Pali BJTඑවං වුත්තෙ වස්සකාරො බ්රාහ්මණො මගධමහාමත්තො උපනන්දං සෙනාපතිං ආමන්තෙසි. තං කිං මඤ්ඤසි භවං සෙනාපති{1}, යදිමෙ එවං භොන්තො{2} සක්කාතබ්බං සක්කරොන්ති, ගරුකාතබ්බං ගරුකරොන්ති, මානෙතබ්බං මානෙන්ති, පූජෙතබ්බං පූජෙන්ති. තග්ඝිමෙ භොන්තො සක්කාතබ්බං සක්කරොන්ති, ගරුකාතබ්බං ගරුකරොන්ති, මානෙතබ්බං මානෙන්ති, පූජෙතබ්බං පූජෙන්ති. ඉමඤ්ච හි තෙ භොන්තො න සක්කරෙය්යුං, න ගරුකරෙය්යුං, න මානෙය්යුං, න පූජෙය්යුං, අථ කිඤ්චරහි තෙ භොන්තො සක්කරෙය්යුං, ගරුකරෙය්යුං, මානෙය්යුං, පූජෙය්යුං, සක්කත්වා ගරුකත්වා උපනිස්සාය විහරෙය්යුන්ති.
Sinhala BJTමෙසේ කී කල්හි මගධමහාමාත්‍ර වූ වස්සකාර බ්‍රාහ්මණ උපනන්‍ද සේනාපති ඇමැතී: ‘භවත් සේනාපතිය, ඒ කිමැයි සිතයි ද, ඉදින් මේ භවත්හු මෙසේ සත්කාර කළයුත්තහු සත්කාර කෙරෙත් නම් ගරු කළ යුත්තහු ගරු කෙරෙත් නම් බුහුමන් කළයුත්තහු බුහුමන් කෙරෙත් නම් පිදියයුත්ත්හු පුදත් නම්, ඒකාන්තයෙන් මේ භවත්හු සත්කාර කළයුත්තහුට සත්කාර කෙරෙති, ගරු කළයුත්තහුට ගරු කෙරෙති, බුහුමන් කළයුත්තට බුහුමන් කෙරෙති, පිදිය යුත්තහුට පූජා කෙරෙති. තවද යම් හෙයෙකින් ඒ භවත්හු මේ මහණහු සත්කාර නො කරන්නාහු නම් ගරු නො කරන්නාහු නම් බුහුමන් නො කරන්නාහු නම් නො පුදන්නාහු නම්, එකල්හි ඒ භවත්හු කවරක්හට සත්කාර කරන්නාහු ද ගරු කරන්නාහු ද බුහුමන් කරන්නාහු ද පුදන්නාහු ද, සත්කාර කොට ගරු කොට නිසා වාස කරන්නාහු දැ’ යි.
Pali BJTඅථ ඛො වස්සකාරො බ්රාහ්මණො මගධමහාමත්තො ආයස්මන්තං ආනන්දං එතදවොච: ‘කහං පන භවං ආනන්දො එතරහි විහරතී’ති.
Sinhala BJTඉක්බිති මගධමහාමාත්‍ර වස්සකාර බ්‍රාහ්මණ ආයුෂ්මත් ආනන්‍ද තෙරුන්ට තෙල කී: ‘භවත් ආනන්‍දයෝ මෙකල්හි කොහි වෙසෙත් දැ’ යි.
Pali BJTවෙළුවනෙ ඛො අහං බ්රාහ්මණ එතරහි විහරාමීති.
Sinhala BJTබමුණ, මම මෙකල්හි වේළුවනයෙහි වාස කෙරෙමී’ කීහ.
Pali BJTකච්චි පන භො ආනන්ද, වෙළුවනං රමණීයඤ්චෙව අප්පසද්දඤ්ච අප්පනිග්ඝොසඤ්ච විජනවාතං මනුස්සරාහසෙය්යකං{3} පටිසල්ලානසාරුප්පන්ති.
Sinhala BJTකිමෙක භවත් ආනන්‍දයෙනි, වේළුවනය රමණී වූයේත් අල්පශබ්ද අල්පනිර්ඝෝෂ වූයේත් ඇද්ද, ජනවාත රහිත වූයේ මිනිසුන්ගේ රාහස්‍යයට යෝග්‍ය වූ විවේකයට සුදුසු වූයේ වී දැ’ යි පිළිවිත.
Pali BJTතග්ඝ බ්රාහ්මණ, වෙළුවනං රමණීයඤ්චෙව අප්පසද්දඤ්ච අප්පනිග්ඝොසඤ්ච විජනවාතං මනුස්සරාහසෙය්යකං පටිසල්ලානසාරුප්පං, යථා තං තුම්හාදිසෙහි රක්ඛකෙහි ගොපකෙහීති.
Sinhala BJTබමුණ, ඒකාන්තයෙන් වේළුවනය රමණී වූයේත් අල්පශබ්ද අල්පනිර්ඝෝෂ වූයේත් වෙයි, ජනවාත රහිත වූයේ මිනිසුන්ගේ රාහස්‍යයට යෝග්‍ය වූ විවේකයට නිසි වෙයි, තොප වැනි වූ රක්‍ෂක ගෝපකයන් විසින් (රක්නාලදුයේ) යම්සේ ද එමෙනි.
Pali BJTතග්ඝ භො ආනන්ද, වෙළුවනං රමණීයඤ්චෙව අප්පසද්දඤ්ච අප්පනිග්ඝොසඤ්ච විජනවාතං මනුස්සරාහසෙය්යකං පටිසල්ලානසාරුප්පං යථා තං භවන්තෙහි ඣානසීලීහි. ඣායිනො චෙව භවන්තො ඣානසීලිනො ච.
Sinhala BJTභවත් ආනන්‍දයෙනි, ඒකාන්තයෙන් වේළුවනය රමණී වූයේත් අල්පශබ්ද අල්ප නිරඝෝෂා වූයේත් වෙයි, විජනවාත වූයේ මිනිසුන්ගේ රහස්‍යකර්‍මයනට සුදුසු වූයේ විවේකවාසයට නිසි වූයේ වෙයි. ධ්‍යානශීලි වූ පින්වතුන් විසින් යම්සේ ද එමෙනි. භවත් ධ්‍යායීහු ද ධ්‍යානශීලුහු ද වෙති.
Pali BJTඑකමිදාහං භො ආනන්ද, සමයං සො භවං ගොතමො වෙසාලියං විහරති මහාවනෙ කූටාගාරසාලායං. අථ ඛො අහං{4} භො ආනන්ද, යෙන මහාවනං කූටාගාරසාලා, යෙන සො භවං ගොතමො, තෙනුපසඞ්කමිං. තත්ර ච පන සො භවං ගොතමො අනෙකපරියායෙන ඣානකථං කථෙසි. ඣායී චෙව සො භවං ගොතමො අහොසි ඣානසීලී ච. සබ්බඤ්ච පන සො භවං ගොතමො ඣානං වණ්ණෙසීති.
Sinhala BJTභවත් ආනන්‍දයෙනි, එක් සමයෙක්හි ඒ භවත් ගෞතමයන් වහන්සේ විසාලා නුවර මහාවනයෙහි වූ කූටාගාරශාලායෙහි වැඩවෙසෙති. භවත් ආනන්‍දයෙනි, එකල්හි මම් මහාවනයෙහි කූටාගාරශාලාව යම් තැනෙක්හි ද, ඒ භවත් ගෞතමයන් වහන්සේ යම් තැනෙක්හි ද, එතැන්හි එළැඹියෙමි. එහි වූ කලි ඒ භවත් ගෞතමයන් වහන්සේ නන් අයුරින් ධ්‍යානකථාව වදාළහ. ඒ භවත් ගෞතමයන් වහන්සේ ධ්‍යායී ද ධ්‍යානශීලී ද වූහ. යළි ඒ භවත් ගෞතමයන් වහන්සේ සියලු ධ්‍යානය වර්‍ණනා කළහ’ යි කීය.
Pali BJTන ඛො{5} බ්රාහ්මණ, සො භගවා සබ්බං ඣානං වණ්ණෙසි. නාපි{6} සො භගවා සබ්බං ඣානං න වණ්ණෙසීති.
Sinhala BJTබමුණ, ඒ භාග්‍යවතුන් වහන්සේ සියලු ධ්‍යානය වර්‍ණනා නො කළ සේක. ඒ භාග්‍යවතුන් වහන්සේ සියලු ධ්‍යානය නො ද වර්‍ණනා නො කළ සේකැ’ යි.
Pali BJTකථං රූපඤ්ච බ්රාහ්මණ, සො භගවා ඣානං න වණ්ණෙසි. ඉධ බ්රාහ්මණ, එකච්චො කාමරාගපරියුට්ඨිතෙන චෙතසා විහරති කාමරාගපරෙතෙන. උප්පන්නස්ස ච කාමරාගස්ස නිස්සරණං යථාභූතං නප්පජානාති: සො කාමරාගංයෙව අන්තරං කරිත්වා ඣායති පජ්ඣායති නිජ්ඣායති අපජ්ඣායති. බ්යාපාදපරියුට්ඨිතෙන චෙතසා විහරති බ්යාපාදපරෙතෙන. උප්පන්නස්ස ච බ්යාපාදස්ස නිස්සරණං යථාභූතං නප්පජානාති. සො බ්යාපාදංයෙව අන්තරං කරිත්වා ඣායති පජ්ඣායති නිජ්ඣායති අපජ්ඣායති. ථීනමිද්ධපරියුට්ඨිතෙන චෙතසා විහරති ථීනමිද්ධපරෙතෙන. උප්පන්නස්ස ච ථීනමිද්ධස්ස නිස්සරණං යථාභූතං නප්පජානාති. සො ථීනමිද්ධංයෙව අන්තරං කරිත්වා ඣායති පජ්ඣායති නිජ්ඣායති අපජ්ඣායති. උද්ධච්චකුක්කුච්චපරියුට්ඨිතෙන චෙතසා විහරති උද්ධච්චකුක්කුච්චපරෙතෙන. උප්පන්නස්ස ච උද්ධච්චකුක්කුච්චස්ස නිස්සරණං යථාභූතං නප්පජානාති. සො උද්ධච්චකුක්කුච්චංයෙව අන්තරං කරිත්වා ඣායති පජ්ඣායති නිජ්ඣායති අපජ්ඣායති. විචිකිච්ඡාපරියුට්ඨිතෙන චෙතසා විහරති විචිකිච්ඡාපරෙතෙන. උප්පන්නාය ච විචිකිච්ඡාය නිස්සරණං යථාභූතං නප්පජානාති. සො විචිකිච්ඡංයෙව අන්තරං කරිත්වා ඣායති පජ්ඣායති නිජ්ඣායති අපජ්ඣායති. එවරූපං ඛො බ්රාහ්මණ, සො භගවා ඣානං න වණ්ණෙසි.
Sinhala BJTබමුණ, ඒ භාග්‍යවතුන් වහන්සේ කෙබඳු වූ ධ්‍යානයක් වර්‍ණනා නො කළ සේක් ද යත්: ‘බමුණ, මෙලො වැ කිසිවෙක් කාමරාගයෙන් මඩනා ලද කාමරාගයෙන් පෙළන ලද සිතින් යුක්ත වැ වෙසෙයි, යළි උපන් කාමරාගයාගේ නිස්සරණය තතුසේ නො දනී. හේ කාමරාගය මැ ඇතුළු කොට ගෙන සිතයි, අතිශයින් සිතයි, අනේකප්‍රකාරයෙන් සිතයි, ඉන් බැහැර වැ සිතයි. ව්‍යාපාදයෙන් මැඩුණු ව්‍යාපාදයෙන් පෙළුණු සිතින් යුක්ත වැ වෙසෙයි. උපන් ව්‍යාපාදයාගේ ද නිස්සරණය තතුසේ නො දතහෙයි, හේ ව්‍යාපාදය මැ ඇතුළු කොටගෙන සිතයි, අතිශයින් සිතයි, නන් අයුරින් සිතයි, ඉන් බැහැර වැ සිතයි. ථීනමිද්ධයෙන් මැඩුණු ථීනමිද්ධයෙන් පෙළුණු සිතින් යුක්ත වැ වෙසෙයි. උපන් ථීනමිද්ධයාගේත් නිස්සරණය තතුසේ නො දතහෙයි. හේ ථීනමිද්ධය මැ ඇතුළු කොටගෙන සිතයි, අතිශයින් සිතයි, නන්අයුරින් සිතයි, ඉන් බැහැර වැ සිතයි. උද්ධච්ච කුක්කුච්චයෙන් මැඩුණු උද්ධච්චකුක්කුච්චයෙන් පෙළුණුසිතින් යුක්ත වැ වෙසෙයි. උපන් උද්ධච්චකුක්කුච්චයාගේත් නිස්සරණය තතුසේ නො දතහෙයි. හේ උද්ධච්ච කුක්කුච්ච මැ ඇතුළු කොටගෙන සිතයි, අතිශයින් සිතයි, නන්අයුරින් සිතයි, ඉන් බැහැර වැ සිතයි. විචිකිච්ඡායෙන් මැඩුණු විචිකිච්ඡායෙන් පෙළුණු සිතින් යුක්ත වැ වෙසෙයි, උපන් විචිකිච්ඡාවගේ ද නිස්සරණය තතුසේ නො දතහෙයි, හේ විචිකිච්ඡාව මැ ඇතුළු කොටගෙන සිතයි, අතිශයින් සිතයි, නන් අයුරින් සිතයි, ඉන් බැහැර වැ සිතයි. බමුණ, ඒ භාග්‍යවතුන් වහන්සේ මෙබඳු වූ ධ්‍යානය වර්‍ණනා නො කළ සේක.
Pali BJTකථං රූපඤ්ච බ්රාහ්මණ, සො භගවා ඣානං වණ්ණෙසි. ඉධ බ්රාහ්මණ, භික්ඛු විවිච්චෙව කාමෙහි විවිච්ච අකුසලෙහි ධම්මෙහි සවිතක්කං සවිචාරං විවෙකජං පීතිසුඛං පඨමං ඣානං උපසම්පජ්ජ විහරති. විතක්කවිචාරානං වූපසමා අජ්ඣත්තං සම්පසාදනං චෙතසො එකොදිභාවං අවිතක්කං අවිචාරං සමාධිජං පීතිසුඛං දුතියං ඣානං උපසම්පජ්ජ විහරති. පීතියා ච විරාගා උපෙක්ඛකො ච විහරති සතො ච සම්පජානො සුඛඤ්ච කායෙන පටිසංවෙදෙති, යං තං අරියා ආචික්ඛන්ති උපෙක්ඛකො සතිමා සුඛවිහාරී’ති තං තතියං ඣානං උපසම්පජ්ජ විහරති. සුඛස්ස ච පහානා දුක්ඛස්ස ච පහානා පුබ්බෙව සොමනස්සදොමනස්සානං අත්ථඞ්ගමා අදුක්ඛං අසුඛං උපෙක්ඛාසතිපාරිසුද්ධිං චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරති. එවරූපං ඛො බ්රාහ්මණ සො භගවා ඣානං වණ්ණෙසීති.
Sinhala BJTබමුණ, ඒ භාග්‍යවතුන් වහන්සේ කෙබඳු වූ ධ්‍යානයක් වර්‍ණනා කළසේක් ද යත්: ‘බමුණ, මෙ සස්නෙහි මහණ කාමරාගයෙන් වෙන් වැ අකුශලධර්‍මයන්ගෙන් වෙන් වැ සවිතර්‍ක වූ සැවිචාර වූ විවේකයෙන් උපන් ප්‍රීතිසුඛය ඇති ප්‍රථමධ්‍යානය උපදවා වෙසෙයි. විතර්‍කවිචාරයන්ගෙන් සන්හිඳීමෙන් අධ්‍යාත්මයෙහි සම්ප්‍රසාදය ඇති චිත්තයාගේ ඒකෝදි භාවය ඇති අවිතර්‍ක වූ අවිචාර වූ සමාධිය වූ ප්‍රීතිසුඛය ඇති ද්විතීයධ්‍යානය උපදවා වෙසෙයි. ප්‍රීතියගේ ද විරාගයෙන් ද උපේක්‍ෂා ඇත්තේ ද ස්මෘති ඇති ව සම්‍යග්ඥානය ඇති ව වෙසෙයි, නාමකයින් සුඛය ද විඳී, යම් ධ්‍යානයක් හේතුකොටගෙන ආර්‍ය්‍යයෝ ‘උපේක්‍ෂා ඇත්තේ යැ ස්මෘතිමත් යැ සුඛවිහාරී යැ’යි පවසත් ද, ඒ තෘතීයධ්‍යානය උපදවා වෙසෙයි. සුඛයාගේ ද ප්‍රහාණයෙන් දුඃඛයාගේ ද ප්‍රහාණයෙන් පෙර මැ සොම්නස් දොම්නසුන්ගේ අස්තංගමයෙන් දුක් නො වූ සුව නො වූ උපේක්‍ෂාව හා ස්මෘතිපාරිශුද්ධිය ඇති චතුර්‍ත්‍ථධ්‍යානය උපදවා වෙසෙයි. බමුණ, ඒ භාගවතුන් වහන්සේ මෙබඳු වූ ධ්‍යානය වර්‍ණනා කළ සේකැ’යි වදාළහ.
Pali BJTගාරය්හං කිර භො ආනන්ද, සො භවං ගොතමො ඣානං ගරහි. පාසංසං පසංසි. හන්ද ච’දානි මයං භො ආනන්ද ගච්ඡාම බහුකිච්චා මයං බහුකරණීයාති.
Sinhala BJTභවත් ආනන්‍දයෙනි, ඒ භවත් ගෞතමයන් වහන්සේ ගැරැහියැ යුතු ධ්‍යානය කලි ගැරැහූහ. පැසැසියැ යුත්ත පැසැසූහ. මැනැවැ භවත් ආනන්‍දයෙනි, මෙවිට ඇපි යම්හ, ඇපි බොහෝ කිස ඇතියම්හ, බොහෝ කරණී ඇතියම්හ’ යි.
Pali BJTයස්සදානි ත්වං බ්රාහ්මණ, කාලං මඤ්ඤසීති.
Sinhala BJTබමුණ, තෙපි දැන් ඒ කටයුතු සඳහා කල් දනුව’ යි.
Pali BJTඅථ ඛො වස්සකාරො බ්රාහ්මණො මගධමහාමත්තො ආයස්මතො ආනන්දස්ස භාසිතං අභිනන්දිත්වා අනුමොදිත්වා උට්ඨායාසනා පක්කාමි.
Sinhala BJTඉක්බිති මගධමහාමාත්‍ර වස්සකාර බ්‍රාහ්මණ ආයුෂ්මත් ආනන්‍ද තෙරුන්ගේ භාෂිතය අභිනන්‍දනා කොට අනුමෝදන් වැ හුනස්නෙන් නැගිට නික්මැ ගියේ ය.
Pali BJTඅථ ඛො ගොපකමොග්ගල්ලානො බ්රාහ්මණො අචිරපක්කන්තෙ වස්සකාරෙ බ්රාහ්මණෙ මගධමහාමත්තෙ ආයස්මන්තං ආනන්දං එතදවොච: ‘යං නො මයං භවන්තං ආනන්දං අපුච්ඡිම්හ{1} තං නො භවං ආනන්දො න බ්යාකාසීති.
Sinhala BJTඉක්බිති ගෝපකමොග්ගල්ලාන බ්‍රාහ්මණ මගධමහාමාත්‍ර වූ වස්සකාර බමුණු නික්මැ ගිය නොබෝවේලෙහි ආයුෂ්මත් ආනන්‍ද තෙරුන්ට තෙල කී: ‘ඇපි භවත් ආනන්‍දයන් යමක් විචාළමෝ නම් භවත් ආනන්‍දයෝ එය ප්‍රකාශ නො කළහ’ යි.
Pali BJTඅපි නු තෙ{1} බ්රාහ්මණ, අවොචුම්හ: නත්ථි ඛො බ්රාහ්මණ එකභික්ඛූපි තෙහි ධම්මෙහි සබ්බෙන සබ්බං සබ්බථා සබ්බං සමන්නාගතො, යෙහි ධම්මෙහි සමන්නාගතො සො භගවා අහොසි අරහං සම්මාසම්බුද්ධො. සො හි බ්රාහ්මණ, භගවා අනුප්පන්නස්ස මග්ගස්ස උප්පාදෙතා, අසඤ්ජාතස්ස මග්ගස්ස සඤ්ජනෙතා, අනක්ඛාතස්ස මග්ගස්ස අක්ඛාතා, මග්ගඤ්ඤූ මග්ගවිදූ මග්ගකොවිදො මග්ගානුගා ච පන එතරහි සාවකා විහරන්ති පච්ඡා සමන්නාගතාති.
Sinhala BJTබමුණ, තොපට කිවමෝ නො ද: ‘බමුණ, ඒ භගවත් අර්‍හත් සම්‍යක් සම්බුදුරජාණන් වහන්සේ යම් සර්‍වඥතාඥාන ධර්‍මයෙකින් සමන්‍වාගත සේක් නම් ඒ ධර්‍මයන්ගෙන් සියල්ලෙන් සියල්ල සර්‍වථායෙන් සියල්ල සමන්‍විත වූ එක භික්‍ෂු කෙනෙකුදු නැත්තාහ. එසේ මැ යැ, බමුණ, ඒ භාග්‍යවතුන් වහන්සේ (සිය සතන්හි) නූපන් මඟ උපදවනුවහ, (වෛනෙයසන්තානයෙහි) අසඤ්ජාත මාර්‍ගය දනවනුවහ. ප්‍රකාශ නො කළ මඟ පවසනුවහ ආර්‍ය්‍යමාර්‍ග ප්‍රත්‍යවේක්‍ෂා විසින් දතුවහ, (වෛනෙයසන්තානයෙහි) දැනැවියයුතු මඟ දන්නාසුල්ලහ, මාර්‍ගයෙහි විචක්‍ෂණයහ, ඒ බුදුන් හෙළිකළ මාර්‍ගය හේතුකොටගෙන මෙකල්හි මාර්‍ගය අනුව යන ශ්‍රාවකයෝ (ශීලාදි ගුණයෙන්) පසුපස යෙමින් වාස කෙරෙත් යයි වදාළහ.
Pali BJTගොපකමොග්ගල්ලානසුත්තං අට්ඨමං
Sinhala BJTඅටවැනි ගෝපකමොග්ගල්ලාන සූත්‍ර යි.
Pali BJT3. 1. 9.
Sinhala BJT3. 1. 9.
Pali BJTමහාපුණ්ණම සුත්තං
Sinhala BJTමහාපුණ්ණම සූත්‍රය
Pali BJTඑවං මෙ සුතං: එකං සමයං භගවා සාවත්ථියං විහරති පුබ්බාරාමෙ මිගාරමාතුපාසාදෙ, තෙන ඛො පන සමයෙන භගවා තදහුපොසථෙ පණ්ණරසෙ පුණ්ණාය පුණ්ණමාය රත්තියා භික්ඛුසඞ්ඝපරිවුතො අබ්භොකාසෙ නිසින්නො හොති.
Sinhala BJTමා විසින් මෙසේ අසන ලද: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි මිගාරමාතෘප්‍රසාද නම් වූ පූර්‍වාරාමයෙහි වැඩවාස කරන සේක, තවද එසමයෙහි භාග්‍යවතුන් වහන්සේ එදවස් පණුරැසි පොහොයෙහි මස් පිරුණු රාත්‍රියෙහි භික්‍ෂුසංඝයා විසින් පිරිවරන ලද්දාහු අභ්‍යාවකාශයෙහි වැඩහුන් සේක.
Pali BJTඅථ ඛො අඤ්ඤතරො භික්ඛු උට්ඨායාසනා එකංසං චීවරං කත්වා යෙන භගවා තෙනඤ්ජලිං පණාමෙත්වා භගවන්තං එතදවොච: ‘පුච්ඡෙය්යාහං භන්තෙ, භගවන්තං කිඤ්චිදෙව දෙසං සචෙ මෙ භගවා ඔකාසං කරොති පඤ්හස්ස වෙය්යාකරණායා’ති.
Sinhala BJTඉක්බිති එක්තරා මහණෙක් හුනස්නෙන් නැඟීසිට සිවුර එකස්කොට පෙරෙව භාග්‍යවතුන් වහන්සේ දිසාවට දොහොත් මුදුන් තබා වැඳ භාග්‍යවතුන් වහන්සේට තෙල කී: ‘වහන්ස, ඉදින් මට භාග්‍යවතුන් වහන්සේ පැන විසඳනුවට අවකාස කරන සේක් නම්, මම භාග්‍යවතුන් වහන්සේ ඒකදේසමාත්‍රයක් පුළුවුස්මී’ කීය.
Pali BJTතෙන හි ත්වං භික්ඛු සකෙ ආසනෙ නිසීදිත්වා පුච්ඡ යදාකඞ්ඛසීති.
Sinhala BJTඑසේ වී නම් මහණ තෙපි සිය අස්නෙහි හිඳ යමක් රිසියෙයි නම් පුළුවුස්ව’යි වදාළහ.
Pali BJTඅථ ඛො සො භික්ඛු සකෙ ආසනෙ නිසීදිත්වා භගවන්තං එතදවොච:
Sinhala BJTඑ සඳ එ මහණ සිය අස්නෙහි හිඳ භාග්‍යවතුන් වහන්සේට තෙල කරුණ සැල කෙළේ:
Pali BJT‘ඉමෙ නු ඛො භන්තෙ, පඤ්චුපාදානක්ඛන්ධා, සෙය්යථිදං: රූපූපාදානක්ඛන්ධො, වෙදනූපාදානක්ඛන්ධො, සඤ්ඤූපාදානක්ඛන්ධො, සඞ්ඛාරූපාදානක්ඛන්ධො, විඤ්ඤාණුපාදානක්ඛන්ධො’ති.
Sinhala BJTවහන්ස, පඤ්චෝපාදානස්කන්‍ධයෝ මොවුහු නො ද, ඒ මෙසේ යැ: රූපෝපාදාන ස්කන්‍ධය වේදනෝපාදානස්කන්‍ධය සංඥොපාදානස්කන්‍ධය සංස්කාරෝපාදානස්කන්‍ධය විඥානෝපාදානස්කන්‍ධ යි.
Pali BJTඉමෙ ඛො භික්ඛු, පඤ්චුපාදානක්ඛන්ධා, සෙය්යථිදං: ‘රූපූපාදානක්ඛන්ධො, වෙදනූපාදානක්ඛන්ධො, සඤ්ඤූපාදානක්ඛන්ධො, සඞ්ඛාරූපාදානක්ඛන්ධො, විඤ්ඤාණුපාදානක්ඛන්ධො’ති.
Sinhala BJTමහණ පඤ්චෝපාදානස්කන්‍ධයෝ මොහු යැ, ඒ මෙසේ යැ: රූපෝපාදානස්කන්‍ධ වේදනෝපාදානස්කන්‍ධ සංඥෝපාදානස්කන්‍ධ සංස්කාරෝපාදානස්කන්‍ධ විඥානෝපාදානස්කන්‍ධ යි.
Pali BJTසාධු භන්තෙති ඛො සො භික්ඛු භගවතො භාසිතං අභිනන්දිත්වා අනුමොදිත්වා භගවන්තං උත්තරිං පඤ්හං පුච්ඡි.
Sinhala BJT‘මැනැවැ වහන්සැ’ යි ඒ මහණ භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය අභිනන්‍දනා කොට අනුමෝදන් වැ බුදුරදුන් මත්තෙහි පැන පිළිවිත්:
Pali BJT‘ඉමෙ පන භන්තෙ පඤ්චුපාදානක්ඛන්ධා කිම්මූලකා’ති?
Sinhala BJTයළි වහන්සැ, මේ පඤ්චෝපාදානස්කන්‍ධයෝ කුමක් මුල් කොට ඇත්තාහු දැ’යි.
Pali BJT‘ඉමෙ ඛො භික්ඛු, පඤ්චුපාදානක්ඛන්ධා ඡන්දමූලකා’ති.
Sinhala BJTමහණ, මේ පඤ්චෝපාදානස්කන්‍ධයෝ තෘෂ්ණාව මුල් කොට ඇත්තාහ’යි.
Pali BJTතංයෙව නු ඛො භන්තෙ, උපාදානං තෙ පඤ්චුපාදානක්ඛන්ධා, උදාහු අඤ්ඤත්ර පඤ්චුපාදානක්ඛන්ධෙහි උපාදානං’ති?
Sinhala BJTවහන්ස, එ මැ උපාදාන ඒ පඤ්චස්කන්‍ධයෝ වෙත් ද, නොහොත් පඤ්චොපාදානස්කන්‍ධයෙන් වෙන් වැ උපාදාන වේ දැ’යි.
Pali BJTන ඛො භික්ඛු, තං යෙව උපාදානං තෙ පඤ්චුපාදානක්ඛන්ධා, නාපි{1} අඤ්ඤත්ර පඤ්චුපාදානක්ඛන්ධෙහි උපාදානං. යො ඛො භික්ඛු, පඤ්චුපාදානක්ඛන්ධෙසු ඡන්දරාගො, තං තත්ථ උපාදානන්ති.
Sinhala BJTමහණ, එ මැ උපාදානය ඒ පඤ්චෝපාදානස්කන්‍ධයෝ නො වෙති, පඤ්චොපාදානස්කන්‍ධයෙන් වෙන් වැ නො ද උපාදාන වෙයි. මහණ පඤ්චෝපාදානස්කන්‍ධයෙහි යම් ඡන්‍දරාගයෙක් ඇද්ද, ඒ එහි උපාදාන යි.
Pali BJTසියා පන භන්තෙ, පඤ්චසු උපාදානක්ඛන්ධෙසු ඡන්දරාගවෙමත්තතාති?
Sinhala BJTවහන්ස, යළි පඤ්චෝපාදානස්කන්‍ධයන් විෂයෙහි ඡන්‍දරාගයාගේ වෙනස්බවෙක් ඇද්දැ’යි පිළිවිත්.
Pali BJTසියා භික්ඛූති භගවා අවොච. ඉධ භික්ඛු, එකච්චස්ස එවං හොති. එවංරූපො සියං අනාගතමද්ධානං, එවංවෙදනො සියං අනාගතමද්ධානං, එවංසඤ්ඤො සියං අනාගතමද්ධානං, එවංසඞ්ඛාරො සියං අනාගතමද්ධානං, එවංවිඤ්ඤාණො සියං අනාගතමද්ධානන්ති. එවං ඛො භික්ඛු, සියා පඤ්චසු උපාදානක්ඛන්ධෙසු ඡන්දරාගවෙමත්තතාති.
Sinhala BJTමහණ, ‘ඇතැ’ යි බුදුහු වදාළහ: ‘මහණ, මෙලොවැ කිසිවක්හට මෙසේ සිත් වෙයි: අනාගතකාලයෙහි මෙබඳු රූප ඇත්තෙම් වන්නෙමි, අනාගත කාලයෙහි මෙබඳු වේදනා ඇත්තෙම් වන්නෙමි, අනාගතකාලයෙහි මෙබඳු සංඥා ඇත්තෙම් වන්නෙමි, අනාගත කාලයෙහි මෙබඳු සංස්කාර ඇත්තෙම් වන්නෙමි, අනාගතකාලයෙහි මෙබඳු විඥාන ඇත්තෙම් වන්නෙමි. මෙසේ පඤ්චෝපාදානස්කන්‍ධ විෂයෙහි ඡන්‍දරාගයාගේ විවිධත්‍වය වන්නේ ය’ යි වදාළහ.
Pali BJTකිත්තාවතා පන භන්තෙ, ඛන්ධානං ඛන්ධාධිවචනං හොතීති?
Sinhala BJTවහන්ස, යළි කොපමණෙකින් ස්කන්‍ධයන් ගේ ස්කන්‍ධප්‍රඥප්තිය වේ දැ’යි.
Pali BJTයං කිඤ්චි භික්ඛු, රූපං අතීතානාගතපච්චුප්පන්නං අජ්ඣත්තං වා බහිද්ධා වා ඔළාරිකං වා සුඛුමං වා හීනං වා පණීතං වා යං දූරෙ සන්තිකෙ වා, අයං රූපක්ඛන්ධො. යා කාචි වෙදනා අතීතානාගතපච්චුප්පන්නා අජ්ඣත්තං වා බහිද්ධා වා ඔළාරිකා වා සුඛුමා වා හීනා වා පණීතා වා යා දූරෙ සන්තිකෙ වා, අයං වෙදනාක්ඛන්ධො. යා කාචි සඤ්ඤා අතීතානාගතපච්චුප්පන්නා අජ්ඣත්තං වා බහිද්ධා වා ඔළාරිකා වා සුඛුමා වා හීනා වා පණීතා වා යා දූරෙ සන්තිකෙ වා, අයං සඤ්ඤාක්ඛන්ධො. යෙ කෙචි සඞ්ඛාරා අතීතානාගතපච්චුප්පන්නා අජ්ඣත්තං වා බහිද්ධා වා ඔළාරිකා වා සුඛුමා වා හීනා වා පණීතා වා යෙ දූරෙ සන්තිකෙ වා, අයං සඞ්ඛාරක්ඛන්ධො. යං කිඤ්චි විඤ්ඤාණං අතීතානාගතපච්චුප්පන්නං අජ්ඣත්තං වා බහිද්ධා වා ඔළාරිකං වා සුඛුමං වා හීනං වා පණීතං වා යං දූරෙ සන්තිකෙ වා, අයං විඤ්ඤාණක්ඛන්ධො. එත්තාවතා ඛො,භික්ඛු, ඛන්ධානං ඛන්ධාධිවචනං හොතී’ති.
Sinhala BJTමහණ, අධ්‍යාත්ම වේවයි බාහ්‍ය වේවයි ඖදාරික වේවයි සූක්‍ෂ්ම වේවයි හීන වේවයි ප්‍රණීත වේවයි අතීතානාගප්‍රත‍්‍යුත්පන්න වූ යම් කිසි රූපයෙක් ඇද්ද, දුරැ හෝ සමීපයෙහි හෝ යම් රූපයෙක් ඇද්ද, මේ රූපස්කන්‍ධ යැ, අතීතානාගප්‍රත‍්‍යුත්පන්න වූ අධ්‍යාත්මයෙහි වේවයි බාහ්‍යයෙහි වේවයි ඖදාරික වේවයි සූක්‍ෂම වේවයි හීන වේවයි ප්‍රණීත වේවයි යම් වේදනාවක් ඇද්ද, දුරැ හෝ සමීපයෙහි යම් වේදනාවක් ඇද්ද, මේ වේදනාස්කන්‍ධ යැ, අතීතානාගප්‍රත‍්‍යුත්පන්න වූ අධ්‍යාත්මයෙහි වේවයි බාහ්‍යයෙහි වේවයි ඖදාරික වේවයි සූක්‍ෂම වේවයි හීන වේවයි ප්‍රණීත වේවයි යම් කිසි සංඥාවක් ඇද්ද, දුරැ හෝ සමීපයෙහි යම් සංඥාවක් ඇද්ද, මේ සංඥාස්කන්‍ධ යැ. අතීතානාගතප්‍රත‍්‍යුත්‍යන්න වූ අධ්‍යාත්මයෙහි වේවයි බාහ්‍යයෙහි වේවයි ඖදාරික වේවයි සූක්‍ෂම වේවයි හීන වේවයි ප්‍රණීත වේවයි යම් සංස්කාර කෙනෙක් ඇද්ද, දුරැ හෝ සමීපයෙහි හෝ යම් සංස්කාර කෙනෙක් ඇද්ද, මේ සංස්කාරස්කන්‍ධ යැ. අතීතානාගප්‍රත‍්‍යුත්පන්න වූ අධ්‍යාත්මයෙහි වේවයි බාහ්‍යයෙහි වේවයි ඖදාරික වේවයි සූක්‍ෂම වේවයි හීන වේවයි ප්‍රණීත වේවයි යම් කිසි විඥානයෙක් ඇද්ද, දුරැ හෝ සමීපයෙහි හෝ යම් විඥානයෙක් ඇද්ද, මේ විඥානස්කන්‍ධ යැ. මහණ, මෙතෙකින් ස්කන්‍ධයන් ගේ ස්කන්‍ධප්‍රඥප්තිය වේයයි වදාළහ.
Pali BJTකො නු ඛො භන්තෙ, හෙතු කො පච්චයො රූපක්ඛන්ධස්ස පඤ්ඤාපනාය, කො හෙතු කො පච්චයො වෙදනාක්ඛන්ධස්ස පඤ්ඤාපනාය, කො හෙතු කො පච්චයො සඤ්ඤාක්ඛන්ධස්ස පඤ්ඤාපනාය, කො හෙතු කො පච්චයො සඞ්ඛාරක්ඛන්ධස්ස පඤ්ඤාපනාය, කො හෙතු කො පච්චයො විඤ්ඤාණක්ඛන්ධස්ස පඤ්ඤාපනායාති?
Sinhala BJTවහන්ස, රූපස්කන්‍ධයාගේ පැනැවීමට හේතු කවරේ ද, ප්‍රත්‍යය කවරේ ද, වේදනා ස්කන්‍ධය පැනැවීමට හේතු කවරේ ද, ප්‍රත්‍යය කවරේ ද, සංඥාස්කන්‍ධය පැනැවීමට හේතු කවරේ ද, ප්‍රත්‍යය කවරේ ද, සංස්කාරස්කන්‍ධය පැනැවීමට හේතු කවරේ ද, ප්‍රත්‍යය කවරේ ද, විඥානස්කන්‍ධය පැනැවීමට හේතු කවරේ ද, ප්‍රත්‍ය කවරේ දැ’ යි.
Pali BJTචත්තාරො ඛො භික්ඛු, මහාභූතා හෙතු චත්තාරො මහාභූතා පච්චයො රූපක්ඛන්ධස්ස පඤ්ඤාපනාය, ඵස්සො හෙතු ඵස්සො පච්චයො වෙදනාක්ඛන්ධස්ස පඤ්ඤාපනාය, ඵස්සො හෙතු ඵස්සො පච්චයො සඤ්ඤාක්ඛන්ධස්ස පඤ්ඤාපනාය, ඵස්සො හෙතු ඵස්සො පච්චයො සඞ්ඛාරක්ඛන්ධස්ස පඤ්ඤාපනාය, නාමරූපං ඛො භික්ඛු, හෙතු නාමරූපං පච්චයො විඤ්ඤාණක්ඛන්ධස්ස පඤ්ඤාපනායාති.
Sinhala BJTමහණ, රූපස්කන්‍ධය පැනැවීමට සතර මහාභූතයෝ හේතු වෙති, සතර මහාභූතයෝ ප්‍රත්‍යය වෙති. වේදනාස්කන්‍ධය පැනැවීමට ස්පර්‍ශය හේතු වෙයි, ස්පර්‍ශය ප්‍රත්‍යය වෙයි. සංඥාස්කන්‍ධය පැනැවීමට ස්පර්‍ශය හේතු වෙයි, ස්පර්‍ශය ප්‍රත්‍ය වෙයි. සංස්කාරස්කන්‍ධය පැනැවීමට ස්පර්‍ශය හේතු වෙයි, ස්පර්‍ශය ප්‍රත්‍ය වෙයි. මහණ, විඥානස්කන්‍ධය පැනැවීමට නාමරූපය හේතු වෙයි, නාමරූප ප්‍රත්‍යය වේ යයි වදාළසේක.
Pali BJTකථං පන භන්තෙ, සක්කායදිට්ඨි හොතීති?
Sinhala BJTවහන්ස, යළි කිසෙයින් සත්කායදෘෂ්ටි වේ දැයි පිළිවිත්.
Pali BJTඉධ භික්ඛු, අස්සුතවා පුථුජ්ජනො අරියානං අදස්සාවී අරියධම්මස්ස අකොවිදො අරියධම්මෙ අවිනීතො, සප්පුරිසානං අදස්සාවී සප්පුරිසධම්මස්ස අකොවිදො සප්පුරිසධම්මෙ අවිනීතො, රූපං අත්තතො සමනුපස්සති, රූපවන්තං වා අත්තානං, අත්තනි වා රූපං, රූපස්මිං වා අත්තානං. වෙදනං අත්තතො සමනුපස්සති, වෙදනාවන්තං වා අත්තානං, අත්තනි වා වෙදනං, වෙදනාය වා අත්තානං. සඤ්ඤං අත්තතො සමනුපස්සති, සඤ්ඤාවන්තං වා අත්තානං, අත්තනි වා සඤ්ඤං, සඤ්ඤාය වා අත්තානං. සඞ්ඛාරෙ අත්තතො සමනුපස්සති, සඞ්ඛාරවන්තං වා අත්තානං, අත්තනි වා සඞ්ඛාරෙ, සඞ්ඛාරෙසු වා අත්තානං. විඤ්ඤාණං අත්තතො සමනුපස්සති, විඤ්ඤාණවන්තං වා අත්තානං, අත්තනි වා විඤ්ඤාණං, විඤ්ඤාණස්මිං වා අත්තානං. එවං ඛො භික්ඛු, සක්කායදිට්ඨි හොතීති.
Sinhala BJTමහණ, මෙලොවැ අශ්‍රැතවත් පෘථග්ජන ආර්‍ය්‍යයන් නුදුටුයේ ආර්‍ය්‍යධර්‍මයෙහි අකෝවිද වූයේ ආර්‍ය්‍යධර්‍මයෙහි අවිනීත වූයේ, සත් පුරුෂයන් නුදුටුයේ සත්පුරුෂධර්‍මයෙහි අකෝවිද වූයේ සත්පුරුෂධර්‍මයෙහි අවිනීත වූයේ රූපය ආත්ම වශයෙන් දකී, රූපවත් ආත්මය හෝ ආත්මයෙහි රූපය හෝ රූපයෙහි ආත්මය හෝ දකී. වේදනාව ආත්මවශයෙන් දකී, වේදනාවත් ආත්මය හෝ ආත්මයෙහි වේදනාව හෝ වේදනාවෙහි ආත්මය හෝ දකී. සංඥාව ආත්මවශයෙන් දකී, සංඥාවත් ආත්මය හෝ ආත්මයෙහි සංඥාව හෝ සංඥායෙහි ආත්මය හෝ දකී. සංස්කාරයන් ආත්මවශයෙන් දකී, සංස්කාරවත් ආත්මය හෝ ආත්මයෙහි සංස්කාරයන් හෝ සංස්කාරයන්හි ආත්මය හෝ දකී. විඥානය ආත්මවශයෙන් දකී, විඥානවත් ආත්මය හෝ ආත්මයෙහි විඥානය හෝ විඥානයෙහි ආත්මය හෝ දකී. මහණ, මෙසෙයින් සක්කායදෘෂ්ටි වේ යයි වදාළහ.
Pali BJTකථං පන භන්තෙ, සක්කායදිට්ඨි න හොතීති?
Sinhala BJTවහන්ස, යළි කිසෙයින් සක්කායදෘෂ්ටි නො වේ දැ’ යි පිළිවිත්.
Pali BJTඉධ භික්ඛු, සුතවා අරියසාවකො අරියානං දස්සාවී අරියධම්මස්ස කොවිදො අරියධම්මෙ සුවිනීතො, සප්පුරිසානං දස්සාවී, සප්පුරිසධම්මස්ස කොවිදො, සප්පුරිසධම්මෙ සුවිනීතො, න රූපං අත්තතො සමනුපස්සති, න රූපවන්තං වා අත්තානං, න අත්තනි වා රූපං, න රූපස්මිං වා අත්තානං. න වෙදනං අත්තතො සමනුපස්සති, න වෙදනාවන්තං වා අත්තානං, න අත්තනි වා වෙදනං, න වෙදනාය වා අත්තානං. න සඤ්ඤං අත්තතො සමනුපස්සති, න සඤ්ඤාවන්තං වා අත්තානං, න අත්තනි වා සඤ්ඤං, න සඤ්ඤාය වා අත්තානං. න සඞ්ඛාරෙ අත්තතො සමනුපස්සති, න සඞ්ඛාරවන්තං වා අත්තානං, න අත්තනි වා සඞ්ඛාරෙ, න සඞ්ඛාරෙසු වා අත්තානං. න විඤ්ඤාණං අත්තතො සමනුපස්සති, න විඤ්ඤාණවන්තං වා අත්තානං, න අත්තනි වා විඤ්ඤාණං, න විඤ්ඤාණස්මිං වා අත්තානං. එවං ඛො භික්ඛු, සක්කායදිට්ඨි න හොතීති.
Sinhala BJTමහණ, මෙලොවැ ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක ආර්‍ය්‍යයන් දුටුයේ ආර්‍ය්‍යධර්‍මයට නිපුණ වූයේ ආර්‍ය්‍යධර්‍මයෙහි සුවිනීත වූයේ, සත්පුරුෂයන් දුටුයේ සත්පුරුෂධර්‍මයට නිපුණ වූයේ සත්පුරුෂධර්‍මයෙහි සුවිනීත වූයේ රූපය ආත්මවශයෙන් නො දකී, රූපවත් ආත්මය හෝ ආත්මයෙහි රූපය හෝ රූපයෙහි ආත්මය හෝ නො දකී. වේදනාව ආත්මවශයෙන් නො දකී, වේදනාවත් ආත්මය හෝ ආත්මයෙහි වේදනාව හෝ වේදනායෙහි ආත්මය හෝ නො දකී. සංඥාව ආත්මවශයෙන් නො දකී, සංඥාවත් ආත්මය හෝ ආත්මයෙහි සංඥාව හෝ සංඥායෙහි ආත්මය හෝ නො දකී. සංස්කාරයන් ආත්මවශයෙන් නො දකී. සංස්කාරවත් ආත්මය හෝ ආත්මයෙහි සංස්කාරයන් හෝ නො දකී. විඥානය ආත්ම වශයෙන් නො දකී, විඥානවත් ආත්මය හෝ ආත්මයෙහි විඥානය හෝ විඥානයෙහි ආත්මය හෝ නො දකී. මහණ, මෙසෙයින් සක්කායදෘෂ්ටි නො වේ යයි වදාළහ.
Pali BJTකො නු ඛො භන්තෙ, රූපෙ අස්සාදො කො ආදීනවො කිං නිස්සරණං. කො වෙදනාය අස්සාදො කො ආදීනවො කිං නිස්සරණං. කො සඤ්ඤාය අස්සාදො කො ආදීනවො කිං නිස්සරණං. කො සඞ්ඛාරෙසු අස්සාදො කො ආදීනවො කිං නිස්සරණං. කො විඤ්ඤාණෙ අස්සාදො කො ආදීනවො කිං නිස්සරණන්ති.
Sinhala BJTවහන්ස, රූපයෙහි ආස්වාද කවර, ආදීනව කවර, නිස්සරණ කිම? වේදනායෙහි ආස්වාද කවර, ආදීනව කවර, නිස්සරණ කිම? සංඥායෙහි ආස්වාද කවර, ආදීනව කවර, නිස්සරණ කිම? සංස්කාරයන්හි ආස්වාද කවර, ආදීනව කවර, නිස්සරණ කිම? විඥානයෙහි ආස්වාද කවර, ආදීනව කවර, නිස්සරණ කිමැ’ පිළිවිත්.
Pali BJTයං ඛො භික්ඛු, රූපං පටිච්ච උප්පජ්ජති සුඛං සොමනස්සං, අයං රූපෙ අස්සාදො. යං රූපං අනිච්චං දුක්ඛං විපරිණාමධම්මං, අයං රූපෙ ආදීනවො. යො රූපෙ ඡන්දරාගවිනයො ඡන්දරාගප්පහානං, ඉදං රූපෙ නිස්සරණං. යං ඛො භික්ඛු, වෙදනං පටිච්ච -පෙ- සඤ්ඤං පටිච්ච -පෙ- සඞ්ඛාරෙ පටිච්ච -පෙ- විඤ්ඤාණං පටිච්ච උප්පජ්ජති සුඛං සොමනස්සං, අයං විඤ්ඤාණෙ අස්සාදො. යං විඤ්ඤාණං අනිච්චං දුක්ඛං විපරිණාමධම්මං, අයං විඤ්ඤාණෙ ආදීනවො. යො විඤ්ඤාණෙ ඡන්දරාගවිනයො ඡන්දරාගප්පහානං, ඉදං විඤ්ඤාණෙ නිස්සරණන්ති.
Sinhala BJTමහණෙනි, රූපය නිසා යම් සුවයෙක් සොම්නසෙක් උපදී ද, මේ රූපයෙහි ආස්වාද යැ. යම්හෙයෙකින් රූපය අනිත්‍ය දුඃඛ විපරිණාමස්වභාව වේ ද, මේ රූපයෙහි ආදීනව යැ. රූපයෙහි යම් ඡන්‍දරාගවිනයෙක් ඡන්‍දරාගප්‍රහාණයෙක් වේ ද, මේ රූපයෙහි නිස්සරණ යි. මහණ, වේදනාව නිසා යම් ... සංඥාව නිසා ... සංස්කාරයන් නිසා ... විඥානය නිසා යම් සුවයෙක් සොම්නසෙක් උපදී ද, මේ විඥානයෙහි ආස්වාද යැ, යම් හෙයෙකින් විඥානය අනිත්‍ය දුඃඛ විපරිණාමස්වභාව වේ ද, මේ විඥානයෙහි ආදීනව යැ. විඥානයෙහි යම් ඡන්‍ද රාගවිනයෙක් ඡන්‍දරාගප්‍රහාණයෙක් වේ ද, මේ විඥානයෙහි නිස්සරණැ’ යි වදාළහ.
Pali BJTකථං පන භන්තෙ, ජානතො කථං පස්සතො ඉමස්මිඤ්ච සවිඤ්ඤාණකෙ කායෙ බහිද්ධා ච සබ්බනිමිත්තෙසු අහිඞ්කාරමමිඞ්කාරමානානුසයා න හොන්තීති?
Sinhala BJTවහන්ස, යළි කිසෙයින් දන්නාහට කිසෙයින් දක්නාහට මේ සවිඥානක කයෙහි ද මෙරමාගේ සවිඥානක කයෙහි හා අතින්‍ද්‍රියබද්ධයෙහි ද අහංකාර මාන යැ මමංකාර තෘෂ්ණා යැ යන අනුශයධර්‍මයෝ නො වෙත් දැ’යි.
Pali BJTයං කිඤ්චි භික්ඛු, රූපං අතීතානාගතපච්චුප්පන්නං අජ්ඣත්තං වා බහිද්ධා වා ඔළාරිකං වා සුඛුමං වා හීනං වා පණීතං වා යං දූරෙ සන්තිකෙ වා, ‘සබ්බං රූපං නෙතං මම, නෙසොහමස්මි, න මෙසො අත්තා’ති එවමෙතං යථාභූතං සම්මප්පඤ්ඤාය පස්සති. යා කාචි වෙදනා -පෙ- යා කාචි සඤ්ඤා -පෙ- යෙ කෙචි සඞ්ඛාරා -පෙ- යං කිඤ්චි විඤ්ඤාණං අතීතානාගතපච්චුප්පන්නං අජ්ඣත්තං වා බහිද්ධා වා ඔළාරිකං වා සුඛුමං වා හීනං වා පණීතං වා යං දූරෙ සන්තිකෙ වා, ‘සබ්බං විඤ්ඤාණං නෙතං මම, නෙසොහමස්මි, න මෙසො අත්තා’ති. එවමෙතං යථාභූතං සම්මප්පඤ්ඤාය පස්සති. එවං ඛො භික්ඛු, ජානතො එවං පස්සතො ඉමස්මිඤ්ච සවිඤ්ඤාණකෙ කායෙ බහිද්ධා ච සබ්බනිමිත්තෙසු අහිඞ්කාරමමිඞ්කාරමානානුසයා{1} න හොන්තී’ති.
Sinhala BJTමහණ, අධ්‍යාත්ම වූ ද බාහ්‍ය වූ ද ඖදාරික වූ ද සූක්‍ෂ්ම වූ ද හීන වූ ද ප්‍රණීත වූ ද අතීතානාගප්‍රත‍්‍යුත්පන්න වූ යම් රූපයෙක් ඇද්ද, දුරැ හෝ සමීපයෙහි හෝ යම් රූපයෙක් ඇද්ද, එ හැම රූපය මාගේ නො වෙයි, තෙල මම නො වෙමි, තෙලෙ මාගේ ආත්ම නො වේ යැ’යි මෙසේ තෙල රූපය යථාස්වභාවයෙන් විදර්‍ශනාප්‍රඥායෙන් දකී. යම් කිසි වේදනාවක් ... යම් කිසි සංඥාවක් ... යම් කිසි සංස්කාර කෙනෙක් ... අධ්‍යාත්ම වූ ද බාහිර වූ ද ඖදාරික වූ ද සූක්‍ෂ්ම වූ ද හීන වූ ද ප්‍රණීත වූ ද අතීතානාගප්‍රත‍්‍යුත්පන්න වූ යම් කිසි විඥානයෙක් ඇද්ද, දුරැ හෝ සමීපයෙහි හෝ යම් විඥානයෙක් ඇද්ද, තෙල හැම විඥානය මාගේ නො වෙයි, තෙල මම් නො වෙමි, තෙලෙ මාගේ ආත්මය නො වේ යැ’යි මෙසේ තෙල විඥානය තත්වූ පරිදි විදර්‍ශනාප්‍රඥායෙන් දකී. මහණ, මෙසේ දන්නහුට මෙසේ දක්නහුට මේ සවිඥානක කයෙහි ද බාහ්‍ය වූ සවිඥානක කයෙහි හා අතින්‍ද්‍රියබද්ධයෙහි ද අහංකාර මාන යැ මමංකාර තෘෂ්ණා යැ යන අනුශය ධර්‍මයෝ නො වෙත් යයි වදාළහ.
Pali BJTඅථ ඛො අඤ්ඤතරස්ස භික්ඛුනො එවං චෙතසො පරිවිතක්කො උදපාදි: ‘ඉති කිර භො, රූපං අනත්තා, වෙදනා අනත්තා, සඤ්ඤා අනත්තා, සඞ්ඛාරා අනත්තා, විඤ්ඤාණං අනත්තා{1} අනත්තකතානි කම්මානි කමත්තානං ඵුසිස්සන්තීති.
Sinhala BJTඑකල්හි එක්තරා මහණක්හට මෙබඳු චිත්තපරිවිතර්‍කයෙක් උපන: ‘භවත්නි, මෙසේ කලි රූපය අනාත්ම යැ, වේදනාව අනාත්ම යැ, සංඥාව අනාත්ම යැ, සංස්කාරයෝ අනාත්මයෝ යැ, විඥානය අනාත්ම යැ, අනාත්මයෙහි සිට කළ කර්‍මයෝ කවර ආත්මයෙකැ සිට විපාක දෙන්නාහුදැ’යි.
Pali BJTඅථ ඛො භගවා තස්ස භික්ඛුනො චෙතසා චෙතො පරිවිතක්කමඤ්ඤාය භික්ඛූ ආමන්තෙසි: ඨානං ඛො පනෙතං භික්ඛවෙ, විජ්ජති යං ඉධෙකච්චො මොඝපුරිසො අවිද්වා අවිජ්ජාගතො තණ්හාධිපතෙය්යෙන චෙතසා සත්ථුසාසනං අතිධාවිතබ්බං මඤ්ඤෙය්ය: ‘ඉති කිර භො රූපං අනත්තා, වෙදනා අනත්තා, සඤ්ඤා අනත්තා, සඞ්ඛාරා අනත්තා, විඤ්ඤාණං අනත්තා. අනත්තකතානි කම්මානි කමත්තානං ඵුසිස්සන්තීති. පටිච්ච විනීතා{2} ඛො මෙ තුම්හෙ භික්ඛවෙ, තත්ර තත්ර ධම්මෙසු{3} තං. කිම්මඤ්ඤථ භික්ඛවෙ, රූපං නිච්චං වා අනිච්චං වාති?
Sinhala BJTඑකල්හි භාග්‍යවතුන් වහන්සේ ඒ මහණහුගේ චිත්තපරිවිතර්‍කය තමන් වහන්සේගේ සිතින් දැන භික්‍ෂූන් ඇමැතූ සේක: ‘මහණෙනි, තෙල කරුණ වැලිත් විද්‍යමාන වෙයි, යම් කරුණෙකින් මෙලොවැ ඇතැම් මෝඝපුරුෂයෙක් අවිද්වද් වූයේ අවිද්‍යාවට පැමිණියේ තෘෂ්ණාව අධිපති කොට ඇති සිතින් යුක්ත වැ ශාස්තෘශාසනය ඉක්මැයායුතු කොට සිතන්නේ ය: ‘භවත්නි, මෙසේ කලි රූපය අනාත්ම යැ, වේදනාව අනාත්ම යැ, සංඥාව අනාත්ම යැ, සංස්කාරයෝ අනාත්මයෝ යැ, විඥානය අනාත්ම යැ, අනාත්මයෙහි සිට කළ කර්‍මයෝ කවර ආත්මයෙකැ සිට විපාක දෙන්නාහුදැ’යි. මහණෙනි, මා විසින් තෙපි ඒ ඒ දහම්හි (දහම්) පිණිස විනීතයහ. මහණෙනි, ඒ කිමැයි සිතවු ද, රූපය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේ දැ’යි.
Pali BJTඅනිච්චං භන්තෙ.
Sinhala BJT‘වහන්ස, අනිත්‍ය යැ.’
Pali BJTයං පනානිච්චං, දුක්ඛං වා තං සුඛං වාති?
Sinhala BJT‘යළි යමක් අනිත්‍ය නම් එය දුක් හෝ සුව හෝ වේ දැ’යි.
Pali BJTදුක්ඛං භන්තෙ.
Sinhala BJT‘වහන්ස, දුක් වෙයි.’
Pali BJTයං පනානිච්චං දුක්ඛං විපරිණාමධම්මං, කල්ලං නු තං සමනුපස්සිතුං ‘එතං මම, එසොහමස්මි, එසො මෙ අත්තා’ති?
Sinhala BJT‘යළි යම් රූපයෙක් අනිත්‍ය දුඃඛ විපරිණාමස්වභාව වී නම් එය ‘තෙලෙ මාගේ යැ, තෙලෙ මම් වෙමි, තෙලෙ මාගේ ආත්මයැ’යි (තෘෂ්ණාදෘෂ්ටි විසින්) දක්නට නිසි වේ දැ’යි.
Pali BJTනො හෙතං භන්තෙ.
Sinhala BJT‘වහන්ස, තෙල නො වේ මැ යි.’
Pali BJTතං කිංමඤ්ඤථ භික්ඛවෙ, වෙදනා -පෙ- සඤ්ඤා -පෙ- සඞ්ඛාරා -පෙ- විඤ්ඤාණං නිච්චං වා අනිච්චං වාති?
Sinhala BJT‘මහණෙනි, ඒ කිමැයි සිතව් ද, වේදනාව ... සංඥාව ... සංස්කාරයෝ ... විඥානය නිත්‍ය හෝ වේ දැ’යි.
Pali BJTඅනිච්චං, භන්තෙ.
Sinhala BJT‘වහන්ස, අනිත්‍ය වෙයි.’
Pali BJTයං පනානිච්චං, දුක්ඛං වා තං සුඛං වාති?
Sinhala BJT‘යළි යම් විඥානයක් අනිත්‍ය නම් එය දුක් හෝ සුව හෝ වේ දැ’යි.
Pali BJTදුක්ඛං භන්තෙ.
Sinhala BJT‘වහන්ස, දුක් වෙයි.’
Pali BJTයං පනානිච්චං දුක්ඛං විපරිණාමධම්මං, කල්ලං නු තං සමනුපස්සිතුං ‘එතං මම, එසොහමස්මි, එසො මෙ අත්තා’ති?
Sinhala BJT‘යළි යම් විඥානයක් අනිත්‍ය දුඃඛ විපරිණාම ස්වභාව වී නම් එය ‘තෙලෙ මාගේ යැ, තෙලෙ මම් වෙමි, තෙලෙ මාගේ ආත්ම වී යැ’යි (තෘෂ්ණාදෘෂ්ටි විසින්) දක්නට නිසි වේ දැ’යි.
Pali BJTනො හෙතං භන්තෙ.
Sinhala BJT‘වහන්ස, තෙල නො වේ මැ යි.’
Pali BJTතස්මාතිහ භික්ඛවෙ, යං කිඤ්චි රූපං අතීතානාගතපච්චුප්පන්නං අජ්ඣත්තං වා බහිද්ධා වා ඔළාරිකං වා සුඛුමං වා හීනං වා පණීතං වා යං දූරෙ සන්තිකෙ වා, ‘සබ්බං රූපං නෙතං මම, නෙසොහමස්මි, න මෙසො අත්තා’ති එවමෙතං යථාභූතං සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං. යා කාචි වෙදනා -පෙ- යා කාචි සඤ්ඤා -පෙ- යෙ කෙචි සඞ්ඛාරා -පෙ- යං කිඤ්චි විඤ්ඤාණං අතීතානාගතපච්චුප්පන්නං අජ්ඣත්තං වා බහිද්ධා වා ඔළාරිකං වා සුඛුමං වා හීනං වා පණීතං වා යං දූරෙ සන්තිකෙ වා, සබ්බං විඤ්ඤාණං නෙතං මම, නෙසොහමස්මි, න මෙසො අත්තාති එවමෙතං යථාභූතං සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං.
Sinhala BJT‘එහෙයින් මහණෙනි, මෙහි ලා අධ්‍යාත්ම වූ ද බාහ්‍ය වූ ද ඖදාරික වූ ද සූක්‍ෂ්ම වූ ද හීන වූ ද ප්‍රණීත වූ ද අතීතානාගතප්‍රත‍්‍යුත්පන්න වූ යම් කිසි රූපයෙක් ඇද්ද, දුරැ හෝ සමීපයෙහි හෝ යම් රූපයෙක් ඇද්ද, තෙල හැම රූපය මාගේ නො වෙයි, තෙලෙ මම නො වෙමි, තෙලෙ මාගේ ආත්ම නො වේ යැයි මෙසේ තෙල රූපය යථාභූත කොට සම්‍යග්ඥානයෙන් දැක්ක යුතු. යම් කිසි වේදනාවක් ... යම් කිසි සංඥාවක් ... යම් කිසි සංස්කාර කෙනෙක් ... අධ්‍යාත්ම වූ ද බාහ්‍ය වූ ද ඖදාරික වූ ද සූක්‍ෂ්ම වූ ද හීන වූ ද ප්‍රණීත වූ ද අතීතානාගප්‍රත‍්‍යුත්පන්න වූ යම් කිසි විඥානයෙක් ඇද්ද දුරැ හෝ සමීපයෙහි හෝ යම් විඥානයෙක් ඇද්ද තෙල හැම විඥානය මාගේ නො වෙයි, තෙලෙ මම නො වෙමි, තෙලෙ මාගේ ආත්ම නො වේ’ යයි මෙසේ තෙල යථාභූත කොට සම්‍යග්ඥානයෙන් දැක්ක යුතු.
Pali BJTඑවං පස්සං භික්ඛවෙ, සුතවා අරියසාවකො රූපස්මිං නිබ්බින්දති, වෙදනායපි නිබ්බින්දති, සඤ්ඤායපි නිබ්බින්දති, සඞ්ඛාරෙසුපි නිබ්බින්දති, විඤ්ඤාණස්මිම්පි නිබ්බින්දති. නිබ්බින්දං විරජ්ජති, විරාගා විමුච්චති, විමුත්තස්මිං විමුත්තමිති ඤාණං හොති : ‘ඛීණා ජාති, වුසිතං බ්රහ්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්ථත්තායා’ති පජානාතීති.
Sinhala BJTමහණෙනි, මෙසේ දක්නා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක රූපයෙහි කලකිරෙයි, වෙදනායෙහිදු කලකිරෙයි, සංඥායෙහිදු කලකිරෙයි, සංස්කාරයන්හිදු කලකිරෙයි, විඥානයෙහි කලකිරෙයි, කලකිරෙනුයේ විරාගයට පැමිණෙයි, විරාගයෙන් විමුක්ත වෙයි, විමුක්ත කල්හි විමුක්ත යයි ප්‍රත්‍යවේක්‍ෂාඥානය වෙයි: ‘ජාතිය ක්‍ෂීණ යැ, බඹසර වැස නිමවන ලද, කරණී කරන ලද, ඉත්‍ථම්භාවය පිණිස අන් කිසෙක් නැතැයි දැනගනී.
Pali BJTඉදමවොච භගවා. අත්තමනා තෙ භික්ඛූ භගවතො භාසිතං අභිනන්දුන්ති.
Sinhala BJTභාග්‍යවතුන් වහන්සේ මේ වදාළහ. සතුටුසිත් ඇති ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේ ගේ භාෂිතය අභිනන්‍දනා කළහ’යි.
Pali BJTඉමස්මිං ඛො පන{1} වෙය්යාකරණස්මිං භඤ්ඤමානෙ සට්ඨිමත්තානං භික්ඛූනං අනුපාදාය ආසවෙහි චිත්තානි විමුච්චිංසූති.
Sinhala BJTතවද මේ වෙය්‍යාකරණය වදාරන කල්හි සැටක් පමණ භික්‍ෂූන්ගේ සිත් උපාදාන රහිත කොට ආශ්‍රවයන් කෙරෙන් මිදුණාහ’ යි.
Pali BJTමහාපුණ්ණමසුත්තං නවමං
Sinhala BJTනවවැනි මහාපුණ්ණම සූත්‍ර යි.
Pali BJT3. 1. 10.
Sinhala BJT3. 1. 10.
Pali BJTචූළපුණ්ණම සුත්තං
Sinhala BJTචූළපුණ්ණම සූත්‍රය
Pali BJTඑවං මෙ සුතං: එකං සමයං භගවා සාවත්ථියං විහරති පුබ්බාරාමෙ මිගාරමාතුපාසාදෙ. තෙන ඛො පන සමයෙන භගවා තදහුපොසථෙ පණ්ණරසෙ පුණ්ණාය පුණ්ණමාය රත්තියා භික්ඛුසඞ්ඝපරිවුතො අබ්භොකාසෙ නිසින්නො හොති. අථ ඛො භගවා තුණ්හීභූතං තුණ්හීභූතං භික්ඛුසඞ්ඝං අනුවිලොකෙත්වා භික්ඛූ ආමන්තෙසි:
Sinhala BJTමා විසින් මෙසේ අසන ලද: එක් සමයෙකැ භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි පූර්‍වාරාම නම් මුවරමා පායෙහි වැඩවසන සේක. තවද, එසමයෙහි භාග්‍යවතුන් වහන්සේ එදවස් පණුරැසි පොහොයෙහි කලා පිරුණු මැදි පොහොයැ රාත්‍රියෙහි භික්‍ෂු සංඝයා විසින් පිරිවරනලද සේක් නිහඬව වැඩහුන් සේක. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ නිහඬ ව හුන් භික්‍ෂුසංඝයා බලා භික්‍ෂූන් ඇමතූ සේක:
Pali BJTජානෙය්ය නු ඛො භික්ඛවෙ, අසප්පුරිසො අසප්පුරිසං, ‘අසප්පුරිසො අයං භව’න්ති.
Sinhala BJTමහණෙනි, අසත්පුරුෂ ‘මේ භවත් අසත්පුරුෂයෙකැ’ යි අසත්පුරුෂයා දතහෙන්නේදැ’ යි.
Pali BJTනො හෙතං, භන්තෙ.
Sinhala BJTවහන්ස, තෙල නො වේ මැ’ යි.
Pali BJTසාධු භික්ඛවෙ, අට්ඨානමෙතං භික්ඛවෙ, අනවකාසො යං අසප්පුරිසො අසප්පුරිසං ජානෙය්ය, ‘අසප්පුරිසො අයං භව’න්ති.
Sinhala BJTමැනැව මහණෙනි, යම් කරුණෙකින් අසත්පුරුෂ ‘මේ භවත් අසත්පුරුෂයෙකැ’ යි අසත්පුරුෂයා දතහෙන්නේ ද, මහණෙනි, තෙල අකාරණ යැ, අනවකාශ යි.
Pali BJTජානෙය්ය පන භික්ඛවෙ, අසප්පුරිසො සප්පුරිසං, ‘සප්පුරිසො අයං භව’න්ති.
Sinhala BJTයළි මහණෙනි, අසත්පුරුෂ ‘මේ භවත් සත්පුරුෂයෙකැ’ යි සත්පුරුෂයා දතහෙන්නේදැ’ යි.
Pali BJTනො හෙතං, භන්තෙ.
Sinhala BJTවහන්ස, තෙල නො වේ මැ’ යි.
Pali BJTසාධු භික්ඛවෙ, එතම්පි ඛො භික්ඛවෙ, අට්ඨානං අනවකාසො, යං අසප්පුරිසො සප්පුරිසං ජානෙය්ය ‘සප්පුරිසො අයං භව’න්ති.
Sinhala BJTමැනැව මහණෙනි, යම් කරුණෙකින් අසත්පුරුෂ ‘මේ භවත් සත්පුරුෂයෙකැ’ යි සත්පුරුෂයා දතහෙන්නේ ද, මහණෙනි, තෙල දු අකාරණ යැ, අනවකාශ යි.
Pali BJTඅසප්පුරිසො භික්ඛවෙ අසද්ධම්මසමන්නාගතො හොති, අසප්පුරිසභත්තී හොති, අසප්පුරිසචින්තී හොති, අසප්පුරිසමන්තී හොති, අසප්පුරිසවාචො හොති, අසප්පුරිසකම්මන්තො හොති, අසප්පුරිසදිට්ඨී හොති, අසප්පුරිසදානං දෙති.
Sinhala BJTමහණෙනි, අසත්පුරුෂ පාප (අසද්) ධර්‍මයෙන් යුක්ත වූයේ වෙයි, අසත්පුරුෂයන් සෙවුනේ වෙයි, අසත්පුරුෂචින්තායෙන් සිතන්නේ වෙයි, අසත්පුරුෂමන්ත්‍රණ ඇත්තේ වෙයි, අසත්පුරුෂ බස් බණන්නේ වෙයි, අසත්පුරුෂකම් කරනුයේ වෙයි, අසත්පුරුෂ දෘෂ්ටි ඇත්තේ වෙයි, අසත්පුරුෂ දන් දෙනුයේ වේ.
Pali BJTකථඤ්ච භික්ඛවෙ, අසප්පුරිසො අසද්ධම්මසමන්නාගතො{1} හොති: ඉධ භික්ඛවෙ, අසප්පුරිසො අස්සද්ධො හොති, අහිරිකො හොති, අනොත්තප්පී හොති, අප්පස්සුතො හොති, කුසීතො හොති, මුට්ඨස්සති හොති, දුප්පඤ්ඤො හොති. එවං ඛො, භික්ඛවෙ, අසප්පුරිසො අසද්ධම්මසමන්නාගතො{1} හොති.
Sinhala BJTමහණෙනි, කිසෙයින් අසත්පුරුෂ අසත්පුරුෂධර්‍මසමන්‍වාගත වෙයි යත්: මහණෙනි මෙලොවැ අසත්පුරුෂ ශ්‍රද්ධා නැතියේ වෙයි, (පාපයෙහි) ලජ්ජා නැතියේ වෙයි, භය නැතියේ වෙයි, අල්පශ්‍රැත වෙයි, කුසීත වෙයි, මුළාසිහි ඇතියේ වෙයි, දුෂ්ප්‍රාඥ වෙයි. මහණෙනි, මෙසෙයින් අසත්පුරුෂ අසද්ධර්‍මසමන්‍වාගත වේ.
Pali BJTකථඤ්ච භික්ඛවෙ, අසප්පුරිසො අසප්පුරිසභත්තී හොති: ඉධ භික්ඛවෙ, අසප්පුරිසස්ස යෙ තෙ සමණබ්රාහ්මණා අස්සද්ධා අහිරිකා අනොත්තප්පිනො අප්පස්සුතා කුසීතා මුට්ඨස්සතිනො දුප්පඤ්ඤා ත්යාස්ස මිත්තා හොන්ති තෙ සහායා. එවං ඛො, භික්ඛවෙ, අසප්පුරිසො අසප්පුරිසභත්තී හොති.
Sinhala BJTමහණෙනි, කිසෙයින් අසත්පුරුෂ අසත්පුරුෂයන් සෙවුනේ වෙයි යත්: මහණෙනි මෙලොවැ අසත්පුරුෂ හට ශ්‍රද්ධා නැති ලජ්ජා නැති බිය නැති අල්පශ්‍රැත වූ, කුසීත වූ, මූඪස්මෘති ඇති දුෂ්ප්‍රාඥ වූ යම් මහණ බමුණු කෙනෙක් වෙද්ද, ඔවුහු මිත්‍ර වෙති, ඔවුහු සහායයෝ වෙත්. මහණෙනි, මෙසෙයින් අසත්පුරුෂ අසත්පුරුෂයන් සෙවුනේ වේ.
Pali BJTකථඤ්ච භික්ඛවෙ, අසප්පුරිසො අසප්පුරිසචින්තී හොති: ඉධ භික්ඛවෙ, අසප්පුරිසො අත්තව්යාබාධායපි චෙතෙති, පරව්යාබාධායපි චෙතෙති, උභයව්යාබාධායපි චෙතෙති. එවං ඛො, භික්ඛවෙ අසප්පුරිසො අසප්පුරිසචින්තී හොති.
Sinhala BJTමහණෙනි, කිසෙයින් අසත්පුරුෂ අසත්පුරුෂචින්තී වෙයි යත්: මහණෙනි, මෙලොවැ අසත්පුරුෂ තමහට දුක් පිණිස ද සිතයි. මෙරමාහට දුක් පිණිස ද සිතයි, තමා හා පරහට දුක් පිණිස ද සිතයි. මෙසෙයින් මහණෙනි, අසත්පුරුෂ අසත්පුරුෂ සිතුවිලි සිතනුයේ වේ.
Pali BJTකථඤ්ච භික්ඛවෙ, අසප්පුරිසො අසප්පුරිසමන්තී හොති: ඉධ භික්ඛවෙ, අසප්පුරිසො අත්තව්යාබාධායපි මන්තෙති, පරව්යාබාධායපි මන්තෙති, උභයව්යාබාධායපි මන්තෙති. එවං ඛො භික්ඛවෙ, අසප්පුරිසො අසප්පුරිසමන්තී හොති.
Sinhala BJTමහණෙනි, කිසෙයින් අසත්පුරුෂ අසත්පුරුෂමන්ත්‍රණ ඇත්තේ වෙයි යත්: මහණෙනි, මෙලොවැ අසත්පුරුෂ ආත්මපීඩා පිණිස ද මන්ත්‍රණ කෙරෙයි. පරපීඩා පිණිස ද මන්ත්‍රණ කෙරෙයි, උභයපීඩා පිණිස ද මන්ත්‍රණ කෙරෙයි. මෙසෙයින් මහණෙනි, අසත්පුරුෂ අසත්පුරුෂ මන්ත්‍රණ ඇත්තේ වේ.
Pali BJTකථඤ්ච භික්ඛවෙ, අසප්පුරිසො අසප්පුරිසවාචො හොති: ඉධ භික්ඛවෙ, අසප්පුරිසො මුසාවාදී{1} හොති. පිසුණවාචො{2} හොති. ඵරුසවාචො හොති. සම්ඵප්පලාපී හොති. එවං ඛො භික්ඛවෙ, අසප්පුරිසො අසප්පුරිසවාචො හොති.
Sinhala BJTමහණෙනි, කිසෙයින් අසත්පුරුෂ අසත්පුරුෂබස් බණන්නේ වෙයි යත්: මහණෙනි, මෙලොවැ අසත්පුරුෂ මුසවා ඇතියේ වෙයි, පිසුනු බස් බණන්නේ වෙයි, පරොස් බස් බණනුයේ වෙයි, සිස්බස් බණනුයේ වෙයි. මෙසෙයින් මහණෙනි, අසත්පුරුෂ අසත්පුරුෂ බස් බණන්නේ වේ.
Pali BJTකථඤ්ච භික්ඛවෙ, අසප්පුරිසො අසප්පුරිසකම්මන්තො හොති: ඉධ භික්ඛවෙ, අසප්පුරිසො පාණාතිපාතී හොති, අදින්නාදායී හොති, කාමෙසුමිච්ඡාචාරී හොති. එවං ඛො භික්ඛවෙ, අසප්පුරිසො අසප්පුරිසකම්මන්තො හොති.
Sinhala BJTමහණෙනි, කිසෙයින් අසත්පුරුෂ අසත්පුරුෂකම් ඇතියේ වෙයි යත්: මහණෙනි, මෙලොවැ අසත්පුරුෂ ප්‍රාණවධ කරනුයේ වෙයි, අයිනාදන් ගන්නේ වෙයි, කාමයෙහි මිසහසර ඇතියේ වෙයි. මෙසෙයින් මහණෙනි, අසත්පුරුෂ අසත්පුරුෂ කර්‍මාන්ත ඇතියේ වේ.
Pali BJTකථඤ්ච භික්ඛවෙ, අසප්පුරිසො අසප්පුරිසදිට්ඨී හොති : ඉධ භික්ඛවෙ, අසප්පුරිසො එවංදිට්ඨී{3} හොති: ‘නත්ථි දින්නං, නත්ථි යිට්ඨං, නත්ථි හුතං, නත්ථි සුකටදුක්කටානං කම්මානං ඵලං විපාකො, නත්ථි අයං ලොකො, නත්ථි පරො ලොකො, නත්ථි මාතා, නත්ථි පිතා, නත්ථි සත්තා ඔපපාතිකා, නත්ථි ලොකෙ සමණබ්රාහ්මණා සම්මග්ගතා සම්මා පටිපන්නා, යෙ ඉමඤ්ච ලොකං පරඤ්ච ලොකං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවෙදෙන්තී’ති. එවං ඛො භික්ඛවෙ, අසප්පුරිසො අසප්පුරිසදිට්ඨී හොති.
Sinhala BJTමහණෙනි, කිසෙයින් අසත්පුරුෂ අසත්පුරුෂදෘෂ්ටි ඇතියේ වෙයි යත්: මහණෙනි, මෙලොවැ අසත්පුරුෂ මෙබඳු දෘෂ්ටි ඇත්තේ වෙයි: දානයෙහි ඵල නැත, යාගයෙහි ඵල නැත, පුදන ලදුයෙහි ඵල නැත, කුශලාකුශලකර්‍මයන්ගේ ඵල විපාක නැත, මෙලොව නැත, පරලොව නැත, මවු නැත, පියා නැත, සැවැ උපදනා සත්ත්‍ව කෙනෙක් නැත, යම් කෙනෙක් මෙලොවත් පරලොවත් තුමූ විශිෂ්ටඥානයෙන් දැන ප්‍රකාශ කෙරෙත් ද, එබඳු සම්‍යග්ගත සම්‍යක්ප්‍රතිපන්න වූ මහණබමුණු කෙනෙක් ලොව නැතැ’ යි. මෙසෙයින් මහණෙනි, අසත්පුරුෂ අසත්පුරුෂදෘෂ්ටි ඇතියේ වේ.
Pali BJTකථඤ්ච භික්ඛවෙ, අසප්පුරිසො අසප්පුරිසදානං දෙති: ඉධ භික්ඛවෙ, අසප්පුරිසො අසක්කච්චං දානං{4} දෙති, අසහත්ථා දානං දෙති, අචිත්තීකත්වා{5} දානං දෙති, අපවිද්ධං{6} දානං දෙති, අනාගමනදිට්ඨිකො දානං දෙති. එවං ඛො භික්ඛවෙ, අසප්පුරිසො අසප්පුරිසදානං දෙති.
Sinhala BJTමහණෙනි, කිසෙයින් අසත්පුරුෂ අසත්පුරුෂදාන දෙයි යත්: මහණෙනි, මෙලොවැ අසත්පුරුෂ නො සකසා දන් දෙයි, සියතින් දන් නො දෙයි, (දෙය ධර්‍ම, පුද්ගලයන් කෙරෙහි) බුහුමන් නො කොට දන් දෙයි. බැහැරලන රිසි ඇති වැ (අපවිත්‍ර වැ) දන් දෙයි, විපාක ලැබෙයි යන දෘෂ්ටි නැති ව දන් දෙයි. මහණෙනි, මෙසෙයින් අසත්පුරුෂ අසත්පුරුෂදානය දෙයි.
Pali BJTස ඛො සො භික්ඛවෙ,{7} අසප්පුරිසො එවං අසද්ධම්මසමන්නාගතො, එවං අසප්පුරිසභත්තී, එවං අසප්පුරිසචින්තී, එවං අසප්පුරිසමන්තී, එවං අසප්පුරිසවාචො, එවං අසප්පුරිසකම්මන්තො, එවං අසප්පුරිසදිට්ඨී, එවං අසප්පුරිසදානං දත්වා කායස්ස භෙදා පරම්මරණා යා අසප්පුරිසානං ගති, තත්ථ උප්පජ්ජති. කා ච භික්ඛවෙ, අසප්පුරිසානං ගති, නිරයො වා තිරච්ඡානයොනි වා.
Sinhala BJTමහණෙනි, තෙල අසත්පුරුෂ මෙසේ අසද්ධර්‍මයෙන් සමන්‍වාගත වූයේ මෙසේ අසත්පුරුෂසේවන ඇතියේ මෙසේ අසත්පුරුෂචින්තා ඇතියේ මෙසේ අසත්පුරුෂමන්ත්‍රණ ඇතියේ මෙසේ අසත්පුරුෂ බස් ඇතියේ මෙසේ අසත්පුරුෂ කම් ඇතියේ මෙසේ අසත්පුරුෂ දෘෂ්ටි ඇතියේ මෙසේ අසත්පුරුෂ දන් දී කාබුන් මරණින් මත්තෙහි අසත්පුරුෂයන්ගේ යම් ගතියෙක් ඇද්ද, එහි උපදී. මහණෙනි, අසත්පුරුෂයන්ගේ ගති කවර යැ: නිරය හෝ තිරිසන් යෝනිය හෝ යි.
Pali BJTජානෙය්ය නු ඛො භික්ඛවෙ, සප්පුරිසො සප්පුරිසං ‘සප්පුරිසො අයං භව’න්ති.
Sinhala BJTමහණෙනි, සත්පුරුෂ ‘මේ භවත් සත්පුරුෂයෙකැ’ යි සත්පුරුෂයා දතහෙන්නේ දැ’ යි.
Pali BJTඑවං භන්තෙ.
Sinhala BJTඑසේයැ, වහන්ස,
Pali BJTසාධු භික්ඛවෙ, ඨානමෙතං භික්ඛවෙ, විජ්ජති යං සප්පුරිසො සප්පුරිසං ජානෙය්ය ‘සප්පුරිසො අයං භව’න්ති.
Sinhala BJTමැනැව මහණෙනි, යම් කරුණෙකින් සත්පුරුෂ ‘මේ භවත් සත්පුරුෂයෙකැ’ යි සත්පුරුෂයා දතහෙන්නේය යන මෙකරුණ වන්නේ යි.
Pali BJTජානෙය්ය පන භික්ඛවෙ, සප්පුරිසො අසප්පුරිසං ‘අසප්පුරිසො අයං භව’න්ති.
Sinhala BJTයළි මහණෙනි, සත්පුරුෂ ‘මේ භවත් අසත්පුරුෂයෙකැ’ යි අසත්පුරුෂයා දතහෙන්නේ දැ’ යි.
Pali BJTඑවං භන්තෙ.
Sinhala BJTඑසේයැ, වහන්ස,
Pali BJTසාධු භික්ඛවෙ, එතම්පි ඛො භික්ඛවෙ, ඨානං විජ්ජති යං සප්පුරිසො අසප්පුරිසං ජානෙය්ය ‘අසප්පුරිසො අයං භව’න්ති.
Sinhala BJTමැනැව මහණෙනි, යම් කරුණෙකින් සත්පුරුෂ ‘මේ භවත් අසත්පුරුෂයෙකැ’ යි අසත්පුරුෂයා දතහෙන්නේ යි.
Pali BJTසප්පුරිසො භික්ඛවෙ, සද්ධම්මසමන්නාගතො හොති, සප්පුරිසභත්තී හොති, සප්පුරිසචින්තී හොති, සප්පුරිසමන්තී හොති, සප්පුරිසවාචො හොති, සප්පුරිසකම්මන්තො හොති, සප්පුරිසදිට්ඨී හොති, සප්පුරිසදානං දෙති.
Sinhala BJTමහණෙනි, සත්පුරුෂ සද්ධර්‍මයෙන් සමන්‍වාගත වෙයි. සත්පුරුෂයන් සෙවුනේ වෙයි, සත්පුරුෂ සිතිවිලි සිතන්නේ වෙයි, සත්පුරුෂමන්ත්‍රණ ඇත්තේ වෙයි. සත්පුරුෂ බස් ඇත්තේ වෙයි, සත්පුරුෂ ක්‍රියා ඇත්තේ වෙයි, සත්පුරුෂදෘෂ්ටි ඇත්තේ වෙයි, සත්පුරුෂදාන දෙයි.
Pali BJTකථඤ්ච භික්ඛවෙ, සප්පුරිසො සද්ධම්මසමන්නාගතො හොති: ඉධ භික්ඛවෙ, සප්පුරිසො සද්ධො හොති, හිරිමා හොති, ඔත්තප්පී හොති, බහුස්සුතො හොති, ආරද්ධවිරියො හොති, උපට්ඨිතසතී හොති, පඤ්ඤවා හොති. එවං ඛො භික්ඛවෙ, සප්පුරිසො සද්ධම්මසමන්නාගතො හොති.
Sinhala BJTමහණෙනි, කිසෙයින් සත්පුරුෂ සද්ධර්‍මසමන්‍වාගත වෙයි යත්: මෙලොවැ සත්පුරුෂහට ශ්‍රද්ධා ඇත්තේ වෙයි, හ්‍රී ඇත්තේ වෙයි, අපත්‍රපා ඇත්තේ වෙයි, බහුශ්‍රුත වූයේ වෙයි. ආරබ්ධවීර්‍ය්‍යය වෙයි, එළැඹසිටි සිහි ඇත්තේ වෙයි, ප්‍රඥාවත් වෙයි. මෙසෙයින් මහණෙනි, සත්පුරුෂ සද්ධර්‍මසමන්‍වාගත වූයේ වේ.
Pali BJTකථඤ්ච භික්ඛවෙ, සප්පුරිසො සප්පුරිසභත්තී හොති: ඉධ භික්ඛවෙ, සප්පුරිසස්ස යෙ තෙ සමණබ්රාහ්මණා සද්ධා හිරිමන්තො ඔත්තප්පිනො බහුස්සුතා ආරද්ධවිරියා උපට්ඨිතසතිනො පඤ්ඤවන්තො, ත්යාස්ස මිත්තා හොන්ති තෙ සහායා.{1} එවං ඛො භික්ඛවෙ, සප්පුරිසො සප්පුරිසභත්තී හොති.
Sinhala BJTමහණෙනි, කිසෙයින් සත්පුරුෂ සත්පුරුෂ සෙවුනේ වෙයි යත්: මෙලොවැ සත්පුරුෂහට යම් මහණ බමුණු කෙනෙක් ශ්‍රද්ධා ඇත්තාහු හ්‍රී ඇත්තාහු අපත්‍රපා ඇත්තාහු බහුශ්‍රුත වූවාහු ආරබ්ධවීර්‍ය්‍යය වූවාහු එළැඹසිටි සිහි ඇත්තාහු ප්‍රඥාවත් වූවාහු වෙත්ද ඔවුහු මිත්‍ර වෙති, ඔවුහු සහායයෝ වෙත්. මහණෙනි, මෙසෙයින් සත්පුරුෂ සත්පුරුෂයන් සෙවුනේ වේ.
Pali BJTකථඤ්ච භික්ඛවෙ, සප්පුරිසො සප්පුරිසචින්තී හොති: ඉධ භික්ඛවෙ, සප්පුරිසො නෙවත්තව්යාබාධාය චෙතෙති, න පරව්යාබාධාය චෙතෙති, න උභයව්යාබාධාය චෙතෙති. එවං ඛො භික්ඛවෙ, සප්පුරිසො සප්පුරිසචින්තී හොති.
Sinhala BJTමහණෙනි, කිසෙයින් සත්පුරුෂ සත්පුරුෂචින්තා ඇත්තේ වෙයි යත්: මහණෙනි, මෙලොවැ සත්පුරුෂ ආත්ම පීඩාව පිණිස නො මැ සිතයි, පරපීඩා පිණිස නො මැ සිතයි, උභයපීඩා පිණිස නො සිතයි. මහණෙනි, මෙසෙයින් සත්පුරුෂ සත්පුරුෂචින්තා ඇත්තේ වේ.
Pali BJTකථඤ්ච භික්ඛවෙ, සප්පුරිසො සප්පුරිසමන්තී හොති: ඉධ භික්ඛවෙ, සප්පුරිසො නෙවත්තව්යාබාධාය මන්තෙති, න පරව්යාබාධාය මන්තෙති, න උභයව්යාබාධාය මන්තෙති. එවං ඛො භික්ඛවෙ, සප්පුරිසො සප්පුරිසමන්තී හොති.
Sinhala BJTමහණෙනි, කිසෙයින් සත්පුරුෂ සත්පුරුෂමන්ත්‍රණ ඇත්තේ වෙයි යත්: මහණෙනි, මෙලොවැ සත්පුරුෂ ආත්මපීඩා පිණිස නො මැ මන්ත්‍රණ කෙරෙයි. පරපීඩා පිණිස මන්ත්‍රණ නො කෙරෙයි, උභයපීඩා පිණිස මන්ත්‍රණ නො කෙරෙයි. මහණෙනි, මෙසෙයින් සත්පුරුෂ සත්පුරුෂ මන්ත්‍රණ ඇත්තේ වේ.
Pali BJTකථඤ්ච භික්ඛවෙ, සප්පුරිසො සප්පුරිසවාචො හොති: ඉධ භික්ඛවෙ, සප්පුරිසො මුසාවාදා පටිවිරතො හොති, පිසුනාය වාචාය{2} පටිවිරතො හොති, ඵරුසාය වාචාය{3} පටිවිරතො හොති. සම්ඵප්පලාපා පටිවිරතො හොති. එවං ඛො භික්ඛවෙ, සප්පුරිසො සප්පුරිසවාචො හොති.
Sinhala BJTමහණෙනි, කිසෙයින් සත්පුරුෂ සත්පුරුෂවචන ඇතියේ වෙයි යත්: මහණෙනි, මෙලොවැ සත්පුරුෂ මුසවායෙන් වැළකුණේ වෙයි, පිසුනු බසින් වැළකුණේ වෙයි, පරොස් බසින් වැළකුණේ වෙයි, සිස්බස් බිණීමෙන් වැළකුණේ වෙයි. මහණෙනි, මෙසෙයින් සත්පුරුෂ සත්පුරුෂ වචන ඇත්තේ වේ.
Pali BJTකථඤ්ච භික්ඛවෙ, සප්පුරිසො සප්පුරිසකම්මන්තො හොති: ඉධ භික්ඛවෙ, සප්පුරිසො පාණාතිපාතා පටිවිරතො හොති, අදින්නාදානා පටිවිරතො හොති, කාමෙසු මිච්ඡාචාරා පටිවිරතො හොති. එවං ඛො භික්ඛවෙ, සප්පුරිසො සප්පුරිසකම්මන්තො හොති.
Sinhala BJTමහණෙනි, කිසෙයින් සත්පුරුෂ සත්පුරුෂ කර්‍මාන්ත ඇතියේ වෙයි යත්: මහණෙනි, මෙලොවැ සත්පුරුෂ ප්‍රාණවධයෙන් වැළකුණේ වෙයි, අදත්තාදානයෙන් වැළකුණේ වෙයි, කාමමිථ්‍යාචාරයෙන් වැළකුණේ වෙයි. මහණෙනි, මෙසෙයින් සත්පුරුෂ සත්පුරුෂ කර්‍මාන්ත ඇතියේ වේ.
Pali BJTකථඤ්ච භික්ඛවෙ, සප්පුරිසො සප්පුරිසදිට්ඨී හොති: ඉධ භික්ඛවෙ, සප්පුරිසො එවංදිට්ඨී හොති : ‘අත්ථි දින්නං, අත්ථි යිට්ඨං, අත්ථි හුතං, අත්ථි සුකටදුක්කටානං කම්මානං ඵලං විපාකො, අත්ථි අයං ලොකො, අත්ථි පරො ලොකො, අත්ථි මාතා, අත්ථි පිතා, අත්ථි සත්තා ඔපපාතිකා, අත්ථි ලොකෙ සමණබ්රාහ්මණා සම්මග්ගතා සම්මාපටිපන්නා යෙ ඉමඤ්ච ලොකං පරඤ්ච ලොකං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවෙදෙන්තී’ති. එවං ඛො, භික්ඛවෙ, සප්පුරිසො සප්පුරිසදිට්ඨී හොති.
Sinhala BJTමහණෙනි, කිසෙයින් සත්පුරුෂ සත්පුරුෂ දෘෂ්ටි ඇතියේ වෙයි යත්: මහණෙනි, මෙලොවැ සත්පුරුෂ මෙබඳු දෘෂ්ටි ඇත්තේ වෙයි: දානයෙහි විපාක ඇත, යාගයෙහි විපාක ඇත, පූජායෙහි විපාක ඇත, සුකෘතදුෂ්කෘත කර්‍මයන්ගේ ඵල විපාක ඇත, (පර ලොවැ සිටියානට) මෙලොව ඇත, (මෙලොව සිටියානට) පරලොව ඇත, මවු (මාතෘ උපස්ථානයෙහි විපාක) ඇත, පියා ඇත, ඕපපාතික ව උපදනා සත්ත්‍වයෝ ඇත, ලොවැ යම් කෙනෙක් මෙලොවත් පරලොවත් තුමූ විශිෂ්ටඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට ප්‍රකාශ කෙරෙත් ද, එබඳු සම්‍යග්ගත සම්‍යක්ප්‍රතිපන්න වූ මහණබමුණෝ ඇතැ’ යි. මහණෙනි, මෙසෙයින් සත්පුරුෂ සත්පුරුෂදෘෂ්ටි ඇත්තේ වේ.
Pali BJTකථඤ්ච භික්ඛවෙ, සප්පුරිසො සප්පුරිසදානං දෙති: ඉධ භික්ඛවෙ, සප්පුරිසො සක්කච්චං දානං{1} දෙති, සහත්ථා දානං දෙති, චිත්තීකත්වා{2} දානං දෙති, පරිසුද්ධං{3} දානං දෙති, ආගමනදිට්ඨිකො දානං දෙති. එවං ඛො භික්ඛවෙ, සප්පුරිසො සප්පුරිසදානං දෙති.
Sinhala BJTමහණෙනි, කිසෙයින් සත්පුරුෂ සත්පුරුෂදාන දෙයි යත්: මහණෙනි, මෙලොවැ සත්පුරුෂයා සකසා දන් දෙයි, සියතින් දන් දෙයි, සිතින් බුහුමන් කොට දන් දෙයි. විපාක ලැබෙයි යන දෘෂ්ටි ඇති ව දන් දෙයි. මහණෙනි, මෙසෙයින් සත්පුරුෂ සත්පුරුෂදාන දෙයි.
Pali BJTස ඛො සො භික්ඛවෙ{4}, සප්පුරිසො එවං සද්ධම්මසමන්නාගතො, එවං සප්පුරිසභත්තී, එවං සප්පුරිසචින්තී, එවං සප්පුරිසමන්තී, එවං සප්පුරිසවාචො, එවං සප්පුරිසකම්මන්තො, එවං සප්පුරිසදිට්ඨී, එවං සප්පුරිසදානං දත්වා කායස්ස භෙදා පරම්මරණා යා සප්පුරිසානං ගති, තත්ථ උප්පජ්ජති. කා ච භික්ඛවෙ, සප්පුරිසානං ගති. දෙවමහත්තතා වා මනුස්සමහත්තතා වාති.
Sinhala BJTමහණෙනි, තෙල සත්පුරුෂ මෙසේ සද්ධර්‍මසමන්‍වාගත වූයේ මෙසේ සත්පුරුෂයන් සෙවුනේ මෙසේ සත්පුරුෂචින්තා ඇතියේ මෙසේ සත්පුරුෂමන්ත්‍රණ ඇතියේ මෙසේ සත්පුරුෂ බස් ඇතියේ මෙසේ සත්පුරුෂකර්‍මාන්ත ඇතියේ මෙසේ සත්පුරුෂදෘෂ්ටි ඇතියේ මෙසේ සත්පුරුෂදාන දී කාබුන් මරණින් මත්තෙහි සත්පුරුෂයන් ගේ යම් ගතියෙක් ඇද්ද, එහි උපදනේය. මහණෙනි, සත්පුරුෂයන්ගේ ගති කවර යත්: ෂට්කාමාවචර දේව සංඛ්‍යාත දේවමහත්‍වය හෝ මනුෂ්‍යමහත්‍වය හෝ යි.
Pali BJTඉදමවොච භගවා, අත්තමනා තෙ භික්ඛූ භගවතො භාසිතං අභිනන්දුන්ති.
Sinhala BJTභාග්‍යවතුන් වහන්සේ මේ සුත වදාළ සේක. සතුටු සිත් ඇති ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය අභිනන්‍දනා කළාහ ‘යි.
Pali BJTචූළපුණ්ණමසුත්තං දසමං.
Sinhala BJTදසවැනි චූළපුණ්ණම සූත්‍ර යි.
Pali BJTදෙවදහවග්ගො පඨමො.
Sinhala BJTපළමුවන දෙවදහ වර්‍ගය නිමි.
Pali BJTතස්ස වග්ගස්ස උද්දානං
Sinhala BJTදෙවදහවර්ගයේ උද්දානය: