Majjhima Nikāya

Middle-Length Discourses

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 5401-5500 න් 6395

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTතමෙනං භික්ඛවෙ, නිරයපාලා මහන්තං අඞ්ගාරපබ්බතං ආදිත්තං සම්පජ්ජලිතං සජොතිභූතං ආරොපෙන්තිපි ඔරොපෙන්තිපි. සො තත්ථ දුක්ඛා තිප්පා කටුකා වෙදනා වෙදෙති. න ච තාව කාලං කරොති. යාව න තං පාපකම්මං බ්යන්තීහොති.
Sinhala BJTමහණෙනි, නිරයපාලයේ ඔහු ගෙන ප්‍රදීප්ත වූ හාත්පසින් ප්‍රජ්වලිත වූ ඇවිළගත් ගිනි ඇති මහත් අඞ්ගාරපර්‍වතයකට නැංවීම ද බැස්වීම ද කෙරෙති. හේ එහි තීව්‍ර වූ කටුක වූ දුක් වේදනා විඳී, යම්තාක් ඒ පාපකර්‍මය නො ගෙවේ ද, ඒ තාක් නො ද කලුරිය කෙරෙයි.
Pali BJTතමෙනං භික්ඛවෙ, නිරයපාලා උද්ධපාදං අධොසිරං ගහෙත්වා තත්තාය ලොහකුම්භියා පක්ඛිපන්ති ආදිත්තාය සම්පජ්ජලිතාය සජොතිභූතාය. සො තත්ථ ඵෙණුද්දෙහකං පච්චති. සො තත්ථ ඵෙණුද්දෙහකං පච්චමානො සකිම්පි උද්ධං ගච්ඡති. සකිම්පි අධො ගච්ඡති. සකිම්පි තිරියං ගච්ඡති. සො තත්ථ දුක්ඛා තිප්පා කටුකා වෙදනා වෙදෙති. න ච තාව කාලං කරොති යාව න තං පාපං කම්මං බ්යන්තීහොති.
Sinhala BJTමහණෙනි, නිරයපාලයෝ ඔහු උඩුපා කොට හිස් යටිහුරු කොට ගෙන ආදීප්ත වූ සම්ප්‍රජ්වලිත වූ ගිනි ඇවිළගත් ප්‍රතප්ත ලොහොකුඹුනිරයෙහි බහාලති, හේ එහි පෙණ පිඬක් බඳු දේහ ඇති ව පැසෙයි. හේ එහි පෙණපිඬක් බඳු දේහ ඇති ව පස්නේ එක්වට උඩ නැඟෙ යි: එක්වට යටට බස්සි, එක්වට සරස ඇවිදී, හේ එහි තීව්‍ර වූ කටුක වූ දුඃඛ වේදනා විඳී. යම් තාක් ඒ පාපක්‍රියා නො ගෙ වේ ද, ඒ තාක් කලුරිය නො කෙරේ.
Pali BJTතමෙනං භික්ඛවෙ, නිරයපාලා මහානිරයෙ පක්ඛිපන්ති. සො ඛො පන භික්ඛවෙ, මහානිරයො.
Sinhala BJTමහණෙනි, නිරයපාලයෝ ඔහු ගෙන මහානිරයෙහි බහාලති. මහණෙනි, ඒ මහානිරය නම්:
Pali BJTචතුක්කණ්ණො චතුද්වාරො විභත්තො භාගසො මිතො, අයොපාකාරපරියන්තො අයසා පටිකුජ්ජිතො.
Sinhala BJT(ඒ මහානිරය) චතුෂ්කර්‍ණ යැ, චතුර්ද්වාර යැ, වෙන වෙන ම කොටස් වශයෙන් බෙදන ලද, අයස්ප්‍රාකාරයෙන් පරික්‍ෂිප්ත යැ, යපියනින් පිළිසොයන ලද.
Pali BJTතස්ස අයොමයා භූමි ජලිතා තෙජසා යුතා, සමන්තා යොජනසතං ඵරිත්වා තිට්ඨති සබ්බදා.
Sinhala BJTඒ නරකයා ගේ අයෞමය වූ භූමියැ, එ ද ජ්වලිත යැ, ගිනිදල සහිත යැ, හැමදාම අවට සියක් යොදුන් තන්හි පැතිරැ සිටුනේ යි.
Pali BJTඅනෙකපරියායෙනපි ඛො අහං භික්ඛවෙ, නිරයකථං කථෙය්යං, යාවඤ්චිදං භික්ඛවෙ, න සුකරාං{5} අක්ඛානෙන පාපුණිතුං යාව දුක්ඛා නිරයාති.
Sinhala BJTමහණෙනි, මම නන් අයුරින් නිරයකථා කියමි, මහණෙනි, නිරයයෝ මෙතෙක් දුක් ඇතියහ’යි කීමෙකින් මස්තකප්‍රාප්ත කොට කියන්නට සුකර නො වේ මැයි.
Pali BJTසන්ති භික්ඛවෙ, තිරච්ඡානගතා පාණා තිණභක්ඛා. තෙ අල්ලානිපි තිණානි සුක්ඛානිපි තිණානි දන්තුල්ලෙහකං ඛාදන්ති. කතමෙ ච භික්ඛවෙ, තිරච්ඡානගතා පාණා තිණභක්ඛා, අස්සා{1} ගොණා ගද්රභා අජා මිගා, යෙ වා පනඤ්ඤෙපි කෙචි තිරච්ඡානගතා පාණා තිණභක්ඛා. ස ඛො සො භික්ඛවෙ, බාලො ඉධ පුබ්බෙ රසාදො ඉධ පාපානි කම්මානි කරිත්වා කායස්ස භෙදා පරම්මරණා තෙසං සත්තානං සහව්යතං උපපජ්ජති යෙ තෙ සත්තා තිණභක්ඛා.
Sinhala BJTමහණෙනි, තණපතක් බුදිනා තිරිසන්ගිය ප්‍රාණීහු ඇත. ඔහු තෙත් වූත් වියැළි වූත් තණ දතින් සිඳිමින් කති. මහණෙනි, තණ බුදිනා තිරිසන්ගිය සත්හු කවරහ යත්: අශ්වයෝ යැ, ගොන්නු හැ, ගද්‍රභයෝ යැ, එළුවෝ යැ, මෘගයෝ යි, තෘණභක්‍ෂ්‍ය වූ මෙයින් අන්‍ය තිරිසන්ගිය කිසි ප්‍රාණි කෙනෙක් හෝ ඇද්ද, මහණෙනි, ඒ බාල පෙර මෙලොවැ රස බුදිනේ මෙලොවැ පව්කම් කොට කාබුන් මරණින් මතු තණ බුදිනා සත්හු වෙත් නම් ඒ සතුන් ගේ සහවාසයට එළැඹෙයි.
Pali BJTසන්ති භික්ඛවෙ, තිරච්ඡානගතා පාණා ගූථභක්ඛා. තෙ දූරතොව ගූථගන්ධං ඝායිත්වා ධාවන්ති: ‘එත්ථ භුඤ්ජිස්සාම, එත්ථ භුඤ්ජිස්සාමා’ති. සෙය්යථාපි නාම බ්රාහ්මණා ආහුතිගන්ධෙන ධාවන්ති: ‘එත්ථ භුඤ්ජිස්සාම, එත්ථ භුඤ්ජිස්සාමා’ති. එවමෙව ඛො භික්ඛවෙ, සන්ති තිරච්ඡානගතා පාණා ගූථභක්ඛා, තෙ දූරතොව ගූථගන්ධං ඝායිත්වා ධාවන්ති: එත්ථ භුඤ්ජිස්සාම, එත්ථ භුඤ්ජිස්සාමාති. කතමෙ ච භික්ඛවෙ, තිරච්ඡානගතා පාණා ගූථභක්ඛා: කුක්කුටා සූකරා සොණා සිගාලා, යෙ වා පනඤ්ඤෙපි කෙචි තිරච්ඡානගතා පාණා ගූථභක්ඛා. ස ඛො සො භික්ඛවෙ බාලො ඉධ පුබ්බෙ රසාදො ඉධ පාපානි කම්මානි කරිත්වා කායස්ස භෙදා පරම්මරණා තෙසං සත්තානං සහව්යතං උපපජ්ජති යෙ තෙ සත්තා ගූථභක්ඛා.
Sinhala BJTමහණෙනි, අසුචි බුදිනා තිරිසන්ගිය ප්‍රාණීහු ඇත, ඔහු දුරින් මැ අසුචිගඳ අසා “මෙහි දී කම්හ, මෙහි දී කම්හ”යි දිවෙති. යම් සේ බමුණෝ “මෙහි දී වළඳම්හ, මෙහි දී වළඳම්හ”යි යාගගන්‍ධයෙන් දිවෙත් ද, මහණෙනි, එපරිදි මැ අසුචි කන තිරිසන්ගිය ප්‍රාණී කෙනෙක් ඇත, ඔහු දුරින් මැ ගූථගන්‍ධය අසා මෙහි කම්හ, මෙහි කම්හ’යි දිවෙත්. මහණෙනි, අසුචි කන තිරිසන්ගිය ප්‍රාණීහු කවරහ යත්: කුකුළෝ යැ, ඌරෝ යැ, බල්ලෝ යැ, සිවල්හු යි, අසුචි බුදිනා මෙයින් අන්‍ය යම් කිසි තිරිසන්ගිය ප්‍රාණීහු ඇද්ද, මහණෙනි, ඒ බාල මෙලොවැ පෙර ගේධයෙන් රස වළඳනේ මෙලොවැ පව්කම් කොට කායභේදයෙන් මරණින් මතු අසුචි බුදිනා යම් සත්ත්‍ව කෙනෙක් වෙත් නම් ඒ සතුන් ගේ සහවාසයට එළැඹෙයි.
Pali BJTසන්ති භික්ඛවෙ, තිරච්ඡානගතා පාණා අන්ධකාරෙ ජායන්ති අන්ධකාරෙ ජීයන්ති අන්ධකාරෙ මීයන්ති. කතමෙ ච භික්ඛවෙ, තිරච්ඡානගතා පාණා අන්ධකාරෙ ජායන්ති අන්ධකාරෙ ජීයන්ති අන්ධකාරෙ මීයන්ති: කීටා පුලවා ගණ්ඩුප්පාදා, යෙ වා පනඤ්ඤෙපි කෙචි තිරච්ඡානගතා පාණා අන්ධකාරෙ ජායන්ති අන්ධකාරෙ ජීයන්ති අන්ධකාරෙ මීයන්ති. ස ඛො සො භික්ඛවෙ, බාලො පුබ්බෙ රසාදො, ඉධ පාපානි කම්මානි කරිත්වා කායස්ස භෙදා පරම්මරණා තෙසං සත්තානං සහව්යතං උපපජ්ජති, යෙ තෙ සත්තා අන්ධකාරෙ ජායන්ති අන්ධකාරෙ ජීයන්ති අන්ධකාරෙ මීයන්ති.
Sinhala BJTමහණෙනි, අඳුරෙහි උපදනා අඳුරෙහි දිරන අඳුරෙහි මියන තිරිසන් ගිය ප්‍රාණීහු ඇත. මහණෙනි, අඳුරෙහි උපදනා අඳුරෙහි දිරන අඳුරෙහි මියන තිරිසන්ගිය ප්‍රාණීහු කවරහ යත්: කීටයෝ යැ, පණුවෝ යැ, ගඩවිල්හු යි. අඳුරෙහි උපදනා අඳුරෙහි දිරන අඳුරෙහි මියන මෙයින් අන්‍ය යම් කිසි තිරිසන්ගිය ප්‍රාණීහු හෝ ඇද්ද, මහණෙනි, ඒ බාල පෙර මෙලොවැ රස වළඳනේ මෙලොවැ පව්කම් කොට කාබුන් මරණින් මතු අඳුරෙහි උපදනා අඳුරෙහි දිරන අඳුරෙහි මියන යම් සත්හු වෙත් නම් ඒ සතුන් ගේ සහවාසයට එළැඹෙයි.
Pali BJTසන්ති භික්ඛවෙ, තිරච්ඡානගතා පාණා උදකස්මිං ජායන්ති උදකස්මිං ජීයන්ති උදකස්මිං මීයන්ති. කතමෙ ච භික්ඛවෙ, තිරච්ඡානගතා පාණා උදකස්මිං ජායන්ති උදකස්මිං ජීයන්ති උදකස්මිං මීයන්ති: මච්ඡා කච්ඡපා සුංසුමාරා{2} යෙ වා පනඤ්ඤෙපි කෙචි තිරච්ඡානගතා පාණා උදකස්මිං ජායන්ති උදකස්මිං ජීයන්ති උදකස්මිං මීයන්ති. ස ඛො සො භික්ඛවෙ, බාලො ඉධ පුබ්බෙ රසාදො ඉධ පාපානි කම්මානි කරිත්වා කායස්ස භෙදා පරම්මරණා තෙසං සත්තානං සහව්යතං උපපජ්ජති, යෙ තෙ සත්තා උදකස්මිං ජායන්ති උදකස්මිං ජීයන්ති උදකස්මිං මීයන්ති.
Sinhala BJTමහණෙනි, දියෙහි උපදනා දියෙහි දිරන දියෙහි මියන ප්‍රාණීහු ඇත, මහණෙනි, දියෙහි උපදනා දියෙහි දිරන දියෙහි මියන ප්‍රාණීහු කවරහ යත්: මස් හ, කසුබුවෝ යැ, කිඹුල්හු යි. දියෙහි උපදනා දියෙහි දිරන දියෙහි මියන මෙයින් අන්‍ය යම් කිසි ප්‍රාණී කෙනෙක් හෝ ඇද්ද, මහණෙනි, ඒ බාල පෙර මෙලොවැ ගේධයෙන් රස වළඳනේ මෙලොවැ පව් කම් කොට කාබුන් මරණින් මතු දියෙහි දනන දියෙහි දිරන දියෙහි මියන යම් සත්හු වෙත් නම් ඒ සතුන් ගේ සහවාසයට එළැඹෙයි.
Pali BJTසන්ති භික්ඛවෙ, තිරච්ඡානගතා පාණා අසුචිස්මිං ජායන්ති අසුචිස්මිං ජීයන්ති අසුචිස්මිං මීයන්ති. කතමෙ ච භික්ඛවෙ, තිරච්ඡානගතා පාණා අසුචිස්මිං ජායන්ති අසුචිස්මිං ජීයන්ති අසුචිස්මිං මීයන්ති: යෙ තෙ භික්ඛවෙ, සත්තා පූතිමච්ඡෙ වා ජායන්ති පූතිමච්ඡෙ වා ජීයන්ති පූතිමච්ඡෙ වා මීයන්ති. පූතිකුණපෙ වා -පෙ- පූතිකුම්මාසෙ වා -පෙ- චන්දනිකාය වා -පෙ- ඔලිගල්ලෙ වා ජායන්ති, -පෙ- ස ඛො සො භික්ඛවෙ, බාලො ඉධ පුබ්බෙ රසාදො ඉධ පාපානි කම්මානි කරිත්වා කායස්ස භෙදා පරම්මරණා තෙසං සත්තානං සහව්යතං උපපජ්ජති යෙ තෙ සත්තා අසුචිස්මිං ජායන්ති අසුචිස්මිං ජීයන්ති අසුචිස්මිං මීයන්ති.
Sinhala BJTමහණෙනි, අසුචියෙහි උපදනා අසුචියෙහි දිරන අසුචියෙහි මියන තිරිසන්ගිය ප්‍රාණී කෙනෙක් ඇත. මහණෙනි, අසුචියෙහි දනන අසුචියෙහි දිරන අසුචියෙහි මියන ප්‍රාණීහු කවරහ යත්: මහණෙනි, යම් සත්ත්‍ව කෙනෙක් කුණුමසෙයි හෝ උපදිත් ද, කුණුමසෙහි හෝ දිරත් ද, කුණුමසෙහි හෝ මියත් ද, පූතිකුණපයෙහි හෝ ... කුණු කොමුයෙහි හෝ ... මොහොළෙහි හෝ ... ගවරවළැ හෝ උපදනා ... සත්ත්‍වයෝ ඇද්ද .... මහණෙනි, ඒ බාල පෙර මෙලොවැ ගේධයෙන් රස වළඳනේ මෙලොවැ පව්කම් කොට කාබුන් මරණින් මතුයෙහි අසුචියෙහි දනන අසුචියෙහි දිරන අසුචියෙහි මියන යම් සත්ත්‍ව කෙනෙක් ඇද්ද, ඒ සතුන් ගේ සහ වාසයට එළැබෙයි.
Pali BJTඅනෙකපරියායෙනපි ඛො අහං භික්ඛවෙ, තිරච්ඡානයොනිකථං කථෙය්යං, යාවඤ්චිදං භික්ඛවෙ, න සුකරං අක්ඛානෙන පාපුණිතුං යාව දුක්ඛා තිරච්ඡානයොනීති.
Sinhala BJTමහණෙනි, මම නන්අයුරින් තිරශ්චීනයෝනිකථා කියමි. මහණෙනි, තිරශ්චීනයෝනිය ඉමහත් දුකැ’යි වචනයෙන් කියා නිමහම් පැමිණෙන්නට සුකර නොවෙයි.
Pali BJTසෙය්යථාපි භික්ඛවෙ, පුරිසො එකච්ඡිග්ගලං යුගං මහාසමුද්දෙ පක්ඛිපෙය්ය, තමෙනං පුරත්ථිමො වාතො පච්ඡිමෙන සංහරෙය්ය. පච්ඡිමො වාතො පුරත්ථිමෙන සංහරෙය්ය. උත්තරො වාතො දක්ඛිණෙන සංහරෙය්ය. දක්ඛිණො වාතො උත්තරෙන සංහරෙය්ය. තත්රාස්ස කාණකච්ඡපො, සො වස්සසතස්ස වස්සසතස්ස අච්චයෙන සකිං උම්මුජ්ජෙය්ය. තං කිම්මඤ්ඤථ භික්ඛවෙ, අපි නු සො කාණො කච්ඡපො අමුස්මිං එකච්ඡිග්ගලෙ යුගෙ ගීවං පවෙසෙය්යාති?
Sinhala BJTමහණෙනි, යම්සේ පුරුෂයෙක් එක් සිදුරැති වියදඬක් මහමුහුදෙහි බහාලන්නේ වේ ද, තෙල වියදඬ පෙරදිගින් හමන සුළඟ පැසුළු කරා ගෙන යන්නේ වේ ද, පැසුළු දිගින් හමන සුළඟ පෙරදිග කරා ගෙනයන්නේ වේ ද, උතුරුදිගින් හමන සුළඟ දකුණුදික්හි ගෙනයන්නේ වේ ද, දකුණුදිගින් හමන සුළඟ උතුරුදිග්හි ගෙනයන්නේ වේ ද, ඒ මුහුදෙහි කණකැස්බෙක් ඇද්ද, ඒ කසුබු වර්‍ෂශතයක් වර්‍ෂශතයක් ඇවෑමෙන් වරක් ඉල්පෙන්නේ වේ ද, මහණෙනි, ඒ කෙසේ හඟිව් ද, ඒ කණකැස්බා තෙල එක් සිදුරැති වියදඬියෙහි ගෙල බහන්නේ වේ දැ’යි.
Pali BJTයදි නු න{1} භන්තෙ, කදාචි කරහචි දීඝස්ස අද්ධුනො අච්චයෙනාති.
Sinhala BJTවහන්ස, දීර්‍ඝකාලයක් ඇවෑමෙන් යම් මැ දිනෙක වියැහෙන්නේ යැ’යි.
Pali BJTඛිප්පතරං ඛො සො භික්ඛවෙ, කාණො කච්ඡපො අමුස්මිං එකච්ඡිග්ගලෙ යුගෙ ගීවං පවෙසෙය්ය, අතො දුල්ලභතරාහං භික්ඛවෙ, මනුස්සත්තං වදාමි සකිං විනිපාතගතෙන බාලෙන. තං කිස්ස හෙතු: න හෙත්ථ භික්ඛවෙ, අත්ථි ධම්මචරියා සමචරියා කුසලකිරියා පුඤ්ඤකිරියා, අඤ්ඤමඤ්ඤඛාදිකා එත්ථ භික්ඛවෙ, වත්තති දුබ්බලඛාදිකා.
Sinhala BJTමහණෙනි, ඒ කණකැස්බා තෙල එක් සිදුරැති වියදඬියෙහි ඉතා ශීඝ්‍ර ව ගෙල බහන්නේය. මහණෙනි, මම වරක් විනිපාතගත බාලයා විසින් මනුෂ්‍යත්‍වය එයට වඩා දුර්‍ලභතර යයි කියමි. එ කවර හෙයින යත්: මහණෙනි, මෙහි ධර්‍මචර්‍ය්‍යා සමචර්‍ය්‍යා, කුශලක්‍රියා පුණ්‍යක්‍රියා නැත් ම ය, මහණෙනි, මෙහි උනුන් කෑම දුර්‍වලයන් කෑම ඇත.
Pali BJTස ඛො සො භික්ඛවෙ, බාලො සචෙ කදාචි කරහචි දීඝස්ස අද්ධුනො අච්චයෙන මනුස්සත්තං ආගච්ඡති. යානි තානි නීචකුලානි: චණ්ඩාලකුලං වා නෙසාදකුලං වා වෙණකුලං{2} වා රථකාරකුලං වා පුක්කුසකුලං වා. තථාරූපෙ කුලෙ පච්චාජායති දළිද්දෙ අප්පන්නපානභොජනෙ කසිරවුත්තිකෙ, යත්ථ කසිරෙන ඝාසච්ඡාදො ලබ්භති. සො ච හොති දුබ්බණ්ණො දුද්දසිකො ඔකොටිමකො බව්හාබාධො කාණො වා කුණී වා ඛුජ්ජො වා පක්ඛහතො වා, න ලාභී අන්නස්ස පානස්ස වත්ථස්ස යානස්ස මාලාගන්ධවිලෙපනස්ස සෙය්යාවසථපදීපෙය්යස්ස. සො කායෙන දුච්චරිතං චරති වාචාය දුච්චරිතං චරති මනසා දුච්චරිතං චරති. සො කායෙන දුච්චරිතං චරිත්වා වාචාය දුච්චරිතං චරිත්වා මනසා දුච්චරිතං චරිත්වා කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජති.
Sinhala BJTමහණෙනි, ඒ බාල ඉදින් කිසි කලෙක දීර්‍ඝකාලයක්හු ගේ ඇවෑමෙන් සැඬල්කුලය වේව’යි වැදිකුලය වේව’යි කුලුපොතු කුලය වේව’යි රියකරු කුලය වේව’යි පුප්සඬුකුලය වේව’යි යම් නීචකුල කෙනෙක් ඇද්ද, යම් කුලයෙක්හි දුකසේ බත් වත් ලැබේ ද, දිළිඳු වූ අල්ප ආහාරපාන භෝජන ඇති දුකසේ දිවිවැටුම් ඇති එබඳු කුලයෙහි උපදනේය. හේ වැලිත් දුර්වර්‍ණ වූයේ බිය එළවන දැකුම් ඇතියේ ලකුණුටක (අඟුටුමිටි) වූයේ බොහෝ ආබාධ ඇතියේ වෙයි, කණ හෝ කොර හෝ කුදු හෝ පිළු හෝ වෙයි, ආහාර පැන වස්ත්‍ර යාන මල්ගඳවිලෙවුන් ශයන අගාර හා පහන්තෙල් දුකසේ ලබනසුලු වෙයි. හේ කයින් දුසිරිත් කෙරෙයි, බසින් දුසිරිත් කෙරෙයි, සිතින් දුසිරිත් කෙරෙයි, හේ කයින් දුසිරිත් පුරා බසින් දුසිරිත් පුරා සිතින් දුසිරිත් පුරා කාබුන් මරණින් මතු සැපයෙන් පහවැගිය දුර්‍ගති ඇති විවස ව පතිත වන නිරයට එළැඹෙයි.
Pali BJTසෙය්යථාපි භික්ඛවෙ, අක්ඛධුත්තො පඨමෙනෙව කලිග්ගහෙන පුත්තම්පි ජීයෙථ දාරම්පි ජීයෙථ සබ්බං සාපතෙය්යම්පි ජීයෙථ උත්තරිම්පි අනුබන්ධං{3} නිගච්ඡෙය්ය. අප්පමත්තකො සො භික්ඛවෙ, කලිග්ගහො යං සො අක්ඛධුත්තො පඨමෙනෙව කලිග්ගහෙන පුත්තම්පි ජීයෙථ දාරම්පි ජීයෙථ සබ්බං සාපතෙය්යම්පි ජීයෙථ උත්තරිම්පි අනුබන්ධං නිගච්ඡෙය්ය. අථ ඛො අයමෙව තතො මහන්තතරො කලිග්ගහො: යං සො බාලො කායෙන දුච්චරිතං චරිත්වා වාචාය දුච්චරිතං චරිත්වා මනසා දුච්චරිතං චරිත්වා කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජති. අයංම්පි භික්ඛවෙ, කෙවලපරිපූරා{4} බාලභූමීති.
Sinhala BJTමහණෙනි, යම් පිරිදි අක්‍ෂධූර්‍ත තෙමේ පළමු පරාජයෙන් ම පුතුගෙනුදු පිරිහෙන්නේ යැ, අඹුවන්ගෙනුදු පිරිහෙන්නේ යැ, හැම වස්තුවෙනුදු පිරිහෙන්නේ යැ, මතුයෙහි දු බන්‍ධනයට පැමිණෙන්නේ යැ. මහණෙනි, යම් හෙයකින් ඒ අක්‍ෂධූර්‍ත පළමු පරාජයෙන් මැ පුතුගෙනුදු පිරිහේ ද, අඹුවන්ගෙනුදු පිරිහේ ද, සියලු වස්තුවෙනුදු පිරිහේ ද, මතුයෙහිත් බන්‍ධනයට පැමිණේ ද, ඒ පරාජය අල්පමාත්‍ර වූයෙක, වැළි යම් හෙයකින් ඒ බාල කයින් දුසිරිත් කොට බසින් දුසිරිත් කොට සිතින් දුසිරිත් කොට කාබුන් මරණින් මතුයෙහි අපාය දුර්‍ගති විනිපාත වූ නිරයට පැමිණේ ද මෙය මැ ඊට වඩා ඉතා මහත් පරාජයෙකි. මෙ ද මහණෙනි, සර්‍වපරිපූර්‍ණ වූ බාලභූමි වේ” යයි.
Pali BJTතීණිමානි භික්ඛවෙ, පණ්ඩිතස්ස පණ්ඩිතලක්ඛණානි පණ්ඩිතනිමිත්තානි පණ්ඩිතාපදානානි. කතමානි තීණි: ඉධ භික්ඛවෙ, පණ්ඩිතො සුචින්තිතචින්තී ච හොති සුභාසිතභාසී ච සුකතකම්මකාරී ච. නො චෙ තං භික්ඛවෙ, පණ්ඩිතො සුචින්තිතචින්තී ච අභවිස්ස සුභාසිතභාසී ච සුකතකම්මකාරී ච. කෙන නං පණ්ඩිතා ජානෙය්යුං පණ්ඩිතො අයං භවං සප්පුරිසො’ති. යස්මා ච ඛො භික්ඛවෙ, පණ්ඩිතො සුචින්තිතචින්තී ච හොති සුභාසිතභාසී ච සුකතකම්මකාරී ච තස්මා නං පණ්ඩිතා ජානන්ති පණ්ඩිතො අයං භවං සප්පුරිසො’ති.
Sinhala BJTමහණෙනි, පණ්ඩිතයාගේ මේ පණ්ඩිතලක්‍ෂණයෝ පණ්ඩිත නිමිති හා පණ්ඩිත අපදානයෝ තුන්දෙනෙක් වෙති. කවර තුන්දෙනෙකැ යත්: මහණෙනි, මෙලොව පණ්ඩිත මනා සිතිවිලි සිතනුයේ ද වෙයි, මනා බස් බණනුයේ ද වෙයි, මනා ක්‍රියා කරනුයේ ද වෙයි. මහණෙනි, ඉදින් පණ්ඩිත මනා සිතිවිලි සිතනුයේත් නොවී නම් මනා බස් බණනු නො වී නම්, සුකෘත කර්‍ම නො කරනු වී නම් මේ භවත් පුරුෂ පණ්ඩිතයෙකැ යි පණ්ඩිතයෝ කවර ලකුණෙකින් ඔහු හඳුනත් ද, යම් හෙයකින් මහණෙනි, පණ්ඩිත මනා සිතිවිලි සිතනුයේත් වේ ද, සුභාෂිත බණනුයේත් වේ ද, සුකෘතකර්‍ම කරනුයේත් වේ ද, එහෙයින් පණ්ඩිතයෝ ‘මේ භවත් සත්පුරුෂ පණ්ඩිතයෙකැ’යි ඔහු දැන ගනිති.
Pali BJTස ඛො සො භික්ඛවෙ, පණ්ඩිතො තිවිධං දිට්ඨෙව ධම්මෙ සුඛං සොමනස්සං පටිසංවෙදෙති. සචෙ භික්ඛවෙ, පණ්ඩිතො සභාය{1} වා නිසින්නො හොති, රථියාය වා නිසින්නො හොති. සිඞ්ඝාටකෙ වා නිසින්නො හොති. තත්ර චෙ ජනො තජ්ජං තස්සාරුප්පං කථං මන්තෙති. සචෙ භික්ඛවෙ, පණ්ඩිතො පාණාතිපාතා පටිවිරතො හොති, අදින්නාදානා පටිවිරතො හොති, කාමෙසුමිච්ඡාචාරා පටිවිරතො හොති, මුසාවාදා පටිවිරතො හොති, සුරාමෙරයමජ්ජප්පමාදට්ඨානා පටිවිරතො හොති. තත්ර භික්ඛවෙ, පණ්ඩිතස්ස එවං හොති: යං ඛො ජනො තජ්ජං තස්සාරුප්පං කථං මන්තෙති. සංවිජ්ජන්තෙව තෙ ධම්මා මයි, අහඤ්ච තෙසු ධම්මෙසු සන්දිස්සාමී’ති. ඉදං භික්ඛවෙ, පණ්ඩිතො පඨමං දිට්ඨෙව ධම්මෙ සුඛං සොමනස්සං පටිසංවෙදෙති.
Sinhala BJTමහණෙනි, මේ පණ්ඩිතපුරුෂ ඉහාත්මයෙහි මැ තුන් වැදෑරුම් සුවසොම්නස් විඳුනේ යැ. මහණෙනි, ඉදින් මේ පණ්ඩිත තෙමේ සභායෙකැ හුන්නේ හෝ වේ ද, වීථියෙකැ හුන්නේ හෝ වේ ද, සතර මංසන්‍ධියෙකැ හුන්නේ හෝ වේ ද, එහිලා ජනයා එයින් උපන් එයට නිසි කථා මන්ත්‍රණ කෙරේ. මහණෙනි, ඉදින් පණ්ඩිත තෙමේ පණිවායෙන් දුරු වූයේ වේ ද, අයිනාදනින් දුරු වූයේ වේ ද, කාමයෙහි මිසහසරින් දුරු වූයේ වේ ද, මුසාවායෙන් දුරු වූයේ වේ ද, මදපමා දෙකට කරුණු වූ රහමෙරින් දුරු වූයේ වේ ද, මහණෙනි, එහි දී ඒ පණ්ඩිතහට මෙබඳු සිත් වෙයි: ජනයා එයින් උපන් එයට නිසි යම් කථාවක් මන්ත්‍රණ කෙරේ ද, ඒ පණ්ඩිතධර්‍මයෝ මා වෙත ඇත. මම ද ඒ පණ්ඩිතධර්‍මයෙහි මොනොවට පැනෙමි’යි. මහණෙනි, පණ්ඩිත තෙමේ ඉහාත්මයෙහි මැ මේ පළමු වන සුඛ සෞමනස්‍ය විඳුනේ යැ.
Pali BJTපුන චපරං භික්ඛවෙ, පණ්ඩිතො පස්සති රාජානො චොරං ආගුචාරිං ගහෙත්වා විවිධා කම්මකාරණා කාරෙන්තෙ. කසාහිපි තාළෙන්තෙ වෙත්තෙහිපි තාළෙන්තෙ -පෙ- අසිනාපි සීසං ඡින්දන්තෙ. තත්ර භික්ඛවෙ, පණ්ඩිතස්ස එවං හොති: යථාරූපානං ඛො පාපකානං කම්මානං හෙතු රාජානො චොරං ආගුචාරිං ගහෙත්වා විවිධා කම්මකාරණා කාරෙන්ති කසාහිපි තාළෙන්ති. වෙත්තෙහිපි තාළෙන්ති -පෙ- අසිනාපි සීසං ඡින්දන්ති, න තෙ ධම්මා මයි සංවිජ්ජන්ති, අහඤ්ච න තෙසු ධම්මෙසු සන්දිස්සාමීති. ඉදම්පි භික්ඛවෙ, පණ්ඩිතො දුතියං දිට්ඨෙව ධම්මෙ සුඛං සොමනස්සං පටිසංවෙදෙති.
Sinhala BJTයළිදු මහණෙනි, පණ්ඩිත තෙමේ අපරාධකාරී සොරු ගෙන විවිධ කම්කටොලු කරන රජුන් දකී. කසයෙනුදු තළනුවන් වේවැලිනුදු තළනුවන් ... කඩුයෙනුදු හිස සිඳුනුවන් දකී. මහණෙනි, එහි දී පණ්ඩිත පුරුෂහට මෙ සිත වෙයි. ‘යම්බඳු ලාමක අකුශල කර්‍මයන් හේතුකොටගෙන අපරාධකාරී සොරු ගෙන රජදරුවෝ විවිධ කම්කටොලු කරද්ද: කසයෙනුදු තළද්ද, වේවැලිනුදු තළද්ද ... කඩුයෙනුදු හිස සිඳිද්ද, ඒ අකුශල ධර්‍මයෝ මා කෙරෙහි විද්‍යමාන නො වෙති, මම ද ඒ අකුශලධර්‍මයන්හි නො පැනෙමි’යි. මහණෙනි, පණ්ඩිත තෙම ඉහාත්මයෙහි මේ දෙවැනි සුවසොම්නස වි ඳී.
Pali BJTපුන චපරං භික්ඛවෙ, පණ්ඩිතං පීඨසමාරූළ්හං වා මඤ්චසමාරූළ්හං වා ඡමාය{2} වා සෙමානං. යානිස්ස පුබ්බෙ කල්යාණානි කම්මානි කතානි කායෙන සුචරිතානි වාචාය සුචරිතානි මනසා සුචරිතානි තානිස්ස තම්හි සමයෙ ඔලම්බන්ති අජ්ඣොලම්බන්ති අභිප්පලම්බන්ති. සෙය්යථාපි භික්ඛවෙ, මහන්තානං{3} පබ්බතකූටානං ඡායා සායන්හසමයං පඨවියා ඔලම්බන්ති, අජ්ඣොලම්බන්ති, අභිප්පලම්බන්ති. එව මෙව ඛො භික්ඛවෙ, පණ්ඩිතං පීඨසමාරූළ්හං වා මඤ්චසමාරූළ්හං වා ඡමාය වා සෙමානං යානිස්ස පුබ්බෙ කල්යාණානි කම්මානි කතානි කායෙන සුචරිතානි වාචාය සුචරිතානි මනසා සුචරිතානි, තානිස්ස තම්හි සමයෙ ඔලම්බන්ති, අජ්ඣොලම්බන්ති, අභිප්පලම්බන්ති. තත්ර භික්ඛවෙ, පණ්ඩිතස්ස එවං හොති: ‘අකතං වත මෙ පාපං අකතං ලුද්දං අකතං කිබ්බිසං, කතං කල්යාණං කතං කුසලං කතං භීරුත්තාණං. යාවතා හොති{4} අකතපාපානං අකතලුද්දානං අකතකිබ්බිසානං, කතකල්යාණානං කතකුසලානං කතභීරුත්තාණානං ගති, තං ගතිං පෙච්ච ගච්ඡාමී’ති. සො න සොචති, න කිලමති, න පරිදෙවති, න උරත්තාළිං කන්දති, න සම්මොහං ආපජ්ජති. ඉදම්පි භික්ඛවෙ, පණ්ඩිතො තතියං දිට්ඨෙව ධම්මෙ සුඛං සොමනස්සං පටිසංවෙදෙති.
Sinhala BJTයළිදු මහණෙනි, පණ්ඩිතයා පීඨයෙහි නැඟී සිටියහුට වේවයි මඤ්චයෙහි නැගී සිටියහුට වේවයි බිම හෝනහුට වේවයි ඔහු විසින් පෙර කරනලද කායසුචරිත වූ වාක්සුචරිත වූ මනඃසුචරිත වූ යම් කුශල කර්‍ම කෙනෙක් ඇද්ද, එසමයෙහි ඔහුට ඒ කුශලකර්‍මයෝ එළැඹසිටිති අධ්‍යවලම්බන අභිප්‍රලම්බන වෙත්, යම්පරිදි මහණෙනි, මහත් වූ පර්‍වත කූටයන්ගේ සෙවණැළි සවස් කාලයෙහි පොළොවෙහි අවලම්බන අධ්‍යවලම්බන අභිප්‍රලම්බන වශයෙන් පැතිරෙත් ද එපරිදි ම මහණෙනි, පණ්ඩිතයා පීඨයෙහි නැඟීසිටියහු වේවයි මඤ්චයෙහි නැඟීසිටියහු වේවයි බිමැ හෝනහු වේවයි ඔහු විසින් පෙර කරනලද කායසුචරිත වූ වාක්සුචරිත වූ මනස්සුචරිත වූ යම් කුශලකර්‍ම කෙනෙක් ඇද්ද, එසමයෙහි ඔහුට ඒ කර්‍මයෝ අවලම්බන අධ්‍යවලම්බන අභිප්‍රලම්බන වශයෙන් එළැඹ සිටිත්. මහණෙනි, එහි දී පණ්ඩිතහට මෙබඳු සිත් වෙයි, ‘ඒකාන්තයෙන් මා විසින් පව් නො කරනලද, රෞද්‍රකර්‍ම නො කරනලද, කිල්විෂ නො කරනලද, කල්‍යාණය කරනලද, කුශලය කරනලද, භයපරිත්‍රාණය කරනලද, නො කළ පව් ඇති නො කළ රෞද්‍රකර්‍ම ඇති නො කළ කිල්විෂ ඇති කළ කල්‍යාණ ඇති, කළ කුසල් ඇති කළ භයපරිත්‍රාණ ඇති සත්නට යම්බඳු ගතියක් ඇද්ද, ඒ ගතියට පරලොවැ යෙමි’යි හේ ශෝක නො කෙරෙයි, වෙහෙස නො වෙයි, පරිදේවනා නො කෙරෙයි, ළෙහි අත් පැහැර නො හඬයි, සම්මෝහයට නො පැමිණෙයි. මහණෙනි, පණ්ඩිත තෙමේ ඉහාත්මයෙහි මැ මේ තුන්වැනි සුවසොම්නස විඳී.
Pali BJTස ඛො සො භික්ඛවෙ, පණ්ඩිතො කායෙන සුචරිතං චරිත්වා වාචාය සුචරිතං චරිත්වා මනසා සුචරිතං චරිත්වා කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජති. යං ඛො තං භික්ඛවෙ, සම්මා වදමානො වදෙය්ය ‘එකන්තං ඉට්ඨං එකන්තං කන්තං එකන්තං මනාප’න්ති. සග්ගමෙව තං සම්මා වදමානො වදෙය්ය ‘එකන්තං ඉට්ඨං එකන්තං කන්තං එකන්තං මනාප’න්ති. යාවඤ්චිදං භික්ඛවෙ, උපමාපි න සුකරා යාවසුඛා සග්ගාති.
Sinhala BJTමහණෙනි, ඒ පණ්ඩිත තෙමේ කයින් සුචරිතය කොට බසින් සුචරිතය කොට සිතින් සුචරිතය කොට කාබුන් මරණින් මතුයෙහි සුගති වූ ස්වර්‍ගලෝකයට පැමිණෙයි. මහණෙනි, මනාකොට කියනුයෙක් යම්ගතියක් සඳහා ඒකාන්තයෙන් ඉෂ්ට යැ ඒකාන්තයෙන් කාන්ත යැ ඒකාන්තයෙන් මනාප යැයි කියා නම් මනාකොට කියනුයෙක් ඒ ස්වර්‍ගය මැ ඒකාන්තයෙන් ඉෂ්ට යැ ඒකාන්තයෙන් කාන්ත යැ ඒකාන්තයෙන් මනාප යැ’යි කියන්නේ යැ. මහණෙනි, ඒ ස්වර්‍ගයෝ අතිශය සුව ඇත්තාහ’යි දක්වන්නට උපමාවකුදු සුකර නො වේ’යයි වදාළහ.
Pali BJTඑවං වුත්තෙ අඤ්ඤතරො භික්ඛු භගවන්තං එතදවොච: සක්කා, පන භන්තෙ, උපමං කාතුන්ති?
Sinhala BJTමෙසේ වදාළ කල්හි එක්තරා මහණෙක් භාග්‍යවතුන් වහන්සේට තෙල සැලකෙළේ: වහන්ස, උපමාවක් එළවන්ට හැකි දැ? යි.
Pali BJT‘සක්කා භික්ඛූ’ති භගවා අවොච. “සෙය්යථාපි භික්ඛු{1}, රාජා චක්කවත්තී සත්තහි රතනෙහි සමන්නාගතො චතූහි ච ඉද්ධීහි, තතො නිදානං සුඛං සොමනස්සං පටිසංවෙදෙති. කතමෙහි සත්තහි:
Sinhala BJTභාග්‍යවතුන් වහන්සේ මහණ, හැකි යයි වදාළසේක. ‘මහණ, යම්සේ සප්තරත්නයෙන් ද චතුර්විධ ඍද්ධියෙන් ද සමන්‍වාගත වූ සක්විති රජ ඒ හේතුයෙන් සුවසොම්නස් විඳී. කවර සතෙකින් ද යත්:
Pali BJTඉධ භික්ඛු රඤ්ඤො ඛත්තියස්ස මුද්ධාවසිත්තස්ස තදහුපොසථෙ පණ්ණරසෙ සීසං නහාතස්ස උපොසථිකස්ස උපරිපාසාදවරගතස්ස දිබ්බං චක්කරතනං පාතුභවති සහස්සාරං සනෙමිකං සනාභිකං සබ්බාකාරපරිපූරං. තං දිස්වාන රඤ්ඤො ඛත්තියස්ස මුද්ධාවසිත්තස්ස එවං හොති: ‘සුතං ඛො පන මෙතං: යස්ස රඤ්ඤො ඛත්තියස්ස මුද්ධාවසිත්තස්ස තදහුපොසථෙ පණ්ණරසෙ සීසං නහාතස්ස උපොසථිකස්ස උපරිපාසාදවරගතස්ස දිබ්බං චක්කරතනං පාතුභවති සහස්සාරං සනෙමිකං සනාභිකං සබ්බාකාරපරිපූරං, සො හොති රාජා චක්කවත්තී. අස්සං නු ඛො අහං රාජා චක්කවත්තී’ති.
Sinhala BJTමහණ මෙලොවැ මූර්‍ධාභිෂික්ත වූ එදවස් පණුරැසි පොහොයෙහි ස්නානය කළ පෙහෙවස් වූ මතුමහල්තලයට නැඟී සිටි කැත්රජුහට දහසක් අර ඇති නිම්වළලු සහිත වූ නැබ සහිත වූ සර්‍වාකාරයෙන් පරිපූර්‍ණ වූ දිව්‍ය චක්‍රරත්නය පහළ වෙයි. මූර්‍ධාභිෂික්ත වූ ඒ ක්‍ෂත්‍රියරජුට එදැක මෙසිත වෙයි: ‘මා විසින් තෙල අසන ලද, මූර්‍ධාභිෂික්ත වූ එදවස් පෙහොයැ පණුරැසියෙහි ස්නානය කළ පෙහෙවස් වූ මතුමහල් තලයට පැමිණි කැත් රජක්හට දහසක් අර ඇති නිම්වළලු සහිත වූ නැබ සහිත වූ සර්‍වාකාරයෙන් පරිපූර්‍ණ වූ දිව්‍ය චක්‍රරත්නය පහළ වේ ද, ඒ රජ සක්විති වෙයි. මම් සක්විති රජ වීම් දෝ හො’යි.
Pali BJTඅථ ඛො භික්ඛවෙ, රාජා ඛත්තියො මුද්ධාවසිත්තො උට්ඨායාසනා{2} වාමෙන හත්ථෙන භිඞ්කාරං{3} ගහෙත්වා දක්ඛිණෙන හත්ථෙන චක්කරතනං අබ්භුක්කිරති{4}, ‘පවත්තතු භවං චක්කරතනං, අභිවිජිනාතු භවං චක්කරතන’න්ති. අථ ඛො තං භික්ඛවෙ, චක්කරතනං පුරත්ථිමං දිසං පවත්තති, අන්වදෙව රාජා චක්කවත්තී සද්ධිං චතුරඞ්ගිනියා සෙනාය. යස්මිං ඛො පන භික්ඛවෙ, පදෙසෙ චක්කරතනං පතිට්ඨාති. තත්ර රාජා චක්කවත්තී වාසං උපෙති සද්ධිං චතුරඞ්ගිනියා සෙනාය.
Sinhala BJTමහණෙනි, ඉක්බිති මූර්‍ධාභිෂික්ත වූ ක්‍ෂත්‍රිය රජ හුනස්නෙන් නැගී වමතින් කෙණ්ඩිය ගෙන දකුණතින් චක්‍රරත්නයට පැන් වඩයි. භවත් චක්‍රරත්නය ප්‍රවර්‍තන කෙරේවා, භවත් චක්‍රරත්නය දිනාව’යි කියා යි. එසඳ මහණෙනි, ඒ චක්‍රරත්නය පෙරදිගට ප්‍රවර්‍තන කෙරෙයි. තදනු කොට සක්විති රජ ද සිවුරඟ සෙනඟ සමග ප්‍රවර්‍තන කෙරෙයි. මහණෙනි, යම් පෙදෙසකැ චක්‍රරත්නය පිහිටා ද එහි සක්විති රජ සිවුරඟ සෙනඟ සමග වාසයට පැමිණෙයි.
Pali BJTයෙ ඛො පන භික්ඛවෙ, පුරත්ථිමාය දිසාය පටිරාජානො, තෙ රාජානං චක්කවත්තිං උපසඞ්කමිත්වා එවමාහංසු: ‘එහි ඛො මහාරාජ, ස්වාගතං මහාරාජ, සකන්තෙ මහාරාජ, අනුසාස මහාරාජා’ති.
Sinhala BJTමහණෙනි, පෙරදිග යම් ප්‍රතිපක්‍ෂ රජ කෙනෙක් ඇද්ද ඔහු සක්විති රජු කරා එළැඹ මෙසේ කියති: ‘එව මහරජ, මහරජ ස්වාගත යැ, මහරජ තොප අයති යැ, මහරජ අනුශාසනා කරව’යි.
Pali BJTරාජා චක්කවත්තී එවමාහ: ‘පාණො න හන්තබ්බො, අදින්නං නාදාතබ්බං, කාමෙසු මිච්ඡා න චරිතබ්බා, මුසා න භාසිතබ්බා, මජ්ජං න පාතබ්බං, යථාභුත්තඤ්ච භුඤ්ජථා’ති. යෙ ඛො පන භික්ඛවෙ, පුරත්ථිමාය දිසාය පටිරාජානො, තෙ රඤ්ඤො චක්කවත්තිස්ස අනුයුත්තා{5} භවන්ති. අථ ඛො තං භික්ඛවෙ චක්කරතනං පුරත්ථිමසමුද්දං අජ්ඣොගහෙත්වා පච්චුත්තරිත්වා දක්ඛිණං දිසං පවත්තති -පෙ- දක්ඛිණං සමුද්දං අජ්ඣොගහෙත්වා පච්චුත්තරිත්වා පච්ඡිමං දිසං පවත්තති -පෙ- පච්ඡිමං සමුද්දං අජ්ඣොගහෙත්වා පච්චුත්තරිත්වා උත්තරං දිසං පවත්තති. අන්වදෙව රාජා චක්කවත්තී සද්ධිං චතුරඞ්ගිනියා සෙනාය.
Sinhala BJTසක්විතිරජ මෙසේ කියා: ප්‍රාණවධ නො කටයුතු යැ, අයිනාදන් නො ගතයුතු යැ, කාමයෙහි මිසහසර නො කටයුතු යැ, මෘෂා නො බිණියයුතු යැ, මද්‍ය නො පියයුතු යැ වැළඳූ පරිදි මැ වළඳව’යි කියා යි. යළි මහණෙනි, පූර්‍වදිශායෙහි යම් ප්‍රතිපක්‍ෂ රජ කෙනෙක් වෙද්ද, ඔහු සක්විති රජුට අනුයුක්ත වූවාහු වෙති. ඉක්බිති මහණෙනි, ඒ චක්‍රරත්නය පූර්‍ව සාගරයට වැදගෙන නැඟී දකුණුදිගට ප්‍රවර්‍තන කෙරෙයි. ... දක්‍ෂිණ සාගරයට බැසගෙන නැඟී පශ්චිමදිශාවට ප්‍රවර්‍තන කෙරෙයි. ... පශ්චිමසාගරයට බැසගෙන නැඟී උතුරුදිගට ප්‍රවර්‍තන කෙරෙයි. සක්විතිරජ සියුරඟ සෙනඟ සමග අනුප්‍රවර්‍තන කෙරෙයි.
Pali BJTයස්මිං ඛො පන භික්ඛවෙ, පදෙසෙ චක්කරතනං පතිට්ඨාති. තත්ථ රාජා චක්කවත්තී වාසං උපෙති සද්ධිං චතුරඞ්ගිනියා සෙනාය. යෙ ඛො පන භික්ඛවෙ, උත්තරාය දිසාය පටිරාජානො තෙ රාජානං චක්කවත්තිං උපසඞ්කමිත්වා එවමාහංසු: ‘එහි ඛො මහාරාජ, ස්වාගතං මහාරාජ, සකං තෙ මහාරාජ, අනුසාස මහාරාජා’ති.
Sinhala BJTතවද මහණෙනි, යම් පෙදෙසක චක්‍රරත්නය පිහිටා ද එහි සක්විතිරජ සියුරඟ සෙනඟ සමග වාසයට පැමිණෙයි. තවද මහණෙනි, උතුරු දිශායෙහි යම් ප්‍රතිපක්‍ෂ රජ කෙනෙක් ඇද්ද, ඔහු සක්විති රජු කරා එළඹ මෙසේ කියති: එව මහරජ, ස්වාගත යැ මහරජ, මහරජ තොපගේ අයතියැ වෙයි, අනුශාසනා කරව මහරජ’යි.
Pali BJTරාජා චක්කවත්තී එවමාහ: ‘පාණො න හන්තබ්බො, අදින්නං නාදාතබ්බං, කාමෙසු මිච්ඡා න චරිතබ්බා, මුසා න භාසිතබ්බා, මජ්ජං න පාතබ්බං, යථාභුත්තඤ්ච භුඤ්ජථා’ති. යෙ ඛො පන භික්ඛවෙ, උත්තරාය දිසාය පටිරාජානො තෙ රඤ්ඤො චක්කවත්තිස්ස අනුයුත්තා භවන්ති.
Sinhala BJTසක්විතිරජ මෙසේ කියයි: ප්‍රාණවධ නො කටයුතු යැ, අයිනාදන් නො ගතයුතු යැ, කාමයෙහි මිසහසර නො කටයුතු යැ, මෘෂා නො බිණියයුතු යැ, මද්‍ය නො පියයුතු යැ, වැළඳූ පරිදි මැ වළඳව’යි, තවද මහණෙනි, උතුරු දිශායෙහි යම් ප්‍රතිපක්‍ෂ රජ කෙනෙක් ඇද්ද, ඔහු සක්විති රජුට අනුයුක්ත වූවාහු වෙති.
Pali BJTඅථ ඛො තං භික්ඛවෙ, චක්කරතනං සමුද්දපරියන්තං පඨවිං අභිවිජිනිත්වා තමෙව රාජධානිං පච්චාගන්ත්වා රඤ්ඤො චක්කවත්තිස්ස අන්තෙ පුරද්වාරෙ අක්ඛාහතං මඤ්ඤෙ තිට්ඨති, රඤ්ඤො චක්කවත්තිස්ස අන්තෙපුරද්වාරං උපසොභයමානං. රඤ්ඤො භික්ඛවෙ, චක්කවත්තිස්ස එවරූපං චක්කරතනං පාතුභවති.
Sinhala BJTඉක්බිති මහණෙනි, ඒ චක්‍රරත්නය සමුද්‍රපර්‍ය්‍යන්ත කොට ඇති පෘථිවිය දිනා ඒ රාජධානියට ම පෙරළා අවුත් සක්විති රජුගේ අන්තඃපුරද්වාරය හොබවමින් අකුරැ ගැසූ කලක් මෙන් සිටී. මහණෙනි, සක්විති රජුට මෙබඳු වූ චක්‍රරත්නය පහළ වෙයි:
Pali BJTපුන චපරං භික්ඛවෙ, රඤ්ඤො චක්කවත්තිස්ස හත්ථිරතනං පාතුභවති සබ්බසෙතො සත්තප්පතිට්ඨො ඉද්ධිමා වෙහාසඞ්ගමො උපොසථො{1} නාගරාජා. තං දිස්වාන රඤ්ඤො චක්කවත්තිස්ස චිත්තං පසීදති. භද්දකං වත භො හත්ථියානං, සචෙ දමථං උපෙය්යා’ති. අථ ඛො තං භික්ඛවෙ, හත්ථිරතනං සෙය්යථාපි නාම භද්දො හත්ථාජානීයො දීඝරත්තං සුපරිදන්තො, එවමෙව දමථං උපෙති. භූතපුබ්බං භික්ඛවෙ, රාජා චක්කවත්තී තමෙව හත්ථිරතනං වීමංසමානො පුබ්බණ්හසමයං අභිරුහිත්වා සමුද්දපරියන්තං පඨවිං අනුසංයායිත්වා තමෙව රාජධානිං පච්චාගන්ත්වා පාතරාසං අකාසි. රඤ්ඤො භික්ඛවෙ, චක්කවත්තිස්ස එවරූපං හත්ථිරතනං පාතුභවති.
Sinhala BJTතවද මහණෙනි, සක්විති රජුට හස්තිරත්නය පහළ වෙයි. සව්සුදු සතඟින් පොළොව පහස්නා ඉදුහ ඇති අහසැ යන උපෝසථකුලයෙහි ඇත්රජෙකි. එ දැක සක්විති රජුගේ සිත පහදී. ‘භවත්නි, ඉදින් දමනයට පැමිණේ නම් ඒකාන්තයෙන් භද්‍ර වූ හස්තියානයෙකැ, යි. ඉක්බිති මහණෙනි, ඒ හස්තිරත්නය දීර්‍ඝරාත්‍රයෙහි මොනොවට දමනය කළ භද්‍ර වූ ආජානීය හස්තියකු යම්සේ නම් එපරිදි මැ දමනයට පැමිණෙයි. මහණෙනි, පෙර වූවකි: සක්විති රජ එ මැ හස්තිරත්නය විමසනුයේ පෙරවරුයෙහි නැඟී සමුද්‍රපර්‍ය්‍යන්ත වූ පෘථිවිය වටා ගොස් එ මැ රාජධානියට පෙරළා අවුත් පෙරබත්කිස කෙළේ යැ. මහණෙනි, සක්විති රජුට මෙබඳු වූ හස්තිරත්නය පහළ වෙයි.
Pali BJTපුන චපරං භික්ඛවෙ, රඤ්ඤො චක්කවත්තිස්ස අස්සරතනං පාතුභවති සබ්බසෙතො කාකසීසො{2} මුඤ්ජකෙසො ඉද්ධිමා වෙහාසඞ්ගමො වලාහකො{3} අස්සරාජා. දිස්වාන රඤ්ඤො චක්කවත්තිස්ස චිත්තං පසීදති: භද්දකං වත භො අස්සයානං, සචෙ දමථං උපෙය්යා’ති. අථ ඛො තං භික්ඛවෙ, අස්සරතනං සෙය්යථාපි නාම භද්දො අස්සාජානීයො දීඝරත්තං සුපරිදන්තො, එවමෙව දමථං උපෙති. භූතපුබ්බං භික්ඛවෙ, රාජා චක්කවත්තී තමෙව අස්සරතනං වීමංසමානො පුබ්බන්හසමයං අභිරුහිත්වා සමුද්දපරියන්තං පථවිං අනුසංයායිත්වා තමෙව රාජධානිං පච්චාගන්ත්වා පාතරාසං අකාසි. රඤ්ඤො භික්ඛවෙ, චක්කවත්තිස්ස එවරූපං අස්සරතනං පාතුභවති.
Sinhala BJTතවද මහණෙනි, සක්විතිරජුට අශ්වරත්නය පහළ වෙයි. සව්සුදු කළුවන්හිස් ඇති මුදුතණ බඳු කෙස් ඇති ඉදුහ ඇති අහසැ යන වලාහක කුලයෙහි අස්රජෙකි. එ දැක සක්විතිරජුගේ සිත පහදී: ‘භවත්නි, ඉදින් දමනයට පැමිණේ නම් එකැතින් භද්‍ර වූ අශ්වයානයෙකැ’යි. ඉක්බිති මහණෙනි, ඒ අශ්වරත්නය දීර්‍ඝරාත්‍රයෙහි මොනොවට දැමූ භද්‍ර වූ ආජානීය අශ්වයෙක් යම්සේ නම්, එපරිදි මැ දමනයට පැමිණෙයි. මහණෙනි, පෙර වූවකි: සක්විති රජ එ මැ අශ්වරත්නය විමසනුයේ පෙරවරුයෙහි නැඟී සමුද්‍රපර්‍ය්‍යන්ත වූ පෘථිවිය වටා ගොස් එමැ රාජධානියට පෙරළා අවුත් පාතරාසය කෙළේ යැ. මහණෙනි, සක්විති රජුට මෙ බඳු වූ අශ්වරත්නය පහළ වෙයි.
Pali BJTපුන චපරං භික්ඛවෙ, රඤ්ඤො චක්කවත්තිස්ස මණිරතනං පාතුභවති සො හොති මණි වෙළුරියො සුභො ජාතිමා අට්ඨංසො සුපරිකම්මකතො තස්ස ඛො පන භික්ඛවෙ, මණිරතනස්ස ආභා සමන්තා යොජනං ඵුටා හොති. භූතපුබ්බං භික්ඛවෙ, රාජා චක්කවත්තී තමෙව මණිරතනං වීමංසමානො චතුරඞ්ගිනිං සෙනං සන්නය්හිත්වා මණිං ධජග්ගං ආරොපෙත්වා රත්තන්ධකාරතිමිසායං පායාසි. යෙ ඛො පන භික්ඛවෙ, සමන්තා ගාමා අහෙසුං, තෙ තෙනොභාසෙන කම්මන්තෙ පයොජෙසුං දිවාති මඤ්ඤමානා. රඤ්ඤො භික්ඛවෙ, චක්කවත්තිස්ස එවරූපං මණිරතනං පාතුභවති.
Sinhala BJTතවද මහණෙනි, සක්විති රජුට මණිරත්නය පහළ වෙයි. හේ ශෝභන වූ ජාතිමත් වූ අටැස් වූ මොනවට පිරියම් කළ වෙරළුමිණෙක් වෙයි. මහණෙනි, ඒ මාණික්‍යරත්නයාගේ වැළිත් ආලොකය හාත්පසැ යොදුනක් පැතිරැ සිටියේ වෙයි. මහණෙනි, පෙර වූවකි: සක්විතිරජ එ මැ මිණිරුවන විමසනුයේ සියුරඟ සෙනඟ සන්නද්ධ කොට මිණිරුවන ධ්වජාග්‍රයට නඟා රැය ගනඅඳුරෙහි නික්ම ගියේ යැ. මහණෙනි, හාත්පසැ යම් ගම්වැසි කෙනෙක් වූවාහු ද ඔහු ඒ ආලොකයෙන් ‘දහවලැ’යි සිතමින් කර්‍මාන්තයන් කළහ. මහණෙනි, සක්විති රජුට මෙ බඳු මිණිරුවන පහළ වෙයි.
Pali BJTපුන චපරං භික්ඛවෙ, රඤ්ඤො චක්කවත්තිස්ස ඉත්ථිරතනං පාතුභවති. අභිරූපා දස්සනීයා පාසාදිකා පරමාය වණ්ණපොක්ඛරතාය සමන්නාගතා නාතිදීඝා නාතිරස්සා නාතිකිසා නාතිථූලා නාතිකාළී{1} නාච්චොදාතා, අතික්කන්තා මානුසං වණ්ණං අප්පත්තා දිබ්බං වණ්ණං. තස්ස ඛො පන භික්ඛවෙ, ඉත්ථිරතනස්ස එවරූපො කායසම්ඵස්සො හොති: සෙය්යථාපි නාම තූලපිචුනො වා කප්පාසපිචුනො වා තස්ස ඛො පන භික්ඛවෙ, ඉත්ථිරතනස්ස සීතෙ උණ්හානි ගත්තානි හොන්ති. උණ්හෙ සීතානි ගත්තානි හොන්ති. තස්ස ඛො පන භික්ඛවෙ, ඉත්ථිරතනස්ස කායතො චන්දනගන්ධො වායති. මුඛතො උප්පලගන්ධො වායති. තං ඛො පන භික්ඛවෙ, ඉත්ථිරතනං රඤ්ඤො චක්කවත්තිස්ස පුබ්බුට්ඨායිනී හොති පච්ඡානිපාතිනී කිංකාරපටිස්සාවිනී මනාපචාරිනී පියවාදිනී. තං ඛො පන භික්ඛවෙ, ඉත්ථිරතනං රාජානං චක්කවත්තිං මනසාපි නො අතිචරති, කුතො පන කායෙන. රඤ්ඤො භික්ඛවෙ, චක්කවත්තිස්ස එවරූපං ඉත්ථිරතනං පාතුභවති.
Sinhala BJTතවද මහණෙනි, සක්විති රජුට ස්ත්‍රීරත්නය පහළ වෙයි. විශිෂ්ට රූප ඇත්තී යැ දැකුම්කලු යැ ප්‍රසාද එළවන්නී යැ උතුම් වූ වර්‍ණ සෞන්‍දර්‍ය්‍යයෙන් යුක්ත යැ. ඉතා නො උස් යැ ඉතා නො මිටි යැ ඉතා සිඟු නො වූ යැ ඉතා මහත් නො යූ යැ, ඉතා කැළි නො වූ යැ ඉතා සුදු නො වූ යැ මිනිස් පැහැ ඉක්ම සිටියේ යැ දිව්‍යවර්‍ණයට නො පැමිණියා වෙයි. මහණෙනි, ඒ ස්ත්‍රීරත්නයාගේ මෙ බඳු කායසංස්පර්‍ශයෙක් වෙයි. හිඹුල්පුළුන් හෝ කපු පුළුන් හෝ යම්සේ නම් එමෙනි. යළි මහණෙනි, ඒ ස්ත්‍රීරත්නයාගේ ගාත්‍රයෝ සිහිලෙහි උණුසුම් වෙති, උණුසුමෙහි සිහිලුවූ ගාත්‍රයෝ වෙත්, මහණෙනි, ඒ ස්ත්‍රීරත්නයාගේ වැළිත් සිරිරින් සඳුන්සුවඳ හමයි, මුවින් උපුල්සුවඳ හමයි. තවද මහණෙනි, ඒ ස්ත්‍රීරත්නය සක්විති රජුට පළමු නැඟීසිටින්නී පසුව නිදන්නී ‘කුම් කෙරෙම් දැ’ යි (උපස්ථායිකා වශයෙන්) පිළිවිස කරන්නී මනවඩනා දෑ කරන්නී ප්‍රිය තෙපුල් බණන්නී වෙයි. ඒ ස්ත්‍රීරත්නය වැළිත් සක්විතිරජු සිතිනුදු නො ඉක්මවයි, කයින් ඉක්මවයි යනු කිම? මහණෙනි, සක්විති රජුට මෙබඳු වූ ස්ත්‍රීරත්නය පහළ වෙයි.
Pali BJTපුන චපරං භික්ඛවෙ, රඤ්ඤො චක්කවත්තිස්ස ගහපතිරතනං පාතුභවති. තස්ස කම්මවිපාකජං දිබ්බං චක්ඛුං පාතුභවති, යෙන නිධිං පස්සති සස්සාමිකම්පි අස්සාමිකම්පි. සො රාජානං චක්කවත්තිං උපසඞ්කමිත්වා එවමාහ: අප්පොස්සුක්කො ත්වං දෙව හොහි. අහං තෙ ධනෙන ධනකරණීයං කරිස්සාමී’ති. භූතපුබ්බං භික්ඛවෙ, රාජා චක්කවත්තී තමෙව ගහපතිරතනං වීමංසමානො නාවං අභිරුහිත්වා මජ්ඣෙගඞ්ගාය නදියා සොතං ඔගහෙත්වා ගහපතිරතනං එතදවොච: අත්ථො මෙ ගහපති හිරඤ්ඤසුවණ්ණෙනා’ති. තෙන හි මහාරාජ එකං තීරං නාවා උපෙතූ’ති. ඉධෙව මෙ ගහපති, අත්ථො හිරඤ්ඤසුවණ්ණෙනා’ති. අථ ඛො තං භික්ඛවෙ, ගහපතිරතනං උභොහි හත්ථෙහි උදකෙ ඔමසිත්වා පූරං හිරඤ්ඤසුවණ්ණස්ස කුම්භිං උද්ධරිත්වා රාජානං චක්කවත්තිං එවමාහ{2}: අලං එත්තාවතා මහාරාජ, කතං එත්තාවතා මහාරාජ, පූජිතං එත්තාවතා මහාරාජා’ති. රාජා චක්කවත්තී එවමාහ: අලං එත්තාවතා ගහපති, කතං එත්තාවතා ගහපති, පූජිතං එත්තාවතා ගහපතී’ති. රඤ්ඤො භික්ඛවෙ, චක්කවත්තිස්ස එවරූපං ගහපතිරතනං පාතුභවති.
Sinhala BJTතවද මහණෙනි, සක්විති රජුට ගෘහපති රත්නයෙක් පහළ වෙයි. ඔහුට කර්‍මවිපාකජ වූ දිව ඇස පහළ වෙයි. යම් ඇසෙකින් සස්වාමික වූ ද අස්වාමික වූ ද නිධාන දකී ද එ බඳු ඇසෙකි. හේ සක්විතිරජු කරා එළැඹ මෙසේ කියයි: ‘දේවයන් වහන්ස, තෙපි අල්පොත්සුක වා. මම් තොපට ධනයෙන් ධනකරණී කෙරෙමි’යි. මහණෙනි, පෙර වූවකි: සක්විති රජ එ මැ ගෘහපතිරත්නය විමසනුයේ නැවකට නැඟී ගංඟානදී මැද ශ්‍රෝතසට වැද ගෘහපතිරත්නයට තෙල කී: ‘ගෘහපතිය, මට හිරණ්‍යස්වරණයෙන් ප්‍රයෝජන ඇතැ’යි. ‘මහරජ, එසේ වී නම් නැව එක් ඉවුරකට පැමිණෙව’යි. ‘ගෘහපතිය, මට මෙහි දී ම, හිරණ්‍යස්වර්‍ණයෙන් ප්‍රයෝජන ඇතැ’යි. ඉක්බිති මහණෙනි, ඒ ගෘහපතිරත්නය දෑතින් දිය ස්පර්‍ශ කොට රත්රන් අමුරනු පිරූ කළයක් නඟාගෙන සක්විති රජුට මෙසේ කී: ‘මහරජ මෙතෙකින් පමණ, මහරජ මෙතෙකින් කළකිස ඇත. මහරජ මෙතෙකින් පුදනලදැ’යි. සක්විතිරජ මෙසේ කී: ගෘහපතිය මෙතෙකින් පමණ. ගැහැවිය මෙතෙකින් කළකිස ඇත. ගැහැවිය මෙතෙකින් පුදනලදැ’යි. මහණෙනි, සක්විතිරජුට මෙ බඳු වූ ගෘහපතිරත්නය පහළ වෙයි.
Pali BJTපුන චපරං භික්ඛවෙ, රඤ්ඤො චක්කවත්තිස්ස පරිනායකරතනං පාතුභවති. පණ්ඩිතො ව්යත්තො මෙධාවී පටිබාලො රාජානං චක්කවත්තිං උපට්ඨාපෙතබ්බං{3} උපට්ඨාපෙතුං{4} අපයාපෙතබ්බං අපයාපෙතුං. ඨපෙතබ්බං ඨපෙතුං. සො රාජානං චක්කවත්තිං උපසඞ්කමිත්වා එවමාහ: අප්පොස්සුක්කො ත්වං දෙව හොහි. අහං අනුසාසිස්සාමී’ති. රඤ්ඤො භික්ඛවෙ, චක්කවත්තිස්ස එවරූපං පරිනායකරතනං පාතුභවති.
Sinhala BJTතවද මහණෙනි, සක්විති රජුට පරිනායක රත්නය පහළ වෙයි. හේ පණ්ඩිත යැ ව්‍යක්ත යැ විශිෂ්ටබුද්ධි ඇත්තේ යැ සක්විතිරජු කරා එළවියයුත්තහු එළවාලන්නට ද නෙරවා ලියයුත්තහු නෙරවාලන්නට ද ප්‍රතිබල වෙයි, තනතුරෙහි තැබියයුත්තහු තනතුරෙහි තබන්නට ද ප්‍රතිබල වෙයි. හේ සක්විතිරජු කරා එළැඹ මෙසේ කියයි: ‘දේවයන් වහන්ස, තෙපි අල්පොත්සුක වා. මම අනුශාසනා කෙරෙමි’යි. මහණෙනි, සක්විති රජහට මෙබඳු පුත්‍රරත්නය පහළ වෙයි.
Pali BJTරාජා භික්ඛවෙ, චක්කවත්තී ඉමෙහි සත්තහි රතනෙහි සමන්නාගතො හොති.
Sinhala BJTමහණෙනි, සක්විතිරජ මේ සප්තරත්නයෙන් සමන්‍වාගත වෙයි.
Pali BJTකතමාහි චතූහි ඉද්ධීහි:
Sinhala BJTකවර සතර ඍද්ධියකින් සමන්‍විත වේ ද යත්:
Pali BJTඉධ භික්ඛවෙ, රාජා චක්කවත්තී අභිරූපො හොති දස්සනීයො පාසාදිකො පරමාය වණ්ණපොක්ඛරතාය සමන්නාගතො අතිවිය අඤ්ඤෙහි මනුස්සෙහි. රාජා භික්ඛවෙ, චක්කවත්තී ඉමාය පඨමාය ඉද්ධියා සමන්නාගතො හොති.
Sinhala BJTමහණෙනි, මොලොව සක්විතිරජ අභිරූප වූයේ දර්‍ශනීය වූයේ ප්‍රසාද එළවනු වූයේ වෙයි. අන් මිනිසුන්ට වඩා උතුම් වර්‍ණසෞන්‍දර්‍ය්‍යයෙන් අතිශයින් සමන්‍වාගත වෙයි. මහණෙනි, සක්විතිරජ මේ පළමු වන ඍද්ධියෙන් සමන්‍විත වෙයි.
Pali BJTපුන චපරං භික්ඛවෙ, රාජා චක්කවත්තී දීඝායුකො හොති චිරට්ඨිතිකො අතිවිය අඤ්ඤෙහි මනුස්සෙහි. රාජා භික්ඛවෙ, චක්කවත්තී ඉමාය දුතියාය ඉද්ධියා සමන්නාගතො හොති.
Sinhala BJTතවද මහණෙනි, සක්විතිරජ අන් මිනිසුනට වඩා අතිශයින් දීර්‍ඝායුෂ්ක වූයේ චිරස්ථායී වූයේ වෙයි. මහණෙනි, සක්විතිරජ මේ දෙවන ඍද්ධියෙන් සමන්‍විත වෙයි.
Pali BJTපුන චපරං භික්ඛවෙ, රාජා චක්කවත්තී අප්පාබාධො හොති අප්පාතඞ්කො සමවෙපාකිනියා ගහණියා සමන්නාගතො නාතිසීතාය නාච්චුණ්හාය අතිවිය අඤ්ඤෙහි මනුස්සෙහි. රාජා භික්ඛවෙ, චක්කවත්තී ඉමාය තතියාය ඉද්ධියා සමන්නාගතො හොති.
Sinhala BJTතවද මහණෙනි, සක්විතිරජ අන් මිනිසුනට වඩා අල්පාබාධ වූයේ අල්පාතඞ්ක වූයේ ඉතා සිහිල් නො වූ ඉතා උණුසුම් නො වූ සමව පැසෙන ග්‍රහණියෙන් සමන්‍විත වූයේ වෙයි. මහණෙනි, සක්විතිරජ මේ තුන්වැනි ඍද්ධියෙන් සමන්‍විත වෙයි.
Pali BJTපුන චපරං භික්ඛවෙ, රාජා චක්කවත්තී බ්රාහ්මණගහපතිකානං පියො හොති මනාපො. සෙය්යථාපි භික්ඛවෙ, පිතා පුත්තානං පියො හොති මනාපො, එවමෙව ඛො භික්ඛවෙ, රාජා චක්කවත්තී, බ්රාහ්මණගහපතිකානං පියො හොති මනාපො. රඤ්ඤොපි භික්ඛවෙ, චක්කවත්තිස්ස බ්රාහ්මණගහපතිකා පියා හොන්ති මනාපා. සෙය්යථාපි භික්ඛවෙ, පිතු පුත්තා පියා හොන්ති මනාපා. එවමෙව ඛො භික්ඛවෙ, රඤ්ඤොපි චක්කවත්තිස්ස බ්රාහ්මණගහපතිකා පියා හොන්ති මනාපා. භූතපුබ්බං භික්ඛවෙ, රාජා චක්කවත්තී චතුරඞ්ගිනියා සෙනාය උය්යානභූමිං නිය්යාසි. අථ ඛො භික්ඛවෙ, බ්රාහ්මණගහපතිකා රාජානං චක්කවත්තිං උපසඞ්කමිත්වා එවමාහංසු: ‘අතරමානො, දෙව, යාහි, යථා තං මයං චිරතරං පස්සෙය්යාමා’ති. රාජාපි භික්ඛවෙ, චක්කවත්තී සාරථිං ආමන්තෙසි: ‘අතරමානො සාරථි, පෙසෙහි යථා මං බ්රාහ්මණගහපතිකා චිරතරං පස්සෙය්ය’න්ති. රාජා භික්ඛවෙ, චක්කවත්තී ඉමාය චතුත්ථාය ඉද්ධියා සමන්නාගතො හොති.
Sinhala BJTතවද මහණෙනි, සක්විතිරජ බමුණු ගැහැවියනට ප්‍රිය මනාප වෙයි. මහණෙනි, යම්සේ පිය තෙම පුතුනට ප්‍රිය මනාප වේ ද, මහණෙනි, එපරිදි මැ සක්විතිරජ බමුණු ගැහැවියනට ප්‍රිය මනාප වේ. මහණෙනි, බමුණුගැහැවියෝ සක්විතිරජුට ද ප්‍රිය මනාප වෙති. මහණෙනි, යම්සේ පුත්‍රයෝ පියාට ප්‍රියමනාප වෙත් ද, මහණෙනි, එපරිදි මැ බමුණුගැහැවියෝ සක්විතිරජුට ද ප්‍රිය මනාප වෙත්. මහණෙනි, පෙර සක්විතිරජ සියුරඟ සෙනඟ සමග උයන්බිමට නික්මිණ. මහණෙනි, එකල්හි බමුණුගැහැවියෝ සක්විතිරජු කරා එළඹ මෙසේ කීහ: ‘දේවයෙනි, යම්සේ ඇපි තොප බොහෝ වෙලාවක් දක්නමෝ ද එසෙයින් ලැසි වැ ගියමැනැවැ’යි, මහණෙනි, සක්විතිරජ ද රියැදුරා ඇමැතී: ‘සාරථිය, යම් පරිදි බමුණුගැහැවියෝ මා බොහෝ වේලාවක් දක්නාහු නම් එපරිදි ලැසි වැ (අසුන්) මෙහෙයාලව’යි. මහණෙනි, සක්විතිරජ මේ සතර වැනි ඍද්ධියෙන් සමන්‍වාගත වෙයි.
Pali BJTරාජා භික්ඛවෙ, චක්කවත්තී ඉමාහි චතූහි ඉද්ධීහි සමන්නාගතො හොති.
Sinhala BJTමහණෙනි, සක්විතිරජ මේ සතර ඍද්ධියෙන් සමන්‍වාගත වේ.
Pali BJTතං කිං මඤ්ඤථ, භික්ඛවෙ, අපි නු ඛො රාජා චක්කවත්තී ඉමෙහි සත්තහි රතනෙහි සමන්නාගතො ඉමාහි චතූහි ච ඉද්ධීහි තතො නිදානං සුඛං සොමනස්සං පටිසංවෙදියෙථාති.
Sinhala BJTමහණෙනි, ඒ කිමායි සිතවු ද, මේ සප්තරත්නයෙන් ද මේ චතුර්විධ ඍද්ධියෙන් ද සමන්‍වාගත වූ සක්විතිරජ කිම ඒ හේතුයෙන් සුවසොම්නස් විඳිනේ දැ?යි.
Pali BJTඑකමෙකෙනාපි භන්තෙ, රතනෙන සමන්නාගතො රාජා චක්කවත්තී තතො නිදානං සුඛං සොමනස්සං පටිසංවෙදියෙථ. කො පන වාදො සත්තහි රතනෙහි චතූහි ච ඉද්ධීහීති.
Sinhala BJTවහන්ස, ඒ එකෙකි රත්නයෙකිනුදු සමන්‍වාගත සක්විතිරජ ඒ හේතුයෙන් සුවසොම්නස් විඳිනේ යැ, සත්රුවනින් ද සතර ඉදුහයෙන් ද යුක්ත වූයේ කියනු කිමැ’යි.
Pali BJTඅථ ඛො භගවා පරිත්තං පාණිමත්තං පාසාණං ගහෙත්වා භික්ඛූ ආමන්තෙසි: ‘තං කිං මඤ්ඤථ භික්ඛවෙ, කතමො නු ඛො මහන්තතරො: යො චායං මයා පරිත්තො පාණිමත්තො පාසාණො ගහිතො, යො ච හිමවා පබ්බතරාජාති.
Sinhala BJTඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මිට පමණ වූ පුරුතු පහණක් ගෙන භික්‍ෂූන් ඇමැතූ සේක. මහණෙනි, ඒ කිමැයි සිතවු ද? මා විසින් ගන්නාලද අතුල් පමණ වූ යම් පුරුතු පහණෙක් ඇද්ද, යම් හිමවත් පර්‍වතරාජයෙකුත් ඇද්ද, මෙයින් කවරෙක් අතිශයින් මහත් වේ දැ? යි.
Pali BJTඅප්පමත්තකො අයං භන්තෙ, භගවතා පරිත්තො පාණිමත්තො පාසාණො ගහිතො හිමවන්තං පබ්බතරාජානං උපනිධාය සඞ්ඛම්පි න උපෙති, කලභාගම්පි න උපෙති, උපනිධිම්පි න උපෙති.
Sinhala BJTවහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් අල්ප වූ පාණිමාත්‍ර වූ ගන්නාලද මේ පාෂාණය අල්පමාත්‍ර යැ හිමවත් පර්‍වතරාජයා නිසා සඞ්ඛ්‍යාවට ද නො පැමිණෙයි. කලභාගයට ද නො පැමිණෙයි. උපනික්‍ෂේපයට ද නො පැමිණෙයි.
Pali BJTඑවමෙව ඛො භික්ඛවෙ, යං රාජා චක්කවත්තී සත්තහි රතනෙහි චතූහි ච ඉද්ධීහි සමන්නාගතො තතො නිදානං සුඛං සොමනස්සං පටිසංවෙදෙති. තං දිබ්බස්ස සුඛස්ස උපනිධාය සඞ්ඛම්පි න උපෙති, කලභාගම්පි න උපෙති, උපනිධිම්පි න උපෙති.
Sinhala BJTඑපරිදි මැ මහණෙනි, සක්විතිරජ සත්රුවනින් ද සතර ඉදුහයෙන් ද සමන්‍වාගත වූයේ එකරුණෙන් යම් සුවයක් සොම්නසක් විඳී ද එය දිව්‍ය සුඛය නිසා සඞ්ඛ්‍යාවට ද නො පැමිණෙයි, කාලභාගයට ද නො පැමිණෙයි, උපනික්‍ෂේපයට ද නො පැමිණෙයි.
Pali BJTස ඛො සො භික්ඛවෙ, පණ්ඩිතො සචෙ කදාචි කරහචි දීඝස්ස අද්ධුනො අච්චයෙන මනුස්සත්තං ආගච්ඡති. යානි තානි උච්චාකුලානි ඛත්තියමහාසාලකුලං වා බ්රාහ්මණමහාසාලකුලං වා ගහපතිමහාසාලකුලං වා, තථාරූපෙ කුලෙ පච්චාජායති අඩ්ඪෙ මහද්ධනෙ මහාභොගෙ පහූතජාතරූපරජතෙ පහූතවිත්තූපකරණෙ පහූතධනධඤ්ඤෙ. සො ච හොති අභිරූපො දස්සනීයො පාසාදිකො පරමාය වණ්ණපොක්ඛරතාය සමන්නාගතො. ලාභී අන්නස්ස පානස්ස වත්ථස්ස යානස්ස මාලාගන්ධවිලෙපනස්ස සෙය්යාවසථපදීපෙය්යස්ස. සො කායෙන සුචරිතං චරති, වාචාය සුචරිතං චරති, මනසා සුචරිතං චරති. සො කායෙන සුචරිතං චරිත්වා වාචාය සුචරිතං චරිත්වා මනසා සුචරිතං චරිත්වා කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජති. සෙය්යථාපි භික්ඛවෙ, අක්ඛධුත්තො පඨමෙනෙව කටග්ගහෙන මහන්තං භොගක්ඛන්ධං අධිගච්ඡෙය්ය, අප්පමත්තකො සො භික්ඛවෙ, කටග්ගහො, යං සො අක්ඛධුත්තො පඨමෙනෙව කටග්ගහෙන මහන්තං භොගක්ඛන්ධං අධිගච්ඡෙය්ය. අථ ඛො අයමෙව තතො මහන්තතරො කටග්ගහො, යං සො පණ්ඩිතො කායෙන සුචරිතං චරිත්වා වාචාය සුචරිතං චරිත්වා මනසා සුචරිතං චරිත්වා කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජති. අයං භික්ඛවෙ,කෙවලා පරිපූරා පණ්ඩිතභූමීති.
Sinhala BJTමහණෙනි, ඒ පණ්ඩිත ඉදින් කිසි කලෙක දීර්‍ඝකාලයක්හුගේ ඇවෑමෙන් මිනිසත් බවට පැමිණේ ද කැත්මහසල්කුල වේවයි බමුණු මහසල් කුල වේවයි ගැහැවිමහසල්කුල වේවයි යම් ඒ කුල කෙනෙක් ඇද්ද, ආඪ්‍ය වූ මහත්ධන ඇති මහාභෝග ඇති බොහෝ රන්රිදී ඇති බොහෝ පරිභෝග උපකරණ ඇති බොහෝ ධනධාන්‍ය ඇති එබඳු කුලයෙහි උපදනේ වෙයි. හෙ ද අභිරූප වූයේ දර්‍ශනීය වූයේ ප්‍රසාද එළවනුයේ උතුම් වර්‍ණ සෞන්‍දර්‍ය්‍යයෙන් යුක්ත වූයේ වෙයි. ආහාර පාන වස්ත්‍ර යාන මල්ගඳවිලෙවුන් වාසාගාර හා පහන්තෙල් ලබනසුලු වෙයි. හේ කයින් සුචරිතය පුරයි. බසින් සුචරිතය පුරයි, සිතින් සුචරිතය පුරයි. හේ කයින් සුචරිතය පුරා බසින් සුචරිතය පුරා සිතින් සුචරිතය පුරා කාබුන් මරණින් මතුයෙහි සුගති වූ ස්වර්‍ගලෝකයට පැමිණෙයි. මහණෙනි, යම් පරිදි අක්‍ෂධූර්‍තයෙක් පළමු වන ජයග්‍රහණයෙන් මැ මහත් වූ භෝගස්කන්‍ධය ලබා ද මහණෙනි, යම් හෙයෙකින් ඒ අක්‍ෂධූර්‍ත පළමු වන ජයග්‍රහණයෙන් මැ මහත් වූ භොග ස්කන්‍ධය ලබා නම් ඒ ජයග්‍රහණය අල්පමාත්‍ර යැ. වැළි යම් හෙයෙකින් ඒ පණ්ඩිත කයින් සුචරිතය පුරා බසින් සුචරිතය පුරා සිතින් සුචරිතය පුරා කාබුන් මරණින් මතුයෙහි සුගති ස්වර්‍ගලෝකයට පැමිණේ ද මේ ජයග්‍රහණය මැ ඊට වඩා අතිශයින් මහත් වෙයි. මහණෙනි, මේ සර්‍වපරිපූර්‍ණ වූ පණ්ඩිතභූමි වේ යයි.
Pali BJTඉදමවොච භගවා. අත්තමනා තෙ භික්ඛූ භගවතො භාසිතං අභිනන්දුන්ති.
Sinhala BJTභාග්‍යවතුන් වහන්සේ මේ බාලපණ්ඩිත සුත වදාළසේක. සතුටුසිත් ඇති ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය සතුටින් පිළිගත්තාහු යි.
Pali BJTබාලපණ්ඩිතසුත්තං නවමං.
Sinhala BJTනව වැනි බාලපණ්ඩිත සූත්‍ර යි.
Pali BJT3. 3. 10.
Sinhala BJT3. 3. 10.
Pali BJTදෙවදූත සුත්තං
Sinhala BJTදේවදූත සූත්‍රය
Pali BJTඑවං මෙ සුතං: එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තත්ර ඛො භගවා භික්ඛූ ආමන්තෙසි භික්ඛවොති. භදන්තෙති තෙ භික්ඛූ භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච:
Sinhala BJTමා විසින් මෙසේ අසනලද: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඬුසිටුහුගේ අරම්හි වැඩවසනසේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’ යි භික්‍ෂූන් අමතාවදාළහ. ඒ භික්‍ෂූහු ‘පින්වතුන් වහන්සැ’යි භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ තෙල දේවදූත සූත්‍රය වදාළ සේක:
Pali BJTසෙය්යථාපි භික්ඛවෙ, ද්වෙ අගාරා සද්වාරා, තත්ථ චක්ඛුමා පුරිසො මජ්ඣෙ ඨිතො පස්සෙය්ය මනුස්සෙ ගෙහං පවිසන්තෙපි නික්ඛමන්තෙපි, අනුසඤ්චරන්තෙපි අනුවිචරන්තෙපි. එවමෙව ඛො අහං භික්ඛවෙ, දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන අතික්කන්තමානුසකෙන සත්තෙ පස්සාමි චවමානෙ උපපජ්ජමානෙ හීනෙ පණීතෙ සුවණ්ණෙ දුබ්බණ්ණෙ සුගතෙ දුග්ගතෙ යථාකම්මූපගෙ සත්තෙ පජානාමි.
Sinhala BJTමහණෙනි, දොර සහිත වූ ගෘහ දෙකක් යම්සේ ද, එහි ඇස් ඇති පුරුෂයෙක් මැද සිටියේ ගෙට පිවිසෙන්නා වූ ද ගෙන් නික්මෙන්නා වූ ද ගෙහි ඇවිදිනා වූ ද ඔබමොබ හැසිරෙන්නා වූ ද මිනිසුන් යම්සේ දකී ද, එපරිදි මැ මහණෙනි, මම විශුද්ධ වූ මිනිසැස ඉක්මසිටි දිවැසින් ච්‍යුත වන උපදනා හීනප්‍රණීත සුවර්‍ණ දුර්වර්‍ණ සුගත දුර්‍ගත සත්ත්‍වයන් දක්මි. කම් වූ පරිදි මියගිය සත්ත්‍වයන් දැනගනිමි.
Pali BJTඉමෙ වත භොන්තො සත්තා කායසුචරිතෙන සමන්නාගතා වචීසුචරිතෙන සමන්නාගතා මනොසුචරිතෙන සමන්නාගතා අරියානං අනුපවාදකා සම්මාදිට්ඨිකා සම්මාදිට්ඨිකම්මසමාදානා. තෙ කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපන්නා. ඉමෙ වා පන භොන්තො සත්තා කායසුචරිතෙන සමන්නාගතා වචීසුචරිතෙන සමන්නාගතා මනොසුචරිතෙන සමන්නාගතා අරියානං අනුපවාදකා සම්මාදිට්ඨිකා සම්මාදිට්ඨිකම්මසමාදානා, තෙ කායස්ස භෙදා පරම්මරණා මනුස්සෙසු උපපන්නා.
Sinhala BJTමේ භවත් සත්ත්‍වයෝ ඒකාන්තයෙන් කායසුචරිතයෙන් යුක්ත වූවාහු වාක්සුචරිතයෙන් යුක්ත වූවාහු මනඃසුචරිතයෙන් යුක්ත වූවාහු ආර්‍ය්‍යෝපවාද නො කළාහු සම්‍යග්දෘෂ්ටි ඇත්තාහු සම්‍යග්දෘෂ්ටිකර්‍ම සමාදාන ඇත්තාහු වෙති. ඔහු කාබුන් මරණින් මතු ශෝභන ගති ඇති ස්වර්‍ගලෝකයට පැමිණියාහු ය. යළි මේ භවත් සත්ත්‍වයෝ කායසුචරිතයෙන් යුක්ත වූවාහු වාක්සුචරිතයෙන් යුක්ත වූවාහු මනඃසුචරිතයෙන් යුක්ත වූවාහු ආර්‍ය්‍යෝපවාද නො කළාහු සම්‍යග්දෘෂ්ටි ඇත්තාහු සම්‍යග්දෘෂ්ටිකර්‍ම සමාදාන ඇත්තාහු වෙති. ඔහු කාබුන් මරණින් මතු මිනිසුන් කෙරෙහි උපන්නාහු යැ.
Pali BJTඉමෙ වත භොන්තො සත්තා කායදුච්චරිතෙන සමන්නාගතා වචීදුච්චරිතෙන සමන්නාගතා මනොදුච්චරිතෙන සමන්නාගතා අරියානං උපවාදකා මිච්ඡාදිට්ඨිකා මිච්ඡාදිට්ඨිකම්මසමාදානා, තෙ කායස්ස භෙදා පරම්මරණා පෙත්තිවිසයං උපපන්නා. ඉමෙ වා පන භොන්තො සත්තා කායදුච්චරිතෙන සමන්නාගතා වචීදුච්චරිතෙන සමන්නාගතා මනොදුච්චරිතෙන සමන්නාගතා අරියානං උපවාදකා මිච්ඡාදිට්ඨිකා මිච්ඡාදිට්ඨිකම්මසමාදානා, තෙ කායස්ස භෙදා පරම්මරණා තිරච්ඡානයොනිං උපපන්නා. ඉමෙ වා පන භොන්තො සත්තා කායදුච්චරිතෙන සමන්නාගතා වචීදුච්චරිතෙන සමන්නාගතා මනොදුච්චරිතෙන සමන්නාගතා අරියානං උපවාදකා මිච්ඡාදිට්ඨිකා මිච්ඡාදිට්ඨිකම්මසමාදානා, තෙ කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපන්නාති.
Sinhala BJTමේ භවත් සත්ත්‍වයෝ ඒකාන්තයෙන් කායදුශ්චරිතයෙන් යුක්ත වූවාහු වාග්දුශ්චරිතයෙන් යුක්ත වූවාහු මනෝදුශ්චරිතයෙන් යුක්ත වූවාහු ආර්‍ය්‍යෝපවාද කළාහු මිථ්‍යාදෘෂ්ටි ඇත්තාහු මිථ්‍යාදෘෂ්ටිකර්‍මසමාදාන කළාහු වෙති. ඔහු කාබුන් මරණින් මතු ප්‍රේත විෂයට පැමිණියාහු යැ. යළි මේ භවත් සත්ත්‍වයෝ කායදුශ්චරිතයෙන් යුක්ත වූවාහු වාග්දුශ්චරිතයෙන් යුක්ත වූවාහු මනෝදුශ්චරිතයෙන් යුක්ත වූවාහු ආර්‍ය්‍යෝපවාද කළාහු මිථ්‍යාදෘෂ්ටි ඇත්තාහු මිථ්‍යාදෘෂ්ටිකර්‍මසමාදාන කළාහු වෙති. ඔහු කාබුන් මරණින් මතු තිරශ්චීනයෝනියට පැමිණියාහු යැ. යළි මේ භවත් සත්ත්‍වයෝ කායදුශ්චරිතයෙන් යුක්ත වූවාහු වාක්දුශ්චරිතයෙන් යුක්ත වූවාහු මනෝදුශ්චරිතයෙන් යුක්ත වූවාහු ආර්‍ය්‍යෝපවාද කළාහු මිථ්‍යාදෘෂ්ටි ඇත්තාහු මිථ්‍යාදෘෂ්ටිකර්‍මසමාදාන කළාහු වෙති. ඔහු කාබුන් මරණින් මතු අපාය වූ දුකට ගති වූ විවශ වැ පතිත වන නිරයට පැමිණියාහු යයි.
Pali BJTතමෙනං භික්ඛවෙ, නිරයපාලා නානාබාහාසු ගහෙත්වා යමස්ස රඤ්ඤො දස්සෙන්ති ‘අයං දෙව, පුරිසො අමත්තෙය්යො අපෙත්තෙය්යො අසාමඤ්ඤො අබ්රහ්මඤ්ඤො න කුලෙජෙට්ඨාපචායී, ඉමස්ස දෙවො දණ්ඩං පණෙතූති.
Sinhala BJTමහණෙනි, නිරයපාලයෝ ඒ සත්ත්‍වයා වෙන වෙන අත් ගෙන යමරජුට දක්වති. ‘දේවයිනි, මේ පුරුෂ මෑණියන් කෙරෙහි වරදවා පිළිපන්නෙක, පියාණන් කෙරෙහි වරදවා පිළිපන්නෙක, මහණුන් කෙරෙහි වරදවා පිළිපන්නෙක, ක්‍ෂීණාස්‍රව බමුණන් කෙරෙහි වරදවා පිළිපන්නෙක, කුලදෙටුවන් කෙරෙහි අපචායන නො කළ කෙනෙක, දේවයන් වහන්සේ මොහුට දඬුවම් පණවත්ව’ යි.
Pali BJTතමෙනං භික්ඛවෙ, යමො රාජා පඨමං දෙවදූතං සමනුයුඤ්ජති සමනුගාහති සමනුභාසති: ‘අම්භො පුරිස, න ත්වං අද්දස මනුස්සෙසු පඨමං දෙවදූතං පාතුභූත’න්ති? සො එවමාහ: ‘නාද්දසං භන්තෙ’ති. තමෙනං භික්ඛවෙ, යමො රාජා එවමාහ: ‘අම්භො පුරිස, න ත්වං අද්දස මනුස්සෙසු දහරං කුමාරං මන්දං උත්තානසෙය්යකං සකෙ මුත්තකරීසෙ පලිපන්නං සෙමාන’න්ති? සො එවමාහ: ‘අද්දසං භන්තෙ’ති. තමෙනං භික්ඛවෙ, යමො රාජා එවමාහ: ‘අම්භො පුරිස, තස්ස තෙ විඤ්ඤුස්ස සතො මහල්ලකස්ස න එතදහොසි: ‘අහම්පි ඛොම්හි ජාතිධම්මො, ජාතිං අනතීතො. හන්දාහං කල්යාණං කරොමි කායෙන වාචාය මනසා’ති? සො එවමාහ: ‘නාසක්ඛිස්සං භන්තෙ, පමාදස්සං භන්තෙ’ති. තමෙනං භික්ඛවෙ, යමො රාජා එවමාහ: ‘අම්භො පුරිස පමාදවතාය න කල්යාණමකාසි කායෙන වාචාය මනසා. තග්ඝ ත්වං අම්භො පුරිස, තථා කරිස්සන්ති යථා තං පමත්තං. තං ඛො පන තෙ එතං පාපං කම්මං නෙව මාතරා කතං, න පිතරා කතං, න භාතරා කතං, න භගිනියා කතං, න මිත්තාමච්චෙහි කතං, න ඤාතිසාලොහිතෙහි කතං, න සමණබ්රාහ්මණෙහි කතං, න දෙවතාහි කතං. තයාවෙතං පාපං කම්මං කතං, ත්වඤ්ඤෙවෙතස්ස විපාකං පටිසංවෙදිස්සසී’ති.
Sinhala BJTමහණෙනි, යමරජ තුලුන් අතින් පළමු වන දේවදූතයා අනුයෝග වතට නංවා ප්‍රශ්න කරයි. ලබ්ධි පිහිටුවා ප්‍රශ්න කරයි. කරුණු විචාරයි: එම්බා පුරුෂය, තෝ මිනිසුන් කෙරෙහි ප්‍රථම දේවදූතයා පහළවූවාහු නුදුටුයෙහි? හෙ මෙසේ කියයි: වහන්ස, නුදුටුමි’ යි. මහණෙනි, යමරජ තුලුනට මෙසේ කියයි: එම්බා පුරුෂය, තෝ මිනිසුන් කෙරෙහි මන්‍ද වූ උඩුහුරු වැ හෝනා සිය මලමූයෙහි ගැලුණු එහි හෝනා ළදරු කුමරුවකු නුදුටුයෙහි? හේ මෙසේ කියයි: ‘වහන්ස, දිටිමි’ යි. මහණෙනි, යමරජ තුලුනට මෙසේ කියයි: එම්බා පුරුෂය, විඥ වූ වෘද්ධ වූ තට තෙල සිත් නො වී නු? ‘මයිත් ජාතිස්වභාව ඇතියෙමි, ජාතිය නො ඉක්ම ගියෙමි, එබැවින් මම කයින් වචසින් මනසින් පින් කෙරෙමි’යි කියා යි. හේ මෙසේ කියයි: ‘වහන්ස, නො හැකි වීමි, වහන්ස, පමාවීමි’ යි. මහණෙනි, යමරජ තුලුනට මෙසේ කියයි: එම්බා පුරුෂය, පමා වූ බැවින් කයින් වචසින් මනසින් පින් නො කෙළෙහි යැ. එම්බා පුරුෂය, එයින් පමාවුවක්හට කරන්නාක් සෙයින් තට දඬුවම් කෙරෙති. තාගේ තෙල පාප කර්‍මය මව විසින් නො කරනලද, පියා විසින් නො කරනලද, බෑයා විසින් නො කරනලද, බුහුන විසින් නො කරනලද, මිත්‍රාමාත්‍යයන් විසින් නො කරනලද, නෑසහලේනෑයන් විසින් නො කරනලද මහණබමුණන් විසින් නො කරනලද, දෙවියන් විසින් නො කරන ලද, තා විසින් මැ තෙල පාප කර්‍මය කරන ලද, තො මැ තෙල පාප කර්‍මයාගේ විපාකය විඳිනෙහි’ යැයි.
Pali BJTතමෙනං භික්ඛවෙ, යමො රාජා පඨමං දෙවදූතං සමනුයුඤ්ජිත්වා සමනුගාහිත්වා සමනුභාසිත්වා දුතියං දෙවදූතං සමනුයුඤ්ජති සමනුගාහති සමනුභාසති: ‘අම්භො පුරිස, න ත්වං අද්දස මනුස්සෙසු දුතියං දෙවදූතං පාතුභූතන්ති? සො එවමාහ: ‘නාද්දසං භන්තෙ’ති. තමෙනං භික්ඛවෙ, යමො රාජා එවමාහ: ‘අම්භො පුරිස, න ත්වං අද්දස මනුස්සෙසු ඉත්ථිං වා පුරිසං වා ආසීතිකං වා නාවුතිකං වා වස්සසතිකං වා ජාතියා ජිණ්ණං ගොපානසිවඞ්කං භොග්ගං දණ්ඩපරායනං පවෙධමානං ගච්ඡන්තං ආතුරං ගතයොබ්බනං ඛණ්ඩදන්තං පලිතකෙසං විලූනං ඛලිතසිරං වලිතං තිලකාහතගත්ත’න්ති? සො එවමාහ: ‘අද්දසං භන්තෙ’ති. තමෙනං භික්ඛවෙ, යමො රාජා එවමාහ: ‘අම්භො පුරිස, තස්ස තෙ විඤ්ඤුස්ස සතො මහල්ලකස්ස න එතදහොසි: ‘අහම්පි ඛොම්හි ජරාධම්මො ජරං අනතීතො, හන්දාහං කල්යාණං කරොමි කායෙන වාචාය මනසා’ති? සො එවමාහ: ‘නාසක්ඛිස්සං භන්තෙ, පමාදස්සං භන්තෙ’ති. තමෙනං භික්ඛවෙ, යමො රාජා එවමාහ: ‘අම්භො පුරිස, පමාදවතාය න කල්යාණමකාසි කායෙන වාචාය මනසා. තග්ඝ ත්වං අම්භො පුරිස, තථා කරිස්සන්ති යථා තං පමත්තං. තං ඛො පන තෙ එතං පාපං කම්මං නෙව මාතරා කතං, න පිතරා කතං, න භාතරා කතං, න භගිනියා කතං, න මිත්තාමච්චෙහි කතං, න ඤාතිසාලොහිතෙහි කතං, නසමණබ්රාහ්මණෙහි කතං, න දෙවතාහි කතං, තයාවෙතං පාපං කම්මං කතං, ත්වඤ්ඤෙව එතස්ස විපාකං පටිසංවෙදිස්සසී’ති.
Sinhala BJTමහණෙනි, යමරජ ඔහුට පළමු වන දේවදූතයා අනුයෝග වශයෙන් ප්‍රශ්න කොට ලබ්ධි පිහිටුවා ප්‍රශ්න කොට කරුණු විචාරා දෙවන දේවදූතයා අනුයෝගවතට නඟා විචාරයි, ලබ්ධි පිහිටුවා විචාරයි, කරුණු විචාරයි. එම්බා පුරුෂය, තෝ මිනිසුන් කෙරෙහි පහළ වූ දෙවැනි දේවදූතයා නුදුටුයෙහි? යි ‘නුදුටුමි වහන්සැ’ යි. මහණෙනි, යමරජ ඔහුට මෙසේ කියයි: එම්බා පුරුෂය, මිනිසුන් කෙරෙහි උපතින් අසූවයස් වූ හෝ අනූ වයස් වූ හෝ සියක් වසක් වූ හෝ ජාතියෙන් දිරූ ගොනැස්සක් සෙයින් වක් වූ බිඳුණු සිරුරු ඇති සැරයටිය පිහිට කොට ඇති වෙවුළමින් යන ආතුර වූ ගිය යොවුන්බව් ඇති කඬදත් ඇති පැසුණු කෙසේ ඇති ගිලිහුණු කෙස් ඇති මටතල වූ රැලිහුන් තලකැලැල් හුන් සිරුරු ඇති ස්ත්‍රියක හෝ පුරුෂයකු හෝ නුදුටුයෙහි දැ? යි. හේ මෙසේ කියයි: ‘දිටිමි වහන්සැ’ යි. මහණෙනි, යමරජ ඔහුට මෙසේ කියයි: ‘එම්බා පුරුෂය, විඥ වූ මහලු වියපත් තට තෙල සිත නො වී නු? ‘මම් වූ කලි ජරාසැහැවියෙමි, ජරාව නො ඉක්ම වූයෙමි, මම් එබැවින් කයින් වචසින් මනසින් කුසල් කෙරෙමි’යි කියා යි. හේ මෙසේ කියයි: ‘නො හැකි වීමි වහන්ස, පමා වීමි වහන්සැ’ යි. මහණෙනි, යමරජ ඔහුට මෙසේ කියයි: ‘එම්බා පුරුෂය, ප්‍රමාදවත් බැවින් කයින් වචසින් මනසින් කුසල් නො කෙළෙහි? එම්බා පුරුෂය, ඒකාන්තයෙන් තට ප්‍රමාද වූවකුට යම් සේ ද එපරිද්දෙන් කරන්නාහ. තාගේ තෙල පාපකර්‍මය මව විසින් නො මැ කරනලද, පියා විසින් නො කරනලද, බෑයා විසින් නො කරන ලද, බුහුන විසින් නො කරනලද, සගයහළුවන් විසින් නො කරනලද, නෑසහලේනෑයන් විසින් නො කරනලද, මහණ බමුණන් විසින් නො කරනලද, දෙවියන් විසින් නො කරනලද, තා විසින් මැ තෙල පාපකර්‍මය කරනලද, තො මැ තෙල කර්‍මයාගේ විපාකය විඳිනෙහි’ යැයි.
Pali BJTතමෙනං භික්ඛවෙ, යමො රාජා දුතියං දෙවදූතං සමනුයුඤ්ජිත්වා සමනුගාහිත්වා සමනුභාසිත්වා තතියං දෙවදූතං සමනුයුඤ්ජති, සමනුගාහති, සමනුභාසති: ‘අම්භො පුරිස, න ත්වං අද්දස, මනුස්සෙසු තතියං දෙවදූතං පාතුභූත’න්ති. සො එවමාහ: ‘නාද්දසං භන්තෙ’ති. තමෙනං භික්ඛවෙ, යමොරාජා එවමාහ: ‘අම්භො පුරිස, න ත්වං අද්දස මනුස්සෙසු ඉත්ථිං වා පුරිසං වා ආබාධිකං දුක්ඛිතං බාළ්හගිලානං සකෙ මුත්තකරීසෙ පලිපන්නං සෙමානං අඤ්ඤෙහි වුට්ඨාපියමානං අඤ්ඤෙහි සංවෙසියමාන’න්ති. සො එවමාහ: ‘අද්දසං භන්තෙ’ති. තමෙනං භික්ඛවෙ, යමො රාජා එවමාහ: ‘අම්භො පුරිස, තස්ස තෙ විඤ්ඤුස්ස සතො මහල්ලකස්ස න එතදහොසි: අහම්පි ඛොම්හි ව්යාධිධම්මො ව්යාධිං අනතීතො, හන්දාහං කල්යාණං කරොමි කායෙන වාචාය මනසා’ති. සො එවමාහ: ‘නාසක්ඛිස්සං භන්තෙ, පමාදස්සං භන්තෙ’ති. තමෙනං භික්ඛවෙ, යමො රාජා එවමාහ: ‘අම්භො පුරිස, පමාදවතාය න කල්යාණමකාසි කායෙන වාචාය මනසා. තග්ඝ ත්වං අම්භො පුරිස, තථා කරිස්සන්ති යථා තං පමත්තං. තං ඛො පන තෙ එතං පාපං කම්මං නෙව මාතරා කතං, න පිතරා කතං, න භාතරා කතං, න භගිනියා කතං, න මිත්තාමච්චෙහි කතං, න ඤාතිසාලොහිතෙහි කතං, න සමණබ්රාහ්මණෙහි කතං, න දෙවතාහි කතං. තයාවෙතං පාපං කම්මං කතං. ත්වඤ්ඤෙවෙතස්ස විපාකං පටිසංවෙදිස්සසී’ති.
Sinhala BJTමහණෙනි, යමරජ තුලුනු අතින් දෙවන දේවදූතයා අනුයෝග වශයෙන් පිළිවිස ලබ්ධි වශයෙන් පිහිටුවා කරුණු අසා කරුණු බැණ තුන්වන දේවදූතයා අනුයෝග වතට නංවා අසයි, ලබ්ධි පිහිටුවයි. සමනුභාෂණ කම් කෙරෙයි: ‘එම්බා පුරුෂය, තෝ මිනිසුන් කෙරෙහි තුන්වන දේවදූතයා පහළ වූවහු නො දුටුහි? හේ මෙසේ කියයි: ‘නුදුටුමි වහන්සැ’ යි. මහණෙනි, යමරජ මෙසේ කියයි: එම්බා පුරුෂය, තෝ මිනිසුන් කෙරෙහි හැටි ආබාධ ඇති හටගත් දුක් ඇති දැඩි ගිලන් වූ සිය මලමූයෙහි පිළිපන් එහි හෝනා මෙරමා විසින් නඟාසිටුවන ලබන මෙරමා විසින් හොවනු ලබන මාගමක හෝ පිරිමිනියකු හෝ නුදුටිහි? ‘හේ මෙසේ කියයි: ‘දිටිමි වහන්සැ’ යි. මහණෙනි, යමරජ තුලුනට මෙසේ කියයි: එම්බා පුරුෂය, විඥ වූ වෘද්ධ වූ තට තෙලසිත් නො වී නු ! මම ද ව්‍යාධි ධර්‍මයෙමි, ව්‍යාධිය අනතීතයෙමි, එයින් මම කයින් වචසින් මනසින් කලණකම් කෙරෙමි’යි කියා යි. හේ මෙසේ කියයි: ‘නො හැකි වීමි වහන්ස, පමාවීමි වහන්සැ’ යි. මහණෙනි, යමරජ තුලුනට මෙසේ කියයි: ‘එම්බා පුරුෂය, පමා ඇති වූ බැවින් කයින් වචසින් මනසින් කලණකම් නො කෙළෙහි යැ. එම්බා පුරුෂය, එබැවින් පමා වූවහුට දඬුවම් කරන්නා සෙයින් තට දඬුවම් කෙරෙති. තාගේ තෙල පාපකර්‍මය මව විසින් නො කරන ලද, පියා විසින් නො කරනලද, බෑයා විසින් නොකරනලද, බුහුන විසින් නො කරනලද, මිත්‍රාමාත්‍යයන් විසින් නො කරනලද, නෑසාලේනෑයන් විසින් නො කරනලද, මහණ බමුණන් විසින් නො කරනලද, දෙවියන් විසින් නො කරනලද, තා විසින් මැ කරනලද තො මැ තෙල පාප කර්‍මයාගේ විපාකය විඳුනෙහි” යයි.
Pali BJTතමෙනං භික්ඛවෙ, යමො රාජා තතියං දෙවදූතං සමනුයුඤ්ජිත්වා සමනුගාහිත්වා සමනුභාසිත්වා චතුත්ථං දෙවදූතං සමනුයුඤ්ජති, සමනුගාහති, සමනුභාසති: ‘අම්භො පුරිස, න ත්වං අද්දස මනුස්සෙසු චතුත්ථං දෙවදූතං පාතුභූත’න්ති. සො එවමාහ: ‘නාද්දසං, භන්තෙ’ති. තමෙනං භික්ඛවෙ, යමො රාජා එවමාහ: ‘අම්භො පුරිස, න ත්වං අද්දස මනුස්සෙසු රාජානො චොරං ආගුචාරිං ගහෙත්වා විවිධා කම්මකාරණා කාරෙන්තෙ, කසාහිපි තාළෙන්තෙ වෙත්තෙහිපි තාළෙන්තෙ අද්ධදණ්ඩකෙහිපි තාළෙන්තෙ හත්ථම්පි ඡින්දන්තෙ පාදම්පි ඡින්දන්තෙ හත්ථපාදම්පි ඡින්දන්තෙ කණ්ණම්පි ඡින්දන්තෙ නාසම්පි ඡින්දන්තෙ කණ්ණනාසම්පි ඡින්දන්තෙ බිලඞ්ගථාලිකම්පි කරොන්තෙ සඞ්ඛමුණ්ඩිකම්පි කරොන්තෙ රාහුමුඛම්පි කරොන්තෙ ජොතිමාලිකම්පි කරොන්තෙ හත්ථපජ්ජොතිකම්පි කරොන්තෙ එරකවත්තිකම්පි කරොන්තෙ චීරකවාසිකම්පි කරොන්තෙ එණෙය්යකම්පි කරොන්තෙ බලිසමංසිකම්පි කරොන්තෙ කහාපණකම්පි කරොන්තෙ ඛාරාපතච්ඡිකම්පි කරොන්තෙ පලිඝපරිවත්තිකම්පි කරොන්තෙ පලාලපීඨකම්පි කරොන්තෙ තත්තෙනපි තෙලෙන ඔසිඤ්චන්තෙ සුනඛෙහිපි ඛාදාපෙන්තෙ ජීවන්තම්පි සූලෙ උත්තාසෙන්තෙ අසිනාපි සීසං ඡින්දන්තෙ’ති. සො එවමාහ: ‘අද්දසං භන්තෙ’ති. තමෙනං භික්ඛවෙ, යමො රාජා එවමාහ: ‘අම්භො පුරිස, තස්ස තෙ විඤ්ඤුස්ස සතො මහල්ලකස්ස න එතදහොසි: යෙ කිර භො, පාපකානි කම්මානි කරොන්ති. තෙ දිට්ඨෙව ධම්මෙ එවරූපා විවිධා කම්මකාරණා කරීයන්ති. කිමඞ්ග පන පරත්ථ. හන්දාහං කල්යාණං කරොමි කායෙන වාචාය මනසා’ති. සො එවමාහ: ‘නාසක්ඛිස්සං භන්තෙ, පමාදස්සං භන්තෙ’ති. තමෙනං භික්ඛවෙ, යමො රාජා එවමාහ: ‘අම්භො පුරිස, පමාදවතාය න කල්යාණමකාසි. කායෙන වාචාය මනසා, තග්ඝ ත්වං අම්භො පුරිස, තථා කරිස්සන්ති යථා තං පමත්තං. තං ඛො පන තෙ එතං පාපං කම්මං නෙව මාතරා කතං, න පිතරා කතං, න භාතරා කතං, න භගිනියා කතං, න මිත්තාමච්චෙහි කතං, න ඤාතිසාලොහිතෙහි කතං, න සමණබ්රාහ්මණෙහි කතං, න දෙවතාහි කතං. තයාවෙතං පාපං කම්මං කතං, ත්වඤ්ඤෙවෙතස්ස විපාකං පටිසංවෙදිස්සසී’ති.
Sinhala BJTමහණෙනි, යමරජ තුලුනු අතින් තුන් වන දේවදූතයා අනුයෝගවතට නඟා ලබ්ධි ගන්වා සමනුභාෂණ කම් කොට සතර වන දේවදූතයා අනුයෝග වතට නංවයි, ලබ්ධි පිහිටුවයි. කරුණු විචාරයි: ‘එම්බා පුරුෂය, තෝ මිනිසුන් කෙරෙහි පහළ වූ සතර වන දේවදූතයා නොදුටුහි? හේ මෙසේ කියයි: ‘නුදුටුමි වහන්සැ’ යි. මහණෙනි, යමරජ තුලුනට මෙසේ කියයි: ‘එම්බා පුරුෂය, තෝ රජදරුවෝ මිනිසුන් කෙරෙහි අපරාධකාරී සොරු ගෙන විවිධ කම්කටොලු කෙරෙද්ද කසවැලිනුදු තළද්ද වේවැලිනුදු තළත් ද, අඩදඬියෙනුදු තළත් ද, අත ද සිඳිත් ද පා ද සිඳිත් ද අත්පාත් සිඳිත් ද, කනුදු සිඳිත් ද, නාසිකාත් සිඳිත් ද, කන්නැහැත් සිඳිත් ද බීලඞ්ගථාලිකවධත් කෙරෙත් ද සංඛමුණ්ඩික වධත් කෙරෙත් ද රාහුමුඛවධත් කෙරෙත් ද ජෝතිමාලිකවධත් කෙරෙත් ද හත්‍ථපජ්ජෝතික වධත් කෙරෙත් ද ඒරකවත්තකවධත් කෙරෙත් ද චීරකවාසිකවධත් කෙරෙත් ද එණෙය්‍යකවධත් කෙරෙත් ද බලිසමංසිකවධත් කෙරෙත් ද කහාපණකවධත් කෙරෙත් ද ඛාරාපතච්ඡිකවධත් කෙරෙත් ද පලිඝපරිවත්තිකවධත් කෙරෙත් ද පලාලපීඨකවධත් කෙරෙත් ද තප්තතෛලයෙනුත් ඉසිත් ද නහවුන් ලවා කවත් ද ජීවත්වන්නහු හුල හිඳුවත් ද කඩුයෙනුදු හිස සිඳිත් ද තෙල අපරාධකාරීහු නුදුටිහි? හේ මෙසේ කියයි: ‘දිටිමි වහන්සැ’, මහණෙනි, යමරජ තුලුනට මෙසේ කියයි: ‘එම්බා පුරුෂය, විඥ වූ වෘද්ධ වූ තට තෙලසිත් නො වී නු ! යම් කෙනෙක් පාපකර්‍ම කෙරෙත් ද ඔහු ඉහාත්මයෙහි මැ මෙබඳු විවිධ කම්කටොලු කරනු ලබති. පරලොව කියනු කිම? එබැවින් මම කයින් වචසින් මනසින් කලණකම් කෙරෙමි’යි කියා යි. හේ මෙසේ කියයි: ‘නො හැකි වීමි, වහන්ස, පමා වීමි වහන්සැ’ යි. මහණෙනි, යමරජ තුලුනට මෙසේ කියයි: එම්බා පුරුෂය, පමා ඇති බැවින් කයින් වචසින් මනසින් කලණකම් නො කෙළෙහි යැ. එම්බා පුරුෂය, එබැවින් තට පමා වූවහුට යම්සේ ද එසෙයින් දඬුවම් කෙරෙති. තාගේ තෙල පාපකර්‍මය මව විසින් නො කරනලද, පියා විසින් නො කරනලද, බෑයා විසින් නො කරන ලද, බුහුන විසින් නො කරන ලද, මිත්‍රාමාත්‍යයන් විසින් නො කරනලද, නෑසාලේ නෑයන් විසින් නො කරන ලද, මහණ බමුණන් විසින් නො කරන ලද, දෙවියන් විසින් නො කරනලද, තා විසින් මැ තෙල පාපකර්‍මය කරන ලදි’ යි. තෝ මැ තෙල පාප කර්‍මයාගේ විපාකය විඳුව’ යි.
Pali BJTතමෙනං භික්ඛවෙ, යමො රාජා චතුත්ථං දෙවදූතං සමනුයුඤ්ජිත්වා සමනුගාහිත්වා සමනුභාසිත්වා පඤ්චමං දෙවදූතං සමනුයුඤ්ජති සමනුගාහති සමනුභාසති: ‘අම්භො පුරිස, න ත්වං අද්දස මනුස්සෙසු පඤ්චමං දෙවදූතං පාතුභූත’න්ති, සො එවමාහ: ‘නාද්දසං, භන්තෙ’ති. තමෙනං භික්ඛවෙ යමො රාජා එවමාහ: ‘අම්භො පුරිස න ත්වං අද්දස මනුස්සෙසු ඉත්ථිං වා පුරිසං වා එකාහමතං වා ද්වීහමතං වා තීහමතං වා උද්ධුමාතකං විනීලකං විපුබ්බකජාත’න්ති. සො එවමාහ: ‘අද්දසං භන්තෙ’ති. තමෙනං භික්ඛවෙ, යමො රාජා එවමාහ: ‘අම්භො පුරිස, තස්ස තෙ විඤ්ඤුස්ස සතො මහල්ලකස්ස න එතදහොසි: ‘අහම්පි ඛොම්හි මරණධම්මො මරණං අනතීතො, හන්දාහං කල්යාණං කරොමි කායෙන වාචාය මනසා’ති. සො එවමාහ: ‘නාසක්ඛිස්සං භන්තෙ, පමාදස්සං භන්තෙ’ති. තමෙනං භික්ඛවෙ, යමො රාජා එවමාහ: ‘අම්භො පුරිස, පමාදවතාය න කල්යාණමකාසි කායෙන වාචාය මනසා. තග්ඝ ත්වං අම්භො පුරිස, තථා කරිස්සන්ති යථා තං පමත්තං. තං ඛො පන තෙ එතං පාපං කම්මං නෙව මාතරා කතං, න පිතරා කතං, න භාතරා කතං, න භගිනියා කතං, න මිත්තාමච්චෙහි කතං, න ඤාතිසාලොහිතෙහි කතං, න සමණබ්රාහ්මණෙහි කතං, න දෙවතාහි කතං, තයාවෙතං පාපං කම්මං කතං, ත්වඤ්ඤෙවෙතස්ස විපාකං පටිසංවෙදිස්සසී’ති.
Sinhala BJTමහණෙනි, යමරජ තුලුනු අතින් සතර වන දේවදූතයා ගෙන අනුයෝග විසින් පිළිවිස ලබ්ධි විසින් ගන්වා සමනුභාෂණකර්‍ම කොට පස් වන දේවදූතයා ගෙන අනුයෝග වතට නංවයි, ලබ්ධි විසින් ගන්වයි, කරුණු පිළිවිසී. ‘එම්බා පුරුෂය, තෝ මිනිසුන් කෙරෙහි පස් වන දේවදූතයා පහළ වූවහු නො දිටිහි? හේ මෙසේ කියයි: ‘නො දිටිමි වහන්සැ’ යි. මහණෙනි, යමරජ තුලුනට මෙසේ කියයි: තෝ මිනිසුන් කෙරෙහි මළ එක් දින වූ හෝ මළ දෙදින වූ හෝ මළ තුන් දින වූ හෝ ඉදිමීගිය නිල්වන් වූ හටගත් පූයා ඇති ස්ත්‍රියක හෝ පුරුෂයකු හෝ නොදුටිහි? හේ මෙසේ කියයි: ‘දිටිමි වහන්සැ’ යි. මහණෙනි, යමරජ තුලුනට මෙසේ කියයි: ‘එම්බා පුරුෂය, විඥ වූ වෘද්ධ වූ තට තෙල සිත් නො වී නු ! මම ද මරණධර්‍මයෙමි, අනතීත මරණ ඇතියෙමි, එහෙයින් කයින් වචසින් මනසින් කලණකම් කෙරෙමි’යි කියා යි. හේ මෙසේ කියයි: ‘නො හැකි වීමි වහන්ස, පමා වීමි වහන්සැ’ යි. මහණෙනි, යමරජ තුලුනට මෙසේ කියයි: ‘එම්බා පුරුෂය, පමා ඇති වූ බැවින් කයින් වචසින් මනසින් කලණකම් නො කෙළෙහි යැ. එම්බා පුරුෂය, එබැවින් තට පමා වූවකුට යම්සේ ද එසෙයින් කෙරෙති. තාගේ තෙල පව්කම මව විසින් නො කරන ලද, පියා විසින් නො කරනලද, බෑයා විසින් නො කරන ලද, බුහුන විසින් නො කරන ලද, සගයහළුවන් විසින් නො කරනලද, නෑසාලේ නෑයන් විසින් නො කරනලද, මහණබමුණන් විසින් නො කරන ලද, දෙවියන් විසින් නො කරනලද, තා විසින් මැ තෙල පව්කම කරන ලදි. තෝ මැ තෙල කර්‍මයාගේ විපාක විඳුනෙහි’ යයි.
Pali BJTතමෙනං භික්ඛවෙ, යමො රාජා පඤ්චමං දෙවදූතං සමනුයුඤ්ජිත්වා සමනුගාහිත්වා සමනුභාසිත්වා තුණ්හී හොති.
Sinhala BJTමහණෙනි, යමරජ තුලුන් පස් වන දේවදූතයා ගෙන අනුයෝග කොට ලබ්ධි පිහිටුවා කරුණු පිළිවිය තුෂ්ණීම්භූත වෙයි.
Pali BJTතමෙනං භික්ඛවෙ නිරයපාලා පඤ්චවිධබන්ධනං නාම කාරණං කරොන්ති. තත්තං අයොඛිලං හත්ථෙ ගමෙන්ති, තත්තං අයොඛිලං දුතියෙ හත්ථෙ ගමෙන්ති, තත්තං අයොඛිලං පාදෙ ගමෙන්ති, තත්තං අයොඛිලං දුතියෙ පාදෙ ගමෙන්ති, තත්තං අයොඛිලං මජ්ඣෙ උරස්මිං ගමෙන්ති. සො තත්ථ දුක්ඛා තිප්පා කටුකා වෙදනා වෙදෙති. න ච තාව කාලං කරොති, යාව න තං පාපං කම්මං බ්යන්තීහොති. තමෙනං භික්ඛවෙ, නිරයපාලා සංවෙසෙත්වා කුඨාරීහි තච්ඡන්ති. සො තත්ථ දුක්ඛා -පෙ- තමෙනං භික්ඛවෙ, නිරයපාලා උද්ධපාදං අධොසිරං ගහෙත්වා{1} වාසීහි තච්ඡන්ති{2}. සො තත්ථ දුක්ඛා -පෙ- තමෙනං භික්ඛවෙ, නිරයපාලා රථෙ යොජෙත්වා ආදිත්තාය පඨවියා සම්පජ්ජලිතාය සජොතිභූතාය සාරෙන්තිපි පච්චාසාරෙන්තිපි. සො තත්ථ දුක්ඛා -පෙ- තමෙනං භික්ඛවෙ, නිරයපාලා මහන්තං අඞ්ගාරපබ්බතං ආදිත්තං සම්පජ්ජලිතං සජොතිභූතං ආරොපෙන්තිපි ඔරොපෙන්තිපි. සො තත්ථ දුක්ඛා -පෙ- තමෙනං භික්ඛවෙ, නිරයපාලා උද්ධපාදං අධොසිරං ගහෙත්වා තත්තාය ලොහකුම්භියා පක්ඛිපන්ති ආදිත්තාය සම්පජ්ජලිතාය සජොතිභූතාය. සො තත්ථ ඵෙණුද්දෙහකං පච්චති. සො තත්ථ ඵෙණුද්දෙහකං පච්චමානො සකිම්පි උද්ධං ගච්ඡති, සකිම්පි අධො ගච්ඡති, සකිම්පි තිරියං ගච්ඡති. සො තත්ථ දුක්ඛා තිප්පා කටුකා{3} වෙදනා වෙදෙති. න ච තාව කලං කරොති. යාව න තං පාපං කම්මං බ්යන්තීහොති.
Sinhala BJTමහණෙනි, නිරයපාලයෝ තුලුනට පඤ්චවිධබන්‍ධන නම් කම්කටොලු කෙරෙත්: තප්ත වූ යහුලක් එක් අතෙකැ ගසත්, තප්ත වූ යහුලක් දෙවන අතෙහි ගසත්, තප්ත වූ යහුලක් පළමු පයැ ගසත්, තප්ත වූ යහුලක් දෙවන පයැ ගසත්, තප්ත වූ යහුලක් ළමැඩියෙහි ගසත්. හේ එහි දුඃඛ වූ ත්‍රීව වූ කටුක වූ වේදනාවන් විඳි. ඒ පාපකර්‍මය ක්‍ෂය නො වූ තාක් කාලක්‍රියා නො කෙරේ. මහණෙනි, නිරයපාලයෝ ඔහු හොවා කූඨාරියෙන් සසති. හේ එහි දුඃඛ වූ ... මහණෙනි, නිරයපාලයෝ ඔහු ඌර්ධ්වපාද කොට අධඃශිරස්ක කොට ගෙන් වෑයෙන් සසිත්. හේ එහි දුඃඛ වූ ... මහණෙනි, නිරයපාලයෝ ඔහු රථ යෙහි යොදා ආදීප්ත වූ සම්ප්‍රජ්වලිත වූ හටගත් ගිනි ඇති පොළොවෙහි ඇවිදුවති. පෙරළාත් ඇවිදුවති. හේ එහි දුඃඛ වූ ... මහණෙනි, නිරයපාලයෝ ඔහු ආදීප්ත වූ සම්ප්‍රජ්වලිත වූ හටගත් ගිනි ඇති අඟුරුපවියට නංවත්, බස්වත්. හේ එහි දුඃඛ වූ ... මහණෙනි, නිරයපාලයෝ ඔහු ඌර්ධ්වපාද කොට හිස් බිම්බල්වාලීම් කොට ගෙන රත් වූ ආදීප්ත වූ සම්ප්‍රජ්වලිත වූ ගිනිගෙන දිලෙන ඇවිලගත් ගිනි සහිත ලොහොකුඹු නිරයෙහි බහත්, හේ එහි පෙනබඳු කොට පැසෙත්. හේ එහි පෙන බඳු කොට පස්නේ වරක් උඩ එයි, වරක් යට බස්සී, වරක් සරස යෙයි. හේ එහි දුඃඛ වූ කටුක වූ ත්‍රීව වූ වේදනාවන් විඳී. යම් තාක් ඒ පව්කම් ක්‍ෂය නො වේ ද ඒ තාක් කලුරිය නො කෙරේ.
Pali BJTතමෙනං භික්ඛවෙ, නිරයපාලා මහානිරයෙ පක්ඛිපන්ති. සො ඛො පන භික්ඛවෙ, මහානිරයො:
Sinhala BJTමහණෙනි, නිරයපාලයෝ ඔහු මහනිරෑහි බහත්. මහණෙනි, ඒ මහනිරය වනාහි:
Pali BJTචතුක්කණ්ණො චතුද්වාරො විභත්තො භාගසො මිතො, අයොපාකාරපරියන්තො අයසා පටිකුජ්ජිතො.
Sinhala BJTචතුස්කර්‍ණ යැ, චතුර්ද්වාරය, කොටස් විසින් බෙදන ලද, යපවුරින් වටකරන ලද, යදැලින් පිළිසොයන ලද,
Pali BJTතස්ස අයොමයා භූමි ජලිතා තෙජසා යුතා, සමන්තා යොජනසතං ඵරිත්වා තිට්ඨති සබ්බදා
Sinhala BJTඒ මහානිරයයා ගේ අයෝමය භූමිය ඇවිළැගත් ගිනිදැලින් යුක්ත ය, හැමදා හාත්පස සියක්යොදුන් තැන් පැතිරැසිටී.
Pali BJTතස්ස ඛො පන භික්ඛවෙ, මහානිරයස්ස පුරත්ථිමාය භිත්තියා අච්චි උට්ඨහිත්වා පච්ඡිමාය භිත්තියා පටිහඤ්ඤති. පච්ඡිමාය භිත්තියා අච්චි උට්ඨහිත්වා පුරත්ථිමාය භිත්තියා පටිහඤ්ඤති. උත්තරාය භිත්තියා අච්චි උට්ඨහිත්වා දක්ඛිණාය භිත්තියා පටිහඤ්ඤති. දක්ඛිණාය භිත්තියා අච්චි උට්ඨහිත්වා උත්තරාය භිත්තියා පටිහඤ්ඤති. හෙට්ඨා අච්චි උට්ඨහිත්වා උපරි පටිහඤ්ඤති. උපරිතො අච්චි උට්ඨහිත්වා හෙට්ඨා පටිහඤ්ඤති. සො තත්ථ දුක්ඛා තිප්පා කටුකා වෙදනා වෙදෙති. න ච තාව කාලං කරොති. යාව න තං පාපං කම්මං බ්යන්තීහොති.
Sinhala BJTමහණෙනි, ඒ මහානිරයයා ගේ පෙරදිග බිතින් ගිනිසිළි නැඟී පැසුළු බිතෙහි හැනෙයි, පැසුළු බිතින් ගිනිසිළි නැඟී පෙරදිග බිතෙහි හැනෙයි, උතුරු බිතින් ගිනිසිළි නැඟී දකුණු බිතෙහි හැනෙයි, දකුණු බිතින් ගිනිසිළි නැඟී උතුරු බිතෙහි හැනෙයි, යට ගිනිසිළි නැඟී උඩුතල හැනෙයි, උඩතින් ගිනිසිළි නැඟී යට හැනේ. හේ එහි දුඃඛ වූ කටුක වූ ත්‍රීව වේදනා විඳි. යම්තාක් පාපකර්‍මය ක්‍ෂය නො වේ ද ඒ තාක් නො මියෙයි.
Pali BJTහොති ඛො සො භික්ඛවෙ, සමයො යං කදාචි කරහචි දීඝස්ස අද්ධුනො අච්චයෙන තස්ස මහානිරයස්ස පුරත්ථිමං ද්වාරං අවාපුරීයති{1}. සො තත්ථ සීඝෙන ජවෙන ධාවති. තස්ස සීඝෙන ජවෙන ධාවතො ඡවිම්පි ඩය්හති, චම්මම්පි ඩය්හති, මංසම්පි ඩය්හති, නහාරුම්පි ඩය්හති, අට්ඨීනිපි සම්පධූපායන්ති. උබ්භතං තාදිසමෙව හොති. යතො ච ඛො සො භික්ඛවෙ, බහුසම්පත්තො හොති, අථ තං ද්වාරං පිථීයති{2}. සො තත්ථ දුක්ඛා තිප්පා කටුකා වෙදනා වෙදෙති. න ච තාව කාලං කරොති. යාව න තං පාපං කම්මං බ්යන්තීහොති.
Sinhala BJTමහණෙනි, යම් හෙයෙකින් කිසිකලෙක දීර්‍ඝකාලයක්හුගේ ඇවෑමෙන් ඒ මහානරකයා ගේ පූර්‍වද්වාරය විවෘත වේ ද එබඳු කලෙක් වෙයි. ඒ නිරිසත් එහි ශීඝ්‍ර වූ නහර ද දැවෙයි, ජවයෙන් දුවයි. ශීඝ්‍රජවයෙන් දුවන ඔහුගේ සිවිය ද දැවෙයි, සම ද දැවෙයි, මස් ද දැවෙයි, ඇට දු දුමයි, නඟනලදුයේ එබඳු මැ වෙයි. මහණෙනි, යම් කලෙක හෙතෙම බොහෝ වර්‍ෂසහස්‍රයෙන් සමීපයට පැමිණියේ වේ ද එකල්හි ඒ ද්වාරය වැසෙයි. හේ එහි දුඃඛ වූ ත්‍රීව වූ කටුක වේදනා විඳියි. යම් තාක් පාපකර්‍මය නො ගෙවේ ද ඒ තාක් කල් නො මියෙයි.
Pali BJTහොති ඛො සො භික්ඛවෙ, සමයො යං කදාචි කරහචි දීඝස්ස අද්ධුනො අච්චයෙන තස්ස මහානිරයස්ස පච්ඡිමං ද්වාරං අවාපුරීයති{1} -පෙ- උත්තරං ද්වාරං අවාපුරීයති -පෙ- දක්ඛිණං ද්වාරං අවාපුරීයති. සො තත්ථ සීඝෙන ජවෙන ධාවති. තස්ස සීඝෙන ජවෙන ධාවතො ඡවිම්පි ඩය්හති, චම්මම්පි ඩය්හති, මංසම්පි ඩය්හති, නහාරුම්පි ඩය්හති. අට්ඨීනිපි සම්පධූපායන්ති. උබ්භතං තාදිසමෙව හොති. යතො ච ඛො සො භික්ඛවෙ, බහුසම්පත්තො හොති. අථ තං ද්වාරං පිථීයති{2}. සො තත්ථ දුක්ඛා තිප්පා කටුකා වෙදනා වෙදෙති. න ච තාව කාලං කරොති, යාව න තං පාපං කම්මං බ්යන්තීහොති.
Sinhala BJTමහණෙනි, යම් හෙයෙකින් කිසිවිටක දීර්‍ඝකාලයක්හුගේ ඇවෑමෙන් ඒ මහානරකයා ගේ පශ්චිමද්වාරය විවෘත වේ ද එබඳු කාලයෙක් වෙයි. ... උතුරු දොර විවර වේ ද ... දකුණු දොර විවර වේ ද එබඳු කාලයෙක් වෙයි. හේ එහි ශීඝ්‍රජවයෙන් දිවෙයි. ශීඝ්‍ රජවයෙන් දුවන ඔහුගේ සිවි ද දැවෙයි, සම් ද දැවෙයි, මස් ද දැවෙයි, නහර ද දැවෙයි, ඇටදු දුමයි, නඟනලදුයේ එබඳු මැ වෙයි. මහණෙනි, හෙතෙම යම් කලෙක බොහෝ වර්‍ෂ සහස්‍රයෙන් සමීපයට පැමිණියේ වේ ද එකල්හි ඒ දොර වැසෙයි. හේ එහි දුඃඛ ත්‍රීව කටුක වේදනා විඳියි. යම්තාක් ඒ පාපකර්‍මය නො ගෙවේ ද ඒතාක් නො මියෙයි.
Pali BJTහොති ඛො සො භික්ඛවෙ, සමයො යං කදාචි කරහචි දීඝස්ස අද්ධුනො අච්චයෙන තස්ස මහානිරයස්ස පුරත්ථිමං ද්වාරං අවාපුරීයති. සො තත්ථ සීඝෙන ජවෙන ධාවති. තස්ස සීඝෙන ජවෙන ධාවතො ඡවිම්පි ඩය්හති, චම්මම්පි ඩය්හති, මංසම්පි ඩය්හති, නහාරුම්පි ඩය්හති, අට්ඨීනිපි සම්පධූපායන්ති. උබ්භතං තාදිසමෙව හොති. සො තෙන ද්වාරෙන නික්ඛමති.
Sinhala BJTමහණෙනි, යම් හෙයෙකින් කිසිවිටක දීර්‍ඝකාලයක්හුගේ ඇවෑමෙන් ඒ මහානරකයාගේ පූර්‍වද්වාරය විවෘත වේ ද එබඳු කලෙක් වෙයි. හේ එහි ශීඝ්‍රජවයෙන් දුවයි, ශීඝ්‍රජවයෙන් දුවන ඔහුගේ සිවිදු දැවෙයි, සමුදු දැවෙයි, මසුදු දැවෙයි, නහරදු දැවෙයි, ඇටදු දුමයි, නැඟූ පිය එබඳු මැ වෙයි. හේ ඒ දොරින් නික්මයෙයි.
Pali BJTතස්ස ඛො පන භික්ඛවෙ, මහානිරයස්ස සමනන්තරා සහිතමෙව මහන්තො ගූථනිරයො. සො තත්ථ පපතති{1} තස්මිං ඛො පන භික්ඛවෙ, ගූථනිරයෙ සූචිමුඛා පාණා ඡවිං ඡින්දන්ති. ඡවිං ඡෙත්වා චම්මං ඡින්දන්ති. චම්මං ඡෙත්වා මංසං ඡින්දන්ති. මංසං ඡෙත්වා නහාරුං ඡින්දන්ති. නහාරුං ඡෙත්වා අට්ඨිං ඡින්දන්ති. අට්ඨිං ඡෙත්වා අට්ඨිමිඤ්ජං ඛාදන්ති. සො තත්ථ දුක්ඛා තිප්පා කටුකා වෙදනා වෙදෙති. න ච තාව කාලං කරොති, යාව න තං පාපං කම්මං බ්යන්තීහොති.
Sinhala BJTතවද මහණෙනි, ඒ මහානිරයට සමනන්තර වැ ඝටිත වැ මැ මහත් වූ ගූථනිරය වෙයි. හේ එහි වැටෙයි. මහණෙනි, ඒ ගූථනිරයෙහි ගැලෙයි. මහණෙනි, ඒ ගූථනිරයෙහි වැළිත් හිදි බඳු තුඩ ඇති පණුවෝ සිවිය සිඳිති, සිවිය සිඳ සම් සිඳිති, සම් සිඳ මස් සිඳිති, මස් සිඳ නහර සිඳිති, නහර සිඳ ඇට සිඳිති, ඇට සිඳ ඇටමිදුළු කත්. හේ එහි දුඃඛ තීව්‍ර කටුක වේදනා විඳී. යම්තාක් ඒ පාපකර්‍මය නො ගෙවේ ද ඒතාක් නො ද කලුරිය කෙරෙයි.
Pali BJTතස්ස ඛො පන, භික්ඛවෙ ගූථනිරයස්ස සමනන්තරා සහිතමෙව මහන්තො කුක්කුලනිරයො. සො තත්ථ පපතති{1} සො තත්ථ දුක්ඛා තිප්පා කටුකා වෙදනා වෙදෙති. න ච තාව කාලං කරොති, යාව න තං පාපං කම්මං බ්යන්තීහොති.
Sinhala BJTතවද මහණෙනි, ඒ ගූථනරකයට සමනන්තර වැ එක්ව මැ මහත් වූ උණු අළු නිරය වෙයි. හේ එහි වැටෙයි, හේ එහි දුඃඛ තීව්‍ර කටුක වේදනා විඳියි. යම්තාක් ඒ පාපකර්‍මය නො ගෙවේ ද ඒතාක් නො ද කලුරිය කෙරෙයි.
Pali BJTතස්ස ඛො පන භික්ඛවෙ, කුක්කුලනිරයස්ස සමනන්තරා සහිතමෙව මහන්තං සිම්බලීවනං උද්ධං{2} යොජනමුග්ගතං සොළසඞ්ගුලකණ්ටකං ආදිත්තං සම්පජ්ජලිතං සජොතිභූතං, තත්ථ ආරොපෙන්තිපි ඔරොපෙන්තිපි. සො තත්ථ දුක්ඛා තිප්පා කටුකා වෙදනා වෙදෙති. න ච තාව කාලං කරොති, යාව න තං පාපං කම්මං බ්යන්තීහොති.
Sinhala BJTතවද මහණෙනි, ඒ කුක්කුල නිරයට සමනන්තර වැ එක් වැ මැ සියක්යොදුන් උස නැඟුණු සොළොසඟුල් කටු ඇති ආදීප්ත වූ සම්ප්‍රජ්වලිත වූ ගිනිදැල් සහිත වූ මහත් හිඹුල්වනය වෙයි. (ඔහු) එහි නංවති, බස්වති. හේ එහි දුඃඛ තීව්‍ර කටුක වේදනා විඳී. යම්තාක් ඒ පාපකර්‍මය නො ගෙවේ ද ,ඒතාක් නො ද කලුරිය කෙරෙයි.
Pali BJTතස්ස ඛො පන භික්ඛවෙ, සිම්බලීවනස්ස සමනන්තරා සහිතමෙව මහන්තං අසිපත්තවනං. සො තත්ථ පවිසති තස්ස වාතෙරිතානි පත්තානි පතිතානි හත්ථම්පි ඡින්දන්ති, පාදම්පි ඡින්දන්ති, හත්ථපාදම්පි ඡින්දන්ති, කණ්ණම්පි ඡින්දන්ති, නාසම්පි ඡින්දන්ති, කණ්ණනාසම්පි ඡින්දන්ති. සො තත්ථ දුක්ඛා තිප්පා කටුකා වෙදනා වෙදෙති. න ච තාව කාලං කරොති, යාව න තං පාපං කම්මං බ්යන්තීහොති.
Sinhala BJTතවද මහණෙනි, ඒ හිඹුල්වනයට අනතුරු වැ එක් වැ මැ මහත් වූ අසිපත්‍රවනය වෙයි. හේ එහි පිවිසෙයි, වාතයෙන් සැලී වැටුණු පත්‍රයෝ ඔහුගේ අත ද සිඳුති පය ද සිඳුති අත්පා ද සිඳුති කන ද සිඳුති නැහැය ද සිඳුති. කන්නාසා ද සිඳුති හේ එහි දුඃඛ තීව්‍ර කටුක වේදනා විඳී. යම්තාක් ඒ පාපකර්‍මය නො ගෙවේ ද ඒතාක් නො ද කලුරිය කෙරෙයි.
Pali BJTතස්ස ඛො පන භික්ඛවෙ, අසිපත්තවනස්ස සමනන්තරා සහිතමෙව මහතී ඛාරොදිකා{3} නදී. සො තත්ථ පපතති. සො තත්ථ අනුසොතම්පි වුය්හති. පටිසොතම්පි වුය්හති. අනුසොතපටිසොතම්පි වුය්හති. සො තත්ථ දුක්ඛා තිප්පා කටුකා වෙදනා වෙදෙති. න ච තාව කාලං කරොති, යාව න තං පාපං කම්මං බ්යන්තීහොති.
Sinhala BJTතවද මහණෙනි, ඒ අසිපත්‍රවනයට සමනන්තර වැ එක් වැ මැ මහත් වූ වේතරණී නම් ක්‍ෂාරෝදකනදිය වෙයි. හේ එහි වැටෙයි, හේ එහි අනුශ්‍රොතසට ද ගෙනයෙයි, ප්‍රතිශ්‍රෝතසට ද ගෙනයෙයි, අනුශ්‍රෝතප්‍රතිශ්‍රෝතසට ද ගෙනයෙයි, හේ එහි දුඃඛ තීව්‍ර කටුක වේදනා විඳී. යම්තාක් ඒ පාපකර්‍මය නො ගෙවේ ද ඒතාක් නො ද කලුරිය කෙරෙයි.
Pali BJTතමෙනං භික්ඛවෙ, නිරයපාලා බළිසෙන උද්ධරිත්වා ථලෙ පතිට්ඨාපෙත්වා එවමාහංසු: ‘අම්භො පුරිස, කිං ඉච්ඡසී’ති. සො එවමාහ: ජිඝච්ඡිතොස්මි භන්තෙ’ති. තමෙනං භික්ඛවෙ, නිරයපාලා තත්තෙන අයොසඞ්කුනා මුඛං විවරිත්වා ආදිත්තෙන සම්පජ්ජලිතෙන සජොතිභූතෙන තත්තං ලොහගුළං මුඛෙ පක්ඛිපන්ති ආදිත්තං සම්පජ්ජලිතං සජොතිභූතං. සො තස්ස{4} ඔට්ඨම්පි ඩය්හති,{5} මුඛම්පි ඩය්හති, කණ්ඨම්පි ඩය්හති, උරම්පි{6} ඩය්හති, අන්තම්පි අන්තගුණම්පි ආදාය අධොභාගා නික්ඛමති. සො තත්ථ දුක්ඛා තිප්පා කටුකා වෙදනා වෙදෙති. න ච තාව කාලං කරොති, යාව න තං පාපං කම්මං බ්යන්තීහොති.
Sinhala BJTමහණෙනි, නිරයපාලයෝ ඔහු බිලියෙන් නඟා ස්ථලයෙහි හොවා මෙසේ කියති: ‘එම්බා පුරුෂය, කුමක් රිසියෙයි දැ? යි. හේ මෙසේ කියා: ‘සාමි’ වහන්සැ’ යි. මහණෙනි, යමපල්හු ඔහු ගෙන ගිනිගෙන දිලියෙන යහඬුවෙන් මුව විවෘත කොට ගිනි ගෙන දිලියෙන ලොහොගුලා මුඛයෙහි ප්‍රක්‍ෂේප කෙරෙත්. ඒ ලොහොගුලා ඔහුගේ දෙතොල ද දවයි, මුව ද දවයි, උගුර ද දවයි, උදරය ද දවයි, අතුණුදු අතුණුබහනුදු ගෙන අධෝභාගයෙන් නික්මයේ. හේ එහි දුඃඛ තීව්‍ර කටුක වේදනා විඳී. යම්තාක් ඒ පාප කර්‍මය ක්‍ෂය නො වේ ද ඒ තාක් නො ද මියෙයි.
Pali BJTතමෙනං භික්ඛවෙ, නිරයපාලා එවමාහංසු: ‘අම්භො පුරිස, කිං ඉච්ඡසී’ති. සො එවමාහ: ‘පිපාසිතොස්මි, භන්තෙ’ති. තමෙනං භික්ඛවෙ, නිරයපාලා තත්තෙන අයොසඞ්කුනා මුඛං විවරිත්වා ආදිත්තෙන සම්පජ්ජලිතෙන සජොතිභූතෙන තත්තං තම්බලොහං මුඛෙ ආසිඤ්චන්ති ආදිත්තං සම්පජ්ජලිතං සජොතිභූතං. තං තස්ස ඔට්ඨම්පි ඩය්හති, මුඛම්පි ඩය්හති, කණ්ඨම්පි ඩය්හති, උරම්පි ඩය්හති, අන්තම්පි අන්තගුණම්පි ආදාය අධොභාගා නික්ඛමති. සො තත්ථ දුක්ඛා තිප්පා කටුකා වෙදනා වෙදෙති. න ච තාව කාලං කරොති, යාව න තං පාපං කම්මං බ්යන්තීහොති.
Sinhala BJTමහණෙනි, යමපල්හු ඔහුට මෙසේ කියති: ‘එම්බා පුරුෂය, කුමක් රුස්වහි?’ හේ මෙසේ කියා: ‘පිපාසිතයෙමි, වහන්සැ’ යි. මහණෙනි, යමපල්හු ඔහු ගෙන ගිනිගෙන දිලියෙන යහඬුවෙන් මුව විවෘත කොට ගිනිගෙන දිලියෙන ලොහොදිය මුඛයෙහි ප්‍රක්‍ෂේප කෙරෙත්, ඒ ලොහොදිය ඔහුගේ තොල් ද දවයි, මුව ද දවයි, උගුර ද දවයි, ළය ද දවයි, අතුණුදු අතුණුබහනුදු ගෙන අධෝභාගයෙන් නික්මෙයි. හේ එහි තීව්‍ර කටුක දුඃඛ වේදනා විඳී. යම්තාක් ඒ පාපකර්‍මය ක්‍ෂය නො වේ ද ඒතාක් නො ද කලුරිය කෙරෙයි.
Pali BJTතමෙනං භික්ඛවෙ, නිරයපාලා පුන මහානිරයෙ පක්ඛිපන්ති.
Sinhala BJTමහණෙනි, යමපල්හු නැවත ඔහු මහානිරයෙහි ප්‍රක්‍ෂේප කෙරෙත්.
Pali BJTභූතපුබ්බං භික්ඛවෙ, යමස්ස රඤ්ඤො එතදහොසි: ‘යෙ කිර භො ලොකෙ පාපකානි අකුසලානි කම්මානි කරොන්ති, තෙ එවරූපා විවිධා කම්මකාරණා කරීයන්ති. අහොවතාහං මනුස්සත්තං ලභෙය්යං. තථාගතො ච ලොකෙ උප්පජ්ජෙය්ය අරහං සම්මාසම්බුද්ධො. තඤ්චාහං භගවන්තං පයිරුපාසෙය්යං, සො ච මෙ භගවා ධම්මං දෙසෙය්ය, තස්ස චාහං භගවතො ධම්මං ආජානෙය්ය’න්ති.
Sinhala BJTමහණෙනි, පෙර යමරජුට තෙල සිත් වී. ‘ලොවැ යම් කෙනෙක් ලමු අකුශලකර්‍ම කෙරෙත් ද ඔහු මෙබඳු විවිධ කම්කටොලු කරනු ලැබෙති. මම් මිනිසත්බව ලබම් නම් අර්‍හත් සම්‍යක් සම්බුද්ධ තථාගතයෝත් ලොවැ උපදනාහු නම් මම් ඒ භාග්‍යවතුන් වහන්සේ පර්‍ය්‍යුපාසනය කෙරෙම් නම් ඒ භාග්‍යවත්හු මට දහම් දෙසනසේක් නම් මම් ඒ භාග්‍යවත්හුගේ ධර්‍මය අවබෝධ කෙරෙම් නම් ඉතා මැනැවැ’ යි.
Pali BJTතං ඛො පන අහං භික්ඛවෙ, නාඤ්ඤස්ස සමණස්ස වා බ්රාහ්මණස්ස වා සුත්වා වදාමි. අපි ච යදෙව සාමං ඤාතං, සාමං දිට්ඨං, සාමං විදිතං තදෙවාහං වදාමීති.
Sinhala BJTතවද මහණෙනි, මම එකරුණ අන් ශ්‍රමණයක්හුගේ වේවයි බ්‍රාහ්මණයක්හුගේ වේවයි සමීපයෙන් අසා නො කියමි. වැළි යමක් මැ මා විසින් තමා මැ දන්නාලද තමා මැ දක්නාලද තමා මැ ප්‍රකට කොට දක්නාලද ද මම් එය මැ කියමි’යි.
Pali BJTඉදමවොච භගවා. ඉදං වත්වා සුගතො අථාපරං එතදවොච සත්ථා:
Sinhala BJTභාග්‍යවතුන් වහන්සේ මේ දේවදූතසුත වදාළහ. මේ වදාරා සුගත වූ ශාස්තෲන් වහන්සේ යළි අනෙකුදු තෙල ගාථා වදාළසේක:
Pali BJTචොදිතා දෙවදූතෙහි යෙ පමජ්ජන්ති මාණවා, තෙ දීඝරත්තං සොචන්ති හීනකායූපගා නරා.
Sinhala BJT“යම් මිනිස් කෙනෙක් දෙවදූතයන් විසින් චෝදනා කරන ලද්දාහු ප්‍රමාද වෙත්” ද, හීන වූ නරකයට පැමිණි ඒ නරයෝ දීර්‍ඝකාලයක් ශෝක කෙරෙත්.
Pali BJTයෙ ච ඛො දෙවදූතෙහි සන්තො සප්පුරිසා ඉධ, චොදිතා නප්පමජ්ජන්ති අරියධම්මෙ කුදාචනං.
Sinhala BJTමෙලොවැ දෙවදූතයන් විසින් චෝදිත වූ යම් සාධුපුරුෂ කෙනෙක් කිසිකලෙක ආර්‍ය්‍ය ධර්‍මයෙහි ප්‍රමාද නො වෙත් ද,
Pali BJTඋපාදානෙ භයං දිස්වා ජාතිමරණ සම්භවෙ, අනුපාදා විමුච්චන්ති ජාතිමරණසඞ්ඛයෙ.
Sinhala BJTජාතිමරණ දෙකට කාරණ වූ තෘෂ්ණාදෘෂ්ටි සංඛ්‍යාත උපාදානයෙහි බිය දැක ජාතිමරණ සඞ්ඛය සංඛ්‍යාත නිර්‍වාණයෙහි චතුරුපාදානයෙන් උපාදාන නො කොට විමුක්ත වෙත් ද,
Pali BJTතෙ ඛෙමප්පත්තා{1} සුඛිනො දිට්ඨධම්මාභිනිබ්බුතා, සබ්බවෙරභයාතීතා සබ්බදුක්ඛං උපච්චගුන්ති.
Sinhala BJTඒ සත්ත්‍වයෝ ක්‍ෂේමයට පැමිණියාහු සුඛිත වූවාහු දෘෂ්ටධර්‍ම සංඛ්‍යාත ඉහාත්මයෙහි ක්ලේශපරිනිර්‍වාණයෙන් නිවුණාහු සියලු වෛරභය ඉක්මවූවාහු සියලු සසරදුක් ඉක්මැගියාහු යයි.
Pali BJTදෙවදූතසුත්තං දසමං
Sinhala BJTදස වැනි දේවදුතසුත්‍ර යි.
Pali BJTසුඤ්ඤතවග්ගො තතියො.
Sinhala BJTතුන් වැනි ශූන්‍යත වර්‍ග යි.
Pali BJTතස්ස වග්ගස්ස උදානං:
Sinhala BJTඒ වර්‍ගයාගේ උද්දානය:
Pali BJTද්විධාව සුඤ්ඤතා හොති - අබ්භුතධම්මබාහුලං, අචිරවත භූමිජ නාමො - අනුරුද්ධුපක්කිලෙසං බාලපණ්ඩිතො දෙවදූතඤ්ච තෙ දසාති.
Sinhala BJTචූළසුඤ්ඤතමහාසුඤ්ඤත සූත්‍ර දෙක යැ, අච්ඡරියධම්ම සූත්‍ර යැ, බක්කුල සූත්‍ර යැ, දන්තභූමි සූත්‍ර යැ, භූමිජ සූත්‍ර යැ, අනුරුද්ධ සූත්‍ර යැ, උපක්කිසෙල සූත්‍ර යැ, බාලපණ්ඩිත සූත්‍ර යැ, දේවදූත සූත්‍ර යැ යි දශ සූත්‍රයෝ වෙති.
Pali BJT4. විභඞ්ගවග්ගො
Sinhala BJT4. විභඞ්ග වර්‍ගය
Pali BJT3. 4. 1.
Sinhala BJT3. 4. 1.
Pali BJTභද්දෙකරත්ත සුත්තං
Sinhala BJTභද්දේකරත්ත සූත්‍රය
Pali BJTඑවං මෙ සුතං: එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තත්ර ඛො භගවා භික්ඛූ ආමන්තෙසි ‘භික්ඛවො’ති. ‘භදන්තෙ’ති තෙ භික්ඛූ භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච:
Sinhala BJTමා විසින් මෙසේ අසනලද: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර ජේතවන නම් අනේපිඬුසිටුහුගේ අරම්හි වැඩවසනසේක. එහි දී භාග්‍යවත්හු ‘මහණෙනි’ යි භික්‍ෂූන් අඬගාවදාළහ. ‘පින්වතුන් වහන්සැ’ යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවත්හු තෙල භද්දේකරත්ත සූත්‍රය වදාළසේක.
Pali BJTභද්දෙකරත්තස්ස වො භික්ඛවෙ, උද්දෙසඤ්ච විභඞ්ගඤ්ච දෙසිස්සාමි. තං සුණාථ, සාධුකං මනසි කරොථ, භාසිස්සාමීති.
Sinhala BJT‘මහණෙනි, (විදර්‍ශනානුයෝග සමන්‍වාගත හෙයින්) භද්‍ර වූ එක් රැයක්හුගේ මාතෘකාව ද විස්තරවිභාගය ද දෙසමි. ඒ අසව, මොනොවට මෙනෙහි කරව, කියමි’ යි වදාළසේක.
Pali BJTඑවං භන්තෙති ඛො තෙ භික්ඛූ භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච:
Sinhala BJT‘එසේ යැ වහන්ස’ යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. බුදුහු තෙල වදාළෝ:
Pali BJTඅතීතං නාන්වාගමෙය්ය නප්පටිකඞ්ඛෙ අනාගතං, යදතීතං පහීනං තං අප්පත්තඤ්ච අනාගතං.
Sinhala BJT‘අතීත පඤ්චස්කන්‍ධය තෘෂ්ණාදෘෂ්ටීන් අනුගමනය නො කරන්නේ යැ. අනාගත පඤ්චස්කන්‍ධය තෘෂ්ණාදෘෂ්ටීන් නො පතන්නේ යැ. යම් හෙයකින් යමක් අතීත ද එය ප්‍රහීණ යැ. යමක් අනාගත ද එය නො පැමිණියේ යැ.
Pali BJTපච්චුප්පන්නඤ්ච යො ධම්මං තත්ථ තත්ථ විපස්සති, අසංහීරං අසංකුප්පං තං විද්වා මනුබ්රූහයෙ.
Sinhala BJTයමෙක් ප්‍රත්‍යුත්පන්න වූ (යම් ධර්‍මයෙක් ඇද්ද) ඒ ධර්‍මය ඒ ඒ තැන්හි අනිත්‍යාදි විසින් විදර්‍ශනා කෙරේ ද විද්වත් තෙමේ අසංහීර වූ අසංකෝප්‍ය වූ ඒ විදර්‍ශනාව වඩන්නේ ය.