Majjhima Nikāya

Middle-Length Discourses

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 5201-5300 න් 6395

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTඅසීති මෙ ආවුසො, වස්සානි පබ්බජිතස්ස, නාභිජානාමි භික්ඛුණූපස්සයං උපසඞ්කමිතා. යම්පායස්මා -පෙ- ධාරෙම.
Sinhala BJTඇවැත්නි ... අසූවසෙක. මෙහෙණවරකට ගියෙම් නො දන්මි, ආයුෂ්මත් බක්කුල තෙරණුවෝ ... ධරම්හ.
Pali BJTඅසීති මෙ ආවුසො, වස්සානි පබ්බජිතස්ස, නාභිජානාමි භික්ඛුනියා ධම්මං දෙසිතා -පෙ- නාභිජානාමි සික්ඛමානාය ධම්මං දෙසිතා -පෙ- නාභිජානාමි සාමණෙරියා ධම්මං දෙසිතා. යම්පායස්මා බක්කුලො අසීතියා වස්සෙහි නාභිජානාති සාමණෙරියා ධම්මං දෙසිතා. ඉදම්පි මයං ආයස්මතො බක්කුලස්ස අච්ඡරියං අබ්භුතධම්මං ධාරෙම.
Sinhala BJTඇවැත්නි, පැවිදි වූ මට අසූවසෙක. මෙහෙණකට දෙසුයෙම් නො දන්මි ... සික්ඛමානාවකට දහම් දෙසුයෙම් නො දන්මි ... හෙරැණියකට දහම් දෙසුයෙම් නො දන්මි. ආයුෂ්මත් බක්කුල තෙරණුවෝ හෙරැණියකට දහම් දෙසුවාහු නො දනිති’ යි යන මෙ ද අපි ආයුෂ්මත් බක්කුල තෙරණුවන් ගේ ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍ම යයි ධරම්හ.
Pali BJTඅසීති මෙ ආවුසො, වස්සානි පබ්බජිතස්ස, නාභිජානාමි පබ්බාජෙතා -පෙ- නාභිජානාමි උපසම්පාදෙතා -පෙ- නාභිජානාමි නිස්සයං දාතා -පෙ- නාභිජානාමි සාමණෙරං උපට්ඨාපෙතා. යම්පායස්මා -පෙ- ධාරෙම.
Sinhala BJTඇවැත්නි, පැවිදි වූ මට අසූවසෙක. පැවිදි කරවූයෙම් නො දන්මි, ... උපසපන් කරවූයෙම් නො දන්මි ... නිස දුන්නේම් නො දන්මි, ... හෙරණකු ලවා උවටන් කරවූයෙම් නො දන්මි. ආයුෂ්මත් බක්කුල තෙරණුවෝ ... ධරම්හ.
Pali BJTඅසීති මෙ ආවුසො, වස්සානි පබ්බජිතස්ස, නාභිජානාමි ජන්තාඝරෙ නහායිතා. යම්පායස්මා -පෙ- ධාරෙම.
Sinhala BJTඇවැත්නි, පැවිදි වූ මට අසූවසෙක. ගිනිහල්ගෙහි ස්නානය කෙළෙම් නො දන්මි. ආයුෂ්මත් බක්කුල තෙරණුවෝ ... ධරම්හ.
Pali BJTඅසීති මෙ ආවුසො, වස්සානි පබ්බජිතස්ස, නාභිජානාමි චුණ්ණෙන නහායිතා. යම්පායස්මා -පෙ- ධාරෙම.
Sinhala BJTඇවැත්නි, පැවිදි වූ මට අසූවසෙක. (කොසඹආදි) සුණුයෙන් ස්නානය කෙළෙම් නො දන්මි. ආයුෂ්මත් බක්කුල තෙරණුවෝ ... ධරම්හ.
Pali BJTඅසීති මෙ ආවුසො, වස්සානි පබ්බජිතස්ස, නාභිජානාමි සබ්රහ්මචාරී ගත්තපරිකම්මෙ ව්යාපාරිතා{1}. යම්පායස්මා -පෙ- ධාරෙම.
Sinhala BJTඇවැත්නි, පැවිදි වූ මට අසූවසෙක. සබ්‍රම්සරුන් සිරුරුපිරියම්හි යෙදවූයෙම් නො දන්මි. ආයුෂ්මත් බක්කුල තෙරණුවෝ ... ධරම්හ.
Pali BJTඅසීති මෙ ආවුසො, වස්සානි පබ්බජිතස්ස, නාභිජානාමි ආබාධං උප්පන්නපුබ්බං, අන්තමසො ගද්දූහනමත්තම්පි. යම්පායස්මා -පෙ- ධාරෙම.
Sinhala BJTඇවැත්නි, පැවිදි වූ මට අසූවසෙක. යටත්පිරිසෙයින් දෙනක තනයෙන් කිරිපිහිරක් දෝනා කල්මතු දු ආබාධයක් උපන්විරූ නො දන්මි. ආයුෂ්මත් බක්කුල තෙරණුවෝ ... ධරම්හ.
Pali BJTඅසීති මෙ ආවුසො, වස්සානි පබ්බජිතස්ස, නාභිජානාමි භෙසජ්ජං පරිහරිතා{2} අන්තමසො හරිතකීඛණ්ඩම්පි. යම්පායස්මා -පෙ- ධාරෙම.
Sinhala BJTඇවැත්නි, පැවිදි වූ මට අසූවසෙක. යටත් පිරිසෙයින් අරළුකඩකුදු බෙහෙදක් පරිහරණය කෙළෙම් නො දන්මි. ආයුෂ්මත් බක්කුල තෙරණුවෝ ... ධරම්හ.
Pali BJTඅසීති මෙ ආවුසො, වස්සානි පබ්බජිතස්ස, නාභිජානාමි අපස්සෙනකං අපස්සෙතා{3}. යම්පායස්මා -පෙ- ධාරෙම.
Sinhala BJTඇවැත්නි, පැවිදි වූ මට අසූවසෙක. අපශ්‍රයණයෙක් පිට එළවූයම් නො දන්මි. ආයුෂ්මත් බක්කුල තෙරණුවෝ ... ධරම්හ.
Pali BJTඅසීති මෙ ආවුසො, වස්සානි පබ්බජිතස්ස, නාභිජානාමි සෙය්යං කප්පෙතා. යම්පායස්මා -පෙ- ධාරෙම.
Sinhala BJTඇවැත්නි, පැවිදි වූ මට අසූවසෙක. ශ්‍රයනය කෙළෙම් නො දන්මි. ආයුෂ්මත් බක්කුල තෙරණුවෝ ... ධරම්හ.
Pali BJTඅසීති මෙ ආවුසො, වස්සානි පබ්බජිතස්ස, නාභිජානාමි ගාමන්තසෙනාසනෙ වස්සං උපගන්තා. යම්පායස්මා බක්කුලො අසීතියා වස්සෙහි නාභිජානාති ගාමන්තසෙනාසනෙ වස්සං උපගන්තා. ඉදම්පි මයං ආයස්මතො බක්කුලස්ස අච්ඡරියං අබ්භුතධම්මං ධාරෙම.
Sinhala BJTඇවැත්නි, පැවිදි වූ මට අසූවසෙක. ග්‍රාමාන්ත සෙනස්නෙහි වස් එළැඹියෙම් නො දන්මි. ආයුෂ්මත් බක්කුල තෙරණුවෝ අසූවසෙකින් ග්‍රාමාන්තශයනාසනයෙක්හි වස් එළැඹියාහු නො දනිති’ යි යන මෙ ද අපි ආයුෂ්මත් බක්කුල තෙරණුවන් ගේ ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍ම යයි ධරම්හ.
Pali BJTසත්තාහමෙව ඛො අහං ආවුසො, සරණො රට්ඨපිණ්ඩං භුඤ්ජිං. අථ අට්ඨමියං අඤ්ඤා උදපාදි. යම්පායස්මා බක්කුලො සත්තාහමෙව සරණො රට්ඨපිණ්ඩං භුඤ්ජි, අථ අට්ඨමියං අඤ්ඤා උදපාදි. ඉදම්පි මයං ආයස්මතො බක්කුලස්ස අච්ඡරියං අබ්භුතධම්මං ධාරෙම.
Sinhala BJTඇවැත්නි, මම සතියක් මතු සක්ලේශ වැ රට වැසියා දුන් පිණ්ඩපාතය වැළඳුයෙමි. යළි අටවන දවස් අර්‍හත්‍වය උපන. “ආයුෂ්මත් බක්කුල තෙරණුවෝ සතියක් මතු සක්ලේශ ව රටවැසියා දුන් පිණ්ඩපාතය වැළඳු සේක. යළි අටවන දවස් රහත්බව උපන” යන මේ කරුණෙක් ඇද්ද, මෙ ද අපි ආයුෂ්මත් බක්කුල තෙරණුවන් ගේ ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍ම යයි ධරම්හ.
Pali BJTලභෙය්යාහං ආවුසො බක්කුල, ඉමස්මිං ධම්මවිනයෙ පබ්බජ්ජං, ලභෙය්යං උපසම්පදන්ති.
Sinhala BJT“ඇවැත්නි, බක්කුලයෙනි, මම මේ ශාසනයෙහි පැවිද්ද ලබම්වා, උපසපුව ලබම්ව” යි කීය.
Pali BJTඅලත්ථ ඛො අචෙලකස්සපො ඉමස්මිං ධම්මවිනයෙ පබ්බජ්ජං, අලත්ථ උපසම්පදං. අචිරූපසම්පන්නො ඛො පනායස්මා කස්සපො එකො වූපකට්ඨො අප්පමත්තො ආතාපී පහිතත්තො විහරන්තො න චිරස්සෙව යස්සත්ථාය කුලපුත්තා සම්මදෙව අගාරස්මා අනගාරියං පබ්බජන්ති. තදනුත්තරං බ්රහ්මචරියපරියොසානං දිට්ඨෙවධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහාසි. ඛීණා ජාති, වුසිතං බ්රහ්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්ථත්තායාති අබ්භඤ්ඤාසි. අඤ්ඤතරො ඛො පනායස්මා කස්සපො අරහතං අහොසි.
Sinhala BJTඅචේල කසුබු මෙ සස්නෙහි පැවිදි ලද, උපසපු ලද. යළි ආයුෂ්මත් කසුබු උපසපන් නොබෝකල් ඇතියේ එකලා වූයේ ගණයා කෙරෙන් වෙන් වූයේ නො පමා වූයේ කෙලෙස් තවන වැර ඇතියේ නිවනට මෙහෙයූ සිතැති ව වසනුයේ නො බෝකලෙකින් ම යම් අර්‍හත්ත්‍වයක් සඳහා කුලපුත්‍රයෝ ගිහිගෙන් නික්මැ පැවිදි වෙත් ද, මාර්‍ග බ්‍රහ්මචර්‍ය්‍ය අවසන් කොට ඇති ඒ අනුත්තර අර්‍හත්ඵලය දිටුදැමියෙහි මැ තමා විසින් මැ ප්‍රඥායෙන් ප්‍රත්‍යක්‍ෂ කොට ඊට පැමිණ වාස කළේ ය. ජාති ක්‍ෂය වූ යැ. මඟබඹසර වැසනිමවන ලද. සිව්මඟ කරණී කොට නිමවන ලද. ඉත්‍ථම්භාවය පිණිස කටයුතු අනෙකෙක් නැතැයි මොනොවට දැනගති. ආයුෂ්මත් කසුබු තෙරණුවෝ රහතුන් කෙරෙහි අන්‍යතර කෙනෙක් වූහ.
Pali BJTඅථ ඛො ආයස්මා බක්කුලො අපරෙන සමයෙන අපාපුරණං{1} ආදාය විහාරෙන විහාරං උපසඞ්කමිත්වා එවමාහ: ‘අභික්කමථායස්මන්තො, අභික්කමථායස්මන්තො, අජ්ජ මෙ පරිනිබ්බානං භවිස්සතී’ති.
Sinhala BJTඉක්බිති ආයුෂ්මත් බක්කුල තෙරණුවෝ මෑත භාගයෙහි කෙසි යතුරු ගෙන විහාරයෙන් විහාරයට එළැඹ මෙසේ කීහ: “ආයුෂ්මත්නි, නික්මෙව, ආයුෂ්මත්නි, නික්මෙව, අද මාගේ පිරිනිවන වන්නේ ය” යි.
Pali BJTයම්පායස්මා බක්කුලො අපාපුරණං{1} ආදාය විහාරෙන විහාරං උපසඞ්කමිත්වා එවමාහ: ‘අභික්කමථායස්මන්තො, අභික්කමථායස්මන්තො, අජ්ජ මෙ පරිනිබ්බානං භවිස්සතී’ති. ඉදම්පි මයං ආයස්මතො බාකුලස්ස අච්ඡරියං අබ්භුතධම්මං ධාරෙම.
Sinhala BJTආයුෂ්මත් බක්කුල තෙරණුවෝ කෙසි යතුරු ගෙන විහාරයෙන් විහාරයට එළැඹ මෙසේ කීහ: “නික්මෙව, ආයුෂ්මත්නි, නික්මෙව, ආයුෂ්මත්නි, අද මාගේ පිරිනිවන වන්නේ ය” යන මේ කරුණෙක් ඇද්ද, මෙ ද අපි ආයුෂ්මත් බක්කුල තෙරණුවන් ගේ ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍ම යයි ධරම්හ.
Pali BJTඅථ ඛො ආයස්මා බක්කුලො මජ්ඣෙ භික්ඛුසඞ්ඝස්ස නිසින්නකොව පරිනිබ්බායි.
Sinhala BJTඉක්බිති ආයුෂ්මත් බක්කුල තෙරණුවෝ භික්‍ෂුසංඝයා වහන්සේ මැද හුන්නාහු මැ පිරිනිවි සේක.
Pali BJTයම්පායස්මා බක්කුලො මජ්ඣෙ භික්ඛුසඞ්ඝස්ස නිසින්නකොව පරිනිබ්බායි. ඉදම්පි මයං ආයස්මතො බක්කුලස්ස අච්ඡරියං අබ්භුතධම්මං ධාරෙමාති.
Sinhala BJTආයුෂ්මත් බක්කුල තෙරණුවෝ භික්‍ෂුසංඝයා වහන්සේ මැද වැඩහුන්නාහු මැ පිරිනිවි සේක යන යමක් ඇද්ද, මෙ ද අපි ආයුෂ්මත් බක්කුල තෙරණුවන්ගේ ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍ම යයි ධරම් හ’යි.
Pali BJTබක්කුලසුත්තං චතුත්ථං.
Sinhala BJTසතරවැනි බක්කුල සූත්‍ර යි.
Pali BJT3. 3. 5.
Sinhala BJT3. 3. 5.
Pali BJTදන්තභූමි සුත්තං
Sinhala BJTදන්තභූමි සූත්‍රය
Pali BJTඑවං මෙ සුතං: එකං සමයං භගවා රාජගහෙ විහරති වෙළුවනෙ කලන්දකනිවාපෙ. තෙන ඛො පන සමයෙන අචිරවතො සමණුද්දෙසො අරඤ්ඤකුටිකායං විහරති. අථ ඛො ජයසෙනො රාජකුමාරො ජඞ්ඝාවිහාරං අනුචඞ්කමමානො අනුවිචරමානො යෙන අචිරවතො සමණුද්දෙසො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා අචිරවතෙන සමණුද්දෙසෙන සද්ධිං සම්මොදි. සම්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ජයසෙනො රාජකුමාරො අචිරවතං සමණුද්දෙසං එතදවොච: සුතං මෙතං භො අග්ගිවෙස්සන, ඉධ භික්ඛු අප්පමත්තො ආතාපී පහිතත්තො විහරන්තො ඵුසෙය්ය චිත්තස්ස එකග්ගත’න්ති.
Sinhala BJTමා විසින් මෙසේ අසන ලද: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි කලන්‍දකනිවාප නම් වූ වේළුවනයෙහි වැඩවසන සේක. තව ද එසමයෙහි අචිරවත සමණුද්දෙස අරණ්‍යකුටිකායෙක්හි වෙසෙයි. එකල්හි ජයසේන රාජකුමාර ජංඝාවිහරණයෙන් ඔබැ මොබැ හැසිරෙනුයේ අචිරවත සමණුද්දෙස යම් තැනෙක්හි ද එතැන්හි එළැඹියේ ය. එළැඹ අචිරවත සමණුද්දේසයන් සමග සතුටු විය, සතුටුවිය යුතු සිහි කරන්නට නිසි කථාව කොට නිමවා එකත්පස් වැ හින. එකත්පස් වැ හුන් ජයසේන රාජකුමාර අචිරවත සමණුද්දේසනට තෙල කී: “භවත ගිනිවෙස්න, මෙ සස්නෙහි මහණ අප්‍රමත්ත වැ ආතාපන වීර්‍ය්‍ය ඇති වැ ප්‍රහිතාත්ම වැ වසනුයේ චිත්තෛකාග්‍රතා ලබන්නේ ය යන මෙ කරුණ මා විසින් අසන ලදැ” යි.
Pali BJTඑවමෙතං රාජකුමාර, එවමෙතං රාජකුමාර, ඉධ භික්ඛු අප්පමත්තො ආතාපී පහිතත්තො විහරන්තො ඵුසෙය්ය චිත්තස්ස එකග්ගතන්ති.
Sinhala BJTරාජ කුමාරය, තෙල එ සේ මැය, රාජ කුමාරය, තෙල එසේ මැ ය. මෙ සස්නෙහි මහණ අප්‍රමත්ත ව කෙලෙස් තවන වැර ඇති ව නිවනට මෙහෙයූ සිත් ඇති ව වාස කරනුයේ චිත්තෛකාග්‍රතා ලබන්නේ යයි ඇසූ සේකි.
Pali BJTසාධු මෙ භවං අග්ගිවෙස්සනො යථාසුතං යථාපරියත්තං ධම්මං දෙසෙතූති.
Sinhala BJTභවත් ගිනිවෙස්න, ඇසූ පරිදි පුහුණු කළ පරිදි මට දහම් දෙසාවයි අයැද සිටිමි.
Pali BJTන ඛො තෙ අහං රාජකුමාර, සක්කොමි යථාසුතං යථාපරියත්තං ධම්මං දෙසෙතුං. අහං චරහි{1} තෙ රාජකුමාර, යථාසුතං යථාපරියත්තං ධම්මං දෙසෙය්යං, ත්වඤ්ච මෙ භාසිතස්ස අත්ථං න ආජානෙය්යාසි. සො මමස්ස කිලමථො, සා මමස්ස විහෙසාති.
Sinhala BJTරාජ කුමාරය, මම තොපට ඇසූ පරිදි පුහුණු කළ පරිදි දහම් දෙසන්නට නො හැකියෙමි. රාජ කුමාරය, මම තොපට ඇසූ පරිදි පුහුණු කළ පරිදි දහම් දෙසන්නෙම් නම් තෙපි ද මබස අරුත් අවබෝධ නො කරන්නහු නම් ඒ මට කායක්ලමථුයෙක් වෙයි, ඒ මට විහිංසායෙක් වෙයි.
Pali BJTදෙසෙතු මෙ භවං අග්ගිවෙස්සනො යථාසුතං යථාපරියත්තං ධම්මං, අප්පෙවනාමාහං භොතො අග්ගිවෙස්සනස්ස භාසිතස්ස අත්ථං ආජානෙය්යන්ති.
Sinhala BJTභවත් අග්ගිවෙස්සනයෝ මට ඇසූ පරිදි පුහුණු කළ පරිදි දහම් දෙසත්වා. මම භවත් අග්ගිවෙස්සනයන්ගේ කී අරුත් නුවණින් දන්නෙම් නම් මනා මැ නු.
Pali BJTදෙසෙය්යං ඛො තෙ අහං රාජකුමාර, යථාසුතං යථාපරියත්තං ධම්මං, සචෙ මෙ ත්වං භාසිතස්ස අත්ථං ආජානෙය්යාසි ඉච්චෙතං කුසලං. නො චෙ මෙ ත්වං භාසිතස්ස අත්ථං ආජානෙය්යාසි. යථා සකෙ තිට්ඨෙය්යාසි න මං තත්ථ උත්තරිං පටිපුච්ඡෙය්යාසීති.
Sinhala BJTරාජ කුමාරය, මම තොපට ඇසූ පරිදි පුහුණු කළ පරිදි දහම් දෙසමි. ඉදින් තෙපි මබස අරුත් නුවණින් දැනගන්නහු නම් තෙල් මැනැව, ඉදින් තෙපි මබස අරුත් දැන නො ගන්නහු නම් තමා නො දන්නා තන්හි මැ සිටුහු නම්, එහි ලා මතුයෙහි මා නුපුළුවුස්නා බව යයි.
Pali BJTදෙසෙතු මෙ භවං අග්ගිවෙස්සනො යථාසුතං යථාපරියත්තං ධම්මං. සචෙ අහං භොතො අග්ගිවෙස්සනස්ස භාසිතස්ස අත්ථං ආජානිස්සාමි. ඉච්චෙතං කුසලං, නො චෙ අහං භොතො අග්ගිවෙස්සනස්ස භාසිතස්ස අත්ථං ආජානිස්සාමි. යථා සකෙ තිට්ඨිස්සාමි. නාහං තත්ථ භවන්තං අග්ගිවෙස්සනං උත්තරිං පටිපුච්ඡිස්සාමීති.
Sinhala BJTභවත් අග්ගිවෙස්සනයෝ මට ඇසූ පරිදි පුහුණු කළ පරිදි දහම් දෙසත්වා, ඉදින් මම භවත් අග්ගිවෙස්සනයන්ගේ බස අරුත් නුවණින් දන්නෙම් නම්, මෙසේ මේ මැනව, ඉදින් මම භවත් අග්ගිවෙස්සනයන්ගේ බස අරුත් නුවණින් නො දන්නෙම් නම් තමන් සතු නො දන්නා තන්හි මැ සිටීම් නම් එහි දී භවත් අග්ගිවෙස්සනයන් මතුයෙහි නො පුළුවුස්මි’ යි.
Pali BJTඅථ ඛො අචිරවතො සමණුද්දෙසො ජයසෙනස්ස රාජකුමාරස්ස යථාසුතං යථාපරියත්තං ධම්මං දෙසෙසි. එවං වුත්තෙ ජයසෙනො රාජකුමාරො අචිරවතං සමණුද්දෙසං එතදවොච: ‘අට්ඨානමෙතං භො අග්ගිවෙස්සන, අනවකාසො යං භික්ඛු අප්පමත්තො ආතාපී පහිතත්තො විහරන්තො ඵුසෙය්ය චිත්තස්ස එකග්ගත’න්ති. අථ ඛො ජයසෙනො රාජකුමාරො අචිරවතස්ස සමණුද්දෙසස්ස අට්ඨානතඤ්ච අනවකාසතඤ්ච පවෙදෙත්වා උට්ඨායාසනා පක්කාමි.
Sinhala BJTඑසඳ අචිරවත හෙරණ ජයසේන රජකුමරහට ඇසූ පරිදි පුහුණු කළ පරිදි දහම් දෙසී. මෙසේ දෙසූ කළ ජයසේන රජකුමර අචිරවත හෙරණහට තෙල කී: “භවත් ගිනිවෙස්න, මහණ නොපමා ව කෙලෙස් තවන වැර ඇති ව නිවනට මෙහෙයූ සිත් ඇති ව වසනුයේ චිත්තෛකාග්‍රතා ලබා යන යමෙක් ඇද්ද, තෙල නො වන්නෙකි. වන්නට අවකාශ ද නැති. එ සඳ ජයසේන රජකුමර අචිරවත හෙරණ හට අස්ථානතා ද අනවකාසතා ද පවසා හුනස්නෙනේ නැගී ගියේ.
Pali BJTඅථ ඛො අචිරවතො සමණුද්දෙසො අචිරපක්කන්තෙ ජයසෙනෙ රාජකුමාරෙ යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො අචිරවතො සමණුද්දෙසො යාවතකො අහොසි ජයසෙනෙන රාජකුමාරෙන සද්ධිං කථාසල්ලාපො, තං සබ්බං භගවතො ආරොචෙසි.
Sinhala BJTඑසඳ අචිරවත හෙරණ ජයසේන රජකුමරු නැඟී යන්නා හා මැ භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියේ ය. එළැඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත් පස් වැ හින. එකත් පස් වැ හුන් එසඳ අචිරවත හෙරණ ජයසේන රජකුමරු හා යම් පමණ කථා සංලාපයෙක් වී ද, එ හැම භාග්‍යවතුන් වහන්සේට සැලකෙළේ.
Pali BJTඑවං වුත්තෙ භගවා අචිරවතං සමණුද්දෙසං එතදවොච: ‘තං කුතෙත්ථ අග්ගිවෙස්සන, ලබ්භා යං තං නෙක්ඛම්මෙන ඤාතබ්බං, නෙක්ඛම්මෙන දට්ඨබ්බං, නෙක්ඛම්මෙන පත්තබ්බං, නෙක්ඛම්මෙන සච්ඡිකාතබ්බං, තං වත ජයසෙනො රාජකුමාරො කාමමජ්ඣෙ වසන්තො කාමෙ පරිභුඤ්ජන්තො කාමවිතක්කෙහි ඛජ්ජමානො කාමපරිළාහෙන පරිඩය්හමානො කාමපරියෙසනාය උස්සුක්කො{1} ඤස්සති වා දක්ඛති වා සච්ඡි වා කරිස්සතී’ති නෙතං ඨානං විජ්ජති. සෙය්යථාපිස්සු අග්ගිවෙස්සන, ද්වෙ හත්ථිදම්මා වා අස්සදම්මා වා ගොදම්මා වා සුදන්තා සුවිනීතා, ද්වෙ හත්ථිදම්මා වා අස්සදම්මා වා ගොදම්මා වා අදන්තා අවිනීතා. තං කිං මඤ්ඤසි අග්ගිවෙස්සන, යෙ තෙ ද්වෙ හත්ථිදම්මා වා අස්සදම්මා වා ගොදම්මා වා සුදන්තා සුවිනීතා, අපි නු තෙ දන්තාව දන්තකාරණං ගච්ඡෙය්යුං, දන්තාව දන්තභූමිං සම්පාපුණෙය්යුන්ති:
Sinhala BJTමෙසේ සැල කළ කල්හි භාග්‍යවතුන් වහන්සේ අචිරවත හෙරණ හට තෙල වදාළ සේක: “ගිනිවෙස්න, යම් දහමෙක් කාමයෙන් නික්මැ යෑමෙන් දත යුතු වේ ද, නික්මීමෙන් දැක්ක යුතු වේ ද, නික්මීමෙන් ලැබිය යුතු වේ ද, නික්මීමෙන් පසක්කළ යුතු වේ ද, ඒ දහම මෙහි ලා කොයින් ලැබේ ද? ජයසේන රජකුමර දෙවැදෑරුම් කාමමධ්‍යයෙහි වසනුයේ කාමයන් වළඳ කරනුයේ කාම විතර්‍කයන් විසින් කනු ලබනුයේ කාමපරිදාහයෙන් දැවෙනුයේ කාමපර්‍ය්‍යෙෂණයෙහි උත්සුක වූයේ ඒකාන්තයෙන් ඒ දහම දන්නේ වේව’යි දක්නේ වෙව’යි පසක් කරනුයේ වේව’යි යන තෙල කරුණ නො වෙයි. ගිනිවෙස්න, යම් පරිදි හස්තිදම්‍යයෝ දෙදෙනෙක් හෝ අශ්වදම්‍යයෝ දෙදෙනෙක් හෝ ගෝදම්‍යයෝ දෙදෙනෙක් හෝ සුදාන්ත වූවාහු සුවිනීත වූවාහු ඇද්ද, හස්තිදම්‍යයෝ දෙදෙනෙක් හෝ අශ්වදම්‍යයෝ දෙදෙනෙක් හෝ ගෝදම්‍යයෝ දෙදෙනෙක් හෝ අදාන්ත වූවාහු අවිනීත වූවාහු ඇද්ද, ගිනිවෙස්න, ඒ කෙසේ හඟිහි, සුදාන්ත වූ සුවිනීත වූ යම් හස්තිදම්‍යයෝ දෙදෙනෙක් හෝ අශ්වදම්‍යයෝ දෙදෙනෙක් හෝ ගෝදම්‍යයෝ දෙදෙනෙක් හෝ ඇද්ද, ඔහු දැමුණාහු මැ දාන්තකාරණයට යන්නා හු නො වේ ද? දැමුණාහු මැ දාන්ත කාරණයට දාන්තභූමියට යන්නාහු නො වේ ද?
Pali BJTඑවං භන්තෙ.
Sinhala BJTවහන්ස, එසේ යැ.
Pali BJTයෙ පන තෙ ද්වෙ හත්ථිදම්මා වා අස්සදම්මා වා ගොදම්මා වා අදන්තා අවිනීතා, අපි නු තෙ අදන්තාව දන්තකාරණං ගච්ඡෙය්යුං. අදන්තාව දන්තභූමිං සම්පාපුණෙය්යුං. සෙය්යථාපි තෙ ද්වෙ හත්ථිදම්මා වා අස්සදම්මා වා ගොදම්මා වා සුදන්තා සුවිනීතාති:
Sinhala BJTයම් ඒ හස්තිදම්‍යයෝ දෙදෙනෙක් හෝ අශ්වදම්‍යයෝ දෙදෙනෙක් හෝ ගෝදම්‍යයෝ දෙදෙනෙක් හෝ අදාන්ත වූවාහු අවිනීත වූවාහු ඇද්ද, ඔහු අදාන්ත වැ මැ සිට සුදාන්ත සුවිනීත වූ ඒ හස්තිදම්‍යයන් දෙදෙනා සෙයින් අශ්වදම්‍යයන් දෙදෙනා සෙයින් ගෝදම්‍යයන් දෙදෙනා සෙයින් දාන්ත කාරණයට යන්නාහු වේ ද, අදාන්ත වැ මැ සිට දාන්ත කාරණයට යන්නාහු වේ ද,
Pali BJTනො හෙතං භන්තෙ.
Sinhala BJTවහන්ස, තෙල නො වන්නේ මැ යි.
Pali BJTඑවමෙව ඛො අග්ගිවෙස්සන, යං තං නෙක්ඛම්මෙන ඤාතබ්බං නෙක්ඛම්මෙන දට්ඨබ්බං නෙක්ඛම්මෙන පත්තබ්බං නෙක්ඛම්මෙන සච්ඡිකාතබ්බං තං වත ජයසෙනො රාජකුමාරො කාමමජ්ඣෙ වසන්තො කාමෙ පරිභුඤ්ජන්තො කාමවිතක්කෙහි ඛජ්ජමානො කාමපරිළාහෙන පරිඩය්හමානො කාමපරියෙසනාය උස්සුක්කො ඤස්සති වා දක්ඛති වා සච්ඡි වා කරිස්සතීති නෙතං ඨානං විජ්ජති.
Sinhala BJTගිනිවෙස්න, එපරිදි මැ යම් දහමෙක් නික්මීමෙන් දත යුතු ව ද නික්මීමෙන් දැක්ක යුතු වේ ද, නික්මීමෙන් ලැබිය යුතු වේ ද, නික්මීමෙන් පසක් කළ යුතු වේ ද, ජයසේන රජ කුමර කාමමධ්‍යයෙහි වසනුයේ කාමයන් වළඳ කරනුයේ කාමවිතර්‍කයන් විසින් කනු ලබනුයේ කාමපරිදාහයෙන් දැවෙනුයේ කාමපර්‍ය්‍යෙෂණයෙහි උත්සුක වූයේ එකැතින් ඒ දහම් දන්නේ වේව’යි දක්නේ වේව’යි පසක් කරනුයේ වේව’යි යන තෙල කරුණ නො වේ.
Pali BJTසෙය්යථාපි අග්ගිවෙස්සන, ගාමස්ස වා නිගමස්ස වා අවිදූරෙ මහාපබ්බතො. තමෙනං ද්වෙ සහායකා තම්හා ගාමා වා නිගමා වා නික්ඛමිත්වා හත්ථවිලඞ්ඝකෙන යෙන සො පබ්බතො, තෙනුපසඞ්කමෙය්යුං. උපසඞ්කමිත්වා එකො සහායකො හෙට්ඨා පබ්බතපාදෙ තිට්ඨෙය්ය. එකො සහායකො උපරිපබ්බතං ආරොහෙය්ය. තමෙනං හෙට්ඨා පබ්බතපාදෙ ඨිතො සහායකො උපරිපබ්බතෙ ඨිතං සහායකං එවං වෙදය්ය: ‘යං සම්ම කිං ත්වං පස්සසි උපරිපබ්බතෙ ඨිතො’ති: සො එවං වදෙය්ය:
Sinhala BJTගිනිවෙස්න, යම් පරිදි ගමකට හෝ නිගමයකට හෝ නුදුරෙහි මහාපර්‍වතයෙක් වේ ද, යහළුවෝ දෙදෙනෙක් ඒ ගමින් හෝ නියම් ගමින් හෝ නික්මැ අතිනත් ගෙන් ඒ පර්‍වතය යම් තැනෙක් හි ද එහි එළැඹෙන්නාහු ය. එළැඹ එක් යහළුවෙක් යට පවුපාත්හි සිටිනේ ය. එක් යහළුවෙක් පර්‍වත මස්තකයට නඟින්නේ ය. යට පවුපාත්හි සිටි යහළු පර්‍වත මස්තකයෙහි සිටි යහළුහට මෙසේ කියන්නේ ය: ‘යහළුව, තෙපි ගල් මුදුන්හි සිටියහු කුමක් දක්නා ව’යි. හේ මෙසේ කියන්නේ ය:
Pali BJT‘පස්සාමි ඛො අහං සම්ම, උපරි පබ්බතෙ ඨිතො ආරාමරාමණෙය්යකං වනරාමණෙය්යකං භූමිරාමණෙය්යකං පොක්ඛරණීරාමණෙය්යකන්ති. සො එවං වදෙය්ය: අට්ඨානං ඛො එතං සම්ම, අනවකාසො යං ත්වං උපරිපබ්බතෙ ඨිතො පස්සෙය්යාසි ආරාමරාමණෙය්යකං වනරාමණෙය්යකං භූමිරාමණෙය්යකං පොක්ඛරණී රාමණෙය්යකන්ති. තමෙනං උපරිපබ්බතෙ ඨිතො සහායකො හෙට්ඨිමපබ්බතපාදං ඔරොහිත්වා තං සහායකං බාහායං ගහෙත්වා උපරිපබ්බතං ආරොපෙත්වා මුහුත්තං අස්සාසෙත්වා එවං වදෙය්ය: ‘යං සම්ම කිං ත්වං පස්සසි උපරිපබ්බතෙ ඨිතොති. සො එවං වදෙය්ය: ‘පස්සාමි ඛො අහං සම්ම, උපරිපබ්බතෙ ඨිතො ආරාමරාමණෙය්යකං වනරාමණෙය්යකං භූමිරාමණෙය්යකං පොක්ඛරණීරාමණෙය්යකන්ති. සො එවං වදෙය්ය: ‘ඉදානෙව ඛො තෙ සම්ම, භාසිතං: මයං එවං ආජානාම: අට්ඨානං ඛො එතං සම්ම, අනවකාසො යං ත්වං උපරිපබ්බතෙ ඨිතො පස්සෙය්යාසි ආරාමරාමණෙය්යකං -පෙ- පොක්ඛරණීරාමණෙය්යකන්ති. ඉදානෙව ච පන තෙ භාසිතං: ‘මයං එවං ආජානාම: පස්සාමි ඛො අහං සම්ම, උපරිපබ්බතෙ ඨිතො ආරාමරාමණෙය්යකං -පෙ- පොක්ඛරණීරාමණෙය්යකන්ති. සො එවං වදෙය්ය: තථා හි පනාහං සම්ම, ඉමිනා මහතා පබ්බතෙන ආවුතො දට්ඨෙය්යං නාද්දසන්ති.
Sinhala BJT‘යහළුව මම් ගල් මුදුන්හි සිටියෙම් රමණී අරම් රමණී වන රමණී බිම් පෙදෙස් රමණී පොකුණු දක්මි’යි. හේ මෙසේ කියන්නේ ය: ‘යහළු, යම් හෙයෙකින් තෙපි උපරි පර්‍වතයෙහි සිටියහු රමණී අරම් රමණී වන රමණී බිම්පෙදෙස් රමණී පොකුණු දක්නහු නම් තෙල අස්ථාන යැ අනවකාශ ය’යි. එසඳ පර්‍වත මස්තකයෙහි සිටි යහළු යට පවුපාතට බැස ඒ යහළුවා අත ගෙන් උපරි පර්‍වතයට නඟා මොහොතක් අස්වසා මෙසේ කියන්නේ ය: ‘යහළු, තෙපි උපරි පර්‍වතයෙහි සිටියහු කුමක් දක්නාව’ යි. හේ මෙසේ කියන්නේ ය: ‘යහළු, මම් උපරි පර්‍වතයෙහි සිටියෙම් රමණී අරම් රමණී වන රමණී බිම් පෙදෙස් රමණී පොකුණු දක්මි’යි. හේ මෙසේ කියන්නේ ය: ‘යහළු, මෙවිටැ මැ තොප විසින් කියන ලද: ‘ඇපි මෙසේ දනුම් හ: යහළු යම් හෙයෙකින් උපරි පර්‍වතයෙහි සිටියහු රමණී අරම් ... රමණී පොකුණු දක්නහු ද, තෙල අස්ථාන යැ, අනවකාශ ය’ යි. තව ද යළි මෙවිට මැ තොප විසින් කියන ලද: ඇපි මෙසේ දනුම් හ: යහළු මම් ගල්මුදුන්හි සිටියෙම් රමණී අරම් ... රමණී පොකුණු දක්මි’යි. හේ මෙසේ කියන්නේ ය: ඒ එසේ මැ යැ. යහළු, මම් මේ මහා පර්‍වතයෙන් අවුරන ලදුයෙම් දැක්ක යුතු දෑ නො දිටි මි’යි.
Pali BJTඑවමෙව ඛො අතො මහන්තතරෙන ඛො අග්ගිවෙස්සන, අවිජ්ජාඛන්ධෙන ජයසෙනො රාජකුමාරො ආවුතො{1} නිවුතො ඔවුතො, පරියොනද්ධො. සො වත යං තං නෙක්ඛම්මෙන ඤාතබ්බං, නෙක්ඛම්මෙන දට්ඨබ්බං, නෙක්ඛම්මෙන පත්තබ්බං, නෙක්ඛම්මෙන සච්ඡිකාතබ්බං, තං වත ජයසෙනො රාජකුමාරො කාමමජ්ඣෙ වසන්තො කාමෙ පරිභුඤ්ජන්තො කාමවිතක්කෙහි ඛජ්ජමානො කාමපරිළාහෙන පරිඩය්හමානො කාමපරියෙසනාය උස්සුක්කො ඤස්සති වා දක්ඛිති වා සච්ඡි වා කරිස්සතීති නෙතං ඨානං විජ්ජති. සචෙ ඛො තං අග්ගිවෙස්සන, ජයසෙනස්ස රාජකුමාරස්ස ඉමා ද්වෙ උපමා පටිභාසෙය්යුං අනච්ඡරියං තෙ ජයසෙනො රාජකුමාරො පසීදෙය්ය: පසන්නො ච තෙ පසන්නාකාරං කරෙය්යාති.
Sinhala BJTඑසෙයින් ම ගිනිවෙස්න, තෙල මහාපර්‍වතයට වඩා ඉතා මහත් වූ අවිද්‍යාස්කන්‍ධයෙන් ජයසේන රජකුමර අවුරන ලද වළහන ලද වෙළන ලද හාත්පසින් බඳනා ලදි. හේ ඒකාන්තයෙන් කාමයෙන් නික් මැ යෑමෙන් දත යුතු නික්මීමෙන් දැක්ක යුතු නික්මීමෙන් පැමිණිය යුතු නික්මීමෙන් පසක්කළ යුතු යම් චිත්තෛකාග්‍රතා ධර්‍මයෙක් ඇද්ද, ජයසේන රජකුමර වත්කම් කෙලෙස්කම් මැද වසනුයේ කාමයන් වළඳනුයේ කාමවිතර්‍කයන් විසින්, කනු ලබනුයේ කාමපරිදාහයෙන් දැවෙනුයේ කාමපර්‍ය්‍යෙෂණයෙහි උත්සුක වූයේ ඒකාන්තයෙන් ඒ දහම දන්නේ යැ හෝ දක්නේ යැ හෝ පසක් කරන්නේ යැ හෝ යන තෙල කරුණ නො වන්නේ ය. ඉදින් ගිනිවෙස්න, ජයසේන රජකුමර හට මේ උපමාවෝ දෙදෙන තා ලකුණු කොට හෙළි වෙත් නම් තොපට ජයසේන රජකුමර පහදින්නේ ය යනුදු ප්‍රසන්න ව තොපට සත්කාර කරන්නේ ය යනුදු අසිරි නො වේ.
Pali BJTකුතො පන මං භන්තෙ, ජයසෙනස්ස රාජකුමාරස්ස ඉමා ද්වෙ උපමා පටිභාසිස්සන්ති අනච්ඡරියා පුබ්බෙ අස්සුතපුබ්බා. සෙය්යථාපි භගවන්තන්ති.
Sinhala BJTවහන්ස, භාග්‍යවතුන්වහන්සේ ලකුණු කොට හෙළි වන්නා සෙයින් කෙසේ නම් මා ලකුණු කොට ජයසේන රජකුමරහට පුනපුනා අසිරියට නිසි වූ පෙර නො ඇසූවිරූ මේ උභය උපමාවෝ හෙළි වෙත් ද.
Pali BJTසෙය්යථාපි අග්ගිවෙස්සන, රාජා ඛත්තියො මුද්ධාවසිත්තො නාගවනිකං ආමන්තෙති: එහි ත්වං සම්ම නාගවනික, රඤ්ඤො නාගං අභිරුහිත්වා නාගවනං පවිසිත්වා ආරඤ්ඤකං නාගං අතිපස්සිත්වා රඤ්ඤො නාගස්ස ගීවාය{2} උපනිබන්ධාහීති. එවං දෙවාති ඛො අග්ගිවෙස්සන, නාගවනිකො රඤ්ඤො ඛත්තියස්ස මුද්ධාවසිත්තස්ස පටිස්සුත්වා රඤ්ඤො නාගං අභිරුහිත්වා නාගවනං පවිසිත්වා ආරඤ්ඤකං නාගං අතිපස්සිත්වා රඤ්ඤො නාගස්ස ගීවාය{2} උපනිබන්ධති. තමෙනං රඤ්ඤො නාගො අබ්භොකාසං නීහරති. එත්තාවතා ච ඛො අග්ගිවෙස්සන, ආරඤ්ඤකො නාගො අබ්භොකාසං ගතො හොති. එත්ථ ගෙධා හි අග්ගිවෙස්සන, ආරඤ්ඤකා නාගා යදිදං නාගවනං. තමෙනං නාගවනිකො රඤ්ඤො ඛත්තියස්ස මුද්ධාවසිත්තස්ස ආරොචෙති ; ආබ්භොකාසගතො ඛො දෙව, ආරඤ්ඤකො නාගොති.
Sinhala BJTගිනිවෙස්න, යම් පරිදි මූර්‍ධාභිෂික්ත ක්‍ෂත්‍රිය රජ නාගවනික හස්තිගෝපයක්හු අමතාද “සගය, නාගවනිකය, තෝ එ රජුගේ ඇතු නැඟී නාගවනයට වැද අරන්වැසි නාගයකු සොයා බලා රජු සතු නාගයාගේ ගෙලෙහි ලා බඳනේ යයි. ගිනිවෙස්න, නාගවනිකයා මූර්‍ධාභිෂික්ත ක්‍ෂත්‍රිය රජ හට එසේ යැ දේවයෙනි, පිළිවදන් දී රජුගේ ඇතු නැඟී නාග වනයට වැද අරන්වැසි නාගයකු සොයා බලා රාජනාගයාගේ ගෙලෙහි බඳනේ ය. රාජනාගයා තෙල ඇතු එලියට නෙරනේ වෙයි. ගිනිවෙස්න, මෙතෙකිනුදු ආරණ්‍යක නාගයා අභ්‍යවකාශ ගත වූයේ වෙයි. ගිනිවෙස්න, යම් නාගවනයෙක් ඇද්ද, ආරණ්‍යක නාගයෝ එහ පැවැති ගේධ ඇත්තා හු ම ය. නාගවනිකයා මූර්‍ධාභිෂික්ත ක්‍ෂත්‍රිය රජ හට දේවයිනි, ආරණ්‍යක නාගයා එලියට අළැයි සැල කරන්නේ ය.
Pali BJTඅථ ඛො අග්ගිවෙස්සන, තමෙනං රාජා ඛත්තියො මුද්ධාවසිත්තො හත්ථිදමකං ආමන්තෙසි: එහි ත්වං සම්ම හත්ථිදමක, ආරඤ්ඤකං නාගං දමයාහි ආරඤ්ඤකානඤ්චෙව සීලානං අභිනිම්මදනාය, ආරඤ්ඤකානඤ්චෙව සරසඞ්කප්පානං අභිනිම්මදනාය, ආරඤ්ඤකානඤ්චෙව දරථකිලමථපරිළාහානං අභිනිම්මදනාය, ගාමන්තෙ අභිරමාපනාය මනුස්සකන්තෙසු සීලෙසු සමාදපනායාති. එවං දෙවාති ඛො අග්ගිවෙස්සන, හත්ථිදමකො රඤ්ඤො ඛත්තියස්ස මුද්ධාවසිත්තස්ස පටිස්සුත්වා මහන්තං ථම්භං පඨවියං නිඛණිත්වා ආරඤ්ඤකස්ස නාගස්ස ගීවායං උපරි බන්ධති. ආරඤ්ඤකානඤ්චෙව සීලානං අභිනිම්මදනාය, ආරඤ්ඤකානඤ්චෙව සරසඞ්කප්පානං අභිනිම්මදනාය, ආරඤ්ඤකානඤ්චෙව දරථකිලමථපරිළාහානං අභිනිම්මදනාය, ගාමන්තෙ අභිරමාපනාය මනුස්සකන්තෙසු සීලෙසු සමාදපනාය. තමෙනං හත්ථිදමකො යා සා වාචා නෙලා කණ්ණසුඛා පෙමනීයා හදයඞ්ගමා පොරී බහුජනකන්තා බහුජනමනාපා, තථාරූපාහි වාචාහි සමුදාචරති. යතො ඛො අග්ගිවෙස්සන, ආරඤ්ඤකො නාගො හත්ථිදමකස්ස යා සා වාචා නෙලා කණ්ණසුඛා පෙමනීයා හදයඞ්ගමා පොරී බහුජනකන්තා බහුජනමනාපා, තථාරූපාහි වාචාහි සමුදාචරියමානො සුස්සූසති. සොතං ඔදහති. අඤ්ඤා චිත්තං උපට්ඨපෙති. තමෙනං හත්ථිදමකො උත්තරිං තිණඝාසොදකං අනුප්පවෙච්ඡති.
Sinhala BJTඑසඳ ගිනිවෙස්න, මූර්‍ධාභිෂික්ත ක්‍ෂත්‍රිය රජ හස්තිදමකයකු ඇමතී: සගය හස්තිදමකය, තෝ ඒ ආරණ්‍යක වූ මැ සැහැවි සන්හිඳුවීම සඳහා අරණ්‍යක වූ මැ ස්වරසංකල්ප සන්හිඳුවනු සඳහා ආරණ්‍යක වූ මැ පීඩා ක්ලමථු පරිදාහයන් සන්හිඳුවනු සඳහා ග්‍රාමාන්තයෙහි සිත් අලවාලනු සඳහා මිනිසුනට කල් වූ සැහැවියෙහි පිහිටුවාලනු සඳහා ආරණ්‍යක නාගයා දමනය කරව’යි. ගිනිවෙස්න, දේවයෙනි, එසේ යැයි හස්තිදමක මුදුනෙහි බිසෙස් කළ කැත් රජහට පිළිවදන් දී, මහත් ටැඹක් පොළොවෙහි පිහිටුවා ආරණ්‍යක නාගයාගේ ගල ඊමත බඳී. ආරණ්‍යක වූ මැ සැහැවි සන්හිඳුවනු සඳහා ආරණ්‍යක් වූ මැ ස්වර සංකල්ප සන්හිඳුවනු සඳහා ආරණ්‍යක වූ මැ පීඩා ක්ලමථු පරිදාහයන් සන්හිඳුවනු සඳහා, ග්‍රාමාන්තයෙහි සිත් අලවාලනු සඳහා, මිනිස්නට කල් වූ සැහැවියෙහි පිහිටුවාලනු සඳහා වෙයි. හස්තිදමක නිර්දෝෂ වූ කර්‍ණ සුඛ වූ ප්‍රේමණීය වූ හෘදයංගම වූ පුරවැසි වූ බහුජනකාන්ත වූ බහුජන මනාප වූ යම් වචන කෙනෙක් ඇද්ද, එබඳු වචනයෙන් බෙණෙයි. ගිනිවෙස්න, යම් කලෙක ආරණ්‍යක නාගයා හස්තිදමකයාගේ නිදොස් වූ කන්කලු වූ පෙම් කළ යුතු ළගන්නා වූ පුරවැසි වූ බහුජන කාන්ත වූ බහුජන මනාප වූ යම් බස්හු ඇද්ද, එවන් බසින් බණනු ලබනුයේ අසනු කැමැති වේ ද, කන් නතු කෙරේ ද, දැනගන්නට සිත් එළවා ද, උහුට හස්තිදමක මත්තෙහි තණ කබල හා දිය එළවයි.
Pali BJTයතො ඛො අග්ගිවෙස්සන, ආරඤ්ඤකො නාගො හත්ථිදමකස්ස තිණඝාසොදකං පතිගණ්හාති.{1} තත්ර හත්ථිදමකස්ස එවං හොති: ජීවිස්සති ඛොදානි{2} ආරඤ්ඤකො{3} නාගො’ති. තමෙනං හත්ථිදමකො උත්තරිං කාරණං කාරෙති. ආදිය භො, නික්ඛිප භොති. යතො ඛො අග්ගිවෙස්සන, ආරඤ්ඤකො නාගො හත්ථිදමකස්ස ආදානනික්ඛෙපෙ වචනකරො හොති ඔවාදපතිකරො.{4} තමෙනං හත්ථිදමකො උත්තරිං කාරණං කාරෙති අභික්කම භො, පටික්කම භොති. යතො ඛො අග්ගිවෙස්සන, ආරඤ්ඤකො නාගො හත්ථිදමකස්ස අභික්කමපටික්කමෙ වචනකරො{5} හොති, ඔවාද පතිකරො. තමෙනං හත්ථිදමකො උත්තරිං කාරණං කාරෙති. උට්ඨහ භො, නිසීද භොති.{6} යතො ඛො අග්ගිවෙස්සන, ආරඤ්ඤකො නාගො හත්ථිදමකස්ස උට්ඨානනිසජ්ජාය{7} වචනකරො හොති, ඔවාදපතිකරො. තමෙනං හත්ථිදමකො උත්තරිං ආනෙඤ්ජං නාම කාරණං කාරෙති. මහන්ත’ස්ස ඵලකං සොණ්ඩාය උපනිබන්ධති. තොමරහත්ථො ච පුරිසො උපරි ගීවාය නිසින්නො හොති. සමන්තතො ච තොමරහත්ථා පුරිසා පරිවාරෙත්වා ඨිතා හොන්ති. හත්ථිදමකො ච දීඝතොමරයට්ඨිං ගහෙත්වා පුරතො ඨිතො හොති. සො ආනෙඤ්ජකරණං කාරියමානො නෙව පුරිමෙ පාදෙ චොපෙති, න පච්ඡිමෙ පාදෙ චොපෙති, න පුරිමං කායං චොපෙති, න පච්ඡිමං කායං චොපෙති.
Sinhala BJTගිනිවෙස්න, යම් තැනෙක පටන් ආරණ්‍යක නාග හස්තිදමකයාගේ තණ කබල හා දිය පිළිගනීද, එහිදී හස්තිදමකහට මෙ සිත් වෙයි: ආරණ්‍යකනාග දැන් ජීවත් වන්නේය’යි. ඔහුට හස්තිදමක මත්තෙහි කර්‍මකාරණ කෙරෙයි: නඟාගන භවත, බහාතබ භවත යි. ගිනිවෙස්න, යම් තැනෙක පටන් ආරණ්‍යකනාග හස්තිදමකයාගේ නඟා ගැනුම් බහා තැබුම් හි වචනකරු වූයේ අවවාද පිළිගෙන කරනුයේ වේ ද, හස්තිදමක තුලුන් මතුයෙහි කර්‍මකාරණ කෙරෙයි: ‘භවත, ඉදිරියටම යා, වටාලා ඒ’යි කියා යි. ගිනිවෙස්න, යම් කලෙක ආරණ්‍යකනාගයා හස්තිදමකයාගේ අභික්‍රම ප්‍රතික්‍රම වචනකරු වේ ද, අවවාද පිළිගෙන කරන්නේ වේ ද, හස්තිදමක තුලුන් මතුයෙහි දු කාරණ කෙරෙයි: ‘භවත, නැඟී සිටුව, භවත හිඳුව’යි. ගිනිවෙස්න, යම් කලෙක ආරණ්‍යකනාගයා හස්තිදමකයාගේ උත්‍ථාන නිෂද්‍යාවිධානයෙහි වචනකරු වේ ද, අවවාද ප්‍රතිකර වේ ද, හස්තිදමක තුලුන් මතුයෙහි අනිඤ්ජන කාරණ කෙරෙයි: ඔහුගේ සොඬෙහි මහත් ඵලකයක් බඳියි, තෙබගත් අත් ඇති පුරුෂයෙක් ග්‍රීවාමතුයෙහි හිඳුනේ වෙයි. තෙබගත් අත් ඇති පුරුෂයෝ වටාගෙන පිරිවරා සිටිත්: හස්තිදමක ද දිගු තෙබයටත් ගෙන පෙරට සිටියේ වෙයි. උයිත් අනිඤ්ජන කාරණ කැරනුයේ ඉදිරි පා නොසලයි. පසු පා නො සලයි, පෙරට කය නො සලයි, පසු කය නො සලයි,
Pali BJTන සීසං චොපෙති, න කණ්ණෙ චොපෙති, න දන්තෙ චොපෙති, න නඞ්ගුට්ඨං චොපෙති, න සොණ්ඩං චොපෙති. සො හොති ආරඤ්ඤකො නාගො ඛමො සත්තිප්පහාරානං අසිප්පහාරානං උසුප්පහාරානං පරසත්ථප්පහාරානං{1} භෙරිපණව{2} වංසසඞ්ඛදෙණ්ඩිම{3}නින්නාදසද්දානං සබ්බවඞ්කදොසනිහිතනින්නීතකසාවො රාජාරහො රාජභොග්ගො රඤ්ඤො අඞ්ගන්තෙව සඞ්ඛං ගච්ඡති.
Sinhala BJTහිස නො සලයි, කන් නොසලයි, දත් නො සලයි, නඟුට නො සලයි, සොඬ නො සලයි. ඒ ආරණ්‍යකනාග සිරිපහර කඩුපහර හීපහර පරශස්ත්‍රප්‍රහාර බෙර පණා බෙර වස්දඬු සක් දෙණ්ඩිම හඬ සහනු වෙයි. හළ සර්‍වවක්‍රදෝෂ ඇතියේ හළ කසට ඇතියේ රාජාර්‍හ වූයේ රාජාවයවයෙක යන පරිගණනාවට යෙයි.
Pali BJTඑවමෙව ඛො අග්ගිවෙස්සන, ඉධ තථාගතො ලොකෙ උප්පජ්ජති අරහං සම්මාසම්බුද්ධො විජ්ජාචරණසම්පන්නො සුගතො ලොකවිදූ අනුත්තරො පුරිසදම්මසාරථි සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවා. සො ඉමං ලොකං සදෙවකං සමාරකං සබ්රහ්මකං සස්සමණබ්රාහ්මණිං පජං සදෙවමනුස්සං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවෙදෙති. සො ධම්මං දෙසෙති ආදිකල්යාණං මජ්ඣෙකල්යාණං පරියොසානකල්යාණං සාත්ථං සබ්යඤ්ජනං කෙවලපරිපුණ්ණං පරිසුද්ධං බ්රහ්මචරියං පකාසෙති.
Sinhala BJTගිනිවෙස්න, එපරිදි මැ මෙලො වැ අර්‍හත් සම්‍යක් සම්බුද්ධ විද්‍යාචරණයෙන් යුත් සුගත වූ ලෝකය දන්නා වූ නිරුත්තර පුරුෂදම්‍යසාරථි වූ දෙවිමිනිස්නට ශාස්තෘ වූ බුද්ධ වූ භාග්‍යවත් වූ තථාගතයන් වහන්සේ පහළ වෙති. ඔබ දෙවියන් සහිත වූ මරුන් සහිත වූ බඹුන් සහිත වූ මේ ලෝකය ද මහණ බමුණන් සහිත දෙවිමිනිසුන් සහිත ප්‍රජාව ද තුමූ විශිෂ්ට ඥානයෙන් දැන සාක්‍ෂාත් කොට ප්‍රකාශ කෙරෙති. ඔබ ආදි කල්‍යාණ කොට, මධ්‍යකල්‍යාණ කොට පර්‍ය්‍යවසානකල්‍යාණ කොට, අර්‍ත්‍ථ සහිත කොට, බ්‍යඤ්ජන සහිත කොට, කේවල පරිපූර්‍ණ කොට, දහම් දෙසති. පරිශුද්ධ කොට බ්‍රහ්මචර්‍ය්‍යය ප්‍රකාශ කෙරෙති.
Pali BJTතං ධම්මං සුණාති ගහපති වා ගහපතිපුත්තො වා අඤ්ඤතරස්මිං වා කුලෙ පච්චාජාතො. සො තං ධම්මං සුත්වා තථාගතෙ සද්ධං පටිලභති. සො තෙන සද්ධාපටිලාභෙන සමන්නාගතො ඉති පටිසඤ්චික්ඛති: “සම්බාධො ඝරාවාසො රජාපථො, අබ්භොකාසො පබ්බජ්ජා. නයිදං සුකරං අගාරං අජ්ඣාවසතා එකන්තපරිපුණ්ණං එකන්තපරිසුද්ධං සඞ්ඛලිඛිතං බ්රහ්මචරියං චරිතුං. යංනූනාහං කෙසමස්සුං ඔහාරෙත්වා කාසායානි වත්ථානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියං පබ්බජෙය්ය”න්ති: සො අපරෙන සමයෙන අප්පං වා භොගක්ඛන්ධං පහාය මහන්තං වා භොගක්ඛන්ධං පහාය අප්පං වා ඤාතිපරිවට්ටං පහාය මහන්තං වා ඤාතිපරිවට්ටං පහාය කෙසමස්සුං ඔහාරෙත්වා කාසායානි වත්ථානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියං පබ්බජති.
Sinhala BJTඒ ධර්‍මය ගැහැවියෙක් හෝ ගැහැවි පුතෙක් හෝ එක්තරා කුලයෙක උපන්නෙක් හෝ අසයි. හෙතෙම ඒ ධර්‍මය අසා තථාගතයන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව උපදවයි. හේ ඒ ශ්‍රද්ධාව ලැබීමෙන් යුක්ත වූයේ මෙසේ සිතයි: “ගෘහවාසය සම්බාධ ය, රාගාදි රජසුන්ට මාර්‍ගයෙකි, පැවිද්ද එලිමහණක් වැන්න, ඒකාන්තයෙන් පරිපූර්‍ණ වූ ඒකාන්තයෙන් පරිශුද්ධ වූ මේ සංඛලිඛිත බ්‍රහ්මචර්‍ය්‍යය පුරන්නට ගිහිගෙයි වසන්නහු විසින් පහසු නො වේ. මම කෙහෙ රවුළු බහා කහවත් හැඳ පෙරෙව ගිහිගෙන් නික්මැ අනගාර්‍ය්‍ය සංඛ්‍යාත පැවිද්දට පැමිණෙන්නෙම් නම් යෙහෙකැ”යි. හෙතෙම පසු කාලයෙක ස්වල්පවූ හෝ භෝගරාශිය හැර මහත් වූ හෝ භෝගරාශිය හැර ස්වල්ප වූ හෝ නෑ පිරිවර හැර මහත් වූ හෝ නෑ පිරිවර හැර කෙස් රැවුළු බහා කහවත් හැඳ පෙරෙව, ගිහිගෙන් නික් මැ අනගාර්‍ය්‍ය සංඛ්‍යාත පැවිද්දට පැමිණෙයි.
Pali BJTඑත්තාවතා ඛො අග්ගිවෙස්සන, අරියසාවකො අබ්භොකාසගතො හොති. එත්ථ ගෙධා හි අග්ගිවෙස්සන, දෙවමනුස්සා, යදිදං පඤ්චකාමගුණා. තමෙනං තථාගතො උත්තරිං විනෙති: එහි ත්වං භික්ඛු සීලවා හොහි. පාතිමොක්ඛසංවරසංවුතො විහරාහි, ආචාරගොචරසම්පන්නො, අණුමත්තෙසු වජ්ජෙසු භයදස්සාවී සමාදාය සික්ඛස්සු සික්ඛාපදෙසූ’ති.
Sinhala BJTගිනිවෙස්න, මෙතෙකින් ආර්‍ය්‍යශ්‍රාවක අභ්‍යවකාශගත වූයේ වෙයි. ගිනිවෙස්න, දෙවිමිනිස්හු පඤ්චකාම ගුණයෙහි ගේධ වෙති. තථාගතයන් වහන්සේ තුලුන් මතුයෙහි විනයන කෙරෙති: “මහණ තෝ එම සිල්වත් ව, ප්‍රාතිමෝක්‍ෂ සංවර සංවෘත ව වාස කර ආචාර ගෝචර සම්පන්න ව අණුමාත්‍ර වරදෙහි බිය දක්නා සුලු ව සිකපද සමාදන් ව හික්මෙව”යි.
Pali BJTයතො ඛො අග්ගිවෙස්සන, අරියසාවකො සීලවා හොති. පාතිමොක්ඛසංවරසංවුතො විහරති. ආචාරගොචරසම්පන්නො අණුමත්තෙසු වජ්ජෙසු භයදස්සාවී, සමාදාය සික්ඛති සික්ඛාපදෙසු. තමෙනං තථාගතො උත්තරිං විනෙති. ‘එහි ත්වං භික්ඛු, ඉන්ද්රියෙසු ගුත්තද්වාරො හොහි. චක්ඛුනා රූපං දිස්වා මා නිමිත්තග්ගාහී. මානුබ්යඤ්ජනග්ගාහී. යත්වාධිකරණමෙනං චක්ඛුන්ද්රියං අසංවුතං විහරන්තං අභිජ්ඣාදොමනස්සා පාපකා අකුසලා ධම්මා අන්වාස්සවෙය්යුං, තස්ස සංවරාය පටිපජ්ජ. රක්ඛ චක්ඛුන්ද්රියං. චක්ඛුන්ද්රියෙ සංවරං ආපජ්ජ. සොතෙන සද්දං සුත්වා -පෙ- ඝානෙන ගන්ධං ඝායිත්වා -පෙ- ජිව්හාය රසං සායිත්වා -පෙ- කායෙන ඵොට්ඨබ්බං ඵුසිත්වා -පෙ- මනසා ධම්මං විඤ්ඤාය මා නිමිත්තග්ගාහී මානුබ්යඤ්ජනග්ගාහී, යත්වාධිකරණමෙනං මනින්ද්රියං අසංවුතං විහරන්තං අඝිජ්ඣාදොමනස්සා පාපකා අකුසලා ධම්මා අන්වාස්සෙය්යුං, තස්ස සංවරාය පටිපජ්ජ. රක්ඛ මනින්ද්රියං. මනින්ද්රියෙ සංවරං ආපජ්ජා’ති.
Sinhala BJTගිනිවෙස්න, යම් කලෙක ආර්‍ය්‍යශ්‍රාවක සිල්වත් වේ ද, ප්‍රාතිමෝක්‍ෂසංවර සංවෘත ව වාස කෙරේ ද, ආචාරගෝචර සම්පන්න ව අණුමාත්‍ර වරදෙහි බිය දක්නාසුලු ව සිකපද සමාදන් ව හික්මේ ද, තථාගතයන් වහන්සේ තුලුන් මතුයෙහි විනයන කෙරෙති. “මහණ, තෝ එම ඉන්‍ද්‍රියෙහි ගුප්තද්වාර වව, ඇසින් රූ දැක නිමිත්තග්‍රාහී නො වව, අනුව්‍යඤ්ජනග්‍රාහී නො වව, යම් කරුණෙකින් චක්‍ෂුරින්‍ද්‍රියයෙහි අසංවෘත ව වාස කරන තෙල මහණ අභිධ්‍යාදෞර්‍මනස්‍ය සංඛ්‍යාත පාපක අකුශලධර්‍මයෝ ලුහුබැඳගනිත් ද, එහි සංවරය පිණිස පිළිපදුව, චක්‍ෂුරින්‍ද්‍රිය රක්ව, චක්‍ෂුරින්‍ද්‍රියයෙහි සංවරයට පැමිණෙව, කනින් ශබ්ද අසා ... ඝ්‍රාණයෙන් ගඳ ආඝ්‍රාණය කොට ... දිවින් රස ආස්වාද කොට ... කයින් ස්ප්‍රෂ්ටව්‍ය පැහැස ... මනසින් දහම් දැන නිමිත්තග්‍රාහී නො වව, අනුව්‍යඤ්ජනග්‍රාහී නො වව, යම් හෙයෙකින් මනින්‍ද්‍රියයෙහි අසංවෘත ව වාස කරන තෙල මහණහු අභිධ්‍යාදෞර්‍මනස්‍ය සංඛ්‍යාත පාපක අකුශලධර්‍මයෝ ලුහුබැඳගනිත් ද, එහි සංවරය පිණිස පිළිපදුව, මනින්‍ද්‍රිය රක්ව, මනින්‍ද්‍රියයෙහි සංවරයට පැමිණෙව” යි.
Pali BJTයථො ඛො අග්ගිවෙස්සන, අරියසාවකො ඉන්ද්රියෙසු ගුත්තද්වාරො හොති. තමෙනං තථාගතො උත්තරිං විනෙති. එහි ත්වං භික්ඛු, භොජනෙ මත්තඤ්ඤූ හොහි. පටිසඞ්ඛායොනිසො ආහාරං ආහාරෙය්යාසි. නෙව දවාය න මදාය න මණ්ඩනාය න විභූසනාය, යාවදෙව ඉමස්ස කායස්ස ඨිතියා යාපනාය, විහිංසූපරතියා බ්රහ්මචරියානුග්ගහාය. ඉති පුරාණඤ්ච වෙදනං පටිහඞ්ඛාමි. නවඤ්ච වෙදනං න උප්පාදෙස්සාමි. යාත්රා ච මෙ භවිස්සති අනවජ්ජතා ච ඵාසුවිහාරො චා ති.
Sinhala BJTගිනිවෙස්න, යම් කලෙක ආර්‍ය්‍යශ්‍රාවක ඉන්‍ද්‍රියෙහි ගුප්තද්වාර වේ ද, තථාගතයන් වහන්සේ තුලුන් මතුයෙහි විනයන කෙරෙති: “මහණ, තෝ ඒ, භෝජනයෙහි මාත්‍රඥ වව, නුවණින් ප්‍රත්‍යවේක්‍ෂා කොට ආහාර වළඳ කරව, (කිසේ යැ යත්) දවයට නො මැ වෙයි, මද වඩන්නට නො වෙයි, උනුතැන් පුරවන්නට නො වෙයි, විභුෂණයට නො වෙයි. මේ කය සිටිනු පිණිස යැපෙනු පිණිස මැ වෙයි. විහිංසා සන්හිඳුවනු පිණිස බ්‍රහ්මචර්‍ය්‍යයට අනුග්‍රහ පිණිස මැ වෙයි. මෙසේ පැරණි වේදනා නස්මි, නව වේදනා නූපදවමි, මාගේ ජීවිතයාත්‍රා ද වෙයි. අනවද්‍යතා ඵාසුවිහාර හා වෙතී” කියා යි.
Pali BJTයථො ඛො අග්ගිවෙස්සන, අරියසාවකො භොජනෙ මත්තඤ්ඤූ හොති. තමෙනං තථාගතො උත්තරිං විනෙති: එහි ත්වං භික්ඛු ජාගරියං අනුයුත්තො විහරාහි. දිවසං චඞ්කමෙන නිසජ්ජාය ආවරණීයෙහි ධම්මෙහි චිත්තං පරිසොධෙහි. රත්තියා පඨමං යාමං චඞ්කමෙන නිසජ්ජාය ආවරණීයෙහි ධම්මෙහි චිත්තං පරිසොධෙහි. රත්තියා මජ්ඣිමං යාමං දක්ඛිණෙන පස්සෙන සීහසෙය්යං කප්පෙය්යාසි පාදෙ පාදං අච්චාධාය සතො සම්පජානො උට්ඨානසඤ්ඤං මනසිකරිත්වා. රත්තියා පච්ඡිමං යාමං පච්චුට්ඨාය චඞ්කමෙන නිසස්සාය ආවරණීයෙහි ධම්මෙහි චිත්තං පරිසොධෙහී’ති.
Sinhala BJTගිනිවෙස්න, යම් කලෙක ආර්‍ය්‍යශ්‍රාවක භෝජනයෙහි මාත්‍රඥ වේ ද, තථාගතයන් වහන්සේ තුලුන් මතුයෙහි විනයන කෙරෙති: “මහණ තෝ ඒ, නිදි වැරීමෙහි යෙදී වාස කර, දහවලැ සක්මනිනුදු හිඳුමිනුදු ආවරණීය දහමින් සිත පිරිසිදු කර, රැයැ පළමුයමැ චඞ්ක්‍රමනයෙනුදු නිෂද්‍යායෙනුදු ආවරණීය දහමින් සිත පිරිසුදු කර, රැයැ මැදුම්යමැ දකුණු ඇලයෙන් ගෙන පය මත පය මඳක් හයාතබා, ස්මෘතිමත් ව සම්ප්‍රඥාන ඇති වැ ‘නැඟීගන්මි’ යන සන් මෙනෙහි කොට සිංහශය්‍යා කර, රැයැ පැසුළුයමැ නැඟීසිට චඞ්ක්‍රමනයෙනුදු නිෂද්‍යායෙනුදු ආවරණීය දහමින් සිත පිරිසුදු කර” යි.
Pali BJTයථො ඛො අග්ගිවෙස්සන, අරියසාවකො ජාගරියං අනුයුත්තො හොති. තමෙනං තථාගතො උත්තරිං විනෙති: එහි ත්වං භික්ඛු සතිසම්පජඤ්ඤෙන සමන්නාගතො හොහි. අභික්කන්තෙ පටික්කන්තෙ සම්පජානකාරී ආලොකිතෙ විලොකිතෙ සම්පජානකාරී සම්මිඤ්ජිතෙ පසාරිතෙ සම්පජානකාරී සඞ්ඝාටිපත්තචීවරධාරණෙ සම්පජානකාරී අසිතෙ පීතෙ ඛායිතෙ සායිතෙ සම්පජානකාරී උච්චාරපස්සාවකම්මෙ සම්පජානකාරී ගතෙ ඨිතෙ නිසින්නෙ සුත්තෙ ජාගරිතෙ භාසිතෙ තුණ්හීභාවෙ සම්පජානකාරී හොහී’ති.
Sinhala BJTගිනිවෙස්න, යම් කලෙක ආර්‍ය්‍යශ්‍රාවක නිදි වැරීමෙහි යෙදුණේ වේ ද, තථාගතයන් වහන්සේ තුලුන් මතුයෙහි විනයන කෙරෙති: “මහණ, තෝ ඒ, සතිසම්පජඤ්ඤයෙන් සමන්‍වාගත වව, ඉදිරිගමන්හි දු පෙරළාඊම්හි දු සම්පජානකාරී වව, අලෝකන විලෝකන යෙහි සම්පජානකාරී වව, සමිඤ්ජන ප්‍රසාරණයෙහි සම්පජානකාරී වව, සඞ්ඝාටි පාත්‍රචීවර ධාරණයෙහි සම්පජානකාරී වව, ඛාද්‍යභෝජ්‍යලෙයපෙය සඞ්ඛ්‍යාත සියුඅහරෙහි සම්පජානකාරී වව, අස්පස්කිසෙහි සම්පජානකාරී වව, ගමන-ස්ථාන-නිෂිදන-ස්වප්න-ජාගර්‍ය්‍යා-භාෂණ-තුෂ්ණීම්භාව යන් මෙහි සම්පජානකාරී වව”යි.
Pali BJTයතො ඛො අග්ගිවෙස්සන, අරියසාවකො සතිසම්පජඤ්ඤෙන සමන්නාගතො හොති, තමෙනං තථාගතො උත්තරිං විනෙති: එහි ත්වං භික්ඛු විවිත්තං සෙනාසනං භජ, අරඤ්ඤං රුක්ඛමූලං පබ්බතං කන්දරං ගිරිගුහං සුසානං වනපත්ථං අබ්භොකාසං පලාලපුඤ්ජන්ති. සො විවිත්තං සෙනාසනං භජති අරඤ්ඤං රුක්ඛමූලං පබ්බතං කන්දරං ගිරිගුහං සුසානං වනපත්ථං අබ්භොකාසං පලාලපුඤ්ජං. සො පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තො නිසීදති පල්ලඞ්කං ආභුජිත්වා උජුං කායං පණිධාය පරිමුඛං සතිං උපට්ඨපෙත්වා. සො අභිජ්ඣං ලොකෙ පහාය විගතාභිජ්ඣෙන චෙතසා විහරති. අභිජ්ඣාය චිත්තං පරිසොධෙති. බ්යාපාදපදොසං පහාය අව්යාපන්නචිත්තො විහරති සබ්බපාණබභූතහිතානුකම්පී. බ්යාපාදපදොසා චිත්තං පරිසොධෙති. ථීනමිද්ධං පහාය විගතථීනමිද්ධො විහරති ආලොකසඤ්ඤී සතො සම්පජානො, ථීනමිද්ධා චිත්තං පරිසොධෙති. උද්ධච්චකුක්කුච්චං පහාය අනුද්ධතො විහරති අජ්ඣත්තං වූපසන්තචිත්තො. උද්ධච්චකුක්කුච්චා චිත්තං පරිසොධෙති. විචිකිච්ඡං පහාය තිණ්ණවිචිකිච්ඡො විහරති අකථඞ්කථී කුසලෙසු ධම්මෙසු. විචිකිච්ඡාය චිත්තං පරිසොධෙති.
Sinhala BJTගිනිවෙස්න, යම් කලෙක ආර්‍ය්‍යශ්‍රාවක සතිසම්පජඤ්ඤයෙන් සමන්‍වාගත වේ ද, තථාගතයන් වහන්සේ තුලුන් මතුයෙහි විනයන කෙරෙති: “මහණ, තෝ ඒ, ජනශුන්‍ය සෙනසුන් ඇසුරු කර, අරණැ, රුක්මුලැ, පවි යැ, කඳුරැ, ගිරිලෙනැ, සොහොනැ, වන පෙතැ, අබවස, පිදුරුකිළියැ” යි. හේ අරණ්‍ය යැ වෘක්‍ෂමූල යැ පර්‍වත යැ කන්‍දර යැ ගිරිගුහා යැ ශ්මශාන යැ වනප්‍රස්ත යැ, අභ්‍යවකාශ යැ පලාලපුඤ්ජ යැ යන ජනශුන්‍ය ශයනාසන භජන කෙරෙයි. හේ පසුබත්හි පිඬුවායෙන් වැළැකුණේ පලක් අවුළුවා උඩුකය ඍජු කොට තබා කර්‍මස්ථානාභිමුඛ කොට සිහි එළවා හිඳී. හේ පඤ්චස්කන්‍ධලෝකයෙහි අභිධ්‍යාව දැහැ විගතාභිධ්‍ය සිතින් වාස කෙරෙයි. අභිධ්‍යායෙන් සිත පරිශෝධන කෙරෙයි. ව්‍යාපාද සඞ්ඛ්‍යාත ප්‍රද්වේෂය දැහැ අව්‍යාපන්නචිත්ත වැ සර්‍වප්‍රාණහිතානුකම්පීව වැ වාස කෙරෙයි. ව්‍යාපාද සඞ්ඛ්‍යාත ප්‍රද්වේෂයෙන් සිත පරිශෝධන කෙරෙයි. ස්ත්‍යානමිද්ධය දැහැ ආලෝකසංඥා ඇති වැ ස්මෘතිමත් වැ සම්ප්‍රඥාන ඇති වැ පැහූ ථිනමිද්ධ ඇති වැ වාස කෙරෙයි. ථිනමිද්ධයෙන් සිත පරිශෝධන කෙරෙයි. ඖද්ධත්‍යකෞකෘත්‍යයෙන් සිත පරිශෝධන කෙරෙයි. විචිකිත්සා දැහැ කුසල් දහම්හි කථඞ්කථා රහිත වැ තුනු විසිකිස් ඇති වැ වාස කෙරෙයි. විමතියෙන් සිත පිරිසිදු කෙරෙයි.
Pali BJTසො ඉමෙ පඤ්ච නීවරණෙ පහාය චෙතසො උපක්කිලෙසෙ පඤ්ඤාය දුබ්බලීකරණෙ කායෙ කායානුපස්සී විහරති ආතාපී සම්පජානො සතිමා විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං. වෙදනාසු -පෙ- චිත්තෙ -පෙ- ධම්මෙසු ධම්මානුපස්සී විහරති ආතාපී සම්පජානො සතිමා විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං. සෙය්යථාපි අග්ගිවෙස්සන, හත්ථිදමකො මහන්තං ථම්භං පඨවියං නිඛණිත්වා ආරඤ්ඤකස්ස නාගස්ස ගීවායං උපනිබන්ධති ආරඤ්ඤකානඤ්චෙව සීලානං අභිනිම්මදනාය, ආරඤ්ඤකානඤ්චෙව සරසඞ්කප්පානං අභිනිම්මදනාය, ආරඤ්ඤකානඤ්චෙව දරථකිලමථපරිළාහානං අභිනිම්මදනාය, ගාමන්තෙ අභිරමාපනාය, මනුස්සකන්තෙසු සීලෙසු සමාදපනාය{1} එවමෙව ඛො අග්ගිවෙස්සන, අරියසාවකස්ස ඉමෙ චත්තාරො සතිපට්ඨානා චෙතසො උපනිබන්ධනා හොන්ති. ගෙහසිතානඤ්චෙව සීලානං අභිනිම්මදනාය, ගෙහසිතානඤ්චෙව සරසඞ්කප්පානං අභිනිම්මදනාය, ගෙහසිතානඤ්චෙව දරථකිලමථපරිළාහානං අභිනිම්මදනාය, ඤායස්ස අධිගමාය නිබ්බානස්ස සච්ඡිකිරියාය.
Sinhala BJTඒ ආර්‍ය්‍යශ්‍රාවක චිත්තෝපක්ලේශ වූ ප්‍රඥාව දුබල කරන මේ පඤ්චනීවරණයන් හැරපියා කෙලෙස් තවන වැර ඇති ව නුවණින් දන්නේ සිහි ඇති වැ පඤ්චස්කන්‍ධලෝකයෙහි අභිධ්‍යාදෞර්‍මනස්‍ය හැරපියා කයෙහි කය නුවණින් දක්නාසුලු ව වාස කෙරෙයි. වේදනායෙහි ... චිත්තයෙහි ... කෙලෙස් තවන වැර ඇතිව නුවණින් දන්නේ පඤ්චස්කන්‍ධලෝකයෙහි අභිධ්‍යාදෞර්‍මනස්‍ය හැරපියා ධර්‍මයෙහි ධර්‍මය නුවණින් දක්නාසුලු ව වාස කෙරෙයි. ගිනිවෙස්න, යම් පරිදි හස්තිදමක මහත් ටැඹක් පොළොවෙහි සිටුවා ආරණ්‍යකනාගයාගේ ගෙලෙහි බඳනේ වේ ද, ආරණ්‍යක ස්වභාවයන් මඩනු පිණිස ය, ආරණ්‍යක වාක්සඞ්කල්ප මඩනු පිණිස ය, ආරණ්‍යක වූ මැ පීඩා ක්ලමථු පරිදාහ මඩනු පිණිස යැ, ග්‍රාමාන්තයෙහි අලවනු පිණිස යැ, මිනිස්නට කල් වූ සැහැවියෙහි සමාදන් කරවනු පිණිස යි. ගිනිවෙස්න, එපරිදි මැ ආර්‍ය්‍යශ්‍රාවකයාහට මේ සතර සීවටන්හු චිත්තෝපනිබන්‍ධන වෙති. ගෘහශ්‍රිත වූ මැ සැහැවි මඩනු පිණිස යැ, ගෘහශ්‍රිත වූ මැ ස්වරසඞ්කල්ප මඩනු පිණිස යැ, ගෘහශ්‍රිත වූ මැ පීඩා ක්ලමථු පරිදාහ මඩනු පිණිස යැ, න්‍යායධර්‍මයාගේ අධිගමය පිණිස යැ, නිර්‍වාණයාගේ ප්‍රත්‍යක්‍ෂ කිරීම පිණිස යි.
Pali BJTතමෙනං තථාගතො උත්තරිං විනෙති: එහි ත්වං භික්ඛු, කායෙ කායානුපස්සී විහරාහි මා ච කාමූපසංහිතං{1} විතක්කං විතක්කෙසි. වෙදනාසු -පෙ- චිත්තෙ -පෙ- ධම්මෙසු ධම්මානුපස්සී විහරාහි. මා ච කාමූපසංහිතං{2} විතක්කං විතක්කෙසී’ති. සො විතක්කවිචාරානං වූපසමා අජ්ඣත්තං සම්පසාදනං චෙතසො එකොදිභාවං අවිතක්කං අවිචාරං සමාධිජං පීතිසුඛං දුතියං ඣානං -පෙ- තතියං ඣානං -පෙ- චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරති.
Sinhala BJTතථාගතයන් වහන්සේ තුලුන් මතුයෙහි විනයන කෙරෙති: “මහණ, තෝ ඒ, කයෙහි කය නුවණින් දක්නාසුලු ව වාස කර, කාමෝපසංහිත විතර්‍ක නහමක් විතර්‍කණ කර, වේදනායෙහි ... චිත්තයෙහි ... ධර්‍මයෙහි ධර්‍මය නුවණින් දක්නාසුලු ව වාස කර, කාමූපසංහිත විතර්‍ක නහමක් විතර්‍කණ කර”යි, හේ විතර්‍කවිචාරයන් සන්හිඳීමෙන් අධ්‍යාත්මයෙහි පැහැදීම් ලකුණු කොට ඇති චිත්තයාගේ එකඟබව ඇති විතර්‍ක රහිත විචාර රහිත සමාධියෙන් උපන් ප්‍රීතිසුඛ ඇති ද්විතීයධ්‍යානය ... තෘතීයධ්‍යානය ... චතුර්‍ත්‍ථධ්‍යානය උපයා වාස කෙරෙයි.
Pali BJTසො එවං සමාහිතෙ චිත්තෙ පරිසුද්ධෙ පරියොදාතෙ අනඞ්ගණෙ විගතූපක්කිලෙසෙ මුදුභූතෙ කම්මනියෙ ඨිතෙ ආනෙඤ්ජප්පත්තෙ පුබ්බෙනිවාසානුස්සතිඤාණාය චිත්තං අභිනින්නාමෙති. සො අනෙකවිහිතං පුබ්බෙනිවාසං අනුස්සරති. සෙය්යථිදං: එකම්පි ජාතිං ද්වෙපි ජාතියො -පෙ- ඉති සාකාරං සඋද්දෙසං අනෙකවිහිතං පුබ්බෙනිවාසං අනුස්සරති.
Sinhala BJTඒ මහණ මෙසේ සමාහිත චිත්තය පරිශුද්ධ ව පර්‍ය්‍යවදාත ව අනඞ්ගණ ව විගතෝපක්ලේශ ව මෘදු ව කර්‍මණ්‍ය ව ස්ථිත ව අනිඤ්ජනප්‍රාප්ත ව සිටි කල්හි පූර්‍වනිවාසනුස්මෘති ඥානඥාන පිණිස සිත නතු කෙරෙයි, හේ අනේකවිධ පූර්‍වනිවාසය සිහි කෙරෙයි. කිසේ යැ යත්: එක් ජාතියකුදු දෙ ජාතියකුදු ... මෙසේ සාකාර සොද්දේශ අනේකප්‍රකාර පූර්‍වනිවාසය සිහි කරයි.
Pali BJTසො එවං සමාහිතෙ චිත්තෙ පරිසුද්ධෙ පරියොදාතෙ අනඞ්ගණෙ විගතූපක්කිලෙසෙ මුදුභූතෙ කම්මනියෙ ඨිතෙ ආනෙඤ්ජප්පත්තෙ සත්තානං චුතූපපාතඤාණාය චිත්තං අභිනින්නාමෙති. සො දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන අතික්කන්තමානුසකෙන සත්තෙ පස්සති චවමානෙ උපපජ්ජමානෙ හීනෙ පණීතෙ සුවණ්ණෙ දුබ්බණ්ණෙ, සුගතෙ දුග්ගතෙ යථාකම්මූපගෙ සත්තෙ පජානාති: ඉමෙ වත භොන්තො සත්තා කාය දුච්චරිතෙන සමන්නාගතා -පෙ- යථා කම්මූපගෙ සත්තෙ පජානාති.
Sinhala BJTඒ මහණ මෙසේ සමාහිත චිත්තය පරිශුද්ධ ව පර්‍ය්‍යවදාත ව අනඞ්ගණ ව විගතෝපක්ලේශ ව මෘදු ව කර්‍මණ්‍ය ව ස්ථිත ව අනිඤ්ජනප්‍රාප්ත ව සිටි කල්හි සත්ත්‍වයන්ගේ චුතූපපාත ඥානය පිණිස සිත නතු කෙරෙයි. හේ විශුද්ධ වූ මිනිසැස ඉක්මැ සිටි දිවැසින් ච්‍යුත වන උපදනා හීන ප්‍රණීත සුවර්‍ණ දුර්වර්‍ණ සුගත දුර්‍ගත සත්ත්‍වයන් දකී. කම් වූ පරිදි පරලොව ගිය සතුන් දනී. මේ භවත් සත්ත්‍වයෝ කායදුශ්චරිතයෙන් සමන්‍වාගත යහ ... මෙසේ යථාකර්මෝපග සත්ත්‍වයන් නුවණින් දනී.
Pali BJTසො එවං සමාහිතෙ චිත්තෙ පරිසුද්ධෙ පරියොදාතෙ අනඞ්ගණෙ විගතූපක්කිලෙසෙ මුදුභූතෙ කම්මනියෙ ඨිතෙ ආනෙඤ්ජප්පත්තෙ ආසවානං ඛයඤාණාය චිත්තං අභිනින්නාමෙති. සො ඉදං දුක්ඛන්ති යථාභූතං පජානාති. අයං දුක්ඛසමුදයොති යථාභූතං පජානාති. අයං දුක්ඛනිරොධොති යථාභූතං පජානාති. අයං දුක්ඛනිරොධගාමිනීපටිපදාති යථාභූතං පජානාති. ඉමෙ ආසවාති යථාභූතං පජානාති. අයං ආසවසමුදයොති යථාභූතං පජානාති. අයං ආසවනිරොධොති යථාභූතං පජානාති. අයං ආසවනිරොධගාමිනීපටිපදාති යථාභූතං පජානාති. තස්ස එවං ජානතො එවං පස්සතො කාමාසවාපි චිත්තං විමුච්චති. භවාසවාපි චිත්තං විමුච්චති. අවිජ්ජාසවාපි චිත්තං විමුච්චති. විමුත්තස්මිං විමුත්තමිති ඤාණං හොති. ඛීණා ජාති, වුසිතං බ්රහ්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්ථත්තායාති පජානාති.
Sinhala BJTහේ මෙසේ සමාහිත චිත්තය පරිශුද්ධ ව පර්‍ය්‍යවදාත ව අනඞ්ගණ ව විගතෝපක්ලේශ ව මෘදු ව කර්‍මණ්‍ය ව ස්ථිත ව අනිඤ්ජනප්‍රාප්ත ව සිටි කල්හි ආස්‍රවක්‍ෂයඥානය පිණිස සිත නතු කෙරෙයි. හේ ‘මේ දුමේ දුකැ’යි යථාභූත ව නුවණින් දනී. ‘මේ දුඃඛසමුදයැ’ යි යථාභූත ව නුවණින් දනී. ‘මේ දුඃඛනිරෝධ යැ’යි යථාභූත ව නුවණින් දනී. ‘මේ දුඃඛනිරෝධගාමිනීප්‍රතිපදාව යැ’ යි යථාභූත ව නුවණින් දනී. ‘මොහු ආස්‍රවයහ’යි යථාභූත ව නුවණින් දනී. ‘මේ ආස්‍රවසමුදය යැ’යි සමුදය යැ’යි යථාභූත ව නුවණින් දනී. ‘මේ ආස්‍රවනිරෝධ යැ’ යි යථාභූත ව නුවණින් දනී. ‘මේ ආස්‍රවනිරෝධගාමිනීප්‍රතිපදා යැ’ යි යථාභූත ව නුවණින් දනී. මෙසේ දන්නා මෙසේ දක්නා ඔහුට කාමාස්‍රවයෙනුදු සිත මිදෙයි. භවාස්‍රවයෙනුදු සිත මිදෙයි. අවිද්‍යාස්‍රවයෙනුදු සිත මිදෙයි. මුත් සඳ විමුක්ත යයි ප්‍රත්‍යවේක්‍ෂාඥානය වෙයි. ජාතිය ක්‍ෂය විය. බඹසර වැස නිමවන ලද, කරණී කරන ලද. මේ රහත්බවට අන් කිසෙක් නැති’ යි නුවණින් දනී.
Pali BJTසො හොති, භික්ඛු ඛමො සීතස්ස උණ්හස්ස ජිඝච්ඡාය පිපාසාය ඩංසමකසවාතාතපසිරිංසපසම්ඵස්සානං දුරුත්තානං දුරාගතානං වචනපථානං උප්පන්නානං සාරීරිකානං වෙදනානං දුක්ඛානං තිප්පානං ඛරානං කටුකානං අසාතානං අමනාපානං පාණහරානං අධිවාසකජාතිකො හොති. සබ්බරාගදොසමොහනිහතනින්නීතකසාවො ආහුනෙය්යො පාහුනෙය්යො දක්ඛිණෙය්යො අඤ්ජලිකරණීයො අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලොකස්සාති.
Sinhala BJTඒ මහණ ශීත ය උෂ්ණ ය බඩසය පවස මැසි මදුරු අව් සුළං දික්දෑපහස යන මේ සහනුයේ දුරුක්ත දුරාගත වචනපථ හා උපන් දුඃඛ ත්‍රීව ඛර කටුක අසාත අමනාප ප්‍රාණහර ශාරීරික වේදනා හා සහනසැහැවි ඇති වෙයි. පැහූ සියලු රාගද්වේෂමෝහ ඇතියේ නෙරැලූ කසට ඇතියේ වෙයි. දෙන්නට නිසි අන්නපානප්‍රතිග්‍රහණයට අර්‍හ වෙයි. ප්‍රාඝුණ සඞ්ඛ්‍යාත ආගන්තුකසත්කාරයට නිසි වෙයි. දක්‍ෂිණාවට නිසි වෙයි. ඇඳිලි කළයුතු වෙයි. ලෝකයට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍රත් වේ.
Pali BJTමහල්ලකො චෙපි අග්ගිවෙස්සන, රඤ්ඤො නාගො අදන්තො අවිනීතො කාලංකරොති. අදන්තමරණං මහල්ලකො රඤ්ඤො නාගො කාලඞ්කතොත්වෙව සඞ්ඛං ගච්ඡති. මජ්ඣිමො චෙපි අග්ගිවෙස්සන, රඤ්ඤො නාගො -පෙ- දහරො චෙපි අග්ගිවෙස්සන, රඤ්ඤො නාගො අදන්තො අවිනීතො කාලංකරොති. අදන්තමරණං දහරො රඤ්ඤො නාගො කාලඞ්කකතොත්වෙව සඞ්ඛං ගච්ඡති. එවමෙව ඛො අග්ගිවෙස්සන, ථෙරො චෙපි භික්ඛු අඛීණාසවො කාලංකරොති. අදන්තමරණං ථෙරො භික්ඛු කාලඞ්කතොත්වෙව සඞ්ඛං ගච්ඡති. මජ්ඣිමො චෙපි අග්ගිවෙස්සන, භික්ඛු -පෙ- නවො චෙපි අග්ගිවෙස්සන, භික්ඛු අඛීණාසවො කාලංකරොති. අදන්තමරණං නවො භික්ඛු කාලඞ්කතොත්වෙව සඞ්ඛං ගච්ඡති.
Sinhala BJTගිනිවෙස්න, රාජනාගයා මහලුවත් අදාන්ත වැ අවිනීත ව කලුරියකෙරේ, රාජනාගයා මහලු වුව අදාන්තමරණ කාලක්‍රියා කෙළේ යයි ගණනට යෙයි. ගිනිවෙස්න, රාජනාගයා මධ්‍යමවයස්කවත් ... ගිනිවෙස්න, රාජනාගයා දහරවත් අදාන්ත ව අවිනීත ව කාලක්‍රියා කෙරේ නම්, රාජනාගයා දහර ව අදාන්තමරණයෙන් කාලක්‍රියා කෙළේ යයි ගණනට යෙයි. ගිනිවෙස්න, එපරිදි ම මහණ ස්ථවිර ව සිට ද ක්‍ෂීණාස්‍රව නො වූයේ කාලක්‍රියා කෙරේ ද, මහණ ස්ථවිර ව සිට අදාන්තමරණයෙන් කාලක්‍රියා කෙළේ යයි සඞ්ඛ්‍යානයට යෙයි. ගිනිවෙස්න, මහණ මධ්‍යම වයස්ක ව සිටත් ... ගිනිවෙස්න, මහණ නවක ව සිටත් ක්‍ෂීණාස්‍රව නො වූයේ කලුරිය කෙරේ ද නවක මහණ අදාන්තමරණ කාලක්‍රියා කෙළේ යයි සඞ්ඛ්‍යානයට යෙයි.
Pali BJTමහල්ලකො චෙපි අග්ගිවෙස්සන, රඤ්ඤො නාගො සුදන්තො සුවිනීතො කාලඞ්කරොති. දන්තමරණං මහල්ලකො රඤ්ඤො නාගො කාලඞ්කතොත්වෙව සඞ්ඛං ගච්ඡති. මජ්ඣිමො චෙපි අග්ගිවෙස්සන, රඤ්ඤො නාගො -පෙ- දහරො චෙපි අග්ගිවෙස්සන, රඤ්ඤො නාගො සුදන්තො සුවිනීතො කාලංකරොති. දන්තමරණං දහරො රඤ්ඤො නාගො කාලඞ්කතොත්වෙව සඞ්ඛං ගච්ඡති. එවමෙව ඛො අග්ගිවෙස්සන, ථෙරො චෙපි භික්ඛු ඛීණාසවො කාලඞ්කරොති. දන්තමරණං ථෙරො භික්ඛු කාලඞ්කතොත්වෙව සඞ්ඛං ගච්ඡති. මජ්ඣිමො චෙපි අග්ගිවෙස්සන, භික්ඛු -පෙ- නවො චෙපි අග්ගිවෙස්සන, භික්ඛු ඛීණාසවො කාලඞ්කරොති. දන්තමරණං නවො භික්ඛු කාලඞ්කතොත්වෙව සඞ්ඛං ගච්ඡති.
Sinhala BJTගිනිවෙස්න, රාජනාගයා මහලුව සිටත් සුදාන්ත ව සුවිනීත ව කලුරිය කෙරේ ද, රාජනාගයා මහලු ව දාන්තමරණ කාලක්‍රියා කෙළේ යයි ගණනට යෙයි. ගිනිවෙස්න, රාජනාගයා මධ්‍යම වයස්ක ව සිටත් ... ගිනිවෙස්න, රාජනාගයා දහර ව සිටත් සුදාන්ත ව සුවිනීත ව කාලක්‍රියා කෙරේ ද, රාජනාගයා දහර ව සිට දාන්තමරණ කාලක්‍රියා කෙළේ යයි ගණනට යෙයි. ගිනිවෙස්න, එපරිදි ම ස්ථවිර ව සිටත් ක්‍ෂීණාස්‍රව ව කාලක්‍රියා කෙරේ ද, මහණ ස්ථවිර ව සිට දාන්තමරණයෙන් කාලක්‍රියා කෙළේ යයි පරිගණනාවට යෙයි. ගිනිවෙස්න, මහණ මධ්‍යම වයස්ක ව සිටත් ... ගිනිවෙස්න, මහණ නවක ව සිටත් ක්‍ෂීණාස්‍රව ව කලුරිය කෙරේ ද, මහණ නවක ව සිටත් දාන්තමරණ කාලක්‍රියා කෙළේ යයි පරිගණනාවට යෙයි.
Pali BJTඉදමවොච භගවා. අත්තමනො අචිරවතො සමණුද්දෙසො භගවතො භාසිතං අභිනන්දීති.
Sinhala BJTභාග්‍යවතුන් වහන්සේ මේ දන්තභූමි සූත්‍රය වදාළ සේක. ප්‍රීතිසෞමනස්‍යයන් විසින් ගත් සිත් ඇති අචිරවත හෙරණ භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය අභිනන්‍දන කළේ යි.
Pali BJTදන්තභූමි සුත්තං පඤ්චමං.
Sinhala BJTපස්වැනි දන්තභුමි සූත්‍ර යි.
Pali BJT3. 3. 6.
Sinhala BJT3. 3. 6.
Pali BJTභූමිජ සුත්තං
Sinhala BJTභූමිජ සූත්‍රය
Pali BJTඑවං මෙ සුතං: එකං සමයං භගවා රාජගහෙ විහරති වෙළුවනෙ කලන්දකනිවාපෙ. අථ ඛො ආයස්මා භූමිජො පුබ්බණ්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය යෙන ජයසෙනස්ස රාජකුමාරස්ස නිවෙසනං, තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා පඤ්ඤත්තෙ ආසනෙ නිසීදි.
Sinhala BJTමා විසින් මෙසේ අසන ලද: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර කලන්‍දකනිවාප නම් වේළුවනාරාමයෙහි වැඩවසන සේක. එකල්හි ආයුෂ්මත් භූමිජ තෙරණුවෝ පෙරවරු කාලයෙහි හැඳපෙරෙව පාසිවුරු ගෙන ජයසේන රාජකුමරහුගේ නිවෙස්න යම් තැනෙක්හි ද එතැන්හි එළැඹියහ. එළැඹ පැන්වූ අස්නෙහි වැඩහුන්හ.
Pali BJTඅථ ඛො ජයසෙනො රාජකුමාරො යෙනායස්මා භූමිජො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා ආයස්මතා භූමිජෙන සද්ධිං සම්මොදි. සම්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ජයසෙනො රාජකුමාරො ආයස්මන්තං භූමිජං එතදවොච: සන්ති භො භූමිජ, එකෙ සමණබ්රාහ්මණා එවංවාදිනො එවංදිට්ඨිනො: ආසඤ්චෙපි කරිත්වා බ්රහ්මචරියං චරන්ති, අභබ්බා ඵලස්ස අධිගමාය. අනාසඤ්චෙපි කරිත්වා බ්රහ්මචරියං චරන්ති, අභබ්බා ඵලස්ස අධිගමාය. ආසඤ්ච අනාසඤ්චෙපි කරිත්වා බ්රහ්මචරියං චරන්ති, අභබ්බා ඵලස්ස අධිගමාය. නෙවාසං නානාසඤ්චෙපි කරිත්වා බ්රහ්මචරියං චරන්ති, අභබ්බා ඵලස්ස අධිගමායාති. ඉධ භොතො භූමිජස්ස සත්ථා කිංවාදී කිමක්ඛායී’ති?
Sinhala BJTඑසඳ ජයසේන රාජකුමාර ආයුෂ්මත් භූමිජ තෙරණුවන් කරා එළැඹ, ආයුෂ්මත් භූමිජ තෙරණුවන් සමග සතුටු විය. සම්මෝදනයට නිසි සිහි කරන්නට නිසි කථාව කොට නිමවා එකත්පස් වැ හින. එකත්පස් ව හුන් ජයසේන රජකුමර ආයුෂ්මත් භූමිජ තෙරණුවන්ට තෙල කී: “භවත් භූමිජයෙනි, මෙවන් වාද ඇති මෙවන් දෘෂ්ටි ඇති ඇතැම් මහණබමුණු කෙනෙක් ඇත්තාහ: “ඉදින් ආශා කොට බඹසර සෙරෙත් නමුදු ඵලාධිගමයට අභව්‍යයෝ යැ, අනාශා කොට බඹසර සෙරෙත් නමුදු ඵලාධිගමයට අභව්‍යයෝ යැ, කලෙක ආශා කොටත් කලෙක අනාශා කොටත් බඹසර සෙරෙත් නමුදු ඵලාධිගමයට අභාව්‍යයෝ යැ, නො මැ ආශා කොටත් අනාශා නො කොටත් බඹසර සෙරෙත් නමුදු ඵලාධිගමයට අභව්‍යයෝ වෙති” යි. මෙහි ලා භවත් භූමිජ තෙරුන්ගේ ශාස්තෘන් වහන්සේ කුමන වාද ඇති සේක් ද? කුමක් ප්‍රකාශ කරන සේක් දැ” යි.
Pali BJTන ඛො මෙතං රාජකුමාර, භගවතො සම්මුඛා සුතං, සම්මුඛා පටිග්ගහිතං. ඨානඤ්ච ඛො එතං විජ්ජති යං භගවා එවං ව්යාකරෙය්ය: ආසඤ්චෙපි කරිත්වා අයොනිසො බ්රහ්මචරියං චරන්ති, අභබ්බා ඵලස්ස අධිගමාය. අනාසඤ්චෙපි කරිත්වා අයොනිසො බ්රහ්මචරියං චරන්ති, අභබ්බා ඵලස්ස අධිගමාය. ආසඤ්ච අනාසඤ්චෙපි කරිත්වා අයොනිසො බ්රහ්මචරියං චරන්ති, අභබ්බා ඵලස්ස අධිගමාය. නෙවාසං නානාසඤ්චෙපි කරිත්වා අයොනිසො බ්රහ්මචරියං චරන්ති, අභබ්බා ඵලස්ස අධිගමාය. ආසඤ්චෙපි කරිත්වා යොනිසො බ්රහ්මචරියං චරන්ති, භබ්බා ඵලස්ස අධිගමාය. අනාසඤ්චෙපි කරිත්වා යොනිසො බ්රහ්මචරියං චරන්ති, භබ්බා ඵලස්ස අධිගමාය. ආසඤ්ච අනාසඤ්චෙපි කරිත්වා යොනිසො බ්රහ්මචරියං චරන්ති, භබ්බා ඵලස්ස අධිගමාය. නෙවාසං නානාසඤ්චෙපි කරිත්වා යොනිසො බ්රහ්මචරියං චරන්ති, භබ්බා ඵලස්ස අධිගමායාති. න ඛො මෙතං රාජකුමාර, භගවතො සම්මුඛා සුතං, සම්මුඛා පටිග්ගහිතං, ඨානඤ්ච ඛො එතං විජ්ජති, යං භගවා එවං ව්යාකරෙය්යාති.
Sinhala BJTරාජකුමාරය, මා විසින් තෙල කරුණ බුදුන් හමුයෙහි නො අසන ලද, හමුයෙහි නො පිළිගන්නා ලද, “බුදුහු මෙසේ වදාරති” යන තෙල කරුණ ඇත. “ආශා කොටත් නුනුවණින් බඹසර වසත් නම්, ඵලාධිගමයට අභව්‍යයහ, අනාශා කොටත් නුනුවණින් බඹසර සෙරෙත් නම්, ඵලාධිගමයට අභව්‍යයහ, ආශා ද අනාශා ද කොටත් නුනුවණින් බඹසර සෙරෙත් නම් ඵලාධිගමයට අභව්‍යයහ, ආශා නො කොටත් අනාශා නො කොටත් නුනුවණින් බඹසර සෙරෙත් නම් ඵලාධිගමයට අභව්‍යයහ, ආශා කොටත් නුවණින් බඹසර සෙරෙත් නම්, ඵලාධිගමයට භව්‍යයහ, අනාශා කොටත් නුවණින් බඹසර සෙරෙත් නම්, ඵලාධිගමයට භව්‍යයහ, ආශා ද අනාශා ද කොටත් නුවණින් බඹසර සෙරෙත් නම්, ඵලාධිගමයට භව්‍යයහ, ආශා නො කොටත් අනාශා නො කොටත් නුවණින් බඹසර හැසිරෙත් නම්, ඵලාධිගමයට භව්‍යයහ” යන තෙල කරුණ යි. රාජකුමාරය, මා විසින් තෙල කරුණ බුදුන් හමුයෙහි නො අසන ලද, හමුයෙහි නො පිළිගන්නා ලද, “බුදුහු මෙසේ වදාරති” යන තෙල කී කරුණ විය හෙයි.
Pali BJTසචෙ ඛො භොතො භූමිජස්ස සත්ථා එවංවාදී එවමක්ඛායී, අද්ධා භොතො භූමිජස්ස සත්ථා සබ්බෙසංයෙව පුථුසමණබ්රාහ්මණානං මුද්ධානං මඤ්ඤෙ ආහච්ච තිට්ඨතීති. අථ ඛො ජයසෙනො රාජකුමාරො ආයස්මන්තං භූමිජං සකෙනෙව ථාලිපාකෙන පරිවිසි.
Sinhala BJTඉදින් භවත් භූමිජයන්ගේ ශාස්තෲන් වහන්සේ මෙසේ වදාරන සේක් නම්, මෙසේ බණන සේක් නම්, භවත් භූමිජයන්ගේ ශාස්තෲන් වහන්සේ හැම මහණ බමුණන්ගේ මුදුන් පැහැර සිටුනා සේක් වැන්න. එසඳ ජයසේන රාජකුමාර ආයුෂ්මත් භූමිජ තෙරණුවන් තමන් සතු වූ මැ මුළුබතින් පිරිවිසි.
Pali BJTඅථ ඛො ආයස්මා භූමිජො පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ආයස්මා භූමිජො භගවන්තං එතදවොච: ‘ඉධාහං භන්තෙ, පුබ්බණ්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය යෙන ජයසෙනස්ස රාජකුමාරස්ස නිවෙසනං, තෙනුපසඞ්කමිං. උපසඞ්කමිත්වා පඤ්ඤත්තෙ ආසනෙ නිසීදිං. අථ ඛො භන්තෙ, ජයසෙනො රාජකුමාරො යෙනාහං, තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා මම සද්ධිං{1} සම්මොදි. සම්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො භන්තෙ, ජයසෙනො රාජකුමාරො මං එතදවොච: ‘සන්ති භො භූමිජ, එකෙ සමණබ්රාහ්මණා එවංවාදිනො එවංදිට්ඨිනො ආසඤ්චෙපි කරිත්වා බ්රහ්මචරියං චරන්ති. අභබ්බා ඵලස්ස අධිගමාය. අනාසඤ්චෙපි කරිත්වා -පෙ- ආසඤ්ච අනාසඤ්චෙපි කරිත්වා බ්රහ්මචරියං චරන්ති, අභබ්බා ඵලස්ස අධිගමාය. නෙවාසං නානාසඤ්චෙපි කරිත්වා බ්රහ්මචරියං චරන්ති, අභබ්බා ඵලස්ස අධිගමායාති. ඉධ භොතො භූමිජස්ස සත්ථා කිංවාදී කිමක්ඛායීති?
Sinhala BJTඉක්බිති ආයුෂ්මත් භූමිජ තෙරණුවෝ පසුබතැ පිඬුවායෙන් වැළැක්කාහු බුදුන් කරා එළැඹියහ. එළැඹ බුදුන් සකසා වැඳ එකත්පස් වැ හුන්හ. එකත්පස් ව හුන් ආයුෂ්මත් භූමිජ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල සැලකළෝ. “වහන්ස, මම පෙරවරු හැඳ පෙරෙව පාසිවුරු ගෙන ජයසේන රජකුමරුන් නිවෙසට ගියෙමි. ගොස් පැනවූ අස්නෙහි හිනිමි. වහන්ස, එසඳ ජයසේන රජකුමර මා කරා එළැඹියේය, එළැඹ මා සමග සතුටු වී. සම්මෝදනයට නිසි කලාතුරුහි සිහි කළයුතු කථාව කොට නිමවා, එකත්පස් ව හින. වහන්ස, එකත්පස් ව හුන් ජයසේන රජකුමර මට තෙල සැලකෙළේ: “භවත් භූමිජයෙනි, මෙබඳු වාද ඇති මෙබඳු දෘෂ්ටි ඇති මහණබමුණු කෙනෙක් ඇත. ‘ආශා කොටත් බ්‍රම්සර සෙරෙත් නම් ඵලාධිගමයට අභව්‍යයහ, අනාශා කොටත් ... ආශා ද අනාශා ද කොටත් බඹසර පුරත් නම්, ඵලාධිගමයට අභව්‍යයහ, ආශා නො කොටත් අනාශා නො කොටත් බඹසර සෙරෙත් නම්, ඵලාධිගමයට අභව්‍යයහ” යි. මෙහි ලා භවත් භූමිජයන්ගේ ශාස්තෲන් වහන්සේ කෙබඳු වාද ඇති සේක් ද? කුමක් ප්‍රකාශ කරන සේක් දැ” යි.
Pali BJTඑවං වුත්තෙ අහං භන්තෙ, ජයසෙනං රාජකුමාරං එතදවොචං: ‘න ඛො මෙතං රාජකුමාර, භගවතො සම්මුඛා සුතං සම්මුඛා පටිග්ගහිතං. ඨානං ච ඛො එතං විජ්ජති, යං භගවා එවං ව්යාකරෙය්ය: ‘ආසඤ්චෙපි කරිත්වා අයොනිසො බ්රහ්මචරියං චරන්ති, අභබ්බා ඵලස්ස අධිගමාය. -පෙ- නෙවාසං නානාසඤ්චෙපි කරිත්වා අයොනිසො බ්රහ්මචරියං චරන්ති, අභබ්බා ඵලස්ස අධිගමාය. ආසඤ්චෙපි කරිත්වා යොනිසො බ්රහ්මචරියං චරන්ති, භබ්බා ඵලස්ස අධිගමාය. අනාසඤ්චෙපි කරිත්වා -පෙ- නෙවාසං නානාසඤ්චෙපි කරිත්වා යොනිසො බ්රහ්මචරියං චරන්ති, භබ්බා ඵලස්ස අධිගමායා’ති. න ඛො මෙ තං රාජකුමාර, භගවතො සම්මුඛා සුතං, සම්මුඛා පටිග්ගහිතං. ඨානඤ්ච ඛො එතං විජ්ජති: යං භගවා එවං බ්යාකරෙය්යාති. සචෙ භොතො භූමිජස්ස සත්ථා එවංවාදී එවංදිට්ඨි අද්ධා භොතො භූමිජස්ස සත්ථා සබ්බෙසං යෙව පුථුසමණබ්රාහ්මණානං මුද්ධානං මඤ්ඤෙ ආහච්ච තිට්ඨතීති.
Sinhala BJTවහන්ස, මෙසේ කී කල මම ජයසේන රජකුමරහට තෙල කීමි: “රාජකුමාරය, තෙල කරුණ මා විසින් බුදුන් හමුයෙහි නො අසන ලද, හමුයෙහි නො පිළිගන්නා ලද, ‘බුදුහු මෙසේ වදාරති’ යන් තෙල කරුණ ඇත: ‘ආශා කොට ද නුනුවණින් බඹසර සෙරෙත් නම් ඵලාධිගමයට අභව්‍යයහ, ... ආශා නො කොට ද අනාශා නො කොට ද නුනුවණින් බඹසර පුරත් නම් ඵලාධිගමයට අභව්‍යයහ, ආශා කොට ද නුවණින් බඹසර සෙරෙත් නම් ඵලාධිගමයට භව්‍යයහ, අනාශා කොට ද ... ආශා නො කොට ද අනාශා නො කොට ද නුවණින් බඹසර සෙරෙත් නම් ඵලාධිගමයට භව්‍යයහ” යි. රජකුමර, මෙසේ තෙල කරුණ මා විසින් බුදුන් හමුයෙහි නො අසන ලද, හමුයෙහි නො පිළිගන්නා ලද. ‘බුදුහු මෙසේ වදාරති’ යන තෙල කරුණ ඇතැ’ යි කීමි. ඉදින් භවත් භූමිජයන්ගේ ශාස්තෲන් වහන්සේ මෙබඳු වාද ඇති සේක් නම්, මෙබඳු දෘෂ්ටි ඇති සේක් නම්, භවත් භූමිජයන්ගේ ශාස්තෲන් වහන්සේ හැම මහණබමුණන්ගේ මුදුන් පැහැරගෙන සිටුනාක් වැන්නහ” යි, හේ කී.
Pali BJTකච්චි{2} භන්තෙ, එවං පුට්ඨො එවං ව්යාකරමානො වුත්තවාදී චෙව භගවතො හොමි. න ච භගවන්තං අභූතෙන අබ්භාචික්ඛාමි. ධම්මස්ස චානුධම්මං ව්යාකරොමි. න ච කොචි සහධම්මිකො වාදානුවාදො ගාරය්හං ඨානං ආගච්ඡතීති.
Sinhala BJTවහන්ස, කිම මෙසේ පුළුවුස්නා ලද්දෙම් මෙසේ පිළිතුරු විසින් පවසන්නෙම්, භගවත් හට උක්තවාදී වෙම් දෝ, භාග්‍යවතුන් වහන්සේ අභූතයෙන් අභ්‍යාඛ්‍යාන නො කෙරෙම් දෝ, ධර්‍මානුධර්‍මය ප්‍රකාශකෙරෙම් දෝ, කිසියම් සකාරණ වාදානුවාදයෙක් ගර්‍හණීය තැනට නොද ඒ දෝ හෝ’ යි, (දන්නට රිසියෙමි).
Pali BJTතග්ඝ ත්වං භූමිජ, එවං පුට්ඨො එවං ව්යාකරමානො වුත්තවාදී චෙව මෙ හොසි, න ච මං අභූතෙන අබ්භාචික්ඛසි, ධම්මස්ස චානුධම්මං ව්යාකරොසි. න ච කොචි සහධම්මිකො වාදානුවාදො ගාරය්හං ඨානං ආගච්ඡති.
Sinhala BJTභූමිජය, ඒකාන්තයෙන් තෙපි මෙසේ විචාරන ලදුවහු මෙසේ ප්‍රකාශ කරන්නහු මා පිළිබඳ ව උක්තවාදී වව, මට අභූතයෙන් අභ්‍යාඛ්‍යාන නො කරන්නහු වව, ධර්‍මයට අනුධර්‍මය ද ප්‍රකාශ කරන්නහු වව, කිසි යම් සහේතුක වාදානුවාදයෙක් ගර්‍හණීයස්ථානයට ද නො එයි.
Pali BJTයෙ හි කෙචි භූමිජ, සමණා වා බ්රාහ්මණා වා මිච්ඡාදිට්ඨිනො මිච්ඡාසඞ්කප්පා මිච්ඡාවාචා මිච්ඡාකම්මන්තා මිච්ඡාආජීවා මිච්ඡාවායාමා මිච්ඡාසතී මිච්ඡාසමාධිනො, තෙ ආසඤ්චෙපි කරිත්වා බ්රහ්මචරියං චරන්ති, අභබ්බා ඵලස්ස අධිගමාය. අනාසඤ්චෙපි කරිත්වා බ්රහ්මචරියං චරන්ති, අභබ්බා ඵලස්ස අධිගමාය. ආසඤ්ච අනාසඤ්චෙපි කරිත්වා බ්රහ්මචරියං චරන්ති, අභබ්බා ඵලස්ස අධිගමාය. නෙවාසං නානාසඤ්චෙපි කරිත්වා බ්රහ්මචරියං චරන්ති, අභබ්බා ඵලස්ස අධිගමාය. තං කිස්ස හෙතු: අයොනි හෙසා භූමිජ, ඵලස්ස අධිගමාය.
Sinhala BJTභූමිජය, මිථ්‍යාදෘෂ්ටික වූ මිථ්‍යාසංකල්ප ඇති මිථ්‍යාවාක් ඇති මිථ්‍යාකර්‍මාන්ත ඇති මිථ්‍යාආජීව ඇති මිථ්‍යාව්‍යායාම ඇති මිථ්‍යාස්මෘති ඇති මිථ්‍යාසමාධි ඇති යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ ඇද්ද, ඔහු ආශා කොටත් බඹසර සෙරෙත් නම් ඵලාධිගමයට අභව්‍යයහ, අනාශා කොටත් බඹසර සෙරෙත් නම් ඵලාධිගමයට අභව්‍යයහ, ආශා කොටත් අනාශා කොටත් බඹසර සෙරෙත් නම් ඵලාධිගමයට අභව්‍යයහ, ආශා නො කොටත් අනාශා නො කොටත් බඹසර සෙරෙත් නම් ඵලාධිගමයට අභව්‍යයහ. එ කවර හෙයින් යත්: භූමිජය, ඵලාධිගමයට තෙල අනුපාය වේ ද එහෙයිනි.
Pali BJTසෙය්යථාපි භූමිජ, පුරිසො තෙලත්ථිකො තෙලගවෙසී තෙලපරියෙසනං චරමානො වාලිකං දොණියා ආකිරිත්වා උදකෙන පරිප්ඵොසකං පරිප්ඵොසකං පීළෙය්ය, ආසඤ්චෙපි කරිත්වා වාලිකං දොණියා ආකිරිත්වා උදකෙන පරිප්ඵොසකං පරිප්ඵොසකං පීළෙය්ය, අභබ්බො තෙලස්ස අධිගමාය. අනාසඤ්චෙපි කරිත්වා වාලිකං දොණියා ආකිරිත්වා උදකෙන පරිප්ඵොසකං පරිප්ඵොසකං පීළෙය්ය, අභබ්බො තෙලස්ස අධිගමාය. ආසඤ්ච අනාසඤ්චෙපි කරිත්වා වාලිකං දොණියා ආකිරිත්වා උදකෙන පරිප්ඵොසකං පරිප්ඵොසකං පීළෙය්ය, අභබ්බො තෙලස්ස අධිගමාය. නෙවාසං නානාසඤ්චෙපි කරිත්වා වාලිකං දොණියා ආකිරිත්වා උදකෙන පරිප්ඵොසකං පරිප්ඵොසකං පීළෙය්ය, අභබ්බො තෙලස්ස අධිගමාය. තං කිස්ස හෙතු: අයොනි හෙසා{1} භූමිජ, තෙලස්ස අධිගමාය. එවමෙව ඛො භූමිජ, යෙ හි කෙචි සමණා වා බ්රාහ්මණා වා මිච්ඡාදිට්ඨිනො මිච්ඡාසඞ්කප්පා මිච්ඡාවාචා මිච්ඡාකම්මන්තා මිච්ඡාආජීවා මිච්ඡාවායාමා මිච්ඡාසතී මිච්ඡාසමාධිනො, තෙ ආසඤ්චෙපි කරිත්වා බ්රහ්මචරියං චරන්ති, අභබ්බා ඵලස්ස අධිගමාය. අනාසඤ්චෙපි කරිත්වා බ්රහ්මචරියං චරන්ති, අභබ්බා ඵලස්ස අධිගමාය. ආසඤ්ච අනාසඤ්චෙපි කරිත්වා බ්රහ්මචරියං චරන්ති, අභබ්බා ඵලස්ස අධිගමාය. නෙවාසං නානාසඤ්චෙපි කරිත්වා බ්රහ්මචරියං චරන්ති, අභබ්බා ඵලස්ස අධිගමාය. තං කිස්ස හෙතු: අයොනි හෙසා{1} භූමිජ, ඵලස්ස අධිගමාය.
Sinhala BJTයම්සේ භූමිජය, තෙල් කැමැති තෙල් සොයන තෙල් සෙවීමෙහි හැසිරෙන පුරුෂයෙක් පැසෙහි වැලි එව දිය ඉස ඉස පෙළන්නේ නම්, ආශා කොට නමුදු පැසෙහි වැලි එව දිය ඉස ඉස මිරිකනුයේ නමුදු තෙල් ලැබීමට අභව්‍ය ය. ආශා නො කොටපියාත් පැසෙහි වැලි එව දිය ඉස ඉස පෙළා නමුදු තෙල් ලැබීමට අභව්‍ය ය, ආශා කොටත් අනාශා කොටත් පැසෙහි වැලි එව ඉස ඉස පෙළා නමුදු තෙල් ලැබීමට අභාව්‍ය ය, නො මැ ආශා කොට ද අනාශා නො කොට ද පැසෙහි වැලි එව දියෙන් තෙම තෙමා පෙළන්නේ නමුදු තෙල් ලබාගැනීමට අභව්‍ය ය. එ කවර හෙයින යත්: භූමිජය, තෙල් මිරිකා ගැනීමට ඒ අකාරණ හෙයිනි. එසෙයින් ම භූමිජය, යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ මිථ්‍යාදෘෂ්ටික වූවාහු මිථ්‍යාසංකල්ප ඇත්තාහු මිථ්‍යාවචන ඇත්තාහු මිථ්‍යාකර්‍මාන්ත ඇත්තාහු මිථ්‍යාආජීව ඇත්තාහු මිථ්‍යාව්‍යායාම ඇත්තාහු මිථ්‍යාස්මෘති ඇත්තාහු මිථ්‍යාසමාධි ඇත්තාහු වෙත් ද, ඔහු ආශා කොටත් බඹසර සෙරෙත් නම්, ඵලාධිගමයට අභව්‍යයහ, අනාශා කොටත් බඹසර සෙරෙත් නම්, ඵලාධිගමයට අභව්‍යයහ, ආශා හා අනාශා හා කොටත් බඹසර සෙරෙත් නම්, ඵලාධිගමයට අභව්‍යයහ, ආශා නො කොටත් අනාශා නො කොටත් බඹසර සෙරෙත් නම් ඵලාධිගමයට අභව්‍යයහ. එ කවර හෙයින යත්: භූමිජය, ඵලාධිගමයට තෙල අනුපාය වෙයි, එහෙයිනි.
Pali BJTසෙය්යථාපි භූමිජ, පුරිසො ඛීරත්ථිකො ඛීරගවෙසී ඛීරපරියෙසනං චරමානො ගාවිං තරුණවච්ඡං විසාණතො ආවිඤ්ජෙය්ය. ආසඤ්චෙපි කරිත්වා ගාවිං තරුණවච්ඡං විසාණතො ආවිඤ්ජෙය්ය, අභබ්බො ඛීරස්ස අධිගමාය. අනාසඤ්චෙපි කරිත්වා -පෙ- ආසඤ්ච අනාසඤ්චෙපි කරිත්වා -පෙ- නෙවාසං නානාසඤ්චෙපි කරිත්වා ගාවිං තරුණවච්ඡං විසාණතො ආවිඤ්ජෙය්ය, අභබ්බො ඛීරස්ස අධිගමාය. තං කිස්ස හෙතු: අයොනි හෙසා භූමිජ, ඛීරස්ස අධිගමාය. එවමෙව ඛො භූමිජ, යෙ හි කෙචි සමණා වා බ්රාහ්මණා වා මිච්ඡාදිට්ඨිනො -පෙ- මිච්ඡාසමාධිනො තෙ ආසඤ්චෙපි කරිත්වා බ්රහ්මචරියං චරන්ති. අභබ්බා ඵලස්ස අධිගමාය. අනාසඤ්චෙපි කරිත්වා -පෙ- ආසඤ්ච අනාසඤ්චෙපි කරිත්වා -පෙ- නෙවාසං නානාසඤ්චෙපි කරිත්වා බ්රහ්මචරියං චරන්ති, අභබ්බා ඵලස්ස අධිගමාය. තං කිස්ස හෙතු: අයොනි හෙසා{1} භූමිජ, ඵලස්ස අධිගමාය.
Sinhala BJTභූමිජය, යම් පරිදි කිරැටි වූ කිරි සොයන ක්‍ෂීරපර්‍ය්‍යෙෂණ කරන පුරුෂයෙක් තුරුණු වසුපැටකු ඇති දෙනක් ගෙන අඟ අදනේ වේ ද, ආශා කොටත් තරුණ වසුපැටකු ඇති දෙන අඟ අදනේ වේ ද, කිරිලබන්නට අභව්‍ය වෙයි, අනාශා කොටත් ... ආශාත් අනාශාත් කොටත් ... ආශා ද නො කොට අනාශා ද නො කොටත් තුරුණු වසුපැටකු ඇති දෙන ගෙන අඟ අදනේ වේ ද, කිරි ලබන්නට නො නිස්ස. එ කවර හෙයින යත්: භූමිජය, කිරි ලබන්නට තෙල අනුපාය වෙයි, එහෙයිනි. භූමිජය, එපරිදි ම යම් මැ මහණ කෙනෙක් වෙත්ව’ යි බමුණු කෙනෙක් වෙත්ව’ යි මිථ්‍යාදෘෂ්ටි ඇත්තාහු ... මිථ්‍යාසමාධි ඇත්තාහු වෙත් ද, ඔහු ආශා කොට ද බඹසර සෙරෙත් නම්, ඵලාධිගමයට නො නිස්සහ, අනාශා කොට ද ... ආශා හා අනාශා හා කොට ද ... ආශා නො කොට ද අනාශා නො කොට ද බඹසර සෙරෙත් නම්, ඵලාධිගමයට නො නිස්සහ. එ කවර හෙයින යත්: භූමිජය, ඵලාධිගමයට තෙල අනුපාය වේ ද, එහෙයිනි.
Pali BJTසෙය්යථාපි භූමිජ, පුරිසො නොනීතත්ථිකො නොනීත{2}ගවෙසී නොනීතපරියෙසනං චරමානො උදකං කලසෙ ආසිඤ්චිත්වා මන්ථෙන{3} ආවිඤ්ජෙය්ය, ආසඤ්චෙපි කරිත්වා උදකං කලසෙ ආසිඤ්චිත්වා මන්ථෙන{3} ආවිඤ්ජෙය්ය, අභබ්බො නොනීතස්ස අධිගමාය. අනාසඤ්චෙපි කරිත්වා -පෙ- ආසඤ්ච අනාසඤ්චෙපි කරිත්වා -පෙ- නෙවාසං නානාසඤ්චෙපි කරිත්වා උදකං කලසෙ ආසිඤ්චිත්වා මන්ථෙන ආවිඤ්ජෙය්ය, අභබ්බො නොනීතස්ස අධිගමාය. තං කිස්ස හෙතු: අයොනි හෙසා{1} භූමිජ, නොනීතස්ස අධිගමාය. එවමෙව ඛො භූමිජ, යෙ හි කෙචි සමණා වා බ්රාහ්මණා වා මිච්ඡාදිට්ඨිනො -පෙ- මිච්ඡාසමාධිනො. තෙ ආසඤ්චෙපි කරිත්වා බ්රහ්මචරියං චරන්ති, අභබ්බා ඵලස්ස අධිගමාය. අනාසඤ්චෙපි කරිත්වා -පෙ- බ්රහ්මචරියං චරන්ති, අභබ්බා ඵලස්ස අධිගමාය. තං කිස්ස හෙතු: අයොනි හෙසා භූමිජ, ඵලස්ස අධිගමාය.
Sinhala BJTභූමිජය, යම් පරිදි වෙඬරු කැමැති වෙඬරු ඉලියන වෙඬරු පිරියෙස්ලි කරන පුරුෂයෙක් දියත්තක් ගෙන කලසයෙකැ එවැ මථනදඬියෙන් කලබන්නේ වේ ද, ආශා කොට ද කෙළෙහි දිය එව මන්‍ථනදණ්ඩකින් කලබන්නේ වේ ද, වෙඬරු ලබන්නට නො නිස්ස. අනාශා කොට ද ... ආශා හා අනාශා හා කොට ද ... ආශා නො කොට ද අනාශා නො කොට ද දිය කළයෙක්හි එව මන්‍ථනයෙන් කලබන්නේ වේ ද, වෙඬරු ලබන්නට නො නිස්ස, භූමිජය, වෙඬරුවට තෙල අනුපාය වේ ද, එහෙයිනි. භූමිජය, එපරිදි මැ යම් කිසිමහණ කෙනෙක් වෙත්ව’ යි බමුණු කෙනෙක් වෙත්ව’ යි මිථ්‍යාදෘෂ්ටි ඇත්තාහු ... මිථ්‍යාසමාධි ඇත්තාහු වෙත් ද, ඔහු ආශා කොට ද බඹසර වසත් නම්, ඵලාධිගමයට අභව්‍යයහ, අනාශා කොට ද ... බඹසර සෙරෙත් නම්, ඵලාධිගමයට නො නිස්සහ. එ කවර හෙයින යත්: භූමිජය, ඵලාධිගමයට තෙල අනුපාය වේ ද, එහෙයිනි.
Pali BJTසෙය්යථාපි භූමිජ, පුරිසො අග්ගත්ථිකො{1} අග්ගිගවෙසී අග්ගිපරියෙසනං චරමානො අල්ලං කට්ඨං සස්නෙහං උත්තරාරණිං ආදාය අභිමන්ථෙය්ය{2} ආසඤ්චෙපි කරිත්වා අල්ලං කට්ඨං සස්නෙහං උත්තරාරණිං ආදාය අභිමන්ථෙය්ය, අභබ්බො අග්ගිස්ස අධිගමාය. අනාසඤ්චෙපි කරිත්වා -පෙ- ආසඤ්ච අනාසඤ්චෙපි කරිත්වා -පෙ- නෙවාසං නානාසඤ්චෙපි කරිත්වා අල්ලං කට්ඨං සස්නෙහං උත්තරාරණිං ආදාය අභිමන්ථෙය්ය, අභබ්බො අග්ගිස්ස අධිගමාය. තං කිස්ස හෙතු: අයොනි හෙසා භූමිජ, අග්ගිස්ස අධිගමාය. එවමෙව ඛො භූමිජ, යෙ හි කෙචි සමණා වා බ්රාහ්මණා වා මිච්ඡාදිට්ඨිනො -පෙ- මිච්ඡාසමාධිනො, තෙ ආසඤ්චෙපි කරිත්වා බ්රහ්මචරියං චරන්ති, අභබ්බා ඵලස්ස අධිගමාය. අනාසඤ්චෙපි කරිත්වා -පෙ- ආසඤ්ච අනාසඤ්චෙපි කරිත්වා -පෙ- නෙවාසං නානාසඤ්චෙපි කරිත්වා බ්රහ්මචරියං චරන්ති, අභබ්බා ඵලස්ස අධිගමාය. තං කිස්ස හෙතු: අයොනි හෙසා භූමිජ, ඵලස්ස අධිගමාය.
Sinhala BJTභූමිජය, යම් පරිදි ගිනි කැමැති ගිනි සොයන අග්නිපර්‍ය්‍යෙෂණ කරන පුරුෂයෙක් සස්නේහ වූ තෙත් දඬුකඩක් ගෙන උතුරුරිණි ගෙන මථනය කරන්නේ වේ ද, ආශා කොට ද, සස්නේහ තෙත් දඬුකඩ ගිනිගානා උතුරු දඬු ගෙන මඩනේ වේ ද, ගිනි ලබන්නට නො නිස්ස. අනාශා කොට ද ... ආශා ද අනාශා ද කොටත් ... ආශා නො කොට ද අනාශා නො කොට ද සස්නේහ ආර්ද්‍ර කාෂ්ටය ගිනිගානා උතුරුදඬු ගෙන මඩනේ වේ ද, ගිනි ලබන්නට නො නිස්සය. ඒ කවර හෙයින යත්: භූමිජය, ගිනි ලබන්නට තෙල අනුපාය වේ ද, එහෙයිනි. භූමිජය, එපරිදි මැ යම් මැ මහණ කෙනෙක් වෙත්ව’ යි බමුණු කෙනෙක් වෙත්ව’ යි මිථ්‍යාදෘෂ්ටි ඇත්තාහු ... මිථ්‍යාසමාධි ඇත්තාහු වෙත් ද, ඔහු ආශා කොට ද බ්‍රම්සර පුරත් නම්, ඵලාධිගමයට අභව්‍ය වෙති, අනාශා කොට ද ... ආශාත් අනාශාත් කොට ද ... ආශා නො කොට ද අනාශා නො කොට ද බඹසර සෙරෙත් නම්, ඵලාධිගමයට අභව්‍ය වෙති. එ කවර හෙයින යත්: භූමිජය, ඵලාධිගමයට තෙල අනුපාය වෙයි, එහෙයිනි.
Pali BJTයෙ ච ඛො කෙචි{3} භූමිජ, සමණා වා බ්රාහ්මණා වා සම්මාදිට්ඨිකා සම්මාසඞ්කප්පා සම්මාවාචා සම්මාකම්මන්තා සම්මාආජීවා සම්මාවායාමා සම්මාසතී සම්මාසමාධිනො, තෙ ආසඤ්චෙපි කරිත්වා බ්රහ්මචරියං චරන්ති, භබ්බා ඵලස්ස අධිගමාය. අනාසඤ්චෙපි කරිත්වා බ්රහ්මචරියං චරන්ති, භබ්බා ඵලස්ස අධිගමාය. ආසඤ්ච අනාසඤ්චෙපි කරිත්වා බ්රහ්මචරියං චරන්ති, භබ්බා ඵලස්ස අධිගමාය. නෙවාසං නානාසඤ්චෙපි කරිත්වා බ්රහ්මචරියං චරන්ති, භබ්බා ඵලස්ස අධිගමාය. තං කිස්ස හෙතු: යොනි හෙසා භූමිජ, ඵලස්ස අධිගමාය.
Sinhala BJTභූමිජය, යම් කිසි මහණ කෙනෙක් වෙත්ව’යි බමුණු කෙනෙක් වෙත්ව’යි සම්‍යග්දෘෂ්ටි ඇත්තාහු සම්‍යක්සංකල්ප ඇත්තාහු සම්‍යග්වචන ඇත්තාහු සම්‍යක්කර්‍මාන්ත ඇත්තාහු සම්‍යග්ආජීව ඇත්තාහු සම්‍යග්ව්‍යායාම ඇත්තාහු සම්‍යක්ස්මෘති ඇත්තාහු සම්‍යක්සමාධි ඇත්තාහු වෙත් ද, ඔහු ආශා කොට ද බ්‍රහ්මචර්‍ය්‍ය පුරත් නම්, ඵලාධිගමයට භව්‍යයහ, අනාශා කොට ද බ්‍රහ්මචර්‍ය්‍ය කෙරෙත් නම්, ඵලාධිගමයට යෝග්‍යයහ. ආශා ද අනාශා ද කොටත් බ්‍රහ්මචර්‍ය්‍ය කෙරෙත් නම්, ඵලාධිගමයට යුතුවහ. ආශා නො කොට ද අනාශා නො කොට ද බඹසර සෙරෙත් නම්, ඵලාධිගමයට සුදුසුයහ. එ කවර හෙයින යත්: භූමිජය, ඵලාධිගමයට තෙල උපාය වෙයි, එහෙයිනි.
Pali BJTසෙය්යථාපි භූමිජ, පුරිසො තෙලත්ථිකො තෙලගවෙසී තෙලපරියෙසනං චරමානො තිලපිට්ඨිං දොණියා ආකිරිත්වා උදකෙන පරිප්ඵොසකං පරිප්ඵොසකං පීළෙය්ය, ආසඤ්චෙපි කරිත්වා තිලපිට්ඨිං දොණියා ආකිරිත්වා උදකෙන පරිප්ඵොසකං පරිප්ඵොසකං පීළෙය්ය, භබ්බො තෙලස්ස අධිගමාය. අනාසඤ්චෙපි කරිත්වා -පෙ- ආසඤ්ච අනාසඤ්චෙපි කරිත්වා -පෙ- නෙවාසං නානාසඤ්චෙපි කරිත්වා තිලපිට්ඨිං දොණියා ආකිරිත්වා උදකෙන පරිප්ඵොසකං පරිප්ඵොසකං පීළෙය්ය, භබ්බො තෙලස්ස අධිගමාය. තං කිස්ස හෙතු: යොනි හෙසා භූමිජ, තෙලස්ස අධිගමාය. එවමෙව ඛො භූමිජ, යෙ හි කෙචි සමණා වා බ්රාහ්මණා වා සම්මාදිට්ඨිනො -පෙ- සම්මාසමාධිනො, තෙ ආසඤ්චෙපි කරිත්වා බ්රහ්මචරියං චරන්ති. භබ්බා ඵලස්ස අධිගමාය. අනාසඤ්චෙපි කරිත්වා -පෙ- නෙවාසං නානාසඤ්චෙපි කරිත්වා බ්රහ්මචරියං චරන්ති, භබ්බා ඵලස්ස අධිගමාය. තං කිස්ස හෙතු: යොනි හෙසා භූමිජ, ඵලස්ස අධිගමාය.
Sinhala BJTයම්සේ භූමිජය, තෙල් කැමැති තෙල් සොයන තෛලපර්‍ය්‍යෙෂණ කරන පුරුෂයෙක් තලපිටි පැසෙහි එව දිය ඉස ඉස පෙළන්නේ වේ ද, ආශා කොටත් තලපිටි පැස එව දිය ඉස ඉස පෙළන්නේ වේ ද, තෙල් ලබන්නට නිස්ස, අනාශා කොටත් ... ආශා ද අනාශා ද කොටත් ... ආශා නො කොටත් අනාශා නො කොටත් තලපිටි පැස එව දිය ඉස ඉස පෙළන්නේ වේ ද, තෙල් ලබන්නට නිස්ස. එ කවර හෙයින යත්: භූමිජය, තෙල් ලබන්නට තෙල උපාය වේ ද එහෙයිනි. භූමිජය, එපරිදි මැ යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ සම්‍යග්දෘෂ්ටි ඇත්තාහු ... සම්‍යක්සමාධි ඇත්තාහු වෙත් ද, ඔහු ආශා කොටත් බ්‍රම්සර සෙරෙත් නම්, ඵලාධිගමයට නිසි වෙති, ආශා නො කොටත් ... ආශා ද අනාශා ද කොටත් ... ආශා නො කොටත් අනාශා නො කොටත් බඹසර වෙසෙත් නම් ඵලාධිගමයට භව්‍ය වෙති. එ කවර හෙයින යත්: භූමිජය, ඵලාධිගමයට තෙල උපාය වේ ද, එහෙයිනි.
Pali BJTසෙය්යථාපි භූමිජ, පුරිසො ඛීරත්ථිකො ඛීරගවෙසී ඛීරපරියෙසනං චරමානො ගාවිං තරුණවච්ඡං ථනතො ආවිඤ්ජෙය්ය, ආසඤ්චෙපි කරිත්වා ගාවිං තරුණවච්ඡං ථනතො ආවිඤ්ජෙය්ය, භබ්බො ඛීරස්ස අධිගමාය. අනාසඤ්චෙපි කරිත්වා -පෙ- ආසඤ්ච අනාසඤ්චෙපි කරිත්වා -පෙ- නෙවාසං නානාසඤ්චෙපි කරිත්වා ගාවිං තරුණවච්ඡං ථනතො ආවිඤ්ජෙය්ය, භබ්බො ඛීරස්ස අධිගමාය. තං කිස්ස හෙතු: යොනි හෙසා භූමිජ, ඛීරස්ස අධිගමාය. එවමෙව ඛො භූමිජ, යෙ හි කෙචි සමණා වා බ්රාහ්මණා වා සම්මාදිට්ඨිනො -පෙ- සම්මාසමාධිනො, තෙ ආසඤ්චෙපි කරිත්වා -පෙ- බ්රහ්මචරියං චරන්ති, භබ්බා ඵලස්ස අධිගමාය. අනාසඤ්චෙපි කරිත්වා -පෙ- ආසඤ්ච අනාසඤ්චෙපි කරිත්වා -පෙ- නෙවාසං නානාසඤ්චෙපි කරිත්වා බ්රහ්මචරියං චරන්ති, භබ්බා ඵලස්ස අධිගමාය. තං කිස්ස හෙතු: යොනි හෙසා භූමිජ, ඵලස්ස අධිගමාය.
Sinhala BJTභූමිජය, යම් පරිදි කිරි කැමැති කිරි සොයන ක්‍ෂීරපර්‍ය්‍යෙෂණ කරන පුරුෂයෙක් තුරුණු වස්සකු ඇති දෙනක් තන ගෙන අදනේ වේ ද, ආශා කොටත් තුරුණු වසු ඇති දෙන තෙනෙහි ගෙන අදනේ වේ ද, කිරි ලබන්නට නිස්ස. ආශා නො කොටත් ... ආශා ද අනාශා ද කොටත් ... ආශා නො කොටත් අනාශා නො කොටත් තුරුණු වසු ඇති දෙන තන ගෙන අදනේ වේ ද, කිරි ලබන්නට නිස්ස. එ කවර හෙයින යත්: භූමිජය, කිරි ලබන්නට තෙල උපාය වේ ද එහෙයිනි. එසෙයින් ම භූමිජය, යම් කිසි මහණ කෙනෙක් වෙත්ව’ යි බමුණු කෙනෙක් වෙත්ව’යි සම්‍යග්දෘෂ්ටි ඇත්තාහු ... සම්‍යක්සමාධි ඇත්තාහු වෙත් ද, ඔහු ආශා කොටත් ... බ්‍රම්සර පුරත් නම්, ඵලාධිගමයට යුතුවහ, ආනාශා කොටත් ... ආශා ද අනාශා ද කොටත් ... ආශා නො කොටත් අනාශා නො කොටත් බ්‍රම්සර සෙරෙත් නම් ඵලාධිගමයට භව්‍යයහ. ඒ කවර හෙයින යත්: භූමිජය, ඵලාධිගමයට තෙල උපාය වෙයි, එහෙයිනි.
Pali BJTසෙය්යථාපි භූමිජ, පුරිසො නොනීතත්ථිකො නොනීතගවෙසී නොනීතපරියෙසනං චරමානො දධිං කලසෙ ආසිඤ්චිත්වා මන්ථෙන ආවිඤ්ජෙය්ය, ආසඤ්චෙපි කරිත්වා දධිං කලසෙ ආසිඤ්චිත්වා මන්ථෙන ආවිඤ්ජෙය්ය, භබ්බො නොනීතස්ස අධිගමාය. අනාසඤ්චෙපි කරිත්වා -පෙ- ආසඤ්ච අනාසඤ්චෙපි කරිත්වා -පෙ- නෙවාසං නානාසඤ්චෙපි කරිත්වා දධිං කලසෙ ආසිඤ්චිත්වා මන්ථෙන ආවිඤ්ජෙය්ය, භබ්බො නොනීතස්ස අධිගමාය. තං කිස්ස හෙතු: යොනි හෙසා භූමිජ, නොනීතස්ස අධිගමාය. එවමෙව ඛො භූමිජ, යෙ හි කෙචි සමණා වා බ්රාහ්මණා වා සම්මාදිට්ඨිනො -පෙ- සම්මාසමාධිනො, තෙ ආසඤ්චෙපි කරිත්වා බ්රහ්මචරියං චරන්ති, භබ්බා ඵලස්ස අධිගමාය. අනාසඤ්චෙපි කරිත්වා -පෙ- ආසඤ්ච අනාසඤ්චෙපි කරිත්වා -පෙ- නෙවාසං නානාසඤ්චෙපි කරිත්වා බ්රහ්මචරියං චරන්ති, භබ්බා ඵලස්ස අධිගමාය. තං කිස්ස හෙතු: යොනි හෙසා භූමිජ, ඵලස්ස අධිගමාය.
Sinhala BJTභූමිජය, යම් පරිදි වෙඬරු කැමැති වෙඬරු ඉලියන වෙඬරු පිරියෙස්ලි කරන පුරුෂයෙක් කළයෙහි දිහි එවගෙන මතින් කලබන්නේ වේ ද, ආශා කොටත් කළයෙහි දිහි එවගෙන මතින් අලළන්නේ වේ ද, වෙඬරු ලබන්නට නිස්ස. ආනාශා කොටත් ... ආශා ද අනාශා ද කොටත් ... ආශා නො කොටත් අනාශා නො කොටත් කළයෙහි දිහි එවගෙන මතින් අලළන්නේ වේ ද, වෙඬරු ලබන්නට නිස්ස. එ කවර හෙයින යත්: භූමිජය, වෙඬරු ලබන්නට තෙල උපාය වෙයි, එහෙයිනි. භූමිජය, එපරිදි ම යම් කිසි මහණ කෙනෙක් වෙත්ව’ යි බමුණු කෙනෙක් වෙත්ව’යි සම්‍යග්දෘෂ්ටි ඇත්තාහු ... සම්‍යක්සමාධි ඇත්තාහු වෙත් ද, ඔහු ආශා කොටත් බ්‍රම්සර පුරත් නම්, ඵලාධිගමයට භව්‍ය වෙති. ආනාශා කොටත් ... ආශා ද අනාශා ද කොටත් ... ආශා නො කොටත් අනාශා නො කොටත් බ්‍රම්සර පුරත් නම්, ඵලාධිගමයට භව්‍ය වෙති, ඒ කවර හෙයින යත්: භූමිජය, තෙල ඵලාධිගමයට උපාය වෙයි, එහෙයිනි.
Pali BJTසෙය්යථාපි භූමිජ, පුරිසො අග්ගත්ථිකො අග්ගිගවෙසී අග්ගිපරියෙසනං චරමානො සුක්කං කට්ඨං කොළාපං උත්තරාරණිං ආදාය අභිමන්ථෙය්ය, භබ්බො අග්ගිස්ස අධිගමාය. ආසඤ්චෙපි කරිත්වා -පෙ- අනාසඤ්චෙපි කරිත්වා සුක්කං කට්ඨං කොළාපං උත්තරාරණිං ආදාය අභිමන්ථෙය්ය, භබ්බො අග්ගිස්ස අධිගමාය. ආසඤ්ච අනාසඤ්චෙපි කරිත්වා සුක්කං කට්ඨං කොළාපං උත්තරාරණිං ආදාය අභිමන්ථෙය්ය, භබ්බො අග්ගිස්ස අධිගමාය. නෙවාසං නානාසඤ්චෙපි කරිත්වා සුක්කං කට්ඨං කොළාපං උත්තරාරණිං ආදාය අභිමන්ථෙය්ය, භබ්බො අග්ගිස්ස අධිගමාය. තං කිස්ස හෙතු: යොනි හෙසා භූමිජ, අග්ගිස්ස අධිගමාය. එවමෙව ඛො භූමිජ, යෙ හි කෙචි සමණා වා බ්රාහ්මණා වා සම්මාදිට්ඨිනො -පෙ- සම්මාසමාධිනො, තෙ ආසඤ්චෙපි කරිත්වා බ්රහ්මචරියං චරන්ති, භබ්බා ඵලස්ස අධිගමාය. අනාසඤ්චෙපි කරිත්වා බ්රහ්මචරියං චරන්ති, භබ්බා ඵලස්ස අධිගමාය. ආසඤ්ච අනාසඤ්චෙපි කරිත්වා බ්රහ්මචරියං චරන්ති භබ්බා ඵලස්ස අධිගමාය. නෙවාසං නානාසඤ්චෙපි කරිත්වා බ්රහ්මචරියං චරන්ති, භබ්බා ඵලස්ස අධිගමාය. තං කිස්ස හෙතු: යොනි හෙසා භූමිජ, ඵලස්ස අධිගමාය.
Sinhala BJTභූමිජය, යම් පරිදි ගිනි කැමැති ගිනි සොයන අග්නිපර්‍ය්‍යෙෂණ කරන පුරුෂයෙක් කොළපු වූ ශුෂ්කකාෂ්ටයක් ගෙන උතුරුරිණි ගෙන මඩනේ නම්, ගිනි ලබන්නට නිස්ස. ආශා කොටත් ... ආනාශා කොටත් කොළපු වූ වියළි දඬක් ගෙන ගිනිගානා උතුරු දඬු ගෙන මඩනේ නම්, ගිනි ලබන්නට නිස්ස. ආශා ද අනාශා ද කොටත් කොළපු වූ වියළි කට ගෙන උතුරුරිණි ගෙන මඩනේ නම්, ගිනි ලබන්නට නිස්ස. ආශා නො කොටත් අනාශා නො කොටත් වියළි කට හා උතුරුරිණි ගෙන මඩනේ නම්, ගිනි ලබන්නට නිස්ස. එ කවර හෙයින යත්: භූමිජය, ගිනි ලබන්නට තෙල උපාය වෙයි, එහෙයිනි. භූමිජය, එපරිදි ම යම් කිසි මහණ කෙනෙක් වෙත්ව’ යි බමුණු කෙනෙක් වෙත්ව’යි සම්දිටු ඇත්තාහු ... සම්‍යක්සමාධි ඇත්තාහු වෙත් ද, ඔහු ආශා කොටත් බ්‍රම්සර පුරත් නම්, ඵලාධිගමයට නිස්සහ. ආනාශා කොටත් බඹසර සෙරෙත් නම් ඵලාධිගමයට නිස්සහ. ආශා ද අනාශා ද කොටත් බඹසර සෙරෙත් නම් ඵලාධිගමයට නිස්සහ. ආශා නො කොටත් අනාශා නො කොටත් බඹසර සෙරෙත් නම් ඵලාධිගමයට නිස්සහ. ඒ කවර හෙයින යත්: භූමිජය, ඵලාධිගමයට තෙල උපාය වෙයි, එහෙයිනි.
Pali BJTසචෙ ඛො තං භූමිජ,{1} ජයසෙනස්ස රාජකුමාරස්ස ඉමා චතස්සො උපමා පටිභායෙය්යුං, අනච්ඡරියං තෙ ජයසෙනො රාජකුමාරො පසීදෙය්ය, පසන්නො ච තෙ පසන්නාකාරං කරෙය්යාති.
Sinhala BJTභූමිජය, ඉදින් ජයසෙන් කුමර හට මේ සතර උපමාවෝ වැටහුණාහු නම්, “ජයසෙන් කුමර තොපට පහදනේ ය” යනු අසිරි නො වෙයි. “පහන් ව තොපට පහන් අයුරු කරන්නේ ය” යනුත් අසිරි නො වෙයි.
Pali BJTකුතො පන මං භන්තෙ, ජයසෙනස්ස රාජකුමාරස්ස ඉමා චතස්සො උපමා පටිභායිස්සන්ති. අනච්ඡරියා පුබ්බෙ අස්සුතපුබ්බා, සෙය්යථාපි භගවන්තන්ති.
Sinhala BJTවහන්ස, ජයසෙන් කුමරහු පිළිබඳ කොට මේ සතර උපමාවෝ මා ලකුණු කොට එළිවෙත් ද ඔහු නැවත නැවත අසිරියට නිසියහ. පූර්‍වයෙහි නො ඇසූ විරූහ. භාග්‍යවතුන් වහන්සේට එළිදරව් වූවා සෙයිනැ’යි.
Pali BJTඉදමවොච භගවා. අත්තමනො ආයස්මා භූමිජො භගවතො භාසිතං අභිනන්දීති.
Sinhala BJTභාග්‍යවතුන් වහන්සේ තෙල සූත්‍රය වදාළ සේක. සතුටු සිත් ඇති ආයුෂ්මත් භූමිජ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය අභිමුඛ ව සතුටින් පිළිගත්හ.
Pali BJTභූමිජසුත්තං ඡට්ඨං.
Sinhala BJTසවැනි භූමිජ සූත්‍ර යි.
Pali BJT3. 3. 7.
Sinhala BJT3. 3. 7.
Pali BJTඅනුරුද්ධ සුත්තං
Sinhala BJTඅනුරුද්ධ සූත්‍රය
Pali BJTඑවං මෙ සුතං : එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. අථ ඛො පඤ්චකඞ්ගො ථපති අඤ්ඤතරං පුරිසං ආමන්තෙසි : ‘එහි ත්වං අම්භො පුරිස, යෙනායස්මා අනුරුද්ධො තෙනුපසඞ්කම. උපසඞ්කමිත්වා මම වචනෙන ආයස්මතො අනුරුද්ධස්ස පාදෙ සිරසා වන්දාහි. පඤ්චකඞ්ගො භන්තෙ, ථපති ආයස්මතො අනුරුද්ධස්ස පාදෙ සිරසා වන්දතී’ති. එවඤ්ච වදෙහි : අධිවාසෙතු කිර භන්තෙ, ආයස්මා අනුරුද්ධො පඤ්චකඞ්ගස්ස ථපතිස්ස ස්වාතනාය අත්තචතුත්ථො භත්තං, යෙන ච කිර භන්තෙ, ආයස්මා අනුරුද්ධො පගෙවතරං ආගච්ඡෙය්ය, පඤ්චකඞ්ගො භන්තෙ, ථපති බහුකිච්චො බහුකරණීයො රාජකරණීයෙනා’ති.
Sinhala BJTමා විසින් මෙසේ අසන ලද: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් අනේපිඬුසිටුහුගේ අරම්හි වැඩවසන සේක. එකල්හි පඤ්චකඞ්ග නම් වඩුදෙටුවාණෝ එක්තරා පුරුෂයකු ඇමතූහ: “එම්බා පුරුෂය, තෙපි එව, ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවන් කරා එළැඹ මාගේ බසින් ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවන්ගේ පාදයන් හිසින් වඳුව, ‘වහන්ස, පඤ්චකඞ්ග ථපති ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවන්ගේ පාදයන් හිසින් වඳීයයි. මෙසේත් කියව: “වහන්ස, ආයුෂ්මත් අනුරුද්ධස්ථවිරයන් වහන්සේ පඤ්චකඞ්ග ථපතිහුගේ සෙට දින බත තමා සතරවනු ව ඉවසන සේක්වා, වහන්ස, පඤ්චකඞ්ග ථපති බොහෝ කිස ඇතියෙක, රාජකරණීයයෙන් බොහෝ කරණී ඇතියෙක, වහන්ස, එයින් අනුරුද්ධස්ථවිරයන් වහන්සේ ඉතා අලුයම වඩනා සේක්වා” යි.
Pali BJTඑවං භන්තෙති ඛො සො පුරිසො පඤ්චකඞ්ගස්ස ථපතිස්ස පටිස්සුත්වා යෙනායස්මා අනුරුද්ධො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා ආයස්මන්තං අනුරුද්ධං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො සො පුරිසො ආයස්මන්තං අනුරුද්ධං එතදවොච : ‘පඤ්චකඞ්ගො භන්තෙ, ථපති ආයස්මතො අනුරුද්ධස්ස පාදෙ සිරසා වන්දති. එවං ච වදෙති : ‘අධිවාසෙතු කිර භන්තෙ, ආයස්මා අනුරුද්ධො පඤ්චකඞ්ගස්ස ථපතිස්ස ස්වාතනාය අත්තචතුත්ථො භත්තං. යෙන ච කිර භන්තෙ, ආයස්මා අනුරුද්ධො පගෙවතරං ආගච්ඡෙය්ය. පඤ්චකඞ්ගො භන්තෙ, ථපති බහුකිච්චො බහුකරණීයො රාජකරණීයෙනා’ති. අධිවාසෙසි ඛො ආයස්මා අනුරුද්ධො තුණ්හීභාවෙන. අථ ඛො ආයස්මා අනුරුද්ධො තස්සා රත්තියා අච්චයෙන පුබ්බන්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය යෙන පඤ්චකඞ්ගස්ස ථපතිස්ස නිවෙසනං තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා පඤ්ඤත්තෙ ආසනෙ නිසීදි. අථ ඛො පඤ්චකඞ්ගො ථපති ආයස්මන්තං අනුරුද්ධං පණීතෙන ඛාදනීයෙන භොජනීයෙන සහත්ථා සන්තප්පෙසි සම්පවාරෙසි. අථ ඛො පඤ්චකඞ්ගො ථපති ආයස්මන්තං අනුරුද්ධං භුත්තාවිං ඔනීතපත්තපාණිං අඤ්ඤතරං නීචං ආසනං ගහෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො පඤ්චකඞ්ගො ථපති ආයස්මන්තං අනුරුද්ධං එතදවොච :
Sinhala BJT‘එසේ යැ වහන්සැ’ යි එපුරිස් පඤ්චකඞ්ග ථපති හට පිළිවදන් දී, ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවන් කරා එළැඹියේය. එළැඹ ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවන් සකසා වැඳ එකත්පස් වැ හින. එකත්පස් වැ හුන් එපුරිස් ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවනට තෙල සැලකෙළේ: ‘වහන්ස, පඤ්චකඞ්ග ථපති ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවන්ගේ පා හිසින් වඳී, මෙසේත් සැලකෙරෙයි: ‘වහන්ස, ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවෝ පඤ්චකඞ්ග ථපතිහුගේ සෙට බත ආත්මචතුර්‍ත්‍ථ ව ඉවසන සේක්වා. වහන්ස, පඤ්චකඞ්ග ථපති බොහෝ කිස ඇතියෙක, රාජකරණීයයෙන් බොහෝ කරණී ඇතියෙක. වහන්ස, එයින් ආයුෂ්මත් අනුරුද්ධස්ථවිරයන් වහන්සේ ඉතා අලුයම වඩනේ මැනැව”යි. ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවෝ තුෂ්ණීම්භාවයෙන් ඉවසූහු. ඉක්බිති ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවෝ රෑ ගෙවීමෙන් පෙරවරු හැඳ පෙරෙව පාසිවුරු ගෙන පඤ්චකඞ්ග ථපතිහුගේ නිවෙස්න කරා වැඩියෝ, වැඩැ පැන්වූ අස්නෙහි හුන්හු. එසඳ පඤ්චකඞ්ග ථපති ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවන් ප්‍රණීත ඛාද්‍යභෝජ්‍යයෙන් සියතින් සැතැපී. මොනොවට පැවරී. ඉක්බිති පඤ්චකඞ්ග ථපති වළඳා නිමවූ පාත්‍රයෙන් ඉවත් කළ අත් ඇති ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවන් වෙත් අන්‍යතර නිවාසනයක් ගෙන එකත්පස් වැ හින, එකත්පස් වැ හුන් පඤ්චකඞ්ග ථපති ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවනට තෙල සැලකළේ.
Pali BJTඉධ මං භන්තෙ{1} ථෙරා භික්ඛූ උපසඞ්කමිත්වා එවමාහංසු : ‘අප්පමාණං ගහපති, චෙතොවිමුත්තිං භාවෙහී’ති. එකච්චෙ ථෙරා එවමාහංසු : ‘මහග්ගතං ගහපති, චෙතොවිමුත්තිං භාවෙහී’ති. යා චායං භන්තෙ, අප්පමාණා චෙතොවිමුත්ති, යා ච මහග්ගතා චෙතොවිමුත්ති, ඉමෙ ධම්මා නානත්ථා චෙව නානාබ්යඤ්ජනා ච? උදාහු එකත්ථා බ්යඤ්ජනමෙව නානන්ති?
Sinhala BJT“වහන්ස, ස්ථවිර භික්‍ෂූහු මා කරා එළැඹ මෙසේ කීහ: ‘ගැහැවියෙනි, අප්‍රමාණ චේතෝවිමුක්ති වඩව’ යි. කිසි තෙර කෙනෙක් මෙසේ කීහ: ‘ගැහැවිය, මහද්ගත චේතෝවිමුක්ති වඩව’ යි. වහන්ස, අප්‍රමාණ චේතෝවිමුක්තියෙක් ඇද්ද, යම් මහද්ගතචේතෝවිමුක්තියෙක් ඇද්ද, මේ දහම්හු නානාර්‍ත්‍ථත් වෙත් ද, නානාව්‍යඤ්ජනත් වෙත් ද, නොහොත් ඒකාර්‍ත්‍ථ වෙත් ද, ව්‍යඤ්ජනමාත්‍රය මැ වෙනස් වේ දැ”යි.
Pali BJTතෙන හි ගහපති, තඤ්ඤෙවෙත්ථ පටිභාතු අපන්නකං තෙ ඉතො භවිස්සතීති.
Sinhala BJTගැහැවිය, එකරුණෙන් මෙහි ලා තොපට මැ වැටහේවා, මෙයින් තොපට අවිරාධිත බවෙක් වෙයි.
Pali BJTමය්හං ඛො භන්තෙ, එවං හොති. යා චායං අප්පමාණා චෙතොවිමුත්ති යා ච මහග්ගතා චෙතොවිමුත්ති, ඉමෙ ධම්මා එකත්ථා බ්යඤ්ජනමෙව නානන්ති.
Sinhala BJTවහන්ස, මට මෙසේ සිත් වෙයි: යම් අප්‍රමාණචේතෝවිමුක්තියක් හා යම් මහද්ගතචෙතොවිමුක්තියක් හා ඇද්ද, මේ දහම්හු ඒකාර්‍ත්‍ථයහ ව්‍යඤ්ජනමාත්‍රය මැ වෙන වෙන යැ කියා යි.
Pali BJTයා චායං ගහපති, අප්පමාණා චෙතොවිමුත්ති, යා ච මහග්ගතා චෙතොවිමුත්ති, ඉමෙ ධම්මා නානත්ථා චෙව නානාබ්යඤ්ජනා ච. තදමිනාපෙතං ගහපති, පරියායෙන වෙදිතබ්බං, යථා ඉමෙ ධම්මා නානත්ථා චෙව නානාබ්යඤ්ජනා ච.
Sinhala BJTගැහැවිය, යම් අප්‍රමාණචේතෝවිමුක්තියක් හා යම් මහද්ගතචෙතොවිමුක්තියක් හා ඇද්ද, මේ දහම්හු නානාර්‍ත්‍ථ ද වෙති, නානාව්‍යඤ්ජන ද වෙත්. යම් පරිදි මේ දහම්හු නානාර්‍ත්‍ථත් නානාව්‍යඤ්ජනත් වෙත් ද, ගැහැවිය, මේ ක්‍රමයෙනුදු තෙල දන්නේ මැනැව.
Pali BJTකතමා ච ගහපති, අප්පමාණා චෙතොවිමුත්ති? ඉධ ගහපති භික්ඛු මෙත්තාසහගතෙන චෙතසා එකං දිසං ඵරිත්වා විහරති. තථා දුතියං තථා තතියං තථා චතුත්ථිං. ඉති උද්ධමධො තිරියං සබ්බධි සබ්බත්තතාය සබ්බාවන්තං ලොකං මෙත්තාසහගතෙන චෙතසා විපුලෙන මහග්ගතෙන අප්පමාණෙන අවෙරෙන අබ්යාබජ්ඣෙන ඵරිත්වා විහරති. කරුණාසහගතෙන චෙතසා ..... පෙ..... මුදිතාසහගතෙන චෙතසා ..... පෙ..... උපෙක්ඛාසහගතෙන චෙතසා එකං දිසං ඵරිත්වා විහරති. තථා දුතියං ..... පෙ..... විහරති. අයං වුච්චති ගහපති අප්පමාණා චෙතොවිමුත්ති.
Sinhala BJTගැහැවිය, යම් අප්‍රමාණචේතෝවිමුක්ති නම් කවර: ගැහැවිය, මේ සස්නෙහි මහණ මෙත් සහගිය සිතින් එක් දිගක් පතුරුවා වාස කෙරෙයි. දෙවන දිග එපරිදි ම ය, තෙවන දිග එපරිදි මය, සතරවන දිග එපරිදි මැ යි. මෙ සැටියෙන් උඩ ය, යට යැ, සරස යැ, යි හැම තැන සර්‍වාත්මතායෙන් සියලු සතුන් ඇති ලෝකය විපුල මහද්ගත අප්‍රමාණ අවෛර අව්‍යාබාධ වූ මෛත්‍රීසහගත සිතින් පැතිරැගෙන වාස කෙරෙයි. කරුණාසහගත සිතින් ... මෘදුතාසහගත සිතින් ... උපේක්‍ෂාසහගත සිතින් එක් දිගක් පැතිරැගෙන වාස කෙරෙයි. දෙවන දිග ද එසේ යැ ... වාස කෙරෙයි. ගැහැවිය, මේ අප්‍රමාණචෙතොවිමුක්ති වෙයි.
Pali BJTකතමා ච ගහපති මහග්ගතා චෙතොවිමුත්ති? ඉධ ගහපති භික්ඛු යාවතා එකං රුක්ඛමූලං මහග්ගතන්ති ඵරිත්වා අධිමුච්චිත්වා විහරති. අයං වුච්චති ගහපති, මහග්ගතා චෙතොවිමුත්ති. ඉධ පන ගහපති භික්ඛු යාවතා ද්වෙ වා තීණි වා රුක්ඛමූලානි මහග්ගතන්ති ඵරිත්වා අධිමුච්චිත්වා විහරති. අයම්පි වුච්චති ගහපති මහග්ගතා චෙතොවිමුත්ති. ඉධ පන ගහපති, භික්ඛු යාවතා එකං ගාමක්ඛෙත්තං මහග්ගතන්ති ඵරිත්වා අධිමුච්චිත්වා විහරති. අයම්පි වුච්චති ගහපති, මහග්ගතා චෙතොවිමුත්ති. ඉධ පන ගහපති, භික්ඛු යාවතා ද්වෙ වා තීණි වා ගාමක්ඛෙත්තානි ඵරිත්වා අධිමුච්චිත්වා විහරති. අයම්පි වුච්චති ගහපති, මහග්ගතා චෙතොවිමුත්ති. ඉධ පන ගහපති, භික්ඛු යාවතා එකං මහාරජ්ජං මහග්ගතන්ති ඵරිත්වා අධිමුච්චිත්වා විහරති. අයම්පි වුච්චති ගහපති, මහග්ගතා චෙතොවිමුත්ති. ඉධ පන ගහපති, භික්ඛු යාවතා ද්වෙ වා තීණි වා මහාරජ්ජානි මහග්ගතන්ති ඵරිත්වා අධිමුච්චිත්වා විහරති, අයම්පි වුච්චති ගහපති, මහග්ගතා චෙතොවිමුත්ති. ඉධ පන ගහපති භික්ඛු යාවතා සමුද්දපරියන්තං පඨවිං මහග්ගතන්ති ඵරිත්වා අධිමුච්චිත්වා විහරති. අයම්පි වුච්චති ගහපති, මහග්ගතා චෙතොවිමුත්ති. ඉමිනා ඛො එතං ගහපති පරියායෙන වෙදිතබ්බං යථා ඉමෙ ධම්මා නානත්ථා චෙව නානාබ්යඤ්ජනා ච.
Sinhala BJTගැහැවිය, මහද්ගතචේතෝවිමුක්ති කවර: ගැහැවිය, මෙ සස්නෙහි මහණ එක් රුක් මුලක් පමණ තැන මහද්ගත යයි පතුරුවා නිශ්චය කොට වාස කෙරෙයි. ගැහැවිය, මේ මහද්ගතචේතෝවිමුක්ති යයි කියනු ලැබේ. ගැහැවිය, මෙ සස්නෙහි මහණ රුක්මුල් දෙකක් හෝ තුනක් හෝ පමණ තැන මහද්ගත යයි පතුරුවා නිශ්චය කොට වාස කෙරෙයි. ගැහැවිය, මේ මහද්ගතචේතෝවිමුක්ති යයි කියනු ලැබේ. ගැහැවිය, මෙ සස්නෙහි මහණ එක් ගම්කෙතක් පමණ තැන මහද්ගත යයි පතුරුවා නිශ්චය කොට වාස කෙරෙයි. ගැහැවිය, මේ මහද්ගතචේතෝවිමුක්ති යයි කියනු ලැබේ. ගැහැවිය, මෙ සස්නෙහි මහණ ගම්කෙත් දෙකක් හෝ තුනක් හෝ පමණ තැන මහද්ගත යයි පතුරුවා නිශ්චය කොට වාස කෙරෙයි. ගැහැවිය, මේ මහද්ගතචේතෝවිමුක්ති යයි කියනු ලැබේ. ගැහැවිය, මෙ සස්නෙහි මහණ එක් මහාරාජ්‍යයක් පමණ තැන් මහද්ගත යයි පතුරුවා නිශ්චය කොට වාස කෙරෙයි. ගැහැවිය, මේ මහද්ගතචේතෝවිමුක්ති යයි කියනු ලැබේ. ගැහැවිය, මෙ සස්නෙහි මහණ මහාරාජ්‍ය දෙකක් හෝ තුනක් හෝ පමණ තැන් මහද්ගත යයි අරමුණු කොට නිශ්චය කොට වාස කෙරෙයි. ගැහැවිය, මෙ ද මහද්ගතචේතෝවිමුක්ති යයි කියනු ලැබේ. ගැහැවිය, මෙ සස්නෙහි මහණ සමුද්‍ර පර්‍ය්‍යන්ත පෘථුවිය පමණ තැන් මහත්ගත යයි අරමුණු කොට නිශ්චය කොට ගෙන වාසය කෙරෙයි. ගැහැවිය, මෙ ද මහද්ගතචේතෝවිමුක්ති යයි කියනු ලැබේ. ගැහැවිය, යම් පරිදි මේ දහම්හු නානාර්‍ත්‍ථත් වෙත් ද නානාව්‍යඤ්ජනත් වෙත් ද, තෙල මෙ කරුණිනුදු දතයුතු වේ.
Pali BJTචතස්සො ඛො ඉමා ගහපති, භවූපපත්තියො. කතමා චතස්සො? ඉධ ගහපති එකච්චො පරිත්තාභාති ඵරිත්වා අධිමුච්චිත්වා විහරති. සො කායස්ස භෙදා පරම්මරණා පරිත්තාභානං දෙවානං සහව්යතං උපපජ්ජති. ඉධ පන ගහපති, එකච්චො අප්පමාණාභාති ඵරිත්වා අධිමුච්චිත්වා විහරති. සො කායස්ස භෙදා පරම්මරණා අප්පමාණාභානං දෙවානං සහව්යතං උපපජ්ජති. ඉධ පන ගහපති, එකච්චො සංකිලිට්ඨාභාති ඵරිත්වා අධිමුච්චිත්වා විහරති. සො කායස්ස භෙදා පරම්මරණා සංකිලිට්ඨාභානං දෙවානං සහව්යතං උපපජ්ජති. ඉධ පන ගහපති, එකච්චො පරිසුද්ධාභාති ඵරිත්වා අධිමුච්චිත්වා විහරති. සො කායස්ස භෙදා පරම්මරණා පරිසුද්ධාභානං දෙවානං සහව්යතං උපපජ්ජති. ඉමා ඛො ගහපති, චතස්සො භවූපපත්තියො.
Sinhala BJTගැහැවිය, මේ භවෝත්පත්තීහු සතරදෙනෙකි: කවර සතරදෙනෙක යත්: ගැහැවිය, මෙ සස්නෙහි කිසි මහණෙක් ‘පරිත්තාභ’ යයි අරමුණු කොට, නිශ්චය කොට වෙසෙයි. හේ කාබුන් මරණින් මතුයෙහි පරිත්තාභ දෙවියන්ගේ සහභාවයට පැමිණෙයි. ගැහැවිය, මෙ සස්නෙහි කිසි මහණෙක් ‘අප්පමාණාභ’ යයි අරමුණු කොට, අධිමෝක්‍ෂ කොටගෙන වෙසෙයි. හේ කාබුන් මරණින් මතුයෙහි අප්පමාණාභ දෙවියන්ගේ සහභාවයට පැමිණෙයි. ගැහැවිය, මෙ සස්නෙහි කිසි මහණෙක් ‘සංකිලිට්ඨාභ’ යයි අරමුණු කොට, අධිමෝක්‍ෂ වශයෙන් බැසගෙන වෙසෙයි. හේ කාබුන් මරණින් මතුයෙහි සංකිලිට්ඨාභ දෙවියන්ගේ සහභාවයට පැමිණෙයි. ගැහැවිය, මෙ සස්නෙහි කිසි මහණෙක් ‘පරිසුද්ධාභ’ යයි අරමුණු කොට, අධිමෝක්‍ෂ වශයෙන් නිශ්චය කොටගෙන වෙසෙයි. හේ කාබුන් මරණින් මතුයෙහි පරිසුද්ධාභ දෙවියන්ගේ සහභාවයට පැමිණෙයි. ගැහැවිය, මේ සතර භවෝත්පත්තීහු යි.
Pali BJTහොති ඛො සො ගහපති, සමයො, යා තා දෙවතා එකජ්ඣං සන්නිපතන්ති. තාසං එකජ්ඣං සන්නිපතිතානං වණ්ණනානත්තං හි ඛො පඤ්ඤායති. නො ච ආභානානත්තං. සෙය්යථාපි ගහපති, පුරිසො සම්බහුලානි තෙලප්පදීපානි එකං ඝරං පවෙසෙය්ය, තෙසං එකං ඝරං පවෙසිතානං අච්චිනානත්තං හි ඛො පඤ්ඤායෙථ නො ච ආභානානත්තං. එවමෙව ඛො, ගහපති, හොති ඛො සො සමයො, යා තා දෙවතා එකජ්ඣං සන්නිපතන්ති, තාසං එකජ්ඣං සන්නිපතිතානං වණ්ණනානත්තං හි ඛො පඤ්ඤායති. නො ච ආභානානත්තං. හොති ඛො සො ගහපති සමයො, යා තා දෙවතා තතො විපක්කමන්ති, තාසං තතො විපක්කමන්තීනං වණ්ණනානත්තං චෙව පඤ්ඤායති, ආභානානත්තඤ්ච. සෙය්යථාපි ගහපති, පුරිසො තානි සම්බහුලානි තෙලප්පදීපානි තම්හා ඝරා නීහරෙය්ය තෙසං තතො නීහරන්තානං අච්චිනානත්තං චෙව පඤ්ඤායෙථ ආභානානත්තඤ්ච. එවමෙව ඛො ගහපති, හොති ඛො සො සමයො, යා තා දෙවතා තතො විපක්කමන්ති. තාසං තතො විපක්කමන්තීනං වණ්ණනානත්තං චෙව පඤ්ඤායති ආභානානත්තඤ්ච. න ඛො ගහපති, තාසං දෙවතානං එවං හොති : ඉදං අම්හාකං නිච්චන්ති වා ධුවන්ති වා සස්සතන්ති වා. අපි ච යත්ථ යත්ථෙව තා දෙවතා අධිවසන්ති{1} තත්ථ තත්ථෙව තා දෙවතා අභිරමන්ති. සෙය්යථාපි ගහපති, මක්ඛිකානං කාජෙන වා පිටකෙන වා හරීයමානානං න එවං හොති : ඉදං අම්හාකං නිච්චන්ති වා ධුවන්ති වා සස්සතන්ති වා, අපි ච යත්ථ යත්ථෙව තා මක්ඛිකා අභිනිවිසන්ති, තත්ථ තත්ථෙව තා මක්ඛිකා අභිරමන්ති. එවමෙව ඛො ගහපති, තාසං දෙවතානං න එවං හොති : ඉදං අම්හාකං නිච්චන්ති වා ධුවන්ති වා සස්සතන්ති වා, අපි ච යත්ථ යත්ථෙව තා දෙවතා අධිවසන්ති, තත්ථ තත්ථෙව තා දෙවතා අභිරමන්තීති.
Sinhala BJTගැහැවිය, යම් කලෙක ඒ දෙවියෝ එක්රැස් වෙත් ද, එබඳු කලෙක් වෙයි. එක්රැස් වූ ඒ දෙවියන්ගේ වර්‍ණනානාත්‍වය මැ පැනෙයි, අලෝකනානාත්‍වයෙක් නො ද පැනෙයි. යම්සේ ගැහැවිය, පුරුෂයෙක් බොහෝ තෙල්පහන් එක් ගෙයකට ප්‍රවේශ කරන්නේ නම්, ඒ එක් ගෙයකට ප්‍රවේශ කළ ප්‍රදීපයන්ගේ ගිනිසිළු වෙනස මැ පැනෙයි, අලෝකනානාත්‍වයෙක් නො ද පැනෙයි. එසෙයින් මැ ගැහැවිය, ඒ දෙවියෝ යම් කලෙක එක්රැස් වෙත් ද, එබඳු කලෙක් වෙයි. එක්රැස් වූ ඒ දෙවියන්ගේ වර්‍ණනානාත්‍වය මැ පැනෙයි, අලෝකනානාත්‍වයෙක් නො ද පැනේ. ගැහැවිය, යම් කලෙක ඒ දෙවියෝ එතැනින් නික්මයෙත් ද, එබඳු කලෙක් වෙයි. එයින් නික්මයන ඒ දෙවියන්ගේ ශරීරවර්‍ණයාගේ නානාත්‍වය ද ආලෝකයෙහි නානාත්‍වය ද පැනෙයි. යම් පරිදි ගැහැවිය, පුරුෂයෙක් ඒ බොහෝ වූ තෙල් පහන් එ ගෙයින් බැහැර කරන්නේ නම්, එයින් බැහැර කරන ඒ ප්‍රදීපයන්ගේ සිළුනානාත්‍වයක් ආලෝකයෙහි නානාත්‍වයත් පැනෙයි. එපරිදි ම ගැහැවිය, යම් කලෙක ඒ දෙවියෝ එතැනින් නික්මයෙත් ද, එබඳු කලෙක් වෙයි. ඉන් නික්මයන ඒ දෙවියන්ගේ ශරීරවර්‍ණනානාත්‍වය ද ආලෝකයෙහි නානාත්‍වය ද පැනේ. ගැහැවිය, ඒ දෙවියනට මෙබඳු සිතෙක් නො මැ වෙයි: ‘මේ අපට නිත්‍ය යැයි හෝ ධ්‍රැව යැයි හෝ ශාශ්වත හෝ වේ යැ’යි කියා යි. තවද ඒ දෙවියෝ උයන් විමන් කප්රුක් ඈ යම් යම් තැනෙක්හි මැ වෙසෙත් ද, ඒ ඒ තැන්හි ඒ දෙවියෝ රමණය කෙරෙත්. ගැහැවිය, යම් පරිදි කදෙකින් හෝ පැසෙකින් හෝ ගෙනයනු ලබන මැස්සනට, “මේ අපගේ නිත්‍ය ස්ථාන යයි හෝ ධ්‍රැවස්ථාන යයි හෝ ශාශ්වතස්ථාන” යයි හෝ මෙබඳු සිත් නො වන්නේ වේ ද, වැලිත් යම් යම් තැනෙක ඒ මැස්සෝ වැදගනිත් ද, ඒ ඒ තැන්හි මැ ඒ මැස්සෝ රමණය කෙරෙත් ද, ගැහැවිය, එපරිදි ම ඒ දෙවියනට “මේ අප ගේ නිත්‍යස්ථාන යයි හෝ ධ්‍රැවස්ථාන යයි හෝ ශාශ්වතස්ථාන” යයි හෝ මෙබඳු සිත් නො වේ. වැලිත් යම් යම් තැනෙක්හි මැ ඒ දෙවියෝ වෙසෙත් ද, ඒ ඒ තැන්හි මැ ඒ දෙවියෝ රමණය කෙරෙත්.
Pali BJTඑවං වුත්තෙ ආයස්මා සභියො කච්චානො ආයස්මන්තං අනුරුද්ධං එතදවොච : සාධු භන්තෙ අනුරුද්ධ, අත්ථි ච මෙ එත්ථ උත්තරිං පටිපුච්ඡිතබ්බං. යා තා භන්තෙ, දෙවතා ආභා, සබ්බා තා පරිත්තාභා? උදාහු සන්තෙත්ථ එකච්චා දෙවතා අප්පමාණාභාති?
Sinhala BJTමෙසේ කී කල ආයුෂ්මත් සභිය කච්චායන තෙර ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවනට තෙල සැලකෙළේ: “වහන්ස, අනුරුද්ධයෙනි, මැනැව, මෙහි ලා මා විසින් මතුයෙහි පිළිවිසියැ යුතු දැයෙක් ඇත්තේ ද වෙයි. වහන්ස, යම් ආභ දෙවි කෙනෙක් ඇද්ද, එ හැම දෙවියෝ පරිත්තාභ වෙත් ද, නොහොත් අප්පමාණභ වූ කිසි දෙවි කෙනෙක් ඇද්ද?
Pali BJTතදඞ්ගෙන ඛො ආවුසො කච්චාන, සන්ති පන එත්ථ{2} එකච්චා දෙවතා පරිත්තාභා, සන්ති පනෙත්ථෙකච්චා දෙවතා අප්පමාණාභාති.
Sinhala BJTඇවැත් කාත්‍යායනයෙනි, ඒ භාවොප්පත්ති කාරණයෙන් මෙහි පරිත්තාභ වූ කිසි දෙවි කෙනෙක් ඇත. මෙහි අප්පමාණාභ වූ කිසි දෙවි කෙනෙක් ද ඇත.
Pali BJTකො නු ඛො භන්තෙ අනුරුද්ධ, හෙතු, කො පච්චයො, යෙන තාසං දෙවතානං එකං දෙවනිකායං උපපන්නානං සන්තෙත්ථෙකච්චා දෙවතා පරිත්තාභා? සන්ති පනෙත්ථෙකච්චා දෙවතා අප්පමාණාභාති?
Sinhala BJTවහන්ස, අනුරුද්ධයෙනි, යම් හෙයකින් එක් මැ දේවනිකායට වැදගෙන සිටුනා ඒ දෙවියන් අතුරින් මෙහි ලා පරිත්තාභ වූ කිසි දෙවි කෙනෙක් ඇද්ද, මෙහි ලා අප්පමාණාභ වූ කිසි දෙවි කෙනෙක් ඇද්ද, එයට කවර හේතු යැ? කවර ප්‍රත්‍යය යැ?