Pali BJTපණ්ඩිතො භික්ඛවෙ මහාකච්චානො. මහාපඤ්ඤො භික්ඛවෙ මහාකච්චානො. මං චෙපි තුම්හෙ භික්ඛවෙ, එතමත්ථං පටිපුච්ඡෙය්යාථ, අහම්පි තං එවමෙවං ව්යාකරෙය්යං, යථා තං මහාකච්චානෙන ව්යාකතං. එසො චෙව තස්ස අත්ථො එවඤ්ච නං ධාරෙථාති.
Sinhala BJTමහණෙනි, මහාකාත්‍යායනයෝ පණ්ඩිතයහ, මහණෙනි, මහාකාත්‍යායනයෝ මහාප්‍රඥයහ. මහණෙනි, ඉදින් තෙපි මයිදු අතින් තෙල කරුණ පුළුවුස්නවු නම් මම් ද එය ‘යම්සේ එය මහාකාත්‍යායනයන් විසින් ප්‍රකාශ කරන ලද ද, එපරිදි මැ ප්‍රකාශ කරන්නෙමි. තවද ඒ උද්දේසයාගේ තෙලෙ මැ අර්‍ත්‍ථ වෙයි. එපරිද්දෙන් එය ධරව’යි.
Pali BJTඉදමවොච භගවා. අත්තමනා තෙ භික්ඛූ භගවතො භාසිතං අභිනන්දුන්ති.
Sinhala BJTභාග්‍යවතුන් වහන්සේ මේ සූත්‍රය වදාළ සේක, සතුටු සිත් ඇති ඒ වහන්දෑ භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය පිළිගත්හ යි.
Pali BJTමහාකච්චානභද්දෙකරත්ත සුත්තං තතියං.
Sinhala BJTතුන් වැනි මහාකච්චාන භදේදකරත්ත සූත්‍ර යි.
Pali BJT3. 4. 4.
Sinhala BJT3. 4. 4.
Pali BJTලොමසකඞ්ගිය භද්දෙකරත්ත සුත්තං
Sinhala BJTලෝමසකඞ්ගිය භද්දේකරත්ත සූත්‍රය
Pali BJTඑවං මෙ සුතං: එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන ආයස්මා ලොමසකඞ්ගියො සක්කෙසු විහරති කපිලවත්ථුස්මිං නිග්රොධාරාමෙ. අථ ඛො චන්දනො දෙවපුත්තො අභික්කන්තාය රත්තියා අභික්කන්තවණ්ණො කෙවලකප්පං නිග්රොධාරාමං ඔභාසෙත්වා යෙනායස්මා ලොමසකඞ්ගියො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා එකමන්තං අට්ඨාසි. එකමන්තං ඨිතො ඛො චන්දනො දෙවපුත්තො ආයස්මන්තං ලොමසකඞ්ගියං එතදවොච:
Sinhala BJTමා විසින් මෙසේ අසන ලද: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර අනේවඩු මහසිටුගේ දෙව්රම් වෙහෙර වැඩ වාස කරන සේක. එකල ආයුෂ්මත් ලෝමසකඞ්ගිය තෙරණුවෝ ශාක්‍යජනපදයෙහි කිඹුල්වත් නුවර නිග්‍රෝධාරාමයෙහි විහරණ කෙරෙති. එසඳ චන්‍දන දේවපුත්‍ර මධ්‍යම රාත්‍රියෙහි විශිෂ්ට ඡවිවර්‍ණ ඇති වැ සියලු නිග්‍රෝධාරාමය බබුළුවා ලෝමසකඞ්ගිය තෙරණුවන් කරා එළැඹියේ යි. එළඹ එකත්පස් වැ සිටියේ. එකත්පස් වැ සිටි චන්‍දන දෙව්පුත් ආයුෂ්මත් ලෝමසකඞ්ගිය තෙරණුවනට තෙල කී.
Pali BJTධාරෙසි ත්වං භික්ඛු, භද්දෙකරත්තස්ස උද්දෙසඤ්ච විභඞ්ගඤ්චාති.
Sinhala BJTමහණ, තෙපි භද්දේකරත්තයා පිළිබඳ උද්දේස හා විභාග හා ධරව? යි.
Pali BJTන ඛො අහං ආවුසො, ධාරෙමි භද්දෙකරත්තස්ස උද්දෙසඤ්ච විභඞ්ගඤ්ච.
Sinhala BJTඇවත, මම භද්දේකරත්තයා පිළිබඳ උද්දේස හා විභාග හා නො ධරමි.
Pali BJTත්වං පනාවුසො, ධාරෙසි භද්දෙකරත්තස්ස උද්දෙසඤ්ච විභඞ්ගඤ්චාති.
Sinhala BJTඇවැත්නි, තෙපි වනාහි භද්දේකරත්තයා පිළිබඳ උද්දේස හා විභාග හා ධරවු යැ?
Pali BJTඅහම්පි ඛො භික්ඛු, න ධාරෙමි භද්දෙකරත්තස්ස උද්දෙසඤ්ච විභඞ්ගඤ්ච.
Sinhala BJTමහණ, මමත් භද්දේකරත්තයා පිළිබඳ උද්දේස හා විභාග හා නො ධරමි.
Pali BJTධාරෙසි පන ත්වං භික්ඛු, භද්දෙකරත්තියො ගාථාති.
Sinhala BJTමහණ, තෙපි භද්දේකරත්ති ගාථා ධරව?
Pali BJTන ඛො අහං ආවුසො, ධාරෙමි භද්දෙකරත්තියො ගාථා.
Sinhala BJTඇවැත්නි, මම භද්දේකරත්ති ගාථා නො ධරමි.
Pali BJTත්වං පනාවුසො, ධාරෙසි භද්දෙකරත්තියො ගාථාති.
Sinhala BJTඇවත, තෙපි භද්දේකරත්ති ගාථා ධරවු යැ?
Pali BJTධාරෙමි ඛොහං භික්ඛු, භද්දෙකරත්තියො ගාථාති.
Sinhala BJTමහණ, මම භද්දේකරත්ති ගාථා ධරමි.
Pali BJTයථා කථං පන ත්වං ආවුසො, ධාරෙසි භද්දෙකරත්තියො ගාථාති.
Sinhala BJTඇවැත්නි, තෙපි කෙසෙයින් භද්දේකරත්ති ගාථා ධරන්නාව?
Pali BJTඑකමිදාහං භික්ඛු සමයං භගවා දෙවෙසු තාවතිංසෙසු විහරති පාරිච්ඡත්තකමූලෙ පණ්ඩුකම්බලසිලායං. තත්ර භගවා දෙවානං තාවතිංසානං භද්දෙකරත්තස්ස උද්දෙසඤ්ච විභඞ්ගඤ්ච අභාසි:
Sinhala BJTමහණ, එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ තව්තිසාවැසි දෙවියන් කෙරෙහි වූ පරසතු මුල පඬුඇඹුල්සලස්නෙහි වැඩවාස කරනසේක. එකල භාග්‍යවතුන්වහන්සේ තව්තිසා වැසි දෙවියනට භදේදකරත්තයා පිළිබඳ උද්දේස හා විභාග හා දෙසූසේක.
Pali BJTඅතීතං නාන්වාගමෙය්ය නප්පටිකඞ්ඛෙ අනාගතං, යදතීතං පහීනං තං අප්පත්තඤ්ච අනාගතං.
Sinhala BJTඅතීතය අනුගමනය නො කරන්නේ යැ, අනාගතය තෘෂ්ණාදෘෂ්ටින් නො ඉස්නේ යැ, යමෙක් ඉක්මිණි ද ඒ පුහුන් වෙයි. යමෙක් නො පැමිණි ද ඒ නො එළඹියේ වෙයි.
Pali BJTපච්චුප්පන්නඤ්ච යො ධම්මං තත්ථ තත්ථ විපස්සති, අසංහීරං අසඞ්කුප්පං තං විද්වා මනුබ්රූහයෙ.
Sinhala BJTයමෙක් ප්‍රත්‍යුත්පන්න වූ ධර්‍මය ඒ ඒ තැන අනිත්‍යාදි විසින් විදර්‍ශනා කෙරේ ද, ඒ විද්වත් තෙමේ අසංහීර වූ අසංකෝප්‍ය වූ ඒ විදර්‍ශනාව වඩන්නේ යැ.
Pali BJTඅජ්ජෙව කිච්චං ආතප්පං කො ජඤ්ඤා මරණං සුවෙ, න හි නො සඞ්ගරං තෙන මහාසෙනෙන මච්චුනා.
Sinhala BJTඅද මැ ආතාපනවීර්‍ය්‍යය කර්‍තව්‍ය වෙයි. ‘සෙට යැ මරණ ය’යි කවරෙක් දන්නේ යැ, මහසෙන් ඇති මරහු හා මිත්‍රසංස්තවාදිසංගරයෙක් (ගිවිසුමෙක්) නැත්හු!
Pali BJTඑවංවිහාරිං ආතාපිං අහොරත්තමතන්දිතං, තං වෙ භද්දෙකරත්තොති සන්තො ආචික්ඛතෙ මුනීති.
Sinhala BJTමෙවන් විහරණ ඇති කෙලෙස් තවන වැර ඇති දවරෑ තන්‍ද්‍රා නැති ඒ යොගාවචරයා ශාන්ත වූ ‘භද්‍රෛකරාත්‍ර’ යයි ශාන්ත වූ බුද්ධමුනි වදාරයි.
Pali BJTඑවං ඛො අහං භික්ඛු, ධාරෙමි භද්දෙකරත්තියො ගාථා. උග්ගණ්හාහි ත්වං භික්ඛු, භද්දෙකරත්තස්ස උද්දෙසඤ්ච විභඞ්ගඤ්ච. පරියාපුණාහි ත්වං භික්ඛු, භද්දෙකරත්තස්ස උද්දෙසඤ්ච විභඞ්ගඤ්ච. ධාරෙහි ත්වං භික්ඛු, භද්දෙකරත්තස්ස උද්දෙසඤ්ච විභඞ්ගඤ්ච. අත්ථසංහිතො භික්ඛු, භද්දෙකරත්තස්ස උද්දෙසො ච විභඞ්ගො ච ආදිබ්රහ්මචරියකොති. ඉදමවොච චන්දනො දෙවපුත්තො. ඉදං වත්වා තෙත්ථවන්තරධායි.
Sinhala BJTමහණ, මෙසෙයින් මම භද්දේකරත්ති ගාථා ධරමි. මහණ තෙපි භද්දේකරත්තයා පිළිබඳ උද්දේස හා විභාග හා උගනුව. මහණ තෙපි භද්දේකරත්තයා පිළිබඳ උද්දේස හා විභාග හා බසින් පුහුණු කරව. මහණ, භද්දේකරත්තයා පිළිබඳ උද්දේස හා විභාග හා වාචනායෙන් ධරව. මහණ, භද්දේකරත්තයා පිළිබඳ උද්දේස හා විභාග හා අර්‍ත්‍ථසංහිත යැ මාර්‍ග බ්‍රහ්මචර්‍ය්‍යයට මුඛ ද වෙයි. චන්‍දන දෙව්පුත් මෙය කී. මෙය කියා අතුරුදහන් කෙළේ.
Pali BJTඅථ ඛො ආයස්මා ලොමසකඞ්ගියො තස්සා රත්තියා අච්චයෙන සෙනාසනං සංසාමෙත්වා පත්තචීවරං ආදාය යෙන සාවත්ථි තෙන චාරිකං පක්කාමි. අනුපුබ්බෙන චාරිකං චරමානො යෙන සාවත්ථි ජෙතවනං අනාථපිණ්ඩිකස්ස ආරාමො, යෙන භගවා, තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ආයස්මා ලොමසකඞ්ගියො භගවන්තං එතදවොච:
Sinhala BJTඉක්බිති ආයුෂ්මත් ලෝමසකඞ්ගිය තෙරණුවෝ එරැය ඇවෑමෙන් සෙනසුන් සඟවා තබා පාසිවුරු ගෙන සැවැත්නුවර කරා චාරිකා කළෝ. චාරිකා කරන්නේ සැවැත්නුවර අනේවඩු සිටුහුගේ දෙව්රම්වෙහෙර බුදුන් කරා ගියෝ, ගොස් භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස් වැ හුන්හ. එකත්පස් වැ හුන් ආයුෂ්මත් ලෝමසකඞ්ගිය තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කළෝ:
Pali BJT‘එකමිදාහං භන්තෙ, සමයං සක්කෙසු විහරාමි කපිලවත්ථුස්මිං නිග්රොධාරාමෙ. අථ ඛො භන්තෙ, අඤ්ඤතරො දෙවපුත්තො අභික්කන්තාය රත්තියා අභික්කන්තවණ්ණො කෙවලකප්පං නිග්රොධාරාමං ඔභාසෙත්වා යෙනාහං තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා එකමන්තං අට්ඨාසි. එකමන්තං ඨිතො ඛො භන්තෙ, සො දෙවපුත්තො මං එතදවොච: ‘ධාරෙසි ත්වං භික්ඛු, භද්දෙකරත්තස්ස උද්දෙසඤ්ච විභඞ්ගඤ්චාති. එවං වුත්තෙ අහං භන්තෙ තං දෙවපුත්තං එතදවොචං: ‘න ඛො අහං ආවුසො, ධාරෙමි භද්දෙකරත්තස්ස උද්දෙසඤ්ච විභඞ්ගඤ්ච. ත්වං පනාවුසො ධාරෙසි භද්දෙකරත්තස්ස උද්දෙසඤ්ච විභඞ්ගඤ්චා’ති. අහම්පි ඛො භික්ඛු, න ධාරෙමි භද්දෙකරත්තස්ස උද්දෙසඤ්ච විභඞ්ගඤ්ච. ධාරෙසි පන ත්වං භික්ඛු, භද්දෙකරත්තියො ගාථා’ති. න ඛො අහං ආවුසො, ධාරෙමි භද්දෙකරත්තියො ගාථාති. ත්වං පනාවුසො ධාරෙසි භද්දෙකරත්තියො ගාථාති. ධාරෙමි ඛො අහං භික්ඛු, භද්දෙකරත්තියො ගාථාති. යථා කථං පන ත්වං ආවුසො, ධාරෙසි භද්දෙකරත්තියො ගාථාති.
Sinhala BJTවහන්ස, එක් කලෙක සැහැදනවියෙහි කිඹුල්වත නිග්‍රෝධාරාමයෙහි මම වාස කෙරෙමි. වහන්ස, එකල අන්‍යතර දේවපුත්‍රයෙක් මධ්‍යම රාත්‍රියෙහි විශිෂ්ට ඡවිවර්‍ණ ඇති වැ නිග්‍රෝධාරාමය හාත්පස බබුළුවා මා කරා එළැඹියේ. එළඹ එකත්පස් වැ සිටියේ. වහන්ස, එකත්පස් වැ සිටි ඒ දෙව්පුත් මට තෙල කී: ‘මහණ, තෙපි භද්දේකරත්තයා පිළිබඳ උද්දේස හා විභාග හා ධරව යි? වහන්ස, මෙසේ කී කල මම ඒ දෙව්පුත්හට තෙල කීමි: ‘ඇවත මම භද්දේකරත්තයා පිළිබඳ උද්දේස හා විභාග හා නො ධරමි’ යි. ‘ඇවත, තෙපි භද්දේකරත්තයා පිළිබඳ උද්දේස හා විභාග හා ධරන්නාව’යි පිලිවිත්මි. ‘මහණ මමත් භද්දේකරත්තයා පිළිබඳ උද්දේස හා විභාග හා නො ධරමි’ යි කී. ‘මහණ තෙපි භද්දේකරත්ත ගාථා ධරන්නාව?’ කී, (පිළිවිත්). ‘ඇවැත්නි, මම භද්දේකරත්ති ගාථා නො ධරමි’ යි (කියා), ‘ඇවත, තෙපි භද්දේකරත්ති ගාථා ධරන්නාව?’ යි (පිළිවිත්මි). ‘මහණ මම භද්දේකරත්ති ගාථා ධරමි’ යි කී. ඇවැත්නි, තෙපි කිසෙයින් භද්දේකරත්ති ගාථා ධරව! යි ඇසීමි.
Pali BJTඑකමිදාහං භික්ඛු, සමයං භගවා දෙවෙසු තාවතිංසෙසු විහරති පාරිච්ඡත්තකමූලෙ පණ්ඩුකම්බලසිලායං. තත්ර භගවා දෙවානං තාවතිංසානං භද්දෙකරත්තස්ස උද්දෙසඤ්ච විභඞ්ගඤ්ච අභාසි:
Sinhala BJTමහණ එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ තව්තිසා දෙවියන් කෙරෙහි වූ පරසතුමුල පඬුඇඹුල් සලස්නේහි විහාර කරනසේක. එකල භාග්‍යවතුන් වහන්සේ තව්තිසා දෙවියනට භද්දේකරත්තයා පිළිබඳ උද්දේස හා විභාග හා දෙසූ සේක.
Pali BJTඅතීතං නාන්වාගමෙය්ය -පෙ- තං වෙ භද්දෙකරත්තොති සන්තො ආචික්ඛතෙ මුනීති.
Sinhala BJTඅතීතය අනුගමනය නො කරන්නේ යැ ... ඒ යොගාවචරයා ‘භද්දේකරත්ත’ යයි ශාන්ත වූ බුද්ධමුනි තෙමේ වදාරයි.
Pali BJT‘එවං ඛො අහං භික්ඛු, ධාරෙමි භද්දෙකරත්තියො ගාථා. උග්ගණ්හාහි ත්වං භික්ඛු, භද්දෙකරත්තස්ස උද්දෙසඤ්ච විභඞ්ගඤ්ච, පරියාපුණාහි ත්වං භික්ඛු, භද්දෙකරත්තස්ස උද්දෙසඤ්ච විභඞ්ගඤ්ච. ධාරෙහි ත්වං භික්ඛු, භද්දෙකරත්තස්ස උද්දෙසඤ්ච විභඞ්ගඤ්ච. අත්ථසංහිතො භික්ඛු, භද්දෙකරත්තස්ස උද්දෙසො ච විභඞ්ගො ච ආදිබ්රහ්මචරියකොති. ඉදමවොච සො භන්තෙ, දෙවපුත්තො, ඉදං වත්වා තත්ථෙවන්තරධායි. සාධු මෙ භන්තෙ, භගවා භද්දෙකරත්තස්ස උද්දෙසඤ්ච විභඞ්ගඤ්ච දෙසෙතූ’ති.
Sinhala BJTමහණ, මෙසෙයින් මම භද්දේකරත්ති ගාථා ධරමි. මහණ තෙපි භද්දේකරත්තයා පිළිබඳ උද්දේස හා විභාග හා අසා උගනුව. මහණ, තෙපි භද්දේකරත්තයා පිළිබඳ උද්දේස හා විභාග හා බසින් පුහුණු කරව. මහණ තෙපි භද්දේකරත්තයා පිළිබඳ උද්දේස හා විභාග හා අර්‍ත්‍ථ වාචනා වශයෙන් ධරව. මහණ භද්දේකරත්තයා පිළිබඳ උද්දේස හා විභාග හා අර්‍ත්‍ථ සංහිත යැ, ආදිබ්‍රහ්මචර්‍ය්‍යක ද වෙයි. වහන්ස, ඒ දෙව්පුත් මෙය කී, මෙය කියා එහි මැ අතුරුදහන් විහි. වහන්ස, යදිමි. භාග්‍යවතුන් වහන්සේ මට භද්දේකරත්තයා පිළිබඳ උද්දේස හා විභාග හා දෙසන සේක්වා.
Pali BJTජානාසි පන ත්වං භික්ඛු, තං දෙවපුත්ත’න්ති.
Sinhala BJTමහණ, තෝ එ දෙව්පුත් දන්නෙහි?
Pali BJTන ඛො අහං භන්තෙ, ජානාමි තං දෙවපුත්තන්ති.
Sinhala BJTවහන්ස, මම එ දෙව්පුත් නො දන්මි.
Pali BJTචන්දනො නාම සො භික්ඛු, දෙවපුත්තො. චන්දනො භික්ඛු, දෙවපුත්තො අට්ඨිකත්වා මනසිකත්වා සබ්බචෙතසො{1} සමන්නාහරිත්වා ඔහිතසොතො ධම්මං සුණාති. තෙන හි භික්ඛු, සුණාහි. සාධුකං මනසි කරොහි. භාසිස්සාමීති. එවං භන්තෙති ඛො ආයස්මා ලොමසකඞ්ගියො භගවතො පච්චස්සොසි. භගවා එතදවොච:
Sinhala BJTමහණ, එදෙව්පුත් චන්‍දන නමි. මහණ, චන්‍දන දෙව්පුත් අර්‍ත්‍ථ කොට මෙනෙහි කොට මුළු හිතින් එළවා බැහූ කන් ඇති වැ දහම් අසයි. මහණ, එයින් අස, මනා කොට මෙනෙහිකර කියමි’ යි. වහන්ස, එසේ යයි ලෝමසකඞ්ගිය තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහු. භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළසේක.
Pali BJTඅතීතං නාන්වාගමෙය්ය නප්පටිකඞ්ඛෙ අනාගතං -පෙ- තං වෙ භද්දෙකරත්තොති සන්තො ආචික්ඛතෙ මුනීති.
Sinhala BJTඅතීතය අනුගමනය නො කරන්නේ යැ, අනාගතය තෘෂ්ණාදෘෂ්ටින් නො ඉස්නේ යැ ... ඒ යොගාවචරයා එකැතින් ‘භද්දේකරත්ත’ යයි ශාන්ත වූ බුද්ධමුනි තෙමේ වදාරයි.
Pali BJTකථඤ්ච භික්ඛු, අතීතං අන්වාගමෙති: එවංරූපො අහොසිං අතීතමද්ධානන්ති තත්ථ නන්දිං සමන්වානෙති. එවංවෙදනො අහොසිං -පෙ- එවං සඤ්ඤො අහොසිං -පෙ- එවං සංඛාරො අහොසිං -පෙ- එවංවිඤ්ඤාණො අහොසිං අතීතමද්ධානන්ති තත්ථ නන්දිං සමන්වානෙති. එවං ඛො භික්ඛු අතීතං අන්වාගමෙති.
Sinhala BJTමහණෙනි, කිසෙයින් අතීතය අනුව යේ ද යත්: අතීතයෙහි මෙබඳු රූප ඇතියෙම් වීමි’ යි, එහි තෘෂ්ණා එළවයි. මෙබඳු වේදනා ඇතියෙම් වීමි ... මෙබඳු සංඥා ඇතියෙම් වීමි ... මෙබඳු සංස්කාර ඇතියෙම් වීමි ... අතීතකාලයෙහි මෙබඳු විඥාන ඇතියෙම් වීමි යි, එහි තෘෂ්ණා එළවයි. මහණ මෙසෙයින් අතීත ස්කන්‍ධධර්‍මය අනුගමනය කෙරෙයි.
Pali BJTකථඤ්ච භික්ඛු, අතීතං නාන්වාගමෙති: එවංරූපො අහොසිං අතීතමද්ධානන්ති තත්ථ නන්දිං න සමන්වානෙති. -පෙ- එවංවෙදනො අහොසිං -පෙ- එවං සඤ්ඤො අහොසිං -පෙ- එවං සංඛාරො අහොසිං -පෙ- එවංවිඤ්ඤාණො අහොසිං අතීතමද්ධානන්ති තත්ථ නන්දිං න සමන්වානෙති. එවං ඛො භික්ඛු අතීතං නාන්වාගමෙති.
Sinhala BJTමහණ, කෙසේ අතීත ස්කන්‍ධධර්‍ම අනුගමනය නො කෙරේ ය යත්: අතීත කාලයෙහි මෙබඳු රූප ඇතියෙම් වීමි’ යි එහි තෘෂ්ණා නො එළවයි. මෙබඳු වේදනා ඇතියෙම් වීමි’ යි ... මෙබඳු සංඥා ඇතියෙම් වීමි’යි ... මෙබඳු සංස්කාර ඇතියෙම් වී මි’යි ... අතීතකාලයෙහි මෙබඳු විඥාන ඇතියෙම් වීමි’ යි, එහි තෘෂ්ණා නො එළවයි. මහණ මෙසෙයින් අතීත ස්කන්‍ධධර්‍ම අනුගමනය නො කරන්නේ නම් වෙයි.
Pali BJTකථඤ්ච භික්ඛු, අනාගතං පටිකඞ්ඛති: එවංරූපො සියං අනාගතමද්ධානන්ති තත්ථ නන්දිං සමන්වානෙති. එවංවෙදනො සියං -පෙ- එවං සඤ්ඤො සියං -පෙ- එවං සංඛාරො සියං -පෙ- එවංවිඤ්ඤාණො සියං අනාගතමද්ධානන්ති තත්ථ නන්දිං සමන්වානෙති. එවං ඛො භික්ඛු අනාගතං පටිකඞ්ඛති.
Sinhala BJTමහණෙනි, කෙසේ අනාගත ස්කන්‍ධධර්‍ම පතන්නේ යැ යත්: අනාගතයෙහි මෙබඳු රූප ඇතියෙම් වෙම්ව’ යි එහි තෘෂ්ණා එළවයි. මෙබඳු වේදනා ඇතියෙම් වෙම්වා ... මෙබඳු සංඥා ඇතියෙම් වෙම්වා ... මෙබඳු සංස්කාර ඇතියෙම් වෙම්වා ... අනාගත කාලයෙහි මෙබඳු විඥාන ඇතියෙම් වෙම්ව’ යි එහි තෘෂ්ණා එළවයි. මහණ, මෙසෙයින් අනාගත ස්කන්‍ධධර්‍ම පතන්නේ වෙයි.
Pali BJTකථඤ්ච භික්ඛු, අනාගතං න පටිකඞ්ඛති. එවංරූපො සියං අනාගතමද්ධානන්ති තත්ථ නන්දිං න සමන්වානෙති. එවංවෙදනො සියං -පෙ- එවං සඤ්ඤො සියං -පෙ- එවං සංඛාරො සියං -පෙ- එවංවිඤ්ඤාණො සියං අනාගතමද්ධානන්ති තත්ථ නන්දිං න සමන්වානෙති. එවං ඛො භික්ඛු අනාගතං න පටිකඞ්ඛති.
Sinhala BJTමහණ, කෙසේ අනාගත ස්කන්‍ධධර්‍ම නො පතන්නේ යැ යත්: අනාගත කාලයෙහි මෙබඳු රූප ඇතියෙම් වෙම්ව’ යි එහි තෘෂ්ණා නො එළවයි. මෙබඳු වේදනා ඇතියෙම් වෙම්වා ... මෙබඳු සංස්කාර ඇතියෙම් වෙම්වා ... අනාගත කාලයෙහි මෙබඳු විඥාන ඇතියෙම් වෙම්ව’ යි එහි තෘෂ්ණා නො එළවයි. මහණ, මෙසේ අනාගත ස්කන්‍ධධර්‍ම නො ඉස්නේ නම් වෙයි.
Pali BJTකථඤ්ච භික්ඛු, පච්චුප්පන්නෙසු ධම්මෙසු සංහීරති: ඉධ භික්ඛු, අස්සුතවා පුථුජ්ජනො අරියානං අදස්සාවී අරියධම්මස්ස අකොවිදො අරියධම්මෙ අවිනීතො සප්පුරිසානං අදස්සාවී සප්පුරිසධම්මස්ස අකොවිදො සප්පුරිසධම්මෙ අවිනීතො රූපං අත්තතො සමනුපස්සති, රූපවන්තං වා අත්තානං, අත්තනි වා රූපං, රූපස්මිං වා අත්තානං. වෙදනං -පෙ- සඤ්ඤං -පෙ- සඞ්ඛාරෙ -පෙ- විඤ්ඤාණං අත්තතො සමනුපස්සති, විඤ්ඤාණවන්තං වා අත්තානං, අත්තනි වා විඤ්ඤාණං, විඤ්ඤාණස්මිං වා අත්තානං. එවං ඛො භික්ඛු, පච්චුප්පන්නෙසු ධම්මෙසු සංහීරති.
Sinhala BJTමහණ, කෙසෙයින් ප්‍රත්‍යුත්පන්න ස්කන්‍ධධර්‍මයෙහි අදනා ලැබේ යැ යත්: මහණ, මෙලොව බුද්ධාදි ආර්‍ය්‍යයන් නො දක්නාසුලු ආර්‍ය්‍යධර්‍මයට අදක්‍ෂ වූ ආර්‍ය්‍යධර්‍මයෙහි අවිනීත වූ බුද්ධාදි සත්පුරුෂයන් නො දක්නාසුලු සත්පුරුෂධර්‍මයට අකෝවිද වූ සත්පුරුෂ ධර්‍මයෙහි අවිනීත වූ අශ්‍රැතවත් පෘථග්ජන තෙමේ රූපය ආත්ම වශයෙන් තෘෂ්ණාදීන් දකී. ආත්මය රූපවත් කොට ද ආත්මයෙහි රූපය ද රූපයෙහි ආත්මය ද දකී. වේදනා ... සංඥා ... සංස්කාර ... විඥානය ආත්ම වශයෙන් දකී. විඥානවත් ආත්මය ද ආත්මයෙහි විඥානය ද විඥානයෙහි ආත්මය ද දකී. මහණ, මෙසෙයින් ප්‍රත්‍යුත්පන්න ස්කන්‍ධධර්‍මයෙහි අදනා ලැබෙයි.
Pali BJTකථඤ්ච භික්ඛු, පච්චුප්පන්නෙසු ධම්මෙසු න සංහීරති: ඉධ භික්ඛු සුතවා අරියසාවකො අරියානං දස්සාවී අරියධම්මස්ස කොවිදො අරියධම්මෙ සුවිනීතො සප්පුරිසානං දස්සාවී සප්පුරිසධම්මස්ස කොවිදො සප්පුරිසධම්මෙ සුවිනීතො. න රූපං අත්තතො සමනුපස්සති, න රූපවන්තං වා අත්තානං, න අත්තනි වා රූපං, න රූපස්මිං වා අත්තානං. න වෙදනං -පෙ- න සඤ්ඤං -පෙ- න සඞ්ඛාරෙ -පෙ- න විඤ්ඤාණං අත්තතො සමනුපස්සති, න විඤ්ඤාණවන්තං වා අත්තානං, න අත්තනි වා විඤ්ඤාණං, න විඤ්ඤාණස්මිං වා අත්තානං. එවං ඛො භික්ඛු, පච්චුප්පන්නෙසු ධම්මෙසු න සංහීරති.
Sinhala BJTමහණ, කෙසේ ප්‍රත්‍යුත්පන්න ස්කන්‍ධධර්‍මයෙහි නො අදනාලැබේ යැ යත්: මහණ, මෙලොව ආර්‍ය්‍යයන් දක්නාසුලු ආර්‍ය්‍යධර්‍මයට කෝවිද වූ ආර්‍ය්‍යධර්‍මයෙහි සුවිනීත වූ සත්පුරුෂයන් දක්නාසුලු සත්පුරුෂධර්‍මයට දක්‍ෂ වූ සත්පුරුෂධර්‍මයෙහි සුවිනීත වූ ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙමෙ රූපය ආත්ම විසින් නො දක්නේ යැ. රූපවත් ආත්මය, ආත්මයෙහි රූපය, රූපයෙහි ආත්මය නො දක්නේ යැ. වේදනා ... සංඥා ... සංස්කාර ... විඥානය ආත්ම විසින් නො දක්නේ යැ. විඥානවත් ආත්මය ද ආත්මයෙහි විඥානය ද විඥානයෙහි ආත්මය ද නො දක්නේ යැ. මහණ, මෙසෙයින් ප්‍රත්‍යුත්පන්න ස්කන්‍ධධර්‍මයෙහි නො අදනා ලබන්නේ නම් වෙයි.
Pali BJTඅතීතං නාන්වාගමෙය්ය -පෙ- තං වෙ භද්දෙකරත්තොති සන්තො ආචික්ඛතෙ මුනීති.
Sinhala BJT‘අතීත ස්කන්‍ධධර්‍මය අනුගමනය නො කරන්නේ යැ ... ඒකාන්තයෙන් ඒ යොගාවචරයා ‘භද්‍රෛකරාත්‍ර’ යයි ශාන්ත බුද්ධමුනි තෙමේ කියයි.
Pali BJTඉදමවොච භගවා. අත්තමනො ආයස්මා ලොමසකඞ්ගියො භගවතො භාසිතං අභිනන්දීති.
Sinhala BJTභාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. ප්‍රීතිසෞමනස්‍යයන් විසින් ගත් සිත් ඇති ලෝමසකඞ්ගික තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය අභිනන්‍දන කළහ.
Pali BJTලොමසකඞ්ගිය භද්දෙකරත්ත සුත්තං චතුත්ථං.
Sinhala BJTසතර වැනි ලෝමසකඞ්ගිය භදේදකරත්ත සූත්‍ර යි.
Pali BJT3. 4. 5.
Sinhala BJT3. 4. 5.
Pali BJTචූළකම්මවිභඞ්ග සුත්තං
Sinhala BJTචූළකම්මවිභඞ්ග සූත්‍රය
Pali BJTඑවං මෙ සුතං: එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. අථ ඛො සුභො මාණවො තොදෙය්යපුත්තො යෙන භගවා, තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවතා සද්ධිං සම්මොදි. සම්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො සුභො මාණවො තොදෙය්යපුත්තො භගවන්තං එතදවොච:
Sinhala BJTමා විසින් මෙසේ අසන ලද: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩ වසනසේක. එසඳ තෝදෙය්‍ය බමුණුපුත් සුභ නම් මාණවක භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියේ යැ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු විය. සම්මෝදනීය සාරාණීය කථා කොට නිමවා එකත්පස් වැ හින. එකත්පස් වැ හුන් තෝදෙය්‍ය බමුණුපිත් සුභ මාණවක භාග්‍යවතුන් වහන්සේ තෙල කරුණ සැල කෙළේ යැ.
Pali BJTකො නු ඛො භො ගොතම, හෙතු කො පච්චයො, යෙන මනුස්සානංයෙව සතං මනුස්සභූතානං දිස්සන්ති හීනප්පණීතතා. දිස්සන්ති හි භො ගොතම, මනුස්සා අප්පායුකා, දිස්සන්ති දීඝායුකා. දිස්සන්ති බව්හාබාධා, දිස්සන්ති අප්පාබාධා. දිස්සන්ති දුබ්බණ්ණා, දිස්සන්ති වණ්ණවන්තො. දිස්සන්ති අප්පෙසක්ඛා, දිස්සන්ති මහෙසක්ඛා. දිස්සන්ති අප්පභොගා, දිස්සන්ති මහාභොගා. දිස්සන්ති නීචකුලීනා, දිස්සන්ති උච්චාකුලීනා. දිස්සන්ති දුප්පඤ්ඤා, දිස්සන්ති පඤ්ඤවන්තො. කො නු ඛො භො ගොතම හෙතු කො පච්චයො, යෙන මනුස්සානං යෙව සතං මනුස්සභූතානං දිස්සන්ති හීනප්පණීතතාති.
Sinhala BJTභවත් ගෞතමයන් වහන්ස, යම් කරුණෙකින් මිනිසත් බවට පැමිණි මිනිසුන්ගේ මැ හීනප්‍රණීත බව දක්නා ලැබෙයි. ඊට හේතු කවරෙ යැ, ප්‍රත්‍යය කවරෙ යැ: භවත් ගෞතමයන් වහන්ස, අල්පායුෂ්ක මනුෂ්‍යයෝ දක්නා ලැබෙත් මැ යැ, දීර්‍ඝායුෂ්කයෝ දක්නා ලැබෙති. බොහෝ ආබාධ ඇත්තාහු දක්නා ලැබෙති, අල්පාබාධයෝ දක්නා ලැබෙති. දුර්වර්‍ණයෝ දක්නා ලැබෙති, වර්‍ණවත් වූවාහු දක්නා ලැබෙති. අල්පයශස්කයෝ දක්නා ලැබෙති, මහායශස්කයෝ දක්නා ලැබෙති. අල්පභෝග ඇත්තාහු දක්නා ලැබෙති, මහාභෝග ඇත්තාහු දක්නා ලැබෙති. නීචකුලීනයෝ දක්නා ලැබෙති, උච්චාකුලීනයෝ දක්නා ලැබෙති. දුෂ්ප්‍රාඥයෝ දක්නා ලැබෙති, ප්‍රඥාවත් වූවාහු දක්නා ලැබෙත්. භවත් ගෞතමයන් වහන්ස, යම් කරුණෙකින් මිනිසත් බවට පැමිණි මිනිසුන්ගේ මැ හීනප්‍රණීත බව දක්නා ලැබෙත් ද ඊට හේතු කවරේ ද ප්‍රත්‍ය කවරේ දැ? යි.
Pali BJTකම්මස්සකා මාණව, සත්තා කම්මදායාදා කම්මයොනී කම්මබන්ධු කම්මප්පටිසරණා. කම්මං සත්තෙ විභජති යදිදං හීනප්පණීතතායාති.
Sinhala BJTමාණවකය, සත්ත්‍වයෝ කර්‍මය ස්වකීය කොට ඇත්තාහ, කර්‍මය දායාදය කොට ඇත්තාහ, කර්‍මය කාරණා කොට ඇත්තාහ, කර්‍මය බන්‍ධු කොට ඇත්තාහ, කර්‍මය පිළිසරණ කොට ඇත්තාහ. කර්‍මය මේ හීනප්‍රණීතභාවය පිණිස සත්ත්‍වයන් විභාග කෙරේ යයි වදාළහ.
Pali BJTන ඛො අහං ඉමස්ස භොතො ගොතමස්ස සංඛිත්තෙන භාසිතස්ස විත්ථාරෙන අත්ථං අවිභත්තස්ස විත්ථාරෙන අත්ථං ආජානාමි. සාධු මෙ භවං ගොතමො තථා ධම්මං දෙසෙතු, යථාහං ඉමස්ස භොතො ගොතමස්ස සංඛිත්තෙන භාසිතස්ස විත්ථාරෙන අත්ථං අවිභත්තස්ස විත්ථාරෙන අත්ථං ආජානෙය්යන්ති.
Sinhala BJTභවත් ගෞතමයන් වහන්ස, මම භවත් ගෞතමයන් විසින් සැකෙවින් ප්‍රකාශ කළ විස්තර විසින් අර්‍ත්‍ථය විභාග නො කළ මේ භාෂිතයාගේ විස්තරාර්‍ත්‍ථය නො දතහෙමි. භවත් ගෞතමයන් වහන්සේ යම් පරිදි මම භවත් ගෞතමයන් විසින් සැකෙවින් වදාළ විස්තරාර්‍ත්‍ථය විභාග නො කළ මේ භාෂිතයාගේ විස්තරාර්‍ත්‍ථය දතහෙම් ද එපරිද්දෙන් මට ධර්‍මය දේශනා කෙරෙත්වා’ යි අයදිමි’ යි.
Pali BJTතෙන හි මාණව, සුණාහි, සාධුකං මනසිකරොහි, භාසිස්සාමීති.
Sinhala BJTඑසේ වී නම්, මාණවකය, අසව මොනොවට මෙනෙහි කරව, ප්‍රකාශ කරන්නෙමි’ යි වදාළහ.
Pali BJTඑවං භොති ඛො සුභො මාණවො තොදෙය්යපුත්තො භගවතො පච්චස්සොසි. භගවා එතදවොච:
Sinhala BJT‘එසේ යැ භවත්නි’ යි තෝදෙය්‍යපුත්‍ර සුභ මාණවක භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දින. භාග්‍යවතුන් වහන්සේ තෙල ‘චූළකම්මවිභඞ්ගය’ වදාළසේක.
Pali BJTඉධ මාණව, එකච්චො ඉත්ථී වා පුරිසො වා පාණාතිපාතී හොති ලුද්දො ලොහිතපාණි හතපහතෙ නිවිට්ඨො අදයාපන්නො සබ්බපාණභූතෙසු{1} සො තෙන කම්මෙන එවං සමත්තෙන එවං සමාදින්නෙන කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජති. නො චෙ කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජති, සචෙ මනුස්සත්තං ආගච්ඡති, යත්ථ යත්ථ පච්චාජායති, අප්පායුකො හොති. අප්පායුකසංවත්තනිකා එසා මාණව පටිපදා, යදිදං පාණාතිපාතී හොති ලුද්දො ලොහිතපාණි හතපහතෙ නිවිට්ඨො අදයාපන්නො පාණභූතෙසු.
Sinhala BJTමාණවකය, මෙලොව ඇතැම් ස්ත්‍රියක් වේවයි, පුරුෂයෙක් වේවයි, රෞද්‍ර වූ ලෙහෙ වැකුණු අත් ඇති සතුන් වැනැසීමෙහි යෙදුණේ සියලු සත්ත්‍වයන් කෙරෙහි නිෂ්කාරුණික බවට පැමිණියේ, ප්‍රාණවධ කරනසුලු වූයේ වේ ද, හේ මෙසේ රැස් කළ මෙසේ සමාදන් කළ ඒ කර්‍මය හේතු කොට ගෙන කාබුන් මරණින් මත්තෙහි සුවයෙන් පහ වූ දුකට ගති වූ විවස වැ පතිත වන නිරයට ප්‍රතිසන්‍ධි විසින් පැමිණෙයි. ඉදින් කාබුන් මරණින් මත්තෙහි අපාය වූ දුර්‍ගති වූ විනිපාත වූ නිරයට නො පැමිණේ ද ඉදින් මිනිස් බවට පැමිණේ නම් යම් යම් තැනෙක උපදනේ නම් අල්පායුෂ්ක වෙයි. මාණවකය, යම් ප්‍රාණවධ කරනසුලු බවෙක් වේ ද, රෞද්‍ර වූයේ ලෙහෙ වැකුණු අත් ඇතියේ, ප්‍රාණවධයෙහි යෙදුණේ සියලු ප්‍රාණීන් කෙරෙහි නිෂ්කාරුණික වූයේ වේ ද, මේ ප්‍රතිපදාව අල්පායුෂ්කභාවය පිණිස පවත්නේ වේ.
Pali BJTඉධ පන මාණව, එකච්චො ඉත්ථී වා පුරිසො වා පාණාතිපාතං පහාය පාණාතිපාතා පටිවිරතො හොති, නිහිතදණ්ඩො නිහිතසත්ථො, ලජ්ජී දයාපන්නො සබ්බපාණභූතහිතානුකම්පී විහරති. සො තෙන කම්මෙන එවං සමත්තෙන එවං සමාදින්නෙන කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජති. නො චෙ කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජති, සචෙ මනුස්සත්තං ආගච්ඡති යත්ථ යත්ථ පච්චාජායති, දීඝායුකො හොති. දීඝායුකසංවත්තනිකා එසා මාණව පටිපදා යදිදං පාණාතිපාතං පහාය පාණාතිපාතා පටිවිරතො හොති නිහිතදණ්ඩො නිහිතසත්ථො ලජ්ජී දයාපන්නො සබ්බපාණභූතහිතානුකම්පී විහරති.
Sinhala BJTතවද මාණවකය, මෙලොව ස්ත්‍රියක් වේවයි පුරුෂයෙක් වේවයි කිසිවෙක් ප්‍රාණවධ හැරපියා ප්‍රාණඝාතයෙන් වැළකුණේ වෙයි. බහාතැබූ දඬුවම් ඇතියේ බහාතැබූ ශස්ත්‍ර ඇතියේ (අකුශලයෙහි) ලජ්ජා ඇතියේ දයාවට පැමිණියේ සියලු සත්ත්‍වයන් කෙරෙහි හිතානුකම්පී වැ වෙසේ ද, හේ මෙසේ සම්පූර්‍ණ කරනලද මෙසේ සමාදන් කොට ගන්නා ලද ඒ කර්‍මයෙන් කාබුන් මරණින් මතුයෙහි සෝභනගති ඇති සුවයෙන් අග්‍ර වූ ලෝකයට (පිළිසිඳ විසින්) පැමිණෙයි. ඉදින් කාබුන් මරණින් මතුයෙහි සුගති ස්වර්‍ගලෝකයට නො පැමිණේ නම්, ඉදින් මිනිස් බවට පැමිණේ නම් යම් යම් තැනෙක උපදනේ නම් දීර්‍ඝායුෂ්ක වෙයි. මාණවකය, ප්‍රාණවධ හැරපියා ප්‍රාණඝාතයෙන් වැළකුණේ වෙයි, බහා තැබූ දඬුවම් ඇති වැ බහා තැබූ ශස්ත්‍ර ඇති වැ ලජ්ජා ඇති වැ දයාවට පැමිණ සියලු ප්‍රාණභූතයන් කෙරෙහි හිතානුකම්පී වැ වාසය කෙරෙයි යන යමක් ඇද්ද, තෙල ප්‍රතිපදාව දීර්‍ඝායුෂ්ක බව පිණිස පවත්නී වේ.
Pali BJTඉධ මාණව, එකච්චො ඉත්ථී වා පුරිසො වා සත්තානං විහෙඨකජාතිකො හොති පාණිනා වා ලෙඩ්ඩුනා වා දණ්ඩෙන වා සත්ථෙන වා. සො තෙන කම්මෙන එවං සමත්තෙන එවං සමාදින්නෙන කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජති. නො චෙ කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජති, සචෙ මනුස්සත්තං ආගච්ඡති, යත්ථ යත්ථ පච්චාජායති, බව්හාබාධො හොති. බව්හාබාධසංවත්තනිකා එසා මාණව, පටිපදා යදිදං සත්තානං විහෙඨකජාතිකො හොති පාණිනා වා ලෙඩ්ඩුනා වා දණ්ඩෙන වා සත්ථෙන වා.
Sinhala BJTතවද මාණවකය, මෙලොව ස්ත්‍රියක් වේවයි පුරුෂයෙක් වේවයි කිසිවෙක් අතින් වේවයි කැටින් වේවයි දඬින් වේවයි සැතින් වේවයි සත්නට වෙහෙස කරන පියවි ඇති වේ ද, හේ මෙසේ සුපුරන ලද මෙසේ සමාදන් කොට ගන්නා ලද ඒ කර්‍මයෙන් කාබුන් මරණින් මතුයෙහි අපාය දුර්‍ගති විනිපාත වූ නිරයට පැමිණෙයි. කාබුන් මරණින් මතු අපාය දුර්‍ගති විනිපාත වූ නිරයට ඉදින් නො පැමිණේ නම්, මිනිස් බවට ඉදින් ඒ නම් යම් යම් තැනෙක උපදනේ නම්, බොහෝ ආබාධ ඇතියේ වෙයි. මාණවකය, අතින් වේවයි කැටින් වේවයි දඬින් වේවයි සැතින් වේවයි සත්ත්‍වයන් වෙහෙසන පියවි ඇති වෙයි යන යමක් ඇත්ද, තෙල ප්‍රතිපදාව බොහෝ ආබාධ බව පිණිස පවත්නී වේ.
Pali BJTඉධ පන මාණව, එකච්චො ඉත්ථී වා පුරිසො වා සත්තානං අවිහෙඨකජාතිකො හොති පාණිනා වා ලෙඩ්ඩුනා වා දණ්ඩෙන වා සත්ථෙන වා. සො තෙන කම්මෙන එවං සමත්තෙන එවං සමාදින්නෙන කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජති. නො චෙ කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජති, සචෙ මනුස්සත්තං ආගච්ඡති, යත්ථ යත්ථ පච්චාජායති, අප්පාබාධො හොති. අප්පාබාධසංවත්තනිකා එසා මාණව, පටිපදා යදිදං සත්තානං අවිහෙඨකජාතිකො හොති පාණිනා වා ලෙඩ්ඩුනා වා දණ්ඩෙන වා සත්ථෙන වා.
Sinhala BJTතවද මාණවකය, මෙලොව ස්ත්‍රියක් වේවයි පුරුෂයෙක් වේවයි කිසිවෙක් අතින් වේවයි කැටින් වේවයි දඬින් වේවයි සැතින් වේවයි සත්ත්‍වයනට වෙහෙස නො කරන පියවි ඇත්තේ වේ ද? හේ මෙසේ පුරන ලද මෙසේ සමාදන් කොට ගන්නා ලද ඒ කර්‍මයෙන් කාබුන් මරණින් මතුයෙහි සුගති වූ ස්වර්‍ගලෝකයට (පිළිසිඳ විසින්) පැමිණෙයි. ඉදින් කාබුන් මරණින් මතු සුගති වූ ස්වර්‍ගලෝකයට නො පැමිණේ නම්, ඉදින් මිනිස් බවට ඒ නම් යම් යම් තැනෙක උපදනේ ද අල්පාබාධ වෙයි. මාණවකය, අතින් වේවයි කැටින් වේවයි දඬින් වේවයි සැතින් වේවයි සත්ත්‍වයන් නො වෙහෙසන පියවි ඇති වෙයි යන යමක් ඇත් ද, තෙල ප්‍රතිපදාව බොහෝ අල්පාබාධ බව පිණිස පවත්නී වේ.
Pali BJTඉධ පන මාණව, එකච්චො ඉත්ථී වා පුරිසො වා කොධනො හොති උපායාසබහුලො, අප්පම්පි වුත්තො සමානො අභිසජ්ජති කුප්පති ව්යාපජ්ජති පතිත්ථියති කොපඤ්ච දොසඤ්ච අප්පච්චයඤ්ච පාතුකරොති. සො තෙන කම්මෙන එවං සමත්තෙන එවං සමාදින්නෙන කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජති. නො චෙ කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජති, සචෙ මනුස්සත්තං ආගච්ඡති, යත්ථ යත්ථ පච්චාජායති දුබ්බණ්ණො හොති. දුබ්බණ්ණසංවත්තනිකා එසා මාණව, පටිපදා යදිදං කොධනො හොති උපායාසබහුලො, අප්පම්පි වුත්තො සමානො අභිසජ්ජති කුප්පති ව්යාපජ්ජති පතිත්ථීයති කොපඤ්ච දොසඤ්ච අප්පච්චයඤ්ච පාතුකරොති.
Sinhala BJTතවද මාණවකය, මෙලොව ස්ත්‍රියක් වේවයි පුරුෂයෙක් වේවයි කිසිවෙක් කිපෙන සුලු වූයේ දැඩි ආයාස බහුලකොට ඇත්තේ වේ ද, මඳ බසකුදු කියන ලදුයේ (කෝපයෙන්) ගැටේ ද කිපේ ද විරෝධයට පැමිණේ ද තද බවට පැමිණේ ද කෝපයත් ද්වේෂයත් නො සතුටත් පහළ කෙරේ ද, ඒ පුද්ගල මෙසේ පුරන ලද මෙසේ සමාදන් කොට ගන්නා ලද ඒ කර්‍මයෙන් කාබුන් මරණින් මතුයෙහි අපාය දුර්‍ගති විනිපාත වූ නිරයට පැමිණෙයි. ඉදින් කාබුන් මරණින් මතු අපාය දුර්‍ගති විනිපාත වූ නිරයට නො පැමිණේ නම්, ඉදින් මිනිස් බවට ඒ නම්, යම් යම් තැනෙක උපදනේ ද දුර්වර්‍ණ වූයේ වෙයි. මාණවකය, ක්‍රෝධ කරනසුලු වූයේ උපායාස බහුල කොට ඇතියේ මඳ බසකුදු කියන ලදුයේ (කෝපයෙන්) ගැටෙයි, කිපෙයි, ව්‍යාපාදයට පැමිණෙයි, තද බවට පැමිණෙයි. කෝපයත් ද්වේෂයත් නො සතුටත් පහළ කෙරෙයි යන යමක් ඇද්ද, තෙල ප්‍රතිපදාව දුර්වර්‍ණ බවට වැටෙන්නී වේ.
Pali BJTඉධ පන මාණව, එකච්චො ඉත්ථී වා පුරිසො වා අක්කොධනො හොති අනුපායාසබහුලො, බහුම්පි වුත්තො සමානො නාභිසජ්ජති, න කුප්පති න බ්යාපජ්ජති න පතිත්ථියති න කොපඤ්ච දොසඤ්ච අප්පච්චයඤ්ච පාතුකරොති. සො තෙන කම්මෙන එවං සමත්තෙන එවං සමාදින්නෙන කායස්ස භෙදා පම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජති. නො චෙ කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජති, සචෙ මනුස්සත්තං ආගච්ඡති යත්ථ යත්ථ පච්චාජායති පාසාදිකො හොති. පාසාදිකසංවත්තනිකා එසා මාණව, පටිපදා යදිදං අක්කොධනො හොති අනුපායාසබහුලො, බහුම්පි වුත්තො සමානො නාභිසජ්ජති න ව්යාජ්ජති න පතිත්ථීයති න කොපඤ්ච දොසඤ්ච අප්පච්චයඤ්ච පාතුකරොති.
Sinhala BJTතවද මාණවකය, මෙලොව ස්ත්‍රියක් වේවයි පුරුෂයෙක් වේවයි කිසිවෙක් ක්‍රෝධ නො කරනසුලු වූයේ දැඩි ආයාස බහුලකොට නැතියේ වේ ද, බොහෝ කොටත් කියන ලදුයේ ක්‍රෝධයෙන් නො ගැටෙයි, නො කිපෙයි, ව්‍යාපාදයට නො පැමිණෙයි, තද බවට නො පැමිණෙයි. කෝපයත් ද්වේෂයත් නො සතුටත් පහළ නො කෙරෙයි. හේ මෙසේ පුරන ලද සමාදන් කොට ගන්නා ලද ඒ කර්‍මයෙන් කාබුන් මරණින් මතුයෙහි සුගති වූ ස්වර්‍ගලෝකයට පැමිණෙයි. ඉදින් කාබුන් මරණින් මතු සුගති වූ ස්වර්‍ගලෝකයට නො පැමිණේ ද ඉදින් මිනිස් බවට ඒ ද යම් යම් තැනෙක උපදනේ නම්, ප්‍රසාද එළවන්නේ වෙයි. මාණවකය, ක්‍රෝධ නො කරන්නේ වෙයි, උපායාස බහුල කොට නැති වෙයි. බොහෝ කොටත් කියන ලදුයේ නො ගැටෙයි, නො කිපෙයි, ව්‍යාපාදයට නො පැමිණෙයි, තද බවට නො පැමිණෙයි. කෝපයත් ද්වේෂයත් නො සතුටත් පහළ නො කෙරෙයි යන යමක් ඇද්ද, තෙල ප්‍රතිපදාව ප්‍රසාද එළවන බවට වැටෙන්නී වේ.
Pali BJTඉධ පන මාණව, එකච්චො ඉත්ථී වා පුරිසො වා ඉස්සාමනකො හොති, පරලාභසක්කාරගරුකාරමානනවන්දනපූජනාසු ඉස්සති, උපදුස්සති ඉස්සං බන්ධති. සො තෙන කම්මෙන එවං සමත්තෙන එවං සමාදින්නෙන කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජති. නො චෙ කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජති, සචෙ මනුස්සත්තං ආගච්ඡති, යත්ථ යත්ථ පච්චාජායති අප්පෙසක්ඛො හොති. අප්පෙසක්ඛසංවත්තනිකා එසා මාණව, පටිපදා යදිදං ඉස්සාමනකො හොති, පරලාභසක්කාරගරුකාරමානනවන්දනපූජනාසු ඉස්සති උපදුස්සති ඉස්සං බන්ධති.
Sinhala BJTතවද මාණවකය, මෙලොව ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ කිසිවෙක් ඊර්‍ෂ්‍යා සහගත සිත් ඇති වෙයි. මෙරමාගේ ලාභසත්කාර ගරුකාර මානන වන්‍දනා පූජනායෙහි ඊර්‍ෂ්‍යා කෙරෙයි, ද්වේෂ කෙරෙයි, ඊර්‍ෂ්‍යාව බඳියි. හේ මෙසේ රැස් කළ මෙසේ සමාදන් කොට ගත් ඒ කර්‍මය හේතු කොට ගෙන කාබුන් මරණින් මතු අපාය දුර්‍ගති විනිපාත වූ නිරයට පැමිණෙයි. ඉදින් කාබුන් මරණින් මතු අපාය දුර්‍ගති විනිපාත වූ නිරයට නො පැමිණේ නම් ඉදින් මිනිස් බවට පැමිණේ නම්, යම් යම් තැනෙක උපදනේ වේ ද අල්පේශාක්‍ය වෙයි. මාණවකය, ඊර්‍ෂ්‍යා සහගත සිත් ඇති වෙයි, පරලාභ සත්කාර ගරුකාර මානන වන්‍දන පූජනායෙහි ඊර්‍ෂ්‍යා කෙරෙයි, ද්වේෂ කෙරෙයි, ඊර්‍ෂ්‍යාව බඳියි යන යමක් ඇද්ද, තෙල ප්‍රතිපදාව අල්පේශාක්‍ය බව පිණිස පවත්නී වේ.
Pali BJTඉධ පන මාණව, එකච්චො ඉත්ථී වා පුරිසො වා අනිස්සාමනකො හොති, පරලාභසක්කාරගරුකාරමානනවන්දනපූජනාසු න ඉස්සති න උපදුස්සති න ඉස්සං බන්ධති. සො තෙන කම්මෙන එවං සමත්තෙන එවං සමාදින්නෙන කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජති. නො චෙ කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජති, සචෙ මනුස්සත්තං ආගච්ඡති, යත්ථ යත්ථ පච්චාජායති මහෙසක්ඛො හොති. මහෙසක්ඛසංවත්තනිකා එසා මාණව, පටිපදා යදිදං අනිස්සාමනකො හොති, පරලාභසක්කාරගරුකාරමානනවන්දනපූජනාසු න ඉස්සති න උපදුස්සති න ඉස්සං බන්ධති.
Sinhala BJTතවද මාණවකය, මෙලොව ස්ත්‍රියක් වේවයි පුරුෂයෙක් වේවයි කිසිවෙක් ඊර්‍ෂ්‍යා සහගත සිත් නැති වේ ද මෙරමාගේ ලාභ සත්කාර ගරුකාර මානන වන්‍දන පූජනායෙහි ඊර්‍ෂ්‍යා නො කෙරෙයි, ද්වේෂ නො කෙරෙයි, ඊර්‍ෂ්‍යාව නො බඳියි. හේ මෙසේ රැස් කරන ලද මෙසේ සමාදන් කොට ගන්නාලද ඒ කර්‍මය හේතු කොට ගෙන කාබුන් මරණින් මතු සුගති වූ ස්වර්‍ගලෝකයට පැමිණෙයි. ඉදින් කාබුන් මරණින් මතු සුගති වූ ස්වර්‍ගලෝකයට නො පැමිණේ නම් ඉදින් මිනිස් බවට පැමිණේ නම්, යම් යම් තැනෙක උපදනේ වේ ද, (එකල්හි) මහේශාක්‍ය වෙයි. මාණවකය, ඊර්‍ෂ්‍යා සහගත සිත් නැති වෙයි, මෙරෙමා හට ලාභ සත්කාර ගරුකාර මානන වන්‍දන පූජනායෙහි ඊර්‍ෂ්‍යා නො කෙරෙයි, ද්වේෂ නො කෙරෙයි, ඊර්‍ෂ්‍යා නො බඳී යන යමක් ඇද්ද, තෙල ප්‍රතිපදාව මහේශාක්‍ය බව පිණිස පවත්නී වේ.
Pali BJTඉධ පන මාණව, එකච්චො ඉත්ථි වා පුරිසො වා න දාතා හොති සමණස්ස වා බ්රාහ්මණස්ස වා අන්නං පානං වත්ථං යානං මාලාගන්ධවිලෙපනං සෙය්යාවසථපදීපෙය්යං. සො තෙන කම්මෙන එවං සමත්තෙන එවං සමාදින්නෙන කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජති. නො චෙ කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජති, සචෙ මනුස්සත්තං ආගච්ඡති, යත්ථ යත්ථ පච්චාජායති අප්පභොගො හොති. අප්පභොගසංවත්තනිකා එසා මාණව, පටිපදා යදිදං න දාතා හොති සමණස්ස වා බ්රාහ්මණස්ස වා අන්නං පානං වත්ථං යානං මාලාගන්ධවිලෙපනං සෙය්යාවසථපදීපෙය්යං.
Sinhala BJTතවද මාණවකය, මෙලොව ස්ත්‍රියක් වේවයි පුරුෂයෙක් වේවයි කිසිවෙක් මහණක්හට හෝ බමුණක්හට හෝ ආහාර පාන වස්ත්‍ර යාන මල් ගඳ විලෙවුන් ශයන වාසාගාර පහන්තෙල් නො දෙන්නේ වෙයි. හේ මෙසේ පුරනලද මෙසේ සමාදන් කොට ගන්නාලද ඒ කර්‍මයෙන් කාබුන් මරණින් මතු අපාය දුර්‍ගති විනිපාත සංඛ්‍යාත නිරයට පැමිණෙයි. ඉදින් කාබුන් මරණින් මතු අපාය දුර්‍ගති විනිපාත වූ නිරයට නො පැමිණේ නම් ඉදින් මිනිස්බවට පැමිණේ නම්, යම් යම් තැනෙක උපදනේ ද (එතැන්හි) අල්පභෝග වෙයි. මාණවකය, මහණක්හට හෝ බමුණක්හට හෝ ආහාර පාන වස්ත්‍ර යාන මල් ගඳ විලෙවුන් ශයනාගාර පහන්තෙල් නො දෙනු වෙයි යන යමක් ඇද්ද, තෙල ප්‍රතිපදාව අල්පභෝග ඇති බවට වැටෙන්නී වෙයි.
Pali BJTඉධ පන මාණව, එකච්චො ඉත්ථී වා පුරිසො වා දාතා හොති සමණස්ස වා බ්රාහ්මණස්ස වා අන්නං පානං වත්ථං යානං මාලාගන්ධවිලෙපනං සෙය්යාවසථපදීපෙය්යං. සො තෙන කම්මෙන එවං සමත්තෙන එවං සමාදින්නෙන කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජති. නො චෙ කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජති, සචෙ මනුස්සත්තං ආගච්ඡති යත්ථ යත්ථ පච්චාජායති, මහාභොගො හොති. මහාභොගසංවත්තනිකා එසා මාණව, පටිපදා යදිදං දාතා හොති සමණස්ස වා බ්රාහ්මණස්ස වා අන්නං පානං වත්ථං යානං මාලාගන්ධවිලෙපනං සෙය්යාවසථපදීපෙය්යං.
Sinhala BJTතවද මාණවකය, මෙලොව ස්ත්‍රියක් වේවයි පුරුෂයෙක් වේවයි කිසිවෙක් මහණක්හට හෝ බමුණක්හට හෝ ආහාර පාන වස්ත්‍ර යානා මාලා ගන්‍ධ විලේපන ශයනාගාර පහන්තෙල් දෙන්නේ වෙයි. හේ මෙසේ පුරනලද මෙසේ සමාදන් කොට ගන්නාලද ඒ කර්‍මයෙන් කාබුන් මරණින් මතු සුගති සංඛ්‍යාත ස්වර්‍ගලෝකයට එළැඹෙයි. ඉදින් කාබුන් මරණින් මතු සුගති සංඛ්‍යාත ස්වර්‍ගලෝකයට නො එළැඹේ නම් ඉදින් මිනිස් බවට පැමිණේ නම්, යම් යම් තැනෙක උපදනේ වේ ද එකල්හි මහාභෝග ඇත්තේ වෙයි. මාණවකය, මහණක්හට හෝ බමුණක්හට හෝ ආහාර පාන වස්ත්‍ර යානා මාලා ගන්‍ධ විලේපන ශයනාගාර පහන්තෙල් දෙන්නේ වෙයි යන යමක් ඇද්ද තෙල ප්‍රතිපදාව මහාභෝග ඇති බවට වැටෙන්නී වේ.
Pali BJTඉධ පන මාණව, එකච්චො ඉත්ථී වා පුරිසො වා ථද්ධො හොති අතිමානී. අභිවාදෙතබ්බං න අභිවාදෙති, පච්චුට්ඨාතබ්බං න පච්චුට්ඨෙති, ආසනාරහස්ස න ආසනං දෙති, මග්ගාරහස්ස න මග්ගං දෙති, සක්කාතබ්බං න සක්කරොති, ගරුකාතබ්බං න ගරුකරොති, මානෙතබ්බං න මානෙති, පූජෙතබ්බං න පූජෙති. සො තෙන කම්මෙන එවං සමත්තෙන එවං සමාදින්නෙන කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජති. නො චෙ කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජති, සචෙ මනුස්සත්තං ආගච්ඡති යත්ථ යත්ථ පච්චාජායති නීචකුලීනො හොති. නීචකුලීනසංවත්තනිකා එසා මාණව, පටිපදා යදිදං ථද්ධො හොති අතිමානී, අභිවාදෙතබ්බං න අභිවාදෙති, පච්චුට්ඨාතබ්බං න පච්චුට්ඨෙති, ආසනාරහස්ස න ආසනං දෙති, මග්ගාරහස්ස න මග්ගං දෙති, සක්කාතබ්බං න සක්කරොති, ගරුකාතබ්බං න ගරුකරොති, මානෙතබ්බං න මානෙති, පූජෙතබ්බං න පූජෙති.
Sinhala BJTතවද මාණවකය, මෙලොව ස්ත්‍රියක් වේවයි පුරුෂයෙක් වේවයි කිසිවෙක් ස්තබ්ධ වූයේ අධිකමාන ඇත්තේ වෙයි. අභිවාදනාර්‍හයාට අභිවාදන නො කෙරෙයි. දැක හුනස්නෙන් නැඟීසිටියයුතුවහුට දැක හුනස්නෙන් නො නැඟෙයි. අසුන් දීමට නිසි වූවහුට අසුන් නො දෙයි. මාර්‍ගර්‍හයාහට මාර්‍ගය නො දෙයි. සත්කාර කළයුත්තහුට සත්කාර නො කෙරෙයි. ගරු කළයුත්තහුට ගරු නො කෙරෙයි. බුහුමන් කළ යුත්තහුට බුහුමන් නො කෙරෙයි. පූජාර්‍හයාහට පූජා නො කෙරෙයි. හේ මෙසේ රැස් කරනලද මෙසේ සමාදන් කොට ගන්නාලද ඒ කර්‍මය හේතු කොට කාබුන් මරණින් මතු අපාය දුර්‍ගති විනිපාත සංඛ්‍යාත නිරයට එළැඹෙයි. ඉදින් කාබුන් මරණින් මතු අපාය දුර්‍ගති විනිපාත සංඛ්‍යාත නිරයට නො පැමිණේ නම්, ඉදින් මිනිස් බවට ඒ නම්, යම් යම් තැනෙක උපදනේ වේ ද (එකල්හි) නීචකුල ඇත්තේ වෙයි. මාණවකය, ස්තබ්ධ වූයේ අධිකමාන ඇති වෙයි, අභිවාදනාර්‍හයාට අභිවාදනය නො කෙරෙයි, හුනස්නෙන් නැඟීසිටියයුත්තහු දැක හුනස්නෙන් නැඟී නො සිටියි, ආසනර්‍හයාහට අසුන් නො දෙයි, මාර්‍ගර්‍හයාහට මඟ නො දෙයි, සත්කාර කළයුත්තහුට සත්කාර නො කෙරෙයි, ගරු කළයුත්තහුට ගරු නො කෙරෙයි, බුහුමන් කළ යුත්තහුට බුහුමන් නො කෙරෙයි, පූජාර්‍හයාහට පූජා නො කෙරෙයි යන යමක් ඇද්ද තෙල ප්‍රතිපදාව නීචකුල බවට පවත්නී වේ.
Pali BJTඉධ පන මාණව, එකච්චො ඉත්ථී වා පුරිසො වා අත්ථද්ධො හොති අනතිමානී. අභිවාදෙතබ්බං අභිවාදෙති, පච්චුට්ඨාතබ්බං පච්චුට්ඨෙති, ආසනාරහස්ස ආසනං දෙති, මග්ගාරහස්ස මග්ගං දෙති, සක්කාතබ්බං සක්කරොති, ගරුකාතබ්බං ගරුකරොති, මානෙතබ්බං මානෙති, පූජෙතබ්බං පූජෙති. සො තෙන කම්මෙන එවං සමත්තෙන එවං සමාදින්නෙන කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජති. නො චෙ කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජති, සචෙ මනුස්සත්තං ආගච්ඡති යත්ථ යත්ථ පච්චාජායති, උච්චාකුලීනො හොති. උච්චාකුලීනසංවත්තනිකා එසා මාණව, පටිපදා යදිදං අත්ථද්ධො හොති අනතිමානී. අභිවාදෙතබ්බං අභිවාදෙති, පච්චුට්ඨාතබ්බං පච්චුට්ඨෙති, ආසනාරහස්ස ආසනං දෙති, මග්ගාරහස්ස මග්ගං දෙති, සක්කාතබ්බං සක්කරොති, ගරුකාතබ්බං ගරුකරොති, මානෙතබ්බං මානෙති, පූජෙතබ්බං පූජෙති.
Sinhala BJTතවද මාණවකය, මෙලොව ස්ත්‍රියක් වේවයි පුරුෂයෙක් වේවයි කිසිවෙක් අස්තබ්ධ වූයේ අධිකමාන නැත්තේ වෙයි. අභිවාදනාර්‍හයාට අභිවාදන කෙරෙයි. හුනස්නෙන් නැඟීසිටියයුත්තහුට දැක හුනස්නෙන් නැඟී සිටියි. ආසනර්‍හයාහට ආසනය දෙයි. මාර්‍ගර්‍හයාහට මඟ දෙයි. සත්කාර කළයුත්තහුට සත්කාර කෙරෙයි. ගරු කළයුත්තහුට ගරු කෙරෙයි. බුහුමන් කළයුතුවහුට බුහුමන් කෙරෙයි. පූජාර්‍හයාහට පූජා කෙරෙයි. හේ මෙසේ සපුරන ලද මෙසේ සමාදන් කොට ගන්නා ලද ඒ කර්‍මය හේතු කොට ගෙන උසස්කුල ඇත්තේ වෙයි. මාණවකය, අස්තබ්ධ වූයේ අධිකමාන නැති වෙයි, අභිවාදනාර්‍හයාට අභිවාදනය කෙරෙයි, හුනස්නෙන් නැඟීසිටියයුත්තහු දැක හුනස්නෙන් නැඟෙයි. ආසනර්‍හයාහට අසුන් දෙයි, මාර්‍ගාර්‍හයාහට මඟ දෙයි, සත්කාර කළයුත්තහුට සත්කාර කෙරෙයි, ගරු කළයුත්තහුට ගරු කෙරෙයි, බුහුමන් කළයුත්තහුට බුහුමන් කෙරෙයි, පූජාර්‍හයාහට පූජා කෙරෙයි යන යමක් ඇද්ද තෙල ප්‍රතිපදාව උසස්කුල බව පිණිස පවත්නී වේ.
Pali BJTඉධ පන මාණව, එකච්චො ඉත්ථී වා පුරිසො වා සමණං වා බ්රාහ්මණං වා උපසඞ්කමිත්වා න පරිපුච්ඡිතා හොති: කිං භන්තෙ කුසලං, කිං අකුසලං. කිං සාවජ්ජං, කිං අනවජ්ජං. කිං සෙවිතබ්බං, කිං න සෙවිතබ්බං. කිං මෙ කරීයමානං දීඝරත්තං අහිතාය දුක්ඛාය හොති, කිං වා පන මෙ කරීයමානං දීඝරත්තං හිතාය සුඛාය හොතීති. සො තෙන කම්මෙන එවං සමත්තෙන එවං සමාදින්නෙන කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං නිරයං උපපජ්ජති. නො චෙ කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං නිරයං උපපජ්ජති, සචෙ මනුස්සත්තං ආගච්ඡති යත්ථ යත්ථ පච්චාජායති දුප්පඤ්ඤො හොති. දුප්පඤ්ඤසංවත්තනිකා එසා මාණව, පටිපදා යදිදං සමණං වා බ්රාහ්මණං වා උපසඞ්කමිත්වා න පරිපුච්ඡිතා හොති: කිං භන්තෙ කුසලං, කිං අකුසලං. කිං සාවජ්ජං, කිං අනවජ්ජං. කිං සෙවිතබ්බං, කිං න සෙවිතබ්බං. කිං මෙ කරීයමානං දීඝරත්තං අහිතාය දුක්ඛාය හොති, කිං වා පන මෙ කරීයමානං දීඝරත්තං හිතාය සුඛාය හොතීති.
Sinhala BJTතවද මාණවකය, මෙලොව ස්ත්‍රියක් වේවයි පුරුෂයෙක් වේවයි කිසිවෙක් මහණකු හෝ බමුණකු හෝ වෙත එළඹ “වහන්ස, කුසල් කිම? අකුසල් කිම? සාවද්‍යය කිම? අනවද්‍යය කිම? සෙවියයුත්ත කිම? නො සෙවියයුත්ත කිම? මා විසින් කුමක් කරනු ලබන්නේ දීර්‍ඝරාත්‍රයෙහි අහිතයට දුඃඛයට වැටේ ද? යළි මා විසින් කුමක් කරනු ලබන්නේ හිත පිණිස සුව පිණිස වේ දැ?” යි නො පුළුවුස්නේ වෙයි. හේ මෙසේ සපුරන ලද මෙසේ සමාදන් කොට ගන්නා ලද ඒ කර්‍මය හේතු කොට ගෙන ... දුෂ්ප්‍රාඥ වෙයි. මාණවකය, මහණකු කරා හෝ බමුණකු කරා හෝ එළඹ “වහන්ස, කුසල් කිම? අකුසල් කිම? සාවද්‍යය කිම? අනවද්‍යය කිම? සේවිතව්‍යය කිම? නසෙවිතව්‍යය කිම? මා විසින් කුමක් කරනු ලබන්නේ දීර්‍ඝරාත්‍රයෙහි අහිත පිණිස දුක් පිණිස වේ ද? යළි මා විසින් කුමක් කරනු ලබන්නේ හිත පිණිස සුව පිණිස වේ දැ?” යි නො පුළුවුස්නේ වෙයි යන යමක් ඇද්ද, තෙල ප්‍රතිපදාව දුෂ්ප්‍රාඥ බව පිණිස පවත්නී වෙයි.
Pali BJTඉධ පන මාණව, එකච්චො ඉත්ථී වා පුරිසො වා සමණං වා බ්රාහ්මණං වා උපසඞ්කමිත්වා පරිපුච්ඡිතා හොති: කිං භන්තෙ කුසලං, කිං අකුසලං. කිං සාවජ්ජං, කිං අනවජ්ජං. කිං සෙවිතබ්බං, කිං න සෙවිතබ්බං. කිං මෙ කරීයමානං දීඝරත්තං අහිතාය දුක්ඛාය හොති, කිං වා පන මෙ කරීයමානං දීඝරත්තං හිතාය සුඛාය හොතීති. සො තෙන කම්මෙන එවං සමත්තෙන එවං සමාදින්නෙන කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජති. නො චෙ කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජති, සචෙ මනුස්සත්තං ආගච්ඡති, යත්ථ යත්ථ පච්චාජායති, මහාපඤ්ඤො හොති. මහාපඤ්ඤසංවත්තනිකා එසා මාණව, පටිපදා, යදිදං සමණං වා බ්රාහ්මණං වා උපසඞ්කමිත්වා පරිපුච්ඡිතා හොති: කිං භන්තෙ කුසලං, කිං අකුසලං. කිං සාවජ්ජං, කිං අනවජ්ජං. කිං සෙවිතබ්බං , කිං න සෙවිතබ්බං. කිං මෙ කරීයමානං දීඝරත්තං අහිතාය දුක්ඛාය හොති, කිං වා පන මෙ කරීයමානං දීඝරත්තං හිතාය සුඛාය හොතීති.
Sinhala BJTතවද මාණවකය, මෙලොව ස්ත්‍රියක් වේවයි පුරුෂයෙක් වේවයි කිසිවෙක් මහණකු කරා හෝ බමුණකු කරා හෝ වෙත එළඹ “වහන්ස, කුසල් කිම? අකුසල් කිම? සාවද්‍යය කිම? අනවද්‍යය කිම? සේවිතව්‍යය කිම? නසෙවිතව්‍යය කිම? මා විසින් කුමක් කරනු ලබන්නේ දීර්‍ඝරාත්‍රයෙහි අහිත පිණිස දුක් පිණිස වේ ද, යළි මා විසින් කුමක් කරනු ලබන්නේ හිත පිණිස සුව පිණිස වේ දැ?”යි විචාරනුයේ වෙයි. හේ මෙසේ පුරන ලද මෙසේ සමාදන් කොට ගන්නා ලද ඒ කර්‍මය හේතු කොට ගෙන ... මහාප්‍රාඥ වෙයි. මාණවකය, මහණකු වෙත හෝ බමුණකු වෙත හෝ එළඹ “වහන්ස, කුසල් කිම? අකුසල් කිම? සාවද්‍යය කිම? අනවද්‍යය කිම? සේවිතව්‍යය කිම? නසෙවිතව්‍යය කිම? මා විසින් කුමක් කරනු ලබන්නේ දීර්‍ඝරාත්‍රයෙහි අහිතයට දුකට වැටේ ද? යළි මා විසින් කුමක් කරනු ලබන්නේ හිතයට සුවයට වැටේ දැ?යි” විචාරනුයේ වෙයි යන යමක් ඇද්ද, තෙල ප්‍රතිපදාව මහාප්‍රාඥ බව පිණිස පවත්නී වේ.
Pali BJTඉති ඛො මාණව, අප්පායුකසංවත්තනිකා පටිපදා අප්පායුකත්තං උපනෙති. දීඝායුකසංවත්තනිකා පටිපදා දීඝායුකත්තං උපනෙති. බව්හාබාධසංවත්තනිකා පටිපදා බව්හාබාධත්තං උපනෙති. අප්පාබාධසංවත්තනිකා පටිපදා අප්පාබාධත්තං උපනෙති. දුබ්බණ්ණසංවත්තනිකා පටිපදා දුබ්බණ්ණත්තං උපනෙති. පාසාදිකසංවත්තනිකා පටිපදා පාසාදිකත්තං උපනෙති. අප්පෙසක්ඛසංවත්තනිකා පටිපදා අප්පෙසක්ඛත්තං උපනෙති. මහෙසක්ඛසංවත්තනිකා පටිපදා මහෙසක්ඛත්තං උපනෙති. අප්පභොගසංවත්තනිකා පටිපදා අප්පභොගත්තං උපනෙති. මහාභොගසංවත්තනිකා පටිපදා මහාභොගත්තං උපනෙති. නීචකුලීනසංවත්තනිකා පටිපදා නීචකුලීනත්තං උපනෙති. උච්චාකුලීනසංවත්තනිකා පටිපදා උච්චාකුලීනත්තං උපනෙති. දුප්පඤ්ඤසංවත්තනිකා පටිපදා දුප්පඤ්ඤත්තං උපනෙති. මහාපඤ්ඤසංවත්තනිකා පටිපදා මහාපඤ්ඤත්තං උපනෙති.
Sinhala BJTමෙසෙයින් මාණවකය, අල්පායුෂ්ක බව පිණිස පවත්නා ප්‍රතිපදාව අල්පායුෂ්ක බවට පමුණුවයි. දීර්‍ඝායුෂ්ක බව පිණිස පවත්නා ප්‍රතිපදාව දීර්‍ඝායුෂ්ක බවට පමුණුවයි. බොහෝ ආබාධ ඇති බව පිණිස පවත්නා ප්‍රතිපදාව බොහෝ ආබාධ ඇති බවට පමුණුවයි. අල්පාබාධ බව පිණිස පවත්නා ප්‍රතිපදාව අල්පාබාධ ඇති බවට පමුණුවයි. දුර්වර්‍ණ බව පිණිස පවත්නා ප්‍රතිපදාව දුර්වර්‍ණ බවට පමුණුවයි. ප්‍රසාද එළවන බව පිණිස පවත්නා ප්‍රතිපදාව ප්‍රසාද එළවන බවට පමුණුවයි. අල්පේශාක්‍ය බව පිණිස පවත්නා ප්‍රතිපදාව අල්පේශාක්‍ය බවට පමුණුවයි. මහේශාක්‍ය බව පිණිස පවත්නා ප්‍රතිපදාව මහේශාක්‍ය බවට පමුණුවයි. අල්පභෝග බව පිණිස පවත්නා ප්‍රතිපදාව අල්පභෝග ඇති බවට පමුණුවයි. මහාභෝග බව පිණිස පවත්නා ප්‍රතිපදාව මහාභෝග ඇති බවට පමුණුවයි. නීචකුලීන බව පිණිස පවත්නා ප්‍රතිපදාව නීචකුල ඇති බවට පමුණුවයි. උච්චකුලීන භාවය පිණිස පවත්නා ප්‍රතිපදාව උසස්කුල ඇති බවට පමුණුවයි. දුෂ්ප්‍රාඥ බව පිණිස පවත්නා ප්‍රතිපදාව දුෂ්ප්‍රාඥ බවට පමුණුවයි. මහාප්‍රාඥ භාවය පිණිස පවත්නා ප්‍රතිපදාව මහාප්‍රාඥ භාවයට පමුණුවා.
Pali BJTකම්මස්සකා මාණව, සත්තා කම්මදායාදා කම්මයොනී කම්මබන්ධු කම්මප්පටිසරණා. කම්මං සත්තෙ විභජති යදිදං හීනප්පණීතතායාති.
Sinhala BJTමාණවකය, සත්ත්‍වයෝ කර්‍මය ස්වකීය කොට ඇත්තාහ, කර්‍මය දායාදය කොට ඇත්තාහ, කර්‍මය යෝනි කොට ඇත්තාහ, කර්‍මය බන්‍ධු කොට ඇත්තාහ, කර්‍මය පිළිසරණ කොට ඇත්තාහ. කර්‍මය තෙමේ සත්ත්‍වයන් හීනප්‍රණීත බවට විභාග කෙරේ යයි.
Pali BJTඑවං වුත්තෙ සුභො මාණවො තොදෙය්යපුත්තො භගවන්තං එතදවොච. අභික්කන්තං භො ගොතම, අභික්කන්තං භො ගොතම, සෙය්යථාපි භො ගොතම, නික්කුජ්ජිතං වා උක්කුජ්ජෙය්ය, පටිච්ඡන්නං වා විවරෙය්ය, මූළ්හස්ස වා මග්ගං ආචික්ඛෙය්ය, අන්ධකාරෙ වා තෙලපජ්ජොතං ධාරෙය්ය, චක්ඛුමන්තො රූපානි දක්ඛන්තීති. එවමෙවං භොතා ගොතමෙන අනෙකපරියායෙන ධම්මො පකාසිතො. එසාහං භවන්තං ගොතමං සරණං ගච්ඡාමි ධම්මඤ්ච භික්ඛුසඞ්ඝඤ්ච. උපාසකං මං භවං ගොතමො ධාරෙතු අජ්ජතග්ගෙ පාණුපෙතං සරණං ගතන්ති.
Sinhala BJTමෙසේ වදාළ කල්හි තෝදෙය්‍යපුත්‍ර ශුභ මාණවක භාග්‍යවතුන් වහන්සේට තෙල කී: භවත් ගෞතමයන් වහන්ස, ඉතා කාන්ත යැ භවත් ගෞතමයන් වහන්ස, ඉතා කාන්ත යැ. භවත් ගෞතමයන් වහන්ස, යම් පරිදි යටිහුරු කොට තබන ලද්දක් උඩුහුරු කරන්නේ හෝ වේ ද, පිළිසන් වූවක් විවෘත කරන්නේ හෝ වේ ද, මංමුළා වූ එකක්හට මාර්‍ගය ප්‍රකාශ කරන්නේ හෝ වේ ද, අන්‍ධකාරයෙහි ‘ඇස් ඇත්තාහු රූපයන් දක්නාහ’ යි තෙල් පහනක් දල්වන්නේ හෝ වේ ද එපරිද්දෙන් මැ භවත් ගෞතමයන් වහන්සේ විසින් නොයෙක් පර්‍ය්‍යායෙන් ධර්‍මය ප්‍රකාශ කරන ලද්දේ වන, තෙලෙ මම් භවත් ගෞතමයන් වහන්සේ සරණ කොට යෙමි. ධර්‍මය ද භික්‍ෂු සංඝයා ද සරණ කොට යෙමි. භවත් ගෞතමයන් වහන්සේ අද පටන් දිවි හිම් කොට සරණ ගිය උපාසකයකු කොට මා ධරන සේක්ව’ යි.
Pali BJTචූළකම්මවිභඞ්ග සුත්තං පඤ්චමං.
Sinhala BJTපස්වැනි චූළකම්මවිභඞ්ගසූත්‍ර යි.
Pali BJT3. 4. 6.
Sinhala BJT3. 4. 6.
Pali BJTමහාකම්මවිභඞ්ග සුත්තං
Sinhala BJTමහාකම්මවිභඞ්ග සූත්‍රය
Pali BJTඑවං මෙ සුතං: එකං සමයං භගවා රාජගහෙ විහරති වෙළුවනෙ කලන්දකනිවාපෙ. තෙන ඛො පන සමයෙන ආයස්මා සමිද්ධි අරඤ්ඤකුටිකායං විහරති.
Sinhala BJTමා විසින් මෙසේ අසන ලද: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර කලන්‍දකනිවාප නම් වේළුවනයෙහි වැඩ වසනසේක. එසමයෙහි ආයුෂ්මත් සමිද්ධි තෙරණුවෝ වනකිළියෙක්හි වෙසෙති.
Pali BJTඅථ ඛො පොතලිපුත්තො පරිබ්බාජකො ජඞ්ඝාවිහාරං අනුචඞ්කමමානො අනුවිචරමානො යෙනායස්මා සමිද්ධි තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා ආයස්මතා සමිද්ධිනා සද්ධිං සම්මොදි. සම්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො පොතලිපුත්තො පරිබ්බාජකො ආයස්මන්තං සමිද්ධිං එතදවොච: ‘සම්මුඛා මෙතං ආවුසො සමිද්ධි, සමණස්ස ගොතමස්ස සුතං, සම්මුඛා පටිග්ගහිතං: මොඝං කායකම්මං, මොඝං වචීකම්මං, මනොකම්මමෙව සච්චන්ති. අත්ථි ච සා සමාපත්ති යං සමාපත්තිං සමාපන්නො න කිඤ්චි වෙදියතීති.
Sinhala BJTඑකල්හි පෝතලිපුත්‍ර පරිව්‍රාජක ජඞ්ගාවිහරණයෙන් ඔබ මොබ හැසිරෙනුයේ ආයුෂ්මත් සමිද්ධි තෙරුන් කරා එළැඹියේ යැ. එළැඹ ආයුෂ්මත් සමිද්ධි තෙරුන් සමග සතුටු විය. සතුටු වියයුතු සිහි කළ යුතු කථාව කොට නිමවා එකත්පස් වැ හින. එකත්පස් වැ හුන් පෝතලිපුත්‍ර පරිව්‍රාජක ආයුෂ්මත් සමිද්ධි තෙරණුවනට තෙල කී: “ආයුෂ්මත් සමිද්ධි තෙරණුවෙනි, ශ්‍රමණ ගෞතමයන් හමුයෙහි මා විසින් තෙල අසනලද, හමුයෙහි පිළිගන්නා ලද: කායකර්‍ම සිස්යැ, වාක්කර්‍මය සිස් යැ, මනඃකර්‍මය මැ තථ යැ යි. තවද යම් සමවතකට සමවන්නේ කිසි වේදනාවක් නො විඳී ද, එබඳු සමවතක් ඇතැ’ යි කියා” යි.
Pali BJTමා එවං ආවුසො පොතලිපුත්ත අවච, මා එවං ආවුසො පොතලිපුත්ත අවච, මා භගවන්තං අබ්භාචික්ඛි. න හි සාධු භගවතො අබ්භක්ඛානං. න හි භගවා එවං වදෙය්ය: ‘මොඝං කායකම්මං, මොඝං වචීකම්මං, මනොකම්මමෙව සච්ච’න්ති. අත්ථි ච ඛො සා ආවුසො, සමාපත්ති යං සමාපත්තිං සමාපන්නො න කිඤ්චි වෙදියතීති.
Sinhala BJTඇවත් පෝතලිපුත්‍රය, නහමක් මෙසේ කීය. ඇවැත් පෝතලිපුත්‍රය, නහමක් මෙසේ කිය. භාග්‍යවතුන් වහන්සේට අභ්‍යාඛ්‍යානය නහමක් කර. භාග්‍යවතුන් වහන්සේට අභ්‍යාඛ්‍යානය නො මැනැවි. භාග්‍යවතුන් වහන්සේ මෙසේ නො මැ වදාරන්නාහ: ‘කායකර්‍මය තුච්ඡ යැ, වාක්කර්‍මය තුච්ඡ යැ, මනඃකර්‍මය මැ සැබැවැ’ යි. ඇවැත්නි, යම් සමවතකට සමවන්නේ කිසි වේදනාවක් නො විඳී ද, එබඳු සමවතෙක් ඇත්තේ වේ යයි.
Pali BJTකීව චීරං පබ්බජිතොසි ආවුසො, සමිද්ධීති.
Sinhala BJTඇවැත්නි, සමිද්ධි තෙරණුවෙනි, පැවිදි වැ කෙතෙක් දිගු කල් ඇද්ද?
Pali BJTන චීරං ආවුසො, තීණි වස්සානීති.
Sinhala BJTඇවැත්නි, බොහෝ කල් නො වෙයි. තුන් වසක් වේ යයි.
Pali BJTඑත්ථදානි මයං ථෙරෙ භික්ඛූ කිං වක්ඛාම, යත්ර හි නාමෙවං නවො භික්ඛු සත්ථාරං පරිරක්ඛිතබ්බං මඤ්ඤිස්සති. සඤ්චෙතනිකං, ආවුසො සමිද්ධි, කම්මං කත්වා කායෙන වාචාය මනසා, කිං සො වෙදියතීති.
Sinhala BJTයම් කරුණෙක්හි මෙසේ නවක මහණ ශාස්තෘහු (ගර්‍හායෙන් මිදීමෙන්) රැක්කයුතු කොට සිතී නම් ස්ථවිර භික්‍ෂූන් ගෙන දැන් මෙහිලා අපි කුමක් කියමෝ ද? ඇවැත්නි, සමිද්ධි තෙරණුවෙනි, කයින් බසින් සිතින් දැන දැන කර්‍ම කොට හේ කවර වේදානාව විඳී දැ? යි.
Pali BJTසඤ්චෙතනිකං ආවුසො පොතලිපුත්ත, කම්මං කත්වා කායෙන වාචාය මනසා, දුක්ඛං සො වෙදියතීති.
Sinhala BJTඇවත් පෝතලිපුත්‍රය, කයින් බසින් සිතින් දැන දැන කර්‍ම කොට හේ දුඃඛවේදනා විඳී යයි.
Pali BJTඅථ ඛො පොතලිපුත්තො පරිබ්බාජකො ආයස්මතො සමිද්ධිස්ස භාසිතං නෙව අභිනන්දි න පටික්කොසි. අනභිනන්දිත්වා අප්පටික්කොසිත්වා උට්ඨායාසනා පක්කාමි.
Sinhala BJTඑසඳ පෝතලිපුත්‍ර පරිව්‍රාජක ආයුෂ්මත් සමිද්ධි තෙරුන්ගේ භාෂිතය නොමැ පිළිගත, බැහැර නො කෙළේ යැ. නො පිළිගෙන බැහැර නො කොට හුනස්නෙන් නැඟී ගියේ.
Pali BJTඅථ ඛො ආයස්මා සමිද්ධි අචිරපක්කන්තෙ පොතලිපුත්තෙ පරිබ්බාජකෙ යෙනායස්මා ආනන්දො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා ආයස්මතා ආනන්දෙන සද්ධිං සම්මොදි. සම්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ආයස්මා සමිද්ධි යාවතකො අහොසි පොතලිපුත්තෙන පරිබ්බාජකෙන සද්ධිං කථාසල්ලාපො, තං සබ්බං ආයස්මතො ආනන්දස්ස ආරොචෙසි. එවං වුත්තෙ, ආයස්මා ආනන්දො ආයස්මන්තං සමිද්ධිං එතදවොච: ‘අත්ථි ඛො ඉදං ආවුසො සමිද්ධි, කථාපාභතං භගවන්තං දස්සනාය. ආයාමාවුසො සමිද්ධි, යෙන භගවා තෙනුපසඞ්කමෙය්යාම, උපසඞ්කමිත්වා එතමත්ථං භගවතො ආරොචෙය්යාම. යථා නො භගවා ව්යාකරිස්සති තථා නං ධාරෙය්යාමාති.
Sinhala BJTඉක්බිති ආයුෂ්මත් සමිද්ධි තෙරණුවෝ පෝතලිපුත්‍ර පරිව්‍රාජක නික්මගිය නොබෝ වේලෙහි ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවන් කරා එළඹියහ. එළැඹ ආයුෂ්මත් ආනන්‍ද තෙරුන් සමග සතුටු විය. සතුටුවිය යුතු සිහි කළයුතු කථාව කොට නිමවා එකත්පස් වැ හුන්හ. එකත්පස් වැ හුන් ආයුෂ්මත් සමිද්ධි තෙරණුවෝ පෝතලිපුත්‍ර පරිව්‍රාජකයන් සමග යම් පමණ කථාසල්ලාපයෙක් වී නම් එහැම ආයුෂ්මත් අනඳ තෙරණුවනට දැන්වූහ. මෙසේ කී කල්හි ආයුෂ්මත් අනඳ තෙරණුවනට දැන්වූහ. මෙසේ කී කල්හි ආයුෂ්මත් අනඳ තෙරණුවෝ ආයුෂ්මත් සමිද්ධි තෙරණුවනට තෙල වදාළහ: “ඇවැත්නි, සමිද්ධි තෙරණුවෙනි, භාග්‍යවතුන් වහන්සේ දක්නට මේ කථාප්‍රාහෘතයෙක් (පඬුරෙක්) ඇත. ඇවැත්නි සමිද්ධි තෙරණුවෙනි, යම්හ. භාග්‍යවතුන් වහන්සේ කරා එළඹ මෙකරුණ භාග්‍යවතුන් වහන්සේට සැලකරම්හ. භාග්‍යවතුන් වහන්සේ යම්සේ අපට ප්‍රකාශ කරනසේක් නම් එය එසේ ධරම්හ” යි.
Pali BJTඑවමාවුසොති ඛො ආයස්මා සමිද්ධි ආයස්මතො ආනන්දස්ස පච්චස්සොසි. අථ ඛො ආයස්මා ච ආනන්දො ආයස්මා ච සමිද්ධි යෙන භගවා තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදිංසු. එකමන්තං නිසින්නො ඛො ආයස්මා ආනන්දො යාවතකො අහොසි ආයස්මතො සමිද්ධිස්ස පොතලිපුත්තෙන පරිබ්බාජකෙන සද්ධිං කථා සල්ලාපො, තං සබ්බං භගවතො ආරොචෙසි.
Sinhala BJT‘එසේ යැ ඇවැත්නි’යි ආයුෂ්මත් සමිද්ධි තෙරණුවෝ ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවන්ට පිළිවදන් දුන්හ. ඉක්බිති ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ ද ආයුෂ්මත් සමිද්ධි තෙරණුවෝ ද භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේට අභිවාදන කොට එකත්පස් වැ හුන්හ. එකත්පස් වැ හුන් ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ පෝතලි පුත්‍ර පරිව්‍රාජකයා සමග ආයුෂ්මත් සමිද්ධි තෙරුන්ගේ යම් පමණ කථා සල්ලාපයෙක් වී ද එහැම භාග්‍යවතුන් වහන්සේට සැලකළහ.
Pali BJTඑවං වුත්තෙ භගවා ආයස්මන්තං ආනන්දං එතදවොච: ‘දස්සනම්පි ඛො අහං ආනන්ද, පොතලිපුත්තස්ස පරිබ්බාජකස්ස නාභිජානාමි. කුතො පනෙවරූපං කථාසල්ලාපං. ඉමිනා ච ආනන්ද, සමිද්ධිනා මොඝපුරිසෙන පොතලිපුත්තස්ස පරිබ්බාජකස්ස විභජ්ජ ව්යාකරණීයො පඤ්හො එකංසෙන ව්යාකතො’ති.
Sinhala BJTමෙසේ කී කල්හි භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවන්ට තෙල වදාළහ: “ආනන්‍දය, මම පෝතලිපුත්‍ර පරිව්‍රාජකයාගේ දැක්මකුදු නො දනිමි. මෙබඳු කථාසල්ලාපයෙක් වැළිත් කොයින් වී ද. තවද ආනන්‍දය, සමිද්ධි මෝඝපුරුෂයා විසින් පෝතලිපුත්‍ර පරිව්‍රාජකයාහට බෙදා ප්‍රකාශ කළයුතු ප්‍රශ්නය ඒකාන්තයෙන් විසඳනලදැ” යි.
Pali BJTඑවං වුත්තෙ ආයස්මා උදායී භගවන්තං එතදවොච: ‘සචෙ පන භන්තෙ, ආයස්මතා සමිද්ධිනා ඉදං සන්ධාය භාසිතං, යං කිඤ්චි වෙදයිතං තං දුක්ඛස්මි’න්ති.
Sinhala BJTමෙසේ වදාළ කල්හි ආයුෂ්මත් උදායී තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල සැලකළහ: වහන්ස, ඉදින් ආයුෂ්මත් සමිද්ධි තෙරණුවන් විසින් යම් කිසි වේදනාවක් ඇද්ද එය ‘දුක’ යි යන මේ සඳහා කියනලද ද?
Pali BJTඅථ ඛො{1} භගවා ආයස්මන්තං ආනන්දං ආමන්තෙසි: ‘පස්ස ඛො ත්වං ආනන්ද, ඉමස්ස උදායිස්ස මොඝපුරිසස්ස උම්මග්ගං.{2} අඤ්ඤාසිං ඛො අහං ආනන්ද, ඉදානෙවායං උදායී මොඝපුරිසො උම්මුජ්ජමානො අයොනිසො උම්මුජ්ජිස්සතී’ති. ආදිංයෙව ආනන්ද, පොතලිපුත්තෙන පරිබ්බාජකෙන තිස්සො වෙදනා පුච්ඡිතා. සචායං ආනන්ද, සමිද්ධි මොඝපුරිසො පොතලිපුත්තස්ස පරිබ්බාජකස්ස එවං පුට්ඨො එවං ව්යාකරෙය්ය: ‘සඤ්චෙතනිකං ආවුසො පොතලිපුත්ත, කම්මං කත්වා කායෙන වාචාය මනසා සුඛවෙදනීයං, සුඛං සො වෙදියති.{3} සඤ්චෙතනිකං ආවුසො පොතලිපුත්ත, කම්මං කත්වා කායෙන වාචාය මනසා දුක්ඛවෙදනීයං, දුක්ඛං සො වෙදියති.{3} සඤ්චෙතනිකං ආවුසො පොතලිපුත්ත, කම්මං කත්වා කායෙන වාචාය මනසා අදුක්ඛමසුඛවෙදනීයං, අදුක්ඛමසුඛං සො වෙදියතීති. එවං ව්යාකරමානො ඛො ආනන්ද, සමිද්ධි මොඝපුරිසො පොතලිපුත්තස්ස පරිබ්බාජකස්ස සම්මා ව්යාකරෙය්ය. අපිචානන්ද, කෙ ච අඤ්ඤතිත්ථියා පරිබ්බාජකා බාලා අව්යත්තා, කෙ ච තථාගතස්ස මහාකම්මවිභඞ්ගං ජානිස්සන්ති. සචෙ තුම්හෙ ආනන්ද, සුණෙය්යාථ තථාගතස්ස මහාකම්මවිභඞ්ගං විභජන්තස්සාති.
Sinhala BJTඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවන් ඇමතූසේක. ‘ආනන්‍දය, තෙපි මේ උදායී මෝඝපුරුෂයාගේ ප්‍රඥා-උන්මාර්‍ගය බලව. ආනන්‍දය මම් මේ උදායී මෝඝපුරුෂ මෙවිට මැ හිස නඟනුයේ නුනුවණින් හිස නඟා’ යයි දතිමි. ආනන්‍දය, පෝතලිපුත්‍ර පරිව්‍රාජකයා විසින් ආදියෙහි ම ත්‍රිවිධ වේදනාව පුළුවුස්නා ලද. ආනන්‍දය, ඉදින් මේ සමිද්ධි මෝඝපුරුෂ මෙසේ පුළුවුස්නාලදුයේ පෝතලිපුත්‍ර පරිව්‍රාජකයාහට මෙසේ ප්‍රකාශ කෙළේ නම් ‘ඇවැත, පෝතලිපුත්‍රය, කයින් වචසින් මනසින් දැන දැන සුඛවේදනීය කර්‍මය කොට හේ සුව විඳී. ඇවත පෝතලිපුත්‍රය, කයින් වචසින් මනසින් දැන දැන දුඃඛවේදනීය කර්‍මය කොට හේ දුක් විඳී. ඇවත පෝතලිපුත්‍රය, කයින් වචසින් මනසින් දැන දැන අදුඃඛමසුඛවේදනිය කර්‍මය කොට හේ උපේක්‍ෂා වේදනාව විඳී’ යයි. ආනන්‍දය, මෙසේ විසඳන සමිද්ධි මෝඝපුරුෂ පෝතලිපුත්‍ර පරිව්‍රාජකයාට මොනොවට ප්‍රකාශ කරන්නේ යැ. තවද ආනන්‍දය, බාල වූ අව්‍යක්ත වූ අන්‍ය තීර්‍ත්‍ථක පරිව්‍රාජකයෝ කවරහු ද? තථාගතයන්ගේ මහාකර්‍මවිභඞ්ගය කවරහු දතහෙත් ද? ඉදින් ආනන්‍දය තෙපි මහාකර්‍මවිභඞ්ගය විභාග කරන තථාගතයන්ගේ (දේශනාධර්‍මය) අසන්නහු (නම් මැනැවැ).
Pali BJTඑතස්ස භගවා කාලො, එතස්ස සුගත කාලො, යං භගවා මහාකම්මවිභඞ්ගං විභජෙය්ය, භගවතො සුත්වා භික්ඛූ ධාරෙස්සන්තීති.
Sinhala BJTභාග්‍යවතුන් වහන්ස, තෙල විභාගයට කල් වෙයි. සුගතයන් වහන්ස, තෙල විභාගයට කල් වෙයි. යම් හෙයෙකින් භාග්‍යවතුන් වහන්සේ මහාකර්‍මවිභඞ්ගය විභාග කරනසේක් නම් භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙන් අසා ධරන්නාහ’ යි.
Pali BJTතෙන හා’නන්ද, සුණාහි, සාධුකං මනසි කරොහි, භාසිස්සාමීති.
Sinhala BJTආනන්‍දය, එසේ වී නම් අසව, මොනොවට මෙනෙහි කරව, කියන්නෙමි’ යි.
Pali BJTඑවං භන්තෙති ඛො ආයස්මා ආනන්දො භගවතො පච්චස්සොසි. භගවා එතදවොච:
Sinhala BJT‘එසේ යැ වහන්සැ’ යි ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ තෙල (මහාකර්‍මවිභඞ්ගය) වදාළසේක.
Pali BJTචත්තාරො මෙ ආනන්ද, පුග්ගලා සන්තො සංවිජ්ජමානා ලොකස්මිං. කතමෙ චත්තාරො: ඉධානන්ද, එකච්චො පුග්ගලො ඉධ පාණාතිපාතී හොති, අදින්නාදායී හොති, කාමෙසුමිච්ඡාචාරී හොති, මුසාවාදී හොති, පිසුනාවාචො හොති, ඵරුසවාචො හොති, සම්ඵප්පලාපී හොති, අභිජ්ඣාලු හොති, ව්යාපන්නචිත්තො හොති, මිච්ඡාදිට්ඨි හොති. සො කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජති.
Sinhala BJTආනන්‍දය, ලෝකයෙහි විද්‍යමාන වූ මේ පුද්හලයෝ සතර දෙනෙකි. කවර සතර දෙනෙකැ යත්: ආනන්‍දය, මෙලොව කිසි පුද්ගලයෙක් මෙලොව පණිවා කරනු වෙයි, අයිනාදන් ගනු වෙයි, කාමයෙහි මිසහසර ඇති වෙයි, මුසවා බණනු වෙයි, පිසුනුබස් ඇති වෙයි, පරොස්බස් ඇති වෙයි, පලප් බණනු වෙයි, අභිධ්‍යා බහුල වෙයි, ව්‍යාපන්න චිත්ත වෙයි, මිථ්‍යාදෘෂ්ටික වෙයි. හේ කායභේදයෙන් මරණින් මතු අපාය දුර්‍ගති විනිපාත සංඛ්‍යාත නිරයට වදියි.
Pali BJTඉධ පන ආනන්ද, එකච්චො පුග්ගලො ඉධ පාණාතිපාතී හොති, අදින්නාදායී හොති, කාමෙසු මිච්ඡාචාරී හොති, මුසාවාදී හොති, පිසුනාවාචො හොති, ඵරුසවාචො හොති, සම්ඵප්පලාපී හොති, අභිජ්ඣාලු හොති, ව්යාපන්නචිත්තො හොති, මිච්ඡාදිට්ඨි හොති. සො කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජති.
Sinhala BJTආනන්‍දය, මෙලොව කිසි පුද්ගලයෙක් මෙලොව දී පණිවා කරනු වෙයි, අයිනාදන් ගනු වෙයි, කාමයෙහි මිසහසර ඇති වෙයි, මුසවා බණනු වෙයි, පිසුනුබස් ඇති වෙයි, පරොස්බස් ඇති වෙයි, පලප් ඇති වෙයි, අභිධ්‍යා බහුල වෙයි, ව්‍යාපන්න සිත් වෙයි, මිථ්‍යාදෘෂ්ටික වෙයි. හේ කාබුන් මරණින් මතු සුගති සංඛ්‍යාත ස්වර්‍ගලෝකයට පැමිණෙයි.
Pali BJTඉධානන්ද එකච්චො පුග්ගලො ඉධ පාණාතිපාතා පටිවිරතො හොති, අදින්නාදානා පටිවිරතො හොති, කාමෙසු මිච්ඡාචාරා පටිවිරතො හොති, මුසාවාදා පටිවිරතො හොති, පිසුනා වාචා{1} පටිවිරතො හොති, ඵරුසා වාචා{2} පටිවිරතො හොති, සම්ඵප්පලාපා පටිවිරතො හොති, අනභිජ්ඣාලු හොති, අව්යාපන්නචිත්තො හොති, සම්මාදිට්ඨි හොති. සො කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජති.
Sinhala BJTආනන්‍දය, මෙලොව කිසි පුද්ගලයෙක් මෙලොව දී ප්‍රාණඝාතයෙන් වැළකුණේ වෙයි, අයිනාදන් ගැනීමෙන් වැළකුණේ වෙයි, කාමයෙහි මිසහසරින් වැළකුණේ වෙයි, මුසවායෙන් වැළකුණේ වෙයි, පිසුනු බසින් වැළකුණේ වෙයි, පරොස්බසින් වැළකුණේ වෙයි, සම්ඵප්‍රලාපයෙන් වැළකුණේ වෙයි, අනභිධ්‍යාලු වෙයි, අව්‍යාපන්න වූ සිත් ඇති වෙයි, සම්‍යග්දෘෂ්ටි ඇත්තේ වෙයි. හේ කාබුන් මරණින් මතු සුගති සංඛ්‍යාත ස්වර්‍ගලෝකයට පැමිණෙයි.
Pali BJTඉධ පනානන්ද, එකච්චො පුග්ගලො ඉධ පාණාතිපාතා පටිවිරතො හොති, අදින්නාදානා පවිරතො හොති, කාමෙසු මිච්ඡාචාරා පටිවිරතො හොති, මුසාවාදා පටිවිරතො හොති, පිසුනා වාචා පටිවිරතො හොති, ඵරුසා වාචා පටිවිරතො හොති, සම්ඵප්පලාපා පටිවිරතො හොති, අනභිජ්ඣාලු හොති, අව්යාපන්නචිත්තො හොති, සම්මාදිට්ඨි හොති. සො කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජති.
Sinhala BJTආනන්‍දය, මෙලොව කිසි පුද්ගලයෙක් මෙලොව දී පරපණ නැසීමෙන් වැළකුණේ වෙයි, අයිනාදන් ගැනීමෙන් වැළකුණේ වෙයි, කාමයෙහි මිසහසරින් වැළකුණේ වෙයි, මුසවායෙන් වැළකුණේ වෙයි, පිසුනු බසින් වැළකුණේ වෙයි, පරොස් බසින් වැළකුණේ වෙයි, සම්ඵප්‍රලාපයෙන් වැළකුණේ වෙයි, අනභිධ්‍යාලු වෙයි, අව්‍යාපන්න සිත් ඇති වෙයි, සම්දිටු ඇති වෙයි. හේ කාබුන් මරණින් මතු අපාය දුර්‍ගති විනිපාත වූ නිරයට පැමිණේ.
Pali BJTඉධානන්ද, එකච්චො සමණො වා බ්රාහ්මණො වා ආතප්පමන්වාය පධානමන්වාය අනුයොගමන්වාය අප්පමාදමන්වාය සම්මා මනසිකාරමන්වාය තථාරූපං චෙතොසමාධිං ඵුසති. යථා සමාහිතෙ චිත්තෙ දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන අතික්කන්තමානුසකෙන අමුං පුග්ගලං පස්සති: ‘ඉධ පාණාතිපාතිං අදින්නාදායිං කාමෙසු මිච්ඡාචාරිං මුසාවාදිං පිසුනා වාචං ඵරුසා වාචං සම්ඵප්පලාපිං අභිජ්ඣාලුං ව්යාපන්නචිත්තං මිච්ඡාදිට්ඨිං. කායස්ස භෙදා පරම්මරණා පස්සති අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපන්නං. සො එවමාහ: ‘අත්ථි කිර භො, පාපකානි කම්මානි, අත්ථි දුච්චරිතස්ස විපාකො. අපාහං පුග්ගලං අද්දසං ඉධ පාණාතිපාතිං අදින්නාදායිං කාමෙසු මිච්ඡාචාරිං මුසාවාදිං පිසුනාවාචං ඵරුසාවාචං සම්ඵප්පලාපිං අභිජ්ඣාලුං ව්යාපන්නචිත්තං මිච්ඡාදිට්ඨිං කායස්ස භෙදා පරම්මරණා පස්සාමි අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපන්නන්ති. සො එවමාහ: ‘යො කිර භො පාණාතිපාතී අදින්නාදායී -පෙ- මිච්ඡාදිට්ඨි, සබ්බො සො කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජති. යෙ එවං ජානන්ති, තෙ සම්මා ජානන්ති, යෙ අඤ්ඤථා ජානන්ති, මිච්ඡා තෙසං ඤාණන්ති. ඉති සො යදෙව තස්ස සාමං ඤාතං සාමං දිට්ඨං සාමං විදිතං, තදෙව තත්ථ ථාමසා පරාමස්ස{3} අභිනිවිස්ස වොහරති: ඉදමෙව සච්චං මොඝමඤ්ඤ’න්ති.
Sinhala BJTආනන්‍දය, මෙලොව කිසි මහණෙක් වේවයි බමුණෙක් වේවයි කෙලෙස් තවන වීර්‍ය්‍යට පැමිණ ප්‍රධන්වීර්‍ය්‍යයට පැමිණ අනුයෝගයට පැමිණ අප්‍රමාදයට පැමිණ සම්‍යග්මනසිකාරයට පැමිණ යම් පරිදි සිත සමාහිත කල්හි විශුද්ධ වූ මිනිසැස ඉක්මගිය දිව ඇසින් මෙලොව දී ප්‍රාණවධ කළා වූ අයිනාදන් ගත් කාමයෙහි මිසහසර ඇති මුසවා කියනසුලු පිසුනුබස් ඇති පරොස්බස් ඇති සම්ඵප්‍රලාප ඇති ව්‍යාපන්න සිත් ඇති මිසදිටු ගත් තෙල පුද්ගලයා දකී ද, කාබුන් මරණින් මතු අපාය දුර්‍ගති විනිපාත වූ නිරයට පැමිණියහු දකී ද, එබඳු වූ චිත්තසමාධිය ලබයි. හේ මෙසේ කියා: භවත, පාපකර්‍මයෝ ඇත. දුශ්චරිතයාගේ විපාකයෙක් ඇත. යම් හෙයෙකින් මම මෙලොව දී ප්‍රාණවධ කළ, අයිනාදන් ගත්, කාමයෙහි මිසහසර ඇති, මුසවා කියනසුලු, පිසුනුබස් ඇති, පරොස්බස් ඇති, සම්ඵප්‍රලාප ඇති, අභිධ්‍යාලු වූ, ව්‍යාපන්න සිත් ඇති, මිසදිටු ගත් තෙල පුද්ගලයා කාබුන් මරණින් මතු අපාය දුර්‍ගති විනිපාත වූ නිරයට පැමිණියහු දක්මි. හේ මෙසේ කියයි: “භවත්නි, යමෙක් ප්‍රාණවධ කරනුයේ අයිනාදන් ගන්නේ ... මිසදිටු ඇත්තේ වේ ද, එ හැම කාබුන් මරණින් මතු අපාය දුර්‍ගති විනිපාත වූ නිරයට එළැඹෙයි, යම් කෙනෙක් මෙසේ දනිත් ද, ඔහු මැනැවින් දනිති, යම් කෙනෙක් අන් පරිදි දනිත් ද උන්ගේ ඥානය මිථ්‍යා වෙයි” කියා යි. මෙසේ හේ ඔහු විසින් තමා දන්නා ලද ද තමා දක්නාලද ද, තමා පහළ කරන ලද ද එය මැ එහි දෘෂ්ටියෙන් දැඩි සේ පරාමර්‍ශ කොට එහි වැදගෙන ‘මේ මැ සත්‍ය යැ, අන්‍යය තුච්ඡ යැ’ යි ව්‍යවහාර කෙරේ ද, එබඳු චිත්තසමාධියෙක් ස්පර්‍ශ කෙරෙයි.
Pali BJTඉධ පනානන්ද, එකච්චො සමණො වා බ්රාහ්මණො වා ආතප්පමන්වාය පධානමන්වාය අනුයොගමන්වාය අප්පමාදමන්වාය සම්මා මනසිකාරමන්වාය තථාරූපං චෙතොසමාධිං ඵුසති. යථා සමාහිතෙ චිත්තෙ දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන අතික්කන්තමානුසකෙන අමුං පුග්ගලං පස්සති. ඉධ පාණාතිපාතිං අදින්නාදායිං -පෙ- මිච්ඡාදිට්ඨිං, කායස්ස භෙදා පරම්මරණා පස්සති සුගතිං සග්ගං ලොකං උපපන්නං. සො එවමාහ: ‘නත්ථි කිර භො, පාපකානි කම්මානි, නත්ථි දුච්චරිතස්ස විපාකො, අපාහං පුග්ගලං අද්දසං ඉධ පාණාතිපාතිං අදින්නාදායිං -පෙ- මිච්ඡාදිට්ඨිං, කායස්ස භෙදා පම්මරණා පස්සාමි සුගතිං සග්ගං ලොකං උපපන්නන්ති. සො එවමාහ: යො කිර භො පාණාතිපාතී අදින්නාදායී -පෙ- මිච්ඡාදිට්ඨී, සබ්බො සො කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජති. යෙ එවං ජානන්ති තෙ සම්මා ජානන්ති. යෙ අඤ්ඤාථා ජානන්ති, මිච්ඡා තෙසං ඤාණන්ති. ඉති සො යදෙව තස්ස සාමං ඤාතං සාමං දිට්ඨං සාමං විදිතං තදෙව තත්ථ ථාමසා පරාමස්ස{1} අභිනිවිස්ස වොහරති: ‘ඉදමෙව සච්චං මොඝමඤ්ඤ’න්ති.
Sinhala BJTආනන්‍දය, මෙලොව කිසි මහණෙක් වේවයි බමුණෙක් වේවයි කෙලෙස් තවන වීර්‍ය්‍යයට පැමිණ ප්‍රධන් වීර්‍ය්‍යයට පැමිණ අනුයෝගයට පැමිණ අප්‍රමාදයට පැමිණ සම්‍යග්මනසිකාරයට පැමිණ යම් පරිදි සිත සමාහිත කල්හි විශුද්ධ වූ මිනිසැස ඉක්මගිය දිවඇසින් මෙලොව දී ප්‍රාණවධ කළ අයිනාදන් ගත් ... මිසදිටු ගත් තෙල පුද්ගලයා කාබුන් මරණින් මතු සුගති සංඛ්‍යාත ස්වර්‍ගලෝකයට පැමිණියහු දකී. හේ මෙසේ කියයි: පාපකර්‍මයෝ නැත. දුශ්චරිතයාගේ විපාකයෙක් නැත. මම මෙලොව පණිවා කරන අයිනාදන් ගන්නා ... මිසදිටු ඇති පුද්ගලයා කාබුන් මරණින් මතු සුගති සංඛ්‍යාත ස්වර්‍ගලෝකයට එළඹියහු දිටිම් නො! හේ මෙසේ කියයි, යමෙක් පණිවා කරන්නේ, අයිනාදන් ගන්නේ ... මිසදිටු ඇතියේ වේ ද, එහැම දෙනේ කාබුන් මරණින් මතු සුගති සංඛ්‍යාත ස්වර්‍ගලෝකයට පැමිණේ. යම් කෙනෙක් මෙසේ දනිත් ද, ඔහු මොනොවට දනිත්. යම් කෙනෙක් නො එසේ දනිත් ද, ඔවුන්ගේ දැනුම සිස් යැ කියා යි. මෙසේ හෙතෙම ඔහු විසින් තමා දත් තමා දුටු ස්වයංවිදිත යම් මැ දැයෙක් ඇද්ද, එහි ලා එය මැ දැඩි සේ පරාමර්‍ශ කොට අභිනිවේශ කොට ‘මෙය මැ සත්‍ය වෙයි, අනෙක අසත්‍ය යැ’ යි බෙණේ.
Pali BJTඉධානන්ද එකච්චො සමණො වා බ්රාහ්මණො වා ආතප්පමන්වාය පධානමන්වාය අනුයොගමන්වාය අප්පමාදමන්වාය සම්මා මනසිකාරමන්වාය තථාරූපං චෙතොසමාධිං ඵුසති, යථා සමාහිතෙ චිත්තෙ දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන අතික්කන්තමානුසකෙන අමුං පුග්ගලං පස්සති. ‘ඉධ පාණාතිපාතා පටිවිරතං අදින්නාදානා පටිවිරතං කාමෙසු මිච්ඡාචාරා පටිවිරතං මුසාවාදා පටිවිරතං පිසුනා වාචා{2} පටිවිරතං ඵරුසා වාචා{3} පටිවිරතං සම්ඵප්පලාපා පටිවිරතං අනභිජ්ඣාලුං අව්යාපන්නචිත්තං සම්මාදිට්ඨිං කායස්ස භෙදා පරම්මරණා පස්සති සුගතිං සග්ගං ලොකං උපපන්නං. සො එවමාහ: ‘අත්ථි කිර භො කල්යාණානි කම්මානි, අත්ථි සුචරිතස්ස විපාකො. අපාහං පුග්ගලං අද්දසං ඉධ පාණාතිපාතා පටිවිරතං -පෙ- සම්මාදිට්ඨිං, කායස්ස භෙදා පරම්මරණා පස්සාමි සුගතිං සග්ගං ලොකං උපපන්න’න්ති. සො එවමාහ: ‘යො කිර භො පාණාතිපාතා පටිවිරතො අදින්නාදානා පටිවිරතො -පෙ- සම්මාදිට්ඨි සබ්බො සො කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජති. යෙ එවං ජානන්ති, තෙ සම්මා ජානන්ති. යෙ අඤ්ඤථා ජානන්ති, මිච්ඡා තෙසං ඤාණන්ති. ඉති සො යදෙව තස්ස සාමං ඤාතං සාමං දිට්ඨං සාමං විදිතං, තදෙව තත්ථ ථාමසා පරාමස්ස{1} අභිනිවිස්ස වොහරති: ‘ඉදමෙව සච්චං, මොඝමඤ්ඤ’න්ති.
Sinhala BJTආනන්‍දය, මෙලොව කිසි මහණෙක් හෝ බමුණෙක් හෝ කෙලෙස් තවන වැර නිසා ප්‍රධන් වැර නිසා අනුයෝග වීර්‍ය්‍යය නිසා අප්‍රමාදය නිසා සම්‍යග් මනස්කාර නිසා යම්සේ සමාහිත චිත්තය ඇති වත් මැ විශුද්ධ වූ මිනිසැස ඉක්ම සිටි තෙල පුඟුලා මෙලොව පණිවායෙන් වෙන් වූවහු කාමයෙහි මිසහසරින් වෙන් වූවහු මුසවායෙන් වෙන් වූවහු පිසුනුබසින් වෙන් වූවහු පරොස් බසින් වෙන් වූවහු සම්ඵසංඛ්‍යාත ප්‍රලාපයෙන් වෙන් වූවහු අභිධ්‍යා බහුල නො වූවහු ව්‍යාපන්න චිත්ත නැතියහු සම්දිටු ඇතියහු කාබුන් මරණින් මතු සුගති සංඛ්‍යාත ස්වර්‍ගලෝකයට පැමිණියහු දක්නේ වේ ද. එබඳු වූ දිව්‍යචක්‍ෂුස් සමාධියක් ස්පර්‍ශ කෙරේ. හේ මෙසේ කියයි. කල්‍යාණ කර්‍මයෝ ඇත. සුචරිතයාගේ විපාක ඇත. මම් මෙලොව පණිවායෙන් වෙන් වැ ... සම්දිටු ඇති කාබුන් මරණින් මතු සුගති සංඛ්‍යාත ස්වර්‍ගලෝකයට පැමිණි පුඟුලා දිටිම් නො! හේ මෙසේ කියයි: ‘යමෙක් පණිවායෙන් දුරු වේ ද අයිනාදනින් දුරු වේ ද ... සම්දිටු ඇද්ද එහැම දෙනේ කාබුන් මරණින් මතු සුගති නම්වූ ස්වර්‍ගලෝකයට පැමිණේ. යම් කෙනෙක් මෙසේ දනිත් ද ඔහු මොනොවට දනිත්, යම් කෙනෙක් නො එසේ දනිත් ද උන්ගේ දැනුම මෝඝ වෙති’ යි කියා යි. මෙසේ හෙතෙමේ ඔහු විසින් තමා දත් තමා දිටි තමා පළට කළ යම් මැ දැන්මෙක් ඇද්ද එහි ලා එය මැ දෘෂ්ටිශක්තියෙන් දෘෂ්ටි පරාමර්‍ශ කොට අභිනිවේශ කොට තහවුරු වැ ගෙන බෙණේ: ‘මෙ මැ සත්‍ය වෙයි, අනෙක අසත්‍ය යැ’ කියා යි.
Pali BJTඉධ පනානන්ද එකච්චො සමණො වා බ්රාහ්මණො වා ආතප්පමන්වාය පධානමන්වාය අනුයොගමන්වාය අප්පමාදමන්වාය සම්මා මනසිකාරමන්වාය තථාරූපං චෙතොසමාධිං ඵුසති, යථා සමාහිතෙ චිත්තෙ දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන අතික්කන්තමානුසකෙන අමුං පුග්ගලං පස්සති. ඉධ පාණාතිපාතා පටිවිරතං අදින්නාදානා පටිවිරතං -පෙ- සම්මාදිට්ඨිං, කායස්ස භෙදා පරම්මරණා පස්සති අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපන්නං. සො එවමාහ: නත්ථි කිර භො කල්යාණානි කම්මානි,
Sinhala BJTආනන්‍දය, මෙලොව කිසි මහණෙක් හෝ ආතාපනවීර්‍ය්‍යය නිසා ප්‍රධන්වීර්‍ය්‍යය නිසා අනුයෝගවීර්‍ය්‍යය නිසා අප්‍රමාදය නිසා මනා මෙනෙහි කිරීම් නිසා එබඳු වූ දිව්‍යචක්‍ෂුස් සමාධිය ස්පර්‍ශ කෙරෙයි. යම්සේ සමාහිත සිත ඇති වත් මැ විශුද්ධ වූ මිනිසැස ඉක්මගිය දිවැසින් තෙල පුඟුලා මෙලොව පණිවායෙන් දුරු වූවහු අයිනාදනින් දුරු වූවහු ... සම්දිටු ඇතියහු කාබුන් මරණින් මතු අපාය දුර්‍ගති විනිපාත සංඛ්‍යාත නිරයට එළැඹියහු දක්නේ වේ ද එබඳු දිව්‍යචක්‍ෂුස් සමාධිය යි. හේ මෙසේ කියයි. කල්‍යාණකර්‍මයෝ
Pali BJTනත්ථි සුචරිතස්ස විපාකො. අපාහං පුග්ගලං අද්දසං ඉධ පාණාතිපාතා පටිවිරතං අදින්නාදානා පටිවිරතං -පෙ- සම්මාදිට්ඨිං, කායස්ස භෙදා පරම්මරණා පස්සාමි අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපන්න’න්ති. සො එවමාහ: යො කිර භො පාණාතිපාතා පටිවිරතො -පෙ- සම්මාදිට්ඨි. සබ්බො සො කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජති. යෙ එවං ජානන්ති, තෙ සම්මා ජානන්ති. යෙ අඤ්ඤථා ජානන්ති, මිච්ඡා තෙසං ඤාණ’න්ති. ඉති සො යදෙව තස්ස සාමං ඤාතං සාමං දිට්ඨං සාමං විදිතං, තදෙව තත්ථ ථාමසා පරාමස්ස අභිනිවිස්ස වොහරති: ඉදමෙව සච්චං මොඝමඤ්ඤ’න්ති.
Sinhala BJTනැත. සුචරිතයාගේ විපාකයෙක් නැත. මම මෙලොව පණිවායෙන් දුරු වූ අයිනාදනින් දුරු වූ ... සම්දිටු ඇති, කාබුන් මරණින් මතු අපාය දුර්‍ගති විනිපාත සංඛ්‍යාත නිරයට පැමිණි පුඟුලකු දිටිම් නො ! කියා’ යි. හේ මෙසේ කියයි: ‘යමෙක් පණිවායෙන් දුරු වූයේ ... සම්දිටු ඇතියේ වේ ද, ඒ හැම දෙනේ කාබුන් මරණින් මතු අපාය දුර්‍ගති විනිපාත සංඛ්‍යාත නිරයට පැමිණෙයි. යම් කෙනෙක් මෙසේ දනිත් ද ඔහු මොනොවට දනිති. යම් කෙනෙක් අන් සැටි දනිත් ද උන්ගේ දැන්ම මිථ්‍යා යැ’ යි කියා යි. මෙසේ හේ ඔහුගේ තමා දත් තමා දිටි තමා පළට කළ යම් මැ දැන්මෙක් ඇද්ද, එහි ලා ඒ දැන්ම මැ දෘෂ්ටිස්ථාමයෙන් පරාමර්‍ශ කොට අභිනිවේශ කොට එහි බැසගෙන බෙණේ: ‘මෙ මැ යැ සත්‍ය යැ, අනෙක මෝඝ යැ’ කියා යි.
Pali BJTතත්රානන්ද, ය්වායං සමණො වා බ්රාහ්මණො වා එවමාහ: අත්ථි කිර භො, පාපකානි කම්මානි, අත්ථි දුච්චරිතස්ස විපාකොති. ඉදමස්ස අනුජානාමි. යම්පි සො එවමාහ: ‘අපාහං පුග්ගලං අද්දසං ඉධ පාණාතිපාතිං අදින්නාදායිං -පෙ- මිච්ඡාදිට්ඨිං කායස්ස භෙදා පරම්මරණා පස්සාමි අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපන්න’න්ති. ඉදම්පිස්ස අනුජානාමි. යඤ්ච ඛො සො එවමාහ: යො කිර භො පාණාතිපාතී අදින්නාදායී -පෙ- මිච්ඡාදිට්ඨී, සබ්බො සො කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජතී’ති. ඉදමස්ස නානුජානාමි. යම්පි සො එවමාහ: යෙ එවං ජානන්ති, තෙ සම්මා ජානන්ති, යෙ අඤ්ඤථා ජානන්ති, මිච්ඡා තෙසං ඤාණන්ති. ඉදම්පිස්ස නානුජානාමි. යම්පි සො යදෙව තස්ස සාමං ඤාතං සාමං දිට්ඨං සාමං විදිතං, තදෙව තත්ථ ථාමසා පරාමස්ස අභිනිවිස්ස වොහරති, ඉදමෙව සච්චං මොඝමඤ්ඤ’න්ති. ඉදම්පිස්ස නානුජානාමි. තං කිස්ස හෙතු: අඤ්ඤථා හි, ආනන්ද, තථාගතස්ස මහාකම්මවිභඞ්ගෙ ඤාණං හොති.
Sinhala BJTආනන්‍දය, එහි යම් මහණෙක් හෝ බමුණෙක් හෝ මෙසේ කියා ද: ‘පාපකර්‍මයෝ ඇත, දුශ්චරිතයාගේ විපාකයෙක් ඇතැ’ යි. ඔහුගේ මේ කියමන අනුදනිමි. හේ මෙසේයිනුත් යම් බසක් කියා ද මම මෙලොව පණිවා කරන අයිනාදන් ගන්නා ... මිසදිටු ඇති පුඟුලා කාබුන් මරණින් මතු අපාය දුර්‍ගති විනිපාත සංඛ්‍යාත නිරයට පැමිණියහු දිටිම් නො ! යි, ඔහුගේ මෙබස ද අනුදනිමි. හේ මෙසෙයිනුදු යම් බසක් කියා ද පණිවා කරන අයිනාදන් ගන්නා ... මිසදිටු ඇති යමෙක් ඇද්ද, එහැම දෙනේ කාබුන් මරණින් මතු අපාය දුර්‍ගති විනිපාත සංඛ්‍යාත නිරයට පැමිණේ යයි, ඔහුගේ මෙබස නො අනුදන්මි. හේ මෙසෙයිනුත් යම් බසක් කියා ද යම් කෙනෙක් මෙසේ දනිත් ද ඔහු මොනොවට දනිති. යම් කෙනෙක් අන් සැටි දනිත් ද ඔවුන්ගේ දැනුම මිථ්‍යා යැ’ යි ඔහුගේ මෙබස ද නො අනුදන්මි. හේ ඔහුගේ තමා දත් තමා දිටි තමා පහළ කළ යම් මැ දැයෙක් ඇද්ද එහි එය මැ දෘෂ්ටිශක්තියෙන් පරාමර්‍ශ කොට අභිනිවේශ කොට බැසගෙන බෙණේ ද ‘මේ මැ යැ සත්‍ය යැ, අනෙක සිස් යැ’ යන යමක් ඇද්ද, ඔහුගේ මෙබස ද නො අනුදන්මි. ඒ කවර හෙයින යත්: ආනන්‍දය, අන් සැටියෙකින් තථාගතයන්ගේ මහාකර්‍මවිභාගයෙහි ඥානය වේ ද එහෙයිනි.
Pali BJTතත්රානන්ද, ය්වායං සමණො වා බ්රාහ්මණො වා එවමාහ: නත්ථි කිර භො, පාපකානි කම්මානි, නත්ථි දුච්චරිතස්ස විපාකොති. ඉදමස්ස නානුජානාමි. යම්පි ඛො සො එවමාහ: අපාහං පුග්ගලං අද්දසං ඉධ පාණාතිපාතිං අදින්නාදායිං -පෙ- මිච්ඡාදිට්ඨිං කායස්ස භෙදා පරම්මරණා පස්සාමි සුගතිං සග්ගං ලොකං උපපන්න’න්ති, ඉදමස්ස අනුජානාමි. යඤ්ච ඛො සො එවමාහ: යො කිර භො පාණාතිපාතී අදින්නාදායී -පෙ- මිච්ඡාදිට්ඨී, සබ්බො සො කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජතී’ති. ඉදමස්ස නානුජානාමි. යම්පි සො එවමාහ: යෙ එවං ජානන්ති, තෙ සම්මා ජානන්ති. යෙ අඤ්ඤාථා ජානන්ති, මිච්ඡා තෙසං ඤාණන්ති. ඉදම්පිස්ස නානුජානාමි. යම්පි සො යදෙව තස්ස සාමං ඤාතං සාමං දිට්ඨං සාමං විදිතං, තදෙව තත්ථ ථාමසා පරාමස්ස අභිනිවිස්ස වොහරති: ඉදමෙව සච්චං මොඝමඤ්ඤ’න්ති. ඉදම්පිස්ස නානුජානාමි. තං කිස්ස හෙතු: අඤ්ඤථා හි ආනන්ද, තථාගතස්ස මහාකම්මවිභඞ්ගෙ ඤාණං හොති.
Sinhala BJTආනන්‍දය, ඔවුනතුරෙහි යම් මහණෙක් හෝ බමුණෙක් හෝ මෙසේ කියා ද: ‘පාපකර්‍ම නැත, දුශ්චරිතයාගේ විපාක නැතැ’ යි, ඔහුගේ මෙබස් ද නො අනුදන්මි. හේ මෙසේ යමෙකුත් කියා ද: තව ද මම් මෙලොව පණිවා කරන අයිනාදන් ගන්නා ... මිසදිටුගත් පුඟුලක්හු දිටිමි. කාබුන් මරණින් මතු සුගති සංඛ්‍යාත ස්වර්‍ගලෝකයට පැමිණියහු දක්මි’ යි. ඔහුගේ මෙබස් ද අනුදන්මි. හේ මෙසේ යමකුත් කියා ද: ‘යමෙක් පණිවා කරන්නේ අයිනාදන් ගන්නේ මිසදිටු ඇත්තේ වේ ද, එහැම කාබුන් මරණින් මතු සුගති සංඛ්‍යාත ස්වර්‍ගලෝකයට පැමිණෙති’ යි. ඔහුගේ මෙබස් ද නො අනුදන්මි. හේ මෙසේ යමකුත් කියා ද: ‘යම් කෙනෙක් මෙසේ දනිත් ද, ඔහු මොනොවට දනිති, යම් කෙනෙක් අන් සැටියෙකින් දනිත් ද උන්ගේ දැනුම මිථ්‍යා’ යි. ඔහුගේ මෙබස් ද නො අනුදන්මි. හේ ඔහුගේ යම් මැ තමා දත් තමා දුටු ස්වයංවිදිතයෙක් ඇද්ද, එහි එ මැ දැඩිසේ පරාමර්‍ශ කොට දෘෂ්ටියෙන් බැසගෙන ‘මෙ මැ යැ සත්‍ය යැ, අන්‍යය සිස් යැ’ යි කියා ද ඔහුගේ මෙබස් ද නො අනුදන්මි. ඒ කවර හෙයින යත්: ආනන්‍දය, තථාගතයන්ගේ මහාකර්‍මවිභාගයෙහි ඥානය අන් සැටි වන හෙයිනි.
Pali BJTතත්රානන්ද, ය්වායං සමණො වා බ්රාහ්මණො වා එවමාහ: ‘අත්ථි කිර භො, කල්යාණානි කම්මානි, අත්ථි සුචරිතස්ස විපාකොති. ඉදමස්ස අනුජානාමි. යම්පි ඛො සො එවමාහ: අපාහං පුග්ගලං අද්දසං ඉධ පාණාතිපාතා පටිවිරතං අදින්නාදානා පටිවිරතං -පෙ- සම්මාදිට්ඨිං. කායස්ස භෙදා පරම්මරණා පස්සාමි සුගතිං සග්ගං ලොකං උපපන්න’න්ති. ඉදම්පිස්ස අනුජානාමි. යඤ්ච ඛො සො එවමාහ: යො කිර භො පාණාතිපාතා පටිවිරතො -පෙ- සම්මාදිට්ඨි, සබ්බො සො කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජතී’ති. ඉදමස්ස නානුජානාමි. යම්පි සො එවමාහ: යෙ එවං ජානන්ති, තෙ සම්මා ජානන්ති. යෙ අඤ්ඤථා ජානන්ති, මිච්ඡා තෙසං ඤාණන්ති. ඉදම්පිස්ස නානුජානාමි. යම්පි සො යදෙව තස්ස සාමං ඤාතං සාමං දිට්ඨං සාමං විදිතං, තදෙව තත්ථ ථාමසා පරාමස්ස අභිනිවිස්ස වොහරති: ඉදමෙව සච්චං, මොඝමඤ්ඤ’න්ති. ඉදම්පිස්ස නානුජානාමි. තං කිස්ස හෙතු: අඤ්ඤථා හි ආනන්ද, තථාගතස්ස මහාකම්මවිභඞ්ගෙ ඤාණං හොති.
Sinhala BJTආනන්‍දය, ඔවුනතුරෙහි යම් මහණෙක් හෝ බමුණෙක් හෝ මෙසේ කියා ද: ‘කල්‍යාණකර්‍ම ඇත. සුචරිතයාගේ විපාක ඇතැ’යි. ඔහුගේ මෙබස් අනුදන්මි. හේ මෙසේ යමකුත් කියා ද: තවද මම් මෙලොව පණිවායෙන් වෙන් වූ අයිනාදනින් වෙන් වූ ... සම්දිටු ගත් පුඟුලක්හු දිටිමි. කාබුන් මරණින් මතු සුගති සංඛ්‍යාත ස්වර්‍ගලෝකයට පැමිණියහු දක්මි’ යි. ඔහුගේ මෙබස් ද අනුදන්මි. හේ මෙසේ යමකුත් කියා ද: යමෙක් පණිවායෙන් වෙන් වූයේ ... සම්දිටු ගත්තේ වේ ද, එහැම කාබුන් මරණින් මතු සුගති නම් වූ ස්වර්‍ගලෝකයට පැමිණෙති’ යි. ඔහුගේ මෙබස් නො අනුදන්මි. හේ මෙසේ යමකුත් කියා ද: ‘යම් කෙනෙක් මෙසේ දනිත් ද, ඔහු මොනොවට දනිති. යම් කෙනෙක් අන් සැටි දනිත් ද, උන්ගේ දැනුම මිථ්‍යා’ යි. ඔහුගේ මෙබස් ද නො අනුදන්මි. යමෙක් ඔහුගේ තමා දත් තමා දුටු යම් මැ දැයෙක් ඇද්ද, එහි එ මැ දැඩිසේ පරාමර්‍ශ කොට දෘෂ්ටියෙන් වැදගෙන මෙ මැ සත්‍ය යැ, අන්‍යය මෝඝ යැ’ යි කියා ද ඔහුගේ මෙබස් ද නො අනුදන්මි. ඒ කවර හෙයින යත්: ආනන්‍දය, තථාගතයන්ගේ මහාකර්‍මවිභාගවිඥානය අන්සැටි වන හෙයිනි.
Pali BJTතත්රානන්ද, ය්වායං සමණො වා බ්රාහ්මණො වා එවමාහ: ‘නත්ථි කිර භො, කල්යාණානි කම්මානි, නත්ථි සුචරිතස්ස විපාකොති. ඉදමස්ස නානුජානාමි. යඤ්ච ඛො සො එවමාහ: අපාහං පුග්ගලං අද්දසං ඉධ පාණාතිපාතා පටිවිරතං අදින්නාදානා පටිවිරතං -පෙ- සම්මාදිට්ඨිං, කායස්ස භෙදා පරම්මරණා පස්සාමි අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපන්න’න්ති. ඉදමස්ස අනුජානාමි. යඤ්ච ඛො සො එවමාහ: යො කිර භො පාණාතිපාතා පටිවිරතො අදින්නාදානා පටිවිරතො -පෙ- සම්මාදිට්ඨි, සබ්බො සො කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජතී’ති. ඉදමස්ස නානුජානාමි. යඤ්ච ඛො සො එවමාහ: යෙ එවං ජානන්ති, තෙ සම්මා ජානන්ති, යෙ අඤ්ඤථා ජානන්ති, මිච්ඡා තෙසං ඤාණන්ති. ඉදම්පිස්ස නානුජානාමි. යම්පි සො යදෙව තස්ස සාමං ඤාතං සාමං දිට්ඨං සාමං විදිතං, තදෙව තත්ථ ථාමසා පරාමස්ස අභිනිවිස්ස වොහරති: ඉදමෙව සච්චං මොඝමඤ්ඤ’න්ති. ඉදම්පිස්ස නානුජානාමි. තං කිස්ස හෙතු: අඤ්ඤථා හි ආනන්ද, තථාගතස්ස මහාකම්මවිභඞ්ගෙ ඤාණං හොති.
Sinhala BJTආනන්‍දය, ඔවුනතුරෙහි යම් මහණෙක් හෝ බමුණෙක් හෝ මෙසේ කියා ද: ‘කල්‍යාණකර්‍ම නැත, සුචරිතයාගේ විපාක නැතැ’ යි ඔහුගේ මෙබස් නො අනුදන්මි. හේ මෙසේ යමකුත් කියා ද: තවද මම් මෙලොව පණිවායෙන් වෙන් වූ අයිනාදනින් වෙන් වූ ... සම්දිටු ගත් පුඟුලක්හු දිටිමි, කාබුන් මරණින් මතු අපාය දුර්‍ගති විනිපාත වූ නිරයට පැමිණියහු දක්මි’ යි. ඔහුගේ මෙබස් අනුදන්මි. හේ මෙසේ යමකුත් කියා ද: ‘යමෙක් පණිවායෙන් වෙන් වූයේ අයිනාදනින් වෙන් වූයේ ... සම්දිටුගත්තේ වේ ද, එහැම කාබුන් මරණින් මතු අපාය දුර්‍ගති විනිපාත වූ නිරෑ වදනාහ’ යි කියා ද, ඔහුගේ මෙබස් නො අනුදන්මි. හේ මෙසේ යමකුත් කියා ද: ‘යම් කෙනෙක් මෙසේ දනිත් ද ඔහු මොනොවට දනිති, යම් කෙනෙක් අන් සැටි දනිත් ද උන්ගේ ඥානය මිථ්‍යා යි කියා යි. ඔහුගේ මෙබස් ද නො අනුදන්මි, හේ ඔහුගේ යම් මැ තමා දත් තමා දුටු ස්වයංවිදිතයෙක් ඇද්ද, එහි එ මැ දැඩිසේ පරාමර්‍ශ කොට දෘෂ්ටියෙන් අභිනිවේශ කොට මෙ මැ සත්‍ය යැ, අන්‍යය තුච්ඡ යැ’යි කියා ද, ඔහුගේ මෙබස් ද නො අනුදන්මි. ඒ කවර හෙයින යත්: ආනන්‍දය, තථාගතයන්ගේ මහාකර්‍මවිභාග ඥානය අන් සැටි වන හෙයිනි.
Pali BJTතත්රානන්ද, ය්වායං පුග්ගලො ඉධ පාණාතිපාතී අදින්නාදායී -පෙ- මිච්ඡාදිට්ඨි, කායස්ස භෙදා පම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජති. පුබ්බෙ වාස්ස තං කතං හොති පාපකම්මං දුක්ඛවෙදනීයං. පච්ඡා වාස්ස තං කතං හොති පාපකම්මං දුක්ඛවෙදනීයං. මරණකාලෙ වාස්ස හොති මිච්ඡාදිට්ඨි සමත්තා සමාදින්නා.{1} තෙන සො කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජති. යඤ්ච ඛො සො ඉධ පාණාතිපාතී හොති අදින්නාදායී හොති -පෙ- මිච්ඡාදිට්ඨී හොති. තස්ස දිට්ඨෙව ධම්මෙ විපාකං පටිසංවෙදෙති, උපපජ්ජෙ{2} වා, අපරෙ වා පරියායෙ.
Sinhala BJTආනන්‍දය, ඔවුනතුරෙහි යම් පුද්ගලයෙක් මෙලොව පණිවා කරනුයේ අයිනාදන් ගන්නේ ... මිසදිටු ඇත්තේ කාබුන් මරණින් මතු අපාය දුර්‍ගති විනිපාත සංඛ්‍යාත නිරයට පැමිණේ ද, ඔහු විසින් දුඃඛවේදනාවහ වූ ඒ පාපකර්‍මය කැලැ මැ කරනලද හෝ වෙයි. ඔහු විසින් දුඃඛවේදනාවට හිත වූ ඒ පාපකර්‍මය පසු වැ කරන ලද හෝ වෙයි. ඔහු විසින් මිථ්‍යාදෘෂ්ටිය මරණකාලයෙහි හෝ සම්පූර්‍ණ කරනලද සමාදාන කරනලද වෙයි. එහෙයින් හේ කාබුන් මරණින් මතු අපාය දුර්‍ගති විනිපාත නම් වූ නිරයට එළැඹෙයි. යම් හෙයෙකින් හේ මෙලොව පණිවා ඇතියේ වේ ද අයිනාදන් ගත්තේ වේ ද ... මිසදිටු ඇත්තේ වේ ද ඒ කර්‍මයාගේ විපාක ඉහාත්මයෙහි මැ විඳුනේ වෙයි. අනතුරු භවයෙහි හෝ තදන්‍යභවයෙක හෝ විඳුනේ වෙයි.
Pali BJTතත්රානන්ද, ය්වායං පුග්ගලො ඉධ පාණාතිපාතී අදින්නාදායී -පෙ- මිච්ඡාදිට්ඨි, කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජති. පුබ්බෙ වාස්ස තං කතං හොති කල්යාණකම්මං සුඛවෙදනීයං. පච්ඡා වාස්ස තං කතං හොති කල්යාණකම්මං සුඛවෙදනීයං. මරණකාලෙ වාස්ස හොති සම්මාදිට්ඨි සමත්තා සමාදින්නා, තෙන සො කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජති. යඤ්ච ඛො සො ඉධ පාණාතිපාතී හොති අදින්නාදායී හොති -පෙ- මිච්ඡාදිට්ඨි හොති. තස්ස දිට්ඨෙව ධම්මෙ විපාකං පටිසංවෙදෙති, උපපජ්ජ වා, අපරෙ වා, පරියායෙ.
Sinhala BJTආනන්‍දය, ඒ මහණබමුණන් කෙරෙහි යම් පුද්ගලයෙක් මෙලොව පණිවා ඇතියේ අයිනාදන් ගන්නේ ... මිසදිටු ඇතියේ කාබුන් මරණින් මතු මනාගති ඇති ස්වර්‍ග ලෝකයට වදනේ වේ ද, ඔහු විසින් සුඛවේදනාවට හිත වූ ඒ කල්‍යාණකර්‍මය කැල මැ කරන ලද වෙයි. ඔහු විසින් සම්‍යග්දෘෂ්ටිය මරණකාලයෙහි දී සම්පූර්‍ණ කරනලද සමාදාන කරනලද හෝ වෙයි. එහෙයින් හේ කාබුන් මරණින් මතු සුගති වූ ස්වර්‍ග ලෝකයට පැමිණෙයි. යම් හෙයෙකින් හේ මෙලොව පණිවා ඇතියේ වේ ද, අයිනාදන් ගත්තේ වේ ද ... මිථ්‍යාදෘෂ්ටික වේ ද ඒ කර්‍මයාගේ විපාක මෙලොව මැ විඳුනේ වෙයි. අනතුරු භවයෙහි හෝ තදන්‍යභවයෙක හෝ විඳුනේ වෙයි.
Pali BJTතත්රානන්ද, ය්වායං පුග්ගලො ඉධ පාණාතිපාතා පටිවිරතො අදින්නාදානා පටිවිරතො -පෙ- සම්මාදිට්ඨි, කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජති. පුබ්බෙ වාස්ස තං කතං හොති කල්යාණකම්මං සුඛවෙදනීයං. පච්ඡා වාස්ස තං කතං හොති කල්යාණකම්මං සුඛවෙදනීයං. මරණකාලෙ වාස්ස හොති සම්මාදිට්ඨි සමත්තා සමාදින්නා. තෙන සො කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජති. යඤ්ච ඛො සො ඉධ පාණාතිපාතා පටිවිරතො හොති. අදින්නාදානා පටිවිරතො හොති. -පෙ- සම්මාදිට්ඨි හොති. තස්ස දිට්ඨෙව ධම්මෙ විපාකං පටිසංවෙදෙති, උපපජ්ජෙ වා, අපරෙ වා පරියායෙ.
Sinhala BJTආනන්‍දය, එහි යම් පුද්ගලයෙක් මෙලොව පණිවායෙන් දුරු වූයේ අයිනාදනින් දුරු වූයේ ... සම්දිටු ඇතියේ කායභේදයෙන් මරණින් මතු ඉෂ්ටගති ඇති ස්වර්‍ග ලෝකයට පැමිණේ ද, ඔහු විසින් සුඛවේදනාවට ප්‍රත්‍යය වූ ඒ කල්‍යාණකර්‍මය කැල මැ කරනලද හෝ වෙයි. ඔහු විසින් පසු වැ සුඛවේදනාවට ප්‍රත්‍යය වූ ඒ කල්‍යාණකර්‍ම කරනලද හෝ වෙයි. ඔහු විසින් මරණකාලයෙහි සම්‍යග්දෘෂ්ටිය සම්පූර්‍ණ කරනලද සමාදාන කරනලද හෝ වෙයි. එකරුණින් හේ කායභේදයෙන් පසු මරණින් මතු ඉෂ්ටගති ඇති ස්වර්‍ගලෝකයට පැමිණෙයි. යම් හෙයෙකින් හේ මෙලොව පණිවායෙන් දුරු වූයේ වේ ද අයිනාදනින් දුරු වූයේ වේ ද ... සම්‍යග්දෘෂ්ටික වේ ද ඒ කර්‍මයාගේ විපාක මෙලොව මැ විඳුනේ වෙයි. අනන්තර භවයෙහි හෝ තදන්‍යභවයෙක හෝ විඳුනේ වෙයි.
Pali BJTතත්රානන්ද, ය්වායං පුග්ගලො ඉධ පාණාතිපාතා පටිවිරතො අදින්නාදානා පටිවිරතො -පෙ- සම්මාදිට්ඨි, කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජති. පුබ්බෙ වාස්ස තං කතං හොති පාපකම්මං දුක්ඛවෙදනීයං. පච්ඡා වාස්ස තං කතං හොති පාපකම්මං දුක්ඛවෙදනීයං. මරණ කාලෙ වාස්ස හොති මිච්ඡාදිට්ඨි සමත්තා සමාදින්නා. තෙන සො කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජති. යඤ්ච ඛො සො ඉධ පාණාතිපාතා පටිවිරතො හොති. අදින්නාදානා පටිවිරතො හොති -පෙ- සම්මාදිට්ඨි හොති, තස්ස දිට්ඨෙව ධම්මෙ විපාකං පටිසංවෙදෙති, උපපජ්ජෙ වා, අපරෙ වා පරියායෙ.
Sinhala BJTආනන්‍දය, ඒ ශ්‍රමණබ්‍රාහ්මණයන් අතුරින් යම් පුද්ගලයෙක් පණිවායෙන් වැළකියේ අයිනාදනින් වැළකියේ ... සම්දිටු ඇතියේ ශරීරයාගේ භේදයෙන් මරණින් මතු සැපයෙන් පහවූ නපුරු ගති ඇති විවස වැ පතිත වන නිරයට පැමිණේ ද, ඔහු විසින් දුඃඛවෙදනාවට ප්‍රත්‍යය වූ ඒ පාපකර්‍මය කැල මැ කරනලද හෝ වෙයි. ඔහු විසින් දුඃඛවෙදනාවට හේතු වූ ඒ පාපකර්‍මය පසු වැ කරන ලද හෝ වෙයි. ඔහු විසින් මරණාසන්නකාලයෙහි මිසදිටු සම්පූර්‍ණකරනලද සමාදන් කරනලද හෝ වෙයි. එකරුණින් හේ කාබුන් මරණින් මතු සැපයෙන් පහවූ අනිෂ්ටගති ඇති විවස වැ ගෙන නිරයට පැමිණෙයි. යම් හෙයෙකින් හේ මෙලොව පණිවායෙන් දුරු වූයේ වේ ද අයිනාදනින් දුරු වූයේ වේ ද ... සම්‍යග්දෘෂ්ටික වේ ද ඒ කර්‍මයාගේ විපාක මෙලොවැමැ විඳුනේ යැ, දෙවන භවයෙහි හෝ එයින් අන්‍යභවයෙක දී හෝ විඳුනේ යැ.