Majjhima Nikāya

Middle-Length Discourses

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 4301-4400 න් 6395

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTඋච්චෙන සම්මතං ඛො එතං භාරද්වාජ, ලොකස්මිං යදිදං අත්ථි දෙවා’ති.
Sinhala BJTභාරද්වාජය, ලෝකයෙහි ‘දෙවියෝ ඇද්ද’ යන යමක් වේ ද තෙල කරුණ උස්හඬින් සම්මත යැ’ යි.
Pali BJTඑවං වුත්තෙ සඞ්ගාරවො මාණවො භගවන්තං එතදවොච: අභික්කන්තං භො ගොතම, අභික්කන්තං භො ගොතම, සෙය්යථාපි භො ගොතම, නික්කුජ්ජිතං වා උක්කුජ්ජෙය්ය, පටිච්ඡන්නං වා විවරෙය්ය, මූළ්හස්ස වා මග්ගං ආචික්ඛෙය්ය, අන්ධකාරෙ වා තෙලපජ්ජොතං ධාරෙය්ය චක්ඛුමන්තො රූපානි දක්ඛින්තී’ති. එවමෙවං භොතා ගොතමෙන අනෙකපරියායෙන ධම්මො පකාසිතො. එසාහං භවන්තං ගොතමං සරණං ගච්ඡාමි ධම්මඤ්ච භික්ඛුසඞ්ඝඤ්ච. උපාසකා මං භවං ගොතමො ධාරෙතු අජ්ජතග්ගෙ පාණුපෙතං සරණඞ්ගත’න්ති.
Sinhala BJTමෙසේ වදාළ කල්හි සඞ්ගාරව මාණවක භාග්‍යවතුන් වහන්සේට තෙල කී: “භවත් ගෞතමයන් වහන්ස, ඉතා කාන්ත යැ, භවත්ගෞතමයන් වහන්ස, ඉතා කාන්ත යි. යම්සේ භවත් ගොයුම් ගොතුවෙනි, යටිහුරු කරනලද්දක් හෝ උඩුහුරු කරන්නේ ද, පිළිසන් දැයක් හෝ විවර කරන්නේ ද, මං මුළා වූවක්හට මග කියන්නේ ද, ‘ඇස් ඇත්තාහු රූප දකිත්ව’යි අඳුරෙහි තෙල්පහනක් හෝ දරන්නේ ද, එ පරිදි මැ භවත් ගෞතමයන් විසින් නොයෙක් අයුරින් දහම් පවසනලද, තෙල මම් භවත් ගෞතමයන් වහන්සේ සරණ කොට යෙමි, දහම් හා සඟුන් හා සරණ කොට යෙමි, භවත් ගෞතමයන් වහන්සේ මා අද පටන් දිවිහිම් වැ සරණ ගිය උපාසකයකු කොට ධරනසේක්ව’යි.
Pali BJTසඞ්ගාරවසුත්තං දසමං.
Sinhala BJTදස වැනි සඞ්ගාරවසුත්‍ර යි.
Pali BJTබ්රාහ්මණවග්ගො පඤ්චමො.
Sinhala BJTපස් වැනි බ්‍රාහ්මණවර්‍ග යි
Pali BJTතස්ස වග්ගස්ස උද්දානං
Sinhala BJTඒ වර්‍ගයෙහි උද්දානය:
Pali BJTබ්රහ්මායු සෙලස්සලායනො ඝොටමුඛො ච බ්රාහ්මණො ඵසු චඞ්කී ධනඤ්ජානි වාසෙට්ඨො සුභ ගාරවොති.
Sinhala BJTබ්‍රහ්මායු සූත්‍ර යැ සේල සූත්‍ර යැ අස්සලායන සූත්‍ර යැ ඝෝටමුඛ සූත්‍ර යැ චඞ්කී සූත්‍ර යැ එසුකාරී සූත්‍ර යැ ධනඤ්ජානි සූත්‍ර යැ වාසෙට්ඨ සූත්‍ර යැ සුභ සූත්‍ර යැ සඞ්ගාරව සූත්‍ර යැ යි
Pali BJTඉදං වග්ගාන’මුද්දානං
Sinhala BJTමේ වර්‍ගයන්ගේ උද්දානය:
Pali BJTවග්ගො ගහපති භික්ඛු පරිබ්බාජකනාමකො රාජවග්ගො බ්රාහ්මණොති පඤ්ච මජ්ඣිමආගමෙ.
Sinhala BJTගහපතිවර්‍ග යැ භික්ඛූවර්‍ග යැ පරිබ්බාජකවර්‍ග යැ රාජවර්‍ග යැ බ්‍රාහ්මණවර්‍ග යැ යි මජ්ඣිමාගමයෙහි වර්‍ග පසෙකි
Pali BJTමජ්ඣිමපණ්ණාසකං සමත්තං.
Sinhala BJTමජ්ඣිමපණ්ණාසකය සමාප්ත යි.
Pali BJTසුත්තන්තපිටකෙ
Sinhala BJTසූත්‍රාන්තපිටකයෙහි
Pali BJTමජ්ඣිමනිකායො
Sinhala BJTමැදුම් සඟිය
Pali BJTඋපරිපණ්ණාසකො
Sinhala BJTඋපරිපණ්ණාසකය
Pali BJT1. දෙවදහවග්ගො
Sinhala BJT1. දේවදහ වර්‍ගය
Pali BJTනමො තස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස
Sinhala BJTඒ භාග්‍යවත් අර්‍හත් සම්මාසම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා.
Pali BJT3. 1. 1.
Sinhala BJT3. 1. 1.
Pali BJTදෙවදහ සුත්තං
Sinhala BJTදේවදහ සූත්‍රය
Pali BJTඑවං මෙ සුතං: එකං සමයං භගවා සක්කෙසු විහරති දෙවදහං නාම සක්යානං නිගමො. තත්ර ඛො භගවා භික්ඛූ ආමන්තෙසි භික්ඛවො’ති. භදන්තෙති තෙ භික්ඛූ භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච:
Sinhala BJTමා විසින් මෙසේ අසන ලද: එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ ශාක්‍යජනපදයෙහි සැහැකුල රජදරුවන්ගේ දෙව්දහ නම් නියම්ගම ඇසිරි කොටගෙන (ලුම්බිනී උයන්හි) වැඩවාස කරන සේක. එහි දී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යී මහණුන් ඇමතූසේක. ‘වහන්සැ’යි ඒ මහණහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළසේක:
Pali BJTසන්ති භික්ඛවෙ, එකෙ සමණබ්රාහ්මණා එවං වාදිනො එවං දිට්ඨිනො: ‘යඞ්කිඤ්චායං පුරිසපුග්ගලො පටිසංවෙදෙති සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා, සබ්බං තං පුබ්බෙකතහෙතු. ඉති පුරාණානං කම්මානං තපසා ව්යන්තීභාවා{1} නවානං කම්මානං අකරණා ආයතිං අනවස්සවො ආයතිං අනවස්සවා කම්මක්ඛයො කම්මක්ඛයා දුක්ඛක්ඛයො දුක්ඛක්ඛයා වෙදනාක්ඛයො වෙදනාක්ඛයා සබ්බං දුක්ඛං නිජ්ජිණ්ණං භවිස්සතී’ති. එවංවාදිනො භික්ඛවෙ නිගණ්ඨා.{2}
Sinhala BJTමහණෙනි, මෙබඳු වාද ඇති මෙබඳු දෘෂ්ටි ඇති කිසි මහණබමුණු කෙනෙක් ඇත. “මේ පුරුෂපුද්ගල සුව වේව’යි දුක් වේව’යි නොදුක් නොසුව වේව’යි යම් මැ වෙදයිතයක් විඳුනේ වේ ද එ හැම පෙරැ කළ කම්පසින් වෙයි. මෙසෙයින් පුරාණ කර්‍මයන් තැවීමෙන් විගතාන්තභාව කිරීමෙන්, නවකර්‍මයන් නො කිරීමෙන් මතුයෙහි අනවස්‍රව (කර්‍මායූහන නො වනු) වෙයි. මතුයෙහි කර්‍ම රැස් නො කිරීමෙන් කර්‍මක්‍ෂය (කර්‍ම ගෙවීයනු) වෙයි. කර්‍මක්‍ෂය හේතුයෙන් දුඃඛක්‍ෂය වෙයි. දුඃඛක්‍ෂය හේතුයෙන් වේදනාක්‍ෂය වෙයි. වේදනාක්‍ෂය හේතුයෙන් හැම දුක් නිර්ජිර්‍ණ වන්නේය”යි. මහණෙනි, නුවටහු මෙවන් වාද ඇතියහ.
Pali BJTඑවං වාදාහං භික්ඛවෙ, නිගණ්ඨෙ උපසඞ්කමිත්වා එවං වදාමි: සච්චං කිර තුම්හෙ ආවුසො නිගණ්ඨා එවංවාදිනො එවංදිට්ඨිනො: ‘යඞ්කිඤ්චායං පුරිසපුග්ගලො පටිසංවෙදෙති සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා, සබ්බං තං පුබ්බෙකතහෙතු. ඉති පුරාණානං කම්මානං තපසා ව්යන්තීභාවා{1} නවානං කම්මානං අකරණා ආයතිං අනවස්සවො ආයතිං අනවස්සවා කම්මක්ඛයො කම්මක්ඛයා දුක්ඛක්ඛයො දුක්ඛක්ඛයා වෙදනාක්ඛයො වෙදනාක්ඛයා සබ්බං දුක්ඛං නිජ්ජිණ්ණං භවිස්සතී’ති.
Sinhala BJTමහණෙනි, මෙසේ වාද ඇති නුවටුන් කරා එළැඹ මෙසේ කියමි: “ඇවැත්නි නිගණ්ඨයෙනි, මේ පුරුෂපුද්ගල සුව වේව’යි දුක් වේව’යි නො දුක් නොසුව වේව’යි යම් මැ වෙදයිතයක් විඳුනේ වේ ද, එ හැම පෙරැ කළ කම්පසින් වෙයි. මෙසෙයින් පුරාණ කර්‍මයන් තැවීමෙන් විගතාන්තභාව කිරීමෙන් නවකර්‍මයන් නො කිරීමෙන් මතුයෙහි අනවස්‍රව වෙයි. මතුයෙහි කර්‍ම රැස් නො කිරීමෙන් කර්‍මක්‍ෂය වෙයි. කර්‍මක්‍ෂය හේතුයෙන් දුඃඛක්‍ෂය වෙයි. දුඃඛක්‍ෂය හේතුයෙන් වේදනාක්‍ෂය වෙයි. වේදනාක්‍ෂය හේතුයෙන් හැම දුක් නිර්ජිර්‍ණ වන්නේ, ය”යි. තෙපි මෙවන් වාද ඇතියහු ල, මෙවන් දෘෂ්ටි ඇතියහු ල, යනු සැබෑ වේ දැ? යි පුළුවුස්මි.
Pali BJTතෙ චෙ මෙ භික්ඛවෙ, නිගණ්ඨා එවං පුට්ඨා ආමාති පටිජානන්ති: ත්යාහං එවං වදාමි: ‘කිං පන තුම්හෙ ආවුසො නිගණ්ඨා, ජානාථ. අහුවම්හෙව මයං පුබ්බෙ, න නාහුවම්හා’ති.
Sinhala BJTමහණෙනි, ඉදින් මා විසින් මෙසෙයින් පුළුවුස්නාලද ඒ නුවටහු ‘එසේ යැ’යි පිළින කෙරෙද්ද, මම උනට මෙසේ කියමි: “ඇවැත්නි, නිගණ්ඨයෙනි, කිම තෙපි ‘ඇපි පෙරැ වූමෝ මැ යැ, නොවූමෝ නො වම්හ”යි දන්නාව?
Pali BJTනො හිදං, ආවුසො.
Sinhala BJTඅවැත්නි, මෙය නො දනුම්හ.
Pali BJTකිං පන තුම්හෙ ආවුසො නිගණ්ඨා, ජානාථ: අකරම්හෙව මයං පුබ්බෙ පාපං කම්මං න නාකරම්හා’ති.
Sinhala BJTඇවැත්නි නිගණ්ඨයෙනි, කිම තෙපි “ඇපි පෙරැ පාපකර්‍ම කළමෝ මැ යැ, නොකළමෝ නො වම්හ”යි දන්නාව?
Pali BJTනො හිදං ආවුසො.
Sinhala BJTඅවැත්නි, මෙය නො දනුම්හ.
Pali BJTකිං පන තුම්හෙ ආවුසො නිගණ්ඨා, ජානාථ එවරූපං වා පාපං කම්මං අකරම්හා’ති.
Sinhala BJTඇවැත්නි නිගණ්ඨයෙනි, කිම තෙපි “මෙවන් මෙවන් හෝ පාපකර්‍ම කළම්හ”යි දන්නාව?
Pali BJTනො හිදං ආවුසො.
Sinhala BJTඇවැත්නි, මෙය නොදනුම්හ.
Pali BJTකිං පන තුම්හෙ ආවුසො නිගණ්ඨා, ජානාථ: එත්තකං වා දුක්ඛං නිජ්ජිණ්ණං, එත්තකං වා දුක්ඛං නිජ්ජීරෙතබ්බං{1} එත්තකම්හි වා දුක්ඛෙ නිජ්ජිණ්ණෙ සබ්බං දුක්ඛං නිජ්ජිණ්ණං භවිස්සතී’ති.
Sinhala BJTඇවැත්නි නිගණ්ඨයෙනි, කිම තෙපි “මෙතෙක් දුක් දිරිණ හෝ මෙතෙක් දුක් දිරැවිය යුතු යැ හෝ මෙතෙක් දුක් දිරුණු කලැ හැම දුක් නිර්ජිර්‍ණ වෙතී” හෝ දන්නාව?
Pali BJTනො හිදං ආවුසො.
Sinhala BJTඅවැත්නි, මෙය නො දනුම්හ.
Pali BJTකිං පන තුම්හෙ ආවුසො නිගණ්ඨා, ජානාථ: දිට්ඨෙව ධම්මෙ අකුසලානං ධම්මානං පහානං, කුසලානං ධම්මානං උපසම්පද’න්ති.
Sinhala BJTඇවැත්නි නිගණ්ඨයෙනි, කිම තෙපි “දුටුදැමියෙහි මැ අකුශල ධර්‍මයන්ගේ ප්‍රහාණ හා කුශලධර්‍මයන් ගේ උපසම්පත් (රැස් කිරීම්) වෙති”යි දන්නාව?
Pali BJTනො හිදං ආවුසො.
Sinhala BJTඅවැත්නි, මෙය නො දනුම්හ.
Pali BJTඉති කිර තුම්හෙ ආවුසො නිගණ්ඨා, න ජානාථ: ‘අහුවම්හෙව මයං පුබ්බෙ න නාහුවම්හා’ති. න ජානාථ ‘අකරම්හෙව මයං පුබ්බෙ පාපං කම්මං න නාකරම්හා’ති. න ජානාථ, ‘එවරූපං වා එවරූපං වා පාපං කම්මං අකරම්හා’ති. න ජානාථ ‘එත්තකං වා දුක්ඛං නිජ්ජිණ්ණං, එත්තකං වා දුක්ඛං නිජ්ජීරෙතබ්බං,{1} එත්තකම්හි වා දුක්ඛෙ නිජ්ජිණ්ණෙ සබ්බං දුක්ඛං නිජ්ජිණ්ණං භවිස්සතී’ති. න ජානාථ: දිට්ඨෙව ධම්මෙ අකුසලානං ධම්මානං පහානං, කුසලානං ධම්මානං උපසම්පදං. එවං සන්තෙ ආයස්මන්තානං නිගණ්ඨානං න කල්ලමස්ස වෙය්යාකරණාය: “යඞ්කිඤ්චායං පුරිසපුග්ගලො පටිසංවෙදෙති, සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා සබ්බං තං පුබ්බෙ කතහෙතු. ඉති පුරාණානං කම්මානං තපසා ව්යන්තීභාවා නවානං කම්මානං අකරණා ආයතිං අනවස්සවො ආයතිං අනවස්සවා කම්මක්ඛයො කම්මක්ඛයා දුක්ඛක්ඛයො දුක්ඛක්ඛයා වෙදනාක්ඛයො වෙදනාක්ඛයා සබ්බං දුක්ඛං නිජ්ජිණ්ණං භවිස්සතී”ති.
Sinhala BJTඇවැත්නි නිගණ්ඨයෙනි, මෙසේ වත් මැ තෙපි “ඇපි පෙරැ වූමෝ මැ යැ නොවූමෝ නො වම්හ” යනුදු නො දන්නහු යැ. “ඇපි පෙරැ පාපකර්‍ම කළමෝ මැ යැ නො කළමෝ නො වම්හ” යනුදු නො දන්නහු යැ. “මෙවන් මෙවන් හෝ පාපකර්‍ම කළම්හ” යනුදු නො දන්නහු යැ, මෙතෙක් හෝ දුක් දිරිණ මෙතෙක් හෝ දුක් දිරැවියැ යුතු වැ ඇත. මෙතෙක් හෝ දුක් දිරුණු කලැ හැම දුක් නිර්ජිර්‍ණ වෙති”යි මෙ ද නො දන්නහු යැ. “ඉහාත්මයෙහි මැ අකුශලධර්‍මයන් ගේ ප්‍රහාණ හා කුශලධර්‍මයන් ගේ උපසම්පත් වෙති”යි මෙ ද නො දන්නහු යැ. මෙසේ මෙතෙක් කරුණු නො දන්නා කලැ ආයුෂ්මත් නිගණ්ඨයනට “මේ පුරුෂපුද්ගල සුව වේව’යි දුක් වේව’යි නොදුක් නොසුව වේව’යි යම් මැ වෙදයිතයක් විඳිනේ වේ ද, එ හැම පෙරැ කළ කර්‍මප්‍රත්‍යයෙන් වෙයි. මෙසේ වන හෙයින් පුරාණ කර්‍මයන් තපසින් විගතාන්ත කිරීමෙන්, නවකර්‍මයන් නො කිරීමෙන් මතුයෙහි කර්‍ම රැස්කිරීමෙක් නො වෙයි. මතුයෙහි කර්‍ම රැස් නො කිරීම් හේතුයෙන් කර්‍මක්‍ෂය වෙයි. කර්‍මක්‍ෂය හේතුයෙන් දුඃඛක්‍ෂය වෙයි. දුඃඛක්‍ෂය හේතුයෙන් වේදනාක්‍ෂය වෙයි. වේදනාක්‍ෂය හේතුයෙන් හැම දුක් නිර්ජිර්‍ණ වෙතී” ප්‍රකාශ කරන්නට යුතු නො වේ.
Pali BJTසචෙ{2} තුම්හෙ ආවුසො නිගණ්ඨා, ජානෙය්යාථ අහුවම්හෙව මයං පුබ්බෙ න නාහුවම්හා’ති. ජානෙය්යාථ අකරම්හෙව මයං පුබ්බෙ පාපං කම්මං න නාකරම්හා’ති. ජානෙය්යාථ ‘එවරූපං වා එවරූපං වා පාපං කම්මං අකරම්හා’ති, ජානෙය්යාථ ‘එත්තකං වා දුක්ඛං නිජ්ජිණ්ණං එත්තකං වා දුක්ඛං නිජ්ජීරෙතබ්බං,{1} එත්තකම්හි වා දුක්ඛෙ නිජ්ජිණ්ණෙ සබ්බං දුක්ඛං නිජ්ජිණ්ණං භවිස්සතී’ති. ජානෙය්යාථ ‘දිට්ඨෙව ධම්මෙ අකුසලානං ධම්මානං පහානං කුසලානං ධම්මානං උපසම්පදං, එවං සන්තෙ ආයස්මන්තානං නිගණ්ඨානං කල්ලමස්ස වෙය්යාකරණාය: “යඞ්කිඤ්චායං පුරිසපුග්ගලො පටිසංවෙදෙති සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා සබ්බං තං පුබ්බෙකතහෙතු. ඉති පුරාණානං කම්මානං තපසා ව්යන්තීභාවා නවානං කම්මානං අකරණා ආයතිං අනවස්සවො ආයතිං අනවස්සවා කම්මක්ඛයො කම්මක්ඛයා දුක්ඛක්ඛයො දුක්ඛක්ඛයා වෙදනාක්ඛයො වෙදනාක්ඛයා සබ්බං දුක්ඛං නිජ්ජිණ්ණං භවිස්සතී”ති.
Sinhala BJTඇවැත් නිගණ්ඨයෙනි, ඉදින් තෙපි “පෙර ඇපි වූමෝ මැ’යැ, නොවූමෝ නො වම්හ” යි දන්නවු නම්, ‘ඇපි පෙර පව් කම් කළමෝ මැ යැ, නො කළමෝ නොවම්හ’යි දන්නවු නම් මෙවන් මෙවන් හෝ පව්කම් කළම්හ’යි දන්නවු නම්: මෙතෙක් හෝ දුක් දිරිණ. මෙතෙක් හෝ දුක් දිරැවියැ යුතු වැ ඇත, මෙතෙක් හෝ දුක් දිරුණු කල හැම දුක් නිර්ජිර්‍ණ වෙතී’ දන්නවු නම්, ඉහාත්මයෙහි මැ අකුශල ධර්‍මයන් ගේ ප්‍රහාණය හා කුශල ධර්‍මයන්ගේ උපසම්පත් දන්නවු නම්, මෙසේ වත් මැ ආයුෂ්මත් නිගණ්ඨයනට “මේ පුරුෂ පුද්ගල සුව වේව’යි දුක් වේව’යි නොදුක් නොසුව වේව’යි යම් මැ වෙදයිතයක් විඳුනේ වේ ද, එ හැම පෙරැ කළ කර්‍මප්‍රත්‍යයෙනැ, මෙසේ වන හෙයින් පුරාණ කර්‍මයන් තැවීමෙන් විගතාන්ත කිරීමෙනුදු නවකර්‍මයන් නො කිරීමෙනුදු මතුයෙහි කර්‍ම රැස් නො කරනු වෙයි, මතුයෙහි අනවස්‍රවයෙන් (කර්‍ම රැස් නො කිරීමෙන්) කර්‍මක්‍ෂය වෙයි, කර්‍මක්‍ෂය හේතුයෙන් දුඃඛක්‍ෂය වෙයි, දුඃඛක්‍ෂය හේතුයෙන් වේදනාක්‍ෂය වෙයි, වේදනාක්‍ෂය හේතුයෙන් හැම දුක් නිර්ජිර්‍ණ වෙතී” පවසන්නට යුතු වන්නේ ය.
Pali BJTසෙය්යථාපි ආවුසො නිගණ්ඨා, පුරිසො සල්ලෙන විද්ධො අස්ස සවිසෙන ගාළ්හූපලෙපනෙන, සො සල්ලස්සපි වෙදනාහෙතු{1} දුක්ඛා තිප්පා{2} කටුකා වෙදනා වෙදියෙය්ය. තස්ස මිත්තාමච්චා ඤාතිසාලොහිතා භිසක්කං සල්ලකත්තං උපට්ඨාපෙය්යුං. තස්ස සො භිසක්කො සල්ලකත්තො සෙත්ථන වණමුඛං පරිකන්තෙය්ය. සො සෙත්ථනපි වණමුඛස්ස පරිකන්තනහෙතු දුක්ඛා තිප්පා{2} කටුකා වෙදනා වෙදියෙය්ය. තස්ස සො භිසක්කො සල්ලකත්තො එසනියා සල්ලං එසෙය්ය. සො එසනියාපි සල්ලස්ස එසනා හෙතු{3} දුක්ඛා තිප්පා{2} කටුකා වෙදනා වෙදියෙය්ය. තස්ස සො භිසක්කො සල්ලකත්තො සල්ලං අබ්බහෙය්ය.{4} සො සල්ලස්සපි අබ්බහනහෙතු{5} දුක්ඛා තිප්පා කටුකා වෙදනා වෙදියෙය්ය. තස්ස සො භිසක්කො සල්ලකත්තො අගදඞ්ගාරං වණමුඛෙ ඔදහෙය්ය. සො අගදඞ්ගාරස්සපි වණමුඛෙ ඔදහනහෙතු දුක්ඛා තිප්පා කටුකා වෙදනා වෙදියෙය්ය. සො අපරෙන සමයෙන රූළ්හෙන වණෙන සඤ්ඡවිනා අරොගො අස්ස සුඛී සෙරී සයංවසී යෙන කාමඞ්ගමො. තස්ස එවමස්ස: ‘අහං ඛො පුබ්බෙ සල්ලෙන විද්ධො අහොසිං සවිසෙන ගාළ්හූපලෙපනෙන. සො’හං සල්ලස්සපි වෙදනාහෙතු දුක්ඛා තිප්පා කටුකා වෙදනා වෙදියිං. තස්ස මෙ මිත්තාමච්චා ඤාතිසාලොහිතා භිසක්කං සල්ලකත්තං උපට්ඨාපෙසුං.{6} තස්ස මෙ සො භිසක්කො සල්ලකත්තො සත්ථෙන වණමුඛං පරිකන්ති. සො’හං සත්ථෙනපි{7} වණමුඛස්ස පරිකන්තනහෙතු දුක්ඛා තිප්පා කටුකා වෙදනා වෙදියිං. තස්ස මෙ සො භිසක්කො සල්ලකත්තො එසනියා සල්ලං එසි. සො’හං එසනියාපි සල්ලස්ස එසනාහෙතු{3} දුක්ඛා තිප්පා කටුකා වෙදනා වෙදියිං. තස්ස මෙ සො භිසක්කො සල්ලකත්තො සල්ලං අබ්බහි{8} සො’හං සල්ලස්සාපි අබ්බහනහෙතු{5} දුක්ඛා තිප්පා කටුකා වෙදනා වෙදියිං තස්ස මෙ සො භිසක්කො සල්ලකත්තො අගදඞ්ගාරං වණමුඛෙ ඔදහි. සො’හං අගදඞ්ගාරස්සපි වණමුඛෙ ඔදහනහෙතු දුක්ඛා තිප්පා කටුකා වෙදනා වෙදියිං. සො’ම්හි එතරහි රූළ්හෙන වණෙන සඤ්ඡවිනා අරොගො සුඛී සෙරී සයංවසී යෙන කාමඞ්ගමො’ති.
Sinhala BJTඇවැත්නි, නිගණ්ඨයෙන්, යම් පරිදි පුරුෂයෙක් විෂසහිත ගාඪොපලේපන (පුනපුනා විෂ ගැල්වීම්) ඇති ශල්‍යයෙන් විදුනා ලද වේ ද, හේ ශල්‍යවේදනාහේතුයෙනුදු දුක් වූ තියුණු වූ කටුක වූ වේදනා විඳුනේ වේ ද, ඔහුගේ මිත්‍රාමාත්‍යයෝ නෑ සහලේනෑයෝ ශල්‍යවෛද්‍යවරයකු එළවන්නාහු ද, ඒ ශල්‍යවෛද්‍යයා ශස්ත්‍රයෙන් ඔහුගේ ව්‍රණමුඛ සිඳුනේ වේ ද, හේ ශස්ත්‍රයෙන් ව්‍රණමුඛ ඡෙදනහෙතුයෙනුදු දුඃඛ තීව්‍ර කටුක වේදනා විඳුනේ වේ ද, ඒ ශල්‍යවෛද්‍යවරයා ඔහුගේ ශල්‍යය ඒෂණියෙන් (විමසුම් සලාකායේන්) සොයන්නේ වේ ද, හේ ඒෂණියෙන් ශල්‍යෛෂණ හේතුයෙනුදු දුඃඛ තීව්‍ර කටුක වේදනා විඳුනේ වේ ද, ඒ ශල්‍යවෛද්‍යවරයා ඔහුගේ ශල්‍යය උදුරන්නේ වේ ද, හේ ශල්‍යොද්ධරණ හේතුයෙනුදු දුඃඛ තීව්‍ර කටුක වේදනා විඳිනේ වේ ද, ඒ ශල්‍යවෛද්‍යවරයා ඔහුගේ ව්‍රණමුඛයෙහි අගදාඞ්ගාර (දැවූ අරළු හෝ ඇඹුල හෝ සුනු) බහාලන්නේ වේ ද, හේ ව්‍රණමුඛයෙහි අගදඞ්ගාර බහාලන හේතුයෙනුදු දුඃඛ තීව්‍ර කටුක වේදනා විඳුනේ වේ ද, හේ පසු කලෙක රූඪව්‍රණයෙන් යුක්ත වැ නැඟුණු සිවි ඇති වැ අරෝග වූයේ සුඛිත ස්වෛරී ස්වයංවශී වූයේ රිසි තැන රිසිසේ යනුයෙක් වේ ද, ඔහුට මෙබඳු සිතෙක් වෙයි: “මම් පෙරැ සවිෂ ගාඪොප ලේපන ඇති විත් කෑයෙම් වෙමි. එ මම් ශල්‍යවේදනා හේතුයෙනුදු දුඃඛ තීව්‍ර කටුක වේදනා විඳියෙමි. ඒ මාගේ මිත්‍රාමාත්‍යයෝ නෑ සහලේනෑයෝ ශල්‍යවෛද්‍යවරයකු එළවාදුන්හ. ඒ ශල්‍යවෛද්‍යවරයා ශස්ත්‍රයෙන් මාගේ ව්‍රණමුඛ සිඳපී යැ, එ මම් ශස්ත්‍රයෙනුදු ව්‍රණමුඛ සිඳීම් හේතුයෙන් දුඃඛ තීව්‍ර කටුක වේදනා විඳියෙමි. ඒ ශල්‍යවෛද්‍යවරයා ඒෂණියෙන් මාගේ ශල්‍යය සෙවීයැ, එ මම් ඒෂණියෙන් ශල්‍ය ඒෂණහේතුයෙනුදු දුඃඛ තීව්‍ර කටුක වේදනා විඳියෙමි. ඒ ශල්‍යවෛද්‍යවරයා මාගේ ශල්‍යය උපුළාපී යැ, එ මම් ශල්‍යොද්ධරණ හේතුයෙනුදු දුඃඛ තීව්‍ර කටුක වේදනා විඳියෙමි. ඒ ශල්‍යවෛද්‍යවරයා මාගේ ව්‍රණමුඛයෙහි අගදාඞ්ගාර බහාලී යැ, එ මම් ව්‍රණමුඛයෙහි අගදාඞ්ගාර බහාලනු හේතුයෙනුදු දුඃඛ තීව්‍ර කටුක වේදනා විඳියෙමි. දැන් එ මම රූඪව්‍රණ ඇති වැ, වැඩුණු සිවියෙන් යුතු වැ, අරෝග වූයෙම් සුඛිත ස්වෛරී ස්වයංවශී වූයෙම් රිසි තැනැ රිසිසේ යනුයෙම් වෙමි” සිතයි.
Pali BJTඑවමෙව ඛො ආවුසො නිගණ්ඨා, සචෙ තුම්හෙ ජානෙය්යාථ අහුවම්හෙව මයං පුබ්බෙ, න නාහුවම්හා’ති. ජානෙය්යාථ ‘අකරම්හෙව මයං පුබ්බෙ පාපං කම්මං, න නාකරම්හා’ති. ජානෙය්යාථ එවරූපං වා එවරූපං වා පාපං කම්මං අකරම්හා’ති. ජානෙය්යාථ එත්තකං වා දුක්ඛං නිජ්ජිණ්ණං, එත්තකං වා දුක්ඛං නිජ්ජීරෙතබ්බං. එත්තකම්හි වා දුක්ඛෙ නිජ්ජිණ්ණෙ සබ්බං දුක්ඛං නිජ්ජිණ්ණං භවිස්සතී’ති. ජානෙය්යාථ ‘දිට්ඨෙව ධම්මෙ අකුසලානං ධම්මානං පහානං, කුසලානං ධම්මානං උපසම්පදං. එවං සන්තෙ ආයස්මන්තානං නිගණ්ඨානං කල්ලමස්ස වෙය්යාකරණාය: යඞ්කිඤ්චායං පුරිසපුග්ගලො පටිසංවෙදෙති සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා, සබ්බං තං පුබ්බෙකතහෙතු: ඉති පුරාණානං කම්මානං තපසා ව්යන්තීභාවා, නවානං කම්මානං අකරණා ආයතිං අනවස්සවො ආයතිං අනවස්සවා කම්මක්ඛයො කම්මක්ඛයා දුක්ඛක්ඛයො දුක්ඛක්ඛයා වෙදනාක්ඛයො වෙදනාක්ඛයා සබ්බං දුක්ඛං නිජ්ජිණ්ණං භවිස්සතී’ති.
Sinhala BJTඇවැත් නිගණ්ඨයෙනි, එපරිදි මැ තෙපි ඉදින් (මෙසේ) දන්නවු නම්: “ඇපි පෙරැ වූම්හු මැ යැ, නො වූමෝ නො වම්හ’යි. ‘ඇපි පෙරැ පව්කම් කළමෝ මැ යැ, නො කළමෝ නොවම්හ’යි දන්නවු නම්, ‘මෙවන් හෝ මෙවන් හෝ පව්කම් කළම්හ’යි දන්නවු නම්, ‘මෙතෙක් දුක් දිරිණැ හෝ, මෙතෙක් දුක් දිරැවියැ යුතු වැ ඇතැ හෝ, මෙතෙක් දුක් දිරුණු කල හැම දුක් නිර්ජිර්‍ණ වෙතී හෝ දන්නවු නම්. ඉහාත්මයෙහි මැ අකුශලධර්‍මයන්ගේ ප්‍රහාණ හා කුශල ධර්‍මයන්ගේ උපසම්පත් හා වෙතී” දන්නවු නම්, මෙසේ කරුණු දන්නා කල ආයුෂ්මත් නිගණ්ඨයනට “මේ පුරුෂපුද්ගල සුව වේව’යි දුක් වේව’යි නොදුක් නොසුව වේව’යි යම් මැ වෙදයිතයක් විඳුනේ වේ ද, එ හැම පෙරැ කළ කර්‍මප්‍රත්‍යයෙනැ, මෙසේ පුරාණ කර්‍මයන් තැවීමෙන් විගතාන්ත කිරීමෙනුදු, නව කර්‍මයන් රැස් නො කිරීමෙනුදු, මතුයෙහි කර්‍ම රැස්කරනු නො වෙයි, මතුයෙහි කර්‍ම රැස්නොකිරීමෙන් කර්‍මක්‍ෂය වෙයි, කර්‍මක්‍ෂය හේතුයෙන් දුඃඛක්‍ෂය වෙයි, දුඃඛක්‍ෂය හේතුයෙන් වේදනාක්‍ෂය වෙයි, වේදනාක්‍ෂය හේතුයෙන් හැම දුක් නිර්ජිර්‍ණ වෙතී” පවසන්නට නිසි වෙයි.
Pali BJTයස්මා ච ඛො තුම්හෙ ආවුසො නිගණ්ඨා, න ජානාථ ‘අහුවම්හෙව මයං පුබ්බෙ න නාහුවම්හා’ති. න ජානාථ ‘අකරම්හෙව මයං පුබ්බෙ පාපං කම්මං, න නාකරම්හාති. න ජානාථ ‘එවරූපං වා එවරූපං වා පාපං කම්මං අකරම්හා’ති. න ජානාථ එත්තකං වා දුක්ඛං නිජ්ජිණ්ණං එත්තකං වා දුක්ඛං නිජ්ජීරෙතබ්බං, එත්තකම්හි වා දුක්ඛෙ නිජ්ජිණ්ණෙ සබ්බං දුක්ඛං නිජ්ජිණ්ණං භවිස්සතී’ති. න ජානාථ දිට්ඨෙව ධම්මෙ අකුසලානං ධම්මානං පහානං කුසලානං ධම්මානං උපසම්පදං. තස්මා ආයස්මන්තානං නිගණ්ඨානං න කල්ලමස්ස වෙය්යාකරණාය: ‘යං කිඤ්චායං පුරිසපුග්ගලො පටිසංවෙදෙති සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා සබ්බං තං පුබ්බෙකතහෙතු. ඉති පුරාණානං කම්මානං තපසා ව්යන්තීභාවා, නවානං කම්මානං අකරණා, ආයතිං අනවස්සවො. ආයතිං අනවස්සවා කම්මක්ඛයො කම්මක්ඛයා දුක්ඛක්ඛයො දුක්ඛක්ඛයා වෙදනාක්ඛයො වෙදනාක්ඛයා සබ්බං දුක්ඛං{1} නිජ්ජිණ්ණං භවිස්සතීති.
Sinhala BJTතවද ඇවැත් නිගණ්ඨයෙනි, යම් හෙයකින් තෙපි “පෙරැ ඇපි වූමෝ මැ යැ, නොවූමේ නො වම්හ’යි නො දන්නවු ද, පෙරැ ඇපි පව්කම් කළමෝ මැ යැ, නො කළමෝ නො වම්හ’යි නො දන්නවු ද, මෙවන් හෝ මෙවන් හෝ පව්කම් කළම්හ’යි නො දන්නවු ද, මෙතෙක් දුක් දිරිණැ හෝ, මෙතෙක් දුක් දිරැ වියැ යුතු වැ ඇතැ හෝ, මෙතෙක් දුක් නිර්ජිර්‍ණ කල්හි හැම දුක් නිර්ජිර්‍ණ වෙතී, හෝ නො දන්නවු ද, ඉහාත්මයෙහි මැ අකුශල ධර්‍මයන්ගේ ප්‍රහාණ හා කුශලධර්‍මයන්ගේ උපසම්පත් හා නො දන්නවු ද, එහෙයින් ආයුෂ්මත් නිගණ්ඨයනට “මේ පුරුෂපුද්ගල සුව වේවයි දුක් වේවයි නොදුක් නොසුව වේවයි යම් මැ වෙදයිතයක් විඳී ද එ හැම පූර්‍වකෘත කර්‍මප්‍රත්‍යයෙන් වේ යයි ද මෙසේ පුරාණකර්‍මයන්ගේ තැවීමෙන් විගාන්තභාවයෙනුදු නවකර්‍මයන්ගේ රැස් නො කිරීමෙනුදු මතුයෙහි කර්‍මයන් ගේ රැස් වීමෙක් නො වෙයි. මතුයෙහි කර්‍ම රැස් නො වීමෙන් කර්‍මක්‍ෂය වෙයි. කර්‍මක්‍ෂය හේතුයෙන් දුඃඛක්‍ෂය වෙයි. දුඃඛක්‍ෂය හේතුයෙන් වේදනාක්‍ෂය වෙයි. වේදනාක්‍ෂය හේතුයෙන් හැම දුක් නිර්ජිර්‍ණ වෙති’යි ප්‍රකාශ කිරීමට නො නිසි වේ යයි.
Pali BJTඑවං වුත්තෙ භික්ඛවෙ, තෙ නිගණ්ඨා මං එතදවොචුං: ‘නිගණ්ඨො{2} ආවුසො, නාතපුත්තො{3} සබ්බඤ්ඤූ සබ්බදස්සාවී, අපරිසෙසං ඤාණදස්සනං පටිජානාති: ‘චරතො ච මෙ තිට්ඨතො ච සුත්තස්ස ච ජාගරස්ස ච සතතං සමිතං ඤාණදස්සනං පච්චුපට්ඨිත’න්ති. සො එවමාහ: ‘අත්ථි ඛො වො ආවුසො නිගණ්ඨා, පුබ්බෙව පාපං කම්මං කතං, තං ඉමාය කටුකාය දුක්කරකාරිකාය නිජ්ජීරෙථ.{4} යම්පනෙත්ථ එතරහි කායෙන සංවුතා වාචාය සංවුතා මනසා සංවුතා, තං ආයතිං පාපස්ස කම්මස්ස{5} අකරණං, ඉති පුරාණානං කම්මානං තපසා ව්යන්තීභාවා, නවානං කම්මානං අකරණා ආයතිං අනවස්සවො ආයතිං අනවස්සවා කම්මක්ඛයො කම්මක්ඛයා දුක්ඛක්ඛයො දුක්ඛක්ඛයා වෙදනාක්ඛයො වෙදනාක්ඛයා සබ්බං දුක්ඛං නිජ්ජිණ්ණං භවිස්සතී’ති. තඤ්ච පනම්හාකං රුච්චති චෙව ඛමති ච, තෙන චම්හා අත්තමනා’ති.
Sinhala BJTමහණෙනි, මෙසේ කී කල්හි ඒ නිගණ්ඨයෝ මට තෙල කීහු: “ඇවැත්නි, නිගණ්ඨනාතපුත්‍ර සර්‍වඥ යැ සර්‍වදර්ශී යැ නිරවශේෂ කොට ඥානදර්‍ශනය ප්‍රතිඥා කෙරෙයි: ඇවිදිනා වූ ද සිටුනා වූ ද නිදන්නා වූ ද නිදි වරන්නා වූ ද මට නිරතුරු ඥානදර්‍ශනය එළැඹසිටියේ වනැ”යි. හෙ මෙසේ කියයි: “ඇවැත්නි, නිගණ්ඨයෙනි, තොප විසින් පෙරැ මැ කරන ලද පව්කම් ඇත් මැ යැ. එය මේ කටුක වූ දුෂ්කරක්‍රියා හේතුයෙන්, නිර්ජිර්‍ණ කරවු. තවද දැන් මෙහි යම් හෙයෙකින් කයින් සංවෘත වූවාහු වචනයෙන් සංවෘත වූවාහු මනසින් සංවෘත වූවාහු ද එය මතුයෙහි පාපකර්‍මයාගේ නො කිරීම වෙයි. මෙසේ පුරාණකර්‍මයන් තැවීමෙන් විගතාන්තභාවයෙනුදු නවකර්‍මයන්ගේ මතුයෙහි රැස් නො කිරීම වෙයි. මතුයෙහි රැස් නො කිරීම් හේතුයෙන් කර්‍මක්‍ෂය වෙයි. කර්‍මක්‍ෂය හේතුයෙන් දුඃඛක්‍ෂය වෙයි. දුඃඛක්‍ෂය හේතුයෙන් වේදනාක්‍ෂය වෙයි. වේදනාක්‍ෂය හේතුයෙන් හැම දුක් නිර්ජිර්‍ණ වෙති”යි. එ ද වැළිත් අපට රුස්නේත් සහනේත් වෙයි. එයින් සතුටුසිත් ඇතියම්හ’යි.
Pali BJTඑවං වුත්තෙ අහං භික්ඛවෙ, තෙ නිගණ්ඨෙ එතදවොචං: ‘පඤ්ච ඛො ඉමෙ ආවුසො නිගණ්ඨා, ධම්මා දිට්ඨෙවධම්මෙ ද්විධා විපාකා. කතමෙ පඤ්ච: සද්ධා රුචි අනුස්සවො ආකාරපරිවිතක්කො දිට්ඨි නිජ්ඣානක්ඛන්ති. ඉමෙ ඛො ආවුසො නිගණ්ඨා, පඤ්ච ධම්මා දිට්ඨෙව ධම්මෙ ද්විධා විපාකා. තත්රායස්මන්තානං නිගණ්ඨානං කා අතීතංසෙ සත්ථරි සද්ධා, කා රුචි, කො අනුස්සවො, කො ආකාරපරිවිතක්කො, කා දිට්ඨිනිජ්ඣානක්ඛන්තී’ති. එවංවාදී ඛො අහං භික්ඛවෙ, නිගණ්ඨෙසු න කඤ්චි සහධම්මිකං වාදපටිහාරං{6} සමනුපස්සාමි.
Sinhala BJTමෙසේ කී කල්හි මහණෙනි, මම් ඒ නුවටුනට තෙල කීමි: “ඇවැත්නි, නිගණ්ඨයෙනි, ඉහාත්මයෙහි මැ දෙපරිද්දෙකින් විපාක දෙන මේ පඤ්චධර්‍ම කෙනෙක් වෙති: කවර පසෙක් යත්: ශ්‍රද්ධා යැ රුචි හැ අනුස්‍රව යැ කාරණ පරිවිතර්‍ක යැ රුචි කොට ගත් දෘෂ්ටි යැ යි. ඇවැත්නි, නිගණ්ඨයෙනි, මේ පඤ්චධර්‍මයෝ ඉහාත්මයෙහි මැ දෙපරිදි විපාක ඇත්තාහු යැ. ඒ පඤ්චධර්‍මයන් කෙරෙහි ආයුෂ්මත් නිගණ්ඨයනට අතීතාංශවාදී ශාස්තෘහු කෙරෙහි ශ්‍රද්ධා කවර යැ? රුචිය කවර යැ? අනුස්‍රවය කවරෙ යැ? ආකාර පරිවිතර්‍කය කවරෙ යැ? රුචි කොට ගත් දෘෂ්ටිය කවර හැ?”යි. මහණෙනි, මෙසේ කියන මම් නුවටුන් කෙරෙහි සකාරණ වූ වාදප්‍රතිහාරයක් නො දක්මි.
Pali BJTපුන චපරාහං භික්ඛවෙ, තෙ නිගණ්ඨෙ එවං වදාමි : ‘තං කිම්මඤ්ඤථාවුසො නිගණ්ඨා, යස්මිං හි වො සමයෙ තිබ්බො උපක්කමො හොති තිබ්බං පධානං, තිබ්බා{7} තස්මිං සමයෙ ඔපක්කමිකා දුක්ඛා තිප්පා කටුකා වෙදනා වෙදියෙථ. යස්මිං පන වො සමයෙ න තිබ්බො උපක්කමො හොති න තිබ්බං පධානං, න තිබ්බා තස්මිං{8} සමයෙ ඔපක්කමිකා දුක්ඛා තිප්පා කටුකා වෙදනා වෙදියෙථා’ති.
Sinhala BJTයළිදු මහණෙනි, මම් ඒ නුවටුන්ට මෙසේ කියමි: “ඇවැත්නි, නිගණ්ඨයෙනි, ඒ කිමෙකැයි සිතවු ද? යම් කලෙකැ තොපගේ තියුණු වූ උපක්‍රමය තියුණු වූ වීර්‍ය්‍යය වේ ද, එකල්හි තීව්‍ර වූ උපක්‍රම ඇති දුක් වූ තියුණු වූ කටුක වූ වේදනා විඳින්නවු ද, යළි යම් කලෙකැ තොපගේ තීව්‍ර උපක්‍රම නො වේ ද, තීව්‍ර වීර්‍ය්‍යය නො වේද, එකල්හි තීව්‍ර නො වූ ඖපක්‍රමික වූ දුක් වූ තියුණු වූ කටුක වූ වේදනා විඳින්නවු දැ”යි.
Pali BJTයස්මිං නො ආවුසො ගොතම, සමයෙ තිබ්බො උපක්කමො හොති තිබ්බං පධානං, තිබ්බා තස්මිං සමයෙ ඔපක්කමිකා දුක්ඛා තිප්පා කටුකා වෙදනා වෙදියාම. යස්මිං පන නො සමයෙ න තිබ්බො උපක්කමො හොති, න තිබ්බං පධානං, න තිබ්බා තස්මිං සමයෙ ඔපක්කමිකා දුක්ඛා තිප්පා කටුකා වෙදනා වෙදියාමා’ති.
Sinhala BJTඇවැත්නි, ගෞතමයෙනි, යම් කලෙකැ අපගේ තීව්‍ර උපක්‍රම තීව්‍ර වීර්‍ය්‍යය වේ ද, එකල්හි තීව්‍ර උපක්‍රම ඇති දුක් වූ තියුණු වූ කටුක වූ වේදනා විඳිම්හ. යළි යම් කලෙකැ අපගේ උපක්‍රම නො වේ ද, තීව්‍ර වීර්‍ය්‍යය නො වේ ද, එකල්හි තීව්‍ර වූ උපක්‍රම ඇති දුක් වූ තියුණු වූ කටුක වූ වේදනා නො විඳුම්හ”යි.
Pali BJTඉති කිරාවුසො{1} නිගණ්ඨා, යස්මිං වො{2} සමයෙ තිබ්බො උපක්කමො හොති තිබ්බං පධානං, තිබ්බා තස්මිං සමයෙ ඔපක්කමිකා දුක්ඛා තිප්පා කටුකා වෙදනා වෙදියෙථ. යස්මිං පන වො සමයෙ න තිබ්බො උපක්කමො හොති. න තිබ්බං පධානං, න තිබ්බා තස්මිං සමයෙ ඔපක්කමිකා දුක්ඛා තිප්පා කටුකා වෙදනා වෙදියෙථ. එවං සන්තෙ ආයස්මන්තානං නිගණ්ඨානං න කල්ලමස්ස වෙය්යාකරණාය: ‘යං කිඤ්චායං පුරිසපුග්ගලො පටිසංවෙදෙති සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා, සබ්බං තං පුබ්බෙ කතහෙතු. ඉති පුරාණානං කම්මානං තපසා ව්යන්තීභාවා නවානං කම්මානං අකරණා ආයතිං අනවස්සවො ආයතිං අනවස්සවා කම්මක්ඛයො කම්මක්ඛයා දුක්ඛක්ඛයො දුක්ඛක්ඛයා වෙදනාක්ඛයො වෙදනාක්ඛයා සබ්බං දුක්ඛං නිජ්ජිණ්ණං භවිස්සතී’ති.
Sinhala BJTමෙසේ නම් ඇවැත්නි නිගණ්ඨයෙනි, යම් කලෙකැ තොපගේ තියුණු උපක්‍රම තියුණු වීර්‍ය්‍යය වේ ද, එ සමයෙහි තියුණු වූ උපක්‍රමයෙන් හටගත් දුක් වූ තියුණු වූ කටුක වූ වේදනා විඳින්නවු ය. තවද යම් කලෙකැ තොපගේ තියුණු වූ උපක්‍රමය නො වේ ද, තියුණු වූ වීර්‍ය්‍යය නො වේ ද, එ සමයෙහි තියුණු වූ උපක්‍රමයෙන් හටගත් දුක් වූ තියුණු වූ කටුක වූ වේදනා නො විඳින්නවු ය. මෙසේ ඇති කල්හි ආයුෂ්මත් නිගණ්ඨයනට: “මේ පුරුෂ පුද්ගල සුව වේවයි දුක් වේව’යි නොදුක් නොසුව වේව’යි යම් මැ වේදනාවක් විඳුනේ වේ ද, එ හැම පෙර කළ කර්‍ම හෙයිනැ, මෙසේ පුරාණ කර්‍මයන් තැවීමෙන් විගතාන්ත කිරීමෙන් නවකර්‍මයන් නො කිරීමෙන් මතුයෙහි කර්‍මායූහණයෙක් නො වෙයි. මතුයෙහි අනාහූහනයෙන් කර්‍මක්‍ෂය වෙයි, කර්‍මක්‍ෂය හේතුයෙන් දුඃඛක්‍ෂය වෙයි, දුඃඛක්‍ෂය හේතුයෙන් වේදනාක්‍ෂය වෙයි, වේදනාක්‍ෂය හේතුයෙන් හැම දුක් නිඃශේෂයෙන් ජීර්‍ණ වෙතී ප්‍රකාශ කිරීමට යුතු නො වේ.
Pali BJTසචෙ ආවුසො නිගණ්ඨා, යස්මිං වො සමයෙ තිබ්බො උපක්කමො හොති තිබ්බං පධානං, න තිබ්බා තස්මිං සමයෙ ඔපක්කමිකා දුක්ඛා තිප්පා කටුකා වෙදනා වෙදියෙථ. යස්මිං පන වො සමයෙ න තිබ්බො උපක්කමො හොති න තිබ්බං පධානං, තිබ්බා තස්මිං සමයෙ ඔපක්කමිකා දුක්ඛා තිප්පා කටුකා වෙදනා වෙදියෙථ. එවං සන්තෙ ආයස්මන්තානං නිගණ්ඨානං කල්ලමස්ස වෙය්යාකරණාය: ‘යං කිඤ්චායං පුරිසපුග්ගලො පටිසංවෙදෙති සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා, සබ්බං තං පුබ්බෙකතහෙතු. ඉති පුරාණානං කම්මානං තපසා බ්යන්තීභාවා, නවානං කම්මානං අකරණා, ආයතිං අනවස්සවො ආයතිං අනවස්සවා කම්මක්ඛයො කම්මක්ඛයා දුක්ඛක්ඛයො දුක්ඛක්ඛයා වෙදනාක්ඛයො වෙදනාක්ඛයා සබ්බං දුක්ඛං නිජ්ජිණ්ණං භවිස්සතී’ති.
Sinhala BJTඉදින් ඇවැත්නි නිගණ්ඨයෙනි, යම් කලෙකැ තොපට තීව්‍ර උපක්‍රම වේ ද, තීව්‍ර ප්‍රධන් වීර්‍ය්‍ය වේ ද, එ කල තීව්‍ර ඖපක්‍රමික වූ දුඃඛ වූ තීව්‍ර කටුක වේදනා විඳින්නහු නම්, තවද යම් කලෙක තොපට තීව්‍ර උපක්‍රම නො වේ ද, තීව්‍ර ප්‍රධන් වීර්‍ය්‍යය නො වේ ද එ කල තීව්‍ර ඖපක්‍රමික වූ දුක් වූ තියුණු වූ කටුක වේදනා විඳින්නහු ය. මෙසේ වත් මැ ආයුෂ්මත් නිගණ්ඨයනට “මේ පුරුෂ පුද්ගල සුව වේවයි, දුක් වේව යි, නො දුක් නොසුව වේව යි, යම් මැ වෙදයිතයක් විඳිනේ වේ ද එ හැම පෙර කළ කර්‍ම හෙයිනැ, මෙසේ පුරාණ කර්‍මයන් ... හැම දුක් නිඃශේෂයෙන් ජීර්‍ණ වෙති’යි කියන්නට නිසි වෙයි.
Pali BJTයස්මා ච ඛො ආවුසො නිගණ්ඨා, යස්මිං වො සමයෙ තිබ්බො උපක්කමො හොති තිබ්බං පධානං, තිබ්බා තස්මිං සමයෙ ඔපක්කමිකා දුක්ඛා තිප්පා කටුකා වෙදනා වෙදියෙථ. යස්මිං පන වො සමයෙ න තිබ්බො උපක්කමො හොති න තිබ්බං පධානං, න තිබ්බා තස්මිං සමයෙ ඔපක්කමිකා දුක්ඛා තිප්පා කටුකා වෙදනා වෙදියෙථ. තෙ තුම්හෙ සාමඤ්ඤෙව ඔපක්කමිකා දුක්ඛා තිප්පා කටුකා වෙදනා වෙදියමානා අවිජ්ජා අඤ්ඤාණා සම්මොහා විපච්චෙථ: ‘යං කිඤ්චායං පුරිසපුග්ගලො පටිසංවෙදෙති සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා, සබ්බං තං පුබ්බෙකතහෙතු. ඉති පුරාණානං කම්මානං තපසා බ්යන්තීභාවා නවානං කම්මානං අකරණා ආයතිං අනවස්සවො. ආයතිං අනවස්සවා කම්මක්ඛයො කම්මක්ඛයා දුක්ඛක්ඛයො දුක්ඛක්ඛයා වෙදනාක්ඛයො වෙදනාක්ඛයා සබ්බං දුක්ඛං නිජ්ජිණ්ණං භවිස්සතී’ති. එවං වාදීපි ඛො අහං භික්ඛවෙ, නිගණ්ඨෙසු න කිඤ්චි{3} සහධම්මිකං වාදපටිහාරං සමනුපස්සාමි.
Sinhala BJTතවද ඇවැත්නි නිගණ්ඨයෙනි, යම්හෙයෙකින් තොපට යම් කලෙක තීව්‍ර උපක්‍රම වේ ද, තීව්‍ර ප්‍රධන් වීර්‍ය්‍ය වේ ද, එ කල තීව්‍ර උපක්‍රම සම්භූත වූ දුක් වූ තියුණු වූ කටුක වේදනා විඳින්නහු ය. තොපට යම් කලෙකැ තීව්‍ර උපක්‍රම නො වේ ද, තීව්‍ර ප්‍රධන් වීර්‍ය්‍ය නො වේ ද, එ කලැ තීව්‍ර උපක්‍රම සම්භූත වූ දුක් වූ තියුණු වූ කටුක වේදනා නො විඳින්නහු ය. එ තෙපි තුමූ මැ උපක්‍රම සම්භූත වූ දුක් වූ තියුණු වූ කටුක වේදනා විදුනාහු අවිද්‍යායෙන් අඥානයෙන් සම්මෝහයෙන් “මේ පුරුෂ පුද්ගල සුව වේව’යි දුක් වේව’යි නොදුක් නොසුව වේව’යි යම් මැ වෙදයිතයක් විදුනේ වේ ද, එ හැම පෙර කළ කර්‍ම හෙයිනැ, මෙසේ පුරාණ කර්‍මයන් තැවීමෙන් විගතාන්ත කිරීමෙන් නවකර්‍මයන් නො කිරීමෙන් මතුයෙහි කර්‍මායූහන නො වෙයි, මතුයෙහි අනායූහනයෙන් කර්‍මක්‍ෂය වෙයි, කර්‍මක්‍ෂය හේතුයෙන් දුඃඛක්‍ෂය වෙයි, දුඃඛක්‍ෂය හේතුයෙන් වේදනාක්‍ෂය වෙයි, වේදනාක්‍ෂය හේතුයෙන් හැම දුක් නිඃශේෂයෙන් ජීර්‍ණ වෙතී” වෙසෙසින් පිළිගන්නහු ය. මෙබඳු වාද ඇත්තාහු නමුදු මහණෙනි, මම නුවටුන් කෙරෙහි සකාරණ වූ කිසි වාදපරිහාරයක් නො දක්මි.
Pali BJTපුන චපරාහං{4} භික්ඛවෙ, තෙ නිගණ්ඨෙ එවං වදාමි : ‘තං කිං මඤ්ඤථාවුසො නිගණ්ඨා, ‘යමිදං කම්මං දිට්ඨධම්මවෙදනීයං, තං උපක්කමෙන වා පධානෙන වා සම්පරායවෙදනීයං හොතූ’ති ලබ්භමෙත’න්ති’
Sinhala BJTයළිදු අනෙකක් කියමි: “මහණෙනි, මම ඒ නුවටුනට මෙසේ කියමි: ඇවැත්නි නිගණ්ඨයෙනි ඒ කෙසේ හඟිවු ද? ඉහාත්මයෙහි විඳුනට නිසි යම් මේ කර්‍මයෙක් ඇද්ද එය උපක්‍රමයෙන් හෝ ප්‍රධන් වීර්‍ය්‍යයෙන් හෝ පරලොව විඳුනට නිසි වේවා” යනු තෙල ලැබියැ හේ ද?
Pali BJTනො හිදං ආවුසො.
Sinhala BJTඇවැත්නි, තෙල නො වේ මැ යැ.
Pali BJTයං පනිදං කම්මං සම්පරායවෙදනීයං, තං උපක්කමෙන වා පධානෙන වා දිට්ඨධම්මවෙදනීයං හොතූති ලබ්භමෙත’න්ති.
Sinhala BJTයම් මේ කර්‍මයෙක් පරලොවැ විඳුනට නිසි වේ ද, එය උපක්‍රමයෙන් හෝ ප්‍රධන් වීර්‍ය්‍යයෙන් හෝ ඉහාත්මයෙහි විඳුනට නිසි වේවා’ යන තෙල ලැබියැ හේ දැ? යි.
Pali BJTනො හිදං ආවුසො.
Sinhala BJTඇවැත්නි, මෙය නො වේ මැ යැ.
Pali BJTතං කිං මඤ්ඤථාවුසො නිගණ්ඨා, යමිදං කම්මං සුඛවෙදනීයං, තං උපක්කමෙන වා පධානෙන වා දුක්ඛවෙදනීයං හොතූති ලබ්භමෙත’න්ති.
Sinhala BJTඇවැත්නි නිගණ්ඨයෙනි, එ කිමැයි සිතවු ද? සුඛ වේදනීය වූ යම් කර්‍මයෙක් ඇද්ද, ඒ කර්‍මය උපක්‍රමයෙන් වේව’යි ප්‍රධන් වීර්‍ය්‍යයෙන් වේව’යි දුඃඛ වේදනීයවේවා’ යන තෙල ලැබියැ හේ දැ? යි.
Pali BJTනො හිදං ආවුසො.
Sinhala BJTඇවැත්නි, මෙය නො වේ මැ යැ.
Pali BJTයං පනිදං කම්මං දුක්ඛවෙදනීයං, තං උපක්කමෙන වා පධානෙන වා සුඛවෙදනීයං හොතූති ලබ්භමෙත’න්ති.
Sinhala BJTතවද දුඃඛවේදනීය වූ යම් කර්‍මයෙක් ඇද්ද, උපක්‍රමයෙන් හෝ ප්‍රධන් වීර්‍ය්‍යයෙන් හෝ ඒ කර්‍මය ‘සුඛවේදනීය වේවා’ යන තෙල කරුණ ලැබියැ හේ දැ? යි.
Pali BJTනො හිදං ආවුසො.
Sinhala BJTඇවැත්නි, මෙය නො වේ මැ යැ.
Pali BJTතං කිං මඤ්ඤථාවුසො නිගණ්ඨා, යමිදං කම්මං පරිපක්කවෙදනීයං, තං උපක්කමෙන වා පධානෙන වා අපරිපක්කවෙදනීයං හොතූ’ති ලබ්භමෙත’න්ති.
Sinhala BJTඇවැත් නිගණ්ඨයෙනි, ඒ කිමැයි සිතවු ද? ඉහාත්මයෙහි විපාකවින්‍දනයට නිසි වූ යම් කර්‍මයෙක් ඇද්ද, ඒ කර්‍මය උපක්‍රමයෙන් වේවයි ප්‍රධන්වීර්‍ය්‍යයෙන් වේවයි “සම්පරාය වේදනීය කර්‍මයෙක් වේවා” යන තෙල කරුණ ලැබියැ හේ දැ? යි.
Pali BJTනො හිදං ආවුසො.
Sinhala BJTඇවැත්නි, මෙය නො වේ මැ යැ.
Pali BJTයං පනිදං කම්මං අපරිපක්කවෙදනීයං, තං උපක්කමෙන වා පධානෙන වා පරිපක්කවෙදනීයං හොතූති ලබ්භමෙත’න්ති.
Sinhala BJTතවද, යම් කර්‍මයක් අපරිපක්ව ආත්මභාවයෙහි හෙවත් සම්පරායෙහි වේදනීය වේ ද, ඒ කර්‍මය උපක්‍රමයෙන් වේවයි ප්‍රධන්වීර්‍ය්‍යයෙන් වේවයි “පරිපක්වවදෙනීය වේවා” යන තෙල කරුණ ලැබියැ හේ දැ? යි.
Pali BJTනො හිදං ආවුසො.
Sinhala BJTඇවැත්නි, මෙය නො වේ මැ යැ.
Pali BJTතං කිං මඤ්ඤථාවුසො නිගණ්ඨා, යමිදං කම්මං බහුවෙදනීයං, තං උපක්කමෙන වා පධානෙන වා ‘අප්පවෙදනීයං හොතූ’ති ලබ්භමෙත’න්ති.
Sinhala BJTඇවැත්නි, නිගණ්ඨයෙනි, එ කිමැ’යි සිතවු ද? බහුවේදනීය හෙවත් සංඥාභාවයට පමුණුවන යම් කර්‍මයෙක් ඇද්ද, ඒ කර්‍මය උපක්‍රමයෙන් හෝ ප්‍රධන් වීර්‍ය්‍යයෙන් හෝ “අල්පවෙදනීය හෙවත් අසංඥාභාවයට පමුණුවන්නක් වේවා” යන තෙල කරුණ ලැබියැ හේ දැ? යි.
Pali BJTනො හිදං ආවුසො.
Sinhala BJTඇවැත්නි, මේ නො වේ මැ යැ.
Pali BJTයං පනිදං කම්මං අප්පවෙදනීයං, තං උපක්කමෙන වා පධානෙන වා ‘බහුවෙදනීයං හොතූ’ති ලබ්භමෙත’න්ති.
Sinhala BJTතවද අල්පවෙදනීය වූ යම් කර්‍මයෙක් ඇද්ද, ඒ කර්‍මය උපක්‍රමයෙන් හෝ ප්‍රධන් වීර්‍ය්‍යයෙන් හෝ “බහුවේදනීය වේවා” යන තෙල කරුණ ලැබියැ හේ දැ? යි.
Pali BJTනො හිදං ආවුසො.
Sinhala BJTඇවැත්නි, මේ නො වේ මැ යැ.
Pali BJTතං කිං මඤ්ඤථාවුසො නිගණ්ඨා, යමිදං කම්මං වෙදනීයං තං උපක්කමෙන වා පධානෙන වා ‘අවෙදනීයං හොතූ’ති ලබ්භමෙත’න්ති.
Sinhala BJTඇවැත්නි, නිගණ්ඨයෙනි, එ කිමැ’යි සිතවු ද? වේදනීය හෙවත් සවිපාක වූ යම් කර්‍මයෙක් ඇද්ද, ඒ කර්‍මය උපක්‍රමයෙන් හෝ වීර්‍ය්‍යයෙන් හෝ “අවෙදනීය හෙවත් විපාක රහිත කර්‍මයෙක් වේවා” යන තෙල කරුණ වේ දැ? යි.
Pali BJTනො හිදං ආවුසො.
Sinhala BJTඇවැත්නි, මේ නො වේ මැ යැ.
Pali BJTයං පනිදං කම්මං අවෙදනීයං, තං උපක්කමෙන වා පධානෙන වා වෙදනීයං හොතූ’ති ලබ්භමෙත’න්ති.
Sinhala BJTතවද අවෙදනීය වූ යම් කර්‍මයෙක් ඇද්ද, ඒ කර්‍මය උපක්‍රමයෙන් හෝ වීර්‍ය්‍යයෙන් හෝ “වේදනීය (සවිපාක) වේවා” යන තෙල කරුණ ලැබියැ හේ දැ? යි.
Pali BJTනො හිදං ආවුසො.
Sinhala BJTඇවැත්නි, මේ නොවේ මැ යැ.
Pali BJTඉති කිරාවුසො නිගණ්ඨා, යමිදං කම්මං දිට්ඨධම්මවෙදනීයං තං උපක්කමෙන වා පධානෙන වා ‘සම්පරායවෙදනීයං හොතූ’ති අලබ්භමෙතං. යමිදං{1} කම්මං සම්පරායවෙදනීයං, තං උපක්කමෙන වා පධානෙන වා ‘දිට්ඨධම්මවෙදනීයං හොතූ’ති අලබ්භමෙතං. යමිදං කම්මං සුඛවෙදනීයං, තං උපක්කමෙන වා පධානෙන වා ‘දුක්ඛවෙදනීයං හොතූ’ති අලබ්භමෙතං. යමිදං කම්මං දුක්ඛවෙදනීයං, තං උපක්කමෙන වා පධානෙන වා සුඛවෙදනීයං හොතූති අලබ්භමෙතං. යමිදං කම්මං පරිපක්කවෙදනීයං, තං උපක්කමෙන වා පධානෙන වා ‘අපරිපක්කවෙදනීයං හොතූ’ති අලබ්භමෙතං, යමිදං කම්මං අපරිපක්කවෙදනීයං, තං උපක්කමෙන වා පධානෙන වා ‘පරිපක්කවෙදනීයං හොතූ’ති අලබ්භමෙතං. යමිදං කම්මං බහුවෙදනීයං, තං උපක්කමෙන වා පධානෙන වා අප්පවෙදනීයං හොතූති අලබ්භමෙතං. යමිදං කම්මං අප්පවෙදනීයං, තං උපක්කමෙන වා පධානෙන වා බහුවෙදනීයං හොතූ’ති අලබ්භමෙතං. යමිදං කම්මං වෙදනීයං, තං උපක්කමෙන වා පධානෙන වා අවෙදනීයං හොතූ’ති අලබ්භමෙතං. යමිදං කම්මං අවෙදනීයං, තං උපක්කමෙන වා පධානෙන වා වෙදනීයං හොතූ’ති අලබ්භමෙතං. එවං සන්තෙ ආයස්මන්තානං නිගණ්ඨානං අඵලො උපක්කමො හොති අඵලං පධානං. එවංවාදී භික්ඛවෙ, නිගණ්ඨා එවංවාදීනං භික්ඛවෙ නිගණ්ඨානං දස සහධම්මිකා වාදානුවාදා ගාරය්හං ඨානං{2} ආගච්ඡන්ති.
Sinhala BJTඇවැත්නි, නිගණ්ඨයෙනි, මෙසේ නම් ඉහාත්මයෙහි විවා විඳුමට නිසි වූ යම් කර්‍මයෙක් ඇද්ද, ඒ කර්‍මය උපක්‍රමයෙන් හෝ වීර්‍ය්‍යයෙන් හෝ “සම්පරායවේදනීය වේවා” යන තෙල නො ලැබියැ හෙයි. සම්පරාය වේදනීය වූ යම් කර්‍මයෙක් ඇද්ද, ඒ කර්‍මය උපක්‍රමයෙන් හෝ වීර්‍ය්‍යයෙන් හෝ “ඉහාත්මයෙහි විවා විඳුමට නිසි වේවා” යන තෙල කරුණ නො ලැබියැ හෙයි. යම් කර්‍මයෙක් සුඛවේදනීය වේ ද, ඒ කර්‍මය උපක්‍රමයෙන් හෝ වීර්‍ය්‍යයෙන් හෝ “දුඃඛවේදනීය වේවා” යන තෙල කරුණ නො ලැබියැ හෙයි. දුඃඛවේදනීය වූ යම් කර්‍මයෙක් ඇද්ද, ඒ කර්‍මය උපක්‍රමයෙන් හෝ වීර්‍ය්‍යයෙන් හෝ “සුඛවේදනීය වේවා” යන තෙල කරුණ නො ලැබියැ හෙයි. පරිපක්ව වේදනීය වූ යම් කර්‍මයෙක් ඇද්ද, ඒ කර්‍මය උපක්‍රමයෙන් හෝ වීර්‍ය්‍යයෙන් හෝ “අපරිපක්ව වේදනීය වේවා” යන තෙල කරුණ නො ලැබිය හෙයි. අපරිපක්වවෙදනීය වූ යම් කර්‍මයෙක් ඇද්ද, එය උපක්‍රමයෙන් හෝ වීර්‍ය්‍යයෙන් හෝ “පරිපක්වවේදනීය වේවා” යන තෙල කරුණ නො ලැබියැ හෙයි. බහුවේදනීය වූ යම් කර්‍මයෙක් ඇද්ද, එය උපක්‍රමයෙන් හෝ වීර්‍ය්‍යයෙන් හෝ “අල්පවෙදනීය වේවා” යන තෙල කරුණ නො ලැබියැ හෙයි. අල්පවෙදනීය වූ යම් කර්‍මයෙක් ඇද්ද, එය උපක්‍රමයෙන් හෝ වීර්‍ය්‍යයෙන් හෝ “බහුවේදනීය වේවා” යන මෙ කරුණ නො ලැබියැ හෙයි. සවිපාක වූ යම් කර්‍මයෙක් ඇද්ද, එය උපක්‍රමයෙන් හෝ වීර්‍ය්‍යයෙන් හෝ “අවිපාක වේවා” යන තෙල නො ලැබියැ හෙයි. අවිපාක වූ යම් කර්‍මයෙක් ඇද්ද, එය උපක්‍රමයෙන් හෝ වීර්‍ය්‍යයෙන් හෝ “සවිපාක වේවා” යන තෙල කරුණ නො ලැබියැ හෙයි. මෙසේ වත් මැ ආයුෂ්මත් නුවටුන්ගේ උපක්‍රමය නිෂ්ඵල වෙයි. ප්‍රධන්වීර්‍ය්‍යය නිෂ්ඵල වෙයි. මහණෙනි, නිගණ්ඨයෝ මෙ බඳු වාද ඇත්තාහු යැ. මහණෙනි, මෙ බඳු වාද ඇති නුවටුන්ගේ දසවාදානුවාදයෝ සකාරණ වැ විඥයන් විසින් ගැරුහියැයුතු තැනට පැමිණෙත්.
Pali BJTසචෙ භික්ඛවෙ සත්තා පුබ්බෙකතහෙතු සුඛදුක්ඛං පටිසංවෙදෙන්ති, අද්ධා භික්ඛවෙ, නිගණ්ඨා පුබ්බෙ දුක්කතකම්මකාරිනො, යං එතරහි එවරූපා දුක්ඛා තිප්පා කටුකා වෙදනා වෙදියන්ති. සචෙ භික්ඛවෙ, සත්තා ඉස්සරනිම්මාණහෙතු සුඛදුක්ඛං පටිසංවෙදෙන්ති, අද්ධා භික්ඛවෙ, නිගණ්ඨා පාපකෙන ඉස්සරෙන නිම්මිතා, යං එතරහි එවරූපා දුක්ඛා තිප්පා කටුකා වෙදනා වෙදියන්ති. සචෙ භික්ඛවෙ, සත්තා සඞ්ගතිභාවහෙතු සුඛදුක්ඛං පටිසංවෙදෙන්ති, අද්ධා භික්ඛවෙ නිගණ්ඨා පාපසඞ්ගතිකා, යං එතරහි එවරූපා දුක්ඛා තිප්පා කටුකා වෙදනා වෙදියන්ති. සචෙ භික්ඛවෙ, සත්තා අභිජාතිහෙතු සුඛදුක්ඛං පටිසංවෙදෙන්ති, අද්ධා භික්ඛවෙ, නිගණ්ඨා පාපාභිජාතිකා, යං එතරහි එවරූපා දුක්ඛා තිප්පා කටුකා වෙදනා වෙදියන්ති. සචෙ භික්ඛවෙ, සත්තා දිට්ඨධම්මූපක්කමහෙතු සුඛදුක්ඛං පටිසංවෙදෙන්ති, අද්ධා භික්ඛවෙ, නිගණ්ඨා පාපදිට්ඨධම්මූපක්කමා.{3} යං එතරහි එවරූපා දුක්ඛා තිබ්බා කටුකා වෙදනා වෙදියන්ති.
Sinhala BJTමහණෙනි, ඉදින් සත්ත්‍වයෝ පූර්‍වකෘතහේතුවින් සුවදුක් විඳිත් නම්, මහණෙනි, ඒකාන්තයෙන් නිගණ්ඨයෝ පෙර දුෂ්කෘතකර්‍ම කළාහුවෙති. යම් හෙයෙකින් මෙ කල්හි මෙ බඳු දුක් වූ තියුණු වූ කටුක වේදනා විඳිත් ද එහෙයිනි. මහණෙනි, ඉදින් සත්ත්‍වයෝ ඊශ්වරනිර්‍මාණහේතුවින් සුවදුක් විඳිත් නම්, මහණෙනි, ඒකාන්තයෙන් නිගණ්ඨයෝ පාපී ඊශ්වරයකු විසින් නිර්‍මාණය කරන ලදහ. යම් හෙයෙකින් මේ කල්හි මෙ බඳු දුක් වූ තියුණු වූ කටුක වේදනා විඳිත් ද එහෙයිනි. මහණෙනි, ඉදින් සත්ත්‍වයෝ නියති භාවහේතුවින් සුවදුක් විඳිත් නම්, මහණෙනි, ඒකාන්තයෙන් නිගණ්ඨයෝ පාපනියති ඇත්තාහු වෙති. යම් හෙයෙකින් මෙකල්හි මෙ බඳු දුඃඛ තීව්‍ර කටුක වේදනා විඳිත් ද එහෙයිනි. මහණෙනි, ඉදින් සත්ත්‍වයෝ අභිජාතිහේතුවින් සුවදුක් විඳිත් නම්, මහණෙනි, ඒකාන්තයෙන් නිගණ්ඨයෝ පාප අභිජාති ඇත්තාහු වෙති. යම් හෙයෙකින් මෙ කල්හි මෙ බඳු දුඃඛ තීව්‍ර කටුක වේදනා විඳිත් ද එහෙයින්. මහණෙනි, ඉදින් සත්ත්‍වයෝ ඉහාත්මයෙහි උපක්‍රමහේතුවින් සුවදුක් විඳිත් නම්, මහණෙනි, ඒකාන්තයෙන් නිගණ්ඨයෝ ලාමක වූ දෘෂ්ටධර්‍ම උපක්‍රම ඇත්තාහු වෙති. යම් හෙයෙකින් මෙකල්හි මෙ බඳු දුඃඛ තීව්‍ර කටුක වේදනා විඳිත් ද එහෙයිනි.
Pali BJTසචෙ භික්ඛවෙ, සත්තා පුබ්බෙකතහෙතු සුඛදුක්ඛං පටිසංවෙදෙන්ති ගාරය්හා නිගණ්ඨා. නො චෙ සත්තා පුබ්බෙකතහෙතු සුඛදුක්ඛං පටිසංවෙදෙන්ති, ගාරය්හා නිගණ්ඨා. සචෙ භික්ඛවෙ, සත්තා ඉස්සරනිම්මාණහෙතු සුඛදුක්ඛං පටිසංවෙදෙන්ති, ගාරය්හා නිගණ්ඨා. නො චෙ සත්තා ඉස්සරනිම්මාණහෙතු සුඛදුක්ඛං පටිසංවෙදෙන්ති, ගාරය්හා නිගණ්ඨා. සචෙ භික්ඛවෙ, සත්තා සඞ්ගතිභාවහෙතු සුඛදුක්ඛං පටිසංවෙදෙන්ති, ගාරය්හා නිගණ්ඨා. නො චෙ සත්තා සඞ්ගතිභාවහෙතු සුඛදුක්ඛං පටිසංවෙදෙන්ති, ගාරය්හා නිගණ්ඨා. සචෙ භික්ඛවෙ, සත්තා අභිජාතිහෙතු සුඛදුක්ඛං පටිසංවෙදෙන්ති, ගාරය්හා නිගණ්ඨා. නො චෙ සත්තා අභිජාතිහෙතු සුඛදුක්ඛං පටිසංවෙදෙන්ති, ගාරය්හා නිගණ්ඨා. සචෙ භික්ඛවෙ, සත්තා දිට්ඨධම්මූපක්කමහෙතු සුඛදුක්ඛං පටිසංවෙදෙන්ති, ගාරය්හා නිගණ්ඨා. නො චෙ සත්තා දිට්ඨධම්මූපක්කමහෙතු සුඛදුක්ඛං පටිසංවෙදෙන්ති, ගාරය්හා නිගණ්ඨා. එවංවාදී භික්ඛවෙ නිගණ්ඨා. එවංවාදීනං භික්ඛවෙ, නිගණ්ඨානං ඉමෙ දස සහධම්මිකා වාදානුවාදා ගාරය්හං ඨානං ආගච්ඡන්ති. එවං ඛො භික්ඛවෙ, අඵලො උපක්කමො හොති අඵලං පධානං.
Sinhala BJTමහණෙනි, ඉදින් සත්ත්‍වයෝ පෙර කළ කම් හෙයින් සුවදුක් විඳිත් නම් නිගණ්ඨයෝ ගැරහියැයුතුවහ. ඉදින් සත්ත්‍වයෝ පෙර කළ කම් හෙයින් සුවදුක් නො විඳිත් නම්, නිගණ්ඨයෝ ගැරැහියැ යුතුවහ. මහණෙනි, ඉදින් සත්ත්‍වයෝ ඊශ්වරනිර්‍මාණහේතුවින් සුවදුක් විඳිත් ද නිගණ්ඨයෝ ගැරහියැයුතුවහ. ඉදින් සත්ත්‍වයෝ ඊශ්වරනිර්‍මාණ හේතුවින් සුවදුක් නො විඳිත් ද නිගණ්ඨයෝ ගැරහියැයුතුවහ. මහණෙනි, ඉදින් සත්ත්‍වයෝ නියතිභාවහේතුවින් සුවදුක් විඳිත් ද, නිගණ්ඨයෝ ගැරහියැයුතුවහ. ඉදින් සත්ත්‍වයෝ නියතිභාවහේතුවින් සුවදුක් නො විඳිත් ද, නිගණ්ඨයෝ ගැරහියැයුතුවහ. මහණෙනි, ඉදින් සත්ත්‍වයෝ අභිජාතිහේතුවන් සුවදුක් විඳිත් ද නිගණ්ඨයෝ ගැරහියැයුතුවහ. ඉදින් සත්ත්‍වයෝ අභිජාතිහේතුවින් සුවදුක් නො විඳිත් ද, නිගණ්ඨයෝ ගැරහියැයුතුවහ. මහණෙනි, ඉදින් සත්ත්‍වයෝ දෘෂ්ටධර්‍මඋපක්‍රමහේතුවින් සුවදුක් විඳිත් ද නිගණ්ඨයෝ ගැරහියැයුතුවහ. ඉදින් සත්ත්‍වයෝ දෘෂ්ටධර්‍මඋපක්‍රමහේතුවන් සුවදුක් නො විඳිත් ද නිගණ්ඨයෝ ගැරහියැයුතුවහ. මහණෙනි, නිගණ්ඨයෝ මෙ බඳු වාද ඇතියහ. මහණෙනි, මෙ බඳු වාද ඇති නුවටුනට මේ දසවාදානුවාදයෝ සකාරණ වැ ගැරහියැයුතු තැනට එති. මහණෙනි, මෙසෙයින් උපක්‍රම ඵල රහිත වෙයි. වීර්‍ය්‍යය ඵල රහිත වේ.
Pali BJTකථඤ්ච භික්ඛවෙ සඵලො උපක්කමො හොති සඵලං පධානං. ඉධ භික්ඛවෙ, භික්ඛු න හෙව අනද්ධභූතං අත්තානං දුක්ඛෙන අද්ධභාවෙති ධම්මිකඤ්ච සුඛං න පරිච්චජති. තස්මිඤ්ච සුඛෙ අනධිමුච්ඡිතො{1} හොති. සො එවං පජානාති: ඉමස්ස ඛො මෙ දුක්ඛනිදානස්ස සඞ්ඛාරං පදහතො සඞ්ඛාරප්පධානා විරාගො හොති. ඉමස්ස පන මෙ දුක්ඛනිදානස්ස අජ්ඣුපෙක්ඛතො උපෙක්ඛං{2} භාවයතො විරාගො හොතීති. සො යස්ස හි ඛ්වාස්ස{3} දුක්ඛනිදානස්ස සඞ්ඛාරං පදහතො සඞ්ඛාරප්පධානා විරාගො හොති. සඞ්ඛාරං තත්ථ පදහති. යස්ස පනස්ස{4} දුක්ඛනිදානස්ස අජ්ඣු පෙක්ඛතො උපෙක්ඛං භාවයතො විරාගො හොති. උපෙක්ඛං තත්ථ භාවෙති. තස්ස තස්ස දුක්ඛනිදානස්ස සඞ්ඛාරං පදහතො සඞ්ඛාරප්පධානා විරාගො හොති. එවම්පිස්ස තං දුක්ඛං නිජ්ජිණ්ණං හොති. තස්ස තස්ස දුක්ඛනිදානස්ස අජ්ඣුපෙක්ඛතො උපෙක්ඛං භාවයතො විරාගො හොති. එවම්පිස්ස තං දුක්ඛං නිජ්ජිණ්ණං හොති.
Sinhala BJTමහණෙනි, කිසෙයින් උපක්‍රම සඵල වේ ද, වීර්‍ය්‍ය සඵල වේ ද යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ (දුකින්) නො මැඩුණු ආත්මය දුකින් නො මැඩලයි. (සඟින් හෝ ගෙණෙන් උපන්) දැහැමි (සිවුපස) සුවයත් නො හරියි. එ සුවයෙහි දු (තෘෂ්ණායෙන්) මුසපත් නො වූයේ වෙයි. හෙ මෙසේ දැනගනියි: “සප්‍රයෝග වැ වීර්‍ය්‍යය කරන මාගේ සප්‍රයෝගවීර්‍ය්‍යහේතුවින් මේ දුඃඛනිදාන (පඤ්චස්කන්‍ධමූල) සඞ්ඛ්‍යාත තෘෂ්ණාවගේ විරාගය වෙයි. (සප්‍රයෝගවීර්‍ය්‍යයෙහි) උපේක්‍ෂා කරන, උපේක්‍ෂාව වඩන මාගේ මේ දුඃඛනිදානයා (තෘෂ්ණාව) ගේ විරාගය වේ” යයි. ඒ පුද්ගල සප්‍රයෝග වැ වීර්‍ය්‍ය කරන ඔහුගේ සප්‍රයෝගවීර්‍ය්‍යහේතුවින් යම් දුඃඛනිදානයක්හුගේ විරාගය වේ ද, එහි සප්‍රයෝග වැ මැ වීර්‍ය්‍ය කෙරෙයි. සප්‍රයෝග වීර්‍ය්‍යයෙහි උපේක්‍ෂා කරන උපේක්‍ෂාව වඩන ඔහට වැළිත් යම් දුඃඛනිදානයක්හුගේ විරාගය වේ ද එහි උපකේෂාව වඩයි. සප්‍රයෝග වැ වීර්‍ය්‍ය කරන ඒ පුඟුල්හට සප්‍රයෝගවීර්‍ය්‍යහේතුවින් ඒ දුඃඛනිදානයාගේ විරාගය වෙයි. මෙසේත් ඔහට එ දුක් නිර්ජිර්‍ණ වෙයි. සඞ්ඛාරප්පධානයෙහි උපේක්‍ෂා කරන උපකේෂාව වඩන ඒ පුඟුල්හට ඒ දුඃඛනිදානයා ගේ විරාගය වෙයි. මෙසේත් ඔහට එ දුක නිර්ජිර්‍ණ වෙයි.
Pali BJTසෙය්යථාපි භික්ඛවෙ පුරිසො ඉත්ථියා සාරත්තො පටිබද්ධචිත්තො තිබ්බච්ඡන්දො තිබ්බාපෙක්ඛො.{5} සො තං ඉත්ථිං පස්සෙය්ය අඤ්ඤෙන පුරිසෙන සද්ධිං සන්තිට්ඨන්තිං සල්ලපන්තිං සඤ්ජග්ඝන්තිං සංහසන්තිං. තං කිං මඤ්ඤථ භික්ඛවෙ, අපි නු තස්ස පුරිසස්ස අමුං ඉත්ථිං දිස්වා අඤ්ඤෙන පුරිසෙන සද්ධිං සන්තිට්ඨන්තිං සල්ලපන්තිං සඤ්ජග්ඝන්තිං සංහසන්තිං උප්පජ්ජෙය්යුං සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසාති.
Sinhala BJTමහණෙනි, යම්සේ පුරුෂයෙක් ස්ත්‍රියක කෙරෙහි ඇලුණේ (ඡන්‍දරාගයෙන්) පිළිබැදි සිතැතියේ බහල වූ ඡන්‍ද ඇතියේ බහල වූ ප්‍රාර්‍ත්‍ථනා ඇතියේ වේ ද, හේ ඒ ස්ත්‍රිය අන් පිරිම්නියක්හු සමග එක් වැ සිටින්නිය බණන්නිය සිනා මහසිනා සෙන්නිය දක්නේ නම්, මහණෙනි, එ කිමැයි සිතවු ද, ඒ පුරුෂ හට අන් පිරිම්නියක්හු සමග එක්වැ සිටින සල්ලාප කරන මහසිනායෙන් සේන සෙනහ කරන එ ස්ත්‍රිය දැක ශෝක පරිදේව දුක් දොම්නස් උපායාසයෝ උපදනාහු නො වෙත් දැ’යි.
Pali BJTඑවං භන්තෙ, තං කිස්ස හෙතු: අසු හි{6} භන්තෙ, පුරිසො අමුස්සා ඉත්ථියා සාරත්තො පටිබද්ධචිත්තො තිබ්බච්ඡෙන්දා තිබ්බාපෙක්ඛො{5}. තස්මා තං ඉත්ථිං දිස්වා අඤ්ඤෙන පුරිසෙන සද්ධිං සන්තිට්ඨන්තිං සල්ලපන්තිං සඤ්ජග්ඝන්තිං සංහසන්තිං උප්පජ්ජෙය්යුං සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසාති.
Sinhala BJTඑසේ යැ වහන්ස, එ කවර හෙයින? වහන්සැ, ඒ පුරුෂ යම්හෙයෙකින් එ ස්ත්‍රිය කෙරෙහි ඇලුණේ (ඡන්‍දරාගයෙන්) පිළිබැදි සිත් ඇතියේ බහලච්ඡන්‍ද ඇතියේ බහල වූ ප්‍රාර්‍ත්‍ථනා ඇතියේ වේ ද, එහෙයින් අන් පුරුෂයක්හු සමග එක්වැ සිටින සල්ලාප කරන සිනා මහසිනා සේන එ ස්ත්‍රිය දැක ශෝක පරිදේව දුක් දොම්නස් උපායාසයෝ උපදනාහ’යි.
Pali BJTඅථ ඛො භික්ඛවෙ, තස්ස පුරිසස්ස එවමස්ස: අහං ඛො අමුස්සා ඉත්ථියා සාරත්තො පටිබද්ධචිත්තො තිබ්බච්ඡන්දො තිබ්බාපෙක්ඛො. තස්ස මෙ අමුං ඉත්ථිං දිස්වා අඤ්ඤෙන පුරිසෙන සද්ධිං සන්තිට්ඨන්තිං සල්ලපන්තිං සඤ්ජග්ඝන්තිං සංහසන්තිං උප්පජ්ජන්ති සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසා. යන්නූනාහං යො මෙ අමුස්සා ඉත්ථියා ඡන්දරාගො තං පජහෙය්ය’න්ති. සො යො අමුස්සා ඉත්ථියා ඡන්දරාගො තං පජහෙය්ය, සො තං ඉත්ථිං පස්සෙය්ය අපරෙන සමයෙන අඤ්ඤෙන පුරිසෙන සද්ධිං සන්තිට්ඨන්තිං සල්ලපන්තිං සඤ්ජග්ඝන්තිං සංහසන්තිං. තං කිං මඤ්ඤථ භික්ඛවෙ, අපි නු තස්ස පුරිසස්ස අමුං ඉත්ථිං දිස්වා අඤ්ඤෙන පුරිසෙන සද්ධිං සන්තිට්ඨන්තිං සල්ලපන්තිං සඤ්ජග්ඝන්තිං සංහසන්තිං උප්පජ්ජෙය්යුං සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසාති.
Sinhala BJTඉක්බිත්තෙන් මහණෙනි, එ පුරුෂ හට මෙබඳු සිතෙක් වෙයි: මම් කලි අසු ස්ත්‍රිය කෙරෙහි ඇලුණෙම් පිළිබැදි සිත් ඇත්තෙම් බහලච්ඡන්‍ද ඇතියෙම් බහල ප්‍රාර්‍ත්‍ථනා ඇතියෙම් වෙමි. එ මට අන් පිරිම්නියක්හු සමග එක්වැ සිටින සල්ලාප කරන මහසිනා මදසිනා සේන ඒ ස්ත්‍රිය දැක සෝකපරිදේවදුක්ඛදෝමනස්සුපායාසයෝ උපදනාහ. මම් එ ස්ත්‍රිය කෙරෙහි මාගේ යම් ඡන්‍දරාගයෙක් ඇද්ද එය හැරපියම් නම් යෙහෙකැ’යි. හේ අසු ස්ත්‍රිය කෙරෙහි යම් ඡන්‍දරාගයෙක් ඇද්ද එය හැරපියන්නේය, හේ පසු කලෙක අන් පිරිම්නියක්හු සමග එක්වැ සිටින සල්ලාපකරන සිනා මහසිනා සේන ඒ ස්ත්‍රිය දක්නේ නම්, මහණෙනි, එ කිමැයි සිතවු ද? අන් පුරුෂයක්හු සමග එක්වැ සිටින සල්ලාප කරන සිනා මහසිනා සේන අසු ස්ත්‍රිය දැක ඒ පුරුෂ හට සෝකපරිදේවදුක්ඛදෝමනස්සුපායාසයෝ කිම උපදනාහු දැ’යි.
Pali BJTනො හෙතං භන්තෙ. තං කිස්ස හෙතු: අසු හි භන්තෙ, පුරිසො අමුස්සා ඉත්ථියා වීතරාගො, තස්මා තං ඉත්ථිං දිස්වා අඤ්ඤෙන පුරිසෙන සද්ධිං සන්තිට්ඨන්තිං සල්ලපන්තිං සඤ්ජග්ඝන්තිං සංහසන්තිං න උප්පජ්ජෙය්යුං සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසාති.
Sinhala BJTවහන්සැ, තෙල නො වේ මැය, ඒ කවර හෙයින? වහන්සැ, යම් හෙයෙකින් එ පුරුෂ අසු ස්ත්‍රිය කෙරෙහි විගත වූ කාමරාග ඇත්තේ ද, එහෙයින් අන්‍ය පුරුෂයක්හු සමග එක්වැ සිටින කථා කරන සිනා මහසිනා සේන ඒ ස්ත්‍රිය දැක සෝකපරිදේවදුක්ඛදෝමනස්සුපායාසයෝ නූපදනාහ’යි.
Pali BJTඑවමෙව ඛො භික්ඛවෙ, භික්ඛු න හෙව{1} අනද්ධභූතං අත්තානං දුක්ඛෙන අද්ධභාවෙති, ධම්මිකඤ්ච සුඛං න පරිච්චජති, තස්මිඤ්ච සුඛෙ අනධිමුච්ඡිතො හොති. සො එවං පජානාති: ‘ඉමස්ස ඛො මෙ දුක්ඛනිදානස්ස සඞ්ඛාරං පදහතො සඞ්ඛාරප්පධානා විරාගො හොති. ඉමස්ස පන මෙ දුක්ඛනිදානස්ස අජ්ඣුපෙක්ඛතො උපෙක්ඛං භාවයතො විරාගො හොතී’ති. සො යස්ස ඛ්වාස්ස දුක්ඛනිදානස්ස සඞ්ඛාරං පදහතො සඞ්ඛාරප්පධානා විරාගො හොති. සඞ්ඛාරං තත්ථ පදහති. යස්ස පනස්ස දුක්ඛනිදානස්ස අජ්ඣුපෙක්ඛතො උපෙක්ඛං භාවයතො විරාගො හොති. උපෙක්ඛං තත්ථ භාවෙති. තස්ස තස්ස දුක්ඛනිදානස්ස සඞ්ඛාරං පදහතො සඞ්ඛාරප්පධානා විරාගො හොති. එවම්පිස්ස තං දුක්ඛං නිජ්ජිණ්ණං හොති. තස්ස තස්ස දුක්ඛනිදානස්ස අජ්ඣුපෙක්ඛතො උපෙක්ඛං භාවයතො විරාගො හොති. එවම්පිස්ස තං දුක්ඛං{2} නිජ්ජිණ්ණං හොති. එවම්පි භික්ඛවෙ සඵලො උපක්කමො හොති, සඵලං පධානං.
Sinhala BJTඑසෙයින් මැ මහණෙනි, මහණ (දුකින්) නො මැඩුණු ආත්මභාවය නො මැ දුකින් මැඩලයි. දැහැමි (සිව්පස) සුවයත් නො හැරපියයි. එ සුවයෙහිදු (තෘෂ්ණායෙන්) මුසපත් නො වූයේ වෙයි. හෙ මෙසේ දැනගනී: “සප්‍රයෝග ව වීර්‍ය්‍ය වඩන මාගේ සප්‍රයෝග වීර්‍ය්‍යහේතුයෙන් මේ ප්‍රත්‍යුත්පන්න පඤ්චස්කන්‍ධ දුඃඛමූලයාගේ (තෘෂ්ණාවගේ) විරාගය වෙයි. යළි (සප්‍රයෝග වීර්‍ය්‍යයෙහි) උපේක්‍ෂා කරන උපේක්‍ෂාව වඩන මාගේ මේ පඤ්චස්කන්‍ධදුඃඛමූලයාගේ (තෘෂ්ණාව ගේ) විරාගය වේ” යයි. හේ සප්‍රයෝග ව වීර්‍ය්‍ය වඩන ඔහුගේ සප්‍රයෝග වීර්‍ය්‍යහේතුවින් යම් දුඃඛමූලයක්හුගේ විරාගය වේ ද, සප්‍රයෝග ව එහි වීර්‍ය්‍ය කෙරෙයි. යළි සප්‍රයෝග වීර්‍ය්‍යයෙහි උපේක්‍ෂා කරන උපේක්‍ෂා වඩන ඔහට යම් දුඃඛනිදානයක් හුගේ විරාගය වේ ද, එහි (මාර්‍ගභාවනායෙන්) උපේක්‍ෂාව වඩයි. සප්‍රයෝග ව වීර්‍ය්‍ය වඩන ඔහට සප්‍රයෝග වීර්‍ය්‍ය හේතුයෙන් ඒ දුඃඛනිදානයාගේ විරාගය වේ. මෙසේත් ඔහට එ දුක නිර්ජිර්‍ණ වෙයි. සප්‍රයෝග වීර්‍ය්‍යයෙහි උපේක්‍ෂා කරන උපේක්‍ෂා වඩන ඔහට ඒ දුඃඛනිදානයාගේ විරාගය වෙයි. මෙසේත් ඔහට ඒ දුක නිර්ජිර්‍ණ වේ. මහණෙනි, මෙසේත් උපක්‍රම සඵල වෙයි. වීර්‍ය්‍ය සඵල වේ.
Pali BJTපුන චපරං භික්ඛවෙ භික්ඛු ඉති පටිසඤ්චික්ඛති: ‘ යථාසුඛං ඛො මෙ විහරතො අකුසලා ධම්මා අභිවඩ්ඪන්ති, කුසලා ධම්මා පරිහායන්ති. දුක්ඛාය පන මෙ අත්තානං පදහතො අකුසලා ධම්මා පරිහායන්ති. කුසලා ධම්මා අභිවඩ්ඪන්ති. යන්නූනාහං දුක්ඛාය අත්තානං පදහෙය්ය’න්ති. සො දුක්ඛාය අත්තානං පදහති. තස්ස දුක්ඛාය අත්තානං පදහතො අකුසලා ධම්මා පරිහායන්ති. කුසලා ධම්මා අභිවඩ්ඪන්ති. සො න අපරෙන සමයෙන දුක්ඛාය අත්තානං පදහති. තං කිස්ස හෙතු: යස්ස හි සො භික්ඛවෙ, භික්ඛු අත්ථාය දුක්ඛාය අත්තානං පදහෙය්ය ස්වාස්ස අත්ථො අභිනිප්ඵන්නො හොති. තස්මා න අපරෙන සමයෙන දුක්ඛාය අත්තානං පදහති.
Sinhala BJTයළිදු මහණෙනි, මහණ මෙසේ ප්‍රත්‍යවේක්‍ෂා කෙරෙයි: සුවසේ වෙසෙන මට අකුශල ධර්‍මයෝ වැඩෙති, කුශල ධර්‍මයෝ පිරිහෙත්, යළි දුකට ආත්මය මෙහෙයන මට අකුශල ධර්‍මයෝ පිරිහෙති, කුශල ධර්‍මයෝ වැඩෙත්. මම් දුකට ආත්මය මෙහෙයම් නම් යෙහෙකැ’යි හේ දුකට ආත්මය මෙහෙයයි, දුකට ආත්මය මෙහෙයන ඔහට අකුශල ධර්‍මයෝ පිරිහෙති, කුශල ධර්‍මයෝ වැඩෙත්, හේ පසු කලෙක දුකට ආත්මය නො මෙහෙයයි. එ කවර හෙයින යත්: යම් හෙයකින් මහණෙනි, එ මහණ යම් කරුණක් සඳහා දුකට ආත්මය මෙහෙයා නම්, ඔහුට ඒ අර්‍ත්‍ථය අභිනිෂ්පන්න වේ ද, එහෙයින් පසු කාලයෙහි දුකට ආත්මය නො මෙහෙයා.
Pali BJTසෙය්යථාපි භික්ඛවෙ, උසුකාරො තෙජනං ද්වීසු අලාතෙසු ආතාපෙති පරිතාපෙති උජුං කරොති කම්මනියං. යතො ඛො භික්ඛවෙ, උසුකාරස්ස තෙජනං ද්වීසු අලාතෙසු ආතාපිතං හොති පරිතාපිතං හොති උජුං කතං හොති කම්මනියං. න සො තං අපරෙන සමයෙන උසුකාරො තෙජනං ද්වීසු අලාතෙසු ආතාපෙති පරිතාපෙති උජුං කරොති කම්මනියං. තං කිස්ස හෙතු: යස්ස හි සො භික්ඛවෙ, අත්ථාය උසුකාරො තෙජනං ද්වීසු අලාතෙසු ආතාපෙය්ය පරිතාපෙය්ය උජුං කරෙය්ය කම්මනියං. ස්වාස්ස අත්ථො අභිනිප්ඵන්නො හොති. තස්මා න අපරෙන සමයෙන උසුකාරො තෙජනං ද්වීසු අලාතෙසු ආතාපෙති පරිතාපෙති උජුං කරොති කම්මනියං.
Sinhala BJTමහණෙනි, යම් පරිදි හීවඩුවෙක් හීතලයක් දෙ පෙනෙහෙල්ලෙක ලා තවා ද, හාත්පසින් තවා ද, ඍජු කර්‍මක්‍ෂම කෙරේ ද, යම් කලෙක මහණෙනි, හීවඩුවාගේ හීදඬ දෙ පෙනෙහෙල්ලෙහි ලා තැවුණේ වේ ද, හාත්පසින් තැවුණේ වේ ද, ඍජු කර්‍මක්‍ෂම කරනලද වේ ද, පසු කාලයෙහි ඒ හීවඩු ඒ හීදඬ දෙ පෙනෙහෙල්ලෙහි ලා නො තවයි, හාත්පසින් නො තවයි, ඍජු කර්‍මක්‍ෂම නො කෙරෙයි. ඒ කවර හෙයින යත්: යම් හෙයෙකින් මහණෙනි, ඒ හීවඩු යම් කරුණක් සඳහා හීදඬ දෙ පෙනෙහෙල්ලෙක ලා තවා නම් හාත්පසින් තවා නම් ඍජු කර්‍මක්‍ෂම කෙරේ නම් ඔහට ඒ අර්‍ත්‍ථය අභිනිෂ්පන්න වේ ද, එහෙයින් හීවඩු පසු කාලයෙහි හීදඬ දෙ පෙනෙහෙල්ලෙහි ලා නො තවයි, හාත්පසින් නො තවයි, ඍජු කර්‍මක්‍ෂම නො කෙරේ.
Pali BJTඑවමෙව ඛො භික්ඛවෙ, භික්ඛු ඉති පටිසඤ්චික්ඛති : ‘යථාසුඛං ඛො මෙ විහරතො අකුසලා ධම්මා අභිවඩ්ඪන්ති කුසලා ධම්මා පරිහායන්ති. දුක්ඛාය පන මෙ අත්තානං පදහතො අකුසලා ධම්මා පරිහායන්ති කුසලා ධම්මා අභිවඩ්ඪන්ති. යන්නූනාහං දුක්ඛාය අත්තානං පදහෙය්යන්ති. සො දුක්ඛාය අත්තානං පදහති. තස්ස දුක්ඛාය අත්තානං පදහතො අකුසලා ධම්මා පරිහායන්ති කුසලා ධම්මා අභිවඩ්ඪන්ති. සො න අපරෙන සමයෙන දුක්ඛාය අත්තානං පදහති. තං කිස්ස හෙතු: යස්ස හි සො භික්ඛවෙ, භික්ඛු අත්ථාය දුක්ඛාය අත්තානං පදහෙය්ය. ස්වාස්ස අත්ථො අභිනිප්ඵන්නො හොති. තස්මා න අපරෙන සමයෙන දුක්ඛාය අත්තානං පදහති. එවම්පි භික්ඛවෙ, සඵලො උපක්කමො හොති සඵලං පධානං.
Sinhala BJTඑසෙයින් මැ මහණෙනි, මහණ මෙසේ ප්‍රත්‍යවේක්‍ෂා කෙරෙයි: සුවසේ වෙසෙන මට අකුශල ධර්‍මයෝ වැඩෙති, කුශල ධර්‍මයෝ පිරිහෙති, යළි දුකට ආත්මය මෙහෙයන මට අකුශල ධර්‍මයෝ පිරිහෙති, කුශලධර්‍මයෝ වැඩෙත්. මම් දුකට ආත්මය මෙහෙයම් නම් යෙහෙකැ’යි හේ දුකට ආත්මය මෙහෙයයි. දුකට ආත්මය මෙහෙයන ඔහට අකුශල ධර්‍මයෝ පිරිහෙති, කුශල ධර්‍මයෝ වැඩෙත්. හේ පසු කාලයෙහි දුකට ආත්මය නො මෙහෙයයි. ඒ කවර හෙයින යත්: මහණෙනි, යම් හෙයෙකින් එ මහණ යම් කරුණක් සඳහා දුකට ආත්මය මෙහෙයා නම්, ඔහට ඒ අර්‍ත්‍ථය අභිනිෂ්පන්න වේ ද, එහෙයින් පසු කාලයෙහි දුකට ආත්මය නො මෙහෙයයි. මෙසේත් මහණෙනි, උපක්‍රම සඵල වූයේ වෙයි, වීර්‍ය්‍යය සඵල වේ.
Pali BJTපුන චපරං භික්ඛවෙ, ඉධ තථාගතො ලොකෙ උප්පජ්ජති අරහං සම්මාසම්බුද්ධො විජ්ජාචරණසම්පන්නො සුගතො ලොකවිදූ අනුත්තරො පුරිසදම්මසාරථි සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවා. සො ඉමං ලොකං සදෙවකං සමාරකං සබ්රහ්මකං සස්සමණබ්රාහ්මණිං පජං සදෙවමනුස්සං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවෙදෙති. සො ධම්මං දෙසෙති ආදිකල්යාණං මජ්ඣෙකල්යාණං පරියොසානකල්යාණං සාත්ථං සබ්යඤ්ජනං, කෙවලපරිපුණ්ණං පරිසුද්ධං බ්රහ්මචරියං පකාසෙති. තං ධම්මං සුණාති ගහපති වා ගහපතිපුත්තො වා අඤ්ඤතරස්මිං වා කුලෙ පච්චාජාතො. සො තං ධම්මං සුත්වා තථාගතෙ සද්ධං පටිලභති. සො තෙන සද්ධාපටිලාභෙන සමන්නාගතො ඉති පටිසඤ්චික්ඛති: ‘සම්බාධො ඝරාවාසො රජාපථො අබ්භොකාසො පබ්බජ්ජා. නයිදං සුකරං අගාරං අජ්ඣාවසතා එකන්තපරිපුණ්ණං එකන්තපරිසුද්ධං සඞ්ඛලිඛිතං බ්රහ්මචරියං චරිතුං. යන්නූනාහං කෙසමස්සුං ඔහාරෙත්වා කාසායානි වත්ථානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියං පබ්බජෙය්ය’න්ති. සො අපරෙන සමයෙන අප්පං වා භොගක්ඛන්ධං පහාය මහන්තං වා භොගක්ඛන්ධං පහාය අප්පං වා ඤාතිපරිවට්ටං පහාය මහන්තං වා ඤාතිපරිවට්ටං පහාය කෙසමස්සුං ඔහාරෙත්වා කාසායානි වත්ථානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියං පබ්බජති.
Sinhala BJTයළිදු මහණෙනි, මෙ ලොවැ අර්‍හත් සම්‍යක් සම්බුද්ධ වූ විද්‍යාචරණසම්පන්න වූ සුගත වූ ලෝකවිද් අනුත්තර පුරුෂදම්‍යසාරථී වූ දේවමනුෂ්‍යයනට ශාස්තෘ වූ බුද්ධ වූ භාග්‍යවත් තථාගතයෝ උපදනාහ. ඒ තථාගතයෝ දෙවියන් සහිත වූ මරුන් සහිත වූ බඹුන් සහිත වූ මහණබමුණන් සහිත වූ දෙවිමිනිසුන් සහිත ප්‍රජාව ඇති මේ ලෝකය තුමූ විශිෂ්ටඥානයෙක් දැන ප්‍රත්‍යක්‍ෂ කොට ප්‍රකාශ කෙරෙති. ඒ තථාගතයෝ ආදියෙහි කලණ වූ මැද කලණ වූ අවසනැ කලණ වූ සාර්‍ත්‍ථසව්‍යඤ්ජන වූ සියල්ලෙන් පරිපූර්‍ණ වූ පරිශුද්ධ වූ බ්‍රහ්මචර්‍ය්‍යාව ප්‍රකාශ කෙරෙති. ගැහැවියෙන් හෝ ගැහැවිපුතෙක් හෝ අන්‍යතර කුලයෙක උපන්නෙක් හෝ එ දහම් අසයි. හේ එදහම් අසා තථාගතයන් කෙරෙහි ශ්‍රද්ධාප්‍රතිලාභය කෙරෙයි. හේ ඒ ශ්‍රද්ධා ප්‍රතිලාභයෙන් සමන්‍විත වූයේ මෙසේ ප්‍රත්‍යවේක්‍ෂා කෙරෙයි. “ගෘහවාසය සම්බාධ යැ. කෙලෙස් රජ උපදින තැනෙක, පැවිද්ද අභ්‍යවකාශ යැ. ගිහිගෙයි වසනුවහු විසින් ඒකාන්ත පරිපූර්‍ණ වූ ඒකාන්ත පරිශුද්ධ වූ දෙවූ සකක් බඳු මේ බඹසර හැසිරෙන්නට සුකර නො වෙයි. මම් කෙස්මස් බහා කහවත් හැඳ පෙරෙවැ ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදි වෙම් නම් යෙහෙකැ”යි. හෙ පසු කලෙක අල්ප වූ හෝ භෝගස්කන්‍ධය හැරපියා මහත් වූ හෝ භෝගස්කන්‍ධය හැරපියා අල්ප වූ හෝ නෑපිරිස් හැරපියා මහත් වූ හෝ නෑපිරිස් හැරපියා කෙස්මස් බහා කහවත් හැඳ පෙරෙවැ ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදි වෙයි.
Pali BJTසො එවං පබ්බජිතො සමානො භික්ඛූනං සික්ඛාසාජීවසමාපන්නො පාණාතිපාතං පහාය පාණාතිපාතා පටිවිරතො හොති, නිහිතදණ්ඩො නිහිතසත්ථො ලජ්ජී දයාපන්නො සබ්බපාණභූතහිතානුකම්පී විහරති. අදින්නාදානං පහාය අදින්නාදානා පටිවිරතො හොති, දින්නාදායී දින්නපාටිකඞ්ඛී අථෙනෙන සුචිභූතෙන අත්තනා විහරති. අබ්රහ්මචරියං පහාය බ්රහ්මචාරී හොති ආරාචාරී විරතො මෙථුනා ගාමධම්මා. මුසාවාදං පහාය මුසාවාදා පටිවිරතො හොති, සච්චවාදී සච්චසන්ධො ථෙතො පච්චයිකො අවිසංවාදකො ලොකස්ස. පිසුණං වාචං පහාය පිසුණාය වාචාය පටිවිරතො හොති, ඉතො සුත්වා න අමුත්ර අක්ඛාතා ඉමෙසං භෙදාය, අමුත්ර වා සුත්වා න ඉමෙසං අක්ඛාතා අමූසං භෙදාය, ඉති භින්නානං වා සන්ධාතා සහිතානං වා අනුප්පදාතා සමග්ගාරාමො සමග්ගරතො සමග්ගනන්දී සමග්ගකරණිං වාචං භාසිතා හොති. ඵරුසං වාචං පහාය ඵරුසාය වාචාය පටිවිරතො හොති, යා සා වාචා නෙලා කණ්ණසුඛා පෙමනීයා හදයඞ්ගමා පොරී බහුජනකන්තා බහුජනමනාපා, තථාරූපිං වාචං භාසිතා හොති. සම්ඵප්පලාපං පහාය සම්ඵප්පලාපා පටිවිරතො හොති, කාලවාදී භූතවාදී අත්ථවාදී විනයවාදී නිධානවතිං වාචං භාසිතා කාලෙන සාපදෙසං පරියන්තවතිං අත්ථසංහිතං.
Sinhala BJTහෙ මෙසේ පැවිදි වූයේ භික්‍ෂූන්ගේ ශික්‍ෂා සංඛ්‍යාත සාජීවයට පැමිණියේ ප්‍රාණවධ හැරපියා ප්‍රාණවධයෙන් වැළකුණේ වෙයි. බහාතැබූ දඬු ඇතියේ බහාතැබූ අවි ඇතියේ පාපයෙහි ලජ්ජා ඇතියේ දයාවට පැමිණියේ සියලු ප්‍රාණභූතයන් කෙරෙහි හිතයෙන් අනුකම්පා ඇතියේ වෙසෙයි. අයිනාදන් හැරපියා අයිනාදනින් වැළකුණේ වෙයි. දුන් දැය මැ ගන්නේ දුන්දැය මැ කැමැති වනුයේ නො සොර වූ පිවිතුරු වූ සිත් ඇති වැ වෙසෙයි. අබ්‍රම්සර හැරපියා අබ්‍රම්සරින් දුරු වූයේ මෛථුන සංඛ්‍යාත ග්‍රාම්‍යධර්‍මයෙන් වෙන් වූයේ බඹසර සෙරෙයි. මුසවා හැරපියා මුසවායෙන් වෙන් වූයේ වෙයි. සත්‍යවාදී වූයේ සත්‍යයෙන් සත්‍යය ගළපනුයේ ස්ථිරකථා ඇතියේ හැදැහියයුතු වචන ඇතියේ ලොවට විසංවාද නො වූයේ (ලොව නො රවටනුයේ) වෙයි. පිසුනු බස් හැරපියා පිසුනු බසින් වෙන් වූයේ වෙයි. මෙතැන අසා මුන් බිඳුමට එතැන නො කියනුයේ එතැන හෝ අසා උන් බිඳුමට මුනට නො කියනුයේ වෙයි. මෙසේ බිඳුණාවුන් හෝ ගළපනුයේ සහිතයන් හෝ දැඩි කරනුයේ සමගියෙහි සිත් අලවනුයේ සමග බැව්හි ඇලුණේ සමග බැව්හි සතුටු වූයේ සමගි කරණී බස් බණනුයේ වෙයි. පරොස්බස් හැරපියා පරොස්බසින් වෙන් වූයේ වෙයි. යම් වචනයක් නිර්දෝෂ, කර්‍ණසුඛ, ප්‍රේමණීය, හෘදයංගම, පෞර, බහුජනකාන්ත, බහුජනමානප වේ ද, එබඳු බස් බණනුයේ වෙයි. හිස්බස් හැරපියා හිස්බසින් වෙන් වූයේ වෙයි. නිසි කල්හි කියනුයේ තථ්‍ය දැයක් මැ කියනුයේ අර්‍ත්‍ථසන්නිශ්‍රිතය මැ කියනුයේ ධර්‍මනිඃශ්‍රිතය මැ කියනුයේ (සංවරාදි) විනය නිශ්‍රිතය මැ කියනුයේ හදවත්හි නිධන් කොට තැබියයුතු, පරිච්ඡේද ඇති අර්‍ත්‍ථසංහිත වූ වචනය නිසිකල්හි කරුණු සහිත කොට කියනුයේ වෙයි.
Pali BJTසො බීජගාමභූතගාමසමාරම්භා පටිවිරතො හොති. එකභත්තිකො හොති රත්තූපරතො විරතො විකාලභොජනා. නච්චගීතවාදිතවිසූකදස්සනා පටිවිරතො හොති. මාලාගන්ධවිලෙපනධාරණමණ්ඩනවිභූසනට්ඨානා පටිවිරතො හොති. උච්චාසයනමහාසයනා පටිවිරතො හොති. ජාතරූපරජතපටිග්ගහණා පටිවිරතො හොති. ආමකධඤ්ඤපටිග්ගහණා පටිවිරතො හොති. ආමකමංසපටිග්ගහණා පටිවිරතො හොති. ඉත්ථිකුමාරිකා{1} පටිග්ගහණා පටිවිරතො හොති. දාසිදාසපටිග්ගහණා පටිවිරතො හොති. අජෙළකපටිග්ගහණා පටිවිරතො හොති. කුක්කුටසූකරපටිග්ගහණා පටිවිරතො හොති. හත්ථිගවාස්සවළවා{2} පටිග්ගහණා පටිවිරතො හොති. ඛෙත්තවත්ථුපටිග්ගහණා පටිවිරතො හොති. දූතෙය්යපහිණගමනානුයොගා පටිවිරතො හොති. කයවික්කයා පටිවිරතො හොති. තුලාකූටකංසකූටමානකූටා පටිවිරතො හොති. උක්කොටනවඤ්චනනිකතිසාචියොගා පටිවිරතො හොති. ඡෙදනවධබන්ධනවිපරාමොසආලොපසහසාකාරා පටිවිරතො හොති.
Sinhala BJTහේ බීජගාමභූතගාමවිකෝපනයෙන් වෙන් වූයේ වෙයි. රාත්‍රිභෝජනයෙන් වැළකුණේ විකල්බොජුනෙන් වෙන් වූයේ එක්වේලේ වළඳනුයේ වෙයි. නටනු ගයනු වයනු විසුළු දස්නෙන් වෙන් වූයේ වෙයි. මණ්ඩන විභූෂණයට කරුණු වූ මල් ගඳ විලෙවුන් දැරීමෙන් වෙන් වූයේ වෙයි. උසසුන් මහඅස්නෙන් වෙන්වූයේ වෙයි. රන් රිදී පිළිගැන්මෙන් වෙන් වූයේ වෙයි. අමු ධාන්‍ය පිළිගැන්මෙන් වෙන් වූයේ වෙයි. අමු මස් පිළිගැන්මෙන් වෙන් වූයේ වෙයි. ස්ත්‍රීන් කුමරියන් පිළිගැන්මෙන් වෙන් වූයේ වෙයි. දස් දැස්සන් පිළිගැන්මෙන් වෙන් වූයේ වෙයි. එළු තිරෙළුවන් පිළිගැන්මෙන් වෙන් වූයේ වෙයි. කුකුළන් හූරන් පිළිගැන්මෙන් වෙන් වූයේ වෙයි. ඇත් ගව අස් වෙළඹුන් පිළිගැන්මෙන් වෙන් වූයේ වෙයි. කෙත් වත් පිළිගැන්මෙන් වෙන් වූයේ වෙයි. දූතකර්‍මයෙහි ප්‍රභෙණකගමනෙහි යෙදීමෙන් වැළැකුණේ වෙයි. ක්‍රය වික්‍රයයෙන් වෙන් වූයේ වෙයි. තුලාකූට කංසකූට මානකූටයෙන් වැළැකුණේ වෙයි. උක්කෝටන (අල්ලස් ගැනීම) යැ වඤ්චන (උපායෙන් රැවැටීම) යැ නිකති (ප්‍රතිරූපයෙන් රැවැටීම) යැ යන සාචි (කුටිල) යෝගයෙන් වැළැකුණේ වෙයි. (හස්තාදි) ඡේදන යැ වධ යැ (රජ්ජු ආදියෙන්) බන්‍ධන යැ සැඟැවි සිට පැහැරගැන්ම යැ වොලොගැන්ම යැ සැහැසිකම් යැ යන මෙයින් වැළැකුණේ වේ.
Pali BJTසො සන්තුට්ඨො හොති කායපරිහාරිකෙන චීවරෙන කුච්ඡිපරිහාරිකෙන පිණ්ඩපාතෙන. සො යෙන යෙනෙව පක්කමති සමාදායෙව පක්කමති සෙය්යථාපි නාම පක්ඛී සකුණො යෙන යෙනෙව ඩෙති සපත්තභාරොව ඩෙති. එවමෙව භික්ඛු සන්තුට්ඨො හොති කායපරිහාරිකෙන චීවරෙන කුච්ඡිපරිහාරිකෙන පිණ්ඩපාතෙන. සො යෙන යෙනෙව පක්කමති සමාදායෙව පක්කමති. සො ඉමිනා අරියෙන සීලක්ඛන්ධෙන සමන්නාගතො අජ්ඣත්තං අනවජ්ජසුඛං පටිසංවෙදෙති.
Sinhala BJTහේ කය පරිහරණයට නිසි වූ සිවුරින් කුස පරිහරණයට නිසි වූ පිණ්ඩපාතයෙන් සතුටු වූයේ වෙයි. හේ යම් යම් තැනෙක්හි මැ යේ ද, අටපිරිකර මතු මැ ගෙන යෙයි. යම්සේ පියාපත් ඇති ලිහිණියෙක් යම් යම් තැනෙක්හි මැ පියාසර කෙරේ නම් පත්බර සහිතව මැ පියාසර කෙරේ ද, එසෙයින් මැ මහණ කය පරිහරණයට නිසි වූ සිවුරින් කුස පරිහරණයට නිසි වූ පිණ්ඩපාතයෙන් සතුටු වූයේ වෙයි. හේ යම් යම් තැනෙක්හි මැ යේ ද, අටපිරිකර මතු මැ ගෙන යෙයි. හෙතෙම මේ ආර්‍ය්‍ය (නිර්දෝෂ) වූ ශීලස්කන්‍ධයෙන් සමන්‍විත වූයේ සිය අත්බැව්හි අනවද්‍යසුඛය විඳී.
Pali BJTසො චක්ඛුනා රූපං දිස්වා න නිමිත්තග්ගාහී හොති නානුබ්යඤ්ජනග්ගාහී, යත්වාධිකරණමෙනං චක්ඛුන්ද්රියං අසංවුතං විහරන්තං අභිජ්ඣා දොමනස්සා පාපකා අකුසලා ධම්මා අන්වාස්සවෙය්යුං, තස්ස සංවරාය පටිපජ්ජති රක්ඛති චක්ඛුන්ද්රියං චක්ඛුන්ද්රියෙ සංවරං ආපජ්ජති. සොතෙන සද්දං සුත්වා -පෙ- ඝානෙන ගන්ධං ඝායිත්වා -පෙ- ජිව්හාය රසං සායිත්වා -පෙ- කායෙන ඵොට්ඨබ්බං ඵුසිත්වා -පෙ- මනසා ධම්මං විඤ්ඤාය න නිමිත්තග්ගාහී හොති නානුබ්යඤ්ජනග්ගාහී. යත්වාධිකරණමෙනං මනින්ද්රියං අසංවුතං විහරන්තං අභිජ්ඣාදොමනස්සා පාපකා අකුසලා ධම්මා අන්වාස්සවෙය්යුං. තස්ස සංවරාය පටිපජ්ජති, රක්ඛති මනින්ද්රියං මනින්ද්රියෙ සංවරං ආපජ්ජති. සො ඉමිනා අරියෙන ඉන්ද්රියසංවරෙන සමන්නාගතො අජ්ඣත්තං අබ්යාසෙකසුඛං පටිසංවෙදෙති.
Sinhala BJTහේ චක්‍ෂුර්විඥානයෙන් රූපයක් දැක (ක්ලේශවස්තු වූ) ස්ත්‍රීපුරුෂාදි නිමිති නො ගනී. (හස්තපාදාදීන්ගේ) ආකාර නො ගනී, යම් අසංවරයක් හේතු කොට ගෙන චක්‍ෂුරින්‍ද්‍රිය අසංවර වැ වෙසෙන තෙල පුඟුල් අභිධ්‍යාදෝමනස්ස සංඛ්‍යාත ලාමක අකුශලධර්‍මයෝ අනුබඳනාහු ද ඒ චක්‍ෂුරින්‍ද්‍රියයාගේ සංවරය පිණිස පිළිපදී. චක්‍ෂුරින්‍ද්‍රිය රකි. චක්‍ෂුරින්‍ද්‍රියයෙහි සංවරයට පැමිණෙයි. ශ්‍රෝතවිඥානයෙන් ශබ්දයක් අසා ... ඝ්‍රාණ විඥානයෙන් ගන්‍ධයක් ආඝ්‍රාණය කොට ... ජිහ්වාවිඥානයෙන් රසයක් විඳ, කායවිඥානයෙන් ස්ප්‍රෂ්ටව්‍යයක් ස්පර්‍ශ කොට ... මනෝවිඥානයෙන් ධර්‍මාලම්බනය දැන නිමිත්ත ග්‍රහණය නො කෙරෙයි. අනුව්‍යඤ්ජන වශයෙන් නො ගනී. යම් අසංවරයක් හේතු කොට ගෙන මනින්‍ද්‍රිය අසංවර ව වෙසෙන තෙල පුඟුල්හු අභිධ්‍යාදෝමනස්ස සංඛ්‍යාත ලාමක අකුශලධර්‍මයෝ අනුබඳනාහු නම් ඒ මනින්‍ද්‍රියයාගේ සංවරයට පිළිපදී. මනින්‍ද්‍රියය රකි. මනින්‍ද්‍රියයෙහි සංවරයට පැමිණෙයි. හේ මේ ආර්‍ය්‍ය වූ ඉන්‍ද්‍රිය සංවරයෙන් සමන්‍වාගත වූයේ අධ්‍යාත්මයෙහි අව්‍යාෂෙක (කෙලෙසුන් විසින් නො තෙත්) වූ සුවය විඳී.
Pali BJTසො අභික්කන්තෙ පටික්කන්තෙ සම්පජානකාරී හොති ආලොකිතෙ විලොකිතෙ සම්පජානකාරී හොති. සම්මිඤ්ජිතෙ{3} පසාරිතෙ සම්පජානකාරී හොති. සඞ්ඝාටිපත්තචීවරධාරණෙ සම්පජානකාරී හොති. අසිතෙ පීතෙ ඛායිතෙ සායිතෙ සම්පජානකාරී හොති. උච්චාරපස්සාවකම්මෙ සම්පජානකාරී හොති. ගතෙ ඨිතෙ නිසින්නෙ සුත්තෙ ජාගරිතෙ භාසිතෙ තුණ්හීභාවෙ සම්පජානකාරී හොති. සො ඉමිනා ච අරියෙන සීලක්ඛන්ධෙන සමන්නාගතො ඉමාය ච අරියාය සන්තුට්ඨියා සමන්නාගතො ඉමිනා ච අරියෙන ඉන්ද්රියසංවරෙන සමන්නාගතො ඉමිනා ච අරියෙන සතිසම්පජඤ්ඤෙන සමන්නාගතො විවිත්තං සෙනාසනං භජති අරඤ්ඤං රුක්ඛමූලං පබ්බතං කන්දරං ගිරිගුහං සුසානං වනපත්ථං අබ්භොකාසං පළාලපුඤ්ජං.
Sinhala BJTහේ ඉදිරියට යෑමෙහි පෙරළා නැවැත්මෙහි සම්‍යග්ඥානයෙන් සියලු කිස කෙරෙයි. ඉදිරිය බැලීමෙහි අවට බැලීමෙහි නුවණින් දැන කරන්නේ වෙයි. (අත්පා) හැකිළීමෙහි දිගහැරීමෙහි නුවණින් දැන කරන්නේ වෙයි. සඟළපාසිවුරු දැරීමෙහි නුවණින් දැන කරන්නේ වෙයි. පිණ්ඩපාත භෝජනයෙහි (කැඳආදිය) පීමෙහි (පිටිකැවුම් ආදිය) කෑමෙහි (මීපැණි ආදිය) රසවිඳීමෙහි නුවණින් දැන කරන්නේ වෙයි. මලමූ කිසෙහි නුවණින් දැන කරන්නේ වෙයි. ගමනෙහි සිටීමෙහි හිඳීමෙහි සයනයෙහි නිදිවැරීමෙහි බිණීමෙහි නො බිණීමෙහි නුවණින් දැන කරන්නේ වෙයි. ඒ මේ ආර්‍ය්‍යශීලස්කන්‍ධයෙන් ද සමන්‍විත වූයේ මේ ආර්‍ය්‍ය සන්තොෂයෙන් ද සමන්‍විත වූයේ මේ ආර්‍ය්‍යඉන්‍ද්‍රියසංවරයෙන් ද සමන්‍විත වූයේ මේ ආර්‍ය්‍යස්මෘතිසම්ප්‍රජන්‍යයෙන් ද සමන්‍විත වූයේ අරණ්‍ය යැ වෘක්‍ෂමූල යැ පර්‍වත යැ කන්‍දර යැ ගිරිගුහා යැ ශ්මසාන යැ වානප්‍රස්ථ යැ අභ්‍යවකාශ යැ පලාල පුඤ්ජ යැ යන විවෙක සෙනස්න භජනය කෙරෙයි.
Pali BJTසො පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තො නිසීදති පල්ලඞ්කං ආභුජිත්වා උජුං කායං පණිධාය පරිමුඛං සතිං උපට්ඨපෙත්වා. සො අභිජ්ඣං ලොකෙ පහාය විගතාභිජ්ඣෙන චෙතසා විහරති. අභිජ්ඣාය චිත්තං පරිසොධෙති. බ්යාපාදපදොසං පහාය අබ්යාපන්නචිත්තො විහරති සබ්බපාණභූතහිතානුකම්පී බ්යාපාදපදොසා චිත්තං පරිසොධෙති. ථීනමිද්ධං පහාය විගතථීනමිද්ධො විහරති ආලොකසඤ්ඤී සතො සම්පජානො ථීනමිද්ධා චිත්තං පරිසොධෙති. උද්ධච්චකුක්කුච්චං පහාය අනුද්ධතො විහරති. අජ්ඣත්තං වූපසන්තචිත්තො උද්ධච්චකුක්කුච්චා චිත්තං පරිසොධෙති. විචිකිච්ඡං පහාය තිණ්ණවිචිකිච්ඡො විහරති අකථංකථී කුසලෙසු ධම්මෙසු, විචිකිච්ඡාය චිත්තං පරිසොධෙති.
Sinhala BJTහේ පසුබත්හි පිණ්ඩපාතයෙන් නැවතුණේ පලක් බැඳ කය ඍජු කොට තබා කමටහනට අභිමුඛ කොට සිහි එළවා හිඳී. හේ පඤ්ස්කන්‍ධලෝකයෙහි රාගය දුරු කොට (විෂ්කම්භණ විසින්) ප්‍රහීණ කළ රාග ඇති සිතින් යුතු වැ වෙසෙයි. අභිධ්‍යාසංඛ්‍යාත රාගයෙන් සිත පිරිසිදු කෙරෙයි. ව්‍යාපාදප්‍රදෝෂය දුරු කොට ව්‍යාපාද රහිත වූ සිත් ඇතියේ සියලු ප්‍රාණභූතයන් කෙරෙහි හිතයෙන් අනුකම්පා කරනසුලු වූයේ වාසය කෙරෙයි. ව්‍යාපාද සංඛ්‍යාත ප්‍රද්වේෂයෙන් සිත පිරිසිදු කෙරෙයි. ථීනමිද්ධය දුරු කොට පහවූ ථීනමිද්ධ ඇතියේ ආලෝකසංඥා ඇති වැ ස්මෘතියෙන් හා ඥානයෙන් යුක්ත වැ වෙසෙයි. ථීනමිද්ධයෙන් සිත පිරිසිදු කෙරෙයි. උද්ධච්චකුක්කුච්චය දුරු කොට උද්ධත නො වූයේ අධ්‍යාත්මයෙහි සන්හුන් සිත් ඇති වැ වෙසෙයි. උද්ධච්චකුක්කුච්චයෙන් සිත පිරිසිදු කෙරෙයි. විචිකිච්ඡාව දුරු කොට විචිකිච්ඡාව ඉක්මවූයේ කුශලධර්‍මයන්හි කථඞ්කථා රහිත වූයේ වෙසෙයි. විචිකිච්ඡායෙන් සිත පිරිසිදු කෙරෙයි.
Pali BJTසො ඉමෙ පඤ්ච නීවරණෙ පහාය චෙතසො උපක්කිලෙසෙ පඤ්ඤාය දුබ්බලීකරණෙ විවිච්චෙව කාමෙහි විවිච්ච අකුසලෙහි ධම්මෙහි සවිතක්කං සවිචාරං විවෙකජං පීතිසුඛං පඨමං ඣානං උපසම්පජ්ජ විහරති. එවම්පි භික්ඛවෙ, සඵලො උපක්කමො හොති සඵලං පධානං.
Sinhala BJTහේ සිතට උපක්ලේශ වූ ලොවිලොවුතුරා ප්‍රඥාව දුර්‍වල කරන මේ පඤ්චනීවරණයන් දුරු කොට කාමච්ඡන්‍දයෙන් වෙන් වැ (ශේෂනීවරණ සංඛ්‍යාත) අකුශලධර්‍මයෙන් වෙන් වැ සවිතර්‍ක වූ සවිචාර වූ විවේකයෙන් උපන් ප්‍රීතිසුඛ ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසෙයි. මෙසේත් මහණෙනි, උපක්‍රම සඵල වූයේ වෙයි. වීර්‍ය්‍යය සඵල වේ.
Pali BJTපුන චපරං භික්ඛවෙ, භික්ඛු විතක්කවිචාරානං වූපසමා, අජ්ඣත්තං සම්පසාදනං චෙතසො එකොදිභාවං අවිතක්කං අවිචාරං සමාධිජං පීතිසුඛං දුතියං ඣානං උපසම්පජ්ජ විහරති. එවම්පි භික්ඛවෙ, සඵලො උපක්කමො හොති සඵලං පධානං.
Sinhala BJTයළිදු මහණෙනි, මහණ, විතර්‍කවිචාරයන්ගේ සන්හිඳීමෙන් අධ්‍යාත්මයෙහි සම්ප්‍රසාදන ශ්‍රද්ධා ඇති චිත්තයාගේ එකඟ බව ඇති අවිතර්‍ක වූ අවිචාර වූ සමාධිජ ප්‍රීතිසුඛ ඇති ද්විතීයධ්‍යානයට පැමිණ වෙසෙයි. මෙසේත් මහණෙනි, උපක්‍රම සඵල වෙයි, වීර්‍ය්‍යය සඵල වේ.
Pali BJTපුන චපරං භික්ඛවෙ, භික්ඛු පීතියා ච විරාගා උපෙක්ඛකො ච විහරති සතො ච සම්පජානො, සුඛඤ්ච කායෙන පටිසංවෙදෙති. යං තං අරියා ආචික්ඛන්ති ‘උපෙක්ඛකො සතිමා සුඛවිහාරී’ති තං තතියං ඣානං උපසම්පජ්ජ විහරති. එවම්පි භික්ඛවෙ, සඵලො උපක්කමො හොති සඵලං පධානං.
Sinhala BJTයළිදු මහණෙනි, මහණ ප්‍රීතියගේ ද විරාගයෙන් උපේක්‍ෂා ඇතියේ ස්මෘති ඇතියේ සම්‍යග්ඥාන ඇතියේ වෙසෙයි. නාමකයින් සුවය ද විඳී. යම් ධ්‍යානයක් හේතුකොට ගෙන (තෘතීයධ්‍යාන සමඞ්ගී පුද්ගල) ‘උපේක්‍ෂා ඇත්තේ යැ, ස්මෘති ඇත්තේ යැ, සුඛවිහාර ඇත්තේ යැ’ යි බුද්ධාදි ආර්‍ය්‍යයෝ පවසත් ද, ඒ තෘතීයධ්‍යානයට පැමිණ වෙසෙයි. මෙසේත් මහණෙනි, උපක්‍රම සඵල වෙයි. වීර්‍ය්‍යය සඵල වේ.
Pali BJTපුන චපරං භික්ඛවෙ, භික්ඛු සුඛස්ස ච පහානා දුක්ඛස්ස ච පහානා පුබ්බෙව සොමනස්සදොමනස්සානං අත්ථඞ්ගමා අදුක්ඛං අසුඛං උපෙක්ඛාසතිපාරිසුද්ධිං චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරති. එවම්පි භික්ඛවෙ, සඵලො උපක්කමො හොති සඵලං පධානං.
Sinhala BJTයළිදු මහණෙනි, මහණ කායික සුවය ද, කායික දුක ද දුරු කිරීමෙන් පෙර මැ සොම්නස් දොම්නසුන් ප්‍රහීණ කිරීමෙන් නොදුක් නොසුව වූ උපේක්‍ෂායෙන් උපන් ස්මෘති පාරිශුද්ධි ඇති චතුර්‍ත්‍ථධ්‍යානයට පැමිණ වෙසෙයි. මෙසේත් මහණෙනි, උපක්‍රම සඵල වෙයි, වීර්‍ය්‍යය සඵල වේ.
Pali BJTසො එවං සමාහිතෙ චිත්තෙ පරිසුද්ධෙ පරියොදාතෙ අනඞ්ගණෙ විගතූපක්කිලෙසෙ මුදුභූතෙ කම්මනියෙ ඨිතෙ ආනෙඤ්ජප්පත්තෙ පුබ්බෙනිවාසානුස්සතිඤාණාය චිත්තං අභිනින්නාමෙති. සො අනෙකවිහිතං පුබ්බෙනිවාසං අනුස්සරති. සෙය්යථිදං: එකම්පි ජාතිං ද්වෙපි ජාතියො තිස්සොපි ජාතියො චතස්සොපි ජාතියො පඤ්චපි ජාතියො දසපි ජාතියො වීසම්පි ජාතියො තිංසම්පි ජාතියො චත්තාළීසම්පි ජාතියො පඤ්ඤාසම්පි ජාතියො ජාතිසතම්පි ජාතිසහස්සම්පි ජාතිසතසහස්සම්පි, අනෙකෙපි සංවට්ටකප්පෙ අනෙකෙපි විවට්ටකප්පෙ අනෙකෙපි සංවට්ටවිවට්ටකප්පෙ, අමුත්රාසිං එවංනාමො එවංගොත්තො එවංවණ්ණො එවමාහාරො එවංසුඛදුක්ඛපටිසංවෙදී එවමායුපරියන්තො සො තතො චුතො අමුත්ර උදපාදිං. තත්රාපාසිං එවංනාමො එවංගොත්තො එවංවණ්ණො එවමාහාරො එවංසුඛදුක්ඛපටිසංවෙදී එවමායුපරියන්තො සො තතො චුතො ඉධූපපන්නොති. ඉති සාකාරං සඋද්දෙසං අනෙකවිහිතං පුබ්බෙ නිවාසං අනුස්සරති. එවම්පි භික්ඛවෙ, සඵලො උපක්කමො හොති සඵලං පධානං.
Sinhala BJTහේ මෙසේ සිත චතුර්‍ත්‍ථධ්‍යානසමාධීන් සමාහිත කල්හි පරිශුද්ධ කල්හි (පිරිසිදු හෙයින් මැ) ප්‍රභාස්වර කල්හි අනඞ්ගණ (නිකෙලෙස්) කල්හි (අනඞ්ගණ හෙයින්) විගත උපක්ලේශ ඇති කල්හි (සුභාවිත හෙයින්) මෘදු වූ කල්හි (මෘදු හෙයින් ම) කර්‍මක්‍ෂම කල්හි (පරිශුද්ධභාවාදියෙහි) සිටි කල්හි (එහෙයින් ම) නිසල බවට පත් කල්හි පූර්‍වනිවාස ස්මෘතිඥාන පිණිස සිත එළවයි. හේ අනේකවිධ වූ පෙර විසූ ස්කන්‍ධසන්තානය සිහි කෙරෙයි. එ මෙසේ යැ: එක් ජාතියකුදු දෙ ජාතියකුදු ජාති තුනකුදු ජාති සතරකුදු ජාති පසකුදු ජාති දසයකුදු ජාති විස්සකුදු ජාති තිසකුදු ජාති සතලිසකුදු ජාති පනසකුදු ජාති සියයකුදු ජාති දහසකුදු ජාති සියදහසකුදු නොයෙක් නැසෙන කල්පයනුදු නොයෙක් වැඩෙන කල්පයනුදු නොයෙක් නැසෙන වැඩෙන කල්පයනුදු අසුවල් තැනැ මෙ නම් ඇතියෙම් මෙබඳු ගෝත්‍ර ඇතියෙම් මෙබඳු වර්‍ණ ඇතියෙම් මෙබඳු ආහාර ඇතියෙම් මෙසේ සුවදුක් වින්දෙම් මෙසේ ආයු කෙළවර කෙළෙම් වීමි. ඒ මම් එයින් ච්‍යුත වූයෙම් අසුවල් තැනැ උපන්මි. ඒ තැන්හිදු මෙ නම් ඇතියෙම් මෙබඳු ගෝත්‍ර ඇතියෙම් මෙබඳු වර්‍ණ ඇතියෙම් මෙබඳු ආහාර ඇතියෙම් මෙසේ සුවදුක් වින්දෙම් මෙසේ ආයු කෙළවර කෙළෙම් වීමි. ඒ මම් එ තැනින් ච්‍යුත වූයෙම් මෙහි උපන්මි. මෙසේ ආකාර සහිත වූ උද්දේස සහිත වූ අනේකවිධ වූ පෙර විසූ ස්කන්‍ධසන්තතිය සිහි කෙරෙයි. මෙසේත් මහණෙනි, උපක්‍රම සඵල වෙයි. වීර්‍ය්‍යය සඵල වේ.
Pali BJTසො එවං සමාහිතෙ චිත්තෙ පරිසුද්ධෙ පරියොදාතෙ අනඞ්ගණෙ විගතූපක්කිලෙසෙ මුදුභූතෙ කම්මනියෙ ඨිතෙ අනෙඤ්ජප්පත්තෙ සත්තානං චුතූපපාතඤාණාය චිත්තං අභිනින්නාමෙති. සො දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන අතික්කන්තමානුසකෙන සත්තෙ පස්සති චවමානෙ උපපජ්ජමානෙ හීනෙ පණීතෙ සුවණ්ණෙ දුබ්බණ්ණෙ සුගතෙ දුග්ගතෙ යථාකම්මූපගෙ සත්තෙ පජානාති: ‘ඉමෙ වත භොන්තො සත්තා කායදුච්චරිතෙන සමන්නාගතා වචීදුච්චරිතෙන සමන්නාගතා මනොදුච්චරිතෙන සමන්නාගතා අරියානං උපවාදකා මිච්ඡාදිට්ඨිකා මිච්ඡාදිට්ඨිකම්මසමාදානා. තෙ කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපන්නා. ඉමෙ වා පන භොන්තො සත්තා කායසුචරිතෙන සමන්නාගතා වචීසුචරිතෙන සමන්නාගතා මනොසුචරිතෙන සමන්නාගතා අරියානං අනුපවාදකා සම්මාදිට්ඨිකා සම්මාදිට්ඨිකම්මසමාදානා. තෙ කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපන්නා’ති. ඉති දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන අතික්කන්තමානුසකෙන සත්තෙ පස්සති චවමානෙ උපපජ්ජමානෙ හීනෙ පණීතෙ සුවණ්ණෙ දුබ්බණ්ණෙ, සුගතෙ දුග්ගතෙ යථාකම්මූපගෙ සත්තෙ පජානාති. එවම්පි භික්ඛවෙ, සඵලො උපක්කමො හොති සඵලං පධානං.
Sinhala BJTහේ මෙසේ සිත සමාහිත කල්හි පරිශුද්ධ ප්‍රභාස්වර අනඞ්ගණ කල්හි විගත උපක්ලේශ ඇති කල්හි මෘදු ව කර්‍මක්‍ෂම ව සිටි කල්හි නිසල බවට පත් කල්හි සත්ත්‍වයන්ගේ ච්‍යුති උත්පත්තිඥානය පිණිස සිත යොමු කෙරෙයි. හේ පරිශුද්ධ වූ මිනිසැස ඉක්මැ සිටි දිවඇසින් ච්‍යුත වන උපදනා හීන වූ ප්‍රණීත වූ සුවර්‍ණ වූ දුර්‍වණ වූ සුගතිගත වූ දුර්‍ගතිගත වූ සත්ත්‍වයන් බලයි. කම්වූ පරිදි පරලොව ගිය සත්ත්‍වයන් දැනගනී: ඒකාන්තයෙන් මේ භවත් සත්ත්‍වයෝ කායදුශ්චරිතයෙන් යුක්ත වූවාහ, වාග්දුශ්චරිතයෙන් යුක්ත වූවාහ, මනෝදුශ්චරිතයෙන් යුක්ත වූවාහ, බුද්ධාදි ආර්‍ය්‍යයනට උපවාද කළාහ, විපරීත දෘෂ්ටි ඇතියව්හ, මිථ්‍යාදෘෂ්ටි වශයෙන් ගන්නා ලද නානාවිධ කර්‍ම ඇතියව්හ. ඔහු කාබුන් මරණින් මතුයෙහි අපාය වූ දුකට ගති වූ විවස ව පතිත වන (ආස්වාද සංඛ්‍යාත අය රහිත වූ) නිරයට පැමිණියාහ. යළි මේ භවත් සත්ත්‍වයෝ කාය සුචරිතයෙන් යුක්ත වූවාහ, වාක්සුචරිතයෙන් යුක්ත වූවාහ, මනස්සුචරිතයෙන් යුක්ත වූවාහ, ආර්‍ය්‍යෝපවාද නො කළාහ, සම්‍යග්දෘෂ්ටි ඇතියව්හ, සම්‍යග්දෘෂ්ටිකර්‍ම සමාදාන කළාහ. ඔහු කාබුන් මරණින් මතුයෙහි සුන්‍දර ගති ඇති ස්වර්‍ගලෝකයට පැමිණියාහ’යි. මෙසේ විශුද්ධ වූ මිනිසැස ඉක්මැසිටි දිවැසින් සැවයන උපදනා හීනප්‍රණීත වූ සුවර්‍ණදුර්‍වර්‍ණ වූ සුගතිගත දුගතිගත වූ සත්ත්‍වයන් බලයි. කම්වූ පරිදි පරලොව ගිය සත්ත්‍වයන් දැනගනී. මෙසේත් මහණෙනි, උපක්‍රම සඵල වෙයි, වීර්‍ය්‍යය සඵල වේ.
Pali BJTසො එවං සමාහිතෙ චිත්තෙ පරිසුද්ධෙ පරියොදාතෙ අනඞ්ගණෙ විගතූපක්කිලෙසෙ මුදුභූතෙ කම්මනියෙ ඨිතෙ ආනෙඤ්ජප්පත්තෙ ආසවානං ඛයඤාණාය චිත්තං අභිනින්නාමෙති. සො ඉදං දුක්ඛන්ති යථාභූතං පජානාති. අයං දුක්ඛසමුදයොති යථාභූතං පජානාති. අයං දුක්ඛනිරොධොති යථාභූතං පජානාති. අයං දුක්ඛනිරොධගාමිනී පටිපදාති යථාභූතං පජානාති. ඉමෙ ආසවාති යථාභූතං පජානාති. අයං ආසවසමුදයොති යථාභූතං පජානාති. අයං ආසවනිරොධොති යථාභූතං පජානාති. අයං ආසවනිරොධගාමිනී පටිපදාති යථාභූතං පජානාති. තස්ස එවං ජානතො එවං පස්සතො කාමාසවාපි චිත්තං විමුච්චති භවාසවාපි චිත්තං විමුච්චති. අවිජ්ජාසවාපි චිත්තං විමුච්චති. විමුත්තස්මිං විමුත්තමිති ඤාණං හොති. “ඛීණා ජාති, වුසිතං බ්රහ්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්ථත්තායා’ති පජානාති. එවම්පි ඛො{1} භික්ඛවෙ, සඵලො උපක්කමො හොති, සඵලං පධානං.
Sinhala BJTහේ මෙසේ සිත සමාහිත කල්හි පරිශුද්ධ පර්‍ය්‍යවදාත කල්හි අනඞ්ගණ කල්හි අපගත උපක්ලේශ ඇති කල්හි මෘදු ව කර්‍මක්‍ෂම ව සිටි කල්හි ආස්‍රවක්‍ෂයඥානය පිණිස සිත යොමුකෙරෙයි. හේ ‘මේ දුකැ’ යි තතුසෙයින් දැනගනී, ‘මේ දුක්ඛ සමුදය’ යි තතු සෙයින් දැනගනී, ‘මේ දුක්ඛනිරෝධ යැ’ යි තතුසෙයින් දැනගනී, ‘මේ දුක්ඛනිරෝධ ගාමිනීපටිපදා’ යි තතුසෙයින් දැනගනී. ‘මොහු ආස්‍රවයෝ’ යි තතුසෙයින් දැනගනී. ‘මේ ආස්‍රවසමුදය’ යි තතුසෙයින් දැනගනී. ‘මේ ආස්‍රවනිරෝධයැ’ යි තතුසෙයින් දැනගනී. ‘මේ ආස්‍රවනිරෝධගාමිනීප්‍රතිපදා’ යයි තතුසෙයින් දැනගනී. මෙසේ දන්නා මෙසේ දක්නා ඔහුගේ සිත කාමාස්‍රවයෙනුදු මිදෙයි, භවාස්‍රවයෙනුදු සිත මිදෙයි, අවිද්‍යාස්‍රවයෙනුදු සිත මිදෙයි. විමුක්ත කල්හි (සිත) මිදිණැයි පස්විකුම් නුවණ වෙයි: ‘ජාති ක්‍ෂය වූ යැ, බඹසර වෙසෙන ලද, කරණී කරන ලද, ඉත්‍ථම්භාවය පිණිස අනෙක් (මාර්‍ග භාවනා) කිසයෙක් නැතැ’ යි දැනගනී. මෙසේත් මහණෙනි, උපක්‍රම සඵල වෙයි, වීර්‍ය්‍යය සඵල වේ.
Pali BJTඑවංවාදී භික්ඛවෙ, තථාගෙතා.{2} එවංවාදිං{3} භික්ඛවෙ, තථාගතං{4} දස සහධම්මිකා පාසංසට්ඨානා ආගච්ඡන්ති: සචෙ භික්ඛවෙ, සත්තා පුබ්බෙකතහෙතු සුඛදුක්ඛං පටිසංවෙදෙන්ති. අද්ධා භික්ඛවෙ තථාගතො පුබ්බෙ සුකතකම්මකාරී, යං එතරහි එවරූපා අනාසවා සුඛා වෙදනා වෙදෙති. සචෙ භික්ඛවෙ, සත්තා ඉස්සරනිම්මාණහෙතු සුඛදුක්ඛං පටිසංවෙදෙන්ති. අද්ධා භික්ඛවෙ, තථාගතො භද්දකෙන ඉස්සරෙන නිම්මිතො, යං එතරහි එවරූපා අනාසවා සුඛා වෙදනා වෙදෙති. සචෙ භික්ඛවෙ, සත්තා සඞ්ගතිභාවහෙතු සුඛදුක්ඛං පටිසංවෙදෙන්ති, අද්ධා භික්ඛවෙ, තථාගතො කල්යාණසඞ්ගතිකො, යං එතරහි එවරූපා අනාසවා සුඛා වෙදනා වෙදෙති. සචෙ භික්ඛවෙ, සත්තා අභිජාතිහෙතු සුඛදුක්ඛං පටිසංවෙදෙන්ති, අද්ධා භික්ඛවෙ, තථාගතො කල්යාණාභිජාතිකො, යං එතරහි එවරූපා අනාසවා සුඛා වෙදනා වෙදෙති. සචෙ භික්ඛවෙ, සත්තා දිට්ඨධම්මූපක්කමහෙතු සුඛදුක්ඛං පටිසංවෙදෙන්ති, අද්ධා භික්ඛවෙ, තථාගතො කල්යාණදිට්ඨධම්මූපක්කමො, යං එතරහි එවරූපා අනාසවා සුඛා වෙදනා වෙදෙති.
Sinhala BJTමහණෙනි, තථාගතයෝ මෙබඳු වාද ඇත්තාහ, මහණෙනි, මෙබඳු වාද ඇති තථාගතයන් කරා සකාරණ වූ දසවැදෑරුම් ප්‍රශස්‍ය කාරණ කෙනෙක් පැමිණෙති: ඉදින් මහණෙනි, සත්ත්‍වයෝ පූර්‍වකෘත කර්‍මහේතුවින් සුවදුක් විඳිනාහු නම්, මහණෙනි, එකැතින් තථාගතයෝ පෙර සුකෘතකර්‍මකාරීහ. යම්හෙයෙකින් මෙ කල්හි මෙවන් අනාස්‍රව සුඛවේදනා විඳිනාහු ද එහෙයිනි. ඉදින් මහණෙනි, සත්ත්‍වයෝ ඊශ්වරනිර්‍මාණ හේතුවින් සුවදුක් විඳුනාහු නම්, මහණෙනි, එකැතින් තථාගතයෝ සොඳුරු ඉසුරක්හු විසින් මවන ලදහ. යම් හෙයෙකින් මෙකල්හි මෙබඳු වූ අනාස්‍රව වූ සුඛවේදනා විඳුනාහු ද එහෙයිනි. ඉදින් මහණෙනි, සත්ත්‍වයෝ නියතිස්වභාව හේතුවින් සුවදුක් විඳිනාහු නම්, එකැතින් මහණෙනි, තථාගතයෝ කල්‍යාණ වූ නියතිස්වභාව ඇතියව්හ. යම්හෙයෙකින් මෙකල්හි මෙවන් අනාස්‍රව වූ සුඛවේදනා විඳුනාහු ද එහෙයිනි, ඉදින් මහණෙනි, සත්ත්‍වයෝ අභිජාති හේතුවින් සුවදුක් විඳිනාහු නම්, එකැතින් මහණෙනි, තථාගතයෝ කල්‍යාණ වූ අභිජාති ඇතියහ. යම්හෙයෙකින් මෙකල්හි මෙවන් අනාස්‍රව වූ සුඛවේදනා විඳුනාහු ද එහෙයිනි. ඉදින් මහණෙනි සත්ත්‍වයෝ ඉහාත්මයෙහි උපක්‍රම හේතුවින් සුවදුක් විඳිනාහු නම්, එකැතින් මහණෙනි, තථාගතයෝ කල්‍යාණ වූ දෘෂ්ටධර්මොපක්‍රම ඇතියව්හ. යම් හෙයෙකින් මෙකල්හි මෙවන් අනාස්‍රව සුඛවේදනා විඳුනාහු ද එහෙයිනි.
Pali BJTසචෙ භික්ඛවෙ, සත්තා පුබ්බෙකතහෙතු සුඛදුක්ඛං පටිසංවෙදෙන්ති, පාසංසො තථාගතො. නො චෙ සත්තා පුබ්බෙකතහෙතු සුඛදුක්ඛං පටිසංවෙදෙන්ති, පාසංසො තථාගතො. සචෙ භික්ඛවෙ, සත්තා ඉස්සරනිම්මාණහෙතු සුඛදුක්ඛං පටිසංවෙදෙන්ති, පාසංසො තථාගතො. නො චෙ සත්තා ඉස්සරනිම්මාණහෙතු සුඛදුක්ඛං පටිසංවෙදෙන්ති, පාසංසො තථාගතො. සචෙ භික්ඛවෙ, සත්තා සඞ්ගතිභාවහෙතු සුඛදුක්ඛං පටිසංවෙදෙන්ති, පාසංසො තථාගතො. නො චෙ සත්තා සඞ්ගතිභාවහෙතු සුඛදුක්ඛං පටිසංවෙදෙන්ති, පාසංසො තථාගතො. සචෙ භික්ඛවෙ, සත්තා අභිජාතිහෙතු සුඛදුක්ඛං පටිසංවෙදෙන්ති, පාසංසො තථාගතො. නො චෙ සත්තා අභිජාතිහෙතු සුඛදුක්ඛං පටිසංවෙදෙන්ති, පාසංසො තථාගතො. සචෙ භික්ඛවෙ, සත්තා දිට්ඨධම්මූපක්කමහෙතු සුඛදුක්ඛං පටිසංවෙදෙන්ති, පාසංසො තථාගතො. නො චෙ සත්තා දිට්ඨධම්මූපක්කමහෙතු සුඛදුක්ඛං පටිසංවෙදෙන්ති, පාසංසො තථාගතො. එවංවාදී භික්ඛවෙ, තථාගෙතා.{1} එවංවාදිං{2} භික්ඛවෙ, තථාගතං{3} ඉමෙ දස සහධම්මිකා පාසංසට්ඨානා ආගච්ඡන්තීති.
Sinhala BJTඉදින් මහණෙනි, සත්ත්‍වයෝ පූර්‍වකෘතකර්‍ම හේතුවින් සුවදුක් විඳුනාහු නම්, තථාගතයෝ පැසැස්ස යුත්තාහ. ඉදින් සත්ත්‍වයෝ පූර්‍වකෘතකර්‍ම හේතුවින් සුවදුක් නොවිඳුනාහු ද, තථාගතයෝ පැසැස්ස යුත්තාහ. ඉදින් මහණෙනි, සත්ත්‍වයෝ ඊශ්වරනිර්‍මාණ හේතුවින් සුවදුක් විඳුනාහු නම්, තථාගතයෝ ප්‍රශස්‍ය වෙති. ඉදින් සත්ත්‍වයෝ ඊශ්වරනිර්‍මාණ හේතුවින් සුවදුක් නො විඳුනාහු නම්, තථාගතයෝ ප්‍රශස්‍ය වෙති. ඉදින් මහණෙනි, සත්ත්‍වයෝ නියතිස්වභාව හේතුවින් සුවදුක් විඳුනාහු නම්, තථාගතයෝ ප්‍රශස්‍ය වෙති. ඉදින් සත්ත්‍වයෝ නියති ස්වභාව හේතුවින් සුවදුක් නො විඳිනාහු නම්, තථාගතයෝ ප්‍රශස්‍ය වෙති. ඉදින් මහණෙනි, සත්ත්‍වයෝ අභිජාති හේතුවින් සුවදුක් විඳිනාහු නම්, තථාගතයෝ ප්‍රශස්‍ය වෙති. ඉදින් සත්ත්‍වයෝ අභිජාති හේතුවින් සුවදුක් නොවිඳිනාහු නම්, තථාගතයෝ ප්‍රශස්‍ය වෙති. ඉදින් මහණෙනි, සත්ත්‍වයෝ දෘෂ්ටධර්මොපක්‍රම හේතුවින් සුවදුක් විඳිනාහු නම්, තථාගතයෝ පැසැසිය යුත්තාහ, ඉදින් සත්ත්‍වයෝ දුෂ්ටධර්මොපක්‍රම හේතුවින් සුවදුක් නො විඳුනාහු නම් තථාගතයෝ පැසැසිය යුත්තාහ. මහණෙනි, තථාගතයෝ මෙබඳු වාද ඇත්තාහ. මහණෙනි, මෙබඳු වාද ඇති තථාගතයන් කරා සකාරණ වූ මේ දස ප්‍රශස්‍යකාරණයෝ පැමිණෙන්නාහ’යි.
Pali BJTඉදමවොච භගවා, අත්තමනා තෙ භික්ඛූ භගවතො භාසිතං අභිනන්දුන්ති.
Sinhala BJTභාග්‍යවත්හු මේ වදාළහ. සතුටු සිත් ඇති ඒ මහණහු භාග්‍යවතුන් වහන්සේ ගේ භාෂිතය සතුටුව පිළිගත්තාහු යයි.
Pali BJTදෙවදහසුත්තං පඨමං.
Sinhala BJTපළමුවැනි දේවදහ සූත්‍ර යි.
Pali BJT3. 1. 2.
Sinhala BJT3. 1. 2.
Pali BJTපඤ්චත්තය සුත්තං
Sinhala BJTපඤ්චත්තය සූත්‍රය
Pali BJTඑවං මෙ සුතං: එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තත්ර ඛො භගවා භික්ඛූ ආමන්තෙසි භික්ඛවොති. භදන්තෙති තෙ භික්ඛූ භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච:
Sinhala BJTමා විසින් මෙසේ අසන ලද: එක් සමයෙක්හි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ගොදුරුගම් කොට අනේවඩු මහසිටුහුගේ දෙව්රම් නම් අරම්හි වැඩවසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’ යි භික්‍ෂූන් ඇමතූ සේක. ‘වහන්සැ’ යි එ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හු. භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ සේක:
Pali BJTසන්ති භික්ඛවෙ, එකෙ සමණබ්රාහ්මණා අපරන්තකප්පිකා අපරන්තානුදිට්ඨිනො අපරන්තං ආරබ්භ අනෙකවිහිතානි අධිවුත්තිපදානි{1} අභිවදන්ති ‘සඤ්ඤී අත්තා හොති අරොගො. පරම්මරණා’ති ඉෙත්ථකෙ අභිවදන්ති. ‘අසඤ්ඤී අත්තා හොති අරොගො පරම්මරණා’ති ඉෙත්ථකෙ අභිවදන්ති. ‘නෙවසඤ්ඤීනාසඤ්ඤී අත්තා හොති අරොගො පරම්මරණා’ති ඉෙත්ථකෙ අභිවදන්ති. සතො වා පන සත්තස්ස උච්ඡෙදං විනාසං විභවං පඤ්ඤපෙන්ති. දිට්ඨධම්මනිබ්බානං වා පනෙකෙ අභිවදන්ති. ඉති සන්තං වා අත්තානං පඤ්ඤාපෙන්ති අරොගං පරම්මරණා. සතො වා පන සත්තස්ස උච්ඡෙදං විනාසං විභවං පඤ්ඤාපෙන්ති. දිට්ඨධම්මනිබ්බානං වා පනෙකෙ අභිවදන්ති. ඉති ඉමානි පඤ්ච හුත්වා තීණි හොන්ති තීණි හුත්වා පඤ්ච හොන්ති. අයමුද්දෙසො පඤ්චත්තයස්ස.
Sinhala BJTමහණෙනි, (අපරාන්ත සංඛ්‍යාත අනාගත ස්කන්‍ධභාග විකල්පනා කොට ගනුයෙන්) අපරාන්තකල්පික වූ (අපරාන්තානුගත දෘෂ්ටි ඇතියෙන්) අපරාන්තානුදෘෂ්ටික වූ අපරාන්තය අරභයා අනේකප්‍රකාර වූ (යථාර්‍ත්‍ථය නො ගෙන වැටෙනුයෙන් අධිවෘත්ති යයි කියන ලද) දෘෂ්ටිදීපක වචනයන් මතු කොට පවසත් ද, එබඳු වූ (ලෝකයා විසින්) ශ්‍රමණයහ’යි ද බ්‍රාහ්මණයහ’යි ද සම්මත වූ කිසි වාදී කෙනෙක් ඇත. ‘ආත්මය සංඥා සමන්‍විත වෙයි, මරණින් මතු නිත්‍ය වෙතී’ මෙසේ කෙනෙක් පවසති. ‘ආත්මය සංඥා සමන්‍විත නො වෙයි, මරණින් මතු නිත්‍ය වෙතී’ මෙසේ කෙනෙක් පවසති. ‘ආත්මය නෛවසංඥ නාසංඥ වෙයි, මරණින් මතු නිත්‍ය වෙතී’ මෙසේ කෙනෙක් පවසති, විද්‍යමාන වූ මැ සත්ත්‍වයාගේ උපච්ඡේදය අදර්‍ශනය භවවිගමය පනවති. කිසි වාදී කෙනෙක් (මෙ ලොව්හි ම දුඃඛව්‍යපශම වෙතී ගත්) දෘෂ්ටධර්‍මනිර්‍වාණය පවසත්. මෙසේ (සංඥී ආදී විසින් තුන් අයුරෙකින්) විද්‍යමාන වූ ආත්මයක් මරණින් මතු නිත්‍ය කොට පනවත්. විද්‍යමාන වූ සත්ත්‍වයාගේ උපච්ඡේද අදර්‍ශන භවවිගම පනවත්. කිසි කෙනෙක් දෘෂ්ට ධර්‍මනිර්‍වාණ හෝ පවසත්. මෙසේ මොහු පසක් ව තිදෙනෙක් වෙති. තුනක් ව පස් දෙනෙක් වෙති. මේ පඤ්චත්‍රිකයා ගේ උද්දේස යි.
Pali BJTතත්ර භික්ඛවෙ, යෙ තෙ සමණබ්රාහ්මණා සඤ්ඤිං අත්තානං{2} පඤ්ඤාපෙන්ති{3} අරොගං පරම්මරණා. රූපිංවා තෙ භොන්තො සමණබ්රාහ්මණා සඤ්ඤිං අත්තානං පඤ්ඤාපෙන්ති අරොගං පරම්මරණා. අරූපිං වා තෙ භොන්තො සමණබ්රාහ්මණා සඤ්ඤිං අත්තානං පඤ්ඤාපෙන්ති අරොගං පරම්මරණා. රූපිඤ්ච අරූපිඤ්ච වා තෙ භොන්තො සමණබ්රාහ්මණා සඤ්ඤිං අත්තානං පඤ්ඤාපෙන්ති අරොගං පරම්මරණා. නෙවරූපිං නාරූපිං වා තෙ භොන්තො සමණබ්රාහ්මණා සඤ්ඤිං අත්තානං පඤ්ඤාපෙන්ති අරොගං පරම්මරණා. එකත්තසඤ්ඤිං වා තෙ භොන්තො සමණබ්රාහ්මණා සඤ්ඤිං අත්තානං පඤ්ඤාපෙන්ති අරොගං පරම්මරණා. නානත්තසඤ්ඤිං වා තෙ භොන්තො සමණබ්රාහ්මණා සඤ්ඤිං අත්තානං පඤ්ඤාපෙන්ති අරොගං පරම්මරණා. පරිත්තසඤ්ඤිං වා තෙ භොන්තො සමණබ්රාහ්මණා සඤ්ඤිං අත්තානං පඤ්ඤාපෙන්ති අරොගං පරම්මරණා. අප්පමාණසඤ්ඤිං වා තෙ භොන්තො සමණබ්රාහ්මණා සඤ්ඤිං අත්තානං පඤ්ඤාපෙන්ති අරොගං පරම්මරණා. එතං වා පනෙකෙසං උපාතිවත්තතං විඤ්ඤාණකසිණං එකෙ අභිවදන්ති අප්පමාණං ආනෙඤ්ජං. තයිදං භික්ඛවෙ, තථාගතො පජානාති.
Sinhala BJTමහණෙනි, එහි යම් මහණබමුණු කෙනෙක් මරණින් මතු නිත්‍ය වූ සංඥාවත් ආත්මය පනවත් ද, ඒ භවත් මහණබමුණෝ මරණින් මතු නිත්‍ය වූ (කරජරූපයෙන් හෝ කසිණ රූපයෙන් හෝ) රූපී වූ සංඥාවත් ආත්මය හෝ පනවති. ඒ භවත් මහණබමුණෝ මරණින් මතු නිත්‍ය වූ (අරූපසමාපත්තිනිමිත්ත වූ හෝ සංඥාස්කන්‍ධය තබා සෙසු අරූපධර්‍ම සංඛ්‍යාත වූ හෝ) අරූපී වූ ආත්මය හෝ පනවති. ඒ භවත් මහණබමුණෝ මරණින් මතු නිත්‍ය වූ රූපී වූත් අරූපී වූත් සංඥාවත් වූ ආත්මය හෝ පනවති. ඒ භවත් මහණබමුණෝ මරණින් මතු නො මැ රූපී වූ අරූපී නො වූ සංඥාවත් වූ ආත්මය හෝ පනවති. ඒ භවත් මහණබමුණෝ මරණින් මතු නිත්‍ය වූ ඒකත්‍වසංඥ වූ සංඥාවත් ආත්මය හෝ පනවති. ඒ භවත් මහණබමුණෝ මරණින් මතු නිත්‍ය වූ නානාත්‍වසංඥ වූ සංඥාවත් ආත්මය හෝ පනවති. ඒ භවත් මහණබමුණෝ මරණින් මතු නිත්‍ය වූ (කිසුණුපිරියම් විසින්) අල්පමාත්‍ර සංඥා ඇති සංඥාවත් වූ ආත්මය හෝ පනවති. ඒ භවත් මහණ බමුණෝ මරණින් මතු නිත්‍ය වූ (විපුල කසිණ විසින්) අප්‍රමාණ සංඥා ඇති සංඥාවත් වූ ආත්මය හෝ පනවති. යළි තෙල සංඥාසප්තකය (කිසිවෙක් අෂ්ටකය) හෝ ඉක්මවා ගිය කිසි කෙනෙකුන් අතුරෙන් ඇතැම් කෙනෙක් විඥානකසිණය අප්‍රමාණ ය අචල යයි කියති. මහණෙනි, තථාගතයෝ ඒ (දිට්ඨිගත දිට්ඨිපච්චය දිට්ඨාරම්මණ) ද විශිෂ්ටඥානයෙන් දන්නාහ.
Pali BJTයෙ ඛො තෙ භොන්තො සමණබ්රාහ්මණා සඤ්ඤිං අත්තානං පඤ්ඤාපෙන්ති අරොගං පරම්මරණා, රූපිං වා තෙ භොන්තො සමණබ්රාහ්මණා සඤ්ඤිං අත්තානං පඤ්ඤාපෙන්ති අරොගං පරම්මරණා. අරූපිං වා තෙ භොන්තො සමණබ්රාහ්මණා සඤ්ඤිං අත්තානං පඤ්ඤාපෙන්ති අරොගං පරම්මරණා. රූපිඤ්ච අරූපිඤ්ච වා තෙ භොන්තො සමණබ්රාහ්මණා සඤ්ඤිං අත්තානං පඤ්ඤාපෙන්ති අරොගං පරම්මරණා. නෙවරූපිං නාරූපිං වා තෙ භොන්තො සමණබ්රාහ්මණා සඤ්ඤිං අත්තානං පඤ්ඤාපෙන්ති අරොගං පරම්මරණා. එකත්තසඤ්ඤිං වා තෙ භොන්තො සමණබ්රාහ්මණා සඤ්ඤිං අත්තානං පඤ්ඤාපෙන්ති අරොගං පරම්මරණා. නානත්තසඤ්ඤිං වා තෙ භොන්තො සමණබ්රාහ්මණා සඤ්ඤිං අත්තානං පඤ්ඤාපෙන්ති අරොගං පරම්මරණා. පරිත්තසඤ්ඤිං වා තෙ භොන්තො සමණබ්රාහ්මණා සඤ්ඤිං අත්තානං පඤ්ඤාපෙන්ති අරොගං පරම්මරණා. අප්පමාණසඤ්ඤිං වා තෙ භොන්තො සමණබ්රාහ්මණා සඤ්ඤිං අත්තානං පඤ්ඤාපෙන්ති අරොගං පරම්මරණා. යා වා පනෙතාසං සඤ්ඤානං පරිසුද්ධා පරමා අග්ගා අනුත්තරියා අක්ඛායති. යදි රූපසඤ්ඤානං යදි අරූපසඤ්ඤානං යදි එකත්තසඤ්ඤානං යදි නානත්තසඤ්ඤානං. නත්ථි කිඤ්චි’ති ආකිඤ්චඤ්ඤායතනං එකෙ අභිවදන්ති අප්පමාණං ආනෙඤ්ජං. තයිදං සඞ්ඛතං ඔළාරිකං. අත්ථි ඛො පන සඞ්ඛාරානං නිරොධො, අත්ථෙතන්ති ඉති විදිත්වා තස්ස නිස්සරණදස්සාවී තථාගතො තදුපාතිවත්තො.
Sinhala BJTයම් භවත් මහණබමුණු කෙනෙක් මරණින් මතු නිත්‍ය වූ සංඥා ඇති ආත්මය පනවත් ද, ඒ භවත් මහණබමුණෝ මරණින් මතු නිත්‍ය වූ (කරජරූපයෙන් හෝ කසිණ රූපයෙන්) රූපී වූ සංඥාවත් ආත්මය හෝ පනවති. ඒ භවත් මහණබමුණෝ මරණින් මතු නිත්‍ය වූ අරූපී වූ සංඥාවත් ආත්මය හෝ පනවති. ඒ භවත් මහණබමුණෝ මරණින් මතු නිත්‍ය වූ රූපී වූත් අරූපී වූත් සංඥාවත් ආත්මය හෝ පනවති. ඒ භවත් මහණබමුණෝ මරණින් මතු නිත්‍ය වූ නො මැ රූපී වූ අරූපී නො වූ සංඥායෙන් යුත් ආත්මය හෝ පනවති. ඒ භවත් මහණබමුණෝ මරණින් මතු නිත්‍ය වූ ඒකත්‍වසංඥී වූ සංඥායෙන් යුත් ආත්මය හෝ පනවති. ඒ භවත් මහණ බමුණෝ මරණින් මතු නිත්‍ය වූ නානාත්‍වසංඥී වූ සංඥායෙන් යුත් ආත්මය හෝ පනවති. ඒ භවත් මහණබමුණෝ මරණින් මතු නිත්‍ය වූ අල්පමාත්‍ර සංඥා ඇති සංඥායෙන් යුත් ආත්මය හෝ පනවති. ඒ භවත් මහණබමුණෝ මරණින් මතු නිත්‍ය වූ අප්‍රමාණ සංඥා ඇති සංඥායෙන් යුත් ආත්මය හෝ පනවති. යළි මෙසේ කියන ලද තෙල සංඥාවන් අතුරෙන් යම් සංඥාවක් පරිශුද්ධ (නිරුපක්ලේශ) යැ උත්තම යැ අග්‍ර යැ අසදෘශ යැයි කියනු ලැබේ ද, ඉදින් රූපසංඥාවන් කෙරෙන් වේව’යි ඉදින් අරූපසංඥාවන් කෙරෙන් වේව’යි ඉදින් ඒකත්‍වසංඥාවන් කෙරෙන් වේව’යි ඉදින් නානාත්‍වසංඥාවන් කෙරෙන් වේව’යි ඇතැම් කෙනෙක් කිසිවක් නැතැ’යි ආකිඤ්චඤ්ඤායතනය අප්‍රමාණ යැ අචල යැයි කියති. එහැම (සංඥාගතය) ප්‍රත්‍යයසමවායෙන් කරන ලද, ඖදාරික යැ, තෙල (සංඛත යයි කියන ලද) සංස්කාරයන් ගේ නිරෝධය ඇත් මැ ය. ‘තෙල නිවන ඇතැ’යි මෙසේ දැන එ සංඛතයාගේ නිස්සරණය දක්නා තථාගතයෝ ඒ සංඛතය ඉක්මවූවාහ.
Pali BJTතත්ර භික්ඛවෙ, යෙ තෙ සමණබ්රාහ්මණා අසඤ්ඤිං අත්තානං පඤ්ඤාපෙන්ති අරොගං පරම්මරණා, රූපිං වා තෙ භොන්තො සමණබ්රාහ්මණා අසඤ්ඤිං අත්තානං පඤ්ඤාපෙන්ති අරොගං පරම්මරණා. අරූපිං වා තෙ භොන්තො සමණබ්රාහ්මණා අසඤ්ඤිං අත්තානං පඤ්ඤාපෙන්ති අරොගං පරම්මරණා. රූපිඤ්ච අරූපිඤ්ච වා තෙ භොන්තො සමණබ්රාහ්මණා අසඤ්ඤිං අත්තානං පඤ්ඤාපෙන්ති අරොගං පරම්මරණා. නෙවරූපිං නාරූපිං වා තෙ භොන්තො සමණබ්රාහ්මණා අසඤ්ඤිං අත්තානං පඤ්ඤාපෙන්ති අරොගං පරම්මරණා. තත්ර භික්ඛවෙ, යෙ තෙ සමණබ්රාහ්මණා සඤ්ඤිං අත්තානං පඤ්ඤාපෙන්ති අරොගං පරම්මරණා. තෙසං එෙක පටික්කොසන්ති. තං කිස්ස හෙතු: සඤ්ඤාරොගො, සඤ්ඤාගණ්ඩො, සඤ්ඤාසල්ලං එතං සන්තං එතං පණීතං යදිදං අසඤ්ඤන්ති. තයිදං භික්ඛවෙ, තථාගතො අභිජානාති.
Sinhala BJTමහණෙනි, එහි (ඒ අටවැදෑරුම් අසංඥවාදයන් කෙරෙහි) යම් මහණ බමුණුකෙනෙක් මරණින් මතු නිත්‍ය වූ අසංඥී වූ ආත්මය පනවත් ද, ඒ භවත් මහණබමුණෝ මරණින් මතු නිත්‍ය වූ රූපවත් හෝ අසංඥී වූ ආත්මය පනවති. ඒ භවත් මහණබමුණෝ මරණින් මතු නිත්‍ය වූ අරූපවත් හෝ අසංඥී වූ ආත්මය පනවති. ඒ භවත් මහණබමුණෝ මරණින් මතු අරූපවත් හෝ අසංඥී වූ ආත්මය පනවති. ඒ භවත් මහණබමුණෝ මරණින් මතු නිත්‍ය වූ රූපීත් අරූපීත් හෝ අසංඥී වූ ආත්මය පනවති. ඒ භවත් මහණබමුණෝ මරණින් මතු නිත්‍ය වූ නො මැ රූපී වූ අරූපී නො වූ හෝ අසංඥී වූ ආත්මය පනවති. මහණෙනි, එහි යම් මහණබමුණු කෙනෙක් මරණින් මතු නිත්‍ය වූ සංඥී වූ ආත්මය පනවත් ද, ඇතැම් කෙනෙක් ඔවුන් ගේ දෘෂ්ටිය ප්‍රතිබාහන කෙරෙත්. ඒ කුමක් හෙයින යත්: සංඥාව (ආබාධ අටින්) රෝගයෙකැ, සංඥාව (සදෝෂ අටින්) ගණ්ඩයෙකැ, සංඥාව (ඇතුළතැ පිවිසෙන අටින්) ශල්‍යයෙකැ, යම් සංඥාඅභාවයෙක් ඇද්ද තෙල ශාන්ත යැ, තෙල ප්‍රණීත යැ එහෙයින්. මහණෙනි, එ (දෘෂ්ටිගත ආදිය) ද තථාගතයෝ විශිෂ්ටඥානයෙන් දන්නාහ.
Pali BJTයෙ ඛො තෙ භොන්තො සමණබ්රාහ්මණා අසඤ්ඤිං අත්තානං පඤ්ඤාපෙන්ති අරොගං පරම්මරණා, රූපිං වා තෙ භොන්තො සමණබ්රාහ්මණා අසඤ්ඤිං අත්තානං පඤ්ඤාපෙන්ති අරොගං පරම්මරණා. අරූපිං වා තෙ භොන්තො සමණබ්රාහ්මණා අසඤ්ඤිං අත්තානං පඤ්ඤාපෙන්ති අරොගං පරම්මරණා. රූපිඤ්ච අරූපිඤ්ච වා තෙ භොන්තො සමණබ්රාහ්මණා අසඤ්ඤිං අත්තානං පඤ්ඤාපෙන්ති අරොගං පරම්මරණා. නෙවරූපිං නාරූපිං වා තෙ භොන්තො සමණබ්රාහ්මණා අසඤ්ඤිං අත්තානං පඤ්ඤාපෙන්ති අරොගං පරම්මරණා. යො හි කොචි භික්ඛවෙ, සමණො වා බ්රාහ්මණො වා එවං වදෙය්ය: ‘අහමඤ්ඤත්ත්ර රූපා අඤ්ඤත්ත්ර වෙදනාය අඤ්ඤත්ර සඤ්ඤාය අඤ්ඤත්ර සඞ්ඛාරෙහි විඤ්ඤාණස්ස{1} ආගතිං වා ගතිං වා චුතිං වා උපපත්තිං{2} වා වුද්ධිං වා විරූළ්හිං වා වෙපුල්ලං වා පඤ්ඤාපෙස්සාමී’ති, නෙතං ඨානං විජ්ජති. තයිදං සඞ්ඛතං ඔළාරිකං. අත්ථි ඛො පන සඞ්ඛාරානං නිරොධො, අත්ථෙතන්ති ඉති විදිත්වා තස්ස නිස්සරණදස්සාවී තථාගතො තදුපාතිවත්තො.
Sinhala BJTයම් ඒ භවත් මහණබමුණු කෙනෙක් මරණින් මතු නිත්‍ය වූ අසංඥ ආත්මය පනවත් ද, ඒ භවත් මහණබමුණෝ මරණින් මතු නිත්‍ය වූ රූපවත් හෝ අසංඥී ආත්මය පනවති. ඒ භවත් මහණබමුණෝ මරණින් මතු නිත්‍ය වූ අරූපී වූ හෝ අසංඥී ආත්මය පනවති. ඒ භවත් මහණබමුණෝ මරණින් මතු නිත්‍ය වූ රූපීත් අරූපීත් හෝ අසංඥී ආත්මය පනවති. ඒ භවත් මහණබමුණෝ මරණින් මතු නිත්‍ය වූ නො මැ රූපී වූ අරූපී නො වූ හෝ අසංඥී ආත්මය පනවති. මහණෙනි, යම් කිසි මහණෙක් වේවයි බමුණෙක් වේවයි මෙසේ කියා නම් මම රූපය හැර වේදනාව හැර සංඥාව හැර සංස්කාරයන් හැර විඥානයාගේ ප්‍රතිසන්‍ධිය හෝ ගතිය හෝ ච්‍යුතිය හෝ උපප්‍රාප්තිය හෝ වෘද්ධිය හෝ විරූඪ බව හෝ විපුල බව හෝ පනවන්නෙමි’යි. තෙල කරුණ නො වෙයි. ඒ හැම සංඥාගත යැ, ප්‍රත්‍යයන් විසින් සකස් කරනලද, එහෙයින් මැ ඖදාරික වෙයි. යළි සංස්කාරයන්ගේ නිරෝධය ඇත් මැ යැ, ‘තෙල නිවන ඇතැ’යි මෙසේ දැන එ සංඛතයාගේ නිස්සරණය දක්නා තථාගතයෝ එ සංඛතය ඉක්මවූහ.
Pali BJTතත්ර භික්ඛවෙ, යෙ තෙ සමණබ්රාහ්මණා නෙවසඤ්ඤිං නාසඤ්ඤිං{1} අත්තානං පඤ්ඤාපෙන්ති අරොගං පරම්මරණා, රූපිං වා තෙ භොන්තො සමණබ්රාහ්මණා නෙවසඤ්ඤිං නාසඤ්ඤිං අත්තානං පඤ්ඤාපෙන්ති අරොගං පරම්මරණා. අරූපිං වා තෙ භොන්තො සමණබ්රාහ්මණා නෙවසඤ්ඤිං නාසඤ්ඤිං අත්තානං පඤ්ඤාපෙන්ති අරොගං පරම්මරණා. රූපිඤ්ච අරූපිඤ්ච වා තෙ භොන්තො සමණබ්රාහ්මණා නෙවසඤ්ඤිං නාසඤ්ඤිං අත්තානං පඤ්ඤාපෙන්ති අරොගං පරම්මරණා. නෙවරූපිං නාරූපිං වා තෙ භොන්තො සමණබ්රාහ්මණා නෙවසඤ්ඤිං නාසඤ්ඤිං අත්තානං පඤ්ඤාපෙන්ති අරොගං පරම්මරණා. තත්ර භික්ඛවෙ, යෙ තෙ සමණබ්රාහ්මණා සඤ්ඤිං අත්තානං පඤ්ඤාපෙන්ති අරොගං පරම්මරණා, තෙසං එකෙ පටික්කොසන්ති, යෙපි තෙ භොන්තො සමණබ්රාහ්මණා අසඤ්ඤී අත්තානං පඤ්ඤාපෙන්ති අරොගං පරම්මරණා. තෙසං එකෙ පටික්කොසන්ති. තං කිස්ස හෙතු: සඤ්ඤා රොගො, සඤ්ඤා ගණ්ඩො, සඤ්ඤා සල්ලං, අසඤ්ඤා සම්මොහො. එතං සන්තං එතං පණීතං යදිදං නෙවසඤ්ඤානාසඤ්ඤන්ති. තයිදං භික්ඛවෙ, තථාගතො අභිජානාති.
Sinhala BJTමහණෙනි, එහි යම් මහණබමුණු කෙනෙක් මරණින් මතු නිත්‍ය වූ නෛවසංඥීනාසංඥී වූ ආත්මය පනවත් ද, ඒ භවත් මහණබමුණෝ මරණින් මතු නිත්‍ය වූ නො මැ සංඥා ඇති අසංඥ නො වූ රූපී වූ හෝ ආත්මය පනවති. ඒ භවත් මහණබමුණෝ මරණින් මතු නිත්‍ය වූ නො මැ සංඥා ඇති අසංඥ නො වූ අරූපී වූ හෝ ආත්මය පනවති. ඒ භවත් මහණබමුණෝ මරණින් මතු නිත්‍ය වූ නො මැ සංඥා ඇති අසංඥ නො වූ රූපී වූත් අරූපී වූත් හෝ ආත්මය පනවති. ඒ භවත් මහණබමුණෝ මරණින් මතු නිත්‍ය වූ නෛවසංඥී වූ අසංඥී නො වූ නො මැ රූපී වූ අරූපී නො වූ හෝ ආත්මය පනවති. මහණෙනි, ඒ අටවැදැරූම් නේවසංඤ්ඤීනාසඤ්ඤීවාදයන් අතුරෙහි යම් මහණබමුණු කෙනෙක් මරණින් මත්තෙහි නිත්‍ය වූ සංඥාවත් ආත්මය පනවත් ද, ඔවුන්ගේ ලබ්ධිය ඇතැම් කෙනෙක් ප්‍රතිබාහන කෙරෙත්. යම් භවත් මහණබමුණු කෙනෙකුන් මරණින් මතු නිත්‍ය වූ අසංඥී ආත්මය පනවත් ද, ඇතැම් කෙනෙක් ඔවුන්ගේ ලබ්ධිය පිළිකෙව් කෙරෙති. ඒ කවර හෙයින යත්: සංඥාව රෝගයෙකැ, සංඥාව ගණ්ඩයෙකැ, සංඥාව ශල්‍යයෙකැ, අසංඥ භාවය සම්මෝහයට කරුණු යැ, යම් නෛවසංඥා නාසංඥ බවෙක් ඇද්ද, තෙල ශාන්ත යැ තෙල ප්‍රණීත යැ, එහෙයින්, මහණෙනි, එ (දෘෂ්ටිගත ආදිය) ද තථාගතයෝ විශිෂ්ට ඥානයෙන් දන්නාහ.