Pali BJTපස්සද්ධකායස්ස සුඛිනො චිත්තං සමාධියති. යස්මිං සමයෙ භික්ඛවෙ, භික්ඛුනො පස්සද්ධකායස්ස සුඛිනො චිත්තං සමාධියති, සමාධිසම්බොජ්ඣඞ්ගො තස්මිං සමයෙ භික්ඛුනො ආරද්ධො හොති. සමාධිසම්බොජ්ඣඞ්ගං තස්මිං සමයෙ භික්ඛු භාවෙති. සමාධිසම්බොජ්ඣඞ්ගො තස්මිං සමයෙ භික්ඛුනො භාවනාපාරිපූරිං ගච්ඡති.
Sinhala BJTසන්හුන් නාමකය ඇති සුඛිත මහණහු ගේ චිත්තය සමාධි ගත වෙයි. මහණෙනි, යම් කලෙක ප්‍රශ්‍රබ්ධ කාය ඇති සුඛිත මහණහු ගේ චිත්තය සමාධි ගත වේ ද, එසමයෙහි ඒ මහණහට සමාධි සම්බෝධ්‍යඞ්ගය ආරබ්ධ වෙයි. එසමයෙහි ඒ මහණ සමාධි සම්බෝධ්‍යඞ්ගය භවයි. එසමයෙහි ඒ මහණහු ගේ සමාධි සම්බෝධ්‍යඞ්ගය භාවනායෙන් පරිපූර්‍ණභාවයට යෙයි.
Pali BJTසො තථා සමාහිතං චිත්තං සාධුකං අජ්ඣුපෙක්ඛිතා හොති. යස්මිං සමයෙ භික්ඛවෙ, භික්ඛු තථා සමාහිතං චිත්තං සාධුකං අජ්ඣුපෙක්ඛිතා හොති, උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගො තස්මිං සමයෙ භික්ඛුනො ආරද්ධො හොති. උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගං තස්මිං සමයෙ භික්ඛු භාවෙති. උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගො තස්මිං සමයෙ භික්ඛුනො භාවනාපාරිපූරිං ගච්ඡති.
Sinhala BJTහේ එසේ සමාධිගත චිත්තය මනා කොට (ආලම්බනඅධ්‍යුපේක්‍ෂායෙන්) අධ්‍යුපේක්‍ෂණ කරනු වෙයි. මහණෙනි, යම් කලෙක ඒ මහණ සමාධිගත චිත්තය මනාකොට අධ්‍යුපේක්‍ෂණ කරනු වේ ද, එසමයෙහි ඒ මහණහට උපේක්‍ෂා සම්බෝධ්‍යඞ්ගය ආරබ්ධ වෙයි. එසමයෙහි ඒ මහණ උපේක්‍ෂා සම්බෝධ්‍යඞ්ගය භවයි. එසමයෙහි ඒ මහණහු ගේ උපේක්‍ෂා සම්බෝධ්‍යඞ්ගය භාවනායෙන් පරිපූර්‍ණභාවයට යෙයි.
Pali BJTයස්මිං සමයෙ භික්ඛවෙ, භික්ඛු වෙදනාසු -පෙ- චිත්තෙ -පෙ- ධම්මෙසු ධම්මානුපස්සී විහරති ආතාපී සම්පජානො සතිමා විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං උපට්ඨිතස්ස තස්මිං සමයෙ සති හොති අසම්මුට්ඨා. යස්මිං සමයෙ භික්ඛවෙ, භික්ඛුනො උපට්ඨිතා සති හොති අසම්මුට්ඨා, සතිසම්බොජ්ඣඞ්ගො තස්මිං සමයෙ භික්ඛුනො ආරද්ධො හොති. සතිසම්බොජ්ඣඞ්ගං තස්මිං සමයෙ භික්ඛු භාවෙති. සතිසම්බොජ්ඣඞ්ගො තස්මිං සමයෙ භික්ඛුනො භාවනාපාරිපූරිං ගච්ඡති.
Sinhala BJTමහණෙනි, යම් කලෙක මහණ වේදනායෙහි ... චිත්තයෙහි ... ධර්‍මයෙහි ධර්‍මය දක්නේ කෙලෙස් තවන වැර ඇති ව සම්ප්‍රඥාන ඇති ව ස්මෘති ඇති ව ස්කන්‍ධ ලෝකයෙහි අභිධ්‍යා දෞර්‍මනස්‍ය දුරු කොට වාසය කෙරේ ද, එසමයෙහි ඔහුගේ සිහිය එළැඹ සිටියා වෙයි, නුමුළා වෙයි. මහණෙනි, යම් කලෙක මහණහට ස්මෘතිය එළැඹ සිටියා වේ ද, නුමුළා වේ ද එසමයෙහි ඒ මහණහට ස්මෘති සම්බෝධ්‍යඞ්ගය ආරබ්ධ වෙයි. එසමයෙහි ඒ මහණහට ස්මෘති සම්බෝධ්‍යඞ්ගය භවයි. එසමයෙහි මහණහු ගේ ස්මෘති සම්බෝධ්‍යඞ්ගය භාවනායෙන් පරිපූර්‍ණ භාවයට යෙයි.
Pali BJTසො තථා සතො විහරන්තො තං ධම්මං පඤ්ඤාය පවිචිනති, පවිචයති, පරිවීමංසං ආපජ්ජති. යස්මිං සමයෙ භික්ඛවෙ, භික්ඛු තථා සතො විහරන්තො තං ධම්මං පඤ්ඤාය පවිචිනති, පවිචයති, පරිවීමංසං ආපජ්ජති, ධම්මවිචයසම්බොජ්ඣඞ්ගො තස්මිං සමයෙ භික්ඛුනො ආරද්ධො හොති. ධම්මවිචයසම්බොජ්ඣඞ්ගං තස්මිං සමයෙ භික්ඛු භාවෙති. ධම්මවිචයසම්බොජ්ඣඞ්ගො තස්මිං සමයෙ භික්ඛුනො භාවනාපාරිපූරිං ගච්ඡති.
Sinhala BJTහේ එසේ ස්මෘතිමත් ව වසනුයේ ඒ දහම ප්‍රඥායෙන් සොයයි, වෙසෙසින් සොයයි, විමසීමට පැමිණෙයි. මහණෙනි, යම් කලෙක මහණ එසේ ස්මෘතිමත් ව වසනුයේ ඒ දහම ප්‍රඥායෙන් සොයාද, වෙසෙසින් සොයාද, හැමසේ විමසීමට පැමිණේ ද, එසමයෙහි ඒ මහණහට ධර්‍මවිචය සම්බෝධ්‍යඞ්ගය ආරබ්ධ වෙයි. එසමයෙහි ඒ මහණ ධර්‍මවිචය සම්බෝධ්‍යඞ්ගය භවයි. එසමයෙහි ඒ මහණහු ගේ ධර්‍මවිචය සම්බෝධ්‍යඞ්ගය භාවනායෙන් පරිපූර්‍ණභාවයට යෙයි.
Pali BJTතස්ස තං ධම්මං පඤ්ඤාය පවිචිනතො පවිචයතො පරිවීමංසං ආපජ්ජතො ආරද්ධං හොති විරියං අසල්ලීනං. යස්මිං සමයෙ භික්ඛවෙ, භික්ඛුනො තං ධම්මං පඤ්ඤාය පවිචිනතො පවිචයතො පරිවීමංසං ආපජ්ජතො ආරද්ධං හොති විරියං අසල්ලීනං, විරියසම්බොජ්ඣඞ්ගො තස්මිං සමයෙ භික්ඛුනො ආරද්ධො හොති. විරියසම්බොජ්ඣඞ්ගං තස්මිං සමයෙ භික්ඛු භාවෙති. විරියසම්බොජ්ඣඞ්ගො තස්මිං සමයෙ භික්ඛුනො භාවනාපාරිපූරිං ගච්ඡති.
Sinhala BJTඒ දහම ප්‍රඥායෙන් සොයන වෙසෙසින් සොයන හැමසේ විමසීමට පැමිණි ඒ මහණ විසින් වීර්‍ය්‍යය ආරබ්ධ වෙයි. වැර අසංලීන වෙයි. මහණෙනි, යම් කලෙක ඒ දහම ප්‍රඥායෙන් සොයන ප්‍රවිචය කරන මීමාංසාවට පැමිණෙන ඒ මහණහට වීර්‍ය්‍යය ආරබ්ධ වේ ද, ඒ වැර වැර අසංලීන වේද, එසමයෙහි ඒ මහණහට වීර්‍ය්‍ය සම්බෝධ්‍යඞ්ගය ආරබ්ධ වෙයි. එසමයෙහි ඒ මහණ වීර්‍ය්‍ය සම්බෝධ්‍යඞ්ගය භවයි. එසමයෙහි ඒ මහණහට වීර්‍ය්‍ය සම්බෝධ්‍යඞ්ගය භාවනායෙන් පරිපූර්‍ණභාවයට යෙයි.
Pali BJTආරද්ධවිරියස්ස උප්පජ්ජති පීති නිරාමිසා. යස්මිං සමයෙ භික්ඛවෙ, භික්ඛුනො ආරද්ධවිරියස්ස උප්පජ්ජති පීති නිරාමිසා, පීතිසම්බොජ්ඣඞ්ගො තස්මිං සමයෙ භික්ඛුනො ආරද්ධො හොති. පීතිසම්බොජ්ඣඞ්ගං තස්මිං සමයෙ භික්ඛු භාවෙති. පීතිසම්බොජ්ඣඞ්ගො තස්මිං සමයෙ භික්ඛුනො භාවනාපාරිපූරිං ගච්ඡති.
Sinhala BJTආරබ්ධ වීර්‍ය්‍ය ඇති මහණහට නිරාමිස ප්‍රීතිය උපදී. මහණෙනි, යම් කලෙක ආරබ්ධ වීර්‍ය්‍ය ඇති ඒ මහණහට නිරාමිස ප්‍රීතිය උපදී ද, එසමයෙහි ඒ මහණහට ප්‍රීති සම්බෝධ්‍යඞ්ගය ආරබ්ධ වෙයි. එසමයෙහි මහණ ප්‍රීති සම්බෝධ්‍යඞ්ගය වඩයි. එසමයෙහි ඒ මහණහු ගේ ප්‍රීති සම්බෝධ්‍යඞ්ගය භාවනායෙන් වැඩීමට යෙයි.
Pali BJTපීතිමනස්ස කායොපි පස්සම්භති චිත්තම්පි පස්සම්භති. යස්මිං සමයෙ භික්ඛවෙ, භික්ඛුනො පීතිමනස්ස කායොපි පස්සම්භති, චිත්තම්පි පස්සම්භති, පස්සද්ධිසම්බොජ්ඣඞ්ගො තස්මිං සමයෙ භික්ඛවෙ, භික්ඛුනො ආරද්ධො හොති. පස්සද්ධිසම්බොජ්ඣඞ්ගං තස්මිං සමයෙ භික්ඛු භාවෙති. පස්සද්ධිසම්බොජ්ඣඞ්ගො තස්මිං සමයෙ භික්ඛුනො භාවනාපාරිපූරිං ගච්ඡති.
Sinhala BJTප්‍රීති සිත් ඇත්තහුගේ කය ද සන්හිඳෙයි, සිතද සන්හිඳෙයි. මහණෙනි, යම් කලෙක ප්‍රීති සිත් ඇති මහණහුගේ කයත් සන් හිඳේ ද, සිතත් සන් හිඳේ ද, මහණෙනි, එසමයෙහි මහණහු විසින් ප්‍රශ්‍රබ්ධි සම්බෝධ්‍යඞ්ගය ආරබ්ධ වෙයි. එසමයෙහි මහණ ප්‍රශ්‍රබ්ධි සම්බෝධ්‍යඞ්ගය වඩයි. එසමයෙහි මහණහට ප්‍රශ්‍රබ්ධි සම්බෝධ්‍යඞ්ගය භාවනායෙන් පරිපූර්‍ණ භාවයට යෙයි.
Pali BJTපස්සද්ධකායස්ස සුඛිනො චිත්තං සමාධියති. යස්මිං සමයෙ භික්ඛවෙ, භික්ඛුනො පස්සද්ධකායස්ස සුඛිනො චිත්තං සමාධියති, සමාධිසම්බොජ්ඣඞ්ගො තස්මිං සමයෙ භික්ඛුනො ආරද්ධො හොති. සමාධිසම්බොජ්ඣඞ්ගං තස්මිං සමයෙ භික්ඛු භාවෙති. සමාධිසම්බොජ්ඣඞ්ගො තස්මිං සමයෙ භික්ඛුනො භාවනාපාරිපූරිං ගච්ඡති.
Sinhala BJTසන්හුන් කය ඇති එහෙයින්ම සුඛිත වූවහු ගේ සිත සමාධි ගත වෙයි. මහණෙනි, යම් කලෙක ප්‍රශ්‍රබ්ධ කය ඇති සුඛිත වූ මහණහු ගේ සිත එකඟ වේ ද, එසමයෙහි ඒ මහණහු විසින් සමාධි සම්බෝධ්‍යඞ්ගය ආරබ්ධ වෙයි. එසමයෙහි ඒ මහණ සමාධි සම්බෝධ්‍යඞ්ගය වඩයි. එසමයෙහි ඒ මහණහට සමාධි සම්බෝධ්‍යඞ්ගය භාවනායෙන් පරිපූර්‍ණභාවයට යෙයි.
Pali BJTසො තථාසමාහිතං චිත්තං සාධුකං අජ්ඣුපෙක්ඛිතා හොති. යස්මිං සමයෙ භික්ඛවෙ, භික්ඛු තථාසමාහිතං චිත්තං සාධුකං අජ්ඣුපෙක්ඛිතා හොති, උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගො තස්මිං සමයෙ භික්ඛුනො ආරද්ධො හොති. උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගං තස්මිං සමයෙ භික්ඛු භාවෙති. උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගො තස්මිං සමයෙ භික්ඛුනො භාවනාපාරිපූරිං ගච්ඡති.
Sinhala BJTහේ එසේ සමාහිත චිත්තය මනා කොට අධ්‍යුපේක්‍ෂණ කරනු වෙයි. මහණෙනි, යම් කලෙක මහණ එසේ සමාධිගත වූ චිත්තය අධ්‍යුපේක්‍ෂණ කරනු වේ ද, එසමයෙහි ඒ මහණහු විසින් උපේක්‍ෂා සම්බෝධ්‍යඞ්ගය ආරබ්ධ වූයේ වෙයි. එසමයෙහි මහණ උපේක්‍ෂා සම්බෝධ්‍යඞ්ගය වඩයි. එසමයෙහි ඒ මහණහට උපේක්‍ෂා සම්බෝධ්‍යඞ්ගය භාවනායෙන් පරිපූර්‍ණභාවයට යෙයි.
Pali BJTඑවං භාවිතා ඛො භික්ඛවෙ, චත්තාරො සතිපට්ඨානා එවං බහුලීකතා සත්ත සම්බොජ්ඣඞ්ගෙ පරිපූරෙන්ති.
Sinhala BJTමහණෙනි, මෙපරිද්දෙන් වඩන ලද මෙපරිද්දෙන් බහුලීකෘත වූ සතර සීවටන්හු සප්ත බෝධ්‍යඞ්ගයන් පරිපූර්‍ණ කෙරෙත්.
Pali BJTකථං භාවිතා ච භික්ඛවෙ, සත්ත බොජ්ඣඞ්ගා කථං බහුලීකතා විජ්ජාවිමුත්තිං පරිපූරෙන්ති: ඉධ භික්ඛවෙ, භික්ඛු සතිසම්බොජ්ඣඞ්ගං භාවෙති විවෙකනිස්සිතං විරාගනිස්සිතං නිරොධනිස්සිතං වොස්සග්ගපරිණාමිං. ධම්මවිචයසම්බොජ්ඣඞ්ගං භාවෙති -පෙ- විරියසම්බොජ්ඣඞ්ගං භාවෙති -පෙ- පීතිසම්බොජ්ඣඞ්ගං භාවෙති -පෙ- පස්සද්ධිසම්බොජ්ඣඞ්ගං භාවෙති -පෙ- සමාධිසම්බොජ්ඣඞ්ගං භාවෙති -පෙ- උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගං භාවෙති විවෙකනිස්සිතං විරාගනිස්සිතං නිරොධනිස්සිතං වොස්සග්ගපරිණාමිං.
Sinhala BJTතවද මහණෙනි, කිසෙයින් වඩන ලද කිසෙයින් බහුලීකෘත සප්ත බෝධ්‍යඞ්ගයෝ විද්‍යාවිමුක්ති පරිපූර්‍ණ කෙරෙති යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ විවේකනිශ්ශ්‍රිත විරාගනිශ්ශ්‍රිත නිරෝධනිශ්ශ්‍රිත වොසග්ගයට පිරිනැමුණු ස්මෘති සම්බෝධ්‍යඞ්ගය වඩයි....... ධර්‍මවිචය සම්බෝධ්‍යඞ්ගය වඩයි....... වීර්‍ය්‍ය සම්බෝධ්‍යඞ්ගය වඩයි....... ප්‍රීති සම්බෝධ්‍යඞ්ගය වඩයි....... විවේකනිශ්ශ්‍රිත විරාගනිශ්ශ්‍රිත නිරෝධනිශ්ශ්‍රිත වොසග්ගයට පිරිනැමුණු උපේක්‍ෂා සම්බෝධ්‍යඞ්ගය වඩයි.
Pali BJTඑවං භාවිතා ඛො භික්ඛවෙ, සත්ත බොජ්ඣඞ්ගා එවං බහුලීකතා විජ්ජාවිමුත්තිං පරිපූරෙන්තීති.
Sinhala BJTමහණෙනි, මෙසේ භාවිත වූ බහුලීකෘත වූ සප්ත බෝධ්‍යඞ්ගයෝ විද්‍යාවිමුක්ති පරිපූර්‍ණ කෙරෙත්.
Pali BJTඉදමවොච භගවා. අත්තමනා තෙ භික්ඛූ භගවතො භාසිතං අභිනන්දුන්ති.
Sinhala BJTභාග්‍යවතුන් වහන්සේ මේ ආනාපානසති සුත වදාළ සේක. ආත්තමනසක් වූ ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේ ගේ භාෂිතය සතුටින් පිළිගත්තාහු යයි.
Pali BJTආනාපානසති සුත්තං අට්ඨමං.
Sinhala BJTඅටවැනි ආනාපානසති සූත්‍ර යි.
Pali BJT3. 2. 9.
Sinhala BJT3. 2. 9.
Pali BJTකායගතාසති සුත්තං
Sinhala BJTකායගතාසති සූත්‍රය
Pali BJTඑවං මෙ සුතං: එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. අථ ඛො සම්බහුලානං භික්ඛූනං පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තානං උපට්ඨානසාලායං සන්නිසින්නානං සන්නිපතිතානං අයමන්තරා කථා උදපාදි: අච්ඡරියං ආවුසො, අබ්භුතං ආවුසො, යාවඤ්චිදං තෙන භගවතා ජානතා පස්සතා අරහතා සම්මාසම්බුද්ධෙන කායගතා සති භාවිතා බහුලීකතා මහප්ඵලා වුත්තා මහානිසංසා’ති. අයං ච හිදං{1} තෙසං භික්ඛූනං අන්තරාකථා විප්පකතා හොති.
Sinhala BJTමා විසින් මෙසේ අසන ලද: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි වූ අනේපිඬු සිටුහුගේ ජේතවන නම් අරම්හි වැඩවසන සේක. එකල්හි පසුබත්හි පිණ්ඩපාතයෙන් වැළැකුණු උපස්ථානශාලායෙහි රැස්ව හුන් බොහෝ භික්‍ෂූන් අතර මේ අතුරු කථාව පැන නැඟිණ. “ඇවැත්නි, අසිරි යැ, ඇවැත්නි අද්භූත යැ, භගවත් වූ සියල්ල දන්නා වූ සියල්ල දක්නා වූ අර්‍හත් වූ සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ විසින් භාවිත බහුලීකෘත වූ කායගතස්මෘති භාවනා මහත්ඵල මහානෘශංස යයි” වදාරන ලද මැ යැ. ඒ මහණුනතර මේ අතුරු කථාව අඩහළ විය.
Pali BJTඅථ ඛො භගවා සායන්හසමයං පටිසල්ලානා වුට්ඨිතො යෙන උපට්ඨානසාලා, තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා පඤ්ඤත්තෙ ආසනෙ නිසීදි. නිසජ්ජ ඛො භගවා භික්ඛූ ආමන්තෙසි: කායනුත්ථ භික්ඛවෙ, එතරහි කථාය සන්නිසින්නා කා ච පන වො අන්තරා කථා විප්පකතා’ති.
Sinhala BJTඑ සඳ භාග්‍යවතුන් වහන්සේ සවස්වරුයෙහි පිළිසලනින් නැඟීසිටි සේක් උපස්ථාන ශාලාව කරා එළැඹි සේක. එළැඹ පැනවූ අස්නෙහි වැඩහුන් සේක. භාග්‍යවතුන් වහන්සේ වැඩහිඳ මහණුන් ඇමැතූ සේක: මහණෙනි, දැන් කවර කථායෙකින් රැස්ව හුන්නහු වව, තොප ගේ කිනම් අතුරු කථායෙක් කොට අඩාළ වී දැයි වදාළෝ.
Pali BJTඉධ භන්තෙ, අම්හාකං පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තානං උපට්ඨානසාලායං සන්නිසින්නානං සන්නිපතිතානං අයමන්තරාකථා උදපාදි: අච්ඡරියං ආවුසො, අබ්භුතං ආවුසො, යාවඤ්චිදං තෙන භගවතා ජානතා පස්සතා අරහතා සම්මාසම්බුද්ධෙන කායගතා සති භාවිතා බහුලීකතා මහප්ඵලා වුත්තා මහානිසංසා’ති. අයං නො{2} භන්තෙ අන්තරාකථා විප්පකතා. අථ භගවා අනුප්පත්තො’ති.
Sinhala BJTවහන්ස, පස්වරුයෙහි පිණ්ඩපාතයෙන් වැළැකී මේ උපස්ථාන ශාලායෙහි රැස්ව හුන් අප අතර මේ අතුරු කථාව පහළ වී: “ඇවැත්නි, ආශ්චර්‍ය්‍ය යැ, ඇවැත්නි, අද්භූත යැ, සියල්ල දන්නා සියල්ල දක්නා භගවත් අර්‍හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ විසින් භාවිත බහුලීකෘත කායගතස්මෘති භාවනා මහත්ඵල මහානෘශංස යයි” වදාරන ලදු. වහන්ස, අපගේ මේ අතුරු කථා අඩහළ වූ, එසඳ භාග්‍යවතුන් වහන්සේ වැඩි සේකැ”යි.
Pali BJTකථං භාවිතා ච භික්ඛවෙ, කායගතා සති කථං බහුලීකතා මහප්ඵලා හොති මහානිසංසා: ඉධ භික්ඛවෙ, භික්ඛු අරඤ්ඤගතො වා රුක්ඛමූලගතො වා සුඤ්ඤාගාරගතො වා නිසීදති පල්ලඞ්කං ආභුජිත්වා උජුං කායං පණිධාය පරිමුඛං සතිං උපට්ඨපෙත්වා. සො සතොව අස්සසති සතො{3} පස්සසති. දීඝං වා අස්සසන්තො දීඝං අස්සසාමීති පජානාති. දීඝං වා පස්සසන්තො දීඝං පස්සසාමීති පජානාති. රස්සං වා අස්සසන්තො රස්සං අස්සසාමීති පජානාති, රස්සං වා පස්සසන්තො රස්සං පස්සසාමීති පජානාති. සබ්බකායපටිසංවෙදී අස්සසිස්සාමීති සික්ඛති, සබ්බකායපටිසංවෙදී පස්සසිස්සාමීති සික්ඛති. පස්සම්භයං කායසඞ්ඛාරං අස්සසිස්සාමීති සික්ඛති, පස්සම්භයං කායසඞ්ඛාරං පස්සසිස්සාමීති සික්ඛති. තස්ස එවං අප්පමත්තස්ස ආතාපිනො පහිතත්තස්ස විහරතො යෙ ගෙහසිතා සරසඞ්කප්පා තෙ පහීයන්ති. තෙසං පහානා අජ්ඣත්තමෙව චිත්තං සන්තිට්ඨති, සන්නිසීදති, එකොදි හොති, සමාධියති. එවම්පි භික්ඛවෙ, භික්ඛු කායගතං සතිං{4} භාවෙති.
Sinhala BJTමහණෙනි, කිසෙයින් භාවිත වූ කිසෙයින් බහුලීකෘත වූ කාගියාසී මහත්ඵල මහානෘශංස වේ යැ යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ අරණ්‍යගත වේවයි වෘක්‍ෂමූලගත වේවයි ශුන්‍යාගාරගත වේවයි පලක් බැඳ උඩුකය ඍජු කොට තබා කර්‍මස්ථානාභිමුඛ කොට සිහි එළවා හිඳී. හේ සිහි ඇති ව මැ ආශ්වාස කෙරෙයි, සිහි ඇතිව ප්‍රශ්වාස කෙරෙයි, දීර්‍ඝ කොට හෝ ආශ්වාස කරනුයේ දීර්‍ඝ කොට ආශ්වාස කරමි’ නුවණින් දනී. දීර්‍ඝ කොට හෝ ප්‍රශ්වාස කරනුයේ දීර්‍ඝ කොට ප්‍රශ්වාස කරමී දනී. භ්‍රස්ව කොට හෝ ආශ්වාස කරනුයේ භ්‍රස්ව කොට ආශ්වාස කරමී දනී, භ්‍රස්ව කොට හෝ ප්‍රශ්වාස කරනුයේ භ්‍රස්ව කොට ප්‍රශ්වාස කරමී දනී. සර්‍වකායප්‍රතිසංවේදී ව ආශ්වාස කරමී හික්මෙයි. සර්‍වකායප්‍රතිසංවේදී ව ප්‍රශ්වාස කරමි හික්මෙයි. කායසංස්කාර සන්හිඳුවමින් ආශ්වාස කරමී හික්මෙයි. කායසංස්කාර සන්හිඳුවමින් ප්‍රශ්වාස කරමි හික්මෙයි. මෙසේ ස්මෘතිවිප්‍රවාස නැතිව කෙලෙස් තවන වැර ඇතිව නිවන් පිණිස මෙහෙයූ සිත් ඇතිව වසන ඒ මහණහු ගේ පඤ්චකාමගුණ නිඃශ්‍රිත වූ යම් දිවෙන සංකල්පනාවෝ ඇද්ද ඔහු පහව යෙති. ඔවුන්ගේ ප්‍රහාණයෙන් ගෝචරාධ්‍යාත්මයෙහි ම සිත පිහිටා සිටී. පිහිටා හිඳී, එකඟ වෙයි, සමාහිත වෙයි. මහණෙනි, මෙසෙයිනුදු මහණ කාගියාසී භවයි.
Pali BJTපුන චපරං භික්ඛවෙ, භික්ඛු ගච්ඡන්තො වා ගච්ඡාමීති පජානාති. ඨිතො වා ඨිතොම්හීති පජානාති. නිසින්නො වා නිසින්නොම්හීති පජානාති. සයානො වා සයානොම්හීති පජානාති. යථා යථා වා පනස්ස කායො පණිහිතො හොති. තථා තථා නං පජානාති. තස්ස එවං අප්පමත්තස්ස ආතාපිනො පහිතත්තස්ස විහරතො යෙ ගෙහසිතා සරසඞ්කප්පා, තෙ පහීයන්ති. තෙසං පහානා අජ්ඣත්තමෙව චිත්තං සන්තිට්ඨති, සන්නිසීදති, එකොදි හොති, සමාධියති. එවම්පි භික්ඛවෙ, භික්ඛු කායගතං සතිං භාවෙති.
Sinhala BJTයළිදු මහණෙනි, මහණ යන්නේ හෝ ‘යෙමි’ නුවණින් දනී, සිටියේ හෝ ‘සිටියෙමි’ නුවණින් දනී, හුන්නේ හෝ ‘හුන්නෙමි’ නුවණින් දැනගනී, හෝනේ හෝ ‘හෝනෙමි’ නුවණින් දැනගනී, යළි යම් යම් පරිද්දෙකින් හෝ ඔහුගේ කය පිහිටුවන ලදුයේ වේ ද, ඒ ඒ පරිද්දෙන් එය නුවණින් දැනගනී, මෙසේ අප්‍රමත්ත වූ කෙලෙස් තවන වර ඇති නිවනට මෙහෙයූ සිතැතිව වසන ඔහුගේ යම් ගෘහශ්‍රිත දිවෙන් සංකල්පයෝ වෙත් ද, ඔහු ප්‍රහීණ වෙති. ඔවුන්ගේ ප්‍රහාණයෙන් ගෝචර සංඛ්‍යාත අධ්‍යාත්මයෙහි ම සිත පිහිටා සිටී, සන්හුන් වෙයි, එකඟ වෙයි, සමාහිත වෙයි. මහණෙනි, මෙසෙයිනුදු මහණ කායගතස්මෘති වඩයි.
Pali BJTපුන චපරං භික්ඛවෙ, භික්ඛු අභික්කන්තෙ පටික්කන්තෙ සම්පජානකාරී හොති. ආලොකිතෙ විලොකිතෙ සම්පජානකාරී හොති. සම්මිඤ්ජිතෙ පසාරිතෙ සම්පජානකාරී හොති. සඞ්ඝාටිපත්තචීවරධාරණෙ සම්පජානකාරී හොති. අසිතෙ පීතෙ ඛායිතෙ සායිතෙ සම්පජානකාරී හොති. උච්චාරපස්සාවකම්මෙ සම්පජානකාරී හොති. ගතෙ ඨිතෙ නිසින්නෙ සුත්තෙ ජාගරිතෙ භාසිතෙ තුණ්හීභාවෙ සම්පජානකාරී හොති. තස්ස එවං අප්පමත්තස්ස ආතාපිනො පහිතත්තස්ස විහරතො යෙ ගෙහසිතා සරසඞ්කප්පා තෙ පහීයන්ති: තෙසං පහානා අජ්ඣත්තමෙව චිත්තං සන්තිට්ඨති, සන්නිසීදති, එකොදි හොති, සමාධියති. එවම්පි භික්ඛවෙ, භික්ඛු කායගතං සතිං භාවෙති.
Sinhala BJTතවද මහණෙනි, මහණ ඉදිරි ගමන්හි දු පෙරළා ගමන්හි දු සම්පජානකාරී වෙයි. ඉදිරි බැලීමෙහි දු අවට බැලීමෙහි දු සම්පජානකාරී වෙයි, අත් පා දිගු කිරීමෙහි දු හැකිළීමෙහි දු සම්පජානකාරී වෙයි. සඟළ පාසිවුරු ධැරීමෙහි දු සම්පජානකාරී වෙයි. අසන පාන ඛාදන ආස්වාදන ක්‍රියායෙහි දු සම්පජානකාරී වෙයි. අස්පස්කිසෙහි දු සම්පජානකාරී වෙයි, ගමන ස්ථාන නිෂීදන ශයන ජාගරණ භාෂණ තුෂ්ණිම්භාවක්‍රියායෙහි දු සම්පජානකාරී වෙයි. මෙසේ අප්‍රමත්තව කෙලෙස් තවන වැර ඇති ව නිවනට මෙහෙයූ සිත් ඇති ව වසන ඔහුගේ යම් ගෘහශ්‍රිත දිවෙන සංකල්පනයෝ ඇද්ද, ඔහු ප්‍රහීණ වෙති. ඔවුන්ගේ ප්‍රහාණයෙන් ගෞරව සංඛ්‍යාත අධ්‍යාත්මයෙහි ම සිත වැදගෙන සිටී, සන්හුන්වෙයි, එකඟ වෙයි, සමාධිගත වෙයි. මහණෙනි, මෙසෙයිනුදු මහණ කායගත ස්මෘති වඩයි.
Pali BJTපුන චපරං භික්ඛවෙ, භික්ඛු ඉමමෙව කායං උද්ධං පාදතලා අධො කෙසමත්ථකා තචපරියන්තං පූරං නානප්පකාරස්ස අසුචිනො පච්චවෙක්ඛති: අත්ථි ඉමස්මිං කායෙ කෙසා ලොමා නඛා දන්තා තචො මංසං නහාරු අට්ඨි අට්ඨිමිඤ්ජා{1} වක්කං හදයං යකනං කිලොමකං පිහකං පප්ඵාසං අන්තං අන්තගුණං උදරියං කරීසං පිත්තං සෙම්හං පුබ්බො ලොහිතං සෙදො මෙදො අස්සු වසා ඛෙළො සිඞ්ඝාණිකා ලසිකා මුත්ත’න්ති.
Sinhala BJTතවද මහණෙනි, මහණ පාදතලයෙන් උඩ කෙස් මතුයෙන් යට ත්චක්පර්‍ය්‍යන්ත වූ නානාප්‍රකාර අසුචි පිරුණු මේ කරජකය ම ප්‍රත්‍යවේක්‍ෂා කෙරෙයි: ‘මේ කයෙහි කෙස් යැ, ලෝමැ නිය යැ දතැ සමැ මසැ නහර යැ ඇට යැ ඇටමිදුළු යැ වකුගඩු යැ හෘදය යැ අක්මා යැ දලබු යැ බඩදිව යැ පපුමසැ අතුණු යැ අතුණුබහනැ නො පැසුණු අහර යැ මල යැ පිතැ සෙමැ පූයා යැ ලෙහෙ යැ සෝදිය යැ මේදස යැ කඳුළු යැ වුරුණුතෙලැ කෙළ යැ මුකුණු යැ සඳමිදුලු යැ මුත්‍ර යැ යන මේ ඇතැයි කියා යි.
Pali BJTසෙය්යථාපි භික්ඛවෙ, උභතො මුඛා මූතොළි{2} පූරා නානාවිහිතස්ස ධඤ්ඤස්ස. සෙය්යථිදං: සාලීනං වීහීනං මුග්ගානං මාසානං තිලානං තණ්ඩුලානං, තමෙනං චක්ඛුමා පුරිසො මුඤ්චිත්වා පච්චවෙක්ඛෙය්ය: ඉමෙ සාලී, ඉමෙ වීහී, ඉමෙ මුග්ගා, ඉමෙ මාසා, ඉමෙ තිලා, ඉමෙ තණ්ඩුලා’ති. එවමෙව ඛො භික්ඛවෙ, භික්ඛු ඉමමෙව කායං උද්ධං පාදතලා අධො කෙසමත්ථකා තචපරියන්තං පූරං නානප්පකාරස්ස අසුචිනො පච්චවෙක්ඛති: අත්ථි ඉමස්මිං කායෙ කෙසා ලොමා නඛා දන්තා තචො මංසං නහාරු අට්ඨි අට්ඨිමිඤ්ජා{1} වක්කං හදයං යකනං කිලොමකං පිහකං පප්ඵාසං අන්තං අන්තගුණං උදරියං කරීසං පිත්තං සෙම්හං පුබ්බො ලොහිතං සෙදො මෙදො අස්සු වසා ඛෙළො සිඞ්ඝාණිකා ලසිකා මුත්ත’න්ති. තස්ස එවං අප්පමත්තස්ස ආතාපිනො පහිතත්තස්ස විහරතො යෙ ගෙහසිතා සරසඞ්කප්පා, තෙ පහීයන්ති. තෙසං පහානා අජ්ඣත්තමෙව චිත්තං සන්තිට්ඨති, සන්නිසීදති, එකොදි හොති සමාධියති, එවම්පි භික්ඛවෙ, භික්ඛු කායගතං සතිං භාවෙති.
Sinhala BJTමහණෙනි, යම් සේ නානාවිධ ධාන්‍ය පිරුණු දෙපස මුව ඇති මල්ලෙක් වේ ද, එ කෙබඳු ධාන්‍ය යැ යත්: හැල් වී මුං මෑ තල සහල් යන් මේ ධාන්‍යයන්ගේ යැ. ඇස් ඇති පුරුෂයෙක් තෙල මල්ල මුදා ප්‍රත්‍යවේක්‍ෂා කරන්නේ යැ: මොහු හැල්හ, මොහු වීහ, මොහු මුඟුහ, මොහු මාසහ, මොහු තිලයහ, මොහු තණ්ඩුලයහ යි කියා යි, මහණෙනි, එපරිදි ම මහණ පාතෙලෙන් උඩ කෙහෙමතුයෙන් යට සම පිරිවරා සිටින නානාවිධ අසුචි පිරුණු මේ කරජකය මැ ප්‍රත්‍යවේක්‍ෂා කෙරෙයි: මේ කයෙහි කෙස් ලොම් නිය දත් සම් මස් නහර ඇට ඇටමිදුළු වකුගඩු ළය අක්මා දලබු බඩදිව් පපුමස් අතුණු අතුණුබහන් නො පැසුණු අහර මල පිත් සෙම් පූයා ලෙහෙ සෝදිය මේදස කඳුළු වුරුණුතෙල් කෙළ මුකුණු සඳමිදුලු යන මේ ඇතැයි කියා යි. මෙසෙයින් අප්‍රමත්ත ව කෙලෙස් තවන වැර ඇති ව නිවනට මෙහෙයූ සිත් ඇති ව වසන ඒ මහණහු ගේ ගෘහාශ්‍රිතවූ යම් මැ දිවෙන් සංකල්පයෝ ඇද්ද ඔහු ප්‍රහීණ වෙති. ඔවුන්ගේ ප්‍රහාණයෙන් ගෝචර සංඛ්‍යාත අධ්‍යාත්මයෙහි මැ සිත පිහිටා සිටී, සන්හුන් වෙයි, එකඟ වෙයි, සමාහිත වෙයි. මහණෙනි, මෙසෙයිනුදු මහණ කායගතස්මෘති භවයි.
Pali BJTපුන චපරං භික්ඛවෙ, භික්ඛු ඉමමෙව කායං යථාඨිතං යථාපණිහිතං ධාතුසො පච්චවෙක්ඛති: අත්ථි ඉමස්මිං කායෙ පථවීධාතු ආපොධාතු තෙජොධාතු වායොධාතූති.
Sinhala BJTතවද මහණෙනි, මහණ සිටි පරිදි තුබූ පරිදි මැ මේ කය ම ධාතු වශයෙන් ප්‍රත්‍යවේක්‍ෂා කෙරෙයි: මේ කයෙහි පෘථිවිධාතු අබ්ධාතු තෙජොධාතු වායෝධාතු ඇත කියා’යි.
Pali BJTසෙය්යථාපි භික්ඛවෙ, දක්ඛො ගොඝාතකො වා ගොඝාතකන්තෙවාසී වා ගාවිං වධිත්වා චාතුම්මහාපථෙ{1} බිලසො{2} විභජිත්වා{3} නිසින්නො අස්ස, එවමෙව ඛො භික්ඛවෙ, භික්ඛු ඉමමෙව කායං යථාඨිතං යථාපණිහිතං ධාතුසො පච්චවෙක්ඛති: අත්ථි ඉමස්මිං කායෙ පථවීධාතු ආපොධාතු තෙජොධාතු වායොධාතූ’ති. තස්ස එවං අප්පමත්තස්ස ආතාපිනො පහිතත්තස්ස විහරතො යෙ ගෙහසිතා සරසඞ්කප්පා, තෙ පහීයන්ති. තෙසං පහානා අජ්ඣත්තමෙව චිත්තං සන්තිට්ඨති, සන්නිසීදති. එකොදි හොති, සමාධියති. එවම්පි භික්ඛවෙ, භික්ඛු කායගතං සතිං භාවෙති.
Sinhala BJTමහණෙනි, යම් පරිදි දක්‍ෂ ගෝඝාතකයෙක් හෝ ගෝඝාතක අතැවැසියෙක් හෝ දෙනක මරා සිව්මංසන්‍ධියෙහි කොටස් විසින් බෙදා තබා හුන්නේ වේ ද, මහණෙනි, එසෙයින් ම මහණ යථාස්ථිත වූ මේ කය ම ධාතු වශයෙන් ප්‍රත්‍යවේක්‍ෂා කෙරෙයි: මේ කයෙහි පෘථිවිධාතු අබ්ධාතු තෙජොධාතු වායෝධාතු ඇතැ’යි කියා යි. මෙසේ අප්‍රමත්ත ව කෙලෙස් තවන වැර ඇති ව නිවනට මෙහෙයූ සිත් ඇති ව වසන ඔහුගේ යම් ගෘහශ්‍රිත සරසංකල්පකෙනෙක් ඇද්ද ඔහු ප්‍රහීණ වෙති. ඔවුන්ගේ ප්‍රහාණයෙන් අධ්‍යාත්මයෙහි මැ සිත පිහිටුවා සිටී. සන්හුන් වෙයි, එකඟ වෙයි, සමාහිත වේ. මෙසේත් මහණෙනි, මහණ කාගියාසී වඩයි.
Pali BJTපුන චපරං භික්ඛවෙ, භික්ඛු සෙය්යථාපි පස්සෙය්ය සරීරං සිවථිකාය ඡඩ්ඩිතං එකාහමතං වා ද්වීහමතං වා තීහමතං වා උද්ධුමාතකං විනීලකං විපුබ්බකජාතං. සො ඉමමෙව කායං උපසංහරති: ‘අයම්පි ඛො කායො එවංධම්මො එවංභාවී එතං අනතීතො’ති.{4} තස්ස එවං අප්පමත්තස්ස ආතාපිනො පහිතත්තස්ස විහරතො යෙ ගෙහසිතා සරසඞ්කප්පා, තෙ පහීයන්ති. තෙසං පහානා අජ්ඣත්තමෙව චිත්තං සන්තිට්ඨති, සන්නිසීදති, එකොදි හොති, සමාධියති. එවම්පි භික්ඛවෙ, භික්ඛු කායගතං සතිං භාවෙති.
Sinhala BJTතවද මහණෙනි, මහණ මළ එක් දවසක් ඇති වේවයි මළ දෙදවසක් ඇති වේවයි මළ තුන්දවසක් ඇති වේවයි ඉදිමැගිය තැන තැන කුත්සිත නීලවර්‍ණ ඇති හටගත් පූයා ඇති සොහොනෙහි බහාලන ලද සිරුරක් යම් සේ දක්නේ ද හේ (තමා ගේ) මේ කයට එළවා බලයි: මේ කය ද මෙබඳු ස්වාභාව ඇත්තේ යැ, මෙසේ වනසුලු යැ, තෙල ස්වභාව නො ඉක්මවන ලදැ යි. මෙසේ අප්‍රමත්ත ව ආතාපන වැර ඇති ව ප්‍රහිතාත්ම ව වෙසෙන ඔහුගේ යම් ගෘහශ්‍රිත යම් සරසංකල්ප කෙනෙක් වෙත් ද ඔහු ප්‍රහීණ වෙති. ඔවුන්ගේ ප්‍රහාණයෙන් ගෝචරාධ්‍යාත්මයෙහි ම සිත පිහිටා සිටී, සන්හුන් වෙයි, එකඟ වෙයි, සමාධි ගත වෙයි. මෙසේත් මහණෙනි, මහණ කාගියාසී භවයි.
Pali BJTපුන චපරං භික්ඛවෙ, භික්ඛු සෙය්යථාපි පස්සෙය්ය සරීරං සිවථිකාය ඡඩ්ඩිතං කාකෙහි වා ඛජ්ජමානං කුලලෙහි වා ඛජ්ජමානං ගිජ්ඣෙහි වා ඛජ්ජමානං සුවාණෙහි{5} වා ඛජ්ජමානං සිගාලෙහි{6} වා ඛජ්ජමානං විවිධෙහි වා පාණකජාතෙහි ඛජ්ජමානං. සො ඉමමෙව කායං උපසංහරති: ‘අයම්පි ඛො කායො එවංධම්මො එවංභාවී එතං අනතීතො’ති. තස්ස එවං අප්පමත්තස්ස ආතාපිනො පහිතත්තස්ස විහරතො යෙ ගෙහසිතා සරසඞ්කප්පා, තෙ පහීයන්ති. තෙසං පහානා අජ්ඣත්තමෙව චිත්තං සන්තිට්ඨති, සන්නිසීදති, එකොදි හොති, සමාධියති. එවම්පි භික්ඛවෙ, භික්ඛු කායගතං සතිං භාවෙති.
Sinhala BJTතවද මහණෙනි, මහණ සොහොනෙහි දමන ලද කවුඩන් විසින් හෝ කනු ලබන උකුස්සන් විසින් හෝ කනු ලබන ගිජුලිහිණියන් විසින් හෝ කනු ලබන ශුනකයන් විසින් හෝ කනු ලබන සිවලුන් විසින් හෝ කනු ලබන විවිධ ක්‍ෂුද්‍රප්‍රාණිජාතීන් විසින් හෝ කනු ලබන සිරුරක් යම්සේ දක්නේ ද, හේ (තමා ගේ) මේ කය මැ එළවා බලයි: මේ කය ද මෙබඳු ස්වභාව ඇත්තේ යැ, මෙසේ වනසුලු යැ තෙල ස්වභාව නො ඉක්මවන ලදැයි. මෙසේ අප්‍රමත්තව ආතාපන වීර්‍ය්‍ය ඇති ව ප්‍රහිතාත්ම ව වෙසෙන ඔහු ගේ යම් ගෘහශ්‍රිත සරසංකල්ප කෙනෙක් ඇත් ද ඔහු ප්‍රහීණ වෙති. ඔවුන්ගේ ප්‍රහාණයෙන් ගෝචරාධ්‍යාත්මයෙහි මැ සිත පිහිටා සිටි, සන්හුන් වෙයි. ඒකාග්‍ර වෙයි, සමාධිගත වෙයි. මෙසේත් මහණෙනි, මහණ කාගියාසී වඩයි.
Pali BJTපුන චපරං භික්ඛවෙ, භික්ඛු සෙය්යථාපි පස්සෙය්ය සරීරං සිවථිකාය ඡඩ්ඩිතං අට්ඨිකසඞ්ඛලිකං සමංසලොහිතං නහාරුසම්බන්ධං, -පෙ- අට්ඨිකසඞ්ඛලිකං නිම්මංසලොහිතමක්ඛිතං නහාරුසම්බන්ධං, -පෙ- අට්ඨිකසඞ්ඛලිකං අපගතමංසලොහිතං නහාරුසම්බන්ධං, -පෙ- අට්ඨිකානි අපගතසම්බන්ධානි දිසාවිදිසාසු වික්ඛිත්තානි{7} අඤ්ඤෙන හත්ථට්ඨිකං අඤ්ඤෙන පාදට්ඨිකං අඤ්ඤෙන ජඞ්ඝට්ඨිකං අඤ්ඤෙන ඌරට්ඨිකං{8} අඤ්ඤෙන කටට්ඨිකං අඤ්ඤෙන පිට්ඨිකණ්ඨකං{9} අඤ්ඤෙන සීසකටාහං{10} සො ඉමමෙව කායං උපසංහරති: අයම්පි ඛො කායො එවංධම්මො එවංභාවී එතං අනතීතොති. තස්ස එවං අප්පමත්තස්ස ආතාපිනො පහිතත්තස්ස විහරතො යෙ ගෙහසිතා සරසඞ්කප්පා, තෙ පහීයන්ති. තෙසං පහානා අජ්ඣත්තමෙව චිත්තං සන්තිට්ඨති, සන්නිසීදති, එකොදි හොති, සමාධියති. එවම්පි, භික්ඛවෙ, භික්ඛු කායගතාසතිං භාවෙති.
Sinhala BJTතවද මහණෙනි, මහණ සොහොනෙහි දමන ලද මස් ලෙ සහිත වූ නහරවලින් බැඳුණු ඇටසැකිලි වූ සිරුරක් යම් සේ දක්නේ ද ... මස් රහිත ලෙයින් වැකුණු නහරවැලින් බැඳුණු ඇටසැකිලි වූ සිරුර ... අපගත මස්ලෙහෙ ඇති නහර වැලින් බැඳුණු ඇටසැකිලි වූ සිරුර ... අපගත සම්බන්‍ධ ඇති දිසාවිදිසායෙහි විසුරුණු ඇට ඇති අන් තැනෙක් ඇති ඇටය අන් තැනෙක පාඇටය අන් තැනෙක කෙණ්ඩාඇටය අන් තැනෙක් කලවාඇටය අන් තැනෙක පිටකටුවය අන් තැනෙක් හිස්කබලය යන මේ ඇති සිරුරක් යම් සේ දක්නේ ද, ඒ මහණ මේ කාය මැ එළවා බලයි: මේ කය ද මෙබඳු ස්වභාව ඇත්තේ යැ, මෙසේ වනසුලු යැ, තෙල ස්වභාව නො ඉක්මවන ලදැ යි. මෙසේ අප්‍රමත්ත ව ආතාපන වීර්‍ය්‍ය ඇති ව ප්‍රහිතාත්ම ඇතිව වසන ඔහුගේ යම් ගෘහශ්‍රිත සරසංකල්ප කෙනෙක් ඇද්ද ඔහු ප්‍රහීණ වෙති. ඔවුන් ගේ ප්‍රහාණයෙන් අධ්‍යාත්මයෙහි සිත පිහිටා සිටී, සන්හුන් වෙයි, ඒකාග්‍ර වෙයි, සමාධිගත වෙයි. මෙසෙයිනුදු මහණෙනි, මහණ කාගියාසී වඩයි.
Pali BJTපුන චපරං භික්ඛවෙ, භික්ඛු සෙය්යථාපි පස්සෙය්ය සරීරං සිවථිකාය ඡඩ්ඩිතං අට්ඨිකානි සෙතානි සඞ්ඛවණ්ණූපනිභානි{1} -පෙ- අට්ඨිකානි පුඤ්ජකිතානි{2} තෙරොවස්සිකානි, -පෙ- අට්ඨිකානි පූතීනි චුණ්ණකජාතානි, සො ඉමමෙව කායං උපසංහරති: අයම්පි ඛො කායො එවංධම්මො එවංභාවී එතං අනතීතොති. තස්ස එවං අප්පමත්තස්ස ආතාපිනො පහිතත්තස්ස විහරතො යෙ ගෙහසිතා සරසඞ්කප්පා, තෙ පහීයන්ති. තෙසං පහානා අජ්ඣත්තමෙව චිත්තං සන්තිට්ඨති, සන්නිසීදති, එකොදි හොති, සමාධියති. එවම්පි භික්ඛවෙ, භික්ඛු කායගතං සතිං භාවෙති.
Sinhala BJTතවද මහණෙනි, මහණ සොහොනෙහි දමන ලද සක්වන් පැහැති සුදු ඇට ... එකතු වූ හවුරුදු පැන ගිය ඇට ... සුණු ව සිටි කුණු වූ ඇට යම්සේ දක්නේ ද ඒ මහණ මේ කය ද මෙ බඳු ස්වභාව ඇත්තේ යැ. මෙසේ වන්නේ යැ, තෙල සැහැවි නො ඉක්මවන ලදැ යි. මෙසේ නො පමා ව ආතාපන වීර්‍ය්‍ය ඇති ව ප්‍රහිතාත්ම ඇතිව වාස කරන ඒ මහණහුගේ ගෘහශ්‍රිත යම් ම ධාවන සංකල්ප කෙනෙක් ඇද්ද, ඔහු ප්‍රහීණ වෙති. ඔවුන්ගේ ප්‍රහාණයෙන් ගෝචරාධ්‍යාත්මයෙහි ම සිත පිහිටා සිටී, සන්හුන් වෙයි, ඒකාග්‍ර වෙයි, සමාධිගත වෙයි. මෙසේත් මහණෙනි, මහණ කාගියාසී භවයි.
Pali BJTපුන චපරං භික්ඛවෙ, භික්ඛු විවිච්චෙව කාමෙහි විවිච්ච අකුසලෙහි ධම්මෙහි සවිතක්කං සවිචාරං විවෙකජං පීතිසුඛං පඨමං ඣානං උපසම්පජ්ජ විහරති. සො ඉමමෙව කායං විවෙකජෙන පීතිසුඛෙන අභිසන්දෙති පරිසන්දෙති පරිපූරෙති පරිප්ඵරති. නාස්ස කිඤ්චි සබ්බාවතො කායස්ස විවෙකජෙන පීතිසුඛෙන අප්ඵුටං හොති. සෙය්යථාපි භික්ඛවෙ, දක්ඛො නහාපකො{3} වා නහාපකන්තෙවාසී වා කංසථාලෙ නහානීයචුණ්ණානි ආකිරිත්වා උදකෙන පරිප්ඵොසකං පරිප්ඵොසකං සන්නෙය්ය, සාස්ස{4} නහානීයපිණ්ඩී ස්නෙහානුගතා ස්නෙහපරෙතා සන්තරබාහිරා ඵුට්ඨා ස්නෙහෙන, න ච පග්ඝරිණී. එවමෙව ඛො භික්ඛවෙ, භික්ඛු ඉමමෙව කායං විවෙකජෙන පීතිසුඛෙන අභිසන්දෙති, පරිසන්දෙති, පරිපූරෙති, පරිප්ඵරති. නාස්ස කිඤ්චි සබ්බාවතො කායස්ස විවෙකජෙන පීතිසුඛෙන අප්ඵුටං හොති. තස්ස එවං අප්පමත්තස්ස ආතාපිනො පහිතත්තස්ස විහරතො යෙ ගෙහසිතා සරසඞ්කප්පා, තෙ පහීයන්ති. තෙසං පහානා අජ්ඣත්තමෙව චිත්තං සන්තිට්ඨති, සන්නිසීදති, එකොදි හොති, සමාධියති. එවම්පි භික්ඛවෙ, භික්ඛු කායගතං සතිං භාවෙති.
Sinhala BJTතවද මහණෙනි, මහණ කාමයෙන් වෙන් ව මැ අකුශල දහමින් වෙන් ව සවිතර්‍ක සවිචාර විවේකජ ප්‍රීතිසුඛ ඇති ප්‍රථමධ්‍යානයට එළැඹ වෙසෙයි. හේ මේ කය මැ විවේකජ ප්‍රීතිසුඛයෙන් තෙමයි, හාත්පසින් තෙමයි. හාත්පසින් පුරයි, හාත්පසින් ස්පර්‍ශ කෙරෙයි. මොහුගේ හැම කය පිළිබඳ කිසිදු තැනෙක් විවේකජ ප්‍රීතිසුඛයෙන් ස්පර්‍ශ නො කරන ලද්දේ නො වෙයි. මහණෙනි, යම් පරිදි දක්‍ෂ වූ නහවනුයෙක් හෝ නහවනු අතැවැසියෙක් හෝ කස්ලෝතලියෙහි නහනුසුණු විසුරුවා පුන පුනා දිය ඉසැ පිඬු කෙරේ ද, ඒ නහනුපිඬු අනුගත උදකස්නේහ ඇති ව පරිගත උදක ස්නේහ ඇති ව දියෙන් ඇතුළත හා බැහැර පහස්නා ලද වේ ද නො ද වැගිරේ ද මහණෙනි, එපරිදි ම මහණ මේ කය මැ විවේකජ ප්‍රීතිසුඛයෙන් තෙමයි, හාත්පසින් තෙමයි, හාත්පසින් පුරවයි. හාත්පසින් ස්පර්‍ශ කෙරෙයි. හැම කය පිළිබඳ කිසිදු තැනෙක් විවේකජ ප්‍රීතිසුඛයෙන් නො පහළේ නො වෙයි. මෙසේ අප්‍රමත්ත ව ආතාපන වීර්‍ය්‍ය ඇති ව ප්‍රහිතාත්ම ව වසන ඔහු ගේ ගෘහශ්‍රිත වූ යම් මැ ධාවන සංකල්ප කෙනෙක් ඇද්ද, ඔහු ප්‍රහීණ වෙති. ඔවුන්ගේ ප්‍රහාණයෙන් ගෝචරාධ්‍යාත්මයෙහි මැ සිත පිහිටාසිටී. සන්හුන් වෙයි, ඒකාග්‍ර වෙයි, සමාධිගත වෙයි. මෙසෙයිනුදු මහණෙනි, මහණ කාගියාසී වඩයි.
Pali BJTපුන චපරං භික්ඛවෙ, භික්ඛු විතක්කවිචාරානං වූපසමා අජ්ඣත්තං සම්පසාදනං චෙතසො එකොදිභාවං අවිතක්කං අවිචාරං සමාධිජං පීතිසුඛං දුතියං ඣානං උපසම්පජ්ජ විහරති. සො ඉමමෙව කායං සමාධිජෙන පීතිසුඛෙන අභිසන්දෙති, පරිසන්දෙති, පරිපූරෙති, පරිප්ඵරති. නාස්ස කිඤ්චි සබ්බාවතො කායස්ස සමාධිජෙන පීතිසුඛෙන අප්ඵුටං හොති. සෙය්යථාපි භික්ඛවෙ, උදකරහදො ගම්භීරො උබ්භිදොදකො, තස්ස නෙවස්ස පුරත්ථිමාය දිසාය උදකස්සායමුඛං, න පච්ඡිමාය දිසාය උදකස්සායමුඛං{5}, න උත්තරාය දිසාය උදකස්සායමුඛං, න දක්ඛිණාය දිසාය උදකස්සායමුඛං, දෙවො ච න කාලෙන කාලං සම්මා ධාරං අනුප්පවෙච්ඡෙය්ය. අථ ඛො තම්හාව උදකරහදා සීතා වාරිධාරා උබ්භිජ්ජිත්වා{6} තමෙව උදකරහදං සීතෙන වාරිනා අභිසන්දෙය්ය පරිසන්දෙය්ය පරිපූරෙය්ය පරිප්ඵරෙය්ය. නාස්ස කිඤ්චි සබ්බාවතො උදකරහදස්ස සීතෙන වාරිනා අප්ඵුටං අස්ස. එවමෙව ඛො භික්ඛවෙ, භික්ඛු ඉමමෙව කායං සමාධිජෙන පීතිසුඛෙන අභිසන්දෙති පරිසන්දෙති පරිපූරෙති පරිප්ඵරති. නාස්ස කිඤ්චි සබ්බාවතො කායස්ස සමාධිජෙන පීතිසුඛෙන අප්ඵුටං හොති. තස්ස එවං අප්පමත්තස්ස ආතාපිනො පහිතත්තස්ස විහරතො යෙ ගෙහතිසා සරසඞ්කප්පා තෙ පහීයන්ති. තෙසං පහානා අජ්ඣත්තමෙව චිත්තං සන්තිට්ඨති, සන්නිසීදති, එකොදි හොති, සමාධියති. එවම්පි, භික්ඛවෙ, භික්ඛු කායගතාසතිං භාවෙති.
Sinhala BJTතවද මහණෙනි, මහණ විතර්‍ක විචාරයන්ගේ ව්‍යුපශමයෙන් තමා තුළ පැහැදීම ඇති චිත්තෛකාග්‍රභාවය ඇති අවිතර්‍ක අවිචාර සමාධිජ ප්‍රීති සුඛ ඇති ද්විතීය ධ්‍යානය උපදවා වෙසෙයි. හේ මෙ කය මැ සමාධිජ ප්‍රීතිසුඛයෙන් තෙමයි, හාත් පසින් තෙමයි, හාත්පසින් පුරවයි, හාත්පසින් ස්පර්‍ශ කෙරෙයි. හැම කය පිළිබඳ කිසිදු තැනෙක් සමාධිජ ප්‍රීතිසුඛයෙන් ස්පර්‍ශ නො පහළේ නො වෙයි. මහණෙනි, යම් පරිදි ගැඹුරු නැඟෙන දිය ඇති, උදකභ්‍රදයෙක් වේ ද එයට පෙරදික්හි දු දිය එන මඟෙක් නැද්ද පැසිම් දික්හි දු දිය එන මඟෙක් නැද්ද, උතුරු දික්හි දු දිය එන මඟෙක් නැද්ද, දකුණු දික්හි දු දිය එන මඟෙක් නැද්ද මේඝයත් කලින් කල සම්‍යග්ධාරා නො වස්වා ද එසඳ ඒ භ්‍රදයෙන් ශීතවාරිධාරාව පොළොවින් නැඟී ඒ භ්‍රදය මැ ශීතජලයෙන් තෙමා ද හාත්පසින් තෙමා ද, පුරවා ද හාත්පසින් ස්පර්‍ශ කෙරේ ද, හැම භ්‍රදය පිළිබඳ කිසිදු තැනෙක් ශීතජලයෙන් නොපහළේ නො වේ ද මහණෙනි, එපරිදි මැ මහණ මේ කය මැ සමාධිජ ප්‍රීතිසුඛයෙන් තෙමයි, හාත්පස පුරවයි, ස්පර්‍ශ කෙරෙයි. හැම කය පිළිබඳ කිසිදු තැනෙක් සමාධිජ ප්‍රීතිසුඛයෙන් නො පහළේ නො වෙයි. මෙසෙයින් නො පමා වූ කෙලෙස් තවන වැර ඇති ව නිවනට මෙහෙයූ සිත ඇති ව වෙසෙන ඔහුගේ යම් කාමනිශ්‍රිත ධාවන සංකල්ප කෙනෙක් ඇද්ද, ඔහු ප්‍රහීණ වෙති. උන්ගේ ප්‍රහාණයෙන් ගෝචරාධ්‍යාත්මයෙහි මැ සිත පිහිටා සිටී. සන්හුන් වෙයි, එකඟ වෙයි, සමාධිගත වෙයි. මෙසෙයිනුදු මහණෙනි, මහණ කායගතස්මෘති වඩන්නේ ය.
Pali BJTපුන චපරං භික්ඛවෙ, භික්ඛු පීතියා ච විරාගා උපෙක්ඛකො ච විහරති සතො ච සම්පජානො, සුඛඤ්ච කායෙන පටිසංවෙදෙති. යං තං අරියා ආචික්ඛන්ති: උපෙක්ඛකො සතිමා සුඛවිහාරීති, තං තතියං ඣානං උපසම්පජ්ජ විහරති. සො ඉමමෙව කායං නිප්පීතිකෙන සුඛෙන අභිසන්දෙති පරිසන්දෙති පරිපූරෙති පරිප්ඵරති. නාස්ස කිඤ්චි සබ්බාවතො කායස්ස නිප්පීතිකෙන සුඛෙන අප්ඵුටං හොති. සෙය්යථාපි භික්ඛවෙ, උප්පලිනියං වා පදුමිනියං වා පුණ්ඩරීකිනියං වා අප්පෙකච්චානි උප්පලානි වා පදුමානි වා පුණ්ඩරීකානි වා උදකෙ ජාතානි උදකෙ සංවද්ධානි උදකානුග්ගතානි අන්තො නිමුග්ගපොසීනි. තානි යාව ච අග්ගා යාව ච මූලා සීතෙන වාරිනා අභිසන්නානි පරිසන්නානි පරිපූරානි පරිප්ඵුටානි. නාස්ස කිඤ්චි සබ්බාවතං උප්පලානං වා පදුමානං වා පුණ්ඩරීකානං වා සීතෙන වාරිනා අප්ඵුටං අස්ස. එවමෙව ඛො භික්ඛවෙ, භික්ඛු ඉමමෙව කායං නිප්පීතිකෙන සුඛෙන අභිසන්දෙති පරිසන්දෙති පරිපූරෙති පරිප්ඵරති, නාස්ස කිඤ්චි සබ්බාවතො කායස්ස නිප්පීතිකෙන සුඛෙන අප්ඵුටං හොති. තස්ස එවං අප්පමත්තස්ස ආතාපිනො පහිතත්තස්ස විහරතො යෙ ගෙහයිතා සරසඞ්කප්පා තෙ පහීයන්ති. තෙසං පහානා අජ්ඣත්තමෙව චිත්තං සන්තිට්ඨති, සන්නිසීදති, එකොදි හොති, සමාධියති. එවම්පි භික්ඛවෙ, භික්ඛු කායගතං සතිං භාවෙති.
Sinhala BJTතව ද මහණෙනි, මහණ ප්‍රීතිවිරාගයෙනු දු උපේක්‍ෂක ව ස්මෘතිමත් ව සම්ප්‍රඥාන ඇති ව ද වාස කෙරෙයි. නාමකයින් සුඛය විඳී. බුද්ධාදි ආර්‍ය්‍යයෝ යම් ඒ ධ්‍යානයක් ගෙන උපේක්‍ෂක යැ ස්මෘතිමත් යැ සුඛවිහාරී යැයි බෙණෙත් ද, ඒ තෘතීයධ්‍යාන උපයාගෙන වාස කෙරෙයි. හේ මේ කය මැ නිෂ්ප්‍රීතික සුඛයෙන් තෙමයි, හාත්පසින් තෙමයි, පුරවයි, ස්පර්‍ශ කෙරෙයි. හැම කය පිළිබඳව කිසිදු තැනෙක් නිෂ්ප්‍රීතික සුඛයෙන් නො පහළේ නො වේ. මහණෙනි, යම් පරිදි උපුල් විලෙක වේවයි හෙළපියුම් විලෙක වේවයි රත්පියුම් විලෙක වේවයි ඇතැම් උපුල්හු හෝ හෙළපියුම්හු හෝ රත්පියුම්හු හෝ දියෙහි උපන්නාහු දියෙහි වැඩුණාහු දියෙන් නො නැංගාහු දියතුළ ගැලී වැඩෙන්නාහු වෙත් ද, ඔහු අග දක්වාත් මුල දක්වාත් සිහිල් දියණ තෙමුණාහු හාත්පසින් තෙමුණාහු පිරුණාහු පහළාහු වෙත් ද, උපුල් වේවයි හෙළපියුම් වේවයි රත්පියුම් වේවයි හැම පද්මයන්ගේ කිසිදු තැනෙක් සිහිල් දියෙන් නො පහළේ නො වේ ද, මහණෙනි, එපරිදි මැ මහණ මෙ කය මැ නිෂ්ප්‍රීතික සුඛයෙන් තෙමයි, හාත්පසින් තෙමයි, පුරවයි, ස්පර්‍ශ කෙරෙයි, සියලු කය පිළිබඳ කිසිදු තැනෙක් නිෂ්ප්‍රීතික සුඛයෙන් නො පහළේ නො වෙ යි. මෙසෙයින් අප්‍රමාදවිහාරී වැ ආතාපන වීර්‍ය්‍ය ඇති ව නිවනට මෙහෙයූ සිත් ඇති ව වාස කරන ඔහුගේ ගෘහශ්‍රිතවූ යම් මැ ධාවනසංකල්ප කෙනෙක් ඇද්ද, ඔහු ප්‍රහීණ වෙති. උන්ගේ ප්‍රහාණයෙන් අධ්‍යාත්මයෙහි මැ සිත පිහිටා සිටී. සන්හුන් වෙයි, ඒකාග්‍ර වෙයි, සමාධිගත වෙයි. මෙසෙයිනුදු මහණෙනි, මහණ කාගියාසී වඩයි.
Pali BJTපුන චපරං භික්ඛවෙ, භික්ඛු සුඛස්ස ච පහානා දුක්ඛස්ස ච පහානා පුබ්බෙව සොමනස්සදොමනස්සානං අත්ථඞ්ගමා අදුක්ඛං අසුඛං උපෙක්ඛාසතිපාරිසුද්ධිං චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරති. සො ඉමමෙව කායං පරිසුද්ධෙන චෙතසා පරියොදාතෙන ඵරිත්වා නිසින්නො හොති, නාස්ස කිඤ්චි සබ්බාවතො කායස්ස පරිසුද්ධෙන චෙතසා පරියොදාතෙන අප්ඵුටං හොති. සෙය්යථාපි භික්ඛවෙ, පුරිසො ඔදාතෙන වත්ථෙන සසීසං පාරුපිත්වා නිසින්නො අස්ස, නාස්ස කිඤ්චි සබ්බාවතො කායස්ස ඔදාතෙන වත්ථෙන අප්ඵුටං අස්ස. එවමෙව ඛො භික්ඛවෙ, භික්ඛු ඉමමෙව කායං පරිසුද්ධෙන චෙතසා පරියොදාතෙන ඵරිත්වා නිසින්නො හොති. නාස්ස කිඤ්චි සබ්බාවතො කායස්ස පරිසුද්ධෙන චෙතසා පරියොදාතෙන අප්ඵුටං හොති. තස්ස එවං අප්පමත්තස්ස ආතාපිනො පහිතත්තස්ස විහරතො යෙ ගෙහසිතා සරසඞ්කප්පා තෙ පහීයන්ති. තෙසං පහානා අජ්ඣත්තමෙව චිත්තං සන්තිට්ඨති, සන්නිසීදති, එකොදි හොති, සමාධියති. එවම්පි භික්ඛවෙ, භික්ඛු කායගතං සතිං භාවෙති.
Sinhala BJTතව ද මහණෙනි, මහණ සුඛයාගේ ප්‍රහාණයෙනු දු දුඃඛයාගේ ප්‍රහාණයෙනුදු කැලම සොම්නස් දොම්නසුන් ගේ අස්තංගමයෙන් අදුඃඛ වූ අසුඛ වූ උපේක්‍ෂායෙන් උපන් ස්මෘතිපාරිශුද්ධි චතුර්‍ත්‍ථධ්‍යාන උපයාගෙන වාස කෙරෙයි. හේ මෙ කය මැ නිරුපක්ලේශ වූ ප්‍රභාස්වර වූ සිතින් පැහැර හුන්නේ වෙයි. ඔහු ගේ හැම කය පිළිබඳව කිසිදු තැනෙක් පරිශුද්ධ පර්‍ය්‍යාවදාත වූ සිතින් නො පහළේ නො වෙයි. මහණෙනි, යම් පරිදි පුරුෂයෙක් අවදාත වස්ත්‍රයෙකින් හිස වටා පෙරව හුන්නේ වේ ද, ඔහුගේ හැම කය පිළිබඳ කිසිදු තැනෙක් අවදාත වස්ත්‍රයෙන් නො පහළේ නො වේ ද, එපරිදි මැ මහණෙනි, මහණ මෙ කය මැ පරිශුද්ධ පර්‍ය්‍යවදාත වූ සිතින් පැහැරගෙන හුන්නේ වෙයි. ඔහුගේ හැම කය පිළිබඳ කිසිදු තැනෙක් පිරිසිදු පර්‍ය්‍යවදාත වූ සිතින් නො පහරන ලද නො වෙයි. මෙසේ අප්‍රමාද විහරණ ඇති ව ආතාපන වීර්‍ය්‍ය ඇති වැ කායජීවිත නිරපේක්‍ෂක ව වාසය කරන ඔහුගේ යම් කාමනිඃශ්‍රිත දිවෙන සංකල්ප කෙනෙක් ඇද්ද ඔහු ප්‍රහීණ වෙති. උන් ගේ ප්‍රහාණ යෙන් අධ්‍යාත්මයෙහි මැ සිත පිහිටා සිටී. සන්හුන් වෙයි, සමාධිගත වෙයි. මෙසෙයිනුදු මහණෙනි, මහණ කාගියාසී වඩයි.
Pali BJTයස්ස කස්සචි භික්ඛවෙ, කායගතා සති භාවිතා බහුලීකතා අන්තොගධාතස්ස{1} කුසලා ධම්මා යෙ කෙචි විජ්ජාභාගියා. සෙය්යථාපි භික්ඛවෙ, යස්ස කස්සචි මහාසමුද්දො චෙතසා ඵුටො, අන්තොගධා තස්ස{1} කුන්නදියො යා කාචි සමුද්දඞ්ගමා. එවමෙව ඛො භික්ඛවෙ, යස්ස කස්සචි කායගතාසති භාවිතා බහුලීකතා අන්තොගධා තස්ස කුසලා ධම්මා යෙ කෙචි විජ්ජාභාගියා.
Sinhala BJTමහණෙනි, යම් කිසි මහණහු විසින් කාගියාසී භාවිත වේ ද බිහිලි කරන ලද වේ ද, විද්‍යා භාගයට අයත් යම් කිසි ධර්‍මකෙනෙක් ඇත් නම් ඒ කුශලධර්‍මයෝ ඔහුට අන්තොගධ වෙති. මහණෙනි, යම් පරිදි යමක්හු විසින් මහමුහුද සිතින් පහස්නා ලද ද මුහුද කරා යන හැම කුන්නදීහු ඇද්ද එයට ඇතුළත් වෙති. මහණෙනි, එපරිදි මැ යම්කිසි මහණක්හු විසින් කාගියාසී භාවිත වේ ද බහුලීකෘත වේ ද, විද්‍යාභාගයෙහි වූ යම් මැ කුශලධර්‍ම කෙනෙක් ඇද්ද ඔහු එයට ඇතුළත් වෙති.
Pali BJTයස්ස කස්සචි භික්ඛවෙ, භික්ඛුනො කායගතා සති අභාවිතා අබහුලීකතා, ලභති තස්ස මාරො ඔතාරං, ලභති තස්ස මාරො ආරම්මණං.
Sinhala BJTමහණෙනි, යම්කිසි මහණක්හු විසින් කාගියාසී අභාවිත වේ ද අබහුලීකෘත වේ ද, ඔහුට මාරයා අවතරණ ලබයි. ඔහුට මාරයා ආලම්බන ලබයි.
Pali BJTසෙය්යථාපි භික්ඛවෙ, පුරිසො ගරුකං සිලාගුලං අල්ලමත්තිකාපුඤ්ජෙ පක්ඛිපෙය්ය. තං කිම්මඤ්ඤථ භික්ඛවෙ, අපි නු තං ගරුකං සිලාගුලං අල්ලමත්තිකාපුඤ්ජෙ ලභෙථ ඔතාරන්ති.
Sinhala BJTමහණෙනි, යම් පරිදි පුරුෂයෙක් බර වූ ශිලාගුලයක් එක් මැටිපිඬෙක බහාලන්නේ වේ ද, මහණෙනි එ කිමැයි හඟනවු ද ඒ බර වූ ගල් කැට තෙත් මැටි පිඬෙහි ගිලීම් ලබා ද,
Pali BJTඑවං භන්තෙ.
Sinhala BJTවහන්ස, එසේ යැ.
Pali BJTඑවමෙව ඛො භික්ඛවෙ, යස්ස කස්සචි කායගතා සති අභාවිතා අබහුලීකතා, ලභති තස්ස මාරො ඔතාරං ලභති තස්ස මාරො ආරම්මණං.
Sinhala BJTමහණෙනි, එපරිදි මැ යම් කිසි මහණක්හු විසින් කාගියාසී අභාවිත අබහුලීකෘත වේ ද, ඒ මහණහු පිළිබඳ ව මාරයා අවතරණ ලබයි. මාරයා ඔහු පිළිබඳ අරමුණු ලබයි.
Pali BJTසෙය්යථාපි භික්ඛවෙ, සුක්ඛං කට්ඨං කොළාපං, අථ පුරිසො ආගච්ඡෙය්ය උත්තරාරණිං ආදාය අග්ගිං අභිනිබ්බත්තෙස්සාමි{1}. තෙජො පාතුකරිස්සාමීති{2}. තං කිම්මඤ්ඤථ භික්ඛවෙ, අපි නු සො පුරිසො අමුං සුක්ඛං කට්ඨං කොළාපං උත්තරාරණිං අදාය අභිමන්ථෙන්තො අග්ගිං අභිනිබ්බත්තෙය්ය තෙජො පාතුකරෙය්යාති.
Sinhala BJTමහණෙනි, යම් පරිදි වියළි කොළපු වූ කාෂ්ටයෙක් ඇත් ද, එසඳ කිසි පුරුෂයෙක් ‘ගිනි නිපදවමි තෙජොධාතු පහළ කරමී’ උතුරුරිණි (ගිනිගානාදඬු) ගෙන එන්නේ වේ ද, මහණෙනි ඒ කෙසේ හඟනහු: ඒ පුරුෂ වියළි කොළපු වූ මේ කාෂ්ටය උතුරුරිණි ගෙන් මඩනේ ගිනි නිපද වන්නේ වේ ද? තෙජොධාතු පහළ කරන්නේ වේ ද?
Pali BJTඑවං භන්තෙ.
Sinhala BJTවහන්ස, එසේ යැ.
Pali BJTඑවමෙව ඛො භික්ඛවෙ, යස්ස කස්සචි කායගතා සති අභාවිතා අබහුලීකතා, ලභති තස්ස මාරො ඔතාරං ලභති තස්ස මාරො ආරම්මණං.
Sinhala BJTමහණෙනි, එපරිදි මැ යම් කිසි මහණක්හු විසින් කායගත ස්මෘතිය අභාවිත වේ ද, අබහුලීකෘත වේ ද, ඒ මහණහු පිළිබඳ ව මාරයා අවතරණ ලබයි. ඔහු පිළිබඳව මාරයා අරමුණු ලබයි.
Pali BJTසෙය්යථාපි භික්ඛවෙ, උදකමණිකො රිත්තො තුච්ඡො ආධාරෙ ඨපිතො, අථ පුරිසො ආගච්ඡෙය්ය උදකභාරං ආදාය. තං කිම්මඤ්ඤථ, භික්ඛවෙ, අපි නු සො පුරිසො ලභෙථ උදකස්ස නික්ඛෙපනන්ති.
Sinhala BJTමහණෙනි, යම් පරිදි ආධාරයෙක තැබූ හිස් වූ මහදිය සැළියෙක් ඇද්ද, එසඳ පුරුෂයෙක් දිය බරක් ගෙන එන්නේ වේ ද, මහණෙනි, ඒ කෙසේ හඟනාව ; ඒ පුරුෂ දිය බහාලීම් ලබන්නේ වේ ද?
Pali BJTඑවං භන්තෙ.
Sinhala BJTවහන්ස, එසේ යැ.
Pali BJTඑවමෙව ඛො භික්ඛවෙ, යස්ස කස්සචි කායගතා සති අභාවිතා අබහුලීකතා, ලභති තස්ස මාරො ඔතාරං, ලභති තස්ස මාරො ආරම්මණං.
Sinhala BJTමහණෙනි, එපරිදි මැ යම් කිසි මහණක්හු, විසින් කාගියාසී අභාවිත අබහුලීකෘත වේ ද, ඒ මහණහු පිළිබඳව මාරයා අවතරණ ලබයි. ඔහු පිළිබඳව මාරයා අරමුණු ලබයි.
Pali BJTයස්ස කස්සචි භික්ඛවෙ, කායගතා සති භාවිතා බහුලීකතා, න තස්ස ලභති මාරො ඔතාරං, න තස්ස ලභති මාරො ආරම්මණං. සෙය්යථාපි භික්ඛවෙ, පුරිසො ලහුකං සුත්තගුළං සබ්බසාරමයෙ අග්ගලඵලකෙ පක්ඛිපෙය්ය. තං කිම්මඤ්ඤථ භික්ඛවෙ, අපි නු සො පුරිසො තං ලහුකං සුත්තගුළං සබ්බසාරමයෙ අග්ගලඵලකෙ ලභෙථ ඔතාරන්ති.
Sinhala BJTමහණෙනි, යම් කිසි මහණක්හු විසින් කායගතාසතිය භාවිත බහුලීකෘත වේ ද, ඔහු පිළිබඳව මාරයා අවතරණ නොලබයි, ඔහු පිළිබඳව මාරයා අරමුණු නොලබයි. මහණෙනි, යම් පරිදි පුරුෂයෙක් සැහැල්ලු වූ හුගුළක් හැම හරමුවා කවුළුපුවරුයෙක්හි බහා ලන්නේද මහණෙනි ඒ කිමැයි හඟනවු ද: ඒ පුරුෂ ඒ සැහැල්ලු වූ හුගුළ හැම හරමුවා කවුළු පුවරුයෙහි අවතරණය ලබන්නේ ද?
Pali BJTනො හෙතං භන්තෙ.
Sinhala BJTවහන්ස, තෙල නොවේ මැ ය.
Pali BJTඑවමෙව ඛො භික්ඛවෙ, යස්ස කස්සචි කායගතා සති භාවිතා බහුලීකතා, න තස්ස ලභති මාරො ඔතාරං න තස්ස ලභති මාරො ආරම්මණං.
Sinhala BJTමහණෙනි, එපරිදි මැ යම් කිසි මහණක්හු විසින් කායගතාසති භාවිත බහුලීකෘත වේ ද, ඔහු පිළිබඳ ව මාරයා අවකාශ නො ලබයි. ඔහු පිළිබඳ ව මාරයා අරමුණු නො ලබයි.
Pali BJTසෙය්යථාපි භික්ඛවෙ, අල්ලං කට්ඨං සස්නෙහං, අථ පුරිසො ආගච්ඡෙය්ය උත්තරාරණිං ආදාය අග්ගිං අභිනිබ්බත්තෙස්සාමි තෙජො පාතුකරිස්සාමීති. තං කිම්මඤ්ඤථ භික්ඛවෙ, අපි නු සො පුරිසො අමුං අල්ලං කට්ඨං සස්නෙහං උත්තරාරණිං ආදාය අභිමන්ථෙන්තො අග්ගිං අභිනිබ්බත්තෙය්ය තෙජො පාතුකරෙය්යාති.
Sinhala BJTමහණෙනි, යම් සේ කිරි සහිත අමු දිඹුල් කැටෙක් වේ ද, එසඳ පුරුෂයෙක් උතුරුරිණි ගෙන ගිනි නිපදවමි තෙද පහළ කෙරෙමි එන්නේ වේ ද, මහණෙනි ඒ කෙසේ හඟනාව: කිම ඒ පුරුෂ දිය සහිත වූ තෙත් මේ උදුම්බර කාෂ්ඨය උතුරු ගිනිගානා දඬු ගෙන මඩනේ ගිනි නිපදවා ද, තෙද පහළ කෙරේ ද?
Pali BJTනො හෙතං භන්තෙ.
Sinhala BJTවහන්ස, තෙල නො වේ මැ ය.
Pali BJTඑවමෙව ඛො භික්ඛවෙ, යස්ස කස්සචි කායගතා සති භාවිතා බහුලීකතා, න තස්ස ලභති මාරො ඔතාරං, න තස්ස ලභති මාරො ආරම්මණං.
Sinhala BJTමහණෙනි, එසෙයින් ම යම් කිසි මහණක්හු විසින් කාගියාසී භාවිත බහුලීකෘත වේ ද, මාරයා ඔහුට අවතරණ නො ලබයි. මාරයා ඔහුට අරමුණු නො ලබයි.
Pali BJTසෙය්යථාපි භික්ඛවෙ, උදකමණිකො පූරො උදකස්ස සමතිත්තිකො කාකපෙය්යො ආධාරෙ ඨපිතො. අථ පුරිසො ආගච්ඡෙය්ය උදකභාරං ආදාය. තං කිම්මඤ්ඤථ භික්ඛවෙ, අපි නු සො පුරිසො ලභෙථ උදකස්ස නික්ඛෙපනන්ති.
Sinhala BJTමහණෙනි, යම් සේ මුව විට සමව සිටි කවුඩන් විසින් පියැගෙන ආධාරයෙක තැබූ දිය පිරුණු දිය සැළෙක් වේ ද, එසඳ පුරුෂයෙක් දිය නෙරනා බඳුනක් ගෙන එන්නේ වේ ද, මහණෙනි, ඒ කෙසේ හඟනාව? කිම ඒ පුරුෂ උදක නික්‍ෂේපයක් ලබා ද?
Pali BJTනො හෙතං භන්තෙ.
Sinhala BJTවහන්ස, තෙල නො වේ මැ ය.
Pali BJTඑවමෙව ඛො භික්ඛවෙ, යස්ස කස්සචි කායගතා සති භාවිතා බහුලීකතා, න තස්ස ලභති මාරො ඔතාරං, න තස්ස ලභති මාරො ආරම්මණං.
Sinhala BJTමහණෙනි, එපරිදි මැ යම් කිසි මහණක්හු විසින් කාගියාසී භාවිත බහුලීකෘත වේ ද, මරු ඔහු පිළිබඳ අවතරණ නො ලබයි. මරු ඔහු පිළිබඳව ආලම්බන නො ලබයි.
Pali BJTයස්ස කස්සචි භික්ඛවෙ, කායගතාසති භාවිතා බහුලීකතා, සො යස්ස යස්ස අභිඤ්ඤා සච්ඡිකරණීයස්ස ධම්මස්ස චිත්තං අභිනින්නාමෙති අභිඤ්ඤා සච්ඡිකිරියාය. තත්ර තත්රෙව සක්ඛිභබ්බතං{1} පාපුණාති සති සති ආයතනෙ.
Sinhala BJTමහණෙනි, යම් කිසි මහණක්හු විසින් කාගියාසී භාවිත බහුලීකෘත වේ ද, හේ අභිඥායෙන් පසක් කළ යුතු යම් යම් දහමක් පිළිබඳව අභිඥායෙන් ප්‍රත්‍යක්‍ෂ කරනු පිණිස සිත නතු කෙරේ ද කාරණ ඇතිවත් ම ඒ ඒ දහමෙහි ප්‍රත්‍යක්‍ෂ භාවයට පැමිණෙයි.
Pali BJTසෙය්යථාපි භික්ඛවෙ, උදකමණිකො පූරො උදකස්ස සමතිත්තිකො කාකපෙය්යො ආධාරෙ ඨපිතො, තමෙනං බලවා පුරිසො යතො යතො ආවජ්ජෙය්ය{2}, ආගච්ඡෙය්ය උදකන්ති.
Sinhala BJTමහණෙනි, යම් පරිදි සමතිත්තික ව සිටි කාකපෙය ව සිටි ආධාරයෙහි ස්ථාපිත දිය පිරුණු මහදිය සැළෙක් වේ ද, බලවත් පුරුෂයෙක් තෙල දිය සැළ “යම් යම් පසෙකින් නමන්නේ නම් (ඒ ඒ පසින්) දිය එන්නේ වේ දැ”යි.
Pali BJTඑවං භන්තෙ.
Sinhala BJTවහන්ස, එසේ යැ.
Pali BJTඑවමෙව ඛො භික්ඛවෙ, යස්ස කස්සචි කායගතා සති භාවිතා බහුලීකතා, සො යස්ස යස්ස අභිඤ්ඤා සච්ඡිකරණීයස්ස ධම්මස්ස චිත්තං අභිනින්නාමෙති අභිඤ්ඤා සච්ඡිකිරියාය. තත්ර තත්රෙව සක්ඛිභබ්බතං පාපුණාති සති සති ආයතනෙ.
Sinhala BJTමහණෙනි, එපරිදි මැ යම් කිසි මහණක්හු විසින් කායගතස්මෘති භාවිත බහුලීකෘත වේ ද, හේ අභිඥායෙන් ප්‍රත්‍යක්‍ෂ කළ යුතු යම් යම් දහමකට අභිඥායෙන් ප්‍රත්‍යක්‍ෂ කරනු පිණිස සිත නතු කෙරේ ද, අභිඥා කාරණ ඇති වන්නේ මැ ප්‍රත්‍යක්‍ෂ භාවයට පැමිණෙයි.
Pali BJTසෙය්යථාපි භික්ඛවෙ, සමෙ භූමිභාගෙ චතුරස්සා පොක්ඛරණී{3} අස්ස ආළිබද්ධා{4} පූරා උදකස්ස සමතිත්තිකා කාකපෙය්යා. තමෙනං බලවා පුරිසො යතො යතො ආළිං මුඤ්චෙය්ය{5}, ආගච්ඡෙය්ය උදකන්ති.
Sinhala BJTමහණෙනි, යම් පරිදි සම භූමිභාගයෙක්හි බැඳී මියර ඇති සම තිත්තික ව කාකපෙය වැ දිය පිරුණු සිව්රැස් පොකුණෙක් වේ ද, බලවත් පුරුෂයෙක් යම් යම් පසෙකින් තෙල පොකුණ මියර බිඳුණේ නම් දිය වහනය වේ ද?
Pali BJTඑවං භන්තෙ.
Sinhala BJTවහන්ස, එසේ යැ.
Pali BJTඑවමෙව ඛො භික්ඛවෙ, යස්ස කස්සචි කායගතාසති භාවිතා බහුලීකතා, සො යස්ස යස්ස අභිඤ්ඤා සච්ඡිකරණීයස්ස ධම්මස්ස චිත්තං අභිනින්නාමෙති අභිඤ්ඤා සච්ඡිකිරියාය. තත්ර තත්රෙව සක්ඛිභබ්බතං පාපුණාති සති සති ආයතනෙ.
Sinhala BJTමහණෙනි, එපරිදි මැ යම් කිසි මහණක්හු විසින් කායගතස්මෘති භාවිත බහුලීකෘත වේ ද, හේ අභිඥායෙන් පසක් කළ යුතු යම් මැ දහමකට අභිඥායෙන් පසක් කරනු පිණිස සිත නතු කෙරේ නම් අභිඥා කාරණ ඇති වත් මැ සාක්‍ෂ්‍ය භව්‍යතාවයට පැමිණෙයි.
Pali BJTසෙය්යථාපි භික්ඛවෙ, සුභූමියං චතුමහාපථෙ ආජඤ්ඤරථො යුත්තො අස්ස ඨිතො ඔධස්තපතොදො{6}. තමෙනං දක්ඛො යොග්ගාචරියො අස්සදම්මසාරථි අභිරුහිත්වා වාමෙන හත්ථෙන රස්මියො ගහෙත්වා දක්ඛිණෙන හත්ථෙන පතොදං{7} ගහෙත්වා යෙනිච්ඡකං යදිච්ඡකං සාරෙය්යාපි පච්චාසාරෙය්යාපි{8} එවමෙව ඛො භික්ඛවෙ, යස්ස කස්සචි කායගතා සති භාවිතා බහුලීකතා, සො යස්ස යස්ස අභිඤ්ඤා සච්ඡිකරණීයස්ස ධම්මස්ස චිත්තං අභිනින්නාමෙති අභිඤ්ඤා සච්ඡිකිරියාය, තත්ර තත්රෙව සක්ඛි භබ්බතං පාපුණාති සති සති ආයතනෙ.
Sinhala BJTමහණෙනි, යම් පරිදි මනා බිමෙක සිව්මං සන්‍ධියෙක්හි ගත හැකි සේ තබන ලද කෙවිටි ඇති ව සිටි යුක්ත කළ ආජන්‍ය රථයෙක් වේ ද, දක්‍ෂ අශ්වාචාර්‍ය්‍ය වූ අස්දම් සැරියෙක් තෙල් රිය නැඟී වමතින් රැහැන් ගෙන දකුණතින් කැහිටි ගෙන් කැමැති සේ කැමැති දිගෙක පද වන්නේත් පෙරළා පදවන්නේත් වේ ද, මහණෙනි, එපරිදි ම යම් කිසි මහණක්හු විසින් කාගියාසී භාවිත බහුලීකෘත වේ ද, හේ අභිඥායෙන් පසක් කළ යුතු යම් මැ දහමකට අභිඥායෙන් පසක් කරනු පිණිස සිත් නතු කෙරේ ද, ඒ ඒ දහමෙහි අභිඥාකාරණ ඇති ඇති විට ප්‍රත්‍යක්‍ෂභාවයට පැමිණෙයි.
Pali BJTකායගතාය භික්ඛවෙ, සතියා ආසෙවිතාය භාවිතාය බහුලීකතාය යානීකතාය වත්ථුකතාය අනුට්ඨිතාය පරිචිතාය සුසමාරද්ධාය ඉමෙ දසානිසංසා පාටිකඞ්ඛා. කතමෙ දස:
Sinhala BJTමහණෙනි, කායගතාසතිය ආසේවිත කල්හි භාවිත කල්හි බහුලීකෘත කල්හි යුක්ත යානයක් සේ කළ කල්හි ප්‍රතිෂ්ඨා කළ කල්හි නැවත නැවත පැවැත් වූ කල්හි පරිචය කළ කල්හි සම්ප්‍රග්‍රහ කළ කල්හි මේ දස අනුසස් කෙනෙක් කැමැති විය යුත්තාහ. කවර දස අනුසස් යැ යත්:
Pali BJTඅරතිරතිසහො හොති, න ච තං අරති සහති, උප්පන්නං අරතිං අභිභුය්ය අභිභුය්ය විහරති. භයභෙරවසහො හොති, න ච තං භයභෙරවං සහති, උප්පන්නං භයභෙරවං අභිභුය්ය අභිභුය්ය විහරති, ඛමො හොති සීතස්ස උණ්හස්ස ජිඝච්ඡාය පිපාසාය ඩංසමකසවාතාතපසිරිංසපසම්ඵස්සානං දුරුත්තානං දුරාගතානං වචනපථානං උප්පන්නානං සාරීරිකානං වෙදනානං දුක්ඛානං තිප්පානං ඛරානං කටුකානං අසාතානං අමනාපානං පාණහරානං අධිවාසකජාතිකො හොති. චතුන්නං ඣානානං ආභිචෙතසිකානං දිට්ඨධම්මසුඛවිහාරානං නිකාමලාභී හොති අකිච්ඡලාභී අකසිරලාභී.
Sinhala BJTඅධිකුශලයෙහි නො ඇලීම හා පඤ්චකාමගුණිකරතිය සිහියැ හැකි වෙයි. අරතිය ඔහු නො සහයි. උපන් අරතිය පුනපුනා මැඩ වෙසෙයි. භයභෛරව සිහිය හැකි වෙයි. භය හා භෛරවාලම්බන ඔහු නො සෙහෙයි. උපන් භය භෛරවාලම්බන මැඩ මැඩ වෙසෙයි. ශීත උෂ්ණ සාපවස් මැසිමදුරුවාඅව් සපුන්ගේ පහස් සහනු වෙයි. දුරුක්ත දුරාගත වචනපථ හා දුඃඛ තීව‍්‍ර බර කටුක අමධුර අමනාපකර ප්‍රාණහර වූ උපන් ශාරීරික වේදනාවන් ඉවසන සැහැවි ඇති වෙයි. අභිචිත්තය ඇසුරු කළ ඉහාත්මසුඛප්‍රතිලාභයට හේතු වූ සිව් දැහැන් කැමැතිසේ ලබනසුලු වෙයි, නිදුකින් ලබනසුලු වෙයි, විපුල කොට ලබනසුලු වෙයි.
Pali BJTසො අනෙකවිහිතං ඉද්ධිවිධං{1} පච්චනුභොති. එකොපි හුත්වා බහුධා හොති. බහුධාපි හුත්වා එකො හොති. ආවිභාවං තිරොභාවං තිරොකුඩ්ඩං තිරොපාකාරං තිරොපබ්බතං අසජ්ජමානො ගච්ඡති සෙය්යථාපි ආකාසෙ. පඨවියාපි උම්මුජ්ජනිම්මුජ්ජං කරොති සෙය්යථාපි උදකෙ. උදකෙපි අභිජ්ජමානෙ{2} ගච්ඡති සෙය්යථාපි පඨවියං. ආකාසෙන පල්ලඞ්කෙන කමති සෙය්යථාපි පක්ඛී සකුණො. ඉමෙපි චන්දිමසුරියෙ එවංමහිද්ධිකෙ එවංමහානුභාවෙ පාණිනා පරිමසති පරිමජ්ජති. යාව බ්රහ්මලොකාපි කායෙන වසං වත්තෙති.
Sinhala BJTහේ අනේක ප්‍රකාර ඍද්ධිභේද වළඳ කෙරෙයි. එකෙක් වැ සිට බහුප්‍රකාර වෙයි. බහු ප්‍රකාර වැ සිට එකෙක් වෙයි. ආවිර්භාවයට තිරොභාවයට භිත්තියගේ පාරයට ප්‍රාකාරයාගේ පාරයට පර්‍වතයාගේ පාරයට අහසෙහි සෙයින් නො පැහැර ආකාශයෙහි යනුවන් සෙයින් යෙයි. පොළොවෙහි ද දියෙහි සෙයින් උන්මජ්ජන කෙරෙයි. දියෙහි ද පොළොවෙයි සෙයින් අභිද්‍යමාන වැ යෙයි. අහස්හිදු පක්‍ෂශකුනීන් සෙයින් පලගින් යෙයි. මෙබඳු මහත් ඍද්ධි ඇත මෙබඳු මහත් අනුභාව ඇති මේ සඳ හිරු දෙදෙනා ද කර තලෙයෙන් පරාමර්‍ශ පරිමාර්‍ජන කෙරෙයි. යාවද්බ්‍රහ්මලෝකය දක්වා ස්වශරීරයෙන් සිය විසිය පවත්වයි.
Pali BJTදිබ්බාය සොතධාතුයා විසුද්ධාය අතික්කන්තමානුසිකාය උභො සද්දෙ සුණාති: දිබ්බෙ ච මානුසෙ ච, යෙ දූරෙ සන්තිකෙ ච. පරසත්තානං පරපුග්ගලානං චෙතසා චෙතො පරිච්ච පජානාති: සරාගං වා චිත්තං සරාගං චිත්තන්ති පජානාති. වීතරාගං වා චිත්තං වීතරාගං චිත්තන්ති පජානාති. සදොසං වා චිත්තං සදොසං චිත්තන්ති පජානාති. වීතදොසං වා චිත්තං වීතදොසං චිත්තන්ති පජානාති. සමොහං වා චිත්තං සමොහං චිත්තන්ති පජානාති. වීතමොහං වා චිත්තං වීතමොහං චිත්තන්ති පජානාති. සංඛිත්තං වා චිත්තං සංඛිත්තං චිත්තන්ති පජානාති. වික්ඛිත්තං වා චිත්තං වික්ඛිත්තං චිත්තන්ති පජානාති. මහග්ගතං වා චිත්තං මහග්ගතං චිත්තන්ති පජානාති. අමහග්ගතං වා චිත්තං අමහග්ගතං චිත්තන්ති පජානාති. සඋත්තරං වා චිත්තං සඋත්තරං චිත්තන්ති පජානාති. අනුත්තරං වා චිත්තං අනුත්තරං චිත්තන්ති පජානාති. සමාහිතං වා චිත්තං සමාහිතං චිත්තන්ති පජානාති. අසමාහිතං වා චිත්තං අසමාහිතං චිත්තන්ති පජානාති. විමුත්තං වා චිත්තං විමුත්තං චිත්තන්ති පජානාති. අවිමුත්තං වා චිත්තං අවිමුත්තං චිත්තන්ති පජානාති.
Sinhala BJTමිනිස් කන ඉක්මැ වූ විශුද්ධ දිව්‍යශ්‍රෝතධාතුයෙන් දුරස්ථ වූත් සමීපස්ථ වූත් දිව්‍යමානුෂ උභය ශබ්දයන් අසයි. සිය සිතින් පර සත්ත්‍වයන්ගේ පර පුද්ගලයන්ගේ සිත පිරිසිඳ දනී, සරාග සිත හෝ සරාග සිතැයි දැනගනී. වීතරාග සිත හෝ වීතරාග සිතැ යි දැනගනී. සදෝෂ සිත හෝ සදෝෂ සිතැයි දැනගනී. වීතදෝෂ සිත වීතදෝෂ සිතැයි දැනගනී. සමෝහ සිත හෝ සමෝහ සිතැයි දැනගනී. වීතමෝහ සිත වීතමෝහ සිතැයි දැනගනී. සංක්‍ෂිප්ත සිත හෝ සංක්‍ෂිප්ත සිතැයි දැනගනී. වික්‍ෂිප්ත සිත හෝ වික්‍ෂිප්ත සිතැ යි දැනගනී. මහද්ගත සිත හෝ මහද්ගත සිතැ යි දැනගනී, අමහද්ගත සිත හෝ අමහද්ගත සිතැයි දැනගනී. සඋත්තර සිත හෝ සඋත්තර සිතැයි දැනගනී. අනුත්තර සිත හෝ අනුත්තර සිතැයි දැනගනී, සමාහිත සිත හෝ සමාහිත සිතැයි දැනගනී. අසමාහිත සිත හෝ අසමාහිත සිතැයි දැනගනී. විමුක්ත සිත හෝ විමුක්ත සිතැයි දැන ගනී. අවිමුක්ත සිත හෝ අවිමුක්ත සිතැයි දැනගනී.
Pali BJTසො අනෙකවිහිතං පුබ්බෙනිවාසං අනුස්සරති. සෙය්යථිදං: එකම්පි ජාතිං ද්වෙපි ජාතියො -පෙ- ඉති සාකාරං සඋද්දෙසං අනෙකවිහිතං පුබ්බෙනිවාසං අනුස්සරති. දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන අතික්කන්තමානුසකෙන සත්තෙ පස්සති චවමානෙ උපපජ්ජමානෙ හීනෙ පණීතෙ සුවණ්ණෙ දුබ්බණ්ණෙ සුගතෙ දුග්ගතෙ යථාකම්මූපගෙ සත්තෙ පජානාති. ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරති.
Sinhala BJTහේ අනේක ප්‍රකාර පූර්‍වනිවාස අනුස්මරණ කෙරෙයි. කිසේ යැ යත්: එක් ජාතියකුදු ජාති දෙකකකුදු ... මෙසේ සාකාර සඋද්දේස අනේකප්‍රකාර පූර්‍වනිවාස අනුස්මරණ කෙරෙයි. මිනිසැස ඉක් මැ සිටි විශුද්ධ දිව්‍ය චක්‍ෂුසින් ච්‍යුත වන උපදනා හීන ප්‍රණීත සුවර්‍ණ දුර්වර්‍ණ සත්ත්‍වයන් දකී. මෙසේ යථාකර්‍මොපගත සත්ත්‍වයන් ප්‍රඥායෙන් දැනගනී. ආස්‍රවක්‍ෂය හේතුයෙන් අනාස්‍රව වූ චේතෝවිමුක්ති ප්‍රඥාවිමුක්ති දුටුදැමියෙහි මැ තෙමේ විශිෂ්ට ඥානයෙන් පසක් කොට උපයා වාස කෙරෙයි.
Pali BJTකායගතාය භික්ඛවෙ, සතියා ආසෙවිතාය භාවිතාය බහුලීකතාය යානීකතාය වත්ථුකතාය අනුට්ඨිතාය පරිචිතාය සුසමාරද්ධාය ඉමෙ දසානිසංසා පාටිකඞ්ඛාති.
Sinhala BJTමහණෙනි, ආසෙවිත භාවිත බහුලීකෘත යුක්තයානයක් සේ කළ ප්‍රතිෂ්ඨා කළ අනුස්ථිත පරිචිත සුසමාරබ්ධ කායගතස්මෘතිය ගේ මේ දශ ප්‍රකාර අනුසස්හු කැමැති විය යුත්තාහ.
Pali BJTඉදමවොච භගවා. අත්තමනා තෙ භික්ඛූ භගවතො භාසිතං අභිනන්දුන්ති.
Sinhala BJTභාග්‍යවතුන් වහන්සේ මේ කායගතාසති සූත්‍රය වදාළ සේක. ප්‍රීතිසෞමනස්‍යයෙන් ගත් සිත් ඇති ඒ මහණහු භාග්‍යවතුන් වහන්සේ ගේ ඒ භාෂිතය අභිනන්‍දනයෙන් පිළිගත්හු.
Pali BJTකායගතාසති සුත්තං නවමං.
Sinhala BJTනවවැනි කායගතාසති සූත්‍ර යි.
Pali BJT3. 2. 10.
Sinhala BJT3. 2. 10.
Pali BJTසඞ්ඛාරුප්පත්ති සුත්තං
Sinhala BJTසංඛාරුප්පත්ති සූත්‍රය
Pali BJTඑවං මෙ සුතං: එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තත්ර ඛො භගවා භික්ඛූ ආමන්තෙසි: භික්ඛවොති. භදන්තෙති තෙ භික්ඛූ භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච:
Sinhala BJTමා විසින් මෙසේ අසන ලද: එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි අනේපිඬු මහසිටුහුගේ දෙව්රම් වෙහෙර වැඩ වාසය කෙරෙති. එකල භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’ යි මහණුන් ඇමතූ සේක. ‘වහන්සැ’ යි ඒ මහණහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හු. භාග්‍යවතුන් වහන්සේ තෙල සංඛාරුප්පත්ති සූත්‍රය වදාළෝ.
Pali BJTසඞ්ඛාරුප්පත්තිං{1} වො භික්ඛවෙ, දෙසිස්සාමි. තං සුණාථ. සාධුකං මනසිකරොථ, භාසිස්සාමීති. එවං භන්තෙති ඛො තෙ භික්ඛූ භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච:
Sinhala BJTමහණෙනි, තොපට සංස්කාරොත්පත්තිය දෙසමි. ඒ අසව, මනා කොට මෙනෙහි කරව. කියමි’ යි වදාළ කල වහන්ස, එසේ යැ’ යි ඒ මහණහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ සේක:
Pali BJTඉධ භික්ඛවෙ, භික්ඛු සද්ධාය සමන්නාගතො හොති. සීලෙන සමන්නාගතො හොති. සුතෙන සමන්නාගතො හොති. චාගෙන සමන්නාගතො හොති. පඤ්ඤාය සමන්නාගතො හොති. තස්ස එවං හොති: අහො වතාහං කායස්ස භෙදා පරම්මරණා ඛත්තියමහාසාලානං සහව්යතං උපපජ්ජෙය්යන්ති. සො තං චිත්තං දහති, තං චිත්තං අධිට්ඨාති, තං චිත්තං භාවෙති. තස්ස තෙ සඞ්ඛාරා ච විහාරා ච එවංභාවිතා එවංබහුලීකතා තත්රූපපත්තියා සංවත්තන්ති. අයං භික්ඛවෙ, මග්ගො අයං පටිපදා තත්රූපපත්තියා සංවත්තති.
Sinhala BJTමහණෙනි, මෙ සස්නෙහි මහණ ශ්‍රද්ධායෙන් සමන්‍වාගත වෙයි, ශීලයෙන් සමන්‍වාගත වෙයි, ශ්‍රැතයෙන් සමන්‍වාගත වෙයි, ත්‍යාගයෙන් සමන්‍වාගත වෙයි, ප්‍රඥායෙන් සමන්‍වාගත වෙයි. ඔහුට මෙසේ සිතෙක් වෙයි: “මම කාබුන් මරණින් මතුයෙහි කැත් මහසල්කුලන්ගේ සහභාවයට පැමිණෙම් මනා මැ නු” යි. හේ එ සිත් තබයි, එ සිත් පිහිටුවයි, එ සිත් භවයි. මෙසේ භාවිත මෙසේ බහුලීකෘත ඔහුගේ ඒ සංස්කාරයෝ ද විහරණයෝ ද එහි උපත පිණිස පවතිත්. මහණෙනි, මේ මාර්‍ගය මේ ප්‍රතිපත් ඒ උපත පිණිස පවතී.
Pali BJTපුන චපරං භික්ඛවෙ, භික්ඛු සද්ධාය සමන්නාගතො හොති. සීලෙන සමන්නාගතො හොති. සුතෙන සමන්නාගතො හොති. චාගෙන සමන්නාගතො හොති. පඤ්ඤාය සමන්නාගතො හොති. තස්ස එවං හොති: අහො වතාහං කායස්ස භෙදා පරම්මරණා බ්රාහ්මණමහාසාලානං වා -පෙ- ගහපතිමහාසාලානං වා සහව්යතං උපපජ්ජෙය්යන්ති. සො තං චිත්තං දහති, තං චිත්තං අධිට්ඨාති, තං චිත්තං භාවෙති. තස්ස තෙ සඞ්ඛාරා ච විහාරා ච එවංභාවිතා එවංබහුලීකතා තත්රූපපත්තියා සංවත්තන්ති. අයං භික්ඛවෙ මග්ගො අයං පටිපදා තත්රූපපත්තියා සංවත්තති.
Sinhala BJTතවද මහණෙනි, මහණ ශ්‍රද්ධායෙන් සමන්‍වාගත වෙයි, ශීලයෙන් සමන්‍වාගත වෙයි, ශ්‍රැතයෙන් සමන්‍වාගත වෙයි, ත්‍යාගයෙන් සමන්‍වාගත වෙයි, ප්‍රඥායෙන් සමන්‍වාගත වෙයි. ඔහුට මෙසේ සිත් වෙයි: “මම කාබුන් මරණින් මතුයෙහි බමුණු මහසල් කුලන්ගේ හෝ … ගැහැවිමහසල් කුලන්ගේ හෝ සහභාවයට පැමිණෙම් නම් මනා මැ නු” යි. හේ එ සිත් තබයි, එ සිත් පිහිටුවයි, එ සිත් භවයි. ඔහුගේ ඒ සංස්කාරයන් හා විහරණයෝ මෙසේ භාවිත වූවාහු මෙසේ බහුලීකෘත වූවාහු එහි උපත පිණිස වැටෙත්. මහණෙනි, මේ පිළිවෙත එහි උපතට වැටෙයි.
Pali BJTපුන චපරං භික්ඛවෙ, භික්ඛු සද්ධාය සමන්නාගතො හොති. සීලෙන සමන්නාගතො හොති. සුතෙන සමන්නාගතො හොති. චාගෙන සමන්නාගතො හොති. පඤ්ඤාය සමන්නාගතො හොති. තස්ස සුතං හොති: චාතුම්මහාරාජිකා{2} දෙවා දීඝායුකා වණ්ණවන්තො සුඛබහුලා’ති. තස්ස එවං හොති: අහො වතාහං කායස්ස භෙදා පරම්මරණා චාතුම්මහාරාජිකානං දෙවානං සහව්යතං උපපජ්ජෙය්යන්ති. සො තං චිත්තං දහති, තං චිත්තං අධිට්ඨාති, තං චිත්තං භාවෙති. තස්ස තෙ සඞ්ඛාරා ච විහාරා ච එවංභාවිතා එවංබහුලීකතා තත්රූපපත්තියා සංවත්තන්ති. අයං භික්ඛවෙ මග්ගො අයං පටිපදා තත්රූපපත්තියා සංවත්තති.
Sinhala BJTතවද මහණෙනි, මහණ ශ්‍රද්ධායෙන් සමන්‍වාගත වෙයි, ශීලයෙන් සමන්‍වාගත වෙයි, ශ්‍රැතයෙන් සමන්‍වාගත වෙයි, ත්‍යාගයෙන් සමන්‍වාගත වෙයි, ප්‍රඥායෙන් සමන්‍වාගත වෙයි. ඔහු විසින් අසන ලද වෙයි. ‘සියුමහරජයෙහි වූ දෙවියෝ දීර්‍ඝායුෂ්කයහ, වර්‍ණවත්හ, සුඛබහුලහ’ යි කියා යි. ඔහුට මෙසේ සිත් වෙයි: “මම කාබුන් මරණින් මතුයෙහි සිව්මහරජයෙහි දෙවියන්ගේ හෝ සහභාවයට පැමිණෙම් මනා මැ නු” යි. හේ එසිත් තබයි, එ සිත් පිහිටුවයි, එ සිත් වඩයි. ඔහුගේ ඒ සංස්කාරයන් හා විහරණයෝ මෙසේ භාවිත ව මෙසේ බහුලීකෘත ව සිට ඒ දෙව්ලොව උපත් පිණිස පවතිත්. මහණෙනි, මේ ප්‍රතිපත් එහි උපතට වැටෙයි.
Pali BJTපුන චපරං භික්ඛවෙ, භික්ඛු සද්ධාය සමන්නාගතො හොති. සීලෙන සමන්නාගතො හොති. සුතෙන සමන්නාගතො හොති. චාගෙන සමන්නාගතො හොති. පඤ්ඤාය සමන්නාගතො හොති. තස්ස සුතං හොති: තාවතිංසා දෙවා -පෙ- යාමා දෙවා -පෙ- තුසිතා දෙවා -පෙ- නිම්මානරතී දෙවා -පෙ- පරනිම්මිතවසවත්තිනො{1} දෙවා දීඝායුකා වණ්ණවන්තො සුඛබහුලාති. තස්ස එවං හොති. අහො වතාහං කායස්ස භෙදා පරම්මරණා පරනිම්මිතවසවත්තීනං දෙවානං සහව්යතං උපපජ්ජෙය්යන්ති. සො තං චිත්තං දහති, තං චිත්තං අධිට්ඨාති, තං චිත්තං භාවෙති. තස්ස තෙ සඞ්ඛාරා ච විහාරා ච එවංභාවිතා එවංබහුලීකතා තත්රූපපත්තියා සංවත්තන්ති. අයං ඛො භික්ඛවෙ, මග්ගො අයං පටිපදා තත්රූපපත්තියා සංවත්තති.
Sinhala BJTතවද මහණෙනි, මහණ ශ්‍රද්ධායෙන් සමන්‍වාගත වෙයි, ශීලයෙන් සමන්‍වාගත වෙයි, ශ්‍රැතයෙන් සමන්‍වාගත වෙයි, ත්‍යාගයෙන් සමන්‍වාගත වෙයි, ප්‍රඥායෙන් සමන්‍වාගත වෙයි. ඔහු විසින් මෙසේ අසන ලද වෙයි: ‘තව්තිසා වැසි දෙවියෝ ... යාමවැසි දෙවියෝ ... තුසීපුර වැසි දෙවියෝ ... නිර්‍මාණරතියෙහි වැසි දෙවියෝ ... පරිනිර්මිත වශවර්තියෙහි වැසි දෙවියෝ දීර්‍ඝායුෂ්කයහ, වර්‍ණ ඇතියහ, බහුල සුඛ ඇතියහ’ යි. ඔහුට මෙබඳු සිත් වෙයි: “මම කාබුන් මරණින් මතුයෙහි පරනිර්මිතවශවර්තියෙහි වැසි දෙවියන්ගේ හෝ සහභාවයට පැමිණෙම් මනා මැ නු” යි. හේ එ සිත් තබයි, එ සිත් පිහිටුවයි, එ සිත් වඩයි. ඔහුගේ ඒ සංස්කාරයන් හා විහාරයෝ මෙසේ භාවිත වූවෝ බහුලීකෘත වූවෝ එහි උපත පිණිස පවතිත්. මහණෙනි, මේ මග මේ පිළිවෙත් එහි උපතට වැටෙයි.
Pali BJTපුන චපරං භික්ඛවෙ, භික්ඛු සද්ධාය සමන්නාගතො හොති, සීලෙන සමන්නාගතො හොති, සුතෙන සමන්නාගතො හොති, චාගෙන සමන්නාගතො හොති, පඤ්ඤාය සමන්නාගතො හොති. තස්ස සුතං හොති: ‘සහස්සො බ්රහ්මා දීඝායුකො වණ්ණවා සුඛබහුලො’ති. සහස්සො භික්ඛවෙ, බ්රහ්මා සහස්සිං ලොකධාතුං ඵරිත්වා අධිමුච්චිත්වා විහරති. යෙපි තත්ථ සත්තා උපපන්නා, තෙපි ඵරිත්වා අධිමුච්චිත්වා විහරති. සෙය්යථාපි භික්ඛවෙ, චක්ඛුමා පුරිසො එකං ආමණ්ඩං හත්ථෙ කරිත්වා පච්චවෙක්ඛෙය්ය. එවමෙව ඛො භික්ඛවෙ, සහස්සො බ්රහ්මා සහස්සිං ලොකධාතුං{2} ඵරිත්වා අධිමුච්චිත්වා විහරති. යෙපි තත්ථ සත්තා උපපන්නා, තෙපි ඵරිත්වා අධිමුච්චිත්වා විහරති. තස්ස එවං හොති: අහො වතාහං කායස්ස භෙදා පරම්මරණා සහස්සස්ස බ්රහ්මුනො සහව්යතං උපපජ්ජෙය්යන්ති. සො තං චිත්තං දහති, තං චිත්තං අධිට්ඨාති, තං චිත්තං භාවෙති. තස්ස තෙ සඞ්ඛාරා ච විහාරා ච එවංභාවිතා එවංබහුලීකතා තත්රූපපත්තියා සංවත්තන්ති. අයං භික්ඛවෙ, මග්ගො අයං පටිපදා තත්රූපපත්තියා සංවත්තති.
Sinhala BJTතවද මහණෙනි, මහණ ශ්‍රද්ධායෙන් සමන්‍වාගත වෙයි, ශීලයෙන් සමන්‍වාගත වෙයි, ශ්‍රැතයෙන් සමන්‍වාගත වෙයි, ත්‍යාගයෙන් සමන්‍වාගත වෙයි, ප්‍රඥායෙන් සමන්‍වාගත වෙයි. ඔහු විසින් මෙසේ අසන ලද: ‘සහස්‍රබ්‍රහ්ම දිගා ඇතියෙ යැ, වර්‍ණ ඇතියෙ යැ, සුඛබහුල යැ’ යි. මහණෙනි, සහස්‍රබ්‍රහ්ම සහස්‍රී ලෝකධාතු පැතිරැගෙන බැසගෙන වාස කෙරෙයි. එහි යම් සත්ත්‍ව කෙනෙක් උපන්හු ද, උනුදු පැතිරැගෙන වැදගෙන වාස කෙරෙයි. මහණෙනි, යම් පරිදි ඇස් ඇති පුරුෂයෙක් එක් ඇඹුලක් අතෙහි කොට ගෙන ප්‍රත්‍යවේක්‍ෂා කෙරේ ද, මහණෙනි, එපරිදි මැ සහස්‍රබ්‍රහ්ම සහස්‍රීලෝකධාතු පැතිරැගෙන වැදගෙන වාස කෙරෙයි. එහි යම් සත්ත්‍ව කෙනෙක් උපන්හු ද උනුදු පැතිරැගෙන වැදගෙන වාස කෙරෙයි. ඒ මහණහට මෙබඳු සිතෙක් වෙයි: “මම කාබුන් මරණින් මතු සහස්‍රබ්‍රහ්මයාගේ සහභාවයට එළැඹෙම් මනා මැ නු” යි. හේ එ සිත තබයි, එ සිත් පිහිටුවයි, එ සිත් වඩයි. මෙසේ භාවිත වූ මෙසේ බහුලීකෘත වූ ඔහුගේ ඒ සංස්කාරයන් හා විහාරයෝ මේ උපත් සඳහා වැටෙත්. මහණෙනි, මේ මග මේ පිළිවෙත එහි උපත් පිණිස පවතී.
Pali BJTපුන චපරං භික්ඛවෙ, භික්ඛු සද්ධාය සමන්නාගතො හොති, සීලෙන සමන්නාගතො හොති, සුතෙන සමන්නාගතො හොති, චාගෙන සමන්නාගතො හොති, පඤ්ඤාය සමන්නාගතො හොති. තස්ස සුතං හොති: ද්වීසහස්සො බ්රහ්මා -පෙ- තිසහස්සො බ්රහ්මා -පෙ- චතුසහස්සො බ්රහ්මා -පෙ- පඤ්චසහස්සො බ්රහ්මා දීඝායුකො වණ්ණවා සුඛබහුලොති. පඤ්චසහස්සොපි භික්ඛවෙ, බ්රහ්මා පඤ්චසහස්සිං ලොකධාතුං ඵරිත්වා අධිමුච්චිත්වා විහරති. යෙපි තත්ථ සත්තා උපපන්නා, තෙපි ඵරිත්වා අධිමුච්චිත්වා විහරති. සෙය්යථාපි භික්ඛවෙ, චක්ඛුමා පුරිසො පඤ්ච ආමණ්ඩානි හත්ථෙ කරිත්වා පච්චවෙක්ඛෙය්ය, එවමෙව ඛො භික්ඛවෙ, පඤ්චසහස්සො බ්රහ්මා පඤ්චසහස්සිං ලොකධාතුං ඵරිත්වා අධිමුච්චිත්වා විහරති. යෙපි තත්ථ සත්තා උපපන්නා, තෙපි ඵරිත්වා අධිමුච්චිත්වා විහරති. තස්ස එවං හොති: අහො වතාහං කායස්ස භෙදා පරම්මරණා පඤ්චසහස්සස්ස බ්රහ්මුනො සහව්යතං උපපජ්ජෙය්යන්ති. සො තං චිත්තං දහති. තං චිත්තං අධිට්ඨාති. තං චිත්තං භාවෙති. තස්ස තෙ සඞ්ඛාරා ච විහාරා ච එවංභාවිතා එවංබහුලීකතා තත්රූපපත්තියා සංවත්තන්ති. අයං භික්ඛවෙ, මග්ගො අයං පටිපදා තත්රූපපත්තියා සංවත්තති.
Sinhala BJTතවද මහණෙනි, මහණ ශ්‍රද්ධායෙන් සමන්‍වාගත වෙයි, ශීලයෙන් සමන්‍වාගත වෙයි, ශ්‍රැතයෙන් සමන්‍වාගත වෙයි, ත්‍යාගයෙන් සමන්‍වාගත වෙයි, ප්‍රඥායෙන් සමන්‍වාගත වෙයි. ඔහු විසින් මෙසේ අසන ලද වෙයි. ‘ද්විසහස්‍රබ්‍රහ්ම ... ත්‍රිසහස්‍රබ්‍රහ්ම ... චතුස්සහස්‍රබ්‍රහ්ම ... පඤ්චසහස්‍රබ්‍රහ්ම දිගා ඇතියේය, වර්‍ණ ඇතියේය, සුවබිහිලි යයි. මහණෙනි, පඤ්චසහස්‍ර බ්‍රහ්ම ද, පඤ්චසහස්‍රී ලෝකධාතුව පැතිරැගෙන වැදගෙන වාස කෙරෙයි. එහි යම් මැ සත්ත්‍ව කෙනෙක් උපන්හු නම්, උනුදු පැතිරැගෙන ආවිෂ්ට කොටගෙන වාස කෙරෙයි. මහණෙනි, යම් පරිදි ඇස් ඇති පුරුෂයෙක් ඇඹුලුපක් පසක් අතෙහි කොට ගෙන ප්‍රත්‍යවේක්‍ෂා කෙරේ ද, මහණෙනි, එපරිදි මැ පඤ්චසහස්‍රබ්‍රහ්ම පඤ්චසහස්‍රී ලෝකධාතු පැතිරැගෙන ආවිෂ්ට කොටගෙන වාස කෙරෙයි. එහි යම් ම සත්ත්‍ව කෙනෙක් උපන්හු නම්, උනුදු පැතිරැගෙන ආවිෂ්ට කොටගෙන වාස කෙරෙයි. ඒ මහණහට මෙසේ සිත් වෙයි: “මම කාබුන් මරණින් මතු පඤ්චසහස්‍ර බ්‍රහ්මයාගේ සහභාවයට එළැඹෙම් මනා මැ නු” යි. හේ එ සිත තබයි, එ සිත් පිහිටුවයි, එ සිත් වඩයි. මෙසේ භාවිත මෙසේ බහුලීකෘත වූ ඔහුගේ ඒ සංස්කාරයන් හා විහාරයෝ මේ උපත් සඳහා වැටෙත්. මහණෙනි, මේ මාර්‍ග මේ ප්‍රතිපදා එහි උපත් සඳහා වැටෙයි.
Pali BJTපුන චපරං භික්ඛවෙ, භික්ඛු සද්ධාය සමන්නාගතො හොති, -පෙ- සීලෙන -පෙ- සුතෙන -පෙ- චාගෙන -පෙ- පඤ්ඤාය සමන්නාගතො හොති. තස්ස සුතං හොති: දසසහස්සො බ්රහ්මා දීඝායුකො වණ්ණවා සුඛබහුලොති. දසසහස්සො භික්ඛවෙ, බ්රහ්මා දසසහස්සිං ලොකධාතුං ඵරිත්වා අධිමුච්චිත්වා විහරති. යෙපි තත්ථ සත්තා උපපන්නා, තෙපි ඵරිත්වා අධිමුච්චිත්වා විහරති. සෙය්යථාපි භික්ඛවෙ, මණි වෙළුරියො සුභො ජාතිමා අට්ඨංසො සුපරිකම්මකතො පණ්ඩුකම්බලෙ නික්ඛිත්තො භාසතෙ ච, තපතෙ ච{1} විරොචති ච. එවමෙව ඛො භික්ඛවෙ, දසසහස්සො බ්රහ්මා දසසහස්සිං ලොකධාතුං ඵරිත්වා අධිමුච්චිත්වා විහරති. යෙපි තත්ථ සත්තා උපපන්නා තෙපි ඵරිත්වා අධිමුච්චිත්වා විහරති. තස්ස එවං හොති: අහො වතාහං කායස්ස භෙදා පරම්මරණා දසසහස්සස්ස බ්රහ්මුනො සහව්යතං උපපජ්ජෙය්යන්ති. සො තං චිත්තං දහති, තං චිත්තං අධිට්ඨාති, තං චිත්තං භාවෙති. තස්ස තෙ සඞ්ඛාරා ච විහාරා ච එවංභාවිතා එවංබහුලීකතා තත්රූපපත්තියා සංවත්තන්ති. අයං භික්ඛවෙ, මග්ගො අයං පටිපදා තත්රූපපත්තියා සංවත්තති.
Sinhala BJTතවද මහණෙනි, මහණ ශ්‍රද්ධායෙන් සමන්‍වාගත වෙයි, ශීලයෙන් ... ශ්‍රැතයෙන් ... ත්‍යාගයෙන් ... ප්‍රඥායෙන් සමන්‍වාගත වෙයි. ඔහු විසින් මෙසේ අසන ලද: ‘දශසහස්‍රබ්‍රහ්ම දීර්‍ඝායුෂ්ක යැ, වර්‍ණවත් යැ, සුඛබහුල යැ’ යි. මහණෙනි, දශසහස්‍ර බ්‍රහ්ම දශසහස්‍රීලෝකධාතුව පැතිරැගෙන ආවිෂ්ට කොට ගෙන වාස කෙරෙයි. එහි යම් මැ සත්ත්‍වකෙනෙක් උපන්හු නම්, උනුදු පැතිරැගෙන ආවිෂ්ට කොටගෙන වාස කෙරෙයි. මහණෙනි, යම් පරිදි සුන්‍දර ආකාරසම්පන්න වූ මොනොවට පිරියම් කළ රක්තකම්බලයෙක්හි තැබූ අටැස් වෙරළුමිණ බබළා ද දිලියේ ද වෙසෙසින් දිලියේ ද, මහණෙනි, එපරිදි මැ දශසහස්‍ර බ්‍රහ්ම දශසහස්‍රී ලෝකධාතු පැතිරැගෙන බිමිසැගෙන වාස කෙරෙයි. එහි යම් මැ සත්ත්‍ව කෙනෙක් උපන්හු නම්, උනුදු පැතිරැගෙන බිමිසැගෙන වාස කෙරෙයි. ඔහුට මෙසේ සිත් වෙයි: “මම කායභේදයෙන් මරණින් මතු දශසහස්‍ර බ්‍රහ්මයාගේ සහභාවයට පැමිණෙම් මනා මැ නු” යි. හේ එ සිත තබයි, එ සිත් පිහිටුවයි, එ සිත් වඩයි. මෙසේ වැඩූ මෙසේ බිහිලි කළ ඒ මහණහුගේ ඒ සංස්කාරයන් හා විහාරයෝ මේ උපතට සංවර්‍තන කෙරෙත්. මහණෙනි, මේ මාර්‍ග මේ ප්‍රතිපත් එහි උපතට වැටෙයි.
Pali BJTපුන චපරං භික්ඛවෙ, භික්ඛු සද්ධාය සමන්නාගතො හොති, සීලෙන -පෙ- සුතෙන -පෙ- පඤ්ඤාය සමන්නාගතො හොති. තස්ස සුතං හොති: සතසහස්සො බ්රහ්මා දීඝායුකො වණ්ණවා සුඛබහුලොති. සතසහස්සො භික්ඛවෙ, බ්රහ්මා සතසහස්සිං ලොකධාතුං ඵරිත්වා අධිමුච්චිත්වා විහරති. යෙපි තත්ථ සත්තා උපපන්නා තෙපි ඵරිත්වා අධිමුච්චිත්වා විහරති. සෙය්යථාපි භික්ඛවෙ, ෙනක්ඛං ජම්බොනදං දක්ඛකම්මාරපුත්තඋක්කාමුඛසුකුසලසම්පහට්ඨං පණ්ඩුකම්බලෙ නික්ඛිත්තං භාසතෙ ච තපතෙ ච{1} විරොචති ච. එවමෙව ඛො භික්ඛවෙ, සතසහස්සො බ්රහ්මා සතසහස්සිං ලොකධාතුං ඵරිත්වා අධිමුච්චිත්වා විහරති. යෙපි තත්ථ සත්තා උපපන්නා, තෙපි ඵරිත්වා අධිමුච්චිත්වා විහරති. තස්ස එවං හොති: අහො වතාහං කායස්ස භෙදා පරම්මරණා සතසහස්සස්ස බ්රහ්මුනො සහව්යතං උපපජ්ජෙය්යන්ති. සො තං චිත්තං දහති, තං චිත්තං අධිට්ඨාති, තං චිත්තං භාවෙති. තස්ස තෙ සඞ්ඛාරා ච විහාරා ච එවංභාවිතා එවංබහුලීකතා තත්රූපපත්තියා සංවත්තන්ති. අයං භික්ඛවෙ, මග්ගො අයං පටිපදා තත්රූපපත්තියා සංවත්තති.
Sinhala BJTතවද මහණෙනි, මහණ ශ්‍රද්ධායෙන් සමන්‍වාගත වෙයි, ශීලයෙන් ... ශ්‍රැතයෙන් ... ත්‍යාගයෙන් ... ප්‍රඥායෙන් සමන්‍වාගත වෙයි. ඔහු විසින් මෙසේ අසන ලදි: ‘ශතසහස්‍ර බ්‍රහ්ම දීර්‍ඝජීවීයැ, වර්‍ණසම්පන්න යැ, සුඛබහුල යැ’ යි. මහණෙනි, ශතසහස්‍ර බ්‍රහ්ම ශතසහස්‍රී ලෝකධාතුව පැතිරැගෙන බිමිසැගෙන වාස කෙරෙයි. එහි යම් මැ සත්ත්‍ව කෙනෙක් උපන්හු නම්, උනුදු පැතිරැගෙන බිමිසැගෙන වාස කෙරෙයි. මහණෙනි, යම් පරිදි ජම්බුනදියෙහි උපන් පස්හුණෙකින් කළ පළඳනා දක්‍ෂ ලෝහකාර පුත්‍රකු විසින් කඹුරු උදුනෙහි ලා සුධෞත වූයේ පාණ්ඩුකම්බලයෙහි නික්‍ෂිප්ත වූයේ බබළා ද, දිලියේ ද, වෙසෙසින් දිලියේ ද, මහණෙනි, එපරිදි මැ ශතසහස්‍රබ්‍රහ්ම ශතසහස්‍රී ලෝකධාතු පැතිරැගෙන බිමිසැගෙන වාස කෙරෙයි. එහි යම් මැ සත්ත්‍ව කෙනෙක් උපන්හු නම්, උනුදු පැතිරැගෙන බිමිසැගෙන වාස කෙරෙයි. ඔහුට මෙසේ සිත් වෙයි: “මම කායභේදයෙන් මරණින් මතු ශතසහස්‍ර බ්‍රහ්මයාගේ සහභාවයට පැමිණෙම් නම් මනා මැ නු” යි. හේ එ සිත තබයි, එ සිත් පිහිටුවයි, එසිත් වඩයි. මෙසේ වැඩූ මෙසේ බිහිලි කළ ඔහුගේ ඒ සංස්කාරයන් හා විහාරයෝ එහි උපත් පිණිස සංවර්‍තන කෙරෙත්. මහණෙනි, මේ මාර්‍ග මේ ප්‍රතිපත් එහි උපත් පිණිස සංවර්‍තන කෙරේ.
Pali BJTපුන චපරං භික්ඛවෙ, භික්ඛු සද්ධාය සමන්නාගතො හොති, සීලෙන -පෙ- සුතෙන -පෙ- චාගෙන -පෙ- පඤ්ඤාය සමන්නාගතො හොති. තස්ස සුතං හොති: ආභා දෙවා -පෙ- පරිත්තාභා දෙවා -පෙ- අප්පමාණාභා දෙවා -පෙ- ආභස්සරා දෙවා දීඝායුකා වණ්ණවන්තො සුඛබහුලාති. තස්ස එවං හොති: අහො වතාහං කායස්ස භෙදා පරම්මරණා ආභස්සරානං දෙවානං සහව්යතං උපපජ්ජෙය්යන්ති. සො තං චිත්තං දහති, තං චිත්තං අධිට්ඨාති, තං චිත්තං භාවෙති. තස්ස තෙ සඞ්ඛාරා ච විහාරා ච එවංභාවිතා එවංබහුලීකතා තත්රූපපත්තියා සංවත්තන්ති. අයං භික්ඛවෙ, මග්ගො අයං පටිපදා තත්රූපපත්තියා සංවත්තති.
Sinhala BJTතවද මහණෙනි, මහණ ශ්‍රද්ධායෙන් සමන්‍වාගත වෙයි, ශීලයෙන් ... ශ්‍රැතයෙන් ... ත්‍යාගයෙන් ... ප්‍රඥායෙන් සමන්‍වාගත වෙයි. ඔහු විසින් මෙසේ අසන ලදි: ‘ආභ දෙවියෝ ... පරිත්තාභ දෙවියෝ ... අප්පමාණභ දෙවියෝ .... ආභස්සර දෙවියෝ දීර්‍ඝායුෂ්කයහ, වර්‍ණවත්හ, සුඛබහුල’ යි. ඔහුට මෙසේ සිත් වෙයි: “මම කාබුන් මරණින් මතුයෙහි ආභස්සර දෙවියන්ගේ සහභාවයට පැමිණෙම් නම් මනා මැ නු” යි. හේ එ සිත් තබයි, එ සිත් පිහිටුවයි, එ සිත් වඩයි. ඔහුගේ මෙසේ භාවිත වූ බහුලීකෘත වූ ඒ සංස්කාරයන් හා විහාරයෝ එහි උපතට වැටෙත්. මහණෙනි, මේ මාර්‍ග මේ ප්‍රතිපත් එහි උපතට වැටේ.
Pali BJTපුන චපරං භික්ඛවෙ, භික්ඛු සද්ධාය සමන්නාගතො හොති, සීලෙන -පෙ- සුතෙන -පෙ- චාගෙන -පෙ- පඤ්ඤාය සමන්නාගතො හොති. තස්ස සුතං හොති: පරිත්තසුභා දෙවා -පෙ- අප්පමාණසුභා දෙවා -පෙ- සුභකිණ්ණා දෙවා -පෙ- දීඝායුකා වණ්ණවන්තො සුඛබහුලාති. තස්ස එවං හොති: අහො වතාහං -පෙ- සංවත්තති.
Sinhala BJTතවද මහණෙනි, මහණ ශ්‍රද්ධායෙන් සමන්‍වාගත වෙයි, ශීලයෙන් ... ශ්‍රැතයෙන් ... ත්‍යාගයෙන් ... ප්‍රඥායෙන් සමන්‍වාගත වෙයි. ඔහු විසින් මෙසේ අසන ලදි: ‘පරිත්තසුභ දෙවියෝ ... අප්පමාණසුභ දෙවියෝ ... සුභකිණණකදෙවියෝ දීර්‍ඝායුෂ්කයහ, වර්‍ණවත්හ, සුඛබහුලහ’ යි. ඔහුට මෙබඳු සිත් වෙයි: “මම ... වැටෙයි.
Pali BJTපුන චපරං භික්ඛවෙ, භික්ඛු සද්ධාය සමන්නාගතො හොති. සීලෙන -පෙ- සුතෙන -පෙ- චාගෙන -පෙ- පඤ්ඤාය සමන්නාගතො හොති. තස්ස සුතං හොති: වෙහප්ඵලා දෙවා -පෙ- අවිහා දෙවා -පෙ- අතප්පා දෙවා -පෙ- සුදස්සා දෙවාඩ -පෙ- සුදස්සී දෙවා -පෙ- අකනිට්ඨා දෙවා දීඝායුකා වණ්ණවන්තො සුඛබහුලාති. තස්ස එවං හොති: අහො වතාහං කායස්ස භෙදා පරම්මරණා අකනිට්ඨානං දෙවානං සහව්යතං උපපජ්ජෙය්යන්ති. සො තං චිත්තං දහති සංවත්තති.
Sinhala BJTතවද මහණෙනි, මහණ ශ්‍රද්ධායෙන් සමන්‍වාගත වෙයි, ශීලයෙන් ... ශ්‍රැතයෙන් ... ත්‍යාගයෙන් ... ප්‍රඥායෙන් සමන්‍වාගත වෙයි. ඔහු විසින් මෙසේ අසන ලද වෙයි: ‘වෙහප්ඵල දෙවියෝ ... අවිහ දෙවියෝ ... අතප්ප දෙවියෝ ... සුදස්ස දෙවියෝ ... සුදස්සී දෙවියෝ ... අකණිට්ඨකදෙවියෝ දීර්‍ඝායුෂ්කයහ, වර්‍ණවත්හ, සුඛබහුලහ’ යි. ඔහුට මෙබඳු සිත් වෙයි: “මම කාබුන් මරණින් මතු අකණිට්ඨකදෙවියන්ගේ සහභාවයට පැමිණෙම් නම්, මනා මැ නු” යි. හේ එ සිත් තබයි ... වැටෙයි.
Pali BJTපුන චපරං භික්ඛවෙ, භික්ඛු සද්ධාය සමන්නාගතො හොති, සීලෙන -පෙ- සුතෙන -පෙ- චාගෙන -පෙ- පඤ්ඤාය සමන්නාගතො හොති. තස්ස සුතං හොති: ආකාසානඤ්චායතනූපගා දෙවා දීඝායුකා චිරට්ඨිතිකා සුඛබහුලාති. තස්ස එවං හොති: අහො වතාහං -පෙ- සංවත්තති.
Sinhala BJTතවද මහණෙනි, මහණ ශ්‍රද්ධායෙන් සමන්‍වාගත වෙයි, ශීලයෙන් ... ශ්‍රැතයෙන් ... ත්‍යාගයෙන් ... ප්‍රඥායෙන් සමන්‍වාගත වෙයි. ඔහු විසින් මෙසේ අසන ලද: ‘ආකාසානඤ්චායතනූපග දෙවියෝ දීර්‍ඝායුෂ්කයහ, චිරස්ථිතිකයහ, සුඛබහුලයහ’ යි. ඔහුට මෙබඳු සිත් වෙයි: “මම ... වැටෙයි.
Pali BJTපුන චපරං භික්ඛවෙ, භික්ඛු සද්ධාය සමන්නාගතො හොති, සීලෙන -පෙ- සුතෙන -පෙ- චාගෙන -පෙ- පඤ්ඤාය සමන්නාගතො හොති. තස්ස සුතං හොති: විඤ්ඤාණඤ්චායතනූපගා දෙවා -පෙ-
Sinhala BJTතවද මහණෙනි, මහණ ශ්‍රද්ධායෙන් සමන්‍වාගත වෙයි, ශීලයෙන් ... ශ්‍රැතයෙන් ... ත්‍යාගයෙන් ... ප්‍රඥායෙන් සමන්‍වාගත වෙයි. ඔහු විසින් අසන ලද: ‘විඤ්ඤාණඤ්චායතනූපග දෙවියෝ ...
Pali BJTපුන චපරං භික්ඛවෙ, -පෙ- ආකිඤ්චඤ්ඤායතනූපගා දෙවා -පෙ-
Sinhala BJTතවද මහණෙනි, ... ආකිඤ්චඤ්ඤායතනූපග දෙවියෝ ...
Pali BJTපුන චපරං භික්ඛවෙ, -පෙ- නෙවසඤ්ඤානාසඤ්ඤායතනූපගා දෙවා දීඝායුකා චිරට්ඨිතිකා සුඛබහුලාති. තස්ස එවං හොති: අහො වතාහං -පෙ- සංවත්තති.
Sinhala BJTතවද මහණෙනි, ... නෙවසඤ්ඤානාඤ්ඤායතනූපග දෙවියෝ දීර්‍ඝායුෂ්කයහ, චිරස්ථිතිකයහ, සුඛබහුලයහ’ යි. ඔහුට මෙබඳු සිත් වෙයි: ... වැටෙයි.
Pali BJTපුන චපරං භික්ඛවෙ, භික්ඛු සද්ධාය සමන්නාගතො හොති, සීලෙන සමන්නාගතො හොති, සුතෙන සමන්නාගතො හොති, චාගෙන සමන්නාගතො හොති, පඤ්ඤාය සමන්නාගතො හොති. තස්ස එවං හොති: අහො වතාහං ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරෙය්යන්ති. සො ආසවානං ඛයා අනාසවං චෙතො විමුත්තිං පඤ්ඤා විමුත්තිං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරති. අයං භික්ඛවෙ, භික්ඛු න කත්ථචි උපපජ්ජති න කුහිඤ්චි උපපජ්ජතීති.
Sinhala BJTතවද මහණෙනි, මහණ ශ්‍රද්ධායෙන් සමන්‍වාගත වෙයි, ශීලයෙන් සමන්‍වාගත වෙයි, ශ්‍රැතයෙන් සමන්‍වාගත වෙයි, ත්‍යාගයෙන් සමන්‍වාගත වෙයි, ප්‍රඥායෙන් සමන්‍වාගත වෙයි. ඔහුට මෙබඳු සිත් වෙයි: “මම ආස්‍රවක්‍ෂයහේතුයෙන් අනාස්‍රව වූ චේතෝවිමුක්ති ප්‍රඥාවිමුක්ති දුටුදැමියෙහි මැ තමා විශිෂ්ටඥානයෙන් පසක් කොට උපයා වාස කෙරෙම් නම් මනා මැ නු”යි. හේ ආස්‍රවක්‍ෂය හේතුයෙන් අනාස්‍රව වූ චේතෝවිමුක්ති ප්‍රඥාවිමුක්ති ඉහාත්මයෙහි මැ තමා අභිඥායෙන් ප්‍රත්‍යක්‍ෂ කොට උපසම්පාදන කොට වාස කෙරෙයි. මහණෙනි, මේ මහණ කිසිදු තැනෙක නො පැමිණෙයි, කිසිදු තැනෙක ප්‍රතිසන්‍ධි විසින් නො උපදනේ යි.
Pali BJTඉදමවොච භගවා. අත්තමනා තෙ භික්ඛූ භගවතො භාසිතං අභිනන්දුන්ති.
Sinhala BJTභාග්‍යවතුන් වහන්සේ මෙ සුත් වදාළෝ සියමන ඇති ඒ මහණහු භාග්‍යවතුන් වහන්සේගේ සංඛාරුප්පත්ති සූත්‍ර දේශනාව අභිනන්‍දනායෙන් පිළිගත්හු.
Pali BJTසඞ්ඛාරුප්පත්ති සුත්තං දසමං.
Sinhala BJTදසවැනි සංඛාරුප්පත්ති සූත්‍ර යි.
Pali BJTඅනුපදවග්ගො දුතියො.
Sinhala BJTදෙවෙනි අනුපද වර්‍ග යි
Pali BJTතස්ස වග්ගස්ස උද්දානං:
Sinhala BJTඒ වර්ගයාගේ උද්දානය:
Pali BJTඅනුපදසොධන පොරිස ධම්මා - සෙවිතබ්බ බහුධාතු විභත්ති. ඉසිගිලිකිත්තිතචත්තාලීසං - ආනාපානසතී උප්පත්තිං.
Sinhala BJTඅනුපද සූත්‍රය, ජබ්බිසෝධන සූත්‍රය, සප්පුරිස සූත්‍රය, සෙවිතබ්බාතබ්බා සූත්‍රය, බහුධාතුක සූත්‍රය, ඉසිගිලි සූත්‍රය, මහාචත්තාරීසක සූත්‍රය, ආනාපානසති සූත්‍රය, කායගතාසති සූත්‍රය, සංඛාරුප්පත්ති සූත්‍ර යි.
Pali BJT3. සුඤ්ඤතවග්ගො
Sinhala BJT3. සුඤ්ඤත වර්‍ගය
Pali BJT3. 3. 1.
Sinhala BJT3. 3. 1.
Pali BJTචූළසුඤ්ඤත සුත්තං
Sinhala BJTචූළසුඤ්ඤත සූත්‍රය
Pali BJTඑවං මෙ සුතං: එකං සමයං භගවා සාවත්ථියං විහරති පුබ්බාරාමෙ මිගාරමාතුපාසාදෙ. අථ ඛො ආයස්මා ආනන්දො සායන්හසමයං පටිසල්ලානා{1} වුට්ඨිතො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ආයස්මා ආනන්දො භගවන්තං එතදවොච:
Sinhala BJTමා විසින් මෙසේ අසන ලද: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි පුවරම් වෙහෙර මුවරමාපායෙහි වැඩවසන සේක. එකල්හි ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ සවස්කාලයෙහි පිළිසලනින් නැඟීසිටියාහු භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියහ. එළැඹ භාග්‍යවතුන් වහන්සේට අභිවාදනය කොට එකත්පස් වැ හුන්හ. එකත්පස් වැ හුන් ආයුෂ්මත් ආනන්‍දස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට තෙල සැලකළහ:
Pali BJTඑකමිදං භන්තෙ, සමයං භගවා සක්කෙසු විහරති නාගරකං{2} නාම සක්යානං නිගමො. තත්ථ මෙ භන්තෙ, භගවතො සම්මුඛා සුතං සම්මුඛා පටිග්ගහිතං. සුඤ්ඤතාවිහාරෙනාහං ආනන්ද, එතරහි බහුලං විහරාමීති. කච්චි මෙ තං භන්තෙ, සුස්සුතං සුග්ගහීතං{3}. සුමනසිකතං සූපධාරිතන්ති.
Sinhala BJTවහන්ස, එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ ශාක්‍යජනපදයෙහි ශාක්‍යයන්ගේ නාගරක නම් නියම් ගම්හි වැඩ වසන සේක. වහන්ස, එහි දී මා විසින් භාග්‍යවතුන් වහන්සේ හමුයෙහි දී “ආනන්‍දය, මම දැන් ශුන්‍යතාවිහාරයෙන් බහුල කොට වෙසෙමි” අසන ලදි. හමුයෙහි දී පිළිගන්නා ලදි. ‘වහන්ස, කිම, මාගේ ඒ ඇසීම සුශ්‍රැත වේ ද? සුගෘහිත වේ ද? මනා කොට මෙනෙහි කරන ලද වේ ද? මොනොවට කළ විමසීමෙක් වේ ද?