Pali BJTපාදුදරෙපි ජානාථ උරගෙ දීඝපිට්ඨිකෙ{5} ලිඞ්ගං ජාතිමයං තෙසං අඤ්ඤමඤ්ඤා හි ජාතියො.
Sinhala BJTදික් පිටු ඇති උරින් යන විෂධරයනුදු දනුව. උන්ගේ ජාතිමය ලිඞ්ග ඇත. (කවර හෙයින යත්:) ජාතීහු නානාප්‍රකාරයහ.
Pali BJTතතො මච්ඡෙපි ජානාථ උදකෙ වාරිගොචරෙ ලිඞ්ගං ජාතිමයං තෙසං අඤ්ඤමඤ්ඤා හි ජාතියො.
Sinhala BJTඉක්බිති දියෙහි උපන් ජලය ගෝචර කොට ඇති මසුනුදු දනුව. උන්ගේ ජාතිමය ලිඞ්ග ඇත. (කවර හෙයින යත්:) ජාතීහු නානාප්‍රකාරයහ.
Pali BJTතතො පක්ඛීපි ජානාථ පත්තයානෙ විහඞ්ගමෙ ලිඞ්ගං ජාතිමයං තෙසං අඤ්ඤමඤ්ඤා හි ජාතියො.
Sinhala BJTඉක්බිති පියාපත් යාන කොට ඇති අහසැ ඇවිදුනා ලිහිණිනුදු දනුව, උන්ගේ ජාතිමය ලිඞ්ග ඇත. (කවර හෙයින යත්:) ජාතීහු නානාප්‍රකාරයහ.
Pali BJTයථා එතාසු ජාතීසු ලිඞ්ගං ජාතිමයං පුථු එවං නත්ථි මනුස්සෙසු ලිඞ්ගං ජාතිමයං පුථු.
Sinhala BJTයම් පරිදි තෙල ජාතියෙහි වෙන වෙන ජාතිමය ලිඞ්ග ඇත්ද, එපරිදි මිනිසුන් කෙරෙහි වෙන වෙන ජාතිමය ලිඞ්ග නැත.
Pali BJTන කෙසෙහි න සීසෙහි න කණ්ණෙහි න අක්ඛීහි, න මුඛෙන න නාසාය න ඔට්ඨෙහි භමූහි වා.
Sinhala BJT(ලිඞ්ගභේදයෙක්) කේශයෙන් නැත, හිසින් නැත, කනින් නැත, ඇසින් නැත, මුවින් නැත, නැහැයෙන් නැත, තොලින් නැත, බැමිනුදු නැත.
Pali BJTන ගීවාය න අංසෙහි න උදරෙන න පිට්ඨියා න සොණියා න උරසා න සම්බාධෙ න මෙථුනෙ.
Sinhala BJTග්‍රීවායෙන් නැත, අංශයෙන් නැත, උදරයෙන් නැත, පිටින් නැත, ශ්‍රෝණියෙන් නැත, උරයෙන් නැත, සම්බාධයෙහි නැත, මෛථුනයෙහි නැත.
Pali BJTන හත්ථෙහි න පාදෙහි නාඞ්ගුලීහි නඛෙහි වා, න ජඞ්ඝාහි න ඌරූහි න වණ්ණෙන සරෙන වා ලිඞ්ගං ජාතිමයං නෙව යථා අඤ්ඤාසු ජාතිසු.
Sinhala BJTඅතින් නැත, පයින් නැත, ඇඟිල්ලෙන් නැත, නියෙන් නැත, දඟින් නැත, කලවෙයින් නැත, පැහැයෙන් නැත, ස්වරයෙන් අන්‍යජාතීන්හි සෙයින් ජාතිමය ලිඞ්ග නැත් මැ යි.
Pali BJTපච්චත්තං ච සරීරෙසු මනුස්සෙස්වෙතං න විජ්ජති වොකාරඤ්ච මනුස්සෙසු සමඤ්ඤාය පවුච්චති.
Sinhala BJT(බ්‍රාහ්මණාදි භෙදවත්) මිනිස් සිරුරෙහි වෙන වෙන තෙල (ජාතිමය ලිඞ්ගය) නො පැනේ. මිනිසුන් කෙරෙහි නානාත්‍වය ද ව්‍යවහාරමාත්‍රයෙන් කියනු ලැබේ.
Pali BJTයො හි කොචි මනුස්සෙසු ගොරක්ඛං උපජීවති එවං වාසෙට්ඨ ජානාහි කස්සකො සො න බ්රාහ්මණො.
Sinhala BJTමිනිසුන් කෙරෙහි යම් කිසිවෙක් කෘෂිකර්‍මයෙන් දිවිරක්නේ ද, වාසෙට්ඨයෙනි, මෙසේ හේ “ගොවියෙක, බමුණු නො වේ” යයි දනුව.
Pali BJTයො හි කොචි මනුස්සෙසු පුථුසිප්පෙන ජීවති එවං වාසෙට්ඨ ජානාහි සිප්පිකො සො න බ්රාහ්මණො.
Sinhala BJTවාසෙට්ඨයෙනි, මිනිසුන් කෙරෙහි යම් කිසිවෙක් නොයෙක් ශිල්පයෙන් දිවි රක්නේ ද, මෙසෙයින් හේ “ශිල්පියෙක, බමුණු නො වේ” යයි දනුව.
Pali BJTයො හි කොචි මනුස්සෙසු වොහාරං උපජීවති එවං වාසෙට්ඨ ජානාහි වාණිජො සො න බ්රාහ්මණො.
Sinhala BJTවාසෙට්ඨයෙනි, මිනිසුන් කෙරෙහි යම් කිසිවෙක් වෙණදහමින් දිවි රක්නේ ද, මෙසෙයින් හේ “වෙළෙඳෙක, බමුණු නො වේ” යයි දනුව.
Pali BJTයො හි කොචි මනුස්සෙසු පරපෙස්සෙන ජීවති එවං වාසෙට්ඨ ජානාහි පෙස්සිකො සො න බ්රාහ්මණො.
Sinhala BJTවාසෙට්ඨයෙනි, මිනිසුන් කෙරෙහි යම් කිසිවෙක් පරනට මෙහෙ කිරීමෙන් දිවි රක්නේ ද, මෙසෙයින් හේ “මෙහෙකරුවෙක, බමුණු නො වේ” යයි දනුව.
Pali BJTයො හි කොචි මනුස්සෙසු අදින්නං උපජීවති එවං වාසෙට්ඨ ජානාහි චොරො එසො න බ්රාහ්මණො.
Sinhala BJTවාසෙට්ඨයෙනි, මිනිසුන් කෙරෙහි යම් කිසිවෙක් අයිනාදනින් දිවි රක්නේ ද, මෙසෙයින් හේ “සොරෙක, බමුණු නො වේ” යයි දනුව.
Pali BJTයො හි කොචි මනුස්සෙසු ඉස්සත්ථං උපජීවති එවං වාසෙට්ඨ ජානාහි යොධාජීවො න බ්රාහ්මණො.
Sinhala BJTවාසෙට්ඨයෙනි, මිනිසුන් කෙරෙහි යම් කිසිවෙක් ආයුධයෙන් දිවි රක්නේ ද, මෙසෙයින් හේ “යෝධාජීව යෙක, බමුණු නො වේ” යයි දනුව.
Pali BJTයො හි කොචි මනුස්සෙසු පොරොහිච්චෙන ජීවති එවං වාසෙට්ඨ ජානාහි යාජකො සො න බ්රාහ්මණො.
Sinhala BJTවාසෙට්ඨයෙනි, මිනිසුන් කෙරෙහි යම් කිසිවෙක් පෙරෙවිකමින් දිවි රක්නේ ද, මෙසෙයින් හේ “යාජකයෙක, බමුණු නො වේ” යයි දනුව.
Pali BJTයො හි කොචි මනුස්සෙසු ගාමං රට්ඨඤ්ච භුඤ්ජති එවං වාසෙට්ඨ ජානාහි රාජා එසො න බ්රාහ්මණො.
Sinhala BJTවාසෙට්ඨයෙනි, මිනිසුන් කෙරෙහි යම් කිසිවෙක් ගමත් රටත් පරිභෝග කෙරේ ද, මෙසෙයින් හේ “රජෙක, බමුණු නො වේ” යයි දනුව.
Pali BJTන චාහං බ්රාහ්මණං බ්රූමි යොනිජං මත්තිසම්භවං භොවාදී නාම සො හොති සචෙ හොති සකිඤ්චනොඅකිඤ්චනං අනාදානං තමහං බ්රූමි බ්රාහ්මණං.
Sinhala BJTමම යෝනිජමාතෘසම්භව මාත්‍රයෙන් ‘බමුණු’යයි නො කියමි. ඉදින් හේ (රාගාදි) පලිබෝධ සහිත වේ නම් ‘භො වාදී’ නම් වෙයි. (රාගාදි) පලිබෝධ නැති ආදාන නැති (ග්‍රහණ හැරපී) ඔහු ‘බ්‍රාහ්මණ’ යයි මම කියමි.
Pali BJTසබ්බසඤ්ඤොයොජනං ඡෙත්වා යො වෙ න පරිතස්සති සඞ්ගාතිගං විසඤ්ඤුත්තං තමහං බ්රූමි බ්රාහ්මණං.
Sinhala BJTයමෙක් ඒකාන්තයෙන් සියලු සංයෝජනයන් සිඳ තෘෂ්ණා නො කෙරේ ද, (රාගාදි) සඞ්ගයන් ඉක්ම ගිය (සතර යෝනියෙන් හා සියලු කෙලෙසුන් කෙරෙන්) වෙන් වූ ඔහු ‘බ්‍රාහ්මණ’ යයි මම කියමි.
Pali BJTඡෙත්වා නන්දිං වරත්තඤ්ච, සන්දානං සහනුක්කමං උක්ඛිත්තපළිඝං බ්රූද්ධං තමහං බ්රූමි බ්රාහ්මණං.
Sinhala BJT(බද්ධවෛර සඞ්ඛ්‍යාත) බහන ද (තෘෂ්ණා සඞ්ඛ්‍යාත) වරපට ද (දෘෂ්ටිපර්‍ය්‍යුත්‍ථාන සඞ්ඛ්‍යාත) පාශය ද (දෘෂ්ට්‍යනුශය සඞ්ඛ්‍යාත) ගණ්ඪිය ද සිඳ නඟා හළ (අවිද්‍යා සඞ්ඛ්‍යාත) අගුළු ඇති, චතුස්සත්‍යය අවබෝධ කළ ඔහු ‘බ්‍රාහ්මණ’ යයි මම කියමි.
Pali BJTඅක්කොසං වධබන්ධඤ්ච අදුට්ඨො යො තිතික්ඛති තිඛන්තිබලං බලාණීකං තමහං බ්රූමි බ්රාහ්මණං.
Sinhala BJTයමෙක් අදුෂ්ට වැ අක්‍රෝශ හා වධ බන්‍ධ සෙහේ ද, ක්‍ෂාන්තිබල ඇති ක්‍ෂාන්ති සඞ්ඛ්‍යාත බල ඇණි ඇති, ඔහු මම ‘බ්‍රාහ්මණ’ යයි කියමි.
Pali BJTඅක්කොධනං වතවන්තං සීලවන්තං අනුස්සදං දන්තං අන්තිමසාරීරං තමහං බ්රූමි බ්රාහ්මණං.
Sinhala BJTක්‍රෝධ රහිත වූ ධුතාඞ්ග ඇති ධුතාඞ්ගව්‍රත ඇති, සිල්වත් වූ ගුණවත් වූ (රාගාදි) උත්සද නැති, දාන්ත වූ අන්තිමශරීරධර වූ ඔහු මම ‘බ්‍රාහ්මණ’ යයි කියමි.
Pali BJTවාරිපොක්ඛරපත්තෙව ආරග්ගෙරිව සාසපො යො න ලිප්පති{1} කාමෙසු තමහං බ්රූමි බ්රාහ්මණං.
Sinhala BJTපොකුරුපත හුන් දිය සෙයින් හිදි අග හුන් හබ සෙයින් යමෙක් කාමයෙහි නො ලැගේ ද, ඔහු මම ‘බ්‍රාහ්මණ’ යයි කියමි.
Pali BJTයො දුක්ඛස්ස පජානාති ඉධෙව ඛයමත්තනො පන්නභාරං විසංයුත්තං තමහං බ්රූමි බ්රාහ්මණං.
Sinhala BJTයමෙක් දුඃඛය දන්නේ ද, මෙ ඇතබැව මැ තමා ගේ දුඃඛක්‍ෂය දන්නේ ද, බහා තැබූ කෙලෙසේ බර ඇති, සියලු කෙලෙසුන් කෙරෙන් විසංයුක්ත වූ ඔහු මම ‘බ්‍රාහ්මණ’ යයි කියමි.
Pali BJTගම්භීරපඤ්ඤං මෙධාවිං මග්ගාමග්ගස්ස කොවිදං උත්තමත්ථමනුප්පත්තං තමහං බ්රූමි බ්රාහ්මණං.
Sinhala BJTගැඹුරු අරමුණෙහි පැවැති පැන ඇති ප්‍රකෘති ප්‍රඥායෙන් ප්‍රඥාවත් වූ මාර්‍ගාමාර්‍ග පිළිබඳ කෝවිදයකු වූ උත්තමාර්‍ත්‍ථ සඞ්ඛ්‍යාත අර්‍හත්‍වයට පැමිණි ඔහු මම ‘බ්‍රාහ්මණ’ යයි කියමි.
Pali BJTඅසංසට්ඨං ගහට්ඨෙහි අනාගාරෙහි චූභයං අනොකසාරිං අප්පිච්ඡං තමහං බ්රූමි බ්රාහ්මණං.
Sinhala BJTගෙවැසියන් හා ද අනගාරිකයන් හා දැ’යි දෙපස හා නො හැනුණු පඤ්චකාමගුණයෙහි නො ඇලුණු අල්පෙච්ඡ වූ ඔහු මම ‘බ්‍රාහ්මණ’ යයි කියමි.
Pali BJTනිධාය දණ්ඩං භූතෙසු තසෙසු ථාවරෙසු ච යො න හන්ති න ඝාතෙති තමහං බ්රූමි බ්රාහ්මණං.
Sinhala BJTභූත තස ථාවර සත්ත්‍වයන් කෙරෙහි දඬුවම් බහා තබා යමෙක් හිංසා නො කෙරේ ද, ඝාතන නො කෙරේ ද, මම ඔහු ‘බ්‍රාහ්මණ’ යයි කියමි.
Pali BJTඅවිරුද්ධං විරුද්ධෙසු අත්තදණ්ඩෙසු නිබ්බුතං සාදානෙසු අනාදානං තමහං බ්රූමි බ්රාහ්මණං.
Sinhala BJTදඬුගත් වෛරීන් කෙරෙහි අවිරුද්ධ වූ (කලේශනිර්‍වාණයෙන්) නිවුණු උපාදාන සහිතයන් කෙරෙහි අනුපාදාන වූ ඔහු මම ‘බ්‍රාහ්මණ’ යයි කියමි.
Pali BJTයස්ස රාගො ච දොසො ච මානො මක්ඛො ච ඔහිතො සාසපොරිව ආරග්ගා තමහං බ්රූමි බ්රාහ්මණං.
Sinhala BJTයමක්හුගේ රාගද්‍වේෂමාන හා ම්‍රක්‍ෂය ද හිදි අගින් ගිලිහුණු අබැටක් සෙයින් බහා තැබිණි ද ඔහු මම ‘බ්‍රාහ්මණ’ යයි කියමි.
Pali BJTඅකක්කසං විඤ්ඤපනිං{2} ගිරං සච්චං උදීරයෙ යාය නාභිසජෙ{3} කිඤ්චි තමහං බ්රූමි බ්රාහ්මණං.
Sinhala BJTයම් වචනයෙකින් කිසිවකුත් නො ඝටා ද, කැකුළු නො වූ පෙහෙසුන් නො වූ එ බඳු සත්‍ය වචන බෙණේ නම් මම ඔහු ‘බ්‍රාහ්මණ’ යයි කියමි.
Pali BJTයො ච දීඝං ව රස්සං වා අණුං ථූලං සුභාසුභං ලොකෙ අදින්නං නාදියති{4} තමහං බ්රූමි බ්රාහ්මණං.
Sinhala BJTයමෙක් ලෝකයෙහි වැටෙන දීර්‍ඝ වූ ත් භ්‍රස්ව වූ ත් සියුම් වූත් දළ වූ ත් ශුභාශුභ අයිනාදන් නො ගනී ද, මම ඔහු ‘බ්‍රාහ්මණ’ යයි කියමි.
Pali BJTආසා යස්ස න විජ්ජන්ති අස්මිං ලොකෙ පරම්හි ච නිරාසයං{5} විසංයුත්තං තමහං බ්රූමි බ්රාහ්මණං.
Sinhala BJTයමෙක්හට මෙලොව්හි දු පරලොව්හි දු ආශාවෝ නැද්ද, තෘෂ්ණා රහිත වූ එහෙයින් මැ විසංයුක්ත වූ ඔහු මම ‘බ්‍රාහ්මණ’ යයි කියමි.
Pali BJTයස්සාලයා න විජ්ජන්ති අඤ්ඤාය අකථංකථී{6}. අමතොගධං අනුප්පත්තං තමහං බ්රූමි බ්රාහ්මණං.
Sinhala BJTයමෙක්හට තෘෂ්ණාලයයෝ නැද්ද, දැනීම හේතු කොට කථඞ්කථා සඞ්ඛ්‍යාත සැක නැද්ද, අමා තුළට පැමිණි ඔහු මම ‘බ්‍රාහ්මණ’ යයි කියමි.
Pali BJTයොධ පුඤ්ඤඤ්ච පාපඤ්ච උභො සඞ්ගං උපච්චගා අසොකං විරජං සුද්ධං තමහං බ්රූමි බ්රාහ්මණං.
Sinhala BJTමෙලොවැ යමෙක් පුණ්‍යපාප සඞ්ඛ්‍යාත උභය සඞ්ගය ඉක්ම ගියේ වේ ද, ශෝක රහිත වූ රජස් රහිත වූ ශුද්ධ වූ ඔහු මම ‘බ්‍රාහ්මණ’ යයි කියමි.
Pali BJTචන්දං ව විමලං සුද්ධං විප්පසන්නමනාවිලං නන්දීභවපරික්ඛීණං තමහං බ්රූමි බ්රාහ්මණං.
Sinhala BJTවිමල පරිශුද්ධ චන්‍ද්‍රමණ්ඩලය සෙයින් විප්‍රසන්න වූ (රාගාදීන්) අනාවිල වූ ක්‍ෂය කළ තෘෂ්ණාව හා භවය ඇති ඔහු මම ‘බ්‍රාහ්මණ’ යයි කියමි.
Pali BJTයො ඉමං පළිපථං දුග්ගං සංසාරං මොහමච්චගා තිණ්ණො පාරගතො ඣායී අනෙජො අකථඞ්කථී අනුපාදාය නිබ්බුතො තමහං බ්රූමි බ්රාහ්මණං.
Sinhala BJTයමෙක් විසංවාදකාර්‍ත්‍ථයෙන් පලිපථ වූ දුර්‍ග වූ සංසරණයට කාරණ වූ මෝහය ඉක්ම සිටියේ වේ ද, චතුරෝඝය තරණය කෙළේ නිර්‍වාණ පාරයට ගියේ ධ්‍යාන කරනුයේ නිෂ්තෘෂ්ණා වූයේ විමති නැතියේ උපාදාන වශයෙන් නො ගෙන පිරිනිවියේ වේ ද, ඔහු මම ‘බ්‍රාහ්මණ’ යයි කියමි.
Pali BJTයොධ කාමෙ පහත්වාන අනාගාරො පරිබ්බජෙ කාමභවපරික්ඛීණං තමහං බ්රූමි බ්රාහ්මණං.
Sinhala BJTයමෙක් මෙලොවැ කාම හැර පියා ගිහිගෙයින් නික්මියේ පැවිද්දට පැමිණෙන්නේ වේ ද, ක්‍ෂය කළ කාම හා භව ඇති ඔහු මම ‘බ්‍රාහ්මණ’ යයි කියමි.
Pali BJTයොධතණ්හං පහත්වාන අනාගාරො පරිබ්බජෙ තණ්හාභවපරික්ඛීණං තමහං බ්රූමි බ්රාහ්මණං.
Sinhala BJTයමෙක් මෙලොවැ තෘෂ්ණාව පියා ගිහිගෙයින් නික්මියේ පැවිද්දට පැමිණෙන්නේ වේ ද, ක්‍ෂය කළ තෘෂ්ණා හා භව ඇති ඔහු මම ‘බ්‍රාහ්මණ’ යයි කියමි.
Pali BJTහිත්වා මානුසකං යොගං දිබ්බං යොගං උපච්චගා සබ්බයොගවිසංයුත්තං තමහං බ්රූමි බ්රාහ්මණං.
Sinhala BJTමානුසක පස්කම්ගුණ යෝගය පියා දිව්‍ය පඤ්චකාමගුණ යෝගය ඉක්ම ගියේ වේ ද, මෙසේ සර්‍වයෝග විසංයුක්ත වූ ඔහු මම ‘බ්‍රාහ්මණ’ යයි කියමි.
Pali BJTහිත්වා රතිඤ්ච අරතිං සීතීභූතං නිරූපධිං සබ්බලොකාභිභුං වීරං තමහං බ්රූමි බ්රාහ්මණං.
Sinhala BJTපඤ්චකාමගුණ රතිය හා කුශලභාවනායෙහි අරතිය පියා ශීතිභූත වූ උපධි රහිත වූ සියලු ලොව මැඩසිටුනා වැඩූ වැර ඇති ඔහු මම ‘බ්‍රාහ්මණ’ යයි කියමි.
Pali BJTචුතිං යො වෙදි සත්තානං උපපත්තිඤ්ච සබ්බසො අසත්තං සුගතං බුද්ධං තමහං බ්රූමි බ්රාහ්මණං.
Sinhala BJTයමෙක් සත්ත්‍වයන්ගේ ච්‍යුතිය දත්තේ වේ ද, සර්‍වප්‍රකාරයෙන් උප්පත්තිය ද දත්තේ වේ ද, නො ලැගුණු මනා ගති ඇති, සිව්සස් දත් ඔහු මම ‘බ්‍රාහ්මණ’ යයි කියමි.
Pali BJTයස්ස ගතිං න ජානන්ති දෙවා ගන්ධබ්බමානුසා ඛීණාසවං අරහන්තං තමහං බ්රූමි බ්රාහ්මණං.
Sinhala BJTදෙවියන් හා ගාන්‍ධර්‍වමනුෂ්‍යයෝ යමක්හුගේ නිෂ්පත්තිය නො දනිත් ද, ක්‍ෂීණාස්‍රව වූ අර්‍හත් වූ ඔහු මම ‘බ්‍රාහ්මණ’ යයි කියමි.
Pali BJTයස්ස පුරෙ ච පච්ඡා ච මජ්ඣෙ ච නත්ථි කිඤ්චනං අකිඤ්චනං අනාදානං තමහං බ්රූමි බ්රාහ්මණං.
Sinhala BJTඅතීතයෙහිත් අනාගතයෙහිත් ප්‍රත්‍යුත්පන්නයෙහිත් යමක්හුගේ කිඤ්චනාඛ්‍ය කෙලෙස් නැද්ද, කිඤ්චන රහිත වූ (කෙලෙස් විසින්) ආදාන රහිත වූ ඔහු මම ‘බ්‍රාහ්මණ’ යයි කියමි.
Pali BJTඋසභං පවරං වීරං මහෙසිං විජිතාවිනං අනෙජං නහාතකං බුද්ධං තමහං බ්රූමි බ්රාහ්මණං.
Sinhala BJTශ්‍රේෂ්ඨ වූ ප්‍රවර වූ වැඩූ වැර ඇති, මහර්ෂී වූ දුනු සඞ්ග්‍රාම ඇති නිෂ්තෘෂ්ණ වූ සෝධා හළ කෙලෙස් ඇති සිව්සස් දත් ඔහු මම ‘බ්‍රාහ්මණ’ යයි කියමි.
Pali BJTපුබ්බෙනිවාසං යො වෙදි සග්ගාපායඤ්ච පස්සති අථො ජාතික්ඛයං පත්තො තමහං බ්රූමි බ්රාහ්මණං.
Sinhala BJTයමෙක් පූර්‍වනිවාසය දන්නේ ද සවර්‍ගාපාය දෙකත් දක්නේ ද, ඉක්බිති ජාතික්‍ෂයට පැමිණියේ වේ ද, ඔහු මම ‘බ්‍රාහ්මණ’ යයි කියමි.
Pali BJTසමඤ්ඤා’ හෙසා ලොකස්මිං නාමගොත්තං පකප්පිතං සමුච්ච{1} සමුදාගතං තත්ථ තත්ථ පකප්පිතං.
Sinhala BJT(නෑසහලේනෑ ආදීන් විසින්) කරනලද නාමගෝත්‍රයෙක් ඇද්ද ලෝකයෙහි තෙල ව්‍යවහාර මාත්‍රයෙකි. දීර්‍ඝරාත්‍රයෙහි අනුශය වශයෙන් බැස සිටි දෘෂ්ටිගතය නො දත නෑයන් විසින් ඒ ඒ තන්හි (ජාත කාලයෙහි) කරනලද (නාමගෝත්‍රය) සමනුඥායෙන් පහළ වූයෙකි. එය නො දන්නාහු ‘ජාතියෙන් බ්‍රාහ්මණයහ’යි කියත්.
Pali BJTදීඝරත්තමනුසයිතං දිට්ඨීගතමජානතං අජානන්තා{2} නො පබ්රුවන්ති{3} ජාතියා හොති බ්රාහ්මණො.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJTන ජච්චා බ්රාහ්මණො{4} හොති, න ජච්චා හොති අබ්රාහ්මණො{5} කම්මනා බ්රාහ්මණො{4} හොති කම්මනා හොති අබ්රාහ්මණො{6}
Sinhala BJTජාතියෙන් බ්‍රාහ්මණ නො වෙයි, ජාතියෙන් අබ්‍රාහ්මණත් නො වෙයි, කර්‍මයෙන් බ්‍රාහ්මණ වෙයි, කර්‍මයෙන් අබ්‍රාහ්මණත් වෙයි.
Pali BJTකස්සකො කම්මනා හොති සිප්පිකො හොති කම්මනා වාණිජො කම්මනා හොති පෙස්සිකො හොති කම්මනා.
Sinhala BJT(කෘෂිකර්‍මාදිය නිපයන චේතනා) කර්‍මයෙන් කර්‍ෂක වෙයි, කර්‍මයෙන් ශිල්පික වෙයි, කර්‍මයෙන් වාණිජ වෙයි, කර්‍මයෙන් ප්‍රෙෂ්‍යක වෙයි.
Pali BJTචොරොපි කම්මනා හොති යොධාජීවොපි කම්මනා යාජකො කම්මනා හොති රාජාපි හොති කම්මනා.
Sinhala BJTකර්‍මයෙන් චෞර වෙයි, කර්‍මයෙන් යෝධාජීව ද වෙයි, කර්‍මයෙන් යාජක (යාග කරනු) වෙයි, කර්‍මයෙන් රජත් වෙයි.
Pali BJTඑවමෙතං යථාභූතං කම්මං පස්සන්ති පණ්ඩිතා පටිච්චසමුප්පාදදසා කම්මවිපාකකොවිදා.
Sinhala BJTමෙසේ ප්‍රතීත්‍යසමුත්පාදය දක්නා කර්‍මවිපාකඥානයෙහි කෝවිද වූ පණ්ඩිතයෝ තෙල යථාභූත කර්‍මාර්‍ත්‍ථය දක්නාහ.
Pali BJTකම්මනා වත්තති ලොකො කම්මනා වත්තති පජා කම්මනිබන්ධනා සත්තා රථස්සාණීව යායතො.
Sinhala BJTලෝකය කර්‍මයෙන් වැටේ. ප්‍රජාව කර්‍මයෙන් වැටෙයි. යන රථයක්හුගේ අකුරග ඇණය සෙයින් සත්ත්‍වයෝ කර්‍මය නිබන්‍ධන කොට ඇත්තාහ.
Pali BJTතපෙන බ්රහ්මචරියෙන සංයමෙන දමෙන ච එතෙන බ්රාහ්මණො හොති එතං බ්රාහ්මණමුත්තමං.
Sinhala BJTධුතාඞ්ග තපසිනුදු මෛථුන විරතියෙනුදු ශීලයෙනුදු ඉන්‍ද්‍රියදමනයෙනුදු මෙසේ මෙයින් බ්‍රාහ්මණ වේ. තෙල කර්‍මය උතුම් බ්‍රාහ්මණභාව එළවන ගුණ යි.
Pali BJTතීහි විජ්ජාහි සම්පන්නො සන්තො ඛීණපුනබ්භවො, එවං වාසෙට්ඨ ජානාහි බ්රහ්මා සක්කො විජානතන්ති.
Sinhala BJTත්‍රිවිද්‍යායෙන් සමෘද්ධ වූ සන්හුන් කෙලෙස් ඇති ක්‍ෂය කළ පුනර්‍භවය ඇති යමෙක් වේ ද, ඔහු වාසෙට්ඨය, මෙසේ ‘බ්‍රහ්මයහ’යි ද ‘ශක්‍රයහ’යි ද නුවණැතියන්ගේ බසින් දනුව.
Pali BJTඑවං වුත්තෙ වාසෙට්ඨභාරද්වාජා මාණවා භගවන්තං එතදවොචුං: අභික්කන්තං භො ගොතම, අභික්කන්තං භො ගොතම, සෙය්යථාපි භො ගොතම, නික්කුජ්ජිතං වා උක්කුජ්ජෙය්ය, පටිච්ඡන්නං වා විවරෙය්ය, මූළ්හස්ස වා මග්ගං ආචික්ඛෙය්යා. අන්ධකාරෙ වා තෙලපජ්ජොතං ධාරෙය්ය චක්ඛුමන්තො රූපානි දක්ඛින්තී’ති. එවමෙවං භොතා ගොතමෙන අනෙකපරියායෙන ධම්මො පකාසිතො, එතෙ මයං භවන්තං ගොතමං සරණං ගච්ඡාම ධම්මඤ්ච භික්ඛුසඞ්ඝඤ්ච. උපාසකෙ නො භවං ගොතමො ධාරෙතු අජ්ජතග්ගෙ පාණුපෙතං සරණං ගතෙති.
Sinhala BJTමෙසේ වදාළ කළ ‘වාසෙට්ඨ’ යැ ‘භාරද්වාජ’යැ යන දෙමණෙවුහු භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කළෝ: “භවත් ගෞතමයන් වහන්ස, ඉතා මැනැව, භවත් ගෞතමයන් වහන්ස, ඉතා මැනැව. භවත් ගෞතමයන් වහන්ස, යම් පරිදි යටිහුරු කළ බඳුනක් හෝ උඩුහුරු කරන්නේ වේ ද, පිළිසන් දැයක් හෝ විවර කරන්නේ වේ ද, මංමුළාවූවක්හට හෝ මාර්‍ගය කියන්නේ වේ ද, “ඇස් ඇත්තෝ රූප දක්නාහ” යි අඳුරෙහි හෝ තෙල්පහනක් ධරන්නේ වේ ද, එපරිදි මැ භවත් ගෞතමයන් වහන්සේ විසින් අනේකප්‍රකාරයෙන් දහම් දෙසිණ. තෙල අපි භවත් ගෞතමයන් වහන්සේ ද ධර්‍මය ද භික්‍ෂුසඞ්ඝයා ද සරණ යම්හ. භවත් ගෞතමයන් වහන්සේ අද පටන් කොට අප ප්‍රාණොපේත සරණ ගිය උපාසකයන් කොට ධරත්වා.
Pali BJTවාසෙට්ඨසුත්තං අට්ඨමං.
Sinhala BJTඅට වැනි වාසෙට්ඨසූත්‍ර යි.
Pali BJT2. 5. 9.
Sinhala BJT2. 5. 9.
Pali BJTසුභසුත්තං
Sinhala BJTසුභ සූත්‍රය
Pali BJTඑවං මෙ සුතං: එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන සුභො මාණවො තොදෙය්යපුත්තො සාවත්ථියං පටිවසති අඤ්ඤතරස්ස ගහපතිස්ස නිවෙසනෙ කෙනචිදෙව කරණීයෙන. අථ ඛො සුභො මාණවො තොදෙය්යපුත්තො යස්ස ගහපතිස්ස නිවෙසනෙ පටිවසති, තං ගහපතිං එතදවොච: සුතං මෙතං ගහපති, අවිවිත්තා සාවත්ථි අරහන්තෙහී’ති. කන්නු ඛ්වජ්ජ සමණං වා බ්රාහ්මණං වා පයිරුපාසෙය්යාමා’ති?
Sinhala BJTමා විසින් මෙසේ අසන ලද: එක් සමයෙක්හි අප බුදුහු සැවැත්නුවර නිසා ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩ වෙසෙති. එසමයෙහි තෝදෙය්‍ය බමුණුහුගේ පුත් සුභ මණෙවු කිසි කටයුත්තෙකින් සැවැත්නුවර එක්තරා ගෘහපතියක්හුගේ නිවෙස්නෙහි වෙසෙයි. එසඳ තෝදෙය්‍යපුත්‍ර සුභ මාණව යම් ගැහැවියක්හුගේ නිවෙස්නෙහි වෙසේ ද, එ ගැහැවිහට තෙල කී: “ගැහැවියෙනි, සැවැත්නුවර රහතුන්ගෙන් වෙන් නොවේ” යන තෙල බස මා විසින් අසන ලද. අද කවර නම් මහණකු හෝ බමුණකු හෝ පර්‍ය්‍යුපාසන කරමෝ දැ?” යි.
Pali BJTඅයං භන්තෙ, භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තං භන්තෙ, භගවන්තං පයිරුපාසස්සූ’ති.
Sinhala BJT“ස්වාමීනි, මේ භගවත්හු සැවැත්නුවර ජේතවන නම් වූ අනේපිඬුසිටුහුගේ අරම්හි වැඩ වෙසෙති. ස්වාමීනි, ඒ භාග්‍යවතුන් වහන්සේ පර්‍ය්‍යුපාසන කරව” යි.
Pali BJTඅථ ඛො සුභො මාණවො තොදෙය්යපුත්තො තස්ස ගහපතිස්ස පටිස්සුත්වා යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවතා සද්ධිං සම්මොදි, සම්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො සුභො මාණවො තොදෙය්යපුත්තො භගවන්තං එතදවොච:
Sinhala BJTඑසඳ තෝදෙය්‍යපුත්‍ර සුභ මාණව ඒ ගැහැවිහට පිළිවදන් දී භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියේ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ හා සමග සතුටු වී. සතුටු වියයුතු කාලාන්තර යෙහි සිහි කටයුතු කථා කොට නිමවා එකත්පස් වැ හින. එකත්පස් වැ හුන් තෝදෙය්‍යපුත්‍ර සුභ මාණව භාග්‍යවතුන් වහන්සේට තෙල් සැල කෙළේ:
Pali BJTබ්රාහ්මණා භො ගොතම, එවමාහංසු: ගහට්ඨො ආරාධකො හොති ඤායං ධම්මං කුසලං, න පබ්බජිතො ආරාධකො හොති ඤායං ධම්මං කුසල’න්ති. ඉධ භවං ගොතමො කිමාහාති?
Sinhala BJT“භවත් ගෞතමයෙනි, බමුණෝ මෙසේ කීහු: ගෘහස්ථ තෙමේ අනවද්‍ය න්‍යාය (කාරණ) ධර්‍මය පුරන්නේ වෙයි, ප්‍රව්‍රජිත තෙමේ අනවද්‍ය න්‍යාය ධර්‍මය පුරන්නේ නො වේ” යයි. මෙහි ලා භවත් ගෞතමයෝ කුමක් කියත් දැ?” යි.
Pali BJTවිභජ්ජවාදො ඛො අහමෙත්ථ මාණව, නාහමෙත්ථ එකංසවාදො. ගිහිස්ස වාහං මාණව, පබ්බජිතස්ස වා මිච්ඡාපටිපත්තිං න වණ්ණෙමි. ගිහී වා හි මාණව, පබ්බජිතො වා මිච්ඡාපටිපන්නො මිච්ඡාපටිපන්නාධිකරණහෙතු න ආරාධකො හොති ඤායං ධම්මං කුසලං. ගිහිස්ස වාහං මාණව, පබ්බජිතස්ස වා සම්මාපටිපත්තිං වණ්ණෙමි. ගිහී වා හි මාණව, පබ්බජිතො වා සම්මාපටිපන්නො සම්මාපටිපන්නාධිකරණහෙතු ආරාධකො හොති ඤායං ධම්මං කුසල’න්ති.
Sinhala BJTමාණවකය, මම මෙහි දී විභජ්ජවාදයෙමි. මම මෙහි දී ඒකාන්තවාද නො වෙමි. මාණවකය, මම ගිහියක්හුගේ වේවයි, පැවිද්දක්හුගේ වේවයි, මිථ්‍යාප්‍රතිපත් නො වනමි. මාණවකය, ගිහියෙක් වේවයි පැවිද්දෙක් වේවයි, වරදවා පිළිපන්නේ වරදවා පිළිපැදීම හේතු කොට ගෙන් අනවද්‍ය වූ කාරණ ධර්‍මය සපයන්නේ නො වේ. මාණවකය, මම ගිහියකුගේ වේවයි, පැවිද්දකුගේ වේවයි, මනා පිළිවෙත වනමි. මාණවකය, ගිහියෙක් වේවයි පැවිද්දෙක් වේවයි මොනොවට පිළිපන්නේ මොනොවට පිළිපැදීම් හේතුයෙන් අනවද්‍ය වූ න්‍යායධර්‍මය සපයන්නේ වෙයි.
Pali BJTබ්රාහ්මණා භො ගොතම, එවමාහංසු: ‘මහට්ඨමිදං{1} මහාකිච්චං මහාධිකරණං මහාසමාරම්භං ඝරාවාසකම්මට්ඨානං මහප්ඵලං හොති. අප්පට්ඨමිදං අප්පකිච්චං අප්පාධිකරණං අප්පසමාරම්භං පබ්බජ්ජා කම්මට්ඨානං අප්පඵලං හොතී’ති. ඉධ භවං ගොතමො කිමාහාති.
Sinhala BJTභවත් ගෞතමයන් වහන්ස, බමුණෝ මෙසේ කීහු: “බොහෝ වූ (මෙහෙකරුවන් විසින් හෝ උවරණ විසින්) අර්‍ත්‍ථ ඇති මහත් වූ නාමග්‍රහණාදි කිස ඇති මහත්වූ අධිකාර ඇති මහත් වූ (පීඩා සඞ්ඛ්‍යාත) සමාරම්භ ඇති මේ ගෘහාවාස කර්‍මය මහත්ඵල වෙයි. අල්පාර්‍ත්‍ථ වූ අල්පකෘත්‍ය වූ අල්පාධිකාර ඇති අල්ප සමාරම්භ ඇති මේ ප්‍රව්‍රජ්‍යාකර්‍මය අල්පඵල වේ ය කියා යි. මෙහි ලා භවත් ගෞතමයන් වහන්සේ කුමක් වදාරනසේක් ද?
Pali BJTඑත්ථාපි ඛො අහං මාණව, විභජ්ජවාදො, නාහමෙත්ථ එකංසවාදො. අත්ථි මාණව, කම්මට්ඨානං මහට්ඨං මහාකිච්චං මහාධිකරණං මහාසමාරම්භං විපජ්ජමානං අප්පඵලං හොති. අත්ථි මාණව, කම්මට්ඨානං මහට්ඨං මහාකිච්චං මහාධිකරණං මහාසමාරම්භං සම්පජ්ජමානං මහප්ඵලං හොති. අත්ථි මාණව, කම්මට්ඨානං අප්පට්ඨං අප්පකිච්චං අප්පාධිකරණං අප්පසමාරම්භං විපජ්ජමානං අප්පඵලං හොති. අත්ථි මාණව, කම්මට්ඨානං අප්පට්ඨං අප්පකිච්චං අප්පාධිකරණං අප්පසමාරම්භං සම්පජ්ජමානං මහප්ඵලං හොති.
Sinhala BJTමාණවකය, මම මෙහි දු විභජ්ජවාදයෙමි. මම මෙහි ඒකාන්තවාද නො වෙමි. මාණවකය, මහාර්‍ත්‍ථ වූ මහාකෘත්‍ය වූ මහාධිකාර ඇති මහාසමාරම්භ ඇති කර්‍මාන්තයෙක් වනසට යන්නේ අල්පඵල වේ ද, එබඳු කර්‍මස්ථානයෙක් ඇත. මාණවකය, මහාර්‍ත්‍ථ වූ මහාකෘත්‍ය වූ මහාධිකාර ඇති මහාසමාරම්භ ඇති කර්‍මාන්තයෙක් සම්පාදන කරනුලබනුයේ මහත්ඵල වේ ද, එබඳු කර්‍මස්ථානයෙක් ද ඇත. මාණවකය, අල්පාර්‍ත්‍ථ වූ අල්ප කෘත්‍ය වූ අල්පාධිකාර ඇති අල්පසමාරම්භ ඇති කර්‍මාන්තයෙක් වැනසෙනුයේ අල්පඵල වේ ද, එබඳු කර්‍මස්ථානයෙක් ද ඇත. මාණවකය, අල්පාර්‍ත්‍ථ වූ අල්ප කෘත්‍ය වූ අල්පාධිකාර ඇති අල්පසමාරම්භ ඇති කර්‍මාන්තයෙක් මහත්ඵල වේ ද, එබඳු කර්‍මස්ථානයෙක් ද ඇත.
Pali BJTකතමඤ්ච{1} මාණව, කම්මට්ඨානං මහට්ඨං මහාකිච්චං මහාධිකරණං මහාසමාරම්භං විපජ්ජමානං අප්පඵලං හොති: කසි ඛො මාණව, කම්මට්ඨානං මහට්ඨං මහාකිච්චං මහාධිකරණං මහාසමාරම්භං විපජ්ජමානං අප්පඵලං හොති.
Sinhala BJTමාණවකය, මහාර්‍ත්‍ථ වූ මහාකෘත්‍ය වූ මහාධිකරණ ඇති මහාසමාරම්භ ඇති කවර නම් කර්‍මස්ථානයෙක් වනසට යන්නේ අල්පඵල වේ ද යත්: මාණවකය, කෘෂිකර්‍මාන්තය මහාර්‍ත්‍ථ වූයේ මහාකෘත්‍ය වූයේ මහාධිකරණ ඇත්තේ මහාසමාරම්භ ඇත්තේ වනසට යන්නේ අල්පඵල වෙයි.
Pali BJTකතමඤ්ච මාණව, කම්මට්ඨානං මහට්ඨං මහාකිච්චං මහාධිකරණං මහාසමාරම්භං සම්පජ්ජමානං මහප්ඵලං හොති: කසියෙව ඛො මාණව, කම්මට්ඨානං මහට්ඨං මහාකිච්චං මහාධිකරණං මහාසමාරම්භං සම්පජ්ජමානං මහප්ඵලං හොති.
Sinhala BJTමාණවකය, මහාර්‍ත්‍ථ වූ මහාකෘත්‍ය වූ මහාධිකරණ ඇති මහාසමාරම්භ ඇති කවර නම් කර්‍මස්ථානයෙක් සමෘද්ධ වනුයේ මහත්ඵල වේ ද යත්: මාණවකය, කෘෂිකර්‍මාන්තය මැ මහාර්‍ත්‍ථ වූයේ මහාකෘත්‍ය වූයේ මහාධිකරණ ඇත්තේ මහාසමාරම්භ ඇත්තේ සමෘද්ධ වනුයේ මහත්ඵල වෙයි.
Pali BJTකතමඤ්ච මාණව, කම්මට්ඨානං අප්පට්ඨං අප්පකිච්චං අප්පාධිකරණං අප්පසමාරම්භං විපජ්ජමානං අප්පඵලං හොති: වණිජ්ජා ඛො මාණව, කම්මට්ඨානං අප්පට්ඨං අප්පකිච්චං අප්පාධිකරණං අප්පසමාරම්භං විපජ්ජමානං අප්පඵලං හොති.
Sinhala BJTමාණවකය, අල්පාර්‍ත්‍ථ වූ අල්පකෘත්‍ය වූ අල්පාධිකරණ ඇති අල්පසමාරම්භ ඇති කවර නම් කර්‍මස්ථානයෙක් වනසට යනුයේ අල්පඵල වේ ද යත්: මාණවකය, වෙණෙදහම් කර්‍මාන්තය අල්පාර්‍ත්‍ථ වූයේ අල්පකෘත්‍ය වූයේ අල්පාධිකරණ ඇතියේ අල්පසමාරම්භ ඇතියේ වනසට යන්නේ අල්පඵල වෙයි.
Pali BJTකතමඤ්ච මාණව, කම්මට්ඨානං අප්පට්ඨං අප්පකිච්චං අප්පාධිකරණං අප්පසමාරම්භං සම්පජ්ජමානං මහප්ඵලං හොති: වණිජ්ජායෙව ඛො මාණව, කම්මට්ඨානං අප්පට්ඨං අප්පකිච්චං අප්පාධිකරණං අප්පසමාරම්භං සම්පජ්ජමානං මහප්ඵලං හොති.
Sinhala BJTමාණවකය, අල්පාර්‍ත්‍ථ වූ අල්පකෘත්‍ය වූ අල්පාධිකරණ ඇති අල්පසමාරම්භ ඇති කවර නම් කර්‍මස්ථානයෙක් සමෘද්ධ වනුයේ මහත්ඵල වේ ද යත්: මාණවකය, වෙණෙදහම් කර්‍මාන්තය මැ අල්පාර්‍ත්‍ථ වූයේ අල්පකෘත්‍ය වූයේ අල්පාධිකරණ ඇතියේ අල්පසමාරම්භ ඇතියේ සමෘද්ධ වන්නේ මහත්ඵල වෙයි.
Pali BJTසෙය්යථාපි මාණව, කසි කම්මට්ඨානං මහට්ඨං මහාකිච්චං මහාධිකරණං මහාසමාරම්භං විපජ්ජමානං අප්පඵලං හොති. එවමෙව ඛො මාණව, ඝරාවාසකම්මට්ඨානං මහට්ඨං මහාකිච්චං මහාධිකරණං මහාසමාරම්භං විපජ්ජමානං අප්පඵලං හොති.
Sinhala BJTමාණවකය, යම්සේ මහාර්‍ත්‍ථ වූ මහාකෘත්‍ය වූ මහාධිකරණ ඇති මහාසමාරම්භ ඇති කෘෂිකර්‍මාන්තය වැනැසෙනුයේ අල්පඵල වේ ද, එසෙයින් මැ මාණවකය, මහාර්‍ත්‍ථ වූ මහාකෘත්‍ය වූ මහාධිකරණ ඇති මහාසමාරම්භ ඇති ගෘහවාසකර්‍මය වැනැසෙනුයේ අල්පඵල වෙයි.
Pali BJTසෙය්යථාපි මාණව, කසියෙව කම්මට්ඨානං මහට්ඨං මහාකිච්චං මහාධිකරණං මහාසමාරම්භං සම්පජ්ජමානං මහප්ඵලං හොති. එවමෙව ඛො මාණව, ඝරාවාසකම්මට්ඨානං මහට්ඨං මහාකිච්චං මහාධිකරණං මහාසමාරම්භං සම්පජ්ජමානං මහප්ඵලං හොති.
Sinhala BJTමාණවකය, යම්සේ මහාර්‍ත්‍ථ වූ මහාකෘත්‍ය වූ මහාධිකරණ ඇති මහාසමාරම්භ ඇති කෘෂිකර්‍මය මැ සමෘද්ධ වනුයේ මහත්ඵල වේ ද, එසෙයින් මැ මාණවකය, මහාර්‍ත්‍ථ වූ මහාකෘත්‍ය වූ මහාධිකරණ ඇති මහාසමාරම්භ ඇති ගෘහවාසකර්‍මය සමෘද්ධ වන්නේ මහත්ඵල වෙයි.
Pali BJTසෙය්යථාපි මාණව, වණිජ්ජා කම්මට්ඨානං අප්පට්ඨං අප්පකිච්චං අප්පාධිකරණං අප්පසමාරම්භං විපජ්ජමානං අප්පඵලං හොති. එවමෙව ඛො මාණව, පබ්බජ්ජාකම්මට්ඨානං අප්පට්ඨං අප්පකිච්චං අප්පාධිකරණං අප්පසමාරම්භං විපජ්ජමානං අප්පඵලං හොති.
Sinhala BJTමාණවකය, යම්සේ අල්පාර්‍ත්‍ථ වූ අල්පකෘත්‍ය වූ අල්පාධිකරණ ඇති අල්පසමාරම්භ ඇති වෙණෙදහම් කර්‍මස්ථානය නස්නේ අල්පඵල වේ ද, එසෙයින් මැ මාණවකය, අල්පාර්‍ත්‍ථ වූ අල්පකෘත්‍ය වූ අල්පාධිකරණ ඇති අල්පසමාරම්භ ඇති ප්‍රව්‍රජ්‍යාකර්‍මය නස්නේ අල්පඵල වෙයි.
Pali BJTසෙය්යථාපි මාණව, වණිජ්ජායෙව කම්මට්ඨානං අප්පට්ඨං අප්පකිච්චං අප්පාධිකරණං අප්පසමාරම්භං සම්පජ්ජමානං මහප්ඵලං හොති. එවමෙව ඛො මාණව, පබ්බජ්ජා කම්මට්ඨානං අප්පට්ඨං අප්පකිච්චං අප්පාධිකරණං අප්පසමාරම්භං සම්පජ්ජමානං මහප්ඵලං හොතී’ති.
Sinhala BJTමාණවකය, යම්සේ අල්පාර්‍ත්‍ථ වූ අල්පකෘත්‍ය වූ අල්පාධිකරණ ඇති අල්පසමාරම්භ ඇති වෙණෙදහම් කර්‍මය මැ සමෘද්ධ වනුයේ මහත්ඵල වේ ද, එසෙයින් මැ මාණවකය, අල්පාර්‍ත්‍ථ වූ අල්පකෘත්‍ය වූ අල්පාධිකරණ ඇති අල්පසමාරම්භ ඇති ප්‍රව්‍රජ්‍යාකර්‍මය සමෘද්ධ වන්නේ මහත්ඵල වේ යයි.
Pali BJTබ්රාහ්මණා භො ගොතම, පඤ්ච ධම්මෙ පඤ්ඤාපෙන්ති පුඤ්ඤස්ස කිරියාය කුසලස්ස ආරාධනායාති.
Sinhala BJTභවත් ගෞතමයන් වහන්ස, බ්‍රාහ්මණයෝ පින් කිරීමට කුසල් සැපයීමට පස්දහමක් පනවති’යි.
Pali BJTයෙ තෙ මාණව, බ්රාහ්මණා පඤ්ච ධම්මෙ පඤ්ඤාපෙන්ති පුඤ්ඤස්ස කිරියාය කුසලස්ස ආරාධනාය. සචෙ තෙ අගරු, සාධු තෙ පඤ්ච ධම්මෙ ඉමස්මිං පරිසතිං භාසස්සූති.
Sinhala BJTමාණවකය, යම් බ්‍රාහ්මණ කෙනෙක් පින් කිරීමට කුසල් සැපයීමට පස්දහමක් පනවත් ද, ඉදින් තොපට නො බැරි වේ නම් එ පස්දහම් මෙ පිරිස්හි කියව’යි.
Pali BJTන ඛො මෙ භො ගොතම, ගරු යත්ථස්සු භවන්තො වා නිසින්නා භවන්තරූපා වාති.
Sinhala BJTභවත් ගෞතමයන් වහන්ස, යම් තැනෙක භවත්හු වෙත්වයි භවතුන් බඳුහු වෙත්වයි හුන්නාහු ද, එහි මට බැරි නො වේ යයි.
Pali BJTතෙන හි මාණව, භාසස්සූති.
Sinhala BJTඑසේ වී නම් මාණවකය, කියව’යි.
Pali BJTසච්චං ඛො භො ගොතම, බ්රාහ්මණා පඨමං ධම්මං පඤ්ඤාපෙන්ති පුඤ්ඤස්ස කිරියාය, කුසලස්ස ආරාධනාය. තපං ඛො භො ගොතම, බ්රාහ්මණා දුතියං ධම්මං පඤ්ඤාපෙන්ති පුඤ්ඤස්ස කිරියාය කුසලස්ස ආරාධනාය. බ්රහ්මචරියං ඛො භො ගොතම, බ්රාහ්මණා තතියං ධම්මං පඤ්ඤාපෙන්ති පුඤ්ඤස්ස කිරියාය කුසලස්ස ආරාධනාය. අජ්ඣෙසනං ඛො භො ගොතම, බ්රාහ්මණා චතුත්ථං ධම්මං පඤ්ඤාපෙන්ති පුඤ්ඤස්ස කිරියාය කුසලස්ස ආරාධනාය. චාගං ඛො භො ගොතම, බ්රාහ්මණා පඤ්චමං ධම්මං පඤ්ඤාපෙන්ති පුඤ්ඤස්ස කිරියාය කුසලස්ස ආරාධනාය. බ්රාහ්මණා භො ගොතම, ඉමෙ පඤ්ච ධම්මෙ පඤ්ඤාපෙන්ති පුඤ්ඤස්ස කිරියාය කුසලස්ස ආරාධනායාති. ඉධ භවං ගොතමො කිමාහාති?
Sinhala BJTභවත් ගෞතමයන් වහන්ස, බ්‍රාහ්මණයෝ පින් කිරීමට කුසල් සැපයීමට වාක්සත්‍ය පළමු වන කරුණ කොට පනවති. භවත් ගෞතමයන් වහන්ස, බ්‍රාහ්මණයෝ පින් කිරීමට කුසල් සැපයීමට තපස දෙවන කරුණ කොට පනවති. භවත් ගෞතමයන් වහන්ස, බ්‍රාහ්මණයෝ පින් කරනුවට කුසල් සපයනුවට බ්‍රහ්මචර්‍ය්‍ය තුන්වන කරුණ කොට පනවති. භවත් ගෞතමයන් වහන්ස, බ්‍රාහ්මණයෝ පින් කිරීමට කුසල් සැපයීමට වේද හැදෑරීම සතර වන කරුණ කොට පනවති. භවත් ගෞතමයන් වහන්ස, බ්‍රාහ්මණයෝ පින් කිරීමට කුසල් සැපයීමට ත්‍යාගය පස් වන කරුණ කොට පනවති. භවත් ගෞතමයන් වහන්ස, බ්‍රාහ්මණයෝ පින් කිරීමට කුසල් සැපයීමට මෙපස් දහමුන් පනවති. මෙහි ලා භවත් ගෞතමයන් වහන්සේ කුමක් වදාරනසේක් දැ? යි.
Pali BJTකිං පන මාණව, අත්ථි කොචි බ්රාහ්මණානං එකබ්රාහ්මණොපි යො එවමාහ: ‘අහං ඉමෙසං පඤ්චන්නං ධම්මානං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා විපාකං පවෙදෙමී’ති?
Sinhala BJTකිම මාණවකය, බමුණන් කෙරෙහි යමෙක් ‘මම මෙ පස්දහමුන් තමා විසින් විශිෂ්ටඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට විපාක ප්‍රකාශ කෙරෙමි’යි මෙසේ කියා නම් එ බඳු කිසි එක ද බමුණෙක් ඇද්දැ? යි.
Pali BJTනො හිදං භො ගොතම.
Sinhala BJTභවත් ගෞතමයන් වහන්ස, මේ නො වේ මැ යි.
Pali BJTකිං පන මාණව, අත්ථි කොචි බ්රාහ්මණානං එකාචරියොපි එකාචරියපාචරියොපි යාවසත්තමා ආචරියමහයුගා, යො එවමාහ: අහං ඉමෙසං පඤ්චන්නං ධම්මානං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා විපාකං පවෙදෙමී’ති.
Sinhala BJTකිම මාණවකය, බමුණන් කෙරෙහි යමෙක් ‘මම මේ පස්දහමුන් තමා විසින් විශිෂ්ටඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට විපාක ප්‍රකාශ කෙරෙමි’යි මෙසේ කියා නම් එ බඳු කිසි එක ද ආචාර්‍ය්‍යයෙක් එක ද ආචාර්‍ය්‍යප්‍රාච්‍රාර්‍ය්‍යයෙක් සත් වැනි ආචරියමහයුගය තෙක් ඇද්දැ? යි.
Pali BJTනො හිදං භො ගොතම.
Sinhala BJTභවත් ගෞතමයන් වහන්ස, මේ නො වේ මැ යි.
Pali BJTකිං පන මාණව, යෙපි තෙ බ්රාහ්මණානං පුබ්බකා ඉසයො මන්තානං කත්තාරො මන්තානං පවත්තාරො, යෙසමිදං එතරහි බ්රාහ්මණා පොරාණං මන්තපදං ගීතං පවුත්තං සමිහිතං තදනුගායන්ති, තදනුභාසන්ති, භාසිතමනුභාසන්ති, වාචිතමනුවාචෙන්ති, සෙය්යථිදං: අට්ටකො වාමකො වාමදෙවො වෙස්සාමිත්තො යමතග්ගි අඞ්ගීරසො භාරද්වාජො වාසෙට්ඨො කස්සපො භගු. තෙපි එවමාහංසු: මයං ඉමෙසං පඤ්චන්නං ධම්මානං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා විපාකං පවෙදෙමා’ති?
Sinhala BJTකිම මාණවකය, බමුණන්ගේ මන්ත්‍රකර්‍තෘ වූ මන්ත්‍ර ප්‍රවකර්‍තෘ වූ යම් ඒ පූර්‍ව ඍෂි කෙනෙක් ඇද්ද, මෙ කල්හි බමුණෝ යම් කෙනකුන් විසින් හදාළ වාචනා කළ සංහිතා (පිඬු) කළ පැරැණි වේද සඞ්ඛ්‍යාත මන්ත්‍රපදය ඔවුන් අනුව ගයත් ද, ඔවුන් අනුව කියත් ද, කියූ සේ කියත් ද, වාචනා කළ සේ වාචනා කෙරෙත් ද, ඔහු කවරහ යත්: අට්ටක යැ වාමක යැ වාමදෙව යැ විශ්වාමිත්‍ර යැ යමදග්නි යැ අඞ්ගිරස් යැ භාරද්වාජ යැ වාසිෂ්ට යැ කාශ්‍යප යැ භාගු යැ යන මොහු යි. ඔහු දු ‘අපි මෙ පස්කරුණු තමන් විසින් විශිෂ්ටඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට විපාක පවසම්’යි මෙසේ කීහු ද?
Pali BJTනො හිදං භො ගොතම.
Sinhala BJTභවත් ගෞතමයන් වහන්ස, මේ නො වේ මැ යි.
Pali BJTඉති කිර මාණව, නත්ථි කොචි බ්රාහ්මණානං එකබ්රාහ්මණොපි යො එවමාහ: අහං ඉමෙසං පඤ්චන්නං ධම්මානං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා විපාකං පවෙදෙමීති. නත්ථි කොචි බ්රාහ්මණානං එකාචරියොපි එකාචරියපාචරියොපි යාවසත්තමා ආචරියමහයුගා, යො එවමාහ: ‘අහං ඉමෙසං පඤ්චන්නං ධම්මානං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා විපාකං පවෙදෙමී’ති. යෙපි තෙ බ්රාහ්මණානං පුබ්බකා ඉසයො මන්තානං කත්තාරො මන්තානං පවත්තාරො, යෙසමිදං එතරහි බ්රාහ්මණා පොරාණං මන්තපදං ගීතං පවුත්තං සමිහිතං තදනුගායන්ති, තදනුභාසන්ති, භාසිතමනුභාසන්ති, වාචිතමනුවාචෙන්ති, සෙය්යථිදං: අට්ටකො වාමකො වාමදෙවො වෙස්සාමිත්තො යමතග්ගි අඞ්ගීරසො භාරද්වාජො වාසෙට්ඨො කස්සපො භගු. තෙපි එවමාහංසු: මයං ඉමෙසං පඤ්චන්නං ධම්මානං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා විපාකං පවෙදෙමා’ති.
Sinhala BJTමාණවකය, මෙසෙයින් බමුණන් කෙරෙහි යමෙක් ‘මම මෙ පස්දහම් තමා විසින් විශිෂ්ටඥානයෙන් දැන පසක් කොට විපාක පවසමි’යි මෙසේ කියා නම් එ බඳු කිසි එක ද බමුණෙක් නැත් ල, බමුණන් කෙරෙහි ‘මම මෙ පස්දහම් තමා විසින් විශිෂ්ටඥානයෙන් දැන පසක් කොට විපාක පවසමි’යි මෙසේ කියා නම් එ බඳු කිසි එක ද ආචාර්‍ය්‍යයෙක් එක ද ආචාර්‍ය්‍යප්‍රාච්‍රාර්‍ය්‍යයෙක් සත් වැනි ආචරියමහයුගය තෙක් නැත් ල, මන්ත්‍රකර්‍තෘ වූ මන්ත්‍රප්‍රවකර්‍තෘ වූ බමුණන් ගේ යම් පූර්‍ව ඍෂි කෙනෙක් වූහු ද, මෙ කල්හි බමුණෝ යම් කෙනෙකුන් විසින් ගයනලද, කියනලද රැස් කරනලද පැරැණි මන්ත්‍රපද ඒ අනුව ගයත් ද, අනුව කියත් ද, කියනලද්ද අනුව කියත් ද වාචනා කරනලද්ද අනුව වාචනා කෙරෙද්ද ඔහු කවරහ යත්: ‘අට්ටක යැ වාමක යැ වාමදේව යැ විශ්වාමිත්‍ර යැ යමදග්නි යැ අඞ්ගිරස් යැ භාරද්වාජ යැ වාසිෂ්ට යැ කාශ්‍යප යැ භාගු යැ යන මොහු යි. ඔහු දු ‘අපි මෙ පස්කරුණු තමන් විසින් විශිෂ්ටඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට විපාක පවසම්’යි මෙසේ කීහු ද?
Pali BJTනො හෙතං භො ගොතම.
Sinhala BJTභවත් ගෞතමයන් වහන්ස, තෙල නො වේ මැ යි.
Pali BJTසෙය්යථාපි මාණව, අන්ධවෙණිපරම්පරා සංසත්තා:?{1} පුරිමොපි න පස්සති, මජ්ඣිමොපි න පස්සති, පච්ඡිමොපි න පස්සති. එවමෙව ඛො මාණව, අන්ධවෙණූපමං මඤ්ඤෙ බ්රාහ්මණානං භාසිතං සම්පජ්ජති. පුරිමොපි න පස්සති, මජ්ඣිමොපි න පස්සති, පච්ඡිමොපි න පස්සතීති.
Sinhala BJTමාණවකය, යම්සේ සංසක්ත වූ අන්‍ධවේණියෙක් ඇද්ද එහි ප්‍රථමයාත් නො දකී ද මධ්‍යමයාත් නො දකී ද පශ්චිමයාත් නො දකී ද, එසෙයින් මැ මාණවකය, බමුණන්ගේ ‘ප්‍රථමයාත් නො දකී ද, මධ්‍යමයාත් නො දකී ද, පශ්චිමයාත් නො දකී’ යන භාෂිතය ‘අන්‍ධවේණුපමාව සපයතී’ සිතමි.
Pali BJTඑවං වුත්තෙ සුභො මාණවො තොදෙය්යපුත්තො භගවතා අන්ධවෙණූපමෙන වුච්චමානො කුපිතො අනත්තමනො භගවන්තංයෙව ඛුංසෙන්තො භගවන්තංයෙව වම්භෙන්තො භගවන්තංයෙව වදමානො ‘සමණො ගොතමො පාපිතො භවිස්සතී’ති. භගවන්තං එතදවොච: බ්රාහ්මණො භො ගොතම, පොක්ඛරසාති ඔපමඤ්ඤො සුභගවනිකො එවමාහ: එවමෙව පනිමෙකෙ{2} සමණබ්රාහ්මණා උත්තරිමනුස්සධම්මා අලමරියඤාණදස්සනවිසෙසං පටිජානන්ති. තෙසමිදං භාසිතං හස්සකංයෙව සම්පජ්ජති, නාමකංයෙව සම්පජ්ජති, රිත්තකංයෙව සම්පජ්ජති, තුච්ඡකංයෙව සම්පජ්ජති. කථං හි නාම මනුස්සභූතො උත්තරිමනුස්සධම්මා අලමරියඤාණදස්සනවිසෙසං ඤස්සති වා දක්ඛිති{3} වා සච්ඡි වා කරිස්සති. නෙතං ඨානං විජ්ජතී’ති.
Sinhala BJTමෙසේ වදාළ කල්හි තෝදෙය්‍යපුත්‍ර සුභ මාණවක භාග්‍යවතුන් වහන්සේ විසින් අන්‍ධවේණූපමායෙන් කියනුලබන්නේ කිපියේ නො සතුටු වූයේ භාග්‍යවතුන් වහන්සේට මැ බුංසන කෙරෙමින් භාග්‍යවතුන් වහන්සේට මැ ගර්‍හා කෙරෙමින් ශ්‍රමණ ගෞතම නො දන්නා බවට පමුණුවන ලද්දේ වනැ’යි භාග්‍යවතුන් වහන්සේට මැ කියමින් භාග්‍යවතුන් වහන්සේට තෙල් කරුණ කී: ‘භවත් ගෞතමයෙනි, උපමඤ්ඤ ගෝත්‍ර ඇති සුහගවනයට ඊශ්වර වූ පොක්ඛරසාති බ්‍රාහ්මණ මෙසේ කියයි: “මෙසෙයින් මැ ඇතැම් මහණබමුණෝ මනුෂ්‍යධර්‍මයෙන් මත්තෙහි ආර්‍ය්‍යභාවකරණයට සමර්‍ත්‍ථ ඥානදර්‍ශනය පිළින කෙරෙති”. උන්ගේ මේ භාෂිතය හාස්‍ය මැ උපදවයි, ලාමක බව මැ උපදවයි, නිස්සාරභාවය මැ උපදවයි, සිස් බව මැ උපදවයි. කෙසේ නම් මනුෂ්‍ය වූයෙක් මනුෂ්‍යධර්‍මයෙන් මතුයෙහි ආර්‍ය්‍යභාව කරණයට සමත් ඥානදර්‍ශනවිශේෂයක් දන්නේ හෝ ප්‍රත්‍යක්‍ෂ කරන්නේ හෝ වේ ද, තෙල කරුණ විද්‍යාමාන නො වේ’ යයි.
Pali BJTකිං පන මාණව, බ්රාහ්මණො පොක්ඛරසාති ඔපමඤ්ඤො සුභගවනිකො සබ්බෙසංයෙව සමණබ්රාහ්මණානං චෙතසා චෙතො පරිච්ච පජානාතී’ති?
Sinhala BJTකිම මාණවකය, උපමඤ්ඤ ගොත් ඇති සුහගවනයට ඊශ්වර වූ පොක්ඛරසාති බමුණු හැම මහණබමුණන්ගේ මැ සිය සිතින් උන් සිත පිරිසිඳ දන්නේ වේ දැ? යි.
Pali BJTසකායපි හි භො ගොතම, පුණ්ණකාය දාසියා බ්රාහ්මණො පොක්ඛරසාති ඔපමඤ්ඤො සුභගවනිකො න චෙතසා චෙතො පරිච්ච පජානාති, කුතො පන සබ්බෙසංයෙව සමණබ්රාහ්මණානං චෙතසා චෙතො පරිච්ච පජානිස්සතී’ති?
Sinhala BJTභවත් ගෞතමයන් වහන්ස, උපමඤ්ඤ ගෝත්‍ර ඇති සුහගවනාධිපති පොක්ඛරසාති බමුණු සිය පුණ්ණකා දැස්සගේ වුව ද සිය සිතින් ඇය සිත පිරිසිඳ නො දන්නේ යැ. කොයින් නම් හැම මහණබමුණන්ගේ මැ සිත සිය සිතින් පිරිසිඳ දන්නේ වේ දැ? යි.
Pali BJTසෙය්යථාපි මාණව, ජච්චන්ධො පුරිසො න පස්සෙය්ය කණ්හසුක්කානි රූපානි, න පස්සෙය්ය නීලකානි රූපානි, න පස්සෙය්ය පීතකානි රූපානි, න පස්සෙය්ය ලොහිතකානි රූපානි, න පස්සෙය්ය මඤ්ජෙට්ඨිකානි රූපානි, න පස්සෙය්ය සමවිසමං{1}, න පස්සෙය්ය තාරකරූපානි, න පස්සෙය්ය චන්දිමසුරියෙ. සො එවං වදෙය්ය: නත්ථි කණ්හසුක්කානි රූපානි, නත්ථි කණ්හසුක්කානං රූපානං දස්සාවී, නත්ථි නීලකානි රූපානි, නත්ථි නීලකානං රූපානං දස්සාවී, නත්ථි පීතකානි රූපානි, නත්ථි පීතකානං රූපානං දස්සාවී, නත්ථි ලොහිතකානි රූපානි, නත්ථි ලොහිතකානං රූපානං දස්සාවී, නත්ථි මඤ්ජෙට්ඨිකානි රූපානි, නත්ථි මඤ්ජෙට්ඨිකානං රූපානං දස්සාවී, නත්ථි සම විසමං, නත්ථි සමවිසමස්ස දස්සාවී, නත්ථි තාරකරූපානි, නත්ථි තාරකරූපානං දස්සාවී, නත්ථි චන්දිමසූරියා, නත්ථි චන්දිමසුරියානං දස්සාවී, අහමෙතං න ජානාමි, අහමෙතං න පස්සාමි, තස්මා නත්ථීති. සම්මා නු ඛො සො මාණව, වදමානො වදෙය්යාති?
Sinhala BJTමාණවකය, යම් පරිදි ජාත්‍යන්‍ධ පුරුෂයෙක් කළුසුදු රූපායතන නො දක්නේ වේ ද, නිල්වන් රූපායතන නො දක්නේ වේ ද, පීත රූපායතන නො දක්නේ වේ ද, ලෙහෙවන් රූපායතන නො දක්නේ වේ ද, මඳට වන් රූපායතන නො දක්නේ වේ ද, සමවිෂම ස්ථාන නො දක්නේ වේ ද, තාරකරූප නො දක්නේ වේ ද, සඳහිරු නො දක්නේ වේ ද, (එහෙත්) හේ මෙසේ බෙණේ ද: “සුදුකළු රූපායතන නැත, සුදුකළු රූපායතන දක්නාසුල්ලෙක් නැත, නිල්වන් රූපායතන නැත, නිල්වන් රූපායතන දක්නාසුල්ලෙක් නැත, පීතවර්‍ණ රූපායතන නැත, පීතවර්‍ණ රූපායතන දක්නාසුල්ලෙක් නැත, ලෙහෙවන් රූපායතන නැත, ලෙහෙවන් රූපායතන දක්නාසුල්ලෙක් නැත, මඳටවන් රූපායතන නැත, මඳටවන් රූපායතන දක්නාසුල්ලෙක් නැත. සමවිෂම ස්ථාන නැත, සමවිෂමස්ථාන දක්නාසුල්ලෙක් නැත, සඳහිරු නැත, සඳහිරු දක්නාසුල්ලෙක් නැත. ‘මම තෙල නො දන්මි, මම තෙල නො දක්මි. එහෙයින් නැතැ’යි බෙණේ ද, මාණවකය, මෙසේ බණන හෙතෙම මැනැවක් බණනේත් වේ ද?
Pali BJTනො හිදං භො ගොතම. අත්ථි කණ්හසුක්කානි රූපානි, අත්ථි කණ්හසුක්කානං රූපානං දස්සාවී, අත්ථි නීලකානි රූපානි, අත්ථි නීලකානං රූපානං දස්සාවී, අත්ථි පීතකානි රූපානි, අත්ථි පීතකානං රූපානං දස්සාවී, අත්ථි ලොහිතකානි රූපානි, අත්ථි ලොහිතකානං රූපානං දස්සාවී. අත්ථි මඤ්ජෙට්ඨිකානි රූපානි, අත්ථි මඤ්ජෙට්ඨිකානං රූපානං දස්සාවී, අත්ථි සමවිසමං, අත්ථි සමවිසමස්ස දස්සාවී, අත්ථි තාරකරූපානි, අත්ථි තාරකරූපානං දස්සාවී, අත්ථි චන්දිමසූරියා{2}, අත්ථි චන්දිමසුරියානං දස්සාවී, අහමෙතං න ජානාමි, අහමෙතං න පස්සාමි තස්මා නත්ථීති න හි සො භො ගොතම, සම්මා වදමානො වදෙය්යාති.
Sinhala BJTභවත් ගෞතමයන් වහන්ස, මැනැවක් නො බණන්නේ මැ යැ. කෘෂ්ණශුක්ල රූපායතන ඇත, කෘෂ්ණශුක්ල රූපායතන දක්නෙක් ඇත, නීල රූපායතන ඇත, නීලරූපායතන දක්නෙක් ඇත, පීතරූපායතන ඇත, පීතරූපායතන දක්නෙක් ඇත, රක්තරූපායතන ඇත, රක්තරූපායතන දක්නෙක් ඇත, මාඤ්ජිෂ්ටරූපායතන ඇත, මාඤ්ජිෂ්ටරූපායතන දක්නෙක් ඇත, සමවිෂමඥාන ඇත, සමවිෂමඥාන දක්නෙක් ඇත, තාරකරූප ඇත, තාරකරූප දක්නෙක් ඇත, චන්‍ද්‍රසූර්‍ය්‍යයෝ ඇත, චන්‍ද්‍රසූර්‍ය්‍යයන් දක්නෙක් ඇත. භවත් ගෞතමයන් වහන්ස, මොනොවට බණන්නෙක් ‘මම තෙල නො දන්මි, මම තෙල නො දක්මි. එහෙයින් නැතැ’යි නො කියන්නේ මැයි.
Pali BJTඑවමෙව ඛො මාණව, බ්රාහ්මණො පොක්ඛරසාති ඔපමඤ්ඤො සුභගවනිකො අන්ධො අචක්ඛුකො. සො වත උත්තරිමනුස්සධම්මා අලමරියඤාණදස්සනවිසෙසං ඤස්සති වා දක්ඛිති{3} වා සච්ඡි වා කරිස්සතී’ති නෙතං ඨානං විජ්ජති.
Sinhala BJTමාණවකය, එපරිදි මැ උපමඤ්ඤ ගෝත්‍ර ඇති සුහගවනයට ස්වාමී වූ පොක්ඛරසාති බමුණු අන්‍ධ යැ අචක්ඛුක යැ. හේ මනුෂ්‍යධර්‍මයෙන් මතුයෙහි ආර්‍ය්‍යභාවකරණයට සමර්‍ත්‍ථඥානදර්‍ශනවිශේෂයක් දන්නේ හෝ දක්නේ හෝ ප්‍රත්‍යක්‍ෂ කරන්නේ හෝ යැ යන තෙල කරුණ නො වන්නේ මැ යි.
Pali BJTතං කිං මඤ්ඤසි මාණව, යෙ තෙ කොසලකා{4} බ්රාහ්මණමහාසාළා සෙය්යථිදං: ‘චඞ්කී බ්රාහ්මණො තාරුක්ඛො බ්රාහ්මණො පොක්ඛරසාති බ්රාහ්මණො ජාණුස්සොණි බ්රාහ්මණො පිතා වා තෙ තොදෙය්යො. කතමා නෙසං සෙය්යා’යං වා තෙ සම්මුච්චා{5} වාචං භාසෙය්යුං. යං වා අසම්මුච්චාති.{6}
Sinhala BJTමාණවකය, ඒ කෙසේ හඟිහි? යම් ඒ කොසොල්රට වැසි බමුණුමහසල්කුලෝ ඇද්ද, ඔහු කවරහ යත්: ‘චඞ්කී බ්‍රාහ්මණ යැ, තාරුක්ඛ බ්‍රාහ්මණ යැ, පොක්ඛරසාති බ්‍රාහ්මණ යැ, තාගේ පිය වූ තෝදෙය්‍ය බ්‍රාහ්මණ හෝ යි. ඔහු සම්මුතියෙන් (ලෝකව්‍යවහාරයෙන්) යම් බසක් හෝ බෙණෙත් ද, අසම්මුතියෙන් යම් බසක් හෝ බෙණෙත් ද, උන්ගේ කවර බසෙක් ශ්‍රේෂ්ඨ වේ ද?’
Pali BJTසම්මුච්චා භො ගොතම.
Sinhala BJTභවත් ගෞතමයන් වහන්ස, සම්මුතියෙන් බණන බස යි.
Pali BJTකතමා නෙසං සෙය්යො, යං වා තෙ මන්තා වාචං භාසෙය්යුං. යං වා අමන්තාති?
Sinhala BJTඔහු තුලනා කොට යම් බසක් හෝ බෙණෙත් ද, තුලනා නො කොට යම් බසක් හෝ බෙණෙත් ද, ඔවුන්ගේ කවර බසෙක් ශ්‍රේෂ්ඨ වේ ද?
Pali BJTමන්තා, භො ගොතම.
Sinhala BJTභවත් ගෞතමයන් වහන්ස, තුලනා කොට බණන බස යි.
Pali BJTකතමා තෙසං සෙය්යො, යං වා තෙ පටිසඞ්ඛාය වාචං භාසෙය්යුං යං වා අප්පටිසඞ්ඛායාති?
Sinhala BJTඔහු නුවණින් දැන යම් බසක් හෝ බෙණෙත් ද, නුවණින් නො දැන යම් බසක් හෝ බෙණෙත් ද, ඔවුන්ගේ කවර බසෙක් ශ්‍රේෂ්ඨ වේ ද?
Pali BJTපටිසඞ්ඛාය භො ගොතම.
Sinhala BJTභවත් ගෞතමයන් වහන්ස, නුවණින් දැන බණන බස යි.
Pali BJTකතමා තෙසං සෙය්යො, යං වා තෙ අත්ථසංහිතං වාචං භාසෙය්යුං. යං වා අනත්ථසංහිතන්ති?
Sinhala BJTඔහු අර්‍ත්‍ථසංහිත වූ යම් බසක් හෝ බෙණෙත් ද, අනර්‍ත්‍ථසංහිත වූ යම් බසක් හෝ බෙණෙත් ද, ඔවුන්ගේ කවර බසෙක් ශ්‍රේෂ්ඨ වේ ද?
Pali BJTඅත්ථසංහිතං භො ගොතම.
Sinhala BJTභවත් ගෞතමයන් වහන්ස, අර්‍ත්‍ථසංහිත කොට බණන බස යි.