Majjhima Nikāya

Middle-Length Discourses

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 3601-3700 න් 6395

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTහෙතුරූපං භන්තෙ, භගවා ආහ. සහෙතුරූපං භන්තෙ භගවා ආහ. චත්තාරො මෙ භන්තෙ, වණ්ණා: ඛත්තියා බ්රාහ්මණා වෙස්සා සුද්දා. තෙ චස්සු ඉමෙහි පඤ්චහි පධානියඞ්ගෙහි සමන්නාගතා, තෙ චස්සු සම්මප්පධානා. එත්ථ පන නෙසං භන්තෙ, සියා විසෙසො, සියා නානාකරණන්ති.
Sinhala BJTවහන්ස, භාග්‍යවතුන් වහන්සේ හේතුස්වරූපයක් වදාරති, වහන්ස, භාග්‍යවතුන් වහන්සේ සකාරණස්වරූපය වදාරති. වහන්ස, මේ වර්‍ණයෝ සතර දෙනෙකි: ක්‍ෂත්‍රියයෝ යැ බ්‍රාහ්මණයෝ යැ වෛශ්‍යයෝ යැ ශුද්‍රයෝ යි. ඔහු ද මේ පස් වැදෑරුම් ප්‍රධන් වැරට හිත කරුණින් සමන්‍වාගත වෙත් ද, ඔහු දු සම්‍යක් ප්‍රධන් වීර්‍ය්‍ය ඇත්තාහු වෙත් ද, වහන්ස, මෙහිලා උන්ගේ විශේෂයෙක් ඇද්ද, නානාත්‍වයෙක් ඇද්දැ? යි.
Pali BJTඑත්ථ ඛො පන නෙසාහං{3} මහාරාජ, න කිඤ්චි නානාකරණං වදාමි, යදිදං විමුත්තියා විමුත්තිං. සෙය්යථාපි මහාරාජ, පුරිසො සුක්ඛං සාකකට්ඨං ආදාය අග්ගිං අභිනිබ්බත්තෙය්ය, තෙජො පාතුකරෙය්ය. අථ අපරො පුරිසො සුක්ඛං සාලකට්ඨං ආදාය, අග්ගිං අභිනිබ්බත්තෙය්ය, තෙජො පාතුකරෙය්ය. අථ අපරො පුරිසො සුක්ඛං අම්බකට්ඨං ආදාය අග්ගිං අභිනිබ්බත්තෙය්ය. තෙජො පාතුකරෙය්ය. අථ අපරො පුරිසො සුක්ඛං උදුම්බරකට්ඨං ආදාය අග්ගිං අභිනිබ්බත්තෙය්ය තෙජො පාතුකරෙය්ය. තං කිං මඤ්ඤසි මහාරාජ, සියා නු ඛො තෙසං අග්ගීනං නානාදාරුතො අභිනිබ්බත්තානං කිඤ්චි නානාකරණං, අච්චියා වා අච්චිං, වණ්ණෙන වා වණ්ණං, ආභාය වා ආභන්ති?
Sinhala BJTමහරජ, මම මෙහි ලා උන්ගේ කිසි නානාත්‍වයක් නො කියමි. එනම් විමුක්තියෙන් විමුක්තිය යි, (එකක්හු ගේ ඵලවිමුක්තියෙන් අනෙකක්හුගේ ඵලවිමුක්තිය ඇරැබැ යැ.) මහරජ, යම් පරිදි පුරුෂයෙක් වියැළි ශාකකාෂ්ටයක් ගෙන ගිනි නිපදවා නම් තෙද පහළ කෙරේ නම් යළි අන් පුරුෂයෙක් වියැළි ශාලකාෂ්ටයක් ගෙන ගිනි නිපදවා නම් තෙද පහළ කෙරේ නම් යළි අන් පුරුෂයෙක් වියැළි ආම්‍රකාෂ්ටයක් ගෙන ගිනි නිපදවා නම් තෙද පහළ කෙරේ නම් යළි අන් පුරුෂයෙක් වියැළි උදුම්බරකාෂ්ටයක් ගෙන ගිනි නිපදවා නම් තෙද පහළ කෙරේ නම්, මහරජ, ඒ කෙසේ හඟිහි? නන් දරින් නිපන් ඒ අග්නීන්ගේ කිසියම් වෙනසෙක් වේ ද: සිළුවෙන් සිළුවෙහි හෝ යැ, පැහැයෙන් පැහැයෙහි හෝ යැ එළියෙන් එළියෙහි හෝ යැ?
Pali BJTනො හෙතං භන්තෙ.
Sinhala BJTවහන්ස, තෙල නො වේ මැ යි.
Pali BJTඑවමෙව ඛො මහාරාජ, යං තං තෙජං විරියං නිප්ඵරති, තං{4} පධානාභිනිබ්බත්තං{5} නාහං තත්ථ කිඤ්චි නානාකරණං වදාමි යදිදං විමුත්තියා විමුත්තින්ති.
Sinhala BJTමහරජ, එපරිදි මැ යම් ඒ තෙදක් වැර අරභයා පැතිර සිටුනේ ද, ඒ ප්‍රධනින් නිපණ. එහිලා මම කිසි නානාත්‍වයක් නො කියමි. එනම් විමුක්තියෙන් විමුක්තිය අරැබ යැ.
Pali BJTහෙතුරූපං භන්තෙ, භගවා ආහ, සහෙතුරූපං භන්තෙ, භගවා ආහ. කිං පන භන්තෙ, අත්ථි දෙවාති? කිං පන ත්වං මහාරාජ? එවං වදෙසි: කිං පන භන්තෙ, අත්ථි දෙවාති? යදි වා තෙ භන්තෙ, දෙවා ආගන්තාරො ඉත්ථත්තං, යදි වා අනාගන්තාරො ඉත්ථත්තන්ති. යෙ තෙ මහාරාජ? දෙවා සබ්යාපජ්ඣා තෙ දෙවා ආගන්තාරො ඉත්ථත්තං යෙ තෙ දෙවා අබ්යාපජ්ඣා තෙ දෙවා අනාගන්තාරො ඉත්ථත්තන්ති.
Sinhala BJTවහන්ස, භාග්‍යවතුන් වහන්සේ හේතුස්වරූපය වදාරති. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ සහේතුක ස්වරූපය වදාරති. වහන්ස, කිම දෙවියෝ ඇද්ද, මහරජ, “වහන්ස, කිම දෙවියෝ ඇද්ද’යි කුමට තෝ මෙසේ කියෙහි? වහන්ස, ඒ දෙවියෝ මේ මිනිසත් බවට ඉදින් එනසුලු හෝ වෙත් ද, ඉදින් මිනිසත් බවට නො එනසුලු හෝ වෙත් දැ”යි. මහරජ, යම් දෙවි කෙනෙක් නුපුහුන් චෛතසික දුක් ඇත්තාහු ද, ඒ දෙවියෝ මිනිසත් බවට (උපපත්ති වශයෙන්) එන සුලු වෙන්. යම් දෙවි කෙනෙක් පුහුන් චෛතසික දුක් ඇත්තාහු ද, ඒ දෙවියෝ මේ මිනිසත් බවට (උපපත්ති වශයෙන්) නො එන සුලු වෙත්.
Pali BJTඑවං වුත්තෙ විඩූඩභො{1} සෙනාපති භගවන්තං එතදවොච: ‘යෙ තෙ භන්තෙ දෙවා සබ්යාපජ්ඣා ආගන්තාරො ඉත්ථත්තං, තෙ දෙවා යෙ තෙ දෙවා අබ්යාපජ්ඣා අනාගන්තාරො ඉත්ථත්තං තෙ දෙවෙ තම්හා ඨානා චාවෙස්සන්ති වා පබ්බාජෙස්සන්ති වා’ති.
Sinhala BJTමෙසේ වදාළ කල විඩූඩභ සෙන්පති භාග්‍යවතුන් වහන්සේට තෙල කී: “වහන්ස, දුක්සහගිය මිනිසත් බවට එනසුලු යම් දෙවි කෙනෙක් ඇද්ද, ඒ දෙවියෝ ද, නිදුක් වූ මිනිසත් බවට නො එනසුලු යම් දෙවි කෙනෙක් ඇද්ද, ඒ දෙවියෝ දැ’යි ඒ දෙ වැදෑරුම් දෙවියන් ඒ දේවස්ථානයෙන් ච්‍යුත කරවන්නාහු වෙත් ද නෙරවන්නාහු හෝ වෙත් දැ? යි.
Pali BJTඅථ ඛො ආයස්මතො ආනන්දස්ස එතදහොසි: ‘අයං ඛො විඩූඪභො සෙනාපති රඤ්ඤො පසෙනදිස්ස කොසලස්ස පුත්තො. අහං භගවතො පුත්තො. අයං ඛො කාලො යං පුත්තො පුත්තෙන මන්තෙය්යා’ති.
Sinhala BJTඉක්බිති ආයුෂ්මත් අනඳ තෙරණුවනට තෙල සිත් වී: “මේ විඩූඩභ සෙන්පති පසේනදි කොසොල් රජුගේ පුත් යැ, මම භාග්‍යවතුන් වහන්සේගේ පුත්මි. පුතෙක් පුතකු හා මන්ත්‍රණ කරන්නේ යැ යන යමෙක් ඇද්ද, මේ එයට කාලය යනු යි.
Pali BJTඅථ ඛො ආයස්මා ආනන්දො විඩූඪභං සෙනාපතිං ආමන්තෙසි: ‘තෙන හි සෙනාපති, තං යෙවෙත්ථ පටිපුච්ඡිස්සාමි. යථා තෙ ඛමෙය්ය තථා නං බ්යාකරෙය්යාසි. තං කිං මඤ්ඤසි සෙනාපති, යාවතා රඤ්ඤො පසෙනදිස්ස කොසලස්ස විජිතං, යත්ථ ච රාජා පසෙනදි කොසලො ඉස්සරියාධිපච්චං රජ්ජං කාරෙති. පහොති තත්ථ රාජා පසෙනදි කොසලො සමණං වා බ්රාහ්මණං වා පුඤ්ඤවන්තං වා අපුඤ්ඤවන්තං වා බ්රහ්මචරියවන්තං වා අබ්රහ්මචරියවන්තං වා තම්හා ඨානා චාවෙතුං වා පබ්බාජෙතුං වා’ති?
Sinhala BJTඉක්බිති ආයුෂ්මත් අනඳ තෙරණුවෝ විඩූඩභ සෙන්පතිහි ඇමැතූහ: සෙන්පතිය, එකරුණින් මෙහි දී තා මැ පුළුවුස්මි. යම් පරිදි තට රුස්නේ නම් එපරිදි එය පවසව. සෙන්පතිය ඒ කෙසේ හඟිහි? පසේනදි කොසොල් රජුහු ගේ විජිතය යම් තාක් වේ ද, පසේනදි කොසොල් රජ යම් විජිතයෙක ඉසුරු බව හා ආධිපත්‍යය ඇති රාජ්‍යය කෙරේ ද ඒ විජිතයෙහි දී පසේනදි කොසොල් රජ පුණ්‍යවත් හෝ අපුණ්‍යවත් හෝ බ්‍රහ්මචර්‍ය්‍යවත් හෝ අබ්‍රහ්මචර්‍ය්‍යවත් හෝ මහණකු හෝ බමුණකු හෝ ච්‍යුත කරවන්නට නංවන්නට හෝ හැකි වේ ද?
Pali BJTයාවතා භො රඤ්ඤො පසෙනදිස්ස කොසලස්ස විජිතං යත්ථ ච රාජා පසෙනදි කොසලො ඉස්සරියාධිපච්චං රජ්ජං කාරෙති. පහොති තත්ථ රාජා පසෙනදි කොසලො සමණං වා බ්රාහ්මණා වා පුඤ්ඤවන්තං වා අපුඤ්ඤවන්තං වා බ්රහ්මචරියවන්තං වා අබ්රහ්මචරියවන්තං වා තම්හා ඨානා චාවෙතුං වා පබ්බාජෙතුං වා’ති.
Sinhala BJTභවත්නි, පසේනදි කොසොල් රජහු ගේ විජිතය යම් තාක් වේ ද පසේනදි කොසොල් රජ යම් විජිතයෙක ඉසුරු බව හා අධිපති බව ඇති රාජ්‍යය කෙරේ ද, පසේනදි කොසොල් රජ ඒ විජිතයෙහි දී පුණ්‍යවත් හෝ අපුණ්‍යවත් හෝ බ්‍රහ්මචර්‍ය්‍යවත් හෝ අබ්‍රහ්මචර්‍ය්‍යවත් හෝ මහණකු හෝ බමුණකු හෝ එතැනින් ච්‍යුත කරවන්නට හෝ නංවන්නට හෝ හැකි වෙයි.
Pali BJTතං කිං මඤ්ඤසි සෙනාපති, යාවතා රඤ්ඤො පසෙනදිස්ස කොසලස්ස අවිජිතං. යත්ථ ච රාජා පසෙනදි කොසලො ඉස්සරියාධිපච්චං රජ්ජං න කාරෙති. පහොති තත්ථ රාජා පසෙනදි කොසලො සමණං වා බ්රාහ්මණං වා, පුඤ්ඤවන්තං වා අපුඤ්ඤවන්තං වා බ්රහ්මචරියවන්තං වා අබ්රහ්මචරියවන්තං වා තම්හා ඨානා චාවෙතුං වා පබ්බාජෙතුං වාති.
Sinhala BJTසෙන්පතිය, ඒ කෙසේ හඟිහි? පසේනදි කොසොල් රජුහුගේ විජිත නො වූ රට යම් තාක් ඇද්ද, පසේනදි කොසොල් රජ තමනට අවිෂය වූ යම් රටෙක ඉසුරු බව හා අධිපති බව ඇති රාජ්‍යය නො කෙරේ ද, පසේනදි කොසොල් රජ එහි දී පුණ්‍යවත් හෝ අපුණ්‍යවත් හෝ බ්‍රහ්මචර්‍ය්‍යවත් හෝ අබ්‍රහ්මචර්‍ය්‍යවත් හෝ මහණකු හෝ බමුණකු හෝ එතැනින් ච්‍යුත කරවන්නට හෝ නංවන්නට හෝ හැකි වේ ද? යි.
Pali BJTයාවතා භො රඤ්ඤො පසෙනදිස්ස කොසලස්ස අවිජිතං, යත්ථ ච රාජා පසෙනදිස්ස කොසලො ඉස්සරියාධිපච්චං රජ්ජං න කාරෙති. න තත්ථ පහොති රාජා පසෙනදි කොසලො සමණං වා බ්රාහ්මණං වා පුඤ්ඤවන්තං වා අපුඤ්ඤවන්තං වා බ්රහ්මචරියවන්තං වා අබ්රහ්මචරියවන්තං වා තම්හා ඨානා චාවෙතුං වා පබ්බාජෙතුං වාති.
Sinhala BJTභවත්නි, පසේනදි කොසොල් රජහු ගේ විජිත නො වූ රට යම් තාක් ඇද්ද, පසේනදි කොසොල් රජ විෂය නො වූ යම් රටෙක අසුරු බව හා අධිපති බව ඇති රාජ්‍යය නො කෙරේ ද, එහි දී පසේනදි කොසොල් රජ පුණ්‍යවත් හෝ අපුණ්‍යවත් හෝ බ්‍රහ්මචර්‍ය්‍යවත් හෝ අබ්‍රහ්මචර්‍ය්‍යවත් හෝ මහණකු හෝ බමුණකු හෝ ඒ ශ්‍රමණාදි භාවයෙන් ච්‍යුත කරවන්නට හෝ නංවන්නට හෝ නො හැකි යැ යි.
Pali BJTතං කිං මඤ්ඤසි සෙනාපති, සුතා තෙ දෙවා තාවතිංසාති?
Sinhala BJTසෙන්පතිය, ඒ කෙසේ හඟිහි? තා විසින් තව්තිසා වැසි දෙවියෝ අසන ලදහු ද?
Pali BJTඑවං භො, සුතං මෙ දෙවා තාවතිංසා. ඉධාපි භොතා රඤ්ඤා පසෙනදිනා කොසලෙන සුතා දෙවා තාවතිංසා’ති.
Sinhala BJTභවත්නි, එසේ යැ. මා විසින් තව්තිසා වැසි දෙවියෝ අසන ලදහ. මෙහි දී භවත් පසේනදි කොසොල් රජු විසිනුදු තව්තිසා වැසි දෙවියෝ අසනලදහ’යි.
Pali BJTතං කිං මඤ්ඤසි සෙනාපති, පහොති රාජා පසෙනදි කොසලො දෙවෙ තාවතිංසෙ තම්හා ඨානා චාවෙතුං වා පබ්බාජෙතුං වාති?
Sinhala BJTසෙන්පතිය, ඒ කෙසේ හඟිහි? පසේනදි කොසොල් රජ තව්තිසා වැසි දෙවියන් ඒ දේවස්ථානයෙන් ච්‍යුත කරවන්නට හෝ නංවන්නට හෝ හැකි වේ ද?
Pali BJTදස්සනායපි භො රාජා පසෙනදි කොසලො දෙවෙ තාවතිංසෙ නප්පහොති. කුතො පන තම්හා ඨානා චාවෙස්සති වා පබ්බාජෙස්සති වා’ති.
Sinhala BJTභවත්නි, පසේනදි කොසොල් රජ තව්තිසා වැසි දෙවියන් දක්නට ද නො හැකි වෙයි. ඒ දේවස්ථානයෙන් ච්‍යුත කරවන්නේ හෝ යැ නංවන්නේ හෝ යි යනු කොයින් ලැබේ ද?
Pali BJTඑවමෙව ඛො සෙනාපති, යෙ තෙ දෙවා සබ්යාපජ්ඣා ආගන්තාරො ඉත්ථත්තං තෙ දෙවා, යෙ තෙ දෙවා අබ්යාපජ්ඣා අනාගන්තාරො ඉත්ථත්තං, තෙ දෙවා දස්සනායපි නප්පහොන්ති, කුතො පන තම්හා ඨානා වාචෙස්සන්ති වා පබ්බාජෙස්සන්ති වා’ති.
Sinhala BJTසෙන්පතිය, එපරිදි මැ මිනිසත් බවට එනසුලු යම් දෙවි කෙනෙක් ඇද්ද, ඒ දෙවියෝ යැ නිර්දුඃඛ වූ මිනිසත් බවට එනසුලු යම් දෙවි කෙනෙක් ඇද්ද, ඒ දෙවියෝ යයි ඒ දෙවැදෑරුම් දෙවියන් දක්නට ද නො හැකි යැ. ඒ දේවස්ථානයෙන් ච්‍යුත කරවන්නේ හෝ යැ නංවන්සේ හෝ යැ යනු කොයින් ලැබේ ද?
Pali BJTඅථ ඛො රාජා පසෙනදි කොසලො භගවන්තං එතදවොච: ‘කො නාමො අයං භන්තෙ භික්ඛූති?
Sinhala BJTඑසඳ පසේනදි කොසොල් රජ භාග්‍යවතුන් වහන්සේට තෙල කී: “වහන්ස, මේ මහණ කවරෙක් නම් වේ ද?
Pali BJTආනන්දො නාම මහාරාජාති.
Sinhala BJTමහරජ, ආනන්‍ද නමැ යි.
Pali BJTආනන්දො වත භො ආනන්දරූපො වත භො. හෙතුරූපං භන්තෙ ආයස්මා ආනන්දො ආහ. සහෙතුරූපං භන්තෙ, ආයස්මා ආනන්දො ආහ.
Sinhala BJTභවත්නි, එකැතින් ආනන්‍ද යැ, භවත්නි, එකැතින් ආනන්‍ද ස්වභාව යැ. වහන්ස, ආයුෂ්මත් අනඳ තෙරණුවෝ හේතුස්වරූපය කියති. වහන්ස, ආනන්‍ද තෙරණුවෝ සහේතුකස්වරූපය කියත්.
Pali BJTකිං පන භන්තෙ, අත්ථි බ්රහ්මාති?
Sinhala BJTවහන්ස, කිම බ්‍රහ්මයෝ ඇද්ද?
Pali BJTකිං පන ත්වං මහාරාජ එවං වදෙසි: කිං පන භන්තෙ, අත්ථි බ්රහ්මාති?
Sinhala BJT“වහන්ස, කිම බ්‍රහ්ම ඇද්දැ? යි තෙපි කුමට මෙසේ අසව.
Pali BJTයදි වා සො භන්තෙ, බ්රහ්මා ආගන්තා ඉත්ථත්තං. යදි වා අනාගන්තා ඉත්ථත්තන්ති.
Sinhala BJTවහන්ස, ඒ බඹ මිනිසත්බවට එනසුලු හෝ වේ ද, මිනිසත් බවට නො එනසුලු හෝ වේ ද?
Pali BJTයො සො මහාරාජ බ්රහ්මා සබ්යාපජ්ඣො, සො බ්රහ්මා ආගන්තා ඉත්ථත්තං, යො සො බ්රහ්මා අබ්යාපජ්ඣො සො බ්රහ්මා අනාගන්තා ඉත්ථත්තන්ති.
Sinhala BJTමහරජ, චෛතසික විසින් සදුඃඛ වූ යම් බඹෙක් ඇද්ද, ඒ බඹ මිනිසත් බවට එනසුලු යැ. නිර්දුඃඛ වූ යම් බඹෙක් ඇද්ද, ඒ බඹ මිනිසත් බවට නො එනසුලු යැ.
Pali BJTඅථ ඛො අඤ්ඤතරො පුරිසො රාජානං පසෙනදිං කොසලං එතදවොච: ‘සඤ්ජයො මහාරාජ, බ්රාහ්මණො ආකාසගොත්තො ආගතො’ති.
Sinhala BJTඑසඳ එක්තරා පුරුෂයෙක් පසේනදි කොසොල් රජහට තෙල කී: “මහරජාණෙනි, ආකාශගෝත්‍ර සඤ්ජය බ්‍රාහ්මණ ආයේ යැ”යි.
Pali BJTඅථ ඛො රාජා පසෙනදි කොසලො සඤ්ජයං බ්රාහ්මණං ආකාසගොත්තං එතදවොච: ‘කො නු ඛො බ්රාහ්මණ, ඉමං කථාවත්ථුං රාජන්තෙපුරෙ අබ්භුදාහාසීති?
Sinhala BJTඑසඳ පසේනදි කොසොල් රජ ආකාශගෝත්‍ර සඤ්ජයබ්‍රාහ්මණහට තෙල කී: “බමුණ, කවරෙක් නම් මේ කථාවස්තුව රාජාන්තඃපුරයෙහි පහළ කෙළේ දැ?යි.
Pali BJT‘විඩූඪභො මහාරාජ, සෙනාපතී’ති. විඩූඪභො සෙනාපති එවමාහ: සඤ්ජයො මහාරාජ, බ්රාහ්මණො ආකාසගොත්තො’ති.
Sinhala BJT‘මහරජාණෙනි, විඩූඩභ සෙන්පති යැ’යි. විඩූඩභ සෙන්පති මෙසේ කී: “මහරජාණෙනි, ආකාශගෝත්‍ර සඤ්ජය බ්‍රාහ්මණ යැ’යි.
Pali BJTඅථ ඛො අඤ්ඤතරො පුරිසො රාජානං පසෙනදිං කොසලං එතදවොච. යානකාලො මහාරාජාති. අථ ඛො රාජා පසෙනදි කොසලො භගවන්තං එතදවොච: සබ්බඤ්ඤුතං මයං භන්තෙ භගවන්තං අපුච්ඡිම්හා සබ්බඤ්ඤුතං භගවා ව්යාකාසි. තඤ්ච පනම්හාකං රුච්චති චෙව ඛමති ච, තෙන චම්හා අත්තමනා චාතුවණ්ණිං සුද්ධිං{1} මයං භන්තෙ, භගවන්තං අපුච්ඡිම්හා චාතුවණ්ණිං සුද්ධිං භගවා ව්යාකාසි තඤ්ච පනම්හාකං රුච්චති. චෙව ඛමති ච. තෙන චම්හා අත්තමනා අධිදෙවෙ මයං
Sinhala BJTඑසඳ එක්තරා පුරුෂයෙක් පසේනදි කොසොල් රජුට තෙල කී: “මහරජාණෙනි, ගමන්කල් එළැඹිණැ”යි. එසඳ පසේනදි කොසොල් රජ භාග්‍යවතුන් වහන්සේට තෙල කී: “වහන්ස, අපි භාග්‍යවතුන් වහන්සේ අතින් සර්‍වඥතා පුළුවුසුම්හ. භාග්‍යවතුන් වහන්සේ සර්‍වඥතා ප්‍රකාශ කළසේක. එ ද අපට රුස්නේ ද සහනේ ද වෙයි. එයිනුදු අපි සතුටුසිත් ඇතියම්හ. වහන්ස, අපි භාග්‍යවතුන් වහන්සේ අතින් චතුර්වර්‍ණයට අයත් ශුද්ධිය පුළුවුසුම්හ. භාග්‍යවතුන් වහන්සේ චාතුර්වර්‍ණ ශුද්ධිය පැවැසූසේක. එ ද අපට රුස්නේත් සහනේත් වෙයි. එයිනුදු අපි සතුටුසිත් ඇතියම්හ.
Pali BJTභන්තෙ, භගවන්තං අපුච්ඡිම්හා, අධිදෙවෙ භගවා ව්යාකාසි. තඤ්ච පනම්හාකං රුච්චති චෙව ඛමති ච. තෙන චම්හා අත්තමනා. අධිබ්රහ්මානං මයං භන්තෙ, භගවන්තං අපුච්ඡිම්හා. අධිබ්රහ්මානං භගවා ව්යාකාසි. තඤ්ච පනම්හාකං රුච්චති චෙව ඛමති ච, තෙන චම්හා අත්තමනා. යං යදෙව ච පන මයං භන්තෙ, භගවන්තං අපුච්ඡිම්හා තන්තදෙව භගවා ව්යාකාසි. තඤ්ච පනම්හාකං රුච්චති චෙව ඛමති ච, තෙන චම්හා අත්තමනා. හන්ද චදානි මයං භන්තෙ, ගච්ඡාම. බහුකිච්චා මයං බහුකරණීයාති.
Sinhala BJTවහන්ස, භාග්‍යවතුන් වහන්සේ අතින් අධිදේවයන් පුළුවුසුම්හ. භාග්‍යවතුන් වහන්සේ අධිදේවයන් පැවැසූසේක. එ ද අපට රුස්නේ ද සහනේ ද වෙයි. අපි එයිනුදු සතුටු වූම්හ. වහන්ස, අපි භාග්‍යවතුන් අතින් අධිබ්‍රහ්මයා පුළුවුසුම්හ. භාග්‍යවතුන් වහන්සේ අධිබ්‍රහ්මයා පැවැසූසේක. එ ද අපට රුස්නේ ද සහනේ ද වෙයි. එයිනුදු අපි සතුටු වූම්හ. වහන්ස, අපි යම් යම් මැ පැනයක් භාග්‍යවතුන් වහන්සේ අතින් පුළුවුසුමෝ ද එය මැ භාග්‍යවතුන් වහන්සේ පැවැසූසේක. එ ද අපට රුස්නේ ද සහනේ ද වෙයි. එයිනුදු සතුටු වූම්හ. වහන්ස, එ බැවින් දැන් අපි යම්හ. අපි බොහෝ කිස ඇතියම්හ, බොහෝ කරණී ඇතියම්හ’යි.
Pali BJTයස්සදානි ත්වං මහාරාජ, කාලං මඤ්ඤසීති.
Sinhala BJTමහරජ, තෙපි එයට කල් දනැ’යි වදාළෝ.
Pali BJTඅථ ඛො රාජා පසෙනදි කොසලො භගවතො භාසිතං අභිනන්දිත්වා අනුමොදිත්වා උට්ඨායාසනා භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා පක්කාමීති.
Sinhala BJTඑසඳ පසේනදි කොසොල් රජ භාග්‍යවතුන් වහන්සේගේ වචනය සතුටින් පිළිගෙන අනුමෝදන් වැ හුනස්නෙන් නැඟී භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ පැදකුණු කොට බැස ගියේ.
Pali BJTකණ්ණකත්ථල සුත්තං දසමං.
Sinhala BJTදස වැනි කණ්ණකත්‍ථල සූත්‍ර යි.
Pali BJTරාජවග්ගො චතුත්ථො.
Sinhala BJTසතර වැනි රාජවර්‍ගය යි.
Pali BJTතස්ස වග්ගස්ස උද්දානං.
Sinhala BJTඒ වර්‍ගයේ උද්දානය :
Pali BJTඝටීකාරො රට්ඨපාලො මඛාදෙවො මධුරියං, බොධි අඞ්ගුලිමාලො ච පියජාතං බාහිතිකං; ධම්මචෙතිය සුත්තං ච දසමං කණ්ණකත්ථලං.
Sinhala BJTඝටීකාර සූත්‍ර යැ රට්ඨපාල සූත්‍ර යැ මඛාදේව සූත්‍ර යැ මධුර සූත්‍ර යැ බෝධිරාජකුමාර සූත්‍ර යැ අඞ්ගුලිමාල සූත්‍ර යැ බාහිතික සූත්‍ර යැ ධම්මචේතිය සූත්‍ර යැ ද වැනි කණ්ණකත්ඵල සූත්‍ර යැ යි මේ වර්‍ගයේ සූත්‍ර දසයෙකි.
Pali BJT5. බ්රාහ්මණවග්ගො
Sinhala BJT5. බ්‍රාහ්මණ වර්‍ගය
Pali BJT2. 5. 1.
Sinhala BJT2. 5. 1.
Pali BJTබ්රහ්මායුසුත්තං
Sinhala BJTබ්‍රහ්මායු සූත්‍රය
Pali BJTඑවං මෙ සුතං: එකං සමයං භගවා විදෙහෙසු චාරිකං චරති මහතා භික්ඛුසඞ්ඝෙන සද්ධිං පඤ්චමත්තෙහි භික්ඛුසතෙහි. තෙන ඛො පන සමයෙන බ්රහ්මායු නාම බ්රාහ්මණො මිථිලායං පටිවසති ජිණ්ණො වුද්ධො මහල්ලකො අද්ධගතො වයො අනුප්පත්තො වීසංවස්සසතිකො ජාතියා, තිණ්ණං වෙදානං පාරගූ සනිඝණ්ඩුකෙටුභානං සාක්ඛරප්පභෙදානං ඉතිහාසපඤ්චමානං පදකො වෙය්යාකරණො ලොකායතමහාපුරිසලක්ඛණෙසු අනවයො. අස්සොසි ඛො බ්රහ්මායු බ්රාහ්මණො: “සමණො ඛලු භො ගොතමො සක්යපුත්තො සක්යකුලා පබ්බජිතො විදෙහෙසු චාරිකං චරති මහතා භික්ඛුසඞ්ඝෙන සද්ධිං පඤ්චමත්තෙහි භික්ඛුසතෙහි. තං ඛො පන භගවන්තං ගොතමං එවං කල්යාණො කිත්තිසද්දො අබ්භුග්ගතො ‘ඉතිපි සො භගවා අරහං සම්මාසම්බුද්ධො විජ්ජාචරණසම්පන්නො සුගතො ලොකවිදූ අනුත්තරො පුරිසදම්මසාරථි සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවා. සො ඉමං ලොකං සදෙවකං සමාරකං සබ්රහ්මකං සස්සමණබ්රාහ්මණිං පජං සදෙවමනුස්සං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවෙදෙති. සො ධම්මං දෙසෙති ආදිකල්යාණං මජ්ඣෙකල්යාණං පරියොසානකල්යාණං සාත්ථං සබ්යඤ්ජනං කෙවලපරිපුණ්ණං පරිසුද්ධං බ්රහ්මචරියං පකාසෙති. සාධු ඛො පන තථාරූපානං අරහතං දස්සනං හොතී’ති.
Sinhala BJTමා විසින් මෙසේ අසනලද: එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ විදේහ දනවියෙහි පන්සියක් පමණ (ගුණ විසින්) මහත් බික්සඟුන් හා සමග සැරිසරන සේක. එකල ජරාජීර්‍ණ, වෘද්ධ, මහලු, කල් ගැලවූ, පශ්චිම වයසට පැමිණි, උපතින් එක්සිය විසිහැවිරිදි, නිඝණ්ඩු කෙටුභශාස්ත්‍ර සහිත, ශික්‍ෂා නිරුක්ති සහිත, ඉතිහාසය පස්වනු කොට ඇති ත්‍රිවේදයන්ගේ පරතෙර පත්, පද හදාරන, ව්‍යාකරණ හදාරන, ලෞකායතික මහාපුරුෂලක්‍ෂණයෙහි පරිපූරකාරී වූ බ්‍රහ්මායු නම් බමුණු මිථිලායෙහි වෙසෙයි. “සැහැකුලපුත් මහණ භවත් ගොයුම්හු සැහැකුලින් පැවිදි වැ පන්සියක් පමණ වූ මහත් බික්සඟුන් හා සමග විදේහජනපදයෙහි සැරිසරනසේක්ල” යනු බ්‍රහ්මායු බමුණු ඇසී. ඒ භවත් ගොයුමාණන්ගේ මෙසේ කලණ යසගී උස් වැ නැඟිණ: “මෙ කරුණිනුදු ඒ භගවත්හු අර්‍හත්හ, සම්‍යක් සම්බුද්ධයහ, විද්‍යාචරණසම්පන්නයහ, සුගතයහ, ලෝකවිත්හ, අනුත්තර පුරුෂදම්‍යසාරථිහ, දෙවිමිනිස්නට ශාස්තෘහ, බුද්ධයහ, භගවත්හ”යි. ඔබ දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත මෙලොව හා මහණබමුණන් සහිත දෙවිමිනිසුන් සහිත ප්‍රජාව තමන් විසින් විශ්ෂ්ටඥානයෙන් දැන පසක් කොට දන්වති. ඔබ ආදිකල්‍යාණ කොට මධ්‍යකල්‍යාණ කොට පර්‍ය්‍යවසාන කල්‍යාණ කොට සාර්‍ත්‍ථ කොට සව්‍යඤ්ජන කොට දහම් දෙසති, කේවලපරිපූර්‍ණ පරිශුද්ඛ බ්‍රහ්මචර්‍ය්‍යය ප්‍රකාශ කෙරෙති. එ බඳු රහතුන් දැක්ම මනා මැ නු”යි.
Pali BJTතෙන ඛො පන සමයෙන බ්රහ්මායුස්ස බ්රාහ්මණස්ස උත්තරො නාම මාණවො අන්තෙවාසී හොති තිණ්ණං වෙදානං පාරගූ සනිඝණ්ඩුකෙටුභානං සාක්ඛරප්පභෙදානං ඉතිහාසපඤ්චමානං පදකො වෙය්යාකරණො, ලොකායතමහාපුරිසලක්ඛණෙසු අනවයො. අථ ඛො බ්රහ්මායු බ්රාහ්මණො උත්තරං මාණවං ආමන්තෙසි: ‘අයං තාත උත්තර, සමණො ගොතමො සක්යපුත්තො සක්යකුලා පබ්බජිතො විදෙහෙසු චාරිකං චරති මහතා භික්ඛුසඞ්ඝෙන සද්ධිං පඤ්චමත්තෙහි භික්ඛුසතෙහි. තං ඛො පන භගවන්තං ගොතමං එවං කල්යාණො කිත්තිසද්දො අබ්භුග්ගතො ‘ඉතිපි සො භගවා අරහං සම්මාසම්බුද්ධො -පෙ- සාධු ඛො පන තථාරූපානං අරහතං දස්සනං හොතී’ති. එහි ත්වං තාත උත්තර, යෙන සමණො ගොතමො තෙනුපසඞ්කම. උපසඞ්කමිත්වා සමණං ගොතමං ජානාහි යදි වා තං භවන්තං ගොතමං තථාසන්තං යෙව සද්දො අබ්භුග්ගතො. යදි වා නො තථා, යදි වා සො භවං ගොතමො තාදිසො, යදි වා න තාදිසො. තථා මයං තං භවන්තං ගොතමං වෙදිස්සාමා’ති. යථා කථම්පනාහං භො තං භවන්තං ගොතමං ජානිස්සාමි: යදි වා තං භවන්තං ගොතමං තථා සන්තං යෙව සද්දො අබ්භුග්ගතො, යදි වා නො තථා, යදි වා සො භවං ගොතමො තාදිසො යදි වා න තාදිසො’ති.
Sinhala BJTඑකල උත්තර නම් මාණවකයෙක් බ්‍රහ්මායු බ්‍රාහ්මණ ගේ අතැවැසි වෙයි. නිඝණ්ඩු කෙටුභශාස්ත්‍ර සහිත, ශික්‍ෂානිරුක්ති සහිත, ඉතිහාසය පස් වනු කොට ඇති, ත්‍රිවේදයන්ගේ පරතෙර දුටුයේ වෙයි. පදශාස්ත්‍ර හදාරනුයේ වෙයි, ව්‍යාකරණ හදාරනුයේ වෙයි, ලෝකායත මහාපුරුෂ ලක්‍ෂණයෙහි පරිපූරකාරී වෙයි. ඉක්බිති බ්‍රහ්මායු බ්‍රාහ්මණ උත්තර මාණවකයා ඇමැතී: “පුතැ උත්තරයෙනි, මේ ශාක්‍යපුත්‍රයෝ ශ්‍රමණගෞතමයෝ ශාක්‍යකුලයෙන් නික්ම පැවිදි වැ විදේහජනපදයෙහි පන්සියක් පමණ මහත් බික්සඟුන් හා සමග සැරිසරන සේක් ල, ඒ භගවත් ගෞතමයන්ගේ මෙසේ කලණ යසගී උස් වැ නැඟිණ: “මෙ කරුණිනුදු ඒ භගවත්හු අර්‍හත්හ, සම්‍යක් සම්බුද්ධයහ, ... එ බඳු රහතුන් දැක්ම වේ නම් මනා මැ නු! පුතැ උත්තරයෙනි, තෝ එව. මහණ ගොයුමන් කරා යා. ගොස් ඒ මහණ ගොයුමන් ගේ ඇති සෙයින් මැ යසගී නැඟිණි ද? ඇති සෙයින් නො නැඟිණි දැ? යි ඒ මහණ ගොයුමන් දැනගනැ”යි. “ඉදින් ඒ භවත් ගොයුමාණෝ ඒ සැටි මැ වෙත් ද නොහොත් ඒ සැටි මැ නො වෙත් දැ? යි තා ගේ වශයෙන් අපි ඒ භවත් ගොයුමාණන් හඳුනාගනුම්හ”යි. භවත්නි, කෙසේ නම් මම ඒ භවත් ගොයුමාණන් හඳුනාගන්නෙම් ද? ඒ භවත් ගොයුමාණන් ගේ ඇති සැටි මැ යසගී නැඟිණි ද, නොහොත් ඇති සැටි නො නැඟිණි ද, ඒ භවත් ගොයුමාණෝ එ බඳු මැ වෙත් ද, නොහොත් එ බඳු මැ නො වෙත් දැ? යි පිළිවිත්.
Pali BJTආගතානි ඛො තාත උත්තර, අම්හාකං මන්තෙසු ද්වත්තිංස මහාපුරිසලක්ඛණානි, යෙහි සමන්නාගතස්ස මහාපුරිසස්ස ද්වෙයෙව ගතියො භවන්ති අනඤ්ඤා, සචෙ අගාරං අජ්ඣාවසති, රාජා හොති චක්කවත්තී ධම්මිකො ධම්මරාජා චාතුරන්තො විජිතාවී ජනපදත්ථාවරියප්පත්තො සත්තරතනසමන්නාගතො. තස්සිමානි සත්ත රතනානි භවන්ති, සෙය්යථිදං: චක්කරතනං හත්ථිරතනං අස්සරතනං මණිරතනං ඉත්ථිරතනං ගහපතිරතනං පරිනායකරතනමෙව සත්තමං. පරොසහස්සං ඛො පනස්ස පුත්තා භවන්ති සූරා වීරඞ්ගරූපා පරසෙනප්පමද්දනා. සො ඉමං පඨවිං සාගරපරියන්තං අදණ්ඩෙන අසත්ථෙන ධම්මෙන අභිවිජිය අජ්ඣාවසති: සචෙ ඛො පන අගාරස්මා අනගාරියං පබ්බජති, අරහං හොති සම්මාසම්බුද්ධො ලොකෙ විවත්තච්ඡදො{1}. අහං ඛො පන තෙ තාත උත්තර, මන්තානං දාතා, ත්වං මෙ මන්තානං පටිග්ගහෙතාති.
Sinhala BJTපුතැ උත්තරයෙනි, යම් ලකුණින් සමන්‍වාගත මහාපුරුෂයක්හට ගතීහු දෙදෙනෙක් මැ ඇද්ද ... අන් ගතියක් නැද්ද, එ බඳු දෙතිස් මහාපුරුෂලක්‍ෂණයෝ අපගේ වේදයෙහි ආහ. ඉදින් ගිහිගෙහි වෙසේ නම් දැහැමින් වැටෙන දැහැමින් රජ තන් පත් සතර මුහුදු හිම් කොට ඉසුරු කරන අභ්‍යන්තර බාහිර සතුරන් දිනූ දනවියෙහි ධ්‍රැවභාවය ලත් සර්‍වරත්න සමන්‍වාගත වූ සක්විති රජ වෙයි. ඔබ ගේ සප්තරත්නයෝ වෙති. ඔහු කවරහ යත්: චක්‍රරත්න යැ හස්තිරත්න යැ අශ්වරත්න යැ මණිරත්න යැ ස්ත්‍රීරත්න යැ ගෘහපතිරත්න යැ සත් වැනි පුත්‍රරත්න යැ යි. ඔබට ශූර වූ වීර්‍ය්‍යමයශරීර ඇති පරසෙන් මඩනා දහසින් වැඩි පුත්‍රයෝ ඇත. ඔබ සාගර පර්‍ය්‍යන්ත කොට ඇති මේ පොළොව අදණ්ඩයෙන් අශස්ත්‍රයෙන් පඤ්චශීලධර්‍මයෙන් දිනා ගෙන වෙසෙති. ඉදින් ගෙන් නික්ම සසුන් වදනේ නම් ලෝකයෙහි කෙලෙස් සියන් පෙරළු අර්‍හත් සම්‍යක් සම්බුද්ධ වෙති. (එ බඳු මහාපුරුෂ ලක්‍ෂණයෝ යි.) පුතැ උත්තරයෙනි, මම් කලි තට වේද දින්මි. තෝ මා ගේ මතුරු පළිගත්හි”යි.
Pali BJTඑවං භොති ඛො උත්තරො මාණවො බ්රහ්මායුස්ස බ්රාහ්මණස්ස පටිස්සුත්වා උට්ඨායාසනා බ්රහ්මායුං බ්රාහ්මණං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා විදෙහෙසු යෙන භගවා තෙන චාරිකං පක්කාමි. අනුපුබ්බෙන චාරිකං චරමානො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවතා සද්ධිං සම්මොදි. සම්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො උත්තරො මාණවො භගවතො කායෙ ද්වත්තිංස මහාපුරිසලක්ඛණානි සම්මන්නෙසි. අද්දසා ඛො උත්තරො මාණවො භගවතො කායෙ ද්වත්තිංසමහාපුරිසලක්ඛණානි යෙභුය්යෙන ඨපෙත්වා ද්වෙ. ද්වීසු මහාපුරිසලක්ඛණෙසු කඞ්ඛති විචිකිච්ඡති නාධිමුච්චති න සම්පසීදති: ‘කොසොහිතෙ ච වත්ථගුය්හෙ පහූතජිව්හතාය චා’ති. අථ ඛො භගවතො එතදහොසි: ‘පස්සති ඛො මෙ අයං උත්තරො මාණවො ද්වත්තිංස මහාපුරිසලක්ඛණානි යෙභුය්යෙන ඨපෙත්වා ද්වෙ. ද්වීසු මහාපුරිසලක්ඛණෙසු කඞ්ඛති විචිකිච්ඡති නාධිමුච්චති න සම්පසීදති කොසොහිතෙ ච වත්ථගුය්හෙ පහූතජිව්හතාය චා’ති.
Sinhala BJT‘භවත්නි, එසේ යැ’යි උත්තර මණෙවු බ්‍රහ්මායු බමුණුහට පිළිවදන් දී හුනස්නෙන් නැඟී බ්‍රහ්මායු බමුණු සකසා වැඳ විදේහ දනවියෙහි භාග්‍යවතුන් වහන්සේ කරා චාරිකා කොට ගියේ. පිළිවෙළින් සැරිසරනුයේ භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹිණ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු වී. සතුටු වියයුතු සිහි කළයුතු කථා නිමවා එකත්පස් වැ හින. එකත්පස් වැ හුන් උත්තර මාණවක භාග්‍යවතුන් වහන්සේගේ ශරීරයෙහි දෙතිස් මහපුරිස් ලකුණු සමනාගන්නට වී. උත්තර මාණවක භාග්‍යවතුන් වහන්සේගේ සිරුරෙහි දෙතිස් මහපුරිස් ලකුණු බෙහෙවින් දිට, දෙකක් තබා යැ. මහාපුරුෂලක්‍ෂණ දෙකෙකැ පැතුම් කෙරෙයි, සොයමින් වෙහෙසෙයි, සනිටුහනට නො යෙයි, විමති හෙයින් නො පහදියි. කෝෂාවහිතවස්ත්‍රගුභ්‍යයෙහි යැ ප්‍රභූතජිහ්වතායෙහි යැ යි. එසඳ භාග්‍යවතුන් වහන්සේට තෙල සිත් වී: “මේ උත්තර මාණවක මා ගේ දෙතිස් මහාපුරුෂලක්‍ෂණ දෙකක් තබා බෙහෙවින් දක්නේ යැ. මහාපුරුෂලක්‍ෂණ දෙකෙකැ ආකාඞ්ක්‍ෂා කෙරෙයි, විචිකිච්ඡා කෙරෙයි, අධිමුක්ති නො කෙරෙයි, සම්ප්‍රසාද නො කෙරෙයි. කෝෂාවහිතවස්ත්‍රගුහ්‍යයෙහි යැ. ප්‍රභූතජිහ්වතායෙහි යැ යි.
Pali BJTඅථ ඛො භගවා තථාරූපං ඉද්ධාභිසඞ්ඛාරං අභිසඞ්ඛාසි{2}. යථා අද්දස උත්තරො මාණවො භගවතො කොසොහිතං වත්ථගුය්හං. අථ ඛො භගවා ජිව්හං නින්නාමෙත්වා උභොපි කණ්ණසොතානි අනුමසි පරිමසි{3}. උභොපි නාසිකාසොතානි අනුමසි පරිමසි. කෙවලම්පි{4} ලලාටමණ්ඩලං{5} ජිව්හාය ඡාදෙසි.
Sinhala BJTඑසඳ භාග්‍යවතුන් වහන්සේ යම් පරිදි උත්තර මාණවක භාග්‍යවතුන් වහන්සේගේ කෝෂාවහිතවස්ත්‍රගුහ්‍යය දිටී ද ඒ පරිදි ඉදුහයක් කළසේක. එසඳ භාග්‍යවතුන් වහන්සේ දිවනෙරැ දෙකන්සිදුරු අනුමාර්‍ජන පරිමාර්‍ජන කළ සේක. දෙ නැහැසිදුරු දු අනුමාර්‍ජන පරිමාර්‍ජන කළ සේක. හැම නළල් මඬල ද දිවින් වැසූ සේකි.
Pali BJTඅථ ඛො උත්තරස්ස මාණවස්ස එතදහොසි: සමන්නාගතො ඛො සමණො ගොතමො ද්වත්තිංස මහාපුරිසලක්ඛණෙහි. යන්නූනාහං සමණං ගොතමං අනුබන්ධෙය්යං ඉරියාපථඤ්චස්ස පස්සෙය්ය’න්ති. අථ ඛො උත්තරො මාණවො සත්ත මාසානි භගවන්තං අනුබන්ධි ඡායාව අනපායිනී. අථ ඛො උත්තරො මාණවො සත්තන්නං මාසානං අච්චයෙන විදෙහෙසු යෙන මිථිලා තෙන චාරිකං පක්කාමි. අනුපුබ්බෙන චාරිකං චරමානො යෙන මිථිලා යෙන බ්රහ්මායු බ්රාහ්මණො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා බ්රහ්මායුං බ්රාහ්මණං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නං ඛො උත්තරං මාණවං බ්රහ්මායු බ්රාහ්මණො එතදවොච: කච්චි තාත උත්තර, තං භවන්තං ගොතමං තථා සන්තං යෙව සද්දො අබ්භුග්ගතො නො අඤ්ඤථා, කච්චි ච පන සො භවං ගොතමො තාදිසො, නො අඤ්ඤාදිසො’ති.
Sinhala BJTඉක්බිති උත්තර මාණවකයාහට තෙල සිත් වී: ශ්‍රමණ ගෞතමයෝ ද්වාත්ත්‍රිංශත් මහාපුරුෂලක්‍ෂණයෙන් සමන්‍වාගතයහ. මම ශ්‍රමණගෞතමයන් ලුහුබඳනෙම් නම් ඔබගේ ඉරියවු දක්නෙම් නම් මනා මැ නු යි. ඉක්බිති උත්තර මාණවක සත් මසක් භාග්‍යවතුන් වහන්සේ වෙන් වැ නො යන සේයක් සෙයින් ලුහුබැඳ ගියේ. ඉක්බිති උත්තර මාණවක සත් මස් ඇවෑමෙන් විදේහ දනවියෙහි මිථිලාව කරා සැරිසරා ගියේ. පිළිවෙළින් සැරිසරමින් මිථිලාව කරා බ්‍රහ්මායු බමුණු කරා එළැඹණ. එළැඹ බ්‍රහ්මායු බමුණු සකසා වැඳ එකත්පස් වැ හින. බ්‍රහ්මායු බමුණු එකත්පස් වැ හුන් උත්තර මාණවකයාහට තෙල කී: “කිමෙක දරුව උත්තරයෙනි, ඒ භවත් ගෞතමයන්ගේ එසේ ඇති සැටි වූ මැ යසගී නැඟිණි ද? අන් පරිදි නො නැඟිණි ද? කිමෙක ඒ භවත් ගෞතමයෝ එ බඳු මැ වෙත් ද? අන් බඳු නො වෙත් දැ?”යි.
Pali BJTතථාසන්තංයෙව භො තං භවන්තං ගොතමං තථා සද්දො අබ්භුග්ගතො, නො අඤ්ඤථා, තාදිසොව ච භො සො භවං ගොතමො, න අඤ්ඤාදිසො. සමන්නාගතො ච සො භො භවං ගොතමො ද්වත්තිංස මහාපුරිසලක්ඛණෙහි.
Sinhala BJTභවත්නි, ඒ භවත් ගෞතමයන්ගේ එසේ ඇති සැටි වූ මැ එසේ යසගී නැඟිණ. අන් පරිදි නො වෙයි. භවත්නි, ඒ භවත් ගොයුමාණෝ එ බඳු ද වෙති. අන් බඳු නො වෙති. ඒ භවත් ගොයුමාණෝ දෙතිස් මහපුරිස්ලකුණින් සමන්‍වාගත ද වෙත්:
Pali BJTසුප්පතිට්ඨිතපාදො ඛො පන සො භවං ගොතමො, ඉදම්පි තස්ස{1} භොතො ගොතමස්ස මහාපුරිසස්ස මහාපුරිසලක්ඛණං භවති.
Sinhala BJTඒ භවත් ගෞතමයෝ කලි සුප්‍රතිෂ්ඨිතපාද ඇතියහ, ඒ භවත් ගොයුමාණන්ගේ මෙ මහපුරිස්ලකුණ ද වෙයි.
Pali BJTහෙට්ඨා ඛො පනස්ස භොතො ගොතමස්ස පාදතලෙසු චක්කානි ජාතානි සහස්සාරානි සනෙමිකානි සනාභිකානි සබ්බාකාරපරිපූරාණි.
Sinhala BJTඒ භවත් ගෞතමයන්ගේ යට පාතෙලෙහි දහස් අර ඇති නිම්වළලු සියෝ නැබමඬුලු සියෝ, සර්‍වාකාර පරිපූර්‍ණ චක්‍රයෝ උපන්හ.
Pali BJTආයතපණ්හි ඛො පන සො භවං ගොතමො.
Sinhala BJTඒ භවත් ගෞතමයෝ දික්විලුම් ඇතියහ.
Pali BJTදීඝඞ්ගුලී ඛො පන සො භවං ගොතමො.
Sinhala BJTඒ භවත් ගෞතමයෝ දිගැඟිලි ඇතියහ.
Pali BJTමුදුතළුණහත්ථපාදො ඛො පන සො භවං ගොතමො.
Sinhala BJTඒ භවත් ගෞතමයෝ මෘදු තරුණ හස්තපාද ඇතියහ.
Pali BJTජාලහත්ථපාදො ඛො පන සො භවං ගොතමො.
Sinhala BJTඒ භවත් ගෞතමයෝ ජාලහස්තපාද ඇතියහ.
Pali BJTඋස්සඞ්ඛපාදො ඛො පන සො භවං ගොතමො.
Sinhala BJTඒ භවත් ගෞතමයෝ (උඩ පිහිටි ගොප් ඇට ඇතියෙන්) උත්සඞ්ඛපාදයහ.
Pali BJTඑණිජඞ්ඝො ඛො පන සො භවං ගොතමො.
Sinhala BJTඒ භවත් ගෞතමයෝ (එණිමෘගයන්ට බඳු ජඞ්ඝා ඇතියෙන්) එණිජඞ්ඝයහ.
Pali BJTඨිතකොව ඛො පන සො භවං ගොතමො අනොනමන්තො උභොහි පාණිතලෙහි ජණ්ණුකානි පරිමසති පරිමජ්ජති.
Sinhala BJTඒ භවත් ගෞතමයෝ සිටි වන සිටි සේක් මැ නො නැමෙන්නාහු දෙ අත්ලෙන් දෙ දණ පිරිමදින්නාහ.
Pali BJTකොසොහිතවත්ථගුය්හො ඛො පන සො භවං ගොතමො.
Sinhala BJTඒ භවත් ගෞතමයෝ (කෝෂයෙහි ගිලුණු අඞ්ගජාත ඇතියෙන්) කෝෂාවහිතවස්ත්‍රගුහ්‍ය ඇතියහ.
Pali BJTසුවණ්ණවණ්ණො ඛො පන සො භවං ගොතමො කඤ්චනසන්නිභත්තචො.
Sinhala BJTඒ භවත් ගෞතමයෝ ස්වර්‍ණවර්‍ණයහ. කසුන් වන් සිවිපැහැ ඇතියහ.
Pali BJTසුඛුමච්ඡවි ඛො පන සො භවං ගොතමො සුඛුමත්තා ඡවියා රජොජල්ලං කායෙ න උපලිප්පති.{2}
Sinhala BJTඒ භවත් ගෞතමයෝ සියුම්සිවි ඇතියහ. සිවි සියුම් වන බැවින් රජස් හා දැලි කයෙහි නො ලැගෙයි.
Pali BJTඑකෙකලොමො ඛො පන සො භවං ගොතමො, එකෙකානි ලොමානි ලොමකූපෙසු ජාතානි.
Sinhala BJTඒ භවත් ගෞතමයෝ ඒකෛකලෝමයහ, එක් එක් ලොමෙක් ලෝමකූපයෙහි උපන.
Pali BJTඋද්ධග්ගලොමො ඛො පන සො භවං ගොතමො උද්ධග්ගානි ලොමානි ජාතානි නීලානි අඤ්ජනවණ්ණානි කුණ්ඩලාවත්තානි{3} පදක්ඛිණාවත්තකජාතානි.
Sinhala BJTඒ භවත් ගෞතමයෝ ඌර්ධ්වාග්‍රරෝම ඇතියහ. නිල්වන් අඳුන්වන් කුණ්ඩලාවර්‍ත ඇති දක්‍ෂිණාවර්‍ත වැ උපන් උඩු අක් ඇති රෝමයෝ උපන්හ.
Pali BJTබ්රහ්මුජ්ජුගත්තො ඛො පන සො භවං ගොතමො.
Sinhala BJTඒ භවත් ගෞතමයෝ බ්‍රහ්මයාට බඳු ඍජුගාත්‍ර ඇතියහ.
Pali BJTසත්තුස්සදො ඛො පන සො භවං ගොතමො.
Sinhala BJTඒ භවත් ගෞතමයෝ සත් තැනෙක පරිපූර්‍ණ මාංශොත්සද ඇතියහ.
Pali BJTසීහපුබ්බද්ධකායො ඛො පන සො භවං ගොතමො.
Sinhala BJTඒ භවත් ගෞතමයෝ සිංහයාට බඳු පූර්‍වාර්ධකාය ඇතියහ.
Pali BJTචිතන්තරංසො ඛො පන සො භවං ගොතමො.
Sinhala BJTඒ භවත් ගෞතමයෝ (මාංශයෙන් පරිපූර්‍ණ අන්තරාංශ ඇතියෙන්) විතාන්තරාංශයහ.
Pali BJTනිග්රොධපරිමණ්ඩලො ඛො පන සො භවං ගොතමො, යාවතක්වස්ස කායො තාවතක්වස්ස ව්යාමො යාවතක්වස්ස ව්යාමො තාවතක්වස්ස කායො.
Sinhala BJTඒ භවත් ගෞතමයෝ න්‍යග්‍රෝධපරිමණ්ඩලයහ. ඔබගේ කය යම් තාක් වේ ද, ඔබගේ ව්‍යාමය ඒ තාක් වෙයි. ඔබගේ ව්‍යාමය යම් තාක් වේ ද, ඔබගේ කය ඒ තාක් වෙයි.
Pali BJTසමවත්තක්ඛන්ධො ඛො පන සො භවං ගොතමො.
Sinhala BJTඒ භවත් ගෞතමයෝ සමවර්‍තස්කන්‍ධ ඇතියහ.
Pali BJTරසග්ගසග්ගී ඛො පන සො භවං ගොතමො.
Sinhala BJTඒ භවත් ගෞතමයෝ රාසග්‍රසාග්‍ර ඇතියහ.
Pali BJTසීහහනු ඛො පන සො භවං ගොතමො.
Sinhala BJTඒ භවත් ගෞතමයෝ සිංහහනු ඇතියහ.
Pali BJTචත්තාළීසදන්තො ඛො පන සො භවං ගොතමො.
Sinhala BJTඒ භවත් ගෞතමයෝ චත්‍වාරිංශද්දන්ත ඇතියහ.
Pali BJTසමදන්තො ඛො පන සො භවං ගොතමො.
Sinhala BJTඒ භවත් ගෞතමයෝ සමදන්ත ඇතියහ.
Pali BJTඅවිවරදන්තො ඛො පන සො භවං ගොතමො.
Sinhala BJTඒ භවත් ගෞතමයෝ අවිවරදන්ත ඇතියහ.
Pali BJTසුසුක්කදාඨො ඛො පන සො භවං ගොතමො.
Sinhala BJTඒ භවත් ගෞතමයෝ සුශුක්ලදංෂ්ට්‍රා ඇතියහ.
Pali BJTපහූතජිව්හො ඛො පන සො භවං ගොතමො.
Sinhala BJTඒ භවත් ගෞතමයෝ ප්‍රභූතජිහ්වා ඇතියහ.
Pali BJTබ්රහ්මස්සරො ඛො පන සො භවං ගොතමො, කරවීකභාණී.
Sinhala BJTඒ භවත් ගෞතමයෝ බ්‍රහ්මස්වර ඇතියහ. කුරවිකෙවිල්ලන් ස්වර වැනි ස්වර ඇතියහ.
Pali BJTඅභිනීලනෙත්තො ඛො පන සො භවං ගොතමො.
Sinhala BJTඒ භවත් ගෞතමයෝ අභිනීලනේත්‍ර ඇතියහ.
Pali BJTගොපඛුමො ඛො පන සො භවං ගොතමො.
Sinhala BJTඒ භවත් ගෞතමයෝ (එ මොහොත උපන් රතුවස්සන්ගේ චක්‍ෂුර්ගණ්ඩ වැනි චක්‍ෂුර්ගණ්ඩ ඇතියෙන්) ගෝපක්‍ෂ්මයහ.
Pali BJTඋණ්ණා ඛො පනස්ස භොතො ගොතමස්ස භමුකන්තරෙ ජාතා ඔදාතා මුදුතූලසන්නිභා.
Sinhala BJTඒ භවත් ගෞතමයන් ගේ දෙ බැම අතර සුදු මොළොක් පිලින් වැනි ඌර්ණාරෝමධා උපන.
Pali BJTඋණ්හීසසීසො ඛො පන සො භවං ගොතමො ඉදම්පි තස්ස භොතො ගොතමස්ස මහාපුරිසස්ස මහාපුරිසලක්ඛණං භවති. ඉමෙහි ඛො සො භවං ගොතමො ද්වත්තිංස මහාපුරිසලක්ඛණෙහි සමන්නාගතො.
Sinhala BJTඒ භවත් ගෞතමයෝ උෂ්ණීෂශීර්‍ෂ ඇතියහ. මෙ ද මහාපුරුෂ වූ ඒ භවත් ගෞතමයන් ගේ මහාපුරුෂලක්‍ෂණ වෙයි. ඒ භවත් ගෞතමයෝ මෙකී දෙතිස් මහපුරිස් ලකුණින් සමන්‍වාගතයහ.
Pali BJTගච්ඡන්තො ඛො පන සො භවං ගොතමො දක්ඛිණෙනෙව පාදෙන පඨමං පක්කමති. සො නාතිදූරෙ පාදං උද්ධරති, නාච්චාසන්නෙ පාදං නික්ඛිපති, සො නාතිසීඝං ගච්ඡති, නාතිසනිකං ගච්ඡති, න ච අද්දුවෙන අද්දුවං සඞ්ඝට්ටෙන්තො ගච්ඡති, න ච ගොප්ඵකෙන ගොප්ඵකං සඞ්ඝට්ටෙන්තො ගච්ඡති. සො ගච්ඡන්තො න සත්ථිං උන්නාමෙති, න සත්ථිං ඔනාමෙති, න සත්ථිං සන්නාමෙති, න සත්ථිං විනාමෙති. ගච්ඡතො ඛො පනස්ස භොතො ගොතමස්ස අධරකායොව{1} ඉඤ්ජති. න ච කායබලෙන ගච්ඡති. අවලොකෙන්තො ඛො පන සො භවං ගොතමො සබ්බකායෙනෙව අවලොකෙති. සො න උද්ධං උල්ලොකෙති. න අධො ඔලොකෙති. න ච විපෙක්ඛමානො ගච්ඡති, යුගමත්තඤ්ච පෙක්ඛති. තතො චස්ස උත්තරිං අනාවටං ඤාණදස්සනං භවති.
Sinhala BJTතවද ඒ භවත් ගෞතමයෝ යන්නාහු දකුණුපයින් මැ පළමු කොට ගමන් අරඹති, ඔබ ඉතා නුදුරෙහි පිය නඟති, ඉතා ළඟ පිය නො තබති, ඔබ ඉතා වෙලෙවි වැ නො යෙති, ඉතා ලැසි වැ නො යෙති, නො ද දණින් දණ ගටමින් යෙති, නො ද ගොප් ඇටයෙන් ගොප් ඇටය ගටමින් යෙති, ඔබ යන්නාහු (ගැඹුරු දියෙහි යනුවන් සෙයින්) කලවේ උඩට නො නමති, කලවේ යටට නො නමති, (තෙමුනු තැන පා තබන සෙයින්) තද කොට නො තබති, (පොතැලිරූ කෙළවන සෙයින්) ඔබ මොබ නො කෙළවති, යන්නා වූ භවත් ගෞතමයන් ගේ කලි යටිකය මැ සැලෙයි, නො ද කායබලයෙන් යෙති, භවත් ගෞතමයෝ කලි බලන්නාහු (ග්‍රීවා නො පෙරළා) හැම කයින් මැ බලති, ඔබ (නකත් ගණන සෙයින්) උඩ නො බලති, යට නො බලති, නො ද අවට බලමින් යෙති, වියදඬු පමණ (දුර) බලති, එතෙකුදු වත් එයින් මතු උන් වහන්සේ ගේ අනාවෘත ඥානදර්‍ශනය වෙයි.
Pali BJTසො අන්තරඝරං පවිසන්තො න කායං උන්නාමෙති. න කායං ඔනාමෙති. න කායං සන්නාමෙති. න කායං විනාමෙති. සො නාතිදූරෙ නාච්චාසන්නෙ ආසනස්ස පරිවත්තති. න ච පාණිනා ආලම්බිත්වා ආසනෙ නිසීදති. න ච ආසනස්මිං කායං පක්ඛිපති. සො අන්තරඝරෙ නිසින්නො සමානො න හත්ථකුක්කුච්චං ආපජ්ජති. න පාදකුක්කුච්චං ආපජ්ජති. න ච අද්දුවෙන අද්දුවං{2} ආරොපෙත්වා නිසීදති. න ච ගොප්ඵකෙන ගොප්ඵකං ආරොපෙත්වා නිසීදති. න ච පාණිනා හනුකං උපාදියිත්වා{3} නිසීදති. සො අන්තරඝරෙ නිසින්නොව සමානො නඡම්භති න කම්පති න වෙධති න පරිතස්සති. අඡම්භී අකම්පී අවෙධී අපරිතස්සී විගතලොමහංසො. විවෙකාවත්තො ච{4} සො භවං ගොතමො අන්තරඝරෙ නිසින්නො හොති.
Sinhala BJTඔබ ඇතුළුගමට පිවිසෙන්නාහු කය උඩට නො නමති, කය යටට නො නමති, කාය සන්නාමන නො කෙරෙති, කය ඔබ මොබ නො නමති, ඔබ ඉතා දුර සිට ඉතා ළඟ සිට අසුනට නො පෙරළෙති, අතින් එල්බගෙන අස්නෙහි නො ද හිඳිති, අස්නෙහි කය නොද බහාලති, ඔබ ඇතුළුගමැ හුන්නාහු අත්කුකුසට නො පැමිණෙති, පාකුකුසට නො පැමිණෙති, දණින් දණ නඟාලා නො ද හිඳිති, ගොප් ඇටයෙන් ගොප්ඇටය නඟාලා නො හිඳිති, අත්ලෙන් හණුව ගෙන නො ද හිඳිති, ඔබ ඇතුළුගම හුන්නාහු බිය නො වෙති, නො ගැලෙති, නො සැලෙති, නො තැතිගනිති. ඔබ නො බන්නාහු නො ගැලෙන්නාහු නො සැලෙන්නාහු නො තැතිගන්නාහු පහවූ ලොමුදහ ඇත්තාහු වෙති. ඒ භවත් ගෞතමයෝ නිර්‍වාණාවර්‍ත සිත් ඇති වැ ඇතුළුගම හුන්නාහු වෙත්.
Pali BJTසො පත්තොදකං පතිගණ්හන්තො න පත්තං උන්නාමෙති. න පත්තං ඔනාමෙති. න පත්තං සන්නාමෙති. න පත්තං විනාමෙති. සො පත්තොදකං පතිගණ්හාති නාතිථොකං නාතිබහුං. සො න බුලුබුලුකාරකං{1} පත්තං ධොවති. න සම්පරිවත්තකං පත්තං ධොවති. න පත්තං භූමියං නික්ඛිපිත්වා හත්ථෙ ධොවති. හත්ථෙසු ධොතෙසු පත්තො ධොතො හොති. පත්තෙ ධොතෙ හත්ථා ධොතා හොන්ති. සො පත්තොදකං ඡඩ්ඩෙති නාතිදූරෙ නාච්චාසන්නෙ න ච විච්ඡඩ්ඩයමානො.
Sinhala BJTඔබ පාත්‍ර දෝනා දිය පිළිගන්නාහු පාත්‍රය උඩට නො නමති, පාත්‍රය යටට නො නමති, පාත්‍රය තද කොට නො ගනිති, පාත්‍රය ඔබ මොබ නො සලති. ඔබ ඉතා මඳ නො කොට ඉතා බොහෝ නො කොට පාත්‍ර දෝනා දිය පිළිගනිති, ඔබ ‘බුලු බුලු’ අනුකරණ කොට පාත්‍රය නො දොවති, පාත්‍රය පෙරළා නො දොවිති, පාත්‍රය බිමැ බහා අත් නො දොවිති, දෙ අත් දෙවූ කලැ පාත්‍රය දෝනාලද වෙයි. පාත්‍රය දෙවූ කලැ හස්තයෝ දෝනාලද වෙති, ඔබ පාදෙවූ දිය ඉතා දුර නො වැ ඉතා ළඟ නො වැ නො ද විසුරුවමින් බැහැරලති.
Pali BJTසො ඔදනං පතිගණ්හන්තො{2} න පත්තං උන්නාමෙති. න පත්තං ඔනාමෙති. න පත්තං සන්නාමෙති. න පත්තං විනාමෙති. සො ඔදනං පතිගණ්හාති නාතිථොකං නාතිබහුං. බ්යඤ්ජනං ඛො පන සො භවං ගොතමො බ්යඤ්ජනමත්තාය ආහාරෙති, න ච බ්යඤ්ජනෙන ආලොපං අතිමානෙති{3}. ද්වත්තික්ඛත්තුං ඛො පන සො භවං ගොතමො මුඛෙ ආලොපං සම්පරිවත්තෙත්වා අජ්ඣොහරති. න චස්ස කාචි ඔදනමිඤ්ජා අසම්භින්නං කායං පවිසති, න චස්ස කාචි ඔදනමිඤ්ජා මුඛෙ අවසිට්ඨා හොති. අථාපරං ආලොපං උපනාමෙති. රසපටිසංවෙදී ඛො පන සො භවං ගොතමො ආහාරං ආහාරෙති නො ච රසරාගපටිසංවෙදී. අට්ඨඞ්ගසමන්නාගතං ඛො පන සො භවං ගොතමො ආහාරං ආහාරෙති. නෙව දවාය න මදාය න මණ්ඩනාය න විභූසනාය යාවදෙව ඉමස්ස කායස්ස ඨිතියා යාපනාය විහිංසූපරතියා බ්රහ්මචරියානුග්ගහාය ඉති පුරාණඤ්ච වෙදනං පටිහඞ්ඛාමි නවඤ්ච වෙදනං න උප්පාදෙස්සාමි. යාත්රා ච මෙ භවිස්සති අනවජ්ජතා ච ඵාසුවිහාරො චා’ති.
Sinhala BJTඔබ බත් පිළිගන්නාහු පාත්‍රය උඩට නො නමති, යටට නො නමති, පාත්‍රය තද කොට නො ගනිති, පාත්‍රය ඔබමොබ නො සලති. ඔබ ඉතා මද නො කොට ඉතා බොහෝ නො කොට බත් පිළිගනිති, යළි ඒ භවත් ගෞතමයෝ ව්‍යඤ්ජනය ව්‍යඤ්ජන පමණින් වළඳති, ව්‍යඤ්ජනයෙන් ආලෝපය (බත්පිඬ) නො ද ඉක්මවති, ඒ භවත් ගෞතමයෝ දෙතුන් වරක් මුවෙහි ආලෝපය පෙරළා පරඟලා කෙරෙති (ගිලිති) කිසි හක්තමජ්ජාවක් අමිශ්‍ර වැ ඔබ ගේ කයට නො ද වදිති, කිසි හක්තමජ්ජාවක් ඔබ ගේ මුවෙහි නො ද ශේෂ වෙයි. ඉක්බිති අනෙක් ආලෝපයක් එළවති. තවද ඒ භවත් ගෞතමයෝ රසවිඳුමින් අහර වළඳති, රසරාගවිදුමින් නො ද වළඳති. තවද ඒ භවත් ගෞතමයෝ අෂ්ටාඞ්ග සමන්‍වාගත ආහාරය වළඳති: ‘දවයට නො වැ මදයට නො වැ මණ්ඩනයට නො වැ භූෂණයට නො වැ මෙ සිරුරෙහි සිටීමට යැපීමට වෙහෙස සන්හිඳීමට බඹසරට අනුග්‍රහයට පමණි. මෙසේ පැරැණි කුසගිනි වේදනාවත් නසමි, අළුත් හත්තසම්මද වේදනාවත් නො උපදවන්නෙමි, මා ගේ ජීවිතයාත්‍රාවන් නිරවද්‍ය භාවයත් පහසුවිහරණයත් වන්නේ යැ”යි.
Pali BJTසො භුත්තාවී පත්තොදකං පතිගණ්හන්තො න පත්තං උන්නාමෙති න පත්තං ඔනාමෙති. න පත්තං සන්නාමෙති. න පත්තං විනාමෙති. සො පත්තොදකං පතිගණ්හාති නාතිථොකං නාතිබහුං. සො න බුලුබුලුකාරකං{1} පත්තං ධොවති න සම්පරිවත්තකං පත්තං ධොවති. න පත්තං භූමියං නික්ඛිපිත්වා හත්ථෙ ධොවති. හත්ථෙසු ධොතෙසු පත්තො ධොතො හොති. පත්තෙ ධොතෙ හත්ථා ධොතා හොන්ති. සො පත්තොදකං ඡඩ්ඩෙති නාතිදූරෙ නාච්චාසන්නෙ, න ච විච්ඡඩ්ඩයමානො. සො භුත්තාවී න පත්තං{4} භූමියං නික්ඛිපති නාතිදූරෙ නාච්චාසන්නෙ, න ච අනත්ථිකො පත්තෙන හොති, න ච අතිවෙලානුරක්ඛී පත්තස්මිං.
Sinhala BJTඔබ වැළැඳූ සේක් පාත්‍ර දෝනා දිය පිළිගන්නාහු පාත්‍රය උඩට නො නඟති, යටට නො බහති, පාත්‍රය ලාහෙලා නො නමති, පාත්‍රය ඔබ මොබ නො නමති, ඔබ ඉතා මඳ නො කොට ඉතා බොහෝ නො කොට පාත්‍ර දෝනා දිය පිළිගනිති. ඔබ ‘බුලු බුලු’ අනුකරණ කොට පාත්‍රය නො දොවිති, පාත්‍රය පෙරළා නො දොවිති, පාත්‍රය බිමැ තබාලා දෙ අත් නො දොවිති, දෙ අත් දෙවූ කල්හි පාත්‍රය දෝනාලද වෙයි, පාත්‍රය දෙවූ කල්හි හස්තයෝ දෝනා ලද වෙති. ඔබ පාත්‍රය දෙවූ දිය නාතිදූරයෙහි හෝ නාත්‍යාසන්නයෙහි හෝ නො දමති. නො ද විසුරුවමින් දමති, ඔබ වැළඳූ සේක් නාතිදූරයෙහි හෝ නාත්‍යාසන්නයෙහිහෝ පාත්‍රය බිමැ නො තබති. පාත්‍රයෙන් අර්‍ත්‍ථ නැත්තාහු නො ද වෙති. පාත්‍රය කල් පන්වා රක්නාහු නො ද වෙති.
Pali BJTසො භුත්තාවී මුහුත්තං තුණ්හී නිසීදති. න ච අනුමොදනස්ස කාලමතිනාමෙති. සො භුත්තාවී අනුමොදති. න තං භත්තං ගරහති. න අඤ්ඤං භත්තං පාටිකඞ්ඛති{5} අඤ්ඤදත්ථු ධම්මියාව කථාය තං පරිසං සන්දස්සෙති සමාදපෙති සමුත්තෙජෙති සම්පහංසෙති. සො තං පරිසං ධම්මියා කථාය සන්දස්සෙත්වා සමාදපෙත්වා සමුත්තෙජෙත්වා සම්පහංසෙත්වා උට්ඨායාසනා පක්කමති.
Sinhala BJTඔබ වැළැඳූසේක් මොහොතක් තූෂ්ණීම්භූත වැ වැඩහිඳිති, අනුමෙවුනියට නො ද කල් ඉක්මවති, ඔබ වැළැඳූසේක් අනුමෝදනා කෙරෙති. එ බත නො ගරහති, අන් බතක් නො පතති. එකත්නෙන් දැහැමි කථායෙකින් මැ එ පිරිස කරුණු දක්වති, සමාදන් කරවති, තෙද ගන්වති, සතුටු කරවති. ඔබ එ පිරිස දැහැමි කථායෙන් කරුණු දක්වා සමාදන් කරවා තෙද ගන්වා සතුටු කරවා හුනස්නෙන් නැඟී නික්ම යෙති.
Pali BJTසො නාතිසීඝං ගච්ඡති, නාතිසණිකං ගච්ඡති, න ච නිමුච්චිතුකාමො{1} ගච්ඡති. න ච තස්ස භොතො ගොතමස්ස කායෙ චීවරං අච්චුක්කට්ඨං හොති, න ච අච්චොක්කට්ඨං, න ච කායස්මිං අල්ලීනං, න ච කායස්මා අපකට්ඨං, න ච තස්ස භොතො ගොතමස්ස කායම්හා වාතො චීවරං අපවහති{2}. න ච තස්ස භොතො ගොතමස්ස කායෙ රජොජල්ලං උපලිප්පති{3}.
Sinhala BJTඔබ ඉතා වෙලෙවි වැ නො යෙති, ඉතා ලැසි වැ නො යෙති, (පිරිසෙන්) නැඟී යනු කැමැති වැ නො ද යෙති. ඒ භවත් ගෞතමයන්ගේ කයෙහි සිවුර (හනුඇටය දක්වා නඟා පොරෝනාවුන්ගේ සෙයින්) උඩට නැඟුණේ නො වෙයි, (ගොප්ඇටය දක්වා බහා පොරෝනාවුන් ගේ සෙයින්) නො බැහුණේ වෙයි. නො ද කයෙහි ඇලුණේ වෙයි, නො ද කයින් වෙන් වූයේ වෙයි. ඒ භවත් ගෞතමයන්ගේ කයින් වාතය සිවුර නො නඟයි. ඒ භවත් ගෞතමයන්ගේ කයෙහි නො ද රජස්දැල් තැවැරෙයි.
Pali BJTසො ආරාමගතො නිසීදති පඤ්ඤත්තෙ ආසනෙ. නිසජ්ජ පාදෙ පක්ඛාලෙති. න ච සො භවං ගොතමො පාදමණ්ඩනානුයොගමනුයුත්තො විහරති. සො පාදෙ පක්ඛාලෙත්වා නිසීදති පල්ලඞ්කං ආභුජිත්වා උජුං කායං පණිධාය පරිමුඛං සතිං උපට්ඨපෙත්වා. සො නෙව අත්තව්යාබාධාය චෙතෙති, න පරව්යාබාධාය චෙතෙති, න උභයව්යාබාධාය චෙතෙති. අත්තහිතං පරහිතං උභයහිතං සබ්බලොකහිතමෙව සො භවං ගොතමො චින්තෙන්තො නිසින්නො හොති.
Sinhala BJTඔබ අරමට ගියාහු පැනවූ අස්නෙහි වැඩහිඳිති. හිඳ පාසඟුළුවන් ප්‍රක්‍ෂාලනා කෙරෙති. ඒ භවත් ගෞතමයෝ නො ද පාද මණ්ඩනයෙහි යෙදී වෙසෙති. ඔබ පාද ප්‍රක්‍ෂාලනා කොට පලක් අවුළුවා (බැඳ) කය ඍජු කොට තබා කර්‍මස්ථානාභිමුඛ කොට සිහි එළවා හිඳිති. ඔබ තමහට දුක් පිණිස නො මැ සිතති, පරාහට දුක් පිණිස නො සිතති. තමහට ද පරාහට ද දුක් පිණිස නො සිතති. ඒ භවත් ගෞතමයෝ ආත්මහිතය ද පරහිතය ද උභයහිතය දැ යි (මෙසේ) සර්‍වලෝකහිතය මැ සිතමින් හුන්නාහු වෙති.
Pali BJTසො ආරාමගතො පරිසතිං ධම්මං දෙසෙති න තං පරිසං උස්සාදෙති. න තං පරිසං අපසාදෙති. අඤ්ඤදත්ථු ධම්මියාව කථාය තං පරිසං සන්දස්සෙති සමාදපෙති සමුත්තෙජෙති සම්පහංසෙති. අට්ඨඞ්ගසමන්නාගතො ඛො පනස්ස භොතො ගොතමස්ස මුඛතො ඝොසො නිච්ඡරති. විස්සට්ඨො ච විඤ්ඤෙය්යො ච මඤ්ජු ච සවනීයො ච බින්දු ච අවිසාරී ච ගම්භීරො ච නින්නාදී ච. යථාපරිසං ඛො පන සො භවං ගොතමො සරෙන විඤ්ඤාපෙති. න චස්ස බහිද්ධා පරිසාය ඝොසො නිච්ඡරති. තෙ තෙන භොතා ගොතමෙන ධම්මියා කථාය සන්දස්සිතා සමාදපිතා සමුත්තෙජිතා සම්පහංසිතා උට්ඨායාසනා පක්කමන්ති අපලොකයමානායෙව අවිජහන්තා භාවෙන{4}. අද්දසාම ඛො මයං භො තං භවන්තං ගොතමං ගච්ඡන්තං. අද්දසාම ඨිතං. අද්දසාම අනන්තරඝරං පවිසන්තං{5} අද්දසාම අන්තරඝරෙ නිසින්නං තුණ්හීභූතං. අද්දසාම භුත්තාවිං අනුමොදන්තං. අද්දසාම ආරාමං ගච්ඡන්තං{6}, අද්දසාම ආරාමගතං නිසින්නං තුණ්හීභූතං. අද්දසාම ආරාමගතං පරිසතිං ධම්මං දෙසෙන්තං. එදිසො ච එදිසො ච භො සො භවං ගොතමො, තතො ච භිය්යො’ති.
Sinhala BJTඔබ අරමට ගියාහු පිරිස්හි දහම් දෙසති. එ පිරිස නො හුවති, එ පිරිස නො හෙළති, එකත්නෙන් දැහැමි කථායෙන් මැ එ පිරිස කරුණු දක්වති, සමාදන් කරවති, තෙද ගන්වති සතුටු කරවති. තවද ඒ භවත් ගෞතමයන්ගේ මුවින් (ශ්ලෙෂ්මාදීන්) බාධිත නො වූ විඥේය වූ මධුර වූ ශ්‍රවණීය වූ සම්පිණ්ඩිත වූ නො විසිරෙනසුලු වූ ගැඹුරු වූ නින්නාද ඇති අෂ්ටාඞ්ගසමන්‍වාගත ඝෝෂය නික්මෙයි. ඒ භවත් ගෞතමයෝ වැළිත් පිරිස් නො ඉක්ම ස්වරයෙන් හඟවති. ඔබගේ ඝෝෂය පිරිසෙන් බැහැර නො නික්මෙයි. ඔහු ඒ භවත් ගෞතමයන් විසින් දැහැමිකථායෙන් කරුණු දක්වන ලද්දාහු සමාදන් කරවන ලද්දාහු තෙද ගන්වන ලද්දාහු ප්‍රහර්‍ෂ කරවන ලද්දාහු හුනස්නෙන් නැඟී අවිජහත් ස්වභාවයෙන් අපලෝකනය කරන්නාහු මැ බැස යෙති. “භවත්නි, අපි ඒ භවත් ගෞතමයන් වඩනවුන් දකුම්හ, සිටියවුන් දකුම්හ, ඇත්ගමට වදනවුන් දකුම්හ, ඇත්ගමෙහි නිහඬ වැ හිඳිනවුන් දකුම්හ, අනුමෝදනා කරන වළඳා නිමවූවන් දකුම්හ, අරම්වදනවුන් දකුම්හ, ආරාමගත වැ නිහඬ වැ හිඳිනවුන් දකුම්හ, ආරාමගත වැ පිරිස්හි දහම් දෙසනවුන් දකුම්හ” කියායි. භවත් ආචාර්‍ය්‍යයෙනි, ඒ භවත් ගෞතමයෝ මෙබඳු මෙබඳු ගුණ ඇතියෝ යි. එයින් වැඩි ගුණ ඇතියෝ ද වෙති.
Pali BJTඑවං වුත්තෙ බ්රහ්මායු බ්රාහ්මණො උට්ඨායාසනා එකංසං උත්තරාසඞ්ගං කරිත්වා යෙන භගවා තෙනඤ්ජලිං පණාමෙත්වා තික්ඛත්තුං උදානං උදානෙසි: නමො තස්ස භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස. නමො තස්ස භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස. නමො තස්ස භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස. අප්පෙව නාම මයං කදාචි කරහචි තෙන භොතා ගොතමෙන සද්ධිං සමාගච්ඡෙය්යාම, අප්පෙව නාම සියා කොචිදෙව කථාසල්ලාපො’ති.
Sinhala BJTමෙසේ කී කල්හි බ්‍රහ්මායු බ්‍රාහ්මණ හුනස්නෙන් නැඟී උත්තරාසඞ්ගය එකස් කොට බහා භාග්‍යවතුන් වහන්සේ වෙත ඇඳිලි බැඳ තෙවිටක් උදන් ඇනි: “ඒ භාග්‍යවත් අර්‍හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේට නමස්කාර වේවා, ඒ භාග්‍යවත් අර්‍හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේට නමස්කාර වේවා, ඒ භාග්‍යවත් අර්‍හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේට නමස්කාර වේවා” කියා යි. අපි කිසියම් දවසෙක ඒ භවත් ගෞතමයන් හා එක්වන්නමෝ නම් මනා මැ නු, කිසියම් කථාසල්ලාපයෙක් වේ නම් මනා මැ නු”යි.
Pali BJTඅථ ඛො භගවා විදෙහෙසු අනුපුබ්බෙන චාරිකං චරමානො යෙන මිථිලා තදවසරි. තත්ර සුදං භගවා මිථිලායං විහරති මඛාදෙවම්බවනෙ. අස්සොසුං ඛො ෙමථිලෙය්යකා{1} බ්රාහ්මණගහපතිකා සමණො ඛලු භො ගොතමො සක්යපුත්තො සක්යකුලා පබ්බජිතො විදෙහෙසු චාරිකං චරමානො මහතා භික්ඛුසඞ්ඝෙන සද්ධිං පඤ්චමත්තෙහි භික්ඛුසතෙහි මිථිලං අනුප්පත්තො මිථිලායං විහරති මඛාදෙවම්බවනෙ. තං ඛො පන භගවන්තං ගොතමං එවං කල්යාණො කිත්තිසද්දො අබ්භුග්ගතො: ‘ඉතිපි සො භගවා අරහං සම්මාසම්බුද්ධො විජ්ජාචරණසම්පන්නො සුගතො ලොකවිදූ අනුත්තරො පුරිසදම්මසාරථි සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවා, සො ඉමං ලොකං සදෙවකං සමාරකං සබ්රහ්මකං සස්සමණබ්රාහ්මණිං පජං සදෙවමනුස්සං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවෙදෙති . සො ධම්මං දෙසෙති ආදිකල්යාණං මජ්ඣෙකල්යාණං පරියොසානකල්යාණං සාත්ථං සබ්යඤ්ජනං කෙවලපරිපුණ්ණං පරිසුද්ධං බ්රහ්මචරියං පකාසෙති. සාධු ඛො පන තථාරූපානං අරහතං දස්සනං හොතී’ති. අථ ඛො ෙමථිලෙය්යකා{1} බ්රාහ්මණගහපතිකා යෙන භගවා තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා අප්පෙකච්චෙ භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදිංසු, අප්පෙකච්චෙ භගවතා සද්ධිං සම්මොදිංසු, සම්මොදනීයං කථං සාරාණීයං{2} වීතිසාරෙත්වා එකමන්තං නිසීදිංසු. අප්පෙකච්චෙ යෙන භගවා තෙනඤ්ජලිං පණාමෙත්වා එකමන්තං නිසීදිංසු, අප්පෙකච්චෙ භගවතො සන්තිකෙ නාමගොත්තං සාවෙත්වා එකමන්තං නිසීදිංසු. අප්පෙකච්චෙ තුණ්හීභූතා එකමන්තං නිසීදිංසු.
Sinhala BJTඑකල්හි බුදුහු විදේහජනපදයෙහි අනුක්‍රමයෙන් සැරිසරන්නාහු මියුලු නුවරට වැඩියහ. එහි දී බුදුහු මියුලු නුවර මුවදෙව් නම් අඹ උයන්හි වැඩවෙසෙති. මියුලුනුවර වැසි බමුණු ගැහැවියෝ තෙල බස් ඇසූහ: “භවත්නි, ශාක්‍යපුත්‍ර වූ ශ්‍රමණ ගෞතමයෝ ශාක්‍යකුලයෙන් නික්ම පැවිදි වූවාහු පන්සියක් පමණ මහත් භික්‍ෂුසඞ්ඝයා හා සමග විදේහයෙහි සැරිසරනසේක් මියුලුනුවරට පැමිණියාහු මියුලුනුවර මුවදෙව් නම් අඹඋයන්හි වැඩ වෙසෙති. ඒ භවත් ගෞතමයන් ගේ මෙබඳු කලණ යසගී උස් වැ නැඟිණ: “මෙ කරුණිනුදු ඒ භාග්‍යවත්හු අර්‍හත්ය, සම්‍යක් සම්බුද්ධයහ, විද්‍යාචරණසම්පන්නයහ, සුගත්හ, ලෝකවිද්හ, අනුත්තරපුරුෂදම්‍යසාරථිහ, දෙවිමිනිසුනට ශාස්තෘයහ, බුද්ධයහ, භාග්‍යවත්හ”, ඔබ දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත මෙලොව හා දෙවිමිනිසුන් සහිත මහණබමුණන් සහිත ප්‍රජාව තමන් විසින් විශිෂ්ටඥානයෙන් දැන පසක් කොට දන්වත්. ඔබ ආදි කල්‍යාණ කොට මධ්‍යකල්‍යාණ කොට පර්‍ය්‍යවසානකල්‍යාණ කොට සාර්‍ත්‍ථ කොට සව්‍යඤ්ජන කොට කේවල පරිපූර්‍ණ කොට දහම් දෙසත්. පිරිසුදු බඹසර පවසත්. එබඳු රහතුන්ගේ දක්මෙක් වේ නම් මැනැවැ”යි. ඉක්බිති මියුලුනුවර වැසි බමුණුගැහැවියෝ භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියහ. එළැඹ කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස් වැ හුන්හ. කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු වූහ. සතුටු වියයුතු සිහි කළයුතු කථාව කොට නිමවා එකත්පස් වැ හුන්හ. කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ වෙත ඇඳිලි බැඳ එකත්පස් වැ හුන්හ. කෙනෙක් භාග්‍යවතුන් හමුයෙහි නම්ගොත් අස්වා එකත්පස් වැ හුන්හ. කෙනෙක් තූෂ්ණීම්භූත වැ එකත්පස් වැ හුන්හු.
Pali BJTඅස්සොසි ඛො බ්රහ්මායු බ්රාහ්මණො, ‘සමණො ඛලු භො ගොතමො සක්යපුත්තො සක්යකුලා පබ්බජිතො මිථිලං අනුප්පත්තො, මිථිලායං විහරති මඛාදෙවම්බවනෙ’ති. අථ ඛො බ්රහ්මායු බ්රාහ්මණො සම්බහුලෙහි මාණවකෙහි සද්ධිං යෙන මඛාදෙවම්බවනං තෙනුපසඞ්කමි. අථ ඛො බ්රහ්මායුනො බ්රාහ්මණස්ස අවිදූරෙ අම්බවනස්ස එතදහොසි: ‘න ඛො මෙතං පතිරූපං යොහං පුබ්බෙ අප්පටිසංවිදිතො සමණං ගොතමං දස්සනාය උපසඞ්කමෙය්ය’න්ති. අථ ඛො බ්රහ්මායු බ්රාහ්මණො අඤ්ඤතරං මාණවකං ආමන්තෙසි: ‘එහි ත්වං මාණවක, යෙන සමණො ගොතමො තෙනුපසඞ්කම, උපසඞ්කමිත්වා මම වචනෙන සමණං ගොතමං අප්පාබාධං අප්පාතඞ්කං ලහුට්ඨානං බලං ඵාසුවිහාරං පුච්ඡ, බ්රහ්මායු භො ගොතම බ්රාහ්මණො භවන්තං ගොතමං අප්පාබාධං අප්පාතඞ්කං ලහුට්ඨානං බලං ඵාසුවිහාරං පුච්ඡතී’ති. එවං ච වදෙහි, බ්රහ්මායු භො ගොතම, බ්රාහ්මණො ජිණ්ණො වුද්ධො මහල්ලකො අද්ධගතො වයො අනුප්පත්තො වීසංවස්සසතිකො ජාතියා තිණ්ණං වෙදානං පාරගූ සනිඝණ්ඩුකෙටුභානං සාක්ඛරප්පභෙදානං ඉතිහාසපඤ්චමානං පදකො වෙය්යාකරණො ලොකායතමහාපුරිසලක්ඛණෙසු අනවයො. යාවතා ඛො බ්රාහ්මණගහපතිකා මිථිලායං පටිවසන්ති බ්රහ්මායු තෙසං බ්රාහ්මණො අග්ගමක්ඛායති යදිදං භොගෙහි. බ්රහ්මායු තෙසං බ්රාහ්මණො අග්ගමක්ඛායති යදිදං මන්තෙහි. බ්රහ්මායු තෙසං බ්රාහ්මණො අග්ගමක්ඛායති යදිදං ආයුනා චෙව යසසා ච. සො භොතො ගොතමස්ස දස්සනකාමො’ති.
Sinhala BJTබ්‍රහ්මායු බමුණු: “සැහැකුලපුත් සැහැකුලින් පැවිදි වූ ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ මියුලු නුවරට වැඩිසේක් මියුලුනුවර මුවදෙව් අඹඋයන්හි වැඩවෙසෙති”යි ඇසුයේ මැ යි. එසඳ බ්‍රහ්මායු බමුණු බොහෝ මණෙවුවන් හා සමග මුවදෙව් අඹ උයන් කරා ගියේ. ඉක්බිති බ්‍රහ්මායු බමුණුහට අඹඋයන්නුදුරෙහි දී තෙල සිත් වී: “මම කැල මැ නො දන්වන ලදුයෙම් මහණ ගොයුමන් දක්නට එළැඹෙම් නම් තෙල මට නො නිසි යැ” යනු යි. එසඳ බ්‍රහ්මායු බමුණු එක්තරා මාණවයකු ඇමැතී: “මාණවකය තෝ එව. මහණ ගොයුමන් කරා එළැඹෙව, එළැඹ මා බසින් මහණ ගොයුමන්ගේ අතින් අල්පාබාධ අල්පාතඞ්ක සැහැල්ලු පැවැතුම් කායබල පහසුවිහරණ පුළුවුස්ව: “භවත් ගෞතමයන් වහන්ස, බ්‍රහ්මායු බමුණු භවත් ගෞතමයන් අතින් නිරාබාධ නිරාතඞ්ක සැහැල්ලු පැවැතුම් කායබල පහසුවිහරණ පුළුවුසී” කියා යි. මෙසේත් කියව: “භවත් ගෞතමයන් වහන්ස, බ්‍රහ්මායු බ්‍රාහ්මණ ජීර්‍ණ යැ වෘද්ධ යැ මහලු යැ බොහෝ කල් ගැළවී යැ. පශ්චිම වයසට පැමිණියේ යැ, උපතින් එක්සියවිසිහැවිරිදි යැ, නිඝණ්ඩු කෙටුභශාස්ත්‍ර සහිත ශික්‍ෂානිරුක්ති සහිත ඉතිහාසය පස්වනු කොට ඇති ත්‍රිවේදයන්ගේ පරතෙර ගියේ යැ පද හදාරන්නේ යැ තදවශේෂ ව්‍යාකරණ හදාරන්නේ යැ. ලෝකායතමහාපුරුෂලක්‍ෂණයෙහි පරිපූරකාරී යැ. මියුලු නුවර යම් තාක් බමුණුගැහැවියෝ වෙසෙත් ද, ඔවුනතුරින් බ්‍රහ්මායු බ්‍රාහ්මණ භෝගයෙන් අග්‍ර ය’යි කියනු ලැබේ. ‘බ්‍රහ්මායු බ්‍රාහ්මණ ඔවුනතුරින් ආයුෂ හා යසසිනුදු අග්‍ර යැ’යි කියනු ලැබේ. හේ භවත් ගෞතමයන් වහන්සේ දක්නා කැමැත්තේ යැ”යි.
Pali BJTඑවං භොති ඛො සො මාණවකො බ්රහ්මායුස්ස බ්රාහ්මණස්ස පටිස්සුත්වා යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවතා සද්ධිං සම්මොදි. සම්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්වා එකමන්තං අට්ඨාසි. එකමන්තං ඨිතො ඛො සො මාණවකො භගවන්තං එතදවොච: බ්රහ්මායු භො ගොතම, බ්රාහ්මණො භවන්තං ගොතමං අප්පාබාධං අප්පාතඞ්කං ලහුට්ඨානං බලං ඵාසුවිහාරං පුච්ඡති. බ්රහ්මායු භො ගොතම, බ්රාහ්මණො ජිණ්ණො -පෙ- ලොකායතමහාපුරිසලක්ඛණෙසු අනවයො. යාවතා භො බ්රාහ්මණගහපතිකා මිථිලායං පටිවසන්ති, බ්රහ්මායු තෙසං බ්රාහ්මණො අග්ගමක්ඛායති යදිදං භොගෙහි. බ්රහ්මායු තෙසං බ්රාහ්මණො අග්ගමක්ඛායති යදිදං මන්තෙහි. බ්රහ්මායු තෙසං බ්රාහ්මණො අග්ගමක්ඛායති යදිදං ආයුනා චෙව යසසා ච. සො භොතො ගොතමස්ස දස්සනකාමො’ති.
Sinhala BJT‘එසේ යැ භවත්නි’ යි ඒ මණෙවු බ්‍රහ්මායු බමුණුහට පිළිවදන් දී භාග්‍යවතුන් කරා එළැඹියේ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ හා සමග සතුටු විය. සතුටු වියයුතු සිහි කටයුතු කථා කොට නිමවා එකත්පස් වැ හින. එකත්පස් වැ හුන් ඒ මණෙවු භාග්‍යවතුන් වහන්සේට තෙල බස් කී: “භවත් ගොයුමාණෙනි, බ්‍රහ්මායු බ්‍රාහ්මණ භවත් ගෞතමයන් අතින් නිරාබාධ නිරාතඞ්ක සැහැල්ලු පැවැතුම් කායබල පහසුවිහරණ පුළුවුසි. භවත් ගෞතමයෙනි, බ්‍රහ්මායු බමුණු ජීර්‍ණ යැ ... ලෝකායතමහාපුරුෂලක්‍ෂණයෙහි පරිපූරකාරී යැ. මියුලු නුවර යම් තාක් බමුණුගැහැවියෝ වෙසෙත් ද, ඔවුනතුරෙහි ‘බ්‍රහ්මායු බමුණු භෝගයෙන් අග්‍ර යැ’යි කියනු ලැබේ. ඔවුනතුරින් බ්‍රහ්මායු බමුණු වෙදයෙන් අග්‍ර යැ’යි කියනු ලැබේ. බ්‍රහ්මායු බමුණු ඔවුනතුරින් ආයුෂ හා යසසිනිදු අග්‍ර යැ’යි කියනු ලැබේ. හේ භවත් ගෞතමයන් වහන්සේ දක්නා කැමැත්තේ යැ”යි.
Pali BJT‘යස්සදානි මාණවක, බ්රහ්මායු බ්රාහ්මණො කාලං මඤ්ඤතී’ති.
Sinhala BJTමාණවකය, එයට දැන් බ්‍රහ්මායු බමුණු කල් දන්නේ යැ’යි.
Pali BJTඅථ ඛො සො මාණවකො යෙන බ්රහ්මායු බ්රාහ්මණො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා බ්රහ්මායුං බ්රාහ්මණං එතදවොච: ‘කතාවකාසො ඛො භවං සමණෙන ගොතමෙන. යස්සදානි භවං කාලං මඤ්ඤතී’ති.
Sinhala BJTඑසඳ ඒ මණෙවු බ්‍රහ්මායු බමුණු කරා එළැඹියේ. එළැඹ බ්‍රහ්මායු බමුණුහට තෙල කී: “භවත් ශ්‍රමණ ගෞතම විසින් කළ අවකාශ ඇත්තේ යැ, එයට දැන් භවත් කල් දන්නේ යැ’යි.
Pali BJTඅථ ඛො බ්රහ්මායු බ්රාහ්මණො යෙන භගවා තෙනුපසඞ්කමි. අද්දසා ඛො සා පරිසා බ්රහ්මායුං බ්රාහ්මණං දූරතොව ආගච්ඡන්තං, දිස්වාන අථ නං{1} ඔකාසමකාසි යථා තං ඤාතස්ස යසස්සිනො. අථ ඛො බ්රහ්මායු බ්රාහ්මණො තං පරිසං එතදවොච: අලං භො, නිසීදථ තුම්හෙ සකෙ ආසනෙ, ඉධාහං සමණස්ස ගොතමස්ස සන්තිකෙ නිසීදිස්සාමීති. අථ ඛො බ්රහ්මායු බ්රාහ්මණො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවතා සද්ධිං සම්මොදි. සම්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො බ්රහ්මායු බ්රාහ්මණො භගවතො කායෙ ද්වත්තිංසමහාපුරිසලක්ඛණානි සමන්නෙසි. අද්දසා ඛො බ්රහ්මායු බ්රාහ්මණො භගවතො කායෙ ද්වත්තිංසමහාපුරිසලක්ඛණානි, යෙභුය්යෙන ඨපෙත්වා ද්වෙ ද්වීසු මහාපුරිසලක්ඛණෙසු කඞ්ඛති විචිකිච්ඡති නාධිමුච්චති න සම්පසීදති, කොසොහිතෙ ච වත්ථගුය්හෙ පහූතජිව්හතාය ච. අථ ඛො බ්රහ්මායු බ්රාහ්මණො භගවන්තං ගාථාහි අජ්ඣභාසි:
Sinhala BJTඑසඳ බ්‍රහ්මායු බමුණු භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියේ. එ පිරිස බ්‍රහ්මායු බමුණු දුරැ දී මැ එන්නා දුටු. දැක ඉක්බිති යසස්වී ඥාතපුරුෂයකුට සෙයින් ඔහුට අවකාශ කළා. එසඳ බ්‍රහ්මායු බමුණු එ පිරිසට තෙල කී: “භවත්නි, කම් නැත, තෙපි සිය අස්නෙහි හිඳුව, මෙහි මම් මහණ ගොයුමන් වෙත හිඳිමි”යි. ඉක්බිති බ්‍රහ්මායු බමුණු භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියේ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ හා සමග සතුටු වී. සතුටු වියයුතු සාරාණීය කථාව කොට නිමවා එකත්පස් වැ හින. එකත්පස් වැ හුන් බ්‍රහ්මායු බමුණු භාග්‍යවතුන් වහන්සේගේ කයෙහි දෙතිස් මහපුරිස් ලකුණු පිරික්සී. බ්‍රහ්මායු බමුණු භාග්‍යවතුන්ගේ කයෙහි දෙලකුණක් තබා දෙතිස් මහාපුරිස්ලකුණු බෙහෙවින් දිට. මහපුරිස් ලකුණු දෙකක් (දක්නට) පතයි, සොයමින් වෙහෙසෙයි, සනිටුහනට නො යෙයි, (නො දැක්මෙන්) නො පහදී. කෝෂාවහිතවස්ත්‍රගුහ්‍යතායෙහි ද ප්‍රභූතජිහ්වතායෙහි ද යන දෙක්හි යැ. ඉක්බිති බ්‍රහ්මායු බමුණු භාග්‍යවතුන් වහන්සේට ගාථායෙන් කී:
Pali BJTයෙ මෙ ද්වත්තිංසාති සුතා මහාපුරිසලක්ඛණා,දුවෙ තෙසං න පස්සාමි භොතො කායස්මිං ගොතම.
Sinhala BJT“ගොයුමාණෙනි, මා විසින් යම් මහපුරිස්ලකුණු දෙතිසකැ’යි අසනලද ද ඔවුනතුරින් දෙකක් භවතුන්ගේ කයෙහි නො දක්මි.
Pali BJTකච්චි කොසොහිතං භොතො වත්ථගුය්හං නරුත්තම, නාරීසහනාම සව්හයා{2} කච්චි ජිව්හා න රස්සිකා{3}
Sinhala BJTනරෝත්තමයෙනි, කිම භවත්හුගේ කෝෂාවහිතවස්ත්‍රගුහ්‍යය ඇද්ද? කිම ස්ත්‍රීලිඞ්ගයෙන් කියයුතු භ්‍රස්ව නො වූ ජිහ්වා ඇද්ද?
Pali BJTකච්චි පහූතජිව්හොසි? යථා තං ජානියාමසෙ, නින්නාමයෙතං තනුකං, කඞ්ඛං විනය නො ඉසෙ.
Sinhala BJTකිම ප්‍රභූතජිහ්ව වෙහි ද? භවත් ඍෂිවරයිනි, අපි යම් පරිදි එය දනුමෝ නම් එ පරිදි තෙල තුනී දිව නෙරුව මැනැවැ. සැක දුරු කළ මැනැවැ.
Pali BJTදිට්ඨධම්මහිතත්ථාය සම්පරාය සුඛාය ච, කතාවකාසා පුච්ඡෙමු{4} යං කිඤ්චි අභිපත්ථිත’න්ති.
Sinhala BJTයම් කිසිවක් පතනලද නම් එය කළ අවකාශ ඇතියමෝ ඓහලෞකිකසුඛය සඳහාත් පාරලෞකිකසුඛය සඳහා ත් පුළුවුසුම්හ.
Pali BJTඅථ ඛො භගවතො එතදහොසි: ‘පස්සති ඛො මෙ අයං බ්රහ්මායු බ්රාහ්මණො ද්වත්තිංස මහාපුරිසලක්ඛණානි යෙභුය්යෙන ඨපෙත්වා ද්වෙ. ද්වීසු මහාපුරිසලක්ඛණෙසු කඞ්ඛති විචිකිච්ඡති නාධිමුච්චති න සම්පසීදති කොසොහිතෙ ච වත්ථගුයහ පහූතජිව්හතාය චාති. අථ ඛො භගවා තථාරූපං ඉද්ධාභිසඞ්ඛාරං අභිසඞ්ඛාසි. යථා අද්දස බ්රහ්මායු බ්රාහ්මණො භගවතො කොසොහිතං වත්ථගුය්හං. අථ ඛො භගවා ජිව්හං නින්නාමෙත්වා උභොපි කණ්ණසොතානි අනුමසි පරිමසි{1}, උභොපි නාසිකාසොතානි අනුමසි පරිමසි. කෙවලම්පි{2} ලලාටමණ්ඩලං{3} ජිව්හාය ඡාදෙසි{4}. අථ ඛො භගවා බ්රහ්මායුං බ්රාහ්මණං ගාථාහි පච්චභාසි.
Sinhala BJTඑසඳ භාග්‍යවතුන් වහන්සේට තෙල සිත් වී: “මේ බ්‍රහ්මායු බ්‍රාහ්මණ මා ගේ දෙතිස් මහපුරිස් ලකුණු බෙහෙවින් දෙකක් තබා දක්නේ යැ, මහපුරිස් ලකුණු දෙකෙක ආකාඞ්ක්‍ෂා කෙරෙයි, විචිකිත්සා කෙරෙයි, සනිටුහන් නො කෙරෙයි, සම්ප්‍රසාද නො කෙරෙයි. කෝෂාවහිතවස්ත්‍රගුහ්‍යයෙහි හා ප්‍රභූතජිහ්වතායෙහි යි. එසඳ බුදුහු යම්සේ බ්‍රහ්මායු බ්‍රාහ්මණ භාග්‍යවතුන් වහන්සේගේ කෝෂාවහිතවස්ත්‍රගුහ්‍යය දිටි නම් එබඳු ඉදුහයක් කොළෝ. ඉක්බිති බුදුහු දිව නෙරැ දෙකන්සිදත් අනුමර්‍ශ පරිමර්‍ශ කළහ, දෙනැහැසිදත් අනුමර්‍ශ පරිමර්‍ශ කළහ, සියලු නළල්මඬල ද වැසූහ. ඉක්බිති බුදුහු බ්‍රහ්මායු බමුණුහට ගාථායෙන් මෙසේ වදාළහ:
Pali BJTයෙ තෙ ද්වත්තිංසාති සුතා මහාපුරිසලක්ඛණා, සබ්බෙ තෙ මම කායස්මිං මා තෙ කඞ්ඛාහු බ්රාහ්මණ.
Sinhala BJT“බමුණ තොප විසින් දෙතිසකැ’යි යම් මහපුරිස්ලකුණු කෙනෙක් අසනලදහු නම් එ හැම මාගේ කයෙහි වෙයි. තොපට නහමක් සැක වේවා.
Pali BJTඅභිඤ්ඤෙය්යං අභිඤ්ඤාතං භාවෙතබ්බඤ්ච භාවිතං, පහාතබ්බං පහීනං මෙ තස්මා බුද්ධොස්මි බ්රාහ්මණ.
Sinhala BJTබමුණ මා විසින් දතයුත්ත දන්නාලද, භාවිතව්‍යය භාවිත යැ, ප්‍රහාතව්‍යය ප්‍රහාණය කරන ලද, එහෙයින් බුද්ධ වෙමි.
Pali BJTදිට්ඨධම්මහිතත්ථාය සම්පරාය සුඛාය ච, කතාවකාසො පුච්ඡස්සු යං කිඤ්චි අභිපත්ථිතන්ති.
Sinhala BJTඉහාත්මයෙහි හිතයට ද පරලෙව්හි සුඛයට ද කළ අවකාශ ඇතියම්හ, යම් කිසිවක් පතනලද නම් එය පුළුවුස්ව”යි.