Pali BJTතං කිං මඤ්ඤසි මාණව, යදි එවං සන්තෙ බ්රාහ්මණෙන පොක්ඛරසාතිනා ඔපමඤ්ඤෙන සුභගවනිකෙන සම්මුච්චා වාචා භාසිතා, අසම්මුච්චා වාති?
Sinhala BJTමාණවකය, ඒ කෙසේ හඟිහි? ඉදින් මෙසේ වත් මැ උපමඤ්ඤ ගෝත්‍රජ වූ සුහගවනයට අධිපති වූ පොක්ඛරසාති බමුණු විසින් සම්මුතියෙන් බස බැණිණි ද, අසම්මුතියෙන් හෝ බැණිණි දැ? යි.
Pali BJTඅසම්මුච්චා, භො ගොතම.
Sinhala BJTභවත් ගෞතමයන් වහන්ස, අසම්මුතියෙන් බස් බැණිණ.
Pali BJTමන්තා වාචා භාසිතා, අමන්තා වාති?
Sinhala BJTතුලනා කොට බස් බැණිණි ද, තුලනා නො කොට හෝ බැණිණි දැ? යි.
Pali BJTඅමන්තා භො ගොතම.
Sinhala BJTභවත් ගෞතමයන් වහන්ස, තුලනා නො කොට බස් බැණිණ.
Pali BJTපටිසඞ්ඛාය වාචා භාසිතා අපටිසඞ්ඛාය වාති?
Sinhala BJTනුවණින් දැන බස් බැණිණි ද, නුවණින් නො දැන බස් බැණිණි දැ? යි.
Pali BJTඅපටිසඞ්ඛාය භො ගොතම.
Sinhala BJTභවත් ගෞතමයන් වහන්ස, නුවණින් නො දැන බස් බැණිණ.
Pali BJTඅත්ථසංහිතා වාචා භාසිතා, අනත්ථසංහිතා වාති?
Sinhala BJTඅර්‍ත්‍ථසංහිත වූ බස් බැණිණි ද, අනර්‍ත්‍ථසංහිත වූ හෝ බස් බැණිණි දැ? යි.
Pali BJTඅනත්ථසංහිතා භො ගොතම.
Sinhala BJTභවත් ගෞතමයන් වහන්ස, අනර්‍ත්‍ථසංහිත බස් බැණිණ.
Pali BJTපඤ්ච ඛො ඉමෙ මාණව, නීවරණා. කතමෙ පඤ්ච: කාමච්ඡන්දනීවරණං බ්යාපාදනීවරණං ථීනමිද්ධනීවරණං උද්ධච්චකුක්කුච්චනීවරණං විචිකිච්ඡානීවරණං. ඉමෙ ඛො මාණව, පඤ්ච නීවරණා. ඉමෙහි ඛො මාණවා පඤ්චහි නීවරණෙහි බ්රාහ්මණො පොක්ඛරසාති ඔපමඤ්ඤො සුභගවනිකො ආවුතො{1} නිවුතො ඔවුතො{2} පරියොනද්ධො. සො වත උත්තරිමනුස්සධම්මා අලමරියඤාණදස්සනවිසෙසං ඤස්සති වා දක්ඛති වා සච්ඡි වා කරිස්සතීති නෙතං ඨානං විජ්ජති.
Sinhala BJTමාණවකය, මේ පඤ්චනීවරණ කෙනෙක් ඇත. කවර පසෙක යත්: කාමච්ඡන්‍දනීවරණ යැ ව්‍යාපාද නීවරණ යැ ථීනමිද්ධනීවරණ යැ උද්ධච්චකුක්කුච්චනීවරණ යැ විචිකිච්ඡානීවරණ යි. මාණවකය, මේ පඤ්චනීවරණයෝ යි. මාණවකය, උපමඤ්ඤ ගෝත්‍රජ වූ සුහගවනෙශ්වර වූ පොක්ඛරසාති බ්‍රාහ්මණ මේ පඤ්චනීවරණයන් විසින් (ආවරණ වශයෙන්) වළඳනාලද්දේ යැ. අවුරන ලද්දේ යැ, වටාගන්නා ලද්දේ යැ, හාත්පස බඳනාලද්දේ යැ. හේ මිනිස්දහමින් මතුයෙහි ආර්‍ය්‍යභාවකරණයට පොහොසත් ඥානදර්‍ශන විශේෂය දන්නේ හෝ යැ දක්නේ හෝ යැ ප්‍රත්‍යක්‍ෂ කරන්නේ හෝ යැ යන තෙල කරුණ නො වන්නේ මැ යි.
Pali BJTපඤ්ච ඛො ඉමෙ මාණව, කාමගුණා. කතමෙ පඤ්ච: චක්ඛුවිඤ්ඤෙය්යා රූපා ඉට්ඨා කන්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා, සොතවිඤ්ඤෙය්යා සද්දා -පෙ- ඝානවිඤ්ඤෙය්යා ගන්ධා -පෙ- ජිව්හා විඤ්ඤෙය්යා රසා -පෙ- කායවිඤ්ඤෙය්යා ඵොට්ඨබ්බා ඉට්ඨා කන්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා. ඉමෙ ඛො මාණව, පඤ්ච කාමගුණා. ඉමෙහි ඛො මාණව, පඤ්චහි කාමගුණෙහි බ්රාහ්මණො පොක්ඛරසාති ඔපමඤ්ඤො සුභගවනිකො ගථිතො{1} මුච්ඡිතො අජ්ඣොපන්නො අනාදීනවදස්සාවී අනිස්සරණපඤ්ඤො පරිභුඤ්ජති. සො වත උත්තරිමනුස්සධම්මා අලමරියඤාණදස්සනවිසෙසං ඤස්සති වා දක්ඛිති වා සච්ඡි වා කරිස්සතීති නෙතං ඨානං විජ්ජති.
Sinhala BJTමාණවකය, මේ කාමගුණ පසෙකි. කවර පසෙක යත්: ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ ප්‍රියස්වරූප වූ කාමෝපසංහිත වූ රාගෝත්පත්ති කාරණ වූ චක්‍ෂුර්විඥේය රූපායතනයෝ යැ ශ්‍රෝතවිඥේය ශබ්දායතනයෝ යැ ... ඝ්‍රාණවිඥේය ගන්‍ධායතනයෝ යැ ... ජිහ්වාවිඥේය රසායතනයෝ යැ ... ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ ප්‍රියස්වරූප වූ කාමෝපසංහිත වූ රාගෝත්පත්ති කාරණ වූ කායවිඥේය ස්ප්‍රෂ්ටව්‍යායතනයෝ යි. මාණවකය, මේ පඤ්ච කාමගුණයෝ යි. මාණවකය, උපමඤ්ඤ ගෝත්‍රජ වූ සුහගවනෙශ්වර වූ පොක්ඛරසාති බමුණු මෙසේ මේ පඤ්චකාමගුණයන් විසින් ග්‍රථිත වැ මූර්ඡිත වැ ගැලගන්නාලදු වැ ආදීනව නො දක්නාසුලු වැ නිස්සරණප්‍රඥා රහිත වැ වළඳ කෙරෙයි. හේ මිනිස්දහමින් මතුයෙහි ආර්‍ය්‍යභාවකරණයට පොහොසත් ඥානදර්‍ශනවිශේෂයක් දන්නේ හෝ දක්නේ හෝ ප්‍රත්‍යක්‍ෂ කරන්නේ හෝ යැ යන තෙල කරුණ විද්‍යමාන නො වේ මැ යි.
Pali BJTතං කිං මඤ්ඤසි මාණව, යං වා තිණකට්ඨුපාදානං පටිච්ච අග්ගිං ජාලෙය්ය, යං වා නිස්සට්ඨතිණකට්ඨුපාදානං අග්ගිං ජාලෙය්ය, කතමො නු ඛ්වාස්ස අග්ගි අච්චිමා ච වණ්ණිමා ච පභස්සරො චාති?
Sinhala BJTමාණවකය, ඒ කෙසේ හඟිහි? තෘණකාෂ්ට සඞ්ඛ්‍යාත දර නිසා යම් ගින්නක් හෝ දල්වන්නේ වේ ද, පහ කළ තෘණකාෂ්ට සඞ්ඛ්‍යාත දර ඇති යම් ගින්නක් හෝ දල්වන්නේ වේ ද, එහි කවර නම් ගින්නෙක් ජ්වාල ඇතියේත් වර්‍ණ ඇතියේත් ප්‍රභාස්වර වූයේත් වේ ද?
Pali BJTසචෙ තං භො ගොතම, ඨානං නිස්සට්ඨතිණකට්ඨුපාදානං අග්ගිං ජාලෙතුං, ස්වාස්ස අග්ගි අච්චිමා ච වණ්ණිමා ච පභස්සරො චාති.
Sinhala BJTභවත් ගෞතමයන් වහන්ස, ඉදින් හළ තෘණකාෂ්ට සඞ්ඛ්‍යාත දර ඇති ගින්නක් දල්වන්නට ඒ තැනෙක් ඇද්ද, එ ගිනි ජ්වාල ඇතියේත් වර්‍ණ ඇතියේත් ප්‍රභාස්වර වූයේත් වෙයි.
Pali BJTඅට්ඨානං ඛො එතං මාණව, අනවකාසො, යං නිස්සට්ඨතිණකට්ඨුපාදානං අග්ගිං ජාලෙය්ය අඤ්ඤත්ර ඉද්ධිමතා. සෙය්යථාපි මාණව, තිණකට්ඨුපාදානං පටිච්ච අග්ගි ජලති, තථූපමාහං මාණව, ඉමං පීතිං වදාමි. යායං පීති පඤ්චකාමගුණෙ පටිච්ච. සෙය්යථාපි මාණව, නිස්සට්ඨතිණකට්ඨුපාදානං පටිච්ච අග්ගි ජලති. තථූපමාහං මාණව, ඉමං පීතිං වදාමි, යායං පීති අඤ්ඤත්රෙව කාමෙහි අඤ්ඤත්ර අකුසලෙහි ධම්මෙහි.
Sinhala BJTමාණවකය, යම් හෙයකින් ඍද්ධිමතකු විනා (අනෙකෙන්) හළ තෘණකාෂ්ට සඞ්ඛ්‍යාත දර ඇති ගින්නක් දල්වන්නේ යැ යන තෙල කරුණ නො වනසුලු යැ වන්නට අවකාශ ද නැත. මාණවකය, යම් පරිදි තෘණකාෂ්ටොපදාන නිසා ගිනි දල්වා ද, මාණවකය, පස්කම් ගුණ නිසා උපන් යම් ඒ ප්‍රීතියෙක් ඇද්ද, මම මේ ප්‍රීතිය එ බඳු යැ යි වදාරමි. මාණවකය, යම් පරිදි හළ තෘණකාෂ්ටොපදාන නිසා ගින්නක් දල්වා ද, මාණවකය, පස්කම්ගුණ පියා අකුසල්දහම් පියා නිපන් යම් ඒ ප්‍රීතියෙක් ඇත් නම් මම මේ ප්‍රීතිය එ බඳු යැ යි කියමි.
Pali BJTකතමා ච මාණව, පීති අඤ්ඤත්රෙව කාමෙහි අඤ්ඤත්ර අකුසලෙහි ධම්මෙහි: ඉධ මාණව, භික්ඛු විවිච්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති. අයම්පි ඛො මාණව, පීති අඤ්ඤත්රෙව කාමෙහි අඤ්ඤත්ර අකුසලෙහි ධම්මෙහි. පුන චපරං මාණව, භික්ඛු විතක්කවිචාරානං වූපසමා -පෙ- දුතියං ඣානං උපසම්පජ්ජ විහරති. අයම්පි ඛො මාණව, පීති අඤ්ඤත්රෙව කාමෙහි අඤ්ඤත්ර අකුසලෙහි ධම්මෙහි.
Sinhala BJTමාණවකය, කාමයෙන් වෙන් වූ අකුසල්දහමින් වෙන් වූ ප්‍රීතිය කවර යත්: මාණවකය, මෙ සස්නෙහි මහණ කාමයෙන් වෙන් වැ මැ ... ප්‍රථමධ්‍යානය උපදවාගෙන වාස කෙරෙයි. මාණවකය, මෙ ද කාමයෙන් වෙන් වූ මැ අකුසල්දහමින් වෙන් වූ මැ ප්‍රීතියෙක. තවද මාණවකය, මහණ තෙම විතර්‍කවිචාරයන් සන්හිඳීමෙන් ... ද්විතීයධ්‍යානය උපදවා ගෙන වාස කෙරෙයි. මාණවකය, මෙ ද කාමයෙන් වෙන් වූ මැ අකුසල්දහමින් වෙන් වූ මැ ප්‍රීතියෙකි.
Pali BJTයෙ තෙ මාණව, බ්රාහ්මණා පඤ්ච ධම්මෙ පඤ්ඤාපෙන්ති පුඤ්ඤස්ස කිරියාය කුසලස්ස ආරාධනාය. කමෙත්ථ බ්රාහ්මණා ධම්මං මහප්ඵලතරං පඤ්ඤාපෙන්ති පුඤ්ඤස්ස කිරියාය කුසලස්ස ආරාධනායාති?
Sinhala BJTමාණවකය, බ්‍රාහ්මණයෝ පින් කිරීමට කුසල් සැපයීමට යම් ඒ පඤ්චධර්‍මයක් පනවත් ද, බ්‍රාහ්මණයෝ මෙහි පුණ්‍යක්‍රියාවට කුශලසම්පාදනයට කවර දහමක් ඉතා මහත්ඵල කොට පනවත් දැ? යි.
Pali BJTයෙමෙ භො ගොතම, බ්රාහ්මණා පඤ්ච ධම්මෙ පඤ්ඤාපෙන්ති පුඤ්ඤස්ස කිරියාය කුසලස්ස ආරාධනාය, චාගමෙත්ථ බ්රාහ්මණා ධම්මං මහප්ඵලතරං පඤ්ඤාපෙන්ති පුඤ්ඤස්ස කිරියාය කුසලස්ස ආරාධනායාති.
Sinhala BJTභවත් ගෞතමයන් වහන්ස, බ්‍රාහ්මණයෝ පුණ්‍යක්‍රියාවට කුශලපරිපූරණයට යම් පඤ්චධර්‍මයක් පනවත් ද, බ්‍රාහ්මණයෝ මෙහි පුණ්‍යක්‍රියාවට කුසලසම්පාදනයට ත්‍යාගධර්‍ම ඉතා මහත්ඵල කොට පනවති’යි.
Pali BJTතං කිං මඤ්ඤසි මාණව, ඉධඤ්ඤතරස්ස බ්රාහ්මණස්ස මහායඤ්ඤො පච්චුපට්ඨිතො අස්ස. අථ ද්වෙ බ්රාහ්මණා ආගච්ඡෙය්යුං: ‘ඉත්ථන්නාමස්ස බ්රාහ්මණස්ස මහායඤ්ඤං අනුභවිස්සාමා’ති. තත්රෙකස්ස බ්රාහ්මණස්ස එවමස්ස: ‘අහො වත අහමෙව ලභෙය්යං භත්තග්ගෙ අග්ගාසනං අග්ගොදකං අග්ගපිණ්ඩං, නාඤ්ඤො බ්රාහ්මණො ලභෙය්ය{1} භත්තග්ගෙ අග්ගාසනං අග්ගොදකං අග්ගපිණ්ඩන්ති. ඨානං ඛො පනෙතං මාණව, විජ්ජති: ‘යං අඤ්ඤො බ්රාහ්මණො ලභෙය්ය භත්තග්ගෙ අග්ගාසනං අග්ගොදකං අග්ගපිණ්ඩං, න සො බ්රාහ්මණො ලභෙය්ය භත්තග්ගෙ අග්ගාසනං අග්ගොදකං අග්ගපිණ්ඩං. අඤ්ඤො බ්රාහ්මණො ලභති භත්තග්ගෙ අග්ගාසනං අග්ගොදකං අග්ගපිණ්ඩං, නාහං ලභාමි භත්තග්ගෙ අග්ගාසනං අග්ගොදකං අග්ගපිණ්ඩ’න්ති, ඉති සො කුපිතො හොති අනත්තමනො. ඉමස්ස පන මාණව, බ්රාහ්මණා කිං විපාකං පඤ්ඤාපෙන්තී’ති?
Sinhala BJTමාණවකය, ඒ කෙසේ හඟිහි? මෙලොවැ එක්තරා බමුණක්හට මහායාගයෙක් එළැඹ සිටියේ වෙයි. එසඳ බමුණෝ දෙදෙනෙක් එති: “මෙ නම් බමුණුගේ මහායාග වළඳ කරම්හ” යි. ඔවුන් කෙරෙහි එක් බමුණක්හට මෙවන් සිතෙක් වෙයි: “මම මැ භක්තග්‍රයෙහි අග්‍රාසන අග්‍රෝදක අග්‍රපිණ්ඩ ලබම් නම් මනා මැ යැ. අන් බමුණා භක්තග්‍රයෙහි අග්‍රාසන අග්‍රෝදක අග්‍රපිණ්ඩ නො ලබා නම් මනා මැ නු”යි. මාණවකය, යම් හෙයෙකින් අන්‍ය බ්‍රාහ්මණයා භක්තග්‍රයෙහි අග්‍රාසන අග්‍රෝදක අග්‍රපිණ්ඩ ලබා ද ඒ බමුණා භක්තග්‍රයෙහි අග්‍රාසන අග්‍රෝදක අග්‍රපිණ්ඩ නො ලබා ද, තෙල කරුණ වෙයි. අන්‍ය බ්‍රාහ්මණයා භක්තග්‍රයෙහි අග්‍රාසන අග්‍රෝදක අග්‍රපිණ්ඩ ලබයි. ‘මම භක්තග්‍රයෙහි අග්‍රාසන අග්‍රෝදක අග්‍රපිණ්ඩ නො ලබමි’යි මෙසේ හේ කිපියේ නො සතුටු සිත් ඇතියේ වෙයි. මාණවකය, මොහුට බමුණෝ කිනම් විපාකයක් පනවත් ද?
Pali BJTන ඛොත්ථ{2} භො ගොතම, බ්රාහ්මණා එවං දානං දෙන්ති: ඉමිනා පරො කුපිතො හොතු අනත්තමනො’ති. අථ ඛ්වෙත්ථ බ්රාහ්මණා අනුකම්පාජාතිකංයෙව දානං දෙන්තී’ති.
Sinhala BJTභවත් ගෞතමයන් වහන්ස, මෙහි බමුණෝ මෙසේ දැන් නො දෙත්. (කෙසේ යැ?) මේ දනින් අනෙකා කුපිත වේවා, නො සතුටු සිතැති වේවා, කියා යි. වැළි මෙහි දී බමුණෝ අනුකම්පාජාතික වූ මැ දනක් දෙත්.
Pali BJTඑවං සන්තෙ ඛො මාණව, බ්රාහ්මණානං ඉදං ඡට්ඨං පුඤ්ඤකිරියාවත්ථු හොති යදිදං අනුකම්පාජාතිකන්ති.
Sinhala BJTමාණවකය, මෙසේ වත් මැ යම් අනුකම්පාස්වභාවයෙක් ඇද්ද? බමුණන්ගේ මේ සවන පුණ්‍ය ක්‍රියාවස්තු වෙයි.
Pali BJTඑවං සන්තෙ භො ගොතම, බ්රාහ්මණානං ඉදං ඡට්ඨං පුඤ්ඤකිරියාවත්ථු හොති යදිදං අනුකම්පාජාතිකන්ති.
Sinhala BJTභවත් ගෞතමයන් වහන්ස, එසේ වත් මැ යම් අනුකම්පා ස්වභාවයෙක් ඇද්ද, බමුණන්ගේ මේ සවන පුණක්‍රියාවස්තු වෙයි.
Pali BJTයෙ තෙ මාණව, බ්රාහ්මණා පඤ්ච ධම්මෙ පඤ්ඤාපෙන්ති පුඤ්ඤස්ස කිරියාය කුසලස්ස ආරාධනාය. ඉමෙ ත්වං පඤ්ච ධම්මෙ කත්ථ බහුලං සමනුපස්සසි{3} ගහට්ඨෙසු වා පබ්බජිතෙසුවා’ති?
Sinhala BJTමාණවකය, බ්‍රාහ්මණයෝ පුණ්‍යක්‍රියාව පිණිස කුශලයාගේ ආරාධනා පිණිස යම් පඤ්චධර්‍ම කෙනකුන් පනවත් ද, තෝ මේ පඤ්චධර්‍මයන් කවුරුන් කෙරෙහි බහුල කොට නුවණින් දක්හි? ගිහියන් කෙරෙහි දක්හි හෝ? පැවිද්දන් කෙරෙහි දක්හි හෝ? යි.
Pali BJTයෙමෙ භො ගොතම, බ්රාහ්මණා පඤ්ච ධම්මෙ පඤ්ඤාපෙන්ති පුඤ්ඤස්ස කිරියාය කුසලස්ස ආරාධනාය, ඉමාහං පඤ්ච ධම්මෙ පබ්බජිතෙසු බහුලං සමනුපස්සාමි අප්පං ගහට්ඨෙසු. ගහට්ඨො හි භො ගොතම, මහට්ඨො මහාකිච්චො මහාධිකරණො මහාසමාරම්භො, න සතතං සමිතං සච්චවාදී හොති. පබ්බජිතො ඛො පන භො ගොතම, අප්පට්ඨො අප්පකිච්චො අප්පාධිකරණො අප්පසමාරම්භො, සතතං සමිතං සච්චවාදී හොති. ගහට්ඨො හි භො ගොතම, මහට්ඨො මහාකිච්චො මහාධිකරණො මහාසමාරම්භො, න සතතං සමිතං තපස්සී හොති. බ්රහ්මචාරී හොති. සජ්ඣාය බහුලො හොති. චාගබහුලො හොති. පබ්බජිතො ඛො පන භො ගොතම, අප්පට්ඨො අප්පකිච්චො අප්පාධිකරණො අප්පසමාරම්භො, සතතං සමිතං තපස්සී හොති -පෙ- බ්රහ්මචාරී හොති -පෙ- සජ්ඣායබහුලො හොති -පෙ- චාග බහුලො හොති. යෙමෙ භො ගොතම, බ්රාහ්මණා{4} පඤ්ච ධම්මෙ පඤ්ඤාපෙන්ති. පුඤ්ඤස්ස කිරියාය කුසලස්ස ආරාධනාය. ඉමාහං පඤ්ච ධම්මෙ පබ්බජිතෙසු බහුලං සමනුපස්සාමි, අප්පං ගහට්ඨෙසූති.
Sinhala BJTභවත් ගෞතමයන් වහන්ස, බ්‍රාහ්මණයෝ පුණ්‍යක්‍රියා පිණිස කුශලසම්පාදනය පිණිස යම් පඤ්චධර්‍ම කෙනකුන් පනවත් ද, මම මේ පස්දහම් පැවිද්දන් කෙරෙහි බහුල වැ දක්මි, ගිහියන් කෙරෙහි අල්ප වැ දක්මි. භවත් ගෞතමයන් වහන්ස, ගෘහස්ථ තෙමේ මහාර්‍ත්‍ථ මහාකෘත්‍ය මහාධිකරණ මහාසමාරම්භ ඇත්තේ මැ යැ, නිරතුරු එක්වන් සත්‍යවාදී නො වෙයි. එතෙකුදු වත් ගෞතමයන් වහන්ස, ප්‍රව්‍රජිත තෙමේ අල්පාර්‍ත්‍ථ අල්පකෘත්‍ය අල්පාධිකරණ අල්පසමාරම්භ ඇත්තේ යැ, නිරතුරු එක්වන් සත්‍යවාදී වෙයි. භවත් ගෞතමයන් වහන්ස, ගැහැවි තෙම මහාර්‍ත්‍ථ මහාකෘත්‍ය මහාධිකරණ මහාසමාරම්භ ඇත්තේ මැ යැ, නිරතුරු එක්වන් තපස්වී නො වෙයි, බ්‍රහ්මචාරී නො වෙයි, ස්වාධ්‍යාය (හැදෑරීම්) බහුල නො වෙයි, ත්‍යාග බහුල නො වෙයි. එතෙකුදු වත් භවත් ගෞතමයන් වහන්ස, පැවිදි තෙම අල්පාර්‍ත්‍ථ අල්පකෘත්‍ය අල්පාධිකරණ අල්පසමාරම්භ ඇත්තේ යැ, නිරතුරු එක්වන් තපස්වී වෙයි, බ්‍රහ්මචාරී වෙයි, ස්වාධ්‍යාය බහුල වෙයි, ත්‍යාග බහුල වෙයි, එහෙයිනි. භවත් ගෞතමයන් වහන්ස, බමුණෝ පින් කිරීමට කුසල් සැපැයීමට යම් පඤ්චධර්‍ම කෙනකුන් පනවත් ද, මම මේ පස් දහමුන් පැවිද්දන් කෙරෙහි බහුල වැ දක්මි, ගැහැවියන් කෙරෙහි අල්ප වැ දක්මි.
Pali BJTයෙ තෙ මාණව, බ්රාහ්මණා පඤ්ච ධම්මෙ පඤ්ඤාපෙන්ති පුඤ්ඤස්ස කිරියාය කුසලස්ස ආරාධනාය. චිත්තස්සාහං එතෙපරික්ඛාරෙ වදාමි. යදිදං චිත්තං අවෙරං අබ්යාපජ්ඣං තස්ස භාවනාය.
Sinhala BJTමාණවකය, යම් බ්‍රාහ්මණ කෙනෙක් පුණ්‍යක්‍රියා පිණිස කුශලාරාධනය පිණිස පඤ්චධර්‍ම කෙනකුන් පනවත් ද, මම තෙල ධර්‍මයන් මෛත්‍රීචිත්තයාගේ පරිෂ්කාර කොට කියමි. අවෛර අව්‍යාපාද සිතෙක් වේ ද, ඒ මෛත්‍රීචිත්තයාගේ භාවනා පිණිස යි.
Pali BJTඉධ මාණව, භික්ඛු සච්චවාදී හොති. සො සච්චවාදීම්හීති{1} ලභති අත්ථවෙදං, ලභති ධම්මවෙදං, ලභති ධම්මූපසංහිතං පාමුජ්ජං යන්තං කුසලූපසංහිතං පාමුජ්ජං{2}, චිත්තස්සාහං එතං පරික්ඛාරං වදාමි. යදිදං චිත්තං අවෙරං අබ්යාපජ්ඣං තස්ස භාවනාය.
Sinhala BJTමාණවකය, මෙ සස්නෙහි මහණ සත්‍යවාදී වෙයි, හේ ‘සත්‍යවාදීයෙමි’යි අර්‍ත්‍ථවේදය ලබයි, ධර්‍මවේදය ලබයි, කුශලොපසංහිත ප්‍රමෝදයෙක් ඇද්ද, ඒ කුශලධර්මොපසංහිත ප්‍රමෝදය ලබයි. මම තෙල සත්‍යවාදී බව චිත්තයාගේ පරිෂ්කාර කොට කියමි. අවෛර අව්‍යාපාද සිතෙක් ඇද්ද, ඒ මෛත්‍රීචිත්තයාගේ භාවනා පිණිස යි.
Pali BJTඉධ මාණව, භික්ඛු තපස්සී හොති -පෙ- බ්රහ්මචාරී හොති -පෙ- සජ්ඣායබහුලො හොති -පෙ- චාගබහුලො හොති. සො චාගබහුලොම්හීති ලභති අත්ථවෙදං, ලභති ධම්මවෙදං, ලභති ධම්මූපසංහිතං පාමුජ්ජං. යන්තං කුසලූපසංහිතං පාමුජ්ජං, චිත්තස්සාහං එතං පරික්ඛාරං වදාමි යදිදං චිත්තං අවෙරං අබ්යාපජ්ඣං තස්ස භාවනාය.
Sinhala BJTමාණවකය, මෙ සස්නෙහි මහණ තපස්වී වෙයි ... බ්‍රහ්මචාරී වෙයි ... ස්වාධ්‍යාය බහුල වෙයි ... ත්‍යාග බහුල වෙයි. හේ ‘ත්‍යාග බහුල වෙමි’යි , අර්‍ත්‍ථවේදය ලබයි, ධර්‍මවේදය ලබයි, කුශලොපසංහිත ප්‍රමෝදයෙක් ඇද්ද, ඒ කුශලධර්මොපසංහිත ප්‍රමෝදය ලබයි, මම තෙල ත්‍යාග බහුලබව චිත්තයාගේ පරිෂ්කාර කොට කියමි. අවෛර අව්‍යාපාද සිතෙක් වේ ද, ඒ මෛත්‍රීචිත්තයාගේ භාවනා පිණිස යි.
Pali BJTයෙ තෙ මාණව, බ්රාහ්මණා පඤ්ච ධම්මෙ පඤ්ඤාපෙන්ති පුඤ්ඤස්ස කිරියාය කුසලස්ස ආරාධනාය. චිත්තස්සා’හං එතෙ පරික්ඛාරෙ වදාමි යදිදං චිත්තං අවෙරං අබ්යාපජ්ඣං තස්ස භාවනායාති.
Sinhala BJTමාණවකය, යම් බමුණු කෙනෙක් පුණ්‍යක්‍රියා පිණිස, කුශලාරාධන පිණිස පඤ්චධර්‍ම කෙනකුන් පනවත් ද, මම තෙල දහමුන් චිත්තයාගේ පරිෂ්කාර කොට කියමි. අවෛර අව්‍යාපාද සිතෙක් වේ ද, ඒ මෛත්‍රීචිත්තයාගේ භාවනා පිණිස යි.
Pali BJTඑවං වුත්තෙ සුභො මාණවො තොදෙය්යපුත්තො භගවන්තං එතදවොච: සුතං මෙතං භො ගොතම, සමණො ගොතමො බ්රහ්මානං සහව්යතාය මග්ගං ජානාතීති.{3}
Sinhala BJTමෙසේ වදාළ කල්හි තෝදෙය්‍ය බමුණුපුත් සුභ මාණවක භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කෙළේ: භවත් ගෞතමයන් වහන්ස, මා විසින් තෙල කරුණ අසනලදී: “ශ්‍රමණ ගෞතමයන් වහන්සේ බ්‍රහ්මයන්ගේ සහභාවය පිණිස මාර්‍ගය දනිති” යනුයි.
Pali BJTතං කිං මඤ්ඤසි මාණව, ආසන්නෙ ඉතො නළකාරගාමො, නයිතො දූරෙ නළකාරගාමොති?
Sinhala BJTමාණවකය, ඒ කෙසේ හඟිහි? මෙයින් අසල නළකාර ගමෙක් වේ ද, මෙයින් දුරෙහි ඒ නළකාරගම නො වන්නේ වේ ද?
Pali BJTඑවං භො, ආසන්නෙ ඉතො නළකාරගාමො, නයිතො දූරෙ නළකාරගාමොති.
Sinhala BJTභවත්නි, එසේ යැ. මෙයින් නුදුරෙහි නළකාරගම ඇත. මෙයින් දුරෙහි ඒ නළකාරගම නො වන්නේ වෙයි.
Pali BJTතං කිං මඤ්ඤසි මාණව, ඉධස්ස{4} පුරිසො නළකාරගාමෙ ජාතවද්ධො{5} තමෙනං නළකාරගාමතො තාවදෙව අවසටං{6} නළකාරගාමස්ස මග්ගං පුච්ඡෙය්යුං. සියා නු ඛො මාණව, තස්ස පුරිසස්ස නළකාරගාමෙ ජාතවද්ධස්ස නළකාරගාමස්ස මග්ගං පුට්ඨස්ස දන්ධායිතත්තං වා විත්ථායිතත්තං වාති?
Sinhala BJTමාණවකය, ඒ කෙසේ හඟිහි? මෙහි යම් පුරුෂයෙක් නළකාරගම්හි ඉපදී වැඩුණේ වේ ද, නළකාරගමින් එකෙණෙහි බැසගිය තුලුන් අතින් නළකාරගම පිළිබඳ මඟ පුළුවුස්නාහු යැ, මාණවකය, නළකාරගම්හි ඉපදී වැඩුණු, නළකාරගම පිළිබඳ මඟ පුළුවුස්නාලද ඒ පුරුෂයාහට (සැක විසින්) ලැසි බවක් හෝ සිරුරු තද වන බවක් හෝ වේ ද?
Pali BJTනො හිදං භො ගොතම. තං කිස්ස හෙතු: අසු හි භො ගොතම, පුරිසො නළකාරගාමෙ ජාතවද්ධො තස්ස සබ්බානෙව නළකාරගාමස්ස මග්ගානි සුවිදිතානීති.
Sinhala BJTභවත් ගෞතමයන් වහන්ස, මේ නො වේ මැ යැ. ඒ කවර හෙයින යත්: භවත් ගෞතමයන් වහන්ස, තෙල පුරුෂයා නළකාරගම්හි ඉපදී වැඩින. ඔහු විසින් නළකාරගම පිළිබඳ සියලු මාර්‍ගයෝ සුවිදිත වෙති.
Pali BJTසියා නු ඛො මාණව, තස්ස පුරිසස්ස නළකාරගාමෙ ජාතවද්ධස්ස නළකාරගාමස්ස මග්ගං පුට්ඨස්ස දන්ධායිතත්තං වා විත්ථායිතත්තං වා, න ත්වෙව තථාගතස්ස බ්රහ්මලොකං වා බ්රහ්මලොකගාමිනිං වා පටිපදං පුට්ඨස්ස දන්ධායිතත්තං වා විත්ථායිතත්තං වා. බ්රහ්මානං චාහං මාණව, පජානාමි, බ්රහ්මලොකඤ්ච බ්රහ්මලොකගාමිනිඤ්ච පටිපදං. යථා පටිපන්නො ච බ්රහ්මලොකං උපපන්නො, තඤ්ච පජානාමී’ති .
Sinhala BJTමාණවකය, නළකාරගම්හි ඉපදී වැඩුණු, නළකාරගම පිළිබඳ මඟ පුළුවුස්නාලද ඒ පුරුෂයාහට දන්‍ධබවක් හෝ සිරුරු තද වන බවක් හෝ විය හේතුදු බඹලොව හෝ බඹලොව යන පිළිවෙත හෝ පුළුවුස්නාලද තථාගතයන් හට දන්‍ධ බවෙක් හෝ සිරුරු තද වන බවෙක් හෝ නො වේ මැ යැ. මාණවකය, මම බ්‍රහ්මයන් පිළිබඳ බඹලොව ද බඹලොව යන පිළිවෙත ද දනිමි. යම් පරිදි යම් පිළිවෙතක පිළිපන් බඹ බඹලොවට පැමිණි ද එ ද දනිමි”යි වදාළහ.
Pali BJT‘සුතං මෙතං භො ගොතම, සමණො ගොතමො බ්රහ්මානං සහව්යතාය මග්ගං දෙසෙතී’ති. සාධු මෙ භවං ගොතමො බ්රහ්මානං සහව්යතාය මග්ගං දෙසෙතූ’ති.
Sinhala BJTභවත් ගෞතමයන් වහන්ස, මා විසින් තෙල කරුණ අසන ලදී: “මහණ ගොයුම්හු බ්‍රහ්මයන්ගේ සහභාවය පිණිස මාර්‍ගය දෙසති” යනු යි. භවත් ගෞතමයන් වහන්සේ බ්‍රහ්මයන්ගේ සහභාවය පිණිස මට මාර්‍ගය දෙසන සේක්ව’යි යදිමි.
Pali BJTතෙන හි මාණව, සුණාහි, සාධුකං මනසි කරොහි, භාසිස්සාමීති.
Sinhala BJTමාණවකය, එසේ වී නම් අසව. මොනොවට මෙනෙහි කරව. කියමි’ යි.
Pali BJTඑවං භොති ඛො සුභො මාණවො තොදෙය්යපුත්තො භගවතො පච්චස්සොසි.
Sinhala BJTභවත්නි, එසේ යැ ‘යි තෝදෙය්‍ය බමුණුපුත් සුභ මාණවක භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දින.
Pali BJTභගවා එතදවොච: කතමො ච මාණව, බ්රහ්මානං සහව්යතාය මග්ගො: ඉධ මාණව, භික්ඛු මෙත්තාසහගතෙන චෙතසා එකං දිසං ඵරිත්වා විහරති, තථා දුතියං, තථා තතියං, තථා චතුත්ථිං. ඉති උද්ධමධො තිරියං සබ්බධි සබ්බත්තතාය{1} සබ්බාවන්තං ලොකං මෙත්තාසහගතෙන චෙතසා විපුලෙන මහග්ගතෙන අප්පමාණෙන අවෙරෙන අබ්යාපජ්ඣෙන ඵරිත්වා විහරති. එවං භාවිතාය ඛො මාණව, මෙත්තාය චෙතොවිමුත්තියා යං පමාණකතං කම්මං න තං තත්රාවසිස්සති, න තං තත්රාවතිට්ඨති.
Sinhala BJTබුදුහු මෙසේ වදාළහ: “මාණවකය, බ්‍රහ්මයන් හා සහවාසයට මාර්‍ගය කවරෙ යත්: මාණවකය, මෙ සස්නෙහි මහණ මෙත් සහගිය සිතින් එක් දෙසක් අරමුණු කොට වෙසෙයි, දෙ වන දිග ද එසේ යැ, තුන්වන දිග ද එසේ යැ, සතර වන දිග ද එසේ යි. මෙසෙයින් උඩ යට සරස හැම තන්හි සර්‍වාත්මතායෙන් සියලු සතුන් ඇති ලොව විපුල වූ මහද්ගත වූ අප්‍රමාණ වූ අවෛර වූ අව්‍යාබාධ වූ මෛත්‍රීසහගත සිතින් අරමුණු කොට වාස කෙරෙයි. මාණවකය, මෙසේ මෛත්‍රීචිත්තවිමුක්තිය වඩනා ලද කල්හි ප්‍රමාණකෘත (කාමාවචර වූ) යම් කර්‍මයෙක් ඇද්ද, ඒ කර්‍මය එහි (රූපාවචරකර්‍මයෙහි) ශේෂ නො වෙයි. එය එහි බැසගෙන නො සිටී.
Pali BJTසෙය්යථාපි මාණව, බලවා සඞ්ඛධමො අප්පකසිරෙනෙව චතුද්දිසා{2} විඤ්ඤාපෙය්ය. එවමෙව ඛො මාණව, එවං භාවිතාය මෙත්තාය චෙතොවිමුත්තියා, යං පමාණකතං කම්මං න තං තත්රාවසිස්සති. න තං තත්රාවතිට්ඨති. අයම්පි ඛො මාණව, බ්රහ්මානං සහව්යතාය මග්ගො.
Sinhala BJTමාණවකය, යම්සේ බලවත් සක් පුඹුනා පුරුෂයෙක් නිදුකින් මැ සතරදිග (ස්වරයෙන්) හඟවන්නේ ද, එසෙයින් මැ මාණවකය, මෙසේ මෛත්‍රීචිත්තවිමුක්තිය වැඩූ කල්හි යම් කාමාවචර කර්‍මයෙක් ඇද්ද, එය එහි ශේෂ නො වෙයි. එය එහි බැසගෙන නො සිටී. මාණවකය, මෙ ද බ්‍රහ්මයන් හා සහවාසයට මඟෙකි.
Pali BJTපුන චපරං මාණව, භික්ඛු කරුණාසහගතෙන චෙතසා -පෙ- මුදිතාසහගතෙන චෙතසා -පෙ- උපෙක්ඛාසහගතෙන චෙතසා එකං දිසං ඵරිත්වා විහරති, තථා දුතියං, තථා තතියං, තථා චතුත්ථිං. ඉති උද්ධමධො තිරියං සබ්බධි සබ්බත්තතාය සබ්බාවන්තං ලොකං උපෙක්ඛාසහගතෙන චෙතසා විපුලෙන මහග්ගතෙන අප්පමාණෙන අවෙරෙන අබ්යාපජ්ඣෙන ඵරිත්වා විහරති. එවං භාවිතාය ඛො මාණව, උපෙක්ඛාය චෙතොවිමුත්තියා යංපමාණකතං කම්මං, න තං තත්රාවසිස්සති, න තං තත්රාවතිට්ඨති. සෙය්යථාපි මාණව, බලවා සඞ්ඛධමො අප්පකසිරෙනෙව චාතුද්දිසා විඤ්ඤාපෙය්ය. එවමෙව ඛො මාණව එවං භාවිතාය උපෙක්ඛාය චෙතොවිමුත්තියා යං පමාණකතං කම්මං, න තං තත්රාවසිස්සති, න තං තත්රාවතිට්ඨති. අයම්පි ඛො මාණව, බ්රහ්මානං සහව්යතාය මග්ගොති.
Sinhala BJTතවද මාණවකය, මහණ කරුණාසහගත සිතින් මෘදුතාසහගත සිතින් උපේක්‍ෂාසහගත සිතින් එක් දිගක් අරමුණු කොට වාස කෙරෙයි. දෙ වන දිග ද එසේ යැ, තුන්වන දිග ද එසේ යැ, සතර වන දිග ද එසේ යැ. මෙසෙයින් උඩ යට සරස හැම තන්හි සර්‍වාත්මතායෙන් සියලු සතුන් ඇති ලොව විපුල මහද්ගත අප්‍රමාණ අවෛර වූ අව්‍යාබාධ වූ උපේක්‍ෂා සහගත සිතින් අරමුණු කොට වාස කෙරෙයි. මාණවකය, මෙසේ උපේක්‍ෂාචිත්ත විමුක්තිය වැඩූ කල්හි යම් කාමාවචර කර්‍මයෙක් ඇද්ද, එය එහි ශේෂ නො වෙයි. එය එහි බැසගෙන නො සිටී. මාණවකය, යම්සේ ශක්ති ඇති සක් පුඹුනා පුරුෂයෙක් නිදුකින් මැ සතරදිග (ස්වරයෙන්) හඟවා ද, මාණවකය, එපරිදි මැ මෙසේ උපේක්‍ෂාචිත්තවිමුක්තිය වැඩූ කල්හි යම් කාමාවචරකර්‍මයෙක් ඇද්ද, එය එහි ශේෂ නො වෙයි. එය එහි බැසගෙන නො සිටී. මාණවකය, මෙ ද බ්‍රහ්මයන් හා සහවාසයට මාර්‍ගයෙකි’යි.
Pali BJTඑවං වුත්තෙ සුභො මාණවො තොදෙය්යපුත්තො භගවන්තං එතදවොච: අභික්කන්තං භො ගොතම, අභික්කන්තං භො ගොතම, සෙය්යථාපි භො ගොතම, නික්කුජ්ජිතං වා උක්කුජ්ජෙය්ය, පටිච්ඡන්නං වා විවරෙය්ය, මූළ්හස්ස වා මග්ගං ආචික්ඛෙය්ය, අන්ධකාරෙ වා තෙලපජ්ජොතං ධාරෙය්ය චක්ඛුමන්තො රූපානි දක්ඛන්තී’ති.{1} එවමෙවං භොතා ගොතමෙන අනෙකපරියායෙන ධම්මො පකාසිතො. එසාහං භවන්තං ගොතමං සරණං ගච්ඡාමි ධම්මඤ්ච භික්ඛුසඞ්ඝඤ්ච. උපාසකං මං භවං ගොතමො ධාරෙතු අජ්ජතග්ගෙ පාණුපෙතං සරණං ගතං. හන්ද චදානි මයං භො ගොතම, ගච්ඡාම, බහුකිච්චා මයං බහුකරණීය්යාති.
Sinhala BJTමෙසේ වදාළ කල්හි තෝදෙය්‍ය බමුණුපුත් සුභ මාණවක භාග්‍යවතුන් වහන්සේට තෙල සැලකෙළේ: “භවත් ගෞතමයන් වහන්ස, ඉතා කාන්තයැ, භවත් ගෞතමයන් වහන්ස, ඉතා කාන්තයි. භවත් ගෞතමයන් වහන්ස, යම්සේ යටිහුරු කළ දැයක් හෝ උඩුහුරු කරන්නේ ද, පිළිසන් දැයක් හෝ විවර කරන්නේ ද, මුළාවුවකූට හෝ මඟ කියන්නේ ද, ‘ඇස් ඇත්තාහු රූප දකිත්ව’යි අඳුරෙහි තෙල් පහනක් හෝ දරන්නේ ද, එසෙයින් මැ භවත් ගෞතමයන් වහන්සේ විසින් නොයෙක් අයුරින් දහම් පවසන ලද. තෙල මම් භවත් ගෞතමයන් වහන්සේ ධර්‍මය හා භික්‍ෂුසඞ්ඝයා හා සරණ කොටයෙමි. භවත් ගොයුම්ගොතුවෝ මා අද පටන් දිවිහිම් වැ සරණගිය උපාසකයකු කොට ධරත්වා. භවත් ගෞතමයන් වහන්ස, දැන් අපි යම්හ. ඇපි බොහෝ කටයුතු බොහෝ කරණී ඇතියම්හ”යි.
Pali BJTයස්සදානි ත්වං මාණව, කාලං මඤ්ඤසීති.
Sinhala BJTමාණවකය, තෙපි දැන් ඊට කල් දනුව’යි.
Pali BJTඅථ ඛො සුභො මාණවො තොදෙය්යපුත්තො භගවතො භාසිතං අභිනන්දිත්වා අනුමොදිත්වා උට්ඨායාසනා භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා පක්කාමි.
Sinhala BJTඑසඳ තෝදෙය්‍ය පුත්‍ර සුභ මාණවක, භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය අභිනන්‍දනා කොට අනුමෝදන් වැ හුනස්නෙන් නැඟී භාග්‍යවතුන් වැඳ පැදකුණු කොට බැසගියේ.
Pali BJTතෙන ඛො පන සමයෙන ජාණුස්සොණි බ්රාහ්මණො සබ්බසෙතෙන වලභීරථෙන{2} සාවත්ථියා නිය්යාති දිවාදිවස්ස. අද්දසා ඛො ජාණුස්සොණි බ්රාහ්මණො සුභං මාණවං තොදෙය්යපුත්තං එතදවොච: ‘හන්ද කුතො නු භවං භාරද්වාජො ආගච්ඡති දිවාදිවස්සාති?
Sinhala BJTතවද එසමයෙහි ජානුස්සෝණි බ්‍රාහ්මණ සර්‍වස්වෙත වළවාරථයෙන් දෙවෙන්දවහල්හි සැවැත්නුවරින් නික්මෙයි. ජානුස්සෝණි බ්‍රාහ්මණ තෝදෙය්‍යපුත්‍ර සුභමාණවකයා දුරින් මැ එන්නා දිට. දැක තෝදෙය්‍යපුත්‍ර සුභ මාණවකහට තෙල කී: “භවත් භාරද්වාජ දෙවෙන් දවහල්හි කොහි සිට එයි’ දැ? යි.
Pali BJTඉතො හි ඛො භො, අහං ආගච්ඡාමි සමණස්ස ගොතමස්ස සන්තිකාති.
Sinhala BJTභවත්නි, මම මෙහි ශ්‍රමණගෞතමයන් වෙතින් එමි’යි.
Pali BJTතං කිං මඤ්ඤසි භවං භාරද්වාජො, සමණස්ස ගොතමස්ස පඤ්ඤාවෙය්යත්තියං පණ්ඩිතො මඤ්ඤෙති?
Sinhala BJTඒ කෙසේ හඟිහි? භවත් භාරද්වාජ තෙමේ ශ්‍රමණ ගෞතමයන් ගේ ප්‍රඥාව්‍යක්තභාවය හඟනේ ද, පණ්ඩිතයෙකැ’යි හඟනේ ද?
Pali BJTකො චාහං භො, කො ච සමණස්ස ගොතමස්ස පඤ්ඤාවෙය්යත්තියං ජානිස්සාමි. සොපි නූනස්ස තාදිසොව, යො සමණස්ස ගොතමස්ස පඤ්ඤාවෙය්යත්තියං ජානෙය්යාති.
Sinhala BJTභවත්නි, මම කවරෙකිම් ද? කෙසේ නම් ශ්‍රමණ ගෞතමයන් ගේ ප්‍රඥාව්‍යක්තභාවය දනිම් ද? යමෙක් ශ්‍රමණ ගෞතමයන් ගේ ප්‍රඥාව්‍යක්තභාවය දන්නේ ද, හේ එතැනින් ශ්‍රමණ භවත් ගෞතමයන් වැනි මැ වෙයි.
Pali BJTඋළාරාය ඛලු භවං භාරද්වාජො සමණං ගොතමං පසංසාය පසංසතීති.
Sinhala BJTභවත් භාරද්වාජ තෙමේ ශ්‍රමණ ගෞතමයන් උදාර ප්‍රශංසායෙන් පසස්නේ මැ යැ.
Pali BJTකො චාහං භො, කො ච සමණං ගොතමං පසංසිස්සාමි. පසත්ථපසත්ථො ව සො භවං ගොතමො, සෙට්ඨො දෙවමනුස්සානං, යෙ චිමෙ භො බ්රාහ්මණ, පඤ්ච ධම්මෙ පඤ්ඤාපෙන්ති පුඤ්ඤස්ස කිරියාය කුසලස්ස ආරාධනාය. චිත්තස්ස තෙ සමණො ගොතමො පරික්ඛාරෙ වදෙති, යදිදං චිත්තං අවෙරං අබ්යාපජ්ඣං තස්ස භාවනායාති.
Sinhala BJTභවත්නි, මම කවරෙකිම් ද, කිනම් කරුණෙකින් ශ්‍රමණ ගෞතමයන් පසස්නෙම් ද? ඒ භවත් ගෞතමයෝ ප්‍රශස්තගුණයෙන් මැ ප්‍රශස්තයහ. දෙවි මිනිස්නට ශ්‍රේෂ්ඨයහ. භවත්නි, බ්‍රාහ්මණයෝ පුණ්‍යක්‍රියා පිණිස කුශලාරාධනය පිණිස යම් පඤ්ච ධර්‍ම කෙනකුන් පනවත් ද, ශ්‍රමණ ගෞතමයෝ ඒ පඤ්ච ධර්‍මයන් අවෛර අව්‍යාපාද යම් සිතෙක් ඇද්ද, ඒ මෛත්‍රීචිත්තයා ගේ භාවනා පිණිස චිත්තපරිෂ්කාර කොට වදාරන සේක.
Pali BJTඑවං වුත්තෙ ජාණුස්සොණි බ්රාහ්මණො සබ්බසෙතා වළභීරථා{1} ඔරොහිත්වා එකංසං උත්තරාසඞ්ගං කරිත්වා යෙන භගවා තෙනඤ්ජලිං පණාමෙත්වා උදානං උදානෙසි. ලාභා රඤ්ඤො පසෙනදිස්ස කොසලස්ස, සුලද්ධලාභා රඤ්ඤො පසෙනදිස්ස කොසලස්ස, යස්ස විජිතෙ තථාගතො විහරති අරහං සම්මාසම්බුද්ධො’ති.
Sinhala BJTමෙසේ කී කල ජාණුස්සෝණි බමුණු සව්සුදු වළහීරථයෙන් බැස උත්තරාසඞ්ගය එකස් කොට බහා භාග්‍යවතුන් වහන්සේ වෙත ඇඳිලි බැඳ උදන් ඇනී: “යම් රජක්හුගේ විජිතයෙහි අර්‍හත් සම්‍යක්සම්බුද්ධ තථාගතයන් වහන්සේ වැඩවසනසේක් ද, ඒ පසේනදී කොසොල්රජහට ලාභයෙක. කල්‍යාණ ලාභයෙකැ”යි.
Pali BJTසුභසුත්තං නවමං.
Sinhala BJTනව වැනි සුභසුත්‍ර යි.
Pali BJT2. 5. 10.
Sinhala BJT2. 5. 10.
Pali BJTසඞ්ගාරවසුත්තං
Sinhala BJTසඞ්ගාරව සූත්‍රය
Pali BJTඑවං මෙ සුතං: එකං සමයං භගවා කොසලෙසු චාරිකං චරති මහතා භික්ඛුසඞ්ඝෙන සද්ධිං. තෙන ඛො පන සමයෙන ධනඤ්ජානී{1} නාම බ්රාහ්මණී මණ්ඩලකප්පෙ{2} පටිවසති අභිප්පසන්නා බුද්ධෙ ච ධම්මෙ ච සඞ්ඝෙ ච. අථ ඛො ධනඤ්ජානී බ්රාහ්මණී උපක්ඛලිත්වා තික්ඛත්තුං උදානං උදානෙසි: ‘නමො තස්ස භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස. නමො තස්ස භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස. නමො තස්ස භගවතො අරහතො සම්මාසම්බුද්ධස්සා’ති .
Sinhala BJTමා විසින් මෙසේ අසන ලද: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ කොසොල් දනවියෙහි මහබික්සඟුන් හා සමග සැරිසරනසේක. එසමයෙහි ධනඤ්ජානී නම් බැමිණි මණ්ඩලකප්ප නම් ගම්හි වෙසෙයි. බුදුන් කෙරෙහි දු දහම් කෙරෙහි දු සඟුන් කෙරෙහි දු (අවේත්‍යප්‍රසාද වශයෙන්) පහන, එකල ධනඤ්ජානී බැමිණි පය පැකිල තුන් වරක් උදන් ඇනූ: “ඒ භගවත් අර්‍හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේට නමස්කාර වේවා, ඒ භාහවත් අර්‍හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේට නමස්කාර වේවා, ඒ භගවත් අර්‍හත් සම්‍යක්සම්බුද්ධයන් වහන්සේට නමස්කාර වේවා” කියායි.
Pali BJTතෙන ඛො පන සමයෙන සඞ්ගාරවො{3} නාම මාණවො මණ්ඩලකප්පෙ පටිවසති තිණ්ණං වෙදානං පාරගූ සනිඝණ්ඩුකෙටුභානං සාක්ඛරප්පභෙදානං ඉතිහාසපඤ්චමානං පදකො වෙය්යාකරණො ලොකායතමහාපුරිසලක්ඛණෙසු අනවයො. අස්සොසි ඛො සඞ්ගාරවො මාණවො ධනඤ්ජානියා බ්රාහ්මණියා එවං වාචං භාසමානාය, සුත්වා ධනඤ්ජානිං බ්රාහ්මණිං එතදවොච: අවභූතාව අයං ධනඤ්ජානී බ්රාහ්මණී, පරිභූතාව අයං ධනඤ්ජානී බ්රාහ්මණී විජ්ජමානානං බ්රාහ්මණානං. අථ ච පන තස්ස මුණ්ඩකස්ස සමණකස්ස වණ්ණං භාසතීති.{4}
Sinhala BJTඑසමයෙහි සඞ්ගාරව නම් මාණවක මණ්ඩලකප්ප නම් ගම්හි වාස කෙරෙයි. හේ නිඝණ්ඩු කෙටුභශාස්ත්‍ර සහිත අක්‍ෂරප්‍රභේද සහිත ඉතිහාසය පස්වනු කොට ඇති ත්‍රිවේදයන්ගේ පරතෙර ගියේ පද ශාස්ත්‍ර හදාරනුයේ ව්‍යාකරණ හදාරනුයේ ලෞකායතික මහාපුරුෂලක්‍ෂණයෙහි පරිපූරකාරී වූයේ වෙයි. සඞ්ගාරව මාණවක මෙසේ නමස්කාරපාඨ බණන ධනඤ්ජානී බැමිණියගේ බස් ඇසී. අසා ධනඤ්ජානී බැමිණියට තෙල කී: “බමුණන් විද්‍යමාන වැ සිටිය දී මේ ධනඤ්ජානී බැමිණි අවෘද්ධිමත් වූ යැ, විනාශප්‍රාප්ත වූ යැ. තවද ඒ මුණ්ඩක ශ්‍රමණයන් ගේ ගුණ කියා”යනු යි.
Pali BJTන හි පන ත්වං තාත භද්රමුඛ, තස්ස භගවතො සීලපඤ්ඤාණං ජානාසි. සචෙ ත්වං තාත භද්රමුඛ, තස්ස භගවතො සීලපඤ්ඤාණං ජානෙය්යාසි, න ත්වං තාත භද්රමුඛ, තං භගවන්තං අක්කොසිතබ්බං පරිභාසිතබ්බං මඤ්ඤෙය්යාසීති.
Sinhala BJT‘පුත භද්‍රමුඛය, තෝ ඒ භාග්‍යවතුන් වහන්සේ ගේ සිල් හා නුවණ නො දත්හි. පුත භද්‍රමුඛය, ඉදින් තෝ ඒ භාග්‍යවතුන් වහන්සේගේ සිල් හා නුවණ දණහි නම්, පුත භද්‍රමුඛය, තෝ ඒ භාග්‍යවතුන් වහන්සේ ආක්‍රෝශ කළ යුත්තකු කොට පරිභාෂණ කළ යුත්තකු කොට නො හඟිහි.’
Pali BJTතෙන හි භොති, යදා සමණො ගොතමො මණ්ඩලකප්පං අනුප්පත්තො හොති. අථ මෙ{5} ආරොචෙය්යාසීති. එවං භද්රමුඛාති ඛො ධනඤ්ජානී බ්රාහ්මණී සඞ්ගාරවස්ස මාණවස්ස පච්චස්සොසි.
Sinhala BJT‘භවතිය, එසේ වී නම් යම් දිනෙක ශ්‍රමණ ගෞතමයෝ මණ්ඩලකප්ප ගමට පැමිණියාහු වෙත් ද, එකල මට දන්වන්නේ යැ’යි කී. ‘භද්‍රමුඛය, එසේ යැ’යි ධනඤ්ජානී බැමිණි සඞ්ගාරව මාණවකයාහට පිළිවදන් දින්.
Pali BJTඅථ ඛො භගවා කොසලෙසු අනුපුබ්බෙන චාරිකං චරමානො, යෙන මණ්ඩලකප්පං තදවසරි. තත්ර සුදං භගවා මණ්ඩලකප්පෙ විහරති තොදෙය්යානං බ්රාහ්මණානං අම්බවනෙ. අස්සොසි ඛො ධනඤ්ජානී බ්රාහ්මණී. ‘භගවා කිර මණ්ඩලකප්පං අනුප්පත්තො මණ්ඩලකප්පෙ විහරති තොදෙය්යානං බ්රාහ්මණානං අම්බවනෙ’ති.
Sinhala BJTඉක්බිති භාග්‍යවතුන් වහන්සේ කොසොල් දනවියෙහි පිළිවෙළින් සැරිසරනසේක් මණ්ඩලකල්ප ගම කරා වැඩිසේක. භාග්‍යවතුන් වහන්සේ ඒ මණ්ඩලකප්ප ගම්හි තෝදෙය්‍ය බමුණන්ගේ අඹ වෙනෙහි වැඩ වාස කෙරෙති. ධනඤ්ජානී බැමිණි භාග්‍යවතුන් වහන්සේ ඒ මණ්ඩලකප්ප ගමට වැඩිසේක් මණ්ඩලකල්ප ගම්හි තෝදෙය්‍ය බමුණන්ගේ අඹ වෙනෙහි වැඩ වාස කෙරෙත් ලැ’යි ඇසූ යැ.
Pali BJTඅථ ඛො ධනඤ්ජානී බ්රාහ්මණී යෙන සඞ්ගාරවො මාණවො, තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා සඞ්ගාරවං මාණවං එතදවොච: ‘අයං තාත භද්රමුඛ, සො භගවා මණ්ඩලකප්පං අනුප්පත්තො, මණ්ඩලකප්පෙ විහරති තොදෙය්යානං බ්රාහ්මණානං අම්බවනෙ. යස්සදානි ත්වං{1} තාත භද්රමුඛ, කාලං මඤ්ඤසීති.
Sinhala BJTඑසඳ ධනඤ්ජානී බැමිණි සඞ්ගාරව මාණවකයා කරා එළැඹියා. එළඹ සඞ්ගාරව මාණවකයාට තෙල කිවූ: “පුත්‍ර භද්‍රමුඛය, ඒ භාග්‍යවතුන් වහන්සේ මණ්ඩලකප්ප ගමට වැඩිසේක් මණ්ඩලකප්ප ගම්හි තෝදෙය්‍ය බමුණන්ගේ අඹ වෙනෙහි වැඩවෙසෙති. පුත, භද්‍රමුඛය, තෝ දැන් යමක් ගැන සිතෙහි නම් එයට කල් දනැ”යි කිවු.
Pali BJT‘එවං භොතී’ති{2} ඛො සඞ්ගාරවො මාණවො ධනඤ්ජානියා බ්රාහ්මණියා පටිස්සුත්වා යෙන භගවා තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා භගවතා සද්ධිං සම්මොදි. සම්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො සඞ්ගාරවො මාණවො භගවන්තං එතදවොච:
Sinhala BJT‘භවතිය, එසේයැ’යි සඞ්ගාරව මාණවකයා ධනඤ්ජානී බැමිණියට පිළිවදන් දී භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියේ, එළැඹ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු වී. සතුටු වියයුතු සිහි කළ යුතු කථා කොට නිමවා එකත්පස් වැ හින. එකත්පස් වැ හුන් සඞ්ගාරව මාණවක භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කෙළේ:
Pali BJT‘සන්ති ඛො භො ගොතම, එකෙ සමණබ්රාහ්මණා දිට්ඨධම්මාභිඤ්ඤාවොසානපාරමිප්පත්තා ආදිබ්රහ්මචරියං පටිජානන්ති. තත්ර භො ගොතම, යෙ තෙ සමණබ්රාහ්මණා දිට්ඨධම්මාභිඤ්ඤාවොසානපාරමිප්පත්තා ආදිබ්රහ්මචරියං පටිජානන්ති, තෙසං භවං ගොතමො කතමො’ති?
Sinhala BJT“භවත් ගෞතමයන් වහන්ස, ඉහාත්මයෙහි මැ දැන ව්‍යවසිත වැ පාරමී සඞ්‍ඛ්‍යාත ‘නිර්‍වාණයට පැමිණියම්හ’යි කියා ආදිබ්‍රහ්මචර්‍ය්‍යය පිළින කෙරෙත් ද එබඳු මහණ බමුණු කෙනෙක් ඇත. භවත් ගෞතමයන් වහන්ස, යම් මැ මහණ බමුණු කෙනෙක් ඉහාත්ම යෙහි මැ දැන ව්‍යවසිත වැ පාරමී සඞ්‍ඛ්‍යාත ‘නිවනට පැමිණියම්හ’යි කියා ආදිබ්‍රහ්මචර්‍ය්‍යය පිළින කෙරෙත් නම් ඔවුනතුරෙන් භවත් ගෞතමයන් වහන්සේ කවරහ?
Pali BJTදිට්ඨධම්මාභිඤ්ඤාවොසානපාරමිප්පත්තානං ආදිබ්රහ්මචරියං පටිජානන්තානම්පි ඛො අහං භාරද්වාජ, වෙමත්තතං{3} වදාමි. සන්ති භාරද්වාජ, එකෙ සමණබ්රාහ්මණා අනුස්සවිකා, තෙ අනුස්සවෙන දිට්ඨධම්මාභිඤ්ඤාවොසානපාරමිප්පත්තා ආදිබ්රහ්මචරියං පටිජානන්ති. සෙය්යථාපි බ්රාහ්මණා තෙවිජ්ජා. සන්ති පන භාරද්වාජ, එකෙ සමණබ්රාහ්මණා කෙවලං සද්ධාමත්තකෙන දිට්ඨධම්මාභිඤ්ඤාවොසානපාරමිප්පත්තා ආදිබ්රහ්මචරියං පටිජානන්ති. සෙය්යථාපි තක්කී වීමංසී. සන්ති භාරද්වාජ, එකෙ සමණබ්රාහ්මණා පුබ්බෙ අනනුස්සුතෙසු ධම්මෙසු සාමඤ්ඤෙව ධම්මං අභිඤ්ඤාය දිට්ඨධම්මාභිඤ්ඤාවොසානපාරමිප්පත්තා ආදිබ්රහ්මචරියං පටිජානන්ති.
Sinhala BJTභාරද්වාජය, ඉහාත්මයෙහි මැ දැන පර්‍ය්‍යවසිත වැ ‘නිවන් පැමිණියම්හ’යි බණන ආදිබ්‍රහ්මචර්‍ය්‍යය පිළින කරන ඔවුන්ගේ ද වෙනස කියමි. භාරද්වාජය, අනුශ්‍රවකථා ගත් කිසි මහණ බමුණු කෙනෙක් ඇත. ඔවු අනුශ්‍රව වශයෙන් ඉහාත්මයෙහි මැ දැන පර්‍ය්‍යවසිත වැ ‘නිවන් පැමිණියම්හ’ යි කියා ආදිබ්‍රහ්මචර්‍ය්‍යය පිළින කෙරෙති. තේවිජ්ජබ්‍රහ්මණයන් සෙයිනි. භාරද්වාජය, හුදු ශ්‍රද්ධාමාත්‍ර වශයෙන් ඉහාත්මයෙහි මැ දැන පර්‍ය්‍යවසිත වැ ‘නිවන් පැමිණියම්හ’ යි කියා ආදිබ්‍රහ්මචර්‍ය්‍යය පිළින කෙරෙත් ද, එ බඳු කිසි මහණ බමුණු කෙනෙක් ඇත. තර්‍කග්‍රාහී වූ විමංසක වූ බ්‍රාහ්මණයන් සෙයිනි. භාරද්වාජ, පෙර නො ඇසූවිරූ දහම්හි තමන් විසින් මැ දහම් දැන ඉහාත්මයෙහි මැ දැන පර්‍ය්‍යවසිත වැ ‘නිවන් පැමිණියම්හ’ යි කියා ආදිබ්‍රහ්මචර්‍ය්‍යය පිළින කෙරෙත් ද, එ බඳු කිසි මහණ බමුණු කෙනෙක් ඇත.
Pali BJTතත්ර භාරද්වාජ, යෙ තෙ සමණබ්රාහ්මණා පුබ්බෙ අනනුස්සුතෙසු ධම්මෙසු සාමඤ්ඤෙව ධම්මං අභිඤ්ඤාය දිට්ඨධම්මාභිඤ්ඤාවොසානපාරමිප්පත්තා ආදිබ්රහ්මචරියං පටිජානන්ති, තෙසාහමස්මි. තදමිනාපෙතං භාරද්වාජ, පරියායෙන වෙදිතබ්බං: යථා යෙ තෙ සමණබ්රාහ්මණා පුබ්බෙ අනනුස්සුතෙසු ධම්මෙසු සාමඤ්ඤෙව ධම්මං අභිඤ්ඤාය දිට්ඨධම්මාභිඤ්ඤාවොසානපාරමිප්පත්තා ආදිබ්රහ්මචරියං පටිජානන්ති, තෙසාහමස්මීති.
Sinhala BJTභාරද්වාජය, එහි යම් ඒ මහණ බමුණු කෙනෙක් අනනුශ්‍රැත ධර්‍මයෙහි තමන් විසින් මැ දහම් දැන ඉහාත්මයෙහි මැ දැන පර්‍ය්‍යවසිත වැ ‘නිවන් පැමිණියම්හ’යි කියා ආදිබ්‍රහ්මචර්‍ය්‍යය පිළින කෙරෙත් ද, ඒ සම්බුද්ධයන් අතුරෙන් මම අන්‍යතරයෙක්මි. භාරද්වාජය, යම් පරිදි යම් ඒ මහණ බමුණු කෙනෙක් පෙර නො ඇසූවිරූ දහම්හි තමන් විසින් මැ දහම් දැන ඉහාත්මයෙහි මැ දැන පර්‍ය්‍යවසිත වැ ‘නිවන් පැමිණියම්හ’යි කියා ආදිබ්‍රහ්මචර්‍ය්‍යය පිළින කෙරෙත් ද, ඒ සම්බුද්ධයන් අතුරෙන් මම අන්‍යතරයෙක්මි යන ඒ මේ කරුණ මේ කාරණයෙනුදු දතයුතු යැ.
Pali BJTඉධ මෙ භාරද්වාජ, පුබ්බෙව සම්බොධා අනභිසම්බුද්ධස්ස බොධිසත්තස්සෙව සතො එතදහොසි: සම්බාධො ඝරාවාසො රජාපථො, අබ්භොකාසො පබ්බජ්ජා, නයිදං සුකරං අගාරං අජ්ඣාවසතා එකන්තපරිපුණ්ණං එකන්තපරිසුද්ධං සඞ්ඛලිඛිතං බ්රහ්මචරියං චරිතුං. යන්නූනාහං කෙසමස්සුං ඔහාරෙත්වා කාසායානි වත්ථානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියං පබ්බජෙය්ය”න්ති. සො ඛො අහං භාරද්වාජ, අපරෙන සමයෙන දහරොව සමානො සුසුකාළකෙසො භද්රෙන යොබ්බනෙන සමන්නාගතො පඨමෙන වයසා අකාමකානං මාතාපිතුන්නං අස්සුමුඛානං රුදන්තානං කෙසමස්සුං ඔහාරෙත්වා කාසායානි වත්ථානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියං පබ්බජිං. සො එවං පබ්බජිතො සමානො කිංකුසලගවෙසී අනුත්තරං සන්තිවරපදං පරියෙසමානො යෙන ආළාරො කාලාමො තෙනුපසඞ්කමිං, උපසඞ්කමිත්වා ආළාරං කාලාමං එතදවොචං: “ඉච්ඡාමහං ආවුසො කාලාම, ඉමස්මිං ධම්මවිනයෙ බ්රහ්මචරියං චරිතු”න්ති. එවං වුත්තෙ භාරද්වාජ, ආළාරො කාලාමො මං එතදවොච: “විහරතායස්මා තාදිසො අයං ධම්මො යත්ථ විඤ්ඤූ පුරිසො න චිරස්සෙව සකං ආචරියකං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරෙය්යා”ති. සො ඛො අහං භාරද්වාජ, නචිරස්සෙව ඛිප්පමෙව තං ධම්මං පරියාපුණිං. සො ඛො අහං භාරද්වාජ, තාවතකෙනෙව ඔට්ඨප්පහතමත්තෙන ලපිතලාපනමත්තෙන ඤාණවාදඤ්ච වදාමි ථෙරවාදඤ්ච ‘ජානාමි පස්සාමී”ති ච පටිජානාමි අහඤ්චෙව අඤ්ඤෙ ච. තස්ස මය්හං භාරද්වාජ, එතදහොසි: “න ඛො ආළාරො කාලාමො ඉමං ධම්මං කෙවලං සද්ධාමත්තකෙන ‘සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරාමී”ති පවෙදෙති. අද්ධා ආළාරො කාලාමො ඉමං ධම්මං ජානං පස්සං විහරතී”ති.
Sinhala BJTභාරද්වාජය, සම්‍යක්සම්බෝධියෙන් පෙර මැ චතුස්සත්‍යාවබෝධය නො කළ බෝධිසත්ත්‍ව වූ මැ මට තෙල සිත් වී: “ගෘහවාසය සම්බාධ යැ රාගාදිරජස් එන මහැ, පැවිද්ද අභ්‍යවකාශ යැ, ගිහිගෙහි වසනහු විසින් ඒකාන්ත පරිපූර්‍ණ වූ ඒකාන්ත පරිශුද්ධ වූ ධුතසඞ්ඛ සදෘශ වූ මේ බ්‍රහ්මචර්‍ය්‍යය පුරන්නට සුකර නො වෙයි. මම කෙහෙමස් බහා කහවත් හැඳ පෙරෙවැ ගිහිගෙන් නික්ම සස්නට පැමිණෙම් නම් මනා මැ නු”යි. භාරද්වාජය, මම පසු කලෙකැ දහර වූයෙම් මැ මනා කළුකෙහෙ ඇත්තෙම් භද්‍රයෞවන හා ප්‍රථම වයසින් සමන්‍වාගත වූයෙම් නො කැමැති කඳුළුමුසු මුහුණු ඇති දෙමාපියන් හඬමින් සිටිය දී කෙහෙරවුළු බහා කහවත් හැඳ පෙරෙවැ ගිහිගෙන් නික්ම පව්ද්දට පැමිණියෙමි. මම මෙසේ පැවිදි වැ කිඞ්කුශලගවේශී වැ අනුත්තර ශාන්තිවරපදය සොයන්නෙම් ආළාරකාලාම තවුසන් කරා පැමිණියෙමි. පැමිණ ආළාරකාලාම තවුස්නට තෙල කීමි: “ඇවැත කාලාමයෙනි, මම මේ තොප සතු ධර්‍මවිනයෙහි බඹසර පුරන්නට කැමැතියෙමි”යි. භාරද්වාජය, මෙසේ කී කල ආළාරකාලාම තවුස් මට තෙල කී: “ආයුෂ්මත් මෙහි වසන්නේ මැනැව. යම් දහමෙකැ විඥ පුරුෂයෙක් නොබෝ දිනෙකින් ස්වකීය ආචාර්‍ය්‍යොද්ග්‍රහණය තමා විසින් මැනැවින් දැන පසක් කොට එයට පැමිණ වාසය කරන්නේ වේ ද, මේ එබඳු දහමෙකැ”යි. භාරද්වාජය, මම නොබෝ කලෙකින් මැ වහා මැ ඒ දහම පුහුණු කෙළෙමි. භාරද්වාජය, මම එතෙක් තොල් පහළ පමණින් මැ බස් බිණු පමණින් මැ ඥානවාදය ද ථේරවාදය ද කියමි. “දන්මි, දත්මි”යි ද මම ද පිළින කරමි. සෙස්සෝ ද පිළින කෙරෙත්. භාරද්වාජය, මට තෙල සිත් වී: “ආළාරකාලාම තවුස් මේ දහම හුදෙක් සැදෑ පමණෙකින් තමන් විසින් වෙසෙසින් දැන පසක් කොට උපයාගෙන වෙසෙමි”යි නො දන්වයි, ඒකාන්තයෙන් ආළාරකාලාම තවුස් මෙ දහම දන්මින් දක්මින් වාස කෙරේ”යනු යි.
Pali BJTඅථ ඛ්වාහං භාරද්වාජ, යෙන ආළාරො කාලාමො තෙනුපසඞ්කමිං. උපසඞ්කමිත්වා ආළාරං කාලාමං එතදවොචං: “කිත්තාවතා නො ආවුසො කාලාම, ඉමං ධම්මං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරාමී’ති පවෙදෙමී”ති. එවං වුත්තෙ භාරද්වාජ, ආළාරො කාලාමො ආකිඤ්චඤ්ඤායතනං පවෙදෙසි. තස්ස මය්හං භාරද්වාජ, එතදහොසි: “න ඛො ආළාරස්සෙව කාලාමස්ස අත්ථි සද්ධා, මය්හම්පත්ථි සද්ධා. න ඛො ආළාරස්සෙව කාලාමස්ස අත්ථි විරියං -පෙ- සති -පෙ- සමාධි -පෙ- පඤ්ඤා, මය්හම්පත්ථි පඤ්ඤා. යන්නූනාහං යං ධම්මං ආළාරො කාලාමො සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරාමී’ති පවෙදෙති, තස්ස ධම්මස්ස සච්ඡිකිරියාය පදහෙය්ය”න්ති. සො ඛො අහං භාරද්වාජ, න චිරස්සෙව ඛිප්පමෙව තං ධම්මං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහාසිං.
Sinhala BJTභාරද්වාජය, ඉක්බිති මම ආළාරකාලාම තවුස් කරා එළැඹියෙමි. එළැඹ ආළාරකාලාම තවුස්හට තෙල කීමි: “ඇවැත, කාලාමයෙනි, කෙතෙකින් මෙ දහම තමන් විසින් වෙසෙසින් දැන පසක් කොට උපයාගෙන වාස කෙරෙමි’යි දන්වම් දැ? යි. භාරද්වාජය මෙසේ කී කළ ආළාරකාලාම ආකිඤ්චඤ්ඤායතනය කී. භාරද්වාජය, මට තෙල සිත් වී: “ආළාරකාලාම තවුස්හට මැ සැදැහැ ඇත්තේ නො වෙයි. මට ද සැදැහැ ඇත. ආළාරකාලාම තවුස්හට මැ වැර ඇතියේ නො වෙයි; ... සිහිය ... සමාධිය ... ප්‍රඥා ඇත්තේ නො වෙයි, මට ද ප්‍රඥා ඇත. මම, ආළාරකාලාම තවුස් යම් දහමක් තමන් විසින් ‘වෙසෙසින් දැන පසක් කොට උපයා ගෙන වාස කරමි’යි දන්වා ද, ඒ දහම පසක් කරනු පිණිස ප්‍රධන් වැර වඩම් නම් මනා මැ නු”යි. භාරද්වාජය, මම නොබෝ කලෙකින් මැ වහා මැ එ දහම තමන් විසින් වෙසෙසින් දැන පසක් කොට උපයාගෙන වාස කෙළෙමි.
Pali BJTඅථ ඛ්වාහං භාරද්වාජ, යෙන ආළාරො කාලාමො තෙනුපසඞ්කමිං, උපසඞ්කමිත්වා ආළාරං කාලාමං එතදවොචං: “එත්තාවතා නො ආවුසො කාලාම, ඉමං ධම්මං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ පවෙදෙසී”ති. එත්තාවතා ඛො අහං ආවුසො, ඉමං ධම්මං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ පවෙදෙමී’ති. අහම්පි ඛො ආවුසො එත්තාවතා ඉමං ධම්මං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරාමී’ති. ලාභා නො අවුසො, සුලද්ධං නො ආවුසො යෙ මයං ආයස්මන්තං තාදිසං සබ්රහ්මචාරිං පස්සාම ඉති, යාහං ධම්මං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ පවෙදෙමි, තං ත්වං ධම්මං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරසි. යං ත්වං ධම්මං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරසි, තමහං ධම්මං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ පවෙදෙමි. ඉති යාහං ධම්මං ජානාමි, තං ත්වං ධම්මං ජානාසි. යං ත්වං ධම්මං ජානාසි, තමහං ධම්මං ජානාමි. ඉති යාදිසො අහං, තාදිසො තුවං. යාදිසො තුවං, තාදිසො අහං. එහි දානි ආවුසො, උභො’ව සන්තා ඉමං ගණං පරිහරාමා’ති. ඉති ඛො භාරද්වාජ, ආළාරො කාලාමො ආචරියො මෙ සමානො අත්තනො අන්තෙවාසිං මං සමානං අත්තෙනා සමසමං ඨපෙසි, උළාරාය ච මං පූජාය පූජෙසි. තස්ස මය්හං භාරද්වාජ, එතදහොසි: “නායං ධම්මො නිබ්බිදාය න විරාගාය න නිරොධාය න උපසමාය න අභිඤ්ඤාය න සම්බොධාය න නිබ්බානාය සංවත්තති, යාවදෙව ආකිඤ්චඤ්ඤායනූපපත්තියා”ති. සො ඛො අහං භාරද්වාජ, තං ධම්මං අනලඞ්කරිත්වා තස්මා ධම්මා නිබ්බිජ්ජ අපක්කමිං.
Sinhala BJTභාරද්වාජය, ඉක්බිති මම ආළාරකාලාම තවුස් කරා එළැඹියෙමි. එළැඹ ආළාරකාලාම තවුස්හට තෙල කීමි: “ඇවැත, කාලාමයෙනි, මෙතෙකින් මෙ දහම තමන් විසින් වෙසෙසින් දැන උපයාගෙන ප්‍රකාශ කෙරෙහි දැ? යි. ඇවැත, මම මෙ පමණෙකින් මෙ දහම තමන් විසින් වෙසෙසින් දැන පසක් කොට උපයාගෙන දන්වමි’යි කී. ඇවැත්නි, මම ද මෙපමණෙකින් මෙ දහම තමන් විසින් වෙසෙසින් දැන පසක් කොට උපයාගෙන වාස කෙරෙමි’යි කීමි. මම යම් දහමක් තමා විසින් වෙසෙසින් දැන පසක් කොට උපයාගෙන දන්වම් ද, තොයිත් එ දහම තමා විසින් වෙසෙසින් දැන පසක් කොට වාස කෙරෙහි, තෝ යම් දහමක් තමා විසින් වෙසෙසින් දැන පසක් කොට උපයාගෙන වාස කෙරෙහි ද, මම එ දහම තමා විසින් වෙසෙසින් දැන පසක් කොට උපයාගෙන දන්වමි. මෙසේ මම යම් දහමක් දන්මි නම් තොයිත් එ දහම දන්හි. තො යම් දහමක් දන්හි නම් මමත් එ දහම දන්මි. මෙසේ මම යම් බඳුයෙම් ද, තො ද එබඳුයෙහි. තෝ යම් බඳුයෙහි ද, මම එ බඳුයෙමි. (මෙසේ) අපි තා බඳු සබ්‍රම්සර අයුෂ්මතකු දක්මෝ ද, ඇවැත්නි, අපට ලාභයෙකැ, ඇවැත්නි, අපට මනා ලාභයෙකි. ඇවැත්නි, දැන් එව දෙදෙනමෝ මේ ගණයා පරිහරණ කරම්හ’යි කී. භාරද්වාජය, මෙසේ ආළාරකාලාම තවුස් මාගේ ආචාර්‍ය්‍ය වූයේ මැ තමා අතැවැසි වූ මා තමහට සමසම කොට තැබී. උදාර පූජායෙනුදු මා පිදී. භාරද්වාජය, මට තෙල සිත් වී: “මෙ දහම නිර්විදා පිණිස නො වැටෙයි. විරාග පිණිස නො වැටෙයි, නිරෝධ පිණිස නො වැටෙයි, උපයිම පිණිස නො වැටෙයි, අභිඥා පිණිස නො වැටෙයි, සම්බොධ පිණිස නො වැටෙයි, නිර්‍වාණ පිණිස නො වැටෙයි. ආකඤ්චඤ්ඤායතනූප්පත්තිය පිණිස මැ වැටෙයි” කියා යි. භාරද්වාජය, මම එ දහම පමණ නො කොට එ දහමින් කලකිරී බැසගියෙමි.
Pali BJTසො ඛො අහං භාරද්වාජ, කිංකුසලගවෙසී අනුත්තරං සන්තිවරපදං පරියෙසමානො යෙන උද්දකො{1} රාමපුත්තො තෙනුපසඞ්කමිං. උපසඞ්කමිත්වා උද්දකං රාමපුත්තං එතදවොචං: “ඉච්ඡාමහං ආවුසො රාම{2} ඉමස්මිං ධම්මවිනයෙ බ්රහ්මචරියං චරිතු”න්ති. එවං වුත්තෙ භාරද්වාජ, උද්දකො රාමපුත්තො මං එතදවොච: ‘විහරතායස්මා, තාදිසො අයං ධම්මො, යත්ථ විඤ්ඤූ පුරිසො න චිරස්සෙව සකං ආචරියකං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරෙය්යා”ති. සො ඛො අහං භාරද්වාජ, න චිරස්සෙව ඛිප්පමෙව තං ධම්මං පරියාපුණිං. සො ඛො අහං භාරද්වාජ, තාවතකෙනෙව ඔට්ඨපහතමත්තෙන ලපිත ලාපනමත්තෙන ඤාණවාදඤ්ච වදාමි, ථෙරවාදඤ්ච ‘ජානාමි පස්සාමී’ති ච පටිජානාමි, අහඤ්චෙව අඤ්ඤෙ ච. තස්ස මය්හං භාරද්වාජ, එතදහොසි: “න ඛො රාමො ඉමං ධම්මං කෙවලං සද්ධාමත්තකෙන සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරාමී”ති පවෙදෙසි, අද්ධා රාමො ඉමං ධම්මං ජානං පස්සං විහාසී’ති.
Sinhala BJTභාරද්වාජය, ඒ මම් ‘කුසල් කිමැ’යි සොයනුයෙම් අනුත්තරසන්තිවරපදය (නිවන) සොයමින් උද්දක රාමපුත්‍ර කරා එළැඹියෙමි. එළැඹ උද්දක රාමපුත්‍රහට තෙල කීමි: “ඇවැත්නි රාමපුත්‍රයෙනි, මම මෙසස්නෙහි බඹසර සරනුරිසියෙමි”යි. භාරද්වාජය, මෙසේ කී කල්හි රාමපුත් උද තවුස් මට මෙසේ කී: “ඇවැත්නි, වාස කරව. යම් දහමෙක් විඥ පුරුෂ නොබෝ කලෙකින් මැ සිය ඇදුරුසමය තමා විසින් වෙසෙසින් දැන ප්‍රත්‍යක්‍ෂ කොට එයට පැමිණ වාස කෙරේ නම් මේ එ බඳු දහමෙකැ”යි. භාරද්වාජය, ම්ම් නොබෝ කලෙකින් මැ වහා මැ එ දහම පිරිවැහීමි. භාරද්වාජය, එ මම් එතෙක් තොල් පහළ පමණින් මැ වදන්පිළිවදන් මතුයෙන් මැ ඥානවාදයත් ස්ථවිරවාදයත් කියමි, ‘දන්මි දක්මි’ද මමත් පිළින කෙරෙමි, සෙසුවොත් පිළින කෙරෙති. භාරද්වාජ, ඒ මට තෙල සිත් වී: “රාම තවුස් මෙ දහම හුදෙක් ශ්‍රද්ධා පමණෙකින් තමා විසින් ‘වෙසෙසින් දැන ප්‍රත්‍යක්‍ෂ කොට උපයා වාස කෙරෙමි නො ද පැවැසී, ඒකාන්තයෙන් රාම තවුස් මෙ දහම දන්මින් දක්මින් විසී” යයි.
Pali BJTඅථ ඛ්වාහං භාරද්වාජ, යෙන උද්දකො{1} රාමපුත්තො තෙනුපසඞ්කමිං. උපසඞ්කමිත්වා උද්දකං රාමපුත්තං එතදවොචං: “කිත්තාවතා නො ආවුසො, රාමො ඉමං ධම්මං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරාමී’ති පවෙදෙසී”ති. එවං වුත්තෙ භාරද්වාජ, උද්දකො රාමපුත්තො නෙවසඤ්ඤානාසඤ්ඤායතනං පවෙදෙසි. තස්ස මය්හං භාරද්වාජ, එතදහොසි: “න ඛො රාමස්සෙව අහොසි සද්ධා, මය්හම්පත්ථි සද්ධා. න ඛො රාමස්සෙව අහොසි විරියං -පෙ- සති -පෙ- සමාධි -පෙ- පඤ්ඤා, මය්හම්පත්ථි පඤ්ඤා. යන්නූනාහං යං ධම්මං රාමො සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරාමී’ති පවෙදෙසි. තස්ස ධම්මස්ස සච්ඡිකිරියාය පදහෙය්ය”න්ති. සො ඛො අහං භාරද්වාජ, න චිරස්සෙව ඛිප්පමෙව තං ධම්මං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහාසිං.
Sinhala BJTඑසඳ භාරද්වාජය, මම් රාමපුත් උද තවුස් කරා එළැඹියෙමි. එළැඹ රාමපුත් උද තවුස්හට තෙල බස් කීමි: “ඇවැත්නි, රාමයෙනි, කිපමණෙකින් අපට මෙදහම තමා විසින් වෙසෙසින් දැන පසක් කොට උපයාගෙන වාස කෙරෙමි, පවසවු දැ?”යි, භාරද්වාජය, මෙසේ කී කල්හි රම්පුත් උද තවුස් නේවසඤ්ඤානාසඤ්ඤායතනය ප්‍රකාශ කෙළේ යැ. භාරද්වාජය, එ මට තෙල සිත් වී: “රාමහට මැ ශ්‍රද්ධා නො ද වූ, මටත් ශ්‍රද්ධා ඇත. රාමහට මැ වීර්‍ය්‍ය නො ද වී ... සති ... සමාධි ... රාමහට මැ ප්‍රඥා නො ද වූ, මටත් ප්‍රඥා ඇති. රම් තවුස් යම් දහමක් තමා විසින් ‘වෙසෙසින් දැන පසක් කොට එළැඹ වාස කෙරෙමි’ ප්‍රකාශ කෙළේ ද මම් එ දහම පසක් කරනුවට ප්‍රධන්වීර්‍ය්‍ය කරනෙම් නම් මනා මැ නු”යි. භාරද්වාජය, එ මම් නොබෝ කලෙකින් මැ වහා මැ එ දහම තමා විසින් වෙසෙසින් දැන ප්‍රත්‍යක්‍ෂ කොට වාස කෙළෙමි.
Pali BJTඅථ ඛ්වාහං භාරද්වාජ, යෙන උද්දකො රාමපුත්තො තෙනුපසඞ්කමිං. උපසඞ්කමිත්වා උද්දකං රාමපුත්තං එතදවොචං: “එත්තාවතා නො ආවුසො රාම{1} ඉමං ධම්මං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ පවෙදෙසී”ති. එත්තාවතා ඛො ආවුසො ඉමං ධම්මං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ පවෙදෙමී’ති. ‘අහම්පි ඛො ආවුසො, එත්තාවතා ඉමං ධම්මං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරාමී’ති. ලාභා නො ආවුසො, සුලද්ධං නො ආවුසො, යෙ මයං ආයස්මන්තං තාදිසං බ්රහ්මචාරිං පස්සාම. ඉති යං ධම්මං රාමො සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ පවෙදෙසි තං ත්වං ධම්මං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරසි. යං ත්වං ධම්මං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරසි, තං ධම්මං රාමො සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ පවෙදෙසි. ඉති යං ධම්මං රාමො අභිඤ්ඤාසි, තං ත්වං ධම්මං ජානාසි. යං ත්වං ධම්මං ජානාසි තං ධම්මං රාමො අභිඤ්ඤාසි. ඉති යාදිසො රාමො අහොසි, තාදිසො තුවං. යාදිසො තුවං, තාදිසො රාමො අහොසි. එහි දානි ආවුසො, තුවං ඉමං ගණං පරිහරා’ති. ඉති ඛො භාරද්වාජ, උද්දකො රාමපුත්තො සබ්රහ්මචාරී මෙ සමානො ආචරියට්ඨානෙ මං ඨපෙසි, උළාරාය ච මං පූජාය පූජෙසි. තස්ස මය්හං භාරද්වාජ, එතදහොසි: “නායං ධම්මො නිබ්බිදාය න විරාගාය න නිරොධාය න උපසමාය න අභිඤ්ඤාය න සම්බොධාය න නිබ්බානාය සංවත්තති, යාවදෙව නෙවසඤ්ඤානාසඤ්ඤායතනූපපත්තියා”ති. සො ඛො අහං භාරද්වාජ, තං ධම්මං අනලංකරිත්වා තස්මා ධම්මා නිබ්බිජ්ජ අපක්කමිං.
Sinhala BJTඑසඳ භාරද්වාජය, මම් උද්දක රාමපුත්‍ර කරා එළැඹියෙමි. එළැඹ උද්දක රාමපුත්‍රහට තෙල බස් කීමි: “ඇවැත්නි, රාමයෙනි මෙතෙකින් අපට මෙදහම, තමා විසින් වෙසෙසින් දැන පසක් කොට උපයාගෙන පවසවු දැ”යි. “ඇවැත්නි, මෙතෙම්කින් මම මෙ දහම, තමා විසින් වෙසෙසින් දැන ප්‍රත්‍යක්‍ෂ කොට එයට පැමිණ වෙසෙමි”යි. “ඇවැත්නි, මෙතෙකින් මමත් මෙ දහම, තමා විසින් වෙසෙසින් දැන පසක් කොට උපයාගෙන වාස කෙරෙමි”යි. ඇවැත්නි, අපට ලාභයෙකැ, අපට මනා ලාභයෙකි. ඇපි තොප වැනි සබ්‍රම්සර ආයුෂ්මත් කෙනකුන් දකුම්හ. මෙසෙයින් රාම යම් දහමක් තමා විසින් වෙසෙසින් දැන ප්‍රත්‍යක්‍ෂ කොට උපයාගෙන ප්‍රකාශ කෙළේ ද, තෙපි එ දහම තමා විසින් වෙසෙසින් දැන ප්‍රත්‍යක්‍ෂ කොට උපයාගෙන වාස කරව. තෙපි යම් දහමක් තමා විසින් වෙසෙසින් දැන පසක් කොට උපයාගෙන වාස කරවු ද, එ දහම රාම තමා විසින් වෙසෙසින් දැන ප්‍රත්‍යක්‍ෂ කොට උපයාගෙන ප්‍රකාශ කෙළේ යැ. මෙසෙයින් රාම යම් දහමක් දත්තේ ද, තෙපි එ දහම දත්තහු යැ. තෙපි යම් දහමක් දත්තහු ද, එ දහම රාම දත්තේ යැ. මෙසේ රාම යම් බඳු වී නම් තෙපි එ බඳු ව. තෙපි යම් බඳු වවු නම් රාම එ බඳු වී. එව දැන් ඇවැත්නි, තෙපි මේ ගණයා පරිහරණ කරව”යි. භාරද්වාජය, මෙසෙයින් රම්පුත් උද තවුස් මාගේ සබ්‍රම්සැරි වූයේ මැ මා ඇදුරු තැන්හි තැබී. උදාර පූජායෙනුදු මා පිදී. භාරද්වාජය, ඒ මට තෙල සිත් වී: “මෙ දහම නිර්වේදයට නො වැටෙයි, නො ද විරාගයට, නො ද නිරෝධයට, නො ද කෙලෙස් සන්හිඳීමට, නො ද අභිඥාවට, නො ද සම්බෝධයට, නො ද නිර්‍වාණයට වැටෙයි. නේවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි උපත පිණිස මැ වැටේ”යයි. භාරද්වාජය, ඒ මම් එ දහම පිළිකෙව් කොට එ දහමින් කලකිරී බැස ගියෙමි.
Pali BJTසො ඛො අහං භාරද්වාජ, කිංකුසලගවෙසී අනුත්තරං සන්තිවරපදං පරියෙසමානො මගධෙසු අනුපුබ්බෙන චාරිකං චරමානො යෙන උරුවෙලා සෙනානිගමො තදවසරිං. තත්ථද්දසං රමණීයං භූමිභාගං පාසාදිකඤ්ච වනසණ්ඩං නදිඤ්ච සන්දන්තිං සෙතකං සුපතිත්ථං රමණීයං සමන්තා ච ගොචරගාමං. තස්ස මය්හං භාරද්වාජ, එතදහොසි: “රමණීයො වත භො භූමිභාගො, පාසාදිකො ච වනසණ්ඩො, නදී ච සන්දති සෙතකා සුපතිත්ථා රමණීයා, සමන්තා ච ගොචරගාමො. අලං වතිදං කුලපුත්තස්ස පධානත්ථිකස්ස පධානායා”ති. සො ඛො අහං භාරද්වාජ, තත්ථෙව නිසීදිං “අලමිමං පධානායා’ති.
Sinhala BJTභාරද්වාජය, ඒ මම් කිංකුශලගවේෂි වැ අනුත්තර ශාන්තිවරපදය පිරියෙස්මින් මගධ දනවියෙහි අනුක්‍රමයෙන් සැරිසරනුයෙම් උරුවේලායෙහි සේනා නම් නියම්ගමට (සේනානී නම් සිටුහුගේ ගමට) බටුයෙමි. එහි රමණී භූමිභාගය ද ප්‍රසාද එළවන වනළැහැබ ද ගලන, සුදුවැලිතලා ඇති, මනා තොට ඇති, රමණී හොය ද හාත්පසැ පිහිටි ගොදුරුගම ද දිටිමි. භාරද්වාජය, මට තෙල සිත් වී: “භූමිභාගය රමණීය මැ යැ. වන ළැහැබ ප්‍රසාද එළවන්නේ මැ යැ, සුදුවැලිතලා ඇති මනා තොට ඇති රමණී හොය ද ගලයි, හාත්පස්හි ගොදුරුගම ඇත. ප්‍රධන්වීර්‍ය්‍ය කරනු කැමැති කුලපුතක්හට මෙ තැන සමත් වේ මැ”යි. භාරද්වාජය, ඒ මම මෙ තැන ප්‍රධන් පිණිස සමර්‍ත්‍ථ වෙති ඒ බෝපලගෙහි මැ නිෂද්‍යා කෙළෙමි.
Pali BJTඅපිස්සු මං භාරද්වාජ, තිස්සො උපමායො පටිභංසු අනච්ඡරියා පුබ්බෙ අස්සුතපුබ්බා:
Sinhala BJTතවද, භාරද්වාජයෙනි, මට පුනපුනා ආශ්චර්‍ය්‍ය එළවන, පෙර නො ඇසූවිරූ උපමාවෝ තුන් දෙනෙක් වැටහුණහ:
Pali BJTසෙය්යථා’පි භාරද්වාජ, අල්ලං කට්ඨං සස්නෙහං උදකෙ නික්ඛිත්තං, අථ පුරිසො ආගච්ඡෙය්ය උත්තරාරණිං ආදාය අග්ගිං අභිනිබ්බත්තෙස්සාමි, තෙජො පාතුකරිස්සාමී’ති. තං කිං මඤ්ඤසි භාරද්වාජ, අපි නු සො පුරිසො අමුං අල්ලං කට්ඨං සස්නෙහං උදකෙ නික්ඛිත්තං උත්තරාරණිං ආදාය අභිමන්ථෙන්තො අග්ගිං අභිනිබ්බත්තෙය්ය තෙජො පාතුකරෙය්යා’ති?
Sinhala BJT“යම්සේ භාරද්වාජයෙනි, ස්නෙහ සහිත, දියෙහි බැහූ, තෙත් කාෂ්ටයෙක් ඇද්ද, ඉක්බිති පුරුෂයෙක් උතුරුරිණි ගෙන ගිනි නිපදවමි, තෙද පහළ කෙරෙමි’යි එන්නේ වේ ද, භාරද්වාජය, ඒ කෙසේ හඟිහි? ඒ පුරුෂ ස්නෙහ සහිත, දියෙහි බැහූ, තෙල තෙත් කාෂ්ටය උතුරුරිණි ගෙන් අළලන්නේ කිම ගිනි නිපදවන්නේ වේ ද, තෙද පහළ කරන්නේ වේ දැ? යි.
Pali BJTනො හිදං භො ගොතම. තං කිස්ස හෙතු: අදුං හි භො ගොතම, අල්ලං කට්ඨං සස්නෙහං, තඤ්ච පන උදකෙ නික්ඛිත්තං. යාවදෙව ච පන සො පුරිසො කිලමථස්ස විඝාතස්ස භාගී අස්සා’ති.
Sinhala BJTභවත්, ගෞතමයන් වහන්ස, මෙ කරුණ නො වන්නේ මැ යි. ඒ කවර හෙයින යත්: “භවත් ගෞතමයෙනි, තෙල තෙත් කාෂ්ටය සස්නේහ වෙයි, එ ද දියෙහි බහනලද වෙයි. තෙල පුරුෂ වැළිත් ඇළලූ තාක් ක්ලාන්තයට වෙහෙසට හිමි වන්නේ යැ” යි.
Pali BJTඑවමෙව ඛො භාරද්වාජ, යෙ හි කෙචි සමණා වා බ්රාහ්මණා වා කායෙන චෙව කාමෙහි අවූපකට්ඨා විහරන්ති, යො ච නෙසං කාමෙසු කාමච්ඡන්දො කාමස්නෙහො කාමමුච්ඡා කාමපිපාසා කාමපරිළාහො, සො ච අජ්ඣත්තං න සුප්පහීනො හොති, න සුප්පටිප්පස්සද්ධො. ඔපක්කමිකා චෙ’පි තෙ භොන්තො සමණබ්රාහ්මණා දුක්ඛා තිප්පා{1} කටුකා වෙදනා වෙදියන්ති, අභබ්බාව තෙ ඤාණාය දස්සනාය අනුත්තරාය සම්බොධාය. නො ෙච’පි තෙ භොන්තො සමණබ්රාහ්මණ, ඔපක්කමිකා දුක්ඛා තිප්පා කටුකා වෙදනා වෙදියන්ති, අභබ්බාව තෙ ඤාණාය දස්සනාය අනුත්තරාය සම්බොධාය. අයං ඛො මං භාරද්වාජ, පඨමා උපමා පටිභාසි අනච්ඡරියා පුබ්බෙ අස්සුතපුබ්බා.
Sinhala BJTභාරද්වාජයෙනි, එපරිදිමැ යම්කිසි මහණ කෙනෙක් වෙත්වයි බමුණු කෙනෙක් වෙත්වයි කයිනුදු සිතිනුදු කාමයෙන් නො වෙන් වැ වෙසෙත් ද, ඔවුන්ගේ යම් කාමයෙහි කාමච්ඡන්‍දයෙක් කාමස්නේහයෙක් කාමමුර්ඡායෙක් කාමපිපාසායෙක් කාමපරිදාහයෙක් ඇද්ද, එ ද සිය සතන්හි සුප්‍රහීණ නො වේ ද, මොනොවට සන්හුන් නො වේ ද, ඒ භවත් මහණ බමුණහු ඉදින් ඖපක්‍රමික වූත් ත්‍රීව කටුක දුඃඛ වේදනා විඳිත් ද, ඔහු අනුත්තර සම්බොධ සඞ්ඛ්‍යාත ඥානදර්‍ශනයට අභව්‍ය මැ වෙති. ඉදින් ඒ මහණ බමුණෝ ඖපක්‍රමික වූ ත්‍රීව කටුක දුඃඛවේදනා නො විඳිත් ද, ඔහු අනුත්තර සම්බොධ සඞ්ඛ්‍යාත ඥානදර්‍ශනයට අභව්‍ය මැ යි. භාරද්වාජයෙනි, මට පුනපුනා ආශ්චර්‍ය්‍ය එළවන පෙර නො ඇසූවිරූ මෙ පළමු උපමා වැටහිණ.
Pali BJTඅපරා’පි මං භාරද්වාජ දුතියා උපමා පටිභාසි අනච්ඡරියා පුබ්බෙ අස්සුතපුබ්බා: සෙය්යථා’පි භාරද්වාජ, අල්ලං කට්ඨං සස්නෙහං ආරකා උදකා ථලෙ නික්ඛිත්තං. අථ පුරිසො ආගච්ඡෙය්ය උත්තරාරණිං ආදාය අග්ගිං අභිනිබ්බත්තෙස්සාමි, තෙජො පාතුකරිස්සාමී’ති. තං කිං මඤ්ඤසි භාරද්වාජ, අපිනු සො පුරිසො අමුං අල්ලං කට්ඨං සස්නෙහං ආරකා උදකා ථලෙ නික්ඛිත්තං උත්තරාරණිං ආදාය අභිමන්ථෙන්තො අග්ගිං අභිනිබ්බත්තෙය්ය තෙජො පාතුකරෙය්යා’ති?
Sinhala BJTභාරද්වාජය, මට නැවත නැවත අසිරි එළවන පෙර නො ඇසූවිරූ අනෙක් දෙවන උපමායෙක් ද වැටහිණ: භාරද්වාජය, යම් පරිදි දියෙන් බැහැර ව සිටි ගොඩබිම්හි ලූ ස්නෙහ සහිත තෙත් කාෂ්ටයෙක් ඇද්ද, ඉක්බිති පුරුෂයෙක් උතුරුරිණි ගෙන ‘ගිනි උපදවමි’යි ‘තෙද පහළ කෙරෙමි’යි එන්නේ වේ ද, භාරද්වාජය, ඒ කෙසේ හඟිහි? ඒ පුරුෂ ස්නෙහ සහිත, දියෙන් බැහැර වැ සිටි, ගොඩබිම්හි ලූ, තෙල තෙත් කාෂ්ටය උතුරුරිණි ගෙන අළලන්නේ කිම ගිනි උපදවන්නේ වේ ද, තෙද පහළ කරන්නේ වේ දැ? යි.
Pali BJTනො හිදං භො ගොතම. තං කිස්ස හෙතු: අදුං හි භො ගොතම, අල්ලං කට්ඨං සස්නෙහං, කිඤ්චාපි ආරකා උදකා ථලෙ නික්ඛිත්තං යාවදෙව ච පන සො පුරිසො කිලමථස්ස විඝාතස්ස භාගී අස්සා’ති.
Sinhala BJTභවත් ගෞතමයයෙනි, තෙල නො වේ මැ යි. ඒ කවර හෙයින යත්: “භවත් ගොයුම් ගොතුව, තෙලෙ දියෙන් බැහැර වූයේ නමුදු ගොඩබිම්හි ලූයේ නමුදු ස්නෙහ සහිත තෙත් කාෂ්ටයෙකි. ඒ පුරුෂ වැළිත් ඇළලූ තාක් ක්ලමථුවට වෙහෙසට හිමි වන්නේ යැ” යි.
Pali BJTඑවමෙව ඛො භාරද්වාජ, යෙ හි කෙචි සමණා වා බ්රාහ්මණා වා කායෙන ෙඛා කාමෙහි වූපකට්ඨා විහරන්ති. යො ච නෙසං කාමෙසු කාමච්ඡන්දො කාමසිනෙහො කාමමුච්ඡා කාමපිපාසා කාමපරිළාහො, සො ච අජ්ඣත්තං න සුප්පහීනො හොති න සුප්පටිප්පස්සද්ධො ඔපක්කමිකා චෙ’පි තෙ භොන්තො සමණබ්රාහ්මණා දුක්ඛා තිප්පා කටුකා වෙදනා වෙදියන්ති, අභබ්බාව තෙ ඤාණාය දස්සනාය අනුත්තරාය සම්බොධාය. නො චෙ’පි තෙ භොන්තො සමණබ්රාහ්මණා ඔපක්කමිකා දුක්ඛා තිප්පා කටුකා වෙදනා වෙදියන්ති{2}, අභබ්බාව තෙ ඤාණාය දස්සනාය අනුත්තරාය සම්බොධාය. අයං ඛො මං භාරද්වාජ, දුතියා උපමා පටිභාසි අනච්ඡරියා පුබ්බෙ අස්සුතපුබ්බා.
Sinhala BJTඑපරිදි මැ භාරද්වාජය, යම් කිසි ශ්‍රමණ කෙනෙක් වෙත්වයි බ්‍රාහ්මණ කෙනෙක් වෙත්වයි කයින් කාමයෙන් වෙන් වැ වෙසෙත් ද, ඔවුන්ගේ යම් කාමයෙහි කාමච්ඡන්‍දයෙක් කාමස්නේහයෙක් කාමමුර්ඡායෙක් කාමපිපාසායෙක් කාමපරිදාහයෙක් ඇද්ද, එ ද සිය සතන්හි සුප්‍රහීණ නො වේ ද, සන්හුන් නො වේ ද, ඉදින් ඒ භවත් මහණබමුණෝ ඖපක්‍රමික වූත් ත්‍රීව කටුක දුඃඛවේදනා විඳිත් ද, ඔහු අනුත්තර සම්බෝධසඞ්ඛ්‍යාත ඥානදර්‍ශනයට අභව්‍ය මැ වෙති. ඉදින් ඒ භවත් මහණබමුණෝ ඖපක්‍රමික වූත් ත්‍රීව කටුක දුඃඛවේදනා නො විඳිත් ද, ඔහු අනුත්තර සම්බෝධසඞ්ඛ්‍යාත ඥානදර්‍ශනයට අභව්‍ය මැ වෙති. භාරද්වාජය, පුනපුනා අසිරි එළවන පෙර නො ඇසූවිරූ මේ දෙවන උපමාව මට වැටහිණ.
Pali BJTඅපරා’පි ඛො මං භාරද්වාජ, තතියා උපමා පටිභාසි, අනච්ඡරියා පුබ්බෙ අස්සුතපුබ්බා: සෙය්යථාපි භාරද්වාජ, සුක්ඛං කට්ඨං කොලාපං ආරකා උදකා ථලෙ නික්ඛිත්තං. අථ පුරිසො ආගච්ඡෙය්ය උත්තරාරණිං ආදාය අග්ගිං අභිනිබ්බත්තෙස්සාමි, තෙජො පාතුකරිස්සාමී’ති. තං කිං මඤ්ඤසි භාරද්වාජ, අපිනු සො පුරිසො අමුං සුක්ඛං කට්ඨං කොලාපං ආරකා උදකා ථලෙ නික්ඛිත්තං උත්තරාරණිං ආදාය අභිමන්ථෙන්තො අග්ගිං අභිනිබ්බත්තෙය්ය, තෙජො පාතුකරෙය්යා’ති?
Sinhala BJTභාරද්වාජය, පුනපුනා අසිරි එළවන පෙර නො ඇසූ විරූ අනෙක් තුන් වැනි උපමායෙක් ද මට වැටහිණ; යම්සේ භාරද්වාජය, කොලපු වූ, දියෙන් බැහැර වූ, ගොඩබිම්හි ලූ වියළි කාෂ්ටයෙක් ඇද්ද, එසඳ පුරුෂයෙක් උතුරුරිණි ගෙන ‘ගිනි උපදවමි, තෙද පහළ කෙරෙමි’ එන්නේ වේ ද, භාරද්වාජය, ඒ කෙසේ හඟිහි? ඒ පුරුෂ කොලොපුවූ, දියෙන් බැහැර වූ, ගොඩබිම්හි ලූ තෙල වියළි කාෂ්ටය උතුරුරිණි ගෙන අළලනුයේ කිම ගිනි උපදවන්නේ වේ ද, තෙද පහළ කරන්නේ වේ දැ? යි.
Pali BJTඑවං භො ගොතම. තං කිස්ස හෙතු: අදුං හි භො ගොතම, සුක්ඛං කට්ඨං කොලාපං, තඤ්ච පන ආරකා උදකා ථලෙ නික්ඛිත්ත’න්ති.
Sinhala BJTඑසේ යැ භවත් ගෞතමයෙනි, ඒ කවර හෙයින යත්: භවත් ගොයුම්ගොතු ශුෂ්කකාෂ්ටය කොලොපු වෙයි, එ ද දියෙන් බැහැර වූයේ වෙයි, ගොඩබිම්හි බහාලන ලද වේ” යයි.
Pali BJTඑවමෙව ඛො භාරද්වාජ, යෙ හි කෙචි සමණා වා බ්රාහ්මණා වා කායෙන චෙව චිත්තෙන ච කාමෙහි වූපකට්ඨා විහරන්ති. යො ච නෙසං කාමෙසු කාමච්ඡන්දො කාමස්නෙහො කාමමුච්ඡා කාමපිපාසා කාමපරිළාහො, සො ච අජ්ඣත්තං සුප්පහීනො හොති සුප්පටිප්පස්සද්ධො. ඔපක්කමිකා චෙපි තෙ භොන්තො සමණබ්රාහ්මණා දුක්ඛා තිප්පා කටුකා වෙදනා වෙදියන්ති, භබ්බාව තෙ ඤාණාය දස්සනාය අනුත්තරාය සම්බොධාය. අයං ඛො මං භාරද්වාජ, තතියා උපමා පටිභාසි අනච්ඡරියා පුබ්බෙ අස්සුතපුබ්බා. ඉමා ඛො මං භාරද්වාජ, තිස්සො උපමා පටිභංසු අනච්ඡරියා පුබ්බෙ අස්සුතපුබ්බා.
Sinhala BJTඑපරිදි මැ භාරද්වාජය, යම් කිසි මහණ කෙනෙක් වෙත්වයි බමුණු කෙනෙක් වෙත්වයි කයිනුදු සිතිනුදු කාමයෙන් වෙන් වැ වෙසෙත් ද, ඔවුන්ගේ යම් කාමයෙහි කාමච්ඡන්‍දයෙක් කාමස්නේහයෙක් කාමමුර්ඡායෙක් කාමපිපාසායෙක් කාමපරිදාහයෙක් ඇද්ද, එ ද සිය සතන්හි මොනොවට ප්‍රහීණ වූයේ වේ ද, සන්හුන් වේ ද, ඉදින් ඒ භවත් මහණබමුණෝ ත්‍රීව කටුක ඖපක්‍රමික දුඃඛවේදනා විඳුනාහු නමුදු ඔහු අනුත්තර සම්බොධ සඞ්ඛ්‍යාත ඥානදර්‍ශනයට භව්‍ය මැ වෙති. ඉදින් ඒ භවත් මහණබමුණෝ ත්‍රීව කටුක ඖපක්‍රමික දුඃඛවේදනා නො විඳුනාහු නමුදු ඔහු අනුත්තර සම්බෝධසඞ්ඛ්‍යාත ඥානදර්‍ශනයට භව්‍ය මැ වෙති. භාරද්වාජය, පුනපුනා අසිරි එළවන පෙර නො ඇසූවිරූ මේ තුන් වැනි උපමා මට වැටහිණ. භාරද්වාජය, පුනපුනා ආශ්චර්‍ය්‍ය එළවන පෙර නො ඇසූවිරූ මේ තුන් වන උපමාවෝ මට වැටහුණහ’යි.
Pali BJTතස්ස මය්හං භාරද්වාජ, එතදහොසි: “යන්නූනාහං දන්තෙභිදන්තමාධාය ජිව්හාය තාලුං ආහච්ච චෙතසා චිත්තං අභිනිග්ගණ්හෙය්යං අභිනිප්පීළෙය්යං අභිසන්තාපෙය්ය”න්ති. සො ඛො අහං භාරද්වාජ, දන්තෙභිදන්තමාධාය ජිව්හාය තාලුං ආහච්ච චෙතසා චිත්තං අභිනිග්ගණ්හාමි අභිනිප්පීළෙමි අභිසන්තාපෙමි. තස්ස මය්හං භාරද්වාජ, දන්තෙභිදන්තමාධාය ජිව්හාය තාලුං ආහච්ච චෙතසා චිත්තං අභිනිග්ගණ්හතො අභිනිප්පීළයතො අභිසන්තාපයතො කච්ඡෙහි සෙදා මුච්චන්ති. සෙය්යථාපි භාරද්වාජ, බලවා පුරිසො දුබ්බලතරං පුරිසං සීසෙ වා ගහෙත්වා ඛන්ධෙ වා ගහෙත්වා අභිනිග්ගණ්හෙය්ය අභිනිප්පීළෙය්ය අභිසන්තාපෙය්ය, එවමෙව ඛො මෙ භාරද්වාජ, දන්තෙභිදන්තමාධාය ජිව්හාය තාලුං ආහච්ච චෙතසා චිත්තං අභිනිග්ගණ්හතො අභිනිප්පීළයතො අභිසන්තාපයතො කච්ඡෙහි සෙදා මුච්චන්ති. ආරද්ධං ඛො පන මෙ භාරද්වාජ, විරියං හොති අසල්ලීනං, උපට්ඨිතා සති අපම්මුට්ඨා, සාරද්ධො ච පන මෙ කායො හොති අප්පටිප්පස්සද්ධො තෙනෙව දුක්ඛප්පධානෙන පධානාභිතුන්නස්ස සතො.
Sinhala BJTභාරද්වාජය, මට තෙල සිත් වී: “යටිදත්හි උඩුදත තබා දිවින් තලු පැහැර (කුසල්සිතින්) අකුසල්සිත නිගන්නෙම්, පෙළන්නෙම්, තවන්නෙම් නම් මැනැවැ”යි. භාරද්වාජය, මම යටිදතෙහි උඩුදත තබා දිවින් තලු පැහැර ගෙන සිතින් සිත නිගන්මි, පෙළමි, තපෝවීර්‍ය්‍ය කෙරෙමි. භාරද්වාජය, යටිදතෙහි උඩුදත තබා දිවින් තලු පැහැරගෙන සිතින් සිත නිගන්නා, පෙළන, තපෝවීර්‍ය්‍ය කරන මාගේ කච්ඡයෙන් ස්වේදයෝ මිදෙත්, භාරද්වාජය, බලවත් පුරුෂයෙක් ඉතා දුබල පුරුෂයකු හිසෙහි වේවයි ස්කන්‍ධයෙහි වේවයි ගෙන් නිගන්නේ වේ ද, පෙළන්නේ වේ ද තාප කරන්නේ වේ ද, භාරද්වාජය එපරිදි මැ යටදතෙහි උඩුදත තබා දිවින් තලු පැහැරගෙන සිතින් සිත නිගන්නා, පෙළන, තවන මාගේ කැසින් ස්වේදයෝ මිදෙත්. භාරද්වාජය, මා විසින් වැර රුකුළේ වෙයි, සංලීන නො වෙයි, සිහි එළවියා වෙයි, මුෂිත නො වෙයි. ඒ දුක් සහගිය ප්‍රධනින් මැ ප්‍රධන්වැරින් විත් කෑවා වූ මැ මාගේ කාය දරථ සතිත වෙයි, නො සන්හුන් වෙයි.
Pali BJTතස්ස මය්හං භාරද්වාජ, එතදහොසි: “යන්නූනාහං අප්පාණකං{1} ඣානං ඣායෙය්ය”න්ති. සො ඛො අහං භාරද්වාජ, මුඛතො ච නාසතො ච අස්සාසපස්සාසෙ උපරුන්ධිං. තස්ස මය්හං භාරද්වාජ, මුඛතො ච නාසතො ච අස්සාසපස්සාසෙසු උපරුද්ධෙසු කණ්ණසොතෙහි වාතානං නික්ඛමන්තානං අධිමත්තො සද්දො හොති. සෙය්යථාපි නාම කම්මාරගග්ගරියා ධමමානාය අධිමත්තො සද්දො හොති එවමෙව ඛො මෙ භාරද්වාජ, මුඛතො ච නාසතො ච අස්සාසපස්සාසෙසු උපරුද්ධෙසු කණ්ණසොතෙහි වාතානං නික්ඛමන්තානං අධිමත්තො සද්දො හොති. ආරද්ධං ඛො පන මෙ භාරද්වාජ, විරියං හොති අසල්ලීනං, උපට්ඨිතා සති අපම්මුට්ඨා{2}, සාරද්ධො ච පන මෙ කායො හොති අප්පටිප්පස්සද්ධො තෙනෙව දුක්ඛප්පධානෙන පධානාභිතුන්නස්ස සතො.
Sinhala BJTභාරද්වාජය, මට තෙල සිත් වී: “මම් අප්‍රාණක (නිරාශ්වාස) ධ්‍යාන කරනෙම් නැ මැනැව”යි. භාරද්වාජය, ඒ මම මුවිනුදු නහයෙනුදු ආශ්වාස ප්‍රශ්වාස වැළැහීමි, භාරද්වාජය, මුවිනුදු නැහැයෙනුදු අසස්පසස් වැළැහූ කල්හි මාගේ කන්සිළින් නික්මෙන වාතයන්ගේ අධිමාත්‍ර ශබ්දය වෙයි. යම්සේ නම් කඹුරුසමක් පුඹුනා කල්හි අධිමාත්‍ර ශබ්ද යෙක් වේ ද, එසෙයින් මැ භාරද්වාජය, මුවිනුදු නැහැයෙනුදු ආශ්වාසප්‍රශ්වාස වැළැහූ කල්හි කන්සිදීන් නික්මෙන වාතයන් ගේ අධිමාත්‍ර ශබ්දය වෙයි. භාරද්වාජය, මා විසින් වැර රුකුළේ සංලීන නො වෙයි. සිහි එළඹ සිටියා, මුෂිත නො වෙයි. එතෙකුදු වත් මාගේ කය ඒ දුක්සහගිය පදහනින් ප්‍රධන්වීර්‍ය්‍යයෙන් විත් කෑයේ දරථ සහිත වූයේත් නො සන්හුන්නේත් වෙයි.
Pali BJTතස්ස මය්හං භාරද්වාජ, එතදහොසි: “යන්නූනාහං අප්පාණකංයෙව ඣානං ඣායෙය්ය”න්ති. සො ඛො අහං භාරද්වාජ, මුඛතො ච නාසතො ච කණ්ණතො ච අස්සාසපස්සාසෙ උපරුන්ධිං. තස්ස මය්හං භාරද්වාජ, මුඛතො ච නාසතො ච කණ්ණතො ච අස්සාසපස්සාසෙසු උපරුද්ධෙසු අධිමත්තා වාතා මුද්ධානං{1} ඌහනන්ති. සෙය්යථාපි භාරද්වාජ, බලවා පුරිසො තිණ්හෙන සිඛරෙන මුද්ධනි අභිමන්ථෙය්ය, එවමෙව ඛො මෙ භාරද්වාජ, මුඛතො ච නාසතො ච කණ්ණතො ච අස්සාසපස්සාසෙසු උපරුද්ධෙසු අධිමත්තා වාතා මුද්ධනි ඌහනන්ති. ආරද්ධං ඛො පන මෙ භාරද්වාජ, විරියං හොති අසල්ලීනං, උපට්ඨිතා සති අපම්මුට්ඨා, සාරද්ධො ච පන මෙ කායො හොති අප්පටිප්පස්සද්ධො තෙනෙව දුක්ඛප්පධානෙන පධානාභිතුන්නස්ස සතො.
Sinhala BJTභාරද්වාජය, මට තෙල සිත් වී: “මම නිරස්සාසක වූ මැ ධ්‍යාන වඩනෙම් නම් මනා මැ නු” යි. භාරද්වාජය, මම මුවිනුදු නැහැයෙනුදු කනිනුදු අසස්පසස් වැළකීමි. භාරද්වාජය, මා විසින් මුවිනුදු නැහැයෙනුදු කනිනුදු අසස්පසස් වැළැහූ කල අධිමාත්‍ර වාතයෝ මුදුන පෙළත්. භාරද්වාජය, බලවත් පුරුෂයෙක් යම් පරිදි තියුණු කඩුසිළෙකින් මුදුන පෙළන්නේ ද, එ පරිදි මැ භාරද්වාජය, මා විසින් මුවිනුදු නැහැයෙනුදු කනිනුදු ආශ්වාස ප්‍රශ්වාස වැළහූ කල්හි අධිමාත්‍ර වාතයෝ මුදුන පෙළත්, භාරද්වාජය, මා විසින් වැර රුකුළේ අසංලීන වෙයි. සිහි එළැඹ සිටියා මුෂිත නො වෙයි. එතෙකුදු වත් මාගේ කය එ මැ දුක්සහගිය පදහනින් ප්‍රධන්වීර්‍ය්‍යයෙන් විත් කෑයේ දරථ සහිත වූයේත් නො සන්හුන්නේත් වෙයි.
Pali BJTතස්ස මය්හං භාරද්වාජ, එතදහොසි: “යන්නූනාහං අප්පාණකංයෙව ඣානං ඣායෙය්ය”න්ති. සො ඛො අහං භාරද්වාජ, මුඛතො ච නාසතො ච කණ්ණතො ච අස්සාසපස්සාසෙ උපරුන්ධිං. තස්ස මය්හං භාරද්වාජ, මුඛතො ච නාසතො ච කණ්ණතො ච අස්සාසපස්සාසෙසු උපරුද්ධෙසු අධිමත්තා සීසෙ සීසවෙදනා හොන්ති. සෙය්යථාපි භාරද්වාජ, බලවා පුරිසො දළ්හෙන වරත්තකබන්ධෙන{2} සීසෙ සීසවෙඨං දදෙය්ය, එවමෙව ඛො භාරද්වාජ, මුඛතො ච නාසතො ච කණ්ණතො ච අස්සාසපස්සාසෙසු උපරුද්ධෙසු අධිමත්තා සීසෙ සීසවෙදනා හොන්ති. ආරද්ධං ඛො පන මෙ භාරද්වාජ, විරියං හොති අසල්ලීනං, උපට්ඨිතා සති අපම්මුට්ඨා, සාරද්ධො ච පන මෙ කායො හොති අප්පටිප්පස්සද්ධො, තෙනෙව දුක්ඛප්පධානෙන පධානාභිතුන්නස්ස සතො.
Sinhala BJTභාරද්වාජය, මට තෙල සිත් වී: “මම අප්‍රාණක වූ මැ ධ්‍යාන වඩනෙම් නම් මනා මැ නු” යි භාරද්වාජය, මම මුවිනුදු නැහැයෙනුදු කනිනුදු ආශ්වාසප්‍රශ්වාස වැළැකීමි. භාරද්වාජය, මුවිනුදු නැහැයෙනුදු කනිනුදු අසස්පසස් වැළැහූ කල මාගේ ශීර්‍ෂයෙහි අධිමාත්‍ර ශිරෝවේදනාවෝ වෙති, භාරද්වාජය, යම්සේ බලවත් පුරුෂයෙක් දළවරබහනින් හිසෙහි හිස්වෙළුම් බඳනේ වේ ද, එසෙයින් මැ භාරද්වාජය, මුවිනුදු නැහැයෙනුදු කනිනුදු අසස්පසස් වැළැහූ කල හිසෙහි අධිමාත්‍ර ශිරොවේදනාවෝ වෙති, භාරද්වාජය, මා විසින් රුකුළු වැර සංලීන නො වෙයි, සිහි එළැඹ සිටියා, මුෂිත නො වෙයි. එතෙකුදු වත් මාගේ කය එ මැ දුක්සහගිය පදහනින් වැරින් විත් කෑයේ දරථ සහිත වූයේත් නො සන්හුන්නේත් වෙයි.
Pali BJTතස්ස මය්හං භාරද්වාජ, එතදහොසි: “යන්නූනාහං අප්පාණකංයෙව ඣානං ඣායෙය්ය”න්ති. සො ඛො අහං භාරද්වාජ, මුඛතො ච නාසතො ච කණ්ණතො ච අස්සාසපස්සාසෙ උපරුන්ධිං. තස්ස මය්හං භාරද්වාජ, මුඛතො ච නාසතො ච කණ්ණතො ච අස්සාසපස්සාසෙසු උපරුද්ධෙසු අධිමත්තා වාතා කුච්ඡිං පරිකන්තන්ති. සෙය්යථාපි භාරද්වාජ, දක්ඛො ගොඝාතකො වා ගොඝාතකන්තෙවාසී වා තිණ්හෙන ගොවිකන්තනෙන කුච්ඡිං පරිකන්තෙය්ය, එවමෙව ඛො මෙ, භාරද්වාජ, මුඛතො ච නාසතො ච කණ්ණතො ච අස්සාසපස්සාසෙසු උපරුද්ධෙසු අධිමත්තා වාතා කුච්ඡිං පරිකන්තන්ති. ආරද්ධං ඛො පන මෙ, භාරද්වාජ, විරියං හොති අසල්ලීනං උපට්ඨිතා සති අපම්මුට්ඨා, සාරද්ධො ච පන මෙ කායො හොති අප්පටිප්පස්සද්ධො තෙනෙව දුක්ඛප්පධානෙන පධානාභිතුන්නස්ස සතො.
Sinhala BJTභාරද්වාජය, මට තෙල සිත් වී: “මම අප්‍රාණක වූ මැ දහන් වඩනෙම් නම් මනා මැ නු” යි භාරද්වාජය, මම මුවිනුදු නැහැයෙනුදු කනිනුදු ආශ්වාස ප්‍රශ්වාස වැළකීමි. භාරද්වාජය, මුවිනුදු නැහැයෙනුදු කනිනුදු ආශ්වාස ප්‍රශ්වාස වැළැහූ කල්හි මාගේ කුස අධිමාත්‍ර වාතයෝ සිඳිත්. භාරද්වාජය, යම්සේ දක්‍ෂ ගෝඝාතකයෙක් හෝ ගෝඝාතක අතැවැසියෙක් හෝ තිහිණි වූ, ගෙරිකපන කැත්තෙකින් කුස කපන්නේ ද, එසෙයින් මැ භාරද්වාජයෙනි, මුවිනුදු නැහැයෙනුදු කනිනුදු අසස්පසස් වැළහූ කල්හි අධිමාත්‍ර වාතයෝ කුස කපත්. එතෙකුදු වත් භාරද්වාජය, මා විසින් වැර රුකුළේ සංලීන නො වෙයි, සිහි එළැඹ සිටියා මුෂිත නො වෙයි, එතෙකුදු වත් මාගේ කය එ මැ දුක් සහගිය පදහනින් ප්‍රධන්වීර්‍ය්‍යයෙන් විත් කෑයේ දරථ සහිත වූයේත් නො සන්හුන්නේත් වෙයි.
Pali BJTතස්ස මය්හං භාරද්වාජ, එතදහොසි: ‘යන්නූනාහං අප්පාණකංයෙව ඣානං ඣායෙය්ය”න්ති. සො ඛො අහං භාරද්වාජ, මුඛතො ච නාසතො ච කණ්ණතො ච අස්සාසපස්සාසෙ උපරුන්ධිං. තස්ස මය්හං භාරද්වාජ, මුඛතො ච නාසතො ච කණ්ණතො ච අස්සාසපස්සාසෙසු උපරුද්ධෙසු අධිමත්තො කායස්මිං ඩාහො හොති. සෙය්යථාපි භාරද්වාජ, ද්වෙ බලවන්තො පුරිසා දුබ්බලතරං පුරිසං නානාබාහාසු ගහෙත්වා අඞ්ගාරකාසුයා සන්තාපෙය්ය සම්පරිතාපෙය්ය. එවමෙව ඛො මෙ භාරද්වාජ, මුඛතො ච නාසතො ච කණ්ණතො ච අස්සාසපස්සාසෙසු උපරුද්ධෙසු අධිමත්තො කායස්මිං ඩාහො හොති. ආරද්ධං ඛො පන මෙ භාරද්වාජ, විරියං හොති අසල්ලීනං, උපට්ඨිතා සති අපම්මුට්ඨා, සාරද්ධො ච පන මෙ කායො හොති අප්පටිප්පස්සද්ධො තෙනෙව දුක්ඛප්පධානෙන පධානාභිතුන්නස්ස සතො.
Sinhala BJTභාරද්වාජය, මට තෙල සිත් වී: “මම අප්‍රාණක වූ මැ ධ්‍යාන වඩනෙම් නම් මනා මැ නු” යි. භාරද්වාජය, මම මුවිනුදු නැහැයෙනුදු කනිනුදු ආශ්වාස ප්‍රශ්වාස වැළැකීමි. භාරද්වාජය, මුවිනුදු නැහැයෙනුදු කනිනුදු ආශ්වාස ප්‍රශ්වාස වැළැහූ කල්හි මාගේ කයෙහි අධිමාත්‍ර දාහය වෙයි. භාරද්වාජය, යම්සේ බලවත් පුරුෂයෝ දෙදෙනෙක් ඉතා දුඹුල් මිනිසක්හු වෙන් වෙන් අත්හි ගෙන අඟුරු වළෙක තවන්නාහු ද මොනොවට තවන්නාහු ද, එසෙයින් මැ භාරද්වාජය, මුවිනුදු නැහැයෙනුදු කනිනුදු ආශ්වාස ප්‍රශ්වාස වැළැහූ කල්හි මාගේ කයෙහි අධිමාත්‍ර දාහය වෙයි. එතෙකුදු වත් භාරද්වාජය, මා විසින් ආරබ්ධවීර්‍ය්‍යය සංලීන නො වෙයි. එළැඹසිටි සිහි මුෂිත නො වෙයි, එතෙකුදු වත් මාගේ කය එ මැ දුක් සහගිය පදහනින් ප්‍රධන් වීර්‍ය්‍යයෙන් විත් කෑයේ දරථ සහිත වූයේත් නො සන්හුන්නේත් වෙයි.
Pali BJTඅපිස්සු මං භාරද්වාජ, දෙවතා දිස්වා එවමාහංසු: “කාලකතො{1} සමණො ගොතමො”ති. එකච්චා දෙවතා එවමාහංසු: “න කාලකතො සමණො ගොතමො, අපි ච කාලඞ්කරොතී’ති. එකච්චා දෙවතා එවමාහංසු: “න කාලකතො සමණො ගොතමො, න’පි{2} කාලඞ්කරොති. අරහං සමණො ගොතමො, විහාරොත්වෙවෙසො{3} අරහතො එවරූපො හොතී”ති.
Sinhala BJTතවද භාරද්වාජය, දේවතාවෝ දැක මට මෙසේ කීහ: “ශ්‍රමණ ගෞතම කලුරිය කළහ” යි. සමහර දේවතාවෝ මෙසේ කීහ: “ශ්‍රමණ ගෞතමයෝ කලුරිය නො කළහ, එතෙකුදු වත් කලුරිය කෙරෙති”යි. සමහර දේවතාවෝ මෙසේ කීහ: “ශ්‍රමණ ගෞතමයෝ කලුරිය නො කළහ, නො ද කලුරිය කෙරෙති, ශ්‍රමණ ගෞතමයෝ රහත්හ, රහතුන්ට තෙල මෙ බඳු විහාර ඇත්තේ මැ වේ” යයි.
Pali BJTතස්ස මය්හං භාරද්වාජ, එතදහොසි: “යන්නූනාහං සබ්බසො ආහාරූපච්ඡෙදාය පටිපජ්ජෙය්ය”න්ති. අථ ඛො මං භාරද්වාජ, දෙවතා උපසඞ්කමිත්වා එතදවොචුං: “මා ඛො ත්වං මාරිස, සබ්බසො ආහාරූපච්ඡෙදාය පටිපජ්ජි. සචෙ ඛො ත්වං මාරිස, සබ්බසො ආහාරූපච්ඡෙදාය පටිපජ්ජිස්සසි, තස්ස තෙ මයං දිබ්බං ඔජං ලොමකූපෙහි අජ්ඣොහාරෙස්සාම{4} තාය ත්වං යාපෙස්සතී”ති. තස්ස මය්හං භාරද්වාජ, එතදහොසි: ‘අහඤ්චෙව ඛො පන සබ්බසො අජද්ධුකං{5} පටිජානෙය්යං, ඉමා ච මෙ දෙවතා දිබ්බං ඔජං ලොමකූපෙහි අජ්ඣොහාරෙය්යුං, තාය චාහං යාපෙය්යං, තං මමස්ස මුසා”ති. සො ඛො අහං භාරද්වාජ, තා දෙවතා පච්චාචික්ඛාමි, හලන්ති වදාමි.
Sinhala BJTභාරද්වාජය, මට තෙල සිත් වී: “මම සර්‍වාප්‍රකාරයෙන් ආහාරෝපච්ඡේදයට පිළිපදනෙම් (බස්නෙම්) නම් මැනැවැ”යි. එකල්හි භාරද්වාජය, දෙවියෝ මා කරා අවුත් තෙල බස් කීහු: “නිදුකාණෙනි, තෙපි සර්‍වාප්‍රකාරයෙන් ආහාරෝපච්ඡේදයට නහමක් පිළිපදුව, ඉදින් නිදුකාණෙනි, තෙපි සර්‍වාප්‍රකාරයෙන් ආහාරෝපච්ඡේදයට බස්නහු නම් අපි තොප වහන්සේගේ රෝමකූපයෙන් දිව්‍යඕජස් ඇතුළු කරම්හ, එයින් තෙපි යැපෙන්නහු යැ”යි. භාරද්වාජය, මට තෙල සිත් වී: “මම වනාහි සර්‍වාප්‍රකාරයෙන් නො වැළඳීම පිළින කරන්නෙමි, මෙ දෙවියෝත් මාගේ රෝමකූපයෙන් දිව්‍යඕජස් බහාලන්නාහ. එයිනුදු මම යැපෙම් නම් ඒ මාගේ මෘෂා වෙයි, භාරද්වාජය, මම් ඒ දෙවියන් ප්‍රතික්‍ෂේප කෙරෙමි, ‘කම් නැතැ’යි කියමි.
Pali BJTතස්ස මය්හං භාරද්වාජ, එතදහොසි: ‘යන්නූනාහං ථොකං ථොකං ආහාරං ආහාරෙය්යං පසතං පසතං යදි වා මුග්ගයූසං යදි වා කුලත්ථයූසං යදි වා කලායයූසං යදි වා හරෙණුකයූස”න්ති. සො ඛො අහං භාරද්වාජ, ථොකං ථොකං ආහාරං ආහාරෙසිං පසතං පසතං යදි වා මුග්ගයූසං යදි වා කුලත්ථයූසං යදි වා කලායයූසං යදි වා හරෙණුකයූසං. තස්ස මය්හං භාරද්වාජ, ථොකං ථොකං ආහාරං ආහාරයතො පසතං පසතං යදි වා මුග්ගයූසං යදි වා කුලත්ථයූසං යදි වා කලායයූසං යදි වා හරෙණුකයූසං අධිමත්තකසිමානං පත්තො කායො හොති. සෙය්යථාපි නාම ආසීතිකපබ්බානි වා කාළපබ්බානි වා, එවමෙවස්සු මෙ අඞ්ගපච්චඞ්ගානි භවන්ති තායෙවප්පාහාරතාය. සෙය්යථාපි නාම ඔට්ඨපදං, එවමෙවස්සු මෙ ආනිසදං හොති තායෙවප්පාහාරතාය. සෙය්යථාපි නාම වට්ටනාවලී, එවමෙවස්සු මෙ පිට්ඨිකණ්ටකො උන්නතාවනතො හොති තායෙවප්පාහාරතාය. සෙය්යථාපි නාම ජරසාලාය ගොපානසියො ඔලුග්ගවිලුග්ගා භවන්ති, එවමෙවස්සු මෙ ඵාසුලියො ඔලුග්ගවිලුග්ගා භවන්ති තායෙවප්පාහාරතාය. සෙය්යථාපි නාම ගම්භීරෙ උදපානෙ උදකතාරකා ගම්භීරගතා ඔක්ඛායිකා දිස්සන්ති, එවමෙවස්සු මෙ අක්ඛිකූපෙසු අක්ඛිතාරකා ගම්භීරගතා ඔක්ඛායිකා දිස්සන්ති තායෙවප්පාහාරතාය. සෙය්යථාපි නාම
Sinhala BJTභාරද්වාජය, මට තෙල සිත් වී: “මම මුංයුෂ වේවයි කොල්ලුයුෂ වේවයි කඩලයුෂ වේවයි මෑයුෂ වේවයි පතක් පතක් පමණ වූ ටික ටික අහර ගන්නෙම් නම් මැ නු” යි. භාරද්වාජය, ඒ මම මුංයුෂ වේවයි කොල්ලුයුෂ වේවයි කඩලයුෂ වේවයි මෑයුෂ වේවයි පතක් පතක් පමණ වූ ටික ටික අහර ගතිමි. භාරද්වාජය, මුංයුෂ වේවයි කොල්ලුයුෂ වේවයි කඩලයුෂ වේවයි මෑයුෂ වේවයි පතක් පතක් පමණ වූ මද මද අහර ගන්නා මාගේ කය අධිමාත්‍ර කෘශත්‍වයට පැමිණියේ වෙයි. ආසීතික වැල් පුරුක් හෝ කළුවැල් පුරුක් යම්සේ ද, එ මැ අල්පාහාරතායෙන් මාගේ අඞ්ගප්‍රත්‍යඞ්ගයෝ එ බඳු වෙති. ඔටුපිය යම්සේ ද, එ මැ අල්පාහාරතායෙන් මාගේ නිසීදනමාංශය එ බඳු වෙයි. කුරුඳුවැල යම්සේ (උස්මිටි) වේ ද, එ මැ අල්පාහාරතායෙන් මාගේ පිටකටුව (වංශාස්ථිය) එසෙයින් මැ උස්මිටි වෙයි. යම්සේ නම් දිරාගිය ශාලායෙකැ ගොනැස්හු එලුණාහු ඈත මෑත එලුණාහු වෙත් ද, එසෙයින් මැ එ මැ අල්පාහාරතායෙන් මාගේ ඉළ ඇටඑලුණාහු ඈත මෑත එලුණාහු වෙති. යම්සේ නම් ගැඹුරු දියවළෙකැ දියතරු ගැඹුරට ගියාහු යටට පිවිසියාහු දක්නා ලැබෙත් ද, එසෙයින් මැ එ මැ අල්පාහාරතායෙන් මාගේ අක්‍ෂිකූපයන්හි ඇස්තරු ගැඹුරට ගියාහු යටට පිවිසියාහු දක්නා ලැබෙති. යම්සේ නම් තිත්තලබු ඵලයක්
Pali BJTතිත්තකා ලාබු ආමකච්ඡින්නො වාතාතපෙන සම්ඵුටිතො හොති සම්මිලාතො, එවමෙවස්සු මෙ සීසච්ඡවි සම්ඵුටිතා හොති සම්මිලාතා තායෙවප්පාහාරතාය. සො ඛො අහං භාරද්වාජ, උදරච්ඡවිං පරාමසිස්සාමී’ති පිට්ඨිකණ්ටකංයෙව පරිගණ්හාමි. ‘පිට්ඨිකණ්ටකං පරාමසිස්සාමී’ති උදරච්ඡවිංයෙව පරිගණ්හාමි. යාවස්සු මෙ භාරද්වාජ, උදරච්ඡවි පිට්ඨිකණ්ටකං අල්ලීනා හොති තායෙවප්පාහාරතාය, සො ඛො අහං භාරද්වාජ, ‘වච්චං වා මුත්තං වා කරිස්සාමී’ති තත්ථෙව අවකුජ්ජො පපතාමි තායෙවප්පාහාරතාය. සො ඛො අහං භාරද්වාජ, ඉමමෙව කායං අස්සාසෙන්තො පාණිනා ගත්තානි අනුමජ්ජාමි. තස්ස මය්හං භාරද්වාජ, පාණිනා ගත්තානි අනුමජ්ජතො පූතිමූලානි ලොමානි කායස්මා පපතන්ති තායෙවප්පාහාරතාය. අපිස්සු මං භාරද්වාජ, මනුස්සා දිස්වා එවමාහංසු: “කාළො සමණො ගොතමො”ති. එකච්චෙ මනුස්සා එවමාහංසු: “න කාළො සමණො ගොතමො, සාමො සමණො ගොතමො”ති. එකච්චෙ මනුස්සා එවමාහංසු: “න කාළො සමණො ගොතමො, න’පි සාමො, මඞ්ගුරච්ඡවි සමණො ගොතමො”ති. යාවස්සු මෙ භාරද්වාජ, තාව පරිසුද්ධො ඡවිවණ්ණො පරියොදාතො උපහතො හොති තායෙවප්පාහාරතාය.
Sinhala BJTතරුණ කල්හි සිඳුනා ලද්දේ වා - අවුයෙන් මිලාන වැ හැකුළුණේ වේ ද, එසෙයින් මැ එ මැ අල්පාහාරතායෙන් මාගේ හිසසිවි මිලාන වැ හැකුළුණේ වෙයි. භාරද්වාජය, ඒ මම ‘කුසැසිවි පරාමර්‍ශ කෙරෙමි’යි පිටකටුව මැ (උදරසිවි හා සමග) ගනිමි. ‘පිටකටුව පිරිමසමි’යි උදරසිවි මැ (පිටකටුව හා සමග) ගනිමි. භාරද්වාජය, එ මැ අල්පාහාරතායෙන් මාගේ උදරසිවි පිටකටුව තාක් ඇලුණේ වෙයි. භාරද්වාජය, මම එ මැ අල්පාහාරතායෙන් ‘මලකිස හෝ මූකිස හෝ කෙරෙමි’යි එහි මැ මුහුණින් වැටෙමි. භාරද්වාජය, මම මෙ මැ කය අස්වසමින් අත්ලෙන් සිරුරු අවයව පිරිමදිමි, භාරද්වාජය, එ මැ අල්පාහාරතායෙන් අතින් ගාත්‍රයන් පිරිමදනා මාගේ කයින් කුණුවූ මුල් ඇති ලෝමයෝ ගිලිහෙති, තවද භාරද්වාජය, මිනිස්සු මා දැක මෙසේ කීහ: “ශ්‍රමණ ගෞතම කළුපැහැ ඇතියහ”යි, ඇතැම් මිනිස්සු මෙසේ කීහ: “ශ්‍රමණ ගෞතමයෝ කළුපැහැ නො වෙති. ශ්‍රමණ ගෞතමයෝ සම්වන්හ”යි. සමහර මිනිස්සු මෙසේ කීහ: “ශ්‍රමණ ගෞතමයෝ කළුපැහැ නො වෙති, නො ද සම්වන්හ, ශ්‍රමණ ගෞතම මඟුරුපැහැ ඇතියහ”යි. භාරද්වාජය, මාගේ පරිශුද්ධ වූ පර්‍ය්‍යවදාත වූ සිවිපැහැ එ මැ අල්පාහාරතායෙන් එතෙක් නටුයේ වෙයි.
Pali BJTතස්ස මය්හං භාරද්වාජ, එතදහොසි: “යෙ ඛො කෙචි අතීතමද්ධානං සමණා වා බ්රාහ්මණා වා ඔපක්කමිකා දුක්ඛා තිප්පා{1} කටුකා වෙදනා වෙදියිංසු,{2} එතාව පරමං නයිතො භිය්යො. යෙ’පි හි කෙචි අනාගතමද්ධානං සමණා වා බ්රාහ්මණා වා ඔපක්කමිකා දුක්ඛා තිප්පා{1} කටුකා වෙදනා වෙදියිස්සන්ති,{3} එතාව පරමං නයිතො භිය්යො. යෙ’පි හි කෙචි එතරහි සමණා වා බ්රාහ්මණා වා ඔපක්කමිකා දුක්ඛා තිප්පා කටුකා වෙදනා වෙදියන්ති,{4} එතාව පරමං නයිතො භිය්යො. න ඛො පනාහං ඉමාය කටුකාය දුක්කරකාරියාය අධිගච්ඡාමි උත්තරිමනුස්සධම්මා අලමරියඤාණදස්සනවිසෙසං. සියා නු ඛො අඤ්ඤො මග්ගො බොධායා”ති?
Sinhala BJTභාරද්වාජය, මට තෙල සිත් වී: අතීතකාලයෙහි යම්කිසි ශ්‍රමණ කෙනෙක් වෙත්වයි බ්‍රාහ්මණ කෙනෙක් වෙත්වයි ඖපක්‍රමික වූ ත්‍රීව කටුක දුඃඛවේදනා වින්දාහු නම් (එ වේදනාව) මේ මැ පරම කොට ඇති, මෙයින් වැඩි නො වෙයි. අනාගතකාලයෙහි දු යම් කිසි ශ්‍රමණ කෙනෙක් හෝ බ්‍රාහ්මණ කෙනෙක් හෝ ඖපක්‍රමික වූ ත්‍රීව කටුක දුඃඛවේදනා විදුනාහු නම් මේ මැ පරම කොට ඇති, මෙයින් වැඩි නො වෙයි. මෙ කල්හි දු යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ ඖපක්‍රමික වූ ත්‍රීව කටුක දුඃඛවේදනා විඳිත් නම් මේ මැ පරම කොට ඇති, මෙයින් වැඩි නො වෙයි. මම වැළිත් මේ කටුක වූ දුෂ්කරක්‍රියායෙන් මනුෂ්‍යධර්‍මයෙන් මතු ආර්‍ය්‍යභාවකරණයට සමර්‍ත්‍ථ ඥානදර්‍ශනවිශේෂයක් නො ලබමි. සම්බෝධයට අනෙක් මාර්‍ගයෙක් ඇද්දැ? යි.
Pali BJTතස්ස මය්හං භාරද්වාජ, එතදහොසි: “අභිජානාමි ඛො පනා’හං පිතුසක්කස්ස කම්මන්තෙ සීතාය ජම්බුච්ඡායාය නිසින්නො විවිච්චෙව කාමෙහි විවිච්ච අකුසලෙහි ධම්මෙහි සවිතක්කං සවිචාරං විවෙකජං පීතිසුඛං පඨමං ඣානං උපසම්පජ්ජ විහරිතා. සියා නුඛො එසො මග්ගො බොධායා”ති. තස්ස මය්හං භාරද්වාජ, සතානුසාරි විඤ්ඤාණං අහොසි: “එසො’ව{5} මග්ගො බොධායා”ති. තස්ස මය්හං භාරද්වාජ, එතදහොසි: “කිං නුඛො අහං තස්ස සුඛස්ස භායාමි, යං තං සුඛං අඤ්ඤත්රෙව කාමෙහි අඤ්ඤත්ර අකුසලෙහි ධම්මෙහී”ති. තස්ස මය්හං භාරද්වාජ, එතදහොසි: “න ඛො අහං තස්ස සුඛස්ස භායාමි, යං තං සුඛං අඤ්ඤත්රෙව කාමෙහි අඤ්ඤත්ර අකුසලෙහි ධම්මෙහී”ති.
Sinhala BJTභාරද්වාජයෙනි, මට තෙල සිත් වී: “මම වනාහි පිතෘශාක්‍යයන්ගේ කමත්හි සිහිල් දඹසෙවනෙහි හුන්නෙම් කාමයෙන් වෙන් වැ මැ අකුශලධර්‍මයෙන් වෙන් වැ මැ විතර්‍ක සහිත වූ විචාර සහිත වූ විවේකයෙන් උපන් ප්‍රීතිසුඛය ඇති ප්‍රථමධ්‍යානය උපයා වාස කෙළෙම් දනිම් මැ යැ. තෙල සම්බෝධයට මාර්‍ග වන්නේ දැ? යි. භාරද්වාජය, මට සතානුසාරී (සිහිය අනුව යන) විඥානය පහළ විය. ‘තෙලෙ මැ සම්බෝධයට මාර්‍ග වේ යැ’යි. භාරද්වාජය, මට තෙල සිත් වී: “කිමෙක් ද මම කාමයෙන් වෙන් වැ මැ අකුශල ධර්‍මයෙන් වෙන් වැ මැ යම් සුඛයෙක් වේ නම් ඒ සුඛයට බිය වෙම් දැ?”යි. භාරද්වාජය, එ මට තෙල සිත් වී: “කාමයෙන් වෙන් වැ මැ අකුශලධර්‍මයෙන් වෙන් වැ මැ යම් සුඛයෙක් වේ නම් මම ඒ සුඛයට බිය නො වෙම් මැ”යි.
Pali BJTතස්ස මය්හං භාරද්වාජ, එතදහොසි: “න ඛො තං සුකරං සුඛං අධිගන්තුං එවං අධිමත්තකසිමානං පත්තකායෙන. යන්නූනාහං ඔළාරිකං ආහාරං ආහාරෙය්යං ඔදනකුම්මාස”න්ති. සො ඛො අහං භාරද්වාජ, ඔළාරිකං ආහාරං ආහාරෙසිං ඔදනකුම්මාසං. තෙන ඛො පන මං භාරද්වාජ, සමයෙන පඤ්චවග්ගියා භික්ඛූ පච්චුපට්ඨිතා හොන්ති, “යං ඛො සමණො ගොතමො ධම්මං අධිගමිස්සති, තං නො ආරොචෙස්සතී”ති. යතො ඛො අහං භාරද්වාජ ඔළාරිකං ආහාරං ආහාරෙසිං ඔදනකුම්මාසං. අථ මෙ තෙ පඤ්චවග්ගියා භික්ඛූ නිබ්බිජ්ජ පක්කමිංසු “බාහුලිකො{1} සමණො ගොතමො පධානවිබ්භන්තො ආවත්තො බාහුල්ලායා”ති.
Sinhala BJTභාරද්වාජය, මට තෙල සිත් වී: “මෙසේ අධිමාත්‍ර කෘශභාවයට ගිය කයින් ඒ සුඛය ලබන්නට සුකර නො වෙයි, මම ඕදනකුම්මාස සඞ්‍ඛ්‍යාත ඕළාරික අහර වළඳනෙම් නම් මනා මැ නු”යි. භාරද්වාජය, මම ඕදනකුම්මාස සඞ්‍ඛ්‍යාත ඕළාරික අහර වැළඳුයෙමි. භාරද්වාජය, එසඳ පස්වග මහණහු ‘මහණ ගොයුම්හු යම් දහමක් අධිගම කෙරෙත් ද, එ දහම අපට පවසතී’ මට උවැටන් කළාහු වෙති. භාරද්වාජය, යම් දිනෙකැ මම බත්කොමුපිඬු සඞ්‍ඛ්‍යාත ඕළාරික අහර වැළඳුයෙම් ද, එකල ඒ පස්වග මහණහු මට කළකිරී නික්ම ගියහ. “මහණ ගොයුම්හු බාහුලිකයහ, ප්‍රධනින් ගිලිහුණහ, ප්‍රත්‍යය බාහුල්‍යයට වැටුණහ” යි කියා යි.
Pali BJTසො ඛො අයං භාරද්වාජ, ඔළාරිකං ආහාරං ආහාරෙත්වා බලං ගහෙත්වා විවිච්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහාසිං. විතක්කවිචාරානං වූපසමා -පෙ- දුතියං ඣානං -පෙ- තතියං ඣානං -පෙ- චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහාසිං.
Sinhala BJTභාරද්වාජය, ඒ මම ඕළාරික අහර වළඳා කායබල ගෙන කාමයෙන් වෙන් වැ මැ ... ප්‍රථමධ්‍යාන උපයාගෙන විසීමි, විතර්‍කවිචාරයන් ගේ ව්‍යුපශමයෙන් ... ද්විතීය ධ්‍යානය ... තෘතීයධ්‍යානය ... චතුර්‍ත්‍ථධ්‍යානය උපදවා ගෙන විසිමී.
Pali BJTසො එවං සමාහිතෙ චිත්තෙ පරිසුද්ධෙ පරියොදාතෙ අනඞ්ගණෙ විගතූපක්කිලෙසෙ මුදුභූතෙ කම්මනියෙ ඨිතෙ අනෙඤ්ජප්පත්තෙ පුබ්බෙනිවාසානුස්සතිඤාණාය චිත්තං අභිනින්නාමෙසිං. සො අනෙකවිහිතං පුබ්බෙනිවාසං අනුස්සරාමි. සෙය්යථිදං: එකම්පි ජාතිං ද්වෙපි ජාතියො -පෙ- ඉති සාකාරං සඋද්දෙසං අනෙකවිහිතං පුබ්බෙනිවාසං අනුස්සරාමි. අයං ඛො මෙ භාරද්වාජ, රත්තියා පඨමෙ යාමෙ පඨමා විජ්ජා අධිගතා, අවිජ්ජා විහතා විජ්ජා උප්පන්නා තමො විහතො ආලොකො උප්පන්නො යථා තං අප්පමත්තස්ස ආතාපිනො පහිතත්තස්ස විහරතො.
Sinhala BJTමම මෙසේ සමාහිතචිත්තය පරිශුද්ධ වැ පර්‍ය්‍යවදාත වැ අනඞ්ගණ වැ විගතෝපක්ලේශ වැ මෘදු වැ කර්‍මණ්‍ය වැ ස්ථිත වැ නිශ්චලප්‍රාප්ත වැ සිටි කල්හි ඒ සිත පූර්වේනිවාසානුස්මෘතිඥානය පිණිස නතු කෙළෙමි. මම අනේකවිධ පූර්වේනිවාසය සිහි කරමි. ඒ කෙසේ යැ යත්: එක් ජාතියකුදු, දෙජාතියකුදු ... මෙසේ සාකාර සොද්දේශ අනේකප්‍රකාර පූර්වේනිවාසය සිහි කෙරෙමි, භාරද්වාජය, මා විසින් රැය පළමු යම්හි මේ පළමු විද්‍යාව අධිගත යැ, අවිද්‍යා විහත වූ විද්‍යා උපන, තමස විහත විය, ආලොකය උපන, අප්‍රමත්ත වැ කෙලෙස් තවන වැර ඇති වැ කායජීවිත නිරපේක්‍ෂක වැ වසනුවක්හට යම්සේ වේ ද එසෙයිනි.
Pali BJTසො එවං සමාහිතෙ චිත්තෙ පරිසුද්ධෙ පරියොදාතෙ අනඞ්ගණෙ විගතූපක්කිලෙසෙ මුදුභූතෙ කම්මනියෙ ඨිතෙ ආනෙඤ්ජප්පත්තෙ සත්තානං චුතූපපාතඤාණාය චිත්තං අභිනින්නාමෙසිං. සො දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන අතික්කන්තමානුසකෙන සත්තෙ පස්සාමි චවමානෙ උපපජ්ජමානෙ හීනෙ පණීතෙ සුවණ්ණෙ දුබ්බණ්ණෙ සුගතෙ දුග්ගතෙ, යථාකම්මූපගෙ සත්තෙ පජානාමි -පෙ- අයං ඛො මෙ භාරද්වාජ, රත්තියා මජ්ඣිමෙ යාමෙ දුතියා විජ්ජා අධිගතා, අවිජ්ජා විහතා විජ්ජා උප්පන්නා, තමො විහතො ආලොකො උප්පන්නො, යථා තං අප්පමත්තස්ස ආතාපිනො පහිතත්තස්ස විහරතො.
Sinhala BJTමෙසේ මම පරිශුද්ධ පර්‍ය්‍යවදාත අනඞ්ගණ විගතෝපක්ලේශ මෘදුභූත කර්‍මක්‍ෂම ස්ථිත නිශ්චලප්‍රාප්ත සමාධිගත චිත්තය ඇති වත් මැ එ සිත සත්ත්‍වයන්ගේ චුතූපපාතඤාණය පිණිස නතු කෙළෙමි. මම පිරිසුදු වූ මිනිසැස ඉක්ම සිටි දිවැසින් ච්‍යුත වන උපදනා හීන ප්‍රණීත සුවර්‍ණ දුර්වර්‍ණ සුගත දුර්‍ගත සත්ත්‍වයන් දක්මි. කම් වූ පරිදි ගිය සතුන් දන්මි ... භාරද්වාජය, මා විසින් රැය මැදුම් යමැ මේ දෙවන විද්‍යා අධිගත වූ අවිද්‍යා විහත වූ, විද්‍යා උපන, තමස විහත වී, ආලෝක උපන. අප්‍රමත්ත වැ ආතාපන වීර්‍ය්‍ය ඇති වැ නිවනට මෙහෙයූ සිත් ඇති වැ වාස කරන යෝගාවචරයක්හට යම්සේ වේ ද, එසෙයිනි.
Pali BJTසො එවං සමාහිතෙ චිත්තෙ පරිසුද්ධෙ පරියොදාතෙ අනඞ්ගණෙ විගතූපක්කිලෙසෙ මුදුභූතෙ කම්මනියෙ ඨිතෙ ආනෙඤ්ජප්පත්තෙ ආසවානං ඛයඤාණාය චිත්තං අභිනින්නාමෙසිං. සො ඉදං දුක්ඛන්ති යථාභූතං අබ්භඤ්ඤාසිං. -පෙ- අයං දුක්ඛනිරොධගාමිනීපටිපදාති යථාභූතං අබ්භාඤ්ඤාසිං. ඉමෙ ආසවාති යථාභූතං අබ්භඤ්ඤාසිං. -පෙ- අයං ආසවනිරොධගාමිනීපටිපදාති යථාභූතං අබ්භඤ්ඤාසිං. තස්ස මෙ එවං ජානතො එවං පස්සතො කාමාසවාපි චිත්තං විමුච්චිත්ථ. භවාසවාපි චිත්තං විමුච්චිත්ථ. අවිජ්ජාසවාපි චිත්තං විමුච්චිත්ථ. විමුත්තස්මිං විමුත්තමිති ඤාණං අහොසි. ඛීණා ජාති, වුසිතං බ්රහ්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්ථත්තායාති අබ්භඤ්ඤාසිං. අයං ඛො මෙ භාරද්වාජ, රත්තියා පච්ඡිමෙ යාමෙ තතියා විජ්ජා අධිගතා, අවිජ්ජා විහතා විජ්ජා උප්පන්නා, තමො විහතො, ආලොකො උප්පන්නො, යථා තං අප්පමත්තස්ස ආතාපිනො පහිතත්තස්ස විහරතොති.
Sinhala BJTමෙසේ මම සමාහිත සිත පිරිසුදු වැ ප්‍රභාස්වර වැ නිරඞ්ගණ වැ පහවූ උපක්ලේශ ඇති ව මොළොක් වැ කර්‍මණ්‍ය වැ ස්ථිත වැ නිසල බවට පැමිණි සිටි කල්හි ආස්‍රවක්‍ෂයඥානය පිණිස සිත නතු කෙළෙමි, මම ‘මේ දුකැ’යි ඇති සැටියෙන් දත්මි ... ‘මේ දුඃඛනිරෝධගාමිනී ප්‍රතිපත් යැ’යි ඇති සැටියෙන් දත්මි. ‘මොහු ආස්‍රවයහ’යි ඇති සැටියෙන් දත්මි ... ‘මේ ආස්‍රවනිරෝධගාමිනී ප්‍රතිපත් යැ’යි ඇති සැටියෙන් දත්මි. මෙසේ දන්නා මෙසේ දක්නා මාගේ සිත කාමාස්‍රවයෙනුදු මිදිණ. සිත භවාස්‍රවයෙනුදු මිදිණ. සිත අවිද්‍යාස්‍රවයෙනුදු මිදිණ. මිදුත් මැ ‘මිදිණැ’යි නුවණ විය. ජාති ක්‍ෂීණ වූ, බඹසරවස් වැස නිමවන ලද, කරණී කරනලදි. මේ රහත් බවට අන්කිසෙක් නැතැ’යි දතිමි. භාරද්වාජය, මා විසින් රැය පැසුළු යමැ මේ තුන් වන විද්‍යා අධිගත යැ. අවිද්‍යා විහත වූ යැ, විද්‍යා උපන, තමස විහත වී, ආලොකය, උපන. නො පමාව කෙලෙස් තවන වැර ඇති වැ නිවන් පිණිස මෙහෙයූ සිත් ඇති වැ වාස කරන යෝගාවචරයක්හට යම්සේ වේ ද එසෙයිනි.
Pali BJTඑවං වුත්තෙ සඞ්ගාරවො මාණවො භගවන්තං එතදවොච: අට්ඨිතවතං භොතො ගොතමස්ස පධානං අහොසි. සප්පුරිසවතං භොතො ගොතමස්ස පධානං අහොසි, යථා තං අරහතො සම්මාසම්බුද්ධස්ස.
Sinhala BJTමෙසේ වදාළ කල්හි සඞ්ගාරව මාණවක භාග්‍යවතුන් වහන්සේට තෙල කරුණ සැල කෙළේ: “භවත් ගෞතමයන් වහන්සේගේ අස්ථිත (නො සිටී) ප්‍රධානයෙක් මැ විය, භවත් ගෞතමයන් වහන්සේගේ සත්පුරුෂ ප්‍රදහනයෙක් මැ වී. අර්‍හත් සම්‍යක්සබුද්ධයක්හට යම්සේ ද එසෙයිනි”.
Pali BJTකින්නු ඛො භො ගොතම, අත්ථි දෙවාති. ඨානසො මෙතං භාරද්වාජ, විදිතං යදිදං අත්ථි දෙවාති.
Sinhala BJTකිම භවත් ගොයුම්ගොතුවෙනි, දෙවියෝ ඇද්දැ? යි. භාරද්වාජය, ‘දෙවියෝ ඇද්ද, යන යමක් වේ ද, තෙල මා විසින් කරුණු විසින් දන්නා ලද’.
Pali BJTකින්නු ඛො භො ගොතම, අත්ථි දෙවාති පුට්ඨො සමානො, ඨානසො මෙතං භාරද්වාජ, විදිතං යදිදං අත්ථි දෙවාති{1} වදෙසි? න නු භො ගොතම, එවං සන්තෙ තුච්ඡා{2} මුසා හොතී’ති.
Sinhala BJTකිම භවත් ගෞතමයන් වහන්ස, ‘දෙවියෝ ඇද්දැ’යි පුළුවුස්නා ලද්දාහු “භාරද්වාජය, ‘දෙවියෝ ඇද්ද?’ යන යමක් වේ ද තෙල කරුණ මා විසින් කරුණු විසින් දන්නාලදැ”යි කියව, භවත් ගෞතමයෙනි, මෙසේ ඇති කල්හි සිස් මුසවා නො මැ වේ නු? යි.
Pali BJTඅත්ථි දෙවා’ති භාරද්වාජ, පුට්ඨො සමානො, අත්ථි දෙවා’ති යො වදෙය්ය. ඨානසො මෙ විදිතාති යො වදෙය්ය, අථ ඛෙවත්ථ විඤ්ඤුනා පුරිසෙන{3} එකංසෙන නිට්ඨං ගන්තබ්බං{4} යදිදං අත්ථි දෙවාති.
Sinhala BJTභාරද්වාජය, ‘දෙවියෝ ඇද්දැ’ යි පුළුවුස්නාලද යමෙක් ‘දෙවියෝ ඇතැ’යි කියන්නේ ද, යමෙක් ‘මා විසින් කරුණු හෙයින් දන්නාලදැ’යි කියන්නේ ද, එසඳ මෙහි නුවණැති පුරුෂයක්හු විසින් ‘දෙවියෝ ඇත’ යන මෙ කරුණ ඒකාන්තයෙන් නිෂ්ඨාවට යා යුතු යැ.
Pali BJTකිස්ස පන මෙ භවං ගොතමො, ආදිකෙනෙව න බ්යාකාසීති.
Sinhala BJTකුමක් හෙයින් මට භවත් ගෞතමයෝ මුලදී මැ ප්‍රකාශ නො කළාහු දැ? යි.