Majjhima Nikāya

Middle-Length Discourses

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

Showing entries 301-400 of 6395

SegmentPali BJTSinhala BJT
Pali BJT3. මිච්ඡාදිට්ඨිස්ස පුරිසපුග්ගලස්ස සම්මාදිට්ඨි හොති පරිනිබ්බානාය. මිච්ඡාසඞ්කප්පස්ස පුරිසපුග්ගලස්ස සම්මාසඞ්කප්පො හොති පරිනිබ්බානාය. මිච්ඡාවාචස්ස පුරිසපුග්ගලස්ස සම්මාවාචා හොති පරිනිබ්බානාය. මිච්ඡාකම්මන්තස්ස පුරිසපුග්ගලස්ස සම්මාකම්මන්තො හොති පරිනිබ්බානාය. මිච්ඡාආජීවස්ස පුරිසපුග්ගලස්ස සම්මාආජීවො හොති පරිනිබ්බානාය. මිච්ඡාවායාමස්ස පුරිසපුග්ගලස්ස සම්මාවායාමො හොති පරිනිබ්බානාය. මිච්ඡාසතිස්ස පුරිසපුග්ගලස්ස සම්මාසති හොති පරිනිබ්බානාය. මිච්ඡාසමාධිස්ස පුරිසපුග්ගලස්ස සම්මාසමාධි හොති පරිනිබ්බානාය. මිච්ඡාඤාණිස්ස පුරිසපුග්ගලස්ස සම්මාඤාණං හොති පරිනිබ්බානාය. මිච්ඡාවිමුත්තිස්ස පුරිසපුග්ගලස්ස සම්මාවිමුත්ති හොති පරිනිබ්බානාය. (11-20)
Sinhala BJT3. මිථ්‍යාදෘෂ්ටික පුද්ගලයාගේ කෙලෙස් නැති කිරීම පිණිස සම්‍යග්දෘෂ්ටිය වෙයි. මිථ්‍යාසඞ්කල්පය ඇති පුද්ගලයාගේ කෙලෙස් නැති කිරීම පිණිස සම්‍යක්සඞ්කල්පය වෙයි. මිථ්‍යාවචන ඇති පුද්ගලයාගේ කෙලෙස් නැති කිරීම පිණිස සම්‍යග්වචනය වෙයි. මිථ්‍යාකර්‍මාන්තය ඇති පුද්ගලයාගේ කෙලෙස් නැති කිරීම පිණිස සම්‍යක්කර්‍මාන්තය වෙයි. මිථ්‍යාජීවය ඇති පුද්ගලයාගේ කෙලෙස් නැති කිරීම පිණිස සම්‍යගාජීවය වෙයි. මිථ්‍යාව්‍යායාමය ඇති පුද්ගලයාගේ කෙලෙස් නැති කිරීම පිණිස සම්‍යග්ව්‍යායාමය වෙයි. මිථ්‍යාස්මෘතිය ඇති පුද්ගලයාගේ කෙලෙස් නැති කිරීම පිණිස සම්‍යක්ස්මෘතිය වෙයි. මිථ්‍යාසමාධිය ඇති පුද්ගලයාගේ කෙලෙස් නැති කිරීම පිණිස සම්‍යක්සමාධිය වෙයි. මිථ්‍යාඥානය ඇති පුද්ගලයාගේ කෙලෙස් නැති කිරීම පිණිස සම්‍යග්ඥානය වෙයි. මිථ්‍යාවිමුක්තිය ඇති පුද්ගලයාගේ කෙලෙස් නැති කිරීම පිණිස සම්‍යග්විමුක්තිය වෙයි. (11-20)
Pali BJT4. ථීනමිද්ධපරියුට්ඨිතස්ස පුරිසපුග්ගලස්ස විගතථීනමිද්ධතා හොති පරිනිබ්බානාය. උද්ධතස්ස පුරිසපුග්ගලස්ස අනුද්ධච්චං හොති පරිනිබ්බානාය. වෙචිකිච්ඡිස්ස පුරිසපුග්ගලස්ස තිණ්ණවිචිකිච්ඡතා හොති පරිනිබ්බානාය. කොධනස්ස පුරිසපුග්ගලස්ස අක්කොධො හොති පරිනිබ්බානාය. උපනාහිස්ස පුරිසපුග්ගලස්ස අනුපනාහො හොති පරිනිබ්බානාය. මක්ඛිස්ස පුරිසපුග්ගලස්ස අමක්ඛො හොති පරිනිබ්බානාය. පළාසිස්ස පුරිසපුග්ගලස්ස අපළාසො හොති පරිනිබ්බානාය. ඉස්සුකිස්ස පුරිසපුග්ගලස්ස අනිස්සා හොති පරිනිබ්බානාය. මච්ඡරිස්ස පුරිසපුග්ගලස්ස අමච්ඡරියං හොති පරිනිබ්බානාය. සඨස්ස පුරිසපුග්ගලස්ස අසාඨෙය්යං හොති පරිනිබ්බානාය. මායාවිස්ස පුරිසපුග්ගලස්ස අමායා හොති පරිනිබ්බානාය. ථද්ධස්ස පුරිසපුග්ගලස්ස අත්ථද්ධියං හොති පරිනිබ්බානාය. අතිමානිස්ස පුරිසපුග්ගලස්ස අනතිමානො හොති පරිනිබ්බානාය. දුබ්බචස්ස පුරිසපුග්ගලස්ස සොවචස්සතා හොති පරිනිබ්බානාය. පාපමිත්තස්ස පුරිසපුග්ගලස්ස කල්යාණමිත්තතා හොති පරිනිබ්බානාය. පමත්තස්ස පුරිසපුග්ගලස්ස අප්පමාදො හොති පරිනිබ්බානාය. අස්සද්ධස්ස පුරිසපුග්ගලස්ස සද්ධා හොති පරිනිබ්බානාය. අහිරිකස්ස පුරිසපුග්ගලස්ස හිරි හොති පරිනිබ්බානාය. අනොත්තාපිස්ස පුරිසපුග්ගලස්ස ඔත්තප්පං හොති පරිනිබ්බානාය. අප්පස්සුතස්ස පුරිසපුග්ගලස්ස බාහුසච්චං හොති පරිනිබ්බානාය. කුසීතස්ස පුරිසපුග්ගලස්ස විරියාරම්භො හොති පරිනිබ්බානාය. මුට්ඨස්සතිස්ස පුරිසපුග්ගලස්ස උපට්ඨිතසතිතා හොති පරිනිබ්බානාය. දුප්පඤ්ඤස්ස පුරිසපුග්ගලස්ස පඤ්ඤාසම්පදා හොති පරිනිබ්බානාය. සන්දිට්ඨිපරාමාසිආධානගාහිදුප්පටිනිස්සග්ගිස්ස පුරිසපුග්ගලස්ස අසන්දිට්ඨිපරාමාසිඅනාධානගාහිසුප්පටිනිස්සග්ගිතා හොති පරිනිබ්බානාය. (21-44)
Sinhala BJT4. ථීනමිද්ධයෙන් මඩනා ලද සිත් ඇත්තහුගේ කෙලෙස් නැති කිරීම පිණිස විගතථීනමිද්ධතාව වෙයි. උද්ධත පුද්ගලයාගේ කෙලෙස් නැති කිරීම පිණිස අනෞද්ධත්‍යය වෙයි. විචිකිච්ඡා ඇති පුද්ගලයාගේ කෙලෙස් නැති කිරීම පිණිස තිණ්ණවිචිකිච්ඡතාව වෙයි. ක්‍රෝධ කරනසුලු පුද්ගලයාගේ කෙලෙස් නැති කිරීම පිණිස අක්‍රෝධය වෙයි. බද්ධවෛරී පුද්ගලයාගේ කෙලෙස් නැති කිරීම පිණිස අබද්ධවෛරය වෙයි. ගුණමකු පුද්ගලයාගේ කෙලෙස් නැති කිරීම පිණිස අමක්‍ඛය වෙයි. යුගග්‍රාහය ඇති පුද්ගලයාගේ කෙලෙස් නැති කිරීම පිණිස යුගග්‍රාහාභාවය වෙයි. ඊර්‍ෂ්‍යා ඇති පුද්ගලයාගේ කෙලෙස් නැති කිරීම පිණිස අනීර්‍ෂ්‍යාව වෙයි. මසුරු පුද්ගලයාගේ කෙලෙස් නැති කිරීම පිණිස නො මසුරු බව වෙයි. ශඨ පුද්ගලයාගේ කෙලෙස් නැති කිරීම පිණිස අශඨභාවය වෙයි. මායාවී පුද්ගලයාගේ කෙලෙස් නැති කිරීම පිණිස අමායාව වෙයි. තද පුද්ගලයාගේ කෙලෙස් නැති කිරීම පිණිස නොතද බව වෙයි. අධිකමාන ඇති පුද්ගලයාගේ කෙලෙස් නැති කිරීම පිණිස අනතිමානය වෙයි. දුර්වච පුද්ගලයාගේ කෙලෙස් නැති කිරීම පිණිස සුවච භාවය වෙයි. පාපමිතුරන් ඇති පුද්ගලයාගේ කෙලෙස් නැති කිරීම පිණිස කලණ මිතුරන් ඇති බව වෙයි. ප්‍රමත්ත පුද්ගලයාගේ කෙලෙස් නැති කිරීම පිණිස අප්‍රමත්තභාවය වෙයි. ශ්‍රද්ධාව නැති පුද්ගලයාගේ කෙලෙස් නැති කිරීම පිණිස ස්ශ්‍රද්ධාව වෙයි. හ්‍රීමත් පුද්ගලයාගේ කෙලෙස් නැති කිරීම පිණිස හ්‍රිය වෙයි. අනපත්‍රප පුද්ගලයාගේ කෙලෙස් නැති කිරීම පිණිස අපත්‍රපාව වෙයි. ඇසූ පිරූ තැන් නැති පුද්ගලයාගේ කෙලෙස් නැති කිරීම පිණිස ඇසූ පිරූතැන් ඇති බව වෙයි. කුසීත පුද්ගලයාගේ කෙලෙස් නැති කිරීම පිණිස වීර්‍ය්‍යාරම්භය වෙයි. මුළා සිහි ඇති පුද්ගලයාගේ කෙලෙස් නැති කිරීම පිණිස කිරීම පිණිස එළඹ සිටි සිහිය වෙයි. නුවණ නැති පුද්ගලයාගේ කෙලෙස් නැති කිරීම පිණිස නුවණ වෙයි. සියදිටු පැහැසීම දැඩි වැ ගැනීම හරනට නො පහසුබව ඇති පුද්ගලයාගේ කෙලෙස් නැති කිරීම පිණිස නො සියදිටු පැහැසීම දැඩි ව ගැනීම හරනට පහසුබව වෙයි. (21-44)
Pali BJT5. ඉති ඛො චුන්ද දෙසිතො මයා සල්ලෙඛපරියායො. දෙසිතො චිත්තුප්පාදපරියායො. දෙසිතො පරික්කමනපරියායො. දෙසිතො උපරිභාවපරියායො. දෙසිතො පරිනිබ්බානපරියායො. යං ඛො චුන්ද සත්ථාරා කරණීයං සාවකානං හිතෙසිනා අනුකම්පකෙන අනුකම්පං උපාදාය, කතං වො තං මයා. එතානි චුන්ද රුක්ඛමූලානි, එතානි සුඤ්ඤාගාරානි. ඣායථ චුන්ද මා පමාදත්ථ. මා පච්ඡා විප්පටිසාරිනො අහුවත්ථ. අයං වො අම්හාකං අනුසාසනීති.
Sinhala BJT5. චුන්‍දය, මෙසේ මා විසින් කෙලෙස් සිඳ ලන කාරණය දෙසන ලදී. චිත්තෝත්පාද කාරණය දෙසන ලදී. කෙලෙසුන්ගෙන් ඉවත්වන කාරණය දෙසන ලදී. උසස් බව නිපදවන කාරණය දෙසන ලදී. (කෙලෙස්) නිවන කාරණය දෙසන ලදී. චුන්‍දය, ශ්‍රාවකයන්ට හිතවත් වූ අනුකම්පා කරන ශාස්තෘ කෙනකුන් විසින් අනුකම්පායෙන් යමක් කටයුතු ද මා විසින් එය තොපට කරන ලදී. චුන්‍දය, තෙල රුක්මුල්හු වෙති. තෙල ශුන්‍යාගාරයෝ වෙති. චුන්‍දය, ධ්‍යාන වඩවු. පමා නො වවු. පසුව විපිළිසර ඇතියව්හු නො වවු. මේ තොපට අපගේ අනුශාසනාවයි.
Pali BJTඉදමවොච භගවා. අත්තමනො ආයස්මා මහාචුන්දො භගවතො භාසිතං අභිනන්දීති.
Sinhala BJTභාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සතුටු වූ ආයුෂ්මත් මහාචුන්‍ද ස්ථවිර තෙමේ භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව සතුටින් පිළිගත්තේ යි.
Pali BJT{*}චතුත්තාරීස{1} පදා වුත්තා සන්ධයො{2} පඤ්ච දෙසිතා සුත්තන්තො සල්ලෙඛො{3} නාම ගම්භීරො සාගරූපමො.{4}
Sinhala BJTසිවුසාළිස් පද කෙනෙක් කියන ලදහ. පංචසන්‍ධිහු දෙසන ලදහ. සල්ලේඛ සූත්‍රාන්තය මහසයුර මෙන් ගැඹුරු ය.
Pali BJTසල්ලෙඛසුත්තං අට්ඨමං.
Sinhala BJTසල්ලේඛ සූත්‍රය අටවැනි යි.
Pali BJT1. 1. 9.
Sinhala BJT1. 1. 9.
Pali BJTසම්මාදිට්ඨිසුත්තං
Sinhala BJTසම්මාදිට්ඨි සූත්‍රය
Pali BJT1. එවං මෙ සුතං: එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තත්ර ඛො ආයස්මා සාරිපුත්තො භික්ඛූ ආමන්තෙසි: ආවුසො භික්ඛවොති. ආවුසොති ඛො තෙ භික්ඛූ ආයස්මතො සාරිපුත්තස්ස පච්චස්සොසුං. ආයස්මා සාරිපුත්තො එතදවොච:
Sinhala BJT1. මා විසින් මෙසේ අසන ලදී: එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ අනාථපිණ්ඩික සිටුහුගේ ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එකල්හි ආයුෂ්මත් ශාරීපුත්‍රස්ථවිරයන් වහන්සේ ‘ඇවැත්නි, මහණෙනි’යි භික්‍ෂූන් ඇමතූ සේක. ඒ භික්‍ෂූහු ‘ඇවැත්නි’යි ආයුෂ්මත් ශාරීපුත්‍රස්ථවිරයන් වහන්සේට පිළිවදන් දුන්හ. ආයුෂ්මත් ශාරීපුත්‍රස්ථවිරයන් වහන්සේ මෙය වදාළ සේක:
Pali BJT2. සම්මාදිට්ඨි සම්මාදිට්ඨීති ආවුසො වුච්චති; කිත්තාවතා නු ඛො ආවුසො අරියසාවකො සම්මාදිට්ඨි{1} හොති. උජුගතාස්ස දිට්ඨි. ධම්මෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො ආගතො ඉමං සද්ධම්මන්ති?{2}
Sinhala BJT2. ඇවැත්නි, ‘සම්‍යග්දෘෂ්ටිය, සම්‍යග්දෘෂ්ටිය’යි කියනු ලැබේ. ඇවැත්නි, කොපමණකින් ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ සම්‍යග්දෘෂ්ටික වේ ද? ඔහුගේ දෘෂ්ටිතොමෝ ඍජුභාවයට පැමිණියා වේ ද? ධර්‍මයෙහි ගුණ දැන පැහැදීමෙන් යුක්ත වූයේ මේ නිර්‍වාණධර්‍මයට පැමිණියේ වේ ද?
Pali BJT3. දූරතොපි ඛො මයං ආවුසො ආගච්ඡෙය්යාම ආයස්මතො සාරිපුත්තස්ස සන්තිකෙ එතස්ස භාසිතස්ස අත්ථමඤ්ඤාතුං; සාධු වතායස්මන්තං යෙව සාරිපුත්තං පටිභාතු එතස්ස භාසිතස්ස අත්ථො; ආයස්මතො සාරිපුත්තස්ස සුත්වා භික්ඛූ ධාරෙස්සන්තීති. තෙනහාවුසො{3} සුණාථ සාධුකං මනසි කරොථ භාසිස්සාමීති. එවමාවුසොති ඛො තෙ භික්ඛූ ආයස්මතො සාරිපුත්තස්ස පච්චස්සොසුං. ආයස්මා සාරිපුත්තො එතදවොච:
Sinhala BJT3. ඇවැත්නි, අපි ආයුෂ්මත් සැරියුත් මහතෙරුන් වහන්සේ සමීපයෙහි දී මේ භාෂිතයාගේ අර්‍ත්‍ථය දැන ගැනීමට දුරසිට වුවත් පැමිණෙන්නෙමු, මෙහි අර්‍ත්‍ථය ආයුෂ්මත් ශාරීපුත්‍රස්ථවිරයන් වහන්සේට ම වැටහේ නම් මැනවි. භික්‍ෂූහු ආයුෂ්මත් ශාරීපුත්‍රස්ථවිරයන් වහන්සේගෙන් අසා දරන්නාහු ය. ඇවැත්නි, එසේ නම් අසවු. මැනැවින් සිතේ තබා ගනිවු. කියන්නෙමි’යි වදාළහ: ඒ භික්‍ෂූහු එසේ ය, ඇවැත්නි’යි ආයුෂ්මත් ශාරීපුත්‍රස්ථවිරයන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. ආයුෂ්මත් ශාරීපුත්‍රස්ථවිරයන් වහන්සේ මෙය වදාළ සේක.
Pali BJT4. යතො ඛො ආවුසො අරියසාවකො අකුසලඤ්ච පජානාති, අකුසලමූලඤ්ච පජානාති. කුසලඤ්ච පජානාති, කුසලමූලඤ්ච පජානාති. එත්තාවතාපි ඛො ආවුසො අරියසාවකො සම්මාදිට්ඨි හොති. උජුගතාස්ස දිට්ඨි. ධම්මෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො ආගතො ඉමං සද්ධම්මන්ති.
Sinhala BJT4. ඇවැත්නි, යම් කලෙක පටන් ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ අකුසලයත් දනී ද අකුසලමූලයත් දනී ද, කුසලයත් දනී ද, කුසල මූලයත් දනී ද, ඇවැත්නි, මෙපමණකින් ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ සම්‍යග්දෘෂ්ටික වෙයි. ඔහුගේ දෘෂ්ටිය ඍජු වෙයි. ධර්‍මයෙහි ගුණ දැන පැහැදීමෙන් යුක්ත වූයේ වෙයි. මේ නිර්‍වාණධර්‍මයට පැමිණියේ වෙයි.
Pali BJT5. කතමං පනාවුසො අකුසලං? කතමං අකුසලමූලං? කතමං කුසලං{4}? කතමං කුසලමූලන්ති{5}?
Sinhala BJT5. ඇවැත්නි, අකුශලය කවරේද? අකුශලමූලය කවරේ ද? කුශලය කවරේ ද? කුශලමූලය කවරේ ද?
Pali BJT6. පාණාතිපාතො ඛො ආවුසො අකුසලං, අදින්නාදානං අකුසලං, කාමෙසුමිච්ඡාචාරො අකුසලං, මුසාවාදො අකුසලං, පිසුණාවාචා අකුසලං, ඵරුසාවාචා අකුසලං, සම්ඵප්පලාපො අකුසලං, අභිජ්ඣා අකුසලං, බ්යාපාදො අකුසලං, මිච්ඡාදිට්ඨි අකුසලං. ඉදං වුච්චතාවුසො අකුසලං.
Sinhala BJT6. ඇවැත්නි, ප්‍රාණඝාතය අකුශලයෙකි. අදත්තාදානය අකුශලයෙකි. මිත්‍ථ්‍යාචාරය අකුශලයෙකි. මුසාවාදය අකුශලයෙකි. පිසුණවචනය අකුශලයෙකි. ඵරුසවචනය අකුශලයෙකි. සම්ඵප්පලාපය අකුශලයෙකි. අභිධ්‍යාව අකුශලයෙකි. ව්‍යාපාදය අකුශලයෙකි. මිථ්‍යාදෘෂ්ටිය අකුශලයෙකි. ඇවැත්නි, මේ අකුශල ය යි කියනු ලැබේ.
Pali BJT7. කතමඤ්චාවුසො අකුසලමූලං? ලොභො අකුසලමූලං, දොසො අකුසලමූලං, මොහො අකුසලමූලං. ඉදං වුච්චතාවුසො අකුසලමූලං.
Sinhala BJT7. ඇවැත්නි, අකුශලමූලය කවරේ ද? ලෝභය අකුශලමූලයෙකි. ද්වේෂය අකුශලමූලයෙකි. මෝහය අකුශලමූලයෙකි. ඇවැත්නි, මේ අකුශලමූලය යි කියනු ලැබේ.
Pali BJT8. කතමඤ්චාවුසො කුසලං? පාණාතිපාතා වෙරමණී කුසලං, අදින්නාදානා වෙරමණී කුසලං, කාමෙසු මිච්ඡාචාරා වෙරමණී කුසලං, මුසාවාදා වෙරමණී කුසලං, පිසුණාවාචා වෙරමණී කුසලං, ඵරුසාවාචා වෙරමණී කුසලං, සම්ඵප්පලාපා වෙරමණී කුසලං, අනභිජ්ඣා කුසලං, අබ්යාපාදො කුසලං, සම්මාදිට්ඨි කුසලං. ඉදං වුච්චතාවුසො කුසලං.
Sinhala BJT8. ඇවැත්නි, කුශලය කවරේ ය? ප්‍රාණඝාතයෙන් වෙන්වීම කුශලයෙකි. අදත්තාදානයෙන් වෙන් වීම කුශලයෙකි. කාමමිථ්‍යාචාරයෙන් වෙන් වීම කුශලයෙකි. මුසාවාදයෙන් වෙන් වීම කුශලයෙකි. පිසුණවචනයෙන් වෙන් වීම කුශලයෙකි. ඵරුසවචනයෙන් වෙන් වීම කුශලයෙකි. සම්ඵප්පලාපයෙන් වෙන් වීම කුශලයෙකි. අනභිධ්‍යාව කුශලයෙකි. අව්‍යාපාදය කුශලයෙකි. සම්‍යග්දෘෂ්ටිය කුශලයෙකි. ඇවැත්නි, මේ කුශලය යි කියනු ලැබේ.
Pali BJT9. කතමඤ්චාවුසො කුසලමූලං? අලොභො කුසලමූලං, අදොසො කුසලමූලං, අමොහො කුසලමූලං. ඉදං වුච්චතාවුසො කුසලමූලං.
Sinhala BJT9. ඇවැත්නි, කුශලමූලය කවරේ ය? අලෝභය කුශලමූලයෙකි. අද්වේෂය කුශලමූලයෙකි. අමෝහය කුශලමූලයෙකි. ඇවැත්නි, මේ කුශලමූල ය යි කියනු ලැබේ.
Pali BJT10. යතො ඛො ආවුසො අරියසාවකො එවං අකුසලං පජානාති, එවං අකුසලමූලං පජානාති, එවං කුසලං පජානාති, එවං කුසලමූලං පජානාති. සො සබ්බසො රාගානුසයං පහාය පටිඝානුසයං පටිවිනොදෙත්වා අස්මීති දිට්ඨිමානානුසයං සමූහනිත්වා අවිජ්ජං පහාය විජ්ජං උප්පාදෙත්වා දිට්ඨෙවධම්මෙ දුක්ඛස්සන්තඞ්කරො{1} හොති. එත්තාවතාපි ඛො ආවුසො අරියසාවකො සම්මාදිට්ඨි හොති; උජුගතාස්ස දිට්ඨි, ධම්මෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො; ආගතො ඉමං සද්ධම්මන්ති.
Sinhala BJT10. ඇවැත්නි, යම් කලෙක පටන් ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ මෙසේ අකුශලය දනී ද, මෙසේ අකුශලමූලය දනී ද, මෙසේ කුශලය දනී ද, මෙසේ කුශලමූලය දනී ද, හෙතෙමේ සර්‍වප්‍රකාරයෙන් රාගානුශය නැති කොට ප්‍රතිඝානුශය දුරු කොට අසමි (‘මම’ය යන) දෘෂ්ටිය බඳු වූ මානානුශය නසා අවිද්‍යාව හැර විද්‍යාව උපදවා ඉහාත්මයේ දී ම දුක් කෙළවර කරන්නෙක් වෙයි. ඇවැත්නි, මෙතෙකිනුදු ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ සම්‍යග්දෘෂ්ටික වෙයි. ඔහුගේ දෘෂ්ටිය ඍජු වෙයි. ධර්‍මයෙහි ගුණ දැන පැහැදීමෙන් යුක්ත වූයේ මේ නිර්‍වාණධර්‍මයට පැමිණියේ වෙයි.
Pali BJT[1. කම්මපථවාරො.]
Sinhala BJT[1. කම්මපථවාරය යි.]
Pali BJT11. සාධාවුසොති{2} ඛො තෙ භික්ඛූ ආයස්මතො සාරිපුත්තස්ස භාසිතං අභිනන්දිත්වා අනුමොදිත්වා ආයස්මන්තං සාරිපුත්තං උත්තරිං පඤ්හං ආපුච්ඡුං{3}: සියා පනාවුසො අඤ්ඤොපි පරියායො යථා අරියසාවකො සම්මාදිට්ඨි හොති, උජුගතාස්ස දිට්ඨි, ධම්මෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො ‘ආගතො ඉමං සද්ධම්මන්ති?
Sinhala BJT11. ඒ භික්‍ෂූහු ‘ඇවැත්නි, ඉතා මැනැවැ’යි ආයුෂ්මත් ශාරීපුත්‍රස්ථවිරයන් වහන්සේගේ දේශනාව බසින් පිළිගෙන සිතින් අනුමෙව්නි කොට ආයුෂ්මත් ශාරීපුත්‍රස්ථවිරයන් වහන්සේගෙන් මත්තෙහි අතිරේක ප්‍රශ්නයක් ඇසූහ: ඇවැත්නි, ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ යම් ලෙසකින් සම්‍යග්දෘෂ්ටික වේ නම්, ඔහුගේ දෘෂ්ටිය ඍජු වේ නම්, ධර්‍මයෙහි ගුණ දැන පැහැදීමෙන් යුක්ත වූයේ මේ නිර්‍වාණධර්‍මයට පැමිණියේ වේ නම්, ඊට අන් ක්‍රමයෙකුත් ඇත්තේ ද?
Pali BJT12. සියා ආවුසො{4} යතො ඛො ආවුසො අරියසාවකො ආහාරඤ්ච පජානාති, ආහාරසමුදයඤ්ච පජානාති, ආහාරනිරොධඤ්ච පජානාති, ආහාරනිරොධගාමිනිං{5} පටිපදඤ්ච පජානාති. එත්තාවතාපි ඛො ආවුසො අරියසාවකො සම්මාදිට්ඨි හොති; උජුගතාස්ස දිට්ඨි; ධම්මෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො; ආගතො ඉමං සද්ධම්මන්ති.
Sinhala BJT12. ඇවැත්නි, ඇත්තේ ය. ඇවැත්නි, යම් කලෙක පටන් ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ ආහාරය (ඵල ආහරණය කරණ ප්‍රත්‍යයය)ත් දනී ද, ආහාරසමුදයත් දනී ද, ආහාරනිරෝධයත් දනී ද, ආහාර නිරොධගාමිනී ප්‍රතිපදාවත් දනී ද, ඇවැත්නි, මෙතෙකිනුදු ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ සම්‍යග්දෘෂ්ටික වෙයි. ඔහුගේ දෘෂ්ටිය ඍජු වෙයි. ධර්‍මයෙහි ගුණ දැන පැහැදීමෙන් යුක්ත වූයේ මේ නිර්‍වාණධර්‍මයට පැමිණියේ වෙයි.
Pali BJT13. කතමො පනාවුසො ආහාරො? කතමො ආහාරසමුදයො? කතමො ආහාරනිරොධො? කතමො ආහාරනිරොධගාමිනී පටිපදාති{6}?
Sinhala BJT13. ඇවැත්නි, ආහාරය කවරේ ය? ආහාරසමුදය කවරේ ය? ආහාරනිරෝධය කවරේ ය? ආහාර නිරෝධගාමිනීප්‍රතිපදා කවර?
Pali BJT14. චත්තාරො මෙ ආවුසො ආහාරා භූතානං වා සත්තානං ඨිතියා සම්භවෙසීනං වා අනුග්ගහාය. කතමෙ චත්තාරො? කබළිඞ්කාරො{7} ආහාරො ඔළාරිකො වා සුඛුමො වා, ඵස්සො දුතියො, මනොසඤ්චෙතනා තතියා{8}, විඤ්ඤාණං චතුත්ථං{9}. තණ්හාසමුදයා ආහාරසමුදයො; තණ්හානිරොධා ආහාරනිරොධො; අයමෙව අරියො අට්ඨඞ්ගිකො මග්ගො ආහාරනිරොධගාමිනී පටිපදා සෙය්යථිදං: සම්මාදිට්ඨි සම්මාසඞ්කප්පො සම්මාවාචා සම්මාකම්මන්තො සම්මාආජීවො සම්මාවායාමො සම්මාසති සම්මාසමාධි.
Sinhala BJT14. ඇවැත්නි, උපන් සත්‍වයන්ගේ පැවැත්ම පිණිස ද අණ්ඩකොෂ වස්තිකොෂයන්හි සිටින එහෙයින් ම උත්පත්තිය සොයන සතුන්ට අනුග්‍රහය පිණිස ද පවත්නා මේ ආහාරයෝ සතර දෙනෙක් වෙත්. කවර සතර දෙනෙක යත්: ඕළාරික වූ ද සියුම් වූ ද කබලිඞ්කාර ආහාරය (=වළඳනු ලබනදෙය), දෙවැනි වූ ඵස්සාහාරය, තුන්වැනි වූ මනෝසඤ්චේතනාහාරය, සතර වැනි වූ විඤ්ඤාණාහාරය යන සතරයි. තෘෂ්ණාව හටගැනීමෙන් ආහාරයන්ගේ හටගැනීම වේ. තෘෂ්ණා නිරෝධයෙන් ආහාරනිරෝධය වේ. මේ අරීඅටගිමග ම ආහාරනිරෝධගාමිනීප්‍රතිපදාව යි. එනම්: සම්මාදිට්ඨි, සම්මාසඞ්කප්ප, සම්මාවාචා, සම්මාකම්මන්ත, සම්මාආජීව, සම්මාවායාම, සම්මාසති, සම්මාසමාධි යන මේ යි.
Pali BJT15. යතො ඛො ආවුසො අරියසාවකො එවං ආහාරං පජානාති, එවං ආහාරසමුදයං පජානාති, එවං ආහාරනිරොධං පජානාති, එවං ආහාරනිරොධගාමිනිං පටිපදං පජානාති, සො සබ්බසො රාගානුසයං පහාය පටිඝානුසයං පටිවිනොදෙත්වා අස්මීති දිට්ඨිමානානුසයං සමූහනිත්වා අවිජ්ජං පහාය විජ්ජං උප්පාදෙත්වා දිට්ඨෙව ධම්මෙ දුක්ඛස්සන්තඞ්කරො හොති. එත්තාවතාපි ඛො ආවුසො අරියසාවකො සම්මාදිට්ඨි හොති. උජුගතාස්ස දිට්ඨි. ධම්මෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො ආගතො ඉමං සද්ධම්මන්ති.
Sinhala BJT15. ඇවැත්නි, යම් කලෙක පටන් ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ මෙසේ ආහාරය දනී ද, මෙසේ ආහාරසමුදය දනී ද, මෙසේ ආහාරනිරෝධය දනී ද, මෙසේ ආහාරනිරොධයට පමුණුවන පිළිවෙත දනී ද, හෙතෙම සර්‍වප්‍රකාරයෙන් ම රාගානුශය හැර ප්‍රතිඝානුශය දුරු කොට ‘අස්මි’ යන දෘෂ්ටිය හා සම වූ මනානුශය නසා අවිද්‍යාව හැර විද්‍යාව උපදවා දිටුදැමියෙහි දී ම දුක් කෙළවර කරන්නෙක් වන්නේ ය. ඇවැත්නි, මෙතෙකිනුදු ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ සම්‍යග්දෘෂ්ටිය වෙයි. ඔහුගේ දෘෂ්ටිය ඍජු වෙයි. ධර්‍මයෙහි අචල වූ පැහැදීමෙන් යුක්ත වූයේ මේ නිර්‍වාණධර්‍මයට පැමිණියේ වෙයි.
Pali BJT[2. ආහාරවාරො.]
Sinhala BJT[2. ආහාර වාරය යි.]
Pali BJT1. සාධාවුසොති ඛො තෙ භික්ඛූ ආයස්මතො සාරිපුත්තස්ස භාසිතං අභිනන්දිත්වා අනුමොදිත්වා ආයස්මන්තං සාරිපුත්තං උත්තරිං පඤ්හං ආපුච්ඡුං:{1} “සියා පනාවුසො අඤ්ඤොපි පරියායො යථා අරියසාවකො සම්මාදිට්ඨි හොති -පෙ- ආගතො ඉමං සද්ධම්මන්ති.”
Sinhala BJT1. ඒ භික්‍ෂූහු ‘ඇවැත්නි, ඉතා මැනැවැ’යි ආයුෂ්මත් ශාරීපුත්‍රස්ථවිරයන් වහන්සේගේ දේශනාව බසින් පිළිගෙණ සිතින් අනුමෙව්නි කොට ආයුෂ්මත් ශාරීපුත්‍රස්ථවිරයන් වහන්සේගෙන් මත්තෙහි අතිරේක ප්‍රශ්නයක් පුළුවුත්හ: ඇවැත්නි, ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ යම් ලෙසකින් සම්‍යග්දෘෂ්ටික වේ නම් ... මේ නිර්‍වාණධර්‍මයට පැමිණියේ වේ නම්, ඊට අන් ක්‍රමයෙකු දු ඇත්තේ ද?
Pali BJT2. සියා ආවුසො. යතො ඛො ආවුසො අරියසාවකො දුක්ඛඤ්ච පජානාති, දුක්ඛසමුදයඤ්ච පජානාති, දුක්ඛනිරොධඤ්ච පජානාති, දුක්ඛනිරොධගාමිනිං පටිපදඤ්ච පජානාති, එත්තාවතාපි ඛො ආවුසො අරියසාවකො සම්මාදිට්ඨි හොති. උජුගතාස්ස දිට්ඨි. ධම්මෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො ආගතො ඉමං සද්ධම්මන්ති.
Sinhala BJT2. ඇවැත්නි, ඇත්තේ ය. ඇවැත්නි, යම් කලෙක පටන් ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ දුකත් දනී ද, දුක් හටගැන්මේ හේතුවත් දනී ද, දුක් නැසීමත් දනී ද, දුක් නැසීමේ පිළිවෙතත් දනී ද, ඇවැත්නි, ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ මෙතෙකිනුදු සම්‍යග්දෘෂ්ටික වෙයි. ඔහුගේ දෘෂ්ටි ඍජු වෙයි. ධර්‍මයෙහි ගුණ දැන පැහැදීමෙන් යුක්ත වූයේ මේ නිර්‍වාණධර්‍මයට පැමිණියේ වෙයි.
Pali BJT3. කතමං පනාවුසො දුක්ඛං? කතමො දුක්ඛසමුදයො? කතමො දුක්ඛනිරොධො? කතමා දුක්ඛනිරොධගාමිනී පටිපදා?ති.
Sinhala BJT3. ඇවැත්නි, දුක කවරේ ය? දුක් හටගැනීමේ හේතුව කවරේ ය? දුක් නැසීම කවරේ ය? දුක් නැසීමේ පිළිවෙත කවර?
Pali BJTජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, ව්යාධිපි දුක්ඛො, මරණම්පි දුක්ඛං, සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසාපි දුක්ඛා, යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛං, සඞ්ඛිත්තෙන පඤ්චුපාදානක්ඛන්ධා දුක්ඛා. ඉදං වුච්චතාවුසො දුක්ඛං.{*}
Sinhala BJTඉපදීමත් දුක ය, දිරීමත් දුක ය, ව්‍යාධියත් දුක ය, මරණයත් දුක ය; ශෝකය, වැලපීම, කයෙහි දුක, හිතෙහි දුක, දැඩි චිත්තදුඃඛයෙන් වූ ප්‍රතිඝය යන මොහු දුක් ය. යමක් කැමති වන්නේ (එය) නො ලබා නම් එයත් දුක් ය. සැකෙවින් උපාදානස්කන්‍ධ පස දුක් ය. ඇවැත්නි, මේ දුක ය යි කියනු ලැබේ.
Pali BJTකතමො චාවුසො දුක්ඛසමුදයො? යායං තණ්හා පොනොභවිකා නන්දිරාගසහගතා තත්රතත්රාභිනන්දිනී - සෙය්යථිදං: කාමතණ්හා භවතණ්හා විභවතණ්හා – අයං වුච්චතාවුසො දුක්ඛසමුදයො.
Sinhala BJTඇවැත්නි, දුක් හට ගැනීමේ හේතුව කවරේ ය? පුනර්‍භවය කරණසුලු නන්‍දිරාග වූ ඒ ඒ භවයෙහි හෝ අරමුණෙහි තුස්නා වූ යම් මේ තෘෂ්ණාවක් වේ ද, කාමාස්වාද තෘෂ්ණා, භව (ශාශ්වතදෘෂ්ටිසහගත) තෘෂ්ණා, විභව (උච්ඡේදදෘෂ්ටිසහගත) තෘෂ්ණා යි (ත්‍රිවිධ වූ) මේ තෘෂ්ණා තොමෝ ඇවැත්නි, දුක හට ගැනීමේ හේතු ය යි කියනු ලැබේ.
Pali BJTකතමො චාවුසො දුක්ඛනිරොධො? යො තස්සායෙව තණ්හාය අසෙසවිරාගනිරොධො චාගො පටිනිස්සග්ගො මුත්ති අනාලයො – අයං වුච්චතාවුසො දුක්ඛනිරොධො.
Sinhala BJTඇවැත්නි, දුඃක්ඛනිරෝධය කවරේ ය? ආර්‍ය්‍යමාර්‍ගයෙන් ඒ තෘෂ්ණාවගේ ම යම් අත්‍යන්තප්‍රහාණයෙක්, හැරලීමෙක්, දුරලීමෙක්, මිදීමෙක්, නො ඇල්මෙක් වේ ද, ඇවැත්නි, මේ දුඃක්ඛනිරෝධ ය යි කියනු ලැබේ.
Pali BJTකතමා චාවුසො දුක්ඛනිරොධගාමිනී පටිපදා? අයමෙව අරියො අට්ඨඞ්ගිකො මග්ගො දුක්ඛනිරොධගාමිනී පටිපදා - සෙය්යථිදං: සම්මාදිට්ඨි, සම්මාසඞ්කප්පො, සම්මාවාචා, සම්මාකම්මන්තො, සම්මාආජීවො, සම්මාවායාමො, සම්මාසති, සම්මාසමාධි.
Sinhala BJTඇවැත්නි, දුක්ඛනිරෝධගාමිනීපටිපදා කවර? සම්‍යග්දෘෂ්ටි, සම්‍යක් සඞ්කල්ප, සම්‍යක් වචන, සම්‍යක් කර්‍මාන්ත, සම්‍යග් ආජීව, සම්‍යක් ව්‍යායාම, සම්‍යක් ස්මෘති, සම්‍යක්සමාධි යන මේ අරීඅටගිමග ම දුඃක්ඛනිරෝධ ගාමිනී ප්‍රතිප්‍රදාය.
Pali BJT4. යතො ඛො ආවුසො අරියසාවකො එවං දුක්ඛං පජානාති, එවං දුක්ඛසමුදයං පජානාති, එවං දුක්ඛනිරොධං පජානාති, එවං දුක්ඛනිරොධගාමිනිං පටිපදං පජානාති, සො සබ්බසො රාගානුසයං පහාය පටිඝානුසයං පටිවිනොදෙත්වා අස්මීති දිට්ඨිමානානුසයං සමූහනිත්වා අවිජ්ජං පහාය විජ්ජං උප්පාදෙත්වා දිට්ඨෙව ධම්මෙ දුක්ඛස්සන්තඞ්කරො හොති. එත්තාවතාපි ඛො ආවුසො අරියසාවකො සම්මාදිට්ඨි හොති. උජුගතාස්ස දිට්ඨි. ධම්මෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො ආගතො ඉමං සද්ධම්මන්ති.
Sinhala BJT4. ඇවැත්නි, යම් කලෙක පටන් ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ මෙසේ දුක දනී ද, මෙසේ දුක් හට ගැනීමේ හේතුව දනී ද, මෙසේ දුක් නැසී ම දනී ද, මෙසේ දුක් නැසීමට පමුණුවන පිළිවෙත දනී ද, හෙතෙම සර්‍වප්‍රකාරයෙන් ම රාගානුශය පහ කොට ප්‍රතිඝානුශය දුරැර අස්මි දෘෂ්ටිය හා සදෘශ වූ මානානුශය මුලිනුපුටා අවිද්‍යාව හැර විද්‍යාව උපදවා ඉහාත්මයේ දීම දුක් කෙළවර කරන්නෙක් වෙයි. ඇවැත්නි, මෙතෙකිනුදු ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ සම්‍යග්දෘෂ්ටික වෙයි. ඔහුගේ දෘෂ්ටිය ඍජු වෙයි. ධර්‍මයෙහි ගුණ දැන පැහැදීමෙන් යුක්ත වූයේ මේ නිර්‍වාණධර්‍මයට පැමිණියේ වෙයි.
Pali BJT[3. සච්චවාරො.]
Sinhala BJT[3. සච්චවාරයයි.]
Pali BJT1. සාධාවුසොති ඛො තෙ භික්ඛූ ආයස්මතො සාරිපුත්තස්ස භාසිතං අභිනන්දිත්වා අනුමොදිත්වා ආයස්මන්තං සාරිපුත්තං උත්තරිං පඤ්හං ආපුච්ඡුං: “සියා පනාවුසො අඤ්ඤොපි පරියායො යථා අරියසාවකො සම්මාදිට්ඨි හොති -පෙ- ආගතො ඉමං සද්ධම්මන්ති.”
Sinhala BJT1. ඒ භික්‍ෂූහු ‘ඇවැත්නි, ඉතා මැනැවැ’යි ආයුෂ්මත් ශාරීපුත්‍රස්ථවිරයන් වහන්සේගේ දේශනාව පිළිගෙණ අනුමෙව්නි කොට ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේගෙන් මත්තෙහි ප්‍රශ්නයක් ඇසූහ: “ඇවැත්නි, යම් ලෙසකින් ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ සම්‍යග්දෘෂ්ටික වේ ද,... මේ නිර්‍වාණධර්‍මයට පැමිණියේ වේ ද, ඊට අන්‍ය ක්‍රමයෙකුත් ඇත්තේ ද?
Pali BJT2. සියා ආවුසො. යතො ඛො ආවුසො අරියසාවකො ජරාමරණඤ්ච පජානාති, ජරාමරණසමුදයඤ්ච පජානාති, ජරාමරණනිරොධඤ්ච පජානාති, ජරාමරණනිරොධගාමිනිං පටිපදඤ්ච පජානාති, එත්තාවතාපි ඛො ආවුසො අරියසාවකො සම්මාදිට්ඨි හොති. උජුගතාස්ස දිට්ඨි. ධම්මෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො ආගතො ඉමං සද්ධම්මන්ති.
Sinhala BJT2. ඇවැත්නි, ඇත. ඇවැත්නි, යම් කලෙක පටන් ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ ජරාමරණයත් දනී ද, ජරාමරණ හටගන්නා හේතුවත් දනී ද, ජරාමරණනිරෝධයත් දනී ද, ජරාමරණ නැසීමට පමුණුවන පිළිවෙතත් දනී ද, ඇවැත්නි, මෙතෙකිනුදු ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ සම්‍යග්දෘෂ්ටික වෙයි. ඔහුගේ දෘෂ්ටිය ඍජු වෙයි. ධර්‍මයෙහි ගුණ දැන පැහැදීමෙන් යුක්ත වූයේ මේ නිර්‍වාණධර්‍මයට පැමිණියේ වෙයි.
Pali BJT3. කතමං පනාවුසො ජරාමරණං? කතමො ජරාමරණසමුදයො? කතමො ජරාමරණනිරොධො? කතමා ජරාමරණනිරොධගාමිනී පටිපදා?ති. යා තෙසං තෙසං සත්තානං තම්හි තම්හි සත්තනිකායෙ ජරා, ජීරණතා, ඛණ්ඩිච්චං, පාලිච්චං, වලිත්තචතා, ආයුනො සංහානි, ඉන්ද්රියානං පරිපාකො – අයං වුච්චතාවුසො ජරා. කතමඤ්චාවුසො මරණං? යා තෙසං තෙසං සත්තානං තම්හා තම්හා සත්තනිකායා චුති, චවනතා, භෙදො, අන්තරධානං, මච්චුමරණං, කාලකිරියා, ඛන්ධානං භෙදො, කලෙබරස්ස නික්ඛෙපො - ඉදං වුච්චතාවුසො මරණං. ඉති අයඤ්ච ජරා, ඉදඤ්ච මරණං – ඉදං වුච්චතාවුසො ජරාමරණං. ජාතිසමුදයා ජරාමරණසමුදයො. ජාතිනිරොධා ජරාමරණනිරොධො. අයමෙව අරියො අට්ඨඞ්ගිකො මග්ගො ජරාමරණනිරොධගාමිනී පටිපදා - සෙය්යථිදං: සම්මාදිට්ඨි -පෙ- සම්මාසමාධි.
Sinhala BJT3. ඇවැත්නි, ජරාමරණ කවරේ ය? ජරාමරණ සමුදය කවරේ ය? ජරාමරණනිරෝධය කවරේ ය? ජරාමරණනිරොධයට පමුණුවන ප්‍රතිපදා කවර? ඒ ඒ සත්‍වයන්ගේ ඒ ඒ සත්‍වනිකායයන්හි යම් දිරීමක්, දිරන බවෙක්, කැඩුණු බවෙක්, කෙහෙපැසුණු බවෙක්, හම රැළි වැටුණු බවෙක්, ආයුෂ පිරිහීමෙක්, ඉන්‍ද්‍රියයන්ගේ මෙරීමෙක් වේ ද - ඇවැත්නි, මේ ජරායයි කියනු ලැබේ. ඇවැත්නි, මරණය කවරේ ය? ඒ ඒ සත්‍වනිකායයන්ගෙන් ඒ ඒ සත්‍වයන්ගේ යම් චුත වීමෙක්, චුත වන බවෙක්, භෙදයෙක්, අතුරුදන් වීමෙක්, මරණයෙක්, කාලක්‍රියාවෙක්, ස්කන්‍ධයන්ගේ බිඳුමෙක්, ශරීරය බහා තැබීමෙක් වේ ද - ඇවැත්නි, මේ මරණය යි කියනු ලැබේ. ඇවැත්නි, මෙසේ මේ ජරාවත් මරණයත් දෙක ජරාමරණ ය යි කියනු ලැබේ. ඉපදීම හේතුවෙන් ජරාමරණ ඇති වේ. ඉපදීම නැසී මෙන් ජරාමරණ නැති වේ. මේ අරිඅටගීමඟ ම ජරාමරණ නැසී මට පමුණුවන පිළිවෙත වේ. එනම්: සම්‍යග්දෘෂ්ටිය -පෙ- සම්‍යක්සමාධිය යි.
Pali BJT4. යතො ඛො ආවුසො අරියසාවකො එවං ජරාමරණං පජානාති, එවං ජරාමරණසමුදයං පජානාති, එවං ජරාමරණනිරොධං පජානාති, එවං ජරාමරණනිරොධගාමිනිං පටිපදං පජානාති, සො සබ්බසො රාගානුසයං පහාය පටිඝානුසයං පටිවිනොදෙත්වා -පෙ- එත්තාවතාපි ඛො ආවුසො අරියසාවකො සම්මාදිට්ඨි හොති. උජුගතාස්ස දිට්ඨි. ධම්මෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො ආගතො ඉමං සද්ධම්මන්ති.
Sinhala BJT4. ඇවැත්නි, යම් කලෙක පටන් ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ මෙසේ ජරාමරණ දනී ද, මෙසේ ජරාමරණ හටගැනීමේ හේතුව දනී ද, මෙසේ ජරාමරණ නැසී මත් දනී ද, මෙසේ ජරාමරණ නැසීමට පමුණුවන පිළිවෙතත් දනී ද, හෙතෙම සර්‍වප්‍රකාරයෙන් ම රාගානුශය පහ කොට ප්‍රතිඝානුශය දුරු කොට ... ඇවැත්නි, මෙතෙකිනුදු ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ සම්‍යග්දෘෂ්ටික වෙයි. ඔහුගේ දෘෂ්ටිය ඍජු වෙයි. ධර්‍මයෙහි ගුණ දැන පැහැදීමෙන් යුක්ත වූයේ මේ නිර්‍වාණධර්‍මයට පැමිණියේ වෙයි.
Pali BJT[4. ජරාමරණවාරො.]
Sinhala BJT[4. ජරාමරණවාරය යි.]
Pali BJT1. සාධාවුසොති ඛො තෙ භික්ඛූ ආයස්මතො සාරිපුත්තස්ස භාසිතං අභිනන්දිත්වා අනුමොදිත්වා ආයස්මන්තං සාරිපුත්තං උත්තරිං පඤ්හං ආපුච්ඡුං: සියා පනාවුසො අඤ්ඤොපි පරියායො -පෙ- ආගතො ඉමං සද්ධම්මන්ති?
Sinhala BJT1. ඒ භික්‍ෂුහු ‘ඇවැත්නි, මැනැවැ’යි ආයුෂ්මත් ශාරීපුත්‍රස්ථවිරයන් වහන්සේගේ දේශනාව පිළිගෙණ අනුමෙව්නි කොට ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේගෙන් මත්තෙහි ප්‍රශ්නයක් ඇසූහ: “ඇවැත්නි, ... මේ නිර්‍වාණධර්‍මයට පැමිණියේ වේ නම් ඊට අන්‍ය ක්‍රමයෙකුදු වන්නේ ද?
Pali BJT2. සියා ආවුසො. යතො ඛො ආවුසො අරියසාවකො ජාතිඤ්ච පජානාති, ජාතිසමුදයඤ්ච පජානාති, ජාතිනිරොධඤ්ච පජානාති, ජාතිනිරොධගාමිනිං පටිපදඤ්ච පජානාති, එත්තාවතාපි ඛො ආවුසො අරියසාවකො සම්මාදිට්ඨි හොති. උජුගතාස්ස දිට්ඨි. ධම්මෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො ආගතො ඉමං සද්ධම්මන්ති.
Sinhala BJT2. ඇවැත්නි, වන්නේය. ඇවැත්නි යම් කලෙක පටන් ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ ඉපදීම දනී ද, ඉපදීමේ හේතුවත් දනී ද, ඉපදීමේ නිරෝධයත් දනී ද, ඉපදීම නිරෝධයට පමුණුවන ප්‍රතිපදාවත් දනී ද, ඇවැත්නි, මෙතෙකිනු දු ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ සම්‍යග්දෘෂ්ටික වෙයි. ඔහුගේ දෘෂ්ටි ඍජු වෙයි. ධර්‍මයෙහි ගුණ දැන පැහැදීමෙන් යුක්ත වූයේ මේ නිර්‍වාණධර්‍මයට පැමිණියේ වෙයි.
Pali BJT3. කතමා පනාවුසො ජාති? කතමො ජාතිසමුදයො? කතමො ජාතිනිරොධො? කතමා ජාතිනිරොධගාමිනී පටිපදාති? යා තෙසං තෙසං සත්තානං තම්හි තම්හි සත්තනිකායෙ ජාති, සඤ්ජාති, ඔක්කන්ති, අභිනිබ්බත්ති, ඛන්ධානං පාතුභාවො, ආයතනානං පටිලාභො – අයං වුච්චතාවුසො ජාති. භවසමුදයා ජාතිසමුදයො. භවනිරොධා ජාතිනිරොධො. අයමෙව අරියො අට්ඨඞ්ගිකො මග්ගො ජාතිනිරොධගාමිනී පටිපදා - සෙය්යථිදං: සම්මාදිට්ඨි -පෙ- සම්මාසමාධි.
Sinhala BJT3. ඇවැත්නි, උප්පත්තිය කවර? උත්පත්තිහේතු කවරේ ය? උත්පත්ති නිරෝධය කවරේ ය? උත්පත්ති නිරෝධයට පමුණුවන ප්‍රතිපදා කවර? ඒ ඒ සත්‍වනිකායයන්හි ඒ ඒ එසත්‍වයන්ගේ යම් අසම්පූර්‍ණායතන වශයෙන් ඉපදීමෙක්, පරිපූර්‍ණායතන වශයෙන් මනාසේ ඉපදීමෙක්, අණ්ඩකොෂ වස්තිකෝෂයන්ට පිවිසීම් වශයෙන් පිළිසිඳ ගැන්මෙක්, සංසේදජ ඕපපාතික වශයෙන් ප්‍රකට ව නිපදීමෙක්, ස්කන්‍ධයන්ගේ පහළ වීමෙක්, ආයතනයන්ගේ ලැබීමෙක් වේ ද, ඇවැත්නි, මේ උත්පත්ති ය යි කියනු ලැබේ. (කර්‍ම) භව හේතුවෙන් ජාතිය වේ. භව නිරෝධයෙන් ජාති නිරෝධය වේ. මේ අරිඅටගිමහ ජාති නිරෝධයට පමුණු වන ප්‍රතිපදාව යි. එනම්: සම්‍යග්දෘෂ්ටිය … සම්‍යක්සමාධිය යි.
Pali BJT4. යතො ඛො ආවුසො අරියසාවකො එවං ජාතිං පජානාති, එවං ජාතිසමුදයං පජානාති, එවං ජාතිනිරොධං පජානාති, එවං ජාතිනිරොධගාමිනිං පටිපදං පජානාති, සො සබ්බසො රාගානුසයං පහාය -පෙ- එත්තාවතාපි ඛො ආවුසො අරියසාවකො සම්මාදිට්ඨි හොති. උජුගතාස්ස දිට්ඨි. ධම්මෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො ආගතො ඉමං සද්ධම්මන්ති.
Sinhala BJT4. ඇවැත්නි, යම් කලෙක පටන් ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ මෙසේ ජාතිය දනී ද, මෙසේ ජාතිසමුදය දනී ද, මෙසේ ජාතිනිරොධය දනී ද, මෙසේ නිරොධගාමිනී ප්‍රතිපදාව දනී ද, හෙතෙම සර්‍වප්‍රකාරයෙන් ම රාගානුශය ප්‍රහාණය කොට ... ඇවැත්නි, මෙතෙකින් ද ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ සම්‍යග්දෘෂ්ටික වෙයි. ඔහුගේ දෘෂ්ටි ඍජු වෙයි. ධර්‍මයෙහි ගුණ දැන පැහැදීමෙන් යුක්ත වූයේ මේ නිර්‍වාණධර්‍මයට පැමිණියේ වෙයි.
Pali BJT[5. ජාතිවාරො.]
Sinhala BJT[5. ජාතිවාරය යි.]
Pali BJT1. සාධාවුසොති ඛො තෙ භික්ඛූ ආයස්මතො සාරිපුත්තස්ස භාසිතං අභිනන්දිත්වා අනුමොදිත්වා ආයස්මන්තං සාරිපුත්තං උත්තරිං පඤ්හං ආපුච්ඡුං: සියා පනාවුසො අඤ්ඤොපි පරියායො -පෙ- ආගතො ඉමං සද්ධම්මන්ති?
Sinhala BJT1. ඒ භික්‍ෂුහු ‘ඇවැත්නි මැනවැ’යි ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේගේ දේශනාව පිළිගෙණ අනුමෙව්නි කොට ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේගෙන් මත්තෙහි ප්‍රශ්නයක් ඇසූහ: “ඇවැත්නි, ... මේ නිර්‍වාණධර්‍මයට පැමිණියේ වේ නම් ඊට අන්‍ය ක්‍රමයෙකුදු වන්නේ ද?
Pali BJT2. සියා ආවුසො. යතො ඛො ආවුසො අරියසාවකො භවඤ්ච පජානාති, භවසමුදයඤ්ච පජානාති, භවනිරොධඤ්ච පජානාති, භවනිරොධගාමිනිං පටිපදඤ්ච පජානාති, එත්තාවතාපි ඛො ආවුසො අරියසාවකො සම්මාදිට්ඨි හොති. උජුගතාස්ස දිට්ඨි. ධම්මෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො ආගතො ඉමං සද්ධම්මන්ති.
Sinhala BJT2. ඇවැත්නි, වන්නේය. ඇවැත්නි යම් කලෙක පටන් ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ භවයන් දනී ද, භවසමුදයත් දනී ද, භවනිරෝධයත් දනී ද, භවනිරෝධගාමිනීප්‍රතිපදාවත් දනී ද, ඇවැත්නි, මෙතෙකිනුදු ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ සම්‍යග්දෘෂ්ටික වෙයි. ඔහුගේ දෘෂ්ටිය ඍජු වෙයි. ධර්‍මයෙහි ගුණ දැන පැහැදීමෙන් යුක්ත වූයේ මේ නිර්‍වාණධර්‍මයට පැමිණියේ වෙයි.
Pali BJT3. කතමො පනාවුසො භවො? කතමො භවසමුදයො? කතමො භවනිරොධො? කතමා භවනිරොධගාමිනී පටිපදා?ති. තයො මෙ ආවුසො භවා: කාමභවො රූපභවො අරූපභවො. උපාදානසමුදයා භවසමුදයො. උපාදානනිරොධා භවනිරොධො. අයමෙව අරියො අට්ඨඞ්ගිකො මග්ගො භවනිරොධගාමිනී පටිපදා - සෙය්යථිදං: සම්මාදිට්ඨි -පෙ- සම්මාසමාධි.
Sinhala BJT3. ඇවැත්නි, භවය කවරේ ය? භවසමුදය කවරේ ය? භවනිරෝධය කවරේ ය? භවනිරොධගාමිනීප්‍රතිපදා කවර? ඇවැත්නි, මේ භවයෝ කාමභවය, රූපභවය, අරූපභවය යි තිදෙනෙක් වෙත්. උපාදාන හේතුවෙන් භවසමුදය වේ. උපාදාන නිරෝධයෙන් භව නිරෝධය වේ. මේ අරීඅටගිමග ම භවනිරෝධගාමිනීප්‍රතිපදාව යි. එනම්: සම්‍යග්දෘෂ්ටිය … සම්‍යක්සමාධිය යි.
Pali BJT4. යතො ඛො ආවුසො අරියසාවකො එවං භවං පජානාති, එවං භවසමුදයං පජානාති, එවං භවනිරොධං පජානාති, එවං භවනිරොධගාමිනිං පටිපදං පජානාති, සො සබ්බසො රාගානුසයං පහාය -පෙ- එත්තාවතාපි ඛො ආවුසො අරියසාවකො සම්මාදිට්ඨි හොති. උජුගතාස්ස දිට්ඨි. ධම්මෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො ආගතො ඉමං සද්ධම්මන්ති.
Sinhala BJT4. ඇවැත්නි, ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ යම් කලෙක පටන් මෙසේ භවය දනී ද, මෙසේ භවසමුදය දනී ද, මෙසේ භවනිරෝධය දනී ද, මෙසේ භවනිරොධගාමිනී ප්‍රතිපදාව දනී ද, හෙතෙම හැම ලෙසින්ම රාගානුශය පහ කොට ... ඇවැත්නි, මෙතෙකිනුදු ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ සම්‍යග්දෘෂ්ටික වෙයි. ඔහුගේ දෘෂ්ටිය ඍජු වෙයි. ධර්‍මයෙහි ගුණ දැන පැහැදීමෙන් යුක්ත වූයේ මේ නිර්‍වාණධර්‍මයට පැමිණියේ වෙයි.
Pali BJT[6. භවවාරො.]
Sinhala BJT[6. භවවාරය යි.]
Pali BJT1. සාධාවුසොති ඛො තෙ භික්ඛූ ආයස්මතො සාරිපුත්තස්ස භාසිතං අභිනන්දිත්වා අනුමොදිත්වා ආයස්මන්තං සාරිපුත්තං උත්තරිං පඤ්හං ආපුච්ඡුං: සියා පනාවුසො අඤ්ඤොපි පරියායො -පෙ- ආගතො ඉමං සද්ධම්මන්ති?
Sinhala BJT1. ඒ භික්‍ෂූහු ‘ඇවැත්නි මැනැවැ’යි ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේගේ දේශනාව පිළිගෙණ අනුමෙව්නි කොට ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේගෙන් මත්තෙහි ප්‍රශ්නයක් ඇසූහ: “ඇවැත්නි, ... මේ නිර්‍වාණධර්‍මයට පැමිණියේ වේ නම් ඊට අන්‍ය ක්‍රමයෙකුදු වන්නේ ද?
Pali BJT2. සියා ආවුසො. යතො ඛො ආවුසො අරියසාවකො උපාදානඤ්ච පජානාති, උපාදානසමුදයඤ්ච පජානාති, උපාදානනිරොධඤ්ච පජානාති, උපාදානනිරොධගාමිනිං පටිපදඤ්ච පජානාති, එත්තාවතාපි ඛො ආවුසො අරියසාවකො සම්මාදිට්ඨි හොති. උජුගතාස්ස දිට්ඨි ධම්මෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො ආගතො ඉමං සද්ධම්මන්ති.
Sinhala BJT2. ඇවැත්නි, වන්නේය. ඇවැත්නි යම් කලෙක පටන් ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ උපාදානයත් දනී ද, උපාදානසමුදයත් දනී ද, උපාදාන නිරෝධයත් දනී ද, උපාදාන නිරෝධගාමිනීප්‍රතිපදාවත් දනී ද, ඇවැත්නි, මෙතෙකිනුත් ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ සම්‍යග්දෘෂ්ටික වෙයි. ඔහුගේ දෘෂ්ටිය ඍජු වෙයි. ධර්‍මයෙහි ගුණ දැන පැහැදීමෙන් යුක්ත වූයේ මේ නිර්‍වාණධර්‍මයට පැමිණියේ වෙයි.
Pali BJT3. කතමං පනාවුසො උපාදානං? කතමො උපාදානසමුදයො? කතමො උපාදානනිරොධො? කතමා උපාදානනිරොධගාමිනී පටිපදා?ති. චත්තාරිමානි ආවුසො උපාදානානි: කාමූපාදානං දිට්ඨූපාදානං සීලබ්බතූපාදානං අත්තවාදූපාදානං. තණ්හාසමුදයා උපාදානසමුදයො. තණ්හානිරොධා උපාදානනිරොධො. අයමෙව අරියො අට්ඨඞ්ගිකො මග්ගො උපාදානනිරොධගාමිනී පටිපදා - සෙය්යථිදං: සම්මාදිට්ඨි -පෙ- සම්මාසමාධි.
Sinhala BJT3. ඇවැත්නි, උපාදානය කවරේ ය? උපාදානය සමුදය කවරේ ය? උපාදානනිරෝධය කවරේ ය? උපාදානනිරෝධගාමිනී ප්‍රතිපදා කවර? ඇවැත්නි, මේ උපාදානයෝ සතර දෙනෙක් වෙත්: කාමූපාදානය (වස්තුකාමය තෘෂ්ණාවෙන් දැඩි කොට ගැනීම) දිට්ඨුපාදානය(දෘෂ්ටිය දැඩි කොට ගැනීම) සීලබ්බතුපාදානය (බාහිර ශීලව්‍රත මොක්‍ෂමාර්‍ගය සේ දැඩි කොට සලකා ගැනීම) අත්තවාදූ පාදානය (ආත්මය ඇතැයි දැඩි කොට ගැනීම) ද වෙති. තෘෂ්ණාසමුදයෙන්උපාදාන සමුදය වේ. තෘෂ්ණානිරෝධයෙන් උපාදාන නිරෝධය වේ. උපාදානනිරෝධගාමිනීප්‍රතිපදාව මේ අරීඅටගිමග ම ය. එනම්: සම්‍යග්දෘෂ්ටිය … සම්‍යක්සමාධිය යි.
Pali BJT4. යතො ඛො ආවුසො අරියසාවකො එවං උපාදානං පජානාති, එවං උපාදානසමුදයං පජානාති, එවං උපාදානනිරොධං පජානාති, එවං උපාදානනිරොධගාමිනිං පටිපදං පජානාති, සො සබ්බසො රාගානුසයං පහාය -පෙ- එත්තාවතාපි ඛො ආවුසො අරියසාවකො සම්මාදිට්ඨි හොති. උජුගතාස්ස දිට්ඨි. ධම්මෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො ආගතො ඉමං සද්ධම්මන්ති.
Sinhala BJT4. ඇවැත්නි, යම් කලෙක පටන් ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ මෙසේ උපාදාන දනී ද, මෙසේ උපාදානසමුදය දනී ද, මෙසේ උපාදානනිරෝධය දනී ද, මෙසේ උපාදානනිරෝධගාමිනීප්‍රතිපදාව දනී ද, හෙතෙම සර්‍වප්‍රකාරයෙන් රාගානුශය හැර ... ඇවැත්නි, මෙතෙකිනුදු ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ සම්‍යග්දෘෂ්ටික වෙයි. ඔහුගේ දෘෂ්ටිය ඍජු වෙයි. ධර්‍මයෙහි ගුණ දැන පැහැදීමෙන් යුක්ත වූයේ මේ නිර්‍වාණධර්‍මයට පැමිණියේ වෙයි.
Pali BJT[7. උපාදානවාරො.]
Sinhala BJT[7. උපාදානවාරය යි.]
Pali BJT1. සාධාවුසොති ඛො තෙ භික්ඛූ ආයස්මතො සාරිපුත්තස්ස භාසිතං අභිනන්දිත්වා අනුමොදිත්වා ආයස්මන්තං සාරිපුත්තං උත්තරිං පඤ්හං ආපුච්ඡුං: සියා පනාවුසො අඤ්ඤොපි පරියායො -පෙ- ආගතො ඉමං සද්ධම්මන්ති?
Sinhala BJT1. ඒ භික්‍ෂුහු ‘ඇවැත්නි මැනැවැ’යි ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේගේ දේශනාව පිළිගෙණ අනුමෙව්නි කොට ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේගෙන් මත්තෙහි ප්‍රශ්නයක් ඇසූහ: “ඇවැත්නි, ... මේ නිර්‍වාණධර්‍මයට පැමිණියේ වේ නම් ඊට අන් ක්‍රමයෙකු දු වන්නේ ද?
Pali BJT2. සියා ආවුසො. යතො ඛො ආවුසො අරියසාවකො තණ්හඤ්ච පජානාති, තණ්හාසමුදයඤ්ච පජානාති, තණ්හානිරොධඤ්ච පජානාති, තණ්හානිරොධගාමිනිං පටිපදඤ්ච පජානාති, එත්තාවතාපි ඛො ආවුසො අරියසාවකො සම්මාදිට්ඨි හොති. උජුගතාස්ස දිට්ඨි. ධම්මෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො ආගතො ඉමං සද්ධම්මන්ති.
Sinhala BJT2. ඇවැත්නි, වන්නේය. ඇවැත්නි යම් කලෙක පටන් ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ තණ්හාවත් දනී ද, තණ්හාසමුදයත් දනී ද, තණ්හානිරෝධයත් දනී ද, තණ්හානිරොධගාමිනීප්‍රතිපදාවත් දනී ද, ඇවැත්නි, මෙතෙකිනුදු ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ සම්‍යග්දෘෂ්ටික වෙයි. ඔහුගේ දෘෂ්ටිය ඍජු වෙයි. ධර්‍මයෙහි ගුණ දැන පැහැදීමෙන් යුක්ත වූයේ මේ නිර්‍වාණධර්‍මයට පැමිණියේ වෙයි.
Pali BJT3. කතමා පනාවුසො තණ්හා? කතමො තණ්හාසමුදයො? කතමො තණ්හානිරොධො? කතමා තණ්හානිරොධගාමිනී පටිපදා? ඡයිමෙ ආවුසො තණ්හාකායා: රූපතණ්හා සද්දතණ්හා ගන්ධතණ්හා රසතණ්හා ඵොට්ඨබ්බතණ්හා ධම්මතණ්හා. වෙදනාසමුදයා තණ්හාසමුදයො. වෙදනානිරොධා තණ්හානිරොධො. අයමෙව අරියො අට්ඨඞ්ගිකො මග්ගො තණ්හානිරොධගාමිනී පටිපදා – සෙය්යථිදං: සම්මාදිට්ඨි -පෙ- සම්මාසමාධි.
Sinhala BJT3. ඇවැත්නි, තණ්හාව කවර? තණ්හාසමුදය කවරේ ය? තණ්හා නිරෝධය කවරේ ය? තණ්හානිරෝධගාමිනීප්‍රතිපදා කවර? ඇවැත්නි, රූපතෘෂ්ණාව, ශබ්දතෘෂ්ණාව, ගන්‍ධතෘෂ්ණාව, රසතෘෂ්ණාව, ස්ප්‍රෂ්ටව්‍ය තෘෂ්ණාව, ධර්‍මතෘෂ්ණාව ය යි මේ තෘෂ්ණාකායයෝ සදෙනෙක් වෙත්. වෙදනාසමුදයෙන් තණ්හාසමුදය වේ. වේදනානිරෝධයෙන් තණ්හානිරෝධය වේ. මේ අරීඅටගිමග ම තෘෂ්ණානිරොධගාමිනීප්‍රතිපදාව වෙයි. එනම්: සම්‍යග්දෘෂ්ටිය … සම්‍යක්සමාධිය යි.
Pali BJT4. යතො ඛො ආවුසො අරියසාවකො එවං තණ්හං පජානාති, එවං තණ්හාසමුදයං පජානාති, එවං තණ්හානිරොධං පජානාති, එවං තණ්හානිරොධගාමිනිං පටිපදං පජානාති, සො සබ්බසො රාගානුසයං පහාය -පෙ- එත්තාවතාපි ඛො ආවුසො අරියසාවකො සම්මාදිට්ඨි හොති. උජුගතාස්ස දිට්ඨි. ධම්මෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො ආගතො ඉමං සද්ධම්මන්ති.
Sinhala BJT4. ඇවැත්නි, යම් කලෙක පටන් ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ මෙසේ තෘෂ්ණාව දනී ද, මෙසේ තෘෂ්ණාසමුදය දනී ද, මෙසේ තෘෂ්ණානිරෝධය දනී ද, මෙසේ තෘෂ්ණානිරොධගාමිනීප්‍රතිපදාව දනී ද, හෙතෙම සර්‍වප්‍රකාරයෙන් රාගානුශය පහ කොට ... ඇවැත්නි, මෙතෙකිනුදු ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ සම්‍යග්දෘෂ්ටික වෙයි. ඔහුගේ දෘෂ්ටිය ඍජු වෙයි. ධර්‍මයෙහි ගුණ දැන පැහැදීමෙන් යුක්ත වූයේ මේ නිර්‍වාණධර්‍මයට පැමිණියේ වෙයි.
Pali BJT[8. තණ්හාවාරො.]
Sinhala BJT[8. තණ්හාවාරය යි.]
Pali BJT1. සාධාවුසොති ඛො තෙ භික්ඛූ ආයස්මතො සාරිපුත්තස්ස භාසිතං අභිනන්දිත්වා අනුමොදිත්වා ආයස්මන්තං සාරිපුත්තං උත්තරිං පඤ්හං ආපුච්ඡුං: සියා පනාවුසො අඤ්ඤොපි පරියායො -පෙ- ආගතො ඉමං සද්ධම්මන්ති?
Sinhala BJT1. ඒ භික්‍ෂූහු ‘ඇවැත්නි මැනැවැ’යි ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේගේ දේශනාව පිළිගෙණ අනුමෝදන්ව ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේගෙන් මත්තෙහි ප්‍රශ්නයක් ඇසූහ: “ඇවැත්නි, ... මේ නිර්‍වාණධර්‍මයට පැමිණියේ වේ නම් ඊට අන් ක්‍රමයෙකු දු වන්නේ ද?
Pali BJT2. සියා ආවුසො. යතො ඛො ආවුසො අරියසාවකො වෙදනඤ්ච පජානාති, වෙදනාසමුදයඤ්ච පජානාති, වෙදනානිරොධඤ්ච පජානාති, වෙදනානිරොධගාමිනිං පටිපදඤ්ච පජානාති, එත්තාවතාපි ඛො ආවුසො අරියසාවකො සම්මාදිට්ඨි හොති. උජුගතාස්ස දිට්ඨි. ධම්මෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො ආගතො ඉමං සද්ධම්මන්ති.
Sinhala BJT2. ඇවැත්නි, වන්නේ ය. ඇවැත්නි යම් කලෙක පටන් ආර්‍ය ශ්‍රාවක තෙමේ වේදනාවත් දනී ද, වේදනා සමුදයත් දනී ද, වේදනා නිරෝධයත් දනී ද, වේදනානිරෝධගාමිනීප්‍රතිපදාවත් දනී ද, ඇවැත්නි, ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ මෙතෙකිනිදු සම්‍යග්දෘෂ්ටික වෙයි. ඔහුගේ දෘෂ්ටි තොමෝ ඍජු වෙයි. දහම්හි ගුණ දැන පැහැදීමෙන් යුක්ත වූයේ මේ නිර්‍වාණධර්‍මයට පැමිණියේ වෙයි.
Pali BJT3. කතමා පනාවුසො වෙදනා? කතමො වෙදනාසමුදයො? කතමො වෙදනානිරොධො? කතමා වෙදනානිරොධගාමිනී පටිපදා?ති. ඡයිමෙ ආවුසො වෙදනාකායා: චක්ඛුසම්ඵස්සජා වෙදනා, සොතසම්ඵස්සජා වෙදනා, ඝානසම්ඵස්සජා වෙදනා, ජිව්හාසම්ඵස්සජා වෙදනා, කායසම්ඵස්සජා වෙදනා, මනොසම්ඵස්සජා වෙදනා. ඵස්සසමුදයා වෙදනාසමුදයො. ඵස්සනිරොධා වෙදනානිරොධො. අයමෙව අරියො අට්ඨඞ්ගිකො මග්ගො වෙදනානිරොධගාමිනී පටිපදා - සෙය්යථිදං: සම්මාදිට්ඨි -පෙ- සම්මාසමාධි.
Sinhala BJT3. ඇවැත්නි, වේදනාව කවර? වෙදනාසමුදය කවරේ ය? වේදනානිරෝධය කවරේ ය? වේදනානිරෝධගාමිනී ප්‍රතිපදා කවර? ඇවැත්නි, චක්ඛුසම්ඵස්සයෙන් හටගත් වේදනා, සෝතසම්ඵස්සයෙන් හටගත් වේදනා, ඝානසම්ඵස්සයෙන් හටගත් වේදනාව, ජිව්හාසම්ඵස්සයෙන් වේදනාව, කායසම්ඵස්සයෙන් හටගත් වේදනාව, මනෝසම්ඵස්සයෙන් හටගත් වේදනාය යි මේ වේදනාකායයෝ සයකි. ඵස්සසමුදයෙන් වේදනාසමුදය වේ. ඵස්සනිරෝධයෙන් වේදනානිරෝධය වේ. මේ අරීඅටගිමග ම වේදනානිරෝධගාමිනී ප්‍රතිපදාවයි. එනම්: සම්‍මාදිට්ඨි … සම්‍මාසමාධිය යන මේ යි.
Pali BJT4. යතො ඛො ආවුසො අරියසාවකො එවං වෙදනං පජානාති, එවං වෙදනාසමුදයං පජානාති, එවං වෙදනානිරොධං පජානාති, එවං වෙදනානිරොධගාමිනිං පටිපදං පජානාති, සො සබ්බසො රාගානුසයං පහාය -පෙ- එත්තාවතාපි ඛො ආවුසො අරියසාවකො සම්මාදිට්ඨි හොති. උජුගතාස්ස දිට්ඨි. ධම්මෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො ආගතො ඉමං සද්ධම්මන්ති.
Sinhala BJT4. ඇවැත්නි, යම් කලෙක පටන් ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ මෙසේ වේදනාවත් දනී ද, මෙසේ වේදනා සමුදයත් දනී ද, මෙසේ වේදනා නිරෝධයත් දනී ද, මෙසේ වේදනානිරෝධගාමිනී ප්‍රතිපදාවත් දනී ද, හෙතෙම සර්‍වප්‍රකාරයෙන් ම රාගානුශය නැති කිරීමෙන් ... ඇවැත්නි, ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ මෙ තෙකිනුත් සම්‍යග්දෘෂ්ටික වෙයි. ඔහුගේ දෘෂ්ටිය ඍජු වෙයි. දහම්හි ගුණ දැන පැහැදීමෙන් යුක්ත වූයේ මේ නිර්‍වාණධර්‍මයට පැමිණියේ වෙයි.
Pali BJT[9. වෙදනාවාරො.]
Sinhala BJT[9. වේදනාවාරය යි.]
Pali BJT1. සාධාවුසොති ඛො තෙ භික්ඛූ ආයස්මතො සාරිපුත්තස්ස භාසිතං අභිනන්දිත්වා අනුමොදිත්වා ආයස්මන්තං සාරිපුත්තං උත්තරිං පඤ්හං ආපුච්ඡුං: සියා පනාවුසො අඤ්ඤොපි පරියායො -පෙ- ආගතො ඉමං සද්ධම්මන්ති?
Sinhala BJT1. ඒ භික්‍ෂුහු ‘ඇවැත්නි මැනැවැ’යි ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේගේ දේශනාව පිළිගෙණ අනුමෝදන්ව ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේගෙන් මත්තෙහි ප්‍රශ්නයක් ඇසූහ: ඇවැත්නි ... මේ නිර්‍වාණධර්‍මයට පැමිණියේ නම් ඊට අන් ක්‍රමයකුත් වන්නේ ද?
Pali BJT2. සියා ආවුසො. යතො ඛො ආවුසො අරියසාවකො ඵස්සඤ්ච පජානාති, ඵස්සසමුදයඤ්ච පජානාති, ඵස්සනිරොධඤ්ච පජානාති, ඵස්සනිරොධගාමිනිං පටිපදඤ්ච පජානාති, එත්තාවතාපි ඛො ආවුසො අරියසාවකො සම්මාදිට්ඨි හොති. උජුගතාස්ස දිට්ඨි. ධම්මෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො ආගතො ඉමං සද්ධම්මන්ති.
Sinhala BJT2. ඇවැත්නි වන්නේ ය. ඇවැත්නි යම් කලෙක පටන් ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ ඵස්සය දනී ද, ඵස්සයසමුදය දනී ද, ඵස්සනිරොධය දනී ද, ඵස්සනිරෝධගාමිනී ප්‍රතිපදාව දනී ද, ඇවැත්නි, ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ මෙතෙකිනුත් සම්‍යග් දෘෂ්ටික වෙයි. ඔහුගේ දෘෂ්ටිය ඍජු වෙයි. දහම්හි ගුණ දැන පැහැදීමෙන් යුක්ත වූයේ මේ නිර්‍වාණධර්‍මයට පැමිණියේ වෙයි.
Pali BJT3. කතමො පනාවුසො ඵස්සො? කතමො ඵස්සසමුදයො? කතමො ඵස්සනිරොධො? කතමා ඵස්සනිරොධගාමිනී පටිපදාති? ඡයිමෙ ආවුසො ඵස්සකායා: චක්ඛුසම්ඵස්සො සොතසම්ඵස්සො ඝානසම්ඵස්සො ජිව්හාසම්ඵස්සො කායසම්ඵස්සො මනොසම්ඵස්සො. සළායතනසමුදයා ඵස්සසමුදයො. සළායතනනිරොධා ඵස්සනිරොධො. අයමෙව අරියො අට්ඨඞ්ගිකො මග්ගො ඵස්සනිරොධගාමිනී පටිපදා – සෙය්යථිදං: සම්මාදිට්ඨි -පෙ- සම්මාසමාධි.
Sinhala BJT3. ඇවැත්නි, ඵස්සය කවරේ ය? ඵස්ස සමුදය කවරේය? ඵස්සනිරොධය කවරේ ය? ඵස්සනිරෝධගාමිනී ප්‍රතිපදා කවර? ඇවැත්නි, චක්ඛුසම්ඵස්සය, සෝතසම්ඵස්සය, ඝානසම්ඵස්සය, ජිව්හාසම්ඵස්සය, කායසම්ඵස්සය, මනෝසම්ඵස්සය යි ස්පර්‍ශකායයෝ සයකි. සළායතනසමුදයෙන් ඵස්සසමුදය වේ. සළායතනනිරෝධයෙන් ඵස්සනිරොධය වේ. මේ අරීඅටගිමඟ ම ඵස්සනිරෝධගාමිනී ප්‍රතිපදාව වේ. එනම්: සම්‍මාදිට්ඨි … සම්‍මාසමාධිය යන මේ යි.
Pali BJT4. යතො ඛො ආවුසො අරියසාවකො එවං ඵස්සං පජානාති, එවං ඵස්සසමුදයං පජානාති, එවං ඵස්සනිරොධං පජානාති, එවං ඵස්සනිරොධගාමිනිං පටිපදං පජානාති, සො සබ්බසො රාගානුසයං පහාය -පෙ- එත්තාවතාපි ඛො ආවුසො අරියසාවකො සම්මාදිට්ඨි හොති. උජුගතාස්ස දිට්ඨි. ධම්මෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො ආගතො ඉමං සද්ධම්මන්ති.
Sinhala BJT4. ඇවැත්නි, යම් කලෙක පටන් ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ මෙසේ ඵස්සය දනී ද, මෙසේ ඵස්සසමුදය දනී ද, මෙසේ ඵස්සනිරොධය දනී ද, මෙසේ ඵස්සනිරෝධගාමිනී ප්‍රතිපදාව දනී ද, හෙතෙම සර්‍වප්‍රකාරයෙන් ම රාගානුශය නැති කිරීමෙන් ... ඇවැත්නි, මෙතෙකිනුත් ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ සම්‍යග්දෘෂ්ටික වෙයි. ඔහුගේ දෘෂ්ටිය ඍජු වෙයි. දහම්හි ගුණ දැන පැහැදීමෙන් යුක්ත වූයේ මේ නිර්‍වාණධර්‍මයට පැමිණියේ වෙයි.
Pali BJT[10. ඵස්සවාරො.]
Sinhala BJT[10. ඵස්සවාරය යි.]
Pali BJT1. සාධාවුසොති ඛො තෙ භික්ඛූ ආයස්මතො සාරිපුත්තස්ස භාසිතං අභිනන්දිත්වා අනුමොදිත්වා ආයස්මන්තං සාරිපුත්තං උත්තරිං පඤ්හං ආපුච්ඡුං: සියා පනාවුසො අඤ්ඤොපි පරියායො -පෙ- ආගතො ඉමං සද්ධම්මන්ති?
Sinhala BJT1. ඒ භික්‍ෂුහු ‘ඇවැත්නි මැනැවැ’යි ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේගේ දේශනාව පිළිගෙණ අනුමෝදන්ව ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේගෙන් මත්තෙහි ප්‍රශ්නයක් ඇසූහ: “ඇවැත්නි ... මේ නිර්‍වාණධර්‍මයට පැමිණියේ වේ නම් ඊට අන් ක්‍රමයකුත් වන්නේ ද?
Pali BJT2. සියා ආවුසො. යතො ඛො ආවුසො අරියසාවකො සළායතනඤ්ච පජානාති, සළායතනසමුදයඤ්ච පජානාති, සළායතනනිරොධඤ්ච පජානාති, සළායතනනිරොධගාමිනිං පටිපදඤ්ච පජානාති, එත්තාවතාපි ඛො ආවුසො අරියසාවකො සම්මාදිට්ඨි හොති. උජුගතාස්ස දිට්ඨි. ධම්මෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො ආගතො ඉමං සද්ධම්මන්ති.
Sinhala BJT2. ඇවැත්නි වන්නේ ය. ඇවැත්නි, යම් කලෙක පටන් ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ සළායතනය දනී ද, සළායතනසමුදය දනී ද, සළායතනනිරෝධය දනී ද, සළායතන නිරොධගාමිනී ප්‍රතිපදාවත් දනී ද, ඇවැත්නි, ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ මෙතෙකිනුත් සම්‍යග්දෘෂ්ටික වෙයි. ඔහුගේ දෘෂ්ටිය ඍජු වෙයි. දහම්හි ගුණ දැන පැහැදීමෙන් යුක්ත වූයේ මේ නිර්‍වාණධර්‍මයට පැමිණියේ වෙයි.
Pali BJT3. කතමං පනාවුසො සළායතනං? කතමො සළායතනසමුදයො? කතමො සළායතනනිරොධො? කතමා සළායතනනිරොධගාමිනී පටිපදා?ති. ඡයිමානි ආවුසො ආයතනානි: චක්ඛායතනං, සොතායතනං, ඝානායතනං, ජිව්හායතනං, කායායතනං, මනායතනං. නාමරූපසමුදයා සළායතනසමුදයො. නාමරූපනිරොධා සළායතනනිරොධො. අයමෙව අරියො අට්ඨඞ්ගිකො මග්ගො සළායතනනිරොධගාමිනී පටිපදා - සෙය්යථිදං: සම්මාදිට්ඨි -පෙ- සම්මාසමාධි.
Sinhala BJT3. ඇවැත්නි, සළායතන කවරේ ය? සළායතන සමුදය කවරේ ය? සළායතන නිරෝධය කවරේ ය? සළායතන නිරොධගාමිනී ප්‍රතිපදා කවර? ඇවැත්නි, චක්ඛායතනය, සෝතායතනය, ඝානායතනය, ජිව්හායතනය, කායායතනය, මනායතනය යි මේ ආයතන සයකි. නාමරූපසමුදයෙන් සළායතන වේ. නාමරූප නිරෝධයෙන් සළායතන නිරෝධය වේ. මේ අරීඅටගිමග ම සළායතන නිරොධගාමිනී ප්‍රතිපදාව වේ. එනම්: සම්‍මාදිට්ඨි … සම්‍මාසමාධි යන මේ යි.
Pali BJT4. යතො ඛො ආවුසො අරියසාවකො එවං සළායතනං පජානාති, එවං සළායතනසමුදයං පජානාති, එවං සළායතනනිරොධං පජානාති, එවං සළායතනනිරොධගාමිනිං පටිපදං පජානාති, සො සබ්බසො රාගානුසයං පහාය -පෙ- එත්තාවතාපි ඛො ආවුසො අරියසාවකො සම්මාදිට්ඨි හොති. උජුගතාස්ස දිට්ඨි. ධම්මෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො ආගතො ඉමං සද්ධම්මන්ති.
Sinhala BJT4. ඇවැත්නි, යම් කලෙක පටන් ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ මෙසේ සළායතන දනී ද, මෙසේ සළායතනසමුදය දනී ද, සළායතන නිරෝධය දනී ද, සළායතන නිරොධගාමිනී ප්‍රතිපදාව දනී ද, හෙතෙම සර්‍වප්‍රකාරයෙන් ම රාගානුශය නැති කොට ... ඇවැත්නි, මෙතෙකිනුත් ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ සම්‍යග්දෘෂ්ටික වෙයි. ඔහුගේ දෘෂ්ටිය ඍජු වෙයි. දහම්හි ගුණ දැන පැහැදීමෙන් යුක්ත වූයේ මේ නිර්‍වාණධර්‍මයට පැමිණියේ වෙයි.
Pali BJT[11. සළායතනවාරො.]
Sinhala BJT[11. සළායතනවාරය යි]
Pali BJT1. සාධාවුසොති ඛො තෙ භික්ඛූ ආයස්මතො සාරිපුත්තස්ස භාසිතං අභිනන්දිත්වා අනුමොදිත්වා ආයස්මන්තං සාරිපුත්තං උත්තරිං පඤ්හං ආපුච්ඡුං: සියා පනාවුසො අඤ්ඤොපි පරියායො -පෙ- ආගතො ඉමං සද්ධම්මන්ති?
Sinhala BJT1. ඒ භික්‍ෂූහු ‘ඇවැත්නි මැනැවැ’යි ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේගේ දේශනාව පිළිගෙණ අනුමෝදන්ව ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේගෙන් මත්තෙහි ප්‍රශ්නයක් ඇසූහ: “ඇවැත්නි, ... මේ නිර්‍වාණධර්‍මයට පැමිණියේ වේ නම් ඊට අන් ක්‍රමයෙකුත් වන්නේ ද?
Pali BJT2. සියා ආවුසො. යතො ඛො ආවුසො අරියසාවකො නාමරූපඤ්ච පජානාති, නාමරූපසමුදයඤ්ච පජානාති, නාමරූපනිරොධඤ්ච පජානාති, නාමරූපනිරොධගාමිනිං පටිපදඤ්ච පජානාති. එත්තාවතාපි ඛො ආවුසො අරියසාවකො සම්මාදිට්ඨි හොති. උජුගතාස්ස දිට්ඨි. ධම්මෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො ආගතො ඉමං සද්ධම්මන්ති.
Sinhala BJT2. ඇවැත්නි, වන්නේ ය. ඇවැත්නි, යම් කලෙක පටන් ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ නාමරූපයත් දනී ද, නාමරූප සමුදයත් දනී ද, නාමරූප නිරෝධයත් දනී ද, නාමරූප නිරොධගාමිනී ප්‍රතිපදාවත් දනී ද, ඇවැත්නි, මෙතෙකිනුත් ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ සම්‍යග් දෘෂ්ටික වෙයි. ඔහුගේ දෘෂ්ටිය ඍජු වෙයි. දහම්හි ගුණ දැන පැහැදීමෙන් යුක්ත වූයේ මේ නිර්‍වාණධර්‍මයට පැමිණියේ වෙයි.
Pali BJT3. කතමං පනාවුසො නාමරූපං? කතමො නාමරූපසමුදයො? කතමො නාමරූපනිරොධො? කතමා නාමරූපනිරොධගාමිනී පටිපදා?ති. වෙදනා, සඤ්ඤා, චෙතනා, ඵස්සො, මනසිකාරො – ඉදං වුච්චතාවුසො නාමං. චත්තාරි ච මහාභූතානි චතුන්නඤ්ච මහාභූතානං උපාදායරූපං. ඉදං වුච්චතාවුසො රූපං. ඉති ඉදඤ්ච නාමං ඉදඤ්ච රූපං – ඉදං වුච්චතාවුසො නාමරූපං. විඤ්ඤාණසමුදයා නාමරූපසමුදයො. විඤ්ඤාණනිරොධා නාමරූපනිරොධො. අයමෙව අරියො අට්ඨඞ්ගිකො මග්ගො නාමරූපනිරොධගාමිනී පටිපදා - සෙය්යථිදං: සම්මාදිට්ඨි -පෙ- සම්මාසමාධි.
Sinhala BJT3. ඇවැත්නි, නාමරූපය කවරේ ය? නාමරූප සමුදය කවරේ ය? නාමරූප නිරෝධය කවරේ ය? නාමරූප නිරොධගාමිනී ප්‍රතිපදා කවර? ඇවැත්නි, වේදනාව සංඥාව චේතනාව ස්පර්‍ශය මනසිකාරය යන මෙය නාම යයි කියනු ලැබේ. ඇවැත්නි, සතරමහාභූතත් සතරමහාභූතයන් නිසා පවත්නා රූපත් යන මෙය රූපය යි කියනු ලැබේ. ඇවැත්නි, මෙසේ මේ නාමයත් මේ රූපයත් යන මෙය නාමරූපය යි කියනු ලැබේ. විඤ්ඤාණ සමුදයෙන් නාමරූප සමුදය වේ. විඤ්ඤාණ නිරෝධයෙන් නාමරූප නිරෝධය වේ. මේ අරීඅටගිමග ම නාමරූප නිරොධගාමිනී ප්‍රතිපදාව වේ. එනම්: සම්‍මාදිට්ඨි … සම්‍මාසමාධිය යන මේ යි.
Pali BJT4. යතො ඛො ආවුසො අරියසාවකො එවං නාමරූපං පජානාති, එවං නාමරූපසමුදයං පජානාති, එවං නාමරූපනිරොධං පජානාති, එවං නාමරූපනිරොධගාමිනිං පටිපදං පජානාති, සො සබ්බසො රාගානුසයං පහාය -පෙ- එත්තාවතාපි ඛො ආවුසො අරියසාවකො සම්මාදිට්ඨි හොති. උජුගතාස්ස දිට්ඨි. ධම්මෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො ආගතො ඉමං සද්ධම්මන්ති.
Sinhala BJT4. ඇවැත්නි, යම් කලෙක පටන් ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ මෙසේ නාමරූපයත් දනී ද, මෙසේ නාමරූප සමුදයත් දනී ද, මෙසේ නාමරූප නිරෝධයත් දනී ද, මෙසේ නාමරූප නිරොධගාමිනී ප්‍රතිපදාවත් දනී ද, හෙතෙම සර්‍වප්‍රකාරයෙන් ම රාගානුශය නැති කිරීමෙන් ... ඇවැත්නි, මෙතෙකිනුදු ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ සම්‍යග්දෘෂ්ටික වෙයි. ඔහුගේ දෘෂ්ටිය ඍජු වෙයි. දහම්හි ගුණ දැන පැහැදීමෙන් යුක්ත වූයේ මේ නිර්‍වාණධර්‍මයට පැමිණියේ වෙයි.
Pali BJT[12. නාමරූපවාරො.]
Sinhala BJT[12. නාමරූපවාරය යි.]
Pali BJT1. සාධාවුසොති ඛො තෙ භික්ඛූ ආයස්මතො සාරිපුත්තස්ස භාසිතං අභිනන්දිත්වා අනුමොදිත්වා ආයස්මන්තං සාරිපුත්තං උත්තරිං පඤ්හං ආපුච්ඡුං: සියා පනාවුසො අඤ්ඤොපි පරියායො -පෙ- ආගතො ඉමං සද්ධම්මන්ති?
Sinhala BJT1. ‘ඇවැත්නි මැනැවැ’යි ඒ භික්‍ෂූහු ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේගේ දේශනාව පිළිගෙණ අනුමෝදන් ව මත්තෙහි සැරියුත් තෙරුන්ගෙන් ප්‍රශ්නයක් ඇසූහ: ඇවැත්නි ... මේ නිර්‍වාණධර්‍මයට පැමිණියේ වේ නම් ඊට අන් ක්‍රමයෙකුත් වන්නේ ද?
Pali BJT2. සියා ආවුසො. යතො ඛො ආවුසො අරියසාවකො විඤ්ඤාණඤ්ච පජානාති, විඤ්ඤාණසමුදයඤ්ච පජානාති, විඤ්ඤාණනිරොධඤ්ච පජානාති, විඤ්ඤාණනිරොධගාමිනිං පටිපදඤ්ච පජානාති, එත්තාවතාපි ඛො ආවුසො අරියසාවකො සම්මාදිට්ඨි හොති. උජුගතාස්ස දිට්ඨි. ධම්මෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො ආගතො ඉමං සද්ධම්මන්ති.
Sinhala BJT2. ඇවැත්නි, වන්නේ ය. ඇවැත්නි, යම් කලෙක පටන් ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ විඤ්ඤාණයත් දනී ද, විඤ්ඤාණ සමුදයත් දනී ද, විඤ්ඤාණ නිරෝධයත් දනී ද, විඤ්ඤාණ නිරොධගාමිනී ප්‍රතිපදාවත් දනී ද, ඇවැත්නි, මෙතෙකිනුත් ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ සම්‍යග්දෘෂ්ටික වෙයි. ඔහුගේ දෘෂ්ටිය ඍජු වෙයි. දහම්හි ගුණ දැන පැහැදීමෙන් යුක්ත වූයේ මේ නිර්‍වාණ ධර්‍මයට පැමිණියේ වෙයි.
Pali BJT3. කතමං පනාවුසො විඤ්ඤාණං? කතමො විඤ්ඤාණසමුදයො? කතමො විඤ්ඤාණනිරොධො? කතමා විඤ්ඤාණනිරොධගාමිනී පටිපදා?ති. ඡයිමෙ ආවුසො විඤ්ඤාණකායා: චක්ඛුවිඤ්ඤාණං, සොතවිඤ්ඤාණං, ඝානවිඤ්ඤාණං, ජිව්හාවිඤ්ඤාණං, කායවිඤ්ඤාණං, මනොවිඤ්ඤාණං. සඞ්ඛාරසමුදයා විඤ්ඤාණසමුදයො. සඞ්ඛාරනිරොධා විඤ්ඤාණනිරොධො. අයමෙව අරියො අට්ඨඞ්ගිකො මග්ගො විඤ්ඤාණනිරොධගාමිනී පටිපදා - සෙය්යථිදං: සම්මාදිට්ඨි -පෙ- සම්මාසමාධි.
Sinhala BJT3. ඇවැත්නි, විඤ්ඤාණය කවරේ ය? විඤ්ඤාණ සමුදය කවරේ ය? විඤ්ඤාණ නිරෝධය කවරේ ය? විඤ්ඤාණ නිරොධගාමිනී ප්‍රතිපදා කවර? ඇවැත්නි, මේ විඤ්ඤාණ කායයෝ සයෙකි: චක්ඛුවිඤ්ඤාණය, සෝතවිඤ්ඤාණය, ඝානවිඤ්ඤාණය, ජිව්හාවිඤ්ඤාණය, කායවිඤ්ඤාණය, මනෝවිඤ්ඤාණය යි කියායි. සංඛාරසමුදයෙන් විඤ්ඤාණ සමුදය වේ. සංඛාරනිරෝධයෙන් විඤ්ඤාණනිරෝධය වේ. මේ අරීඅටගිමග ම විඤ්ඤාණනිරෝධගාමිනී ප්‍රතිපදාවයි. එනම්: සම්‍මාදිට්ඨි … සම්‍මාසමාධිය යන මේ යි.
Pali BJT4. යතො ඛො ආවුසො අරියසාවකො එවං විඤ්ඤාණං පජානාති, එවං විඤ්ඤාණසමුදයං පජානාති, එවං විඤ්ඤාණනිරොධං පජානාති, එවං විඤ්ඤාණනිරොධගාමිනිං පටිපදං පජානාති. සො සබ්බසො රාගානුසයං පහාය -පෙ- එත්තාවතාපි ඛො ආවුසො අරියසාවකො සම්මාදිට්ඨි හොති. උජුගතාස්ස දිට්ඨි. ධම්මෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො ආගතො ඉමං සද්ධම්මන්ති.
Sinhala BJT4. ඇවැත්නි, යම් කලෙක පටන් ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ මෙසේ විඤ්ඤාණයත් දනී ද, මෙසේ විඤ්ඤාණසමුදයත් දනී ද, මෙසේ විඤ්ඤාණ නිරෝධයත් දනී ද, මෙසේ විඤ්ඤාණ නිරොධගාමිනී ප්‍රතිපදාවත් දනී ද, හෙතෙම සර්‍වප්‍රකාරයෙන් ම රාගානුශය දුරු කොට ... ඇවැත්නි, මෙතෙකිනුත් ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ සම්‍යග්දෘෂ්ටික වෙයි. ඔහුගේ දෘෂ්ටිය ඍජු වෙයි. දහම්හි ගුණ දැන පැහැදීමෙන් යුක්ත වූයේ මේ නිර්‍වාණධර්‍මයට පැමිණියේ වෙයි.
Pali BJT[13. විඤ්ඤාණවාරො.]
Sinhala BJT[13. විඤ්ඤාණවාර යි.]
Pali BJT1. සාධාවුසොති ඛො තෙ භික්ඛූ ආයස්මතො සාරිපුත්තස්ස භාසිතං අභිනන්දිත්වා අනුමොදිත්වා ආයස්මන්තං සාරිපුත්තං උත්තරිං පඤ්හං ආපුච්ඡුං: සියා පනාවුසො අඤ්ඤොපි පරියායො -පෙ- ආගතො ඉමං සද්ධම්මන්ති?
Sinhala BJT1. ඒ භික්‍ෂූහු ‘ඇවැත්නි මැනැවැ’යි ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේගේ දේශනාව පිළිගෙණ අනුමෝදන්ව මත්තෙහි ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේගෙන් ප්‍රශ්නයක් ඇසූහ: “ඇවැත්නි ... මේ නිර්‍වාණධර්‍මයට පැමිණියේ වේ නම් ඊට අන් ක්‍රමයෙකුත් වන්නේ ද?
Pali BJT2. සියා ආවුසො. යතො ඛො ආවුසො අරියසාවකො සඞ්ඛාරෙ ච පජානාති, සඞ්ඛාරසමුදයඤ්ච පජානාති, සඞ්ඛාරනිරොධඤ්ච පජානාති, සඞ්ඛාරනිරොධගාමිනිං පටිපදඤ්ච පජානාති, එත්තාවතාපි ඛො ආවුසො අරියසාවකො සම්මාදිට්ඨි හොති. උජුගතාස්ස දිට්ඨි. ධම්මෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො ආගතො ඉමං සද්ධම්මන්ති.
Sinhala BJT2. ඇවැත්නි, වන්නේ ය. ඇවැත්නි, යම් කලෙක පටන් ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ සංස්කාරයත් දනී ද, සංස්කාර සමුදයත් දනී ද, සංස්කාරනිරොධයත් දනී ද, සංස්කාර නිරොධගාමිනී ප්‍රතිපදාවත් දනී ද, ඇවැත්නි, මෙතෙකිනුත් ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ සම්‍යග්දෘෂ්ටික වෙයි. ඔහුගේ දෘෂ්ටිය ඍජු වෙයි. දහම්හි ගුණ දැන පැහැදීමෙන් යුක්ත වූයේ මේ නිර්‍වාණ ධර්‍මයට පැමිණියේ වෙයි.
Pali BJT3. කතමෙ පනාවුසො සඞ්ඛාරා? කතමො සඞ්ඛාරසමුදයො? කතමො සඞ්ඛාරනිරොධො? කතමා සඞ්ඛාරනිරොධගාමිනී පටිපදා?ති. තයොමෙ ආවුසො සඞ්ඛාරා: කායසඞ්ඛාරො වචීසඞ්ඛාරො චිත්තසඞ්ඛාරො. අවිජ්ජාසමුදයා සඞ්ඛාරසමුදයො. අවිජ්ජානිරොධා සඞ්ඛාරනිරොධො. අයමෙව අරියො අට්ඨඞ්ගිකො මග්ගො සඞ්ඛාරනිරොධගාමිනී පටිපදා - සෙය්යථිදං: සම්මාදිට්ඨි -පෙ- සම්මාසමාධි.
Sinhala BJT3. ඇවැත්නි, සංස්කාරයෝ කවරයහ? සංස්කාර සමුදය කවරේ ය? සංස්කාර නිරෝධය කවරේ ය? සංස්කාර නිරෝධගාමිනීප්‍රතිපදා කවර? ඇවැත්නි, මේ සංස්කාරයෝ තිදෙනෙක් වෙත්: කාය සංස්කාර, වාක් සංස්කාර, චිත්ත සංස්කාරයයි කියා යි. අවිජ්ජාසමුදයෙන් සංස්කාර සමුදය වේ. අවිජ්ජානිරෝධයෙන් සංස්කාර නිරෝධය වේ. මේ අරීඅටගිමග ම සංස්කාර නිරොධගාමිනී ප්‍රතිපදාව වේ. එනම්: සම්‍මාදිට්ඨි … සම්‍මාසමාධිය යන මේයි.
Pali BJT4. යතො ඛො ආවුසො අරියසාවකො එවං සඞ්ඛාරෙ පජානාති, එවං සඞ්ඛාරසමුදයං පජානාති, එවං සඞ්ඛාරනිරොධං පජානාති, එවං සඞ්ඛාරනිරොධගාමිනිං පටිපදං පජානාති, සො සබ්බසො රාගානුසයං පහාය පටිඝානුසයං පටිවිනොදෙත්වා අස්මීති දිට්ඨිමානානුසයං සමූහනිත්වා අවිජ්ජං පහාය විජ්ජං උප්පාදෙත්වා දිට්ඨෙව ධම්මෙ දුක්ඛස්සන්තකරො හොති. එත්තාවතාපි ඛො ආවුසො අරියසාවකො සම්මාදිට්ඨි හොති. උජුගතාස්ස දිට්ඨි. ධම්මෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො ආගතො ඉමං සද්ධම්මන්ති.
Sinhala BJT4. ඇවැත්නි, යම් කලෙක පටන් ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ මෙසේ සංස්කාරයනුත් දනී ද, මෙසේ සංස්කාරසමුදයත් දනී ද, මෙසේ සංස්කාර නිරෝධයත් දනී ද, මෙසේ සංස්කාරනිරෝධගාමිනී ප්‍රතිපදාවත් දනී ද, හෙතෙම සර්‍වප්‍රකාරයෙන් ම රාගානුශය නැති කොට ප්‍රතිඝානුශය දුරු කොට, ‘අස්මි’ යි දෘෂ්ටි සදෘශ මානානුශය නසා අවිද්‍යාව දුරු කොට විද්‍යාව උපදවා ඉහාත්මයෙහි ම දුක් කෙළවර කරන්නෙක් වෙයි. ඇවැත්නි, මෙතෙකිනුත් ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ සම්‍යග්දෘෂ්ටික වෙයි. ඔහුගේ දෘෂ්ටිය ඍජු වෙයි. දහම්හි ගුණ දැන පැහැදීමෙන් යුක්ත වූයේ මේ නිර්‍වාණ ධර්‍මයට පැමිණියේ වෙයි.
Pali BJT[14. සඞ්ඛාරවාරො.]
Sinhala BJT[14. සඞ්ඛාරවාර යි.]
Pali BJT1. සාධාවුසොති ඛො තෙ භික්ඛූ ආයස්මතො සාරිපුත්තස්ස භාසිතං අභිනන්දිත්වා අනුමොදිත්වා ආයස්මන්තං සාරිපුත්තං උත්තරිං පඤ්හං ආපුච්ඡුං: සියා පනාවුසො අඤ්ඤොපි පරියායො -පෙ- ආගතො ඉමං සද්ධම්මන්ති?
Sinhala BJT1. ඒ භික්‍ෂූහු ඇවැත්නි මැනැවැයි ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේගේ දේශනාව පිළිගෙණ අනුමෝදන් ව ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේගෙන් මත්තෙහිදු ප්‍රශ්නයක් පුළුවුත්හ: “ඇවැත්නි, ... මේ නිර්‍වාණධර්‍මයට පැමිණියේ වේ ද ඊට අනෙක් ක්‍රමයෙකුදු වන්නේ ද?
Pali BJT2. සියා ආවුසො. යතො ඛො ආවුසො අරියසාවකො අවිජ්ජඤ්ච පජානාති, අවිජ්ජාසමුදයඤ්ච පජානාති, අවිජ්ජානිරොධඤ්ච පජානාති, අවිජ්ජානිරොධගාමිනිං පටිපදඤ්ච පජානාති, එත්තාවතාපි ඛො ආවුසො අරියසාවකො සම්මාදිට්ඨි හොති. උජුගතාස්ස දිට්ඨි. ධම්මෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො ආගතො ඉමං සද්ධම්මන්ති.
Sinhala BJT2. ඇවැත්නි, වන්නේ ය. ඇවැත්නි, යම් කලෙක පටන් ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ අවිද්‍යාවත් දනී ද, අවිද්‍යාසමුදයත් දනී ද, අවිද්‍යානිරෝධයත් දනී ද, අවිද්‍යානිරොධගාමිනී ප්‍රතිපදාවත් දනී ද, ඇවැත්නි, මෙතෙකිනුත් ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ සම්‍යග්දෘෂ්ටික වෙයි. ඔහුගේ දෘෂ්ටිය ඍජු වෙයි. දහම්හි ගුණ දැන පැහැදීමෙන් යුක්ත වූයේ මේ නිර්‍වාණධර්‍මයට පැමිණියේ වෙයි.
Pali BJT3. කතමා පනාවුසො අවිජ්ජා? කතමො අවිජ්ජාසමුදයො? කතමො අවිජ්ජානිරොධො? කතමා අවිජ්ජානිරොධගාමිනී පටිපදාති? යං ඛො ආවුසො දුක්ඛෙ අඤ්ඤාණං, දුක්ඛසමුදයෙ අඤ්ඤාණං, දුක්ඛනිරොධෙ අඤ්ඤාණං, දුක්ඛනිරොධගාමිනියා පටිපදාය අඤ්ඤාණං – අයං වුච්චතාවුසො අවිජ්ජා. ආසවසමුදයා අවිජ්ජාසමුදයො. ආසවනිරොධා අවිජ්ජානිරොධො. අයමෙව අරියො අට්ඨඞ්ගිකො මග්ගො අවිජ්ජානිරොධගාමිනී පටිපදා - සෙය්යථිදං: සම්මාදිට්ඨි -පෙ- සම්මාසමාධි.
Sinhala BJT3. ඇවැත්නි, අවිද්‍යාව කවර? අවිද්‍යා සමුදය කවරේ ය? අවිද්‍යා නිරෝධය කවරේ ය? අවිද්‍යා නිරොධගාමිනී ප්‍රතිපදා කවර? ඇවැත්නි, දුක්ඛ දුක්ඛසමුදය දුක්ඛනිරෝධ දුක්ඛනිරෝධගාමිනීපටිපදා පිළිබඳ යම් නො දැනීමෙක් වේ ද, ඇවැත්නි, මේ අවිද්‍යාය යි කියනු ලැබේ. ආස්‍රව සමුදයෙන් අවිද්‍යාසමුදය වේ. ආස්‍රව නිරෝධයෙන් අවිද්‍යා නිරෝධය වේ. මේ අරීඅටගිමග ම අවිද්‍යා නිරොධගාමිනී ප්‍රතිපදා වේ. එනම්: සම්‍මාදිට්ඨි … සම්‍මාසමාධිය යන මේ යි.
Pali BJT4. යතො ඛො ආවුසො අරියසාවකො එවං අවිජ්ජං පජානාති, එවං අවිජ්ජාසමුදයං පජානාති, එවං අවිජ්ජානිරොධං පජානාති, එවං අවිජ්ජානිරොධගාමිනිං පටිපදං පජානාති, සො සබ්බසො රාගානුසයං පහාය පටිඝානුසයං පටිවිනොදෙත්වා අස්මීති දිට්ඨිමානානුසයං සමූහනිත්වා අවිජ්ජං පහාය විජ්ජං උප්පාදෙත්වා දිට්ඨෙව ධම්මෙ දුක්ඛස්සන්තකරො හොති. එත්තාවතාපි ඛො ආවුසො අරියසාවකො සම්මාදිට්ඨි හොති. උජුගතාස්ස දිට්ඨි. ධම්මෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො ආගතො ඉමං සද්ධම්මන්ති.
Sinhala BJT4. ඇවැත්නි, යම් කලෙක පටන් ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ මෙසේ අවිද්‍යාවත් දනී ද, මෙසේ අවිද්‍යා සමුදයත් දනී ද, මෙසේ අවිද්‍යා නිරෝධයත් දනී ද, මෙසේ අවිද්‍යා නිරොධගාමිනී ප්‍රතිපදාවත් දනී ද, හෙතෙම සර්‍වප්‍රකාරයෙන් ම රාගානුශය නැති කොට ප්‍රතිඝානුශය දුරු කොට, අස්මි යි දෘෂ්ටි සදෘශ මානානුශය මුලිනුපුටා අවිද්‍යාව දුරු කොට විද්‍යාව උපදවා ඉහාත්මයෙහි ම දුක් කෙළවර කරන්නෙක් වෙයි. ඇවැත්නි, මෙතෙකින් ද ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ සම්‍යග්දෘෂ්ටික වෙයි. ඔහුගේ දෘෂ්ටිය ඍජු වෙයි. දහම්හි ගුණ දැන පැහැදීමෙන් යුක්ත වූයේ මේ නිර්‍වාණධර්‍මයට පැමිණියේ වෙයි.
Pali BJT[15. අවිජ්ජාවාරො.]
Sinhala BJT[15. අවිජ්ජාවාර යි.]
Pali BJT1. සාධාවුසොති ඛො තෙ භික්ඛූ ආයස්මතො සාරිපුත්තස්ස භාසිතං අභිනන්දිත්වා අනුමොදිත්වා ආයස්මන්තං සාරිපුත්තං උත්තරිං පඤ්හං ආපුච්ඡුං: සියා පනාවුසො අඤ්ඤො’පි පරියායො යථා අරියසාවකො සම්මාදිට්ඨි හොති. උජුගතාස්ස දිට්ඨි. ධම්මෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො ආගතො ඉමං සද්ධම්මන්ති?
Sinhala BJT1. ඇවැත්නි, ‘මැනැවැයි’ ඒ භික්‍ෂූහු ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේගේ දේශනාව පිළිගෙණ අනුමෝදන් ව ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේගෙන් මත්තෙහිඳු ප්‍රශ්නයක් පුළුවුත්හ: ඇවැත්නි, යම් ලෙසකින් ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ සම්‍යග්දෘෂ්ටික වේ නම් ඔහුගේ දෘෂ්ටිය ඍජු වේ නම් දහම්හි ගුණ දැන පැහැදීමෙන් යුක්ත වූයේ මේ නිර්‍වාණ ධර්‍මයට පැමිණියේ වේ නම්, ඊට තවත් ක්‍රමයෙක් වන්නේ ද?
Pali BJT2. සියා ආවුසො. යතො ඛො ආවුසො අරියසාවකො ආසවඤ්ච පජානාති, ආසවසමුදයඤ්ච පජානාති, ආසවනිරොධඤ්ච පජානාති, ආසවනිරොධගාමිනිං පටිපදඤ්ච පජානාති, එත්තාවතාපි ඛො ආවුසො අරියසාවකො සම්මාදිට්ඨි හොති. උජුගතාස්ස දිට්ඨි. ධම්මෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො ආගතො ඉමං සද්ධම්මන්ති.
Sinhala BJT2. ඇවැත්නි, වන්නේ ය. ඇවැත්නි, යම් කලෙක පටන් ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ ආස්‍රවයත් දනී ද, ආස්‍රවසමුදයත් දනී ද, ආස්‍රවනිරෝධයත් දනී ද, ආස්‍රව නිරෝධ ගාමිනී ප්‍රතිපදාවත් දනී ද, ඇවැත්නි, මෙතෙකිනුත් ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ සම්‍යග්දෘෂ්ටික වෙයි. ඔහුගේ දෘෂ්ටිය ඍජු වෙයි. දහම්හි ගුණ දැන පැහැදීමෙන් යුක්ත වූයේ මේ නිර්‍වාණධර්‍මයට පැමිණියේ වෙයි.
Pali BJT3. කතමො පනාවුසො ආසවො? කතමො ආසවසමුදයො? කතමො ආසවනිරොධො? කතමා ආසවනිරොධගාමිනී පටිපදාති? තයො’මෙ ආවුසො ආසවා: කාමාසවො භවාසවො අවිජ්ජාසවො. අවිජ්ජාසමුදයා ආසවසමුදයො. අවිජ්ජානිරොධා ආසවනිරොධො. අයමෙව අරියො අට්ඨඞ්ගිකො මග්ගො ආසවනිරොධගාමිනී පටිපදා - සෙය්යථිදං: සම්මාදිට්ඨි සම්මාසඞ්කප්පො සම්මාවාචා සම්මාකම්මන්තො සම්මාආජීවො සම්මාවායාමො සම්මාසති සම්මාසමාධි.
Sinhala BJT3. ඇවැත්නි, ආස්‍රව කවරේ ය? ආස්‍රව සමුදය කවරේ ය? ආස්‍රව නිරෝධය කවරේ ය? ආස්‍රව නිරොධගාමිනී ප්‍රතිපදා කවර? ඇවැත්නි, කාමාස්‍රව, භවාස්‍රව, අවිද්‍යාස්‍රව යයි මේ ආස්‍රව තුණෙකි. අවිද්‍යා සමුදයෙන් ආස්‍රව සමුදය වේ. අවිද්‍යා නිරෝධයෙන් ආස්‍රව නිරෝධය වේ. මේ අරීඅටගිමග ම ආස්‍රව නිරොධගාමිනී ප්‍රතිපදා වෙයි. එනම්: සම්මාදිට්ඨි, සම්මාසඞ්කප්ප, සම්මාවාචා, සම්මාකම්මන්ත, සම්මාආජීව, සම්මාවායාම, සම්මාසති, සම්මාසමාධි යන මේ යි.
Pali BJT4. යතො ඛො ආවුසො අරියසාවකො එවං ආසවං පජානාති, එවං ආසවසමුදයං පජානාති, එවං ආසවනිරොධං පජානාති, එවං ආසවනිරොධගාමිනිං පටිපදං පජානාති, සො සබ්බසො රාගානුසයං පහාය පටිඝානුසයං පටිවිනොදෙත්වා අස්මීති දිට්ඨිමානානුසයං සමූහනිත්වා අවිජ්ජං පහාය විජ්ජං උප්පාදෙත්වා දිට්ඨෙව ධම්මෙ දුක්ඛස්සන්තකරො හොති. එත්තාවතාපි ඛො ආවුසො අරියසාවකො සම්මාදිට්ඨි හොති. උජුගතාස්ස දිට්ඨි. ධම්මෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො ආගතො ඉමං සද්ධම්මන්ති.
Sinhala BJT4. ඇවැත්නි, යම් කලෙක පටන් ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ මෙසේ ආස්‍රවත් දනී ද, මෙසේ ආස්‍රව සමුදයත් දනී ද, මෙසේ ආස්‍රව නිරෝධයත් දනී ද, මෙසේ ආස්‍රව නිරොධගාමිනී ප්‍රතිපදාවත් දනී ද, හෙතෙම සර්‍වප්‍රකාරයෙන් ම රාගානුශය දුරු කොට ප්‍රතිඝානුශය දුරු කොට අසමි යි දෘෂ්ටි සදෘශ මානානුශය මුලිනුපුටා අවිද්‍යාව පහ කොට විද්‍යාව උපදවා ඉහාත්මයෙහි ම දුක් කෙළවර කරන්නෙක් වෙයි. ඇවැත්නි, මෙතෙකිනුත් ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ සම්‍යග්දෘෂ්ටික වෙයි. ඔහුගේ දෘෂ්ටිය ඍජු වෙයි. දහම්හි ගුණ දැන පැහැදීමෙන් යුක්ත වූයේ මේ නිර්‍වාණධර්‍මයට පැමිණියේ වෙයි.
Pali BJT[16. ආසවවාරො.]
Sinhala BJT[16. ආසවවාරයි.]
Pali BJTඉදමවොච ආයස්මා සාරිපුත්තො. අත්තමනා තෙ භික්ඛූ ආයස්මතො සාරිපුත්තස්ස භාසිතං අභිනන්දුන්ති.
Sinhala BJTආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ මෙය වදාළ සේක. සතුටු වූ ඒ භික්‍ෂූහු ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේගේ දේශනාව මැනැවැයි පිළිගත්හ.