Pali BJTසාධු සාධු සාරිපුත්ත, සාධු ඛො ත්වං සාරිපුත්ත, ඉමස්ස මයා සංඛිත්තෙන භාසිතස්ස විත්ථාරෙන අත්ථං අවිභත්තස්ස එවං විත්ථාරෙන අත්ථං ආජානාසි.
Sinhala BJTශාරිපුත්‍රය, මැනැව, මැනැව, ශාරිපුත්‍රය, තෙපි මා විසින් සැකෙවින් වදාළ විස්තර විසින් අර්‍ත්‍ථවිභාග නො කළ මේ භාෂිතයාගේ අර්‍ත්‍ථ මනාකොට අවබෝධ කරන්නාව.
Pali BJT“කායසමාචාරම්පහං භික්ඛවෙ, දුවිධෙන වදාමි: සෙවිතබ්බම්පි අසෙවිතබ්බම්පි. තඤ්ච අඤ්ඤමඤ්ඤං කායසමාචාර’න්ති ඉති ඛො පනෙතං වුත්තං මයා, කිඤ්චෙතං පටිච්ච වුත්තං. යථාරූපං සාරිපුත්ත, කායසමාචාරං සෙවතො අකුසලා ධම්මා අභිවඩ්ඪන්ති, කුසලා ධම්මා පරිහායන්ති. එවරූපො කායසමාචාරො න සෙවිතබ්බො. යථාරූපඤ්ච ඛො සාරිපුත්ත, කායසමාචාරං සෙවතො අකුසලා ධම්මා පරිහායන්ති, කුසලා ධම්මා අභිවඩ්ඪන්ති. එවරූපො කායසමාචාරො සෙවිතබ්බො.
Sinhala BJT“මහණෙනි, මම කායසමාචාරය ද දෙපරිද්දෙකින් කියමි: සේවිතව්‍ය ද අසේවිතව්‍ය දැ’ යි එ ද වෙන වෙන කායසමාචාර’ වෙති’ යි මෙසේ මා විසින් තෙල බසෙක් කියන ලද ද, තෙල බස් කුමක් පිණිස කියන ලද යැ යත්: ශාරිපුත්‍රය, යම්බඳු කායසමාචාරයක් සෙවුනාහට අකුශලධර්‍මයෝ වැඩෙත් ද, කුශලධර්‍මයෝ පිරිහෙත් ද, මෙබඳු කායසමාචාර නො සෙවිය යුතු ය. ශාරිපුත්‍රය, යම් බඳු කායසමාචාරයක් සෙවුනාහට අකුශලධර්‍මයෝ පිරිහෙත් ද, කුශලධර්‍මයෝ වැඩෙත් ද, මෙබඳු කායසමාචාර සෙවිය යුතු ය.
Pali BJTකථංරූපං සාරිපුත්ත, කායසමාචාරං සෙවතො අකුසලා ධම්මා අභිවඩ්ඪන්ති, කුසලා ධම්මා පරිහායන්ති: ඉධ සාරිපුත්ත, එකච්චො පාණාතිපාතී හොති -පෙ- එවරූපං සාරිපුත්ත, කායසමාචාරං සෙවතො අකුසලා ධම්මා අභිවඩ්ඪන්ති, කුසලා ධම්මා පරිහායන්ති. කථං රූපං සාරිපුත්ත, කායසමාචාරං සෙවතො අකුසලා ධම්මා පරිහායන්ති, කුසලා ධම්මා අභිවඩ්ඪන්ති. ඉධ සාරිපුත්ත, එකච්චො පාණාතිපාතං පහාය -පෙ- එවරූපං සාරිපුත්ත, කායසමාචාරං සෙවතො අකුසලා ධම්මා පරිහායන්ති, කුසලා ධම්මා අභිවඩ්ඪන්ති. “කායසමාචාරම්පහං සාරිපුත්ත, දුවිධෙන වදාමි: සෙවිතබ්බම්පි අසෙවිතබ්බම්පි, තං ච අඤ්ඤමඤ්ඤං කායසමාචාරන්ති ඉති යං තං වුත්තං මයා, ඉදමෙතං පටිච්ච වුත්තං.
Sinhala BJTශාරිපුත්‍රය, කෙබඳු කායසමාචාරයක් සෙවුනාහට අකුශලධර්‍මයෝ වැඩෙත් ද, කුශලධර්‍මයෝ පිරිහෙත් ද යත්: ශාරිපුත්‍රය, මෙලොවැ එකෙක් පණිවා කරනු වෙයි ... ශාරිපුත්‍රය, මෙබඳු කායසමාචාර සෙවුනාහට අකුශලධර්‍මයෝ වැඩෙති, කුශලධර්‍මයෝ පිරිහෙත්. ශාරිපුත්‍රය, කෙබඳු කායසමාචාරයක් සෙවුනාහට අකුශලධර්‍මයෝ පිරිහෙත් ද, කුශලධර්‍මයෝ වැඩෙත් ද යත්: ශාරිපුත්‍රය, මෙලොවැ එකෙක් පණිවා හැරපියා ... ශාරිපුත්‍රය, මෙබඳු කායසමාචාර සෙවුනාහට අකුශලධර්‍මයෝ පිරිහෙති, කුශලධර්‍මයෝ වැඩෙත්. “ශාරිපුත්‍රය, මම කායසමාචාර ද දෙපරිද්දෙකින් කියමි: සේවිතව්‍ය ද අසේවිතව්‍ය දැ’ යි, එ ද වෙන වෙන කායසමාචාර වෙති” යි මෙසේ මා විසින් යම් බසෙක් වදාරන ලද ද, මෙය තෙල විස්තරය පිණිස වදාරන ලදි.
Pali BJT“වචීසමාචාරම්පහං සාරිපුත්ත, දුවිධෙන වදාමි: සෙවිතබ්බම්පි අසෙවිතබ්බම්පි. තඤ්ච අඤ්ඤමඤ්ඤං වචීසමාචාර’න්ති ඉති ඛො පනෙතං වුත්තං මයා. කිඤ්චෙතං පටිච්ච වුත්තං. යථාරූපං සාරිපුත්ත, වචීසමාචාරං සෙවතො අකුසලා ධම්මා අභිවඩ්ඪන්ති, කුසලා ධම්මා පරිහායන්ති. එවරූපො වචීසමාචාරො න සෙවිතබ්බො, යථාරූපං ච ඛො සාරිපුත්ත, වචීසමාචාරං සෙවතො අකුසලා ධම්මා පරිහායන්ති. කුසලා ධම්මා අභිවඩ්ඪන්ති. එවරූපො වචීසමාචාරො සෙවිතබ්බො.
Sinhala BJT“ශාරිපුත්‍රය, මම වාක්සමාචාරය ද, සේවිතව්‍ය ද අසේවිතව්‍ය දැ’ යි දෙ පරිද්දෙකින් කියමි. එ ද වෙන වෙන වාක්සමාචාර වෙති” යි, මෙසේ මා විසින් තෙල බසෙක් වදාරන ලද ද, තෙල කුමක් පිණිස වදාරන ලද්දේ ද යත්: ශාරිපුත්‍රය, යම්බඳු වාක්සමාචාරයක් සෙවුනාහට අකුශලධර්‍මයෝ වැඩෙත් ද, කුශලධර්‍මයෝ පිරිහෙත් ද, මෙබඳු වාක්සමාචාරය නො සෙවිය යුතු ය. තවද ශාරිපුත්‍රය, යම්බඳු වාක්සමාචාරයක් සෙවුනාහට අකුශලධර්‍මයෝ පිරිහෙත් ද, කුශලධර්‍මයෝ වැඩෙත් ද, මෙබඳු වාක්සමාචාරය සෙවිය යුතු ය.
Pali BJTකථංරූපං සාරිපුත්ත, වචීසමාචාරං සෙවතො අකුසලා ධම්මා අභිවඩ්ඪන්ති, කුසලා ධම්මා පරිහායන්ති. ඉධ සාරිපුත්ත, එකච්චො මුසාවාදී හොති -පෙ- එවරූපං සාරිපුත්ත, වචීසමාචාරං සෙවතො අකුසලා ධම්මා අභිවඩ්ඪන්ති, කුසලා ධම්මා පරිහායන්ති. කථංරූපං සාරිපුත්ත, වචීසමාචාරං සෙවතො අකුසලා ධම්මා පරිහායන්ති, කුසලා ධම්මා අභිවඩ්ඪන්ති. ඉධ සාරිපුත්ත, එකච්චො මුසාවාදං පහාය මුසාවාදො පටිවිරතො හොති -පෙ- එවරූපං සාරිපුත්ත, වචීසමාචාරං සෙවතො අකුසලා ධම්මා පරිහායන්ති, කුසලා ධම්මා අභිවඩ්ඪන්ති.
Sinhala BJTශාරිපුත්‍රය, කෙබඳු වාක්සමාචාරයක් සෙවුනාහට අකුශලධර්‍මයෝ වැඩෙත් ද, කුශලධර්‍මයෝ පිරිහෙත් ද යත්: ශාරිපුත්‍රය, මෙලොවැ එකෙක් මුසවා ඇත්තේ වෙයි. ... ශාරිපුත්‍රය, මෙබඳු වාක්සමාචාර සෙවුනාහට අකුශලධර්‍මයෝ වැඩෙති. කුශලධර්‍මයෝ පිරිහෙත්. ශාරිපුත්‍රය, කෙබඳු වාක්සමාචාරයක් සෙවුනාහට අකුශලධර්‍මයෝ පිරිහෙත් ද, කුශලධර්‍මයෝ වැඩෙත් ද යත්: ශාරිපුත්‍රය, මෙලොවැ එකෙක් මුසවා හැරැපියා මුසවායෙන් වැළැකුණේ වෙයි. ... ශාරිපුත්‍රය, මෙබඳු වාක්සමාචාර සෙවුනාහට අකුශලධර්‍මයෝ පිරිහෙති, කුශලධර්‍මයෝ වැඩෙත්.
Pali BJT“වචීසමාචාරම්පහං සාරිපුත්ත, දුවිධෙන වදාමි: සෙවිතබ්බම්පි අසෙවිතබ්බම්පි. තඤ්ච අඤ්ඤමඤ්ඤං වචීසමාචාර’න්ති ඉති යං තං වුත්තං මයා, ඉදමෙතං පටිච්ච වුත්තං.
Sinhala BJT“ශාරිපුත්‍රය,මම වාක්සමාචාරය ත් සේවිතව්‍ය ද අසේවිතව්‍ය දැ’ යි දෙපරිද්දෙකින් කියමි. එ ද වෙන වෙන වාක්සමාචාර යැ” යි මෙසේ මා විසින් යමක් කියන ලද ද, මෙය තෙල විස්තර සඳහා පවසන ලද්දේ ය.
Pali BJT“මනොසමාචාරම්පහං සාරිපුත්ත, දුවිධෙන වදාමි: සෙවිතබ්බම්පි අසෙවිතබ්බම්පි. තඤ්ච අඤ්ඤමඤ්ඤං මනොසමාචාර’න්ති ඉති ඛො පනෙතං වුත්තං මයා, කිඤ්චෙතං පටිච්ච වුත්තං. යථාරූපං සාරිපුත්ත, මනොසමාචාරං සෙවතො අකුසලා ධම්මා අභිවඩ්ඪන්ති, කුසලා ධම්මා පරිහායන්ති. එවරූපො මනොසමාචාරො න සෙවිතබ්බො. යථාරූපඤ්ච ඛො සාරිපුත්ත, මනොසමාචාරං සෙවතො අකුසලා ධම්මා පරිහායන්ති, කුසලා ධම්මා අභිවඩ්ඪන්ති, එවරූපො මනොසමාචාරො සෙවිතබ්බො.
Sinhala BJT“ශාරිපුත්‍රය, මම මනස්සමාචාරයත් සේවිතව්‍ය ද අසේවිතව්‍ය දැ’ යි දෙපරිද්දෙකින් කියමි. එ ද වෙන වෙන මනස්සමාචාර යැ” යි මෙසේ මා විසින් තෙල (සැකෙවින්) කියන ලද. තෙල බස් කුමක් සඳහා කියන ලද ද යත්: ශාරිපුත්‍රය, යම්බඳු මනස්සමාචාරයක් සෙවුනා හට අකුශලධර්‍මයෝ වැඩෙත් ද, කුශලධර්‍මයෝ පිරිහෙත් ද, මෙබඳු මනස්සමාචාරය නො සෙවිය යුතු ය. තව ද ශාරිපුත්‍රය, යම්බඳු මනස්සමාචාරයක් සෙවුනාහට අකුශලධර්‍මයෝ පිරිහෙත් ද, කුශලධර්‍මයෝ වැඩෙත් ද, මෙබඳු මනස්සමාචාරය සෙවිය යුතු ය.
Pali BJTකථංරූපං සාරිපුත්ත, මනොසමාචාරං සෙවතො අකුසලා ධම්මා අභිවඩ්ඪන්ති, කුසලා ධම්මා පරිහායන්ති: ඉධ සාරිපුත්ත, එකච්චො අභිජ්ඣාලු හොති -පෙ- එවරූපං සාරිපුත්ත, මනොසමාචාරං සෙවතො අකුසලා ධම්මා අභිවඩ්ඪන්ති, කුසලා ධම්මා පරිහායන්ති.
Sinhala BJTශාරිපුත්‍රය, කෙබඳු මනස්සමාචාරයක් සෙවුනාහට අකුශලධර්‍මයෝ වැඩෙත් ද, කුශලධර්‍මයෝ පිරිහෙත් ද යත්: ශාරිපුත්‍රය, මෙලොවැ එකෙක් අභිධ්‍යාලු වෙයි. ... ශාරිපුත්‍රය, මෙබඳු මනස්සමාචාර සෙවුනාහට අකුශලධර්‍මයෝ වැඩෙති, කුශලධර්‍මයෝ පිරිහෙත්.
Pali BJTකථංරූපං සාරිපුත්ත, මනොසමාචාරං සෙවතො අකුසලා ධම්මා පරිහායන්ති, කුසලා ධම්මා අභිවඩ්ඪන්ති. ඉධ සාරිපුත්ත, එකච්චො අනභිජ්ඣාලු හොති -පෙ- එවරූපං සාරිපුත්ත, මනොසමාචාරං සෙවතො අකුසලා ධම්මා පරිහායන්ති, කුසලා ධම්මා අභිවඩ්ඪන්ති.
Sinhala BJTශාරිපුත්‍රය, කෙබඳු මනස්සමාචාරයක් සෙවුනාහට අකුශලධර්‍මයෝ පිරිහෙත් ද, කුශලධර්‍මයෝ වැඩෙත් ද යත්: ශාරිපුත්‍රය, මෙලොවැ කිසිවෙක් අනභිධ්‍යාලු වෙයි ... ශාරිපුත්‍රය, මෙබඳු මනස්සමාචාර සෙවුනාහට අකුශල ධර්‍මයෝ පිරිහෙති, කුශලධර්‍මයෝ වැඩෙත්.
Pali BJT“මනොසමාචාරම්පහං සාරිපුත්ත, දුවිධෙන වදාමි: සෙවිතබ්බම්පි අසෙවිතබ්බම්පි. තඤ්ච අඤ්ඤමඤ්ඤං මනොසමාචාර’න්ති ඉති යං තං වුත්තං මයා, ඉදමෙතං පටිච්ච වුත්තං.
Sinhala BJT“ශාරිපුත්‍රය, මම මනස්සමාචාර යත් සේවිතව්‍ය ද අසේවිතව්‍ය දැ’ යි දෙපරිද්දෙකින් කියමි. එ ද වෙන වෙන මනස්සමාචාර වෙති” යි මෙසේ මා විසින් යම් බසෙක් කියන ලද ද, මෙය තෙල විස්තර සඳහා කියන ලද.
Pali BJT“චිත්තුප්පාදම්පහං සාරිපුත්ත, දුවිධෙන වදාමි: සෙවිතබ්බම්පි අසෙවිතබ්බම්පි. තඤ්ච අඤ්ඤමඤ්ඤං චිත්තුප්පාදන්ති ඉති ඛො පනෙතං වුත්තං මයා, කිඤ්චෙතං පටිච්ච වුත්තං: යථාරූපං සාරිපුත්ත, චිත්තුප්පාදං සෙවතො අකුසලා ධම්මා අභිවඩ්ඪන්ති, කුසලා ධම්මා පරිහායන්ති. එවරූපො චිත්තුප්පාදො න සෙවිතබ්බො. යථාරූපඤ්ච ඛො සාරිපුත්ත, චිත්තුප්පාදං සෙවතො අකුසලා ධම්මා පරිහායන්ති, කුසලා ධම්මා අභිවඩ්ඪන්ති, එවරූපො චිත්තුප්පාදො සෙවිතබ්බො.
Sinhala BJT“ශාරිපුත්‍රය, මම චිත්තෝත්පාදයත් සේවිතව්‍ය ද අසේවිතව්‍ය දැ’ යි දෙපරිද්දෙකින් කියමි. එ ද වෙන වෙන චිත්තෝත්පාද යැ” යි මෙසේ මා විසින් යම් බසෙක් කියන ලද ද, තෙල බස් කුමක් සඳහා කියන ලද ද යත්: ශාරිපුත්‍රය, යම්බඳු චිත්තෝත්පාදයක් සෙවුනාහට අකුශලධර්‍මයෝ වැඩෙත් ද, කුශලධර්‍මයෝ පිරිහෙත් ද, එබඳු චිත්තෝත්පාදය නො සෙවිය යුතු ය. තවද ශාරිපුත්‍රය, යම්බඳු චිත්තෝත්පාදයක් සෙවුනාහට අකුශලධර්‍මයෝ පිරිහෙත් ද, කුශලධර්‍මයෝ වැඩෙත් ද, එබඳු චිත්තෝත්පාදය සෙවිය යුතු.
Pali BJTකථංරූපං සාරිපුත්ත, චිත්තුප්පාදං සෙවතො අකුසලා ධම්මා අභිවඩ්ඪන්ති, කුසලා ධම්මා පරිහායන්ති: ඉධ සාරිපුත්ත, එකච්චො අභිජ්ඣාලු හොති, අභිජ්ඣාසහගතෙන චෙතසා විහරති. ව්යාපාදවා හොති, ව්යාපාදසහගතෙන චෙතසා විහරති. එවරූපං සාරිපුත්ත, චිත්තුප්පාදං සෙවතො අකුසලා ධම්මා අභිවඩ්ඪන්ති, කුසලා ධම්මා පරිහායන්ති. කථංරූපං සාරිපුත්ත, චිත්තුප්පාදං සෙවතො අකුසලා ධම්මා පරිහායන්ති, කුසලා ධම්මා අභිවඩ්ඪන්ති: ඉධ සාරිපුත්ත, එකච්චො අනභිජ්ඣාලු හොති, අනභිජ්ඣාසහගතෙන චෙතසා විහරති. අව්යාපාදවා හොති, අව්යාපාදසහගතෙන චෙතසා විහරති. අවිහෙසවා හොති, අවිහෙසාසහගතෙන චෙතසා විහරති. එවරූපං සාරිපුත්ත, චිත්තුප්පාදං සෙවතො අකුසලා ධම්මා පරිහායන්ති, කුසලා ධම්මා අභිවඩ්ඪන්ති.
Sinhala BJTශාරිපුත්‍රය, කෙබඳු චිත්තෝත්පාදයක් සෙවුනාහට අකුශලධර්‍මයෝ වැඩෙත් ද, කුශලධර්‍මයෝ පිරිහෙත් ද යත්: ශාරිපුත්‍රය, මෙලොවැ එකෙක් අභිධ්‍යාලු වෙයි, අභිධ්‍යා සහගත සිතින් වෙසෙයි. ව්‍යාපාද ඇතියේ වෙයි, ව්‍යාපාද සහගත සිතින් වෙසෙයි. විහිංසා ඇතියේ වෙයි, විහිංසාසහගත සිතින් වෙසෙයි. ශාරිපුත්‍රය, මෙබඳු චිත්තෝත්පාදය සෙවුනාහට අකුශලධර්‍මයෝ වැඩෙති, කුශලධර්‍මයෝ පිරිහෙත්. ශාරිපුත්‍රය, කෙබඳු චිත්තෝත්පාදයක් සෙවුනාහට අකුශලධර්‍මයෝ පිරිහෙත් ද, කුශලධර්‍මයෝ වැඩෙත් ද යත්: ශාරිපුත්‍රය, මෙලොවැ කිසිවෙක් අනභිධ්‍යාලු වෙයි, අනභිධ්‍යාසහගත සිතින් යුක්ත ව වෙසෙයි. අව්‍යාපාද ඇතියේ වෙයි අව්‍යාපාදසහගත සිතින් වෙසෙයි. අවිහිංසා ඇතියේ වෙයි. අවිහිංසාසහගත සිතින් වෙසෙයි. ශාරිපුත්‍රය, මෙබඳු චිත්තෝත්පාදය සෙවුනාහට අකුශලධර්‍මයෝ පිරිහෙති, කුශලධර්‍මයෝ වැඩෙත්.
Pali BJT“චිත්තුප්පාදම්පහං සාරිපුත්ත, දුවිධෙන වදාමි: සෙවිතබ්බම්පි අසෙවිතබ්බම්පි. තඤ්ච අඤ්ඤමඤ්ඤං චිත්තුප්පාද”න්ති ඉති යං තං වුත්තං මයා, ඉදමෙතං පටිච්ච වුත්තං.
Sinhala BJT“ශාරිපුත්‍රය, මම චිත්තෝත්පාදයත් සේවිතව්‍ය ද අසේවිතව්‍ය දැ’ යි දෙපරිද්දෙකින් කියමි. එ ද වෙන වෙන චිත්තෝත්පාද යැ” යි මෙසේ මා විසින් යම් බසෙක් කියන ලද ද, මෙය තෙල විස්තරය සඳහා කියන ලදි.
Pali BJT“සඤ්ඤාපටිලාභම්පහං සාරිපුත්ත, දුවිධෙන වදාමි: සෙවිතබ්බම්පි අසෙවිතබ්බම්පි. තඤ්ච අඤ්ඤමඤ්ඤං සඤ්ඤා පටිලාභන්ති” ඉති ඛො පනෙතං වුත්තං මයා, කිඤ්චෙතං පටිච්ච වුත්තං: යථාරූපං සාරිපුත්ත, සඤ්ඤාපටිලාභං සෙවතො අකුසලා ධම්මා අභිවඩ්ඪන්ති, කුසලා ධම්මා පරිහායන්ති. එවරූපො සඤ්ඤාපටිලාභො න සෙවිතබ්බො. යථාරූපං ච ඛො සාරිපුත්ත, සඤ්ඤාපටිලාභං සෙවතො අකුසලා ධම්මා පරිහායන්ති, කුසලා ධම්මා අභිවඩ්ඪන්ති, එවරූපො සඤ්ඤාපටිලාභො සෙවිතබ්බො.
Sinhala BJT“ශාරිපුත්‍රය, මම සංඥාප්‍රතිලාභයත් සේවිතව්‍ය ද අසේවිතව්‍ය දැ’ යි දෙපරිද්දෙකින් කියමි. එ ද වෙන වෙන සංඥාප්‍රතිලාභ වෙති” යි මෙසේ මා විසින් තෙල කරුණ කියන ලද, කුමක් සඳහා තෙල බස් කියන ලද ද යත්: ශාරිපුත්‍රය, යම්බඳු සංඥාප්‍රතිලාභයක් සෙවුනාහට අකුශලධර්‍මයෝ වැඩෙත් ද, කුශලධර්‍මයෝ පිරිහෙත් ද, එබඳු සංඥාප්‍රතිලාභය නො සෙවිය යුතු ය. තවද ශාරිපුත්‍රය, යම්බඳු සංඥාප්‍රතිලාභයක් සෙවුනාහට අකුශලධර්‍මයෝ පිරිහෙත් ද, කුශලධර්‍මයෝ වැඩෙත් ද, එබඳු සංඥාප්‍රතිලාභය සෙවිය යුතු.
Pali BJTකථංරූපං සාරිපුත්ත, සඤ්ඤාපටිලාභං සෙවතො අකුසලා ධම්මා අභිවඩ්ඪන්ති, කුසලා ධම්මා පරිහායන්ති: ඉධ සාරිපුත්ත, එකච්චො අභිජ්ඣාලු හොති, අභිජ්ඣාසහගතාය සඤ්ඤාය විහරති. ව්යාපාදවා හොති, ව්යාපාදසහගතාය සඤ්ඤාය විහරති. විහෙසවා හොති විහෙසා සහගතාය සඤ්ඤාය විහරති. එවරූපං සාරිපුත්ත, සඤ්ඤාපටිලාභං සෙවතො අකුසලා ධම්මා අභිවඩ්ඪන්ති, කුසලා ධම්මා පරිහායන්ති. කථංරූපං සාරිපුත්ත, සඤ්ඤාපටිලාභං සෙවතො අකුසලා ධම්මා පරිහායන්ති, කුසලා ධම්මා අභිවඩ්ඪන්ති: ඉධ සාරිපුත්ත, එකච්චො අනභිජ්ඣාලු හොති, අනභිජ්ඣාසහගතාය සඤ්ඤාය විහරති. අව්යාපාදවා හොති, අව්යාපාදසහගතාය සඤ්ඤාය විහරති. අවිහෙසවා හොති, අවිහෙසාසහගතාය සඤ්ඤාය විහරති. එවරූපං සාරිපුත්ත, සඤ්ඤාපටිලාභං සෙවතො අකුසලා ධම්මා පරිහායන්ති, කුසලා ධම්මා අභිවඩ්ඪන්ති.
Sinhala BJTශාරිපුත්‍රය, කෙබඳු සංඥාප්‍රතිලාභයක් සෙවුනාහට අකුශලධර්‍මයෝ වැඩෙත් ද, කුශලධර්‍මයෝ පිරිහෙත් ද යත්: ශාරිපුත්‍රය, මෙලොවැ එකෙක් අභිධ්‍යාලු වෙයි, අභිධ්‍යාසහගත සංඥායෙන් යුක්ත ව වෙසෙයි. ව්‍යාපාද ඇත්තේ වෙයි, ව්‍යාපාදසහගත සංඥායෙන් වෙසෙයි. විහිංසා ඇතියේ වෙයි. විහිංසාසහගත සංඥායෙන් වෙසෙයි. ශාරිපුත්‍රය, මෙබඳු සංඥාප්‍රතිලාභය සෙවුනාහට අකුශලධර්‍මයෝ වැඩෙති, කුශලධර්‍මයෝ පිරිහෙත්. ශාරිපුත්‍රය, කෙබඳු සංඥාප්‍රතිලාභයක් සෙවුනාහට අකුශලධර්‍මයෝ පිරිහෙත් ද, කුශලධර්‍මයෝ වැඩෙත් ද යත්: ශාරිපුත්‍රය, මෙලොවැ කිසිවෙක් අනභිධ්‍යාලු වෙයි, අනභිධ්‍යාසහගත සංඥායෙන් යුක්ත ව වෙසෙයි. අව්‍යාපාද ඇතියේ වෙයි, අව්‍යාපාදසහගත සංඥායෙන් වෙසෙයි. අවිහිංසා ඇතියේ වෙයි, අවිහිංසාසහගත සංඥායෙන් වෙසෙයි. ශාරිපුත්‍රය, මෙබඳු සංඥාප්‍රතිලාභය සෙවුනාහට අකුශලධර්‍මයෝ පිරිහෙති, කුශලධර්‍මයෝ වැඩෙත්.
Pali BJT“සඤ්ඤාපටිලාභම්පහං සාරිපුත්ත, දුවිධෙන වදාමි: සෙවිතබ්බම්පි, අසෙවිතබ්බම්පි. තඤ්ච අඤ්ඤමඤ්ඤං සඤ්ඤාපටිලාභන්ති” ඉති යං තං වුත්තං මයා. ඉදමෙතං පටිච්ච වුත්තං.
Sinhala BJT“ශාරිපුත්‍රය, මම සංඥාප්‍රතිලාභයත් සේවිතව්‍ය ද අසේවිතව්‍ය දැ’ යි දෙපරිද්දෙකින් කියමි. එ ද වෙන වෙන සංඥාප්‍රතිලාභ වෙති” යි මෙසේ මා විසින් යම් බසෙක් කියන ලද ද, මෙය තෙල විස්තරය සඳහා කියන ලදි.
Pali BJT‘දිට්ඨිපටිලාභම්පහං සාරිපුත්ත, දුවිධෙන වදාමි: සෙවිතබ්බම්පි, අසෙවිතබ්බම්පි. තඤ්ච අඤ්ඤමඤ්ඤං දිට්ඨිපටිලාභන්ති’ ඉති ඛො පනෙතං වුත්තං මයා. කිඤ්චෙතං පටිච්ච වුත්තං? යථාරූපං සාරිපුත්ත, දිට්ඨිපටිලාභං සෙවතො අකුසලා ධම්මා අභිවඩ්ඪන්ති, කුසලා ධම්මා පරිහායන්ති. එවරූපො දිට්ඨිපටිලාභො න සෙවිතබ්බො. යථාරූපඤ්ච ඛො සාරිපුත්ත, දිට්ඨිපටිලාභං සෙවතො අකුසලා ධම්මා පරිහායන්ති, කුසලා ධම්මා අභිවඩ්ඪන්ති. එවරූපො දිට්ඨිපටිලාභො සෙවිතබ්බො.
Sinhala BJT“ශාරිපුත්‍රය, මම දෘෂ්ටිප්‍රතිලාභයත් සේවිතව්‍ය ද අසේවිතව්‍ය දැ’ යි දෙපරිද්දෙකින් කියමි. එ ද වෙන වෙන දෘෂ්ටිප්‍රතිලාභ වෙති” යි මෙසේ මා විසින් තෙල කරුණ කියන ලද. කුමක් සඳහා තෙල කියන ලද ද යත්: ශාරිපුත්‍රය, යම්බඳු දෘෂ්ටිප්‍රතිලාභයක් සෙවුනාහට අකුශලධර්‍මයෝ වැඩෙත් ද, කුශලධර්‍මයෝ පිරිහෙත් ද, එබඳු දෘෂ්ටිප්‍රතිලාභය නො සෙවිය යුතු ය. තවද ශාරිපුත්‍රය, යම්බඳු දෘෂ්ටිප්‍රතිලාභයක් සෙවුනාහට අකුශලධර්‍මයෝ පිරිහෙත් ද, කුශලධර්‍මයෝ වැඩෙත් ද, මෙබඳු දෘෂ්ටිප්‍රතිලාභය සෙවිය යුතු ය.
Pali BJTකථංරූපං සාරිපුත්ත, දිට්ඨිපටිලාභං සෙවතො අකුසලා ධම්මා අභිවඩ්ඪන්ති, කුසලා ධම්මා පරිහායන්ති: ඉධ සාරිපුත්ත, එකච්චො එවංදිට්ඨිකො හොති: නත්ථි දින්නං -පෙ- පවෙදෙන්තීති. එවරූපං සාරිපුත්ත, දිට්ඨිපටිලාභං සෙවතො අකුසලා ධම්මා අභිවඩ්ඪන්ති, කුසලා ධම්මා පරිහායන්ති. කථංරූපං සාරිපුත්ත, දිට්ඨිපටිලාභං සෙවතො අකුසලා ධම්මා පරිහායන්ති, කුසලා ධම්මා අභිවඩ්ඪන්ති: ඉධ සාරිපුත්ත, එකච්චො එවංදිට්ඨිකො හොති: අත්ථි දින්නං -පෙ- පවෙදෙන්තීති. එවරූපං සාරිපුත්ත, දිට්ඨිපටිලාභං සෙවතො අකුසලා ධම්මා පරිහායන්ති, කුසලා ධම්මා අභිවඩ්ඪන්ති.
Sinhala BJTශාරිපුත්‍රය, කෙබඳු දෘෂ්ටිප්‍රතිලාභයක් සෙවුනාහට අකුශලධර්‍මයෝ වැඩෙත් ද, කුශලධර්‍මයෝ පිරිහෙත් ද යත්: ශාරිපුත්‍රය, මෙලොවැ එකෙක් මෙබඳු දෘෂ්ටි ඇත්තේ වෙයි: දුන් දැය ඵල විපාක නැත, ... යම් කෙනෙක් මෙ ලොවත් පරලොවත් මොනොවට දැන ප්‍රත්‍යක්‍ෂ කොට දැනගනිත් ද, එබඳු සම්‍යග්ගත සම්‍යක්ප්‍රතිපන්න මහණ බමුණු කෙනෙක් ලොව නැති’යි. ශාරිපුත්‍රය, මෙබඳු දෘෂ්ටිප්‍රතිලාභය සෙවුනාහට අකුශලධර්‍මයෝ වැඩෙති. කුශලධර්‍මයෝ පිරිහෙත්. ශාරිපුත්‍රය, කෙබඳු දෘෂ්ටිප්‍රතිලාභයක් සෙවුනාහට අකුශලධර්‍මයෝ පිරිහෙත් ද, කුශලධර්‍මයෝ වැඩෙත් ද යත්: ශාරිපුත්‍රය, මෙලොවැ එකෙක් මෙබඳු දෘෂ්ටි අත්තේ වෙයි: දුන් දැය ඵල විපාක ඇත, .... යම් කෙනෙක් මෙලොවත් පරලොවත් තුමූ මොනොවට දැන ප්‍රත්‍යක්‍ෂ කොට දැනැගනිත් ද, එබඳු සම්‍යග්ගත සම්‍යක්ප්‍රතිපන්න මහණබමුණෝ ලොව ඇතැ’ යි. ශාරිපුත්‍රය, මෙබඳු දෘෂ්ටිප්‍රතිලාභ සෙවුනාහට අකුශලධර්‍මයෝ පිරිහෙති, කුශලධර්‍මයෝ වැඩෙත්.
Pali BJT“දිට්ඨිපටිලාභම්පහං සාරිපුත්ත, දුවිධෙන වදාමි: සෙවිතබ්බම්පි අසෙවිතබ්බම්පි. තඤ්ච අඤ්ඤමඤ්ඤං දිට්ඨිපටිලාභන්ති” ඉති යං තං වුත්තං මයා. ඉදමෙතං පටිච්ච වුත්තං.
Sinhala BJT“ශාරිපුත්‍රය, මම දෘෂ්ටිප්‍රතිලාභයත් සේවිතව්‍ය ද අසේවිතව්‍ය දැ’ යි දෙපරිද්දෙකින් කියමි. එ ද වෙන වෙන දෘෂ්ටිප්‍රතිලාභ වෙති” යි මෙසේ මා විසින් යම් බසෙක් කියන ලද ද, මෙය තෙල විස්තරය සඳහා කියන ලදි.
Pali BJTඅත්තභාවපටිලාභම්පහං සාරිපුත්ත, දුවිධෙන -පෙ- වුත්තං මයා, කිඤ්චෙතං පටිච්ච වුත්තං: යථාරූපං සාරිපුත්ත, -පෙ- න සෙවිතබ්බො, යථාරූපඤ්ච ඛො සාරිපුත්ත, අත්ථබාවපටිලාභං -පෙ- අභිවඩ්ඪන්ති. එවරූපො අත්ථබභාවපටිලාභො සෙවිතබ්බො.
Sinhala BJTශාරිපුත්‍රය, මම ආත්මභාවප්‍රතිලාභයත් දෙපරිද්දෙකින් ... මා විසින් තෙල බසෙක් කියන ලද ද, කුමක් සඳහා තෙල බස් කියන ලද ද යත්: ශාරිපුත්‍රය, යම්බඳු ... නො සෙවිය යුතු. තවද ශාරිපුත්‍රය, යම්බඳු ආත්මභාවප්‍රතිලාභයක් ... කුශලධර්‍මයෝ වැඩෙත් ද, එබඳු ආත්මභාවප්‍රතිලාභය සෙවිය යුතු.
Pali BJTකථංරූපං සාරිපුත්ත, -පෙ- පරිහායන්ති: සව්යාපජ්ඣං සාරිපුත්ත, -පෙ- පරිහායන්ති. කථංරූපං සාරිපුත්ත, -පෙ- අභිවඩ්ඪන්ති? අව්යාපජ්ඣං සාරිපුත්ත, -පෙ- අභිවඩ්ඪන්ති. “අත්තභාවපටිලාභම්පහං සාරිපුත්ත, දුවිධෙන වදාමි: සෙවිතබ්බම්පි අසෙවිතබ්බම්පි, තඤ්ච අඤ්ඤමඤ්ඤං අත්තභාවපටිලාභන්ති” ඉති යං තං වුත්තං මයා, ඉදමෙතං පටිච්ච වුත්තං.
Sinhala BJTශාරිපුත්‍රය, කෙබඳු ... කුශලධර්‍මයෝ පිරිහෙත් ද, ශාරිපුත්‍රය, දුක් සහිත වූ ... කුශලධර්‍මයෝ පිරිහෙත්. ශාරිපුත්‍රය, කෙබඳු ... කුශලධර්‍මයෝ වැඩෙත් ද යත්: ශාරිපුත්‍රය, නිදුක් වූ ... කුශලධර්‍මයෝ වැඩෙත්. ශාරිපුත්‍රය මම ආත්මභාවප්‍රතිලාභයත් සේවිතව්‍ය ද අසේවිතව්‍ය දැ’ යි දෙපරිද්දෙකින් කියමි. එ ද වෙන වෙන ආත්මභාවප්‍රතිලාභ වෙති” යි මෙසේ මා විසින් යම් බසෙක් කියන ලද ද, මෙය තෙල විස්තරය සඳහා කියන ලදී.
Pali BJTඉමස්ස ඛො සාරිපුත්ත, මයා සඞ්ඛිත්තෙන භාසිතස්ස එවං විත්ථාරෙන අත්ථො දට්ඨබ්බො.
Sinhala BJTශාරිපුත්‍රය, මා විසින් සැකෙවින් කියන ලද මේ භාෂිතයාගේ මෙසේ විස්තර හෙයින් අර්‍ත්‍ථ දත යුත්තේ යි.
Pali BJTචක්ඛුවිඤ්ඤෙය්යං රූපම්පහං සාරිපුත්ත, දුවිධෙන වදාමි: සෙවිතබ්බම්පි අසෙවිතබ්බම්පි. සොතවිඤ්ඤෙය්යං සද්දම්පහං සාරිපුත්ත, දුවිධෙන වදාමි: සෙවිතබ්බම්පි අසෙවිතබ්බම්පි. ඝානවිඤ්ඤෙය්යං ගන්ධම්පහං සාරිපුත්ත, දුවිධෙන වදාමි: සෙවිතබ්බම්පි අසෙවිතබ්බම්පි. ජිව්හා විඤ්ඤෙය්යං රසම්පහං සාරිපුත්ත, දුවිධෙන වදාමි: සෙවිතබ්බම්පි අසෙවිතබ්බම්පි. කායවිඤ්ඤෙය්යං ඵොට්ඨබ්බම්පහං සාරිපුත්ත, දුවිධෙන වදාමි: සෙවිතබ්බම්පි අසෙවිතබ්බම්පි. මනොවිඤ්ඤෙය්යං ධම්මම්පහං සාරිපුත්ත, දුවිධෙන වදාමි: සෙවිතබ්බම්පි අසෙවිතබ්බම්පීති.
Sinhala BJTශාරිපුත්‍රය, මම චක්‍ෂුර්විඥානයෙන් දතයුතු රූපයත් සේවිතව්‍ය ද අසේවිතව්‍ය දැ’ යි දෙපරිද්දෙකින් කියමි. ශාරිපුත්‍රය, මම ශ්‍රෝත්‍රවිඥේය ශබ්දයත් සේවිතව්‍ය ද අසේවිතව්‍ය දැ’ යි දෙපරිද්දෙකින් කියමි. ශාරිපුත්‍රය, මම ඝ්‍රාණවිඥේය ගන්‍ධයත් සේවිතව්‍ය ද අසේවිතව්‍ය දැ’ යි දෙපරිද්දෙකින් කියමි. ශාරිපුත්‍රය, මම ජිහ්වාවිඥේය රසයත් සේවිතව්‍ය ද අසේවිතව්‍ය දැ’ යි දෙපරිද්දෙකින් කියමි. ශාරිපුත්‍රය, මම කායවිඥේය ස්ප්‍රෂ්ටව්‍යයත් සේවිතව්‍ය ද අසේවිතව්‍ය දැ’ යි දෙපරිද්දෙකින් කියමි. ශාරිපුත්‍රය, මම මනෝවිඥේය ධර්‍මයත් සේවිතව්‍ය ද අසේවිතව්‍ය දැ’ යි දෙපරිද්දෙකින් කියමි.
Pali BJTඑවං වුත්තෙ ආයස්මා සාරිපුත්තො භගවන්තං එතදවොච: ඉමස්ස ඛො අහං භන්තෙ, භගවතා සඞ්ඛිත්තෙන භාසිතස්ස විත්ථාරෙන අත්ථං අවිභත්තස්ස එවං විත්ථාරෙන අත්ථං ආජානාමි.
Sinhala BJTමෙසේ වදාළ කල්හි ආයුෂ්මත් ශාරිපුත්‍රයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට තෙල සැලකළහ: ‘වහන්ස, මේ භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් වදාරන ලද, විස්තරයෙන් අර්‍ත්‍ථ විභාග නො කළ මේ භාෂිතයාගේ මෙසේ විස්තරයෙන් අර්‍ත්‍ථය දනිමි’:
Pali BJT‘චක්ඛුවිඤ්ඤෙය්යං රූපම්පහං සාරිපුත්ත, දුවිධෙන වදාමි: සෙවිතබ්බම්පි අසෙවිතබ්බම්පීති. ඉති ඛො පනෙතං වුත්තං භගවතා. කිඤ්චෙතං පටිච්ච වුත්තං: යථාරූපං භන්තෙ, චක්ඛුවිඤ්ඤෙය්යං රූපං සෙවතො අකුසලා ධම්මා අභිවඩ්ඪන්ති, කුසලා ධම්මා පරිහායන්ති. එවරූපං චක්ඛුවිඤ්ඤෙය්යං රූපං න සෙවිතබ්බං. යථාරූපඤ්ච ඛො භන්තෙ, චක්ඛුවිඤ්ඤෙය්යං රූපං සෙවතො අකුසලා ධම්මා පරිහායන්ති. කුසලා ධම්මා අභිවඩ්ඪන්ති. එවරූපං චක්ඛුවිඤ්ඤෙය්යං රූපං සෙවිතබ්බං. චක්ඛුවිඤ්ඤෙය්යං රූපම්පහං සාරිපුත්ත, දුවිධෙන වදාමි: සෙවිතබ්බම්පි අසෙවිතබ්බම්පීති’ ඉති යං තං වුත්තං භගවතා, ඉදමෙතං පටිච්ච වුත්තං.
Sinhala BJTශාරිපුත්‍රය, මම චක්‍ෂුර්විඥේය රූපයත් සේවිතව්‍ය ද අසේවිතව්‍ය දැ’ යි දෙපරිද්දෙකින් කියමි’ යි මෙසේ භාග්‍යවතුන් වහන්සේ විසින් තෙල වදාරන ලද. කුමක් සඳහා තෙල බස් වදාරන ලද ද යත්: වහන්ස, යම්බඳු චක්‍ෂුර්විඥේය රූපයක් සෙවුනාහට අකුශල ධර්‍මයෝ වැඩෙත් ද, කුශලධර්‍මයෝ පිරිහෙත් ද, එබඳු චක්‍ෂුර්විඥේය රූපය නො සෙවිය යුතු ය. තවද වහන්ස, යම්බඳු චක්‍ෂුර්විඥේය රූපයක් සෙවුනාහට අකුශලධර්‍මයෝ පිරිහෙත් ද, කුශලධර්‍මයෝ වැඩෙත් ද, එබඳු චක්‍ෂුර්විඥේය රූපය සෙවිය යුතු ය. “ශාරිපුත්‍රය, මම චක්‍ෂුර්විඥේය රූපයත් සේවිතව්‍ය ද අසේවිතව්‍ය දැ’ යි දෙපරිද්දෙකින් කියමි” යි මෙසේ භාග්‍යවතුන් වහන්සේ විසින් යම් බසෙක් වදාරන ලද ද, මෙය තෙල විස්තර සඳහා වදාරන ලදි.
Pali BJT‘සොතවිඤ්ඤෙය්යං සද්දම්පහං සාරිපුත්ත, දුවිධෙන වදාමි: සෙවිතබ්බම්පි අසෙවිතබ්බම්පී’ති ඉති ඛො පනෙතං වුත්තං භගවතා. කිඤ්චෙතං පටිච්ච වුත්තං: යථාරූපං භන්තෙ, සොතවිඤ්ඤෙය්යං සද්දං සෙවතො අකුසලා ධම්මා අභිවඩ්ඪන්ති, කුසලා ධම්මා පරිහායන්ති. එවරූපො සොතවිඤ්ඤෙය්යො සද්දො න සෙවිතබ්බො. යථාරූපඤ්ච ඛො භන්තෙ, සොතවිඤ්ඤෙය්යං සද්දං සෙවතො අකුසලා ධම්මා පරිහායන්ති, කුසලා ධම්මා අභිවඩ්ඪන්ති, එවරූපො සොතවිඤ්ඤෙය්යො සද්දො සෙවිතබ්බො. ‘සොතවිඤ්ඤෙය්යං සද්දම්පහං සාරිපුත්ත, දුවිධෙන වදාමි: සෙවිතබ්බම්පි අසෙවිතබ්බම්පී’ති ඉති යං තං වුත්තං භගවතා, ඉදමෙතං පටිච්ච වුත්තං.
Sinhala BJTශාරිපුත්‍රය, මම ශ්‍රෝත්‍රවිඥේය ශබ්දයත් සේවිතව්‍ය ද අසේවිතව්‍ය දැ’ යි දෙපරිද්දෙකින් කියමි’ යි මෙසේ භාග්‍යවතුන් වහන්සේ විසින් තෙල බස් වදාරන ලද. කුමක් සඳහා වදාරන ලද ද යත්: වහන්ස, යම්බඳු ශ්‍රෝත්‍රවිඥේය ශබ්දයක් සෙවුනාහට අකුශලධර්‍මයෝ වැඩෙත් ද, කුශලධර්‍මයෝ පිරිහෙත් ද, එබඳු ශ්‍රෝත්‍රවිඥේය ශබ්දය නො සෙවිය යුතු ය. යළි වහන්ස, යම්බඳු ශ්‍රෝත්‍රවිඥේය ශබ්දයක් සෙවුනාහට අකුශලධර්‍මයෝ පිරිහෙත් ද, කුශලධර්‍මයෝ වැඩෙත් ද, එබඳු ශ්‍රෝත්‍රවිඥේය ශබ්දය සෙවිය යුතු ය. ‘ශාරිපුත්‍රය, මම ශ්‍රෝත්‍රවිඥේය ශබ්දයත් සේවිතව්‍ය ද අසේවිතව්‍ය දැ’ යි දෙපරිද්දෙකින් කියමි’ යි මෙසේ භාග්‍යවතුන් වහන්සේ විසින් යම් බසෙක් වදාරන ලද ද, මෙය තෙල විස්තරය සඳහා වදාරන ලදි.
Pali BJT‘ඝානවිඤ්ඤෙය්යං ගන්ධම්පහං, සාරිපුත්ත, දුවිධෙන වදාමි: සෙවිතබ්බම්පි අසෙවිතබ්බම්පී’ති ඉති ඛො පනෙතං වුත්තං භගවතා. කිඤ්චෙතං පටිච්ච වුත්තං යථාරූපං භන්තෙ, ඝානවිඤ්ඤෙය්යං ගන්ධං සෙවතො අකුසලා ධම්මා අභිවඩ්ඪන්ති. කුසලා ධම්මා පරිහායන්ති. එවරූපො ඝානවිඤ්ඤෙය්යො ගන්ධො න සෙවිතබ්බො. යථාරූපඤ්ච ඛො භන්තෙ, ඝානවිඤ්ඤෙය්යං ගන්ධං සෙවතො අකුසලා ධම්මා පරිහායන්ති, කුසලා ධම්මා අභිවඩ්ඪන්ති. එවරූපො ඝානවිඤ්ඤෙය්යො ගන්ධො සෙවිතබ්බො ‘ඝානවිඤ්ඤෙය්යං ගන්ධම්පහං සාරිපුත්ත, දුවිධෙන වදාමි: සෙවිතබ්බම්පි අසෙවිතබ්බම්පී’ති ඉති යං තං වුත්තං භගවතා ඉදමෙතං පටිච්ච වුත්තං.
Sinhala BJTශාරිපුත්‍රය, මම ඝ්‍රාණවිඥේය ගන්‍ධයත් සේවිතව්‍ය ද අසේවිතව්‍ය දැ’ යි දෙපරිද්දෙකින් කියමි’ යි මෙසේ භාග්‍යවතුන් වහන්සේ විසින් තෙල වදාරන ලද. තෙල බස් කුමක් සඳහා වදාරන ලද ද යත්: වහන්ස, යම්බඳු ඝ්‍රාණවිඥේය ගන්‍ධයක් සෙවුනාහට අකුශලධර්‍මයෝ වැඩෙත් ද, කුශලධර්‍මයෝ පිරිහෙත් ද, එබඳු ඝ්‍රාණවිඥේය ගන්‍ධය නො සෙවිය යුතු ය. වහන්ස, යළි යම්බඳු ඝ්‍රාණවිඥේය ගන්‍ධයක් සෙවුනාහට අකුශලධර්‍මයෝ පිරිහෙත් ද, කුශලධර්‍මයෝ වැඩෙත් ද, එබඳු ඝ්‍රාණවිඥේය ගන්‍ධය සෙවිය යුතු. ‘ශාරිපුත්‍රය, මම ඝ්‍රාණවිඥේය ගන්‍ධයත් සේවිතව්‍ය ද අසේවිතව්‍ය දැ’ යි දෙපරිද්දෙකින් කියමි’ යි මෙසේ භාග්‍යවතුන් වහන්සේ විසින් යම් බසෙක් වදාරන ලද ද, මෙය තෙල විස්තරය සඳහා වදාරන ලදි.
Pali BJTජිව්හාවිඤ්ඤෙය්යං රසම්පහං සාරිපුත්ත, දුවිධෙන වදාමි: සෙවිතබ්බම්පි අසෙවිතබ්බම්පී’ති ඉති ඛො පනෙතං වුත්තං භගවතා. කිඤ්චෙතං පටිච්ච වුත්තං. යථාරූපං භන්තෙ, ජිව්හාවිඤ්ඤෙය්යං රසං සෙවතො අකුසලා ධම්මා අභිවඩ්ඪන්ති. කුසලා ධම්මා පරිහායන්ති. එවරූපො ජිව්හාවිඤ්ඤෙය්යො රසො න සෙවිතබ්බො. යථාරූපඤ්ච ඛො භන්තෙ, ජිව්හාවිඤ්ඤෙය්යං රසං සෙවතො අකුසලා ධම්මා පරිහායන්ති. කුසලා ධම්මා අභිවඩ්ඪන්ති. එවරූපො ජිව්හාවිඤ්ඤෙය්යො රසො සෙවිතබ්බො ජිව්හාවිඤ්ඤෙය්යං රසම්පහං සාරිපුත්ත, දුවිධෙන වදාමි: සෙවිතබ්බම්පි අසෙවිතබ්බම්පී’ති ඉති යං තං වුත්තං භගවතා, ඉදමෙතං පටිච්ච වුත්තං.
Sinhala BJTශාරිපුත්‍රය, මම ජිහ්වාවිඥේය රසයත් සේවිතව්‍ය ද අසේවිතව්‍ය දැ’ යි දෙපරිද්දෙකින් කියමි’ යි මෙසේ භාග්‍යවතුන් වහන්සේ විසින් තෙල වදාරන ලද. තෙල බස් කුමක් සඳහා වදාරන ලද ද යත්: වහන්ස, යම්බඳු ජිහ්වාවිඥේය රසයක් සෙවුනාහට අකුශලධර්‍මයෝ වැඩෙත් ද, කුශලධර්‍මයෝ පිරිහෙත් ද, එබඳු ජිහ්වාවිඥේය රසය නො සෙවිය යුතු ය. වහන්ස, යළි යම්බඳු ජිහ්වාවිඥේය රසයක් සෙවුනාහට අකුශලධර්‍මයෝ පිරිහෙත් ද, කුශලධර්‍මයෝ වැඩෙත් ද, එබඳු ජිහ්වාවිඥේය රසය සෙවිය යුතු. ශාරිපුත්‍රය, මම ජිහ්වාවිඥේය රසයත් සේවිතව්‍ය ද අසේවිතව්‍ය දැ’ යි දෙපරිද්දෙකින් කියමි’ යි මෙසේ භාග්‍යවතුන් වහන්සේ විසින් යම් බසෙක් වදාරන ලද ද, මෙය තෙල විස්තරය සඳහා වදාරන ලදි.
Pali BJT‘කායවිඤ්ඤෙය්යං ඵොට්ඨබ්බම්පහං සාරිපුත්ත, දුවිධෙන වදාමි: සෙවිතබ්බම්පි අසෙවිතබ්බම්පී’ති. ඉති ඛො පනෙතං වුත්තං භගවතා. කිඤ්චෙතං පටිච්ච වුත්තං: යථාරූපං භන්තෙ, කායවිඤ්ඤෙය්යං ඵොට්ඨබ්බං සෙවතො අකුසලා ධම්මා අභිවඩ්ඪන්ති. කුසලා ධම්මා පරිහායන්ති. එවරූපො කායවිඤ්ඤෙය්යො ඵොට්ඨබ්බො න සෙවිතබ්බො. යථාරූපඤ්ච ඛො භන්තෙ, කායවිඤ්ඤෙය්යං ඵොට්ඨබ්බං සෙවතො අකුසලා ධම්මා පරිහායන්ති, කුසලා ධම්මා අභිවඩ්ඪන්ති. එවරූපො කායවිඤ්ඤෙය්යො ඵොට්ඨබ්බො සෙවිතබ්බො ‘කායවිඤ්ඤෙය්යං ඵොට්ඨබ්බම්පහං සාරිපුත්ත, දුවිධෙන වදාමි: සෙවිතබ්බම්පි අසෙවිතබ්බම්පී’ති ඉති යං තං වුත්තං භගවතා ඉදමෙතං පටිච්ච වුත්තං.
Sinhala BJTශාරිපුත්‍රය, මම කායවිඥේය ස්ප්‍රෂ්ටව්‍යයත් සේවිතව්‍ය ද අසේවිතව්‍ය දැ’ යි දෙපරිද්දෙකින් කියමි’ යි මෙසේ භාග්‍යවතුන් වහන්සේ විසින් තෙල බස් වදාරන ලදි. තෙල කුමක් සඳහා වදාරන ලද ද යත්: වහන්ස, යම්බඳු කායවිඥේය ස්ප්‍රෂ්ටව්‍යයක් සෙවුනාහට අකුශලධර්‍මයෝ වැඩෙත් ද, කුශලධර්‍මයෝ පිරිහෙත් ද, එබඳු කායවිඥේය ස්ප්‍රෂ්ටව්‍යය නො සෙවිය යුතු ය. යළි වහන්ස, යම්බඳු කායවිඥේය ස්ප්‍රෂ්ටව්‍යයක්, සෙවුනාහට අකුශලධර්‍මයෝ පිරිහෙත් ද, කුශලධර්‍මයෝ වැඩෙත් ද, එබඳු කායවිඥේය ස්ප්‍රෂ්ටව්‍යය සෙවිය යුතු. ‘ශාරිපුත්‍රය, මම කායවිඥේය ස්ප්‍රෂ්ටව්‍යයත් සේවිතව්‍ය ද අසේවිතව්‍ය දැ’ යි දෙපරිද්දෙකින් කියමි’ යි මෙසේ භාග්‍යවතුන් වහන්සේ විසින් යම් බසෙක් වදාරන ලද ද, මෙය තෙල විස්තරය සඳහා වදාරන ලදි.
Pali BJT‘මනොවිඤ්ඤෙය්යං ධම්මම්පහං සාරිපුත්ත, දුවිධෙන වදාමි: සෙවිතබ්බම්පි අසෙවිතබ්බම්පී’ති ඉති ඛො පනෙතං වුත්තං භගවතා. කිඤ්චෙතං පටිච්ච වුත්තං: යථාරූපං භන්තෙ, මනොවිඤ්ඤෙය්යං ධම්මං සෙවතො අකුසලා ධම්මා අභිවඩ්ඪන්ති. කුසලා ධම්මා පරිහායන්ති. එවරූපො මනොවිඤ්ඤෙය්යො ධම්මො න සෙවිතබ්බො. යථාරූපඤ්ච ඛො භන්තෙ, මනොවිඤ්ඤෙය්යං ධම්මං සෙවතො අකුසලා ධම්මා පරිහායන්ති, කුසලා ධම්මා අභිවඩ්ඪන්ති. එවරූපො මනොවිඤ්ඤෙය්යො ධම්මො සෙවිතබ්බො. මනොවිඤ්ඤෙය්යං ධම්මම්පහං සාරිපුත්ත, දුවිධෙන වදාමි: සෙවිතබ්බම්පි අසෙවිතබ්බම්පී’ති ඉති යං තං වුත්තං භගවතා ඉදමෙතං පටිච්ච වුත්තං.
Sinhala BJTශාරිපුත්‍රය, මම මනෝවිඥේය ධර්‍මයත් සේවිතව්‍ය ද අසේවිතව්‍ය දැ’ යි දෙපරිද්දෙකින් කියමි’ යි මෙසේ භාග්‍යවතුන් වහන්සේ විසින් තෙල බස් වදාරන ලද, තෙල කුමක් සඳහා වදාරන ලද ද යත්: වහන්ස, යම්බඳු මනෝවිඥේය ධර්‍මයක් සෙවුනාහට අකුශලධර්‍මයෝ වැඩෙත් ද, කුශලධර්‍මයෝ පිරිහෙත් ද, එබඳු මනෝවිඥේය ධර්‍මය නො සෙවිය යුතු ය. යළි වහන්ස, යම්බඳු මනෝවිඥේය ධර්‍මයක්, සෙවුනාහට අකුශලධර්‍මයෝ පිරිහෙත් ද, කුශලධර්‍මයෝ වැඩෙත් ද, එබඳු මනෝවිඥේය ධර්‍මය සෙවිය යුතු. ‘ශාරිපුත්‍රය, මම මනෝවිඥේය ධර්‍මයත් සේවිතව්‍ය ද අසේවිතව්‍ය දැ’ යි දෙපරිද්දෙකින් කියමි’ යි මෙසේ භාග්‍යවතුන් වහන්සේ විසින් යම් බසෙක් වදාරන ලද ද, මෙය තෙල විස්තරය සඳහා වදාරන ලදි.
Pali BJTඉමස්ස ඛො අහං භන්තෙ භගවතා සඞ්ඛිත්තෙන භාසිතස්ස විත්ථාරෙන අත්ථං අවිභත්තස්ස එවං විත්ථාරෙන අත්ථං ආජානාමීති.
Sinhala BJTවහන්ස, මම භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් වදාරන ලද විස්තරයෙන් අර්‍ත්‍ථය විභාග නො කළ මේ ධර්‍මයා ගේ මෙසේ විස්තරයෙන් අර්‍ත්‍ථය දනිමි’ යි.
Pali BJTසාධු සාධු සාරිපුත්ත, සාධු ඛො ත්වං, සාරිපුත්ත, ඉමස්ස මයා සංඛිත්තෙන භාසිතස්ස විත්ථාරෙන අත්ථං අවිභත්තස්ස එවං විත්ථාරෙන අත්ථං ආජානාසි.
Sinhala BJTසාධු සාධු ශාරිපුත්‍රය, මැනැවැ ශාරිපුත්‍රය, තෙපි මා විසින් සැකෙවින් දෙසන ලද විස්තරයෙන් අර්‍ත්‍ථය විභාග නො කළ මේ භාෂිතයා ගේ මෙසේ විස්තරයෙන් අර්‍ත්‍ථය දන්නාව.
Pali BJT‘චක්ඛුවිඤ්ඤෙය්යං රූපම්පහං, සාරිපුත්ත, දුවිධෙන වදාමි: සෙවිතබ්බම්පි අසෙවිතබ්බම්පී’ති ඉති ඛො පනෙතං වුත්තං මයා. කිඤ්චෙතං පටිච්ච වුත්තං ; යථාරූපං සාරිපුත්ත, -පෙ- න සෙවිතබ්බං. යථාරූපඤ්ච ඛො සාරිපුත්ත, -පෙ- අසෙවිතබ්බම්පී’ති ඉති යං තං වුත්තං මයා, ඉදමෙතං පටිච්ච වුත්තන්ති.
Sinhala BJTශාරිපුත්‍රය, මම චක්‍ෂුර්විඥේය රූපයත් සේවිතව්‍ය ද අසේවිතව්‍ය දැ’ යි දෙපරිද්දෙකින් කියමි’ යි මෙසේ මා විසින් තෙල කියන ලද, තෙල බස් කුමක් සඳහා කියන ලද ද යත්: ශාරිපුත්‍රය, මෙබඳු ... නො සෙවිය යුතු ය. යළි ශාරිපුත්‍රය, යම්බඳු ... අසේවිතව්‍ය දැ’ යි මෙසේ මා විසින් යම් බසෙක් කියන ලද ද, මෙය තෙල විස්තරය සඳහා කියන ලදැ’ යි.
Pali BJT‘සොතවිඤ්ඤෙය්යං සද්දම්පහං සාරිපුත්ත, දුවිධෙන වදාමි: සෙවිතබ්බම්පි අසෙවිතබ්බම්පී’ති ඉති ඛො පනෙතං වුත්තං මයා. කිඤ්චෙතං පටිච්ච වුත්තං. යථාරූපං සාරිපුත්ත, සොතවිඤ්ඤෙය්යං සද්දං සෙවතො අකුසලා ධම්මා අභිවඩ්ඪන්ති. කුසලා ධම්මා පරිහායන්ති. එවරූපො සොතවිඤ්ඤෙය්යො සද්දො න සෙවිතබ්බො. -පෙ- එවරූපො සොතවිඤ්ඤෙය්යො සද්දො සෙවිතබ්බො. -පෙ- එවරූපො ඝානවිඤ්ඤෙය්යො ගන්ධො න සෙවිතබ්බො -පෙ- එවරූපො ඝානවිඤ්ඤෙය්යො ගන්ධො සෙවිතබ්බො -පෙ- එවරූපො ජිව්හාවිඤ්ඤෙය්යො රසො න සෙවිතබ්බො -පෙ- එවරූපො ජිව්හාවිඤ්ඤෙය්යො රසො සෙවිතබ්බො. එවරූපො කායවිඤ්ඤෙය්යො ඵොට්ඨබ්බො න සෙවිතබ්බො -පෙ- එවරූපො කායවිඤ්ඤෙය්යො ඵොට්ඨබ්බො සෙවිතබ්බො -පෙ-
Sinhala BJTශාරිපුත්‍රය, මම ශ්‍රෝත්‍රවිඥේය ශබ්දයත් සේවිතව්‍ය ද අසේවිතව්‍ය දැ’ යි දෙපරිද්දෙකින් කියමි’ යි මෙසේ මා විසින් තෙල පවසන ලද, තෙල කුමක් සඳහා පවසන ලද ද යත්: ශාරිපුත්‍රය, යම්බඳු ශ්‍රෝත්‍රවිඥේය ශබ්දයක් සෙවුනාහට අකුශලධර්‍මයෝ වැඩෙත්, කුශලධර්‍මයෝ පිරිහෙත් ද, එබඳු ශ්‍රෝත්‍රවිඥේය ශබ්දය නො සෙවිය යුතු ... එබඳු ශ්‍රෝත්‍රවිඥේය ශබ්දය සෙවිය යුතු ... එබඳු ඝ්‍රාණවිඥේය ගන්‍ධය නො සෙවිය යුතු ය ... එබඳු ඝ්‍රාණවිඥේය ගන්‍ධය සෙවිය යුතු ... එබඳු ජිහ්වාවිඥේය රසය නො සෙවිය යුතු ය ... එබඳු ජිහ්වාවිඥේය රසය සෙවිය යුතු ... එබඳු කායවිඥේය ස්ප්‍රෂ්ටව්‍යය නො සෙවිය යුතු ය ... එබඳු කායවිඥේය ස්ප්‍රෂ්ටව්‍යය සෙවිය යුතු. ...
Pali BJTමනොවිඤ්ඤෙය්යං ධම්මම්පහං සාරිපුත්ත -පෙ- එවරූපො මනොවිඤ්ඤෙය්යො ධම්මො න සෙවිතබ්බො -පෙ- එවරූපො මනොවිඤ්ඤෙය්යො ධම්මො සෙවිතබ්බො. ‘මනොවිඤ්ඤෙය්යං ධම්මම්පහං සාරිපුත්ත, දුවිධෙන වදාමි: සෙවිතබ්බම්පි අසෙවිතබ්බම්පී’ති ඉති යං තං වුත්තං මයා ඉදමෙතං පටිච්ච වුත්තං.
Sinhala BJTශාරිපුත්‍රය, මම මනෝවිඥේය ධර්‍මයත් ... එබඳු මනෝවිඥේය ධර්‍මය නො සෙවිය යුතු ය, ... එබඳු මනෝවිඥේය ධර්‍මය සෙවිය යුතු. ශාරිපුත්‍රය, මම මනෝවිඥේය ධර්‍මයත් සේවිතව්‍ය ද අසේවිතව්‍ය දැ’ යි දෙපරිද්දෙකින් කියමි’ යි මෙසේ මා විසින් යම් බසෙක් පවසන ලද ද, මෙය තෙල විස්තරය සඳහා පවසන ලදි.
Pali BJTඉමස්ස ඛො සාරිපුත්ත, මයා සඞ්ඛිත්තෙන භාසිතස්ස එවං විත්ථාරෙන අත්ථං අවිභත්තස්ස එවං විත්ථාරෙන අත්ථො දට්ඨබ්බො.
Sinhala BJTශාරිපුත්‍රය, මා විසින් සැකෙවින් පවසන ලද විස්තරයෙන් අර්‍ත්‍ථය විභාග නො කරන ලද මේ භාෂිතයාගේ මෙසේ විස්තරයෙන් අර්‍ත්‍ථය දත යුත්තේ යි.
Pali BJTචීවරම්පහං සාරිපුත්ත, දුවිධෙන වදාමි: සෙවිතබ්බම්පි අසෙවිතබ්බම්පි. පිණ්ඩපාතම්පහං සාරිපුත්ත, දුවිධෙන වදාමි: සෙවිතබ්බම්පි අසෙවිතබ්බම්පි. සෙනාසනම්පහං සාරිපුත්ත, දුවිධෙන වදාමි: සෙවිතබ්බම්පි අසෙවිතබ්බම්පි. ගාමම්පහං සාරිපුත්ත, දුවිධෙන වදාමි: සෙවිතබ්බම්පි අසෙවිතබ්බම්පි. නිගමම්පහං සාරිපුත්ත, දුවිධෙන වදාමි: සෙවිතබ්බම්පි අසෙවිතබ්බම්පි. නගරම්පහං සාරිපුත්ත, දුවිධෙන වදාමි: සෙවිතබ්බම්පි අසෙවිතබ්බම්පි. ජනපදම්පහං සාරිපුත්ත, දුවිධෙන වදාමි: සෙවිතබ්බම්පි අසෙවිතබ්බම්පි. පුග්ගලම්පහං සාරිපුත්ත, දුවිධෙන වදාමි: සෙවිතබ්බම්පි අසෙවිතබ්බම්පීති.
Sinhala BJTශාරිපුත්‍රය, මම චීවරයත් සේවිතව්‍ය ද අසේවිතව්‍ය දැ’ යි දෙපරිද්දෙකින් කියමි. ශාරිපුත්‍රය, මම පිණ්ඩපාතයත් සේවිතව්‍ය ද අසේවිතව්‍ය දැ’ යි දෙපරිද්දෙකින් කියමි. ශාරිපුත්‍රය, මම ශයනාසනයත් සේවිතව්‍ය ද අසේවිතව්‍ය දැ’ යි දෙපරිද්දෙකින් කියමි. ශාරිපුත්‍රය, මම ග්‍රාමයත් සේවිතව්‍ය ද අසේවිතව්‍ය දැ’ යි දෙපරිද්දෙකින් කියමි. ශාරිපුත්‍රය, මම නියම්ගමත් සේවිතව්‍ය ද අසේවිතව්‍ය දැ’ යි දෙපරිද්දෙකින් කියමි. ශාරිපුත්‍රය, මම නගරයත් සේවිතව්‍ය ද අසේවිතව්‍ය දැ’ යි දෙපරිද්දෙකින් කියමි. ශාරිපුත්‍රය, මම ජනපදයත් සේවිතව්‍ය ද අසේවිතව්‍ය දැ’ යි දෙපරිද්දෙකින් කියමි. ශාරිපුත්‍රය, මම පුද්ගල ද සේවිතව්‍ය ද අසේවිතව්‍ය දැ’ යි දෙපරිද්දෙකින් කියමි.
Pali BJTඑවං වුත්තෙ ආයස්මා සාරිපුත්තො භගවන්තං එතදවොච: ‘ඉමස්ස ඛො අහං භන්තෙ, භගවතා සඞ්ඛිත්තෙන භාසිතස්ස විත්ථාරෙන අත්ථං අවිභත්තස්ස එවං විත්ථාරෙන අත්ථං ආජානාමි:
Sinhala BJTමෙසේ වදාළ කල්හි ආයුෂ්මත් ශාරිපුත්‍රයෝ භාග්‍යවතුන් වහන්සේට තෙල සැලකළහ: ‘වහන්ස, මම් භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් වදාරන ලද, විස්තරයෙන් අර්‍ත්‍ථය විභාග නො කළ මේ භාෂිතයාගේ මෙසේ විස්තරයෙන් අර්‍ත්‍ථය දැනගනිමි’:
Pali BJTචීවරම්ප’හං සාරිපුත්ත, දුවිධෙන වදාමි: සෙවිතබ්බම්පි අසෙවිතබ්බම්පී’ති ඉති ඛො පනෙතං වුත්තං භගවතා. කිඤ්චෙතං පටිච්ච වුත්තං. යථාරූපං භන්තෙ, චීවරං සෙවතො අකුසලා ධම්මා අභිවඩ්ඪන්ති, කුසලා ධම්මා පරිහායන්ති. එවරූපං චීවරං න සෙවිතබ්බං. යථාරූපඤ්ච ඛො භන්තෙ, චීවරං සෙවතො අකුසලා ධම්මා පරිහායන්ති, කුසලා ධම්මා අභිවඩ්ඪන්ති. එවරූපං චීවරං සෙවිතබ්බං. චීවරම්ප’හං සාරිපුත්ත, දුවිධෙන වදාමි: සෙවිතබ්බම්පි අසෙවිතබ්බම්පී’ති ඉති යං තං වුත්තං භගවතා ඉදමෙතං පටිච්ච වුත්තං.
Sinhala BJTශාරිපුත්‍රය, මම චීවරයත් සේවිතව්‍ය ද අසේවිතව්‍ය දැ’ යි දෙපරිද්දෙකින් කියමි’ යි මෙසේ භාග්‍යවතුන් වහන්සේ විසින් තෙල වදාරන ලද, තෙල භාෂිතය කුමක් සඳහා වදාරන ලද ද යත්: වහන්ස, යම්බඳු චීවරයක් සෙවුනාහට අකුශලධර්‍මයෝ වැඩෙත් ද, කුශල ධර්‍මයෝ පිරිහෙත් ද, එබඳු චීවරය නො සෙවිය යුතු ය. වහන්ස, යළි යම්බඳු චීවරයක් සෙවුනාහට අකුශලධර්‍මයෝ පිරිහෙත් ද, කුශලධර්‍මයෝ වැඩෙත් ද, එබඳු චීවරය සෙවිය යුතු. ‘ශාරිපුත්‍රය, මම චීවරයත් සේවිතව්‍ය ද අසේවිතව්‍ය දැ’ යි දෙපරිද්දෙකින් කියමි’ යි මෙසේ භාග්‍යවතුන් වහන්සේ විසින් යම් භාෂිතයක් වදාරන ලද ද, මෙය තෙල විස්තරය සඳහා වදාරන ලදි.
Pali BJTපිණ්ඩපාතම්ප’හං සාරිපුත්ත, දුවිධෙන වදාමි: -පෙ- ඉදමෙතං පටිච්ච වුත්තං. සෙනාසනම්ප’හං සාරිපුත්ත, දුවිධෙන වදාමි: -පෙ- ඉදමෙතං පටිච්ච වුත්තං. ගාමම්පහං සාරිපුත්ත, දුවිධෙන වදාමි: -පෙ- ඉදමෙතං පටිච්ච වුත්තං. නිගමම්ප’හං සාරිපුත්ත, දුවිධෙන වදාමි: -පෙ- ඉදමෙතං පටිච්ච වුත්තං. නගරම්ප’හං සාරිපුත්ත, දුවිධෙන වදාමි: -පෙ- ඉදමෙතං පටිච්ච වුත්තං. ජනපදම්පහං සාරිපුත්ත, දුවිධෙන වදාමි: -පෙ- ඉදමෙතං පටිච්ච වුත්තං. පුග්ගලම්ප’හං සාරිපුත්ත, දුවිධෙන වදාමි: -පෙ- ඉදමෙතං පටිච්ච වුත්තං.
Sinhala BJTශාරිපුත්‍රය, මම පිණ්ඩපාතයත් දෙපරිද්දෙකින් කියමි, ... තෙල සඳහා වදාරන ලදි. ශාරිපුත්‍රය, මම ශයනාසනයත් දෙපරිද්දෙකින් කියමි, ... තෙල සඳහා වදාරන ලදි. ශාරිපුත්‍රය, මම ග්‍රාමයත් දෙපරිද්දෙකින් කියමි, ... තෙල සඳහා වදාරන ලදි. ශාරිපුත්‍රය, මම නියම්ගමත් දෙපරිද්දෙකින් කියමි, ... තෙල සඳහා වදාරන ලදි. ශාරිපුත්‍රය, මම නගරයත් දෙපරිද්දෙකින් කියමි, ... තෙල සඳහා වදාරන ලදි. ශාරිපුත්‍රය, මම ජනපදයත් දෙපරිද්දෙකින් කියමි, ... තෙල සඳහා වදාරන ලදි. ශාරිපුත්‍රය, මම පුද්ගලයාත් දෙපරිද්දෙකින් කියමි, ... තෙල සඳහා වදාරන ලදි.
Pali BJTඉමස්ස ඛො අහං භන්තෙ, භගවතා සඞ්ඛිත්තෙන භාසිතස්ස, විත්ථාරෙන අත්ථං අවිභත්තස්ස එවං විත්ථාරෙන අත්ථං ආජානාමීති.
Sinhala BJTවහන්ස, මම භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් වදාරන ලද, විස්තරයෙන් අර්‍ත්‍ථ විභාග නො කළ මේ භාෂිතයාගේ මෙසේ විස්තරයෙන් අර්‍ත්‍ථය දැනගනිමි.
Pali BJTසාධු සාධු සාරිපුත්ත, සාධු ඛො ත්වං සාරිපුත්ත, ඉමස්ස මයා සඞ්ඛිත්තෙන භාසිතස්ස, විත්ථාරෙන අත්ථං අවිභත්තස්ස එවං විත්ථාරෙන අත්ථං ආජානාසි.
Sinhala BJTසාධු සාධු ශාරිපුත්‍රය, මැනැවැ ශාරිපුත්‍රය, තෙපි මා විසින් සැකෙවින් කියන ලද, විස්තරයෙන් අර්‍ත්‍ථය විභාග නො කළ මේ භාෂිතයාගේ මෙසේ විස්තරයෙන් අර්‍ත්‍ථය දන්නාව.
Pali BJTචීවරම්ප’හං සාරිපුත්ත, දුවිධෙන වදාමි: සෙවිතබ්බම්පි අසෙවිතබ්බම්පී’ති ඉති ඛො පනෙතං වුත්තං මයා. කිඤ්චෙතං පටිච්ච වුත්තං: යථාරූපං සාරිපුත්ත, චීවරං සෙවතො අකුසලා ධම්මා අභිවඩ්ඪන්ති, -පෙ- පටිච්ච වුත්තං. පිණ්ඩපාතම්ප’හං සාරිපුත්ත, දුවිධෙන වදාමි: සෙවිතබ්බම්පි අසෙවිතබ්බම්පී’ති ඉති ඛො පනෙතං වුත්තං මයා. කිඤ්චෙතං පටිච්ච වුත්තං. යථාරූපඤ්ච සාරිපුත්ත, පිණ්ඩපාතං සෙවතො අකුසලා ධම්මා අභිවඩ්ඪන්ති, -පෙ- ඉදමෙතං පටිච්ච වුත්තං. සෙනාසනම්පහං සාරිපුත්ත, දුවිධෙන වදාමි: සෙවිතබ්බම්පි අසෙවිතබ්බම්පී’ති -පෙ- එවරූපං සෙනාසනං න සෙවිතබ්බං. -පෙ- එවරූපං සෙනාසනං සෙවිතබ්බං. -පෙ- එවරූපො ගාමො න සෙවිතබ්බො. -පෙ- එවරූපො ගාමො සෙවිතබ්බො. -පෙ- එවරූපො නිගමො න සෙවිතබ්බො. -පෙ- එවරූපො නිගමො සෙවිතබ්බො. -පෙ- එවරූපං නගරං න සෙවිතබ්බං. -පෙ- එවරූපං නගරං සෙවිතබ්බං. -පෙ- එවරූපො ජනපදො න සෙවිතබ්බො. -පෙ- එවරූපො ජනපදො සෙවිතබ්බො. -පෙ- ‘පුග්ගලම්ප’හං සාරිපුත්ත, දුවිධෙන වදාමි: සෙවිතබ්බම්පි අසෙවිතබ්බම්පී’ති ඉති ඛො පනෙතං වුත්තං මයා, කිඤ්චෙතං පටිච්ච වුත්තං. යථාරූපං සාරිපුත්ත, පුග්ගලං සෙවතො අකුසලා ධම්මා අභිවඩ්ඪන්ති, -පෙ- ඉදමෙතං පටිච්ච වුත්තං.
Sinhala BJTශාරිපුත්‍රය, මම චීවරයත් සේවිතව්‍ය ද අසේවිතව්‍ය දැ’ යි දෙපරිද්දෙකින් කියමි’ යි මෙසේ මා විසින් තෙල කියන ලද, තෙල බස් කුමක් සඳහා කියන ලද ද යත්: ශාරිපුත්‍රය, යම්බඳු චීවරයක් සෙවුනාහට අකුශලධර්‍මයෝ වැඩෙත් ද ... තෙල සඳහා කියන ලදි. ශාරිපුත්‍රය, මම පිණ්ඩපාතයත් සේවිතව්‍ය ද අසේවිතව්‍ය දැ’ යි දෙපරිද්දෙකින් කියමි’ යි මෙසේ මා විසින් තෙල කියන ලද. තෙල බස් කුමක් සඳහා කියන ලද ද යත්: ශාරිපුත්‍රය, යම්බඳු පිණ්ඩපාතයක් සෙවුනාහට අකුශලධර්‍මයෝ වැඩෙත් ද ... තෙල සඳහා කියන ලදි. ශාරිපුත්‍රය, මම ශයනාසනයත් සේවිතව්‍ය ද අසේවිතව්‍ය දැ’ යි දෙපරිද්දෙකින් කියමි’ යි ... මෙබඳු ශයනාසනය නො සෙවිය යුතු ය ... මෙබඳු ශයනාසනය සෙවිය යුතු ය ... මෙබඳු ග්‍රාමය නො සෙවිය යුතු ය ... මෙබඳු ග්‍රාමය සෙවිය යුතු ය ... මෙබඳු නිගමය නො සෙවිය යුතු ය ... මෙබඳු නිගමය සෙවිය යුතු ය ... මෙබඳු නගරය නො සෙවිය යුතු ය ... මෙබඳු නගරය සෙවිය යුතු ය ... මෙබඳු ජනපදය නො සෙවිය යුතු ය ... මෙබඳු ජනපදය සෙවිය යුතු ය ... ‘ශාරිපුත්‍රය, මම පුද්ගලයාත් සේවිතව්‍ය ද අසේවිතව්‍ය දැ’ යි දෙපරිද්දෙකින් කියමි’ යි මෙසේ තෙල බස් මා විසින් පවසන ලද, තෙල කුමක් සඳහා කියන ලද ද යත්: ශාරිපුත්‍රය, යම්බඳු පුද්ගලයකු සෙවුනාහට අකුශලධර්‍මයෝ වැඩෙත් ද ... තෙල සඳහා වදාරන ලදි.
Pali BJTඉමස්ස ඛො සාරිපුත්ත, මයා සඞ්ඛිත්තෙන භාසිතස්ස විත්ථාරෙන අත්ථං අවිභත්තස්ස එවං විත්ථාරෙන අත්ථො දට්ඨබ්බො.
Sinhala BJTශාරිපුත්‍රය, මා විසින් සැකෙවින් දෙසන ලද විස්තරයෙන් අර්‍ත්‍ථ විභාග නො කරන ලද මේ භාෂිතයාගේ මෙසේ විස්තරයෙන් අර්‍ත්‍ථය දත යුතු.
Pali BJTසබ්බෙපි චෙ සාරිපුත්ත, ඛත්තියා ඉමස්ස මයා සඞ්ඛිත්තෙන භාසිතස්ස එවං විත්ථාරෙන අත්ථං ආජානෙය්යුං සබ්බෙසානම්ප’ස්ස ඛත්තියානං දීඝරත්තං හිතාය සුඛාය. සබ්බෙපි චෙ සාරිපුත්ත, බ්රාහ්මණා -පෙ- වෙස්සා -පෙ- සබ්බෙපි චෙ සාරිපුත්ත, සුද්දා ඉමස්ස මයා සඞ්ඛිත්තෙන භාසිතස්ස එවං විත්ථාරෙන අත්ථං ආජානෙය්යුං. සබ්බෙසානම්ප’ස්ස සුද්දානං දීඝරත්තං හිතාය සුඛාය. සදෙවකොපි චෙ සාරිපුත්ත, ලොකො සමාරකො සබ්රහ්මකො සස්සමණබ්රාහ්මණී පජා සදෙවමනුස්සා ඉමස්ස මයා සංඛිත්තෙන භාසිතස්ස එවං විත්ථාරෙන අත්ථං ආජානෙය්ය. සදෙවකස්සපිස්ස ලොකස්ස සමාරකස්ස සබ්රහ්මකස්ස සස්සමණබ්රාහ්මණියා පජාය සදෙවමනුස්සාය දීඝරත්තං හිතාය සුඛායාති.
Sinhala BJTශාරිපුත්‍රය, ඉදින් හැම ක්‍ෂත්‍රියයෝ මා විසින් සැකෙවින් දෙසන ලද මේ ධර්‍මපර්‍ය්‍යාය මෙසේ විස්තරයෙන් අර්‍ත්‍ථ දන්නාහු නම්, හැම ක්‍ෂත්‍රියයනට දීර්‍ඝරාත්‍රයෙහි හිත පිණිස සුව පිණිස වන්නේය. ශාරිපුත්‍රය, ඉදින් හැම බ්‍රාහ්මණයෝ ... වෛශ්‍යයෝ ... ශාරිපුත්‍රය, ඉදින් හැම ශුද්‍රයෝ මා විසින් සැකෙවින් දෙසන ලද මේ ධර්‍මපර්‍ය්‍යාය මෙසේ විස්තරයෙන් අර්‍ත්‍ථ දන්නාහු නම්, හැම ශුද්‍රයනට දීර්‍ඝරාත්‍රයෙහි හිතයට සුවයට වන්නේය. ශාරිපුත්‍රය, ඉදින් සමාරක සබ්‍රහ්මක් සදේවක ලෝක ද, දෙව්මිනිසුන් සහිත ශ්‍රමණබ්‍රාහ්මණයන් සහිත ප්‍රජාව මා විසින් සැකෙවින් දෙසන ලද මේ ධර්‍මපර්‍ය්‍යාය මෙසේ විස්තරයෙන් අර්‍ත්‍ථ දන්නේ නම්, මරුන් සහිත බඹුන් සහිත සදේවක ලෝකයට ද, දෙවිමිනිසුන් සහිත මහණ බමුණන් සහිත ප්‍රජාවටද දීර්‍ඝරාත්‍රයෙහි හිතයට සුවයට වන්නේය යි වදාළ සේක.
Pali BJTඉදමවොච භගවා. අත්තමනො ආයස්මා සාරිපුත්තො භගවතො භාසිතං අභිනන්දීති.
Sinhala BJTභාග්‍යවතුන් වහන්සේ මේ සේවිතව්‍යාසේවිතව්‍ය ධර්‍මපර්‍ය්‍යාය වදාළ සේක. සතුටු සිත් ඇති ආයුෂ්මත් ශාරිපුත්‍රයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය අභිනන්‍දනා කළ සේකැ’ යි.
Pali BJTසෙවිතබ්බාසෙවිතබ්බසුත්තං චතුත්ථං.
Sinhala BJTසතරවැනි සේවිතබ්බාසේවිතබ්බ සුත්‍රයි.
Pali BJT3. 2. 5.
Sinhala BJT3. 2. 5.
Pali BJTබහුධාතුක සුත්තං
Sinhala BJTබහුධාතුක සූත්‍රය
Pali BJTඑවං මෙ සුතං: එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තත්ර ඛො භගවා භික්ඛූ ආමන්තෙසි: භික්ඛවොති. භදන්තෙති තෙ භික්ඛූ භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච:
Sinhala BJTමා විසින් මෙසේ අසන ලද: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි ජේතවන නම් අනේවඩු මහසිටුහු ගේ අරම්හි වැඩවසන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි භික්‍ෂූන් ඇමතූ සේක. ‘වහන්සැ’යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්සූහ. භාග්‍යවතුන් වහන්සේ තෙල බහුධාතුක සුත වදාළ සේක.
Pali BJTයානි කානිචි භික්ඛවෙ, භයානි උප්පජ්ජන්ති, සබ්බානි තානි බාලතො උප්පජ්ජන්ති නො පණ්ඩිතතො. යෙ කෙචි උපද්දවා උප්පජ්ජන්ති, සබ්බෙ තෙ බාලතො උප්පජ්ජන්ති නො පණ්ඩිතතො. යෙ කෙචි උපසග්ගා උප්පජ්ජන්ති, සබ්බෙ තෙ බාලතො උප්පජ්ජන්ති නො පණ්ඩිතතො. සෙය්යථාපි භික්ඛවෙ, නළාගාරො වා තිණාගාරො වා{1} අග්ගිමුක්කො{2} කූටාගාරානිපි දහති{3} උල්ලිත්තාවලිත්තානි නිවාතානි ඵුස්සිතග්ගළානි{4} පිහිතවාතපානානි. එවමෙව ඛො භික්ඛවෙ, යානි කානිචි භයානි උප්පජ්ජන්ති, සබ්බානි තානි බාලතො උප්පජ්ජන්ති නො පණ්ඩිතතො. යෙ කෙචි උපසග්ගා උප්පජ්ජන්ති, සබ්බෙ තෙ බාලතො උප්පජ්ජන්ති නො පණ්ඩිතතො. ඉති ඛො භික්ඛවෙ, සප්පටිභයො බාලො අප්පටිභයො පණ්ඩිතො. සඋපද්දවො බාලො අනුපද්දවො පණ්ඩිතො. සඋපසග්ගො බාලො අනුපසග්ගො පණ්ඩිතො. නත්ථි භික්ඛවෙ, පණ්ඩිතතො භයං. නත්ථි පණ්ඩිතතො උපද්දවො. නත්ථි පණ්ඩිතතො උපසග්ගො. තස්මාතිහ භික්ඛවෙ, {*}එවං සික්ඛිතබ්බං: පණ්ඩිතා භවිස්සාම විමංසකාති{5}, එවං හි වො භික්ඛවෙ, සික්ඛිතබ්බන්ති.
Sinhala BJTමහණෙනි, යම් කිසි භය කෙනෙක් උපදනාහු ද එ හැම බාලයා නිසා උපදිති, පණ්ඩිතයා නිසා නූපදිත්. යම් කිසි උපද්‍රව කෙනෙක් උපදනාහු ද, එ හැම බාලයා නිසා උපදිති, පණ්ඩිතයා නිසා නූපදිත්. යම් කිසි උපසෘෂ්ටාකාරයෝ උපදනාහු ද, එ හැම බාලයා නිසා උපදිති, පණ්ඩිතයා නිසා නූපදිත්. මහණෙනි, ගිනි ඇවිළැගත් නළ (බට) සෙවෙනිගෙයක් වේවයි තණ සෙවෙනි ගෙයක් වේවයි ඇතුළත පිටත සුණු පිරියම් කළ වැළැහු වාත ප්‍රවේශ ඇති පැහැසු දොර කවුළු ඇති පියු වාතපාන ඇති කුළුගෙවලුදු යම් සේ දවා ද, එසෙයින් මැ මහණෙනි, යම් කිසි භය කෙනෙක් උපදනාහු ද එ හැම බාලයා නිසා උපදිති, පණ්ඩිතයා නිසා නූපදිත්. යම් කිසි උපද්‍රව කෙනෙක් උපදනාහු ද එ හැම බාලයා නිසා උපදිති, පණ්ඩිතයා නිසා නූපදිත්. යම් කිසි උපසෘෂ්ටාකාරයෝ උපදනා හු ද එ හැමබාලයා නිසා උපදිති, පණ්ඩිතයා නිසා නූපදිත්. මහණෙනි, මෙසේ බාල සප්‍රතිභය වෙයි, පණ්ඩිත අප්‍රතිභය වේ. බාල උපද්‍රව සහිත වෙයි, පණ්ඩිත අනුපද්‍රව වේ. බාල උපසර්‍ග සහිත වෙයි, පණ්ඩිත අනුපසර්‍ග වේ. මහණෙනි, පණ්ඩිතයා නිසා භයෙක් නැත, පණ්ඩිතයා නිසා උපද්‍රවයෙක් නැත, පණ්ඩිතයා නිසා උපසර්‍ගයෙක් නැත්. එ හෙයින් මහණෙනි, මෙහි ලා පණ්ඩිත වන්නම් හ. විමංසක වන්නම්හ,යි මෙසේ හික්මිය යුතු. මහණෙනි තොප විසින් මෙසේ ම හික්මිය යුතු යයි.
Pali BJTඑවං වුත්තෙ ආයස්මා ආනන්දො භගවන්තං එතදවොච: කිත්තාවතා නු ඛො භන්තෙ, පණ්ඩිතො භික්ඛු වීමංසකොති අලං වචනායාති.
Sinhala BJTමෙසේ වදාළ කල්හි ආනන්‍දයෝ භාග්‍යවතුන් වහන්සේට තෙල සැලකළහ: වහන්ස, කිපමණෙකින් මහණ පණ්ඩිත යැ විමංසක යැ යි කියන්නට නිසි වේදැයි.
Pali BJTයතො ඛො ආනන්ද, භික්ඛු ධාතුකුසලො ච හොති, ආයතනකුසලො ච හොති, පටිච්චසමුප්පාදකුසලො ච හොති, ඨානාඨානකුසලො ච හොති. එත්තාවතා ඛො ආනන්ද, පණ්ඩිතො භික්ඛු වීමංසකොති අලං වචනායාති.
Sinhala BJTආනන්‍දය, මහණ යම් හෙයකින් ධාතු කුශල වේ ද, ආයතනකුශල වේ ද, ප්‍රතීත්‍යසමුත්පාද කුශල වේ ද, ස්ථානාස්ථානකුශල වේ ද, ආනන්‍දය, මෙතෙකින් මහණ පණ්ඩිත යැ විමසෙක යැ,යි කියන්නට නිසි වේ යයි.
Pali BJTකිත්තාවතා පන භන්තෙ, ධාතුකුසලො භික්ඛූති අලං වචනායාති.
Sinhala BJTයළි වහන්ස, කිපමණෙකින් ධාතුකුශල මහණැයි කියන්නට නිසි වේ දැ,යි.
Pali BJTඅට්ඨාරස ඛො ඉමා ආනන්ද, ධාතුයො: චක්ඛුධාතු රූපධාතු චක්ඛුවිඤ්ඤාණධාතු, සොතධාතු සද්දධාතු සොතවිඤ්ඤාණධාතු, ඝානධාතු ගන්ධධාතු ඝානවිඤ්ඤාණධාතු, ජිව්හාධාතු රසධාතු ජිව්හාවිඤ්ඤාණධාතු, කායධාතු ඵොට්ඨබ්බධාතු කායවිඤ්ඤාණධාතු, මනොධාතු ධම්මධාතු මනොවිඤ්ඤාණධාතූති. ඉමා ඛො ආනන්ද, අට්ඨාරස ධාතුයො යතො ජානාති පස්සති, එත්තාවතාපි ඛො ආනන්ද, ධාතුකුසලො භික්ඛූති අලං වචනායාති.
Sinhala BJTආනන්‍දය, මේ අටළොස් ධාතු කෙනෙක් වෙති: චක්‍ෂුර්ධාතු රූප ධාතු චක්‍ෂුර්විඥානධාතු යැ, ශ්‍රෝත්‍රධාතු ශබ්ද ධාතු ශ්‍රෝතවිඥානධාතු යැ, ඝ්‍රාණ ධාතු ගන්‍ධධාතු ඝ්‍රාණවිඥාන ධාතු යැ, ජිහ්වාධාතු රස ධාතු ජිහ්වාවිඥානධාතු යැ, කායධාතු ස්ප්‍රෂ්ටව්‍යධාතු කායවිඥාන ධාතු යැ, මනෝධාතු ධර්‍මධාතු මනෝවිඥානධාතු යි. ආනන්‍දය, යම් හෙයකින් මේ අටළොස් ධාතුන් දනී ද, දකී ද, ආනන්‍දය, මෙතෙකිනුදු ධාතුකුශල මහණැ,යි කියන්නට නිසි වේ යයි.
Pali BJTසියා පන භන්තෙ, අඤ්ඤොපි පරියායො යථා ධාතුකුසලො භික්ඛූති අලං වචනායාති.
Sinhala BJTයළි වහන්ස, යම් කරුණෙකින් ධාතුකුශල මහණැයි කියන්නට නිසි වේද, එබඳු අන් කරුණෙකුදු වන්නේ දැ’යි.
Pali BJTසියා ආනන්ද, ඡයිමා ආනන්ද, ධාතුයො: පථවීධාතු ආපොධාතු තෙජොධාතු වායොධාතු ආකාසධාතු විඤ්ඤාණධාතු. ඉමා ඛො ආනන්ද, ඡ ධාතුයො යතො ජානාති පස්සති. එත්තාවතාපි ඛො ආනන්ද, ධාතුකුසලො භික්ඛූති අලං වචනායාති.
Sinhala BJTආනන්‍දය, වන්නේය. ආනන්‍දය, මේ ධාතූහු සදෙනෙක් වෙති: පෘථුවිධාතු යැ, අබ්ධාතු යැ, තෙජොධාතු යැ, වායුධාතු යැ, ආකාශධාතු යැ, විඥානධාතු යි. ආනන්‍දය, යම් කරුණෙකින් මේ ෂඩ්ධාතූන් දනී ද, දකී ද, ආනන්‍දය, මෙතෙකිනුදු ධාතුකුශල මහණැයි කියන්නට නිසි වේ යයි.
Pali BJTසියා පන භන්තෙ, අඤ්ඤොපි පරියායො යථා ධාතුකුසලො භික්ඛූති අලං වචනායාති.
Sinhala BJTයළි වහන්ස, යම් කරුණෙකින් ධාතුකුශල මහණැ,යි කියන්නට නිසි වේ ද, එබඳු අන් කරුණෙකුදු වන්නේ දැ’යි.
Pali BJTසියා ආනන්ද, ඡයිමා ආනන්ද, ධාතුයො: සුඛධාතු දුක්ඛධාතු සොමනස්සධාතු දොමනස්සධාතු උපෙක්ඛාධාතු අවිජ්ජාධාතු. ඉමා ඛො ආනන්ද, ඡ ධාතුයො යතො ජානාති පස්සති. එත්තාවතාපි ඛො ආනන්ද, ධාතුකුසලො භික්ඛූති අලං වචනායාති.
Sinhala BJTආනන්‍දය, වන්නේය. ආනන්‍දය, මේ ධාතූහු සදෙනෙක් වෙති: සුඛධාතු යැ දුඃඛධාතු යැ සෞමනස්‍යධාතු යැ දෞර්‍මනස්‍යධාතු යැ උපේක්‍ෂාධාතු යැ අවිද්‍යාධාතු යයි. ආනන්‍දය, යම් කරුණෙකින් මේ ෂඩ්ධාතූන් දනී ද, දකී ද, ආනන්‍දය, මෙතෙකිනුදු ධාතු කුශල මහණැ,යි කියන්නට නිසි වේ යයි.
Pali BJTසියා පන භන්තෙ, අඤ්ඤොපි පරියායො යථා ධාතුකුසලො භික්ඛූති අලං වචනායාති.
Sinhala BJTයළි වහන්ස, යම් කරුණෙකින් ධාතු කුශල මහණැ,යි කියන්නට නිසි වේ ද, එබඳු අන් කරුණෙකුදු වන්නේ දැ,යි.
Pali BJTසියා ආනන්ද, ඡයිමා ආනන්ද, ධාතුයො: කාමධාතු නෙක්ඛම්මධාතු ව්යාපාදධාතු අව්යාපාදධාතු විහිංසාධාතු අවිහිංසාධාතු{1}. ඉමා ඛො ආනන්ද, ඡ ධාතුයො යතො ජානාති පස්සති. එත්තාවතාපි ඛො ආනන්ද, ධාතුකුසලො භික්ඛූති අලං වචනායාති.
Sinhala BJTආනන්‍දය, වන්නේය. ආනන්‍දය, මේ ධාතූහු සදෙනෙක් වෙති: කාමධාතු යැ නෙක්ඛම්මධාතු යැ ව්‍යාපාදධාතු යැ අව්‍යාපාදධාතු යැ විහිංසාධාතු යැ අවිහිංසාධාතු යි. ආනන්‍දය, යම් කරුණෙකින් මේ ෂඩ් ධාතූන් දනී ද දකී ද, ආනන්‍දය, මෙතෙකිනුදු ධාතුකුශල මහණැ යි කියන්නට නිසි වේ යයි.
Pali BJTසියා පන භන්තෙ, අඤ්ඤොපි පරියායො යථා ධාතුකුසලො භික්ඛූති අලං වචනායාති.
Sinhala BJTයළි වහන්ස, යම් කරුණෙකින් ධාතුකුශල මහණැ යි කියන්නට නිසි වේ ද, එබඳු අන් කරුණෙකුදු වන්නේ දැ යි.
Pali BJTසියා ආනන්ද, තිස්සො ඉමා ආනන්ද, ධාතුයො: කාමධාතු රූපධාතු අරූපධාතු. ඉමා ඛො ආනන්ද, තිස්සො ධාතුයො යතො ජානාති පස්සති. එත්තාවතාපි ඛො ආනන්ද, ධාතුකුසලො භික්ඛූති අලං වචනායාති.
Sinhala BJTවන්නේ ය ආනන්‍දය, ආනන්‍දය, මේ ධාතූහු තිදෙනෙක් වෙති: කාමධාතුයැ රූප ධාතු යැ අරූප ධාතු යි. ආනන්‍දය, යම් කරුණෙකින් මේ තුන් ධාතූන් දනී ද දකී ද ආනන්‍දය මෙතෙකිනුදු ධාතුකුශල මහණැයි කියන්නට නිසි වේ ය’යි.
Pali BJTසියා පන භන්තෙ, අඤ්ඤොපි පරියායො යථා ධාතුකුසලො භික්ඛූති අලං වචනායාති.
Sinhala BJTයළි වහන්ස, යම් කරුණෙකින් ධාතු කුශල මහණැ යි කියන්නට නිසි වේ ද, එබඳු අන් කරුණෙකුත් වන්නේ දැ යි.
Pali BJTසියා ආනන්ද, ද්වෙ ඉමා ආනන්ද, ධාතුයො: සඞ්ඛතා ච ධාතු අසඞ්ඛතා ච ධාතු. ඉමා ඛො ආනන්ද, ද්වෙ ධාතුයො යතො ජානාති පස්සති. එත්තාවතාපි ඛො ආනන්ද, ධාතුකුසලො භික්ඛූති අලං වචනායාති.
Sinhala BJTවන්නේය, ආනන්‍දය, ආනන්‍දය, මේ ධාතූහු දෙදෙනෙක් වෙති: සඞ්ඛත ධාතු ද අසඞ්ඛත ධාතු දැ’යි. ආනන්‍දය, යම් කරුණෙකින් මේ දෙ ධාතූන් දනී ද දකී ද, මෙතෙකිනුදු ධාතු කුශල මහණැයි කියන්නට නිසි වේ ය’යි.
Pali BJTකිත්තාවතා පන භන්තෙ, ආයතනකුසලො භික්ඛූති අලං වචනායාති.
Sinhala BJTයළි වහන්ස, කිපමණෙකින් ආයතනකුශල මහණැයි කියන්නට නිසි වේ දැ යි.
Pali BJTඡ ඛො පනිමානි ආනන්ද, අජ්ඣත්තිකබාහිරානි ආයතනානි: චක්ඛුං චෙව{2} රූපා ච{3}, සොතඤ්ච සද්දා ච{4}, ඝානඤ්ච ගන්ධා ච{5}, ජිව්හා ච රසා ච, කායො ච ඵොට්ඨබ්බා ච{6}, මනො ච ධම්මා ච. ඉමානි ඛො ආනන්ද, ඡ අජ්ඣත්තිකබාහිරානි ආයතනානි යතො ජානාති පස්සති. එත්තාවතා ඛො ආනන්ද, ආයතනකුසලො භික්ඛූති අලං වචනායාති.
Sinhala BJTආනන්‍දය, මේ අධ්‍යාත්මික බාහ්‍ය වූ ආයතනයෝ සදෙනෙක් වෙති: ඇස ද රූපයෝ ද කන ද ශබ්දයෝ ද නැහැය ද ගන්‍ධයෝ ද දිව ද රසයෝද කය ද ස්ප්‍රෂ්ටව්‍යයෝ ද සිත ද ධර්‍මයෝ දැ යි. ආනන්‍දය, යම් කරුණකින් මේ ආධ්‍යාත්මික බාහ්‍ය වූ ෂඩායතනයන් දනී ද, දකී ද, ආනන්‍දය, මෙතෙකින් ආයතන කුශල මහණැයි කියන්නට නිසි වේ යැයි.
Pali BJTකිත්තාවතා පන භන්තෙ, පටිච්චසමුප්පාදකුසලො භික්ඛූති අලං වචනායාති.
Sinhala BJTයළි වහන්ස, කිපමණෙකින් ප්‍රතීත්‍යසමුත්පාදකුශල මහණැ,යි කියන්නට නිසි වේ දැ’යි.
Pali BJTඉධානන්ද, භික්ඛු එවං පජානාති: ඉමස්මිං සති ඉදං හොති. ඉමස්සුප්පාදා ඉදං උප්පජ්ජති. ඉමස්මිං අසති ඉදං න හොති. ඉමස්ස නිරොධා ඉදං නිරුජ්ඣති, යදිදං අවිජ්ජා පච්චයා සඞ්ඛාරා, සඞ්ඛාරපච්චයා විඤ්ඤාණං, විඤ්ඤාණපච්චයා නාමරූපං, නාමරූපපච්චයා සළායතනං, සළායතනපච්චයා ඵස්සො, ඵස්සපච්චයා වෙදනා, වෙදනාපච්චයා තණ්හා, තණ්හාපච්චයා උපාදානං, උපාදානපච්චයා භවො, භවපච්චයා ජාති, ජාතිපච්චයා ජරාමරණං සොකපරිදෙවදුක්ඛදොමනස්සූපායාසා සම්භවන්ති. එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයො හොති. අවිජ්ජායත්වෙව අසෙසවිරාගනිරොධා සඞ්ඛාරනිරොධො, සඞ්ඛාරනිරොධා විඤ්ඤාණනිරොධො, විඤ්ඤාණනිරොධා නාමරූපනිරොධො, නාමරූපනිරොධා සළායතනනිරොධො, සළායතනනිරොධා ඵස්සනිරොධො, ඵස්සනිරොධා වෙදනානිරොධො, වෙදනානිරොධා තණ්හානිරොධො, තණ්හානිරොධා උපාදානනිරොධො, උපාදානනිරොධා භවනිරොධො, භවනිරොධා ජාතිනිරොධො, ජාතිනිරොධා ජරාමරණං සොකපරිදෙවදුක්ඛදොමනස්සූපායාසා නිරුජ්ඣන්ති. එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස නිරොධො හොති. එත්තාවතා ඛො ආනන්ද, පටිච්චසමුප්පාදකුසලො භික්ඛූති අලං වචනායාති.
Sinhala BJTආනන්‍දය, මෙ සස්නෙහි මහණ මෙසේ දැනගනී: මේ අවිද්‍යාදි ප්‍රත්‍යය ඇති කල්හි මේ සංස්කාරාදි ඵලය වෙයි. මේ අවිද්‍යාදි ප්‍රත්‍යයාගේ ඉපැදීමෙන් මේ සංස්කාරාදි ඵලය උපදී. මේ අවිද්‍යාදි ප්‍රත්‍යය නැති කල්හි මේ සංස්කාරාදි ඵලය නො වෙයි. මේ අවිද්‍යාදි ප්‍රත්‍යයාගේ අනුත්පාද නිරෝධයෙන් මේ සංස්කාරාදි ඵලය නිරුද්ධ වෙයි. එ කිසේ යැ යත්: අවිද්‍යා ප්‍රත්‍යයෙන් සංස්කාරයෝ සම්භය වෙති. සංස්කාර ප්‍රත්‍යයෙන් විපාක විඥානය වෙයි. ප්‍රතිසන්‍ධිවිඥානප්‍රත්‍යයෙන් නාමරූප වෙයි. නාමරූපප්‍රත්‍යයෙන් ෂඩායතන වෙයි. ෂඩායතන ප්‍රත්‍යයෙන් ස්පර්‍ශ වෙයි. ස්පර්‍ශප්‍රත්‍යයෙන් වේදනා වෙයි. වේදනා ප්‍රත්‍යයෙන් තෘෂ්ණා වෙයි. තෘෂ්ණා ප්‍රත්‍යයෙන් උපාදාන වෙයි. උපාදාන ප්‍රත්‍යයෙන් භවය වෙයි. කර්‍මභව ප්‍රත්‍යයෙන් ජාතිය වෙයි. ජාති ප්‍රත්‍යයෙන් ජරාමරණ හා සෝකපරිදේවදුක්ඛදෝමනස්සුපායාසයෝ සම්භව වෙත්. මෙසේ යථෝක්ත අසම්මිශ්‍ර දුඃඛසමුදායයාගේ නිර්‍වෘතිය වෙයි. යළි අවිද්‍යාවගේ මැ විරාග සංඛ්‍යාත මාර්‍ගයෙන් අශේෂ නිරෝධය හේතු කොටගෙන සංස්කාරයන්ගේ අනුත්පාද නිරෝධය වෙයි. සංස්කාරයන්ගේ නිරෝධයෙන් විඥානයාගේ නිරෝධය වෙයි. විඥානනිරෝධයෙන් නාමරූපයන්ගේ නිරෝධය වෙයි. නාමරූප නිරෝධයෙන් ෂඩායතනයාගේ නිරෝධය වෙයි. ෂඩායතන නිරෝධයෙන් ස්පර්‍ශයාගේ නිරෝධය වෙයි. ස්පර්‍ශ නිරෝධයෙන් වේදනාවන්ගේ නිරෝධය වෙයි. වේදනා නිරෝධයෙන් තෘෂ්ණා නිරෝධය වෙයි. තෘෂ්ණා නිරෝධයෙන් උපාදානයන්ගේ නිරෝධය වෙයි. උපාදාන නිරෝධයෙන් භව නිරෝධය වෙයි. භව නිරෝධයෙන් ජාති නිරෝධය වෙයි. ජාති නිරෝධයෙන් ජරාමරණ හා සෝකපරිදේවදුක්ඛදෝමනස්සුපායාසයෝ නිරුද්ධ වෙත්. මෙසේ අසම්මිශ්‍ර වූ යථෝක්ත දුඃඛරාශිහුගේ අනුත්පාද නිරෝධය වේ. ආනන්‍දය, මෙතෙකින් ප්‍රතීත්‍යසමුත්පාද කුශල මහණැ යි කියන්නට නිසි වේ යයි.
Pali BJTකිත්තාවතා පන භන්තෙ, ඨානාඨානකුසලො භික්ඛූති අලං වචනායාති.
Sinhala BJTයළි වහන්ස, කිපමණෙකින් ස්ථානාස්ථානකුශල මහණැ,යි කියන්නට නිසි වේ දැ’යි.
Pali BJTඉධානන්ද, භික්ඛු: අට්ඨානමෙතං අනවකාසො, යං දිට්ඨිසම්පන්නො පුග්ගලො කඤ්චි සඞ්ඛාරං නිච්චතො උපගච්ඡෙය්ය, නෙතං ඨානං විජ්ජතී’ති පජානාති. ඨානං ච ඛො එතං විජ්ජති යං පුථුජ්ජනො කඤ්චි සඞ්ඛාරං නිච්චතො උපගච්ඡෙය්ය, ඨානමෙතං විජ්ජතී’ති පජානාති.
Sinhala BJTආනන්‍දය, මේ සස්නෙහි මහණ යම් කරුණෙකින් මාර්‍ගදෘෂ්ටිසම්පන්න (ස්‍රෝතාපන්න ආර්‍ය්‍යශ්‍රාවක) පුද්ගල (චාතුර්භූමක සංස්කාරයන් කෙරෙහි) කිසි එක් සංස්කාරයකුදු නිත්‍ය වශයෙන් ගන්නේ ද තෙල හේතු රහිත යැ, ප්‍රත්‍යය රහිත යැ, තෙල කරුණ නො ලැබේ’යයි දැනගනී. යළි තෙල කරුණ ඇත: යම් හෙයකින් පෘථග්ජන කිසි සංස්කාරයක් නිත්‍ය වශයෙන් ගන්නේ ද, තෙල කරුණ ඇතැ යි දැනගනී.
Pali BJT‘අට්ඨානමෙතං අනවකාසො යං දිට්ඨිසම්පන්නො පුග්ගලො කඤ්චි සඞ්ඛාරං සුඛතො උපගච්ඡෙය්ය, නෙතං ඨානං විජ්ජතී’ති පජානාති. ‘ඨානඤ්ච ඛො එතං විජ්ජති යං පුථුජ්ජනො කඤ්චි සඞ්ඛාරං සුඛතො උපගච්ඡෙය්ය, ඨානමෙතං විජ්ජතී’ති පජානාති.
Sinhala BJTතෙල කරුණ අහේතුකය, අප්‍රත්‍යය: යම් හෙයකින් මාර්‍ගදෘෂ්ටිසම්පන්න ආර්‍ය්‍යශ්‍රාවක පුද්ගල (චාතුර්භූමක සංස්කාරයන් කෙරෙහි) කිසි එක ද සංස්කාරයක් සුඛ වශයෙන් ගන්නේය යන තෙල කරුණ නැතැයි දැනගනී. තෙල කරුණ වැලිත් ඇත: යම් හෙයකින් පුහුදුන් පුඟුල් (ත්‍රෛභූමක සංස්කාරයන් කෙරෙහි) කිසි සංස්කාරයක් සුඛ විසින් ගන්නේය යන තෙල කරුණ ඇතැයි දැනගනී.
Pali BJT‘අට්ඨානමෙතං අනවකාසො යං දිට්ඨිසම්පන්නො පුග්ගලො කඤ්චි ධම්මං අත්තතො උපගච්ඡෙය්ය, නෙතං ඨානං විජ්ජතී’ති පජානාති. ‘ඨානං ච ඛො එතං විජ්ජති යං පුථුජ්ජනො කඤ්චි ධම්මං අත්තතො උපගච්ඡෙය්ය, ඨානමෙතං විජ්ජතී’ති පජානාති.
Sinhala BJTතෙල කරුණ අහේතුක ය, අප්‍රත්‍යය: යම් කරුණකින් මාර්‍ග දෘෂ්ටියෙන් සමන්‍වාගත පුද්ගල (චාතුර්භූමක ධර්‍මයන් කෙරෙහි) කිසි එක ද ධර්‍මයක් ආත්ම විසින් ගන්නේය යන තෙල කරුණ වැලිත් ඇත: යම් හෙයකින් පුහුදුන් පුඟුල් (ත්‍රෛභූමක ධර්‍මයන් කෙරෙහි) කිසි ධර්‍මයක් ආත්ම විසින් ගන්නේ ය යන තෙල කරුණ ඇතැ යි දැනගනී.
Pali BJT‘අට්ඨානමෙතං අනවකාසො යං දිට්ඨිසම්පන්නො පුග්ගලො මාතරං ජීවිතා වොරොපෙය්ය, නෙතං ඨානං විජ්ජතී’ති පජානාති. ‘ඨානං ච ඛො එතං විජ්ජති යං පුථුජ්ජනො මාතරං ජීවිතා වොරොපෙය්ය, ඨානමෙතං විජ්ජතී’ති පජානාති.
Sinhala BJTතෙල කරුණ අහේතුක ය අප්‍රත්‍යය: යම් කරුණෙකින් දෘෂ්ටිසම්පන්න (සෝවාන්) පුඟුල් මව දිවියෙන් තොරකරන්නේය යන තෙල කරුණ නැතැ,යි දැනගනී. තෙල කරුණ වැලිත් ඇත: යම් කරුණකින් පුහුදුන් පුඟුල් මව දිවියෙන් තොරකරන්නේය යන තෙල කරුණ ඇතැ’යි දැනගනී.
Pali BJT‘අට්ඨානමෙතං අනවකාසො යං දිට්ඨිසම්පන්නො පුග්ගලො පිතරං ජීවිතා වොරොපෙය්ය, නෙතං ඨානං විජ්ජතී’ති පජානාති. ඨානඤ්ච ඛො එතං විජ්ජති: යං පුථුජ්ජනො පිතරං ජීවිතා වොරොපෙය්ය, ඨානමෙතං විජ්ජතී’ති පජානාති.
Sinhala BJTතෙල කරුණ අස්ථාන යැ අනවකාශ යි: යම් හෙයකින් සෝවාන් පුඟුල් පියා දිවියෙන් තොර කරන්නේය යන තෙල කරුණ නැතැ’යි දැනගනී. තෙල කරුණ වැලිත් ඇත: යම් හෙයකින් පුහුදුන් පුඟුල් පියා දිවියෙන් තොර කරන්නේය යන තෙල කරුණ ඇතැ’යි දැනගනී.
Pali BJT‘අට්ඨානමෙතං අනවකාසො යං දිට්ඨිසම්පන්නො පුග්ගලො අරහන්තං ජීවිතං වොරාපෙය්ය, නෙතං ඨානං විජ්ජතී’ති පජානාති. ඨානඤ්ච ඛො එතං විජ්ජති: යං පුථුජ්ජනො අරහන්තං ජීවිතං වොරාපෙය්ය, ඨානමෙතං විජ්ජතී’ති පජානාති.
Sinhala BJTතෙල කරුණ අස්ථාන යැ අනවකාශ යි: යම් හෙයකින්සෝවාන් පුඟුල් රහතක්හු දිවියෙන් තොරකරන්නේය යන තෙල කරුණ නැතැ යි දැනගනී. තෙල කරුණ වැලිත් ඇත: යම් කරුණෙකින් පුහුදුන් පුඟුල් රහත්හු දිවියෙන් තොර කරන්නේ ය යන තෙල කරුණ ඇතැ’යි දැනගනී.
Pali BJT‘අට්ඨානමෙතං අනවකාසො: යං දිට්ඨිසම්පන්නො පුග්ගලො දුට්ඨචිත්තො තථාගතස්ස ලොහිතං උප්පාදෙය්ය, නෙතං ඨානං විජ්ජතී’ති පජානාති. ‘ඨානං ච ඛො එතං විජ්ජති: යං පුථුජ්ජනො දුට්ඨචිත්තො තථාගතස්ස ලොහිතං උප්පාදෙය්ය, ඨානමෙතං විජ්ජතී’ති පජානාති.
Sinhala BJTතෙල කරුණ අස්ථාන යැ, අනවකාශ යි: යම් කරුණෙකින් මාර්‍ගදෘෂ්ටියෙන් සමන්‍වාගත පුද්ගල (වධකචේතනායෙන්) ප්‍රදුෂ්‍ය වූ සිත් ඇති යේ තථාගතයන් වහන්සේගේ (ජීවමානක සිරුරුහි කුඩා මැස්සක බොන පමණකුදු) ලෙහෙ උපදවන්නේ ය යන තෙල කරුණ නැතැ යි දැනගනී. තෙල කරුණ වැලිත් ඇත: යම් හෙයකින් පුහුදුන් පුඟුල් ප්‍රදුෂ්‍ය වූ සිත් ඇතියේ තථාගතයන් වහන්සේගේ (දිවමන් සිරුරුහි කුඩා මැස්සක බොන පමණකුදු) ලෙහෙ උපද වන්නේ ය යන තෙල කරුණ ඇතැයි දැනගනී.
Pali BJT‘අට්ඨානමෙතං අනවකාසො: යං දිට්ඨිසම්පන්නො පුග්ගලො සඞ්ඝං භින්දෙය්ය, නෙතං ඨානං විජ්ජතී’ති පජානාති. ‘ඨානං ච ඛො එතං විජ්ජති: යං පුථුජ්ජනො සඞ්ඝං භින්දෙය්ය, ඨානමෙතං විජ්ජතී’ති පජානාති.
Sinhala BJTතෙල කරුණ අස්ථාන යැ, අනවකාශ යි: යම් හෙයකින් සෝවාන් පුඟුල් (සමාන සංවාසක) සංඝයා භේද කරන්නේය යන තෙල කරුණ නැතැ’යි දැන ගනී. තෙලකරුණ වැලිත් ඇත: යම් හෙයකින් පුහුදුන් පුඟුල් සංඝයා භේද කරන්නේ ය යන තෙල කරුණ ඇතැ යි දැනගනී.
Pali BJT‘අට්ඨානමෙතං අනවකාසො: යං දිට්ඨිසම්පන්නො පුග්ගලො අඤ්ඤං සත්ථාරං උද්දිස්සෙය්ය, නෙතං ඨානං විජ්ජතී’ති පජානාති. ‘ඨානං ච ඛො එතං විජ්ජති: යං පුථුජ්ජනො අඤ්ඤං සත්ථාරං උද්දිස්සෙය්ය, ඨානමෙතං විජ්ජතී’ති පජානාති.
Sinhala BJTතෙල කරුණ අස්ථාන යැ, අනවකාශ යි: යම් කරුණකින් සෝවාන් පුද්ගල අන් ශාස්තෘ වක්හු (මේ මාගේ ශාස්තෘ යයි) ගන්නේය යන මෙකරුණ නැතැ,යි දැනගනී. තෙල කරුණ වැලිත් ඇත: යම් හෙයකින් පුහුදුන් පුද්ගල අන් ශාස්තෘවක් හු (මේ මාගේ ශාස්තෘ යයී) ගන්නේය යන තෙල කරුණ ඇතැ යි දැනගනී.
Pali BJT‘අට්ඨානමෙතං අනවකාසො: යං එකිස්සා ලොකධාතුයා ද්වෙ අරහන්තො සම්මාසම්බුද්ධා අපුබ්බං අචරිමං උප්පජ්ජෙය්යුං, නෙතං ඨානං විජ්ජතී’ති පජානාති. ඨානං ච ඛො එතං විජ්ජති: යං එකිස්සා ලොකධාතුයා එකො අරහං සම්මාසම්බුද්ධො උප්පජ්ජෙය්ය, ඨානමෙතං විජ්ජතී’ති පජානාති.
Sinhala BJTතෙල කරුණ අස්ථාන යැ, අනවකාශ යි: යම් හෙයකින් ලෝකධාතුයෙක් හි අර්‍හත් සම්‍යක්සම්බුද්ධයෝ දෙදෙනෙක් පෙර පසු නො වැ එක්වට උපදනාහුය යන තෙල කරුණ නැතැ,යි දැනගනී. තෙල කරුණ වැලිත් ඇත: යම් හෙයකින් එක් ලෝකධාතුයෙක එක් අර්‍හත් සම්‍යක්සම්බුද්ධ කෙනෙක් උපදනාහ යන තෙල කරුණ ඇතැ යි දැනගනී.
Pali BJT‘අට්ඨානමෙතං අනවකාසො: යං එකිස්සා ලොකධාතුයා ද්වෙ රාජානො චක්කවත්තිනො අපුබ්බං අචරිමං උප්පජ්ජෙය්යුං, නෙතං ඨානං විජ්ජතී’ති පජානාති. ඨානඤ්ච ඛො එතං විජ්ජති: යං එකිස්සා ලොකධාතුයා එකො රාජා චක්කවත්තී උප්පජ්ජෙය්ය, ඨානමෙතං විජ්ජතී’ති පජානාති.
Sinhala BJTතෙල කරුණ අස්ථාන යැ, අනවකාශ යි: යම් හෙයකින් එක් ලෝකධාතුයෙක සක්විති රජවරු දෙදෙනෙක් පර පසු නො වැ එක්වට උපදනසුලුය යන තෙල නැතැ යි දැනගනී. තෙල කරුණ වැලිත් ඇත: යම් හෙයකින් එක් ලෝකධාතුයෙක එක් සක්විති රජෙක් උපදනේය යන තෙල කරුණ ඇතැ යි දැනගනී.
Pali BJT‘අට්ඨානමෙතං අනවකාසො: යං ඉත්ථී අරහං අස්ස සම්මාසම්බුද්ධො, නෙතං ඨානං විජ්ජතී’ති පජානාති. ‘ඨානඤ්ච ඛො එතං විජ්ජති: යං පුරිසො අරහං අස්ස සම්මාසම්බුද්ධො, ඨානමෙතං විජ්ජතී’ති පජානාති.
Sinhala BJTතෙල කරුණ අස්ථාන යැ අනවකාශ යි: යම් හෙයකින් ස්ත්‍රියක් අර්‍හත් සම්‍යක්සම්බුද්ධ වන්නීය යන තෙල කරුණ නැතැ යි දැන ගනී. තෙල කරුණ වැලිත් ඇත: යම් හෙයකින් පුරුෂයෙක් අර්‍හත් සම්‍යක් සම්බුද්ධ වන්නේය යන තෙල කරුණ ඇතැ’යි දැනගනී.
Pali BJT‘අට්ඨානමෙතං අනවකාසො: යං ඉත්ථී රාජා අස්ස චක්කවත්තී, නෙතං ඨානං විජ්ජතී’ති පජානාති. ‘ඨානඤ්ච ඛො එතං විජ්ජති: යං පුරිසො රාජා අස්ස චක්කවත්තී, ඨානමෙතං විජ්ජතී’ති පජානාති.
Sinhala BJTතෙල කරුණ අස්ථාන යැ: අනවකාශ ය: යම් හෙයකින් ස්ත්‍රියක් සක්විතිරජ වන්නීය යන තෙල කරුණ නැතැයි දැනගනී. තෙල කරුණ වැලිත් ඇත: යම් හෙයකින් පුරුෂයෙක් සක්විති රජ වන්නේ ය යන තෙල කරුණ ඇතැ’යි දැනගනී.
Pali BJT‘අට්ඨානමෙතං අනවකාසො: යං ඉත්ථී සක්කත්තං කරෙය්ය{1}, නෙතං ඨානං විජ්ජතී’ති පජානාති. ඨානඤ්ච ඛො එතං විජ්ජති: යං පුරිසො සක්කත්තං කරෙය්ය, ඨානමෙතං විජ්ජතී’ති පජානාති.
Sinhala BJTතෙල කරුණ අස්ථාන යැ, අනවකාශ යි: යම් හෙයකින් ස්ත්‍රියක් ශක්‍රභාවය කරන්නීය යන තෙල කරුණ නැතැ,යි දැනගනී. තෙල කරුණ වැලිත් ඇත: යම් හෙයකින් පුරුෂයෙක් ශක්‍රභාවය කරන්නේ ය යන තෙල කරුණ ඇතැයි දැනගනී.
Pali BJT‘අට්ඨානමෙතං අනවකාසො: යං ඉත්ථි මාරත්තං කරෙය්ය, නෙතං ඨානං විජ්ජතී’ති පජානාති. ඨානඤ්ච ඛො එතං විජ්ජති: යං පුරිසො මාරත්තං කරෙය්ය, ඨානමෙතං විජ්ජතී’ති පජානාති.
Sinhala BJTතෙල අස්ථාන යැ, අනවකාශ යි: යම් හෙයකින් ස්ත්‍රියක් මාර බව කරන්නීය යන තෙල කරුණ නැතැ යි දැනගනී. තෙල කරුණ වැලිත් ඇත: යම් හෙයකින් පුරුෂ මාර බව කරන්නේය යන තෙල කරුණ ඇතැයි දැනගනී.
Pali BJT‘අට්ඨානමෙතං අනවකාසො: යං ඉත්ථි බ්රහ්මත්තං කරෙය්ය, නෙතං ඨානං විජ්ජතී’ති පජානාති. ‘ඨානඤ්ච ඛො එතං විජ්ජති: යං පුරිසො බ්රහ්මත්තං කරෙය්ය ඨානමෙතං විජ්ජතී’ති පජානාති.
Sinhala BJTතෙල අස්ථාන යැ අනවකාශ යි: යම් හෙයකින් ස්ත්‍රියක් බ්‍රහ්මත්‍වය කරන්නේය යන තෙල කරුණ නැතැ යි දැන ගනී. තෙල කරුණ වැලිත් ඇත: යම් හෙයකින් පුරුෂ බ්‍රහ්මත්‍වය කරන්නේය යන තෙල කරුණ ඇතැයි දැනගනී.
Pali BJT‘අට්ඨානමෙතං අනවකාසො: යං කායදුච්චරිතස්ස ඉට්ඨො කන්තො මනාපො විපාකො නිබ්බත්තෙය්ය, නෙතං ඨානං විජ්ජතී’ති පජානාති. ඨානඤ්ච ඛො එතං විජ්ජති: යං කායදුච්චරිතස්ස අනිට්ඨො අකන්තො අමනාපො විපාකො නිබ්බත්තෙය්ය, ඨානමෙතං විජ්ජතී’ති පජානාති.
Sinhala BJTතෙල අස්ථාන යැ අනවකාශ යි: යම් හෙයකින් කායදුශ්චරිතයා ගේ ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ විපාකයෙක්උපදනේය යන තෙල කරුණ නැතැ යි දැනගනී. තෙල කරුණ වැලිත් ඇත: යම් හෙයකින් කායදුශ්චරිතයාගේ අනිෂ්ට වූ අකාන්ත වූ අමනාප වූ විපාකය උපදනේය යන තෙල කරුණ ඇතැයි දැනගනී.
Pali BJT‘අට්ඨානමෙතං අනවකාසො: යං වචීදුච්චරිතස්ස -පෙ- යං මනොදුච්චරිතස්ස ඉට්ඨො කන්තො මනාපො විපාකො නිබ්බත්තෙය්ය, නෙතං ඨානං විජ්ජතී’ති පජානාති. ‘ඨානඤ්ච ඛො එතං විජ්ජති: යං මනොදුච්චරිතස්ස අනිට්ඨො අකන්තො අමනාපො විපාකො නිබ්බත්තෙය්ය, ඨානමෙතං විජ්ජතීති පජානාති.
Sinhala BJTතෙල අස්ථාන යැ, අනවකාශ යි: යම් හෙයකින් වාග්දුශ්චරිතයාගේ ... මනෝදුශ්චරිතයාගේ ඉෂ්ට කාන්ත මනාප විපාකයෙක් උපදනේ ය යන තෙල කරුණ නැතැ,යි දැනගනී. තෙල කරුණ වැලිත් ඇත: යම් හෙයකින් මනෝදුශ්චරිතයාගේ අනිෂ්ට අකාන්ත අමනාප විපාකය උපදනේ ය යන තෙල කරුණ ඇතැයි දැනගනී.
Pali BJT‘අට්ඨානමෙතං අනවකාසො: යං කායසුචරිතස්ස අනිට්ඨො අකන්තො අමනාපො විපාකො නිබ්බත්තෙය්ය, නෙතං ඨානං විජ්ජතී’ති පජානාති. ‘ඨානඤ්ච ඛො එතං විජ්ජති: යං කායසුචරිතස්සඉට්ඨො කන්තො මනාපො විපාකො නිබ්බත්තෙය්ය, ඨානං මෙතං විජ්ජතී’ති පජානාති.
Sinhala BJTතෙල අස්ථාන යැ අනවකාශයි: යම් හෙයකින් කාය සුචරිතයාගේ අනිෂ්ට අකාන්ත අමනාප විපාකයෙක් උපදනේ ය යන තෙල කරුණ නැතැ’යි දැන ගනී. තෙල කරුණ වැලිත් ඇත: යම් හෙයකින් කාය සුචරිතයාගේ ඉෂ්ටකාන්ත මනාප විපාකය උපදනේය යන තෙල කරුණ ඇතැයි දැනගනී.
Pali BJT‘අට්ඨානමෙතං අනවකාසො යං වචීසුචරිතස්ස -පෙ- යං මනොසුචරිතස්ස අනිට්ඨො අකන්තො අමනාපො විපාකො නිබ්බත්තෙය්ය, නෙතං ඨානං විජ්ජතී’ති පජානාති. ඨානඤ්ච ඛො එතං විජ්ජති: යං මනොසුචරිතස්ස ඉට්ඨො කන්තො මනාපො විපාකො නිබ්බත්තෙය්ය, ඨානමෙතං විජ්ජතී’ති පජානාති.
Sinhala BJTතෙල කරුණ අස්ථාන යැ, අනවකාශ යි: යම් හෙයකින් වාක්සුචරිතයා ගේ ... යම් හෙයකින් මනස්සුචරිතයාගේ අනිෂ්ට අකාන්ත අමනාප විපාකයෙක් උපදනේය යන තෙල කරුණ නැතැ යි දැනගනී. තෙල කරුණ වැලිත් ඇත: යම් හෙයකින් මනස්සුචරිතයා ගේ ඉෂ්ට කාන්ත මනාප විපාකය උපදනේ ය යන තෙල කරුණ ඇතැයි දැනගනී.
Pali BJTඅට්ඨානමෙතං අනවකාසො: යං කායදුච්චරිතසමඞ්ගී තන්නිදානා තප්පච්චයා කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජෙය්ය, නෙතං ඨානං විජ්ජතී’ති පජානාති. ඨානඤ්ච ඛො එතං විජ්ජති: යං කායදුච්චරිතසමඞ්ගී තන්නිදානා තප්පච්චයා කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජෙය්ය, ඨානමෙතං විජ්ජතී’ති පජානාති.
Sinhala BJTතෙල අස්ථාන යැ, අනවකාශ යි: යම් හෙයකින් කායදුශ්චරිතසමඞ්ගී පුද්ගල ඒ හේතුයෙන් ඒ ප්‍රත්‍යයෙන් සුගති ස්වර්‍ග ලෝකයට පැමිණෙන්නේය යන තෙල කරුණ නැතැ’යි දැනගනී. තෙල කරුණ වැලිත් ඇත: යම් හෙයකින් කායදුශ්චරිත සමඞ්ගී පුද්ගල එ කරුණෙක් ඒ හේතුයෙන් අපාය දුර්‍ගතිවිනිපාත වූ නිරයට පැමිණෙන්නේය යන තෙල කරුණ ඇතැයි දැනගනී.
Pali BJTඅට්ඨානමෙතං අනවකාසො: යං වචීදුච්චරිතසමඞ්ගී -පෙ- යං මනොදුච්චරිතසමඞ්ගී තන්නිදානා තප්පච්චයා කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජෙය්ය, නෙතං ඨානං විජ්ජතී’ති පජානාති. ‘ඨානඤ්ච ඛො එතං විජ්ජති. යං මනො දුච්චරිතසමඞ්ගී තන්නිදානා තප්පච්චයා කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජෙය්ය, ඨානමෙතං විජ්ජතී’ති පජානාති.
Sinhala BJTතෙල අස්ථාන යැ අනවකාශ යි: යම් හෙයකින් වාග් දුශ්චරිත සමඞ්ගී ... මනෝදුශ්චරිත සමඞ්ගී පුද්ගල එකරුණෙන් ඒ හේතුයෙන් කාබුන් මරණින් මතු සුගති ස්වර්‍ග ලෝකයටපැමිණෙන්නේය යන තෙල කරුණ නැතැ’යි දැනගනී. තෙල කරුණ වැලිත් ඇත: යම් හෙයකින් මනෝදුශ්චරිත සමංගී පුද්ගල එකරුණෙන් ඒ හේතුයෙන් කාබුන් මරණින් මතු අපාය දුගති විනිපාත වූ නිරයට පැමිණෙන්නේය යන තෙල කරුණ ඇතැ’යි දැනගනී.
Pali BJTඅට්ඨානමෙතං අනවකාසො: යං කායසුචරිතසමඞ්ගී තන්නිදානා තප්පච්චයා කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජෙය්ය, නෙතං ඨානං විජ්ජතී’ති පජානාති. ‘ඨානඤ්ච ඛො එතං විජ්ජති: යං කායසුචරිතසමඞ්ගී තන්නිදානා තප්පච්චයා කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජෙය්ය, ඨානමෙතං විජ්ජතී’ති පජානාති.
Sinhala BJTතෙල අස්ථාන යැ, අනවකාශ යි: යම් හෙයකින් කාය සුචරිත සමඞ්ගී පුද්ගල එකරුණෙන් ඒ හේතුයෙන් කාබුන් මරණින් මතු අපාය දුර්‍ගති විනිපාත නිරයෙහි උපදනේය යන තෙල කරුණ නැතැ යි දැනගනී. තෙල කරුණ වැලිත් ඇත: යම් හෙයකින් කාය සුචරිත සමඞ්ගී පුද්ගල එකරුණෙන් ඒ හේතුයෙන් කාබුන් මරණින් මතු සුගති ස්වර්‍ග ලෝකයට පැමිණෙන්නේය යන තෙල කරුණ ඇතැ’යි දැනගනී.
Pali BJTඅට්ඨානමෙතං අනවකාසො: යං වචීසුචරිතසමඞ්ගී -පෙ- යං මනොසුචරිතසමඞ්ගී තන්නිදානා තප්පච්චයා කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජෙය්ය, නෙතං ඨානං විජ්ජතී’ති පජානාති. ඨානඤ්ච ඛො එතං විජ්ජති යං මනොසුචරිතසමඞ්ගී තන්නිදානා තප්පච්චයා කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජෙය්ය, ඨානමෙතං විජ්ජතී’ති පජානාති. එත්තාවතා ඛො ආනන්ද, ඨානාඨානකුසලො භික්ඛූති අලං වචනායාති.
Sinhala BJTතෙල කරුණ අස්ථාන යැ, අනවකාශයි: යම් හෙයකින් වාක්සුචරිත සමඞ්ගී පුද්ගල ... මනෝ සුචරිත සමඞ්ගී පුද්ගල එ කරුණෙන් ඒ ඒ හේතුයෙන් කාබුන් මරණින් මතු අපාය දුර්‍ගත විනිපාත වූ නිරයට පැමිණෙන්නේය යන තෙල කරුණ නැතැ’යි දැනගනී. තෙල කරුණ වැලිත් ඇත: යම් කරුණෙකින් මනස්සුචරිත සමඞ්ගී පුද්ගල එකරුණෙන් එ හේතුයෙන් කාබුන් මරණින් මතු සුගති ස්වර්‍ග ලෝකයට පැමිණෙන්නේය යන තෙල කරුණ ඇතැ යි දැනගනී. ආනන්‍දය, මෙතෙකින් ඨානාඨානකුසල මහණැයි කියන්නට නිසි වේ යයි වදාළ සේක.
Pali BJTඑවං වුත්තෙ ආයස්මා ආනන්දො භගවන්තං එතදවොච: අච්ඡරියං භන්තෙ, අබ්භුතං භන්තෙ, කො නාමො අයං භන්තෙ, ධම්මපරියායොති.
Sinhala BJTමෙසේ වදාළ කල්හි ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ භාග්‍යවතුන්වහන්සේට තෙල සැළකළහ: ආශ්චර්‍ය්‍ය යැ වහන්ස, අද්භූත යැ වහන්ස, වහන්ස, මේ කිනම් ධර්‍මපර්‍ය්‍යා යෙක් දැ යි.
Pali BJTතස්මාතිහ ත්වං ආනන්ද, ඉමං ධම්මපරියායං බහුධාතුකොතිපි නං ධාරෙහි, චතුපරිවට්ටොතිපි නං ධාරෙහි, ධම්මාදාසොතිපි නං ධාරෙහි, අමතදුන්දුභීතිපි නං ධාරෙහි, අනුත්තරො සඞ්ගාමවිජයොතිපි නං ධාරෙහීති.
Sinhala BJTඑහෙයින් ආනන්‍දය, තෙපි මේ ධර්‍මපර්‍ය්‍යාය බහුධාතුක ’ යී ද ධරව, චතුෂ්පරිවර්‍ත යී ද ධරව, ධර්‍මාදර්‍ශ යී ද ධරව, අමෘතදුන්‍දුභී යී ද ධරව, අනුත්තර සංග්‍රාමවිජය යී ද ධරව’යි වදාළ සේක.
Pali BJTඉදමවොච භගවා. අත්තමනො ආයස්මා ආනන්දො භගවතො භාසිතං අභිනන්දීති.
Sinhala BJTභාග්‍යවතුන් වහන්සේ මේ බහුධාතුක සුත වදාළසේක. ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය පිළිගත්හ’යි.
Pali BJTබහුධාතුකසුත්තං පඤ්චමං.
Sinhala BJTපස්වැනි බහුධාතුක සූත්‍ර යි.
Pali BJT3. 2. 6.
Sinhala BJT3. 2. 6.
Pali BJTඉසිගිලි සුත්තං
Sinhala BJTඉසිගිලි සූත්‍රය