Majjhima Nikāya

Middle-Length Discourses

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 4901-5000 න් 6395

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTඑවං මෙ සුතං: එකං සමයං භගවා රාජගහෙ විහරති ඉසිගිලිස්මිං පබ්බතෙ. තත්ර ඛො භගවා භික්ඛූ ආමන්තෙසි භික්ඛවොති. භදන්තෙති තෙ භික්ඛූ භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච:
Sinhala BJTමා විසින් මෙසේ අසන ලද: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර ඉසිගිලි පව්වෙහි වැඩවසන සේක. එකල්හි එහි දී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’ යී භික්‍ෂූන් අඬගාවදාළ සේක. ‘පින්වතුන් වහන්සැ’ යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්සූහ. භාග්‍යවතුන් වහන්සේ තෙල ඉසිගිලි සුත වදාළ සේක:
Pali BJTපස්සථ නො තුම්හෙ භික්ඛවෙ, එතං වෙභාරං පබ්බතන්ති.
Sinhala BJTමහණෙනි, තෙපි තෙල වෙභාර පර්‍වතය දක්නාහු නො දැ’ යි.
Pali BJTඑවං භන්තෙ.
Sinhala BJTඑසේ යැ වහන්ස,
Pali BJTඑතස්සපි ඛො භික්ඛවෙ, වෙභාරස්ස පබ්බතස්ස අඤ්ඤාව සමඤ්ඤා අහොසි අඤ්ඤා පඤ්ඤත්ති, පස්සථ නො තුම්හෙ භික්ඛවෙ, එතං පණ්ඩවං පබ්බතන්ති.
Sinhala BJTමහණෙනි තෙල පෙනෙන වෙභාර පර්‍වතයට ද අන් මැ සංඥාවක් විය. අන් ප්‍රඥප්තියක් වී. මහණෙනි, තෙපි තෙල පාණ්ඩව පර්‍වතය දක්නාහු නො දැ’ යි.
Pali BJTඑවං භන්තෙ.
Sinhala BJTඑසේ යැ වහන්ස.
Pali BJTඑතස්සපි ඛො භික්ඛවෙ, පණ්ඩවස්ස පබ්බතස්ස අඤ්ඤාව සමඤ්ඤා අහොසි අඤ්ඤා පඤ්ඤත්ති. පස්සථ නො තුම්හෙ භික්ඛවෙ, එතං වෙපුල්ලං පබ්බතන්ති.
Sinhala BJTමහණෙනි, තෙල පෙනෙන පාණ්ඩව පර්‍වතයට ද අන් මැ සංඥාවක් විය. අන් ප්‍රඥප්තියක් වී. මහණෙනි, තෙපි තෙල වෛපුල්‍ය පර්‍වතය දක්නාහු නො දැ’ යි.
Pali BJTඑවං භන්තෙ.
Sinhala BJTඑසේ යැ වහන්ස.
Pali BJTඑතස්සපි ඛො භික්ඛවෙ, වෙපුල්ලස්ස පබ්බතස්ස අඤ්ඤාව සමඤ්ඤා අහොසි අඤ්ඤා පඤ්ඤත්ති. පස්සථ නො තුම්හෙ භික්ඛවෙ, එතං ගිජ්ඣකූටං පබ්බතන්ති.
Sinhala BJTමහණෙනි, තෙල පෙනෙන වෛපුල්‍ය පර්‍වතයට ද අන් මැ සංඥාවක් විය. අන් ප්‍රඥප්තියක් වී. මහණෙනි, තෙපි තෙල ගෘධ්‍රකූට පර්‍වතය දක්නාහු නො දැ’ යි.
Pali BJTඑවං භන්තෙ.
Sinhala BJTඑසේ යැ වහන්ස.
Pali BJTඑතස්සපි ඛො භික්ඛවෙ, ගිජ්ඣකූටස්ස පබ්බතස්ස අඤ්ඤාව සමඤ්ඤා අහොසි අඤ්ඤා පඤ්ඤත්ති. පස්සථ නො තුම්හෙ භික්ඛවෙ, ඉමං ඉසිගිලිං පබ්බතන්ති.
Sinhala BJTමහණෙනි, තෙල පෙනෙන ගෘධ්‍රකූට පර්‍වතයට ද අන් මැ සංඥාවක් විය. අන් ප්‍රඥප්තියක් වී. මහණෙනි, තෙපි මේ ඉසිගිලි පර්‍වතය දක්නාහු නො දැ’ යි.
Pali BJTඑවං භන්තෙ.
Sinhala BJTඑසේ යැ වහන්ස.
Pali BJTඉමස්ස ඛො භික්ඛවෙ, ඉසිගිලිස්ස පබ්බතස්ස එසාව සමඤ්ඤා අහොසි එසා පඤ්ඤත්ති.
Sinhala BJTමහණෙනි, මේ ඉසිගිලි පර්‍වතයට තෙල සංඥාව මැ විය, තෙල ප්‍රඥප්තිය වී.
Pali BJTභූතපුබ්බං භික්ඛවෙ, පඤ්ච පච්චෙකබුද්ධසතානි ඉමස්මිං ඉසිගිලිස්මිං පබ්බතෙ චිරනිවාසිනො අහෙසුං. තෙ ඉමං පබ්බතං පවිසන්තා දිස්සන්ති, පවිට්ඨා න දිස්සන්ති. තමෙන{1} මනුස්සා දිස්වා එවමාහංසු: ‘අයං පබ්බතො ඉමෙ ඉසී ගිලතී’ති ඉසිගිලි ඉසිගිලීත්වෙව සමඤ්ඤා උදපාදි. ආචික්ඛිස්සාමි භික්ඛවෙ, පච්චෙකබුද්ධානං නාමානි. කිත්තයිස්සාමි භික්ඛවෙ, පච්චෙකබුද්ධානං නාමානි. දෙසෙස්සාමි භික්ඛවෙ, පච්චෙකබුද්ධානං නාමානි. තං සුණාථ, සාධුකං මනසි කරොථ, භාසිස්සාමීති.
Sinhala BJTමහණෙනි, භූත පූර්‍වයෙකි: මේ ඉසිගිලි පර්‍වතයෙහි පන්සියක් පසේබුදුහු බොහෝ කලක් වාසය කළාහුය. ඔහු මේ පර්‍වතයට පිවිසෙන්නාහු දක්නා ලැබෙති, පිවිසියාහු නො දක්නා ලැබෙත්. එ දැක මනුෂ්‍යයෝ මෙසේ කීහු: ‘මේ පර්‍වත මේ ප්‍රත්‍යෙක බුද්ධ ඍෂීන් ගිලගනී’ යයි. එහෙයින් ‘ඉසිගිලි ඉසිගිලි’ යි කියා මැ නම් උපන. මහණෙනි, පසේබුදුවරුන්ගේ නම් පවසන්නෙමි. මහණෙනි, පසේ බුදුවරුන්ගේ නම් කීර්‍තනය, කරන්නෙමි. මහණෙනි, පසේ බුදුවරයන්ගේ නම් දෙසන්නෙමි. ඒ අසව්, මොනොවට මෙනෙහි කරව්, කියන්නෙමි’ යි.
Pali BJTඑවං භන්තෙති ඛො තෙ භික්ඛූ භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච:
Sinhala BJTඑසේ යැ වහන්සැයි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්සූහ. භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ සේක.
Pali BJTඅරිට්ඨො නාම භික්ඛවෙ, පච්චෙකසම්බුද්ධො{1} ඉමස්මිං ඉසිගිලිස්මිං පබ්බතෙ චිරනිවාසී අහොසි. උපරිට්ඨො නාම භික්ඛවෙ, පච්චෙකසම්බුද්ධො ඉමස්මිං ඉසිගිලිස්මිං පබ්බතෙ චිරනිවාසී අහොසි. තගරසිඛී නාම භික්ඛවෙ, පච්චෙකසම්බුද්ධො ඉමස්මිං ඉසිගිලිස්මිං පබ්බතෙ චිරනිවාසී අහොසි. යසස්සී නාම භික්ඛවෙ, පච්චෙකසම්බුද්ධො ඉමස්මිං ඉසිගිලිස්මිං පබ්බතෙ චිරනිවාසී අහොසි. සුදස්සනො නාම භික්ඛවෙ, පච්චෙකසම්බුද්ධො ඉමස්මිං ඉසිගිලිස්මිං පබ්බතෙ චිරනිවාසී අහොසි. පියදස්සී නාම භික්ඛවෙ, පච්චෙකසම්බුද්ධො ඉමස්මිං ඉසිගිලිස්මිං පබ්බතෙ චිරනිවාසී අහොසි. ගන්ධාරො නාම භික්ඛවෙ, පච්චෙකසම්බුද්ධො ඉමස්මිං ඉසිගිලිස්මිං පබ්බතෙ චිරනිවාසී අහොසි. පිණ්ඩොලො නාම භික්ඛවෙ, පච්චෙකසම්බුද්ධො ඉමස්මිං ඉසිගිලිස්මිං පබ්බතෙ චිරනිවාසී අහොසි. උපාසභො නාම භික්ඛවෙ, පච්චෙකසම්බුද්ධො ඉමස්මිං ඉසිගිලිස්මිං පබ්බතෙ චිරනිවාසී අහොසි. නීතො නාම භික්ඛවෙ, පච්චෙකසම්බුද්ධො ඉමස්මිං ඉසිගිලිස්මිං පබ්බතෙ චිරනිවාසී අහොසි. තථො නාම භික්ඛවෙ, පච්චෙකසම්බුද්ධො ඉමස්මිං ඉසිගිලිස්මිං පබ්බතෙ චිරනිවාසී අහොසි. සුතවා නාම භික්ඛවෙ, පච්චෙකසම්බුද්ධො ඉමස්මිං ඉසිගිලිස්මිං පබ්බතෙ චිරනිවාසී අහොසි. භාවිතත්තො නාම භික්ඛවෙ, පච්චෙකසම්බුද්ධො ඉමස්මිං ඉසිගිලිස්මිං පබ්බතෙ චිරනිවාසී අහොසි.
Sinhala BJTමහණෙනි, අරිට්ඨ නම් පසේබුදුහු මේ ඉසිගිලි පවියෙහි බොහෝ කල් විසූහ. මහණෙනි, උපරිට්ඨ නම් පසේ බුදුහු මේ ඉසිගිලි පවියෙහි චිරනිවාසී වූහ. මහණෙනි, තගරසිඛී නම් පසේබුදුහු මේ ඉසිගිලි පවියෙහි චිරනිවාසී වූහ. මහණෙනි, යසස්සී නම් පසේබුදුහු මේ ඉසිගිලි පවියෙහි චිරනිවාසී වූහ. මහණෙනි, සුදස්සන නම් පසේබුදුහු මේ ඉසිගිලි පවියෙහි චිරනිවාසී වූහ. මහණෙනි, පියදස්සී නම් පසේබුදුහු මේ ඉසිගිලි පවියෙහි චිරනිවාසී වූහ. මහණෙනි, ගන්‍ධාර නම් පසේබුදුහු මේ ඉසිගිලි පවියෙහි චිරනිවාසී වූහ. මහණෙනි, පිණ්ඩෝල නම් පසේ බුදුහු මේ ඉසිගිලි පවියෙහි චිරනිවාසී වූහ. මහණෙනි, උපාසභ නම් පසේබුදුහු මේ ඉසිගිලි පවියෙහි චිරනිවාසී වූහ. මහණෙනි, නීත නම් පසේබුදුහු මේ ඉසිගිලි පවියෙහි චිරනිවාසී වූහ. මහණෙනි, තථ නම් පසේබුදුහු මේ ඉසිගිලි පවියෙහි චිරනිවාසී වූහ. මහණෙනි, සුතවන්තු නම් පසේබුදුහු මේ ඉසිගිලි පවියෙහි බොහෝ කල් විසූහ. මහණෙනි, භාවිතත්ත නම් පසේබුදුහු මේ ඉසිගිලි පවියෙහි චිරනිවාසී වූහ’යි.
Pali BJTයෙ සත්තසාරා අනීඝා නිරාසා, පච්චෙකමෙවජ්ඣගමුං සුබොධිං{2} තෙසං විසල්ලාන නරුත්තමානං නාමානි මෙ කිත්තයතො සුණාථ.
Sinhala BJTසත්ත්‍වයන් කෙරෙහි සාර වූ හෙවත් උත්තම සත්ත්‍ව වූ නිදුක් වූ නිස්තෘෂ්ණ වූ යම් පසේබුදු කෙනෙක් වෙන වෙන මැ සතර මාර්‍ගඥාන බෝධිය අවබෝධ කළාහු ද විගත වූ රාගාදී ශල්‍ය ඇති ඒ නරෝත්තමයන් ගේ නාමයන් කීර්‍තනය කරන්නාවූ මාගේ බසින් අසව්.
Pali BJTඅරිට්ඨො උපරිට්ඨො තගරසිඛී යසස්සී සුදස්සනො පියදස්සී ච බුද්ධො{3} ගන්ධාරො පිණ්ඩොලො උපාසභො ච නීතො තථො සුතවා භාවිතත්තො.
Sinhala BJTඅරිට්ඨ යැ, උපරිට්ඨ යැ, තගරසිඛී යැ, යසස්සී යැ, සුදස්සන යැ, පියදස්සී බුද්ධ යැ, ගන්‍ධාර යැ, පිණ්ඩෝල යැ, උපාසභ යැ, නීත යැ, තථ යැ, සුතවන්තු යැ, භාවිතත්ත යැ, යන පසේබුදුහු ද,
Pali BJTසුම්භො සුභො මෙථුලො{4} අට්ඨමො ච අථස්සුමෙඝො අනීඝො සුදාඨො, පච්චෙකබුද්ධා භවනෙත්තිඛීණා හිඞ්ගූ ච හිඞ්ගො ච මහානුභාවා.
Sinhala BJTසුම්භ යැ, සුභ යැ, මෙථුල යැ, අට්ඨම යැ, යළි සුමේඝ යැ, අනීඝ යැ, සුදාඨ යැ, හිඞ්ග යැ, යන මහත් අනුභාව ඇති භවනෙත්ති සඞ්ඛ්‍යාත තෘෂ්ණා ක්‍ෂය කළ පසේ බුදුහු යැ-
Pali BJTද්වෙ ජාලිනො මුනිනො අට්ඨකො ච අථ කොසලො{5} බුද්ධො අථො සුබාහු, උපනෙමිසො නෙමිසො සන්තචිත්තො සච්චො තථො විරජො පණ්ඩිතො ච.
Sinhala BJTචුල්ලජාලී මහාජාලී යැයි ජාලී නම් ඇති දෙ මුනිහු යැ, අරිට්ඨක බුදුහු යැ. නැවත කෝසල බුද්ධ යැ. යළි සුබාහු යැ, උපනෙමිස යැ, නෙමිස යැ, සන්ත චිත්ත යැ, සච්ච යැ, තථ යැ, විරජ යැ, පණ්ඩිත යැ, යන පසේබුදුහු ද-
Pali BJTකාලූපකාලා විජිතො ජිතො ච අඞ්ගො ච පඞ්ගො ච ගුත්තිජිතො{1} ච, පස්සී ජහී උපධිං{2} දුක්ඛමූලං අපරාජිතො මාරබලං අජෙසි.
Sinhala BJTකාල උපකාල යන දෙ බුදුහු යැ, විජිත යැ, ජිත යැ, අඞ්ග යැ, පඞ්ග යැ, ගුතිජ්ජිත යැ, පස්සී නම් ඒ පසේබුදුහු ස්කන්‍ධ දුඃඛයට මුල වූ උපධි හළය. අපරාජිත නම් පසේබුදුහු මාරබල දිනූය.
Pali BJTසත්ථා පවත්තා සරභඞ්ගො ලොමහංසො උච්චඞ්ගමායො අසිතො අනාසවො, මනොමයො මානච්ඡිදො ච බන්ධුමා තදාධිමුත්තො විමලො ච කෙතුමා.
Sinhala BJTසත්‍ථු, පවත්තු, සරභඞ්ග, ලෝමහංස, උච්චඞ්ගමාය, යන නම් ඇති පස් පසේබුදුහු යැ, අසිත, අනාසව, මනෝමය, යන තුන් පසේබුදුහු යැ, නවවිධ මාන පසුන් කළ බන්‍ධුමන්තු නම් පසේබුදුහු යැ, තදාධිමුත්ත යැ, විමල යැ, කේතුමන්තු යැ, යන පසේ බුදුහු ද-
Pali BJTකෙතුම්බරාගො ච මාතඞ්ගො අරියො අථච්චුතො අච්චුතගාමබ්යාමකො, සුමඞ්ගලො දබ්බිලො සුප්පතිට්ඨිතො{3} අසය්හො ඛෙමාභිරතො ච සොරතො.
Sinhala BJTකෙතුම්බරාග යැ, මාතඞ්ග යැ, අරිය යැ, යන තුන් පසේ බුදුහු යැ, යළි අච්චුත යැ, අච්චුතගාමබ්‍යාමක යැ, යන පසේබුදුහු දෙදෙන යැ, සුමංගල, දබ්බිල, සුප්පතිට්ඨිත, අසය්හ යන පසේබුදුහු යැ, ඛේමාභීරත යැ, සොරත යැ, යන පසේ බුදුහු දෙදෙන ද-
Pali BJTදුරන්නයො සඞ්ඝො අථොපි උච්චයො{4} අපරො මුනී{5} සයිහො අනොමනික්කමො, ආනන්දනන්දො{6} උපනන්දො ද්වාදස භාරද්වාජො{7} අන්තිමදෙහධාරී.
Sinhala BJTදුරන්නය, සඞ්ඝ, යන පසේ බුදුහු යැ, යළිදු උච්ච යැ, අලාමක වීර්‍ය්‍ය ඇති සය්හ නම් අන්‍යත් පසේබුදු මුනිවරයෙකැ, ආනන්‍ද, නන්‍ද, උපනන්‍ද, සියු දෙනකුන් බැගින් දොළොස් පසේබුදු කෙනෙකැ, අන්තිම ශරීරය ධරන භාරද්වාජ නම් පසේ බුදුහු ද-
Pali BJTබොධී මහානාමො අථොපි උත්තරො කෙසී සිඛී සුන්දරො භාරද්වාජො{8} තිස්සූපතිස්සා භවබන්ධනච්ඡිදා උපසීදරී{9} තණ්හච්ඡිදො ච සීදරී{10}.
Sinhala BJTබෝධි, මහානාම යන පසේ බුහු යැ, යළිදු උත්තර, කේසී, සිඛී, සුන්‍දර, භාරද්වාජ යන පස් පසේබුදුහු යැ. බවබැඳුම් පසුන් කළ තිස්ස, උපතිස්ස යන පසේබුදුහු දෙදෙන යැ, උපසීදරී නම් පසේබුදුහු යැ, තෘෂ්ණා පසුන් කළ සීදරී නම් පසේබුදුහු ද-
Pali BJTබුද්ධො අහු මඞ්ගලො වීතරාගො උසභච්ඡිදා ජාලිනිං දුක්ඛමූලං, සන්තං පදං අජ්ඣගමූපනීතො{11} උපොසථො සුන්දරො සච්චනාමො.
Sinhala BJTවීතරාග වූ මංගල පසේබුදුහු ද වූහ. උසභ නම් පසේබුදුහු පස්කඳදුකට මුල් වූ තෘෂ්ණාජාලිනිය සුන් කළය. උපනීත නම් පසේබුදුහු ශාන්ත නිර්‍වාණපදය අධිගම කළය. උපෝසථ සුන්‍දර සච්චනාම යන තුන් පසේ බුදුහු ද-
Pali BJTජෙතො ජයන්තො පදුමො උප්පලො ච පදුමුත්තරො රක්ඛිතො පබ්බතො ච, මානත්ථද්ධො සොභිතො වීතරාගො කණ්හො ච බුද්ධො සුවිමුත්තචිත්තො.
Sinhala BJTජේත ජයන්ත, පදුම, උප්පල, යන සියු පසේබුදුහු ද, පදුමුත්තර, රක්ඛිත, පබ්බත, යන තුන් පසේබුදුහු ද, මානත්‍ථද්ධ, සෝභිත, වීතරාග, යන පසේබුදුහු ද, මොනොවට කෙලෙසුන් කෙරෙන් මිදුණු සිත් ඇති කණ්හ නම් පසේබුදුහු ද යන-
Pali BJTඑතෙ ච අඤ්ඤෙ ච මහානුභාවා පච්චෙකබුද්ධා භවනෙත්තිඛීණා. තෙ සබ්බසඞ්ගාතිගතෙ{12} මහෙසී පරිනිබ්බුතෙ වන්දථ අප්පමෙය්යෙ’ති.
Sinhala BJTනාම විසින් පෙළ ආ තෙල පසේබුදුහු ද, ගුණු භාවතෘෂ්ණා ඇති මහත් අනුභාව ඇති (පසේ බුදුන් පන්සියක් කෙරෙහිපෙළ නො ආ) අන්‍ය වූත් යම් පසේබුදු කෙනෙක් ඇද්ද, සියලු ක්ලේශසඞ්ගයන් ඉක්මවා ගිය ස්කන්‍ධ පරිනිර්‍වාණයෙන් පිරිනිවන් වන් ගුණ විසින් අප්‍රමේය වූ ඒ ප්‍රත්‍යෙකබුද්ධ මහර්ෂින්හට නමස්කාර කරව’යි.
Pali BJTඉසිගිලිසුත්තං ඡට්ඨං.
Sinhala BJTසවැනි ඉසිගිලි සූත්‍ර යි.
Pali BJT3. 2. 7.
Sinhala BJT3. 2. 7.
Pali BJTමහාචත්තාරීසක සුත්තං
Sinhala BJTමහාචත්තාරීසක සූත්‍රය
Pali BJTඑවං මෙ සුතං: එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තත්ර ඛො භගවා භික්ඛූ ආමන්තෙසි භික්ඛවොති. භදන්තෙති තෙ භික්ඛූ භගවතො පච්චස්සොසුං, භගවා එතදවොච:
Sinhala BJTමා විසින් මෙසේ අසන ලද: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි අනේපිඬුසිටුහුගේ දෙව්රම් වෙහෙරැ වැඩවසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’, කියා භික්‍ෂූන් අඬගා වදාළ සේක. ‘පින්වතුන් වහන්සැ’යි ඒ වහන්දැ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්සූහ. භාග්‍යවතුන් වහන්සේ තෙල මහාචත්තාරීසක සුත වදාළ සේක.
Pali BJTඅරියං වො භික්ඛවෙ, සම්මාසමාධිං දෙසිස්සාමි සඋපනිසං සපරික්ඛාරං. තං සුණාථ සාධුකං මනසි කරොථ, භාසිස්සාමීති.
Sinhala BJTමහණෙනි, තොපට නිර්දෝෂ වූ මාර්‍ගසමාධිය සප්‍රත්‍ය කොට සපරිවාර කොට දෙසන්නෙමි. ඒ අසව්, මොනොවට මෙනෙහි කරව් ප්‍රකාශ කරන්නෙමි’යි වදාළ සේක.
Pali BJTඑවං භන්තෙති ඛො තෙ භික්ඛූ භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච:
Sinhala BJTඑසේය වහන්සැ’යි ඒ භික්‍ෂුහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ සේක.
Pali BJTකතමො ච භික්ඛවෙ, අරියො සම්මාසමාධි සඋපනිසො සපරික්ඛාරො, සෙය්යථිදං: සම්මාදිට්ඨි සම්මාසඞ්කප්පො සම්මාවාචා සම්මාකම්මන්තො සම්මාආජීවො සම්මාවායාමො සම්මාසති. යා ඛො භික්ඛවෙ, ඉමෙහි සත්තහ’ඞ්ගෙහි{1} චිත්තස්ස එකග්ගතා පරික්ඛතා. අයං වුච්චති භික්ඛවෙ, අරියො සම්මාසමාධි සඋපනිසො ඉතිපි, සපරික්ඛාරො ඉතිපි.
Sinhala BJTමහණෙනි, ප්‍රත්‍ය සහිත වූ සපරිවාර වූ ආර්‍ය්‍ය සම්‍යක්සමාධිය කවරෙ යැ යත්: ඒ මෙසේ යැ: සම්මාදිට්ඨි, සම්මාසංකප්ප, සම්මාවාචා, සම්මාකම්මන්ත, සම්මාආජීව, සම්මාවායාම, සම්මාසති යන මේ සතඟින් චිත්තයාගේ යම් ඒකාග්‍ර බවක් පරිවාර බවක් වේ ද, මහණෙනි, මේ ආර්‍ය්‍ය සම්‍යක්සමාධිය සප්‍රත්‍ය යි ද සපරිවාර යි ද කියනු ලැබේ.
Pali BJTතත්ර භික්ඛවෙ, සම්මාදිට්ඨි පුබ්බඞ්ගමා හොති. කථඤ්ච භික්ඛවෙ, සම්මාදිට්ඨි පුබ්බඞ්ගමා හොති: මිච්ඡාදිට්ඨිං මිච්ඡාදිට්ඨීති පජානාති. සම්මාදිට්ඨිං සම්මාදිට්ඨීති පජානාති. සාස්ස හොති සම්මාදිට්ඨි.
Sinhala BJTමහණෙනි, එහි ලා (විපස්සනා සම්මාදිට්ඨි, මග්ග සම්මාදිට්ඨි යන ද්විවිධ) සම්‍යක්දෘෂ්ටිය පූර්‍වඞ්ගම වෙයි. කිසෙයින් මහණෙනි, සම්‍යග්දෘෂ්ටිය පූර්‍වඞ්ගම වෙයි යත්: මිථ්‍යාදෘෂ්ටිය ‘මිථ්‍යාදෘෂ්ටි’ යයි ලක්‍ෂණ ප්‍රතිවේධයෙහි ලා ආරම්මණ වශයෙන් දැනගනී. සම්‍යග්දෘෂ්ටිය (කෘත්‍යවශයෙන් අසම්මූඪ හෙයින්) දැනගනී. මෙසේ ඒ දැනුම ඔහුට සම්මාදිට්ඨි නම් වෙයි.
Pali BJTකතමා ච භික්ඛවෙ, මිච්ඡාදිට්ඨි: නත්ථි දින්නං, නත්ථි යිට්ඨං, නත්ථි හුතං, නත්ථි සුකටදුක්කටානං කම්මානං ඵලං විපාකො, නත්ථි අයං ලොකො, නත්ථි පරො ලොකො, නත්ථි මාතා, නත්ථි පිතා, නත්ථි සත්තා ඔපපාතිකා, නත්ථි ලොකෙ සමණබ්රාහ්මණා සම්මග්ගතා සම්මාපටිපන්නා, යෙ ඉමඤ්ච ලොකං පරඤ්ච ලොකං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවෙදෙන්තීති. අයං භික්ඛවෙ, මිච්ඡාදිට්ඨි.
Sinhala BJTමහණෙනි, මිථ්‍යාදෘෂ්ටි කවර යත්: දුන් දැය විපාක නැත, යජන ලදුයෙහි විපාක නැත. පුදන ලදුයෙහි විපාක නැත, සුකෘත දුෂ්කෘත කර්‍මයන්ගේ ඵල විපාක නැත. (පරලොවැ සිටියහුට) මේ ලොව නැත, (මෙලොවැ සිටියහුට) පරලොව නැත, මවු නැත, පියා නැත, (සැවැ උපදනා) ඕපපාතික සත්‍වයෝ නැත, ලොවැ යම් කෙනෙක් මේ ලොවත් පර ලොවත් විශිෂ්ටඥානයෙන් තුමූ මැ ප්‍රත්‍යක්‍ෂ කොට දැන ප්‍රකාශ කෙරෙත් ද, එබඳු සම්‍යග්ගත සම්‍යක්ප්‍රතිපන්න ශ්‍රමණ බ්‍රාහ්මණ කෙනෙක් නැතැ’යි. මහණෙනි, මේ මිථ්‍යාදෘෂ්ටි නම් වෙයි.
Pali BJTකතමා ච භික්ඛවෙ, සම්මාදිට්ඨි: සම්මාදිට්ඨිම්පහං{2} භික්ඛවෙ, ද්වයං{3} වදාමි: අත්ථි භික්ඛවෙ, සම්මාදිට්ඨි සාසවා පුඤ්ඤභාගියා උපධිවෙපක්කා අත්ථි භික්ඛවෙ, සම්මාදිට්ඨි අරියා අනාසවා ලොකුත්තරා මග්ගඞ්ගා.
Sinhala BJTමහණෙනි, සම්‍යක්දෘෂ්ටි කවර යත්: මහණෙනි, මම සම්‍යග්දෘෂ්ටිත් දෙ පරිදි කොට කියමි. මහණෙනි, සාස්‍රව වූ පුණ්‍යභාගිය වූ උපධි සංඛ්‍යාත විපාකය දෙන සම්‍යග්දෘෂ්ටියක් ඇත. මහණෙනි, ආර්‍ය්‍ය වූ අනාස්‍රව වූ ලෝකෝත්තර මාර්‍ගාඞ්ග වූ සම්‍යග්දෘෂ්ටියක් ඇති.
Pali BJTකතමා ච භික්ඛවෙ, සම්මාදිට්ඨි සාසවා පුඤ්ඤභාගියා උපධිවෙපක්කා: අත්ථි දින්නං, අත්ථි යිට්ඨං, අත්ථි හුතං, අත්ථි සුකටදුක්කටානං කම්මානං ඵලං විපාකො, අත්ථි අයං ලොකො, අත්ථි පරො ලොකො, අත්ථි මාතා, අත්ථි පිතා, අත්ථි සත්තා ඔපපාතිකා, අත්ථි ලොකෙ සමණබ්රාහ්මණා සම්මග්ගතා සම්මාපටිපන්නා, යෙ ඉමං ච ලොකං පරං ච ලොකං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවෙදෙන්තීති. අයං භික්ඛවෙ, සම්මාදිට්ඨි සාසවා පුඤ්ඤභාගියා උපධිවෙපක්කා.
Sinhala BJTමහණෙනි, සාස්‍රව වූ පුණ්‍යභාගිය වූ උපධිවිපාකය දෙන සම්‍යග්දෘෂ්ටිය කවර යත්: දුන් දැය විපාක ඇත. යජන ලදුයෙහි විපාක ඇත. පුදන ලදුයෙහි විපාක ඇත. සුකෘත දුෂ්කෘත කර්‍මයන්ගේ ඵල විපාක ඇත. මෙලොව ඇත. පරලොව ඇත. මවු ඇත. පියා ඇත. උපදනා ඕපපාතික සත්‍වයෝ ඇත. ලොවැ යම් කෙනෙක් මෙලොවත් පරලොවත් විශිෂ්ටඥානයෙන් තුමූ මැ ප්‍රත්‍යක්‍ෂ කොට දැන ප්‍රකාශ කෙරෙත් ද, එබඳු සම්‍යග්ගත සම්‍යක් ප්‍රතිපන්න ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ඇතැ’යි. මහණෙනි, මේ සාස්‍රව පුණ්‍යභාගී වූ උපධි සංඛ්‍යාත විපාකය දෙන සම්මාදිට්ඨි නම් වෙයි.
Pali BJTකතමා ච භික්ඛවෙ, සම්මාදිට්ඨි අරියා අනාසවා ලොකුත්තරා මග්ගඞ්ගා: යා ඛො භික්ඛවෙ, අරියචිත්තස්ස අනාසවචිත්තස්ස අරියමග්ගසමඞ්ගිනො අරියමග්ගං භාවයතො පඤ්ඤා පඤ්ඤින්ද්රියං පඤ්ඤාබලං ධම්මවිචයසම්බොජ්ඣඞ්ගො සම්මාදිට්ඨි මග්ගඞ්ගං{1} අයං වුච්චති භික්ඛවෙ සම්මාදිට්ඨි අරියා අනාසවා ලොකුත්තරා මග්ගඞ්ගා. සො{2} මිච්ඡාදිට්ඨියා පහානාය වායමති සම්මාදිට්ඨියා උපසම්පදාය. ස්වාස්ස{3} හොති සම්මාවායාමො. සො සතො මිච්ඡාදිට්ඨිං පජහති. සතො සම්මාදිට්ඨිං උපසම්පජ්ජ විහරති. සාස්ස හොති සම්මාසති. ඉතිස්සිමෙ{4} තයො ධම්මා සම්මාදිට්ඨිං අනුපරිධාවන්ති අනුපරිවත්තන්ති. සෙය්යථිදං: සම්මාදිට්ඨි සම්මාවායාමො සම්මාසති.
Sinhala BJTමහණෙනි, ආර්‍ය්‍ය වූ අනාස්‍රව වූ ලෝකෝත්තර මාර්‍ගාඞ්ග වූ සම්මාදිට්ඨි කවර යත්: මහණෙනි, ආර්‍ය්‍ය සිත් ඇති අනාස්‍රව සිත් ඇති ආර්‍ය්‍යමාර්‍ගසමඞ්ගී වූ ආර්‍ය්‍යමාර්‍ගය වඩනුවහු හේ යම් ප්‍රඥාවක් ප්‍රඥේන්‍ද්‍රියෙක් ප්‍රඥාබලයෙක් ධර්‍මවිචයසම්බෝධ්‍යඞ්ගයෙක් සම්‍යග්දෘෂ්ටියෙක් මාර්‍ගාඞ්ගයෙක් ඇද්ද, මහණෙනි, මේ ආර්‍ය්‍ය වූ අනාස්‍රව වූ ලෝකෝත්තර මාර්‍ගාඞ්ග වූ සම්මාදිට්ඨි යයි කියනු ලැබේ. ඒ මහණ මිථ්‍යාදෘෂ්ටි ප්‍රහාණය පිණිස සම්‍යග්දෘෂ්ටි ප්‍රතිලාභය පිණිස වෑයම් කෙරෙයි. ඒ වෑයම ඔහුට සම්මාවායාම වෙයි. හේ ස්මෘතියෙන් සමන්‍වාගත ව මිථ්‍යාදෘෂ්ටිය දුරු කෙරෙයි. ස්මෘතිමත් ව සම්‍යග්දෘෂ්ටිය උපදවා වෙසෙයි. ඒ ස්මෘතිය ඔහුට සම්මාසති වෙයි. මෙසේ ඔහුට මේ තුන් ධර්‍මයෝ සම්‍යග්දෘෂ්ටිය අනුපරිධාවන කෙරෙති. (සහජාත ද පුරේජාත ද වී) පරිවාර වෙත්. ඒ කවර තුන් දහම්හ යත්: සම්මාදිට්ඨි, සම්මාවායාම, සම්මාසති යන මොහු යි.
Pali BJTතත්ර භික්ඛවෙ, සම්මාදිට්ඨි පුබ්බඞ්ගමා හොති. කථඤ්ච භික්ඛවෙ, සම්මාදිට්ඨි පුබ්බඞ්ගමා හොති: මිච්ඡාසඞ්කප්පං මිච්ඡාසඞ්කප්පොති පජානාති සම්මාසඞ්කප්පං සම්මාසඞ්කප්පොති පජානාති. සාස්ස හොති සම්මාදිට්ඨි .
Sinhala BJTමහණෙනි, එහි ලා සම්‍යග්දෘෂ්ටි පූර්‍වාඞ්ගම වෙයි. මහණෙනි, කි සෙයින් සම්‍යග්දෘෂ්ටි පූර්‍වාඞ්ගම වෙයි යත්: මිථ්‍යාසඞ්කල්පය ‘මිථ්‍යාසඞ්කල්ප’ යයි (ලක්‍ෂණ ප්‍රතිවේධයෙහි ලා අරමුණු විසින්) දැනගනී. සම්‍යක්සඞ්කල්පය ‘සම්‍යක්සඞ්කල්ප’ යයි දැනගනී. ඔහුට ඒ දැනුම සම්මාදිට්ඨි නම් වෙයි.
Pali BJTකතමො ච භික්ඛවෙ, මිච්ඡාසඞ්කප්පො: කාමසඞ්කප්පො, ව්යාපාදසඞ්කප්පො, විහිංසාසඞ්කප්පො. අයං භික්ඛවෙ, මිච්ඡාසඞ්කප්පො.
Sinhala BJTමහණෙනි, මිථ්‍යාසඞ්කල්ප කවරෙ යත්: කාමසඞ්කල්ප, ව්‍යාපාදසඞ්කල්ප, විහිංසාසඞ්කල්ප යි. මහණෙනි, මේ මිථ්‍යාසඞ්කල්ප නමි.
Pali BJTකතමො ච භික්ඛවෙ, සම්මාසඞ්කප්පො: සම්මාසඞ්කප්පම්පහං{5} භික්ඛවෙ, ද්වයං{6} වදාමි. අත්ථි භික්ඛවෙ, සම්මාසඞ්කප්පො සාසවො පුඤ්ඤභාගියො උපධිවෙපක්කො, අත්ථි භික්ඛවෙ, සම්මාසඞ්කප්පො අරියො අනාසවො ලොකුත්තරො මග්ගඞ්ගො.
Sinhala BJTමහණෙනි, සම්‍යක්සඞ්කල්ප කවරෙ යත්: මහණෙනි, මම සම්‍යක්සඞ්කල්පයත් දෙ පරිදි කොට කියමි. මහණෙනි, සාස්‍රව වූ පුණ්‍යභාගිය වූ උපධිවිපාක දෙන සම්‍යක්සඞ්කල්පයෙක් ඇත. මහණෙනි, ආර්‍ය්‍ය අනාස්‍රව ලෝකෝත්තර මාර්‍ගාඞ්ග වූ සම්‍යක්සඞ්කල්පයක් ඇති.
Pali BJTකතමො ච භික්ඛවෙ, සම්මාසඞ්කප්පො සාසවො පුඤ්ඤභාගියො උපධිවෙපක්කො: නෙක්ඛම්මසඞ්කප්පො අව්යාපාදසඞ්කප්පො අවිහිංසාසඞ්කප්පො. අයං භික්ඛවෙ, සම්මාසඞ්කප්පො සාසවො පුඤ්ඤභාගියො උපධිවෙපක්කො.
Sinhala BJTමහණෙනි, සාස්‍රව වූ පුණ්‍යභාගිය වූ උපධිවිපාකය දෙන සම්‍යක්සඞ්කල්ප කවරෙ යත්: නෛෂ්ක්‍රම්‍යසඞ්කල්ප, අව්‍යාපාදසඞ්කල්ප, අවිහිංසාසඞ්කල්ප යි. මහණෙනි, මේ සම්‍යක්සඞ්කල්ප සාස්‍රව යැ පුණ්‍යභාගිය යැ උපධිවිපාක දෙන්නේ යි.
Pali BJTකතමො ච භික්ඛවෙ, සම්මාසඞ්කප්පො අරියො අනාසවො ලොකුත්තරො මග්ගඞ්ගො: යො ඛො භික්ඛවෙ, අරියචිත්තස්ස අනාසවචිත්තස්ස අරියමග්ගසමඞ්ගිනො අරියමග්ගං භාවයතො තක්කො විතක්කො සඞ්කප්පො අප්පනා ව්යප්පණා චෙතසො අභිනිරොපනා වචීසඞ්ඛාරො. අයං භික්ඛවෙ, සම්මාසඞ්කප්පො අරියො අනාසවො ලොකුත්තරො මග්ගඞ්ගො. සො මිච්ඡාසඞ්කප්පස්ස පහානාය වායමති සම්මාසඞ්කප්පස්ස උපසම්පදාය. ස්වාස්ස{7} හොති සම්මාවායාමො. සො සතො මිච්ඡාසඞ්කප්පං පජහති. සතො සම්මාසඞ්කප්පං උපසම්පජ්ජ විහරති. සා’ස්ස හොති සම්මාසති. ඉතිස්සි’මෙ{4} තයො ධම්මා සම්මාසඞ්කප්පං අනුපරිධාවන්ති. අනුපරිවත්තන්ති. සෙය්යථිදං: සම්මාදිට්ඨි සම්මාවායාමො සම්මාසති.
Sinhala BJTමහණෙනි, ආර්‍ය්‍ය වූ අනාස්‍රව වූ ලෝකෝත්තර මාර්‍ගාඞ්ග වූ සම්‍යක්සඞ්කල්ප කවරෙ යත්: මහණෙනි, ආර්‍ය්‍ය සිත් ඇති අනාස්‍රව සිත් ඇති ආර්‍ය්‍යමාර්‍ගසමඞ්ගී වූ ආර්‍ය්‍යමාර්‍ගය වඩනුවහුගේ යම් තර්‍කයෙක් විතර්‍කයෙක් සඞ්කල්පයෙක් සිත අරමුණෙහි පිහිටුවීමෙක් වෙසෙසින් පිහිටුවීමෙක් සිත අරමුණට නැංවීමෙක් වාක්‍සංස්කාරයෙක් වේ ද, මහණෙනි, මේ සම්‍යක්සඞ්කල්පය ආර්‍ය්‍ය යැ, අනාස්‍රව යැ, ලෝකෝත්තර යැ මාර්‍ගාඞ්ග යි. ඒ මහණ මිථ්‍යාසඞ්කල්පයාගේ ප්‍රහාණයට වෑයම් කරයි. සම්‍යක්සඞ්කල්පයාගේ ප්‍රතිලාභයට වෑයම් කරයි. ඒ ව්‍යායාමය ඔහුට සම්මාවායාම වෙයි. හේ ස්මෘතිමත් වූයේ මිථ්‍යාසඞ්කල්පය දුරලයි. ස්මෘතිමත් වූයේ සම්‍යක්සඞ්කල්පය උපදවා වෙසෙයි. ඔහුට ඒ ස්මෘතිය සම්මාසති වෙයි. මෙසේ මේ තුන් ධර්‍මයෝ (සහජාත ද පුරේජාත ද වී) සම්‍යක්සඞ්කල්පය අනුව යෙති. අනුව වැටෙත්, ඒ කවර තුන් දහම්හ යත්: සම්මාදිට්ඨි, සම්මාවායාම, සම්මාසති යන මොහු යි.
Pali BJTතත්ර භික්ඛවෙ, සම්මාදිට්ඨි පුබ්බඞ්ගමා හොති. කථඤ්ච භික්ඛවෙ, සම්මාදිට්ඨි පුබ්බඞ්ගමා හොති: මිච්ඡාවාචං මිච්ඡාවාචාති පජානාති. සම්මාවාචං සම්මාවාචාති පජානාති. සා’ස්ස හොති සම්මාදිට්ඨි.
Sinhala BJTමහණෙනි, ඒ (ආර්‍ය්‍ය සම්‍යක් සමාධියෙහි) ලා සම්‍යක්දෘෂ්ටි පූර්‍වාඞ්ගම වෙයි. කිසෙයින්, මහණෙනි, සම්‍යග්දෘෂ්ටි පූර්‍වාඞ්ගම වෙයි යත්: මිථ්‍යාවචනය ‘මිථ්‍යාවචන’ යයි දැනගනී. සම්‍යග්වචනය ‘සම්‍යග්වචන’ යයි දැනගනී. ඒ දැනුම ඔහුට සම්‍යග්දෘෂ්ටි වෙයි.
Pali BJTකතමා ච භික්ඛවෙ, මිච්ඡාවාචා: මුසාවාදො පිසුණාවාචා ඵරුසාවාචා සම්ඵප්පලාපො. අයං භික්ඛවෙ මිච්ඡාවාචා.
Sinhala BJTමහණෙනි, මිථ්‍යාවාක් කවර යත්: මෘෂාවාද, පිශුනවාක්, පරුෂවාක්, ප්‍රලාප යැ. මහණෙනි, මේ මිථ්‍යාවාක් නමි.
Pali BJTකතමා ච භික්ඛවෙ, සම්මාවාචා: සම්මාවාචම්ප’හං භික්ඛවෙ, ද්වයං වදාමි. අත්ථි භික්ඛවෙ, සම්මාවාචා සාසවා පුඤ්ඤභාගියා උපධිවෙපක්කා, අත්ථි භික්ඛවෙ, සම්මාවාචා අරියා අනාසවා ලොකුත්තරා මග්ගඞ්ගා.
Sinhala BJTමහණෙනි, සම්‍යග්වචන කවරෙ යත්: මහණෙනි, මම සම්‍යග්වචන ද දෙපරිදි කොට කියමි: මහණෙනි, සාස්‍රව වූ පුණ්‍ය කොටසෙහි වූ උපධිවිපාක දෙන සම්‍යග්වචනයෙක් ඇත. මහණෙනි, ආර්‍ය්‍ය වූ අනාස්‍රව ලෝකෝත්තර මාර්‍ගාඞ්ග වූ සම්‍යග්වචනයෙක් ඇති.
Pali BJTකතමා ච භික්ඛවෙ, සම්මාවාචා සාසවා පුඤ්ඤභාගියා උපධිවෙපක්කා: මුසාවාදා වෙරමණී, පිසුණාය වාචාය වෙරමණී, ඵරුසාය වාචාය වෙරමණී, සම්ඵප්පලාපා වෙරමණී. අයං භික්ඛවෙ, සම්මාවාචා සාසවා පුඤ්ඤභාගියා උපධිවෙපක්කා.
Sinhala BJTමහණෙනි, සාස්‍රව පුණ්‍ය කොටසෙහි වූ උපධිවිපාකය දෙන සම්‍යග්වචන කවරෙ යත්: මුසවායෙන් වෙන්වීම යැ, පිසුනුබසින් වෙන්වීම යැ, පරොස්බසින් වෙන්වීම යැ, ප්‍රලාපයෙන් වෙන්වීම යි. මහණෙනි, මේ සම්‍යග්වචනය සාස්‍රව යැ, පුණ්‍යභාගයෙහි වූයෙ යැ උපධිවිපාක දෙනුයේ යි.
Pali BJTකතමා ච භික්ඛවෙ, සම්මාවාචා අරියා අනාසවා ලොකුත්තරා මග්ගඞ්ගා: යා ඛො භික්ඛවෙ, අරියචිත්තස්ස අනාසවචිත්තස්ස අරියමග්ගසමඞ්ගිනො අරියමග්ගං භාවයතො චතූහිපි වචීදුච්චරිතෙහි ආරති විරති පටිවිරති වෙරමණී. අයං භික්ඛවෙ, සම්මාවාචා අරියා අනාසවා ලොකුත්තරා මග්ගඞ්ගා. සො මිච්ඡාවාචාය පහානාය වායමති, සම්මාවාචාය උපසම්පදාය. ස්වාස්ස{1} හොති සම්මාවායාමො. සො සතො මිච්ඡාවාචං පජහති. සතො සම්මාවාචං උපසම්පජ්ජ විහරති. සාස්ස හොති සම්මාසති. ඉතිස්සිමෙ{2} තයො ධම්මා සම්මාවාචං අනුපරිධාවන්ති අනුපරිවත්තන්ති. සෙය්යථිදං: සම්මාදිට්ඨි, සම්මාවායාමො, සම්මාසති.
Sinhala BJTමහණෙනි, ආර්‍ය්‍ය වූ අනාස්‍රව ලෝකෝත්තර මාර්‍ගාඞ්ග වූ සම්‍යග්වචන කවරෙ යත්: මහණෙනි, ආර්‍ය්‍ය සිත් ඇති අනාස්‍රව සිත් ඇති ආර්‍ය්‍යමාර්‍ගසමඞ්ගී වූ ආර්‍ය්‍ය මාර්‍ගය වඩනුවහුගේ සිව්වැදෑරුම් වාග්දුශ්චරිතයෙන් ම යම් දුරු වීමෙක් වෙන්වීමෙක්, නැවැත්මෙක්, විරමණයෙක් ඇද්ද, මහණෙනි, මේ සම්‍යග්වචනය ආර්‍ය්‍ය යැ, අනාස්‍රව යැ, ලෝකෝත්තර යැ මාර්‍ගාඞ්ග යි. ඒ මහණ මිථ්‍යාවචනයාගේ ප්‍රහාණයට, සම්‍යග්වචනයාගේ ප්‍රතිලාභයට වෑයම් කෙරෙයි. ඒ වෑයම ඔහුට සම්මාවායාම වෙයි. හේ ස්මෘතිමත් වූයේ මිථ්‍යාවාක් දුරලයි. ස්මෘතිමත් වූයේ සම්‍යග්වචනය උපදවා වෙසෙයි. ඒ ස්මෘතිය ඔහුට සම්මාසති වෙයි. මෙසේ මේ තුන් දහම්හු සම්‍යග්වචනය අනුව යෙති, අනුව වැටෙත්, __ඒ කවර තුන් දහම්හ යත්:__ සම්‍යග්දෘෂ්ටි, සම්‍යග්ව්‍යායාම, සම්‍යග්ස්මෘති යන මොහු යි.
Pali BJTතත්ර භික්ඛවෙ, සම්මාදිට්ඨි පුබ්බඞ්ගමා හොති. කථඤ්ච භික්ඛවෙ, සම්මාදිට්ඨි පුබ්බඞ්ගමා හොති: මිච්ඡාකම්මන්තං මිච්ඡාකම්මන්තොති පජානාති. සම්මාකම්මන්තං සම්මාකම්මන්තොති පජානාති. සාස්ස හොති සම්මාදිට්ඨි.
Sinhala BJTමහණෙනි, ඒ සම්‍යක්සමාධියෙහි ලා සම්‍යග්දෘෂ්ටි පූර්‍වාඞ්ගම වෙයි. මහණෙනි, කිසෙයින් සම්‍යග්දෘෂ්ටි පූර්‍වාඞ්ගම වෙයි යත්: මිථ්‍යාකර්‍මාන්තය මිථ්‍යාකර්‍මාන්ත යැයි දැනගනී. සම්‍යක්කර්‍මාන්තය සම්‍යක්කර්‍මාන්ත යැ යි දැනගනී. ඒ දැනුම ඔහුට සම්මාදිට්ඨි වෙයි.
Pali BJTකතමො ච භික්ඛවෙ, මිච්ඡාකම්මන්තො: පාණාතිපාතො, අදින්නාදානං, කාමෙසු මිච්ඡාචාරො. අයං භික්ඛවෙ, මිච්ඡාකම්මන්තො.
Sinhala BJTමහණෙනි, මිථ්‍යා කර්‍මාන්ත කවර යත්: පරපණ නැසුම යැ, අයිනාදන් ගැනුම යැ, කාමයෙහි මිසහසර යි. මහණෙනි, මේ මිථ්‍යා කර්‍මාන්ත යි.
Pali BJTකතමො ච භික්ඛවෙ, සම්මාකම්මන්තො: සම්මාකම්මන්තම්පහං භික්ඛවෙ, ද්වයං වදාමි. අත්ථි භික්ඛවෙ, සම්මාකම්මන්තො සාසවො පුඤ්ඤභාගියො උපධිවෙපක්කො. අත්ථි භික්ඛවෙ, සම්මාකම්මන්තො අරියො අනාසවො ලොකුත්තරො මග්ගඞ්ගො.
Sinhala BJTමහණෙනි, සම්‍යක්කර්‍මාන්ත කවරෙ යත්: මහණෙනි, මම සම්‍යක්කර්‍මාන්තයත් දෙපරිදි කොට කියමි: මහණෙනි, සාස්‍රව වූ පුණ්‍යභාගයෙහි වූ උපධිවිපාක දෙන සම්‍යක්කර්‍මාන්තයෙක් ඇත. මහණෙනි, ආර්‍ය්‍ය වූ අනාස්‍රව ලෝකෝත්තර මාර්‍ගාඞ්ග වූ සම්‍යක්කර්‍මාන්තයෙක් ඇති.
Pali BJTකතමො ච භික්ඛවෙ, සම්මාකම්මන්තො සාසවො පුඤ්ඤභාගියො උපධිවෙපක්කො: පාණාතිපාතා වෙරමණී, අදින්නාදානා වෙරමණී, කාමෙසු මිච්ඡාචාරා වෙරමණී. අයං භික්ඛවෙ, සම්මාකම්මන්තො සාසවො පුඤ්ඤභාගියො උපධිවෙපක්කො.
Sinhala BJTමහණෙනි, සාස්‍රව වූ පුණ්‍යභාගිය වූ උපධිවිපාක දෙන සම්‍යක්කර්‍මාන්ත කවරෙ යත්: පරපණ නැසීමෙන් වැළකීම යැ, අයිනාදනින් වැළකීම යැ, කාමයෙහි මිසහසරින් වැළැකීම යැ. මහණෙනි, මේ ආස්‍රව සහිත පුණ්‍යභාගයෙහි වූ උපධිවිපාක දෙන සම්‍යක්කර්‍මාන්ත යි.
Pali BJTකතමො ච භික්ඛවෙ, සම්මාකම්මන්තො අරියො අනාසවො ලොකුත්තරො මග්ගඞ්ගො: යා ඛො භික්ඛවෙ, අරියචිත්තස්ස අනාසවචිත්තස්ස අරියමග්ගසමඞ්ගිනො අරියමග්ගං භාවයතො තීහිපි කායදුච්චරිතෙහි ආරති විරති පටිවිරති වෙරමණී. අයං භික්ඛවෙ, සම්මාකම්මන්තො අරියො අනාසවො ලොකුත්තරො මග්ගඞ්ගො. සො මිච්ඡාකම්මන්තස්ස පහානාය වායමති, සම්මාකම්මන්තස්ස උපසම්පදාය. ස්වා’ස්ස හොති සම්මාවායාමො. සො සතො මිච්ඡාකම්මන්තං පජහති. සතො සම්මාකම්මන්තං උපසම්පජ්ජ විහරති. සා’ස්ස හොති සම්මාසති. ඉති’ස්සි මෙ{1} තයො ධම්මා සම්මාකම්මන්තං අනුපරිධාවන්ති අනුපරිවත්තන්ති. සෙය්යථිදං: සම්මාදිට්ඨි, සම්මාවායාමො, සම්මාසති.
Sinhala BJTමහණෙනි, ආර්‍ය්‍ය වූ අනාස්‍රව ලෝකෝත්තර මාර්‍ගාඞ්ග වූ සම්‍යක්කර්‍මාන්තය කවරෙ යත්: මහණෙනි, ආර්‍ය්‍ය සිත් ඇති අනාස්‍රව සිත් ඇති ආර්‍ය්‍යමාර්‍ගසමඞ්ගී වූ ආර්‍ය්‍ය මාර්‍ගය වඩනුවහුගේ තුන් කායදුශ්චරිතයෙන් ම යම් දුරුවීමෙක් වෙන්වීමෙක් නැවැත්මෙක් විරමණයෙක් ඇද්ද, මහණෙනි, මේ සම්‍යක්කර්‍මාන්තය ආර්‍ය්‍ය යැ, අනාස්‍රව යැ, ලෝකෝත්තර යැ මාර්‍ගාඞ්ග යි. ඒ මහණ මිථ්‍යාකර්‍මාන්තයාගේ ප්‍රහාණය පිණිස සම්‍යක්කර්‍මාන්තයාගේ ප්‍රතිලාභය පිණිස වෑයම් කෙරෙයි. ඒ වෑයම ඔහුට සම්මාවායාම වෙයි. හේ ස්මෘතිමත්‍ව මිථ්‍යාකර්‍මාන්තය දුරලයි. ස්මෘතිමත් ව සම්‍යක්කර්‍මාන්තය උපදවා වෙසෙයි. ඒ ස්මෘතිය ඔහුට සම්මාසති වෙයි. මෙසේ මේ තුන් දහම්හු සම්‍යක්කර්‍මාන්තය අනුව යෙති, අනුව වැටෙත්, ඔහු කවරහ යත්: සම්‍යග්දෘෂ්ටි, සම්‍යග්ව්‍යායාම, සම්‍යක්ස්මෘති යන මොහු යි.
Pali BJTතත්ර භික්ඛවෙ, සම්මාදිට්ඨි පුබ්බඞ්ගමා හොති. කථඤ්ච භික්ඛවෙ, සම්මාදිට්ඨි පුබ්බඞ්ගමා හොති: මිච්ඡාආජීවං මිච්ඡාආජීවොති පජානාති. සම්මාආජීවං සම්මාආජීවොති පජානාති. සාස්ස හොති සම්මාදිට්ඨි.
Sinhala BJTමහණෙනි, ඒ ආර්‍ය්‍ය සම්‍යක් සමාධියෙහි ලා සම්‍යග්දෘෂ්ටිය පූර්‍වාඞ්ගම වෙයි. මහණෙනි, කිසෙයින් සම්‍යග්දෘෂ්ටි පූර්‍වාඞ්ගම වෙයි යත්: මිථ්‍යාආජීවය මිථ්‍යාආජීවය යි දැනගනී. සම්‍යග්ආජීවය සම්‍යගාජීවය යි දැනගනී. ඔහුට ඒ දැනුම සම්මාදිට්ඨි වෙයි.
Pali BJTකතමො ච භික්ඛවෙ, මිච්ඡාආජීවො: කුහනා ලපනා නෙමිත්තිකතා නිප්පෙසිකතා ලාභෙන ලාභං නිජිගිංසනතා{1} අයං භික්ඛවෙ, මිච්ඡාආජීවො.
Sinhala BJTමහණෙනි, මිථ්‍යා ආජීව කවර යත්: ත්‍රිවිධ කුහනවස්තුයෙන් ලොව විස්මයපත් කිරීම යැ, ලාභ සත්කාරාශයෙන් බිණීම යැ, නිමිත්ත ශීලී බව යැ, නිෂ්පෙසික බව යැ, ලාභයෙන් ලාභ සොයන බව යැ යන මේ මහණෙනි මිථ්‍යාජීව නම් වෙයි.
Pali BJTකතමො ච භික්ඛවෙ, සම්මාආජීවො: සම්මාආජීවම්පහං, භික්ඛවෙ, ද්වයං වදාමි. අත්ථි භික්ඛවෙ, සම්මාආජීවො සාසවො පුඤ්ඤභාගියො උපධිවෙපක්කො, අත්ථි භික්ඛවෙ, සම්මාආජීවො අරියො අනාසවො ලොකුත්තරො මග්ගඞ්ගො.
Sinhala BJTමහණෙනි, සම්‍යගාජීව කවරෙ යත්: මහණෙනි, මම සම්‍යගාජීවයත් දෙවැදෑරුම් කොට කියමි: මහණෙනි, සාස්‍රව වූ පුණ්‍යභාගිය වූ උපධිවිපාක උපදවන සම්‍යගාජීවයෙක් ඇත. මහණෙනි, ආර්‍ය්‍ය වූ අනාස්‍රව වූ ලෝකෝත්තර මාර්‍ගාඞ්ග වූ සම්‍යගාජීවයෙක් ඇති
Pali BJTකතමො ච භික්ඛවෙ, සම්මාආජීවො සාසවො පුඤ්ඤභාගියො උපධිවෙපක්කො: ඉධ භික්ඛවෙ, අරියසාවකො මිච්ඡාආජීවං පහාය සම්මාආජීවෙන ජීවිකං කප්පෙති. අයං භික්ඛවෙ, සම්මාආජීවො සාසවො පුඤ්ඤභාගියො උපධිවෙපක්කො.
Sinhala BJTමහණෙනි, සාස්‍රව පුණ්‍යභාගිය වූ උපධිවිපාක දෙන සම්‍යගාජීවය කවරෙ යත්: මහණෙනි මෙ සස්නෙහි ආර්‍ය්‍යශ්‍රාවක මිථ්‍යාආජීවය හැරපියා සම්‍යගාජීවයෙන් ජීවිකාව කෙරෙයි. . මහණෙනි, මේ සම්‍යගාජීවය සාස්‍රව යැ, පුණ්‍යභාගිය යැ, උපධිවිපාක දෙනුයේ යි.
Pali BJTකතමො ච භික්ඛවෙ, සම්මාආජීවො අරියො අනාසවො ලොකුත්තරො මග්ගඞ්ගො: යා ඛො භික්ඛවෙ, අරියචිත්තස්ස අනාසවචිත්තස්ස අරියමග්ගසමඞ්ගිනො අරියමග්ගං භාවයතො මිච්ඡාආජීවා ආරති විරති පටිවිරති වෙරමණී. අයං භික්ඛවෙ, සම්මාආජීවො අරියො අනාසවො ලොකුත්තරො මග්ගඞ්ගො. සො මිච්ඡාආජීවස්ස පහානාය වායමති. සම්මා ආජීවස්ස උපසම්පදාය. ස්වාස්ස{2} හොති සම්මාවායාමො. සො සතො මිච්ඡාආජීවං පජහති. සතො සම්මාආජීවං උපසම්පජ්ජ විහරති. සා’ස්ස හොති සම්මාසති. තස්සිමෙ තයො ධම්මා සම්මාආජීවං අනුපරිධාවන්ති අනුපරිවත්තන්ති. සෙය්යථිදං: සම්මාදිට්ඨි, සම්මාවායාමො, සම්මාසති.
Sinhala BJTමහණෙනි, ආර්‍ය්‍ය අනාස්‍රව වූ ලෝකෝත්තර මාර්‍ගාඞ්ග වූ සම්‍යගාජීවය කවරෙ යත්: මහණෙනි, ආර්‍ය්‍ය සිත් ඇති අනාස්‍රව සිත් ඇති ආර්‍ය්‍යමාර්‍ගසමඞ්ගී වූ ආර්‍ය්‍යමාර්‍ගය වඩනුවහුගේ මිථ්‍යාආජීවයෙන් යම් දුරු වීමෙක්, වෙන්වීමෙක්, නැවැත්මෙක්, විරමණයෙක් වේද, මහණෙනි, මේ සම්‍යගාජීවය ආර්‍ය්‍ය යැ, අනාස්‍රව යැ, ලෝකෝත්තර යැ මාර්‍ගාඞ්ග යි. ඒ මහණ මිථ්‍යාආජීවයාගේ ප්‍රහාණයට සම්‍යගාජීවයාගේ ප්‍රතිලාභය වෑයම් කෙරෙයි. ඔහුගේ ඒ වෑයම සම්මාවායාම වෙයි. හේ ස්මෘතිමත්‍ව මිථ්‍යාජීවය දුරු කෙරෙයි. ස්මෘතිමත් ව සම්‍යගාජීවයට පැමිණ වෙසෙයි. ඒ ස්මෘතිය ඔහුට සම්මාසති වෙයි. මෙසේ මේ තුන් දහම්හු සම්‍යගාජීවය අනුව යෙති, අනුව වැටෙත්, ඔහු කවරහ යත්: සම්‍යග්දෘෂ්ටි, සම්‍යග්ව්‍යායාම, සම්‍යක්ස්මෘති යන මොහු යි.
Pali BJTතත්ර භික්ඛවෙ, සම්මාදිට්ඨි පුබ්බඞ්ගමා හොති. කථඤ්ච භික්ඛවෙ, සම්මාදිට්ඨි පුබ්බඞ්ගමා හොති: සම්මාදිට්ඨිස්ස භික්ඛවෙ, සම්මාසඞ්කප්පො පහොති. සම්මාසඞ්කප්පස්ස සම්මාවාචා පහොති. සම්මාවාචස්ස සම්මාකම්මන්තො පහොති. සම්මාකම්මන්තස්ස සම්මාආජීවො පහොති. සම්මාආජීවස්ස සම්මාවායාමො පහොති. සම්මාවායාමස්ස සම්මාසති පහොති. සම්මාසතිස්ස සම්මාසමාධි පහොති. සම්මාසමාධිස්ස සම්මාඤාණං පහොති. සම්මාඤාණස්ස සම්මාවිමුත්ති පහොති. ඉති ඛො භික්ඛවෙ, අට්ඨඞ්ගසමන්නාගතො සෙඛො{3} දසඞ්ගසමන්නාගතො අරහා හොති.
Sinhala BJTමහණෙනි, ඒ ආර්‍ය්‍ය සම්‍යක්සමාධියෙහි ලා සම්‍යග්දෘෂ්ටිය පූර්‍වාඞ්ගම වෙයි. කිසෙයින් මහණෙනි, සම්‍යග්දෘෂ්ටි පූර්‍වාඞ්ගම වෙයි යත්: මහණෙනි, මාර්‍ගසම්‍යග් දෘෂ්ටියෙහි සිටි පුඟුල් හට මාර්‍ගසම්‍යක්සඞ්කල්පය පොහෝනේ වෙයි. සම්‍යක්සඞ්කල්පයෙහි සිටියහුට සම්‍යග්වාචා පොහෝනේ වෙයි. සම්‍යග්වචනයෙහි සිටියහුට සම්‍යක්කර්‍මාන්තය පොහොයි. සම්‍යක්කර්‍මාන්තයෙහි සිටියහුට සම්‍යගාජීවය පොහොයි. සම්‍යගාජීවයෙහි සිටියහුට සම්‍යග්ව්‍යායාමය පොහෝනේ වෙයි. සම්‍යග්ව්‍යායාමයෙහි සිටියහුට සම්‍යක්සතිය පොහෝනේ වෙයි. සම්‍යක්සතියෙහි සිටියහුට සම්‍යක්සමාධිය පොහෝනේ වෙයි. සම්‍යක්සමාධියෙහි සිටි පුඟුල් හට ප්‍රත්‍යවේක්‍ෂණ සංඛ්‍යාත සම්‍යක්ඥානය පොහොයි. ප්‍රත්‍යවේක්‍ෂණ සම්‍යග්ඥානයෙහි සිටි පුඟුල් හට සම්‍යග්විමුක්තිය පොහෝනේ වෙයි. මහණෙනි, මෙසෙයින් ශෛක්‍ෂ අෂ්ටාඞ්ග සමන්‍වාගත වෙයි. රහත්හු දශාඞ්ග සමන්‍වාගත වෙත්.
Pali BJTතත්ර භික්ඛවෙ, සම්මාදිට්ඨි පුබ්බඞ්ගමා හොති. කථඤ්ච භික්ඛවෙ, සම්මාදිට්ඨි පුබ්බඞ්ගමා හොති: සම්මාදිට්ඨිස්ස භික්ඛවෙ, මිච්ඡාදිට්ඨි නිජ්ජිණ්ණා හොති. යෙ ච මිච්ඡාදිට්ඨිපච්චයා අනෙකෙ පාපකා අකුසලා ධම්මා සම්භවන්ති. තෙ චස්ස නිජ්ජිණ්ණා හොන්ති. සම්මාදිට්ඨිපච්චයා ච අනෙකෙ කුසලා ධම්මා භාවනාපාරිපූරිං ගච්ඡන්ති.
Sinhala BJTමහණෙනි, ඒ ආර්‍ය්‍ය සම්‍යක්සමාධියෙහි ලා සම්‍යග්දෘෂ්ටිය පූර්‍වාඞ්ගම වෙයි. මහණෙනි, කෙසෙයින් සම්‍යග්දෘෂ්ටිය පූර්‍වාඞ්ගම වෙයි යත්: මහණෙනි සම්‍යග්දෘෂ්ටියෙහි සිටි පුඟුල් හට මිථ්‍යාදෘෂ්ටි නිර්ජිර්‍ණ වෙයි. මිථ්‍යාදෘෂ්ටි හේතුයෙන් යම් ලාමක වූ අනේක අකුශල ධර්‍මයෝ වෙත් ද, ඔහුදු නිර්ජිර්‍ණ වෙත්. යලි සම්‍යග්දෘෂ්ටි හේතුයෙන් නොයෙක් කුශල ධර්‍මයෝ භාවනායෙන් පිරීමට යෙත්.
Pali BJTසම්මාසඞ්කප්පස්ස භික්ඛවෙ, මිච්ඡාසඞ්කප්පො නිජ්ජිණ්ණො හොති, යෙ ච මිච්ඡාසඞ්කප්පපච්චයා අනෙකෙ පාපකා අකුසලා ධම්මා සම්භවන්ති. තෙ චස්ස නිජ්ජිණ්ණා හොන්ති. සම්මාසඞ්කප්පපච්චයා ච අනෙකෙ කුසලා ධම්මා භාවනා පාරිපූරිං ගච්ඡන්ති.
Sinhala BJTමහණෙනි, සම්‍යක්සඞ්කල්පයෙහි සිටි පුඟුල් හට මිථ්‍යාසඞ්කල්පය නිර්ජිර්‍ණ වෙයි. මිථ්‍යාසඞ්කල්ප හේතුයෙන් නොයෙක් ලාමක වූ අකුශල ධර්‍මයෝ වෙත් ද, ඔහුදු නිර්ජිර්‍ණවෙත්. සම්‍යක්සඞ්කල්ප හේතුයෙනුදු නොයෙක් කුශලධර්‍මයෝ භාවනායෙන් පිරීමට යෙත්.
Pali BJTසම්මාවාචස්ස භික්ඛවෙ, මිච්ඡාවාචා නිජ්ජිණ්ණා හොති. යෙ ච මිච්ඡාවාචාපච්චයා අනෙකෙ පාපකා අකුසලා ධම්මා සම්භවන්ති. තෙ චස්ස නිජ්ජිණ්ණා හොන්ති. සම්මාවාචාපච්චයා ච අනෙකෙ කුසලා ධම්මා භාවනා පාරිපූරිං ගච්ඡන්ති.
Sinhala BJTමහණෙනි, සම්‍යග්වචනයෙහි සිටි පුඟුල් හට මිථ්‍යාවාක්‍ නිර්ජිර්‍ණ වෙයි. මිථ්‍යාවාක්‍ හේතුයෙන් යම් නොයෙක් පාපක අකුශල ධර්‍මයෝ වෙත් ද, ඔහුදු නිර්ජිර්‍ණවෙත්. යලි සම්‍යග්වාචා හේතුයෙන් නොයෙක් කුශලධර්‍මයෝ වැඩීමෙන් පිරීමට යෙත්.
Pali BJTසම්මාකම්මන්තස්ස භික්ඛවෙ, මිච්ඡාකම්මන්තො නිජ්ජිණ්ණො හොති. යෙ ච මිච්ඡාකම්මන්තපච්චයා අනෙකෙ පාපකා අකුසලා ධම්මා සම්භවන්ති. තෙ චස්ස නිජ්ජිණ්ණා හොන්ති. සම්මාකම්මන්තපච්චයා ච අනෙකෙ කුසලා ධම්මා භාවනා පාරිපූරිං ගච්ඡන්ති.
Sinhala BJTමහණෙනි, සම්‍යක්කර්‍මාන්තයෙහි සිටි පුඟුල් හට මිථ්‍යාකර්‍මාන්තය නිර්ජිර්‍ණ වෙයි. මිථ්‍යාකර්‍මාන්තප්‍රත්‍යයෙන් යම් නොයෙක් පාපක අකුශල ධර්‍මයෝ වෙත් ද, ඔහුදු නිර්ජිර්‍ණවෙත්. යලි සම්‍යක්කර්‍මාන්තප්‍රත්‍යයෙන් නොයෙක් කුශලධර්‍මයෝ භාවනායෙන් පිරීමට යෙත්.
Pali BJTසම්මාආජීවස්ස භික්ඛවෙ, මිච්ඡාආජීවො නිජ්ජිණ්ණො හොති. යෙ ච මිච්ඡාආජීවපච්චයා අනෙකෙ පාපකා අකුසලා ධම්මා සම්භවන්ති. තෙ චස්ස නිජ්ජිණ්ණා හොන්ති. සම්මාආජීවපච්චයා ච අනෙකෙ කුසලා ධම්මා භාවනා පාරිපූරිං ගච්ඡන්ති.
Sinhala BJTමහණෙනි, සම්‍යගාජීවයෙහි සිටි පුඟුල් හට මිථ්‍යාජීවය නිර්ජිර්‍ණ වෙයි. මිථ්‍යාජීවප්‍රත්‍යයෙන් යම් නොයෙක් පාපක අකුශල ධර්‍මයෝ සම්භව වෙත් ද, ඔහුදු නිර්ජිර්‍ණ වූවාහු වෙත්. සම්‍යගාජීවප්‍රත්‍යයෙනුදු නොයෙක් කුශලධර්‍මයෝ භාවනායෙන් පිරීමට යෙත්.
Pali BJTසම්මාවායාමස්ස භික්ඛවෙ, මිච්ඡාවායාමො නිජ්ජිණ්ණො හොති. යෙ ච මිච්ඡාවායාමපච්චයා අනෙකෙ පාපකා අකුසලා ධම්මා සම්භවන්ති. තෙ චස්ස නිජ්ජිණ්ණා හොන්ති. සම්මාවායාමපච්චයා ච අනෙකෙ කුසලා ධම්මා භාවනා පාරිපූරිං ගච්ඡන්ති.
Sinhala BJTමහණෙනි, සම්‍යග්ව්‍යායාමයෙහි සිටි පුඟුල් හට මිථ්‍යාව්‍යායාමය නිර්ජිර්‍ණ වූයේ වෙයි. මිථ්‍යාව්‍යායාමප්‍රත්‍යයෙන් යම් නොයෙක් පාපක අකුශලධර්‍මයෝ සම්භව වෙත් ද, ඔහුදු නිර්ජිර්‍ණ වූවාහු වෙත්. යලි සම්‍යග්ව්‍යායාමප්‍රත්‍යයෙන් නොයෙක් කුශලධර්‍මයෝ භාවනායෙන් පිරීමට යෙත්.
Pali BJTසම්මාසතිස්ස භික්ඛවෙ, මිච්ඡාසති නිජ්ජිණ්ණා හොති. යෙ ච මිච්ඡාසතිපච්චයා අනෙකෙ පාපකා අකුසලා ධම්මා සම්භවන්ති. තෙ චස්ස නිජ්ජිණ්ණා හොන්ති. සම්මාසතිපච්චයා ච අනෙකෙ කුසලා ධම්මා භාවනා පාරිපූරිං ගච්ඡන්ති.
Sinhala BJTමහණෙනි, සම්‍යක්ස්මෘතියෙහි සිටි පුඟුල් හට මිථ්‍යාස්මෘතිය නිර්ජිර්‍ණ වෙයි. මිථ්‍යාස්මෘතිප්‍රත්‍යයෙන් යම් නොයෙක් පාපක අකුශලධර්‍මයෝ සම්භව වෙත් ද, ඒ අකුශලයෝ ද ඔහුට නිර්ජිර්‍ණ වූවාහු වෙත්. යලි සම්‍යක්ස්මෘතිප්‍රත්‍යයෙන් නොයෙක් කුශලධර්‍මයෝ භාවනායෙන් පිරීමට යෙත්.
Pali BJTසම්මාසමාධිස්ස භික්ඛවෙ, මිච්ඡාසමාධි නිජ්ජිණ්ණො හොති. යෙ ච මිච්ඡාසමාධිපච්චයා අනෙකෙ පාපකා අකුසලා ධම්මා සම්භවන්ති. තෙ චස්ස නිජ්ජිණ්ණා හොන්ති. සම්මාසමාධිපච්චයා ච අනෙකෙ කුසලා ධම්මා භාවනා පාරිපූරිං ගච්ඡන්ති.
Sinhala BJTමහණෙනි, සම්‍යක්සමාධියෙහි සිටි පුඟුල් හට මිථ්‍යාසමාධිය නිර්ජිර්‍ණ වෙයි. මිථ්‍යාසමාධි හේතුයෙන් යම් නොයෙක් පාපක අකුශල ධර්‍මයෝ වෙත් ද, ඔහුදු ඔහුට නිර්ජිර්‍ණ වූවාහු වෙත්. යලි සම්‍යක්සමාධි හේතුයෙන් නොයෙක් කුශලධර්‍මයෝ භාවනායෙන් පිරීමට යෙත්.
Pali BJTසම්මාඤාණස්ස භික්ඛවෙ, මිච්ඡාඤාණං නිජ්ජිණ්ණො හොති. යෙ ච මිච්ඡාඤාණපච්චයා අනෙකෙ පාපකා අකුසලා ධම්මා සම්භවන්ති. තෙ චස්ස නිජ්ජිණ්ණා හොන්ති. සම්මාඤාණපච්චයා ච අනෙකෙ කුසලා ධම්මා භාවනා පාරිපූරිං ගච්ඡන්ති.
Sinhala BJTමහණෙනි, සම්‍යග්ඥානයෙහි සිටි පුඟුල් හට මිථ්‍යාඥානය නිර්ජිර්‍ණ වෙයි. මිථ්‍යාඥානප්‍රත්‍යයෙන් යම් නොයෙක් පාපක අකුශල ධර්‍මයෝ වෙත් ද, ඔහුදු ඔහුට නිර්ජිර්‍ණවෙත්. යලි සම්‍යග්ඥාන හේතුයෙන් නොයෙක් කුශලධර්‍මයෝ භාවනායෙන් පිරීමට යෙත්.
Pali BJTසම්මාවිමුත්තස්ස භික්ඛවෙ, මිච්ඡාවිමුත්ති නිජ්ජිණ්ණා හොති. යෙ ච මිච්ඡාවිමුත්තිපච්චයා අනෙකෙ පාපකා අකුසලා ධම්මා සම්භවන්ති. තෙ චස්ස නිජ්ජිණ්ණා හොන්ති. සම්මාවිමුත්තිපච්චයා ච අනෙකෙ කුසලා ධම්මා භාවනාපාරිපූරිං ගච්ඡන්ති.
Sinhala BJTමහණෙනි, සම්‍යග්විමුක්තියෙහි සිටි පුඟුල් හට මිථ්‍යාවිමුක්තිය නිර්ජිර්‍ණ වෙයි. මිථ්‍යාවිමුක්ති හේතුයෙන් යම් නොයෙක් පාපක අකුශල ධර්‍මයෝ සම්භව වෙත් ද, ඔහුදු ඔහුට නිර්ජිර්‍ණ වූවාහු වෙත්. යලි සම්‍යග්විමුක්ති හේතුයෙන් නොයෙක් කුශලධර්‍මයෝ භාවනායෙන් පිරීමට යෙත්.
Pali BJTඉති ඛො භික්ඛවෙ, වීසති කුසලපක්ඛා, වීසති අකුසලපක්ඛා, මහාචත්තාරීසකො ධම්මපරියායො පවත්තිතො අප්පතිවත්තියො සමණෙන වා බ්රාහ්මණෙන වා දෙවෙන වා මාරෙන වා බ්රහ්මුනා වා කෙනචි වා ලොකස්මින්ති.
Sinhala BJTමහණෙනි, මෙපරිද්දෙන් (සම්මාදිට්ඨි ආදි දස යැ, යළි සම්මාදිට්ඨි ප්‍රත්‍යයෙන් අනේක කුශලධර්‍මයෝ වෙති’ යි ආදීන් වදාළ දස යැයි) කුශලපක්‍ෂයෙහි වූ විසි ධර්‍මයෝ යැ, (‘මිච්ඡාදිට්ඨි නිජ්ජිණ්ණා හොති’ යනාදීන් වදාළ මිච්ඡාදිට්ඨි ආදි දස යැ, ‘මිච්ඡාදිට්ඨි පපච්චයා අනෙකෙ’ යනාදීන් වදාළ දස යැයි) අකුශලපක්‍ෂයෙහි වූ විසි ධර්‍මයෝ යැ යන ශ්‍රමණයක්හු විසින් හෝ බ්‍රාහ්මණයක්හු විසින් හෝ දෙවියකු විසින් හෝ මරකු විසින් හෝ බඹකු විසින් හෝ ලොව කිසිවක්හු විසින් හෝ නො පවත්වාලිය හැකි මහාචත්තාරීසක ධර්‍මපර්‍ය්‍යාය පවත්වන ලද්දේ යි.
Pali BJTයො හි කොචි භික්ඛවෙ, සමණො වා බ්රාහ්මණො වා ඉමං මහාචත්තාරීසකං ධම්මපරියායං ගරහිතබ්බං පටික්කොසිතබ්බං මඤ්ඤෙය්ය, තස්ස දිට්ඨෙව ධම්මෙ දස සහධම්මිකා වාදානුවාදා ගාරය්හං ඨානං ආගච්ඡන්ති. සම්මාදිට්ඨිං චෙ භවං ගරහති. යෙ ච මිච්ඡාදිට්ඨී සමණබ්රාහ්මණා, තෙ භොතො පුජ්ජා. තෙ භොතො පාසංසා. සම්මාසඞ්කප්පං චෙ භවං ගරහති. යෙ ච මිච්ඡාසඞ්කප්පා සමණබ්රාහ්මණා, තෙ භොතො පුජ්ජා, තෙ භොතො පාසංසා. සම්මාවාචං චෙ භවං ගරහති. යෙ ච මිච්ඡාවාචා සමණබ්රාහ්මණා, තෙ භොතො පුජ්ජා. තෙ භොතො පාසංසා. සම්මාකම්මන්තං චෙ භවං ගරහති. යෙ ච මිච්ඡාකම්මන්තා සමණබ්රාහ්මණා, තෙ භොතො පුජ්ජා. තෙ භොතො පාසංසා. සම්මාආජීවං චෙ භවං ගරහති. යෙ ච මිච්ඡාආජීවා සමණබ්රාහ්මණා, තෙ භොතො පුජ්ජා. තෙ භොතො පාසංසා. සම්මාවායාමං චෙ භවං ගරහති. යෙ ච මිච්ඡාවායාමා සමණබ්රාහ්මණා, තෙ භොතො පුජ්ජා. තෙ භොතො පාසංසා. සම්මාසතිං චෙ භවං ගරහති. යෙ ච මිච්ඡාසතී සමණබ්රාහ්මණා, තෙ භොතො පුජ්ජා. තෙ භොතො පාසංසා. සම්මාසමාධිඤ්චෙ භවං ගරහති. යෙ ච මිච්ඡාසමාධි සමණබ්රාහ්මණා, තෙ භොතො පුජ්ජා. තෙ භොතො පාසංසා. සම්මාඤාණං චෙ භවං ගරහති. යෙ ච මිච්ඡාඤාණී සමණබ්රාහ්මණා, තෙ භොතො පුජ්ජා. තෙ භොතො පාසංසා. සම්මාවිමුත්තිං චෙ භවං ගරහති. යෙ ච මිච්ඡාවිමුත්තී සමණබ්රාහ්මණා තෙ භොතො පුජ්ජා. තෙ භොතො පාසංසා.
Sinhala BJTමහණෙනි, යම් කිසි මහණෙක් වේවයි බමුණෙක් වේවයි මේ මහාචත්තාරීසක ධර්‍මපර්‍ය්‍යාය ගැරහිය යුතු යැ, බැහැර කළ යුතු යයි සිතන්නේ නම්, දිටුදැමියෙහි මැ (පරා විසින් කී කරුණෙන්) සකාරණ ව ඔහුගේ වාදානුවාදයෝ දස දෙනෙක් විඥයන් විසින් ගැරහිය යුතු තැනට පැමිණෙත්. ඉදින් භවත් සම්‍යග්දෘෂ්ටිය ගරහා නම් යම් මැ මිසදුටු ගත් මහණ බමුණු කෙනෙක් ඇද්ද, ඔහු භවතුන් විසින් පුජ්‍යයෝ වෙති. ඔහු භවතුන් විසින් පසැස්ස මනා වෙති. ඉදින් භවත් සම්‍යක්සඞ්කල්ප ගරහා නම්, මිථ්‍යාසඞ්කල්ප ඇති යම් මැ මහණ බමුණු කෙනෙක් ඇද්ද, ඔහු භවතුන් විසින් පුජ්‍ය වෙති, ඔහු භවතුන් විසින් පසැස්ස මනා වෙත්. ඉදින් භවත් සම්‍යග්වචන ගරහා නම්, මිථ්‍යාවචන ඇති යම් මැ මහණ බමුණු කෙනෙක් ඇද්ද, ඔහු භවතුන් විසින් පුජ්‍ය වෙති, ඔහු භවතුන් විසින් පසැස්ස මනා වෙත්. ඉදින් භවත් සම්‍යක්කර්‍මාන්ත ගරහා නම්, මිථ්‍යාකර්‍මාන්ත ඇති යම් මැ මහණ බමුණු කෙනෙක් ඇද්ද, ඔහු භවතුන් විසින් පුජ්‍ය වෙති, ඔහු භවතුන් විසින් පසැස්ස මනා වෙත්. ඉදින් භවත් සම්‍යගාජීව ගරහා නම් මිථ්‍යාජීව ඇති යම් මැ මහණ බමුණු කෙනෙක් ඇද්ද, ඔහු භවතුන් විසින් පුජ්‍ය වෙති, ඔහු භවතුන් විසින් පසැස්ස මනා වෙත්. ඉදින් භවත් සම්‍යග්ව්‍යායාම ගරහා නම්, මිථ්‍යාව්‍යායාම ඇති යම් මැ මහණ බමුණු කෙනෙක් ඇද්ද, ඔහු භවතුන් විසින් පුජ්‍යයෝ වෙති, ඔහු භවතුන් විසින් පසැස්ස මනා වෙත්. ඉදින් භවත් සම්‍යක්ස්මෘති ගරහා නම්, මිථ්‍යාස්මෘති ඇති යම් මැ මහණ බමුණු කෙනෙක් ඇද්ද, ඔහු භවතුන් විසින් පුජ්‍ය වෙති, ඔහු භවතුන් විසින් පසැස්ස මනා වෙත්. ඉදින් භවත් සම්‍යක්සමාධි ගරහා නම්, මිථ්‍යාසමාධි ඇති යම් මැ මහණ බමුණු කෙනෙක් ඇද්ද, ඔහු භවතුන් විසින් පුජ්‍ය වෙති, ඔහු භවතුන් විසින් පසැස්ස මනා වෙත්. ඉදින් භවත් සම්‍යග්ඥානය ගරහා නම්, මිථ්‍යාඥාන ඇති යම් මැ මහණ බමුණු කෙනෙක් ඇද්ද, ඔහු භවතුන් විසින් පුජ්‍ය වෙති, ඔහු භවතුන් විසින් පසැස්ස මනා වෙත්. ඉදින් භවත් සම්‍යග්විමුක්ති ගරහා නම්, මිථ්‍යාවිමුක්ති ඇති යම් මැ මහණ බමුණු කෙනෙක් ඇද්ද, ඔහු භවතුන් විසින් පුජ්‍ය වෙති, ඔහු භවතුන් විසින් පසැස්ස මනා වෙත්.
Pali BJTයො කොචි භික්ඛවෙ, සමණො වා බ්රාහ්මණො වා ඉමං මහාචත්තාරීසකං ධම්මපරියායං ගරහිතබ්බං පටික්කොසිතබ්බං මඤ්ඤෙය්ය. තස්ස දිට්ඨෙව ධම්මෙ ඉමෙ දස සහධම්මිකා වාදානුවාදා ගාරය්හං ඨානං ආගච්ඡන්ති.
Sinhala BJTමහණෙනි, යම කිසි මහණෙක් වේවයි බමුණෙක් වේවයි මේ මහාචත්තාරීසක ධර්‍ම ක්‍රමය ගැරැහියැ යුතු කොට, පිළිකෙව් කළ යුතු කොට හඟනේ නම්, මෙලොව්හි මැ ඔහුගේ මේ දස වාදානුවාදයෝ සකාරණ ව ගැරහිය යුතු තැනට එත්.
Pali BJTයෙපි තෙ භික්ඛවෙ, අහෙසුං උක්කලා වස්සභඤ්ඤා{1} අහෙතුවාදා අකිරියවාදා නත්ථිකවාදා, තෙපි මහාචත්තාරීසකං ධම්මපරියායං න ගරහිතබ්බං, නපටික්කොසිතබ්බං{2} මඤ්ඤිංසු{3}. තං කිස්ස හෙතු: නින්දාබ්යාරොසඋපාරම්භභයාති.
Sinhala BJTමහණෙනි, උක්කල දනව්වැසි අහේතුකවාද, අක්‍රියවාද, නාස්තිකවාද ඇති වස්සභඤ්ඤ නම් වාදී කෙනෙක් වූහු ද, ඔහුදු මහාචත්තාරීසක ධර්‍මපරියාය නොගැරහියැ යුතු සේ පිළිකෙව් නො කළයුතු සේ සිතූහු. ඒ කවර හෙයින යත්? තමහට නින්‍දාභය හා ගැටුම් බිය හා පරිභාෂණ බියෙනැ’ යි වදාළහ.
Pali BJTඉදමවොච භගවා. අත්තමනා තෙ භික්ඛූ භගවතො භාසිතං අභිනන්දුන්ති.
Sinhala BJTභාග්‍යවතුන් වහන්සේ මේ මහාචත්තාරීසක සූත්‍රය වදාළ සේක. ප්‍රීතිසෞම්නස්‍යන් විසින් ගත් සිත් ඇති ඒ මහණහු භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය අභිමුඛ ව පිළිගත්හු.
Pali BJTමහාචත්තාරීසක සුත්තං සත්තමං.
Sinhala BJTසත්වැනි මහාචත්තාරීසක සූත්‍ර යි.
Pali BJT3. 2. 8.
Sinhala BJT3. 2. 8.
Pali BJTආනාපානසති සුත්තං
Sinhala BJTආනාපානසති සූත්‍රය
Pali BJTඑවං මෙ සුතං: එකං සමයං භගවා සාවත්ථියං විහරති පුබ්බාරාමෙ මිගාරමාතුපාසාදෙ සම්බහුලෙහි අභිඤ්ඤාතෙහි අභිඤ්ඤාතෙහි ථෙරෙහි සාවකෙහි සද්ධිං, ආයස්මතා ච සාරිපුත්තෙන ආයස්මතා ච මහාමොග්ගල්ලානෙන ආයස්මතා ච මහාකස්සපෙන ආයස්මතා ච මහාකච්චායනෙන ආයස්මතා ච මහාකොට්ඨිකෙන ආයස්මතා ච මහාකප්පිනෙන ආයස්මතා ච මහාචුන්දෙන ආයස්මතා ච අනුරුද්ධෙන ආයස්මතා ච රෙවතෙන ආයස්මතා ච ආනන්දෙන අඤ්ඤෙහි ච අභිඤ්ඤාතෙහි අභිඤ්ඤාතෙහි ථෙරෙහි සාවකෙහි සද්ධිං.
Sinhala BJTමා විසින් මෙසේ අසන ලද නොහොත් මා ඇසූ හැටි මෙසේ යැ: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි පුවරම් නම් මුවරමාපායෙහි හැම තැනැ ශීලාදී ගුණයෙන් පළට වූ බොහෝ ස්ථවිර ශ්‍රාවකයන් සමග වැඩවසන සේක. ආයුෂ්මත් සැරියුත් තෙරුන් ද, ආයුෂ්මත් මහමුගලන් තෙරුන් ද, ආයුෂ්මත් මහසුප් තෙරුන් ද, ආයුෂ්මත් මහකසයින් තෙරුන් ද, ආයුෂ්මත් මහාකොට්ඨිත තෙරුන් ද, ආයුෂ්මත් මහාකප්පින තෙරුන් ද, ආයුෂ්මත් මහාචුන්‍ද තෙරුන් ද, ආයුෂ්මත් අනුරුද්ධ තෙරුන් ද, ආයුෂ්මත් රේවත තෙරුන් ද, ආයුෂ්මත් අනඳ තෙරුන් ද, අන්‍ය වූ මහත් ගුණයෙන් ප්‍රකට වූ ස්ථවිර ශ්‍රාවක භික්‍ෂූන් ද සමග පුවරම් මුවරමාපායෙහි වැඩවසන සේක.
Pali BJTතෙන ඛො පන සමයෙන ථෙරා භික්ඛූ නවෙ භික්ඛූ ඔවදන්ති අනුසාසන්ති. අප්පෙකච්චෙ ථෙරා භික්ඛූ දසපි භික්ඛූ ඔවදන්ති අනුසාසන්ති. අප්පෙකච්චෙ ථෙරා භික්ඛූ වීසම්පි{1} භික්ඛූ ඔවදන්ති අනුසාසන්ති. අප්පෙකච්චෙ ථෙරා භික්ඛූ තිංසම්පි භික්ඛූ ඔවදන්ති අනුසාසන්ති. අප්පෙකච්චෙ ථෙරා භික්ඛූ චත්තාරීසම්පි භික්ඛූ ඔවදන්ති අනුසාසන්ති. තෙ ච නවා භික්ඛූ ථෙරෙහි භික්ඛූහි ඔවදියමානා අනුසාසියමානා උළාරං{2} පුබ්බෙනාපරං විසෙසං පජානන්ති.{3}
Sinhala BJTතව ද එසමයෙහි ස්ථවිර භික්‍ෂූහු නවක පැවිද්දනට අවවාද අනුශාසනා කෙරෙති. ඇතැම් ස්ථවිර භික්‍ෂූහු පැවිද්දන් දසදෙනෙකුට ද අවවාද අනුශාසනා කෙරෙති. ඇතැම් ස්ථවිර භික්‍ෂූහු පැවිද්දන් විසි දෙනකුට ද අවවාද අනුශාසනා කෙරෙති. ඇතැම් ස්ථවිර භික්‍ෂූහු පැවිද්දන් තිස්දෙනකුට ද අවවාද අනුශාසනා කෙරෙති. ඇතැම් ස්ථවිර භික්‍ෂූහු පැවිද්දන් හතලිස් දෙනෙකුට ද අවවාද අනුශාසනා කෙරෙති. තෙර මහණුන් විසින් අවවාද අනුශාසනා කරනු ලබන ඒ නවක භික්‍ෂූහු ශීලපරිපූරණාදී පුර්‍වවිශේෂයෙන් වැඩි උදාරතර අපර කෘත්ස්න පරිකර්‍මාදි විශේෂ දනිත්.
Pali BJTතෙන ඛො පන සමයෙන භගවා තදහුපොසථෙ පන්නරසෙ පවාරණාය පුණ්ණාය පුණ්ණමාය රත්තියා භික්ඛුසඞ්ඝපරිවුතො අබ්භොකාසෙ නිසින්නො හොති. අථ ඛො භගවා තුණ්හීභූතං තුණ්හීභූතං භික්ඛුසඞ්ඝං අනුවිලොකෙත්වා භික්ඛූ ආමන්තෙසි: ‘ආරද්ධොස්මි භික්ඛවෙ, ඉමාය පටිපදාය. ආරද්ධචිත්තොස්මි භික්ඛවෙ, ඉමාය පටිපදාය. තස්මාතිහ භික්ඛවෙ, භිය්යොසොමත්තාය විරියං ආරභථ අප්පත්තස්ස පත්තියා, අනධිගතස්ස අධිගමාය, අසච්ඡිකතස්ස සච්ඡිකිරියාය. ඉධෙවාහං සාවත්ථියං කොමුදිං චාතුමාසිනිං ආගමෙස්සාමීති.
Sinhala BJTඑ සමයෙහි භාග්‍යවතුන් වහන්සේ එදවස් පොහොයැ පණුරැසියෙහි පවුරුණු ඇති සඳ පිරුණු මැදිපොහෝරැය භික්‍ෂුසංඝපරිවෘත ව අභ්‍යවකාශයෙහි වැඩහුන් සේක. එසඳ භාග්‍යවතුන් වහන්සේ නිහඬ නිහඬ ව හුන් මහණුන් බලා ඒ මහණුන් ඇමතූ සේක. “මහණෙනි, මේ ප්‍රතිපදායෙන් (මම්) ආරාධිතයෙමි. මහණෙනි, මේ ප්‍රතිපදායෙන් මම ඇරැයු සිතැතියෙමි. එහෙයින් මහණෙනි, නො පත් අර්‍හත්ඵලයාගේ ප්‍රාප්තිය පිණිස අනධිගත ඵලයා ගේ අධිගමය පිණිස නො පසක් කළ නිවන පසක් කරණු පිණිස වෙසෙසින් වීර්‍ය්‍යාරම්භ කරවු. මම මේ සැවතෙහි මැ පිපි කුමුදු ඇති චාතුමාසිනිය හෙවත් පශ්චිමකාර්තික පූර්ණිමාව දක්වා බලමි’යි වදාළහ.
Pali BJTඅස්සොසුං ඛො ජානපදා භික්ඛූ: භගවා කිර තත්ථෙව සාවත්ථියං කොමුදිං චාතුමාසිනිං ආගමෙස්සතීති. තෙ ච ජානපදා භික්ඛූ සාවත්ථිං ඔසරන්ති භගවන්තං දස්සනාය. තෙ ච ඛො ථෙරා භික්ඛූ භිය්යොසොමත්තාය නවෙ භික්ඛූ ඔවදන්ති අනුසාසන්ති. අප්පෙකච්චෙ ථෙරා භික්ඛූ දසපි භික්ඛූ ඔවදන්ති අනුසාසන්ති. අප්පෙකච්චෙ ථෙරා භික්ඛූ වීසම්පි භික්ඛූ ඔවදන්ති අනුසාසන්ති. අප්පෙකච්චෙ ථෙරා භික්ඛූ තිංසම්පි භික්ඛූ ඔවදන්ති අනුසාසන්ති. අප්පෙකච්චෙ ථෙරා භික්ඛූ චත්තාරීසම්පි භික්ඛූ ඔවදන්ති අනුසාසන්ති. තෙ ච නවා භික්ඛූ ථෙරෙහි භික්ඛූහි ඔවදියමානා අනුසාසියමානා උළාරං පුබ්බෙනාපරං විසෙසං පජානන්ති.
Sinhala BJT“භාග්‍යවතුන් වහන්සේ එ සැවැත්හි මැ කුමුදු ඇති ඉල්පොහොය දක්වා බලන සේක් ලැ” යි දනව්වැසි සඟහු ඇසූහු මැ ය. ඒ දනව්වැසි භික්‍ෂූහු බුදුන් දක්නට පැමිණෙත්. ඒ තෙර මහණහු වැඩි පමණින් නවක පැවිද්දන්ට අවවාද අනුශාසනා කෙරෙති. කිසි තෙර මහණ කෙනෙක් පැවිද්දන් දසදෙනකුට ද අවවාද අනුශාසනා කෙරෙති. කිසි තෙර මහණ කෙනෙක් පැවිද්දන් විසි දෙනකුට ද අවවාද අනුශාසනා කෙරෙති. කිසි තෙර මහණ කෙනෙක් පැවිද්දන් තිස්දෙනකුට ද අවවාද අනුශාසනා කෙරෙති. කිසි තෙර මහණ කෙනෙක් පැවිද්දන් සතලිස්දෙනකුට ද අවවාද අනුශාසනා කෙරෙත්. තෙරමහණුන් විසින් අවවාද අනුශාසනා කරනු ලබන ඒ නවක භික්‍ෂූහු පූර්‍ව විශේෂයට වඩා අපර වූ ශ්‍රෝතාපත්ති ආදි උදාර විශේෂය වෙසෙසින් දනිත්.
Pali BJTතෙන ඛො පන සමයෙන භගවා තදහුපොසථෙ පන්නරසෙ කොමුදියා චාතුමාසිනියා පුණ්ණාය පුණ්ණමාය රත්තියා භික්ඛුසඞ්ඝපරිවුතො අබ්භොකාසෙ නිසින්නො හොති. අථ ඛො භගවා තුණ්හීභූතං තුණ්හීභූතං භික්ඛුසඞ්ඝං අනුවිලොකෙත්වා භික්ඛූ ආමන්තෙසි: අපලාපායං භික්ඛවෙ, පරිසා. නිප්පලාපායං භික්ඛවෙ, පරිසා සුද්ධා සාරෙ පතිට්ඨිතා. තථාරූපො අයං භික්ඛවෙ, භික්ඛුසඞ්ඝො. තථාරූපායං භික්ඛවෙ, පරිසා. යථාරූපා පරිසා ආහුනෙය්යා පාහුනෙය්යා දක්ඛිණෙය්යා අඤ්ජලිකරණීයා අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලොකස්ස. තථාරූපො අයං භික්ඛවෙ, භික්ඛුසඞ්ඝො. තථාරූපායං භික්ඛවෙ, පරිසා. යථාරූපාය පරිසාය අප්පං දින්නං බහුං{1} හොති, බහුං{1} දින්නං බහුතරං. තථාරූපො අයං භික්ඛවෙ, භික්ඛුසඞ්ඝො. තථාරූපායං භික්ඛවෙ, පරිසා. යථාරූපා පරිසා දුල්ලභා දස්සනාය ලොකස්ස. තථාරූපො අයං භික්ඛවෙ, භික්ඛුසඞ්ඝො. තථාරූපායං භික්ඛවෙ, පරිසා. යථාරූපං පරිසං අලං යොජනගණනානි දස්සනාය ගන්තුං පුටොසෙනාපි{2}.
Sinhala BJTඑසමයෙහි භාග්‍යවතුන් වහන්සේ එදින පොහොලත් පණුරැස කුමුදු පිපි ඉල් පුණු පොහෝදා රැය බික්සඟන විසින් පිරිවරන ලදු ව අබවස හුන් සේක. එසඳ භාග්‍යවතුන් වහන්සේ නිහඬ නිහඬ ව හුන් බික්සඟන දැක ඒ සඟුන් ඇමතූ සේක. “මහණෙනි, මේ භික්‍ෂුපර්‍ෂත් නො සිස් යැ. මහණෙනි, මේ භික්‍ෂූ පර්‍ෂත් නිෂ්ප්‍රලාප යැ, ශුද්ධ යැ, අධිගමසාරයෙහි පිහිටි යැ. සම්බුදු පිරිසෙක් ආහුනෙය්‍ය වේ ද, පාහුනෙය්‍ය වේ ද, දක්ඛිණෙය්‍ය වේ ද, අඤ්ජලිකරණීය වේ ද, ලොවට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර වේ ද, මහණෙනි මේ භික්‍ෂු සංඝ තෙමේ එබඳු යැ. මහණෙනි, මේ පිරිස එබඳු යැ යම්බඳු පිරිසක් කෙරෙහි දුන් ඇලුප් දනෙක් බොහෝ වේ ද, දුන් බොහෝ දනෙක් ඉබොහෝ වේ ද, මහණෙනි, මේ භික්‍ෂූ සඞ්ඝ එබඳු යැ, මහණෙනි, මේ පිරිස එබඳු යැ. යම්බඳු පිරිසෙක් ලෝකයා ගේ දර්‍ශනයට දුර්‍ලභ වේ ද, මහණෙනි, මේ භික්‍ෂූසංඝ එබඳු යැ. මහණෙනි, මේ පර්‍ෂත් එබඳු යැ. යම්බඳු පිරිසක් දක්නට යොදුන් දහසකුදු වුව මාර්ගෝපකරණ ගෙනත් යන්නට නිසි වේ ද, මහණෙනි, මේ බික්සඟහු එබන්දහ, මේ පර්‍ෂත් එබඳු වෙතී’ වදාළෝ.
Pali BJTසන්ති භික්ඛවෙ, භික්ඛූ ඉමස්මිං භික්ඛුසඞ්ඝෙ අරහන්තො ඛීණාසවා වුසිතවන්තො කතකරණීයා ඔහිතභාරා අනුප්පත්තසදත්ථා පරික්ඛීණභවසඤ්ඤොජනා සම්මදඤ්ඤා විමුත්තා, එවරූපාපි භික්ඛවෙ, සන්ති භික්ඛූ ඉමස්මිං භික්ඛුසඞ්ඝෙ. සන්ති භික්ඛවෙ, භික්ඛූ ඉමස්මිං භික්ඛුසඞ්ඝෙ පඤ්චන්නං ඔරම්භාගියානං සඤ්ඤොජනානං පරික්ඛයා ඔපපාතිකා තත්ථ පරිනිබ්බායිනො අනාවත්තිධම්මා තස්මා ලොකා, එවරූපාපි භික්ඛවෙ, සන්ති භික්ඛූ ඉමස්මිං භික්ඛුසඞ්ඝෙ. සන්ති භික්ඛවෙ, භික්ඛූ ඉමස්මිං භික්ඛුසඞ්ඝෙ තිණ්ණං සංයොජනානං පරික්ඛයා රාගදොසමොහානං තනුත්තා සකදාගාමිනො සකිදෙව ඉමං ලොකං ආගන්ත්වා දුක්ඛස්සන්තං කරිස්සන්ති. එවරූපාපි භික්ඛවෙ, සන්ති භික්ඛූ ඉමස්මිං භික්ඛුසඞ්ඝෙ. සන්ති භික්ඛවෙ, භික්ඛූ ඉමස්මිං භික්ඛුසඞ්ඝෙ තිණ්ණං සඤ්ඤොජනානං පරික්ඛයා සොතාපන්නා අවිනිපාතධම්මා නියතා සම්බොධිපරායණා, එවරූපාපි භික්ඛවෙ, සන්ති භික්ඛූ ඉමස්මිං භික්ඛුසඞ්ඝෙ.
Sinhala BJTමහණෙනි, මේ බික්සඟුන් කෙරෙහි අර්‍හත් ක්‍ෂීණාස්‍රව වූ වුසූ මඟබඹසර ඇති කළ කරණී ඇති තැබූ කෙලෙස්බර ඇති පැමිණි සදර්‍ත්‍ථ ඇති ක්‍ෂය වූ භවසංයෝජන ඇති මොනොවට දැන විමුක්ත වූ මහණහු ඇත. මෙබඳු රහත් මහණහු ද බික්සඟුන් කෙරෙහි ඇත්තාහ. මහණෙනි, මේ බික්සඟුන් කෙරෙහි පඤ්චෝරම්භාගිය සංයෝජන යන් ක්‍ෂය වීමෙන් ඕපපාතික වූ එහි මැ පිරිනිවෙනසුලු ඒ ශුද්ධාවාසලෝකයෙන් පෙරළා නො එන සැහැවි ඇති භික්‍ෂූහු වෙති. මහණෙනි, බික්සඟුන් කෙරෙහි මෙබඳු වූ අනාගාමී මහණහු ද ඇත්තාහ. මහණෙනි, මේ බික්සඟුන් කෙරෙහි ත්‍රිවිධ සංයෝජනයන් ගේ පරික්‍ෂය හේතුයෙන් රාග ද්වේෂ මෝහයන් ගේ තානවයෙන් සකෘදාගාමී ව වරෙක මැ මෙලොවට අවුත් දුක් කෙළෙවර කරන සඟහු ඇත. මහණෙනි, මේ බික්සඟුන් කෙරෙහි මෙවන් සකෘදාගාමී මහණහු ද ඇත්තාහ. මහණෙනි, මේ බික්සඟුන් කෙරෙහි ත්‍රිවිධ සංයෝජනයන් ගේ පරික්‍ෂය හේතුයෙන් ශ්‍රෝතාපන්න ව අවිනිපාත ස්වභාව ඇති ව නියත ව සම්බෝධිපරායණ වූ සඟහු ඇත. මහණෙනි, මේ බික්සඟුන් කෙරෙහි මෙවන් ශ්‍රෝතාපන්න භික්‍ෂූහු ද ඇත්තාහ.
Pali BJTසන්ති භික්ඛවෙ, භික්ඛූ ඉමස්මිං භික්ඛුසඞ්ඝෙ චතුන්නං සතිපට්ඨානානං භාවනානුයොගමනුයුත්තා විහරන්ති, එවරූපාපි භික්ඛවෙ, සන්ති භික්ඛූ ඉමස්මිං භික්ඛුසඞ්ඝෙ. සන්ති භික්ඛවෙ, භික්ඛූ ඉමස්මිං භික්ඛුසඞ්ඝෙ, චතුන්නං සම්මප්පධානානං භාවනානුයොගමනුයුත්තා විහරන්ති, එවරූපාපි භික්ඛවෙ, සන්ති භික්ඛූ ඉමස්මිං භික්ඛුසඞ්ඝෙ. සන්ති භික්ඛවෙ, භික්ඛූ ඉමස්මිං භික්ඛුසඞ්ඝෙ, චතුන්නං ඉද්ධිපාදානං භාවනානුයොගමනුයුත්තා විහරන්ති. එවරූපාපි භික්ඛවෙ, සන්ති භික්ඛූ ඉමස්මිං භික්ඛුසඞ්ඝෙ. සන්ති භික්ඛවෙ, භික්ඛූ ඉමස්මිං භික්ඛුසඞ්ඝෙ, පඤ්චන්නං ඉන්ද්රියානං භාවනානුයොගමනුයුත්තා විහරන්ති. එවරූපාපි භික්ඛවෙ, සන්ති භික්ඛූ ඉමස්මිං භික්ඛුසඞ්ඝෙ. සන්ති භික්ඛවෙ, භික්ඛූ ඉමස්මිං භික්ඛුසඞ්ඝෙ, පඤ්චන්නං බලානං භාවනානුයොගමනුයුත්තා විහරන්ති. එවරූපාපි භික්ඛවෙ, සන්ති භික්ඛූ ඉමස්මිං භික්ඛුසඞ්ඝෙ. සන්ති භික්ඛවෙ, භික්ඛූ ඉමස්මිං භික්ඛුසඞ්ඝෙ, සත්තන්නං බොජ්ඣඞ්ගානං භාවනානුයොගමනුයුත්තා විහරන්ති. එවරූපාපි භික්ඛවෙ, සන්ති භික්ඛූ ඉමස්මිං භික්ඛුසඞ්ඝෙ. සන්ති භික්ඛවෙ, භික්ඛූ ඉමස්මිං භික්ඛුසඞ්ඝෙ, අරියස්ස අට්ඨඞ්ගිකස්ස මග්ගස්ස භාවනානුයොගමනුයුත්තා විහරන්ති. එවරූපාපි, භික්ඛවෙ, සන්ති භික්ඛූ ඉමස්මිං භික්ඛුසඞ්ඝෙ.
Sinhala BJTමහණෙනි, මේ බික්සඟුන් කෙරෙහි සතර සීවටන් පිළිබඳ භාවනානුයෝගයෙහි යෙදී වසන සඟහු ඇත. මහණෙනි, මේ බික්සඟුන් කෙරෙහි මෙවන් සතිපට්ඨාන භාවනානු යොගී මහණහුදු වෙති. මහණෙනි, මේ බික්සඟුන් කෙරෙහි සතර සම්‍යක් ප්‍රධානවීර්‍ය්‍ය පිළිබඳ භාවනානුයෝගයෙහි යෙදී වසන සඟහු ඇත. මහණෙනි, මේ බික්සඟුන් කෙරෙහි මෙවන් මහණහු දු වෙති. මහණෙනි, මේ බික්සඟුන් කෙරෙහි සතර ඍද්ධිපාදයන් පිළිබඳ භාවනානුයෝගයෙහි යෙදී වසන සඟහු ඇත. මහණෙනි, මේ බික්සඟුන් කෙරෙහි මෙවන් ඍද්ධිපාද භාවනානුයෝගී මහණහු දු ඇත. මහණෙනි, මේ බික්සඟුන් කෙරෙහි පඤ්චප්‍රකාර ඉන්‍ද්‍රියභාවනානුයෝගයෙහි යෙදී වසන සඟහු ඇත. මහණෙනි, මේ බික්සඟුන් කෙරෙහි මෙවන් ඉන්‍ද්‍රිය භාවනානුයෝගී මහණහුද වෙති. මහණෙනි, මේ බික්සඟුන් කෙරෙහි පඤ්චප්‍රකාර බලභාවනානුයෝගයෙහි යෙදී වසන සඟහු ඇත. මහණෙනි, මේ බික්සඟුන් කෙරෙහි මෙබඳු බලභාවනානුයොගී මහණහුදු වෙති. මහණෙනි, මේ බික්සඟුන් කෙරෙහි සප්තබෝධ්‍යංග භාවනානුයෝගයෙහි යෙදී වසන සඟහු ඇත. මහණෙනි, මේ බික්සඟුන් කෙරෙහි මෙබඳු බෝධ්‍යඞගභාවනානුයෝගී මහණහුදු වෙති. මහණෙනි, මේ බික්සඟුන් කෙරෙහි අරිඅටඟිමඟ පිළිබඳ භාවනානුයෝගයෙහි යෙදී වසන සඟහු ඇත. මහණෙනි, මේ බික්සඟුන් කෙරෙහි මෙවන් මාර්‍ගභාවනානුයොගී මහණහුදු වෙත්.
Pali BJTසන්ති භික්ඛවෙ, භික්ඛූ ඉමස්මිං භික්ඛුසඞ්ඝෙ මෙත්තාභාවනානුයොගමනුයුත්තා විහරන්ති. එවරූපාපි භික්ඛවෙ, සන්ති භික්ඛූ ඉමස්මිං භික්ඛුසඞ්ඝෙ. සන්ති භික්ඛවෙ, භික්ඛූ ඉමස්මිං භික්ඛුසඞ්ඝෙ, කරුණාභාවනානුයොගමනුයුත්තා විහරන්ති. එවරූපාපි භික්ඛවෙ, සන්ති භික්ඛූ ඉමස්මිං භික්ඛුසඞ්ඝෙ. සන්ති භික්ඛවෙ, භික්ඛූ ඉමස්මිං භික්ඛුසඞ්ඝෙ, මුදිතාභාවනානුයොගමනුයුත්තා විහරන්ති. එවරූපාපි භික්ඛවෙ, සන්ති භික්ඛූ ඉමස්මිං භික්ඛුසඞ්ඝෙ. සන්ති භික්ඛවෙ, භික්ඛූ ඉමස්මිං භික්ඛුසඞ්ඝෙ, උපෙක්ඛාභාවනානුයොගමනුයුත්තා විහරන්ති. එවරූපාපි භික්ඛවෙ, සන්ති භික්ඛූ ඉමස්මිං භික්ඛුසඞ්ඝෙ. සන්ති භික්ඛවෙ, භික්ඛූ ඉමස්මිං භික්ඛුසඞ්ඝෙ, අසුභභාවනානුයොගමනුයුත්තා විහරන්ති. එවරූපාපි භික්ඛවෙ, සන්ති භික්ඛූ ඉමස්මිං භික්ඛුසඞ්ඝෙ. සන්ති භික්ඛවෙ, භික්ඛූ ඉමස්මිං භික්ඛුසඞ්ඝෙ, අනිච්චසඤ්ඤාභාවනානුයොගමනුයුත්තා විහරන්ති. එවරූපාපි, භික්ඛවෙ, සන්ති භික්ඛූ ඉමස්මිං භික්ඛුසඞ්ඝෙ.
Sinhala BJTමහණෙනි, මේ බික්සඟුන් කෙරෙහි මෙත්තාභාවනානුයෝගයෙහි යෙදී වසන සඟහු ඇත. මහණෙනි, මේ බික්සඟුන් කෙරෙහි මෙවන් මෙත්තාභාවනානුයොගී මහණහු වෙති. මහණෙනි, මේ බික්සඟුන් කෙරෙහි කරුණාභාවනානුයෝගයෙහි යෙදී වසන සඟහු ඇත. මහණෙනි, මේ බික්සඟුන් කෙරෙහි මෙවන් කරුණානුභාවනානුයොගී මහණහුදු වෙති. මහණෙනි, මේ බික්සඟුන් කෙරෙහි මුදිතාභාවනානුයෝගයෙහි යෙදී වසන සඟහු ඇත. මහණෙනි, මේ බික්සඟුන් කෙරෙහි මෙවන් මුදිතාභාවනානුයොගී මහණහුදු වෙති. මහණෙනි, මේ බික්සඟුන් කෙරෙහි උපේක්‍ෂා භාවනානුයෝගයෙහි යෙදී වසන සඟහු ඇත. මහණෙනි, මේ බික්සඟුන් කෙරෙහි මෙවන් උපේක්‍ෂාභාවනානු යොගී මහණහුදු වෙත්. මහණෙනි, මේ බික්සඟුන් කෙරෙහි මෙවන් අශුභභාවනානුයෝගයෙහි යෙදී වසන සඟහු ඇත. මහණෙනි, මේ බික්සඟුන් කෙරෙහි මෙවන් අශුභභාවනානුයොගී මහණහුදු වෙති. මහණෙනි, මේ බික්සඟුන් කෙරෙහි අනිත්‍යසංඥා භාවනානුයෝගයෙහි යෙදී වසන සඟහු ඇත. මහණෙනි, මේ බික්සඟුන් කෙරෙහි මෙවන් අනිත්‍යභාවනානු යොගී මහණහුදු වෙත්.
Pali BJTසන්ති භික්ඛවෙ, භික්ඛූ ඉමස්මිං භික්ඛුසඞ්ඝෙ ආනාපානසති{1} භාවනානුයොගමනුයුත්තා විහරන්ති. ආනාපානසති භික්ඛවෙ, භාවිතා බහුලීකතා මහප්ඵලා හොති මහානිසංසා. ආනාපානසති භික්ඛවෙ, භාවිතා බහුලීකතා චත්තාරො සතිපට්ඨානෙ පරිපූරෙති.{2} චත්තාරො සතිපට්ඨානා භාවිතා බහුලීකතා සත්ත බොජ්ඣඞ්ගෙ පරිපූරෙන්ති. සත්ත බොජ්ඣඞ්ගා භාවිතා බහුලීකතා විජ්ජාවිමුත්තිං පරිපූරෙන්ති.
Sinhala BJTමහණෙනි, මේ බික්සඟුන් කෙරෙහි ආනාපන්සී භාවනානුයෝගයෙහි යෙදී වසන මහණහු ඇත. මහණෙනි, භාවිත බහුලීකෘත ආනාපන්සී භාවනා මහත්ඵල මහානිශංස වෙයි. මහණෙනි, භාවිත බහුලීකෘත ආනාපන්සී සතර සීවටන් සපුරාලයි. භාවිත බහුලීකෘත සතර සීවටන්හු සප්තබෝධ්‍යඞ්යන් සපුරාලති. භාවිත බහුලීකෘත සප්ත බෝධ්‍යඞ්ගයෝ විද්‍යාවිමුක්ති සපුරලත්.
Pali BJTකථං භාවිතා ච භික්ඛවෙ, ආනාපානසති කථං බහුලීකතා මහප්ඵලා{3} හොති මහානිසංසා. ඉධ භික්ඛවෙ, භික්ඛු අරඤ්ඤගතො වා රුක්ඛමූලගතො වා සුඤ්ඤාගාරගතො වා නිසීදති පල්ලඞ්කං ආභුජිත්වා උජුං කායං පණිධාය පරිමුඛං සතිං උපට්ඨපෙත්වා. සො සතොව අස්සසති සතො{4} පස්සසති.
Sinhala BJTමහණෙනි, කිසෙයින් භාවිත කිසෙයින් බහුලීකෘත අනාපන්සී මහත්ඵල මහානිශංස වේය යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ අරණ්‍යගත වේවයි වෘක්‍ෂමූලගත වේවයි ශුන්‍යාගාරගත වේවයි පලක් බැඳ කය ඍජු කොට තබා සිහිය කමටහන් අභිමුඛ කොට එළවා හිඳී. හේ සිහි ඇති ව ම ආශ්වාස කෙරෙයි, සිහි ඇති ව ප්‍රාශ්වාස කෙරෙයි.
Pali BJTදීඝං වා අස්සසන්තො දීඝං අස්සසාමීති පජානාති. දීඝං වා පස්සසන්තො දීඝං පස්සසාමීති පජානාති. රස්සං වා අස්සසන්තො රස්සං අස්සසාමීති පජානාති. රස්සං වා පස්සසන්තො රස්සං පස්සසාමීති පජානාති. සබ්බකායපටිසංවෙදී අස්සසිස්සාමීති සික්ඛති. සබ්බකායපටිසංවෙදී පස්සසිස්සාමීති සික්ඛති. පස්සම්භයං කායසඞ්ඛාරං අස්සසිස්සාමීති සික්ඛති. පස්සම්භයං කායසඞ්ඛාරං පස්සසිස්සාමීති සික්ඛති.
Sinhala BJTදීර්‍ඝ කොට හෝ ආශ්වාස කරනුයේ ‘දීර්‍ඝ කොට අසස් කරමී’ නුවණින් දනී. දීර්‍ඝ කොට හෝ ප්‍රශ්වාස කරනුයේ ‘දීර්‍ඝ කොට පසස් කරමී’ නුවණින් දනී. හ්‍රස්ව කොට හෝ ආශ්වාස කරනුයේ හ්‍රස්ව කොට අසස් කරමී’ නුවණින් දනී. හ්‍රස්ව කොට හෝ ප්‍රශ්වාස කරනුයේ හ්‍රස්ව කොට පසස් කරමී’ නුවණින් දනී. සර්‍වකායප්‍රතිසංවේදී ව අසස් කරමී හික්මෙයි. සර්‍වකායප්‍රතිසංවේදී ව පසස් කරමී’ හික්මෙයි. කායසංස්කාර සන්හිඳුවමින් අසස් කරමී හික්මෙයි. කායසංස්කාර සන්හිඳුවමින් පසස් කරමී හික්මෙයි.
Pali BJTපීතිපටිසංවෙදී අස්සසිස්සාමීති සික්ඛති. පීතිපටිසංවෙදී පස්සසිස්සාමීති සික්ඛති. සුඛපටිසංවෙදී අස්සසිස්සාමීති සික්ඛති. සුඛපටිසංවෙදී පස්සසිස්සාමීති සික්ඛති. චිත්තසඞ්ඛාරපටිසංවෙදී අස්සසිස්සාමීති සික්ඛති. චිත්තසඞ්ඛාරපටිසංවෙදී පස්සසිස්සාමීති සික්ඛති. පස්සම්භයං චිත්තසඞ්ඛාරං අස්සසිස්සාමීති සික්ඛති. පස්සම්භයං චිත්තසඞ්ඛාරං පස්සසිස්සාමීති සික්ඛති. චිත්තපටිසංවෙදී අස්සසිස්සාමීති සික්ඛති. චිත්තපටිසංවෙදී පස්සසිස්සාමීති සික්ඛති. අභිප්පමොදයං චිත්තං අස්සසිස්සාමීති සික්ඛති. අභිප්පමොදයං චිත්තං පස්සසිස්සාමීති සික්ඛති. සමාදහං චිත්තං අස්සසිස්සාමීති සික්ඛති. සමාදහං චිත්තං පස්සසිස්සාමීති සික්ඛති. විමොචයං චිත්තං අස්සසිස්සාමීති සික්ඛති. විමොචයං චිත්තං පස්සසිස්සාමීති සික්ඛති.
Sinhala BJTප්‍රීති ප්‍රතිසංවේදී ව ආශ්වාස කරමී හික්මෙයි. ප්‍රීති ප්‍රතිසංවේදී ව ප්‍රාශ්වාස කරමී හික්මෙයි. සුඛ ප්‍රතිසංවේදී ව අසස් කරමී’ හික්මෙයි. සුඛ ප්‍රතිසංවේදී ව පසස් කරමී, හික්මෙයි. චිත්තසංස්කාර ප්‍රතිසංවේදී ව අසස් කරමී හික්මෙයි. චිත්තසංස්කාර ප්‍රතිසංවේදී ව පසස් කරමී හික්මෙයි. චිත්තසංස්කාර සන්හිඳුවමින් අසස් කරමී හික්මෙයි. චිත්තසංස්කාර සන්හිඳුවමින් පසස් කරමී හික්මෙයි. චිත්තප්‍රතිසංවේදී ව අසස් කරමී හික්මෙයි. චිත්තප්‍රතිසංවේදී ව පසස් කරමී හික්මෙයි. චිත්තය වෙසෙසින් ප්‍රමෝද කරමින් අසස් කරමී හික්මෙයි. චිත්තය වෙසෙසින් ප්‍රමෝද කරමින් පසස් කරමී හික්මෙයි. චිත්තය සමාධාන කරමින් අසස් කරමී’ හික්මෙයි. චිත්තය සමාධාන කරමින් කරමින් පසස් කරමී’ හික්මෙයි. චිත්තය වීමුඤ්චන කරමින් අසස් කරමී’ හික්මෙයි. චිත්තය වීමුඤ්චන කරමින් පසස් කරමී’ හික්මෙයි.
Pali BJTඅනිච්චානුපස්සී අස්සසිස්සාමීති සික්ඛති. අනිච්චානුපස්සී පස්සසිස්සාමීති සික්ඛති. විරාගානුපස්සී අස්සසිස්සාමීති සික්ඛති. විරාගානුපස්සී පස්සසිස්සාමීති සික්ඛති. නිරොධානුපස්සී අස්සසිස්සාමීති සික්ඛති. නිරොධානුපස්සී පස්සසිස්සාමීති සික්ඛති. පටිනිස්සග්ගානුපස්සී අස්සසිස්සාමීති සික්ඛති. පටිනිස්සග්ගානුපස්සී පස්සසිස්සාමීති සික්ඛති. එවං භාවිතා ඛො භික්ඛවෙ, ආනාපානසති{1} එවං බහුලීකතා මහප්ඵලා හොති මහානිසංසා.
Sinhala BJTඅනිත්‍ය නුවණින් දක්නෙම් අසස් කරමී හික්මෙයි. අනිත්‍ය නුවණින් දක්නෙම් පසස් කරමී හික්මෙයි. විරාගය අනුව නුවණින් අසස් කරමී හික්මෙයි. විරාගය අනුව නුවණින් දක්නෙම් පසස් කරමී හික්මෙයි. නිරෝධය නුවණින් දක්නෙම් අසස් කරමී හික්මෙයි. නිරෝධය නුවණින් දක්නෙම් පසස් කරමී හික්මෙයි. පටිනිස්සජනය නුවණින් දක්නෙම් අසස් කරමී හික්මෙයි. පටිනිස්සජනය නුවණින් දක්නෙම් පසස් කරමී හික්මෙයි. මහණෙනි, මෙසේ භාවිත බහුලීකෘත වූ ආනාපන්සී භාවනාව මහත් ඵල මහානිශංස වෙයි.
Pali BJTකථං භාවිතා ච භික්ඛවෙ, ආනාපානසති{1} කථං බහුලීකතා චත්තාරො සතිපට්ඨානෙ පරිපූරෙති: යස්මිං සමයෙ භික්ඛවෙ, භික්ඛු දීඝං වා අස්සසන්තො දීඝං අස්සසාමීති පජානාති. දීඝං වා පස්සසන්තො දීඝං පස්සසාමීති පජානාති. රස්සං වා අස්සසන්තො රස්සං අස්සසාමීති පජානාති. රස්සං වා පස්සසන්තො රස්සං පස්සසාමීති පජානාති. සබ්බකායපටිසංවෙදී අස්සසිස්සාමීති සික්ඛති. සබ්බකායපටිසංවෙදී පස්සසිස්සාමීති සික්ඛති. පස්සම්භයං කායසඞ්ඛාරං අස්සසිස්සාමීති සික්ඛති. පස්සම්භයං කායසඞ්ඛාරං පස්සසිස්සාමීති සික්ඛති. කායෙ කායානුපස්සී භික්ඛවෙ, තස්මිං සමයෙ භික්ඛු විහරති ආතාපී සම්පජානො සතිමා විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං. කායෙසු කායඤ්ඤතරාහං භික්ඛවෙ, එවං වදාමි: යදිදං අස්සාසපස්සාසා. තස්මාතිහ භික්ඛවෙ, කායෙ කායානුපස්සී තස්මිං සමයෙ භික්ඛු විහරති ආතාපී සම්පජානො සතිමා විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං.
Sinhala BJTතවද මහණෙනි, කිසෙයින් භාවිත කිසෙයින් බහුලීකෘත ආනාපන්සී සතර සීවටන් පරිපූර්‍ණ කෙරෙයි යත්: මහණෙනි, යම් කලෙක මහණ දීර්‍ඝ කොට හෝ අසස් කරනුයේ ‘දීර්‍ඝ කොට අසස් කරමී’ දැනගනීද, දීර්‍ඝ කොට හෝ පසස් කරනුයේ ‘දීර්‍ඝ කොට පසස් කරමී’ දැනගනීද, හ්‍රස්ව කොට හෝ අසස් කරනුයේ ‘හ්‍රස්ව කොට අසස් කරමී’ දැනගනීද, හ්‍රස්ව කොට හෝ පසස් කරනුයේ ‘හ්‍රස්ව කොට පසස් කරමී’ දැනගනීද, ‘සර්‍වකාය ප්‍රතිසංවේදී ව ආශ්වාස කරන්නෙමී’ හික්මේ ද, ‘සර්‍වකාය ප්‍රතිසංවේදී ව ප්‍රාශ්වාස කරන්නෙමී’ හික්මේ ද, ‘කායසංස්කාර සන්හිඳුවමින් ආශ්වාස කරන්නෙමී’ හික්මේ ද, ‘කායසංස්කාර සන්හිඳුවමින් ප්‍රාශ්වාස කරන්නෙමී’ හික්මේ ද, මහණෙනි, එසමයෙහි මහණ කයෙහි කායානුදර්ශී ව කෙලෙස් තවන වැර ඇති ව සම්‍යක්ප්‍රඥා ඇති ව ස්මෘතිමත් ව කායසඞ්ඛ්‍යාත ලෝකයෙහි අභිධ්‍යා දෞර්‍මනස්‍යය දුරු කොට වෙසෙයි. මහණෙනි, යම් ආශ්වාස ප්‍රාශ්වාස කෙනෙක් ඇද්ද, එය පෘථිව්‍යාදී චතුර්විධ කායයන් කෙරෙහි කායාන්‍යතරයක් කොට මම මෙසේ කියමි. මහණෙනි, එහෙයින් මෙහි ලා එසමයෙහි මහණ කයෙහි කායානුදර්ශී ව ආතාපී ව සම්‍යක්ප්‍රඥා ඇති ව ස්මෘතිමත් ව කායලෝකයෙහි අභිධ්‍යා දෞර්‍මනස්‍යය දුරු කොට වාසය කෙරෙයි.
Pali BJTයස්මිං සමයෙ භික්ඛවෙ, භික්ඛු පීතිපටිසංවෙදී අස්සසිස්සාමීති සික්ඛති. පීතිපටිසංවෙදී පස්සසිස්සාමීති සික්ඛති. සුඛපටිසංවෙදී අස්සසිස්සාමීති සික්ඛති. සුඛපටිසංවෙදී පස්සසිස්සාමීති සික්ඛති. චිත්තසඞ්ඛාරපටිසංවෙදී අස්සසිස්සාමීති සික්ඛති. චිත්තසඞ්ඛාරපටිසංවෙදී පස්සසිස්සාමීති සික්ඛති. පස්සම්භයං චිත්තසඞ්ඛාරං අස්සසිස්සාමීති සික්ඛති. පස්සම්භයං චිත්තසඞ්ඛාරං පස්සසිස්සාමීති සික්ඛති. වෙදනාසු වෙදනානුපස්සී භික්ඛවෙ, තස්මිං සමයෙ භික්ඛු විහරති ආතාපී සම්පජානො සතිමා විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං. වෙදනාසු වෙදනාඤ්ඤතරාහං භික්ඛවෙ, එවං වදාමි: යදිදං අස්සාසපස්සාසානං සාධුකං මනසිකාරං. තස්මාතිහ භික්ඛවෙ, වෙදනාසු වෙදනානුපස්සී තස්මිං සමයෙ භික්ඛු විහරති ආතාපී සම්පජානො සතිමා විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං.
Sinhala BJTමහණෙනි, යම් කලෙක මහණ ‘ප්‍රීතිප්‍රතිසංවේදී ව ආශ්වාස කරමී’ හික්මේද, ‘ප්‍රීතිප්‍රතිසංවේදී ව ප්‍රාශ්වාස කරමී’ හික්මේද, ‘සුඛප්‍රතිසංවේදී ව ආශ්වාස කරමී’ හික්මෙයි. ‘ප්‍රීතිප්‍රතිසංවේදී ව ප්‍රාශ්වාස කරමී’ හික්මේද, ‘සුඛප්‍රතිසංවේදීව ප්‍රශ්වාස කරමී’ හික්මේ ද, ‘චිත්තසංස්කාර ප්‍රතිසංවේදී ව ආශ්වාස කරමී’ හික්මේද, ‘චිත්තසංස්කාර ප්‍රතිසංවේදී ව ප්‍රාශ්වාස කරමී’ හික්මේද, ‘චිත්තසංස්කාර සන්හිඳුවමින් ආශ්වාස කරමී’ හික්මේද, ‘චිත්තසංස්කාර සන්හිඳුවමින් ප්‍රාශ්වාස කරමී’ හික්මේද, මහණෙනි, එසමයෙහි මහණ වේදනායෙහි වේදනා නුවණින් දක්නේ කෙලෙස් තවන වැර ඇති ව සම්ප්‍රඥාන ඇති ව ස්මෘතිමත් ව ස්කන්‍ධ සංඛ්‍යාත ලෝකයෙහි අභිධ්‍යා දෞර්‍මනස්‍ය දුරු කොට වාසය කෙරෙයි. යම් ආශ්වාස ප්‍රාශ්වාසයන් පිළිබඳ සුන්‍දර මනසිකාරයෙක් වේ ද, මම මෙසේ වේදනාවන් කෙරෙහි එය අන්‍යතරයෙකි’යි කියමි. මහණෙනි, එහෙයින් එසමයෙහි මහණ වේදනායෙහි වේදනා නුවණින් දක්නේ කෙලෙස් තවන වැර ඇති ව සම්ප්‍රඥාන ඇති ව ස්මෘතිමත් ව ස්කන්‍ධ ලෝකයෙහි අභිධ්‍යා දෞර්‍මනස්‍ය දුරු කොට වාස කරන්නේ වෙයි.
Pali BJTයස්මිං සමයෙ භික්ඛවෙ, භික්ඛු චිත්තපටිසංවෙදී අස්සසිස්සාමීති සික්ඛති. චිත්තපටිසංවෙදී පස්සසිස්සාමීති සික්ඛති. අභිප්පමොදයං චිත්තං අස්සසිස්සාමීති සික්ඛති. අභිප්පමොදයං චිත්තං පස්සසිස්සාමීති සික්ඛති. සමාදහං චිත්තං අස්සසිස්සාමීති සික්ඛති. සමාදහං චිත්තං පස්සසිස්සාමීති සික්ඛති. විමොචයං චිත්තං අස්සසිස්සාමීති සික්ඛති. විමොචයං චිත්තං පස්සසිස්සාමීති සික්ඛති. චිත්තෙ චිත්තානුපස්සී භික්ඛවෙ, තස්මිං සමයෙ භික්ඛු විහරති ආතාපී සම්පජානො සතිමා විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං. නාහං භික්ඛවෙ, මුට්ඨස්සතිස්ස අසම්පජානස්ස ආනාපානසතිභාවනං වදාමි. තස්මාතිහ භික්ඛවෙ, චිත්තෙ චිත්තානුපස්සී තස්මිං සමයෙ භික්ඛු විහරති ආතාපී සම්පජානො සතිමා විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං.
Sinhala BJTමහණෙනි, යම් කලෙක මහණ ‘චිත්තප්‍රතිසංවේදී ව ආශ්වාස කෙරෙමී’ හික්මේද, ‘චිත්තප්‍රතිසංවේදී ව ප්‍රාශ්වාස කෙරෙමී’ හික්මේද, ‘චිත්තය ප්‍රමෝද කරමින් ආශ්වාස කරමී’ හික්මේද, ‘චිත්තය ප්‍රමෝද කරමින් ප්‍රාශ්වාස කරමී’ හික්මේද, ‘චිත්තය සමාධාන කරමින් ආශ්වාස කරමී’ හික්මේද, ‘චිත්තය සමාධාන කරමින් කරමින් ප්‍රාශ්වාස කරමී’ හික්මේද, ‘චිත්තය විමුඤ්චන කරමින් ආශ්වාස කරමී’ හික්මේද, ‘චිත්තය විමුඤ්චන කරමින් ප්‍රාශ්වාස කරමී’ හික්මේද, මහණෙනි, එසමයෙහි මහණ චිත්තයෙහි චිත්තය නුවණින් දක්නේ කෙලෙස් තවන වැර ඇති ව සම්ප්‍රඥාන ඇති ව ස්මෘතිමත් ව ස්කන්‍ධ ලෝකයෙහි අභිධ්‍යාදෞර්‍මනස්‍ය පහා වාස කෙරෙයි. මහණෙනි, මම මුෂිත ස්මෘති ඇති සම්ප්‍රඥාන නැතියහුට අනාපන්සී භවුන් නො වදාරමි. මහණෙනි, එහෙයින් එසමයෙහි මහණ චිත්තයෙහි චිත්තය නුවණින් දක්නේ ආතාප ඇති වැ සම්ප්‍රඥාන ඇති ව ස්මෘති ඇති වැ ස්කන්‍ධලෝකයෙහි අභිධ්‍යාදෞර්‍මනස්‍ය පහා වාස කරන්නේ වෙයි.
Pali BJTයස්මිං සමයෙ භික්ඛවෙ, භික්ඛු අනිච්චානුපස්සී අස්සසිස්සාමීති සික්ඛති, අනිච්චානුපස්සී පස්සසිස්සාමීති සික්ඛති. විරාගානුපස්සී අස්සසිස්සාමීති සික්ඛති, විරාගානුපස්සී පස්සසිස්සාමීති සික්ඛති. නිරොධානුපස්සී අස්සසිස්සාමීති සික්ඛති, නිරොධානුපස්සී පස්සසිස්සාමීති සික්ඛති. පටිනිස්සග්ගානුපස්සී අස්සසිස්සාමීති සික්ඛති, පටිනිස්සග්ගානුපස්සී පස්සසිස්සාමීති සික්ඛති. ධම්මෙසු ධම්මානුපස්සී භික්ඛවෙ, තස්මිං සමයෙ භික්ඛු විහරති ආතාපී සම්පජානො සතිමා විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං. සො යං තං අභිජ්ඣාදොමනස්සානං පහානං තං පඤ්ඤාය දිස්වා සාධුකං අජ්ඣුපෙක්ඛිතා හොති. තස්මාතිහ භික්ඛවෙ, ධම්මෙසු ධම්මානුපස්සී තස්මිං සමයෙ භික්ඛු විහරති ආතාපී සම්පජානො සතිමා විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං. එවං භාවිතා ඛො භික්ඛවෙ, ආනාපානසති එවං බහුලීකතා චත්තාරො සතිපට්ඨානෙ පරිපූරෙති.
Sinhala BJTමහණෙනි, යම් කලෙක මහණ අනිත්‍යානුදර්ශී වූයේ ආශ්වාස කෙරෙමී හික්මේද, අනිත්‍යානුදර්ශී වූයේ ප්‍රාශ්වාස කෙරෙමී හික්මේද, විරාගය නුවණින් දක්නේ ආශ්වාස කෙරෙමී හික්මේද, විරාගය නුවණින් දක්නේ ප්‍රාශ්වාස කෙරෙමී හික්මේද, නිරෝධය නුවණින් දක්නේ ආශ්වාස කෙරෙමී හික්මේද, නිරෝධය නුවණින් දක්නෙම් ප්‍රාශ්වාස කෙරෙමී හික්මේද, පටිනිස්සජනය නුවණින් දක්නේ ආශ්වාස කෙරෙමී හික්මේද, පටිනිස්සජනය නුවණින් දක්නේ ප්‍රාශ්වාස කෙරෙමී හික්මේද, මහණෙනි, එසමයෙහි මහණ ධර්‍මයෙහි ධර්‍මය නුවණින් දක්නේ කෙලෙස් තවන වැර ඇති ව සම්ප්‍රඥාන ඇති ව ස්මෘති ඇති ව ස්කන්‍ධ ලෝකයෙහි අභිධ්‍යාදෞර්‍මනස්‍ය පහා වාස කෙරෙයි. හේ අභිධ්‍යා දෞර්‍මනස්‍යයන් පිළිබඳ යම් ඒ ප්‍රහාණයෙක් වේ ද, ඒ ප්‍රඥායෙන් දැක මනා කොට එහි ආලම්බනඅධ්‍යූපේක්‍ෂායෙන් උපෙක්‍ෂණ කරනුයේ වෙයි. මහණෙනි, එහෙයින් එසමයෙහි මහණ ධර්‍මයෙහි ධර්‍මය අනුව නුවණින් දක්නේ කෙලෙස් තවන වැර ඇති ව සම්ප්‍රඥාන ඇති ව ස්මෘති ඇති ව ස්කන්‍ධලෝකයෙහි අභිධ්‍යා දෞර්‍මනස්‍ය දුරු කොට වාස කරනුයේ නම් වෙයි. මහණෙනි, මෙසේ භාවිත බහුලීකෘත අනාපන්සී සතර සීවටන් සපුරනු වේ.
Pali BJTකථං භාවිතා ච භික්ඛවෙ, චත්තාරො සතිපට්ඨානා කථං බහුලීකතා සත්ත බොජ්ඣඞ්ගෙ පරිපූරෙන්ති: යස්මිං සමයෙ භික්ඛවෙ, භික්ඛු කායෙ කායානුපස්සී විහරති ආතාපී සම්පජානො සතිමා විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං. උපට්ඨිතස්ස{1} තස්මිං සමයෙ සති හොති අසම්මුට්ඨා{2}. යස්මිං සමයෙ භික්ඛවෙ, භික්ඛුනො උපට්ඨිතා සති හොති අසම්මුට්ඨා,{2} සතිසම්බොජ්ඣඞ්ගො තස්මිං සමයෙ භික්ඛුනො ආරද්ධො හොති. සතිසම්බොජ්ඣඞ්ගං තස්මිං සමයෙ භික්ඛු භාවෙති. සතිසම්බොජ්ඣඞ්ගො තස්මිං සමයෙ භික්ඛුනො භාවනාපාරිපූරිං ගච්ඡති.
Sinhala BJTමහණෙනි, කෙසේ භාවිත වූ කෙසේ බහුලීකෘත වූ සතර සීවටන්හු සප්ත බෝධ්‍යඞ්ගයන් සපුරාලත් ද යත්: මහණෙනි, යම් කලෙක මහණ කයෙහි කය නුවණින් දක්නේ ආතාප ඇති ව සම්ප්‍රඥාන ඇති ව ස්මෘති ඇති ව ස්කන්‍ධලෝකයෙහි අභිධ්‍යා දෞර්‍මනස්‍ය දුරු කොට වාසය කෙරේ ද, එසමයෙහි ඔහුට ස්මෘතිය එළඹ සිටියා වෙයි, මුෂිත නො වෙයි. මහණෙනි, යම් කලෙක මහණහට ස්මෘතිය එළඹ සිටියා මුෂිත නො වූවා වේ ද, එසමයෙහි මහණහට ස්මෘති සම්බෝධ්‍යඞ්ගය ආරබ්ධ වෙයි. එසමයෙහි ඒ මහණහට ස්මෘති සම්බෝධ්‍යඞ්ගය භාවනායෙන් පරිපූර්‍ණභාවයට යෙයි.
Pali BJTසො තථා සතො විහරන්තො තං ධම්මං පඤ්ඤාය පවිචිනති, පවිචයති, පරිවීමංසං ආපජ්ජති. යස්මිං සමයෙ භික්ඛවෙ, භික්ඛු තථා සතො විහරන්තො තං ධම්මං පඤ්ඤාය පවිචිනති, පවිචයති,{3} පරිවීමංසං ආපජ්ජති, ධම්මවිචයසම්බොජ්ඣඞ්ගො තස්මිං සමයෙ භික්ඛුනො ආරද්ධො හොති. ධම්මවිචයසම්බොජ්ඣඞ්ගං තස්මිං සමයෙ භික්ඛු භාවෙති. ධම්මවිචයසම්බොජ්ඣඞ්ගො තස්මිං සමයෙ භික්ඛුනො භාවනාපාරිපූරිං ගච්ඡති.
Sinhala BJTඒ මහණ එසේ ස්මෘතිමත් ව වසනුයේ ඒ දහම ප්‍රඥායෙන් (අනිත්‍යාදි වශයෙන්) විචින්වන කෙරෙයි, ප්‍රවිචය කෙරෙයි, ප්‍රකර්‍ෂ මීමාංසාවට එළඹෙයි. මහණෙනි, යම් කලෙක මහණ එසේ ස්මෘතිමත් ව වසනුයේ ඒ දහම ප්‍රඥායෙන් විචින්වන කෙරේද, ප්‍රවිචය කෙරේද, මීමාංසාවට එළඹේ ද, එසමයෙහි ඒ මහණහට ධර්‍මවිචය සම්බෝධ්‍යඞ්ගය ආරබ්ධ වෙයි. එසමයෙහි ඒ මහණ ධර්‍මවිචය සම්බෝධ්‍යඞ්ගය භවයි. එසමයෙහි ඒ මහණහට ධර්‍මවිචය සම්බෝධ්‍යඞ්ගය භාවනායෙන් පරිපූර්‍ණභාවයට යෙයි.
Pali BJTතස්ස තං ධම්මං පඤ්ඤාය පවිචිනතො පවිචයතො පරිවීමංසං ආපජ්ජතො ආරද්ධං හොති විරියං අසල්ලීනං. යස්මිං සමයෙ භික්ඛවෙ, භික්ඛුනො තං ධම්මං පඤ්ඤාය පවිචිනතො පවිචයතො{4} පරිවීමංසං ආපජ්ජතො ආරද්ධං හොති විරියං අසල්ලීනං, විරියසම්බොජ්ඣඞ්ගො තස්මිං සමයෙ භික්ඛුනො ආරද්ධො හොති. විරියසම්බොජ්ඣඞ්ගං තස්මිං සමයෙ භික්ඛු භාවෙති. විරියසම්බොජ්ඣඞ්ගො තස්මිං සමයෙ භික්ඛුනො භාවනාපාරිපූරිං ගච්ඡති.
Sinhala BJTඒ දහම ප්‍රඥායෙන් ප්‍රවිචින්වන කරන ප්‍රවිචය කරන පරිවිමාංසාවට පැමිණෙන ඒ මහණ හට අසංලීන වීර්‍ය්‍යය ආරබ්ධ වෙයි. මහණෙනි, යම් කලෙක ඒ දහම ප්‍රඥායෙන් ප්‍රවිචින්වන ප්‍රවිචය කරන විමසීමට පැමිණෙන ඒ මහණහට අසංලීන වීර්‍ය්‍යය ආරබ්ධ වේ ද, එසමයෙහි ඒ මහණහු විසින් වීර්‍ය්‍ය සම්බෝධ්‍යඞ්ගය පටන්ගන්නා ලද වෙයි. එසමයෙහි ඒ මහණ වීර්‍ය්‍ය සම්බෝධ්‍යඞ්ගය භවයි. එසමයෙහි ඒ මහණහට වීර්‍ය්‍ය සම්බෝධ්‍යඞ්ගය භාවනායෙන් පරිපූර්‍ණභාවයට යෙයි.
Pali BJTආරද්ධවිරියස්ස උප්පජ්ජති පීති නිරාමිසා. යස්මිං සමයෙ භික්ඛවෙ, භික්ඛුනො ආරද්ධවිරියස්ස උප්පජ්ජති පීතිනිරාමිසා, පීතිසම්බොජ්ඣඞ්ගො තස්මිං සමයෙ භික්ඛුනො ආරද්ධො හොති. පීතිසම්බොජ්ඣඞ්ගං තස්මිං සමයෙ භික්ඛු භාවෙති. පීතිසම්බොජ්ඣඞ්ගො තස්මිං සමයෙ භික්ඛුනො භාවනාපාරිපූරිං ගච්ඡති.
Sinhala BJTරුකුළු වැර ඇති ඒ මහණහට නිරාමිස ප්‍රීති උපදී. මහණෙනි, යම් කලෙක රුකුළු වැර ඇති ඒ මහණහට නිරාමිස ප්‍රීති උපදී ද, එසමයෙහි ඒ මහණහට ප්‍රීති සම්බෝධ්‍යඞ්ග ආරබ්ධ වෙයි. එසමයෙහි ඒ මහණ ප්‍රීති සම්බෝධ්‍යඞ්ග වඩයි. එසමයෙහි ඒ මහණහු ගේ ප්‍රීති සම්බෝධ්‍යඞ්ගය භාවනායෙන් පරිපූර්‍ණභාවයට යෙයි.
Pali BJTපීතිමනස්ස කායොපි පස්සම්භති. චිත්තම්පි පස්සම්භති. යස්මිං සමයෙ භික්ඛවෙ, භික්ඛුනො පීතිමනස්ස කායොපි පස්සම්භති, චිත්තම්පි පස්සම්භති, පස්සද්ධිසම්බොජ්ඣඞ්ගො තස්මිං සමයෙ භික්ඛුනො ආරද්ධො හොති. පස්සද්ධිසම්බොජ්ඣඞ්ගං තස්මිං සමයෙ භික්ඛු භාවෙති. පස්සද්ධිසම්බොජ්ඣඞ්ගො තස්මිං සමයෙ භික්ඛුනො භාවනාපාරිපූරිං ගච්ඡති.
Sinhala BJTප්‍රීති සිත් ඇති ඒ මහණහු ගේ නාමකය ද සන්හිඳෙයි, සිතද සන්හිඳෙයි. මහණෙනි, යම් කලෙක ප්‍රීති සිත් ඇති ඒ මහණහුගේ නාමකයත් සන්හිඳේද, සිතත් සන්හිඳේද, එසමයෙහි ඒ මහණහු විසින් ප්‍රශ්‍රබ්ධි සම්බෝධ්‍යඞ්ගය ආරබ්ධ වෙයි. එසමයෙහි ඒ මහණ ප්‍රශ්‍රබ්ධි සම්බෝධ්‍යඞ්ගය වඩයි. එසමයෙහි ඒ මහණහට ප්‍රශ්‍රබ්ධි සම්බෝධ්‍යඞ්ගය භාවනායෙන් පරිපූර්‍ණභාවයට යෙයි.