Majjhima Nikāya

Middle-Length Discourses

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 3701-3800 න් 6395

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTඅථ ඛො බ්රහ්මායුස්ස බ්රාහ්මණස්ස එතදහොසි: ‘කතාවකාසො ඛොම්හි සමණෙන ගොතමෙන. කින්නු ඛො අහං සමණං ගොතමං පුච්ඡෙය්යං දිට්ඨධම්මිකං වා අත්ථං සම්පරායිකං වාති. අථ ඛො බ්රහ්මායුස්ස බ්රාහ්මණස්ස එතදහොසි: ‘කුසලො ඛො අහං දිට්ඨධම්මිකානං අත්ථානං. අඤ්ඤෙපි මං දිට්ඨධම්මිකං අත්ථං පුච්ඡන්ති. යන්නූනාහං සමණං ගොතමං සම්පරායිකඤ්ඤෙව අත්ථං පුච්ඡෙය්ය’න්ති. අථ ඛො බ්රහ්මායු බ්රාහ්මණො භගවන්තං ගාථාහි අජ්ඣභාසි.
Sinhala BJTඑසඳ බ්‍රහ්මායු බමුණුහට තෙල සිත් වී: “ශ්‍රමණ ගෞතමයන් විසින් කළ අවකාශ ඇතියෙමි. මම කුමක් මහණ ගොයුමන් අතින් පුළුවුස්නෙම් ද? ඓහලෞකික අර්‍ත්‍ථය හෝ යැ පාරලෞකික අර්‍ත්‍ථය හෝ යැ”යි. ඉක්බිති බ්‍රහ්මායු බමුණුහට තෙල සිත් වී: “මම් වූකලි දෘෂ්ටධාර්මිකාර්‍ත්‍ථයෙහි කුශලයෙමි, අන්‍යයෝ ද මා අතින් දෘෂ්ටධාර්මිකාර්‍ත්‍ථය පුළුවුසිති. මම් මහණ ගොයුමන් අතින් සාම්පරායිකාර්‍ත්‍ථය පුළුවුස්නෙම් නම් මනා මැ නු”යි. ඉක්බිති බ්‍රහ්මායු බමුණු භාග්‍යවතුන් වහන්සේට ගාථායෙන් තෙල කී:
Pali BJT‘කථං භො{5} බ්රාහ්මණො හොති කථං භවති වෙදගූ, තෙවිජ්ජො භො කථං හොති සොත්තියො{6} කින්ති වුච්චති. අරහං භො කථං හොති කථං භවති කෙවලී, මුනිච්ච{7} භො කථං හොති බුද්ධො කින්ති පවුච්චතී’ති.
Sinhala BJT“භවත්නි, කිසෙයින් ‘බ්‍රාහ්මණ’ වේ ද, කිසෙයින් වේදගූ වේ ද, කිසෙයින් ‘ත්‍රෛවිද්‍ය’ වේ ද, කවරෙක් ‘සොත්තිය’යි කියනු ලැබේ ද? භවත්නි, කිසෙයින් අර්‍හත් වේ ද, කිසෙයින් ‘කේවලී’ (සකලගුණසම්පන්න) වේ ද, කිසෙයින් ‘මුනි’ වේ ද, කවරෙක් ‘බුද්ධ’යි කියනු ලැබේ ද?” යි.
Pali BJTඅථ ඛො භගවා බ්රහ්මායුං බ්රාහ්මණං ගාථාහි පච්චභාසි.
Sinhala BJTඑකල්හි බුදුහු බ්‍රහ්මායු බමුණුහට ගාථායෙන් පිළිතුරු වදාළහ:
Pali BJTපුබ්බෙනිවාසං යො වෙදී සග්ගාපායඤ්ච පස්සති, අථො ජාතික්ඛයං පත්තො අභිඤ්ඤා වොසිතො මුනි.
Sinhala BJT“යමෙක් පූර්‍වනිවාසය දන්නේ ද, (දිවැසින්) ස්වර්‍ගයත් අපායත් දකී ද, යළි ජාතික්‍ෂයට පැමිණියේ ද, (අර්‍හද්ඥානයෙන්) අභිජානන කොට අවසානයට පැමිණියේ ද, (අර්‍හත්ඥාන සඞ්ඛ්‍යාත) මුනිභාවයෙන් සමන්‍වාගත වූයේ ද.
Pali BJTචිත්තං විසුද්ධං ජානාති මුත්තං රාගෙහි සබ්බසො, පහීන ජාතිමරණො බ්රහ්මචරියස්ස කෙවලී, පාරගූ සබ්බධම්මානං බුද්ධො තාදී පවුච්චතී’ති.
Sinhala BJTසර්‍වප්‍රකාරයෙන් රාගයෙන් මිදුණු (එහෙයින් මැ) විශුද්ධ වූ සිත දනී ද, ප්‍රහීණ වූ ජාති හා මරණ ඇත්තේ ද, සියලු සිව්මඟබඹසර ඇත්තේ ද, සියලු (ලොවිලොවුතුරු) දහමුන්ගේ පාරයට ගියේ ද, එ බඳු පුද්ගල ‘බුද්ධ’යයි කියනු ලැබේ” යයි.
Pali BJTඑවං වුත්තෙ, බ්රහ්මායු බ්රාහ්මණො උට්ඨායාසනා එකංසං උත්තරාසඞ්ගං කරිත්වා භගවතො පාදෙසු සිරසා නිපතිත්වා භගවතො පාදානි මුඛෙන ච පරිචුම්බති. පාණීහි ච පරිසම්බාහති. නාමඤ්ච සාවෙති: බ්රහ්මායු චාහං{1} භො ගොතම බ්රාහ්මණො, බ්රහ්මායු චාහං{1} භො ගොතම බ්රාහ්මණො’ති. අථ ඛො සා පරිසා අච්ඡරියබ්භුතචිත්තා ජාතා අහොසි: ‘අච්ඡරියං වත භො, අබ්භුතං වත භො, සමණස්ස මහිද්ධිකතා මහානුභාවතා.{2} යත්ර හි නාමායං බ්රහ්මායු බ්රාහ්මණො ඤාතො යසස්සී එවරූපං පරමනිපච්චකාරං{3} කරිස්සතී’ති.
Sinhala BJTමෙසේ වදාළ කල්හි බ්‍රහ්මායු බමුණු හුනස්නෙන් නැඟී උතුරුසඟ එකස් කොට පෙරෙවැ භාග්‍යවතුන් වහන්සේගේ පාසඟුළුයෙහි හිසින් වැඳවැටී භාග්‍යවතුන් වහන්සේගේ පාසඟුළුවන් මුවිනුදු සිඹී. අතිනුදු සම්බාහන කෙරෙයි: “භවත් ගොයුමාණෙනි, මම් බ්‍රහ්මායුබ්‍රාහ්මණයෙමි, භවත් ගොයුමාණෙනි, මම් බ්‍රහ්මායු බ්‍රාහ්මණයෙමි”යි නමුදු අස්වයි. එස, එ පිරිස ආශ්චර්‍ය්‍ය අද්භූත සිත් ඇති වූ: “භවත්නි ආශ්චර්‍ය්‍ය යැ, භවත්නි අද්භූත යි, මහණක්හුගේ මහත් ඍද්ධියක් බලව, මහත් අනුභාවයක් බලව. යම් කරුණෙක්හි ලා ප්‍රකට වූ යසස් ඇති මේ බ්‍රහ්මායු බමුණු මෙ වන් පරමනිපත්‍යාකාරයක් කෙරේ”යයි.
Pali BJTඅථ ඛො භගවා බ්රහ්මායුං බ්රාහ්මණං එතදවොච: ‘අලං බ්රාහ්මණ, උට්ඨහ, නිසීද ත්වං සකෙ ආසනෙ, යතො තෙ මයි චිත්තං පසන්න’න්ති. අථ ඛො බ්රහ්මායු බ්රාහ්මණො උට්ඨහිත්වා සකෙ ආසනෙ නිසීදි.
Sinhala BJTඑසඳ බුදුහු බ්‍රහ්මායු බමුණුහට තෙල වදාළහ: බමුණ කම් නැත, නැඟී සිටුව, තෙපි සිය අස්නෙහි හිඳුව, මා කෙරෙහි තොප ගේ සිත් පහන් හෙයිනැ”යි. එකල්හි බ්‍රහ්මායු බමුණු නැඟී සිය අස්නෙහි හින.
Pali BJTඅථ ඛො භගවා බ්රහ්මායුස්ස බ්රාහ්මණස්ස අනුපුබ්බිං කථං කථෙසි. සෙය්යථිදං: ‘දානකථං සීලකථං සග්ගකථං කාමානං ආදීනවං ඔකාරං සඞ්කිලෙසං නෙක්ඛම්මෙ ආනිසංසං පකාසෙසි. යදා භගවා අඤ්ඤාසි බ්රහ්මායුං බ්රාහ්මණං කල්ලචිත්තං මුදුචිත්තං විනීවරණචිත්තං උදග්ගචිත්තං පසන්නචිත්තං, අථ යා බුද්ධානං සාමුක්කංසිකා ධම්මදෙසනා තං පකාසෙසි දුක්ඛං සමුදයං නිරොධං මග්ගං. සෙය්යථාපි නාම සුද්ධං වත්ථං අපගතකාළකං සම්මදෙව රජනං පතිගණ්හෙය්ය, එවමෙවං බ්රහ්මායුස්ස බ්රාහ්මණස්ස තස්මිඤ්ඤෙව ආසනෙ විරජං වීතමලං ධම්මචක්ඛුං උදපාදි, යං කිඤ්චි සමුදයධම්මං සබ්බං තං නිරොධධම්මන්ති. අථ ඛො බ්රහ්මායු බ්රාහ්මණො දිට්ඨධම්මො, පත්තධම්මො, විදිතධම්මො, පරියොගාළ්හධම්මො තිණ්ණවිචිකිච්ඡො විගතකථඞ්කථො වෙසාරජ්ජප්පත්තො අපරප්පච්චයො සත්ථුසාසනෙ භගවන්තං එතදවොච: “අභික්කන්තං භො ගොතම, අභික්කන්තං භො ගොතම. සෙය්යථාපි භො ගොතම නික්කුජ්ජිතං වා උක්කුජ්ජෙය්ය. පටිච්ඡන්නං වා විවරෙය්ය, මූළ්හස්ස වා මග්ගං ආචික්ඛෙය්ය, අන්ධකාරෙ වා තෙලපජ්ජොතං ධාරෙය්ය ‘චක්ඛුමන්තො රූපානි දක්ඛින්තී’ති. එවමෙවං භොතා ගොතමෙන අනෙකපරියායෙන ධම්මො පකාසිතො. එසාහං භගවන්තං ගොතමං සරණං ගච්ඡාමි ධම්මඤ්ච භික්ඛුසඞ්ඝඤ්ච. උපාසකං මං භවං ගොතමො ධාරෙතු අජ්ජතග්ගෙ පාණුපෙතං සරණඞ්ගතං. අධිවාසෙතු ච මෙ භවං ගොතමො ස්වාතනාය භත්තං සද්ධිං භික්ඛුසඞ්ඝෙනා”ති. අධිවාසෙසි භගවා තුණ්හීභාවෙන.
Sinhala BJTඉක්බිති බුදුහු බ්‍රහ්මායු බමුණුහට අනුපූර්‍වකථා වදාළහ. ඒ කෙසේ යැ යත්: දානකථා යැ ශීලකථා යැ ස්වර්‍ගකථා යැ කාමයන් ගේ ආදීනව යැ සංක්ලේශයන්ගේ ලාමක බව හා නෛෂ්ක්‍රම්‍යයෙහි අනුසස් ප්‍රකාශ කළහ. යම් කලෙක බුදුහු බ්‍රහ්මායු බමුණු අරෝග සිත් ඇතියහු මෘදු සිත් ඇතියහු විගත නීවරණ සිත් ඇතියහු ඔදවැඩි සිත් ඇතියහු පහන්සිත් ඇතියහු බව දත්සේක් ද එකල්හි බුදුවරුන්ගේ යම් සාමුක්කංසික (සිව්සස්) ධර්‍මදේශනාවක් වේ ද, එ දහම ප්‍රකාශ කළහ: දුඃඛ යැ සමුදය යැ නිරෝධ යැ මාර්‍ග යැ යි. යම්සේ නම් පහවැ ගිය කළුපැහැ ඇති ශුද්ධ වස්ත්‍රයක් මොනොවට රඳන් ගන්නේ ද එසෙයින් මැ බ්‍රහ්මායු බමුණුහට එ අස්නෙහි දී මැ ‘යම් කිසි සමුදය ධර්‍මයෙක් ඇද්ද, එ හැම නිරෝධස්වභාවය ඇතැ’යි පහ වැ ගිය (රාගාදි) රජස් ඇති පහ වැ ගිය (රාගාදි) මල ඇති දහම් ඇස උපන. ඉක්බිති බ්‍රහ්මායු බමුණු දක්නාලද (ලොවුතුරු) දහම් ඇති වැ පැමිණි දහම් ඇති වැ දන්නා ලද දහම් ඇති වැ බැසගත් දහම් ඇති වැ තරණය කළ විචිකිත්සා ඇති වැ පහ වැ ගිය සැක ඇති වැ විශාරද බවට පැමිණියේ ශාස්තෘශාසනයෙහි පරප්‍රත්‍යය රහිත වූයේ භාග්‍යවතුන් වහන්සේට තෙල කී: “භවත් ගොයුමාණෙනි ඉතා කාන්ත යැ, භවත් ගෞතමයෙනි ඉතා කාන්ත යැ. භවත් ගොයුමාණෙනි, යම්සේ යටිහුරු කළ දැයක් හෝ උඩුහුරු කරන්නේ ද, පිළිසන් වූවක් හෝ විවර කරන්නේ ද, මුළා වූවකුට හෝ මඟ කියන්නේ ද, ‘ඇස් ඇත්තාහු රූප දක්නාහ’යි අඳුරෙහි තෙල්පහනක් හෝ දරන්නේ ද, එසෙයින් මැ භවත් ගොයුමාණන් විසින් නොයෙක් අයුරින් දහම් පවසන ලද. තෙල මම් භවත් ගෞතමයන් ද දහම් ද බික්සඟන ද සරණ කොට යෙමි. භවත් ගෞතමයෝ මා අද පටන් කොට දිවි හිම් කොට සරණ ගිය උපාසකයකු කොට ධරත්වා. භවත් ගෞතමයෝ බික්සඟන හා සමඟ සෙට මා ගේ බත ද ඉවසත්ව”යි. බුදුහු තුෂ්ණීම්භාවයෙන් ඉවැසූහ.
Pali BJTඅථ ඛො බ්රහ්මායු බ්රාහ්මණො භගවතො අධිවාසනං විදිත්වා උට්ඨායාසනා භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා පක්කාමි. අථ ඛො බ්රහ්මායු බ්රාහ්මණො තස්සා රත්තියා අච්චයෙන සකෙ නිවෙසනෙ පණීතං ඛාදනීයං භොජනීයං පටියාදාපෙත්වා භගවතො කාලං ආරොචාපෙසි: කාලො භො ගොතම, නිට්ඨිතං භත්ත’න්ති. අථ ඛො භගවා පුබ්බණ්හසමයං නිවාසෙත්වා පත්තචීවරං ආදාය යෙන බ්රහ්මායුස්ස බ්රාහ්මණස්ස නිවෙසනං තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා පඤ්ඤත්තෙ ආසනෙ නිසීදි
Sinhala BJTඑසඳ බ්‍රහ්මායු බමුණු භාග්‍යවතුන් වහන්සේගේ අධිවාසනය දැන හුනස්නෙන් නැඟී භාග්‍යවතුන් වහන්සේ වැඳ පැදකුණු කොට බැස ගියේ. ඉක්බිති බ්‍රහ්මායු බමුණු එ රැය ඇවෑමෙන් සිය නිවෙස්නෙහි ප්‍රණීත ඛාද්‍යභෝජ්‍ය පිළියෙල කරවා ‘භවත් ගෞතමයන් වහන්ස, බත නිමියේ යැ, වඩනට කලැ’යි භාග්‍යවතුන් වහන්සේට කල් දැන් වී. එසඳ බුදුහු පෙරවරු සමයෙහි හැඳපෙරෙවැ පාසිවුරු ගෙන බ්‍රහ්මායු බමුණුහුගේ නිවෙස්න කරා එළැඹියහ. එළැඹ පැනැවූ අස්නෙහි බික්සඟුන්
Pali BJTසද්ධිං භික්ඛුසඞ්ඝෙන. අථ ඛො බ්රහ්මායු බ්රාහ්මණො සත්තාහං බුද්ධපමුඛං භික්ඛුසඞ්ඝං පණීතෙන ඛාදනීයෙන භොජනීයෙන සහත්ථා සන්තප්පෙසි සම්පවාරෙසි. අථ ඛො භගවා තස්ස සත්තාහස්ස අච්චයෙන විදෙහෙසු චාරිකං පක්කාමි. අථ ඛො බ්රහ්මායු බ්රාහ්මණො අචිරපක්කන්තස්ස භගවතො කාලමකාසි.
Sinhala BJTහා සමග වැඩහුන්හ. ඉක්බිති බ්‍රහ්මායු බමුණු සතියක් මුළුල්ලෙහි බුදුපාමොක් බික්සඟුන් ප්‍රණීත ඛාද්‍යයෙන් භෝජ්‍යයෙන් සියතින් සැතැප්වී, පැවැරී. එකල බුදුහු එ සත්දවස ඇවෑමෙන් විදෙහදනවියෙහි චාරිකාවට නික්ම වැඩියහ. ඉක්බිති බ්‍රහ්මායු බමුණු බුදුන් නික්ම ගිය නොබෝ කල්හි කලුරිය කෙළේ.
Pali BJTඅථ ඛො සම්බහුලා භික්ඛූ යෙන භගවා තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදිංසු. එකමන්තං නිසින්නා ඛො තෙ භික්ඛූ භගවන්තං එතදවොචුං: ‘බ්රහ්මායු භන්තෙ, බ්රාහ්මණො කාලකතො. තස්ස කා ගති, කො අභිසම්පරායො’ති.
Sinhala BJTඑසඳ බොහෝ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියහ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පස් වැ හුන්හ. එකත්පස් වැ හුන් ඒ මහණහු භාග්‍යවතුන් වහන්සේට තෙල කීහු: වහන්ස, බ්‍රහ්මායු බමුණු කලුරිය කෙළේ. ඔහුගේ ගතිය (උපත) කවර? (හේ) පරලෙවිහි කවරෙක් වේ දැ?”යි.
Pali BJTපණ්ඩිතො භික්ඛවෙ, බ්රහ්මායු බ්රාහ්මණො, පච්චපාදි ධම්මස්සානුධම්මං න ච මං{1} ධම්මාධිකරණං විහෙසෙසි. බ්රහ්මායු භික්ඛවෙ, බ්රාහ්මණො පඤ්චන්නං ඔරම්භාගියානං සඤ්ඤොජනානං පරික්ඛයා ඔපපාතිකො හොති තත්ථ පරිනිබ්බායී අනාවත්තිධම්මො තස්මා ලොකාති.
Sinhala BJTමහණෙනි, බ්‍රහ්මායු බමුණු පණ්ඩිත යැ, ධර්‍ම (අර්‍හත්මාර්‍ග)යාගේ අනුධර්‍ම (යට තුන්මඟපල) යට පිළිපන්නේ යැ. ධර්‍මහේතුයෙන් මා නො ද වෙහෙසී. මහණෙනි, බ්‍රහ්මායු බමුණු පඤ්ච ඕරම්භාගිය සංයෝජනයන් ක්‍ෂය වීමෙන් ඒ සුදවස් බඹලොවැ පිරිනිවෙනසුලු වැ එ ලොවින් පෙරළා නො එන සැහැවි ඇති වැ ඕපපාතික වේ”යයි.
Pali BJTඉදමවොච භගවා. අත්තමනා තෙ භික්ඛූ භගවතො භාසිතං අභිනන්දුන්ති.
Sinhala BJTබුදුහු මෙය වදාළහ. සතුටුසිත් ඇති ඒ මහණහු භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය අභිනන්‍දනා කළහ’යි.
Pali BJTබ්රහ්මායුසුත්තං පඨමං.
Sinhala BJTපළමු වැනි බ්‍රහ්මායු සූත්‍ර යි.
Pali BJT2. 5. 2.
Sinhala BJT2. 5. 2.
Pali BJTසෙලසුත්තං
Sinhala BJTසේල සූත්‍රය
Pali BJTඑවං මෙ සුතං: එකං සමයං භගවා අඞ්ගුත්තරාපෙසු චාරිකං චරමානො මහතා භික්ඛුසඞ්ඝෙන සද්ධිං අඩ්ඪතෙළසෙහි භික්ඛුසතෙහි, යෙන ආපණං නාම අඞ්ගුත්තරාපානං නිගමො තදවසරි. අස්සොසි ඛො කෙණියො ජටිලො සමණො ඛලු භො ගොතමො සක්යපුත්තො සක්යකුලා පබ්බජිතො අඞ්ගුත්තරාපෙසු චාරිකං චරමානො මහතා භික්ඛුසඞ්ඝෙන සද්ධිං අඩ්ඪතෙළසෙහි භික්ඛුසතෙහි ආපණං අනුප්පත්තො. තං ඛො පන භගවන්තං ගොතමං එවං කල්යාණො කිත්තිසද්දො අබ්භුග්ගතො: ‘ඉතිපි සො භගවා අරහං සම්මාසම්බුද්ධො විජ්ජාචරණසම්පන්නො සුගතො ලොකවිදූ අනුත්තරො පුරිසදම්මසාරථි සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවාති. සො ඉමං ලොකං සදෙවකං සමාරකං සබ්රහ්මකං සස්සමණබ්රාහ්මණිං පජං සදෙවමනුස්සං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවෙදෙති. සො ධම්මං දෙසෙති ආදිකල්යාණං මජ්ඣෙකල්යාණං පරියොසානකල්යාණං සාත්ථං සබ්යඤ්ජනං කෙවලපරිපුණ්ණං පරිසුද්ධං බ්රහ්මචරියං පකාසෙති. සාධු ඛො පන තථාරූපානං අරහතං දස්සනං හොතී’ති.
Sinhala BJTමා විසින් මෙසේ අසන ලදි: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ අඞ්ගුත්තරාප නම් දනවියෙහි අඩතෙළෙස්යල්සියක් පමණ මහත් වූ බික්සඟුන් හා සමග සැරිසරන සේක් අඞ්ගුත්‍තරාපදනවු වැසියන්ගේ ආපණ නම් නියම්ගම කරා වැඩිසේක. කේණිය ජටිල තෙල යසගී ඇසී: “භවත්නි, සැහැපුත් සැහැකුලයෙන් නික්ම පැවිදි වූ මහණ ගොයුම්හු අඩතෙළෙස්යල්සියක් පමණ මහත් වූ බික්සඟුන් හා සමග අඞ්ගුත්‍තරාප නම් දනවියෙහි සැරිසරන සේක් ආපණ නම් නිගමයට පැමිණියහ. ඒ භවත් ගොයුමාණන්ගේ කලි මෙ වන් කලණ යසගී උස් වැ නැඟිණ: “මේ කරුණිනුදු ඒ භාග්‍යවත්හු අර්‍හත්හ, සම්‍යක් සම්බුද්ධයහ, විද්‍යාචරණසම්පන්නයහ, සුගත්හ, ලෝකවිද්හ, අනුත්තර පුරුෂදම්‍යසාරථිහ, දෙවිමිනිසුනට ශාස්තෘහ, බුද්ධයහ, භාග්‍යවත්හ”යි. ඔබ දෙව්ලෝ සහිත මරලෝ සහිත බඹලෝ සහිත මෙ ලොව ද, මහණබමුණන් සහිත දෙවිමිනිසුන් සහිත ප්‍රජාව ද තමා විසින් විශිෂ්ටඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට ප්‍රකාශ කෙරෙති. ඔබ ආදිකල්‍යාණ කොට මධ්‍යකල්‍යාණ කොට පර්‍ය්‍යවසානකල්‍යාණ කොට අර්‍ත්‍ථ සහිත වූ ව්‍යඤ්ජන සහිත වූ දහම් දෙසති. සියල්ල පිරිපුන් පිරිසුදු බඹසර පවසති. එ වන් රහතුන්ගේ දැක්ම මනා මැ නු”යි.
Pali BJTඅථ ඛො කෙණියො ජටිලො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවතා සද්ධිං සම්මොදි. සම්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නං ඛො කෙණියං ජටිලං භගවා ධම්මියා කථාය සන්දස්සෙසි සමාදපෙසි සමුත්තෙජෙසි සම්පහංසෙසි. අථ ඛො කෙණියො ජටිලො භගවතා ධම්මියා කථාය සන්දස්සිතො සමාදපිතො සමුත්තෙජිතො සම්පහංසිතො භගවන්තං එතදවොච: ‘අධිවාසෙතු මෙ භවං ගොතමො ස්වාතනාය භත්තං සද්ධිං භික්ඛුසඞ්ඝෙනා’ති.
Sinhala BJTඑසඳ, කේණිය ජටිල භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියේ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ හා සමග සතුටු වී. සතුටු විය යුතු කලතුරුහි සිහිකටයුතු කථා කොට නිමවා එකත්පස් වැ හින. බුදුහු එකත්පස් වැ හුන් කේණිය ජටිලයාහට දැහැමි කථායෙන් කරුණු දැක්වූහ, සමාදන් කරවූහ, තෙද ගැන්වූහ, ප්‍රහර්‍ෂ කරවූහ. ඉක්බිති කේණිය ජටිල භාග්‍යවතුන් විසින් දැහැමි කථායෙන් කරුණු දක්වන ලද්දේ සමාදන් කරවන ලද්දේ මොනොවට තෙද ගන්වන ලද්දේ සම්ප්‍රහර්‍ෂ කරවන ලද්දේ භාග්‍යවතුන් වහන්සේට තෙල බස් කී: “භවත් ගෞතමයෝ බික්සඟුන් හා සමග සෙට මා ගේ බත ඉවසන සේක්ව”යි.
Pali BJTඑවං වුත්තෙ භගවා කෙණියං ජටිලං එතදවොච: මහා ඛො කෙණිය, භික්ඛුසඞ්ඝො අඩ්ඪතෙළසානි භික්ඛුසතානි. ත්වඤ්ච ඛො බ්රාහ්මණෙසු අභිප්පසන්නො’ති. දුතියම්පි ඛො කෙණියො ජටිලො භගවන්තං එතදවොච: ‘කිඤ්චාපි භො ගොතම, මහා භික්ඛුසඞ්ඝො, අඩ්ඪතෙළසානි භික්ඛුසතානි, අහඤ්ච බ්රාහ්මණෙසු අභිප්පසන්නො, අධිවාසෙතු මෙ භවං ගොතමො ස්වාතනාය භත්තං සද්ධිං භික්ඛුසඞ්ඝෙනා’ති. දුතියම්පි ඛො භගවා කෙණියං ජටිලං එතදවොච: ‘මහා ඛො කෙණිය, භික්ඛුසඞ්ඝො අඩ්ඪතෙළසානි භික්ඛුසතානි. ත්වඤ්ච ඛො බ්රාහ්මණෙසු අභිප්පසන්නො’ති. තතියම්පි ඛො කෙණියො ජටිලො භගවන්තං එතදවොච: ‘කිඤ්චාපි භො ගොතම මහා භික්ඛුසඞ්ඝො, අඩ්ඪතෙළසානි භික්ඛුසතානි. අහඤ්ච බ්රාහ්මණෙසු අභිප්පසන්නො, අධිවාසෙතු මෙ භවං ගොතමො ස්වාතනාය භත්තං සද්ධිං භික්ඛුසඞ්ඝෙනා’ති. අධිවාසෙසි භගවා තුණ්හීභාවෙන.
Sinhala BJTමෙසේ කී කල්හි බුදුහු කේණිය ජටිලහට තෙල වදාළහ: “කේණියෙනි, බික්සඟහු මහත්හ, අඩතෙළෙස්යල්සියක් මහණහු ය, තොයිත් බමුණන් කෙරෙහි අභිප්‍රසන්නයෙහි”යි. දෙවනවට ද කේණිය ජටිල භාග්‍යවතුන් වහන්සේට තෙල කී: “භවත් ගොයුම් ගොතුව, අඩතෙළෙස්යල්සියක් පමණ බික්සඟන මහත් වුව ද, මයිත් බමුණන් කෙරෙහි අභිප්‍රසන්න වුව ද භාග්‍යවතුන් වහන්සේ සෙට මාගේ බත බික්සඟන හා සමග ඉවසන සේක්වා, දෙවනවට ද භාග්‍යවතුන් වහන්සේ කේණිය ජටිලයාහට තෙල වදාළ සේක: “කේණියෙනි, බික්සඟහු බොහෝහ, අඩතෙළෙස්යල්සියක් මහණහු ය, තොයිත් බමුණන් කෙරෙහි අභිප්‍රසන්නයෙහි”යි. තෙවනවට ද කේණිය ජටිල භාග්‍යවතුන් වහන්සේට තෙල කී: “භවත් ගොයුම් ගොතුව, අඩතෙළෙස්යල්සියක් පමණ බික්සඟන මහත් වුව ද, මයිත් බමුණන් කෙරෙහි අභිප්‍රසන්න වුව ද භවත් ගෞතමයන් වහන්සේ සෙට මා ගේ බත බික්සඟන හා සමග ඉවසන සේක්ව”යි. භාග්‍යවතුන් වහන්සේ තුෂ්ණීම්භාවයෙන් ඉවසූ සේක.
Pali BJTඅථ ඛො කෙණියො ජටිලො භගවතො අධිවාසනං විදිත්වා උට්ඨායාසනා යෙන සකො අස්සමො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා මිත්තාමච්චෙ ඤාතිසාලොහිතෙ ආමන්තෙසි: සුණන්තු මෙ භොන්තො මිත්තාමච්චා ඤාතිසාලොහිතා, සමණො මෙ ගොතමො නිමන්තිතො ස්වාතනාය භත්තං සද්ධිං භික්ඛුසඞ්ඝෙන. යෙන මෙ කායවෙය්යාවටිකං{1} කරෙය්යාථා’ති. එවං භොති ඛො කෙණියස්ස ජටිලස්ස මිත්තාමච්චා ඤාතිසාලොහිතා කෙණියස්ස ජටිලස්ස පටිස්සුත්වා අප්පෙකච්චෙ උද්ධනානි ඛණන්ති, අප්පෙකච්චෙ කට්ඨානි ඵාලෙන්ති, අප්පෙකච්චෙ භාජනානි ධොවන්ති, අප්පෙකච්චෙ උදකමණිකං පතිට්ඨාපෙන්ති, අප්පෙකච්චෙ ආසනානි පඤ්ඤාපෙන්ති. කෙණියො පන ජටිලො සාමඤ්ඤෙව මණ්ඩලමාලං පටියාදෙති.
Sinhala BJTඑසඳ, කේණිය ජටිල භාග්‍යවතුන් වහන්සේගේ අධිවාසනාව ලැබ හුනස්නෙන් නැගී සිය අසපුව කරා එළැඹියේ යි. එළැඹ මිත්‍රාමාත්‍යයන් හා නෑසාලේනෑයන් ඇමැතී: “භවත් මිත්‍රාමාත්‍යයන් හා නෑසාලේනෑයෝ මබස අසත්වා! මා විසින් මහණ ගොයුම්හු සෙට බතට බික්සඟන හා සමග නිමන්ත්‍රණ කරන ලදහ. එහෙයින් මට කාය වතාවත් කරව”යි. “එසේ යැ භවත්නි”යි කේණිය ජටිලයාගේ මිත්‍රාමාත්‍යයෝ නෑසහලේ නෑයෝ කේණිය ජටිලයාහට පිළිවදන් දී ඇතැම් කෙනෙක් උදුන් කණිති, ඇතැම් කෙනෙක් දර පලති, ඇතැම් කෙනෙක් බඳුන් දොවිති, ඇතැම් කෙනෙක් දියසැළ පිහිටුවති (තබති) ඇතැම් කෙනෙක් අසුන් පනවති. කේණිය ජටිල වැළිත් තෙමේ මැ මණ්ඩලමාලය (පිළි මඩුව) පිළියෙල කරයි.
Pali BJTතෙන ඛො පන සමයෙන සෙලො බ්රාහ්මණො ආපණෙ පටිවසති තිණ්ණං වෙදානං පාරගූ සනිඝණ්ඩුකෙටුභානං සාක්ඛරප්පභෙදානං ඉතිහාසපඤ්චමානං පදකො වෙය්යාකරණො ලොකායතමහාපුරිසලක්ඛණෙසු අනවයො. තීණි ච මාණවකසතානි මන්තෙ වාචෙති. තෙන ඛො පන සමයෙන කෙණියො ජටිලො සෙලෙ බ්රාහ්මණෙ අභිප්පසන්නො හොති. අථ ඛො සෙලො බ්රාහ්මණො තීහි මාණවකසතෙහි පරිවුතො ජඞ්ඝාවිහාරං අනුචඞ්කමමානො අනුවිචරමානො යෙන කෙණියස්ස ජටිලස්ස අස්සමො තෙනුපසඞ්කමි. අද්දසා ඛො සෙලො බ්රාහ්මණො කෙණියස්ස ජටිලස්ස අස්සමෙ අප්පෙකච්චෙ උද්ධනානි ඛණන්තෙ, අප්පෙකච්චෙ කට්ඨානි ඵාලෙන්තෙ, අප්පෙකච්චෙ භාජනානි ධොවන්තෙ, අප්පෙකච්චෙ උදකමණිකං පතිට්ඨාපෙන්තෙ, අප්පෙකච්චෙ ආසනානි පඤ්ඤාපෙන්තෙ{2}, කෙණියං පන ජටිලං සාමඤ්ඤෙව මණ්ඩලමාලං පටියාදෙන්තං. දිස්වාන කෙණියං ජටිලං එතදවොච: කින්නු භොතො කෙණියස්ස ආවාහො වා භවිස්සති, විවාහො වා භවිස්සති, මහායඤ්ඤො වා පච්චුපට්ඨිතො, රාජා වා මාගධො සෙනියො බිම්බිසාරො නිමන්තිතො ස්වාතනාය සද්ධිං බලකායෙනා’ති. න මෙ භො සෙල ආවාහො භවිස්සති, නපි විවාහො භවිස්සති, නපි රාජා මාගධො සෙනියො බිම්බිසාරො නිමන්තිතො ස්වාතනාය සද්ධිං බලකායෙන. අපි ච ඛො මෙ මහායඤ්ඤො පච්චුපට්ඨිතො. අත්ථි භො සමණො ගොතමො සක්යපුත්තො සක්යකුලා පබ්බජිතො අඞ්ගුත්තරාපෙසු චාරිකං චරමානො මහතා භික්ඛුසඞ්ඝෙන සද්ධිං අඩ්ඪතෙළසෙහි භික්ඛුසතෙහි ආපණං අනුප්පත්තො. තං ඛො පන භගවන්තං{3} ගොතමං එවං කල්යාණො කිත්තිසද්දො අබ්භුග්ගතො: ‘ඉතිපි සො භගවා අරහං සම්මාසම්බුද්ධො විජ්ජාචරණසම්පන්නො සුගතො ලොකවිදූ අනුත්තරො පුරිසදම්මසාරථි සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවා’ති. සො මෙ නිමන්තිතො ස්වාතනාය භත්තං සද්ධිං භික්ඛුසඞ්ඝෙනා’ති. බුද්ධොති භො කෙණිය වදෙසි, බුද්ධොති භො සෙල වදාමි. බුද්ධොති භො කෙණිය වදෙසි, බුද්ධොති භො සෙල වදාමි. බුද්ධොති භො කෙණිය වදෙසි, බුද්ධොති භො සෙල වදාමී’ති.
Sinhala BJTඑසඳ සේල බ්‍රාහ්මණ ආපණ නම් නියම්ගම්හි වෙසෙයි: නිඝණ්ඩුකේටුහ සහිත ශික්‍ෂා නිරුක්ති සහිත ඉතිහාසය පස් වනු කොට ඇති ත්‍රිවේදයෙහි පාරයට ගියේ යැ. පද හා තදන්‍ය ව්‍යාකරණ හදාරනුයේ යැ, ලෝකායත මහාපුරුෂ ලක්‍ෂණයෙහි පරිපූරකාරී යැ’ තුන්සියක් මාණවකයනට වේද හදාරවයි. එසඳ කේණියජටිල සේල බ්‍රාහ්මණ කෙරෙහි අභිප්‍රසන්න වෙයි. ඉක්බිති සේල බ්‍රාහ්මණ තුන්සියක් මණෙවුවන් විසින් පිරිවරනලද්දේ ජඞ්ඝාවිහාරයෙහි සක්මන් කරනුයේ ඇවිදුනේ කේණිය ජටිලයාගේ අසපුව කරා එළැඹියේ යි. සේල බ්‍රාහ්මණ කේණිය ජටිලයාගේ අසපුවෙහි ඇතැම් කෙනෙකුන් උදුන් කණනුවන් ඇතැම් කෙනෙකුන් දරපලනුවන් ඇතැම් කෙනෙකුන් බඳුන් දෝනාවුන් ඇතැම් කෙනෙකුන් දියසැළ තබනුවන් ඇතැම් කෙනෙකුන් අසුන් පනවනුවන්, කේණිය ජටිල වැළිත් තමා මැ මණ්ඩලමාලය පිළියෙළ කරන්නා දුටුයේ යැ. දැක කේණියජටිලයාහට තෙල කී: “කිම? භවත් කේණියහට ආවාහයෙක් හෝ වන්නේ ද, විවාහයෙක් හෝ වන්නේ ද, මහායාගයෙක් හෝ එළැඹසිටියේ ද, මගධේශ්වර සේනියබිම්බිසාර රජ හෝ සෙට දවසට බලකාය හා සමග නිමන්ත්‍රණ කරන ලද දැ?”යි. භවත් සේලයෙනි, මට ආවාහයෙක් නො වෙයි, විවාහයෙක් ද නො වෙයි, මගධේශ්වර සේනිය බිම්බිසාර රජ හෝ සෙට දවසට බලකාය හා සමග නිමන්ත්‍රණ නො කරන ලද, එතෙකුදු වත් මට මහා යාගයෙක් එළැඹසිටියේ යැ. භවත්නි, සැහැපුත් සැහැකුලයෙන් නික්ම පැවිදි වූ මහණ ගොයුම්හු ඇත, අඩතෙළෙස්යල්සියක් පමණ මහත් වූ බික්සඟුන් හා සමග අඞ්ගුත්‍තරාප ජනපදයෙහි සැරිසරන සේක් ආපණ නම් නියම්ගමට වැඩියහ. ඒ භාග්‍යවත් ගොයුම්ගොතුවන්ගේ මෙවන් කලණ යසගී උස් වැ නැඟිණි: මෙ කරුණිනුදු ඒ භගවත්හු අර්‍හත්හ, සම්‍යක්සම්බුද්ධයහ, විද්‍යාචරණ සම්පන්නයහ, සුගත්හ, ලෝකවිද්හ, අනුත්තරපුරුෂදම්‍යසාරථියහ, දෙවිමිනිසුනට ශාස්තෘයහ, බුද්ධයහ, භගවත්හ”යි. ඔබ මා විසින් සෙට බතට බික්සඟුන් හා සමග නිමන්ත්‍රණ කරන ලදහ”යි. භවත් කේණියෙනි, ‘බුදුහ’යි කියෙහි, භවත් සේලයෙනි, ‘බුදුහ’යි කියමි, භවත් කේණියෙනි, ‘බුදුහ’යි කියෙහි, භවත් සේලයෙනි, ‘බුදුහ’යි කියමි”යි.
Pali BJTඅථ ඛො සෙලස්ස බ්රාහ්මණස්ස එතදහොසි: ඝොසොපි ඛො එසො දුල්ලභො ලොකස්මිං යදිදං බුද්ධොති. ආගතානි ඛො පනස්මාකං මන්තෙසු ද්වත්තිංස මහාපුරිසලක්ඛණානි, යෙහි සමන්නාගතස්ස මහාපුරිසස්ස ද්වෙව{4} ගතියො භවන්ති අනඤ්ඤා. සචෙ අගාරං අජ්ඣාවසති, රාජා හොති චක්කවත්තී ධම්මිකො ධම්මරාජා චාතුරන්තො විජිතාවී ජනපදත්ථාවරියප්පත්තො සත්තරතනසමන්නාගතො. තස්සිමානි සත්ත රතනානි භවන්ති. සෙය්යථිදං: චක්කරතනං හත්ථිරතනං අස්සරතනං
Sinhala BJTඑසඳ සෙල බ්‍රාහ්මණයාහට තෙල සිත් වී: “බුදුහු” යන තෙල ඝෝෂය පවා ලෝකයෙහි දුර්‍ලභ ය. අපගේ වේදයෙහි දෙතිස් මහාපුරුෂලක්‍ෂණයෝ ආවාහු ය. එ ලකුණෙන් සමන්‍වාගත මහපුරිස්හට ගතීහු දෙදෙනෙක් මැ වෙති. අන් ගතියෙක් නො වෙයි. ඉදින් ගිහිගෙයි වෙසේ නම් දැහැමි වූ ධර්‍මරාජන් වූ සියුසයුරු හිම් කොට ඇති පෘථිවියට ඊශ්වර වූ පසමිතුරන් දිනූ දනවු තහවුරු සේ ලත් සත්රුවනින් සමන්‍වාගත වූ සක්විති රජ වෙයි. ඔහුට මේ සප්තරත්නයෝ පහළ වෙති: ඒ කෙසේ යැ යත්: “චක්‍රරත්න යැ හස්තිරත්න යැ
Pali BJTමණිරතනං ඉත්ථිරතනං ගහපතිරතනං පරිනායකරතනමෙව සත්තමං. පරොසහස්සං ඛො පනස්ස පුත්තා භවන්ති සූරා වීරඞ්ගරූපා පරසෙනප්පමද්දනා. සො ඉමං පඨවිං සාගරපරියන්තං අදණ්ඩෙන අසත්ථෙන ධම්මෙන අභිවිජිය අජ්ඣාවසති. සචෙ පන අගාරස්මා අනගාරියං පබ්බජති, අරහං හොති සම්මාසම්බුද්ධො ලොකෙ විවට්ටච්ඡදො{1} කහං පන භො කෙණිය, එතරහි සො භවං ගොතමො විහරති අරහං සම්මාසම්බුද්ධො’ති. එවං වුත්තෙ කෙණියො ජටිලො දක්ඛිණං බාහුං පග්ගහෙත්වා සෙලං බ්රාහ්මණං එතදවොච: යෙනෙසා භො සෙල නීලවනරාජී’ති. අථ ඛො සෙලො බ්රාහ්මණො තීහි මාණවකසතෙහි සද්ධිං යෙන භගවා තෙනුපසඞ්කමි. අථ ඛො සෙලො බ්රාහ්මණො තෙ මාණවකෙ ආමන්තෙසි: අප්පසද්දා භොන්තො ආගච්ඡන්තු පාදෙ පාදං{2} නික්ඛිපන්තා, දුරාසදා හි තෙ භගවන්තො සීහාව එකචරා, යදා චාහං භො සමණෙන ගොතමෙන සද්ධිං මන්තෙය්යං, මා මෙ භොන්තො අන්තරන්තරා කථං ඔපාතෙථ, කථාපරියොසානං මෙ භවන්තො ආගමෙන්තූ’ති.
Sinhala BJTඅශ්වරත්න යැ මණිරත්න යැ සත්‍රීරත්න යැ සත් වනු වූ පරිනායකරත්න යි. ඔහුට ශූර වූ වීර්‍ය්‍යමය ශරීර බඳු වූ පරසෙන් මඩනා පුත්‍රයෝ දහසින් වඩා ඇත. හේ සයුරු හිම් කොට ඇති මේ පොළොව දණ්ඩ රහිත වැ ශස්ත්‍ර රහිත වැ දැහැමින් දිනා වෙසෙයි. යළි ඉදින් සසුන් වදී නම් ලෝකයෙහි පෙරළු (තෘෂ්ණා) සියන් ඇති අර්‍හත් සම්‍යක්සම්බුද්ධ වෙයි. භවත් කේණියෙනි, දැන් ඒ අර්‍හත් සම්‍යක් සම්බුද්ධ භවත් ගොයුමාණෝ කොහි වෙසෙත් දැ?”යි. මෙසේ කී කල්හි කේණිය ජටිල දකුණත් පෑලා සේල බ්‍රාහ්මණයාහට තෙල කී: “භවත් සේලයෙනි, තෙල නිල්වනරොදෙහි යැ” යි. එසඳ සේල බ්‍රාහ්මණ තුන්සියක්මණෙවුවන් හා සමග භාග්‍යවතුන් කරා එළැඹියේ. ඉක්බිති සේල බ්‍රාහ්මණ ඒ මණෙවුවන් ඇමැතී: “භවත්නි, පියවර පමණෙහි පිය තබමින් නිහඬ වැ එත්වා, ඒ භගවත්හු දුරාසද වෙති. ඒකචරසිංහයන් වැන්නහ. භවත්නි යම් කලෙක මම් භවත් මහණගොයුම් ගොතුවන් හා සමග මන්ත්‍රණ කරනෙම් ද, එකල්හි භවත්හු මට අතුරතුරෙහි කථා නහමක් බහාලව. භවත්හු මාගේ කථා පර්‍ය්‍යවසානය බලත්ව”යි.
Pali BJTඅථ ඛො සෙලො බ්රාහ්මණො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවතා සද්ධිං සම්මොදි. සම්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො සෙලො බ්රාහ්මණො භගවතො කායෙ ද්වත්තිංස මහාපුරිසලක්ඛණානි සම්මන්නෙසි{3}. අද්දසා ඛො සෙලො බ්රාහ්මණො භගවතො කායෙ ද්වත්තිංස මහාපුරිසලක්ඛණානි යෙභුය්යෙන ඨපෙත්වා ද්වෙ. ද්වීසු මහාපුරිසලක්ඛණෙසු කඞ්ඛති විචිකිච්ඡති නාධිමුච්චති න සම්පසීදති, කොසොහිතෙ ච වත්ථගුය්හෙ පහූතජිව්හතාය චා’ති. අථ ඛො භගවතො එතදහොසි: පස්සති ඛො මෙ අයං සෙලො බ්රාහ්මණො ද්වත්තිංස මහාපුරිසලක්ඛණානි යෙභුය්යෙන ඨපෙත්වා ද්වෙ. ද්වීසු මහාපුරිසලක්ඛණෙසු කඞ්ඛති විචිකිච්ඡති නාධිමුච්චති න සම්පසීදති, කොසොහිතෙ ච වත්ථගුය්හෙ, පහූතජිව්හතාය චාති. අථ ඛො භගවා තථාරූපං ඉද්ධාභිසඞ්ඛාරං අභිසඞ්ඛාසි යථා අද්දස සෙලො බ්රාහ්මණො භගවතො කොසොහිතං වත්ථගුය්හං. අථ ඛො භගවා ජිව්හං නින්නාමෙත්වා උභොපි කණ්ණසොතානි අනුමසි පරිමසි{4} උභොපි නාසිකාසොතානි{5} අනුමසි පරිමසි. කෙවලම්පි{6} ලලාටමණ්ඩලං{7} ජිව්හාය ඡාදෙසි.
Sinhala BJTඉක්බිති සේල බමුණු භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියේ යැ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ හා සමග සතුටුවී. සතුටුවියයුතු කලතුරුහි සිහි කටයුතු කථාව කොට නිමවා එකත්පස් වැ හින. එකත්පස් වැ හුන් සේල බ්‍රාහ්මණ භාග්‍යවතුන් වහන්සේගේ කයෙහි දෙතිස් මහපුරිස්ලකුණු පිරික්සී. සේල බ්‍රාහ්මණ භාග්‍යවතුන් වහන්සේගේ සිරුරෙහි දෙතිස් මහපුරිස්ලකුණු දෙකක් තබා බෙහෙවින් දිට. දෙමහපුරිස් ලකුණෙකැ කාඞ්ක්‍ෂා කෙරෙයි, සොයමින් වෙහෙසෙයි, සනිටුහනට නො යෙයි, (විමති හෙයින්) නො පහදියි. කෝෂාවහිතවස්ත්‍රගුහ්‍යයෙහි යැ ප්‍රභූත ජීහ්වතායෙහි යි. එසඳ භාග්‍යවතුන් වහන්සේට තෙල සිත් වී: “මේ සේල බ්‍රාහ්මණ මාගේ දෙතිස් මහපුරිස්ලකුණු දෙකක් තබා බෙහෙවින් දක්නේ යැ, මහපුරිස් ලකුණු දෙකෙකැ සැක කෙරෙයි, විචිකිච්‍ඡා කෙරෙයි, අධිමුක්ති නො කෙරෙයි, සම්ප්‍රසාද නො කෙරෙයි. කෝෂාවහිතවස්ත්‍රගුහ්‍යයෙහි යැ ප්‍රභූත ජීහ්වතායෙහි යි. එසඳ බුදුහු යම්සේ සෙල බ්‍රාහ්මණ භාග්‍යවතුන් වහන්සේගේ කෝෂාවහිතවස්ත්‍රගුහ්‍යය දිටී ද එවන් ඉදුහයක් කළහ. ඉක්බිති බුදුහු දිව් නෙරු දෙකන්සිදුරු අනුමාර්‍ජන පරිමාර්‍ජන කළ සේක. දෙනැහැසිදුරු දු අනුමාර්‍ජන පරිමාර්‍ජන කළ සේක. හැම නළල්මඬල ද දිවින් වැසූ සේක.
Pali BJTඅථ ඛො සෙලස්ස බ්රාහ්මණස්ස එතදහොසි: සමන්නාගතො ඛො සමණො ගොතමො ද්වත්තිංස මහාපුරිසලක්ඛණෙහි පරිපුණ්ණෙහි, නො අපරිපුණ්ණෙහි, නො ච ඛො නං ජානාමි බුද්ධො වා නො වා. සුතං ඛො පන මෙතං බ්රාහ්මණානං වුද්ධානං මහල්ලකානං ආචරියපාචරියානං භාසමානානං. යෙ තෙ භවන්ති අරහන්තො සම්මාසම්බුද්ධා, තෙ සකෙ වණ්ණෙ භඤ්ඤමානෙ අත්තානං පාතුකරොන්ති. යන්නූනාහං සමණං ගොතමං සම්මුඛා සාරුප්පාහි ගාථාහි අභිත්ථවෙය්ය’න්ති. අථ ඛො සෙලො බ්රාහ්මණො භගවන්තං සම්මුඛා සාරුප්පාහි ගාථාහි අභිත්ථවි .
Sinhala BJTඑසඳ සේල බ්‍රාහ්මණයාහට තෙල සිත් වී: ශ්‍රමණ ගෞතමයෝ අපරිපූර්‍ණ නො වූ පරිපූර්‍ණ වූ ද්වාත්ත්‍රිංශද් මහාපුරුෂලක්‍ෂණයෙන් සමන්‍වාගතයහ. ඔබ ‘බුදුහ’යි හෝ ‘නොබුදුහ’යි හෝ නො ද දනිමි, මා විසින් වැඩිහිටි මහලු ආචාර්‍ය්‍යප්‍රාචාර්‍ය්‍ය බමුණන් කියනුවන්ගේ තෙල බස් අසනලද: “යම් කෙනෙක් අර්‍හත් සම්‍යක් සම්බුද්ධ වෙත් ද, ඔහු සිය ගුණකථා කියන කල්හි තමා පහළ කෙරෙති, මම් මහණගොයුම්ගොතුවන් හමුයෙහි සාරුප්‍ය ගාථායෙන් ස්තුති කරන්නෙම් නම් මනා මැ නු!”යි. ඉක්බිති සේල බ්‍රාහ්මණ භාග්‍යවතුන් වහන්සේ හමුයෙහි සාරුප්‍ය ගාථායෙන් ස්තුති කෙළේ:
Pali BJTපරිපුණ්ණකායො සුරුචි සුජාතො චාරුදස්සනො සුවණ්ණවණ්ණොසි භගවා සුසුක්කදාඨොසි විරියවා{1}
Sinhala BJT“භාග්‍යවතුන් වහන්ස, මුබ වහන්සේ (ලක්‍ෂණ විසින්) පිරිපුන් සිරුරු ඇතියව්හ. මනා සිරුරුපැහැ ඇතියව්හ. සුජාතයහ, මනහර දර්‍ශන ඇතියව්හ, සුසුදු දත් ඇතියව්හ. වීර්‍ය්‍ය ඇතියව්හ.
Pali BJTනරස්ස හි සුජාතස්ස යෙ භවන්ති වියඤ්ජනා {2}සබ්බෙ තෙ තව කායස්මිං මහාපුරිසලක්ඛණා.
Sinhala BJTසුජාත පුරුෂයක්හට යම් ලක්‍ෂණ කෙනෙක් වෙත් ද, මුබ වහන්සේගේ සිරුරෙහි එ හැම මහපුරිස් ලකුණු ඇත.
Pali BJTපසන්නනෙත්තො සුමුඛො බ්රහා{3} උජු පතාපවා, මජ්ඣෙ සමණසඞ්ඝස්ස ආදිච්චොව විරොචසි.
Sinhala BJTපස්පෑදිස්නා නුවන් ඇතියව්හ, සුන්‍දර වූ මුව ඇතියව්හ, (ආරෝහපරිණාහ සම්පත්තියෙන්) මහත්හ. ඍජුගාත්‍ර ඇතියව්හ, ප්‍රතාප ඇතියව්හ, මහණගණ මැද හිරුමඬල සෙයින් බබළන්නහු.
Pali BJTකල්යාණදස්සනො භික්ඛු කඤ්චනසන්නිභත්තචො, කින්තෙ සමණභාවෙන එවං උත්තමවණ්ණිනො.
Sinhala BJTකසුන් වන් සිවි ඇති කලණ දසුන් ඇති මහණ කෙනෙක්හ. මෙවන් උතුම් වර්‍ණ ඇති මුබ වහන්සේට ශ්‍රමණභාවයෙන් කවර අර්‍ත්‍ථයෙක් ද?
Pali BJTරාජා අරහසි භවිතුං චක්කවත්තී රථෙසභො, චාතුරන්තො විජිතාවී ජම්බුසණ්ඩස්ස{4} ඉස්සරො.
Sinhala BJTඋත්තමරථ ඇති සියුසයුරු හිම් කොට ඇති පොළොවට අධිපති වූ දිනූ පසමිතුරන් ඇති දඹදිවට ඊශ්වර වූ සක්විති රජ වන්නට නිසියාව.
Pali BJTඛත්තියා භොගී රාජානො{5} අනුයුත්තා{6} භවන්තු තෙ, රාජාභිරාජා මනුජින්දො රජ්ජං කාරෙහි ගොතම.
Sinhala BJT(ජාතියෙන්) ක්‍ෂත්‍රියයෝ ද භෝගීහු ද රජදරුවෝ ද මුබ වහන්සේට අනුයුක්ත වෙත්වා. ගොයුම්ගොතුව, රාජාධිරාජ වැ මිනිසුනට පරමෙශ්වර වැ රාජ්‍ය කරව.
Pali BJTරාජාහමස්මි සෙලා’ති ධම්මරාජා අනුත්තරො, ධම්මෙන චක්කං වත්තෙමි චක්කං අප්පතිවත්තියං{7}.
Sinhala BJTසේලයෙනි, මම රජ වෙමි. අනුත්තර ධර්‍මරාජයෙමි. යම් අණසකක් අනෙකක්හු විසින් ප්‍රවර්‍තන නො කළ හෙයි ද, එ අණසක දහමින් පවත්වමි.
Pali BJTසම්බුද්ධො පටිජානාසි ධම්මරාජා අනුත්තරො, ධම්මෙන චක්කං වත්තෙමි ඉති භාසසි ගොතම.
Sinhala BJTගොයුම් ගොතුව, අනුත්තර ධර්‍මරාජන් වූ ‘සම්බුද්ධයෙමි’යි පිළින කරව. ‘දැහැමින් අණසක් පවත්වමි’යි කියව.
Pali BJTකො නු සෙනාපති භොතො සාවකො සත්ථුරන්වයො{8}, කො තෙ ඉමං අනුවත්තෙති{9} ධම්මචක්කං පවත්තිතං.
Sinhala BJTභවත්හුගේ සෙන්පති කවරෙ යැ? ශාස්තෘහුගේ ධර්‍මාන්‍වය ඇති කවර ශ්‍රාවකයෙක් මුබ වහන්සේ විසින් පවත්වනලද මේ දම්සක් අනුවර්‍තන කෙරේ ද?
Pali BJTමයා පවත්තිතං චක්කං (සෙලාති භගවා) ධම්මචක්කං අනුත්තරං, සාරිපුත්තො අනුවත්තෙති අනුජාතො තථාගතං.
Sinhala BJT(‘සෙලයිනි’යි බුදුහු වදාළහ: ) මාවිසින් පවත්වන ලද අනුත්තර ධර්‍මචක්‍රය වූ අණසක තථාගතයනට අනුජාත වූ සැරියුත් අනුවර්‍තන කෙරෙයි.
Pali BJTඅභිඤ්ඤෙය්යං අභිඤ්ඤාතං භාවෙතබ්බඤ්ච භාවිතං, පහාතබ්බං පහීනං මෙ තස්මා බුද්ධොස්මි බ්රාහ්මණ.
Sinhala BJTමා විසින් අභිඥෙය (දතයුතු විද්‍යාවිමුක්ති)ය අභිඥාත (දන්නාලද) යැ. භාවිතව්‍ය (මාර්‍ගසත්‍ය) ය භාවිත යැ. ප්‍රහාතව්‍ය (සමුදයසත්‍ය) ය ප්‍රහීණ යැ. බමුණ, එහෙයින් මම බුද්ධයෙමි.
Pali BJTවිනයස්සු මයි කඞ්ඛං අධිමුච්චස්සු බ්රාහ්මණ, දුල්ලභං දස්සනං හොති සම්බුද්ධානං අභිණ්හසො.
Sinhala BJTබමුණ, මා කෙරෙහි සැකය දුරු කරව, සනිටුහනට යව. සම්බුදුන්ගේ එක්වන් දැක්ම දුලබ වෙයි.
Pali BJTයෙසං වෙ දුල්ලභො ලොකෙ පාතුභාවො අභිණ්හසො, සොහං බ්රාහ්මණ සම්බුද්ධො සල්ලකත්තො අනුත්තරො.
Sinhala BJTබමුණ, ලොවැ යම් කෙනෙකුන්ගේ එක්වන් පහළ වීම ඒකාන්තයෙන් දුර්‍ලභ වේ ද, මම් ඒ අනුත්තර ශල්‍යවෛද්‍ය (රාගාදි හුල් හරනා) වූ සම්බුද්ධයෙමි.
Pali BJTබ්රහ්මභූතො අතිතුලො මාරසෙනප්පමද්දනො, සබ්බාමිත්තෙ{10} වසී කත්වා මොදාමි අකුතොභයො.
Sinhala BJTශ්‍රේෂ්ඨ වූයෙම් නිරුපම වූයෙම් (කාමාදි මරසෙන් මඩනෙම්) සියලු පසමිතුරන් (පස් මරුන්) වශයෙහි පවත්වා කොයිනුදු බිය නැත්තෙම් සතුටු වෙමි.
Pali BJTඉමං භොන්තො නිසාමෙථ යථා භාසති චක්ඛුමා, සල්ලකත්තො මහාවීරො සීහොව නදතී වනෙ.
Sinhala BJTභවත්නි, පසැස් ඇති බුදුහු යම්සේ වදාරත් ද, තෙපි මෙය අසව. ශල්‍යවෛද්‍ය මහාවීරයෝ වනයෙහි සිංහයකු සෙයින් නාද කෙරෙති.
Pali BJTබ්රහ්මභූතං අතිතුලං මාරසෙනප්පමද්දනං, කො දිස්වා නප්පසීදෙය්ය අපි කණ්හාභිජාතිකො.
Sinhala BJTශ්‍රේෂ්ඨ වූ නිරුපම වූ මරසෙන් මඩනා බුදුන් දැක කවර නම් කෘෂ්ණාභිජාති (නීචකුල උපත්) ඇත්තෙක් පවා නො පහදනේ ද?
Pali BJTයො මං ඉච්ඡති අන්වෙතු යො වානිච්ඡති ගච්ඡතු, ඉධාහං පබ්බජිස්සාමි වරපඤ්ඤස්ස සන්තිකෙ.
Sinhala BJTයමෙක් රුස්නේ ද හේ මා අනුව ඒවා. යමෙක් නුරුස්නේ හෝ වේ ද හේ යේවා. මම මෙ සස්නෙහි උත්තමප්‍රාඥ බුදුන් වෙත පැවිදි වන්නෙමි.
Pali BJTඑතඤ්චෙ{1} රුච්චති භොතො සම්මාසම්බුද්ධසාසනං{2} මයම්පි පබ්බජිස්සාම වරපඤ්ඤස්ස සන්තිකෙ.
Sinhala BJTඉදින් භවත්හට තෙල සම්බුදු සස්න රුස්නේ නම් උත්තමප්‍රාඥ බුදුන් වෙත අපිදු පැවිදි වම්හ.
Pali BJTබ්රාහ්මණා තිසතා ඉමෙ යාචන්ති පඤ්ජලීකතා, බ්රහ්මචරියං චරිස්සාම භගවා තව සන්තිකෙ.
Sinhala BJTමේ තුන්සියක් බමුණෝ මුදුනෙහි ඇඳිලි බැඳ ‘භාග්‍යවතුන් වහන්ස, මුබ වහන්සේ වෙත බඹසර සරම්හ’යි අයදිති.
Pali BJTස්වාක්ඛාතං බ්රහ්මචරියං (සෙලාති භගවා) සන්දිට්ඨිකමකාලිකං, යත්ථ අමොඝා පබ්බජ්ජා අප්පමත්තස්ස සික්ඛතොති.
Sinhala BJT(‘සේලයෙනි’යි බුදුහු වදාළහ:) “යම් බඹසර වසෙක්හි අප්‍රමත්ත වැ හික්මෙනුවහට පැවිද්ද නො සිස් වේ ද, ඒ බඹසර මොනොවට පවසන ලද. තමා විසින් (පසක් කොට) දැක්කයුතු යැ. කල් නො යවා පල දෙන්නේ යැ”යි.
Pali BJTඅලත්ථ ඛො සෙලො බ්රාහ්මණො සපරිසො භගවතො සන්තිකෙ පබ්බජ්ජං, අලත්ථ උපසම්පදං. අථ ඛො කෙණියො ජටිලො තස්සා රත්තියා අච්චයෙන සකෙ අස්සමෙ පණීතං ඛාදනීයං භොජනීයං පටියාදාපෙත්වා භගවතො කාලං ආරොචාපෙසි: ‘කාලො භො ගොතම, නිට්ඨිතං භත්ත’න්ති. අථ ඛො භගවා පුබ්බණ්හසමයං නිවාසෙත්වා පත්තචීවරං ආදාය යෙන කෙණියස්ස ජටිලස්ස අස්සමො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා පඤ්ඤත්තෙ ආසනෙ නිසීදි සද්ධිං භික්ඛුසඞ්ඝෙන. අථ ඛො කෙණියො ජටිලො බුද්ධපමුඛං{3} භික්ඛුසඞ්ඝං පණීතෙන ඛාදනීයෙන භොජනීයෙන සහත්ථා සන්තප්පෙසි සම්පවාරෙසි. අථ ඛො කෙණියො ජටිලො භගවන්තං භුත්තාවිං ඔනීතපත්තපාණිං අඤ්ඤතරං නීචං ආසනං ගහෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නං ඛො කෙණියං ජටිලං භගවා ඉමාහි ගාථාහි අනුමොදි.
Sinhala BJTසේල බ්‍රාහ්මණ පිරිස් සහිත වැ බුදුන් කෙරෙහි පැවිදි ලද. උපසපුව ලත්. ඉක්බිති කේණිය ජටිල එ රැය ඇවෑමෙන් සිය අසපුයෙහි ප්‍රණීත ඛාද්‍යභෝජ්‍යයන් පිළියෙළ කරවා ‘භවත් ගොයුම්ගොතුව, වඩනට කලි බත නිමියේ යැ’යි භාග්‍යවතුන් වහන්සේට කල් දැන්වී. එ සඳ බුදුහු පෙරවරුයෙහි හැඳ පෙරෙවැ පාසිවුරු ගෙන කේණිය ජටිලයාගේ අසපුව කරා එළැඹියහ. එළැඹ පැනවූ අස්නෙහි බික්සඟුන් හා සමග වැඩ හුන්හ. ඉක්බිති කේණිය ජටිල බුදුපාමොක් මහසඟන ප්‍රණීත ඛාද්‍යයෙන් භෝජ්‍යයෙන් සියතින් සැතැප්වී මොනොවට පැවැරී. ඉක්බිති කේණිය ජටිල වළඳා නිමවූ, පාත්‍රයෙන් බැහැර කළ අත් ඇති, භාග්‍යවතුන් දැක එක්තරා මිටි අස්නක් ගෙන් එකත්පස් වැ හින. එකත්පස් වැ හුන් කේණිය ජටිලයාහට බුදුහු මේ ගාථායෙන් අනුමෝදනා කළහ:
Pali BJT‘අග්ගිහුත්තමුඛා යඤ්ඤා සාවිත්තී ඡන්දසො මුඛං, රාජා මුඛං මනුස්සානං නදීනං සාගරො මුඛං.
Sinhala BJT“යාගයෝ අග්නිහෝම ශ්‍රේෂ්ඨ කොට ඇතියහ, වේදයට සාවිත්‍රී (පළමු හදාළ යුතු සූත්‍රය) ශ්‍රේෂ්ඨ වෙයි, රජ මිනිසුනට ශ්‍රේෂ්ඨ වෙයි, සාගරය නදීනට ශ්‍රේෂ්ඨ වෙයි.
Pali BJTනක්ඛත්තානං මුඛං චන්දො ආදිච්චො තපතං මුඛං, පුඤ්ඤං ආකඞ්ඛමානානං සඞ්ඝො වෙ යජතං මුඛ’න්ති.
Sinhala BJTචන්‍ද්‍රයා නක්‍ෂත්‍රයනට ශ්‍රේෂ්ඨ වෙයි, සූර්‍ය්‍යයා දිලියෙනවුනට ශ්‍රේෂ්ඨ වෙයි, පින් කැමැති යාග කරනුවනට ඒකාන්තයෙන් සඞ්ඝයා ශ්‍රේෂ්ඨ වේ”යයි.
Pali BJTඅථ ඛො භගවා කෙණියං ජටිලං ඉමාහි ගාථාහි අනුමොදිත්වා උට්ඨායාසනා පක්කාමි. අථ ඛො ආයස්මා සෙලො සපරිසො එකො වූපකට්ඨො අප්පමත්තො ආතාපී පහිතත්තො විහරන්තො න චිරස්සෙව යස්සත්ථාය කුලපුත්තා සම්මදෙව අගාරස්මා අනගාරියං පබ්බජන්ති. තදනුත්තරං බ්රහ්මචරියපරියොසානං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහාසි. ඛීණා ජාති, වුසිතං බ්රහ්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්ථත්තායාති අබ්භඤ්ඤාසි. අඤ්ඤතරො ච ඛො පනායස්මා සෙලො සපරිසො අරහතං අහොසි.
Sinhala BJTඑසඳ භාග්‍යවතුන් වහන්සේ කේණිය ජටිලයාහට මේ ගාථායෙන් අනුමෙවුනි කොට හුනස්නෙන් නැඟී වැඩියෝ. ඉක්බිති ආයුෂ්මත් සේලතෙරණුවෝ පිරිස් සහිත වැ එකලා වැ ගණයා කෙරෙන් වෙන් වැ අප්‍රමත්ත වැ කෙලෙස් තවන වැර ඇති වැ නිවනට මෙහෙයූ සිත් ඇති වැ වසන්නාහු, යම් අර්‍හත්ත්‍වයක් සඳහා කුලපුත්‍රයෝ මොනොවට ගෙන් නික්ම සස්නට නොබෝ කලෙකින් මැ වදිත් ද, බ්‍රහ්මචර්‍ය්‍ය පර්‍ය්‍යවසාන කොට ඇති ඒ අනුත්තර අර්‍හත්ඵලය දුටුදැමියෙහි මැ තමන් විසින් විශිෂ්ටඥානයෙන් දැන පසක් කොට උපයාගෙන විසූහු. ජාතිය ක්‍ෂීණ විය. බඹසර වැස නිමවිණ. කරණී කරනලද මේ අර්‍හත්ත්‍වය සඳහා කළමනා අන්දැයෙක් නැති’යි වෙසෙසින් දත්හ. පර්‍ෂත් සහිත ආයුෂ්මත් සේල තෙරණුවෝ රහතුන් කෙරෙහි අන්‍යතර ද වූහ.
Pali BJTඅථ ඛො ආයස්මා සෙලො සපරිසො යෙන භගවා තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා එකංසං චීවරං කත්වා යෙන භගවා තෙනඤ්ජලිම්පණාමෙත්වා භගවන්තං ගාථාය අජ්ඣභාසි.
Sinhala BJTඉක්බිති ආයුෂ්මත් සේල තෙරණුවෝ පිරිස් සහිත වැ භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියහ. එළැඹ සිවුරු එකස් කොට ගෙන භාග්‍යවතුන් වහන්සේ වෙත ඇඳිලි බැඳ භාග්‍යවතුන් වහන්සේට ගාථායෙන් කීහ:
Pali BJTයන්තං සරණමාගම්ම ඉතො අට්ඨමී චක්ඛුමා{1}, සත්තරත්තෙන{2} භගවා දන්තම්හා{3} තව සාසනෙ.
Sinhala BJTපසැස් ඇත්තව, මෙයින් අට වැනි දින යම් ඒ සරණක් ලදුමෝ ද, භාග්‍යවතුන් වහන්ස, සත් දිනෙකින් තොප සස්නෙහි (පැවිදි වැ) දාන්ත වූම්හ.
Pali BJTතුවං බුද්ධො තුවං සත්ථා තුවං මාරාභිභූ මුනි, තුවං අනුසයෙ ඡෙත්වා තිණ්ණො තාරෙසිමං පජං.
Sinhala BJTමුනීන්‍ද්‍රයාණෙනි, තොප වහන්සේ බුද්ධයහ, තොප වහන්සේ ශාස්තෘයහ, තොප වහන්සේ මරුන් මැඩ සිටියහ. තොප වහන්සේ අනුශයන් සිඳ උත්තීර්‍ණ වූ සේක මේ ප්‍රජාව තරණය කරවන්නාව.
Pali BJTඋපධී තෙ සමතික්කන්තා ආසවා තෙ පදාලිතා, සීහොව අනුපාදානො පහීනභයභෙරවො.
Sinhala BJTතොප විසින් උපධීහු සමතික්‍රාන්තයහ. තොප විසින් ආස්‍රවයෝ බිඳුණාලදහ. සිංහයකු සෙයින් උපාදාන රහිත වැ සිට පැහු භය භෛරව ඇත්තාහ.
Pali BJTභික්ඛවො තිසතා ඉමෙ තිට්ඨන්ති පඤ්ජලීකතා, පාදෙ වීර පසාරෙහි නාගා වන්දන්තු සත්ථුනො’ති.
Sinhala BJTතුන්සියක් මේ මහණහු කළ බඳැදිලි ඇති වැ සිටුනාහ. වීරයාණෙනි, දෙපා දිගු කළ මැනැව. ශ්‍රමණ නාගයෝ ශාස්තෘන් වහන්සේට වඳිත්වා.
Pali BJTසෙලසුත්තං දුතියං.
Sinhala BJTදෙ වැනි සේල සූත්‍ර යි.
Pali BJT2. 5. 3.
Sinhala BJT2. 5. 3.
Pali BJTඅස්සලායනසුත්තං
Sinhala BJTඅස්සලායන සූත්‍රය
Pali BJTඑවං මෙ සුතං: එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන නානාවෙරජ්ජකානං බ්රාහ්මණානං පඤ්චමත්තානි බ්රාහ්මණසතානි සාවත්ථියං පටිවසන්ති කෙනචිදෙව කරණීයෙන. අථ ඛො තෙසං බ්රාහ්මණානං එතදහොසි: ‘අයං ඛො සමණො ගොතමො චාතුවණ්ණිං සුද්ධිං පඤ්ඤාපෙති{1}. කො නු ඛො පහොති සමණෙන ගොතමෙන සද්ධිං අස්මිං වචනෙ පතිමන්තෙතු’න්ති.
Sinhala BJTමා විසින් මෙසේ අසන ලද: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි අනේපිඬු සිටුහුගේ දෙව්රම් වෙහෙරෙහි වැඩ වසන සේක. එසමයෙහි (අඞ්‍ඝමගධාදි) නානාප්‍රකාර වෙන් වෙන් රජයෙන් පැමිණි බමුණුදනන් පිළිබඳ පන්සියක් පමණ බමුණෝ සැවැත්නුවර වෙසෙත්. (යඥොපාසනාදි) කිසියම් කරණී හෙයිනි. එසඳ ඒ බමුණනට තෙල සිත් වී: “මේ මහණ ගොයුම්හු චතුර්වර්‍ණ සාධාරණ ශුද්ධි විධියක් පනවති. මේ වචනයෙහි ලා මහණ ගොයුමන් හා සමග ප්‍රතිමන්ත්‍රණය පිණිස කවරෙක් සමත් වේ ද හෝ යි.
Pali BJTතෙන ඛො පන සමයෙන අස්සලායනො නාම මාණවො සාවත්ථියං පටිවසති දහරො වුත්තසිරො සොළසවස්සුද්දෙසිකො ජාතියා, තිණ්ණං වෙදානං පාරගූ සනිඝණ්ඩුකෙටුභානං සාක්ඛරප්පභෙදානං ඉතිහාසපඤ්චමානං පදකො වෙය්යාකරණො ලොකායතමහාපුරිසලක්ඛණෙසු අනවයො. අථ ඛො තෙසං බ්රාහ්මණානං එතදහොසි: ‘අයං ඛො අස්සලායනො මාණවො සාවත්ථියං පටිවසති දහරො වුත්තසිරො සොළසවස්සුද්දෙසිකො ජාතියා, තිණ්ණං වෙදානං පාරගූ සනිඝණ්ඩුකෙටුභානං සාක්ඛරප්පභෙදානං ඉතිහාසපඤ්චමානං, පදකො වෙය්යාකරණො ලොකායතමහාපුරිසලක්ඛණෙසු අනවයො. සො ඛො පහොති සමණෙන ගොතමෙන සද්ධිං අස්මිං වචනෙ පටිමන්තෙතු’න්ති.
Sinhala BJTඑසමයෙහි අස්සලායන නම් මණෙවු සැවැත්හි වෙසෙයි, දහර යැ, අපහෘතකේශ ඇතියෙ යැ, උපතින් සොළොස් හවිරිද්ද, නිඝණ්ඩු කේටුභ සහිත වූ අක්‍ෂරප්‍රභේද සහිත වූ ඉතිහාසය පස් වනු කොට වැටෙන ත්‍රිවේදයන් ගේ පාරයට ගියේ යැ, පද හදාරනු වෙයි, ව්‍යාකරණ හදාරනු වෙයි, ලෞකිකායතික මහාපුරුෂලක්‍ෂණයෙහි පරිපූරකාරී වෙයි. ඒ සඳ ඒ බමුණනට තෙල සිත් වී: “මේ අස්සලායන මාණවක සැවැත්හි වෙසෙයි, තරුණ යැ, කේසාපහරණ කළේ යැ, උපතින් සොළොස් හැවිරිදි යැ, නිඝණ්ඩු කෙටුභශාස්ත්‍ර සහිත ශික්‍ෂා සහිත ඉතිහාසය පස්වනු කොට වැටෙන ත්‍රිවේදයන්ගේ පරතෙර දුටුයේ යැ, පද හදාරනු වෙයි, ලෞකික මහා පුරුෂලක්‍ෂණයෙහි පරිපූරකාරී වෙයි. හේ වනාහි මහණ ගොයුමන් හා සමග මේ වචනයෙහි ලා ප්‍රතිමන්ත්‍රණ කරන්නට පොහෝනේ වෙයි.
Pali BJTඅථ ඛො තෙ බ්රාහ්මණා යෙන අස්සලායනො මාණවො තෙනුපඞ්කමිංසු, උපසඞ්කමිත්වා අස්සලායනං මාණවං එතදවොචුං: ‘අයං භො අස්සලායන, සමණො ගොතමො චාතුවණ්ණිං සුද්ධිං පඤ්ඤාපෙති{1}. එතු භවං අස්සලායනො සමණෙන ගොතමෙන සද්ධිං අස්මිං වචනෙ පටිමන්තෙතූ’ති. එවං වුත්තෙ අස්සලායනො මාණවො තෙ බ්රාහ්මණෙ එතදවොච: ‘සමණො ඛලු භො ගොතමො ධම්මවාදී, ධම්මවාදිනො ච පන දුප්පතිමන්තියා භවන්ති. නාහං සක්කොමි සමණෙන ගොතමෙන සද්ධිං අස්මිං වචනෙ පතිමන්තෙතු’න්ති. දුතියම්පි ඛො තෙ බ්රාහ්මණා අස්සලායනං මාණවං එතදවොචුං: ‘අයං භො අස්සලායන, සමණො ගොතමො චාතුවණ්ණිං සුද්ධිං පඤ්ඤාපෙති. එතු භවං අස්සලායනො සමණෙන ගොතමෙන සද්ධිං අස්මිං වචනෙ පතිමන්තෙතුං. චරිතං ඛො පන භොතා අස්සලායනෙන පරිබ්බාජක’න්ති. දුතියම්පි ඛො අස්සලායනො මාණවො තෙ බ්රාහ්මණෙ එතදවොච: ‘සමණො ඛලු භො ගොතමො ධම්මවාදී, ධම්මවාදිනො ච පන දුප්පතිමන්තියා භවන්ති. නාහං සක්කොමි සමණෙන ගොතමෙන සද්ධිං අස්මිං වචනෙ පතිමන්තෙතු’න්ති. තතියම්පි ඛො තෙ බ්රාහ්මණා අස්සලායනං මාණවං එතදවොචුං: ‘අයං භො අස්සලායන සමණො ගොතමො චාතුවණ්ණිං සුද්ධිං පඤ්ඤාපෙති. එතු භවං අස්සලායනො සමණෙන ගොතමෙන සද්ධිං අස්මිං වචනෙ පතිමන්තෙතුං. චරිතං ඛො පන භොතා අස්සලායනෙන පරිබ්බාජකං, මා භවං අස්සලායනො අයුද්ධපරාජිතං පරාජයී’ති.
Sinhala BJTඉක්බිති ඒ බමුණු අස්සලායන මණෙවු කරා එළඹියහ. එළැඹ අස්සලායන මණෙවුහට තෙල කීහු: “භවත් අස්සලායනයෙනි, මේ මහණ ගොයුම්හු චතුර්වර්‍ණ සාධාරණ ශුද්ධි විධියක් පනවති. එව, භවත් අස්සලායනයෝ මහණගොයුමන් හා සමග මේ වචනයෙහි ලා ප්‍රතිමන්ත්‍රණ කෙරෙත්වා”යි. මෙසේ කී කල අස්සලායන මාණවක ඒ බමුණුහට තෙල කී: “භවත්නි, ශ්‍රමණ ගෞතමයෝ ධර්‍මවාදී වෙති. ධර්‍මවාදීහු නම් දුකසේ ප්‍රතිමන්ත්‍රණ කළයුත්තාහ. මම වනාහි ශ්‍රමණ ගෞතමයන් හා සමග මේ වචනයෙහි ලා ප්‍රතිමන්ත්‍රණය කරන්නට නො හැක්කෙමි. දෙවනවට ද ඒ බමුණෝ අස්සලායන මාණවකහට තෙල කීහු: “භවත් අස්සලායනයෙනි, මේ මහණ ගොයුම්හු චතුර්වර්‍ණසාධාරණ ශුද්ධිවිධියක් පනවති. භවත් අස්සලායනයෝ මහණ ගොයුමන් හා සමග ප්‍රතිමන්ත්‍රණය කරන්නට එත්වා, භවත් අස්සලායනයන් විසින් ප්‍රව්‍රජ්‍යාවිධාන ශික්‍ෂිත වෙයි. දෙවනවට ද අස්සලාන මාණවක ඒ බමුණනට තෙල කී: “භවත්නි, ශ්‍රමණ ගෞතමයෝ ධර්‍මවාදීහ. ධර්‍මවාදීහු වනාහි දුකසේ ප්‍රතිමන්ත්‍රණ කළයුත්තාහ. මම වනාහි ශ්‍රමණ ගෞතමයන් හා මේ වචනයෙහි ලා ප්‍රතිමන්ත්‍රණය කරන්නට නො හැක්කෙමි. තුන් වන වට ද ඒ බමුණෝ අස්සලායන මාණවකහට තෙල කීහු: “භවත් අස්සලායනයෙනි, මේ මහණ ගොයුම්හු චතුර්වර්‍ණසාධාරණ ශුද්ධියක් පනවති. භවත් අස්සලායනයෝ මහණ ගොයුමන් හා සමග මේ වචනයෙහි ලා ප්‍රතිමන්ත්‍රණය කරන්නට එත්වා. භවත් අස්සලායනයන් විසින් ප්‍රව්‍රජ්‍යාවිධාන ශික්‍ෂිත වෙයි. භවත් අස්සලායනයෝ යුද නො කොට පැරදුමක් නහමක් කෙරෙත්වා.
Pali BJTඑවං වුත්තෙ අස්සලායනො මාණවො තෙ බ්රාහ්මණෙ එතදවොච: ‘අද්ධා ඛො අහං භවන්තො{1} න ලභාමි. සමණො ඛලු භො ගොතමො ධම්මවාදී, ධම්මවාදිනො ච පන දුප්පතිමන්තියා භවන්ති. නාහං සක්කොමි සමණෙන ගොතමෙන සද්ධිං අස්මිං වචනෙ පතිමන්තෙතුං. අපි චාහං භවන්තානං{2} වචනෙන ගමිස්සාමී’ති.
Sinhala BJTමෙසේ කී කල්හි අස්සලායන මාණවක ඒ බමුණනට තෙල කී: “ඒකාන්තයෙන් මම භවතුන් නො ලබමි. භවත්නි, මහණ ගොයුම්හු ධර්‍මවාදීහ, ධර්‍මවාදීහු වනාහි දුකසේ ප්‍රතිමන්ත්‍රණ කළයුත්තාහ. මම ශ්‍රමණ ගෞතමයන් හා සමග මේ වචනයෙහි ලා ප්‍රතිමන්ත්‍රණය කරන්නට නො හැක්කෙමි. වැලිදු මම භවතුන් ගේ වචනයෙන් එමි.
Pali BJTඅථ ඛො අස්සලායනො මාණවො මහතා බ්රාහ්මණගණෙන සද්ධිං යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවතා සද්ධිං සම්මොදි. සම්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො අස්සලායනො මාණවො භගවන්තං එතදවොච: ‘බ්රාහ්මණා භො ගොතම, එවමාහංසු: ‘බ්රාහ්මණාව සෙට්ඨො වණ්ණො, හීනො අඤ්ඤො වණ්ණො. බ්රාහ්මණොව සුක්කො වණ්ණො, කණ්හො අඤ්ඤො වණ්ණො. බ්රාහ්මණාව සුජ්ඣන්ති නො අබ්රාහ්මණා, බ්රාහ්මණාව බ්රහ්මුනො පුත්තා ඔරසා මුඛතො ජාතා බ්රහ්මජා බ්රහ්මනිම්මිතා බ්රහ්මදායාදා’ති. ඉධ භවං ගොතමො කිමාහා’ති?
Sinhala BJTඉක්බිති අස්සලායන මාණවක මහත් බ්‍රාහ්මණ ගණයා හා සමග භාග්‍යවතුන් කරා එළැඹියේ යැ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු වී. සතුටු වියයුතු කලක් සිහි කළයුතු කථාව කොට නිමවා එකත්පස් වැ හින. එකත්පස් වැ හුන් අස්සලායන මාණවක භාග්‍යවතුන් වහන්සේට තෙල කී: “භවත් ගොයුම් ගොතුව බ්‍රාහ්මණයෝ මෙසේ කියත්: බ්‍රාහ්මණයෝ මැ ශ්‍රේෂ්ඨවර්‍ණ යි. අන්‍යවර්‍ණ හීන යි. බ්‍රාහ්මණයෝ මැ ශුක්ලවර්‍ණ යි. අන්‍යවර්‍ණ කෘෂ්ණ යි. බ්‍රාහ්මණයෝ මැ පිරිසුදු වෙත් තදන්‍යයෝ පිරිසුදු නො වෙත්. බ්‍රාහ්මණයෝ මැ බ්‍රහ්මයාගේ පුත්හ, ඖරසයහ, මුඛයෙන් ජාතයහ, එයින් මැ බ්‍රහ්මජයහ, බ්‍රහ්මනිර්මිතයහ, බ්‍රහ්මදායාදයහ”යි. භවත් ගෞතමයන් වහන්සේ මෙහි ලා කුමක් වදාරනසේක් ද?
Pali BJTදිස්සන්තෙ{3} ඛො පන අස්සලායන, බ්රාහ්මණානං බ්රාහ්මණියො උතුනියොපි ගබ්භිනියොපි විජායමානාපි පායමානාපි. තෙ ච බ්රාහ්මණා යොනිජාව සමානා, එවමාහංසු: ‘බ්රාහ්මණාව සෙට්ඨො වණ්ණො, හීනො අඤ්ඤො වණ්ණො. බ්රාහ්මණාව සුක්කො වණ්ණො, කණ්හො අඤ්ඤො වණ්ණො. බ්රාහ්මණාව සුජ්ඣන්ති නො අබ්රාහ්මණා, බ්රාහ්මණාව බ්රහ්මුනො පුත්තා ඔරසා මුඛතො ජාතා බ්රහ්මජා බ්රහ්මනිම්මිතා බ්රහ්මදායාදා’ති.
Sinhala BJTඅස්සලායනයෙනි, බමුණන්ගේ බැමිණියෝ ඍතුනී වූවාහු ද ගැබිනි වූවාහු ද වදන්නාහු ද කිරිපොවන්නාහු ද පැනෙත්, එ බමුණෝ ද යෝනියෙන් උපන්නාහු මැ මෙසේ කීහු: “බ්‍රාහ්මණයෝ මැ ශ්‍රේෂ්ඨවර්‍ණ යි, අන්‍යවර්‍ණ හීන යි. බ්‍රාහ්මණයෝ මැ ශුක්ලවර්‍ණ යි, අන්‍යවර්‍ණ කෘෂ්ණ යි. බ්‍රාහ්මණයෝ මැ පිරිසිදු වෙත්. තදන්‍යයෝ පිරිසිදු නො වෙත්. බ්‍රාහ්මණයෝ මැ බ්‍රහ්මයාගේ පුත්හ, ඖරසයහ, මුඛයෙන් ජාතයහ, එයින් මැ බ්‍රහ්මජයහ, බ්‍රහ්මනිර්මිතයහ, බ්‍රහ්මදායාදයහ”යි.
Pali BJTකිඤ්චාපි භවං ගොතමො එවමාහ. අථ ඛො බ්රාහ්මණා එවමෙතං මඤ්ඤන්ති. ‘බ්රාහ්මණොව සෙට්ඨො වණ්ණො හීනො අඤ්ඤො වණ්ණො -පෙ- බ්රහ්මදායාදා’ති.
Sinhala BJTභවත් ගෞතමයන් වහන්සේ මෙසේ වදාරතුදු බ්‍රාහ්මණ යෝ වැළිත් තෙල කරුණ මෙසේ හඟිති: “බ්‍රාහ්මණයෝ මැ ශ්‍රේෂ්ඨවර්‍ණ යැ, අන්‍යවර්‍ණ හීන යි. .... බ්‍රහ්ම දායාදයහ”යි.
Pali BJTතං කිං මඤ්ඤසි අස්සලායන, සුතං තෙ: ‘යොනකම්බොජෙසු{4} අඤ්ඤෙසු ච පච්චන්තිමෙසු ජනපදෙසු ද්වෙව වණ්ණා, අය්යො චෙව දාසො ච. අය්යො හුත්වා දාසො හොති, දාසො හුත්වා අය්යො හොතී’ති.
Sinhala BJTඅස්සලායනයෙනි, ඒ කිමැ’යි හඟිහි? “යෝනකාම්බෝජ දනව්හි දු අන් පසල්දනව්හි දු වර්‍ණ (කුල) දෙකෙක් මැ යැ: ස්වාමි ද දාස ද යන දෙක යි. ස්වාමි වැ දාස වෙයි, දාස වැ ස්වාමි වේ” යයි තොප විසින් අසනලද ද?
Pali BJTඑවං භො සුතං තං මෙ යොනකම්බොජෙසු අඤ්ඤෙසු ච පච්චන්තිමෙසු ජනපදෙසු ද්වෙව වණ්ණා අය්යො චෙව දාසො ච. අය්යො හුත්වා දාසො හොති, දාසො හුත්වා අය්යො හොතී’ති. එත්ථ අස්සලායන බ්රාහ්මණානං කිං බලං කො අස්සාසො, යදෙත්ථ බ්රාහ්මණා එවමාහංසු: ‘බ්රාහ්මණාව සෙට්ඨො වණ්ණො, හීනො අඤ්ඤො වණ්ණො, -පෙ- බ්රහ්මදායාදා’ති.
Sinhala BJTභවත්නි, මා විසින් මෙසේ අසන ලද: “යෝනකාම්බෝජ දනව්හි දු අන් පසල්දනව්හි දු ස්වාමි යැ දාස යැ යි වර්‍ණ දෙකෙක් මැ යැ. ස්වාමි වැ සිට දාස වෙයි, දාස වැ සිට ස්වාමි වේ”යයි. අස්සලායනයෙනි, යම් හෙයකින් මෙහි ලා බ්‍රාහ්මණයෝ මෙසේ කියත් ද: “බ්‍රාහ්මණයෝ මැ ශ්‍රේෂ්ඨවර්‍ණ යැ, අන්‍යවර්‍ණ හීනවර්‍ණ යි … බ්‍රහ්මදායාදයහ”යි, මෙ කරුණෙහි ලා බමුණනට කවර බලයෙක් ද? කවර ආස්වාසයෙක් ද?
Pali BJTකිඤ්චාපි භවං ගොතමො එවමාහ. අථ ඛො එත්ථ බ්රාහ්මණා එවමෙතං මඤ්ඤන්ති: ‘බ්රාහ්මණාව සෙට්ඨො වණ්ණො හීනො අඤ්ඤො වණ්ණො, -පෙ- බ්රහ්මදායාදා’ති.
Sinhala BJTභවත් ගෞතමයෝ මෙසේ වදාරතූදු බ්‍රාහ්මණයෝ වැළිත් තෙල කරුණ මෙසේ හඟිති: “බ්‍රාහ්මණයෝ මැ ශ්‍රේෂ්ඨවර්‍ණ යැ, අන්‍යවර්‍ණ හීන යි ... බ්‍රහ්මදායාදයහ”යි.
Pali BJTතං කිං මඤ්ඤසි අස්සලායන, ඛත්තියොව නු ඛො පාණාතිපාතී අදින්නාදායී කාමෙසු මිච්ඡාචාරී මුසාවාදී පිසුනාවාචො ඵරුසාවාචො සම්ඵප්පලාපී අභිජ්ඣාලු බ්යාපන්නචිත්තො මිච්ඡාදිට්ඨි කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජෙය්ය, නො බ්රාහ්මණො. වෙස්සොව නු ඛො -පෙ- සුද්දොව නු ඛො පාණාතිපාතී අදින්නාදායී කාමෙසු මිච්ඡාචාරී මුසාවාදී පිසුනාවාචො ඵරුසාවාචො සම්ඵප්පලාපී අභිජ්ඣාලු බ්යාපන්නචිත්තො මිච්ඡාදිට්ඨි, කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජෙය්ය, නො බ්රාහ්මණො’ති.
Sinhala BJTඅස්සලායනයෙනි, ඒ කිමැ’යි හඟිහි? ප්‍රාණවධ කරන, නුදුන් දැය ගන්නා, කාමයෙහි මිසහසර ඇති, මුසා බණන පිසුණුබස් ඇති පරොස්බස් ඇති සිස්බස් බණන, අභිධ්‍යා බහුල, ව්‍යාපන්න සිත් ඇති, මිසදිටු ඇති ක්‍ෂත්‍රිය මැ කාබුන් මරණින් මතු සැපයෙන් පහ වූ දුකට ගති වූ විවස වැ පතිත වන නිරයෙහි උපදනේ ද? බ්‍රාහ්මණ නූපදනේ ද? වෛශ්‍ය මැ ... ප්‍රාණවධ කරන, අයිනාදන් කරන, කාමයෙහි මිසහසර ඇති, මුසා බණන, පිසුණුබස් ඇති, පරොස්බස් ඇති, සිස්බස් තෙපලන, අභිධ්‍යා බහුල, ව්‍යාපන්න සිත් ඇති, මිසදුටු ඇති ශුද්‍ර මැ කාබුන් මරණින් මතු සැපයෙන් පහවූ දුකට ගති වූ විවස වැ පතිත වන නිරෑහි උපදනේ ද? බමුණු නූපදනේ දැ?යි.
Pali BJTනො හිදං භො ගොතම, ඛත්තියොපි හි භො ගොතම, පාණාතිපාතී අදින්නාදායී කාමෙසු මිච්ඡාචාරී මුසාවාදී පිසුනාවාචො ඵරුසාවාචො සම්ඵප්පලාපී අභිජ්ඣාලු බ්යාපන්නචිත්තො මිච්ඡාදිට්ඨි, කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජෙය්ය. බ්රාහ්මණොපි හි භො ගොතම -පෙ- වෙස්සොපි හි භො ගොතම -පෙ- සුද්දොපි හි භො ගොතම -පෙ- සබ්බෙපි හි භො ගොතම, චත්තාරො වණ්ණා පාණාතිපාතී{1} අදින්නාදායී කාමෙසු මිච්ඡාචාරී මුසාවාදී පිසුනාවාචා ඵරුසාවාචා සම්ඵප්පලාපී අභිජ්ඣාලූ බ්යාපන්නචිත්තා මිච්ඡාදිට්ඨී කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජෙය්යු’න්ති.
Sinhala BJTභවත් ගොයුමාණෙනි, මෙ කරුණ නො වේ මැ යි. භවත් ගෞතමයන් වහන්ස, ප්‍රාණවධ කරන අයිනාදන් කරන කාමයෙහි මිසහසර ඇති මුසා බණන පිසුණු බස් ඇති පරොස්බස් ඇති සිස්බස් තෙපලන අභිධ්‍යා බහුල ව්‍යාපන්න සිත් ඇති මිසදුටු ඇති ක්‍ෂත්‍රිය තෙමේත් කාබුන් මරණින් මතු සැපයෙන් පහවූ දුකට ගති ඇති, විවස වැ පතිත වන නිරෑ වදනේ යැ. භවත් ගොයුම්ගොතුව, බ්‍රාහ්මණ තෙමේත් ... භවත් ගෞතමයන් වහන්ස, වෛශ්‍ය තෙමේත් … භවත් ගෞතමයන් වහන්ස, ශුද්‍ර තෙමේත් … භවත් ගොයුමාණන් වහන්ස, ප්‍රාණවධ කරන අයිනාදන් කරන කාමයෙහි මිසහසර ඇති මුසා බණන පිසුණුබස් ඇති පරොස්බස් ඇති සිස්බස් තෙපලන අභිධ්‍යා බහුල ව්‍යාපන්න සිත් ඇති මිසදුටුගත් හැම සතර වර්‍ණයෝ මැ කාබුන් මරණින් මතු සැපයෙන් පහවූ දුකට ගති වූ විවස වැ පතිත වන නිරයට වදනාහ”යි.
Pali BJTඑත්ථ අස්සලායන, බ්රාහ්මණානං කිං බලං කො අස්සාසො, යදෙත්ථ බ්රාහ්මණා එවමාහංසු: ‘බ්රාහ්මණොව සෙට්ඨො වණ්ණො, -පෙ- බ්රහ්මදායාදා’ති.
Sinhala BJTඅස්සලායනයෙනි, යම් හෙයෙකින් මෙ කරුණෙහි ලා “බ්‍රාහ්මණයෝ මැ ශ්‍රේෂ්ඨවර්‍ණ යැ ... බ්‍රහ්මදායාදයහ”යි බමුණෝ මෙසේ කීහු නම් මෙහි ලා බ්‍රාහ්මණයන්ට කවර බලයෙක් ද, කවර ආස්වාසයෙක් ද?
Pali BJTකිඤ්චාපි භවං ගොතමො එවමාහ, අථ ඛො එත්ථ බ්රාහ්මණා එවමෙතං මඤ්ඤන්ති: බ්රාහ්මණාව සෙට්ඨො වණ්ණො, හීනො අඤ්ඤො වණ්ණො -පෙ- බ්රහ්මදායාදා’ති.
Sinhala BJTභවත් ගෞතමයන් වහන්සේ මෙසේ කියතුදු මෙහි ලා ‘බ්‍රාහ්මණයෝ මැ ශ්‍රේෂ්ඨවර්‍ණ යැ අන්‍යවර්‍ණයෝ හීන යි ... බ්‍රහ්මදායාදයහ’යි බ්‍රාහ්මණයෝ හඟිති.
Pali BJTතං කිං මඤ්ඤසි අස්සලායන, බ්රාහ්මණොව නු ඛො පාණාතිපාතා පටිවිරතො අදින්නාදානා පටිවිරතො කාමෙසු මිච්ඡාචාරා පටිවිරතො මුසාවාදා පටිවිරතො පිසුනාවාචා පටිවිරතො ඵරුසාවාචා පටිවිරතො සම්ඵප්පලාපා පටිවිරතො අනභිජ්ඣාලු අබ්යාපන්නචිත්තො සම්මාදිට්ඨි කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජෙය්ය. නො ඛත්තියො, නො වෙස්සො, නො සුද්දො’ති.
Sinhala BJTඅස්සලායනයෙනි, ඒ කිමැ’යි හඟිහි? ප්‍රාණවධයෙන් වෙන් වූ අයිනාදනින් වෙන් වූ කාමයෙහි මිසහසරින් වෙන් වූ මුසවායෙන් වෙන් වූ පිසුණුබසින් වෙන් වූ පරොස්බසින් වෙන් වූ හිස්බසින් වෙන් වූ අභිධ්‍යා බහුල නො වූ ව්‍යාපන්න සිත් නැති සම්දිටු ඇති බ්‍රාහ්මණ තෙමේ මැ කාබුන් මරණින් මතු සුන්‍දරගති ඇති ස්වර්‍ගලෝකයෙහි උපදනේ ද? ක්‍ෂත්‍රිය නූපදනේ ද, වෛශ්‍ය නූපදනේ ද, ශුද්‍ර නූපදනේ දැ?යි.
Pali BJTනො හිදං භො ගොතම, ඛත්තියොපි හි භො ගොතම, පාණාතිපාතා පටිවිරතො අදින්නාදානා පටිවිරතො කාමෙසු මිච්ඡාචාරා පටිවිරතො මුසාවාදා පටිවිරතො පිසුනාවාචා පටිවිරතො ඵරුසාවාචා පටිවිරතො සම්ඵප්පලාපා පටිවිරතො අනභිජ්ඣාලු අබ්යාපන්නචිත්තො සම්මාදිට්ඨි කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජෙය්ය. බ්රාහ්මණොපි හි භො ගොතම -පෙ- වෙස්සොපි හි භො ගොතම -පෙ- සුද්දොපි හි භො ගොතම -පෙ- සබ්බෙපි හි භො ගොතම, චත්තාරො වණ්ණා පාණාතිපාතා පටිවිරතා අදින්නාදානා පටිවිරතා කාමෙසු මිච්ඡාචාරා පටිවිරතා මුසාවාදා පටිවිරතා පිසුනාවාචා පටිවිරතා ඵරුසාවාචා පටිවිරතා සම්ඵප්පලාපා පටිවිරතා අනභිජ්ඣාලූ අබ්යාපන්නචිත්තා සම්මාදිට්ඨි, කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජෙය්යු’න්ති.
Sinhala BJTභවත් ගොයුම්ගොතුව, මේ නො වේ මැ යි. ප්‍රාණවධයෙන් වෙන් වූ අයිනාදනින් වෙන් වූ කාමයෙහි මිසහසරින් වෙන් වූ මුසවායෙන් වෙන් වූ පිසුණුබසින් වෙන් වූ පරොස්බසින් වෙන් වූ සිස්බසින් වෙන් වූ අභිධ්‍යා බහුල නො වූ ව්‍යාපන්න සිත් නැති සම්දිටු ඇති ක්‍ෂත්‍රිය තෙමේත් කාබුන් මරණින් මතු සුන්‍දර ගති ඇති ස්වර්‍ගලෝකයෙහි උපදනේ යැ. භවත් ගොයුම්ගොතුව, බ්‍රාහ්මණ තෙමේත් ... භවත් ගෞතමයෙනි, වෛශ්‍ය තෙමේත් ... භවත් ගොයුමාණෙනි, ශුද්‍ර තෙමේත් ... භවත් ගෞතමයන් වහන්ස, පණිවායෙන් වෙන් වූ අයිනාදනින් වෙන් වූ කාමයෙහි මිසහසරින් වෙන් වූ මුසවායෙන් වෙන් වූ පිසුණුබසින් වෙන් වූ පරොස්බසින් වෙන් වූ සිස්බසින් වෙන් වූ අභිධ්‍යා බහුල නො වූ ව්‍යාපන්න සිත් නැති සම්දිටු ඇති හැම සතර වර්‍ණයෝ මැ කාබුන් මරණින් මතු සුන්‍දරගති ඇති ස්වර්‍ගලෝකයෙහි උපදනාහ”යි.
Pali BJTඑත්ථ අස්සලායන, බ්රාහ්මණානං කිං බලං කො අස්සාසො, යදෙත්ථ බ්රාහ්මණා එවමාහංසු: ‘බ්රාහ්මණාව සෙට්ඨො වණ්ණො, හීනො අඤ්ඤො වණ්ණො -පෙ- බ්රහ්මදායාදා’ති.
Sinhala BJTඅස්සලායනයෙනි, යම් හෙයෙකින් මෙ කරුණෙහි ලා “බ්‍රාහ්මණයෝ මැ ශ්‍රේෂ්ඨවර්‍ණ යැ අන්‍යවර්‍ණය හීනවර්‍ණ යි ... බ්‍රහ්මදායාදයහ”යි බ්‍රාහ්මණයෝ මෙසේ කීහු නම් මෙහි ලා බමුණනට කවර බලයෙක් ද? කවර ආස්වාසයෙක් ද?
Pali BJTකිඤ්චාපි භවං ගොතමො එවමාහ, අථ ඛො එත්ථ බ්රාහ්මණා එවමෙවං මඤ්ඤන්ති: බ්රාහ්මණාව සෙට්ඨො වණ්ණො හීනො අඤ්ඤො වණ්ණො -පෙ- බ්රහ්මදායාදා’ති.
Sinhala BJTභවත් ගෞතමයන් වහන්සේ මෙසේ කියතුදු මෙහි ලා ‘බ්‍රාහ්මණයෝ මැ ශ්‍රේෂ්ඨවර්‍ණ යැ තදන්‍යවර්‍ණය හීන යි ... බ්‍රහ්මදායාදයහ’යි බ්‍රාහ්මණයෝ මේ මෙසේ හඟිති’යි.
Pali BJTතං කිං මඤ්ඤසි අස්සලායන, බ්රාහ්මණොව නු ඛො පහොති අස්මිං පදෙසෙ අවෙරං අබ්යාපජ්ඣං මෙත්තං චිත්තං භාවෙතුං නො ඛත්තියො නො වෙස්සො නො සුද්දො’ති.
Sinhala BJTඅස්සලායනයෙනි, ඒ කිමැ’යි හඟිහි? මෙ පෙදෙසැ අවෛර වූ නිදුක් වූ මෙත්සිත වඩන්නට බ්‍රාහ්මණ මැ පොහෝනේ ද? ක්‍ෂත්‍රිය නො පොහෝනේ ද, වෛශ්‍ය නො පොහෝනේ ද, ශුද්‍ර නො පොහෝනේ දැ? යි.
Pali BJTනො හිදං භො ගොතම, ඛත්තියොපි හි භො ගොතම, පහොති අස්මිං පදෙසෙ අවෙරං අබ්යාබජ්ඣං මෙත්තං චිත්තං භාවෙතුං, බ්රාහ්මණොපි හි භො ගොතම -පෙ- වෙස්සොපි හි භො ගොතම -පෙ- සුද්දොපි හි භො ගොතම -පෙ- සබ්බෙපි හි භො ගොතම, චත්තාරො වණ්ණා පහොන්ති අස්මිං පදෙසෙ අවෙරං අබ්යාපජ්ඣං මෙත්තං චිත්තං භාවෙතු’න්ති.
Sinhala BJTභවත් ගොයුම්ගොතුව, මේ කරුණ නො වේ මැ යි. භවත් ගෞතමයන් වහන්ස, මෙ පෙදෙස්හි අවෛර වූ නිදුක් වූ මෙත්සිත වඩන්නට ක්‍ෂත්‍රිය ද පොහෝනේ යැ. භවත් ගොයුම්ගොතුව, බ්‍රාහ්මණ ද .... භවත් ගොයුමාණෙනි, වෛශ්‍ය ද ... භවත් ගෞතමයන් වහන්ස, ශුද්‍ර ද ... භවත් ගොයුමාණන් වහන්ස, මෙ පෙදෙස්හි අවෛර වූ නිදුක් වූ මෙත්සිත වඩන්නට හැම සතර වර්‍ණයෝ මැ පොහෝනාහ’ යි.
Pali BJTඑත්ථ අස්සලායන, බ්රාහ්මණානං කිං බලං කො අස්සාසො, යදෙත්ථ බ්රාහ්මණා එවමාහංසු: ‘බ්රාහ්මණාව සෙට්ඨො වණ්ණො, හීනො අඤ්ඤො වණ්ණො -පෙ- බ්රහ්මදායාදා’ති.
Sinhala BJTඅස්සලායනයෙනි, යම් හෙයෙකින් ‘බ්‍රාහ්මණයෝ මැ ශ්‍රේෂ්ඨවර්‍ණ යැ තදන්‍යවර්‍ණය හීන යි ... බ්‍රහ්මදායාදයහ’යි බ්‍රාහ්මණයෝ මෙසේ කීහු නම් මෙහි ලා බ්‍රාහ්මණයන්ට කවර බලයෙක් ද? කවර ආස්වාසයෙක් ද?
Pali BJTකිඤ්චාපි භවං ගොතමො එවමාහ. අථ ඛො එත්ථ බ්රාහ්මණා එවමෙතං මඤ්ඤන්ති: ‘බ්රාහ්මණාව සෙට්ඨො වණ්ණො, හීනො අඤ්ඤො වණ්ණො, -පෙ- බ්රහ්මදායාදා’ති.
Sinhala BJTභවත් ගෞතමයන් වහන්සේ මෙසේ කියතුදු මෙහි ලා ‘බ්‍රාහ්මණයෝ මැ ශ්‍රේෂ්ඨවර්‍ණ යැ තදන්‍යවර්‍ණය හීන යි ... බ්‍රහ්මදායාදයහ’යි මේ මෙසේ මැ බ්‍රාහ්මණයෝ හඟිති’යි.
Pali BJTතං කිං මඤ්ඤසි අස්සලායන, බ්රාහ්මණොව නු ඛො පහොති සොත්තිං සිනානිං{1} ආදාය නදිං ගන්ත්වා රජොජල්ලං පවාහෙතුං, නො ඛත්තියො, නො වෙස්සො, නො සුද්දො’ති.
Sinhala BJTඅස්සලායනයෙනි, ඒ කිමැ’යි හඟිහි? බ්‍රාහ්මණ මැ නහන කුරුඳුවැල ගෙන නදියට ගොස් රජස්දැලි සෝධාලන්නට පොහෝනේ ද? ක්‍ෂත්‍රිය නො පොහෝනේ ද? වෛශ්‍ය නො පොහෝනේ ද? ශුද්‍ර නො පොහෝනේ දැ? යි.
Pali BJTනො හිදං භො ගොතම, ඛත්තියොපි හි භො ගොතම, පහොති සොත්තිං සිනානිං{1} ආදාය නදිං ගන්ත්වා රජොජල්ලං පවාහෙතුං, බ්රාහ්මණොපි හි භො ගොතම, -පෙ- වෙස්සොපි හි භො ගොතම -පෙ- සුද්දොපි හි භො ගොතම, -පෙ- සබ්බෙපි හි භො ගොතම, චත්තාරො වණ්ණා පහොන්ති සොත්තිං සිනානිං ආදාය නදිං ගන්ත්වා රජොජල්ලං පවාහෙතුන්ති. එත්ථ අස්සලායන බ්රාහ්මණානං කිං බලං කො අස්සාසො, යදෙත්ථ බ්රාහ්මණා එවමාහංසු: බ්රාහ්මණාව සෙට්ඨො වණ්ණො, හීනො අඤ්ඤො වණ්ණො -පෙ- බ්රහ්මදායාදාති.
Sinhala BJTභවත් ගොයුම්ගොතුව, මේ නො වේ මැ යි. භවත් ගෞතමයන් වහන්ස, ක්‍ෂත්‍රිය ද නහන කුරුඳුවැල ගෙන නදියට ගොස් රජස්දැලි සෝධා හරනට පොහෝනේ යැ, භවත් ගොයුමාණෙනි, බ්‍රාහ්මණ ද ... භවත් ගොයුමාණන් වහන්ස, වෛශ්‍ය ද ... භවත් ගෞතමයන් වහන්ස, ශුද්‍ර ද ... භවත් ගෞතමයන් වහන්ස, හැම සතර වර්‍ණයෝ මැ නහන කුරුඳුවැල ගෙන නදියට ගොස් රජස්දැලි සෝධා හරනට පොහෝනාහ’යි. අස්සලායනය, මෙ තන්හි දී බමුණෝ: “බ්‍රාහ්මණයෝ මැ ශ්‍රේෂ්ඨවර්‍ණ යැ අන්‍යවර්‍ණය හීන යි ... බ්‍රහ්මදායාදය’යි යමක් කියත් ද, මෙහි ලා ඒ බමුණනට කවර බලයෙක් වේ ද? කවර ආස්වාසයෙක් වේ ද?
Pali BJTකිඤ්චාපි භවං ගොතමො එවමාහ, අථ ඛො එත්ථ බ්රාහ්මණා එවමෙතං මඤ්ඤන්ති: බ්රාහ්මණාව සෙට්ඨො වණ්ණො, හීනො අඤ්ඤො වණ්ණො, -පෙ- බ්රහ්මදායාදාති.
Sinhala BJTභවත් ගෞතමයන් වහන්සේ මෙසේ කියතුදු වැළිත් මෙ තන්හි දී බමුණෝ තෙල කරුණ මෙසේ සිතත්: “බ්‍රාහ්මණයෝ මැ ශ්‍රේෂ්ඨවර්‍ණ යැ, අන්‍යවර්‍ණ හීන යි ... බ්‍රහ්මදායාදය කියා යි.
Pali BJTතං කිං මඤ්ඤසි අස්සලායන, ඉධ රාජා ඛත්තියො මුද්ධාවසිත්තො නානාජච්චානං පුරිසානං පුරිසසතං සන්නිපාතෙය්ය: ආයන්තු භොන්තො, යෙ තත්ථ ඛත්තියකුලා බ්රාහ්මණකුලා රාජඤ්ඤකුලා උප්පන්නා සාලස්ස වා සලළස්ස වා{2} චන්දනස්ස වා පදුමස්ස{3} වා උත්තරාරණිං ආදාය අග්ගිං අභිනිබ්බත්තෙන්තු, තෙජො පාතුකරොන්තු. ආයන්තු පුන භොන්තො, යෙ තත්ථ චණ්ඩාලකුලා නෙසාදකුලා වෙණකුලා{4} රථකාරකුලා පුක්කුසකුලා උප්පන්නා සාපානදොණියා වා සූකරදොණියා වා රජකදොණියා වා එළණ්ඩකට්ඨස්ස වා උත්තරාරණිං ආදාය අග්ගිං අභිනිබ්බත්තෙන්තු, තෙජො පාතුකරොන්තූ’ති.
Sinhala BJTඅස්සලායනයෙනි, ඒ කෙසේ හඟිහි? මෙලොවැ මුදුන්හි බිසෙස් කළ කැත්රජෙක් නන්කුල උපන් පුරුෂයන් අතුරින් පුරුෂයන් සියක් රැස් කරව’යි: ‘භවත්නි, එව, එහි කැත්කුලින් හෝ බමුණුකුලින් හෝ රජකුලින් හෝ ක්‍ෂත්‍රියකුලින් හෝ උපන් යම් කෙනෙක් ඇද්ද, ඔහු සාලමය වූ හෝ සලලමය වූ හෝ චන්‍දනමය වූ හෝ ගිනිගානා උතුරුරිණි ගෙන් ගිනි දල්වත්වා, තෙද පහළ කෙරෙත්වා. භවත්නි, දෙවනුව එව. එහි චණ්ඩාලකුලයෙන් හෝ නේසාද කුලයෙන් හෝ වේණකුලයෙන් හෝ රථකාරකුලයෙන් හෝ පුක්කුසකුලයෙන් හෝ උපන් යම් කෙනෙක් ඇද්ද, කුකුරුවන් පැන් බොන දෙණියෙහි දැවයෙන් කළ හෝ හූරන් බුදුනා දෙණියෙහි දැවයෙන් කළ හෝ රජකයන් අයත් දෙණියෙහි දැවයෙන් කළ හෝ එරණ්ඩකාෂ්ටයෙන් කළ හෝ උත්තරාරණියක් ගෙන ගිනි දල්වත්වා තෙද පහළ කෙරෙත්වා’යි.
Pali BJTතං කිං මඤ්ඤසි අස්සලායන යො එවං නු ඛො සො ඛත්තියකුලා බ්රාහ්මණකුලා රාජඤ්ඤකුලා උප්පන්නෙහි සාලස්ස වා සලළස්ස වා චන්දනස්ස වා පදුමස්ස වා උත්තරාරණිං ආදාය අග්ගි අභිනිබ්බත්තො තෙජො පාතුකතො, සො එවනුඛ්වාස්ස අග්ගි අච්චිමා ව වණ්ණවා ච පභස්සරො ච. තෙන ච සක්කා අග්ගිනා අග්ගිකරණීයං කාතුං. යො පන සො චණ්ඩාලකුලා නෙසාදකුලා වෙණකුලා රථකාරකුලා පුක්කුසකුලා උප්පන්නෙහි සාපානදොණියා වා සූකරදොණියා වා රජකදොණියා වා එළණ්ඩකට්ඨස්ස වා උත්තරාරණිං ආදාය අග්ගි අභිනිබ්බත්තො තෙජො පාතුකතො, ස්වාස්ස අග්ගි න චෙව අච්චිමා, න ච වණ්ණවා, න ච පභස්සරො, න ච තෙන සක්කා අග්ගිනා අග්ගිකරණීයං කාතු’න්ති.
Sinhala BJTඅස්සලායනයෙනි, ඒ කෙසේ හඟිහි? ක්‍ෂත්‍රියකුලයෙන් හෝ බ්‍රාහ්මණකුලයෙන් හෝ රාජන්‍යකුලයෙන් හෝ උපනුන් විසින් සාලමය වූ හෝ සලලමය වූ හෝ චන්‍දනමය වූ හෝ පදුමමය වූ හෝ උත්තරාරණියක් ගෙන මෙසේ ගිනි දැල්වූ තෙද පහළ කළ යම් ඒ ගින්නෙක් ඇද්ද, මෙසේ ඒ ගින්න සිළු ඇතියේ වර්‍ණ ඇතියේ ප්‍රභාස්වර වූයේත් වේ ද, ඒ ගින්නෙනුදු ගින්නෙන් කළයුතු කරණී කරන්නට හැකි වේ ද, චණ්ඩාලකුලයෙන් හෝ නේසාදකුලයෙන් හෝ වේණකුලයෙන් හෝ රථකාරකුලයෙන් හෝ පුක්කුසකුලයෙන් හෝ උපනුන් විසින් කුකුරුවන් පැන් බොන දෙණියට අයත් දැවයෙන් කළ හෝ හූරන් බුදුනා දෙණියට අයත් දැවයෙන් කළ හෝ රජකයන් සතු දෙණියට අයත් දැවයෙන් කළ හෝ එරණ්ඩකාෂ්ටමය දැවයෙන් කළ හෝ උත්තරාරණියක් ගෙන ගිනි දැල්වූ තෙද පහළ කළ යම් ගින්නෙක් ඇද්ද, ඒ ගින්න ද සිළු ඇතියේ නො ද වේ ද? වර්‍ණ ඇතියේ නො ද වේ ද? ප්‍රභාස්වර නො ද වේ ද? ඒ ගින්නෙන්, ගින්නෙන් කළයුතු කරණී කරන්නට නො හැකි වේ දැ? යි.
Pali BJTනො හිදං භො ගොතම, යො සො භො ගොතම, ඛත්තියකුලා බ්රාහ්මණකුලා රාජඤ්ඤකුලා උප්පන්නෙහි සාලස්ස වා සලළස්ස වා චන්දනස්ස වා පදුමස්ස වා උත්තරාරණිං ආදාය අග්ගි අභිනිබ්බත්තො තෙජො පාතුකතො. ස්වාස්ස අග්ගි අච්චිමා ච වණ්ණවා ච පභස්සරො ච, තෙන ච සක්කා අග්ගිනා අග්ගිකරණීයං කාතුං. යොපි සො චණ්ඩාලකුලා නෙසාදකුලා වෙණකුලා රථකාරකුලා පුක්කුසකුලා උප්පන්නෙහි සාපානදොණියා වා සූකරදොණියා වා රජකදොණියා වා එළණ්ඩකට්ඨස්ස වා උත්තරාරණිං ආදාය අග්ගි අභිනිබ්බත්තො තෙජො පාතුකතො, සො වස්ස අග්ගි අච්චිමා ච වණ්ණවා ච පභස්සරො ච. තෙන ච සක්කා අග්ගිනා අග්ගිකරණීයං කාතුං සබ්බොපි හි භො ගොතම, අග්ගි අච්චිමා ච වණ්ණවා ච පභස්සරො ච, සබ්බෙනපි ච සක්කා අග්ගිනා අග්ගිකරණීයං කාතු’න්ති.
Sinhala BJTභවත් ගෞතමයන් වහන්ස, මේ වෙනස නො වේ මැ යි, භවත් ගෞතමයන් වහන්ස, ක්‍ෂත්‍රි යකුලයෙන් හෝ බ්‍රාහ්මණකුලයෙන් හෝ රාජන්‍යකුලයෙන් හෝ උපනුන් විසින් සාලමය වූ හෝ සලලමය වූ හෝ චන්‍දනමය වූ හෝ පදුමමය වූ හෝ උත්තරාරණියක් ගෙන දැල්වූ පහළ කළ යම් ඒ ගින්නෙක් ඇද්ද, ඒ ගින්න සිළු ඇතියේ ද වර්‍ණ ඇතියේ ද ප්‍රභාස්වර වූයේ ද වෙයි. ඒ ගින්නෙනුදු ගින්නෙන් කළයුතු කරණී කරන්නට හැකි වෙයි, චණ්ඩාලකුලයෙන් හෝ නේසාද කුලයෙන් හෝ වේණකුලයෙන් හෝ රථකාරකුලයෙන් හෝ පුක්කුසකුලයෙන් හෝ උපනුන් විසින් කුකුරුවන් පැන් බොන දෙණියට අයත් දැවයෙන් කළ හෝ හූරන් බුදුනා දෙණියට අයත් දැවයෙන් කළ හෝ රජකයන් සතු දෙණියට අයත් දැවයෙන් කළ හෝ එරණ්ඩකාෂ්ටමයෙන් දැවයෙන් කළ හෝ උත්තරාරණියක් ගෙන දැල්වූ පහළ කළ යම් ඒ ගින්නෙක් ඇද්ද, ඒ ගින්න ද සිළු ඇතියේත් වර්‍ණ ඇතියේත් ප්‍රභාස්වර වූයේත් වෙයි. ඒ ගින්නෙනුදු ගින්නෙන් කළයුතු කරණී කරන්නට හැකි වෙයි. භවත් ගෞතමයන් වහන්ස, හැම ගින්න මැ සිළු අතියේත් වර්‍ණ ඇතියේත් ප්‍රභාස්වර වූයේත් වෙයි. හැම ගින්නෙනුදු ගින්නෙන් කළයුතු කරණී කරන්නට ද හැකි වෙයි.
Pali BJTඑත්ථ අස්සලායන, බ්රාහ්මණානං කිං බලං කො අස්සාසො, යදෙත්ථ බ්රාහ්මණා එවමාහංසු: බ්රාහ්මණාව සෙට්ඨො වණ්ණො, හීනො අඤ්ඤො වණ්ණො. බ්රාහ්මණාව සුක්කො වණ්ණො, කණ්හො අඤ්ඤො වණ්ණො. බ්රාහ්මණාව සුජ්ඣන්ති, නො අබ්රාහ්මණා. බ්රාහ්මණාව බ්රහ්මුනො පුත්තා ඔරසා මුඛතො ජාතා බ්රහ්මජා බ්රහ්මනිම්මිතා බ්රහ්මදායාදාති.
Sinhala BJTඅස්සලායනය, මෙහි ලා බ්‍රාහ්මණයෝ යමක් මෙසේ කියත් ද: “බ්‍රාහ්මණයෝ මැ ශ්‍රේෂ්ඨවර්‍ණ යැ අන්‍යවර්‍ණය හීන යි, බ්‍රාහ්මණයෝ මැ ශුක්ලවර්‍ණ යැ අන්‍යවර්‍ණය කෘෂ්ණ යි. බ්‍රාහ්මණයෝ මැ ශුද්ධ වෙති. අබ්‍රාහ්මණයෝ ශුද්ධ නො වෙත්. බ්‍රාහ්මණයෝ මැ බ්‍රහ්මයාගේ පුත්හ. උරදාවෙති, මුඛයෙන් ජාතයහ, එයින් මැ බ්‍රහ්මජයහ, බ්‍රහ්මනිර්මිතයහ, බ්‍රහ්මදායාදයහ”යි. මෙ කරුණෙහි ඒ බමුණනට කිනම් බලයෙක් ඇද්ද, කවර ආස්වාසයෙක් ඇද්ද?
Pali BJTකිඤ්චාපි භවං ගොතමො එවමාහ, අථ ඛො එත්ථ බ්රාහ්මණා එවමෙතං මඤ්ඤන්ති: බ්රාහ්මණාව සෙට්ඨො වණ්ණො, හීනො අඤ්ඤො වණ්ණො -පෙ- බ්රහ්මදායාදාති.
Sinhala BJTභවත් ගෞතමයන් වහන්සේ මෙසේ කියතුදු වැළිත් මෙහි ලා බමුණෝ තෙල කරුණ මෙසේ හඟිති: “බ්‍රාහ්මණයෝ මැ ශ්‍රේෂ්ඨවර්‍ණ යැ අන්‍යවර්‍ණ හීන යි ... බ්‍රහ්මදායාදයහ”යි.
Pali BJTතං කිං මඤ්ඤසි අස්සලායන, ඉධ ඛත්තියකුමාරො බ්රාහ්මණකඤ්ඤාය සද්ධිං සංවාසං කප්පෙය්ය. තෙසං සංවාසමන්වාය පුත්තො ජායෙථ, යො සො ඛත්තියකුමාරෙන බ්රාහ්මණකඤ්ඤාය පුත්තො උප්පන්නො සියා, සො මාතුපි සදිසො. පිතුපි සදිසො ‘ඛත්තියො’තිපි වත්තබ්බො ‘බ්රාහ්මණො’තිපි වත්තබ්බො’ති.
Sinhala BJTඅස්සලායනය, ඒ කෙසේ හඟිහි? මෙලොවැ ක්‍ෂත්‍රිය කුමාරයෙක් බ්‍රාහ්මණකුමාරියක හා සමග සංවාස කරන්නේ යැ උන්ගේ සංවාසය නිසා පුතෙක් උපදනේ යැ. ක්‍ෂත්‍රිය කුමාරයකු නිසා බ්‍රාහ්මණකුමාරියකට යම් පුතෙක් උපදනේ වේ ද, හේ මවට ද සමාන යැ පියාට ද සමාන යැ. ‘ක්‍ෂත්‍රියහ’යි ද කියයුතු වේ ද? බ්‍රාහ්මණයහ’යි ද කියයුතු වේ දැ? යි.
Pali BJTයො සො භො ගොතම, ඛත්තියකුමාරෙන බ්රාහ්මණකඤ්ඤාය පුත්තො උප්පන්නො සියා, සො මාතුපි සදිසො, පිතුපි සදිසො, ‘ඛත්තියො’තිපි වත්තබ්බො, බ්රාහ්මණො’තිපි වත්තබ්බොති.
Sinhala BJTභවත් ගෞතමයන් වහන්ස, ක්‍ෂත්‍රියකුමාරයකු කරණ කොට බ්‍රාහ්මණ කන්‍යාවකට යම් පුතෙක් උපන්නේ වේ ද හේ මවට ද සමාන වෙයි. පියාට ද සමාන වෙයි. (එයින් ‘ක්‍ෂත්‍රියහ’යි ද කියයුතු වෙයි, ‘බ්‍රාහ්මණයහ’යි ද කියයුතු වේ යි.)
Pali BJTතං කිං මඤ්ඤසි අස්සලායන, ඉධ බ්රාහ්මණකුමාරො ඛත්තියකඤ්ඤාය සද්ධිං සංවාසං කප්පෙය්ය. තෙසං සංවාසමන්වාය පුත්තො ජායෙථ; යො සො බ්රාහ්මණකුමාරෙන ඛත්තියකඤ්ඤාය පුත්තො උප්පන්නො සියා, සො මාතුපි සදිසො, පිතුපි සදිසො, ඛත්තියොතිපි වත්තබ්බො බ්රාහ්මණොතිපි වත්තබ්බො’ති.
Sinhala BJTඅස්සලායනය, ඒ කෙසේ හඟිහි? මෙලොවැ බ්‍රාහ්මණකුමාරයෙක් ක්‍ෂත්‍රියකුමාරියක හා සංවාස කරන්නේ යැ. උන්ගේ සංවාසය නිසා පුතෙක් උපදනේ යැ. බ්‍රාහ්මණ කුමාරයා කරණ කොට ක්‍ෂත්‍රියකන්‍යාවට යම් පුතෙක් උපන්නේ වේ ද, හේ මවට ද සමාන යැ පියාට ද සමාන යැ. ‘ක්‍ෂත්‍රියහ’යි ද කියයුතු වේ ද? ‘බ්‍රාහ්මණයහ’යි ද කියයුතු වේ දැ? යි.
Pali BJTයො සො භො ගොතම, බ්රාහ්මණකුමාරෙන ඛත්තියකඤ්ඤාය පුත්තො උප්පන්නො සියා, සො මාතුපි සදිසො, පිතුපි සදිසො, ඛත්තියොතිපි වත්තබ්බො, බ්රාහ්මණොතිපි වත්තබ්බො’ති.
Sinhala BJTභවත් ගෞතමයන් වහන්සේ, බ්‍රාහ්මණකුමාරයකු නිසා ක්‍ෂත්‍රියකන්‍යාවකට යම් පුතෙක් උපන්නේ වේ ද, හේ මවට ද සමාන වෙයි, පියාට ද සමාන වෙයි, හේ ‘ක්‍ෂත්‍රියහ’යි ද කියයුතු වන්නේ යැ ‘බ්‍රාහ්මණහ’යි ද කියයුතු වන්නේ යි.
Pali BJTතං කිං මඤ්ඤසි අස්සලායන, ඉධ වළවං ගද්රභෙන සම්පයොජෙය්යුං. තෙසං සම්පයොගමන්වාය කිසොරො ජායෙථ. යො සො වළවාය ගද්රභෙන කිසොරො උප්පන්නො සියා, සො මාතුපි සදිසො, පිතුපි සදිසො, අස්සොති වත්තබ්බො, ගද්රභොති වත්තබ්බො’ති.
Sinhala BJTඅස්සලායනය, ඒ කෙසේ හඟිහි? මෙලොවැ වෙළඹක් ගදුබුවකු හා සමග සම්ප්‍රයෝග කරන්නාහ. උන්ගේ සම්ප්‍රයෝගය නිසා යම් අස්පොව්වෙක් උපන්නේ යැ, වෙළඹට ගදුබුවකු නිසා යැම් අස්පොව්වෙක් උපන්නේ වේ ද, හේ මවට ද සමාන වෙයි, පියාට ද සමාන වෙයි. ‘අශ්ව’යයි කියයුතු වේ ද? ‘ගද්‍රභ’යයි කියයුතු වේ ද?
Pali BJTවෙකුරඤ්ජාය හි{1} සො භො ගොතම, අස්සතරො හොති. ඉදං හිස්ස භො ගොතම, නානාකරණං පස්සාමි. අමුත්ර ච පනෙසානං{2} න කිඤ්චි නානාකරණං{3} පස්සාමීති.
Sinhala BJTභවත් ගෞතමයන් වහන්ස, වෙකුරඤ්ජාව (වෙළඹ) ගෙන් උපන් හේ ‘අශ්වතර’ වෙයි. භවත් ගොයුම්ගොතුව, උහුගේ මේ වෙනස දක්මි. අසෝ තැන්හි වැළිත් උන් (මාණවකයන්) ගේ කිසි වෙනසක් නො දක්මි’යි.
Pali BJTතං කිං මඤ්ඤසි අස්සලායන, ඉධස්සු ද්වෙ මාණවකා භාතරො සඋදරියා, එකො අජ්ඣායකො උපනීතො, එකො අනජ්ඣායකො අනුපනීතො. කමෙත්ථ බ්රාහ්මණා පඨමං භොජෙය්යුං සද්ධෙ වා ථාලිපාකෙ වා යඤ්ඤෙ වා පාහුනෙ{4} වාති?
Sinhala BJTඅස්සලායනය, ඒ කෙසේ හඟිහි? මෙලොවැ සමාන මාතෘකුක්‍ෂි ඇති සොහොවුරු මාණවකයෝ දෙදෙනෙක් වෙත්: එකෙක් මන්ත්‍රහදාරනුයේ යැ උපනයන කරන ලද්දේයි. එකෙක් වේද නො හදාරනුයේ යැ, උපනයන නො කරන ලද්දේ යි. මෙහි බමුණෝ මතකබත්හි වේවයි පණුරුබත්හි වේවයි, යාගබත්හි වේවයි අමුතුවනට කළ බත්හි වේවයි කවරක්හු පළමු කොට වළඳවන්නාහු දැ?යි.
Pali BJTයො සො භො ගොතම, මාණවකො අජ්ඣායකො උපනීතො තමෙත්ථ බ්රාහ්මණා පඨමං භොජෙය්යුං සද්ධෙ වා ථාලිපාකෙ වා යඤ්ඤෙ වා පාහුනෙ වා. කිං හි භො ගොතම, අනජ්ඣායකෙ අනුපනීතෙ දින්නං මහප්ඵලං භවිස්සතී’ති?
Sinhala BJTභවත් ගෞතමයන් වහන්ස, යම් මාණවකයෙක් වේද හදාරනුයේ ද උපනයන කරන ලද්දේ ද, එ මණෙවු මෙහි බමුණෝ මතකබත්හි වේවයි පඬුරින් අළ බත්හි වේවයි යාග බත්හි වේවයි අමුතුබත්හි වේවයි පළමු කොට වළඳවන්නාහ. භවත් ගොයුමාණෙනි, කිම වේද නො හදාරනුවා උපනයන නො කළහු කෙරෙහි දෙන ලද්ද මහත්ඵල වන්නේ දැ?යි.
Pali BJTතං කිං මඤ්ඤසි අස්සලායන, ඉධස්සු ද්වෙ මාණවකා භාතරො සඋදරියා, එකො අජ්ඣායකො උපනීතො දුස්සීලො පාපධම්මො, එකො අනජ්ඣායකො අනුපනීතො සීලවා කල්යාණධම්මො. කමෙත්ථ බ්රාහ්මණා පඨමං භොජෙය්යුං සද්ධෙ වා ථාලිපාකෙ වා යඤ්ඤෙ වා පාහුනෙ වාති?
Sinhala BJTඅස්සලායනය, ඒ කෙසේ හඟිහි? මෙලොවැ එක් කුසැ ඔත් සොහොයුරු මණෙවුවෝ දෙදෙනෙක් වෙති: එකෙක් වේද හදාරනුයේ යැ උපනීත යැ දුශ්ශීල යැ පාපධර්‍ම ඇත්තේ යි. එකෙක් වේද නො හදාරනුයේ යැ උපනීත නො වෙයි, සිල්වත, කළණදහම් ඇතියේ යි. මෙහි කවරක්හු බමුණෝ මතකබත්හි වේවයි පණුරුබත්හි වේවයි යාගබත්හි වේවයි අමුතුබත්හි වේවයි පළමු කොට වළඳවන්නාහු දැ?යි.
Pali BJTයො සො භො ගොතම, මාණවකො අනජ්ඣායකො අනුපනීතො සීලවා කල්යාණධම්මො, තමෙත්ථ බ්රාහ්මණා පඨමං භොජෙය්යුං සද්ධෙ වා ථාලිපාකෙ වා යඤ්ඤෙ වා පාහුනෙ වා. කිං හි භො ගොතම, දුස්සීලෙ පාපධම්මෙ දින්නං මහප්ඵලං භවිස්සතී’ති?
Sinhala BJTභවත් ගෞතමයන් වහන්ස, යම් මාණවකයෙක් වේද නො හදාරනුයේ උපනීත නො වූයේ සිල්වත් ද, කළණදහම් ඇතියේ ද, එ මණෙවු මෙහි බමුණෝ මතකබත්හි වේවයි පණුරුබත්හි වේවයි යාගබත්හි වේවයි අමුතුබත්හි වේවයි පළමු කොට වළඳවන්නාහු යැ. කිම භවත් ගෞතමයන් වහන්ස, දුශ්ශීල වූ පාපධර්‍ම ඇතියා කෙරෙහි දෙන ලද්ද මහත්ඵල වන්නේ දැ?යි.
Pali BJTපුබ්බෙ ඛො ත්වං අස්සලායන, ජාතිං අගමාසි. ජාතිං ගන්ත්වා මන්තෙ අගමාසි. මන්තෙ ගන්ත්වා තපෙ අගමාසි. තපෙ ගන්ත්වා චාතුවණ්ණිං සුද්ධිං පච්චාගතො, යමහං පඤ්ඤාපෙමී’ති.
Sinhala BJTඅස්සලායනයෙනි, පළමු තෙපි ජාතියට ගියාව, ජාතියට ගොස් වේදයට ගියාව, වේදයට ගොස් තපසට ගියාව තපසට ගොස් චාතුර්වර්‍ණශුද්ධියට පෙරළා අව. මම යම් චාතුර්වර්‍ණශුද්ධියක් පනවම් ද, එයට යි.
Pali BJTඑවං වුත්තෙ අස්සලායනො මාණවො තුණ්හීභූතො මඞ්කුභූතො පත්තක්ඛන්ධො අධොමුඛො පජ්ඣායන්තො අප්පටිභානො{5} නිසීදි.
Sinhala BJTමෙසේ වදාළ කල්හි අස්සලායන මණෙවු නිහඬ වැ මකු වැ කඳට බහාගෙන යටිමුව වැ සිතිවිලිපර වැ ප්‍රතිභාන රහිත වැ හුන්නේ ය.
Pali BJTඅථ ඛො භගවා අස්සලායනං මාණවං තුණ්හීභූතං මඞ්කුභූතං පත්තක්ඛන්ධං අධොමුඛං පජ්ඣායන්තං අප්පටිභානං විදිත්වා අස්සලායනං මාණවං එතදවොච:
Sinhala BJTඑසඳ බුදුහු නිහඬ වූ මකු වූ හෙළාලූ කඳට ඇති අධෝමුඛ වූ සිතිවිලිපර වූ ප්‍රතිභාන රහිත වූ අස්සලායන මාණවකහට තෙල කරුණ වදාළහ: