Majjhima Nikāya

Middle-Length Discourses

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 4501-4600 න් 6395

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTඑවමෙව ඛො සුනක්ඛත්ත, ඨානමෙතං විජ්ජති යං ඉධෙකච්චස්ස භික්ඛුනො එවමස්ස: තණ්හා ඛො සල්ලං සමණෙන වුත්තං, අවිජ්ජාවිසදොසො ඡන්දරාගබ්යාපාදෙන{6} රුප්පති, තං මෙ තණ්හාසල්ලං පහීනං, අපනීතො අවිජ්ජාවිසදොසො, සම්මා නිබ්බානාධිමුත්තොහමි’ස්මී’ති. එවං මානී අස්ස. අතථං ‘ස මානං{7}. සො යානි සම්මානිබ්බානාධිමුත්තස්ස අසප්පායානි තානි අනුයුඤ්ජෙය්ය: අසප්පායං චක්ඛුනා රූපදස්සනං අනුයුඤ්ජෙය්ය, අසප්පායං සොතෙන සද්දං අනුයුඤ්ජෙය්ය, අසප්පායං ඝානෙන ගන්ධං අනුයුඤ්ජෙය්ය, අසප්පායං ජිව්හාය රසං අනුයුඤ්ජෙය්ය, අසප්පායං කායෙන ඵොට්ඨබ්බං අනුයුඤ්ජෙය්ය, අසප්පායං මනසා ධම්මං අනුයුඤ්ජෙය්ය. තස්ස අසප්පායං චක්ඛුනා රූපදස්සනං අනුයුත්තස්ස, අසප්පායං සොතෙන සද්දං අනුයුත්තස්ස, අසප්පායං ඝානෙන ගන්ධං අනුයුත්තස්ස, අසප්පායං ජිව්හාය රසං අනුයුත්තස්ස, අසප්පායං කායෙන ඵොට්ඨබ්බං අනුයුත්තස්ස, අසප්පායං මනසා ධම්මං අනුයුත්තස්ස රාගො චිත්තං අනුද්ධංසෙය්ය. සො රාගානුද්ධංසිතෙන චිත්තෙන මරණං වා නිගච්ඡෙය්ය, මරණමත්තං වා දුක්ඛං. මරණං හෙතං සුනක්ඛත්ත, අරියස්ස විනයෙ යො සික්ඛං පච්චක්ඛාය හීනායාවත්තති. මරණමත්තංහෙතං සුනක්ඛත්ත, දුක්ඛං යො අඤ්ඤතරං සඞ්කිලිට්ඨං ආපත්තිං ආපජ්ජති.
Sinhala BJTඑසෙයින් මැ සුනක්ඛත්තය, තෙල කරුණ විද්‍යමාන වෙයි. කිමෙක යත්: “මේ සස්නෙහි මැනැවින් නිර්‍වාණයෙහි අධිමුක්ත වූ මැ ඇතැම් මහණක් හට මෙසේ සිත් වෙයි: ‘තෘෂ්ණාව වනාහි ශල්‍යයෙකැ’ යි බුද්ධශ්‍රමණයන් විසින් වදාරන ලද, අවිද්‍යා සංඛ්‍යාත විෂදොෂ්‍ය ඡන්‍දරාගයෙන් හා ව්‍යාපාදයෙන් කෝප්‍ය වෙයි. මා විසින් ඒ තෘෂ්ණාශල්‍යය ප්‍රහීණ යැ, අවිද්‍යා සංඛ්‍යාත විෂදෝෂය බැහැර කරන ලද, මම් මැනැවින් නිර්‍වාණයෙහි අධිමුක්ත වූයෙම් වෙමි” යි. (අධිගත) මාන ඇතියේ වෙයි. ඔහුගේ මානය අතථ්‍ය (සිස්) වෙයි. හේ මැනවින් නිර්‍වාණයෙහි අධිමුක්ත වූවහුට අහිත වූ යම් ධර්‍ම කෙනෙක් ඇද්ද, ඒ ධර්‍මයන්හි යෙදෙන්නේ ය. ඇසින් අහිත වූ රූපදර්‍ශනයෙහි යෙදෙන්නේ ය, කනින් අහිත වූ ශබ්ද ඇසීමෙහි යෙදෙන්නේ ය, නැහැයෙන් අහිත වූ ගඳ ගැන්මෙහි යෙදෙන්නේ ය, දිවින් අහිත වූ රස විඳුමෙහි යෙදෙන්නේ ය, කයින් අහිත වූ ස්ප්‍රෂ්ටව්‍යයෙහි යෙදෙන්නේ ය, සිතින් අහිත වූ ධර්‍මයෙහි යෙදෙන්නේ ය, ඇසින් අපථ්‍ය වූ රූපදර්‍ශනයෙහි යෙදුණු, කනින් අහිත වූ ශබ්දශ්‍රවණයෙහි යෙදුණු, නැහැයෙන් අපථ්‍ය වූ ගඳගැන්මෙහි යෙදුණු, දිවින් අපථ්‍ය වූ රසාස්වාදනයෙහි යෙදුණු, කයින් අපථ්‍ය වූ ස්ප්‍රෂ්ටව්‍යයෙහි යෙදුණු, සිතින් අපථ්‍ය වූ ධර්‍මයෙහි යෙදුණු ඔහුගේ සිත රාගය තෙමේ වියළන්නේ ය, හේ රාගයෙන් අනුධ්වස්ත වූ සිතින් මරණයට හෝ මරණමාත්‍ර දුකට හෝ පැමිණෙන්නේ ය. සුනක්ඛත්තය, යමෙක් ශික්‍ෂාව හැරැපියා ලාමක වූ ගිහිබවට වැටේ ද, තෙල ආර්‍ය්‍යවිනයෙහි (සස්නෙහි) මරණය මැ වෙයි. සුනක්ඛත්තය, යමෙක් සංක්ලිෂ්ට වූ අන්‍යතර ආපත්තියකට පැමිණේ ද, තෙල මරණමාත්‍ර වූ මැ දුක වේ.
Pali BJTඨානං ඛො පනෙතං සුනක්ඛත්ත, විජ්ජති යං ඉධෙකච්චස්ස භික්ඛුනො එවමස්ස: ‘තණ්හා ඛො සල්ලං සමණෙන වුත්තං, අවිජ්ජාවිසදොසො ඡන්දරාගබ්යාපාදෙන රුප්පති. තං මෙ තණ්හාසල්ලං පහීනං අපනීතො අවිජ්ජාවිසදොසො, සම්මා නිබ්බානාධිමුත්තොහමස්මී’ති. සම්මානිබ්බානාධිමුත්තස්සෙව සතො. සො යානි සම්මානිබ්බානාධිමුත්තස්ස අසප්පායානි, තානි නානුයුඤ්ජෙය්ය, අසප්පායං චක්ඛුනා රූපදස්සනං නානුයුඤ්ජෙය්ය, අසප්පායං සොතෙන සද්දං නානුයුඤ්ජෙය්ය, අසප්පායං ඝානෙන ගන්ධං නානුයුඤ්ජෙය්ය, අසප්පායං ජිව්හාය රසං නානුයුඤ්ජෙය්ය, අසප්පායං කායෙන ඵොට්ඨබ්බං නානුයුඤ්ජෙය්ය, අසප්පායං මනසා ධම්මං නානුයුඤ්ජෙය්ය. තස්ස අසප්පායං චක්ඛුනා රූපදස්සනං නානුයුත්තස්ස, අසප්පායං සොතෙන සද්දං නානුයුත්තස්ස, අසප්පායං ඝානෙන ගන්ධං නානුයුත්තස්ස, අසප්පායං ජිව්හාය රසං නානුයුත්තස්ස, අසප්පායං කායෙන ඵොට්ඨබ්බං නානුයුත්තස්ස, අසප්පායං මනසා ධම්මං නානුයුත්තස්ස රාගො චිත්තං නානුද්ධංසෙය්ය. සො න රාගානුද්ධංසිතෙන චිත්තෙන නෙව මරණං වා නිගච්ඡෙය්ය, න මරණමත්තං වා දුක්ඛං.
Sinhala BJTයලි සුනක්ඛත්තය, තෙල කරුණ විද්‍යමාන වෙයි, කිමෙක යත්: මෙ සස්නෙහි මැනැවින් නිර්‍වාණයෙහි අධිමුක්ත වූ මැ ඇතැම් මහණක්හට මෙසේ සිත් වෙයි: ‘තෘෂ්ණාව වනාහි ශල්‍යයෙකැයි බුද්ධශ්‍රමණයන් විසින් වදාරන ලද, අවිද්‍යා සංඛ්‍යාත විෂදෝෂය ඡන්‍දරාගයෙන් හා ව්‍යාපාදයෙන් කෝප්‍ය වෙයි. මට ඒ තෘෂ්ණාශල්‍යය ප්‍රහීණ යැ, අවිද්‍යා සංඛ්‍යාත විෂදෝෂය බැහැර කරන ලද, මම් මැනැවින් නිර්‍වාණයෙහි අධිමුක්තයෙම් වෙමි’ යි. හේ මැනවින් නිර්‍වාණාධිමුක්ති ඇත්තකුට අහිත වූ යම් ධර්‍ම කෙනෙක් ඇද්ද, ඒ ධර්‍මයන්හි නො යෙදෙන්නේ ය. ඇසින් අහිත වූ රූපදර්‍ශනයෙහි නො යෙදෙන්නේ ය, කනින් අහිත වූ ශබ්ද ඇසීමෙහි නො යෙදෙන්නේ යැ, නැහැයෙන් අහිත වූ ගඳ ගැන්මෙහි නො යෙදෙන්නේ යැ, දිවින් අහිත වූ රස විඳීමෙහි නො යෙදෙන්නේ යැ, කයින් අහිත වූ ස්ප්‍රෂ්ටව්‍යයෙහි නො යෙදෙන්නේ යැ, සිතින් අහිත වූ දහම්හි නො යෙදෙන්නේ යැ, ඇසින් අහිත වූ රූපදර්‍ශනයෙහි නො යෙදුණු, කනින් අහිත වූ ශබ්ද ඇසීමෙහි නො යෙදුණු, නැහැයෙන් අහිත වූ ගඳ ගැන්මෙහි නො යෙදුණු, දිවෙන් අහිත වූ රස විඳීමෙහි නො යෙදුණු, කයින් අහිත වූ ස්ප්‍රෂ්ටව්‍යයෙහි නො යෙදුණු, සිතින් අහිත වූ දහම්හි නො යෙදුණු ඔහුගේ සිත රාගය තෙමේ නො වියළන්නේ ය, (නොමැඩපියන්නේ ය.) හෙතෙම රාගය විසින් නො මඩනා ලද සිතින් යුක්ත ව මරණයට හෝ නො මැ පැමිණෙන්නේ ය, මරණමාත්‍ර දුකට හෝ නො පැමිණෙන්නේ යි.
Pali BJTසෙය්යථාපි සුනක්ඛත්ත, පුරිසො සල්ලෙන විද්ධො අස්ස සවිසෙන ගාළ්හූපලෙපනෙන. තස්ස මිත්තාමච්චා ඤාතිසාලොහිතා භිසක්කං සල්ලකත්තං උපට්ඨාපෙය්යුං. තස්ස සො භිසක්කො සල්ලකත්තො සෙත්ථන වණමුඛං පරිකන්තෙය්ය. සත්ථෙන වණමුඛං පරිකන්තෙත්වා එසනියා සල්ලං එසෙය්ය. එසනියා සල්ලං එසිත්වා සල්ලං අබ්බහෙය්ය{1} අපනෙය්ය විසදොසං අනුපාදිසෙසං. අනුපාදිසෙසොති ජානමානො. සො එවං වදෙය්ය: අම්භො පුරිස, උබ්භතං ඛො තෙ සල්ලං අපනීතො විසදොසො අනුපාදිසෙසො, අනලඤ්ච තෙ අන්තරායාය. සප්පායානි චෙව භොජනානි භුඤ්ජෙය්යාසි. මා තෙ අසප්පායානි භොජනානි භුඤ්ජතො වණො අස්සාවී අස්ස. කාලෙන ච කාලං වණං ධොවෙය්යාසි. කාලෙන ච කාලං වණමුඛං ආලිම්පෙය්යාසි. මා තෙ න කාලෙන කාලං වණං ධොවතො න කාලෙන කාලං වණමුඛං ආලිම්පතො පුබ්බලොහිතං වණමුඛං පරියොනන්ධි. මා ච වාතා තපෙ චාරිත්තං අනුයුඤ්ජි. මා තෙ වාතාතපෙ චාරිත්තං අනනුයුත්තස්ස{2} රජොසූකං වණමුඛං අනුද්ධංසෙසි. වණානුරක්ඛී ච අම්භො පුරිස, විහරෙය්යාසි වණසාරොපී’ති. තස්ස එවමස්ස: උබ්භතං ඛො මෙ සල්ලං අපනීතො විසදොසො අනුපාදිසෙසො. අනලඤ්ච මෙ අන්තරායායා’ති. සො සප්පායානි චෙව භොජනානි භුඤ්ජෙය්ය. තස්ස සප්පායානි භොජනානි භුඤ්ජතො වණො න අස්සාවී අස්ස. කාලෙන ච කාලං වණං ධොවෙය්ය, කාලෙන ච කාලං වණමුඛං ආලිම්පෙය්ය, තස්ස කාලෙන කාලං වණං ධොවතො කාලෙන කාලං වණමුඛං ආලිම්පතො පුබ්බලොහිතං වණමුඛං න පරියොනන්ධෙය්ය. න ච වාතාතපෙ චාරිත්තං අනුයුඤ්ජෙය්ය, තස්ස වාතාතපෙ චාරිත්තං අනනුයුත්තස්ස රජොසූකං වණමුඛං නානුද්ධංසෙය්ය, වණානුරක්ඛී ච විහරෙය්ය වණසාරොපී. තස්ස ඉමිස්සා ච සප්පාය කිරියාය අසු ච විසදොසො අපනීතො අනුපාදිසෙසො. තදුභයෙන වණො විරූහෙය්ය{3} සො රූළ්හෙන වණෙන සඤ්ඡවිනා නෙව මරණං වා නිගච්ඡෙය්ය, න මරණමත්තං වා දුක්ඛං.
Sinhala BJTයම්සේ සුනක්ඛත්තය, පුරුෂයෙක් විෂ සහිත වූ පුනපුනා විෂ පෙවූ හීයෙකින් විදුනා ලද්දේ වේ ද, ඔහුගේ මිත්‍රාමාත්‍යයෝ නෑසහලේනෑයෝ සැත්කම් කරන වෙදකු එළවන්නාහු ය, ඒ ශල්‍යවෛද්‍යයා සැතින් ඔහුගේ ව්‍රණමුඛය සිඳින්නේ ය, සැතින් ව්‍රණමුඛය සිඳපියා ඒෂණියෙන් ශල්‍යය සොයන්නේය, ඒෂණියෙන් ශල්‍යය සොයා ශල්‍යය උදුරන්නේ ය, ග්‍රහණශේෂ රහිත කොට විෂදෝෂය බැහැර කරන්නේ ය, ග්‍රහණශේෂ රහිත වී යයි දන්නා ඒ විෂවෛද්‍ය මෙසේ කියන්නේ ය: “එම්බා පුරුෂය, තොපගේ ශල්‍යය උදුරන ලද්දේ මැ ය, විෂදෝෂය බැහැර කරන ලද, ග්‍රහණශේෂ රහිත විය, තොපට අන්තරාය පිණිස අසමර්‍ත්‍ථ ද වෙයි. යළි පථ්‍ය වූ භෝජනයන් වළඳනනෙහි ය, අපථ්‍ය වූ භෝජන වළඳකරන්නා වූ තාගේ වණය නහමක් ලේසැරව ගලනසුලු වන්නේ ය, යළි කලින් කල වණය ධොවනය කරන්නෙහි ය. කලින් කල ව්‍රණමුඛය ආලේප කරන්නෙහි, කලින් කල වණය නො දොවුනා, කලින් කල වණමුඛය අලෙව් නො දෙන තාගේ වණ මුඛය නහමක් ලේසැරව බැඳේවා, අව්සුළංහි හැසිරෙන බැව්හි නහමක් යෙදෙව, අව් සුළංහි හැසිරීමෙහි යෙදෙන තාගේ ව්‍රණමුඛය දූලි හා නණ්ඩු නහමක් පෙළාවා, එම්බා පුරුෂය, වණය රක්නෙහි ව්‍රණරෝපණය කරන සුල්ලෙහි වාසය කරන්නෙහි ය” යි. ඔහුට මෙවන් සිතෙක් වෙයි: ‘මාගේ ශල්‍යය උදුරන ලද්දේ මැ යැ විෂදෝෂ බැහැර කරන ලදුයේ ග්‍රහණශේෂ රහිත යැ, මට අන්තරාය පිණිස අසමර්‍ත්‍ථ ද වේ ය’ යි. හේ පථ්‍ය වූ බොදුනුදු බුදින්නේ ය, පථ්‍ය වූ බොදුන් වළඳ කරන ඔහුගේ වණය ලේපූයා වැහෙන සුලු නො වෙයි, යළි කලින් කල වණය දෝනේ ය, කලින් කල වණය අලෙව් දෙන්නේ ය, කලින් කල වණය දෝනා කලින් කල වණමුඛය අලෙව්දෙන ඔහුගේ වණමුඛය ලේසැරව හාත්පසින් නො බඳනේ ය, අව්සුළංහි හැසිරීමෙහි නො ද යෙදෙන්නේ ය. අව්සුළංහි හැසිරීමෙහි නො යෙදුණු ඔහුගේ වණමුඛය රජස් හා නණ්ඩු නො පෙළන්නේ ය, යළි වණය රක්නාසුලු වූයේ ව්‍රණරෝපණය කරනසුලු වූයේ වෙසෙන්නේ ය, ඔහුගේ මේ පථ්‍යක්‍රියාහේතුයෙනුදු, ඒ විෂදෝෂයත් බැහැර කරන ලදුයේ ග්‍රහණශේෂ රහිත විය. එ දෙකින් වණය (මස්) වැඩෙන්නේ ය. හේ වැඩුණු වණයෙන් හටගත් සිවියෙන් යුක්ත ව මරණයට හෝ නො පැමිණෙන්නේ ය, මරණමාත්‍ර දුකට හෝ නො පැමිණෙන්නේ යි.
Pali BJTඑවමෙව ඛො සුනක්ඛත්ත, ඨානමෙතං විජ්ජති යං ඉධෙකච්චස්ස භික්ඛුනො එවමස්ස: තණ්හා ඛො සල්ලං සමණෙන වුත්තං. අවිජ්ජාවිසදොසො ඡන්දරාගබ්යාපාදෙන රුප්පති. තං මෙ තණ්හාසල්ලං පහීනං, අපනීතො අවිජ්ජාවිසදොසො. සම්මා නිබ්බානාධිමුත්තොහමස්මී’ති. සම්මා නිබ්බානාධිමුත්තස්සෙව සතො සො යානි සම්මා නිබ්බානාධිමුත්තස්ස අසප්පායානි, තානි නානුයුඤ්ජෙය්ය: අසප්පායං චක්ඛුනා රූපදස්සනං නානුයුඤ්ජෙය්ය, අසප්පායං සොතෙන සද්දං නානුයුඤ්ජෙය්ය, අසප්පායං ඝානෙන ගන්ධං නානුයුඤ්ජෙය්ය, අසප්පායං ජිව්හාය රසං නානුයුඤ්ජෙය්ය, අසප්පායං කායෙන ඵොට්ඨබ්බං නානුයුඤ්ජෙය්ය, අසප්පායං මනසා ධම්මං නානුයුඤ්ජෙය්ය. තස්ස අසප්පායං චක්ඛුනා රූපදස්සනං නානුයුත්තස්ස, අසප්පායං සොතෙන සද්දං නානුයුත්තස්ස, අසප්පායං ඝානෙන ගන්ධං නානුයුත්තස්ස, අසප්පායං ජිව්හාය රසං නානුයුත්තස්ස, අසප්පායං කායෙන ඵොට්ඨබ්බං නානුයුත්තස්ස, අසප්පායං මනසා ධම්මං නානුයුත්තස්ස රාගො චිත්තං නානුද්ධංසෙය්ය. සො න රාගානුද්ධංසිතෙන චිත්තෙන නෙව මරණං වා නිගච්ඡෙය්ය, න මරණමත්තං වා දුක්ඛං.
Sinhala BJTඑසෙයින් මැ සුනක්ඛත්තය, තෙල කරුණ විද්‍යමාන වෙයි, කිමෙක යත්: මෙ සස්නෙහි මැනැවින් නිර්‍වාණාධිමුක්ත වූ මැ ඇතැම් මහණක් හට මෙවන් සිතෙක් වෙයි: ‘තෘෂ්ණාව වනාහි ශල්‍යයෙකැයි බුද්ධශ්‍රමණයන් විසින් වදාරන ලද, අවිද්‍යා සංඛ්‍යාත විෂදෝෂය ඡන්‍දරාගයෙන් හා ව්‍යාපාදයෙන් කෝප්‍ය වෙයි. මා විසින් ඒ තෘෂ්ණාශල්‍යය ප්‍රහීණ කරන ලද, අවිද්‍යාවිෂදොෂය බැහැර කරන ලද, මම් මැනැවින් නිර්‍වාණයෙහි අධිමුක්ත වූයෙම් වෙමි’ යි. හේ මැනැවින් නිර්‍වාණයෙහි අධිමුක්ත වූවහුට අහිත වූ යම් ධර්‍ම කෙනෙක් ඇද්ද ඒ ධර්‍මයන්හි නො යෙදෙන්නේ ය, ඇසින් අහිත වූ රූපදර්‍ශනයෙහි නො යෙදෙන්නේ ය, කනින් අහිත වූ ශබ්දශ්‍රවණයෙහි නො යෙදෙන්නේ ය, ඝ්‍රාණයෙන් අහිත වූ ගන්‍ධාඝ්‍රාණයෙහි නො යෙදෙන්නේ ය, දිවින් අහිත වූ රසාස්වාදනයෙහි නො යෙදෙන්නේ ය, කයින් අහිත වූ ස්ප්‍රෂ්ටව්‍යයෙහි නො යෙදෙන්නේ ය, සිතින් අහිත වූ දහම් දැනුමෙහි නො යෙදෙන්නේ ය. ඇසින් අහිත වූ රූ දැක්මෙහි නො යෙදුණු, කනින් අහිත වූ ශබ්ද ඇසීමෙහි නො යෙදුණු, නැහැයෙන් අහිත වු ගඳ ගැන්මෙහි නො යෙදුණු, දිවින් අහිත වූ රස විඳීමෙහි නො යෙදුණු, කයින් අහිත වූ ස්ප්‍රෂ්ටව්‍යයෙහි නො යෙදුණු, සිතින් අහිත වූ දහම්හි නො යෙදුණු ඔහුගේ සිත රාගය තෙමේ නො මඩනේ ය. හේ රාගය විසින් නො මඩනා ලද සිතින් යුක්ත ව මරණයට හෝ නො මැ පැමිණෙන්නේ ය, මරණමාත්‍ර වූ දුකට හෝ නො පැමිණෙන්නේ යි.
Pali BJTඋපමා ඛො මෙ අයං සුනක්ඛත්ත, කතා අත්ථස්ස විඤ්ඤාපනාය. අයමෙවෙත්ථ අත්ථො: වණොති ඛො සුනක්ඛත්ත, ඡන්නෙතං අජ්ඣත්තිකානං ආයතනානං අධිවචනං. විසදොසොති ඛො සුනක්ඛත්ත, අවිජ්ජායෙතං අධිවචනං. සල්ලන්ති ඛො සුනක්ඛත්ත, තණ්හායෙතං අධිවචනං. එසනීති ඛො සුනක්ඛත්ත, සතියායෙතං අධිවචනං. සත්ථන්ති ඛො සුනක්ඛත්ත, අරියායෙතං පඤ්ඤාය අධිවචනං. භිසක්කො සල්ලකත්තොති ඛො සුනක්ඛත්ත, තථාගතස්සෙතං අධිවචනං අරහතො සම්මාසම්බුද්ධස්ස. සො වත සුනක්ඛත්ත, භික්ඛු ඡසු ඵස්සායතනෙසු සංවුතකාරී. උපධි දුක්ඛස්ස මූලන්ති{1} ඉති විදිත්වා නිරුපධි, උපධිසඞ්ඛයෙ විමුත්තො උපධිස්මිං වා කායං උපසංහරිස්සති චිත්තං වා උප්පාදෙස්සතී’ති නෙතං ඨානං විජ්ජති.
Sinhala BJTසුනක්ඛත්තය, මා විසින් තොපට අරුත් හඟවනු සඳහා මේ උපමා කරන ලදු. තෙල උපමායෙහි මෙ මැ අර්‍ත්‍ථ වෙයි: ‘වණ’යී සුනක්ඛත්තය, සවැදෑරුම් අධ්‍යාත්මික ආයතනයට තෙල නමෙක, ‘විසදෝස’ යී සුනක්ඛත්තය, අවිද්‍යාවට තෙල නමෙක, ‘සල්ල’ යී සුනක්ඛත්තය, තෘෂ්ණාවට තෙල නමෙක, ‘එසණී’ යී සුනක්ඛත්තය, ස්මෘතියට තෙල නමෙක, ‘සත්‍ථ’ යී සුනක්ඛත්තය, ආර්‍ය්‍යප්‍රඥාවට තෙල නමෙක, ‘හිස්සක සල්ලකත්ත’ යී සුනක්ඛත්තය, අර්‍හත් සම්‍යක්සම්බුද්ධ වූ තථාගතයනට තෙල නමෙකි. සුනක්ඛත්තය, ඒකාන්තයෙන් ඒ මහණ සවැදෑරුම් ස්පර්‍ශායතනයෙහි සංවෘතකාරී වෙයි. පඤ්චස්කන්‍ධොපධිය දුකට මුලැයි මෙසේ දැන (ක්ලේශෝපධීන්) උපධි රහිත වූයේ, උපධිසංඛ්‍යය සංඛ්‍යාත නිවනෙහි විමුක්ත වූයේ කාමෝපධියෙහි කය හෝ එළවන්නේ ය, සිත හෝ උපදවන්නේ ය යන තෙල කරුණ විද්‍යමාන නො වේ.
Pali BJTසෙය්යථාපි සුනක්ඛත්ත, ආපානීයකංසො වණ්ණසම්පන්නො ගන්ධසම්පන්නො රසසම්පන්නො, සො ච ඛො විසෙන සංසට්ඨො. අථ පුරිසො ආගච්ඡෙය්ය ජීවිතුකාමො අමරිතුකාමො සුඛකාමො දුක්ඛපටික්කූලො. තං කිං මඤ්ඤසි සුනක්ඛත්ත, අපි නු සො පුරිසො අමුං ආපානීයකංසං පිවෙය්ය. යං ජඤ්ඤා ඉමාහං පිවිත්වා මරණං වා නිගච්ඡාමි, මරණමත්තං වා දුක්ඛ’න්ති?
Sinhala BJTසුනක්ඛත්තය, යම්සේ වර්‍ණසම්පන්න වූ ගන්‍ධසම්පන්න වූ රසසම්පන්න වූ මිහිරි පැන් පිරූ කස්තලියෙක් වේ ද, හෙ ද වනාහි හලාහලවිෂයෙන් මුසු කරන ලදුයේ වෙයි, එකල්හි ජීවත්වනු කැමැති සුව කැමැති නො මැරෙනු කැමැති දුකට පිළිකුල් කරන පුරුෂයෙක් එන්නේ යැ, සුනක්ඛත්තය, එ කිමැයි සිතයි ද? ඒ පුරුෂ යම්හෙයෙකින් ‘මම් මෙය පානය කොට මරණයට හෝ මරණමාත්‍ර දුකට හෝ පැමිණෙමැ’ යි දන්නේ නම්, ඒ මිහිරි පැන් පිරූ කස්තලිය පානය කරන්නේ දැ?’ යි.
Pali BJTනො හෙතං භන්තෙ.
Sinhala BJTවහන්සැ, තෙල නො වේ මැ ය.
Pali BJTඑවමෙව ඛො සුනක්ඛත්ත, සො වත භික්ඛු ඡසු ඵස්සායතනෙසු සංවුතකාරී උපධි දුක්ඛස්ස මූලන්ති ඉති විදිත්වා නිරුපධි, උපධිසඞ්ඛයෙ විමුත්තො උපධිස්මිං වා කායං උපසංහරිස්සති, චිත්තං වා උප්පාදෙස්සතීති නෙතං ඨානං විජ්ජති.
Sinhala BJTඑසෙයින් මැ සුනක්ඛත්තය, ඒකාන්තයෙන් ඒ මහණ ෂට් ස්පර්‍ශායතනයන්හි සංවෘතකාරී වූයේ (පස්වැදෑරුම්) ස්කන්‍ධොපධිය දුකට මුලැ’ යි මෙසේ දැන උපධි රහිත වූයේ, උපධික්‍ෂය සංඛ්‍යාත නිර්‍වාණයෙහි විමුක්ත වූයේ කාමෝපධියෙහි කය හේ එළවන්නේ යැ, සිත හෝ උපදවන්නේ යැ යන තෙල කරුණ නො වන්නේ යි.
Pali BJTසෙය්යථාපි සුනක්ඛත්ත, ආසීවිසො ඝොරවිසො, අථ පුරිසො ආගච්ඡෙය්ය ජීවිතුකාමො අමරිතුකාමො සුඛකාමො දුක්ඛපටික්කූලො. තං කිං මඤ්ඤසි සුනක්ඛත්ත, අපි නු සො පුරිසො අමුස්ස ආසීවිසස්ස ඝොරවිසස්ස හත්ථං වා අඞ්ගුට්ඨං වා යුඤ්ජෙය්ය යං ජඤ්ඤා ඉමිනාහං දට්ඨො මරණං වා නිගච්ඡාමි, මරණමත්තං වා දුක්ඛ’න්ති?
Sinhala BJTයම්සේ සුනක්ඛත්තය, ක්‍රෑර විෂ ඇති ආශීර්විෂයෙක් වේ ද, එකල්හි ජීවත්වනු කැමැති නො මැරෙනු කැමැති සුව කැමැති දුකට පිළිකුල් කරන පුරුෂයෙක් එන්නේ යැ, සුනක්ඛත්තය, ඒ කිමැයි සිතයි ද? ඒ පුරුෂ ‘යම්හෙයෙකින් මම මොහු විසින් දෂ්ට කරන ලද්දෙම් නම්, මරණයට හෝ මරණමාත්‍ර දුකට හෝ පැමිණෙමැ’ යි දන්නේ නම්, ඒ ඝෝරවිෂ වූ ආශීර්විෂයහට අතක් හෝ ඇඟිල්ලක් හෝ මෙහෙයන්නේ දැ?’ යි.
Pali BJTනො හෙතං භන්තෙ.
Sinhala BJTවහන්ස, තෙල නො වේ මැ ය.
Pali BJTඑවමෙව ඛො සුනක්ඛත්ත, සො වත භික්ඛු ඡසු ඵස්සායතනෙසු සංවුතකාරී, උපධි දුක්ඛස්ස මූලන්ති ඉති විදිත්වා නිරුපධි, උපධි සඞ්ඛයෙ විමුත්තො උපධිස්මිං වා කායං උපසංහරිස්සති, චිත්තං වා උප්පාදෙස්සතී’ති නෙතං ඨානං විජ්ජතීති.
Sinhala BJTඑසෙයින් මැ සුනක්ඛත්තය, ඒකාන්තයෙන් ඒ මහණ ෂට්ස්පර්‍ශායතනයන්හි සංවෘතකාරී වූයේ, ස්කන්‍ධොපධිය දුකට මුලැ’ යි මෙසේ දැන ක්ලේශෝපධි රහිත වූයේ, උපධික්‍ෂය සංඛ්‍යාත නිර්‍වාණයෙහි විමුක්ත වූයේ කාමෝපධියෙහි කය හෝ එළවන්නේ යැ, සිත හෝ උපදවන්නේ යැ යන තෙල කරුණ නො වන්නේ යි.
Pali BJTඉදමවොච භගවා. අත්තමනො සුනක්ඛත්තො ලිච්ඡවිපුත්තො භගවතො භාසිතං අභිනන්දී’ති.
Sinhala BJTභාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සතුටු සිත් ඇති සුනක්ඛත්ත ලිච්ඡවිපුත්‍ර භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය අභිනන්‍දනය කෙළේ යි.
Pali BJTසුනක්ඛත්ත සුත්තං පඤ්චමං
Sinhala BJTපස්වැනි සුනක්ඛත්ත සූත්‍ර යි.
Pali BJT3. 1. 6.
Sinhala BJT3. 1. 6.
Pali BJTආනෙඤ්ජසප්පාය සුත්තං
Sinhala BJTආනෙඤ්ජසප්පාය සූත්‍රය
Pali BJTඑවං මෙ සුතං: එකං සමයං භගවා කුරූසු විහරති කම්මාසදම්මං නාම කුරූනං නිගමො. තත්ර ඛො භගවා භික්ඛූ ආමන්තෙසි භික්ඛවොති. භදන්තෙති තෙ භික්ඛූ භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච:
Sinhala BJTමා විසින් මෙසේ අසන ලද: එක් සමයෙක්හි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ කුරුදනවියෙහි වූ කල්මාෂදම්‍ය නම් කුරුරට වැසියන් ගේ නියම්ගම්හි වැඩවාස කරන සේක. එහි දී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’ යී භික්‍ෂූන් බණවා වදාළ සේක. ‘පින්වතුන් වහන්සැ’ යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ තෙල සූත්‍රය වදාළ සේක.
Pali BJTඅනිච්චා භික්ඛවෙ, කාමා තුච්ඡා මොසධම්මා. මායාකතමෙතං භික්ඛවෙ, බාලලාපනං. යෙ ච දිට්ඨධම්මිකා කාමා, යෙ ච සම්පරායිකා කාමා, යා ච දිට්ඨධම්මිකා කාමසඤ්ඤා, යා ච සම්පරායිකා කාමසඤ්ඤා, උභයමෙතං මාරධෙය්යං, මාරස්සෙසවිසයො, මාරස්සෙසනිවාපො, මාරස්සෙසගොචරො. එත්ථෙතෙ පාපකා අකුසලා මානසා අභිජ්ඣාපි බ්යාපාදාපි සාරම්භාපි සංවත්තන්ති. තෙව අරියසාවකස්ස ඉධමනුසික්ඛතො අන්තරායාය සම්භවන්ති.
Sinhala BJTමහණෙනි, වත්කම් කෙලෙස්කම්හු ඇතිවැ නැතිවන අටින් අනිත්‍යයහ, (නිත්‍යසාර ධ්‍රැවසාර ආත්මසාර විරහිතයෙන්) සිස්හ, නැසෙනුවහ, නැසෙනසැහැවි ඇතියව්හ. මහණෙනි, මායාවෙන් කරන ලද බාලලාපනයෙක, (බාලයන් ලවා මා ගේ යයි කියවනු යෙක). දෘෂ්ටධාර්මික වූ යම් මානුෂක පඤ්චකාමගුණ කෙනෙක් ඇද්ද, සාම්පරායික වූ යම් තදවශේෂ කාම කෙනෙකුත් ඇද්ද, දෘෂ්ටධාර්මික වූ යම් කාමසංඥාවකුත් ඇද්ද, සාම්පරායික වූ යම් කාමසංඥාවකුත් ඇද්ද, තෙල කාම කාමසංඥා යන දෙක ම මාරායත්තයෙක (මාරයා ගේ වශයෙහි වැටෙයි) තෙල මාරයාගේ විෂයයෙක, තෙල මාරයා ගේ නිවාපයෙක, තෙල මාරයා ගේ ගෝචරයෙක. මේ පස්කම් විෂයෙහි මෙනෙහි උපදනා අභිධ්‍යාව ද ව්‍යාපාදය ද (කරණුත්තරියකරණ ලක්‍ෂණ) සාරම්භය ද යන තෙල ලාමක අකුශල ධර්‍මයෝ පවත්නාහ. ඒ තුන් කෙලෙස්හු මෙ සස්නෙහි හික්මෙන ආර්‍ය්‍යශ්‍රාවක හට අන්තරාය පිණිස වෙත්.
Pali BJTතත්ර භික්ඛවෙ අරියසාවකො ඉති පටිසඤ්චික්ඛති: යෙ ච දිට්ඨධම්මිකා කාමා යෙ ච සම්පරායිකා කාමා, යා ච දිට්ඨධම්මිකා කාමසඤ්ඤා යා ච සම්පරායිකා කාමසඤ්ඤා, උභයමෙතං මාරධෙය්යං, මාරස්සෙසවිසයො, මාරස්සෙසනිවාපො, මාරස්සෙසගොචරො. එත්ථෙතෙ පාපකා අකුසලා මානසා අභිජ්ඣාපි බ්යාපාදාපි සාරම්භාපි සංවත්තන්ති. තෙව අරියසාවකස්ස ඉධමනුසික්ඛතො අන්තරායාය සම්භවන්ති. යන්නූනාහං විපුලෙන මහග්ගතෙන චෙතසා විහරෙය්යං අභිභුය්ය ලොකං අධිට්ඨාය මනසා. විපුලෙන හි මෙ මහග්ගතෙන චෙතසා විහරතො අභිභුය්ය ලොකං අධිට්ඨාය මනසා යෙ පාපකා අකුසලා මානසා අභිජ්ඣාපි බ්යාපාදාපි සාරම්භාපි, තෙ න භවිස්සන්ති. තෙසං පහානා අපරිත්තඤ්ච මෙ චිත්තං භවිස්සති, අප්පමාණං සුභාවිත’න්ති. තස්ස එවං පටිපන්නස්ස තබ්බහුලවිහාරිනො ආයතනෙ චිත්තං පසීදති. සම්පසාදෙ සති එතරහි වා ආනෙඤ්ජං{1} සමාපජ්ජති, පඤ්ඤාය වා අධිමුච්චති. කායස්ස භෙදා පරම්මරණා ඨානමෙතං විජ්ජති: යං තං සංවත්තනිකං විඤ්ඤාණං අස්ස ආනෙඤ්ජූපගං. අයං භික්ඛවෙ, පඨමා ආනෙඤ්ජසප්පායා පටිපදා අක්ඛායති.
Sinhala BJTමහණෙනි, එහි ලා ආර්‍ය්‍යශ්‍රාවක මෙසේ ප්‍රත්‍යවේක්‍ෂා කෙරෙයි: ‘යම් දෘෂ්ටධාර්මික කාමයෝත් යම් සාම්පරායික කාමයෝත් වෙත් ද, යම් දෘෂ්ටධාර්මික කාමසංඥා කෙනෙකුත් යම් සාම්පරායික කාමසංඥා කෙනෙකුත් වෙත්ද, තෙල කාම කාමසංඥා යන දෙක ම මරුට තැන් වෙයි, තෙලෙ මරුට විෂය වෙයි, තෙලෙ මරුගේ නිවාප යැ, තෙල මරුගේ ගෝචර යි. මේ කාමගුණ විෂයෙහි මානසික වූ අභිධ්‍යා යැ ව්‍යාපාද යැ සාරම්භ යැ යන තෙල ලාමක අකුශලධර්‍මයෝ පවත්නාහ. ඒ තුන් කෙලෙස්හු මෙ සස්නෙහි හික්මෙන ආර්‍ය්‍යශ්‍රාවක හට අන්තරාය පිණිස වෙති. මම් කාමගුණලෝකය මැඩපියා, දැහැන් අරමුණු සිතින් ඉටා, විපුල වූ මහද්ගත වූ සිතින් යුක්ත ව වෙසෙම් නම් මැනව. යම්හෙයෙකින් කාමගුණලෝකය මැඩපියා, දැහැන් අරමුණු සිතින් ඉටා, විපුල වූ මහත්ගත වූ සිතින් යුක්ත ව වෙසෙන මට චිත්තසම්භූත වූ අභිධ්‍යා යැ ව්‍යාපාද යැ සාරම්භ යැ යන යම් ලාමක අකුශල කෙනෙක් වෙත් නම්, ඔහු නො වන්නාහ. ඔවුන්ගේ ප්‍රහාණයෙන් මාගේ සිත (ලෝකෝත්තර විසින්) මහද්ගත ද අප්‍රමාණ ද සුභාවිත ද වන්නේය’යි. මෙසේ පිළිපන් එ මැ පිළිවෙත බහුල කොට වෙසෙන ඔහුගේ සිත (අර්‍හත්ත්‍වාදි) කාරණයෙහි පහදී. සම්ප්‍රසාදය ඇති කල්හි ඉහාත්මයෙහි විදසුන් නුවණින් රහත්බව හෝ පසක් කෙරෙයි. ආනෙඤ්ජ (චතුර්‍ත්‍ථධ්‍යාන) සමාපත්තියට හෝ සමවදියි. කාබුන් මරණින් මත්තෙහි තෙල කරුණ විද්‍යමාන වෙයි. යම්හෙයෙකින් ඒ භික්‍ෂූහු ගේ උපදනට නිසි විපාක විඥානය වී ද, එය කුශලානෙඤ්ජස්වභාවයට පැමිණියේ වන්නේ ය. මහණෙනි, මේ පළමුවන ආනෙඤ්ජසප්පාය (චතුර්‍ත්‍ථධ්‍යානයට හිත වූ) ප්‍රතිපදාව යයි කියනු ලැබේ.
Pali BJTපුන චපරං භික්ඛවෙ, අරියසාවකො ඉති පටිසඤ්චික්ඛති, යෙ ච දිට්ඨධම්මිකා කාමා යෙ ච සම්පරායිකා කාමා, යා ච දිට්ඨධම්මිකා කාමසඤ්ඤා යා ච සම්පරායිකා කාමසඤ්ඤා, යං කිඤ්චි රූපං{1} චත්තාරි ච මහාභූතානි චතුන්නඤ්ච මහාභූතානං රූප’න්ති. තස්ස එවං පටිපන්නස්ස තබ්බහුලවිහාරිනො ආයතනෙ චිත්තං පසීදති. සම්පසාදෙ සති එතරහි වා ආනෙඤ්ජං සමාපජ්ජති, පඤ්ඤාය වා අධිමුච්චති. කායස්ස භෙදා පරම්මරණා ඨානමෙතං විජ්ජති: යං තං සංවත්තනිකං විඤ්ඤාණං අස්ස ආනෙඤ්ජූපගං. අයං භික්ඛවෙ, දුතියා ආනෙඤ්ජසප්පායා පටිපදා අක්ඛායති.
Sinhala BJTයළිදු මහණෙනි, ආර්‍ය්‍යශ්‍රාවක මෙසේ ප්‍රත්‍යවේක්‍ෂා කෙරෙයි: ‘යම් දෘෂ්ටධාර්මික කාම කෙනෙකුත් යම් සාම්පරායිකකාම කෙනෙකුත් ඇද්ද, යම් දෘෂ්ටධාර්මික කාමසංඥාවකුත් යම් සාම්පරායික කාමසංඥාවකුත් ඇද්ද, යම් කිසි රූපයෙක් ඇද්ද, (එ හැම) සතර මහාභූතයෝ ද සතර මහාභූතයන් නිසා පවත්නා රූපය දැ’ යි (කියායි). මෙසේ පිළිපන් එ මැ පිළිවෙත බහුල කොට වෙසෙන ඔහුගේ සිත (අර්‍හත්‍වාදි) කාරණයෙහි පහදී. සම්ප්‍රසාදය ඇති කල්හි ඉහාත්මයෙහි විදසුන් නුවණින් රහත්බව හෝ පසක් කෙරෙයි. ආනෙඤ්ජසමාපත්තියට හෝ සමවදියි. කාබුන් මරණින් මත්තෙහි තෙල කරුණ විද්‍යමාන වෙයි: ‘යම් කරුණෙකින් ඒ මහණහුගේ උපදනට නිසි විපාක විඥානය වී නම්, එය කුශලානෙඤ්ජස්වභාවයට පැමිණියේ වන්නේ ය. මහණෙනි, මේ දෙවැනි චතුර්‍ත්‍ථධ්‍යාන සංඛ්‍යාත ආනෙඤ්ජසප්පාය ප්‍රතිපදාව යයි කියනු ලැබේ.
Pali BJTපුන චපරං භික්ඛවෙ, අරියසාවකො ඉති පටිසඤ්චික්ඛති. යෙ ච දිට්ඨධම්මිකා කාමා, යෙ ච සම්පරායිකා කාමා, යා ච දිට්ඨධම්මිකා කාමසඤ්ඤා යා ච සම්පරායිකා කාමසඤ්ඤා, යෙ ච දිට්ඨධම්මිකා රූපා, යෙ ච සම්පරායිකා රූපා, යා ච දිට්ඨධම්මිකා රූපසඤ්ඤා යා ච සම්පරායිකා රූපසඤ්ඤා උභයමෙතං අනිච්චං යදනිච්චං තං නාලං අභිනන්දිතුං, නාලං අභිවදිතුං, නාලං අජ්ඣොසිතු’න්ති. තස්ස එවං පටිපන්නස්ස තබ්බහුලවිහාරිනො ආයතනෙ චිත්තං පසීදති. සම්පසාදෙ සති එතරහි වා ආනෙඤ්ජං සමාපජ්ජති, පඤ්ඤාය වා අධිමුච්චති. කායස්ස භෙදා පරම්මරණා ඨානමෙතං විජ්ජති: යං තං සංවත්තනිකං විඤ්ඤාණං අස්ස ආනෙඤ්ජූපගං. අයං භික්ඛවෙ, තතියා ආනෙඤ්ජසප්පායා පටිපදා අක්ඛායති.
Sinhala BJTයළිදු මහණෙනි, ආර්‍ය්‍යශ්‍රාවක මෙසේ ප්‍රත්‍යවේක්‍ෂා කෙරෙයි: ‘යම් දෘෂ්ටධාර්මික කාමයෝත් යම් සාම්පරායික කාමයෝත් ඇද්ද, යම් දෘෂ්ටධාර්මික කාමසංඥාවකුත් යම් සාම්පරායික කාමසංඥාවකුත් ඇද්ද, යම් දෘෂ්ටධාර්මික රූපයෝත් යම් සාම්පරායික රූපයෝත් ඇද්ද, යම් දෘෂ්ටධාර්මික රූපසංඥාවකුත් යම් සාම්පරායික රූපසංඥාවකුත් ඇද්ද, තෙල (දිට්ඨධම්මික සාම්පරායික යන) දෙකම අනිත්‍ය ය. යමක් අනිත්‍ය නම් එය තෘෂ්ණා දෘෂ්ටි විසින් අභිනන්‍දනා කරන්නට නො නිසි වෙයි. අභිමානයෙන් කියන්නට නො නිසි වෙයි, බැසැගෙන සිටින්නට නො නිසි වේ ය’ යි. මෙසේ පිළිපන් ඒ කාම-රූපප්‍රතිබාහනයෙන් එමැ පිළිවෙත බහුල කොට වෙසෙන ඒ මහණහු ගේ සිත අර්‍හත්‍වාදි කාරණයෙහි පහදී. සම්ප්‍රසාදය ඇති කල්හි ඉහාත්මයෙහි මැ විදසුන් නුවණින් රහත්බව හෝ පසක් කෙරෙයි. විඤ්ඤාණඤ්චායතන සංඛ්‍යාත ආනෙඤ්ජයට හෝ සමවදී. කාබුන් මරණින් මත්තෙහි තෙල කරුණ විද්‍යමාන වෙයි: ‘යම් කරුණෙකින් ඒ මහණහු ගේ උපතට නිසි විපාකවිඥානය වී නම්, එය කුශලානෙඤ්ජස්වභාවයට පැමිණියේ වන්නේය. මහණෙනි, මේ තුන්වැනි ආනෙඤ්ජසප්පාය ප්‍රතිපදාව යයි කියනු ලැබේ.
Pali BJTපුන චපරං භික්ඛවෙ, අරියසාවකො ඉති පටිසඤ්චික්ඛති. යෙ ච දිට්ඨධම්මිකා කාමා යෙ ච සම්පරායිකා කාමා, යා ච දිට්ඨධම්මිකා කාමසඤ්ඤා යා ච සම්පරායිකා කාමසඤ්ඤා, යෙ ච දිට්ඨධම්මිකා රූපා, යෙ ච සම්පරායිකා රූපා, යා ච දිට්ඨධම්මිකා රූපසඤ්ඤා යා ච සම්පරායිකා රූපසඤ්ඤා, යා ච ආනෙඤ්ජසඤ්ඤා, සබ්බා සඤ්ඤා යත්ථෙතා අපරිසෙසා නිරුජ්ඣන්ති. එතං සන්තං එතං පණීතං යදිදං ආකිඤ්චඤ්ඤායතන’න්ති. තස්ස එවං පටිපන්නස්ස තබ්බහුලවිහාරිනො ආයතනෙ චිත්තං පසීදති. සම්පසාදෙ සති එතරහි වා ආකිඤ්චඤ්ඤායතනං සමාපජ්ජති. පඤ්ඤාය වා අධිමුච්චති. කායස්ස භෙදා පරම්මරණා ඨානමෙතං විජ්ජති: යං තං සංවත්තනිකං විඤ්ඤාණං අස්ස ආකිඤ්චඤ්ඤායතනූපගං. අයං භික්ඛවෙ, පඨමා ආකිඤ්චඤ්ඤායතනසප්පායා පටිපදා අක්ඛායති.
Sinhala BJTයළිදු මහණෙනි, ආර්‍ය්‍යශ්‍රාවක මෙසේ ප්‍රත්‍යවේක්‍ෂා කෙරෙයි: ‘යම් දෘෂ්ටධාර්මික කාමයෝත් යම් සාම්පරායික කාමයෝත් ඇද්ද, යම් දෘෂ්ටධාර්මික කාමසංඥාවකුත් සාම්පරායික කාමසංඥාවකුත් ඇද්ද, යම් දෘෂ්ටධාර්මික රූපයෝත් යම් සාම්පරායික රූපයෝත් ඇද්ද, යම් දෘෂ්ටධාර්මික රූපසංඥාවකුත් යම් සාම්පරායික රූපසංඥාවකුත් ඇද්ද, යම් විඤ්ඤාණඤ්චායතන සංඛ්‍යාත ආනෙඤ්ජසංඥාවකුත් ඇද්ද, යම් ආකිඤ්චඤ්ඤායතනයකට පැමිණ තෙල සියලු සංඥාවෝ නිරවශේෂ කොට නිරුද්ධ වෙත් ද, යම් මේ ආකිඤ්චඤ්ඤායතනයෙක් ඇද්ද, තෙල (අඞ්ගශාන්තතායෙන් ද ආලම්බනශාන්තතායෙන් ද) ශාන්ත යැ තෙල (අතෘප්තකාර්‍ත්‍ථයෙන්) ප්‍රණීත යැ’ යි. මෙසේ පිළිපන් (ඒ සංඥා යටපත් කිරීමෙන්) එ මැ පිළිවෙත බහුල කොට වෙසෙන ඔහුගේ සිත ආකිඤ්චඤ්ඤායතනයෙහි පහදී. සම්ප්‍රසාදය ඇති කල්හි ඉහාත්මයෙහි විදසුන් නුවණින් රහත්බව හෝ පසක් කෙරෙයි. ආකිඤ්චඤ්ඤායතන සමාපත්තියට හෝ සමවදී. කාබුන් මරණින් මත්තෙහි තෙල කරුණ විද්‍යමාන වෙයි: ‘යම් කරුණෙකින් ඒ මහණහු ගේ උපදනට නිසි විපාකවිඥානය වී නම් එය ආකිඤ්චඤ්ඤායතනකුශල ස්වභාවයට පැමිණියේ වන්නේ යැ. මහණෙනි, මේ පළමු වන ආකිඤ්චඤ්ඤායතනසප්පාය ප්‍රතිපදා යයි කියනු ලැබේ.
Pali BJTපුන චපරං භික්ඛවෙ, අරියසාවකො අරඤ්ඤගතො වා රුක්ඛමූලගතො වා සුඤ්ඤාගාරගතො වා ඉති පටිසඤ්චික්ඛති: සුඤ්ඤමිදං අත්තෙන වා අත්තනියෙන වා’ති. තස්ස එවං පටිපන්නස්ස තබ්බහුලවිහාරිනො ආයතනෙ චිත්තං පසීදති. සම්පසාදෙ සති එතරහි වා ආකිඤ්චඤ්ඤායතනං සමාපජ්ජති, පඤ්ඤාය වා අධිමුච්චති. කායස්ස භෙදා පරම්මරණා ඨානමෙතං විජ්ජති: යං තං සංවත්තනිකං විඤ්ඤාණං අස්ස ආකිඤ්චඤ්ඤායතනූපගං. අයං භික්ඛවෙ, දුතියා ආකිඤ්චඤ්ඤායතනසප්පායා පටිපදා අක්ඛායති.
Sinhala BJTයළිදු මහණෙනි, ආර්‍ය්‍යශ්‍රාවක අරණ්‍යසෙනාසනයට ගියේ වේව’ යි වෘක්‍ෂමූලයට ගියේ වේව’යි ශුන්‍යාගාරයට ගියේ වේව’ යි මෙසේ ප්‍රත්‍යවේක්‍ෂා කෙරෙයි: ‘මේ පඤ්චස්කන්‍ධය (මම ය මාගේ ය යන) ආත්මයෙන් ද ආත්මනීයභාවයෙන් ද ශුන්‍ය වේ’ යයි. මෙසේ පිළිපන් (යට කී පිළිවෙත හා) මේ ශුන්‍යතප්‍රතිපදාව බහුල කොට වෙසෙන ඔහුගේ සිත ආයතනයෙහි පහදී. සම්ප්‍රසාදය ඇති කල්හි ඉහාත්මයෙහි රහත්බව හෝ පසක් කෙරෙයි, ආකිඤ්චඤ්ඤායතන සමවතට හෝ සමවදී. කාබුන් මරණින් මත්තෙහි තෙල කරුණ විද්‍යමාන වෙයි: ‘යම් කරුණෙකින් ඒ මහණහුගේ උපතට නිසි විපාක විඥානය වී නම් ආකිඤ්චඤ්ඤායතන කුශලභාවයට පැමිණියේ වන්නේ යැ. මහණෙනි, දෙවැනි ආකිඤ්චඤ්ඤායතනසප්පාය ප්‍රතිපදා යයි කියනු ලැබේ.
Pali BJTපුන චපරං භික්ඛවෙ, අරියසාවකො ඉති පටිසඤ්චික්ඛති: නාහං ක්වචනි කස්සචි කිඤ්චනත්තස්මිං, න ච මම ක්වචනි කිස්මිචි කිඤ්චනතත්ථී’ති{1} තස්ස එවං පටිපන්නස්ස තබ්බහුලවිහාරිනො ආයතනෙ චිත්තං පසීදති. සම්පසාදෙ සති එතරහි වා ආකිඤ්චඤ්ඤායතනං සමාපජ්ජති, පඤ්ඤාය වා අධිමුච්චති. කායස්ස භෙදා පරම්මරණා ඨානමෙතං විජ්ජති: යං තං සංවත්තනිකං විඤ්ඤාණං අස්ස ආකිඤ්චඤ්ඤායතනූපගං. අයං භික්ඛවෙ, තතියා ආකිඤ්චඤ්ඤායතනසප්පායා පටිපදා අක්ඛායති.
Sinhala BJTතවද මහණෙනි, ආර්‍ය්‍යශ්‍රාවක මෙසේ ප්‍රත්‍යවේක්‍ෂා කෙරෙයි: ‘මම කිසි තැනෙක්හි ආත්මය ඇතියෙම් නො වෙමි, කිසි අනෙකක්හට පළිබෝධ ඇතියෙම් නො වෙමි, කිසි තැනෙක්හි (මෙරමාගේ ආත්මය) නො ද දක්මි, කිසි තැනෙක්හි මාගේ පළිබෝධබවෙක් නැතැ’ යි. මෙසේ පිළිපන් (යට කී පිළිවෙත හා) මේ චතුකෝටික ශුන්‍යතාව බහුල කොට වෙසෙන ඔහුගේ සිත ආකිඤ්චඤ්ඤායතනයෙහි පහදියි. සම්ප්‍රසාදය ඇති කල්හි ඉහාත්මයෙහි රහත්බව හෝ පසක් කෙරෙයි, ආකිඤ්චඤ්ඤායතන සමාපත්තියට හෝ සමවදී. කාබුන් මරණින් මත්තෙහි තෙල කරුණ විද්‍යමාන වෙයි: ‘යම් කරුණෙකින් ඒ මහණහුගේ ප්‍රතිසන්‍ධියට නිසි විපාකවිඥානය වී නම් ආකිඤ්චඤ්ඤායතන කුශලභාවයට පැමිණියේ වන්නේ යැ. මහණෙනි, මේ තුන්වැනි ආකිඤ්චඤ්ඤායතනසප්පාය ප්‍රතිපදායයි කියනු ලැබේ.
Pali BJTපුන චපරං භික්ඛවෙ, අරියසාවකො ඉති පටිසඤ්චික්ඛති. යෙ ච දිට්ඨධම්මිකා කාමා යෙ ච සම්පරායිකා කාමා, යා ච දිට්ඨධම්මිකා කාමසඤ්ඤා යා ච සම්පරායිකා කාමසඤ්ඤා, යෙ ච දිට්ඨධම්මිකා රූපා යෙ ච සම්පරායිකා රූපා, යා ච දිට්ඨධම්මිකා රූපසඤ්ඤා යා ච සම්පරායිකා රූපසඤ්ඤා, යා ච ආනෙඤ්ජසඤ්ඤා, යා ච ආකිඤ්චඤ්ඤායතනසඤ්ඤා, සබ්බා සඤ්ඤා යත්ථෙතා අපරිසෙසා නිරුජ්ඣන්ති. එතං සන්තං එතං පණීතං යදිදං නෙවසඤ්ඤානාසඤ්ඤායතන’න්ති. තස්ස එවං පටිපන්නස්ස තබ්බහුලවිහාරිනො ආයතනෙ චිත්තං පසීදති. සම්පසාදෙ සති එතරහි වා නෙවසඤ්ඤානාසඤ්ඤායතනං සමාපජ්ජති, පඤ්ඤාය වා අධිමුච්චති. කායස්ස භෙදා පරම්මරණා ඨානමෙතං විජ්ජති: යං තං සංවත්තනිකං විඤ්ඤාණං අස්ස නෙවසඤ්ඤානාසඤ්ඤායතනූපගං, අයං භික්ඛවෙ, නෙවසඤ්ඤානාසඤ්ඤායතනසප්පායා පටිපදා අක්ඛායතීති.
Sinhala BJTයළිදු මහණෙනි, ආර්‍ය්‍යශ්‍රාවක මෙසේ ප්‍රත්‍යවේක්‍ෂා කෙරෙයි: ‘යම් දෘෂ්ටධාර්මික කාමයෝත් යම් සාම්පරායික කාමයෝත් ඇද්ද, යම් දෘෂ්ටධාර්මික කාමසංඥාවකුත් යම් සාම්පරායික කාමසංඥාවකුත් ඇද්ද, යම් දෘෂ්ටධාර්මිකරූපයෝත් යම් සාම්පරායික රූපයෝත් ඇද්ද, යම් දෘෂ්ටධාර්මික රූපසංඥාවකුත් යම් සාම්පරායික රූපසංඥාවකුත් ඇද්ද, යම් ආනෙඤ්ජ (චතුර්‍ත්‍ථධ්‍යාන) සංඥාවකුත් ඇද්ද, යම් ආකිඤ්චඤ්ඤායතනසංඥාවකුත් ඇද්ද යම් තැනෙක්හි තෙල සියලු සංඥාවෝ නිරවශේෂ වූවාහු නිරුද්ධ වෙත් ද, යම් මේ නේවසඤ්ඤානාසඤ්ඤායතනයෙක් ඇද්ද තෙල (අංගශාන්තතායෙන් ද ආලම්බන ශාන්තතායෙන් ද) ශාන්ත යැ, තෙල (අතෘප්තකාර්‍ත්‍ථයෙන්) ප්‍රණීත යැ’ යි. මෙසේ පිළිපන් (ඒ සංඥා යටපත් කිරීමෙන්) ඒ පිළිවෙත බහුල කොට වෙසෙන ඔහුගේ සිත නේවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි පහදියි. සම්ප්‍රසාදය ඇති කල්හි ඉහාත්මයෙහි මැ රහත්බව හෝ පසක් කෙරෙයි. නේවසඤ්ඤානාසඤ්ඤායතනයට හෝ සමවදී. කාබුන් මරණින් මත්තෙහි තෙල කරුණ විද්‍යමාන වෙයි: ‘යම් කරුණෙකින් ඒ මහණහු ගේ පිළිසඳගන්නට නිසි විපාකවිඥානය වී නම් නේවසඤ්ඤානාසඤ්ඤායතන කුශලභාවයට පැමිණියේ වන්නේ ය. මහණෙනි, මේ නෙවසඤ්ඤානාසඤ්ඤායතනසප්පාය ප්‍රතිපදා යයි කියනු ලැබේ.
Pali BJTඑවං වුත්තෙ ආයස්මා ආනන්දො භගවන්තං එතදවොච : ‘ඉධ භන්තෙ. භික්ඛු එවං පටිපන්නො හොති, නො චස්ස, නො ච මෙ සියා න භවිස්සති, න මෙ භවිස්සති. යදත්ථි යං භූතං තං පජහාමී’ති එවං උපෙක්ඛං පටිලභති. පරිනිබ්බායෙය්ය නු ඛො සො භන්තෙ, භික්ඛු න වා පරිනිබ්බායෙය්යා’ති.
Sinhala BJTමෙසේ වදාළ කල්හි ආයුෂ්මත් ආනන්‍ද ‘තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල කීහ: “වහන්සැ, මෙ සස්නෙහි මහණෙක් මෙසේ පිළිපන්නේ වෙයි: ‘ඉදින් මා විසින් (පෙර පස්වැදෑරුම්) කම්වට රැස් නො කරන ලද නම්, මට දැන් (පස්වැදෑරුම්) විවාවට නො ද වන්නේ ය. ඉදින් මෙකල්හි කම්වට රැස් නො කරනු වන්නේ නම්, අනායෙහි මට පස්වැදෑරුම් විවාවට නො වන්නේ ය. ඉහාත්මයෙහි යම් කම්වටක් ඇද්ද හටගත් යම් ස්කන්‍ධපඤ්චකයක් ඇද්ද, එය දුරු කරමි’ යි මෙසේ විදර්‍ශනා උපේක්‍ෂාව ලබයි. වහන්ස, ඒ මහණ පිරිනිවෙන්නේ දෝ හෝ නොහොත් නො පිරිනිවෙන්නේ දැ යි.
Pali BJTඅපෙත්ථෙකච්චො ආනන්ද, භික්ඛු පරිනිබ්බායෙය්ය, අපෙත්ථෙකච්චො භික්ඛු න පරිනිබ්බායෙය්යා’ති.
Sinhala BJT‘ආනන්‍දය, මෙහි ඇතැම් මහණෙක් පිරිනිවෙන්නේ ද වෙයි, මෙහි ඇතැම් මහණෙක් නො පිරිනිවෙන්නේ ද වේ’ යයි.
Pali BJTකො නු ඛො භන්තෙ හෙතු, කො පච්චයො, යෙනපෙත්ථෙකච්චො භික්ඛු පරිනිබ්බායෙය්ය, අපෙත්ථෙකච්චො භික්ඛු න පරිනිබ්බායෙය්යාති.
Sinhala BJTවහන්ස, යම්හෙයෙකින් මෙහි ඇතැම් මහණෙක් පිරිනිවෙන්නෙත් වේ ද, මෙහි ඇතැම් මහණෙක් නො පිරිනිවෙන්නේත් වේ ද ඊට හේතු කවරේ ද? ප්‍රත්‍ය කවරේ දැ’ යි.
Pali BJTඉධානන්ද භික්ඛු එවං පටිපන්නො හොති: ‘නො චස්ස, නො ච මෙ සියා. න භවිස්සති. න මෙ භවිස්සති. යදත්ථි යං භූතං තං පජහාමී’ති එවං උපෙක්ඛං පටිලභති. සො තං උපෙක්ඛං අභිනන්දති, අභිවදති, අජ්ඣොසාය තිට්ඨති. තස්ස තං උපෙක්ඛං අභිනන්දතො අභිවදතො අජ්ඣොසාය තිට්ඨතො තං නිස්සිතං හොති විඤ්ඤාණං, තදුපාදානං. සඋපාදානො, ආනන්ද, භික්ඛු න පරිනිබ්බායතී’ති.
Sinhala BJTආනන්‍දය, මෙසස්නෙහි මහණ මෙසේ පිළිපන්නේ වෙයි: ‘ඉදින් මා විසින් පෙර පස්වැදෑරුම් කම්වට රැස් නො කරන ලද නම්, මෙකල්හි මට පස්වැදෑරුම් විවාවට නො ද වන්නේය. ඉදින් මෙකල්හි පස්වැදෑරුම් කම්වට අනායූහිත වන්නේ නම් , මට අනායෙහි පස්වැදෑරුම් විවාවට නො වන්නේ ය. ඉහාත්මයෙහි යම් කම්වටෙක් ඇද්ද, භූත වූ යම් පඤ්චස්කන්‍ධයෙක් ඇද්ද, එය දුරු කෙරෙමි’ යි මෙසේ විදර්‍ශනාපේක්‍ෂාව ලබයි. ඒ මහණ ඒ විදර්‍ශනාපේක්‍ෂාව තෘෂ්ණාදෘෂ්ටිඅභිනන්‍දනායෙන් අභිනන්‍දනා කෙරෙයි. අභිමානයෙන් බෙණෙයි, බැසගෙන සිටී. ඒ උපේක්‍ෂාව අභිනන්‍දනා කරන අභිමානයෙන් බණන බැසගෙන සිටුනා ඔහුගේ නිකාන්තිවිඥානය ඒ විදර්‍ශනාව ඇසුරු කරන ලද වෙයි. ඒ නිකාන්තිවිඥානය ඔහුට උපාදාන වෙයි, ආනන්‍දය, උපාදාන (ග්‍රහණ) සහිත වූ මහණ නො පිරිනිවේ’ යයි.
Pali BJT‘කහම්පන සො භන්තෙ, භික්ඛු උපාදියමානො උපාදියතී’ති.
Sinhala BJTවහන්ස, පිළිසිඳ ගන්නා ඒ මහණ කොහි වැළිත් පිළිසිඳ ගනීදැ’ යි.
Pali BJTනෙවසඤ්ඤානාසඤ්ඤායතනං ආනන්දාති.
Sinhala BJTආනන්‍දය, නේවසඤ්ඤානාසඤ්ඤායතනය’ යි.
Pali BJTඋපාදානසෙට්ඨං කිර සො භන්තෙ, භික්ඛු උපාදියමානො උපාදියතීති.
Sinhala BJTවහන්ස, ඒ මහණ පිළිසිඳ ගන්නේ ශ්‍රේෂ්ඨ වූ භවය උපාදානය කෙරෙයි (උත්තම භවයෙහි පිළිසිඳ ගනී සේ යි.)
Pali BJTඋපාදානසෙට්ඨං හි සො ආනන්ද, භික්ඛු උපාදියමානො උපාදියති. උපාදානසෙට්ඨං හෙතං ආනන්ද, යදිදං නෙවසඤ්ඤානාසඤ්ඤායතනං.
Sinhala BJTආනන්‍දය, පිළිසිඳ ගන්නා ඒ මහණ ශ්‍රේෂ්ඨ වූ භවය ම උපාදානය කෙරෙයි. ආනන්‍දය, යම් නේවසඤ්ඤානාසඤ්ඤායතනයෙක් ඇද්ද, තෙල ශ්‍රේෂ්ඨ වූ භවය වේ මැ යි.
Pali BJTඉධානන්ද, භික්ඛු එවං පටිපන්නො හොති: නො චස්ස, නො ච මෙ සියා. න භවිස්සති. න මෙ භවිස්සති. යදත්ථි යං භූතං තං පජහාමී’ති. එවං උපෙක්ඛං පටිලභති. සො තං උපෙක්ඛං නාභිනන්දති, නාභිවදති, නාජ්ඣොසාය තිට්ඨති. තස්ස තං උපෙක්ඛං අනභිනන්දතො අනභිවදතො අනජ්ඣොසාය තිට්ඨතො න තං නිස්සිතං හොති විඤ්ඤාණං, න තදුපාදානං. අනුපාදානො ආනන්ද, භික්ඛු පරිනිබ්බායතීති.
Sinhala BJTආනන්‍දය, මෙ සස්නෙහි මහණෙක් මෙසේ පිළිපන්නේ වෙයි: ‘ඉදින් මා විසින් පෙර පස්වැදෑරුම් කම්වට රැස් නො කරන ලද නම්, මෙ කල්හි, මට පස්වැදෑරුම් විවාවට නො ද වන්නේය. ඉදින් මෙකල්හි පස්වැදෑරුම් කම්වට ආයූහිත නො වන්නේ නම්, මට අනායෙහි පස්වැදෑරුම් විවාවට නො වන්නේ ය. ඉහාත්මයෙහි යම් කම්වටෙක් ඇද්ද, භූත වූ යම් පඤ්චස්කන්‍ධයෙක් ඇද්ද, එය දුරු කෙරෙමි’ යි මෙසේ විදර්‍ශනාපේක්‍ෂාව ප්‍රතිලාභ කෙරෙයි. හේ උපේක්‍ෂාව තෘෂ්ණාදෘෂ්ටි අභිනන්‍දනායෙන් අභිනන්‍දනා නො කෙරෙයි. අභිමාන වශයෙන් නො බෙණෙයි, බැසගෙන නො සිටී. ඒ උපේක්‍ෂාව අභිනන්‍දනා නො කරන අභිමානයෙන් නො බණන නො බැසගෙන සිටුනා ඔහුගේ නිකාන්තිවිඥානය ඒ විදර්‍ශනාව ඇසුරු නො කරන ලද වෙයි. ඒ විඥානය ඔහුට උපාදාන නො වෙයි. ආනන්‍දය, උපාදාන රහිත වූ මහණ පිරිනිවේ යයි.
Pali BJTඅච්ඡරියං භන්තෙ! අබ්භුතං භන්තෙ! නිස්සාය නිස්සාය කිර නො භන්තෙ, භගවතා ඔඝස්ස නිත්ථරණා අක්ඛාතා. කතමො පන භන්තෙ, අරියො විමොක්ඛොති.
Sinhala BJTවහන්ස, ආශ්චර්‍ය්‍ය යැ, වහන්ස, අද්භූත යැ වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් අපට ඒ ඒ සමවත් නිසා ඕඝතරණය වදාරන ලද. වහන්ස, යළි ආර්‍ය්‍යවිමෝක්‍ෂය කවරේදැ’ යි.
Pali BJTඉධානන්ද, අරියසාවකො භික්ඛු ඉති පටිසඤ්චික්ඛති: යෙ ච දිට්ඨධම්මිකා කාමා, යෙ ච සම්පරායිකා කාමා, යා ච දිට්ඨධම්මිකා කාමසඤ්ඤා, යා ච සම්පරායිකා කාමසඤ්ඤා යෙ ච දිට්ඨධම්මිකා රූපා, යෙ ච සම්පරායිකා රූපා, යා ච දිට්ඨධම්මිකා රූපසඤ්ඤා, යා ච සම්පරායිකා රූපසඤ්ඤා, යා ච ආනෙඤ්ජසඤ්ඤා, යා ච ආකිඤ්චඤ්ඤායතනසඤ්ඤා, යා ච නෙවසඤ්ඤානාසඤ්ඤායතනසඤ්ඤා, එස සක්කායො, යාවතා සක්කායො, එතං අමතං යදිදං අනුපාදා චිත්තස්ස විමොක්ඛො.
Sinhala BJTආනන්‍දය, මෙ සස්නෙහි (ශුෂ්කවිදර්‍ශක වූ) ආර්‍ය්‍යශ්‍රාවක මහණ මෙසේ ප්‍රත්‍යවේක්‍ෂා කෙරෙයි: ‘යම් දෘෂ්ටධාර්මික කාමයෝත් යම් සාම්පරායික කාමයෝත් ඇද්ද, යම් දෘෂ්ටධාර්මික කාමසංඥාවකුත් යම් සාම්පරායික කාමසංඥාවකුත් ඇද්ද, යම් දෘෂ්ටධාර්මිකරූපයෝත් සාම්පරායික රූපයෝත් ඇද්ද, යම් දෘෂ්ටධාර්මික රූපසංඥාවකුත් යම් සාම්පරායික රූපසංඥාවකුත් ඇද්ද, යම් ආනෙඤ්ජසංඥාවකුත් යම් ආකිඤ්චඤ්ඤායතනසංඥාවකුත් යම් නෙවසඤ්ඤානාසඤ්ඤායතනසංඥාවකුත් ඇද්ද, යම් පමණ (වට්ට සංඛ්‍යාත) සත්කායයෙක් ඇද්ද, තෙල හැම සත්කාය වෙයි. චිත්තයා ගේ යම් අනුපාදා විමෝක්‍ෂයෙක් ඇද්ද තෙල අමෘතයයි (ප්‍රත්‍යවේක්‍ෂා කෙරෙයි.)
Pali BJTඉති ඛො ආනන්ද, දෙසිතා මයා ආනෙඤ්ජසප්පායා පටිපදා, දෙසිතා ආකිඤ්චඤ්ඤායතනසප්පායා පටිපදා, දෙසිතා නෙවසඤ්ඤානාසඤ්ඤායතනසප්පායා පටිපදා, දෙසිතා නිස්සාය නිස්සාය ඔඝස්ස නිත්ථරණා, දෙසිතො අරියො විමොක්ඛො. යං ඛො ආනන්ද, සත්ථාරා කරණීයං සාවකානං හිතෙසිනා අනුකම්පකෙන අනුකම්පං උපාදාය. කතං වො තං මයා. එතානි, ආනන්ද, රුක්ඛමූලානි, එතානි සුඤ්ඤාගාරානි. ඣායථ ආනන්ද, මා පමාදත්ථ, මා පච්ඡා විප්පටිසාරිනො අහුවත්ථ. අයං වො අම්හාකං අනුසාසනීති.
Sinhala BJTමෙසෙයින් ආනන්‍දය, මා විසින් ආනෙඤ්ජසප්පාය ප්‍රතිපදා දෙසන ලද, ආකිඤ්චඤ්ඤායතනසප්පාය ප්‍රතිපදා දෙසන ලද, නෙවසඤ්ඤානාසඤ්ඤායතනසප්පාය ප්‍රතිපදා දෙසනලද. ඒ ඒ සමවත් නිසා චතුරෝඝ නිස්තරණ දෙසන ලද, ආර්‍ය්‍යවිමෝක්‍ෂය දෙසන ලද. ආනන්‍දය, ශ්‍රාවකයනට හිතෛෂී වූ අනුකම්පා කරන ශාස්තෘහු විසින් අනුකම්පා පිණිස යමක් කටයුතු ද, එය තොපට මා විසින් කරන ලද, ආනන්‍දය, තෙල රුක්මුල් සෙනසුනැ, තෙල ශුන්‍යාගාර සෙනසුනැ, ආනන්‍දය, (තෙපි) ධ්‍යාන වඩවු, නහමක් පමා වවු, පසු වැ නහමක් විපිළිසර ඇත්තාහු වවු, මේ තොපට අප ගේ අනුසසුන් වේ යයි.
Pali BJTඉදමවොච භගවා. අත්තමනො ආයස්මා ආනන්දො භගවතො භාසිතං අභිනන්දීති.
Sinhala BJTභාග්‍යවතුන් වහන්සේ මේ සුත දේශනා කළ සේක, සතුටු සිත් ඇති ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ ගේ භාෂිතය සතුටින් පිළිගත්හ’ යි.
Pali BJTආනෙඤ්ජසප්පායසුත්තං ඡට්ඨං.
Sinhala BJTසවැනි ආනෙඤ්ජසප්පාය සූත්‍ර යි.
Pali BJT3. 1. 7.
Sinhala BJT3. 1. 7.
Pali BJTගණකමොග්ගල්ලාන සුත්තං
Sinhala BJTගණකමොග්ගල්ලාන සූත්‍රය
Pali BJTඑවං මෙ සුතං: එකං සමයං භගවා සාවත්ථියං විහරති පුබ්බාරාමෙ මිගාරමාතුපාසාදෙ. අථ ඛො ගණකමොග්ගල්ලානො බ්රාහ්මණො යෙන භගවා තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා භගවතා සද්ධිං සම්මොදි. සම්මොදනීයං කථං සාරාණීයං{1} වීතිසාරෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ගණකමොග්ගල්ලානො බ්රාහ්මණො භගවන්තං එතදවොච:
Sinhala BJTමා විසින් මෙසේ අසන ලද: එක් සමයෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර වෙත පූර්‍වාරාම නම් වූ මිගාරමාතුප්‍රාසාදයෙහි වැඩවසන සේක. එකල්හි ගණකමොග්ගල්ලාන බමුණු භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු විය. සතුටු විය යුතු සිහි කළයුතු කථාව කොට නිමවා එකත්පස් වැ හින. එකත්පස් වැ හුන් ගණකමොග්ගල්ලාන බමුණු භාග්‍යවතුන් වහන්සේට තෙල කී:
Pali BJTසෙය්යථාපි භො ගොතම, ඉමස්ස මිගාරමාතු පාසාදස්ස දිස්සති අනුපුබ්බසික්ඛා අනුපුබ්බකිරියා අනුපුබ්බපටිපදා, යදිදං යාව පච්ඡිමා සොපානකළෙබරා{2} ඉමෙසම්පි හි භො ගොතම බ්රාහ්මණානං දිස්සති අනුපුබ්බසික්ඛා අනුපුබ්බකිරියා අනුපුබ්බපටිපදා, යදිදං අජ්ඣෙනෙ. ඉමෙසම්පි හි භො ගොතම, ඉස්සාසානං දිස්සති අනුපුබ්බසික්ඛා අනුපුබ්බකිරියා අනුපුබ්බපටිපදා යදිදං ඉස්සත්ථෙ. අම්හාකම්පි හි භො ගොතම, ගණකානං ගණනාජීවානං{3} දිස්සති අනුපුබ්බසික්ඛා අනුපුබ්බකිරියා අනුපුබ්බපටිපදා, යදිදං සඞ්ඛානෙ. මයං හි, භො ගොතම, අන්තෙවාසී ලභිත්වා පඨමං එවං ගණාපෙම: එකං එකකං, ද්වෙ දුකා, තීණි තිකා, චත්තාරි චතුක්කා, පඤ්ච පඤ්චකා, ඡ ඡක්කා, සත්ත සත්තකා, අට්ඨ අට්ඨකා, නව නවකා, දස දසකා’ති; සතම්පි මයං භො ගොතම, ගණාපෙම. භිය්යොපි ගණාපෙම. සක්කා නු ඛො, භො ගොතම, ඉමස්මිම්පි ධම්මවිනයෙ එවමෙව අනුපුබ්බසික්ඛා අනුපුබ්බකිරියා අනුපුබ්බපටිපදා පඤ්ඤාපෙතු’න්ති.
Sinhala BJTභවත් ගෞතමයෙනි, මේ මුවරමා පහය පිළිබඳ කොට යම් පරිදි යම් අනුපූර්‍වශික්‍ෂායෙක් අනුපූර්‍වක්‍රියායෙක් අනුපූර්‍වප්‍රතිපදායෙක් පැනේ ද, භවත් ගෞතමයෙනි, මේ බමුණන් ගේ ද මේ අධ්‍යයනයෙහි ද අනුපූර්‍වශික්‍ෂායෙක් අනුපූර්‍වක්‍රියායෙක් අනුපූර්‍වප්‍රතිපදායෙක් පැනේ. භවත් ගෞතමයෙනි, මේ ධනුර්ධරයන්ගේ ද මේ ආයුධශිල්පයෙහි අනුපූර්‍වශික්‍ෂායෙක් අනුපූර්‍වක්‍රියායෙක් අනුපූර්‍වප්‍රතිපදායෙක් පැනෙයි. භවත් ගෞතමයෙනි, ගණනයෙන් ජීවිකා කරන අප ගණකයනුදු ගේ මේ ගණනායෙහි අනුපූර්‍වශික්‍ෂායෙක් අනුපූර්‍වක්‍රියායෙක් අනුපූර්‍වප්‍රතිපදායෙක් පැනේ. භවත් ගෞතමයෙනි, අපි අතැවැස්සන් ලැබැ පළමුව ලා මෙසේ ගණනා කරම්හ. එක ඒකකය, දෙක ද්විකය, තුන ත්‍රිකය, සතර චතුෂ්කය, පස පඤ්චකය, සය ෂට්කය, සත සප්තකය, අට අෂ්ටකය, නවය නවකය, දසය දශකය’ යි. භවත් ගෞතමයෙනි, අපි සියය ද ගණනා කරවම්හ. ඉන් වැඩියකුදු ගණනා කරවම්හ. භවත් ගෞතමයෙනි, මෙ සස්නෙහි දු එපරිදි ම අනුපූර්‍වශික්‍ෂා අනුපූර්‍ව ක්‍රියා අනුපූර්‍වප්‍රතිපදා පනවා ලන්නට හැක්කාව?
Pali BJTසක්කා බ්රාහ්මණ, ඉමස්මිම්පි ධම්මවිනයෙ අනුපුබ්බසික්ඛා අනුපුබ්බකිරියා අනුපුබ්බපටිපදා පඤ්ඤාපෙතුං. සෙය්යථාපි බ්රාහ්මණ, දක්ඛො අස්සදමකො භද්රං අස්සාජානීයං ලභිත්වා පඨමෙනෙව මුඛාධානෙ කාරණං කාරෙති. අථ උත්තරිං කාරණං කාරෙති. එවමෙව ඛො බ්රාහ්මණ, තථාගතො පුරිසදම්මං{4} ලභිත්වා පඨමං එවං විනෙති: ‘එහි ත්වං භික්ඛු, සීලවා හොහි පාතිමොක්ඛසංවරසංවුතො විහරාහි, ආචාරගොචරසම්පන්නො, අණුමත්තෙසු වජ්ජෙසු භයදස්සාවී, සමාදාය සික්ඛස්සු සික්ඛාපදෙසූ’ති.
Sinhala BJTබමුණ, මෙ සස්නෙහි දු අනුපූර්‍වශික්‍ෂා අනුපූර්‍වක්‍රියා අනුපූර්‍වප්‍රතිපත් පනවන්නට හැක්ක. බමුණ, යම් පරිදි දක්‍ෂ අස්දම්සැරියෙක් භද්‍ර සෛන්‍ධවයකු ලැබ පළමු කොට ම මුවවළලුයෙහි කාරණා කෙරේ ද, නැවත මතුයෙහි කාරණා කෙරේ ද බමුණ එපරිදිම තථාගත දැමිය යුතු පුරුෂයකු ලැබැ පළමු කොට මෙසේ විනයන කෙරෙයි: ‘මහණ, තො එ, සිල්වත් ව, ප්‍රාතිමෝක්‍ෂසංවර සංවෘත ව ආචාරගෝචර සම්පන්න ව අණුමාත්‍ර වරදෙහි දු බිය දක්නාසුලු ව වාස කරව. සමාදන්වැ සිකපදයෙහි හික්මෙව’ යි.
Pali BJTයතො ඛො බ්රාහ්මණ, භික්ඛු සීලවා හොති, පාතිමොක්ඛසංවරසංවුතො විහරති ආචාරගොචරසම්පන්නො අණුමත්තෙසු වජ්ජෙසු භයදස්සාවී සමාදාය සික්ඛති සික්ඛාපදෙසු. තමෙනං තථාගතො උත්තරිං විනෙති: ‘එහි ත්වං භික්ඛු, ඉන්ද්රියෙසු ගුත්තද්වාරො හොහි, චක්ඛුනා රූපං දිස්වා මා නිමිත්තග්ගාහී හොහි මානුබ්යඤ්ජනග්ගාහී යත්වාධිකරණමෙනං චක්ඛුන්ද්රියං අසංවුතං විහරන්තං අභිජ්ඣා දොමනස්සා පාපකා අකුසලා ධම්මා අන්වාස්සවෙය්යුං, තස්ස සංවරාය පටිපජ්ජාහි. රක්ඛාහි චක්ඛුන්ද්රියං, චක්ඛුන්ද්රියෙ සංවරං ආපජ්ජාහි. සොතෙන සද්දං සුත්වා -පෙ- ඝානෙන ගන්ධං ඝායිත්වා -පෙ- ජිව්හාය රසං සායිත්වා -පෙ- කායෙන ඵොට්ඨබ්බං ඵුසිත්වා -පෙ- මනසා ධම්මං විඤ්ඤාය මා නිමිත්තග්ගාහී හොහි මානුබ්යඤ්ජනග්ගාහී. යත්වාධිකරණමෙනං මනින්ද්රියං අසංවුතං විහරන්තං අභිජ්ඣා දොමනස්සා පාපකා අකුසලා ධම්මා අන්වාස්සවෙය්යුං, තස්ස සංවරාය පටිපජ්ජාහි. රක්ඛාහි මනින්ද්රියං. මනින්ද්රියෙ සංවරං ආපජ්ජාහී’ති.
Sinhala BJTබමුණ, යම් කලෙක මහණ සිල්වත් වේ ද, ප්‍රාතිමෝක්‍ෂසංවරසංවෘත ව ආචාරගෝචර සම්පන්න ව අණුමාත්‍ර වරදෙහි බිය දක්නාසුලු ව වාස කෙරේ ද, සමාදන් ව සිකපදයෙහි හික්මේ ද, තථාගත තුලුන් මතුයෙහි විනයන කෙරෙයි: ‘මහණ, තො එ ඉන්‍ද්‍රියෙහි ගුප්තද්වාර වව, ඇසින් රූප දැක නිමිත්තග්‍රාහී නො වව, අනුව්‍යඤ්ජනග්‍රාහී නො වව, යමක් හේතු කොටගෙන චක්‍ෂුරින්‍ද්‍රියයෙහි අසංවෘත ව වාස කරන තෙල මහණහු අභිධ්‍යා දෞර්‍මනස්‍යපාපකඅකුශලධර්‍මයෝ ලුහුබැඳ යෙත් ද, ඒ චක්‍ෂුරින්‍ද්‍රියයාගේ සංවරය පිණිස පිළිපදුව, චක්‍ෂුරින්‍ද්‍රිය රක්ව, චක්‍ෂුරින්‍ද්‍රියයෙහි සංවරයට පැමිණෙව, කනින් ශබ්ද අසා ... ඝ්‍රාණයෙන් ගන්‍ධ ආඝ්‍රාණය කොට ... දිවින් රස ආස්වාද කොට ... කයින් පහස් ස්පර්‍ශ කොට ... සිතින් ධර්‍ම දැන නිමිත්තග්‍රාහී නො වව, අනුව්‍යඤ්ජනග්‍රාහී නො වව, යමක් හේතු කොටගෙන මනින්‍ද්‍රිය අසංවෘත කොට වාස කරන තෙල මහණහු අභිධ්‍යාදෞර්‍මනස්‍ය පාපක අකුශලධර්‍මයෝ ලුහුබැඳ යෙත් ද, ඒ මනින්‍ද්‍රියයාගේ සංවරය පිණිස පිළිපදුව, මනින්‍ද්‍රිය රක්ව, මනින්‍ද්‍රියයෙහි සංවරයට පැමිණෙව’ යි.
Pali BJTයතො ඛො බ්රාහ්මණ, භික්ඛු ඉන්ද්රියෙසු ගුත්තද්වාරො හොති. තමෙනං තථාගතො උත්තරිං විනෙති: ‘එහි ත්වං භික්ඛු, භොජනෙ මත්තඤ්ඤූ හොහි. පටිසඞ්ඛා යොනිසො ආහාරං ආහාරෙය්යාසි. නෙව දවාය න මදාය න මණ්ඩනාය න විභූසනාය, යාවදෙව ඉමස්ස කායස්ස ඨිතියා යාපනාය විහිංසූපරතියා බ්රහ්මචරියානුග්ගහාය, ඉති පුරාණඤ්ච වෙදනං පටිහඞ්ඛාමි, නවඤ්ච වෙදනං න උප්පාදෙස්සාමි, යාත්රා ච මෙ භවිස්සති අනවජ්ජතා ච ඵාසුවිහාරො චා’ති.
Sinhala BJTබමුණ, යම් කලෙක මහණ ඉන්‍ද්‍රියයෙහි ගුප්තද්වාර වේ ද, තථාගත තෙල මහණහු මතු විනයන කෙරෙයි. ‘මහණ, තො එ, භෝජනයෙහි මාත්‍රඥ වව, නුවණින් ප්‍රත්‍යවේක්‍ෂා කොට අහර වළඳ කරව, දවය පිණිස නො වෙයි, මදය පිණිස නො වෙයි, මණ්ඩනය පිණිස නො වෙයි, විභූෂණය පිණිස නො වෙයි, හුදෙක් මේ කරජකායයාගේ ස්ථිතිය පිණිස යාපනය පිණිස විහිංසෝපරති පිණිස බ්‍රහ්මචරියානුග්‍රහය පිණිස ම වෙයි. මෙසේ පුරාණ වේදනා ද නස්මි, නවවේදනා ද නො උපදවමි, මාගේ ජීවිත යාත්‍රා ද වෙයි, අනවද්‍යතා ඵාසුවිහාර ද වෙතී, කියායි.
Pali BJTයතො ඛො බ්රාහ්මණ, භික්ඛු භොජනෙ මත්තඤ්ඤූ හොති. තමෙනං තථාගතො උත්තරිං විනෙති: ‘එහි ත්වං භික්ඛු, ජාගරියං අනුයුත්තො විහරාහි, දිවසං චඞ්කමෙන නිසජ්ජාය ආවරණීයෙහි ධම්මෙහි චිත්තං පරිසොධෙහි. රත්තියා පඨමං යාමං චඞ්කමෙන නිසජ්ජාය ආවරණීයෙහි ධම්මෙහි චිත්තං පරිසොධෙහි, රත්තියා මජ්ඣිමං යාමං දක්ඛිණෙන පස්සෙන සීහසෙය්යං කප්පෙය්යාසි පාදෙ පාදං අච්චාධාය සතො සම්පජානො උට්ඨානසඤ්ඤං මනසිකරිත්වා, රත්තියා පච්ඡිමං යාමං පච්චුට්ඨාය චඞ්කමෙන නිසජ්ජාය ආවරණීයෙහි ධම්මෙහි චිත්තං පරිසොධෙහී’ති.
Sinhala BJTබමුණ, යම් කලෙක මහණ භෝජනයෙහි මාත්‍රඥ වේ ද, තථාගත තෙල මහණහු මතුයෙහි විනයන කෙරෙයි. ‘මහණ, තො ඒ, නිදි වැරීමෙහි අනුයුක්ත ව වාස කරව, දවහල්කල චඞ්ක්‍රමණයෙන් නිෂද්‍යායෙන් සිත් අවුරන දහමින් සිත පිරිසිදු කරව, රෑකල පෙරයම්හි චඞ්ක්‍රමණයෙන් නිෂද්‍යායෙන් සිත් අවුරන දහමින් සිත පිරිසිදු කරව, රෑකල මැදියම පයෙහි පය හයාතබා ස්මෘතිමත් ව සම්ප්‍රඥාන ඇති ව උත්‍ථානසංඥා මෙනෙහි කොටගෙන දකුණුඇළයෙන් සිංහශය්‍යා කරව, රෑකල පැසුළුයමැ හොත් අස්නෙන් නැගී සිට චඞ්ක්‍රමණයෙන් නිෂද්‍යායෙන් සිත් අවුරන දහමින් සිත පිරිසිදු කරව, කියායි.
Pali BJTයතො ඛො බ්රාහ්මණ, භික්ඛු ජාගරියං අනුයුත්තො හොති තමෙනං තථාගතො උත්තරිං විනෙති: ‘එහි ත්වං භික්ඛු, සතිසම්පජඤ්ඤෙන සමන්නාගතො හොහි, ‘අභික්කන්තෙ පටික්කන්තෙ සම්පජානකාරී, ආලොකිතෙ විලොකිතෙ සම්පජානකාරී, සමිඤ්ජිතෙ පසාරිතෙ සම්පජානකාරී, සඞ්ඝාටිපත්තචීවරධාරණෙ සම්පජානකාරී, අසිතෙ පීතෙ ඛායිතෙ සායිතෙ සම්පජානකාරී, උච්චාරපස්සාවකම්මෙ සම්පජානකාරී, ගතෙ ඨිතෙ නිසින්නෙ සුත්තෙ ජාගරිතෙ භාසිතෙ තුණ්හීභාවෙ සම්පජානකාරී’ති.
Sinhala BJTබමුණ, යම් කලෙක මහණ නිදි වැරීමෙහි අනුයුක්ත වේ ද, තථාගත තෙල මහණහු මතුයෙහි විනයන කෙරෙයි: ‘මහණ, තො, එ, ස්මෘතිසම්ප්‍රඥානයෙන් සමන්‍වාගත වව, ඉදිරියට යෑමෙහි පෙරළා ඊමෙහි සම්ප්‍රඥානයෙන් කරනසුලු වව, ඉදිරිපස බැලීමෙහි අනුදික් බැලීමෙහි නුවණින් කරනසුලු වව, (පර්‍වයන්) හැකිළීමෙහි දිගුකිරීමෙහි නුවණින් කරනසුලු වව, සඟළපාසිවුරු ධැරීමෙහි නුවණින් කරනසුලු වව, භෝජනයෙහි පානයෙහි කෑමෙහි රස විඳීමෙහි නුවණින් කරනසුලු වව, සුළුවටන් මහවටන් කිරීමෙහි නුවණින් කරනසුලු වව, ගමනෙහි සිටීමෙහි හිඳීමෙහි ශයනයෙහි නිදි වැරීමෙහි බිණීමෙහි නො බිණීමෙහි නුවණින් කරනසුලු වව’ යි කියායි.
Pali BJTයතො ඛො බ්රාහ්මණ, භික්ඛු සතිසම්පජඤ්ඤෙන සමන්නාගතො හොති. තමෙනං තථාගතො උත්තරිං විනෙති: ‘එහි ත්වං භික්ඛු, විවිත්තං සෙනාසනං භජ{1} අරඤ්ඤං රුක්ඛමූලං පබ්බතං කන්දරං ගිරිගුහං සුසානං වනපත්ථං අබ්භොකාසං පලාලපුඤ්ජ’න්ති. සො විවිත්තං සෙනාසනං භජති අරඤ්ඤං රුක්ඛමූලං පබ්බතං කන්දරං ගිරිගුහං සුසානං වනපත්ථං අබ්භොකාසං පලාලපුඤ්ජං.
Sinhala BJTබමුණ, යම් කලෙක මහණ ස්මෘතිසම්ප්‍රඥානයෙන් සමන්‍වාගත වේ ද, තථාගත තෙල මහණ මතුයෙහි විනයන කෙරෙයි: ‘මහණ, තො එ, ජනශුන්‍ය සෙනසුන් භජනය කරව, අරණ්‍ය ය වෘක්‍ෂමූල ය පර්‍වත ය කන්‍දර ය ගිරිගුහා ය ශ්මසාන ය වානප්‍රස්ථ ය අභ්‍යවකාශ ය පලාලපුඤ්ජය යන මේ යි. හේ අරණ්‍ය වෘක්‍ෂමූල පර්‍වත කන්‍දර ගිරිගුහා ශ්මසාන වානප්‍රස්ථ අභ්‍යවකාශ පලාලපුඤ්ජ යන විවික්ත ශයනාසන භජන කෙරෙයි.
Pali BJTසො පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තො නිසීදති පල්ලඞ්කං ආභුජිත්වා, උජුං කායං පණිධාය, පරිමුඛං සතිං උපට්ඨපෙත්වා, සො අභිජ්ඣං ලොකෙ පහාය විගතාභිජ්ඣෙන චෙතසා විහරති. අභිජ්ඣාය චිත්තං පරිසොධෙති, බ්යාපාදපදොසං පහාය අබ්යාපන්නචිත්තො විහරති සබ්බපාණභූතහිතානුකම්පී, බ්යාපාදපදොසා චිත්තං පරිසොධෙති. ථිනමිද්ධං පහාය විගත ථිනමිද්ධො විහරති ආලොකසඤ්ඤී සතො සම්පජානො, ථිනමිද්ධා චිත්තං පරිසොධෙති. උද්ධච්චකුක්කුච්චං පහාය අනුද්ධතො විහරති අජ්ඣත්තං වූපසන්තචිත්තො, උද්ධච්චකුක්කුච්චා චිත්තං පරිසොධෙති. විචිකිච්ඡං පහාය තිණ්ණවිචිකිච්ඡො විහරති. අකථඞ්කථී කුසලෙසු ධම්මෙසු. විචිකිච්ඡාය චිත්තං පරිසොධෙති.
Sinhala BJTහේ පසුබත පිඬුවායෙන් වැළැකියේ පලක් බැඳ උඩුකය ඍජු කොට තබා කර්‍මස්ථානාභිමුඛ කොට සිහි එළවා තබාගෙන හිඳුනේ ය. හේ පඤ්චස්කන්‍ධලෝකයෙහි අභිධ්‍යා හැරපියා පැහූ අභිධ්‍යා ඇති සිතින් වාස කෙරෙයි. අභිධ්‍යායෙන් සිත පිරිසිදු කෙරෙයි. ව්‍යාපාදප්‍රද්වේෂ හැරපියා අව්‍යාපන්නචිත්ත ව සර්‍වසත්‍ව හිතානුකම්පී ව වාස කෙරෙයි. ව්‍යාපාදප්‍රද්වේෂයෙන් සිත පිරිසිදු කෙරෙයි. ස්ත්‍යානමිද්ධය පියා පැහූ ස්ත්‍යානමිද්ධ ඇති ව ආලෝකසංඥා ඇති ව ස්මෘතිමත් ව නුවණින් දන්මින් වාස කෙරෙයි. ස්ත්‍යානමිද්ධයෙන් සිත පිරිසිදු කෙරෙයි. උද්ධච්චය හා කුක්කුච්චය හැරපියා අනුද්ධත ව අධ්‍යාත්මයෙහි උපශාන්ත සිත් ඇති ව වාස කෙරෙයි. උද්ධච්චකුක්කුච්චයෙන් සිත් පිරිසිදු කෙරෙයි. විචිකිච්ඡා පියා තරණය කළ විචිකිත්සා ඇති ව කුසල්දහම්හි කථංකථා රහිත ව වාස කෙරෙයි. විචිකිත්සායෙන් සිත පිරිසිදු කෙරෙයි.
Pali BJTසො ඉමෙ පඤ්ච නීවරණෙ පහාය චෙතසො උපක්කිලෙසෙ පඤ්ඤාය දුබ්බලීකරණෙ විවිච්චෙව කාමෙහි විවිච්ච අකුසලෙහි ධම්මෙහි සවිතක්කං සවිචාරං විවෙකජං පීතිසුඛං පඨමං ඣානං{1} උපසම්පජ්ජ විහරති. විතක්කවිචාරානං වූපසමා අජ්ඣත්තං සම්පසාදනං චෙතසො එකොදිභාවං අවිතක්කං අවිචාරං සමාධිජං පීතිසුඛං දුතියං ඣානං{2} උපසම්පජ්ජ විහරති. පීතියා ච විරාගා උපෙක්ඛකො ච විහරති සතො ච සම්පජානො සුඛංච කායෙන පටිසංවෙදෙති. යං තං අරියා ආචික්ඛන්ති, උපෙක්ඛකො සතිමා සුඛවිහාරීති. තං තතියං ඣානං{3} උපසම්පජ්ජ විහරති. සුඛස්ස ච පහානා දුක්ඛස්ස ච පහානා පුබ්බෙව සොමනස්සදොමනස්සානං අත්ථඞ්ගමා අදුක්ඛමසුඛං උපෙක්ඛාසතිපාරිසුද්ධිං චතුත්ථං ඣානං{4} උපසම්පජ්ජ විහරති.
Sinhala BJTඒ මහණ චිත්තෝපක්ලේශ වන ප්‍රඥාව දුර්‍වල කරන මේ පඤ්චනීවරණයන් හැරපියා කාමයෙන් වෙන්ව මැ අකුශල ධර්‍මයෙන් වෙන්ව සවිතර්‍ක සවිචාර වූ විවේකයෙන් හටගත් ප්‍රීතිසුඛ ඇති ප්‍රථමධ්‍යානය උපයාගෙන වාස කෙරෙයි. විතර්‍කවිචාරයන් සන්හිඳීමෙන් සිය සතන්හි පැහැදීම් කරන සිත පිළිබඳ ඒකෝදිහාව ඇති අවිතර්‍ක අවිචාර වූ සමාධියෙන් හටගත් ප්‍රීතිසුඛ ඇති ද්විතීයධ්‍යාන උපයාගෙන වාස කෙරෙයි. ප්‍රිතිවිරාගයෙනුදු උපේක්‍ෂක ව ස්මෘතිමත් ව නුවණින් දන්මින් වාස කෙරෙයි, නාමකයින් සුඛය ද විඳියි. ආර්‍ය්‍යයෝ ‘උපේක්‍ෂක යැ ස්මෘතිමත් යැ සුඛවිහාරී යයි යම් තෘතීයධ්‍යානයක් ගෙන කියත් ද, ඒ තුන්වන දැහැන උපයා වාස කෙරෙයි. සුඛයාගේ ප්‍රහාණයෙනුදු දුඃඛයාගේ ප්‍රහාණයෙනුදු කැලම සෞමනස්‍ය දෞර්‍මනස්‍යයන් අස්තයට යෑමෙන් අදුඃඛ අසුඛ වූ උපේක්‍ෂායෙන් ජනිත ස්මෘතිපරිශුද්ධභාව ඇති චතුර්‍ත්‍ථධ්‍යාන උපයා වාස කෙරෙයි.
Pali BJTයෙ ඛො තෙ බ්රාහ්මණ, භික්ඛූ සෙඛා{5} අප්පත්තමානසා{6} අනුත්තරං යොගක්ඛෙමං පත්ථයමානා විහරන්ති. තෙසු මෙ අයං එවරූපී අනුසාසනී හොති: ‘යෙ පන තෙ භික්ඛූ අරහන්තො ඛීණාසවා වුසිතවන්තො කතකරණීයා ඔහිතභාරා අනුප්පත්තසදත්ථා පරික්ඛීණභවසඤ්ඤොජනා සම්මදඤ්ඤා විමුත්තා. තෙසං ඉමෙ ධම්මා දිට්ඨධම්මසුඛවිහාරාය චෙව සංවත්තන්ති සතිසම්පජඤ්ඤාය චා’ති.
Sinhala BJTබමුණ, යම් මහණ කෙනෙක් ශෛක්‍ෂ ව අර්‍හත්‍වයට නො පැමිණි සිත් ඇති ව අනුත්තර යෝගක්‍ෂේමය පතමින් වාස කෙරෙත් ද, උන් කෙරෙහි මාගේ මේ මෙබඳු අනුශාසනා වෙයි: ‘අර්‍හත් වූ ක්‍ෂීණාස්‍රව වූ වැස නිමකළ බඹසර ඇති කළ කරණී ඇති බහාතැබූ කෙලෙස්බර ඇති ලැබූ ස්වාර්‍ත්‍ථ ඇති පරික්‍ෂීණ භවසංයෝජන ඇති මොනොවට දැන කෙලෙසුන් කෙරෙන් මිදුණු යම් මහණ කෙනෙක් ඇද්ද, ඔවුනට මේ දහම්හු ඉහාත්ම සුඛවිහාර පිණිසත් ස්මෘති සම්ප්‍රජන්‍යය පිණිසත් වැටෙතී’ වදාළ සේක.
Pali BJTඑවං වුත්තෙ ගණකමොග්ගල්ලානො බ්රාහ්මණො භගවන්තං එතදවොච: ‘කින්නු ඛො භොතො ගොතමස්ස සාවකා භොතා ගොතමෙන එවං ඔවදීයමානා එවං අනුසාසියමානා සබ්බෙව අච්චන්තනිට්ඨං නිබ්බානං ආරාධෙන්ති, උදාහු එකච්චෙ නාරාධෙන්තී’ති?
Sinhala BJTමෙසේ වදාළ කල ගණකමුගලන් බමුණු භාග්‍යවතුන් වහන්සේට තෙල සැලකළේ: ‘කිමෙක! භවත් ගෞතමයන්ගේ සව්වෝ භවත් ගෞතමයන් විසින් මෙසේ අවවාද කරනු ලබන්නාහු හැම දෙනම අත්‍යන්ත නිෂ්ඨා සංඛ්‍යාත නිර්‍වාණය ආරාධනා කෙරෙත් ද? නොහොත් නො එසේ වුව, කෙනෙක් ආරාධනා නො කෙරෙත් දැ’ යි.
Pali BJTඅප්පෙකච්චෙ ඛො බ්රාහ්මණ, මම සාවකා මයා එවං ඔවදීයමානා එවං අනුසාසියමානා අච්චන්තනිට්ඨං නිබ්බානං ආරාධෙන්ති, එකච්චෙ නාරාධෙන්තී’ති.
Sinhala BJTබමුණ, මා විසින් මෙසේ අවවාද කරනු ලබන මෙසේ අනුශාසනා කරනු ලබන මාගේ ඇතැම් සව්වෝ අත්‍යන්තනිෂ්ඨා සංඛ්‍යාත නිර්‍වාණය ආරාධනා කෙරෙත්, කෙනෙක් ආරාධනා නො කෙරෙත් යයි වදාළෝ.
Pali BJTකො නු ඛො භො ගොතම, හෙතු, කො පච්චයො, යං තිට්ඨතෙව නිබ්බානං, තිට්ඨති නිබ්බානගාමිමග්ගො, තිට්ඨති භවං ගොතමො සමාදපෙතා, අථ ච පන භොතො ගොතමස්ස සාවකා භොතා ගොතමෙන එවං ඔවදියමානා එවං අනුසාසියමානා අප්පෙකච්චෙ අච්චන්තනිට්ඨං නිබ්බානං ආරාධෙන්ති, එකච්චෙ නාරාධෙන්තී’ති.
Sinhala BJTභවත් ගෞතමයෙනි, යම්හෙයෙකින් නිවන් ඇත්තේ ම වේ ද, නිවන්මග ඇද්ද, සමාදන් කරවන භවත් ගෞතමයෝ ඇද්ද, වැලිත් භවත් ගෞතමයන් විසින් මෙසේ අවවාද කරනු ලබන මෙසේ අනුශාසනා කරනු ලබන භවත් ගෞතමයන්ගේ ඇතැම් සව්වෝ අත්‍යන්තනිෂ්ඨා සංඛ්‍යාත නිර්‍වාණය ආරාධනා කෙරෙත් නම්, කෙනෙක් ආරාධනා නො කෙරෙත් නම් එයට හේතු කවරේ යැ? ප්‍රත්‍යය කවරේ යැ?
Pali BJTතෙන හි බ්රාහ්මණ, තඤ්ඤෙවෙත්ථ පටිපුච්ඡිස්සාමි. යථා තෙ ඛමෙය්ය, තථා නං බ්යාකරෙය්යාසි. ‘තං කිං මඤ්ඤසි බ්රාහ්මණ, කුසලො ත්වං රාජගහගාමිස්ස මග්ගස්සා’ති?
Sinhala BJTබමුණ, එකරුණෙන් මෙහි ලා තා මැ පුළුවුස්මි: යම් පරිදි තට රුස්නේ නම් එපරිදි එය පවසාලව. බමුණ, ඒ කෙසේ හඟනාව, තෝ රජගහනුවර කරා යන මඟ කියන්නට දක්‍ෂයෙහි? යී වදාළෝ.
Pali BJTඑවං භො, කුසලො අහං රාජගහගාමිස්ස මග්ගස්සා’ති.
Sinhala BJTභවත්නි, එසේ යැ, මම රජගහ කරා යන මඟට දක්‍ෂයෙමි’ කී.
Pali BJTතං කිං මඤ්ඤසි බ්රාහ්මණ, ඉධ පුරිසො ආගච්ඡෙය්ය රාජගහං ගන්තුකාමො. සො තං උපසඞ්කමිත්වා එවං වදෙය්ය: ‘ඉච්ඡාමහං භන්තෙ, රාජගහං ගන්තුං, තස්ස මෙ රාජගහස්ස මග්ගං උපදිසාති. තමෙනං ත්වං එවං වදෙය්යාසි: ‘එහම්භො පුරිස, අයං මග්ගො රාජගහං ගච්ඡති, තෙන මුහුත්තං ගච්ඡ, තෙන මුහුත්තං ගන්ත්වා දක්ඛිස්සසි අමුකං නාම ගාමං, තෙන මුහුත්තං ගච්ඡ, තෙන මුහුත්තං ගන්ත්වා දක්ඛිස්සසි අමුකං නාම නිගමං, තෙන මුහුත්තං ගච්ඡ, තෙන මුහුත්තං ගන්ත්වා දක්ඛිස්සසි රාජගහස්ස ආරාමරාමණෙය්යකං වනරාමණෙය්යකං භූමිරාමණෙය්යකං පොක්ඛරණීරාමණෙය්යක’න්ති. සො තයා එවං ඔවදියමානො එවං අනුසාසියමානො උම්මග්ගං ගහෙත්වා පච්ඡාමුඛො ගච්ඡෙය්ය.
Sinhala BJTබමුණ, එ කෙසේ හඟිහි, පුරුෂයෙක් රජගහ යනු කැමැති ව එන්නේ ය, හේ තා කරා එළැඹැ මෙසේ බෙණෙයි: ‘වහන්ස, මම රජගහ වදනට කැමැතියෙමි, මට රජගහනුවරට මං දක්වයි, තෝ තෙල පුරුෂ හට මෙසේ කියන්නෙහි, එම්බා පුරුෂය, එ, මෙ මග රජගහ නුවරට යේ, එයින් මොහොතක් යා, එයින් මොහොතක් ගොස් මෙ නම් ගම දක්නෙහි, එයින් මොහොතක් යා, එයින් මොහොතක් ගොස් මෙනම් නියම්ගම දක්නෙහි, එයින් මොහොතක් යා, එයින් මොහොතක් ගොස් රජගහනුවර අරම්රමණිය වනරමණිය බිම්රමණිය පොකුණුරමණිය දක්නෙහි’ යි. ඒ පුරුෂ තා විසින් මෙසේ අවවාද කරනු ලබනුයේ මෙසේ අනුශාසනා කරනු ලබනුයේ උන්මාර්‍ගයක් ගෙන් පශ්චාත්-මුඛ ව යන්නේ ය.
Pali BJTඅථ දුතියො පුරිසො ආගච්ඡෙය්ය රාජගහං ගන්තුකාමො. සො තං උපසඞ්කමිත්වා එවං වදෙය්ය: ‘ඉච්ඡාමහං භන්තෙ, රාජගහං ගන්තුං. තස්ස මෙ රාජගහස්ස මග්ගං උපදිසා’ති. තමෙනං ත්වං එවං වදෙය්යාසි: එහම්භො පුරිස, අයං මග්ගො රාජගහං ගච්ඡති. තෙන මුහුත්තං ගච්ඡ, තෙන මුහුත්තං ගන්ත්වා දක්ඛිස්සසි අමුකං නාම ගාමං, තෙන මුහුත්තං ගච්ඡ, තෙන මුහුත්තං ගන්ත්වා දක්ඛිස්සසි අමුකං නාම නිගමං, තෙන මුහුත්තං ගච්ඡ, තෙන මුහුත්තං ගන්ත්වා දක්ඛිස්සසි රාජගහස්ස ආරාමරාමණෙය්යකං වනරාමණෙය්යකං භූමිරාමණෙය්යකං පොක්ඛරණීරාමණෙය්යක’න්ති. සො තයා එවං ඔවදියමානො එවං අනුසාසියමානො සොත්ථිනා රාජගහං ගච්ඡෙය්ය.
Sinhala BJTනැවත රජගහ යනු කැමැති දෙවන පුරුෂයෙක් එන්නේ ය, හේ තා වෙත එළැඹැ මෙසේ බෙණෙයි: ‘වහන්ස, මම රජගහ යන්නට කැමැතියෙමි, මට රජගහනුවරට මං කියව’යි, තෝ තෙල පුරුෂ හට මෙසේ කියහි, ‘එම්බා පුරුෂය, එ, මේ මග රජගහ නුවරට යෙයි, එයින් මොහොතක් යා, එයින් මොහොතක් ගොස් මෙනම් ගම දක්නෙහි, එයින් මොහොතක් යා, එයින් මොහොතක් ගොස් මෙනම් නියම්ගම දක්නෙහි, එයින් මොහොතක් යා, එයින් මොහොතක් ගොස් රජගහනුවර අරම්රමණිය වනරමණිය බිම්රමණිය පොකුණුරමණිය දක්නෙහි’ යි. හේ තා විසින් මෙසේ අවවාද කරනු ලබනුයේ මෙසේ අනුශාසනා කරනු ලබනුයේ සුවසේ රජගහනුවරට යන්නේ ය.
Pali BJTකො නු ඛො බ්රාහ්මණ, හෙතු, කො පච්චයො, යං තිට්ඨතෙව රාජගහං, තිට්ඨති රාජගහගාමී මග්ගො, තිට්ඨසි ත්වං සමාදපෙතා. අථ ච පන තයා එවං ඔවදියමානො එවං අනුසාසියමානො එකො පුරිසො උම්මග්ගං ගහෙත්වා පච්ඡාමුඛො ගච්ඡෙය්ය. එකො සොත්ථිනා රාජගහං ගච්ඡෙය්යා’ති?
Sinhala BJTබමුණ, රජගහනුවර ඇත් මැ යැ, රජගහනුවර යන මඟ ඇත් මැ යැ, සමාදන් කරවන තොයිත් ඇත් මැ යැ, වැලි තා විසින් මෙසේ අවවාද කරනු ලබන මෙසේ අනුශාසනා කරනු ලබන එක් පුරුෂයෙක් උන්මාර්‍ග ගෙන පශ්චාත්මුඛ ව යන්නේ යැ. එකෙක් සුවසේ රජගහනුවර යන්නේයැ, ඊට හේතු කිම? ප්‍රත්‍ය කිමැ’ යි.
Pali BJTඑත්ථ ක්යාහං භො ගොතම කරොමි. මග්ගක්ඛායීහං, භො ගොතමා’ති.
Sinhala BJTභවත් ගෞතමයෙනි, මෙහි ලා මම කුම් කෙරෙම් ද? භවත් ගෞතමයෙනි, මම මඟ කියන සුල්ලෙමි.
Pali BJTඑවමෙව ඛො බ්රාහ්මණ, තිට්ඨතෙව නිබ්බානං, තිට්ඨති නිබ්බානගාමිමග්ගො, තිට්ඨාමහං සමාදපෙතා, අථ ච පන මම සාවකා මයා එවං ඔවදියමානා එවං අනුසාසියමානා අප්පෙකච්චෙ අච්චන්තනිට්ඨං නිබ්බානං ආරාධෙන්ති, එකච්චෙ නාරාධෙන්ති. එත්ථ ක්යාහං බ්රාහ්මණ, කරොමි? මග්ගක්ඛායීහං බ්රාහ්මණ, තථාගතො’ති.
Sinhala BJTඑසෙයින් මැ බමුණ, නිවන් ඇත් මැ යැ, නිවන් යන් මඟ ඇත් මැ යැ, සමාදන් කරවන මම් සිටිම් මැ යැ. එතෙකුදුවත් මාගේ සව්වෝ මා විසින් මෙසේ අවවාද කරනු ලබන්නාහු මෙසේ අනුශාසනා කරනු ලබන්නාහු ඇතැම් කෙනෙක් අත්‍යන්තනිෂ්ඨා වූ නිර්‍වාණය සම්පාදනය කෙරෙති, ඇතැම් කෙනෙක් සම්පාදනය නො කෙරෙත්. බමුණ, මෙහි ලා මම් කුම් කෙරෙම් ද? බමුණ, මම් මඟ පවසන තථාගතයෙමී.
Pali BJTඑවං වුත්තෙ ගණකමොග්ගල්ලානො බ්රාහ්මණො භගවන්තං එතදවොච: ‘යෙමෙ භො ගොතම, පුග්ගලා අස්සද්ධා ජීවිකත්ථා{1} අගාරස්මා අනගාරියං පබ්බජිතා සඨා මායාවිනො කෙටුභිනො{2} උද්ධතා උන්නළා චපලා මුඛරා විකිණ්ණවාචා ඉන්ද්රියෙසු අගුත්තද්වාරා භොජනෙ අමත්තඤ්ඤුනො ජාගරියං අනනුයුත්තා සාමඤ්ඤෙ අනපෙක්ඛවන්තො{3} සික්ඛාය න තිබ්බගාරවා බාහුලිකා{4} සාථලිකා ඔක්කමනෙ පුබ්බඞ්ගමා පවිවෙකෙ නික්ඛිත්තධුරා කුසීතා හීනවිරියා මුට්ඨස්සතිනො අසම්පජානා අසමාහිතා විබ්භන්තචිත්තා දුප්පඤ්ඤා එළමූගා, න තෙහි භවං ගොතමො සද්ධිං සංවසති.
Sinhala BJTමෙසේ වදාළ කල්හි ගණකමොග්ගල්ලාන් බ්‍රාහ්මණ භාග්‍යවතුන් වහන්සේට තෙල කී: “භවත්ගෞතමයෙනි, යම් පුද්ගල කෙනෙක් ශ්‍රද්ධා නැත්තාහු ජීවිකාව ප්‍රයෝජන කොට ඇති ව ගිහිගෙන් නික්ම සස්නට පැමිණියාහු ශඪ වූවාහු මායා ඇත්තාහු වඤ්චක වූවාහු උඬගු වූවාහු නැඟුණු මානනළ ඇත්තාහු චපල වූවාහු දොඩමලු වූවාහු විසුරුණු වචන ඇත්තාහු ඉඳුරන්හි නො පියූ දොර ඇත්තාහු භෝජනයෙහි අමාත්‍ර වූවාහු ජාගර්‍ය්‍යායෙහි නොයෙදුණාහු ශ්‍රාමණ්‍යයෙහි අපේක්‍ෂා නැත්තාහු ශික්‍ෂායෙහි ත්‍රීවගෞරව නැත්තාහු ප්‍රත්‍යය බහුල කොට ඇත්තාහු සස්න ලිහිල් කොට ගත්තාහු පඤ්චනීවරණයෙහි පෙරදැරි වූවාහු ප්‍රවිවේකයෙහි හළ වීර්‍ය්‍ය ඇත්තාහු කුසීත වූවාහු හීන වීර්‍ය්‍ය ඇත්තාහු මූඪස්මෘති ඇත්තාහු සම්‍යග්ඥාන නැත්තාහු අසමාහිත වූවාහු විභ්‍රාන්ත සිත් ඇත්තාහු දුෂ්ප්‍රාඥ වූවාහු කෙළතොලු වූවාහු වෙත් ද, භවත් ගෞතමයෝ ඔවුන් සමග සංවාස නො කෙරෙති.
Pali BJTයෙ පනමෙ කුලපුත්තා සද්ධා අගාරස්මා අනගාරියං පබ්බජිතා අසඨා අමායාවිනො අකෙටුභිනො අනුද්ධතා අනුන්නළා අචපලා අමුඛරා අවිකිණ්ණවාචා ඉන්ද්රියෙසු ගුත්තද්වාරා භොජනෙ මත්තඤ්ඤුනො ජාගරියං අනුයුත්තා සාමඤ්ඤෙ අපෙක්ඛවන්තො සික්ඛාය තිබ්බගාරවා න බාහුලිකා න සාථලිකා ඔක්කමනෙ නික්ඛිත්තධුරා පවිවෙකෙ පුබ්බඞ්ගමා ආරද්ධවිරියා පහිතත්තා උපට්ඨිතසතිනො සම්පජානා සමාහිතා එකග්ගචිත්තා පඤ්ඤවන්තො{5} අනෙළමූගා, තෙහි භවං ගොතමො සද්ධිං සංවසති.
Sinhala BJTයළි යම් කුලපුත්‍ර කෙනෙක් සැදැහැති ව ගිහිගෙන් නික්ම සස්නට පැමිණියාහු ශඪ නොවූවාහු මායාවී නො වූවාහු වඤ්චක නො වූවාහු අනුද්ධත වූවාහු උද්ගත මානනළ නැත්තාහු චපල නො වූවාහු මුඛර නො වූවාහු අවිකීර්‍ණ වචන ඇත්තාහු ඉඳුරන් හි පියූ දොර ඇත්තාහු භෝජනයෙහි මාත්‍රඥ වූවාහු ජාගර්‍ය්‍යායෙහි යෙදුණාහු ශ්‍රාමණ්‍යයෙහි අපේක්‍ෂා වත් වූවාහු ශික්‍ෂායෙහි ත්‍රීවගෞරව ඇත්තාහු බාහුලික නොවූවාහු සාථලික නො වූවාහු පඤ්චනීවරණයෙහි නික්‍ෂිප්තධුර ඇත්තාහු ප්‍රවිවේකයෙහි පූර්‍වඞ‍්ගම වූවාහු ආරබ්ධ වීර්‍ය්‍ය ඇත්තාහු නිවනට මෙහෙයූ සිත් ඇත්තාහු එළඹසිටි සිහි ඇත්තාහු සම්‍යග්ඥාන ඇත්තාහු සමාහිත වූවාහු එකඟ සිත් ඇත්තාහු ප්‍රඥාවත් වූවාහු එළමුග නො වූවාහු වෙත් ද, භවත් ගෞතමයෝ ඔවුන් සමග සංවාස කෙරෙත්.
Pali BJTසෙය්යථාපි භො ගොතම, යෙ කෙචි මූලගන්ධා, කාලානුසාරිකං{1} තෙසං අග්ගමක්ඛායති. යෙ කෙචි සාරගන්ධා, ලොහිතචන්දනං තෙසං අග්ගමක්ඛායති. යෙ කෙචි පුප්ඵගන්ධා, වස්සිකං තෙසං අග්ගමක්ඛායති. එවමෙව ඛො භොතො ගොතමස්ස ඔවාදො පරමජ්ජධම්මෙසු.
Sinhala BJTයම්සේ භවත් ගෞතමයෙනි, යම් කිසි මූලගන්‍ධ කෙනෙක් ඇද්ද, ඔවුනතුරෙන් කළුඅගිල් අග්‍ර යයි කියනු ලැබෙයි. යම් කිසි සාරගන්‍ධ කෙනෙක් ඇද්ද, ඔවුනතුරෙන් ලෝහිත චන්‍දන අග්‍ර යයි කියනු ලැබෙයි, යම් කිසි පුෂ්පගන්‍ධ කෙනෙක් ඇද්ද ඔවුනතුරෙන් දෑසමන් අග්‍රයයි කියනු ලැබෙයි. එසෙයින් ම ෂට්ශාස්තෘධර්‍මයන් කෙරෙහි භවත් ගෞතමයන් ගේ (අව) වාදය උත්තම වෙයි.
Pali BJT‘අභික්කන්තං භො ගොතම, අභික්කන්තං භො ගොතම, සෙය්යථාපි භො ගොතම, නික්කුජ්ජිතං වා උක්කුජ්ජෙය්ය, පටිච්ඡන්නං වා විවරෙය්ය, මූළ්හස්ස වා මග්ගං ආචික්ඛෙය්ය, අන්ධකාරෙ වා තෙලපජ්ජොතං ධාරෙය්ය චක්ඛුමන්තො රූපානි දක්ඛන්තී’ති. එවමෙවං භොතා ගොතමෙන අනෙකපරියායෙන ධම්මො පකාසිතො. එසාහං භවන්තං ගොතමං සරණං ගච්ඡාමි ධම්මඤ්ච භික්ඛුසඞ්ඝඤ්ච. උපාසකං මං භවං ගොතමො ධාරෙතු අජ්ජතග්ගෙ පාණුපෙතං සරණං ගතන්ති.
Sinhala BJTභවත් ගෞතමයෙනි, ඉතා කාන්තය, භවත් ගෞතමයෙනි, ඉතා කාන්තය, යම්සේ භවත් ගෞතමයෙනි, යටිහුරු කරන ලද්දක් උඩුහුරු කරන්නේ හෝ වේ ද, ප්‍රතිච්ඡන්න වූවක් විවර කරන්නේ හෝ වේ ද, මුළාවූවක්හට මඟ කියන්නේ හෝ වේ ද, ‘ඇස් ඇත්තෝ රූප දකිත් ව’ යි අඳුරෙහි තෙල්පහනක් දල්වන්නේ හෝ වේද, එසෙයින් ම භවත් ගෞතමයන් වහන්සේ විසින් අනේකප්‍රකාරයෙන් දහම් පවසන ලද, තෙල මම් භවත් ගෞතමයන් වහන්සේ ද ධර්‍මය ද භික්‍ෂුසංඝයා ද සරණ කොට යෙමි. භවත් ගෞතමයන් වහන්සේ මා අද ආදි කොට දිවිහිම් ව සරණ ගිය උපාසකයකු කොට ධරන සේක්ව’ යි.
Pali BJTගණකමොග්ගල්ලානසුත්තං සත්තමං
Sinhala BJTසත්වැනි ගණකමොග්ගල්ලාන සූත්‍ර යි.
Pali BJT3. 1. 8.
Sinhala BJT3. 1. 8.
Pali BJTගොපකමොග්ගල්ලාන සුත්තං
Sinhala BJTගෝපකමොග්ගල්ලාන සූත්‍රය
Pali BJTඑවං මෙ සුතං: එකං සමයං ආයස්මා ආනන්දො රාජගහෙ විහරති වෙළුවනෙ කලන්දකනිවාපෙ අචිරපරිනිබ්බුතෙ භගවති. තෙන ඛො පන සමයෙන රාජා මාගධො අජාතසත්තු වෙදෙහිපුත්තො රාජගහං පටිසඞ්ඛාරාපෙති රඤ්ඤො පජ්ජොතස්ස ආසඞ්කමානො. අථ ඛො ආයස්මා ආනන්දො පුබ්බණ්හසමයං නිවාසෙත්වා පත්තචීවරං ආදාය රාජගහං පිණ්ඩාය පාවිසි.
Sinhala BJTමා විසින් මෙසේ අසන ලද: එක් සමයෙක්හි ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ පිරිනිවී නොබෝ කාලයෙහි රජගහනුවර කලන්‍දකනිවාප නම් වේළුවනයෙහි වාස කෙරෙති. තවද එසමයෙහි වේදේහිපුත්‍ර වූ අජාතසත්තු නම් මගධදේශයෙහි රජ ප්‍රද්‍යොත රජුට සැක කෙරෙමින් රජගහනුවර ප්‍රතිසංස්කරණ කරවයි. එකල්හි ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ පෙරවරු කාලයෙහි හැඳපෙරෙවැ පාසිවුරු ගෙන රජගහ නුවරට පිඬු පිණිස පිවිසියහ.
Pali BJTඅථ ඛො ආයස්මතො ආනන්දස්ස එතදහොසි : ‘අතිප්පගො ඛො තාව රාජගහං{1} පිණ්ඩාය චරිතුං, යන්නූනාහං යෙන ගොපකමොග්ගල්ලානස්ස බ්රාහ්මණස්ස කම්මන්තො, යෙන ගොපකමොග්ගල්ලානො බ්රාහ්මණො තෙනුපසඞ්කමෙය්ය’න්ති. අථ ඛො ආයස්මා ආනන්දො යෙන ගොපකමොග්ගල්ලානස්ස බ්රාහ්මණස්ස කම්මන්තො, යෙන ගොපකමොග්ගල්ලානො බ්රාහ්මණො, තෙනුපසඞ්කමි. අද්දසා ඛො ගොපකමොග්ගල්ලානො බ්රාහ්මණො ආයස්මන්තං ආනන්දං දූරතොව ආගච්ඡන්තං. දිස්වාන ආයස්මන්තං ආනන්දං එතදවොච:
Sinhala BJTඉක්බිති ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවන්ට තෙල සිත් විය: ‘රජගහනුවර පිඬු සිඟා යන්නට තව ඉතා උදැසන වෙයි. මම් ගෝපකමොග්ගල්ලාන බ්‍රාහ්මණයා ගේ කර්‍මාන්ත ස්ථානය යම් තැනෙක්හි ද ගෝපකමොග්ගල්ලාන බ්‍රාහ්මණ යම් තැනෙක්හි ද එහි එළැඹෙම් නම් මැනැවැ’ යි. ඉක්බිති ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ ගෝපකමොග්ගල්ලාන බ්‍රාහ්මණයා ගේ කර්‍මාන්තස්ථානයෙහි ගෝපකමොග්ගල්ලාන බමුණු වෙත එළැඹියහ. ගෝපකමොග්ගල්ලාන බ්‍රාහ්මණ දුරින් මැ වඩනා ආයුෂ්මත් ආනන්‍ද තෙරුන් දුටුයේ ය, දැක ආයුෂ්මත් ආනන්‍ද තෙරුන්ට තෙල කී:
Pali BJT‘එතු ඛො භවං ආනන්දො, ස්වාගතං භොතො ආනන්දස්ස, චිරස්සං ඛො භවං ආනන්දො ඉමං පරියායමකාසි යදිදං ඉධාගමනාය. නිසීදතු භවං ආනන්දො, ඉදමාසනං පඤ්ඤත්ත’න්ති. නිසීදි ඛො ආයස්මා ආනන්දො පඤ්ඤත්තෙ ආසනෙ. ගොපකමොග්ගල්ලානොපි ඛො බ්රාහ්මණො අඤ්ඤතරං නීචං ආසනං ගහෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ගොපකමොග්ගල්ලානො බ්රාහ්මණො ආයස්මන්තං ආනන්දං එතදවොච:
Sinhala BJT‘භවත් ආනන්‍දයෝ පැමිණෙත්වා, භවත් ආනන්‍දයනට ස්වාගත යැ, භවත් ආනන්‍දයෝ මෙහි පැමිණීමෙන් බොහෝ කලෙකින් මේ පරියාය කළහ. භවත් ආනන්‍දයෝ වැඩ හිඳිත්වා, මේ අසුන් පනවන ලදැයි’ . ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ පැනැවූ අස්නෙහි වැඩහුන්හ. ගෝපකමොග්ගල්ලාන බ්‍රාහ්මණ ද එක්තරා මිටි අස්නක් ගෙන එක් පසෙක හිඳගත. එකත්පස් වැ හුන් ගෝපකමොග්ගල්ලාන බ්‍රාහ්මණ ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවන්ට තෙල කී:
Pali BJTඅත්ථි නු ඛො භො ආනන්ද{2}, එකභික්ඛූපි තෙහි ධම්මෙහි සබ්බෙන සබ්බං සබ්බථා සබ්බං සමන්නාගතො, යෙහි ධම්මෙහි සමන්නාගතො සො භවං ගොතමො අහොසි අරහං සම්මාසම්බුද්ධො’ති.
Sinhala BJT‘භවත් ආනන්‍දයෙනි, අර්‍හත් සම්‍යක්සම්බුද්ධ වූ ඒ භවත් ගෞතමයන් වහන්සේ යම් ධර්‍මයෙකින් සමන්‍විත වූ සේක් ද, ඒ සර්‍වඥතාඥානධර්‍මයන්ගෙන් සියල්ලෙන් සියල්ල සර්‍වථායෙන් සියල්ල සමන්‍විත වූ එක භික්‍ෂූ කෙනෙක් නමුදු ඇත් දැ’ යි.
Pali BJTනත්ථි ඛො බ්රාහ්මණ, එකභික්ඛූපි තෙහි ධම්මෙහි සබ්බෙන සබ්බං සබ්බථා සබ්බං සමන්නාගතො, යෙහි ධම්මෙහි සමන්නාගතො සො භගවා අහොසි අරහං සම්මාසම්බුද්ධො. සො හි බ්රාහ්මණ, භගවා අනුප්පන්නස්ස මග්ගස්ස උප්පාදෙතා, අසඤ්ජාතස්ස මග්ගස්ස සඤ්ජනෙතා, අනක්ඛාතස්ස මග්ගස්ස අක්ඛාතා, මග්ගඤ්ඤූ, මග්ගවිදූ, මග්ගකොවිදො. මග්ගානුගා ච පන එතරහි සාවකා විහරන්ති පච්ඡා සමන්නාගතා’ති.
Sinhala BJT‘බමුණ අර්‍හත් සම්‍යක්සම්බුද්ධ වූ ඒ භාග්‍යවතුන් වහන්සේ යම් ධර්‍මයෙකින් සමන්‍වාගත වූ සේක් ද, ඒ සර්‍වඥතාඥානධර්‍මයන්ගෙන් සියල්ලෙන් සියල්ල සර්‍වථායෙන් සියල්ල සමන්‍විත වූ එක භික්‍ෂූ කෙනෙකුදු නැත. එසේ ම ය, ඒ භාග්‍යවත්හු නූපන් මාර්‍ගය (ස්වසන්තානයෙහි) උපදවනුවහ., (වෛනෙයසන්තානයෙහි) අසඤ්ජාතමාර්‍ගය දනවනුවහ, ප්‍රකාශ නො කළ මාර්‍ගය (විවරණවශයෙන්) පවසනුවහ, (ප්‍රත්‍යවේක්‍ෂා වශයෙන්) මාර්‍ගය දතුවහ, මාර්‍ගය දක්නාසුල්ලහ, මාර්‍ගයෙහි විචක්‍ෂණයහ, ඒ බුදුන් විසින් හෙළිකළ මාර්‍ගය හේතු කොටගෙන් මෙකල්හි මාර්‍ගය අනුව යන ශ්‍රාවකයෝ (ශීලාදිගුණයෙන්) පසුපස යෙමින් වෙසෙති’ යි.
Pali BJTඅයඤ්ච හිදං ආයස්මතො ආනන්දස්ස ගොපකමොග්ගල්ලානෙන බ්රාහ්මණෙන සද්ධිං අන්තරාකථා විප්පකතා හොති{1}. අථ ඛො වස්සකාරො බ්රාහ්මණො මගධමහාමත්තො රාජගහෙ කම්මන්තෙ අනුසඤ්ඤායමානො යෙන ගොපකමොග්ගල්ලානස්ස බ්රාහ්මණස්ස කම්මන්තො යෙන ආයස්මා ආනන්දො තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා ආයස්මතා ආනන්දෙන සද්ධිං සම්මොදි. සම්මොදනීයං කථං සාරාණීයං{2} වීතිසාරෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො වස්සකාරො බ්රාහ්මණො මගධමහාමත්තො ආයස්මන්තං ආනන්දං එතදවොච: කායනුත්ථ භො ආනන්ද{3}, එතරහි කථාය සන්නිසින්නා, කා ච පන වො අන්තරා කථා විප්පකතා’ති?
Sinhala BJTතවද ගෝපකමොග්ගල්ලාන බමුණු සමග ආයුෂ්මත් ආනන්‍ද තෙරුන්ගේ මේ අතුරු කථාව නො නිමියා වෙයි. එකල්හි මගධමහාමාත්‍ර වූ වස්සකාර බ්‍රාහ්මණ රාජගෘහයෙහි කමාන්තයන් විමසනුයේ ගෝපකමොග්ගල්ලාන බ්‍රාහ්මණයාගේ කර්‍මාන්තස්ථානය වෙත ආයුෂ්මත් ආනන්‍ද තෙරුන් කරා එළැඹියේය, එළැඹ ආයුෂ්මත් ආනන්‍ද තෙරුන් සමග සතුටු විය, සතුටුවිය සිහි කළ යුතු කථාව කොට නිමවා එකත්පස් වැ හින. එකත්පස් වැ හුන් මගධමහාමාත්‍ර වස්සකාර බ්‍රාහ්මණ ආයුෂ්මත් ආනන්‍ද තෙරුන්ට තෙල කී: ‘භවත් ආනන්‍දයෙනි, දැන් කවර කථායෙකින් යුක්ත ව හුන්නු ද? තොප ගේ කවර අතුරු කථායෙක් කොට අඩාළ වී දැ’ යි.
Pali BJTඉධ මං බ්රාහ්මණ, ගොපකමොග්ගල්ලානො බ්රාහ්මණො එවමාහ: ‘අත්ථි නු ඛො, භො ආනන්ද, එකභික්ඛූපි තෙහි ධම්මෙහි සබ්බෙන සබ්බං සබ්බථා සබ්බං සමන්නාගතො, යෙහි ධම්මෙහි සමන්නාගතො සො භවං ගොතමො අහොසි අරහං සම්මාසම්බුද්ධො’ති. එවං වුත්තෙ අහං බ්රාහ්මණ, ගොපකමොග්ගල්ලානං බ්රාහ්මණං එතදවොචං: ‘නත්ථි ඛො බ්රාහ්මණ, එකභික්ඛූපි තෙහි ධම්මෙහි සබ්බෙන සබ්බං සබ්බථා සබ්බං සමන්නාගතො, යෙහි ධම්මෙහි සමන්නාගතො සො භගවා අහොසි අරහං සම්මාසම්බුද්ධො. සො හි බ්රාහ්මණ, භගවා අනුප්පන්නස්ස මග්ගස්ස උප්පාදෙතා, අසඤ්ජාතස්ස මග්ගස්ස සඤ්ජනෙතා, අනක්ඛාතස්ස මග්ගස්ස අක්ඛාතා, මග්ගඤ්ඤූ මග්ගවිදූ මග්ගකොවිදො, මග්ගානුගා ච පන එතරහි සාවකා විහරන්ති පච්ඡා සමන්නාගතා’ති. අයං ඛො නො බ්රාහ්මණ, ගොපකමොග්ගල්ලානෙන බ්රාහ්මණෙන සද්ධිං අන්තරාකථා විප්පකතා. අථ ත්වං අනුප්පත්තො’ති.
Sinhala BJTබමුණ, මෙහි දී ගෝපකමොග්ගල්ලාන බ්‍රාහ්මණ මට මෙසේ කී: ‘භවත් ආනන්‍දයෙනි, අර්‍හත් සම්‍යක්සම්බුද්ධ වූ ඒ භවත් ගෞතමයන් වහන්සේ යම් ධර්‍මයෙකින් සමන්‍විත වූවාහු නම් ඒ සර්‍වඥතාඥානධර්‍මයන් ගෙන් සියල්ලෙන් සියල්ල සර්‍වථායෙන් සියල්ල සමන්‍විත වූ එක් භික්‍ෂූ කෙනෙකුදු ඇද්දැ’ යි. මෙසේ කී කල්හි බමුණ, මම් ගෝපකමොග්ගල්ලාන බමුණුහට මෙසේ කීමි: ‘බමුණ, අර්‍හත් සම්‍යක්සම්බුද්ධ වූ ඒ භාග්‍යවතුන් වහන්සේ යම් ධර්‍මයෙකින් සමන්‍වාගත වූ සේක් නම් ඒ සර්‍වඥතාඥාන ධර්‍මයන්ගෙන් සියල්ලෙන් සියල්ල සර්‍වථායෙන් සියල්ල සමන්‍විත වූ එක භික්‍ෂූ කෙනෙකුදු නැත. බමුණ, එසේ ම ය, ඒ භාග්‍යවතුන් වහන්සේ (ස්වසන්තානයෙහි) නූපන් මාර්‍ගය උපදවනුවහ, (වෛනෙයසන්තානයෙහි) අසඤ්ජාතමාර්‍ගය දනවනුවහ, (විවරණවශයෙන්) ප්‍රකාශ නො කළ මාර්‍ගය පවසනුවහ, (තමන් වහන්සේ ඉපැදවූ) ආර්‍ය්‍යමාර්‍ගය (ප්‍රත්‍යවේක්‍ෂා විසින්) දතුවහ, (වෛනෙයසන්තානයෙහි දැනැවිය යුතු) මාර්‍ගය දන්නාසුල්ලහ, (බෝසත්නට පැවැසිය යුතු) මාර්‍ගයෙහි විචක්‍ෂණයහ. ඒ බුදුන් විසින් හෙළිකළ මාර්‍ගය හේතු කොට ගෙන මෙකල්හි මාර්‍ගය අනුව යන ශ්‍රාවකයෝ (ශීලාදි ගුණයෙන්) පසුපස යෙමින් වෙසෙති’ යි බමුණ, ගෝපක මොග්ගල්ලාන බමුණු සමග අපගේ මේ අතුරු කථාව අඩාළ විය, එකල්හි තෙපි පැමිණියහු යැ’ යි.
Pali BJTඅත්ථි නු ඛො භො ආනන්ද, එකභික්ඛූපි තෙන භොතා ගොතමෙන ඨපිතො: ‘අයං වො මමච්චයෙන පටිසරණං භවිස්සතී’ති, යං තුම්හෙ එතරහි පටිධාවෙය්යාථා’ති{4}?
Sinhala BJTභවත් ආනන්‍දයෙනි, තෙපි මෙකල්හි යම් මහණක්හු අනුව යන්නාහු නම් ඒ භවත් ගෞතමයන් විසින් ‘මේ තෙම තොපට මා ඇවෑමෙන් පිළිසරණ වන්නේ යැ’ යි තබන ලද එක භික්‍ෂු කෙනෙකුදු ඇත්තාහු දැ’ යි.
Pali BJTනත්ථි ඛො බ්රාහ්මණ, එකභික්ඛූපි තෙන භගවතා ජානතා පස්සතා අරහතා සම්මාසම්බුද්ධෙන ඨපිතො: ‘අයං වො මමච්චයෙන පටිසරණං භවිස්සතී’ති, යං මයං එතරහි පටිධාවෙය්යාමා’ති.
Sinhala BJTබමුණ, ඇපි මෙකල්හි යම් මහණක්හු අනුව යන්නමෝ නම් දතයුතු දන්නාවූ දැක්කයුතු දක්නාවූ අර්‍හත් සම්‍යක්සම්බුද්ධ වූ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් ‘මේ තෙම තොපට මා ඇවෑමෙන් පිළිසරණ වන්නේයැ’ යි තබන ලද එක් භික්‍ෂු කෙනෙකුදු නැතැ’ යි.
Pali BJTඅත්ථි පන ඛො භො ආනන්ද, එකභික්ඛූපි සඞ්ඝෙන සම්මතො සම්බහුලෙහි ථෙරෙහි භික්ඛූහි ඨපිතො: ‘අයං නො භගවතො අච්චයෙන පටිසරණං භවිස්සතී’ති, යං තුම්හෙ එතරහි පටිධාවෙය්යාථා’ති{4}?
Sinhala BJTභවත් ආනන්‍දයෙනි, තෙපි මෙකල්හි යම් මහණක්හු අනුව යන්නාහු නම් සංඝයා විසින් සම්මත වූ බොහෝ ස්ථවිර භික්‍ෂූන් විසින් ‘මේ තෙම අපට භාග්‍යවතුන් වහන්සේගේ ඇවෑමෙන් පිළිසරණ වන්නේ යැ’ යි තබන ලද එක භික්‍ෂු කෙනෙකුදු ඇත්තාහු දැ’ යි.
Pali BJTනත්ථි ඛො බ්රාහ්මණ, එකභික්ඛූපි සඞ්ඝෙන සම්මතො, සම්බහුලෙහි ථෙරෙහි භික්ඛූහි ඨපිතො: අයං නො භගවතො අච්චයෙන පටිසරණං භවිස්සතී’ති, යං මයං එතරහි පටිධාවෙය්යාමා’ති{4}.
Sinhala BJTබමුණ, ඇපි මෙකල්හි යම් මහණක්හු අනුව යන්නමෝ නම් සංඝයා විසින් සම්මත වූ බොහෝ ස්ථවිර භික්‍ෂූන් විසින් ‘මේ තෙම අපට භාග්‍යවතුන් වහන්සේගේ ඇවෑමෙන් පිළිසරණ වන්නේ යැ’ යි තබන ලද එක භික්‍ෂු කෙනෙකුදු නැතැ’ යි.
Pali BJTඑවං අප්පටිසරණෙ ච පන, භො ආනන්ද, කො හෙතු සාමග්ගියා’ති?
Sinhala BJTතවද භවත් ආනන්‍දයෙනි, මෙසේ අප්‍රතිසරණ ශාසනයෙහි සාමග්‍රියට හේතු කවරේ දැ’ යි.
Pali BJTන ඛො මයං බ්රාහ්මණ, අප්පටිසරණා, සප්පටිසරණා මයං, බ්රාහ්මණ ධම්මප්පටිසරණා’ති.
Sinhala BJTබමුණ, ඇපි අප්‍රතිසරණයමෝ නො වම් හ, බමුණ, ඇපි සප්‍රතිසරණයම්හ, දහම් පිළිසරණ කොට ඇතියම් හ’ යි.
Pali BJT‘අත්ථි නු ඛො භො ආනන්ද, එකභික්ඛූපි තෙන භොතා ගොතමෙන ඨපිතො: ‘අයං වො මමච්චයෙන පටිසරණං භවිස්සතී’ති, යං තුම්හෙ එතරහි පටිධාවෙය්යාථා’ති. ඉති පුට්ඨො සමානො: ‘නත්ථි ඛො බ්රාහ්මණ, එකභික්ඛූපි තෙන භගවතා ජානතා පස්සතා අරහතා සම්මාසම්බුද්ධෙන ඨපිතො: ‘අයං වො මමච්චයෙන පටිසරණං භවිස්සතී’ති. යං මයං එතරහි පටිධාවෙය්යාමා’ති වදෙසි. ‘අත්ථි පන භො ආනන්ද, එකභික්ඛූපි සඞ්ඝෙන සම්මතො සම්බහුලෙහි ථෙරෙහි භික්ඛූහි ඨපිතො: අයං නො භගවතො අච්චයෙන පටිසරණං භවිස්සතී’ති යං තුම්හෙ එතරහි පටිධාවෙය්යාථා’ති. ඉති පුට්ඨො සමානො: ‘නත්ථි ඛො බ්රාහ්මණ එකභික්ඛූපි සඞ්ඝෙන සම්මතො සම්බහුලෙහි ථෙරෙහි භික්ඛූහි ඨපිතො: ‘අයං නො භගවතො අච්චයෙන පටිසරණං භවිස්සතී’ති යං මයං එතරහි පටිධාවෙය්යාමා’ති වදෙසි. ‘එවං අප්පටිසරණෙ ච පන භො ආනන්ද, කො හෙතු සාමග්ගියා’ති. ඉති පුට්ඨො සමානො: ‘න ඛො මයං බ්රාහ්මණ , අප්පටිසරණා සප්පටිසරණා මයං බ්රාහ්මණ, ධම්මපටිසරණා’ති වදෙසි. ඉමස්ස පන භො ආනන්ද, භාසිතස්ස කථං අත්ථො දට්ඨබ්බො’ති?
Sinhala BJTභවත් ආනන්‍දයෙනි, මෙකල්හි තෙපි යම් මහණක්හු අනුව යන්නවු නම් ඒ භවත් ගෞතමයන් විසින් ‘මේ තෙම මා ඇවෑමෙන් තොපට පිළිසරණ වන්නේ යැ’ යි තබන ලද එක භික්‍ෂු කෙනෙකුදු ඇත්තාහු දැ’ යි මෙසේ පුළුවුත්හු ‘බමුණ, ඇපි මෙකල්හි යම් මහණක්හු අනුව යන්නමෝ නම් දතයුතු දන්නාවූ දැක්කයුතු දක්නාවූ අර්‍හත් සම්‍යක් සම්බුද්ධ වූ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් ‘මේ තෙම තොපට මාගේ ඇවෑමෙන් පිළිසරණ වන්නේයැ’ යි තබන ලද එක භික්‍ෂු කෙනෙකුදු නැතැයි කියහු. යළි භවත් ආනන්‍දයෙනි, තෙපි මෙකල්හි යම් මහණක්හු අනුව යන්නවු නම් සංඝයා විසින් සම්මත වූ බොහෝ ස්ථවිර භික්‍ෂූන් විසින් ‘මේ තෙම අපට භාග්‍යවතුන් වහන්සේගේ ඇවෑමෙන් පිළිසරණ වන්නේ යැ’ යි තබන ලද එක භික්‍ෂු කෙනකුදු ඇත්තාහු දැ’ යි පුළුවුත්හු ‘බමුණ, ඇපි මෙකල්හි යම් මහණක්හු අනුව යන්නමෝ නම් සංඝයා විසින් සම්මත වූ බොහෝ ස්ථවිරභික්‍ෂූන් විසින් ‘මේ තෙම අපට භාග්‍යවතුන් වහන්සේ ගේ ඇවෑමෙන් පිළිසරණ වන්නේ යැ’ යි තබන ලද එක භික්‍ෂු කෙනෙකුදු නැත්තාහ’ යි කීවහු ය. තවද මෙසේ මෙසේ අප්‍රතිසරණ ශාසනයෙහි භවත් ආනන්‍දයෙනි, සාමග්‍රියට හේතු කවරේ දැ’ යි පුළුවුත්හු ‘බ්‍රාහ්මණය, ඇපි අප්‍රතිසරණ නො වම්හ, බමුණ, ඇපි සප්‍රතිසරණයම්හ, ධර්‍මය පිළිසරණ කොට ඇතියම්හ’ යි කියහු. යළි භවත් ආනන්‍දයෙනි, මේ භාෂිතයාගේ අර්‍ත්‍ථ කිසෙයින් දත යුත්තේ දැ’ යි.
Pali BJTඅත්ථි ඛො බ්රාහ්මණ, තෙන භගවතා ජානතා පස්සතා අරහතා සම්මාසම්බුද්ධෙන භික්ඛූනං සික්ඛාපදං පඤ්ඤත්තං, පාතිමොක්ඛං උද්දිට්ඨං. තෙ මයං තදහුපොසථෙ යාවතිකා එකං ගාමක්ඛෙත්තං උපනිස්සාය විහරාම. තෙ සබ්බෙ එකජ්ඣං සන්නිපතාම, සන්නිපතිත්වා යස්ස තං පවත්තති තං අජ්ඣෙසාම. තස්මිං චෙ භඤ්ඤමානෙ හොති භික්ඛුස්ස ආපත්ති, හොති වීතික්කමො, තං මයං යථාධම්මං යථානුසිට්ඨං කාරෙමා’ති.
Sinhala BJTබමුණ, දතයුතු දන්නාවූ දැක්කයුතු දක්නාවූ අර්‍හත් සම්‍යක්සම්බුද්ධ වූ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් භික්‍ෂූනට සිකපද පනවන ලද්දේ පාමොක් උදෙසන ලද්දේ ඇත් මැ ය. ඒ ඇපි එදවස් පොහොයැ එක් ගම්කෙතක් ඇසුරු කොට යම් පමණ වාස කරමෝ ද එ හැමදෙනමෝ එක් තැනැ රැස්වම්හ, රැස්වැ යමක්හට එ පාමොක් පුහුණුව වැටේ නම් ඔහුට ආරාධනා කරම්හ, ඉදින් එ පාමොක් දෙසන කල්හි මහණක් හට ඇවැත් වේ නම්, ව්‍යතික්‍රම වේ නම්, ඔහු ලවා ඇපි දහම් වූ පරිදි අනුසසුන් වූ පරිදි කරවම් හ’ යි.
Pali BJTන කිර නො භවන්තො කාරෙන්ති. ධම්මො නො කාරෙතීති.
Sinhala BJTභවත්හු නො කරවත් ල, ධර්‍මය මැ කරවා ල යි.
Pali BJTඅත්ථි නු ඛො භො ආනන්ද, එකභික්ඛූපි යං තුම්හෙ එතරහි සක්කරොථ, ගරුකරොථ,{1} මානෙථ, පූජෙථ, සක්කත්වා ගරුං කත්වා උපනිස්සාය විහරථා’ති?
Sinhala BJTභවත් ආනන්‍දයෙනි, තෙපි මෙකල්හි යම් මහණක්හු සත්කාර කරවු ද, ගරු කරවු ද, බුහුමන් කරවු ද, පුදවු ද, සත්කාර කොට ගරුකාර කොට ඔහු ඇසුරු කොට වාසය කරවු නම්, එබඳු එක භික්‍ෂු කෙනෙකුදු ඇත්තාහු දැ’ යි පිළිවිත්.
Pali BJT‘නත්ථි ඛො බ්රාහ්මණ, එකභික්ඛූපි යං මයං එතරහි සක්කරොම, ගරුකරොම, මානෙම, පූජෙම. සක්කත්වා ගරුකත්වා උපනිස්සාය විහරාමා’ති.
Sinhala BJTබමුණ, ඇපි මෙකල්හි යම් මහණක්හු සත්කාර කරමෝ නම්, ගරු කරමෝ නම්, බුහුමන් කරමෝ නම්, පුදමෝ නම්, සත්කාර කොට ගරු කොට ඔහු ඇසුරු කොට වසමෝ නම්, එබඳු එක් භික්‍ෂු කෙනෙකුදු නැතැ’ යි කීහ.
Pali BJT‘අත්ථි නු ඛො භො ආනන්ද, එකභික්ඛූපි තෙන භොතා ගොතමෙන ඨපිතො: ‘අයං වො මමච්චයෙන පටිසරණං භවිස්සතීති යං තුම්හෙ එතරහි පටිධාවෙය්යාථා’ති. ඉති පුට්ඨො සමානො: ‘නත්ථි ඛො බ්රාහ්මණ, එකභික්ඛූපි තෙන භගවතා ජානතා පස්සතා අරහතා සම්මාසම්බුද්ධෙන ඨපිතො: අයං වො මමච්චයෙන පටිසරණං භවිස්සතී’ති. යං මයං එතරහි පටිධාවෙය්යාමා’ති වදෙසි. ‘අත්ථි පන භො ආනන්ද, එකභික්ඛූපි සඞ්ඝෙන සම්මතො සම්බහුලෙහි ථෙරෙහි භික්ඛූහි ඨපිතො:
Sinhala BJTභවත් ආනන්‍දයෙනි, මෙකල්හි තෙපි යම් මහණක්හු අනුව යන්නවු නම්, ඒ භවත් ගෞතමයන් විසින් ‘මේ තෙම මාගේ ඇවෑමෙන් තොපට පිළිසරණ වන්නේ ය’ යි තබනලද එක භික්‍ෂු කෙනෙකුදු ඇත්තාහු දැ’ යි මෙසේ පුළුවුත්හු ‘බමුණ, ඇපි මෙකල්හි යම් මහණක්හු අනුව යන්නමෝ නම් දතයුතු දන්නාවූ දැක්කයුතු දක්නාවූ අර්‍හත් සම්‍යක් සම්බුද්ධ වූ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් ‘මේ තෙම තොපට මාගේ ඇවෑමෙන් පිළිසරණ වන්නේ ය’ යි තබනලද එක භික්‍ෂු කෙනෙකුදු නැතැ’ යි කියහු. යළි ‘භවත් ආනන්‍දයෙනි, තෙපි මෙකල්හි යම් මහණක්හු අනුව යන්නවු නම් සංඝයා විසින් සම්මත වූ
Pali BJT‘අයං නො භගවතො අච්චයෙන පටිසරණං භවිස්සතී’ති යං තුම්හෙ එතරහි පටිධාවෙය්යාථාති. ඉති පුට්ඨො සමානො: ‘නත්ථි ඛො බ්රාහ්මණ, එකභික්ඛූපි සඞ්ඝෙන සම්මතො සම්බහුලෙහි ථෙරෙහි භික්ඛූහි ඨපිතො: අයං නො භගවතො අච්චයෙන පටිසරණං භවිස්සතී’ති, යං මයං එතරහි පටිධාවෙය්යාමා’ති වදෙසි. අත්ථි නු ඛො භො ආනන්ද, එකභික්ඛූපි යං තුම්හෙ එතරහි සක්කරොථ, ගරුකරොථ, මානෙථ, පූජෙථ, සක්කත්වා ගරුකත්වා උපනිස්සාය විහරථා’ති ඉති පුට්ඨො සමානො: ‘නත්ථි ඛො බ්රාහ්මණ, එකභික්ඛූපි යං මයං එතරහි සක්කරොම ගරුකරොම මානෙම පූජෙම සක්කත්වා ගරුකත්වා උපනිස්සාය විහරාමා’ති වදෙසි. ඉමස්ස පන භො ආනන්ද, භාසිතස්ස කථං අත්ථො දට්ඨබ්බොති.
Sinhala BJTබොහෝ ස්ථවිර භික්‍ෂූන් විසින් ‘මේ තෙම අපට භාග්‍යවතුන් වහන්සේගේ ඇවෑමෙන් පිළිසරණ වන්නේ යැ’ යි තබන ලද එක භික්‍ෂු කෙනෙකුදු ඇත්තාහු දැ’ යි පුළුවුත්හු ‘බමුණ, ඇපි මෙකල්හි යම් මහණක්හු අනුව යන්නමෝ නම් සංඝයා විසින් සම්මත වූ බොහෝ ස්ථවිර භික්‍ෂූන් විසින් ‘මේ තෙම අපට භාග්‍යවතුන් වහන්සේගේ ඇවෑමෙන් පිළිසරණ වන්නේ ය’ යි තබන ලද එක භික්‍ෂු කෙනෙකුදු නැත්තාහ’ යි කියහු. ‘භවත් ආනන්‍දයෙනි, තෙපි මෙකල්හි යම් මහණක්හු සත්කාර කරවු ද, බුහුමන් කරවු ද, පූජා කරවු ද, සත්කාර කොට ගරු කොට ඇසුරු කොට වාසය කරවු දැ’ යි මෙසේ පුළුවුත්හු ‘බමුණ, ඇපි මෙකල්හි යම් මහණක්හු සත්කාර කරමෝ නම් ගරුකාර කරමෝ නම් බුහුමන් කරමෝ නම් පුදමෝ නම් සත්කාර කොට ගරුකාර කොට නිසා වසමෝ නම් එබඳු එක් භික්‍ෂු කෙනෙකුදු නැතැ’ යි කියහු. තවද භවත් ආනන්‍දයෙනි, මේ භාෂිතයාගේ අර්‍ත්‍ථ කිසෙයින් දතයුත්තේ දැ’ යි, කීය.
Pali BJTඅත්ථි ඛො බ්රාහ්මණ, තෙන භගවතා ජානතා පස්සතා අරහතා සම්මාසම්බුද්ධෙන දස පසාදනීයා ධම්මා අක්ඛාතා, යස්මිං නො ඉමෙ ධම්මා සංවිජ්ජන්ති. තං මයං එතරහි සක්කරොම ගරුකරොම මානෙම පූජෙම. සක්කත්වා ගරුකත්වා උපනිස්සාය විහරාම. කතමෙ දස:
Sinhala BJTබමුණ, දතයුතු දන්නාවූ දැක්කයුතු දක්නාවූ අර්‍හත් සම්‍යක්සම්බුද්ධ වූ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් දස ප්‍රසාදනීය ධර්‍ම කෙනෙක් වදාරන ලද්දාහ, යමක්හු කෙරෙහි මේ ධර්‍මයෝ විද්‍යමාන වෙත් නම්, ඇපි මෙකල්හි ඒ මහණහු සත්කාර කරම්හ, ගරුකාර කරම්හ, බුහුමන් කරම්හ, පුදම්හ, සත්කාර කොට ගරුකාර කොට නිසා වාසය කරම්හ, කවර දසයෙක යත්:
Pali BJTඉධ බ්රාහ්මණ, භික්ඛු සීලවා හොති පාතිමොක්ඛසංවරසංවුතො විහරති ආචාරගොචරසම්පන්නො අණුමත්තෙසු වජ්ජෙසු භයදස්සාවී සමාදාය සික්ඛති සික්ඛාපදෙසු.
Sinhala BJTබමුණ, මෙ සස්නෙහි මහණ ප්‍රාතිමෝක්‍ෂසංවරයෙන් සංවෘත වූයේ සිල්වත් වෙයි, ආචාරයෙන් හා ගෝචරයෙන් යුක්ත වූයේ අල්පමාත්‍ර අකුශලයෙහි භය දක්නාසුලු වැ වෙසෙයි, සමාදන් වැ ගෙන ප්‍රඥප්තශික්‍ෂාපදයන්හි හික්මෙයි.
Pali BJTබහුස්සුතො හොති සුතධරො සුතසන්නිචයො, යෙ තෙ ධම්මා ආදිකල්යාණා මජ්ඣෙකල්යාණා පරියොසානකල්යාණා සාත්ථා සබ්යඤ්ජනා{1} කෙවලපරිපුණ්ණං පරිසුද්ධං බ්රහ්මචරියං අභිවදන්ති, තථාරූපාස්ස ධම්මා බහුස්සුතා හොන්ති, ධතා{2} වචසා පරිචිතා මනසානුපෙක්ඛිතා දිට්ඨියා සුප්පටිවිද්ධා.
Sinhala BJTශ්‍රැතයට ආධාර වූ ශ්‍රැතසන්නිචය ඇති බහුශ්‍රැතයෙක් වෙයි. ආදියෙහි කල්‍යාණ වූ මධ්‍යයෙහි කල්‍යාණ වූ පර්‍ය්‍යවසානකල්‍යාණ වූ සාර්‍ත්‍ථ වූ සව්‍යඤ්ජන වූ යම් ධර්‍ම කෙනෙක් සර්‍වපරිපූර්‍ණ වූ පරිශුද්ධ වූ ශික්‍ෂාත්‍රයසංගෘහීත ශාසනය ප්‍රකාශ කෙරෙත් ද, ඔහු විසින් එබඳු ධර්‍මයෝ ධරන ලද්දාහු වචනයෙන් ප්‍රගුණ කරන ලද්දාහු සිතින් විමසන ලද්දාහු (අර්‍ත්‍ථ විසින් කාරණ විසින්) ප්‍රඥායෙන් සුප්‍රතිවිදිත වූවාහු වෙත්.
Pali BJTසන්තුට්ඨො හොති ඉතරීතරෙහි චීවරපිණ්ඩපාතසෙනාසනගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරෙහි.
Sinhala BJTඉතරීතර චීවරයෙන් පිණ්ඩපාතයෙන් සේනාසනයෙන් ගිලන්පසබෙහෙසත්පිරිකරින් සතුටුවූයේ වෙයි.
Pali BJTචතුන්නං ඣානානං ආභිචෙතසිකානං දිට්ඨධම්මසුඛවිහාරානං නිකාමලාභී හොති අකිච්ඡලාභී අකසිරලාභී.
Sinhala BJTඅභිචිත්තය ඇසුරු කළ ඉහාත්මසුඛවිහරණයට හේතු වූ සතර ධ්‍යානයන් රිසිරිසි කෙණෙහි ලබනසුලු වූයේ නිදුකින් ලබනසුලු වූයේ විපුල ව ලබනසුලු වූයේ වෙයි.
Pali BJTඅනෙකවිහිතං ඉද්ධිවිධං පච්චනුභොති: එකොපි හුත්වා බහුධා හොති, බහුධාපි හුත්වා එකො හොති, ආවිභාවං තිරොභාවං තිරොකුඩ්ඩං තිරොපාකාරං තිරොපබ්බතං අසජ්ජමානො ගච්ඡති සෙය්යථාපි ආකාසෙ. පථවියාපි උම්මුජ්ජනිමුජ්ජං{3} කරොති සෙය්යථාපි උදකෙ. උදකෙපි අභිජ්ජමානෙ{4} ගච්ඡති සෙය්යථාපි පඨවියං. ආකාසෙපි පල්ලඞ්කෙන චඞ්කමති{5} සෙය්යථාපි පක්ඛී සකුණො. ඉමෙපි චන්දිමසුරියෙ එවං මහිද්ධිකෙ එවංමහානුභාවෙ පාණිනා පරිමසති, පරිමජ්ජති. යාව බ්රහ්මලොකාපි කායෙන වසං වත්තෙති.
Sinhala BJTඅනේකවිධ වූ ඍද්ධි කොටස් වළඳ කෙරෙයි: එකෙක් මැ වී බහුප්‍රකාර වෙයි, බහුප්‍රකාර වැ එකෙක් වෙයි, ආවීර්භාවය තිරොභාවය කෙරෙයි, බිතින් ඈතට පවුරින් ඈතට පව්වෙන් ඈතට අහසෙහි සෙයින් නො ගැටෙමින් යෙයි, දියෙහි සෙයින් පොළොවෙහි ද උම්මුජ්ජනිමුජ්ජන කෙරෙයි. පොළොවෙහි සෙයින් නො බිඳෙන දියෙහි දු යෙයි, පක්‍ෂි ලිහිණියක සෙයින් අහස්හි දු පලගින් සක්මන් කෙරෙයි, මෙසේ මහර්ද්ධි ඇති මෙසේ මහානුභාව ඇති මේ චන්‍ද්‍ර සුර්‍ය්‍යයනුදු අත්ලෙන් පරාමර්‍ශ පරිමාර්‍ජන කෙරෙයි. බඹලොව දක්වාත් නාමකයින් වශයෙහි පවත්වයි.
Pali BJTදිබ්බාය සොතධාතුයා විසුද්ධාය අතික්කන්තමානුසිකාය{1} උභො සද්දෙ සුණාති දිබ්බෙ ච මානුසෙ ච යෙ දූරෙ සන්තිකෙ ච.
Sinhala BJTමනුෂ්‍යශ්‍රෝතය ඉක්මැ සිටි විශුද්ධ වූ දිව්‍යශ්‍රෝතධාතුයෙන් දිව්‍ය වූ ද මනුෂ්‍ය වූ ද දුර වූ ද ළඟ වූ ද උභය ශබ්දයන් අසයි.
Pali BJTපරසත්තානං පරපුග්ගලානං චෙතසා චෙතො පරිච්ච පජානාති: සරාගං වා චිත්තං සරාගං චිත්තන්ති පජානාති. වීතරාගං වා චිත්තං වීතරාගං චිත්තන්ති පජානාති. සදොසං වා චිත්තං සදොසං චිත්තන්ති පජානාති. වීතදොසං වා චිත්තං වීතදොසං චිත්තන්ති පජානාති. සමොහං වා චිත්තං සමොහං චිත්තන්ති පජානාති. වීතමොහං වා චිත්තං වීතමොහං චිත්තන්ති පජානාති. සංඛිත්තං වා චිත්තං සංඛිත්තං චිත්තන්ති පජානාති. වික්ඛිත්තං වා චිත්තං වික්ඛිත්තං චිත්තන්ති පජානාති. මහග්ගතං වා චිත්තං මහග්ගතං චිත්තන්ති පජානාති. අමහග්ගතං වා චිත්තං අමහග්ගතං චිත්තන්ති පජානාති. සඋත්තරං වා චිත්තං සඋත්තරං චිත්තන්ති පජානාති. අනුත්තරං වා චිත්තං අනුත්තරං චිත්තන්ති පජානාති. සමාහිතං වා චිත්තං සමාහිතං චිත්තන්ති පජානාති. අසමාහිතං වා චිත්තං අසමාහිතං චිත්තන්ති පජානාති. විමුත්තං වා චිත්තං විමුත්තං චිත්තන්ති පජානාති. අවිමුත්තං වා චිත්තං අවිමුත්තං චිත්තන්ති පජානාති.
Sinhala BJTපරසත්ත්‍වයන් ගේ පරපුද්ගලයන් ගේ සිත තමා සිතින් පිරිසිඳ දැනගනී: රාගසහිත චිත්තය ද, සරාග සිතැ’යි දැනගනී, වීතරාග චිත්තය ද, වීතරාග සිතැ’යි දැන ගනී, සද්වේෂ චිත්තය ද, සද්වේෂ චිත්තයැ’ යි දැනගනී, වීතද්වේෂ චිත්තය ද, ‘විගතද්වේෂ චිත්ත යැ’ යි දැනගනී, සමෝහ චිත්තය ද ‘සමෝහ චිත්තයැ’ යි දැනගනී, වීතමෝහ චිත්තය ද ‘විගතමෝහ චිත්තයැ’ යි දැනගනී, හැකුළුණු සිත ද ‘හැකුළුණු සිතැ’යි දැනගනී, විසුරුණු සිත ද ‘විසුරුණු සිතැ’යි දැනගනී, මහද්ගත චිත්තය ද ‘මහද්ගත චිත්තයැ’ යි දැනගනී, අමහද්ගත චිත්තය ද, ‘අමහද්ගත චිත්තයැ’ යි දැනගනී, සඋත්තර චිත්තය ද ‘සඋත්තර චිත්තයැ’ යි දැනගනී, අනුත්තර චිත්තය ද, අනුත්තර චිත්තයැ’ යි දැනගනී. සමාහිත චිත්තය ද ‘සමාහිත චිත්තයැ’ යි දැනගනී, අසමාහිත චිත්තය ද ‘අසමාහිත චිත්තයැ’ යි දැනගනී, විමුක්ත වූ චිත්තය ද ‘විමුක්ත චිත්තයැ’ යි දැනගනී, අවිමුක්ත චිත්තය ද අවිමුක්ත චිත්තයැ’ යි දැනගනී.
Pali BJTඅනෙකවිහිතං පුබ්බෙනිවාසං අනුස්සරති සෙය්යථිදං: එකම්පි ජාතිං ද්වෙපි ජාතියො තිස්සොපි ජාතියො චතස්සොපි ජාතියො පඤ්චපි ජාතියො දසපි ජාතියො වීසම්පි ජාතියො තිංසම්පි ජාතියො චත්තාරීසම්පි ජාතියො පඤ්ඤාසම්පි ජාතියො ජාතිසතම්පි ජාතිසහස්සම්පි ජාතිසතසහස්සම්පි අනෙකෙපි සංවට්ටකප්පෙ අනෙකෙපි විවට්ටකප්පෙ අනෙකෙපි සංවට්ටවිවට්ටකප්පෙ, අමුත්රාසිං එවන්නාමො එවඞ්ගොත්තො එවංවණ්ණො එවමාහාරො එවංසුඛදුක්ඛපටිසංවෙදී එවමායුපරියන්තො. සො තතො චුතො අමුත්ර උදපාදිං{2}, තත්රාපාසිං එවංනාමො එවංගොත්තො එවංවණ්ණො එවමාහාරො එවංසුඛදුක්ඛපටිසංවෙදී එවමායුපරියන්තො. සො තතො චුතො ඉධූපපන්නො’ති. ඉති සාකාරං සඋද්දෙසං අනෙකවිහිතං පුබ්බෙනිවාසං අනුස්සරති.
Sinhala BJTඅනේකවිධ වූ පූර්‍වනිවාස සිහි කෙරෙයි. එ මෙසේ යැ: එක් ජාතියකුදු ජාති දෙකකුදු තුන් ජාතියකුදු සතර ජාතියකුදු පස් ජාතියකුදු ජාති විස්සකුදු ජාති තිසකුදු ජාති සතලිසකුදු ජාති පනසකුදු ජාති සතයකුදු ජාති සහස්‍රයකුදු ජාති සතසහස්‍රයකුදු නොයෙක් සංවර්‍තකල්පයනුදු නොයෙක් විවර්‍තකල්පයනුදු නොයෙක් සංවර්‍තවිවර්‍ත කල්පයනුදු අසුවල් තැන මෙබඳු නම් ඇත්තෙම් මෙබඳු ගෝත්‍ර ඇත්තෙම් මෙබඳු වර්‍ණ ඇත්තෙම් මෙබඳු ආහාර ඇත්තෙම් මෙබඳු සුවදුක් වින්දෙම් මෙබඳු ආයුපර්‍ය්‍යන්ත ඇත්තෙම් වීමි. ඒ මම් එයින් සැවැ අසුවල් තැනැ උපන්මි. ඒ තැන්හිදු මෙබඳු නම් ඇත්තෙම් මෙබඳු ගෝත්‍ර ඇත්තෙම් මෙබඳු වර්‍ණ ඇත්තෙම් මෙබඳු ආහාර ඇත්තෙම් මෙබඳු සුවදුක් විඳිනසුලු වූයෙම් මෙබඳු ආයුපර්‍ය්‍යන්ත ඇත්තෙම් වීමි. ඒ මම් එයින් සැවැ මෙහි උපන්මි, මෙසේ ආකාර සහිත වූ උද්දේස සහිත වූ අනේකවිධ පූර්‍වනිවාසය සිහි කෙරෙයි.
Pali BJTදිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන අතික්කන්තමානුසකෙන සත්තෙ පස්සති චවමානෙ උප්පජ්ජමානෙ හීනෙ පණීතෙ සුවණ්ණෙ දුබ්බණ්ණෙ සුගතෙ දුග්ගතෙ යථාකම්මූපගෙ සත්තෙ පජානාති.
Sinhala BJTමිනිසැස ඉක්මැ සිටි විශුද්ධ වූ දිව ඇසින් ච්‍යුතවෙමින් උපදමින් සිටි සත්ත්‍වයන් දකී, හීනප්‍රණීත වූ සුවර්‍ණදුර්‍වර්‍ණ වූ සුගතදුර්‍ගත වූ යථාකර්‍මොපගත සත්ත්‍වයන් දැනගනී.
Pali BJTආසවානං ඛයා අනාසවං චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරති.
Sinhala BJTආස්‍රවයන් ක්‍ෂය වීමෙන් අනාස්‍රව වූ චිත්තවිමුක්තිය ප්‍රඥාවිමුක්තිය ඉහාත්මයෙහි මැ තෙමේ විශිෂ්ටඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට ඊට පැමිණ වාස කෙරෙයි.
Pali BJTඉමෙ ඛො බ්රාහ්මණ, තෙන භගවතා ජානතා පස්සතා අරහතා සම්මාසම්බුද්ධෙන දස පසාදනීයා ධම්මා අක්ඛාතා. යස්මිං නො ඉමෙ ධම්මා සංවිජ්ජන්ති, තං මයං එතරහි සක්කරොම ගරුකරොම{3} මානෙම පූජෙම, සක්කත්වා ගරුකත්වා උපනිස්සාය විහරාමාති.
Sinhala BJTබමුණ, දතයුතු දන්නාවූ දැක්කයුතු දක්නාවූ අර්‍හත් සම්‍යක්සම්බුද්ධ වූ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් මේ දසවැදෑරුම් ප්‍රසාදනීය ධර්‍මයෝ වදාරන ලද්දාහ. යම් මහණක්හු කෙරෙහි මේ ධර්‍මයෝ විද්‍යමාන වෙත් ද, ඇපි මෙකල්හි ඒ මහණහු සත්කාර කරම්හ, ගරුකාර කරම්හ, බුහුමන් කරම්හ, පුදම්හ. සත්කාර කොට ගරුකාර කොට ඇසුරු කොට වාස කරම්හ’ යි.