Majjhima Nikāya

Middle-Length Discourses

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 5501-5600 න් 6395

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTඅජ්ජෙව කිච්චං ආතප්පං කො ජඤ්ඤා මරණං සුවෙ, න හි නො සඞ්ගරං තෙන මහාසෙනෙන මච්චුනා.
Sinhala BJTඅද මැ ආතාපනවීර්‍ය්‍ය කර්‍තව්‍ය යි, සෙට මරණය කවරෙක් දතහෙන්නේ ද මහත් වූ (ගිනි විෂ ආදි) සේනා ඇති මරහු සමග (මිත්‍රසන්‍ථවාදි) සංගරයෙක් නැත් නු!
Pali BJTඑවං විහාරිං ආතාපිං අහොරත්තමතන්දිතං, තං වෙ භද්දෙකරත්තොති සන්තො ආචික්ඛතෙ මුනීති.
Sinhala BJTමෙ බඳු විහරණ ඇති ආතාපනවීර්‍ය්‍ය ඇති රෑදෙවෙහි අනලස් වූ ඒ පුඟුලා ‘භද්දේකරත්ත යැ’ යි බුද්ධ මුනි ප්‍රකාශ කෙරේ’ යයි.
Pali BJTකථඤ්ච භික්ඛවෙ, අතීතං අන්වාගමෙති: එවංරූපො අහොසිං අතීතමද්ධානන්ති තත්ථ නන්දිං සමන්වානෙති. එවංවෙදනො අහොසිං අතීතමද්ධානන්ති තත්ථ නන්දිං සමන්වානෙති. එවංසඤ්ඤො අහොසිං අතීතමද්ධානන්ති තත්ථ නන්දිං සමන්වානෙති. එවංසඞ්ඛාරො අහොසිං අතීතමද්ධානන්ති තත්ථ නන්දිං සමන්වානෙති. එවංවිඤ්ඤාණො අහොසිං අතීතමද්ධානන්ති තත්ථ නන්දිං සමන්වානෙති. එවං ඛො භික්ඛවෙ, අතීතං අන්වාගමෙති.
Sinhala BJTමහණෙනි, කිසෙයින් අතීත පඤ්චස්කන්‍ධය අනුගමනය කෙරෙයි යත්: ‘අතීත කාලයෙහි මෙ බඳු රූ ඇතියෙම් වීමි’ යි ඒ අතීත රූපයෙහි තෘෂ්ණාව පිහිටුවයි. ‘අතීතයෙහි මෙ බඳු වේදනා ඇතියෙම් වීමි’ යි ඒ අතීත වේදනායෙහි තෘෂ්ණා එළවයි. ‘අතීතයෙහි මෙ බඳු සංඥා ඇතියෙම් වීමි’ යි ඒ අතීත සංඥායෙහි තෘෂ්ණාව එළවයි. ‘අතීතයෙහි මෙ බඳු සංස්කාර ඇතියෙම් වීමි’ යි ඒ අතීත සංස්කාරයෙහි තෘෂ්ණාව එළවයි. ‘අතීතයෙහි මෙබඳු විඥාන ඇතියෙම් වීමි’ යි ඒ අතීත විඥානයෙහි තෘෂ්ණාව එළවයි. මහණෙනි, මෙසෙයින් අතීත පඤ්චස්කන්‍ධය අනුගමනය කෙරෙයි.
Pali BJTකථඤ්ච භික්ඛවෙ, අතීතං නාන්වාගමෙති: එවංරූපො අහොසිං අතීතමද්ධානන්ති තත්ථ නන්දිං න සමන්වානෙති. එවංවෙදනො අහොසිං අතීතමද්ධානන්ති තත්ථ නන්දිං න සමන්වානෙති. එවංසඤ්ඤො අහොසිං අතීතමද්ධානන්ති තත්ථ නන්දිං න සමන්වානෙති. එවංසඞ්ඛාරො අහොසිං අතීතමද්ධානන්ති තත්ථ නන්දිං න සමන්වානෙති. එවංවිඤ්ඤාණො අහොසිං අතීතමද්ධානන්ති තත්ථ නන්දිං න සමන්වානෙති. එවං ඛො භික්ඛවෙ, අතීතං නාන්වාගමෙති.
Sinhala BJTමහණෙනි, කිසෙයින් අතීත පඤ්චස්කන්‍ධය තෘෂ්ණාදෘෂ්ටි විසින් අනුගමනය නො කෙරෙයි යත්: ‘අතීතයෙහි මෙ බඳු වූ රූ ඇති වීමි’ යි ඒ අතීත රූපයෙහි තෘෂ්ණාදෘෂ්ටි විසින් අනුගමනය නො කෙරෙයි. ‘අතීතයෙහි මෙ බඳු වේදනා ඇති වීමි’ යි එහි තෘෂ්ණාව නො එළවයි. ‘අතීතයෙහි මෙ බඳු සංඥා ඇති වීමි’ යි එහි තෘෂ්ණාව නො එළවයි. ‘අතීතයෙහි මෙ බඳු සංස්කාර ඇති වීමි’ යි එහි තෘෂ්ණාව නො එළවයි. ‘අතීතයෙහි මෙ බඳු විඥාන ඇති වීමි’ යි එහි තෘෂ්ණාව නො එළවයි. මහණෙනි, මෙ සෙයින් අතීත පඤ්චස්කන්‍ධය අනුගමනය නො කෙරෙයි.
Pali BJTකථඤ්ච භික්ඛවෙ, අනාගතං පටිකඞ්ඛති: එවංරූපො සියං අනාගතමද්ධානන්ති තත්ථ නන්දිං සමන්වානෙති. එවංවෙදනො සියං අනාගතමද්ධානන්ති තත්ථ නන්දිං සමන්වානෙති. එවංසඤ්ඤො සියං අනාගතමද්ධානන්ති තත්ථ නන්දිං සමන්වානෙති. එවංසඞ්ඛාරො සියං අනාගතමද්ධානන්ති තත්ථ නන්දිං සමන්වානෙති. එවංවිඤ්ඤාණො සියං අනාගතමද්ධානන්ති තත්ථ නන්දිං සමන්වානෙති. එවං ඛො භික්ඛවෙ, අනාගතං පටිකඞ්ඛති.
Sinhala BJTමහණෙනි, කිසෙයින් අනාගත පඤ්චස්කන්‍ධය තෘෂ්ණාදෘෂ්ටි විසින් ප්‍රාර්‍ත්‍ථනා කෙරෙයි යත්: ‘අනාගත කාලයෙහි මෙ බඳු රූ ඇති වෙම්ව’ යි ඒ අනාගත රූපයෙහි තෘෂ්ණාව එළවයි. ‘අනාගතයෙහි මෙ බඳු වේදනා ඇති වෙම්ව’ යි එහි තෘෂ්ණාව එළවයි. ‘අනාගතයෙහි මෙ බඳු සංඥා ඇති වෙම්ව’ යි එහි තෘෂ්ණාව එළවයි. ‘අනාගතයෙහි මෙ බඳු සංස්කාර ඇති වෙම්ව’ යි එහි තෘෂ්ණාව එළවයි. ‘අනාගතයෙහි මෙ බඳු විඥාන ඇති වෙම්ව’ යි එහි තෘෂ්ණාව එළවයි. මහණෙනි, මෙසෙයින් අනාගත පඤ්චස්කන්‍ධය තෘෂ්ණාදෘෂ්ටි විසින් ප්‍රාර්‍ත්‍ථනා කෙරෙයි.
Pali BJTකථඤ්ච භික්ඛවෙ, අනාගතං නප්පටිකඞ්ඛති: එවංරූපො සියං අනාගතමද්ධානන්ති තත්ථ නන්දිං න සමන්වානෙති. එවංවෙදනො සියං -පෙ- එවංසඤ්ඤො සියං -පෙ- එවංසඞ්ඛාරො සියං -පෙ- එවංවිඤ්ඤාණො සියං අනාගතමද්ධානන්ති තත්ථ නන්දිං න සමන්වානෙති. එවං ඛො භික්ඛවෙ, අනාගතං නප්පටිකඞ්ඛති.
Sinhala BJTමහණෙනි, කිසෙයින් අනාගත පඤ්චස්කන්‍ධය තෘෂ්ණාදෘෂ්ටි විසින් ප්‍රාර්‍ත්‍ථනා නො කෙරෙයි යත්: ‘අනාගත කාලයෙහි මෙ බඳු රූ ඇති වෙම්ව’ යි ඒ අනාගත රූපයෙහි තෘෂ්ණාව නො එළවයි. ‘මෙ බඳු වේදනා ඇති වෙම්ව’ යි … ‘මෙ බඳු සංඥා ඇති වෙම්ව’ යි … ‘මෙ බඳු සංස්කාර ඇති වෙම්ව’ යි … ‘අනාගතයෙහි මෙ බඳු විඥාන ඇති වෙම්ව’ යි ඒ අනාගත විඥානයෙහි තෘෂ්ණාව නො එළවයි. මහණෙනි, මෙසෙයින් අනාගත පඤ්චස්කන්‍ධය ප්‍රාර්‍ත්‍ථනා නො කෙරේ.
Pali BJTකථඤ්ච භික්ඛවෙ, පච්චුප්පන්නෙසු ධම්මෙසු සංහීරති: ඉධ භික්ඛවෙ, අස්සුතවා පුථුජ්ජනො අරියානං අදස්සාවී අරියධම්මස්ස අකොවිදො අරියධම්මෙ අවිනීතො සප්පුරිසානං අදස්සාවී සප්පුරිසධම්මස්ස අකොවිදො සප්පුරිසධම්මෙ අවිනීතො රූපං අත්තතො සමනුපස්සති, රූපවන්තං වා අත්තානං, අත්තනි වා රූපං, රූපස්මිං වා අත්තානං. වෙදනං අත්තතො සමනුපස්සති, වෙදනාවන්තං වා අත්තානං, අත්තනි වා වෙදනං, වෙදනාය වා අත්තානං. සඤ්ඤං අත්තතො සමනුපස්සති, සඤ්ඤාවන්තං වා අත්තානං, අත්තනි වා සඤ්ඤං, සඤ්ඤාය වා අත්තානං. සඞ්ඛාරෙ අත්තතො සමනුපස්සති, සංඛාරවන්තං වා අත්තානං, අත්තනි වා සංඛාරෙ, සංඛාරෙසු වා අත්තානං. විඤ්ඤාණං අත්තතො සමනුපස්සති, විඤ්ඤාණවන්තං වා අත්තානං අත්තනි වා විඤ්ඤාණං, විඤ්ඤාණස්මිං වා අත්තානං. එවං ඛො, භික්ඛවෙ, පච්චුප්පන්නෙසු ධම්මෙසු සංහීරති.
Sinhala BJTමහණෙනි, කිසෙයින් ප්‍රත්‍යුත්පන්න ධර්‍මයන්හි (තෘෂ්ණාදෘෂ්ටි විසින්) අදනා ලැබෙයි යත්: ‘මහණෙනි, මෙ ලොවැ අශ්‍රැතවත් පෘථග්ජන ආර්‍ය්‍යන් නො දක්නේ ආර්‍ය්‍යධර්‍මයට අදක්‍ෂ වූයේ ආර්‍ය්‍යධර්‍මයෙහි අවිනීත වූයේ සත්පුරුෂයන් නො දක්නේ සත්පුරුෂධර්‍මයට අදක්‍ෂ වූයේ සත්පුරුෂධර්‍මයෙහි අවිනීත වූයේ රූපය ආත්මහෙයින් තෘෂ්ණා දෘෂ්ටි විසින් දකී. ආත්මය රූපවත් කොට හෝ දකී. ආත්මයෙහි රූපය ඇතැ’ යි හෝ දකී. රූපයෙහි ආත්මය ඇතැ’ යි හෝ දකී. වේදනාව ආත්ම හෙයින් දකී. වේදනාවත් ආත්මය හෝ ආත්මයෙහි වේදනාව හෝ වේදනායෙහි ආත්මය හෝ දකී. සංඥාව ආත්ම හෙයින් තෘෂ්ණාදෘෂ්ටි විසින් දකී. සංඥාවත් ආත්මය හෝ ආත්මයෙහි සංඥාව හෝ සංඥායෙහි ආත්මය හෝ දකී. සංස්කාරයන් ආත්ම හෙයින් දකී. සංස්කාරවත් ආත්මය හෝ ආත්මයෙහි සංස්කාරයන් හෝ සංස්කාරයන්හි ආත්මය හෝ දකී. විඥානය ආත්ම හෙයින් දකී. විඥානවත් ආත්මය හෝ ආත්මයෙහි විඥානය හෝ විඥානයෙහි ආත්මය හෝ දකී. මහණෙනි, මෙ සෙයින් ප්‍රත්‍යුත්පන්නධර්‍මයන්හි තෘෂ්ණාදෘෂ්ටි විසින් අදනා ලැබෙයි.
Pali BJTකථඤ්ච භික්ඛවෙ, පච්චුප්පන්නෙසු ධම්මෙසු න සංහීරති: ඉධ භික්ඛවෙ, සුතවා අරියසාවකො අරියානං දස්සාවී අරියධම්මස්ස කොවිදො අරියධම්මෙ සුවිනීතො සප්පුරිසානං දස්සාවී සප්පුරිසධම්මස්ස කොවිදො සප්පුරිසධම්මෙ සුවිනීතො න රූපං අත්තතො සමනුපස්සති. න රූපවන්තං වා අත්තානං, න අත්තනි වා රූපං, න රූපස්මිං වා අත්තානං. න වෙදනං -පෙ- න සඤ්ඤං -පෙ- න සඞ්ඛාරෙ -පෙ- න විඤ්ඤාණං අත්තතො සමනුපස්සති, න විඤ්ඤාණවන්තං වා අත්තානං, න අත්තනි වා විඤ්ඤාණං, න විඤ්ඤාණස්මිං වා අත්තානං. එවං ඛො භික්ඛවෙ, පච්චුප්පන්නෙසු ධම්මෙසු න සංහීරති.
Sinhala BJTමහණෙනි, කිසෙයින් ප්‍රත්‍යුත්පන්න පඤ්චස්කන්‍ධධර්‍මයෙහි තෘෂ්ණාදෘෂ්ටි විසින් නො අදනා ලැබේ යැ යත්: මහණෙනි, මෙලොවැ බුද්ධාදී ආර්‍ය්‍යන් දක්නාසුලු ආර්‍ය්‍යධර්‍මයෙහි දක්‍ෂ වූ ආර්‍ය්‍යධර්‍මයෙහි සුවිනීත වූ බුද්ධාදි සත්පුරුෂයන් දක්නාසුලු සත්පුරුෂධර්‍මයෙහි කෝවිද වූ සත්පුරුෂධර්‍මයෙහි සුවිනීත වූ ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ රූපය ආත්මවශයෙන් නො දක්නේ යැ, ආත්මය රූපවත් කොට හෝ ආත්මයෙහි ලා රූපය හෝ රූපයෙහි ලා ආත්මය හෝ නො දක්නේ ය. වේදනා ආත්මවශයෙන් නො දක්නේ යැ … සංඥා ආත්මවශයෙන් නො දක්නේ යැ … සංස්කාර ආත්මවශයෙන් නො දක්නේ යැ … විඥාන ආත්මවශයෙන් නො දක්නේ යැ. ආත්මය විඥානවත් කොට හෝ ආත්මයෙහි ලා විඥානය හෝ විඥානයෙහි ලා ආත්මය හෝ නො දක්නේ යැ. මහණෙනි, මෙසෙයින් ප්‍රත්‍යුත්පන්න පඤ්චස්කන්‍ධධර්‍මයෙහි (විදර්‍ශනා ඇතියෙන්) තෘෂ්ණාදෘෂ්ටීන් නො අදනා ලැබේ.
Pali BJTඅතීතං නාන්වාගමෙය්ය නප්පටිකඞ්ඛෙ අනාගතං, යදතීතං පහීනං තං අප්පත්තඤ්ච අනාගතං.
Sinhala BJTඅතීත පඤ්චස්කන්‍ධය තෘෂ්ණාදෘෂ්ටීන් අනුගමනය නො කරන්නේ යැ, අනාගත පඤ්චස්කන්‍ධය තෘෂ්ණාදෘෂ්ටීන් නො පතන්නේ යැ, යම්හෙයෙකින් යමක් අතීත ද, එය ප්‍රහීණ යැ, යමක් අනාගත ද එය නො පැමිණියේ යැ. (එහෙයින් අනුගමන හා ප්‍රාර්‍ත්‍ථනා නො කරන්නේ යයි සේ යි).
Pali BJTපච්චුප්පන්නඤ්ච යො ධම්මං තත්ථ තත්ථ විපස්සති, අසංහීරං අසංකුප්පං තං විද්වා මනුබ්රූහයෙ.
Sinhala BJTයමෙක් ප්‍රත්‍යුත්පන්න වූ (යම් පඤ්චස්කන්‍ධධර්‍මයෙක් ඇද්ද,) ඒ ධර්‍මය ඒ ඒ තන්හි අනිත්‍යාදි විසින් විදර්‍ශනා කෙරේ ද, විද්වත් තෙමේ අසංහීර වූ අසංකෝප්‍ය වූ ඒ විදර්‍ශනාව වඩන්නේ ය.
Pali BJTඅජ්ජෙව කිච්චං ආතප්පං කො ජඤ්ඤා මරණං සුවෙ, න හි නො සඞ්ගරං තෙන මහාසෙනෙන මච්චුනා.
Sinhala BJTඅද ම අතාපන වීර්‍ය්‍ය කර්‍තව්‍ය යි, සෙට මරණය කවරෙක් දතහෙන්නේ ද, මහත් වූ සේනා ඇති මරහු සමග සඞ්ගරයෙක් නැත් නු!
Pali BJTඑවං විහාරිං ආතාපිං අහොරත්තමතන්දිතං, තං වෙ භද්දෙකරත්තොති සන්තො ආචික්ඛතෙ මුනීති.
Sinhala BJTමෙබඳු විහරණ ඇති අතාපන වීර්‍ය්‍ය ඇති දවරෑ තන්‍ද්‍රා නැති ඒ පුඟුලා ඒකාන්තයෙන් ‘භද්දේකරත්ත’ යයි බුද්ධ මුනි ප්‍රකාශ කෙරේ.
Pali BJTභද්දෙකරත්තස්ස වො භික්ඛවෙ, උද්දෙසඤ්ච විභඞ්ගඤ්ච දෙසිස්සාමීති ඉති යං තං වුත්තං ඉදමෙතං පටිච්ච වුත්තන්ති.
Sinhala BJTමහණෙනි, භද්‍ර වූ ඒකරාත්‍ර විහරණ ඇති තොපට උද්දේසය හා විභාගය හා දෙසමි’ යි යමක් කියන ලද ද, මෙ බස් තෙල සඳහා කියන ලදි.
Pali BJTඉදමවොච භගවා. අත්තමනා තෙ භික්ඛූ භගවතො භාසිතං අභිනන්දුන්ති.
Sinhala BJTභාග්‍යවතුන් වහන්සේ මේ භද්දේකරත්ත සූත්‍රය වදාළහ. සතුටු සිත් ඇති ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය සතුටින් පිළිගත්හ.
Pali BJTභද්දෙකරත්ත සුත්තං පඨමං.
Sinhala BJTපළමුවැනි භද්දේකරත්ත සූත්‍ර යි.
Pali BJT3. 4. 2.
Sinhala BJT3. 4. 2.
Pali BJTආනන්ද භද්දෙකරත්ත සුත්තං
Sinhala BJTආනන්‍ද භද්දේකරත්ත සූත්‍රය
Pali BJTඑවං මෙ සුතං: එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන ආයස්මා ආනන්දො උපට්ඨානසාලායං භික්ඛූ{1} ධම්මියා කථාය සන්දස්සෙති. සමාදපෙති සමුත්තෙජෙති සම්පහංසෙති භද්දෙකරත්තස්ස උද්දෙසඤ්ච විභඞ්ගඤ්ච භාසති.
Sinhala BJTමා විසින් මෙසේ අසන ලද: එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඬු මහසිටුහුගේ අරම්හි වැඩවසන සේක. එකල ආනඳ තෙරණුවෝ උපස්ථානශාලායෙහි දී භික්‍ෂූන් දැහැමි කථායෙන් කරුණු දක්වති. සමාදන් කරවති. තෙද ගන්වති. ප්‍රහර්‍ෂ කරවති. භද්‍රඒකරාත්‍ර ඇති මහණ හට උද්දේස හා විභාග හා කියති.
Pali BJTඅථ ඛො භගවා සායන්හසමයං පතිසල්ලානා වුට්ඨිතො යෙන උපට්ඨානසාලා, තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා පඤ්ඤත්තෙ ආසනෙ නිසීදි. නිසජ්ජ ඛො භගවා භික්ඛූ ආමන්තෙසි ‘කො නු ඛො භික්ඛවෙ උපට්ඨානසාලායං භික්ඛූ{1} ධම්මියා කථාය සන්දස්සෙසි සමාදපෙසි සමුත්තෙජෙසි සම්පහංසෙසි භද්දෙකරත්තස්ස උද්දෙසඤ්ච විභඞ්ගඤ්ච අභාසී’ති.
Sinhala BJTඑකල භාග්‍යවතුන් වහන්සේ සවස්වරුයෙහි පලසමවතින් නැඟීසිටි සේක් උපස්ථාන ශාලාව කරා එළැඹියහ. එළැඹ පැන්වූ අස්නෙහි වැඩහුන්හු. වැඩහිඳ භාග්‍යවතුන් වහන්සේ මහණුන් ඇමතූසේක. “මහණෙනි, කවරෙක් නම් උපස්ථානශාලායෙහි ලා මහණුන් දැහැමි කථායෙන් කරුණු දක්වාලී ද, සමාදන් කරවාලී ද, තෙද ගන්වාලී ද, සතුටු කරවාලී ද, භද්‍රෛකරාත්‍ර මහණ හට උද්දේස හා විභාග හා දෙසී දැ” යි වදාළෝ.
Pali BJTආයස්මා භන්තෙ, ආනන්දො උපට්ඨානසාලායං භික්ඛූ ධම්මියා කථාය සන්දස්සෙසි සමාදපෙසි සමුත්තෙජෙසි සම්පහංසෙසි භද්දෙකරත්තස්ස උද්දෙසඤ්ච විභඞ්ගඤ්ච අභාසී’ති.
Sinhala BJTවහන්ස, අනඳ තෙරණුවෝ උපස්ථානශාලායෙහි දී භික්‍ෂූන් දැහැමි කථායෙන් කරුණු දැක්වූහ, සමාදන් කැරැවූහ, තෙද ගැන්වූහ, සතුටු කැරැවූහ. භද්‍රෛකරාත්‍ර මහණ හට උද්දේස හා විභාග හා දෙසූහ’ යි.
Pali BJTඅථ ඛො භගවා ආයස්මන්තං ආනන්දං ආමන්තෙසි ‘යථා කථං පන ත්වං ආනන්ද, භික්ඛූ ධම්මියා කථාය සන්දස්සෙසි සමාදපෙසි සමුත්තෙජෙසි සම්පහංසෙසි භද්දෙකරත්තස්ස උද්දෙසඤ්ච විභඞ්ගඤ්ච අභාසී’ති?
Sinhala BJTඑකල භාග්‍යවතුන් වහන්සේ අනඳ තෙරණුවන් ඇමතූසේක. “ආනන්‍දය, තෙපි කිසෙයින් භික්‍ෂූන් දැහැමි කථායෙන් කරුණු දැක්වූහු ද, සමාදන් කැරැවූහු ද, තෙද ගැන්වූහු ද, පහදවාලූහු ද, භද්‍රෛකරාත්‍ර මහණ හට උද්දේස හා විභාග හා දෙසූහු දැ” යි.
Pali BJTඑවං ඛො අහං භන්තෙ, භික්ඛූ ධම්මියා කථාය සන්දස්සෙසිං සමාදපෙසිං සමුත්තෙජෙසිං සම්පහංසෙසිං, භද්දෙකරත්තස්ස උද්දෙසඤ්ච විභඞ්ගඤ්ච අභාසිං:
Sinhala BJTවහන්ස, මෙසෙයින් මම භික්‍ෂූන් දැහැමි කථායෙන් කරුණු දැක්වීමි, සමාදන් කැරැවීමි, තෙද ගැන්වීමි, සම්ප්‍රහර්‍ෂ කැරැවීමි, භද්‍රෛකරාත්‍ර මහණ හට උද්දේස හා විභාග හා දෙසීමි.
Pali BJTඅතීතං නාන්වාගමෙය්ය නප්පටිකඞ්ඛෙ අනාගතං, යදතීතං පහීනං තං අප්පත්තඤ්ච අනාගතං.
Sinhala BJTඅතීත පඤ්චස්කන්‍ධය තෘෂ්ණා දෘෂ්ටීන් අනුගමනය නො කරන්නේයැ, අනාගත පඤ්චස්කන්‍ධය තෘෂ්ණාදෘෂ්ටීන් නො පතන්නේ යැ, යම් හෙයකින් යමක් අතීත වේ ද, එය ප්‍රහීණ යැ, යමක් අනාගත වේ ද එය නො පැමිණියේ යි.
Pali BJTපච්චුප්පන්නඤ්ච යො ධම්මං තත්ථ තත්ථ විපස්සති, අසංහීරං අසඞ්කුප්පං තං විද්වා මනුබ්රූහයෙ.
Sinhala BJTයමෙක් ප්‍රත්‍යුත්පන්න වූ පඤ්චස්කන්‍ධ ධර්‍මය ඒ ඒ තන්හි අනිත්‍යාදි විසින් විදර්‍ශනා කෙරේ ද, ඒ විද්වත් තෙමේ අසංහීර වූ අසංකෝප්‍ය වූ ඒ විදර්‍ශනාව වඩන්නේ යැ.
Pali BJTඅජ්ජෙව කිච්චං ආතප්පං කො ජඤ්ඤා මරණං සුවෙ, න හි නො සඞ්ගරං තෙන මහාසෙනෙන මච්චුනා.
Sinhala BJTඅද ම ආතාපන වීර්‍ය්‍ය කර්‍තව්‍ය වෙයි. කවරෙක් සෙට මරණය ඇති’ යි දතහෙන්නේ ද, මහත් සෙන්බල ඇති මරහු සමග සංගරයෙක් නැත් නු!
Pali BJTඑවං විහාරිං ආතාපිං අහොරත්තමතන්දිතං, තං වෙ භද්දෙකරත්තොති සන්තො ආචික්ඛතෙ මුනීති.
Sinhala BJTමෙවන් විහරණ ඇති කෙලෙස් තවන වැර ඇති දවරෑ දෙක්හි හළ තන්‍ද්‍රා ඇති ඒ යොගාවචරයා භද්දේකරත්ත යයි ශාන්ත වූ බුද්ධ මුනි තෙමේ ප්‍රකාශ කෙරේ.
Pali BJTකථඤ්චාවුසො අතීතං අන්වාගමෙති: එවංරූපො අහොසිං අතීතමද්ධානන්ති තත්ථ නන්දිං සමන්වානෙති. -පෙ- එවං ඛො ආවුසො අතීතං අන්වාගමෙති.
Sinhala BJTඇවැත්නි, කෙසේ නම් අතීත ස්කන්‍ධධර්‍මය තෘෂ්ණාදෘෂ්ටීන් අනුගමනය කෙරේ යැ යත්: අතීත කාලයෙහි මෙබඳු රූ ඇතියෙම් වීමි’ යි එහි නන්‍දිය එළවයි. අතීත කාලයෙහි මෙබඳු වේදනා ඇතියෙම් වීමි’ යි එහි නන්‍දිය එළවයි ... ඇවැත්නි, මෙසෙයින් අතීත ස්කන්‍ධධර්‍මය අනුගමනය කෙරෙයි.
Pali BJTකථඤ්චාවුසො අතීතං නාන්වාගමෙති: එවංරූපො අහොසිං අතීතමද්ධානන්ති තත්ථ නන්දිං න සමන්වානෙති. එවංවෙදනො අහොසිං අතීතමද්ධානන්ති තත්ථ නන්දිං න සමන්වානෙති. එවංසඤ්ඤො අහොසිං අතීතමද්ධානන්ති තත්ථ නන්දිං න සමන්වානෙති. එවංසඞ්ඛාරො අහොසිං අතීතමද්ධානන්ති තත්ථ නන්දිං න සමන්වානෙති. එවංවිඤ්ඤාණො අහොසිං අතීතමද්ධානන්ති තත්ථ නන්දිං න සමන්වානෙති. එවං ඛො ආවුසො අතීතං නාන්වාගමෙති.
Sinhala BJTඇවැත්නි, කෙසෙයින් අතීත ස්කන්‍ධධර්‍මය අනුගමනය නො කෙරේ යැ යත්: අතීත කාලයෙහි මෙබඳු රූප ඇතියෙම් වීමි’ යි එහි නන්‍දිය නො එළවයි, අතීත කාලයෙහි මෙබඳු වේදනා ඇතියෙම් වීමි’ යි එහි නන්‍දිය නො එළවයි, අතීත කාලයෙහි මෙබඳු සංඥා ඇතියෙම් වීමි’ යි එහි නන්‍දිය නො එළවයි, අතීත කාලයෙහි මෙබඳු සංස්කාර ඇතියෙම් වීමි’ යි එහි නන්‍දිය නො එළවයි, අතීත කාලයෙහි මෙබඳු විඥාන ඇතියෙම් වීමි’ යි එහි නන්‍දිය නො එළවයි. ඇවැත්නි, මෙසෙයින් අතීත ස්කන්‍ධධර්‍මය අනුගමනය නො කෙරේ.
Pali BJTකථඤ්චාවුසො අනාගතං පටිකඞ්ඛති: එවංරූපො සියං අනාගතමද්ධානන්ති තත්ථ නන්දිං සමන්වානෙති. එවංවෙදනො සියං -පෙ- එවංසඤ්ඤො සියං -පෙ- එවංසඞ්ඛාරො සියං -පෙ- එවංවිඤ්ඤාණො සියං අනාගතමද්ධානන්ති තත්ථ නන්දිං සමන්වානෙති. එවං ඛො ආවුසො අනාගතං පටිකඞ්ඛති.
Sinhala BJTඇවැත්නි, කිසෙයින් අනාගත ස්කන්‍ධධර්‍මය තෘෂ්ණාදෘෂ්ටීන් විසින් ප්‍රාර්‍ත්‍ථනා කෙරේ යැ යත්: අනාගත කාලයෙහි මෙබඳු රූ ඇති වෙම්ව’ යි එහි නන්‍දිය එළවයි, මෙබඳු වේදනා ඇති වෙම්ව’ යි ... මෙබඳු සංඥා ඇති වෙම්ව’ යි ... මෙබඳු සංස්කාර ඇති වෙම්ව’ යි ... අනාගත කාලයෙහි මෙබඳු විඥාන ඇති වෙම්ව’ යි එහි නන්‍දිය එළවයි. ඇවැත්නි, මෙසෙයින් අනාගත ස්කන්‍ධධර්‍මය ප්‍රාර්‍ත්‍ථනා කෙරෙයි.
Pali BJTකථඤ්චාවුසො, අනාගතං නප්පටිකඞ්ඛති: එවංරූපො සියං අනාගතමද්ධානන්ති තත්ථ නන්දිං න සමන්වානෙති. එවංවෙදනො සියං -පෙ- එවංසඤ්ඤො සියං -පෙ- එවංසඞ්ඛාරො සියං -පෙ- එවංවිඤ්ඤාණො සියං අනාගතමද්ධානන්ති තත්ථ නන්දිං න සමන්වානෙති. එවං ඛො ආවුසො, අනාගතං නප්පටිකඞ්ඛති{1}.
Sinhala BJTඇවැත්නි, කිසෙයින් අනාගත ස්කන්‍ධධර්‍මය ප්‍රාර්‍ත්‍ථනා නො කෙරේ යැ යත්: අනාගත කාලයෙහි මෙබඳු රූ ඇති වෙම්ව’ යි එහි තෘෂ්ණා නො පිහිටුවයි, මෙබඳු වේදනා ඇති වෙම්ව’ යි ... මෙබඳු සංඥා ඇති වෙම්ව’ යි ... මෙබඳු සංස්කාර ඇති වෙම්ව’ යි ... අනාගත කාලයෙහි මෙබඳු විඥාන ඇති වෙම්ව’ යි එහි තෘෂ්ණා නො පිහිටුවයි. ඇවැත්නි, මෙසෙයින් අනාගත ස්කන්‍ධධර්‍මය ප්‍රාර්‍ත්‍ථනා නො කෙරෙයි.
Pali BJTකථඤ්චාවුසො පච්චුප්පන්නෙසු ධම්මෙසු සංහීරති: ඉධාවුසො අස්සුතවා පුථුජ්ජනො අරියානං අදස්සාවී අරියධම්මස්ස අකොවිදො අරියධම්මෙ අවිනීතො සප්පුරිසානං අදස්සාවී සප්පුරිසධම්මස්ස අකොවිදො සප්පුරිසධම්මෙ අවිනීතො රූපං අත්තතො සමනුපස්සති, රූපවන්තං වා අත්තානං, අත්තනි වා රූපං, රූපස්මිං වා අත්තානං. වෙදනා -පෙ- සඤ්ඤං -පෙ- සඞ්ඛාරෙ -පෙ- විඤ්ඤාණං අත්තතො සමනුපස්සති, විඤ්ඤාණවන්තං වා අත්තානං, අත්තනි වා විඤ්ඤාණං, විඤ්ඤාණස්මිං වා අත්තානං. එවං ඛො ආවුසො පච්චුප්පන්නෙසු ධම්මෙසු සංහීරති.
Sinhala BJTඇවැත්නි, කෙසෙයින් ප්‍රත්‍යුත්පන්න ස්කන්‍ධධර්‍ම කෙරෙහි අදනා ලැබේ යැ යත්: ඇවැත්නි, මෙලොවැ බුද්ධාදි ආර්‍ය්‍යයන් නො දක්නාසුලු ආර්‍ය්‍යධර්‍මය පිළිබඳ අදක්‍ෂ ආර්‍ය්‍යධර්‍මයෙහි අවිනීත බුද්ධාදි සත්පුරුෂයන් නො දක්නාසුලු සත්පුරුෂධර්‍මය පිළිබඳ අදක්‍ෂ සත්පුරුෂධර්‍මයෙහි අවිනීත අශ්‍රැතවත් පෘථග්ජන තෙමේ රූපය ආත්ම විසින් තෘෂ්ණාදෘෂ්ටීන් දකී, ආත්මය රූපවත් කොට ද, ආත්මයෙහි රූප කොට ද රූපයෙහි ආත්ම කොට ද දකී. වේදනා ... සංඥා ... සංස්කාර ... විඥාන ආත්ම විසින් දකී. ආත්මය විඥාන වත් කොට ද, ආත්මයෙහි විඥාන කොට ද විඥාන යෙහි ආත්ම කොට ද දකී. ඇවැත්නි, මෙසෙයින් ප්‍රත්‍යුත්පන්න ස්කන්‍ධධර්‍මයෙහි අදනා ලැබේ.
Pali BJTකථඤ්චාවුසො, පච්චුප්පන්නෙසු ධම්මෙසු න සංහීරති: ඉධාවුසො, සුතවා අරියසාවකො අරියානං දස්සාවී අරියධම්මස්ස කොවිදො අරියධම්මෙ සුවිනීතො{2} සප්පුරිසානං දස්සාවී සප්පුරිසධම්මස්ස කොවිදො සප්පුරිසධම්මෙ සුවිනීතො{2} න රූපං අත්තතො සමනුපස්සති. න රූපවන්තං වා අත්තානං, නාත්තනි වා රූපං න රූපස්මිං වා අත්තානං. න වෙදනං -පෙ- න සඤ්ඤං -පෙ- න සඞ්ඛාරෙ -පෙ- න විඤ්ඤාණං අත්තතො සමනුපස්සති, න විඤ්ඤාණවන්තං වා අත්තානං, න අත්තනි වා විඤ්ඤාණං, න විඤ්ඤාණස්මිං වා අත්තානං. එවං ඛො, ආවුසො පච්චුප්පන්නෙසු ධම්මෙසු න සංහීරති.
Sinhala BJTඇවැත්නි, කිසෙයින් ප්‍රත්‍යුත්පන්න ස්කන්‍ධධර්‍මයෙහි නො අදනා ලැබේ යැ යත්: ඇවැත්නි, මෙලොවැ ආර්‍ය්‍යයන් දක්නාසුලු ආර්‍ය්‍යධර්‍මයට දක්‍ෂ ආර්‍ය්‍යධර්‍මයෙහි සුශික්‍ෂිත සත්පුරුෂයන් දක්නාසුලු සත්පුරුෂධර්‍මයට දක්‍ෂ සත්පුරුෂධර්‍මයෙහි සුශික්‍ෂිත ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ රූපය ආත්ම විසින් නො දක්නේ යැ, ආත්මය රූපවත් කොට ද නො දක්නේ යැ, ආත්මයෙහි රූපය ද නො දක්නේ යැ, රූපයෙහි ආත්මය ද නො දක්නේ යැ, වේදනා ආත්ම විසින් නො දක්නේ යැ ... සංඥා ආත්ම විසින් නො දක්නේ යැ ... සංස්කාර ආත්ම විසින් නො දක්නේ යැ ... විඥාන ආත්ම විසින් නො දක්නේ යැ, ආත්මය විඥානවත් කොට ද නො දක්නේ යැ, ආත්මයෙහි ලා විඥාන ද නො දක්නේ යැ, විඥානයෙහි ලා ආත්ම ද නො දක්නේ යැ. ඇවැත්නි, මෙසෙයින් ප්‍රත්‍යුත්පන්න ස්කන්‍ධධර්‍මයෙහි නො අදනා ලැබේ.
Pali BJTඅතීතං නාන්වාගමෙය්ය නප්පටිකඞ්ඛෙ අනාගතං, -පෙ- තං වෙ භද්දෙකරත්තොති සන්තො ආචික්ඛතෙ මුනීති.
Sinhala BJTඅතීත ස්කන්‍ධධර්‍ම අනුගමනය නො කරන්නේ යැ, අනාගත ස්කන්‍ධධර්‍මය නො පතන්නේ යැ ... ඒ යොගාවචරයා ඒකාන්තයෙන් ශාන්ත වූ භදේදකරත්ත යයි බුද්ධ මුනි තෙමේ කියා.
Pali BJTඑවං ඛො අහං භන්තෙ, භික්ඛූ ධම්මියා කථාය සන්දස්සෙසිං සමාදපෙසිං සමුත්තෙජෙසිං සම්පහංසෙසිං, භද්දෙකරත්තස්ස උද්දෙසඤ්ච විභඞ්ගඤ්ච අභාසින්ති.
Sinhala BJTවහන්ස, මෙසෙයින් මම භික්‍ෂූන් දැහැමි කථායෙන් කරුණු දැක්වීමි, සමාදන් කරවීමි, තෙද ගැන්වීමි, සම්ප්‍රහර්‍ෂ කැරැවීමි, භද්‍රෛකරාත්‍ර මහණහුගේ උද්දේස හා විභාග හා පැවැසීමි’ යි.
Pali BJTසාධු සාධු ආනන්ද සාධු ඛො ත්වං ආනන්ද භික්ඛූ ධම්මියා කථාය සන්දස්සෙසි සමාදපෙසි සමුත්තෙජෙසි සම්පහංසෙසි. භද්දෙකරත්තස්ස උද්දෙසඤ්ච විභඞ්ගඤ්ච අභාසි.
Sinhala BJTමැනැව මැනැව ආනන්‍දයෙනි, ආනන්‍දයෙනි, තෙපි මනා කොට භික්‍ෂූන් ට දැහැමි කථායෙන් කරුණු දැක්වූවහු යැ, සමාදන් කැරැවූහු යැ, තෙද ගන්වාලූහු යැ, සතුටු කරවා ලූහු යැ, භද්‍රෛකරාත්‍ර මහණහුගේ උද්දේස හා විභාග හා ප්‍රකාශ කළහු යැ.
Pali BJTඅතීතං නාන්වාගමෙය්ය -පෙ- තං වෙ භද්දෙකරත්තොති සන්තො ආචික්ඛතෙ මුනීති.
Sinhala BJTඅතීත ස්කන්‍ධධර්‍මය අනුගමනය නො කරන්නේ යැ ... ඒ යොගාවචරයා ඒකාන්තයෙන් සන්හුන් භදේදකරත්ත යයි බුද්ධ මුනි වදාරති’ යි කියා යි.
Pali BJTකථඤ්චානන්ද, අතීතං අන්වාගමෙති? -පෙ- එවං ඛො, ආනන්ද, අතීතං අන්වාගමෙති. කථඤ්චානන්ද, අතීතං නාන්වාගමෙති? -පෙ- එවං ඛො ආනන්ද, අතීතං නාන්වාගමෙති. කථඤ්චානන්ද, අනාගතං පටිකඞ්ඛති? -පෙ- එවං ඛො ආනන්ද, අනාගතං පටිකඞ්ඛති. කථඤ්චානන්ද, අනාගතං නප්පටිකඞ්ඛති? -පෙ- එවං ඛො ආනන්ද, අනාගතං නප්පටිකඞ්ඛති. කථඤ්චානන්ද, පච්චුප්පන්නෙසු ධම්මෙසු සංහීරති: -පෙ- එවං ඛො ආනන්ද, පච්චුප්පන්නෙසු ධම්මෙසු සංහීරති. කථඤ්චානන්ද, පච්චුප්පන්නෙසු ධම්මෙසු න සංහීරති: -පෙ- එවං ඛො ආනන්ද, පච්චුප්පන්නෙසු ධම්මෙසු න සංහීරති.
Sinhala BJTආනන්‍දයෙනි කිසෙයින් අතීත ස්කන්‍ධධර්‍මය අනුගමනය කෙරේ යැ යත් ... ආනන්‍දයෙනි, මෙසෙයින් අතීත ස්කන්‍ධධර්‍මය අනුගමනය කෙරෙයි. ආනන්‍දයෙනි, කිසෙයින් අතීත ස්කන්‍ධධර්‍මය අනුගමනය නො කෙරේ යැ යත් ... ආනන්‍දයෙනි, මෙසෙයින් අතීත ස්කන්‍ධධර්‍මය අනුගමනය නො කෙරෙයි. ආනන්‍දයෙනි, කිසෙයින් අනාගත ස්කන්‍ධධර්‍ම පතන්නේ යැ යත් ... ආනන්‍දයෙනි, මෙසෙයින් අනාගත ස්කන්‍ධධර්‍ම පතන්නේ යැ. ආනන්‍දයෙනි, කිසෙයින් අනාගත ස්කන්‍ධධර්‍ම නො පතන්නේ යැ යත් ... ආනන්‍දයෙනි, මෙසෙයින් අනාගත ස්කන්‍ධධර්‍ම නො පතන්නේ යැ. ආනන්‍දයෙනි, කිසෙයින් ප්‍රත්‍යුත්පන්න ස්කන්‍ධධර්‍මය කෙරෙහි අදනා ලැබේ යැ යත් … ආනන්‍දයෙනි, මෙසේ ප්‍රත්‍යුත්පන්න ස්කන්‍ධධර්‍මය කෙරෙහි අදනා ලැබේ. ආනන්‍දයෙනි, කිසෙයින් ප්‍රත්‍යුත්පන්න ස්කන්‍ධධර්‍මය කෙරෙහි නො අදනා ලැබේ යැ යත් ... ආනන්‍දයෙනි, මෙසේ ප්‍රත්‍යුත්පන්න ස්කන්‍ධධර්‍මය කෙරෙහි නො අදනා ලැබේ.
Pali BJTඅතීතං නාන්වාගමෙය්ය -පෙ- තං වෙ භද්දෙකරත්තොති සන්තො ආචික්ඛතෙ මුනීති.
Sinhala BJTඅතීත ස්කන්‍ධධර්‍මය අනුගමනය නො කරන්නේ යැ ... ඒ යොගාවචරයා ඒකාන්තයෙන් සන්හුන් භදේදකරත්ත යයි බුද්ධ මුනි වදාරති’ යි කියා යි.
Pali BJTඉදමවොච භගවා. අත්තමනො ආයස්මා ආනන්දො භගවතො භාසිතං අභිනන්දීති.
Sinhala BJTභාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. ප්‍රීතිසෞමනස්‍යයන් විසින් ගත් සිත් ඇති අනඳ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය අභිනන්‍දනය කළහ.
Pali BJTආනන්ද භද්දෙකරත්ත සුත්තං දුතියං.
Sinhala BJTදෙවැනි ආනන්‍ද භද්දේකරත්ත සූත්‍ර යි.
Pali BJT3. 4. 3.
Sinhala BJT3. 4. 3.
Pali BJTමහාකච්චාන භද්දෙකරත්ත සුත්තං
Sinhala BJTමහාකච්චාන භද්දේකරත්ත සූත්‍රය
Pali BJTඑවං මෙ සුතං: එකං සමයං භගවා රාජගහෙ විහරති තපොදාරාමෙ. අථ ඛො ආයස්මා සමිද්ධි රත්තියා පච්චූසසමයං පච්චුට්ඨාය යෙන තපොදො{1} තෙනුපසඞ්කමි ගත්තානි පරිසිඤ්චිතුං. තපොදෙ ගත්තානි පරිසිඤ්චිත්වා පච්චුත්තරිත්වා එකචීවරො අට්ඨාසි ගත්තානි පුබ්බාපයමානො. අථ ඛො අඤ්ඤතරා දෙවතා අභික්කන්තාය රත්තියා අභික්කන්තවණ්ණා කෙවලකප්පං තපොදං ඔභාසෙත්වා යෙනායස්මා සමිද්ධි, තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා එකමන්තං අට්ඨාසි. එකමන්තං ඨිතා ඛො සා දෙවතා ආයස්මන්තං සමිද්ධිං එතදවොච:
Sinhala BJTමා විසින් මෙසේ අසන ලද: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර තපෝදාවනයෙහි වැඩ වසන සේක. එකල සමිද්ධි තෙරණුවෝ රෑ අලුයම නැඟීසිට ගාත්‍රපරිෂේකයට තපෝද භ්‍රදය කරා එළැඹියහ. තපෝද භ්‍රදයෙහි ගාත්‍රපරිෂේක කොට නැඟී ශරීරාවයව වියළවමින් එක් සිවිරි වැ සිටියහ. එකල එක්තරා දෙව්දුවක් රැය ඉක්මැගිය කල්හි විශිෂ්ට ඡවිවර්‍ණ ඇත්තී මුළු තපෝද දහතලාව බබුළුවා සමිද්ධි තෙරණුවන් කරා එළැඹියා. එළැඹ එකත්පස් වැ සිටගතු. එකත් පස් වැ සිටි ඒ දෙව්දූ සමිද්ධි තෙරණුවනට තෙල කියූ:
Pali BJT‘ධාරෙසි ත්වං භික්ඛු, භද්දෙකරත්තස්ස උද්දෙසඤ්ච විභඞ්ගඤ්චා’ති?
Sinhala BJTමහණ, තෙපි භද්‍රෛකරාත්‍ර මහණහුගේ උද්දේස හා විභාග හා ධරන්නාව?
Pali BJTන ඛො අහං ආවුසො, ධාරෙමි භද්දෙකරත්තස්ස උද්දෙසඤ්ච විභඞ්ගඤ්ච.
Sinhala BJTඇවත, මම භද්‍රෛකරාත්‍ර මහණහුගේ උද්දේස හා විභාග හා නො ධරමි.
Pali BJTත්වං පනාවුසො, ධාරෙසි භද්දෙකරත්තස්ස උද්දෙසඤ්ච විභඞ්ගඤ්චාති?
Sinhala BJTඇවත, තෙපි භද්‍රෛකරාත්‍ර මහණහුගේ උද්දේස හා විභාග හා ධරන්නහු?
Pali BJTඅහම්පි ඛො භික්ඛු, න ධාරෙමි භද්දෙකරත්තස්ස උද්දෙසඤ්ච විභඞ්ගඤ්ච.
Sinhala BJTමහණ, මමත් භද්‍රෛකරාත්‍ර මහණහුගේ උද්දේස හා විභාග හා නො ධරමි.
Pali BJTධාරෙසි පන ත්වං භික්ඛු, භද්දෙකරත්තියො ගාථාති?
Sinhala BJTමහණ, තෙපි භද්දෙකරත්තගාථා ධරව?
Pali BJTන ඛො අහං ආවුසො, ධාරෙමි භද්දෙකරත්තියො ගාථාති.
Sinhala BJTඇවැත්නි, මම භද්දෙකරත්තගාථා ද නො ධරමි.
Pali BJTත්වං පනාවුසො, ධාරෙසි භද්දෙකරත්තියො ගාථාති?
Sinhala BJTඇවත, තෙපි භද්දෙකරත්තගාථා ධරහු?
Pali BJTඅහම්පි ඛො භික්ඛු, න ධාරෙමි භද්දෙකරත්තියො ගාථා.
Sinhala BJTමහණ, මම ද භද්දෙකරත්තගාථා නො ධරමි.
Pali BJTඋග්ගණ්හාහි ත්වං භික්ඛු, භද්දෙකරත්තස්ස උද්දෙසඤ්ච විභඞ්ගඤ්ච. පරියාපුණාහි ත්වං භික්ඛු, භද්දෙකරත්තස්ස උද්දෙසඤ්ච විභඞ්ගඤ්ච. අත්ථසංහිතො භික්ඛු, භද්දෙකරත්තස්ස උද්දෙසොච විභඞ්ගො ච ආදිබ්රහ්මචරියකො’ති.
Sinhala BJTමහණ, තෙපි භද්‍රෛකරාත්‍ර මහණහුගේ උද්දේස හා විභාග හා උගනුව. මහණ, තෙපි භද්‍රෛකරාත්‍ර මහණහුගේ උද්දේස හා විභාග හා පුහුණු කරව, මහණ, තෙපි භද්‍රෛකරාත්‍ර මහණහුගේ උද්දේස හා විභාග හා ධරව, මහණ, තෙපි භද්‍රෛකරාත්‍ර මහණහුගේ උද්දේස හා විභාග හා අර්‍ත්‍ථසංහිත යැ, මාර්‍ගබ්‍රහ්මචර්‍ය්‍යාවගේ ආදිභූත පූර්‍වභාගප්‍රතිපතැ.
Pali BJTඉදමවොච සා දෙවතා, ඉදං වත්වා තත්ථෙවන්තරධායි. අථ ඛො ආයස්මා සමිද්ධි තස්සා රත්තියා අච්චයෙන යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ආයස්මා සමිද්ධි භගවන්තං එතදවොච. ඉධාහං භන්තෙ, රත්තියා පච්චූසසමයං පච්චුට්ඨාය යෙන තපොදො{1} තෙනුපසඞ්කමි. ගත්තානි පරිසිඤ්චිතුං. තපොදෙ ගත්තානි පරිසිඤ්චිත්වා පච්චුත්තරිත්වා එකචීවරො අට්ඨාසිං ගත්තානි පුබ්බාපයමානො. අථ ඛො භන්තෙ, අඤ්ඤතරා දෙවතා අභික්කන්තාය රත්තියා අභික්කන්තවණ්ණා කෙවලකප්පං තපොදං ඔභාසෙත්වා යෙනාහං තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා එකමන්තං අට්ඨාසි. එකමන්තං ඨිතා ඛො භන්තෙ, සා දෙවතා මං එතදවොච:
Sinhala BJTඒ දෙව්දූ මේ කියා එහි මැ අතුරුදහන් වූ. එසඳ සමිද්ධි තෙරණුවෝ එරැය ඇවෑමෙන් බුදුන් කරා එළැඹියහ. එළැඹ බුදුන් වැඳ එකත්පස් වැ හුන්හ. එකත්පස් වැ හුන් සමිද්ධි තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල සැලකළෝ. වහන්ස, මම රෑ අලුයම නැඟී තපෝදදහතල කරා ගාත්‍රපරිෂේකයට එළැඹියෙමි. තපෝදයෙහි ගාත්‍රපරිෂේක කොට නැඟී ගාත්‍රයන් වියළවමින් ඒකචීවර වැ සිටියෙමි. වහන්ස, එසඳ එක්තරා දෙව්දුවක් රැය ඉකුත් කල මනා සිවිපැහැ ඇති වැ මුළු තපොදය බබුළුවා මා කරා එළැඹියා, එළැඹ එකත්පස් වැ සිටගතු, එකත්පස් වැ සිටි ඒ දෙව්දූ මට තෙල කියු:
Pali BJTධාරෙසි ත්වං භික්ඛු, භද්දෙකරත්තස්ස උද්දෙසඤ්ච විභඞ්ගඤ්චාති?
Sinhala BJT‘මහණ, තෙපි භද්දේකරත්ත මහණහුගේ උද්දේස හා විභාග හා ධරව?
Pali BJTඑවං වුත්තෙ අහං භන්තෙ, තං දෙවතං එතදවොචං{1}: න ඛො අහං ආවුසො, ධාරෙමි භද්දෙකරත්තස්ස උද්දෙසඤ්ච විභඞ්ගඤ්ච.
Sinhala BJTවහන්ස, මෙසේ කීකල මම ඒ දෙව්දුවට තෙල කීමි: ඇවත, මම භද්දේකරත්ත මහණහුගේ උද්දේස හා විභාග හා නො ධරමි’ යි.
Pali BJTත්වං පන ආවුසො, ධාරෙසි භද්දෙකරත්තස්ස උද්දෙසඤ්ච විභඞ්ගඤ්චාති?
Sinhala BJTඇවත, තෙපි භද්දේකරත්ත මහණහුගේ උද්දේස හා විභාග හා ධරහු?
Pali BJTඅහම්පි ඛො භික්ඛු, න ධාරෙමි භද්දෙකරත්තස්ස උද්දෙසඤ්ච විභඞ්ගඤ්ච.
Sinhala BJTමහණ, මම ද භද්දේකරත්ත මහණහුගේ උද්දේස හා විභාග හා නො ධරමි.
Pali BJTධාරෙසි පන ත්වං භික්ඛු, භද්දෙකරත්තියො ගාථාති?
Sinhala BJTමහණ, තෙපි භද්දේකරත්තගාථාවන් ධරව?
Pali BJTන ඛො අහං ආවුසො, ධාරෙමි භද්දෙකරත්තියො ගාථාති.
Sinhala BJTඇවත, මම භද්දේකරත්තගාථාවන් නො ධරමි.
Pali BJTත්වං පනාවුසො, ධාරෙසි භද්දෙකරත්තියො ගාථාති?
Sinhala BJTඇවත, තෙපි භද්දේකරත්තගාථාවන් ධරහු?
Pali BJTඅහම්පි ඛො භික්ඛු, න ධාරෙමි භද්දෙකරත්තියො ගාථාති.
Sinhala BJTමහණ, මම ද භද්දේකරත්තගාථාවන් නො ධරමි.
Pali BJTඋග්ගණ්හාහි ත්වං භික්ඛු, භද්දෙකරත්තස්ස උද්දෙසඤ්ච විභඞ්ගඤ්ච. පරියාපුණාහි ත්වං භික්ඛු, භද්දෙකරත්තස්ස උද්දෙසඤ්ච විභඞ්ගඤ්ච. ධාරෙහි ත්වං භික්ඛු, භද්දෙකරත්තස්ස උද්දෙසඤ්ච විභඞ්ගඤ්ච. අත්ථසංහිතො භික්ඛු, භද්දෙකරත්තස්ස උද්දෙසො ච විභඞ්ගො ච ආදිබ්රහ්මචරියකොති.
Sinhala BJTමහණ, තෙපි භද්‍රෛකරාත්‍ර මහණහුගේ උද්දේස හා විභාග හා උගනුව, මහණ, තෙපි භද්‍රෛකරාත්‍ර මහණහුගේ උද්දේස හා විභාග හා පුහුණු කරව, මහණ, තෙපි භද්‍රෛකරාත්‍ර මහණහුගේ උද්දේස හා විභාග හා ධරව. මහණ, තෙපි භද්‍රෛකරාත්‍ර මහණහුගේ උද්දේස හා විභාග හා අර්‍ත්‍ථසංහිත යැ, මාර්‍ගබ්‍රහ්මර්‍ය්‍යයට පූර්‍වභාග ප්‍රතිපතැ යි.
Pali BJTඉදමවොච භන්තෙ, සා දෙවතා. ඉදං වත්වා තත්ථෙවන්තරධායි. සාධු මෙ භන්තෙ, භගවා භද්දෙකරත්තස්ස උද්දෙසඤ්ච විභඞ්ගඤ්ච දෙසෙතූති.
Sinhala BJTවහන්ස, ඒ දෙව්දූ මේ කියු යැ, මේ කියා එහි මැ අතුරුදහන් වූ, මැනැව වහන්ස, මට භාග්‍යවතුන් වහන්සේ භද්‍රෛකරාත්‍ර මහණහුගේ උද්දේස හා විභාග හා දේසනා කරන සේක්ව’යි.
Pali BJTතෙන හි භික්ඛු, සුණාහි, සාධුකං මනසිකරොහි, භාසිස්සාමීති.
Sinhala BJTඑසේ නම් මහණ, අස, මොනොවට මෙනෙහි කර’ යි වදාළහ.
Pali BJTඑවං භන්තෙති ඛො ආයස්මා සමිද්ධි භගවතො පච්චස්සොසි. භගවා එතදවොච:
Sinhala BJTඑසේ යැ වහන්සැ’යි ආයුෂ්මත් සමිද්ධි භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වී. බුදුහු තෙල වදාළහ:
Pali BJTඅතීතං නාන්වාගමෙය්ය නප්පටිකඞ්ඛෙ අනාගතං, යදතීතං පහීනං තං අප්පත්තඤ්ච අනාගතං.
Sinhala BJTඅතීත වූ (චක්‍ෂුරාදි ද්වාදශ) ආයතනධර්‍මය අනුගමනය නො කරන්නේ යැ, අනාගත වූ ආයතනධර්‍මය (තෘෂ්ණාදෘෂ්ටින්) නො පතන්නේ ය. යමක් අතීත ද එය ප්‍රහීණ යැ, යමක් අනාගත ද එය නො පැමිණියේ යි.
Pali BJTපච්චුප්පන්නඤ්ච යො ධම්මං තත්ථ තත්ථ විපස්සති, අසංහීරං අසඞ්කුප්පං තං විද්වා මනුබ්රූහයෙ.
Sinhala BJTයමෙක් ප්‍රත්‍යුත්පන්න වූ ආයතනධර්‍මය අනිත්‍යාදි විසින් ඒ ඒ තැන්හි විදර්‍ශනා කෙරේ ද, ඒ විද්වත් තෙමේ අසංහීර වූ අසංකෝප්‍ය වූ ඒ විදර්‍ශනාව වඩන්නේ යැ.
Pali BJTඅජ්ජෙව කිච්චං ආතප්පං කො ජඤ්ඤා මරණං සුවෙ, න හි නො සඞ්ගරං තෙන මහාසෙනෙන මච්චුනා.
Sinhala BJTඅද ම ආතාපන වීර්‍ය්‍යය කර්‍තව්‍ය යැ, සෙට මරණය ඇත යනු කවරෙක් දතහෙන්නේ ද, (ගිනි විෂ ආදි) මහත් සෙන්බල ඇත මරහු සමග (මිත්‍රසන්‍ථවාදි) සංගරයෙක් නැත් නු!
Pali BJTඑවං විහාරිං ආතාපිං අහොරත්තමතන්දිතං, තං වෙ භද්දෙකරත්තොති සන්තො ආචික්ඛතෙ මුනීති.
Sinhala BJTමෙබඳු විහරණ ඇති ආතාපන වීර්‍ය්‍ය ඇති අනලස්වූ පුඟුලා ‘භද්දේකරත්ත’ යැයි බුද්ධ මුනි ප්‍රකාශ කෙරේ යයි.
Pali BJTඉදමවොච භගවා. ඉදං වත්වා සුගතො උට්ඨායාසනා විහාරං පාවිසි.
Sinhala BJTබුදුහු මෙය වදාළහ. සුගතයන් වහන්සේ මෙය වදාරා හුනස්නෙන් නැඟීසිට විහාරයට පිවිසිසේක.
Pali BJTඅථ ඛො තෙසං භික්ඛූනං අචිරපක්කන්තස්ස භගවතො එතදහොසි: ‘ඉදං ඛො නො ආවුසො, භගවා සඞ්ඛිත්තෙන උද්දෙසං උද්දිසිත්වා විත්ථාරෙන අත්ථං අවිභජිත්වා උට්ඨායාසනා විහාරං පවිට්ඨො.
Sinhala BJTඉක්බිති බුදුන් වඩනා හා මැ භික්‍ෂූන්ට තෙල සිත් වී: ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ අපට සැකෙවින් මේ උද්දේසය වදාරා විස්තරයෙන් අර්‍ත්‍ථවිභාග නො කොට හුනස්නෙන් නැඟී විහාරයට පිවිසි සේක.
Pali BJTඅතීතං නාන්වාගමෙය්ය නප්පටිකඞ්ඛෙ අනාගතං -පෙ- තං වෙ භද්දෙකරත්තොති සන්තො ආචික්ඛතෙ මුනී’ති.
Sinhala BJTඅතීත වූ (චක්‍ෂුරාදි ද්වාදශ) ආයතනධර්‍මය අනුගමනය නො කරන්නේ යැ, අනාගත ආයතනධර්‍මය තෘෂ්ණාදෘෂ්ටියෙන් නො පතන්නේ ය ... ඒ පුඟුල්හු ඒකාන්තයෙන් භද්දේකරත්ත යයි ශාන්ත වූ බුද්ධමුනි ප්‍රකාශ කෙරේ යයි.
Pali BJTකො නු ඛො ඉමස්ස භගවතා සංඛිත්තෙන උද්දෙසස්ස උද්දිට්ඨස්ස විත්ථාරෙන අත්ථං අවිභත්තස්ස විත්ථාරෙන අත්ථං විභජෙය්යාති.
Sinhala BJTකවරෙක් භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් උදෙසනලද විස්තරයෙන් අර්‍ත්‍ථය විභාග නො කළ උද්දේශයාගේ අර්‍ත්‍ථය විස්තරයෙන් විභාග කරන්නේ දැ’යි.
Pali BJTඅථ ඛො තෙසං භික්ඛූනං එතදහොසි: ‘අයං ඛො ආයස්මා මහාකච්චානො සත්ථු චෙව සංවණ්ණිතො, සම්භාවිතො ච විඤ්ඤූනං සබ්රහ්මචාරීනං. පහොති චායස්මා මහාකච්චානො ඉමස්ස භගවතා සංඛිත්තෙන උද්දෙසස්ස උද්දිට්ඨස්ස විත්ථාරෙන අත්ථං අවිභත්තස්ස විත්ථාරෙන අත්ථං විභජිතුං. යන්නූන මයං යෙනායස්මා මහාකච්චානො තෙනුපසඞ්කමෙය්යාම. උපසඞ්කමිත්වා ආයස්මන්තං මහාකච්චානං එතමත්ථං පටිපුච්ඡෙය්යාමා’ති.
Sinhala BJTඉක්බිති ඒ භික්‍ෂූන්ට තෙල සිත් විය. “මේ ආයුෂ්මත් මහාකාත්‍යායන ස්ථවිරයන් වහන්සේ ශාස්තෘන් වහන්සේ විසිනුදු සංවර්ණිතයහ. විඥ වූ සබ්‍රහ්මසරුන් විසිනුදු සම්භාවිතයහ. ආයුෂ්මත් මහාකාත්‍යායන ස්ථවිරයන් වහන්සේ බුදුන් විසින් සැකෙවින් උදෙසනලද විස්තරයෙන් අර්‍ත්‍ථ විභාග නො කළ මේ උද්දේසයාගේ අර්‍ත්‍ථය විස්තරයෙන් විභාග කරන්නට පොහෝනාහු ද වෙති. ඇපි ආයුෂ්මත් මහාකාත්‍යායන ස්ථවිරයන් වහන්සේ කරා එළඹ ආයුෂ්මත් මහාකාත්‍යායන ස්ථවිරයන් අතින් තෙල කරුණ පුළුවුස්නමෝ නම් මැනැවැ” යි.
Pali BJTඅථ ඛො තෙ භික්ඛූ යෙනායස්මා මහාකච්චානො තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා ආයස්මතා මහාකච්චානෙන සද්ධිං සම්මොදිංසු. සම්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදිංසු. එකමන්තං නිසින්නා ඛො තෙ භික්ඛූ ආයස්මන්තං මහාකච්චානං එතදවොචුං: ‘ඉදං ඛො නො ආවුසො කච්චාන, භගවා සංඛිත්තෙන උද්දෙසං උද්දිසිත්වා විත්ථාරෙන අත්ථං අවිභජිත්වා උට්ඨායාසනා විහාරං පවිට්ඨො:
Sinhala BJTඉක්බිති ඒ භික්‍ෂූහු ආයුෂ්මත් මහාකාත්‍යායන ස්ථවිරයන් වහන්සේ කරා එළඹ ආයුෂ්මත් මහාකාත්‍යායන තෙරණුවන් සමග සතුටු වූහ. සතුටු වියයුතු සිහිකළයුතු කථාව කොට නිමවා එකත්පස් වැ හුන්හ. එකත්පස් වැ හුන් ඒ භික්‍ෂූහු ආයුෂ්මත් මහකසයින් තෙරණුවනට තෙල සැලකළහු: ‘ඇවත කාත්‍යායනයෙනි, බුදුහු මේ උද්දේස සැකෙවින් වදාරා විස්තර විසින් අරුත් නො බෙදා හුනස්නෙන් නැඟී විහාරයට වන්හ’:
Pali BJTඅතීතං නාන්වාගමෙය්ය -පෙ- තං වෙ භද්දෙකරත්තොති සන්තො ආචික්ඛතෙ මුනීති.
Sinhala BJT‘අතීත ආයතනධර්‍මය අනුගමනය නො කරන්නේ ය ... ඒ මහණහු ඒකාන්තයෙන් භද්දේකරත්ත’ යයි ශාන්ත වූ බුද්ධමුනි ප්‍රකාශ කෙරේ’ යයි.
Pali BJTතෙසං නො ආවුසො කච්චාන, අම්හාකං අචිරපක්කන්තස්ස භගවතො එතදහොසි: ‘ඉදං ඛො නො ආවුසො, භගවා සංඛිත්තෙන උද්දෙසං උද්දිසිත්වා විත්ථාරෙන අත්ථං අවිභජිත්වා උට්ඨායාසනා විහාරං පවිට්ඨො.
Sinhala BJTඇවැත කාත්‍යායනයෙනි, බුදුන් නික්ම වඩනා හා මැ අපට තෙල සිත් විය: ‘ඇවැත්නි, අපට භාග්‍යවතුන් වහන්සේ මේ උද්දේසය සැකෙවින් උදෙසා විතර විසින් අරුත් නො බෙදා හුනස්නෙන් නැඟී විහාරයට පිවිසියහ:
Pali BJTඅතීතං නාන්වාගමෙය්ය -පෙ- තං වෙ භද්දෙකරත්තොති සන්තො ආචික්ඛතෙ මුනීති.
Sinhala BJT‘අතීත ආයතනධර්‍මය අනුගමනය නො කරන්නේ ය ... ඒ මහණහු ඒකාන්තයෙන් භද්දේකරත්ත’ යයි ශාන්ත වූ බුද්ධමුනි ප්‍රකාශ කෙරේ’ යයි.
Pali BJTකො නු ඛො ඉමස්ස භගවතා සංඛිත්තෙන උද්දෙසස්ස උද්දිට්ඨස්ස විත්ථාරෙන අත්ථං අවිභත්තස්ස විත්ථාරෙන අත්ථං විත්ථාරෙන අත්ථං විභජෙය්යා’ති. තෙසං නො ආවුසො කච්චාන, අම්හාකං එතදහොසි: ‘අයං ඛො ආයස්මා මහාකච්චානො සත්ථු චෙව සංවණ්ණිතො සම්භාවිතො ච විඤ්ඤූනං සබ්රහ්මචාරීනං. පහොති චායස්මා මහාකච්චානො ඉමස්ස භගවතා සංඛිත්තෙන උද්දෙසස්ස උද්දිට්ඨස්ස විත්ථාරෙන අත්ථං අවිභත්තස්ස විත්ථාරෙන අත්ථං විභජිතුං. යන්නූන මයං යෙනායස්මා මහාකච්චානො තෙනුපසඞ්කමෙය්යාම. උපසඞ්කමිත්වා ආයස්මන්තං මහාකච්චානං එතමත්ථං පටිපුච්ඡෙය්යාමා’ති. විභජතායස්මා මහාකච්චානොති.
Sinhala BJTකවරෙක් භාග්‍යවතුන් විසින් සැකෙවින් උදෙසනලද විතර විසින් අරුත් නො බෙදනලද මේ උද්දේසයාගේ විතර විසින් අරුත් විභාග කරන්නේ දැ? යි. ඇවැත කච්චානයෙනි, ඒ අපට තෙල සිත් විය: ‘මේ ආයුෂ්මත් මහාකච්චාන තෙරණුවෝ බුදුන් විසිනුදු සංවර්ණිතයහ. විඥ වූ සබ්‍රම්සරුන් විසිනුදු සම්භාවිතයහ. ආයුෂ්මත් මහාකච්චාන තෙරණුවෝ බුදුන් විසින් සැකෙවින් උදෙසනලද විතර විසින් අරුත් නො බෙදනලද මෙ උද්දේසයාගේ විතර විසින් අරුත් බෙදා දක්වන්නට පොහොසත් ද වෙති. ඇපි ඇවැත් මහාකච්චාන් තෙරුන් කරා එළඹෙන්නමෝ නම් එළැඹ ආයුෂ්මත් මහාකච්චානයන් අතින් තෙල කරුණ පුළුවුස්නමෝ නම් මැනැවැ’යි කියා යි. ඇවැත් මහකසයින් තෙරණුවෝ විභාග කෙරෙත්ව’ යි.
Pali BJTසෙය්යථාපි ආවුසො, පුරිසො සාරත්ථිකො සාරගවෙසී සාරපරියෙසනං චරමානො මහතො රුක්ඛස්ස තිට්ඨතො සාරවතො අතික්කම්මෙව මූලං අතික්කම්ම ඛන්ධං සාඛාපලාසෙ සාරං පරියෙසිතබ්බං මඤ්ඤෙය්ය. එවං සම්පදමිදං, ආයස්මන්තානං සත්ථරි සම්මුඛීභූතෙ තං භගවන්තං අතිසිත්වා අම්හෙ එතමත්ථං පටිපුච්ඡිතබ්බං මඤ්ඤථ. සො ‘හාවුසො භගවා ජානං ජානාති, පස්සං පස්සති, චක්ඛුභූතො ඤාණභූතො ධම්මභූතො බ්රහ්මභූතො වත්තා පවත්තා අත්ථස්ස නින්නෙතා අමතස්ස දාතා ධම්මස්සාමී තථාගතො. සො චෙව පනෙතස්ස කාලො අහොසි යං භගවන්තං යෙව එතමත්ථං පටිපුච්ඡෙය්යාථ. යථා වො භගවා ව්යාකරෙය්ය, තථා නං ධාරෙය්යාථාති.
Sinhala BJTඇවැත්නි, යම් පරිදි සාරයෙන් අර්‍ත්‍ථ ඇති හර සෙවීමෙහි හැසිරෙන පුරුෂයෙක් තර වැ පිහිටි හරවත් වූ මහත් රුකක්හුගේ මුල ඉක්මවාපියා කඳ ඉක්මවාපියා කොළඅතුයෙහි හර සෙවියයුතු කොට සිතන්නේ නම් මේ එබඳු යැ. ආයුෂ්මත්නට ශාස්තෘන් වහන්සේ හමුව සිටි කල්හි ඒ භාග්‍යවතුන් ඉක්මවාපියා තෙල කරුණ අප පිළිවිස්සයුතු කොට සිතවු. ඇවැත්නි, යම් හෙයෙකින් ඒ බුදුහු දතයුතු ඥේයධර්‍මය වූවහ, ශ්‍රේෂ්ඨ වූවහ, වක්තෘහය, ප්‍රවක්තෘහය, අර්‍ත්‍ථය නඟා දක්වනුවහ, නිවන් අමා දෙනුවහ, ධර්‍ම ස්වාමීහ, තථාගතයහ. යම් හෙයෙකින් තෙල කරුණ භාග්‍යවතුන් වහන්සේ මැ පුළුවුස්නවු නම් තෙල කරුණට ඒ කල් විය. තොපට යම්සේ බුදුහු ප්‍රකාශ කරනසේක් නම් එය එපරිද්දෙන් දරව’යි.
Pali BJTඅද්ධාවුසො කච්චාන, භගවා ජානං ජානාති, පස්සං පස්සති චක්ඛුභූතො ඤාණභූතො ධම්මභූතො බ්රහ්මභූතො වත්තා පවත්තා අත්ථස්ස නින්නෙතා අමතස්ස දාතා ධම්මස්සාමී තථාගතො. සො චෙව පනෙතස්ස කාලො අහොසි යං භගවන්තං යෙව එතමත්ථං පටිපුච්ඡෙය්යාම. යථා නො භගවා ව්යාකරෙය්ය, තථා නං ධාරෙය්යාම. අපිචායස්මා මහාකච්චානො සත්ථුචෙව සංවණ්ණිතො සම්භාවිතො ච විඤ්ඤූනං සබ්රහ්මචාරීනං. පහොති චායස්මා මහාකච්චානො ඉමස්ස භගවතා සඞ්ඛිත්තෙන උද්දෙසස්ස උද්දිට්ඨස්ස විත්ථාරෙන අත්ථං අවිභත්තස්ස විත්ථාරෙන අත්ථං විභජිතුං. විභජතායස්මා මහාකච්චානො අගරුං කරිත්වාති.
Sinhala BJTඇවැත කච්චායෙනි, ඒකාන්තයෙන් බුදුහු දතයුත්ත දන්නාහ, දැක්කයුත්ත දක්නාහ, ඇසක් මෙන් වූහ, ඥානමය වූහ, බ්‍රහ්ම වැනියහ, වක්තෘයහ, ප්‍රවක්තෘහය, අර්‍ත්‍ථ එළවා දක්වනුහ, අමෘතය එළවනුවහ, ධර්මෙශ්වරයහ, තථාගතයහ. යම් හෙහෙකින් තෙල කරුණ භාග්‍යවතුන් වහන්සේ අතින් මැ පුළුවුස්නමෝ නම්, ඊට ඒ කල් මැ විය. යම්සේ අපට බුදුහු ප්‍රකාශ කරනසේක් ද එපරිදි ඒ ධරම්හ. වැළි එකෙක් ඇත. ආයුෂ්මත් මහාකාත්‍යායනයෝ ශාස්තෘන් වහන්සේ විසිනුදු සංවර්ණිතය, විඥ වූ සබ්‍රම්සරුන් උදෙසනලද විතර විසින් අරුත් නො බෙදන ලද මේ උද්දේසයාගේ අර්‍ත්‍ථය විස්තර විසින් විභාග කරන්නට පොහෝනාහු ද වෙති, ආයුෂ්මත් මහාකාත්‍යායනයෝ නො බර කොට විභාග කෙරෙත්ව’යි.
Pali BJTතෙන හාවුසො, සුණාථ, සාධුකං මනසි කරොථ, භාසිස්සාමීති.
Sinhala BJTඇවැත්නි, එසේ නම් අසව, මොනොවට මෙනෙහි කරව, ප්‍රකාශ කරන්නෙමි’යි.
Pali BJTඑවමාවුසොති ඛො තෙ භික්ඛූ ආයස්මතො මහාකච්චානස්ස පච්චස්සොසුං. ආයස්මා මහාකච්චානො එතදවොච:
Sinhala BJT‘එසේ යැ ඇවැත්නි’යි ඒ භික්‍ෂූහු ඇවැත් මහකසයින් තෙරණුවනට පිළිවදන් ඇස්වූහ. ආයුෂ්මත් මහාකච්චාන තෙරණුවෝ තෙල වදාළහ.
Pali BJTයං ඛො නො ආවුසො, භගවා සංඛිත්තෙන උද්දෙසං උද්දිසිත්වා විත්ථාරෙන අත්ථං අවිභජිත්වා උට්ඨායාසනා විහාරං පවිට්ඨො:
Sinhala BJTඇවැත්නි, බුදුහු යම් උද්දේසයක් කෙවින් උදෙසා විස්තර විසින් අර්‍ත්‍ථය විභාග නො කොට හුනස්නෙන් නැඟී විහාරයට පිවිසිසේක් ද,
Pali BJTඅතීතං නාන්වාගමෙය්ය -පෙ- තං වෙ භද්දෙකරත්තොති සන්තො ආචික්ඛතෙ මුනීති.
Sinhala BJTඅතීත වූ ආයතනධර්‍මය අනුගමනය නො කරන්නේ ය ... ඒ මහණහු ‘භද්දේකරත්ත’ නමැ යි ශාන්ත වූ බුද්ධමුනි ප්‍රකාශ කෙරේ යයි.
Pali BJTඉමස්ස ඛො අහං ආවුසො, භගවතා සඞ්ඛිත්තෙන උද්දෙසස්ස උද්දිට්ඨස්ස විත්ථාරෙන අත්ථං අවිභත්තස්ස, එවං විත්ථාරෙන අත්ථං ආජානාමි.
Sinhala BJTඇවැත්නි, මම බුදුන් විසින් සැකෙවින් උදෙසනලද විස්තර විසින් අර්‍ත්‍ථය විභාග නො කළ මේ උද්දේසයාගේ අර්‍ත්‍ථය මෙසේ විස්තර විසින් දැනගනිමි.
Pali BJTකථඤ්චාවුසො, අතීතං අන්වාගමෙති: ඉති මෙ චක්ඛුං{1} අහොසි අතීතමද්ධානං, ඉති රූපාති තත්ථ ඡන්දරාගපටිබද්ධං හොති විඤ්ඤාණං. ඡන්දරාගපටිබද්ධත්තා විඤ්ඤාණස්ස තදභිනන්දති. තදභිනන්දන්තො අතීතං අන්වාගමෙති. ඉති මෙ සොතං අහොසි අතීතමද්ධානං, ඉති සද්දාති තත්ථ ඡන්දරාගපටිබද්ධං හොති -පෙ- ඉති මෙ ඝානං අහොසි අතීතමද්ධානං, ඉති ගන්ධාති -පෙ- ඉති මෙ ජිව්හා අහොසි අතීතමද්ධානං, ඉති රසාති -පෙ- ඉති මෙ කායො අහොසි අතීතමද්ධානං, ඉති මෙ ඵොට්ඨබ්බාති -පෙ- ඉති මෙ මනො අහොසි අතීතමද්ධානං, ඉති ධම්මාති තත්ථ ඡන්දරාගපටිබද්ධං හොති විඤ්ඤාණං. ඡන්දරාගපටිබද්ධත්තා විඤ්ඤාණස්ස තදභිනන්දති, තදභිනන්දන්තො අතීතං අන්වාගමෙති. එවං ඛො ආවුසො අතීතං අන්වාගමෙති.
Sinhala BJTඇවැත්නි, කිසෙයින් අතීත වූ ද්වාදශායතනධර්‍මය අනුගමනය කෙරෙයි යත්: අතීත කාලයෙහි මාගේ ඇස විය, මෙසේ රූපයෝ වූහයි ඒ අතීත චක්‍ෂුරූපයන්හි විඥානය ඡන්‍දරාග ප්‍රතිබද්ධ වෙයි. විඥානය ඡන්‍දරාග ප්‍රතිබද්ධ හෙයින් එය අභිනන්‍දනා කෙරෙයි. එය අභිනන්‍දනා කරනුයේ අතීත ආයතනධර්‍මය අනුගමනය කෙරෙයි. අතීතයෙහි මෙසේ මාගේ ශ්‍රෝත්‍රය විය, මෙසේ ශබ්දය වී යයි එහි ඡන්‍දරාග ප්‍රතිබද්ධ විඥානය වෙයි ... අතීතයෙහි මෙසේ මාගේ ඝ්‍රාණය විය මෙසේ ගන්‍ධයෝ වූහ යි ... මෙසේ අතීතයෙහි මාගේ ජිහ්වායතනය විය, මෙසේ රසයෝ වූහ’ යි ... අතීතයෙහි මෙසේ මාගේ කායායතනය විය, මෙසේ මාගේ ස්ප්‍රෂ්ටව්‍යායතනය වී’ යයි ... අතීතයෙහි මෙසේ මාගේ මනායතනය විය, මෙසේ ධර්‍මයෝ වූහ’ යි එහි ඡන්‍දරාග ප්‍රතිබද්ධ වූ විඥානය වෙයි. විඥානය ඡන්‍දරාග ප්‍රතිබද්ධ හෙයින් එය අභිනන්‍දනා කෙරෙයි. එය අභිනන්‍දනා කරනුයේ අතීත ආයතනධර්‍මය අනුගමනය කෙරෙයි. ඇවැත්නි, මෙසේ අතීත ආයතන ධර්‍මය අනුගමනය කෙරෙයි.
Pali BJTකථඤ්චාවුසො, අතීතං නාන්වාගමෙති: ඉති මෙ චක්ඛුං අහොසි අතීතමද්ධානං, ඉති රූපාති න තත්ථ ඡන්දරාගපටිබද්ධං හොති විඤ්ඤාණං. න ඡන්දරාගපටිබද්ධත්තා විඤ්ඤාණස්ස න තදභිනන්දති. න තදභිනන්දන්තො අතීතං නාන්වාගමෙති. ඉති මෙ සොතං අහොසි අතීතමද්ධානං ඉති සද්දාති -පෙ- ඉති මෙ ඝානං අහොසි අතීතමද්ධානං, ඉති ගන්ධාති -පෙ- ඉති මෙ ජිව්හා අහොසි අතීතමද්ධානං, ඉති රසාති -පෙ- ඉති මෙ කායො අහොසි අතීතමද්ධානං, ඉති ඵොට්ඨබ්බාති -පෙ- ඉති මෙ මනො අහොසි අතීතමද්ධානං, ඉති ධම්මාති න තත්ථ ඡන්දරාගපටිබද්ධං හොති විඤ්ඤාණං. න ඡන්දරාගපටිබද්ධත්තා විඤ්ඤාණස්ස න තදභිනන්දති. න තදභිනන්දන්තො අතීතං නාන්වාගමෙති. එවං ඛො ආවුසො අතීතං නාන්වාගමෙති.
Sinhala BJTඇවැත්නි, කිසෙයින් අතීතය අනුගමනය නො කෙරෙයි යත්: අතීතයෙහි මෙසේ මාගේ චක්‍ෂුරායතනය විය මෙසේ රූපයෝ වූහ’යි ඒ අතීත චක්‍ෂුරූපයන්හි විඥානය ඡන්‍දරාග ප්‍රතිබද්ධ නො වෙයි, විඥානය ඡන්‍දරාග ප්‍රතිබද්ධ නො වූ හෙයින් එය අභිනන්‍දනා නො කෙරෙයි. එය අභිනන්‍දනා නො කරනුයේ අතීත ආයතනධර්‍මය අනුගමනය නො කෙරෙයි. අතීත කාලයෙහි මෙසේ මාගේ ශ්‍රෝතායතනය විය, මෙසේ මාගේ ශබ්දයෝ වූහ’ යි ... අතීතයෙහි මෙසේ මාගේ ඝ්‍රාණායතනය විය, මෙසේ ගන්‍ධයෝ වූහ’යි ... අතීතයෙහි මෙසේ මාගේ ජිහ්වායතනය විය, මෙසේ රසයෝ වූහ’යි ... අතීතයෙහි මෙසේ මාගේ කායායතනය විය, මෙසේ ස්ප්‍රෂ්ටව්‍යයෝ වූහ’යි අතීතයෙහි මෙසේ මාගේ මනායතනය විය. මෙසේ ධර්‍මයෝ වූහ’ යි එහි විඥානය ඡන්‍දරාග ප්‍රතිබද්ධ නො වෙයි. විඥානය ඡන්‍දරාග ප්‍රතිබද්ධ නො වූ හෙයින් එය අභිනන්‍දනා නො කෙරෙයි. එය අභිනන්‍දනා නො කරනුයේ අතීතය අනුගමනය නො කෙරෙයි, ඇවැත්නි, මෙසේ අතීත ආයතනධර්‍මය අනුගමනය නො කෙරෙයි.
Pali BJTකථඤ්චාවුසො, අනාගතං පටිකඞ්ඛති: ඉති මෙ චක්ඛුං සියා අනාගතමද්ධානං, ඉති රූපාති අප්පටිලද්ධස්ස පටිලාභාය චිත්තං පණිදහති. චෙතසො පණිධානපච්චයා තදභිනන්දති. තදභිනන්දන්තො අනාගතං පටිකඞ්ඛති. ඉති මෙ සොතං සියා අනාගතමද්ධානං, ඉති සද්දාති -පෙ- ඉති මෙ ඝානං සියා අනාගතමද්ධානං, ඉති ගන්ධාති -පෙ- ඉති මෙ ජිව්හා සියා අනාගතමද්ධානං, ඉති රසාති -පෙ- ඉති මෙ කායො සියා අනාගතමද්ධානං, ඉති ඵොට්ඨබ්බාති -පෙ- ඉති මෙ මනො සියා අනාගතමද්ධානං, ඉති ධම්මාති අප්පටිලද්ධස්ස පටිලාභාය චිත්තං පණිදහති. චෙතසො පණිධානපච්චයා තදභිනන්දති. තදභිනන්දන්තො අනාගතං පටිකඞ්ඛති. එවං ඛො ආවුසො අනාගතං පටිකඞ්ඛති.
Sinhala BJTඇවැත්නි, කිසෙයින් අනාගත ආයතනධර්‍මය ප්‍රාර්‍ත්‍ථනා කෙරෙයි යත්: අනාගතයෙහි මෙසේ මාගේ චක්‍ෂුරායතන වන්නේ යැ, මෙසේ රූපයෝ වන්නාහ’ යි. නො ලත් ආයතනධර්‍මයාගේ ප්‍රතිලාභය පිණිස සිත පිහිටුවාලයි. චිත්තයාගේ ප්‍රණිධානප්‍රත්‍යයෙන් එය අභිනන්‍දනා කෙරෙයි. එය අභිනන්‍දනා කරනුයේ අනාගත ආයතනධර්‍මය ප්‍රාර්‍ත්‍ථනා කෙරෙයි. අනාගත කාලයෙහි මෙසේ මාගේ ශ්‍රෝතායතනය වන්නේ යැ, මෙසේ ශබ්දයෝ වන්නාහ’ යි ... අනාගත කාලයෙහි මෙසේ මාගේ ඝ්‍රාණායතනය වන්නේ යැ, මෙසේ ගන්‍ධයෝ වන්නාහ’ යි ... අනාගත කාලයෙහි මෙසේ මාගේ ජිහ්වායතනය වන්නේ ය, මෙසේ රසයෝ වන්නාහ’ යි ... අනාගත කාලයෙහි මෙසේ මාගේ කායායතනය වන්නේ යැ, මෙසේ ස්ප්‍රෂ්ටව්‍යායතනය වන්නේය’ යි ... අනාගත කාලයෙහි මෙසේ මාගේ මනායතනය වන්නේ යැ, මෙසේ ධර්‍මයෝ වන්නාහ’ යි. අප්‍රතිලබ්ධ වූ ධර්‍මායතනයාගේ ප්‍රතිලාභය පිණිස සිත පිහිටුවයි. ප්‍රණිධානප්‍රත්‍යයෙන් එය අභිනන්‍දනා කෙරෙයි. එය ප්‍රාර්‍ත්‍ථනා කරනුයේ අනාගත ආයතනය ප්‍රාර්‍ත්‍ථනා කෙරෙයි. ඇවැත්නි, මෙසේ අනාගතය ප්‍රාර්‍ත්‍ථනා කෙරෙයි.
Pali BJTකථඤ්චාවුසො අනාගතං න පටිකඞ්ඛති{1}: ඉති මෙ චක්ඛුං සියා අනාගතමද්ධානං, ඉති රූපාති අප්පටිලද්ධස්ස පටිලාභාය චිත්තං න පණිදහති{2}. චෙතසො අප්පණිධානපච්චයා න තදභිනන්දති. න තදභිනන්දන්තො අනාගතං න පටිකඞ්ඛති. ඉති මෙ සොතං සියා අනාගතමද්ධානං, ඉති සද්දාති -පෙ- ඉති මෙ ඝානං සියා අනාගතමද්ධානං, ඉති ගන්ධාති -පෙ- ඉති මෙ ජිව්හා සියා අනාගතමද්ධානං, ඉති රසාති -පෙ- ඉති මෙ කායො සියා අනාගතමද්ධානං, ඉති ඵොට්ඨබ්බාති -පෙ- ඉති මෙ මනො සියා අනාගතමද්ධානං, ඉති ධම්මාති අප්පටිලද්ධස්ස පටිලාභාය චිත්තං න පණිදහති. චෙතසො අප්පණිධානපච්චයා න තදභිනන්දති, න තදභිනන්දන්තො අනාගතං න පටිකඞ්ඛති. එවං ඛො ආවුසො අනාගතං න පටිකඞ්ඛති.
Sinhala BJTඇවැත්නි, කිසෙයින් අනාගත ආයතනධර්‍මය ප්‍රාර්‍ත්‍ථනා නො කෙරෙයි යත්: අනාගතයෙහි මෙසේ මාගේ චක්‍ෂුරායතන වන්නේ යැ, මෙසේ රූපයෝ වන්නාහ’ යි. නො ලත් ආයතනධර්‍මයාගේ ප්‍රතිලාභය පිණිස සිත නො පිහිටුවයි. සිත නො පිහිටුවීම් පසයෙන් එය අභිනන්‍දනා නො කෙරෙයි, එය අභිනන්‍දනා නො කරනුයේ අනාගත ආයතනධර්‍ම ප්‍රාර්‍ත්‍ථනා නො කෙරෙයි. අනාගතයෙහි මෙසේ මාගේ ශ්‍රෝතායතනය වන්නේ යැ, මෙසේ ශබ්දයෝ වන්නාහ’ යි ... අනාගතයෙහි මෙසේ මාගේ ඝ්‍රාණායතනය වන්නේ යැ, මෙසේ ගන්‍ධයෝ වන්නාහ’ යි ... අනාගතයෙහි මෙසේ මාගේ ජිහ්වායතනය වන්නේ ය. මෙසේ රසයෝ වන්නාහ’ යි ... අනාගතයෙහි මෙසේ මාගේ කායායතනය වන්නේ යැ, මෙසේ ස්පර්‍ශ වන්නාහ’ යි ... අනාගතයෙහි මෙසේ මාගේ මනායතනය වන්නේ යැ, මෙසේ ධර්‍මයෝ වන්නාහ ’ යි නො ලත් ධර්‍මායතනයාගේ ප්‍රතිලාභය පිණිස සිත නො පිහිටුවයි. සිත නො පිහිටුවීම පසයෙන් එය අභිනන්‍දනා නො කෙරෙයි. එය අභිනන්‍දනා නො කරනුයේ අනාගත ආයතනය ප්‍රාර්‍ත්‍ථනා නො කෙරෙයි. ඇවැත්නි, මෙසෙයින් අනාගත ආයතනය ප්‍රාර්‍ත්‍ථනා නො කෙරේ.
Pali BJTකථඤ්චාවුසො පච්චුප්පන්නෙසු ධම්මෙසු සංහීරති: යඤ්චාවුසො චක්ඛුං යෙ ච රූපා, උභයමෙතං පච්චුප්පන්නං, තස්මිං චෙ පච්චුප්පන්නෙ ඡන්දරාගපටිබද්ධං හොති විඤ්ඤාණං. ඡන්දරාගපටිබද්ධත්තා විඤ්ඤාණස්ස තදභිනන්දති. තදභිනන්දන්තො පච්චුප්පන්නෙසු ධම්මෙසු සංහීරති. යඤ්චාවුසො සොතං යෙ ච සද්දා -පෙ- යඤ්චාවුසො ඝානං යෙ ච ගන්ධා -පෙ- යා චාවුසො ජිව්හා යෙ ච රසා -පෙ- යො චාවුසො, කායො යෙ ච ඵොට්ඨබ්බො -පෙ- යො චාවුසො, මනො යෙ ච ධම්මා, උභයමෙතං පච්චුප්පන්නං, තස්මිං චෙ පච්චුප්පන්නෙ ඡන්දරාගපටිබද්ධං හොති විඤ්ඤාණං. ඡන්දරාගපටිබද්ධත්තා විඤ්ඤාණස්ස තදභිනන්දති, තදභිනන්දන්තො පච්චුප්පන්නෙසු ධම්මෙසු සංහීරති. එවං ඛො ආවුසො, පච්චුප්පන්නෙසු ධම්මෙසු සංහීරති.
Sinhala BJTඇවැත්නි, කිසෙයින් ප්‍රත්‍යුත්පන්න ධර්‍මයෙහි (තෘෂ්ණාදෘෂ්ටි විසින්) අදනා ලැබෙයි යත්: ඇවැත්නි, යම් චක්‍ෂුරින්‍ද්‍රියයෙකුත් යම් රූපාලම්බන කෙනෙකුත් ඇද්ද, තෙල චක්‍ෂුරූප දෙක ප්‍රත්‍යුත්පන්න වෙයි. ඉදින් ඒ ප්‍රත්‍යුත්පන්නයෙහි ඡන්‍දරාග ප්‍රතිබද්ධ විඥානය වේද, විඥානය තමා ඡන්‍දරාග ප්‍රතිබද්ධ බැවින් ඒ ප්‍රත්‍යුත්පන්නය අභිනන්‍දනා කෙරෙයි. එය අභිනන්‍දනා කරනුයේ ප්‍රත්‍යුත්පන්නධර්‍මයෙහි අදනාලැබෙයි. ඇවැත්නි, යම් ශ්‍රෝත්‍රේන්‍ද්‍රියයෙකුත් යම් ශබ්දාලම්බන කෙනෙකුත් ඇද්ද ... ඇවැත්නි, යම් ඝ්‍රාණෙන්‍ද්‍රියයෙකුත් යම් ගන්‍ධාලම්බන කෙනෙකුත් ඇද්ද ... ඇවැත්නි, යම් ජිහ්වේන්‍ද්‍රියයෙකුත් යම් රසාලම්බන කෙනෙකුත් ඇද්ද ... ඇවැත්නි, යම් කායේන්‍ද්‍රියයෙකුත් යම් ස්ප්‍රෂ්ටව්‍යාලම්බන කෙනෙකුත් ඇද්ද ... ඇවැත්නි, යම් මනින්‍ද්‍රියයෙකුත් යම් ධර්‍මාලම්බන කෙනෙකුත් ඇද්ද මෙදෙක ප්‍රත්‍යුත්පන්න වෙයි. ඉදින් ඒ ප්‍රත්‍යුත්පන්නයෙහි ඡන්‍දරාග ප්‍රතිබද්ධ විඥානය වේ ද, විඥානය තමා ඡන්‍දරාග ප්‍රතිබද්ධ බැවින් ඒ ප්‍රත්‍යුත්පන්නය අභිනන්‍දනා කෙරෙයි. එය අභිනන්‍දනා කරනුයේ ප්‍රත්‍යුත්පන්න ධර්‍මයෙහි අදනා ලැබෙයි. ඇවැත්නි, මෙසෙයින් ප්‍රත්‍යුත්පන්නධර්‍මයෙහි අදනා ලැබේ.
Pali BJTකථඤ්චාවුසො පච්චුප්පන්නෙසු ධම්මෙසු න සංහීරති. යඤ්චාවුසො, චක්ඛුං, යෙ ච රූපා, උභයමෙතං පච්චුප්පන්නං, තස්මිං චෙ පච්චුප්පන්නෙ න ඡන්දරාගපටිබද්ධං හොති විඤ්ඤාණං. න ඡන්දරාගපටිබද්ධත්තා විඤ්ඤාණස්ස න තදභිනන්දති. න තදභිනන්දන්තො පච්චුප්පන්නෙසු ධම්මෙසු න සංහීරති. යඤ්චාවුසො, සොතං යෙ ච සද්දා -පෙ- යඤ්චාවුසො ඝානං, යෙ ච ගන්ධා -පෙ- යා චාවුසො, ජිව්හා යෙ ච රසා -පෙ- යො චාවුසො, කායො යෙ ච ඵොට්ඨබ්බා -පෙ- යො චාවුසො, මනො යෙ ච ධම්මා, උභයමෙතං පච්චුප්පන්නං. තස්මිං චෙ පච්චුප්පන්නෙ න ඡන්දරාගපටිබද්ධං හොති විඤ්ඤාණං. න ඡන්දරාගපටිබද්ධත්තා විඤ්ඤාණස්ස න තදභිනන්දති. න තදභිනන්දන්තො පච්චුප්පන්නෙසු ධම්මෙසු න සංහීරති. එවං ඛො ආවුසො, පච්චුප්පන්නෙසු ධම්මෙසු න සංහීරති.
Sinhala BJTඇවැත්නි, කිසෙයින් ප්‍රත්‍යුත්පන්න ධර්‍මයෙහි නො අදනා ලැබේ යැ යත්: ඇවැත්නි, යම් චක්‍ෂුසෙක් යම් රූප කෙනෙක් ඇද්ද මෙ දෙක ප්‍රත්‍යුත්පන්න වෙයි. ඒ ප්‍රත්‍යුත්පන්නයෙහි මැ විඥානය ඡන්‍දරාග ප්‍රතිබද්ධ නො වේ ද, විඥානය ඡන්‍දරාග ප්‍රතිබද්ධ නො වනුයෙන් එය අභිනන්‍දනා නො කෙරෙයි ඒ අභිනන්‍දනා නො කරනුයේ ප්‍රත්‍යුත්පන්න ධර්‍මයෙහි නො අදනා ලැබෙයි. ඇවත, යම් ශ්‍රෝතයෙකුත් යම් ශබ්ද කෙනෙකුත් ඇද්ද ... ඇවත, යම් ඝ්‍රාණයෙකුත් යම් ගන්‍ධ කෙනෙකුත් ඇද්ද ... ඇවත, යම් ජිහ්වාවකුත් යම් රස කෙනෙකුත් ඇද්ද ... ඇවත, යම් කයෙකුත් යම් ස්ප්‍රෂ්ටව්‍ය කෙනෙකුත් ඇද්ද ... ඇවත, යම් මනසකුත් යම් ධර්‍ම කෙනෙකුත් ඇද්ද මෙදෙක ප්‍රත්‍යුත්පන්න යැ. ඉදින් ඒ ප්‍රත්‍යුත්පන්නයෙහි විඥානය ඡන්‍දරාග ප්‍රතිබද්ධ නො වේ ද, විඥානය ඡන්‍දරාග ප්‍රතිබද්ධ නො වනුයේ ඒ අභිනන්‍දනා නො කෙරෙයි. ඒ අභිනන්‍දනා නො කරනුයේ ප්‍රත්‍යුත්පන්න ධර්‍මයෙහි නො අදනා ලැබේ. ඇවැත්නි, මෙසෙයින් ප්‍රත්‍යුත්පන්න ධර්‍මයෙහි නො අදනා ලැබේ.
Pali BJTයං ඛො නො ආවුසො, භගවා සඞ්ඛිත්තෙන උද්දෙසං උද්දිසිත්වා විත්ථාරෙන අත්ථං අවිභජිත්වා උට්ඨායාසනා විහාරං පවිට්ඨො:
Sinhala BJTඇවැත්නි, අපගේ බුදුහු යම් උද්දේසයක් සැකෙවින් උදෙසා විතර විසින් අරුත් නො බෙදා හුනස්නෙන් නැඟී විහාරයට පිවිසියෝ ද,
Pali BJTඅතීතං නාන්වාගමෙය්ය -පෙ- තං වෙ භද්දෙකරත්තොති සන්තො ආචික්ඛතෙ මුනීති.
Sinhala BJTඅතීත ආයතනධර්‍මය අනුගමනය නො කරන්නේ යැ ... ඒ මහණහු ඒකාන්තයෙන් ‘භද්‍රෛකරාත්‍ර’ යයි ශාන්ත වූ බුද්ධමුනි ප්‍රකාශ කෙරේ යයි.
Pali BJTඉමස්ස ඛො අහං ආවුසො, භගවතා සඞ්ඛිත්තෙන උද්දෙසස්ස උද්දිට්ඨස්ස විත්ථාරෙන අත්ථං අවිභත්තස්ස එවං විත්ථාරෙන අත්ථං ආජානාමි. ආකඞ්ඛමානා ච පන තුම්හෙ, ආයස්මන්තො, භගවන්තං යෙව උපසඞ්කමිත්වා එතමත්ථං පටිපුච්ඡෙය්යාථ. යථා වො භගවා ව්යාකරොති. තථා නං ධාරෙය්යාථාති.
Sinhala BJTඇවැත්නි, මම බුදුන් විසින් සැකෙවින් උදෙසනලද විස්තරයෙන් අර්‍ත්‍ථය විභාග නො කළ මේ උද්දේසයාගේ විස්තරාර්‍ත්‍ථය මෙසේ දැනගනිමි. ආයුෂ්මත්නි, තෙපි ඉදින් කැමැත්තාහු නම් බුදුන් කරා මැ එළඹ තෙල කරුණ පුළුවුස්වූ යැ. යම්සේ බුදුහු ප්‍රකාශ කෙරෙත් ද එපරිද්දෙන් එය ධරව යි.
Pali BJTඅථ ඛො තෙ භික්ඛූ ආයස්මතො මහාකච්චානස්ස භාසිතං අභිනන්දිත්වා අනුමොදිත්වා උට්ඨායාසනා යෙන භගවා තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදිංසු. එකමන්තං නිසින්නා ඛො තෙ භික්ඛූ භගවන්තං එතදවොචුං: යං ඛො නො භන්තෙ, භගවා සඞ්ඛිත්තෙන උද්දෙසං උද්දිසිත්වා විත්ථාරෙන අත්ථං අවිභජිත්වා උට්ඨායාසනා විහාරං පවිට්ඨො:
Sinhala BJTඉක්බිති ඒ වහන්දෑ ආයුෂ්මත් මහකසයින් තෙරණුවන්ගේ භාෂිත අභිනන්‍දනා කොට අනුමෝදනා කොට හුනස්නෙන් නැඟී භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියාහු යැ. එළඹ භාග්‍යවතුන් වහන්සේ අභිවාදනය කොට එකත්පස් වැ හුන්හ. එකත්පස් වැ හුන් ඒ වහන්දෑ භාග්‍යවතුන් වහන්සේට තෙල සැලකළෝ: “වහන්ස, භාග්‍යවතුන් වහන්සේ අපට යම් උද්දේසයක් සැකෙවින් උදෙසා විස්තර විසින් අර්‍ත්‍ථය විභාග නො කොට හුනස්නෙන් නැඟී විහාරයට වැඩිසේක් ද,
Pali BJTඅතීතං නාන්වාගමෙය්ය -පෙ- තං වෙ භද්දෙකරත්තොති, සන්තො ආචික්ඛතෙ මුනීති.
Sinhala BJT‘අතීත ආයතනධර්‍මය අනුගමනය නො කරන්නේ යැ ... ඒකාන්තයෙන් ඒ මහණහු ‘භද්‍රෛකරාත්‍ර’ යැයි ශාන්ත වූ බුද්ධමුනි ප්‍රකාශ කෙරේ’ යයි.”
Pali BJTතෙසං නො භන්තෙ, අම්හාකං අචිරපක්කන්තස්ස භගවතො එතදහොසි: ‘ඉදං ඛො නො ආවුසො, භගවා සඞ්ඛිත්තෙන උද්දෙසං උද්දිසිත්වා විත්ථාරෙන අත්ථං අවිභජිත්වා උට්ඨායාසනා විහාරං පවිට්ඨො:
Sinhala BJTවහන්ස, භාග්‍යවතුන් වහන්සේ නික්ම යත් මැ අපට තෙල සිත් විය: ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ අපට සැකෙවින් මේ උද්දේසය උදෙසා විස්තරාර්‍ත්‍ථය විභාග නො කොට හුනස්නෙන් නැඟී විහාරයට වැඩිසේක.
Pali BJTඅතීතං නාන්වාගමෙය්ය, නප්පටිකඞ්ඛෙ අනාගතං -පෙ- තං වෙ භද්දෙකරත්තොති සන්තො ආචික්ඛතෙ මුනීති.
Sinhala BJT‘අතීත ආයතනධර්‍මය අනුගමනය නො කරන්නේ යැ, නො පත් ආයතනධර්‍මය තෘෂ්ණාදෘෂ්ටීන් ප්‍රාර්‍ත්‍ථනා නො කරන්නේ යැ ... ඒකාන්තයෙන් ඒ මහණ ‘භද්‍රෛකරාත්‍ර’ යයි ශාන්ත වූ බුද්ධමුනි ප්‍රකාශ කෙරේ’ යයි.
Pali BJTකො නු ඛො ඉමස්ස භගවතා සඞ්ඛිත්තෙන උද්දෙසස්ස උද්දිට්ඨස්ස විත්ථාරෙන අත්ථං අවිභත්තස්ස විත්ථාරෙන අත්ථං විභජෙය්යාති. තෙසං නො භන්තෙ අම්හාකං එතදහොසි: ‘අයං ඛො ආයස්මා මහාකච්චානො සත්ථු චෙව සංවණ්ණිතො සම්භාවිතො ච විඤ්ඤූනං සබ්රහ්මචාරීනං. පහොති චායස්මා මහාකච්චානො ඉමස්ස භගවතා සඞ්ඛිත්තෙන උද්දෙසස්ස උද්දිට්ඨස්ස විත්ථාරෙන අත්ථං අවිභත්තස්ස විත්ථාරෙන අත්ථං විභජිතුං. යන්නූන මයං යෙනායස්මා මහාකච්චානො තෙනුපසඞ්කමෙය්යාම. උපසඞ්කමිත්වා ආයස්මන්තං මහාකච්චානං එතමත්ථං පටිපුච්ඡෙය්යාමා’ති. අථ ඛො මයං භන්තෙ, යෙනායස්මා මහාකච්චානො තෙනුපසඞ්කමිම්හ. උපසඞ්කමිත්වා ආයස්මන්තං මහාකච්චානං එතමත්ථං පටිපුච්ඡිම්හ. තෙසං නො භන්තෙ, ආයස්මතා මහාකච්චානෙන ඉමෙහි ආකාරෙහි ඉමෙහි පදෙහි ඉමෙහි ව්යඤ්ජනෙහි අත්ථො විභත්තොති.
Sinhala BJTභාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් උදෙසන ලද විස්තර විසින් විභාග නො කළ මේ උද්දේසයාගේ අර්‍ත්‍ථය කවරෙක් විස්තරයෙන් විභාග කරන්නේ දැ’යි. වහන්ස, අපට තෙල සිත් විය: මේ ආයුෂ්මත් මහාකාත්‍යායන තෙරණුවෝ ශාස්තෘන් වහන්සේ විසිනුදු සංවර්ණිතයහ. විඥ වූ සබ්‍රම්සරුන් විසිනිදු සම්භාවිතයහ. ආයුෂ්මත් කච්චායන තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් උදෙසනලද විස්තරාර්‍ත්‍ථය විභාග නො කළ මේ උද්දේසයාගේ අර්‍ත්‍ථය විස්තර විසින් විභාග කරන්නට පොහොසත් වන්නාහ. ඇපි ආයුෂ්මත් මහාකාත්‍යායනයන් කරා එළඹෙන්නමෝ නම් එළඹ ආයුෂ්මත් මහාකාත්‍යායනයන් අතින් තෙල කරුණු පුළුවුස්නමෝ නම් මැනැවැයි. වහන්ස, එකල්හි ඇපි ආයුෂ්මත් මහාකාත්‍යායනයන් කරා එළැඹියම්හ. එළඹ ආයුෂ්මත් මහා කච්චාන තෙරුන් අතින් පුළුවුසුම්හ. වහන්ස, ආයුෂ්මත් මහාකාත්‍යායනයන් විසින් අපට මේ අයුරින් මේ පදයෙන් මේ ව්‍යඤ්ජනයෙන් අර්‍ත්‍ථය විභාග කරන ලදැ’යි.