Majjhima Nikāya

Middle-Length Discourses

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 3901-4000 න් 6395

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTසමණො ඛලු භො ගොතමො ඔපසාදං අනුප්පත්තො ඔපසාදෙ විහරති උත්තරෙන ඔපසාදං දෙවවනෙ සාලවනෙ. යෙ පන ඛො කෙචි සමණා වා බ්රාහ්මණා වා අම්හාකං ගාමක්ඛෙත්තං ආගච්ඡන්ති. අතිථී නො තෙ හොන්ති. අතිථී ඛො පනම්හෙහි සක්කාතබ්බා ගරුකාතබ්බා මානෙතබ්බා පූජෙතබ්බා. යම්පි භො සමණො ගොතමො ඔපසාදං අනුප්පත්තො ඔපසාදෙ විහරති උත්තරෙන ඔපසාදං දෙවවනෙ සාලවනෙ. අතිථි අස්මාකං{2} සමණො ගොතමො. අතිථි ඛො පනම්හෙහි සක්කාතබ්බො ගරුකාතබ්බො මානෙතබ්බො පූජෙතබ්බො. ඉමිනාපඞ්ගෙන{3} න අරහති සො භවං ගොතමො අම්හාකං දස්සනාය උපසඞ්කමිතුං. අථ ඛො මයමෙව අරහාම තං භවන්තං ගොතමං දස්සනාය උපසඞ්කමිතුං. එත්තකං ඛො අහං භො තස්ස භොතො ගොතමස්ස වණ්ණං පරියාපුණාමි. නො ච සො භවං ගොතමො එත්තකවණ්ණො, අපරිමාණවණ්ණො හි සො භවංගොතමො. එකමෙකෙනපි භො, අඞ්ගෙන සමන්නාගතො න අරහති සො භවං ගොතමො අම්හාකං දස්සනාය උපසඞ්කමිතුං. අථ ඛො මයමෙව අරහාම තං භවන්තං ගොතමං දස්සනාය උපසඞ්කමිතුං. තෙන හි භො සබ්බෙව මයං සමණං ගොතමං දස්සනාය උපසඞ්කමිස්සාමා’ති.
Sinhala BJTභවත්නි, මහණ ගොයුම්ගොතුවෝ ඕපසාද බමුණුගමට පැමිණියාහු ඕපසාදයෙහි ඕපසාදයට උතුරුදික්හි දේවවන නම් සල්වෙනෙහි වැඩවෙසෙති. යම් කිසි ශ්‍රමණ කෙනෙක් වෙත්වයි බ්‍රාහ්මණ කෙනෙක් වෙත්වයි අපගේ ගම්කෙතට එත් ද, ඔහු අපට ආගන්තුක වෙති, ආගන්තුකයෝ වැළිත් අප විසින් සත්කාර ගරුකාර මානන පූජා කළයුත්තාහ. භවත්නි, යම් හෙයෙකින් මහණ ගොයුම්ගොතුවෝ ඕපසාද බමුණුගමට වැඩියාහු ඕපසාද බමුණුගමැ ඕපසාදයට උතුරුදස දේවවන නම් සල්වෙනෙහි වැඩවෙසෙත් ද, එහෙයින් මහණ ගොයුම්හු අපට අමුතුවහ. අමුතුවෝ වැළිත් අප විසින් සත්කාර ගරුකාර මානන පූජා කළයුත්තාහ. මෙ කරුණිනුදු ඒ භවත් ගෞතමයන් වහන්සේ අප දක්නට එළැඹෙන්නට නො නිසියහ. අපි මැ වැළිත් ඒ භවත් ගෞතමයන් දක්නට එළැඹෙන්නට නිසියම්හ. භවත්නි, මම් ඒ භවත් ගෞතමයන්ගේ මෙතෙක් මැ ගුණ දනිමි. ඒ භවත් ගොයුම්ගොතුවෝ මෙතෙක් මැ ගුණ ඇතියාහු නො ද වෙති. ඒ භවත් ගොයුමාණෝ අපමණ ගුණ ඇතියාහු මැ යි. භවත්නි, එකෙකි අභිනුදු සමන්‍වාගත වූ ඒ භවත් ගොයුම්ගොතුවෝ අප දක්නට එළැඹෙන්නට නො නිසියහ. අපි මැ වැළිත් ඒ භවත් ගොයුම්ගොතුවන් දක්නට එළැඹෙන්නට නිසියම්හ, එසේ වී නම් භවත්නි, අපි හැමදෙනමෝ මහණ ගොයුමන් දක්නට එළැඹෙම්හ” යි.
Pali BJTඅථ ඛො චඞ්කී බ්රාහ්මණො මහතා බ්රාහ්මණගණෙන සද්ධිං යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවතා සද්ධිං සම්මොදි. සම්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදි. තෙන ඛො පන සමයෙන භගවා වුද්ධෙහි වුද්ධෙහි{1} බ්රාහ්මණෙහි සද්ධිං කිඤ්චි කිඤ්චි කථං සාරාණීයං වීතිසාරෙත්වා නිසින්නො හොති.
Sinhala BJTඑසඳ චඞ්කී බ්‍රාහ්මණ මහත් වූ බමුණුගණයා හා සමග භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියහ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ හා සමග සතුටු වී. සතුටු වියයුතු සාරාණීය කථා කොට නිමවා එකත්පස් වැ හින. එසමයෙහි භාග්‍යවතුන් වහන්සේ මහලු මහලු බමුණන් හා සමග කිසි කිසි සාරාණීයකථා කොට නිමවා වැඩහුන්නාහු වෙති.
Pali BJTතෙන ඛො පන සමයෙන කාපටිකො{2} නාම මාණවො දහරො වුත්තසිරො සොළසවස්සුද්දෙසිකො ජාතියා, තිණ්ණං වෙදානං පාරගූ සනිඝණ්ඩුකෙටුභානං සාක්ඛරප්පභෙදානං ඉතිහාසපඤ්චමානං පදකො වෙය්යාකරණො ලොකායතමහාපුරිසලක්ඛණෙසු අනවයො, තස්සං පරිසායං නිසින්නො හොති. සො වුද්ධානං බ්රාහ්මණානං භගවතා සද්ධිං මන්තයමානානං අන්තරන්තරා කථං ඔපාතෙති. අථ ඛො භගවා කාපටිකං මාණවං අපසාදෙසි: මායස්මා භාරද්වාජො වුද්ධානං වුද්ධානං බ්රාහ්මණානං මන්තයමානානං අන්තරන්තරා කථං ඔපාතෙතු{3}, කථාපරියොසානං ආයස්මා භාරද්වාජො ආගමෙතූ’ති. එවං වුත්තෙ චඞ්කී බ්රාහ්මණො භගවන්තං එතදවොච: මා භවං ගොතමො කාපටිකං මාණවං අපසාදෙසි, කුලපුත්තො ච කාපටිකො මාණවො බහුස්සුතො ච කාපටිකො මාණවො කල්යාණවාක්කරණො ච කාපටිකො මාණවො පණ්ඩිතො ච කාපටිකො මාණවො, පහොති ච කාපටිකො මාණවො භොතා ගොතමෙන සද්ධිං අස්මිං වචනෙ පතිමන්තෙතු’න්ති.
Sinhala BJTඑසමයෙහි තරුණ වූ බහාලූ කෙහෙ ඇති උපතින් සොළොස්වස් පමණ ඇති, නිඝණ්ඩු කේටුභ සහිත ශික්‍ෂානිරුක්ති සහිත ඉතිහාසය පස්වනු කොට ඇති ත්‍රිවේදයෙහි පාරයට ගිය පද හදාරන ව්‍යාකරණ හදාරන ලෝකායතමහාපුරුෂලක්‍ෂණයෙහි අනූන වූ කාපටික නම් මාණව එ පිරිස්හි හුන්නේ වෙයි. හේ භාග්‍යවතුන් වහන්සේ හා සමග මන්ත්‍රණ කරන මහලු බමුණනට අතුරතුරෙහි කථා බහාලයි. එසඳ බුදුහු “ආයුෂ්මත් භාරද්වාජ මන්ත්‍රණ කරන මහලු බමුණනට අතුරතුරෙහි නහමක් කථා බහාලව. ආයුෂ්මත් භාරද්වාජ කථා පර්‍ය්‍යවසානය බලව” යි කාපටික මණෙවු බැහැර කළහ. මෙසේ වදාළ කල්හි චඞ්කී බ්‍රාහ්මණ භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කෙළේ: “භවත් ගෞතමයන් වහන්සේ කාපටික මාණව නහමක් බැහැර ලන සේක්වා. කාපටික මාණව කුලපුත්‍ර ද වෙයි, කාපටික මාණව බහුශ්‍රුත ද වෙයි, කාපටික මාණව කල්‍යාණවාක්කරණ ද වෙයි, කාපටික මාණව පණ්ඩිත ද වෙයි, කාපටික මාණව මේ වචනයෙහි භවත් ගොයුම්ගොතුවන් හා සමග ප්‍රතිමන්ත්‍රණ කරන්නට පොහෝනේ යැ” යි.
Pali BJTඅථ ඛො භගවතො එතදහොසි: ‘අද්ධා ඛො කාපටිකස්ස මාණවස්ස තෙවිජ්ජකෙ පාවචනෙ කතං{4} භවිස්සති. තථා හි නං බ්රාහ්මණා සම්පුරෙක්ඛරොන්තී’ති. අථ ඛො කාපටිකස්ස මාණවස්ස එතදහොසි: ‘යදා මෙ සමණො ගොතමො චක්ඛුනා චක්ඛුං උපසංහරිස්සති, අථාහං සමණං ගොතමං පඤ්හං පුච්ඡිස්සාමී’ති. අථ ඛො භගවා කාපටිකස්ස මාණවස්ස චෙතසා චෙතොපරිවිතක්කමඤ්ඤාය යෙන කාපටිකො මාණවො තෙන චක්ඛූනි උපසංහාසි. අථ ඛො කාපටිකස්ස මාණවස්ස එතදහොසි: ‘සමන්නාහරති ඛො මං සමණො ගොතමො, යන්නූනාහං සමණං ගොතමං පඤ්හං පුච්ඡෙය්ය’න්ති. අථ ඛො කාපටිකො මාණවො භගවන්තං එතදවොච: ‘යමිදං භො ගොතම, බ්රාහ්මණානං පොරාණානං මන්තපදං ඉතිහිතිහ පරම්පරාය පිටකසම්පදාය, තත්ථ ච බ්රාහ්මණා එකංසෙන නිට්ඨං ගච්ඡන්ති. ‘ඉදමෙව සච්චං මොඝමඤ්ඤ’න්ති, ඉධ භවං ගොතමො කිමාහා’ති.
Sinhala BJTඑසඳ භාග්‍යවතුන් වහන්සේට තෙල සිත් වී: “ඒකාන්තයෙන් මැ කාපටික මාණව ත්‍රිවේද සඞ්ඛ්‍යාත ප්‍රවචනය හදාළේ වන. එසේ මැ යි බ්‍රාහ්මණයෝ ඔහු පෙරටු කොට හැසිරෙති” යි. එසඳ කාපටික මාණවහට තෙල සිත් වී: “යම් කලෙක ශ්‍රමණ ගෞතම ඔබගේ ඇසින් මාගේ ඇස බලා ද එකල්හි මම් ශ්‍රමණ ගෞතමයන් අතින් පැන පුළුවුස්මි” යි. ඉක්බිති බුදුහු තමන් සිතින් කාපටික මාණවගේ චිත්තපරිවිතර්‍කය දැන කාපටික මාණව කරා දෙනුවන් එළැවූහ. එසඳ කාපටික මාණවහට තෙල සිත් වී: “මහණ ගොයුම්හු මා මෙනෙහි කෙරෙති, මම් මහණ ගොයුම් ගොතුවන් අතින් පැන පුළුවුස්නෙම් නම් මනා මැ නු” යි. ඉක්බිති කාපටික මාණව භාග්‍යවතුන් වහන්සේට තෙල කී: “භවත් ගෞතමයන් වහන්ස, පැරැණි බමුණන්ගේ පරම්පරායෙහි පිටකසම්ප්‍රදායයෙහි ‘මෙසේ මෙසේ වී යැ’යි යම් මන්ත්‍රපදයෙක් වේ ද, එහිදු බ්‍රාහ්මණයෝ ‘මේ මැ සත්‍ය යැ, තදන්‍යය සිස් යැ’යි ඒකාන්තයෙන් නිෂ්ඨාවට යෙති. මෙහි ලා භවත් ගෞතමයෝ කුමක් කියත් දැ?”යි.
Pali BJTකිං පන භාරද්වාජ, අත්ථි කොචි බ්රාහ්මණානං එකබ්රාහ්මණොපි යො එවමාහ: ‘අහමෙතං ජානාමි, අහමෙතං පස්සාමි: ‘ඉදමෙව සච්චං මොඝමඤ්ඤ’න්ති.
Sinhala BJTකිම භාරද්වාජයෙනි, බමුණන් අතුරෙහි යමෙක් “මම තෙල කරුණ දනිමි, මම තෙල කරුණ දකිමි, මේ මැ සත්‍ය යැ අන්‍යය සිස් යැ”යි මෙසේ කියා නම් එබඳු කිසි එකද බමුණෙක් ඇද්ද?
Pali BJTනො හිදං භො ගොතම.
Sinhala BJTමේ නො වේ මැ යි භවත් ගෞතමයෙනි.
Pali BJTකිං පන භාරද්වාජ, අත්ථි කොචි බ්රාහ්මණානං එකාචරියොපි එකාචරියපාචරියොපි යාව සත්තමා ආචරියමහයුගාපි, යො එවමාහ: අහමෙතං ජානාමි, අහමෙතං පස්සාමි, ඉදමෙව සච්චං මොඝමඤ්ඤන්ති.
Sinhala BJTකිම භාරද්වාජයෙනි, බමුණන් අතුරෙහි යමෙක් “මම තෙල කරුණ දනිමි. මම තෙල කරුණ දකිමි, මේ මැ සත්‍ය යැ සෙස්ස සිස් යැ”යි මෙසේ කියා නම් එබඳු කිසි එකද ආචාර්‍ය්‍යයෙක් එකද ආචාර්‍ය්‍යප්‍රාචාර්‍ය්‍යයෙක් සත් වැනි ප්‍රාචාර්‍ය්‍යයුගය හිම් කොට පවා ඇද්ද?
Pali BJTනොහිදං භො ගොතම.
Sinhala BJTමේ නො වේ මැ යි භවත් ගොයුමාණෙනි.
Pali BJTකිං පන භාරද්වාජ, යෙපි තෙ බ්රාහ්මණානං පුබ්බකා ඉසයො මන්තානං කත්තාරො මන්තානං පවත්තාරො, යෙසමිදං එතරහි බ්රාහ්මණා පොරාණං මන්තපදං ගීතං පවුත්තං සමිහිතං තදනුගායන්ති තදනුභාසන්ති, භාසිතමනුභාසන්ති, වාචිතමනුවාචෙන්ති. සෙය්යථීදං{1}: ‘අට්ටකො වාමකො වාමදෙවො වෙස්සාමිත්තො යමතග්ගි අඞ්ගීරසො භාරද්වාජො වාසෙට්ඨො කස්සපො භගු. තෙපි එවමාහංසු: ‘මයමෙතං ජානාම, මයං මෙතං පස්සාම: ‘ඉදමෙව සච්චං මොඝමඤ්ඤ’න්ති.
Sinhala BJTකිම භාරද්වාජයෙනි, මන්ත්‍රකර්‍තෘ වූ මන්ත්‍රප්‍රවර්‍තක වූ බමුණන්ගේ යම් පූර්‍ව ඍෂි කෙනෙක් ඇද්ද, යම් කෙනෙකුන් විසින් හදාළ වාචනා කළ රැස් කොට තැබූ පෞරාණමන්ත්‍රපදයක් මෙකලැ බමුණෝ (ඔවුන් විසින්) ගයනලද්ද අනුව ගයත් ද ඔවුන් අනුව බෙණෙත් ද, බණනලද්ද අනුව බෙණෙත් ද, වාචනා කරන ලද්ද අනුව වාචනා කෙරෙද්ද ඔහු යි. යළි ඔහු කවරහයත්: අට්ටක යැ වාමක යැ වාමදේව යැ වෙස්සාමිත්ත යැ යමතග්ගී යැ අඞ්ගීරස යැ භාරද්වාජ යැ වාසෙට්ඨ යැ කස්සප යැ භඟු යැ යන මොහු යි. ඔහුදු ‘තෙල කරුණ අපි දනුම්හ, තෙල කරුණ අපි දකුම්හ. මේ මැ සත්‍ය යැ තදන්‍යය සිස් යැ’යි කීහු ද?
Pali BJTනො හිදං භො ගොතම.
Sinhala BJTමෙ කරුණ නො වේ මැ යි භවත් ගොයුමාණෙනි.
Pali BJTඉති කිර භාරද්වාජ, නත්ථි කොචි බ්රාහ්මණානං එකබ්රාහ්මණොපි යො එවමාහ: ‘අහමෙතං ජානාමි, අහමෙතං පස්සාමි. ඉදමෙව සච්චං, මොඝමඤ්ඤන්ති. නත්ථි කොචි බ්රාහ්මණානං එකාචරියොපි එකාචරියපාචරියොපි යාව සත්තමා ආචරියමහයුගා, යො එවමාහ: ‘අහමෙතං ජානාමි, අහමෙතං පස්සාමි, ඉදමෙව සච්චං මොඝමඤ්ඤ’න්ති. යෙපි තෙ බ්රාහ්මණානං පුබ්බකා ඉසයො මන්තානං කත්තාරො මන්තානං පවත්තාරො යෙසමිදං එතරහි බ්රාහ්මණා පොරාණං මන්තපදං ගීතං පවුත්තං සමිහිතං තදනුගායන්ති, තදනුභාසන්ති, භාසිතමනුභාසන්ති, වාචිතමනුවාචෙන්ති. සෙය්යථිදං: ‘අට්ටකො වාමකො වාමදෙවො වෙස්සාමිත්තො යමතග්ගි අඞ්ගීරසො භාරද්වාජො වාසෙට්ඨො කස්සපො භගු’ තෙපි න එවමාහංසු: ‘මයමෙතං ජානාම, මයමෙතං පස්සාම, ඉදමෙව සච්චං මොඝමඤ්ඤ’න්ති.
Sinhala BJTමෙසෙයින් භාරද්වාජයෙනි, බමුණන් කෙරෙහි යමෙක් ‘මම තෙල කරුණ දනිමි, මම තෙල කරුණ දකිමි, මේ මැ සත්‍ය යැ, අන්‍යය සිස් යැ’යි මෙසේ කියා නම් එබඳු කිසි එකද බමුණෙක් නැත් ල, බමුණන් කෙරෙහි යමෙක් ‘මම තෙල කරුණ දනිමි, මම තෙල කරුණ දකිමි, මේ මැ සත්‍ය යැ සෙස්ස සිස් යැ’යි මෙසේ කියා නම් එ බඳු කිසි එක ද ආචාර්‍ය්‍යයෙක් එක ද ආචාර්‍ය්‍යප්‍රාචාර්‍ය්‍යයෙක් සත් වැනි ප්‍රාචාර්‍ය්‍යයුගය හිම් කොට නැත් ල, බමුණන්ගේ මන්ත්‍ර කර්‍තෘ වූ මන්ත්‍රප්‍රවර්‍තක වූ යම් ඒ පූර්‍ව ඍෂි කෙනෙකුත් ඇද්ද, යම් කෙනෙකුන් විසින් හදාළ වාචනා කළ රැස් කොට තැබූ මේ පැරැණි මන්ත්‍රපදයක් මෙකලැ බමුණෝ ඔවුන් අනුව ගයත් ද ඔවුන් අනුව බෙණෙත් ද, කියනලද්ද අනුව කියත් ද, වාචනා කරන ලද්ද අනුව වාචනා කෙරෙත් ද, ඔහු යි, වැළි ඔහු කවරහයත්: අට්ටක යැ වාමක යැ වාමදෙව යැ විශ්වාමිත්‍ර යැ යමදග්නි යැ අඞ්ගීරස් යැ භාරද්වාජ යැ වාශිෂ්ඨ යැ කාශ්‍යප යැ භාගු යැ යන මොහු යි. ඔහුදු “අපි තෙල දනුම්හ, අපි තෙල දකුම්හ, මේ මැ සත්‍ය යැ තදන්‍ය සිස් යැ”යි මෙසේ නො කීහු.
Pali BJT‘සෙය්යථාපි භාරද්වාජ, අන්ධවෙණි{2} පරම්පරාසංසත්තා පුරිමොපි න පස්සති, මජ්ඣිමොපි න පස්සති, පච්ඡිමොපි න පස්සති. එවමෙව ඛො භාරද්වාජ, අන්ධවෙණූපමං මඤ්ඤෙ බ්රාහ්මණානං භාසිතං සම්පජ්ජති. පුරිමොපි න පස්සති, මජ්ඣිමොපි න පස්සති, පච්ඡිමොපි න පස්සති. තං කිං මඤ්ඤසි භාරද්වාජ, න නු එවං සන්තෙ බ්රාහ්මණානං අමූලිකා සද්ධා සම්පජ්ජතී’ති.
Sinhala BJTභාරද්වාජ, යම් පරිදි පරම්පරා විසින් සංසක්ත (බැඳුණු) වූ අන්‍ධවේණියෙක් ඇද්ද, එහි පළමු අන්‍ධයා ද නො දක්නේ යැ, මධ්‍යම අන්‍ධයා ද නො දක්නේ වේ ද, පශ්චිම අන්‍ධයා ද නො දක්නේ වේ ද, භාරද්වාජය, එ පරිදි මැ බ්‍රාහ්මණයන්ගේ භාෂිතය අන්‍ධවේණුපමා මෙන් වෙයි. (පළමු කී දස බමුණන් කෙරෙහි) පුරිම බමුණුදු නො දක්නේ යැ, මධ්‍යම බමුණුදු නො දක්නේ යැ, පශ්චිම බමුණුදු නො දක්නේ යැ. භාරද්වාජය, ඒ කෙසේ හඟිහි? මෙසේ ඇති වත් මැ බමුණන් ගේ සැදැහැ අමූලික වන්නේ නො වේ ද?
Pali BJTන ඛොත්ථ{3} භො ගොතම, බ්රාහ්මණා සද්ධායෙව පයිරුපාසන්ති, අනුස්සවාපෙත්ථ බ්රාහ්මණා පයිරුපාසන්තී’ති.
Sinhala BJTභවත් ගෞතමයෙනි, මෙහි ලා බමුණෝ සැදැහැයෙන් මැ පර්‍ය්‍යුපාසනා නො කෙරෙති. මෙහි ලා අනුශ්‍රවයෙනුදු බමුණෝ පර්‍ය්‍යුපාසනා කෙරෙති.
Pali BJTපුබ්බෙව ඛො ත්වං භාරද්වාජ, සද්ධං අගමාසි, අනුස්සවං ඉදානි වදෙසි. පඤ්ච ඛො ඉමෙ, භාරද්වාජ, ධම්මා දිට්ඨෙවධම්මෙ ද්විධා විපාකා. කතමෙ පඤ්ච: සද්ධා, රුචි, අනුස්සවො, ආකාරපරිවිතක්කො, දිට්ඨිනිජ්ඣානක්ඛන්ති. ඉමෙ ඛො භාරද්වාජ, පඤ්ච ධම්මා දිට්ඨෙවධම්මෙ ද්විධා විපාකා. අපි ච භාරද්වාජ, සුසද්දහිතං යෙව හොති, තඤ්ච හොති රිත්තං තුච්ඡං මුසා, නො චෙපි සුසද්දහිතං හොති, භූතං තච්ඡං අනඤ්ඤථා. අපි ච භාරද්වාජ, සුරුචිතං යෙව හොති. -පෙ- ස්වානුස්සුතං යෙව හොති -පෙ- සුපරිවිතක්කිතං යෙව හොති. -පෙ- සුනිජ්ඣායිතං යෙව හොති. තඤ්ච හොති රිත්තං තුච්ඡං මුසා, නො චෙපි සුනිජ්ඣායිතං හොති, භූතං තච්ඡං අනඤ්ඤථා. සච්චමනුරක්ඛතා භාරද්වාජ, විඤ්ඤුනා පුරිසෙන නාලමෙත්ථ එකංසෙන නිට්ඨං ගන්තුං ‘ඉදමෙව සච්චං, මොඝමඤ්ඤ’න්ති.
Sinhala BJTභාරද්වාජය, පළමු මැ තෝ සැදැහැ කරා ගියෙහි. දැන් අනුශ්‍රවය කියහි. භාරද්වාජය, මේ ධර්‍මයෝ පස් දෙනෙක් දුටුදැමියෙහි මැ (භූත අභූත විසින්) දෙවැදෑරුම් විපාක ඇත්තාහ. කවර පස්දෙනෙක යත්: ශ්‍රද්ධා යැ, රුචි යැ, අනුශ්‍රව යැ, ආකාරපරිවිතර්‍ක යැ, දිට්ඨනිජ්ඣානඛන්ති යැ යන මොහු යි. භාරද්වාජය, මේ පඤ්ච ධර්‍මයෝ ඉහාත්මයෙහි මැ දෙවැදෑරුම් විපාක ඇත්තාහ. භාරද්වාජය, මොනොවට අදහනලද නමුදු එ ද රිත්ත වෙයි, තුච්ඡ වෙයි, මෘෂා වෙයි, නො අදහනලද නමුදු භූත වෙයි, තථ්‍ය වෙයි, අනන්‍යථා වෙයි. භාරද්වාජය, මැනැවින් රුස්නාලද නමුදු … මොනොවට අසනලද නමුදු … මොනොවට පරිවිතර්‍ක කරනාලද නමුදු … මොනොවට සිතින් බලනලද නමුදු එ ද රික්ත වෙයි, තුච්ඡ වෙයි, මෘෂා වෙයි. නො බලනලද නමුදු භූත වෙයි, තථ්‍ය වෙයි, අනන්‍යථා වෙයි, භාරද්වාජය, සත්‍යය රක්නා විඥපුරුෂයකු විසින් “මෙය මැ සත්‍ය යැ අනෙක මෝඝ යැ”යි මෙහි ලා ඒකාන්තයෙන් නිෂ්ඨාවට යනු නො නිසි යැ.
Pali BJTකිත්තාවතා පන භො ගොතම, සච්චානුරක්ඛනා හොති, කිත්තාවතා සච්චමනුරක්ඛති? සච්චානුරක්ඛනං මයං භවන්තං ගොතමං පුච්ඡාමා’ති.
Sinhala BJTභවත් ගෞතමයෙනි, කිපමණෙකින් සත්‍යානුරක්‍ෂණ වේ ද? කිපමණෙකින් සත්‍යය රක්නේ වේ ද? අපි භවත් ගෞතමයන් සත්‍යානුරක්‍ෂණව පුළුවුසුම්හ’යි.
Pali BJTසද්ධා චෙපි භාරද්වාජ, පුරිසස්ස හොති, ‘එවං මෙ සද්ධා’ති ඉති වදං සච්චමනුරක්ඛති, න ත්වෙව තාව එකංසෙන නිට්ඨං ගච්ඡති: ‘ඉදමෙව සච්චං මොඝමඤ්ඤ’න්ති. එත්තාවතා ඛො භාරද්වාජ සච්චානුරක්ඛනා හොති. එත්තාවතා සච්චමනුරක්ඛති. එත්තාවතා ච මයං සච්චානුරක්ඛනං පඤ්ඤාපෙම. න ත්වෙව තාව සච්චානුබොධො හොති.{1} රුචි චෙපි භාරද්වාජ, පුරිසස්ස හොති, -පෙ- අනුස්සවො චෙපි භාරද්වාජ, පුරිසස්ස හොති, -පෙ- ආකාරපරිවිතක්කො චෙපි භාරද්වාජ, පුරිසස්ස හොති, -පෙ- දිට්ඨිනිජ්ඣානක්ඛන්ති චෙපි භාරද්වාජ, පුරිසස්ස හොති ‘එවං මෙ දිට්ඨිනිජ්ඣානක්ඛන්තී’ති ඉති වදං සච්චමනුරක්ඛති න ත්වෙව තාව එකංසෙන නිට්ඨං ගච්ඡති: ‘ඉදමෙව සච්චං මොඝමඤ්ඤ’න්ති. එත්තාවතා ඛො භාරද්වාජ, සච්චානුරක්ඛනා හොති, එත්තාවතා සච්චමනුරක්ඛති, එත්තාවතා ච මයං සච්චානුරක්ඛනං පඤ්ඤාපෙම. න ත්වෙව තාව සච්චානුබොධො හොතී’ති.
Sinhala BJTභාරද්වාජය, “මා ඇදැහිලි මෙසේ යැ”යි ඉදින් පුරුෂයක්හට සැදැහැ ඇති වේ නම් මෙසේ බණනුයේ සත්‍යය රක්නේ වෙයි. එසේ වුව ද එතෙකින් ඒකාන්තයෙන් නිෂ්ඨාවට නො මැ යෙයි. ‘මෙය මැ සත්‍ය යැ, අනෙක අසත්‍ය යැ’ කියා යි. භාරද්වාජය, මෙතෙකින් සත්‍යානුරක්‍ෂණ වෙයි. මෙතෙකින් සත්‍යය රක්නේ යැ. අපි මෙතෙකින් සත්‍යානුරක්‍ෂණාව පනවම්හ. එතෙකින් සත්‍යානුබෝධය නො වන්නේ මැ යැ. භාරද්වාජය, ඉදින් රුචිය ද පුරුෂයක්හට වේ ද … භාරද්වාජය, ඉදින් අනුශ්‍රවය ද පුරුෂයක්හට වේ ද … භාරද්වාජය, ඉදින් පරිවිතර්‍කය ද පුරුෂයක්හට වේ ද … භාරද්වාජය, ඉදින් දිට්ඨිනිජ්ඣානකඛන්තිය ද පුරුෂයක්හට වේ ද, මාගේ දිට්ඨිනිජ්ඣානකඛන්තිය මෙසේ යැ’ කියා යි. මෙසේ බණනුයේ සත්‍යය රක්නේ යැ. එතෙකින් ඒකාන්තයෙන් නිෂ්ඨාවට නො යන්නේ මැ යැ. ‘මෙය මැ සත්‍යය වෙයි. අනෙක අසත්‍යය වේ යැ’ කියා යි. භාරද්වාජය, මෙතෙකින් සත්‍යානුරක්‍ෂණ වෙයි, මෙතෙකින් සත්‍යය රක්නේ යැ, අපි මෙතෙකින් සත්‍යානුරක්‍ෂණ පනවම්හ. එතෙකින් සත්‍යානුබෝධය නො වේ මැ යැ.
Pali BJTඑත්තාවතා භො ගොතම, සච්චානුරක්ඛනා හොති, එත්තාවතා සච්චමනුරක්ඛති, එත්තාවතා ච මයං සච්චානුරක්ඛනං පෙක්ඛාම. කිත්තාවතා පන භො ගොතම, සච්චානුබොධො හොති, කිත්තාවතා සච්චමනුබුජ්ඣති? සච්චානුබොධං මයං භවන්තං ගොතමං පුච්ඡාමා’ති.
Sinhala BJTභවත් ගෞතමයෙනි, මෙතෙකින් සත්‍යානුරක්‍ෂණා වෙයි, මෙතෙකින් සත්‍යය රක්නේ යැ, අපි මෙතෙකින් සත්‍යානුරක්‍ෂණාව දකුම්හ. භවත් ගෞතමයෙනි, කිපමණෙකින් සත්‍යානුබෝධය වේ ද? කිපමණෙකින් සත්‍යය අවබෝධ කරන්නේ වේ ද? අපි භවත් ගෞතමයන් සත්‍යානුබෝධය පුළුවුසුම්හ.
Pali BJTඉධ{2} භාරද්වාජ භික්ඛු අඤ්ඤතරං ගාමං වා නිගමං වා උපනිස්සාය විහරති. තමෙනං{3} ගහපති වා ගහපතිපුත්තො වා උපසඞ්කමිත්වා තීසු ධම්මෙසු සමන්නෙසති: ලොභනීයෙසු ධම්මෙසු දොසනීයෙසු ධම්මෙසු මොහනීයෙසු ධම්මෙසු. අත්ථි නු ඛො ඉමස්ස ආයස්මතො තථාරූපා ලොභනීයා ධම්මා යථාරූපෙහි ලොභනීයෙහි ධම්මෙහි පරියාදින්නචිත්තො අජානං වා වදෙය්ය ජානාමීති, අපස්සං වා වදෙය්ය පස්සාමීති, පරං වා තථත්තාය{4} සමාදපෙය්ය යං පරෙසං අස්ස දීඝරත්තං අහිතාය දුක්ඛායාති. තමෙනං සමන්නෙසමානො එවං ජානාති: නත්ථි ඛො ඉමස්සායස්මතො තථාරූපා ලොභනීයා ධම්මා යථාරූපෙහි ලොභනීයෙහි ධම්මෙහි පරියාදින්නචිත්තො අජානං වා වදෙය්ය ජානාමීති, අපස්සං වා වදෙය්ය පස්සාමීති, පරං වා තථත්තාය{4} සමාදපෙය්ය, යං පරෙසං අස්ස දීඝරත්තං අහිතාය දුක්ඛායාති, තථා{5} ඛො පනිමස්සායස්මතො කායසමාචාරො, තථා වචීසමාචාරො, යථා තං අලුද්ධස්ස: යං ඛො පන අයමායස්මා ධම්මං දෙසෙති, ගම්භීරො සො ධම්මො දුද්දසො දුරනුබොධො සන්තො පණීතො අතක්කාවචරො නිපුණො පණ්ඩිතවෙදනීයො, න සො ධම්මො සුදෙසියො ලුද්ධෙනාති.
Sinhala BJTභාරද්වාජය, මෙසස්නෙහි මහණ එක්තරා ගමක් හෝ නියම්ගමක් ඇසුරු කොට වාස කෙරෙයි. ගැහැවියෙක් හෝ ගැහැවිපුතෙක් හෝ තුලුන් කරා එළැඹ තුන් කරුණෙක සමන්නේසනා කෙරෙයි, ලෝභධර්‍මයෙහි යැ, ද්වේෂධර්‍මයෙහි යැ, මෝහධර්‍මයෙහි යැ යි. (කෙසේ යැ යත්:) “යම් බඳු ලෝභධර්‍මයෙකින් ගත් සිතැත්තෝ නො දන්මින් හෝ ‘දන්මි’යි බෙණේ ද, නො දක්මින් හෝ ‘දක්මි’යි බෙණේ ද, යම් කරුණෙක් මෙරමාහට අහිත පිණිස දුක් පිණිස වැටේ නම් ඒ පිණිස මෙරමා හෝ සමාදන් කරවා ද, මේ ආයුෂ්මත්හට එ බඳු ලෝභධර්‍මයෝ ඇද්දෝ හො”යි. තුලුන් සමන්නේසණා කරනුයේ මෙසේ දන්නේ යැ: (කෙසේ යැ යත්) “යම් බඳු ලෝභධර්‍මයෙකින් ගත් සිතැත්තේ නො දන්මින් හෝ ‘දන්මි’යි බෙණේ ද නො දක්මින් හෝ ‘දක්මි’යි බෙණේ ද, යම් කරුණෙක් මෙරමාහට දීර්‍ඝරාත්‍රයෙහි අහිත පිණිස දුක් පිණිස වැටේ ද, මෙරමා හෝ එය පිණිස සමාදන් කරවා ද, මේ ආයුෂ්මත්හට එ බඳු ලෝභධර්‍මයෝ නැති”යි. අලුබ්ධයක්හට යම්සේ වේ ද මේ ආයුෂ්මත්හුගේ කායසමාචාර එසේ වෙයි, වාක්සමාචාර එසේ වෙයි, මේ ආයුෂ්මත් යම් දහමක් දෙසා නම් ඒ දහම ගම්භීර යැ, දුර්දර්‍ශ යැ, දුරනුබෝධ යැ, ශාන්ත යැ, ප්‍රණීත යැ, අතර්‍කාවචර යැ, නිපුණ යැ, පණ්ඩිතයන් විසින් වේදිතව්‍ය යි. ලුබ්ධයක්හු විසින් ඒ දහම සුවසේ නො දෙසියහැකි යැ.
Pali BJTයතො නං සමන්නෙසමානො විසුද්ධං ලොභනීයෙහි ධම්මෙහි සමනුපස්සති{1}. තතො නං උත්තරිං සමන්නෙසති දොසනීයෙසු ධම්මෙසු: අත්ථි නු ඛො ඉමස්ස ආයස්මතො තථාරූපා දොසනීයා ධම්මා යථාරූපෙහි දොසනීයෙහි ධම්මෙහි පරියාදින්නචිත්තො අජානං වා වදෙය්ය ජානාමීති, අපස්සං වා වදෙය්ය පස්සාමීති, පරං වා තථත්තාය සමාදපෙය්ය, යං පරෙසං අස්ස දීඝරත්තං අහිතාය දුක්ඛායාති. තමෙනං සමන්නෙසමානො එවං ජානාති: නත්ථි ඛො ඉමස්සායස්මතො තථාරූපා දොසනීයා ධම්මා, යථාරූපෙහි දොසනීයෙහි ධම්මෙහි පරියාදින්නචිත්තො අජානං වා වදෙය්ය ජානාමීති, අපස්සං වා වදෙය්ය පස්සාමීති, පරං වා තථත්තාය{2} සමාදපෙය්ය යං පරෙසං අස්ස දීඝරත්තං අහිතාය දුක්ඛායා’ති. තථා{3} ඛො පනිමස්සායස්මතො කායසමාචාරො, තථා වචීසමාචාරො, යථා තං අදුට්ඨස්ස. යං ඛො පන අයමායස්මා ධම්මං දෙසෙති. ගම්භීරො සො ධම්මො දුද්දසො දුරනුබොධො සන්තො පණීතො අතක්කාවචරො නිපුණො පණ්ඩිතවෙදනීයො, න සො ධම්මො සුදෙසියො දුට්ඨෙනාති.
Sinhala BJTයම් හෙයකින් ඔහු සොයා බලනුයේ ලෝභධර්‍මයෙන් විශුද්ධ වූවහු නුවණින් දක්නේ වේ ද, එහෙයින් ඔහු මතුයෙහි ද්වේෂධර්‍මයෙහි ලා පරීක්‍ෂා කෙරෙයි. (කෙසේ යැ යත්:) “යම් බඳු ද්වේෂධර්‍මයෙකින් ගත් සිතැත්තේ නො දන්මින් හෝ ‘දන්මි’යි බෙණේ ද, නො දක්මින් හෝ ‘දක්මි’යි බෙණේ ද, යම් කරුණෙක් මෙරමාහට දීර්‍ඝරාත්‍රයෙහි අහිත පිණිස දුක් පිණිස වැටේ ද, මෙරමා හෝ ඒ පිණිස සමාදන් කරවා ද, මේ ආයුෂ්මත්හට එ බඳු ද්වේෂධර්‍මයෝ ඇද්දෝ හො”යි. තුලුන් මෙසේ සොයනුයේ මෙසේ දන්නේ යැ: (කෙසේ යැ යත්:) “යම් බඳු ද්වේෂධර්‍මයෙකින් ගත් සිතැත්තේ නො දන්මින් හෝ ‘දන්මි’යි බෙණේ ද, නො දක්මින් හෝ ‘දක්මි’යි බෙණේ ද, යම් කරුණෙක් මෙරමාහට දීර්‍ඝරාත්‍රයෙහි අහිත පිණිස දුක් පිණිස වැටේ නම් මෙරමා හෝ ඒ පිණිස සමාදන් කරවා ද, මේ ආයුෂ්මත්හට එ බඳු ද්වේෂධර්‍මයෝ නැති”යි, ද්වේෂ රහිතයක්හට යම්සේ වේ ද, මේ ආයුෂ්මත්හුගේ කායසමාචාර එසේ වෙයි, වාක් සමාචාර එසේ වෙයි. මේ ආයුෂ්මත් යම් දහමක් දෙසා නම් එ දහම් ගම්භීර යැ, දුර්දර්‍ශ යැ, දුරනුබෝධ යැ, ශාන්ත යැ, ප්‍රණීත යැ, අතර්‍කාවචර යැ, නිපුණ යැ, පණ්ඩිතයන් විසින් වේදිතව්‍ය යි. ද්වේෂ සහගතයකු විසින් එ දහම සුවසේ නො දෙසිය හැකි යැ.
Pali BJTයතො නං සමන්නෙසමානො විසුද්ධං දොසනීයෙහි ධම්මෙහි සමනුපස්සති. තතො නං උත්තරිං සමන්නෙසති මොහනීයෙසු ධම්මෙසු: අත්ථි නු ඛො ඉමස්ස ආයස්මතො තථාරූපා මොහනීයා ධම්මා, යථා රූපෙහි මොහනීයෙහි ධම්මෙහි පරියාදින්නචිත්තො අජානං වා වදෙය්ය ජානාමීති, අපස්සං වා වදෙය්ය පස්සාමීති, පරං වා තථත්තාය{2} සමාදපෙය්ය, යං පරෙසං අස්ස දීඝරත්තං අහිතාය දුක්ඛායාති. තමෙනං සමන්නෙසමානො එවං ජානාති: නත්ථි ඛො ඉමස්සායස්මතො තථාරූපා මොහනීයා ධම්මා යථාරූපෙහි මොහනීයෙහි ධම්මෙහි පරියාදින්නචිත්තො අජානං වා වදෙය්ය ජානාමීති, අපස්සං වා වදෙය්ය පස්සාමීති. පරං වා තථත්තාය{2} සමාදපෙය්ය යං පරෙසං අස්ස දීඝරත්තං අහිතාය දුක්ඛාය. තථා{3} ඛො පනිමස්සායස්මතො කායසමාචාරො, තථා වචීසමාචාරො, යථා තං අමූළ්හස්ස. යං ඛො පන අයමායස්මා ධම්මං දෙසෙති. ගම්භීරො සො ධම්මො දුද්දසො දුරනුබොධො සන්තො පණීතො අතක්කාවචරො නිපුණො පණ්ඩිතවෙදනීයො, න සො ධම්මො සුදෙසියො මූළ්හෙනා’ති.
Sinhala BJTයම් හෙයකින් ඔහු සොයා බලනුයේ ද්වේෂධර්‍මයෙන් විශුද්ධ වූවහු නුවණින් දක්නේ වේ ද, එහෙයින් ඔහු මතුයෙහි මෝහධර්‍මයෙහි ලා පරීක්‍ෂා කෙරෙයි. (කෙසේ යැ යත්:) “යම් බඳු මෝහධර්‍මයෙකින් ගත් සිතැත්තේ නො දන්මින් හෝ ‘දන්මි’යි බෙණේ ද, නො දක්මින් හෝ ‘දක්මි’යි බෙණේ ද, යම් කරුණෙක් මෙරමාහට දීර්‍ඝරාත්‍රයෙහි අහිත පිණිස දුක් පිණිස වැවේ ද, මෙරමා හෝ ඒ පිණිස සමාදන් කරවා ද, මේ ආයුෂ්මත්හට එ බඳු මෝහධර්‍මයෝ ඇද්දෝ හො”යි. තුලුන් මෙසේ සොයනුයේ මෙසේ දක්නේ යැ: (කෙසේ යැ යත්:) “යම් බඳු මෝහධර්‍මයෙකින් මැඩගත් සිතැත්තේ නො දන්මින් හෝ ‘දන්මි’යි බෙණේ ද, නො දක්මින් හෝ ‘දක්මි’යි බෙණේ ද, යම් කරුණෙක් මෙරමාහට දීර්‍ඝරාත්‍රයෙහි අහිත පිණිස දුක් පිණිස වැටේ නම් මෙරමා හෝ ඒ පිණිස සමාදන් කරවා ද, මේ ආයුෂ්මත්හට එ බඳු මෝහධර්‍මයෝ නැති”යි. මෝහ රහිතයක්හට යම්සේ වේ ද, මේ ආයුෂ්මත්හුගේ කායසමාචාර එසේ වෙයි, වාක් සමාචාර එසේ වෙයි, මේ ආයුෂ්මත් යම් දහමක් දෙසා නම් එ දහම ගම්භීර යැ, දුර්දර්‍ශ යැ, දුරනුබෝධ යැ, ශාන්ත යැ, ප්‍රණීත යැ, අතර්‍කාවචර යැ, නිපුණ යැ, පණ්ඩිතයන් විසින් වේදිතව්‍ය යි. මෝහ සහගතයක්හු විසින් එ දහම සුවසේ නො දෙසිය හැක්ක.
Pali BJTයතො නං සමන්නෙසමානො විසුද්ධං මොහනීයෙහි ධම්මෙහි සමනුපස්සති. අථ තස්මිං සද්ධං නිවෙසෙති. සද්ධාජාතො උපසඞ්කමති. උපසඞ්කමන්තො පයිරුපාසති. පයිරුපාසන්තො සොතං ඔදහති. ඔහිතසොතො ධම්මං සුණාති. සුත්වා ධම්මං ධාරෙති. ධතානං ධම්මානං අත්ථං උපපරික්ඛති. අත්ථං උපපරික්ඛතො ධම්මා නිජ්ඣානං ඛමන්ති. ධම්මනිජ්ඣානක්ඛන්තියා සති ඡන්දො ජායති. ඡන්දජාතො උස්සහති. උස්සහිත්වා තුලයති. තුලයිත්වා පහදති. පහිතත්තො සමානො කායෙන චෙව පරමසච්චං සච්ඡිකරොති. පඤ්ඤාය ච නං අතිවිජ්ඣ පස්සති. එත්තාවතා ඛො භාරද්වාජ, සච්චානුබොධො හොති. එත්තාවතා සච්චමනුබුජ්ඣති. එත්තාවතා ච මයං සච්චානුබොධං පඤ්ඤාපෙම. න ත්වෙව තාව{4} සච්චානුපත්ති හොතීති.
Sinhala BJTයම් හෙයකින් ඔහු සොයා බලනුයේ මෝහ ධර්‍මයෙන් විශුද්ධ වූවහු නුවණින් දක්නේ වේ ද, එ සඳ ඔහු කෙරෙහි සැදැහැ පිහිටුවයි. හටගත් සැදැහැ ඇතියේ එළැඹෙයි, එළැඹෙනුයේ පර්‍ය්‍යුපාසන කෙරෙයි, පර්‍ය්‍යුපාසන කරනුයේ කන් නතු කෙරෙයි, නතු කළ කන් ඇතියේ දහම් අසයි, අසා දහම් ධරයි. ධැරූ දහම්හි අරුත් පිරික්සයි. අරුත් පිරික්සනුවහට ධර්‍මයෝ වටහති, දහම් වැටහීම (ධම්මනිජ්ඣානක්ඛන්ති) ඇති කල්හි කර්තුකම්‍යතා ඡන්‍දය උපදි, හටගත් ඡන්‍ද ඇතියේ උත්සාහ කෙරෙයි, උත්සාහ (වෑයම්) කොට තුලනය (අනිත්‍යාදි විසින් තීරණය) කෙරෙයි, තුලනය කොට ප්‍රධන්වීර්‍ය්‍යය කෙරෙයි, නිවනට මෙහෙයූ සිත් ඇත්තේ මැ (නාම) කයිනුදු සත්‍යය (නිවන) ප්‍රත්‍යක්‍ෂ කෙරෙයි, ප්‍රඥායෙනුදු කෙලෙස් විනිවිද දකී. භාරද්වාජයෙනි, මෙතෙකින් මැ සත්‍යානුබෝධය වෙයි මෙතෙකින් සත්‍යය අනුබෝධ කෙරෙයි, මෙතෙකින් වැළිත් අපි සත්‍යානුබෝධය පනවම්හ. එපමණෙකින් සත්‍යානුප්‍රාප්ති නො වේ මැ යි.
Pali BJTඑත්තාවතා භො ගොතම, සච්චානුබොධො හොති, එත්තාවතා සච්චමනුබුජ්ඣති, එත්තාවතා ච මයං සච්චානුබොධං පෙක්ඛාම. කිත්තාවතා පන භො ගොතම, සච්චානුපත්ති හොති? කිත්තාවතා සච්චමනුපාපුණාති? සච්චානුපත්තිං මයං භවන්තං ගොතමං පුච්ඡාමාති.
Sinhala BJTභවත් ගෞතමයන් වහන්ස, මෙපමණෙකින් සත්‍යානුබෝධය වෙයි, මෙපමණෙකින් සත්‍යානුබෝධය කෙරෙයි, මෙපමණෙකින් වැළිත් අපි සත්‍යානුබෝධය දක්මහ. භවත් ගෞතමයෙනි, කිපමණෙකින් වැළිත් සත්‍යානුප්‍රාප්ති වේ ද? කිපමණෙකින් සත්‍යයට පැමිණේ ද? අපි සත්‍යානුප්‍රාප්තිය භවත් ගෞතමයන් අතින් පුළුවුසුම්හ”යි.
Pali BJTතෙසංයෙව ඛො භාරද්වාජ, ධම්මානං ආසෙවනා භාවනා බහුලීකම්මා සච්චානුපත්ති හොති, එත්තාවතා ඛො භාරද්වාජ, සච්චානුපත්ති හොති, එත්තාවතා සච්චමනුපාපුණාති, එත්තාවතා ච මයං සච්චානුපත්තිං පඤ්ඤාපෙමාති.
Sinhala BJTභාරද්වාජයෙනි, එ මැ ධර්‍මයන්ගේ ආසේවනයෙන් භාවනායෙන් බහුලීකරණයෙන් සත්‍යානුප්‍රාප්තිය වෙයි. භාරද්වාජයෙනි, මෙපමණෙකින් මැ සත්‍යානුප්‍රාප්තිය වෙයි, මෙපමණෙකින් සත්‍යයට පැමිණෙයි. මෙපමණෙකින් වැළිත් අපි සත්‍යානුප්‍රාප්තිය පනවම්හ’යි.
Pali BJTඑත්තාවතා භො ගොතම, සච්චානුපත්ති හොති, එත්තාවතා සච්චමනුපාපුණාති, එත්තාවතා ච මයං සච්චානුපත්තිං පෙක්ඛාම. සච්චානුපත්තියා පන භො ගොතම, කතමො ධම්මො බහුකාරො? සච්චානුපත්තියා බහුකාරං ධම්මං මයං භවන්තං ගොතමං පුච්ඡාමාති.
Sinhala BJTභවත් ගෞතමයෙනි, මෙපමණෙකින් සත්‍යානුප්‍රාප්තිය වෙයි, මෙපමණෙකින් සත්‍යයට පැමිණෙයි, මෙපමණෙකින් වැළිත් අපි සත්‍යානුප්‍රාප්තිය දකුම්හ. භවත් ගෞතමයෙනි, වැළිත් සත්‍යානුප්‍රාප්තියට (ඵලප්‍රත්‍යක්‍ෂයට) කවර ධර්‍මයෙක් බහුකාර වේ ද? සත්‍යානුප්‍රාප්තියට බහුකාරධර්‍මය අපි භවත් ගෞතමයන් අතින් පුළුවුසුම්හ’යි.
Pali BJTසච්චානුපත්තියා ඛො භාරද්වාජ, පධානං බහුකාරං. නො චෙතං පදහෙය්ය, නයිදං සච්චං අනුපාපුණෙය්ය. යස්මා ච ඛො පදහති, තස්මා සච්චං අනුපාපුණාති. තස්මා සච්චානුපත්තියා පධානං බහුකාරන්ති.
Sinhala BJTභාරද්වාජයෙනි, සත්‍යානුප්‍රාප්තියට ප්‍රධානය (මාර්‍ග ප්‍රධානය) බහුකාර වෙයි. ඉදින් තෙල මාර්‍ගප්‍රධානය නො කෙරේ නම් මේ සත්‍යයට නො පැමිණෙන්නේ යැ. යම් හෙයකින් මාර්‍ගප්‍රධානය කෙරේ ද, එහෙයින් සත්‍යයට පැමිණෙයි (සත්‍යය ලබයි). එහෙයින් සත්‍යානුප්‍රාප්තියට ප්‍රධානය බහුකාර වේ යයි.
Pali BJTපධානස්ස පන භො ගොතම, කතමො ධම්මො බහුකාරො? පධානස්ස බහුකාරං ධම්මං මයං භවන්තං ගොතමං පුච්ඡාමාති.
Sinhala BJTභවත් ගෞතමයෙනි, වැළිත් මාර්‍ගප්‍රධානයට කවර දහමෙක් බහුකාර වේ ද? මාර්‍ගප්‍රධානයට බහුකාර ධර්‍මය අපි භවත් ගෞතමයන් අතින් පුළුවුසුම්හ’යි.
Pali BJTපධානස්ස ඛො භාරද්වාජ, තුලනා බහුකාරා. නො චෙතං තුලෙය්ය, නයිදං පදහෙය්ය. යස්මා ච ඛො තුලෙති, තස්මා පදහති. තස්මා පධානස්ස තුලනා බහුකාරාති.
Sinhala BJTභාරද්වාජයෙනි, ප්‍රධානයට තුලනාව බහුකාර වෙයි. ඉදින් තුලනා නො කෙරේ නම් මේ ප්‍රධන් වීර්‍ය්‍යය නො කරන්නේ යැ. යම් හෙයකින් වැළිත් තුලනා කෙරේ ද, එහෙයින් මාර්‍ගප්‍රධානය කෙරෙයි. එහෙයින් ප්‍රධානයට තුලනාව බහුකාර වෙයි.
Pali BJTතුලනාය පන භො ගොතම, කතමො ධම්මො බහුකාරො? තුලනාය බහුකාරං ධම්මං මයං භවන්තං ගොතමං පුච්ඡාමාති.
Sinhala BJTභවත් ගෞතමයෙනි, තුලනාවට වැළිත් කවර ධර්‍මයෙක් බහුකාර වේ ද? තුලනාවට බහුකාර ධර්‍මය අපි භවත් ගෞතමයන් අතින් පුළුවුසුම්හ’යි.
Pali BJTතුලනාය ඛො භාරද්වාජ, උස්සාහො බහුකාරො. නො චෙතං උස්සහෙය්ය, නයිදං තුලෙය්ය. යස්මා ච ඛො උස්සහති, තස්මා තුලෙති. තස්මා තුලනාය උස්සාහො බහුකාරොති.
Sinhala BJTභාරද්වාජයෙනි, තුලනාවට ව්‍යායාමය බහුකාර වෙයි. ඉදින් ව්‍යායාම නො කෙරේ නම් මේ තුලනාව නො කරන්නේ යැ. යම්හෙයෙකින් වැළිත් ව්‍යායාම කෙරේ ද, එහෙයින් තුලනය කෙරෙයි. එහෙයින් තුලනාවට ව්‍යායාමය බහුකාර වෙයි.
Pali BJTඋස්සාහස්ස පන භො ගොතම, කතමො ධම්මො බහුකාරො? උස්සාහස්ස බහුකාරං ධම්මං මයං භවන්තං ගොතමං පුච්ඡාමාති.
Sinhala BJTභවත් ගෞතමයෙනි, ව්‍යායාමයට කවර ධර්‍මයෙක් බහුකාර වේ ද? ව්‍යායාමයට බහුකාර ධර්‍මය අපි භවත් ගෞතමයන් අතින් පුළුවුස්මහ’යි.
Pali BJTඋස්සාහස්ස ඛො භාරද්වාජ, ඡන්දො බහුකාරො. නො චෙතං ඡන්දො ජායෙථ, නයිදං උස්සහෙය්ය. යස්මා ච ඛො ඡන්දො ජායති, තස්මා උස්සහති. තස්මා උස්සාහස්ස ඡන්දො බහුකාරොති.
Sinhala BJTභාරද්වාජයෙනි, ව්‍යායාමයට (කර්තුකම්‍යතා) ඡන්‍දය බහුකාර වෙයි. ඉදින් ඡන්‍දය නූපදී නම් මේ ව්‍යායාමය නො කරන්නේ යැ. යම් හෙයකින් වැළිත් ඡන්‍දය උපදී ද, එහෙයින් ව්‍යායාම කෙරෙයි. එහෙයින් ව්‍යායාමයට ඡන්‍දය බහුකාර වෙයි.
Pali BJTඡන්දස්ස පන භො ගොතම, කතමො ධම්මො බහුකාරො? ඡන්දස්ස බහුකාරං ධම්මං මයං භවන්තං ගොතමං පුච්ඡාමාති.
Sinhala BJTභවත් ගෞතමයෙනි, ඡන්‍දයට කවර දහමෙක් බහුකාර වේ ද? ඡන්‍දයට බහුකාර ධර්‍මය අපි භවත් ගෞතමයන් අතින් පුළුවුසුම්හ’යි.
Pali BJTඡන්දස්ස ඛො භාරද්වාජ, ධම්මනිජ්ඣානක්ඛන්ති බහුකාරා. නො චෙතං ධම්මනිජ්ඣානං ඛමෙය්යුං, නයිදං ඡන්දො ජායෙථ. යස්මා ච ඛො ධම්මනිජ්ඣානං ඛමන්ති, තස්මා ඡන්දො ජායති. තස්මා ඡන්දස්ස ධම්මනිජ්ඣානක්ඛන්ති බහුකාරාති.
Sinhala BJTභාරද්වාජයෙනි, ඡන්‍දයට ධම්මනිජ්ඣානකඛන්තිය (දහම් වැටහීම) බහුකාර වෙයි. ඉදින් ධර්‍මයෝ බැලීම නො සහත් (නො වටහත්) නම් මේ ඡන්‍දය නූපදනේ යැ. යම් හෙයකින් වැළිත් ධර්‍මයෝ වටහත් ද, එහෙයින් ඡන්‍දය උපදී. එහෙයින් ඡන්‍දයට ධර්‍මනිධ්‍යානක්‍ෂාන්තිය බහුකාර වෙයි.
Pali BJTධම්මනිජ්ඣානක්ඛන්තියා පන භො ගොතම, කතමො ධම්මො බහුකාරො? ධම්මනිජ්ඣානක්ඛන්තියා බහුකාරං ධම්මං මයං භවන්තං ගොතමං පුච්ඡාමාති.
Sinhala BJTභවත් ගෞතමයෙනි, ධර්‍මනිධ්‍යානක්‍ෂාන්තියට කවර දහමෙක් බහුකාර වේ ද? ධර්‍මනිධ්‍යානක්‍ෂාන්තියට බහුකාර දහම අපි භවත් ගෞතමයන් අතින් පුළුවුස්මහ’යි.
Pali BJTධම්මනිජ්ඣානක්ඛන්තියා ඛො භාරද්වාජ, අත්ථූපපරික්ඛා බහුකාරා. නො චෙතං අත්ථං උපපරික්ඛෙය්ය, නයිදං ධම්මනිජ්ඣානං ඛමෙය්යුං. යස්මා ච ඛො අත්ථං උපපරික්ඛති, තස්මා ධම්මනිජ්ඣානං ඛමන්ති. තස්මා ධම්මනිජ්ඣානක්ඛන්තියා අත්ථූපපරික්ඛා බහුකාරාති.
Sinhala BJTභාරද්වාජයෙනි, ධර්‍මනිධ්‍යානක්‍ෂාන්තියට අරුත් විමසීම බහුකාර වෙයි. ඉදින් අරුත් නො විමසා නම් මේ ධර්‍මයෝ නො වටහත්. යම් හෙයකින් වැළිත් අරුත් විමසා ද, එහෙයින් ධර්‍මයෝ වටහති. එහෙයින් දහම්වැටහීමට අරුත් විමසීම බහුකාර වෙයි.
Pali BJTඅත්ථූපපරික්ඛාය පන භො ගොතම, කතමො ධම්මො බහුකාරො? අත්ථූපපරික්ඛාය බහුකාරං ධම්මං මයං භවන්තං ගොතමං පුච්ඡාමාති.
Sinhala BJTභවත් ගෞතමයෙනි, අරුත් පිරික්සීමට කවර දහමෙක් බහුකාර වේ ද? අරුත් පිරික්සීමට බහුකාර දහම අපි භවත් ගෞතමයන් අතින් පුළුවුස්මහ’යි.
Pali BJTඅත්ථූපපරික්ඛාය ඛො භාරද්වාජ, ධම්මධාරණා බහුකාරා. නො චෙතං ධම්මං ධාරෙය්ය, නයිදං අත්ථං උපපරික්ඛෙය්ය. යස්මා ච ඛො ධම්මං ධාරෙති, තස්මා අත්ථං උපපරික්ඛති. තස්මා අත්ථූපපරික්ඛාය ධම්මධාරණා බහුකාරාති.
Sinhala BJTභාරද්වාජයෙනි, අරුත් පිරික්සීමට වැළිත් දහම් ධැරීම බහුකාර වෙයි. ඉදින් දහම් නො ධරා නම් මේ අරුත් නො පිරික්සන්නේ යැ. යම් හෙයකින් වැළිත් දහම් ධාරණ කෙරේ ද, එහෙයින් අරුත් පිරික්සයි. එයින් අරුත් පිරික්සීමට ධර්‍මධාරණය බහුකාර වෙයි.
Pali BJTධම්මධාරණාය පන භො ගොතම, කතමො ධම්මො බහුකාරො? ධම්මධාරණාය බහුකාරං ධම්මං මයං භවන්තං ගොතමං පුච්ඡාමාති.
Sinhala BJTභවත් ගෞතමයන් වහන්ස, වැළිත් ධර්‍මධාරණයට කවර දහමෙක් බහුකාර වේ ද? ධර්‍මධාරණයට බහුකාර ධර්‍මය අපි භවත් ගෞතමයන් අතින් පුළුවුස්මහ’යි.
Pali BJTධම්මධාරණාය ඛො භාරද්වාජ, ධම්මසවනං බහුකාරං. නො චෙතං ධම්මං සුණෙය්ය, නයිදං ධම්මං ධාරෙය්ය. යස්මා ච ඛො ධම්මං සුණාති, තස්මා ධම්මං ධාරෙති. තස්මා ධම්මධාරණාය ධම්මසවනං බහුකාරන්ති.
Sinhala BJTභාරද්වාජයෙනි, ධර්‍මධාරණයට ධර්‍මශ්‍රවණය බහුකාර වෙයි. ඉදින් දහම් නො අසා නම් මේ දහම් නො ධරන්නේ යැ. යම් හෙයකින් වැළිත් දහම් අසා ද, එහෙයින් දහම් ධරයි. එයින් ධර්‍මධාරණයට ධර්‍මශ්‍රවණය බහුකාර වෙයි.
Pali BJTධම්මසවනස්ස පන භො ගොතම, කතමො ධම්මො බහුකාරො? ධම්මසවනස්ස බහුකාරං ධම්මං මයං භවන්තං ගොතමං පුච්ඡාමාති.
Sinhala BJTභවත් ගෞතමයෙනි, වැළිත් ධර්‍මශ්‍රවණයට කවර දහමෙක් බහුකාර වේ ද? ධර්‍මශ්‍රවණයට බහුකාර ධර්‍මය අපි භවත් ගෞතමයන් අතින් පුළුවුස්මහ’යි.
Pali BJTධම්මසවනස්ස ඛො භාරද්වාජ, සොතාවධානං බහුකාරං. නො චෙතං සොතං ඔදහෙය්ය, න ඉදං ධම්මං සුණෙය්ය. යස්මා ච ඛො සොතං ඔදහති, තස්මා ධම්මං සුණාති. තස්මා ධම්මසවනස්ස සොතාවධානං බහුකාරන්ති.
Sinhala BJTභාරද්වාජයෙනි, ධර්‍මශ්‍රවණයට ශ්‍රෝත්‍රාවධානය (කන් නතු කිරීම) බහුකාර වෙයි. ඉදින් කන් නතු නො කෙරේ නම් මෙ දහම් නො අසන්නේ යැ. යම් හෙයෙකින් වැළිත් කන් නමා ද, එහෙයින් දහම් අසයි. එයින් ධර්‍මශ්‍රවණයට ශ්‍රෝත්‍රාවධානය බහුකාර වෙයි.
Pali BJTසොතාවධානස්ස පන භො ගොතම, කතමො ධම්මො බහුකාරො? සොතාවධානස්ස බහුකාරං ධම්මං මයං භවන්තං ගොතමං පුච්ඡාමාති.
Sinhala BJTභවත් ගෞතමයෙනි, ශ්‍රෝත්‍රාවධානයට කවර දහමෙක් බහුකාර වේ ද? ශ්‍රෝත්‍රාවධානයට බහුකාර ධර්‍මය අපි භවත් ගෞතමයන් අතින් පුළුවුසුම්හ’යි.
Pali BJTසොතාවධානස්ස ඛො භාරද්වාජ, පයිරුපාසනා බහුකාරා. නො චෙතං පයිරුපාසෙය්ය, නයිදං සොතං ඔදහෙය්ය. යස්මා ච ඛො පයිරුපාසති. තස්මා සොතං ඔදහති. තස්මා සොතාවධානස්ස පයිරුපාසනා බහුකාරාති.
Sinhala BJTභාරද්වාජයෙනි, ශ්‍රෝත්‍රාවධානයට පර්‍ය්‍යුපාසනය (ඇසුරු කිරීම) බහුකාර වෙයි. ඉදින් පර්‍ය්‍යුපාසන නො කෙරේ නම් මේ ශ්‍රෝත්‍රාවධාන නො කරන්නේ යැ. යම් හෙයෙකින් වැළිත් පර්‍ය්‍යුපාසන කෙරේ ද, එහෙයින් ශ්‍රෝත්‍රාවධාන කෙරෙයි. එයින් ශ්‍රෝත්‍රාවධානයට පර්‍ය්‍යුපාසනය බහුකාර වෙයි.
Pali BJTපයිරුපාසනාය පන භො ගොතම, කතමො ධම්මො බහුකාරො? පයිරුපාසනාය බහුකාරං ධම්මං මයං භවන්තං ගොතමං පුච්ඡාමාති.
Sinhala BJTභවත් ගෞතමයෙනි, පර්‍ය්‍යුපාසනයට කවර දහමෙක් බහුකාර වේ ද? පර්‍ය්‍යුපාසනයට බහුකාර ධර්‍මය අපි භවත් ගෞතමයන් අතින් පුළුවුසුම්හ’යි.
Pali BJTපයිරුපාසනාය ඛො භාරද්වාජ, උපසඞ්කමනං බහුකාරං. නො චෙතං උපසඞ්කමෙය්ය, නයිදං පයිරුපාසෙය්ය. යස්මා ච ඛො උපසඞ්කමති, තස්මා පයිරුපාසති. තස්මා පයිරුපාසනාය උපසඞ්කමනං බහුකාරන්ති.
Sinhala BJTභාරද්වාජයෙනි, පර්‍ය්‍යුපාසනයට එළැඹීම බහුකාර වෙයි. ඉදින් නො එළැඹේ නම් පර්‍ය්‍යුපාසනා නො කරන්නේ යැ. යම් හෙයෙකින් වැළිත් එළැඹේ ද, එහෙයින් පර්‍ය්‍යුපාසනා කෙරෙයි. එයින් පර්‍ය්‍යුපාසනයට උපසංක්‍රමණය බහුකාර වෙයි.
Pali BJTඋපසඞ්කමනස්ස පන භො ගොතම, කතමො ධම්මො බහුකාරො? උපසඞ්කමනස්ස බහුකාරං ධම්මං මයං භවන්තං ගොතමං පුච්ඡාමාති.
Sinhala BJTභවත් ගෞතමයෙනි, උපසංක්‍රමණයට කවර දහමෙක් බහුකාර වේ ද? උපසංක්‍රමණයට බහුකාර කරුණ අපි භවත් ගෞතමයන් අතින් පුළුවුසුම්හ’යි.
Pali BJTඋපසඞ්කමනස්ස ඛො භාරද්වාජ, සද්ධා බහුකාරා. නො චෙතං සද්ධා ජායෙථ, නයිදං උපසඞ්කමෙය්ය. යස්මා ච ඛො සද්ධා ජායති, තස්මා උපසඞ්කමති. තස්මා උපසඞ්කමනස්ස සද්ධා බහුකාරාති.
Sinhala BJTභාරද්වාජයෙනි, උපසංක්‍රමණයට ශ්‍රද්ධාව බහුකාර වෙයි, ඉදින් ශ්‍රද්ධා නූපදී නම් උපසංක්‍රමණ නො කරන්නේ යැ. යම් හෙයෙකින් වැළිත් ශ්‍රද්ධා උපදනේ ද, එහෙයින් උපසංක්‍රමණය කෙරෙයි. එකරුණින් උපසංක්‍රමණයට ශ්‍රද්ධා බහුකාර වෙයි.
Pali BJTසච්චානුරක්ඛනං මයං භවන්තං ගොතමං අපුච්ඡිම්හ. සච්චානුරක්ඛනං භවං ගොතමො බ්යාකාසි. තඤ්ච පනම්හාකං රුච්චති චෙව ඛමති ච, තෙන චම්හා අත්තමනා. සච්චානුබොධං{1} මයං භවන්තං ගොතමං අපුච්ඡිම්හ. සච්චානුබොධං{1} භවං ගො ගොතමො බ්යාකාසි. තඤ්ච පනම්හාකං රුච්චති චෙව ඛමති ච, තෙන චම්හා අත්තමනා. සච්චානුපත්තිං මයං භවන්තං ගොතමං අපුච්ඡිම්හ. සච්චානුපත්තිං භවං ගොතමො බ්යාකාසි. තඤ්ච පනම්හාකං රුච්චති චෙව ඛමති ච, තෙන චම්හා අත්තමනා. සච්චානුපත්තියා බහුකාරං ධම්මං මයං භවන්තං ගොතමං අපුච්ඡිම්හ. සච්චානුපත්තියා බහුකාරං ධම්මං භවං ගොතමො බ්යාකාසි. තඤ්ච පනම්හාකං රුච්චති චෙව ඛමති ච, තෙන චම්හා අත්තමනා. යං යදෙව ච පන මයං භවන්තං ගොතමං අපුච්ඡිම්හ, තං තදෙව භවං ගොතමො බ්යාකාසි. තඤ්ච පනම්හාකං රුච්චති චෙව ඛමති ච, තෙන චම්හා අත්තමනා.
Sinhala BJTඅපි සත්‍යානුරක්‍ෂණය භවත් ගෞතමයන් අතින් පිළිවිසියම්හ. භවත් ගොයුම් ගොතුවෝ සත්‍යානුරක්‍ෂණය පැවැසූහ. එ ද අපට රුස්නේත් සහනේත් වෙයි. එයිනුදු සතුටු වූම්හ. අපි සත්‍යානුබෝධය භවත් ගෞතමයන් අතින් පිළිවිසියම්හ. භවත් ගෞතමයෝ සත්‍යානුබෝධය ප්‍රකාශ කළහ. එ ද අපට රුස්නේත් සහනේත් වෙයි. එයිනුදු සතුටු වූම්හ. අපි සත්‍යානුප්‍රාප්තිය භවත් ගෞතමයන් අතින් පිළිවිසියම්හ. භවත් ගෞතමයෝ සත්‍යානුප්‍රාප්තිය ප්‍රකාශ කළහ. එ ද අපට රුස්නේත් සහනේත් වෙයි, එයිනුදු සතුටු වූම්හ. අපි සත්‍යානු ප්‍රාප්තියට බහුකාර කරුණු භවත් ගෞතයයන් අතින් පිළිවිසියම්හ. භවත් ගෞතමයෝ සත්‍යානුප්‍රාප්තියට බහුකාර කරුණු ප්‍රකාශ කළහ. එ ද අපට රුස්නේත් සහනේත් වෙයි, එයිනුදු සතුටු වූම්හ. අපි වැළිත් යම් යම් මැ දැයක් භවත් ගෞතමයන් අතින් විචාළමෝ ද, භවත් ගෞතමයෝ ඒ ඒ දැය මැ ප්‍රකාශ කළහ. එ ද අපට රුස්නේත් සහනේත් වෙයි, එයිනුදු සතුටුසිත් ඇති වූම්හ.
Pali BJTමයං හි භො ගොතම, පුබ්බෙ එවං ජානාම: කෙ ච මුණ්ඩකා සමණකා ඉබ්භා කණ්හා බන්ධුපාදාපච්චා, කෙ ච ධම්මස්ස අඤ්ඤාතාරොති. අජනෙසි වත මෙ භවං ගොතමො සමණෙසු සමණපෙමං, සමණෙසු සමණපසාදං, සමණෙසු සමණගාරවං. අභික්කන්තං භො ගොතම, අභික්කන්තං භො ගොතම, -පෙ- උපාසකං මං භවං ගොතමො ධාරෙතු අජ්ජතග්ගෙ පාණුපෙතං සරණං ගතන්ති.
Sinhala BJTභවත් ගෞතමයන් වහන්ස, අපි වනාහි පෙර මෙසේ දනුම්හ: “මුණ්ඩකයෝ ශ්‍රමණකයෝ ගෘහපතිහු කෘෂ්ණයෝ බඹහුගේ පිටිපයින් උපන් දරුවෝ කවරහු ද? දහම් දන්නාහු කවරහු දැ”යි. භවත් ගෞතමයෝ ඒකාන්තයෙන් මට ශ්‍රමණයන් කෙරෙහි ශ්‍රමණප්‍රේමය, ශ්‍රමණයන් කෙරෙහි ශ්‍රමණප්‍රසාදය, ශ්‍රමණයන් කෙරෙහි ශ්‍රමණගෞරවය ඉපැදවූහ. භවත් ගෞතමයෙනි, ඉතා කාන්ත යැ, භවත් ගෞතමයන් වහන්ස, ඉතා කාන්ත යි … භවත් ගෞතමයන් වහන්සේ මා අද පටන් කොට දිවිහිම් වැ සරණ ගිය උපාසකයකු කොට ධරත්ව’යි.
Pali BJTචඞ්කීසුත්තං පඤ්චමං.
Sinhala BJTපස් වැනි චඞ්කීසූත්‍ර යි.
Pali BJT2. 5. 6.
Sinhala BJT2. 5. 6.
Pali BJTඑසුකාරීසුත්තං
Sinhala BJTඒසුකාරී සූත්‍රය
Pali BJTඑවං මෙ සුතං: එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. අථ ඛො එසුකාරී බ්රාහ්මණො යෙන භගවා තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා භගවතා සද්ධිං සම්මොදි. සම්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො එසුකාරී බ්රාහ්මණො භගවන්තං එතදවොච:
Sinhala BJTමා විසින් මෙසේ අසන ලදි: එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර ජේතවන නම් වූ අනේපිඬු මහසිටාණන් ගේ අරම්හි වැඩ වාස කෙරෙත්. එසඳ ඒසුකාරී බමුණු භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියේ. එළැඹ භාග්‍යවතුන්වහන්සේ සමග සතුටු වී. සතුටු වියයුතු කලක් සිහි කටයුතු කථාව කොට නිමවා එකත්පසෙක හින. එකත්පසෙක හුන් ඒසුකාරී බමුණු භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කෙළේ:
Pali BJTබ්රාහ්මණා භො ගොතම, චතස්සො පාරිචරියා පඤ්ඤාපෙන්ති. බ්රාහ්මණස්ස පාරිචරියං පඤ්ඤාපෙන්ති, ඛත්තියස්ස පාරිචරියං පඤ්ඤාපෙන්ති, වෙස්සස්ස පාරිචරියං පඤ්ඤාපෙන්ති, සුද්දස්ස පාරිචරියං පඤ්ඤාපෙන්ති. තත්රීදං භො ගොතම, බ්රාහ්මණා බ්රාහ්මණස්ස පාරිචරියං පඤ්ඤාපෙන්ති, බ්රාහ්මණො වා බ්රාහ්මණං පරිචරෙය්ය, ඛත්තියො වා බ්රාහ්මණං පරිචරෙය්ය, වෙස්සො වා බ්රාහ්මණං පරිචරෙය්ය, සුද්දො වා බ්රාහ්මණං පරිචරෙය්යාති. ඉදං ඛො භො ගොතම, බ්රාහ්මණා බ්රාහ්මණස්ස පාරිචරියං පඤ්ඤාපෙන්ති. තත්රීදං භො ගොතම, බ්රාහ්මණා ඛත්තියස්ස පාරිචරියං පඤ්ඤාපෙන්ති. ඛත්තියො වා ඛත්තියං පරිචරෙය්ය, වෙස්සො වා ඛත්තියං පරිචරෙය්ය, සුද්දො වා ඛත්තියං පරිචරෙය්යාති. ඉදං ඛො භො ගොතම, බ්රාහ්මණා ඛත්තියස්ස පාරිචරියං පඤ්ඤාපෙන්ති. තත්රීදං භො ගොතම, බ්රාහ්මණා වෙස්සස්ස පාරිචරියං පඤ්ඤාපෙන්ති. වෙස්සො වා වෙස්සං පරිචරෙය්ය, සුද්දො වා වෙස්සං පරිචරෙය්යාති. ඉදං ඛො භො ගොතම, බ්රාහ්මණා වෙස්සස්ස පාරිචරියං පඤ්ඤාපෙන්ති. තත්රීදං භො ගොතම, බ්රාහ්මණා සුද්දස්ස පාරිචරියං පඤ්ඤාපෙන්ති. සුද්දො වා සුද්දං පරිචරෙය්ය. කො වා පනඤ්ඤො සුද්දං පරිචරිස්සතීති. ඉදං ඛො භො ගොතම, බ්රාහ්මණා සුද්දස්ස පාරිචරියං පඤ්ඤාපෙන්ති. බ්රාහ්මණා භො ගොතම, ඉමා චතස්සො පාරිචරියා පඤ්ඤාපෙන්ති. ඉධ භවං ගොතමො කිමාහාති?
Sinhala BJTභවත් ගෞතමයෙනි, බ්‍රාහ්මණයෝ පරිචර්‍ය්‍යා සතර දෙනකුන් පනවත්. බමුණුහට පරිචර්‍ය්‍යා පනවති, ක්‍ෂත්‍රියයාහට පරිචර්‍ය්‍යා පනවති, වෛශ්‍යයාහට පරිචර්‍ය්‍යා පනවති, ශුද්‍රයාහට පරිචර්‍ය්‍යා පනවත්. භවත් ගෞතමයෙනි, එහි දී බ්‍රාහ්මණයෝ බ්‍රාහ්මණයන්හට මේ පරිචර්‍ය්‍යාව පනවති, (කෙසේ යැ යත්:) බමුණෙක් හෝ බමුණුහට පරිචර්‍ය්‍යා කරන්නේ යැ, ක්‍ෂත්‍රියයෙක් හෝ බමුණුහට පරිචර්‍ය්‍යා කරන්නේ යැ, වෛශ්‍යයෙක් හෝ බමුණුහට පරිචර්‍ය්‍යා කරන්නේ යැ, ශුද්‍රයෙක් හෝ බමුණුහට පරිචර්‍ය්‍යා කරන්නේ යැ යි. භවත් ගෞතමයෙනි, බ්‍රාහ්මණයෝ බ්‍රාහ්මණයාහට මේ පරිචර්‍ය්‍යා පනවත්. භවත් ගෞතමයෙනි, එහි දී බ්‍රාහ්මණයෝ ක්‍ෂත්‍රියයාහට මේ පරිචර්‍ය්‍යා පනවති, (කෙසේ යැ යත්:) ක්‍ෂත්‍රියයෙක් හෝ ක්‍ෂත්‍රියයාහට පරිචර්‍ය්‍යා කරන්නේ යැ, වෛශ්‍යයෙක් හෝ ක්‍ෂත්‍රියයාහට පරිචර්‍ය්‍යා කරන්නේ යැ, ශුද්‍රයෙක් හෝ ක්‍ෂත්‍රියයාහට පරිචර්‍ය්‍යා කරන්නේ යයි. භවත් ගෞතමයෙනි, බ්‍රාහ්මණයෝ ක්‍ෂත්‍රියයාහට මේ පරිචර්‍ය්‍යා පනවති. භවත් ගෞතමයෙනි, එහි දී බ්‍රාහ්මණයෝ වෛශ්‍යයාහට මේ පරිචර්‍ය්‍යා පනවති (කෙසේ යැ යත්:) වෛශ්‍යයෙක් හෝ වෛශ්‍යයාහට පරිචර්‍ය්‍යා කරන්නේ යැ, ශුද්‍රයෙක් හෝ වෛශ්‍යයාහට පරිචර්‍ය්‍යා කරන්නේ යැ. භවත් ගෞතමයෙනි, බ්‍රාහ්මණයෝ වෛශ්‍යයාහට මේ පරිචර්‍ය්‍යා පනවත්. භවත් ගෞතමයෙනි, එහි දී බ්‍රාහ්මණයෝ ශුද්‍රයාහට මේ පරිචර්‍ය්‍යා පනවති: (කෙසේ යැ යත්:) ශුද්‍රයෙක් මැ ශුද්‍රයාහට පරිචර්‍ය්‍යා කරන්නේ යැ. අන් කවරෙක් නම් ශුද්‍රයාහට පරිචර්‍ය්‍යා කරන්නේ වේ දැ? යි. භවත් ගෞතමයෙනි, බ්‍රාහ්මණයෝ ශුද්‍රයාහට මේ පරිචර්‍ය්‍යා පනවත්. භවත් ගෞතමයෙනි, බ්‍රාහ්මණයෝ මේ සතර පරිචර්‍ය්‍යාවන් පනවත්. භවත් ගෞතමයෝ මෙහි ලා කුමක් වදාරත් ද?
Pali BJTකිං පන බ්රාහ්මණ, සබ්බො ලොකො බ්රාහ්මණානං එතදබ්භනුජානාති ඉමා චතස්සො පාරිචරියා පඤ්ඤාපෙන්තී’ති{1}.
Sinhala BJTකිම බමුණ, සියලු ලෝකයා ‘මෙ සතර පරිචර්‍ය්‍යා පනවති’ යි බමුණනට තෙල අනුදනී දැ? යි.
Pali BJTනොහිදං, භො ගොතම.
Sinhala BJTභවත් ගෞතමයෙනි, මෙ කරුණ නො වේ මැ යි.
Pali BJTසෙය්යථාපි බ්රාහ්මණ, පුරිසො දළිද්දො අස්සකො අනාළ්හියො, තස්ස අකාමස්ස බිලං ඔලග්ගෙය්යුං: ඉධ තෙ අම්භො පුරිස, මංසං ඛාදිතබ්බං, මූලඤ්ච අනුප්පදාතබ්බ’න්ති. එවමෙව ඛො බ්රාහ්මණ, බ්රාහ්මණා අපටිඤ්ඤාය{2} තෙසං සමණබ්රාහ්මණානං. අථ ච පනිමා චතස්සො පාරිචරියා පඤ්ඤාපෙන්ති. නාහං බ්රාහ්මණ, සබ්බං පරිචරිතබ්බන්ති වදාමි. න පනාහං බ්රාහ්මණ, සබ්බං න පරිචරිතබ්බන්ති වදාමි. යං හිස්ස බ්රාහ්මණ, පරිචරතො, පාරිචරියාහෙතු පාපියො අස්ස න සෙය්යො. නාහන්තං පරිචරිතබ්බන්ති වදාමි. යඤ්ච ඛ්වාස්ස බ්රාහ්මණ, පරිචරතො පාරිචරියාහෙතු සෙය්යො අස්ස න පාපියො, තමහං පරිචරිතබ්බන්ති වදාමි.
Sinhala BJTබමුණ, යම්සේ සහල් නැළියෙක ධනයකුදු නැති, තමා සතු කිසිවක් නැති දිළිඳු පුරුෂයෙක් වේ ද, ඔහු නො කැමැතියාහට ‘එම්බා පුරුෂය, මෙහි තා විසින් මස් කෑයුතු යැ (මස්) මිල ද දියයුතු යැ’යි කොටස නංවා ද, එසෙයින් මැ බමුණ, බ්‍රාහ්මණයෝ ඒ මහණ බමුණන්ගේ ප්‍රතිඥා නැති වැ එතෙකුදු වත් මෙ සතර පරිචර්‍ය්‍යාවන් පනවත්. බමුණ, මම හැම පරිචර්‍ය්‍යා කළ යුතු යයි නො කියමි, බමුණ, වැළිත් මම හැම පරිචර්‍ය්‍යා නො කළ යුතු යයි නො කියමි. බමුණ, යමක්හු පරිචර්‍ය්‍යා කරන ඔහට පරිචර්‍ය්‍යා හේතුයෙන් පාපයෙක් වේ ද, හිතයෙක් නො වේ ද, ඔහු පරිචර්‍ය්‍යා කළයුතු යැ යි මම නො කියමි. බමුණා, යමක්හු වැළිත් පරිචර්‍ය්‍යා කරණ ඔහට පරිචර්‍ය්‍යා හේතුයෙන් හිතයෙක් වන්නේ ද, පාපයෙක් නො වන්නේ ද, ඔහු පරිචර්‍ය්‍යා කළයුතු යැ යි මම කියමි.
Pali BJTඛත්තියඤ්චෙපි බ්රාහ්මණ, එවං පුච්ඡෙය්යුං: යං වා තෙ පරිචරතො පාරිචරියාහෙතු පාපියො අස්ස න සෙය්යො, යං වා තෙ පරිචරතො පාරිචරියාහෙතු සෙය්යො අස්ස න පාපියො. කමෙත්ථ පරිචරෙය්යාසීති? ඛත්තියොපි හි බ්රාහ්මණ, සම්මා බ්යාකරමානො එවං බ්යාකරෙය්ය: යං හි මෙ පරිචරතො පාරිචරියාහෙතු පාපියො අස්ස න සෙය්යො, නාහං තං පරිචරෙය්යං. යඤ්ච ඛො මෙ පරිචරතො පාරිචරියාහෙතු සෙය්යො අස්ස න පාපියො, තමහං පරිචරෙය්ය’න්ති.
Sinhala BJTබමුණ, ඉදින් ක්‍ෂත්‍රියයකුදු මෙසේ පුළුවුස්නාහු නම්: (කෙසේ යැ යත්:) යමක්හු හෝ පරිචර්‍ය්‍යා කරන තට පරිචර්‍ය්‍යා හේතුයෙන් පාපයෙක් වන්නේ යැ, හිතයෙක් නො වන්නේ යි. යමක්හු හෝ පරිචර්‍ය්‍යා කරන තට පරිචර්‍ය්‍යා හේතුයෙන් හිතයෙක් වන්නේ යැ, පාපයෙක් නො වන්නේ යි. මෙහි දී කවරක්හු පරිචර්‍ය්‍යා කරන්නෙහි දැ?” යි. බමුණ, ක්‍ෂත්‍රිය තෙමේත් මොනොවට ප්‍රකාශ කරනුයේ මෙසේ කියන්නේ යැ: “යමක්හු පරිචර්‍ය්‍යා කරන මට පරිචර්‍ය්‍යා හේතුයෙන් පාපයෙක් වන්නේ ද හිතයෙක් නො වන්නේ ද, මම ඔහු පරිචර්‍ය්‍යා නො කරන්නෙමි. යමක්හු වැළිත් පරිචර්‍ය්‍යා කරන මට පරිචර්‍ය්‍යා හේතුයෙන් හිතයෙක් වන්නේ ද පාපයෙක් නො වන්නේ ද, ඔහු මම පරිචර්‍ය්‍යා කරන්නෙමි”යි.
Pali BJTබ්රාහ්මණඤ්චෙපි බ්රාහ්මණ, -පෙ- වෙස්සඤ්චෙපි බ්රාහ්මණ -පෙ- සුද්දඤ්චෙපි බ්රාහ්මණ, එවං පුච්ඡෙය්යුං: යං වා තෙ පරිචරතො පාරිචරියාහෙතු පාපියො අස්ස න සෙය්යො, යං වා තෙ පරිචරතො පාරිචරියාහෙතු සෙය්යො අස්ස, න පාපියො. කමෙත්ථ පරිචරෙය්යාසී’ති? සුද්දොපි හි බ්රාහ්මණ, සම්මා බ්යාකරමානො එවං බ්යාකරෙය්ය: යං හි මෙ පරිචරතො පාරිචරියාහෙතු පාපියො අස්ස න සෙය්යො, නාහං තං පරිචරෙය්යං. යඤ්ච ඛො මෙ පරිචරතො පාරිචරියාහෙතු සෙය්යො අස්ස න පාපියො, තමහං පරිචරෙය්ය’න්ති.
Sinhala BJTබමුණ, ඉදින් බ්‍රාහ්මණයකුදු ... බමුණ, ඉදින් වෛශ්‍යයකුදු ... බමුණ, ඉදින් ශුද්‍රයකුදු මෙසේ විචාරන්නාහු නම්: (කෙසේ යැ යත්:) “යමක්හු හෝ පරිචර්‍ය්‍යා කරන තට පරිචර්‍ය්‍යා හේතුයෙන් පාපයෙක් වන්නේ ද හිතයෙක් නො වන්නේ ද, යමක්හු හෝ පරිචර්‍ය්‍යා කරන තට පරිචර්‍ය්‍යා හේතුයෙන් හිතයෙක් වන්නේ ද පාපයෙක් නො වන්නේ ද, මෙහි දී කවරක්හු පරිචර්‍ය්‍යා කරන්නෙහි දැ?” යි. බමුණ, ශුද්‍ර තෙමේත් මොනොවට ප්‍රකාශ කරනුයේ මෙසේ කියන්නේ යැ: “යමක්හු පරිචර්‍ය්‍යා කරන මට පරිචර්‍ය්‍යා හේතුයෙන් පාපයෙක් වන්නේ ද හිතයෙක් නො වන්නේ ද, මම ඔහු පරිචර්‍ය්‍යා නො කරන්නෙමි. යමක්හු වැළිත් පරිචර්‍ය්‍යා කරන මට පරිචර්‍ය්‍යා හේතුයෙන් හිතයෙක් වන්නේ ද පාපයෙක් නො වන්නේ ද, ඔහු මම පරිචර්‍ය්‍යා කරන්නෙමි”යි.
Pali BJTනාහං බ්රාහ්මණ, උච්චාකුලීනතා සෙය්යංසොති වදාමි. න පනාහං බ්රාහ්මණ, උච්චාකුලීනතා පාපියංසොති වදාමි. නාහං බ්රාහ්මණ උළාරවණ්ණතා සෙය්යංසොති වදාමි. න පනාහං බ්රාහ්මණ, උළාරවණ්ණතා පාපියංසොති වදාමි. නාහං බ්රාහ්මණ, උළාරභොගතා සෙය්යංසොති වදාමි. න පනාහං බ්රාහ්මණ, උළාරභොගතා පාපියංසොති වදාමි.
Sinhala BJTබමුණ, මම ‘උසස් කුල ඇති බව ප්‍රශස්ත යැ’යි නො කියමි. බමුණ, වැළිත් මම ‘උසස්කුල ඇති බව ලාමක යැ’යි ද නො කියමි. බමුණ, මම ‘උදාරවර්‍ණ ඇති බව උතුම් යැ’යි නො කියමි. බමුණ, මම ‘උදාරවර්‍ණ ඇති බව පාපක යැ’යි නො කියමි. බමුණ, මම ‘උදාරභෝග ඇති බව උත්තම යැ’යි නො කියමි. බමුණ, මම ‘උදාරභෝග ඇති බව පාපක යැ’යි නො කියමි.
Pali BJTඋච්චාකුලීනොපි හි බ්රාහ්මණ, ඉධෙකච්චො පාණාතිපාතී හොති, අදින්නාදායී හොති, කාමෙසුමිච්ඡාචාරී හොති, මුසාවාදො හොති, පිසුනාවාචො හොති, ඵරුසාවාචො හොති, සම්ඵප්පලාපී හොති, අභිජ්ඣාලු හොති, බ්යාපන්නචිත්තො හොති, මිච්ඡාදිට්ඨි හොති. තස්මා න උච්චාකුලීනතා සෙය්යංසොති වදාමි. උච්චාකුලීනොපි හි බ්රාහ්මණ ඉධෙකච්චො පාණාතිපාතා පටිවිරතො හොති, අදින්නාදානා පටිවිරතො හොති, කාමෙසු මිච්ඡාචාරා පටිවිරතො හොති, මුසාවාදා පටිවිරතො හොති, පිසුනාවාචා පටිවිරතො හොති, ඵරුසාවාචා පටිවිරතො හොති, සම්ඵප්පලාපා පටිවිරතො හොති, අනභිජ්ඣාලු හොති, අබ්යාපන්නචිත්තො හොති, සම්මාදිට්ඨි හොති. තස්මා න උච්චාකුලීනතා පාපියංසොති වදාමි.
Sinhala BJTබමුණ, උසස්කුල ඇති වූත් මෙලොවැ කිසිවෙක් පණිවා කරනු වෙයි, අයිනාදන් කරනු වෙයි, කාමයෙහි මිසහසර ඇති වෙයි, මුසවා බණනු වෙයි, පිසුණු තෙපුල් ඇති වෙයි, පරොස්බස් ඇති වෙයි, පලප් ඇති වෙයි, අභිධ්‍යා බිහිලි වෙයි, ව්‍යාපන්න සිත් ඇති වෙයි, මිසදිටු වෙයි. එහෙයින් උසස්කුල ඇති බව අතිශය ශ්‍රේෂ්ඨ යැ’යි නො කියමි. බමුණ, උසස්කුල ඇති වූත් මෙලොවැ කිසිවෙක් පණිවායෙන් වැළකියේ වෙයි, අයිනාදනින් වැළකියේ වෙයි, කාමයෙහි මිසහසරින් වැළකියේ වෙයි, මුසවායෙන් වැළකියේ වෙයි, පිසුණුබසින් වැළකියේ වෙයි, පරොස්බසින් වැළකියේ වෙයි, පලපින් වැළකියේ වෙයි, අභිධ්‍යා බහුල නො වෙයි, අව්‍යාපන්න සිත් ඇති වෙයි, සම්දිටු වෙයි. එහෙයින් උසස්කුල ඇති බව අතිශය පාපක යැ’යි නො කියමි.
Pali BJTඋළාරවණ්ණොපි හි බ්රාහ්මණ, -පෙ- උළාරභොගොපි හි බ්රාහ්මණ, ඉධෙකච්චො පාණාතිපාතී -පෙ- මිච්ඡාදිට්ඨි හොති. තස්මා න උළාරභොගතා සෙය්යංසොති වදාමි. උළාරභොගොපි හි බ්රාහ්මණ, ඉධෙකච්චො පාණාතිපාතා පටිවිරතො -පෙ- සම්මාදිට්ඨි හොති. තස්මා න උළාරභොගතා පාපියංසොති වදාමි.
Sinhala BJTබමුණ උදාරවර්‍ණ ඇති වූත් ... බමුණ උදාරභෝග ඇති වූත් මෙලොවැ කිසිවෙක් පණිවා කරනු වෙයි ... මිසදිටු ඇති වෙයි. එහෙයින් ‘උදාරභෝග ඇති බව ශ්‍රේෂ්ඨ යැ’යි නො කියමි. බමුණ, උදාරභෝග ඇති වූත් මෙලොවැ කිසිවෙක් පණිවායෙන් වෙන් වූයේ වෙයි ... සම්දිටු ඇති වෙයි. එහෙයින් ‘උදාරභෝග ඇති බව පාපක යැ’යි නො කියමි.
Pali BJTනාහං බ්රාහ්මණ, සබ්බං පරිචරිතබ්බන්ති වදාමි. න පනාහං බ්රාහ්මණ, සබ්බං න පරිචරිතබ්බන්ති වදාමි. යං හිස්ස බ්රාහ්මණ, පරිචරතො පාරිචරියාහෙතු සද්ධා වඩ්ඪති, සීලං වඩ්ඪති, සුතං වඩ්ඪති, චාගො වඩ්ඪති, පඤ්ඤා වඩ්ඪති. තමහං පරිචරිතබ්බන්ති වදාමි. යං හිස්ස බ්රාහ්මණ, පරිචරතො පාරිචරියා හෙතු න සද්ධා වඩ්ඪති, න සීලං වඩ්ඪති, න සුතං වඩ්ඪති, න චාගො වඩ්ඪති, න පඤ්ඤා වඩ්ඪති. නාහං තං පරිචරිතබ්බන්ති වදාමී’ති.
Sinhala BJTබමුණ, මම හැම පරිචර්‍ය්‍යා කටයුතු යැ’යි නො කියමි. බමුණ, වැළිත් මම හැම පරිචර්‍ය්‍යා නො කටයුතු යැ’යි නො කියමි. බමුණ, යමක්හු පරිචර්‍ය්‍යා කරන ඔහට පරිචර්‍ය්‍යා හේතුයෙන් ශ්‍රද්ධාව වැඩේ ද, ශීලය වැඩේ ද, ශ්‍රැතය වැඩේ ද, ත්‍යාගය වැඩේ ද, ප්‍රඥාව වැඩේ ද, මම ඔහු පරිචර්‍ය්‍යා කටයුතු යැ යි කියමි. බමුණ යමක්හු පරිචර්‍ය්‍යා කරන ඕහට පරිචර්‍ය්‍යා හේතුයෙන් ශ්‍රද්ධාව නො වැඩේ ද, ශීලය නො වැඩේ ද, ශ්‍රැතය නො වැඩේ ද, ත්‍යාගය නො වැඩේ ද, ප්‍රඥාව නො වැඩේ ද, මම ඔහු පරිචර්‍ය්‍යා නො කටයුතු යැ’යි කියමි’යි.
Pali BJTඑවං වුත්තෙ එසුකාරී බ්රාහ්මණො භගවන්තං එතදවොච: බ්රාහ්මණා භො ගොතම, චත්තාරි ධනානි පඤ්ඤාපෙන්ති. බ්රාහ්මණස්ස සන්ධනං පඤ්ඤාපෙන්ති. ඛත්තියස්ස සන්ධනං පඤ්ඤාපෙන්ති. වෙස්සස්ස සන්ධනං පඤ්ඤාපෙන්ති. සුද්දස්ස සන්ධනං පඤ්ඤාපෙන්ති.
Sinhala BJTමෙසේ වදාළ කල්හි ඒසුකාරී බ්‍රාහ්මණ භාග්‍යවතුන් වහන්සේට තෙල කී: ‘භවත් ගෞතමයෙනි, බමුණෝ සතර ධන කෙනකුන් පනවති: බමුණුහට ස්වකීය ධනයක් පනවති, ක්‍ෂත්‍රියහට ස්වකීය ධනයක් පනවති, වෛශ්‍යහට ස්වකීය ධනයක් පනවති, ශුද්‍රහට ස්වකීය ධනයක් පනවති.
Pali BJTතත්රීදං භො ගොතම, බ්රාහ්මණා බ්රාහ්මණස්ස සන්ධනං පඤ්ඤාපෙන්ති භික්ඛාචරියං. භික්ඛාචරියඤ්ච පන බ්රාහ්මණො සන්ධනං අතිමඤ්ඤමානො අකිච්චකාරී හොති ගොපොව අදින්නං ආදියමානොති. ඉදං ඛො භො ගොතම, බ්රාහ්මණා බ්රාහ්මණස්ස සන්ධනං පඤ්ඤාපෙන්ති.
Sinhala BJTභවත් ගෞතමයෙනි, එහි ලා බමුණෝ බ්‍රාහ්මණහට මේ ස්වකීය ධනය පනවති. භික්‍ෂා චර්‍ය්‍යාව යි. බමුණු වැළිත් ස්වකීය ධනය වූ භික්‍ෂාචර්‍ය්‍යාව ඉක්මවා සිතනුයේ (රැක්කයුතු බඩු) තෙනාගන්නා අරක් මෙහෙ නියුතුවකු සෙයින් නොකටයුතු කරන්නේ වෙයි. භවත් ගෞතමයෙනි, බ්‍රාහ්මණයෝ බමුණුහට මේ ස්වකීයධනය පනවති.
Pali BJTතත්රීදං භො ගොතම, බ්රාහ්මණා ඛත්තියස්ස සන්ධනං පඤ්ඤාපෙන්ති ධනුකලාපං. ධනුකලාපඤ්ච පන ඛත්තියො සන්ධනං අතිමඤ්ඤමානො අකිච්චකාරී හොති. ගොපොව අදින්නං ආදියමානො’ති. ඉදං ඛො භො ගොතම, බ්රාහ්මණා ඛත්තියස්ස සන්ධනං පඤ්ඤාපෙන්ති.
Sinhala BJTභවත් ගෞතමයෙනි, එහි ලා බ්‍රාහ්මණයෝ ක්‍ෂත්‍රියහට මේ ස්වකීය ධනය පනවති: දුනුහියවුරු යි. ක්‍ෂත්‍රිය වැළිත් ස්වකීය ධනය වූ දුනුහියවුරු ඉක්මවා සිතනුයේ (රැක්කයුතු බඩු) තෙනාගන්නා අරක් මෙහෙ නියුතුවකු සෙයින් නොකටයුතු කරනුයේ වෙයි.
Pali BJTතත්රීදං භො ගොතම, බ්රාහ්මණා වෙස්සස්ස සන්ධනං පඤ්ඤාපෙන්ති කසිගොරක්ඛං. කසිගොරක්ඛඤ්ච පන වෙස්සො සන්ධනං අතිමඤ්ඤමානො අකිච්චකාරී හොති ගොපොව අදින්නං ආදියමානො’ති. ඉදං ඛො භො ගොතම, බ්රාහ්මණා වෙස්සස්ස සන්ධනං පඤ්ඤාපෙන්ති.
Sinhala BJTභවත් ගෞතමයෙනි, එහි ලා බ්‍රාහ්මණයෝ වෛශ්‍යහට මේ ස්වකීයධනය පනවති: කෘෂිකම හා ගෝරක්‍ෂා යි. වෛශ්‍ය වැළිත් ස්වකීය ධනය වූ කෘෂිගෝරක්‍ෂා ඉක්මවා සිතනුයේ (රැක්කයුතු බඩු) තෙනාගන්නා අරක්මෙහෙ නියුතුවකු සෙයින් නො කටයුතු කරනුයේ වෙයි. භවත් ගෞතමයෙනි, බ්‍රාහ්මණයෝ වෛශ්‍යහට මේ ස්වධනය පනවති.
Pali BJTතත්රීදං භො ගොතම, බ්රාහ්මණා සුද්දස්ස සන්ධනං පඤ්ඤාපෙන්ති අසිතබ්යාභඞ්ගිං. අසිතබ්යාභඞ්ගිඤ්ච පන සුද්දො සන්ධනං අතිමඤ්ඤමානො අකිච්චකාරී හොති ගොපොව අදින්නං ආදියමානො’ති. ඉදං ඛො භො ගොතම, බ්රාහ්මණා සුද්දස්ස සන්ධනං පඤ්ඤාපෙන්ති. බ්රාහ්මණා භො ගොතම, ඉමානි චත්තාරි ධනානි පඤ්ඤාපෙන්ති. ඉධ භවං ගොතමො කිමාහාති.
Sinhala BJTභවත් ගෞතමයෙනි, එහි ලා බ්‍රාහ්මණයෝ ශුද්‍රහට මේ ස්වධනය පනවති: (තණ කපන) දෑකැත්ත හා කද යි. ශුද්‍ර වැළිත් ස්වධනය වූ දෑකැත්ත හා කද ඉක්මවා සිතනුයේ (රැක්කයුතු බඩු) තෙනාගන්නා අරක්මෙහෙ නියුතුවකු සෙයින් නොකටයුතු කරනුයේ වෙයි. භවත් ගෞතමයෙනි, බ්‍රාහ්මණයෝ ශුද්‍රහට මේ ස්වධනය පනවති. භවත් ගෞතමයෙනි, බ්‍රාහ්මණයෝ මේ සතර ධනයන් පනවති. මෙහි ලා භවත් ගෞතමයෝ කුමක් කියත් දැ? යි.
Pali BJTකිං පන බ්රාහ්මණ, සබ්බො ලොකො බ්රාහ්මණානං එතදබ්භනුජානාති. ඉමානි චත්තාරි{1} ධනානි පඤ්ඤාපෙන්තීති{2}? නො හිදං භො ගොතම.
Sinhala BJTකිම බමුණ, ‘මෙ සතර ධනයන් පනවති’යි සියලු ලෝකයා බමුණන්ගේ තෙල පැනවීම අනුදනී දැ? යි. භවත් ගෞතමයෙනි, මෙ කරුණ නො වේ මැ යි.
Pali BJTසෙය්යථාපි බ්රාහ්මණ, පුරිසො දළිද්දො අස්සකො අනාළ්හියො තස්ස අකාමස්ස බිලං ඔලග්ගෙය්යුං: ඉදං තෙ අම්භො පුරිස, මංසං ඛාදිතබ්බං, මූලඤ්ච අනුප්පදාතබ්බන්ති. එවමෙව ඛො බ්රාහ්මණ, බ්රාහ්මණා අප්පටිඤ්ඤාය තෙසං{3} සමණබ්රාහ්මණානං. අථ ච පනිමානි චත්තාරි ධනානි පඤ්ඤාපෙන්ති:
Sinhala BJTබමුණ, යම්සේ සහල් නැළියෙක ධනයකුදු නැති ස්වකීය වූ කිසිවක් නැති දිළිඳු පුරුෂයෙක් වේ ද, නො කැමැති ඔහට ‘එම්බා පුරුෂය, තා විසින් මේ මස් කෑයුතු යැ, මස්මිළ ද දියයුතු යැ’යි මිළ කොටස නංවන්නාහු ද, එසෙයින් මැ බමුණ, ඒ මහණබමුණන්ගේ පිළින නැති වැ එතෙකුදු වත් මේ සතර ධනයන් පනවති.
Pali BJTඅරියං ඛො අහං බ්රාහ්මණ, ලොකුත්තරං ධම්මං පුරිසස්ස සන්ධනං පඤ්ඤාපෙමි. පොරාණං ඛො පනස්ස මාතාපෙත්තිකං කුලවංසං අනුස්සරතො යත්ථ යත්ථෙව අත්තභාවස්ස අභිනිබ්බත්ති හොති, තෙන තෙනෙව සඞ්ඛං ගච්ඡති. ඛත්තියකුලෙ චෙ අත්තභාවස්ස අභිනිබ්බත්ති හොති, ඛත්තියොත්වෙව සඞ්ඛං ගච්ඡති. බ්රාහ්මණකුලෙ චෙ අත්තභාවස්ස අභිනිබ්බත්ති හොති, බ්රාහ්මණොත්වෙව සඞ්ඛං ගච්ඡති. වෙස්සකුලෙ චෙ අත්තභාවස්ස අභිනිබ්බත්ති හොති, වෙස්සොත්වෙව සඞ්ඛං ගච්ඡති. සුද්දකුලෙ චෙ අත්තභාවස්ස අභිනිබ්බත්ති හොති, සුද්දොත්වෙව සඞ්ඛං ගච්ඡති.
Sinhala BJTබමුණ, මම ආර්‍ය්‍ය වූ ලෝකෝත්තර ධර්‍මය පුරුෂයාගේ ස්වධන කොට පනවමි. පැරැණි වූ මව්පිය සතු කුලවංසය සිහි කරන ඔහුගේ ආත්මභාවය යම් යම් කුලවංසයෙක මැ ඉපැත්ම වේ ද, ඒ ඒ කුලවංසයෙන් මැ ගිණීමට යෙයි. ඉදින් කැත්කුලයෙහි ආත්මභාවයාගේ ඉපැත්ම වේ ද, ‘ක්‍ෂත්‍රියහ’යි මැ ගිණීමට යෙයි. ඉදින් බමුණුකුලයෙහි ආත්මභාවයාගේ ඉපැත්ම වේ ද, ‘බ්‍රාහ්මණයහ’යි මැ ගිණීමට යෙයි. ඉදින් වෛශ්‍යකුලයෙහි ආත්මභාවයාගේ ඉපැත්ම වේ ද, ‘වෛශ්‍යයහ’යි මැ ගිණීමට යෙයි, ඉදින් ශුද්‍රකුලයෙහි ආත්මභාවයාගේ ඉපැත්ම වේ ද, ‘ශුද්‍රයහ’යි මැ ගිණීමට යේ.
Pali BJTසෙය්යථාපි බ්රාහ්මණ, යඤ්ඤදෙව පච්චයං පටිච්ච අග්ගි ජලති, තෙන තෙනෙව සඞ්ඛං ගච්ඡති. කට්ඨඤ්චෙ පටිච්ච අග්ගි ජලති, කට්ඨග්ගිත්වෙව සඞ්ඛං ගච්ඡති. සකලිකඤ්චෙ පටිච්ච අග්ගි ජලති, සකලිකග්ගිත්වෙව සඞ්ඛං ගච්ඡති. තිණඤ්චෙ පටිච්ච අග්ගි ජලති, තිණග්ගිත්වෙව සඞ්ඛං ගච්ඡති. ගොමයඤ්චෙ පටිච්ච අග්ගි ජලති, ගොමයග්ගිත්වෙව සඞ්ඛං ගච්ඡති. එවමෙව ඛො අහං බ්රාහ්මණ, අරියං ලොකුත්තරං ධම්මං පුරිසස්ස සන්ධනං පඤ්ඤාපෙමි. පොරාණං ඛො පනස්ස මාතාපෙත්තිකං කුලවංසං අනුස්සරතො යත්ථ යත්ථෙව අත්තභාවස්ස අභිනිබ්බත්ති හොති, තෙන තෙනෙව සඞ්ඛං ගච්ඡති. ඛත්තියකුලෙ චෙ අත්තභාවස්ස අභිනිබ්බත්ති හොති, ඛත්තියොත්වෙව සඞ්ඛං ගච්ඡති. බ්රාහ්මණකුලෙ චෙ අත්තභාවස්ස අභිනිබ්බත්ති හොති, බ්රාහ්මණොත්වෙව සඞ්ඛං ගච්ඡති. වෙස්සකුලෙ චෙ අත්තභාවස්ස අභිනිබ්බත්ති හොති, වෙස්සොත්වෙව සඞ්ඛං ගච්ඡති. සුද්දකුලෙ චෙ අත්තභාවස්ස අභිනිබ්බත්ති හොති, සුද්දොත්වෙව සඞ්ඛං ගච්ඡති.
Sinhala BJTබමුණ, යම් පිරිදි යම් යම් මැ ප්‍රත්‍යයක් පිණිස ගිනි දිලේ ද, ඒ ඒ ප්‍රත්‍යයෙන් මැ ගිණීමට යෙයි. ඉදින් කාෂටය නිසා ගිනි දැල්වේ ද, ‘කාෂ්ටාග්නි’ යයි මැ ගිණීමට යෙයි. ඉදින් පතුරු නිසා ගිනි දැල්වේ ද, ‘පතුරුගිනි’ යයි මැ ගිණීමට යෙයි, ඉදින් තෘණ නිසා ගිනි දැල්වේ ද, ‘තෘණග්නි’ යයි මැ ගිණීමට යෙයි. ඉදින් ගොම නිසා ගිනි දැල්වේ ද, ‘ගොමයාග්නි’ යයි මැ ගිණීමට යෙයි. බමුණ එපරිදි මැ මම ආර්‍ය්‍ය වූ ලෝකෝත්තර ධර්‍මය පුරුෂයාගේ ස්වධන කොට පනවමි. පැරැණි වූ මව්පියන්ගෙන් පැවැත එන කුලවංසය සිහි කරන ඔහුගේ ආත්මභාවොත්පත්තිය යම් යම් කුලවංශෙයෙකැ මැ වේ ද, ඒ ඒ කුලවංශයෙහි මැ ගිණීමට යෙයි. ඉදින් ක්‍ෂත්‍රියකුලයෙහි ආත්මභාවොත්පත්ති වේ නම් ‘ක්‍ෂත්‍රියහ’යි මැ ගිණීමට යෙයි, ඉදින් බ්‍රාහ්මණකුලයෙහි ආත්මභාවොත්පත්ති වේ නම් ‘බ්‍රාහ්මණයහ’යි මැ ගිණීමට යෙයි. ඉදින් වෛශ්‍යකුලයෙහි ආත්මභාවොත්පත්ති වේ නම් ‘වෛශ්‍යයහ’යි මැ ගිණීමට යෙයි, ඉදින් ශුද්‍රකුලයෙහි ආත්මභාවොත්පත්ති වේ නම් ‘ශුද්‍රයහ’යි මැ ගිණීමට යේ.
Pali BJTඛත්තියකුලා චෙපි බ්රාහ්මණ, අගාරස්මා අනගාරියං පබ්බජිතො හොති, සො ච තථාගතප්පවෙදිතං ධම්මවිනයං ආගම්ම පාණාතිපාතා පටිවිරතො හොති, අදින්නාදානා පටිවිරතො හොති, අබ්රහ්මචරියා පටිවිරතො හොති, මුසාවාදා පටිවිරතො හොති, පිසුනා වාචා පටිවිරතො හොති, ඵරුසා වාචා පටිවිරතො හොති, සම්ඵප්පලාපා පටිවිරතො හොති, අනභිජ්ඣාලු හොති, අබ්යාපන්නචිත්තො හොති, සම්මාදිට්ඨි හොති, ආරාධකො හොති ඤායං ධම්මං කුසලං. බ්රාහ්මණකුලා චෙපි බ්රාහ්මණ, අගාරස්මා අනගාරියං පබ්බජිතො හොති, සො ච තථාගතප්පවෙදිතං ධම්මවිනයං ආගම්ම පාණාතිපාතා පටිවිරතො හොති, -පෙ- සම්මාදිට්ඨි හොති, ආරාධකො හොති ඤායං ධම්මං කුසලං. වෙස්සකුලා චෙපි බ්රාහ්මණ, අගාරස්මා අනගාරියං පබ්බජිතො හොති, සො ච තථාගතප්පවෙදිතං ධම්මවිනයං ආගම්ම පාණාතිපාතා පටිවිරතො හොති, -පෙ- සම්මාදිට්ඨි හොති, ආරාධකො හොති ඤායං ධම්මං කුසලං. සුද්දකුලා චෙපි බ්රාහ්මණ, අගාරස්මා අනගාරියං පබ්බජිතො හොති, සො ච තථාගතප්පවෙදිතං ධම්මවිනයං ආගම්ම පාණාතිපාතා පටිවිරතො හොති, -පෙ- ඤායං ධම්මං කුසලං.
Sinhala BJTබමුණ, ඉදින් ක්‍ෂත්‍රියකුලයෙනුදු ගිහිගෙන් නික්ම සස්නට වැදුණේ වේ ද, හෙ ද තථාගතප්‍රවිදිත ධර්‍මවිනය ලැබ පණිවායෙන් වැළකියේ වේ ද, අයිනාදනින් වැළකියේ වේ ද, අබ්‍රම්සරින් වැළකියේ වේ ද, මුසවායෙන් වැළකියේ වේ ද, පිසුණුබසින් වැළකියේ වේ ද, පරොස් බසින් වැළකියේ වේ ද, පලපින් වැළකියේ වේ ද, අභිධ්‍යා බහුල නො වේ ද, ව්‍යාපන්නසිත් නැතියේ වේ ද, සම්දිටු වේ ද, න්‍යාය සඞ්ඛ්‍යාත කුශලධර්‍මය ආරාධනා කරනු වෙයි. බමුණ, බ්‍රාහ්මණකුලයෙනුදු ගෙන් නික්ම පැවිද්දට පැමිණියේ වේ ද, හෙ ද තථාගතප්‍රවිදිත ධර්‍මවිනයට පැමිණ පණිවායෙන් වැළකියේ වේ ද … සම්දිටු වේ ද, (හේ) න්‍යාය සඞ්ඛ්‍යාත කුශලධර්‍මය ආරාධනා කරනු වෙයි. බමුණ ඉදින් වෛශ්‍ය කුලයෙනුදු ගිහිගෙන් නික්ම සස්නට පැමිණියේ වේ ද, හෙ ද තථාගතප්‍රවිදිත ධර්‍මවිනයට පැමිණ පණිවායෙන් වැළකියේ වේ ද ... සම්දිටු වේ ද, හේ ද න්‍යාය සඞ්ඛ්‍යාත කුශලධර්‍මය ආරාධනා කරනු වෙයි. බ්‍රාහ්මණය, ශුද්‍රකුලයෙනුදු ගිහිගෙන් නික්ම පැවිද්දට පැමිණියේ වේ ද, හේ ද තථාගතප්‍රවිදිත ධර්‍මවිනයට පැමිණ පණිවායෙන් වැළකියේ වේ ද ... හේ ද න්‍යාය සඞ්ඛ්‍යාත කුශලධර්‍මය ආරාධනා කරනු වේ.
Pali BJTතං කිං මඤ්ඤසි බ්රාහ්මණ, බ්රාහ්මණොව නු ඛො පහොති අස්මිං පදෙසෙ අවෙරං අබ්යාපජ්ඣං මෙත්තචිත්තං භාවෙතුං. නො ඛත්තියො, නො වෙස්සො, නො සුද්දොති?
Sinhala BJTබමුණ, ඒ කෙසේ හඟිහි? බමුණෙක් මැ මෙපෙදෙසෙහි අවෛර නිර්දුඃඛ මෛත්‍රී චිත්තය වඩන්නට පොහෝනේ වේ ද, ක්‍ෂත්‍රියයෙක් පොහෝනේ නො වේ ද, වෛශ්‍යයෙක් පොහෝනේ නො වේ ද, ශුද්‍රයෙක් පොහෝනේ නො වේ ද?
Pali BJTනො හිදං භො ගොතම, ඛත්තියොපි හි භො ගොතම, පහොති අස්මිං පදෙසෙ අවෙරං අබ්යාපජ්ඣං මෙත්තචිත්තං භාවෙතුං. බ්රාහ්මණොපි හි භො ගොතම, -පෙ- වෙස්සොපි හි භො ගොතම, -පෙ- සුද්දොපි හි භො ගොතම, -පෙ- සබ්බෙපි හි භො ගොතම, චත්තාරො වණ්ණා පහොන්ති අස්මිං පදෙසෙ අවෙරං අබ්යාපජ්ඣං මෙත්තචිත්තං භාවෙතු’න්ති.
Sinhala BJTභවත් ගෞතමයෙනි, මේ නොවන්නෙකි, භවත් ගෞතමයෙනි, ක්‍ෂත්‍රියයෙකුදු මෙ පෙදෙස්හි අවෛර නිර්දුඃඛ මෛත්‍රීචිත්තය වඩන්නට පොහෝනේ ය. භවත් ගෞතමයෙනි, බ්‍රාහ්මණයෙකුදු ... භවත් ගෞතමයෙනි, වෛශ්‍යයෙකුදු ... භවත් ගෞතමයෙනි, ශුද්‍රයෙකුදු ... භවත් ගෞතමයෙනි, හැම චතුර්වර්‍ණයෝ මැ මේ පෙදෙසෙහි අවෛර නිර්දුඃඛ මෛත්‍රීචිත්තය භවන්නට පොහෝනාහු වෙත්.
Pali BJTඑවමෙව ඛො බ්රාහ්මණ, ඛත්තියකුලා චෙපි අගාරස්මා අනගාරියං පබ්බජිතො හොති, සො ච තථාගතප්පවෙදිතං ධම්මවිනයං ආගම්ම පාණාතිපාතා පටිවිරතො හොති, -පෙ- ඤායං ධම්මං කුසලං. බ්රාහ්මණකුලා චෙපි බ්රාහ්මණ, -පෙ- වෙස්සකුලා චෙපි බ්රාහ්මණ, -පෙ- සුද්දකුලා චෙපි, බ්රාහ්මණ, අගාරස්මා අනගාරියං පබ්බජිතො හොති, සො ච
Sinhala BJTබමුණ, එ පරිදි මැ කැත්කුලිනුදු වේවයි ගෙන් නික්ම පැවිද්දට පැමිණියේ වේ ද, හෙ ද තථාගතප්‍රවිදිත දහම්විනය දැන පණිවායෙන් වැළකියේ වේ ද, ... න්‍යාය සඞ්ඛ්‍යාත කුශලධර්‍මය ආරාධනා කරනු වෙයි බමුණ, බමුණුකුලෙනුදු වේවයි ... බමුණ, වෛශ්‍ය කුලයෙනුදු වේවයි ... බමුණ, ශුද්‍රකුලයෙනුදු වේවයි ගෙන් නික්ම පැවිද්දට පැමිණියේ
Pali BJTතථාගතප්පවෙදිතං ධම්මවිනයං ආගම්ම පාණාතිපාතා පටිවිරතො හොති, අදින්නාදානා පටිවිරතො හොති, අබ්රහ්මචරියා පටිවිරතො හොති, මුසාවාදා පටිවිරතො හොති, පිසුනා වාචා පටිවිරතො හොති, ඵරුසා වාචා පටිවිරතො හොති, සම්ඵප්පලාපා පටිවිරතො හොති, අනභිජ්ඣාලු හොති, අබ්යාපන්නචිත්තො හොති, සම්මාදිට්ඨි හොති, ආරාධකො හොති ඤායං ධම්මං කුසලං.
Sinhala BJTවේ ද, හෙ ද තථාගතප්‍රවිදිත ධර්‍මවිනයට පැමිණ පණිවායෙන් වැළකියේ වේ ද, අයිනාදනින් වැළකියේ වේ ද, අබ්‍රම්සරින් වැළකියේ වේ ද, මුසවායෙන් වැළකියේ වේ ද, පිසුණුබසින් වැළකියේ වේ ද, පරොස්බසින් වැළකියේ වේ ද, පලපින් වැළකියේ වේ ද, අභිධ්‍යාබහුල නො වේ ද, අව්‍යාපන්න චිත්ත ඇති වේ ද, සම්දිටු වේ ද, හේ න්‍යාය සඞ්ඛ්‍යාත කුශලධර්‍මය ආරාධනා කරනු වෙයි.
Pali BJTතං කිං මඤ්ඤසි බ්රාහ්මණ, බ්රාහ්මණොව නු ඛො පහොති සොත්තිං සිනානිං{1} ආදාය නදිං ගන්ත්වා රජොජල්ලං පවාහෙතුං. නො ඛත්තියො, නො වෙස්සො නො සුද්දොති?
Sinhala BJTබමුණ, ඒ කෙසේ හඟිහි? බමුණෙක් මැ නහන්නට කළ කුරුඳුවැළ ගෙන හොයට ගොස් රජස් දැලි සෝධා ලන්නට පොහෝනේ වේ ද, ක්‍ෂත්‍රියයෙක් පොහෝනේ නො වේ ද, වෛශ්‍යයෙක් පොහෝනේ නො වේ ද, ශුද්‍රයෙක් පොහෝනේ නො වේ ද?
Pali BJTනො හිදං භො ගොතම. ඛත්තියොපි හි භො ගොතම, පහොති සොත්තිං සිනානිං{1} ආදාය නදිං ගන්ත්වා රජොජල්ලං පවාහෙතුං. බ්රාහ්මණොපි හි භො ගොතම -පෙ- වෙස්සොපි හි භො ගොතම -පෙ- සුද්දොපි හි භො ගොතම -පෙ- සබ්බෙපි හි භො ගොතම, චත්තාරො වණ්ණා පහොන්ති සොත්තිං සිනානිං ආදාය නදිං ගන්ත්වා රජොජල්ලං පවාහෙතුන්ති.
Sinhala BJTභවත් ගෞතමයෙනි, මේ නොවන්නෙක් මැ යි. භවත් ගෞතමයෙනි, ක්‍ෂත්‍රියයෙකුදු නහන්නට කළ කුරුඳුවැළ ගෙන හොයට වැද රජස්දැලි සෝධාලන්නට පොහෝනේ යැ. භවත් ගෞතමයෙනි, බමුණෙකුදු ... භවත් ගෞතමයෙනි, වෛශ්‍යයෙකුදු ... භවත් ගෞතමයෙනි, ශුද්‍රයෙකුදු ... භවත් ගෞතමයෙනි, හැම චතුර්වර්‍ණයෝ මැ නහන කළ කුරුඳුවැළ ගෙන හොයට වැද රජස්දැලි බහන්නට පොහෝනාහු වෙති.
Pali BJTඑවමෙව ඛො බ්රාහ්මණ, ඛත්තියකුලා චෙපි අගාරස්මා අනගාරියං පබ්බජිතො හොති, සො ච තථාගතප්පවෙදිතං ධම්මවිනයං ආගම්ම පාණාතිපාතා පටිවිරතො හොති, -පෙ- ආරාධකො හොති ඤායං ධම්මං කුසලං. බ්රාහ්මණකුලා චෙපි, බ්රාහ්මණ, -පෙ- වෙස්සකුලා චෙපි බ්රාහ්මණ, -පෙ- සුද්දකුලා චෙපි බ්රාහ්මණ, අගාරස්මා අනගාරියං පබ්බජිතො හොති, සො ච තථාගතප්පවෙදිතං ධම්මවිනයං ආගම්ම පාණාතිපාතා පටිවිරතො හොති, -පෙ- ආරාධකො හොති ඤායං ධම්මං කුසලං.
Sinhala BJTබමුණ, එ පරිදි මැ කැත්කුලෙනුදු වේවායි ගෙන් නික්ම පැවිද්දට පැමිණියේ වේ ද, හෙ ද තථාගතයන් වහන්සේ විසින් වදහළ දහම්විනය දැන පණිවායෙන් වෙන් වූයේ වේ ද ... (හෙ) න්‍යායසඞ්ඛ්‍යාතකුශල ධර්‍මය ආරාධනා කරනු වෙයි. බමුණ බමුණුකුලෙනුදු වේවයි ... බමුණ, වෛශ්‍යකුලයෙනුදු වේවයි ... බමුණ, ශුද්‍රකුලයෙනුදු වේවයි ගිහිගෙන් බැස පැවිද්දට පැමිණියේ වේ ද, හෙ ද බුදුන් වදහළ දහම්විනය දැන පණිවායෙන් වෙන් වූයේ වේ ද ... (හෙ) න්‍යායසඞ්ඛ්‍යාතකුශලධර්‍මය ආරාධනා කරනු වෙයි.
Pali BJTතං කිං මඤ්ඤසි බ්රාහ්මණ, ඉධ රාජා ඛත්තියො මුද්ධාවසිත්තො නානාජච්චානං පුරිසානං පුරිසසතං සන්නිපාතෙය්ය, ආයන්තු භොන්තො යෙ තත්ථ ඛත්තියකුලා බ්රාහ්මණකුලා රාජඤ්ඤකුලා උප්පන්නා සාකස්ස වා{2} සාලස්ස වා සලළස්ස වා චන්දනස්ස වා පදුමකස්ස වා උත්තරාරණිං ආදාය අග්ගිං අභිනිබ්බත්තෙන්තු තෙජො පාතුකරොන්තු. ආයන්තු පන භොන්තො යෙ තත්ථ චණ්ඩාලකුලා නෙසාදකුලා වෙණකුලා{3} රථකාරකුලා පුක්කුසකුලා උප්පන්නා, සාපානදොණියා වා සූකරදොණියා වා රජකදොණියා වා එළණ්ඩකට්ඨස්ස වා උත්තරාරණිං ආදාය අග්ගිං අභිනිබ්බත්තෙන්තු තෙජො පාතුකරොන්තූති. තං කිං මඤ්ඤසි බ්රාහ්මණ, යො එව නු ඛො සො ඛත්තියකුලා බ්රාහ්මණකුලා රාජඤ්ඤකුලා උප්පන්නෙහි සාකස්ස වා සාලස්ස වා සලළස්ස වා චන්දනස්ස වා පදුමකස්ස වා උත්තරාරණිං ආදාය අග්ගි අභිනිබ්බත්තො තෙජො පාතුකතො, ස්වෙව නු ඛ්වස්ස අග්ගි අච්චිමා චෙව වණ්ණිමා ච පභස්සරො ච, තෙන ච සක්කා අග්ගිනා අග්ගිකරණීයං කාතුං. යො පන සො චණ්ඩාලකුලා නෙසාදකුලා වෙණකුලා{3} රථකාරකුලා පුක්කුසකුලා උප්පන්නෙහි සාපානදොණියා වා සූකරදොණියා වා රජකදොණියා වා එළණ්ඩකට්ඨස්ස වා උත්තරාරණිං ආදාය අග්ගි අභිනිබ්බත්තො තෙජො පාතුකතො. ස්වාස්ස අග්ගි න චෙව අච්චිමා න ච වණ්ණිමා න ච පභස්සරො, න ච තෙන සක්කා අග්ගිනා අග්ගිකරණීයං කාතුන්ති.
Sinhala BJTබමුණ, ඒ කෙසේ හඟිහි? මෙලොවැ මුදුනෙහි බිසෙස් කළ කැත්රජෙක් නානා ජාතියෙහි උපන් සියක් පුරුෂයන් මුළු දෙවන්නේ යැ, භවත්හු අප කරා එත්වා, ඒ මුළුයෙහි කැත්කුල බමුණුකුල රජකුල උපන් යම් කෙනෙක් ඇද්ද, ඔහු සල්මුවා හෝ සලලමුවා හෝ සඳුන්මුවා හෝ පියුමුමුවා හෝ උතුරුරිණී ගෙන ගිනි දල්වත්වා තෙද නඟත්වා භවත්හු අප කරා එත්වා, ඒ මුළුයෙහි සැඬල්කුල වැදිකුල කුලුපොතුකුල රියකරු කුල පුප්සඬුකුල උපන් යම් කෙනෙක් ඇද්ද, බලුදෙණිමුවා හෝ හුරුදෙණිමුවා හෝ රදාදෙණිමුවා හෝ එරණඩකාෂටමය හෝ උතුරුරිණී ගෙන ගිනි දල්වත්වා, තෙද පහල කෙරෙත්වා. බමුණ, ඒ කෙසේ හඟිහි? කැත්කුල හෝ බමුණුකුල හෝ රජකුල හෝ උපනුන් විසින් ශාකමය වූ හෝ සාලමය වූ හෝ සලලමය වූ හෝ චන්‍දනමය වූ හෝ පදුමකමය වූ හෝ උතුරුරිණී ගෙන ඉපැයූ පහළ කළ යම් ඒ ගින්නෙක් තෙදෙක් වේ ද, ඒ ගිනි මැ සිළු ඇතියේත් වර්‍ණ ඇතියේත් ප්‍රභාස්වර වූයේත් වේ ද, ඒ ගින්නෙන් ගිනිකරණී කරන්නට හැකි වේ ද, සැඬල්කුල හෝ වැදිකුල හෝ කුලුපොතුකුල හෝ රියකරුකුල හෝ පුප්සඬුකුල හෝ උපනුන් විසින් බලුදෙණිමුවා හෝ හූරුදෙණිමුවා හෝ රදාදෙණිමුවා හෝ එරණ්ඩ කාෂටමය වූ හෝ උතුරුරිණී ගෙන ඉපැයූ පහළ කළ යම් ගින්නෙක් තෙදෙක් වේ ද, ඒ ගිනි ද සිළු ඇතියේ නො වේ ද, වර්‍ණ ඇතියේ නො වේ ද, ප්‍රභාස්වර නො වේ ද, ඒ ගින්නෙන් ගිනිකරණී කරන්නට නො හැකි වේ ද?
Pali BJTනො හිදං භො ගොතම, යො සො භො ඛත්තියකුලා බ්රාහ්මණකුලා රාජඤ්ඤකුලා උප්පන්නෙහි සාකස්ස වා සාලස්ස වා සලළස්ස වා චන්දනස්ස වා පදුමකස්ස වා උත්තරාරණිං ආදාය අග්ගි අභිනිබ්බත්තො තෙජො පාතුකතො. ස්වාස්ස අග්ගි අච්චිමා චෙව වණ්ණිමා ච පභස්සරො ච. තෙන ච සක්කා අග්ගිනා අග්ගිකරණීයං කාතුං. යොපි සො චණ්ඩාලකුලා නෙසාදකුලා වෙණකුලා රථකාරකුලා පුක්කුසකුලා උප්පන්නෙහි සාපානදොණියා වා සූකරදොණියා වා රජකදොණියා වා එළණ්ඩකට්ඨස්ස වා උත්තරාරණිං ආදාය අග්ගි අභිනිබ්බත්තො, තෙජො පාතුකතො. ස්වාස්ස අග්ගි අච්චිමා චෙව වණ්ණිමා ච පභස්සරො ච. තෙනපි ච{1} සක්කා අග්ගිනා අග්ගිකරණීයං කාතුං. සබ්බොපි භො ගොතම, අග්ගි අච්චිමා චෙව වණ්ණිමා ච පභස්සරො ච සබ්බෙනපි ච{2} සක්කා අග්ගිනා අග්ගිකරණීයං කාතුන්ති.
Sinhala BJTභවත්, ගෞතමයෙනි, මේ නොවන්නෙක් මැ යි. භවත් ගෞතමයෙනි, ක්‍ෂත්‍රියකුලයෙන් හෝ බ්‍රාහ්මණ කුලයෙන් හෝ රාජන්‍යකුලයෙන් හෝ උපනුන් විසින් ශාකමය වූ හෝ සාලමය වූ හෝ සලළමය වූ හෝ චන්‍දනමය වූ හෝ පදුමකමය වූ හෝ උතුරුරිණී ගෙන පහළ කළ යම් ඒ ගින්නෙක් තෙදෙක් වේ ද, ඒ ගිනි සිළු ඇතියේත් වර්‍ණ ඇතියේත් ප්‍රභාස්වර වූයේත් වෙයි, ඒ ගින්නෙනුදු ගිනිකරණී කරන්නට හැකි යැ. චණ්ඩාලකුලයෙන් ව්‍යාධ කුලයෙන් රථකාරකුලයෙන් පුක්කුසකුලයෙන් උපනුන් විසින් බලුදෙණිමුවා හෝ හූරුදෙණිමුවා හෝ රදාදෙණිමුවා හෝ එරණ්ඩකාෂටමය හෝ උතුරුරිණී ගෙන උපදවනලද ප්‍රාදුර්භූත කළ යම් ඒ ගින්නෙක් තෙදෙක් ඇද්ද, ඒ ගිනි අර්චිෂ්මත් වූයේත් වර්‍ණවත් වූයේත් ප්‍රභාස්වර වූයේත් වෙයි. ඒ ගින්නෙනුදු ගිනිකරණී කරන්නට හැකි යැ. භවත් ගෞතමයෙනි, හැම ගිනි මැ අර්චිෂ්මත් ද වර්‍ණවත් ද ප්‍රභාස්වර ද වෙයි, හැම ගින්නෙනුදු ගිනිකරණී කරන්නට හැකි යැ.
Pali BJTඑවමෙව ඛො බ්රාහ්මණ, ඛත්තියකුලා චෙපි අගාරස්මා අනගාරියං පබ්බජිතො හොති, සො ච තථාගතප්පවෙදිතං ධම්මවිනයං ආගම්ම පාණාතිපාතා පටිවිරතො හොති -පෙ- ආරාධකො හොති ඤායං ධම්මං කුසලං. බ්රාහ්මණකුලා චෙපි බ්රාහ්මණ, -පෙ- වෙස්සකුලා චෙපි බ්රාහ්මණ, -පෙ- සුද්දකුලා චෙපි බ්රාහ්මණ, අගාරස්මා අනගාරියං පබ්බජිතො හොති, සො ච තථාගතප්පවෙදිතං ධම්මවිනයං ආගම්ම පාණාතිපාතා පටිවිරතො හොති, අදින්නාදානා පටිවිරතො හොති, අබ්රහ්මචරියා පටිවිරතො හොති, මුසාවාදා පටිවිරතො හොති, පිසුනාවාචා පටිවිරතො හොති, ඵරුසාවාචා පටිවිරතො හොති, සම්ඵප්පලාපා පටිවිරතො හොති, අනභිජ්ඣාලු හොති, අබ්යාපන්නචිත්තො හොති, සම්මාදිට්ඨි හොති, ආරාධකො හොති ඤායං ධම්මං කුසලන්ති.
Sinhala BJTබමුණ, එපරිදි මැ ක්‍ෂත්‍රියකුලයෙනුදු ගිහිගෙන් නික්ම පැවිද්දට පැමිණියේ වේ ද, හෙ ද තථාගතයන් වහන්සේ විසින් වදාළ දහම්විනය දැන පණිවායෙන් වෙන් වූයේ වේ ද ... (හෙ) න්‍යාය සඞ්ඛ්‍යාත කුශලධර්‍මය ආරාධනා කරනු වෙයි. බමුණ, බමුණුකුලයෙනුදු ... බමුණ, වෛශ්‍යකුලයෙනුදු ... බමුණ, ශුද්‍රකුලයෙනුදු ගිහිගෙන් නික්ම පැවිද්දට පැමිණියේ වේ ද, හෙ ද තථාගතප්‍රවිදිත ධර්‍මවිනයට පැමිණ ප්‍රාණවාධයෙන් වැළකියේ වේ ද, අදත්තාදානයෙන් වැළකියේ වේ ද, අබ්‍රහ්මචර්‍ය්‍යයෙන් වැළකියේ වේ ද, මෘෂාවාදයෙන් වැළකියේ වේ ද, පෛශුන්‍ය බසින් වැළකියේ වේ ද, පරුෂ බසින් වැළකියේ වේ ද, සම්ඵප්‍රලාපයෙන් වැළකියේ වේ ද, අභිධ්‍යාබහුල නො වේ ද, අව්‍යාපන්න සිත් ඇතියේ වේ ද, සම්‍යග්දෘෂ්ටික වේ ද, හෙ න්‍යාය සඞ්ඛ්‍යාත කුශලධර්‍මය ආරාධනා කරනු වෙයි.
Pali BJTඑවං වුත්තෙ එසුකාරී බ්රාහ්මණො භගවන්තං එතදවොච: අභික්කන්තං භො ගොතම, අභික්කන්තං, භො ගොතම -පෙ- උපාසකං මං භවං ගොතමො ධාරෙතු අජ්ජතග්ගෙ පාණුපෙතං සරණං ගත’න්ති.
Sinhala BJTමෙසේ වදාළ කලැ ඒසුකාරී බ්‍රාහ්මණ භගවත්හට තෙල කී: “භවත් ගෞතමයෙනි, ඉතා මැනැවැ, භවත් ගෞතමයෙනි, ඉතා මැනැවැ ... භවත් ගෞතමයන් වහන්සේ අද පටන් කොට මා දිවිහිමියෙන් සරණ ගිය උපාසකයකු කොට ධරන සේක්වයි.
Pali BJTඑසුකාරීසුත්තං ඡට්ඨං.
Sinhala BJTසවැනි ඒසුකාරීසූත්‍ර යි.
Pali BJT2. 5. 7.
Sinhala BJT2. 5. 7.
Pali BJTධනඤ්ජානිසුත්තං
Sinhala BJTධනඤ්ජානි සූත්‍රය
Pali BJTඑවං මෙ සුතං: එකං සමයං භගවා රාජගහෙ විහරති වෙළුවනෙ කලන්දකනිවාපෙ. තෙන ඛො පන සමයෙන ආයස්මා සාරිපුත්තො දක්ඛිණාගිරිස්මිං චාරිකං චරති මහතා භික්ඛුසඞ්ඝෙන සද්ධිං. අථ ඛො අඤ්ඤතරො භික්ඛු රාජගහෙ වස්සං වුත්ථො යෙන දක්ඛිණාගිරි යෙනායස්මා සාරිපුත්තො තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා ආයස්මතා සාරිපුත්තෙන සද්ධිං සම්මොදි. සම්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නං ඛො තං භික්ඛුං ආයස්මා සාරිපුත්තො එතදවොච:
Sinhala BJTමා විසින් මෙසේ අසන ලද: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර කලන්‍දකනිවාප නම් වූ වේළුවන විහාරයෙහි වැඩ වාස කරන සේක. එකල්හි ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ දක්ඛිණාගිරි දනවියෙහි මහත් බික්සඟන හා සමග සැරිසරන සේක. එසඳ එක්තරා මහණෙක් රජගහනුවර වස් විසූයේ දක්ඛිණාගිරි දනවිය කරා ගියේ ආයුෂ්මත් සැරියුත් තෙරණුවන් කරා එළැඹියේ යැ. එළැඹ ආයුෂ්මත් සැරියුත් තෙරණුවන් හා සමග සතුටු වී. සම්මෝදනයට නිසි සිහි කරනුවට නිසි කථා කොට නිමවා එකත්පස් වැ හින. එකත්පස් වැ හුන් ඒ මහණහට ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ තෙල කීහු:
Pali BJTකච්චාවුසො, භගවා අරොගො ච බලවා චා’ති?
Sinhala BJT“කිම ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ නීරෝග සේක් ද? කායබල ඇති සේක් ද?”
Pali BJTඅරොගො චාවුසො, භගවා බලවා චා’ති.
Sinhala BJTඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ නීරෝග සේක. කායබල ඇති සේකැ’යි.
Pali BJTකච්චි පනාවුසො, භික්ඛුසඞ්ඝො අරොගො ච බලවා චා’ති?
Sinhala BJT“කිම ඇවැත්නි, භික්‍ෂුසඞ්ඝයා නීරෝග වේ ද? කායබල ඇති වේ ද?”
Pali BJTභික්ඛු සඞ්ඝොපි ඛො ආවුසො, අරොගො ච බලවා චා’ති.
Sinhala BJTඇවැත්නි, භික්‍ෂුසඞ්ඝයා නීරෝග වෙයි. කායබල ඇති වේ’යයි.
Pali BJTඑත්ථාවුසො, තණ්ඩුලපාලද්වාරායං{1} ධනඤ්ජානි{2} නාම බ්රාහ්මණො අත්ථි. කච්චාවුසො, ධනඤ්ජානි නාම බ්රාහ්මණො අරොගො ච බලවා චාති.
Sinhala BJTඇවැත්නි, මෙහි තණඩුලපාලද්වාරයෙහි ධනඤ්ජානි නම් බමුණෙක් ඇත. කිම ඇවැත්නි, ධනඤ්ජානි නම් බමුණු නීරෝග වේ ද? කායබල ඇති වේ ද?
Pali BJTධනඤ්ජානිපි ඛො ආවුසො, බ්රාහ්මණො අරොගො ච බලවා චාති.
Sinhala BJTඇවැත්නි, ධනඤ්ජානි බමුණුත් නීරෝග වෙයි, කායබල ඇති වේ’යයි.
Pali BJTකච්චි පනාවුසො ධනඤ්ජානි බ්රාහ්මණො අප්පමත්තොති.
Sinhala BJT“කිම ඇවැත්නි, ධනඤ්ජානි බමුණු අප්‍රමත්ත වේ ද?”
Pali BJTකුතො නො ආවුසො, ධනඤ්ජානිස්ස බ්රාහ්මණස්ස අප්පමාදො? ධනඤ්ජානි ආවුසො, බ්රාහ්මණො රාජානං නිස්සාය බ්රාහ්මණගහපතිකෙ විලුම්පති. බ්රාහ්මණගහපතිකෙ. නිස්සාය රාජානං විලුම්පති. යාපිස්ස භරියා සද්ධා සද්ධාකුලා{3} ආනීතා සාපිස්ස කාලකතා, අඤ්ඤ’ස්ස{4} භරියා අස්සද්ධා අස්සද්ධාකුලා{5} ආනීතා’ති.
Sinhala BJTඇවැත්නි, කොයින් නම් ධනඤ්ජානි බමුණුහට අප්‍රමාදයෙක් ඇද්ද? ඇවැත්නි, ධනඤ්ජානි බමුණු රජු අසිරි කොට බමුණුගැහැවියන් විලුම්පන කෙරෙයි. බමුණුගැහැවියන් ඇසිරි කොට රජු අසිඳගනී. උහුගේ සැදැහැතිකුලෙන් ගෙන ආ යම් සැදැහැති බිරියක් වූ ද උහුගේ ඒ බිරිය ද කලුරිය කළා. උහුට සැදැහැ නැති කුලයෙකින් සැදැහැ නැති අන්බිරියක් ගෙන එනලදු.
Pali BJTදුස්සුතං වතාවුසො අස්සුම්හා, දුස්සුතං වතාවුසො, අස්සුම්හා, යෙ මයං ධනඤ්ජානිං බ්රාහ්මණං පමත්තං අස්සුම්හා. අප්පෙවනාම මයං කදාචි කරහචි ධනඤ්ජානිනා බ්රාහ්මණෙන සද්ධිං සමාගච්ඡෙය්යාම. අප්පෙව නාම සියා කොචිදෙව කථාසල්ලාපො’ති.
Sinhala BJTඅපි ධනඤ්ජානි බමුණු අප්‍රමත්ත වූවහු ඇසුමෝ වේ ද, එහෙයින් ඇවැත්නි, නපුරු ඇසුමක් ඇසුමෝ මැ යැ, ඇවැත්නි, නපුරු ඇසුමක් ඇසුමෝ මැ යි. අපි කිසියම් දිනෙකැ ධනඤ්ජානි බමුණු හා සමග එකතු වන්නමෝ නම් මැනැවැ, එසඳ කිසියම් කථා සල්ලාපයෙක් වේ නම් මැනැවැ යි.
Pali BJTඅථ ඛො ආයස්මා සාරිපුත්තො දක්ඛිණාගිරිස්මිං යථාභිරන්තං විහරිත්වා යෙන රාජගහං තෙන චාරිකං පක්කාමි. අනුපුබ්බෙන චාරිකං චරමානො යෙන රාජගහං තදවසරි. තත්ර සුදං ආයස්මා සාරිපුත්තො රාජගහෙ විහරති වෙළුවනෙ කලන්දකනිවාපෙ. අථ ඛො ආයස්මා සාරිපුත්තො පුබ්බන්හසමයං නිවාසෙත්වා පත්තචීවරං ආදාය රාජගහං පිණ්ඩාය පාවිසි.
Sinhala BJTඉක්බිති ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ දක්ඛිණාගිරි දනවියෙහි කැමැති තාක් වාස කොට රජගහනුවර කරා චාරිකා කොට ගියහ. පිළිවෙළින් සැරිසරනුවෝ රජගහ නුවර කරා වැඩියෝ, එහි ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ රජගහනුවර කලන්‍දකනිවාප නම් වේළුවන වෙහෙරෙහි විහරණ කෙරෙති. ඉක්බිති ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ පෙරවරුයෙහි සකසා හැඳ පාසිවුරු ගෙන රජගහාවට පිඬු පිණිස වැඩියෝ.
Pali BJTතෙන ඛො පන සමයෙන ධනඤ්ජානි බ්රාහ්මණො බහිනගරෙ ගාවො ගොට්ඨෙ දොහාපෙති{1}. අථ ඛො ආයස්මා සාරිපුත්තො රාජගහෙ පිණ්ඩාය චරිත්වා පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තො යෙන ධනඤ්ජානි බ්රාහ්මණො තෙනුපසඞ්කමි. අද්දසා ඛො ධනඤ්ජානි බ්රාහ්මණො ආයස්මන්තං සාරිපුත්තං දූරතොව ආගච්ඡන්තං. දිස්වාන යෙනායස්මා සාරිපුත්තො තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා ආයස්මන්තං සාරිපුත්තං එතදවොච: ඉතො භො සාරිපුත්ත, පයො පීයතං තාව භත්තස්ස කාලො භවිස්සතී’ති.
Sinhala BJTඑකලැ ධනඤ්ජානි බමුණු පිටිනුවරෙහි ගොවුදෙකැ ගෙරින් දොවවයි. එසඳ ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ රජගහනුවර පිඬු පිණිස හැසිර පසුබත්හි පිණ්ඩපාතයෙන් වැළකියාහු ධනඤ්ජානි බමුණු කරා එළැඹියෝ. ධනඤ්ජානි බමුණු ආයුෂ්මත් සැරියුත් තෙරණුවන් දුර දී මැ තමන් කරා එන්නවුන් දිට. දැක ආයුෂ්මත් සැරියුත් තෙරණුවන් කරා එළැඹියේ. එළැඹ ආයුෂ්මත් සැරියුත් තෙරණුවනට තෙල කී: ‘භවත් ශාරිපුත්‍රයෙනි, මෙයින් ධාරොෂ්ණ පයස බොන්නේ මැනැව. එ විට මැ බතට කල් වේ’යයි.
Pali BJTඅලං බ්රාහ්මණ, කතම්මෙ අජ්ජ භත්තකිච්චං. අමුකස්මිං මෙ රුක්ඛමූලෙ දිවාවිහාරො භවිස්සති. තත්ථ ආගච්ඡෙය්යාසී’ති.
Sinhala BJT“බමුණ, කම් නැත. මා විසින් අද බත් කිස කරන ලද. තෙල වෘක්‍ෂමූලයෙහි මාගේ දිවාවිහාර වෙයි. එහි එව”යි.