Majjhima Nikāya

Middle-Length Discourses

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

Showing entries 401-500 of 6395

SegmentPali BJTSinhala BJT
Pali BJTසම්මාදිට්ඨිසුත්තං නවමං.
Sinhala BJTසම්මාදිට්ඨි සූත්‍රය නවවැනි යි.
Pali BJT[භාණකථෙරානං උද්දානගාථා:]
Sinhala BJT[භාණකතෙරුන්ගේ උද්දානගාථා:]
Pali BJTදුක්ඛං ජරාමරණං උපාදානං සළායතනං නාමරූපං විඤ්ඤාණං ඡපදෙ ‘කතමං පනාවුසො’වදානකෙ.
Sinhala BJTදුක්ඛං, ජරාමරණං, උපාදානං, සළායතනං, නාමරූපං, විඤ්ඤාණං යන සපදයෙහි ‘කතමං පනාවුසො’යී පවසන වචනය වෙයි.
Pali BJTජාති තණ්හා ච වෙදනා අවිජ්ජාතො චතුක්කමො යා චත්තාරිපදෙ ‘කතමා පනාවුසො’වදානකෙ.
Sinhala BJTජාති, තණ්හා, වේදනා, අවිජ්ජා, විසින් චතුෂ්ක්‍රම වූ සිවුපදයෙහි ‘කතමා පනාවුසො’යී පවසන වචනය වෙයි.
Pali BJTආහාරො ච භවො ඵස්සො සඞ්ඛාරො ආසවපඤ්චමො යො පඤ්චපදෙ ‘කතමො, පනාවුසො’වදානකෙ.
Sinhala BJTආහාරො, භවෝ, ඵස්සෝ, සඞ්ඛාරො, පස්වන ආසවො යන පදපසෙහි ‘කතමෝ පනාවුසො’යි පවසන වචනය වෙයි.
Pali BJTකතමන්ති ඡබ්බිධං වුත්තං කතමානි චතුබ්බිධා කතමො පඤ්චවිධො වුත්තො සබ්බසඞ්ඛානං{1} පඤ්චදස පදානි චාති
Sinhala BJT‘කතමං’ යි කියූ පද සවැදෑරුම් ය. ‘කතමා’යි කියූ පද සිවු වැදෑරුම් ය. ‘කතමෝ’ යි කියූ පද පස්වැදෑරුම් ය. සියලු සඞ්ඛාවන්ගේ පදයෝ පසළොස් දෙනෙකි.
Pali BJT1. 1. 10.
Sinhala BJT1. 1. 10.
Pali BJTසතිපට්ඨානසුත්තං
Sinhala BJTසතිපට්ඨාන සූත්‍රය
Pali BJT1. එවං මෙ සුතං: එකං සමයං භගවා කුරූසු විහරති කම්මාස්සදම්මං නාම කුරූනං නිගමො. තත්ර ඛො භගවා භික්ඛූ ආමන්තෙසි: භික්ඛවොති. භදන්තෙති තෙ භික්ඛූ භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච:
Sinhala BJT1. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක භාග්‍යවතුන් වහන්සේ කුරු ජනපදයෙහි කල්මාෂදම්‍ය නම් වූ කුරුරැටියන්ගේ නියම් ගම්හි වැඩ වසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි භික්‍ෂූන් ඇමතූ සේක. ‘පින්වතුන් වහන්සැ’යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක:
Pali BJT2. එකායනො අයං භික්ඛවෙ මග්ගො සත්තානං විසුද්ධියා සොකපරිද්දවානං සමතික්කමාය දුක්ඛදොමනස්සානං අත්ථගමාය ඤායස්ස අධිගමාය නිබ්බානස්ස සච්ඡිකිරියාය - යදිදං චත්තාරො සතිපට්ඨානා. කතමෙ චත්තාරො?
Sinhala BJT2. මහණෙනි, සත්‍වයන්ගේ පිරිසිදු බව පිණිස ශෝකපරිදේවයන්ගේ ඉක්මවීම පිණිස දුක් දොම්නස් නැති කිරීම පිණිස ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගිකමාර්‍ගයට පැමිණීම පිණිස, නිවන් සාක්‍ෂාත් කිරීම පිණිස මේ ඒකායනමාර්‍ගයෙක් වෙයි. එනම් සතර සතිපට්ඨානයෝ යි. කවර සතරෙක යත්:
Pali BJTඉධ භික්ඛවෙ භික්ඛු කායෙ කායානුපස්සී විහරති ආතාපී සම්පජානො සතිමා විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං. වෙදනාසු වෙදනානුපස්සී විහරති ආතාපී සම්පජානො සතිමා විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං. චිත්තෙ චිත්තානුපස්සී විහරති ආතාපී සම්පජානො සතිමා විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං. ධම්මෙසු ධම්මානුපස්සී විහරති ආතාපී සම්පජානො සතිමා විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං.
Sinhala BJTමහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙමේ (1) කෙලෙස් තවන වැර ඇතිව සම්‍යක් ප්‍රඥා ඇති ව, සිහි ඇති ව කායසඞ්ඛ්‍යාතලෝකයෙහි අභිධ්‍යාව හා දෞර්‍මනස්‍ය සන්සිඳුවා ගෙන රූපකයෙහි කය නුවණින් බලන සුලු ව වාසය කෙරේ. (2) කෙලෙස් තවන වැර ඇති ව සම්‍යක් ප්‍රඥා ඇති ව සිහි ඇති ව වේදනාසඞ්ඛ්‍යාතලෝකයෙහි අභිධ්‍යාව හා දෞර්‍මනස්‍ය සන්සිඳුවා ගෙන වේදනාවන්හි වේදනාව නුවණින් බලන සුලු ව වාසය කෙරේ. (3) කෙලෙස් තවන වැර ඇතිව සම්‍යක් ප්‍රඥා ඇති ව සිහි ඇති ව චිත්තසඞ්ඛ්‍යාත ලෝකයෙහි අභිධ්‍යාව හා දෞර්‍මනස්‍ය සන්සිඳුවා ගෙන සිතෙහි සිත නුවණින් බලන සුලුව වාසය කෙරේ. (4) කෙලෙස් තවන වැර ඇතිව සම්‍යක් ප්‍රඥා ඇති ව සිහි ඇති ව ධර්‍මසඞ්ඛ්‍යාතලෝකයෙහි අභිධ්‍යාව හා දෞර්‍මනස්‍ය සන්සිඳුවා ගෙන ධර්‍මයෙහි ධර්‍මය නුවණින් බලන සුලුව වාසය කෙරේ (යනු යි).
Pali BJT[උද්දෙසවාරො.]
Sinhala BJT[උද්දේසවාරය නිමියේ ය.]
Pali BJT(1. කායානුපස්සනාසතිපට්ඨානං:)
Sinhala BJT(1. කායානුපස්සනාසතිපට්ඨානය:)
Pali BJTකථඤ්ච භික්ඛවෙ භික්ඛු කායෙ කායානුපස්සී විහරති?
Sinhala BJTමහණෙනි, මහණ තෙමේ කෙසේ නම් කයෙහි කය නුවණින් බලන සුලු ව වාසය කෙරේ ද?
Pali BJT1. ඉධ භික්ඛවෙ භික්ඛු අරඤ්ඤගතො වා රුක්ඛමූලගතො වා සුඤ්ඤාගාරගතො වා නිසීදති පල්ලඞ්කං ආභුජිත්වා උජුං කායං පණිධාය පරිමුඛං සතිං උපට්ඨපෙත්වා. සො සතොව අස්සසති, සතො පස්සසති. දීඝං වා අස්සසන්තො දීඝං අස්සසාමීති පජානාති. දීඝං වා පස්සසන්තො දීඝං පස්සසාමීති පජානාති. රස්සං වා අස්සසන්තො රස්සං අස්සසාමීති පජානාති. රස්සං වා පස්සසන්තො රස්සං පස්සසාමීති පජානාති. සබ්බකායපටිසංවෙදී අස්සසිස්සාමීති සික්ඛති. සබ්බකායපටිසංවෙදී පස්සසිස්සාමීති සික්ඛති. පස්සම්භයං කායසඞ්ඛාරං අස්සසිස්සාමීති සික්ඛති. පස්සම්භයං කායසඞ්ඛාරං පස්සසිස්සාමීති සික්ඛති.
Sinhala BJT1. මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම අරණ්‍යයකට ගියේ හෝ රුක්මුලකට ගියේ හෝ ශුන්‍යාගාරයකට ගියේ හෝ පලක් බැඳ ශරීරය ඍජු කොට තබා ගෙන සිහිය කර්‍මස්ථානාභිමුඛ කොට ගෙන හිඳියි. හෙතෙමේ සිහි ඇත්තේ ම ආශ්වාස කරයි. සිහි ඇත්තේ ම ප්‍රශ්වාස කරයි. දීර්‍ඝ කොට ආශ්වාස කරන්නේ දීර්‍ඝ කොට ආශ්වාස කෙරෙමි යි දනියි. දීර්‍ඝ කොට ප්‍රශ්වාස කරන්නේ දීර්‍ඝ කොට ප්‍රශ්වාස කෙරෙමි යි දනියි. හ්‍රස්ව කොට හෝ ආශ්වාස කරන්නේ හ්‍රස්ව කොට ආශ්වාස කෙරෙමි යි දනියි. හ්‍රස්ව කොට ප්‍රශ්වාස කරන්නේ හ්‍රස්ව කොට ප්‍රශ්වාස කෙරෙමි යි දනියි. සියලු ආශ්වාස ප්‍රශ්වාස කය ප්‍රකට කරන්නේ ආශ්වාස කරන්නෙමි යි හික්මෙයි. සියලු ආශ්වාස ප්‍රශ්වාස කය ප්‍රකට කරන්නේ ප්‍රශ්වාස කරන්නෙමි යි හික්මෙයි. (ඖදාරික) ආශ්වාසප්‍රශ්වාස කය සන්හිඳුවමින් ආශ්වාස කරන්නෙමි යි හික්මෙයි. ආශ්වාසප්‍රශ්වාස කය සන්හිඳුවමින් ප්‍රශ්වාස කරන්නෙමි යි හික්මෙයි.
Pali BJTසෙය්යථාපි භික්ඛවෙ දක්ඛො භමකාරො වා භමකාරන්තෙවාසී වා දීඝං වා අඤ්ඡන්තො දීඝං අඤ්ඡාමීති පජානාති, රස්සං වා අඤ්ඡන්තො රස්සං අඤ්ඡාමීති පජානාති, එවමෙව ඛො භික්ඛවෙ භික්ඛු දීඝං වා අස්සසන්තො දීඝං අස්සසාමීති පජානාති, -පෙ- පස්සම්භයං කායසඞ්ඛාරං පස්සසිස්සාමීති සික්ඛති. ඉති අජ්ඣත්තං වා කායෙ කායානුපස්සී විහරති. බහිද්ධා වා කායෙ කායානුපස්සී විහරති. අජ්ඣත්තබහිද්ධා වා කායෙ කායානුපස්සී විහරති. සමුදයධම්මානුපස්සී වා කායස්මිං විහරති. වයධම්මානුපස්සී වා කායස්මිං විහරති. සමුදයවයධම්මානුපස්සී වා කායස්මිං විහරති. අත්ථි කායොති වා පනස්ස සති පච්චුපට්ඨිතා හොති යාවදෙව ඤාණමත්තාය පතිස්සතිමත්තාය. අනිස්සිතො ච විහරති. න ච කිඤ්චි ලොකෙ උපාදියති. එවම්පි භික්ඛවෙ භික්ඛු කායෙ කායානුපස්සී විහරති.
Sinhala BJTමහණෙනි, යම්සේ දක්‍ෂ වූ ලියන වඩුවෙක් හෝ ලියන වඩුවෙකුගේ අතවැස්සෙක් හෝ දීර්‍ඝ කොට අදින්නේ දීර්‍ඝ කොට අදින්නෙමි’යි දැන ගනී ද, හ්‍රස්ව කොට අදින්නෙ හ්‍රස්ව කොට අදින්නෙමි’යි දැන ගනී ද, මහණෙනි, එපරිද්දෙන් ම මහණ තෙම දීර්‍ඝ කොට ආශ්වාස කරන්නේ දීර්‍ඝ කොට ආශ්වාස කෙරෙමි දැන ගනී… ආශ්වාස ප්‍රශ්වාසයන් සන්හිඳුවමින් ප්‍රශ්වාස කරනෙමියි හික්මෙයි. මෙසේ තමාගේ ආශ්වාසප්‍රශ්වාස කයෙහි හෝ කය නුවණින් බලන සුලු ව වාසය කරයි. මෙරමාගේ ආශ්වාසප්‍රශ්වාස කයෙහි හෝ කය නුවණින් බලන සුලු ව වාසය කරයි. තමාගේත් මෙරමාගේත් ආශ්වාසප්‍රශ්වාසකයෙහි හෝ කය නුවණින් බලන සුලු ව වාසය කරයි. ආශ්වාසප්‍රශ්වාසකයෙහි උප්පත්තිය නුවණින් බලන සුලු ව හෝ වාසය කරයි. ආශ්වාසප්‍රශ්වාසකයෙහි විනාශය නුවණින් බලන සුලු ව හෝ වාසය කරයි. ආශ්වාසප්‍රශ්වාසකයෙහි උප්පත්තිය හා විනාශය නුවණින් බලන සුලු ව හෝ වාසය කරයි. ඔහුට ‘ආශ්වාසප්‍රශ්වාසකය පමණක් ඇතැ’යි සිහි එළඹ සිටියේ වෙයි. එය හුදෙක් (මතුමත්තෙහි) නැණ වැඩීම පිණිස සිහි වැඩීම පිණිස වෙයි. තෘෂ්ණාදෘෂ්ටි ඇසුරු නො කළේ වාසය කරයි. ස්කන්‍ධ ලෝකයෙහි රූපාදි කිසිවක් මමය මාගේ ය යි නො ගනියි. මහණෙනි, මෙසේත් මහණ තෙම කයෙහි කය නුවණින් බලන සුලු ව (කමටහන් වඩමින්) වාසය කරයි.
Pali BJT[1. ආනාපානපබ්බං.]
Sinhala BJT[1. ආනාපාන පබ්බ යි.]
Pali BJT2. පුන චපරං භික්ඛවෙ භික්ඛු ගච්ඡන්තො වා ගච්ඡාමීති පජානාති. ඨිතො වා ඨිතොම්හීති පජානාති. නිසින්නො වා නිසින්නොම්හීති පජානාති. සයානො වා සයානොම්හීති පජානාති. යථා යථා වා පනස්ස කායො පණිහිතො හොති තථා තථා නං පජානාති. ඉති අජ්ඣත්තං වා කායෙ කායානුපස්සී විහරති. බහිද්ධා වා කායෙ කායානුපස්සී විහරති. අජ්ඣත්තබහිද්ධා වා කායෙ කායානුපස්සී විහරති. සමුදයධම්මානුපස්සී වා කායස්මිං විහරති. වයධම්මානුපස්සී වා කායස්මිං විහරති. සමුදයවයධම්මානුපස්සී වා කායස්මිං විහරති. අත්ථි කායොති වා පනස්ස සති පච්චුපට්ඨිතා හොති. යාවදෙව ඤාණමත්තාය පතිස්සතිමත්තාය. අනිස්සිතො ච විහරති. න ච කිඤ්චි ලොකෙ උපාදියති. එවම්පි භික්ඛවෙ භික්ඛු කායෙ කායානුපස්සී විහරති.
Sinhala BJT2. තවද මහණෙනි, මහණ තෙමේ යන්නේ හෝ යමි යි සම්‍යක්ප්‍රඥායෙන් දැන ගනියි. සිටියේ හෝ සිටියෙම් වෙමියි දැන ගනියි. හුන්නේ හෝ හුන්නෙම් වෙමියි දැන ගනියි. හෝනේ හෝ හෝනෙම් වෙමියි දැන ගනියි. ඔහුගේ කය යම් යම් සේ පිහිටියේ ද එසේ එසේ එය දැනගනී යි. මෙසේ තමාගේ කයෙහි හෝ කය නුවණින් බලන සුලු ව වාසය කෙරෙයි. අනුන්ගේ කයෙහි හෝ කය නුවණින් බලන සුලු ව වාසය කෙරෙයි. තමාගේ හෝ පරාගේ හෝ කයෙහි කය නුවණින් බලන සුලු ව වාසය කෙරෙයි. කයෙහි හටගැන්ම බලන සුලු ව හෝ වාසය කෙරෙයි. කයෙහි විනාශය නුවණින් බලන සුලු ව හෝ වාසය කෙරෙයි. කයෙහි හටගැන්ම හා විනාශය නුවණින් බලන සුලු ව හෝ වාසය කෙරෙයි. ‘ඉරියවු කය පමණක් ඇතැ’ යි ඔහුගේ සිහිය හුදෙක් ඥානය වැඩීම පිණිස සිහිය වැඩීම පිණිස එළඹ සිටියේ වෙයි. තෘෂ්ණා දෘෂ්ටි ඇසුරු නො කළේ වෙසෙයි. ලෝකයෙහි කිසිවක් මම ය මාගේ යයි නො ගනියි. මහණෙනි, මෙසේත් මහණ තෙම කයෙහි කය නුවණින් බලන සුලු ව වාසය කරයි.
Pali BJT[2. ඉරියාපථපබ්බං.]
Sinhala BJT[2. ඉරියාපථපබ්බ යි.]
Pali BJT3. පුන චපරං භික්ඛවෙ භික්ඛු අභික්කන්තෙ පටික්කන්තෙ සම්පජානකාරී හොති. ආලොකිතෙ විලොකිතෙ සම්පජානකාරී හොති. සම්මිඤ්ජිතෙ පසාරිතෙ සම්පජානකාරී හොති. සඞ්ඝාටිපත්තචීවරධාරණෙ සම්පජානකාරී හොති. අසිතෙ පීතෙ ඛායිතෙ සායිතෙ සම්පජානකාරී හොති. උච්චාරපස්සාවකම්මෙ සම්පජානකාරී හොති. ගතෙ ඨිතෙ නිසින්නෙ සුත්තෙ ජාගරිතෙ භාසිතෙ තුණ්හීභාවෙ සම්පජානකාරී හොති. ඉති අජ්ඣත්තං වා කායෙ කායානුපස්සී -පෙ- එවම්පි භික්ඛවෙ භික්ඛු කායෙ කායානුපස්සී විහරති.
Sinhala BJT3. තවද මහණෙනි, මහණ තෙමේ පෙරට යාමෙහි පෙරළා ඊමෙහි නුවණින් දැන කරන සුලු වෙයි. ඉදිරි බැලීමෙහි අනුදිග් බැලීමෙහි නුවණින් දැන කරන සුලු වෙයි. අත් පා හැකිළීමෙහි අත් පා දිගු කිරීමෙහි නුවණින් දැන කරන සුලු වෙයි. සඟළ, පා, සිවුරු දැරීමෙහි නුවණින් දැන කරන සුලු වෙයි. බිදීමෙහි පීමෙහි කෑමෙහි රස විඳීමෙහි නුවණින් දැන කරන සුලු වෙයි. මලමූ පහකිරීමෙහි නුවණින් දැන කරන සුලු වෙයි. යාමෙහි සිටීමෙහි හිදිමෙහි නිදීමෙහි නිදිවැරීමෙහි බිණීමෙහි නිහඬ වීමෙහි නුවණින් දැන කරන සුලු වෙයි. මෙසේ තමාගේ කයෙහි හෝ කය නුවණින් බබලන සුලු ව වෙසෙයි… මහණෙනි, මෙසේත් මහණ තෙම කයෙහි කය නුවණින් බලන සුලු ව වාසය කරයි.
Pali BJT[3. සම්පජඤ්ඤපබ්බං.]
Sinhala BJT[3. සම්පජඤ්ඤපබ්බ යි.]
Pali BJT4. පුන චපරං භික්ඛවෙ භික්ඛු ඉමමෙව කායං උද්ධං පාදතලා අධො කෙසමත්ථකා තචපරියන්තං පූරං නානප්පකාරස්ස අසුචිනො පච්චවෙක්ඛති: අත්ථි ඉමස්මිං කායෙ කෙසා ලොමා නඛා දන්තා තචො මංසං නහාරු අට්ඨි අට්ඨිමිඤ්ජං{1} වක්කං හදයං යකනං කිලොමකං පිහකං පප්ඵාසං අන්තං අන්තගුණං උදරියං කරීසං පිත්තං සෙම්හං පුබ්බො ලොහිතං සෙදො මෙදො අස්සු වසා ඛෙළො සිඞ්ඝාණිකා ලසිකා මුත්තන්ති.
Sinhala BJT4. තවද මහණෙනි, මහණ තෙමේ පාදතලයෙන් උඩ කෙසඟින් යට සම හිම් කොට නානාවිධ අශුචියෙන් පිරුණු මේ ශරීරය ප්‍රත්‍යවේක්‍ෂා කරයි: මේ ශරීරයෙහි කෙස් ඇත. මේ ශරීරයෙහි ලොම් ඇත. නිය, දත්, සම්, මස් පිඬු, නහර, ඇට ඇටමිඳුලු, වකුගඩු, හදමස්, අක්මාව, දළබුව, බඩදිය, පෙණහැලි, බඩවැල, අතුණු බහන, නො පැසුණු අහර, පැසුණු අහර (අසුචි), පිත්, සෙම්, සැරව, ලේ, ඩහදිය, මේදතෙල්, කඳුළු, වුරුණුතෙල්, කෙළ, සොටු, සඳමිඳුලු මූ, ඇතැ යි.
Pali BJTසෙය්යථාපි භික්ඛවෙ උභතොමුඛා මූතොළී{2} පූරා නානාවිහිතස්ස ධඤ්ඤස්ස - සෙය්යථිදං: සාලීනං වීහීනං මුග්ගානං මාසානං තිලානං තණ්ඩුලානං, තමෙනං චක්ඛුමා පුරිසො මුඤ්චිත්වා පච්චවෙක්ඛෙය්ය: ඉමෙ සාලී ඉමෙ වීහී ඉමෙ මුග්ගා ඉමෙ මාසා ඉමෙ තිලා ඉමෙ තණ්ඩුලාති, එවමෙව ඛො භික්ඛවෙ භික්ඛු ඉමමෙව කායං උද්ධං පාදතලා අධො කෙසමත්ථකා තචපරියන්තං පූරං නානප්පකාරස්ස අසුචිනො පච්චවෙක්ඛති: අත්ථි ඉමස්මිං කායෙ කෙසා ලොමා නඛා දන්තා තචො මංසං නහාරු අට්ඨි අට්ඨිමිඤ්ජං වක්කං හදයං යකනං කිලොමකං පිහකං පප්ඵාසං අන්තං අන්තගුණං උදරියං කරීසං පිත්තං සෙම්හං පුබ්බො ලොහිතං සෙදො මෙදො අස්සු වසා ඛෙළො සිඞ්ඝාණිකා ලසිකා මුත්තන්ති. ඉති අජ්ඣත්තං වා කායෙ කායානුපස්සී විහරති -පෙ- එවම්පි භික්ඛවෙ භික්ඛු කායෙ කායානුපස්සී විහරති.
Sinhala BJTමහණෙනි, දෙපස මුව ඇති මල්ලක් ඇල්, වී, මුං මෑ, තල, සහල් යන නන්වැදෑරුම් ධාන්‍යයෙන් පිරුණේ වේ ද, ඇස් පෙණෙන පුරුෂයෙක් ඒ මේ මල්ල ලිහා මේ ‘ඇල් ය, මේ වී ය, මේ මුංය, මේ මෑය, මේ තලය, මේ හාල්ය’යි යම්සේ ප්‍රත්‍යවේක්‍ෂා කරන්නේ ද, මහණෙනි, එපරිද්දෙන් ම මහණ තෙම පාදතලයෙන් උඩ කෙසගින් යට සම හිම් කොට නානාවිධ අශුචියෙන් පිරුණු මේ ශරීරය ප්‍රත්‍යවේක්‍ෂා කරයි: මේ ශරීරයේ කෙස්, ලොම්, නිය, දත්, සම්, මස් පිඬු, නහර, ඇට ඇටමිඳුලු, වකුගඩු, හදමස, අක්මා, දලබුව, බඩදිය, පෙණහැලි, බඩවැල, අතුණු බහන, නො පැසුණු අහර, අසුචි, පිත, සෙම, සැරව, ලේ, ඩහදිය, මේදතෙල්, කඳුළු, වසාතෙල්, කෙළ, සොටු, සඳමිඳුලු, මූ ඇතැයි. මෙසේ තමාගේ කයෙහි හෝ කය නුවණින් බලන සුලු ව වාසය කරයි…. මහණෙනි, මෙසේත් මහණ තෙම කයෙහි කය නුවණින් බලන සුලු ව වාසය කරයි.
Pali BJT[4. පටිකකූලමනසිකාරපබ්බං.]
Sinhala BJT[4. පටිකකුලමනසිකාරපබ්බ යි.]
Pali BJT5. පුන චපරං භික්ඛවෙ භික්ඛු ඉමමෙව කායං යථාඨිතං යථාපණිහිතං ධාතුසො පච්චවෙක්ඛති: අත්ථි ඉමස්මිං කායෙ පඨවීධාතු ආපොධාතු තෙජොධාතු වායොධාතූති. සෙය්යථාපි භික්ඛවෙ දක්ඛො ගොඝාතකො වා ගොඝාතකන්තෙවාසී වා ගාවිං වධිත්වා චාතුම්මහාපථෙ බිලසො පටිවිභජිත්වා නිසින්නො අස්ස, එවමෙව ඛො භික්ඛවෙ භික්ඛු ඉමමෙව කායං යථාඨිතං යථාපණිහිතං ධාතුසො පච්චවෙක්ඛති: අත්ථි ඉමස්මිං කායෙ පඨවීධාතු ආපොධාතු තෙජොධාතු වායොධාතූති. ඉති අජ්ඣත්තං වා කායෙ කායානුපස්සී විහරති -පෙ- එවම්පි භික්ඛවෙ භික්ඛු කායෙ කායානුපස්සී විහරති.
Sinhala BJT5. තවද මහණෙනි, මහණ තෙමේ සිටි පරිදි පිහිටි මේ කය ම ධාතු වශයෙන් ප්‍රත්‍යවේක්‍ෂා කරයි: මේ කයෙහි පඨවීධාතු ඇත. අපොධාතු, තෙජොධාතු, වායෝධාතු ඇතැයි. මහණෙනි, යම්සේ දක්‍ෂ ගෝඝාතකයෙක් හෝ ගෝඝාතකයකුගේ අතවැසියෙක් හෝ ගවදෙනක මරා සතර මංසන්‍ධියෙක කොටස් වශයෙන් වෙන් වෙන් කොට බෙදා හුන්නේ යම්සේ ද, මහණෙනි, එපරිද්දෙන් ම මහණ තෙම සිටි පරිදි පිහිටි පරිදි මේ කය ධාතු වශයෙන් සලකා බලයි. මේ කයෙහි පඨවීධාතු, අපොධාතු, තෙජොධාතු, වායෝධාතු ඇතැයි. මෙසේ තමාගේ කයෙහි හෝ කය නුවණින් බලන සුලු ව වාසය කරයි…. මහණෙනි, මෙසේත් මහණ තෙම කයෙහි කය නුවණින් බලන සුලු ව වාසය කරයි.
Pali BJT[5. ධාතුමනසිකාරපබ්බං.]
Sinhala BJT[5. ධාතුමනසිකාරපබ්බ යි.]
Pali BJT(නවසීවථිකාපබ්බං:)
Sinhala BJT(නවසිවථිකාපබ්බය:)
Pali BJT6. පුන චපරං භික්ඛවෙ භික්ඛු සෙය්යථාපි පස්සෙය්ය සරීරං සීවථිකාය ඡඩ්ඩිතං එකාහමතං වා ද්වීහමතං වා තීහමතං වා උද්ධුමාතකං විනීලකං විපුබ්බකජාතං, සො ඉමමෙව කායං උපසංහරති: ‘අයම්පි ඛො කායො එවං ධම්මො එවම්භාවී එවං අනතීතො’ති. ඉති අජ්ඣත්තං වා කායෙ කායානුපස්සී විහරති. බහිද්ධා වා කායෙ කායානුපස්සී විහරති. අජ්ඣත්තබහිද්ධා වා කායෙ කායානුපස්සී විහරති. සමුදයධම්මානුපස්සී වා කායස්මිං විහරති. වයධම්මානුපස්සී වා කායස්මිං විහරති. සමුදයවයධම්මානුපස්සී වා කායස්මිං විහරති. අත්ථි කායොති වා පනස්ස සති පච්චුපට්ඨිතා හොති යාවදෙව ඤාණමත්තාය පතිස්සතිමත්තාය. අනිස්සිතො ච විහරති. න ච කිඤ්චි ලොකෙ උපාදියති. එවම්පි භික්ඛවෙ භික්ඛු කායෙ කායානුපස්සී විහරති. (1)
Sinhala BJT6. තවද මහණෙනි, මහණ තෙමේ සොහොනෙහි හැරැපී මළ එක් දවස් වූ හෝ මළ දෙ දවස් වූ හෝ තුන් දවස් වූ හෝ ඉදිමුනු නිල් වූ හටගත් පූයා ඇති සිරුරක් යම්සේ දක්නේ ද, හෙතෙම මේ (තමාගේ) ශරීරය ඒ මෘතශරීරය හා එළවා සසඳා බලන්නේ ය: ‘මේ ශරීරයත් මෙබඳු ස්වභාව ඇත්තේ ය. මෙසේ වන සුලුය. මෙබඳු ස්වභාවය නො ඉක්ම වූයේ’යි. මෙසේ තමාගේ කයෙහි හෝ කය නුවණින් බලන සුලුව වාසය කරයි…. මහණෙනි, මෙසේත් මහණ තෙම කයෙහි කය නුවණින් බලන සුලු ව වාසය කරයි. (1)
Pali BJT7. පුන චපරං භික්ඛවෙ භික්ඛු සෙය්යථාපි පස්සෙය්ය සරීරං සිවථිකාය ඡඩ්ඩිතං කාකෙහි වා ඛජ්ජමානං කුලලෙහි වා ඛජ්ජමානං ගිජ්ඣෙහි වා ඛජ්ජමානං සුපාණෙහි වා ඛජ්ජමානං සිගාලෙහි වා ඛජ්ජමානං විවිධෙහි වා පාණකජාතෙහි ඛජ්ජමානං. සො ඉමමෙව කායං උපසංහරති: අයම්පි ඛො කායො එවං ධම්මො එවම්භාවී එතං අනතීතොති. ඉති අජ්ඣත්තං වා කායෙ කායානුපස්සී විහරති -පෙ- එවම්පි භික්ඛවෙ භික්ඛු කායෙ කායානුපස්සී විහරති. (2)
Sinhala BJT7. තවද මහණෙනි, මහණ තෙමේ සොහොනෙහි ලූ කවුඩන් විසින් හෝ කනු ලබන උස්සන් විසින් හෝ කනු ලබන ගිජුලිහිණියන් විසින් හෝ කනු ලබන ශුනකයන් විසින් හෝ කනු ලබන සිවලුන් විසින් හෝ කනු ලබන නොයෙක් ප්‍රාණීන් විසින් හෝ කනු ලබන මළ සිරුරක් යම්සේ දක්නේ ද, හෙතෙමේ මෙ ම කය ඒ කය එළවා සසඳා බලයි: ‘මේ කයත් මෙබඳු ස්වභාවය ඇත්තේ ය. මෙසේ වන සුලු ය. මෙබඳු ස්වභාවය නො ඉක්මවූයේ යැ’යි. මෙසේ තමාගේ කයෙහි හෝ කායානුපස්සීව වාසය කරයි…. මහණෙනි, මෙසේත් මහණ තෙම කයෙහි කය නුවණින් බලන සුලු ව වාසය කරයි.... මහණෙනි, මෙසේත් මහණ තෙම කයෙහි කය නුවණින් බලන සුලු ව වාසය කරයි. (2)
Pali BJT8. පුන චපරං භික්ඛවෙ භික්ඛු සෙය්යථාපි පස්සෙය්ය සරීරං සිවථිකාය ඡඩ්ඩිතං අට්ඨිකසඞ්ඛලිකං සමංසලොහිතං නහාරුසම්බන්ධං, සො ඉමමෙව කායං උපසංහරති: අයම්පි ඛො කායො එවං ධම්මො එවම්භාවී එතං අනතීතොති. ඉති අජ්ඣත්තං වා කායෙ කායානුපස්සී විහරති -පෙ- එවම්පි භික්ඛවෙ භික්ඛු කායෙ කායානුපස්සී විහරති. (3)
Sinhala BJT8. තවද මහණෙනි, මහණ තෙමේ සොහොනෙහි ලූ ලේමස් සහිත වූ නහරින් බැඳුණා වූ ඇටසැකිල්ලක් වූ මිනියක් යම්සේ දක්නේ ද, හෙතෙමේ මේ කය එය හා එළවා සසඳා බලයි: ‘මේ කයත් මෙබඳු ස්වභාව ඇත්තේ ය. මෙසේ වනසුලු ය. මේ ස්වභාවය නො ඉක්මවූයේ’යි. මෙසේ තමාගේ කයෙහි හෝ කායානුපස්සීව වාසය කරයි…. මහණෙනි, මෙසේත් මහණ තෙම කයෙහි කය නුවණින් බලන සුලු ව වාසය කරයි. (3)
Pali BJT9. පුන චපරං භික්ඛවෙ භික්ඛු සෙය්යථාපි පස්සෙය්ය සරීරං සිවථිකාය ඡඩ්ඩිතං අට්ඨිකසඞ්ඛලිකං නිම්මංසලොහිතමක්ඛිතං නහාරුසම්බන්ධං, සො ඉමමෙව කායං උපසංහරති: අයම්පි ඛො කායො එවං ධම්මො එවම්භාවී එතං අනතීතොති. ඉති අජ්ඣත්තං වා කායෙ කායානුපස්සී විහරති -පෙ- එවම්පි භික්ඛවෙ භික්ඛු කායෙ කායානුපස්සී විහරති. (4)
Sinhala BJT9. තවද මහණෙනි, මහණ තෙමේ සොහොනෙහි ලූ මස් රහිත ලේ තැවරුණු නහරින් බැඳුනු ඇට සැකිල්ලක් වූ මිනියක් යම්සේ දක්නේ ද, හෙ තෙමේ මේ කය එය හා එළවා සසඳා බලයි: ‘මේ කයත් මෙබඳු ස්වභාව ඇත්තේ ය. මෙසේ වන සුලු ය. මේ ස්වභාවය නො ඉක්මවූයේ ය’යි. මෙසේ තමාගේ කයෙහි හෝ කායානුපස්සීව වාසය කරයි:…. මහණෙනි, මෙසේත් මහණ තෙමේ කයෙහි කායානුපස්සී ව වාසය කරයි. (4)
Pali BJT10. පුන චපරං භික්ඛවෙ භික්ඛු සෙය්යථාපි පස්සෙය්ය සරීරං සිවථිකාය ඡඩ්ඩිතං අට්ඨිකසඞ්ඛලිකං අපගතමංසලොහිතං නහාරුසම්බන්ධං, සො ඉමමෙව කායං උපසංහරති: අයම්පි ඛො කායො එවං ධම්මො එවම්භාවී එතං අනතීතොති. ඉති අජ්ඣත්තං වා කායෙ කායානුපස්සී විහරති -පෙ- එවම්පි භික්ඛවෙ භික්ඛු කායෙ කායානුපස්සී විහරති. (5)
Sinhala BJT10. තවද මහණෙනි, මහණ තෙමේ සොහොනෙහි ලූ මස් ලේ නැති නහරින් බැඳුණු ඇට සැකිල්ලක් වූ මිනියක් යම්සේ දකින්නේද, හෙතෙමේ මේ කය එය හා එළවා සසඳා බලයි: ‘මේ කයත් මෙබඳු ස්වභාව ඇත්තේ ය. මෙසේ වන සුලු ය. මේ ස්වභාවය නො ඉක්මවූයේ ය’යි. මෙසේ තමාගේ කයෙහි හෝ කායානුපස්සීව වාසය කරයි:…. මහණෙනි, මෙසේත් මහණතෙම කයෙහි කායානුපස්සී ව වාසය කරයි. (5)
Pali BJT11. පුන චපරං භික්ඛවෙ භික්ඛු සෙය්යථාපි පස්සෙය්ය සරීරං සිවථිකාය ඡඩ්ඩිතං - අට්ඨිකානි අපගතසම්බන්ධානි දිසා විදිසාසු වික්ඛිත්තානි අඤ්ඤෙන හත්ථට්ඨිකං අඤ්ඤෙන පාදට්ඨිකං අඤ්ඤෙන ජඞ්ඝට්ඨිකං අඤ්ඤෙන ඌරට්ඨිකං අඤ්ඤෙන කටට්ඨිකං අඤ්ඤෙන පිට්ඨිකණ්ටකං අඤ්ඤෙන සීසකටාහං, සො ඉමමෙව කායං උපසංහරති: අයම්පි ඛො කායො එවං ධම්මො එවම්භාවී එතං අනතීතොති. ඉති අජ්ඣත්තං වා කායෙ කායානුපස්සී විහරති -පෙ- එවම්පි භික්ඛවෙ භික්ඛු කායෙ කායානුපස්සී විහරති. (6)
Sinhala BJT11. තවද මහණෙනි, මහණ තෙමේ සොහොනෙහි ලූ නහර බැඳුම් නැති අන් දෙසකින් අත්ඇටය ද අන් දෙසකින් පාඇටය ද අන් දෙසකින් කෙණ්ඩාඇටය ද අන් දෙසකින් කළවාඇටය ද අන් දෙසකින් කටිඇටය ද අන් දෙසකින් පිටකටුව ද අන් දෙසකින් හිස් කබල දැයි දිසානුදිසාවන්හි විසුරුණු ඇටසැකිල්ලක් යම්සේ දක්නේද, හෙතෙම මේ කය එය හා එළවා සසඳා බලයි: ‘මේ කයත් මෙබඳු ස්වභාව ඇත්තේ ය. මෙසේ වන සුලු ය. මේ ස්වභාවය නො ඉක්මවූයේ ය’යි. මෙසේ තමාගේ කයෙහි හෝ කායානුපස්සීව වාසය කරයි:…. මහණෙනි, මෙසේත් මහණ තෙමේ කයෙහි කායානුපස්සී ව වාසය කරයි. (6)
Pali BJT12. පුන චපරං භික්ඛවෙ භික්ඛු සෙය්යථාපි පස්සෙය්ය සරීරං සිවථිකාය ඡඩ්ඩිතං - අට්ඨිකානි සෙතානි සඞ්ඛවණ්ණූපනිභානි, සො ඉමමෙව කායං උපසංහරති: අයම්පි ඛො කායො එවං ධම්මො එවම්භාවී එතං අනතීතොති. ඉති අජ්ඣත්තං වා කායෙ කායානුපස්සී විහරති -පෙ- එවම්පි භික්ඛවෙ භික්ඛු කායෙ කායානුපස්සී විහරති. (7)
Sinhala BJT12. තවද මහණෙනි, මහණ තෙමේ සොහොනෙහි ලූ සක් පැහැ බඳු සුදු ඇට යුත් ශරීරයක් යම් සේ දක්නේ ද, හෙතෙමේ මේ කය ම ඒ කය හා එළවා සසඳා බලයි: ‘මේ ශරීරයත් මෙබඳු ස්වභාව ඇත්තේ ය. මෙසේ වන සුලු ය. මෙබඳු ස්වභාවය නො ඉක්මවූයේ ය’යි. මෙසේ තමාගේ කයෙහි හෝ කායානුපස්සීව වාසය කරයි:…. මහණෙනි, මෙසේත් මහණ තෙමේ කයෙහි කායානුපස්සී ව වාසය කරයි. (7)
Pali BJT13. පුන චපරං භික්ඛවෙ භික්ඛු සෙය්යථාපි පස්සෙය්ය සරීරං සිවථිකාය ඡඩ්ඩිතං - අට්ඨිකානි පුඤ්ජකිතානි තෙරොවස්සිකානි, සො ඉමමෙව කායං උපසංහරති: ‘අයම්පි ඛො කායො එවං ධම්මො එවම්භාවී එතං අනතීතො’ති. ඉති අජ්ඣත්තං වා කායෙ කායානුපස්සී විහරති -පෙ- එවම්පි භික්ඛවෙ භික්ඛු කායෙ කායානුපස්සී විහරති. (8)
Sinhala BJT13. තවද මහණෙනි, මහණ තෙමේ සොහොනෙහි ලූ අවුරුදු ගණන් ඉක්මගිය පුඤ්ජිකෘත (තැන තැන රැස්) වූ ඇට කැබලි ඇති… ශරීරයක් යම්සේ දක්නේ ද, හෙතෙමේ මේ කය ම ඒ කය ය හා එළවා සසඳා බලයි: ‘මේ ශරීරයත් මෙබඳු ස්වභාව ඇත්තේ ය. මෙසේ වන සුලු ය. මෙබඳු ස්වභාවය නො ඉක්මවූයේ යැ’යි මෙසේ තමාගේ කයෙහි හෝ කායානුපස්සීව වාසය කරයි:…. මහණෙනි, මෙසේත් මහණ තෙමේ කයෙහි කායානුපස්සී ව වාසය කරයි. (8)
Pali BJT14. පුන චපරං භික්ඛවෙ භික්ඛු සෙය්යථාපි පස්සෙය්ය සරීරං සිවථිකාය ඡඩ්ඩිතං - අට්ඨිකානි පූතීනි චුණ්ණකජාතානි, සො ඉමමෙව කායං උපසංහරති: ‘අයම්පි ඛො කායො එවං ධම්මො එවම්භාවී එතං අනතීතො’ති. ඉති අජ්ඣත්තං වා කායෙ කායානුපස්සී විහරති -පෙ- එවම්පි භික්ඛවෙ භික්ඛු කායෙ කායානුපස්සී විහරති. (9)
Sinhala BJT14. තවද මහණෙනි, මහණ තෙමේ කුණු වූ කුඩු වූ සොහොනෙහි ලූ ඇට ගොඩක් වූ ශරීරයක් යම් සේ දක්නේ ද, හෙතෙමේ මේ කය ම ඒ කය හා එළවා සසඳා බලයි: ‘මේ කයත් මෙබඳු ස්වභාව ඇත්තේ ය. මෙසේ වන සුලු ය. මෙබඳු ස්වභාවය නො ඉක්මවූයේ ය’යි. මෙසේ තමාගේ කයෙහි හෝ කායානුපස්සීව වාසය කරයි:…. මහණෙනි, මෙසේත් මහණ තෙමේ කයෙහි කායානුපස්සී ව වාසය කරයි. (9)
Pali BJTඑවං ඛො භික්ඛවෙ භික්ඛු කායෙ කායානුපස්සී විහරති.
Sinhala BJTමහණෙනි, මෙසේ මහණතෙම කයෙහි කායානුපස්සී ව වාසය කරයි.
Pali BJT[කායානුපස්සනා සතිපට්ඨානං]
Sinhala BJT[කායානුපස්සනා සතිපට්ඨාන යි]
Pali BJT(2. වෙදනානුපස්සනාසතිපට්ඨානං:)
Sinhala BJT(2. වේදනානුපස්සනාසතිපට්ඨානය.)
Pali BJTකථඤ්ච භික්ඛවෙ භික්ඛු වෙදනාසු වෙදනානුපස්සී විහරති?
Sinhala BJTමහණෙනි, මහණ තෙමේ කෙසේ නම් වේදනාවන්හි වේදනාවන් නුවණින් බලන සුලු ව වාසය කෙරේ ද?
Pali BJT1. ඉධ භික්ඛවෙ භික්ඛු සුඛං වෙදනං වෙදියමානො ‘සුඛං වෙදනං වෙදියාමී’ති පජානාති. දුක්ඛං වෙදනං වෙදියමානො ‘දුක්ඛං වෙදනං වෙදියාමී’ති පජානාති. අදුක්ඛමසුඛං වෙදනං වෙදියමානො ‘අදුක්ඛමසුඛං වෙදනං වෙදියාමී’ති පජානාති. සාමිසං වා සුඛං වෙදනං වෙදියමානො ‘සාමිසං සුඛං වෙදනං වෙදියාමී’ති පජානාති. නිරාමිසං වා සුඛං වෙදනං වෙදියමානො ‘නිරාමිසං සුඛං වෙදනං වෙදියාමී’ති පජානාති. සාමිසං වා දුක්ඛං වෙදනං වෙදියමානො ‘සාමිසං දුක්ඛං වෙදනං වෙදියාමී’ති පජානාති. නිරාමිසං වා දුක්ඛං වෙදනං වෙදියමානො ‘නිරාමිසං දුක්ඛං වෙදනං වෙදියාමී’ති පජානාති. සාමිසං වා අදුක්ඛමසුඛං වෙදනං වෙදියමානො ‘සාමිසං අදුක්ඛමසුඛං වෙදනං වෙදියාමී’ති පජානාති. නිරාමිසං වා අදුක්ඛමසුඛං වෙදනං වෙදියමානො ‘නිරාමිසං අදුක්ඛමසුඛං වෙදනං වෙදියාමී’ති පජානාති. (1-9)
Sinhala BJT1. මහණෙනි, මේ ශාසනයේ මහණ තෙමේ සැප වේදනාවක් විඳින්නේ සැප වේදනාවක් විඳිමි යි (සම්‍යක් ප්‍රඥාවෙන්) දනී. දුක් වේදනාවක් විඳින්නේ දුක් වේදනාවක් විඳිමි යි දනී. නො දුක් නො සැප වේදනාවක් විඳින්නේ නො දුක් නො සැප වේදනාවක් විඳිමි යි දනී. ආමිස (පස්කම් ගුණ) සහිත සුඛවේදනාවක් විඳින්නේ සාමිසසුඛවේදනාවක් විඳිමි යි දනී. ආමිස රහිතසුඛවෙදනාවක් හෝ විඳින්නේ නිරාමිසසුඛවේදනාවක් විඳිමි යි දනී. සාමිසදුක්ඛවෙදනාවක් හෝ විඳින්නේ සාමිසදුක්ඛ වේදනාවක් විඳිමි යි දනී. නිරාමිසදුක්ඛවේදනාවක් හෝ විඳින්නේ නිරාමිසදුක්ඛවේදනාවක් විඳිමි යි දනී. සාමිස නො දුක් නො සැප වේදනාවක් හෝ විඳින්නේ සාමිස නො දුක් නො සැප වේදනාවක් විඳිමි යි දනී නිරාමිස නො දුක් නො සැප වේදනාවක් හෝ විඳින්නේ නිරාමිස නො දුක් නො සැප වේදනාවක් විඳිමි යි දනී. (1-9)
Pali BJTඉති අජ්ඣත්තං වා වෙදනාසු වෙදනානුපස්සී විහරති. බහිද්ධා වා වෙදනාසු වෙදනානුපස්සී විහරති. අජ්ඣත්තබහිද්ධා වා වෙදනාසු වෙදනානුපස්සී විහරති. සමුදයධම්මානුපස්සී වා වෙදනාසු විහරති. වයධම්මානුපස්සී වා වෙදනාසු විහරති. සමුදයවයධම්මානුපස්සී වා වෙදනාසු විහරති. අත්ථි වෙදනාති වා පනස්ස සති පච්චුපට්ඨිතා හොති. යාවදෙව ඤාණමත්තාය පතිස්සතිමත්තාය. අනිස්සිතො ච විහරති. න ච කිඤ්චි ලොකෙ උපාදියති.
Sinhala BJTමෙසේ තමා පිළිබඳ වේදනාවන්හි වේදනා නුවණින් බලනසුලුව හෝ වාසය කරයි. අනුන් පිළිබඳව වේදනාවන්හි වේදනා නුවණින් බලන සුලු ව හෝ වාසය කරයි. තමන් පිළිබඳ වූ හෝ අනුන් පිළිබඳ වූ හෝ වේදනාවන්හි වේදනා නුවණින් බලන සුලුව වාසය කරයි. වේදනාවන්හි හටගැනීම නුවණින් බලන සුලු ව හෝ වාසය කරයි. වේදනාවන්හි විනාශය නුවණින් බලන සුලු ව හෝ වාසය කරයි. වේදනාවන්හි හටගැනීම හා නැසීම නුවණින් බලනසුලුව හෝ වාසය කරයි. හුදෙක් වේදනාව පමණක් ඇතැයි ඔහුගේ සිහිය නුවණ වැඩීම පිණිස සිහිය වැඩීම පිණිස එළඹ සිටියේ වෙයි. තෘෂ්ණා දෘෂ්ටි ඇසුරු නො කළේ ද වෙසෙයි. වේදනාසංඛ්‍යාත ලෝකයෙහි කිසිවක් ‘මම ය මාගේ ය’ යි නො ගනි යි.
Pali BJTඑවං ඛො භික්ඛවෙ භික්ඛු වෙදනාසු වෙදනානුපස්සී විහරති.
Sinhala BJTමහණෙනි, මෙසේ මහණතෙම වේදනාවන්හි වෙදනානුපස්සී ව වාසය කරයි.
Pali BJT[වෙදනානුපස්සනාසතිපට්ඨානං.]
Sinhala BJT[වේදනානුපස්සනා සතිපට්ඨාන යි]
Pali BJT(3. චිත්තානුපස්සනාසතිපට්ඨානං:)
Sinhala BJT(3. චිත්තානුපස්සනාසතිපට්ඨානය.)
Pali BJTකථඤ්ච භික්ඛවෙ භික්ඛු චිත්තෙ චිත්තානුපස්සී විහරති?
Sinhala BJTමහණෙනි, මහණ තෙමේ කෙසේ නම් සිතෙහි සිත නුවණින් බලන සුලු වූයේ වාසය කෙරේ ද?
Pali BJT1. ඉධ භික්ඛවෙ භික්ඛු සරාගං වා චිත්තං සරාගං චිත්තන්ති පජානාති. වීතරාගං වා චිත්තං වීතරාගං චිත්තන්ති පජානාති. සදොසං වා චිත්තං සදොසං චිත්තන්ති පජානාති. වීතදොසං වා චිත්තං වීතදොසං චිත්තන්ති පජානාති. සමොහං වා චිත්තං සමොහං චිත්තන්ති පජානාති. වීතමොහං වා චිත්තං වීතමොහං චිත්තන්ති පජානාති. සඞ්ඛිත්තං වා චිත්තං සඞ්ඛිත්තං චිත්තන්ති පජානාති. වික්ඛිත්තං වා චිත්තං වික්ඛිත්තං චිත්තන්ති පජානාති. මහග්ගතං වා චිත්තං මහග්ගතං චිත්තන්ති පජානාති. අමහග්ගතං වා චිත්තං අමහග්ගතං චිත්තන්ති පජානාති. සඋත්තරං වා චිත්තං සඋත්තරං චිත්තන්ති පජානාති. අනුත්තරං වා චිත්තං අනුත්තරං චිත්තන්ති පජානාති. සමාහිතං වා චිත්තං සමාහිතං චිත්තන්ති පජානාති. අසමාහිතං වා චිත්තං අසමාහිතං චිත්තන්ති පජානාති. විමුත්තං වා චිත්තං විමුත්තං චිත්තන්ති පජානාති. අවිමුත්තං වා චිත්තං අවිමුත්තං චිත්තන්ති පජානාති. (1-16)
Sinhala BJT1. මහණෙනි, මේ ශාසනයේ මහණ තෙමේ රාග සහිත වූ හෝ සිත රාග සහිත සිතැයි (සම්‍යක් ප්‍රඥාවෙන්) දනී. රාග රහිත වූ සිත රාග රහිත සිතැයි දනී. ද්වේෂ සහිත වූ හෝ සිත ද්වේෂ සහිත සිතැයි දනී. ද්වේෂ රහිත වූ හෝ සිත ද්වේෂ රහිත සිතැයි දනී. මෝහ සහිත වූ හෝ සිත මෝහ සහිත සිතැයි දනී. මෝහ රහිත වූ හෝ සිත මෝහ රහිත සිතැයි දනී. (ථිනමිද්ධයෙන්) හැකුළුණු හෝ සිත හැකුළුණු සිතැයි දනී. (උද්ධච්චයෙන් නානාලම්බනයන්හි) විසිර ගියා වූ හෝ සිත විසුරුණු සිතැයි දනී. මහග්ගත (රූපාරූපාවචර) වූ හෝ සිත මහග්ගත සිතැයි දනී. මහග්ගත නො වූ හෝ සිත මහග්ගත නො වූ සිතැයි දනී. සඋත්තර (කාමාවචර) වූ හෝ සිත සඋත්තර සිතැයි දනී. අනුත්තර (රූපාරූපාවචර) වූ හෝ සිත අනුත්තර සිතැයි දනී. සමාහිත (සමාධිගත) වූ හෝ සිත සමාහිත සිතැයි දනී. අසමාහිත වූ හෝ සිත අසමාහිත සිතැයි දනී. (තදඞ්ග වික්ඛම්හන වසයෙන්) මිදුණා වූ හෝ සිත මිදුණා වූ සිතැයි දනී. නො මිදුණු වූ හෝ සිත නො මිදුණු සිතැයි දනී. (1-16)
Pali BJTඉති අජ්ඣත්තං වා චිත්තෙ චිත්තානුපස්සී විහරති. බහිද්ධා වා චිත්තෙ චිත්තානුපස්සී විහරති. අජ්ඣත්තබහිද්ධා වා චිත්තෙ චිත්තානුපස්සී විහරති. සමුදයධම්මානුපස්සී වා චිත්තස්මිං විහරති. වයධම්මානුපස්සී වා චිත්තස්මිං විහරති. සමුදයවයධම්මානුපස්සී වා චිත්තස්මිං විහරති. අත්ථි චිත්තන්ති වා පනස්ස සති පච්චුපට්ඨිතා හොති. යාවදෙව ඤාණමත්තාය පතිස්සතිමත්තාය. අනිස්සිතො ච විහරති. න ච කිඤ්චි ලොකෙ උපාදියති.
Sinhala BJTමෙසේ තමාගේ සිතෙහි හෝ චිත්තානුපස්සී ව වාසය කරයි. අනුන්ගේ සිතෙහි හෝ චිත්තානුපස්සී ව වාසය කරයි. තමන්ගේත් අනුන්ගේත් සිත්හි හෝ චිත්තානුපස්සී ව වාසය කරයි. සිතෙහි හටගැන්ම බලන සිලු ව හෝ වාසය කරයි. සිතේ විනාශය බලන සිලු ව හෝ වාසය කරයි. සිතේ හටගැන්ම හා විනාශය බලන සිලු ව හෝ වාසය කරයි. හුදෙක් සිත පමණක් ඇත්තේය යි ඔහුගේ සිහිය නුවණ වැඩීම පිණිස එළඹ සිටියේ වෙයි. තෘෂ්ණා දෘෂ්ටි ඇසුරු නො කළේ ද වෙසෙයි. චිත්තසඞ්ඛ්‍යාත ලෝකයෙහි කිසිවක් ‘මමය මාගේ ය’ යි නො ගෙන වාසය කරයි.
Pali BJTඑවං ඛො භික්ඛවෙ භික්ඛු චිත්තෙ චිත්තානුපස්සී විහරති.
Sinhala BJTමහණෙනි, මෙසේ මහණතෙම චිත්තයෙහි චිත්තානුපස්සී ව වාසය කරයි.
Pali BJT[චිත්තානුපස්සනාසතිපට්ඨානං.]
Sinhala BJT[චිත්තානුපස්සනා සතිපට්ඨාන යි]
Pali BJT(4. ධම්මානුපස්සනාසතිපට්ඨානං:)
Sinhala BJT(4. ධම්මානුපස්සනාසතිපට්ඨානය:)
Pali BJTකථඤ්ච භික්ඛවෙ භික්ඛු ධම්මෙසු ධම්මානුපස්සී විහරති?
Sinhala BJTමහණෙනි, මහණ තෙමේ කෙසේ නම් ධර්‍මයන්හි ධර්‍මය නුවණින් බලන සුලු ව වාසය කෙරේ ද?
Pali BJT1. ඉධ භික්ඛවෙ භික්ඛු ධම්මෙසු ධම්මානුපස්සී විහරති පඤ්චසු නීවරණෙසු. කථඤ්ච භික්ඛවෙ භික්ඛු ධම්මෙසු ධම්මානුපස්සී විහරති පඤ්චසු නීවරණෙසු?
Sinhala BJT1. මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙමේ පඤ්චනීවරණ ධර්‍මයන්හි ධර්‍මය නුවණින් බලන සුලු ව වාසය කෙරේ. මහණෙනි, මහණ තෙමේ කෙසේ නම් පඤ්චනීවරණ ධර්‍මයන්හි ධර්‍මය නුවණින් බලන සුලු ව වාසය කෙරේ ද?
Pali BJTඉධ භික්ඛවෙ භික්ඛු සන්තං වා අජ්ඣත්තං කාමච්ඡන්දං ‘අත්ථි මෙ අජ්ඣත්තං කාමච්ඡන්දො’ති පජානාති. අසන්තං වා අජ්ඣත්තං කාමච්ඡන්දං ‘නත්ථි මෙ අජ්ඣත්තං කාමච්ඡන්දො’ති පජානාති. යථා ච අනුප්පන්නස්ස කාමච්ඡන්දස්ස උප්පාදො හොති, තඤ්ච පජානාති. යථා ච උප්පන්නස්ස කාමච්ඡන්දස්ස පහානං හොති, තඤ්ච පජානාති. යථා ච පහීනස්ස කාමච්ඡන්දස්ස ආයතිං අනුප්පාදො හොති, තඤ්ච පජානාති. (1)
Sinhala BJTමහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙමේ තමා තුළ ඇත්තා වූ හෝ කාමච්ඡන්‍දය ‘මා තුළ කාමච්ඡන්‍දය ඇත්තේ ය’ යි (සම්‍යක් ප්‍රඥාවෙන්) දැන ගනියි. තමා තුළ නැත්තා වූ හෝ කාමච්ඡන්‍දය ‘මා තුළ කාමච්ඡන්‍දය නැතැ’යි දැන ගනියි. යම්සේ නූපන් කාමච්ඡන්‍දයාගේ ඉපදීම වේ ද, එය ද දැන ගනියි. යම්සේ උපන් කාමච්ඡන්‍දයාගේ ප්‍රහාණය වේ ද, එය ද දැන ගනියි. යම්සේ ප්‍රහීණ වූ කාමච්ඡන්‍දයාගේ මතු නො ඉපදීම වේ ද, එය ද දැන ගනියි. (1)
Pali BJTසන්තං වා අජ්ඣත්තං බ්යාපාදං ‘අත්ථි මෙ අජ්ඣත්තං බ්යාපාදො’ති පජානාති. අසන්තං වා අජ්ඣත්තං බ්යාපාදං ‘නත්ථි මෙ අජ්ඣත්තං බ්යාපාදො’ති පජානාති. යථා ච අනුප්පන්නස්ස බ්යාපාදස්ස උප්පාදො හොති, තඤ්ච පජානාති. යථා ච උප්පන්නස්ස බ්යාපාදස්ස පහානං හොති, තඤ්ච පජානාති. යථා ච පහීනස්ස බ්යාපාදස්ස ආයතිං අනුප්පාදො හොති, තඤ්ච පජානාති. (2)
Sinhala BJTතමා තුළ ඇත්තා වූ හෝ ව්‍යාපාදය ‘මා තුළ ව්‍යාපාදය ඇත්තේ ය’ යි දැන ගනියි. තමා තුළ නැත්තා වූ හෝ ව්‍යාපාදය ‘මා තුළ ව්‍යාපාදය නැත්තේය’ යි දැන ගනියි. යම් සේ නූපන් ව්‍යාපාදයාගේ ඉපදීම වේ ද, එය ද දැන ගනියි. යම් සේ උපන් ව්‍යාපාදයාගේ ප්‍රහාණය වේ ද, එය ද දැන ගනියි. යම්සේ ප්‍රහීණ වූ ව්‍යාපාදයාගේ මතු නො ඉපදීම වේ ද, එය ද දැන ගනියි. (2)
Pali BJTසන්තං වා අජ්ඣත්තං ථීනමිද්ධං ‘අත්ථි මෙ අජ්ඣත්තං ථීනමිද්ධන්ති’ පජානාති. අසන්තං වා අජ්ඣත්තං ථීනමිද්ධං ‘නත්ථි මෙ අජ්ඣත්තං ථීනමිද්ධන්ති’ පජානාති. යථා ච අනුප්පන්නස්ස ථීනමිද්ධස්ස උප්පාදො හොති, තඤ්ච පජානාති. යථා ච උප්පන්නස්ස ථීනමිද්ධස්ස පහානං හොති, තඤ්ච පජානාති. යථා ච පහීනස්ස ථීනමිද්ධස්ස ආයතිං අනුප්පාදො හොති, තඤ්ච පජානාති. (3)
Sinhala BJTතමා තුළ ඇත්තා වූ හෝ ථීනමිද්ධය ‘මා තුළ ථීනමිද්ධය ඇතැ’ යි දැන ගනියි. තමා තුළ නැත්තා වූ හෝ ථීනමිද්ධය ‘මා තුළ ථීනමිද්ධය නැතැ’ යි දැන ගනියි. යම්සේ නූපන් ථීනමිද්ධයාගේ ඉපදීම වේ ද, එය ද දැන ගනියි. යම් සේ උපන් ථීනමිද්ධයාගේ ප්‍රහාණය වේ ද, එය ද දැන ගනියි. යම්සේ ප්‍රහීණ වූ ථීනමිද්ධයාගේ මතු නො ඉපදීම වේ ද, එය ද දැන ගනියි. (3)
Pali BJTසන්තං වා අජ්ඣත්තං උද්ධච්චකුක්කුච්චං ‘අත්ථි මෙ අජ්ඣත්තං උද්ධච්චකුක්කුච්ච’න්ති පජානාති. අසන්තං වා අජ්ඣත්තං උද්ධච්චකුක්කුච්චං ‘නත්ථි මෙ අජ්ඣත්තං උද්ධච්චකුක්කුච්ච’න්ති පජානාති. යථා ච අනුප්පන්නස්ස උද්ධච්චකුක්කුච්චස්ස උප්පාදො හොති, තඤ්ච පජානාති. යථා ච උප්පන්නස්ස උද්ධච්චකුක්කුච්චස්ස පහානං හොති, තඤ්ච පජානාති. යථා ච පහීනස්ස උද්ධච්චකුක්කුච්චස්ස ආයතිං අනුප්පාදො හොති, තඤ්ච පජානාති. (4)
Sinhala BJTතමා තුළ ඇත්තා වූ හෝ උද්ධච්චකුක්කුච්චය ‘මා තුළ උද්ධච්චකුක්කුච්චය ඇතැ’ යි දැන ගනියි. තමා තුළ නැත්තා වූ හෝ උද්ධච්චකුක්කුච්චය ‘මා තුළ උද්ධච්චකුක්කුච්චය නැතැ’ යි දැන ගනියි. යම්සේ නූපන් උද්ධච්චකුක්කුච්චයයාගේ ඉපදීම වේ ද එය ද, දැන ගනියි. යම්සේ උපන් උද්ධච්චකුක්කුච්චයාගේ ප්‍රහාණය වේ ද, එය ද දැන ගනියි. යම්සේ ප්‍රහීණ වූ උද්ධච්චකුක්කුච්චයාගේ මතු නො ඉපදීම වේ ද, එය ද දැන ගනියි. (4)
Pali BJTසන්තං වා අජ්ඣත්තං විචිකිච්ඡං ‘අත්ථි මෙ අජ්ඣත්තං විචිකිච්ඡා’ති පජානාති. අසන්තං වා අජ්ඣත්තං විචිකිච්ඡං ‘නත්ථි මෙ අජ්ඣත්තං විචිකිච්ඡා’ති පජානාති. යථා ච අනුප්පන්නාය විචිකිච්ඡාය උප්පාදො හොති, තඤ්ච පජානාති. යථා ච උප්පන්නාය විචිකිච්ඡාය පහානං හොති, තඤ්ච පජානාති. යථා ච පහීනාය විචිකිච්ඡාය ආයතිං අනුප්පාදො හොති, තඤ්ච පජානාති. (5)
Sinhala BJTතමා තුළ ඇත්තා වූ හෝ විචිකිච්ඡාව ‘මා තුළ විචිකිච්ඡාව ඇතැ’ යි දැන ගනියි. තමා තුළ නැත්තා වූ හෝ විචිකිච්ඡාව ‘මා තුළ විචිකිච්ඡාව නැතැ’ යි දැන ගනියි. යම්සේ නූපන් විචිකිච්ඡාවෙහි ඉපදීම වේ ද, එය ද දැන ගනියි. යම්සේ උපන් විචිකිච්ඡාවෙහි ප්‍රහාණය වේ ද, එය ද දැන ගනියි. යම්සේ ප්‍රහීණ වූ විචිකිච්ඡාවෙහි මතු නො ඉපදීම වේ ද, එය ද දැන ගනියි. (5)
Pali BJTඉති අජ්ඣත්තං වා ධම්මෙසු ධම්මානුපස්සී විහරති. බහිද්ධා වා ධම්මෙසු ධම්මානුපස්සී විහරති. අජ්ඣත්තබහිද්ධා වා ධම්මෙසු ධම්මානුපස්සී විහරති. සමුදයධම්මානුපස්සී වා ධම්මෙසු විහරති. වයධම්මානුපස්සී වා ධම්මෙසු විහරති. සමුදයවයධම්මානුපස්සී වා ධම්මෙසු විහරති. අත්ථි ධම්මාති වා පනස්ස සති පච්චුපට්ඨිතා හොති. යාවදෙව ඤාණමත්තාය පතිස්සතිමත්තාය. අනිස්සිතො ච විහරති. න ච කිඤ්චි ලොකෙ උපාදියති. එවම්පි ඛො භික්ඛවෙ භික්ඛු ධම්මෙසු ධම්මානුපස්සී විහරති පඤ්චසු නීවරණෙසු.
Sinhala BJTමෙසේ තමා තුළ වූ ධර්‍මයන්හි ධර්‍මය නුවණින් බලනසුලු ව වාසය කරයි. බාහිර වූ ධර්‍මයන්හි ධර්‍මය නුවණින් බලනසුලු ව වාසය කරයි. තමන් හා අනුන් පිළිබඳ වූ ධර්‍මයන්හි ධර්‍මය නුවණින් බලනසුලු ව වාසය කරයි. නීවරණ ධර්‍මයන්ගේ හටගැනීම නුවණින් බලනසුලු ව හෝ වාසය කරයි. නීවරණ ධර්‍මයන්ගේ විනාශය නුවණින් බලනසුලු ව හෝ වාසය කරයි. නීවරණ ධර්‍මයන්ගේ හටගැනීම හා නැසීම නුවණින් බලනසුලු ව හෝ වාසය කරයි. ඔහුට (මතුමත්තෙහි) නුවණ වැඩීම පිණිස සිහිය වැඩීම පිණිස හුදෙක් නීවරණ ධර්‍ම පමණක් ඇත යාන සිහිය එළඹ සිටියේ වෙයි. තෘෂ්ණා දෘෂ්ටි ඇසුරු නො කළේ ද වාසය කරයි. නීවරණ (සඞ්ඛ්‍යාත) ලෝකයෙහි කිසිවක් ‘මම ය, මාගේ ය’ යි නො ගනියි. මහණෙනි, මහණ තෙමේ මෙසේ පඤ්චනීවරණ ධර්‍මයන්හි ධර්‍මය නුවණින් බලනසුලු වූයේ වාසය කරයි.
Pali BJT[නීවරණපබ්බං.]
Sinhala BJT[නීවරණපබ්බ යි.]
Pali BJT2. පුන චපරං භික්ඛවෙ භික්ඛු ධම්මෙසු ධම්මානුපස්සී විහරති පඤ්චසුපාදානක්ඛන්ධෙසු. කථඤ්ච භික්ඛවෙ භික්ඛු ධම්මෙසු ධම්මානුපස්සී විහරති පඤ්චසුපාදානක්ඛන්ධෙසු?
Sinhala BJT2. තව ද මහණෙනි, මහණ තෙමේ පඤ්චඋපාදානස්කන්‍ධ ධර්‍මයන් හි ධම්මානුපස්සී වූයේ වාසය කරයි. මහණෙනි, මහණ තෙමේ කෙසේ නම් පඤ්ච උපාදානස්කන්‍ධයන්හි ධම්මානුපස්සී වූයේ වාසය කෙරේ ද?
Pali BJTඉධ භික්ඛවෙ භික්ඛු “ඉති රූපං, ඉති රූපස්ස සමුදයො, ඉති රූපස්ස අත්ථගමො. ඉති වෙදනා, ඉති වෙදනාය සමුදයො, ඉති වෙදනාය අත්ථගමො. ඉති සඤ්ඤා, ඉති සඤ්ඤාය සමුදයො, ඉති සඤ්ඤාය අත්ථගමො. ඉති සඞ්ඛාරා, ඉති සඞ්ඛාරානං සමුදයො, ඉති සඞ්ඛාරානං අත්ථගමො. ඉති විඤ්ඤාණං, ඉති විඤ්ඤාණස්ස සමුදයො, ඉති විඤ්ඤාණස්ස අත්ථගමො”ති. [1-5]
Sinhala BJTමහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙමේ “රූපය මෙසේ ය, රූපයෙහි හට ගැන්ම මෙසේ ය, රූපයෙහි විනාශය මෙසේ ය. වේදනාව මෙසේ ය, වේදනාවෙහි හටගැනීම මෙසේ ය, වේදනාවෙහි විනාශය මෙසේ ය. සංඥාව මෙසේ ය, සංඥාවෙහි හටගැන්ම මෙසේ ය, සංඥාවේ විනාශය මෙසේ ය. සංස්කාරයෝ මෙසේ ය, සංස්කාරයන්ගේ හටගැන්ම මෙසේ ය, සංස්කාරයන්ගේ විනාශය මෙසේ ය. විඥානය මෙසේ ය, විඥානයෙහි හටගැන්ම මෙසේ ය විඥානයෙහි විනාශය මෙසේය”යි (1-5)
Pali BJTඉති අජ්ඣත්තං වා ධම්මෙසු ධම්මානුපස්සී විහරති. බහිද්ධා වා ධම්මෙසු ධම්මානුපස්සී විහරති –
Sinhala BJTමෙසේ තමා පිළිබඳ වූ හෝ ධර්‍මයන් කෙරෙහි ධම්මානුපස්සී වූයේ වාසය කරයි. අනුන් පිළිබඳ වූ හෝ ධර්‍මයන්හි ධම්මානුපස්සී වූයේ වාසය කරයි.
Pali BJTඅජ්ඣත්තබහිද්ධා වා ධම්මෙසු ධම්මානුපස්සී විහරති. සමුදයධම්මානුපස්සී වා ධම්මෙසු විහරති. වයධම්මානුපස්සී වා ධම්මෙසු විහරති. සමුදයවයධම්මානුපස්සී වා ධම්මෙසු විහරති. අත්ථි ධම්මාති වා පනස්ස සති පච්චුපට්ඨිතා හොති යාවදෙව ඤාණමත්තාය පතිස්සතිමත්තාය. අනිස්සිතො ච විහරති. න ච කිඤ්චි ලොකෙ උපාදියති. එවං ඛො භික්ඛවෙ භික්ඛු ධම්මෙසු ධම්මානුපස්සී විහරති පඤ්චසුපාදානක්ඛන්ධෙසු.
Sinhala BJTතමන් හා අනුන් ද පිළිබඳ වූ හෝ ධර්‍මයන්හි ධම්මානුපස්සී වූයේ වාසය කරයි. ධර්‍මයන්හි හටගැන්ම නුවණින් බලනසුලු වූයේ හෝ වාසය කරයි. ධර්‍මයන්හි විනාශය නුවණින් බලනසුලු වූයේ හෝ වාසය කරයි. ධර්‍මයන්හි හටගැන්ම හා විනාශය නුවණින් බලනසුලු වූයේ වාසය කරයි. ඒ මහණහට (මතුමත්තෙහි) ඤාණය වැඩීම පිණිස සිහිය වැඩීම පිණිස හුදෙක් පඤ්චඋපාදානස්කන්‍ධධර්‍ම පමණක් ඇත යන සිහිය එළඹ සිටියේ වෙයි. තෘෂ්ණා දෘෂ්ටි ඇසුරු නො කළේ වාසය කරයි. උපාදානස්කන්‍ධසංඞ්ඛ්‍යාත ලෝකයෙහි කිසිවක් ‘මම ය මාගේ ය’ යි නො ගනියි. මහණෙනි, මෙසේ මහණ තෙමේ මෙසේ පඤ්චඋපාදානස්කන්‍ධ ධර්‍මයන්හි ධර්‍මය ධම්මානුපස්සී වූයේ වාසය කරයි.
Pali BJT[ඛන්ධපබ්බං.]
Sinhala BJT[ඛන්‍ධ පබ්බ යි.]
Pali BJT3. පුන චපරං භික්ඛවෙ භික්ඛු ධම්මෙසු ධම්මානුපස්සී විහරති ඡසු අජ්ඣත්තිකබාහිරෙසු ආයතනෙසු. කථඤ්ච භික්ඛවෙ භික්ඛු ධම්මෙසු ධම්මානුපස්සී විහරති ඡසු අජ්ඣත්තිකබාහිරෙසු ආයතනෙසු?
Sinhala BJT3. තවද මහණෙනි, මහණ තෙමේ ආධ්‍යාත්මික බාහිර ෂඩායතන ධර්‍මයන්හි ධම්මානුපස්සී වූයේ වාසය කරයි. මහණෙනි, මහණ තෙමේ කෙසේ නම් ආධ්‍යාත්මික බාහිර ෂඩායතන ධර්‍මයන්හි ධම්මානුපස්සී වූයේ වාසය කෙරේ ද?
Pali BJTඉධ භික්ඛවෙ භික්ඛු චක්ඛුඤ්ච පජානාති. රූපෙ ච පජානාති. යඤ්ච තදුභයං පටිච්ච උප්පජ්ජති සංයොජනං, තඤ්ච පජානාති. යථා ච අනුප්පන්නස්ස සංයොජනස්ස උප්පාදො හොති, තඤ්ච පජානාති. යථා ච උප්පන්නස්ස සංයොජනස්ස පහානං හොති, තඤ්ච පජානාති. යථා ච පහීනස්ස සංයොජනස්ස ආයතිං අනුප්පාදො හොති, තඤ්ච පජානාති. සොතඤ්ච පජානාති. සද්දෙ ච පජානාති. -පෙ- ඝානඤ්ච පජානාති. ගන්ධෙ ච පජානාති -පෙ- ජිව්හඤ්ච පජානාති, රසෙ ච පජානාති, -පෙ- කායඤ්ච පජානාති, ඵොට්ඨබ්බෙ ච පජානාති, -පෙ- මනඤ්ච පජානාති, ධම්මෙ ච පජානාති. යඤ්ච තදුභයං පටිච්ච උප්පජ්ජති සංයොජනං, තඤ්ච පජානාති. යථා ච අනුප්පන්නස්ස සංයොජනස්ස උප්පාදො හොති, තඤ්ච පජානාති. යථා ච උප්පන්නස්ස සංයොජනස්ස පහානං හොති, තඤ්ච පජානාති. යථා ච පහීනස්ස සංයොජනස්ස ආයතිං අනුප්පාදො හොති, තඤ්ච පජානාති. (1-6)
Sinhala BJTමහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙමේ ඇස ද දනී. රූපය ද දනී. ඒ දෙක නිසා යම් සංයෝජනයක් උපදී ද, එයත් දනී. යම්සේ නූපන් සංයෝජනයාගේ ඉපදීම වේ ද එයත් දනී. යම්සේ උපන් සංයෝජනයාගේ ප්‍රහාණිය වේ ද, එයත් දනී. යම්සේ ප්‍රහීණ වූ සංයෝජනයාගේ මතු නො ඉපදීම වේ ද එයත් දනී, කන ද දනී. ශබ්දය ද දනී. … නාසය ද දනී. ගඳ ද දනී. … දිව ද දනී. රස ද දනී. … ශරීරය ද දනී. ස්ප්‍රෂ්ටව්‍යයත් දනී. … හිත ද දනී. ධර්‍මයන් ද දනී. දෙක නිසා යම් සංයෝජනයක් උපදී නම්, එයත් දනී. යම්සේ නූපන් සංයෝජනයාගේ නූපදීම වේ ද, එයත් දනී. යම්සේ උපන් සංයෝජනයාගේ ප්‍රහාණිය වේ ද, එයත් දනී. යම්සේ ප්‍රහීණ සංයෝජනයාගේ මතු නො ඉපදීම වේ ද එයත් දනී (1-6).
Pali BJTඉති අජ්ඣත්තං වා ධම්මෙසු ධම්මානුපස්සී විහරති. බහිද්ධා වා ධම්මෙසු ධම්මානුපස්සී විහරති. අජ්ඣත්තබහිද්ධා වා ධම්මෙසු ධම්මානුපස්සී විහරති. සමුදයධම්මානුපස්සී වා ධම්මෙසු විහරති. වයධම්මානුපස්සී වා ධම්මෙසු විහරති. සමුදයවයධම්මානුපස්සී වා ධම්මෙසු විහරති. අත්ථි ධම්මාති වා පනස්ස සති පච්චුපට්ඨිතා හොති යාවදෙව ඤාණමත්තාය පතිස්සතිමත්තාය. අනිස්සිතො ච විහරති. න ච කිඤ්චි ලොකෙ උපාදියති. එවං ඛො භික්ඛවෙ භික්ඛු ධම්මෙසු ධම්මානුපස්සී විහරති ඡසු අජ්ඣත්තිකබාහිරෙසු ආයතනෙසු.
Sinhala BJTමෙසේ ආධ්‍යාත්මික වූ හෝ ධර්‍මයන්හි ධම්මානුපස්සී වූයේ වාසය කරයි. බාහිර වූ හෝ ධර්‍මයන්හි ධම්මානුපස්සී වූයේ වාසය කරයි. ආධ්‍යාත්මිකබාහිර වූ හෝ ධර්‍මයන්හි ධම්මානුපස්සී වූයේ වාසය කරයි. ධර්‍මයන්හි හටගැනීම නුවණින් බලනසුලු වූයේ හෝ වාසය කරයි. ධර්‍මයන්හි හටගැන්ම හා විනාශයත් නුවණින් බලනසුලු වූයේ හෝ වාසය කරයි. ඔහුට සිහිය වැඩීම පිණිස ඤාණය වැඩීම පිණිස සිහිය හුදෙක් ආයතන ධර්‍ම පමණක් ඇත යන සිහිය එළඹ සිටියේ වෙයි. තෘෂ්ණා දෘෂ්ටි නිඃශ්‍රය රහිත ව වාසය කරයි. (ආයතන) සඞ්ඛ්‍යාත ලෝකයෙහි කිසිවක් ‘මම ය මාගේ ය’ යි නො ගනියි. මහණෙනි, මෙසේත් මහණ තෙමේ ආධ්‍යාත්මිකබාහිර ආයතන ධර්‍මයන්හි ධම්මානුපස්සී වූයේ වාසය කරයි.
Pali BJT[ආයතනපබ්බං.]
Sinhala BJT[ආයතන පබ්බ යි.]
Pali BJT4. පුන චපරං භික්ඛවෙ භික්ඛු ධම්මෙසු ධම්මානුපස්සී විහරති සත්තසු බොජ්ඣඞ්ගෙසු. කථඤ්ච භික්ඛවෙ භික්ඛු ධම්මෙසු ධම්මානුපස්සී විහරති සත්තසු බොජ්ඣඞ්ගෙසු?
Sinhala BJT4. තවද මහණෙනි, මහණ තෙමේ සප්ත බෝධ්‍යඞ්ග ධර්‍මයන්හි ධර්‍මයන්හි ධම්මානුපස්සී වූයේ වාසය කරයි. මහණෙනි, කෙසේ නම් මහණ තෙමේ සප්ත බෝධ්‍යඞ්ග ධර්‍මයන්හි ධම්මානුපස්සී වූයේ වාසය කෙරේ ද?
Pali BJTඉධ භික්ඛවෙ භික්ඛු සන්තං වා අජ්ඣත්තං සතිසම්බොජ්ඣඞ්ගං අත්ථි මෙ අජ්ඣත්තං සතිසම්බොජ්ඣඞ්ගො’ති පජානාති. අසන්තං වා අජ්ඣත්තං සතිසම්බොජ්ඣඞ්ගං ‘නත්ථි මෙ අජ්ඣත්තං සතිසම්බොජ්ඣඞ්ගො’ති පජානාති –
Sinhala BJTතමා තුළ ඇත්තා වූ හෝ සතිසම්බොජ්ඣඞ්ගය ‘මා තුළ සතිසම්බොජ්ඣඞ්ගය ඇතැ’ යි දැන ගනියි. තමා තුළ නැත්තා වූ හෝ සතිසම්බොජ්ඣඞ්ගය ‘මා තුළ සතිසම්බොජ්ඣඞ්ගය නැතැ’ යි දැන ගනියි.
Pali BJTයථා ච අනුප්පන්නස්ස සතිසම්බොජ්ඣඞ්ගස්ස උප්පාදො හොති, තඤ්ච පජානාති. යථා ච උප්පන්නස්ස සතිසම්බොජ්ඣඞ්ගස්ස භාවනාපාරිපූරී හොති, තඤ්ච පජානාති. (1)
Sinhala BJTයම්සේ නූපන්නාවූ හෝ සතිසම්බොජ්ඣඞ්ගයාගේ ඉපදීම වේ ද, එයද දැන ගනියි. යම්සේ උපන්නා වූ ද සතිසම්බොජ්ඣඞ්ගයාගේ වැඩීමෙන් සම්පූර්‍ණත්‍වය වේ ද, එය ද දැන ගනියි. (1)
Pali BJTසන්තං වා අජ්ඣත්තං ධම්මවිචයසම්බොජ්ඣඞ්ගං ‘අත්ථි මෙ අජ්ඣත්තං ධම්මවිචයසම්බොජ්ඣඞ්ගො’ති පජානාති. අසන්තං වා අජ්ඣත්තං ධම්මවිචයසම්බොජ්ඣඞ්ගං ‘නත්ථි මෙ අජ්ඣත්තං ධම්මවිචයසම්බොජ්ඣඞ්ගො’ති පජානාති. යථා ච අනුප්පන්නස්ස ධම්මවිචයසම්බොජ්ඣඞ්ගස්ස උප්පාදො හොති, තඤ්ච පජානාති. යථා ච උප්පන්නස්ස ධම්මවිචයසම්බොජ්ඣඞ්ගස්ස භාවනාපාරිපූරී හොති, තඤ්ච පජානාති. (2)
Sinhala BJTතමා තුළ ඇත්තා වූ හෝ ධම්මවිචය සම්බොජ්ඣඞ්ගය ‘මා තුළ ධම්මවිචය සම්බොජ්ඣඞ්ගය ඇතැ’ යි දැන ගනියි. තමා තුළ නැත්තා වූ හෝ ධම්මවිචය සම්බොජ්ඣඞ්ගය ‘මා තුළ ධම්මවිචය සම්බෝධ්‍යඞ්ගය නැතැ’ යි දැන ගනියි. යම්සේ නූපන්නා වූ ද ධම්මවිචය සම්බොජ්ඣඞ්ගයාගේ ඉපදීම වේ ද, එයද දැන ගනියි. යම්සේ උපන්නා වූ ධම්මවිචය සම්බොජ්ඣඞ්ගයාගේ වැඩීමෙන් පරිපූර්‍ණත්‍වය වේ ද, එය ද දැන ගනියි. (2)
Pali BJTසන්තං වා අජ්ඣත්තං විරියසම්බොජ්ඣඞ්ගං ‘අත්ථි මෙ අජ්ඣත්තං විරියසම්බොජ්ඣඞ්ගො’ති පජානාති. අසන්තං වා අජ්ඣත්තං විරියසම්බොජ්ඣඞ්ගං ‘නත්ථි මෙ අජ්ඣත්තං විරියසම්බොජ්ඣඞ්ගො’ති පජානාති. යථා ච අනුප්පන්නස්ස විරියසම්බොජ්ඣඞ්ගස්ස උප්පාදො හොති, තඤ්ච පජානාති. යථා ච උප්පන්නස්ස විරියසම්බොජ්ඣඞ්ගස්ස භාවනාපාරිපූරී හොති, තඤ්ච පජානාති. (3)
Sinhala BJTතමා තුළ ඇත්තා වූ හෝ විරිය සම්බොජ්ඣඞ්ගය ‘මා තුළ විරිය සම්බොජ්ඣඞ්ගය ඇතැ’ යි දැන ගනියි. තමා තුළ නැත්තා වූ හෝ විරිය සම්බොජ්ඣඞ්ගය ‘මා තුළ විරිය සම්බොජ්ඣඞ්ගය නැතැ’ යි දැන ගනියි. යම්සේ නූපන්නා වූ ද විරිය සම්බොජ්ඣඞ්ගයාගේ වැඩීමෙන් පරිපූර්‍ණත්‍වය වේ ද, එය ද දැන ගනියි. (3)
Pali BJTසන්තං වා අජ්ඣත්තං පීතිසම්බොජ්ඣඞ්ගං ‘අත්ථි මෙ අජ්ඣත්තං පීතිසම්බොජ්ඣඞ්ගො’ති පජානාති. අසන්තං වා අජ්ඣත්තං පීතිසම්බොජ්ඣඞ්ගං ‘නත්ථි මෙ අජ්ඣත්තං පීතිසම්බොජ්ඣඞ්ගො’ති පජානාති. යථා ච අනුප්පන්නස්ස පීතිසම්බොජ්ඣඞ්ගස්ස උප්පාදො හොති, තඤ්ච පජානාති. යථා ච උප්පන්නස්ස පීතිසම්බොජ්ඣඞ්ගස්ස භාවනාපාරිපූරී හොති, තඤ්ච පජානාති. (4)
Sinhala BJTතමා තුළ ඇත්තා වූ හෝ පීති සම්බොජ්ඣඞ්ගය ‘මා තුළ පීති සම්බොජ්ඣඞ්ගය ඇතැ’ යි දැන ගනියි. තමා තුළ නැත්තා වූ හෝ පීති සම්බොජ්ඣඞ්ගය ‘මා තුළ පීති සම්බොජ්ඣඞ්ගය නැතැ’ යි දැන ගනියි. යම්සේ නූපන්නා වු ද පීතිසම්බොජ්ඣඞ්ගයාගේ ඉපදීම වේ ද, එයද දැන ගනියි. යම්සේ උපන්නා වූ පීති සම්බොජ්ඣඞ්ගයාගේ වැඩීමෙන් පරිපූර්‍ණත්‍වය වේ ද, එය ද දැන ගනියි. (4)
Pali BJTසන්තං වා අජ්ඣත්තං පස්සද්ධිසම්බොජ්ඣඞ්ගං ‘අත්ථි මෙ අජ්ඣත්තං පස්සද්ධිසම්බොජ්ඣඞ්ගො’ති පජානාති. අසන්තං වා අජ්ඣත්තං පස්සද්ධිසම්බොජ්ඣඞ්ගං ‘නත්ථි මෙ අජ්ඣත්තං පස්සද්ධිසම්බොජ්ඣඞ්ගො’ති පජානාති. යථා ච අනුප්පන්නස්ස පස්සද්ධිසම්බොජ්ඣඞ්ගස්ස උප්පාදො හොති, තඤ්ච පජානාති. යථා ච උප්පන්නස්ස පස්සද්ධිසම්බොජ්ඣඞ්ගස්ස භාවනාපාරිපූරී හොති, තඤ්ච පජානාති. (5)
Sinhala BJTතමා තුළ ඇත්තා වූ හෝ පස්සද්ධිසම්බොජ්ඣඞ්ගය ‘මා තුළ පස්සද්ධි සම්බොජ්ඣඞ්ගය ඇතැ’ යි දැන ගනියි. තමා තුළ නැත්තා වූ හෝ පස්සද්ධි සම්බොජ්ඣඞ්ගය ‘මා තුළ පස්සද්ධිසම්බොජ්ඣඞ්ගය නැතැ’ යි දැන ගනියි. යම්සේ නූපන්නා වූ ද පස්සද්ධිසම්බොජ්ඣඞ්ගයාගේ ඉපදීම වේ ද, එයද දැන ගනියි. යම්සේ උපන්නා වූ ද පස්සද්ධිසම්බොජ්ඣඞ්ගයාගේ වැඩීමෙන් පරිපූර්‍ණත්‍වය වේ ද, එය ද දැන ගනියි. (5)
Pali BJTසන්තං වා අජ්ඣත්තං සමාධිසම්බොජ්ඣඞ්ගං ‘අත්ථි මෙ අජ්ඣත්තං සමාධිසම්බොජ්ඣඞ්ගො’ති පජානාති. අසන්තං වා අජ්ඣත්තං සමාධිසම්බොජ්ඣඞ්ගං ‘නත්ථි මෙ අජ්ඣත්තං සමාධිසම්බොජ්ඣඞ්ගො’ති පජානාති. යථා ච අනුප්පන්නස්ස සමාධිසම්බොජ්ඣඞ්ගස්ස උප්පාදො හොති, තඤ්ච පජානාති. යථා ච උප්පන්නස්ස සමාධිසම්බොජ්ඣඞ්ගස්ස භාවනාපාරිපූරී හොති, තඤ්ච පජානාති. (6)
Sinhala BJTතමා තුළ ඇත්තා වූ හෝ සමාධි සම්බොජ්ඣඞ්ගය ‘මා තුළ සමාධිසම්බොජ්ඣඞ්ගය ඇතැ’ යි දැන ගනියි. තමා තුළ නැත්තා වූ හෝ සමාධි සම්බොජ්ඣඞ්ගය ‘මා තුළ සමාධි සම්බොජ්ඣඞ්ගය නැතැ’ යි දැන ගනියි. යම්සේ නූපන්නා වූ ද සමාධිසම්බොජ්ඣඞ්ගයාගේ ඉපදීම වේ ද, එයද දැන ගනියි. යම්සේ උපන්නා වූ ද සමාධි සම්බොජ්ඣඞ්ගයාගේ වැඩීමෙන් පරිපූර්‍ණත්‍වය වේ ද, එය ද දැන ගනියි. (6)
Pali BJTසන්තං වා අජ්ඣත්තං උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගං ‘අත්ථි මෙ අජ්ඣත්තං උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගො’ති පජානාති. අසන්තං වා අජ්ඣත්තං උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගං ‘නත්ථි මෙ අජ්ඣත්තං උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගො’ති පජානාති. යථා ච අනුප්පන්නස්ස උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගස්ස උප්පාදො හොති, තඤ්ච පජානාති. යථා ච උප්පන්නස්ස උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගස්ස භාවනාපාරිපූරී හොති තඤ්ච පජානාති. (7)
Sinhala BJTතමා තුළ ඇත්තාවූ හෝ උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගය ‘මා තුළ උපෙක්ඛා සම්බොජ්ඣඞ්ගය ඇතැ’ යි දැන ගනී. තමා තුළ නැත්තා වූ හෝ උපෙක්ඛා සම්බොජ්ඣඞ්ගය ‘මා තුළ උපෙක්ඛා සම්බොජ්ඣඞ්ගය නැතැ’ යි දැන ගනී. යම්සේ නූපන්නා වූ ද උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගයාගේ ඉපදීම වේ ද, එයද දැන ගනී. යම්සේ උපන්නා වූ ද උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගයාගේ වැඩීමෙන් පරිපූර්‍ණත්‍වය වේ ද, එය ද දැන ගනියි. (7)
Pali BJTඉති අජ්ඣත්තං වා ධම්මෙසු ධම්මානුපස්සී විහරති. බහිද්ධා වා ධම්මෙසු ධම්මානුපස්සී විහරති. අජ්ඣත්තබහිද්ධා වා ධම්මෙසු ධම්මානුපස්සී විහරති. සමුදයධම්මානුපස්සී වා ධම්මෙසු විහරති. වයධම්මානුපස්සී වා ධම්මෙසු විහරති. සමුදයවයධම්මානුපස්සී වා ධම්මෙසු විහරති. අත්ථි ධම්මාති වා පනස්ස සති පච්චුපට්ඨිතා හොති යාවදෙව ඤාණමත්තාය පතිස්සතිමත්තාය. අනිස්සිතො ච විහරති. න ච කිඤ්චි ලොකෙ උපාදියති. එවම්පි ඛො භික්ඛවෙ භික්ඛු ධම්මෙසු ධම්මානුපස්සී විහරති සත්තසු බොජ්ඣඞ්ගෙසු.
Sinhala BJTමෙසේ තමා තුළ වූ හෝ ධර්‍මයන්හි ධම්මානුපස්සී වූයේ වාසය කරයි. බාහිර වූ හෝ ධර්‍මයන්හි ධම්මානුපස්සී වූයේ වාසය කරයි. තමා තුළ හා බාහිර වූ ද ධර්‍මයන්හි ධම්මානුපස්සී වූයේ වාසය කරයි. ධර්‍මයන්හි හටගැන්ම නුවණින් බලනසුලු වූයේ හෝ වාසය කරයි. ධර්‍මයන්හි විනාශය නුවණින් බලනසුලු වූයේ හෝ වාසය කරයි. ධර්‍මයන්හි හටගැන්ම හා විනාශය නුවණින් බලනසුලු වූයේ හෝ වාසය කරයි. ඒ මහණහට (මතුමත්තෙහි) ඤාණය වැඩීම පිණිස සිහිය වැඩීම පිණිස හුදෙක් බෝධ්‍යඞ්ගධර්‍ම පමණක් ඇතැ යි යන සිහිය එළඹ සිටියේ වෙයි. තෘෂ්ණා දෘෂ්ටි නිස්සය රහිතවූයේ වාසය කරයි. (බෝධ්‍යඞ්ගධර්‍ම සඞ්ඛ්‍යාත) ලෝකයෙහි කිසිවක් ‘මම ය මාගේ ය’ යි නො ගනී. මහණෙනි, මෙසේ මහණ තෙමේ මෙසේත් සප්ත බෝධ්‍යඞ්ගධර්‍ම ධර්‍මයන්හි ධම්මානුපස්සී වූයේ වාසය කරයි.
Pali BJT[බොජ්ඣඞ්ගපබ්බං.]
Sinhala BJT[බොජ්ඣඞ්ග පබ්බ යි.]
Pali BJT5. පුන චපරං භික්ඛවෙ භික්ඛු ධම්මෙසු ධම්මානුපස්සී විහරති චතූසු අරියසච්චෙසු. කථඤ්ච භික්ඛවෙ භික්ඛු ධම්මෙසු ධම්මානුපස්සී විහරති චතූසු අරියසච්චෙසු?
Sinhala BJT5. තවද මහණෙනි, මහණ තෙමේ චතුරාර්‍ය්‍යසත්‍ය ධර්‍මයන්හි ධර්‍මයන්හි ධම්මානුපස්සී වූයේ වාසය කරයි. මහණෙනි, කෙසේ නම් මහණ තෙමේ චතුරාර්‍ය්‍යසත්‍ය ධර්‍මයන්හි ධම්මානුපස්සී වූයේ වාසය කෙරේ ද?
Pali BJTඉධ භික්ඛවෙ භික්ඛු ‘ඉදං දුක්ඛන්ති යථාභූතං පජානාති’. ‘අයං දුක්ඛසමුදයො’ති යථාභූතං පජානාති. ‘අයං දුක්ඛනිරොධො’ති යථාභූතං පජානාති. ‘අයං දුක්ඛනිරොධගාමිනී පටිපදා’ති යථාභූතං පජානාති.
Sinhala BJTමහණෙනි. මේ ශාසනයේ මහණ තෙමේ ‘මේ දුක්ඛ ය’යි තතුසේ දැන ගනියි. ‘මේ දුක්ඛසමුදය’යි තතුසේ දැන ගනියි. ‘මේ දුක්ඛනිරෝධ ය’යි තතුසේ දැන ගනියි. ‘මේ දුක්ඛනිරෝධගාමිනී පටිපදා ය’යි තතුසේ දැන ගනියි.
Pali BJTඉති අජ්ඣත්තං වා ධම්මෙසු ධම්මානුපස්සී විහරති. බහිද්ධා වා ධම්මෙසු ධම්මානුපස්සී විහරති. අජ්ඣත්තබහිද්ධා වා ධම්මෙසු ධම්මානුපස්සී විහරති. සමුදයධම්මානුපස්සී වා ධම්මෙසු විහරති. වයධම්මානුපස්සී වා ධම්මෙසු විහරති. සමුදයවයධම්මානුපස්සී වා ධම්මෙසු විහරති. අත්ථි ධම්මාති වා පනස්ස සති පච්චුපට්ඨිතා හොති යාවදෙව ඤාණමත්තාය පතිස්සතිමත්තාය. අනිස්සිතො ච විහරති. න ච කිඤ්චි ලොකෙ උපාදියති. එවම්පි ඛො භික්ඛවෙ භික්ඛු ධම්මෙසු ධම්මානුපස්සී විහරති චතූසු අරියසච්චෙසු.
Sinhala BJTමෙසේ තමා තුළ වූ හෝ ධර්‍මයන්හි ධර්‍මයන් නුවණින් බලනසුලු වූයේ වාසය කරයි. බාහිර වූ ධර්‍මයන්හි ධර්‍මයන් නුවණින් බලනසුලු වූයේ වාසය කරයි. තමන් හා මෙරමා ද පිළිබඳ වූ ධර්‍මයන්හි ධර්‍මයන් නුවණින් බලනසුලු වූයේ වාසය කරයි. ධර්‍මයන්හි හටගැනීම නුවණින් බලනසුලු වූයේ හෝ වාසය කරයි. ධර්‍මයන්හි විනාශය නුවණින් බලනසුලු වූයේ හෝ වාසය කරයි. ධර්‍මයන්හි හටගැන්ම හා විනාශය නුවණින් බලන සුලු වූයේ හෝ වාසය කරයි. ඒ මහණහට (මතුමත්තෙහි) ඤාණය වැඩීම පිණිස සිහිය වැඩීම පිණිස හුදෙක් ආර්‍ය්‍යසත්‍ය ධර්‍ම පමණක් ඇත යන සිහිය එළඹ සිටියේ වේ. තෘෂ්ණා දෘෂ්ටි නිඃශ්‍රය රහිත වූයේ වාසය කරයි. ආර්‍ය්‍යසත්‍යසඞ්ඛ්‍යාත ලෝකයෙහි කිසිවක් ‘මම ය මාගේ ය’ යි නො ගනියි. මහණෙනි, මහණ තෙමේ මෙසේත් චතුරාර්‍ය්‍යසත්‍ය ධර්‍මයන්හි ධම්මානුපස්සී වූයේ වාසය කරයි.
Pali BJT[සච්චපබ්බං.]
Sinhala BJT[සච්ච පබ්බ යි.]
Pali BJT1. යො හි කොචි භික්ඛවෙ ඉමෙ චත්තාරො සතිපට්ඨානෙ එවං භාවෙය්ය සත්ත වස්සානි, තස්ස ද්වින්නං ඵලානං අඤ්ඤතරං ඵලං පාටිකඞ්ඛං: දිට්ඨෙව ධම්මෙ අඤ්ඤා, සති වා උපාදිසෙසෙ අනාගාමිතා. තිට්ඨන්තු භික්ඛවෙ සත්ත වස්සානි, යො හි කොචි භික්ඛවෙ ඉමෙ චත්තාරො සතිපට්ඨානෙ එවං භාවෙය්ය ඡබ්බස්සානි {1} -පෙ- පඤ්ච වස්සානි -පෙ- චත්තාරි වස්සානි -පෙ- තීණි වස්සානි -පෙ- ද්වෙ වස්සානි -පෙ- එකං වස්සං -පෙ- තිට්ඨතු භික්ඛවෙ එකං වස්සං, යො හි කොචි භික්ඛවෙ ඉමෙ චත්තාරො සතිපට්ඨානෙ එවං භාවෙය්ය සත්ත මාසානි, තස්ස ද්වින්නං ඵලානං අඤ්ඤතරං ඵලං පාටිකඞ්ඛං: දිට්ඨෙව ධම්මෙ අඤ්ඤා, සති වා උපාදිසෙසෙ අනාගාමිතා. තිට්ඨන්තු භික්ඛවෙ සත්ත මාසානි, යො හි කොචි භික්ඛවෙ ඉමෙ චත්තාරො සතිපට්ඨානෙ එවං භාවෙය්ය ඡ මාසානි -පෙ- පඤ්ච මාසානි -පෙ- චත්තාරි මාසානි -පෙ- තීණි මාසානි -පෙ- ද්වෙ මාසානි -පෙ- මාසං{2} -පෙ- අද්ධමාසං -පෙ- තිට්ඨතු භික්ඛවෙ අද්ධමාසො. යො හි කොචි භික්ඛවෙ ඉමෙ චත්තාරො සතිපට්ඨානෙ එවං භාවෙය්ය සත්තාහං, තස්ස ද්වින්නං ඵලානං අඤ්ඤතරං ඵලං පාටිකඞ්ඛං; දිට්ඨෙව ධම්මෙ අඤ්ඤා සති වා උපාදිසෙසෙ අනාගාමිතා”ති.
Sinhala BJT1. මහණෙනි, යම් කිසිවෙක් මේ සතර සතිපට්ඨානයන් මෙසේ (විධි ලෙස) සත් අවුරුද්දක් වඩන්නේ නම් ඔහු දෙපලයන් අතුරෙහි එක්තරා පලයක් - දිටු දැමියෙහි ම රහත්පලය හෝ උපාදානයන් ඉතිරි ව ඇති කල්හි අනාගාමි භාවය හෝ කැමැති විය (එකැතින් ලැබිය) යුතු. මහණෙනි, සත් අවුරුද්දක් තිබියේවා මහණෙනි, යම් කිසිවෙක් මේ සතර සතිපට්ඨානයන් මෙසේ අවුරුදු සයක් … අවුරුදු පහක් … අවුරුදු සතරක් … අවුරුදු තුනක් … අවුරුදු දෙකක් … අවුරුදු එකක් … මහණෙනි, එක අවුරුද්ද තිබියේවා. මහණෙනි, යම් කිසිවෙක් මේ සතර සතිපට්ඨානයන් මෙසේ හත්මසක් වඩන්නේ නම් ඔහු විසින් දෙපලයන් අතුරෙන් එක්තරා පලයක් - ඉහාත්මයෙහි ම රහත්පලය හෝ උපාදානයන් ඉතිරි ව ඇති කල්හි අනාගාමි භාවය හෝ කැමැති විය යුතු. මහණෙනි, සත්මස තිබියේවා. සමසක් … පස්මසක් … සාරමසක් … තුන්මසක් … දෙමසක් … මාසයක් … අඩමසක් … මෙසේ මේ සතර සතිපට්ඨානයන් වඩන්නේ නම්… මහණෙනි, අඩමසක් තිබියේවා. මහණෙනි, යම් කිසිවෙක් මේ සතිපට්ඨානයන් මෙසේ සත්දවසක් වඩන්නේ නම් ඔහු විසින් දෙපලයන් අතුරෙන් එක්තරා පලයක් - ඉහාත්මයෙහි ම රහත්පලය හෝ උපාදානයන් ඉතිරි ව ඇතිකල්හි අනාගාමිභාවය හෝ කැමැති විය යුතු.
Pali BJT“එකායනො අයං භික්ඛවෙ මග්ගො සත්තානං විසුද්ධියා සොකපරිද්දවානං සමතික්කමාය දුක්ඛදොමනස්සානං අත්ථගමාය ඤායස්ස අධිගමාය නිබ්බානස්ස සච්ඡිකිරියාය යදිදං චත්තාරො සතිපට්ඨානාති. ඉති යන්තං වුත්තං ඉදමෙතං පටිච්ච වුත්තන්ති.
Sinhala BJT“මහණෙනි, සත්‍වයන්ගේ පිරිසිදු වීම පිණිස, ශෝක-පරිදේවයන් නැති කිරීම පිණිස, දුක්-දොම්නස් ඉක්මවීම පිණිස, ආර්‍ය්‍යාෂ්ටාඞ්ගික මාර්‍ගයාගේ අවබෝධය පිණිස, නිවන් පසක් කරනු පිණිස, මේ ඒකායන මාර්‍ගය - එනම් මේ සතර සතිපට්ඨාන” යි. මා විසින් යමක් කියන ලද නම් එය මේ නිසා කියන ලද්දේ ය.
Pali BJTඉදමවොච භගවා. අත්තමනා තෙ භික්ඛූ භගවතො භාසිතං අභිනන්දුන්ති.
Sinhala BJTභාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සතුටු සිත් ඇති ඒ භික්‍ෂූහු භාග්‍යවතුන්වහන්සේගේ භාසිතය සතුටින් පිළිගත්හ.
Pali BJTසතිපට්ඨානසුත්තං{3} දසමං.
Sinhala BJTසතිපට්ඨාන සූත්‍රය දසවැනි යි.
Pali BJTමූලපරියායවග්ගො පඨමො.
Sinhala BJTමූලපරියාය වර්‍ගය පළමුවැනි යි.
Pali BJT[තස්සවග්ගස්ස{1} උද්දානං:]
Sinhala BJT[ඒ වර්‍ගයාගේ උද්දානය:]
Pali BJT1. අජරං අමරං අමතාධිගමං ඵලමග්ගනිදස්සන දුක්ඛනුදං, සහිතත්ථමහාරහභස්සකරබ්භුතපීතිකරං ථවතො සුණාථ
Sinhala BJT1. අජරාමර වූ නිවන්සුව එළවන මඟපල දහම් දක්වන පස්කඳදුක් දුරලන මහාර්‍හ, භාෂ්‍යකර, (ධර්‍ම විස්තර එළවන) අද්භූත වූ ප්‍රීති දනවන තෙවළා අරුත් පසස්නා (මාගේ බස්) අසව.
Pali BJT2. තළකාව සුපූරිතඝම්මපථෙ තිවිධග්ගිපලෙපිතනිබ්බපනා, භවබ්යාධිපනොදනඔසධියො ධුව මජ්ඣිමසුත්තවරට්ඨපිතා.
Sinhala BJT2. ගිම්මඟැ සිහිල්දිය පිරුණු සරොවරයන් බඳු අවලේප දුන් (රාගාදි) තුන්ගිනි නිවන සසරවසන් දුරලන මහඔසු වූ බුදුන් වදහළ මධ්‍යමප්‍රමාණ වූ යම් සූත්‍ර කෙනෙක් එකැතින් සඟහා තබනලද්දාහු ද -
Pali BJT3. මධවිච මන්දරසා අමරානං ඛිඩ්ඩරතීජනනං සමරූනං, තා සුතවෙය්යකරට්ඨපිතාසුං සක්යසුතානමභීරමණත්ථා
Sinhala BJT3. දෙවියන්ට අමා මීසේ නො මඳ රස වූ සදෙව්ලෝවැසියනට කෙළිලොල් දනවන ඒ සූත්‍රවෙය්‍යාකරණ ධර්‍මයෝ ශාක්‍යපුත්‍රයනට අභිරමණය සඳහා (සඞ්ග්‍රාහකයන් විසින්) සඟහා තබනලද්දාහ.
Pali BJT4. පඤ්ඤසත්යාදි සතඤ්ච දියඩ්ඪං වෙය්යකරාන දුවෙ අපරෙ ච, තෙසමහං අනුපුබ්බ බ්රවීමි එකමනා නිසාමෙථ මුදග්ගා.
Sinhala BJT4. ඒ වෙය්‍යාකරණ (සූත්‍රධර්‍ම) යෝ මුල පනසෙක, යළි සියයෙකැ යි යෙළසියෙක් හා තදන්‍යසූත්‍රයෝ දෙදෙනෙක් හා ඇත. මම උන්ගේ අනුපූර්‍ව උද්දානය කියමි. ඔද වැඩි වැ එක්සිත් වැ අසව.
Pali BJT5. පභවාසදායදපුබ්බගමො අගතීගතිඅඞ්ගණසබ්හයකො, පියගාරවපණ්ඩරසල්ලිඛනො තථදිට්ඨි සතී දසමො පඨමො.{*}
Sinhala BJT5. සත්කායපර්‍ය්‍යාපන්ත සර්‍ව ධර්‍මයන්ගේ ප්‍රභවක්‍රම සඞ්ඛ්‍යාත මූලපර්‍ය්‍යාය සූත්‍රය, සර්‍වාස්‍රවසංවරපර්‍ය්‍යාය සඞ්ඛාත සබ්බාසවසූත්‍රය, දායාදපූර්‍වඞ්ගම කොට ඇති ධම්මදායාදසූත්‍රය, භයභේරවසූත්‍රය සහිත වූ අගතිගමන සඞ්ඛ්‍යාත අඞ්ගණප්‍රතිපක්‍ෂ අනඞ්ගණසූත්‍රය, ප්‍රියගෞරවාදිආකාඞ්ක්‍ෂා ප්‍රකාශ වූ ආකඛෙඞ්ය්‍යසූත්‍රය, පාරිශුද්ධ වස්ත්‍රෝපම කොට වදාළ වත්‍ථුසූත්‍රය, ක්ලේශසංලිඛන ප්‍රකාශක වූ සල්ලේඛසූත්‍රය, තථ්‍යදෘෂ්ටි සඞ්ඛ්‍යාත සම්මාදිට්ඨිසූත්‍රය හා සතිපට්ඨානසූත්‍රය දසවනු කොට ඇතියේ ප්‍රථමවර්‍ග යි.{*}
Pali BJT2. සීහනාදවග්ගො
Sinhala BJT2. සීහනාද වර්‍ගය
Pali BJT1. 2. 1.
Sinhala BJT1. 2. 1.
Pali BJTචූළසීහනාදසුත්තං
Sinhala BJTචුළසීහනාද සූත්‍රය
Pali BJT1. එවං මෙ සුතං: එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තත්ර ඛො භගවා භික්ඛූ ආමන්තෙසි: භික්ඛවොති. භදන්තෙති තෙ භික්ඛූ භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච:
Sinhala BJT1. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි වූ ජේතවන නම් අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වැඩ වාසය කරන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි”යි භික්‍ෂූන් ඇමතූ සේක. එ භික්‍ෂූහු “වහන්සැ” යි භාග්‍යවතුන් වහන්සේට ප්‍රතිවචන දුන්හු. භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ සේක.
Pali BJT2. ඉධෙව භික්ඛවෙ සමණො, ඉධ දුතියො සමණො, ඉධ තතියො සමණො, ඉධ චතුත්ථො සමණො. සුඤ්ඤා පරප්පවාදා සමණෙහි අඤ්ඤෙති{1}. එවමෙව{2} භික්ඛවෙ සම්මා සීහනාදං නදථ. ඨානං ඛො පනෙතං භික්ඛවෙ විජ්ජති යං ඉධ අඤ්ඤතිත්ථියා පරිබ්බාජකා එවං වදෙය්යුං: කො පනායස්මන්තානං අස්සාසො? කිං බලං? යෙන තුම්හෙ ආයස්මන්තො{3} එවං වදෙථ: ඉධෙව සමණො, ඉධ දුතියො සමණො, ඉධ තතියො සමණො, ඉධ චතුත්ථො සමණො. සුඤ්ඤා පරප්පවාදා සමණෙහි අඤ්ඤෙ’ති.
Sinhala BJT2. මහණෙනි, පළමු මහණ (සෝවාන්) මේ සස්නෙහි ම ය. දෙවැනි මහණ (සෙදගැමි) මේ සස්නෙහි ම ය. තුන්වැනි මහණ (අනගැමි) මේ සස්නෙහි ම ය. සිවුවැනි මහණ (රහත්) මේ සස්නෙහිමය. අන්‍යත් ද්වාෂෂ‍්ටිවාද සඞ්‍ඛ්‍යාත පරප්‍රවාදයෝ (සමයාන්තරයෝ) ශ්‍රමණයන් කෙරෙන් ශූන්‍යයහ. මහණෙනි, මෙසේ ම මනා කොට සිංහනාද කරවු. මහණෙනි, මේ අන්තොටු පිරිවැජියෝ “ආයුෂ්මත්නි, යම් හෙයකින් තෙපි කරණ කොට ‘මහණ මේ සස්නෙහි ම ය. දෙවැනි මහණ මේ සස්නෙහි ම ය. තුන්වැනි මහණ මේ සස්නෙහි ම ය. සිවුවැනි මහණ මේ සස්නෙහි ම ය. අන්‍යවූ පරප්‍රවාදයෝ මහණුන් කෙරෙන් ශූන්‍යයහ’ යි මෙසේ කියන්නාහු නම් එහිලා ආයුෂ‍්මතුන්ට ඇති ආශ්වාසය කිමෙක? බලය කිමෙකැ? යි මෙසේ කියන්නාහු ය” යන තෙල කරුණෙක් ඇති වෙයි.