Majjhima Nikāya

Middle-Length Discourses

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 5101-5200 න් 6395

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTතග්ඝ තෙ එතං ආනන්ද, සුස්සුතං සුග්ගහීතං{3} සුමනසිකතං සූපධාරිතං. පුබ්බෙපාහං{4} ආනන්ද, එතරහි පි{5} සුඤ්ඤතාවිහාරෙන බහුලං විහරාමි. සෙය්යථාපි ආනන්ද, අයං මිගාරමාතුපාසාදො සුඤ්ඤො හත්ථිගවස්සවළවෙන, සුඤ්ඤො ජාතරූපරජතෙන, සුඤ්ඤො ඉත්ථිපුරිසසන්නිපාතෙන, අත්ථි චෙවිදං අසුඤ්ඤතං යදිදං භික්ඛුසඞ්ඝං පටිච්ච එකත්තං. එවමෙව ඛො ආනන්ද, භික්ඛු අමනසිකරිත්වා ගාමසඤ්ඤං, අමනසිකරිත්වා මනුස්සසඤ්ඤං, අරඤ්ඤසඤ්ඤං පටිච්ච මනසි කරොති එකත්තං. තස්ස අරඤ්ඤසඤ්ඤාය චිත්තං පක්ඛන්දති පසීදති සන්තිට්ඨති අධිමුච්චති{6}. සො එවං පජානාති: ‘යෙ අස්සු දරථා ගාමසඤ්ඤං පටිච්ච, තෙධ න සන්ති. යෙ අස්සු දරථා මනුස්සසඤ්ඤං පටිච්ච, තෙධ න සන්ති. අත්ථි චෙවායං දරථමත්තා යදිදං අරඤ්ඤසඤ්ඤං පටිච්ච එකත්තන්ති. සො සුඤ්ඤමිදං සඤ්ඤාගතං ගාමසඤ්ඤායාති පජානාති. සුඤ්ඤමිදං සඤ්ඤාගතං මනුස්සසඤ්ඤායාති පජානාති. අත්ථි චෙවිදං අසුඤ්ඤතං යදිදං අරඤ්ඤසඤ්ඤං පටිච්ච එකත්තන්ති. ඉති යං හි ඛො තත්ථ න හොති, තෙන තං සුඤ්ඤං සමනුපස්සති. යං පන තත්ථ අවසිට්ඨං හොති තං සන්තමිදං අත්ථීති පජානාති. එවම්පිස්ස එසා ආනන්ද, යථාභුච්චා අවිපල්ලත්ථා පරිසුද්ධා සුඤ්ඤතාවක්කන්ති භවති.
Sinhala BJTආනන්‍දය, ඒකාන්තයෙන් තොපගේ තෙල ඇසීම සුශ්‍රැත වෙයි, සුගෘහිත වෙයි, මනා කොට මෙනෙහි කරන ලද වෙයි, මොනොවට විමසන ලද වෙයි. ආනන්‍දය, මම පළමුවත් දැනුත් ශුන්‍යතවිහරණයෙන් බහුල කොට වෙසෙමි. ආනන්‍දය, යම් පරිදි මේ මුවරමා පැහැය ඇත් ගව අස් වෙළඹුන් ගෙන් ශුන්‍ය වේ ද, රන්රිදියෙන් ශුන්‍ය වේ ද, ස්ත්‍රීපුරුෂ සන්නිපාතයෙන් ශුන්‍ය වේ ද, (එතෙකුදු වුව) මේ අශුන්‍යතායෙක් ද ඇත. කිමෙක යත්: බික්සඟුන් නිසා වන ඒකත්‍වය යි. ආනන්‍දය, එපරිදි ම මහණ ග්‍රාමසංඥා මෙනෙහි නො කොට මනුෂ්‍යසංඥා මෙනෙහි නො කොට අරණ්‍යසංඥා පිණිස ඒකත්‍වයක් මෙනෙහි කෙරේ ද, ඒ මහණහුගේ අරණ්‍යසංඥායෙහි සිත දිවෙයි, පහදියි, මොනොවට සිටී, බැස ගනී. ඒ මහණ මෙසේ නුවණින් දන්නේ ය. ග්‍රාමසංඥා නිසා යම් දරථ කෙනෙක් ඇද්ද, ඔහු මෙහි නැත. මනුෂ්‍යසංඥා නිසා යම් දරථ කෙනෙක් ඇද්ද, ඔහු මෙහි නැත. (එතෙකුදු වුව) මේ දරථමාත්‍රයෙක් ඇත, කිමෙක යත්: අරණ්‍යසංඥා නිසා වන ඒකත්‍වය යි. ඒ මහණ ග්‍රාමසංඥාව පිළිබඳ මේ සංඥාගතය ශුන්‍ය යයි නුවණින් දන්නේය. මනුෂ්‍යසංඥා පිළිබඳ මේ සංඥාගතය ශුන්‍ය යයි නුවණින් දන්නේය. (එතෙකුදු වුව) අශුන්‍යතායෙක් ද ඇත, කිමෙක යත්: අරණ්‍යසංඥා නිසා වන ඒකත්‍වය යි (කියා ද දන්නේ ය). මෙසේ එහි යමෙක් නැද්ද, එයින් ඒ ශුන්‍ය යයි මොනොවට නුවණින් දනී. යමෙක් එහි ඉතිරි වේ ද, විද්‍යමාන වන එය ඒ මේ අශුන්‍යතාව ඇතැ’ යි නුවණින් දන්නේ ය. ආනන්‍දය, මෙසෙයිනුදු ඒ මහණ හට තෙල යථාභූතවූ අවිපර්‍ය්‍යස්ත වූ පරිශුද්ධ වූ ශුන්‍යතාවක්‍රාන්තියෙක් වෙයි.
Pali BJTපුන චපරං ආනන්ද, භික්ඛු අමනසිකරිත්වා මනුස්සසඤ්ඤං, අමනසිකරිත්වා අරඤ්ඤසඤ්ඤං, පථවීසඤ්ඤං පටිච්ච මනසි කරොති එකත්තං. තස්ස පඨවීසඤ්ඤාය චිත්තං පක්ඛන්දති පසීදති සන්තිට්ඨති අධිමුච්චති. සෙය්යථාපි ආනන්ද, ආසභචම්මං{1} සඞ්කුසතෙන සුවිහතං විගතවලිකං එවමෙව ඛො ආනන්ද, භික්ඛු යං ඉමිස්සා පඨවියා උක්කූලවිකූලං{2} නදීවිදුග්ගං ඛාණුකණ්ටකධානං{3} පබ්බතවිසමං, තං සබ්බං අමනසිකරිත්වා පඨවිසඤ්ඤං පටිච්ච මනසිකරොති එකත්තං. තස්ස පඨවිසඤ්ඤාය චිත්තං පක්ඛන්දති පසීදති සන්තිට්ඨති අධිමුච්චති. සො එවං පජානාති: ‘යෙ අස්සු දරථා මනුස්සසඤ්ඤං පටිච්ච, තෙධ න සන්ති. යෙ අස්සු දරථා අරඤ්ඤසඤ්ඤං පටිච්ච, තෙධ න සන්ති. අත්ථි චෙවායං දරථමත්තා යදිදං පඨවිසඤ්ඤං පටිච්ච එකත්තන්ති. සො සුඤ්ඤමිදං සඤ්ඤාගතං මනුස්සසඤ්ඤායාති පජානාති. සුඤ්ඤමිදං සඤ්ඤාගතං අරඤ්ඤසඤ්ඤායාති පජානාති. අත්ථි චෙවිදං අසුඤ්ඤතං යදිදං පඨවීසඤ්ඤං පටිච්ච එකත්තන්ති. ඉති යං හි ඛො තත්ථ න හොති. තෙන තං සුඤ්ඤං සමනුපස්සති. යං පන තත්ථ අවසිට්ඨං හොති. තං සන්තමිදං අත්ථීති පජානාති. එවම්පිස්ස එසා ආනන්ද, යථාභුච්චා අවිපල්ලත්ථා පරිසුද්ධා සුඤ්ඤතාවක්කන්ති භවති.
Sinhala BJTතවද ආනන්‍දය, මහණ මනුෂ්‍යසංඥා සිත්හි නො කොට, අරණ්‍යසංඥා සිත්හි නො කොට, පෘථිවිසංඥා පිණිස ඒකත්‍වය සිත්හි කෙරෙයි. ඔහුට පෘථිවිසංඥායෙහි සිත අවතරණ කෙරෙයි. පහදී, මොනොවට පිහිටයි, නිශ්චයට බැසගනී. ආනන්‍දය, යම් පරිදි ගෙරි සමෙක් සියක්තුලින් මොනවට හිදුවන ලද්දේ පහවගිය රැළි ඇත්තේ වේ ද, ආනන්‍දය, එපරිදි ම මහණ මේ පොළොවෙහි යම් උස්පහත් තැන් ඇද්ද, නදීන් හා දුර්‍ගමස්ථාන ඇද්ද, කණුකටු තැන් ඇද්ද, පර්‍වතයෙන් විෂම වූ තැන් ඇද්ද, එ හැම සිත්හි නො කොට පෘථිවිසංඥා නිසා ඒකත්‍වය මෙනෙහි කෙරේ ද, ඔහුට පෘථිවිසංඥායෙහි සිත බසී, පහදී, මොනොවට පිහිටයි, නිශ්චය කොට ගනී. ඒ මහණ මෙසේ නුවණින් දනී: මනුෂ්‍යසංඥා නිසා යම් දරථ කෙනෙක් ඇද්ද ඔහු මෙහි නැත. අරණ්‍යසංඥා නිසා යම් දරථ කෙනෙක් ඇද්ද, ඔහු මෙහි නැත. වැලිත් මේ දරථමාත්‍රයෙක් ඇත. කිමෙක යත්: පෘථිවිසංඥා නිසා වන ඒකත්‍වයයි කියා යි. හේ මනුෂ්‍යසංඥා පිළිබඳ මේ සංඥාගතය ශුන්‍ය යයි නුවණින් දනී, අරණ්‍යසංඥා පිළිබඳ මේ සංඥාගතය ශුන්‍ය යයි දනී, (එහෙත්) මේ අශුන්‍යතායෙක් ද ඇත. කිමෙක යත්: පෘථිවිසංඥා නිසා වන ඒකත්‍වයයි කියාත් දනී. මෙසේ එහි යමෙක් නැද්ද එයින් ඒ ශුන්‍ය යයි නුවණින් දකී, එහි යමෙක් ඉතිරි වැ ඇද්ද, විද්‍යමාන වූ එය ඇතැ’ යි නුවණින් දනී. මෙසෙයිනුදු ආනන්‍දය, ඔහුට යථාභූත වූ අවිපර්‍ය්‍යස්ත වූ පරිශුද්ධ වූ තෙල ශුන්‍යතාවක්‍රාන්තිය වෙයි.
Pali BJTපුන චපරං ආනන්ද, භික්ඛු අමනසිකරිත්වා අරඤ්ඤසඤ්ඤං, අමනසිකරිත්වා පථවීසඤ්ඤං, ආකාසානඤ්චායතනසඤ්ඤං පටිච්ච මනසිකරොති එකත්තං. තස්ස ආකාසානඤ්චායතනසඤ්ඤාය චිත්තං පක්ඛන්දති පසීදති සන්තිට්ඨති අධිමුච්චති. සො එවං පජානාති: ‘යෙ අස්සු දරථා අරඤ්ඤසඤ්ඤං පටිච්ච, තෙධ න සන්ති. යෙ අස්සු දරථා පඨවීසඤ්ඤං පටිච්ච, තෙධ න සන්ති. අත්ථි චෙවායං දරථමත්තා යදිදං ආකාසානඤ්චායතනසඤ්ඤං පටිච්ච එකත්ත’න්ති. සො සුඤ්ඤමිදං සඤ්ඤාගතං අරඤ්ඤ සඤ්ඤායාති පජානාති. සුඤ්ඤමිදං සඤ්ඤාගතං පඨවීසඤ්ඤායාති පජානාති. අත්ථි චෙවිදං අසුඤ්ඤතං යදිදං ආකාසානඤ්චායතනසඤ්ඤං පටිච්ච එකත්තන්ති. ඉති යං හි ඛො තත්ථ න හොති. තෙන තං සුඤ්ඤං සමනුපස්සති. යං පන තත්ථ අවසිට්ඨං හොති, තං සන්තමිදං අත්ථීති පජානාති. එවම්පිස්ස එසා ආනන්ද, යථාභුච්චා අවිපල්ලත්ථා පරිසුද්ධා සුඤ්ඤතාවක්කන්ති භවති.
Sinhala BJTතවද ආනන්‍දය, මහණ අරණසංඥා මෙනෙහි නො කොට, පෘථිවිසංඥා මෙනෙහි නො කොට, ආකාසානඤ්චායතනසංඥා නිසා වන ඒකභාවය මෙනෙහි කෙරෙයි. ආකාසානඤ්චායතනසංඥා පිණිස ඔහුගේ සිත බසී, පහදී, මොනොවට පිහිටයි, නිශ්චය කොට ගනී, හේ මෙසේ නුවණින් දනී: අරණ්‍යසංඥා නිසා යම් දරථ කෙනෙක් ඇද්ද, ඔහු මෙහි නැත. පෘථිවිසංඥා නිසා යම් දරථ කෙනෙක් ඇද්ද, ඔහු මෙහි නැත. (එහෙත්) මේ දරථමාත්‍රයෙක් ඇත. කිමෙක යත්: ආකාසානඤ්චායතනසංඥා නිසා වන ඒකත්‍වය කියායි. හේ අරණසංඥා පිළිබඳ මේ සංඥාගතය ශුන්‍ය යයි නුවණින් දනී. පෘථිවිසංඥා පිළිබඳ මේ සංඥාගතය ශුන්‍ය යයි නුවණින් දනී. එහෙත් මේ අශුන්‍යතායෙක් ද ඇත. කිමෙක යත්: ආකාසානඤ්චායතනසංඥා නිසා වන ඒකත්‍වය කියාද දනී. මෙසේ එහි යමෙක් නැද්ද, එයින් ඒ ශුන්‍ය යයි නුවණින් දකී, එහි යමෙක් ඉතිරි වැ ඇද්ද, විද්‍යමාන වූ එය ඇති’ යි නුවණින් දනී. ආනන්‍දය, මෙසෙයිනුදු ඒ මහණහට යථාභූත වූ අවිපර්‍ය්‍යස්ත වූ පරිශුද්ධ වූ තෙල ශුන්‍යතාවක්‍රාන්තිය වෙයි.
Pali BJTපුන චපරං ආනන්ද, භික්ඛු අමනසිකරිත්වා පඨවීසඤ්ඤං, අමනසිකරිත්වා ආකාසානඤ්චායතනසඤ්ඤං, විඤ්ඤාණඤ්චායතනසඤ්ඤං පටිච්ච මනසිකරොති එකත්තං. තස්ස විඤ්ඤාණඤ්චායතනසඤ්ඤාය චිත්තං පක්ඛන්දති පසීදති සන්තිට්ඨති අධිමුච්චති. සො එවං පජානාති: ‘යෙ අස්සු දරථා පඨවිසඤ්ඤං පටිච්ච, තෙධ න සන්ති. යෙ අස්සු දරථා ආකාසානඤ්චායතනසඤ්ඤං පටිච්ච, තෙධ න සන්ති. අත්ථි චෙවායං දරථමත්තා යදිදං විඤ්ඤාණඤ්චායතනසඤ්ඤං පටිච්ච එකත්ත’න්ති. සො සුඤ්ඤමිදං සඤ්ඤාගතං පඨවීසඤ්ඤායාති පජානාති. සුඤ්ඤමිදං සඤ්ඤාගතං ආකාසානඤ්චායතනසඤ්ඤායාති පජානාති. අත්ථි චෙවිදං අසුඤ්ඤතං යදිදං විඤ්ඤාණඤ්චායතනසඤ්ඤං පටිච්ච එකත්තන්ති. ඉති යං හි ඛො තත්ථ න හොති. තෙන තං සුඤ්ඤං සමනුපස්සති. යං පන තත්ථ අවසිට්ඨං හොති. තං සන්තමිදං අත්ථීති පජානාති. එවම්පිස්ස එසා ආනන්ද, යථාභුච්චා අවිපල්ලත්ථා පරිසුද්ධා සුඤ්ඤතාවක්කන්ති භවති.
Sinhala BJTතවද ආනන්‍දය, මහණ පෘථිවිසංඥා මෙනෙහි නො කොට, ආකාසානඤ්චායතනසංඥා මෙනෙහි නො කොට, විඤ්ඤාණඤ්චායතනසංඥා නිසා වන ඒකභාවය මෙනෙහි කෙරෙයි. විඤ්ඤාණඤ්චායතනසංඥායෙහි ඔහුගේ සිත බසී, පහදී, මොනොවට පිහිටයි, නිශ්චයට යෙයි. හේ මෙසේ නුවණින් දනී: ‘පෘථිවිසංඥා නිසා යම් දරථ කෙනෙක් ඇද්ද ඔහු මෙහි නැත. ආකාසානඤ්චායතනසංඥා නිසා යම් දරථ කෙනෙක් ඇද්ද, ඔහු මෙහි නැත. විඤ්ඤාණඤ්චායතනසංඥා නිසා වන යම් ඒකීභාවයෙක් වේ ද, මේ දරථ මාත්‍රා මතුයෙක් ඇත කියා යි. හේ පෘථිවිසංඥා පිළිබඳ මේ සංඥාගතය ශුන්‍ය යයි නුවණින් දනී. ආකාසානඤ්චායතනසංඥා පිළිබඳ මේ සංඥාගතය ශුන්‍ය යයි දනී. විඤ්ඤාණඤ්චායතනසංඥා නිසා එකඟභාවයෙක් වේ ද, මේ අශුන්‍යතා ඇති’ යි දනී. මෙසේ එහි යමෙක් නැද්ද, එයින් ඒ ශුන්‍ය යයි නුවණින් දකී, එහි යමෙක් ඉතිරි වැ ඇද්ද, විද්‍යමාන වූ එය ඇති’ යි නුවණින් දනී. ආනන්‍දය, මෙසෙයිනුදු ඒ මහණහට යථාභූත වූ අවිපර්‍ය්‍යස්ත වූ පරිශුද්ධ වූ තෙල ශුන්‍යතාවක්‍රාන්තිය වෙයි.
Pali BJTපුන චපරං ආනන්ද, භික්ඛු අමනසිකරිත්වා ආකාසානඤ්චායතනසඤ්ඤං, අමනසිකරිත්වා විඤ්ඤාණඤ්චායතනසඤ්ඤං, ආකිඤ්චඤ්ඤායතනසඤ්ඤං පටිච්ච මනසි කරොති එකත්තං. තස්ස ආකිඤ්චඤ්ඤායතනසඤ්ඤාය චිත්තං පක්ඛන්දති පසීදති සන්තිට්ඨති අධිමුච්චති. සො එවං පජානාති: ‘යෙ අස්සු දරථා ආකාසානඤ්චායතනසඤ්ඤං පටිච්ච, තෙධ න සන්ති. යෙ අස්සු දරථා විඤ්ඤාණඤ්චායතනසඤ්ඤං පටිච්ච, තෙධ න සන්ති. අත්ථි චෙවායං දරථමත්තා, යදිදං ආකිඤ්චඤ්ඤායතනසඤ්ඤං පටිච්ච එකත්ත’න්ති. සො සුඤ්ඤමිදං සඤ්ඤාගතං ආකාසානඤ්චායතනසඤ්ඤායාති පජානාති. සුඤ්ඤමිදං සඤ්ඤාගතං විඤ්ඤාණඤ්චායතනසඤ්ඤායාති පජානාති. අත්ථි චෙවිදං අසුඤ්ඤතං යදිදං ආකිඤ්චඤ්ඤායතනසඤ්ඤං පටිච්ච එකත්තන්ති. ඉති යං හි ඛො තත්ථ න හොති. තෙන තං සුඤ්ඤං සමනුපස්සති. යං පන තත්ථ අවසිට්ඨං හොති. තං සන්තමිදං අත්ථීති පජානාති. එවම්පිස්ස එසා ආනන්ද, යථාභුච්චා අවිපල්ලත්ථා පරිසුද්ධා සුඤ්ඤතාවක්කන්ති භවති.
Sinhala BJTතවද ආනන්‍දය, මහණ ආකාසානඤ්චායතනසංඥා සිත්හි නො කොට, විඤ්ඤාණඤ්චායතනසංඥා සිත්හි නො කොට, ආකිඤ්චඤ්ඤායතනසංඥා නිසා වන ඒකභාවය මෙනෙහි කෙරෙයි. ඔහුගේ සිත ආකිඤ්චඤ්ඤායතනසංඥායෙහි බසී, පහදියි, මොනොවට පිහිටයි, නිශ්චයට යෙයි. හේ මෙසේ නුවණින් දනී: ‘ආකාසානඤ්චායතන සංඥාව නිසා යම් දරථ කෙනෙක් ඇද්ද, ඔහු මෙහි නැත. විඤ්ඤාණඤ්චායතනසංඥාව නිසා යම් දරථ කෙනෙක් ඇද්ද, ඔහු මෙහි නැත. එහෙත් මේ දරථ මාත්‍රායෙක් ඇත. කිමෙක යත්: ආකිඤ්චඤ්ඤායතනසංඥා නිසා වන ඒකභාවය යි කියා යි. හේ ආකාසානඤ්චායතනසංඥා පිළිබඳ ශුන්‍ය යයි නුවණින් දනී. විඤ්ඤාණඤ්චායතනසංඥාව පිළිබඳ මේ සංඥාගතය ශුන්‍ය යයි නුවණින් දනී. (එතෙකුදු වුව) මේ අසුඤ්ඤතායෙක් ද ඇත. කිමෙක යත්: ආකිඤ්චඤ්ඤායතනසංඥා නිසා වන ඒකත්‍වය වෙතී නුවණින් දනී. මෙසේ එහි යමෙක් නැද්ද, එය ශුන්‍ය යයි නුවණින් දකී, යමෙක් එහි ඉතිරි වැ ඇද්ද, විද්‍යමාන වූ එය ඇති’ යි නුවණින් දනී. ආනන්‍දය, මෙසෙයිනුදු ඒ මහණහට යථාභූත වූ අවිපර්‍ය්‍යස්ත වූ පරිශුද්ධ වූ තෙල ශුන්‍යතාවක්‍රාන්තිය වෙයි.
Pali BJTපුන චපරං ආනන්ද භික්ඛු අමනසිකරිත්වා විඤ්ඤාණඤ්චායතනසඤ්ඤං, අමනසිකරිත්වා, ආකිඤ්චඤ්ඤායතනසඤ්ඤං, නෙවසඤ්ඤානාසඤ්ඤායතනසඤ්ඤං පටිච්ච මනසි කරොති එකත්තං. තස්ස නෙවසඤ්ඤානාසඤ්ඤායතනසඤ්ඤාය චිත්තං පක්ඛන්දති පසීදති සන්තිට්ඨති අධිමුච්චති. සො එවං පජානාති: ‘යෙ අස්සු දරථා විඤ්ඤාණඤ්චායතනසඤ්ඤං පටිච්ච, තෙධ න සන්ති. යෙ අස්සු දරථා ආකිඤ්චඤ්ඤායතනසඤ්ඤං පටිච්ච, තෙධ න සන්ති. අත්ථි චෙවායං දරථමත්තා, යදිදං නෙවසඤ්ඤානාසඤ්ඤායතනසඤ්ඤං පටිච්ච එකත්ත’න්ති. සො සුඤ්ඤමිදං සඤ්ඤාගතං විඤ්ඤාණඤ්චායතනසඤ්ඤායාති පජානාති. සුඤ්ඤමිදං සඤ්ඤාගතං ආකිඤ්චඤ්ඤායතනසඤ්ඤායාති පජානාති. අත්ථි චෙවිදං අසුඤ්ඤතං යදිදං නෙවසඤ්ඤානාසඤ්ඤායතනසඤ්ඤං පටිච්ච එකත්තන්ති. ඉති යං හි ඛො තත්ථ න හොති. තෙන තං සුඤ්ඤං සමනුපස්සති. යං පන තත්ථ අවසිට්ඨං හොති. තං සන්තමිදං අත්ථීති පජානාති. එවම්පිස්ස එසා ආනන්ද, යථාභුච්චා අවිපල්ලත්ථා පරිසුද්ධා සුඤ්ඤතාවක්කන්ති භවති.
Sinhala BJTතවද ආනන්‍දය, මහණ විඤ්ඤාණඤ්චායතනසංඥා මෙනෙහි නො කොට, ආකිඤ්චඤ්ඤායතනසංඥා මෙනෙහි නො කොට, නේවසඤ්ඤානාසඤ්ඤායතන සංඥා නිසා ඒකත්‍වය මෙනෙහි කෙරෙයි. ඔහුගේ සිත නේවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි බැසගෙන සිටී, පහදියි, මොනොවට පිහිටයි, නිශ්චයට යෙයි. හේ මෙසේ නුවණින් දනී: ‘විඤ්ඤාණඤ්චායතන සංඥා නිසා යම් දරථ කෙනෙක් ඇද්ද, ඔහු මෙහි නැත. ආකිඤ්චඤ්ඤායතනසංඥාව නිසා යම් දරථ කෙනෙක් ඇද්ද, ඔහු මෙහි නැත. වැලිත් මේ දරථ මාත්‍රායෙක් ද ඇත. කිමෙක යත්: නේවසඤ්ඤානාසඤ්ඤායතනසංඥා නිසා වන ඒකත්‍වය වෙති’ යි දනී, හේ විඤ්ඤාණඤ්චායතන සංඥාව පිළිබඳ මේ සංඥාගතය ශුන්‍ය යයි නුවණින් දනී. ආකිඤ්චඤ්ඤායතනසංඥාව පිළිබඳ මේ සංඥාගතය ශුන්‍ය යයි දනී. වැලිත් මේ අශුන්‍යත්‍වයෙක් ද ඇත, කිමෙක යත්: නේවසඤ්ඤානාසඤ්ඤායතනය පිළිබඳ ඒකත්‍වය වෙති’යි දනී. මෙසේ එහි යමෙක් නැද්ද, එයින් ඒ ශුන්‍ය යයි නුවණින් දකී. යමෙක් එහි ඉතිරි වැ ඇද්ද, විද්‍යමාන වූ එය ඇති’ යි නුවණින් දනී. ආනන්‍දය, මෙසෙයිනුදු ඒ මහණ හට යථාභූත වූ අවිපර්‍ය්‍යස්ත වූ පරිශුද්ධ වූ තෙල ශුන්‍යතාවක්‍රාන්තිය වෙයි.
Pali BJTපුන චපරං ආනන්ද, භික්ඛු අමනසිකරිත්වා ආකිඤ්චඤ්ඤායතනසඤ්ඤං, අමනසිකරිත්වා නෙවසඤ්ඤානාසඤ්ඤායතනසඤ්ඤං, අනිමිත්තං චෙතොසමාධිං පටිච්ච මනසිකරොති එකත්තං. තස්ස අනිමිත්තෙ චෙතොසමාධිම්හි චිත්තං පක්ඛන්දති පසීදති සන්තිට්ඨති අධිමුච්චති. සො එවං පජානාති: යෙ අස්සු දරථා ආකිඤ්චඤ්ඤායතනසඤ්ඤං පටිච්ච, තෙධ න සන්ති. ‘යෙ අස්සු දරථා නෙවසඤ්ඤානාසඤ්ඤායතනසඤ්ඤං පටිච්ච, තෙධ න සන්ති. අත්ථි චෙවායං දරථමත්තා යදිදං ඉමමෙව කායං පටිච්ච සළායතනිකං ජීවිතපච්චයා’ති. සො සුඤ්ඤමිදං සඤ්ඤාගතං ආකිඤ්චඤ්ඤායතනසඤ්ඤායාති පජානාති. සුඤ්ඤමිදං සඤ්ඤාගතං නෙවසඤ්ඤානාසඤ්ඤායතනසඤ්ඤායාති පජානාති. අත්ථි චෙවිදං අසුඤ්ඤතං යදිදං ඉමමෙව කායං පටිච්ච සළායතනිකං ජීවිතපච්චයාති. ඉති යං හි ඛො තත්ථ න හොති. තෙන තං සුඤ්ඤං සමනුපස්සති. යං පන තත්ථ අවසිට්ඨං හොති. තං සන්තමිදං අත්ථීති පජානාති. එවම්පිස්ස එසා ආනන්ද, යථාභුච්චා අවිපල්ලත්ථා පරිසුද්ධා සුඤ්ඤතාවක්කන්ති භවති.
Sinhala BJTතවද ආනන්‍දය, මහණ ආකිඤ්චඤ්ඤායතනසංඥා මෙනෙහි නො කොට, නේවසඤ්ඤානාසඤ්ඤායතනසංඥා මෙනෙහි නො කොට, අනිමිත්තචේතෝසමාධිය (විදර්‍ශනාචිත්ත ස්මධිය) නිසා ඒකභාවය මෙනෙහි කෙරෙයි. ඔහුගේ සිත අනිමිත්තචේතෝසමාධියයෙහි බැසගෙන සිටී, පහදියි, මොනොවට පිහිටයි, නිශ්චයට යෙයි. හේ මෙසේ නුවණින් දනියි: ‘ආකිඤ්චඤ්ඤායතනසංඥා නිසා යම් දරථ කෙනෙක් ඇද්ද, ඔහු මෙහි නැත. නේවසඤ්ඤානාසඤ්ඤායතනසංඥා නිසා යම් දරථ කෙනෙක් ඇද්ද, ඔහු මෙහි නැත. වැලිත් මේ දරථමාත්‍රායෙක් ද ඇත. කිමෙක යත්: ‘මේ කය ම නිසා යම් ෂඩායතනප්‍රතිසංයුක්ත වූ ජීවිතයට ප්‍රත්‍යය වූ ප්‍රවෘත්ත දරථමාත්‍රයෙක් ඇති’ යි දනී. හේ ආකිඤ්චඤ්ඤායතනසංඥා පිළිබඳ මේ සංඥාගතය ශුන්‍ය යයි නුවණින් දනී. නේවසඤ්ඤානාසඤ්ඤායතනසංඥා පිළිබඳ සංඥාගතය ශුන්‍ය යයි නුවණින් දනී. වැලිත් මේ අශුන්‍යතායෙක් ද ඇත. කිමෙක යත්: මේ කය ම නිසා වූ ෂඩායතනප්‍රතිසංයුක්ත වූ ජීවිතප්‍රත්‍යය දරථමාත්‍රායෙක් ඇති’ යි දනී. මෙසේ යමෙක් එහි නැද්ද, එයින් එය ශුන්‍ය යයි නුවණින් දකී. යමෙක් එහි ඉතිරි වැ ඇද්ද, විද්‍යමාන වූ එය ඇති’ යි නුවණින් දනී. ආනන්‍දය, මෙසෙයිනුදු ඒ මහණ හට යථාභූත වූ අවිපර්‍ය්‍යස්ත වූ පරිශුද්ධ වූ තෙල ශුන්‍යතාවක්‍රාන්ති වෙයි.
Pali BJTපුන චපරං ආනන්ද, භික්ඛු අමනසිකරිත්වා ආකිඤ්චඤ්ඤායතනසඤ්ඤං, අමනසිකරිත්වා නෙවසඤ්ඤානාසඤ්ඤායතනසඤ්ඤං, අනිමිත්තං චෙතොසමාධිං පටිච්ච මනසි කරොති එකත්තං. තස්ස අනිමිත්තෙ චෙතොසමාධිම්හි චිත්තං පක්ඛන්දති පසීදති සන්තිට්ඨති අධිමුච්චති. සො එවං පජානාති: ‘අයම්පි ඛො අනිමිත්තො චෙතොසමාධි අභිසඞ්ඛතො ආභිසඤ්චෙතසිකො. යං ඛො පන කිඤ්චි අභිසඞ්ඛතං ආභිසඤ්චෙතසිකං, තදනිච්චං නිරොධධම්ම’න්ති පජානාති. තස්ස එවං ජානතො එවං පස්සතො කාමාසවාපි චිත්තං විමුච්චති. භවාසවාපි චිත්තං විමුච්චති. අවිජ්ජාසවාපි චිත්තං විමුච්චති. විමුත්තස්මිං විමුත්තමිති ඤාණං හොති. ඛීණා ජාති, වුසිතං බ්රහ්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්ථත්තායාති පජානාති. සො එවං පජානාති: ‘යෙ අස්සු දරථා කාමාසවං පටිච්ච, තෙධ න සන්ති. යෙ අස්සු දරථා භවාසවං පටිච්ච තෙධ න සන්ති. යෙ අස්සු දරථා අවිජ්ජාසවං පටිච්ච, තෙධ න සන්ති. අත්ථි චෙවායං දරථමත්තා, යදිදං ඉමමෙව කායං පටිච්ච සළායතනිකං ජීවිතපච්චයා’ති. සො සුඤ්ඤමිදං සඤ්ඤාගතං කාමාසවෙනාති පජානාති. සුඤ්ඤමිදං සඤ්ඤාගතං භවාසවෙනාති පජානාති. සුඤ්ඤමිදං සඤ්ඤාගතං අවිජ්ජාසවෙනාති පජානාති. අත්ථි චෙවිදං අසුඤ්ඤතං යදිදං ඉමමෙව කායං පටිච්ච සළායතනිකං ජීවිතපච්චයාති. ඉති යං හි ඛො තත්ථ න හොති. තෙන තං සුඤ්ඤං සමනුපස්සති. යං පන තත්ථ අවසිට්ඨං හොති, තං සන්තමිදං අත්ථීති පජානාති. එවමස්ස එසා ආනන්ද, යථාභුච්චා අවිපල්ලත්ථා පරිසුද්ධා පරමානුත්තරා සුඤ්ඤතාවක්කන්ති භවති.
Sinhala BJTතවද ආනන්‍දය, මහණ ආකිඤ්චඤ්ඤායතසංඥා මෙනෙහි නො කොට, නේවසඤ්ඤානාසඤ්ඤායතනසංඥා මෙනෙහි නො කොට, අනිමිත්තචේතෝසමාධිය සඳහා ඒකත්‍වයක් මෙනෙහි කෙරෙයි. ඔහුගේ සිත අනිමිත්තචේතොසමාධියයෙහි බසී, පහදී, මොනොවට පිහිටයි, නිශ්චයට යෙයි. හේ මෙසේ නුවණින් දනියි: ‘අනිමිත්තචේතෝසමාධිය ද අභිසංස්කෘත ය, ආභිසංචේතසික ය, යම් කිසිවක් අභිසංස්කෘතත්, ආභිසංචේතසිකත් වේ නම් ඒ අනිත්‍ය ය, නිරොධස්භාව ඇති’ යි නුවණින් දනී. මෙසේ දන්නා මෙසේ දක්නා ඔහුගේ සිත කාමාස්‍රවයන් කෙරෙනුදු වෙසෙසින් මිදෙයි, භවාස්‍රවයෙන් කෙරෙනුදු සිත මිදෙයි, අවිද්‍යාස්‍රවයන් කෙරෙනුදු සිත මිදෙයි. විමුක්ත වත් මැ විමුක්ත යැ යන ඥානය වෙයි. ජාතිය ක්‍ෂීණ ය, බ්‍රහ්මචර්‍ය්‍යය වැස නිමවන ලද, කරණී කරන ලද, මේ අර්‍හත්‍වය පිණිස මතුයෙහි කිසිදු නැති’ යි නුවණින් දනී. හේ මෙසේ නුවණින් දනී: කාමාස්‍රව නිසා යම් දරථ කෙනෙක් ඇද්ද, ඔහු මේ ආර්‍ය්‍යමාර්‍ග-ඵලයෙහි නැත. භවාස්‍රව නිසා යම් දරථ කෙනෙක් ඇද්ද, ඔහු මේ ආර්‍ය්‍යමාර්‍ග-ඵලයෙහි නැත. අවිද්‍යාස්‍රව නිසා යම් දරථ කෙනෙක් ඇද්ද, ඔහු මේ ආර්‍ය්‍යමාර්‍ග-ඵලයෙහි නැත. වැලිත් මේ දරථමාත්‍රයෙක් ද ඇති. කිමෙක යත්: මේ කය ම නිසා ෂඩායතනසම්ප්‍රයුක්ත ජීවිතප්‍රත්‍යය වූ දරථමාත්‍ර යයි දනී. හේ කාමාස්‍රවයෙන් මේ සංඥාගතය ශුන්‍ය යයි දනී. භවාස්‍රවයෙන් මේ සංඥාගතය ශුන්‍ය යයි දනී. අවිද්‍යාස්‍රවයෙන් මේ සංඥාගතය ශුන්‍ය යයි දනී. වැලිත් මේ අශුන්‍යතායෙක් ද ඇති. කිමෙක යත්: ‘මේ කය ම නිසා ෂඩායතනප්‍රතිසංයුක්ත වූ ජීවිතප්‍රත්‍යය වූ දරථමාත්‍ර සංඛ්‍යාත අශුන්‍යතා යයි දනී. මෙසේ එහි යමෙක් නැද්ද, එයින් ඒ ශුන්‍ය යයි නුවණින් දකී. එහි යමෙක් ඉතිරි වැ ඇද්ද, විද්‍යමාන වූ එය ඇති’ යි දනී. ආනන්‍දය, මෙසේ ඒ මහණ හට යථාභූත වූ අවිපර්‍ය්‍යස්ත වූ නිරුපක්ලේශ වූ තෙල පරමානුත්තර ශුන්‍යතාවක්‍රාන්ති වේ.
Pali BJTයෙපි හි කෙචි ආනන්ද, අතීතමද්ධානං සමණා වා බ්රාහ්මණා වා පරිසුද්ධං පරමානුත්තරං සුඤ්ඤතං උපසම්පජ්ජ විහරිංසු. සබ්බෙ තෙ ඉමං යෙව පරිසුද්ධං පරමානුත්තරං සුඤ්ඤතං උපසම්පජ්ජ විහරිංසු. යෙපි හි කෙචි ආනන්ද, අනාගතමද්ධානං සමණා වා බ්රාහ්මණා වා පරිසුද්ධං පරමානුත්තරං සුඤ්ඤතං උපසම්පජ්ජ විහරිස්සන්ති. සබ්බෙ තෙ ඉමංයෙව පරිසුද්ධං පරමානුත්තරං සුඤ්ඤතං උපසම්පජ්ජ විහරිස්සන්ති. යෙපි හි කෙචි ආනන්ද, එතරහි සමණා වා බ්රාහ්මණා වා පරිසුද්ධං පරමානුත්තරං සුඤ්ඤතං උපසම්පජ්ජ විහරන්ති. සබ්බෙ තෙ ඉමංයෙව පරිසුද්ධං පරමානුත්තරං සුඤ්ඤතං උපසම්පජ්ජ විහරන්ති. තස්මාතිහ ආනන්ද, පරිසුද්ධං පරමානුත්තරං සුඤ්ඤතං උපසම්පජ්ජ විහරිස්සාමාති. එවං හි වො ආනන්ද, සික්ඛිතබ්බන්ති.
Sinhala BJTආනන්‍දය, අතීත කාලයෙහි යම් මැ ශ්‍රමණ කෙනෙක් හෝ බ්‍රාහ්මණ කෙනෙක් හෝ නිරුපක්ලේශ පරමානුත්තර ශුන්‍යතාඵලසමාපත්තියට පැමිණ විසූහු ද, ඒ හැම මහණ බමුණෝ පරිශුද්ධ පරමානුත්තර මේ ශුන්‍යතාවට ම පැමිණ විසූහු. ආනන්‍දය, අනාගත කාලයෙහි යම් මැ ශ්‍රමණ හෝ බ්‍රාහ්මණ කෙනෙක් වෙත් ද, ඔහු පරමානුත්තර පරිශුද්ධ ශුන්‍යතාව උපයා වාස කෙරෙත් ද, එ හැම පරිශුද්ධ පරමානුත්තර මේ ශුන්‍යතාව ම උපයා ගෙන වෙසෙත්. ආනන්‍දය, දැන් යම් මැ ශ්‍රමණ හෝ බ්‍රාහ්මණ කෙනෙක් පරිශුද්ධ පරමානුත්තර ශුන්‍යතාවට පැමිණ වෙසෙත් ද, එ හැම පරිශුද්ධ පරමානුත්තර මේ ශුන්‍යතාවට මැ පැමිණ වෙසෙති. ආනන්‍දය, එහෙයින් පරිශුද්ධ පරමානුත්තර ශුන්‍යතාව උපයාගෙන වසම්හ’ යි ආනන්‍දය, මෙසේ තොප හික්මෙන්නේ ය.
Pali BJTඉදමවොච භගවා. අත්තමනො ආයස්මා ආනන්දො භගවතො භාසිතං අභිනන්දීති.
Sinhala BJTභාග්‍යවතුන් වහන්සේ මේ වදාළ සේක. සතුටු සිත් ඇති ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ බුදුවදන් සතුටින් පිළිගත්හ.
Pali BJTචූළසුඤ්ඤතසුත්තං පඨමං.
Sinhala BJTපළමුවැනි චූළසුඤ්ඤත සූත්‍ර යි.
Pali BJT3. 3. 2.
Sinhala BJT3. 3. 2.
Pali BJTමහාසුඤ්ඤත සුත්තං
Sinhala BJTමහාසුඤ්ඤත සූත්‍රය
Pali BJTඑවං මෙ සුතං: එකං සමයං භගවා සක්කෙසු විහරති කපිලවත්ථුස්මිං නිග්රොධාරාමෙ. අථ ඛො භගවා පුබ්බණ්හසමයං නිවාසෙත්වා පත්තචීවරං ආදාය කපිලවත්ථුං පිණ්ඩාය පාවිසි. කපිලවත්ථුස්මිං පිණ්ඩාය චරිත්වා පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තො යෙන කාළඛෙමකස්ස සක්කස්ස විහාරො, තෙනුපසඞ්කමි දිවාවිහාරාය. තෙන ඛො පන සමයෙන කාළඛෙමකස්ස සක්කස්ස විහාරෙ සම්බහුලානි සෙනාසනානි පඤ්ඤත්තානි හොන්ති. අද්දසා ඛො භගවා කාළඛෙමකස්ස සක්කස්ස විහාරෙ සම්බහුලානි සෙනාසනානි පඤ්ඤත්තානි. දිස්වාන භගවතො එතදහොසි: සම්බහුලානි ඛො කාළඛෙමකස්ස සක්කස්ස විහාරෙ සෙනාසනානි පඤ්ඤත්තානි. සම්බහුලා නු ඛො ඉධ භික්ඛූ විහරන්තීති.
Sinhala BJTමා විසින් මෙසේ අසන ලද: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැහැජනවියෙහි කිඹුල්වත නිග්‍රෝධාරාමයෙහි වැඩ වසන සේක. එකල භාග්‍යවතුන් වහන්සේ වහන්සේ පෙරවරුයෙහි හැඳ පෙරව පාසිවුරු ගෙන කිඹුල්වතට පිඬු පිණිස වැඩි සේක. කිඹුල්වත්හි පිඬු පිණිස හැසිර පසුබත පිණ්ඩපාතයෙන් වැලැකි සේක් කාළඛේමක සැහැරජහුගේ විහාරය කරා දිවා විහරණය පිණිස වැඩියෝ. එසමයෙහි කාළඛේමක සැහැරජහුගේ වෙහෙර පනවන ලද බොහෝ සෙනසුන් ඇත. භාග්‍යවතුන් වහන්සේ කාළඛේමක සැහැරජහුගේ වෙහෙරෙහි පනවන ලද බොහෝ සෙනසුන් දුටු සේක. දැක භාග්‍යවතුන් වහන්සේට තෙල සිත් වී. කාළඛේමක සැහැරජහුගේ වෙහෙර පනවන ලද බොහෝ සෙනසුන් ඇත. මෙ වෙහෙර භික්‍ෂූහු සම්බහුල වශයෙන් වෙසෙත් ද හෝ යි.
Pali BJTතෙන ඛො පන සමයෙන ආයස්මා ආනන්දො සම්බහුලෙහි භික්ඛූහි සද්ධිං ඝටාය සක්කස්ස විහාරෙ චීවරකම්මං කරොති. අථ ඛො භගවා සායන්හසමයං පතිසල්ලානා වුට්ඨිතො, යෙන ඝටාය සක්කස්ස විහාරො තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා පඤ්ඤත්තෙ ආසනෙ නිසීදි. නිසජ්ජ ඛො භගවා ආයස්මන්තං ආනන්දං ආමන්තෙසි: සම්බහුලානි ඛො ආනන්ද, කාළඛෙමකස්ස සක්කස්ස විහාරෙ සෙනාසනානි පඤ්ඤත්තානි, සම්බහුලා නු ඛො එත්ථ භික්ඛූ විහරන්තීති.
Sinhala BJTඑසමයෙහි ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ බොහෝ භික්‍ෂූන් හා සමග ඝටාය නම් ශාක්‍යයන්ගේ විහාරයෙහි චීවරකර්‍ම කෙරෙති. එක්බිති භාග්‍යවතුන් වහන්සේ සවස්වේලෙහි පිළිසලණින් නැඟී සිටි සේක් ඝටාය නම් ශාක්‍යයන්ගේ විහාරය කරා වැඩි සේක. වැඩැ පැන්වූ අස්නෙහි හුන් සේක. භාග්‍යවතුන් වහන්සේ එහි වැඩ හිඳ ආයුෂ්මත් ආනන්‍ද තෙරුන් ඇමතූ සේක. “ආනන්‍දය, කාළඛේමක ශාක්‍යයන්ගේ විහාරයෙහි සම්බහුල සේනාසනයෝ පනවන ලද්දාහු වෙති. කිම් මෙහි සම්බහුල භික්‍ෂූහු වාස කෙරෙත් ද හෝ” යි, පුළුවුත්හ.
Pali BJTසම්බහුලානි භන්තෙ, කාළඛෙමකස්ස සක්කස්ස විහාරෙ සෙනාසනානි පඤ්ඤත්තානි, සම්බහුලා එත්ථ භික්ඛු විහරන්ති. චීවරකාරසමයො නො භන්තෙ, වත්තතීති.
Sinhala BJTවහන්ස, කාළඛේමක ශාක්‍යයන්ගේ විහාරයෙහි පැන්වූ බොහෝ සෙනසුන් ඇත. මෙහි බොහෝ භික්‍ෂූහු වාස කෙරෙති. වහන්ස, අපගේ චීවරකාර සමය පවත්නේ යයි පිළිවදන් දුන්හු.
Pali BJTන ඛො ආනන්ද, භික්ඛු සොභති සඞ්ගණිකාරාමො සඞ්ගණිකාරතො සඞ්ගණිකාරාමතං අනුයුත්තො ගණාරාමො ගණරතො ගණසම්මුදිතො. සො වතානන්ද, භික්ඛු සඞ්ගණිකාරාමො සඞ්ගණිකාරතො සඞ්ගණිකාරාමතං අනුයුත්තො ගණාරාමො ගණරතො ගණසම්මුදිතො, යං තං නෙක්ඛම්මසුඛං පවිවෙකසුඛං උපසමසුඛං සම්බොධසුඛං{1} තස්ස සුඛස්ස නිකාමලාභී භවිස්සති අකිච්ඡලාභී අකසිරලාභීති නෙතං ඨානං විජ්ජති. යො ච ඛො සො ආනන්ද, භික්ඛු එකො ගණස්මා වූපකට්ඨො විහරති. තස්සෙතං භික්ඛුනො පාටිකඞ්ඛං: යං තං නෙක්ඛම්මසුඛං පවිවෙකසුඛං උපසමසුඛං සම්බොධසුඛං{1} තස්ස සුඛස්ස නිකාමලාභී භවිස්සති අකිච්ඡලාභී අකසිරලාභීති ඨානමෙතං විජ්ජති.
Sinhala BJTආනන්‍දය, සංගණීකාරාම වූ සංගණිකායෙහි ඇලුණු සංගණීකාරාමතායෙහි යෙදුණු ගණාරාම වූ ගණයා කෙරෙහි ඇලුණු ගණයා හා සම්මුදිත වූ මහණ නො හොබනේ ය. ආනන්‍දය, සංගණීකාරාම වූ සංගණිකායෙහි ඇලුණු සංගණීකාරාමතායෙහි අනුයුක්ත වූ ගණාරාම වූ ගණයා කෙරෙහි ඇලුණු ගණයා කෙරෙහි සම්මුදිත වූ ඒ මහණ යම් ඒ නෛෂ්ක්‍රම්‍යසුඛයෙක් ප්‍රවිවේකසුඛයෙක් උපශමසුඛයෙක් සම්බෝධසුඛයෙක් ඇද්ද, ඒ සුඛය ඒකාන්තයෙන් කැමැති සේ ලබනුයේ නිදුක් ව ලබනුයේ විපුල ව ලබනුයේ වෙයි යන තෙල කරුණ නො වේ. ආනන්‍දය, යම් මහණෙක් එකලා වූයේ ගණයා කෙරෙන් වෙන් වූයේ වාස කෙරේ ද, ඒ මහණහට තෙල කැමැති විය යුතු ය: “යම් ඒ නෛෂ්ක්‍රම්‍යසුඛයෙක්, ප්‍රවිවේකසුඛයෙක්, උපශමසුඛයෙක්, සම්බොධ සුඛයෙක් ඇද්ද, ඒ සුඛය කැමැති සේ ලබන්නේ නිදුක් ව ලබන්නේ විපුල ව ලබන්නේ වෙයි” යන තෙල කරුණ ඇත.
Pali BJTසො වතානන්ද, භික්ඛු සඞ්ගණිකාරාමො සඞ්ගණිකාරතො සඞ්ගණිකාරාමතං අනුයුත්තො ගණාරාමො ගණරතො ගණසම්මුදිතො සාමයිකං{2} වා කන්තං චෙතොවිමුත්තිං උපසම්පජ්ජ විහරිස්සති, අසාමයිකං{3} වා අකුප්පන්ති නෙතං ඨානං විජ්ජති. යො ච ඛො සො ආනන්ද, භික්ඛු එකො ගණස්මා වූපකට්ඨො විහරති, තස්සෙතං භික්ඛුනො පාටිකඞ්ඛං: සාමයිකං{2} වා කන්තං චෙතොවිමුත්තිං උපසම්පජ්ජ විහරිස්සති, අසාමායිකං{3} වා අකුප්පන්ති ඨානමෙතං විජ්ජති.
Sinhala BJTආනන්‍දය, එකැතින් ඒ මහණ ස්වකීය පර්‍ෂත්සමෝධානයෙහි නියැලියේ සිය පිරිස් හා එක්වීමෙහි ඇලුණේ සංගණීකාරාමතායෙහි යෙදුණේ ගණයා කෙරෙහි නියැලියේ ගණයා කෙරෙහි ඇලුණේ ගණයා හා සම්මුදිත වූයේ මනාප වූ රූපාරූපාවචර චිත්ත විමුක්තිය හෝ කෙලෙසුන් විසින් අකෝප්‍ය වූ අසාමයික හෙවත් ලෝකෝත්තර අත්‍යන්ත විමුක්තිය හෝ උපයා වෙසෙන්නේ ය යන තෙල කරුණ නො වේ. ආනන්‍දය, යම් ඒ මහණෙක් එකලා වූයේ ගණයා කෙරෙන් ව්‍යපකර්‍ෂ වූයේ වෙසේ ද, ඒ මහණ හට තෙල කැමැති විය යුතු ය. කිමෙක් යත්: කාන්ත වූ සාමයික චේතෝවිමුක්තිය හෝ අකෝප්‍ය වූ අසාමයික චේතෝවිමුක්තිය හෝ උපයා වෙසෙන්නේ ය යන තෙල කරුණ වෙයි.
Pali BJTනාහං ආනන්ද, එකරූපම්පි සමනුපස්සාමි: යත්ථ රත්තස්ස{1} යත්ථාභිරත්තස්ස{2} රූපස්ස විපරිණාමඤ්ඤථාභාවා න උප්පජ්ජෙය්යුං සොකපරිදෙවදුක්ඛදොමනස්සූපායාසා.
Sinhala BJTආනන්‍දය, යම් රූපයෙක රාග වශයෙන් ඇලුණක් හට යම් රූපයෙක අභිරක්ත වූවක්හට ඒ රූපයාගේ විපරිණාම අන්‍යථා භාව හේතුයෙන් ශෝක පරිදේව දුඃඛ දෞර්‍මනස්‍ය උපායාසයෝ නූපදිත් නම්, මම එබඳු එක ද රූපයක් නුවණැසින් නො දක්මි.
Pali BJTඅයං ඛො ආනන්ද, විහාරො තථාගතෙන{3} අභිසම්බුද්ධො, යදිදං සබ්බනිමිත්තානං අමනසිකාරා අජ්ඣත්තං සුඤ්ඤතං උපසම්පජ්ජ විහරිතුං{4} තත්ර චෙ ආනන්ද, තථාගතං ඉමිනා විහාරෙන විහරන්තං භවන්ති උපසඞ්කමිතාරො භික්ඛූ භික්ඛුනියො උපාසකා උපාසිකායො රාජානො රාජමහාමත්තා තිත්ථියා තිත්ථියසාවකා. තත්රානන්ද, තථාගතො විවෙකනින්නෙනෙව චිත්තෙන විවෙකපොණෙන විවෙකපබ්භාරෙන වූපකට්ඨෙන නෙක්ඛම්මාභිරතෙන බ්යන්තීභූතෙන සබ්බසො ආසවට්ඨානීයෙහි ධම්මෙහි අඤ්ඤදත්ථු උය්යොජනිකපටිසංයුත්තංයෙව කථං කත්තා හොති. තස්මාතිහ ආනන්ද, භික්ඛු චෙපි ආකඞ්ඛෙය්ය: අජ්ඣත්තං සුඤ්ඤතං උපසම්පජ්ජ විහරෙය්යන්ති. තෙනානන්ද, භික්ඛුනා අජ්ඣත්තමෙව චිත්තං සණ්ඨපෙතබ්බං, සන්නිසාදෙතබ්බං, එකොදි කාතබ්බං, සමාදහාතබ්බං.
Sinhala BJTආනන්‍දය, තථාගතයන් විසින් මේ විහාරය මොනොවට අවබෝධ කරන ලද, කුමක් පිණිස යැ යත්: රූපාදි හැම නිමිති නො මෙනෙහි කිරීමෙන් විෂය අධ්‍යාත්මයෙහි ශුන්‍යත ඵලසමාපත්තිය සපයා වාස කිරීම පිණිස යි. ආනන්‍දය, ඉදින් මේ විහරණයෙන් වාස කරන ඒ තථාගතයන් කරා මහණ මෙහෙණ උවසු උවැසි රජ රජමහමැති තොටු තොටුසව්වෝ එළඹෙන්නාහු වෙත් ද, ආනන්‍දය, එ පිරිස්හි තථාගත විවෙක ප්‍රවණ වූ විවෙක ප්‍රාග්භාර වූ ව්‍යපකර්‍ෂ වූ නිෂ්කාමාභිරත වූ සර්‍වප්‍රකාරයෙන් ආස්‍රවයනට හේතුභූත ධර්‍මයන් කෙරෙන් විසංයුක්ත වූ නිවනට නැඹුරු වූ මැ සිතින් එකැතින් යන්නට මෙහෙයන කථායෙන් යුක්ත කථාවක් ම කරනු වෙයි. ආනන්‍දය, එහෙයින් ඉදින් මහණ ද ගෝචරාධ්‍යාත්මයෙහි ශුන්‍යතාව උපයාගෙන වාසය කරන්නේ නම් මැනැවැ’යි කැමැති වන්නේ ද ආනන්‍දය, ඒ මහණ විසින් අධ්‍යාත්මයෙහි සිත මොනොවට පිහිටු වියැ යුතු යි, හිඳුවියැ යුතු යි, එකඟ කළ යුතු යි, සමාධාන කළ යුතු යි.
Pali BJTකථඤ්ච ආනන්ද, භික්ඛු අජ්ඣත්තමෙව චිත්තං සණ්ඨපෙති සන්නිසාදෙති එකොදිං කරොති සමාදහති. ඉධානන්ද, භික්ඛු විවිච්චෙව කාමෙහි විවිච්ච අකුසලෙහි ධම්මෙහි සවිතක්කං සවිචාරං විවෙකජං පීතිසුඛං පඨමං ඣානං උපසම්පජ්ජ විහරති, විතක්කවිචාරානං වූපසමා අජ්ඣත්තං සම්පසාදනං චෙතසො එකොදිභාවං අවිතක්කං අවිචාරං සමාධිජං පීතිසුඛං දුතියං ඣානං -පෙ- තතියං ඣානං -පෙ- චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරති. එවං ඛො ආනන්ද, භික්ඛු අජ්ඣත්තමෙව චිත්තං සණ්ඨපෙති, සන්නිසාදෙති, එකොදි කරොති, සමාදහති. සො අජ්ඣත්තං සුඤ්ඤතං මනසිකරොති. තස්ස අජ්ඣත්තං සුඤ්ඤතං මනසිකරොතො සුඤ්ඤතාය චිත්තං න පක්ඛන්දති, නප්පසීදති, න සන්තිට්ඨති, න විමුච්චති. එවං සන්තමෙතං ආනන්ද, භික්ඛු එවං පජානාති: අජ්ඣත්තං සුඤ්ඤතං ඛො මෙ මනසිකරොතො අජ්ඣත්තං සුඤ්ඤතාය චිත්තං න පක්ඛන්දති, නප්පසීදති, න සන්තිට්ඨති, න විමුච්චතී’ති. ඉතිහ තත්ථ සම්පජානො හොති. සො බහිද්ධා සුඤ්ඤතං මනසිකරොති -පෙ- සො අජ්ඣත්තබහිද්ධා සුඤ්ඤතං මනසි කරොති -පෙ- සො ආනෙඤ්ජං මනසිකරොති. තස්ස ආනෙඤ්ජං මනසිකරොතො ආනෙඤ්ජාය චිත්තං න පක්ඛන්දති, නප්පසීදති, න සන්තිට්ඨති, න විමුච්චති. එවං සන්තමෙතං ආනන්ද, භික්ඛු එවං පජානාති: ආනෙඤ්ජං ඛො මෙ මනසිකරොතො ආනෙඤ්ජාය චිත්තං න පක්ඛන්දති නප්පසීදති න සන්තිට්ඨති න විමුච්චතී’ති. ඉතිහ තත්ථ සම්පජානො හොති.
Sinhala BJTආනන්‍දය, කෙසේ නම් මහණ අධ්‍යාත්මයෙහි ම සිත මොනොවට පිහිටුවන්නේ මොනොවට හිඳුවන්නේ එකඟ කරන්නේ සමාධාන කරන්නේ වේ ද යත්: ආනන්‍දය, මෙ සස්නෙහි මහණ කාමයෙන් වෙන්ව මැ අකුසල දහමින් වෙන් ව සවිතර්‍ක සවිචාර විවේකජ ප්‍රීතිසුඛ ඇති පළමු දැහැන් උපයා වාස කෙරෙයි. විතර්‍ක විචාරයන්ගේ ව්‍යපශම හේතුයෙන් සිත්හි පැහැදීම් කරන සිත පිළිබඳ එකඟ බව ඇති අවිතර්‍ක අවිචාර සමාධිජ ප්‍රීතිසුඛ ඇති දෙවන දැහැන් ... තෙවන දැහැන් ... සිව්වන දැහැන් උපයාගෙන වාස කෙරෙයි. ආනන්‍දය, මෙසේ මහණ අධ්‍යාත්මයෙහි සිත මොනවට පිහිටුවයි, මොනොවට හිඳුවයි, එකඟ කෙරෙයි, සමාධාන කෙරෙයි. හේ සිය පස්කඳෙහි උපන් ශුන්‍යතාව මෙනෙහි කෙරෙයි. අධ්‍යාත්මයෙහි ශුන්‍යතාව මෙනෙහි කරන ඔහුට ශුන්‍යතායෙහි සිත නො බසී, නො පහදී, මොනොවට නො පිහිටයි, නො මිදේ. ආනන්‍දය, මහණ මෙසේ වූ තෙල සිත මෙසේ නුවණින් දනී: අධ්‍යාත්මයෙහි ශුන්‍යතාව මෙනෙහි කරන මාගේ අධ්‍යාත්මයෙහි ශුන්‍යතාවට සිත නොබස්නේ ය, නො පහදනේ ය, නො පිහිටන්නේ ය, නො මිදේ ය කියා යි. මෙසේ එහි සම්ප්‍රඥාන ඇති වෙයි. හේ පරපඤ්චස්කන්‍ධයෙහි ශුන්‍යතා මෙනෙහි කරයි. ... හේ ස්ව පර උභය පඤ්චස්කන්‍ධයෙහි ශුන්‍යතා මෙනෙහි කරයි. ... හේ ආනෙඤ්ජ අරූපසමාපත්ති මෙනෙහි කෙරෙයි. අරූප සමාපත්ති මෙනෙහි කරන ඔහුට ආනෙඤ්ජ අරූප සමාපත්තියට සිත නො බසී, නො පහ දී, මොනොවට නො පිහිටයි. නො මිදේ. ආනන්‍දය, මහණ මෙසේ විද්‍යමාන වූ තෙල සිත මෙසේ නුවණින් දැනගනී: ආනෙඤ්ජය මෙනෙහි කරන මට ආනෙඤ්ජය පිණිස සිත නො බස්නේ ය. නො පහදන්නේ ය. මොනොවට නො පිහිටන්නේ ය. නො බිඳෙන්නේ ය කියා යි. මෙ සේ එහි සම්ප්‍රඥාන ඇති වෙයි.
Pali BJTතෙනානන්ද, භික්ඛුනා තස්මිංයෙව පුරිමස්මිං සමාධිනිමිත්තෙ අජ්ඣත්තං එව චිත්තං සණ්ඨපෙතබ්බං, සන්නිසාදෙතබ්බං, එකොදිකාතබ්බං, සමාදහාතබ්බං. සො අජ්ඣත්තං සුඤ්ඤතං මනසිකරොති. තස්ස අජ්ඣත්තං සුඤ්ඤතං මනසිකරොතො අජ්ඣත්තං සුඤ්ඤතාය චිත්තං පක්ඛන්දති පසීදති සන්තිට්ඨති විමුච්චති. එවං සන්තමෙතං ආනන්ද, භික්ඛු එවං පජානාති: අජ්ඣත්තං සුඤ්ඤතං ඛො මෙ මනසිකරොතො අජ්ඣත්තං සුඤ්ඤතාය චිත්තං පක්ඛන්දති පසීදති සන්තිට්ඨති විමුච්චතීති.
Sinhala BJTආනන්‍දය, ඒ මහණ විසින් එ මැ පූර්‍වසමාධිනිමිත්තයෙහි අධ්‍යාත්මයෙහි ම සිත මොනොවට පිහිටුවිය යුතු යැ, මොනොවට හිදුවියැ යුතු යැ, එකඟ කළ යුතු යැ, සමාධාන කළ කළ යුතු යි. හේ අධ්‍යාත්මයෙහි ශුන්‍යතාව මෙනෙහි කරයි. අධ්‍යාත්මයෙහි ශුන්‍යතාව මෙනෙහි කරන ඔහුගේ සිත අධ්‍යාත්මයෙහි ශුන්‍යතාව පිණිස බැසගනී, පහදී, මොනොවට පිහිටයි, මිදේ. ආනන්‍දය, ඒ මහණ මෙසේ ඇති තෙල සිත මෙසේ නුවණින් දනී: අධ්‍යාත්මයෙහි ශුන්‍යතාව මෙනෙහි කරන මාගේ සිත අධ්‍යාත්මයෙහි ශුන්‍යතාව පිණිස බැසගනී,
Pali BJTඉතිහ තත්ථ සම්පජානො හොති. සො බහිද්ධා සුඤ්ඤතං මනසිකරොති -පෙ- සො අජ්ඣත්තබහිද්ධා සුඤ්ඤතං මනසිකරොති -පෙ- සො ආනෙඤ්ජං මනසිකරොති. තස්ස ආනෙඤ්ජං මනසිකරොතො ආනෙඤ්ජාය චිත්තං පක්ඛන්දති පසීදති සන්තිට්ඨති විමුච්චති. එවං සන්තමෙතං ආනන්ද, භික්ඛු එවං පජානාති: ආනෙඤ්ජං ඛො මෙ මනසිකරොතො ආනෙඤ්ජාය චිත්තං පක්ඛන්දති පසීදති සන්තිට්ඨති විමුච්චතීති. ඉතිහ තත්ථ සම්පජානො හොති.
Sinhala BJTපහදියි, මොනොවට පිහිටයි, වෙසෙසින් මිදේ යයි කියා යි. මෙසෙයින් එහි සම්ප්‍රඥාන ඇති වෙයි. ඒ මහණ පර පඤ්චස්කන්‍ධයෙහි ශුන්‍යතාව මෙනෙහි කෙරෙයි ... හේ ස්ව පර උභය පඤ්චස්කන්‍ධයෙහි ශුන්‍යතාව මෙනෙහි කෙරෙයි. ආනෙඤ්ජය මෙනෙහි කරන ඔහුගේ සිත ආනෙඤ්ජය පිණිස බැසගනී, පහදී, මොනොවට පිහිටයි, මිදේ. ආනන්‍දය, ඒ මහණ මෙසේ ඇති තෙල සිත මෙසේ නුවණින් දනී: ආනෙඤ්ජය මෙනෙහි කරන මාගේ සිත ආනෙඤ්ජය පිණිස බැසගනී, පහදී, මොනොවට පිහිටයි, වෙසෙසින් මිදේ ය යි කියා යි.
Pali BJTතස්ස චෙ ආනන්ද, භික්ඛුනො ඉමිනා විහාරෙන විහරතො චඞ්කමාය චිත්තං නමති. සො චඞ්කමති එවං මං චඞ්කමන්තං නාභිජ්ඣාදොමනස්සා පාපකා අකුසලා ධම්මා අන්වාස්සවිස්සන්තීති. ඉතිහ තත්ථ සම්පජානො හොති. තස්ස චෙ ආනන්ද, භික්ඛුනො ඉමිනා විහාරෙන විහරතො ඨානාය චිත්තං නමති. සො තිට්ඨති: එවං මං තිට්ඨන්තං{1} නාභිජ්ඣා දොමනස්සා පාපකා අකුසලා ධම්මා අන්වාස්සවිස්සන්තීති. ඉතිහ තත්ථ සම්පජානො හොති.
Sinhala BJTආනන්‍දය, ඉදින් මේ විහාරයෙන් විහරණ කරන ඒ මහණහට සක්මන පිණිස සිත නැමේ නම් හේ සක්මන් කෙරෙයි. මෙසේ සක්මන් කරන මා අභිධ්‍යා දෞර්‍මනස්‍ය සංඛ්‍යාත ලාමක අකුශල ධර්‍මයෝ ලුහු නො බඳනාහ යි කියා යි. මෙසෙයින් එහි සම්ප්‍රඥාන ඇති වෙයි. ආනන්‍දය, ඉදින් මේ විහාරයෙන් විහරණ කරන ඒ මහණහට සිටිනු පිණිස සිත නැමේ නම් හේ සිටී. මෙසේ සිටුනා මා අභිධ්‍යා දෞර්‍මනස්‍ය සංඛ්‍යාත ලාමක අකුශල ධර්‍මයෝ නො ලුහුබඳනාහ යි කියා මෙසෙයින් එහි සම්ප්‍රඥාන ඇති වෙයි.
Pali BJTතස්ස චෙ ආනන්ද, භික්ඛුනො ඉමිනා විහාරෙන විහරතො නිසජ්ජාය චිත්තං නමති. සො නිසීදති: එවං මං නිසීදන්තං{2} නාභිජ්ඣාදොමනස්සා පාපකා අකුසලා ධම්මා අන්වාස්සවිස්සන්තීති. ඉතිහ තත්ථ සම්පජානො හොති. තස්ස චෙ ආනන්ද, භික්ඛුනො ඉමිනා විහාරෙන විහරතො සයනාය චිත්තං නමති. සො සයති: එවං මං සයන්තං නාභිජ්ඣාදොමනස්සා පාපකා අකුසලා ධම්මා අන්වාස්සවිස්සන්තීති. ඉතිහ තත්ථ සම්පජානො හොති.
Sinhala BJTආනන්‍දය, ඉදින් මේ විහාරයෙන් විහරණ කරන ඒ මහණහට හිඳිනු පිණිස සිත නැමේ නම් හේ හිඳියි. මෙසේ හිඳුනා මා අභිධ්‍යා දෞර්‍මනස්‍ය සංඛ්‍යාත පාපක අකුශල ධර්‍මයෝ නො ලුහුබඳනාහ යි කියා මෙසෙයින් එහි සම්ප්‍රඥාන ඇති වෙයි. ආනන්‍දය, ඉදින් මේ විහාරයෙන් විහරණ කරන ඒ මහණහට හෝනා පිණිස සිත නැමේ නම් හේ හෝනේ වෙයි. ‘මෙසේ හෝනා මා අභිධ්‍යා දෞර්‍මනස්‍ය සංඛ්‍යාත පාපක අකුශල ධර්‍මයෝ නො ලුහුබඳනාහ’ යි කියා මෙසෙයින් එහි සම්ප්‍රඥාන ඇති වෙයි.
Pali BJTතස්ස චෙ ආනන්ද, භික්ඛුනො ඉමිනා විහාරෙන විහරතො කථාය{3} චිත්තං නමති. සො යායං කථා හීනා ගම්මා පොථුජ්ජනිකා අනරියා අනත්ථසංහිතා න නිබ්බිදාය න විරාගාය න නිරොධාය න උපසමාය න අභිඤ්ඤාය න සම්බොධාය න නිබ්බානාය සංවත්තති. සෙය්යථිදං: රාජකථා චොරකථා මහාමත්තකථා සෙනාකථා භයකථා යුද්ධකථා අන්නකථා පානකථා වත්ථකථා සයනකථා මාලාකථා ගන්ධකථා ඤාතිකථා යානකථා ගාමකථා නිගමකථා නගරකථා ජනපදකථා ඉත්ථිකථා පුරිසකථා සුරාකථා විසිඛාකථා කුම්භට්ඨානකථා පුබ්බපෙතකථා නානත්තකථා ලොකක්ඛායිකා සමුද්දක්ඛායිකා ඉතිභවාභවකථා, ඉති වා ඉති එවරූපිං කථං න කථෙස්සාමීති. ඉතිහ තත්ථ සම්පජානො හොති. යා ච ඛො අයං ආනන්ද, කථා අභිසල්ලෙඛිකා චෙතොවිනීවරණසප්පායා එකන්තනිබ්බිදාය විරාගාය නිරොධාය උපසමාය අභිඤ්ඤාය සම්බොධාය නිබ්බානාය සංවත්තති. සෙය්යථිදං: අප්පිච්ඡකථා සන්තුට්ඨිකථා පවිවෙකකථා අසංසග්ගකථා වීරියාරම්භකථා සීලකථා සමාධිකථා පඤ්ඤාකථා විමුත්තිකථා විමුත්තිඤාණදස්සනකථා, ඉති එවරූපිං කථං කථෙස්සාමීති. ඉතිහ තත්ථ සම්පජානො හොති.
Sinhala BJTආනන්‍දය, ඉදින් මේ විහාරයෙන් විහරණ කරන ඒ මහණහට භාෂ්‍යකථා පිණිස සිත නැමේ නම්, හේ යම් කථායෙක් හීන ග්‍රාම්‍ය පුහුදුනන් කෙරෙහි වැටෙන අනාර්‍ය්‍ය අනර්‍ත්‍ථ සංහිත වේ ද, නිර්වේදය පිණිස නො වැටේ ද, විරාග ය පිණිස නො වැටේ ද, නිරෝධය පිණිස නො වැටේ ද, උපශමය පිණිස නො වැටේ ද, අභිඥා පිණිස නො වැටේ ද, සම්බෝධය පිණිස නො වැටේ ද, නිර්‍වාණය පිණිස නො වැටේ ද, ඒ කෙබඳු කථා යැ යත්: රාජකථා, චෞරකථා, මහාමාත්‍රකථා, සේනාකථා, භයකථා, යුද්ධකථා, ආහාරකථා, පානකථා, වස්ත්‍රකථා, ශයනකථා, මාලාකථා, ගන්‍ධකථා, ඥාතිකථා, යානකථා, ග්‍රාමකථා, නිගමකථා, නගරකථා, ජනපදකථා, ස්ත්‍රීකථා, පුරුෂකථා, සුරාකථා, වීථිකථා, කුම්භස්ථානකථා, පූර්‍වප්‍රේතකථා, නානාත්‍වකථා, ලෝකායතකථා, සාමුද්‍රිකකථා, ඉතිභාවභවකථා යයි මෙසේ හෝ මෙසේ මෙබඳු වූ හෝ කථා නො කියමි’ කියා මෙසෙයින් එහි සමප්‍රඥාන ඇති වෙයි. ආනන්‍දය, යම් කථායෙක් ක්ලේශයෙන්ගේ තුනුබව කරන්නේ චිත්තයාගේ විනීවරණයට සත්ප්‍රාය වූයේ ඒකාන්ත නිර්වේදය පිණිස විරාගය පිණිස නිරෝධය පිණිස උපශමය පිණිස අභිඥා පිණිස සම්බෝධය පිණිස නිර්‍වාණය පිණිස වැටේ ද, කෙබඳු කථා යැ යත්: අල්පේච්ඡකථා, සන්තුෂ්ඪිකථා, ප්‍රවිවෙකකථා, අසංසර්‍ගකථා, වීර්‍ය්‍යාරම්භකථා, ශීලකථා, සමාධිකථා, ප්‍රඥාකථා, විමුක්තිකථා, විමුක්ති ඥානදර්‍ශනකථා යයි’ මෙසේ මෙබඳු කථා කියමි’ යි කියා මෙසෙයින් එහි සම්ප්‍රඥාන ඇති වෙයි.
Pali BJTතස්ස චෙ ආනන්ද, භික්ඛුනො ඉමිනා විහාරෙන විහරතො විතක්කාය චිත්තං නමති. සො යෙ තෙ විතක්කා හීනා ගම්මා පොථුජ්ජනිකා අනරියා අනත්ථසංහිතා න නිබ්බිදාය න විරාගාය න නිරොධාය න උපසමාය න අභිඤ්ඤාය න සම්බොධාය න නිබ්බානාය සංවත්තන්ති. සෙය්යථිදං: කාමවිතක්කො ව්යාපාදවිතක්කො විහිංසාවිතක්කො, ඉති එවරූපෙ විතක්කෙ න{1} විතක්කෙස්සාමීති. ඉතිහ තත්ථ සම්පජානො හොති. යෙ ච ඛො ඉමෙ ආනන්ද, විතක්කා අරියා නිය්යානිකා නිය්යන්ති. තක්කරස්ස සම්මා දුක්ඛක්ඛයාය. සෙය්යථිදං: නෙක්ඛම්මවිතක්කො අව්යාපාදවිතක්කො අවිහිංසාවිතක්කො. ඉති එවරූපෙ විතක්කෙ විතක්කෙස්සාමීති. ඉතිහ තත්ථ සම්පජානො හොති.
Sinhala BJTආනන්‍දය, ඉදින් මේ විහාරයෙන් විහරණ කරන ඒ මහණහට විතර්‍කය පිණිස සිත නැමේ නම්, ඒ මහණ යම් ඒ විතර්‍ක කෙනෙක් හීන වූවාහු ග්‍රාම්‍ය වූවාහු පුහුදුනන් කෙරෙහි පවත්නාහු අනාර්‍ය්‍ය වූවාහු අනර්‍ත්‍ථසංහිත වූවාහු නිර්වේදයට නො වැටෙන්නාහු විරාගයට නො වැටෙන්නාහු නිරෝධයට නො වැටෙන්නාහු උපශමයට නො වැටෙන්නාහු අභිඥාවට නො වැටෙන්නාහු සම්බෝධියට නො වැටෙන්නාහු නිවනට නො වැටෙන්නාහු වෙත් ද, කෙබඳු විතර්‍කයෝ යැ යත්: ‘කාමවිතර්‍ක යැ, ව්‍යාපාද විතර්‍ක යැ, විහිංසාවිතර්‍ක යි. මෙසේ මෙබඳු විතර්‍කයන් විතර්‍කණය නො කෙරෙමි’ යි කියා මෙසේ එහි සම්ප්‍රඥාන ඇති වෙයි. ආනන්‍දය, යම් විතර්‍ක කෙනෙක් ආර්‍ය්‍ය වූවාහු නෛර්‍ය්‍යාණික වූවාහු ඒ විතර්‍කණ කරනුවන් මොනොවට දුක් කෙළවර කරනු පිණිස පමුණුවත් ද, කෙබඳු විතර්‍කයෝ යැ යත්: ‘නිෂ්කාමවිතර්‍ක යැ, අව්‍යාපාදවිතර්‍ක යැ, අවිහිංසාවිතර්‍ක යි. මෙසේ මෙබඳු විතර්‍කයන් විතර්‍කණ කෙරෙමි’ යි කියා මෙසෙයින් මෙහි සම්ප්‍රඥාන ඇති වෙයි.
Pali BJTපඤ්ච ඛො ඉමෙ ආනන්ද, කාමගුණා. කතමෙ පඤ්ච: චක්ඛුවිඤ්ඤෙය්යා රූපා ඉට්ඨා කන්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා, සොතවිඤ්ඤෙය්යා සද්දා -පෙ- ඝානවිඤ්ඤෙය්යා ගන්ධා -පෙ- ජිව්හාවිඤ්ඤෙය්යා රසා -පෙ- කායවිඤ්ඤෙය්යා ඵොට්ඨබ්බා ඉට්ඨා කන්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා. ඉමෙ ඛො ආනන්ද, පඤ්චකාමගුණා, යත්ථ භික්ඛුනා අභික්ඛණං සකං චිත්තං පච්චවෙක්ඛිතබ්බං. අත්ථි නු ඛො මෙ ඉමෙසු පඤ්චසු කාමගුණෙසු අඤ්ඤතරස්මිං වා අඤ්ඤතරස්මිං වා ආයතනෙ උප්පජ්ජති චෙතසො සමුදාචාරොති. සචෙ ආනන්ද, භික්ඛු පච්චවෙක්ඛමානො එවං පජානාති: අත්ථි ඛො මෙ ඉමෙසු පඤ්චසු කාමගුණෙසු අඤ්ඤතරස්මිං වා අඤ්ඤතරස්මිං වා ආයතනෙ උප්පජ්ජති චෙතසො සමුදාචාරොති. එවං සන්තමෙතං ආනන්ද, භික්ඛු එවං පජානාති: යො ඛො ඉමෙසු පඤ්චසු කාමගුණෙසු ඡන්දරාගො, සො මෙ අප්පහීනොති.{2} ඉතිහ තත්ථ සම්පජානො හොති. සචෙ පනානන්ද, භික්ඛු පච්චවෙක්ඛමානො එවං පජානාති. නත්ථි ඛො මෙ ඉමෙසු පඤ්චසු කාමගුණෙසු අඤ්ඤතරස්මිං වා අඤ්ඤතරස්මිං වා ආයතනෙ උප්පජ්ජති චෙතසො සමුදාචාරොති, එවං සන්තමෙතං ආනන්ද, භික්ඛු එවං පජානාති: යො ඛො ඉමෙසු පඤ්චසු කාමගුණෙසු ඡන්දරාගො, සො මෙ පහීනොති. ඉතිහ තත්ථ සම්පජානො හොති.
Sinhala BJTආනන්‍දය, මේ කාමගුණයෝ පස්දෙනෙක් වෙති. කවර පස්දෙනෙක යත්: ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ ප්‍රියස්වභාව අරමුණු කොට උපදනා කාමයෙන් යුක්ත වූ රාගෝත්පත්තියට කාරණ වූ චක්‍ෂුර්විඥානයෙන් දැක්ක යුතු රූපයෝ යැ ... ශ්‍රෝතවිඥානයෙන් දතයුතු ශබ්දයෝ යැ ... ඝ්‍රාණවිඥානයෙන් දතයුතු ගන්‍ධයෝ යැ ... ජිහ්වාවිඥානයෙන් වින්දයුතු රසයෝ යැ ... ඉෂ්ටාලම්බන වූ කමනීය වූ මනවඩන ප්‍රියස්වභාව අරමුණු කොට උපදනා කාමයෙන් යුක්ත වූ රාගෝත්පත්තියට කාරණ වූ කායවිඥානයෙන් දත යුතු ස්ප්‍රෂ්ටව්‍යයෝ යි. යම් කාමගුණයෙක මහණහු විසින් ‘මේ පස්කම් ගුණයෙහි යම් යම් කාමගුණයෙක උපදනා චිත්තසමුදාවාරයෙක් ඇද්දෝ’යි නිතර තම සිත ප්‍රත්‍යවේක්‍ෂා කළ යුතු වේ ද, ආනන්‍දය, මේ ඒ පස්කම්ගුණයෝ යි. ආනන්‍දය, ඉදින් මහණ ප්‍රත්‍යවේක්‍ෂා කරනුයේ මෙසේ නුවණින් දන්නේ වේ ද, කිසේ යැ යත්: ‘මේ පස්කම්ගුණයෙහි අන්‍යතර අන්‍යතර ගුණයෙක මාගේ චිත්තසමුදාවාරයෙක් උපදනේ ඇද්ද කියා යි. ආනන්‍දය, මහණ මෙසේ විද්‍යමාන වූ තෙල කරුණ මෙසේ නුවණින් දන්නේ යැ. කිසේ යැ යත්: ‘මේ පස්කම් ගුණයෙහි යම් ඡන්‍දරාගයෙක් වී නම් මට ඒ ප්‍රහීණ යයි කියා යි. මෙසෙයින් එහි සම්ප්‍රඥාන ඇත වෙයි. ආනන්‍දය, ඉදින් මහණ ප්‍රත්‍යවේක්‍ෂා කරනුයේ මෙසේ නුවණින් දන්නේ වේ ද, කිසේ යැ යත්: ‘මේ පස්කම් ගුණයෙහි අන්‍යතර අන්‍යතර ආයතනයෙක් මාගේ චිත්තසමුදාවාරයෙක් නැත’ කියා යි. ආනන්‍දය, ඒ මහණ මෙසේ විද්‍යමාන වූ තෙල කරුණ මෙසේ නුවණින් දන්නේ ය: මේ පඤ්චකාමගුණයන් කෙරෙහි යම් ඡන්‍දරාගයෙක් වී නම්, ඒ මට ප්‍රහීණය කියා යි. මෙසෙයින් එහි සම්ප්‍රඥාන ඇති වෙයි.
Pali BJTපඤ්ච ඛො ඉමෙ ආනන්ද, උපාදානක්ඛන්ධා, යත්ථ භික්ඛුනා උදයබ්බයානුපස්සිනා විහාතබ්බං. ඉති රූපං ඉති රූපස්ස සමුදයො, ඉති රූපස්ස අත්ථඞ්ගමො. ඉති වෙදනා, ඉති වෙදනාය සමුදයො, ඉති වෙදනාය අත්ථඞ්ගමො. ඉති සඤ්ඤා -පෙ- ඉති සඞ්ඛාරා -පෙ- ඉති විඤ්ඤාණං, ඉති විඤ්ඤාණස්ස සමුදයො, ඉති විඤ්ඤාණස්ස අත්ථඞ්ගමොති. තස්ස ඉමෙසු පඤ්චසුපාදානක්ඛන්ධෙසු උදයබ්බයානුපස්සිනො විහරතො, යො පඤ්චසුපාදානක්ඛන්ධෙසු අස්මිමානො, සො පහීයති. එවං සන්තමෙතං ආනන්ද, භික්ඛු එවං පජානාති: යො ඛො ඉමෙසු පඤ්චසූපාදානක්ඛන්ධෙසු අස්මිමානො, සො මෙ පහීනොති. ඉතිහ තත්ථ සම්පජානො හොති. ඉමෙ ඛො තෙ ආනන්ද, ධම්මා එකන්තකුසලායතිකා{3} අරියා ලොකුත්තරා අනවක්කන්තා පාපිමතා.
Sinhala BJTආනන්‍දය, මහණ යම් උපාදාන ස්කන්‍ධයෙක උදයව්‍යය නුවණින් දක්නාහු විසින් විසිය යුතු වේ ද, එබඳු මේ උපාදාන ස්කන්‍ධයෝ පස්දෙනෙකි. රූපය මෙසේ යැ, රූපසමුදය මෙසේ යැ, රූපයාගේ අස්තඞ්‍ගමය මෙසේ යැ, වේදනා මෙසේ යැ, වේදනා සමුදය මෙසේ යැ, වේදනාවගේ අස්තඞ්‍ගමය මෙසේ යැ, සංඥා මෙසේ යැ ... සංස්කාර මෙසේ යැ ... විඥාන මෙසේ යැ, විඥානසමුදය මෙසේ යැ, විඥානයාගේ අස්තංගමය මෙසේ යැ’ යි කියා යි. මේ පඤ්චෝපාදානස්කන්‍ධයෙහි උදයව්‍යය නුවණින් දක්මින් වාස කරන ඒ මහණහට පඤ්චෝපාදාන ස්කන්‍ධයෙහි යම් අස්මිමානයෙක් ඇද්ද, ඒ පහ වෙයි. ආනන්‍දය, මෙසේ විද්‍යමාන වූ තෙල කරුණ ඒ මහණ මෙසේ නුවණින් දනී: මේ පඤ්චෝපාදානස්කන්‍ධයෙහි යම් අස්මිමානයෙක් වී ද, ඒ මට ප්‍රහීණය කියා යි. මෙසේ එහි සම්ප්‍රඥාන ඇති වෙයි. ආනන්‍දය, ඒකාන්ත කුශලයෙන් පැමිණි නිකෙලෙස් වූ ලෝකයෙහි විශිෂ්ට වූ මරහු විසින් නො ඇක්මුණු ඒ දම්හු නම් මොහු ය:
Pali BJTතං කිං මඤ්ඤසි ආනන්ද, කං අත්ථවසං සම්පස්සමානො අරහති සාවකො සත්ථාරං අනුබන්ධිතුං අපි පණුජ්ජමානොති.
Sinhala BJTආනන්‍දය, ඒ කෙසේ හඟනෙහි ද ශ්‍රාවකයා කිනම් අර්‍ත්‍ථයක් දක්මින් නෙරතුදු ශාස්තෘන් නුහුබඳනට නිසි වේ ද?
Pali BJTභගවම්මූලකා නො භන්තෙ, ධම්මා භගවංනෙත්තිකා භගවංපටිසරණා. සාධු වත භන්තෙ, භගවන්තංයෙව පටිභාතු එතස්ස භාසිතස්ස අත්ථො, භගවතො සුත්වා භික්ඛූ ධාරෙස්සන්තීති.
Sinhala BJTවහන්ස, දහම්හු භාග්‍යවතුන් වහන්සේ මුල් කොට ඇත. භාග්‍යවතුන් වහන්සේ නේතෘ කොට ඇත. භාග්‍යවතුන් වහන්සේ පිළිසරණ කොට ඇත. වහන්ස තෙල භාෂිතයාගේ අර්‍ත්‍ථ නුබ වහන්සේට මැ වැටහේ නම් මනාමැනු, භාග්‍යවතුන් වහන්සේගේ බස් අසා භික්‍ෂූහු ධරති’යි සැල කළෝ.
Pali BJTන ඛො ආනන්ද, අරහති සාවකො සත්ථාරං අනුබන්ධිතුං යදිදං සුත්තං ගෙය්යං වෙය්යාකරණං තස්ස හෙතු{1} තං කිස්ස හෙතු: දීඝරත්තස්ස හි වො{2} ආනන්ද, ධම්මා සුතා ධතා වචසා පරිචිතා මනසානුපෙක්ඛිතා දිට්ඨියා සුප්පටිවිද්ධා. යා ච ඛො අයං ආනන්ද, කථා අභිසල්ලෙඛිකා චෙතො විනීවරණසප්පායා එකන්තනිබ්බිදාය විරාගාය නිරොධාය උපසමාය අභිඤ්ඤාය සම්බොධාය නිබ්බානාය සංවත්තති. සෙය්යථිදං: අප්පිච්ඡකථා සන්තුට්ඨිකථා පවිවෙකකථා අසංසග්ගකථා වීරියාරම්භකථා සීලකථා සමාධිකථා පඤ්ඤාකථා විමුත්තිකථා විමුත්තිඤාණදස්සනකථා. එවරූපියා ඛො ආනන්ද, කථාය හෙතු අරහති සාවකො සත්ථාරං අනුබන්ධිතුං අපි පණුජ්ජමානො.
Sinhala BJTආනන්‍දය, ශ්‍රාවකයා සූත්‍ර ය, ගෙය ය, වෙය්‍යාකරණ ය යන ඒ හේතු කොට ශාස්තෘන් වහන්සේ නුහුබඳනට නිසි වෙයි. ඒ කවර හෙයින යත්: ආනන්‍දය, පැවිදි ව බොහෝ කල් ඇත්තහු විසින් පර්‍ය්‍යාප්තිධර්‍මයෝ අසන ලදහ, ධරන ලදහ, බසින් පුරුදු කරන ලදහ, සිතින් දක්නා ලදහ, ප්‍රඥායෙන් අවබෝධ කරන ලදහ. ආනන්‍දය, යම් ක්ලේශයන්ගේ තුනුබව කරන්නාහු චේතෝවිනීවරණයට සත්ප්‍රාය වූවාහු ඒකාන්ත නිර්වේදය පිණිස විරාගය පිණිස නිරෝධය පිණිස උපශම පිණිස අභිඥා පිණිස සම්බෝධය පිණිස නිර්‍වාණය පිණිස වැටෙත් ද, ඔහු කවරහ යත්: අල්පේච්ඡකථා යැ, සන්තුෂ්ටිකථා යැ, ප්‍රවිවෙකකථා යැ, අසංසර්‍ගකථා යැ, වීර්‍ය්‍යාරම්භකථා යැ, ශීලකථා යැ, සමාධිකථා යැ, ප්‍රඥාකථා යැ, විමුක්තිකථා යැ, විමුක්තිඥානදර්‍ශනකථා යැ යන මොහු යි. ආනන්‍දය, ශ්‍රාවකයා නෙරතුදු මෙවන් කථාහෙතුයෙන් ශාස්තෘන් වහන්සේ නුහුබැඳ යන්නට නිසි වෙයි.
Pali BJTඑවං සන්තෙ ඛො ආනන්ද, ආචරියූපද්දවො හොති. එවං සන්තෙ අන්තෙවාසූපද්දවො හොති. එවං සන්තෙ බ්රහ්මචාරූපද්දවො හොති.
Sinhala BJTආනන්‍දය, මෙසේ ආචාර්‍ය්‍යෝපද්‍රව වෙයි, මෙසේ වත් ම අන්තේවාසිකෝපද්‍රව වෙයි. මෙසේ වත් ම බ්‍රහ්මචාරූපද්‍රව වේ.
Pali BJTකථං චානන්ද, ආචරියූපද්දවො හොති: ඉධානන්ද, එකච්චො සත්ථා විවිත්තං සෙනාසනං භජති අරඤ්ඤං රුක්ඛමූලං පබ්බතං කන්දරං ගිරිගුහං සුසානං වනපත්ථං අබ්භොකාසං පලාලපුඤ්ජං. තස්ස තථා වූපකට්ඨස්ස විහරතො අන්වාවට්ටන්ති බ්රාහ්මණගහපතිකා නෙගමා චෙව ජානපදා ච. සො අන්වාවට්ටන්තෙසු{3} බ්රාහ්මණගහපතිකෙසු නෙගමෙසු චෙව ජානපදෙසු ච මුච්ඡති, නිකාමයති, ගෙධං ආපජ්ජති, ආවට්ටති බාහුල්ලාය. අයං වුච්චතානන්ද, උපද්දවො ආචරියො. ආචරියූපද්දවෙන අවධිංසු නං පාපකා අකුසලා ධම්මා සංකිලෙසිකා පොනොබ්භවිකා{4} සදරා දුක්ඛවිපාකා ආයතිං ජාතිජරාමරණියා, එවං ඛො ආනන්ද, ආචරියූපද්දවො හොති.
Sinhala BJTආනන්‍දය, කෙසේ ආචාර්‍ය්‍යෝපද්‍රව වේ යැ යත්: ආනන්‍දය, මෙලො වැ ඇතැම් ශාස්තෘවරයෙක් අරණ්‍ය ය, වෘක්‍ෂමූල ය, පර්‍වත ය, කඳුරැලි ය, ගිරිගුහා ය, ශ්මසාන ය, වන ප්‍රස්ථ ය, අභ්‍යවකාශ ය, පලාලපුඤ්ජ යයි විවික්ත ශායනාසන ඇසුරු කෙරෙයි. එසේ එකලා වැ වාස කරන ඔහු වෙත බමුණු ගැහැවියෝ ද නියම්ගම්වැස්සෝ ද දනව්වැස්සෝ ද එළැඹෙත්. හේ බමුණු ගැහැවියනුදු නියම්ගම්වැස්සනුදු දනව්වැස්සනුදු එළැඹෙන කල තෘෂ්ණායෙන් මූර්ඡිත වෙයි නිකාම කෙරෙයි, ගිජුබවට පැමිණෙයි, ප්‍රත්‍යයබාහුල්‍යයට වැටෙයි. ආනන්‍දය, මේ ආචාර්‍ය්‍යෝපද්‍රව යයි කියනු ලැබේ. ආචාර්‍ය්‍යෝපද්‍රව හේතුයෙන් සංක්ලේශයට හිත වූ පුනර්‍භවය පිණිස පවත්නා දරථ සහිත දුඃඛවිපාක ඇති මතුයෙහි ජාතිජරාමරණයට හිත වූ පාපක අකුශලධර්‍මයෝ ඒ ආචාර්‍ය්‍යවරයා ගුණ මරණයෙන් මැරූහ. ආනන්‍දය, මෙසේ ආචාර්‍ය්‍යයාහට උපද්‍රව වෙයි.
Pali BJTකථං චානන්ද, අන්තෙවාසූපද්දවො හොති: තස්සෙව ඛො පනානන්ද, සත්ථු සාවකො තස්ස සත්ථු විවෙකමනුබ්රූහයමානො විවිත්තං සෙනාසනං භජති අරඤ්ඤං රුක්ඛමූලං පබ්බතං කන්දරං ගිරිගුහං සුසානං වනපත්ථං අබ්භොකාසං පලාලපුඤ්ජං. තස්ස තථා වූපකට්ඨස්ස විහරතො අන්වාවට්ටන්ති බ්රාහ්මණගහපතිකා නෙගමා චෙව ජානපදා ච. යො අන්වාවට්ටන්තෙසු බ්රාහ්මණගහපතිකෙසු නෙගමෙසු චෙව ජානපදෙසු ච මුච්ඡති, නිකාමයති, ගෙධං ආපජ්ජති, ආවට්ටති බාහුල්ලාය. අයං වුච්චතානන්ද, උපද්දවො අන්තෙවාසී. අන්තෙවාසූපද්දවෙන අවධිංසු නං පාපකා අකුසලා ධම්මා සංකිලෙසිකා පොනොබ්භවිකා සදරා දුක්ඛවිපාකා ආයතිං ජාතිජරාමරණියා. එවං ඛො ආනන්ද, අන්තෙවාසූපද්දවො හොති.
Sinhala BJTආනන්‍දය, කිසෙයින් අන්තේවාසිකෝපද්‍රව වේ යැ යත්: ආනන්‍දය, ඒ ශාස්තෘහුගේ මැ සව්වෙක් ඒ ශාස්තෘහුගේ විවේකය අනුව වඩනුයේ අරණ්‍ය ය, වෘක්‍ෂමූල ය, පර්‍වත ය, කඳුරු ය, ගිරිලෙන, සොහොන, වනපෙත, අභ්‍යවකාශ ය, පිදුරුකිළිය යන සෙනසුන් ඇසුරු සෙවෙයි. එසෙයින් එකලා වැ වාස කරන ඔහු වෙත බමුණු ගැහැවියන් හා නියම්ගම් වැස්සෝ ද දනව්වැස්සෝ ද එළැඹෙති. හේ බමුණු ගැහැවියන් හා නියම්ගම් වැස්සනුදු දනව්වැස්සනුදු එළැඹෙත් ම තෘෂ්ණාමුච්ඡායෙන් මුසපත් වෙයි, නිකාම කෙරෙයි, ගිජුබවට පැමිණෙයි, බාහුල්‍යයට වැටෙයි. ආනන්‍දය, මේ අන්තේවාසිකෝපද්‍රව යයි කියනු ලැබේ. අන්තේවාසිකෝපද්‍රව හේතුයෙන් කෙලෙසන පුනර්‍භවය කරන දරථ සහිත දුඃඛවිපාක දෙන මතුයෙහි ජාතිජරාමරණ උදාකරන ලාමක අකුසලදහම්හු ඒ අතවැස්සා ගුණමරණයෙන් මැරූහ. ආනන්‍දය, මෙසේ අන්තේවාසිකෝපද්‍රව වෙයි.
Pali BJTකථං චානන්ද, බ්රහ්මචාරූපද්දවො හොති: ඉධානන්ද, තථාගතො ලොකෙ උප්පජ්ජති අරහං සම්මාසම්බුද්ධො විජ්ජාචරණසම්පන්නො සුගතො ලොකවිදූ අනුත්තරො පුරිසදම්මසාරථි සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවා. සො විවිත්තං සෙනාසනං භජති අරඤ්ඤං රුක්ඛමූලං පබ්බතං කන්දරං ගිරිගුහං සුසානං වනපත්ථං අබ්භොකාසං පලාලපුඤ්ජං. තස්ස තථා වූපකට්ඨස්ස විහරතො අන්වාවට්ටන්ති බ්රාහ්මණගහපතිකා නෙගමා චෙව ජානපදා ච. සො අන්වාවට්ටන්තෙසු බ්රාහ්මණගහපතිකෙසු නෙගමෙසු චෙව ජානපදෙසු ච න මුච්ඡති, න නිකාමයති, න ගෙධං ආපජ්ජති. න ආවට්ටති බාහුල්ලාය. තස්සෙව ඛො පනානන්ද, සත්ථු සාවකො තස්ස සත්ථු විවෙකමනුබ්රූහයමානො විවිත්තං සෙනාසනං භජති අරඤ්ඤං රුක්ඛමූලං පබ්බතං කන්දරං ගිරිගුහං සුසානං වනපත්ථං අබ්භොකාසං පලාලපුඤ්ජං. තස්ස තථා වූපකට්ඨස්ස විහරතො අන්වාවට්ටන්ති බ්රාහ්මණගහපතිකා නෙගමා චෙව ජානපදා ච. සො අන්වාවට්ටන්තෙසු බ්රාහ්මණගහපතිකෙසු නෙගමෙසු චෙව ජානපදෙසු ච මුච්ඡති, නිකාමයති, ගෙධං ආපජ්ජති. ආවට්ටති බාහුල්ලාය. අයං වුච්චතානන්ද, උපද්දවො බ්රහ්මචාරී බ්රහ්මචාරූපද්දවෙන අවධිංසු නං පාපකා අකුසලා ධම්මා සංකිලෙසිකා පොනොභවිකා සදරා දුක්ඛවිපාකා ආයතිං ජාතිජරාමරණියා. එවං ඛො ආනන්ද, බ්රහ්මචාරූපද්දවො හොති.
Sinhala BJTආනන්‍දය, කෙසේ බ්‍රහ්මචාරී උපද්‍රව වේ යැ යත්: ආනන්‍දය, මෙලොවැ අර්‍හත්, සම්‍යක්සම්බුද්ධ, විද්‍යාචරණසම්පන්න, සුගත වූ, ලෝකවිද්, අනුත්තර පුරුෂදම්‍යසාරථි වූ, දෙව්මිනිසුන්ට ශාස්තෘ වූ, චතුස්සත්‍යාවබෝධ කළ භාග්‍යවත් වූ තථාගතයන් වහන්සේ උපදනා සේක. ඔබ අරණ්‍ය ය, වෘක්‍ෂමූල ය, පර්‍වත ය, කන්‍දර ය, ගහ්වර ය, ශ්මසාන ය, වනප්‍රස්ථ ය, අභ්‍යවකාශ ය, පලාලපුඤ්ජ යයි විවික්ත ශායනාසන සෙවුති. එසේ එකලා ව වාස කරන ඔබ වෙත බමුණුගැහැවියෝ ද නියම්ගම්වැස්සෝ ද දනව්වැස්සෝ ද පැමිණෙති. ඔබ බමුණු ගැහැවියනුදු නියම්ගම් වැසියනුදු දනව්වැසියනුදු පැමිණෙන කල මූර්ච්ඡිත නො වෙති, නිකාම නො කෙරෙති, ගේධයට නො පැමිණෙති, බාහුල්‍යයට නො වැටෙත්. ආනන්‍දය, ඒ තථාගත ශාස්තෘන්ගේ මැ සව්වෙක් ඒ ශාස්තෘන්ගේ විවේකය වඩන්නේ අරණ, රුක්මුල, පව්, කඳුරු, ලෙන, සොහොන, වනපෙත, එළිමහන, පිදුරුකිළි යයි ජනසුන් සෙනසුන් සෙවී. එසේ එකලා වැ වාස කරන ඔහු වෙත බ්‍රාහ්මණ ගෘහපතියෝ ද නිගමවාසීහු ද ජනපදවාසීහු ද පැමිණෙති. හේ බ්‍රාහ්මණ ගෘහපතියනුදු නිගමවාසීනුදු ජනපදවාසීනුදු පැමිණෙත් ම තෘෂ්ණාමුච්ඡායෙන් මූර්ච්ඡිත වෙයි, නිකාම කෙරෙයි, ගේධයට පැමිණෙයි, බාහුල්‍යයට වැටෙයි. ආනන්‍දය, මේ බ්‍රහ්මචාරීඋපද්‍රව යයි කියනු ලැබේ. බ්‍රහ්මචාරී උපද්‍රව හේතුයෙන් සංක්ලේශයට හිත වූ පුනර්‍භවයට වැටෙන සදර වූ දුඃඛවිපාක වූ මතු ජාතිජරාමරණයට කරුණු වූ ලමු අකුසලදහම්හු ඒ බ්‍රම්සරහු ගුණමරණයෙන් මැරූහ.
Pali BJTතත්රානන්ද, යො චෙවායං ආචරියූපද්දවො යො ච අන්තෙවාසූපද්දවො, අයං තෙහි බ්රහ්මචාරූපද්දවො දුක්ඛවිපාකතරො චෙව කටුකවිපාකතරො ච, අපි ච විනිපාතාය සංවත්තති.
Sinhala BJTආනන්‍දය, එහි යම් ආචාර්‍ය්‍යෝපද්‍රවයෙක් ඇද්ද, යම් අන්තෙවාසිකොපද්‍රවයෙක් ඇද්ද, ඒ උපද්‍රවයනට වඩා මේ බ්‍රහ්මචාරීඋපද්‍රවය දුඃඛවිපාකතර වෙයි. කටුකවිපාකතර ද වෙයි. තවද විනිපාතයට වැටෙයි.
Pali BJTතස්මාතිහ මං ආනන්ද, මිත්තවතාය සමුදාචරථ, මා සපත්තවතාය. තං වො භවිස්සති දීඝරත්තං හිතාය සුඛාය.
Sinhala BJTආනන්‍දය, එකරුණෙන් මා මෙත්තාප්‍රතිපත්තියෙන් ව්‍යවහාර කරව, වෙරප්‍රතිපත්තියෙන් ව්‍යවහාර නො කරව, එය තොපට දීර්‍ඝරාත්‍රියෙහි හිත පිණිස සුව පිණිස වෙයි.
Pali BJTකථං චානන්ද, සත්ථාරං සාවකා සපත්තවතාය සමුදාචරන්ති නො මිත්තවතාය: ඉධානන්ද, සත්ථා සාවකානං ධම්මං දෙසෙති අනුකම්පකො හිතෙසී අනුකම්පං උපාදාය ඉදං වො හිතාය ඉදං වො සුඛායාති. තස්ස සාවකා න සුස්සූසන්ති, න සොතං ඔදහන්ති, න අඤ්ඤා චිත්තං උපට්ඨපෙන්ති. වොක්කම්ම ච සත්ථුසාසනා වත්තන්ති. එවං ඛො ආනන්ද, සත්ථාරං සාවකා සපත්තවතාය සමුදාචරන්ති නො මිත්තවතාය.
Sinhala BJTආනන්‍දය, කෙසේ සව්වෝ ශාස්තෘන් වහන්සේ වෙරප්‍රතිපත්තියෙන් ව්‍යවහාර කෙරෙති යත්: මෙත්තාප්‍රතිපත්තියෙන් ව්‍යවහාර නො කෙරෙතී යත්: ‘ආනන්‍දය, මෙලොවැ ශාස්තෘන් වහන්සේ අනුකම්පා ඇති වැ හිතෛෂී වැ අනුකම්පා පිණිස සව්වනට දහම් දෙසති. ‘මෙය තොපට හිතපිණිස ය, මෙය තොපට සුව පිණිස ය කියා යි. සව්වෝ ඔබගේ වචනය නො අසනු කැමැති වෙති, කන් නො නතු කෙරෙති, දැනගනුවට සිත නො එළවති, ශාස්තෘශාසනයෙන් ඉවත් වැ වැටෙත්. ආනන්‍දය, මෙසේ සව්වෝ ශාස්තෘන් වහන්සේ වෙරප්‍රතිපත්තියෙන් ව්‍යවහාර කෙරෙති. මෙත්තාප්‍රතිපත්තියෙන් ව්‍යවහාර නො කෙරෙත්.
Pali BJTකථඤ්චානන්ද, සත්ථාරං සාවකා මිත්තවතාය සමුදාචරන්ති නො සපත්තවතාය: ඉධානන්ද, සත්ථා සාවකානං ධම්මං දෙසෙති අනුකම්පකො හිතෙසී අනුකම්පං උපාදාය: ඉදං වො හිතාය ඉදං වො සුඛායාති. තස්ස සාවකා සුස්සූසන්ති, සොතං ඔදහන්ති, අඤ්ඤා චිත්තං{1} උපට්ඨපෙන්ති, න ච වොක්කම සත්ථුසාසනා{2} වත්තන්ති.
Sinhala BJTආනන්‍දය, කෙසේ සව්වෝ ශාස්තෘන් වහන්සේ මෙත්තාප්‍රතිපත්තියෙන් ව්‍යවහාර කෙරෙති යත්: වෙරප්‍රතිපත්තියෙන් ව්‍යවහාර නො කෙරෙතී යත්: ‘ආනන්‍දය, මෙලොවැ ශාස්තෘන් වහන්සේ අනුකම්පක ව හිතෛෂී ව අනුකම්පා පිණිස සව්වනට දහම් දෙසති. ‘මෙය තොපට හිත පිණිස ය, මෙය තොපට සුව පිණිස ය කියා’ යි. සව්වෝ ඔබගේ වචනය අසනු කැමැති වෙති, කන් නතු කෙරෙති, දැනගන්නට සිත එළවති, ශාස්තෘශාසනයෙන් ඉවත් ව නො ද වැටෙත්.
Pali BJTඑවං ඛො ආනන්ද, සත්ථාරං සාවකා මිත්තවතාය සමුදාචරන්ති, නො සපත්තවතාය. තස්මාතිහ මං ආනන්ද, මිත්තවතාය සමුදාචරථ, මා සපත්තවතාය. තං වො භවිස්සති දීඝරත්තං හිතාය සුඛාය. න ඛො අහං ආනන්ද, තථා පරක්කමිස්සාමි. යථා කුම්භකාරො ආමකෙ ආමකමත්තෙ. නිග්ගය්හ නිග්ගය්හාහං ආනන්ද, වක්ඛාමි. පවය්හ ආනන්ද, පවය්හ වක්ඛාමි. යො සාරො සො ඨස්සතීති.
Sinhala BJTආනන්‍දය, මෙසෙයින් සව්වෝ ශාස්තෘන් වහන්සේ මෙත්තාප්‍රතිපත්තියෙන් ව්‍යවහාර කෙරෙති, වෙරප්‍රතිපත්තියෙන් ව්‍යවහාර නො කෙරෙත්. ආනන්‍දය, එකරුණෙන් මා මෙත්තාප්‍රතිපත්තියෙන් ව්‍යවහාර කරව, වෙරප්‍රතිපත්තියෙන් ව්‍යවහාර නො කරව, එය තොපට දීර්‍ඝරාත්‍රයෙහි හිත පිණිස සුව පිණිස වෙයි. ආනන්‍දය, යම් පරිදි කුම්භකාරයෙක් අපක්ව වූ අමු මැටිබඳුනෙහි ක්‍රියා කෙරේ ද, මම එපරිදි නො පිළිපදිමි. ආනන්‍දය, මම පුනපුනා නිග්‍රහ කොට කියමි. ආනන්‍දය, දොස් පුනපුනා නෙර කියමි. යම් සාරයෙක් ඇද්ද, ඒ සිටුනේය කියා යි.
Pali BJTඉදමවොච භගවා. අත්තමනො ආයස්මා ආනන්දො භගවතො භාසිතං අභිනන්දීති.
Sinhala BJTභාග්‍යවතුන් වහන්සේ මේ මහාසුඤ්ඤත සුත වදාළ සේක. සතුටු සිත් ඇති ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය සතුටින් පිළිගත්හ.
Pali BJTමහාසුඤ්ඤත සුත්තං දුතියං.
Sinhala BJTදෙවැනි මහාසුඤ්ඤතසූත්‍ර යි.
Pali BJT3. 3. 3.
Sinhala BJT3. 3. 3.
Pali BJTඅච්ඡරියබ්භුත සුත්තං
Sinhala BJTඅච්ඡරියබ්භුත සූත්‍රය
Pali BJTඑවං මෙ සුතං: එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. අථ ඛො සම්බහුලානං භික්ඛූනං පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තානං උපට්ඨානසාලායං සන්නිසින්නානං සන්නිපතිතානං අයමන්තරා කථා උදපාදි: අච්ඡරියං ආවුසො, අබ්භුතං ආවුසො, තථාගතස්ස මහිද්ධිකතා මහානුභාවකතා{1}. යත්ර හි නාම තථාගතො අතීතෙ බුද්ධෙ පරිනිබ්බුතෙ ඡින්නපපඤ්චෙ ඡින්නවටුමෙ පරියාදින්නවට්ටෙ සබ්බදුක්ඛවීතිවත්තෙ ජානිස්සති: එවංජච්චා තෙ භගවන්තො අහෙසුං ඉතිපි, එවංනාමා තෙ භගවන්තො අහෙසුං ඉතිපි, එවංගොත්තා තෙ භගවන්තො අහෙසුං ඉතිපි, එවංසීලා තෙ භගවන්තො අහෙසුං ඉතිපි, එවංධම්මා තෙ භගවන්තො අහෙසුං ඉතිපි, එවංපඤ්ඤා තෙ භගවන්තො අහෙසුං ඉතිපි, එවංවිහාරී තෙ භගවන්තො අහෙසුං ඉතිපි, එවංවිමුත්තා තෙ භගවන්තො අහෙසුං ඉතිපීති.
Sinhala BJTමා විසින් මෙසේ අසන ලද: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි ජේතවන නම් අනේපිඬු සිටුහු ගේ අරම්හි වැඩවසන සේක. එකල්හි පසුබත පිණ්ඩපාතයෙන් වැළැකුණු උවටන්හල්හි එක්රැස්ව වැඩහුන් බොහෝ භික්‍ෂූන් ගේ මේ අතුරුකථායෙක් පහළ වී: යම් තථාගතයන් වහන්සේ කෙනෙක් තෘෂ්ණාමානදෘෂ්ටි සුන් කළ කම්වට සුන් කළ ගෙවාලූ කම්වට ඇති හැම විවාදුක් ඉක්මැ සිටි පිරිනිවි අතීත බුදුවරයන් දත්සේක් ද, ඇවත, තථාගතයන් වහන්සේ ගේ මහත්-ඍද්ධි ඇති බව මහත්-අනුභාව ඇති බව ආශ්චර්‍ය්‍ය යැ, ඇවත, අද්භූත යැ. කිසේ යැ යත්: ඒ භාග්‍යවත්හු මෙබඳු ගොත් ඇති වූහ’ යි කියා ද, ඒ භාග්‍යවත්හු මෙබඳු නම් ඇති වූහ’ යි කියා ද ඒ භාග්‍යවත්හු මෙබඳු ගොත් ඇති වූ හ’ යි කියා ද, ඒ භාග්‍යවත්හු මෙබඳු සිල් ඇති වූහ’ යි කියා ද, ඒ භාග්‍යවත්හු මෙබඳු දහම් ඇති වූහ’ යි කියා ද, ඒ භාග්‍යවත්හු මෙබඳු ප්‍රඥා ඇති වූ හ’ යි කියා ද, ඒ භාග්‍යවත්හු මෙබඳු විහරණ ඇති වූ හ’ යි කියා ද, ඒ භාග්‍යවත්හු මෙසේ විමුක්ත වූහ’ යි කියා ද, දත්හ’ යි.
Pali BJTඑවං වුත්තෙ ආයස්මා ආනන්දො තෙ භික්ඛූ එතදවොච: අච්ඡරියා චෙව ආවුසො, තථාගතා අච්ඡරියධම්මසමන්නාගතා ච අබ්භුතා චෙව ආවුසො, තථාගතා අබ්භුතධම්මසමන්නාගතා චාති.
Sinhala BJTමෙසේ කී කල්හි, ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ ඒ භික්‍ෂූන් හට මෙසේ කීහ: ඇවැත්නි, තථාගතවරයෝ ආශ්චර්‍ය්‍යය ද වෙති, ආශ්චර්‍ය්‍යධර්‍ම සමන්‍වාගත ද වෙති. ඇවැත්නි, තථාගතවරයෝ අද්භූත ද වෙති, අද්භූතධර්‍ම සමන්‍වාගත ද වෙත් යයි.
Pali BJTඅයඤ්ච හිදං තෙසං භික්ඛූනං අන්තරා කථා විප්පකතා හොති. අථ ඛො භගවා සායන්හසමයං පතිසල්ලානා වුට්ඨිතො යෙනුපට්ඨානසාලා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා පඤ්ඤත්තෙ ආසනෙ නිසීදි. නිසජ්ජ ඛො භගවා භික්ඛූ ආමන්තෙසි:
Sinhala BJTඒ භික්‍ෂූන් ගේ මේ අතුරු කථාව කොට අඩාළ වෙයි. එසඳ භාග්‍යවතුන් වහන්සේ පිළිසලනින් නැගීසිටි සේක් උවටන්හල කරා වැඩි සේක. වැඩ පැන්වූ අස්නෙහි හුන් සේක. භාග්‍යවතුන් වහන්සේ වැඩහිඳ සඟුන් ඇමතූ සේක:
Pali BJTකාය නුත්ථ භික්ඛවෙ, එතරහි කථාය සන්නිසින්නා, කා ච පන වො අන්තරා කථා විප්පකතාති.
Sinhala BJTමහණෙනි, දැන් මා එන්නට පළමු ව කිනම් කථායෙකින් යුක්ත ව රැස්ව හුන්නහු ද? තොප ගේ කිනම් අතුරු කථාවක් කොට අඩාළ වී දැ’ යි, පුළුවුත් සේක.
Pali BJTඉධ භන්තෙ, අම්හාකං පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තානං උපට්ඨානසාලායං සන්නිසින්නානං සන්නිපතිතානං අයමන්තරා කථා උදපාදි: අච්ඡරියං ආවුසො, -පෙ- එවංවිමුත්තා තෙ භගවන්තො අහෙසුං ඉතිපීති. එවං වුත්තෙ භන්තෙ, ආයස්මා ආනන්දො අම්හෙ එතදවොච: අච්ඡරියා චෙව ආවුසො, තථාගතා අච්ඡරියධම්මසමන්නාගතා ච, අබ්භුතා චෙව ආවුසො, තථාගතා අබ්භුතධම්මසමන්නාගතාචාති. අයං ඛො නො භන්තෙ, අන්තරාකථා විප්පකතා. අථ භගවා අනුප්පත්තොති.
Sinhala BJTවහන්ස, මෙහි පසුබත පිණ්ඩපාතයෙන් වැළැකුණු උවටන්හලැ රැස්වැ හුන් අප ගේ මේ අතුරු කථාව උපන: ‘ඇවැත්නි, ආශ්චර්‍ය්‍ය යැ… ඒ භාග්‍යවත්හු මෙසේ විමුක්ත වූහ’යි කියා යි. වහන්ස, මෙසේ කී කල්හි ආයුෂ්මත් අනඳ තෙරණුවෝ අපට තෙල කීහ: ‘ඇවැත්නි, තථාගතවරයෝ ආශ්චර්‍ය්‍යය වූවාහු ද ආශ්චර්‍ය්‍යධර්‍මසමන්‍වාගත වූවාහු ද වෙති. ඇවැත්නි, තථාගතවරයෝ අද්භූත වූවාහු ද අද්භූතධර්‍මසමන්‍වාගත වූවාහු ද වෙත් ’ යයි. වහන්ස, මේ අප ගේ කොට අඩාළ වූ අතුරු කථාව වී. එකල්හි භාග්‍යවතුන් වහන්සේ අනුප්‍රාප්ත සේකැ ’ යි.
Pali BJTඅථ ඛො භගවා ආයස්මන්තං ආනන්දං ආමන්තෙසි: තස්මාතිහ තං ආනන්ද, භිය්යොසොමත්තාය පටිභන්තු තථාගතස්ස අච්ඡරියා අබ්භුතධම්මාති.
Sinhala BJTඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් ආනන්‍ද තෙරුන් ඇමතූ සේක: “ආනන්‍දය එහෙයින් තථාගතයන් ගේ ආශ්චර්‍ය්‍යය අද්භූතධර්‍මයෝ තොපට අධිමාත්‍ර ව වැටැහෙත්ව” යි, වදාළහ.
Pali BJTසම්මුඛා මෙතං භන්තෙ, භගවතො සුතං, සම්මුඛා පටිග්ගහිතං: සතො සම්පජානො ආනන්ද{1}, බොධිසත්තො තුසිතං කායං උපපජ්ජීති. යම්පි භන්තෙ, සතො සම්පජානො බොධිසත්තො තුසිතං කායං උපපජ්ජි ඉදමහං භන්තෙ, භගවතො අච්ඡරියං අබ්භුතධම්මං ධාරෙමි.
Sinhala BJTවහන්ස, මා විසින් තෙල කරුණ භාග්‍යවතුන් වහන්සේ ගේ සම්මුඛයෙහි අසන ලද, සම්මුඛයෙහි පිළිගන්නා ලද: “ආනන්‍දය, බෝසත්හු ස්මෘතිමත් ව සම්‍යග්ඥාන ඇති ව තුසීකයට එළඹුණහ” යි. වහන්ස, ‘බෝසත්හු ස්මෘතිමත් ව සම්ප්‍රඥාන ඇති ව තුසීකයට එළඹුණහ’ යන යමක් ඇද්ද, වහන්ස, මම භාග්‍යවතුන් වහන්සේ ගේ මේ ආශ්චර්‍ය්‍යය අද්භූත ධර්‍මය ද ධරමි.
Pali BJTසම්මුඛා මෙතං භන්තෙ, භගවතො සුතං, සම්මුඛා පටිග්ගහිතං: සතො සම්පජානො ආනන්ද, බොධිසත්තො තුසිතෙ කායෙ අට්ඨාසීති. යම්පි භන්තෙ සතො සම්පජානො බොධිසත්තො තුසිතෙ කායෙ අට්ඨාසි. ඉදම්පාහං භන්තෙ, භගවතො අච්ඡරියං අබ්භුතධම්මං ධාරෙමි.
Sinhala BJTවහන්ස, මා විසින් භාග්‍යවතුන් වහන්සේ හමියෙහි තෙල අසන ලද, හමියෙහි පිළිගන්නා ලද, “ආනන්‍දය, බෝසත්හු ස්මෘතිමත් ව සම්ප්‍රඥාන ඇති ව තුසීකයෙහි සිටියහ” යි. වහන්ස, ‘බෝසත්හු ස්මෘතිමත් ව සම්ප්‍රඥාන ඇති ව තුසීකයෙහි සිටියහ’ යන යමක් ඇද්ද, වහන්ස, මම භාග්‍යවතුන් වහන්සේ ගේ මේ ආශ්චර්‍ය්‍යය අද්භූත ධර්‍මය ද ධරමි.
Pali BJTසම්මුඛා මෙතං භන්තෙ, භගවතො සුතං, සම්මුඛා පටිග්ගහිතං: යාවතායුකං ආනන්ද, බොධිසත්තො තුසිතෙ කායෙ අට්ඨාසීති. යම්පි භන්තෙ, යාවතායුකං බොධිසත්තො තුසිතෙ කායෙ අට්ඨාසි. ඉදම්පාහං භන්තෙ, භගවතො අච්ඡරියං අබ්භුතධම්මං ධාරෙමි.
Sinhala BJTවහන්ස, මා විසින් භාග්‍යවතුන් වහන්සේ හමියෙහි තෙල අසන ලද, හමියෙහි පිළිගන්නා ලද: “ආනන්‍දය, බෝසත්හු ආයු ඇති තාක් තුසීකයෙහි සිටියහ” යි. වහන්ස, ‘බෝසත්හු ආයු ඇති තාක් තුසීකයෙහි සිටියහ’ යන යමක් ඇද්ද, වහන්ස, මම භාග්‍යවතුන් වහන්සේ ගේ මේ ආශ්චර්‍ය්‍යය අද්භූත ධර්‍මය ද ධරමි.
Pali BJTසම්මුඛා මෙතං භන්තෙ, භගවතො සුතං, සම්මුඛා පටිග්ගහිතං: සතො සම්පජානො ආනන්ද, බොධිසත්තො තුසිතා කායා චවිත්වා මාතුකුච්ඡිං ඔක්කමීති. යම්පි භන්තෙ, සතො සම්පජානො බොධිසත්තො තුසිතා කායා චවිත්වා මාතුකුච්ඡිං ඔක්කමි, ඉදම්පාහං භන්තෙ, භගවතො අච්ඡරියං අබ්භුතධම්මං ධාරෙමි.
Sinhala BJTවහන්ස, මා විසින් භාග්‍යවතුන් හමියෙහි තෙල අසන ලද, හමියෙහි පිළිගන්නා ලද: “ආනන්‍දය, බෝසත්හු ස්මෘතිමත් ව සම්ප්‍රඥාන ඇති ව තුසීකයෙන් සැව මව්කුස පිලිසඳ ගත්හ” යි. වහන්ස, ‘බෝසත්හු ස්මෘතිමත් ව සම්ප්‍රඥාන ඇති ව තුසීකයෙන් සැව මව්කුස පිලිසඳ ගත්හ’ යන යමක් ඇද්ද, වහන්ස, මම භාග්‍යවතුන් වහන්සේ ගේ මේ ආශ්චර්‍ය්‍යය අද්භූත ධර්‍මය ද ධරමි.
Pali BJTසම්මුඛා මෙතං භන්තෙ, භගවතො සුතං, සම්මුඛා පටිග්ගහිතං: යදා ආනන්ද, බොධිසත්තො තුසිතා කායා චවිත්වා මාතුකුච්ඡිං ඔක්කමි. අථ සදෙවකෙ ලොකෙ සමාරකෙ සබ්රහ්මකෙ සස්සමණබ්රාහ්මණියා පජාය සදෙවමනුස්සාය අප්පමාණො උළාරො ඔභාසො ලොකෙ පාතුභවති අතික්කම්මෙව දෙවානං දෙවානුභාවං. යාපි තා ලොකන්තරිකා අඝා අසංවුතා අන්ධකාරා අන්ධකාරතිමිසා, යත්ථපිමෙ චන්දිමසූරියා එවංමහිද්ධිකා එවංමහානුභාවා ආභාය නානුභොන්ති තත්ථපි අප්පමාණො උළාරො ඔභාසො ලොකෙ පාතුභවති අතික්කම්මෙව දෙවානං දෙවානුභාවං. යෙපි තත්ථ සත්තා උපපන්නා, තෙපි තෙනොභාසෙන අඤ්ඤමඤ්ඤං සඤ්ජානන්ති: අඤ්ඤෙපි කිර භො සන්ති සත්තා ඉධූපපන්නාති. අයඤ්ච දසසහස්සී ලොකධාතු සඞ්කම්පති සම්පකම්පති සම්පවෙධති. අප්පමාණො ච උළාරො ඔභාසො ලොකෙ පාතුභවති අතික්කම්මෙව දෙවානං දෙවානුභාවන්ති. යම්පි භන්තෙ, -පෙ- ඉදම්පාහං භන්තෙ, භගවතො අච්ඡරියං අබ්භුතධම්මං ධාරෙමි.
Sinhala BJTවහන්ස, මා විසින් භාග්‍යවතුන් වහන්සේ හමියෙහි තෙල අසන ලද, හමියෙහි පිළිගන්නා ලද: “ආනන්‍දය, යම් කලෙක තුසීකයෙන් සැව මව්කුස පිලිසඳ ගත්තේ වේ ද, එකල මරුන් සහිත බඹුන් සහිත දෙවියන් සහිත ලෝකයෙහි මහණබමුණන් සහිත දෙවිමිනිසුන් සහිත ප්‍රජායෙහි දෙවියන් ගේ දේවානුභාව ඉක්මැගෙන ම අප්‍රමාණ වූ උදාර වූ අවභාසයෙක් පහළ වෙතී”. “නිත්‍යවිවෘත වූ අසංවෘත වූ අන්‍ධකාර වූ ඝනාන්‍ධකාර ඇති යම් ලෝකන්තරික නිරය කෙනෙක් ඇද්ද, යම් නිරයෙක මෙසේ මහත් ඍද්ධි ඇති මහත් අනුභාව ඇති මේ සඳහිරු දෙදෙනා පවා සිය එළියෙන් වළඳ නො කෙරෙත් ද, එබඳු ඒ ලෝකන්තරිකයෙහි දු දෙවියන් ගේ දේවානුභාව ඉක්මැගෙන ම නො පමණ උදාර එළියෙක් ලෝකයෙහි පහළ වෙයි’. ඒ නිරෑහි යම් සත්ත්‍ව කෙනෙක් උපන්හු ද, ඒ සත්හු දු ඒ එළියෙන් ‘මෙහි උපන් අන්‍ය සත්ත්‍වයෝත් ඇති’ යි උනුන් හඳුනාගනිත්. මේ දශසහශ්‍රී ලෝකධාතුව ද කම්පිත වෙයි, ප්‍රකර්‍ෂයෙන් කම්පිත වෙයි, වෙසෙසින් වෙවුලයි. දෙවියන් ගේ දේවානුභාව ඉක්මැ ගෙන ම අප්‍රමාණ වූ උදාර වූ අවභාසයෙක් ලෝකයෙහි පහළ වෙතී” ඇසිණ. වහන්ස, … මම භාග්‍යවතුන් වහන්සේ ගේ මේ ආශ්චර්‍ය්‍යය අද්භූත ධර්‍මය ද ධරමි.
Pali BJTසම්මුඛා මෙතං භන්තෙ, භගවතො සුතං, සම්මුඛා පටිග්ගහිතං: යදා ආනන්ද, බොධිසත්තො මාතුකුච්ඡිං ඔක්කන්තො හොති. චත්තාරො නං දෙවපුත්තා{2} චතුද්දිසං ආරක්ඛාය උපගච්ඡන්ති: මා නං ඛො බොධිසත්තං වා බොධිසත්තමාතරං වා මනුස්සො වා අමනුස්සො වා කොචි වා විහෙඨෙසීති{3}. යම්පි භන්තෙ, -පෙ- ඉදම්පාහං භන්තෙ, භගවතො අච්ඡරියං අබ්භුතධම්මං ධාරෙමි.
Sinhala BJTවහන්ස, මා විසින් භාග්‍යවතුන් වහන්සේ හමියෙහි තෙල අසන ලද, හමියෙහි පිළිගන්නා ලද: “ආනන්‍දය, යම් කලෙක බෝසත් මව්කුස පිලිසඳ ගන්නේ වේ ද, එකල මිනිසෙක් වේවයි, නො මිනිසෙක් වේව’ යි, කිසිවෙක් ඒ බෝසත් හෝ බෝසත්මව හෝ නහමක් පෙළාව’ යි, සතරවරම් දෙව්පුත්හු සිවුදිග ආරක්‍ෂා පිණිස ඔහු කරා පැමිණෙතී.” වහන්ස, … මම භාග්‍යවතුන් වහන්සේ ගේ මේ ආශ්චර්‍ය්‍යය අද්භූත ධර්‍මය ද ධරමි.
Pali BJTසම්මුඛා මෙතං භන්තෙ, භගවතො සුතං සම්මුඛා පටිග්ගහිතං: යදා ආනන්ද, බොධිසත්තො මාතුකුච්ඡිං ඔක්කන්තො හොති. පකතියා සීලවතී බොධිසත්තමාතා හොති. විරතා පාණාතිපාතා, විරතා අදින්නාදානා, විරතා කාමෙසුමිච්ඡාචාරා, විරතා මුසාවාදා, විරතා සුරාමෙරයමජ්ජපමාදට්ඨානාති. යම්පි භන්තෙ -පෙ- ඉදම්පාහං භන්තෙ, භගවතො අච්ඡරියං අබ්භුතධම්මං ධාරෙමි.
Sinhala BJTවහන්ස, මා විසින් භාග්‍යවතුන් වහන්සේ හමුවෙහි තෙල අසන ලද, හමුවෙහි පිළිගන්නා ලද: “ආනන්‍දය, යම් කලෙක බෝසත් මව්කුස පිලිසඳ ගනී ද, එකල බෝසත් මව පියවින් සිල්වත් වෙයි, පණිවායෙන් දුරු වෙයි, අයිනාදනින් දුරු වෙයි, කාමයෙහි මිසහසරින් දුරු වෙයි, මුසවායෙන් දුරු වෙයි, මද්‍යප්‍රමාදස්ථාන වූ රහමෙරින් දුරු වෙතී.” වහන්ස, මම භාග්‍යවතුන් වහන්සේ ගේ මේ ආශ්චර්‍ය්‍යය අද්භූත ධර්‍මය ද ධරමි.
Pali BJTසම්මුඛා මෙතං භන්තෙ, භගවතො සුතං, සම්මුඛා පටිග්ගහිතං: යදා ආනන්ද, බොධිසත්තො මාතුකුච්ඡිං ඔක්කන්තො හොති. න බොධිසත්තමාතු පුරිසෙසු මානසං උප්පජ්ජති කාමගුණූපසංහිතං. අනතික්කමනීයා ච බොධිසත්තමාතා හොති කෙනචි පුරිසෙන රත්තචිත්තෙනාති. යම්පි භන්තෙ, -පෙ- ඉදම්පාහං භන්තෙ, භගවතො අච්ඡරියං අබ්භුතධම්මං ධාරෙමි.
Sinhala BJTවහන්ස, මා විසින් භාග්‍යවතුන් වහන්සේ හමියෙහි තෙල අසන ලද, හමුවෙහි පිළිගන්නා ලද: “ආනන්‍දය, යම් කලෙක බෝසත් මවුකුස පිලිසඳ ගනී ද, එකල බෝසත් මව ගේ කාමගුණෝපසංහිත සිතෙක් පුරුෂයන් කෙරෙහි නූපදනේ ය, රාගයෙන් රත් සිතැති යම් මැ පුරුෂයකු විසින් බෝසත්මව අනතික්‍රමණීය ද වෙතී.” වහන්ස, මම … භාග්‍යවතුන් වහන්සේ ගේ මේ ආශ්චර්‍ය්‍යය අද්භූත ධර්‍මය ද ධරමි.
Pali BJTසම්මුඛා මෙතං භන්තෙ, භගවතො සුතං, සම්මුඛා පටිග්ගහිතං: යදා ආනන්ද, බොධිසත්තො මාතුකුච්ඡිං ඔක්කන්තො හොති. ලාභිනී බොධිසත්තමාතා හොති පඤ්චන්නං කාමගුණානං. සා පඤ්චහි කාමගුණෙහි සමප්පිතා සමඞ්ගීභූතා පරිචාරෙතීති. යම්පි භන්තෙ, -පෙ- ඉදම්පාහං භන්තෙ, භගවතො අච්ඡරියං අබ්භුතධම්මං ධාරෙමි.
Sinhala BJTවහන්ස, මා විසින් භාග්‍යවතුන් වහන්සේ හමියෙහි තෙල අසන ලද, හමියෙහි පිළිගන්නා ලද: “ආනන්‍දය, යම් කලෙක බෝසත් මව්කුස පිලිසඳ දනී ද, එකල බෝසත්මව පස්කම්ගුණ ලබනසුලු වෙයි. ඕ පස්කම්ගුණයෙන් සමර්පිත ව සමන්‍විත ව ඉඳුරන් පිනවතී.” වහන්ස, … මම භාග්‍යවතුන් වහන්සේ ගේ මේ ආශ්චර්‍ය්‍යය අද්භූත ධර්‍මය ද ධරමි.
Pali BJTසම්මුඛා මෙතං භන්තෙ, භගවතො සුතං, සම්මුඛා පටිග්ගහිතං: යදා ආනන්ද, බොධිසත්තො මාතුකුච්ඡිං ඔක්කන්තො හොති. න බොධිසත්තමාතු කොචිදෙව ආබාධො උප්පජ්ජති. සුඛිනී බොධිසත්තමාතා හොති අකිලන්තකායා. බොධිසත්තඤ්ච බොධිසත්තමාතා තිරොකුච්ඡිගතං පස්සති සබ්බඞ්ගපච්චඞ්ගං අහීනින්ද්රියං. සෙය්යථාපි ආනන්ද, මණි වෙළුරියො සුභො ජාතිමා අට්ඨංසො සුපරිකම්මකතො. තත්රාස්ස සුත්තං ආවුතං නීලං වා පීතං වා ලොහිතං වා ඔදාතං වා පණ්ඩුසුත්තං වා. තමෙනං චක්ඛුමා පුරිසො හත්ථෙ කරිත්වා පච්චවෙක්ඛෙය්ය: අයං ඛො මණි වෙළුරියො සුභො ජාතිමා අට්ඨංසො සුපරිකම්මකතො. තත්රිදං සුත්තං ආවුතං නීලං වා පීතං වා ලොහිතං වා ඔදාතං වා පණ්ඩුසුත්තං වාති. එවමෙව ඛො ආනන්ද, යදා බොධිසත්තො මාතුකුච්ඡිං ඔක්කන්තො හොති. න බොධිසත්තමාතු කොචිදෙව ආබාධො උප්පජ්ජති. සුඛිනී බොධිසත්තමාතා හොති අකිලන්තකායා. බොධිසත්තඤ්ච බොධිසත්තමාතා තිරොකුච්ඡිගතං පස්සති සබ්බඞ්ගපච්චඞ්ගං අහීනින්ද්රියන්ති. යම්පි භන්තෙ -පෙ- ඉදම්පාහං භන්තෙ, භගවතො අච්ඡරියං අබ්භුතධම්මං ධාරෙමි.
Sinhala BJTවහන්ස, මා විසින් භාග්‍යවතුන් වහන්සේ ගේ හමියෙහි තෙල අසන ලද, හමියෙහි පිළිගන්නා ලද: “ආනන්‍දය, යම් කලෙක බෝසත් මව්කුස පිලිසඳ සනී ද, එකල බෝසත්මවට කිසිදු ආබාධයෙක් නූපදනේ ය. බෝසත්මව නො කලකුළු කය ඇති ව සුඛිනී වෙයි, බෝසත්මව බෝසතු ද කුසතුළ සිටියහු හැම අඟපසඟ ඇතියහු නුහුනු ඉඳුරන් ඇතියහු දක්නී ය. ආනන්‍දය, යම්පරිදි ශුභ වූ ජාතිමත් වූ අෂ්ටාංශ වූ මොනොවට පිරියම් කළ වෙරළුමිණෙක් වේ ද, එහි නිල් වූ හෝ කසාවන් වූ හෝ ලේවන් වූ හෝ සුදු වූ හෝ පඬුවන් වූ හෝ හුයෙක් අවුණන ලද ද, ඇස් ඇති පුරුෂයෙක් තෙල හුය අතෙහි ලා බලා නම් මේ වෙරළුමිණ ශුභ යැ, ජාතිමත් යැ, අෂ්ටාංශ යැ, සුපරිකර්‍මකෘත ද වෙයි. එහි නිල්වන් හෝ කසාවන් හෝ ලෙහෙවන් හෝ සුදු වූ හෝ පඬුවන් හෝ මේ හුයෙක් අවුණන ලදැ යි දක්නේ වේ ද, ආනන්‍දය, එපරිදි මැ යම් කලෙක බෝසත් මව්කුස පිලිසඳ ගනී ද, එකල බෝසත්මවට කිසිදු අබාධයෙක් නූපදනේ ය. බෝසත්මව ක්ලාන්ත නො වූ කය ඇති ව සුඛිත ව සිටුනී ය. බෝසත්මව බෝසතු ද කුසතුළ සිටියහු අඟපසඟ ඇතියහු නුහුනු ඉඳුරන් ඇතියහු දක්නී” යයි. වහන්ස, මම භාග්‍යවතුන් වහන්සේ ගේ මේ ආශ්චර්‍ය්‍යය අද්භූත ධර්‍මය ද ධරමි.
Pali BJTසම්මුඛා මෙතං භන්තෙ, භගවතො සුතං, සම්මුඛා පටිග්ගහිතං: සත්තාහජාතෙ ආනන්ද, බොධිසත්තෙ බොධිසත්තමාතා කාලං කරොති. තුසිතං කායං උපපජ්ජතී’ති. යම්පි භන්තෙ -පෙ- ඉදම්පාහං භන්තෙ, භගවතො අච්ඡරියං අබ්භුතධම්මං ධාරෙමි.
Sinhala BJTවහන්ස, මා විසින් භාග්‍යවතුන් වහන්සේ ගේ හමුවෙහි තෙල අසන ලද, හමුවෙහි පිළිගන්නා ලද: “ආනන්‍දය, බෝසතුන් උපන් සත්වනදා බෝසත්මව කලුරිය කෙරෙයි, තුසීකයට එළෙඹෙතී.” වහන්ස, … මම භාග්‍යවතුන් වහන්සේ ගේ මේ ආශ්චර්‍ය්‍යය අද්භූත ධර්‍මය ද ධරමි.
Pali BJTසම්මුඛා මෙතං භන්තෙ, භගවතො සුතං, සම්මුඛා පටිග්ගහිතං: යථා ඛො පනානන්ද අඤ්ඤා ඉත්ථිකා නව වා දස වා මාසෙ ගබ්භං කුච්ඡිනා පරිහරිත්වා විජායන්ති. න හෙවං බොධිසත්තං බොධිසත්තමාතා විජායති. දසෙව මාසානි බොධිසත්තං බොධිසත්තමාතා කුච්ඡිනා පරිහරිත්වා විජායතීති. යම්පි භන්තෙ -පෙ- ඉදම්පාහං භන්තෙ, භගවතො අච්ඡරියං අබ්භුතධම්මං ධාරෙමි.
Sinhala BJTවහන්ස, මා විසින් භාග්‍යවතුන් වහන්සේ ගේ හමුවෙහි තෙල අසන ලද, හමුවෙහි පිළිගන්නා ලද: “ආනන්‍දය, යම්සේ අන්‍ය ස්ත්‍රීහු නවමසක් හෝ දසමසක් හෝ දරුගබ් කුසින් ධරාසිට ප්‍රසව කෙරෙත් ද, එසේ බෝසත්මව බෝසතුන් ප්‍රසව නො කෙරේ, බෝසත්මව දසමසක් ම බෝසතුන් කුසින් ධරාසිට ප්‍රසව කෙරෙතී.” වහන්ස, … මම භාග්‍යවතුන් වහන්සේ ගේ මේ ආශ්චර්‍ය්‍යය අද්භූත ධර්‍මය ද ධරමි.
Pali BJTසම්මුඛා මෙතං භන්තෙ, භගවතො සුතං, සම්මුඛා පටිග්ගහිතං: යථා ඛො පනානන්ද, අඤ්ඤා ඉත්ථිකා නිසින්නා වා නිපන්නා වා විජායන්ති. න හෙවං බොධිසත්තං බොධිසත්තමාතා විජායති. ඨිතාව ඛො බොධිසත්තං බොධිසත්තමාතා විජායතීති. යම්පි භන්තෙ -පෙ- ඉදම්පාහං භන්තෙ, භගවතො අච්ඡරියං අබ්භුතධම්මං ධාරෙමි.
Sinhala BJTවහන්ස, මා විසින් භාග්‍යවතුන් වහන්සේ හමියෙහි තෙල අසන ලද, හමියෙහි පිළිගන්නා ලද: “ආනන්‍දය, යම්සේ සෙසු ස්ත්‍රීහු හුන්නාහු හෝ හොත්තාහු හෝ ප්‍රසව කෙරෙත් ද, එසේ බෝසත්මව බෝසතුන් ප්‍රසව නො කෙරෙයි. බෝසත් මව සිටියා මැ බෝසතුන් ප්‍රසව කෙරෙතී.” වහන්ස, … මම භාග්‍යවතුන් වහන්සේ ගේ මේ ආශ්චර්‍ය්‍යය අද්භූත ධර්‍මය ද ධරමි.
Pali BJTසම්මුඛා මෙතං භන්තෙ, භගවතො සුතං, සම්මුඛා පටිග්ගහිතං: යදා ආනන්ද, බොධිසත්තො මාතුකුච්ඡිම්හා නික්ඛමති, දෙවා නං පඨමං පටිග්ගණ්හන්ති, පච්ඡා මනුස්සාති. යම්පි භන්තෙ -පෙ- ඉදම්පාහං භන්තෙ, භගවතො අච්ඡරියං අබ්භුතධම්මං ධාරෙමි.
Sinhala BJTවහන්ස, මා විසින් භාග්‍යවතුන් වහන්සේ ගේ හමියෙහි තෙල අසන ලද, හමියෙහි පිළිගන්නා ලද: “ආනන්‍දය, යම් දිනෙක බෝසත් මව්කුසින් නික්මේ ද, එකල දෙවියෝ පළමු ඔහු පිළිගනිති, පසුව මිනිස්සු පිළිගනිතී.” වහන්ස, … මම භාග්‍යවතුන් වහන්සේ ගේ මේ ආශ්චර්‍ය්‍යය අද්භූත ධර්‍මය ද ධරමි.
Pali BJTසම්මුඛා මෙතං භන්තෙ, භගවතො සුතං, සම්මුඛා පටිග්ගහිතං: යදා ආනන්ද, බොධිසත්තො මාතුකුච්ඡිම්හා නික්ඛමති, අප්පත්තොව බොධිසත්තො පථවිං හොති. චත්තාරො නං දෙවපුත්තා පටිග්ගහෙත්වා මාතු පුරතො ඨපෙන්ති: අත්තමනා දෙවි හොහි, මහෙසක්ඛො තෙ පුත්තො උප්පන්නොති. යම්පි භන්තෙ -පෙ- ඉදම්පාහං භන්තෙ, භගවතො අච්ඡරියං අබ්භුතධම්මං ධාරෙමි.
Sinhala BJTවහන්ස, මා විසින් භාග්‍යවතුන් වහන්සේ ගේ හමියෙහි තෙල අසන ලද, හමියෙහි පිළිගන්නා ලද: “ආනන්‍දය, යම් කලෙක බෝසත් මව්කුසින් බිහි වේ ද, එ බෝසත් පොළොවට නො පැමිණියේ මැ වෙයි, සිව්දෙව්පුත්හු ඔහු පිළිගෙන මව පෙරට තබති. දේවිය, සතොස්වා, මහේශාක්‍ය පිතෙක් තිට උපනැ” යි. වහන්ස, … මම භාග්‍යවතුන් වහන්සේ ගේ මේ ආශ්චර්‍ය්‍යය අද්භූත ධර්‍මය ද ධරමි.
Pali BJTසම්මුඛා මෙතං භන්තෙ, භගවතො සුතං, සම්මුඛා පටිග්ගහිතං: යදා ආනන්ද, බොධිසත්තො මාතුකුච්ඡිම්හා නික්ඛමති, විසදොව නික්ඛමති අමක්ඛිතො උද්දෙන{1} අමක්ඛිතො සෙම්හෙන, අමක්ඛිතො රුහිරෙන, අමක්ඛිතො කෙනචි අසුචිනා සුද්ධො විසදො. සෙය්යථාපි ආනන්ද, මණිරතනං කාසිකෙ වත්ථෙ නික්ඛිත්තං, නෙව මණිරතනං කාසිකං වත්ථං මක්ඛෙති. නාපි කාසිකං වත්ථං මණිරතනං මක්ඛෙති. තං කිස්ස හෙතු: උභින්නං සුද්ධත්තා. එවමෙව ඛො ආනන්ද, යදා බොධිසත්තො මාතුකුච්ඡිම්හා නික්ඛමති, විසදොව නික්ඛමති අමක්ඛිතො උද්දෙන අමක්ඛිතො සෙම්හෙන අමක්ඛිතො රුහිරෙන අමක්ඛිතො කෙනචි අසුචිනා සුද්ධො විසදොති. යම්පි භන්තෙ -පෙ- ඉදම්පාහං භන්තෙ, භගවතො අච්ඡරියං අබ්භුතධම්මං ධාරෙමි.
Sinhala BJTවහන්ස, මා විසින් භාග්‍යවතුන් වහන්සේ ගේ හමියෙහි තෙල අසන ලද, හමියෙහි පිළිගන්නා ලද: “ආනන්‍දය, යම් දිනෙක බෝසත් මව්කුසින් බිහි වේ ද, එකල විශද ව මැ විහි වෙයි. දියෙන් නො වැකුණේ සෙමෙන් නො වැකුණේ ලෙහෙයෙන් නො වැකුණේ කිසිදු අසුචියෙකින් නො වැකුණේ ශුද්ධ ව විශද ව බිහිවෙයි. ආනන්‍දය, යම් පරිදි කසීවතෙක බහාලූ මිණිරුවනෙක් වේ ද, ඒ මිණිරුවන කසීවත් නො මකා ද, කසීවත් ද මිණිරුවන නො මකා ද, එ කවර හෙයින යත්: දෙදෙනා ශුද්ධ හෙයින. ආනන්‍දය, එපරිදි මැ යම් කලෙක බෝසත් මව්කුසින් බිහි වේ ද, විශද ව මැ නික්මෙයි, දියෙන් නො වැකුණේ සෙමෙන් නො වැකුණේ ලෙහෙයෙන් නො වැකුණේ කිසිදු අසුචියෙකින් නො වැකුණේ ශුද්ධ ව විශද ව බිහි වෙතී.” වහන්ස, … මම භාග්‍යවතුන් වහන්සේ ගේ මේ ආශ්චර්‍ය්‍යය අද්භූත ධර්‍මය ද ධරමි.
Pali BJTසම්මුඛා මෙතං භන්තෙ, භගවතො සුතං, සම්මුඛා පටිග්ගහිතං: යදා ආනන්ද, බොධිසත්තො මාතුකුච්ඡිම්හා නික්ඛමති, ද්වෙ උදකස්ස ධාරා අන්තලික්ඛා පාතුභවන්ති: එකා සීතස්ස, එකා උණ්හස්ස, යෙන බොධිසත්තස්ස උදකකිච්චං කරොන්ති{2} මාතු චාති. යම්පි භන්තෙ -පෙ- ඉදම්පාහං භන්තෙ, භගවතො අච්ඡරියං අබ්භුතධම්මං ධාරෙමි.
Sinhala BJTවහන්ස, මා විසින් භාග්‍යවතුන් වහන්සේ ගේ හමියෙහි තෙල අසන ලද, හමියෙහි පිළිගන්නා ලද: “ආනන්‍දය, යම් කලෙක බෝසත් මව්කුසින් බිහි වේ ද, එකල දෙ දියදහර කෙනෙක් අහසින් පහළ වෙති. ශීත එකෙක, උෂ්ණ එකෙකැ යි. එයින් බෝසත් හට ද, බෝසත්මවට ද දියකිස කෙරෙතී.” වහන්ස, … මම භාග්‍යවතුන් වහන්සේ ගේ මේ ආශ්චර්‍ය්‍යය අද්භූත ධර්‍මය ද ධරමි.
Pali BJTසම්මුඛා මෙතං භන්තෙ, භගවතො සුතං, සම්මුඛා පටිග්ගහිතං: සම්පති ජාතො ආනන්ද, බොධිසත්තො සමෙහි පාදෙහි පඨවියං පතිට්ඨහිත්වා උත්තරාභිමුඛො සත්තපදවීතිහාරෙන ගච්ඡති. සෙතම්හි ඡත්තෙ අනුහීරමානෙ{3} සබ්බා ච දිසා විලොකෙති ආසභිංච වාචං භාසති: ‘අග්ගොහමස්මි ලොකස්ස, සෙට්ඨොහමස්මි ලොකස්ස, ජෙට්ඨොහමස්මි ලොකස්ස, අයමන්තිමා ජාති, නත්ථි දානි පුනබ්භවො’ති. යම්පි භන්තෙ -පෙ- ඉදම්පාහං භන්තෙ, භගවතො අච්ඡරියං අබ්භුතධම්මං ධාරෙමි.
Sinhala BJTවහන්ස, මා විසින් භාග්‍යවතුන් වහන්සේ ගේ හමියෙහි තෙල අසන ලද, හමියෙහි පිළිගන්නා ලද: “ආනන්‍දය, උපන් ඇසිල්ලෙහි බෝසත් සමපාදයෙන් බිමැ සිට උත්තරදිශාභිමුඛ වැ සත්පියවරින් යෙයි. සේසත් ධරන කල්හි හැම දික් ඔබැ මොබැ බලයි. අභීත බස් බෙණෙයි. ‘මම ලොවට අග්‍රයෙමි, මම ලොවට ශ්‍රේෂ්ඨයෙමි, මම ලොවට ජ්‍යේෂ්ඨයෙමි. මේ අන්තිම ජාති යැ, දැන් පුනර්‍භවයෙක් නැතැ’” යි. වහන්ස, … මම භාග්‍යවතුන් වහන්සේ ගේ මේ ආශ්චර්‍ය්‍යය අද්භූත ධර්‍මය ද ධරමි.
Pali BJTසම්මුඛා මෙතං භන්තෙ, භගවතො සුතං, සම්මුඛා පටිග්ගහිතං: යදා ආනන්ද, බොධිසත්තො මාතුකුච්ඡිම්හා නික්ඛමති. අථ සදෙවකෙ ලොකෙ සමාරකෙ සබ්රහ්මකෙ සස්සමණබ්රාහ්මණියා පජාය සදෙවමනුස්සාය අප්පමාණො උළාරො ඔභාසො ලොකෙ පාතුභවති අතික්කම්මෙව දෙවානං දෙවානුභාවං. යාපි තා ලොකන්තරිකා අඝා අසංවුතා අන්ධකාරා අන්ධකාරතිමිසා, යත්ථපිමෙ චන්දිමසූරියා එවං මහිද්ධිකා එවං මහානුභාවා ආභාය නානුභොන්ති. තත්ථපි අප්පමාණො උළාරො ඔභාසො ලොකෙ පාතුභවති අතික්කම්මෙව දෙවානං දෙවානුභාවං. යෙපි තත්ථ සත්තා උපපන්නා තෙපි තෙනොභාසෙන අඤ්ඤමඤ්ඤං සඤ්ජානන්ති: අඤ්ඤෙපි කිර භො සන්ති සත්තා ඉධූපපන්නාති. අයඤ්ච දසසහස්සී ලොකධාතු සඞ්කම්පති, සම්පකම්පති, සම්පවෙධති. අප්පමාණො ච උළාරො ඔභාසො ලොකෙ පාතුභවති අතික්කම්මෙව දෙවානං දෙවානුභාවන්ති. යම්පි භන්තෙ -පෙ- ඉදම්පාහං භන්තෙ, භගවතො අච්ඡරියං අබ්භුතධම්මං ධාරෙමීති.
Sinhala BJTවහන්ස, මා විසින් භාග්‍යවතුන් වහන්සේ ගේ හමුවෙහි තෙල අසන ලද, හමුවෙහි පිළිගන්නා ලද: “ආනන්‍දය, යම් කලෙක බෝසත් මව්කුසින් බිහි වේ ද, එකල මරුන් සහිත බඹුන් සහිත දෙවියන් සහිත ලෝකයෙහි ශ්‍රමණබ්‍රාහ්මණයන් සහිත දෙවිමිනිසුන් සහිත ප්‍රජායෙහි දෙවියන් ගේ දේවානුභාව ඉක්මැගෙන මැ අප්‍රමාණ උදාර වූ අවභාසයෙක් පහළ වෙයි. මෙසේ මහත් ඉදුහ ඇති මහත් අනුභාව ඇති මේ සඳහිරුහු ද එළිය නො කළ හෙන විවෘත වූ අසංවෘත වූ අඳුරු වූ ගනඅඳුරින් වැසුණු යම් ලෝකන්තරික නිරය කෙනෙක් ඇද්ද, එහි දු දෙවියන් ගේ දේවානුභාව ඉක්මැගෙන මැ අප්‍රමාණ උදාර අවභාසයෙක් ලෝකයෙහි පහළ වෙයි. එහි යම් සත්ත්‍ව කෙනෙක් උපන්හු ද, ඔහුත් ඒ එළියෙන් උනුන් හැඳින අන්‍ය සත්ත්‍වයෝත් මෙහි උපන්හ යි දනිති. මේ දශසහශ්‍රී ලෝකධාතුව ද කම්පිත වෙයි, වෙසෙසින් කම්පිත වෙයි, වෙසෙසින් වෙවුලයි. දෙවියන් ගේ දේවානුභාව ඉක්මැ ගෙන මැ අප්‍රමාණ වූ උදාර වූ අවභාසයෙක් ලෝකයෙහි පහළ වෙතී.” වහන්ස, … මම භාග්‍යවතුන් වහන්සේ ගේ මේ ආශ්චර්‍ය්‍යය අද්භූත ධර්‍මය ද ධරමි.
Pali BJTතස්මාතිහ ත්වං ආනන්ද, ඉදම්පි තථාගතස්ස අච්ඡරියං අබ්භුතධම්මං ධාරෙහි. ඉධානන්ද, තථාගතස්ස විදිතා වෙදනා උප්පජ්ජන්ති. විදිතා උපට්ඨහන්ති. විදිතා අබ්භත්ථං ගච්ඡන්ති. විදිතා සඤ්ඤා උප්පජ්ජන්ති. -පෙ- විදිතා විතක්කා උප්පජ්ජන්ති. විදිතා උපට්ඨහන්ති. විදිතා අබ්භත්ථං ගච්ඡන්ති. ඉදම්පි ඛො ත්වං ආනන්ද, තථාගතස්ස අච්ඡරියං අබ්භුතධම්මං ධාරෙහීති.
Sinhala BJTආනන්‍දය, එහෙයින් තෙපි තථාගතයන් ගේ මේ ආශ්චර්‍ය්‍යය අද්භූත ධර්‍මය ද ධරව: ආනන්‍දය, තථාගතයන් වහන්සේට ප්‍රකට වූවාහු වේදනා උපදිති. විදිත ව වටහති, විදිත ව අස්තයට යෙති, විදිත ව සංඥාවෝ උපදිති, … විදිත ව විතර්‍කයෝ උපදිති, විදිත ව අස්තයට යෙත්. ආනන්‍දය, තෙපි තථාගතයන් වහන්සේ ගේ මේ ආශ්චර්‍ය්‍යය අද්භූත ධර්‍මය ද ධරව.
Pali BJTයම්පි භන්තෙ, භගවතො විදිතා වෙදනා උප්පජ්ජන්ති, විදිතා උපට්ඨහන්ති, විදිතා අබ්භත්ථං ගච්ඡන්ති, විදිතා සඤ්ඤා -පෙ- විදිතා විතක්කා උප්පජ්ජන්ති, විදිතා උපට්ඨහන්ති, විදිතා අබ්භත්ථං ගච්ඡන්ති. ඉදම්පාහං භන්තෙ භගවතො අච්ඡරියං අබ්භුතධම්මං ධාරෙමීති.
Sinhala BJTවහන්ස, භාග්‍යවතුන් වහන්සේට විදිත ව වේදනාවෝ උපදිත් ද, විදිත ව වටහත් ද, විදිත ව අස්තයට යෙත් ද, විදිත ව සංඥාවෝ … විදිත ව විතර්‍කයෝ උපදිත් ද, විදිත ව වටහත් ද, විදිත ව අස්තයට යෙත් ද, වහන්ස, භාග්‍යවතුන් වහන්සේ ගේ මේ ආශ්චර්‍ය්‍යය අද්භූත ධර්‍මය ද ධරමි යි සැලකළෝ.
Pali BJTඉදමවොච ආයස්මා ආනන්දො. සමනුඤ්ඤො සත්ථා අහොසි. අත්තමනා ච තෙ භික්ඛූ ආයස්මතො ආනන්දස්ස භාසිතං අභිනන්දුන්ති.
Sinhala BJTආයුෂ්මත් ආනන්‍දස්ථවිරයන් වහන්සේ මෙය සැලකළහ: ශාස්තෲන් වහන්සේ වහන්සේ අනුදත් සේක. සතුටු සිත් ඇති ඒ භික්‍ෂූහු ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ ගේ භාෂිතය අභිමුඛ ව පිළිගත්හු ය.
Pali BJTඅච්ඡරියඅබ්භුත සුත්තං තතියං.
Sinhala BJTතුන් වැනි අච්ඡරියබ්භුත සූත්‍ර යි.
Pali BJT3. 3. 4.
Sinhala BJT3. 3. 4.
Pali BJTබක්කුල සුත්තං
Sinhala BJTබක්කුල සූත්‍රය
Pali BJTඑවං මෙ සුතං: එකං සමයං ආයස්මා බක්කුලො{1} රාජගහෙ විහරති වෙළුවනෙ කලන්දකනිවාපෙ. අථ ඛො අචෙලකස්සපො{2} ආයස්මතො බක්කුලස්ස{3} පුරාණගිහිසහායො යෙනායස්මා බක්කුලො{1} තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා ආයස්මතා බක්කුලෙන සද්ධිං සම්මොදි. සම්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො අචෙලකස්සපො{2} ආයස්මන්තං බක්කුලං එතදවොච:
Sinhala BJTමා විසින් මෙසේ අසන ලද: එක් සමයෙක්හි ආයුෂ්මත් බක්කුලස්ථවිරයන් වහන්සේ රජගහනුවර සමීපයෙහි කලන්‍දකනිවාප නම් වේළුවනයෙහි වැඩවසන සේක. එසඳ අචේලකස්සප නුවට ආයුෂ්මත් බක්කුලස්ථවිරයන් වහන්සේගේ පැරණි ගිහි යහළුවකු වූයේ ආයුෂ්මත් බක්කුලස්ථවිරයන් වහන්සේ කරා එළැඹිණ. එළැඹැ ආයුෂ්මත් බක්කුල තෙරණුවන් හා සමග සතුටු විය. සම්මෝදනයට නිසි සිහිකරනට නිසි කථා කොට නිමවා එකත්පස් වැ හින. එකත්පස් වැ හුන් අසෙලකසුබු නුවට ආයුෂ්මත් බක්කුල තෙරණුවන්ට තෙල කී:
Pali BJTකීවචිරං පබ්බජිතොසි, ආවුසො බක්කුලාති:
Sinhala BJTඇවැත්නි, බක්කුලයෙනි, පැවිදි වැ කොතෙක් දිගුකල් ඇතියාව?
Pali BJTඅසීති මෙ ආවුසො වස්සානි පබ්බජිතස්සාති.
Sinhala BJTඇවැත්නි, පැවිදි වන් මට අසූහවුරුද්දෙක.
Pali BJTඉමෙහි පන තෙ ආවුසො බක්කුල, අසීතියා වස්සෙහි කතික්ඛත්තුං මෙථුනො ධම්මො පටිසෙවිතොති:
Sinhala BJTඇවැත්නි, බක්කුලයෙනි, තොප විසින් මේ අසූවසින් කෙතෙක් වර මෙවුන්දම් සෙවුනා ලද ද?
Pali BJTන ඛො මං ආවුසො කස්සප, එවං පුච්ඡිතබ්බං: ‘ඉමෙහි පන තෙ ආවුසො බක්කුල, අසීතියා වස්සෙහි කතික්ඛත්තුං මෙථුනො ධම්මො පටිසෙවිතො’ති. එවඤ්ච ඛො මං, ආවුසො කස්සප, පුච්ඡිතබ්බං: ‘ඉමෙහි පන තෙ ආවුසො බක්කුල, අසීතියා වස්සෙහි කතික්ඛත්තුං කාමසඤ්ඤා උප්පන්නපුබ්බා’ති.
Sinhala BJTඇවත කස්බ, ‘ඇවැත්නි, බක්කුලයෙනි, තොප විසින් මේ අසූවසින් කොතෙක් වර මෙවුන්දම් සෙවුනා ලද දැ’ යි මෙසේ මා නො පුළුවුස්නේ යැ. ඇවත කස්බ, “ඇවැත්නි බක්කුලයෙනි, මේ අසූවසින් කොතෙක් වර කාමසංඥා උපන් විරූ දැ”යි මෙසේ මා පුළුවුස්නේ ය.
Pali BJTඉමෙහි පන තෙ ආවුසො බක්කුල, අසීතියා වස්සෙහි කතික්ඛත්තුං කාමසඤ්ඤා උප්පන්නපුබ්බාති.
Sinhala BJT“ඇවැත්නි බක්කුලයෙනි, මේ අසූවසින් කොතෙක් වර තොපට කාමසංඥා උපන්විරූ ඇද්දැ” යි.
Pali BJTඅසීති මෙ ආවුසො කස්සප, වස්සානි පබ්බජිතස්ස, නාභිජානාමි කාමසඤ්ඤං උප්පන්නපුබ්බං.
Sinhala BJTඇවත කස්බ, පැවිදි වූ මට අසූවසෙක. උපන්විරූ කාමසංඥා සිහි කොට නො දන්මි.
Pali BJTයම්පායස්මා බක්කුලො අසීතියා වස්සෙහි නාභිජානාති කාමසඤ්ඤං උප්පන්නපුබ්බං, ඉදම්පි මයං ආයස්මතො බක්කුලස්ස අච්ඡරියං අබ්භුතධම්මං ධාරෙම.
Sinhala BJTආයුෂ්මත් බක්කුල තෙරණුවෝ අසූවසෙකින් උපන්විරූ කාමසංඥා සිහි කොට නො දනිති’යි යන මෙ ද අපි ආයුෂ්මත් බක්කුල තෙරණුවන්ගේ ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍ම යයි ධරම්හ.
Pali BJTඅසීති මෙ ආවුසො, වස්සානි පබ්බජිතස්ස, නාභිජානාමි බ්යාපාදසඤ්ඤං -පෙ- විහිංසාසඤ්ඤං උප්පන්නපුබ්බං.
Sinhala BJTඇවැත්නි, පැවිදි වූ මට අසූවසෙක. උපන්විරූ ව්‍යාපාදසංඥා ... විහිංසාසංඥා නො දන්මි.
Pali BJTයම්පායස්මා බක්කුලො අසීතියා වස්සෙහි නාභිජානාති විහිංසාසඤ්ඤං උප්පන්නපුබ්බං, ඉදම්පි මයං ආයස්මතො බක්කුලස්ස අච්ඡරියං අබ්භුතධම්මං ධාරෙම.
Sinhala BJTආයුෂ්මත් බක්කුල තෙරණුවෝ අසූවසෙකින් උපන්විරූ විහිංසාසංඥා නො දනිතී’ යන මෙ ද අපි ආයුෂ්මත් බක්කුල තෙරණුවන්ගේ ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍ම යයි ධරම්හ.
Pali BJTඅසීති මෙ ආවුසො, වස්සානි පබ්බජිතස්ස, නාභිජානාමි කාමවිතක්කං උප්පන්නපුබ්බං, යංපායස්මා -පෙ- ධාරෙම.
Sinhala BJTඇවැත්නි, පැවිදි වූ මට අසූවසෙක. උපන්විරූ කාමවිතර්‍ක නො දන්මි. ආයුෂ්මත් බක්කුල තෙරණුවෝ ... ධරම්හ.
Pali BJTඅසීති මෙ ආවුසො, වස්සානි පබ්බජිතස්ස නාභිජානාමි බ්යාපාදවිතක්කං -පෙ- විහිංසාවිතක්කං උප්පන්නපුබ්බං. යම්පායස්මා -පෙ- ධාරෙම.
Sinhala BJTඇවැත්නි, පැවිදි වූ මට අසූවසෙක. උපන්විරූ ව්‍යාපාදවිතර්‍ක ... විහිංසාවිතර්‍ක නො දන්මි. ආයුෂ්මත් බක්කුල තෙරණුවෝ ... ධරම්හ.
Pali BJTඅසීති මෙ ආවුසො, වස්සානි පබ්බජිතස්ස, නාභිජානාමි ගහපතිචීවරං සාදිතා. යම්පායස්මා -පෙ- ධාරෙම.
Sinhala BJTඇවැත්නි, පැවිදි වූ මට අසූවසෙක. ගැහැවි සිවුරු ඉවසූයෙම් නො දන්මි. ආයුෂ්මත් බක්කුල තෙරණුවෝ ... ධරම්හ.
Pali BJTඅසීති -පෙ- නාභිජානාමි සත්ථෙන චීවරං ඡින්දිතා. යම්පායස්මා -පෙ- ධාරෙම.
Sinhala BJTඇවැත්නි ... අසූවසෙක. ශස්ත්‍රයෙන් සිවුරුපිළි සිඳැලුයෙම් නො දන්මි. ආයුෂ්මත් බක්කුල තෙරණුවෝ ... ධරම්හ.
Pali BJTඅසීති මෙ ආවුසො, වස්සානි පබ්බජිතස්ස, නාභිජානාමි සූචියා චීවරං සිබ්බිතා. යම්පායස්මා -පෙ- ධාරෙම.
Sinhala BJTඇවැත්නි, පැවිදි වූ මට අසූවසෙක. හිදින් සිවුරු මැසුයෙම් නො දන්මි. ආයුෂ්මත් බක්කුල තෙරණුවෝ ... ධරම්හ.
Pali BJTඅසීති මෙ -පෙ- නාභිජානාමි රජනෙන චීවරං රජිතා. යම්පායස්මා -පෙ- ධාරෙම.
Sinhala BJTඇවැත්නි ... අසූවසෙක. රඳනින් සිවුරු රැඳුයෙම් නො දන්මි. ආයුෂ්මත් බක්කුල තෙරණුවෝ ... ධරම්හ.
Pali BJTඅසීති -පෙ- නාභිජානාමි කඨිනෙ{1} චීවරං සිබ්බිතා. යම්පායස්මා -පෙ- ධාරෙම.
Sinhala BJTඇවැත්නි ... අසූවසෙක. කඨිනයෙහි ලා සිවුරු මැසූයෙම් නො දන්මි. ආයුෂ්මත් බක්කුල තෙරණුවෝ ... ධරම්හ.
Pali BJTඅසීති -පෙ- නාභිජානාමි සබ්රහ්මචාරී චීවරකම්මෙ බ්යාපාරිතා{2} යම්පායස්මා -පෙ- ධාරෙම.
Sinhala BJTඇවැත්නි ... අසූවසෙක. සබ්‍රම්සරහු සිවුරුකම් මෙහෙයුයෙම් නො දන්මි. ආයුෂ්මත් බක්කුල තෙරණුවෝ ... ධරම්හ.
Pali BJTඅසීති මෙ ආවුසො -පෙ- නිමන්තනං සාදිතා. යම්පායස්මා -පෙ- ධාරෙම.
Sinhala BJTඇවැත්නි ... අසූවසෙක. නිමන්ත්‍රණ ඉවසූයෙම් නො දන්මි. ආයුෂ්මත් බක්කුල තෙරණුවෝ ... ධරම්හ.
Pali BJTඅසීති මෙ -පෙ- නාභිජානාමි එවරූපං චිත්තං උප්පන්නපුබ්බං: අහොවත මං කොචි නිමන්තෙය්යාති. යම්පායස්මා -පෙ- ධාරෙම.
Sinhala BJTඇවැත්නි ... අසූවසෙක. යමෙක් මා නිමන්ත්‍රණ කළේ නම් මැනැවැ’ යි මෙබඳු සිතක් උපන්විරූ නො දන්මි. ආයුෂ්මත් බක්කුල තෙරණුවෝ ... ධරම්හ.
Pali BJTඅසීති -පෙ- නාභිජානාමි අන්තරඝරෙ නිසීදිතා. යම්පායස්මා -පෙ- අන්තරඝරෙ නිසීදිතා. ඉදම්පි මයං ආයස්මතො බක්කුලස්ස අච්ඡරියං අබ්භුතධම්මං ධාරෙම.
Sinhala BJTඇවැත්නි ... අසූවසෙක. අන්තරඝරයෙහි හුන්නෙම් නො දන්මි. ‘ආයුෂ්මත් බක්කුල තෙරණුවෝ අන්තරඝරයෙහි හුන්නාහු නො දනිති’ යන මෙ ද අපි ආයුෂ්මත් බක්කුල තෙරණුවන්ගේ ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍ම යයි ධරම්හ.
Pali BJTඅසීති -පෙ- නාභිජානාමි අන්තරඝරෙ භුඤ්ජිතා. යම්පායස්මා බක්කුලො අසීතියා වස්සෙහි නාභිජානාති අන්තරඝරෙ භුඤ්ජිතා. ඉදම්පි මයං ආයස්මතො බක්කුලස්ස අච්ඡරියං අබ්භුතධම්මං ධාරෙම.
Sinhala BJTඇවැත්නි ... අසූවසෙක. අන්තරඝරයෙහි වැළඳුයෙම් නො දන්මි, ‘ආයුෂ්මත් බක්කුල තෙරණුවෝ අසූවසෙකින් අන්තරඝරයෙහි වැළඳුවාහු නො දනිති’ යන මෙ ද අපි ආයුෂ්මත් බක්කුල තෙරණුවන්ගේ ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍ම යයි ධරම්හ.
Pali BJTඅසීති මෙ ආවුසො, වස්සානි පබ්බජිතස්ස, නාභිජානාමි මාතුගාමස්ස අනුබ්යඤ්ජනසො නිමිත්තං ගහෙතා. යම්පායස්මා -පෙ- ධාරෙම.
Sinhala BJTඇවැත්නි, පැවිදි වූ මට අසූවසෙක. අනුව්‍යඤ්ජන වශයෙන් මාගමකගේ නිමිති ගත්තෙම් නො දන්මි, ආයුෂ්මත් බක්කුල තෙරණුවෝ ... ධරම්හ.
Pali BJTඅසීති මෙ ආවුසො -පෙ- මාතුගාමස්ස ධම්මං දෙසිතා, අන්තමසො චතුප්පදම්පි ගාථං. යම්පායස්මා -පෙ- ධාරෙම.
Sinhala BJTඇවැත්නි ... අසූවසෙක. මාගමකට යටතින් සිව්පැදි ගයක් පමණකුදු දහමක් දෙසුයෙම් නො දන්මි, ආයුෂ්මත් බක්කුල තෙරණුවෝ ... ධරම්හ.