Majjhima Nikāya

Middle-Length Discourses

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 3401-3500 න් 6395

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJT2. 4. 6.
Sinhala BJT2. 4. 6.
Pali BJTඅඞ්ගුලිමාලසුත්තං
Sinhala BJTඅඞ්ගුලිමාල සූත්‍රය
Pali BJTඑවං මෙ සුතං: එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන රඤ්ඤො පසෙනදිස්ස කොසලස්ස විජිතෙ චොරො අඞ්ගුලිමාලො නාම හොති ලුද්දො ලොහිතපාණී හතපහතෙ නිවිට්ඨො අදයාපන්නො පාණභූතෙසු. තෙන ගාමාපි අගාමා කතා, නිගමාපි අනිගමා කතා, ජනපදාපි අජනපදා කතා. සො මනුස්සෙ වධිත්වා වධිත්වා අඞ්ගුලීනං මාලං ධාරෙති. අථ ඛො භගවා පුබ්බණ්හසමයං නිවාසෙත්වා පත්තචීවරං ආදාය සාවත්ථිං{1} පිණ්ඩාය පාවිසි. සාවත්ථියං පිණ්ඩාය චරිත්වා පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තො සෙනාසනං සංසාමෙත්වා පත්තචීවරං ආදාය යෙන චොරො අඞ්ගුලිමාලො තෙන’ද්ධානමග්ගං පටිපජ්ජි.
Sinhala BJTමා විසින් මෙසේ අසනලද: එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩ වසන සේක. එකල පසේනදි කොසොල් රජහුගේ විජිතයෙහි අඟුල්මල් නම් සොරෙක් ඇත. (හේ) දරුණුය. ලෙහෙ වැකුණු අත් ඇතියේ ය. මෙරමා පැහැරීම්හි හා මැරීම්හි බැස සිටියේය. සතුන් කෙරෙහි කරුණා නැත්තේ ය. උහු විසින් ගමුදු නොගම් කරන ලද. නියම්ගමුදු නො නියම්ගම් කරන ලද. දනවු දු නො දනවු කරන ලදි. හේ මිනිසුන් මර මරා අඟුල්මල් ධරයි. එසඳ භාග්‍යවතුන් වහන්සේ පෙරවරු හැඳ පෙරෙවැ පාසිවුරු ගෙන සැවැත් නුවර පිඬු පිණිස වැඩිසේක. සැවැතෙහි පිඬු පිණිස හැසිර පිණ්ඩපාතයෙන් වැළකිසේක් සෙනසුන් සඟවා තබා අඟුල්මල් සොරු බලා අදන්මඟට පිළිපන් සේක.
Pali BJTඅද්දසංසු{2} ඛො ගොපාලකා පසුපාලකා කස්සකා පථාවිනො{3} භගවන්තං යෙන චොරො අඞ්ගුලිමාලො තෙනද්ධානමග්ගං පටිපන්නං දිස්වාන භගවන්තං එතදවොචුං: මා සමණ, එතං මග්ගං පටිපජ්ජි. එතස්මිං සමණ, මග්ගෙ චොරො අඞ්ගුලිමාලො නාම ලුද්දො ලොහිතපාණී හතපහතෙ නිවිට්ඨො අදයාපන්නො පාණභූතෙසු. තෙන ගාමාපි අගාමා කතා, නිගමාපි අනිගමා කතා, ජනපදාපි අජනපදා කතා. සො මනුස්සෙ වධිත්වා වධිත්වා අඞ්ගුලීනං මාලං ධාරෙති. එතං හි සමණ, මග්ගං දසපි පුරිසා වීසතිම්පි පුරිසා තිංසම්පි පුරිසා චත්තාරීසම්පි පුරිසා පඤ්ඤාසම්පි පුරිසා සංහරිත්වා සංහරිත්වා{4} පටිපජ්ජන්ති. තෙපි චොරස්ස අඞ්ගුලිමාලස්ස හත්ථත්ථඞ්ගච්ඡන්තී’ති{5}. එවං වුත්තෙ භගවා තුණ්හීභූතො අගමාසි.
Sinhala BJTගවයන් රක්නාහු සියුපාවුන් රක්නාහු සීසහන්නාහු ගමන් යන්නාහු අඟුල්මල් සොර සිටුනා අදන්මඟට පිළිපන් භාග්‍යවතුන් වහන්සේ දුටහ. දැක භාග්‍යවතුන් වහන්සේට තෙල කීහු: “මහණ ඒ මඟට නො යා, මහණ එමඟ අඟුල්මල් නම් සොරෙක, කැකුළු ය. ලෙහෙ මුසු අත් ඇත්තේ ය. පැහැරීම් මැරීම් දෙක්හි බැස සිටියේ ය. සතුන් කෙරෙහි කුළුණු නැතියේ ය. උහු විසින් ගම්හු දු නො ගම් කරන ලදහ, නියම්ගම්හුදු නො නියම්ගම් කරන ලදහ, දනවුහුදු නො දනවු කරන ලදහ. හේ මිනිසුන් මර මරා ඇඟිලි විද මාලා කොට ධරයි. මහණ, තෙල මගට පුරුෂයෝ දස දෙන දු විසි-තිස්-සතලිස්-පනස් දෙන දු වග වග වැ යෙති. ඔහුදු අඟුල්මල් සොරහුගේ අතැ නස්ති”යි. මෙසේ කී කල්හි බුදුහු නො බැණ නැඟී වැඩියෝ.
Pali BJTදුතියම්පි ඛො ගොපාලකා පසුපාලකා කස්සකා පථාවිනො{3} භගවන්තං එතදවොචුං: මා සමණ, එතං මග්ගං පටිපජ්ජි. එතස්මිං සමණ, මග්ගෙ -පෙ- හත්ථත්ථඞ්ගච්ඡන්තී’ති{5}. දුතියම්පි ඛො භගවා තුණ්හීභූතො අගමාසි.
Sinhala BJTදෙ වන වට ද ගෙරින් රක්නාහු සියුපාවුන් රක්නාහු සීසහන්නාහු ගමන් යන්නාහු භාග්‍යවතුන් වහන්සේට තෙල කීහු: “මහණ, තෙල මඟට නො යා. මහණ, තෙල මඟ … අත්හි නසිති” යි. දෙ වන වට ද භාග්‍යවතුන් වහන්සේ නො බැණ නැඟී වැඩියෝ.
Pali BJTතතියම්පි ඛො ගොපාලකා පසුපාලකා කස්සකා පථාවිනො{3} භගවන්තං එතදවොචුං: මා සමණ, එතං මග්ගං පටිපජ්ජි, එතස්මිං සමණ, මග්ගෙ චොරො අඞ්ගුලිමාලො නාම ලුද්දො ලොහිතපාණි හතපහතෙ නිවිට්ඨො අදයාපන්නො පාණභූතෙසු. තෙන ගාමාපි අගාමා කතා, නිගමාපි අනිගමා කතා, ජනපදාපි අජනපදා කතා. සො මනුස්සෙ වධිත්වා වධිත්වා අඞ්ගුලීනං මාලං ධාරෙති. එතං සමණ, මග්ගං දසපි පුරිසා වීසතිම්පි පුරිසා තිංසම්පි පුරිසා චත්තාරීසම්පි පුරිසා පඤ්ඤාසම්පි පුරිසා සංහරිත්වා සංහරිත්වා{4} පටිපජ්ජන්ති. තෙපි චොරස්ස අඞ්ගුලිමාලස්ස හත්ථත්ථඞ්ගච්ඡන්තී’ති.{5} තතියම්පි ඛො භගවා තුණ්හීභූතො අගමාසි.
Sinhala BJTතුන් වන වට ද ගොන් රක්නාහු සියුපාවුන් රක්නාහු සහන්නාහු ගමන් යන්නාහු භාග්‍යවතුන් වහන්සේට තෙල කීහු: “මහණ, තෙල මඟට නො යා. මහණ තෙල මඟෙහි අඟුල්මල් නම් සොරෙක. කැකුළු ය, ලෙහෙ මුසු අත් ඇත්තේ ය, පැහැරීම් මැරීම්හි බැස සිටියේ ය, සතුන් කෙරෙහි දයා නැත්තේ ය. උහු විසින් ගම්හු නො ගම් කරන ලද හ, නියම්ගම්හු නො නියම්ගම් කරන ලදහ, දනවුහු නො දනවු කරන ලදහ. හේ මිනිසුන් මර මරා ඇඟිලි විදගෙන මාලා කොට ධරයි, මහණ, තෙල මඟට පුරුෂයෝ දස දෙන දු විසි-තිස්-සතලිස්-පනස් දෙන දු වග වග වැ යෙති. ඔහු දු අඟුල්මල් සොර අතැ නසිති”යි.
Pali BJTඅද්දසා ඛො චොරො අඞ්ගුලිමාලො භගවන්තං දූරතොව ආගච්ඡන්තං, දිස්වානස්ස එතදහොසි: අච්ඡරියං වත භො අබ්භුතං වත භො. ඉමං හි මග්ගං දසපි පුරිසා, වීසතිම්පි පුරිසා, තිංසම්පි පුරිසා, චත්තාරීසම්පි පුරිසා, පඤ්ඤාසම්පි පුරිසා සංහරිත්වා සංහරිත්වා පටිපජ්ජන්ති. තෙපි මම හත්ථත්ථඞ්ගච්ඡන්ති. අථ ච පනායං සමණො එකො අදුතියො පසය්හ මඤ්ඤෙ ආගච්ඡති. යන්නූනාහං ඉමං සමණං ජීවිතා වොරොපෙය්ය’න්ති.
Sinhala BJTඅඟුල්මල් සොර වඩනා බුදුන් දුරදී මැ දුට, දැක උහුට තෙල සිත් වී: “භවත්නි, ආශ්චර්‍ය්‍යයෙක් මැ ය, භවත්නි, අද්භූතයෙක් මැ ය. මේ මඟට පුරුෂයෝ දස දෙන දු විසි-තිස්-සතලිස්-පනස් දෙන දු වග වග වැ වදිත්. ඔහු දු මා අතැ නස්නාහ. වැළිත් මේ මහණ එකලා වැ අද්විතීය වැ අභිභවමින් මෙන් එයි. මම මේ මහණ දිවියෙන් තොර කෙරෙම් නම් මැනැවැ”යි.
Pali BJTඅථ ඛො චොරො අඞ්ගුලිමාලො අසිචම්මං ගහෙත්වා ධනුකලාපං සන්නය්හිත්වා භගවන්තං පිට්ඨිතො පිට්ඨිතො අනුබන්ධි. අථ ඛො භගවා තථාරූපං ඉද්ධාභිසඞ්ඛාරං අභිඞ්ඛාසි{1}. යථා චොරො අඞ්ගුලිමාලො භගවන්තං පකතියා ගච්ඡන්තං සබ්බත්ථාමෙන ගච්ඡන්තො න සක්කොති සම්පාපුණිතුං. අථ ඛො චොරස්ස අඞ්ගුලිමාලස්ස එතදහොසි: අච්ඡරියං වත භො අබ්භුතං වත භො, අහං හි පුබ්බෙ හත්ථිම්පි ධාවන්තං අනුපතිත්වා ගණ්හාමි, අස්සම්පි ධාවන්තං අනුපතිත්වා ගණ්හාමි, රථම්පි ධාවන්තං අනුපතිත්වා ගණ්හාමි, මිගම්පි ධාවන්තං අනුපතිත්වා ගණ්හාමි. අථ ච පනාහං ඉමං සමණං පකතියා ගච්ඡන්තං සබ්බත්ථාමෙන ගච්ඡන්තො න සක්කොමි සම්පාපුණිතු’න්ති. ඨිතො භගවන්තං එතදවොච: තිට්ඨ සමණ, තිට්ඨ සමණාති. ඨිතො අහං අඞ්ගුලිමාල, ත්වඤ්ච තිට්ඨාති.
Sinhala BJTඑසඳ අඟුල්මල් සොර කඩුපළහ ගෙන දුනුහියවුරු බැඳ බුදුන් පස් පස් ලුහුබැඳ ගියේ. එසඳ භාග්‍යවතුන් වහන්සේ යම්සේ අඟුල්මල් සොර පියවි ගමනින් වඩනා බුදුන් බල පමණින් දිවෙනුයේ හඹා නො ගත හේ ද, එබඳු අධිෂ්ඨානයක් කළෝ. එසඳ අඟුල්මල් සොරහට තෙල සිත් වී: “භවත්නි, ආශ්චර්‍ය්‍ය මැ යැ, භවත්නි, අද්භූත මැ යි. මම පෙර දිවෙන ඇතු දු ලුහුබැඳ ගනිම් මැ ය. දිවෙන අසුදු ලුහුබැඳ ගනිම් මැ ය. දිවෙන රථ දු ලුහුබැඳ ගනිම් මැ ය. දිවෙන මුව දු ලුහුබැඳ ගනිම් මැ ය. එතෙකුදු වත් මේ මහණහු පියවිගමනින් යන්නහු බල පමණින් දිවෙනුයෙම් හඹා නො ගත හෙමි”යි සිටියේ භාග්‍යවතුන් වහන්සේ ට තෙල කී: “සිට මහණ, සිට මහණැ”යි. අඟුල්මල, මම සිටියෙමි, තො ද සිට’යි වදාළහ.
Pali BJTඅථ ඛො චොරස්ස අඞ්ගුලිමාලස්ස එතදහොසි: ඉමෙ ඛො සමණා සක්යපුත්තියා සච්චවාදිනො සච්චපටිඤ්ඤා. අථ ච පනායං සමණො ගච්ඡංයෙව සමානො එවමාහ{2} ඨිතො අහං අඞ්ගුලිමාල, ත්වඤ්ච තිට්ඨා’ති. යන්නූනාහං ඉමං සමණං පුච්ඡෙය්යන්ති. අථ ඛො චොරො අඞ්ගුලිමාලො භගවන්තං ගාථාය අජ්ඣභාසි:
Sinhala BJTඑසඳ අඟුල්මල් සොරහට තෙල සිත් වී: “මේ සැහැපුත් මහණහු සත්‍යවාදීහ. සත්‍යප්‍රතිඥා ඇතියහ. වැළිත් මේ මහණ යනුයේ මැ ‘අඟුල්මල, මම සිටියෙමි, තො ද සිටැ’යි යෙයි, මම මේ මහණ පුළුවුස්නෙම් නම් මනා මැ නු යි. එ සඳ අඟුල්මල් සොර භාග්‍යවතුන් වහන්සේට ගාථායෙන් කී:
Pali BJTගච්ඡං වදෙසි සමණ ඨිතොම්හි මමඤ්ච බ්රූසි ඨිතං අට්ඨිතොති, පුච්ඡාමි තං සමණ එතමත්ථං කථං ඨිතො ත්වං අහමට්ඨිතොම්හීති?
Sinhala BJT“මහණ, යෙමින් සිටියෙමි’යි කියෙහි, සිටියා වූ මට ද නො සිටියෙහි”යි කියව. මහණ තෙල කරුණ තොප පුළුවුස්මි, තෙපි කෙසේ සිටියහු ද? මම් නො සිටියෙම් දැ?යි.
Pali BJTඨිතො අහං අඞ්ගුලිමාල සබ්බදා සබ්බෙසු භූතෙසු නිධාය දණ්ඩං, තුවඤ්ච පාණෙසු අසඤ්ඤතොසි තස්මා ඨිතොහං තුවමට්ඨිතොසී’ති.
Sinhala BJTඅඟුල්මල, මම හැමදා හැම සතුන් කෙරෙහි දඬු බැහැර තබා සිටියෙම් වෙමි. තෝ වනාහි සතුන් කෙරෙහි අසංයතයෙහි, එයින් මම සිටියෙම් වෙමි. තෝ නො සිටියෙහි යි.
Pali BJTචිරස්සං වත මෙ මහිතො මහෙසී මහාවනං සමණොයං පච්චුපාදි{3}, සොහං චිරස්සාපි පහස්සං{4} පාපං සුත්වාන ගාථං තව ධම්මයුත්තං”.
Sinhala BJTදෙව්මිනිසුන් විසින් පූජිත මෙ මහර්ෂී මහණ බොහෝ කල් ඇවෑමෙන් මට වැඩ සඳහා මහවනයට වැඩියේ ය. මම තොප ගේ ධර්‍ම යුක්ත ගාථා අසා කල් ඇවෑමෙනුදු පව් හරනෙමි.
Pali BJTඉත්වෙව චොරො අසිආවුධඤ්ච සොබ්භෙ පපාතෙ නරකෙ අන්වකාරි{5}, අවන්දි චොරො සුගතස්ස පාදෙ තත්ථෙව නං පබ්බජ්ජං අයාචි.
Sinhala BJTමෙසේ කියා මැ අඟුලුමල් සොර ඛඞ්ග හා තදන්‍ය ආයුධ අවට බුන් හෙබෙහි එක් පස බුන් ප්‍රපාතයෙහි පැළිගිය බිමෙහි හෙළාපී. (වෙනෙහි බැහී) සොර සුගතයන් වහන්සේ ගේ පා වැන්දේ යැ. එහි දී මැ උන් වහන්සේ අතින් පැවිදි යැදී.
Pali BJTබුද්ධො ච ඛො කාරුණිකො මහෙසි යො සත්ථා ලොකස්ස සදෙවකස්ස, තමෙහි භික්ඛූති තදා අවොච එසෙව තස්ස අහු භික්ඛුභාවො’ති.
Sinhala BJTකාරුණික වූ සදේවලෝකයාගේ ශාස්තෘ වූ මහර්ෂි වූ බුදුහු දු එසඳ ‘මහණ එ’යි උහුට වදාළහ. තෙල බස් මැ උහුට භික්‍ෂුභාව වී.
Pali BJTඅථ ඛො භගවා ආයස්මතා අඞ්ගුලිමාලෙන පච්ඡාසමණෙන යෙන සාවත්ථි තෙන චාරිකං පක්කාමි. අනුපුබ්බෙන චාරිකං චරමානො යෙන සාවත්ථි තදවසරි. තත්ර සුදං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන රඤ්ඤො පසෙනදිස්ස කොසලස්ස අන්තෙපුරද්වාරෙ මහාජනකායො සන්නිපතිත්වා උච්චාසද්දො මහාසද්දො හොති. චොරො තෙ දෙව, විජිතෙ අඞ්ගුලිමාලො නාම ලුද්දො ලොහිතපාණි හතපහතෙ නිවිට්ඨො අදයාපන්නො පාණභූතෙසු. තෙන ගාමාපි අගාමා කතා, නිගමාපි අනිගමා කතා, ජනපදාපි අජනපදා කතා. සො මනුස්සෙ වධිත්වා වධිත්වා අඞ්ගුලීනං මාලං ධාරෙති. තං දෙවො පටිසෙධෙතූ’ති.
Sinhala BJTඉක්බිති භාග්‍යවතුන් වහන්සේ භණ්ඩගාහක පසුමහණකු වූ ආයුෂ්මත් අඟුල්මල් තෙරුන් හා සැවැත්නුවර කරා චාරිකා කොට වැඩියෝ. පිළිවෙළින් සැරිසරමින් සැවැත් නුවර වැඩියෝ. එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩ වෙසෙති, එකල පසේනදි කොසොල් රජහුගේ ගෙවත්දොර මහජනයෝ රැස් වැ “දේවයන් වහන්ස, තොප ගේ රට අඟුල්මල් නම් සොරෙක, කැකුළු ය, ලෙහෙ මුසු අත් ඇත්තේය. පැහැරීම් මැරීම්හි බැස සිටියේ ය. සතුන් කෙරෙහි කුළුණු නැත්තේ ය. උහු විසින් ගම්හුදු නො ගම් කරන ලදහ, නියම්ගම්හුදු නො නියම්ගම් කරන ලදහ. දනවුහු දු නො දනවු කරන ලදහ. හේ මිනිසුන් මර මරා ඇඟිලි විද මාලා කොට ධරයි. දේවයන් වහන්සේ ඒ සොර වළකාලන සේක්ව”යි උස්හඬ මහහඬ ඇති වැ ගුගුළෝ.
Pali BJTඅථ ඛො රාජා පසෙනදි කොසලො පඤ්චමත්තෙහි අස්සසතෙහි සාවත්ථියා නික්ඛමි. දිවාදිවස්ස යෙනාරාමො තෙන පායාසි. යාවතිකා{1} යානස්ස භූමි, යානෙන ගන්ත්වා යානා පච්චොරොහිත්වා පත්තිකොව යෙන භගවා තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නං ඛො රාජානං පසෙනදිං කොසලං භගවා එතදවොච: කින්නු තෙ මහාරාජ, රාජා මාගධො සෙනියො බිම්බිසාරො කුපිතො, වෙසාලිකා වා ලිච්ඡවී, අඤ්ඤෙ වා පටිරාජානො’ති. න ඛො මෙ භන්තෙ, රාජා මාගධො සෙනියො බිම්බිසාරො කුපිතො, නපි වෙසාලිකා ලිච්ඡවී, නාපි අඤ්ඤෙ පටිරාජානො. චොරො මෙ භන්තෙ, විජිතෙ අඞ්ගුලිමාලො නාම ලුද්දො ලොහිතපාණි හතපහතෙ නිවිට්ඨො අදයාපන්නො පාණභූතෙසු. තෙන ගාමාපි අගාමා කතා, නිගමාපි අනිගමා කතා, ජනපදාපි අජනපදා කතා. සො මනුස්සෙ වධිත්වා වධිත්වා අඞ්ගුලීනං මාලං ධාරෙති. තාහං භන්තෙ පටිසෙධිස්සාමීති.
Sinhala BJTඑසඳ පසේනදි කොසොල් රජ පන්සියක් මත් අසුන් සදාගෙන සැවැත් නුවරින් නික්මියේ යැ. දෙවෙන්දවාලෙහි දෙව්රම කරා ගියේ. යානභූමි තාක් යානයෙන් ගොස් යානයෙන් බැස පාගමනින් මැ බුදුන් කරා එළැඹියේ යැ. එළැඹ බුදුන් වැඳ එකත්පසෙක හින. එකත්පස් වැ හුන් පසේනදි කොසොල්රජහට බුදුහු තෙල කරුණ වදාළහ: “කිමෙක් ද මහරජ, තොපට මගධේශ්වර වූ සේනා බල ඇති බිම්සර මහරජ කිපියේ ද? විසල්පුර ලිච්ඡවීහු හෝ කිපියාහු ද? තදන්‍ය වූ හෝ විරුදු රජ කෙනෙක් හෝ කිපියාහු දැ?”යි. වහන්ස, මට මගධේශ්වර වූ සේනිය බිම්බිසාර මහරජ කිපියේ නො වෙයි, විසල්පුර ලිච්ඡවීහු ද නො ද කිපියාහු යැ. තදන්‍ය විරුදු රජ කෙනෙක් නො ද කිපියහ. වහන්ස, මාගේ විජිතයෙහි අඟුල්මල් නම් සොරෙක, දරුණු යැ, ලෙහෙමුසු අත් ඇත්තේ යැ, පැහැරීම් මැරීම් දෙක්හි බැසගත්තේ යැ, සතුන් කෙරෙහි කුළුණු නැතියේ යි. උහු විසින් ගමුදු නො ගම් කරන ලද. නියම්ගමුදු නො නියම්ගම් කරනලද. දනවුදු නො දනවු කරන ලද. හේ මිනිසුන් මර මරා ඇඟිලි විද මාලා කොට ධරයි. වහන්ස, මම් උහු වළකාලමි”යි.
Pali BJTසචෙ පන ත්වං මහාරාජ, අඞ්ගුලිමාලං පස්සෙය්යාසි කෙසමස්සුං ඔහාරෙත්වා කාසායානි වත්ථානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියං පබ්බජිතං, විරතං පාණාතිපාතා විරතං අදින්නාදානා විරතං මුසාවාදා එකභත්තිකං බ්රහ්මචාරිං සීලවන්තං කල්යාණධම්මං, කින්ති නං කරෙය්යාසීති? අභිවාදෙය්යාම වා මයං භන්තෙ, පච්චුට්ඨෙය්යාම වා ආසනෙන වා නිමන්තෙය්යාම, අභිනිමන්තෙය්යාමපි නං චීවරපිණ්ඩපාතසෙනාසනගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරෙහි, ධම්මිකං වා අස්ස රක්ඛාවරණගුත්තිං සංවිදහෙය්යාම කුතො පනස්ස භන්තෙ, දුස්සීලස්ස පාපධම්මස්ස එවරූපො සීලසංයමො භවිස්සතීති? තෙන ඛො පන සමයෙන ආයස්මා අඞ්ගුලිමාලො භගවතො අවිදූරෙ නිසින්නො හොති. අථ ඛො භගවා දක්ඛිණං බාහුං{2} පග්ගහෙත්වා රාජානං පසෙනදිං කොසලං එතදවොච: එසො මහාරාජ, අඞ්ගුලිමාලො’ති.
Sinhala BJT“මහරජ, ඉදින් තෙපි අඟුල්මල්සොර කෙහෙරවුළු බහා කසාවත් හැඳපෙරෙවැ ගිහිගෙන් නික්ම සසුන් වැද පණිවායෙන් වෙන් වැ අයිනාදනින් වෙන් වැ මුසායෙන් වෙන් වැ එක්වේලේ වළඳනු වැ බඹසර ඇති වැ සිල්වත් වැ කලණදහම් ඇති වැ සිටියහු දක්නහු නම් ඔහට කුමක් කරන්නහු දැ?”යි. “වහන්ස, අපි අභිවාදන හෝ කරම්හ, දැක හුනස්නෙන් හෝ නැඟෙම්හ, අසුනින් හෝ පවරම්හ, ඔහු සිවුරු - පිඬුවා - සෙනසුන් - ගිලන්පස බෙහෙසත් පිරිකරිනුදු නිමන්ත්‍රණ කරම්හ, ඔහට ධාර්මික රක්‍ෂාවරණගෝපන ද සංවිධාන කරම්හ. වහන්ස, මේ දුසිල් පවිටුසැහැවි ඇතියහුට මෙබඳු ශීලසංයමයෙක් කොයින් වන්නේ දැ?”යි. එසමයෙහි වනාහි ආයුෂ්මත් අඟුල්මල් තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ ට නුදුරෙහි හුන්නාහු වෙති. එසඳ බුදුහු දකුණත නඟාගෙන පසේනදි කොසොල් රජහට තෙල බස් වදාළහ: “මහරජ තෙලෙ අඞ්ගුලිමාල යැ”යි.
Pali BJTඅථ ඛො රඤ්ඤො පසෙනදිස්ස කොසලස්ස අහුදෙව භයං අහු ඡම්භිතත්තං, අහු ලොමහංසො. අථ ඛො භගවා රාජානං පසෙනදිං කොසලං භීතං සංවිග්ගං ලොමහට්ඨජාතං විදිත්වා රාජානං පසෙනදිං කොසලං එතදවොච: මා භායි මහාරාජ, මා භායි මහාරාජ, නත්ථි තෙ අතො භයන්ති. අථ ඛො රඤ්ඤො පසෙනදිස්ස කොසලස්ස යං අහොසි භයං වා ඡම්භිතත්තං වා ලොමහංසො වා, සො පටිප්පස්සම්භි. අථ ඛො රාජා පසෙනදි කොසලො යෙනායස්මා අඞ්ගුලිමාලො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා ආයස්මන්තං අඞ්ගුලිමාලං එතදවොච: අය්යො නො භන්තෙ, අඞ්ගුලිමාලොති? එවං මහාරාජාති. කථංගොත්තො භන්තෙ, අය්යස්ස පිතා, කථංගොත්තා මාතාති? ගග්ගො ඛො මහාරාජ, පිතා, මන්තානී මාතාති. අභිරමතු භන්තෙ, අය්යො ගග්ගො මන්තාණිපුත්තො. අහමය්යස්ස ගග්ගස්ස මන්තානීපුත්තස්ස උස්සුක්කං කරිස්සාමි චීවරපිණ්ඩපාතසෙනාසනගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරානන්ති{1}.
Sinhala BJTඑසඳ පසේනදි කොසොල් රජහට බියෙක් වූ යේ මැ යැ තැතිගැන්මෙක් වී. ලොමුදහ වී මැ යි. එසඳ බුදුහු බියපත් තැතිගත් ලොමුදහගත් පසේනදි කොසොල් රජහු දැන පසේනදි කොසොල් රජහට තෙල වදාළහ: “මහරජ, නහමක් බියව, තොපට උහුගෙන් බියෙක් නැතැ”යි. ඉක්බිති පසේනදි කොසොල් රජහට යම් බියෙක් හෝ තැතිගැන්මෙක් හෝ ලොමුදහගැන්මෙක් හෝ වී නම් ඒ සන්හින. ඉක්බිති පසේනදි කොසොල් රජ අඟුල්මල් තෙරණුවන් කරා එළැඹියේ යැ. එළැඹ ආයුෂ්මත් අඟුල්මල් තෙරණුවන්ට තෙල බස් කී: “වහන්ස, අපගේ ආර්‍ය්‍ය වූ අඞ්ගුලිමාල තෙරණුවෝ දැ?”යි. ‘එසේ යැ මහරජැ’යි. වහන්ස, ආර්‍ය්‍යන්ගේ පිය තෙම කෙබඳු ගෝත්‍ර ඇත්තේ ද? මව කෙබඳු ගෝත්‍ර ඇත්තී දැ?යි. ‘මහරජ, පියා ගර්‍ග නම, මව මන්තානී නමු’යි. වහන්ස, මන්තානී පුත්‍ර ආර්‍ය්‍යගර්ගයෝ සස්නෙහි අභිරමණ කෙරෙත්වා, මම මන්තානීපුත්‍ර ආර්‍ය්‍යගර්ගයනට සිවුරු - පිඬුවා - සෙනසුන් - ගිලන්පස බෙහෙසත් පිරිකරින් උත්සුක කරන්නෙමි’යි.
Pali BJTතෙන ඛො පන සමයෙන ආයස්මා අඞ්ගුලිමාලො ආරඤ්ඤකො හොති පිණ්ඩපාතිකො පංසුකූලිකො තෙචීවරිකො. අථ ඛො ආයස්මා අඞ්ගුලිමාලො රාජානං පසෙනදිං කොසලං එතදවොච: අලං මහාරාජ, පරිපුණ්ණං මෙ තිචීවරන්ති.
Sinhala BJTඑසමයෙහි ආයුෂ්මත් අඞ්ගුලිමාල තෙරණුවෝ ආරණ්‍යකාඞ්ග ඇත්තාහු පිණ්ඩපාතිකාඞ්ග ඇත්තාහු පාංශුකූලිකාඞ්ග ඇත්තාහු තෙචීචරිකඞ්ග ඇත්තාහු වෙති. එසඳ අඟුල්මල් තෙරණුවෝ පසේනදී කොසොල්රජහට තෙල බස් කීහ: “කම්නැත මහරජ, මට තුන්සිවුරු පරිපූර්‍ණ යැ”යි.
Pali BJTඅථ ඛො රාජා පසෙනදි කොසලො යෙන භගවා, තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො රාජා පසෙනදි කොසලො භගවන්තං එතදවොච: අච්ඡරියං භන්තෙ, අබ්භුතං භන්තෙ, යාවඤ්චිදං භන්තෙ, භගවා අදන්තානං දමෙතා අසන්තානං{2} සමෙතා, අපරිනිබ්බුතානං{3} පරිනිබ්බාපෙතා. යං හි මයං භන්තෙ, නාසක්ඛිම්හා දණ්ඩෙනපි සත්ථෙනපි දමෙතුං. සො භගවතා අදණ්ඩෙන අසත්ථෙනෙව{4} දන්තො. හන්ද ච දානි{5} මයං භන්තෙ, ගච්ඡාම බහුකිච්චා මයං බහුකරණීයාති. යස්සදානි ත්වං මහාරාජ, කාලං මඤ්ඤසීති. අථ ඛො රාජා පසෙනදි කොසලො උට්ඨායාසනා භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා පක්කාමි.
Sinhala BJTඑසඳ පසේනදි කොසොල් රජ බුදුන් කරා එළඹියේ යැ. එළැඹ බුදුන් වැඳ එකත්පස් වැ හින. එකත්පස් වැ හුන් පසේනදි කොසොල් රජ භාග්‍යවතුන් වහන්සේට තෙල බස් සැල කෙළේ: “වහන්ස, ආශ්චර්‍ය්‍ය යැ, වහන්ස අද්භූත යැ, වහන්ස, භාග්‍යවතුන් වහන්සේ අදාන්තයන් දමනය කරන සේක් මැ යැ, අශාන්තයන් ශමනය කරන සේක් මැ යැ, නො පිරිනිවියන් පිරිනිවන සේක් මැ යි. වහන්ස, අපි යමක්හු දඬිනුදු සැතිනුදු දමනය කරන්නට නො හැකි වූමෝ ද, හේ භාග්‍යවතුන් වහන්සේ විසින් දඬ නැති වැ මැ සැත් නැති වැ මැ දමනය කරනලද. වහන්ස, දැන් අපි යම්හ, අපි බහුකෘත්‍ය බහු කරණී ඇතියම්හ’යි. ‘මහරජ, තෙපි එයට කල් දැනැ’යි. එසඳ පසේනදි කොසොල්රජ හුනස්නෙන් නැඟී බුදුන් වැඳ පැදකුණු කොට නික්ම ගියේ යි.
Pali BJTඅථ ඛො ආයස්මා අඞ්ගුලිමාලො පුබ්බණ්හසමයං නිවාසෙත්වා පත්තචීවරං ආදාය සාවත්ථිං{6} පිණ්ඩාය පාවිසි. අද්දසා ඛො ආයස්මා අඞ්ගුලිමාලො සාවත්ථියං සපදානං පිණ්ඩාය චරමානො අඤ්ඤතරං ඉත්ථිං මූළ්හගබ්භං විඝාතගබ්භං{7} දිස්වානස්ස එතදහොසි: කිලිස්සන්ති වත භො සත්තා කිලිස්සන්ති වත භො සත්තා’ති. අථ ඛො ආයස්මා අඞ්ගුලිමාලො සාවත්ථියං පිණ්ඩාය චරිත්වා පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තො යෙන භගවා තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ආයස්මා අඞ්ගුලිමාලො භගවන්තං එතදවොච: ඉධාහං භන්තෙ, පුබ්බන්හසමයං නිවාසෙත්වා පත්තචීවරං ආදාය සාවත්ථිං{6} පිණ්ඩාය පාවිසිං. අද්දසං ඛො අහං භන්තෙ, සාවත්ථියං සපදානං පිණ්ඩාය චරමානො අඤ්ඤතරං ඉත්ථිං මූළ්හගබ්භං විඝාතගබ්භං{7} දිස්වාන මෙ එතදහොසි: කිලිස්සන්ති වත භො සත්තා, කිලිස්සන්ති වත භො සත්තා’ති.
Sinhala BJTඑසඳ ආයුෂ්මත් අඞ්ගුලිමාල තෙරණුවෝ පෙරවරුයෙහි හැඳ පෙරෙවැ පාසිවුරු ගෙන සැවැත් නුවරට පිඬු සිඟා වැඩියහ. ආයුෂ්මත් අඟුල්මල් තෙරණුවෝ සැවැත්නුවර ගෙපිළිවෙළින් පිඬු සිඟා වඩනාහු මූඪගර්‍භ වැ නො වැදිය හෙන එක්තරා මාගමක දුටහ. දැක උන් වහන්සේට තෙල සිත් උපන: “භවත්නි, ඒකාන්තයෙන් සත්ත්‍වයෝ කෙලෙසෙති, භවත්නි, ඒකාන්තයෙන් සත්ත්‍වයෝ කෙලෙසෙති”යි. ඉක්බිති ආයුෂ්මත් අඟුල්මල් තෙරණුවෝ සැවැත්නුවර පිඬු සිඟා වැඩ පසුබත්හි පිණ්ඩපාතයෙන් නැවැත්තාහු බුදුන් කරා එළැඹියහ. එළැඹ බුදුන් වැඳ එකත්පස් වැ හුන්හ, එකත්පස් වැ හුන් ආයුෂ්මත් අඟුල්මල් තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල පවත් සැල කොළෝ: “වහන්ස, මම් පෙරවරුයෙහි හැඳපෙරෙවැ පාසිවුරු ගෙන සැවැත්නුවර ගෙපිළිවෙළින් පිඬු සිඟා යන්නෙම් මූඪගර්‍භ වැ නො වැදියහෙන එක්තරා මාගමක දිටිමි. දැක මට තෙල සිත් උපන: “භවත්නි, ඒකාන්තයෙන් සත්ත්‍වයෝ කෙලෙසෙති, භවත්නි, ඒකාන්තයෙන් සත්ත්‍වයෝ කෙලෙසෙති”යි.
Pali BJTතෙන හි ත්වං අඞ්ගුලිමාල, යෙන සා ඉත්ථි{1} තෙනුපසඞ්කම, උපසඞ්කමිත්වා තං ඉත්ථිං එවං වදෙහි: යතොහං භගිනි ජාතො{2} නාභිජානාමි සඤ්චිච්ච පාණං ජීවිතා වොරොපෙතා. තෙන සච්චෙන සොත්ථි තෙ හොතු, සොත්ථි ගබ්භස්සා’ති. සො හි නූන මෙ භන්තෙ, සම්පජානමුසාවාදො භවිස්සති. මයා හි භන්තෙ, බහූ සඤ්චිච්ච පාණා ජීවිතා වොරොපිතාති.
Sinhala BJTඅඟුල්මල, එසේ වී නම් තෙපි ඒ මාගම කරා එළැඹෙව, එළැඹ ඒ මාගමහට මෙසේ කියව: “නැඟැණියෙනි, මම් උපන් තැන් පටන් කොට දැනැදැනැ සතක්හු දිවියෙන් ගැළවූයෙම් නො දනිමි, එසසින් තිට සෙත්වේවා, ගබට සෙත් වේවා”යි. වහන්ස, හේ මට සම්පජාන මුසවා වෙයි, වහන්ස, මා විසින් බොහෝ සත්හු දැනැදැනැ දිවියෙන් ගළවනලදහ”යි.
Pali BJTතෙන හි ත්වං අඞ්ගුලිමාල, යෙන සා ඉත්ථී{1} තෙනුපසඞ්කම. උපසඞ්කමිත්වා තං ඉත්ථිං එවං වදෙහි: යතොහං භගිනි, අරියාය ජාතියා ජාතො නාභිජානාමි සඤ්චිච්ච පාණං ජීවිතා වොරොපෙතා. තෙන සච්චෙන සොත්ථි තෙ හොතු, සොත්ථි ගබ්භස්සා’ති. එවං භන්තෙති ඛො ආයස්මා අඞ්ගුලිමාලො භගවතො පටිස්සුත්වා යෙන සා ඉත්ථී{1} තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා තං ඉත්ථිං එතදවොච: යතොහං භගිනි, අරියාය ජාතියා ජාතො, නාභිජානාමි සඤ්චිච්ච පාණං ජීවිතා වොරොපෙතා, තෙන සච්චෙන සොත්ථි තෙ හොතු, සොත්ථි ගබ්භස්සා’ති. අථ ඛො සොත්ථි ඉත්ථියා අහොසි{3} සොත්ථි ගබ්භස්ස.
Sinhala BJTඅඟුල්මල, එසේ වී නම් තෙපි ඒ මාගම කරා එළැඹෙව, එළැඹ ඒ මාගමහට මෙසේ කියව: නැඟැණියෙනි, මම් යම් දවසෙකැ ආර්‍ය්‍යජාතියෙහි උපනෙම් ද එතැන් පටන් කොට දැනැදැනැ සතක්හු දිවියෙන් ගැළවූයෙම් නො දනිමි. එ සසින් තිට සෙත් වේවා ගබට සෙත් වේව”යි. ‘එසේ යැ වහන්සැ’යි ආයුෂ්මත් අඟුල්මල් තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් අස්වා ඒ මාගම කරා එළැඹියහ. එළැඹ ඒ මාගමහට තෙල බස් කීහු: “නැඟණියෙනි, යම් දවසෙක මම් ආර්‍ය්‍යජාතියෙහි උපනෙම් ද, එතැන් පටන් කොට දැනැදැනැ සතක්හු දිවියෙන් ගැළවූයෙම් නො දනිමි, එ සසින් තිට සෙත් වේවා ගබට සෙත් වේව”යි. එසඳ මාගමහට සෙත් විය, ගබට සෙත් වී.
Pali BJTඅථ ඛො ආයස්මා අඞ්ගුලිමාලො එකො වූපකට්ඨො අප්පමත්තො ආතාපී පහිතත්තො විහරන්තො න චිරස්සෙව යස්සත්ථාය කුලපුත්තා සම්මදෙව අගාරස්මා අනගාරියං පබ්බජන්ති. තදනුත්තරං බ්රහ්මචරියපරියොසානං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහාසි. ඛීණා ජාති, වුසිතං බ්රහ්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්ථත්තායා’ති අබ්භඤ්ඤාසි. අඤ්ඤතරො ච ඛො පනායස්මා අඞ්ගුලිමාලො අරහතං අහොසි.
Sinhala BJTඑසඳ ආයුෂ්මත් අඞ්ගුලිමාල තෙරණුවෝ එකලා වැ (වස්තුකාම ක්ලේශකාමයන් කෙරෙන් කයිනුදු සිතිනුදු) වෙන් වැ (කමටහන්හි) සිහි එළවා කෙලෙස් තවන වැර ඇති වැ නිවනට මෙහෙයූ සිත් ඇති වැ වාස කරන්නාහු නොබෝ කලෙකින් මැ යම් අර්‍හත්‍වයක් සඳහා කුලපුත්‍රයෝ මොනොවට ගිහිගෙන් නික්ම සස්නට වදිත් ද, එ අනුත්තර වූ බ්‍රහ්මචර්‍ය්‍යපර්‍ය්‍යවසාන සඞ්ඛ්‍යාත අර්‍හත්ඵලය ඉහාත්මයෙහි මැ තමා විසින් වෙසෙසින් දැන ප්‍රත්‍යක්‍ෂ කොට උපයා වාස කළහ, ‘ජාතිය ක්‍ෂය වූ යැ මහබඹසර වැස නිමවන ලද. කරණී කරන ලද, මෙ රහත් බවට අන් කිසෙක් නැතැ’යි දතුවහ. ආයුෂ්මත් අඟුල්මල් තෙරණුවෝ ද රහතුන් අතුරෙහි එක්තරා කෙනෙක් වූහු.
Pali BJTඅථ ඛො ආයස්මා අඞ්ගුලිමාලො පුබ්බණ්හසමයං නිවාසෙත්වා පත්තචීවරං ආදාය සාවත්ථිං පිණ්ඩාය පාවිසි. තෙන ඛො පන සමයෙන අඤ්ඤෙනපි ලෙඩ්ඩු ඛිත්තො ආයස්මතො අඞ්ගුලිමාලස්ස කායෙ නිපතති, අඤ්ඤෙනපි දණ්ඩො ඛිත්තො ආයස්මතො අඞ්ගුලිමාලස්ස කායෙ නිපතති, අඤ්ඤෙනපි සක්ඛරා ඛිත්තා ආයස්මතො අඞ්ගුලිමාලස්ස කායෙ නිපතති. අථ ඛො ආයස්මා අඞ්ගුලිමාලො භින්නෙන සීසෙන, ලොහිතෙන ගලන්තෙන භින්නෙන පත්තෙන විප්ඵාලිතාය{4} සඞ්ඝාටියා යෙන භගවා තෙනුපසඞ්කමි. අද්දසා ඛො භගවා ආයස්මන්තං අඞ්ගුලිමාලං දූරතොව ආගච්ඡන්තං. දිස්වාන ආයස්මන්තං අඞ්ගුලිමාලං එතදවොච: අධිවාසෙහි ත්වං බ්රාහ්මණ, අධිවාසෙහි ත්වං බ්රාහ්මණ. යස්ස ඛො ත්වං කම්මස්ස විපාකෙන බහූනි වස්සානි බහූනි වස්සසතානි බහූනි වස්සසහස්සානි නිරයෙ පච්චෙය්යාසි. තස්ස ත්වං බ්රාහ්මණ, කම්මස්ස විපාකං දිට්ඨෙව ධම්මෙ පටිසංවෙදෙසී’ති. අථ ඛො ආයස්මා අඞ්ගුලිමාලො රහොගතො පටිසල්ලීනො විමුත්තිසුඛපටිසංවෙදී තායං වෙලායං ඉමං උදානං උදානෙසි:
Sinhala BJTඉක්බිති ආයුෂ්මත් අඟුල්මල් තෙරණුවෝ පෙරවරුයෙහි හැඳ පෙරෙවැ පාසිවුරු ගෙන සැවැත්නුවර පිඬු සිඟා වැඩියහ. තවද එසමයෙහි අන් දෙසෙක්හිදු ලූ කැටපහණ ආයුෂ්මත් අඟුල්මල් තෙරුන්ගේ වෙරැ හෙයි. අන් දෙසෙක්හිදු ලූ දඬු ආයුෂ්මත් අඟුල්මල් තෙරුන්ගේ සිරුරෙහි හෙයි. අන් දෙසෙක්හිදු ලූ හකුරු (ගල්කැට) ආයුෂ්මත් අඟුල්මල් තෙරුන්ගේ කයෙහි හෙයි. එසඳ ආයුෂ්මත් අඟුල්මල් තෙරණුවෝ බුන් හිසින්, ගලන ලෙහෙයෙන්, භග්න පාත්‍රයෙන්, හිරුණු සඟලසිවුරින් යුතු වැ බුදුන් කරා එළැඹියහ. බුදුහු දුරින් මැ එන ආයුෂ්මත් අඟුල්මල් තෙරුන් දුටහ, දැක ආයුෂ්මත් අඟුල්මල් තෙරුන්ට තෙල බස් වදාළහ: “බ්‍රාහ්මණය, තෙපි අධිවාසනා කරව, (ඉවසව) බ්‍රාහ්මණය, තෙපි අධිවාසනා කරව. තෙපි යම් කර්‍මයක්හුගේ විපාකයෙන් නො එක් වර්‍ෂයන් නො එක් වර්‍ෂශතයන් නො එක් වර්‍ෂසහස්‍රයන් නිරෑහි පැසෙන්නහු ද, බ්‍රාහ්මණය තෙපි ඒ කර්‍මයාගේ විපාක මෙ අත්බැව්හි මැ විඳුනහු යැ”යි. එසඳ ආයුෂ්මත් අඟුල්මල් තෙරණුවෝ රහෝගත වැ විවික්ත වැ වැඩහිඳුනාහු ඵලසමවත් සුව විඳුමින් (එයින් නැඟී) එ වේලෙහි මේ උදන් හැනූ:
Pali BJTයො ච පුබ්බෙ පමජ්ජිත්වා පච්ඡා සො නප්පමජ්ජති, සො ඉමං ලොකං පභාසෙති අබ්භා මුත්තොව චන්දිමා.
Sinhala BJT“යමෙක් පළමු පමා වැ සිට පසු වැ හේ නො පමා වේ ද, හෙතෙමේ අභ්‍ර හිමාදීන් මිදුණු සඳමඬල සෙයින් මෙලොව බබුළුවන්නේයි.
Pali BJTයස්ස පාපං කතං කම්මං, කුසලෙන පිථීයති, සො ඉමං ලොකං පභාසෙති අබ්භා මුත්තොව චන්දිමා.
Sinhala BJTයමක්හු විසින් කළ පව්කම් මාර්‍ගකුශලයෙන් වසාලනු ලැබේ ද, හේ අභ්‍ර (වලා) හිමාදීන් මිදුණු සඳමඬල සෙයින් මෙලොව බබුළුවන්නේ යි.
Pali BJTයො හවෙ දහරො භික්ඛු යුඤ්ජති බුද්ධසාසනෙ, සො ඉමං ලොකං පභාසෙති අබ්භා මුත්තොව චන්දිමා.
Sinhala BJTයම් දහර මහණෙක් බුද්ධශාසනයෙහි ඒකාන්තයෙන් තුන්දොරින් යුක්තප්‍රයුක්ත වැ වාස කෙරේ ද, හේ අභ්‍ර හිමාදියෙන් මිදුණු සඳමඬල සෙයින් මෙලොව බබුළුවන්නේ යි.
Pali BJTදිසා හි මෙ ධම්මකථං සුණන්තු දිසා හි මෙ යුඤ්ජන්තු බුද්ධසාසනෙ, දිසා හි මෙ තෙ මනුජෙ{1} භජන්තු යෙ ධම්මමෙවාදපයන්ති සන්තො.
Sinhala BJTමා ගේ සතුරෝ චතුස්සත්‍යධර්‍මකථා අසත්වා, මා ගේ සතුරෝ බුද්ධශාසනයෙහි යුක්තප්‍රයුක්ත වෙත්වා, මාගේ සතුරෝ යම් සත්පුරුෂ කෙනෙක් දහම් මැ සමාදන් කරවත් ද, ඒ මනුෂ්‍යයන් භජනය කෙරෙත්වා.
Pali BJTදිසා හි මෙ ඛන්තිවාදානං{2} අවිරොධප්පසංසිනං,{3} සුණන්තු ධම්මං කාලෙන තඤ්ච අනුවිධීයන්තු.
Sinhala BJTමා ගේ සතුරෝ ක්‍ෂාන්තිවාද ඇති මෙත්ගුණ පසස්නා බුදුන්ගේ ක්‍ෂාන්තිමෛත්‍රිධර්‍මය ක්‍ෂණ ක්‍ෂණ සඞ්ඛ්‍යාත කාලයෙහි අසත්වා. ඒ දහම (අනුක්‍රියා විසින්) පුරත්වා.
Pali BJTන හි ජාතු සො මමං හිංසෙ අඤ්ඤං වා පන කඤ්චනං{4}, පප්පුය්ය පරමං සන්තිං රක්ඛෙය්ය තසථාවරෙ.
Sinhala BJTමා ගේ ඒ සතුරා ඒකාන්තයෙන් මැ මට හිංසා නො කෙරේවා, අන් සතක්හට ද හිංසා නො කෙරේවා, පරමශාන්ති සඞ්ඛ්‍යාත නිවනට පැමිණ සතෘෂ්ණ නිස්තෘෂ්ණ සත්ත්‍වයන් රකීවා.
Pali BJTඋදකං හි නයන්ති නෙත්තිකා උසුකාරා නමයන්ති තෙජනං දාරුං නමයන්ති තච්ඡකා අත්තානං දමයන්ති පණ්ඩිතා.
Sinhala BJTදියාළුවෝ දිය නිසි තැනට ගෙන යත්, ඊවඩුවෝ ඊ කැමැති සේ නමා ඍජු කෙරෙත්, වඩුවෝ දැව අභිමත සේ නමත්, පණ්ඩිතයෝ ආත්මය දමනය කෙරෙත්.
Pali BJTදණ්ඩෙනෙකෙ දමයන්ති අඞ්කුසෙහි කසාහි ච, අදණ්ඩෙන අසත්ථෙන අහං දන්තොම්හි තාදිනා.
Sinhala BJTසමහර කෙනෙක් දඬිනුදු අකුස්සෙනුදු කසයෙනුදු දමනය කෙරෙති. මම දඬු නැති සැත් නැති තාදී වූ බුදුන් විසින් දමනය කරන ලදුයෙමි.
Pali BJTඅහිංසකොති මෙ නාමං හිංසකස්ස පුරෙ සතො, අජ්ජාහං සච්චනාමොම්හි න නං හිංසාමි කඤ්චනං{5}.
Sinhala BJTපෙර හිංසක වූ මට ‘අහිංසක’යි නම් වී. දැන් මම සත්‍ය වූ (අහිංසක) නම් ඇතියෙමි. ඒ කිසිවක්හු නො පෙළමි.
Pali BJTචොරො අහං පුරෙ ආසිං අඞ්ගුලිමාලොති විස්සුතො, වුය්හමානො මහොඝෙන බුද්ධං සරණමාගමං.
Sinhala BJTපෙර මම් ‘අඞ්ගුලිමාල’යි ප්‍රසිද්ධ වූ සොර වීමි. අවිදු මහවතුරින් උසුලාගෙනයනු ලබනුයෙම් බුදුන් සරණ කොට පැමිණියෙමි.
Pali BJTලොහිතපාණි පුරෙ ආසිං අඞ්ගුලිමාලොති විස්සුතො, සරණගමනං පස්ස භවනෙත්ති සමූහතා.
Sinhala BJTපෙර මම් ‘අඟුල්මලැ’යි පසිඳු ලෙහෙ වැකි අත් ඇතියෙම් වීමි. සරණාගමනඵල බලව, (මා විසින්) භවරජ්ජුව (සසරරැහැන්) නස්නා ලද.
Pali BJTතාදිසං කම්මං කත්වාන බහුං{6} දුග්ගතිගාමිනං, ඵුට්ඨො කම්මවිපාකෙන අනණො භුඤ්ජාමි භොජනං.
Sinhala BJTදුගතියට යනසුලු එබඳු බොහෝ පව්කම් කොට (කම් පස්නා හෙයින්) කර්‍මවිපාක සඞ්ඛ්‍යාත මාර්‍ගචේතනා විසින් පහස්නා ලදුයෙම් කෙලෙස් ණය නැති වැ බොජුන් වළඳමි.
Pali BJTපමාදමනුයුඤ්ජන්ති බාලා දුම්මෙධිනො ජනා, අප්පමාදඤ්ච මෙධාවී ධනං සෙට්ඨංව රක්ඛති.
Sinhala BJTතීරණප්‍රඥා නැති බාලජනයෝ ප්‍රමාදයෙහි අනුයුක්ත වෙති, එතෙකුදු වත් නුවණැති පුරුෂ අප්‍රමාදය ශ්‍රේෂ්ඨධනයක් සෙයින් රකී.
Pali BJTමා පමාදමනුයුඤ්ජෙථ මා කාමරතිසන්ථවං, අප්පමත්තො හි ඣායන්තො පප්පොති විපුලං සුඛං.
Sinhala BJTනහමක් ප්‍රමාදයෙහි යෙදෙව, නහමක් කාමරතිසන්‍ථව කරව, යම් හෙයකින් අප්‍රමත්ත වැ ධ්‍යාන කරන්නේ විපුල සුව ලබා ද, එහෙයිනි.
Pali BJTසාගතං{1} නාපගතං නයිදං දුම්මන්තිතං මම, සංවිභත්තෙසු{2} ධම්මෙසු යං සෙට්ඨං තදුපාගමං.
Sinhala BJTමා ගේ මේ සස්නට ඊම ස්වාගත (මනා ඊමෙක්) වෙයි. නො මනා ඊමෙක් නො වෙයි. (‘පැවිදිවෙමි’යි) නපුරු කොට සිතනලද නො වෙයි. (ලොව උපන්) සංවිභක්ත (විභාග කළ) දහම්හි යම් ශ්‍රේෂ්ඨ නර්‍මාණයෙක් ඇද්ද, එය ලදිමි.
Pali BJTසාගතං{1} නාපගතං නයිදං දුම්මන්තිතං මම, තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනන්ති.
Sinhala BJTමා ගේ මේ ඊම ස්වාගත යැ, අපගත නො වෙයි. මා විසින් (පැවිදි වෙමි’යි) නො මනා කොට සිතනලද නො වෙයි. මා විසින් ත්‍රිවිද්‍යා ලබනලද. බුදුසසුන් (සසුන්හි කළයුතු කිස) කරන ලදි.
Pali BJTඅඞ්ගුලිමාලසුත්තං නිට්ඨිතං ඡට්ඨං.
Sinhala BJTසවැනි අඞ්ගුලිමාල සූත්‍ර යි.
Pali BJT2. 4. 7.
Sinhala BJT2. 4. 7.
Pali BJTපියජාතිකසුත්තං
Sinhala BJTපියජාතික සූත්‍රය
Pali BJTඑවං මෙ සුතං: එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරස්ස ගහපතිස්ස එකපුත්තකො පියො මනාපො කාලකතො{1} හොති. තස්ස කාලකිරියාය නෙව කම්මන්තා පටිභන්ති, න භත්තං පටිභාති. සො ආළාහනං{2} ගන්ත්වා ගන්ත්වා කන්දති කහං එකපුත්තක, කහං එකපුත්තකා’ති. අථ ඛො සො ගහපති යෙන භගවා තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නං ඛො තං ගහපතිං භගවා එතදවොච: න ඛො තෙ ගහපති, සකෙ චිත්තෙ ඨිතස්ස ඉන්ද්රියානි, අත්ථි තෙ ඉන්ද්රියානං අඤ්ඤථත්ත’න්ති.
Sinhala BJTමා විසින් මෙසේ අසනලද: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර නිසා ජේතවන නම් වූ අනේපිඬු සිටුහු ගේ ආරාමයෙහි වැඩ වසන සේක. එකල එක්තරා ගැහැවියක්හුගේ ප්‍රියමනාප වූ එක් මැ පුත් කලුරිය කෙළේ වෙයි. ඔහුගේ කාලක්‍රියායෙන් කර්‍මාන්තයෝ නො මැ වටහත්. බත ද නො රුස්නේ යැ. හේ සොහොනට පුනපුනා ගොස් හඬයි: “හා එක් මැ පුතැ කොහි යැ, හා එක් මැ පුතැ කොහි යැ”යි. ඉක්බිති ඒ ගැහැවි භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියේ. එළැඹ, භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පසෙක හින. භාග්‍යවතුන් වහන්සේ එකත්පස් ව හුන් ඒ ගැහැවිහට තෙල වදාළහ: “ගැහැවිය, ස්වකීයචිත්තයෙහි සිටුනා තාගේ ඉඳුරෝ ඇත්තාහු නො වෙති, තාගේ ඉඳුරන්ගේ අන්‍යථාත්‍වයෙකි”යි.
Pali BJTකිං හි මෙ භන්තෙ, ඉන්ද්රියානං නාඤ්ඤථත්තං භවිස්සති? මය්හං හි භන්තෙ, එකපුත්තකො පියො මනාපො කාලකතො. තස්ස කාලකිරියාය නෙව කම්මන්තා පටිභන්ති, න භත්තං පටිභාති. සොහං ආළාහනං{2} ගන්ත්වා ගන්ත්වා කන්දාමි කහං එකපුත්තක, කහං එකපුත්තකා’ති.
Sinhala BJTවහන්ස, මා ඉඳුරන්ගේ අන්‍යථාත්‍වයෙක් කිම නො වේද? වහන්ස, මාගේ ප්‍රියමනාප වූ එක් මැ පුත් කලුරිය කෙළේ යැ. ඔයුගේ කාලක්‍රියායෙන් කර්‍මාන්තයෝ නො මැ වටහත්, බත නොරුස්නේ යැ, මම සොහොනට පුනපුනා ගොස් හඬමි: “කොහි යැ හා! එක් මැ පුතැ, කොහි යැ හා!! එක් මැ පුතැ”යි.
Pali BJTඑවමෙව ගහපති, පියජාතිකා හි ගහපති, සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසා පියප්පභවිකා’ති{3}.
Sinhala BJTගැහැවිය, එසේ මැ යැ. ගැහැවිය, ශෝක-පරිදේව-දුඃඛ-දෞර්‍මනස්‍ය-උපායාසයෝ ප්‍රිය දැයින් උපදනා සැහැවි ඇතියහ, ප්‍රිය දැයින් පහළ වන සැහැවි ඇතියහ.
Pali BJTකිස්ස නු ඛො{4} නාමෙතං භන්තෙ, එවං භවිස්සති: පියජාතිකා සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසා පියප්පභවිකා, පියජාතිකා හි ඛො භන්තෙ, ආනන්දසොමනස්සා පියප්පභවිකාති. අථ ඛො සො ගහපති භගවතො භාසිතං අනභිනන්දිත්වා පටික්කොසිත්වා{5} උට්ඨායාසනා පක්කාමි.
Sinhala BJTවහන්ස, කුමට තෙල මෙසේ වේ ද? ශෝක-පරිදේව-දුඃඛ-දෞර්‍මනස්‍ය-උපායාසයෝ කුමට ප්‍රිය දැයින් උපදනා සැහැවි ඇති වෙද්ද? කුමට ප්‍රිය දැයින් පහළ වන සැහැවි ඇති වෙද්ද? වහන්ස, ආනන්‍ද-සෞමනස්‍යයෝ ප්‍රිය දැයින් උපදනා සැහැවි ඇතියහ, ප්‍රිය දැයින් පහළ වන සැහැවි ඇතියහ”යි. ඉක්බිති ඒ ගැහැවි භාග්‍යවතුන් වහන්සේ ගේ භාෂිතය අභිනන්‍දනා නො කොට පිළිකෙව් කොට බැස ගියේ.
Pali BJTතෙන ඛො පන සමයෙන සම්බහුලා අක්ඛධුත්තා භගවතො අවිදූරෙ අක්ඛෙහි දිබ්බන්ති. අථ ඛො සො ගහපති යෙන තෙ අක්ඛධුත්තා තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා තෙ අක්ඛධුත්තෙ එතදවොච: ඉධාහං භොන්තො, යෙන සමණො ගොතමො තෙනුපසඞ්කමිං. උපසඞ්කමිත්වා සමණං ගොතමං අභිවාදෙත්වා එකමන්තං නිසීදිං. එකමන්තං නිසින්නං ඛො මං භොන්තො, සමණො ගොතමො එතදවොච: න ඛො තෙ ගහපති, සකෙ චිත්තෙ ඨිතස්ස ඉන්ද්රියානි අත්ථි. තෙ ඉන්ද්රියානං අඤ්ඤථත්ත’න්ති. එවං වුත්තෙ අහං භොන්තො, සමණං ගොතමං එතදවොචං: කිං හි මෙ භන්තෙ, ඉන්ද්රියානං නාඤ්ඤථත්තං භවිස්සති, මය්හං හි භන්තෙ, එකපුත්තකො පියො මනාපො කාලකතො. තස්ස කාලකිරියාය නෙව කම්මන්තා පටිභන්ති, න භත්තං පටිභාති. සොහං ආළාහනං ගන්ත්වා ගන්ත්වා කන්දාමි: ‘කහං එකපුත්තක, කහං එකපුත්තකා’ති. එවමෙතං ගහපති, එවමෙතං ගහපති, පියජාතිකා හි ගහපති, සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසා පියප්පභවිකාති. කිස්ස{4} නු
Sinhala BJTඑසමයෙහි බොහෝ දූකෙළින්නෝ භාග්‍යවතුන් වහන්සේ නුදුරෙහි පසැටින් කෙළිත්. ඉක්බිති ඒ ගැහැවි ඒ අක්‍ෂධූර්‍තයන් කරා එළැඹියේ. එළැඹ ඒ අක්‍ෂධූර්‍තයනට තෙල කී: “භවත්නි, මම මෙහි දී මහණ ගොයුම්හු කරා එළැඹියෙමි. එළැඹ මහණ ගොයුමන් සකසා වැඳ එකත්පසෙකැ හිනිමි. භවත්නි, එකත්පස් ව හුන් මට මහණ ගොයුම් තෙල කී: ‘ගැහැවිය, ස්වකීය චිත්තයෙහි සිටුනා තාගේ ඉඳුරෝ ඇත්තාහු නො වෙති. තා ඉඳුරන්ගේ අන්‍යථාත්‍වයෙකැ’යි. භවත්නි, මම මෙසේ කී කල මහණ ගොයුම්හට තෙල කීමි: ‘වහන්ස, මා ඉඳුරන්ගේ අන්‍යථාත්‍වයෙක් කිම නො වේ ද? වහන්ස, මාගේ ප්‍රිය මනාප වූ එක් මැ පුත් කලුරිය කෙළේ. ඔහුගේ කාලක්‍රියායෙන් කර්‍මාන්තයෝ නො වටහත්, බත නුරුස්නේ යැ. මම සොහොනට පුනපුනා වැද හඬමි: “කොහි යැ හා! එක් මැ පුතැ, කොහි යැ හා!! එක් මැ පුතැ’යි. ගැහැවිය, තෙල එසේ මැ යැ. ගැහැවිය, තෙල එසේ මැ යැ. ගැහැවිය, ශෝක-පරිදේව-දුඃඛ-දෞර්‍මනස්‍ය-උපායාසයෝ ප්‍රිය දැයින් උපදනා සැහැවි ඇතියහ, ප්‍රිය දැයින් පහළ වන සැහැවි ඇතියහ’යි. වහන්ස, තෙල
Pali BJTඛො නාමෙතං භන්තෙ, එවං භවිස්සති: පියජාතිකා සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසා පියප්පභවිකා, පියජාතිකා හි ඛො භන්තෙ, ආනන්දසොමනස්සා පියප්පභවිකාති. අථ ඛ්වාහං{1} භොන්තො, සමණස්ස ගොතමස්ස භාසිතං අනභිනන්දිත්වා පටික්කොසිත්වා උට්ඨායාසනා පක්කමි’න්ති.
Sinhala BJTමෙසේ කුමට නම් වේ ද? ශෝක-පරිදේව-දුඃඛ-දෞර්‍මනස්‍ය-උපායාසයෝ කුමට ප්‍රිය දැයින් උපදනා සැහැවි ඇති වෙද්ද? කුමට ප්‍රිය දැයින් පහළ වන සැහැවි ඇති වෙද්ද? වහන්ස, ආනන්‍ද-සෞර්‍මනස්‍යයෝ නම් ප්‍රිය දැයින් උපදනා සැහැවි ඇතියහ, ප්‍රිය දැයින් පහළ වන සැහැවි ඇතියහ’යි. භවත්නි, එසඳ මම මහණ ගොයුම්හු ගේ භාෂිතය අභිනන්‍දන නො කොට පිළිකෙව් කොට හුනස්නෙන් නැගී බැස ගියෙමි.
Pali BJTඑවමෙතං ගහපති, එවමෙතං ගහපති, පියජාතිකා හි ගහපති, ආනන්දසොමනස්සා පියප්පභවිකා’ති . අථ ඛො සො ගහපති, සමෙති මෙ අක්ඛධුත්තෙහීති පක්කාමි. අථ ඛො ඉදං කථාවත්ථුං අනුපුබ්බෙන රාජන්තෙපුරං පාවිසි.
Sinhala BJT‘ගැහැවිය, තෙල එසේ මැ යැ, ගැහැවිය, තෙල එසේ මැ යැ. ගැහැවිය, ආනන්‍ද-සෞමනස්‍යයෝ ප්‍රිය දැයින් උපදනා සැහැවි ඇතියහ, ප්‍රිය දැයින් පහළ වන සැහැවි ඇතියහ’යි. ඉක්බිති ඒ ගැහැවි මා අදහස් අක්‍ෂධූර්‍තයන් හා එකතු වෙති’ය නික්ම ගියේ. එසඳ මේ කථාවස්තුව ක්‍රමයෙන් රාජාන්තඃපුරය කරා ගියේ.
Pali BJTඅථ ඛො රාජා පසෙනදි කොසලො මල්ලිකං දෙවිං ආමන්තෙසි: ඉදන්තෙ මල්ලිකෙ, සමණෙන ගොතමෙන භාසිතං: ‘පියජාතිකා සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසා පියප්පභවිකා’ති.
Sinhala BJTඉක්බිති පසේනදි කොසොල්රජ මල්ලිකා දේවිය ඇමැතී: “මල්ලිකාවෙනි, ශ්‍රමණ ගෞතමයන් වහන්සේ විසින් මෙ බස් පැවැසිණ: ශෝක-පරිදේව-දුඃඛ-දෞර්‍මනස්‍ය-උපායාසයෝ ප්‍රිය දැයින් උපදනා සැහැවි ඇතියහ, ප්‍රිය දැයින් පහළ වන සැහැවි ඇතියහ”යි.
Pali BJTසචෙ තං මහාරාජ, භගවතා භාසිතං, එවමෙතන්ති.
Sinhala BJTමහරජ, ඉදින් භාග්‍යවතුන් වහන්සේ විසින් එය වදාරන ලද නම් තෙල එසේ මැ යැ යි.
Pali BJTඑවමෙව පනායං මල්ලිකා යඤ්ඤදෙව සමණො ගොතමො භාසති තංතදෙවස්ස අබ්භනුමොදති. සචෙ තං මහාරාජ, භගවතා භාසිතං එවමෙත’න්ති. සෙය්යථාපි නාම ආචරියො යඤ්ඤදෙව අන්තෙවාසිස්ස{2} භාසති, තං තදෙවස්ස අන්තෙවාසී අබ්භනුමොදති: එවමෙතං ආචරිය, එවමෙතං ආචරියාති. එවමෙවං ඛො ත්වං මල්ලිකෙ, යඤ්ඤදෙව සමණො ගොතමො භාසති. තං තදෙවස්ස අබ්භනුමොදසි. සචෙ තං මහාරාජ, භගවතා භාසිතං එවමෙත’න්ති. චර පරෙ{3} මල්ලිකෙ, විනස්සාති.
Sinhala BJTමෙසේ මැ මේ මල්ලිකා දේවි මහණ ගොයුම්හු යම් මැ දැයක් කියත් නම් එය මැ අනුමෝදන් වෙයි: “ඉදින් මහරජ, ඒ භාග්‍යවතුන් විසින් වදාරන ලද නම් තෙල එසේ මැ යැ”යි. යම්සේ ආචාර්‍ය්‍ය කෙනෙක් අතැවැසියක්හට යම් මැ දැයක් කියද්ද, අතැවැසි තෙල එසේ මැ යැ ආචාර්‍ය්‍යයෙනි, තෙල එසේ මැ යැ ආචාර්‍ය්‍යයෙනි”යි එය මැ අනුමෝදන් වේ ද, එසෙයින් මැ මල්ලිකාවෙනි, තෙපි මහණ ගොයුම්හු යම් මැ දැයක් කියද්ද, ‘ඉදින් මහරජ, භාග්‍යවතුන් විසින් ඒ වදාරන ලද නම් තෙල එසේ මැ යැ’යි එය මැ අනුමෝදන් වව. මල්ලිකා, නො පැනී පහව යා”යි.
Pali BJTඅථ ඛො මල්ලිකා දෙවී නාළිජඞ්ඝං බ්රාහ්මණං ආමන්තෙසි: එහි ත්වං බ්රාහ්මණ, යෙන භගවා තෙනුපසඞ්කම, උපසඞ්කමිත්වා මම වචනෙන භගවතො පාදෙ සිරසා වන්දාහි, අප්පාබාධං අප්පාතඞ්කං ලහුට්ඨානං බලං ඵාසුවිහාරං පුච්ඡ: ‘මල්ලිකා භන්තෙ, දෙවී භගවතො පාදෙ සිරසා වන්දති, අප්පාබාධං අප්පාතඞ්කං ලහුට්ඨානං බලං ඵාසුවිහාරං පුච්ඡතී’ති. එවඤ්ච වදෙහි: “භාසිතා නු ඛො භන්තෙ, භගවතා එසා වාචා: පියජාතිකා සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසා පියප්පභවිකා’ති. යථා ච තෙ භගවා ව්යාකරොති, තථා තං සාධුකං උග්ගහෙත්වා මමං ආරොචෙය්යාසි. න හි තථාගතා විතථං භණන්තී”ති. එවං භොතීති ඛො නාළිජඞ්ඝො බ්රාහ්මණො මල්ලිකාය දෙවියා පටිස්සුත්වා යෙන භගවා තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා භගවතා සද්ධිං සම්මොදි. සම්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො නාළිජඞ්ඝො බ්රාහ්මණො භගවන්තං එතදවොච: ‘මල්ලිකා භො ගොතම, දෙවී භොතො ගොතමස්ස පාදෙ සිරසා වන්දති, අප්පාබාධං අප්පාතඞ්කං ලහුට්ඨානං බලං ඵාසුවිහාරං පුච්ඡති. එවඤ්ච වදෙති: “භාසිතා නු ඛො භන්තෙ, භගවතා එසා වාචා පියජාතිකා සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසා පියප්පභවිකා”ති.
Sinhala BJTඑසඳ මල්ලිකා දේවි නාළිජඞ්ඝ නම් බමුණු ඇමැතූ: “බමුණ, එව තෙපි භාග්‍යවතුන් කරා එළැඹෙව, එළැඹ මා ගේ බසින් භාග්‍යවතුන්ගේ පාසඟළ මුදුනින් වඳුව, ආරෝග්‍යය නිදුක් බව සැහැල්ලු බව කායබලය පහසුවිහරණ පුළුවුස්ව: “වහන්ස, මල්ලිකා දේවි භාග්‍යවතුන් වහන්සේ පාසඟළ මුදුනින් වඳියි, අරෝගබව නිදුක්බව සිරුරෙහි සැහැල්ලුබව කායබලය පහසුවිහරණ පුළුවුසී”යයි. මෙසේත් කියව: “වහන්ස, භාග්‍යවතුන් විසින් ‘ශෝක-පරිදේව-දුඃඛ-දෞර්‍මනස්‍ය-උපායාසයෝ ප්‍රියදැයින් උපදනාහ, ප්‍රියදැයින් උපදනා සැහැවි ඇතියහ, යන තෙල බස් වදාරනලද දැ?”යි. බුදුහු යම්සේ තොපට පවසත් ද, එය එසේ මනාකොට උගෙන මට දන්ව, තථාගතයෝ මුසා නො මැ බෙණෙති”යි. ‘එසේ යැ භවත්නි’යි නාළිජඞ්ඝ බමුණු මල්ලිකාදේවියට පිළිවදන් අස්වා භාග්‍යවතුන් කරා එළැඹියේ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ හා සමග සතුටු විය, සතුටු විය යුතු කලතුරුහි සිහිකටයුතු කථා කොට නිමවා එකත්පසෙක හින. එකත්පස් වැ හුන් නාළිජඞ්ඝ බ්‍රාහ්මණ භාග්‍යවතුන් වහන්සේට තෙල බස් සැළ කෙළේ: භවත් ගෞතමයන් වහන්ස, මල්ලිකාදේවි භවත් ගෞතමයන්ගේ පාසඟළ සිරසින් වඳියි. ආරෝග බව නිදුක් බව කයෙහි සැහැල්ලු බව කායබලය පහසුවිහරණ පුළුවුසි. මෙසේත් කියයි: “වහන්ස, භාග්‍යවතුන් විසින් ‘ශෝක-පරිදේව-දුඃඛ-දෞර්‍මනස්‍ය-උපායාසයෝ ප්‍රිය දැයින් උපදනාහ, ප්‍රිය දැයින් උපදනා සැහැවි ඇතියහ’ යන තෙල බස් වදාරන ලද දැ?”යි.
Pali BJTඑවමෙතං බ්රාහ්මණ, එවමෙතං බ්රාහ්මණ, පියජාතිකා හි කො බ්රාහ්මණ, සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසා පියප්පභවිකාති.
Sinhala BJT‘බමුණ, තෙල එසේ යැ, බමුණ, තෙල එසේ යි. බමුණ, ශෝක-පරිදේව-දුඃඛ-දෞර්‍මනස්‍ය-උපායාසයෝ ප්‍රිය දැයින් උපදනාහ, ප්‍රිය දැයින් උපදනා සැහැවි ඇතියහ’යි.
Pali BJTතදමිනාපෙතං බ්රාහ්මණ, පරියායෙන වෙදිතබ්බං: ‘යථා පියජාතිකා සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසා පියප්පභවිකා’ති. භූතපුබ්බං බ්රාහ්මණ, ඉමිස්සායෙව සාවත්ථියා අඤ්ඤතරස්සා{1} ඉත්ථියා මාතා කාලමකාසි. සා තස්සා කාලකිරියාය උම්මත්තිකා ඛිත්තචිත්තා රථියාය{2} රථියං සිඞ්ඝාටකෙන සිඞ්ඝාටකං උපසඞ්කමිත්වා එවමාහ: ‘අපි මෙ මාතරං අද්දසථ{3} අපි මෙ මාතරං අද්දසථා’ති?
Sinhala BJTබමුණ, ‘ශෝක-පරිදේව-දුඃඛ-දෞර්‍මනස්‍ය-උපායාසයෝ ප්‍රිය දැයින් මැ උපදනාහ, ප්‍රිය දැයින් මැ උපදනා සැහැවි ඇතියහ, යන තෙල කාරණය මෙ කරුණිනුදු දත යුතු: ‘බමුණ, පෙර මෙ මැ සැවැත්නුවර එක්තරා මාගමක්හුගේ මව කලුරිය කළා. හෝ ඇයගේ කලුරිය කිරීමෙන් උමතු වූවා වික්‍ෂිප්ත සිත් ඇත්තී වීථියෙන් වීථියට චතුෂ්කයෙන් චතුෂ්කයට එළැඹ: “මාගේ මව දුටුහු ද, මා ගේ මව දුටුහු දැ?”යි මෙසේ කියයි.
Pali BJTඉමිනාපි ඛො එතං බ්රාහ්මණ, පරියායෙන වෙදිතබ්බං: යථා පියජාතිකා සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසා පියප්පභවිකාති. භූතපුබ්බං බ්රාහ්මණ, ඉමිස්සායෙව සාවත්ථියා අඤ්ඤතරස්සා{1} ඉත්ථියා පිතා කාලමකාසි -පෙ- භාතා කාලමකාසි, -පෙ- භගිනී කාලමකාසි, -පෙ- පුත්තො කාලමකාසි, -පෙ- ධීතා කාලමකාසි, -පෙ- සාමිකො කාලමකාසි. සා තස්ස කාලකිරියාය උම්මත්තිකා ඛිත්තචිත්තා රථියාය{2} රථියං සිඞ්ඝාටකෙන සිඞ්ඝාටකං උපසඞ්කමිත්වා එවමාහ: ‘අපි මෙ සාමිකං අද්දසථ, අපි මෙ සාමිකං අද්දසථා’ති?
Sinhala BJTබමුණ, ‘ශෝක-පරිදේව-දුඃඛ-දෞර්‍මනස්‍ය-උපායාසයෝ ප්‍රිය දැයින් මැ උපදනාහ, ප්‍රිය දැයින් මැ උපදනා සැහැවි ඇතියහ’ යන තෙල කාරණය මෙ කරුණිනුදු දතයුතු. “බමුණ, පෙර මෙ මැ සැවැත්නුවර එක්තරා මාගමක ගේ පියා කලුරිය කෙළේ ... බෑයා කලුරිය කෙළේ … බූනැණියෝ කලුරිය කළ .... පුත් කලුරිය කෙළේ ... දූ කලුරිය කළා ... හිමි කලුරිය කෙළේ. හෝ ඔහු කලුරිය කිරීමෙන් උමතු වූවා වික්‍ෂිප්ත වූවා වීථියෙන් වීථියට චතුෂ්කයෙන් චතුෂ්කයට එළැඹ ‘මා හිමියා දුටුහු ද, මා හිමියා දුටුහු දැ?’යි මෙසේ කියයි.
Pali BJTඉමිනාපි ඛො එතං බ්රාහ්මණ, පරියායෙන වෙදිතබ්බං: යථා පියජාතිකා සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසා පියප්පභවිකා’ති. භූතපුබ්බං බ්රාහ්මණ, ඉමිස්සායෙව සාවත්ථියා අඤ්ඤතරස්ස පුරිසස්ස මාතා කාලමකාසි. සො තස්සා කාලකිරියාය උම්මත්තකො ඛිත්තචිත්තො රථියාය{2} රථියං සිඞ්ඝාටකෙන සිඞ්ඝාටකං උපසඞ්කමිත්වා එවමාහ: ‘අපි මෙ මාතරං අද්දසථ, අපි මෙ මාතරං අද්දසථා’ති ?
Sinhala BJTබමුණ, ‘ශෝක-පරිදේව-දුඃඛ-දෞර්‍මනස්‍ය-උපායාසයෝ පිය දැයින් උපදනාසේ ප්‍රිය දැයින් උපදනා සැහැවි ඇති සේ මෙ කරුණිනුදු දතයුතු: බමුණ පෙර මෙ මැ සැවැත්නුවර අන්‍යතර පුරුෂයෙක්හුගේ මව කලුරිය කළා. හේ ඇයගේ කලුරිය කිරීමෙන් උමතු වූයේ වික්‍ෂිප්ත සිත් ඇත්තේ වීථියෙන් වීථියට චතුෂ්කයෙන් චතුෂ්කයට එළැඹ මෙසේ කියයි: “මා ගේ මව දුටුහු ද, මා ගේ මව දුටුහු දැ?”යි.
Pali BJTඉමිනාපි ඛො එතං බ්රාහ්මණ, පරියායෙන වෙදිතබ්බං: යථා පියජාතිකා සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසා පියප්පභවිකා’ති. භූතපුබ්බං බ්රාහ්මණ, ඉමිස්සායෙව සාවත්ථියා අඤ්ඤතරස්ස පුරිසස්ස පිතා කාලමකාසි. -පෙ- භාතා කාලමකාසි, -පෙ- භගිනී කාලමකාසි, -පෙ- පුත්තො කාලමකාසි, -පෙ- ධීතා කාලමකාසි, -පෙ- පජාපති කාලමකාසි. සො තස්සා කාලකිරියාය උම්මත්තකො ඛිත්තචිත්තො රථියාය{2} රථියං සිඞ්ඝාටකෙන සිඞ්ඝාටකං උපසඞ්කමිත්වා එවමාහ: ‘අපි මෙ පජාපතිං අද්දසථ, අපි මෙ පජාපතිං අද්දසථා’ති?
Sinhala BJTබමුණ, ‘ශෝක-පරිදේව-දුඃඛ-දෞර්‍මනස්‍ය-උපායාසයෝ යම් පරිදි, ප්‍රිය දැයින් උපදනා, සැහැවි ඇති වෙද්ද, ප්‍රිය දැයින් පහළවන සැහැවි ඇති වෙද්ද’ තෙල කරුණ මෙ කරුණිනුදු දතයුතු යැ. බමුණ පෙර වූ දැයක් කියමි: මෙ සැවැත්හි මැ එක්තරා පුරුෂයක්හු ගේ පියේ කලුරිය කෙළේ යි ... සෙහොවුරු කලුරිය කෙළේ ... බුහුන කලුරිය කළා .... පුත් කලුරිය කෙළේ ... දුව කලුරිය කළා ... බිරිය කලුරිය කළා. හේ ඇය කලුරිය කිරීමෙන් උමතු වැ වික්‍ෂිප්තචිත්ත වැ වීථියෙන් වීථියට මංසන්‍ධියෙන් මංසන්‍ධියට එළැඹ මෙසේ කී: ‘කිම, මා බිරිය දක්නාව? කිම, මා බිරිය දක්නාව’යි?
Pali BJTඉමිනාපි ඛො එතං බ්රාහ්මණ, පරියායෙන වෙදිතබ්බං: ‘යථා පියජාතිකා සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසා පියප්පභවිකා’ති. භූතපුබ්බං බ්රාහ්මණ, ඉමිස්සායෙව සාවත්ථියා අඤ්ඤතරා ඉත්ථී ඤාතිකුලං ආගමාසි. තස්සා තෙ ඤාතකා සාමිකා{4} අච්ඡින්දිත්වා අඤ්ඤස්ස දාතුකාමා, සා ච තං න ඉච්ඡති. අථ ඛො සා ඉත්ථී{5} සාමිකං එතදවොච: ‘ඉමෙ මං{6} අය්යපුත්ත, ඤාතකා තයා{7} අච්ඡින්දිත්වා අඤ්ඤස්ස දාතුකාමා.
Sinhala BJTබමුණ, ‘යම් පරිදි ශෝක-පරිදේව-දුඃඛ-දෞර්‍මනස්‍ය-උපායාසයෝ ප්‍රිය දැයින් උපදනා සැහැවි ඇති වෙද්ද, ප්‍රිය දැයින් පහළවන සැහැවි ඇති වෙද්ද’ තෙල මෙ කරුණිනුදු දතයුතු යැ. බමුණ, වූ විරි දැයෙකි: මෙ සැවැත්නුවර මැ අන්‍යතර ස්ත්‍රියක් නෑකුලන් කරා ගියා. ඇයගේ ඒ නෑයෝ හිමියා කෙරෙන් පැහැර ගෙන අනෙකක්හට දෙනු කැමැති වූහු, ඔ ද එය නුරුස්නී වෙයි. ඉක්බිති ඒ ස්ත්‍රී හිමියාට තෙල කිවු: හිමියාපුත, මේ නෑයෝ තොප කෙරෙන් මා බැහැර කොට අනෙකක්හට දෙනු කැමැතියහ,
Pali BJTඅහඤ්ච තං න ඉච්ඡාමී’ති. අථ ඛො සො පුරිසො තං ඉත්ථිං ද්විධා ඡෙත්වා අත්තානං ඔපාදෙසි{1}, ‘උභො පෙච්ච භවිස්සාමා’ති. ඉමිනාපි ඛො එතං බ්රාහ්මණ, පරියායෙන වෙදිතබ්බං: ‘යථා පියජාතිකා සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසා, පියප්පභවිකා’ති.
Sinhala BJTමම ද එය නුරුස්නමු. ඉක්බිති ඒ පුරුෂයා ඒ ස්ත්‍රිය දෙකඩ කොට සිඳ තමා (කඩුවෙන් පළා) හෙළි. දෙදෙනමෝ පරලොව එක්වම්හ’යි. බමුණ, යම් පරිදි ශෝක-පරිදේව-දුඃඛ-දෞර්‍මනස්‍ය-උපායාසයෝ ප්‍රිය දැයින් උපදනා සැහැවි ඇති වෙද්ද, ප්‍රිය දැයින් පහළ වන සැහැවි ඇති වෙද්ද, තෙල කරුණ මෙ කරුණිනුදු දතයුතු ය.
Pali BJTඅථ ඛො නාළිජඞ්ඝො බ්රාහ්මණො භගවතො භාසිතං අභිනන්දිත්වා අනුමොදිත්වා උට්ඨායාසනා යෙන මල්ලිකා දෙවී තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා යාවතකො අහොසි භගවතා සද්ධිං කථාසල්ලාපො, තං සබ්බං මල්ලිකාය දෙවියා ආරොචෙසි. අථ ඛො මල්ලිකා දෙවී යෙන රාජා පසෙනදි කොසලො තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා රාජානං පසෙනදිං කොසලං එතදවොච:
Sinhala BJTඉක්බිති නාළිජඞ්ඝ බමුණු භාග්‍යවතුන් වහන්සේගේ බස සතුටින් පිළිගෙන අනුමෝදන් වැ හුනස්නෙන් නැඟී මල්ලිකාදේවිය කරා එළැඹියේ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ සමග යම් තාක් කථාසල්ලාප වී ද එ හැම මල්ලිකාදේවියට කී: එසඳ මල්ලිකාදේවි පසේනදි කොසොල්රජු කරා එළැඹියා. එළැඹ පසේනදි කොසොල් රජුට තෙල බස් කිවු:
Pali BJTතං කිං මඤ්ඤසි මහාරාජ, පියා තෙ වජිරී කුමාරීති?
Sinhala BJT“මහරජ, ඒ කෙසේ හඟිහි? තොපට වජිරී කුමරි ප්‍රිය වේ දැ? යි.
Pali BJTඑවං මල්ලිකෙ, පියා මෙ වජිරී කුමාරීති.
Sinhala BJTමල්ලිකාවෙනි, එසේ යැ, වජිරී කුමරිය මට ප්‍රිය වෙයි.
Pali BJTතං කිං මඤ්ඤසි මහාරාජ, වජිරියා තෙ කුමාරියා විපරිණාමඤ්ඤථාභාවා උප්පජ්ජෙය්යුං සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසා’ති?
Sinhala BJTමහරජ, ඒ කෙසේ හඟිහි? තොපගේ වජිරී කුමරියගේ (මරණයෙන්) වන විපරිණාමය හා (පැනයෑම වන) අන්‍යථාභාවයෙන් ශෝක-පරිදේව-දුඃඛ-දෞර්‍මනස්‍ය-උපායාසයෝ උපදිත් ද?
Pali BJTවජිරියා මෙ මල්ලිකෙ, කුමාරියා විපරිණාමඤ්ඤථාභාවා ජීවිතස්සපි සියා අඤ්ඤථත්තං, කිම්පන මෙ න උප්පජ්ජිස්සන්ති සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසා’ති?
Sinhala BJTමල්ලිකාවෙනි, මා ගේ වජිරීකුමරියගේ විපරිණාමය හා අන්‍යථාභාවයෙන් ජීවිතයාගේත් අන්‍යථාත්‍වයෙක් වෙයි. කිම, මට ශෝක-පරිදේව-දුඃඛ-දෞර්‍මනස්‍ය-උපායාසයෝ නූපදිත් ද? (උපදිත් මැ යි.)
Pali BJTඉදං ඛො තං මහාරාජ, තෙන භගවතා ජානතා පස්සතා අරහතා සම්මාසම්බුද්ධෙන සන්ධාය භාසිතං: ‘පියජාතිකා සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසා පියප්පභවිකා’ති.
Sinhala BJTමහරජ, ‘ශෝක-පරිදේව-දුඃඛ-දෞර්‍මනස්‍ය-උපායාසයෝ ප්‍රිය දැයින් උපදනා සැහැවි ඇතියහ, ප්‍රිය දැයින් පහළ වන සැහැවි ඇතියහ’ යනු මෙ කරුණ සඳහා සියල්ල දන්නා සියල්ල දක්නා ඒ අර්‍හත් සම්‍යක් සම්බුද්ධ භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරනලදී.
Pali BJTතං කිං මඤ්ඤසි මහාරාජ, පියා තෙ වාසභා ඛත්තියාති{2}?
Sinhala BJTමහරජ, ඒ කෙසේ හඟිහි? තොපට වාසභා නම් කැතදුව ප්‍රිය වේ ද?
Pali BJTඑවං මල්ලිකෙ, පියා මෙ වාසභා ඛත්තියාති.{2}
Sinhala BJTමල්ලිකාවෙනි, එසේ යැ. මට වාසභා කැතදුව ප්‍රිය යැ.
Pali BJTතං කිං මඤ්ඤසි මහාරාජ, වාසභාය තෙ ඛත්තියාය විපරිණාමඤ්ඤථාභාවා උප්පජ්ජෙය්යුං සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසාති?
Sinhala BJTමහරජ, ඒ කෙසේ හඟිහි? තොපගේ වාසභා කැතදුව පිළිබඳ විපරිණාමය හා අන්‍යථාභාවයෙන් ශෝක-පරිදේව-දුඃඛ-දෞර්‍මනස්‍ය-උපායාසයෝ උපදිත් ද,
Pali BJTවාසභාය මෙ මල්ලිකෙ, ඛත්තියාය විපරිණාමඤ්ඤථාභාවා ජීවිතස්සපි සියා අඤ්ඤථත්තං, කිං පන මෙ න උප්පජ්ජිස්සන්ති සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසා’ති.
Sinhala BJTමල්ලිකාවෙනි, මා ගේ වාසභා කැතදුව පිළිබඳ විපරිණාමය හා අන්‍යථාභාවයෙන් ජීවිතයාගේත් අන්‍යථාත්‍වයෙක් වෙයි. කිම, මට ශෝක-පරිදේව-දුඃඛ-දෞර්‍මනස්‍ය-උපායාසයෝ නූපදිත් ද? (උපදිත් මැ යි.)
Pali BJTඉදං ඛො තං මහාරාජ, තෙන භගවතා ජානතා පස්සතා අරහතා සම්මාසම්බුද්ධෙන සන්ධාය භාසිතං: ‘පියජාතිකා සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසා පියප්පභවිකා’ති.
Sinhala BJTමහරජ, සියල්ල දන්නා සියල්ල දක්නා අර්‍හත් සම්‍යක් සම්බුද්ධ භාග්‍යවතුන් වහන්සේ විසින් ‘ශෝක-පරිදේව-දුඃඛ-දෞර්‍මනස්‍ය-උපායාසයෝ ප්‍රිය දැයින් උපදනා සැහැවි ඇතියහ, ප්‍රිය දැයින් පහළ වන සැහැවි ඇතියහ’ යනු මෙ කරුණ සඳහා වදාරන ලදි.
Pali BJTතං කිං මඤ්ඤසි මහාරාජ, පියො තෙ විඩූඪභො{3} සෙනාපතී’ති?
Sinhala BJTමහරජ, ඒ කෙසේ හඟිහි? තොපට විඩූඩභ සෙන්පති ප්‍රිය වේ ද?
Pali BJTඑවං මල්ලිකෙ, පියො මෙ විඩූඪභො සෙනාපතී’ති.
Sinhala BJTමල්ලිකාවෙනි, එසේ යැ. මට විඩූඩභ සෙන්පති ප්‍රිය වෙයි.
Pali BJTතං කිං මඤ්ඤසි මහාරාජ, විඩූඪභස්ස තෙ සෙනාපතිස්ස විපරිණාමඤ්ඤථාභාවා උප්පජ්ජෙය්යුං සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසාති?
Sinhala BJTමහරජ, ඒ කෙසේ හඟිහි? තොපගේ විඩූඩභ සෙන්පතිහු ගේ විපරිණාමය හා අන්‍යථාභාවයෙන් ශෝක-පරිදේව-දුඃඛ-දෞර්‍මනස්‍ය-උපායාසයෝ උපදිත් ද?
Pali BJTවිඩූඪභස්ස මෙ මල්ලිකෙ, සෙනාපතිස්ස විපරිණාමඤ්ඤථාභාවා ජීවිතස්සපි සියා අඤ්ඤථත්තං. කිං පන මෙ න උප්පජ්ජිස්සන්ති සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසාති?
Sinhala BJTමල්ලිකාවෙනි, මා ගේ විඩූඩභ සෙන්පතිහු ගේ විපරිණාමය හා අන්‍යථාභාවයෙන් ජීවිතයාගේත් අන්‍යථාත්‍වයෙක් වෙයි. කිම, මට ශෝක-පරිදේව-දුඃඛ-දෞර්‍මනස්‍ය-උපායාසයෝ නූපදිත් ද? (උපදිත් මැ යි)
Pali BJTඉදං ඛො තං මහාරාජ, තෙන භගවතා ජානතා පස්සතා අරහතා සම්මාසම්බුද්ධෙන සන්ධාය භාසිතං: ‘පියජාතිකා සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසා පියප්පභවිකා’ති.
Sinhala BJTමහරජ, සියල්ල දන්නා සියල්ල දක්නා ඒ අර්‍හත් සම්‍යක් සම්බුද්ධ භාග්‍යවතුන් වහන්සේ විසින් ‘ශෝක-පරිදේව-දුඃඛ-දෞර්‍මනස්‍ය-උපායාසයෝ ප්‍රිය දැයින් උපදනා සැහැවි ඇතියහ, ප්‍රිය දැයින් පහළ වන සැහැවි ඇතියහ’ යනු මෙ කරුණ සඳහා වදාරනලද.
Pali BJTතං කිං මඤ්ඤසි මහාරාජ, පියා තෙ අහන්ති?
Sinhala BJTමහරජ, ඒ කෙසේ හඟිහි? තොපට මා ප්‍රිය වේ ද?
Pali BJTඑවං මල්ලිකෙ, පියා මෙසි ත්වන්ති.
Sinhala BJTමල්ලිකාවෙනි, එසේ යැ. තෝ මට ප්‍රියහු යැ.
Pali BJTතං කිං මඤ්ඤසි මහාරාජ, මය්හං තෙ විපරිණාමඤ්ඤථාභාවා උප්පජ්ජෙය්යුං සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසා’ති?
Sinhala BJTමහරජ, ඒ කෙසේ හඟිහි? තොප සතු මා ගේ විපරිණාමය හා අන්‍යථාභාවයෙන් ශෝක-පරිදේව-දුඃඛ-දෞර්‍මනස්‍ය-උපායාසයෝ උපදිත් ද?
Pali BJTතුය්හං හි මෙ මල්ලිකෙ, විපරිණාමඤ්ඤථාභාවා ජීවිතස්සපි සියා අඤ්ඤථත්තං. කිං පන මෙ න උප්පජ්ජිස්සන්ති සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසා’ති?
Sinhala BJTමල්ලිකාවෙනි, මා සතු තොප ගේ විපරිණාමය හා අන්‍යථාභාවයෙන් ජීවිතයා ගේ ත් අන්‍යථාත්‍වයෙක් වෙයි. කිම, මට ශෝක-පරිදේව-දුඃඛ-දෞර්‍මනස්‍ය-උපායාසයෝ නූපදිත් ද? (උපදිත් මැ යි.)
Pali BJTඉදං ඛො තං මහාරාජ, තෙන භගවතා ජානතා පස්සතා අරහතා සම්මාසම්බුද්ධෙන සන්ධාය භාසිතං: ‘පියජාතිකා සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසා පියප්පභවිකා’ති.
Sinhala BJTමහරජ, සියල්ල දන්නා සියල්ල දක්නා ඒ අර්‍හත් සම්‍යක් සම්බුද්ධ භාග්‍යවතුන් වහන්සේ විසින් ‘ශෝක-පරිදේව-දුඃඛ-දෞර්‍මනස්‍ය-උපායාසයෝ ප්‍රිය දැයින් උපදනා සැහැවි ඇතියහ, ප්‍රිය දැයින් පහළ වන සැහැවි ඇතියහ’ යනු මෙ කරුණ සඳහා වදාරනලදි.
Pali BJTතං කිං මඤ්ඤසි මහාරාජ, පියා තෙ කාසිකොසලාති?
Sinhala BJTමහරජ, ඒ කෙසේ හඟිහි? තොපට කසීකොසොල් දනව්වැස්සෝ ප්‍රිය වෙත් ද?
Pali BJTඑවං මල්ලිකෙ, පියා මෙ කාසිකොසලා. කාසිකොසලානං මල්ලිකෙ, ආනුභාවෙන කාසිකොසලං කාසිකචන්දනං පච්චනුභොම, මාලාගන්ධවිලෙපනං ධාරෙමා’ති.
Sinhala BJTමල්ලිකාවෙනි, එසේ යැ. මට කසීකොසොල් දනව්වැස්සෝ ප්‍රිය වෙති. මල්ලිකාවෙනි, කසීකොසොල් වැසියන් ගේ අනුභාවයෙක් කසීකොසොල් කාශිකවන්‍දන වළඳ කරම්හ, මල්ගඳ විලෙවුන් ධරම්හ’යි.
Pali BJTතං කිං මඤ්ඤසි මහාරාජ, කාසිකොසලානං තෙ විපරිණාමඤ්ඤථාභාවා උප්පජ්ජෙය්යුං සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසා’ති?
Sinhala BJTමහරජ, ඒ කෙසේ හඟිහි? තොප සතු කාශිකෝශලයන් ගේ විපරිණාමය හා අන්‍යථාභාවයෙන් ශෝක-පරිදේව-දුඃඛ-දෞර්‍මනස්‍ය-උපායාසයෝ උපදිත් ද?
Pali BJTකාසිකොසලානං හි මෙ මල්ලිකෙ, විපරිණාමඤ්ඤථාභාවා ජීවිතස්සපි සියා අඤ්ඤථත්තං, කිං පන මෙ න උප්පජ්ජිස්සන්ති සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසා’ති.
Sinhala BJTමල්ලිකාවෙනි, මා සතු කාශිකෝශලයන් ගේ විපරිණාමයෙන් හා අන්‍යථාභාවයෙන් ජීවිතයා ගේ ත් අන්‍යථාත්‍වයෙක් වෙයි. කිම, මට ශෝක-පරිදේව-දුඃඛ-දෞර්‍මනස්‍ය-උපායාසයෝ නූපදිත් ද? (උපදිත් මැ යි.)
Pali BJTඉදං ඛො තං මහාරාජ, තෙන භගවතා ජානතා පස්සතා අරහතා සම්මාසම්බුද්ධෙන සන්ධාය භාසිතං: ‘පියජාතිකා සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසා පියප්පභවිකා’ති.
Sinhala BJTමහරජ, සියල්ල දන්නා සියල්ල දක්නා ඒ අර්‍හත් සම්‍යක් සම්බුද්ධ භාග්‍යවතුන් වහන්සේ විසින් ‘ශෝක-පරිදේව-දුඃඛ-දෞර්‍මනස්‍ය-උපායාසයෝ ප්‍රිය දැයින් උපදනා සැහැවි ඇතියහ, ප්‍රිය දැයින් පහළ වන සැහැවි ඇතියහ’ යනු මෙ කරුණ සඳහා වදාරනලදි.
Pali BJTඅච්ඡරියං මල්ලිකෙ, අබ්භුතං මල්ලිකෙ, යාවඤ්ච සො භගවා පඤ්ඤාය අතිවිජ්ඣ මඤ්ඤෙ{1} පස්සති. එහි මල්ලිකෙ, ආචාමෙහීති.{2}
Sinhala BJTමල්ලිකාවෙනි, අසිරි යැ, මල්ලිකාවෙනි, අද්භූත යැ. ඒ භාග්‍යවතුන් වහන්සේ ප්‍රඥායෙන් විනිවිදගත් සෙයින් දක්නාසේක් මැ යැ. මල්ලිකාව, එව, (මුව) දෝනා දිය දෙව’යි.
Pali BJTඅථ ඛො රාජා පසෙනදි කොසලො උට්ඨායාසනා එකංසං උත්තරාසඞ්ගං කරිත්වා යෙන භගවා තෙනඤ්ජලිං පණාමෙත්වා තික්ඛත්තුං උදානං උදානෙසි: ‘නමො තස්ස භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස, නමො තස්ස භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස, නමො තස්ස භගවතො අරහතො සම්මාසම්බුද්ධස්සා’ති.
Sinhala BJTඑසඳ පසේනදි කොසොල්රජ හුනස්නෙන් නැඟී උත්තරාසඞ්ගය එකස් කොට බහා භාග්‍යවතුන් වහන්සේ වෙත ඇඳිලි බැඳ තෙවිටක් උදන් ඇනී: ‘ඒ භාග්‍යවත් අර්‍හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේට නමස්කාර වේවා! ඒ භාග්‍යවත් අර්‍හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේට නමස්කාර වේවා!! ඒ භාග්‍යවත් අර්‍හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේට නමස්කාර වේවා!!!’යි.
Pali BJTපියජාතිකසුත්තං නිට්ඨිතං සත්තමං.
Sinhala BJTසත් වැනි පියජාතිකසූත්‍ර යි.
Pali BJT2. 4. 8.
Sinhala BJT2. 4. 8.
Pali BJTබාහිතිකසුත්තං
Sinhala BJTබාහිතික සූත්‍රය
Pali BJTඑවං මෙ සුතං: එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. අථ ඛො ආයස්මා ආනන්දො පුබ්බණ්හසමයං නිවාසෙත්වා පත්තචීවරං ආදාය සාවත්ථිං{1} පිණ්ඩාය පාවිසි. සාවත්ථියං පිණ්ඩාය චරිත්වා පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තො, යෙන පුබ්බාරාමො මිගාරමාතු{2} පාසාදො තෙනුපසඞ්කමි දිවාවිහාරාය.
Sinhala BJTමා විසින් මෙසේ අසනලද: එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර අනේපිඬු මහසිටුහු ගේ ජේතවන නම් අරම්හි වැඩ වසන සේක. එසඳ ආයුෂ්මත් අනඳ තෙරණුවෝ පෙරවරු වේලෙහි හැඳ පෙරෙවැ පාසිවුරු ගෙන සැවතෙහි පිඬු පිණිස පිවිසියහ. සැවතෙහි පිඬු පිණිස හැසිර පසුබත පිණ්ඩපාතයෙන් වැළකියාහු පුවරම් නම් මුවරමාපහය කරා දිවාවිහාර සඳහා සඳහා එළැඹියහ.
Pali BJTතෙන ඛො පන සමයෙන රාජා පසෙනදි කොසලො එකපුණ්ඩරීකං නාගං අභිරුහිත්වා සාවත්ථියා නිය්යාසි දිවාදිවස්ස. අද්දසා ඛො රාජා පසෙනදි කොසලො ආයස්මන්තං ආනන්දං දූරතොව ආගච්ඡන්තං. දිස්වාන සිරිවඩ්ඪං මහාමත්තං ආමන්තෙසි: ‘ආයස්මා නු ඛො එසො සම්ම සිරිවඩ්ඪ, ආනන්දො’ති? එවං මහාරාජ, ආයස්මා එසො ආනන්දො’ති. අථ ඛො රාජා පසෙනදි කොසලො අඤ්ඤතරං පුරිසං ආමන්තෙසි: ‘එහි ත්වං අම්භො පුරිස, යෙනායස්මා ආනන්දො තෙනුපසඞ්කම. උපසඞ්කමිත්වා මම වචනෙන ආයස්මතො ආනන්දස්ස පාදෙ සිරසා වන්දාහි: රාජා භන්තෙ, පසෙනදි කොසලො ආයස්මතො ආනන්දස්ස පාදෙ සිරසා වන්දතී’ති.{3} එවඤ්ච වදෙහි{4}: ‘සචෙ කිර භන්තෙ, ආයස්මතො ආනන්දස්ස න කිඤ්චි අච්චායිකං කරණීයං, ආගමෙතු කිර භන්තෙ, ආයස්මා ආනන්දො මුහුත්තං අනුකම්පං උපාදායා’ති. එවං දෙවාති ඛො සො පුරිසො රඤ්ඤො පසෙනදිස්ස කොසලස්ස පටිස්සුත්වා යෙනායස්මා ආනන්දො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා ආයස්මන්තං ආනන්දං අභිවාදෙත්වා එකමන්තං අට්ඨාසි. එකමන්තං ඨිතො ඛො සො පුරිසො ආයස්මන්තං ආනන්දං එතදවොච: “රාජා භන්තෙ, පසෙනදි කොසලො ආයස්මතො ආනන්දස්ස පාදෙ සිරසා වන්දති, එවඤ්ච වදෙති: ‘සචෙ කිර භන්තෙ, ආයස්මතො ආනන්දස්ස න කිඤ්චි අච්චායිකං කරණීයං, ආගමෙතු කිර භන්තෙ, ආයස්මා ආනන්දො මුහුත්තං අනුකම්පං උපාදායා”ති. අධිවාසෙසි ඛො ආයස්මා ආනන්දො තුණ්හීභාවෙන.
Sinhala BJTඑසමයෙහි පසේනදි කොසොල් රජ ‘ඒකපුණ්ඩරීක’ නම් ඇතු නැඟී දෙවෙන් දාවලැ සැවැතින් නික්මිණ. පසේනදි කොසොල්රජ වඩනා ආයුෂ්මත් අනඳ තෙරණුවන් දුරදී මැ දිට. ‘සිරිවඩු’ මහමැති ඇමැතී: “සගය සිරිවඩුවෙනි, තෙල ආයුෂ්මත් අනඳ තෙර වේ දැ” යි. “මහරජ, එසේ යැ. තෙල ආයුෂ්මත් අනඳ තෙර” යයි, එසඳ පසේනදි කොසොල් රජ එක්තරා පුරුෂයකු ඇමැතී: “එම්බා පුරුෂය, තෝ එව. ආයුෂ්මත් අනඳ තෙරණුවන් කරා එළැඹෙව, එළැඹ මා ගේ වචනයෙන් ආයුෂ්මත් අනඳ තෙරණුවන් ගේ දෙපා සිරසින් වඳුව: “වහන්ස, පසේනදි කොසොල් රජ ආයුෂ්මත් අනඳ තෙරණුවන් ගේ දෙපා හිසින් වඳිති කියව.” මෙසේත් කියව: “වහන්ස, ආයුෂ්මත් අනඳ තෙරණුවනට ඉදින් ලාහෙළා කළමනා කරණී නැත් නම් වහන්ස, ආයුෂ්මත් අනඳ තෙරණුවෝ අනුකම්පා පිණිස මොහොතක් බලන සේක්ව’යි. දේවයන් වහන්ස, එසේ යැ’යි කියා ඒ පුරුෂයා පසේනදි කොසොල් රජහට පිළිවදන් දී ආයුෂ්මත් අනඳ තෙරණුවන් කරා එළැඹියේ යි, එළැඹ ආයුෂ්මත් අනඳ තෙරණුවන් සකසා වැඳ එකත්පස් වැ සිටියේ යි. එකත්පස් වැ සිටි ඒ පුරුෂ ආයුෂ්මත් අනඳ තෙරණුවනට තෙල කී: “වහන්ස, පසේනදි කොසොල් රජ ආයුෂ්මත් අනඳ තෙරණුවන් ගේ දෙපා හිසින් වඳියි මෙසේත් කියයි: වහන්ස, ආයුෂ්මත් අනඳ තෙරණුවනට ඉදින් ආත්‍යායික කරණී නැත් නම් ආයුෂ්මත් අනඳ තෙරණුවෝ අනුකම්පා පිණිස මොහොතක් බලත්ව”යි. ආයුෂ්මත් අනඳ තෙරණුවෝත් තූෂ්ණීම්භාවයෙන් ඉවසූහ.
Pali BJTඅථ ඛො රාජා පසෙනදි කොසලො යාවතිකා නාගස්ස භූමි, නාගෙන ගන්ත්වා නාගා පච්චොරොහිත්වා පත්තිකොව යෙනායස්මා ආනන්දො තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා ආයස්මන්තං ආනන්දං අභිවාදෙත්වා එකමන්තං අට්ඨාසි. එකමන්තං ඨිතො ඛො රාජා පසෙනදි කොසලො ආයස්මන්තං ආනන්දං එතදවොච: ‘සචෙ භන්තෙ, ආයස්මතො ආනන්දස්ස න කිඤ්චි අච්චායිකං කරණීයං, සාධු භන්තෙ, ආයස්මා ආනන්දො යෙන අචිරවතියා නදියා තීරං, තෙනුපසඞ්කමතු අනුකම්පං උපාදායාති. අධිවාසෙසි ඛො ආයස්මා ආනන්දො තුණ්හීභාවෙන.
Sinhala BJTඉක්බිති පසේනදි කොසොල් රජ නාගයා (ඇත්හු) යාහෙන භූමිය යම්තාක් ද එතෙක් නාගවාහනයෙන් ගොස් නාගවාහනයෙන් බැස පාගමන් ඇතියේ මැ ආයුෂ්මත් අනඳ තෙරණුවන් කරා එළැඹියේ. එළැඹ ආයුෂ්මත් අනඳ තෙරණුවන් සකසා වැඳ එකත්පස් වැ සිටියේ යි. එකත්පස් වැ සිටි පසේනදි කොසොල් රජ ආයුෂ්මත් අනඳ තෙරණුවනට තෙල කී: “වහන්ස, ඉදින් ආයුෂ්මත් අනඳ තෙරණුවනට කිසි ආත්‍යායික කරණී නැත් නම්, වහන්ස, ආයුෂ්මත් අනඳ තෙරණුවෝ අචිරවතී නදීතීරය කරා අනුකම්පා පිණිස වඩනා සේක් නම් මැනැවැ”යි. ආයුෂ්මත් අනඳ තෙරණුවෝ තූෂ්ණීම්භාවයෙන් ඉවසූහ.
Pali BJTඅථ ඛො ආයස්මා ආනන්දො යෙන අචිරවතියා නදියා තීරං, තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා අඤ්ඤතරස්මිං රුක්ඛමූලෙ පඤ්ඤත්තෙ ආසනෙ නිසීදි. අථ ඛො රාජා පසෙනදි කොසලො යාවතිකා නාගස්ස භූමි නාගෙන ගන්ත්වා නාගා පච්චොරොහිත්වා පත්තිකොව යෙනායස්මා ආනන්දො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා ආයස්මන්තං ආනන්දං අභිවාදෙත්වා එකමන්තං අට්ඨාසි. එකමන්තං ඨිතො ඛො රාජා පසෙනදි කොසලො ආයස්මන්තං ආනන්දං එතදවොච: ඉධ භන්තෙ, ආයස්මා ආනන්දො හත්ථත්ථරෙ නිසීදතූ’ති. අලං මහාරාජ. නිසීද ත්වං. නිසින්නො අහං සකෙ ආසනෙ’ති. නිසීදි ඛො රාජා පසෙනදි කොසලො පඤ්ඤත්තෙ ආසනෙ. නිසජ්ජ ඛො රාජා පසෙනදි කොසලො ආයස්මන්තං ආනන්දං එතදවොච:
Sinhala BJTඉක්බිති ආයුෂ්මත් අනඳ තෙරණුවෝ අචිරවතී නදීතීරය කරා එළැඹියහ. එළැඹ එක්තරා රුක්මුලෙක පැන්වූ අස්නෙහි වැඩ හුන්හ. ඉක්බිති පසේනදි කොසොල් රජ හස්තියානය යාහෙන භූමිය යම් තාක් ද එතෙක් හස්තියානයෙන් ගොස් හස්තියානයෙන් බැස පාගමන් ඇතියේ මැ ආයුෂ්මත් අනඳ තෙරණුවන් කරා එළැඹියේ යි. එළැඹ ආයුෂ්මත් අනඳ තෙරණුවන් සකසා වැඳ එකත්පස් වැ සිටියේ යි. එකත්පස් වැ සිටි පසේනදි කොසොල්රජ ආයුෂ්මත් අනඳ තෙරණුවනට තෙල කී: “වහන්ස, ආයුෂ්මත් අනඳ තෙරණුවෝ මේ ඇත්පලසෙහි හිඳුනා සේක්ව”යි. මහරජ, කම් නැත, තෙපි හිඳුව. මම සිය අස්නෙහි හුන්මි. පසේනදි කොසොල්රජ පැන්වූ අස්නෙහි හින. හිඳ පසේනදි කොසොල්රජ ආයුෂ්මත් අනඳ තෙරණුවනට තෙල කී:
Pali BJTකින්නු ඛො භන්තෙ ආනන්ද, සො භගවා තථාරූපං කායසමාචාරං සමාචරෙය්ය ය්වාස්ස{1} කායසමාචාරො ඔපාරම්භො සමණෙහි බ්රාහ්මණෙහීති{2}? න ඛො මහාරාජ, සො භගවා තථාරූපං කායසමාචාරං සමාචරෙය්ය ය්වාස්ස කායසමාචාරො ඔපාරම්භො සමණෙහි බ්රාහ්මණෙහි විඤ්ඤූහී’ති.
Sinhala BJT“වහන්ස, ආනන්‍දයෙනි, කිමෙක ඒ භාග්‍යවතුන් වහන්සේ යම් කායසමාචාරයෙක් මහණබමුණන් විසින් පරිභාෂණ කළයුතු වේ නම්, එබඳු කායසමාචාරයක් කරන සේක් ද? මහරජ, ඒ භාග්‍යවතුන් වහන්සේ යම් කායසමාචාරයෙක් නුවණැති මහණබමුණන් විසින් උපාරම්භ කළ යුතු වේ නම් එබඳු කායසමාචාරයක් නො කරන සේක් මැ යැ.
Pali BJTකිම්පන භන්තෙ ආනන්ද, සො භගවා තථාරූපං වචීසමාචාරං -පෙ- මනොසමාචාරං සමාචරෙය්ය ය්වාස්ස{1} මනොසමාචාරො ඔපාරම්භො සමණෙහි බ්රාහ්මණෙහීති{2} න ඛො මහාරාජ, සො භගවා තථාරූපං මනොසමාචාරං සමාචරෙය්ය, ය්වාස්ස මනොසමාචාරො ඔපාරම්භො සමණෙහි බ්රාහ්මණෙහි විඤ්ඤූහීති.
Sinhala BJTවහන්ස, ආනන්‍දයෙනි, කිමෙක ඒ භාග්‍යවතුන් වහන්සේ යම් වාක්සමාචාරයෙක් ... යම් මනඃසමාචාරයෙක් මහණබමුණන් විසින් නිග්‍රහ කළයුතු වේ නම් එබඳු මනඃසමාචාරයක් කරන සේක් ද? මහරජ, ඒ භාග්‍යවතුන් වහන්සේ යම් මනඃසමාචාරයෙක් නුවණැති මහණබමුණන් විසින් නින්‍දා කළයුතු වේ නම් එබඳු මනඃසමාචාරයක් නො කරන සේක් මැ යැ.
Pali BJTඅච්ඡරියං භන්තෙ, අබ්භුතං භන්තෙ, යං හි මයං භන්තෙ, නාසක්ඛිම්හා පඤ්හෙන පරිපූරෙතුං, තං භන්තෙ, ආයස්මතා ආනන්දෙන පඤ්හස්ස වෙය්යාකරණෙන පරිපූරිතං. යෙ තෙ භන්තෙ, බාලා අබ්යත්තා අනනුවිච්ච අපරියොගාහෙත්වා පරෙසං වණ්ණං වා අවණ්ණං වා භාසන්ති, න මයං තං සාරතො පච්චාගච්ඡාම. යෙ ච ඛො තෙ{3} භන්තෙ, පණ්ඩිතා බ්යත්තා{4} මෙධාවිනො අනුවිච්ච පරියොගාහෙත්වා පරෙසං වණ්ණං වා අවණ්ණං වා භාසන්ති, තං මයං සාරතො පච්චාගච්ඡාම.
Sinhala BJTවහන්ස, ආශ්චර්‍ය්‍ය යැ, වහන්ස, අද්භූත යැ, වහන්ස, අපි මුල කී යම් කරුණක් ප්‍රශ්න කිරීමෙන් සපුරාලන්නට නො හැකි වූමෝ ද, වහන්ස, මුල කී එ කරුණ ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ විසින් ප්‍රශ්නව්‍යාකරණයෙන් පුරාලන ලද. වහන්ස, යම් බාල අව්‍යක්ත කෙනෙක් නුවණින් නො විමසා නුවණින් බැස නො ගෙන මෙරමා ගේ ගුණ හෝ අගුණ හෝ බෙණෙත් ද, අපි එය සාර විසින් නො පිළිගනුම්හ. වහන්ස, යම් ඒ පණ්ඩිත ව්‍යක්ත ප්‍රශස්තබුද්ධි ඇති කෙනෙක් නුවණින් දැන නුවණින් බැසගෙන පරාගේ ගුණ හෝ අගුණ හෝ බෙණෙත් ද, අපි එය සාර විසින් පිළිගනුම්හ.