඛං පඨමං ඣානං උපසම්පජ්ජ විහරති. විතක්කවිචාරානං වූපසමා අජ්ඣත්තං සම්පසාදනං චෙතසො එකොදිභාවං අවිතක්කං අවිචාරං සමාධිජං පීතිසුඛං දුතියං ඣානං -පෙ- තතියං ඣානං -පෙ- චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරති. අයං වුච්චතාවුසො සම්මාසමාධි. ඉදං වුච්චතාවුසො දුක්ඛනිරොධගාමිනී පටිපදා අරියසච්චං.
Sinhala BJTඇවැත්නි, සම්‍යක්සමාධි කවරෙ යැ යත්: ඇවැත්නි, මෙසස්නෙහි මහණ කාමයෙන් වෙන්ව මැ අකුසල් දහමින් වෙන් වැ මැ විතර්‍ක සහිත විචාර සහිත විවේකයෙන් හටගත් ප්‍රීතිසුඛ ඇති පළමු වන දැහැන් උපයා වාස කෙරෙයි. විතර්‍ක විචාරයන්ගේ ව්‍යුපශම යෙන් සිය සතන්හි පැහැදීම කරන චිත්තයාගේ ඒකාග්‍රභාව ඇති විතර්‍ක රහිත විචාර රහිත සමාධියෙන් උපන් ප්‍රීතිසුඛ ඇති දෙවන දැහැන් ... තුන් වන දැහැන් ... සිව් වන දැහැන් ... උපාය වාස කෙරෙයි. ඇවැත්නි, මේ සම්‍යක් සමාධියයි කියනුලැබේ. ඇවැත්නි, මේ දුඃඛනිරොධගාමිනිප්‍රතිපදා ආර්‍ය්‍යසත්‍යයයි කියනු ලැබේ.
Pali BJTතථාගතෙනාවුසො, අරහතා සම්මාසම්බුද්ධෙන බාරාණසියං ඉසිපතනෙ මිගදායෙ අනුත්තරං ධම්මචක්කං පවත්තිතං අප්පතිවත්තියං සමණෙන වා බ්රාහ්මණෙන වා දෙවෙන වා මාරෙන වා බ්රහ්මුනා වා කෙනචි වා ලොකස්මිං, යදිදං ඉමෙසං චතුන්නං අරියසච්චානං ආචික්ඛනා දෙසනා පඤ්ඤපනා පට්ඨපනා විවරණා විභජනා උත්තානීකම්මන්ති.
Sinhala BJTඇවැත්නි, අර්‍හත් සම්‍යක් සම්බුද්ධ වූ තථාගතයන් වහන්සේ විසින් බරණැස්නුවර මිගදාය නම් වූ ඉසිපතනාරාමයෙහි දී මහණකු විසින් වේවයි බමුණකු විසින් වේවයි දෙවියකු විසින් වේවයි මරහු විසින් වේවයි බඹහු විසින් වේවයි ලෝකයෙහි අන් කිසිවකු විසින් වේවයි ප්‍රතිවර්‍තන නො කටහෙන අනුත්තර ධර්‍මචක්‍රය පවත්වනලදී. කිමෙක යත්: මේ චතුරාර්‍ය්‍යසත්‍යයන්ගේ විභාග කොට පැවැසීමෙක් වේ ද දෙසීමෙක් වේ ද පැනවීමෙක් වේ ද ස්ථාපනයෙක් වේ ද විවෘත කිරීමෙක් වේ ද බෙදාලීමෙක් වේ ද ප්‍රකට කිරීමෙක් වේ ද එය යි.
Pali BJTඉදමවොචායස්මා සාරිපුත්තො. අත්තමනා තෙ භික්ඛූ ආයස්මතො සාරිපුත්තස්ස භාසිතං අභිනන්දුන්ති.
Sinhala BJTආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ මේ සච්චවිභඞ්ගසූත්‍රය දෙසූහ. සතුටුසිත් ඇති ඒ මහණහු ආයුෂ්මත් සැරියුත් තෙරණුවන්ගේ භාෂිතය සතුටින් පිළිගත්හ.