Pali BJTභූතපුබ්බං අස්සලායන, සත්තන්නං බ්රාහ්මණිසීනං අරඤ්ඤායතනෙ පණ්ණකුටීසු සම්මන්තානං එවරූපං පාපකං දිට්ඨිගතං උප්පන්නං හොති: බ්රාහ්මණාව සෙට්ඨො වණ්ණො, හීනො අඤ්ඤො වණ්ණො, -පෙ- බ්රහ්මදායාදා’ති. අස්සොසි ඛො අස්සලායන, අසිතො දෙවලො ඉසි සත්තන්නං කිර බ්රාහ්මණිසීනං අරඤ්ඤායතනෙ පණ්ණකුටීසු සම්මන්තානං එවරූපං පාපකං දිට්ඨිගතං උප්පන්නං හොති: බ්රාහ්මණාව සෙට්ඨො වණ්ණො හීනො අඤ්ඤො වණ්ණො -පෙ- බ්රහ්මදායාදා’ති. අථ ඛො අස්සලායන, අසිතො දෙවලො ඉසි කෙසමස්සුං කප්පෙත්වා මඤ්ජෙට්ඨවණ්ණානි දුස්සානි නිවාසෙත්වා අටලියො{1} උපාහනා ආරුහිත්වා ජාතරූපමයං දණ්ඩං ගහෙත්වා සත්තන්නං බ්රාහ්මණිසීනං පත්ථණ්ඩිලෙ පාතුරහොසි.
Sinhala BJT“අස්සලායනයෙනි, පෙර වූ දැයක් කියමි: අරණ්‍යායතනයෙහි පන්සල්හි මන්ත්‍රණ කරන බ්‍රාහ්මණර්ෂීහු සත් දෙනකුන්ට මෙ බඳු ලාමකදෘෂ්ටියක් උපන: “බ්‍රාහ්මණයෝ මැ ශ්‍රේෂ්ඨවර්‍ණ යැ අන්‍යවර්‍ණය හීන යි ... බ්‍රහ්මදායාදහ”යි. අස්සලායනයෙනි, අශිත නම් වූ දේවල ඍෂි අරනෙහි පර්ණකුටීන්හි මන්ත්‍රණ කරන බමුණුරුසියන් සත්දෙනාහට මෙ බඳු ලාමකදෘෂ්ටියක් උපන්නේ වේ ලැ’යි ඇසි: “බ්‍රාහ්මණයෝ මැ ශ්‍රේෂ්ඨවර්‍ණ යැ අන්‍යවර්‍ණ හීන් යි ... බ්‍රහ්මදායාදයහ”යි. එසඳ අස්සලායනයෙනි, කාළදේවල ඍෂි කෙස්මස් කපා මඳටවන් පිළිහැඳ පෙරෙ වැ ගණඞ්ගණු පාහන පයැලා රන්මුවා සැරයටියක් ගෙන් බ්‍රාහ්මණර්ෂීන් සත්දෙනාගේ පන්සල්පිරිවෙන්හි පහළ වී.
Pali BJTඅථ ඛො අස්සලායන, අසිතො දෙවලො ඉසි සත්තන්නං බ්රාහ්මණිසීනං පත්ථණ්ඩිලෙ චඞ්කමමානො එවමාහ: හන්ද ක්ව නු ඛො{2} ඉමෙ භවන්තො බ්රාහ්මණිසයො ගතා. හන්ද ක්ව නු ඛො{2} ඉමෙ භවන්තො බ්රාහ්මණිසයො ගතා’ති{3} අථ ඛො අස්සලායන, සත්තන්නං බ්රාහ්මණිසීනං එතදහොසි: කොනායං ගාමණ්ඩලරූපො විය සත්තන්නං බ්රාහ්මණිසීනං පත්ථණ්ඩිලෙ චඞ්කමමානො එවමාහ: හන්ද ක්ව නු ඛො ඉමෙ භවන්තො බ්රාහ්මණිසයො ගතා, හන්ද ක්ව නු ඛො ඉමෙ භවන්තො බ්රාහ්මණිසයො ගතාති. හන්ද නං අභිසපාමා’ති{4}. අථ ඛො අස්සලායන, සත්තබ්රාහ්මණිසයො අසිතං දෙවලං ඉසිං අභිසපිංසු: භස්මා වසල හොහීති{5}. යථා යථා ඛො අස්සලායන, සත්ත බ්රාහ්මණිසයො අසිතං දෙවලං ඉසිං අභිසපිංසු. තථා තථා අසිතො දෙවලො ඉසි අභිරූපතරො චෙව හොති දස්සනීයතරො ච පාසාදිකතරො ච.
Sinhala BJTඑසඳ අස්සලායනයෙනි, කාළදේවල ඍෂි සත් බමුණුරුසියන්ගේ පන්සල්පිරිවෙන්හි සක්මන් කෙරෙමින් මෙසේ කී: “සොඳේ මේ භවත් බ්‍රාහ්මණර්ෂීහු කොහි ගියාහු ද, සොඳේ මේ භවත් බ්‍රාහ්මණර්ෂීහු කොහි ගියාහු දැ?”යි. එසඳ අස්සලායනයෙනි, බ්‍රාහ්මණර්ෂීන් සත් දෙනාහට තෙල සිත් වී: “මේ කවරෙක් ගම්දරුවකු සෙයින් බ්‍රාහ්මණර්ෂීන් සත්දෙනාගේ පන්සල් පිරිවෙන්හි සක්මන් කෙරෙමින් මෙසේ කියා ද: “සොඳේ මේ භවත් බ්‍රාහ්මණර්ෂීහු කොහි ගියාහු ද, සොඳේ මේ භවත් බ්‍රාහ්මණර්ෂීහු කොහි ගියාහු දැ?” යි ‘ඕහට ශාප කරමෝ නම් මැනැවැ’යි. ඉක්බිති අස්සලායනයෙනි, බ්‍රාහ්මණර්ෂීහු සත් දෙන කාළදේවල ඍෂිහට ‘වසලය භස්ම වව’යි ශාප කළහ. අස්සලායනයෙනි, බ්‍රාහ්මණ ඊෂීහු සත්දෙන කාළදේවලහට ශාප කරත් කරත් මැ කාළදේවල ඍෂි අභිරූපතර ද දර්‍ශනීයතර ද ප්‍රාසාදිකතර ද වෙයි.
Pali BJTඅථ ඛො අස්සලායන, සත්තන්නං බ්රාහ්මණිසීනං එතදහොසි: මොඝං වත නො තපො, අඵලං බ්රහ්මචරියං. මයං හි පුබ්බෙ යං අභිසපාම භස්මා වසල හොහි’ති භස්මාව භවති එකච්චො. ඉමං පන මයං යථා යථා අභිසපාම, තථා තථා අභිරූපතරො චෙව හොති දස්සනීයතරො ච පාසාදිකතරො චා’ති.
Sinhala BJTඑසඳ අස්සලායනයෙනි, බ්‍රාහ්මණර්ෂීන් සත් දෙනාහට තෙල සිත් වී: “ඒකාන්තයෙන් අපගේ තපස සිස් යැ, බ්‍රහ්මචර්‍ය්‍යාව ඵල නැත. ඇපි වනාහි පෙර යමක්හට ‘වසලය භස්මව’යි භවමෝ නම් කිසිවෙක් හළු වේ මැ යි. මොහු වැළිත් අප භවත් භවත් මැ අතිශයින් අභිරූපත් අතිශයින් දර්‍ශනීයත් අතිශයින් ප්‍රාසාදිකත් වේ’ යයි.
Pali BJTන භවන්තානං මොඝං තපො, නාඵලං{6} බ්රහ්මචරියං. ඉඞ්ඝ භවන්තො යො මයි මනොපදොසො, තං පජහථා’ති.
Sinhala BJTභවතුන්ගේ තපස මෝඝ නො වෙයි, බ්‍රහ්මචර්‍ය්‍යාව විඵල නො වෙයි, භවත්නි මා කෙරෙයි යම් මනෝපදෝසයෙක් වේ නම් එය දුරලව’යි.
Pali BJTයො භවති මනොපදොසො තං පජහාම. කො නු භවං හොතී’ති?
Sinhala BJTභවත්හු කෙරෙහි යම් මනෝපදෝසයෙක් වේ නම් එය දුරලම්හ. භවත් කවරෙක් වේ දැ?යි.
Pali BJTසුතො නො භවතං අසිතො දෙවලො ඉසී’ති?
Sinhala BJTභවතුන් විසින් ‘කාළදේවල ඍෂි’ අසනලද දැ? යි.
Pali BJTඑවං භො.
Sinhala BJTඑසේ යැ භවත්නි,
Pali BJTසො ඛ්වාහං හොමී’ති.
Sinhala BJTහේ මම් වෙමි’යි.
Pali BJTඅථ ඛො අස්සලායන, සත්ත බ්රාහ්මණිසයො අසිතං දෙවලං ඉසිං අභිවාදෙතුං උපසඞ්කමිංසු.
Sinhala BJTඑසඳ අස්සලායනයෙනි, බ්‍රාහ්මණර්ෂීහු සත් දෙන කාළදේවල ඍෂීන් වඳිනට එළැඹියෝ.
Pali BJTඅථ ඛො අස්සලායන, අසිතො දෙවලො ඉසි සත්ත බ්රාහ්මණිසයො එතදවොච: ‘සුතං මෙතං භො, සත්තන්නං කිර බ්රාහ්මණිසීනං අරඤ්ඤායතනෙ පණ්ණකුටීසු වසන්තානං එවරූපං පාපකං දිට්ඨිගතං උප්පන්නං: ‘බ්රාහ්මණාව සෙට්ඨො වණ්ණො, හීනො අඤ්ඤො වණ්ණො. බ්රාහ්මණාව සුක්කො වණ්ණො, කණ්හො අඤ්ඤො වණ්ණො. බ්රාහ්මණාව සුජ්ඣන්ති, නො අබ්රාහ්මණා. බ්රාහ්මණාව බ්රහ්මුනො පුත්තා{1} ඔරසා මුඛතො ජාතා බ්රහ්මජා බ්රහ්මනිම්මිතා බ්රහ්මදායාදා’ති.
Sinhala BJTඉක්බිති අස්සලායනයෙනි, කාළදේවල ඍෂි බමුණු රුසියන් සත්දෙනාහට තෙල කී: “භවත්නි, මා විසින් තෙල කරුණ අසනලද: අරණ්‍යායතනයෙහි පන්සල්හි වසන බ්‍රාහ්මණර්ෂින් සත්දෙනාට මෙ බඳු ලාමකදෘෂ්ටියක් උපන් ලැ’යි. කවර දෘෂ්ටියක යත්: ‘බ්‍රාහ්මණයෝ මැ ශ්‍රේෂ්ඨවර්‍ණ යැ; අන්‍යවර්‍ණය හීන යි. බ්‍රාහ්මණයෝ මැ ශුක්ලවර්‍ණ යැ, අන්‍යවර්‍ණය කෘෂ්ණ යි. බ්‍රාහ්මණයෝ ශුද්ධ වෙති, අබ්‍රාහ්මණයෝ නො වෙත්, බ්‍රාහ්මණයෝ මැ බ්‍රහ්මයාගේ පුත්හ, උරදාවෙති, මුඛයෙන් උපනුවහ, එයින් මැ බ්‍රහ්මජයහ, බ්‍රහ්මනිර්මිතයහ, බ්‍රහ්මදායාදහ”යි.
Pali BJTඑවංම්භො.
Sinhala BJTඑසේ යැ භවත්නි.
Pali BJTජානන්ති පන භොන්තො යා ජනිකා මාතා{2} බ්රාහ්මණං යෙව අගමාසි. නො අබ්රාහ්මණන්ති.
Sinhala BJTභවත්හු තොප වැදූ යම් මවක් ඇද්ද, හෝ බ්‍රාහ්මණයකු මැ කරා ගියා යැ අබ්‍රාහ්මණයකු කරා නො ගියා යැ’යි දනිත් දැ?යි.
Pali BJTනො හිදං භො.
Sinhala BJTනො දනුම්හ භවත්නි.
Pali BJTජානන්ති පන භොන්තො යා ජනිකාමාතුමාතා යාව සත්තමා මාතාමහයුගා බ්රාහ්මණං යෙව අගමාසි, නො අබ්රාහ්මණන්ති.
Sinhala BJTභවත්හු, යම් වැදූ මවගේ මවක් සත් වැනි මුත්නීයුගය තෙක් ‘බමුණකු වෙත මැ ගියා යැ නොබමුණකු වෙත නො ගියා යැ’යි දනිත් ද?
Pali BJTනො හිදං භො.
Sinhala BJTනො දනුම්හ භවත්නි.
Pali BJTජානන්ති පන භොන්තො යො ජනකො පිතා{3} බ්රාහ්මණිං යෙව අගමාසි නො අබ්රාහ්මණින්ති.
Sinhala BJTභවත්හු තොපගේ ජනක පියෙක් වී ද හේ බ්‍රාහ්මණියක වෙත මැ ගියේ යැ, අබ්‍රාහ්මණියක වෙත නො ගියේ යැ’යි දනිත් ද?
Pali BJTනො හිදං භො.
Sinhala BJTනො දනුම්හ භවත්නි.
Pali BJTජානන්ති පන භොන්තො යො ජනකපිතුපිතා යාවසත්තමා පිතාමහයුගා බ්රාහ්මණිංයෙව අගමාසි, නො අබ්රාහ්මණින්ති.
Sinhala BJTභවත්හු, යම් ජනක පියාගේ පියේ සත් වැනි මුත්නායුගය තෙක් බැමිණියක වෙත මැ ගියේ යැ, නො බැමිණියක වෙත නො ගියේ යැ’යි දනිත් ද?
Pali BJTනො හිදං භො.
Sinhala BJTනො දනුම්හ භවත්නි.
Pali BJTජානන්ති පන භොන්තො යථා ගබ්භස්ස අවක්කන්ති හොතීති?
Sinhala BJTභවත්හු ගර්‍භාවක්‍රාන්ති වන සේ දනිත් ද?
Pali BJTජානාම මයං භො යථා ගබ්භස්ස අවක්කන්ති හොති. ඉධ මාතාපිතරො ච සන්නිපතිතා හොන්ති. මාතා ච උතුනී හොති, ගන්ධබ්බො ච පච්චුපට්ඨිතො හොති. එවං තිණ්ණං සන්නිපාතා ගබ්භස්ස අවක්කන්ති හොතීති.
Sinhala BJTභවත්නි ඇපි ගර්‍භාවක්‍රාන්ති වන සේ දනුම්හ. මෙහි මාපිය දෙදෙන සඞ්ගම වූවාහු වෙති. මව ද ඍතුනී වෙයි, ගන්‍ධර්‍ව ද එළැඹසිටියේ වෙයි. මෙසෙයින් තුන් දෙනකුන් එක් වීමෙන් ගර්‍භාවක්‍රාන්ති වේ”යයි.
Pali BJTජානන්ති පන භොන්තො යග්ඝෙ{4} සො ගන්ධබ්බො ඛත්තියො වා බ්රාහ්මණො වා වෙස්සො වා සුද්දො වාති?
Sinhala BJTභවත්හු ඒ ගන්‍ධර්‍ව ක්‍ෂත්‍රියයෙක හෝ යැ බ්‍රාහ්මණයෙක හෝ යැ වෛශ්‍යයෙක හෝ යැ ශුද්‍රයෙක හෝ යි ඒකාන්තයෙන් දනිත් ද?
Pali BJTන මයං භො, ජානාම යග්ඝෙ සො ගන්ධබ්බො ඛත්තියො වා බ්රාහ්මණො වා වෙස්සො වා සුද්දො වාති.
Sinhala BJTභවත්නි, ඇපි ඒකාන්තයෙන් ඒ ගන්‍ධර්‍ව ක්‍ෂත්‍රියයෙක හෝ යැ බ්‍රාහ්මණයෙක හෝ යැ වෛශ්‍යයෙක හෝ යැ ශුද්‍රයෙක හෝ යි නො දනුම්හ’යි.
Pali BJTඑවං සන්තෙ භො ජානාථ කෙ තුම්හෙ හොථාති{1}.
Sinhala BJTභවත්නි, මෙසේ ඇති කල්හි තෙපි කවරහු වව’යි දනිවු දැ? යි
Pali BJTඑවං සන්තෙ භො, න මයං ජානාම කෙ ච මයං හොමාති.
Sinhala BJTභවත්නි, මෙසේ ඇති කල්හි ඇපි කවරහු වමෝ දැ’යි ඇපි නො දනුම්හ’යි.
Pali BJTතෙ හි නාම අස්සලායන, සත්ත බ්රාහ්මණිසයො අසිතෙන දෙවලෙන ඉසිනා සකෙ ජාතිවාදෙ සමනුයුඤ්ජියමානා සමනුභාසියමානා සමනුගාහියමානා න සම්පායිස්සන්ති. කිං පන ත්වං එතරහි මයා සකස්මිං ජාතිවාදෙ සමනුයුඤ්ජියමානො සමනුභාසියමානො සමනුගාහියමානො සම්පායිස්සසි. යෙසං ත්වං සාචරියකො න පුණ්ණො දබ්බිගාහොති.
Sinhala BJTඅස්සලායනයෙනි, ඒ සප්ත බ්‍රාහ්මණර්ෂීහු නමුදු කාළදේවල ඍෂිහු විසින් ස්වකීය ජාතිවාදයෙහි අනුයෝග කරනුලබන්නාහු කරුණු පුළුවුස්නා ලබන්නාහු ලබ්ධි පිහිටුවනු ලබන්නාහු සපයා කියන්නට නො හැකි වෙති. කිම තෙපි වැළිත් දැන් මා විසින් ස්වකීය ජාතිවාදයෙහි අනුයෝග කරනු ලබන්නහු කරුණු පුළුවුස්නා ලබන්නහු ලබ්ධි පිහිටුවනු ලබන්නහු සපයා කියහෙව? සාචාර්‍ය්‍යක් වූ තෙපි යම් සප්තර්ෂි කෙනකුන්ගේ යාග සැන්ද ගන්නා පූර්‍ණ ද නො වව! යි.
Pali BJTඑවං වුත්තෙ අස්සලායනො මාණවො භගවන්තං එතදවොච: අභික්කන්තං භො ගොතම, -පෙ- උපාසකං මං භවං ගොතමො ධාරෙතු අජ්ජතග්ගෙ පාණුපෙතං සරණං ගත’න්ති.
Sinhala BJTමෙසේ වදාළ කල්හි අස්සලායන මාණව භාග්‍යවතුන් වහන්සේට තෙල කී: “ඉතා මැනැව භවත් ගෞතමයන් වහන්ස, … භාග්‍යවතුන් වහන්සේ මා අද පටන් කොට දිවිහිම් වැ සරණගිය උපාසකයකු කොට ධරත්ව’යි.
Pali BJTඅස්සලායනසුත්තං තතියං.
Sinhala BJTතුන් වැනි අස්සලායනසුත්‍ර යි.
Pali BJT2. 5. 4.
Sinhala BJT2. 5. 4.
Pali BJTඝොටමුඛසුත්තං
Sinhala BJTඝෝටමුඛ සූත්‍රය
Pali BJTඑවං මෙ සුතං: එකං සමයං ආයස්මා උදෙනො බාරාණසියං විහරති ඛෙමියම්බවනෙ. තෙන ඛො පන සමයෙන ඝොටමුඛො බ්රාහ්මණො බාරාණසිං අනුප්පත්තො හොති කෙනචිදෙව කරණීයෙන. අථ ඛො ඝොටමුඛො බ්රාහ්මණො ජඞ්ඝාවිහාරං අනුචඞ්කමමානො අනුවිචරමානො යෙන ඛෙමියම්බවනං තෙනුපසඞ්කමි. තෙන ඛො පන සමයෙන ආයස්මා උදෙනො අබ්භොකාසෙ චඞ්කමති.
Sinhala BJTමා විසින් මෙසේ අසන ලදි: එක් සමයෙක්හි ආයුෂ්මත් උදේන තෙරණුවෝ බරණැස් නුවර සමීපයෙහි ඛේමිය නම් අඹවෙනෙහි වැඩ වසන සේක. එසමයෙහි ඝෝටමුඛ බ්‍රාහ්මණ කිසි කටයුත්තෙකින් බරණැස් නුවරට පැමිණියේ යි. එසඳ ඝෝටමුඛ බමුණු ජඞ්ඝාවිහාර පිණිස සක්මන් කරනුයේ ඇවිදුනේ ඛේමිය අඹඋයන් කරා එළැඹිය. ඒ සමයෙහි ආයුෂ්මත් උදේන තෙරණුවෝ අභ්‍යවකාශයෙහි සක්මන් කෙරෙති.
Pali BJTඅථ ඛො සො ඝොටමුඛො බ්රාහ්මණො යෙනායස්මා උදෙනො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා ආයස්මතා උදෙනෙන සද්ධිං සම්මොදි. සම්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්වා ආයස්මන්තං උදෙනං චඞ්කමන්තං{1} අනුචඞ්කමමානො එවමාහ: අම්භො සමණ, නත්ථි ධම්මිකො පරිබ්බාජො, එවං මෙ එත්ථ හොති. තඤ්ච ඛො භවන්තරූපානං වා අදස්සනා, යො වා පනෙත්ථ ධම්මො’ති.
Sinhala BJTඉක්බිති ඒ ඝෝටමුඛ බමුණු උදේන තෙරුන් කරා එළැඹියේ. එළැඹ ආයුෂ්මත් උදේන තෙරුන් හා සමග සතුටු විය. සතුටුවියයුතු සාරාණීය කථාකොට නිමවා සක්මන් කරන ආයුෂ්මත් උදේන තෙරුන් අනුව සක්මන් කෙරෙමින් මෙසේ කී: “එම්බා මහණ දැහැමි පැවිදි නැති, මට මෙහි ලා මෙසේ සිත් වෙයි, එ ද භවත්හු වැනියන් හෝ නො දැක්මෙන, මෙහි යම් දහම් ඇද්ද, එය හෝ නො දැක්මෙනි”යි.
Pali BJTඑවං වුත්තෙ ආයස්මා උදෙනො චඞ්කමා ඔරොහිත්වා විහාරං පවිසිත්වා පඤ්ඤත්තෙ ආසනෙ නිසීදි. ඝොටමුඛොපි ඛො බ්රාහ්මණො චඞ්කමා ඔරොහිත්වා විහාරං පවිසිත්වා එකමන්තං අට්ඨාසි. එකමන්තං ඨිතං ඛො ඝොටමුඛං බ්රාහ්මණං ආයස්මා උදෙනො එතදවොච: සංවිජ්ජන්තෙ ඛො බ්රාහ්මණ, ආසනානි. සචෙ ආකඞ්ඛසි නිසීදා’ති.
Sinhala BJTමෙසේ කී කල්හි ආයුෂ්මත් උදේන තෙරණුවෝ සක්මනින් බැස වෙහෙරට පිවිස පැනැවූ අස්නෙහි වැඩහුන්හ. ඝෝටමුඛ බමුණු ද සක්මනින් බැස වෙහෙරට පිවිස එකත්පස් වැ සිටියේ යැ. එකත්පස් වැ සිටි ඝෝටමුඛ බ්‍රාහ්මණහට ආයුෂ්මත් උදේන තෙරණුවෝ තෙල කීහ: ‘බමුණ, අසුන් ඇත, කැමැත්තෙහි නම් හිඳුව’යි.
Pali BJTඑතදෙව ඛො පන මයං භොතො උදෙනස්ස ආගමයමානා න නිසීදාම. කථං හි නාම මාදිසො පුබ්බෙ අනිමන්තිතො ආසනෙ නිසීදිතබ්බං මඤ්ඤෙය්යා’ති. අථ ඛො ඝොටමුඛො බ්රාහ්මණො අඤ්ඤතරං නීචං ආසනං ගහෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ඝොටමුඛො බ්රාහ්මණො ආයස්මන්තං උදෙනං එතදවොච: අම්භො සමණ, නත්ථි ධම්මිකො පරිබ්බාජො, එවං මෙ එත්ථ හොති. තඤ්ච ඛො භවන්තරූපානං වා අදස්සනා, යො වා පනෙත්ථ ධම්මො’ති.
Sinhala BJTඇපි භවත් උදේන තෙරුන්ගේ තෙල බස මැ අපේක්‍ෂා කරමෝ නො හිඳුම්හ. කෙසේ නම් මා බඳුයෙක් පෙර නිමන්ත්‍රණ නො කරනලද්දේ අසුනෙහි හින්දයුතු කොට සිතා දැ? යි. ඉක්බිති ඝෝටමුඛ බ්‍රාහ්මණ එක්තරා මිටි අස්නක් ගෙන එකත්පස් වැ හින. එකත්පස් වැ හුන් ඝෝටමුඛ බ්‍රාහ්මණ ආයුෂ්මත් උදේනහට තෙල කී: “එම්බා මහණ, දැහැමි පැවිදි නැති, මෙහි ලා මට මෙසේ සිත් වෙයි, එ ද භවත්හු වැනියන් නො දැක්මෙන, මෙහි යම් දහම් ඇද්ද, එය හෝ නො දැක්මෙනි”යි.
Pali BJTසචෙ ඛො පන මෙ ත්වං බ්රාහ්මණ, අනුඤ්ඤෙය්යං{2} අනුජානෙය්යාසි, පටික්කොසිතබ්බඤ්ච පටික්කොසෙය්යාසි, යස්ස ච පන මෙ භාසිතස්ස අත්ථං න ජානෙය්යාසි, මමංයෙව තත්ථ උත්තරිං පටිපුච්ඡෙය්යාසි: ඉදං භො උදෙන කථං, ඉමස්ස ක්වත්ථොති? එවං කත්වා සියා නො එත්ථ කථාසල්ලාපොති.
Sinhala BJTබමුණ, ඉදින් තෝ අනුදතයුතු මබස අනුදන්හි නම්, පිළිකෙව් කළයුතු මබස පිළිකෙව් කරන්නෙහි නම් මා බණන යම් බසක්හුගේ අරුත් නො දන්හි ද “භවත් උදයනයෙනි, තෙල කෙසේ යැ? තෙල බස්හුගේ අරුත් කෙසේ යැ?”යි. එහි ලා මා මැ මතු පුළුවුස්නෙහි නම් මෙසේ තොට අපගේ මෙහි ලා කථා සල්ලාප වන්නේ යැ”යි.
Pali BJTඅනුඤ්ඤෙය්යං{2} ඛ්වාහං භොතො උදෙනස්ස අනුජානිස්සාමි, පටික්කොසිතබ්බඤ්ච පටික්කොසිස්සාමි. යස්ස ච පනාහං භොතො උදෙනස්ස භාසිතස්ස අත්ථං න ජානිස්සාමි, භවන්තංයෙව තත්ථ උදෙනං උත්තරිං පටිපුච්ඡිස්සාමි: ඉදං භො උදෙන කථං, ඉමස්ස ක්වත්ථො’ති? එවං කත්වා හොතු නො එත්ථ කථාසල්ලාපොති.
Sinhala BJTමම භවත් උදයනයන්ගේ අනුදතයුතු බස් අනුදන්මි. පිළිකෙව් කළයුතු බස් පිළිකෙව් කරන්නෙමි. මම භවත් උදයනයන්ගේ යම් බසක්හුගේ අරුත් නො දන්මි ද, “භවත් උදයනයෙනි’ තෙල කෙසේ යැ? තෙල භාෂිතයාගේ අරුත් කෙසේ යැ?” යි. එහි ලා භවත් උදයනයන් මැ මතු පුළුවුස්මි. මෙසේ කොට මෙ කරුණෙහි අපගේ කථාසල්ලාපය වේවා.
Pali BJTචත්තාරොමෙ බ්රාහ්මණ, පුග්ගලා සන්තො සංවිජ්ජමානා ලොකස්මිං. කතමෙ චත්තාරො: ඉධ බ්රාහ්මණ, එකච්චො පුග්ගලො අත්තන්තපො හොති අත්තපරිතාපනානුයොගමනුයුත්තො. ඉධ පන බ්රාහ්මණ, එකච්චො පුග්ගලො පරන්තපො හොති පරපරිතාපනානුයොගමනුයුත්තො. ඉධ බ්රාහ්මණ, එකච්චො පුග්ගලො අත්තන්තපො ච හොති අත්තපරිතාපනානුයොගමනුයුත්තො, පරන්තපො ච පරපරිතාපනානුයොගමනුයුත්තො. ඉධ පන බ්රාහ්මණ, එකච්චො පුග්ගලො නෙවත්තන්තපො හොති නාත්තපරිතාපනානුයොගමනුයුත්තො, න පරන්තපො න පරපරිතාපනානුයොගමනුයුත්තො. සො අනත්තන්තපො අපරන්තපො දිට්ඨෙව ධම්මෙ නිච්ඡාතො නිබ්බුතො සීතීභූතො සුඛපටිසංවෙදී බ්රහ්මභූතෙන අත්තනා විහරති. ඉමෙසං බ්රාහ්මණ, චතුන්නං පුග්ගලානං කතමො තෙ පුග්ගලො චිත්තං ආරාධෙතී’ති?
Sinhala BJTබමුණ, මේ පුද්ගලයෝ සතර දෙනෙක් ලෝකයෙහි විද්‍යමානයහ. කවර සතර දෙනෙක යත්: බමුණ, මෙලොවැ ඇතැම් පුද්ගලයෙක් ආත්මපරිතාපනානුයෝගයෙහි යෙදුණු ‘අත්තන්තප’ වෙයි. බමුණ, මෙලොවැ ඇතැම් පුද්ගලයෙක් පරපරිතාපනානුයෝගයෙහි යෙදුණු ‘පරන්තප’ වෙයි. බමුණ, මෙලොවැ ඇතැම් පුද්ගලයෙක් ආත්මපරිතාපනානුයෝගයෙහි යෙදුණු ‘අත්තන්තප’ ද වෙයි, පරපරිතාපනානුයෝගයෙහි යෙදුණු ‘පරන්තප’ ද වෙයි. බමුණ, මෙලොවැ ඇතැම් පුද්ගලයෙක් ආත්මපරිතාපනානුයෝගයෙහි නො යෙදුණු ‘අත්තන්තප’ ද නො මැ වෙයි, පරපරිතාපනානුයෝගයෙහි නො යෙදුණු ‘පරන්තප’ ද නො මැ වෙයි. හේ ‘අත්තන්තප’ නො වූයේ ‘පරන්තප’ ද නො වූයේ ඉහාත්මයෙහි මැ තෘෂ්ණා රහිත වූයේ නිවුණේ සිහිල් වූයේ සුව විඳුනේ ශ්‍රේෂ්ඨ වූ ආත්මයෙන් යුක්ත වැ වාස කෙරෙයි. බමුණ, මේ සතර පුඟුලන් අතුරින් කවර පුඟුලෙක් තාගේ සිත් ගන්නේ වේ ද?
Pali BJTය්වායං භො උදෙන, පුග්ගලො අත්තන්තපො අත්තපරිතාපනානුයොගමනුයුත්තො, අයං මෙ පුග්ගලො චිත්තං නාරාධෙති. යොපායං භො උදෙන, පුග්ගලො පරන්තපො පරපරිතාපනානුයොගමනුයුත්තො, අයම්පි මෙ පුග්ගලො චිත්තං නාරාධෙති. යොපායං භො උදෙන, පුග්ගලො අත්තන්තපො ච අත්තපරිතාපනානුයොගමනුයුත්තො පරන්තපො ච පරපරිතාපනානුයොගමනුයුත්තො, අයම්පි මෙ පුග්ගලො චිත්තං නාරාධෙති. යො ච ඛො අයං භො උදෙන, පුග්ගලො නෙවත්තන්තපො නාත්තපරිතාපනානුයොගමනුයුත්තො න පරන්තපො න පරපරිතාපනානුයොගමනුයුත්තො, සො අනත්තන්තපො අපරන්තපො දිට්ඨෙවධම්මෙ නිච්ඡාතො නිබ්බුතො සීතීභූතො සුඛපටිසංවෙදී බ්රහ්මභූතෙන අත්තනා විහරති. අයං මෙ පුග්ගලො චිත්තං ආරාධෙතී’ති.
Sinhala BJTභවත් උදයනයෙනි, යම් මේ පුද්ගලයෙක් ආත්මපරිතාපනානුයෝගයෙහි යෙදුණු ‘අත්තන්තපයෙක්’ වේ ද, මේ පුද්ගල මා සිත් නො ගන්නේ යැ. භවත් උදයනයෙනි, යම් මේ පුද්ගලයෙක් , පරපරිතාපනානුයෝගයෙහි යෙදුණු ‘පරන්තපයෙක්’ වේ ද, මේ පුද්ගල ද මා සිත් නො ගන්නේ යැ. භවත් උදයනයෙනි, යම් මේ පුද්ගලයෙක් ආත්මපරිතාපනානුයෝගයෙහි යෙදුණු ‘අත්තන්තපයෙකුත් වේ ද, පරපරිතාපනානුයෝගයෙහි යෙදුණු ‘පරන්තපයෙකුත්’ වේ ද, මේ පුද්ගල ද මා සිත් නො ගන්නේ යැ. භවත් උදයනයෙනි, යම් මේ පුද්ගලයෙක් ආත්මපරිතාපනානුයෝගයෙහි නො යෙදුණු අත්තන්තපයෙකුත් නො වේ ද, පරපරිතාපනානුයෝගයෙහි නො යෙදුණු පරන්තපයෙකුත් නො වේ ද, හේ අත්තන්තප නො වූයේ පරන්තප ද නො වූයේ ඉහාත්මයෙහි මැ තෘෂ්ණා රහිත වැ නිර්‍වෘත වැ ශීතිභූත වැ සුව විඳුනාසුලු වැ මෙසේ ශ්‍රේෂ්ඨ ආත්මයෙන් යුතු වැ වාස කෙරේ ද, මේ පුද්ගල මාගේ සිත් ගන්නේ යැ” යි.
Pali BJTකස්මා පන තෙ බ්රාහ්මණ, ඉමෙ තයො පුග්ගලා චිත්තං නාරාධෙන්තී’ති? ය්වායං භො උදෙන, පුග්ගලො අත්තන්තපො අත්තපරිතාපනානුයොගමනුයුත්තො, සො අත්තානං සුඛකාමං දුක්ඛපටික්කූලං ආතාපෙති පරිතාපෙති, ඉමිනා මෙ අයං පුග්ගලො චිත්තං නාරාධෙති. යොපායං භො උදෙන, පුග්ගලො පරන්තපො පරපරිතාපනානුයොගමනුයුත්තො, සො පරං සුඛකාමං දුක්ඛපටික්කූලං ආතාපෙති පරිතාපෙති, ඉමිනා මෙ අයං පුග්ගලො චිත්තං නාරාධෙති. යොපායං භො උදෙන, පුග්ගලො අත්තන්තපො ච අත්තපරිතාපනානුයොගමනුයුත්තො, පරන්තපො ච පරපරිතාපනානුයොගමනුයුත්තො, සො අත්තානඤ්ච පරඤ්ච සුඛකාමං දුක්ඛපටික්කූලං ආතාපෙති පරිතාපෙති, ඉමිනා මෙ අයං පුග්ගලො චිත්තං නාරාධෙති. යො ච ඛො අයං භො උදෙන, පුග්ගලො නෙවත්තන්තපො නාත්තපරිතාපනානුයොගමනුයුත්තො න පරන්තපො න පරපරිතාපනානුයොගමනුයුත්තො, සො අනත්තන්තපො අපරන්තපො දිට්ඨෙවධම්මෙ නිච්ඡාතො නිබ්බුතො සීතීභූතො සුඛපටිසංවෙදී බ්රහ්මභූතෙන අත්තනා විහරති. සො අත්තානඤ්ච පරඤ්ච සුඛකාමෙ දුක්ඛපටික්කූලෙ නෙව ආතාපෙති, න පරිතාපෙති. ඉමිනා මෙ අයං පුග්ගලො චිත්තං ආරාධෙතී’ති.
Sinhala BJTබමුණ, කවර හෙයෙකින් මේ තුන් පුද්ගලයෝ තා සිත් නො ගනිත් ද? භවත් උදයනයෙනි, යම් මේ පුද්ගලයෙක් ආත්මපරිතාපනානුයෝගයෙහි යෙදුණු අත්තන්තපයෙක් වේ ද, හේ සුව කැමැති දුක් නො කැමැති ආත්මයා ආතාපන පරිතාපන කෙරෙයි. මේ කරුණින් මේ පුද්ගල මා සිත් නො ගන්නේ යැ. භවත් උදයනයෙනි, යම් මේ පුද්ගලයෙක් පරපරිතාපනානුයෝගයෙහි යෙදුණු පරන්තපයෙක් වේ ද, හේ සුව කැමැති දුක් නො කැමැති මෙරමා ආතාපනපරිතාපන කෙරෙයි. මේ කරුණින් ඒ පුද්ගල මා සිත් නො ගන්නේ යි. භවත් උදයනයෙනි, යම් මේ පුද්ගලයෙක් ආත්මපරිතාපනානුයෝගයෙහි යෙදුණු අත්තන්තපයෙකුත් වේ ද, පරපරිතාපනානුයෝගයෙහි යෙදුණු පරන්තපයෙකුත් වේ ද, හේ සුව කැමැති දුක් නො කැමැති තමා හා මෙරමා ආතාපනපරිතාපන කෙරෙයි. මේ කරුණින් මේ පුද්ගල මා සිත් නො ගන්නේ යැ. භවත් උදයනයෙනි, යම් මේ පුද්ගලයෙක් ආත්මපරිතාපනානුයෝගයෙහි නො යෙදුණු අත්තන්තපයකු හා පරපරිතාපනානුයෝගයෙහි නො යෙදුණු පරන්තපයෙකුත් නො වේ ද, හේ අත්තන්තප නො වූයේ පරන්තප ද නො වූයේ ඉහාත්මයෙහි මැ තෘෂ්ණා රහිත වැ නිර්‍වෘත වැ සිහිල් වැ සුව විඳුනාසුලු වැ ශ්‍රේෂ්ඨ වූ ආත්මයෙන් යුක්ත වැ වාස කෙරේ ද, හේ සුව කැමැති දුක් නො කැමැති තමා හා මෙරමා ආතාපනපරිතාපන නො මැ කෙරෙයි. මෙ කරුණින් මේ පුද්ගල මා සිත් ගන්නේ යැ.
Pali BJTද්වෙමා බ්රාහ්මණ පරිසා. කතමා ද්වෙ: ඉධ බ්රාහ්මණ, එකච්චා පරිසා සාරත්තරත්තා මණිකුණ්ඩලෙසු පුත්තභරියං පරියෙසති, දාසිදාසං පරියෙසති, ඛෙත්තවත්ථුං පරියෙසති, ජාතරූපරජතං පරියෙසති. ඉධ පන බ්රාහ්මණ, එකච්චා පරිසා අසාරත්තරත්තා මණිකුණ්ඩලෙසු පුත්තභරියං පහාය, දාසිදාසං පහාය, ඛෙත්තවත්ථුං පහාය, ජාතරූපරජතං පහාය, අගාරස්මා අනගාරියං පබ්බජිතා. ය්වායං බ්රාහ්මණ, පුග්ගලො නෙවත්තන්තපො නාත්තපරිතාපනානුයොගමනුයුත්තො න පරන්තපො න පරපරිතාපනානුයොගමනුයුත්තො, සො අනත්තන්තපො අපරන්තපො දිට්ඨෙවධම්මෙ නිච්ඡාතො නිබ්බුතො සීතීභූතො සුඛපටිසංවෙදී බ්රහ්මභූතෙන අත්තනා විහරති. ඉධ ත්වං, බ්රාහ්මණ, පුග්ගලං කතමස්සං පරිසායං බහුලං සමනුපස්සසි: {1} යා චායං{2} පරිසා සාරත්තරත්තා මණිකුණ්ඩලෙසු පුත්තභරියං පරියෙසති, දාසිදාසං පරියෙසති, ඛෙත්තවත්ථුං පරියෙසති, ජාතරූපරජතං පරියෙසති. යා චායං{2} පරිසා අසාරත්තරත්තා මණිකුණ්ඩලෙසු පුත්තභරියං පහාය දාසිදාසං පහාය ඛෙත්තවත්ථුං පහාය ජාතරූපරජතං පහාය අගාරස්මා අනගාරියං පබ්බජිතා’ති.
Sinhala BJTබමුණ, මේ පිරිස්හු දෙදෙනෙකි, කවර දෙදෙනෙක යත්: බමුණ, මෙලො වැ කිසි පිරිසෙක් මිණිකොඬොලෙහි සංරක්ත වැ පුත්‍රභාර්‍ය්‍යා පිරියොස්නේ යැ, දැසිදස් පිරියොස්නේ යැ, කෙත්වත් පිරියොස්නේ යැ, රන්රිදී පිරියොස්නේ යි. බමුණ, මෙලොවැ කිසි පිරිසෙක් මිණිකොඬොලෙහි සංරක්ත වැ සිට පුත්‍රදාරාවන් හැර දැසිදස් හැර කෙත්වත් හැර රන්රිදී හැර ගෙන් නික්ම සසුන් වැදුණේ වෙයි, බමුණ, යම් මේ පුද්ගලයෙක් ආත්මපරිතාපනානුයෝගයෙහි නො යෙදුණු අත්තන්තපයකුත් නො මැ වේ ද, පරපරිතාපනානුයෝගයෙහි නො යෙදුණු පරන්තපයෙකුත් නො මැ වේ ද, හේ අත්තන්තප ද නො වී පරන්තප ද නො වී ඉහාත්මයෙහි මැ තෘෂ්ණා රහිත වැ නිර්‍වෘත වැ සිහිල් වැ සුව විඳුනාසුලු වැ ශ්‍රේෂ්ඨ වූ ආත්මයෙන් යුක්ත වැ වාස කෙරේ ද, බ්‍රාහ්මණය, තෝ මේ පුද්ගලයා කවර පිරිසෙක්හි ලා බහුල කොට නුවණින් දක්හි? යම් මේ පිරිසෙක් මිණිකොඬොලෙහි සංරක්ත වැ සිට අඹුදරු පිරියොස්නේ වේ ද, දැසිදස් පිරියොස්නේ වේ ද, කෙත්වත් පිරියොස්නේ වේ ද, රන්රිදී පිරියොස්නේ වේ ද, යම් මේ පිරිසෙක් මිණිකොඬොලෙහි අසංරක්ත වැ සිට අඹුදරු හැරපියා දැසිදස් හැරපියා කෙත්වත් හැරපියා රන්රිදී හැරපියා ගෙන් නික්ම සස්නට පැමිණියේ වේ ද, (මෙ පිරිස් අතුරෙහි) දක්හි?
Pali BJTය්වායං භො උදෙන, පුග්ගලො නෙවත්තන්තපො නාත්තපරිතාපනානුයොගමනුයුත්තො, න පරන්තපො න පරපරිතාපනානුයොගමනුයුත්තො, සො අනත්තන්තපො අපරන්තපො දිට්ඨෙවධම්මෙ නිච්ඡාතො නිබ්බුතො සීතීභූතො සුඛපටිසංවෙදී බ්රහ්මභූතෙන අත්තනා විහරති. ඉමාහං පුග්ගලං යායං පරිසා අසාරත්තරත්තා මණිකුණ්ඩලෙසු පුත්තභරියං පහාය දාසිදාසං පහාය ඛෙත්තවත්ථුං පහාය ජාතරූපරජතං පහාය අගාරස්මා අනගාරියං පබ්බජිතා, ඉමිස්සං පරිසායං බහුලං සමනුපස්සාමී’ති.
Sinhala BJTභවත් උදයනයෙනි, යම් මේ පුද්ගලයෙක් ආත්මපරිතාපනානුයෝගයෙහි නො යෙදුණු අත්තන්තපයකුත් නො වේ ද, පරපරිතාපනානුයෝගයෙහි නො යෙදුණු පරන්තපයෙකුත් නො වේ ද, හේ අත්තන්තප ද නො වී පරන්තප ද නො වී ඉහාත්මයෙහි මැ තෘෂ්ණා නැති වැ නිර්‍වෘත වැ සිහිල් වැ සුව විඳුනාසුලු වැ ශ්‍රේෂ්ඨ ආත්මයෙන් යුතු වැ වාස කෙරේ ද, මම මේ මිණිකොඬොලෙහි අසංරක්ත වැ අඹුදරුවන් හැරපියා දැසිදස් පියා කෙත්වත් පියා රන්රිදී පියා ගෙන් නික්ම සස්නට වැදුණු යම් පිරිසෙක් ඇද්ද, මෙ පිරිස්හි ලා නුවණින් දක්මි.
Pali BJTඉදානෙව ඛො පන තෙ බ්රාහ්මණ, භාසිතං: මයං එවං ආජානාම, අම්භො සමණ, නත්ථි ධම්මිකො පරිබ්බාජො, එවං මෙ එත්ථ හොති, තඤ්ච ඛො භවන්තරූපානං වා අදස්සනා, යො වා පනෙත්ථ ධම්මො’ති.
Sinhala BJTබමුණ, දැන් මෙ වේලෙහි මැ තා විසින් “අපි මෙසේ දැන සිටුම්හ. ශ්‍රමණයෙනි, දැහැමි පැවිදි නැත. මෙහි ලා මට මෙ බඳු සිත් වෙයි. එ සිතුදු භවද්‍රූපයන් නො දැක්මෙනුදු හෝ මෙහි යම් ස්වභාවයෙක් හෝ වේ ද, ඒ නො දැක්මෙනුදු හෝ” යයි, පැවැසිණ.
Pali BJTඅද්ධාමෙසා භො උදෙන, සානුග්ගහා වාචා භාසිතා. අත්ථි ධම්මිකො පරිබ්බාජො, එවං මෙ එත්ථ හොති. එවඤ්ච පන මං භවං උදෙනො ධාරෙතු. යෙචිමෙ භොතා උදෙනෙන චත්තාරො පුග්ගෙලා සංඛිත්තෙන වුත්තා විත්ථාරෙන අවිභත්තා, සාධු මෙ භවං උදෙනො ඉමෙ චත්තාරො පුග්ගලෙ විත්ථාරෙන විභජතු අනුකම්පං උපාදායාති.
Sinhala BJTභවත් උදයනයෙනි, මට ඒකාන්තයෙන් සෝපකාරක වූ තෙල බස පැවැසිණ, දැහැමි පැවිදි ඇත, මෙහි ලා මට මෙ බඳු සිත් වෙයි. භවත් උදයනයෝ මෙසෙයින් මා ධරත්වා. භවත් උදයනයන් විසින් යම් මේ පුද්ගලයෝ සතර දෙනෙක් සැකෙවින් කියන ලදු වැ විස්තර විසින් විභාග නො කරන ලද්දාහු ද, යදිමි, භවත් උදයනයෝ මට මේ සතර පුද්ගලයන් අනුකම්පා පිණිස විස්තර විසින් බෙදා පවසත්වා.
Pali BJTතෙන හි බ්රාහ්මණ, සුණාහි, සාධුකං මනසි කරොහි, භාසිස්සාමීති.
Sinhala BJT‘බ්‍රාහ්මණය, එහෙයින් අසව, මනා කොට මෙනෙහි කරව, කියමි’යි.
Pali BJTඑවං භොති ඛො ඝොටමුඛො බ්රාහ්මණො ආයස්මතො උදෙනස්ස පච්චස්සොසි. ආයස්මා උදෙනො එතදවොච:
Sinhala BJTභවත්නි, එසේ යැ’යි ඝෝටමුඛ බමුණු ආයුෂ්මත් උදයනයන්හට පිළිවදන් අස්වී. ආයුෂ්මත් උදයනයෝ තෙල කීහු:
Pali BJTකතමො ච බ්රාහ්මණ, පුග්ගලො අත්තන්තපො අත්තපරිතාපනානුයොගමනුයුත්තො: ඉධ බ්රාහ්මණ, එකච්චො පුග්ගලො අචෙලකො හොති මුත්තාචාරො, හත්ථාවලෙඛනො න එහිභදන්තිකො න තිට්ඨභදන්තිකො නාභිහටං න උද්දිස්ස කටං න නිමන්තනං සාදියති. සො න කුම්භිමුඛා පතිගණ්හාති, න කළොපිමුඛා පතිගණ්හාති, න එළකමන්තරං න දණ්ඩමන්තරං න මුසලමන්තරං න ද්වින්නං භුඤ්ජමානානං න ගබ්භිනියා න පායමානාය න පුරිසන්තරගතාය න සඞ්කිත්තීසු න යත්ථ සා උපට්ඨිතො හොති, න යත්ථ මක්ඛිකා සණ්ඩසණ්ඩචාරිනී, න මච්ඡං න මංසං න සුරං න මෙරයං න ථුසොදකං පිවති. සො එකාගාරිකො වා හොති එකාලොපිකො වා, ද්වාගාරිකො වා හොති ද්වාලොපිකො වා -පෙ- සත්තාගාරිකො වා හොති සත්තාලොපිකො වා, එකිස්සාපි දත්තියා යාපෙති, ද්වීහිපි දත්තීහි යාපෙති -පෙ- සත්තහිපි දත්තීහි යාපෙති. එකාහිකම්පි ආහාරං ආහාරෙති, ද්වීහිකම්පි ආහාරං ආහාරෙති -පෙ- සත්තාහිකම්පි ආහාරං ආහාරෙති. ඉති එවරූපං අද්ධමාසිකම්පි පරියායභත්තභොජනානුයොගමනුයුත්තො විහරති. සො සාකභක්ඛො වා හොති, සාමාකභක්ඛො වා හොති, නීවාරභක්ඛො වා හොති, දද්දුලභක්ඛො වා හොති, හටභක්ඛො වා හොති, කණභක්ඛො වා හොති, ආචාමභක්ඛො වා හොති, පිඤ්ඤාකභක්ඛො වා හොති, තිණභක්ඛො වා හොති, ගොමයභක්ඛො වා හොති, වනමූලඵලාහාරො යාපෙති පවත්තඵලභොජී. සො සාණානිපි ධාරෙති, මසාණානිපි ධාරෙති, ඡවදුස්සානිපි ධාරෙති, පංසුකූලානිපි ධාරෙති, තිරීටානිපි ධාරෙති, අජිනානිපි ධාරෙති, අජිනක්ඛිපම්පි ධාරෙති, කුසචීරම්පි ධාරෙති, වාකචීරම්පි ධාරෙති, ඵලකචීරම්පි ධාරෙති, කෙසකම්බලම්පි ධාරෙති, වාළකම්බලම්පි ධාරෙති, උලූකපක්ඛම්පි ධාරෙති. කෙසමස්සුලොචකොපි හොති කෙසමස්සුලොචනානුයොගමනුයුත්තො, උබ්බට්ටකොපි{1} හොති ආසනපටික්ඛිත්තො, උක්කුටිකොපි හොති උක්කුටිකප්පධානමනුයුත්තො, කණ්ටකාපස්සයිකොපි හොති කණ්ටකාපස්සයෙ සෙය්යං කප්පෙති, සායතතියකම්පි උදකොරොහනානුයොගමනුයුත්තො විහරති. ඉති එවරූපං අනෙකවිහිතං කායස්ස ආතාපනපරිතාපනානුයොගමනුයුත්තො විහරති. අයං වුච්චති බ්රාහ්මණ, පුග්ගලො අත්තන්තපො අත්තපරිතාපනානුයොගමනුයුත්තො.
Sinhala BJTබ්‍රාහ්මණය, ආත්මපරිතාපනානුයෝගයෙහි යෙදුණු අත්තන්තප පුද්ගල කවරේ යැ: බ්‍රාහ්මණය මෙලොවැ කිසි පුද්ගලයෙක් සෙලු වෙයි, හළ ආචාර ඇති වෙයි, පිඬු නිමි කල අත ලෝනේ වෙයි, ‘එව වහන්සැ’යි කී කල නො එනු සිල් කොට ඇතියේ වෙයි, ‘සිටුව වහන්සැ’යි කී කල නො සිටුනාසුලු වෙයි, පළමු එළවූ අහර නො පිළිගන්නේ වෙයි, උදෙසා කළ අහර නො පිළිගන්නේ වෙයි, නිමන්ත්‍රණය නො පිළිගන්නේ වෙයි, හේ කළමුවින් නඟා දුන් අහර නො පිළිගන්නේ වෙයි, සැළමුවින් නඟා දුන් අහර නො පිළිගන්නේ වෙයි, එළිපත අතුරු කොට දෙන අහර නො පිළිගන්නේ වෙයි, දඬු අතුරු කොට දෙන අහර නො පිළිගන්නේ වෙයි, මොහොල අතුරු කොට දෙන අහර නො පිළිගන්නේ වෙයි, වළඳන දෙදෙනකුන් අතුරින් එකකු නැඟී දෙන අහර නො පිළිගන්නේ වෙයි, ගැබිනිය දෙන අහර නො පිළිගන්නේ වෙයි, කිරිපොවන්නිය දෙන අහර නො පිළිගන්නේ වෙයි, පිරිම්නීන් අතරට ගිය ස්ත්‍රිය දෙන අහර නො පිළිගන්නේ වෙයි, සමාදන් කොට පිසූයෙහි අහර නො පිළිගන්නේ වෙයි, සුනඛයකු එළැඹසිටි තැන දෙන අහර නො පිළිගන්නේ වෙයි, මැසිමුළු ගළගළ වැ හැසිරෙන තන්හි දෙන අහර නො පිළිගන්නේ වෙයි, මත්ස්‍යමාංස නො පිළිගන්නේ වෙයි, රහ නො බොයි, මෙර නො බොයි, සෝවීරකය නො බොයි, හේ එක් ගෙයෙකින් පිඬු ලැබ නවත්නේ හෝ වෙයි, එක් ආලෝපයෙකින් යැපෙන්නේ හෝ වෙයි, දෙගෙයෙකින් පිඬු ලැබ නවත්නේ හෝ වෙයි, ආලෝප දෙකෙකින් යැපෙන්නේ හෝ වෙයි, … සත් ගෙයෙකින් පිඬු ලැබ නවත්නේ හෝ වෙයි, ආලෝප සතෙකින් යැපෙන්නේ හෝ වෙයි, එක් දත්තියෙකිනුදු (කුඩා තලියෙනුදු) යැපෙයි, දෙ දත්තියෙකිනුදු යැපෙයි ... සත් දත්තියෙකිනුදු යැපෙයි. එක් දවසක් අතුරු කොට ගන්නා අහර ද වළඳයි, දෙ දවසක් අතුරු කොට ගන්නා අහර ද වළඳයි ... සත් දවසක් අතුරු කොට ගන්නා අහර ද වළඳයි. මෙසේ මෙ බඳු අඩමසක් දවසක් අතුරු කොට ගන්නා අහර දැ’යි වාරභක්තභෝජනානුයුක්ත වැ වෙසෙයි. හේ පළා වළඳනුයේ හෝ වෙයි, බඩහමු වළඳනුයේ හෝ වෙයි, හුරුහැල් වළඳනුයේ හෝ වෙයි, සම්කසට වළඳනුයේ හෝ වෙයි, ලහටු වළඳනුයේ හෝ වෙයි, කුඩු වළඳනුයේ හෝ වෙයි, දමු බත් වළඳනුයේ හෝ වෙයි, මුරුවට වළඳනුයේ හෝ වෙයි, තෘණ වළඳනුයේ හෝ වෙයි, ගොම වළඳනුයේ හෝ වෙයි, වැටුණු ඵල වළඳනුයේ වනමුල්පල අහර ඇතිව යැපෙයි. හේ හණ වැහැරි ද දරයි, මුසුහණවැහැරි ද දරයි, මිනියෙන් හළ පිළී ද දරයි, පහුල් ද දරයි, රුක්සුඹුලු ද දරයි, අඳුන්මුවසම් ද දරයි, කුර සහිත අඳුන්දිවිසම් ද දරයි, කුසවැහැරි ද දරයි, වාකවීර ද දරයි, ඵලකවීර ද දරයි, කේශකම්බල ද දරයි, වාලකම්බල ද දරයි, මහමුහුණු පියාපතින් කළ හඳනා ද දරයි, කෙහෙරවුළු උදුරාලීමෙහි යෙදුනේ කෙහෙරවුළු උදුරනුයේ ද වෙයි, අසුන් පිළිකෙව් කෙළේ උඩුහුරු වැ සිටුනේ ද වෙයි, උළුලුවැර වැඩුමෙහි යෙදුනේ උළුලුයෙන් සිටුනේ ද වෙයි, කටු ඇතිරිය ඇක්මෙනුයේ ද වෙයි, කටු ඇතිරියෙහි ශයනය ද කෙරෙයි, සසවස තුන් වනු කොට තෙවරක් උදකාවගාහයෙහි යෙදුනේ වෙසෙයි. මෙසේ මෙ බඳු අනේකවිධ වූ කය පිළිබඳ ආතාපනපරිතාපනානුයෝගයෙහි යෙදී වෙසෙයි. බමුණ මේ පුද්ගල ආත්මපරිතාපනානුයෝගයෙහි යෙදුණු ‘අත්තන්තප’ යයි කියනු ලැබේ.
Pali BJTකතමො ච බ්රාහ්මණ, පුග්ගලො පරන්තපො පරපරිතාපනානුයොගමනුයුත්තො: ඉධ බ්රාහ්මණ, එකච්චො පුග්ගලො ඔරබ්භිකො හොති, සූකරිකො සාකුන්තිකො{2} මාගවිකො ළුද්දො මච්ඡඝාතකො චොරො චොරඝාතකො බන්ධනාගාරිකො, යෙ වා පනඤ්ඤෙපි කෙචි කුරූරකම්මන්තා. අයං වුච්චති බ්රාහ්මණ, පුග්ගලො පරන්තපො පරපරිතාපනානුයොගමනුයුත්තො.
Sinhala BJTබමුණ, මෙරමා තවන යෝගයෙහි යෙදුණු පරන්තප පුද්ගල කවරෙ යත්: බමුණ, මෙලොවැ ඇතැම් පුද්ගලයෙක් එළුවැදි වෙයි, හූරුවැදි වෙයි, ළිහිණිවැදි වෙයි, මුවවැදි වෙයි, දරුණු වූයේ මස්වැදි (කෙවුළු) වෙයි, සොර වෙයි, චෝරඝාතක වෙයි, බන්‍ධනාගාර ගොපක වෙයි, යළි අන්‍ය වූත් යම්කිසි දරුණුකම් ඇද්ද, එයින් දිවි රක්නේ වෙයි, බමුණ, මේ පුද්ගල මෙරමා තවන යෝගයෙහි යෙදුණු ‘පරන්තප’ යයි කියනු ලැබේ.
Pali BJTකතමො ච බ්රාහ්මණ, පුග්ගලො අත්තන්තපො ච අත්තපරිතාපනානුයොගමනුයුත්තො, පරන්තපො ච පරපරිතාපනානුයොගමනුයුත්තො: ඉධ බ්රාහ්මණ, එකච්චො පුග්ගලො රාජා වා හොති ඛත්තියො මුද්ධාභිසිත්තො{1}, බ්රාහ්මණො වා මහාසාළො. සො පුරත්ථිමෙන නගරස්ස නවං සන්ථාගාරං කාරාපෙත්වා කෙසමස්සුං ඔහාරෙත්වා ඛරාජිනං නිවාසෙත්වා සප්පිතෙලෙන කායං අබ්භඤ්ජිත්වා මිගවිසාණෙන{2} පිට්ඨිං කණ්ඩුවමානො සන්ථාගාරං පවිසති සද්ධිං මහෙසියා බ්රාහ්මණෙන ච පුරොහිතෙන. සො තත්ථ අනන්තරහිතාය භූමියා හරිතුපත්තාය{3} සෙය්යං කප්පෙති. එකිස්සා ගාවියා සරූපවච්ඡාය යං එකස්මිං ථනෙ ඛීරං හොති, තෙන රාජා යාපෙති. යං දුතියස්මිං ථනෙ ඛීරං හොති, තෙන මහෙසී යාපෙති. යං තතියස්මිං ථනෙ ඛීරං හොති, තෙන බ්රාහ්මණො පුරොහිතො යාපෙති. යං චතුත්ථස්මිං ථනෙ ඛීරං හොති, තෙන අග්ගිං ජුහන්ති. අවසෙසෙන වච්ඡකො යාපෙති. සො එවමාහ: ‘එත්තකා උසභා හඤ්ඤන්තු යඤ්ඤත්ථාය, එත්තකා වච්ඡතරා හඤ්ඤන්තු යඤ්ඤත්ථාය, එත්තිකා වච්ඡතරියො හඤ්ඤන්තු යඤ්ඤත්ථාය, එත්තකා අජා හඤ්ඤන්තු යඤ්ඤත්ථාය, එත්තකා උරබ්භා හඤ්ඤන්තු යඤ්ඤත්ථාය, එත්තකා රුක්ඛා ඡිජ්ජන්තු යූපත්ථාය, එත්තකා දබ්භා ලූයන්තු බරිහිසත්ථායා’ති{4}. යෙපිස්ස තෙ හොන්ති දාසාති වා පෙස්සාති වා කම්මකරාති වා, තෙපි දණ්ඩතජ්ජිතා භයතජ්ජිතා අස්සුමුඛා රුදමානා පරිකම්මානි කරොන්ති. අයං වුච්චති බ්රාහ්මණ, පුග්ගලො අත්තන්තපො ච අත්තපරිතාපනානුයොගමනුයුත්තො, පරන්තපො ච පරපරිතාපනානුයොගමනුයුත්තො.
Sinhala BJTබමුණ, කවර පුද්ගලයෙක් තමා තවන යෝගයෙහි යෙදුණේ ‘අත්තන්තප’ ද මෙරමා තවන යෝගයෙහි යෙදුණේ ‘පරන්තප’ ද වෙයි යත්: බමුණ, මෙලොවැ ඇතැම් පුද්ගලයෙක් මුදුනෙහි බිසෙස් කළ ක්‍ෂත්‍රිය රජ හෝ වෙයි, බමුණු මහසල් හෝ වෙයි, හේ නුවරට පැදුන්දිග නව යාගහලක් කරවා කෙස්මස් බහා කුර සහිත අඳුන්දිවිසමක් හැඳ ගීයෙන් හා තෙලින් සිරුරු තවරා මුවහඟින් පිට කසමින් මෙහෙසිය ද පෙරෙවිබමුණු ද සමග යාගශාලාවට පිවිසෙයි. හේ එහි නො අතුළ ගොමපිරිබඩගත් බිමැ ශයනය කෙරෙයි. සමාන වස්සකු ඇති එක් දෙනකගේ එක් තනයෙකැ යම් කිරෙක් වේ ද, එයින් රජ යැපෙයි. දෙ වැනි තනයෙහි යම් කිරෙක් වේ ද, එයින් මෙහෙසිය යැපෙයි. තුන් වැනි තනයෙහි යම් කිරෙක් වේ ද, එයි පෙරෙවිබමුණු යැපෙයි. සතර වැනි තනයෙහි යම් කිරෙක් වේ ද, එයින් ගිනි පුදති. අවශේෂයෙන් වස්සා යැපෙයි. හේ මෙසේ කියයි: “යාගයට මෙතෙක් වෘෂභයෝ මරනුලැබෙත්වා, යාගයට මෙතෙක් නහඹුවස්සෝ මරනුලැබෙත්වා, යාගයට මෙතෙක් නැහැඹීවස්සෝ මරනුලැබෙත්වා, යාගයට මෙතෙක් තිරෙළුවෝ මරනුලැබෙත්වා, යාගයට මෙතෙක් එළුවෝ මරනුලැබෙත්වා, යාගස්ථම්භයට මෙතෙක් වෘක්‍ෂයෝ සිඳිනුලැබෙත්වා, පිරිකෙව් කරනු පිණිසත් යාගභූමියෙහි අතුරනු පිණිසත් මෙතෙක් කුසතණ කපනුලැබෙත්වා” යි. ඕහට යම් දස් කෙනෙක් හෝ මෙහෙකරු කෙනෙක් හෝ කම්කරු කෙනෙක් හෝ ඇද්ද, ඔහු දු දඬින් තෙදන ලද්දාහු භයින් තර්‍ජන කරනලද්දාහු කඳුළුගලනමුහුණු ඇතියාහු හඬමින් පිරියම් කෙරෙති. බමුණ, මේ පුද්ගල ආත්මපරිතාපනානුයෝගයෙහි යෙදුණු අත්තන්තප ද පරපරිතාපනානුයෝගයෙහි යෙදුණු පරන්තප ද වේ යැ යි කියනුලැබේ.
Pali BJTකතමො ච බ්රාහ්මණ, පුග්ගලො නෙවත්තන්තපො නාත්තපරිතාපනානුයොගමනුයුත්තො, න පරන්තපො න පරපරිතාපනානුයොගමනුයුත්තො, සො අනත්තන්තපො අපරන්තපො දිට්ඨෙවධම්මෙ නිච්ඡාතො නිබ්බුතො සීතීභූතො සුඛපටිසංවෙදී බ්රහ්මභූතෙන අත්තනා විහරති: ‘ඉධ බ්රාහ්මණ, තථාගතො ලොකෙ උප්පජ්ජති අරහං සම්මාසම්බුද්ධො විජ්ජාචරණසම්පන්නො සුගතො ලොකවිදූ අනුත්තරො පුරිසදම්මසාරථි සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවා. සො ඉමං ලොකං සදෙවකං සමාරකං සබ්රහ්මකං සස්සමණබ්රාහ්මණිං පජං සදෙවමනුස්සං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවෙදෙති. සො ධම්මං දෙසෙති ආදිකල්යාණං මජ්ඣෙකල්යාණං පරියොසානකල්යාණං සාත්ථං සබ්යඤ්ජනං කෙවලපරිපුණ්ණං පරිසුද්ධං බ්රහ්මචරියං පකාසෙති. තං ධම්මං සුණාති ගහපති වා ගහපතිපුත්තො වා අඤ්ඤතරස්මිං කුලෙ පච්චාජාතො. සො තං ධම්මං සුත්වා තථාගතෙ සද්ධං පටිලභති. සො තෙන සද්ධා පටිලාභෙන සමන්නාගතො ඉති පටිසඤ්චික්ඛති: ‘සම්බාධො ඝරාවාසො රජාපථො, අබ්භොකාසො පබ්බජ්ජා. නයිදං සුකරං අගාරං අජ්ඣාවසතා එකන්තපරිපුණ්ණං එකන්තපරිසුද්ධං සඞ්ඛලිඛිතං බ්රහ්මචරියං චරිතුං. යන්නූනාහං කෙසමස්සුං ඔහාරෙත්වා කාසායානි වත්ථානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියං පබ්බජෙය්ය’න්ති. සො අපරෙන සමයෙන අප්පං වා භොගක්ඛන්ධං පහාය මහන්තං වා භොගක්ඛන්ධං පහාය අප්පං වා ඤාතිපරිවට්ටං පහාය මහන්තං වා ඤාතිපරිවට්ටං පහාය කෙසමස්සුං ඔහාරෙත්වා කාසායානි වත්ථානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියං පබ්බජති.
Sinhala BJTබමුණ, තමා තවන යෝගයෙහි නො යෙදුණේ අත්තන්තප නො වූ මෙරමා තවන යෝගයෙහි නො යෙදුණේ පරන්තප නො වූ පුද්ගල කවරෙ යත්: හේ අත්තන්තප නො වූයේ පරන්තප නො වූයේ මෙ අත්බැව්හි මැ තෘෂ්ණා රහිත වූයේ නිවියේ සිහිල් වූයේ සුව විඳුනේ ශ්‍රේෂ්ඨ වූ ආත්මයෙන් යුතු වැ වාස කෙරෙයි. බමුණ මෙ ලොවැ අර්‍හත් වූ සම්‍යක්සම්බුද්ධ වූ විද්‍යාචරණ සම්පන්න වූ සුගත් වූ ලෝකවිද් වූ අනුත්තර පුරුෂදම්‍ය සාරථි වූ දෙවිමිනිසුනට ශාස්තෘ වූ බුද්ධ වූ භගවත් වූ තථාගත උපදි. ඔබ දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත මේ ලොව මහණ බමුණන් සහිත දෙවිමිනිසුන් සහිත ප්‍රජාව තමා විසින් විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට ප්‍රකාශ කෙරෙති. ඔබ ආදිකල්‍යාණ කොට මධ්‍යකල්‍යාණ කොට පර්‍ය්‍යවසානකල්‍යාණ කොට දහම් දෙසති. සියල්ල පිරිපුන් පිරිසිදු බඹසර පවසති. එ දහම ගෘහපතියෙක් හෝ ගෘහපතිපුත්‍රයෙක් හෝ එක්තරා කුලයෙකැ උපන්නෙක් හෝ අසයි. හෙ ඒ දහම අසා තථාගතයන් කෙරෙහි ශ්‍රද්ධාව ලබයි. හෙ ඒ ශ්‍රද්ධාලාභයෙන් සමන්‍වාගත වූයේ මෙසේ ප්‍රත්‍යවේක්‍ෂා කෙරෙයි: “ගෘහ වාසය සම්බාධයෙක, (රාගාදි) රජසට මාර්‍ගයෙක, පැවිද්ද අභ්‍යවකාශයෙක, ගිහිගෙයි වසනුවහු විසින් ඒකාන්තපරිපුණී වූ ඒකාන්තපරිශුද්ධ වූ ධෝතසඞ්ඛසදෘශ මෙ බඹසර පුරන්නට සුකර නො වෙයි. මම් කෙහෙරවුළු බහා කහවත් හැඳ පෙරෙවැ ගෙන් නික්ම සසුන් වදනෙම් නම් මනා මැ නු” යි. හේ මෑත භාගයෙහි අල්ප වූ හෝ භෝගස්කන්‍ධය හැරපියා මහත් වූ හෝ භෝගස්කන්‍ධය හැරපියා අල්ප වූ හෝ නෑපිරිවට හැරපියා මහත් වූ හෝ නෑපිරිවට හැරපියා කෙස්මස් බහා කහවත් හැඳපෙරෙවැ ගෙන් නික්ම සසුන් වදී.
Pali BJTසො එවං පබ්බජිතො සමානො භික්ඛූනං සික්ඛාසාජීවසමාපන්නො පාණාතිපාතං පහාය පාණාතිපාතා පටිවිරතො හොති, නිහිතදණ්ඩො නිහිතසත්ථො ලජ්ජී දයාපන්නො සබ්බපාණභූතහිතානුකම්පී විහරති. අදින්නාදානං පහාය අදින්නාදානා පටිවිරතො හොති දින්නාදායී දින්නපාටිකඞ්ඛී. අථෙනෙන සුචිභූතෙන අත්තනා විහරති. අබ්රහ්මචරියං පහාය බ්රහ්මචාරී හොති ආරාචාරී විරතො මෙථුනා ගාමධම්මා. මුසාවාදං පහාය මුසාවාදා පටිවිරතො හොති සච්චවාදී සච්චසන්ධො ථෙතො පච්චයිකො අවිසංවාදකො ලොකස්ස. පිසුණං වාචං පහාය පිසුනාය වාචාය පටිවිරතො හොති. ඉතො සුත්වා න අමුත්ර අක්ඛාතා ඉමෙසං භෙදාය අමුත්ර වා සුත්වා න ඉමෙසං අක්ඛාතා අමූසං භෙදාය. ඉති භින්නානං වා සන්ධාතා සහිතානං වා අනුප්පදාතා, සමග්ගාරාමො සමග්ගරතො සමග්ගනන්දී සමග්ගකරණිං වාචං භාසිතා හොති. ඵරුසං වාචං පහාය ඵරුසාය වාචාය පටිවිරතො හොති. යා සා වාචා නෙලා කණ්ණසුඛා පෙමනීයා හදයඞ්ගමා පොරී බහුජනකන්තා බහුජනමනාපා, තථාරූපිං වාචං භාසිතා හොති. සම්ඵප්පලාපං පහාය සම්ඵප්පලාපා පටිවිරතො හොති, කාලවාදී භූතවාදී අත්ථවාදී ධම්මවාදී විනයවාදී නිධානවතිං වාචං භාසිතා කාලෙන සාපදෙසං පරියන්තවතිං අත්ථසංහිතං.
Sinhala BJTහෙ මෙසෙයින් පැවිදි වූයේ මැ භික්‍ෂූන්ගේ ශික්‍ෂාසාජීවයට පැමිණියේ ප්‍රාණවධ හැරපියා පණිවායෙන් වෙන් වූයේ වෙයි, බගා තබනලද දඬු ඇති වැ බහා තබනලද ආයුධ ඇති වැ ලජ්ජා ඇති වැ මෙත්සිතට පැමිණ හැම සත්නට හිතානුකම්පා ඇති වැ වාස කෙරෙයි. නුදුන් අන් සතු දැය හැරපියා අයිනාදනින් වෙන් වූයේ වෙයි, දුන් දැය ගනුයේ දුන් දැය කැමැති වනුයේ නො සොර වූ පිරිසුදු වූ ආත්මයෙන් යුතු වැ වාස කෙරෙයි. අබ්‍රම්සර හැරපියා බඹසර (ශ්‍රේෂ්ඨ ආචාර) ඇතියේ වෙයි, අබ්‍රම්සරින් දුරු වූ ආචාර ඇතියේ ග්‍රාම්‍යධර්‍ම වූ මෛථුනයෙන් වෙන් වූයේ වෙයි. මුසවා හැරපියා මුසවායෙන් වෙන් වූයේ වෙයි, සත්‍යය කියනුයේ සත්‍ය ගළපනුයේ ස්ථිරකථා ඇතිය හැදැහියයුතු කථා ඇතියේ ලෝකයා විසංවාද නො කරනුයේ වෙයි. පිසුණුබස් හැරපියා පිසුණුබසින් වෙන් වූයේ වෙයි, මෙතැනින් අසා මුන් බිඳුනට එ තැන නො කියන්නේ යැ, එ තැන හෝ අසා උන් බිඳුනට මුන්ට නො කියන්නේ යැ, මෙසෙයින් බිඳුණවුන් හෝ ගළපනුයේ සමගවූවන් දැඩි කරනුයේ සමග වූවන් කෙරෙහි සිත් අළවනුයේ සමගයන් කෙරෙහි ඇලුණේ සමගයනට තුටු වූයේ සමග කරන බස් බණනුයේ වෙයි. පරොස්බස් හැරපියා පරොස්බසින් වෙන් වූයේ වෙයි, යම් බසෙක් කෙලතොලු නො වේ ද, කන්ට සුව එළවනුයේ ද, ප්‍රේමනීය ද, හෘදයඞ්ගම ද, නාගරික ද, බොහෝදෙනාට කාන්ත ද, බොහෝදෙනාගේ මන වඩනුයේ ද, එ බඳු බස් බණනුයේ වෙයි. සිස්බස් හැරපියා සිස්බසින් වෙන් වූයේ වෙයි, නිසි කල්හි කියනුයේ තථ්‍යය කියනුයේ අර්‍ත්‍ථසංහිතය කියනුයේ ධර්‍මනිඃශ්‍රිතය කියනුයේ (සංවර ප්‍රහාණ) විනයනිඃශ්‍රිතය කියනුයේ නිසි කල්හි සකාරණ වූ පිරිසිඳුම් ඇති අර්‍ත්‍ථසංහිත (හදවත්හි) නිධන් කළයුතු බස් බණනුයේ යි.
Pali BJTසො බීජගාමභූතගාමසමාරම්භා පටිවිරතො හොති. එකභත්තිකො හොති රත්තුපරතො විරතො විකාලභොජනා. නච්චගීතවාදිතවිසූකදස්සනා පටිවිරතො හොති. මාලාගන්ධවිලෙපනධාරණමණ්ඩනවිභූසනට්ඨානා පටිවිරතො හොති. උච්චාසයනමහාසයනා පටිවිරතො හොති. ජාතරූපරජතපටිග්ගහණා පටිවිරතො හොති. ආමකධඤ්ඤපටිග්ගහණා පටිවිරතො හොති. ආමකමංසපටිග්ගහණා පටිවිරතො හොති. ඉත්ථිකුමාරිකපටිග්ගහණා පටිවිරතො හොති. දාසිදාසපටිග්ගහණා පටිවිරතො හොති. අජෙළකපටිග්ගහණා පටිවිරතො හොති. කුක්කුටසූකරපටිග්ගහණා පටිවිරතො හොති. හත්ථිගවාස්සවළවාපටිග්ගහණා පටිවිරතො හොති. ඛෙත්තවත්ථුපටිග්ගහණා පටිවිරතො හොති. දූතෙය්යපහිණගමනානුයොගා පටිවිරතො හොති. කයවික්කයා පටිවිරතො හොති. තුලාකූටකංසකූටමානකූටා පටිවිරතො හොති. උක්කොටනවඤ්චනනිකතිසාචියොගා පටිවිරතො හොති. ඡෙදනවධබන්ධනවිපරාමොසආලොපසහසාකාරා පටිවිරතො හොති. සො සන්තුට්ඨො හොති කායපරිහාරිකෙන චීවරෙන කුච්ඡිපරිහාරිකෙන පිණ්ඩපාතෙන. සො යෙන යෙනෙව පක්කමති සමාදායෙව පක්කමති. සෙය්යථාපි නාම පක්ඛී සකුණො යෙන යෙනෙව ඩෙති, සපත්තභාරොව ඩෙති, එවමෙවං භික්ඛු සන්තුට්ඨො හොති කායපරිහාරිකෙන චීවරෙන, කුච්ඡිපරිහාරිකෙන පිණ්ඩපාතෙන, යෙන යෙනෙව පක්කමති සමාදායෙව පක්කමති. සො ඉමිනා අරියෙන සීලක්ඛන්ධෙන සමන්නාගතො අජ්ඣත්තං අනවජ්ජසුඛං පටිසංවෙදෙති.
Sinhala BJTහේ බීජගාමභූතගාම විකෝපනයෙන් වෙන් වූයේ වෙයි, රාත්‍රිභෝජනයෙන් වැළකියේ විකල්බොජුනෙන් වැළකියේ ඒකභක්තික වෙයි. නටනු ගයනු වයනු විසුළුදස්නෙන් දුරු වෙයි. මල් ගඳ විලෙවුන් දැරීම හා මණ්ඩන විභූෂණ යන කරුණින් වැළකියේ වෙයි. උසසුන් මහඅස්නෙන් වැළකියේ වෙයි, රන්රිදී පිළිගැන්මෙන් වැළකියේ වෙයි, (සත්වැදෑරුම්) ආමකධ්‍යාන පිළිගැන්මෙන් වැළකියේ වෙයි, අමුමස් පිළිගැන්මෙන් වැළකියේ වෙයි. ස්ත්‍රීන් හා කුමරියන් පිළිගැන්මෙන් වැළකියේ වෙයි, දැසිදසුන් පිළිගැන්මෙන් වැළකියේ වෙයි, එළුතිරෙළුවන් පිළිගැන්මෙන් වැළකියේ වෙයි, කුකුළුහූරන් පිළිගැන්මෙන් වැළකියේ වෙයි, ඇත් - ගව - අස් - වෙළඹ පිළිගැන්මෙන් වැළකියේ වෙයි, කෙත්වතු පිළිගැන්මෙන් වැළකියේ වෙයි, දූතකර්‍ම යැ පහිණගමන ය යන මෙහි යෙදීමෙන් වැළකියේ වෙයි, ගනුදෙනුයෙන් වැළකියේ වෙයි, තුලාකූට කංසකූට මානකූට යන මෙයින් වැළකියේ වෙයි, අල්ලස් ගැනීම යැ නුළු කිරීම යැ මායා යැ යන සාචියෝග (රැවැටිලි)යෙන් වැළකියේ වෙයි, (අත්පා ආදිය) සිඳීම යැ මැරීම යැ බන්‍ධන යැ සැහැවි සිට සර්‍වස්වාපහරණ යැ ගම් වොලොගැන්ම යැ සැහැසිකම් යැ යන මෙයින් වැළකියේ වෙයි. හේ කය පරිහරණයට පමණ වූ සිවුරින් කුස පරිහරණයට පමණ වූ පිඬුවායෙන් සතුටු වූයේ වෙයි. හේ යම් මැ තැනෙක යේ ද, මහණ පිරිකර් (කායපටිබද්ධ කොට) ගෙන මැ යෙයි. යම්සේ පියාපත් ඇති ලිහිණියෙක් යම් යම් තැනෙක ඉගිල යේ නම් සිය පියාපත්බර ඇති වැ මැ ඉගිල යෙයි. එසෙයින් මැ මහණ කායපරිහාරික සිවුරින් කුච්ඡිපරිහාරික පිණ්‍ඩපාතයෙන් සතුටු වූයේ වෙයි. යම් මැ තැනෙකැ යේ ද, මහණ පිරිකර ගෙන මැ යෙයි. හේ මේ ආර්‍ය්‍ය වූ ශීලස්කන්‍ධයෙන් සමන්‍වාගත වූයේ අධ්‍යාත්මයෙහි අනවද්‍යසුඛය විඳියි.
Pali BJTසො චක්ඛුනා රූපං දිස්වා න නිමිත්තග්ගාහී හොති නානුබ්යඤ්ජනග්ගාහී. යත්වාධිකරණමෙනං චක්ඛුන්ද්රියං අසංවුතං විහරන්තං අභිජ්ඣාදොමනස්සා පාපකා අකුසලා ධම්මා අන්වාස්සවෙය්යුං, තස්ස සංවරාය පටිපජ්ජති රක්ඛති චක්ඛුන්ද්රියං චක්ඛුන්ද්රියෙ සංවරං ආපජ්ජති. සොතෙන සද්දං සුත්වා -පෙ- ඝානෙන ගන්ධං ඝායිත්වා -පෙ- ජිව්හාය රසං සායිත්වා -පෙ- කායෙන ඵොට්ඨබ්බං ඵුසිත්වා -පෙ- මනසා ධම්මං විඤ්ඤාය න නිමිත්තග්ගාහී හොති නානුබ්යඤ්ජනග්ගාහී. යත්වාධිකරණමෙනං මනින්ද්රියං අසංවුතං විහරන්තං අභිජ්ඣා දොමනස්සා පාපකා අකුසලා ධම්මා අන්වාස්සවෙය්යුං, තස්ස සංවරාය පටිපජ්ජති, රක්ඛති මනින්ද්රියං, මනින්ද්රියෙ සංවරං ආපජ්ජති. සො ඉමිනා අරියෙන ඉන්ද්රියසංවරෙන සමන්නාගතො අජ්ඣත්තං අබ්යාසෙකසුඛං පටිසංවෙදෙති.
Sinhala BJTහේ ඇසින් රූපයක් දැක නිමිති ගන්නේ නො වෙයි, අනුබ්‍යඤ්ජන ගන්නේ නො වෙයි, යම් කරුණෙකින් චක්‍ෂුරිනද්‍රියය අසංවෘත වැ වාස කරන මොහු අභිධ්‍යාදෞර්‍මනස්‍ය සඞ්ඛ්‍යාත ලාමක අකුශලධර්‍මයෝ ලුහුබඳනාහු නම් ඒ චක්‍ෂුරිනද්‍රියය සංවරයට පැමිණෙයි. කනින් හඬක් අසා ... නැහැයෙන් ගඳක් ආඝ්‍රාණය කොට ... දිවින් රසක් විඳ ... කයින් පහසක් පැහැස ... මනසින් දහමක් දැන නිමිති ගන්නේ නො වෙයි, අනුව්‍යඤ්ජන ගන්නේ නො වෙයි, යම් කරුණෙකින් මනින්‍ද්‍රියය අසංවෘත වැ වාස කරන මොහු අභිධ්‍යාදෞර්‍මනස්‍ය සඞ්ඛ්‍යාත ලාමක අකුශලධර්‍මයෝ ලුහුබඳනාහු නම් ඒ මනින්‍ද්‍රියයාගේ සංවරයට පැමිණෙයි, මනින්‍ද්‍රියය රකියි, මනින්‍ද්‍රියයෙහි සංවරයට පැමිණෙයි. හේ මේ ආර්‍ය්‍යඉන්‍ද්‍රියසංවරයෙන් යුක්ත වැ අධ්‍යාත්මයෙහි ක්ලේශාභිෂේක රහිත සුවය විඳී.
Pali BJTසො අභික්කන්තෙ පටික්කන්තෙ සම්පජානකාරී හොති, ආලොකිතෙ විලොකිතෙ සම්පජානකාරී හොති, සමිඤ්ජිතෙ පසාරිතෙ සම්පජානකාරී හොති, සඞ්ඝාටිපත්තචීවරධාරණෙ සම්පජානකාරී හොති, අසිතෙ පීතෙ ඛායිතෙ සායිතෙ සම්පජානකාරී හොති, උච්චාරපස්සාවකම්මෙ සම්පජානකාරී හොති, ගතෙ ඨිතෙ නිසින්නෙ සුත්තෙ ජාගරිතෙ භාසිතෙ තුණ්හීභාවෙ සම්පජානකාරී හොති.
Sinhala BJTහේ ඉදිරියට යෑමෙහි පෙරළා ඊමෙහි නුවණින් දැන කරනුයේ වෙයි, ඉදිරිය බැලීමෙහි අවට බැලීමෙහි නුවණින් දැන කරනුයේ වෙයි, අත්පා හැකිළීමෙහි දිගු කිරීමෙහි නුවණින් දැන කරනුයේ වෙයි, සඟළපාසිවුරු දැරීමෙහි නුවණින් දැන කරනුයේ වෙයි, බිඳීමෙහි පීමෙහි කෑමෙහි ලෙවීමෙහි නුවණින් දැන කරනුයේ වෙයි, මලමූ පහ කිරීමෙහි නුවණින් දැන කරනුයේ වෙයි, යෑමෙහි සිටීමෙහි හිඳීමෙහි නිදීමෙහි නිදිවැරීමෙහි සිනාසීමෙහි තුෂ්ණීම්භාවයෙහි නුවණින් දැන කරනුයේ වෙයි.
Pali BJTසො ඉමිනා ච අරියෙන සීලක්ඛන්ධෙන සමන්නාගතො, ඉමිනා ච අරියෙන ඉන්ද්රියසංවරෙන සමන්නාගතො, ඉමිනා ච අරියෙන සතිසම්පජඤ්ඤෙන සමන්නාගතො, විවිත්තං සෙනාසනං භජති: අරඤ්ඤං රුක්ඛමූලං පබ්බතං කන්දරං ගිරිගුහං සුසානං වනපත්ථං අබ්භොකාසං පලාලපුඤ්ජං. සො පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තො නිසීදති පල්ලඞ්කං ආභුජිත්වා, උජුං කායං පනිධාය, පරිමුඛං සතිං උපට්ඨපෙත්වා. සො අභිජ්ඣං ලොකෙ පහාය විගතාභිජ්ඣෙන චෙතසා විහරති, අභිජ්ඣාය චිත්තං පරිසොධෙති, බ්යාපාදපදොසං පහාය අබ්යාපන්නචිත්තො විහරති සබ්බපාණභූතාහිතානුකම්පී, බ්යාපාදපදොසා චිත්තං පරිසොධෙති, ථිනමිද්ධං පහාය විගතථීනමිද්ධො විහරති ආලොකසඤ්ඤී සතො සම්පජානො ථීනමිද්ධා චිත්තං පරිසොධෙති, උද්ධච්චකුක්කුච්චං පහාය අනුද්ධතො විහරති අජ්ඣත්තං වූපසන්තචිත්තො, උද්ධච්චකුක්කුච්චා චිත්තං පරිසොධෙති, විචිකිච්ඡං පහාය තිණ්ණවිචිකිච්ඡො විහරති අකථඞ්කථී කුසලෙසු ධම්මෙසු, විචිකිච්ඡාය චිත්තං පරිසොධෙති.
Sinhala BJTහේ මේ ආර්‍ය්‍යශීලස්කන්‍ධයෙනුදු සමන්‍වාගත වැ මේ ආර්‍ය්‍යඉන්‍ද්‍රියසංවරයෙනුදු සමන්‍වාගත වැ මේ ආර්‍ය්‍යස්මෘතිසම්ප්‍රජන්‍යයෙනුදු සමන්‍වාගත වැ අරණ්‍ය යැ වෘක්‍ෂමූල යැ පර්‍වත යැ කඳුකර යැ ගිරිගුහාව යැ සොහොන යැ වනයෙහි දුර සෙනසුන යැ අභ්‍යාවකාශ යැ පලාල (පිදුරු) පුඤ්ජයැ යන විවික්ත සෙනසුන භජනය කෙරෙයි. හේ පසුබත්හි පිණ්ඩපාතයෙන් පෙරළා ආයේ පලක් අවුළුවා කය ඍජු කොට තබා කර්‍මසථානාභිමුඛ කොට සිහි එළවා හිඳියි. හේ (කායාදී) ලෝකයෙහි අභිධ්‍යාව හැරපියා පහවූ අභිධ්‍යා ඇති සිතින් යුතු වැ වාස කෙරෙයි, අභිධ්‍යායෙන් සිත පිරිසිදු කෙරෙයි. ව්‍යාපාදදෝෂය හැරපියා අව්‍යාපන්න සිත් ඇති වැ සියලු ප්‍රාණභූතයන් කෙරෙහි අනුකම්පා ඇති වැ වාස කෙරෙයි, ව්‍යාපාදදොෂයෙන් සිත පිරිසිදු කෙරෙයි. ථීනමිද්ධය හැරපියා පහවූ ථීනමිද්ධයෙන් යුතු වැ ආලෝක සංඥා ඇති වැ සිහි ඇති වැ සම්‍යග්ඥාන ඇති වැ වාස කෙරෙයි. ථීනමිද්ධයෙන් සිත පිරිසුදු කෙරෙයි. උද්ධච්චකුක්කුච්චය හැරපියා අනුද්ධත වැ අධ්‍යාත්මයෙහි සන්හුන් සිත් ඇති වැ වාස කෙරෙයි, උද්ධච්චකුක්කුච්චයෙන් සිත පිරිසුදු කෙරෙයි, විචිකිත්සා හැරපියා තරණය කළ විචිකිත්සා ඇති වැ කුසල්දහම්හි කථඞ්කථා (සැක) නැති වැ වාස කෙරෙයි, විචිකිත්සායෙන් සිත පිරිසුදු කෙරෙයි.
Pali BJTසො ඉමෙ පඤ්චනීවරණෙ පහාය චෙතසො උපක්කිලෙසෙ පඤ්ඤාය දුබ්බලීකරණෙ විවිච්චෙව අකුසලෙහි ධම්මෙහි සවිතක්කං සවිචාරං විවෙකජං පීතිසුඛං පඨමං ඣානං උපසම්පජ්ජ විහරති. විතක්කවිචාරානං වූපසමා අජ්ඣත්තං සම්පසාදනං චෙතසො එකොදිභාවං අවිතක්කං අවිචාරං සමාධිජං පීතිසුඛං දුතියං ඣානං උපසම්පජ්ජ විහරති. පීතියා ච විරාගා උපෙක්ඛකො ච විහරති සතො ච සම්පජානො, සුඛඤ්ච කායෙන පටිසංවෙදෙති, යං තං අරියා ආචික්ඛන්ති උපෙක්ඛකො සතිමා සුඛවිහාරීති තං තතියං ඣානං උපසම්පජ්ජ විහරති. සුඛස්ස ච පහානා දුක්ඛස්ස ච පහානා, පුබ්බෙව සොමනස්සදොමනස්සානං අත්ථඞ්ගමා, අදුක්ඛං අසුඛං උපෙක්ඛා සතිපරිසුද්ධිං චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරති.
Sinhala BJTහේ සිතට උපක්ලේශ වූ ප්‍රඥාව දුර්‍වල කරන මේ පඤ්චනීවරණයන් හැරපියා අකුසල් දහමින් වෙන් වැ මැ විතර්‍ක සහිත වූ විචාර සහිත වූ විවේකයෙන් උපන් ප්‍රීතිය හා සුඛය ඇති ප්‍රථමධ්‍යානය උපයාගෙන වාස කෙරෙයි. විතර්‍කවිචාරයන් ගේ සන්හිඳීමෙන් අධ්‍යාත්මයෙහි ප්‍රසාදයැ ඇති චිත්තයාගේ එකඟ බව වූ විතර්‍ක රහිත වූ විචාර රහිත වූ සමාධියෙන් උපන් ප්‍රීතිය හා සුඛය ඇති ද්විතීයධ්‍යානය උපයාගෙන වාස කෙරෙයි. ප්‍රීතියගේ ද විරාගයෙන් උපේක්‍ෂා ඇති වැ ද වාස කෙරෙයි. යළි සිහි ඇති වැ සම්‍යග්ඥාන ඇති වැ කයින් සුව ද විඳියි, ආර්‍ය්‍යයෝ යම් ධ්‍යානයක් සඳහා උපේක්‍ෂා ඇත්තේ යැ, සිහි ඇත්තේ යැ, සුඛවිහාර ඇත්තේ යැ’යි කියත් ද, ඒ තෘතීයධ්‍යානය උපයාගෙන වාස කෙරෙයි. සුඛයාගේ ද ප්‍රහාණයෙන් දුඃඛයාගේ ප්‍රහාණයෙන් කැල මැ සොම්නස්දොම්නසුන් ගේ අස්තඞ්ගමයෙන් දුක් නැති සුව ඇති උපේක්‍ෂායෙන් උපන් ස්මෘතිපාරිශුද්ධිය ඇති චතුර්‍ත්‍ථධ්‍යානය උපයා ගෙන වාස කෙරෙයි.
Pali BJTසො එවං සමාහිතෙ චිත්තෙ පරිසුද්ධෙ පරියොදාතෙ අනඞ්ගණෙ විගතූපක්කිලෙසෙ මුදුභූතෙ කම්මනියෙ ඨිතෙ ආනෙඤ්ජප්පත්තෙ පුබ්බෙනිවාසානුස්සතිඤාණාය චිත්තං අභිනින්නාමෙති. සො අනෙකවිහිතං පුබ්බෙනිවාසං අනුස්සරති, සෙය්යථිදං: එකම්පි ජාතිං, ද්වෙපි ජාතියො, තිස්සොපි -පෙ- අනෙකෙපි සංවට්ටවිවට්ටකප්පෙ, අමුත්රාසිං එවංනාමො එවංගොත්තො එවංවණ්ණො එවමාහාරො එවංසුඛදුක්ඛපටිසංවෙදී එවමායුපරියන්තො, සො තතො චුතො අමුත්ර උදපාදිං, තත්රාපාසිං එවංනාමො එවංගොත්තො එවංවණ්ණො එවමාහාරො එවංසුඛදුක්ඛපටිසංවෙදී එවමායුපරියන්තො, සො තතො චුතො ඉධූපපන්නො’ති. ඉති සාකාරං සඋද්දෙසං අනෙකවිහිතං පුබ්බෙනිවාසං අනුස්සරති.
Sinhala BJTහේ මෙසේ සිත සමාහිත පරිශුද්ධ පර්‍ය්‍යවදාත අනඞ්ගණ විගතෝපක්ලේශ කල්හි මෘදු වූ කල්හි කර්‍මණ්‍ය වැ සිටි කල්හි තහවුරු බවට පත් කල්හි පූර්වේනිවාසානුස්මෘතිඥානයට සිත නමයි. හේ අනේකවිධ පූර්‍වනිවාසය සිහි කෙරෙයි, හේ කෙසේ යැ යත්: “එක් ජාතියකුදු දෙ ජාතියකුදු තුන් ජාතියකුදු ... නොයෙක් සංවර්‍තවිවර්‍තකල්පයනුදු අසෝ තැන්හි මේ නම් ඇති වීමි, මෙවන් ගෝත්‍ර මෙවන් පැහැසටහන් මෙබඳු ආහාර ඇතිවීමි. මෙබඳු සුවදුක් විඳුනෙම් වීමි. මෙබඳු ආයුෂපර්‍ය්‍යන්ත ඇති වීමි. ඒ මම එයින් ච්‍යුත වූයෙම් මෙහි උපන්මි”යි මෙසේ ආකාර සහිත කොට උද්දේස සහිත කොට නන් වැදෑරුම් පූර්‍වනිවාසය සිහි කෙරේ.
Pali BJTසො එවං සමාහිතෙ චිත්තෙ පරිසුද්ධෙ පරියොදාතෙ අනඞ්ගණෙ විගතූපක්කිලෙසෙ මුදුභූතෙ කම්මනියෙ ඨිතෙ ආනෙඤ්ජප්පත්තෙ සත්තානං චුතූපපාතඤාණාය චිත්තං අභිනින්නාමෙති. සො දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන අතික්කන්තමානුසකෙන සත්තෙ පස්සති: චවමානෙ උපපජ්ජමානෙ හීනෙ පණීතෙ සුවණ්ණෙ දුබ්බණ්ණෙ සුගතෙ දුග්ගතෙ, යථාකම්මූපගෙ සත්තෙ පජානාති: ඉමෙ වත භොන්තො සත්තා කායදුච්චරිතෙන සමන්නාගතා -පෙ- මිච්ඡාදිට්ඨිකම්මසමාදානා, තෙ කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපන්නා. ඉමෙ වා පන භොන්තො සත්තා කායසුචරිතෙන සමන්නාගතා -පෙ- සම්මාදිට්ඨිකම්මසමාදානා, තෙ කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපන්නාති. ඉති දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන අතික්කන්තමානුසකෙන සත්තෙ පස්සති: චවමානෙ උපපජ්ජමානෙ හීනෙ පණීතෙ සුවණ්ණෙ දුබ්බණ්ණෙ සුගතෙ දුග්ගතෙ, යථාකම්මූපගෙ සත්තෙ පජානාති.
Sinhala BJTහේ මෙසේ සිත සමාහිත කල්හි පරිශුද්ධ පර්‍ය්‍යවදාත අනඞ්ගණ විගතෝපක්ලේශ කල්හි මෘදු වූ කල්හි කර්‍මණ්‍ය වැ සිටි කල්හි නොසැලෙන බවට පැමිණි කල්හි සත්ත්‍වයන්ගේ ච්‍යුතිඋපප්‍රාප්ති ඥානයට සිත නමයි. හේ විශුද්ධ වූ මිනිසැස ඉක්ම ගිය දිව ඇසින් ච්‍යුත වන උපදනා හීන ප්‍රණීත සුවර්‍ණ දුර්වර්‍ණ සුගත දුර්‍ගත සත්ත්‍වයන් දකියි, කර්‍මානුරූප වැ යන සත්ත්‍වයන් දැනගනියි: “මේ භවත් සත්ත්‍වයෝ ඒකාන්තයෙන් කායදුශ්චරිතයෙන් සමන්‍වාගතයහ ... මිථ්‍යාදෘෂ්ටිකර්‍මසමාදාන ඇතියහ. ඔහු කාබුන් මරණින් මතු සැපයෙන් පහවූ දුකට ගති වූ විවශ වැ පතිත වන නිරයට පැමිණියහ. යළි මේ භවත් සත්ත්‍වයෝ කාය සුචරිතයෙන් සමන්‍වාගතයහ .... සම්‍යග් දෘෂ්ටිකර්‍මසමාදාන ඇතියහ. ඔහු කාබුන් මරණින් මතු සුන්‍දරගති ඇති ස්වර්‍ගලෝකයට පැමිණියහ”යි මෙසේ විශුද්ධ වූ මිනිසැස ඉක්මගිය දිවැසින් මියන උපදනා හීන ප්‍රණීත සුවර්‍ණ දුර්වර්‍ණ සුගත දුගත සත්ත්‍වයන් දකී. යථාකර්‍මොපගත සත්ත්‍වයන් දැනගනී.
Pali BJTසො එවං සමාහිතෙ චිත්තෙ පරිසුද්ධෙ පරියොදාතෙ අනඞ්ගණෙ විගතූපක්කිලෙසෙ මුදුභූතෙ කම්මනියෙ ඨිතෙ ආනෙඤ්ජප්පත්තෙ ආසවානං ඛයඤාණාය චිත්තං අභිනින්නාමෙති. සො ඉදං දුක්ඛන්ති යථාභූතං පජානාති, අයං දුක්ඛසමුදයොති යථාභූතං පජානාති, අයං දුක්ඛනිරොධොති යථාභූතං පජානාති, අයං දුක්ඛනිරොධගාමිනීපටිපදාති යථාභූතං පජානාති, ඉමෙ ආසවාති යථාභූතං පජානාති, අයං ආසවසමුදයොති යථාභූතං පජානාති, අයං ආසවනිරොධොති යථාභූතං පජානාති, අයං ආසවනිරොධගාමිනීපටිපදාති යථාභූතං පජානාති. තස්ස එවං ජානතො එවං පස්සතො කාමාසවාපි චිත්තං විමුච්චති, භවාසවාපි චිත්තං විමුච්චති, අවිජ්ජාසවාපි චිත්තං විමුච්චති. විමුත්තස්මිං විමුත්තමිති ඤාණං හොති: ඛීණා ජාති වුසිතං බ්රහ්මචරියං කතං කරණීයං නාපරං ඉත්ථත්තායාති පජානාති. අයං වුච්චති බ්රාහ්මණ, පුග්ගලො නෙවත්තන්තපො නාත්තපරිතාපනානුයොගමනුයුත්තො, න පරන්තපො න පරපරිතාපනානුයොගමනුයුත්තො. සො අනත්තන්තපො අපරන්තපො දිට්ඨෙව ධම්මෙ නිච්ඡාතො නිබ්බුතො සීතීභූතො සුඛපටිසංවෙදී බ්රහ්මභූතෙන අත්තනා විහරතී’ති.
Sinhala BJTහේ මෙසේ සිත සමාහිත කල්හි පරිශුද්ධ පර්‍ය්‍යවදාත අනඞ්ගණ විගතෝපක්ලේශ කල්හි මෘදු වූ කල්හි කර්‍මාහ වැ සිටි කල්හි අකම්ප්‍යභාවයට පැමිණි කල්හි ආස්‍රවක්‍ෂයඥානයට සිත නමයි. හෙ ‘මෙ (පඤ්‍චස්කන්‍ධය) දුකැ’යි ඇති සැටියෙන් දැනගනියි, ‘මේ (තෘෂ්ණාසමුදය) දුක් උපදනා කාරණයැ’ යි ඇති සැටියෙන් දැනගනියි, ‘මේ දුක් නැති කිරීම යැ’යි ඇති සැටියෙන් දැනගනියි, ‘මේ දුක් නැති කිරීමට යන පිළිවෙතැ’යි ඇති සැටියෙන් දැනගනියි. ‘මොහු ආස්‍රවයහ’යි ඇති සැටියෙන් දැනගනියි, ‘මේ ආස්‍රවසමුදය’යි ඇති සැටියෙන් දැනගනියි. ‘මේ ආස්‍රවනිරෝධ යැ’යි ඇති සැටියෙන් දැනගනියි. ‘මේ ආස්‍රවනිරෝධගාමිනීප්‍රතිපදා යැ’යි ඇති සැටියෙන් දැනගනියි. මෙසේ දන්නා මෙසේ දක්නා ඔහුගේ සිත කාමාස්‍රවයෙනුදු මිදෙයි. භවාස්‍රවයෙනුදු සිත මිදෙයි, අවිද්‍යාස්‍රවයෙනුදු සිත මිදෙයි. මිදුණ කල්හි ‘මිදිණැ’යි ඥානය වෙයි. ජාතිය ක්‍ෂීණ වූ, බඹසර වැස නිමවන ලදී, කරණී කරනලද, මේ බවට (කළයුතු) අන් කිසෙක් නැතැ’යි දැනගනී. බමුණ, මේ පුද්ගල නො මැ තමා තවනුයේ තමා තවන යෝගයෙහි නො යෙදුණේ මෙරමා නො තවනුයේ මෙරමා තවන යෝගයෙහි නො යෙදුණේ යයි කියනුලැබේ. හේ තමා නො තවනුයේ පරා නො තවනුයේ මෙ අත්බැව්හි මැ තෘෂ්ණා රහිත වූයේ නිවියේ සිහිල් වූයේ සුව විඳිනුයේ ශ්‍රේෂ්ඨ වූ ආත්මයෙන් යුතු වැ වාස කෙරේ”යයි.
Pali BJTඑවං වුත්තෙ ඝොටමුඛො බ්රාහ්මණො ආයස්මන්තං උදෙනං එතදවොච: අභික්කන්තං භො උදෙන, අභික්කන්තං භො උදෙන, සෙය්යථාපි භො උදෙන, නික්කුජ්ජිතං වා උක්කුජ්ජෙය්ය, පටිච්ඡන්නං වා විවරෙය්ය, මූළ්හස්ස වා මග්ගං ආචික්ඛෙය්ය, අන්ධකාරෙ වා තෙලපජ්ජොතං ධාරෙය්ය චක්ඛුමන්තො රූපානි දක්ඛින්තීති. එවමෙවං භොතා උදෙනෙන අනෙකපරියායෙන ධම්මො පකාසිතො. එසාහං භවන්තං උදෙනං සරණං ගච්ඡාමි ධම්මඤ්ච භික්ඛුසඞ්ඝඤ්ච. උපාසකං මං භවං උදෙනො ධාරෙතු අජ්ජතග්ගෙ පාණුපෙතං සරණං ගත’න්ති.
Sinhala BJTමෙසේ කී කල්හි ඝෝටමුඛ බ්‍රාහ්මණ ආයුෂ්මත් උදේනහට තෙල කී: “භවත් උදේනයෙනි, ඉතා කාන්ත යැ, භවත් උදේනයෙනි, ඉතා කාන්ත යි. භවත් උදේනයෙනි, යම්සේ යටිහුරු කරනලද්දක් හෝ උඩුහුරු කරන්නේ ද, පිළිසන් දැයක් විවර කරන්නේ ද, මුළා වූවකුට හෝ මඟ කියන්නේ ද, ‘ඇස් ඇත්තෝ රූප දකිත්ව’යි අඳුරෙහි තෙල්පහනක් හෝ දරන්නේ ද, එසෙයින් මැ භවත් උදේනයන් විසින් නොයෙක් අයුරින් දහම් පැවැසිණ. තෙල මම් භවත් උදේනයන් දහම් හා බික්සඟන හා සරණ කොට යෙමි, භවත් උදේනයෝ මා අද පටන් දිවිහිමියෙන් සරණ ගිය උපාසකයකු කොට ධරන සේක්ව”යි.
Pali BJTමා ඛො මං ත්වං බ්රාහ්මණ, සරණං අගමාසි. තමෙව ත්වං භගවන්තං සරණං ගච්ඡ යමහං සරණං ගතොති.
Sinhala BJTබමුණ, තෙපි මා නහමක් සරණ යව, මම් යම් කෙනකුන් සරණ ගියෙම් ද, තෙපි එ මැ භාග්‍යවතුන් වහන්සේ සරණ යව’යි.
Pali BJTකහං පන භො උදෙන, එතරහි සො භවං ගොතමො විහරති අරහං සම්මාසම්බුද්ධොති?
Sinhala BJTභවත් උදේනයෙනි, වැළිත් ඒ අර්‍හත් සම්‍යක්සම්බුද්ධ වූ භවත් ගොයුම් ගොතුවෝ දැන් කොහි වැඩවෙසෙත් දැ? යි.
Pali BJTපරිනිබ්බුතො ඛො බ්රාහ්මණ, එතරහි සො භගවා අරහං සම්මාසම්බුද්ධොති.
Sinhala BJTබමුණ, ඒ අර්‍හත් සම්‍යක්සම්බුද්ධ වූ භාග්‍යවතුන් වහන්සේ මෙ කල්හි පිරිනිවියහ’යි.
Pali BJTසචෙ හි මයං භො උදෙන, සුණෙය්යාම තං භවන්තං ගොතමං දසසු යොජනෙසු, දසපි මයං යොජනානි ගච්ඡෙය්යාම තං භවන්තං ගොතමං දස්සනාය අරහන්තං සම්මාසම්බුද්ධං. සචෙ මයං භො උදෙන, සුණෙය්යාම තං භවන්තං ගොතමං වීසතියා යොජනෙසු -පෙ- තිංසාය යොජනෙසු -පෙ- චත්තාරීසාය යොජනෙසු -පෙ- පඤ්ඤාසාය යොජනෙසු, පඤ්ඤාසම්පි මයං යොජනානි ගච්ඡෙය්යාම තං භවන්තං ගොතමං දස්සනාය අරහන්තං සම්මාසම්බුද්ධං. යොජනසතෙපි මයං භො උදෙන, සුණෙය්යාම තං භවන්තං ගොතමං, යොජනසතම්පි මයං ගච්ඡෙය්යාම තං භවන්තං ගොතමං දස්සනාය අරහන්තං සම්මාසම්බුද්ධං. යතො ච ඛො භො උදෙන, පරිනිබ්බුතො සො භවං ගොතමො, පරිනිබ්බුතම්පි මයං තං භවන්තං ගොතමං සරණං ගච්ඡාම ධම්මඤ්ච භික්ඛුසඞ්ඝඤ්ච. උපාසකං මං භවං උදෙනො ධාරෙතු අජ්ජතග්ගෙ පාණුපෙතං සරණං ගතං. අත්ථි ච මෙ භො උදෙන, අඞ්ගරාජා දෙවසිකං නිච්චභික්ඛං දදාති, තතොහං භොතො උදෙනස්ස එකං නිච්චභික්ඛං දදාමීති.
Sinhala BJTභවත් උදේනයෙනි, ඉදින් ඒ භවත් ගෞතමයන් වහන්සේ දසයොදනෙක්හි අසන්නමෝ නම් අපි ඒ අර්‍හත් සම්‍යක් සම්බුද්ධ භවත් ගෞතමයන් දක්නට දසයොදුන් දුර ද යම්හ. භවත් උදේනයෙනි, ඉදින් ඇපි ඒ භවත් ගෞතමයන් විසියොදනෙක්හි ... තිස්යොදනෙක්හි ... සතලිස්යොදනෙක්හි .... පනස්යොදනෙක්හි අසන්නමෝ නම්, අපි ඒ අර්‍හත් සම්‍යක් සම්බුද්ධ භවත් ගෞතමයන් දක්නට පනස්යොදුන් දුර ද යම්හ. භවත් උදේනයෙනි, ඇපි යොදුන් සියයෙක්හිදු ඒ භවත් ගෞතමයන් අසන්නමෝ නම් අපි ඒ අර්‍හත් සම්‍යක් සම්බුද්ධ භවත් ගෞතමයන් දක්නට සියක් යොදුන් දුර ද යම්හ. භවත් උදේනයෙනි යම් දවසෙක ඒ භවත් ගෞතමයන් වහන්සේ පිරිනිවිසේක් ද, අපි පිරිනිවියා වූ ද ඒ භවත් ගෞතමයන් ධර්‍මය හා භික්‍ෂුසඞ්ඝයා හා සරණ යම්හ, භවත් උදේනයෝ මා අද පටන් කොට දිවිහිමියෙන් සරණ ගිය උපාසකයකු කොට ධරන සේක්වා. භවත් උදේනයෙනි, මට දවස් පතා නිත්‍යභික්‍ෂා දෙන අඞ්ගරජ ඇත. මම භවත් උදේනහට එයින් එක් නිත්‍යභික්ශාවක් දෙමි’යි.
Pali BJTකිං පන තෙ බ්රාහ්මණ, අඞ්ගරාජා දෙවසිකං නිච්චභික්ඛං දදාතීති? පඤ්ච භො උදෙන, කහාපණසතානීති. න ඛො නො බ්රාහ්මණ, කප්පති ජාතරූපරජතං පටිග්ගහෙතුන්ති.
Sinhala BJTබමුණ තොපට අඟුරජ දිනපතා කිනම් නිත්‍ය භික්‍ෂාවක් දේ ද? භවත් උදයනයෙනි, පන්සියක් කහවණු යැ. බමුණ අපට රන්රිදී පිළිගන්නට කැප නො වෙයි.
Pali BJTසචෙ තං භොතො උදෙනස්ස න කප්පති, විහාරං භොතො උදෙනස්ස කාරාපෙස්සාමීති.
Sinhala BJTඉදින් භවත් උදයනයන්හට ඒ රන්රිදී නොකැප වේ නම් භවත් උදයනයන්හට වෙහෙරක් කරවමි’යි.
Pali BJTසචෙ ඛො මෙ ත්වං බ්රාහ්මණ, විහාරං කාරාපෙතුකාමො, පාටලිපුත්තෙ සඞ්ඝස්ස උපට්ඨානසාලං කාරාපෙහීති.
Sinhala BJTබමුණ, ඉදින් තෙපි මට වෙහෙරක් කරවනු කැමැත්තහු නම් පැළලුප්නුවර සඟනට උපස්ථානශාලාවක් කරව’යි.
Pali BJTඉමිනාපහං{1} භොතො උදෙනස්ස භිය්යොසොමත්තාය අත්තමනො අභිරද්ධො, යං මං භවං උදෙනො සඞ්ඝෙ දානෙ{2} සමාදපෙති. එසාහං{3} භො උදෙන, එතිස්සා ච නිච්චභික්ඛාය අපරාය ච නිච්චභික්ඛාය පාටලිපුත්තෙ සඞ්ඝස්ස උපට්ඨානසාලං කාරාපෙස්සාමීති.
Sinhala BJTමම මෙයිනුදු භවත් උදයනයන්හට බෙහෙවින් සතුටු වීමි. සිත් ඇලවීමි. භවත් උදයනයෝ යම් හෙයෙකින් මා සඟුන් විෂයෙහි දෙන දන්හි සමාදන් කරවත් ද, එහෙයිනි. භවත් උදයනයෙනි, තෙල මම තෙල නිත්‍යභික්‍ෂායෙකිනුදු අපර නිත්‍යභික්‍ෂායෙකිනුදු පාටලීපුත්‍රයෙහි සඟනට උපස්ථානශාලාවක් කරවමි’යී.
Pali BJTඅථ ඛො ඝොටමුඛො බ්රාහ්මණො එතිස්සා ච නිච්චභික්ඛාය අපරාය ච නිච්චභික්ඛාය පාටලිපුත්තෙ සඞ්ඝස්ස උපට්ඨානසාලං කාරාපෙසි. සා එතරහි ඝොටමුඛීති වුච්චතීති.
Sinhala BJTඉක්බිති ඝෝටමුඛ බමුණු තෙල නිත්‍යභික්‍ෂායෙකිනුදු අන්‍ය නිත්‍යභික්‍ෂායෙකිනුදු පාටලීපුත්‍රයෙහි සඟනට උපස්ථාන ශාලාවක් කරවී. ඒ ශාලාව දැන් ‘ඝෝටමුඛ’ යයි කියනු ලැබේ.
Pali BJTඝොටමුඛසුත්තං චතුත්ථං
Sinhala BJTසතර වැනි ඝෝටමුඛ සූත්‍ර යි.
Pali BJT2. 5. 5.
Sinhala BJT2. 5. 5.
Pali BJTචඞ්කීසුත්තං
Sinhala BJTචඞ්කී සූත්‍රය
Pali BJTඑවං මෙ සුතං: එකං සමයං භගවා කොසලෙසු චාරිකං චරමානො මහතා භික්ඛුසඞ්ඝෙන සද්ධිං යෙන ඔපසාදං{1} නාම කොසලානං බ්රාහ්මණගාමො තදවසරි. තත්ර සුදං භගවා ඔපසාදෙ විහරති උත්තරෙන ඔපසාදං{1} දෙවවනෙ සාලවනෙ. තෙන ඛො පන සමයෙන චඞ්කී බ්රාහ්මණො ඔපසාදං අජ්ඣාවසති සත්තුස්සදං සතිණකට්ඨොදකං සධඤ්ඤං රාජභොග්ගං රඤ්ඤා පසෙනදිනා කොසලෙන දින්නං රාජදායං බ්රහ්මදෙය්යං.
Sinhala BJTමා විසින් මෙසේ අසනලද: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ මහත් වූ බික්සඟන හා සමග කොසොල් දනවියෙහි සැරිසරා වඩනාසේක් ඕපසාද නම් කොසොල් දනවුවැසි බ්‍රාහ්මණයන්ගේ ගම කරා වැඩිසේකි. භාග්‍යවතුන් වහන්සේ ඒ ඕපසාද බමුණුගම්හි ඕපසාදයට උතුරුදිග දේවවන නම් සල්වෙනෙහි වැඩවාස කෙරෙති. එසමයෙහි චඞ්කී බ්‍රාහ්මණ බහුජනාකීර්‍ණ වූ තෘණකාෂ්ටොදක සහිත වැ ධාන්‍ය සහිත වැ බ්‍රහ්මදේය කොට පසේනදි කොසොල්රජු විසින් දෙන ලද රාජදායාද්‍ය වූ රාජභෝග්‍ය වූ ඕපසාද නම් ගමෙහි ඊශ්වර වැ වෙසෙයි.
Pali BJTඅස්සොසුං ඛො ඔපසාදකා බ්රාහ්මණගහපතිකා: ‘සමණො ඛලු භො ගොතමො සක්යපුත්තො සක්යකුලා පබ්බජිතො කොසලෙසු චාරිකං චරමානො මහතා භික්ඛුසඞ්ඝෙන සද්ධිං ඔපසාදං අනුප්පත්තො ඔපසාදෙ විහරති උත්තරෙන ඔපසාදං දෙවවනෙ සාලවනෙ.
Sinhala BJTඕපසාද ගම්වැසි බමුණුගැහැවියෝ: “භවත්නි, සැහැකුලපුත් මහණ ගොයුම්ගොතුවෝ සැහැකුලින් නික්ම පැවිදිවැ මහත් වූ බික්සඟුන් හා සමග කොසොල් දනවියෙහි සැරිසරා වඩනාසේක් ඕපසාදයට පැමිණියාහු ඕපසාදබමුණු ගම්හි ඕපසාදයට උතුරුදිගැ දේවවන නම් සල්වෙනෙහි වැඩවෙසෙති” යි ඇසූහ.
Pali BJTතං ඛො පන භගවන්තං ගොතමං එවං කල්යාණො කිත්තිසද්දො අබ්භුග්ගතො: ‘ඉතිපි සො භගවා අරහං සම්මාසම්බුද්ධො විජ්ජාචරණසම්පන්නො සුගතො ලොකවිදූ අනුත්තරො පුරිසදම්මසාරථි සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවා’ති. සො ඉමං ලොකං සදෙවකං සමාරකං සබ්රහ්මකං සස්සමණබ්රාහ්මණිං පජං සදෙවමනුස්සං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවෙදෙති. සො ධම්මං දෙසෙති ආදිකල්යාණං මජ්ඣෙකල්යාණං පරියොසානකල්යාණං සාත්ථං සබ්යඤ්ජනං කෙවලපරිපුණ්ණං පරිසුද්ධං බ්රහ්මචරියං පකාසෙති. සාධු ඛො පන තථාරූපානං අරහතං දස්සනං හොතී’ති.
Sinhala BJTඒ භවත් ගොයුම්ගොතුවන්ගේ වූ කලි මෙබඳු කලණ යසගීහඬෙක් උස් වැ නැඟිණ: “ඒ භාග්‍යවත්හු මෙ කරුණිනුදු අර්‍හත්හ, සම්‍යක්සම්බුද්ධයහ, විද්‍යාචරණ සම්පන්නයහ, සුගත්හ, ලෝකවිද්හ, අනුත්තරපුරුෂදම්‍ය සාරථිහ, දෙවිමිනිසුනට ශාස්තෘහ, බුද්ධයහ, භාග්‍යවත්හ” යි. ඔබ දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත මෙ ලොව මහණබමුණන් සහිත දෙවිමිනිසුන් සහිත ප්‍රජාව තුමූ විශිෂ්ටඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට ප්‍රකාශ කෙරෙති, ඔබ ආදිකල්‍යාණ වූ මධ්‍යකල්‍යාණ වූ පර්‍ය්‍යවසාන කල්‍යාණ වූ දහම අර්‍ත්‍ථ සහිත වැ ව්‍යඤ්ජන සහිත වැ දෙසති, කේවලපරිපූර්‍ණ වූ පරිශුද්ධ බ්‍රහ්මචර්‍ය්‍යය ප්‍රකාශ කෙරෙති. එ බඳු රහතුන්ගේ දැක්ම මනා මැ නු” යි.
Pali BJTඅථ ඛො ඔපසාදකා{2} බ්රාහ්මණගහපතිකා ඔපසාදා නික්ඛමිත්වා සඞ්ඝාසඞ්ඝී{3} ගණීභූතා උත්තරෙන මුඛා{4} ගච්ඡන්ති යෙන දෙවවනං සාලවනං. තෙන ඛො පන සමයෙන චඞ්කී බ්රාහ්මණො උපරි පාසාදෙ දිවාසෙය්යං උපගතො හොති. අද්දසා ඛො චඞ්කී බ්රාහ්මණො ඔපසාදකෙ බ්රාහ්මණගහපතිකෙ, ඔපසාදා නික්ඛමිත්වා සඞ්ඝාසඞ්ඝී{3} ගණීභූතෙ උත්තරෙන මුඛෙ ගච්ඡන්තෙ යෙන දෙවවනං සාලවනං{5}, දිස්වාන ඛත්තං ආමන්තෙසි: කින්නු ඛො භො ඛත්තෙ, ඔපසාදකා බ්රාහ්මණගහපතිකා ඔපසාදා නික්ඛමිත්වා සඞ්ඝාසඞ්ඝී{3} ගණීභූතා උත්තරෙන මුඛා{4} ගච්ඡන්ති යෙන දෙවවනං සාලවනන්ති.
Sinhala BJTඑසඳ ඕපසාද බමුණුගම්වැසි බමුණුගැහැවියෝ ඕපසාදයෙන් නික්ම මුළුමුළු වැ ගොස් ගණ වැ උතුරු දිගට මුහුණලා දේවවන නම් සල්උයන් කරා යෙති. එසමයෙහි චඞ්කී බ්‍රාහ්මණ මතු මහල්හි දිවාශය්‍යාවට එළැඹියේ වෙයි. චඞ්කී බ්‍රාහ්මණ වැළිත් ඕපසාද බමුණුගම්වැසි බමුණුගැහැවියෝ ඕපසාදයෙන් නික්ම මුළුමුළු වැ ගොස් ගණ වැ උතුරුදස බලා දේවවන නම් සල්උයන් කරා යනුවන් දිට. දැක කතු (ඛත්ත) මහඇමැති ඇමැතී: “භවත් ඛත්තයෙනි, ඕපසාද බමුණුගම්වැසි බමුණුගැහැවියෝ ඕපසාදයෙන් නික්ම මුළුමුළු වැ ගණබැඳී උතුරුදිග බලා දේවවන නම් සල්වනයට කුමට යෙත් දැ?”යි.
Pali BJTඅත්ථි භො චඞ්කී, සමණො භො ගොතමො සක්යපුත්තො සක්යකුලා පබ්බජිතො කොසලෙසු චාරිකං චරමානො මහතා භික්ඛුසඞ්ඝෙන සද්ධිං ඔපසාදං අනුප්පත්තො ඔපසාදෙ විහරති උත්තරෙන ඔපසාදං දෙවවනෙ සාලවනෙ. තං ඛො පන භගවන්තං ගොතමං එවං කල්යාණො කිත්තිසද්දො අබ්භුග්ගතො: ඉතිපි සො භගවා අරහං සම්මාසම්බුද්ධො විජ්ජාචරණසම්පන්නො සුගතො ලොකවිදූ අනුත්තරො පුරිසදම්මසාරථි සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවා’ති. තමෙතෙ භවන්තං ගොතමං දස්සනාය උපසඞ්කමන්තී’ති.
Sinhala BJTභවත් චඞ්කියෙනි, සැහැකුලපුත් සැහැකුලෙන් නික්ම පැවිදි වූ මහණ ගොයුම්ගොතුවෝ ඇත. ඔබ මහත් වූ බික්සඟුන් හා සමග කොසොල් දනවියෙහි සැරිසරනසේක් ඕපසාද නම් බමුණුගමට පැමිණියාහු ඕපසාද බමුණුගම්හි ඕපසාදයට උතුරුදිගැ දේවවන නම් සල්වෙනෙහි වැඩවෙසෙති. ඒ භවත් ගොයුම් ගොතුවන්ගේ මෙවන් කලණ යසගීහඬෙක් උස් වැ නැඟිණ: “මෙ කරුණිනුදු ඒ භාග්‍යවත්හු අර්‍හත්හ, සම්‍යක්සම්බුද්ධයහ, විද්‍යාචරණ සම්පන්නයහ, සුගත්හ, ලෝකවිද්හ, අනුත්තරපුරුෂදම්‍යසාරථිහ, දෙවිමිනිසුනට ශාස්තෘහ, බුද්ධයහ, භාග්‍යවත්හ” යි. තුලුහු ඒ භවත් ගොයුම්ගොතුවන් දක්නට එළැඹෙති” යි.
Pali BJTතෙන හි භො ඛත්තෙ, යෙන ඔපසාදකා බ්රාහ්මණගහපතිකා තෙනුපසඞ්කම, උපසඞ්කමිත්වා ඔපසාදකෙ බ්රාහ්මණගහපතිකෙ එවං වදෙහි: චඞ්කී භො බ්රාහ්මණො එවමාහ: ආගමෙන්තු කිර භවන්තො, චඞ්කීපි බ්රාහ්මණො සමණං ගොතමං දස්සනාය උපසඞ්කමිස්සතී’ති. එවං භොති ඛො සො ඛත්තො{1} චඞ්කිස්ස බ්රාහ්මණස්ස පටිස්සුත්වා යෙන ඔපසාදකා බ්රාහ්මණගහපතිකා තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා ඔපසාදකෙ බ්රාහ්මණගහපතිකෙ එතදවොච: චඞ්කී භො බ්රාහ්මණො එවමාහ: ආගමෙන්තු කිර භවන්තො, චඞ්කීපි බ්රාහ්මණො සමණං ගොතමං දස්සනාය උපසඞ්කමිස්සතී’ති.
Sinhala BJTඑසේ වී නම් භවත් කතුවෙනි, ඕපසාද බමුණුගම්වැසි බමුණුගැහැවියන් කරා එළැඹෙව, එළැඹැ ඕපසාද බමුණුගම්වැසි බමුණුගැහැවියනට මෙසේ කියව: “භවත්නි, චඞ්කීබ්‍රාහ්මණ මෙසේ කියයි: භවත්හු මොහොතක් බලත්වා, චඞ්කීබ්‍රාහ්මණ ද මහණ ගොයුම් ගොතුවන් දක්නට එළැඹෙන්නේ ල” යි. ‘එසේ යැ භවත්නි’ යි ඒ කතු මහඇමැති චඞ්කීබ්‍රාහ්මණහට පිළිවදන් දී ඕපසාද බමුණුගම්වැසි බමුණුගැහැවියන් කරා එළැඹියේ. එළැඹැ ඕපසාද බමුණුගම්වැසි බමුණුගැහැවියනට තෙල කී: “භවත්නි, චඞ්කීබ්‍රාහ්මණ මෙසේ කියයි: භවත්හු මොහොතක් බලත්වා, චඞ්කීබ්‍රාහ්මණ ද මහණ ගොයුම්ගොතුවන් දක්නට එළැඹෙත් ල” යි.
Pali BJTතෙන ඛො පන සමයෙන නානාවෙරජ්ජකානං බ්රාහ්මණානං පඤ්චමත්තානි බ්රාහ්මණසතානි ඔපසාදෙ පටිවසන්ති කෙනචිදෙව කරණීයෙන. අස්සොසුං ඛො තෙ බ්රාහ්මණා චඞ්කී කිර බ්රාහ්මණො සමණං ගොතමං දස්සනාය උපසඞ්කමිස්සතී’ති. අථ ඛො තෙ බ්රාහ්මණා යෙන චඞ්කී බ්රාහ්මණො තෙනුපසඞ්කමිංසු, උපසඞ්කමිත්වා චඞ්කිං බ්රාහ්මණං එතදවොචුං: සච්චං කිර භවං චඞ්කී සමණං ගොතමං දස්සනාය උපසඞ්කමිස්සතී’ති.
Sinhala BJTඑසමයෙහි වනාහි නොයෙක් වෙන් වෙන් රාජ්‍ය සම්බන්‍ධී බමුණන් අතුරෙහි පන්සියක් පමණ බමුණෝ ඕපසාද බමුණුගම්හි කිසි කටයුත්තෙකින් වෙසෙති, ඒ බමුණෝ “චඞ්කී බ්‍රාහ්මණ ශ්‍රමණ ගෞතමයන් දක්නට එළැඹෙන්නේ ල” යි ඇසූහු. එ සඳ එ බමුණෝ චඞ්කී බ්‍රාහ්මණ කරා එළැඹියහ. එළැඹැ චඞ්කීබ්‍රාහ්මණහට තෙල කීහු: “සැබැවෙක් ද, භවත් චඞ්කීබ්‍රාහ්මණ මහණ ගොයුම් ගොතුවන් දක්නට එළැඹෙන්නේ ල?” යි.
Pali BJTඑවං ඛො මෙ භො හොති, අහම්පි සමණං ගොතමං දස්සනාය උපසඞ්කමිස්සාමීති.
Sinhala BJTභවත්නි, මට මෙසේ සිත් වෙයි: “මම ද මහණ ගොයුම් ගොතුවන් දක්නට එළැඹෙන්නෙමි” යි.
Pali BJTමා භවං චඞ්කී සමණං ගොතමං දස්සනාය උපසඞ්කමි. න අරහති භවං චඞ්කී සමණං ගොතමං දස්සනාය උපසඞ්කමිතුං, සමණොත්වෙව ගොතමො අරහති භවන්තං චඞ්කිං දස්සනාය උපසඞ්කමිතුං. භවං හි චඞ්කී උභතො සුජාතො මාතිතො ච පිතිතො ච, සංසුද්ධගහණිකො යාව සත්තමා පිතාමහයුගා අක්ඛිත්තො අනුපක්කුට්ඨො ජාතිවාදෙන, යම්පි භවං චඞ්කී උභතො සුජාතො මාතිතො ච පිතිතො ච, සංසුද්ධගහණිකො යාව සත්තමා පිතාමහයුගා අක්ඛිත්තො අනුපක්කුට්ඨො ජාතිවාදෙන. ඉමිනාපඞ්ගෙන න අරහති භවං චඞ්කී සමණං ගොතමං දස්සනාය උපසඞ්කමිතුං, සමණො ත්වෙව ගොතමො අරහති භවන්තං චඞ්කිං දස්සනාය උපසඞ්කමිතුං. භවං හි චඞ්කී අඩ්ඪො මහද්ධනො මහාභොගො -පෙ- භවං හි චඞ්කී තිණ්ණං වෙදානං පාරගූ සනිඝණ්ඩුකෙටුභානං සාක්ඛරප්පභෙදානං ඉතිහාසපඤ්චමානං, පදකො වෙය්යාකරණො, ලොකායතමහාපුරිසලක්ඛණෙසු අනවයො -පෙ- භවං හි චඞ්කී අභිරූපො දස්සනීයො පාසාදිකො පරමාය වණ්ණපොක්ඛරතාය සමන්නාගතො බ්රහ්මවණ්ණී බ්රහ්මවච්චසී{2} අක්ඛුද්දාවකාසො දස්සනාය -පෙ- භවං හි චඞ්කී සීලවා වුද්ධසීලී වුද්ධසීලෙන සමන්නාගතො -පෙ- භවං හි චඞ්කී කල්යාණවාචො කල්යාණවාක්කරණො පොරියා වාචාය සමන්නාගතො විස්සට්ඨාය අනෙලගලාය අත්ථස්ස විඤ්ඤාපනියා -පෙ- භවං හි චඞ්කී බහුන්නං ආචරියපාචරියො තීණි මාණවකසතානි මන්තෙ වාචෙති -පෙ- භවං හි චඞ්කී රඤ්ඤො පසෙනදිස්ස කොසලස්ස සක්කතො ගරුකතො මානිතො පූජිතො අපචිතො -පෙ- භවං හි චඞ්කී බ්රාහ්මණස්ස පොක්ඛරසාතිස්ස සක්කතො ගරුකතො මානිතො පූජිතො අපචිතො -පෙ- භවං හි චඞ්කී ඔපසාදං අජ්ඣාවසති සත්තුස්සදං සතිණකට්ඨොදකං සධඤ්ඤං රාජභොග්ගං රඤ්ඤා{3} පසෙනදිනා කොසලෙන දින්නං රාජදායං බ්රහ්මදෙය්යං. යම්පි භවං චඞ්කී ඔපසාදං අජ්ඣාවසති සත්තුස්සදං සතිණකට්ඨොදකං සධඤ්ඤං රාජභොග්ගං රඤ්ඤා පසෙනදිනා කොසලෙන දින්නං රාජදායං බ්රහ්මදෙය්යං ඉමිනාපඞ්ගෙන න අරහති භවං චඞ්කී සමණං ගොතමං දස්සනාය උපසඞ්කමිතුං. සමණොත්වෙව ගොතමො අරහති භවන්තං චඞ්කිං දස්සනාය උපසඞ්කමිතු’න්ති.
Sinhala BJTභවත් චඞ්කී මහණ ගොයුමන් දක්නට නහමක් එළැඹෙව. භවත් චඞ්කී මහණ ගොයුමන් දක්නට එළැඹෙන්නට නො නිස්ස. මහණ ගොයුමෝ මැ භවත් චඞ්කී දක්නට එළැඹෙන්නට නිසියහ. භවත් චඞ්කී මවුපසින් ද පියපසින් දැ’යි දෙපසින් සුජාත මැ යැ, සත් වැනි මුත්නායුගය තෙක් පිරිසුදු මව්කුස් ඇතියෙ යැ, ජාතිවාදයෙන් උපක්‍රෝශ නො කරන ලද්දේ යැ, බැහැර නො ලන ලද්දේ යැ. යම් හෙයකින් භවත් චඞ්කී මවුපසින් ද පියපසින් දැ’යි දෙපසින් සුජාත වේ ද, සත් වැනි මුත්නායුගය තෙක් සංශුද්ධග්‍රහණී ඇතියේ ද, ජාතිවාදයෙන් උපක්‍රෝශ නො කරන ලද්දේ ද, බැහැර නො ලන ලද්දේ ද, මෙ කරුණිනුදු භවත් චඞ්කී මහණගොයුමන් දක්නට එළැඹෙන්නට නො නිස්ස. මහණ ගොයුම්හු මැ භවත් චඞ්කී දක්නට එළැඹෙන්නට නිසියහ. භවත් චඞ්කී ආඪ්‍ය යැ, මහත් ධන ඇතියේ යැ, මහත් භෝග ඇතියෙ යැ … භවත් චඞ්කී නිඝණ්ඩු කේටුභ සහිත ශික්‍ෂානිරුක්ති සහිත ඉතිහාසය පස් වනු කොට ඇති ත්‍රිවේදයෙහි පාරයට ගියේ යැ. පද හදාරනුයෙ යැ, ව්‍යාකරණ හදාරනුයෙ යැ ලෝකායත මහාපුරුෂ ලක්‍ෂණයෙහි පරිපූරකාරී යැ … භවත් චඞ්කී විශිෂ්ට රූප ඇතියේ යැ දැකුම්කලු යැ ප්‍රසාද එළවනුයේ යැ පරම වූ වර්‍ණසෞන්‍දර්‍ය්‍යයෙන් සමන්‍වාගත යැ. ශ්‍රේෂ්ඨවර්‍ණ (රන්වන්) ඇතියේ යැ මහබඹුගේ සිරුරුපැහැ ඇතියේ යැ (භවත්හුගේ සිරුර) දක්නා අවකාශය කුඩා නො වෙයි ... භවත් චඞ්කී සිල්වත් යැ වැඩුණුසිල් ඇතියේ යැ වෘද්ධශීලයෙන් සමන්‍වාගත යැ … භවත් චඞ්කී සුන්‍දරවචන ඇතියේ යැ මධුරවාක්කරණ ඇතියේ යැ පලිබෝධ රහිත වූ කෙළතොලු නො වූ අරුත් හැඟවීමෙහි නිසි පෞරවචනයෙන් සමන්‍වාගත යැ … භවත් චඞ්කී බොහෝ දෙනාට ආචාර්‍ය්‍යප්‍රාචාර්‍ය්‍ය වෙයි. තුන් සියක් මාණවකයනට මන්ත්‍රහදාරවයි … භවත් චඞ්කී පසේනදි කොසොල් රජහු විසින් සත්කෘත යැ ගරුකෘත යැ මානිත යැ පූජිත යැ අපචායන කරන ලද … භවත් චඞ්කී පොක්ඛරසාති බමුණු විසින් සත්කාර ගරුකාර මානන පූජා අපචායන කරන ලද ... භවත් චඞ්කී පසේනදි කොසොල් රජහු විසින් තෘණකාෂ්ටොදක සහිත වැ ධාන්‍ය සහිත වැ බ්‍රහ්මදේය කොට දෙනලද රාජදායාද්‍ය වූ රාජභෝග්‍ය වූ බහුජනාකීර්‍ණ ඕපසාද බමුණුගම්හි වෙසෙයි. යම් හෙයෙකින් භවත් චඞ්කී පසේනදි කොසොල් රජහු විසින් තෘණකාෂ්ටොදක සහිත වැ ධාන්‍ය සහිත වැ බ්‍රහ්මදේය කොට දෙන ලද රාජදායාද්‍ය වූ රාජභෝග්‍ය වූ බහුජනාකීර්‍ණ ඕපසාද බමුණුගම්හි වෙසේ ද, මෙ කරුණිනුදු භවත් චඞ්කී ශ්‍රමණගෞතමයන් දක්නට එළැඹෙන්නට නො නිස්ස. ශ්‍රමණ ගෞතමයෝ මැ භවත් චඞ්කීහු දක්නට එළැඹෙන්නට නිසියහ” යි.
Pali BJTඑවං වුත්තෙ චඞ්කී බ්රාහ්මණො තෙ බ්රාහ්මණෙ එතදවොච: තෙන හි භො, මමපි සුණාථ යථා මයමෙව අරහාම තං භවන්තං ගොතමං{1} දස්සනාය උපසඞ්කමිතුං. න ත්වෙව අරහති සො භවං ගොතමො අම්හාකං දස්සනාය උපසඞ්කමිතුං.
Sinhala BJTමෙසේ කී කල්හි චඞ්කීබ්‍රාහ්මණ ඒ බමුණනට තෙල කී ‘එසේ වී නම් භවත්නි, යම් සේ අපි ම ඒ භවත් ගොයුම්ගොතුවන් දක්නට එළැඹෙන්නට නිසියමෝ ද, ඒ භවත් ගොයුම්ගොතුවෝ අප දක්නට එළැඹෙන්නට නො නිසි වෙත් ද එසේ වූ මබසුදු අසව’.
Pali BJTසමණො ඛලු භො ගොතමො උභතො සුජාතො මාතිතො ච පිතිතො ච, සංසුද්ධගහණිකො යාව සත්තමා පිතාමහයුගා අක්ඛිත්තො අනුපක්කුට්ඨො ජාතිවාදෙන. යම්පි භො සමණො ගොතමො උභතො සුජාතො මාතිතො ච පිතිතො ච, සංසුද්ධගහණිකො යාව සත්තමා පිතාමහයුගා අක්ඛිත්තො අනුපක්කුට්ඨො ජාතිවාදෙන, ඉමිනාපඞ්ගෙන න අරහති සො භවං ගොතමො අම්හාකං දස්සනාය උපසඞ්කමිතුං, අථ ඛො මයමෙව අරහාම තං භවන්තං ගොතමං දස්සනාය උපසඞ්කමිතුං.
Sinhala BJTභවත්නි, මහණ ගොයුම්හු වූකලි මව්පසින් ද පියපසින් දැ’යි දෙපසින් සුජාතයහ, සත් වැනි මුත්නායුගය තෙක් සංශුද්ධමාතෘකුක්‍ෂි ඇතියහ, ජාතිවාදයෙන් බැහැර නො ලනලද උපක්‍රෝශ නො කරන ලද. මෙ කරුණිනුදු ඒ භවත් ගෞතමයෝ අප දක්නට එළැඹෙන්නට නො නිසියහ, වැළිත් අපි මැ ඒ භවත් ගෝතමයන් දක්නට එළැඹෙන්නට නිසියම්හ.
Pali BJTසමණො ඛලු භො ගොතමො පහූතං හිරඤ්ඤසුවණ්ණං ඔහාය පබ්බජිතො භූමිගතඤ්ච වෙහාසට්ඨඤ්ච -පෙ-
Sinhala BJTභවත්නි, මහණ ගොයුම්හු වූ කලි භූමිගත වූත් ආකාශගත වූත් බොහෝ වූ හිරණ්‍යසුවර්‍ණ හැරපියා පැවිදි වූහ …
Pali BJTසමණො ඛලු භො ගොතමො දහරො සමානො සුසුකාලකෙසො භද්රෙන යොබ්බනෙන සමන්නාගතො පඨමෙන වයසා අගාරස්මා අනගාරියං පබ්බජිතො -පෙ-
Sinhala BJTභවත්නි, මහණ ගොයුම්හු වූකලි තරුණ වූවාහු මැ මනා කළුකෙහෙ ඇතියාහු භද්‍රයෞවනයෙන් සමන්‍වාගත වූවාහු පළමු වයස්හි ගිහිගෙන් නික්ම සසුන් වන්හ ...
Pali BJTසමණො ඛලු භො ගොතමො අකාමකානං මාතාපිතුන්නං අස්සුමුඛානං රුදන්තානං කෙසමස්සුං ඔහාරෙත්වා කාසායානි වත්ථානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියං පබ්බජිතො -පෙ-
Sinhala BJTභවත්නි, මහණ ගොයුම්හු වූ කලි නො කැමැති මව්පියන් කඳුළු වගුළමුහුණු ඇති වැ හඬද්දී කෙස්මස් බහා කහවත් හැඳ පෙරෙවැ ගෙන් නික්ම සසුන් වන්හ ...
Pali BJTසමණො ඛලු භො ගොතමො අභිරූපො දස්සනීයො පාසාදිකො පරමාය වණ්ණපොක්ඛරතාය සමන්නාගතො බ්රහ්මවණ්ණී බ්රහ්මවච්චසී{2} අක්ඛුද්දාවකාසො දස්සනාය -පෙ-
Sinhala BJTභවත්නි, මහණ ගොයුම්හු වූකලි විශිෂ්ට රූප ඇතියහ, දර්‍ශනීයහ ප්‍රසාද එළවනුවහ, පරම වර්‍ණසෞන්‍දර්‍ය්‍යයෙන් සමන්‍වාගතයහ, රන්වන්හ, මහබඹහු බඳු සිරුරු ඇතියහ, කුඩා නො වූ දර්‍ශනාවකාශ ඇතියහ ...
Pali BJTසමණො ඛලු භො ගොතමො සීලවා අරියසීලී කුසලසීලී කුසලසීලෙන සමන්නාගතො -පෙ-
Sinhala BJTභවත්නි, මහණ ගොයුම්හු වූකලි සිල්වත්හ, ආර්‍ය්‍යශීල ඇතියහ, කුශල (නිරවද්‍ය) ශීල ඇතියහ, කුශලශීලයෙන් සමන්‍වාගතයහ. ...
Pali BJTසමණො ඛලු භො ගොතමො කල්යාණවාචො කල්යාණවාක්කරණො පොරියා වාචාය සමන්නාගතො විස්සට්ඨාය අනෙලගලාය අත්ථස්ස විඤ්ඤාපනියා -පෙ-
Sinhala BJTභවත්නි, මහණ ගොයුම්හු වූකලි කලණබස් ඇතියහ, මධුර වාක්කරණ (උසුරුවිම්ගොස) ඇතියහ, පරිබාධ රහිත වූ කෙළතොලු නො වූ අරුත් හඟවනු සමත් පෞරජනයන්ගේ වචනයට බඳු වචනයෙන් සමන්‍වාගතයහ ...
Pali BJTසමණො ඛලු භො ගොතමො බහුන්නං ආචරියපාචරියො -පෙ-
Sinhala BJTභවත්නි, මහණ ගොයුම්හු වූකලි බොහෝ දෙනාහට ආචාර්‍ය්‍යප්‍රාචාර්‍ය්‍යයහ ...
Pali BJTසමණො ඛලු භො ගොතමො ඛීණකාමරාගො විගතචාපල්ලො{3} -පෙ-
Sinhala BJTභවත්නි, මහණ ගොයුම්හු ක්‍ෂය කළ කාමරාග ඇතියහ පහවූ චපල බව ඇතියහ ....
Pali BJTසමණො ඛලු භො ගොතමො කම්මවාදී කිරියවාදී අපාපපුරෙක්ඛාරො බ්රහ්මඤ්ඤාය පජාය -පෙ-
Sinhala BJTභවත්නි, මහණ ගොයුම්හු වූකලි කර්‍මවාදීයහ, ක්‍රියාවාදීයහ නවලොවුතුරු දහම් පෙරටු කොට ඇතියහ, බ්‍රාහ්මණ්‍යප්‍රජාව පෙරටු කොට ඇතියහ ....
Pali BJTසමණො ඛලු භො ගොතමො උච්චාකුලා පබ්බජිතො අසම්භින්නා ඛත්තියකුලා -පෙ-
Sinhala BJTභවත්නි, මහණ ගොයුම්හු වූකලි අමිශ්‍ර ක්‍ෂත්‍රියකුල සඞ්ඛ්‍යාත උසස්කුලෙන් නික්ම පැවිදි වූවහ ....
Pali BJTසමණො ඛලු භො ගොතමො අඩ්ඪකුලා{1} පබ්බජිතො මහද්ධනා මහාභොගා -පෙ-
Sinhala BJTභවත්නි, මහණ ගොයුම්හු වූකලි මහද්ධන ඇති මහද්භෝග ඇති ආඪ්‍යකුලයෙන් නික්ම පැවිදි වූවහ ....
Pali BJTසමණං ඛලු භො ගොතමං තිරොරට්ඨා තිරොජනපදා සම්පුච්ඡිතුං ආගච්ඡන්ති -පෙ-
Sinhala BJTභවත්නි, මහණ ගොයුමන් වූකලි (පැන) පුළුවුස්නට පරරටින් පරදනවියෙන් (ක්‍ෂත්‍රිය බ්‍රාහ්මණාදි පණ්ඩිතයෝ) එති ....
Pali BJTසමණං ඛලු භො ගොතමං අනෙකානි දෙවතාසහස්සානි පාණෙහි සරණං ගතානි -පෙ-
Sinhala BJTභවත්නි, මහණ ගොයුමන් වූකලි නොයෙක් දහස් ගණන් දෙවියෝ දිවිහිමියෙන් සරණ ගියහ ....
Pali BJTසමණං ඛලු භො ගොතමං එවං කල්යාණො කිත්තිසද්දො අබ්භුග්ගතො: ඉතිපි සො භගවා අරහං සම්මාසම්බුද්ධො විජ්ජාචරණසම්පන්නො සුගතො ලොකවිදූ අනුත්තරො පුරිසදම්මසාරථි සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවා’ති -පෙ-
Sinhala BJTභවත්නි, මහණ ගොයුම්ගොතුවන්ගේ වූකලි මෙ බඳු කලණ යසගී උස් වැ නැගිණ: “මෙ කරුණිනුදු ඒ භාග්‍යවත්හු අර්‍හත්හ, සම්‍යක් සම්බුද්ධයහ, විද්‍යාචරණ සම්පන්නයහ, සුගත්හ, ලෝකවිද්හ, අනුත්තරපුරුෂදම්‍යසාරථියහ, දෙවිමිනිසුනට ශාස්තෘවහ, බුද්ධයහ, භාග්‍යවත්හ” යි ....
Pali BJTසමණො ඛලු භො ගොතමො ද්වත්තිංසමහාපුරිසලක්ඛණෙහි සමන්නාගතො -පෙ-
Sinhala BJTභවත්නි, මහණ ගොයුම්හු වූකලි දෙතිස් මහපුරිස්ලකුණින් සමන්‍වාගතයහ ....
Pali BJTසමණං ඛලු භො ගොතමං රාජා මාගධො සෙනියො බිම්බිසාරො සපුත්තදාරො පාණෙහි සරණං ගතො -පෙ-
Sinhala BJTභවත්නි, මහණ ගොයුමන් මගධේශ්වර සේනිය බිම්බිසාර රජ පුත්‍රදාරාවන් සහිත වැ දිවිහිම් වැ සරණ ගියේ යි ...
Pali BJTසමණං ඛලු භො ගොතමං රාජා පසෙනදි කොසලො සපුත්තදාරො පාණෙහි සරණං ගතො -පෙ-
Sinhala BJTභවත්නි, මහණ ගොයුමන් වූකලි පසේනදි කොසොල් රජ පුත්‍රදාරාවන් සහිත වැ දිවිහිම් කොට සරණ ගියේ යි ...
Pali BJTසමණං ඛලු භො ගොතමං බ්රාහ්මණො පොක්ඛරසාති සපුත්තදාරො පාණෙහි සරණං ගතො -පෙ-
Sinhala BJTභවත්නි, මහණ ගොයුමන් වූකලි පොක්ඛරසාති බමුණු පුත්‍රදාරාවන් සහිත වැ දිවිහිමියෙන් සරණ ගියේ යි ...