Majjhima Nikāya

Middle-Length Discourses

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 4401-4500 න් 6395

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTයෙ ඛො තෙ භොන්තො, සමණබ්රාහ්මණා නෙවසඤ්ඤී නාසඤ්ඤී අත්තානං පඤ්ඤාපෙන්ති අරොගං පරම්මරණා, රූපිං වා තෙ භොන්තො සමණබ්රාහ්මණා නෙවසඤ්ඤිං නාසඤ්ඤිං අත්තානං පඤ්ඤාපෙන්ති අරොගං පරම්මරණා. අරූපිං වා තෙ භොන්තො සමණබ්රාහ්මණා නෙවසඤ්ඤිං නාසඤ්ඤිං අත්තානං පඤ්ඤාපෙන්ති අරොගං පරම්මරණා. රූපිඤ්ච අරූපිඤ්ච වා තෙ භොන්තො සමණබ්රාහ්මණා නෙවසඤ්ඤිං නාසඤ්ඤිං අත්තානං පඤ්ඤාපෙන්ති අරොගං පරම්මරණා. නෙවරූපිං නාරූපිං වා තෙ භොන්තො සමණබ්රාහ්මණා නෙවසඤ්ඤිං නාසඤ්ඤිං අත්තානං පඤ්ඤාපෙන්ති අරොගං පරම්මරණා. යෙ හි කෙචි භික්ඛවෙ සමණා වා බ්රාහ්මණා වා දිට්ඨසුතමුතවිඤ්ඤාතබ්බස්ස සඞ්ඛාරමත්තෙන{2} එතස්ස ආයතනස්ස උපසම්පදං පඤ්ඤාපෙන්ති. බ්යසනං හෙතං භික්ඛවෙ, අක්ඛායති එතස්ස ආයතනස්ස උපසම්පදාය. න හෙතං භික්ඛවෙ, ආයතනං සසඞ්ඛාරසමාපත්ති{3} පත්තබ්බමක්ඛායති. සඞ්ඛාරාවසෙස{4} සමාපත්තිපත්තබ්බමෙතං භික්ඛවෙ ආයතනං අක්ඛායති. තයිදං සඞ්ඛතං ඔළාරිකං. අත්ථි ඛො පන සඞ්ඛාරානං නිරොධො, අත්ථෙතන්ති ඉති විදිත්වා තස්ස නිස්සරණදස්සාවී තථාගතො තදුපාතිවත්තො.
Sinhala BJTයම් භවත් මහණබමුණු කෙනෙක් මරණින් මතු නිත්‍යවූ නෛවසංඥී වූ නාසංඥී වූ ආත්මය පනවත් ද, ඒ භවත් මහණබමුණෝ මරණින් මතු නිත්‍ය වූ රූපවත් හෝ නො මැ සංඥා ඇති අසංඥ නො වූ ආත්මය පනවති. ඒ භවත් මහණබමුණෝ මරණින් මතු නිත්‍ය වූ අරූපී වූ හෝ නො මැ සංඥී වූ අසංඥී නො වූ ආත්මය පනවති. ඒ භවත් මහණබමුණෝ මරණින් මතු නිත්‍ය වූ රූපී වූත් අරූපී වූත් හෝ නෛවසංඥීනාසංඥී වූ ආත්මය පනවති. ඒ භවත් මහණබමුණෝ මරණින් මතු නිත්‍ය වූ නො මැ රූපී වූ අරූපී නො වූ හෝ නෛවසංඥීනාසංඥී වූ ආත්මය පනවති. මහණෙනි, යම්කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ දිට්ඨ (රූප) සුත (ශබ්ද) මුත (ගන්‍ධ රස ස්ප්‍රෂ්ටව්‍ය) සංඥාමාත්‍ර (පඤ්චද්වාරික සංඥා) ඇති තෙල නේවසඤ්ඤානාසඤ්ඤායතනයාගේ ඖදාරිකසංස්කාරප්‍රවෘත්තියෙන් ප්‍රතිලාභය පනවත් ද, මහණෙනි, තෙල ආයතනයාගේ ප්‍රතිලාභයට මෙය ව්‍යසනයෙකැ’යි කියනු ලැබේ. මහණෙනි, තෙල ආයතනය ඖදාරික සංස්කාර සහිත වූ සමාපත්තියෙන් පැමිණිය යුතු යයි නො මැ කියනු ලැබෙයි. මහණෙනි, තෙල ආයතනය (භාවනා විසින් සුඛුම බවට පමුණුවන ලද බැවින්) අවශේෂසංස්කාරයන්ගේ ප්‍රවෘත්තියෙන් පැමිණිය යුතු යයි කියනු ලැබේ. ඒ (සියුම් වූ ද) සංඛතය (ප්‍රත්‍යයෝත්පන්න වන බැවින්) ඖදාරික වෙයි. සංස්කාරයන්ගේ නිරෝධය ඇත් මැ යැ. තෙල නිරෝධය ඇතැ’යි මෙසේ දැන ඒ සංඛතයාගේ නිස්සරණය දක්නා වූ තථාගතයෝ ඒ සංඛතය ඉක්මවූහ.
Pali BJTතත්ර භික්ඛවෙ, යෙ තෙ සමණබ්රාහ්මණා සතො සත්තස්ස උච්ඡෙදං විනාසං විභවං පඤ්ඤාපෙන්ති. තත්ර භික්ඛවෙ යෙ තෙ සමණබ්රාහ්මණා සඤ්ඤිං අත්තානං පඤ්ඤාපෙන්ති අරොගං පරම්මරණා, තෙසමෙකෙ පටික්කොසන්ති. යෙපි තෙ භොන්තො සමණබ්රාහ්මණා අසඤ්ඤිං අත්තානං පඤ්ඤාපෙන්ති අරොගං පරම්මරණා තෙසමෙකෙ පටික්කොසන්ති. යෙපි තෙ භොන්තො සමණබ්රාහ්මණා නෙවසඤ්ඤිං නාසඤ්ඤිං අත්තානං{5} පඤ්ඤාපෙන්ති අරොගං පරම්මරණා, තෙසමෙකෙ පටික්කොසන්ති. තං කිස්ස හෙතු: සබ්බෙපිමෙ භොන්තො සමණබ්රාහ්මණා උද්ධංසරා{6} ආසත්තිං යෙව අභිවදන්ති. ඉති පෙච්ච භවිස්සාම ඉති පෙච්ච භවිස්සාමා’ති. සෙය්යථාපි නාම වාණිජස්ස වාණිජ්ජාය ගච්ඡතො එවං හොති: ඉතො මෙ ඉදං භවිස්සති, ඉමිනා ඉදං ලච්ඡාමී’ති. එවමෙව ඉමෙ{7} භොන්තො සමණබ්රාහ්මණා වාණිජූපමා මඤ්ඤෙ පටිභන්ති. ඉති පෙච්ච භවිස්සාම, ඉති පෙච්ච භවිස්සාමා’ති. තයිදං භික්ඛවෙ, තථාගතො අභිජානාති.
Sinhala BJTමහණෙනි, ඒ සත්වැදැරුම් උච්ඡේදවාදයන් කෙරෙහි යම් මහණබමුණු කෙනෙක් විද්‍යමාන වූ සත්ත්‍වයාගේ සිඳීම නො දැක්ම භවවිගමය පනවත් ද, මහණෙනි, එහි යම් මහණබමුණු කෙනෙක් මරණින් මතු නිත්‍ය වූ සංඥී වූ ආත්මය පනවත් ද, ඇතැම් කෙනෙක් ඔවුන්ගේ දෘෂ්ටිය ප්‍රතිබාහන කෙරෙති. යම් භවත් මහණබමුණු කෙනෙක් මරණින් මතු නිත්‍ය වූ අසංඥී වූ ආත්මය පනවත් ද ඇතැම් කෙනෙක් ඔවුන්ගේ දෘෂ්ටිය ප්‍රතිෂේධ කෙරෙති. යම් භවත් මහණබමුණු කෙනෙක් මරණින් මතු නිත්‍ය වූ නෛවසංඥීනාසංඥී වූ ආත්මය පනවත් ද, ඇතැම් කෙනෙක් ඔවුන්ගේ දෘෂ්ටිය ප්‍රතික්‍ෂේප කෙරෙති. ඊට කරුණු කිම යත්: මෙ හැම භවත් මහණබමුණෝ උද්ධංසර (අනාගතයෙහි සංසාරයෙන් ශුද්ධිය වේ යයි) වාද ඇත්තාහු ‘පරලොවැ මෙසේ වම්හ’ ‘පරලොව මෙසේ වම්හ’යි ඇලීම මැ ප්‍රකාශ කෙරෙති. යම් පරිදි වෙණෙඳහම් සඳහා යන වෙණෙඳහුට මෙබඳු සිතෙක් වේ ද: තිලින් මට මේ ලාභය වෙයි. මෙයින් මෙ වත් ලබමි’යි. එසෙයින් මැ මේ භවත් මහණබමුණෝ ‘මෙසේ පරලොවැ (ක්‍ෂත්‍රිය) වෙමි. මෙසේ පරලොවැ (බමුණු) වෙමි’යි වෙළෙඳුන් මෙන් වූවාහු (මට) වටහති. මහණෙනි, ඒ උච්ඡේද දෘෂ්ටිය තථාගතයෝ විශිෂ්ටඥානයෙන් දන්නාහ.
Pali BJTයෙ ඛො තෙ භොන්තො සමණබ්රාහ්මණා සතො සත්තස්ස උච්ඡෙදං විනාසං විභවං පඤ්ඤාපෙන්ති. තෙ සක්කායභයා සක්කායපරිජෙගුච්ඡා සක්කායඤ්ඤෙව අනුපරිධාවන්ති අනුපරිවත්තන්ති. සෙය්යථාපි නාම සා ගද්දුලබද්ධො{1} දළ්හෙ ථම්භෙ වා ඛීලෙ වා උපනිබද්ධො{2}. තමෙව ථම්භං වා ඛීලං වා අනුපරිධාවති අනුපරිවත්තති. එවමෙවිමෙ භොන්තො සමණබ්රාහ්මණා සක්කායභයා සක්කායපරිජෙගුච්ඡා සක්කායඤ්ඤෙව අනුපරිධාවන්ති, අනුපරිවත්තන්ති. තයිදං සඞ්ඛතං ඔළාරිකං, අත්ථි ඛො පන සඞ්ඛාරානං නිරොධො අත්ථෙතන්ති. ඉති විදිත්වා තස්ස නිස්සරණදස්සාවී තථාගතො තදුපාතිවත්තො.
Sinhala BJTයම් භවත් මහණබමුණු කෙනෙක් විද්‍යමාන වූ සත්ත්‍වයාගේ උච්ඡේදය විනාශය භවවිගමය පනවත් ද, ඔහු (ත්‍රෛභූමකධර්‍ම සංඛ්‍යාත) සත්කායට බියෙන් සත්කාය ජුගුප්සා කිරීමෙන් සත්කාය මැ අනුධාවනය කෙරෙති. අනුපරිවර්‍තන කෙරෙති. යම්සේ බලුබැඳුමෙන් බැඳුණු ශුනකයෙක් දැඩි වූ ටැඹෙක හෝ කණුවෙක හෝ බඳනා ලදුයේ එ මැ ටැඹ හෝ කණුව හෝ අනුපරිධාවන අනුපරිවර්‍තන කෙරේ ද, එසෙයින් මැ මේ භවත් බමණබමුණෝ සත්කායභීතිය හේතු කොට ගෙන සත්කාය ජුගුප්සාව හේතු කොට ගෙන සත්කාය මැ අනුධාවන අනුපරිවර්‍තන කෙරෙත්. එ සත්කාය ප්‍රත්‍යයොත්පන්නයෙක. (එහෙයින් මැ) ඖදාරික යැ. සංස්කාරයන්ගේ නිරෝධය ඇත් මැ යැ. තෙල ‘නිරෝධය ඇතැ’යි මෙසේ දැන ඒ සංඛතයාගේ නිස්සරණය දක්නා වූ තථාගතයෝ ඒ සංඛතය ඉක්මවූහ.
Pali BJTයෙ හි කෙචි භික්ඛවෙ, සමණා වා බ්රාහ්මණා වා අපරන්තකප්පිකා අපරන්තානුදිට්ඨිනො අපරන්තං ආරබ්භ අනෙකවිහිතානි අධිවුත්තිපදානි අභිවදන්ති. සබ්බෙ තෙ ඉමානෙව පඤ්චායතනානි අභිවදන්ති එතෙසං වා අඤ්ඤතරං.
Sinhala BJTමහණෙනි, යම්කිසි ශ්‍රමණ කෙනෙක් වේවයි බ්‍රාහ්මණ කෙනෙක් වේවයි අපරාන්තය විකල්පනා කොට ගත් අපරාන්තදෘෂ්ටි ඇත්තාහු අපරාන්තය අරභයා අනේකප්‍රකාර වූ දෘෂ්ටිදීපකවචනයන් ප්‍රකාශ කෙරෙත් ද, ඔහු සියල්ලෝ මේ පඤ්චකාරණයන් මැ ප්‍රකාශ කෙරෙති. මොවුනතුරෙන් අන්‍යතරයක් හෝ ප්‍රකාශ කෙරෙත්.
Pali BJTසන්ති භික්ඛවෙ, එකෙ සමණබ්රාහ්මණා පුබ්බන්තකප්පිකා පුබ්බන්තානුදිට්ඨිනො පුබ්බන්තං ආරබ්භ අනෙකවිහිතානි අධිවුත්තිපදානි අභිවදන්ති. සස්සතො අත්තා ච ලොකො ච, ඉදමෙව සච්චං මොඝමඤ්ඤන්ති ඉෙත්ථකෙ අභිවදන්ති. අසස්සතො අත්තා ච ලොකො ච, ඉදමෙව සච්චං මොඝමඤ්ඤන්ති ඉෙත්ථකෙ අභිවදන්ති. සස්සතො ච අසස්සතො අත්තා ච ලොකො ච, ඉදමෙව සච්චං මොඝමඤ්ඤන්ති ඉෙත්ථකෙ අභිවදන්ති. නෙව සස්සතො නාසස්සතො අත්තා ච ලොකො ච, ඉදමෙව සච්චං මොඝමඤ්ඤන්ති ඉෙත්ථකෙ අභිවදන්ති. අන්තවා අත්තා ච ලොකො ච, ඉදමෙව සච්චං මොඝමඤ්ඤන්ති ඉෙත්ථකෙ අභිවදන්ති. අනන්තවා අත්තා ච ලොකො ච, ඉදමෙව සච්චං මොඝමඤ්ඤන්ති ඉෙත්ථකෙ අභිවදන්ති. අන්තවා ච අනන්තවා ච අත්තා ච ලොකො ච, ඉදමෙව සච්චං මොඝමඤ්ඤන්ති ඉෙත්ථකෙ අභිවදන්ති. නෙවන්තවා නානන්තවා අත්තා ච ලොකො ච, ඉදමෙව සච්චං මොඝමඤ්ඤන්ති ඉෙත්ථකෙ අභිවදන්ති. එකත්තසඤ්ඤී අත්තා ච ලොකො ච, ඉදමෙව සච්චං මොඝමඤ්ඤන්ති ඉෙත්ථකෙ අභිවදන්ති. නානත්තසඤ්ඤී අත්තා ච ලොකො ච, ඉදමෙව සච්චං මොඝමඤ්ඤන්ති ඉෙත්ථකෙ අභිවදන්ති. පරිත්තසඤ්ඤී අත්තා ච ලොකො ච, ඉදමෙව සච්චං මොඝමඤ්ඤන්ති ඉෙත්ථකෙ අභිවදන්ති. අප්පමාණසඤ්ඤී අත්තා ච ලොකො ච, ඉදමෙව සච්චං මොඝමඤ්ඤන්ති ඉෙත්ථකෙ අභිවදන්ති. එකන්තසුඛී අත්තා ච ලොකො ච, ඉදමෙව සච්චං මොඝමඤ්ඤන්ති ඉෙත්ථකෙ අභිවදන්ති. එකන්තදුක්ඛී අත්තා ච ලොකො ච, ඉදමෙව සච්චං මොඝමඤ්ඤන්ති ඉෙත්ථකෙ අභිවදන්ති. සුඛදුක්ඛී අත්තා ච ලොකො ච, ඉදමෙව සච්චං මොඝමඤ්ඤන්ති ඉෙත්ථකෙ අභිවදන්ති. අදුක්ඛමසුඛී අත්තා ච ලොකො ච, ඉදමෙව සච්චං මොඝමඤ්ඤන්ති ඉත්ථෙකෙ අභිවදන්ති.
Sinhala BJTමහණෙනි, ඇතැම් මහණබමුණු කෙනෙක් ඇත. ඔහු පූර්‍වාන්තය විකල්පන කොට ගත්තාහු පූර්‍වාන්තදෘෂ්ටි ඇතියාහු පූර්‍වාන්තය අරභයා අනේකවිධ දෘෂ්ටිදීපකවචනයන් ප්‍රකාශ කෙරෙත්: ‘ආත්මයත් ලෝකයත් ශාශ්වත යැ, මේ මැ සත්‍ය යැ, තදන්‍යය තුච්ඡ යැ’ යි මෙසේ ඇතැම් කෙනෙක් ප්‍රකාශ කෙරෙති. ‘ආත්මයත්, ලෝකයත් අශාශ්වත යැ, මේ මැ සත්‍ය යැ, තදන්‍යය තුච්ඡ යැ’ යි මෙසේ ඇතැම් කෙනෙක් ප්‍රකාශ කෙරෙති. ‘ආත්මයත් ලෝකයත් ශාශ්වත ද අශාශ්වත ද වෙයි, මේ මැ සත්‍ය යැ, තදන්‍යය තුච්ඡ යැ’ යි මෙසේ ඇතැම් කෙනෙක් ප්‍රකාශ කෙරෙති. ‘ආත්මයත් ලෝකයත් නො මැ ශාශ්වත වූයේ නො ද අශාශ්වත වෙයි, මේ මැ සත්‍ය යැ, තදන්‍යය තුච්ඡ යැ’ යි මෙසේ ඇතැම් කෙනෙක් ප්‍රකාශ කෙරෙති. ‘ආත්මයත් ලෝකයත් අන්ත ඇත්තේ යැ, මේ මැ සත්‍ය යැ තදන්‍යය තුච්ඡ යැ’ යි මෙසේ ඇතැම් කෙනෙක් ප්‍රකාශ කෙරෙති. ‘ආත්මයත් ලෝකයත් අන්ත ඇත්තේ නො වෙයි, මේ මැ සත්‍ය යැ, තදන්‍යය තුච්ඡ යැ’ යි මෙසේ ඇතැම් කෙනෙක් ප්‍රකාශ කෙරෙති. ‘ආත්මයත් ලෝකයත් අන්ත ඇත්තේත් අන්ත නැත්තේත් වෙයි, මේ මැ සත්‍ය යැ, තදන්‍යය තුච්ඡ යැ’ යි මෙසේ ඇතැම් කෙනෙක් ප්‍රකාශ කෙරෙති. ‘ආත්මයත් ලෝකයත් නො මැ අන්තවත් වූයේ අනන්තවත් නො වෙයි, මේ මැ සත්‍ය යැ, තදන්‍යය තුච්ඡ යැ’ යි මෙසේ ඇතැම් කෙනෙක් ප්‍රකාශ කෙරෙති. ‘ආත්මයත් ලෝකයත් එකත්‍වසංඥා ඇත්තේ යැ, මේ මැ සත්‍ය යැ, තදන්‍යය තුච්ඡ යැ’ යි මෙසේ ඇතැම් කෙනෙක් ප්‍රකාශ කෙරෙති. ‘ආත්මයත් ලෝකයත් නානාත්‍වසංඥා ඇත්තේ යැ, මේ මැ සත්‍ය යැ, තදන්‍යය තුච්ඡ යැ’ යි මෙසේ ඇතැම් කෙනෙක් ප්‍රකාශ කෙරෙති. ‘ආත්මයත් ලෝකයත් පරිත්ත (අල්ප) සංඥා ඇත්තේ යැ, මේ මැ සත්‍ය යැ, තදන්‍යය තුච්ඡ යැ’ යි මෙසේ ඇතැම් කෙනෙක් ප්‍රකාශ කෙරෙති. ‘ආත්මයත් ලෝකයත් අප්‍රමාණසංඥා ඇත්තේ යැ, මේ මැ සත්‍ය යැ, තදන්‍යය තුච්ඡ යැ’ යි මෙසේ ඇතැම් කෙනෙක් ප්‍රකාශ කෙරෙති. ‘ආත්මයත් ලෝකයත් ඒකාන්තසුඛ ඇත්තේ යැ, මේ මැ සත්‍ය යැ, තදන්‍යය තුච්ඡ යැ’, යි මෙසේ ඇතැම් කෙනෙක් ප්‍රකාශ කෙරෙති. ‘ආත්මයත් ලෝකයත් ඒකාන්ත දුංඛ ඇත්තේ යැ, මේ මැ සත්‍ය යැ, තදන්‍යය තුච්ඡ යැ’ යි මෙසේ ඇතැම් කෙනෙක් ප්‍රකාශ කෙරෙති. ‘ආත්මයත් ලෝකයත් සුඛදුඃඛ ඇත්තේ යැ, මේ මැ සත්‍ය යැ, තදන්‍යය තුච්ඡ යැ’ යි මෙසේ ඇතැම් කෙනෙක් ප්‍රකාශ කෙරෙති. ‘ආත්මයත් ලෝකයත් නොදුක් නොසුව ඇත්තේ යැ, මේ මැ සත්‍ය යැ, තදන්‍යය තුච්ඡ යැ’ යි මෙසේ ඇතැම් කෙනෙක් ප්‍රකාශ කෙරෙත්.
Pali BJTතත්ර භික්ඛවෙ, යෙ තෙ සමණබ්රාහ්මණා එවංවාදිනො එවංදිට්ඨිනො: සස්සතො අත්තා ච ලොකො ච, ඉදමෙව සච්චං මොඝමඤ්ඤන්ති. තෙසං වත අඤ්ඤත්රෙව සද්ධාය අඤ්ඤත්ර රුචියා අඤ්ඤත්ර අනුස්සවා අඤ්ඤත්ර ආකාරපරිවිතක්කා අඤ්ඤත්ර දිට්ඨිනිජ්ඣානක්ඛන්තියා පච්චත්තං යෙව ඤාණං භවිස්සති පරිසුද්ධං පරියොදාතන්ති. නෙතං ඨානං විජ්ජති. පච්චත්තං ඛො පන භික්ඛවෙ, ඤාණෙ අසති පරිසුද්ධෙ පරියොදාතෙ, යදපි තෙ භොන්තො සමණබ්රාහ්මණා තත්ථ ඤාණභාගමත්තමෙව පරියොදපෙන්ති, තදපි තෙසං භවතං සමණබ්රාහ්මණානං උපාදානමක්ඛායති. තයිදං සඞ්ඛතං ඔළාරිකං, අත්ථි ඛො පන සඞ්ඛාරානං නිරොධො, අත්ථෙතන්ති ඉති විදිත්වා තස්ස නිස්සරණදස්සාවී තථාගතො තදුපාතිවත්තො.
Sinhala BJTමහණෙනි, ඔවුනතුරෙහි යම් මහණබමුණු කෙනෙක් ‘ආත්මයත් ලෝකයත් ශාශ්වත යැ, මේ මැ සත්‍ය යැ, තදන්‍යය සිස් යැ’ යන මෙවන් වාද ඇත්තාහු මෙවන් දෘෂ්ටි ඇත්තාහු වෙත් ද, ඔවුනට ඒකාන්තයෙන් ශ්‍රද්ධාව මිස රුචිය මිස අනුශ්‍රවය මිස ආකාරපරිවිතර්‍කය මිස දෘෂ්ටියෙන් සිතා රුස්වාගැනීම මිස ‘පරිශුද්ධ (නිරුපක්ලේශ) පර්‍ය්‍යවදාත (ප්‍රභාස්වර) ප්‍රත්‍යක්‍ෂඥානයෙක් වන්නේ යැ’ යන තෙල කරුණ විද්‍යමාන නො වෙයි. මහණෙනි, වැලිත් ‘පරිශුද්ධ පර්‍ය්‍යවදාත ප්‍රත්‍යක්‍ෂඥානය නැති කල්හි ඒ භවත් මහණබමුණෝ එහි යම් මැ ඥානභාගයක් පිරිසිදු කෙරෙත් ද, එ ද ඒ භවත් ශ්‍රමණබ්‍රාහ්මණයන්ගේ (දෘෂ්ටි) උපාදානයෙකැ’ යි කියනු ලැබේ. ඒ දෘෂ්ටිගතය ප්‍රත්‍යයෝත්පන්න යැ, (එහෙයින් මැ) ඖදාරික වෙයි. සංස්කාරයන්ගේ නිරෝධය ඇත් මැ යැ, ‘තෙල නිවන ඇතැ’ යි මෙසේ දැක ඒ සඞ්ඛතයාගේ නිස්සරණය (නිවන) දක්නා තථාගතයෝ ඒ සඞ්ඛතය ඉක්මවූහ.
Pali BJTතත්ර භික්ඛවෙ, යෙ තෙ සමණබ්රාහ්මණා එවංවාදිනො එවංදිට්ඨිනො: අසස්සතො අත්තා ච ලොකො ච, ඉදමෙව සච්චං මොඝමඤ්ඤන්ති. -පෙ- සස්සතො ච අසස්සතො ච අත්තා ච ලොකො ච -පෙ- නෙවසස්සතො නාසස්සතො අත්තා ච ලොකො ච -පෙ- අන්තවා අත්තා ච ලොකො ච -පෙ- අනන්තවා අත්තා ච ලොකො ච -පෙ- අන්තවා ච අනන්තවා ච අත්තා ච ලොකො ච -පෙ- නෙවන්තවා නානන්තවා අත්තා ච ලොකො ච -පෙ- එකත්තසඤ්ඤී අත්තා ච ලොකො ච -පෙ- නානත්තසඤ්ඤී අත්තා ච ලොකො ච -පෙ- පරිත්තසඤ්ඤී අත්තා ච ලොකො ච -පෙ- අප්පමාණසඤ්ඤී අත්තා ච ලොකො ච -පෙ- එකන්තසුඛී අත්තා ච ලොකො ච -පෙ- එකන්තදුක්ඛී අත්තා ච ලොකො ච -පෙ- සුඛදුක්ඛී අත්තා ච ලොකො ච -පෙ- අදුක්ඛමසුඛී අත්තා ච ලොකො ච, ඉදමෙව සච්චං මොඝමඤ්ඤන්ති. තෙසං වත අඤ්ඤත්රෙව සද්ධාය අඤ්ඤත්ර රුචියා අඤ්ඤත්ර අනුස්සවා අඤ්ඤත්ර ආකාරපරිවිතක්කා අඤ්ඤත්ර දිට්ඨිනිජ්ඣානක්ඛන්තියා පච්චත්තංයෙව ඤාණං භවිස්සති පරිසුද්ධං පරියොදාතන්ති නෙතං ඨානං විජ්ජති. පච්චත්තං ඛො පන භික්ඛවෙ, ඤාණෙ අසති පරිසුද්ධෙ පරියොදාතෙ, යදපි තෙ භොන්තො සමණබ්රාහ්මණා තත්ථ ඤාණභාගමත්තමෙව පරියොදපෙන්ති. තදපි තෙසං භවතං සමණබ්රාහ්මණානං උපාදානමක්ඛායති. තයිදං සඞ්ඛතං ඔළාරිකං. අත්ථි ඛො පන සඞ්ඛාරානං නිරොධො, අත්ථෙන්ති ඉති විදිත්වා තස්ස නිස්සරණදස්සාවී තථාගතො තදුපාතිවත්තො.
Sinhala BJTමහණෙනි, ඔවුනතුරෙහි යම් මහණබමුණු කෙනෙක් මෙබඳු වාද ඇත්තාහු මෙබඳු දෘෂ්ටි ඇත්තාහු වෙත් ද, ‘ආත්මයත් ලෝකයත් අශාශ්වත යැ, මේ මැ සත්‍ය යැ, තදන්‍යය තුච්ඡ යැ’ යි ... ‘ආත්මයත් ලෝකයත් ශාශ්වත ද අශාශ්වත ද වෙයි’ ... ‘ආත්මයත් ලෝකයත් නො මැ ශාශ්වත යැ, අශාශ්වත නො වෙයි’ ... ‘ආත්මයත් ලෝකයත් අන්තවත් යැ’ ... ‘ආත්මයත් ලෝකයත් අනන්තවත් වෙයි’ ... ‘ආත්මයත් ලෝකයත් අන්තවත් ද අනන්තවත් ද වෙයි’ ... ‘ආත්මයත් ලෝකයත් නො මැ අන්තවත් යැ, අනන්තවත් නො වෙයි’ ... ‘ආත්මයත් ලෝකයත් ඒකත්‍වසංඥී වෙයි’ ... ‘ආත්මයත් ලෝකයත් නානාත්‍වසංඥී වෙයි’ ... ‘ආත්මයත් ලෝකයත් පරිත්තසංඥී වෙයි’ ... ‘ආත්මයත් ලෝකයත් අප්‍රමාණසංඥී වෙයි’ ... ‘ආත්මයත් ලෝකයත් ඒකාන්තසුඛ ඇති වෙයි’ ... ‘ආත්මයත් ලෝකයත් ඒකාන්ත දුක් ඇති වෙයි’ ... ‘ආත්මයත් ලෝකයත් සුවදුක් ඇති වෙයි’ ... ‘ආත්මයත් ලෝකයත් නොදුක්නොසුව ඇති වෙයි’ මේ මැ සැබව, තදන්‍යය තුච්ඡ යැ’ යි ඔවුනට ඒකාන්තයෙන් ශ්‍රද්ධාව තබා රුචිය තබා අනුශ්‍රවය තබා ආකාරපරිවිතර්‍කය තබා දෘෂ්ටියෙන් සිතා රුස්වාගැනීම තබා ‘පරිශුද්ධ ප්‍රභාස්වර ප්‍රත්‍යක්‍ෂඥානයෙක් වන්නේ යැ’ යන තෙල කරුණ විද්‍යමාන නො වෙයි, මහණෙනි, වැලිත් පරිශුද්ධ ප්‍රභාස්වර ප්‍රත්‍යක්‍ෂඥානය නැති කල්හි ඒ භවත් මහණබමුණෝ එහි යම් මැ ඥානභාගයකට බැසගනිත් ද, එ ද ඒ භවත් මහණබමුණන්ගේ (දෘෂ්ටි) ‘උපාදානයෙකැ’ යි කියනු ලැබේ. ඒ දෘෂ්ටිගතය ප්‍රත්‍යයෝත්පන්න යැ, (එහෙයින් මැ) ඖදාරික වෙයි, සංස්කාරයන්ගේ නිරෝධය ඇත් මැ යැ, ‘තෙල නිවන ඇතැ’ යි මෙසේ දැන ඒ සඞ්ඛතයාගේ නිස්සරණය දක්නා තථාගතයෝ ඒ දෘෂ්ටිය ඉක්මවූහ.
Pali BJTඉධ භික්ඛවෙ, එකච්චො සමණො වා බ්රාහ්මණො වා පුබ්බන්තානුදිට්ඨීනඤ්ච පටිනිස්සග්ගා, අපරන්තානුදිට්ඨීනඤ්ච පටිනිස්සග්ගා, සබ්බසො කාමසංයොජනානං අනධිට්ඨානා, පවිවෙකං පීතිං උපසම්පජ්ජ විහරති: ‘එතං සන්තං එතං පණීතං, යදිදං පවිවෙකං පීතිං උපසම්පජ්ජ විහරාමී’ති. තස්ස සා පවිවෙකා පීති නිරුජ්ඣති, පවිවෙකාය පීතියා නිරොධා උප්පජ්ජති දොමනස්සං. දොමනස්සස්ස නිරොධා උප්පජ්ජති පවිවෙකා පීති. සෙය්යථාපි භික්ඛවෙ, යං ඡායා ජහති තං ආතපො ඵරති, යං ආතපො ජහති තං ඡායා ඵරති. එවමෙව ඛො භික්ඛවෙ, පවිවෙකාය පීතියා නිරොධා උප්පජ්ජති දොමනස්සං, දොමනස්සස්ස නිරොධා උප්පජ්ජති පවිවෙකා පීති. තයිදං, භික්ඛවෙ, තථාගතො අභිජානාති: අයං ඛො භවං සමණො වා බ්රාහ්මණො වා පුබ්බන්තානුදිට්ඨීනඤ්ච පටිනිස්සග්ගා අපරන්තානුදිට්ඨීනඤ්ච පටිනිස්සග්ගා සබ්බසො
Sinhala BJTමහණෙනි, මෙලොව ඇතැම් මහණෙක් හෝ බමුණෙක් හෝ පූර්‍වාන්තානුදෘෂ්ටීන්ගේ දුරැලීමෙන් අපරාන්තානුදෘෂ්ටීන්ගේද දුරැලීමෙන් සර්‍වප්‍රකාරයෙන් පඤ්චකාමගුණික සංයෝජනයන්ගේ බැහැර කිරීමෙන් (සප්‍රීතිකධ්‍යානද්වය, සඞ්ඛ්‍යාත) ප්‍රවිවේකප්‍රීතියට පැමිණ වෙසෙයි. යම් ප්‍රවිවේක ප්‍රීතියකට පැමිණ වෙසෙම් ද ‘තෙල ප්‍රීතිය ශාන්ත යැ, තෙල ප්‍රණීත යැ’ යි කියා යි. ඔහුගේ ඒ ප්‍රවිවේක ප්‍රීතිය (ධ්‍යාන නිරෝධයෙන්) නිරුද්ධ වෙයි. ප්‍රවිවේක ප්‍රීතිය නිරුද්ධ වීමෙන් දොම්නස උපදී. දොම්නස්හුගේ නිරෝධයෙන් ප්‍රවිවේක ප්‍රීතිය උපදී. මහණෙනි, යම්සේ සෙවණ යම් තැනක් හැරපියා ද ආතපය එතැන පැතිරෙයි. ආතපය යම් තැනක් හැරපියා ද සෙවණ එතැන පැතිරෙයි. එසෙයින් මැ මහණෙනි, ප්‍රවිවේක ප්‍රීතිය නිරුද්ධ වීමෙන් දොම්නස උපදී. දොම්නස නිරුද්ධ වීමෙන් ප්‍රවිවේක ප්‍රීතිය උපදී. මහණෙනි ඒ ධ්‍යානද්වය ප්‍රීතිය තථාගතයෝ විශිෂ්ටඥානයෙන් දන්නාහ: “මේ භවත් මහණ හෝ බමුණු හෝ පූර්‍වාන්තානුදෘෂ්ටිය ද දුරැලීමෙන් අපරාන්තානුදෘෂ්ටිය ද දුරැලීමෙන් සර්‍වප්‍රකාරයෙන් කාමසංයෝජනයන් බැහැර කිරීමෙන්
Pali BJTකාමසඤ්ඤොජනානං අනධිට්ඨානා, පවිවෙකං පීතිං උපසම්පජ්ජ විහරති: ‘එතං සන්තං එතං පණීතං, යදිදං පවිවෙකං පීතිං උපසම්පජ්ජ විහරාමී’ති. තස්ස සා පවිවෙකා පීති නිරුජ්ඣති. පවිවෙකාය පීතියා නිරොධා උප්පජ්ජති දොමනස්සං. දොමනස්සස්ස නිරොධා උප්පජ්ජති පවිවෙකා පීති. තයිදං සඞ්ඛතං ඔළාරිකං, අත්ථි ඛො පන සඞ්ඛාරානං නිරොධො, අත්ථෙත’න්ති ඉති විදිත්වා තස්ස නිස්සරණදස්සාවී තථාගතො තදුපාතිවත්තො.
Sinhala BJT‘යම් ප්‍රවිවේක ප්‍රීතියකට පැමිණ වෙසෙම් නම් තෙල ප්‍රීතිය ශාන්ත යැ, තෙල ප්‍රණීත යැ’ යි ප්‍රවිවේක ප්‍රීතියට පැමිණ වෙසෙයි.” ඔහුගේ ඒ ප්‍රවිවේක ප්‍රීතිය නිරුද්ධ වෙයි. ප්‍රවිවේක ප්‍රීතිය නිරුද්ධ වීමෙන් දොම්නස උපදී. දොම්නස නිරුද්ධ වීමෙන් ප්‍රවිවේක ප්‍රීතිය උපදී. ඒ ධ්‍යානද්වය ප්‍රීතිය ප්‍රත්‍යයෝත්පන්න යැ, (එහෙයින් මැ) ඖදාරික යැ, සංස්කාරයන්ගේ නිරෝධය ඇත් මැ යැ, තෙල ඇතැ’ යි මෙසේ දැන ඒ සඞ්ඛතයා ගේ නිස්සරණය දක්නා වූ තථාගතයෝ ඒ සඞ්ඛතය ඉක්මවූහ.
Pali BJTඉධ පන භික්ඛවෙ, එකච්චො සමණො වා බ්රාහ්මණො වා පුබ්බන්තානුදිට්ඨීනඤ්ච පටිනිස්සග්ගා අපරන්තානුදිට්ඨීනඤ්ච පටිනිස්සග්ගා සබ්බසො කාමසඤ්ඤොජනානං අනධිට්ඨානා, පවිවෙකාය පීතියා සමතික්කමා, නිරාමිසං සුඛං උපසම්පජ්ජ විහරති: ‘එතං සන්තං එතං පණීතං යදිදං නිරාමිසං සුඛං උපසම්පජ්ජ විහරාමී’ති. තස්ස තං නිරාමිසං සුඛං නිරුජ්ඣති, නිරාමිසස්ස සුඛස්ස නිරොධා උප්පජ්ජති පවිවෙකා පීති. පවිවෙකාය පීතියා නිරොධා උප්පජ්ජති නිරාමිසං සුඛං. සෙය්යථාපි භික්ඛවෙ, යං ඡායා ජහති, තං ආතපො ඵරති. යං ආතපො ජහති, තං ඡායා ඵරති. එවමෙව ඛො භික්ඛවෙ, නිරාමිසස්ස සුඛස්ස නිරොධා උප්පජ්ජති පවිවෙකා පීති. පවිවෙකාය පීතියා නිරොධා උප්පජ්ජති නිරාමිසං සුඛං. තයිදං භික්ඛවෙ තථාගතො අභිජානාති: ‘අයං ඛො භවං සමණො වා බ්රාහ්මණො වා පුබ්බන්තානුදිට්ඨීනඤ්ච පටිනිස්සග්ගා අපරන්තානුදිට්ඨීනඤ්ච පටිනිස්සග්ගා සබ්බසො කාමසඤ්ඤොජනානං අනධිට්ඨානා පවිවෙකාය පීතියා සමතික්කමා නිරාමිසං සුඛං උපසම්පජ්ජ විහරති: එතං සන්තං එතං පණීතං, යදිදං නිරාමිසං සුඛං උපසම්පජ්ජ විහරාමීති. තස්ස තං නිරාමිසං සුඛං නිරුජ්ඣති, නිරාමිසස්ස සුඛස්ස නිරොධා උප්පජ්ජති පවිවෙකා පීති. පවිවෙකාය පීතියා නිරොධා උප්පජ්ජති නිරාමිසං සුඛං. තයිදං සඞ්ඛතං ඔළාරිකං, අත්ථි ඛො පන සඞ්ඛාරානං නිරොධො, අත්ථෙතන්ති ඉති විදිත්වා තස්ස නිස්සරණදස්සාවී තථාගතො තදුපාතිවත්තො.
Sinhala BJTතවද මහණෙනි, මෙලොව ඇතැම් මහණෙක් හෝ බමුණෙක් හෝ පූර්‍වාන්තානුදෘෂ්ටිය ද දුරැලීමෙන් අපරාන්තානුදෘෂ්ටිය ද දුරැලීමෙන් සර්‍වප්‍රකාරයෙන් කාමසංයෝජනයන් බැහැර කිරීමෙන් ප්‍රවිවේකප්‍රීතිය ඉක්මවීමෙන් (තෘතීයධ්‍යාන සඞ්ඛ්‍යාත) නිරාමිෂසුඛයට පැමිණ වෙසෙයි: ‘යම් නිරාමිෂසුඛයකට පැමිණ වෙසෙම් නම් තෙල ශාන්ත යැ, තෙල ප්‍රණීත යැ’ යි කියා යි. ඔහුගේ ඒ නිරාමිෂසුඛය නිරුද්ධ වෙයි, නිරාමිෂසුඛයාගේ නිරෝධයෙන් ප්‍රවිවේකප්‍රීතිය උපදී. ප්‍රවිවේකප්‍රීතිය නිරුද්ධ වීමෙන් නිරාමිෂසුඛය උපදී. මහණෙනි, යම්සේ සෙවණ යම් තැනක් හැරපියා ද ආතපය එතැන පැතිරෙයි, ආතපය යම් තැනක් හැරපියා ද සෙවණ එතැන පැතිරෙයි, එසෙයින් මැ මහණෙනි, නිරාමිෂ සුඛයාගේ නිරෝධයෙන් ප්‍රවිවේකප්‍රීතිය උපදී. ප්‍රවිවේකප්‍රීතිය නිරුද්ධ වීමෙන් නිරාමිෂ සුඛය උපදී. මහණෙනි, තථාගතයෝ එකරුණ විශිෂ්ටඥානයෙන් දන්නාහ: ‘මේ භවත් ශ්‍රමණ හෝ බ්‍රාහ්මණ හෝ පූර්‍වාන්තානුදෘෂ්ටීන් දුරැලීමෙන් අපරාන්තානුදෘෂ්ටීන් ද දුරැලීමෙන් සර්‍වප්‍රකාරයෙන් කාමසංයෝජනයන් බැහැර කිරීමෙන් ප්‍රවිවේකප්‍රීතිය ඉක්මවීමෙන් යම් නිරාමිෂසුඛයකට පැමිණ වෙසෙම් නම් ‘තෙල ශාන්ත යැ, තෙල ප්‍රණීත යැ’ යි නිරාමිෂ (තෘතීයධ්‍යාන) සුඛයට පැමිණ වෙසෙයි. ඔහුගේ ඒ නිරාමිෂසුඛය නිරුද්ධ වෙයි. නිරාමිෂසුඛයාගේ නිරෝධයෙන් ප්‍රවිවේකප්‍රීතිය උපදී. ප්‍රවිවේකප්‍රීතිය නිරුද්ධ වීමෙන් නිරාමිෂසුඛය උපදී. ඒ සුඛය ප්‍රත්‍යයෝත්පන්න යැ (එහෙයින් මැ) ඖදාරික යි. සංස්කාරයන්ගේ නිරෝධය ඇත් මැ යැ. ‘තෙල නිරෝධය ඇතැ’ යි මෙසේ දැන ඒ සඞ්ඛතයාගේ නිස්සරණය දක්නා තථාගතයෝ ඒ සඞ්ඛතය ඉක්මසිටියහ.
Pali BJTඉධ භික්ඛවෙ, එකච්චො සමණො වා බ්රාහ්මණො වා පුබ්බන්තානුදිට්ඨීනඤ්ච පටිනිස්සග්ගා අපරන්තානුදිට්ඨීනඤ්ච පටිනිස්සග්ගා සබ්බසො කාමසඤ්ඤොජනානං අනධිට්ඨානා පවිවෙකාය පීතියා සමතික්කමා නිරාමිසස්ස සුඛස්ස සමතික්කමා අදුක්ඛමසුඛං වෙදනං උපසම්පජ්ජ විහරති: ‘එතං සන්තං එතං පණීතං යදිදං අදුක්ඛමසුඛං වෙදනං උපසම්පජ්ජ විහරාමී’ති. තස්ස සා අදුක්ඛමසුඛා වෙදනා නිරුජ්ඣති. අදුක්ඛමසුඛාය වෙදනාය නිරොධා උප්පජ්ජති නිරාමිසං සුඛං. නිරාමිසස්ස සුඛස්ස නිරොධා උප්පජ්ජති අදුක්ඛමසුඛා වෙදනා. සෙය්යථාපි භික්ඛවෙ, යං ඡායා ජහති, තං ආතපො ඵරති. යං ආතපො ජහති, තං ඡායා ඵරති. එවමෙව ඛො භික්ඛවෙ, අදුක්ඛමසුඛාය වෙදනාය නිරොධා උප්පජ්ජති නිරාමිසං සුඛං, නිරාමිසස්ස සුඛස්ස නිරොධා උප්පජ්ජති අදුක්ඛමසුඛා වෙදනා. තයිදං භික්ඛවෙ, තථාගතො පජානාති: ‘අයං ඛො භවං සමණො වා බ්රාහ්මණො වා පුබ්බන්තානුදිට්ඨීනඤ්ච පටිනිස්සග්ගා අපරන්තානුදිට්ඨීනඤ්ච පටිනිස්සග්ගා සබ්බසො කාමසඤ්ඤොජනානං අනධිට්ඨානා පවිවෙකාය පීතියා සමතික්කමා නිරාමිසස්ස සුඛස්ස සමතික්කමා අදුක්ඛමසුඛං වෙදනං උපසම්පජ්ජ විහරති : ‘එතං සන්තං එතං පණීතං යදිදං අදුක්ඛමසුඛං වෙදනං උපසම්පජ්ජ විහරාමී’ති. තස්ස සා අදුක්ඛමසුඛා වෙදනා නිරුජ්ඣති. අදුක්ඛමසුඛාය වෙදනාය නිරොධා උප්පජ්ජති නිරාමිසං සුඛ. නිරාමිසස්ස සුඛස්ස නිරොධා උප්පජ්ජති අදුක්ඛමසුඛා වෙදනා. තයිදං සඞ්ඛතං ඔළාරිකං, අත්ථි ඛො පන සඞ්ඛාරානං නිරොධො, අත්ථෙතන්ති ඉති විදිත්වා තස්ස නිස්සරණදස්සාවී තථාගතො තදුපාතිවත්තො.
Sinhala BJTමහණෙනි, මෙලොව ඇතැම් මහණෙක් හෝ බමුණෙක් හෝ පූර්‍වාන්තානුදෘෂ්ටීන් ද දුරැලීමෙන් අපරාන්තානුදෘෂ්ටීන් ද දුරැලීමෙන් සර්‍වප්‍රකාරයෙන් කාමසංයෝජනයන් බැහැර කිරීමෙන් ප්‍රවිවේකප්‍රීතිය ඉක්මැවීමෙන් නිරාමිෂසුඛය ඉක්මැවීමෙන් නොදුක්නොසුව වේදනා උපයා වෙසෙයි: ‘යම් මේ නොදුක්නොසුව වේදනාවක් උපයා වෙසෙම් නම් තෙල චතුර්‍ත්‍ථධ්‍යාන වේදනා ශාන්ත යැ තෙල ප්‍රණීත යැ කියා යි. ඔහුගේ ඒ නොදුක් නොසුව වේදනා නිරුද්ධ වෙයි. නොදුක්නොසුව වේදනා නිරෝධයෙන් නිරාමිෂසුඛය උපදී. නිරාමිෂසුඛයාගේ නිරෝධයෙන් නොදුක්නොසුව වේදනා උපදී. මහණෙනි, යම්සේ ඡායාව යම් තැනක් හැරපියා ද ආතපය එතැන පැතිරෙයි. ආතපය යම් තැනක් හැරපියා ද සෙවණ එතැන පැතිරෙයි. එසෙයින් මැ මහණෙනි, අදුක්ඛමසුඛවේදනාවගේ නිරෝධයෙන් නිරාමිෂසුඛය උපදී. නිරාමිෂසුඛයාගේ නිරෝධයෙන් අදුක්ඛමසුඛ වේදනාව උපදී. මහණෙනි, ඒ මේ චතුර්‍ත්‍ථධ්‍යානවේදනාව තථාගතයෝ දනිති: මේ භවත් මහණ හෝ බමුණු හෝ පූර්‍වාන්තානුදෘෂ්ටීන් ද දුරැලීමෙන් අපරාන්තානුදෘෂ්ටීන් ද දුරැලීමෙන් සර්‍වප්‍රකාරයෙන් කාමසංයෝජනයන් බැහැර කිරීමෙන් ප්‍රවිවේකප්‍රීතිය ඉක්මැවීමෙන් නිරාමිෂසුඛය ඉක්මැවීමෙන් ‘යම් මේ අදුක්ඛමසුඛවේදනාවක් උපයා වෙසෙම් ද, තෙල චතුර්‍ත්‍ථධ්‍යානවේදනාව ශාන්ත යැ තෙල ප්‍රණීත යැ’ යි අදුක්ඛමසුඛවේදනාව උපයා වෙසෙයි. ඔහුගේ ඒ අදුක්ඛමසුඛවේදනාව නිරුද්ධ වෙයි. අදුක්ඛමසුඛවේදනාවගේ නිරෝධයෙන් නිරාමිෂසුඛය උපදී. නිරාමිෂසුඛයාගේ නිරෝධයෙන් අදුක්ඛමසුඛවේදනාව උපදී. ඒ මේ චතුර්‍ත්‍ථධ්‍යානවේදනාව ප්‍රත්‍යයෝත්පන්න යැ, (එහෙයින් මැ) ඖදාරික යි. සංස්කාරයන්ගේ නිරෝධය ඇත් මැ යැ. ‘තෙල නිරෝධය ඇතැ’ යි මෙසේ දැන ඒ සඞ්ඛතයාගේ නිස්සරණය දක්නා තථාගතයෝ ඒ සඞ්ඛතය ඉක්මසිටියහ.
Pali BJTඉධ පන භික්ඛවෙ, එකච්චො සමණො වා බ්රාහ්මණො වා පුබ්බන්තානුදිට්ඨීනඤ්ච පටිනිස්සග්ගා අපරන්තානුදිට්ඨීනඤ්ච පටිනිස්සග්ගා සබ්බසො කාමසඤ්ඤොජනානං අනධිට්ඨානා පවිවෙකාය පීතියා සමතික්කමා නිරාමිසස්ස සුඛස්ස සමතික්කමා අදුක්ඛමසුඛාය වෙදනාය සමතික්කමා සන්තොහමස්මි නිබ්බුතොහමස්මි අනුපාදානොහමස්මී’ති සමනුපස්සති. තයිදං භික්ඛවෙ, තථාගතො පජානාති: ‘අයං ඛො භවං සමණො වා බ්රාහ්මණො වා පුබ්බන්තානුදිට්ඨීනඤ්ච පටිනිස්සග්ගා, අපරන්තානුදිට්ඨීනඤ්ච පටිනිස්සග්ගා සබ්බසො කාමසඤ්ඤොජනානං අනධිට්ඨානා පවිවෙකාය පීතියා සමතික්කමා නිරාමිසස්ස සුඛස්ස සමතික්කමා අදුක්ඛමසුඛාය වෙදනාය සමතික්කමා සන්තොහමස්මි නිබ්බුතොහමස්මි අනුපාදානොහමස්මී’ති සමනුපස්සති. අද්ධා අයමායස්මා නිබ්බානසප්පායඤ්ඤෙව පටිපදං අභිවදති. අථ ච පනායං භවං සමණො වා බ්රාහ්මණො වා පුබ්බන්තානුදිට්ඨිං වා උපාදියමානො උපාදියති. අපරන්තානුදිට්ඨිං වා උපාදියමානො උපාදියති. කාමසඤ්ඤොජනං වා උපාදියමානො උපාදියති. පවිවෙකං වා පීතිං උපාදියමානො උපාදියති. නිරාමිසං වා සුඛං උපාදියමානො උපාදියති. අදුක්ඛමසුඛං වා වෙදනං උපාදියමානො උපාදියති. යඤ්ච ඛො අයමායස්මා ‘සන්තොහමස්මි, නිබ්බුතොහමස්මි, අනුපාදානොහමස්මී’ති සමනුපස්සති. තදපි ඉමස්ස භොතො සමණස්ස බ්රාහ්මණස්ස උපාදානමක්ඛායති. තයිදං සඞ්ඛතං ඔළාරිකං, අත්ථි ඛො පන සඞ්ඛාරානං නිරොධො, අත්ථෙතන්ති ඉති විදිත්වා තස්ස නිස්සරණදස්සාවී තථාගතො තදුපාතිවත්තො.
Sinhala BJTමහණෙනි, මෙලොව ඇතැම් මහණෙක් හෝ බමුණෙක් හෝ පූර්‍වාන්තානුදෘෂ්ටීන් ද දුරැලීමෙන් අපරාන්තානුදෘෂ්ටීන් ද දුරැලීමෙන් සර්‍වප්‍රකාරයෙන් කාමසංයෝජනයන් බැහැර කිරීමෙන් ප්‍රවිවේකප්‍රීතිය ඉක්මවීමෙන් නිරාමිෂසුඛය ඉක්මවීමෙන් අදුක්ඛමසුඛ වේදනාව ඉක්මවීමෙන් ‘මම ශාන්තයෙමි, මම නිවියෙමි, මම උපාදාන නැතියෙමි’ නුවණින් දකී. මහණෙනි, මෙය තථාගතයෝ දනිති: “මේ භවත් මහණ හෝ බමුණු හෝ පූර්‍වාන්තානුදෘෂ්ටීන් ද දුරැලීමෙන් අපරාන්තානුදෘෂ්ටීන් ද දුරැලීමෙන් සර්‍වප්‍රකාරයෙන් කාමසංයෝජනයන් බැහැර කිරීමෙන් ප්‍රවිවේකප්‍රීතිය ඉක්මවීමෙන් නිරාමිෂසුඛය ඉක්මවීමෙන් අදුක්ඛමසුඛවේදනාව ඉක්මවීමෙන් ‘මම ශාන්තයෙමි, මම නිවියෙමි, මම උපාදාන නැතියෙමී’ නුවණින් දකී, ඒකාන්තයෙන් මේ ආයුෂ්මත් නිවනට සත්ප්‍රාය වූ මැ ප්‍රතිපදාව කියයි, එතෙකුදු වත් මේ භවත් මහණ හෝ බමුණු හෝ දැඩි කොට ගන්නේ පූර්‍වාන්තානුදෘෂ්ටිය හෝ දැඩි කොට ගනියි. දැඩි කොට ගන්නේ අපරාන්තානුදෘෂ්ටිය හෝ දැඩි කොට ගනියි, දැඩි කොට ගන්නේ කාමසංයෝජනය හෝ දැඩි කොට ගනියි, දැඩි කොට ගන්නේ ප්‍රවිවේකප්‍රීතිය හෝ දැඩි කොට ගනියි, දැඩි කොට ගන්නේ නිරාමිෂසුඛය හෝ දැඩි කොට ගනියි, දැඩි කොට ගන්නේ අදුක්ඛමසුඛවේදනාව හෝ දැඩි කොට ගනියි, මෙ ආයුෂ්මත් යමක් ගෙන ‘මම සන්හුන්මි, මම නිවියෙමි, මම උපාදාන නැතියෙමි’ සමනුපස්සනා කෙරේ ද, එ ද මෙ භවත් මහණහුගේ බමුණුගේ ‘උපාදානයෙකැ’ යි කියනු ලැබේ. ඒ මෙය ප්‍රත්‍යයෝත්පන්න යැ, (එහෙයින් මැ,) ඖදාරික යි, සංස්කාරයන්ගේ නිරෝධය ඇත් මැ යැ. ‘තෙල නිරෝධය ඇතැ’ යි මෙසේ දැන ඒ සඞ්ඛතයාගේ නිස්සරණය දක්නා තථාගතයෝ ඒ සඞ්ඛතය ඉක්මවූහ.
Pali BJTඉදං ඛො පන, භික්ඛවෙ, තථාගතෙන අනුත්තරං සන්තිවරපදං{1} අභිසම්බුද්ධං ‘යදිදං ඡන්නං ඵස්සායතනානං සමුදයඤ්ච අත්ථඞ්ගමඤ්ච අස්සාදඤ්ච ආදීනවඤ්ච නිස්සරණඤ්ච යථාභූතං විදිත්වා අනුපාදාවිමොක්ඛො’ති
Sinhala BJTමහණෙනි, සවැදෑරුම් ස්පර්‍ශායතනයන්ගේ සමුදය ද අස්තඞ්ගමය ද ආස්වාදය ද ආදීනවය ද නිස්සරණය ද තතුසේ දැන යම් අනුපාදාවිමෝක්‍ෂ සඞ්ඛ්‍යාත අර්‍හත්ඵලසමාප්තියෙක් ඇද්ද, තථාගතයන් විසින් අනුත්තර වූ මේ ශාන්ත වූ උත්තමපදය අවබෝධ කරන ලද්දේ යයි.
Pali BJTඉදමවොච භගවා. අත්තමනා තෙ භික්ඛූ භගවතො භාසිතං අභිනන්දුන්ති.
Sinhala BJTභාග්‍යවතුන් වහන්සේ මේ සූත්‍රදේශනාව වදාළසේක. සතුටුසිත් ඇති ඒ භික්‍ෂූහු භාග්‍යවත්හු ගේ භාෂිතය අභිනන්‍දන කළාහ’යි.
Pali BJTපඤ්චත්තයසුත්තං නිට්ඨිතං දුතියං.
Sinhala BJTදෙවැනි පඤ්චත්‍රය සූත්‍ර යි.
Pali BJT3. 1. 3.
Sinhala BJT3. 1. 3.
Pali BJTකින්ති සුත්තං
Sinhala BJTකින්ති සූත්‍රය
Pali BJTඑවං මෙ සුතං: එකං සමයං භගවා කුසිනාරායං{1} විහරති බලිහරණෙ වනසණ්ඩෙ. තත්ර ඛො භගවා භික්ඛූ ආමන්තෙසි භික්ඛවොති. භදන්තෙති තෙ භික්ඛූ භගවතො පච්චස්සොසුං, භගවා එතදවොච:
Sinhala BJTමා විසින් මෙසේ අසන ලද: එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ කුසිනාරා නම් ජනවියෙහි (භූතයනට බිලි එළවනුයෙන්) බලිහරණ නම් වනළැව්හි වැඩ වසනසේක. එතන්හි දී භාග්‍යවත්හු ‘මහණෙනි’ යි භික්‍ෂූන් ඇමතූහ. ‘වහන්සැ’ යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ මෙ සුත වදාළහ.
Pali BJTකින්ති වො භික්ඛවෙ, මයි හොති: ‘චීවරහෙතු වා සමණො ගොතමො ධම්මං දෙසෙති, පිණ්ඩපාතහෙතු වා සමණො ගොතමො ධම්මං දෙසෙති, සෙනාසනහෙතු වා සමණො ගොතමො ධම්මං දෙසෙති, ඉති භවාභවහෙතු වා සමණො ගොතමො ධම්මං දෙසෙතී’ති.
Sinhala BJTමහණෙනි, තොපට මා කෙරෙහි කුමන සිතෙක් වේ ද: ‘ශ්‍රමණ ගෞතමයෝ චීවරහේතුයෙන් හෝ දහම් දෙසති. ශ්‍රමණ ගෞතමයෝ පිණ්ඩපාත හේතුයෙන් හෝ දහම් දෙසති. ශ්‍රමණ ගෞතමයෝ සේනාසන හේතුයෙන් හෝ දහම් දෙසති. ශ්‍රමණ ගෞතමයෝ (දේශනාමය පින්කිරියවත් නිසා) ඒ ඒ භවයෙහි ‘සුව විඳිමි ’ යන හේතුයෙන් හෝ දහම් දෙසති’ යි කියා යි.
Pali BJTන ඛො නො භන්තෙ, භගවති එවං හොති: ‘චීවරහෙතු වා සමණො ගොතමො ධම්මං දෙසෙති, පිණ්ඩපාතහෙතු වා සමණො ගොතමො ධම්මං දෙසෙති, සෙනාසනහෙතු වා සමණො ගොතමො ධම්මං දෙසෙති, ඉතිභවාභවහෙතු වා සමණො ගොතමො ධම්මං දෙසෙතී’ති.
Sinhala BJTවහන්ස, අපට භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මෙවන් සිතෙක් නො වෙයි: ‘ශ්‍රමණ ගෞතමයෝ චීවරහේතුයෙන් හෝ දහම් දෙසති. ශ්‍රමණ ගෞතමයෝ පිණ්ඩපාත හේතුයෙන් හෝ දහම් දෙසති. ශ්‍රමණ ගෞතමයෝ සේනාසන හේතුයෙන් හෝ දහම් දෙසති. ශ්‍රමණ ගෞතමයෝ ‘ඒ ඒ භවයෙහි සුව විඳිමි’ යන හේතුයෙන් හෝ දහම් දෙසතී’ කියා යි.
Pali BJTන ච කිර වො භික්ඛවෙ, මයි එවං හොති: ‘චීවරහෙතු වා සමණො ගොතමො ධම්මං දෙසෙති, පිණ්ඩපාතහෙතු වා සමණො ගොතමො ධම්මං දෙසෙති, සෙනාසනහෙතු වා සමණො ගොතමො ධම්මං දෙසෙති, ඉති භවාභවහෙතු වා සමණො ගොතමො ධම්මං දෙසෙතී’ති. අථ කින්ති චරහි වො භික්ඛවෙ, මයි හොතී’ති.
Sinhala BJTමහණෙනි, තොපට මා කෙරෙහි මෙවන් සිතෙක් නො වේ ල: ‘ශ්‍රමණ ගෞතමයෝ චීවරහේතුයෙන් හෝ දහම් දෙසති. ශ්‍රමණ ගෞතමයෝ පිණ්ඩපාතහේතුයෙන් හෝ දහම් දෙසති. ශ්‍රමණ ගෞතමයෝ සේනාසනහේතුයෙන් හෝ දහම් දෙසති. ශ්‍රමණ ගෞතමයෝ ‘ඒ ඒ භවයෙහි සුව විඳිමි ’ යන හේතුයෙන් හෝ දහම් දෙසති’ යි, සිතෙක් නො වේ ල. එසේ වී නම් මහණෙනි, තොපට මා කෙරෙහි කිනම් සිතෙක් වේ දැ? යි.
Pali BJTඑවං ඛො නො භන්තෙ, භගවති හොති: ‘අනුකම්පකො භගවා හිතෙසී, අනුකම්පං උපාදාය ධම්මං දෙසෙතී’ති.
Sinhala BJTවහන්ස, අපට භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මෙබඳු සිතෙක් වෙයි: ‘භාග්‍යවතුන් වහන්සේ අනුකම්පා ඇතියහ, හිතෛෂීහ, අනුකම්පා පිණිස දහම් දෙසනසේකැ’ යි.
Pali BJTඑවඤ්ච කිර වො භික්ඛවෙ මයි හොති: ‘අනුකම්පකො භගවා හිතෙසී, අනුකම්පං උපාදාය ධම්මං දෙසෙතී’ති. තස්මාතිහ භික්ඛවෙ, යෙ වො මයා ධම්මා අභිඤ්ඤා දෙසිතා, සෙය්යථිදං: ‘චත්තාරො සතිපට්ඨානා චත්තාරො සම්මප්පධානා චත්තාරො ඉද්ධිපාදා පඤ්චින්ද්රියානි පඤ්ච බලානි සත්ත බොජ්ඣඞ්ගා අරියො අට්ඨඞ්ගිකො මග්ගො. තත්ථ සබ්බෙහෙව සමග්ගෙහි සම්මොදමානෙහි අවිවදමානෙහි සික්ඛිතබ්බං.
Sinhala BJTමහණෙනි, තොපට මා කෙරෙහි මෙබඳු සිතෙක් වේ නම්: ‘බුදුහු අනුකම්පා ඇතියහ, හිතෛෂීහ, අනුකම්පා පිණිස දහම් දෙසති’ යි. එහෙයින් මහණෙනි, මෙහිලා තොපට මා විසින් යම් ධර්‍ම කෙනෙක් ප්‍රත්‍යක්‍ෂ කොට දෙසනලද්දාහු ද, ඒ මෙසේ යැ: ‘සතර සතිපට්ඨානයෝ යැ සතර සම්‍යක්ප්‍රධානයෝ යැ සතර ඍද්ධිපාදයෝ යැ පඤ්චේන්‍ද්‍රියයෝ යැ පඤ්චබලයෝ යැ සප්තබෝධ්‍යඞ්ගයෝ යැ ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගිකමාර්‍ග යි. ඒ සත්තිස් බෝධිපාක්‍ෂිකධර්‍මයන්හි සියල්ලන් විසින් මැ සමග්‍රවූවන් සතුටු වූවන් විවාද නො කරනුවන් විසින් හික්මියයුතු යැ.
Pali BJTතෙසඤ්ච වො භික්ඛවෙ, සමග්ගානං සම්මොදමානානං අවිවදමානානං සික්ඛතං, තත්ථ සියුං{1} ද්වෙ භික්ඛූ අභිධම්මෙ නානාවාදා. තත්ර චෙ තුම්හාකං එවමස්ස: ‘ඉමෙසං ඛො ආයස්මන්තානං අත්ථතො චෙව නානං බ්යඤ්ජනතො ච නාන’න්ති. තත්ථ යං භික්ඛුං සුවචතරං මඤ්ඤෙය්යාථ සො උපසඞ්කමිත්වා එවමස්ස වචනීයො: ‘ආයස්මන්තානං ඛො අත්ථතො චෙව නානං, බ්යඤ්ජනතො ච නානං. තදමිනාපෙතං ආයස්මන්තො ජානාථ යථා අත්ථතො චෙව නානං බ්යඤ්ජනතො ච නානං. මා ආයස්මන්තො විවාදං ආපජ්ජිත්ථා’ති. අථාපරෙසං එකතො පක්ඛිකානං භික්ඛූනං යං භික්ඛුං සුවචතරං මඤ්ඤෙය්යාථ, සො උපසඞ්කමිත්වා එවමස්ස වචනීයො: ‘ආයස්මන්තානං ඛො අත්ථතො චෙව නානං බ්යඤ්ජනතො ච නානං. තදමිනාපෙතං ආයස්මන්තො ජානාථ යථා අත්ථතො චෙව නානං බ්යඤ්ජනතො ච නානං මා ආයස්මන්තො විවාදං ආපජ්ජිත්ථා’ති. ඉති දුග්ගහිතං දුග්ගහිතතො ධාරෙතබ්බං සුග්ගහිතං සුග්ගහිතතො ධාරෙතබ්බං. දුග්ගහිතං දුග්ගහිතතො ධාරෙත්වා සුග්ගහිතං සුග්ගහිතතො ධාරෙත්වා යො ධම්මො යො විනයො සො භාසිතබ්බො.
Sinhala BJTතවද මහණෙනි, සමග්‍ර ව සතුටු වෙමින් විවාද නො කෙරෙමින් හික්මෙන එ තොප අතුරෙන් භික්‍ෂූහු දෙදෙනෙක් ඒ (සත්තිස් බොධිපාක්‍ෂිකධර්‍ම සඞ්ඛ්‍යාත) අභිධර්‍මයෙහි නානාවාද ඇත්තාහු වෙති. ඉදින් තොපට එහි ලා ‘මේ ආයුෂ්මතුන් ගේ (වාදයෙහි) අර්‍ත්‍ථ හෙයින් ද නානාත්‍වය ඇත. ව්‍යඤ්ජන හෙයින් ද නානාත්‍වය ඇතැ’යි මෙබඳු සිතෙක් වී නම්, ඔවුනතුරෙහි යම් මහණක්හු ඉතා සුවච යයි හඟනවු ද, (ඔහු කරා) එළැඹ හේ මෙසේ කියැයුතු වන්නේ ය: ‘ආයුෂ්මතුන් ගේ (වාදය) අර්‍ත්‍ථ හෙයින් ද විවිධ යැ, ව්‍යඤ්ජන හෙයින් ද විවිධ යැ, යම් පරිදි අර්‍ත්‍ථ හෙයිනුදු නානාත්‍වය ඇද්ද ව්‍යඤ්ජන හෙයිනුදු නානාත්‍වය ඇද්ද, මෙ කරුණෙනුදු ආයුෂ්මත්හු තෙල දැනගන්නහුය. නහමක් ආයුෂ්මත්හු විවාදයට පැමිණෙව’ යි. යළි සමාන පක්‍ෂ ඇති අන්‍ය භික්‍ෂූන් අතුරෙන් යම් මහණකු ‘ඉතා සුවච’ යයි හඟනවු ද, (ඔහු වෙත) එළඹ හේ මෙසේ කියයුතු වන්නේ ය: ආයුෂ්මතුන්ගේ වාදය අර්‍ත්‍ථ හෙයිනුදු වෙනසි, ව්‍යඤ්ජන හෙයිනුදු වෙනසි, යම් පරිදි අර්‍ත්‍ථ හෙයිනුදු නානාත්‍වය ඇද්ද, ව්‍යඤ්ජන හෙයිනුදු නානාත්‍වය ඇද්ද, මෙ කරුණෙනුදු ආයුෂ්මත්නි, තෙපි තෙල දැනගන්නහු ය. නහමක් ආයුෂ්මත්හු විවාදයට පැමිණෙත්ව’ යි. මෙසේ නපුරු කොට ගන්නා ලද්ද නපුරු කොට ගන්නා ලද හෙයින් ධැරියයුතු ය. මනාකොට ගන්නාලද්ද මනාකොට ගන්නාලද හෙයින් ධැරියයුතු ය. දුග්ගහීතය දුග්ගහීත හෙයින් ධරා සුග්ගහීතය සුග්ගහීත හෙයින් ධරා යම් ධර්‍මයෙක් යම් විනයෙක් වේ ද, ඒ (ධර්‍මවිනය) කියයුත්තේ යි.
Pali BJTතත්ර චෙ තුම්හාකං එවමස්ස. ‘ඉමෙසං ඛො ආයස්මන්තානං අත්ථතො හි ඛො නානං, බ්යඤ්ජනතො සමෙතී’ති. තත්ථ යං භික්ඛුං සුවචතරං මඤ්ඤෙය්යාථ සො උපසඞ්කමිත්වා එවමස්ස වචනීයො: ‘ආයස්මන්තානං අත්ථතො හි ඛො නානං, බ්යඤ්ජනතො සමෙති. තදමිනාපෙතං ආයස්මන්තො ජානාථ යථා අත්ථතො හි ඛො නානං, බ්යඤ්ජනතො සමෙති. මා ආයස්මන්තො විවාදං ආපජ්ජිත්ථා’ති. අථාපරෙසං එකතො පක්ඛිකානං භික්ඛූනං යං භික්ඛුං සුවචතරං මඤ්ඤෙය්යාථ, සො උපසඞ්කමිත්වා එවමස්ස වචනීයො: ‘ආයස්මන්තානං ඛො අත්ථතො හි ඛො නානං, බ්යඤ්ජනතො සමෙති. තදමිනාපෙතං ආයස්මන්තො ජානාථ ‘යථා අත්ථතො හි ඛො නානං, බ්යඤ්ජනතො සමෙති. මා ආයස්මන්තො විවාදං ආපජ්ජිත්ථා’ති. ඉති දුග්ගහිතං දුග්ගහිතතො ධාරෙතබ්බං සුග්ගහිතං සුග්ගහිතතො ධාරෙතබ්බං. දුග්ගහිතං දුග්හිතතො ධාරෙත්වා සුග්ගහිතං සුග්ගහිතතො ධාරෙත්වා යො ධම්මො යො විනයො සො භාසිතබ්බො.
Sinhala BJTඉදින් තොපට එහි ලා මෙබඳු සිතෙක් වේ නම්: මේ ආයුෂ්මතුන් ගේ වැලිත් අර්‍ත්‍ථ හෙයින් ම නානාත්‍වය ඇත, ව්‍යඤ්ජන හෙයින් සම වේ ය’ යි. ඔවුනතුරෙහි යම් මහණක්හු සුවචතර යයි හඟනවු නම්, (ඔහු) කරා එළඹැ එ මහණ මෙසේ කියයුතු වන්නේ ය. ආයුෂ්මතුන් ගේ (වාදයෙහි) අර්‍ත්‍ථ හෙයින් මැ නානාත්‍වය ඇත, ව්‍යඤ්ජන හෙයින් සම වෙයි. යම් පරිදි අර්‍ත්‍ථ හෙයින් මැ නානාත්‍වය ඇද්ද, ව්‍යඤ්ජන හෙයින් සම වේ ද, එහෙයින් මෙ කරුණෙනුදු ආයුෂ්මත්නි, තෙපි තෙල දැනැගන්නහු යැ. නහමක් ආයුෂ්මත්හු විවාදයට පැමිණෙත්ව යි. යලි සමාන පක්‍ෂ ඇති අන්‍ය භික්‍ෂූන් අතුරෙන් යම් මහණක්හු සුවචතර යයි හඟනවු ද, (ඔහු කරා) එළැබ හේ මෙසේ කිය යුතු වන්නේය: ආයුෂ්මතුන් ගේ (වාදය) අර්‍ත්‍ථ හෙයින් ම නානාත්‍වය ඇත, ව්‍යඤ්ජන හෙයින් සම වෙයි. යම් පරිදි අර්‍ත්‍ථ හෙයින් ම නානාත්‍වය ඇද්ද ව්‍යඤ්ජන හෙයින් සම වේ ද, එහෙයින් මෙ කරුණෙනුදු ආයුෂ්මත් වූ තෙපි තෙල දැනගන්නහු ය. නහමක් ආයුෂ්මත්හු විවාදයට පැමිණෙත්වයි, මෙසෙයින් දුග්ගහීතය දුග්ගහීත හෙයින් ධැරිය යුතු යැ. සුග්ගහීතය සුග්ගහීත හෙයින් ධැරිය යුතු යැ. දුග්ගහීතය දුග්ගහීත හෙයින් ධරා සුග්ගහීතය සුග්ගහීත හෙයින් ධරා යම් ධර්‍මයෙක් යම් විනයෙක් වේ ද, ඒ (ධර්‍මවිනය) කියයුත්තේ යි.
Pali BJTතත්ර චෙ තුම්හාකං එවමස්ස: ‘ඉමෙසං ඛො ආයස්මන්තානං අත්ථතො හි ඛො සමෙති, බ්යඤ්ජනතො නාන’න්ති. තත්ථ යං භික්ඛුං සුවචතරං මඤ්ඤෙය්යාථ, සො උපසඞ්කමිත්වා එවමස්ස වචනීයො: ‘ආයස්මන්තානං ඛො අත්ථතො හි සමෙති. බ්යඤ්ජනතො නානං. තදමිනාපෙතං ආයස්මන්තො ජානාථ ‘යථා අත්ථතො හි ඛො සමෙති. බ්යඤ්ජනතො නානං. අප්පමත්තකං ඛො පනෙතං යදිදං බ්යඤ්ජනං මා ආයස්මන්තො අප්පමත්තකෙ විවාදං ආපජ්ජිත්ථා’ති. අථාපරෙසං එකතො පක්ඛිකානං භික්ඛූනං යං භික්ඛුං සුවචතරං මඤ්ඤෙය්යාථ, සො උපසඞ්කමිත්වා එවමස්ස වචනීයො: ආයස්මන්තානං ඛො අත්ථතො හි සමෙති, බ්යඤ්ජනතො නානං. තදමිනාපෙතං ආයස්මන්තො ජානාථ: ‘යථා අත්ථතො හි ඛො සමෙති. බ්යඤ්ජනතො නානං. අප්පමත්තකං ඛො පනෙතං යදිදං බ්යඤ්ජනං. මා ආයස්මන්තො අප්පමත්තකෙ විවාදං ආපජ්ජිත්ථා’ති. ඉති සුග්ගහිතං සුග්ගහිතතො ධාරෙතබ්බං, දුග්ගහිතං දුග්ගහිතතො ධාරෙතබ්බං. සුග්ගහිතං සුග්ගහිතතො ධාරෙත්වා දුග්ගහිතං දුග්ගහිතතො ධාරෙත්වා යො ධම්මො යො විනයො සො භාසිතබ්බො.
Sinhala BJTඉදින් තොපට එහි ලා මෙබඳු සිතෙක් වේ නම්: මේ ආයුෂ්මතුන් ගේ (වාදය) වැලිත් අර්‍ත්‍ථ හෙයින් ම සම සම වෙයි. ව්‍යඤ්ජන හෙයින් නානාත්‍වය ඇතැ’ යි. ඔවුනතුරෙහි යම් මහණකු ඉතා සුවච යයි හඟනවු නම්, (ඔහු කරා) එළැඹ හේ මෙසේ කියැයුතු වන්නේ ය: ආයුෂ්මතුන් ගේ (වාදය) වැලිත් අර්‍ත්‍ථ හෙයින් මැ සම වෙයි. ව්‍යඤ්ජන හෙයින් නානාත්‍වය ඇත. යම් පරිදි අර්‍ත්‍ථ හෙයින් මැ සම වේ ද, ව්‍යඤ්ජන හෙයින් නානාත්‍වය ඇද්ද, එහෙයින් මෙ කරුණෙනුදු ආයුෂ්මත්නි, තෙපි දැනගන්නහු ය: ‘යම් මේ ව්‍යඤ්ජනයෙක් ඇද්ද, තෙල අල්පමාත්‍ර මැ ය. ආයුෂ්මත්හු අල්පමාත්‍ර කරුණෙහි නහමක් විවාදයට පැමිණෙත්ව’ යි. ඉක්බිති සපක්‍ෂ වූ අන්‍ය භික්‍ෂූන් අතුරින් යම් මහණකු සුවචතර කොට හඟනවු ද, වෙත එළැඹ හේ මෙසේ කියැයුතු වෙයි: ආයුෂ්මතුන් ගේ වාදය වැලිත් අර්‍ත්‍ථ හෙයින් සම වෙයි. බ්‍යඤ්ජන හෙයින් භින්න වෙයි. යම් පරිදි අර්‍ත්‍ථ හෙයින් සම වේ ද බ්‍යඤ්ජන හෙයින් භින්න වේ ද තෙල බ්‍යඤ්ජනය අල්පමාත්‍ර වෙයි. ආයුෂ්මත් වූ තෙපි අල්පමාත්‍ර බ්‍යඤ්ජනයෙහි විවාදයට නහමක් වදුව යන තෙල කරුණ ආයුෂ්මත් වූ තෙපි මෙයිනුදු දන්නේ මැනැව. මෙසෙයින් මොනොවට ගත් දැය මොනොවට ගත් සෙයින් ධැරිය යුතු ය. වරදවා ගත් දැය වරදවා ගත් සෙයින් ධැරිය යුතු ය. මොනොවට ගත් දැය මොනොවට ගත් සෙයින් ධරා, වරදවා ගත් දැය වරදවා ගත් සෙයින් ධරා, යම් ධර්‍මයෙක් යම් විනයෙක් ඇද්ද ඒ දෙසිය යුතු ය.
Pali BJTතත්ර චෙ තුම්හාකං එවමස්ස : ‘ඉමෙසං ඛො ආයස්මන්තානං අත්ථතො චෙව සමෙති. බ්යඤ්ජනතො ච සමෙතී’ති. තත්ථ යං භික්ඛුං සුවචතරං මඤ්ඤෙය්යාථ සො උපසඞ්කමිත්වා එවමස්ස වචනීයො : ‘ආයස්මන්තානං ඛො අත්ථතො චෙව සමෙති, බ්යඤ්ජනතො ච සමෙති. තදමිනාපෙතං ආයස්මන්තො ජානාථ ‘යථා අත්ථතො චෙව සමෙති, බ්යඤ්ජනතො ච සමෙති. මා ආයස්මන්තො විවාදං ආපජ්ජිත්ථා’ති. අථාපරෙසං එකතො පක්ඛිකානං භික්ඛූනං යං භික්ඛුං සුවචතරං මඤ්ඤෙය්යාථ, සො උපසඞ්කමිත්වා එවමස්ස වචනීයො : ‘ආයස්මන්තානං ඛො අත්ථතො චෙව සමෙති, බ්යඤ්ජනතො ච සමෙති. තදමිනාපෙතං ආයස්මන්තො ජානාථ ‘යථා අත්ථතො චෙව සමෙති, බ්යඤ්ජනතො ච සමෙති. මා ආයස්මන්තො විවාදං ආපජ්ජිත්ථා’ති. ඉති සුග්ගහිතං සුග්ගහිතතො ධාරෙතබ්බං. සුග්ගහිතං සුග්ගහිතතො ධාරෙත්වා යො ධම්මො යො විනයො සො භාසිතබ්බො.
Sinhala BJTඉදින් එහි ලා තොපට මෙබඳු සිතෙක් වේ නම්: ‘මේ ආයුෂ්මතුන් ගේ වාදය අර්‍ත්‍ථ විසිනුදු සම වෙයි, බ්‍යඤ්ජන විසිනුදු සම වෙති’ යි කියායි. එහි ලා යම් මහණකු සුවචතර කොට හඟනවු ද, වෙත පැමිණ ඒ මහණ මෙසේ කියැයුතු වෙයි: ආයුෂ්මතුන් ගේ (වාදය) අර්‍ත්‍ථ විසිනුදු සම වෙයි, බ්‍යඤ්ජන විසිනුදු සම වෙයි, ‘යම් පරිදි අර්‍ත්‍ථ විසිනුදු සම වේ ද, බ්‍යඤ්ජන විසිනුදු සම වේ ද තෙල කරුණ මෙසෙයිනුදු ආයුෂ්මතුන් දන්නේ මැනැව, එහෙයින් ආයුෂ්මත්හු විවාදයට නහමක් වදුව’ යි. යළි සපක්‍ෂ වූ අන්‍ය භික්‍ෂූන් අතුරෙන් යම් මහණකු සුවචතර කොට හඟනවු ද, වෙත එළැඹ ඒ මහණ මෙසේ කියැයුතු වෙයි: ‘ආයුෂ්මතුන් ගේ වාදය අර්‍ත්‍ථ විසිනුදු සම වෙයි. බ්‍යඤ්ජන විසිනුදු සම වෙයි. යම් පරිදි අර්‍ත්‍ථ විසිනුදු සම වේ ද, බ්‍යඤ්ජන විසිනුදු සම වේ ද, තෙල කරුණ ආයුෂ්මත්නි, තෙපි මෙයිනුදු දනුව, ආයුෂ්මත්නි, විවාදයට නහමක් වදුව’ යි. මෙසේ මොනොවට ගත් දැය මොනොවට ගත් සෙයින් ධැරිය යුතු, මොනොවට ගත් දැය මොනොවට ධරා ගෙන යම් ධර්‍මයෙක් යම් විනයයෙක් ඇද්ද එය දෙසිය යුතු.
Pali BJTතෙසඤ්ච වො භික්ඛවෙ, සමග්ගානං සම්මොදමානානං අවිවදමානානං සික්ඛතං, සියා අඤ්ඤතරස්ස භික්ඛුනො ආපත්ති සියා වීතික්කමො තත්ර භික්ඛවෙ, න චොදනාය තරිතබ්බං, පුග්ගලො උපපරික්ඛිතබ්බො, ඉති මය්හඤ්ච අවිහෙසා භවිස්සති. පරස්ස ච පුග්ගලස්ස අනුපඝාතො, පරො හි පුග්ගලො අක්කොධනො අනුපනාහී අදන්ධදිට්ඨී සුප්පටිනිස්සග්ගී, සක්කොමි චා’හං එතං පුග්ගලං අකුසලා වුට්ඨාපෙත්වා කුසලෙ පතිට්ඨාපෙතු’න්ති. සචෙ භික්ඛවෙ, එවමස්ස කල්ලං වචනාය.
Sinhala BJTමහණෙනි, සමඟ වූ සමඟ සතුටුවන විවාද නො කරන (ශික්‍ෂාශාසනයෙහි) හික්මෙන තොප අතුරෙන් අන්‍යතර මහණක් හට ඇවතෙක් වෙයි. අධ්‍යාචාරයෙක් වෙයි, චෝදනා පිණිස නො යා යුතු ය. සාපත්තික පුද්ගලයා පරීක්‍ෂා කළ යුතු ය. (කිසේ යැ යත්:) මෙසේ පරීක්‍ෂා කරත් ම මට ද වෙහෙස නො වෙයි, මෙරමා හට ද උපඝාත නො වෙයි, යම් හෙයෙකින් අනෙක් පුඟුලා නො කිපෙනසුලු බද්ධවෛර නැති තර කොට ගත් දෘෂ්ටි නැති සුවසේ ඇවතින් මුදාලියහෙනසුලුයෙක් වේ ද, මම වැලිත් තෙල පුඟුලා අකුසලින් නංවා කුසල්හි පිහිටුවාලන්නට හැකියෙම් දැ’ යි කියායි. ඉදින් මහණෙනි, මෙසේ වේ නම්, (චෝදනා නඟා) කියන්නට නිසි වෙයි.
Pali BJTසචෙ පන භික්ඛවෙ, එවමස්ස: ‘මය්හං ඛො අවිහෙසා භවිස්සති. පරස්ස ච පුග්ගලස්ස උපඝාතො, පරො හි පුග්ගලො කොධනො උපනාහී අදන්ධදිට්ඨී සුප්පටිනිස්සග්ගී, සක්කොමි චාහං එතං පුග්ගලං අකුසලා වුට්ඨාපෙත්වා කුසලෙ පතිට්ඨාපෙතුං. අප්පමත්තකං ඛො පනෙතං යදිදං පරස්ස පුග්ගලස්ස උපඝාතො. අථ ඛො එතදෙව බහුතරං : ‘සොහං{1} සක්කොමි එතං පුග්ගලං අකුසලා වුට්ඨාපෙත්වා කුසලෙ පතිට්ඨාපෙතු’න්ති. සචෙ භික්ඛවෙ, එවමස්ස කල්ලං වචනාය.
Sinhala BJTඉදින් මහණෙනි, මෙබඳු සිත් වේ නම්: ‘මට වැලිත් වෙහෙසෙක් නො වෙයි, පරපුඟුල්හට දුක් උපදනේ වෙයි, අනෙක් පුඟුලා කිපෙනසුලු බද්ධවෛර ඇති තර කොට නො ගත් දෘෂ්ටි ඇති වහා ඇවතින් නඟාලියැහෙන්නෙක් වේ ද, තවද මම තෙල පුඟුලා ඇවතින් නඟා නිරාපත්තියෙහි පිහිටුවාලන්නට හැකියෙමි. පරපුඟුලාහට දුකෙක් වේ ය යන තෙල කරුණ අල්පමාත්‍ර වෙයි. වැලිත් (මම තෙල පුඟුලා ඇවතින් නඟා නිරාපත්තියෙහි පිහිටුවාලන්නට හැක්කෙමි ’ යන) තෙල කරුණ ම බහුතර වෙයි කියා යි. ඉදින් මහණෙනි, මෙසේ වේ නම් චෝදනා නඟා බණන්නට නිසි වෙයි.
Pali BJTසචෙ පන භික්ඛවෙ, එවමස්ස : ‘මය්හං ඛො විහෙසා භවිස්සති, පරස්ස ච පුග්ගලස්ස අනුපඝාතො, පරො හි පුග්ගලො අක්කොධනො අනුපනාහී අදන්ධදිට්ඨී දුප්පටිනිස්සග්ගී. සක්කොමි චාහං එතං පුග්ගලං අකුසලා වුට්ඨාපෙත්වා කුසලෙ පතිට්ඨාපෙතුං. අප්පමත්තකං ඛො පනෙතං ‘යදිදං මය්හං විහෙසා. අථ ඛො එතදෙව බහුතරං, සොහං සක්කොමි එතං පුග්ගලං අකුසලා වුට්ඨාපෙත්වා කුසලෙ පතිට්ඨාපෙතු’න්ති. සචෙ, භික්ඛවෙ, එවමස්ස, කල්ලං වචනාය.
Sinhala BJTඉදින් මහණෙනි, මෙබඳු සිත් වේ නම්: ‘මට වැලිත් වෙහෙස වෙයි, පරපුඟුල්හට දුක් නො වෙයි, පරපුඟුල් නො කිපෙනසුලු උපනාහ නැති තර කොට ගත් දෘෂ්ටි නැති දුක සේ ඇවැතින් මුදාලියහෙනුයෙක් වෙයි. මම තෙල පුඟුල් ඇවතින් නඟා නිරාපත්තික භාවයෙහි පිහිටුවාලන්නට හැකියෙමි, මට වෙහෙසක් වෙයි යන තෙල කරුණ අල්පමාත්‍ර ය, මම තෙල පුඟුල් ඇවතින් මුදා නිරාපත්තික භාවයෙහි පිහිටුවාලන්නට හැකියෙමි යන තෙල කරුණ ම වැඩිතරම් වෙයි කියා යි. මහණෙනි, ඉදින් මෙසේ සිත් වේ නම්, චෝදනා නඟා බණන්නට නිසි වෙයි.
Pali BJTසචෙ පන භික්ඛවෙ, එවමස්ස: මය්හඤ්ච ඛො විහෙසා භවිස්සති. පරස්ස ච පුග්ගලස්ස උපඝාතො. පරො හි පුග්ගලො කොධනො උපනාහී අදන්ධදිට්ඨී දුප්පටිනිස්සග්ගී. සක්කොමි චාහං එතං පුග්ගලං අකුසලා වුට්ඨාපෙත්වා කුසලෙ පතිට්ඨාපෙතුං. අප්පමත්තකං ඛො පනෙතං ‘යදිදං මය්හඤ්ච විහෙසා පරස්ස ච පුග්ගලස්ස උපඝාතො. අථ ඛො එතදෙව බහුතරං ‘සොහං සක්කොමි එතං පුග්ගලං අකුසලා වුට්ඨාපෙත්වා කුසලෙ පතිට්ඨාපෙතු’න්ති. සචෙ භික්ඛවෙ, එවමස්ස, කල්ලං වචනාය.
Sinhala BJTඉදින් මහණෙනි, මෙබඳු සිතෙක් වේ නම්: ‘මට ද වෙහෙසෙක් වෙයි, පරපුඟුල්හට ද දුකෙක් වෙයි, පරපුඟුල් කිපෙනසුලු උපනාහ ඇති තර කොට ගත් දිටු නැති ඇවතින් දුකසේ නඟාලියැ හෙනුයෙක් වෙයි. මම් වැලිත් තෙල පුඟුල් ඇවතින් මුදා නිරාපත්තික භාවයෙහි පිහිටුවාලන්නට හැකියෙමි, ‘මට වෙහෙසෙක් වෙයි, පරපුඟුල්හට දුකෙක් වෙයි යන තෙල අල්පමාත්‍ර කාරණයෙකි, වැලිත් ‘මම තෙල පුඟුල් ඇවතින් මුදා නිරාපත්තිකභාවයෙහි පිහිටුවාලන්නට හැකියෙමි යන තෙල ම බහුතර කාරණ වෙයි’ කියා යි. මහණෙනි, ඉදින් මෙබඳු සිත් වේ නම්, චෝදනා නඟා බණන්නට නිසි වෙයි.
Pali BJTසචෙ පන භික්ඛවෙ, එවමස්ස : ‘මය්හඤ්ච ඛො විහෙසා භවිස්සති පරස්ස ච පුග්ගලස්ස උපඝාතො. පරො හි පුග්ගලො කොධනො උපනාහී දන්ධදිට්ඨී දුප්පටිනිස්සග්ගී. න චාහං සක්කොමි එතං පුග්ගලං අකුසලා වුට්ඨාපෙත්වා කුසලෙ පතිට්ඨාපෙතු’න්ති. එවරූපෙ භික්ඛවෙ, පුග්ගලෙ උපෙක්ඛා නාතිමඤ්ඤිතබ්බා.
Sinhala BJTඉදින් මහණෙනි, මෙසේ සිත් වේ නම්, ‘මට ද වෙහෙසෙක් වෙයි, අනෙකාහට ද දුකෙක් වෙයි, අනෙක් පුඟුල් කෝපනසීලී වූ උපනාහී වූ තර කොටගත් දෘෂ්ටිගති ඇති ඇවතින් දුකසේ මුදාලියැ හෙනුයෙක් වෙයි, මම වැලිත් තුලුන් ඇවතින් මුදා නිරාපත්තික භාවයෙහි පිහිටුවාලන්නට නො හැකියෙමි’ කියා යි. මහණෙනි, මෙබඳු පුඟුල් කෙරෙහි මධ්‍යස්ථතා කළ යුතු.
Pali BJTතෙසඤ්ච වො භික්ඛවෙ, සමග්ගානං සම්මොදමානානං අවිවදමානානං සික්ඛතං අඤ්ඤමඤ්ඤස්ස වචීසංසාරො{1} උප්පජ්ජෙය්ය දිට්ඨිපලාසො චෙතසො ආඝාතො අප්පච්චයො අනභිරද්ධි. තත්ථ එකතො පක්ඛිකානං භික්ඛූනං යං භික්ඛුං සුවචතරං මඤ්ඤෙය්යාථ, සො උපසඞ්කමිත්වා එවමස්ස වචනීයො: ‘යං නො ආවුසො, අම්හාකං සමග්ගානං සම්මොදමානානං අවිවදමානානං සික්ඛතං අඤ්ඤමඤ්ඤස්ස වචීසංසාරො උප්පන්නො දිට්ඨිපලාසො චෙතසො ආඝාතො අප්පච්චයො අනභිරද්ධි. තං ජානමානො සමානො{2} ගරහෙය්යාති. සම්මා බ්යාකරමානො භික්ඛවෙ, භික්ඛු එවං බ්යාකරෙය්ය: ‘යං නො ආවුසො අම්හාකං සමග්ගානං සම්මොදමානානං අවිවදමානානං සික්ඛතං අඤ්ඤමඤ්ඤස්ස වචීසංසාරො{1} උප්පන්නො දිට්ඨිපලාසො චෙතසො ආඝාතො අප්පච්චයො අනභිරද්ධි. තං ජානමානො සමානො{2} ගරහෙය්යාති. එතං පනාවුසො ධම්මං අප්පහාය නිබ්බානං සච්ඡිකරෙය්යාති. සම්මා බ්යාකරමානො භික්ඛවෙ භික්ඛු එවං බ්යාකරෙය්ය: එතං ඛො ආවුසො, ධම්මං අප්පහාය න නිබ්බානං සච්ඡිකරෙය්යා’ති.
Sinhala BJTමහණෙනි, සමඟ වූ සමඟ සතුටු වන උනුන් විවාද නො කරන ශික්‍ෂාශාසනයෙහි හික්මෙන තොප පිළිබඳ උනුනට දෘෂ්ටිවිපර්‍ය්‍යාස වූ චිත්තාඝාත වූ සිතට නො සතුටු වූ සිත් නො අලවන වචනයෙක් උපදනේ ද, එහි දී සපක්‍ෂ භික්‍ෂූන් අතුරින් යම් මහණකු සුවචතර කොට හඟනහු ද, වෙත පැමිණ හේ මෙසේ කියැයුතු වෙයි: ‘ඇවත, සමඟ වූ සමඟ සතුටු වන උනුන් විවාද නො කරන අප පිළිබඳ උනුනට දෘෂ්ටිවිපර්‍ය්‍යාස වූ චිත්තාඝාත වූ නො සතුටට කරුණු වූ සිත් නො අලවන බසෙක් උපන. එය දනිමින් ගර්‍හා කරන්නේ යයි’ කියා යි. මහණෙනි, මොනොවට පවසන මහණ මෙසේ පවසන්නේ ය: (කෙසේ යැ:) ‘ඇවත, සමඟි වූ සමඟ සතුටු වන උනුන් විවාද නො කරන ශික්‍ෂාශාසනයෙහි හික්මෙන අප පිළිබඳ උනුනට දෘෂ්ටිවිපර්‍ය්‍යාස වූ චිත්තාඝාත වූ නො සතුටට කරුණු වූ ව්‍යාපාද ජනක වූ යම් බසෙක් උපන් ද, එබස දන්මින් බුදුහු ගරහිති, ඇවත, තෙල කලහ භණ්ඩනධර්‍මය නො පියා නිවන් පසක් නො කරන්නේ ය’ කියා යි. මහණෙනි, මොනොවට බණන මහණ මෙසේ බණන්නේ ය: (කෙසේ යැ:) ‘ඇවත, තෙල කලහ භණ්ඩනධර්‍මය නො පියා නිර්‍වාණධර්‍මය ප්‍රත්‍යක්‍ෂ නො කරන්නේ ය’ යි.
Pali BJTඅථාපරෙසං එකතො පක්ඛිකානං භික්ඛූනං යං භික්ඛුං සුවචතරා මඤ්ඤෙය්යාථ, සො උපසඞ්කමිත්වා එවමස්ස වචනීයො: යං නො ආවුසො අම්හාකං සමග්ගානං සම්මොදමානානං අවිවදමානානං සික්ඛතං අඤ්ඤමඤ්ඤස්ස වචීසංසාරො{1} උප්පන්නො දිට්ඨිපලාසො චෙතසො ආඝාතො අප්පච්චයො අනභිරද්ධි. තං ජානමානො සමානො{2} ගරහෙය්යාති. සම්මා බ්යාකරමානො භික්ඛවෙ, භික්ඛු එවං බ්යාකරෙය්ය: යං නො ආවුසො අම්හාකං සමග්ගානං සම්මොදමානානං අවිවදමානානං සික්ඛතං අඤ්ඤමඤ්ඤස්ස වචීසංසාරො උප්පන්නො දිට්ඨිපලාසො චෙතසො ආඝාතො අප්පච්චයො අනභිරද්ධි. තං ජානමානො සමානො ගරහෙය්යාති. එතං පනාවුසො ධම්මං අප්පහාය න නිබ්බානං සච්ඡිකරෙය්යාති. සම්මා බ්යාකරමානො භික්ඛවෙ භික්ඛු එවං බ්යාකරෙය්ය: එතං ඛො ආවුසො ධම්මං අප්පහාය න නිබ්බානං සච්ඡිකරෙය්යා’ති.
Sinhala BJTඉක්බිති සපක්‍ෂ වූ අන්‍ය භික්‍ෂූන් අතුරින් යම් මහණකු සුවචතර කොට හඟනවු ද, වෙත එළැඹ ඒ මහණ මෙසේ කියැයුතු වෙයි: ‘ඇවත, සමඟි වූ සමඟ සතුටු වූ උනුන් විවාද නො කරන ශික්‍ෂාශාසනයෙහි හික්මෙන අප පිළිබඳ උනුනට යම් හෙයෙකින් දෘෂ්ටි ප්‍රදාස වූ චෙතාඝාත වූ අප්‍රත්‍යය වූ ව්‍යාපාදජනක වචනයෙක් උපන් ද, එය දන්මින් ගරහතී’ යි. මහණෙනි, මොනොවට පවසන මහණ මෙසේ පවසන්නේ ය: (කිසේ යැ:) ‘ඇවත, සමඟ වූ සමඟ සතුටු වන උනුන් විවාද නො කරන ශික්‍ෂාශාසනයෙහි හික්මෙන අප පිළිබඳ අන්‍යෝන්‍යයනට දෘෂ්ටිප්‍රදාස වූ චෙතාඝාත වූ අප්‍රත්‍යය වූ ව්‍යාපාදකර වූ වාක්සංස්කාරයෙක් යම් හෙයකින් උපන් ද, එය දන්මින් ශාස්තෲන් වහන්සේ ගර්‍හා කරති. ‘ඇවත, තෙල කලහ භණ්ඩනධර්‍මය හැරපියා මුත් නිවන් පසක් නො කළහෙන්නේ ය’යි කියා යි. මහණෙනි, මොනොවට බණන මහණ මෙසේ බණන්නේ ය: (කිසේ ය යත්) ‘ඇවත, තෙල දහම නො පියා නිවන පසක් නො කළහෙන්නේ ය’ යි.
Pali BJTතඤ්චෙ භික්ඛවෙ, භික්ඛුං පරෙ එවං පුච්ඡෙය්යුං: ආයස්මතා නො එතෙ භික්ඛූ අකුසලා වුට්ඨාපෙත්වා කුසලෙ පතිට්ඨාපිතාති. සම්මා බ්යාකරමානො භික්ඛවෙ, භික්ඛු එවං බ්යාකරෙය්ය: ඉධාහං ආවුසො, යෙන භගවා තෙනුපසඞ්කමිං, තස්ස මෙ භගවා ධම්මං දෙසෙසි, තාහං ධම්මං සුත්වා තෙසං භික්ඛූනං අභාසිං: තං තෙ භික්ඛූ ධම්මං සුත්වා අකුසලා වුට්ඨහිංසු. කුසලෙ පතිට්ඨහිංසූ’ති. එවං බ්යාකරමානො ඛො භික්ඛවෙ, භික්ඛු න චෙව අත්තානං උක්කංසෙති, න පරං වම්භෙති, ධම්මස්ස චානුධම්මං බ්යාකරොති, න ච කොචි සහධම්මිකො වාදානුවාදො ගාරය්හං ඨානං ආගච්ඡතී’ති.
Sinhala BJTමහණෙනි, ඉදින් අන්‍යයෝ ඒ මහණ මෙසේ පුළුවුස්නාහු නම්: ආයුෂ්මතුන් විසින් තෙල භික්‍ෂූහු ඇවතින් මුදා කුසල්හි පිහිටුවන ලද්දාහු නො වේ දැ’ යි. මහණෙනි, මොනොවට බණන මහණ මෙසේ බණන්නේ ය: ‘ඇවත, මම භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියෙමි, භාග්‍යවතුන් වහන්සේ මට දහම් දෙසූසේක. මම ඒ දහම අසා එ මහණුනට කීමි, ඒ මහණහු එ දහම අසා අකුසලින් නැඟීසිටියහ, මහණෙනි, මෙසේ බණන ඒ මහණ ආත්මොත්කර්‍ෂ නො ද කරන්නේ ය, පරිපරිභවත් නො කරන්නේ ය, ධර්‍මානුධර්‍මත් පවසන්නේ ය, සහේතුක වූ කිසිත් වාදානුවාදයෙක් ගර්‍හනීය තැනට නො ද එන්නේ ය’ යි.
Pali BJTඉදමවොච භගවා. අත්තමනා තෙ භික්ඛූ භගවතො භාසිතං අභිනන්දුන්ති.
Sinhala BJTභාග්‍යවතුන් වහන්සේ තෙල වදාළසේක. ප්‍රීතිසෞමනස්‍යයන් විසින් ගත් ඒ මහණහු භාග්‍යවතුන් වහන්සේ ගේ ඒ භාෂිතය අභිමුඛ ව ගෙන සතුටුවූහු.
Pali BJTකින්ති සුත්තං තතියං
Sinhala BJTතුන්වැනි කින්ති සූත්‍ර යි.
Pali BJT3. 1. 4.
Sinhala BJT3. 1. 4.
Pali BJTසාමගාම සුත්තං
Sinhala BJTසාමගාම සූත්‍රය
Pali BJTඑවං මෙ සුතං: එකං සමයං භගවා සක්කෙසු විහරති සාමගාමෙ. තෙන ඛො පන සමයෙන නිගණ්ඨො නාතපුත්තො{1} පාවායං අධුනා කාලකතො{2} හොති. තස්ස කාලකිරියාය{3} භින්නා නිගණ්ඨා ද්වෙධිකජාතා භණ්ඩනජාතා කලහජාතා විවාදාපන්නා අඤ්ඤමඤ්ඤං මුඛසත්තීහි විතුදන්තා විහරන්ති. ‘න ත්වං ඉමං ධම්මවිනයං ආජානාසි, අහං ඉමං ධම්මවිනයං ආජානාමි, කිං ත්වං ඉමං ධම්මවිනයං ආජානිස්සසි? මිච්ඡාපටිපන්නො ත්වමසි, අහමස්මි සම්මාපටිපන්නො. සහිතං මෙ, අසහිතං තෙ. පුරෙ වචනීයං පච්ඡා අවච පච්ඡා වචනීයං පුරෙ අවච. ආචිණ්ණං{4} තෙ විපරාවත්තං, ආරොපිතො තෙ වාදො, නිග්ගහිතොසි, චර වාදප්පමොක්ඛාය, නිබ්බෙඨෙහි වා සචෙ පහොසී’ති. වධො යෙව ඛො{5} මඤ්ඤෙ නිගණ්ඨෙසු නාතපුත්තියෙසු වත්තති.
Sinhala BJTමා විසින් මෙසේ අසන ලද: එක් සමයෙක භාග්‍යවතුන් වහන්සේ ශාක්‍යජනපදයෙහි වූ සාමග්‍රාමයෙහි වැඩවාස කරන සේක. එකල්හි නිගණ්ඨනාතපුත්‍ර පාවානුවර කලුරිය කළ නොබෝකල් ඇති වෙයි. ඔහුගේ කාලක්‍රියායෙන් බුන් නුවටහු ද්වීභාග වූවාහු හටගත් භණ්ඩන ඇත්තාහු හටගත් කලහ ඇත්තාහු විවාදාපන්න වූවාහු උනුන් මුවසැතින් පෙළන්නාහු වෙසෙති. කෙසේ යැ: ‘තෝ මේ ධර්‍මවිනය නො දන්හි, මම මේ දහම්විනය පිළිපැද දන්මි, කිම තෝ මේ දහම්විනය දන්හි ද, තෝ වරදවා පිළිපන්හි, මම මොනොවට පිළිපන්මි, ම බස අර්‍ත්‍ථ සංහිත ය, තා බස අර්‍ත්‍ථසංහිත නො වෙයි. කැලම කියැයුත්ත පසුවලා කීයෙහි, පසුවලා කියැයුත්ත කැලම කීයෙහි, (චිරකාලාසේවන වශයෙන්) ආචීර්‍ණ වූ තාගේ වාදය පෙරැළිණ, තට වාදාරෝපණ කරන ලද, නිගන්නා ලද්දෙහි, වාදප්‍රමොක්‍ෂයට (උත්තර සපයමින්) ඇවිදුව, ඉදින් හැක්කෙහි නම්, නිරවුල් හෝ කරවයි’ කියා යි. නාතපුත්‍රයා සිසු නුවටුන් කෙරෙහි වධයක් සෙයින් වැටෙයි.
Pali BJTයෙපි නිගණ්ඨස්ස නාතපුත්තස්ස සාවකා ගිහී ඔදාතවසනා, තෙපි නිගණ්ඨෙසු නාතපුත්තියෙසු නිබ්බින්නරූපා විරත්තරූපා පටිවානරූපා, යථා තං දුරක්ඛාතෙ ධම්මවිනයෙ දුප්පවෙදිතෙ අනිය්යානිකෙ අනුපසමසංවත්තනිකෙ අසම්මාසම්බුද්ධප්පවෙදිතෙ භින්නථූපෙ අප්පටිසරණෙ’ති.
Sinhala BJTනිගණ්ඨනාතපුත්‍රයාගේ සුදු පිළීහඳනා යම් ගිහිසව් කෙනෙක් ඇද්ද ඔහුත් වරදවා කී වරදවා දන්වාලු අනෛර්‍ය්‍යාණික වූ ක්ලේශව්‍යුපශම පිණිස නො වැටෙන සම්‍යක් සම්බුද්ධ නො වන්නකු විසින් කියන ලද බුන් පිහිට ඇති පිළිසරණ රහිත ධර්‍මවිනයෙක යම්සේ කලකිරෙත් ද, එසේ නාතපුත්‍ර අතැවැසි වූ නුවටුන් කෙරෙහි උකැටිසැහැවි ඇත්තාහු නො ඇලුණාහු සත්කෘත්‍යක්‍රියායෙන් වැළැකුණාහු වෙති.
Pali BJTඅථ ඛො චුන්දො සමණුද්දෙසො පාවායං වස්සං වුත්ථො{6} යෙන සාමගාමො යෙනායස්මා ආනන්දො තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා ආයස්මන්තං ආනන්දං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො චුන්දො සමණුද්දෙසො ආයස්මන්තං ආනන්දං එතදවොච: නිගණ්ඨො භන්තෙ, නාතපුත්තො පාවායං අධුනා කාලකතො. තස්ස කාලකිරියාය භින්නා නිගණ්ඨා ද්වෙධිකජාතා භණ්ඩනජාතා කලහජාතා විවාදාපන්නා අඤ්ඤමඤ්ඤං මුඛසත්තීහි විතුදන්තා විහරන්ති. -පෙ- භින්නථූපෙ අප්පටිසරණෙ’ති.
Sinhala BJTඑසඳ චුන්‍දසමණුද්දෙස තෙරණුවෝ පාවානුවර වස්විසුවාහු සාමග්‍රාමයෙහි ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවන් කරා එළැඹියහ. එළැඹ ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවන් සකසාවැඳ එකත්පස් වැ හුන්හ. එකත්පස් වැ හුන් චුන්‍දසමණුද්දෙස තෙරණුවෝ ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවනට තෙල කීහු: ‘ වහන්ස, නිගණ්ඨනාතපුත්‍ර පාවානුවර දී කලුරියකළ නොබෝකල් ඇත්තේ ය, ඔහුගේ කාලක්‍රියායෙන් බුන් නුවටහු දෙබේ වූවාහු හටගත් භණ්ඩන ඇතියාහු හටගත් කලහ ඇතියාහු විවාදාපන්න වූවාහු උනුන් මුවසැතින් විදුනාහු වාස කෙරෙති ’ … බුන් පිහිට ඇති පිළිසරණ නැති (වරදවා කී ධර්‍මවිනයෙක යම්සේ කලකිරෙත් ද එසෙයින් ... කලකිරෙති.)
Pali BJTඑවං වුත්තෙ ආයස්මා ආනන්දො චුන්දං සමණුද්දෙසං එතදවොච : අත්ථි ඛො ඉදං, ආවුසො චුන්ද, කථාපාභතං භගවන්තං දස්සනාය. ආයාමාවුසො චුන්ද, යෙන භගවා තෙනුපසඞ්කමිස්සාම, උපසඞ්කමිත්වා එතමත්ථං භගවතො ආරොචෙස්සාමා’ති. එවං භන්තෙති ඛො චුන්දො සමණුද්දෙසො ආයස්මතො ආනන්දස්ස පච්චස්සොසි.
Sinhala BJTමෙසේ කී කල ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ චුන්‍දසමණුද්දෙස තෙරණුවනට තෙල කීහු: ‘ඇවැත් චුන්‍දයෙනි, භාග්‍යවතුන් වහන්සේ දක්නා සඳහා මේ කථාවස්තු පඬුරෙක් ඇත, යම්හ, ඇවත චුන්‍දයෙනි, භාග්‍යවතුන් කරා එළැඹෙම්හ, එළැඹ භාග්‍යවතුන් වහන්සේට තෙල කථාර්‍ත්‍ථය සැලකරම්හ’ යි. ‘වහන්ස, එසේ යැ’ යි චුන්‍දසමණුද්දෙස තෙරණුවෝ ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවනට පිළිවදන් දුන්හු.
Pali BJTඅථ ඛො ආයස්මා ච ආනන්දො චුන්දො ච සමණුද්දෙසො යෙන භගවා තෙනුපසඞ්කමිංසු, උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදිංසු. එකමන්තං නිසින්නො ඛො ආයස්මා ආනන්දො භගවන්තං එතදවොච: අයං භන්තෙ, චුන්දො සමණුද්දෙසො එවමාහ: නිගණ්ඨො භන්තෙ, නාතපුත්තො පාවායං අධුනා කාලකතො. තස්ස කාලකිරියාය භින්නා නිගණ්ඨා ද්වෙධිකජාතා භණ්ඩනජාතා කලහජාතා විවාදාපන්නා අඤ්ඤමඤ්ඤං මුඛසත්තීහි විතුදන්තා විහරන්ති. -පෙ- භින්නථූපෙ අප්පටිසරණෙ’ති. තස්ස මය්හං භන්තෙ, එවං හොති: මාහෙව භගවතො අච්චයෙන සඞ්ඝෙ විවාදො උප්පජ්ජි. සොස්ස{1} විවාදො බහුජනාහිතාය බහුජනාසුඛාය බහුනො ජනස්ස අනත්ථාය අහිතාය දුක්ඛාය දෙවමනුස්සාන’න්ති.
Sinhala BJTඉක්බිති ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවන් හා චුන්‍දසමණුද්දෙස තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියහ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස්වැ හුන්හු. එකත්පස් වැ හුන් ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල සැලකළෝ: ‘වහන්ස, මේ චුන්‍දසමණුද්දෙස තෙරණුවෝ මෙසේ කියති: (කිසේ යැ:) ‘වහන්ස, නිගණ්ඨනාතපුත්‍ර පාවානුවර මෙසඳ කලුරිය කළේ යැ, ඔහුගේ කාලක්‍රියායෙන් බුන් නුවටහු දෙබේ වැ භණ්ඩනජාත වැ කලහජාත වැ විවාදාපන්න වැ උනුන් මුවසැතින් විදුමින් වාස කෙරෙති, ... බුන් පිහිට ඇති පිළිසරණ නැති (වරදවා කී ධර්‍මවිනයෙක කලකිරෙනුවන් සෙයින් උන්ගේ ගිහිසව්වෝ ද උන් කෙරෙහි කලකිරුණහ.) වහන්ස, මට මෙවන් සිතෙක් පහළ වෙයි: භාග්‍යවතුන් වහන්සේගේ ඇවෑමෙන් සඟුන් කෙරෙහි නහමක් විවාද උපදීවා, (කරව හෙයින?) ඒ විවාද බොහෝ දෙනාට අහිත පිණිස බොහෝදෙනාට නොසුව පිණිස බොහෝදෙනාට අනර්‍ත්‍ථ පිණිස දෙවිමිනිස්නට අහිත පිණිස දුක් පිණිස වේ ද එහෙයිනි.
Pali BJTතං කිං මඤ්ඤසි ආනන්ද, යෙ වො මයා ධම්මා අභිඤ්ඤා දෙසිතා සෙය්යථිදං: චත්තාරො සතිපට්ඨානා චත්තාරො සම්මප්පධානා චත්තාරො ඉද්ධිපාදා පඤ්චින්ද්රියානි පඤ්ච බලානි සත්ත බොජ්ඣඞ්ගා අරියො අට්ඨඞ්ගිකො මග්ගො. පස්සසි නො ත්වං ආනන්ද, ඉමෙසු ධම්මෙසු ද්වෙපි භික්ඛූ නානාවාදෙ’ති. යෙ මෙ භන්තෙ, ධම්මා භගවතා අභිඤ්ඤා දෙසිතා, සෙය්යථිදං: චත්තාරො සතිපට්ඨානා චත්තාරො සම්මප්පධානා චත්තාරො ඉද්ධිපාදා පඤ්චින්ද්රියානි පඤ්ච බලානි සත්ත බොජ්ඣඞ්ගා අරියො අට්ඨඞ්ගිකො මග්ගො. නාහං පස්සාමි ඉමෙසු ධම්මෙසු ද්වෙපි භික්ඛූ නානාවාදෙ. යෙ ච ඛො{2} භන්තෙ, පුග්ගලා භගවන්තං පතිස්සයමානරූපා විහරන්ති. තෙපි භගවතො අච්චයෙන සඞ්ඝෙ විවාදං ජනෙය්යුං අජ්ඣාජීවෙ වා අධිපාතිමොක්ඛෙ වා. සොස්ස{1} විවාදො බහුජනාහිතාය බහුජනාසුඛාය බහුනො ජනස්ස අනත්ථාය අහිතාය දුක්ඛාය දෙවමනුස්සානන්ති.
Sinhala BJTආනන්‍දය, ඒ කෙසේ හඟිහි, මා විසින් තොපට යම් ධර්‍ම කෙනෙක් ප්‍රත්‍යක්‍ෂ කොට දෙසල ලදහු ද, ඔහු කවරහ යත්: සතර සීවටනුහු යැ, සතර සම්‍යක් ප්‍රධානයෝ යැ, සතර ඍද්ධිපාදයෝ යැ, පඤ්චේන්‍ද්‍රියයෝ යැ, පඤ්ච බලයෝ යැ, සප්ත බෝධ්‍යඞ්ගයෝ යැ, ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගිකමාර්‍ගය යන මොහු යි. ආනන්‍දය, තෙපි මේ ධර්‍මයන් කෙරෙහි භින්නවාද වූ දෙ මහණ කෙනකුදු දක්නාව? වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් යම් මේ ධර්‍ම කෙනෙක් ප්‍රත්‍යක්‍ෂ කොට දෙසන ලදහු ද, ඔහු කවරහ යත්: සතර සීවටන් හු යැ, සතර සම්‍යක්ප්‍රධානයෝ යැ, සතර ඍද්ධිපාදයෝ යැ, පඤ්චේන්‍ද්‍රියයෝ යැ, පඤ්ච බලයෝ යැ, සප්ත බෝධ්‍යඞ්ගයෝ යැ, ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගිකමාර්‍ගය යන මොහු යි. මම මේ ධර්‍මයන් කෙරෙහි භින්නවාද වූ දෙ මහණ කෙනකුදු නො දක්මි. වහන්ස, යම් මැ පුද්ගල කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ ඇසුරු කරන්නාහු වාස කෙරෙත් ද, ඔහුද භාග්‍යවතුන් වහන්සේගේ ඇවෑමෙන් ආජීවනිමිත්තෙහි හෝ (තදන්‍ය) ප්‍රාතිමෝක්‍ෂ නිමිත්තෙහි හෝ සඞ්ඝයා කෙරෙහි විවාද දනවන්නාහු නම් ඒ විවාද බොහෝදෙනාට අහිත පිණිස බොහෝදෙනාට දුක් පිණිස බොහෝදෙනාට අනර්‍ත්‍ථ පිණිස දෙව්මිනිස්නට අහිත පිණිස දුක් පිණිස වැටෙතී’ සැලකළෝ.
Pali BJTඅප්පමත්තකො සො ආනන්ද, විවාදො යදිදං අජ්ඣාජීවෙ වා අධිපාතිමොක්ඛෙ වා. මග්ගෙ වාපි ආනන්ද, පටිපදාය වා සඞ්ඝෙ විවාදො උප්පජ්ජමානො උප්පජ්ජෙය්ය. සොස්ස{1} විවාදො බහුජනාහිතාය බහුජනාසුඛාය බහුනො ජනස්ස අනත්ථාය අහිතාය දුක්ඛාය දෙවමනුස්සානන්ති.
Sinhala BJTආනන්‍දය, ආජීවනිමිත්තෙහි වේවයි, අධිප්‍රාතිමෝක්‍ෂනිමිත්තෙහි වේවයි යම් මැ විවාදයෙක් ඇත්නම් ඒ විවාද අල්පමාත්‍ර විවාදයෙකි, ආනන්‍දය, මාර්‍ගය නිමිති කොට හෝ ප්‍රතිපත් නිමිති කොට හෝ උපදනාවිවාදයෙක් වේ නම් ඒ විවාදය බොහෝදෙනාට අහිත පිණිස බොහෝදෙනාට දුක් පිණිස බොහෝදෙනාට අනර්‍ත්‍ථ පිණිස දෙව්මිනිස්නට අහිත පිණිස දුක් පිණිස වැටෙයි.
Pali BJTඡයිමානි ආනන්ද, විවාදමූලානි. කතමානි ඡ: ඉධානන්ද, භික්ඛු කොධනො හොති උපනාහී. යො සො ආනන්ද, භික්ඛු කොධනො හොති උපනාහී, සො සත්ථරිපි අගාරවො විහරති අප්පතිස්සො. ධම්මෙපි අගාරවො විහරති අප්පතිස්සො. සඞ්ඝෙපි අගාරවො විහරති අප්පතිස්සො. සික්ඛායපි න පරිපූරකාරී හොති. යො සො ආනන්ද, භික්ඛු සත්ථරි අගාරවො විහරති අප්පතිස්සො. ධම්මෙ -පෙ- සඞ්ඝෙ අගාරවො විහරති අප්පතිස්සො. සික්ඛාය න පරිපූරකාරී හොති. සො සඞ්ඝෙ විවාදං ජනෙති, යො හොති විවාදො බහුජනාහිතාය බහුජනාසුඛාය, බහුනො ජනස්ස අනත්ථාය අහිතාය දුක්ඛාය දෙවමනුස්සානං. එවරූපං චෙ තුම්හෙ ආනන්ද, විවාදමූලං අජ්ඣත්තං වා බහිද්ධා වා සමනුපස්සෙය්යාථ. තත්ර තුම්හෙ ආනන්ද, තස්සෙව පාපකස්ස විවාදමූලස්ස පහානාය වායමෙය්යාථ. එවරූපං චෙ තුම්හෙ ආනන්ද, විවාදමූලං අජ්ඣත්තං වා බහිද්ධා වා න සමනුපස්සෙය්යාථ. තත්ර තුම්හෙ ආනන්ද, තස්සෙව පාපකස්ස විවාදමූලස්ස ආයතිං අනවස්සවාය පටිපජ්ජෙය්යාථ. එවමෙතස්ස පාපකස්ස විවාදමූලස්ස පහානං හොති, එවමෙතස්ස පාපකස්ස විවාදමූලස්ස ආයතිං අනවස්සවො හොති.
Sinhala BJTආනන්‍දය, මේ විවාදමූලයෝ සදෙනෙකි, කවර සදෙනෙක යත්: ආනන්‍දය, මෙ සස්නෙහි මහණෙක් කිපෙනසුලු වූයේ බද්ධවෛර ඇතියේ වේ ද, ආනන්‍දය, යම් ඒ මහණෙක් කිපෙනසුලු වූයේ බද්ධවෛර ඇතියේ වේ නම්, ඒ මහණ ශාස්තෲන් වහන්සේ කෙරෙහිදු අගෞරව ව යටත් පැවැතුම් නැති ව වාස කෙරෙයි, ධර්‍මය කෙරෙහි ද ගෞරව නැති ව ප්‍රතිශ්‍රය නැති ව වාස කෙරෙයි, සඞ්ඝයා කෙරෙහි දු ගෞරව නැති ව අප්‍රතිශ්‍රය ව වාස කෙරෙයි, ශික්‍ෂායෙහි දු පරිපූරකාරී නො වෙයි. ආනන්‍දය, යම් මහණෙක් ශාස්තෲන් වහන්සේ කෙරෙහි ගෞරව රහිත ව ප්‍රතිශ්‍රය රහිත ව වාස කෙරේ ද, ධර්‍මය කෙරෙහි … ගෞරව රහිත ව ප්‍රතිශ්‍රය රහිත ව වාස කෙරේ ද, ශික්‍ෂායෙහි පරිපූරකාරී නො වේ ද, හේ සඞ්ඝයා කෙරෙහි විවාද දනවා ද, ඒ විවාද බොහෝදෙනාට අහිත පිණිස බොහෝදෙනාට දුක් පිණිස බොහෝදෙනාට අනර්‍ත්‍ථ පිණිස දෙව්මිනිස්නට අහිත පිණිස දුක් පිණිස වැටේ. ඉදින් ආනන්‍දය, තෙපි මෙවන් විවාදමූලයක් තමා තුළ හෝ බැහැර හෝ දක්නහු නම්, ආනන්‍දය, එහි ලා තෙපි ඒ පාපක වූ විවාදමූලයාගේ මැ ප්‍රහාණය පිණිස ව්‍යායාම කරව, ඉදින් ආනන්‍දය, තෙපි මෙබඳු විවාදමූලයක් තමා කෙරෙහි හෝ මෙරමා කෙරෙහි හෝ නො දක්නහු නම්, ආනන්‍දය, එහි ලා තෙපි පාපක වූ ඒ විවාදමූලයාගේ මැ මතු නූපදනා පිණිස පිළිපදුව. මෙසේ තෙල පාපක විවාදමූලයාගේ ප්‍රහාණය වෙයි. මෙසේ තෙල විවාදමූලයාගේ මතු නො ඉපැද්ම වෙයි.
Pali BJTපුන චපරං ආනන්ද, භික්ඛු මක්ඛී හොති පලාසී. -පෙ- ඉස්සුකී හොති මච්ඡරී -පෙ- සඨො හොති මායාවී -පෙ- පාපිච්ඡො හොති මිච්ඡාදිට්ඨි -පෙ- සන්දිට්ඨිපරාමාසී හොති ආධානගාහී{1} දුප්පටිනිස්සග්ගී. යො සො ආනන්ද, භික්ඛු සන්දිට්ඨිපරාමාසී හොති ආධානගාහී දුප්පටිනිස්සග්ගී, සො සත්ථරිපි අගාරවො විහරති අප්පතිස්සො. ධම්මෙපි අගාරවො විහරති අප්පතිස්සො. සඞ්ඝෙපි අගාරවො විහරති අප්පතිස්සො. සික්ඛායපි න පරිපූරකාරී හොති. යො සො ආනන්ද, භික්ඛු සත්ථරි අගාරවො විහරති අප්පතිස්සො. ධම්මෙ -පෙ- සඞ්ඝෙ -පෙ- සික්ඛාය න පරිපූරකාරී හොති. සො සඞ්ඝෙ විවාදං ජනෙති, යො හොති විවාදො බහුජනාහිතාය බහුජනාසුඛාය, බහුනො ජනස්ස අනත්ථාය අහිතාය දුක්ඛාය දෙවමනුස්සානං. එවරූපං චෙ තුම්හෙ ආනන්ද, විවාදමූලං අජ්ඣත්තං වා බහිද්ධා වා සමනුපස්සෙය්යාථ. තත්ර තුම්හෙ ආනන්ද, තස්සෙව පාපකස්ස විවාදමූලස්ස පහානාය වායමෙය්යාථ. එවරූපං චෙ තුම්හෙ ආනන්ද, විවාදමූලං අජ්ඣත්තං වා බහිද්ධා වා න සමනුපස්සෙය්යාථ. තත්ර තුම්හෙ ආනන්ද, තස්සෙව පාපකස්ස විවාදමූලස්ස ආයතිං අනවස්සවාය පටිපජ්ජෙය්යාථ. එවමෙතස්ස පාපකස්ස විවාදමූලස්ස පහානං හොති. එවමෙතස්ස පාපකස්ස විවාදමූලස්ස ආයතිං අනවස්සවො හොති. ඉමානි ඛො ආනන්ද, ඡ විවාද මූලානි.
Sinhala BJTතවද ආනන්‍දය, මහණ ගුණමකු වෙයි, යුගග්‍රාහලක්‍ෂණ ප්‍රදාස ඇති වෙයි, ... ඊර්‍ෂ්‍යා ඇති වෙයි, මසුරු ඇති වෙයි, ... ශඨ වෙයි, මායාවී වෙයි, ... පාපේච්ඡ වෙයි, මිත්‍ථ්‍යා දෘෂ්ටික වෙයි ... යුගග්‍රාහ ඇතියේ මුදවාලියැ නො හෙනුයේ සිය දිටු පරාමර්‍ශ කරනසුලු වෙයි, ආනන්‍දය, යම් ඒ මහණෙක් ආධානගාහී වැ දුප්පටිනිස්සග්ගී වැ සිය දෘෂ්ටිය ම පරාමර්‍ශ කරනසුලු වේ නම් හේ ශාස්තෲන් වහන්සේ කෙරෙහි දු ගෞරව රහිත වැ ප්‍රතිශය රහිත වැ වාස කෙරෙයි, ධර්‍මය කෙරෙහිදු අගෞරව වැ ප්‍රතිශ්‍රය රහිත වැ වාස කෙරෙයි, සඞ්ඝයා කෙරෙහි දු ගෞරව රහිත වැ ප්‍රතිශ්‍රය රහිත වැ වාස කෙරෙයි. ශික්‍ෂාශාසනයෙහිදු පරිපූරකාරී නො වෙයි. ආනන්‍දය, යම් ඒ මහණෙක් ශාස්තෲන් වහන්සේ කෙරෙහි අගෞරව වැ ප්‍රතිශ්‍රය රහිත වැ වාස කෙරේ ද, ධර්‍මය කෙරෙහි ... සඞ්ඝයා කෙරෙහි ... (ප්‍රතිශ්‍රය රහිත වැ වාස කෙරේ ද) ශික්‍ෂායෙහි පරිපූරකාරී නො වේ ද, හේ සඞ්ඝයා කෙරෙහි විවාද දනවයි, ඒ විවාද බොහෝ දෙනාට අහිත පිණිස බොහෝදෙනාට දුක් පිණිස බොහෝදෙනාට අනර්‍ත්‍ථ පිණිස දෙව්මිනිස්නට අහිත පිණිස දුක් පිණිස වෙයි. ඉදින් ආනන්‍දය, තෙපි මෙබඳු විවාදමූලයක් තමා කෙරෙහි හෝ මෙරමා කෙරෙහි හෝ නුවණින් දක්නහු නම්, ආනන්‍දය, තෙපි ඒ පාපක විවාදමූලයාගේ මැ ප්‍රහාණය පිණිස වෑයම් කරව. ඉදින් ආනන්‍දය, තෙපි මෙබඳු විවාද මූලයක් තමා කෙරෙහි හෝ මෙරමා කෙරෙහි හෝ නො දක්නහු නම්, ආනන්‍දය, තෙපි එහි ලා ඒ පාපක විවාද මූලයාගේ මැ මතු නො ඉපැද්ම පිණිස පිළිපදව, මෙසේ තෙල පාපක විවාදමූලයාගේ ප්‍රහාණ වෙයි, මෙසේ තෙල පාපක විවාදමූලයාගේ මතු නො ඉපැද්ම වෙයි. ආනන්‍දය, මොහු සවැදෑරුම් විවාදමූලයෝ යි.
Pali BJTචත්තාරිමානි ආනන්ද, අධිකරණානි. කතමානි චත්තාරි: විවාදාධිකරණං, අනුවාදාධිකරණං, ආපත්තාධිකරණං, කිච්චාධිකරණං. ඉමානි ඛො ආනන්ද, චත්තාරි අධිකරණානි.
Sinhala BJTආනන්‍දය, මේ අධිකරණයෝ සතරදෙනෙකි. කවර සතරදෙනෙක යත්: විවාදාධිකරණ යැ, අනුවාදාධිකරණ යැ, ආපත්තාධිකරණ යැ, කිච්චාධිකරණ යි. ආනන්‍දය, මොහු සතර අධිකරණයෝ යි.
Pali BJTසත්ත ඛො පනිමෙ ආනන්ද, අධිකරණසමථා උප්පන්නුප්පන්නානං අධිකරණානං සමථාය වූපසමාය, සම්මුඛාවිනයො දාතබ්බො, සතිවිනයො දාතබ්බො, අමූළ්හවිනයො දාතබ්බො, පටිඤ්ඤාය කාරෙතබ්බං, යෙභුය්යසිකා, තස්සපාපිය්යසිකා, තිණවත්ථාරකො’ති.
Sinhala BJTයළි ආනන්‍දය, මේ අධිකරණසමථයෝ සත්දෙනෙක් වෙති: ‘උපනුපන් අධිකරණයන්ගේ ශමථය පිණිස ව්‍යුපශමය පිණිස (චතුර්විධ සම්මුඛතායෙන්) සම්මුඛාවිනය දිය යුතු ය. (රහත් මහණහට චෝදනා නො කරනු සඳහා) සතිවිනය දියයුතු යැ (උමතු ව සිටි මහණහට චෝදනා නො කරනු සඳහා) අමූළ්හවිනය දියයුතු යැ, (ඇවත පිළිගන්නහුට) ප්‍රතිඥායෙන් කටයුතු යැ, (ධර්‍මවාදීන්ගේ බාහුල්‍යයෙන් කරන) යේභුය්‍යසිකා යැ, (පාපොත්සද පුද්ගල හට කරන) තස්සපාපිය්‍යසිකා යැ, තිණ්වත්‍ථාරකකර්‍ම යැ යන මොහු යි.
Pali BJTකථඤ්ච ආනන්ද, සම්මුඛාවිනයො හොති: ඉධානන්ද, භික්ඛූ විවදන්ති ධම්මොති වා අධම්මොති වා විනයොති වා අවිනයොති වා. තෙහානන්ද{2} භික්ඛූහි සබ්බෙහෙව සමග්ගෙහි සන්නිපතිතබ්බං. සන්නිපතිත්වා ධම්මනෙත්ති සමනුමජ්ජිතබ්බා . ධම්මනෙත්තිං සමනුමජ්ජිත්වා යථා තත්ථ සමෙති. තථා තං අධිකරණං වූපසමෙතබ්බං. එවං ඛො ආනන්ද, සම්මුඛාවිනයො හොති. එවඤ්ච පනිධෙකච්චානං අධිකරණානං වූපසමො හොති, යදිදං සම්මුඛාවිනයෙන.
Sinhala BJTආනන්‍දය, කිසෙයින් සම්මුඛාවිනය වෙයි යත්: ආනන්‍දය, මෙහි භික්‍ෂු කෙනෙක් ධර්‍ම යැ කියා හෝ අධර්‍ම යැ කියා හෝ විනය යැ කියා හෝ අවිනය යැ කියා හෝ විවාද කෙරෙති. ආනන්‍දය, සමඟ වූ එ හැම භික්‍ෂූහු රැස්විය යුතු වෙති. රැස් වැ ධර්‍මනීතිය විමසියැ යුත්තී යැ, ධර්‍මනීතිය විමසා ඒ ධර්‍මන්‍යායයෙහි යම්සේ සම වේ ද, එසෙයින් ඒ අධිකරණය සන්හිඳුවිය යුතු. ආනන්‍දය, මෙසේ සම්මුඛාවිනය වෙයි. යම් අධිකරණයෙක් යම් සම්මුඛාවිනයෙකින් සන්හිඳේ ද, මෙසෙයිනුදු මෙහි ඇතැම් විවාදාධිකරණයන්ගේ සන්හිඳීම වේ.
Pali BJTකථඤ්ච ආනන්ද, යෙභුය්යසිකා හොති: තෙ චෙ ආනන්ද, භික්ඛූ න සක්කොන්ති තං අධිකරණං තස්මිං ආවාසෙ වූපසමෙතුං. තෙහානන්ද, භික්ඛූහි යස්මිං ආවාසෙ බහුතරා භික්ඛූ, සො ආවාසො ගන්තබ්බො. තත්ථ සබ්බෙහෙව සමග්ගෙහි සන්නිපතිතබ්බං. සන්නිපතිත්වා ධම්මනෙත්ති සමනුමජ්ජිතබ්බා. ධම්මනෙත්තිං සමනුමජ්ජිත්වා යථා තත්ථ සමෙති, තථා තං අධිකරණං වූපසමෙතබ්බං. එවං ඛො ආනන්ද, යෙභුය්යසිකා හොති. එවඤ්ච පනිධෙකච්චානං අධිකරණානං වූපසමො හොති, යදිදං යෙභුය්යසිකාය.
Sinhala BJTකිසෙයින් ආනන්‍දය යේභුය්‍යසිකා වෙයි යත්: ඉදින් ආනන්‍දය, ඒ භික්‍ෂූහු ඒ අධිකරණය ඒ ආවාසයෙහි (හිඳ) සන්හිඳුවාලන්නට නො හැකි වෙත් ද, ආනන්‍දය, ඒ භික්‍ෂූන් විසින් යම් ආවාසයෙක බහුතර භික්‍ෂූහු වෙසෙත් ද, ඒ ආවාසය ගන්තව්‍ය වෙයි. (ඒ ආවාසයට යායුතුයි) එහි සමඟ වූ හැම භික්‍ෂූහු මැ රැස්විය යුත්තාහ. රැස්වැ ධර්‍මන්‍යාය විමසියැ යුතු ය. ධර්‍මන්‍යාය විමසා එහි යම්සේ සම් වේ ද, එසෙයින් ඒ අධිකරණය සන්හිඳුවිය යුතු. ආනන්‍දය, මෙසේ යේභුය්‍යසිකා වෙයි. යම් අධිකරණයෙක් යම් යේභුය්‍යසිකායේකින් සන්හිඳේ ද, මෙසෙයිනුදු මේ ශාසනයෙහි කිසි අධිකරණ කෙනකුන් ගේ ව්‍යුපශම වෙයි.
Pali BJTකථඤ්ච ආනන්ද, සතිවිනයො හොති: ඉධානන්ද, භික්ඛූ භික්ඛුං එවරූපාය ගරුකාය ආපත්තියා චොදෙති පාරාජිකෙන වා පාරාජිකසාමන්තෙන වා ‘සරතායස්මා එවරූපිං{1} ගරුකං ආපත්තිං ආපජ්ජිතා පාරාජිකං වා පාරාජිකසාමන්තං වා’ති. සො එවමාහ: ‘න ඛො අහං ආවුසො, සරාමි එවරූපිං ගරුකං ආපත්තිං ආපජ්ජිතා පාරාජිකං වා පාරාජිකසාමන්තං වා’ති. තස්ස ඛො ආනන්ද{2}, භික්ඛුනො සතිවිනයො දාතබ්බො. එවං ඛො ආනන්ද, සතිවිනයො හොති. එවඤ්ච පනිධෙකච්චානං අධිකරණානං වූපසමො හොති, යදිදං සතිවිනයෙන.
Sinhala BJTආනන්‍දය, කිසෙයින් සතිවිනය වෙයි යත්: ආනන්‍දය, මෙ සස්නෙහි මහණ මෙබඳු ගරුකාපත්තියෙකින් මහණක්හු සොයයි: පරාජිකයෙන් වේවයි ඇවත් අවන් ආයුෂ්මත් පරිජි හෝ පාරාජිකසාමන්ත හෝ මෙබඳු ගරුකාපත්තියක් සිහි කෙරේදැයි. ඒ මහණ මෙසේ කියයි: ‘ඇවත, ඇවත් අවන් මම පාරාජික හෝ පාරාජිකසාමන්ත හෝ මෙබඳු ගරුකාපත්තියක් සිහි නො කරමි’, ආනන්‍දය, ඒ මහණහට සතිවිනය දියයුතු. ආනන්‍දය මෙසේ සතිවිනය වෙයි. සතිවිනයෙන් යම් අධිකරණයෙක් ව්‍යුපශම වේ ද, ආනන්‍දය, මෙසෙයිනුදු මෙ සස්නෙහි කිසි අනුවාදාධිකරණ කෙනකුන්ගේ ව්‍යුපශම වෙයි.
Pali BJTකථඤ්ච ආනන්ද , අමූළ්හවිනයො හොති: ඉධානන්ද, භික්ඛු භික්ඛුං එවරූපාය ගරුකාය ආපත්තියා චොදෙති පාරාජිකෙන වා පාරාජිකසාමන්තෙන වා සරතායස්මා එවරූපිං{1} ගරුකං ආපත්තිං ආපජ්ජිතා පාරාජිකං වා පාරාජිකසාමන්තං වා’ති. සො එවමාහ: ‘න ඛො අහං ආවුසො, සරාමි එවරූපිං ගරුකං ආපත්තිං ආපජ්ජිතා පාරාජිකං වා පාරාජිකසාමන්තං වා’ති. තමෙනං සො නිබ්බෙඨෙන්තං අතිවෙඨෙති{3} ඉඞ්ඝායස්මා සාධුකමෙව ජානාහි, යදි සරසි එවරූපිං ගරුකං ආපත්තිං ආපජ්ජිතා පාරාජිකං වා පාරාජිකසාමන්තං වා’ති. සො එවමාහ: ‘අහං ඛො ආවුසො, උම්මාදං පාපුණිං චෙතසො විපරියෙසං{4}. තෙන මෙ උම්මත්තකෙන බහුං අස්සාමණකං අජ්ඣාචිණ්ණං භාසිතපරික්කන්තං{5} නාහං තං සරාමි. මූළ්හෙන මෙ එතං කතන්ති. තස්ස ඛො ආනන්ද, භික්ඛුනො අමූළ්හවිනයො දාතබ්බො. එවං ඛො ආනන්ද, අමූළ්හවිනයො හොති. එවඤ්ච පනිධෙකච්චානං අධිකරණානං වූපසමො හොති. යදිදං අමූළ්හවිනයෙන.
Sinhala BJTආනන්‍දය, කිසෙයින් අමූළ්හවිනය වෙයි යත්: ආනන්‍දය, මෙ සස්නෙහි මහණ පාරාජිකයෙන් වේවයි පාරාජිකසාමන්තයෙන් වේවයි මෙබඳු ගරුකාපත්තියකින් මහණකු සොයයි: ‘ඇවැත් අවන් ආයුෂ්මත් පාරාජික හෝ පාරාජිකසාමන්ත හෝ මෙබඳු ගරුකාපත්තියක් සිහි කෙරේ දැ’ යි. හේ මෙසේ කියයි: ‘ඇවත, ඇවැත් අවන් මම පාරාජික හෝ පාරාජිකසාමන්ත හෝ මෙබඳු ගරුකාපත්තියක් සිහි නො කරමි, ඒ චෝදක මහණ ඇවැත්වෙළුම් හරන තෙල චුදික මහණහු තර කොට ඇවතින් වෙළයි: ‘ඇවැත් අවන් ආයුෂ්මත් පාරාජික හෝ පාරාජිකසාමන්ත හෝ මෙබඳු ගරුකාපත්තියක් ඉදින් සිහි කරහි නම්, එයින් ආයුෂ්මත් මනාකොට මැ දනුව’ යි. (එසඳ) ඒ චුදිත මහණ මෙසේ කියයි: ‘ඇවත මම් වූ කලි චිත්තවිපර්‍ය්‍යාස වූ උන්මාදයට පැමිණියෙමි, උමතු වූ මා විසින් බසින් බිණු කයින් කළ බොහෝ නො සරුප් දැ ආචාර බිඳ කරන ලද. මම් ඒ නො සිහි කරමි, සමුමූඪ වූ මා විසින් තෙල කැරුණේ ය’ යි. ආනන්‍දය, ඒ මහණ හට අමූළ්හවිනය දියයුතු. ආනන්‍දය, මෙසේ අමූළ්හවිනය වෙයි. යම් අධිකරණයෙක් යම් අමූළ්හවිනයෙකින් සන්හිඳේ ද, මෙසෙයින් මෙ සස්නෙහි කිසි අනුවාදාධිකරණ කෙනකුන්ගේ සන්හිඳීම වෙයි.
Pali BJTකථඤ්ච ආනන්ද, පටිඤ්ඤාතකරණං හොති: ඉධානන්ද, භික්ඛු චොදිතො වා අචොදිතො වා{6} ආපත්තිං සරති, විවරති උත්තානීකරොති. තෙනානන්ද, භික්ඛුනා බුඩ්ඪතරො භික්ඛු{7} උපසඞ්කමිත්වා එකංසං චීවරං කත්වා පාදෙ වන්දිත්වා උක්කුටිකං නිසීදිත්වා අඤ්ජලිං පග්ගහෙත්වා එවමස්ස වචනීයො ‘අහං භන්තෙ, ඉත්ථන්නාමං ආපත්තිං ආපන්නො, තං පටිදෙසෙමී’ති. සො එවමාහ : ‘පස්සසී’ති, ‘පස්සාමී’ති.{8} ‘ආයතිං සංවරං ආපජ්ජෙය්යාසීති{9} සංවරං ආපජ්ජිස්සාමීති.{10} එවං ඛො ආනන්ද, පටිඤ්ඤාතකරණං හොති. එවඤ්ච පනිධෙකච්චානං අධිකරණානං වූපසමො හොති, යදිදං පටිඤ්ඤාතකරණෙන.
Sinhala BJTකිසෙයින් ආනන්‍දය, පටිඤ්ඤාතරකණ වෙයි යත්: ආනන්‍දය, මෙ සස්නෙහි මහණ චෝදිත වූයේ හෝ අචෝදිත වූයේ හෝ ඇවැත් සිහි කෙරෙයි, විවර කෙරෙයි, පාළ කෙරෙයි. ආනන්‍දය, ඒ මහණහු විසින් වෘද්ධතර මහණ වෙත එළැඹ සිවුරු එකස් කොට පාසඟුළුවන් වැඳ උළුලුයෙන් හිඳ ඇඳිලි බැඳ මෙසේ කියයුතු වෙයි: ‘වහන්ස, මම් මෙනම් ඇවැත් අවන්මි, එ ඇවැත් දෙසමී’, හේ මෙසේ කියයි: ‘දක්නෙහි දැ’ යි, ‘දක්මී’. ‘මතුයෙහි සංවරයට පැමිණෙහි’ යයි. ‘සංවරයට පැමිණෙමි’යි. ආනන්‍දයෙනි, මෙසේ පටිඤ්ඤාතකරණ වෙයි. යම් අධිකරණයෙක් යම් පටිඤ්ඤාතකරණ නම් සමථයෙකින් සන්හිඳේ ද, මෙසේත් මෙ සස්නෙහි ඇතැම් ආපත්තාධිකරණ කෙනකුන්ගේ ව්‍යුපශම වෙයි.
Pali BJTකථඤ්ච ආනන්ද , තස්සපාපිය්යසිකා{11} හොති: ඉධානන්ද, භික්ඛූ භික්ඛුං එවරූපාය ගරුකාය ආපත්තියා චොදෙති පාරාජිකෙන වා පාරාජිකසාමන්තෙන වා, ‘සරතායස්මා එවරූපිං ගරුකං ආපත්තිං ආපජ්ජිතා පාරාජිකං වා පාරාජිකසාමන්තං වා’ති. සො එවමාහ:
Sinhala BJTආනන්‍දය, කිසෙයින් ‘තස්සපාපිය්‍යසිකා’ වෙයි යත්: ආනන්‍දය, මෙ සස්නෙහි මහණ මහණක්හට පරිජි ඇවතින් වේවයි පාරාජිකසාමන්තයෙකින් වේවයි ‘ආයුෂ්මත් පරිජි හෝ පාරාජිකසාමන්ත වූ හෝ මෙ බඳු ගරු ඇවතකට පැමිණියේ සිහි කෙරේව’ යි. මෙ බඳු ගරු ඇවැතෙකින් චෝදනා කෙරෙයි. හේ මෙසේ කියයි:
Pali BJT‘න ඛො අහං ආවුසො, සරාමි එවරූපිං ගරුකං ආපත්තිං ආපජ්ජිතා පාරාජිකං වා පාරාජිකසාමන්තං වා’ති. තමෙනං සො නිබ්බෙඨෙන්තං අතිවෙඨෙති. ඉඞ්ඝායස්මා සාධුකමෙව ජානාහි, යදි සරසි එවරූපිං ගරුකං ආපත්තිං ආපජ්ජිතා පාරාජිකං වා පාරාජිකසාමන්තං වා’ති. සො එවමාහ : ‘න ඛො අහං ආවුසො, සරාමි එවරූපිං ගරුකං ආපත්තිං ආපජ්ජිතා පාරාජිකං වා පාරාජිකසාමන්තං වා, සරාමි ඛො අහං ආවුසො එවරූපිං අප්පමත්තිකං ආපත්තිං ආපජ්ජිතා’ති. තමෙනං සො නිබ්බෙඨෙන්තං අතිවෙඨෙති, ඉඞ්ඝායස්මා සාධුකමෙව ජානාහි, යදි සරසි එවරූපිං ගරුකං ආපත්තිං ආපජ්ජිතා පාරාජිකං වා පාරාජිකසාමන්තං වා’ති. සො එවමාහ: ‘ඉමං හි නාමාහං ආවුසො, අප්පමත්තිකං ආපත්තිං ආපජ්ජිත්වා අපුට්ඨො පටිජානිස්සාමි. කිම්පනාහං එවරූපිං ගරුකං ආපත්තිං ආපජ්ජිත්වා පාරාජිකං වා පාරාජිකසාමන්තං වා පුට්ඨො න පටිජානිස්සාමී’ති. සො එවමාහ: ‘ඉමං හි නාම ත්වං ආවුසො, අප්පමත්තිකං ආපත්තිං ආපජ්ජිත්වා අපුට්ඨො න පටිජානිස්සසි. කිම්පන ත්වං එවරූපිං ගරුකං ආපත්තිං ආපජ්ජිත්වා පාරාජිකං වා පාරාජිකසාමන්තං වා පුට්ඨො පටිජානිස්සසි, ‘ඉඞ්ඝායස්මා සාධුකමෙව ජානාහි, යදි සරසි එවරූපිං ගරුකං ආපත්තිං ආපජ්ජිතා පාරාජිකං වා පාරාජිකසාමන්තං වා’ති. සො එවමාහ: ‘සරාමි ඛො අහං ආවුසො, එවරූපිං ගරුකං ආපත්තිං ආපජ්ජිතා පාරාජිකං වා පාරාජිකසාමන්තං වා ‘දවා මෙ එවං වුත්තං, රවා මෙ එවං වුත්තං, ‘නාහං තං සරාමි එවරූපිං ගරුකං ආපත්තිං ආපජ්ජිතා පාරාජිකං වා පාරාජිකසාමන්තං වා’ති. එවං ඛො ආනන්ද, තස්සපාපිය්යසිකා හොති. එවඤ්ච පනිධෙකච්චානං අධිකරණානං වූපසමො හොති, යදිදං තස්සපාපිය්යසිකාය.
Sinhala BJT‘ඇවැත්නි, මම් පරිජි හෝ පාරාජිකසාමන්ත වූ හෝ මෙ බඳු ගරු ඇවැතකට නොපැමිණයෙම් නො මැ සිහි කෙරෙමි’ යි. ඒ චෝදක මහණ නිර්‍වෙෂ්ඨන කරන (තමා මුදන) තෙල චුදිතයා අතිවෙඨන කෙරෙයි: ‘ඉදින් පාරාජික හෝ පාරාජිකසාමන්ත වූ හෝ මෙ බඳු ගරු ඇවැතකට පැමිණියෙහි සිහි කෙරෙහි නම් ආයුෂ්මත් ඒකාන්තයෙන් මනාකොට මැ දනුව’ යි. හේ මෙසේ කියයි: ‘ඇවැත්නි, මම් පාරාජික හෝ පාරාජිකසාමන්ත වූ හෝ මෙ බඳු ගරු ඇවැතකට පැමිණියෙම් නො මැ සිහි කෙරෙමි. ඇවැත්නි, මම් මෙ බඳු වූ අල්පමාත්‍ර ඇවැතකට පැමිණියෙම් සිහි කෙරෙමි’ යි. ඒ චෝදක මහණ නිර්‍වෙෂ්ඨන කරන තෙල චුදිත මහණහු අතිවෙඨන කෙරෙයි: ‘ඒකාන්තයෙන් ආයුෂ්මත් මනාකොට මැ දන්හි. ඉදින් පාරාජික හෝ පාරාජිකසාමන්ත වූ හෝ මෙ බඳු ගරු ඇවැතකට පැමිණියෙහි සිහි කරව’ යි. හේ මෙසේ කියයි: ‘ඇවැත්නි, මම් යම් හෙයෙකින් මේ අල්පමාත්‍ර වූ ඇවැතකට පැමිණ නො පුළුවුස්නා ලදුයෙම් ප්‍රතිඥා කෙරෙම් නම් කිමෙක් ද මම් පාරාජික හෝ පාරාජිකසාමන්ත වූ හෝ මෙ බඳු ගරු ඇවැතකට පැමිණ පුළුවුස්නාලදුයෙම් පිළින නො කෙරෙම් දැ’ යි. ඒ චෝදක මහණ මෙසේ කියයි: ‘ඇවැත්නි, යම් හෙයෙකින් තෝ මේ අල්පමාත්‍ර වූ ඇවැතකට පැමිණ නො පුළුවුස්නා ලද්දෙහි ප්‍රතිඥා නො කරව. කිමෙක තෝ පාරාජික හෝ පාරාජිකසාමන්ත හේ මෙ බඳු ගරු ඇවැතකට පැමිණ පුළුවුස්නා ලදුයෙහි ප්‍රතිඥා කරන්නෙහි ද? ඒකාන්තයෙන් ආයුෂ්මත් මනාකොට මැ දන්හි. ඉදින් පාරාජික හෝ පාරාජිකසාමන්ත හෝ මෙ බඳු ගරු ඇවැතකට පැමිණියහු සිහි කරව’ යි. ඒ චුදිත මහණ කියයි. ඇවැත්නි, මම් පාරාජික හෝ පාරාජිකසාමන්ත වූ හෝ මෙ බඳු ගරු ඇවැතකට පැමිණියෙම් සිහි කෙරෙම් මැ යැ. ‘මා විසින් සැහැසි වැ මෙසේ කියන ලද. මා විසින් අනෙකක් කියනු කැමැති වැ මෙසේ කියන ලද. මම් පාරාජික හෝ පාරාජිකසාමන්ත වූ හෝ මෙ බඳු ගරු ඇවැතකට පැමිණියෙම් එය නො සිහි කෙරෙමි’ යි. ආනන්‍දය, මෙසේ ‘තස්සපාපිය්‍යසිකා’ වෙයි. මෙ සස්නෙහි ‘තස්සපාපිය්‍යසිකා’ නම් සමථයෙකින් යම් අධිකරණයෙක් සන්හිඳේ ද, මෙසේත් මෙ සස්නෙහි ඇතැම් ආපත්තාධිකරණ කෙනකුන්ගේ ව්‍යුපශම වෙයි.
Pali BJTකථඤ්ච ආනන්ද, තිණවත්ථාරකො හොති: ඉධානන්ද, භික්ඛූනං භණ්ඩනජාතානං කලහජාතානං විවාදාපන්නානං විහරතං බහුං අස්සාමණකං අජ්ඣාචිණ්ණං හොති භාසිතපරිකන්තං. තෙහානන්ද, භික්ඛූහි සබ්බෙහෙව සමග්ගෙහි සන්නිපතිතබ්බං. සන්නිපතිත්වා එකතො පක්ඛිකානං භික්ඛූනං බ්යත්තතරෙන{1} භික්ඛුනා උට්ඨායාසනා එකංසං චීවරං කත්වා අඤ්ජලිම්පණාමෙත්වා සඞ්ඝො ඤාපෙතබ්බො.
Sinhala BJTආනන්‍දය, කිසෙයින් ‘තිණවත්‍ථාරක’ වෙයි යත්: ආනන්‍දය, මෙ සස්නෙහි උපන් ඩබර ඇති උපන් කලහ ඇති විවාදයට පැමිණ වෙසෙන භික්‍ෂූන් විසින් බසින් කී කයින් වෑයම් කොට කළ බොහෝ නොසරුප් දැ කරන ලද වෙයි. ආනන්‍දය, ඒ භික්‍ෂූන් හැම සමඟ වූවන් රැස්විය යුතු, රැස්වැ සපක්‍ෂ භික්‍ෂූන් අතුරෙන් ව්‍යක්තතර මහණක්හු විසින් හුනස්නෙන් නැඟීසිට සිවුර එකස් කොට පෙරෙව ඇඳිලි බැඳ සඞ්ඝයා මෙසේ දැන්විය යුතු:
Pali BJT‘සුණාතු මෙ භන්තෙ, සඞ්ඝො: ඉදං අම්හාකං භණ්ඩනජාතානං කලහජාතානං විවාදාපන්නානං විහරතං බහුං අස්සාමණකං අජ්ඣාචිණ්ණං භාසිතපරිකන්තං. යදි සඞ්ඝස්ස පත්තකල්ලං, අහං යා චෙව ඉමෙසං ආයස්මන්තානං ආපත්ති, යා ච අත්තනො ආපත්ති, ඉමෙසඤ්චෙව ආයස්මන්තානං අත්ථාය අත්තනො ච අත්ථාය සඞ්ඝමජ්ඣෙ තිණවත්ථාරකෙන දෙසෙය්යං, ඨපෙත්වා ථුල්ලවජ්ජං ඨපෙත්වා ගිහීපටිසංයුත්ත’න්ති.
Sinhala BJT‘වහන්ස, සඞ්ඝ තෙමේ මා කියන්නක් අසාවා, උපන් ඩබර ඇති උපන් කලහ ඇති විවාදාපන්න වැ වෙසෙන අප විසින් බසින් කී කයින් කළ මේ බොහෝ නො සරුප් දැ කරන ලද, ඉදින් සඟනට පැමිණි කල් වී නම්, මේ ආයුෂ්මතුන්ගේ යම් මැ ඇවැතකුත් වේ ද, තමාගේ යම් ඇවැතකුත් වේ ද, (එය) මේ ආයුෂ්මතුන් සඳහාත් තමා සඳහාත් ස්ථුලවද්‍ය (පරිජි සඟවෙසෙස්) ඇවැත් තබා ගෘහීප්‍රතිසංයුක්ත ඇවැත් තබා, සඟමැද තිණ්වත්‍ථාරකයෙන් දෙසන්නෙමැ’ යි.
Pali BJTඅථාපරෙසං එකතො පක්ඛිකානං භික්ඛූනං බ්යත්තතරෙන භික්ඛුනා උට්ඨායාසනා එකංසං චීවරං කත්වා අඤ්ජලිම්පණාමෙත්වා සඞ්ඝො ඤාපෙතබ්බො :
Sinhala BJTඉක්බිති සපක්‍ෂ වූ අන්‍ය භික්‍ෂූන් අතුරෙන් ව්‍යක්තර මහණක්හු විසින් හුනස්නෙන් නැඟීසිට සිවුරු එකස් කොට පෙරෙව ඇඳිලි බැඳ සඞ්ඝ තෙමේ ඥාතව්‍ය වෙයි:
Pali BJT‘සුණාතු මෙ භන්තෙ, සඞ්ඝො : ඉදං අම්හාක{1} භණ්ඩනජාතානං කලහජාතානං විවාදාපන්නානං විහරතං බහුං අස්සාමණකං අජ්ඣාචිණ්ණං භාසිතපරික්කන්තං. යදි සඞ්ඝස්ස පත්තකල්ලං. අහං යා චෙව ඉමෙසං ආයස්මන්තානං ආපත්ති, යා ච අත්තනො ආපත්ති, ඉමෙසඤ්චෙව ආයස්මන්තානං අත්ථාය අත්තනො ච අත්ථාය, සඞ්ඝමජ්ඣෙ තිණවත්ථාරකෙන දෙසෙය්යං, ඨපෙත්වා ථුල්ලවජ්ජං ඨපෙත්වා ගිහීපටිසංයුත්ත’න්ති.
Sinhala BJT‘වහන්ස, සඞ්ඝ තෙමේ මා කියන්නක් අසාවා, උපන් ඩබර ඇති උපන් කලහ ඇති විවාදාපන්න වැ වෙසෙන අප විසින් බසින් කී කයින් කළ මේ බොහෝ නො සරුප් දැ වෙයි, ඉදින් සඟනට පැමිණි කල් වී නම්, මම මේ ආයුෂ්මතුන්ගේ යම් මැ ඇවැතකුත් ඇද්ද තමාගේ යම් ඇවැතකුත් ඇද්ද, (එය) මේ ආයුෂ්මතුන් සඳහාත් තමා සඳහාත් (පරිජි සඟවෙසෙස් යන) ස්ථුලවද්‍ය ඇවැත් තබා ගෘහීප්‍රතිසංයුක්ත ඇවැත් තබා, සඟමැද තිණවත්‍ථාරකයෙන් දෙසන්නෙමැ’ යි.
Pali BJTඑවං ඛො ආනන්ද, තිණවත්ථාරකො හොති. එවඤ්ච පනිධෙකච්චානං අධිකරණානං වූපසමො හොති, යදිදං තිණවත්ථාරකෙන.
Sinhala BJTආනන්‍දය, මෙසේ තිණවත්‍ථාරක සමථ වෙයි. මෙසේ වැලිත් සස්නෙහි යම් ‘තිණවත්‍ථාරක’ නම් ශමථයෙක් ඇද්ද එයින් ඇතැම් අපත්තාධිකරණ කෙනකුන්ගේ සන්හිඳීම වෙයි.
Pali BJTඡයිමෙ ආනන්ද, ධම්මා සාරාණීයා{2} පියකරණා ගරුකරණා සඞ්ගහාය අවිවාදාය සාමග්ගියා එකීභාවාය සංවත්තන්ති. කතමෙ ඡ: ඉධානන්ද, භික්ඛුනො මෙත්තං කායකම්මං පච්චුපට්ඨිතං හොති සබ්රහ්මචාරීසු ආවි චෙව රහො ච. අයම්පි ධම්මො සාරාණීයො පියකරණො ගරුකරණො සඞ්ගහාය අවිවාදාය සාමග්ගියා එකීභාවාය සංවත්තති.
Sinhala BJTආනන්‍දය, සිහි කටයුතු වූ සබ්‍රම්සරුන් ප්‍රිය කරන සබ්‍රම්සරුන් ගරු කරන මේ ධර්‍මයෝ සදෙනෙක් සබ්‍රම්සරුන් විසින් සංග්‍රහ කළයුතු බවට අවිවාදයට සමඟ බවට ඒකීභාවයට වැටෙති. කවර සදෙනෙක යත්: ආනන්‍දය, මෙ සස්නෙහි මහණහට සබ්‍රම්සරුන් කෙරෙහි සම්මුඛයෙහි ද පරාම්මුඛයෙහි ද මෛත්‍රී කායකර්‍මය එළඹසිටියේ වෙයි. සිහි කටයුතු වූ සබ්‍රම්සරුන් ප්‍රිය කරන ගරු කරන මේ ධර්‍මය ද සබ්‍රම්සරුන් විසින් සඞ්ග්‍රහ පිණිස (ඔවුන් හා) අවිවාද පිණිස සාමග්‍රිය පිණිස ඒකීභාවය පිණිස වැටෙයි.
Pali BJTපුන චපරං ආනන්ද, භික්ඛුනො මෙත්තං වචීකම්මං පච්චුපට්ඨිතං හොති. සබ්රහ්මචාරීසු ආවී චෙව රහො ච. අයම්පි ධම්මො සාරාණීයො පියකරණො ගරුකරණො සඞ්ගහාය අවිවාදාය සාමග්ගියා එකීභාවාය සංවත්තති.
Sinhala BJTයළිදු ආනන්‍දය, මහණහට සබ්‍රම්සරුන් කෙරෙහි මෛත්‍රී වාක්කර්‍මය හමුයෙහි දු නො හමුයෙහි දු එළැඹසිටියේ වෙයි. සිහි කටයුතු වූ සබ්‍රම්සරුන් ප්‍රිය කරන ගරු කරන මේ දහම ද සඞ්ග්‍රහ පිණිස අවිවාද පිණිස සාමග්‍රිය පිණිස ඒකීභාවය පිණිස වැටෙයි.
Pali BJTපුන චපරං ආනන්ද, භික්ඛුනො මෙත්තං මනොකම්මං පච්චුපට්ඨිතං හොති සබ්රහ්මචාරීසු ආචී චෙව රහො ච. අයම්පි ධම්මො සාරාණීයො පියකරණො ගරුකරණො සඞ්ගහාය අවිවාදාය සාමග්ගියා එකීභාවාය සංවත්තති.
Sinhala BJTයළිදු ආනන්‍දය, මහණහට සබ්‍රම්සරුන් කෙරෙහි මෛත්‍රීමනඃකර්‍මය හමුයෙහි දු නො හමුයෙහි දු එළැඹසිටියේ වෙයි. සිහි කටයුතු වූ සබ්‍රම්සරුන් ප්‍රිය කරන ගරු කරන මේ දහම ද සඞ්ග්‍රහයට අවිවාදයට සමගියට එකඟ බවට වැටෙයි.
Pali BJTපුන චපරං ආනන්ද, භික්ඛු යෙ තෙ ලාභා ධම්මිකා ධම්මලද්ධා අන්තමසො පත්තපරියාපන්නමත්තම්පි, තථාරූපෙහි ලාභෙහි අප්පටිවිභත්තභොගී{3} හොති සීලවන්තෙහි සබ්රහ්මචාරීහි සාධාරණභොගී. අයම්පි ධම්මො සාරාණීයො පියකරණො ගරුකරණො සඞ්ගහාය අවිවාදාය සාමග්ගියා එකීභාවාය සංවත්තති.
Sinhala BJTයළිදු ආනන්‍දය, දැහැමි වූ දැහැමින් ලද යම් ලාභ කෙනෙක් වෙත් ද, යටත්පිරිසෙයින් පාත්‍රපර්‍ය්‍යාපන්නමාත්‍රයෙකුදු වේ නම් එබඳු ලාභයෙන් සිල්වත් සබ්‍රම්සරුන් සමග (ආමිෂය හෝ පුද්ගලයා) වෙන් කොට නො වළඳනුයේ සාධාරණභෝගී වෙයි. සිහි කටයුතු වූ ප්‍රිය කරන ගරු කරන මේ දහම ද සඞ්ග්‍රහයට අවිවාදයට සමගියට එකඟ බවට වැටෙයි.
Pali BJTපුන චපරං ආනන්ද, භික්ඛු යානි තානි සීලානි අඛණ්ඩානි අච්ඡිද්දානි අසබලානි අකම්මාසානි භුජිස්සානි{4} විඤ්ඤුප්පසත්ථානි අපරාමට්ඨානි සමාධිසංවත්තනිකානි. තථාරූපෙසු සීලෙසු සීලසාමඤ්ඤගතො විහරති සබ්රහ්මචාරීහි ආවී චෙව රහො ච. අයම්පි ධම්මො සාරාණීයො පියකරණො ගරුකරණො සඞ්ගහාය අවිවාදාය සාමග්ගියා එකීභාවාය සංවත්තති.
Sinhala BJTයළිදු ආනන්‍දය, නො කඩ වූ නො සිදුරු වූ නො සබල වූ කල්මාෂ නො වූ නිදස් වූ නුවණැත්තන් විසින් පසස්නාලද (තෘෂ්ණාදෘෂ්ටියෙන්) නො පහස්නාලද, සමාධි පිණිස පවත්නා වූ යම් ශීල කෙනෙක් වෙත් ද, එබඳු ශීලයෙහි හමුයෙහි දු නො හමුයෙහි දු සබ්‍රම්සරුන් සමග ශීලයෙන් සමාන බවට පැමිණ වෙසෙයි. සිහි කටයුතු වූ සබ්‍රම්සරුන් ප්‍රිය කරන ගරු කරන මෙ දහම ද සඞ්ග්‍රහයට අවිවාදයට සාමග්‍රියට ඒකීභාවයට වැටෙයි.
Pali BJTපුන චපරං ආනන්ද, භික්ඛු යායං දිට්ඨි අරියා නිය්යාණිකා නිය්යාති තක්කරස්ස සම්මා දුක්ඛක්ඛයාය. තථාරූපාය දිට්ඨියා දිට්ඨිසාමඤ්ඤගතො විහරති සබ්රහ්මචාරීහි ආවී චෙව රහො ච. අයම්පි ධම්මො සාරාණීයො පියකරණො ගරුකරණො සඞ්ගහාය අවිවාදාය සාමග්ගියා එකීභාවාය සංවත්තති.
Sinhala BJTයළිදු ආනන්‍දය, මහණ ආර්‍ය්‍ය වූ නෛර්‍ය්‍යාණික වූ යම් දෘෂ්ටියක් එලෙසින් කරනුවහට මැනැවින් දුක් කෙළවර කිරීමට පැමිණේ ද, එබඳු වූ දෘෂ්ටියෙන් හමුයෙහි දු නො හමුයෙහි දු සබ්‍රම්සරුන් සමග දෘෂ්ටියෙන් සමාන බවට පැමිණියේ වෙසෙයි. සිහි කටයුතු වූ සබ්‍රම්සරුන් ප්‍රිය කරන ගරු කරන මෙ දහම ද සඞ්ග්‍රහයට අවිවාදයට සාමග්‍රියට ඒකීභාවයට වැටෙයි.
Pali BJTඉමෙ ඛො ආනන්ද, ඡ සාරාණීයා ධම්මා පියකරණා ගරුකරණා සඞ්ගහාය අවිවාදාය සාමග්ගියා එකීභාවාය සංවත්තන්ති.
Sinhala BJTආනන්‍දය, සිහි කටයුතු වූ සබ්‍රම්සරුන් ප්‍රිය කරන ගරු කරන මේ ධර්‍මයෝ සදෙන සඞ්ග්‍රහයට අවිවාදයට සාමග්‍රියට ඒකීභාවයට වැටෙත්.
Pali BJTඉමෙ චෙ තුම්හෙ ආනන්ද, ඡ සාරාණීයෙ ධම්මෙ සමාදාය සංවත්තෙය්යාථ. පස්සථ නො තුම්හෙ, ආනන්ද, තං වචනපථං අණුං වා ථූලං වා, යං තුම්හෙ නාධිවාසෙය්යාථාති:
Sinhala BJTආනන්‍දය, ඉදින් තෙපි සිහි කටයුතු වූ මේ ධර්‍මයන් සදෙන මොනොවට ගෙන වැටෙන්නහු නම්, ආනන්‍දය, තෙපි අල්පසාවද්‍ය හෝ මහාසාවද්‍ය හෝ යම් වචනපථයක් නො ඉවසන්නහු ද එ වචනපථය තෙපි දක්නහු ද?
Pali BJTනො හෙතං භන්තෙ.
Sinhala BJTවහන්ස, තෙල නො වේ මැ යැ.
Pali BJTතස්මාතිහානන්ද, ඉමෙ ඡ සාරාණීයෙ ධම්මෙ සමාදාය වත්තථ.{1} තං වො භවිස්සති දීඝරත්තං හිතාය සුඛායාති.
Sinhala BJTඑහෙයින් ආනන්‍දය, මෙ කරුණෙහි ලා මේ ෂට්සාරාණීයධර්‍මයන් මොනොවට ගෙන වැටෙවු. එය තොපට දීර්‍ඝරාත්‍රයෙහි හිත පිණිස සුව පිණිස වන්නේ යයි.
Pali BJTඉදමවොච භගවා. අත්තමනො ආයස්මා ආනන්දො භගවතො භාසිතං අභිනන්දීති.
Sinhala BJTභාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක. ආයුෂ්මත් අනඳ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය පිළිගත්තාහ’ යි.
Pali BJTසාමගාම සුත්තං චතුත්ථං
Sinhala BJTසිව් වැනි සාමගාම සූත්‍ර යි.
Pali BJT3. 1. 5.
Sinhala BJT3. 1. 5.
Pali BJTසුනක්ඛත්ත සුත්තං
Sinhala BJTසුනක්ඛත්ත සූත්‍රය
Pali BJTඑවං මෙ සුතං: එකං සමයං භගවා වෙසාලියං විහරති මහාවනෙ කූටාගාරසාලායං. තෙන ඛො පන සමයෙන සම්බහුලෙහි භික්ඛූහි භගවතො සන්තිකෙ අඤ්ඤා බ්යාකතා හොති ‘ඛීණා ජාති, වුසිතං බ්රහ්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්ථත්තායාති පජානාමා’ති. අස්සොසි ඛො සුනක්ඛත්තො ලිච්ඡවිපුත්තො ‘සම්බහුලෙහි කිර භික්ඛූහි භගවතො සන්තිකෙ අඤ්ඤා බ්යාකතා හොති ‘ඛීණා ජාති, වුසිතං බ්රහ්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්ථත්තායා’ති පජානාමා’ති.
Sinhala BJTමා විසින් මෙසේ අසන ලද: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ විශාලා මහනුවර සමීපයෙහි වූ මහවෙනෙහි කූටාගාරශාලායෙහි වැඩ වාස කරනසේක. එසමයෙහි බොහෝ මහණුන් විසින් භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි “ජාති ක්‍ෂය කරනලද, මඟ බඹසරවස් වැස නිමවන ලද, කරණී කරනලද, මේ බවට කළයුතු අන් කිසෙක් නැතැ’ යි දනුම්හ” යි අර්‍හත්‍වය ප්‍රකාශ කරන ලද වෙයි. සුනක්‍ඛත්ත ලිච්ඡවිපුත්‍ර “බොහෝ මහණුන් විසින් භාග්‍යවතුන් සමීපයෙහි දී ‘ජාති ක්‍ෂය කරනලද, මඟබඹසරවස් වැස නිමවනලද, කරණී කරනලද, මෙ බවට කළයුතු අන් කිසෙක් නැතැ’ යි දනුම්හ’ යි අර්‍හත්‍වය පවසන ලද වේ” යයි ඇසී.
Pali BJTඅථ ඛො සුනක්ඛත්තො ලිච්ඡවිපුත්තො යෙන භගවා තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො සුනක්ඛත්තො ලිච්ඡවිපුත්තො භගවන්තං එතදවොච:
Sinhala BJTඑසඳ සුනක්ඛත්ත ලිච්ඡවිපුත්‍ර භාග්‍යවතුන් කරා එළඹ භාග්‍යවතුන් වැඳ එකත්පස් වැ හින. එකත්පස් වැ හුන් සුනක්ඛත්ත ලිච්ඡවිපුත්‍ර භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කෙළේ:
Pali BJT‘සුතං මෙතං භන්තෙ, සම්බහුලෙහි කිර භික්ඛූහි භගවතො සන්තිකෙ අඤ්ඤා බ්යාකතා ‘ඛීණා ජාති, වුසිතං බ්රහ්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්ථත්තායා’ති පජානාමා’ති. යෙ තෙ භන්තෙ, භික්ඛූ භගවතො සන්තිකෙ අඤ්ඤං බ්යාකංසු ‘ඛීණා ජාති, වුසිතං බ්රහ්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්ථත්තායා’ති පජානාමා’ති. කච්චි තෙ භන්තෙ, භික්ඛූ සම්මදෙව අඤ්ඤං බ්යාකංසු උදාහු සන්තෙත්ථෙකච්චෙ භික්ඛූ අධිමානෙන අඤ්ඤං බ්යාකංසූ’ති?
Sinhala BJT“වහන්ස, මා විසින් තෙල අසන ලද: ‘බොහෝ භික්‍ෂූන් විසින් භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි අර්‍හත්‍වය ප්‍රකාශ කරන ලද, ජාතිය ක්‍ෂය වූ යැ, මඟබඹසර වැස නිමවන ලද, කරණී කරන ලද, ඉත්‍ථම්භාවය (කෙලෙසුන් නැසීම) පිණිස මඟබවුන් කිසයෙක් නැතැ’ යි දනුම්හ” යි. කිමෙක වහන්ස, ඒ භික්‍ෂූහු මැනැවින් ම අර්‍හත්‍වය පැවැසූහු ද, නොහොත් ඔවුන් කෙරෙහි ඇතැම් භික්‍ෂූහු අධිමානයෙන් අර්‍හත්‍වය පැවසූහු ඇත් දැ’ යි.
Pali BJTයෙ තෙ සුනක්ඛත්ත, භික්ඛූ මම සන්තිකෙ අඤ්ඤං බ්යාකංසු ‘ඛීණා ජාති, වුසිතං බ්රහ්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්ථත්තායා’ති පජානාමා’ති. සන්තෙත්ථෙකච්චෙ භික්ඛූ සම්මදෙව අඤ්ඤං බ්යාකංසු, සන්ති පනිධෙකච්චෙ භික්ඛූ අධිමානෙනපි අඤ්ඤං බ්යාකංසු. තත්ර, සුනක්ඛත්ත, යෙ තෙ භික්ඛූ සම්මදෙව අඤ්ඤං බ්යාකංසු තෙසං තං තථෙව හොති. යෙ පන තෙ භික්ඛූ අධිමානෙන අඤ්ඤං බ්යාකංසු, තත්ර සුනක්ඛත්ත, තථාගතස්ස එවං හොති: ‘ධම්මං නෙසං දෙසෙස්ස’න්ති. එවඤ්චෙත්ථ සුනක්ඛත්ත, තථාගතස්ස හොති: ‘ධම්මං නෙසං දෙසෙස්ස’න්ති. අථ ච පනිධෙකච්චෙ මොඝපුරිසා පඤ්හං අභිසඞ්ඛරිත්වා අභිසඞ්ඛරිත්වා තථාගතං උපසඞ්කමිත්වා පුච්ඡන්ති. තත්ර සුනක්ඛත්ත, යම්පි තථාගතස්ස එවං හොති: ‘ධම්මං නෙසං දෙසෙස්ස’න්ති. තස්සපි හොති අඤ්ඤථත්තන්ති.
Sinhala BJTසුනක්ඛත්තය, යම් භික්‍ෂු කෙනෙක් මා සමීපයෙහි ‘ජාති ක්‍ෂය වූ යැ, මඟබඹසර වැස නිමවන ලද, කරණී කරන ලද, ඉත්‍ථම්භාවය පිණිස අන් කිසයෙක් නැතැ’ යි දනුම්හ’ යි රහත්බව පැවැසූහු ද, ඔවුන් කෙරෙහි ඇතැම් භික්‍ෂූහු මැනැවින් ම අර්‍හත්‍වය ප්‍රකාශ කළාහු ඇත. යලි ඇතැම් භික්‍ෂූහු අධිගතමානයෙනුදු අර්‍හත්‍වය ප්‍රකාශ කළාහු ඇත. සුනක්ඛත්තය, ඔවුන් කෙරෙහි යම් භික්‍ෂු කෙනෙක් මැනැවින් මැ අර්‍හත්‍වය ප්‍රකාශ කළාහු ද, ඔවුන්ගේ ඒ ව්‍යාකරණය එසෙයින් මැ වෙයි. යලි යම් භික්‍ෂු කෙනෙක් අධිගතමානයෙන් අර්‍හත්‍වය ප්‍රකාශ කළාහු ද, එහි ලා සුනක්ඛත්තය, තථාගතයනට මෙසේ සිත් වෙයි: ‘ඔවුනට දහම් දෙසන්නෙමැ’ යි. සුනක්ඛත්තය, ඒ භික්‍ෂූන්ගේ අඤ්ඤව්‍යාකරණයෙහි ලා ‘ඔවුනට දහම් දෙසන්නෙමැ’ යි තථාගතයනට මෙසේත් සිත් වෙයි. එතෙකුදු වත් මෙ සස්නෙහි ඇතැම් මෝඝපුරුෂයෝ පැන පුනපුනා සකසා තථාගතයන් කරා එළැඹ පුළුවුස්ති. එහි ලා සුනක්ඛත්තය, යම් කරුණෙකින් ‘ඔවුනට දහම් දෙසන්නෙමැ’ යි තථාගතයනට මෙසේ සිත් වෙයි, ඒ චිත්තයාගේ ද අන්‍යථාත්‍වය වේ යයි.
Pali BJTඑතස්ස භගවා කාලො, එතස්ස සුගත කාලො. ‘යං භගවා ධම්මං දෙසෙය්ය. භගවතො සුත්වා භික්ඛූ ධාරෙස්සන්තී’ති. තෙන හි සුනක්ඛත්ත, සුණොහි, සාධුකං මනසි කරොහි භාසිස්සාමීති.
Sinhala BJT‘යම් හෙයෙකින් භාග්‍යවතුන් වහන්සේ දහම් දෙසන සේක් ද, භාග්‍යවතුන් වහන්ස, මේ ඊට කලැ, සුගතයන් වහන්ස, මේ ඊට කලැ, භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ දෙසුම් අසා ධරන්නාහ’ යි. සුනක්ඛත්තය, එසේ වී නම් අස, මනා කොට මෙනෙහි කර, දෙසන්නෙමි’ යි.
Pali BJTඑවං භන්තෙති ඛො සුනක්ඛත්තො ලිච්ඡවිපුත්තො භගවතො පච්චස්සොසි. භගවා එතදවොච:
Sinhala BJTඑසේ යැ වහන්සැ’ යි සුනක්ඛත්ත ලිච්ඡවිපුත්‍ර භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වී, භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළසේක:
Pali BJTපඤ්ච ඛො ඉමෙ සුනක්ඛත්ත, කාමගුණා. කතමෙ පඤ්ච: චක්ඛුවිඤ්ඤෙය්යා රූපා ඉට්ඨා කන්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා. සොතවිඤ්ඤෙය්යා සද්දා -පෙ- ඝානවිඤ්ඤෙය්යා ගන්ධා -පෙ- ජිව්හාවිඤ්ඤෙය්යා රසා -පෙ- කායවිඤ්ඤෙය්යා ඵොට්ඨබ්බා ඉට්ඨා කන්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා, ඉමෙ ඛො සුනක්ඛත්ත පඤ්ච කාමගුණා.
Sinhala BJTසුනක්ඛත්තය, මේ කාමගුණයෝ පස්දෙනෙක, කවර පස්දෙනෙක යත්: චක්‍ෂුර් විඥානයෙන් දතයුතු වූ ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ ප්‍රියස්වභාව වූ (අරමුණු කොට උපදනා) කාමයෙන් යුත් රාග ඉපදීමට කරුණු වූ රූපයෝ යැ, ශ්‍රොත්‍රවිඥානයෙන් දතයුතු ශබ්දයෝ යැ ... ඝ්‍රාණවිඥානයෙන් දතයුතු ගන්‍ධයෝ යැ ... ජිහ්වාවිඥානයෙන් දතයුතු රසයෝ යැ ... කායවිඥානයෙන් දතයුතු ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ ප්‍රියස්වභාව වූ කාමොත්පාදක වූ රාගයට කරුණු වූ ස්ප්‍රෂ්ටව්‍යයෝ යැ, සුනක්ඛත්තය, මොහු පඤ්චකාමගුණයෝ යි.
Pali BJTඨානං ඛො පනෙතං සුනක්ඛත්ත, විජ්ජති යං ඉධෙකච්චො පුරිසපුග්ගලො ලොකාමිසාධිමුත්තො අස්ස, ලොකාමිසාධිමුත්තස්ස ඛො සුනක්ඛත්ත, පුරිසපුග්ගලස්ස තප්පතිරූපී චෙව කථා සණ්ඨාති, තදනුධම්මඤ්ච අනුවිතක්කෙති, අනුවිචාරෙති, තඤ්ච පුරිසං භජති, තෙන ච විත්තිං ආපජ්ජති. ආනෙඤ්ජපටිසංයුත්තාය ච පන කථාය කච්ඡමානාය න සුස්සූසති, න සොතං ඔදහති, න අඤ්ඤා චිත්තං උපට්ඨපෙති{1}, න ච තං පුරිසං භජති, න ච තෙන විත්තිං ආපජ්ජති.
Sinhala BJTතවද සුනක්ඛත්තය, තෙල කරුණ විද්‍යමාන වෙයි: මෙලොවැ ඇතැම් පුරුෂ පුද්ගලයෙක් යම්හෙයෙකින් (වට්ට-කාම-ලෝකාමිසසංඛ්‍යාත) පස්කම්ගුණයෙහි ඇලුණේ වේ නම්, සුනක්ඛත්තය, ඒකාන්තයෙන් පඤ්චකාමගුණයෙහි අධිමුක්ති ඇති පුරුෂපුද්ගල හට ඒ කාමගුණ සභාග වූ මැ කථාව පවතී, ඊට අනුරූප ධර්‍ම වූ විතර්‍කය ද විතර්‍ක කෙරෙයි, විචාරණය කෙරෙයි, ඒ (කාමගුණ කථා කරන) පුරුෂයා ද භජනය කෙරෙයි, ඔහුගෙන් සතුටට ද පැමිණෙයි, යළි ආනෙඤ්ජසමාපත්ති පිළිබැදි කථාව කරනු ලබන කල්හි නො අසනු කැමැති වෙයි, ඇසීමට කන නො නමයි, දැනුමට සිත නො එළවයි, ඒ පුරුෂයා නො ද බෙජෙයි, ඔහු ගෙන් නො ද සතුටට පැමිණෙයි.
Pali BJTසෙය්යථාපි සුනක්ඛත්ත, පුරිසො සකම්මා ගාමා වා නිගමා වා චිරවිප්පවුත්ථො අස්ස. සො අඤ්ඤතරං පුරිසං පස්සෙය්ය තම්හා ගාමා වා නිගමා වා අචිරපක්කන්තං, සො තං පුරිසං තස්ස ගාමස්ස වා නිගමස්ස වා ඛෙමතඤ්ච සුභික්ඛතඤ්ච අප්පාබාධතඤ්ච පුච්ඡෙය්ය, තස්ස සො පුරිසො තස්ස ගාමස්ස වා නිගමස්ස වා ඛෙමතඤ්ච සුභික්ඛතඤ්ච අප්පාබාධතඤ්ච සංසෙය්ය. තං කිං මඤ්ඤසි සුනක්ඛත්ත, අපි නු සො පුරිසො තස්ස පුරිසස්ස සුස්සූසෙය්ය,{2} සොතං ඔදහෙය්ය, අඤ්ඤා චිත්තං උපට්ඨපෙය්ය, තඤ්ච පුරිසං භජෙය්ය, තෙන ච විත්තිං ආපජ්ජෙය්යා’ති?
Sinhala BJTයම්සේ සුනක්ඛත්තය, පුරුෂයෙක් සිය ගමින් හෝ නිගමයෙන් හෝ බොහෝ කල් වෙන් වැ වසන්නේ ද, හේ ඒ ගමින් හෝ නිගමයෙන් හෝ පැමිණි නො බෝකල් ඇති අන්‍යතර පුරුෂයකු දක්නේ නම්, හේ ඒ පුරුෂයා අතින් ඒ ගම හෝ නිගමය හෝ පිළිබඳ ක්‍ෂේම බව ද සුභික්‍ෂ බව ද නිරාබාධ බව ද පුළුවුස්නේ ය, ඔහට ඒ පුරුෂ ඒ ගම හෝ නියම්ගම හෝ පිළිබඳ ක්‍ෂේම බව ද සුභික්‍ෂ බව ද නිරාබාධ බව ද පවසන්නේය. සුනක්ඛත්ත, එ කිමැයි සිතයි ද? ඒ පුරුෂ ඒ (පැමිණි) පුරුෂයාගේ බස් අසනු කැමැතිවන්නේ නො ද, ඇසීමට කන නමන්නේ නො ද, දැනුමට සිත එළවන්නේ නො ද, ඒ පුරුෂයාත් සෙවුනේ නො ද, ඔහුගෙනුදු සතුටට පැමිණෙන්නේ නො වේ දැ?’ යි.
Pali BJTඑවං භන්තෙ.
Sinhala BJTඑසේ යැ වහන්ස,
Pali BJTඑවමෙව ඛො, සුනක්ඛත්ත, ඨානමෙතං{3} විජ්ජති: යං ඉධෙකච්චො පුරිසපුග්ගලො ලොකාමිසාධිමුත්තො අස්ස. ලොකාමිසාධිමුත්තස්ස ඛො සුනක්ඛත්ත, පුරිසපුග්ගලස්ස තප්පතිරූපී චෙව කථා සණ්ඨාති. තදනුධම්මඤ්ච අනුවිතක්කෙති, අනුවිචාරෙති, තඤ්ච පුරිසං භජති, තෙන ච විත්තිං ආපජ්ජති. ආනෙඤ්ජපටිසඤ්ඤුත්තාය ච පන කථාය කච්ඡමානාය න සුස්සූසති, න සොතං ඔදහති, න අඤ්ඤා චිත්තං උපට්ඨපෙති,4 න ච තං පුරිසං භජති, න ච තෙන විත්තිං ආපජ්ජති. සො එවමස්ස වෙදිතබ්බො: ආනෙඤ්ජසංයොජනෙන හි ඛො විසංයුත්තො ලොකාමිසාධිමුත්තො පුරිසපුග්ගලොති.
Sinhala BJTඑසෙයින් මැ සුනක්ඛත්තය, තෙල කරුණ විද්‍යමාන වෙයි: යම් හෙයෙකින් මෙලොව ඇතැම් පුරුෂපුද්ගලයෙක් (වට්ට-කාම-ලෝකාමිෂ සංඛ්‍යාත) පඤ්චකාමගුණයෙහි ඇලුණේ වන්නේ ද, සුනක්ඛත්තය, ලෝකාමිෂයෙහි ඇලුණු පුරුෂපුද්ගලහට ඊට අනුරූප වූ මැ කථාව පවති, ඊට අනුරූප වූ ධර්‍මය මැ විතර්‍ක කෙරෙයි, විචාරණය කෙරෙයි, ඒ පස්කම් ගුණයෙහි ඇලුණු පුරුෂයා භජනය ද කෙරෙයි, ඔහුගෙන් සතුටට ද පැමිණෙයි, යළි ආනෙඤ්ජසමාපත්ති පිළිබැදි වූ කථාව කරන ලබන කල්හි අසන්නට නොරිසි වෙයි. ඇසීමට කන නො නමයි, දැනුමට සිත නො එළවයි, ඒ පුරුෂයා නො ද භජනය කෙරෙයි, එයින් සතුටට නො ද පැමිණෙයි. හේ මෙසේ දතයුතු වන්නේ ය. ආනෙඤ්ජ සමාපත්තිසංයෝජනයෙන් යුක්ත නො වූ පඤ්චකාමගුණාමිෂයෙහි ඇලුණු පුරුෂපුද්ගලයෙකැ’ යි කියා යි.
Pali BJTඨානං ඛො පනෙතං සුනක්ඛත්ත, විජ්ජති: යං ඉධෙකච්චො පුරිසපුග්ගලො ආනෙඤ්ජාධිමුත්තො අස්ස, ආනෙඤ්ජාධිමුත්තස්ස ඛො සුනක්ඛත්ත, පුරිසපුග්ගලස්ස තප්පතිරූපී චෙව කථා සණ්ඨාති තදනුධම්මඤ්ච අනුවිතක්කෙති, අනුවිචාරෙති, තඤ්ච පුරිසං භජති, තෙන ච විත්තිං ආපජ්ජති. ලොකාමිසපටිසඤ්ඤුත්තාය ච පන කථාය කච්ඡමානාය න සුස්සූසති, න සොතං ඔදහති, න අඤ්ඤා චිත්තං උපට්ඨපෙති{1}, න ච තං පුරිසං භජති, න ච තෙන විත්තිං ආපජ්ජති.
Sinhala BJTසුනක්ඛත්තය, තෙල කරුණ විද්‍යමාන වෙයි: මෙලොවැ ඇතැම් පුරුෂපුද්ගලයෙක් ආනෙඤ්ජසමාපත්තියෙහි ඇලුණේ වේ ද, සුනක්ඛත්තය, ආනෙඤ්ජසමාපත්තියෙහි අධිමුක්ති ඇති පුරුෂපුද්ගලහට ඊට අනුරූප වූ කථාව පවතී, ඊට අනුරූප වූ ධර්‍මය විතර්‍කවිචාර ද කෙරෙයි, ඒ පුරුෂයා භජනය ද කෙරෙයි, ඔහුගෙන් සතුටට ද පැමිණෙයි. යළි පඤ්චකාමගුණාමිෂයෙන් යුක්ත වූ කථාව කරනුලබන කල්හි නො අසනු කැමැති වෙයි, ඇසීමට කන නො නමයි, දැනුමට සිත නො එළවයි, ඒ පුරුෂයා නො ද ඇසුරු කෙරෙයි, ඔහුගෙන් නො ද සතුටු වෙයි.
Pali BJTසෙය්යථාපි සුනක්ඛත්ත, පාණ්ඩුපලාසො බන්ධනා පවුත්තො අභබ්බො හරිතත්තාය. එවමෙව ඛො සුනක්ඛත්ත, ආනෙඤ්ජාධිමුත්තස්ස පුරිසපුග්ගලස්ස යෙ ලොකාමිසසඤ්ඤොජනෙ සෙ පවුත්තෙ. සො එවමස්ස වෙදිතබ්බො: ලොකාමිසසඤ්ඤොජනෙන හි ඛො විසඤ්ඤුත්තො ආනෙඤ්ජාධිමුත්තො පුරිසපුග්ගලො’ති.
Sinhala BJTයම්සේ සුනක්ඛත්තය, නටුයෙන් ගිලිහුණු පඬුවන් වූ පත්‍රයෙක් හරිද්වර්‍ණය පිණිස අභව්‍ය වේ ද, එසෙයින් මැ සුනක්ඛත්තය, ආනෙඤ්ජසමාපත්තියෙහි ඇලුණු පුරුෂපුද්ගල හට යම් ලෝකාමිෂසංයෝජනයෙක් ඇද්ද, එය ගිලිහුණේ වෙයි. හේ මෙසේ දතයුතු වන්නේ ය: ලෝකමිෂසංයෝජනයෙන් විසංයුක්ත වූ ආනෙඤ්ජසමාපත්තියෙහි අධිමුක්ත ඇති පුරුෂපුද්ගලයෙකැ’ යි කියා යි.
Pali BJTඨානං ඛො පනෙතං සුනක්ඛත්ත, විජ්ජති: යං ඉධෙකච්චො පුරිසපුග්ගලො ආකිඤ්චඤ්ඤායතනාධිමුත්තො අස්ස. ආකිඤ්චඤ්ඤායතනාධිමුත්තස්ස ඛො සුනක්ඛත්ත, පුරිසපුග්ගලස්ස තප්පතිරූපී චෙව කථා සණ්ඨාති, තදනුධම්මඤ්ච අනුවිතක්කෙති, අනුවිචාරෙති, තඤ්ච පුරිසං භජති, තෙන ච විත්තිං ආපජ්ජති. ආනෙඤ්ජපටිසඤ්ඤුත්තාය ච පන කථාය කච්ඡමානාය න සුස්සූසති, න සොතං ඔදහති, න අඤ්ඤා චිත්තං උපට්ඨපෙති, න ච තං පුරිසං භජති, න ච තෙන විත්තිං ආපජ්ජති.
Sinhala BJTතවද සුනක්ඛත්තය, මෙකරුණ විද්‍යමාන වෙයි: යම් හෙයෙකින් මෙලොවැ ඇතැම් පුරුෂපුද්ගලයෙක් ආකිඤ්චඤ්ඤායතනසමාපත්තියෙහි අධිමුක්ති ඇත්තේ වේ ද, සුනක්ඛත්තය, ආකිඤ්චඤ්ඤායතනසමාපත්තියෙහි අධිමුක්ති ඇති පුරුෂපුද්ගලහට ඊට අනුරූ වූ මැ කථාව පවතී, ඊට අනුරූප වූ ධර්‍මය ද විතර්‍ක විචාර කෙරෙයි, ඒ පුරුෂයා භජනය ද කෙරෙයි, ඔහුගෙන් සතුටට ද පැමිණෙයි. යළි ආනෙඤ්ජසමාපත්තිපටිසංයුක්ත කථාව කරනු ලබන කල්හි නො අසනුකැමැති වෙයි, ඇසීමට කන නො නමයි, දැනුමට සිත නො එළවයි, ඒ පුරුෂයා නො ද භජනය කෙරෙයි, ඔහුගෙන් නො ද සතුටට පැමිණෙයි.
Pali BJTසෙය්යථාපි සුනක්ඛත්ත, පුථුසිලා ද්වෙධා භින්නා අප්පටිසන්ධිකා හොති. එවමෙව ඛො සුනක්ඛත්ත, ආකිඤ්චඤ්ඤායතනාධිමුත්තස්ස පුරිසපුග්ගලස්ස යෙ ආනෙඤ්ජසඤ්ඤොජනෙ සෙ භින්නෙ. සො එවමස්ස වෙදිතබ්බො: ආනෙඤ්ජසඤ්ඤොජනෙන හි ඛො විසඤ්ඤුත්තො ආකිඤ්චඤ්ඤායතනාධිමුත්තො පුරිසපුග්ගලො’ති.
Sinhala BJTයම්සේ සුනක්ඛත්තය, මහගලක් දෙකඩ වැ බිඳුණේ ප්‍රතිසන්‍ධානයට නො නිසි වේ ද, එසෙයින් මැ සුනක්ඛත්තය, ආකිඤ්චඤ්ඤායතනසමාපත්තියෙහි ඇලුණු පුරුෂපුද්ගලහට යම් ආනෙඤ්ජසමාපත්තිසංයෝජනයෙක් ඇද්ද, එය බිඳුණේ’ වෙයි. හේ මෙසේ දතයුතු වන්නේ යැ: “ආනෙඤ්ජසමාපත්තිසංයොජනයෙන් විසංයුක්ත වූ ආකිඤ්චඤ්ඤායතනසමාපත්තියෙහි අධිමුක්ත වූ පුරුෂපුද්ගලයෙකැ” යි කියා යි.
Pali BJTඨානං ඛො පනෙතං සුනක්ඛත්ත, විජ්ජති: යං ඉධෙකච්චො පුරිසපුග්ගලො නෙවසඤ්ඤානාසඤ්ඤායතනාධිමුත්තො අස්ස, නෙවසඤ්ඤානාසඤ්ඤායතනාධිමුත්තස්ස ඛො සුනක්ඛත්ත, පුරිසපුග්ගලස්ස තප්පතිරූපී චෙව කථා සණ්ඨාති, තදනුධම්මඤ්ච අනුවිතක්කෙති අනුවිචාරෙති, තඤ්ච පුරිසං භජති, තෙන ච විත්තිං ආපජ්ජති. ආකිඤ්චඤ්ඤායතනපටිසඤ්ඤුත්තාය ච පන කථාය කච්ඡමානාය න සුස්සූසති, න සොතං ඔදහති, න අඤ්ඤා චිත්තං උපට්ඨපෙති, න ච තං පුරිසං භජති, න ච තෙන විත්තිං ආපජ්ජති.
Sinhala BJTතවද සුනක්ඛත්තය, මෙ කරුණ විද්‍යමාන වෙයි: යම් හෙයෙකින් මෙලොවැ ඇතැම් පුරුෂපුද්ගලයෙක් නේවසඤ්ඤානාසඤ්ඤායතනසමාපත්තියෙහි අධිමුක්ති ඇත්තේ වේද සුනක්ඛත්තය, නේවසඤ්ඤානාසඤ්ඤායතනසමාපත්තියෙහි අධිමුක්ත වූ පුරුෂපුද්ගලහට ඊට අනුරූප වූ මැ කථාව පවතී, ඊට අනුරූප වූ මැ ධර්‍මය ද විතර්‍කවිචාර කෙරෙයි, ඒ පුරුෂයා භජනය ද කෙරෙයි, ඔහුගෙන් සතුටට ද පැමිණෙයි. යළි ආකිඤ්චඤ්ඤායතනසමාපත්ති ප්‍රතිසංයුක්ත කථාව කරනුලබන කල්හි නො අසනුකැමැති වෙයි, ඇසීමට කන නො නමයි, දැනුමට සිත නො එළවයි, එ පුරුෂයා නො ද භජනය කෙරෙයි, ඔහුගෙන් නො ද සතුටට පැමිණෙයි.
Pali BJTසෙය්යථාපි සුනක්ඛත්ත, පුරිසො මනුඤ්ඤභොජනං භුත්තාවී ඡඩ්ඩෙය්ය. තං කිං මඤ්ඤසි සුනක්ඛත්ත, අපි නු තස්ස පුරිසස්ස තස්මිං භත්තෙ පුන භොත්තුකම්යතා{1} අස්සා’ති?
Sinhala BJTයම්සේ සුනක්ඛත්තය, පුරුෂයෙක් බත්කිස නිමවූයේ මනෝඥ භෝජනය බැහැර ලන්නේ යැ. සුනක්ඛත්තය, ඒ කෙසේ හඟිහි? කිමෙක් ද ඒ පුරුෂයාහට එ බත වටාලා බුදිනුකැමැත්තක් වන්නේ දැ? යි.
Pali BJTනො හෙතං භන්තෙ. තං කිස්ස හෙතු: අදුං හි භන්තෙ, භත්තං පටික්කූලසම්මතන්ති.
Sinhala BJTවහන්ස, තෙල නො වේ මැ යැ. ඒ කවර හෙයින යත්: වහන්ස, තෙල බත පිළිකුලැ’ යි සම්මත හෙයිනි.
Pali BJTඑවමෙව ඛො සුනක්ඛත්ත, නෙවසඤ්ඤානාසඤ්ඤායතනාධිමුත්තස්ස පුරිසපුග්ගලස්ස යෙ ආකිඤ්චඤ්ඤායතනසඤ්ඤොජනෙ සෙ වන්තෙ. සො එවමස්ස වෙදිතබ්බො: ආකිඤ්චඤ්ඤායතනසඤ්ඤොජනෙන හි ඛො විසඤ්ඤුත්තො නෙවසඤ්ඤානාසඤ්ඤායතනාධිමුත්තො පුරිසපුග්ගලො’ති.
Sinhala BJTඑසෙයින් මැ සුනක්ඛත්තය, නේවසඤ්ඤානාසඤ්ඤායතනසමවත්හි ඇලුණු පුරුෂපුද්ගලහට යම් ආකිඤ්චඤ්ඤායතන සමාපත්ති සංයෝජනයෙක් ඇද්ද, එය ඔහු විසින් වමාළේ වෙයි. හේ මෙසේ දතයුතු වන්නේ යැ. නේවසඤ්ඤානාසඤ්ඤායතනසමාපත්තියෙහි ඇලුණු පුරුෂපුද්ගල ආකිඤ්චඤ්ඤායතනසමාපත්ති සංයෝජනයෙන් විසංයුක්ත වූයේ මැ යැ කියා යි.
Pali BJTඨානං ඛො පනෙතං, සුනක්ඛත්ත, විජ්ජති: යං ඉධෙකච්චො පුරිසපුග්ගලො සම්මානිබ්බානාධිමුත්තො අස්ස. සම්මානිබ්බානාධිමුත්තස්ස ඛො සුනක්ඛත්ත, පුරිසපුග්ගලස්ස තප්පතිරූපී චෙව කථා සණ්ඨාති, තදනුධම්මඤ්ච අනුවිතක්කෙති, අනුවිචාරෙති, තඤ්ච පුරිසං භජති, තෙන ච විත්තිං ආපජ්ජති, නෙවසඤ්ඤානාසඤ්ඤායතනපටිසඤ්ඤුත්තාය ච පන කථාය කච්ඡමානාය න සුස්සූසති, න සොතං ඔදහති, න අඤ්ඤා චිත්තං උපට්ඨපෙති, න ච තං පුරිසං භජති, න ච තෙන විත්තිං ආපජ්ජති.
Sinhala BJTසුනක්ඛත්තය, තෙල කරුණ විද්‍යමාන වෙයි: යම්හෙයෙකින් මෙලොවැ ඇතැම් පුද්ගලයෙක් මනාකොට නිර්‍වාණයෙහි අධිමුක්ති ඇත්තේ වේ ද, සුනක්ඛත්තය, මනාකොට නිර්‍වාණයෙහි අධිමුක්ත වූ ඊට අනුරූප වූ මැ කථාව පවතී, ඊට අනුගත වූ ධර්‍මය ද විතර්‍ක විචාර කෙරෙයි, ඒ පුරුෂයා සේවනය ද කෙරෙයි, ඔහුගෙන් සතුටට ද පැමිණෙයි, යළි නේවසඤ්ඤානාසඤ්ඤායතනසමාපත්ති ප්‍රතිසංයුක්ත වූ කථාව කරනුලබන කල්හි නො අසනු කැමති වෙයි, ඇසීමට කන නො නමයි, දැනුමට සිත නො එළවයි, ඒ පුරුෂයා නො ද භජනය කෙරෙයි, ඔහුගෙන් නො ද සතුටට පැමිණෙයි.
Pali BJTසෙය්යථාපි සුනක්ඛත්ත, තාලො මත්ථකච්ඡින්නො අභබ්බො පුන විරූළ්හියා. එවමෙව ඛො සුනක්ඛත්ත, සම්මා නිබ්බානාධිමුත්තස්ස පුරිසපුග්ගලස්ස යෙ නෙවසඤ්ඤානාසඤ්ඤායතනසඤ්ඤොජනෙ සෙ උච්ඡින්නමූලෙ තාලාවත්ථුකතෙ අනභාවකතෙ{1} ආයතිං අනුප්පාදධම්මෙ. සො එවමස්ස වෙදිතබ්බො: ‘නෙවසඤ්ඤානාසඤ්ඤායතනසඤ්ඤොජනෙන හි ඛො විසඤ්ඤුත්තො සම්මා නිබ්බානාධිමුත්තො පුරිසපුග්ගලො’ති.
Sinhala BJTයම්සේ සුනක්ඛත්තය, මුදුන සුන් තලෙක් යලි වැඩීමට නො නිසි වේද, එසෙයින් ම සුනක්ඛත්තය, මනාකොට නිර්‍වාණාධිමුක්ත වූ පුරුෂපුද්ගලහට යම් නේවසඤ්ඤානාසඤ්ඤායතනසමාපත්තිසංයෝජනයෙක් ඇද්ද, එය උසුන් මුල් ඇතියේ තාලවස්තුවක් සෙයින් කරන ලදුයේ අනුඅභාවය කරන ලදුයේ මතුයෙහි නූපදනා සැහැවි ඇතියේ වෙයි. හේ මෙසේ දතයුත්තේ වන්නේ ය: මනාකොට නිර්‍වාණාධිමුක්ත වූ පුරුෂපුද්ගල නේවසඤ්ඤානාසඤ්ඤායතනසමාපත්තිසංයෝජනයෙන් විසංයුක්ත වූයේ මැ යැ කියා යි.
Pali BJTඨානං ඛො පනෙතං සුනක්ඛත්ත, විජ්ජති. යං ඉධෙකච්චස්ස භික්ඛුනො එවමස්ස: ‘තණ්හා ඛො සල්ලං සමණෙන වුත්තං අවිජ්ජාවිසදොසො ඡන්දරාගබ්යාපාදෙන රුප්පති. තං මෙ තණ්හාසල්ලං පහීනං, අපනීතො අවිජ්ජාවිසදොසො, සම්මානිබ්බානාධිමුත්තොහමස්මී’ති. එවං මානී{2} අස්ස අතථං ‘ස මානං{3}. සො යානි සම්මා නිබ්බානාධිමුත්තස්ස අසප්පායානි, තානි අනුයුඤ්ජෙය්ය: අසප්පායං චක්ඛුනා රූපදස්සනං අනුයුඤ්ජෙය්ය, අසප්පායං සොතෙන සද්දං අනුයුඤ්ජෙය්ය, අසප්පායං ඝානෙන ගන්ධං අනුයුඤ්ජෙය්ය, අසප්පායං ජිව්හාය රසං අනුයුඤ්ජෙය්ය, අසප්පායං කායෙන ඵොට්ඨබ්බං අනුයුඤ්ජෙය්ය, අසප්පායං මනසා ධම්මං අනුයුඤ්ජෙය්ය. තස්ස අසප්පායං චක්ඛුනා රූපදස්සනං අනුයුත්තස්ස, අසප්පායං සොතෙන සද්දං අනුයුත්තස්ස, අසප්පායං ඝානෙන ගන්ධං අනුයුත්තස්ස, අසප්පායං ජිව්හාය රසං අනුයුත්තස්ස, අසප්පායං කායෙන ඵොට්ඨබ්බං අනුයුත්තස්ස, අසප්පායං මනසා ධම්මං අනුයුත්තස්ස රාගො චිත්තං අනුද්ධංසෙය්ය. සො රාගානුද්ධංසිතෙන චිත්තෙන මරණං වා නිගච්ඡෙය්ය මරණමත්තං වා දුක්ඛං.
Sinhala BJTතවද සුනක්ඛත්තය, මෙ කරුණ විද්‍යමාන වෙයි. කිමෙක යත්: මෙ සස්නෙහි ඇතැම් මහණක් හට මෙසේ සිත් වෙයි: ‘තෘෂ්ණාව වනාහි ශල්‍යයෙකැ’ යි බුද්ධශ්‍රමණයන් විසින් වදාරන ලද, අවිද්‍යා සංඛ්‍යාත විෂදෝෂය ඡන්‍දරාගයෙන් හා ව්‍යාපාදයෙන් කෝප්‍ය වෙයි. මට ඒ තෘෂ්ණාශල්‍යය ප්‍රහීණ යැ, අවිද්‍යා සංඛ්‍යාත විෂදෝෂය බැහැර කරන ලද, මම මනාකොට නිර්‍වාණයෙහි අධිමුක්ත වූයෙම් වෙමි’ යි. (අධිගත) මාන ඇතියේ වෙයි. ඔහුගේ මානය අතථ්‍ය (හිස්) වෙයි. හේ මනාකොට නිර්‍වාණයෙහි බැසගත් සිත් ඇත්තහුට අහිත වූ යම් අරමුණු කෙනෙක් ඇද්ද, එහි යෙදෙන්නේ ය, ඇසින් අහිත වූ රූ දැක්මෙහි යෙදෙන්නේ ය, කනින් අහිත වූ ශබ්දයෙහි යෙදෙන්නේ ය, නැහැයෙන් අහිත වූ ගන්‍ධයෙහි යෙදෙන්නේ ය, දිවින් අහිත වූ රසයෙහි යෙදෙන්නේ ය, කයින් අහිත වූ පැහැසියයුත්තෙහි යෙදෙන්නේ ය, සිතින් අහිත වූ දහම්හි යෙදෙන්නේ ය. ඇසින් අහිත වූ රූදැක්මෙහි යෙදුණු, කනින් අහිත වූ ශබ්දයෙහි යෙදුණු, නැහැයෙන් අහිත වූ ගන්‍ධයෙහි යෙදුණු, දිවින් අහිත වූ රසයෙහි යෙදුණු, කයින් අහිත වූ පැහැසියයුත්තෙහි යෙදුණු, සිතින් අහිත වූ දහම්හි යෙදුණු ඔහුගේ සිත රාගය විසුරුවාලන්නේ ය. හේ රාගයෙන් මඩනා ලද සිතින් යුක්ත ව මරණයට හෝ මරණමාත්‍ර දුකට හෝ පැමිණෙන්නේ ය.
Pali BJTසෙය්යථාපි සුනක්ඛත්ත, පුරිසො සල්ලෙන විද්ධො අස්ස සවිසෙන ගාළ්හූපලෙපනෙන. තස්ස මිත්තාමච්චා ඤාතිසාලොහිතා භිසක්කං සල්ලකත්තං උපට්ඨාපෙය්යුං{4}. තස්ස සො භිසක්කො සල්ලකත්තො සත්ථෙන වණමුඛං පරිකන්තෙය්ය. සත්ථෙන වණමුඛං පරිකන්තෙත්වා එසනියා සල්ලං එසෙය්ය. එසනියා සල්ලං එසෙත්වා සල්ලං අබ්බහෙය්ය{5} අපනෙය්ය විසදොසං සඋපාදිසෙසං. සඋපාදිසෙසොති{6} මඤ්ඤමානො{7} සො එවං වදෙය්ය: ‘අම්භො පුරිස, උබ්භතං ඛො තෙ සල්ලං, අපනීතො
Sinhala BJTසුනක්ඛත්තය, යම්සේ පුරුෂයෙක් විෂ සහිත වූ පුනපුනා විෂ පෙවූ හීයෙකින් විදුනා ලද්දේ වන්නේ ද, ඔහුගේ මිත්‍රාමාත්‍යයෝ නෑ සහලේනෑයෝ සැත්කම් කරන වෙදකු එළවන්නාහු ය, ඒ සැත්කම් කරන වෛද්‍ය සැතින් ඔහුගේ ව්‍රණමුඛය සිඳින්නේ ය, සැතින් ව්‍රණමුඛය සිඳ ඒෂණිසලාකායෙන් ශල්‍යය සොයන්නේ ය, ඒෂණියෙන් ශල්‍යය සොයා ශල්‍යය උදුරන්නේ ය ග්‍රහණශේෂ සහිත කොට විෂදෝෂය බැහැර කරන්නේ ය. ග්‍රහණ ශේෂ සහිත යයි හඟනා වූ හෙතෙම මෙසේ කියන්නේ ය: “එම්බා පුරුෂය, තාගේ ශල්‍යය
Pali BJTවිසදොසො සඋපාදිසෙසො{1}, අනලඤ්ච{2} තෙ අන්තරායාය. සප්පායානි චෙව භොජනානි භුඤ්ජෙය්යාසි, මා තෙ අසප්පායානි භොජනානි භුඤ්ජතො වණො අස්සාවී අස්ස. කාලෙන කාලං වණං ධොවෙය්යාසි, කාලෙන ච කාලං වණමුඛං ආලිම්පෙය්යාසි, මා තෙ න කාලෙන කාලං වණං ධොවතො න කාලෙන කාලං වණමුඛං ආලිම්පතො පුබ්බලොහිතං වණමුඛං පරියොනන්ධි. මා ච වාතාතපෙ චාරිත්තං අනුයුඤ්ජි, මා තෙ වාතාතපෙ චාරිත්තං අනුයුත්තස්ස රජොසූකං{3} වණමුඛං අනුද්ධංසෙසි, වණානුරක්ඛී ච අම්භො පුරිස විහරෙය්යාසි වණසාරොපී’ති. තස්ස එවමස්ස: ‘උබ්භතං ඛො මෙ සල්ලං, අපනීතො විසදොසො අනුපාදිසෙසො, අනලඤ්ච මෙ අන්තරායායා’ති. සො අසප්පායානි චෙව භොජනානි භුඤ්ජෙය්ය. තස්ස අසප්පායානි භොජනානි භුඤ්ජතො වණො අස්සාවී අස්ස. න ච කාලෙන කාලං වණං ධොවෙය්ය. න ච කාලෙන කාලං වණමුඛං ආලිම්පෙය්ය. තස්ස න කාලෙන කාලං වණං ධොවතො, න කාලෙන කාලං වණමුඛං ආලිම්පතො පුබ්බලොහිතං වණමුඛං පරියොනෙන්ධය්ය. වාතාතපෙ ච චාරිත්තං අනුයුඤ්ජෙය්ය. තස්ස වාතාතපෙ චාරිත්තං අනුයුත්තස්ස රජොසූකං{3} වණමුඛං අනුද්ධංසෙය්ය න ච වණානුරක්ඛී විහරෙය්ය න වණසාරොපී. තස්ස ඉමිස්සා ච{4} අසප්පායකිරියාය, අසු ච විසදොසො{5} අපනීතො සඋපාදිසෙසො, තදුභයෙන වණො පුථුත්තං ගච්ඡෙය්ය. සො පුථුත්තං ගතෙන වණෙන මරණං වා නිගච්ඡෙය්ය මරණමත්තං වා දුක්ඛං.
Sinhala BJTඋදුරන ලද මැ ය, ග්‍රහණශේෂ සහිත වූ විෂදෝෂය බැහැර කරන ලද, එතෙකුදු වත් තට අන්තරාය පිණිස අසමර්‍ත්‍ථ ය. පථ්‍ය වූ භෝජන ම වළඳන්නෙහි ය, අහිත බොදුන් වළඳන තාගේ ව්‍රණය නහමක් පූයා වැහෙනසුලු වේවා, කලින් කල ව්‍රණය ධොවනය කරන්නෙහි, කලින් කල ව්‍රණමුඛය ආලිම්පන කරන්නෙහි, කලින් කල ව්‍රණය ධොවනය නො කරන කලින් කල ව්‍රණමුඛය ආලිම්පනය නො කරන තාගේ ව්‍රණමුඛය නහමක් ලේසැරව බඳීවා, අව්සුළංහි හැසිරීමෙහි ද නහමක් යෙදෙව, අව්සුළංහි හැසිරීමෙහි යෙදුණු තාගේ ව්‍රණමුඛය දූලි හා නණ්ඩු නහමක් පෙළාවා, එම්බා පුරුෂය, ව්‍රණය රක්නාසුලුව ව්‍රණ රෝපණය කරනසුලුව වාසය කරන්නෙහි යයි.” එ පුරුෂහට මෙබඳු සිතෙක් වන්නේ ය: ‘ඒකාන්තයෙන් මාගේ ශල්‍යය උදුරන ලද, විෂදෝෂය බැහැර කරන ලද, ග්‍රහණශේෂ රහිත යැ, මට අන්තරාය පිණිස ද අසමර්‍ත්‍ථ වේ ය’ යි. හේ අපථ්‍ය වූ භෝජන ද වළඳන්නේ ය, අපථ්‍යභෝජනයන් වළඳකරන ඔහුගේ ව්‍රණය පූයා වැහෙනසුලු වන්නේ ය, කලින් කල වණය නො ද ධොවනය කරන්නේ ය, කලින් කල වණමුඛය නො ද ආලේපනය කරන්නේ ය, ඔහු කලින් කල වණය නො දොවුනා හට කලින් කල වණමුඛය ආලේපන නො කරනු වහුට ලේසැරව වණමුඛය අවටින් බඳනේය, අව්සුළංහි හැසිරීමෙහිදු යෙදෙන්නේය, අව්සුළංහි හැසිරීමෙහි යෙදුණු ඔහුගේ ව්‍රණමුඛය දූලි හා නණ්ඩු පෙළන්නේ ය, වණය රක්නාසුලු ව ව්‍රණරෝපණය කරනසුලු ව නො ද වෙසෙන්නේ ය. ඔහුගේ මේ අපථ්‍ය ක්‍රියාහේතුයෙනුදු ඒ බැහැර කළ විෂදෝෂයත් ග්‍රහණශේෂ සහිත විය, එ දෙකින් වණය මහත් බවට යන්නේ ය, හේ මහත් බවට ගිය වණයෙන් මරණයට හෝ මරණමාත්‍ර දුකට හෝ පැමිණෙන්නේ යි.