Pali BJTඑවං භොති ඛො ධනඤ්ජානි බ්රාහ්මණො ආයස්මතො සාරිපුත්තස්ස පච්චස්සොසි. අථ ඛො ධනඤ්ජානි බ්රාහ්මණො පච්ඡාභත්තං භුත්තපාතරාසො යෙනායස්මා සාරිපුත්තො තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා ආයස්මතා සාරිපුත්තෙන සද්ධිං සම්මොදි. සම්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නං ඛො ධනඤ්ජානිං බ්රාහ්මණං ආයස්මා සාරිපුත්තො එතදවොච:
Sinhala BJT“භවත්නි, එසේ යැ”යි ධනඤ්ජානි බමුණ ආයුෂ්මත් සැරියුත් තෙරණුවනට පිළිවදන් දින, ඉක්බිති ධනඤ්ජානි බමුණු පසුබතැ වැළඳු ප්‍රාතරාස ඇති වැ ආයුෂ්මත් සැරියුත් තෙරණුවන් කරා එළැඹියේ. එළැඹ ආයුෂ්මත් සැරියුත් තෙරණුවන් හා සතුටු වී. තුස්නට නිසි සිහි කරන්නට නිසි කථා කොට නිමවා එකත්පස් වැ හින. ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ එකත්පස් වැ හුන් ධනඤ්ජානි බමුණුට තෙල කී:
Pali BJTකච්චිසි ධනඤ්ජානි, අප්පමත්තො’ති?
Sinhala BJT“කිම ධනඤ්ජානියෙනි, අප්‍රමත්තයෙහි?”
Pali BJT‘කුතො භො සාරිපුත්ත, අම්හාකං අප්පමාදො යෙසං නො මාතාපිතරො පොසෙතබ්බා, පුත්තදාරා පොසෙතබ්බා, දාසකම්මකරපොරිසං පොසෙතබ්බං, මිත්තාමච්චානං මිත්තාමච්චකරණීයං කාතබ්බං ඤාතිසාලොහිතානං ඤාතිසාලොහිතකරණීයං කාතබ්බං, අතිථීනං අතිථිකරණීයං කාතබ්බං, පුබ්බපෙතානං පුබ්බපෙතකරණීයං කාතබ්බං, දෙවතානං දෙවතාකරණීයං කාතබ්බං, රඤ්ඤො රාජකරණීයං කාතබ්බං, අයම්පි කායො පීණෙතබ්බො බ්රූහෙතබ්බො’ති.
Sinhala BJTභවත් ශාරිපුත්‍රයෙනි, අප යම් කෙනකුන් විසින් දෙමාපියෝ පෝෂණ කළයුතු වෙත් ද, පුත්‍රදාරාවෝ පෝෂණ කළයුතු වෙත් ද, දැසිකම්කරුපුරිස් පෝෂණ කළයුතු වේ ද, මිත්‍රාමාත්‍යයන්ගේ මිත්‍රාමාත්‍යකරණී කළයුතු වේ ද, නෑසාලේනෑයන්ගේ නෑසාලේනෑකරණී කළයුතු වේ ද, අතිථින්ගේ අතිථිකරණී කළයුතු වේ ද, පුර්‍වප්‍රේතයන්ගේ පුර්‍වප්‍රේතකරණී කළයුතු වේ ද, දේවතාවන්ගේ දේවතා කරණී කළයුතු වේ ද, රජුගේ රජකරණී කළයුතු වේ ද, මේ කයත් පිණවියයුතුත් වැඩියයුතුත් වේ ද, ඒ අපට කොයින් නම් අප්‍රමාදයෙක් ඇද්ද?යි කී.
Pali BJTතං කිං මඤ්ඤසි ධනඤ්ජානි, ඉධෙකච්චො මාතාපිතුන්නං{2} හෙතු අධම්මචාරී විසමචාරී අස්ස, තමෙනං අධම්මචරියා විසමචරියාහෙතු නිරයං නිරයපාලා උපකඩ්ඪෙය්යුං. ලභෙය්ය නු ඛො සො ‘අහං ඛො මාතාපිතුන්නං හෙතු අධම්මචාරී විසමචාරී අහොසිං, මා මං නිරයං නිරයපාලා’ති. මාතාපිතරො වා පනස්ස ලභෙය්යුං ‘එසො ඛො අම්හාකං හෙතු අධම්මචාරී විසමචාරී අහොසි, මා නං නිරයං නිරයපාලා’ති.
Sinhala BJTධනඤ්ජානියෙනි, ඒ කෙසේ හඟිහි? මෙලොවැ කිසි එකෙක් මව්පියන් නිසා අධර්‍මචාරී විෂමචාරී වේ ද, තුලුහු අධර්‍මචර්‍ය්‍යා විෂමචර්‍ය්‍යා හේතුයෙන් නිරැපල්හු නිරයට ඇදගන්නාහු නම් හේ “මම වනාහි මව්පියන් හේතු කොට අධර්‍මචාරී විෂමචාරී වීමි. නිරැපල්හු නිරයට නො ගනිත්වා” යනු ලබා ද? ඔහුගේ මව්පියෝත් “තෙලෙ වනාහි අප හේතුයෙන් අධර්‍මචාරී විෂමචාරී වී. නිරැපල්හු උහු නිරයට නො ගනිත්වා” යනු ලබත්ද?
Pali BJTනො හිදං භො සාරිපුත්ත, අථ ඛො නං වික්කන්දන්තං{3}යෙව නිරයෙ නිරයපාලා පක්ඛිපෙය්යුං.
Sinhala BJTභවත් ශාරිපුත්‍රයෙනි, මෙය නො වන්නේ මැ යැ. වැළිදු නිරැපල්හු වික්‍රන්‍දන කරන්නා වූ මැ ඔහු නිරයට බහත් මැ යැ.
Pali BJTතං කිං මඤ්ඤසි ධනඤ්ජානි, ඉධෙකච්චො පුත්තදාරස්ස හෙතු ධම්මචාරී විසමචාරී අස්ස, තමෙනං අධම්මචරියා විසමචරියාහෙතු නිරයං නිරයපාලා උපකඩ්ඪෙය්යුං. ලභෙය්ය නු ඛො සො ‘අහං ඛො පුත්තදාරස්ස හෙතු අධම්මචාරී විසමචාරී අහොසිං. මා මං නිරයං නිරයපාලා’ති. පුත්තදාරා වා පනස්ස ලභෙය්යුං{1} ‘එසො ඛො අම්හාකං හෙතු අධම්මචාරී විසමචාරී අහොසි, මා නං නිරයං නිරයපාලා’ති?
Sinhala BJTධනඤ්ජානියෙනි, ඒ කෙසේ හඟිහි? මෙලොවැ කිසි එකෙක් පුත්‍රදාර හේතුයෙන් අධර්‍මචාරී විෂමචාරී වේ ද, තුලුහු අධර්‍මචර්‍ය්‍යා විෂමචර්‍ය්‍යා හේතුයෙන් නිරැපල්හු නිරයට ඇදගන්නාහු නම් හේ “මම වනාහි පුත්‍රදාරා හේතුයෙන් අධර්‍මචාරී විෂමචාරී වීමි. නිරැපල්හු මා නිරයට නො ගනිත්වා” යනු ලබා ද? ඔහුගේ පුත්‍රදාර හෝ “තෙලෙ අප හේතුයෙන් අධර්‍මචාරී විෂමචාරී වී නිරැපල්හු උහු නිරයට නො ගනිත්වා” යනු ලබා ද?
Pali BJTනො හිදං භො සාරිපුත්ත, අථ ඛො නං වික්කන්දන්තංයෙව නිරයෙ නිරයපාලා පක්ඛිපෙය්යුං.
Sinhala BJTභවත් ශාරිපුත්‍රයෙනි, මේ නො වන්නේ මැ යි. වැළිදු වික්‍රන්‍දන කරන්නා වූ මැ ඔහු නිරයට බහත් මැ යැ.
Pali BJTතං කිං මඤ්ඤසි ධනඤ්ජානි, ඉධෙකච්චො දාසකම්මකරපොරිසස්ස හෙතු අධම්මචාරී විසමචාරී අස්ස, තමෙනං අධම්මචරියා විසමචරියාහෙතු නිරයං නිරයපාලා උපකඩ්ඪෙය්යුං. ලභෙය්ය නු ඛො සො ‘අහං ඛො දාසකම්මකරපොරිසස්ස හෙතු අධම්මචාරී විසමචාරී අහොසිං, මා මං නිරයං නිරයපාලා’ති. දාසකම්මකරපොරිසං වා පනස්ස ලභෙය්ය ‘එසො ඛො අම්හාකං හෙතු අධම්මචාරී විසමචාරී අහොසි, මා නං නිරයං නිරයපාලා’ති?
Sinhala BJTධනඤ්ජානියෙනි, ඒ කෙසේ හඟිහි? මෙලොවැ කිසි එකෙක් දැසිකම්කරුපුරිස් හේතුයෙන් අධර්‍මචාරී විෂමචාරී වේ ද, තුලුහු අධර්‍මචර්‍ය්‍යා විෂමචර්‍ය්‍යා හේතුයෙන් නිරැපල්හු නිරයට අදනාහු නම් හේ “මම වනාහි දැසිකම්කරුපුරිස් හේතුයෙන් අධර්‍මචාරී විෂමචාරී වීමි. නිරැපල්හු මා නිරයට නො ගනිත්වා” යනු ලබා ද? ඔහුගේ දැසිකම්කරුපුරිස් හෝ “තෙලෙ වනාහි අප හේතුයෙන් අධර්‍මචාරී විෂමචාරී වී. නිරැපල්හු උහු නිරයට නො ගනිත්වා” යනු ලබා ද?
Pali BJTනො හිදං භො සාරිපුත්ත, අථ ඛො නං වික්කන්දන්තංයෙව නිරයෙ නිරයපාලා පක්ඛිපෙය්යුං.
Sinhala BJTභවත් ශාරිපුත්‍රයෙනි, මේ නො වන්නේ මැ යි. වැළිදු නිරැපල්හු වික්‍රන්‍දන කරන්නා වූ මැ ඔහු නිරයට බහත් මැ යි.
Pali BJTතං කිං මඤ්ඤසි ධනඤ්ජානි, ඉධෙකච්චො මිත්තාමච්චානං හෙතු අධම්මචාරී විසමචාරී අස්ස, තමෙනං අධම්මචරියා විසමචරියාහෙතු නිරයං නිරයපාලා උපකඩ්ඪෙය්යුං. ලභෙය්ය නු ඛො සො ‘අහං ඛො මිත්තාමච්චානං හෙතු අධම්මචාරී විසමචාරී අහොසිං, මා මං නිරයං නිරයපාලා’ති. මිත්තාමච්චා වා පනස්ස ලභෙය්යුං ‘එසො ඛො අම්හාකං හෙතු අධම්මචාරී විසමචාරී අහොසි, මා නං නිරයං නිරයපාලා’ති?
Sinhala BJTධනඤ්ජානියෙනි, ඒ කෙසේ හඟිහි? මෙලොවැ කිසි එකෙක් මිත්‍රාමාත්‍ය හේතුයෙන් අධර්‍මචාරී විෂමචාරී වේ ද, තුලුහු අධර්‍මචර්‍ය්‍යා විෂමචර්‍ය්‍යා හේතුයෙන් නිරැපල්හු නිරයට අදනාහු නම් හේ “මම වනාහි මිත්‍රාමාත්‍ය හේතුයෙන් අධර්‍මචාරී විෂමචාරී වීමි. නිරැපල්හු මා නිරයට නො ගනිත්වා” යනු ලබා ද? ඔහුගේ මිත්‍රාමාත්‍යයෝ හෝ “තෙලෙ වනාහි අප හේතුයෙන් අධර්‍මචාරී විෂමචාරී වී. නිරැපල්හු ඔහු නිරයට නො ගනිත්වා” යනු ලබත් ද?
Pali BJTනො හිදං භො සාරිපුත්ත, අථ ඛො නං වික්කන්දන්තංයෙව නිරයෙ නිරයපාලා පක්ඛිපෙය්යුං.
Sinhala BJTභවත් ශාරිපුත්‍රයෙනි, මේ නො වන්නේ මැ යි. වැළිදු නිරැපල්හු වික්‍රන්‍දන කරන්නා වූ මැ ඔහු නිරයෙහි බහත්.
Pali BJTතං කිං මඤ්ඤසි ධනඤ්ජානි, ඉධෙකච්චො ඤාතිසාලොහිතානං හෙතු අධම්මචාරී විසමචාරී අස්ස, තමෙනං අධම්මචරියා විසමචරියාහෙතු නිරයං නිරයපාලා උපකඩ්ඪෙය්යුං. ලභෙය්ය නු ඛො සො ‘අහං ඛො ඤාතිසාලොහිතානං හෙතු අධම්මචාරී විසමචාරී අහොසිං. මා මං නිරයං නිරයපාලා’ති. ඤාතිසාලොහිතා වා පනස්ස ලභෙය්යුං ‘එසො ඛො අම්හාකං හෙතු අධම්මචාරී විසමචාරී අහොසි. මා නං නිරයං නිරයපාලා’ති?
Sinhala BJTධනඤ්ජානියෙනි, ඒ කෙසේ හඟිහි? මෙලොවැ කිසි එකෙක් නෑසාලේනෑ හේතුයෙන් අධර්‍මචාරී විෂමචාරී වේ ද, නිරැපල්හු තුලුහු අධර්‍මචර්‍ය්‍යා විෂමචර්‍ය්‍යා හේතුයෙන් නිරයට අදනාහු නම් හේ “මම වනාහි නෑසාලේනෑ හේතුයෙන් අධර්‍මචාරී විෂමචාරී වීමි. නිරැපල්හු මා නිරයට නො ගනිත්වා” යනු ලබා ද? ඔහුගේ නෑසාලේනෑයෝ හෝ “තෙලෙ වනාහි අප හේතුයෙන් අධර්‍මචාරී විෂමචාරී වී. නිරැපල්හු ඔහු නිරයට නො ගනිත්වා” යනු ලබත් ද?
Pali BJTනො හිදං භො සාරිපුත්ත, අථ ඛො නං වික්කන්දන්තංයෙව නිරයෙ නිරයපාලා පක්ඛිපෙය්යුං.
Sinhala BJTභවත් ශාරිපුත්‍රයෙනි, මේ නො වන්නේ මැ යි. වැළිදු නිරැපල්හු වික්‍රන්‍දන කරන්නා වූ මැ ඔහු නිරයෙහි බහත්.
Pali BJTතං කිං මඤ්ඤසි ධනඤ්ජානි, ඉධෙකච්චො අතිථීනං හෙතු අධම්මචාරී විසමචාරී අස්ස, තමෙනං අධම්මචරියා විසමචරියාහෙතු නිරයං නිරයපාලා උපකඩ්ඪෙය්යුං. ලභෙය්ය නු ඛො සො ‘අහං ඛො අතිථීනං හෙතු අධම්මචාරී විසමචාරී අහොසිං, මා මං නිරයං නිරයපාලා’ති. අතිථී වා පනස්ස ලභෙය්යුං ‘එසො ඛො අම්හාකං හෙතු අධම්මචාරී විසමචාරී අහොසි, මා නං නිරයං නිරයපාලා’ති?
Sinhala BJTධනඤ්ජානිය, ඒ කෙසේ හඟිහි? මෙලොවැ කිසිවෙක් අතිථින් (ආගන්තුකයන්) ගේ හේතුයෙන් අධර්‍මචාරී විෂමචාරී වේ ද, තුලුහු අධර්‍මචර්‍ය්‍යා විෂමචර්‍ය්‍යා හේතුයෙන් නිරැපල්හු නිරයට අදනාහු නම් හේ “මම වනාහි අතිථින්ගේ හේතුයෙන් අධර්‍මචාරී විෂමචාරී වීමි. නිරැපල්හු මා නිරයට නො ගනිත්වා” යනු ලබා ද? ඔහුගේ අතිථිහු හෝ “තෙලෙ වනාහි අප හේතුයෙන් අධර්‍මචාරී විෂමචාරී වී. නිරැපල්හු ඔහු නිරයට නො ගනිත්වා” යනු ලැබෙත් ද?
Pali BJTනො හිදං භො සාරිපුත්ත, අථ ඛො නං වික්කන්දන්තං යෙව නිරයෙ නිරයපාලා පක්ඛිපෙය්යුං.
Sinhala BJTභවත් ශාරිපුත්‍රයෙනි, මේ නො වන්නේ මැ යි. වැළිදු නිරැපල්හු වික්‍රන්‍දන කරන්නා වූ මැ ඔහු නිරයෙහි බහත්.
Pali BJTතං කිං මඤ්ඤසි ධනඤ්ජානි, ඉධෙකච්චො පුබ්බපෙතානං හෙතු අධම්මචාරී විසමචාරී අස්ස, තමෙනං අධම්මචරියා විසමචරියා හෙතු නිරයං නිරයපාලා උපකඩ්ඪෙය්යුං, ලභෙය්ය නු ඛො සො ‘අහං ඛො පුබ්බපෙතානං හෙතු අධම්මචාරී විසමචාරී අහොසි, මා මං නිරයං නිරයපාලා’ති. පුබ්බපෙතා වා පනස්ස ලභෙය්යුං ‘එසො ඛො අම්හාකං හෙතු අධම්මචාරී විසමචාරී අහොසි, මා නං නිරයං නිරයපාලා’ති?
Sinhala BJTධනඤ්ජානිය, ඒ කෙසේ හඟිහි? මෙලොවැ කිසිවෙක් පූර්‍වප්‍රේතයන් හේතුයෙන් අධර්‍මචාරී විෂමචාරී වේ ද, නිරැපල්හු තුලුහු අධර්‍මචර්‍ය්‍යා විෂමචර්‍ය්‍යා හේතුයෙන් නිරයට අදනාහු නම් හේ “මම වනාහි පූර්‍වප්‍රේතයන් හේතුයෙන් අධර්‍මචාරී විෂමචාරී වීමි. නිරැපල්හු මා නිරයට නො ගනිත්වා” යනු ලබා ද? ඔහුගේ පූර්‍වප්‍රේතයෝ හෝ “තෙලෙ අප හේතුයෙන් අධර්‍මචාරී විෂමචාරී වී. නිරැපල්හු ඔහු නිරයට නො ගනිත්වා” යනු ලැබෙත් ද?
Pali BJTනො හිදං භො සාරිපුත්ත, අථ ඛො නං වික්කන්දන්තං යෙව නිරයෙ නිරයපාලා පක්ඛිපෙය්යුං.
Sinhala BJTභවත් ශාරිපුත්‍රයෙනි, මේ නො වන්නේ මැ යි. වැළිදු නිරැපල්හු වික්‍රන්‍දන කරන්නා වූ මැ ඔහු නිරයෙහි බහත්.
Pali BJTතං කිං මඤ්ඤසි ධනඤ්ජානි, ඉධෙකච්චො දෙවතානං හෙතු අධම්මචාරී විසමචාරී අස්ස, තමෙනං අධම්මචරියා විසමචරියා හෙතු නිරයං නිරයපාලා උපකඩ්ඪෙය්යුං, ලභෙය්ය නු ඛො සො ‘අහං ඛො දෙවතානං හෙතු අධම්මචාරී විසමචාරී අහොසිං, මා මං නිරයං නිරයපාලා’ති. දෙවතා වා පනස්ස ලභෙය්යුං ‘එසො ඛො අම්හාකං හෙතු අධම්මචාරී විසමචාරී අහොසි, මා නං නිරයං නිරයපාලා’ති?
Sinhala BJTධනඤ්ජානිය, ඒ කෙසේ හඟිහි? මෙලොවැ කිසිවෙක් දෙවියන් හේතුයෙන් අධර්‍මචාරී විෂමචාරී වේ ද, නිරැපල්හු තුලුහු අධර්‍මචර්‍ය්‍යා විෂමචර්‍ය්‍යා හේතුයෙන් නිරයට අදනාහු නම් හේ “මම වනාහි දෙවියන් හේතුයෙන් අධර්‍මචාරී විෂමචාරී වීමි. නිරැපල්හු මා නිරයට නො ගනිත්වා” යනු ලබා ද? ඔහුගේ දෙවියෝ හෝ “තෙලෙ අපහේතුයෙන් අධර්‍මචාරී විෂමචාරී වී. නිරැපල්හු ඔහු නිරයට නො ගනිත්වා” යනු ලැබෙත් ද?
Pali BJTනො හිදං භො සාරිපුත්ත, අථ ඛො නං වික්කන්දන්තංයෙව නිරයෙ නිරයපාලා පක්ඛිපෙය්යුං.
Sinhala BJTභවත් ශාරිපුත්‍රයෙනි, මේ නො වන්නේ මැ යි. වැළිදු නිරැපල්හු වික්‍රන්‍දන කරන්නා වූ මැ ඔහු නිරයෙහි බහත්.
Pali BJTතං කිං මඤ්ඤසි ධනඤ්ජානි, ඉධෙකච්චො රඤ්ඤො හෙතු අධම්මචාරී විසමචාරී අස්ස, තමෙනං අධම්මචරියා විසමචරියාහෙතු නිරයං නිරයපාලා උපකඩ්ඪෙය්යුං, ලභෙය්ය නු ඛො සො ‘අහං ඛො රඤ්ඤො හෙතු අධම්මචාරී විසමචාරී අහොසිං, මා මං නිරයං නිරයපාලා’ති. රාජා වා පනස්ස ලභෙය්ය ‘එසො ඛො අම්හාකං හෙතු අධම්මචාරී විසමචාරී අහොසි, මා නං නිරයං නිරයපාලා’ති?
Sinhala BJTධනඤ්ජානිය, ඒ කෙසේ හඟිහි? මෙලොවැ කිසිවෙක් රජු හේතුයෙන් අධර්‍මචාරී විෂමචාරී වේ ද, නිරැපල්හු තුලුහු අධර්‍මචර්‍ය්‍යා විෂමචර්‍ය්‍යා හේතුයෙන්‍ද නිරයට අදනාහු නම් හේ “මම වනාහි රජු නිසා අධර්‍මචාරී විෂමචාරී වීමි. නිරැපල්හු මා නිරයට නො ගනිත්වා” යනු ලැබේ ද? ඔහුගේ රජ හෝ “තෙලෙ අප හේතුයෙන් අධර්‍මචාරී විෂමචාරී වී. නිරැපල්හු ඔහු නිරයට නො ගනිත්වා” යනු ලැබේ ද?
Pali BJTනො හිදං භො සාරිපුත්ත, අථ ඛො නං වික්කන්දන්තංයෙව නිරයෙ නිරයපාලා පක්ඛිපෙය්යුං.
Sinhala BJTභවත් ශාරිපුත්‍රයෙනි, මේ නො වන්නේ මැ යි. එතෙකුදුවත් වික්‍රන්‍දන කරන්නා වූ මැ ඔහු නිරැපල්හු නිරයෙහි බහත්.
Pali BJTතං කිං මඤ්ඤසි ධනඤ්ජානි, ඉධෙකච්චො කායස්ස පීණනහෙතු{1} බ්රූහනහෙතු{2} අධම්මචාරී විසමචාරී අස්ස. තමෙනං අධම්මචරියා විසමචරියාහෙතු නිරයං නිරයපාලා උපකඩ්ඪෙය්යුං. ලභෙය්ය නු ඛො සො ‘අහං ඛො කායස්ස පීණනහෙතු{1} බ්රූහනහෙතු{2} අධම්මචාරී විසමචාරී අහොසිං, මා මං නිරයං නිරයපාලා’ති. පරෙ වා පනස්ස ලභෙය්යුං ‘එසො ඛො කායස්ස පීණනහෙතු බ්රූහනහෙතු අධම්මචාරී විසමචාරී අහොසි, මා නං නිරයං නිරයපාලා’ති?
Sinhala BJTධනඤ්ජානිය, ඒ කෙසේ හඟිහි? මෙලොවැ එකෙක් කය පිනවීම වැඩීම් හේතුයෙන් අධර්‍මචාරී විෂමචාරී වේ ද, නිරැපල්හු අධර්‍මචර්‍ය්‍යා විෂමචර්‍ය්‍යා හේතුයෙන් තුලුහු නිරයට අදනාහු නම් හේ “මම වනාහි කය පිනවීම වැඩීම හේතුයෙන් අධර්‍මචාරී විෂමචාරී වීමි. නිරැපල්හු මා නිරයට නො ගනිත්වා” යනු ලබා ද? පරහු හෝ “තෙලෙ වනාහි කය පිනවීම වැඩීම් හේතුයෙන් අධර්‍මචාරී විෂමචාරී වී. නිරැපල්හු ඔහු නිරයට නො ගනිත්වා” යනු ලබත් ද?
Pali BJTනො හිදං භො සාරිපුත්ත, අථ ඛො නං වික්කන්දන්තංයෙව නිරයෙ නිරයපාලා පක්ඛිපෙය්යුං.
Sinhala BJTභවත් ශාරිපුත්‍රයෙනි, මේ නො වන්නෙකි. වැළිත් නිරැපල්හු වික්‍රන්‍දන කරන්නා වූ මැ ඔහු නිරයෙහි බහත්.
Pali BJTතං කිං මඤ්ඤසි ධනඤ්ජානි, යො වා මාතාපිතුන්නං හෙතු අධම්මචාරී විසමචාරී අස්ස. යො වා මාතාපිතුන්නං හෙතු ධම්මචාරී සමචාරී අස්ස, කතමං සෙය්යොති?
Sinhala BJTධනඤ්ජානිය, ඒ කෙසේ හඟිහි? යමෙක් මව්පියන් හේතුයෙන් අධර්‍මචාරී විෂමචාරී වේ ද? යමෙක් හෝ මව්පියන් හේතුයෙන් ධර්‍මචාරී සමචාරී වේ ද, කුමක් ශ්‍රේෂ්ඨ වේ ද?
Pali BJTයො හි භො සාරිපුත්ත, මාතාපිතුන්නං හෙතු අධම්මචාරී විසමචාරී අස්ස, න තං සෙය්යො. යො ච ඛො භො සාරිපුත්ත, මාතාපිතුන්නං හෙතු ධම්මචාරී සමචාරී අස්ස, තදෙවෙත්ථ සෙය්යො. අධම්මචරියා විසමචරියා හි භො සාරිපුත්ත, බ්රහ්මචරියා සමචරියා සෙය්යො’ති.
Sinhala BJTභවත් ශාරිපුත්‍රයෙනි, යමෙක් මව්පියන් හේතුයෙන් අධර්‍මචාරී විෂමචාරී වේ ද, ඒ ශ්‍රේෂ්ඨ නො වේ. භවත් ශාරිපුත්‍රයෙනි, යමෙක් මව්පියන් හේතුයෙන් ධර්‍මචාරී සමචාරී වේ ද, මෙහි එය මැ ශ්‍රේෂ්ඨ වේ. භවත් ශාරිපුත්‍රයෙනි, අධර්‍මචර්‍ය්‍යා විෂමචර්‍ය්‍යායෙන් වඩා ධර්‍මචර්‍ය්‍යා සමචර්‍ය්‍යා ශ්‍රේෂ්ඨ වේ.
Pali BJTඅත්ථි ඛො ධනඤ්ජානි, අඤ්ඤෙ සහෙතුකා ධම්මිකා කම්මන්තා, යෙහි සක්කා මාතාපිතරො චෙව පොසෙතුං. න ච පාපං කම්මං කත්තුං{1}, පුඤ්ඤඤ්ච පටිපදං පටිපජ්ජිතුං. තං කිං මඤ්ඤසි ධනඤ්ජානි, යො වා පුත්තදාරස්ස හෙතු අධම්මචාරී විසමචාරී අස්ස, යො වා පුත්තදාරස්ස හෙතු ධම්මචාරී සමචාරී අස්ස. කතමං සෙය්යො’ති?
Sinhala BJTධනඤ්ජානියෙනි, යම් කර්‍මාන්තයෙකින් මව්පියන් පුස්නට හැකි වේ ද, පව්කම්කරන්නට නො හැකි වේ ද, පුණ්‍යප්‍රතිපදා ද පිළිපදනට හැකි වේ ද, එ බඳු අන්‍ය සහේතුක ධාර්මික කර්‍මාන්තයෝ ඇත. ධනඤ්ජානියෙනි, ඒ කෙසේ හඟිහි? යමෙක් පුත්‍රදාර හේතුයෙන් අධර්‍මචාරී විෂමචාරී වේ ද? යමෙක් හෝ පුත්‍රදාර හේතුයෙන් ධර්‍මචාරී සමචාරී වේ ද, මෙහි කුමක් ශ්‍රේෂ්ඨ වේ දැ?යි
Pali BJTයො හි භො සාරිපුත්ත, පුත්තදාරස්ස හෙතු අධම්මචාරී විසමචාරී අස්ස, න තං සෙය්යො. යො ච ඛො භො සාරිපුත්ත, පුත්තදාරස්ස හෙතු ධම්මචාරී සමචාරී අස්ස, තදෙවෙත්ථ සෙය්යො. අධම්මචරියා විසමචරියා හි භො සාරිපුත්ත, ධම්මචරියා සමචරියා සෙය්යො’ති.
Sinhala BJTභවත් ශාරිපුත්‍රයෙනි, යමෙක් පුත්‍රදාර හේතුයෙන් අධර්‍මචාරී විෂමචාරී වේ ද, ඒ ශ්‍රේෂ්ඨ නො වෙයි. භවත් ශාරිපුත්‍රයෙනි, යමෙක් වනාහි පුත්‍රදාර හේතුයෙන් ධර්‍මචාරී සමචාරී වේ ද, මෙහි එය මැ ශ්‍රේෂ්ඨ වේ. භවත් ශාරිපුත්‍රයෙනි, අධර්‍මචර්‍ය්‍යා විෂමචර්‍ය්‍යායෙන් වඩා ධර්‍මචර්‍ය්‍යා සමචර්‍ය්‍යා ශ්‍රේෂ්ඨ වේ.
Pali BJTඅත්ථි ඛො ධනඤ්ජානි, අඤ්ඤෙ සහෙතුකා ධම්මිකා කම්මන්තා, යෙහි සක්කා පුත්තදාරෙ{2} චෙව පොසෙතුං, න ච පාපං කම්මං කත්තුං, පුඤ්ඤඤ්ච පටිපදං පටිපජ්ජිතුං. තං කිං මඤ්ඤසි ධනඤ්ජානි, යො වා දාසකම්මකරපොරිසස්ස හෙතු අධම්මචාරී විසමචාරී අස්ස, යො වා දාසකම්මකරපොරිසස්ස හෙතු ධම්මචාරී සමචාරී අස්ස. කතමං සෙය්යොති?
Sinhala BJTධනඤ්ජානියෙනි, යම් කර්‍මාන්තයෙකින් පුත්‍රදාරයන් පුස්නට හැකි වේ ද, පව්කම්කරන්නට නො හැකි වේ ද, පුණ්‍යප්‍රතිපදා ද පිළිපදනට හැකි වේ ද, අන්‍ය එ බඳු සහේතුක ධාර්මික කර්‍මාන්තයෝ ඇත. ධනඤ්ජානියෙනි, ඒ කෙසේ හඟිහි? යමෙක් හෝ දස්කම්කරුපුරිස් හේතුයෙන් අධර්‍මචාරී විෂමචාරී වේ ද? යමෙක් හෝ දස්කම්කරුපුරිස් හේතුයෙන් ධර්‍මචාරී සමචාරී වේ ද, මෙහි කුමක් ශ්‍රේෂ්ඨ වේ දැ?යි
Pali BJTයො හි භො සාරිපුත්ත, දාසකම්මකරපොරිසස්ස හෙතු අධම්මචාරී විසමචාරී අස්ස, න තං සෙය්යො. යො ච ඛො භො සාරිපුත්ත, දාසකම්මකරපොරිසස්ස හෙතු ධම්මචාරී සමචාරී අස්ස, තදෙවෙත්ථ සෙය්යො. අධම්මචරියා විසමචරියා හි භො සාරිපුත්ත, ධම්මචරියා සමචරියා සෙය්යොති?
Sinhala BJTභවත් ශාරිපුත්‍රයෙනි, යමෙක් දස්කම්කරුපුරිස් හේතුයෙන් අධර්‍මචාරී විෂමචාරී වේ ද, ඒ ශ්‍රේෂ්ඨ නො වෙයි. භවත් ශාරිපුත්‍රයෙනි, යමෙක් වනාහි දස්කම්කරුපුරිස් හේතුයෙන් ධර්‍මචාරී සමචාරී වේ ද, මෙහි එය මැ ශ්‍රේෂ්ඨ වේ. භවත් ශාරිපුත්‍රයෙනි, අධර්‍මචර්‍ය්‍යා විෂමචර්‍ය්‍යායෙන් වඩා ධර්‍මචර්‍ය්‍යා සමචර්‍ය්‍යා ශ්‍රේෂ්ඨ වේ.
Pali BJTඅත්ථි ඛො ධනඤ්ජානි, අඤ්ඤෙ සහෙතුකා ධම්මිකා කම්මන්තා, යෙ හි සක්කා දාසකම්මකරපොරිසඤ්චෙව පොසෙතුං, න ච පාපං කම්මං කත්තුං, පුඤ්ඤඤ්ච පටිපදං පටිපජ්ජිතුං. තං කිං මඤ්ඤසි ධනඤ්ජානි, යො වා මිත්තාමච්චානං හෙතු අධම්මචාරී විසමචාරී අස්ස, යො වා මිත්තාමච්චානං හෙතු ධම්මචාරී සමචාරී අස්ස. කතමං සෙය්යොති?
Sinhala BJTධනඤ්ජානියෙනි, දස්කම්කරුපුරිස් පුස්නට හැකි වේ ද, පව්කම් කරන්නට නො හැකි වේ ද, පුණ්‍යප්‍රතිපදා ද පිළිපදනට හැකි වේ ද, අන්‍ය එ බඳු සහේතුක ධාර්මික කර්‍මාන්තයෝ ඇත. ධනඤ්ජානියෙනි, ඒ කෙසේ හඟිහි? යමෙක් හෝ මිත්‍රාමාත්‍ය හේතුයෙන් අධර්‍මචාරී විෂමචාරී වේ ද? යමෙක් හෝ මිත්‍රාමාත්‍ය හේතුයෙන් ධර්‍මචාරී සමචාරී වේ ද, මෙහි කුමක් ශ්‍රේෂ්ඨ වේ දැ?යි
Pali BJTයො හි භො සාරිපුත්ත, මිත්තාමච්චානං හෙතු අධම්මචාරී විසමචාරී අස්ස, න තං සෙය්යො. යො ච ඛො භො සාරිපුත්ත, මිත්තාමච්චානං හෙතු ධම්මචාරී සමචාරී අස්ස, තදෙවෙත්ථ සෙය්යො. අධම්මචරියා විසමචරියා හි භො සාරිපුත්ත, ධම්මචරියා සමචරියා සෙය්යොති.
Sinhala BJTභවත් ශාරිපුත්‍රයෙනි, යමෙක් මිත්‍රාමාත්‍ය හේතුයෙන් අධර්‍මචාරී විෂමචාරී වේ ද, ඒ ශ්‍රේෂ්ඨ නො වෙයි. භවත් ශාරිපුත්‍රයෙනි, යමෙක් වනාහි මිත්‍රාමාත්‍ය හේතුයෙන් ධර්‍මචාරී සමචාරී වේ ද, මෙහි ඒ මැ ශ්‍රේෂ්ඨ වේ. භවත් ශාරිපුත්‍රයෙනි, අධර්‍මචර්‍ය්‍යා විෂමචර්‍ය්‍යායෙන් වඩා ධර්‍මචර්‍ය්‍යා සමචර්‍ය්‍යා ශ්‍රේෂ්ඨ වේ.
Pali BJTඅත්ථි ඛො ධනඤ්ජානි, අඤ්ඤෙ සහෙතුකා ධම්මිකා කම්මන්තා, යෙහි සක්කා මිත්තාමච්චානඤ්චෙව මිත්තාමච්චකරණීයං කාතුං, න ච පාපං කම්මං කත්තුං, පුඤ්ඤඤ්ච පටිපදං පටිපජ්ජිතුං. තං කිං මඤ්ඤසි ධනඤ්ජානි, යො වා ඤාතිසාලොහිතානං හෙතු අධම්මචාරී විසමචාරී අස්ස, යො වා ඤාතිසාලොහිතානං හෙතු ධම්මචාරී සමචාරී අස්ස. කතමං සෙය්යොති?
Sinhala BJTධනඤ්ජානියෙනි, යම් කර්‍මාන්තයෙකින් මිත්‍රාමාත්‍යයන්ගේත් මිත්‍රාමාත්‍ය කරණී කරන්නට හැකි වේ ද, පව්කම් කරන්නට නො හැකි වේ ද, පුණ්‍යප්‍රතිපදාත් පිළිපදනට හැකි වේ ද, එ බඳු අන්‍ය වූත් සහේතුක ධාර්මික කර්‍මාන්තයෝ ඇත. ධනඤ්ජානිය, ඒ කෙසේ හඟිහි? යමෙක් නෑසාලේනෑයන් හේතුයෙන් හෝ අධර්‍මචාරී විෂමචාරී වේ ද, යමෙක් නෑසාලේනෑයන් හේතුයෙන් හෝ ධර්‍මචාරී සමචාරී වේ ද, මෙහි කුමක් ශ්‍රේෂ්ඨ වේ දැ?යි
Pali BJTයො හි භො සාරිපුත්ත, ඤාතිසාලොහිතානං හෙතු අධම්මචාරී විසමචාරී අස්ස, න තං සෙය්යො. යො ච ඛො භො සාරිපුත්ත, ඤාතිසාලොහිතානං හෙතු ධම්මචාරී සමචාරී අස්ස, තදෙවෙත්ථ සෙය්යො. අධම්මචරියා විසමචරියා හි භො සාරිපුත්ත, ධම්මචරියා සමචරියා සෙය්යොති.
Sinhala BJTභවත් ශාරිපුත්‍රයෙනි, යමෙක් නෑසාලේනෑයන් හේතුයෙන් අධර්‍මචාරී විෂමචාරී වේ ද, එය ශ්‍රේෂ්ඨ නො වෙයි. භවත් ශාරිපුත්‍රයෙනි, යමෙකුත් නෑසාලේනෑයන් හේතුයෙන් ධර්‍මචාරී සමචාරී වේ ද, එය මැ මෙහි ශ්‍රේෂ්ඨ වෙයි, භවත් ශාරිපුත්‍රයෙනි, අධර්‍මචර්‍ය්‍යා විෂමචර්‍ය්‍යායෙන් වඩා ධර්‍මචර්‍ය්‍යා සමචර්‍ය්‍යා ශ්‍රේෂ්ඨ වේ.
Pali BJTඅත්ථි ඛො ධනඤ්ජානි, අඤ්ඤෙ සහෙතුකා ධම්මිකා කම්මන්තා, යෙහි සක්කා ඤාතිසාලොහිතානඤ්චෙව ඤාතිසාලොහිතකරණීයං කාතුං, න ච පාපං කම්මං කත්තුං, පුඤ්ඤඤ්ච පටිපදං පටිපජ්ජිතුං. තං කිං මඤ්ඤසි ධනඤ්ජානි, යො වා අතිථීනං හෙතු අධම්මචාරී විසමචාරී අස්ස, යො වා අතිථීනං හෙතු ධම්මචාරී සමචාරී අස්ස. කතමං සෙය්යොති?
Sinhala BJTධනඤ්ජානියෙනි, යම් කර්‍මාන්තයෙකින් නෑසාලේනෑයන් ගේ නෑසාලේනෑකරණී කරන්නට හැකි වේ ද, පව්කම් කරන්නට නො හැකි වේ ද, පුණ්‍යප්‍රතිපදාත් පිළිපදනට හැකි වේ ද, එ බඳු අන්‍ය වූ ත් සහේතුක ධාර්මික කර්‍මාන්තයෝ ඇත. ධනඤ්ජානිය, ඒ කෙසේ හඟිහි? අතිථින් හේතුයෙන් අධර්‍මචාරී විෂමචාරී හෝ වේ ද, යමෙක් අතිථින් හේතුයෙන් ධර්‍මචාරී සමචාරී හෝ වේ ද, එහි කුමක් ශ්‍රේෂ්ඨ වේ දැ?යි
Pali BJTයො හි භො සාරිපුත්ත, අතිථීනං හෙතු අධම්මචාරී විසමචාරී අස්ස, න තං සෙය්යො. යො ච ඛො භො සාරිපුත්ත, අතිථීනං හෙතු ධම්මචාරී සමචාරී අස්ස, තදෙවෙත්ථ සෙය්යො. අධම්මචරියා විසමචරියා හි භො සාරිපුත්ත, ධම්මචරියා සමචරියා සෙය්යොති.
Sinhala BJTභවත් ශාරිපුත්‍රයෙනි, යමෙක් අතිථින් හේතුයෙන් අධර්‍මචාරී විෂමචාරී වේ ද, එය ශ්‍රේෂ්ඨ නො වෙයි. භවත් ශාරිපුත්‍රයෙනි, යමෙකුත් අතිථින් හේතුයෙන් ධර්‍මචාරී සමචාරී වේ ද, මෙහි එය මැ ශ්‍රේෂ්ඨ වේ. භවත් ශාරිපුත්‍රයෙනි, අධර්‍මචර්‍ය්‍යා විෂමචර්‍ය්‍යායෙන් වඩා ධර්‍මචර්‍ය්‍යා සමචර්‍ය්‍යා ශ්‍රේෂ්ඨ වේ.
Pali BJTඅත්ථි ඛො ධනඤ්ජානි, අඤ්ඤෙ සහෙතුකා ධම්මිකා කම්මන්තා, යෙහි සක්කා අතිථීනඤ්චෙව අතිථිකරණීයං කාතුං, න ච පාපං කම්මං කත්තුං, පුඤ්ඤඤ්ච පටිපදං පටිපජ්ජිතුං. තං කිං මඤ්ඤසි ධනඤ්ජානි, යො වා පුබ්බපෙතානං හෙතු අධම්මචාරී විසමචාරී අස්ස, යො වා පුබ්බපෙතානං හෙතු ධම්මචාරී සමචාරී අස්ස. කතමං සෙය්යොති?
Sinhala BJTධනඤ්ජානියෙනි, යම් කර්‍මාන්තයෙකින් අතිථින්ගේ අතිථිකරණීත් කරන්නට හැකි වේ ද, පව්කම් කරන්නට නො ද හැකි වේ ද, පුණ්‍යප්‍රතිපදාත් පිළිපදනට හැකි වේ ද, එ බඳු අන්‍ය වූ සහේතුක ධාර්මික කර්‍මාන්තයෝ ඇත. ධනඤ්ජානියෙනි, ඒ කෙසේ හඟිහි? යමෙක් පූර්‍වප්‍රේතයන් හේතුයෙන් හෝ අධර්‍මචාරී විෂමචාරී වන්නේ යැ, යමෙක් පූර්‍වප්‍රේතයන් හේතුයෙන් හෝ ධර්‍මචාරී සමචාරී වන්නේ යැ, කුමක් ශ්‍රේෂ්ඨ වේ දැ?යි
Pali BJTයො හි භො සාරිපුත්ත, පුබ්බපෙතානං හෙතු අධම්මචාරී විසමචාරී අස්ස, න තං සෙය්යො. යො ච ඛො භො සාරිපුත්ත, පුබ්බපෙතානං හෙතු ධම්මචාරී සමචාරී අස්ස, තදෙවෙත්ථ සෙය්යො අධම්මචරියා විසමචරියා හි භො සාරිපුත්ත, ධම්මචරියා සමචරියා සෙය්යොති.
Sinhala BJTභවත් ශාරිපුත්‍රයෙනි, යමෙක් පූර්‍වප්‍රේතයන් හේතුයෙන් අධර්‍මචාරී විෂමචාරී වන්නේ ද, එය ශ්‍රේෂ්ඨ නො වෙයි. භවත් ශාරිපුත්‍රයෙනි, යමෙකුත් පූර්‍වප්‍රේතයන් හේතුයෙන් ධර්‍මචාරී සමචාරී වේ ද, මෙහි එය මැ ශ්‍රේෂ්ඨ යි. භවත් ශාරිපුත්‍රයෙනි, අධර්‍මචර්‍ය්‍යා විෂමචර්‍ය්‍යායෙන් වඩා ධර්‍මචර්‍ය්‍යා සමචර්‍ය්‍යා ශ්‍රේෂ්ඨ වන හෙයිනි.
Pali BJTඅත්ථි ඛො ධනඤ්ජානි, අඤ්ඤෙ සහෙතුකා ධම්මිකා කම්මන්තා, යෙහි සක්කා පුබ්බපෙතානඤ්චෙව පුබ්බපෙතකරණීයං කාතුං, න ච පාපං කම්මං කත්තුං, පුඤ්ඤඤ්ච පටිපදං පටිපජ්ජිතුං. තං කිං මඤ්ඤසි ධනඤ්ජානි, යො වා දෙවතානං හෙතු අධම්මචාරී විසමචාරී අස්ස, යො වා දෙවතානං හෙතු ධම්මචාරී සමචාරී අස්ස. කතමං සෙය්යොති?
Sinhala BJTධනඤ්ජානියෙනි, යම් කර්‍මාන්තයෙකින් පූර්‍වප්‍රේතයන්ගේ පූර්‍වප්‍රේතකරණී ත් කරන්නටත් පව්කම් නො කරන්නටත් පුණ්‍ය ප්‍රතිපදා පිළිපදනටත් හැකි වේ ද, එබඳු අන්‍ය වූ සහේතුක ධාර්මික කර්‍මාන්තයෝ ඇත. ධනඤ්ජානියෙනි, ඒ කෙසේ හඟිහි? යමෙක් දෙවියන් හේතුයෙන් හෝ අධර්‍මචාරී විෂමචාරී වන්නේ යැ, යමෙක් දෙවියන් හේතුයෙන් හෝ ධර්‍මචාරී සමචාරී වන්නේ යැ, කුමක් ශ්‍රේෂ්ඨ වේ දැ?යි
Pali BJTයො හි භො සාරිපුත්ත, දෙවතානං හෙතු අධම්මචාරී විසමචාරී අස්ස. න තං සෙය්යො. යො ච ඛො භො සාරිපුත්ත, දෙවතානං හෙතු ධම්මචාරී සමචාරී අස්ස, තදෙවෙත්ථ සෙය්යො, අධම්මචරියා විසමචරියා හි භො සාරිපුත්ත, ධම්මචරියා සමචරියා සෙය්යොති.
Sinhala BJTභවත් ශාරිපුත්‍රයෙනි, යමෙක් දෙවියන් හේතුයෙන් අධර්‍මචාරී විෂමචාරී වන්නේ ද, එය ශ්‍රේෂ්ඨ නො වෙයි. භවත් ශාරිපුත්‍රයෙනි, යමෙකුත් දෙවියන් හේතුයෙන් ධර්‍මචාරී සමචාරී වන්නේ ද, මෙහි එය මැ ශ්‍රේෂ්ඨ යි. භවත් ශාරිපුත්‍රයෙනි, යම් හෙයෙකින් අධර්‍මචර්‍ය්‍යා විෂමචර්‍ය්‍යායෙන් වඩා ධර්‍මචර්‍ය්‍යා සමචර්‍ය්‍යා ශ්‍රේෂ්ඨ වේ ද, එහෙයිනි.
Pali BJTඅත්ථි ඛො ධනඤ්ජානි, අඤ්ඤෙ සහෙතුකා ධම්මිකා කම්මන්තා, යෙහි සක්කා දෙවතානඤ්චෙව දෙවතාකරණීයං කාතුං, න ච පාපං කම්මං කත්තුං, පුඤ්ඤඤ්ච පටිපදං පටිපජ්ජිතුං. තං කිං මඤ්ඤසි ධනඤ්ජානි, යො වා රඤ්ඤො හෙතු අධම්මචාරී විසමචාරී අස්ස, යො වා රඤ්ඤො හෙතු ධම්මචාරී සමචාරී අස්ස. කතමං සෙය්යොති?
Sinhala BJTධනඤ්ජානියෙනි, යම් කර්‍මාන්තයෙකින් දෙවියන්ගේ දේවකරණී කරන්නටත් පව්කම් නො කරන්නටත් පුණ්‍යප්‍රතිපදා පිළිපදනටත් හැකි වේ ද, එබඳු අන්‍ය වූ සහේතුක ධාර්මික කර්‍මාන්තයෝ ඇත. ධනඤ්ජානියෙනි, ඒ කෙසේ හඟිහි? යමෙක් රජු හේතුයෙන් අධර්‍මචාරී විෂමචාරී හෝ වන්නේ යැ, යමෙක් රජු හේතු කොට ධර්‍මචාරී සමචාරී හෝ වන්නේ යැ. කුමක් ශ්‍රේෂ්ඨ වේ දැ? යි.
Pali BJTයො හි භො සාරිපුත්ත, රඤ්ඤො හෙතු අධම්මචාරී විසමචාරී අස්ස, න තං සෙය්යො. යො ච ඛො භො සාරිපුත්ත, රඤ්ඤො හෙතු ධම්මචාරී සමචාරී අස්ස, තදෙවෙත්ථ සෙය්යො. අධම්මචරියා විසමචරියා හි භො සාරිපුත්ත, ධම්මචරියා සමචරියා සෙය්යොති.
Sinhala BJTභවත් ශාරිපුත්‍රයෙනි, යමෙක් රජු හේතු කොට අධර්‍මචාරී විෂමචාරී හෝ වේ ද, එය ශ්‍රේෂ්ඨ නො වෙයි. භවත් ශාරිපුත්‍රයෙනි, යමෙකුත් රජු හේතු කොට ධර්‍මචාරී සමචාරී වන්නේ ද, මෙහි එය මැ ශ්‍රේෂ්ඨ යි. භවත් ශාරිපුත්‍රයෙනි, යම් හෙයෙකින් අධර්‍මචර්‍ය්‍යා විෂමචර්‍ය්‍යායෙන් වඩා ධර්‍මචර්‍ය්‍යා සමචර්‍ය්‍යා ශ්‍රේෂ්ඨ වේ ද, එහෙයිනි.
Pali BJTඅත්ථි ඛො ධනඤ්ජානි, අඤ්ඤෙ සහෙතුකා ධම්මිකා කම්මන්තා, යෙහි සක්කා රඤ්ඤො චෙව රාජකරණීයං කාතුං, න ච පාපං කම්මං කත්තුං, පුඤ්ඤඤ්ච පටිපදං පටිපජ්ජිතුං. තං කිං මඤ්ඤසි ධනඤ්ජානි, යො වා කායස්ස පීණනහෙතු බ්රූහනහෙතු අධම්මචාරී විසමචාරී අස්ස, යො වා කායස්ස පීණනහෙතු බ්රූහනහෙතු ධම්මචාරී සමචාරී අස්ස. කතමං සෙය්යොති?
Sinhala BJTධනඤ්ජානියෙනි, යම් කර්‍මාන්තයෙකින් රජුගේ රාජකරණී කරන්නටත් පව්කම් නො කරන්නටත් පුණ්‍යප්‍රතිපදා පිළිපදනටත් හැකි වේ ද, එබඳු අන්‍ය වූ සහේතුක ධාර්මික කර්‍මාන්තයෝ ඇත. ධනඤ්ජානියෙනි, ඒ කෙසේ හඟිහි? යමෙක් කය පිනැවීම් හේතුයෙන් වැඩීම් හේතුයෙන් අධර්‍මචාරී විෂමචාරී හෝ වන්නේ යැ, යමෙක් කය පිනැවීම් හේතුයෙන් වැඩීම් හේතුයෙන් ධර්‍මචාරී සමචාරී හෝ වන්නේ යැ. කුමක් ශ්‍රේෂ්ඨ වේ දැ? යි.
Pali BJTයො හි භො සාරිපුත්ත, කායස්ස පීණනහෙතු බ්රූහනහෙතු අධම්මචාරී විසමචාරී අස්ස, න තං සෙය්යො. යො ච ඛො භො සාරිපුත්ත, කායස්ස පීණනහෙතු බ්රූහනහෙතු ධම්මචාරී සමචාරී අස්ස, තදෙවෙත්ථ සෙය්යො, අධම්මචරියා විසමචරියාහි භො සාරිපුත්ත, ධම්මචරියා සමචරියා සෙය්යොති.
Sinhala BJTභවත් ශාරිපුත්‍රයෙනි, යමෙක් කය පිනැවීම් හේතුයෙන් වැඩීම් හේතුයෙන් අධර්‍මචාරී විෂමචාරී වන්නේ ද, එය ශ්‍රේෂ්ඨ නො වෙයි. භවත් ශාරිපුත්‍රයෙනි, යමෙකුත් කය පිනැවීම් හේතුයෙන් වැඩීම් හේතුයෙන් ධර්‍මචාරී සමචාරී වන්නේ ද, මෙහි එය මැ ශ්‍රේෂ්ඨ යි. භවත් ශාරිපුත්‍රයෙනි, යම් හෙයෙකින් අධර්‍මචර්‍ය්‍යා විෂමචර්‍ය්‍යායෙන් වඩා ධර්‍මචර්‍ය්‍යා සමචර්‍ය්‍යා ශ්‍රේෂ්ඨ වේ ද, එහෙයිනි.
Pali BJTඅත්ථි ඛො ධනඤ්ජානි, අඤ්ඤෙ සහෙතුකා ධම්මිකා කම්මන්තා, යෙහි සක්කා කායඤ්චෙව පීණෙතුං බ්රූහෙතුං, න ච පාපංකම්මං කත්තුං, පුඤ්ඤඤ්ච පටිපදං පටිපජ්ජිතුන්ති.
Sinhala BJTධනඤ්ජානියෙනි, යම් කර්‍මාන්තයෙකින් කය පිනවන්නට වඩන්නටත් පව්කම් නො කරන්නටත් පුණ්‍යප්‍රතිපදා පිළිපදනටත් හැකි වේ ද, එබඳු අන්‍ය වූ සහේතුක ධාර්මික කර්‍මාන්තයෝ ඇත.
Pali BJTඅථ ඛො ධනඤ්ජානි බ්රාහ්මණො ආයස්මතො සාරිපුත්තස්ස භාසිතං අභිනන්දිත්වා අනුමොදිත්වා උට්ඨායාසනා පක්කාමි.
Sinhala BJTඑසඳ ධනඤ්ජානි බමුණු ආයුෂ්මත් සැරියුත් තෙරණුවන්ගේ භාෂිතය අභිනන්‍දනා කොට අනුමෝදන් වැ හුනස්නෙන් නැඟී බැස ගියේ.
Pali BJTඅථ ඛො ධනඤ්ජානි බ්රාහ්මණො අපරෙන සමයෙන ආබාධිකො අහොසි දුක්ඛිතො බාළ්හගිලානො. අථ ඛො ධනඤ්ජානි බ්රාහ්මණො අඤ්ඤතරං පුරිසං ආමන්තෙසි: එහි ත්වං, අම්භො පුරිස, යෙන භගවා තෙනුපසඞ්කම, උපසඞ්කමිත්වා මම වචනෙන භගවතො පාදෙ සිරසා වන්දාහි, ‘ධනඤ්ජානි භන්තෙ, බ්රාහ්මණො ආබාධිකො දුක්ඛිතො බාළ්හගිලානො. සො භගවතො පාදෙ සිරසා වන්දතී’ති. යෙන චායස්මා සාරිපුත්තො තෙනුපසඞ්කම, උපසඞ්කමිත්වා මම වචනෙන ආයස්මතො සාරිපුත්තස්ස පාදෙ සිරසා වන්දාහි, ‘ධනඤ්ජානි භන්තෙ, බ්රාහ්මණො ආබාධිකො දුක්ඛිතො බාළ්හගිලානො. සො ආයස්මතො සාරිපුත්තස්ස පාදෙ සිරසා වන්දතී’ති. එවඤ්ච වදෙහි: ‘සාධු කිර භන්තෙ, ආයස්මා සාරිපුත්තො යෙන ධනඤ්ජානිස්ස බ්රාහ්මණස්ස නිවෙසනං තෙනුපසඞ්කමතු අනුකම්පං උපාදායාති.
Sinhala BJTඉක්බිති ධනඤ්ජානි බමුණු මෑත භාගයෙහි ආබාධ ඇතියේ දුඃඛිත වූයේ දැඩිගිලන් ඇති වී. එසඳ ධනඤ්ජානි බ්‍රාහ්මණ එක්තරා පුරුෂයකු ඇමැතී: “එම්බා පුරුෂය, එව තෙපි භාග්‍යවතුන් කරා එළඹෙව. එළඹ මාගේ බසින් භාග්‍යවතුන් වහන්සේ ගේ පාසඟළ සිරසින් වඳුව, ‘වහන්ස, ධනඤ්ජානි බමුණු ආබාධ ඇතියේ දුඃඛිත වූයේ දැඩිගිලන් වෙයි. හේ භාග්‍යවතුන්ගේ පාසඟළ සිරසින් වඳී’යයි වඳුව. ‘වහන්ස, ධනඤ්ජානි බමුණු ආබාධ ඇතියේ දුඃඛිත වූයේ දැඩිගිලන් වෙයි. හේ ආයුෂ්මත් සැරියුත් තෙරුන්ගේ දෙපා සිරසින් වඳී’යයි ආයුෂ්මත් සැරියුත් තෙරුන්ගේ ද පසඟුළු සිරසින් වඳුව. මෙසේත් කියව: ‘වහන්ස, ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ ධනඤ්ජානි බමුණුගේ නිවෙස්න කරා අනුකම්පා පිණිස එළඹෙනසේක්ව”යි.
Pali BJTඑවං භන්තෙති ඛො සො පුරිසො ධනඤ්ජානිස්ස බ්රාහ්මණස්ස පටිස්සුත්වා යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො සො පුරිසො භගවන්තං එතදවොච: ‘ධනඤ්ජානි භන්තෙ, බ්රාහ්මණො ආබාධිකො දුක්ඛිතො බාළ්හගිලානො සො භගවතො පාදෙ සිරසා වන්දතී’ති. යෙන චායස්මා සාරිපුත්තො තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා ආයස්මන්තං සාරිපුත්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො සො පුරිසො ආයස්මන්තං සාරිපුත්තං එතදවොච: ‘ධනඤ්ජානි භන්තෙ, බ්රාහ්මණො ආබාධිකො දුක්ඛිතො බාළ්හගිලානො. සො ආයස්මතො සාරිපුත්තස්ස පාදෙ සිරසා වන්දති, එවඤ්ච වදෙති. ‘සාධු කිර භන්තෙ, ආයස්මා සාරිපුත්තො යෙන ධනඤ්ජානිස්ස බ්රාහ්මණස්ස නිවෙසනං තෙනුපසඞ්කමතු අනුකම්පං උපාදායා’ති. අධිවාසෙසි ඛො ආයස්මා සාරිපුත්තො තුණ්හීභාවෙන.
Sinhala BJT‘එසේ යැ වහන්සැ’ යි එ පුරිස් ධනඤ්ජානි බමුණුහට පිළිවදන් අස්වා භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියේ. එළැඹ භාග්‍යවතුන් වැඳ එකත්පස් වැ හින. එකත්පස් වැ හුන් එ පුරිස් භාග්‍යවතුන් වහන්සේට තෙල කී: “වහන්ස, ධනඤ්ජානි බමුණු ආබාධ ඇතියේ දුඃඛිත වූයේ දැඩිගිලන් වෙයි. හේ භාග්‍යවතුන් වහන්සේ ගේ පාසඟුළුවන් සිරසින් වඳී” යයි. ආයුෂ්මත් සැරියුත් තෙරුන් කරා ද එළැඹියේ, එළැඹ ආයුෂ්මත් සැරියුත් තෙරුන් වැඳ එකත්පස් වැ හින්. එකත්පස් වැ හුන් එ පුරිස් ආයුෂ්මත් සැරියුත් තෙරුන්ට තෙල් කී: “වහන්ස, ධනඤ්ජානි බමුණු ආබාධ ඇතියේ දුඃඛිත වූයේ දැඩිගිලන් වෙයි. හේ ආයුෂ්මත් සැරියුත් තෙරුන් ගේ පසඟුළු සිරසින් වඳී, මෙසේත් කියයි: “වහන්ස, ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ අනුකම්පා පිණිස ධනඤ්ජානි බමුණුගේ නිවෙස්න කරා එළැඹෙන සේක්ව”යි. ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ තුෂ්ණීම්භාවයෙන් ඉවැසූහ.
Pali BJTඅථ ඛො ආයස්මා සාරිපුත්තො නිවාසෙත්වා පත්තචීවරං ආදාය යෙන ධනඤ්ජානිස්ස බ්රාහ්මණස්ස නිවෙසනං තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා පඤ්ඤත්තෙ ආසනෙ නිසීදි. නිසජ්ජ ඛො ආයස්මා සාරිපුත්තො ධනඤ්ජානිං බ්රාහ්මණං එතදවොච: ‘කච්චි තෙ ධනඤ්ජානි, ඛමනීයං කච්චි යාපනීයං කච්චි දුක්ඛා වෙදනා පටික්කමන්ති නො අභික්කමන්ති, පටික්කමොසානං පඤ්ඤායති නො අභික්කමොති?
Sinhala BJTඉක්බිති ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ හැඳපෙරෙවැ පාසිවුරු ගෙන ධනඤ්ජානි බමුණුගේ නිවෙස්න කරා එළැඹියහ. එළැඹ පැනවූ අස්නෙහි වැඩහුන්හු. වැඩහිඳ ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ ධනඤ්ජානි බමුණුහට තෙල කී: “ධනඤ්ජානියෙනි, කිම තොපට සහනු හැකි ද? කිම යැපෙනු හැකි ද? කිම දුක් වේදනාවෝ බැස යෙත් ද? නො වැඩෙත් ද? වැඩීම නො වැ සන්හිඳීම පැනේ දැ?”යි.
Pali BJTන මෙ භො සාරිපුත්ත, ඛමනීයං න යාපනීයං, බාළ්හා මෙ දුක්ඛා වෙදනා අභික්කමන්ති, නො පටික්කමන්ති. අභික්කමොසානං පඤ්ඤායති, නො පටික්කමොති. සෙය්යථාපි, භො සාරිපුත්ත, බලවා පුරිසො තිණ්හෙන සිඛරෙන මුද්ධනි{1} අභිමන්ථෙය්ය.{2} එවමෙව ඛො මෙ භො සාරිපුත්ත, අධිමත්තා වාතා මුද්ධනි{1} ඌහනන්ති{3} න මෙ භො සාරිපුත්ත, ඛමනීයං න යාපනීයං බාළ්හා මෙ දුක්ඛා වෙදනා අභික්කමන්ති නො පටික්කමන්ති. අභික්කමොසානං පඤ්ඤායති, නො පටික්කමොති.
Sinhala BJTභවත් ශාරිපුත්‍රයෙනි, මා විසින් නො සිහිය හැක්ක. නො යැපිය හැක්ක. මාගේ දැඩි දුඃඛවේදනාවෝ වැඩී යෙත්, බැස නො යෙත්. වැඩුම පැනෙයි, බැසයනු නො පැනෙයි. භවත් ශාරිපුත්‍රයෙනි, යම් පරිදි බලවත් පුරුෂයෙක් තියුණු සිරියෙකින් මුදුන අළලන්නේ වේ ද, භවත් ශාරිපුත්‍රයෙනි, එ පරිදි මැ අධිමාත්‍ර වාතවේදනාවෝ මාගේ මුදුන පහරත්. භවත් ශාරිපුත්‍රයෙනි, මා විසින් නො සිහිය හැක්ක, නො යැපිය හැක්ක. මා ගේ දැඩි දුඃඛවේදනාවෝ නැඟීයෙත්, නො ගිලිහෙත්. නැඟීයනු පැනේ, බැසයනු නො පැනේ.
Pali BJTසෙය්යථාපි භො සාරිපුත්ත, බලවා පුරිසො දළ්හෙන වරත්තබන්ධනෙන{4} සීසෙ සීසවෙඨනං{5} බන්ධෙය්ය{6}, එවමෙව ඛො මෙ භො සාරිපුත්ත, අධිමත්තා සීසෙ සීසවෙදනා හොති. න මෙ භො සාරිපුත්ත, ඛමනීයං න යාපනීයං. බාළ්හා මෙ දුක්ඛා වෙදනා. අභික්කමන්ති නො පටික්කමන්ති, අභික්කමොසානං පඤ්ඤායති නො පටික්කමොති.
Sinhala BJTභවත් ශාරිපුත්‍රයෙනි, යම් පරිදි බලවත් පුරුෂයෙක් දළ වරබහනින් හිසෙහි හිස්වෙළුම් බඳනේ වේ ද, භවත් ශාරිපුත්‍රයෙනි, එපරිදි මැ මාගේ හිසෙහි අධිමාත්‍ර ශිරෝවේදනාවෝ වෙති. භවත් ශාරිපුත්‍රයෙනි, මා විසින් නො සිහිය හැක්ක, නො යැපිය හැක්ක. මාගේ දැඩි දුඃඛවේදනාවෝ නැඟීයෙත්, නො සන්හිඳෙත්, නැඟයනු පැනේ, බැසයනු නො පැනේ.
Pali BJTසෙය්යථාපි භො සාරිපුත්ත, දක්ඛො ගොඝාතකො වා ගොඝාතකන්තෙවාසී වා තිණ්හෙන ගොවිකන්තනෙන කුච්ඡිං පරිකන්තෙය්ය. එවමෙව ඛො මෙ භො සාරිපුත්ත, අධිමත්තා වාතා කුච්ඡිං පරිකන්තන්ති. න මෙ භො සාරිපුත්ත, ඛමනීයං න යාපනීයං, බාළ්හා මෙ දුක්ඛා වෙදනා අභික්කමන්ති නො පටික්කමන්ති, අභික්කමොසානං පඤ්ඤායති නො පටික්කමොති.
Sinhala BJTභවත් ශාරිපුත්‍රයෙනි, යම් පරිදි දක්‍ෂ ගෝඝාතකයෙක් හෝ ගෝඝාතක අතවැසියෙක් හෝ තියුණු වූ ගෙරි කපන කැත්තෙන් කුස විවර කොට කපන්නේ වේ ද, භවත් ශාරිපුත්‍රයෙනි, එ පරිදි මැ අධිමාත්‍ර වාතවේදනාවෝ මා කුස සිඳිත්, භවත් ශාරිපුත්‍රයෙනි, මා විසින් නො සිහිය හැක්ක. නො යැපිය හැක්ක. මාගේ දෘඪ දුඃඛවේදනාවෝ නැඟීයෙත්, බැස නො යෙත්, නැඟයනු පැනේ, ගැලයනු නො පැනේ.
Pali BJTසෙය්යථාපි භො සාරිපුත්ත, ද්වෙ බලවන්තො පුරිසා දුබ්බලතරං පුරිසං නානාබාහාසු ගහෙත්වා අඞ්ගාරකාසුයා සන්තාපෙය්යුං සම්පරිතාපෙය්යුං, එවමෙව ඛො මෙ භො සාරිපුත්ත, අධිමත්තො කායස්මිං දාහො, න මෙ භො සාරිපුත්ත, ඛමනීයං න යාපනීයං බාළ්හා මෙ දුක්ඛා වෙදනා අභික්කමන්ති නො පටික්කමන්ති. අභික්කමොසානං පඤ්ඤායති නො පටික්කමොති.
Sinhala BJTභවත් ශාරිපුත්‍රයෙනි, යම් පරිදි බලවත් පුරුෂයෝ දෙදෙනෙක් දුර්‍වලතර පුරුෂයකු දෙඅත් ගෙන අඞ්ගාරකර්ෂියෙහි තවන්නාහු ද මොනොවට තවන්නාහු ද, භවත් ශාරිපුත්‍රයෙනි, එ පරිදි මැ මාගේ කයෙහි අතිමාත්‍ර දාහය වෙයි. භවත් ශාරිපුත්‍රයෙනි, මා විසින් නො සිහිය හැක්ක. නො යැපිය හැක්ක. මා ගේ දෘඪ දුඃඛවේදනාවෝ නැඟයෙත්, බැස නො යෙත්, නැඟයනු පැනේ, බැසයනු නො පැනේ.
Pali BJTතං කිං මඤ්ඤසි ධනඤ්ජානි, කතමං සෙය්යො, නිරයො වා තිරච්ඡානයොනි වාති?
Sinhala BJTධනඤ්ජානියෙනි, ඒ කෙසේ හඟිහි? නිරය හෝ තිරිසන් යෝනි හෝ කුමක් ශ්‍රේෂ්ඨ දැ? යි.
Pali BJTනිරයා භො සාරිපුත්ත, තිරච්ඡානයොනි සෙය්යොති.
Sinhala BJTභවත් ශාරිපුත්‍රයෙනි, නිරයට වඩා තිරිසන්යෝනිය ශ්‍රේෂ්ඨ වෙයි.
Pali BJTතං කිං මඤ්ඤසි ධනඤ්ජානි, කතමං සෙය්යො, තිරච්ඡානයොනි වා පෙත්තිවිසයො{7} වා ති?
Sinhala BJTධනඤ්ජානියෙනි, ඒ කෙසේ හඟිහි? තිරිසන් යෝනි හෝ ප්‍රේතවිෂය හෝ කුමක් ශ්‍රේෂ්ඨ වේ දැ? යි.
Pali BJTතිරච්ඡානයොනියා භො සාරිපුත්ත, පෙත්තිවිසයො සෙය්යොති.
Sinhala BJTභවත් ශාරිපුත්‍රයෙනි, තිරිසන්යෝනට වඩා ප්‍රේතවිෂය ශ්‍රේෂ්ඨ වෙයි.
Pali BJTතං කිං මඤ්ඤසි ධනඤ්ජානි, කතමං සෙය්යො, පෙත්තිවිසයො වා මනුස්සො වාති?
Sinhala BJTධනඤ්ජානියෙනි, ඒ කෙසේ හඟිහි? ප්‍රේතවිෂය හෝ මිනිස්බව හෝ කුමක් ශ්‍රේෂ්ඨ වේ දැ? යි.
Pali BJTපෙත්තිවිසයා භො සාරිපුත්ත, මනුස්සා සෙය්යොති.
Sinhala BJTභවත් ශාරිපුත්‍රයෙනි, ප්‍රේතවිෂයට වඩා මිනිස්සු ශ්‍රේෂ්ඨයහ යි.
Pali BJTතං කිං මඤ්ඤසි ධනඤ්ජානි, කතමං සෙය්යො, මනුස්සා වා චාතුම්මහාරාජිකා දෙවා වාති?
Sinhala BJTධනඤ්ජානියෙනි, ඒ කෙසේ හඟිහි? මිනිස්සු හෝ සියමහරදවැසි දෙවියෝ හෝ කුමක් ශ්‍රේෂ්ඨ වේ දැ? යි.
Pali BJTමනුස්සෙහි භො සාරිපුත්ත, චාතුම්මහාරාජිකා දෙවා සෙය්යොති.
Sinhala BJTභවත් ශාරිපුත්‍රයෙනි, මිනිසුනට වඩා සියමහරදවැසි දෙවියෝ ශ්‍රේෂ්ඨයහ යි.
Pali BJTතං කිං මඤ්ඤසි ධනඤ්ජානි, කතමං සෙය්යො, චාතුම්මහාරාජිකා වා දෙවා තාවතිංසා වා දෙවාති?
Sinhala BJTධනඤ්ජානියෙනි, ඒ කෙසේ හඟිහි? කුමක් ශ්‍රේෂ්ඨ වේ ද, චතුර්‍මමහාරාඡික දෙවියෝ හෝ තාවතිංස දෙවියෝ හෝ දැ? යි.
Pali BJTචාතුම්මහාරාජිකෙහි භො සාරිපුත්ත, දෙවෙහි තාවතිංසා දෙවා සෙය්යොති.
Sinhala BJTභවත් ශාරිපුත්‍රයෙනි, චාතුම්මහාරාජික දෙවියනට වඩා තාවතිංස දෙවියෝ ශ්‍රේෂ්ඨයහ යි.
Pali BJTතං කිං මඤ්ඤසි ධනඤ්ජානි, කතමං සෙය්යො, තාවතිංසා වා දෙවා යාමා වා දෙවාති?
Sinhala BJTධනඤ්ජානියෙනි, ඒ කෙසේ හඟිහි? කුමක් ශ්‍රේෂ්ඨ වේ ද? තාවතිංස දෙවියෝ හෝ යාම දෙවියෝ හෝ දැ? යි.
Pali BJTතාවතිංසෙහි භො සාරිපුත්ත, දෙවෙහි යාමා දෙවා සෙය්යොති.
Sinhala BJTභවත් ශාරිපුත්‍රයෙනි, තාවතිංස දෙවියනට වඩා යාම දෙවියෝ ශ්‍රේෂ්ඨයහ යි.
Pali BJTතං කිං මඤ්ඤසි ධනඤ්ජානි, කතමං සෙය්යො, යාමා වා දෙවා තුසිතා වා දෙවාති?
Sinhala BJTධනඤ්ජානියෙනි, ඒ කෙසේ හඟිහි? කුමක් ශ්‍රේෂ්ඨ වේ ද, යාම දෙවියෝ හෝ තුෂිත දෙවියෝ හෝ දැ? යි.
Pali BJTයාමෙහි භො සාරිපුත්ත, දෙවෙහි තුසිතා දෙවා සෙය්යොති.
Sinhala BJTභවත් ශාරිපුත්‍රයෙනි, යාම දෙවියනට වඩා තුෂිත දෙවියෝ ශ්‍රේෂ්ඨයහ යි.
Pali BJTතං කිං මඤ්ඤසි ධනඤ්ජානි, කතමං සෙය්යො, තුසිතා වා දෙවා නිම්මානරතී වා දෙවාති?
Sinhala BJTධනඤ්ජානියෙනි, ඒ කෙසේ හඟිහි? කුමක් ශ්‍රේෂ්ඨ වේ ද, තුෂිත දෙවියෝ හෝ නිම්මානරති දෙවියෝ හෝ දැ? යි.
Pali BJTතුසිතෙහි භො සාරිපුත්ත, දෙවෙහි නිම්මානරතී දෙවා සෙය්යොති.
Sinhala BJTභවත් ශාරිපුත්‍රයෙනි, තුෂිත දෙවියනට වඩා නිම්මානරති දෙවියෝ ශ්‍රේෂ්ඨයහ යි.
Pali BJTතං කිං මඤ්ඤසි ධනඤ්ජානි, කතමං සෙය්යො, නිම්මානරතී වා දෙවා පරනිම්මිතවසවත්තී වා දෙවාති?
Sinhala BJTධනඤ්ජානියෙනි, ඒ කෙසේ හඟිහි? කුමක් ශ්‍රේෂ්ඨ වේ ද, නිර්‍මාණරතී දෙවියෝ හෝ පරනිම්මිතවසවත්ති දෙවියෝ හෝ දැ? යි.
Pali BJTනිම්මානරතීහි භො සාරිපුත්ත, දෙවෙහි පරනිම්මිතවසවත්තී දෙවා සෙය්යොති.
Sinhala BJTභවත් ශාරිපුත්‍රයෙනි, නිර්‍මාණරති දෙවියනට වඩා පරනිර්මිතවශවර්ති දෙවියෝ ශ්‍රේෂ්ඨයහ යි.
Pali BJTතං කිං මඤ්ඤසි ධනඤ්ජානි, කතමං සෙය්යො, පරනිම්මිතවසවත්තී වා දෙවා බ්රහ්මලොකො වාති?
Sinhala BJTධනඤ්ජානියෙනි, ඒ කෙසේ හඟිහි? කුමක් ශ්‍රේෂ්ඨ වේ ද, පරනිර්මිතවශවර්ති දෙවියෝ හෝ බ්‍රහ්මලෝකය හෝ දැ? යි.
Pali BJTබ්රහ්මලොකොති භවං සාරිපුත්තො ආහ, බ්රහ්මලොකොති භවං සාරිපුත්තො ආහාති.
Sinhala BJTභවත් ශාරිපුත්‍ර තෙමේ බ්‍රහ්මලෝකය යි කියයි, භවත් ශාරිපුත්‍ර තෙමේ බ්‍රහ්මලෝකය යි කියයි.
Pali BJTඅථ ඛො ආයස්මතො සාරිපුත්තස්ස එතදහොසි: ඉමෙ ඛො බ්රාහ්මණා බ්රහ්මලොකාධිමුත්තා. යන්නූනාහං ධනඤ්ජානිස්ස බ්රාහ්මණස්ස බ්රහ්මානං සහව්යතාය මග්ගං දෙසෙය්යන්ති. බ්රහ්මානං තෙ ධනඤ්ජානි සහව්යතාය මග්ගං දෙසිස්සාමි. තං සුණාහි සාධුකං මනසි කරොහි භාසිස්සාමීති. එවම්භොති ඛො ධනඤ්ජානි බ්රාහ්මණො ආයස්මතො සාරිපුත්තස්ස පච්චස්සොසි.
Sinhala BJTඑසඳ ආයුෂ්මත් සැරියුත් තෙරණුවන්හට තෙල සිත්වී: “මේ බමුණෝ නම් බ්‍රහ්මලෝකාධිමුක්තයහ, මම ධනඤ්ජානි බමුණුහට බ්‍රහ්මයන් හා එක්ව විසීම සඳහා මඟ දෙසම් නම් මනා මැ නු”යි. ධනඤ්ජානියෙනි, තොපට බ්‍රහ්මයා හා එක්ව විසීම සඳහා මඟ දෙසමි. ඒ අසව. මොනොවට මෙනෙහි කරව. කියමි යි. ‘භවත්නි, එසේ යැ’යි ධනඤ්ජානි බමුණු ආයුෂ්මත් සැරියුත් තෙරණුවන්හට පිළිවදන් දුන්.
Pali BJTආයස්මා සාරිපුත්තො එතදවොච: ‘කතමො ච, ධනඤ්ජානි, බ්රහ්මානං සහව්යතාය මග්ගො? ඉධ ධනඤ්ජානි, භික්ඛු මෙත්තාසහගතෙන චෙතසා එකං දිසං ඵරිත්වා විහරති. තථා දුතියං, තථා තතියං, තථා චතුත්ථිං. ඉති උද්ධමධො තිරියං සබ්බධි සබ්බත්තතාය{1} සබ්බාවන්තං ලොකං මෙත්තාසහගතෙන චෙතසා විපුලෙන මහග්ගතෙන අප්පමාණෙන අවෙරෙන අබ්යාපජ්ඣෙන ඵරිත්වා විහරති. අයම්පි ඛො ධනඤ්ජානි, බ්රහ්මානං සහව්යතාය මග්ගො.
Sinhala BJTආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ තෙල් කීහු: “ධනඤ්ජානියෙනි, බ්‍රහ්මයන් හා සහවාසය කවරේ යැ? ධනඤ්ජානියෙනි, මෙ සස්නෙහි මහණ මෙත් සහගිය සිතින් එක් දිගක් ස්පර්‍ශ කොට ගෙන වාස කෙරෙයි. දෙවන දිග ද එසේ යැ. තුන්වන දිග ද එසේ යැ, සතරවන දිග ද එසේ යැ. මෙසේ උඩ යට සරස හැම තැන සර්‍වාත්මසමතායෙන් සියලු සතුන් ඇති ලොව විපුල මහද්ගත අප්‍රමාණ අවෛර අව්‍යාබාධ වූ මෙත් සහගිය සිතින් අරමුණු කොට වාස කෙරෙයි. ධනඤ්ජානියෙනි, මේ ද බ්‍රහ්මයන්ගේ සහභාවය සඳහා මාර්‍ග යි.
Pali BJTපුන චපරං ධනඤ්ජානි, භික්ඛු කරුණාසහගතෙන චෙතසා -පෙ- මුදිතාසහගතෙන චෙතසා -පෙ- උපෙක්ඛාසහගතෙන චෙතසා එකං දිසං ඵරිත්වා විහරති. තථා දුතියං, තථා තතියං, තථා චතුත්ථිං. ඉති උද්ධමධො තිරියං සබ්බධි සබ්බත්තතාය සබ්බාවන්තං ලොකං උපෙක්ඛා සහගතෙන චෙතසා විපුලෙන මහග්ගතෙන අප්පමාණෙන අවෙරෙන අබ්යාපජ්ඣෙන ඵරිත්වා විහරති. අයම්පි ඛො ධනඤ්ජානි, බ්රහ්මානං සහව්යතාය මග්ගොති.
Sinhala BJTතවද ධනඤ්ජානියෙනි, අන් මඟක් කියමි, මහණ කුළුණු සහගිය සිතින් ... මෘදුතාසහගත සිතින් ... උපේක්‍ෂාසහගත සිහින් එක් දිගක් අරමුණු කොට වාස කෙරෙයි. දෙවන දිග ද එසේ යැ, තෙවන දිග ද එසේ යැ, සිව්වන දිග ද එසේ යැ. මෙසේ උඩ යට සරස හැම තැන සර්‍වාත්මසමතායෙන් සියලු සතුන් ඇති ලොව විපුල මහද්ගත අප්‍රමාණ අවෛර අව්‍යාබාධ වූ උපේක්‍ෂා සහගත සිතින් පැහැසගෙන වාස කෙරෙයි. ධනඤ්ජානියෙනි, මේ ද බ්‍රහ්මයන් හා සහභාවය සඳහා මාර්‍ග යි.
Pali BJTතෙන හි භො සාරිපුත්ත, මම වචනෙන භගවතො පාදෙ සිරසා වන්දාහි, ‘ධනඤ්ජානි භන්තෙ, බ්රාහ්මණො ආබාධිකො දුක්ඛිතො බාළ්හගිලානො, සො භගවතො පාදෙ සිරසා වන්දතී’ති.
Sinhala BJTභවත් ශාරිපුත්‍රයෙනි, එහෙයින් මා බසින් භගවත්හුගේ පාදයන් හිසින් වඳුව: “වහන්ස, ධනඤ්ජානි බමුණු අබාධිත යැ දුඃඛිත යැ දැඩිගිලන. හේ භගවත්හුගේ පසන්ගුළුවන් හිසින් වඳී” යයි.
Pali BJTඅථ ඛො ආයස්මා සාරිපුත්තො ධනඤ්ජානිං බ්රාහ්මණං සති උත්තරිං කරණීයෙ හීනෙ බ්රහ්මලොකෙ පතිට්ඨාපෙත්වා උට්ඨායාසනා පක්කාමි.
Sinhala BJTඉක්බිති ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ ධනඤ්ජානි බමුණු මතු කරණී තිබිය දී හින බ්‍රහ්මලෝකයෙහි පිහිටුවා හුනස්නෙන් නැඟී වැඩියෝ
Pali BJTඅථ ඛො ධනඤ්ජානි බ්රාහ්මණො අචිරපක්කන්තෙ ආයස්මන්තෙ සාරිපුත්තෙ කාලමකාසි, බ්රහ්මලොකඤ්ච උපපජ්ජ.{1}
Sinhala BJTඑසඳ ධනඤ්ජානි බමුණු ආයුෂ්මත් සැරියුත් තෙරණුවන් වැඩි නොබෝ වේලෙහි කලුරිය කෙළේ. බඹලෝ ගියේ ද වී.
Pali BJTඅථ ඛො භගවා භික්ඛූ ආමන්තෙසි: එසො භික්ඛවෙ, සාරිපුත්තො ධනඤ්ජානිං බ්රාහ්මණං සති උත්තරිං කරණීයෙ හීනෙ බ්රහ්මලොකෙ පතිට්ඨාපෙත්වා උට්ඨායාසනා පක්කන්තොති.
Sinhala BJTඑසඳ භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් ඇමැතූ සේක: “මහණෙනි, තෙල සැරියුත් ධනඤ්ජානි බමුණු මතු කරණී තිබිය දී හුනු බඹලොව පිහිටුවා හුනස්නෙන් නැඟී ගියේ යැ”යි වදාළෝ.
Pali BJTඅථ ඛො ආයස්මා සාරිපුත්තො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි, එකමන්තං නිසින්නො ඛො ආයස්මා සාරිපුත්තො භගවන්තං එතදවොච: ධනඤ්ජානි භන්තෙ, බ්රාහ්මණො ආබාධිකො දුක්ඛිතො බාළ්හගිලානො, සො භගවතො පාදෙ සිරසා වන්දතීති.
Sinhala BJTඉක්බිති ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියහ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස් වැ හුන්හ. එකත්පස් වැ හුන් ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල සැලකළෝ: “වහන්ස, ධනඤ්ජානි බමුණු ආබාධික යැ දුඃඛිත යැ දැඩිගිලන. හේ භාග්‍යවතුන් වහන්සේගේ පාසඟුළු හිසින් වඳී” යයි.
Pali BJTකිං පන ත්වං සාරිපුත්ත, ධනඤ්ජානිං බ්රාහ්මණං සති උත්තරිං කරණීයෙ හීනෙ බ්රහ්මලොකෙ පතිට්ඨාපෙත්වා උට්ඨායාසනා පක්කන්තොති?
Sinhala BJTශාරිපුත්‍රය, තෝ ධනඤ්ජානි බමුණු මතු කරණී තිබිය දී හුනු බඹලොව පිහිටුවා හුනස්නෙන් නැඟී කිම බැස ගියෙහි?
Pali BJTමය්හං ඛො භන්තෙ, එවං අහොසි: ඉමෙ ඛො බ්රාහ්මණා බ්රහ්මලොකාධිමුත්තා, යන්නූනාහං ධනඤ්ජානිස්ස බ්රාහ්මණස්ස බ්රහ්මානං සහව්යතාය මග්ගං දෙසෙය්යන්ති.
Sinhala BJTවහන්ස, මට මෙ සිත් වී: “මේ බමුණෝ නම් බ්‍රහ්මලෝකාධිමුක්තයහ, මම ධනඤ්ජානි බමුණුට බ්‍රහ්මයන්ගේ සහභාවය සඳහා මඟ කියම් නම් මනා මැ නු” යනු යි.
Pali BJTකාලකතො ච සාරිපුත්ත, ධනඤ්ජානි බ්රාහ්මණො බ්රහ්මලොකඤ්ච උපපන්නොති{2}.
Sinhala BJT“ශාරිපුත්‍රය, ධනඤ්ජානි බමුණු කලුරිය කෙළේ යැ. බඹලොව ගියේ ද වී” යයි වදාළෝ.
Pali BJTධනඤ්ජානි සුත්තං{3} සත්තමං.
Sinhala BJTසත් වැනි ධනඤ්ජානිසුත්‍ර යි.
Pali BJT2. 5. 8.
Sinhala BJT2. 5. 8.
Pali BJTවාසෙට්ඨසුත්තං
Sinhala BJTවාසෙට්ඨ සූත්‍රය
Pali BJTඑවං මෙ සුතං: එකං සමයං භගවා ඉච්ඡානඞ්ගලෙ විහරති ඉච්ඡානඞ්ගලවනසණ්ඩෙ. තෙන ඛො පන සමයෙන සම්බහුලා අභිඤ්ඤාතා අභිඤ්ඤාතා බ්රාහ්මණමහාසාළා ඉච්ඡානඞ්ගලෙ පටිවසන්ති. සෙය්යථිදං: චඞ්කී බ්රාහ්මණො, තාරුක්ඛො බ්රාහ්මණො, පොක්ඛරසාති බ්රාහ්මණො, ජාණුස්සොණී බ්රාහ්මණො, තොදෙය්යො බ්රාහ්මණො, අඤ්ඤො ච අභිඤ්ඤාතා අභිඤ්ඤාතා බ්රාහ්මණ මහාසාළා.
Sinhala BJTමා විසින් මෙසේ අසන ලද: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ ඉච්ඡානඞ්ගල ගම්හි ඉච්ඡානඞ්ගල වන ලැහැබ්හි වැඩවසනසේක. එසමයෙහි බොහෝ වූ ප්‍රසිද්ධ ප්‍රසිද්ධ වූ බමුණුමහසල්හු ඉච්ඡානඞ්ගලගම්හි වෙසෙති, ඔහු කවරහ යත්: චඞ්කීබ්‍රාහ්මණ යැ තාරුක්ඛබ්‍රාහ්මණ යැ පොක්ඛරසාතිබ්‍රාහ්මණ යැ ජානුස්සෝණීබ්‍රාහ්මණ යැ තෝදෙය්‍ය බ්‍රාහ්මණ යැ අන්‍ය වූ ප්‍රසිද්ධ ප්‍රසිද්ධ බ්‍රහ්මණමහාසාරයෝ යි.
Pali BJTඅථ ඛො වාසෙට්ඨභාරද්වාජානං මාණවානං ජඞ්ඝාවිහාරං අනුචඞ්කමමානානං අනුවිචරමානානං{1} අයමන්තරා කථා උදපාදි: ‘කථම්හො බ්රාහ්මණො හොතී’ති. භාරද්වාජො මාණවො එවමාහ: යතො ඛො භො උභතො සුජාතො මාතිතො ච පිතිතො ච, සංසුද්ධගහණිකො යාව සත්තමා පිතාමහයුගා අක්ඛිත්තො අනුපක්කුට්ඨො ජාතිවාදෙන. එත්තාවතා ඛො භො, බ්රාහ්මණො හොතී’ති. වාසෙට්ඨො මාණවො එවමාහ: ‘යතො ඛො භො, සීලවා ච හොති වත්තසම්පන්නො{2} ච එත්තාවතා ඛො භො, බ්රාහ්මණො හොතී’ති. නෙව ඛො අසක්ඛි භාරද්වාජො මාණවො වාසෙට්ඨං මාණවං සඤ්ඤාපෙතුං. න පන අසක්ඛි වාසෙට්ඨො මාණවො භාරද්වාජං මාණවං සඤ්ඤාපෙතුං.
Sinhala BJTඑසඳ ජඞ්‍ඝාවිහරණ කොට ඔබ මොබ ඇවිදුනා වාසෙට්ඨභාරද්වාජ දෙමාණවකයන්ගේ මේ අතුරුකථා උපන: “භවත්නි, කෙසේ බමුණු නම් වේ දැ?”යි. භාරද්වාජ මාණවක මෙසේ කී: “භවත, යම් හෙයෙකින් ‘මව්පස හා පියපසිනැ’යි දෙපසින් සුජාත වේ ද, සත්වන පිතාමහයුගය දක්වා පිරිසුදු කුක්‍ෂි ඇති වේ ද, ජාතිවාදයෙන් නො නෙරනලදු වැ උපක්‍රෝශ නො කරනලදුයේ වේ ද, භවත් මෙතෙකින් බ්‍රාහ්මණ නම් වෙයි” කියායි. වාසෙට්ඨ මාණව මෙසේ කී: “භවත යම් හෙයෙකින් සිල්වත් වේ ද, ආචාරසම්පන්න වේ ද, මෙතෙකින් බ්‍රාහ්මණ නම් වේ යැ” කියායි. භාරද්වාජ මාණවක වාසෙට්ඨ මාණවකයා හඟවන්නට නො මැ හැකි වී. වාසෙට්ඨ මාණවක භාරද්වාජ මාණවකයා හඟවන්නට ද නො හැකි වී.
Pali BJTඅථ ඛො වාසෙට්ඨො මාණවො භාරද්වාජං මාණවං ආමන්තෙසි: ‘අයං ඛො භො භාරද්වාජ, සමණො ගොතමො සක්යපුත්තො සක්යකුලා පබ්බජිතො ඉච්ඡානඞ්ගලෙ විහරති ඉච්ඡානඞ්ගලවනසණ්ඩෙ. තං ඛො පන භගවන්තං ගොතමං එවං කල්යාණො කිත්තිසද්දො අබ්භුග්ගතො: ඉතිපි සො භගවා අරහං සම්මාසම්බ්රූද්ධො විජ්ජාචරණසම්පන්නො සුගතො ලොකවිදූ අනුත්තරො පුරිසදම්මසාරථි සත්ථා දෙවමනුස්සානං බ්රූද්ධො භගවා’ති. ආයාම භො භාරද්වාජ, යෙන සමණො ගොතමො තෙනුපසඞ්කමිස්සාම. උපසඞ්කමිත්වා සමණං ගොතමං එතමත්ථං පුච්ඡිස්සාම. යථා නො සමණො ගොතමො බ්යාකරිස්සති තථා නං ධාරෙස්සාමා’ති. එවම්භොති ඛො භාරද්වාජො මාණවො වාසෙට්ඨස්ස මාණවස්ස පච්චස්සොසි.
Sinhala BJTඉක්බිති වාසෙට්ඨ මාණවක භාරද්වාජ මාණවකයා ඇමැතී: “භවත් භාරද්වාජයෙනි, සැහැකුලපුත් වූ සැහැකුලින් නික්ම පැවිදි වූ මේ මහණ ගොයුම්හු ඉච්ඡානඞ්ගලගම්හි ඉච්ඡානඞ්ගල වනලැහැබ්හි විහරණ කෙරෙති. ඒ භගවත් ගෞතමයන් වහන්සේ ගේ කලණ යසගී මෙසේ උස් වැ නැඟිණ: “මෙ කරුණිනුදු ඒ භගවත්හු අර්‍හත්හ සම්‍යක් සම්බුද්ධයහ විද්‍යාචරණ සම්පන්නයහ සුගතයහ ලෝකවිද්හ අනුත්තර පුරුෂදම්‍ය සාරථියහ දෙවිමිනිස්නට ශාස්තෘයහ බුද්ධයහ භගවත්හ” කියා යි. යම්හ භවත් භාරද්වාජයෙනි, මහණ ගොයුමන් කරා එළැඹෙම්හ. එළඹ මහණ ගොයුමන් තෙල කරුණ පුළුවුසුම්හ. යම් පරිදි මහණ ගොයුම්හු පවසත් ද, එසේ එය ධරම්හ”යි. ‘භවත්නි, එසේ යැ’ යි කියා භාරද්වාජ මාණවක වාසෙට්ඨ මාණවකයාහට පිළිවදන් දින.
Pali BJTඅථ ඛො වාසෙට්ඨ, භාරද්වාජා මාණවා යෙන භගවා තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා භගවතා සද්ධිං සම්මොදිංසු, සම්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදිංසු. එකමන්තං නිසින්නො ඛො වාසෙට්ඨො මාණවො භගවන්තං ගාථාහි අජ්ඣභාසි:
Sinhala BJTඉක්බිති වාසෙට්ඨභාරද්වාජ මාණවකයෝ දෙදෙන භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියහ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු වූහ. සතුටු වියයුතු කලක් සිහි කළයුතු කථාව කොට නිමවා එකත්පස් වැ හුන්හු. එකත්පස් වැ හුන් වාසෙට්ඨ මාණවක භාග්‍යවතුන් වහන්සේට ගාථායෙන් සැළ කෙළේ:
Pali BJTඅනුඤ්ඤාතපටිඤ්ඤාතා තෙවිජ්ජා මයමස්සු භො අහං පොක්ඛරසාතිස්ස තාරුක්ඛස්සායං මාණවො.
Sinhala BJT“භවත් ගෞතමයෙනි, අපි (තොප ශික්‍ෂිතයහ”යි) ඇදුරන් විසින් අනුඥාත වැ (‘එසේ යැ ශික්‍ෂිතයම්හ’යි තමන් විසින්) ප්‍රතිඥාත වූ ත්‍රිවිද්‍යා පාරගත බ්‍රාහ්මණයම්හ. මම පොක්ඛරසාති බමුණුගේ ශිෂ්‍යයෙමි. මේ මණෙවු තාරුක්ඛ බමුණුහුගේ ශිෂ්‍යයෙක.
Pali BJTතෙවිජ්ජානං යදක්ඛාතං තත්ථ කෙවලිනො’ස්මසෙ පදකස්මා වෙය්යාකරණා{1} ජප්පෙ ආචරියසාදිසා.
Sinhala BJTත්‍රිවේද පාරගත බමුණන් විසින් යමක් අර්‍ත්‍ථ ව්‍යඤ්ජන විසින් පැවැසිණි ද, එහි ලා (එහැම දැන නිෂ්ඨාගත වූ) කේවලී වම්හ. පදශාස්ත්‍ර හදාරන්නම්හ, ව්‍යාකරණ හදාරන්නම්හ. ජල්පයෙහි ලා ස්වීය ආචාර්‍ය්‍යයන් වැනියම්හ.
Pali BJTතෙසං නො ජාතිවාදස්මිං විවාදො අත්ථි ගොතම, ජාතියා බ්රාහ්මණො හොති භාරද්වාජො ඉති භාසති අහඤ්ච කම්මනා බ්රූමි එවං ජානාහි චක්ඛුම.
Sinhala BJTගෞතමයන් වහන්ස, ඒ අප අතර ජාතිවාදයෙහි ලා විවාදයෙක් ඇත. භාරද්වාජ මාණවක ‘ජාතියෙන් බ්‍රාහ්මණ වේ’ යයි කියයි. මම වනාහි ‘කර්‍මයෙන් බ්‍රාහ්මණ වේ’ යයි කියමි, පසැස් ඇත්තව, (තෙල විවාදය) මෙසේ දනුමැනැවැ.
Pali BJTතෙ න සක්කොම ඤාපෙතුං අඤ්ඤමඤ්ඤං මයං උභො භගවන්තං පුට්ඨුමාගම්ම{2} සම්බ්රූද්ධං ඉති විස්සුතං.
Sinhala BJTඒ අපි දෙදෙනමෝ උනුන් හඟවන්නට නො හැක්කම්හ. ලෝවැසි දෙවියෝ බදැඳිලි වූවාහු වෙත එළඹ පරිපූර්‍ණ චන්‍ද්‍රමණ්ඩලය වඳනා සෙයින් මෙසේ ගෞතමයන් වහන්සේ පසසමින් නමදිත් ද, මෙසේ විශ්‍රැත වූ ලෝකයෙහි පහළ ඇසක් වැනි වූ භගවත් සම්බුද්ධ ගෞතමයන් වහන්සේ පුළුවුස්නට අවුදු අපි පුළුවුසුම්හ:
Pali BJTචන්දං යථා ඛයාතීතං පෙච්ච පඤ්ජලිකා ජනා වන්දමානා නමස්සන්ති ලොකස්මිං ගොතමං චක්ඛුං ලොකෙ සමුප්පන්නං මයං පුච්ඡාම ගොතමං
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJTජාතියා බ්රාහ්මණො හොති උදාහු භවති කම්මනා අජානතංනො පබ්රූහි යථා ජානෙමු බ්රාහ්මණන්ති.
Sinhala BJTජාතියෙන් බ්‍රාහ්මණ වේ ද, නොහොත් කර්‍මයෙන් බ්‍රාහ්මණ වේ දැ? යි බ්‍රාහ්මණ විනිශ්චය යම් පරිදි දනුමෝ ද, එපරිදි, නො දන්නා අපට වදාළ මැනැවි.
Pali BJTතෙසං වොහං ව්යාවික්ඛිස්සං{3} (වාසෙට්ඨාති භගවා) අනුපුබ්බං යථාතථං ජාතිවිභඞ්ගං පාණානං අඤ්ඤමඤ්ඤා හි ජාතියො.
Sinhala BJT(‘වාසෙට්ඨයෙනි’යි බුදුහු ඇමැතූසේක.) මම ඒ තොපට ප්‍රාණයන්ගේ ජාති විභාගය (ජාතිවිස්තරය) ඇති සැටි අනුපූර්‍ව කොට විවරණ කරමි. ජාතීහු අන්‍යෝන්‍යයහ. (නානාප්‍රකාරයහ).
Pali BJTතිණරුක්ඛෙපි ජානාථ න චාපි පටිජානරෙ ලිඞ්ගං ජාතිමයං තෙසං, අඤ්ඤමඤ්ඤා හි ජාතියො.
Sinhala BJT(‘අපි තෘණයම්හ’ ‘අපි වෘක්‍ෂයම්හ’යි) යම් තෘණ වෘක්‍ෂ කෙනෙක් වෙන වෙන නො දනිත් ද, ඒ තෘණ වෘක්‍ෂයනුදු දනුව. උන්ගේ ජාතිමය ලිඞ්ග ඇත. (කවර හෙයින යත්:) ජාතීහු නානාප්‍රකාරයහ.
Pali BJTතතො කීටෙ පටඞ්ගෙ{4} ච යාව කුන්ථකිපිල්ලිකෙ ලිඞ්ගං ජාතිමයං තෙසං අඤ්ඤමඤ්ඤා හි ජාතියො.
Sinhala BJTඉන් මතු (උපදින්නකයන් කෙරෙහි) කුරුකුහුඹුවන් තෙක් පණුවනුදු පළඟැටියනුදු දනුව. උන්ගේ ජාතිමය ලිඞ්ග ඇත. (කවර හෙයින යත්:) ජාතීහු නානාප්‍රකාරයහ.
Pali BJTචතුප්පදෙපි ජානාථ ඛුද්දකෙ ච මහල්ලකෙ ලිඞ්ගං ජාතිමයං තෙසං අඤ්ඤමඤ්ඤා හි ජාතියො.
Sinhala BJT(ලෙහෙනුන් ආදී) කුඩාසතුනුදු (බළලුන් ආදී) මහසතුනුදු මෙසේ චතුෂ්පදජාතීනුදු දනුව. උන්ගේ ජාතිමය ලිඞ්ග ඇත. (කවර හෙයින යත්:) ජාතීහු නානාප්‍රකාරයහ.