Majjhima Nikāya

Middle-Length Discourses

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 3501-3600 න් 6395

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTකතමො පන භන්තෙ ආනන්ද, කායසමාචාරො ඔපාරම්භො සමණෙහි බ්රාහ්මණෙහි විඤ්ඤූහීති?
Sinhala BJTවහන්ස, ආනන්‍දයෙනි, නුවණැති මහණබමුණන් විසින් නිග්‍රහ කළයුතු කායසමාචාර නම් කවරේ යැ?
Pali BJTයො ඛො මහාරාජ, කායසමාචාරො අකුසලො.
Sinhala BJTමහරජ, යම් කායසමාචාරයෙක් අකුසල් වේ ද, එය යි.
Pali BJTකතමො පන භන්තෙ, කායසමාචාරො අකුසලො?
Sinhala BJTවහන්ස, අකුශල කායසමාචාර නම් කවරේ යැ?
Pali BJTයො ඛො මහාරාජ, කායසමාචාරො සාවජ්ජො.
Sinhala BJTමහරජ, යම් කායසමාචාරයෙක් සාවද්‍ය වේ ද, එය යි.
Pali BJTකතමො පන භන්තෙ, කායසමාචාරො සාවජ්ජො?
Sinhala BJTවහන්ස, සාවද්‍ය කායසමාචාර නම් කවරේ යැ?
Pali BJTයො ඛො මහාරාජ, කායසමාචාරො සබ්යාපජ්ඣො{5}.
Sinhala BJTමහරජ, යම් කායසමාචාරයෙක් සදුඃඛ වේ ද, එය යි.
Pali BJTකතමො පන භන්තෙ, කායසමාචාරො සබ්යාපජ්ඣො?
Sinhala BJTවහන්ස, සදුඃඛ කායසමාචාර නම් කවරේ යැ?
Pali BJTයො ඛො මහාරාජ, කායසමාචාරො දුක්ඛවිපාකො.
Sinhala BJTමහරජ, යම් කායසමාචාරයෙක් නිස්ස්‍යන්‍ද දුඃඛවිපාක වේ ද, එය යි.
Pali BJTකතමො පන භන්තෙ, කායසමාචාරො දුක්ඛවිපාකො?
Sinhala BJTවහන්ස, නිස්ස්‍යන්‍ද දුඃඛවිපාක කායසමාචාර නම් කවරේ යැ?
Pali BJTයො ඛො මහාරාජ, කායසමාචාරො අත්තව්යාබාධායපි සංවත්තති, පරව්යාබාධායපි සංවත්තති, උභයව්යාබාධායපි සංවත්තති. තස්ස අකුසලා ධම්මා අභිවඩ්ඪන්ති, කුසලා ධම්මා පරිහායන්ති. එවරූපො ඛො මහාරාජ, කායසමාචාරො ඔපාරම්භො සමණෙහි බ්රාහ්මණෙහි විඤ්ඤූහීති.
Sinhala BJTමහරජ, යම් කායසමාචාරයෙක් ආත්මව්‍යාබාධ පිණිස වැටේ ද, පරව්‍යාබාධ පිණිස වැටේ ද, උභය ව්‍යාබාධ පිණිස වැටේ ද, ඔහුට අකුශලධර්‍මයෝ වැඩෙත් ද, කුශලධර්‍මයෝ පිරිහෙත් ද, මහරජ, මෙ බඳු කායසමාචාරය නුවණැති මහණබමුණන් විසින් උපාරම්භ (නින්‍දා) කළයුතු වෙයි.
Pali BJTකතමො පන භන්තෙ ආනන්ද, වචීසමාචාරො -පෙ- මනොසමාචාරො ඔපාරම්භො සමණෙහි බ්රාහ්මණෙහි විඤ්ඤූහීති?
Sinhala BJTවහන්ස, ආනන්‍දයෙනි, නුවණැති මහණබමුණන් විසින් උපාරම්භ කළයුතු වාක්සමාචාර .... මනඃසමාචාර කවරේ ද?
Pali BJTයො ඛො මහාරාජ, මනොසමාචාරො අකුසලො.
Sinhala BJTමහරජ, යම් මනඃසමාචාරයෙක් අකුසල් වේ ද, එය යි.
Pali BJTකතමො පන භන්තෙ, මනොසමාචාරො අකුසලො?
Sinhala BJTවහන්ස, අකුසල මනඃසමාචාර කවරේ ද?
Pali BJTයො ඛො මහාරාජ, මනොසමාචාරො සාවජ්ජො.
Sinhala BJTමහරජ, යම් මනඃසමාචාරයෙක් සාවද්‍ය වේ ද, එය යි.
Pali BJTකතමො පන භන්තෙ, මනොසමාචාරො සාවජ්ජො?
Sinhala BJTවහන්ස, සාවද්‍යමනඃසමාචාර කවරේ ද?
Pali BJTයො ඛො මහාරාජ, මනොසමාචාරො සබ්යාපජ්ඣො.
Sinhala BJTමහරජ, යම් මනඃසමාචාරයෙක් සාවද්‍යබාධ වේ ද, එය යි.
Pali BJTකතමො පන භන්තෙ, මනොසමාචාරො සබ්යාපජ්ඣො?
Sinhala BJTවහන්ස, සාවද්‍යබාධ මනඃසමාචාර කවරේ ද?
Pali BJTයො ඛො මහාරාජ, මනොසමාචාරො දුක්ඛවිපාකො.
Sinhala BJTමහරජ, යම් මනඃසමාචාරයෙක් දුඃඛවිපාක වේ ද, එය යි.
Pali BJTකතමො පන භන්තෙ, මනොසමාචාරො දුක්ඛවිපාකො?
Sinhala BJTවහන්ස, දුඃඛවිපාක වූ මනඃසමාචාර කවරේ ද?
Pali BJTයො ඛො මහාරාජ, මනොසමාචාරො අත්තව්යාබාධායපි සංවත්තති -පෙ- උභයබ්යාබාධායපි සංවත්තති. තස්ස අකුසලා ධම්මා අභිවඩ්ඪන්ති, කුසලා ධම්මා පරිහායන්ති. එවරූපො ඛො මහාරාජ, මනොසමාචාරො ඔපාරම්භො සමණෙහි බ්රාහ්මණෙහි විඤ්ඤූහීති.
Sinhala BJTමහරජ, යම් මනඃසමාචාරයෙක් ආත්මව්‍යාබාධ පිණිසත් පවතී ද, ... උභයව්‍යාබාධ පිණිසත් පවතී ද, ඔහට අකුශලධර්‍මයෝ වැඩෙති. කුශලධර්‍මයෝ පිරිහෙති, මහරජ, මෙ බඳු මනඃසමාචාර නුවණැති මහණබමුණන් විසින් උපාරම්භ කටයුතු වෙයි.
Pali BJTකින්නු ඛො භන්තෙ ආනන්ද, සො භගවා සබ්බෙසංයෙව අකුසලානං ධම්මානං පහානං වණ්ණෙතීති?
Sinhala BJTවහන්ස, ආනන්‍දයෙනි, කිම, ඒ භාග්‍යවත්හු හැම අකුශලධර්‍මයන් ගේ මැ ප්‍රහාණය වර්‍ණනා කෙරෙත් දැ?යි.
Pali BJTසබ්බා’කුසලධම්මපහීනො{1} ඛො මහාරාජ, තථාගතො කුසලධම්මසමන්නාගතොති.
Sinhala BJTමහරජ, තථාගතයෝ හැම අකුසල්දහම් ප්‍රහීණ කළ කෙනෙක. කුශලධර්‍ම සමන්‍වාගත කෙනෙකැ’යි.
Pali BJTකතමො පන භන්තෙ ආනන්ද, කායසමාචාරො අනොපාරම්භො සමණෙහි බ්රාහ්මණෙහි විඤ්ඤූහීති?
Sinhala BJTවහන්ස, ආනන්‍දයෙනි, වැළිත් නුවණැති මහණබමුණන් විසින් උපාරම්භ නො කළයුතු කායසමාචාර කවරේ දැ?යි.
Pali BJTයො ඛො මහාරාජ, කායසමාචාරො කුසලො.
Sinhala BJTමහරජ, යම් කායසමාචාරයෙක් කුසල් වේ ද එය යි.
Pali BJTකතමො පන භන්තෙ, කායසමාචාරො කුසලො?
Sinhala BJTවහන්ස, කුශලකායසමාචාර කවරේ ද?
Pali BJTයො ඛො මහාරාජ, කායසමාචාරො අනවජ්ජො.
Sinhala BJTමහරජ, යම් කායසමාචාරයෙක් අනවද්‍ය වේ ද එය යි.
Pali BJTකතමො පන භන්තෙ, කායසමාචාරො අනවජ්ජො?
Sinhala BJTවහන්ස, අනවද්‍යකායසමාචාර කවරේ ද?
Pali BJTයො ඛො මහාරාජ, කායසමාචාරො අබ්යාපජ්ඣො.{2}
Sinhala BJTමහරජ, යම් කායසමාචාරයෙක් අව්‍යාබාධ වේ ද, එය යි.
Pali BJTකතමො පන භන්තෙ, කායසමාචාරො අබ්යාපජ්ඣො?
Sinhala BJTවහන්ස, අව්‍යාබාධ කායසමාචාර කවරේ ද?
Pali BJTයො ඛො මහාරාජ, කායසමාචාරො සුඛවිපාකො.
Sinhala BJTමහරජ, යම් කායසමාචාරයෙක් සුඛවිපාක ඇත්තේ ද, එය යි.
Pali BJTකතමො පන භන්තෙ, කායසමාචාරො සුඛවිපාකො?
Sinhala BJTවහන්ස, සුඛවිපාක ඇති කායසමාචාර කවරේ ද?
Pali BJTයො ඛො මහාරාජ, කායසමාචාරො නෙවත්තව්යාබාධායපි සංවත්තති, න පරව්යාබාධායපි සංවත්තති, න උභයව්යාබාධායපි සංවත්තති. තස්ස අකුසලා ධම්මා පරිහායන්ති, කුසලා ධම්මා අභිවඩ්ඪන්ති. එවරූපො ඛො මහාරාජ, කායසමාචාරො අනොපාරම්භො සමණෙහි බ්රාහ්මණෙහි විඤ්ඤූහීති.
Sinhala BJTමහරජ, යම් කායසමාචාරයෙක් ආත්මව්‍යාබාධ පිණිසත් නො වැටේ ද, පරව්‍යාබාධ පිණිසත් නො වැටේ ද උභයව්‍යාබාධ පිණිසත් නො වැටේ ද, ඔහට අකුශලධර්‍මයෝ පිරිහෙති, කුශලධර්‍මයෝ වැඩෙති. මහරජ, මෙබඳු වූ කායසමාචාරය නුවණැති මහණ බමුණන් විසින් උපාරම්භ කටයුතු නො වේ යයි.
Pali BJTකතමො පන භන්තෙ ආනන්ද, වචීසමාචාරො -පෙ- මනොසමාචාරො අනොපාරම්භො සමණෙහි බ්රාහ්මණෙහි විඤ්ඤූහීති?
Sinhala BJTවහන්ස, ආනන්‍දයෙනි, වැළිත් නුවණැති මහණබමුණන් විසින් උපාරම්භ නො කටයුතු වාක්සමාචාර ... මනඃසමාචාර කවරේ දැ? යි.
Pali BJTයො ඛො මහාරාජ, මනොසමාචාරො කුසලො.
Sinhala BJTමහරජ, යම් මනඃසමාචාරයෙක් කුසල් වේ ද, එය යි.
Pali BJTකතමො පන භන්තෙ, මනොසමාචාරො කුසලො?
Sinhala BJTවහන්ස, කුශල වූ මනඃසමාචාර කවරේ ද?
Pali BJTයො ඛො මහාරාජ, මනොසමාචාරො අනවජ්ජො.
Sinhala BJTමහරජ, යම් මනඃසමාචාරයෙක් අනවද්‍ය වේ ද, එය යි.
Pali BJTකතමො පන භන්තෙ, මනොසමාචාරො අනවජ්ජො?
Sinhala BJTවහන්ස, අනවද්‍ය මනඃසමාචාර කවරේ ද?
Pali BJTයො ඛො මහාරාජ, මනොසමාචාරො අබ්යාපජ්ඣො.
Sinhala BJTමහරජ, යම් මනඃසමාචාරයෙක් අව්‍යාබාධ වේ ද, එය යි.
Pali BJTකතමො පන භන්තෙ, මනොසමාචාරො අබ්යාපජ්ඣො?
Sinhala BJTවහන්ස, අව්‍යාබාධ මනඃසමාචාර කවරේ ද?
Pali BJTයො ඛො මහාරාජ, මනොසමාචාරො සුඛවිපාකො.
Sinhala BJTමහරජ, යම් මනඃසමාචාරයෙක් සුඛවිපාක ඇත්තේ ද, එය යි.
Pali BJTකතමො පන භන්තෙ, මනොසමාචාරො සුඛවිපාකො?
Sinhala BJTවහන්ස, සුඛවිපාක ඇති මනඃසමාචාර කවරේ ද?
Pali BJTයො ඛො මහාරාජ, මනොසමාචාරො නෙවත්තව්යාබාධායපි සංවත්තති, න පරව්යාබාධායපි සංවත්තති, න උභයව්යාබාධායපි සංවත්තති. තස්ස අකුසලා ධම්මා පරිහායන්ති, කුසලා ධම්මා අභිවඩ්ඪන්ති. එවරූපො ඛො මහාරාජ, මනොසමාචාරො අනොපාරම්භො සමණෙහි බ්රාහ්මණෙහි විඤ්ඤූහීති.
Sinhala BJTමහරජ, යම් මනඃසමාචාරයෙක් ආත්මව්‍යාබාධ පිණිසත් නො වැටේ ද, පරව්‍යාබාධ පිණිසත් නො වැටේ ද, උභයව්‍යාබාධ පිණිසත් නො වැටේ ද ඔහට අකුශල ධර්‍මයෝ පිරිහෙති, කුශලධර්‍මයෝ වැඩෙති. මහරජ, මෙවන් මනඃසමාචාරය නුවණැති මහණ බමුණන් විසින් උපාරම්භ කටයුතු නො වේ යයි.
Pali BJTකිං පන{1} භන්තෙ ආනන්ද, සො භගවා සබ්බෙසංයෙව කුසලානං ධම්මානං උපසම්පදං වණ්ණෙතීති?
Sinhala BJTකිම වහන්ස, ආනන්‍දයෙනි, ඒ බුදුහු හැම කුශලධර්‍මයන්ගේ මැ රැස් කිරීම පසසත් දැ? යි.
Pali BJTසබ්බා’කුසලධම්මපහීනො ඛො මහාරාජ, තථාගතො කුසලධම්මසමන්නාගතොති.
Sinhala BJTමහරජ, තථාගතයෝ ප්‍රහීණ කළ හැම අකුසල් දහම් ඇතියහ, කුශලධර්‍මසමන්‍වාගතයහ’යි.
Pali BJTඅච්ඡරියං භන්තෙ, අබ්භුතං භන්තෙ, යාවසුභාසිතඤ්චිදං{2} භන්තෙ, ආයස්මතා ආනන්දෙන. ඉමිනා ච මයං භන්තෙ, ආයස්මතො ආනන්දස්ස සුභාසිතෙන අත්තමනාභිරද්ධා. එවං අත්තමනාභිරද්ධා ච මයං භන්තෙ, ආයස්මතො ආනන්දස්ස සුභාසිතෙන. සචෙ භන්තෙ, ආයස්මතො ආනන්දස්ස හත්ථිරතනං කප්පෙය්ය, හත්ථිරතනම්පි මයං ආයස්මතො ආනන්දස්ස දදෙය්යාම. සචෙ, භන්තෙ, ආයස්මතො ආනන්දස්ස අස්සරතනං කප්පෙය්ය, අස්සරතනම්පි මයං ආයස්මතො ආනන්දස්ස දදෙය්යාම. සචෙ භන්තෙ, ආයස්මතො ආනන්දස්ස ගාමවරං කප්පෙය්ය, ගාමවරම්පි මයං ආයස්මතො ආනන්දස්ස දදෙය්යාම. අපි ච භන්තෙ, මයම්පෙතං{3} ජානාම: නෙතං ආයස්මතො ආනන්දස්ස කප්පතීති. අයං මෙ භන්තෙ, බාහිතිකා රඤ්ඤා{4} මාගධෙන අජාතසත්තුනා වෙදෙහිපුත්තෙන වත්ථනාළියා{5} පක්ඛිපිත්වා පහිතා සොළසසමා ආයාමෙන, අට්ඨසමා විත්ථාරෙන. තං භන්තෙ, ආයස්මා ආනන්දො පතිග්ගණ්හාතු අනුකම්පං උපාදායාති.
Sinhala BJTවහන්ස, ආශ්චර්‍ය්‍ය යැ, වහන්ස, අද්භූත යි, වහන්ස, ආයුෂ්මත් ආනන්‍දයන් විසින් මේ වදාළ තාක් සුභාෂිත මැ යි. වහන්ස, ඇපි ආයුෂ්මත් ආනන්‍දයන් ගේ මේ සුභාෂිතයෙනුදු සතුටුසිත් ඇතියමෝ ආරාධිතයම්හ. වහන්ස, මෙසෙයින් ආයුෂ්මත් ආනන්‍දයන් ගේ සුභාෂිතයෙන් සතුටු වැ සිත් ඇල වූ ඇපි ඉදින් වහන්ස, ආයුෂ්මත් ආනන්‍දයනට හස්ති රත්නය කැප වේ නම් ආයුෂ්මත් ආනන්‍දයනට හස්තිරත්නය ද දෙම්හ. වහන්ස, ඉදින් ආයුෂ්මත් ආනන්‍දයනට අශ්වරත්නය කැප වේ නම්, ඇපි ආයුෂ්මත් ආනන්‍දයනට අශ්ව රත්නය ද දෙම්හ. වහන්ස, ඉදින් ආයුෂ්මත් ආනන්‍දයනට ගම්වර කැප වේ නම් ඇපි ආයුෂ්මත් ආනන්‍දයනට ගම්වර ද දෙම්හ. එතෙකුදුවත් වහන්ස, තෙලෙ ආයුෂ්මත් ආනන්‍දයනට කැප නො වේ’ යන තෙල කරුණ ඇපි දු දනුම්හ. වහන්ස, මා ගේ මේ බාහිතික වස්ත්‍රය මගධේශ්වර වූ වේදේහි පුත්‍ර ආජාතසත්තු රජු විසින් වස්ත්‍රනාළියෙහි බහා එවන ලද්දේ අයමින් සොළොස්හත් විතරින් අටහත් ඇතියේ යැ, වහන්ස, එය ආයුෂ්මත් ආනන්‍දයෝ අනුකම්පා පිණිස පිළිගන්නා සේක්ව’යි.
Pali BJTඅලං මහාරාජ, පරිපුණ්ණං මෙ තිචීවරන්ති.
Sinhala BJTමහරජ, කම් නැත. මට තුන්සිවුරු පරිපූර්‍ණ යැ යි.
Pali BJTඅයං භන්තෙ, අචිරවතී නදී දිට්ඨා ආයස්මතා චෙව ආනන්දෙන අම්හෙහි ච. යදා උපරි පබ්බතෙ මහාමෙඝො අභිප්පවුට්ඨො හොති{1} අථායං අචිරවතී නදී උභතො කූලානි සංවිස්සන්දන්තී ගච්ඡති. එවමෙව ඛො භන්තෙ, ආයස්මා ආනන්දො ඉමාය බාහිතිකාය අත්තනො තිචීවරං කරිස්සති. යම්පනායස්මතො ආනන්දස්ස පුරාණං තිචීවරං, තං සබ්රහ්මචාරීහි සංවිභජිස්සති. එවායං අම්හාකං දක්ඛිණා සංවිස්සන්දන්තී මඤ්ඤෙ ගමිස්සති. පටිග්ගණ්හාතු භන්තෙ, ආයස්මා ආනන්දො බාහිතිකන්ති.
Sinhala BJTවහන්ස, මේ අචිරවතී හොය ආයුෂ්මත් අනඳ තෙරණුවන් විසිනුදු අප විසිනුදු දක්නා ලද. යම් කලෙක පර්‍වත මස්තකයෙහි මහාමේඝයෙක් මොනොවට වටුයේ වේ ද, එකල මේ අචිරවතී හොය දෙපස ඉවුරු ගලමින් යෙයි. වහන්ස, එපරිදි මැ ආයුෂ්මත් අනඳ තෙරණුවෝ මේ බාහිතික වස්ත්‍රයෙන් තමනට තුන් සිවුරු කරන්නාහ. ආයුෂ්මත් අනඳ තෙරණුවන් ගේ යම් පැරණි තුන්සිවුරෙක් වී නම් එය සබ්‍රම්සරුන් හා බෙදා ගන්නාහ. මෙසේ අප ගේ මේ දක්‍ෂිණාව ඉතිරැ යන්නාක් මෙන් යෙයි. වහන්ස, ආයුෂ්මත් අනඳ තෙරණුවෝ බාහිතික වස්ත්‍ර පිළිගන්නා සේක්වා.
Pali BJTපටිග්ගහෙසි ඛො ආයස්මා ආනන්දො බාහිතිකං. අථ ඛො රාජා පසෙනදි කොසලො ආයස්මන්තං ආනන්දං එතදවොච: ‘හන්ද චදානි මයං භන්තෙ ආනන්ද, ගච්ඡාම, බහුකිච්චා මයං බහුකරණීයා’ති. යස්සදානි ත්වං මහාරාජ, කාලං මඤ්ඤසීති.
Sinhala BJTආයුෂ්මත් අනඳ තෙරණුවෝ බාහිතික වස්ත්‍ර පිළිගත්හ. එසඳ පසේනදි කොසොල්රජ ආයුෂ්මත් අනඳ තෙරණුවනට තෙල කී: “වහන්ස, ආනන්‍දයෙනි, අපි දැන් යම්හ, අපි බොහෝ කිස ඇතියම්හ, බොහෝ කරණී ඇතියම්හ යි, මහරජ, තෙපි දැන් එයට කල් දනුව.
Pali BJTඅථ ඛො රාජා පසෙනදි කොසලො ආයස්මතො ආනන්දස්ස භාසිතං අභිනන්දිත්වා අනුමොදිත්වා උට්ඨායාසනා ආයස්මන්තං ආනන්දං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා පක්කාමි.
Sinhala BJTඉක්බිති පසේනදි කොසොල්රජ ආයුෂ්මත් අනඳ තෙරණුවන්ගේ බස අභිනන්‍දනා කොට අනුමෝදනා කොට හුනස්නෙන් නැඟී ආයුෂ්මත් අනඳ තෙරණුවන් සකසා වැඳ පැදකුණු කොට බැස ගියේ,
Pali BJTඅථ ඛො ආයස්මා ආනන්දො අචිරපක්කන්තස්ස රඤ්ඤොපසෙනදිස්ස කොසලස්ස යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ආයස්මා ආනන්දො යාවතකො අහොසි රඤ්ඤා පසෙනදිනා කොසලෙන සද්ධිං කථාසල්ලාපො. තං සබ්බං භගවතො ආරොචෙසි. තඤ්ච බාහිතිකං භගවතො පාදාසි.
Sinhala BJTඉක්බිති ආයුෂ්මත් අනඳ තෙරණුවෝ පසේනදි කොසොල් රජු බැස ගිය නොබෝ කල් ඇති කල්හි භාග්‍යවතුන් කරා එළැඹියහ. එළැඹ බුදුන් වැඳ එකත්පස් වැ හුන්හ. එකත් පස් වැ හුන් ආයුෂ්මත් අනඳ තෙරණුවෝ පසේනදි කොසොල් රජු හා සමග යම් පමණ කථාසල්ලාපයෙක් වී ද එ හැම භාග්‍යවතුන්හට සැලකළහ. එ බාහිතික වස්ත්‍රය ද භාග්‍යවතුන් වහන්සේට පිළිගැන්වූහ.
Pali BJTඅථ ඛො භගවා භික්ඛූ ආමන්තෙසි: ‘ලාභා භික්ඛවෙ, රඤ්ඤො පසෙනදිස්ස කොසලස්ස, සුලද්ධලාභා භික්ඛවෙ, රඤ්ඤො පසෙනදිස්ස කොසලස්ස. යං රාජා{2} පසෙනදි කොසලො ලභති ආනන්දං දස්සනාය, ලභති පයිරුපාසනායාති.
Sinhala BJTඑසඳ බුදුහු භික්‍ෂූන් ඇමැතූසේක: “මහණෙනි, පසේනදි කොසොල්රජහට ලාභයෙක, මහණෙනි, පසේනදි කොසොල් රජහට මනා ලාභයෙක. යම් හෙයෙකින් පසේනදි කොසොල් රජ ආනන්‍දයන් දක්නට ලැබේ ද පර්‍ය්‍යුපාසනයට ලැබේ ද එහෙයිනැ”යි.
Pali BJTඉදමවොච භගවා. අත්තමනා තෙ භික්ඛූ භගවතො භාසිතං අභිනන්දුන්ති.
Sinhala BJTබුදුහු මෙය වදාළහ. සතුටුසිත් ඇති එ මහණහු භාග්‍යවතුන් ගේ භාෂිතය අනුමෝදන් කළහ’යි.
Pali BJTබාහිතිකසුත්තං නිට්ඨිතං අට්ඨමං.
Sinhala BJTඅට වැනි බාහිතික සූත්‍ර යි.
Pali BJT2. 4. 9.
Sinhala BJT2. 4. 9.
Pali BJTධම්මචෙතියසුත්තං
Sinhala BJTධම්මචේතිය සූත්‍රය
Pali BJTඑවං මෙ සුතං: එකං සමයං භගවා සක්කෙසු විහරති මෙදතළුම්පං{1} නාම සක්යානං නිගමො. තෙන ඛො පන සමයෙන රාජා පසෙනදි කොසලො නගරකං{2} අනුප්පත්තො හොති කෙනචිදෙව කරණීයෙන. අථ ඛො රාජා පසෙනදි කොසලො දීඝං කාරායනං ආමන්තෙසි: ‘යොජෙහි සම්ම කාරායන, භද්රානි භද්රානි යානානි, උය්යානභූමිං ගච්ඡාම සුභූමිං දස්සනායා’ති. එවා දෙවාති ඛො දීඝො කාරායනො රඤ්ඤො පසෙනදිස්ස කොසලස්ස පටිස්සුත්වා භද්රානි භද්රානි යානානි යොජාපෙත්වා රඤ්ඤො පසෙනදිස්ස කොසලස්ස පටිවෙදෙසි: ‘යුත්තානි ඛො දෙව භද්රානි භද්රානි යානානි. යස්සදානි කාලං මඤ්ඤසී’ති. අථ ඛො රාජා පසෙනදි කොසලො භද්රං යානං අභිරුහිත්වා භද්රෙහි භද්රෙහි යානෙහි නගරම්හා නිය්යාසි මහච්ච{3} රාජානුභාවෙන. යෙන ආරාමො තෙන පායාසි. යාවතිකා යානස්ස භූමි යානෙන ගන්ත්වා යානා පච්චොරොහිත්වා පත්තිකොව ආරාමං පාවිසි.
Sinhala BJTමා විසින් මෙසේ අසන ලද: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ ශාක්‍යජනපදයෙහි මේදතළුම්ප නම් සැහැරජුන් ගේ නියම්ගම්හි වැඩ වසන සේක. එසමයෙහි පසේනදි කොසොල් රජ කිසි කටයුත්තෙකින් නගරක නම් ශාක්‍යනිගමයට පැමිණියේ වෙයි. එසඳ පසේනදි කොසොල් රජ දීඝකාරායන සෙනෙවි ඇමැති: “සගය කාරායනයෙනි, භද්‍ර භද්‍ර යානයන් යොදව, මනාබිම් වූ උයන්බිම දක්නට යම්හ”යි. ‘එසේ යැ දේවයිනි’යි දීඝකාරායන පසේනදි කොසොල් රජහට පිළිවදන් අස්වා භද්‍රභද්‍ර යානයන් යොදවා පසේනදි කොසොල් රජහට දැන්වී: “දේවයිනි, භද්‍රභද්‍ර යානයෝ යොදනලදහ, එයට දැන් කල් දන්නේ යැ’යි. එසඳ පසේනදි කොසොල් රජ සුන්‍දර යානයෙක නැඟී සුන්‍දර සුන්‍දර යානයෙන් යුතු වැ මහත්වූ රාජානුභාවයෙන් නුවරින් නික්මියේ, ආරාමය කරා ගියේ. යානභූමි තාක් යානයෙන් ගොස් යානයෙන් බැස පාගමනින් මැ අරමට පිවිසියේ යි.
Pali BJTඅද්දසා ඛො රාජා පසෙනදි කොසලො ආරාමෙ ජඞ්ඝාවිහාරං අනුචඞ්කමමානො අනුවිචරමානො රුක්ඛමූලානි පාසාදිකානි පසාදනීයානි අප්පසද්දානි අප්පනිග්ඝොසානි විජනවාතානි මනුස්සරාහසෙය්යකානි පටිසල්ලානසාරුප්පානි. දිස්වාන භගවන්තංයෙව ආරබ්භ සති උදපාදි: ‘ඉමානි ඛො තානි{4} රුක්ඛමූලානි පාසාදිකානි පසාදනීයානි අප්පසද්දානි අප්පනිග්ඝොසානි විජනවාතානි මනුස්සරාහස්සෙය්යකානි පටිසල්ලානසාරුප්පානි, යත්ථ සුදං මයං තං භගවන්තං පයිරුපාසාම අරහන්තං සම්මාසම්බුද්ධන්ති.
Sinhala BJTපසේනදි කොසොල් රජ ආරාමයෙහි ජඞ්ඝාවිහාරයෙහි සක්මන් කරනුයේ ඇවිදිනුයේ දැකුම්කලු වූ ප්‍රසාද එළවන්නා වූ නිහඬ වූ නිර්ඝෝෂ රහිත ජනවාත රහිත වූ මිනිසුන් ගේ රහස්කමට නිසි වූ පිළිසලනට නිසි වූ රුක්මුල් සෙනසුන් දිට. දැක බුදුනු මැ ඇරබ සිහි උපන: “යම් බඳු සෙනසුනෙක අපි ඒ අර්‍හත් සම්‍යක්සම්බුද්ධ භාග්‍යවතුන් වහන්සේ පර්‍ය්‍යුපාසන කරමෝ නම් මේ එ බඳු දැකුම්කලු වූ ප්‍රසාද එළවන්නා වූ නිහඬ වූ අල්පනිර්ඝෝෂ ඇති ජනවාත රහිත වූ මිනිසුන්ගේ රහස්කමට නිසි වූ පිළිසලනට නිසි වූ රුක්මුල් සෙනසුනැ”යි.
Pali BJTඅථ ඛො රාජා පසෙනදි කොසලො දීඝං කාරායනං ආමන්තෙසි: ඉමානි ඛො සම්ම කාරායන, තානි රුක්ඛමූලානි පාසාදිකානි පසාදනීයානි අප්පසද්දානි අප්පනිග්ඝොසානි විජනවාතානි මනුස්සරාහස්සෙය්යකානි පටිසල්ලානසාරුප්පානි. යත්ථ සුදං{5} මයං තං භගවන්තං පයිරුපාසාම අරහන්තං සම්මාසම්බුද්ධං. කහං නු ඛො සම්ම කාරායන, එතරහි සො භගවා විහරති අරහං සම්මාසම්බුද්ධොති?
Sinhala BJTඑසඳ පසේනදි කොසොල් රජ දීඝකාරායන සෙනෙවි ඇමැතී: “සගය කාරායනයෙනි, යම් බඳු සෙනසුනෙකැ අපි ඒ අර්‍හත් සම්‍යක්සම්බුද්ධ භාග්‍යවතුන් වහන්සේ පර්‍ය්‍යුපාසන කරමෝ නම් මේ එ බඳු දැකුම්කලු වූ ප්‍රසාද එළවන්නා වූ නිහඬ වූ අල්පනිර්ඝෝෂ ඇති ජනවාත රහිත වූ මිනිසුන්ගේ රහස්කමට නිසි වූ පිළිසලනට නිසි වූ රුක්මුල් සෙනසුන. සගය කාරායනයෙනි, දැන් ඒ අර්‍හත් සම්‍යක් සම්බුද්ධ භාග්‍යවතුන් වහන්සේ කොහි වැඩ වෙසෙත් දැ? යි.
Pali BJTඅත්ථි මහාරාජ, මෙදතළුම්පං{1} නාම සක්යානං නිගමො. තත්ථ සො භගවා එතරහි අරහං සම්මාසම්බුද්ධො විහරතී’ති. කීව දූරො පන සම්ම කාරායන, නගරකම්හා{6} මෙදතළුම්පං{1} නාම සක්යානං නිගමො හොතීති? න දූරෙ මහාරාජ, තීණි යොජනානි. සක්කා දිවසාවසෙසෙන ගන්තුන්ති. තෙන හි සම්ම කාරායන, යොජෙහි භද්රානි භද්රානි යානානි, ගමිස්සාම මයං තං භගවන්තං දස්සනාය අරහන්තං සම්මාසම්බුද්ධ’න්ති.
Sinhala BJTමහරජ, මේදතළුම්ප නම් ශාක්‍යයන්ගේ නිගමයෙක් ඇත. දැන් ඒ අර්‍හත් සම්‍යක් සම්බුද්ධ භාග්‍යවත්හු එහි වැඩ වෙසෙති’යි. සගය කාරායනයෙනි, නගරක නියම්ගම්හි සිට මේදතළුම්ප නම් සැහැරජුන්ගේ නිගමය කොපමණ දුරැති වේ දැ? යි. මහරජ, දුරැ නො වෙයි. තුන් යොදුනෙකැ. දිවසාවශේෂයෙන් යන්නට හැක්කැ’යි. එසේ වී නම් සගය කාරායනයෙනි, භද්‍රභද්‍රයානයන් යොදව. ඇපි ඒ අර්‍හත් සම්‍යක් සම්බුද්ධ භාග්‍යවතුන් වහන්සේ
Pali BJTඑවං දෙවාති ඛො දීඝො කාරායනො රඤ්ඤො පසෙනදිස්ස කොසලස්ස පටිස්සුත්වා භද්රානි භද්රානි යානානි යොජාපෙත්වා රඤ්ඤො පසෙනදිස්ස කොසලස්ස පටිවෙදෙසි: යුත්තානි ඛො තෙ දෙව, භද්රානි භද්රානි යානානි. යස්සදානි කාලං මඤ්ඤසී’ති. අථ ඛො රාජා පසෙනදි කොසලො භද්රං යානං අභිරුහිත්වා භද්රෙහි භද්රෙහි යානෙහි නගරකම්හා නික්ඛමිත්වා යෙන මෙදතළුම්පං නාම සක්යානං නිගමො තෙන පායාසි. තෙනෙව දිවසාවසෙසෙන මෙදතළුම්පං නාම සක්යානං නිගමං සම්පාපුණි. යෙන ආරාමො තෙන පායාසි. යාවතිකා යානස්ස භූමි යානෙන ගන්ත්වා යානා පච්චොරොහිත්වා පත්තිකොව ආරාමං පාවිසි.
Sinhala BJTදක්නට යම්හ’යි. ‘එසේ යැ දේවයිනි’යි දීඝකාරායන සෙනෙවි පසේනදි කොසොල් රජහට පිළිවදන් දී භද්‍ර වූ භද්‍ර වූ යානයන් යොදවා පසේනදි කොසොල් රජහට දැන්වී: “දේවයිනි, භද්‍ර වූ භද්‍ර වූ යානයෝ යොදන ලදහ. එයට දැන් කල් දනැ”යි. එ සඳ පසේනදි කොසොල් රජ සුන්‍දර යානයෙකැ නැඟී සුන්‍දර සුන්‍දර යානයෙන් යුතු වැ නගරක නම් නිගමයෙන් නික්ම මේදතළුම්ප නම් නියම්ගම කරා පිටත් වැ ගියේ, එ මැ දිවසාවශේෂයෙන් මේදතළුම්ප නම් සැහැරජුන්ගේ නියම්ගමට පැමිණියේ, අරම කරා ගියේ යි. යාන භූමි තාක් යානයෙන් ගොස් යානයෙන් බැස පාගමනින් මැ අරමට පිවිසියේ යි.
Pali BJTතෙන ඛො පන සමයෙන සම්බහුලා භික්ඛූ අබ්භොකාසෙ චඞ්කමන්ති. අථ ඛො රාජා පසෙනදි කොසලො යෙන තෙ භික්ඛූ තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා තෙ භික්ඛූ එතදවොච: කහං නු ඛො භන්තෙ, එතරහි සො භගවා විහරති අරහං සම්මාසම්බුද්ධො, දස්සනකාමා හි මයං තං භගවන්තං අරහන්තං සම්මාසම්බුද්ධ’න්ති. එසො මහාරාජ, විහාරො සංවුතද්වාරො තෙන අප්පසද්දො උපසඞ්කමිත්වා අතරමානො ආලින්දං පවිසිත්වා උක්කාසිත්වා අග්ගලං ආකොටෙහි. විවරිස්සති තෙ භගවා ද්වාර’න්ති. අථ ඛො රාජා පසෙනදි කොසලො තත්ථෙව ඛග්ගඤ්ච උණ්හීසඤ්ච දීඝස්ස කාරායනස්ස පාදාසි. අථ ඛො දීඝස්ස කාරායනස්ස එතදහොසි: රහායති ඛොදානි මහාරාජා තෙනිධෙවදානි{1} මයා ඨාතබ්බ’න්ති. අථ ඛො රාජා පසෙනදි කොසලො යෙන සො විහාරො සංවුතද්වාරො තෙන අප්පසද්දො උපසඞ්කමිත්වා අතරමානො ආලින්දං පවිසිත්වා උක්කාසිත්වා අග්ගලං ආකොටෙසි. විවරි භගවා ද්වාරං. අථ ඛො රාජා පසෙනදි කොසලො විහාරං පවිසිත්වා භගවතො පාදෙ සිරසා නිපතිත්වා භගවතො පාදානි මුඛෙන ච පරිචුම්බති, පාණීහි ච පරිසම්බාහති, නාමඤ්ච සාවෙති: රාජාහං භන්තෙ, පසෙනදි කොසලො, රාජාහං භන්තෙ, පසෙනදි කොසලො’ති.
Sinhala BJTඑසමයෙහි බොහෝ මහණහු අභ්‍යවකාශයෙහි සක්මන් කෙරෙති. එසඳ පසේනදි කොසොල් රජ එ මහණුන් කරා එළැඹියේ යැ. එළැඹ එ මහණුනට තෙල බස් කී: “වහන්ස, දැන් ඒ අර්‍හත් සම්‍යක් සම්බුද්ධ භාග්‍යවත්හු කොහි යැ? අපි ඒ අර්‍හත් සම්‍යක් සම්බුද්ධ භාග්‍යවතුන් දක්නා රිසියම්හ”යි. මහරජ, තෙලෙ වෙහෙර පියූ දොර ඇතියේ යැ. එහෙයින් නිහඬ වැ එළැඹ වෙලෙවි නො වැ අක්දෙරියට පිවිස උකැසි හඬ කොට කවළියෙහි (කෙසි සිද වෙත) අකොළව (සෙමින් පහරව). බුදුහු තොපට දොර විවර කෙරෙති’යි. ඉක්බිති පසේනදි කොසොල් රජ කඩුවත් නළල්පටත් එහි මැ දීඝකාරායනහට දින. ඉක්බිති දීඝකාරයනහට තෙල සිත් වී: “දැන් කලි මහරජ රහස් බෙණෙයි, එයින් දැන් මා මෙහි මැ සිටියයුතු යැ”යි. එසඳ පසේනදි කොසොල්රජ පියූ දොර ඇති එ වෙහෙර කරා නිශ්ශබ්ද වැ එළැඹ නො වෙලෙවි වැ අක්දෙරියට වැද උකැසි හඬ නඟා කවුළු පහළේ යැ. බුදුහු දොර විවර කොළෝ. එසඳ පසේනදි කොසොල් රජ වෙහෙර වැද බුදුන්ගේ පාමුල හිසින් වැටී බුදුන්ගේ පාසඟළ මුවිනුදු සිඹී, දෙඅතිනුදු සම්බාහනා කෙරෙයි, නමුදු අස්වයි: “වහන්ස, මම පසේනදි කොසොල් රජමි, වහන්ස, මම පසේනදි කොසොල් රජමි”යි.
Pali BJTකිං පන ත්වං මහාරාජ, අත්ථවසං සම්පස්සමානො ඉමස්මිං සරීරෙ එවරූපං පරමනිපච්චාකාරං කරොසි, චිත්තූපහාරං{2} උපදංසෙසීති?
Sinhala BJTමහරජ, තෙපි කිනම් කරුණක් දක්මින් මේ සිරුරෙහි ලා මෙ බඳු පරම ගෞරවාකාර කරව. ගෞරවොපහාර දක්වව?
Pali BJTඅත්ථි ඛො මෙ භන්තෙ, භගවති ධම්මන්වයො, හොති සම්මාසම්බුද්ධො භගවා, ස්වාක්ඛාතො භගවතා ධම්මො, සුපටිපන්නො{3} භගවතො සාවකසඞ්ඝො’ති. ඉධාහං භන්තෙ, පස්සාමි එකෙ සමණබ්රාහ්මණෙ පරියන්තකතං බ්රහ්මචරියං චරන්ති. දසපි වස්සානි, වීසතිම්පි වස්සානි, තිංසම්පි වස්සානි, චත්තාරීසම්පි වස්සානි. තෙ අපරෙන සමයෙන සුනහාතා සුවිලිත්තා කප්පිතකෙසමස්සූ පඤ්චහි කාමගුණෙහි සමප්පිතා සමඞ්ගීභූතා පරිචාරෙන්ති{4}. ඉධ පනාහං භන්තෙ, භික්ඛූ පස්සාමි යාවජීවං පාණකොටිකං පරිපුණ්ණං පරිසුද්ධං බ්රහ්මචරියං චරන්තෙ. න ඛො පනාහං භන්තෙ, ඉතො බහිද්ධා අඤ්ඤං එවං පරිපුණ්ණං පරිසුද්ධං බ්රහ්මචරියං සමනුපස්සාමි. අයම්පි ඛො මෙ භන්තෙ, භගවති ධම්මන්වයො, හොති සම්මාසම්බුද්ධො භගවා, ස්වාක්ඛාතො භගවතා ධම්මො, සුපටිපන්නො සඞ්ඝොති{5}.
Sinhala BJTවහන්ස, භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි ධර්‍මාන්‍වයෙක් ඇත: “භගවත්හු සම්‍යක් සම්බුද්ධයහ. භගවත්හු විසින් ධර්‍මය ස්වාඛ්‍යාතය. භගවත්හුගේ සවුසඟහු සුපිළිපන්හ”යි. වහන්ස, මම මෙලොව දසවසෙක විසිවසෙක තිස්වසෙක සතලිස්වසෙකැ’යි මෙසේ අවධි සහිත කොට බඹසර පුරන ඇතැම් මහණබමුණු කෙනකුන් දක්මි. පසු කලෙක ඔහු මොනොවට සනහා සිටියාහු විලෙවුන් ගත්තාහු අන්දම් තැබූ කෙහෙමස් ඇත්තාහු පස්කම් ගුණෙන් සමර්පිත වැ සමඞ්ගීභූත වැ ඉඳුරන් පිනවත්, වහන්ස, මම මෙ සස්නෙහි දිවි ඇති තාක් ප්‍රාණපරිත්‍යාගය ඇතුළු කොට ඇති පිරිපුන් පිරිසුදු බඹසර පුරන මහණුන් දක්මි. වහන්ස, මම මෙ සස්නෙන් බැහැර මෙසේ පිරිපුන් පිරිසුදු අන් බඹසරක් නො දක්මි. වහන්ස, භගවත්හු කෙරෙහි මා ගේ මේ ධර්‍මාන්‍වය ද ඇත: “භගවත්හු සම්‍යක් සම්බුද්ධයහ, භගවත්හු විසින් දහම මොනොවට දෙසන ලද, සඟහු සුපිළිපන්හ”යි.
Pali BJTපුන චපරං භන්තෙ, රාජානොපි රාජූහි විවදන්ති. ඛත්තියාපි ඛත්තියෙහි විවදන්ති. බ්රාහ්මණාපි බ්රාහ්මණෙහි විවදන්ති. ගහපතීපි ගහපතීහි විවදන්ති. මාතාපි පුත්තෙන විවදති. පුත්තොපි මාතරා විවදති. පිතාපි පුත්තෙන විවදති. පුත්තොපි පිතරා විවදති. භාතාපි භාතරා විවදති. භාතාපි භගිනියා විවදති. භගිනියාපි භාතරා විවදති. සහායොපි සහායෙන විවදති. ඉධ පනාහං භන්තෙ, භික්ඛූ පස්සාමි සමග්ගා සම්මොදමානා අවිවදමානා ඛීරොදකීභූතා අඤ්ඤමඤ්ඤං පියචක්ඛූහි සම්පස්සන්තා විහරන්ති{1}. න ඛො පනාහං භන්තෙ, ඉතො බහිද්ධා අඤ්ඤං එවං සමග්ගං පරිසං සමනුපස්සාමි. අයම්පි ඛො මෙ භන්තෙ, භගවති ධම්මන්වයො හොති: සම්මාසම්බුද්ධො භගවා, ස්වාක්ඛාතො භගවතා ධම්මො, සුපටිපන්නො සඞ්ඝොති.
Sinhala BJTතවද වහන්ස, රජදරුවෝ ද රජදරුවන් හා විවාද කෙරෙති, කැත්කුල ඇතියෝ ද කැත්කුලැතියන් හා විවාද කෙරෙති, බමුණෝ ද බමුණන් හා විවාද කෙරෙති, ගැහැවියෝ ද ගැහැවියන් හා විවාද කෙරෙති, මව ද පුතු හා විවාද කෙරෙයි, පුත් ද මව හා විවාද කෙරෙයි, පියා ද පුතු හා විවාද කෙරෙයි, පුත් ද පියා හා විවාද කෙරෙයි, සොහොවුරා ද සොහොවුරු හා විවාද කෙරෙයි, බෑයා ද බුහුන හා විවාද කෙරෙයි, බුහුන ද බෑයා හා විවාද කෙරෙයි, යහළු ද යහළු හා විවාද කෙරේ. වහන්ස, මම මෙ සස්නෙහි සමග වූ සතුටු වන විවාද නො කරන කිරි-දිය සේ එක් වූ උනුන් ප්‍රිය ඇසින් දක්මින් වෙසෙන මහණුන් දක්මි. වහන්ස, මම මෙ සස්නෙන් බැහැර මෙසේ සමඟ වූ අන් පිරිසක් නො මැ දක්මි. වහන්ස, භගවත්හු කෙරෙහි මා ගේ මේ ධර්‍මාන්‍වය ද ඇත: “භගවත්හු සම්‍යක් සම්බුද්ධයහ, භගවත්හු විසින් සිව්සස් දහම් මොනොවට දෙසන ලද, සඟහු සුපිළිපන්හ”යි.
Pali BJTපුන චපරාහං භන්තෙ, ආරාමෙන ආරාමං, උය්යානෙන උය්යානං අනුචඞ්කමාමි අනුවිචරාමි. සොහං තත්ථ පස්සාමි එකෙ සමණබ්රාහ්මණෙ කිසෙ ලූඛෙ දුබ්බණ්ණෙ උප්පණ්ඩුප්පණ්ඩුකජාතෙ{2} ධමනිසන්ථතගත්තෙ න විය මඤ්ඤෙ චක්ඛුං බන්ධන්තෙ ජනස්ස දස්සනාය. තස්ස මය්හං භන්තෙ එවං හොති{3} අද්ධා ඉමෙ ආයස්මන්තො අනභිරතා{4} වා බ්රහ්මචරියං චරන්ති. අත්ථි වා තෙසං කිඤ්චි පාපං කම්මං කතං පටිච්ඡන්නං. තථා ඉමෙ ආයස්මන්තො කිසා ලූඛා දුබ්බණ්ණා උප්පණ්ඩුප්පණ්ඩුකජාතා ධමනිසන්ථතගත්තා න විය මඤ්ඤෙ චක්ඛුං බන්ධන්ති ජනස්ස දස්සනායාති. ත්යාහං උපසඞ්කමිත්වා එවං වදාමි: කින්නු තුම්හෙ ආයස්මන්තො කිසා ලූඛා දුබ්බණ්ණා උප්පණ්ඩුප්පණ්ඩුකජාතා ධමනිසන්ථතගත්තා, න විය මඤ්ඤෙ චක්ඛුං බන්ධථ ජනස්ස දස්සනායාති. තෙ එවමාහංසු: බන්ධුකරොගො නො මහාරාජා’ති. ඉධ පනාහං භන්තෙ, භික්ඛූ පස්සාමි හට්ඨපහට්ඨා උදග්ගුදග්ගා අභිරතරූපා පීණිතින්ද්රියා අප්පොස්සුක්කා පන්නලොමා පරදවුත්තා මිගභූතෙන චෙතසා විහරන්ති{5}. තස්ස මය්හං භන්තෙ, එවං හොති{3}. අද්ධා ඉමෙ ආයස්මන්තො තස්ස භගවතො සාසනෙ උළාරං පුබ්බෙනාපරං විසෙසං සඤ්ජානන්ති, තථා ඉමෙ ආයස්මන්තො හට්ඨපහට්ඨා උදග්ගුදග්ගා අභිරතරූපා පීණිතින්ද්රියා අප්පොස්සුක්කා පන්නලොමා පරදවුත්තා මිගභූතෙන චෙතසා විහරන්තී’ති. අයම්පි ඛො මෙ භන්තෙ, භගවති ධම්මන්වයො හොති සම්මාසම්බුද්ධො භගවා, ස්වාක්ඛාතො භගවතා ධම්මො, සුප්පටිපන්නො සඞ්ඝොති.
Sinhala BJTතවද වහන්ස, මම අරමින් අරමට උයනින් උයනට සක්මන් කරමි, ඇවිදුමි. එ මම් එහි කෘශ වූ රළු වූ දුර්වර්‍ණ වූ හටගත් පඬුපැහැ ඇති නහර ඉල්පුණු සිරුරු ඇති ඇතැම් මහණබමුණු කෙනකුන් පුනපුනා දක්නට ජනයාගේ නෙත් නො බඳනවුන් මෙන් දක්මි. වහන්ස, එ මට මෙසේ සිත් වෙයි: “එකැතින් මේ ආයුෂ්මත්හු අනභිරත වැ හෝ බමසර සෙරෙති. ඔවුන් විසින් පිළිසන් වැ කළ පව්කමෙක් හෝ ඇත. එසේ මැ යැ මේ ආයුෂ්මත්හු කෘශ වූවාහු රූක්‍ෂ වූවාහු දුර්වර්‍ණ වූවාහු හටගත් පඬුපැහැ සිරුරු ඇත්තාහු නහර පැතුරුණු සිරුරු ඇත්තාහු වෙති. ජනයාගේ දර්‍ශනය පිණිස ඇස් නො බඳනවුන් සෙයින් වෙති”යි. මම ඔවුන් කරා එළැඹ මෙසේ කියමි: “ආයුෂ්මත්නි, තෙපි කවර හෙයකින් කෘශ වව, රූක්‍ෂ වව, දුර්වර්‍ණ වව. හටගත් පඬුරෝ ඇතියාව. නහර ඉපිළි සිරුරු ඇතියාව, ජනයාගේ දර්‍ශනයට ඇස් නො බඳනවුන් සෙයින් වව”යි. ඔහු මෙසේ කීහු: “මහරජ අපට බන්‍ධු (පරපුරින් ආ) රෝගයෙකැ”යි. වහන්ස, මම මෙ සස්නෙහි තුටු පහටු ඔදවැඩි අභිරත රූප ඇති පිණාගිය ඉඳුරන් ඇති අල්පොත්සුක වූ (නිර්‍භය හෙයින්) හුණුලොම් ඇති පරා දුන් දැයින් වැටුම් ඇති නිරාශසිතින් වසන මහණුන් දක්මි. වහන්ස, මට මෙසේ සිත් වෙයි: “මේ ආයුෂ්මත්හු එකැතින් ඒ භගවත්හුගේ ශාසනයෙහි උදාර වූ පළමු ඉපැයූ විශේෂයෙන් වැඩි අපර විශේෂයක් දනිත් මැ යැ. එසේ මැ යි මේ ආයුෂ්මත්හු තුටු පහටු වැ ඔදවැඩි වැ අභිරතරූප ඇති වැ පිණාගිය ඉඳුරන් ඇති වැ ප්‍රත්‍යයොත්පාදයෙහි අල්පොත්සුක වැ (අත්‍රස්ත) හෙයින් පතිතලෝම වැ පරා දුන් දැයින් යැපෙත දිවිවැටුම් ඇති වැ නිරාශසිතින් වෙසෙති”යි. වහන්ස, භගවත්හු කෙරෙහි මා ගේ මේ ධර්‍මාන්‍වය ද ඇත: “භගවත්හු සම්‍යක් සම්බුද්ධයහ, භගවත්හු විසින් ධර්‍මය මනාකොට දෙසන ලද, සඟහු සුපිළිපන්හ”යි.
Pali BJTපුන චපරාහං භන්තෙ, රාජා ඛත්තියො මුද්ධාවසිත්තො පහොමි ඝාතෙතායං වා ඝාතෙතුං ජාපෙතායං වා ජාපෙතුං. පබ්බාජෙතායං වා පබ්බාජෙතුං. තස්ස මය්හං භන්තෙ, අට්ටකරණෙ{6} නිසින්නස්ස අන්තරන්තරා කථං ඔපාතෙන්ති. සොහං න ලභාමි: මාමෙ{7} භොන්තො අට්ටකරණෙ{6} නිසින්නස්ස මෙ අන්තරන්තරා කථං ඔපාතෙථ.{8} කථාපරියොසානං මෙ භවන්තො ආගමෙන්තූති. තස්ස මය්හං භන්තෙ, අන්තරන්තරාව
Sinhala BJTතවද වහන්ස, මම මුදුනෙහි බිසෙස් කළ කැත් රජ වූයෙම් නස්නට නිසියහු නසන්නට වේවයි. නිර්ධන කරන්නට නිසියහු නිර්ධන කරන්නට වේවයි රටින් නෙරනට නිසියහු රටින් නෙරන්නට වේවයි පොහොමි, වහන්ස, අධිකරණවිනිශ්චයෙහි හිඳුනා මට අතරතුර කථා බහත්. මම “මේ භවත්හු අධිකරණයෙහි හිඳුනා මට අතරතුර කථා නහමක් බහත්වා: මේ භවත්හු මාගේ කථා පර්‍ය්‍යවසානය බලා සිටිත්වා” යනු නො ලබමි. වහන්ස, මට අතරතුර කථා බහත්. වහන්ස, යම් දවසෙක භාග්‍යවතුන් වහන්සේ අනේකශත
Pali BJTකථං ඔපාතෙන්ති. ඉධ පනාහං භන්තෙ, භික්ඛූ පස්සාමි යස්මිං සමයෙ භගවා අනෙකසතාය පරිසාය ධම්මං දෙසෙති, නෙව තස්මිං සමයෙ භගවතො සාවකානං ඛිපිතසද්දො වා හොති උක්කාසිතසද්දො වා. භූතපුබ්බං භන්තෙ, භගවා අනෙකසතාය පරිසාය ධම්මං දෙසෙසි. තත්රඤ්ඤතරො භගවතො සාවකො උක්කාසි. තමෙනඤ්ඤතරො සබ්රහ්මචාරී ජණ්ණුකෙන ඝට්ටෙසි: ‘අප්පසද්දො ආයස්මා හොතු, මායස්මා සද්දමකාසි. සත්ථා නො භගවා ධම්මං දෙසෙතී’ති. තස්ස මය්හං භන්තෙ, එතදහොසි: අච්ඡරියං වත භො, අබ්භුතං වත භො. අදණ්ඩෙන වත කිර භො අසත්ථෙන එවං සුවිනීතා පරිසා භවිස්සතී’ති. න ඛො පනාහං භන්තෙ, ඉතො බහිද්ධා අඤ්ඤං එවං සුවිනීතං පරිසං සමනුපස්සාමි. අයම්පි ඛො මෙ භන්තෙ, භගවති ධම්මන්වයො හොති: ‘සම්මාසම්බුද්ධො භගවා, ස්වාක්ඛාතො භගවතා ධම්මො, සුපටිපන්නො සඞ්ඝො’ති.
Sinhala BJTපර්‍ෂද්හි දහම් දෙසන සේක් ද, එදවස්හි භාග්‍යවතුන් වහන්සේ ගේ සව්වන් කිවිස්නා ශබ්දයෙක් වේවයි, උකැසි හඬෙක් වේවයි නැත් ද, එ බඳු මහණුන් මෙ සස්නෙහි දක්මි. වහන්ස, වූවිරී දැයක් කියමි:භාග්‍යවතුන් වහන්සේ අනේකශතපර්ෂද්හි දහම් දෙසූ සේක. එහි දී භාග්‍යවතුන් වහන්සේ අන්‍යතර ශ්‍රාවකයෙක් උකැසි කෙළේ. එක්තරා සබ්‍රම්සරෙක් දණින් උහු ගැටී: “ආයුෂ්මත් නිහඬ වේවා, ආයුෂ්මත් නහමක් ශබ්ද කරන්නේ යැ. අප ගේ භාග්‍යවතුන් වහන්සේ දහම් දෙසන සේකැ”යි. වහන්ස, මට තෙල සිත් වී: “භවත්නි, ආශ්චර්‍ය්‍ය මැ යැ භවත්නි, අදණ්ඩයෙන් අශස්ත්‍රයෙන් මෙසේ සුවිනීත පර්‍ෂද් වේ මැ යයි. වහන්ස, මෙ සස්නෙන් බැහැර මම මෙසේ සුවිනීත අන් පිරිසක් නො දක්මි. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මා ගේ මේ ධර්‍මාන්‍වය ද ඇත: “භගවත්හු සම්‍යක් සම්බුද්ධයහ, භගවත්හු විසින් ධර්‍මය මොනොවට දෙසන ලද, සඟහු සුපිළිපන්හ”යි.
Pali BJTපුන චපරාහං භන්තෙ, පස්සාමි ඉධෙකච්චෙ ඛත්තියපණ්ඩිතෙ නිපුණෙ කතපරප්පවාදෙ වාළවෙධිරූපෙ වොභින්දන්තා{1} මඤ්ඤෙ චරන්ති පඤ්ඤාගතෙන දිට්ඨිගතානි. තෙ සුණන්ති සමණො ඛලු භො ගොතමො අමුකං නාම ගාමං වා නිගමං වා ඔසරිස්සතීති. තෙ පඤ්හං අභිසඞ්ඛරොන්ති. ඉමං මයං පඤ්හං සමණං ගොතමං උපසඞ්කමිත්වා පුච්ඡිස්සාම: ‘එවං චෙ නො පුට්ඨො එවං බ්යාකරිස්සති, එවමස්ස මයං වාදං ආරොපෙස්සාම. එවං චෙපි නො පුට්ඨො එවං බ්යාකරිස්සති, එවම්පිස්ස මයං වාදං ආරොපෙස්සාමා’ති. තෙ සුණන්ති ‘සමණො ඛලු භො ගොතමො අමුකං නාම ගාමං වා නිගමං වා ඔසටො’ති. තෙ යෙන භගවා තෙනුපසඞ්කමන්ති. තෙ භගවා ධම්මියා කථාය සන්දස්සෙති සමාදපෙති සමුත්තෙජෙති සම්පහංසෙති. තෙ භගවතා ධම්මියා කථාය සන්දස්සිතා සමාදපිතා සමුත්තෙජිතා සම්පහංසිතා න චෙව භගවන්තං පඤ්හං පුච්ඡන්ති. කුතො{2} වාදං ආරොපෙස්සන්ති. අඤ්ඤදත්ථු{3} භගවතො සාවකා සම්පජ්ජන්ති. අයම්පි ඛො මෙ භන්තෙ, භගවති ධම්මන්වයො හොති. ‘සම්මාසම්බුද්ධො භගවා, ස්වාක්ඛාතො භගවතා ධම්මො, සුපටිපන්නො සඞ්ඝො’ති.
Sinhala BJTතවද වහන්ස, මම් මෙලොව නිපුණ වූ පරා හා කළ වාදපරිචය ඇති වාලවේධී ධනුර්ධරයන් බඳු ඇතැම් ක්‍ෂත්‍රිය පණ්ඩිත කෙනෙක් ප්‍රඥායෙන් දෘෂ්ටිගතයන් බිඳුනවුන් මෙන් හැසිරෙති. ඔහු ශ්‍රමණභවත් ගෞතමයෝ අසුවල් නම් ගමට හෝ නියම්ගමට හෝ පිවිසෙත් ල යි අසති. ඔහු පැන සකස් කෙරෙති: “ඇපි ශ්‍රමණ ගෞතමයන් කරා එළැඹ මේ ප්‍රශ්නය පුළුවුස්මහ, අප විසින් මෙසේත් පුළුවුස්නා ලද්දාහු මෙසේ විසඳන්නාහ. මෙසෙයින් ඇපි ඔවුනට වාදාරෝපණ කරම්හ. ඉදින් අප විසින් මෙසේ පුළුවුස්නා ලද්දාහු මෙසෙයින් විසඳන්නාහු නම් ඇපි මෙසේත් ඔවුනට වාදාරෝපණ කරම්හ”යි. ඔහු “මහණ භවත් ගොයුම්හු අසෝ නම් ගමට හෝ නියම්ගමට හෝ වැඩිසේකැ’යි අසත්. ඔහු භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹෙත්. භාග්‍යවතුන් වහන්සේ ඔවුන් දැහැමි කථායෙන් කරුණු දක්වනසේක. සමාදන් කරවන සේක, තෙද ගන්වන සේක, මොනොවට පහදවන සේක. ඔහු භාග්‍යවතුන් වහන්සේ විසින් දැහැමි කථායෙන් කරුණු දක්වන ලදු වැ සමාදන් කරවන ලදු වැ තෙද ගන්වන ලදු වැ සතුටු කරවන ලදු වැ භාග්‍යවතුන් වහන්සේ අතින් පැන නො පුළුවුස්නාහ. කවර හෙයින නම් වාදාරෝපණ කෙරෙත් ද? ඒකාන්තයෙන් භාග්‍යවතුන් වහන්සේ ගේ සවු වෙත්. වහන්ස, මා ගේ මේ ධර්‍මාන්‍වය ද ඇත: “භගවත්හු සම්‍යක් සම්බුද්ධයහ. භගවත්හු විසින් ධර්‍මය ස්වාඛ්‍යාත යැ. සඟහු සුපිළිපන්හ”යි.
Pali BJTපුන චපරාහං භන්තෙ, පස්සාමි ඉධෙකච්චෙ බ්රාහ්මණපණ්ඩිතෙ -පෙ- ගහපතිපණ්ඩිතෙ -පෙ- සමණපණ්ඩිතෙ නිපුණෙ කතපරප්පවාදෙ වාළවෙධිරූපෙ වොභින්දන්තා{1} මඤ්ඤෙ චරන්ති. පඤ්ඤාගතෙන දිට්ඨිගතානි. තෙ සුණන්ති ‘සමණො ඛලු භො ගොතමො අමුකං නාම ගාමං වා නිගමං වා ඔසරිස්සතී’ති. තෙ පඤ්හං අභිසඞ්ඛරොන්ති: ‘ඉමං මයං පඤ්හං සමණං ගොතමං උපසඞ්කමිත්වා පුච්ඡිස්සාම. එවං චෙ නො පුට්ඨො එවං බ්යාකරිස්සති, එවමස්ස මයං වාදං ආරොපෙස්සාම. එවං චෙපි නො පුට්ඨො එවං බ්යාකරිස්සති, එවම්පිස්ස මයං වාදං ආරොපෙස්සාමා’ති. තෙ සුණන්ති ‘සමණො ඛලු භො ගොතමො අමුකං නාම ගාමං වා නිගමං වා ඔසටො’ති. තෙ යෙන භගවා තෙනුපසඞ්කමන්ති. තෙ භගවා ධම්මියා කථාය සන්දස්සෙති සමාදපෙති සමුත්තෙජෙති සම්පහංසෙති. තෙ භගවතා ධම්මියා කථාය සන්දස්සිතා සමාදපිතා සමුත්තෙජිතා සම්පහංසිතා න චෙව භගවන්තං පඤ්හං පුච්ඡන්ති. කුතො{2} වාදං ආරොපෙස්සන්ති. අඤ්ඤදත්ථු{3} භගවන්තඤ්ඤෙව ඔකාසං යාචන්ති අගාරස්මා අනගාරියං පබ්බජ්ජාය.
Sinhala BJTතවද වහන්ස, මම මෙලොව නිපුණ වූ පරා හා කළ වාදපරිචය ඇති වාලවේධී ධනුර්ධරයන් බඳු ප්‍රඥායෙන් දෘෂ්ටිගතයන් බිඳුනවුන් මෙන් හැසිරෙන බ්‍රාහ්මණ පණ්ඩිතයනුදු .... ගෘහ පණ්ඩිතයනුදු .... ශ්‍රමණපණ්ඩිතයනුදු දක්මි. ඔහු ශ්‍රමණ භවත් ගොයුම්හු අසෝ නම් ගමට හෝ නියම්ගමට හෝ වඩනාසේකැ’යි අසත්. ඔහු ප්‍රශ්න අභිසංස්කරණ කෙරෙති: “අපි මෙ පැන මහණ ගොයුම්හු කරා එළැඹ පුළුවුසුම්හ. ඉදින් අප විසින් මෙසේ පුළුවුස්නා ලදු වැ මෙසේ ප්‍රකාශ කෙරෙත් නම් අපි ඔබට මෙසේ වාදාරෝපණ කරම්හ. අප විසින් මෙසේත් පුළුවුස්නාලදු වැ මෙසේ ව්‍යාකරණ කෙරෙත් නම් අපි මෙසේත් ඔබට වාදාරෝපණ කරම්හ”යි ඔහු ශ්‍රමණ භවත් ගොයුම්හු අසෝ නම් ගමට හෝ නියම්ගමට හෝ වැඩිසේකැ’යි අසත්, ඔහු භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹෙති. භාග්‍යවතුන් වහන්සේ ඔවුන් දැහැමි කථායෙන් කරුණු දක්වනසේක, සමාදන් කරවනසේක, තෙද ගන්වනසේක, සතුටු කරවනසේක. ඔහු භාග්‍යවතුන් වහන්සේ විසින් දැහැමි කථායෙන් කරුණු දක්වනලදු වැ සමාදන් කරවන ලදු වැ තෙද ගන්වන ලදු වැ සතුටු කරවන ලදු වැ භාග්‍යවතුන් වහන්සේ අතින් පැන නො ද පුළුවුස්නාහු මැ යැ. කවර හෙයින් වාදාරෝපණ කෙරෙත් ද? ඒකාන්තයෙන් භාග්‍යවතුන් වහන්සේ අතින් මැ ගෙන් නික්ම සසුන් වදනු සඳහා අවකාශ යදිත්.
Pali BJTතෙ භගවා පබ්බාජෙති. තෙ තථා පබ්බජිතා සමානා එකා වූපකට්ඨා අප්පමත්තා ආතාපිනො පහිතත්තා විහරන්තා න චිරස්සෙව යස්සත්ථාය කුලපුත්තා සම්මදෙව අගාරස්මා අනගාරියං පබ්බජන්ති. තදනුත්තරං බ්රහ්මචරියපරියොසානං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරන්ති. තෙ එවමාහංසු: ‘මනං{1} වත භො අනස්සාම, මනං{1} වත භො පනස්සාම. මයං හි පුබ්බෙ අස්සමණාව සමානා සමණාම්හාති පටිජානිම්හා, අබ්රාහ්මණාව සමානා බ්රාහ්මණාම්හාති පටිජානිම්හා, අනරහන්තොව සමානා අරහන්තාම්හාති පටිජානිම්හා. ඉදානි ඛොම්හා සමණා, ඉදානි ඛොම්හා බ්රාහ්මණා, ඉදානි ඛොම්හා අරහන්තො’ති. අයම්පි ඛො මෙ, භන්තෙ, භගවති ධම්මන්වයො හොති: ‘සම්මාසම්බුද්ධො භගවා, ස්වාක්ඛාතො භගවතා ධම්මො, සුපටිපන්නො සඞ්ඝො’ති.
Sinhala BJTභාග්‍යවතුන් වහන්සේ ඔවුන් පැවිදි කෙරෙත්. ඔහු එසේ පැවිදි වූවාහු එකලා වූවාහු වෙන් වූවාහු අප්‍රමත්ත වූවාහු කෙලෙස් තවන වැර ඇතියාහු ජීවිත නිරපේක්‍ෂක වැ වසන්නාහු නොබෝ කලෙකින් මැ කුලපුත්‍රයෝ යම් අර්‍ත්‍ථයක් සඳහා මොනොවට ගෙන් නික්ම සසුන් වදිත් ද, බ්‍රහ්මචර්‍ය්‍යාපර්‍ය්‍යවසාන කොට ඇති ඒ අනුත්තරාර්‍ත්‍ථය දුටුදැමියෙහි මැ තමන් විසින් විශ්ෂ්ටඥානයෙන් දැන පසක් කොට උපයාගෙන විහරණ කෙරෙත්. ඔහු මෙසේ කීහු: “භවත්නි, මඳෙකින් නස්නමෝ මැ හැ, භවත්නි, මඳෙකින් විනස්නමෝ මැ යැ. අපි පෙර අශ්‍රමණයමෝ ‘ශ්‍රමණයම්හ’යි පිළින කළම්හ, අබ්‍රාහ්මණයමෝ ‘බ්‍රාහ්මණයම්හ’යි පිළින කළම්හ, අර්‍හත් නො වන්නමෝ මැ ‘අර්‍හත් වම්හ’යි පිළින කළම්හ. දැන් කලි ශ්‍රමණයම්හ, දැන් කලි බ්‍රාහ්මණයම්හ, දැන් කලි අර්‍හත් වම්හ”යි. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මා ගේ මේ ධර්‍මාන්‍වය ද ඇත: “භගවත්හු සම්‍යක් සම්බුද්ධයහ, භගවත්හු විසින් දහම් මොනොවට දෙසන ලද, සඟහු සුපිළිපන්හ’යි.
Pali BJTපුන චපරං භන්තෙ, ඉමෙ ඉසිදත්තපුරාණා ථපතයො මමභත්තා මමයානා අහං නෙසං ජීවිතස්ස පදාතා{2} යසස්ස ආහත්තා අථ ච පන නො තථා මයි නිපච්චාකාරං කරොන්ති යථා භගවති. භූතපුබ්බාහං භන්තෙ සෙනං අබ්භුය්යාතො සමානො ඉමෙව ඉසිදත්තපුරාණා ථපතයො වීමංසමානො අඤ්ඤතරස්මිං සම්බාධෙ ආවසථෙ වාසං උපගඤ්ඡිං. අථ ඛො භන්තෙ, ඉමෙ ඉසිදත්තපුරාණා ථපතයො බහුදෙව රත්තිං ධම්මියා කථාය වීතිනාමෙත්වා යතො අහොසි භගවා තතො සීසං කත්වා මං පාදතො කරිත්වා නිපජ්ජිංසු. තස්ස මය්හං භන්තෙ, එතදහොසි: ‘අච්ඡරියං වත භො, අබ්භුතං වත භො, ඉමෙ ඉසිදත්තපුරාණා ථපතයො මමභත්තා මමයානා, අහං තෙසං ජීවිතස්ස පදාතා, යසස්ස ආහත්තා. අථ ච පන නො තථා මයි නිපච්චකාරං කරොන්ති යථා භගවති. අද්ධා ඉමෙ ආයස්මන්තො තස්ස භගවතො සාසනෙ උළාරං පුබ්බෙනාපරං විසෙසං සඤ්ජානන්තී’ති. අයම්පි ඛො මෙ භන්තෙ, භගවති ධම්මන්වයො හොති: ‘සම්මාසම්බුද්ධො භගවා, ස්වාක්ඛාතො භගවතා ධම්මො, සුපටිපන්නො සඞ්ඝො’ති.
Sinhala BJTතවද වහන්ස, ඉසිදත්ත යැ පුරාණ යැ යන මේ දෙවඩුවෝ මා සතු බත් ඇතියාහු මා සතු යාන ඇතියාහු වෙති. මම උන් ගේ ජීවිත දෙන්නෙම් යසස් අරනෙම් වෙමි. එසේ වුව ද භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි සෙයින් මා කෙරෙහි ගෞරවාකාර නො කෙරෙති. වහන්ස, පෙර වූ දැයක් කියමි: “මම සෙන් මෙහෙයන්නෙම් මේ ඉසිදත්තපුරාණ දෙවඩුවනුදු විමසන්නෙම් එක්තරා සසම්බාධ ආවස්ථයෙක වාසයට එළැඹියෙමි. වහන්ස, එසඳ මේ ඉසිදත්තපුරාණ දෙවඩුවෝ රැය බොහෝ වේලාවක් දැහැමි කථායෙන් කල් ගලවා භාග්‍යවතුන් වහන්සේ වසන දසට හිස කොට මා පාදසෙහි කොට වැදහොත්හ. වහන්ස, මට තෙල සිත්වී: “භවත්නි, ආශ්චර්‍ය්‍යයෙක් මැ යැ. භවත්නි, අද්භූතයෙක් මැ යැ. මේ ඉසිදත්තපුරාණ දෙවඩුවෝ මා සතු බත් ඇතියාහු මා සතු යාන ඇතියාහු වෙති. මම උනට ජීවිතදායක වෙමි. යශස් අරනෙම් වෙමි. එතෙකුදු වුව භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි සෙයින් මා කෙරෙහි නිපත්‍යාකාර නො කෙරෙති. ඒකාන්තයෙන් මේ ආයුෂ්මත්හු දෙදෙන ඒ භාග්‍යවතුන් වහන්සේ ගේ සස්නෙහි උදාර වූ කැල මැ ඉපැයූ විශේෂයට වැඩි අපර විශේෂයක් දනිත් මැ යැ, වහන්ස, භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මා ගේ මේ ධර්‍මාන්‍වය ද ඇත: “භගවත්හු සම්‍යක් සම්බුද්ධයහ, භගවත්හු විසින් දහම මොනොවට දෙසන ලද, සඟහු සුපිළිපන්හ”යි.
Pali BJTපුන චපරං භන්තෙ, භගවාපි ඛත්තියො, අහම්පි ඛත්තියො, භගවාපි කොසලකො, අහම්පි කොසලකො, භගවාපි ආසීතිකො, අහම්පි ආසීතිකො. යම්පි භන්තෙ, භගවාපි ඛත්තියො, අහම්පි ඛත්තියො, භගවාපි කොසලකො, අහම්පි කොසලකො, භගවාපි ආසීතිකො, අහම්පි ආසීතිකො. ඉමිනාවාරහාමෙවාහං භන්තෙ, භගවති පරමනිපච්චකාරං කත්තුං. චිත්තූපහාරං උපදංසෙතුං. හන්ද ච දානි මයං භන්තෙ, ගච්ඡාම. බහුකිච්චා මයං බහුකරණීයා’ති. යස්සදානි ත්වං මහාරාජ, කාලං මඤ්ඤසීති: අථ ඛො රාජා පසෙනදි කොසලො උට්ඨායාසනා භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා පක්කාමි.
Sinhala BJTතවද වහන්ස, භාග්‍යවතුන් වහන්සේ ද ක්‍ෂත්‍රියයහ, මම ද ක්‍ෂත්‍රියයෙමි. භාග්‍යවතුන් වහන්සේ ද කොසොල් දනව්වැසියහ, මම ද කොසොල්දනව් වැසියෙමි. භාග්‍යවතුන් වහන්සේ ද අසූවයස් ඇතියහ, මම ද අසූවයස් ඇතියෙමි. වහන්ස, “භාග්‍යවතුන් වහන්සේ ද ක්‍ෂත්‍රියයහ, මම ද ක්‍ෂත්‍රියයෙමි. භාග්‍යවතුන් වහන්සේ ද කොසොල් දනව්වැසියහ, මම ද කොසොල්දනව්වැසියෙමි. භාග්‍යවතුන් වහන්සේ ද අසූවයස් ඇතියහ, මම ද අසූවයස් ඇතියෙමි” යන යම් කරුණෙක් ඇත් ද වහන්ස, මම මෙ කරුණින් මැ පරමගෞරවාකාර කරන්නට ගෞරවොපහාර දක්වන්නට නිසියෙම් මැ යැ. වහන්ස, එයින් දැන් අපි යම්හ. අපි බොහෝ කිස ඇතියමෝ බොහෝ කරණී ඇතියමෝ යයි. මහරජ, තෙපි දැන් එයට කල් දැනැ’යි වදාළෝ. එසඳ පසේනදි කොසොල් රජ හුනස්නෙන් නැඟී භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ පැදකුණු කොට බැස ගියේ යි.
Pali BJTඅථ ඛො භගවා අචිරපක්කන්තස්ස රඤ්ඤො පසෙනදිස්ස කොසලස්ස භික්ඛූ ආමන්තෙසි: ‘එසො භික්ඛවෙ, රාජා පසෙනදි කොසලො ධම්මචෙතියානි භාසිත්වා උට්ඨායාසනා පක්කන්තො. උග්ගණ්හාථ{1} භික්ඛවෙ, ධම්මචෙතියානි. පරියාපුණාථ භික්ඛවෙ, ධම්මචෙතියානි. ධාරෙථ භික්ඛවෙ, ධම්මචෙතියානි. අත්ථසංහිතානි භික්ඛවෙ, ධම්මචෙතියානි ආදිබ්රහ්මචරියකානී’ති.
Sinhala BJTඉක්බිති භාග්‍යවතුන් වහන්සේ පසේනදි කොසොල් රජු නික්ම යන්නා හා මැ මහණුන් ඇමැතූසේක: “මහණෙනි, තෙල පසේනදි කොසොල්රජ ධර්‍මචෛත්‍යයන් කියා හුනස්නෙන් නැඟී නික්ම ගියේ. මහණෙනි, ධර්‍මචෛත්‍යයන් උගනුව, මහණෙනි, ධර්‍මචෛත්‍යයන් පුහුණු කරව, මහණෙනි, ධර්‍මචෛත්‍යයන් ධරව. මහණෙනි, ධර්‍මචෛත්‍යයෝ අර්‍ත්‍ථසංහිතයහ, ආදිබ්‍රහ්මචර්‍ය්‍යකයහ”යි.
Pali BJTඉදමවොච භගවා. අත්තමනා තෙ භික්ඛූ භගවතො භාසිතං අභිනන්දුන්ති.
Sinhala BJTභාග්‍යවතුන් වහන්සේ මෙය වදාළහ. සතුටුසිත් ඇති ඒ මහණහු භාග්‍යවතුන් වහන්සේ ගේ භාෂිතය අභිනන්‍දනා කළහ”යි.
Pali BJTධම්මචෙතියසුත්තං නවමං.
Sinhala BJTනව වැනි ධම්මචේතිය සූත්‍ර යි.
Pali BJT2. 4. 10.
Sinhala BJT2. 4. 10.
Pali BJTකණ්ණකත්ථලසුත්තං
Sinhala BJTකණ්ණකත්ඵල සූත්‍රය
Pali BJTඑවං මෙ සුතං: එකං සමයං භගවා උජුකායං{1} විහරති කණ්ණකත්ථලෙ මිගදායෙ. තෙන ඛො පන සමයෙන රාජා පසෙනදි කොසලො උජුකං අනුප්පත්තො හොති කෙනචිදෙව කරණීයෙන. අථ ඛො රාජා පසෙනදි කොසලො අඤ්ඤතරං පුරිසං ආමන්තෙසි: ‘එහි ත්වං අම්භො පුරිසා යෙන භගවා තෙනුපසඞ්කම, උපසඞ්කමිත්වා මම වචනෙන භගවතො පාදෙ සිරසා වන්දාහි. අප්පාබාධං අප්පාතඞ්කං ලහුට්ඨානං බලං ඵාසුවිහාරං පුච්ඡ, ‘රාජා භන්තෙ, පසෙනදි කොසලො භගවතො පාදෙ සිරසා වන්දති, අප්පාබාධං අප්පාතඞ්කං ලහුට්ඨානං බලං ඵාසුවිහාරං පුච්ඡතී’ති. එවඤ්ච වදෙහි: ‘අජ්ජ කිර භන්තෙ, රාජා පසෙනදි කොසලො පච්ඡාභත්තං භුත්තපාතරාසො භගවන්තං දස්සනාය උපසඞ්කමිස්සතී’ති. එවං දෙවාති ඛො සො පුරිසො රඤ්ඤො පසෙනදිස්ස කොසලස්ස පටිස්සුත්වා යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො සො පුරිසො භගවන්තං එතදවොච: ‘රාජා භන්තෙ, පසෙනදි කොසලො භගවතො පාදෙ සිරසා වන්දති. අප්පාබාධං අප්පාතඞ්කං ලහුට්ඨානං බලං ඵාසුවිහාරං පුච්ඡති. එවඤ්ච වදෙති: අජ්ජ කිර භන්තෙ, රාජා පසෙනදි කොසලො පච්ඡාභත්තං භුත්තපාතරාසො භගවන්තං දස්සනාය උපසඞ්කමිස්සතී’ති.
Sinhala BJTමා විසින් මෙසේ අසන ලද: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ උජුකා රටැ කණ්ණකත්‍ථල නම් මුවළැව්හි වැඩ වසනසේක. එසමයෙහි පසේනදි කොසොල් රජ කිසි කටයුත්තෙකින් උජුකාවට පැමිණියේ වෙයි. එසඳ පසේනදි කොසොල් රජ එක්තරා පුරුෂයකු ඇමැතී: එම්බල පුරුෂය, තෝ එව. බුදුන් කරා එළැඹෙව, එළැඹ මාගේ වචනයෙන් බුදුන්ගේ පාසඟළ හිසින් වඳු. “වහන්ස, පසේනදි කොසොල් රජ භාග්‍යවතුන් වහන්සේ පාසඟළ හිසින් වඳියි. අල්පාබාධ බව නිදුක් බව සිරුරෙහි සැහැල්ලු බව කායබලය පහසුවිහරණ පුළුවුසී” යයි අල්පාබාධත්‍වය නිදුක් බව ශරීරයෙහි සැහැල්ලු බව කායබලය පහසුවිහරණ පුළුවුස. මෙසේත් කියව: “වහන්ස, අද පසේනදි කොසොල්රජ පසුබතැ. වැළඳූ පෙරවරුබත් ඇතියේ බුදුන් දක්නා සඳහා එළැඹේ”යයි. ‘දේවයිනි, එසේ යැ’යි ඒ පුරුෂයා පසේනදි කොසොල් රජහට පිළිවදන් දී භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියේ. එළැඹ බුදුන් වැඳ එකත්පස් වැ හින. එකත්පස් වැ හුන් ඒ පුරුෂයා භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කෙළේ. වහන්ස, පසේනදි කොසොල්රජ භාග්‍යවතුන් වහන්සේගේ පාසඟළ හිසින් වඳියි. අල්පාබාධ බව නිදුක් බව සිරුරෙහි සැහැල්ලු බව කායබලය පහසුවිහරණ පුළුවුසි. මෙසේත් කියයි: “වහන්ස, පසේනදි කොසොල්රජ අද වැළඳූ පෙරවරුබත් ඇති වැ පසුබත්හි බුදුන් දක්නා සඳහා එළැඹේ”යයි.
Pali BJTඅස්සොසුං ඛො සොමා ච භගිනී සකුලා ච භගිනී ‘අජ්ජ කිර රාජා පසෙනදි කොසලො පච්ඡාභත්තං භුත්තපාතරාසො භගවන්තං දස්සනාය උපසඞ්කමිස්සතී’ති. අථ ඛො සොමා ච භගිනී සකුලා ච භගිනී රාජානං පසෙනදිං කොසලං භත්තාභිහාරෙ උපසඞ්කමිත්වා එතදවොචුං: ‘තෙන හි මහාරාජ, අම්හාකම්පි වචනෙන භගවතො පාදෙ සිරසා වන්දාහි, අප්පාබාධං අප්පාතඞ්කං ලහුට්ඨානං බලං ඵාසුවිහාරං පුච්ඡ: ‘සොමා ච භන්තෙ, භගිනී සකුලා ච භගිනී භගවතො පාදෙ සිරසා වන්දති, අප්පාබාධං අප්පාතඞ්කං ලහුට්ඨානං බලං ඵාසුවිහාරං පුච්ඡන්ති’ති.
Sinhala BJTසෝමා බුහුන ද සකුලා බුහුන ද “පසේනදි කොසොල් රජ අද වැළැඳූ පෙරවරුබත් ඇති වැ පසුබත්හි බුදුන් දක්නා සඳහා එළැඹෙති” ඇසූහු. එසඳ සෝමා බුහුන ද සකුලා බුහුන ද බත් වඩන තන්හි දී පසේනදි කොසොල් රජු කරා එළැඹ තෙල කීහු: “මහරජ එසේ හෙයින් අප ගේ වචනයෙනුදු භාග්‍යවතුන් වහන්සේ ගේ පාසඟළ හිසින් වඳිනු මැනැව, අල්පාබාධ නිරාතඞ්ක සැහැල්ලු පැවැතුම් කායබල පහසු විහරණ පිළිවිසිනු මැනැව: “සෝමා බුහුන ද සකුලා බුහුන ද භාග්‍යවතුන් වහන්සේගේ පාසඟුළුවන් හිසින් වඳිති, අල්පාබාධ නිරාතඞ්ක සැහැල්ලු පැවැතුම් කායබල පහසුවිහරණ පුළුවුසිත්” යයි.
Pali BJTඅථ ඛො රාජා පසෙනදි කොසලො පච්ඡාභත්තං භුත්තපාතරාසො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො රාජා පසෙනදි කොසලො භගවන්තං එතදවොච: ‘සොමා ච භන්තෙ, භගිනී සකුලා ච භගිනී භගවතො පාදෙ සිරසා වන්දන්ති. අප්පාබාධං අප්පාතඞ්කං ලහුට්ඨානං බලං ඵාසුවිහාරං පුච්ඡන්තී’ති. කිම්පන මහාරාජ, සොමා ච භගිනී සකුලා ච භගිනී අඤ්ඤං දූතං නාලත්ථු’න්ති.
Sinhala BJTඉක්බිති පසේනදි කොසොල්රජ වැළැඳූ පෙරවරුබත් ඇති වැ පසුබත්හි භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියේ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස් වැ හින. එකත්පස් වැ හුන් පසේනදි කොසොල් රජ භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කෙළේ: “වහන්ස, සෝමා බුහුන ද සකුලා බුහුන ද භාග්‍යවතුන් වහන්සේ ගේ පාදයන් හිසින් වඳිති. නිරාබාධ නිරාතඞ්ක සැහැල්ලු පැවැතුම් කායබල පහසුවිහරණ පුළුවුසිත්. කිමෙක මහරජ සෝමා බුහුන ද සකුලා බුහුන ද අන්‍යදූතයකු නො ලද්හු දැ? යි.
Pali BJTඅස්සොසුං ඛො භන්තෙ, සොමා ච භගිනී සකුලා ච භගිනී. ‘අජ්ජ කිර රාජා පසෙනදි කොසලො පච්ඡාභත්තං භුත්තපාතරාසො භගවන්තං දස්සනාය උපසඞ්කමිස්සතී’ති. අථ ඛො භන්තෙ, සොමා ච භගිනී සකුලා ච භගිනී මං භත්තාභිහාරෙ උපසඞ්කමිත්වා එතදවොචුං: තෙන හි මහාරාජ, අම්හාකම්පි වචනෙන භගවතො පාදෙ සිරසා වන්දාහි, අප්පාබාධං අප්පාතඞ්කං ලහුට්ඨානං බලං ඵාසුවිහාරං පුච්ඡ, සොමා ච භන්තෙ, භගිනී සකුලා ච භගිනී භගවතො පාදෙ සිරසා වන්දන්ති, අප්පාබාධං අප්පාතඞ්කං ලහුට්ඨානං බලං ඵාසුවිහාරං පුච්ඡන්තී’ති.
Sinhala BJTවහන්ස, සෝමා බුහුන ද සකුලා බුහුන ද “අද පසේනදි කොසොල් රජ වැළැඳූ පෙරවරු බත් ඇති වැ පසුබත්හි බුදුන් දක්නට එළැඹේල”යි ඇසූහ. එසඳ වහන්ස, සෝමා බුහුන ද සකුලා බුහුන ද බත්වඩන තැන්හි මා කරා එළැඹ තෙල කීහු: එසේ වී නම් මහරජ, “වහන්ස, සෝමා බුහුන ද සකුලා බුහුන ද භාග්‍යවතුන් වහන්සේ ගේ පාසඟුළු හිසින් වඳිති, නිරාබාධ නිරාතඞ්ක සැහැල්ලු පැවැතුම් කායබල පහසුවිහරණ පුළුවුස්ති”යි අපගේ ද බසින් භාග්‍යවතුන්ගේ පාසඟුළු වඳුව, අල්පාබාධ අල්පාතඞ්ක ලඝුස්ථාන කායබල ඵාසුවිහරණ පුළුවුස්ව”යි කීහු.
Pali BJTසුඛිනියො හොන්තු මහාරාජ, සොමා ච භගිනී සකුලා ච භගිනීති.
Sinhala BJTමහරජ, සෝමා බුහුන ද සකුලා බුහුන ද සුවපත් වෙත්ව’යි.
Pali BJTඅථ ඛො රාජා පසෙනදි කොසලො භගවන්තං එතදවොච: “සුතං මෙතං භන්තෙ, සමණො ගොතමො එවමාහ: ‘නත්ථි සො සමණො වා බ්රාහ්මණො වා යො සබ්බඤ්ඤු සබ්බදස්සාවී අපරිසෙසං ඤාණදස්සනං පටිජානිස්සති, නෙතං ඨානං විජ්ජතී’ති. යෙ තෙ භන්තෙ එවමාහංසු: ‘සමණො ගොතමො එවමාහ: නත්ථි සො සමණො වා බ්රාහ්මණො වා යො සබ්බඤ්ඤූ සබ්බදස්සාවී අපරිසෙසං ඤාණදස්සනං පටිජානිස්සති. නෙතං ඨානං විජ්ජතීති. කච්චි තෙ භන්තෙ, භගවතො වුත්තවාදිනො, න ච භගවන්තං අභූතෙන අබ්භාචික්ඛන්ති. ධම්මස්ස චානුධම්මං බ්යාකරොන්ති, න ච කොචි සහධම්මිකො වාදානුවාදො ගාරය්හං ඨානං ආගච්ඡතී’ති.
Sinhala BJTඉක්බිති පසේනදි කොසොල් රජ භාග්‍යවතුන් වහන්සේට තෙල බස් සැලකෙළේ: “වහන්ස, මා විසින් තෙලෙ අසන ලද, ශ්‍රමණ ගෞතම මෙසේ කියයි: “යමෙක් සියල්ල දන්නේ සියල්ල දක්නේ නිරවශේෂ ඥානදර්‍ශනය පිළින කරන්නේ නම් එ බඳු මහණෙක් හෝ බමුණෙක් හෝ නැත. තෙල කරුණ විද්‍යමාන නො වේ” යයි. වහන්සේ, යම් කෙනෙක් මෙසේ කීහු නම්: “මහණ ගොයුම් මෙසේ කියයි: ‘යමෙක් සියල්ල දන්නේ සියල්ල දක්නේ නිරවශේෂ ඥානදර්‍ශනය පිළින කරන්නේ නම් එබඳු ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ නැත. තෙල කරුණ විද්‍යමාන නො වේ” යයි කීහු නම්, කිම වහන්ස, ඔහු භාග්‍යවතුන් විසින් කියූ දැයක් කියන්නාහු ද, භාග්‍යවත්නට අභූතයෙන් නො ද අභිභවා කියත් ද, වදාළ කාරණයට අනුකාරණයක් පවසත් ද, කිසි සකාරණ වාදානුවාදයෙක් නො ද ගැරහියයුතු තැනට ඒ දැ?යි.
Pali BJTයෙ තෙ මහාරාජ, එවමාහංසු: ‘සමණො ගොතමො එවමාහ: නත්ථි සො සමණො වා බ්රාහ්මණො වා යො සබ්බඤ්ඤූ සබ්බදස්සාවී අපරිසෙසං ඤාණදස්සනං පටිජානිස්සති. නෙතං ඨානං විජ්ජති. න මෙ තෙ වුත්තවාදිනො අබ්භාචික්ඛන්ති ච පන මං තෙ අසතා අභූතෙනා’ති.
Sinhala BJTමහරජ, යම් කෙනෙක් මෙසේ කීහු ද: “මහණ ගොයුම් මෙසේ කියයි: ‘යමෙක් සියල්ල දන්නේ සියල්ල දක්නේ නිරවශේෂ ඥානදර්‍ශනය පිළින කරන්නේ නම් එබඳු මහණෙක් හෝ බමුණෙක් හෝ නැත, තෙල කරුණ විද්‍යමාන නො වේ”යයි කීහු නම් ඔහු මට උක්තවාදී නො වෙති, වැළිත් ඔහු මට අසත්‍යයෙන් අභූතයෙන් අභිභවා කියති”යි.
Pali BJTඅථ ඛො රාජා පසෙනදි කොසලො විඩූඩභං{1} සෙනාපතිං ආමන්තෙසි: ‘කො නු ඛොජ්ජ{2} සෙනාපති, ඉමං කථාවත්ථුං{3} රාජන්තෙපුරෙ අබ්භුදාහාසීති? ‘සඤ්ජයො මහාරාජ, බ්රාහ්මණො ආකාසගොත්තො’ති.
Sinhala BJTඑසඳ පසේනදි කොසොල් රජ විඩූඩභ සෙන්පතිහු ඇමැතී: “සෙන්පතිය, අද කවරෙක් නම් මේ කථාවස්තුව රාජාන්තඃපුරයෙහි පහළ කොට බිණී ද? මහරජ, ආකාශගෝත්‍ර සඤ්ජයබ්‍රාහ්මණ යි.
Pali BJTඅථ ඛො රාජා පසෙනදි කොසලො අඤ්ඤතරං පුරිසං ආමන්තෙසි, ‘එහි ත්වං අම්භො පුරිස, මම වචනෙන සඤ්ජයං බ්රාහ්මණං ආකාසගොත්තං ආමන්තෙසි. රාජා තං{4} භන්තෙ, පසෙනදි කොසලො ආමන්තෙතී’ති. එවං දෙවාති ඛො සො පුරිසො රඤ්ඤො පසෙනදිස්ස කොසලස්ස පටිස්සුත්වා යෙන සඤ්ජයො බ්රාහ්මණො ආකාසගොත්තො තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා සඤ්ජයං බ්රාහ්මණං ආකාසගොත්තං එතදවොච: ‘රාජා තං භන්තෙ, පසෙනදි කොසලො ආමන්තෙතී’ති.
Sinhala BJTඑසඳ පසේනදි කොසොල් රජ අන්‍යතර පුරුෂයකු ඇමැතී: එම්බා පුරුෂය, තෝ ඒ, මා බසින් අහස්ගොතු සඤ්ජය බමුණු කැඳව. වහන්ස, “පසේනදි කොසොල් රජ මුබ කැඳවති”යි. ‘දේවයෙනි එසේ යැ’යි ඒ පුරුෂයා පසේනදි කොසොල් රජුට පිළිවදන් දී අහස්ගොතු සඤ්ජය බමුණු කරා එළැඹියේ, එළැඹ අහස්ගොතු සඤ්ජය බමුණුට තෙල කී: “වහන්ස, පසේනදි කොසොල් රජ මුබ කැඳවති”යි.
Pali BJTඅථ ඛො රාජා පසෙනදි කොසලො භගවන්තං එතදවොච: සියා නු ඛො භන්තෙ, භගවතා අඤ්ඤදෙව කිඤ්චි සන්ධාය භාසිතා{5}, තඤ්ච ජනො අඤ්ඤථා විපච්චාගච්ඡෙය්යාති?{6}
Sinhala BJTඉක්බිති පසේනදි කොසොල් රජ භාග්‍යවතුන් වහන්සේට තෙල සැලකෙළේ යැ. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් අන් කිසි දැයක් මැ සඳහා වදාළ බසෙක් ඇද්ද, ජනයා එ බස අන් සැටියෙකින් වරදවා ගන්නේ යැ’යි.
Pali BJTඅභිජානාමි මහාරාජ වාචං භාසිතාති{7}
Sinhala BJTමහරජ, බසක් කීයෙම් දනිම් මැ යැ.
Pali BJTයථා කථම්පන භන්තෙ, භගවා අභිජානාති වාචං භාසිතාති?{1}
Sinhala BJTවහන්ස, බසක් බණන භාග්‍යවතුන් වහන්සේ කෙබඳු බසක් සිහි කරන සේක් ද?
Pali BJTඑවං ඛො අහං මහාරාජ, අභිජානාමි වාචං භාසිතා{1} ‘නත්ථි සො සමණො වා බ්රාහ්මණො වා, යො සකිදෙව සබ්බං ඤස්සති, සබ්බං දක්ඛිති, නෙතං ඨානං විජ්ජතී’ති.
Sinhala BJTමහරජ, බසක් බණන මම මෙසේ දනිමි: “යමෙක් එක් වර මැ හැම දන්නේ නම් හැම දක්නේ නම් එබඳු මහණෙක් හෝ බමුණෙක් හෝ නැත, තෙල කරුණ විද්‍යමාන නො වේ”යයි.
Pali BJTහෙතුරූපං භන්තෙ, භගවා ආහ සහෙතුරූපං භන්තෙ භගවා ආහ: ‘නත්ථි සො සමණො වා බ්රාහ්මණො වා, යො සකිදෙව සබ්බං ඤස්සති, සබ්බං දක්ඛිති, නෙතං ඨානං විජ්ජතීති. චත්තාරො මෙ භන්තෙ, වණ්ණා: ඛත්තියා බ්රාහ්මණා වෙස්සා සුද්දා. ඉමෙසං නු ඛො භන්තෙ, චතුන්නං වණ්ණානං සියා විසෙසො, සියා නානාකරණ’න්ති?
Sinhala BJTවහන්ස, භාග්‍යවතුන් වහන්සේ හේතුස්වභාවය වදාරති, වහන්ස භාග්‍යවතුන් වහන්සේ සකාරණ ස්වභාවය වදාරති. එක් වර මැ හැම දන්නා හැම දක්නා මහණෙක් හෝ බමුණෙක් හෝ නැත, තෙල කරුණ විද්‍යමාන නො වෙති’යි. වහන්ස, මේ සතර වර්‍ණ කෙනෙක් ඇත: ක්‍ෂත්‍රියයෝ යැ බ්‍රාහ්මණයෝ ය. වෛශ්‍යයෝ යැ, ශුද්‍රයෝ යි. වහන්ස, මේ සතර වර්‍ණයන් ගේ විශේෂයෙක් ඇත නානාත්‍වයෙක් ඇත?
Pali BJTචත්තාරො ‘මෙ මහාරාජ, වණ්ණා. ඛත්තියා බ්රාහ්මණා වෙස්සා සුද්දා. ඉමෙසං ඛො මහාරාජ, චතුන්නං වණ්ණානං ද්වෙ වණ්ණා අග්ගමක්ඛායන්ති, ඛත්තියා ච බ්රාහ්මණා ච. යදිදං අභිවාදනපච්චුට්ඨානඅඤ්ජලිකම්මසාමීචිකම්මානන්ති{2}.
Sinhala BJTමහරජ, මේ වර්‍ණයෝ සතර දෙනෙකි: ක්‍ෂත්‍රියයෝ යැ බ්‍රාහ්මණයෝ යැ වෛශ්‍යයෝ යැ ශුද්‍රයෝ යි. මහරජ, මේ සතර වර්‍ණයන් අතුරින් වර්‍ණයෝ දෙදෙනෙක් අග්‍රයහ’යි කියනු ලැබෙති. ක්‍ෂත්‍රියයන් හා බ්‍රාහ්මණයෝ යි. කෙසේ යැ යත්: අභිවාදන උත්‍ථාන අඤ්ජලිකර්‍ම සාමිචිකර්‍මයන්ගේ වශයෙනි.
Pali BJTනාහං භන්තෙ, භගවන්තං දිට්ඨධම්මිකං පුච්ඡාමි, සම්පරායිකාහං භන්තෙ, භගවන්තං පුච්ඡාමි. චත්තාරො මෙ භන්තෙ, වණ්ණා: ඛත්තියා බ්රාහ්මණා වෙස්සා සුද්දා. ඉමෙසං නු ඛො භන්තෙ, චතුන්නං වණ්ණානං සියා විසෙසො, සියා නානාකරණන්ති?
Sinhala BJTවහන්ස, මම භාග්‍යවත්හු අතින් ඓහලෞකික වෙනස නො පුළුවුස්මි. වහන්ස, මම භගවත්හු අතින් පාරලෞකිකවෙනස පුළුවුස්මි. වහන්ස, මේ වර්‍ණයෝ සතර දෙනෙකි: ක්‍ෂත්‍රියයෝ යැ බ්‍රාහ්මණයෝ යැ වෛශ්‍යයෝ යැ ශුද්‍රයෝ යි. වහන්ස, මේ සතර වර්‍ණයන්ගේ විශේෂයෙක් ඇද්ද, නානාකරණයෙක් ඇද්ද?
Pali BJTපඤ්චිමානි මහාරාජ, පධානියඞ්ගානි. කතමානි පඤ්ච? ඉධ මහාරාජ, භික්ඛු සද්ධො හොති, සද්දහති තථාගතස්ස බොධිං: ‘ඉතිපි සො භගවා අරහං සම්මාසම්බුද්ධො විජ්ජාචරණසම්පන්නො සුගතො ලොකවිදූ අනුත්තරො පුරිසදම්මසාරථි සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවා’ති. අප්පාබාධො හොති අප්පාතඞ්කො සමවෙපාකිනියා ගහණියා සමන්නාගතො නාතිසීතාය නාච්චුණ්හාය මජ්ඣිමාය පධානක්ඛමාය අසඨො හොති අමායාවී යථාභූතං අත්තානං ආවීකත්තා සත්ථරි වා විඤ්ඤූසු වා සබ්රහ්මචාරීසු. ආරද්ධවිරියො විහරති අකුසලානං ධම්මානං පහානාය කුසලානං ධම්මානං උපසම්පදාය ථාමවා දළ්හපරක්කමො අනික්ඛිත්තධුරො කුසලෙසු ධම්මෙසු. පඤ්ඤවා හොති උදයත්ථගාමිනියා පඤ්ඤාය සමන්නාගතො අරියාය නිබ්බෙධිකාය සම්මාදුක්ඛක්ඛයගාමිනියා ඉමානි ඛො මහාරාජ, පඤ්ච පධානියඞ්ගානි. චත්තාරොමෙ මහාරාජ, වණ්ණා: ඛත්තියා බ්රාහ්මණා වෙස්සා සුද්දා. තෙ චස්සු ඉමෙහි පඤ්චහි පධානියඞ්ගෙහි සමන්නාගතා, තං නෙසං{3} චස්ස දීඝරත්තං හිතාය සුඛායාති.
Sinhala BJTමහරජ, මේ ප්‍රධන්වීර්‍ය්‍යයට හිත වූ අඞ්ගයෝ පස් දෙනෙකි: කවර පස් දෙනෙක යත්: මහරජ, මෙ සස්නෙහි මහණ සැදැහැති වෙයි, තථාගතයන් වහන්සේගේ සම්‍යක් සම්බෝධිය හදහයි: “මෙ කරුණිනුදු භාග්‍යවතුන් වහන්සේ අර්‍හත්හ, සම්‍යක් සම්බුද්ධයහ, විද්‍යාචරණ සම්පන්නයහ, සුගතයහ, ලෝකවිත්හ, අනුත්තර පුරුෂදම්‍යසාරථිහ, දෙව්මිනිස්නට ශාස්තෘහ, සිව්සස් දත්හ, භගවත්හ”යි. අල්පාබාධ වැ අල්පාතඞ්ක වැ නාතිශීත, නාත්‍යුෂ්ණ, මධ්‍යම, ප්‍රධන්වීර්‍ය්‍යයට නිසි සම වැ පස්නා ග්‍රහණියෙන් සමන්‍වාගත වැ සිටුනේ වෙයි. අශඨ වෙයි. අමායාවී වෙයි. යථාභූත ආත්මය ශාස්තෘවරයා කෙරෙහිදු විඥ සබ්‍රහ්මචාරීන් කෙරෙහි දු හෙළි කරනු වෙයි. අකුශලධර්‍මයන් ගේ ප්‍රහාණය සඳහා කුශලධර්‍මයන්ගේ උපසම්පත් සඳහා බලවත් වැ දෘඪපරාක්‍රම ඇති වැ කුශල් දහම්හි නො හළ ධුර ඇති වැ රුකුළු වැර ඇති වැ වෙසෙයි. ආර්‍ය්‍ය වූ කෙලෙසුන් බිඳුනා මොනොවට දුක් කිය කරනුවට යන උදාවිය කරා දිවෙන ප්‍රඥායෙන් සමන්‍වාගත වැ ප්‍රඥාවත් වෙයි. මහරජ, මේ පස් පධානියඞ්ගයෝ යි. මහරජ, මේ වර්‍ණයෝ සතර දෙනෙකි: ක්‍ෂත්‍රියයෝ යැ බ්‍රාහ්මණයෝ යැ වෛශ්‍යයෝ යැ ශුද්‍රයෝ යි. ඔහු මෙ පස් වැදෑරුම් ප්‍රධන් වැරට හිත කරුණින් සමන්‍වාගත වෙත් ද, එය ඔවුනට දීර්‍ඝරාත්‍රියෙහි හිතයට සුඛයට වැටෙයි.
Pali BJTචත්තාරො මෙ භන්තෙ වණ්ණා: ඛත්තියා බ්රාහ්මණා වෙස්සා සුද්දා. තෙ චස්සු ඉමෙහි පඤ්චහි පධානියඞ්ගෙහි සමන්නාගතා එත්ථ පන නෙසං භන්තෙ, සියා විසෙසො සියා නානාකරණන්ති?
Sinhala BJTවහන්ස, මේ වර්‍ණයෝ සතර දෙනෙකි: ක්‍ෂත්‍රියයෝ යැ බ්‍රාහ්මණයෝ යැ වෛශ්‍යයෝ යැ ශුද්‍රයෝ යි. ඔහුදු මේ පඤ්චප්‍රකාර ප්‍රධන් වැරට හිත වූ කරුණින් සමන්‍වාගත වෙත් ද, මෙහිදු වහන්ස, උන්ගේ විශේෂයෙක් ඇද්ද: නානාකරණයෙක් ඇද්දැ?යි.
Pali BJTඑත්ථ ඛො පන නෙසාහං මහාරාජ, පධානවෙමත්තතං{1} වදාමි. සෙය්යථාපස්සු{2} මහාරාජ, ද්වෙ හත්ථිදම්මා වා අස්සදම්මා වා ගොදම්මා වා සුදන්තා සුවිනීතා, ද්වෙ හත්ථිදම්මා වා අස්සදම්මා වා ගොදම්මා වා අදන්තා අවිනීතා. තං කිං මඤ්ඤසි මහාරාජ, යෙ තෙ ද්වෙ හත්ථිදම්මා වා අස්සදම්මා වා ගොදම්මා වා සුදන්තා සුවිනීතා, අපි නු තෙ දන්තාව දන්තකාරණං ගච්ඡෙය්යුං. දන්තාව දන්තභූමිං සම්පාපුණෙය්යුන්ති?
Sinhala BJTමහරජ, මෙහිලා උන්ගේ ප්‍රධන්හි වෙනස් බව කියමි. මහරජ, යම් පරිදි නහඹු හස්තීහු දෙදෙනෙක් හෝ නහඹු අශ්වයෝ දෙදෙනෙක් හෝ නහඹු ගවයෝ දෙදෙනෙක් හෝ සුදාන්ත වැ සුවිනීත වැ ඇද්ද, නහඹු හස්තීහු දෙදෙනෙක් හෝ නහඹු අශ්වයෝ දෙදෙනෙක් හෝ නහඹු ගවයෝ දෙදෙනෙක් හෝ අදාන්ත වැ අවිනීත වැ ඇද්ද, මහරජ, ඒ කෙසේ හඟිහි? යම් ඒ නහඹු හස්තීහු දෙදෙනෙක් හෝ නහඹු අශ්වයෝ දෙදෙනෙක් හෝ නහඹු ගවයෝ දෙදෙනෙක් හෝ සුදාන්ත වැ සුවිනීත වැ වැටෙත් ද, කිම ඔහු දාන්ත වූවාහු මැ දාන්තකාරණයට යෙත් ද, දාන්ත වූවාහු මැ දාන්තභූමියට පැමිණෙත් දැ? යි.
Pali BJTඑවං භන්තෙ.
Sinhala BJTවහන්ස, එසේ යැ.
Pali BJTයෙ පන තෙ ද්වෙ හත්ථිදම්මා වා අස්සදම්මා වා ගොදම්මා වා අදන්තා අවිනීතා, අපි නු තෙ අදන්තාව දන්තකාරණං ගච්ඡෙය්යුං. අදන්තාව දන්තභූමිං සම්පාපුණෙය්යුං. සෙය්යථාපි තෙ ද්වෙ හත්ථිදම්මා වා අස්සදම්මා වා ගොදම්මා වා සුදන්තා සුවිනීතාති?
Sinhala BJTයම් ඒ නහඹු හස්තීහු දෙදෙන හෝ නහඹු අශ්වයෝ දෙදෙන හෝ නහඹු ගවයෝ දෙදෙන හෝ අදාන්ත වැ මැ යම් පරිදි මුල කී සුදාන්ත සුවිනීත ඒ නහඹු ඇතුන් දෙදෙනා සෙයින් නහඹු අසුන් දෙදෙනා සෙයින් නහඹු ගවයන් දෙදෙනා සෙයින් අදාන්තවූවාහුමැ දාන්තකාරණයට යෙත් ද? අදාන්ත වූවාහු මැ දාන්තභූමියට යෙත් දැ? යි.
Pali BJTනොහෙතං භන්තෙ.
Sinhala BJTවහන්ස, තෙල නො වේ මැ යි.
Pali BJTඑවමෙව ඛො මහාරාජ, යං තං සද්ධෙන පත්තබ්බං අප්පාබාධෙන අසඨෙන අමායාවිනා ආරද්ධවිරියෙන පඤ්ඤවතා, තං වත අස්සද්ධො බව්හාබාධො සඨො මායාවී කුසීතො දුප්පඤ්ඤො පාපුණිස්සතී’ති නෙතං ඨානං විජ්ජතීති.
Sinhala BJTමහරජ, එ පරිදි මැ සැදැහැති අල්පාබාධ අශඨ, මායා බහුල නො වන, ආරබ්ධවීර්‍ය්‍ය ඇති, ප්‍රඥාසම්පන්න ශ්‍රාවකයා විසින් යම් ඒ ඵලයක් ලැබියයුතු වේ නම් සැදැහැ නැති ආබාධ බහුල වූ ශඨ වූ මායා බහුල වූ කුසීත වූ දුෂ්ප්‍රාඥ වූයේ ඒ ඵලය ඒකාන්තයෙන් ලබන්නේ යැ යන කරුණ සිදු නො වෙයි.