Pali BJTතෙන හාවුසො කච්චාන, තංයෙවෙත්ථ පටිපුච්ඡිස්සාමි. යථා තෙ ඛමෙය්ය, තථා නං ව්යාකරෙය්යාසි. තං කිම්මඤ්ඤසි ආවුසො කච්චාන, ය්වායං භික්ඛු යාවතා එකං රුක්ඛමූලං මහග්ගතන්ති ඵරිත්වා අධිමුච්චිත්වා විහරති. යො චායං භික්ඛු යාවතා ද්වෙ වා තීණි වා රුක්ඛමූලානි මහග්ගතන්ති ඵරිත්වා අධිමුච්චිත්වා විහරති. ඉමාසං උභින්නං චිත්තභාවනානං කතමා චිත්තභාවනා මහග්ගතතරාති?
Sinhala BJTඇවැත් කාත්‍යායනයෙනි, එකරුණින් මෙහි ලා තොප ම පුළුවුස්මි: යම් පරිදි තොපට රුස්නේ නම් එපරිදි එය ප්‍රකාශ කරව, ඇවැත් කාත්‍යායනයෙනි, ඒ කිමැයි හඟනාව? යම් මහණෙක් එක් රුක්මුලක් පමණ තැන් මහද්ගත යයි අරමුණු කොටගෙන අධිමෝක්‍ෂ වශයෙන් බැසගෙන වෙසේ ද, යම් මහණෙක් රුක්මුල් දෙකක් හෝ තුනක් හෝ පමණ තැන් මහද්ගත යයි අරමුණු කොට අධිමෝක්‍ෂ වශයෙන් නිශ්චය කොටගෙන වෙසේ ද, මේ උභය චිත්තභාවනා අතුරින් කවර චිත්තභාවනායෙක් මහද්ගතතර වේ ද?
Pali BJTය්වායං භන්තෙ භික්ඛු යාවතා ද්වෙ වා තීණි වා රුක්ඛමූලානි මහග්ගතන්ති ඵරිත්වා අධිමුච්චිත්වා විහරති අයං ඉමාසං උභින්නං චිත්තභාවනානං මහග්ගතතරාති.
Sinhala BJTවහන්ස, යම් මහණෙක් රුක්මුල් දෙකක් හෝ තුනක් හෝ පමණ තැන් මහද්ගත යයි අරමුණු කොට අධිමෝක්‍ෂ වශයෙන් බැසගෙන වාස කෙරේ නම්, මේ භාවනාව මේ උභය චිත්තභාවනාවන් අතුරෙන් මහද්ගතතර වේ යයි.
Pali BJTතං කිම්මඤ්ඤසි ආවුසො කච්චාන, ය්වායං භික්ඛු යාවතා ද්වෙ වා තීණි වා රුක්ඛමූලානි මහග්ගතන්ති ඵරිත්වා අධිමුච්චිත්වා විහරති. යො චායං භික්ඛු යාවතා එකං ගාමක්ඛෙත්තං මහග්ගතන්ති ඵරිත්වා අධිමුච්චිත්වා විහරති. ඉමාසං උභින්නං චිත්තභාවනානං කතමා චිත්තභාවනා මහග්ගතතරාති?
Sinhala BJTඇවැත් කාත්‍යායනයෙනි, ඒ කිමැයි හඟනාව? යම් මහණෙක් රුක්මුල් දෙකක් හෝ තුනක් හෝ පමණ තැන් මහද්ගත යයි අරමුණු කොට නිශ්චය කොට වෙසෙත් ද, තවද යම් මහණෙක් එක් ගම්කෙතක් පමණ තැන් මහද්ගත යයි අරමුණු කොට නිශ්චය කොට ගෙන වෙසෙත් ද, මේ උභයචිත්තභාවනාවන් අතුරෙන් කවර චිත්තභාවනායෙක් මහද්ගතතර වේ දැ’ යි.
Pali BJTය්වායං භන්තෙ භික්ඛු යාවතා එකං ගාමක්ඛෙත්තං මහග්ගතන්ති ඵරිත්වා අධිමුච්චිත්වා විහරති. අයං ඉමාසං උභින්නං චිත්තභාවනානං මහග්ගතතරාති.
Sinhala BJTවහන්ස, යම් මහණෙක් එක් ගම්කෙතක් පමණ තැන් මහද්ගත යයි අරමුණු කොට නිශ්චය කොටගෙන වෙසේ ද, මේ භාවනාව මේ උභයචිත්තභාවනාවන් අතුරෙන් මහද්ගතතර වේ යයි.
Pali BJTතං කිම්මඤ්ඤසි ආවුසො කච්චාන, ය්වායං භික්ඛු යාවතා එකං ගාමක්ඛෙත්තං මහග්ගතන්ති ඵරිත්වා අධිමුච්චිත්වා විහරති. යො චායං භික්ඛු යාවතා ද්වෙ වා තීණි වා ගාමක්ඛෙත්තානි මහග්ගතන්ති ඵරිත්වා අධිමුච්චිත්වා විහරති. ඉමාසං උභින්නං චිත්තභාවනානං කතමා චිත්තභාවනා මහග්ගතතරාති?
Sinhala BJTඇවැත් කාත්‍යායනයෙනි, ඒ කිමැයි හඟනාව? යම් මහණෙක් එක් ගම්කෙතක් පමණ තැන් මහද්ගත යයි අරමුණු කොට දැනගෙන වෙසේ ද, තවද යම් මහණෙක් ගම්කෙත් දෙකක් තුනක් පමණ තැන් මහද්ගත යයි අරමුණු කොට දැනගෙන වෙසේ ද, මේ උභයචිත්තභාවනාවන් අතුරෙන් කවර චිත්තභාවනායෙක් මහද්ගතතර වේ දැ’ යි.
Pali BJTය්වායං භන්තෙ භික්ඛු යාවතා ද්වෙ වා තීණි වා ගාමක්ඛෙත්තානි මහග්ගතන්ති ඵරිත්වා අධිමුච්චිත්වා විහරති. අයං ඉමාසං උභින්නං චිත්තභාවනානං මහග්ගතතරාති.
Sinhala BJTවහන්ස, යම් මහණෙක් ගම්කෙත් දෙකක් හෝ තුනක් හෝ පමණ තැන් අරමුණු කොට අධිමෝක්‍ෂ කොට වාස කෙරේ ද, මේ චිත්තභාවනාව මේ උභයචිත්තභාවනාවන් අතුරින් මහද්ගතතර වෙයි.
Pali BJTතං කිං මඤ්ඤසි ආවුසො කච්චාන, ය්වායං භික්ඛු යාවතා ද්වෙ වා තීණි වා ගාමක්ඛෙත්තානි මහග්ගතන්ති ඵරිත්වා අධිමුච්චිත්වා විහරති. යො චායං භික්ඛු යාවතා එකං මහාරජ්ජං මහග්ගතන්ති ඵරිත්වා අධිමුච්චිත්වා විහරති. ඉමාසං උභින්නං චිත්තභාවනානං කතමා චිත්තභාවනා මහග්ගතතරාති?
Sinhala BJTඇවැත් කාත්‍යායනයෙනි, ඒ කිමැයි හඟනාව? යම් මහණෙක් ගම්කෙත් දෙකක් හෝ තුනක් හෝ පමණ තැන් මහද්ගත යයි අරමුණු කොට නිශ්චය කොටගෙන වෙසේ ද, යම් මහණෙක් එක් මහරජයක් පමණ තැන් මහද්ගත යයි අරමුණු කොට නිශ්චය කොටගෙන වෙසේ ද, මේ උභයචිත්තභාවනාවන් අතුරින් කවර චිත්තභාවනායෙක් මහද්ගතතර වේ දැ’ යි.
Pali BJTය්වායං භන්තෙ, භික්ඛු යාවතා එකං මහාරජ්ජං මහග්ගතන්ති ඵරිත්වා අධිමුච්චිත්වා විහරති. අයං ඉමාසං උභින්නං චිත්තභාවනානං මහග්ගතතරාති.
Sinhala BJTවහන්ස, යම් මහණෙක් එක් මහරජයක් පමණ තැන් මහද්ගත යයි අරමුණු කොට අධිමෝක්‍ෂ කොට වෙසේ ද, මේ චිත්තභාවනාව මේ උභයචිත්තභාවනාවන් අතුරින් මහද්ගතතර වෙයි.
Pali BJTතං කිම්මඤ්ඤසි ආවුසො කච්චාන, ය්වායං භික්ඛු යාවතා එකං මහාරජ්ජං මහග්ගතන්ති ඵරිත්වා අධිමුච්චිත්වා විහරති. යො චායං භික්ඛු යාවතා ද්වෙ වා තීණි වා මහාරජ්ජානි මහග්ගතන්ති ඵරිත්වා අධිමුච්චිත්වා විහරති. ඉමාසං උභින්නං චිත්තභාවනානං කතමා චිත්තභාවනා මහග්ගතතරාති?
Sinhala BJTඇවැත් කාත්‍යායනයෙනි, යම් මහණෙක් එක් මහරජයක් පමණ තැන් මහද්ගත යයි අරමුණු කොට නිශ්චය කොටගෙන වෙසේ ද, යම් මහණෙක් මහරජයන් දෙකක් හෝ තුනක් හෝ පමණ තැන් අරමුණු කොට නිශ්චය කොටගෙන වෙසේ ද, මේ උභය චිත්තභාවනාවන් අතුරින් කවර චිත්තභාවනායෙක් මහද්ගතතර වේ දැ’ යි..
Pali BJTය්වායං භන්තෙ භික්ඛු යාවතා ද්වෙ වා තීණි වා මහාරජ්ජානි මහග්ගතන්ති ඵරිත්වා අධිමුච්චිත්වා විහරති. අයං ඉමාසං උභින්නං චිත්තභාවනානං මහග්ගතතරාති.
Sinhala BJTවහන්ස, යම් මහණෙක් මහරජ දෙකක් හෝ තුනක් හෝ පමණ තැන් මහද්ගත යයි අරමුණු කොට අධිමෝක්‍ෂ කොට වෙසේ ද, මේ චිත්තභාවනාව මේ උභයචිත්තභාවනාවන් අතුරින් මහද්ගතතර වෙයි.
Pali BJTතං කිම්මඤ්ඤසි ආවුසො කච්චාන, ය්වායං භික්ඛු යාවතා ද්වෙ වා තීණි වා මහාරජ්ජානි මහග්ගතන්ති ඵරිත්වා අධිමුච්චිත්වා විහරති. යො චායං භික්ඛු යාවතා සමුද්දපරියන්තං පඨවිං මහග්ගතන්ති ඵරිත්වා අධිමුච්චිත්වා විහරති. ඉමාසං උභින්නං චිත්තභාවනානං කතමා චිත්තභාවනා මහග්ගතතරාති?
Sinhala BJTඇවැත් කාත්‍යායනයෙනි, ඒ කිමැයි හඟනාව? යම් මහණෙක් මහරජ දෙකක් හෝ තුනක් හෝ පමණ තැන් මහද්ගත යයි අරමුණු කොට අධිමෝක්‍ෂ කොට වෙසේ ද, යම් මහණෙක් සමුද්‍රපර්‍ය්‍යන්ත පෘථිවිය පමණ තැන් මහද්ගත යයි අරමුණු කොට අධිමෝක්‍ෂ කොට වාස කෙරේ ද, මේ උභයචිත්තභාවනාවන් අතුරින් කවර චිත්තභාවනායෙක් මහද්ගතතර වේ දැ’ යි.
Pali BJTය්වායං භන්තෙ, භික්ඛු යාවතා සමුද්දපරියන්තං පඨවිං මහග්ගතන්ති ඵරිත්වා අධිමුච්චිත්වා විහරති. අයං ඉමාසං උභින්නං චිත්තභාවනානං මහග්ගතතරාති.
Sinhala BJTවහන්ස, යම් මහණෙක් සමුද්‍රපර්‍ය්‍යන්ත පෘථිවිය පමණ තැන් මහද්ගත යයි අරමුණු කොට අධිමෝක්‍ෂ කොට වාස කෙරේ ද, මේ චිත්තභාවනාව මේ උභයචිත්තභාවනාවන් අතුරින් මහද්ගතතර වෙයි.
Pali BJTඅයං ඛො ආවුසො කච්චාන, හෙතු අයං පච්චයො, යෙන තාසං දෙවතානං එකං දෙවනිකායං උපපන්නානං සන්තෙත්ථෙකච්චා දෙවතා පරිත්තාභා, සන්ති පනෙත්ථෙකච්චා දෙවතා අප්පමාණාභාති.
Sinhala BJTඇවැත් කාත්‍යායනයෙනි, යම් කරුණෙකින් එක් දේවනිකායකට පැමිණි ඒ දෙවියන් අතුරින් මෙහි කිසි පරිත්තාභ දෙවි කෙනෙක් ඇද්ද, මෙහි අප්පමාණභ කිසි දෙවිකෙනෙක් ඇද්ද, මේ එයට හේතු යැ, මේ එයට ප්‍රත්‍යයැ’යි.
Pali BJTසාධු භන්තෙ අනුරුද්ධ, අත්ථි ච මෙ එත්ථ උත්තරිං පටිපුච්ඡිතබ්බං. යාවතා භන්තෙ, දෙවතා ආභා, සබ්බා තා සංකිලිට්ඨාභා? උදාහු සන්තෙත්ථෙකච්චා දෙවතා පරිසුද්ධාභාති?
Sinhala BJTවහන්ස, අනුරුද්ධයෙනි, මනා මැ ය, මෙහි දී මා විසින් මතුයෙහි ඇසියයුතු පැනයෙක් ද ඇත. වහන්ස, යම් පමණ ආභ දෙවියෝ ඇද්ද, එ හැම දෙවියෝ සඞ්කිලිට්ඨාභ වෙත් ද, නොහොත් මෙහි කිසි දෙවිකෙනෙක් පරිසුද්ධාභ වූවාහු ඇද්ද?
Pali BJTතදඞ්ගෙන ඛො ආවුසො කච්චාන, සන්තෙත්ථෙකච්චා දෙවතා සංකිලිට්ඨාභා පනෙත්ථෙකච්චා දෙවතා පරිසුද්ධාභාති.
Sinhala BJTඇවැත් කාත්‍යායනයෙනි, තදඞ්ගවශයෙන් මෙහි සඞ්කිලිට්ඨාභ කිසි දෙවි කෙනෙක් ඇත, මෙහි පරිසුද්ධාභ කිසි දෙවි කෙනෙක් ද ඇත.
Pali BJTකො නු ඛො භන්තෙ අනුරුද්ධ, හෙතු කො පච්චයො, යෙන තාසං දෙවතානං එකං දෙවනිකායං උපපන්නානං සන්තෙත්ථෙකච්චා දෙවතා සංකිලිට්ඨාභා, සන්ති පනෙත්ථෙකච්චා දෙවතා පරිසුද්ධාභාති.
Sinhala BJTවහන්ස, අනුරුද්ධයෙනි, යම් කරුණෙකින් එක් දේවනිකායකට පැමිණි ඒ දෙවියන් අතර සඞ්කිලිට්ඨාභ කිසි දෙවි කෙනෙක් ඇද්ද, පරිසුද්ධාභ කිසි දෙවි කෙනෙක් ඇද්ද, ඊට හේතු කවරේ ය? ඊට ප්‍රත්‍යය කවරේ යැ’ යි.
Pali BJTතෙන හාවුසො කච්චාන, උපමං තෙ කරිස්සාමි. උපමායපිධෙකච්චෙ විඤ්ඤූ පුරිසා භාසිතස්ස අත්ථං ආජානන්ති. සෙය්යථාපි ආවුසො කච්චාන, තෙලප්පදීපස්ස ඣායතො තෙලම්පි අපරිසුද්ධං වට්ටිපි අපරිසුද්ධා, සො තෙලස්සපි අපරිසුද්ධත්තා වට්ටියාපි අපරිසුද්ධත්තා අන්ධන්ධං විය ඣායති. එවමෙව ඛො ආවුසො කච්චාන, ඉධෙකච්චො භික්ඛු සංකිලිට්ඨාභාති ඵරිත්වා අධිමුච්චිත්වා විහරති. තස්ස කායදුට්ඨුල්ලම්පි න සුප්පටිප්පස්සද්ධං හොති. ථිනමිද්ධම්පි න සුසමූහතං හොති. උද්ධච්චකුක්කුච්චම්පි න සුප්පටිවිනීතං හොති. සො කායදුට්ඨුල්ලස්සපි න සුප්පටිප්පස්සද්ධත්තා ථිනමිද්ධස්සපි න සුසමූහතත්තා උද්ධච්චකුක්කුච්චස්සපි න සුප්පටිවිනීතත්තා අන්ධන්ධං විය ඣායති. සො කායස්ස භෙදා පරම්මරණා සංකිලිට්ඨාභානං දෙවානං සහව්යතං උපපජ්ජති. සෙය්යථාපි ආවුසො කච්චාන, තෙලප්පදීපස්ස ඣායතො තෙලම්පි පරිසුද්ධං වට්ටිපි පරිසුද්ධා, සො තෙලස්සපි පරිසුද්ධත්තා වට්ටියාපි පරිසුද්ධත්තා න අන්ධන්ධං විය ඣායති. එවමෙව ඛො ආවුසො කච්චාන, ඉධෙකච්චො භික්ඛු පරිසුද්ධාභාති ඵරිත්වා අධිමුච්චිත්වා විහරති. තස්ස කායදුට්ඨුල්ලම්පි සුප්පටිප්පස්සද්ධං හොති. ථිනමිද්ධම්පි සුසමූහතං හොති. උද්ධච්චකුක්කුච්චම්පි සුප්පටිවිනීතං හොති. සො කායදුට්ඨුල්ලස්සපි සුප්පටිප්පස්සද්ධත්තා ථිනමිද්ධස්සපි සුසමූහතත්තා උද්ධච්චකුක්කුච්චස්සපි සුප්පටිවිනීතත්තා න අන්ධන්ධං විය ඣායති. සො කායස්ස භෙදා පරම්මරණා පරිසුද්ධාභානං දෙවානං සහව්යතං උපපජ්ජති.
Sinhala BJTඇවැත් කාත්‍යායනයෙනි, එකරුණින් තොපට උපමාවක් කරමි: මෙ ලො වැ කිසි විඥපුරුෂ කෙනෙක් උපමායෙනුදු භාෂිතයාගේ අර්‍ත්‍ථය අවබෝධ කොට දනිත්. ඇවැත් කාත්‍යායනයෙනි, යම් පරිදි දැල්වෙන තෙල්පහනක්හුගේ තෙලුදු නො පිරිසිදු වේ නම්, වැටිදු නො පිරිසිදු වේ නම්, ඒ පහන තෙල් නො පිරිසිදු හෙයිනුදු වැටි නො පිරිසිදු හෙයිනුදු අතිශයින් අඳුරු වූවක් සෙයින් දිලෙයි. ඇවැත් කාත්‍යායනයෙනි, එපරිදි ම මේ සස්නෙහි කිසි මහණෙක් සංකිලිට්ඨාභ යයි අරමුණු කොට අධිමෝක්‍ෂ කොට වාස කෙරේ ද, ඔහුගේ දෝෂනිශ්ශ්‍රිත කයත් නොසන්හිඳුණේ වේ ද, ථිනමිද්ධයත් නොනැසුණේ වේ ද, උද්ධචච් කුක්කුච්චයත් මොනොවට විනීත නො වේ ද, හේ කායදුට්ඨුල්ලය නො සන්හුන් බැවිනුදු ථිනමිද්ධ නො නට බැවිනුදු උද්ධචච්කුක්කුච්චය අවිනීත බැවිනුදු වැඩිපමණ අඳුරු වූවාක් සෙයින් දිලෙයි. හේ කාබුන් මරණින් මතු සඞ්කිලිට්ඨාභ දෙවියන්ගේ සහභාවයට පැමිණෙයි. ඇවැත් කාත්‍යායනයෙනි, යම් පරිදි දැල්වෙන තෙල්පහනක්හුගේ තෙලත් පිරිසිදු වේ ද, වැටිත් පිරිසිදු වේ ද, ඒ පහන තෙලත් පිරිසිදු හෙයිනුදු වැටිත් පිරිසිදු හෙයිනුදු වැඩිපමණ අඳුරු වූවාක් සෙයින් නො දිලේ ද, ඇවැත් කාත්‍යායනයෙනි, එපරිදි ම මෙසස්නෙහි කිසි මහණෙක් පරිසුද්ධාභ යයි අරමුණු කොට නිශ්චය කොට වෙසේ ද, ඔහුගේ කායදුට්ඨුල්ලයත් සන්හුන් වේ ද, ථිනමිද්ධයත් නටුයේ වේ ද, උද්ධචච්කුක්කුච්චයත් විනීත වේ ද, ඒ මහණ කායදුට්ඨුල්ලයත් සන්හුන් හෙයින් ථිනමිද්ධයත් නටහෙයින් උද්ධචච්කුක්කුච්චයත් විනීත හෙයින් අතිශයින් අඳුරු වූවාක් සෙයින් නො දිලෙයි. හේ කාබුන් මරණින් මතු පරිසුද්ධාභ දෙවියන්ගේ සහභාවයට පැමිණෙයි.
Pali BJTඅයං ඛො ආවුසො කච්චාන, හෙතු අයං පච්චයො, යෙන තාසං දෙවතානං එකං දෙවනිකායං උපපන්නානං සන්තෙත්ථෙකච්චා දෙවතා සංකිලිට්ඨාභා, සන්ති පනෙත්ථෙකච්චා දෙවතා පරිසුද්ධාභාති.
Sinhala BJTඇවැත් කාත්‍යායනයෙනි, එක් දේවනිකායකට පැමිණි ඒ දෙවියන් අතර සඞ්කිලිට්ඨාභ වූ කිසි දෙවි කෙනෙක් ඇද්ද, පරිසුද්ධාභ කිසි දෙවි කෙනෙක් ඇද්ද, මේ ඊට හේතු යැ, මේ ඊට ප්‍රත්‍යය යි.
Pali BJTඑවං වුත්තෙ, ආයස්මා සභියො කච්චානො ආයස්මන්තං අනුරුද්ධං එතදවොච : ‘සාධු භන්තෙ අනුරුද්ධ, න භන්තෙ, ආයස්මා අනුරුද්ධො එවමාහ : එවං මෙ සුතන්ති වා, එවං අරහති භවිතුන්ති වා.
Sinhala BJTමෙසේ කී කල්හි ආයුෂ්මත් සභිය කාත්‍යායන ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවනට තෙල කී: “වහන්ස, අනුරුද්ධයෙනි, මැනැව. වහන්ස, ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවෝ මෙසේ නො කියති. කිසේ යැ යත්: ‘මා විසින් මෙසේ අසන ලදැ’ යි කියා හෝ ‘මෙසේ වන්නට නිස්සැ’ යි කියා හෝ” යි.
Pali BJTඅථ ච පන භන්තෙ, ආයස්මා අනුරුද්ධො ‘එවම්පි තා දෙවතා ඉතිපි තා දෙවතාත්වෙව භාසති. තස්ස මය්හං භන්තෙ, එවං හොති : අද්ධායස්මතා අනුරුද්ධෙන තාහි දෙවතාහි සද්ධිං සන්නිවුත්ථපුබ්බඤ්චෙව සල්ලපිතපුබ්බඤ්ච සාකච්ඡා ච සමාපජ්ජිතපුබ්බාති.
Sinhala BJTතවද වහන්ස, ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවෝ “ඒ දෙවියෝ මෙසේත් වෙති, ඒ දෙවියෝ මේ අයුරු වෙති” යි කියා ම කියති. වහන්ස, මට මෙබඳු සිතෙක් වෙයි: එකැතින් ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවෝ ඒ දෙවියන් හා එක්ව විසූවිරූහ, සල්ලාප කළ විරූහ, සාකච්ඡා කළවිරූහ, කියා යි.
Pali BJTඅද්ධා ඛො අයං ආවුසො කච්චාන, ආසජ්ජ උපනීය වාචා භාසිතා. අපි ච තෙ අහං ව්යාකරිස්සාමි. දීඝරත්තං ඛො මෙ ආවුසො කච්චාන, තාහි දෙවතාහි සද්ධිං සන්නිවුත්ථපුබ්බඤ්චෙව සල්ලපිතපුබ්බඤ්ච සාකච්ඡා ච සමාපජ්ජිතපුබ්බාති.
Sinhala BJTඇවැත් කාත්‍යායනයෙනි, තොප විසින් ඝටා නිගා එළවා බස් පැවැසිණ, වැලිත් මම තොපට කියමි: ‘ඇවැත් කාත්‍යායනයෙනි, මා දීර්‍ඝරාත්‍රයෙහි ඒ දෙවියන් හා විසූවිරූ ඇත, සල්ලාප කළවිරූ ඇත, සාකච්ඡා කළවිරූ ඇතැ’ යි.
Pali BJTඑවං වුත්තෙ ආයස්මා සභියො කච්චානො පඤ්චකඞ්ගං ථපතිං එතදවොච : ‘ලාභා තෙ ගහපති. සුලද්ධං තෙ ගහපති. යං ත්වං චෙව තං සඞ්ඛාධම්මං පහාසි. මයඤ්චි’මං ධම්මපරියායං අලත්ථම්හා සවණායා’ති.
Sinhala BJTමෙසේ කී කල ආයුෂ්මත් සභිය කාත්‍යායන පඤ්චකඞ්ග ථපති හට තෙල කී: ‘ගැහැවිය, තොපට ලාභයෙක, ගැහැවිය, තොපට සුලද්ධයෙකි, යම් හෙයකින් තෙපිදු ඒ සැක දහම හැරපියව් ද, අපිත් මේ ධර්‍මපර්‍ය්‍යාය අසන්නට ලදුමෝ ද එහෙයිනි.’
Pali BJTඅනුරුද්ධ සුත්තං සත්තමං.
Sinhala BJTසත්වැනි අනුරුද්ධ සූත්‍ර යි.
Pali BJT3. 3. 8.
Sinhala BJT3. 3. 8.
Pali BJTඋපක්කිලෙස සුත්තං
Sinhala BJTඋපක්කිලේස සූත්‍රය
Pali BJTඑවං මෙ සුතං: එකං සමයං භගවා කොසම්බියං විහරති ඝොසිතාරාමෙ. තෙන ඛො පන සමයෙන කොසම්බියං භික්ඛූ භණ්ඩනජාතා කලහජාතා විවාදාපන්නා අඤ්ඤමඤ්ඤං මුඛසත්තීහි විතුදන්තා විහරන්ති. අථ ඛො අඤ්ඤතරො භික්ඛු යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං අට්ඨාසි. එකමන්තං ඨිතො ඛො සො භික්ඛු භගවන්තං එතදවොච: ඉධ භන්තෙ, කොසම්බියං භික්ඛූ භණ්ඩනජාතා කලහජාතා විවාදාපන්නා අඤ්ඤමඤ්ඤං මුඛසත්තීහි විතුදන්තා විහරන්ති. සාධු භන්තෙ, භගවා යෙන තෙ භික්ඛූ තෙනුපසඞ්කමතු අනුකම්පං උපාදායාති. අධිවාසෙසි භගවා තුණ්හීභාවෙන.
Sinhala BJTමා විසින් මෙසේ අසන ලද: එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ කොසඹෑනුවර ඝෝෂිතාරාමයෙහි වැඩවසන සේක. එකල කොසඹෑනුවර මහණහු හටගත් භණ්ඩන ඇත්තාහු හටගත් කලහ ඇත්තාහු විවාදාපන්න වූවාහු උනුන් මුවසැතින් පෙළන්නාහු වෙසෙති. ඉක්බිති අන්‍යතර මහණෙක් භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියේය. එළැඹැ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස් වැ සිටියේය. එකත්පස් වැ සිටි ඒ මහණ භාග්‍යවතුන් වහන්සේට තෙල සැලකෙළේ: “වහන්ස, මේ කොසඹෑනුවර මහණහු හටගත් භණ්ඩන ඇති වැ හටගත් කලහ ඇති වැ විවාදයට පැමිණ, උනුන් මුවසැතින් පෙළමින් වෙසෙති. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ ඒ මහණුන් කරා අනුකම්පා පිණිස වඩනේ මැනැව’යි ඇයැද සිටිමි” යි, භාග්‍යවතුන් වහන්සේ තුෂ්ණීම්භාවයෙන් අධිවාසනා කළෝ.
Pali BJTඅථ ඛො භගවා යෙන තෙ භික්ඛූ තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා තෙ භික්ඛූ එතදවොච: ‘අලං භික්ඛවෙ, මා භණ්ඩනං, මා කලහං, මා විග්ගහං, මා විවාද’න්ති.
Sinhala BJTඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ මහණුන් කරා එළැඹි සේක. එළඹ ඒ මහණුනට තෙල වදාළෝ: “මහණෙනි, කම් නැත, නහමක් භණ්ඩන කරව, නහමක් කලහ කරව, නහමක් විග්‍රහකරව, නහමක් විරුද්ධවාද කරව” යි.
Pali BJTඑවං වුත්තෙ අඤ්ඤතරො භික්ඛු භගවන්තං එතදවොච. ආගමෙතු භන්තෙ, භගවා ධම්මස්සාමී. අප්පොස්සුක්කො භන්තෙ, භගවා දිට්ඨධම්මසුඛවිහාරං අනුයුත්තො විහරතු. මයමෙතෙන භණ්ඩනෙන කලහෙන විග්ගහෙන විවාදෙන පඤ්ඤායිස්සාමාති.
Sinhala BJTමෙසේ වදාළ කල අන්‍යතර මහණෙක් භාග්‍යවතුන් වහන්සේට තෙල සැලකෙළේ: “වහන්ස, ධර්‍මස්වාමි වූ භාග්‍යවතුන් වහන්සේ බලන සේක්වා, වහන්ස, භාග්‍යවතුන් වහන්සේ අල්පොත්සුක ව දෘෂ්ටධර්‍මසුඛවිහරණයෙහි අනුයුක්ත ව වැඩවසන සේක්වා. අපි තෙල භණ්ඩන කලහ විග්‍රහ විවාදයෙන් පැනෙම්හ” යි.
Pali BJTදුතියම්පි ඛො භගවා තෙ භික්ඛූ එතදවොච: ‘අලං භික්ඛවෙ, මා භණ්ඩනං, මා කලහං, මා විග්ගහං, මා විවාද’න්ති.
Sinhala BJTදෙවනුවටත් භාග්‍යවතුන් වහන්සේ ඒ මහණුනට තෙල වදාළෝ: “මහණෙනි, කම් නැත, භණ්ඩන නො කරව, කලහ නො කරව, විග්‍රහ නො කරව, විවාද නො කරව” යි.
Pali BJTදුතියම්පි ඛො සො භික්ඛු භගවන්තං එතදවොච: ‘ආගමෙතු, භන්තෙ, භගවා ධම්මස්සාමී. අප්පොස්සුක්කො භන්තෙ, භගවා දිට්ඨධම්මසුඛවිහාරං අනුයුත්තො විහරතු. මයමෙතෙන භණ්ඩනෙන කලහෙන විග්ගහෙන විවාදෙන පඤ්ඤායිස්සාමාති.
Sinhala BJTදෙවනවටත් ඒ මහණ භාග්‍යවතුන් වහන්සේට තෙල සැලකෙළේ: “වහන්ස, ධර්‍මස්වාමි වූ භාග්‍යවතුන් වහන්සේ ඉවසන සේක්වා, වහන්ස, භාග්‍යවතුන් වහන්සේ අල්පොත්සාහ ව ඉහාත්මසුඛවිහාරයෙහි අනුයුක්ත ව වසන සේක්වා. තෙල භණ්ඩනයෙන් කලහයෙන් විරුද්ධග්‍රහණයෙන් විරුද්ධවාදයෙන් අපි පැනෙම්හ” යි.
Pali BJTතතියම්පි ඛො භගවා තෙ භික්ඛූ එතදවොච: අලං භික්ඛවෙ, මා භණ්ඩනං, මා කලහං, මා විග්ගහං, මා විවාද’න්ති.
Sinhala BJTතෙවනවටත් භාග්‍යවතුන් වහන්සේ ඒ මහණුනට තෙල වදාළෝ: “මහණෙනි, කම් නැත, භණ්ඩන නො කරන්නේ මැනැව, කලහ නො කරන්නේ මැනැව, විග්‍රහ නො කරන්නේ මැනැව, විවාද නො කරන්නේ මැනැව” යි.
Pali BJTතතියම්පි ඛො සො භික්ඛු භගවන්තං එතදවොච: ‘ආගමෙතු භන්තෙ, භගවා ධම්මස්සාමී. අප්පොස්සුක්කො භන්තෙ, භගවා දිට්ඨධම්මසුඛවිහාරං අනුයුත්තො විහරතු. මයමෙතෙන භණ්ඩනෙන කලහෙන විග්ගහෙන විවාදෙන පඤ්ඤායිස්සාමාති.
Sinhala BJTතෙවනවටත් ඒ මහණ භාග්‍යවතුන් වහන්සේට තෙල සැලකෙළේ: “වහන්ස, නවත්නේ මැනැව, වහන්ස, ධර්‍මස්වාමි වූ භාග්‍යවතුන් වහන්සේ නිරුත්සුක ව මෙලො වැ සුඛ විහරණයෙහි යෙදුණාහු වැඩවසන සේක්වා. අපි තෙල භණ්ඩන කලහ විග්‍රහ විවාදයෙන් පැනෙම්හ” යි.
Pali BJTඅථ ඛො භගවා පුබ්බණ්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය කොසම්බිං පිණ්ඩාය පාවිසි. කොසම්බියං{1} පිණ්ඩාය චරිත්වා පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තො සෙනාසනං සංසාමෙත්වා පත්තචීවරමාදාය ඨිතකොව ඉමා ගාථා අභාසි:
Sinhala BJTඑසඳ භාග්‍යවතුන් වහන්සේ පෙරවරු හැඳ පාසිවුරු ගෙන කොසඹෑනුවර පිඬු පිණිස වැඩිසේක. කොසඹෑයෙහි පිඬු පිණිස හැසිර පසුබත පිණ්ඩපාතයෙන් වැළැකුණාහු සෙනසුන් සඟවාතබා, පාසිවුරු ගෙන සිටිවන සිටිසේක් ම මේ ගාථා වදාළ සේක:
Pali BJTපුථුසද්දො සමජනො න බාලො කොචි මඤ්ඤථ, සඞ්ඝස්මිං භිජ්ජමානස්මිං නාඤ්ඤං භිය්යො අමඤ්ඤථ{2}
Sinhala BJTසමානස්වරූප වූ මේ භණ්ඩනකාරක ජන තෙමේ මහාශබ්ද ඇතියේ යැ, කිසිවෙක් ‘මම බාලයෙමි’ නො සිතී, සංඝයා බිඳෙන කල්හි වැඩි පමණ වූ (මා නිසා සහසු බිඳෙති යන) අන් කරුණ නො සිතී.
Pali BJTපරිමුට්ඨා පණ්ඩිතා භාසා වාචාගොචරභාණිනො, යාවිච්ඡන්ති මුඛායාමං යෙන නීතා න තං විදූ.
Sinhala BJTයම් කලහයෙකින් මේ නිර්ලජ්ජභාවයට එළවන ලද්දාහු (මෙසේ මේ ආදීනව සහිතය යන) එ කරුණ නො දනිත් ද, ඔහු මුළාවූ සිහි ඇතියාහු පණ්ඩිතාභාස ඇතියාහු වාග්ගෝචර කොට ඇත්තාහු යම් තාක් මුව ඇයුම් කැමැති වෙත් ද, එතෙක් බණනාහු වෙති.
Pali BJTඅක්කොච්ඡි මං අවධි මං අජිනි මං අහාසි මෙ, යෙ ච තං{3} උපනය්හන්ති වෙරං තෙසං න සම්මති.
Sinhala BJTමට ආක්‍රෝශ කෙළේය, මා පෙළී ය, මා දිනී ය, මා අයත් වස්තු පැහැර ගතැ’ යි යම් කෙනෙක් ඒ වෛරය සිතැ බඳිත් ද, උන්ගේ වෛරය නො සන්හිඳෙයි.
Pali BJTඅක්කොච්ඡි මං අවධි මං අජිනි මං අහාසි මෙ, යෙ ච තං න උපනය්හන්ති වෙරං තෙසූපසම්මති.
Sinhala BJTමට ආක්‍රෝශ කෙළේය, මා පහළේ ය, මා දිනී ය, මා සතු දෑ පැහැර ගතැ’ යි යම් කෙනෙක් ඒ අයුරු වෛරය සිතැ නො බඳිත් ද, උන්ගේ වෛරය සන්හිඳේ.
Pali BJTන හි වෙරෙන වෙරානි සම්මන්තීධ කුදාචනං, අවෙරෙන ච සම්මන්ති එස ධම්මො සනන්තනො.
Sinhala BJTමෙ ලොවැ කිසිදු කලෙක වෛරයෝ වෛරයෙන් නොසන්හිඳෙති. අවෛරයෙන් ම සන්හිඳෙත්, මෙය පුරාතන වූ (බුදු පසේබුදු මහරහතන් විසින් පුරුදු කළ) ධර්‍මයෙකි.
Pali BJTපරෙ ච න විජානන්ති මයමෙත්ථ යමාමසෙ, යෙ ච තත්ථ විජානන්ති තතො සම්මන්ති මෙධගා.
Sinhala BJTමේ කලහයෙහි දී ‘අපි නැසෙම්හ’ යි (කලහකාර) අන්‍යජනයෝ නො දන්නාහ. යම් කෙනෙක් ඒ කලහයෙහි දී (ඇපි නැසෙම්හ’ යි) දනිත් ද, ඒ හේතුයෙන් කලහයෝ සන්හිඳෙත්.
Pali BJTඅට්ඨිච්ඡිදා{4} පාණහරා ගවාස්සධනහාරිනො, රට්ඨං විලුම්පමානානං තෙසම්පි හොති සඞ්ගති. කස්මා තුම්හාක නො සියා?
Sinhala BJTඇට බිඳුනා පණ නස්නා ගෙරි අස් ධන පැහැරගන්නා යම් කෙනෙක් ඇත් ද, රට වොලොගන්නා ඔවුනුදුගේ සඞ්ගති වෙයි. තොපගේ සඞ්ගති කවර හෙයින් නො වේ ද?
Pali BJTසචෙ ලභෙථ නිපකං සහායං සද්ධිං චරං සාධුවිහාරි ධීරං, අභිභුය්ය සබ්බානි පරිස්සයානි චරෙය්ය තෙනත්තමනො සතීමා.
Sinhala BJTඉදින් සම්ප්‍රඥාන ඇති තමා හා වසන්නට නිසි සත් විහරණ ඇති, ධීර වූ කල්‍යාණ මිත්‍රයකු ලබන්නේ නම්, (ප්‍රකට වූත් අප්‍රකට වූත්) හැම උවදුරු තාක් මැඩ ඔහු හා සතුටු සිත් ඇති ව ස්මෘතිමත් ව හැසිරෙන්නේ ය.
Pali BJTනො චෙ ලභෙථ නිපකං සහායං සද්ධිං චරං සාධුවිහාරි ධීරං, රාජාව රට්ඨං විජිතං පහාය එකො චරෙ මාතඞ්ගරඤ්ඤෙව නාගො.
Sinhala BJTඉදින් සම්ප්‍රඥාන ඇති තමා හා වසන්නට නිසි සත් විහරණ ඇති, ධීර වූ කල්‍යාණ මිත්‍රයකු නො ලබන්නේ නම්, දිනන ලද රට හැරපියා එකලා වූ (මහාජනක) රජු සෙයින් ද, රක්‍ෂිතවනයෙහි එකලා වූ මාතඞ්ග නාගයා මෙන් ද එකලා වැ වසන්නේ ය.
Pali BJTඑකස්ස චරිතං සෙය්යො නත්ථි බාලෙ සහායතා, එකො චරෙ න ච පාපානි කයිරා අප්පොස්සුක්කො මාතඞ්ග රඤ්ඤෙව නාගොති.
Sinhala BJTඑකලා වූවහුගේ හැසිරීම ශ්‍රේෂ්ඨ වෙයි. බාලයා කෙරෙහි සහායභාවයෙක් නැත. අල්පොත්සුක වූ අරණ්‍යයෙහි වාසයට පැමිණි ශ්‍රේෂ්ඨ මාතඞ්ගයා සෙයින් එකලා වැ හැසිරෙන්නේ ය.
Pali BJTඅථ ඛො භගවා ඨිතකොව ඉමා ගාථා භාසිත්වා යෙන බාලකලොණකාරගාමො තෙනුපසඞ්කමි. තෙන ඛො පන සමයෙන ආයස්මා භගු බාලකලොණකාරගාමෙ විහරති. අද්දසා ඛො ආයස්මා භගු භගවන්තං දූරතොව ආගච්ඡන්තං. දිස්වාන ආසනං පඤ්ඤාපෙසි උදකඤ්ච පාදානං{5}. නිසීදි භගවා පඤ්ඤත්තෙ ආසනෙ. නිසජ්ජ පාදෙ පක්ඛාලෙසි. ආයස්මාපි ඛො භගු භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නං ඛො ආයස්මන්තං භගුං භගවා එතදවොච:
Sinhala BJTඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සිටිසේක් ම මේ ගාථා වදාරා (උපාලි ගැහැවිහුගේ භෝගග්‍රාම වූ) බාලකලෝණකාර ග්‍රාමයට වැඩිසේක. එකල ආයුෂ්මත් භගු තෙරණුවෝ බාලකලෝණකාර ගම්හි වෙසෙති. ආයුෂ්මත් භගු තෙරණුවෝ වඩනා භාග්‍යවතුන් වහන්සේ දුර දී මැ දුටහ, දැක අසුන් පැන්වී, පා දෝනා දිය ද එළැවී. භාග්‍යවතුන් වහන්සේ පැන්වූ අස්නෙහි වැඩහුන් සේක. වැඩහිඳ පා දෙවූහ. ආයුෂ්මත් භගු තෙරණුවෝ ද භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස් ව හුන්හු. එකත්පස්ව හුන් ආයුෂ්මත් භගු තෙරණුවනට භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ සේක:
Pali BJTකච්චි භික්ඛු, ඛමනීයං, කච්චි යාපනීයං, කච්චි පිණ්ඩකෙන න කිලමසීති?
Sinhala BJT“මහණ, කිම සිහියැ හැකි ද? කිම් යැපියැ හේ ද? කිම පිඬුවායෙන් ක්ලාන්ත නො වන්නෙහි ද?”
Pali BJTඛමනීයං භගවා, යාපනීයං භගවා, න චාහං භන්තෙ පිණ්ඩකෙන කිලමාමී’ති.
Sinhala BJTභාග්‍යවතුන් වහන්ස, සිහියැ හැකි යැ, භාග්‍යවතුන් වහන්ස, යැපියැ හැකි යැ, වහන්ස, මම පිඬුවායෙන් ක්ලාන්ත නො වෙමි.
Pali BJTඅථ ඛො භගවා ආයස්මන්තං භගුං ධම්මියා කථාය සන්දස්සෙත්වා සමාදපෙත්වා සමුත්තෙජෙත්වා සම්පහංසෙත්වා උට්ඨායාසනා යෙන පාචීනවංසදායො තෙනුපසඞ්කමි.
Sinhala BJTඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් භගු තෙරණුවනට දැහැමිකථායෙන් කරුණු දක්වා සමාදන් කරවා තෙද ගන්වා පහදවා හුනස්නෙන් නැඟී පාචීනවංසදාය කරා වැඩි සේක.
Pali BJTතෙන ඛො පන සමයෙන ආයස්මා ච අනුරුද්ධො ආයස්මා ච නන්දියො ආයස්මා ච කිම්බිලො{1} පාචීනවංසදායෙ විහරන්ති. අද්දසා ඛො දායපාලො භගවන්තං දූරතොව ආගච්ඡන්තං. දිස්වාන භගවන්තං එතදවොච: මා මහාසමණ, එතං දායං පාවිසි. සන්තෙත්ථ තයො කුලපුත්තා අත්තකාමරූපා විහරන්ති, මා තෙසං අඵාසුං අකාසී’ති. අස්සොසි ඛො ආයස්මා අනුරුද්ධො දායපාලස්ස භගවතා සද්ධිං මන්තයමානස්ස. සුත්වාන දායපාලං එතදවොච:
Sinhala BJTඑසමයෙහි ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවෝ ද ආයුෂ්මත් නන්‍දිය තෙරණුවෝ ද ආයුෂ්මත් කිම්බිල තෙරණුවෝ ද පාචීනවංසදායයෙහි වෙසෙති. උයන්පලු වඩනා බුදුරදුන් දුරදී මැ දිට, දැක භාග්‍යවතුන් වහන්සේට තෙල කී: “මහමහණ, තෙල වනයට නො වදු, මෙහි තමන් කැමැති සේ වැඩවසන කුලපුත්‍රයෝ තුන් දෙනෙක් ඇත. ඔවුනට නහමක් නො පහසු කරව” යි. ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවෝ බුදුන් හා මන්ත්‍රණ කරන දායපාලයාගේ බස් ඇසූහ. අසා දායපාලයාට තෙල කී:
Pali BJT‘මා ආවුසො දායපාල, භගවන්තං වාරෙසි. සත්ථා නො භගවා අනුප්පත්තොති.
Sinhala BJT“ඇවැත දායපාලයෙනි, භාග්‍යවතුන් වහන්සේ නො වළහව, අපගේ ශාස්තෘ වූ බුදුහු වැඩියහ” යි.
Pali BJTඅථ ඛො ආයස්මා අනුරුද්ධො යෙනායස්මා ච නන්දියො යෙනායස්මා ච කිම්බිලො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා ආයස්මන්තං ච නන්දියං ආයස්මන්තං ච කිම්බිලං එතදවොච: ‘අභික්කමථායස්මන්තො, සත්ථා නො භගවා අනුප්පත්තො’ති. අථ ඛො ආයස්මා ච අනුරුද්ධො ආයස්මා ච නන්දියො ආයස්මා ච කිම්බිලො භගවන්තං පච්චුග්ගන්ත්වා එකො භගවතො පත්තචීවරං පටිග්ගහෙසි, එකො ආසනං පඤ්ඤාපෙසි, එකො පාදොදකං උපට්ඨපෙසි. නිසීදි භගවා පඤ්ඤත්තෙ ආසනෙ. නිසජ්ජ පාදෙ පක්ඛාලෙසි. තෙපි ඛො ආයස්මන්තො භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදිංසු. එකමන්තං නිසින්නං ඛො ආයස්මන්තං අනුරුද්ධං භගවා එතදවොච:
Sinhala BJTඉක්බිති ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවෝ ආයුෂ්මත් නන්‍දිය තෙරණුවන් හා ආයුෂ්මත් කිම්බිල තෙරණුවන් කරා ගියහ. ගොස් ආයුෂ්මත් නන්‍දිය තෙරණුවන් හා ආයුෂ්මත් කිම්බිල තෙරණුවනට තෙල කී: ‘ආයුෂ්මත්නි, වහා එව, ආයුෂ්මත්නි වහා එව. අපගේ ශාස්තෘ වූ බුදුහු වැඩියහ” යි. එසඳ ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවෝ ද ආයුෂ්මත් නන්‍දිය තෙරණුවෝ ද ආයුෂ්මත් කිම්බිල තෙරණුවෝ ද බුදුන්ට පෙර ගමන් කොට, එක් නමෙක් භාග්‍යවතුන් වහන්සේගේ පාසිවුරු පිළිගති, එක් නමෙක් අසුන් පැන්වී, එක් නමෙක් පා දෝනා දිය එළැවී. බුදුහු පැන්වූ අස්නෙහි වැඩහුන්හ. හිඳ පා දෙවූහ. ඒ ආයුෂ්මත්හු දු භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස්ව හුන්හු. එකත්පස්ව හුන් ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවනට භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළෝ:
Pali BJTකච්චි වො අනුරුද්ධා, ඛමනීයං, කච්චි යාපනීයං, කච්චි පිණ්ඩකෙන න කිලමථාති?
Sinhala BJT“කිම අනුරුද්ධයෙනි, තොප විසින් සිහියැ හැකි ද? කිමැ යැපියැ හේ ද? කිම පිණ්ඩපාතයෙන් ක්ලාන්ත නො වවු දැ” යි.
Pali BJTඛමනීයං භගවා, යාපනීයං භගවා. න ච මයං භන්තෙ, පිණ්ඩකෙන කිලමාමාති.
Sinhala BJTභාග්‍යවතුන් වහන්ස, සිහියැ හැකි ය, භාග්‍යවතුන් වහන්ස, යැපියැ හැකි ය, වහන්ස, අපි පිණ්ඩපාතයෙන් ක්ලාන්ත නො වම්හ’ යි.
Pali BJTකච්චි පන වො අනුරුද්ධා, සමග්ගා සම්මොදමානා අවිවදමානා ඛීරොදකීභූතා අඤ්ඤමඤ්ඤං පියචක්ඛූහි සම්පස්සන්තා විහරථාති?
Sinhala BJTකිම අනුරුද්ධයෙනි, තෙපි සමගි ව සම්මොදමාන ව විවාද නො කරනු ව කිරඹ වැනි ව උනුන් පිය ඇසින් දක්නහු වාස කරවු ද?
Pali BJTතග්ඝ මයං භන්තෙ, සමග්ගා සම්මොදමානා අවිවදමානා ඛීරොදකීභූතා අඤ්ඤමඤ්ඤං පියචක්ඛූහි සම්පස්සන්තා විහරාමා’ති.
Sinhala BJTවහන්ස, ඒකාන්තයෙන් අපි සමගි ව සම්මොදමාන ව විවාද නො කරනු ව කිරඹ වැනි ව උනුන් පිය ඇසින් දක්නමෝ වසම්හ’ යි.
Pali BJTයථා කථං පන තුම්හෙ අනුරුද්ධා, සමග්ගා සම්මොදමානා අවිවදමානා ඛීරොදකීභූතා අඤ්ඤමඤ්ඤං පියචක්ඛූහි සම්පස්සන්තා විහරථා’ති.
Sinhala BJTඅනුරුද්ධයෙනි, කෙසේ නම් තෙපි සමගි ව සම්මොදමාන ව විවාද නො කරනු ව කිරඹ වැනි ව උනුන් පිය ඇසින් දක්මින් වාස කරව් ද?
Pali BJTඉධ මය්හං භන්තෙ, එවං හොති: ‘ලාභා වත මෙ, සුලද්ධං වත මෙ, යොහං එවරූපෙහි සබ්රහ්මචාරීහි සද්ධිං විහරාමී’ති. තස්ස මය්හං භන්තෙ, ඉමෙසු ආයස්මන්තෙසු මෙත්තං කායකම්මං පච්චුපට්ඨිතං ආවී චෙව රහො ච. මෙත්තං වචීකම්මං -පෙ- මෙත්තං මනොකම්මං පච්චුපට්ඨිතං ආවි චෙව රහො ච. තස්ස මය්හං භන්තෙ, එවං හොති: යන්නූනාහං සකං චිත්තං නික්ඛිපිත්වා ඉමෙසංයෙව ආයස්මන්තානං චිත්තස්ස වසෙන වත්තෙය්ය’න්ති. සො ඛො අහං භන්තෙ, සකං චිත්තං නික්ඛිපිත්වා ඉමෙසං යෙව ආයස්මන්තානං චිත්තස්ස වසෙන වත්තාමි. නානා හි ඛො නො භන්තෙ, කායා, එකඤ්ච පන මඤ්ඤෙ චිත්තන්ති.
Sinhala BJTවහන්ස, මෙහි වසන මට මෙබඳු සිත් වෙයි: “මම මෙබඳු සබ්‍රම්සරුන් සමග වාස කෙරෙම් ද, මට ඒකාන්තයෙන් ලාභයෙක, මට ඒකාන්තයෙන් මනා ලැබීමෙක, වහන්ස, මේ ආයුෂ්මතුන් කෙරෙහි හමුයෙහිත් නො හමුයෙහිත් මෛත්‍රීසහගත කායකර්‍ම එළැඹ සිටියේ ය, මෛත්‍රීසහගත වාක්කර්‍ම ... හමුයෙහිත් නො හමුයෙහිත් මෛත්‍රීසහගත මනඃකර්‍ම එළැඹ සිටියේ ය. වහන්ස, ‘මම සිය සිත තබා මේ ආයුෂ්මතුන්ගේ චිත්ත වශයෙන් වැටෙම් නම් මැනැව’ යි මට මෙබඳු සිත් විය. වහන්ස, මම සිය සිත් පියා මේ ආයුෂ්මතුන්ගේ සිත් විසින් වැටෙමි. වහන්ස, අපගේ ශරීරයෝ වෙන වෙන වෙති, සිත එකක් මෙනි.
Pali BJTආයස්මාපි ඛො නන්දියො -පෙ- ආයස්මාපි කිම්බිලො භගවන්තං එතදවොච{1}. මය්හම්පි ඛො භන්තෙ, එවං හොති: ලාභා වත මෙ, සුලද්ධං වත මෙ, යොහං -පෙ- එකඤ්ච පන මඤ්ඤෙ චිත්තන්ති.
Sinhala BJTආයුෂ්මත් නන්‍දිය තෙරණුවෝ ද ... ආයුෂ්මත් කිම්බිල තෙරණුවෝ ද භාග්‍යවතුන් වහන්සේට තෙල සැලකළෝ: ‘වහන්ස, මට ද මෙබඳු සිත් වෙයි: ඒකාන්තයෙන් මට ලාභයෙක, ඒකාන්තයෙන් මට මනා ලාභයෙක, මම ... සිත එක්බඳු වෙතී.
Pali BJTඑවං ඛො මයං භන්තෙ, සමග්ගා සම්මොදමානා අවිවදමානා ඛීරොදකීභූතා අඤ්ඤමඤ්ඤං පියචක්ඛූහි සම්පස්සන්තා විහරාමාති.
Sinhala BJTවහන්ස, මෙසේ අපි සමගිව සතුටු ව විවාද නො කරනු ව කිරි හා දිය වැනි ව උනුන් පියඇසින් දක්නමෝ වසම්හ’ යි.
Pali BJTසාධු සාධු අනුරුද්ධා, ‘කච්චි පන වො අනුරුද්ධා, අප්පමත්තා ආතාපිනො පහිතත්තා විහරථා’ති?
Sinhala BJTමැනැව මැනැව අනුරුද්ධයෙනි, කිමෙක අනුරුද්ධයෙනි, තෙපි නො පමාව කෙලෙස් තවන වැර ඇති ව නිවනට මෙහෙයු සිත් ඇති ව වාස කරව් ද?
Pali BJT‘තග්ඝ මයං භන්තෙ, අප්පමත්තා ආතාපිනො පහිතත්තා විහරාමා’ති.
Sinhala BJT‘වහන්ස, අපි ඒකාන්තයෙන් අප්‍රමත්ත ව ආතාපන වීර්‍ය්‍යය ඇතිව ප්‍රහිතාත්ම ව වසම්හ’ යි.
Pali BJT‘යථා කථං පන තුම්හෙ අනුරුද්ධා, අප්පමත්තා ආතාපිනො පහිතත්තා විහරථා’ති?
Sinhala BJTඅනුරුද්ධයෙනි, තෙපි කෙසේ නම් නොපමා ව කෙලෙස් තැවුලි වැර ඇති ව නිවනට මෙහෙයු සිත් ඇති ව වාස කරව් ද?
Pali BJTඉධ භන්තෙ, අම්හාකං යො පඨමං ගාමතො පිණ්ඩාය පටික්කමති. සො ආසනානි පඤ්ඤාපෙති, පානීයං පරිභොජනීයං උපට්ඨපෙති, අවක්කාරපාතිං උපට්ඨපෙති. යො පච්ඡා ගාමතො පිණ්ඩාය පටික්කමති, සචෙ හොති භුත්තාවසෙසො, සචෙ ආකඞ්ඛති, භුඤ්ජති. නො චෙ ආකඞ්ඛති අප්පහරිතෙ වා ඡඩ්ඩෙති, අප්පාණකෙ වා උදකෙ ඔපිලාපෙති. සො ආසනානි පටිසාමෙති, පානීයං පරිභොජනීයං පටිසාමෙති. අවක්කාරපාතිං ධොවිත්වා පටිසාමෙති, භත්තග්ගං සම්මජ්ජති. යො පස්සති පානීයඝටං වා පරිභොජනීයඝටං වා වච්චඝටං වා රිත්තං තුච්ඡං. සො උපට්ඨපෙති. සචස්ස හොති අවිසය්හං, හත්ථවිකාරෙන දුතියං ආමන්තෙත්වා හත්ථවිලඞ්ඝකෙන උපට්ඨපෙම. නත්වෙව මයං භන්තෙ, තප්පච්චයා වාචං භින්දාම. පඤ්චාහිකං ඛො පන මයං භන්තෙ, සබ්බරත්තියං ධම්මියා කථාය සන්නිසීදාම. එවං ඛො මයං භන්තෙ, අප්පමත්තා ආතාපිනො පහිතත්තා විහරාමා’ති.
Sinhala BJTවහන්ස, මේ වන වසන අප අතුරින් යමෙක් පළමු ව ගමින් පිඬු පිණිස හැසිර වටාලා එන්නේද, හේ අසුන් පන්වයි, පියයුතු පැන් පරිභෝග කළයුතු පැන් එළවයි. අවකරතලිය එළවාතබයි. යමෙක් පසුව ගමින් පිඬු සිඟා වටාලා ඒ ද, ඉදින් වළඳා ඉතිරි අහරෙක් වේ නම්, ඉදින් රිසි වී නම්, වළඳ කෙරෙයි. ඉදින් නො රිසි වී නම්, නිල් තණ රහිත බිමෙකැ හෝ දමයි, (එයින් නැසෙන) ප්‍රාණීන් නැති දියෙක හෝ බහාලයි. හේ අසුන් සඟවා තබයි, පානීය පරිභෝජනීය දිය සඟවා තබයි, අවකර තලි සෝදා සඟවයි, භක්තග්‍රය හමදී. යමෙක් පැන්කළය හෝ පිරිබෝදියකළය හෝ හිස් වූවා දක්නේ ද, හේ එ ද එළවාතබයි. ඉදින් ඔහුට නො සැහියැ හැකි වී නම්, හස්තවිකාරයෙන් දෙවැන්නා අමතා අතිනත් ගැනීමෙන් වටම්හ. වහන්ස, අපි ඒ හේතුයෙන් වාග්භේදයක් නො කරම්හ. වහන්ස, අපි පස්දවසකට වරක් කොට මුළු රැය දැහැමි කථායෙන් මුළු දී හිඳුම්හ. වහන්ස, මෙසේ අපි නො පමාව කෙලෙස් තවන වැර ඇති ව නිවනට මෙහෙයූ සිත් ඇති ව වාස කරම්හ’ යි.
Pali BJTසාධු සාධු අනුරුද්ධා, අත්ථි පන වො අනුරුද්ධා, එවං අප්පමත්තානං ආතාපීනං පහිතත්තානං විහරන්තානං උත්තරිමනුස්සධම්මා අලමරියඤාණදස්සනවිසෙසො අධිගතො ඵාසුවිහාරො’ති.
Sinhala BJTමැනැව මැනැව අනුරුද්ධයෙනි, යළි අනුරුද්ධයෙනි, මෙසේ අප්‍රමත්ත ව ආතාප ඇති ව නිවනට මෙහෙයූ සිත් ඇති ව වාස කරන තොපට මනුෂ්‍යධර්‍මයෙන් මතුයෙහි ආර්‍ය්‍ය භාවකරණයට සමර්‍ත්‍ථ ඥානදර්‍ශනවිශේෂයෙක් අධිගත ව ඵාසුවිහාර ව ඇද්ද?
Pali BJTඉධ මයං භන්තෙ, අප්පමත්තා ආතාපිනො පහිතත්තා විහරන්තා ඔභාසඤ්චෙව සඤ්ජානාම දස්සනඤ්ච රූපානං. සො ඛො පන නො ඔභාසො න චිරස්සෙව අන්තරධායති දස්සනඤ්ච රූපානං. තඤ්ච නිමිත්තං න පටිවිජ්ඣාමා’ති.
Sinhala BJTවහන්ස, අපි මේ වෙනෙහි නො පමා ව කෙලෙස් තවන වැර ඇති ව කායජීවිත නිරපේක්‍ෂක ව වසන්නමෝ අවභාසය හා (දිවැසින්) රූපදර්‍ශනය හඳුනම්හ, අපගේ ඒ අවභාසය හා රූපදර්‍ශනය නො බෝකල්හි මැ අන්තර්හිත වෙයි. ඒ කරුණ ද නො පිළිවිදුම්හ’ යි.
Pali BJTතං ඛො පන වො අනුරුද්ධා, නිමිත්තං පටිවිජ්ඣිතබ්බං. අහම්පි සුදං අනුරුද්ධා පුබ්බෙව සම්බොධා අනභිසම්බුද්ධො බොධිසත්තොව සමානො ඔභාසඤ්චෙව සඤ්ජානාමි දස්සනඤ්ච රූපානං. සො ඛො පන මෙ ඔභාසො න චිරස්සෙව අන්තරධායති දස්සනඤ්ච රූපානං. තස්ස මය්හං අනුරුද්ධා එතදහොසි: ‘කො නුඛො හෙතු කො පච්චයො, යෙන මෙ ඔභාසො අන්තරධායති දස්සනඤ්ච රූපාන’න්ති. තස්ස මය්හං අනුරුද්ධා එතදහොසි: ‘විචිකිච්ඡා ඛො මෙ උදපාදි.
Sinhala BJTඅනුරුද්ධයෙනි, තොප විසින් ඒ කරුණ පිළිවිදිය යුතු ය. අනුරුද්ධයෙනි, මම ද සම්බෝධියෙන් පෙර මැ අනභිසම්බුද්ධ බෝධිසත්ත්‍ව වූයෙම් මැ පරිකර්‍මාවභාසය හා රූපදර්‍ශන හැඳිනීමි. මාගේ ඒ පරිකර්‍මාවභාසය ද දිවැසින් කළ රූපදර්‍ශනය ද නො නො බෝකල්හි මැ අන්තර්හිත වී, අනුරුද්ධයෙනි මට තෙල සිත් වී: ‘යම් හෙයෙකින් මාගේ අවභාසයත් රූපදර්‍ශනත් අන්තර්හිත වේද, ඊට හේතු කවරේ යැ, ඊට ප්‍රත්‍යය කවරේ යැ’ යි. අනුරුද්ධයෙනි, එසඳ මට තෙල සිත් වී මට විචිකිච්ඡා උපන.
Pali BJTවිචිකිච්ඡාධිකරණඤ්ච පන මෙ සමාධි චවි. සමාධිම්හි චුතෙ ඔභාසො අන්තරධායති දස්සනඤ්ච රූපානං. සොහං තථා කරිස්සාමි, යථා මෙ පුන න විචිකිච්ඡා උප්පජ්ජිස්සතීති. සො ඛො අහං අනුරුද්ධා, අප්පමත්තො ආතාපී පහිතත්තො විහරන්තො ඔභාසඤ්චෙව සඤ්ජානාමි දස්සනඤ්ච රූපානං. සො ඛො පන මෙ ඔභාසො න චිරස්සෙව අන්තරධායති දස්සනඤ්ච රූපානං. තස්ස මය්හං අනුරුද්ධා එතදහොසි: ‘කො නු ඛො හෙතු කො පච්චයො, යෙන මෙ ඔභාසො අන්තරධායති දස්සනඤ්ච රූපාන’න්ති. තස්ස මය්හං අනුරුද්ධා එතදහොසි: ‘අමනසිකාරො ඛො මෙ උදපාදි. අමනසිකාරාධිකරණඤ්ච පන මෙ සමාධි චවි. සමාධිම්හි චුතෙ ඔභාසො අන්තරධායති දස්සනඤ්ච රූපානං. සොහං තථා කරිස්සාමි. යථා මෙ පුන න විචිකිච්ඡා උප්පජ්ජිස්සති. න අමනසිකාරොති.
Sinhala BJTවිචිකිච්ඡා හේතුයෙන් මාගේ සමාධි ගිලිහිණ. සමාධි ගිලිහුණු කල්හි අවභාසයත් රූපදර්‍ශනත් අන්තර්හිත වී, යම්පරිදි මට විචිකිච්ඡා නූපදනේ ද, මම එසේ කරමි, කියා යි. අනුරුද්ධයෙනි, මම නො පමා ව වැර ඇති ව නිවනට මෙහෙයූ සිත් ඇති ව වාස කරන්නෙම් අවභාසයත් රූපදර්‍ශනයත් හැඳිනීමි. මාගේ ඒ අවභාසය හා රූපදර්‍ශන නො බෝ කල්හි මැ අන්තර්හිත වී, අනුරුද්ධයෙනි, මට මෙ සිත් වී: ‘යම් හෙයෙකින් මගේ අවභාසය හා රූපදර්‍ශන අන්තර් හිත වී ද, එයට හේතු කවරෙ යැ, ඊට ප්‍රත්‍යය කවරේ යැ’ යි, අනුරුද්ධයෙනි මට මෙ සිත් වී: ‘මට අමනසිකාරය උපන, අමනසිකාර හේතුයෙන් මාගේ සමාධි ගිලිහිණ, සමාධි ගිලිහුණු කල අවභාස හා රූපදර්‍ශන අන්තර්හිත වී. යම්පරිදි මට යළි විචිකිච්ඡා නූපදනේ ද, අමනසිකාර නූපදනේ ද, මම එසේ කරමි’ යි කියා යි.
Pali BJTසො ඛො අහං අනුරුද්ධා -පෙ- තස්ස මය්හං අනුරුද්ධා එතදහොසි: ථිනමිද්ධං ඛො මෙ උදපාදි. ථිනමිද්ධාධිකරණඤ්ච පන මෙ සමාධි චවි. සමාධිම්හි චුතෙ ඔභාසො අන්තරධායති දස්සනඤ්ච රූපානං. සොහං තථා කරිස්සාමි. යථා මෙ පුන න විචිකිච්ඡා උප්පජ්ජිස්සති, න අමනසිකාරො, න ථිනමිද්ධන්ති.
Sinhala BJTඅනුරුද්ධයෙනි, මම ... අනුරුද්ධයෙනි, මට තෙල සිත් වී: මට ථීනමිද්ධය උපන, ථීනමිද්ධ හේතුයෙන් මාගේ සමාධි ගිලිහිණ, සමාධිය ගිලිහුණු කල අවභාසය හා රූපදර්‍ශන අන්තර්හිත වෙයි. යම්පරිදි මට නැවත විචිකිච්ඡා නූපදනේ ද, අමනසිකාර නූපදනේ ද, ථිනමිද්ධ නූපදනේ ද, මම එසේ කරමි’ යි කියා යි.
Pali BJTසො ඛො අහං අනුරුද්ධා, -පෙ- තස්ස මය්හං අනුරුද්ධා, එතදහොසි: ඡම්භිතත්තං ඛො මෙ උදපාදි. ඡම්භිතත්තාධිකරණඤ්ච පන මෙ සමාධි චවි. සමාධිම්හි චුතෙ ඔභාසො අන්තරධායති දස්සනඤ්ච රූපානං. සෙය්යථාපි අනුරුද්ධා, පුරිසො අද්ධානමග්ගපටිපන්නො, තස්ස උභතො පස්සෙ වධකා{1} උප්පතෙය්යුං{2} තස්ස තතො නිදානං ඡම්භිතත්තං උප්පජ්ජෙය්ය. එවමෙව ඛො මෙ අනුරුද්ධා, ඡම්භිතත්තං උදපාදි. ඡම්භිතත්තාධිකරණඤ්ච පන මෙ සමාධි චවි. සමාධිම්හි චුතෙ ඔභාසො අන්තරධායති දස්සනඤ්ච රූපානං. සොහං තථා කරිස්සාමි, යථා මෙ පුන න විචිකිච්ඡා උප්පජ්ජිස්සති න අමනසිකාරො න ථිනමිද්ධං න ඡම්භිතත්තන්ති.
Sinhala BJTඅනුරුද්ධයෙනි, මම ... අනුරුද්ධයෙනි, මට තෙල සිත් වී: මට තැතිගැනුම් උපන, තැතිගැනුම් හේතුයෙන් මාගේ සමාධි ගිලිහිණ, සමාධිය ගිලිහුණු කල අවභාසය හා රූපදර්‍ශන අන්තර්හිත වෙයි. අනුරුද්ධයෙනි, යම් පරිදි අදන්මගට පිළිපන් පුරුෂයෙක් ඇද්ද, ඔහු දෙපස වධකයෝ නැඟීසිටිත් ද, ඔහුට ඒ හේතුවෙන් තැතිගැනුම් උපදනේ වේ ද, අනුරුද්ධයෙනි, එපරිදි ම තැතිගැනුම් උපන. තැතිගැනුම් හේතුයෙන් මාගේ සමාධි ගිලිහිණ, සමාධිය ගිලිහුණු කල අවභාසය හා රූපදර්‍ශන අන්තර්හිත වෙයි. යම්පරිදි මට විචිකිච්ඡා, අමනසිකාර ථීනමිද්ධ තැතිගැනුම් නූපදනේ වේ ද, එසේ කරමි’ යි කියා යි.
Pali BJTසො ඛො අහං අනුරුද්ධා, -පෙ- තස්ස මය්හං අනුරුද්ධා, එතදහොසි: උබ්බිල්ලං{3} ඛො මෙ උදපාදි. උබ්බිල්ලා{4}ධිකරණඤ්ච පන මෙ සමාධි චවි. සමාධිම්හි චුතෙ ඔභාසො අන්තරධායති දස්සනඤ්ච රූපානං. සෙය්යථාපි අනුරුද්ධා පුරිසො එකං නිධිමුඛං ගවෙසන්තො සකිදෙව පඤ්චනිධිමුඛානි අධිගච්ඡෙය්ය. තස්ස තතො නිදානං උබ්බිල්ලං උප්පජ්ජෙය්ය. එවමෙව ඛො අනුරුද්ධා උබ්බිල්ලං ඛො මෙ උදපාදි. උබ්බිල්ලාධිකරණඤ්ච පන මෙ සමාධි චවි. සමාධිම්හි චුතෙ ඔභාසො අන්තරධායති දස්සනඤ්ච රූපානං. සොහං තථා කරිස්සාමි, යථා මෙ පුන න විචිකිච්ඡා උප්පජ්ජිස්සති න අමනසිකාරො න ථිනමිද්ධං න ඡම්භිතත්තං න උබ්බිල්ලන්ති.
Sinhala BJTඅනුරුද්ධයෙනි, මම ... අනුරුද්ධයෙනි, මට තෙල සිත් වී: මට ඉපිලීම් උපන, ඉපිලීම් හේතුයෙනුදු මාගේ සමාධි ගිලිහිණ, සමාධි ගිලිහුණු කල අවභාසය හා රූපදර්‍ශන අන්තර්හිත වී. අනුරුද්ධයෙනි, යම් පරිදි පුරුෂයෙක් එක් නිධිමුඛයක් සොයනුයේ එක්වරම නිධිමුඛ පසක් ලබා ද, ඔහුට ඒ හේතුයෙන් ඉල්පීම් උපදනේ වේ ද, අනුරුද්ධයෙනි එපරිදි ම මට ඉල්පීම් උපන. ඉල්පීම් හේතුයෙනුදු මාගේ සමාධි ගිලිහිණ, සමාධි ගිලිහුණු කල අවභාසය හා රූපදර්‍ශන අන්තර්හිත වෙයි. යම් පරිදි මට නැවත විචිකිච්ඡා නූපදනේ වේ ද, අමනසිකාර නූපදනේ වේ ද, ථීනමිද්ධ නූපදනේ වේ ද, තැතිගැනුම් නූපදනේ වේ ද, ඉල්පීම් නූපදනේ වේ ද, මම එසේ කරමි’ යි කියා යි.
Pali BJTසො ඛො අහං, අනුරුද්ධා -පෙ- තස්ස මය්හං අනුරුද්ධා, එතදහොසි: ‘දුට්ඨුල්ලං ඛො මෙ උදපාදි. දුට්ඨුල්ලාධිකරණඤ්ච පන මෙ සමාධි චවි. සමාධිම්හි චුතෙ ඔභාසො අන්තරධායති දස්සනඤ්ච රූපානං. සොහං තථා කරිස්සාමි, යථා මෙ පුන න විචිකිච්ඡා උප්පජ්ජිස්සති න අමනසිකාරො න ථිනමිද්ධං න ඡම්භිතත්තං න උබ්බිල්ලං න දුට්ඨුල්ලන්ති.
Sinhala BJTඅනුරුද්ධයෙනි, මම ... අනුරුද්ධයෙනි, මට තෙල සිත් වී: මට කායදරථ උපන, කායදරථ හේතුයෙනුදු මාගේ සමාධි ගිලිහිණ, සමාධි ගිලිහුණු කල අවභාසය හා රූපදර්‍ශන අන්තර්හිත වෙයි. යම්පරිදි මට නැවත විචිකිච්ඡා නූපදනේ වේ ද, අමනසිකාර නූපදනේ වේ ද, ථීනමිද්ධ නූපදනේ වේ ද, තැතිගැනුම් නූපදනේ වේ ද, ඉල්පීම් නූපදනේ වේ ද, කායදරථ නූපදනේ වේ ද, මම එසේ කරමි’ යි කියා යි.
Pali BJTසො ඛො අහං අනුරුද්ධා -පෙ- තස්ස මය්හං අනුරුද්ධා එතදහොසි: අච්චාරද්ධවිරියං ඛො මෙ උදපාදි. අච්චාරද්ධවිරියාධිකරණඤ්ච පන මෙ සමාධි චවි. සමාධිම්හි චුතෙ ඔභාසො අන්තරධායති දස්සනඤ්ච රූපානං. සෙය්යථාපි අනුරුද්ධා පුරිසො උභොහි හත්ථෙහි වට්ටකං ගාළ්හං ගණ්හෙය්ය. සො තත්ථෙව පතමෙය්ය{1}. එවමෙව ඛො අනුරුද්ධා, අච්චාරද්ධවිරියං ඛො මෙ උදපාදි, අච්චාරද්ධවිරියාධිකරණඤ්ච -පෙ- දස්සනඤ්ච රූපානං. සොහං තථා කරිස්සාමි යථා මෙ පුන න විචිකිච්ඡා උප්පජ්ජිස්සති න අමනසිකාරො න ථිනමිද්ධං න ඡම්භිතත්තං, න උබ්බිල්ලං, න දුට්ඨුල්ලං, න අච්චාරද්ධවිරියන්ති.
Sinhala BJTඅනුරුද්ධයෙනි, මම ... අනුරුද්ධයෙනි, මට මෙ සිත් විය: මට අත්‍යාරබ්ධ වීර්‍ය්‍ය උපන. යළි අත්‍යාරබ්ධ වීර්‍ය්‍ය හේතුයෙනුදු මාගේ සමාධි ගිලිහිණ, සමාධි ගිලිහුණු කල්හි අවභාසය ද රූපදර්‍ශනය ද අන්තර්හිත වෙයි. යම් පරිදි අනුරුද්ධයෙනි, පුරුෂයෙක් දෑතින් වටුවකු දැඩි කොට ගන්නේ ද, ඌ එහි මරුමුවට පැමිණේ ද, එපරිදි මැ අනුරුද්ධයෙනි, මට අත්‍යාරබ්ධවීර්‍ය්‍ය උපන. අත්‍යාරබ්ධවීර්‍ය්‍ය හේතුයෙනුදු ... රූපදර්‍ශනය ද අන්තර්හිත වී. යම්පරිදි මට නැවත විචිකිච්ඡා නූපදනේ ද අමනසිකාර නූපදනේ ද ථීනමිද්ධ නූපදනේ ද තැතිගැනුම් නූපදනේ ද ඉල්පීම් නූපදනේ ද කායදරථ නූපදනේ ද අත්‍යාරබ්ධවීර්‍ය්‍ය නූපදනේ ද මම එපරිදි කරමි.
Pali BJTසො ඛො අහං අනුරුද්ධා -පෙ- තස්ස මය්හං අනුරුද්ධා, එතදහොසි: අතිලීනවිරියං ඛො මෙ උදපාදි. අතිලීනවිරියාධිකරණඤ්ච -පෙ- දස්සනඤ්ච රූපානං. සෙය්යථාපි අනුරුද්ධා පුරිසො වට්ටකං සිථිලං ගණ්හෙය්ය. සො තස්ස හත්ථතො උප්පතෙය්ය. එවමෙව ඛො මෙ අනුරුද්ධා, අතිලීනවිරියං උදපාදි. අතිලීනවිරියාධිකරණඤ්ච -පෙ- දස්සනඤ්ච රූපානං. සොහං තථා කරිස්සාමි යථා මෙ පුන න විචිකිච්ඡා උප්පජ්ජිස්සති න අමනසිකාරො න ථිනමිද්ධං නඡම්භිතත්තං න උබ්බිල්ලං න දුට්ඨුල්ලං න අච්චාරද්ධවිරියං න අතිලීනවිරියන්ති.
Sinhala BJTඅනුරුද්ධයෙනි, මම ... අනුරුද්ධයෙනි, මට මෙ සිත් විය: මට අතිලීනවීර්‍ය්‍ය උපන. අතිලීන වීර්‍ය්‍ය හේතුයෙනුදු ... රූපදර්‍ශනය අන්තර්හිත වී. අනුරුද්ධයෙනි, යම්පරිදි පුරුෂයෙක් වටුවකු ලිහිල් කොට ගන්නේ වේ ද, එ වටු ඔහු අතින් පිය හඹා නඟී ද, අනුරුද්ධයෙනි, එපරිදි ම මට අතිලීන වීර්‍ය්‍ය උපන. අතිලීන වීර්‍ය්‍ය හේතුයෙනුදු ... රූපදර්‍ශනය ද අන්තර්හිත වී. යම්පරිදි මට නැවත විචිකිච්ඡා නූපදී ද අමනසිකාර නූපදී ද ථීනමිද්ධ නූපදී ද තැතිගැනුම් නූපදී ද ඉල්පීම් නූපදී ද කායදරථ නූපදී ද අත්‍යාරබ්ධවීර්‍ය්‍ය නූපදී ද අතිලීනවීර්‍ය්‍ය නූපදී ද මම එසේ කරමි.
Pali BJTසො ඛො අහං අනුරුද්ධා -පෙ- තස්ස මය්හං අනුරුද්ධා, එතදහොසි: ‘අභිජප්පා ඛො මෙ උදපාදි. අභිජප්පාධිකරණඤ්ච -පෙ- දස්සනඤ්ච රූපානං. සොහං තථා කරිස්සාමි යථා මෙ පුන න විචිකිච්ඡා උප්පජ්ජිස්සති න අමනසිකාරො න ථිනමිද්ධං න ඡම්භිතත්තං න උබ්බිල්ලං න දුට්ඨුල්ලං න අච්චාරද්ධවිරියං න අතිලීනවිරියං න අභිජප්පාති.
Sinhala BJTඅනුරුද්ධයෙනි, මම ... අනුරුද්ධයෙනි, මට තෙල සිත් වී: මට තෘෂ්ණා උපන. තෘෂ්ණා හේතුයෙනුදු ... රූපදර්‍ශනය ද අන්තර්හිත වී. යම්පරිදි මට නැවත විචිකිච්ඡා නූපදී ද අමනසිකාර නූපදී ද ථීනමිද්ධ නූපදී ද තැතිගැනුම් නූපදී ද ඉල්පීම් නූපදී ද කායදරථ නූපදී ද අත්‍යාරබ්ධවීර්‍ය්‍ය නූපදී ද අතිලීනවීර්‍ය්‍ය නූපදී ද තෘෂ්ණා නූපදී ද මම එසේ කරමි.
Pali BJTසො ඛො අහං අනුරුද්ධා -පෙ- තස්ස මය්හං අනුරුද්ධා එතදහොසි: නානත්තසඤ්ඤා ඛො මෙ උදපාදි. නානත්තසඤ්ඤාධිකරණඤ්ච -පෙ- දස්සනඤ්ච රූපානං. සොහං තථා කරිස්සාමි යථා මෙ පුන න විචිකිච්ඡා උප්පජ්ජිස්සති න අමනසිකාරො, න ථිනමිද්ධං, න ඡම්භිතත්තං, න උබ්බිල්ලං, න දුට්ඨුල්ලං, න අච්චාරද්ධවිරියං, න අතිලීනවිරියං, න අභිජප්පා, න නානත්තසඤ්ඤා’ති.
Sinhala BJTඅනුරුද්ධයෙනි, මම ... අනුරුද්ධයෙනි, මට තෙල සිත් වී: මට නානත්තසඤ්ඤා උපන. නානත්තසඤ්ඤා හේතුයෙනුදු ... රූපදර්‍ශන අන්තර්හිත වී. යම් පරිදි මට නැවත විචිකිච්ඡා නූපදී ද අමනසිකාර නූපදී ද ථීනමිද්ධ නූපදී ද තැතිගැනුම් නූපදී ද ඉල්පීම් නූපදී ද කායදරථ නූපදී ද අත්‍යාරබ්ධවීර්‍ය්‍ය නූපදී ද අතිලීනවීර්‍ය්‍ය නූපදී ද තෘෂ්ණා නූපදී ද නානත්තසඤ්ඤා නූපදී ද, මම එසේ කරමි.
Pali BJTසො ඛො අහං අනුරුද්ධා, අප්පමත්තො ආතාපී පහිතත්තො විහරන්තො ඔභාසඤ්චෙව සඤ්ජානාමි දස්සනඤ්ච රූපානං. සො ඛො පන මෙ ඔභාසො න චිරස්සෙව අන්තරධායති දස්සනඤ්ච රූපානං. තස්ස මය්හං අනුරුද්ධා, එතදහොසි: ‘කො නු ඛො හෙතු, කො පච්චයො යෙන මෙ ඔභාසො අන්තරධායති දස්සනඤ්ච රූපාන’න්ති. තස්ස මය්හං අනුරුද්ධා, එතදහොසි: ‘අතිනිජ්ඣායිතත්තං ඛො මෙ රූපානං උදපාදි. අතිනිජ්ඣායිතත්තාධිකරණඤ්ච පන මෙ රූපානං සමාධි චවි. සමාධිම්හි චුතෙ ඔභාසො අන්තරධායති දස්සනඤ්ච රූපානං. සොහං තථා කරිස්සාමි, යථා මෙ පුන න විචිකිච්ඡා උප්පජ්ජිස්සති න අමනසිකාරො න ථිනමිද්ධං න ඡම්භිතත්තං න උබ්බිල්ලං න දුට්ඨුල්ලං න අච්චාරද්ධවිරියං න අතිලීනවිරියං න අභිජප්පා න නානත්තසඤ්ඤා න අතිනිජ්ඣායිතත්තං රූපානන්ති.
Sinhala BJTඅනුරුද්ධයෙනි, මම නොපමාව කෙලෙස් තවන වැර ඇති ව නිවනට මෙහෙයු සිත් ඇති ව වාස කරන්නෙම් ඕභාසය ද හා රූපදර්‍ශනය ද හඳුනමි. මාගේ ඒ ඕභාසය හා රූපදර්‍ශනය නොබෝ වේලෙහි අතුරුදහන් කෙරෙයි. අනුරුද්ධයෙනි, මට තෙල සිත් වී. යම් හේතුයෙකින් මාගේ ඕභාසය හා රූපදර්‍ශන අතුරුදහන් කෙරේ ද, ඊට හේතු කවරේ යැ? ප්‍රත්‍යය කවරේ යැ? අනුරුද්ධයෙනි, මට තෙල සිත් වී: මට රූපයන් පිළිබඳ අධික නිජ්ඣායනා ඇති බව උපන. මාගේ රූපයන් පිළිබඳ අතිනිජ්ඣායනා ඇති බව හේතු කොටගෙන සමාධි බුන. සමාධිය බුන් කල ඕභාස හා රූපදර්‍ශන අතුරුදහන් කැරෙයි. යම්පරිදි මට නැවත විචිකිච්ඡා නූපදනේ ද අමනසිකාර නූපදනේ ද ථීනමිද්ධ නූපදනේ ද තැතිගැනුම් නූපදනේ ද ඉල්පීම් නූපදනේ ද කායදරථ නූපදනේ ද අත්‍යාරබ්ධවීර්‍ය්‍ය නූපදනේ ද අතිලීනවීර්‍ය්‍ය නූපදනේ ද තෘෂ්ණා නූපදනේ ද නානත්තසඤ්ඤා නූපදනේ ද රූපයන් පිළිබඳ අතිනිජ්ඣායනා නූපදනේ ද මම එසේ කරමි.
Pali BJTසො ඛො අහං අනුරුද්ධා, විචිකිච්ඡා චිත්තස්ස උපක්කිලෙසොති: ඉති විදිත්වා විචිකිච්ඡං චිත්තස්ස උපක්කිලෙසං පජහිං. අමනසිකාරො චිත්තස්ස උපක්කිලෙසොති ඉති විදිත්වා අමනසිකාරං චිත්තස්ස උපක්කිලෙසං පජහිං. ථිනමිද්ධං චිත්තස්ස උපක්කිලෙසොති ඉති විදිත්වා ථිනමිද්ධං චිත්තස්ස උපක්කිලෙසං පජහිං. ඡම්භිතත්තං චිත්තස්ස උපක්කිලෙසොති ඉති විදිත්වා ඡම්භිතත්තං චිත්තස්ස උපක්කිලෙසං පජහිං. උබ්බිල්ලං{1} චිත්තස්ස උපක්කිලෙසොති ඉති විදිත්වා උබ්බිල්ලං{1} චිත්තස්ස උපක්කිලෙසං පජහිං. දුට්ඨුල්ලං චිත්තස්ස උපක්කිලෙසොති ඉති විදිත්වා දුට්ඨුල්ලං චිත්තස්ස උපක්කිලෙසං පජහිං. අච්චාරද්ධවිරියං චිත්තස්ස උපක්කිලෙසොති ඉති විදිත්වා අච්චාරද්ධවිරියං චිත්තස්ස උපක්කිලෙසං පජහිං. අතිලීනවිරියං චිත්තස්ස උපක්කිලෙසොති ඉති විදිත්වා අතිලීනවිරියං චිත්තස්ස උපක්කිලෙසං පජහිං. අභිජප්පා චිත්තස්ස උපක්කිලෙසොති ඉති විදිත්වා අභිජප්පං චිත්තස්ස උපක්කිලෙසං පජහිං. නානත්තසඤ්ඤා චිත්තස්ස උපක්කිලෙසොති ඉති විදිත්වා නානත්තසඤ්ඤං චිත්තස්ස උපක්කිලෙසං පජහිං. අතිනිජ්ඣායිතත්තං රූපානං චිත්තස්ස උපක්කිලෙසොති ඉති විදිත්වා අතිනිජ්ඣායිතත්තං රූපානං චිත්තස්ස උපක්කිලෙසං පජහිං.
Sinhala BJTඅනුරුද්ධයෙනි, මම විචිකිච්ඡාව චිත්තෝපක්ලේශයෙකැ’ යි මෙසේ දැන චිත්තෝපක්ලේශ වූ විචිකිච්ඡාව හළෙමි. අමනසිකාරය චිත්තෝපක්ලේශයෙකැ’ යි මෙසේ දැන චිත්තෝපක්ලේශ වූ අමනසිකාරය හළෙමි. ථීනමිද්ධය චිත්තෝපක්ලේශයෙකැ’ යි මෙසේ දැන චිත්තෝපක්ලේශ වූ ථීනමිද්ධය හළෙමි. තැතිගැනුම චිත්තෝපක්ලේශයෙකැ’ යි මෙසේ දැන චිත්තෝපක්ලේශ වූ තැතිගැනුම හළෙමි. ඉල්පීම චිත්තෝපක්ලේශයෙකැ’ යි මෙසේ දැන චිත්තෝපක්ලේශ වූ ඉල්පීම හළෙමි. කායදරථය චිත්තෝපක්ලේශයෙකැ’ යි මෙසේ දැන චිත්තෝපක්ලේශ වූ කායදරථය හළෙමි. අත්‍යාරබ්ධවීර්‍ය්‍යය චිත්තෝපක්ලේශයෙකැ’ යි මෙසේ දැන චිත්තෝපක්ලේශ වූ අත්‍යාරබ්ධවීර්‍ය්‍යය හළෙමි. අතිලීනවීර්‍ය්‍යය චිත්තෝපක්ලේශයෙකැ’ යි මෙසේ දැන චිත්තෝපක්ලේශ වූ අතිලීනවීර්‍ය්‍යය හළෙමි. තෘෂ්ණාව චිත්තෝපක්ලේශයෙකැ’ යි මෙසේ දැන චිත්තෝපක්ලේශ වූ තෘෂ්ණාව හළෙමි. නානත්තසඤ්ඤාව චිත්තෝපක්ලේශයෙකැ’ යි මෙසේ දැන චිත්තෝපක්ලේශ වූ නානත්තසඤ්ඤාව හළෙමි. රූපයන් පිළිබඳ අතිනිජ්ඣායනාව චිත්තෝපක්ලේශයෙකැ’ යි මෙසේ දැන චිත්තෝපක්ලේශ වූ රූපයන් පිළිබඳ අතිනිජ්ඣායනාව හළෙමි.
Pali BJTසො ඛො අහං අනුරුද්ධා, අප්පමත්තො ආතාපී පහිතත්තො විහරන්තො ඔභාසම්පි හි ඛො සඤ්ජානාමි, න ච රූපානි පස්සාමි. රූපානි හි ඛො පස්සාමි, න ච ඔභාසං සඤ්ජානාමි. කෙවලම්පි රත්තිං කෙවලම්පි දිවසං{2} කෙවලම්පි රත්තින්දිවන්ති. තස්ස මය්හං අනුරුද්ධා, එතදහොසි: කො නු ඛො හෙතු, කො පච්චයො, සොහං{3} ඔභාසම්පි ඛො සඤ්ජානාමි. න ච රූපානි පස්සාමි. රූපානි හි ඛො තස්මිං සමයෙ පස්සාමි. න ච ඔභාසං සඤ්ජානාමි. කෙවලම්පි රත්තිං කෙවලම්පි දිවසං කෙවලම්පි රත්තින්දිවන්ති. තස්ස මය්හං අනුරුද්ධා, එතදහොසි: යස්මිං හි ඛො අහං සමයෙ රූපනිමිත්තං අමනසිකරිත්වා ඔභාසනිමිත්තං මනසිකරොමි. ඔභාසං හි ඛො තස්මිං සමයෙ සඤ්ජානාමි න ච රූපානි පස්සාමි. යස්මිං පනාහං සමයෙ ඔභාසනිමිත්තං අමනසි කරිත්වා රූපනිමිත්තං මනසි කරොමි. රූපානි හි ඛො තස්මිං හි සමයෙ පස්සාමි. න ච ඔභාසං සඤ්ජානාමි. කෙවලම්පි රත්තිං කෙවලම්පි දිවං කෙවලම්පි රත්තින්දිවන්ති.
Sinhala BJTඅනුරුද්ධයෙනි, මම අප්‍රමත්ත ව කෙලෙස් තවන වැර ඇති ව නිවනට මෙහෙයූ සිත් ඇති ව වසන්නෙම් මුළු රැය ද මුළු දවස ද මුළු දවරෑ දෙක ද ඕභාසය දනිමි. රූප නො දක්මි. රූප දක්මි, එතෙකුදු ඕභාස නො දනිමි. අනුරුද්ධයෙනි, මට තෙල සිත් වී: මුළු රැය ද මුළු දවස ද මුළු දවරෑ දෙක ද ඕභාසය දනිම් ද රූප නො දකිම් ද, එසමයෙහි රූප දකිම් ද ඕභාස නො ද දනිම් ද, ඊට හේතු කවරෙ යැ, ප්‍රත්‍යය කවරෙ යැ යි. අනුරුද්ධයෙනි, මට තෙල සිත් වී: මුළු රැය ද මුළු දවස ද මුළු දවරෑ දෙකම දැයි මෙසේ යම් සමයෙක මම රූප නිමිති මෙනෙහි නො කොට ඕභාසය නිමිති මෙනෙහි කෙරෙම් ද, එ සමයෙහි ඕභාස දනිමි. රූප නො දක්මි. යම් කලෙක මම ඕභාසය නිමිති මෙනෙහි නො කොට රූපනිමිති මෙනෙහි කෙරෙම් ද, එ සමයෙහි රූප දක්මි, ඕභාස නො ද දනිමි.
Pali BJTඛො අහං අනුරුද්ධා අප්පමත්තො ආතාපී පහිතත්තො විහරන්තො පරිත්තං චෙව ඔභාසං සඤ්ජානාමි. පරිත්තානි ච රූපානි පස්සාමි. අප්පමාණඤ්චෙව ඔභාසං සඤ්ජානාමි. අප්පමාණානි ච රූපානි පස්සාමි. කෙවලම්පි රත්තිං කෙවලම්පි දිවසං, කෙවලම්පි රත්තින්දිවන්ති. තස්ස මය්හං අනුරුද්ධා, එතදහොසි: ‘කො නු ඛො හෙතු, කො පච්චයො, සොහං{3} පරිත්තං චෙව ඔභාසං සඤ්ජානාමි, පරිත්තානි ච රූපානි පස්සාමි. අප්පමාණඤ්චෙව ඔභාසං සඤ්ජානාමි, අප්පමාණානි ච රූපානි පස්සාමි. කෙවලම්පි රත්තිං කෙවලම්පි දිවංසං කෙවලම්පි රත්තින්දිව’න්ති. තස්ස මය්හං අනුරුද්ධා, එතදහොසි: යස්මිං ඛො මෙ සමයෙ පරිත්තො, සමාධි හොති, පරිත්තං මෙ තස්මිං සමයෙ චක්ඛු හොති. සොහං පරිත්තෙන චක්ඛුනා පරිත්තඤ්චෙව ඔභාසං සඤ්ජානාමි. පරිත්තානි ච රූපානි පස්සාමි. යස්මිං පන සමයෙ අප්පමාණො{4} මෙ සමාධි හොති. අප්පමාණං මෙ තස්මිං සමයෙ චක්ඛු හොති. සොහං අප්පමාණෙන චක්ඛුනා අප්පමාණඤ්චෙව ඔභාසං සඤ්ජානාමි, අප්පමාණානි ච රූපානි පස්සාමි කෙවලම්පි රත්තිං කෙවලම්පි දිවසං කෙවලම්පි රත්තින්දිවන්ති.
Sinhala BJTඅනුරුද්ධයෙනි, මම අප්‍රමත්ත ව ආතාපන වීර්‍ය්‍ය ඇති ව ප්‍රහිතාත්ම ව වසනුයෙම් මුළුරැය ද මුළු දාවල ද මුළු දවරෑ දෙක ද පරිත්ත වූ කර්‍මස්ථානයෙහි ඕභාසයක් දැනගනිමි, පරිත්ත වූ කර්‍මස්ථානයෙහි රූපයනුදු දක්මි. අප්‍රමාණ කර්‍මස්ථානයෙහි ඕභාසයත් දැනගනිමි, අප්‍රමාණ කර්‍මස්ථානයෙහි රූප ද දක්මි. අනුරුද්ධයෙනි, මට තෙල සිත් විය: ‘මුළු රැය ද මුළු දාවල ද මුළු දවරෑ දෙක ද මම පරිත්ත ඕභාස හඳුනමි, පරිත්ත රූප දක්මි. අප්‍රමාණොභාස හඳුනමි, අප්‍රමාණ රූප දක්මි. ඊට හේතු කවරෙ යැ, ඊට ප්‍රත්‍යය කවරෙ යැ’ යි. අනුරුද්ධයෙනි, මට තෙල සිත් විය: ‘යම් කලෙක පරිත්ත පරිකර්මෝභාස වේ ද, ඒ සමයෙහි මට පරිත්ත වූ දිවැස් වෙයි, මම පරිත්ත වූ දිවැසින් පරිත්ත වූ ඕභාස හඳුනමි, පරිත්තරූප දක්මි. යම් කලෙක මට අප්‍රමාණ සමාධි වේ ද, එසමයෙහි මට අප්‍රමාණ වූ දිවැස වෙයි, මම අප්‍රමාණ වූ දිවැසින් අප්‍රමාණ වූ ඕභාස හඳුනමි, අප්‍රමාණ වූ රූප ද දක්මි. මුළු රැය ද මුළු දාවල ද මුළු දවරෑ දෙක ද ගෙනය කියා යි.
Pali BJTයතො ඛො මෙ අනුරුද්ධා, විචිකිච්ඡා චිත්තස්ස උපක්කිලෙසොති ඉති විදිත්වා විචිකිච්ඡා චිත්තස්ස උපක්කිලෙසො පහීනො අහොසි. අමනසිකාරො චිත්තස්ස උපක්කිලෙසොති ඉති විදිත්වා අමනසිකාරො චිත්තස්ස උපක්කිලෙසො පහීනො අහොසි. ථිනමිද්ධං චිත්තස්ස උපක්කිලෙසොති ඉති විදිත්වා ථිනමිද්ධං චිත්තස්ස උපක්කිලෙසො පහීනො අහොසි. ඡම්භිතත්තං චිත්තස්ස උපක්කිලෙසොති ඉති විදිත්වා ඡම්භිතත්තං චිත්තස්ස උපක්කිලෙසො පහීනො අහොසි. උබ්බිල්ලං චිත්තස්ස උපක්කිලෙසොති ඉති විදිත්වා උබ්බිල්ලං චිත්තස්ස උපක්කිලෙසො පහීනො අහොසි. දුට්ඨුල්ලං චිත්තස්ස උපක්කිලෙසොති ඉති විදිත්වා දුට්ඨුල්ලං චිත්තස්ස උපක්කිලෙසො පහීනො අහොසි. අච්චාරද්ධවිරියං චිත්තස්ස උපක්කිලෙසොති ඉති විදිත්වා අච්චාරද්ධවිරියං චිත්තස්ස උපක්කිලෙසො පහීනො අහොසි. අතිලීනවිරියං චිත්තස්ස උපක්කිලෙසොති ඉති විදිත්වා අතිලීනවිරියං චිත්තස්ස උපක්කිලෙසො පහීනො අහොසි. අභිජප්පා චිත්තස්ස උපක්කිලෙසොති ඉති විදිත්වා අභිජප්පා චිත්තස්ස උපක්කිලෙසො පහීනො අහොසි. නානත්තසඤ්ඤා චිත්තස්ස උපක්කිලෙසොති ඉති විදිත්වා නානත්තසඤ්ඤා චිත්තස්ස උපක්කිලෙසො පහීනො අහොසි. අතිනිජ්ඣායිතත්තං රූපානං චිත්තස්ස උපක්කිලෙසොති ඉති විදිත්වා අතිනිජ්ඣායිතත්තං රූපානං චිත්තස්ස උපක්කිලෙසො පහීනො අහොසි. තස්ස මය්හං අනුරුද්ධා එතදහොසි. යෙ ඛො මෙ චිත්තස්ස උපක්කිලෙසා, තෙ මෙ පහීනා හන්දදානාහං තිවිධෙන සමාධිං භාවෙමී’ති. සො ඛො අහං අනුරුද්ධා සවිතක්කම්පි සවිචාරං සමාධිං භාවෙසිං. අවිතක්කම්පි විචාරමත්තං සමාධිං භාවෙසිං. අවිතක්කම්පි අවිචාරං සමාධිං භාවෙසිං. සප්පීතිකම්පි සමාධිං භාවෙසිං. නිප්පීතිකම්පි සමාධිං භාවෙසිං. සාතසහගතම්පි සමාධිං භාවෙසිං. උපෙක්ඛාසහගතම්පි සමාධිං භාවෙසිං. යතො ඛො මෙ අනුරුද්ධා, සවිතක්කොපි සවිචාරො සමාධි භාවිතො අහොසි, අවිතක්කොපි විචාරමත්තො සමාධි භාවිතො අහොසි, අවිතක්කොපි අවිචාරො සමාධි භාවිතො අහොසි, සප්පීතිකොපි සමාධි භාවිතො අහොසි. නිප්පීතිකොපි සමාධි භාවිතො අහොසි, සාතසහගතොපි සමාධි භාවිතො අහොසි. උපෙක්ඛාසහගතොපි සමාධි භාවිතො අහොසි. ඤාණඤ්ච පන මෙ දස්සනං උදපාදි: අකුප්පා මෙ චෙතොවිමුත්ති. අයමන්තිමා ජාති. නත්ථි දානි පුනබ්භවොති.
Sinhala BJTඅනුරුද්ධයෙනි, යම් කලෙක විචිකිච්ඡාව චිත්තෝපක්ලේශයෙකැ’ යි මෙසේ දැන චිත්තෝපක්ලේශ වූ විචිකිච්ඡාව ප්‍රහීණ වී ද, අමනසිකාරය චිත්තෝපක්ලේශයෙකැ’ යි මෙසේ දැන චිත්තෝපක්ලේශ වූ අමනසිකාරය ප්‍රහීණ වී ද, ථීනමිද්ධය චිත්තෝපක්ලේශයෙකැ’ යි මෙසේ දැන චිත්තෝපක්ලේශ වූ ථිනමිද්ධය ප්‍රහීණ වී ද, තැතිගැන්ම චිත්තෝපක්ලේශයෙකැ’ යි මෙසේ දැන චිත්තෝපක්ලේශ වූ තැතිගැන්ම ප්‍රහීණ වී ද, ඉල්පීම චිත්තෝපක්ලේශයෙකැ’ යි මෙසේ දැන චිත්තෝපක්ලේශ වූ ඉල්පීම ප්‍රහීණ වී ද, කායදරථ චිත්තෝපක්ලේශයෙකැ’ යි මෙසේ දැන චිත්තෝපක්ලේශ වූ කායදරථය ප්‍රහීණ වී ද, අත්‍යාරබ්ධවීර්‍ය්‍යය චිත්තෝපක්ලේශයෙකැ’ යි මෙසේ දැන චිත්තෝපක්ලේශ වූ අත්‍යාරබ්ධවීර්‍ය්‍යය ප්‍රහීණ වී ද, අතිලීනවීර්‍ය්‍යය චිත්තෝපක්ලේශයෙකැ’ යි මෙසේ දැන චිත්තෝපක්ලේශ වූ අතිලීනවීර්‍ය්‍යය ප්‍රහීණ වී ද, තෘෂ්ණාව චිත්තෝපක්ලේශයෙකැ’ යි මෙසේ දැන චිත්තෝපක්ලේශ වූ තෘෂ්ණාව ප්‍රහීණ වී ද, නානාත්‍වසංඥාව චිත්තෝපක්ලේශයෙකැ’ යි මෙසේ දැන චිත්තෝපක්ලේශ වූ නානාත්‍වසංඥාව ප්‍රහීණ වී ද, රූපයන් පිළිබඳ අතිනිජ්ඣායනාව චිත්තෝපක්ලේශයෙකැ’ යි මෙසේ දැන චිත්තෝපක්ලේශ වූ රූපයන් පිළිබඳ අතිනිජ්ඣායනාව ප්‍රහීණ වී ද, අනුරුද්ධයෙනි, මට තෙල සිත් විය: මාගේ යම් චිත්තෝපක්ලේශයෝ ඇද්ද, ඔහු මට ප්‍රහීණයහ, එයින් දැන් මම තුන් අයුරෙකින් සමාධිය වඩමි. අනුරුද්ධයෙනි, මම සවිතර්‍ක වූ ද සවිචාර වූ ද සමාධිය වැඩුවෙමි, අවිතර්‍ක වූ ද විචාරමාත්‍ර වූ ද සමාධිය වැඩීමි. අවිතර්‍ක වූ ද අවිචාරසමාධිය වැඩීමි, සප්‍රීතික සමාධිය වැඩීමි, නිෂ්ප්‍රීතික වූ ද සමාධිය වැඩීමි, සුඛසහගත වූ ද සමාධිය වැඩීමි, උපේක්‍ෂා සහගත වූ ද සමාධිය වැඩීමි. අනුරුද්ධයෙනි, යම් කලෙක මා විසින් සවිතර්‍ක වූ ද සවිචාර වූ ද සමාධිය වඩන ලදුයේ වී ද, අවිතර්‍ක වූ ද විචාරමාත්‍ර සමාධිය වඩන ලදුයේ වී ද අවිතර්‍ක වූ ද අවිචාර සමාධිය වඩන ලදුයේ වී ද, සප්‍රීතික වූ ද සමාධිය වඩන ලදුයේ වී ද, නිෂ්ප්‍රීතික වූ ද සමාධිය වඩන ලදුයේ වී ද, සුඛසහගත වූ ද සමාධිය වඩන ලදුයේ වී ද, උපේක්‍ෂා සහගත වූ ද සමාධිය වඩන ලදුයේ වී ද, (එකල්හි) මට සියල්ල දක්නා සර්‍වඥතාඥානය ද උපන: ‘මාගේ චිත්තවිමුක්තිය අකෝප්‍ය ය, මේ අන්තිම ජාතිය යි, මෙවිට පුනර්‍භවයෙක් නැතැ’ යි.
Pali BJTඉදමවොච භගවා. අත්තමනො ආයස්මා අනුරුද්ධො භගවතො භාසිතං අභිනන්දීති.
Sinhala BJTභාග්‍යවතුන් වහන්සේ මේ උපක්ලේශ සූත්‍රය වදාළ සේක. සතුටු සිත් ඇති ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය අභිනන්‍දනා කළහ.
Pali BJTඋපක්කිලෙසසුත්තං අට්ඨමං.
Sinhala BJTඅටවැනි උපක්කිලේස සූත්‍ර යි.
Pali BJT3. 3. 9.
Sinhala BJT3. 3. 9.
Pali BJTබාලපණ්ඩිත සුත්තං
Sinhala BJTබාලපණ්ඩිත සූත්‍රය
Pali BJTඑවං මෙ සුතං: එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තත්ර ඛො භගවා භික්ඛූ ආමන්තෙසි භික්ඛවොති. භදන්තෙති තෙ භික්ඛූ භගවතො පච්චස්සොසුං භගවා එතදවොච:
Sinhala BJTමා විසින් මෙසේ අසන ලද: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි අනේපිඬු මහසිටුහු ගේ ජේතවන අරම්හි වැඩවසන සේක. එකල භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි භික්‍ෂූන් ඇමතූ සේක. ඒ භික්‍ෂූහු ‘වහන්සැ’යි භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හු. භාග්‍යවතුන් වහන්සේ තෙල බාලපණ්ඩිත සුත වදාළ සේක.
Pali BJTතීණිමානි භික්ඛවෙ, බාලස්ස බාලලක්ඛණානි බාලනිමිත්තානි බාලාපදානානි. කතමානි තීණි: ඉධ භික්ඛවෙ, බාලො දුච්චින්තිතචින්තී ච හොති දුබ්භාසිතභාසී ච දුක්කතකම්මකාරී ච. නො චෙතං භික්ඛවෙ, බාලො දුච්චින්තිතචින්තී ච අභවිස්ස දුබ්භාසිතභාසී ච දුක්කතකම්මකාරී ච කෙන නං පණ්ඩිතා ජානෙය්යුං: බාලො අයං භවං අසප්පුරිසො’ති යස්මා ච ඛො භික්ඛවෙ, බාලො දුච්චින්තිතචින්තී ච හොති දුබ්භාසිතභාසී ච දුක්කතකම්මකාරී ච, තස්මා නං පණ්ඩිතා ජානන්ති: බාලො අයං භවං අසප්පුරිසොති.
Sinhala BJTමහණෙනි, බාලයා පිළිබඳ බාලයා දැනගන්නා ලක්‍ෂණයේ බාලයා දැනගන්නා කාරණයෝ බාලචරිතාපදානයෝ මොහු තුන්දෙනෙක. කවර තුන්දෙනෙක යත්: මහණෙනි, මෙලොවැ බාල තෙමේ අභිජ්ඣා ආදි නපුරු සිතිවිලි සිතනසුලු වෙයි. මුසවා ආදි නපුරු බස් බණනසුලු ද වෙයි. පණිවා ආදි නපුරුකම් කරනසුලු ද වෙයි. ඉදින් මහණෙනි, බාල තෙමේ නපුරු සිතිවිලි සිතනසුලු වේ ය, නපුරු බස් බණනසුලු ද වේ ය, නපුරු කම් කරනසුලු ද වේ ය යන තෙල නො වී නම් කවර අයුරෙකින් පණ්ඩිත ජනයෝ “මේ භවත් අසත්පුරුෂ බාලයෙකැ”යි ඔහු හඳුනාගනිත් ද, මහණෙනි, යම් හෙයෙකින් බාල තෙමේ නපුරු සිතිවිලි සිතනසුලු වේ ද, නපුරු බස් බණනසුලු වේ ද, නපුරු කම් කරනසුලු වේ ද, එහෙයින් පණ්ඩිත ජනයෝ ‘මේ භවත් අසත්පුරුෂ බාලයෙකැ”යි ඔහු හඳුනාගනිති.
Pali BJTස ඛො සො භික්ඛවෙ, බාලො තිවිධං දිට්ඨෙව ධම්මෙ දුක්ඛං දොමනස්සං පටිසංවෙදෙති. සචෙ භික්ඛවෙ, බාලො සභායං වා නිසින්නො හොති. රථියාය{1} වා නිසින්නො හොති. සිඞ්ඝාටකෙ වා නිසින්නො හොති. තත්ර චෙ ජනො තජ්ජං තස්සාරුප්පං කථං මන්තෙති සචෙ භික්ඛවෙ, බාලො පාණාතිපාතී හොති. අදින්නාදායී හොති. කාමෙසුමිච්ඡාචාරී හොති. මුසාවාදී හොති. සුරාමෙරයමජ්ජපමාදට්ඨායී හොති. තත්ර භික්ඛවෙ බාලස්ස එවං හොති: යං ඛො ජනො තජ්ජං තස්සාරුප්පං කථං මන්තෙති. සංවිජ්ජන්තෙ තෙ ච ධම්මා මයි, අහඤ්ච තෙසු ධම්මෙසු සන්දිස්සාමීති. ඉදං භික්ඛවෙ, බාලො පඨමං දිට්ඨෙව ධම්මෙ දුක්ඛං දොමනස්සං පටිසංවෙදෙති.
Sinhala BJTමහණෙනි. ඒ බාල ඉහාත්මයෙහි ම තුන්වැදෑරුම් දුක්දොම්නසක් විදුනේ ය. ඉදින් මහණෙනි, බාල සභායෙක වේව’යි හුන්නේ වේ ද, වීථියෙක වේව’යි හුන්නේ වේ ද, සතරමංසන්‍ධියෙක වේව’යි හුන්නේ වේ ද, එහිදු ජනයා එයින් උපන් එයට නිසි කථා මන්ත්‍රණ කෙරෙයි. මහණෙනි, ඉදින් බාල පණිවා කරනසුලු වේ ද, අයිනාදන් ගන්නාසුලු වේ ද, කාමයෙහි මිසහසර ඇති වේ ද, මුසවා බණනසුලු වේ ද, මද පමා දෙකට කරුණු වූ රහමෙර බොනසුලු වේ ද, මහණෙනි, එහි දී බාලයා හට මෙසේ සිත් වෙයි: “ජනයා එයින් උපන් එයට නිසි යම් කථාවක් මන්ත්‍රණ කෙරේ ද, ඒ දුසිරිත් දහම්හු මා කෙරෙහි ඇත, මම ද ඒ දහම්හි ලා දැක්වෙමි”. මහණෙනි, බාල තෙමේ ඉහාත්මයෙහි ම මේ පළමුවන දුක්දොම්නස විඳුනේ වෙයි.
Pali BJTපුන චපරං භික්ඛවෙ, බාලො පස්සති රාජානො චොරං ආගුචාරිං ගහෙත්වා විවිධා කම්මකාරණා කාරෙන්තෙ: කසාහිපි තාළෙන්තෙ, වෙත්තෙහිපි තාළෙන්තෙ, අද්ධදණ්ඩකෙහිපි තාළෙන්තෙ, හත්ථම්පි ඡින්දන්තෙ, පාදම්පි ඡින්දන්තෙ, හත්ථපාදම්පි ඡින්දන්තෙ, කණ්ණම්පි ඡින්දන්තෙ, නාසම්පි ඡින්දන්තෙ, කණ්ණනාසම්පි ඡින්දන්තෙ, බිලඞ්ගථාලිකම්පි කරොන්තෙ, සඞ්ඛමුණ්ඩිකම්පි කරොන්තෙ, රාහුමුඛම්පි කරොන්තෙ, ජොතිමාලිකම්පි කරොන්තෙ, හත්ථපජ්ජොතිකම්පි කරොන්තෙ, එරකවත්තිකම්පි කරොන්තෙ, චීරකවාසිකම්පි කරොන්තෙ, එණෙය්යකම්පි කරොන්තෙ, බලිසමංසිකම්පි කරොන්තෙ, කහාපණකම්පි කරොන්තෙ, ඛාරාපතච්ඡිකම්පි කරොන්තෙ, පලිඝපරිවත්තිකම්පි කරොන්තෙ, පලාලපීඨකම්පි කරොන්තෙ, තත්තෙනපි තෙලෙන ඔසිඤ්චන්තෙ, සුනඛෙහිපි ඛාදාපෙන්තෙ, ජීවන්තම්පි සූලෙ උත්තාසෙන්තෙ, අසිනාපි සීසං ඡින්දන්තෙ. තත්ර භික්ඛවෙ, බාලස්ස එවං හොති: යථාරූපානං ඛො පාපකානං කම්මානං හෙතු රාජානො චොරං ආගුචාරිං
Sinhala BJTතවද මහණෙනි, බාල තෙමේ රජදරුවෝ අපරාධකාරී සොරු ගෙන විවිධ කම්කටුලු කෙරෙත් ද, කසයෙනුදු තළනුවන් වේවැලිනුදු තළනුවන් අඩදඬියෙනුදු තළනුවන් අත ද සිඳනුවන් පය ද සිඳිනුවන් අත්පා ද සිඳිනුවන් කනුදු සිඳිනුවන් නැහැදු සිඳිනුවන් කන් නැහැදු සිඳිනුවන් බිලඞ්ගථාලික නම් වධ ද කරනුවන් ශඞ්ඛමුණ්ඩික නම් වධ ද කරනුවන් රාහුමුඛ නම් වධ ද කරනුවන් ජෝතිමාලික නම් වධ ද කරනුවන් හත්‍ථපජ්ජෝතික නම් වධ ද කරනුවන් එරකවත්තික නම් වධ ද කරනුවන් චීරකවාසික නම් වධ ද කරනුවන් එණෙය්‍යක නම් වධ ද කරනුවන් බලිසමංසික නම් වධ ද කරනුවන් කහාපණක නම් වධ ද කරනුවන් ඛාරාපතච්ඡික නම් වධ ද කරනුවන් පලිඝපරිවත්තික නම් වධ ද කරනුවන් පලාලපීඨක නම් වධ ද කරනුවන් රත්තෙලිනුදු ඉස්නවුන් ශුනකයන් ලවා කවනුවන් දිවස්හුල හිඳුවනවන් කඩුවෙනුදු හිස සිඳනුවන් දක්නේ වේ ද, මහණෙනි, එහි දී බාලයා හට මෙසේ සිත් වෙයි: යම්බඳු පාපකර්‍ම හේතු කොටගෙන රජදරුවෝ අපරාධකාරී
Pali BJTගහෙත්වා විවිධා කම්මකාරණා කාරොන්ති: කසාහිපි තාළෙන්ති වෙත්තෙහිපි තාළෙන්ති. අද්ධදණ්ඩකෙහිපි තාළෙන්ති. හත්ථම්පි ඡින්දන්ති. පාදම්පි ඡින්දන්ති. හත්ථපාදම්පි ඡින්දන්ති. කණ්ණම්පි ඡින්දන්ති. නාසම්පි ඡින්දන්ති. කණ්ණනාසම්පි ඡින්දන්ති. බිලඞ්ගථාලිකම්පි කරොන්ති. සඞ්ඛමුණ්ඩිකම්පි කරොන්ති. රාහුමුඛම්පි කරොන්ති. ජොතිමාලිකම්පි කරොන්ති. හත්ථපජ්ජොතිකම්පි කරොන්ති. එරකවත්තිකම්පි කරොන්ති. චීරකවාසිකම්පි කරොන්ති. එණෙය්යකම්පි කරොන්ති. බලිසමංසිකම්පි කරොන්ති. ඛාරාපතච්ඡිකම්පි කරොන්ති. පලිඝපරිවත්තිකම්පි කරොන්ති. පලාලපිට්ඨිකම්පි කරොන්ති. තත්තෙනපි තෙලෙන ඔසිඤ්චන්ති. සුනඛෙහිපි ඛාදාපෙන්ති. ජීවන්තම්පි සූලෙ උත්තාසෙන්ති. අසිනාපි සීසං ඡින්දන්ති. සංවිජ්ජන්තෙ තෙ ච ධම්මා මයි, අහඤ්ච තෙසු ධම්මෙසු සන්දිස්සාමි. මඤ්චෙපි රාජානො ආජානෙය්යුං මම්පි රාජානො ගහෙත්වා විවිධා කම්මකාරණා කාරෙය්යුං: කසාහිපි තාළෙය්යුං. වෙත්තෙහිපි තාළෙය්යුං. අද්ධදණ්ඩකෙහිපි තාළෙය්යුං. හත්ථම්පි ඡින්දෙය්යුං. පාදම්පි ඡින්දෙය්යුං. හත්ථපාදම්පි ඡින්දෙය්යුං. කණ්ණම්පි ඡින්දෙය්යුං. නාසම්පි ඡින්දෙය්යුං. කණ්ණනාසම්පි ඡින්දෙය්යුං. බිලඞ්ගථාලිකම්පි කරෙය්යුං. සඞ්ඛමුණ්ඩිකම්පි කරෙය්යුං. රාහුමුඛම්පි කරෙය්යුං. ජොතිමාලිකම්පි කරෙය්යුං. එරකවත්තිකම්පි කරෙය්යුං. චීරකවාසිකම්පි කරෙය්යුං. එණෙය්යකම්පි කරෙය්යුං. බලිසමංසිකම්පි කරෙය්යුං. කහාපණකම්පි කරෙය්යුං. ඛාරාපතච්ඡිකම්පි කරෙය්යුං. පලිඝපරිවත්තිකම්පි කරෙය්යුං. තත්තෙනපි තෙලෙන ඔසිඤ්චෙය්යුං. සුනඛෙහිපි ඛාදාපෙය්යුං. ජීවන්තම්පි සූලෙ උත්තාසෙය්යුං. අසිනාපි සීසං ඡින්දෙය්යුන්ති. ඉදම්පි භික්ඛවෙ බාලො දුතියං දිට්ඨෙව ධම්මෙ දුක්ඛං දොමනස්සං පටිසංවෙදෙති.
Sinhala BJTසොරු ගෙන විවිධ කම්කටොලු කෙරෙත් ද, කසයෙනුදු තළත් ද, වේවැලිනුදු තලත් ද අඩදඬියෙනුදු තළත් ද, අතද සිඳිත් ද, පය ද සිඳිත් ද, අත්පාත් සිඳිත් ද, කන ද සිඳිත් ද, නැහැය ද සිඳිත් ද, කන්නැහැ ද සිඳිත් ද, බිලඞ්ගථාලිකවධ ද කෙරෙත් ද, ශඞ්ඛමුණ්ඩිකවධ ද කෙරෙත් ද, රාහුමුඛවධ ද කෙරෙත් ද, ජෝතිමාලිකවධ ද කෙරෙත් ද, හත්‍ථපජ්ජෝතික වධ ද කෙරෙත් ද, එරකවත්තිකවධ ද කෙරෙත් ද, චීරකවාසිකවධ ද කෙරෙත් ද, එණෙය්‍යකවධ ද කෙරෙත් ද, බලිසමංසිකවධ ද කෙරෙත් ද, කහාපණකවධ ද කෙරෙත් ද, ඛාරාපතච්ඡිකවධ ද කෙරෙත් ද, පලිඝපරිවත්තිකවධ ද කෙරෙත් ද, පලාලපිට්ඨිකවධ ද කෙරෙත් ද, රත්තෙලිනුදු ඉසිත් ද, ශුනකයන් ලවා කවත් ද, දිවස්හුලෙහි හිඳුවත් ද, කඩුවෙනුදු හිස සිඳිත් ද, එබඳු පාපධර්‍මයෝ මා කෙරෙහි ඇත, මම ද ඒ දහම්හි දැක්වෙමි. රජදරුවෝ මයිත් දැනගන්නාහු නම් රජදරුවෝ මයිදු ගෙන විවිධ කම්කටොලු කරන්නාහු ය. කසයෙනුදු තළන්නාහු ය, වේවැලිනුදු තළන්නාහු ය, අඩදඬියෙනුදු තළන්නාහු ය, අත ද සිඳින්නාහු ය, පය ද සිඳින්නාහු ය, අත්පා ද සිඳින්නාහු ය, කන ද සිඳින්නාහු ය, නැහැය ද සිඳින්නාහු ය, කන්නැහැ ද සිඳින්නාහු ය, බිලඞ්ගථාලික නම් වධ ද කරන්නාහු ය, ශඞ්ඛමුණ්ඩික නම් වධ ද කරන්නාහු ය, රාහුමුඛ නම් වධ ද කරන්නාහු ය, ජෝතිමාලික නම් වධ ද කරන්නාහු ය, හත්‍ථපජ්ජෝතික නම් වධ ද කරන්නාහු ය, එරකවත්තික නම් වධ ද කරන්නාහු ය, චීරකවාසික නම් වධ ද කරන්නාහු ය, එණෙය්‍යක නම් වධ ද කරන්නාහු ය, බලිසමංසික නම් වධ ද කරන්නාහු ය, කහාපණක නම් වධ ද කරන්නාහු ය, බාරාපතච්ඡික නම් වධ ද කරන්නාහු ය, පලිඝපරිවත්තික නම් වධ ද කරන්නාහු ය, රත්වූ තෙලිනුදු ඉස්නාහු ය, ශුනකයන් ලවා ද කවන්නාහු ය, දිවමනුහු දු හුලැ හිඳුවන්නාහු ය, කඩුවෙනුදු හිස සිඳින්නාහු යයි කියා යි. මහණෙනි. බාල තෙමේ ඉහාත්මයෙහි ම මේ දෙවන දුක්දොම්නස විඳුනේ වෙයි.
Pali BJTපුන චපරං භික්ඛවෙ, බාලං පීඨසමාරූළ්හං වා මඤ්චසමාරූළ්හං වා ඡමාය{1}වා සෙමානං, යානිස්ස පුබ්බෙ පාපකානි කම්මානි කතානි{2} කායෙන දුච්චරිතානි වාචාය දුච්චරිතානි මනසා දුච්චරිතානි, තානිස්ස තම්හි සමයෙ ඔලම්බන්ති, අජ්ඣොලම්බන්ති, අභිප්පලම්බන්ති. සෙය්යථාපි භික්ඛවෙ, මහන්තානං{3} පබ්බතකූටානං ඡායා සායන්හසමයං පථවියා ඔලම්බන්ති, අජ්ඣොලම්බන්ති, අභිප්පලම්බන්ති. එවමෙව ඛො භික්ඛවෙ, බාලං පීඨසමාරූළ්හං වා මඤ්චසමාරූළ්හං වා ඡමාය{1} වා සෙමානං, යානිස්ස පුබ්බෙ පාපකානි කම්මානි කතානි කායෙන දුච්චරිතානි වාචාය දුච්චරිතානි මනසා දුච්චරිතානි, තානිස්ස තම්හි සමයෙ ඔලම්බන්ති, අජ්ඣොලම්බන්ති, අභිප්පලම්බන්ති, තත්ර භික්ඛවෙ බාලස්ස එවං හොති: ‘අකතං වත මෙ කල්යාණං, අකතං කුසලං, අකතං භීරුත්තාණං. කතං පාපං, කතං ලුද්දකං, කතං කිබ්බිසං. යා ච හොති අකතකල්යාණානං අකතකුසලානං අකතභීරුත්තාණානං කතපාපානං කතලුද්දානං කතකිබ්බිසානං ගති. තං ගතිං පෙච්ච ගච්ඡාමී’ති. සො සොචති, කිලමති, පරිදෙවති, උරත්තාළිං කන්දති, සම්මොහං ආපජ්ජති. ඉදම්පි ඛො භික්ඛවෙ, බාලො තතියං දිට්ඨෙව ධම්මෙ දුක්ඛං දොමනස්සං පටිසංවෙදෙති.
Sinhala BJTයළිදු මහණෙයි, බාලයා පීඨයෙහි නැඟී හුන්නහුට වේව’යි මඤ්චයෙහි නැඟී හුන්නහුට වේ ව’යි බිමැ හෝනහුට වේව’යි ඔහු විසින් පෙර කරන ලද කායදුශ්චරිත වූ වාග්දුශ්චරිත වූ මනෝදුශ්චරිත වූ යම් ලාමක කර්‍ම කෙනෙක් ඇද්ද, එසමයෙහි ඔහුට ඒ කර්‍මයෝ එළැඹ සිටිති, (අවලම්බන අධ්‍යවලම්බන අභිප්‍රලම්බන වෙත්.) මහණෙනි, යම් පරිදි සවස් කාලයෙහි මහත් පර්‍වතකූටයන් ගේ සෙවණැලි පොළොවෙහි පැතිරේ ද, එපරිදි මැ මහණෙනි, පීඨයෙහි නැඟී හුන්නහු වේව’යි මඤ්චයෙහි නැඟී හුන්නහු වේව’යි බිමැ හෝනහු වේව’යි බාල හට ඔහු විසින් කළ කායදුශ්චරිත වූ හෝ වාග්දුශ්චරිත වූ හෝ මනෝදුශ්චරිත වූ හෝ යම් පූර්‍ව පාපකර්‍ම කෙනෙක් ඇද්ද එකල්හි එ කර්‍මයෝ එළැබ සිටිත්. මහණෙනි, ඒ වැටැහීම් ආපාතගත කල්හි බාලයා හට මෙසේ සිත් වෙයි: ‘මා විසින් කල්‍යණයෙක් නො කරන ලද මැ ය, කුශලයෙක් නො කරන ලද මැ ය, බියට පිහිටෙක් නො කරන ලද මැ ය, පව් කරන ලද, කැකුළුකම් කරන ලද, කිලුටු කම් කරන ලද, කලණ කම් නොකළ කුසල් නො කළ බියට පිහිට නො කළ පව් කළ කැකුළුකම් කළ කිලුටුකම් කළ ඇත්තනට යම් ගතියෙක් ඇද්ද, පරලොවැ එ ගතියට යෙමි’යි කියා යි. හේ ශෝක කෙරෙයි, හේ ක්ලාන්ත වෙයි, පරිදේවනා කෙරෙයි, ළෙහි අත් පැහැර හඬයි, සම්මෝහයට පැමිණෙයි. මහණෙනි, බාල තෙමේ ඉහාත්මයෙහි ම මේ තුන්වන දුක්දොම්නස ද විඳුනේ වෙයි.
Pali BJTස ඛො සො භික්ඛවෙ බාලො කායෙන දුච්චරිතං චරිත්වා වාචාය දුච්චරිතං චරිත්වා මනසා දුච්චරිතං චරිත්වා කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජති. යං ඛො තං භික්ඛවෙ සම්මා වදමානො වදෙය්ය: ‘එකන්තං අනිට්ඨං එකන්තං අකන්තං එකන්තං අමනාප’න්ති. නිරයමෙවෙතං{1} සම්මා වදමානො වදෙය්ය: එකන්තං අනිට්ඨං එකන්තං අකන්තං එකන්තං අමනාපන්ති. යාවඤ්චිදං භික්ඛවෙ, උපමාපි න{2} සුකරා යාව දුක්ඛා නිරයාති.
Sinhala BJTමහණෙනි, ඒ බාල කයින් දුශ්චරිත කොට බසින් දුශ්චරිත කොට සිතින් දුශ්චරිත කොට කාබුන් මරණින් මතුයෙහි සැපයෙන් පහවූ නපුරු ගති ඇති විවස ව පතිත වන නිරයට එළැබෙයි, මහණෙනි, මොනොවට බණනුයෙක් ඒකාන්ත අනිෂ්ට යයි ඒකාන්ත අකාන්ත යයි ඒකාන්ත අමනාප යයි යමක් ගෙන බෙණේ නම් මොනොවට බණනුයේ ඒකාන්ත අනිෂ්ට යයි ඒකාන්ත අමනාප යයි තෙල නිරය මැ ගෙන බණන්නේ ය, මහණෙනි, නිරයයෝ අතිශය දුක් ඇතියහ’යි දක්වන්නට උපමාවකුදු සුකර නො වේ යයි වදාළෝ.
Pali BJTඑවං වුත්තෙ අඤ්ඤතරො භික්ඛු භගවන්තං එතදවොච: සක්කා පන මෙ භන්තෙ,{*} උපමං කාතුන්ති?
Sinhala BJTමෙසේ වදාළ කල්හි එක්තරා මහණෙක් භාග්‍යවතුන් වහන්සේට තෙල සැලකළේ: ‘වහන්ස, උපමාවක් කරන්නට හැකි දැ’යි.
Pali BJTසක්කා භික්ඛූති භගවා අවොච. ‘සෙය්යථාපි භික්ඛු, චොරං ආගුචාරිං ගහෙත්වා රඤ්ඤො දස්සෙය්යුං: ‘අයං ඛො දෙව, චොරො ආගුචාරී, ඉමස්ස යං ඉච්ඡසි, තං දණ්ඩං පණෙහී’ති. තමෙනං රාජා එවං වදෙය්ය: ‘ගච්ඡථ භො, ඉමං පුරිසං පුබ්බණ්හසමයං සත්තිසතෙන හනථා’ති. තමෙනං පුබ්බණ්හසමයං සත්තිසතෙන හනෙය්යුං. අථ රාජා මජ්ඣන්තිකසමයං එවං වදෙය්ය: ‘අම්භො, කථං සො පුරිසො’ති? ‘තථෙව දෙව ජීවතී’ති. තමෙනං රාජා එවං වදෙය්ය: ‘ගච්ඡථ, භො, තං පුරිසං මජ්ඣන්තිකසමයං සත්තිසතෙන හනථා’ති. තමෙනං මජ්ඣන්තිකසමයං සත්තිසතෙන හනෙය්යුං. අථ රාජා සායන්හසමයං එවං වදෙය්ය: ‘අම්භො, කථං සො පුරිසො’ති? ‘තථෙව දෙව ජීවතී’ති. තමෙනං රාජා එවං වදෙය්ය: ‘ගච්ඡථ, භො, තං පුරිසං සායන්හසමයං සත්තිසතෙන හනථා’ති. තමෙනං සායන්හසමයං සත්තිසතෙන හනෙය්යුං. තං කිම්මඤ්ඤථ භික්ඛවෙ, අපි නු සො පුරිසො තීහි සත්තිසතෙහි හඤ්ඤමානො තතො නිදානං දුක්ඛං දොමනස්සං පටිසංවෙදියෙථා’ති?
Sinhala BJTභාග්‍යවතුන් වහන්සේ ‘මහණ, හැක්කැ’යි වදාළ සේක: “මහණ, යම් පරිදි ‘දේවයෙනි, මේ අපරාධකාරී සොරෙක, මුහුට යම් දඬුවමක් කැමැත්තහු නම් ඒ දඬුවම එළවාලව’යි පාපකාරී සොරකු ගෙන රජුට දක්වත් ද, රජ ඔහුට මෙසේ කියන්නේ ය: ‘භවත, යා, මේ පුරුෂයා පෙරවරුයෙහි සියක් සිරිපහරින් හිංසා කරව’යි. පෙරවරුයෙහි තුලුන් ගෙන සියක් සිරියෙන් හිංසා කෙරෙයි. ඉක්බිති රජ මධ්‍යාහ්නයෙහි මෙසේ කියන්නේ ය: ‘එම්බා පුරුෂය, ඒ වධ්‍යමාන පුරුෂයා කෙසේ වේ දැ’යි. දේවයන් වහන්ස, එසේ ම ජීවත් වේ ය’යි. රජ තුලුන්ට මෙසේ කියන්නේ ය: ‘භවත, යා, ඒ පුරුෂයා මධ්‍යාහ්න සමයෙහි සියක් සිරියෙන් හිංසා කරව’යි. මධ්‍යාහ්න සමයෙහි තුලුන් ගෙන සියක් සිරියෙන් හිංසා කරන්නාහු ය. ඉක්බිති රජ සවස්වරුයෙහි මෙසේ කියන්නේ ය: එම්බා පුරුෂය, ඒ වධ්‍යමාන පුරුෂයා කෙසේ වේ දැ’යි. දේවයෙනි, එසේ ම ජීවත් වේ යැ’යි. රජ තුලුන්ට මෙසේ කියන්නේ ය: ‘භවත, යා, ඒ පුරුෂයා සවස්වරුයෙහි සියක් සිරියෙන් හිංසා කරව’යි, සවස්වරුයෙහි තුලුන් ගෙන සියක් සිරියෙන් නස්නාහුය. මහණෙනි, කෙසේ හඟව, ඒ පුරුෂ සියක් සිරියෙන් නැස්නේ ඒ හේතුයෙන් දුක් දොම්නස් විඳුනේ වේ දැ”යි.
Pali BJTඑකිස්සාපි භන්තෙ, සත්තියා හඤ්ඤමානො සො පුරිසො තතො නිදානං දුක්ඛං දොමනස්සං පටිසංවෙදියෙථ. කො පන වාදො තීහි සත්තිසතෙහීති.
Sinhala BJTවහන්ස, එක් සිරිපහරකිනුදු හන්‍යමාන පුරුෂ ඒ හේතුයෙන් දුක්දොම්නස් විඳුනේ ය. තුන්සියක් සිරියෙන් නැස්නේ කවර කථා යැ.
Pali BJTඅථ ඛො භගවා පරිත්තං පාණිමත්තං පාසාණං ගහෙත්වා භික්ඛූ ආමන්තෙසි: ‘තං කිං මඤ්ඤථ භික්ඛවෙ, කතමො නු ඛො මහන්තතරො, යො චායං මයා පරිත්තො පාණිමත්තො පාසාණො ගහිතො, යො ච හිමවා පබ්බතරාජා’ති?
Sinhala BJTඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඇතුළුමිටැ සිටුනා කුඩා කැටක් ගෙන මහණුන් ඇමැතූ සේක: ‘මහණෙනි, ඒ කිසේ හඟව, මා විසින් ඇතුළුමිටැ සිටුනා පමණ ඇලුප් කැටෙක් ගන්නා ලද ද, යම් හිමාලය පර්‍වතරාජයෙක් ඇද්ද, මුන් කෙරෙහි කිමෙක් මහත්තර වේ ද?
Pali BJTඅප්පමත්තො ඛො අයං භන්තෙ, භගවතා පරිත්තො පාණිමත්තො පාසාණො ගහිතො, හිමවන්තං පබ්බතරාජානං උපනිධාය සඞ්ඛම්පි න උපෙති, කලභාගම්පි න උපෙති, උපනිධිම්පි{3} න උපෙතී’ති.
Sinhala BJTවහන්ස, මුබ වහන්සේ විසින් යම් ඇතුළුමිටැ සිටුනා පමණ අල්ප පාෂාණයෙක් ගන්නා ලද ද, මෙය හිමවත් පර්‍වතරාජයා පිණිස අල්පමාත්‍ර වෙයි, ගණනාවට ද නො යෙයි. කලභාගයට ද නො යෙයි, වෙතැ තැබීමට ද නො යෙයි.
Pali BJTඑවමෙව ඛො භික්ඛවෙ, යං සො පුරිසො තීහි සත්තිසතෙහි හඤ්ඤමානො තතො නිදානං දුක්ඛං දොමනස්සං පටිසංවෙදෙති. තං ෙනරයිකස්ස දුක්ඛස්ස{4} උපනිධාය සඞ්ඛම්පි න උපෙති. කලභාගම්පි න උපෙති. උපනිධිම්පි න උපෙති.
Sinhala BJTඑසෙයින් මැ මහණෙනි, ඒ පුරුෂ තුන් අඩයටි සියෙන් පෙළනු ලබනුයේ ඒ හේතුයෙන් යම් දුකක් දොම්නසක් විඳි ද, එය නිරයදුක සඳහා ගණනාවට ද නො යෙයි, කලභාගයට ද නො යෙයි, වෙතැ තැබීමට ද නො යෙයි.
Pali BJTතමෙනං භික්ඛවෙ, නිරයපාලා පඤ්චවිධබන්ධනං නාම කාරණං{1} කරොන්ති: තත්තං අයොඛීලං හත්ථෙ ගමෙන්ති. තත්තං අයොඛීලං දුතියෙ හත්ථෙ ගමෙන්ති. තත්තං අයොඛිලං පාදෙ ගමෙන්ති. තත්තං අයොඛීලං දුතියෙ පාදෙ ගමෙන්ති. තත්තං අයොඛීලං මජ්ඣෙ උරස්මිං ගමෙන්ති. සො තත්ථ දුක්ඛා තිප්පා කටුකා වෙදනා වෙදෙති. න ච තාව කාලං කරොති, යාව න තං පාපං කම්මං බ්යන්තීහොති.
Sinhala BJTමහණෙනි, ඔහුට නිරයපාලයෝ පඤ්චවිධබන්‍ධන නම් වධයක් කෙරෙති: රත්වූ යහුලක් දකුණතෙහි ගසති, රත් යහුලක් දෙවැනි අතෙහි ගසති, රත් යහුලක් දකුණු පයෙහි ගසති, රත් යහුලක් දෙවැනි පයෙහි ගසති, රත් යහුලක් ළමැද ගසති, හේ එහි දුඃඛ තීව්‍ර කටුක වේදනා විඳී, යම් තාක් ඒ පාපකර්‍මය නො ගෙවේ ද, ඒ තාක් නො ද කලුරිය කෙරෙයි.
Pali BJTතමෙනං භික්ඛවෙ, නිරයපාලා සංවෙසෙත්වා{2} කුඨාරීහි තච්ඡන්ති. සො තත්ථ දුක්ඛා තිප්පා කටුකා වෙදනා වෙදෙති. න ච තාව කාලං කරොති, යාව න තං පාපං කම්මං බ්යන්තීහොති.
Sinhala BJTමහණෙනි, නිරයපාලයෝ ඔහු යපොළො වැ හොවා කෙටේරියෙන් සසිති, හේ එහි දුඃඛ ත්‍රව්‍ර වේදනා විඳී. යම් තාක් ඒ පාපකර්‍මය නො ගෙවේ ද, ඒ තාක් නො ද කලුරිය කෙරෙයි.
Pali BJTතමෙනං භික්ඛවෙ, නිරයපාලා උද්ධපාදං{3} අධොසිරං ගහෙත්වා{4} වාසීහි තච්ඡන්ති. සො තත්ථ -පෙ- යාව න තං පාපං කම්මං බ්යන්තීහොති.
Sinhala BJTමහණෙනි, නිරයපාලයෝ ඔහු ඌර්ධ්වපාද කොට අධඃශීර්‍ෂ කොට ගෙන වෑයෙන් සසති. හේ එහි ... යම්තාක් ඒ පාපකර්‍මය නො ගෙවේ ද, ඒ තාක් නො ද කලුරිය කෙරෙයි.
Pali BJTතමෙනං භික්ඛවෙ, නිරයපාලා රථෙ යොජෙත්වා ආදිත්තාය පඨවියා සම්පජ්ජලිතාය සජොතිභූතාය සාරෙන්තිපි පච්චාසාරෙන්තිපි. සො තත්ථ -පෙ- යාව න තං පාපං කම්මං බ්යන්තීහොති.
Sinhala BJTමහණෙනි, නිරයපාලයෝ ඔහු සම්ප්‍රජ්වලිත වූ රථයෙහි යොදා ප්‍රදීප්ත වූ හාත්පසින් ප්‍රජ්වලිත වූ සප්‍රභ වූ අයෝමය පෘථිවියෙහි සාරණය ද ප්‍රත්‍යාසාරණය ද කරවත්. (ඔබ මොබැ ඇවිදුවත්.) හේ එහි ... යම්තාක් ඒ පාපකර්‍මය නො ගෙවේ ද, ඒ තාක් නො ද කලුරිය කෙරෙයි.