Majjhima Nikāya

Middle-Length Discourses

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 3301-3400 න් 6395

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTඛත්තියොපි හි භො කච්චාන, පාණාතිපාතා පටිවිරතො අදින්නාදානා පටිවිරතො කාමෙසුමිච්ඡාචාරා පටිවිරතො මුසාවාදා පටිවිරතො පිසුනාවාචා{1} පටිවිරතො ඵරුසාවාචා{2} පටිවිරතො සම්ඵප්පලාපා පටිවිරතො අනභිජ්ඣාලූ අබ්යාපන්නචිත්තො සම්මාදිට්ඨි, කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජෙය්ය, එවං මෙ එත්ථ හොති, එවඤ්ච පන මෙ එතං අරහතං සුතන්ති.
Sinhala BJTභවත් කාත්‍යායනයෙනි, යම් හෙයෙකින් ක්‍ෂත්‍රිය තෙමේත් ප්‍රාණවධයෙන් වෙන් වූයේ පරද්‍රව්‍ය ගැන්මෙන් වෙන් වූයේ කාමමිථ්‍යාචාරයෙන් වෙන් වූයේ මෘෂාවාදයෙන් වෙන් වූයේ පිශුනවචනයෙන් වෙන් වූයේ පරුෂවචනයෙන් වෙන් වූයේ සම්ඵප්‍රලාපයෙන් වෙන් වූයේ අභිධ්‍යාබහුල නො වූයේ ව්‍යාපාද සිත් නැත්තේ සම්‍යග්දෘෂ්ටි ඇත්තේ වේ ද, හේ කාබුන් මරණින් මතු සුන්‍දර ගති ඇති ස්වර්‍ගලෝකයට පැමිණෙන්නේ යැ. මට මෙසේ සිත් වෙයි. මා විසින් වැළිත් රහතුන් කෙරෙහි දු මෙසේ අසන ලදැ’යි.
Pali BJTසාධු සාධු මහාරාජ, සාධු ඛො තෙ එතං මහාරාජ, එවං හොති. සාධු ච පන තෙ එතං අරහතං සුතං. තං කිං මඤ්ඤසි මහාරාජ, ඉධාස්ස බ්රාහ්මණො -පෙ- ඉධාස්ස වෙස්සො -පෙ- ඉධාස්ස සුද්දො පාණාතිපාතා පටිවිරතො අදින්නාදානා පටිවිරතො -පෙ- සම්මාදිට්ඨි, කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජෙය්ය, නො වා, කථං වා තෙ එත්ථ හොතීති?
Sinhala BJTසාධු සාධු මහරජ, මහරජ තෙල කරුණ තොපට මෙසේ වන්නේ මැනැවැ. තොප විසින් වැළිත් රහතුන් කෙරෙහි තෙල කරුණ අසන ලද්දේත් මනා මැ යි. මහරජ, එය කිමැ’යි හඟනෙහි ද? මෙලොවැ බ්‍රාහ්මණයෙක් ... මෙලොවැ වෛශ්‍යයෙක් ... මෙලොවැ ශුද්‍රයෙක් ප්‍රාණවධයෙන් වෙන් වූයේ අදත්තාදානයෙන් වෙන් වූයේ … සම්‍යග්දෘෂ්ටි ඇත්තේ වන්නේ ද, හේ කාබුන් මරණින් මතු සුගති සඞ්ඛ්‍යාත ස්වර්‍ගලෝකයට වදනේ ද? නො වදනේ හෝ වේ ද? තොපට මෙහි ලා කෙසේ හෝ වේ දැ?යි.
Pali BJTසුද්දොපි හි භො කච්චාන, පාණාතිපාතා පටිවිරතො අදින්නාදානා පටිවිරතො -පෙ- සම්මාදිට්ඨි කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජෙය්ය, එවං මෙ එත්ථ හොති, එවඤ්ච පන මෙ එතං අරහතං සුතන්ති.
Sinhala BJTභවත් කාත්‍යායනයෙනි, යම් හෙයෙකින් ශුද්‍ර තෙමේත් පණිවායෙන් වෙන් වූයේ අයිනාදනින් වෙන් වූයේ ... සම්‍යග්දෘෂ්ටි ඇති වන්නේ ද, හේ කාබුන් මරණින් මතු සුගති සඞ්ඛ්‍යාත ස්වර්‍ගලෝකයෙහි උපදනේ යැ, මෙහි මට මෙසේ සිත් වෙයි. මා විසින් වැළිත් රහතුන් කෙරෙහි දු තෙල කරුණ මෙසේ අසන ලදැ’යි.
Pali BJTසාධු සාධු මහාරාජ, සාධු ඛො තෙ එතං මහාරාජ, එවං හොති. සාධු ච පන තෙ එතං අරහතං සුතං. තං කිං මඤ්ඤසි මහාරාජ, යදි එවං සන්තෙ ඉමෙ චත්තාරො වණ්ණා සමසමා හොන්ති, නො වා, කථං වා තෙ එත්ථ හොතීති?
Sinhala BJTසාධු සාධු මහරජ, මහරජ තෙල කරුණ තොපට මෙසේ වන්නේ මැනැවැ. තොප විසින් වැළිත් රහතුන් කෙරෙහි තෙල කරුණ අසන ලද්දේත් මනා මැ යි. මහරජ, එය කිමැ’යි හඟනෙහි ද? ඉදින් මෙසේ ඇති කල්හි මේ සතර වර්‍ණයෝ සමසම වෙති හෝ නො වෙති හෝ යි. තොපට මෙහි ලා කෙසේ හෝ වේ දැ?යි.
Pali BJTඅද්ධා ඛො භො කච්චාන, එවං සන්තෙ ඉමෙ චත්තාරො වණ්ණා සමසමා හොන්ති. නෙසං{3} එත්ථ කිඤ්චි නානාකරණං සමනුපස්සාමීති.
Sinhala BJTභවත් කාත්‍යායනයෙනි, ඒකාන්තයෙන් මෙසේ ඇති කල්හි මේ සතර වර්‍ණයෝ සමසම වෙති, මෙහි මේ සතර වර්‍ණයන් ගේ කිසි වෙනසක් නො දක්මි යි.
Pali BJTඉමිනාපි ඛො එතං මහාරාජ, පරියායෙන වෙදිතබ්බං: යථා ඝොසො යෙවෙසො ලොකස්මිං, බ්රාහ්මණාව සෙට්ඨො වණ්ණො, හීනො අඤ්ඤො වණ්ණො -පෙ- බ්රහ්මදායාදාති.
Sinhala BJTමහරජ බ්‍රාහ්මණ මැ ශ්‍රේෂ්ඨවර්‍ණ යැ, තදන්‍ය වූයේ හීනවර්‍ණ යැ ... බ්‍රහ්මදායාද යැ යනු ලෝකයෙහි ඝෝෂාමාත්‍රයෙක් මැ යැ යන තෙල කරුණ මෙ කරුණිනුදු දතයුතු.
Pali BJTතං කිං මඤ්ඤසි මහාරාජ, ඉධ ඛත්තියො සන්ධිං වා ඡින්දෙය්ය, නිල්ලොපං වා හරෙය්ය, එකාගාරිකං වා කරෙය්ය, පරිපන්ථෙ වා තිට්ඨෙය්ය, පරදාරං වා ගච්ඡෙය්ය. තං චෙතෙ පුරිසා ගහෙත්වා දස්සෙය්යුං: ‘අයං තෙ දෙව, චොරො ආගුචාරී,{1} ඉමස්ස යං ඉච්ඡසි, තං දණ්ඩං පණෙහී’ති කින්ති නං කරෙය්යාසීති?
Sinhala BJTමහරජ, එය කිමැ’යි හඟනෙහි ද? මෙනුවරැ ක්‍ෂත්‍රියයෙක් ගෘහසන්‍ධි හෝ සිඳුනේ යැ ගම් හෝ පහරනේ යැ, එක් ගෙයක් හෝ වොලොගන්නේ යැ, මං හෝ පහරනේ යැ, පරඹුන් කරා හෝ යන්නේ යැ, උහු දු තෙල පුරුෂයෝ අල්වාගෙන “දේවයිනි, මෙ සොර තොපට අපරාධකාරී යැ. මුහුට යමක් කැමැත්තවු නම් එ දඬුවම කරව”යි දක්වන්නාහු නම්, උහුට කුමක් කෙරෙයි දැ?යි.
Pali BJTඝාතෙය්යාම වා, භො කච්චාන, ජාපෙය්යාම{2} වා, පබ්බාජෙය්යාම වා, යථාපච්චයං වා කරෙය්යාම. තං කිස්ස හෙතු? යා හිස්ස භො කච්චාන, පුබ්බෙ ඛත්තියොති සමඤ්ඤා, සාස්ස අන්තරහිතා, චොරොත්වෙව සඞ්ඛං{3} ගච්ඡතී’ති.
Sinhala BJTභවත් කාත්‍යායනයෙනි, ප්‍රාණවධ හෝ කරවම්හ, ධනහානි හෝ කරවම්හ, රටින් හෝ නෙරවම්හ, ප්‍රත්‍යය වූ සේ හෝ කරම්හ. ඒ කවර හෙයින යත්: භවත් කාත්‍යායනයෙනි, යම් හෙයෙකින් පෙර උහුට ‘ක්‍ෂත්‍රිය’ යි නමෙක් වී නම් උහු ගේ එ නම අතුරුදහන් වී ද, ‘සොර’ යැ යන සඞ්ඛ්‍යාවට මැ යේ ද, එහෙයිනි.
Pali BJTතං කිං මඤ්ඤසි මහාරාජ, ඉධ බ්රාහ්මණො -පෙ- ඉධ වෙස්සො -පෙ- ඉධ සුද්දො සන්ධිං වා ඡින්දෙය්ය, නිල්ලොපං වා හරෙය්ය, එකාගාරිකං වා කරෙය්ය, පරිපන්ථෙ වා තිට්ඨෙය්ය, පරදාරං වා ගච්ඡෙය්ය. තං චෙතෙ පුරිසා ගහෙත්වා දස්සෙය්යුං: ‘අයං තෙ දෙව, චොරො ආගුචාරී,{1} ඉමස්ස යං ඉච්ඡසි තං දණ්ඩං පණෙහී’ති. කින්ති නං කරෙය්යාසීති?
Sinhala BJTමහරජ, එය කිමැයි හඟනෙහි ද? මෙනුවරැ බ්‍රාහ්මණයෙක් ... මෙනුවරැ වෛශ්‍යයෙක් ... මෙනුවරැ ශුද්‍රයෙක් ගෘහසන්‍ධි හෝ සිඳුනේ යැ ගමක් හෝ වොලොගන්නේ යැ, එක් ගෙයක් හෝ වොලොගන්නේ යැ, කඩපළාසොරකම් හෝ කරන්නේ යැ, පරඹුන් කරා හෝ යන්නේ යැ. උහු දු තෙල පුරුෂයෝ අල්වාගෙන “දේවයිනි, මෙ සොර තොප වහන්සේට අපරාධකාරී යැ. මුහුට යමක් කැමැත්තවු නම් එ දඬ පණව”යි දක්වන්නාහු නම්, උහුට කුමක් කෙරෙයි දැ?යි.
Pali BJTඝාතෙය්යාම වා භො කච්චාන, ජාපෙය්යාම වා පබ්බාජෙය්යාම වා යථාපච්චයං වා කරෙය්යාම. තං කිස්ස හෙතු? යා හිස්ස භො කච්චාන, පුබ්බෙ සුද්දොති සමඤ්ඤා සාස්ස අන්තරහිතා, චොරොත්වෙව සඞ්ඛං{3} ගච්ඡතීති.
Sinhala BJTභවත් කාත්‍යායනයෙනි, ප්‍රාණවධ හෝ කරවම්හ, ධනහානි හෝ කරවම්හ, දේශත්‍යාග හෝ කරවම්හ. ප්‍රත්‍යය වූ සේ හෝ කරම්හ. ඒ කවර හෙයින යත්: භවත් කාත්‍යායනයෙනි, යම් හෙයෙකින් පෙර උහුට ‘ශුද්‍ර’යි නමෙක් වී නම් උහු ගේ එ නම අතුරුදහන් වී ද, ‘සොර’ යැ යන සඞ්ඛ්‍යාවට මැ යේ ද, එහෙයිනැ’යි.
Pali BJTතං කිං මඤ්ඤසි මහාරාජ, යදි එවං සන්තෙ, ඉමෙ චත්තාරො වණ්ණා සමසමා හොන්ති, නො වා, කථං වා තෙ එත්ථ හොතීති?
Sinhala BJTමහරජ, එය කිමැ’යි හඟනෙහි ද? ඉදින් මෙසේ ඇති කල්හි මේ සතර වර්‍ණයෝ සමසම වෙති හෝ නො වෙති හො’යි. තොපට මෙහි ලා කෙසේ හෝ වේ දැ?යි.
Pali BJTඅද්ධා ඛො භො කච්චාන, එවං සන්තෙ ඉමෙ චත්තාරො වණ්ණා සමසමා හොන්ති. නෙසං එත්ථ කිඤ්චි නානාකරණං සමනුපස්සාමීති.
Sinhala BJTභවත් කාත්‍යායනයෙනි, ඒකාන්තයෙන් මෙසේ ඇති කල්හි මේ සතර වර්‍ණයෝ සමසම වෙති, මෙහි මෙ සතර වර්‍ණයන් ගේ කිසි වෙනසක් නො දක්මි’යි.
Pali BJTඉමිනාපි ඛො එතං මහාරාජ, පරියායෙන වෙදිතබ්බං: යථා ඝොසො යෙවෙසො ලොකස්මිං, බ්රාහ්මණාව සෙට්ඨො වණ්ණො, හීනො අඤ්ඤො වණ්ණො -පෙ- බ්රහ්මදායාදාති.
Sinhala BJTමහරජ, මෙකරුණිනුදු “බමුණු මැ ශ්‍රේෂ්ඨවර්‍ණ යැ, තදන්‍ය වූයේ හීනවර්‍ණ යැ ... බ්‍රහ්මදායාද යැ යන තෙල කරුණ ලෝකයෙහි ඝොෂාමාත්‍රයෙකැ’යි දතයුතු.
Pali BJTතං කිං මඤ්ඤසි මහාරාජ, ඉධ ඛත්තියො කෙසමස්සුං ඔහාරෙත්වා කාසායානි වත්ථානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියං පබ්බජිතො අස්ස, විරතො පාණාතිපාතා විරතො අදින්නාදානා විරතො මුසාවාදා එකභත්තිකො බ්රහ්මචාරී සීලවා කල්යාණධම්මො, කින්ති නං කරෙය්යාසීති?
Sinhala BJTමහරජ, එය කිමැ’යි හඟනෙහි ද? මෙ නුවරැ ක්‍ෂත්‍රියයෙක් කෙහෙරැවුළු බහා කහවත් හැඳපෙරෙවැ ගෙන් නික්ම සස්නට වන්නේ පණිවායෙන් වෙන් වූයේ අයිනාදනින් වෙන් වූයේ මුසවායෙන් වෙන් වූයේ එක් වේලේ වළඳනුයේ බඹසර ඇතියේ සිල්වත් වූයේ කලණදහම් ඇති වන්නේ යැ. උහුට කුමක් කරනෙහි දැ?යි.
Pali BJTඅභිවාදෙය්යාම වා භො කච්චාන, පච්චුට්ඨෙය්යාම වා ආසනෙන වා නිමන්තෙය්යාම අභිනිමන්තෙය්යාම වා නං චීවරපිණ්ඩපාතසෙනාසනගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරෙහි, ධම්මිකං වා අස්ස රක්ඛාවරණගුත්තිං සංවිදහෙය්යාම. තං කිස්ස හෙතු? යා හිස්ස භො කච්චාන, පුබ්බෙ ඛත්තියොති සමඤ්ඤා, සාස්ස අන්තරහිතා, සමණොත්වෙව සඞ්ඛං{3} ගච්ඡතීති.
Sinhala BJTභවත් කාත්‍යායනයෙනි, අභිවාදන හෝ කරම්හ, දැක හුනස්නෙන් හෝ නැඟෙම්හ, අසුනින් හෝ නිමන්ත්‍රණ කරම්හ, උහු සිවුරු පිඬුවා සෙනසුන් ගිලන්පස බෙහෙසත් පිරිකරින් හෝ එළවා නිමන්ත්‍රණ කරම්හ, ඔහට ධාර්මික රක්‍ෂාවරණගෝපන සංවිධාන හෝ කරවම්හ, ඒ කවර හෙයින යත්: භවත් කාත්‍යායනයෙනි, යම් හෙයෙකින් පෙර උහුට ‘ක්‍ෂත්‍රිය’ යන නමෙක් වී නම් එ නම ඔහට අතුරුදහන් වී ද, ‘ශ්‍රමණ’ යන යන සඞ්ඛ්‍යාවට මැ යේ ද, එහෙයිනැ’යි.
Pali BJTතං කිං මඤ්ඤසි මහාරාජ, ඉධ බ්රාහ්මණො -පෙ- ඉධ වෙස්සො -පෙ- ඉධ සුද්දො කෙසමස්සුං ඔහාරෙත්වා කාසායානි වත්ථානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියං පබ්බජිතො අස්ස, විරතො පාණාතිපාතා විරතො අදින්නාදානා විරතො මුසාවාදා එකභත්තිකො බ්රහ්මචාරී සීලවා කල්යාණධම්මො, කින්ති නං කරෙය්යාසීති?
Sinhala BJTමහරජ, එය කිමැ’යි හඟී ද? මෙ නුවරැ බ්‍රාහ්මණයෙක් ... මෙනුවරැ වෛශ්‍යයෙක් ... මෙනුවරැ ශුද්‍රයෙක් කෙස්මස් බහා කහවත් හැඳ පෙරෙවැ ගෙන් නික්ම සස්නට වන්නේ පණිවායෙන් වෙන් වූයේ අයිනාදනින් වෙන් වූයේ මුසවායෙන් වෙන් වූයේ එක් වේලේ වළඳනුයේ බඹසර ඇතියේ සිල්වත් වූයේ කලණ දහම් ඇති වන්නේ යැ, ඔහට කුමක් කෙරෙහි ද?යි.
Pali BJTඅභිවාදෙය්යාම වා භො කච්චාන, පච්චුට්ඨෙය්යාම වා ආසනෙන වා නිමන්තෙය්යාම අභිනිමන්තෙය්යාම වා නං චීවරපිණ්ඩපාතසෙනාසනගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරෙහි, ධම්මිකං වා අස්ස රක්ඛාවරණගුත්තිං සංවිදහෙය්යාම. තං කිස්ස හෙතු? යා හිස්ස භො කච්චාන, පුබ්බෙ සුද්දොති සමඤ්ඤා සාස්ස අන්තරහිතා, සමණොත්වෙව සඞ්ඛං ගච්ඡතීති.
Sinhala BJTභවත් කාත්‍යායනයෙනි, අභිවාදන හෝ කරම්හ, දැක හුනස්නෙන් හෝ නැඟෙම්හ, අසුනින් හෝ නිමන්ත්‍රණ කරම්හ, උහු චීවරපිණ්ඩපාත ශයනාසන ග්ලානප්‍රත්‍යය භෛසජ්‍ය පරිෂ්කාරයන් හෝ එළවා නිමන්ත්‍රණ කරම්හ, උහුට ධාර්මික රක්‍ෂාවරණගෝපන සංවිධාන හෝ කරවම්හ, ඒ කවර හෙයින යත්: භවත් කාත්‍යායනයෙනි, යම් හෙයෙකින් පෙර උහුට ‘ශුද්‍රය’ යන යම් සංඥාවක් වූ ද, ඔහුට ඒ සංඥාව අතුරුදහන් වූ ද, ‘ශ්‍රමණ’ යන සඞ්ඛ්‍යාවට මැ යේ ද, එහෙයිනැ යි.’
Pali BJTතං කිං මඤ්ඤසි මහාරාජ, යදි එවං සන්තෙ ඉමෙ චත්තාරො වණ්ණා සමසමා හොන්ති, නො වා, කථං වා තෙ එත්ථ හොතීති?
Sinhala BJTමහරජ, එය කිමැ’යි හඟිහි ද? ඉදින් මෙසේ ඇති කල්හි මේ සතර වර්‍ණයෝ සමසම වෙති හෝ නො වෙති හො?යි. තොපට මෙහි ලා කෙසේ හෝ වේ දැ?යි.
Pali BJTඅද්ධා ඛො භො කච්චාන, එවං සන්තෙ ඉමෙ චත්තාරො වණ්ණා සමසමා හොන්ති, නෙසං එත්ථ කිඤ්චි නානාකරණං සමනුපස්සාමීති.
Sinhala BJTභවත් කාත්‍යායනයෙනි, මෙසේ ඇති කල්හි ඒකාන්තයෙන් මේ සතර වර්‍ණයෝ සමසම වෙති, මෙහි ලා මොවුන් ගේ කිසි වෙනසක් නො දක්මි’යි.
Pali BJTඉමිනාපි ඛො එතං මහාරාජ, පරියායෙන වෙදිතබ්බං: යථා ඝොසො යෙවෙසො ලොකස්මිං බ්රාහ්මණාව සෙට්ඨො වණ්ණො, හීනො අඤ්ඤො වණ්ණො. බ්රාහ්මණාව සුක්කො වණ්ණො, කණ්හො අඤ්ඤො වණ්ණො. බ්රාහ්මණාව සුජ්ඣන්ති, නො අබ්රාහ්මණා. බ්රාහ්මණාව බ්රහ්මුනො පුත්තා ඔරසා මුඛතො ජාතා බ්රහ්මජා බ්රහ්මනිම්මිතා බ්රහ්මදායාදාති.
Sinhala BJTමහරජ, මෙ කරුණිනුදු “බ්‍රාහ්මණ මැ ශ්‍රේෂ්ඨවර්‍ණ යැ, තදන්‍ය වූයේ හීනවර්‍ණ යි, බ්‍රාහ්මණ මැ ශුක්ලවර්‍ණ යැ තදන්‍ය වූයේ කෘෂ්ණවර්‍ණ යි, බ්‍රාහ්මණයෝ මැ ශුද්ධ වෙති. අබ්‍රාහ්මණයෝ නො වෙත්. බ්‍රාහ්මණයෝ මැ බඹහු ගේ ඖරසපුත්‍ර යැ, මුවින් උපනුවහ, බ්‍රහ්මජයහ, බඹහු විසින් මවනලදහ, බ්‍රහ්මදායාදයහ” යන මෙ කරුණ ලෝකයෙහි ‘ඝොෂාමාත්‍රයෙකැ’යි දතයුතු.
Pali BJTඑවං වුත්තෙ රාජා මාධුරො අවන්තිපුත්තො ආයස්මන්තං මහාකච්චානං එතදවොච: අභික්කන්තං භො කච්චාන, අභික්කන්තං භො කච්චාන, සෙය්යථාපි භො කච්චාන, නික්කුජ්ජිතං වා උක්කුජ්ජෙය්ය, පටිච්ඡන්නං වා විවරෙය්ය, මූළ්හස්ස වා මග්ගං ආචික්ඛෙය්ය, අන්ධකාරෙ වා තෙලපජ්ජොතං ධාරෙය්ය චක්ඛුමන්තො රූපානි දක්ඛින්තීති. එවමෙවං භොතා කච්චානෙන අනෙකපරියායෙන ධම්මො පකාසිතො, එසාහං භවන්තං කච්චානං සරණං ගච්ඡාමි ධම්මඤ්ච භික්ඛුසඞ්ඝඤ්ච, උපාසකං මං භවං කච්චානො ධාරෙතු අජ්ජතග්ගෙ පාණුපෙතං සරණං ගතන්ති.
Sinhala BJTමෙසේ කී කල්හි අවන්තිපුත්‍ර වූ මධුර පුරාධීශ රජ තෙමේ ආයුෂ්මත් මහාකාත්‍යායන තෙරණුවන්ට තෙල බස් කී: “භවත් කාත්‍යායනයෙනි, ඉතා කාන්ත යැ, භවත් කාත්‍යායනයෙනි, ඉතා කාන්ත යැ, භවත් කාත්‍යායනයෙනි, යම්සේ යටිහුරු වූවක් හෝ උඩුහුරු කරන්නේ ද, පිළිසන් වූවක් හෝ විවර කරන්නේ ද, මංමුළා වූවකුට හෝ මඟ කියන්නේ ද, ‘ඇස් ඇත්තෝ රූප දකිත්ව’යි අඳුරෙහි තෙල්පහනක් හෝ දරන්නේ ද, එසෙයින් මැ භවත් කාත්‍යායනයන් විසින් නොයෙක් අයුරින් දහම් පවසන ලද, තෙල මම් භවත් කාත්‍යායනයන් ද, දහම ද භික්‍ෂුසඞ්ඝයා ද සරණ කොට යෙමි, භවත් කාත්‍යායනයෝ මා අද පටන් දිවිහිම් කොට සරණගිය උපාසකයකු කොට ධරත්ව’යි.
Pali BJTමා ඛො මං ත්වං මහාරාජ, සරණං අගමාසි, තමෙව ත්වං භගවන්තං සරණං ගච්ඡ යමහං සරණං ගතොති.
Sinhala BJTමහරජ, ‘තෙපි මා නහමක් සරණ යව, මම් යමක්හු සරණ කොට ගියෙම් නම් තෙපි එ මැ භාග්‍යවතුන් සරණ යව’යි.
Pali BJTකහං පන භො කච්චාන, එතරහි සො භගවා විහරති අරහං සම්මාසම්බුද්ධොති?
Sinhala BJTභවත් කාත්‍යායනයෙනි, අර්‍හත් සම්‍යක් සම්බුද්ධ වූ ඒ භාග්‍යවත්හු දැන් කොහි වෙසෙත් දැ?යි.
Pali BJTපරිනිබ්බුතො ඛො මහාරාජ, එතරහි සො භගවා අරහං සම්මාසම්බුද්ධොති.
Sinhala BJTමහරජ, අර්‍හත් සම්‍යක් සම්බුද්ධ වූ ඒ භාග්‍යවත්හු මෙකලැ පිරිනිවියහ’යි.
Pali BJTසචෙ හි මයං භො කච්චාන, සුණෙය්යාම තං භගවන්තං දසසු යොජනෙසු, දසපි මයං යොජනානි ගච්ඡෙය්යාම තං භගවන්තං දස්සනාය අරහන්තං සම්මාසම්බුද්ධං. සචෙ හි මයං භො කච්චාන, සුණෙය්යාම තං භගවන්තං වීසතියා යොජනෙසු, තිංසතියා යොජනෙසු, චත්තාළීසාය යොජනෙසු, පඤ්ඤාසාය යොජනෙසු, පඤ්ඤාසම්පි මයං යොජනානි ගච්ඡෙය්යාම තං භගවන්තං දස්සනාය අරහන්තං සම්මාසම්බුද්ධං. යොජනසතෙ චෙපි මයං භො කච්චාන, සුණෙය්යාම තං භගවන්තං, යොජනසතම්පි මයං ගච්ඡෙය්යාම තං භගවන්තං දස්සනාය අරහන්තං සම්මාසම්බුද්ධං. යතො ච ඛො භො කච්චාන, පරිනිබ්බුතො සො භගවා, පරිනිබ්බුතම්පි මයං තං භගවන්තං සරණං ගච්ඡාම ධම්මඤ්ච භික්ඛුසඞ්ඝඤ්ච. උපාසකං මං භවං කච්චානො ධාරෙතු අජ්ජතග්ගෙ පාණුපෙතං සරණං ගතන්ති.
Sinhala BJTභවත් කාත්‍යායනයෙනි, ඉදින් ඇපි දස යොදනෙක්හි ඒ භාග්‍යවතුන් අසමෝ නම් ඇපි අර්‍හත් සම්‍යක් සම්බුද්ධ ඒ භාග්‍යවතුන් කරා දස යොදන මැ යම්හ. ඉදින් භවත් කාත්‍යායනයෙනි, ඇපි විසි යොදනෙක්හි, තිස්යොදනෙක්හි, සතලිස්යොදනෙක්හි, පනස්යොදනෙක්හි ඒ භාග්‍යවතුන් අසමෝ නම් ඇපි අර්‍හත් සම්‍යක් සම්බුද්ධ ඒ භාග්‍යවතුන් කරා පනස් යොදන මැ යම්හ. ඉදින් භවත් කාත්‍යායනයෙනි, ඇපි යොදුන් සියයෙකැ ඒ භාග්‍යවතුන් අසමෝ නම් ඇපි අර්‍හත් සම්‍යක් සම්බුද්ධ ඒ භාග්‍යවතුන් කරා යොදුන් සියය මැ යම්හ. භවත් කාත්‍යායනයෙනි, ඒ බුදුහු යම් දවසෙක පිරිනිවීසේක් ද, ඇපි පිරිනිවියා වූ ද ඒ බුදුන් දහම් හා සඟුන් හා සරණ කොට යෙමි. භවත් කාත්‍යායනයෝ මා අද පටන් දිවිහිම් කොට සරණගත උපාසකයකු කොට ධරත්ව’යි.
Pali BJTමධුරසුත්තං චතුත්ථං
Sinhala BJTසතර වැනි මධුරසූත්‍ර යි.
Pali BJT2. 4. 5.
Sinhala BJT2. 4. 5.
Pali BJTබොධිරාජකුමාරසුත්තං
Sinhala BJTබෝධිරාජකුමාර සූත්‍රය
Pali BJTඑවං මෙ සුතං: එකං සමයං භගවා භග්ගෙසු විහරති සුංසුමාරගිරෙ භෙසකලාවනෙ මිගදායෙ. තෙන ඛො පන සමයෙන බොධිස්ස රාජකුමාරස්ස කොකනදො{1} නාම පාසාදො අචිරකාරිතො හොති අනජ්ඣාවුත්ථො{2} සමණෙන වා බ්රාහ්මණෙන වා කෙනචි වා මනුස්සභූතෙන. අථ ඛො බොධි රාජකුමාරො සඤ්ජිකාපුත්තං මාණවං ආමන්තෙසි: එහි ත්වං සම්ම සඤ්ජිකාපුත්ත, යෙන භගවා තෙනුපසඞ්කම, උපසඞ්කමිත්වා මම වචනෙන භගවතො පාදෙ සිරසා වන්ද{3}, අප්පාබාධං අප්පාතඞ්කං ලහුට්ඨානං බලං ඵාසුවිහාරං පුච්ඡ, බොධි භන්තෙ, රාජකුමාරො භගවතො පාදෙ සිරසා වන්දති, අප්පාබාධං අප්පාතඞ්කං ලහුට්ඨානං බලං ඵාසුවිහාරං පුච්ඡතී’ති. එවඤ්ච වදෙහි: ‘අධිවාසෙතු කිර භන්තෙ, භගවා බොධිස්ස රාජකුමාරස්ස ස්වාතනාය භත්තං සද්ධිං භික්ඛුසඞ්ඝෙනා’ති. එවං භොති ඛො සඤ්ජිකාපුත්තො මාණවො බොධිස්ස රාජකුමාරස්ස පටිස්සුත්වා යෙන භගවා තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා භගවතා සද්ධිං සම්මොදි. සම්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො සඤ්ජිකාපුත්තො මාණවො භගවන්තං එතදවොච: බොධි භො ගොතම, රාජකුමාරො{4} භොතො ගොතමස්ස පාදෙ සිරසා වන්දති, අප්පාබාධං අප්පාතඞ්කං ලහුට්ඨානං බලං ඵාසුවිහාරං පුච්ඡති. එවඤ්ච වදෙති: අධිවාසෙතු කිර භවං ගොතමො බොධිස්ස රාජකුමාරස්ස ස්වාතනාය භත්තං සද්ධිං භික්ඛුසඞ්ඝෙනාති. අධිවාසෙසි භගවා තුණ්හීභාවෙන.
Sinhala BJTමා විසින් මෙසේ අසන ලද: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ භගු රට සුංසුමාරගිර නුවර නිසා භේසකලාවන නම් මුවළැව් වැඩ වසනසේක. එසමයෙහි වනාහි බෝධිරාජකුමාරයාගේ ‘කොකනද’ නම් පහය අළුතැ කරවන ලදුයේ මහණක්හු විසින් වේවයි බමුණක්හු විසින් වේවයි මිනිස් වූ කිසිවක්හු විසින් වේවයි නො වසන ලද වෙයි. එකල්හි බෝධිරාජ කුමාර තෙම සඤ්ජිකාපුත්‍ර මාණවයා ඇමැතී: “එව යහළු සඤ්ජිකාපුත්‍රයෙනි, තෙපි බුදුන් කරා එළැඹෙව. එළැඹ මාගේ බසින් භාග්‍යවතුන් වහන්සේගේ පා සඟල සිරසින් වඳුව, අරෝග බව නිදුක් බව කයෙහි සැහැල්ලු බව කායබලය පහසුවිහරණ පුලුවුස්ව. ‘වහන්ස, බෝධිරාජකුමාර බුදුන්ගේ පාසඟළ සිරසින් වඳියි, අරෝග බව නිදුක් බව කයෙහි සැහැල්ලු බව කායබලය පහසුවිහරණ පුළුවුසී” යයි. මෙසේත් කියව: “වහන්ස, භාග්‍යවතුන් වහන්සේ සෙට බෝධිරාජ කුමරුගේ බත භික්‍ෂුසඞ්ඝයා හා සමග ඉවසන සේක්ව”යි. ‘එසේ යැ භවත්නි’යි සඤ්ජිකාපුත්‍ර මාණව බෝධිරාජකුමාරහට පිළිවදන් අස්වා භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියේ යැ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ හා සමග සතුටු වී. සතුටුවියයුතු සිහිකටයුතු කථා කොට නිමවා එකත්පස් වැ හින. එකත්පස් වැ හුන් සඤ්ජිකාපුත්‍ර මාණව භාග්‍යවතුන්ට තෙල බස් සැලකෙළේ: “භවත් ගෞතමයන් වහන්ස, බෝධිරාජකුමාර භවත් ගෞතමයන්ගේ පාසඟුළුවන් මුදුනින් වඳියි. ආරෝග්‍යය නිදුක්බව කයෙහි සැහැල්ලුබව කායබල ඵාසුවිහරණ පුළුවුස්සි. මෙසේත් කියයි: “භවත් ගෞතමයන් වහන්සේ සෙට බෝධිරාජ කුමරුගේ බත භික්‍ෂුසඞ්ඝයා හා සමග ඉවසන සේක්ව” යි. බුදුහු තුෂ්ණීම්භාවයෙන් ඉවසූහ.
Pali BJTඅථ ඛො සඤ්ජිකාපුත්තො මාණවො භගවතො අධිවාසනං විදිත්වා උට්ඨායාසනා යෙන බොධි රාජකුමාරො තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා බොධිං රාජකුමාරං එතදවොච: “අවොචුම්හා ඛො මයං භොතො වචනෙන තං භවන්තං ගොතමං: බොධි භො ගොතම, රාජකුමාරො භොතො ගොතමස්ස පාදෙ සිරසා වන්දති, අප්පාබාධං අප්පාතඞ්කං ලහුට්ඨානං බලං ඵාසුවිහාරං පුච්ඡති. එවඤ්ච වදෙති: ‘අධිවාසෙතු කිර භවං ගොතමො බොධිස්ස රාජකුමාරස්ස ස්වාතනාය භත්තං සද්ධිං භික්ඛුසඞ්ඝෙනා’ති. අධිවුත්ථඤ්ච පන සමණෙන ගොතමෙනාති.
Sinhala BJTඑසඳ සඤ්ජිකාපුත්‍ර මාණව භාග්‍යවතුන් වහන්සේගේ අධිවාසනය දැන හුනස්නෙන් නැඟී බෝධිරාජකුමරු වෙත එළැඹියේ ය. එළැඹ බෝධිරාජ කුමරුට තෙල බස් කී: “ඇපි භවතුන් ගේ වචනයෙන් ඒ භවත් ගෞතමයන්ට සැලකළම්හ: “භවත් ගෞතමයන් වහන්ස, බෝධිරාජකුමාර භවත් ගෞතමයන්ගේ පාසඟළ සිරසින් වඳියි, ආරෝග්‍යය නිදුක්බව කායලඝුත්‍වය කායබලය පහසුවිහරණ විචාරයි. මෙසේත් කියයි: “භවත් ගෞතමයන් වහන්සේ සෙට බෝධිරාජ කුමරුගේ බත බික්සඟන හා සමග ඉවසන සේක්ව” යි. වැළිත් ශ්‍රමණ ගෞතමයන් විසින් ඉවසන ලද ද වේ යයි.
Pali BJTඅථ ඛො බොධි රාජකුමාරො තස්සා රත්තියා අච්චයෙන සකෙ නිවෙසනෙ පණීතං ඛාදනීයං භොජනීයං පටියාදාපෙත්වා, කොකනදඤ්ච පාසාදං ඔදාතෙහි දුස්සෙහි සන්ථරාපෙත්වා යාව පච්ඡිමා සොපාණකළෙපරා{1} සඤ්ජිකාපුත්තං මාණවං ආමන්තෙසි: ‘එහි ත්වං සම්ම සඤ්ජිකාපුත්ත, යෙන භගවා තෙනුපසඞ්කම, උපසඞ්කමිත්වා භගවතො කාලං ආරොචෙහි: ‘කාලො භන්තෙ, නිට්ඨිතං භත්ත’න්ති. එවං භොති ඛො සඤ්ජිකාපුත්තො මාණවො බොධිස්ස රාජකුමාරස්ස පටිස්සුත්වා යෙන භගවා තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා භගවතො කාලං ආරොචෙසි: ‘කාලො භො ගොතම{2}, නිට්ඨිතං භත්තන්ති.
Sinhala BJTඑසඳ බෝධිරාජකුමාර එරැය ඇවෑමෙන් සිය නිවෙස්නෙහි ප්‍රණීත ඛාද්‍යභෝජ්‍යයන් පිළියෙළ කරවා කොකනද පහයත් හිණග (හිණිපාමුල) දක්වා හෙළ පිළී අතුරුවා සඤ්ජිකාපුත්‍ර මාණවයා ඇමැතී: “එව යහළු සඤ්ජිකාපුත්‍රයෙනි, තෙපි භාග්‍යවතුන් කරා එළඹෙව, එළඹ ‘වහන්ස, වඩනට කලි, බත නිමියේ යැ’යි භාග්‍යවත්නට කල් දන්ව”යි. ‘එසේ යැ භවත්නි’යි සඤ්ජිකාපුත්‍ර මාණව බෝධිරාජකුමරහට පිළිවදන් අස්වා භාග්‍යවතුන් කරා එළැඹියේ යැ. එළැඹ ‘වහන්ස, වඩනට කලි, බත නිමියේ යැ’යි භාග්‍යවත්නට කල් දැන්වී.
Pali BJTඅථ ඛො භගවා පුබ්බණ්හසමයං නිවාසෙත්වා පත්තචීවරං ආදාය යෙන බොධිස්ස රාජකුමාරස්ස නිවෙසනං තෙනුපසඞ්කමි. තෙන ඛො පන සමයෙන බොධි රාජකුමාරො බහිද්වාරකොට්ඨකෙ ඨිතො හොති භගවන්තං ආගමයමානො. අද්දසා ඛො බොධි රාජකුමාරො භගවන්තං දූරතොව ආගච්ඡන්තං. දිස්වාන පච්චුග්ගන්ත්වා භගවන්තං අභිවාදෙත්වා පුරක්ඛත්වා{3} යෙන කොකනදො පාසාදො තෙනුපසඞ්කමි.
Sinhala BJTඑසඳ බුදුහු පෙරවරු වේලෙහි හැඳපෙරෙවැ පාසිවුරු ගෙන බොධිරාජකුමරා ගේ නිවෙස්න කරා එළැඹියහ. එ වේලෙහි බෝධිරාජකුමාර බිහිදොරකොටුවෙහි භාග්‍යවතුන් එනු බලමින් සිටියේ වෙයි. බෝධිරාජකුමාර වඩනා භාග්‍යවතුන් දුරදී මැ දිට, දැක පෙරගමන් කොට භාග්‍යවතුන් වැඳ පෙරටු කොට කොකනද පහය කරා එළැඹියේ යැ.
Pali BJTඅථ ඛො භගවා පච්ඡිමං සොපාණකළෙපරං නිස්සාය අට්ඨාසි. අථ ඛො බොධි රාජකුමාරො භගවන්තං එතදවොච: ‘අභිරූහතු භන්තෙ, භගවා දුස්සානි, අභිරූහතු සුගතො දුස්සානි, යං මමං අස්ස දීඝරත්තං හිතාය සුඛායා’ති. එවං වුත්තෙ භගවා තුණ්හී අහොසි. දුතියම්පි ඛො බොධි රාජකුමාරො භගවන්තං එතදවොච: ‘අභිරූහතු භන්තෙ, භගවා දුස්සානි, අභිරූහතු සුගතො දුස්සානි, යං මමං අස්ස දීඝරත්තං හිතාය සුඛායා’ති. දුතියම්පි ඛො භගවා තුණ්හී අහොසි. තතියම්පි ඛො බොධි රාජකුමාරො භගවන්තං එතදවොච: ‘අභිරූහතු භන්තෙ, භගවා දුස්සානි, අභිරූහතු සුගතො දුස්සානි, යං මමං අස්ස දීඝරත්තං හිතාය සුඛායා’ති.
Sinhala BJTඑසඳ බුදුහු හිණිපාමුල නිසා වැඩසිටියහ. ඉක්බිති බොධිරාජකුමර භාග්‍යවත්නට තෙල බස් සැලකෙළේ: “වහන්ස, බුදුහු පියවිල්ලට නැඟෙනසේක්වා, සුගතයන් වහන්සේ පියවිල්ලට නැඟෙනසේක්වා, යම් හෙයෙකින් එය මට දිගුකලක් හිත පිණිස සුව පිණිස වේ ද, එහෙයිනැ”යි. මෙසේ කී කල්හි බුදුහු නිහඬ වූහ. දෙවනවට ද බොධිරාජකුමර භාග්‍යවතුන්ට තෙල බස් සැලකෙළේ: “වහන්ස, බුදුහු පියවිලියට නැඟෙනසේක්වා, සුගතයන් වහන්සේ පියවිලියට නැඟෙනසේක්වා, එය මට දිගුකලක් හිත පිණිස සුව පිණිස වේ” යයි. දෙවනවට ද බුදුහු නිහඬ වූහ. තුන් වනවට ද බෝධිරාජකුමර භාග්‍යවතුන්ට තෙල බස් සැලකෙළේ: “වහන්ස, බුදුහු පියවිලියට නැඟෙත්වා, සුගත්හු පියවිලියට නැඟෙත්වා, එය මට දිගුකලක් හිත සුව පිණිස වේ” යයි.
Pali BJTඅථ ඛො භගවා ආයස්මන්තං ආනන්දං අපලොකෙසි. අථ ඛො ආයස්මා ආනන්දො බොධිං රාජකුමාරං එතදවොච: ‘සංහරතු{4} රාජකුමාර, දුස්සානි. න ඛො භගවා චෙලපත්තිකං{5} අක්කමිස්සති. පච්ඡිමං ජනතං තථාගතො අපලොකෙතී’ති{6} අථ ඛො බොධි රාජකුමාරො දුස්සානි සංහරාපෙත්වා උපරි කොකනෙද පාසාදෙ{7} ආසනානි පඤ්ඤාපෙසි. අථ ඛො භගවා කොකනදං පාසාදං අභිරූහිත්වා පඤ්ඤත්තෙ ආසනෙ නිසීදි සද්ධිං භික්ඛුසඞ්ඝෙන. අථ ඛො බොධි රාජකුමාරො බුද්ධපමුඛං භික්ඛුසඞ්ඝං පණීතෙන ඛාදනීයෙන භොජනීයෙන සහත්ථා සන්තප්පෙසි, සම්පවාරෙසි. අථ ඛො බොධි රාජකුමාරො භගවන්තං භුත්තාවිං ඔනීතපත්තපාණිං අඤ්ඤතරං නීචං ආසනං ගහෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො බොධි රාජකුමාරො භගවන්තං එතදවොච: ‘මය්හං ඛො භන්තෙ, එවං හොති, ‘න ඛො සුඛෙන සුඛං අධිගන්තබ්බං, දුක්ඛෙන ඛො සුඛං අධිගන්තබ්බ’න්ති.
Sinhala BJTඑසඳ බුදුහු ආයුෂ්මත් අනඳ තෙරුන් බැලූහ. ඉක්බිති ආයුෂ්මත් අනඳ තෙරණුවෝ බෝධිරාජකුමරහට තෙල බස් සැලකළහ: “රජකුමරුවෙනි, පියවිලි හකුළාලව බුදුහු පියවිලි නො ඇක්මෙති, තථාගතයෝ පශ්චිම ජනතාව බලති”යි. එසඳ බෝධිරාජකුමාර පියවිලි හකුළුවා කොකනද පහාහි මතුමහල්හි අසුන් පැනවී. ඉක්බිති බුදුහු කොකනද පහයට නැඟී පැනවූ අස්නෙහි භික්‍ෂුසඞ්ඝයා හා සමග වැඩ හුන්හ. ඉක්බිති බොධිරාජකුමර බුදුපාමොක් මහසඟන ප්‍රණීත ඛාද්‍යභෝජ්‍යයෙන් සියතින් සැතැප්වී, මොනොවට පැවැරී. ඉක්බිති බෝධිරාජකුමාර වළඳා නිමවූ පාත්‍රයෙන් බැහැර කළ අත් ඇති භාග්‍යවතුන් දැන එක්තරා මිටි අස්නක් ගෙන එකත්පස් වැ හින. එකත්පස් වැ හුන් බෝරජකුමර භාග්‍යවත්නට තෙල බස් සැලකළේ: “වහන්ස, මට මෙසේ සිත් වෙයි, ‘සුවයෙන් සුවය නො ලද හැක්ක. දුකින් මැ සුවය ලද හැක්කැ”යි.
Pali BJTමය්හම්පි ඛො රාජකුමාර, පුබ්බෙව සම්බොධා අනභිසම්බුද්ධස්ස බොධිසත්තස්සෙව සතො එතදහොසි: “න ඛො සුඛෙන සුඛං අධිගන්තබ්බං, දුක්ඛෙන ඛො සුඛං අධිගන්තබ්බ”න්ති. සො ඛො අහං රාජකුමාර, අපරෙන සමයෙන දහරො’ව සමානො සුසු කාළකෙසො භද්රෙන යොබ්බනෙන සමන්නාගතො පඨමෙන වයසා අකාමකානං මාතාපිතුන්නං{1} අස්සුමුඛානං රුදන්තානං කෙසමස්සුං ඔහාරෙත්වා කාසායානි වත්ථානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියං පබ්බජිං. සො එවං පබ්බජිතො සමානො කිංකුසලගවෙසී අනුත්තරං සන්තිවරපදං පරියෙසමානො යෙන ආළාරො කාලාමො තෙනුපසංමිං, උපසංමිත්වා ආළාරං කාලාමං එතදවොචං: ‘ඉච්ඡාමහං ආවුසො කාලාම, ඉමස්මිං ධම්මවිනයෙ බ්රහ්මචරියං චරිතු’න්ති. එවං වුත්තෙ රාජකුමාර, ආළාරො කාලාමො මං එතදවොච: ‘විහරතායස්මා, තාදිසො අයං ධම්මො, යත්ථ විඤ්ඤූ පුරිසො න චිරස්සෙ’ව සකං ආචරියකං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරෙය්යා”ති. සො ඛො අහං රාජකුමාර, න චිරස්සෙ’ව ඛිප්පමෙව තං ධම්මං පරියාපුණිං. සො ඛො අහං රාජකුමාර, තාවතකෙනෙව ඔට්ඨප්පහතමත්තෙන ලපිතලාපනමත්තෙන ඤාණවාදඤ්ච වදාමි. ථෙරවාදඤ්ච, ‘ජානාමි, පස්සාමී’ති ච පටිජානාමි, අහඤ්චෙ ව අඤ්ඤෙ ච. තස්ස මය්හං රාජකුමාර එතදහොසි: “න ඛො ආළාරො කාලාමො ඉමං ධම්මං කෙවලං සද්ධාමත්තකෙන සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරාමී’ති පවෙදෙති. අද්ධා ආළාරො කාලාමො ඉමං ධම්මං ජානං පස්සං විහරතී”ති
Sinhala BJTරජකුමර, සම්බෝධියෙන් පෙර මැ ප්‍රතිවේධ නො කළ සිව්සස් ඇති බෝසත් වූ මැ මට ද තෙල සිත් වී: “සුඛයෙන් සුඛය නො ලද හැක්ක, දුඃඛයෙන් මැ සුඛය ලද හැක්කැ”යි. රජකුමර, ඒ මම් මෑතභාගයෙහි තරුණ මැ වූයෙම් මනා කළුකෙහෙ ඇතියෙම් භද්‍රයෞවනයෙන් සමන්‍වාගත වූයෙම් ප්‍රථම වයසින් සමන්‍වාගතයෙම් නො කැමැති මාපියන් කඳුළු මුසු මුහුණු ඇති වැ හඬනුවනට අනදර කොට කෙහෙරැවුළු බහාලා කහවත් හැඳපෙරෙවැ ගෙන් නික්ම සසුන් වන්මි. ඒ මම් මෙසේ පැවිදි වූයෙම් කිංකුශලගවේෂී වැ උත්තම ශාන්ති සඞ්ඛ්‍යාත වරපදය (නිවන) සොයනුයෙම් ආළාරකාලාම (තවුස්) කරා එළැඹියෙමි. එළැඹ ආළාරකාලාමහට තෙල බස් කීමි: “ඇවැත්නි, කාලාමයෙනි, මම් මෙ සස්නෙහි බඹසර සරනට කැමැත්තෙමි”යි. රජකුමරුවෙනි, මෙසේ කී කල්හි ආළාරකාලාම මට තෙල බස් කී: “ඇවැත්නි, වසව, යම් දහමෙකැ නුවණැති පුරිස් නොබෝකලකින් මැ සිය අදුරුසමය තමන් විසින් වෙසෙසින් දැන ප්‍රත්‍යක්‍ෂ කොට ඊට පැමිණ වසන්නේ නම් මෙ දහම එබඳු යැ”යි. රජකුමර, ඒ මම් නොබෝකලෙකින් මැ වහා මැ එ දහම අසා උගත්මි. රජකුමර, එ මම් එතෙක් මැ තොල් පහළ පමණින් වදන් පිළිවදන් පමණින් ඥානවාදයත් ස්ථවිරවාදයත් කියමි. ‘දනිමි දක්මි’යි ද මමත් පිළින කෙරෙමි. සෙස්සෝත් (කියති.) රජකුමර, ඒ මට තෙල සිත් වී: “ආළාර කාලාම මෙ දහම හුදෙක් සැදැහැමතුයෙන් තමන් විසින් වෙසෙසින් දැන ප්‍රත්‍යක්‍ෂ කොට එයට පැමිණ වෙසෙමි’ නො මැ පවසයි. ඒකාන්තයෙන් ආළාර කාලාම මෙ දහම දනිමින් දක්මින් වාස කෙරේ”යයි.
Pali BJTඅථ ඛ්වාහං රාජකුමාර, යෙන ආළාරො කාලාමො තෙනුපසංකමිං. උපසංකමිත්වා ආළාරං කාලාමං එතදවොචං: “කිත්තාවතා නො ආවුසො කාලාම, ඉමං ධම්මං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරාමී’ති පවෙදෙසී”ති. එවං වුත්තෙ රාජකුමාර, ආළාරො කාලාමො ආකිඤ්චඤ්ඤායතනං පවෙදෙසි. තස්ස මය්හං රාජකුමාර, එතදහොසි: “න ඛො ආළාරස්සෙව කාලාමස්ස අත්ථි සද්ධා, මය්හම්පත්ථි සද්ධා. න ඛො ආළාරස්සෙ’ව කාලාමස්ස අත්ථි විරියං, මය්හම්පත්ථි විරියං, න ඛො ආළාරස්සෙ’ව කාලාමස්ස අත්ථි සති. මය්හම්පත්ථි සති. න ෙඛා ආළාරස්සෙව කාලාමස්ස අත්ථි සමාධි, මය්හම්පත්ථි සමාධි. න ඛො ආළාරස්සෙ’ව කාලාමස්ස අත්ථි පඤ්ඤා, මය්හම්පත්ථි පඤ්ඤා. යන්නූනාහං යං ධම්මං ආළාරො කාලාමො සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරාමී’ති පවෙදෙති, තස්ස ධම්මස්ස සච්ඡිකිරියාය පදහෙය්ය”න්ති. සො ඛො අහං රාජකුමාර, න චිරස්සෙ’ව ඛිප්පමෙව තං ධම්මං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහාසිං.
Sinhala BJTරජකුමරුවෙනි, එසඳ මම් ආළාරකාලාම කරා එළැඹියෙමි. එළැඹ ආළාරකාලාමහට තෙල බස් කීමි: “ඇවැත්නි කාලාමයෙනි, කිපමණෙකින් අපට මෙ දහම තමන් විසින් වෙසෙසින් දැන පසක් කොට ඊට පැමිණ වෙසෙමි’ ප්‍රකාශ කරවූ දැ”යි. රාජකුමාරය, මෙසේ කී කල්හි ආළාරකාලාම ආකිඤ්චඤ්ඤායතනය පැවැසී. රජකුමර, ඒ මට තෙල සිත් වී: “ආළාරකාලාමහට මැ ශ්‍රද්ධා නො ද ඇති, මාහට ද ශ්‍රද්ධා ඇති. ආළාරකාලාමහට මැ වීර්‍ය්‍ය නො ද ඇති, මාහට ද වීර්‍ය්‍ය ඇති. ආළාරකාලාමහට මැ නො ද සිහි ඇති, මාහට ද සිහි ඇති, ආළාරකාලාමහට මැ සමාධි නො ද ඇති, මාහට ද සමාධි ඇති. ආළාරකාලාමහට මැ ප්‍රඥා නො ද ඇති, මාහට ද ප්‍රඥා ඇති. ආළාරකාලාමහට යම් දහමක් තමා විසින් වෙසෙසින් දැන සාක්‍ෂාත් කොට ඊට පැමිණ වාස කෙරෙමී’ පවසා ද මම් එ දහම් පසක් කරනුවට වීර්‍ය්‍ය කෙරෙම් නම් මැනැව”යි. රජකුමර, ඒ මම් නොබෝ කලෙකින් මැ වෙලෙවි වැ මැ එ දහම තමන් විසින් වෙසෙසින් දැන ප්‍රත්‍යක්‍ෂ කොට එයට පැමිණ වාස කෙළෙමි.
Pali BJTඅථ ඛ්වාහං රාජකුමාර, යෙන ආළාරො කාලාමො තෙනුපසංකමිං. උපසංකමිත්වා ආළාරං කාලාමං එතදවොචං: “එත්තාවතා නො, ආවුසො කාලාම, ඉමං ධම්මං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරාමී’ති පවෙදෙසී”ති. එත්තාවතා ඛො අහං ආවුසො ඉමං ධම්මං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ පවෙදෙමී’ති. අහම්පි ඛො ආවුසො එත්තාවතා ඉමං ධම්මං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරාමී’ති.
Sinhala BJTරජකුමර, ඉක්බිති ම්ම් ආළාරකාලාම කරා එළැඹියෙමි, එළැඹ ආළාරකාලාමහට තෙල බස් කීමි: “ඇවැත්නි කාලාමයෙනි, මෙතෙකින් අපට මෙ දහම තමන් විසින් වෙසෙසින් දැන ප්‍රත්‍යක්‍ෂ කොට එයට පැමිණ වාස කෙරෙමී’ පවසවු දැ?”යි. “ඇවැත්නි, මෙතෙකින් මම් මෙ දහම තමා විසින් වෙසෙසින් දැන ප්‍රත්‍යක්‍ෂ කොට එයට පැමිණ වෙසෙමි’යි පවසමි” යි. ‘ඇවැත්නි, මමත් මෙතෙකින් මේ දහම තමා විසින් වෙසෙසින් දැන ප්‍රත්‍යක්‍ෂ කොට එයට පැමිණ වෙසෙමි’යි, ඇවැත්නි, අපට ලාභයෙක, ඇවැත්නි, අපට මනා ලාභයෙකි. ඇපි තොප වැනි සබ්‍රම්සර ආයුෂ්මත් කෙනකුන් දක්මහ, මෙසෙයින් මම්
Pali BJTලාභා නො ආවුසො, සුලද්ධං නො ආවුසො, යෙ මයං ආයස්මන්තං තාදිසං සබ්රහ්මචාරිං පස්සාම. ඉති යාහං ධම්මං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ පවෙදෙමි, තං ත්වං ධම්මං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරසි. යං ත්වං ධම්මං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරසි. තමහං ධම්මං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ පවෙදෙමි. ඉති යාහං ධම්මං ජානාමි. තං ත්වං ධම්මං ජානාසි. යං ත්වං ධම්මං ජානාසි. තමහං ධම්මං ජානාමි. ඉති යාදිසො අහං, තාදිසො ත්වං, යාදිසො ත්වං, තාදිසො අහං. එහිදානි ආවුසො උභො’ව සන්තා ඉමං ගණං පරිහරාමා’ති. ඉති ඛො රාජකුමාර ආළාරො කාලාමො ආචරියො මෙ සමානො අන්තෙවාසිං මං සමානං අත්තෙනා.{1} සමසමං ඨපෙසි, උළාරාය ච මං පූජාය පූජෙසි. තස්ස මය්හං රාජකුමාර, එතදහොසි: “නායං ධම්මො නිබ්බිදාය න විරාගාය න නිරොධාය න උපසමාය න අභිඤ්ඤාය න සම්බොධාය න නිබ්බානාය සංවත්තති. යාවදෙව ආකිඤ්චඤ්ඤායතනූපපත්තියා”ති. සො ඛො අහං රාජකුමාර, තං ධම්මං අනලං කරිත්වා තස්මා ධම්මා නිබ්බිජ්ජ අපක්කමිං.
Sinhala BJTයම් දහමක් තමා විසින් වෙසෙසින් දැන ප්‍රත්‍යක්‍ෂ කොට එය උපදවා පවසම් ද, තෙපි එ දහම තමන් විසින් වෙසෙසින් දැන ප්‍රත්‍යක්‍ෂ කොට එයට පැමිණ වාස කරව. තෙපි යම් දහමක් තමන් විසින් වෙසෙසින් දැන ප්‍රත්‍යක්‍ෂ කොට එයට පැමිණ වාස කරවු ද, මම් එ දහම තමා විසින් වෙසෙසින් දැන ප්‍රත්‍යක්‍ෂ කොට එයට පැමිණ ප්‍රකාශ කෙරෙමි. මෙසෙයින් මම් යම් දහමක් දනිම් ද, තෙපි එ දහම දනිවු. තෙපි යම් දහමක් දනිවු ද, මම් එ දහම දනිමි. මෙසෙයින් මම් යම් බඳුයෙම් ද, තෙපි එ බඳු වව. තෙපි යම් බඳුවවු ද, මම් එ බඳු වෙමි. එව දැන් ඇවැත්නි, දෙදෙනමෝ මෙ ගණය පරිහරණ කරම්හ”යි. රජකුමර, මෙසෙයින් වනාහි ආළාරකාලාම මා ගේ ආචාර්‍ය්‍ය වූයේ මැ අතැවැසි වූ මා තමා හා සමසම කොට තැබී. උදාර පූජායෙනුදු මා පිදී යැ. රජකුමර, ඒ මට තෙල සිත් වී: “මෙ දහම් නිර්වේදයට නො වැටෙයි, විරාගයට නිරෝධයට ව්‍යුපශමයට අභිඥාවට සම්බෝධයට නිර්‍වාණයට නො වැටෙයි. ආකිඤ්චඤ්ඤායතනෝත්පත්තිය පිණිස මැ පවතී” යයි. රජකුමර, එ ම්ම් එ දහම පිළිකෙව් කොට එ දහමින් කලකිරී බැහැර ගියෙමි.
Pali BJTසො ඛො අහං රාජකුමාර, කිංකුසලගවෙසී අනුත්තරං සන්තිවරපදං පරියෙසමානො යෙන උද්දකො{2} රාමපුත්තො තෙනුපසංකමිං, උපසංකමිත්වා උද්දකං රාමපුත්තං එතදවොචං: “ඉච්ඡාමහං ආවුසො රාම{3} ඉමස්මිං ධම්මවිනයෙ බ්රහ්මචරියං චරිතු”න්ති. එවං වුත්තෙ රාජකුමාර, උද්දකො රාමපුත්තො මං එතදවොච: “විහරතායස්මා, තාදිසො අයං ධම්මො, යත්ථ විඤ්ඤූ පුරිසො න චිරස්සෙ’ව සකං ආචරියකං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරෙය්යා”ති. සො ඛො අහං රාජකුමාර, න චිරස්සෙ’ව ඛිප්පමෙව තං ධම්මං පරියාපුණිං. සො ඛො අහං රාජකුමාර, තාවතකෙනෙව ඔට්ඨප්පහතමත්තෙන ලපිතලාපනමත්තෙන ඤාණවාදඤ්ච වදාමි. ථෙරවාදඤ්ච, ‘ජානාමි පස්සාමී’ති ච පටිජානාමි අහඤ්චෙ ව අඤ්ඤෙ ච. තස්ස මය්හං රාජකුමාර, එතදහොසි: “න ඛො රාමො ඉමං ධම්මං කෙවලං සද්ධාමත්තකෙන ‘සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරාමී’ති පවෙදෙසි. අද්ධා රාමො ඉමං ධම්මං ජානං පස්සං විහාසී”ති.
Sinhala BJTරජකුමර, එ මම් ‘කුසල් කිමැ’යි සොයනු යෙම් අනුත්තර සන්තිවරපදය (නිවන) පිරියෙස්මින් උද්දක රාමපුත්‍ර කරා එළැඹියෙමි. එළැඹ උද්දක රාමපුත්‍රහට තෙල බස් කිමී: “ඇවැත්නි, රාමයෙනි, මම මෙ සස්නෙහි බඹසර සරනු රිසියෙමි”යි. රජකුමර, මෙසේ කී කල්හි රාම පුත් උද තවුස් මට මෙසේ කී: “ඇවැත්නි, වසව. යම් දහමෙක විඥපුරුෂ නොබෝ කලෙකින් මැ සිය අදුරුසමය තමා විසින් වෙසෙසින් දැන ප්‍රත්‍යක්‍ෂ කොට එයට පැමිණ වාස කෙරේ නම් මේ එබඳු දහමෙකි”යි. රජකුමර, එ මම් නොබෝ කලෙකින් මැ වෙලෙවි වැ මැ එ දහම පිරිවැහීමි. රජකුමර, එ මම් එතෙක් තොල් පහළ පමණින් මැ වදන් පිළිවදන් මතුයෙන් මැ ඥානවාදයත් ස්ථවිරවාදයත් කියමි. ‘දනිමි දක්මි’ ද මමත් පිළින කෙරෙමි. තෙසුවෝත් පිළින කෙරෙති. රජකුමර, ඒ මට තෙල සිත් වී: “රාම තවුස් මෙ දහම හුදෙක් ශ්‍රද්ධා පමණෙකින් තමා විසින් වෙසෙසින් දැන ප්‍රත්‍යක්‍ෂ කොට එයට පැමිණ වෙසෙමි’ නො ද පැවැසී. ඒකාන්තයෙන් රාම මෙ දහම දනිමින් දක්මින් විසී” යයි.
Pali BJTඅථ ඛ්වාහං රාජකුමාර, යෙන උද්දකො රාමපුත්තො තෙනුපසංකමිං, උපසංකමිත්වා උද්දකං රාමපුත්තං එතදවොචං: “කිත්තාවතා නො, ආවුසො රාම{4} ඉමං ධම්මං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරාමී’ති පවෙදෙසී”ති. එවං වුත්තෙ රාජකුමාර, උද්දකො රාමපුත්තො නෙවසඤ්ඤානාසඤ්ඤායතනං පවෙදෙසි. තස්ස මය්හං රාජකුමාර එතදහොසි: “න ඛො රාමස්සෙ’ව අහොසි සද්ධා, මය්හංපත්ථි සද්ධා. න ඛො රාමස්සෙ’ව අහොසි විරියං. මය්හම්පත්ථි විරියං. න ඛො රාමස්සෙව අහොසි සති, මය්හම්පත්ථි සති. න ඛො රාමස්සෙ’ව අහොසි සමාධි. මය්හම්පත්ථි සමාධි. න ඛො රාමස්සෙ’ව අහොසි පඤ්ඤා. මය්හම්පත්ථි පඤ්ඤා. යන්නූනාහං යං ධම්මං රාමො ‘සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරාමී’ති පවෙදෙසි. තස්ස ධම්මස්ස සච්ඡිකිරියාය පදහෙය්ය”න්ති. සො ඛො අහං රාජකුමාර, න චිරස්සෙ’ව ඛිප්පමෙව තං ධම්මං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා විහාසිං.
Sinhala BJTඑසඳ රාජකුමාරය, මම් රාමපුත් උද තවුස් කරා එළැඹියෙමි. එළැඹ රාම පුත් උද තවුස්හට තෙල බස් කීමි: “ඇවැත්නි රාමයෙනි, කිපමණෙකින් අපට මෙ දහම තමා විසින් වෙසෙසින් දැන ප්‍රත්‍යක්‍ෂ කොට එය උපදවා වාස කෙරෙමි’ පවසවු දැ”යි, රජකුමර, මෙසේ කී කල්හි රම්පුත් උද තවුස් නේවසඤ්ඤානාසඤ්ඤායතනය ප්‍රකාශ කෙළේ යැ. රජකුමර, ඒ මට තෙල සිත් වී: “රාමහට මැ ශ්‍රද්ධා නො ද වූ, මට දු ශ්‍රද්ධා ඇත. රාමහට මැ වීර්‍ය්‍ය නො ද වී, මට දු වීර්‍ය්‍ය ඇත. රාමහට මැ ස්මෘති නො ද වූ, මට දු ස්මෘති ඇත. රාමහට මැ සමාධි නො ද වූ, මට දු සමාධි ඇත. රාමහට මැ ප්‍රඥා නො ද වූ, මට දු ප්‍රඥා ඇති. රම් තවුස් යම් දහමක් තමා විසින් වෙසෙසින් දැන ප්‍රත්‍යක්‍ෂ කොට එයට පැමිණ වාස කෙරෙමී ප්‍රකාශ කෙළේ ද, මම එ දහම් පසක් කරනුවට ප්‍රධන් වීර්‍ය්‍ය කරනෙම් නම් ඉතා මැනැවැ”යි. රජකුමර, ඒ මම් නොබෝ කලෙකින් මැ වහා මැ එ දහම තමා විසින් තෙමේ වෙසෙසින් දැන ප්‍රත්‍යක්‍ෂ කොට වාස කෙළෙමි.
Pali BJTඅථ ඛ්වාහං රාජකුමාර, යෙන උද්දකො රාමපුත්තො තෙනුපසංකමි, උපසංකමිත්වා උද්දකං රාමපුත්තං එතදවොචං: “එත්තාවතා නො ආවුසො රාම{1} ඉමං ධම්මං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ පවෙදෙසී’ති. එත්තාවතා ඛො අහං ආවුසො ඉමං ධම්මං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ පවෙදෙමී’ති.{2} ‘අහම්පි ඛො ආවුසො එත්තාවතා ඉමං ධම්මං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරාමී’ති. ලාභා නො ආවුසො, සුලද්ධං නො ආවුසො, යෙ මයං ආයස්මන්තං තාදිසං සබ්රහ්මචාරිං පස්සාම. ඉති යං ධම්මං රාමො සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ පවෙදෙසි, තං ත්වං ධම්මං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරසි. යං ත්වං ධම්මං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරසි, තං ධම්මං රාමො සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ පවෙදෙසි. ඉති යං ධම්මං රාමො අභිඤ්ඤාසි, තං ත්වං ධම්මං ජානාසි. යං ත්වං ධම්මං ජානාසි, තං ධම්මං රාමො අඤ්ඤාසි. ඉති යාදිසො රාමො අහොසි, තාදිසො ත්වං, යාදිසො ත්වං තාදිසො රාමො අහොසි. එහිදානි ආවුසො ත්වං ඉමං ගණං පරිහරා’ති. ඉති ඛො රාජකුමාර, උද්දකො රාමපුත්තො සබ්රහ්මචාරී මෙ සමානො ආචරියට්ඨානෙ ච{3} මං ඨපෙසි. උළාරාය ච මං පූජාය පූජෙසි. තස්ස මය්හං රාජකුමාර, එතදහොසි: “නායං ධම්මො නිබ්බිදාය න විරාගාය න නිරොධාය න උපසමාය න අභිඤ්ඤාය න සම්බොධාය න නිබ්බානාය සංවත්තති, යාවදෙව නෙවසඤ්ඤානාසඤ්ඤායතනූපපත්තියා’ති. සො ඛො අහං රාජකුමාර, තං ධම්මං අනලං කරිත්වා තස්මා ධම්මා නිබ්බිජ්ජ අපක්කමිං.
Sinhala BJTඑසඳ රාජකුමාරයෙනි, මම් රම්පුත් උද තවුස් කරා එළැඹියෙමි. එළැඹ රම්පුත් උද තවුස්හට තෙල බස්කීමි: “ඇවැත්නි, රාමයෙනි, මෙතෙකින් අපට මෙ දහම තමා විසින් වෙසෙසින් දැන ප්‍රත්‍යක්‍ෂ කොට එය උපදවා ප්‍රකාශ කෙරෙහි දැ”යි. ඇවැත්නි, මෙතෙකින් මම් මෙ දහම තමා විසින් වෙසෙසා දැන ප්‍රත්‍යක්‍ෂ කොට එයට පැමිණ ප්‍රකාශ කෙරෙමි”යි. “ඇවැත්නි, මෙතෙකින් මමත් මෙ දහම තමා විසින් වෙසෙසින් දැන පසක් කොට එයට පැමිණ වෙසෙමි”යි. ඇවැත්නි, අපට ලාභයෙක, ඇවැත්නි, අපට මනා ලාභයෙකි. ඇපි තොප වැනි සබ්‍රම්සර ආයුෂ්මත් කෙනෙකුන් දැකුම්හ. මෙසෙයින් රාම යම් දහමක් තමා විසින් වෙසෙසින් දැන ප්‍රත්‍යක්‍ෂ කොට එයට පැමිණ ප්‍රකාශ කෙළේ ද, තෙපි එ දහම තමා විසින් වෙසෙසින් දැන ප්‍රත්‍යක්‍ෂ කොට එයට පැමිණ වාස කරව. තෙපි යම් දහමක් තමා විසින් වෙසෙසින් දැන ප්‍රත්‍යක්‍ෂ කොට එයට පැමිණ වාස කරවු ද, එ දහම රාම තමා විසින් වෙසෙසින් දැන ප්‍රත්‍යක්‍ෂ කොට එයට පැමිණ ප්‍රකාශ කෙළේ යැ. මෙසෙයින් රාම යම් දහමක් දත්තේ ද, තෙපි එ දහම දන්නහු යැ. තෙපි යම් දහමක් දන්නහු ද, එ දහම රාම දන්නේ යැ. මෙසේ රාම යම් බඳු වී නම් තෙපි එ බඳුව. තෙපි යම් බඳු වවු නම් රාම එ බඳු වී. එව දැන් ඇවැත්නි, තෙපි මෙ ගණය පරිහරණ කරව”යි. රජකුමරුවෙනි, මෙසෙයින් රාමපුත්‍ර උද්දක මා ගේ සබ්‍රම්සැරි වූයේ මැ මා ඇදුරු තන්හි තැබී. උදාර පූජායෙනුදු මා පිදී. රාජකුමාරය, ඒ මට තෙල සිත් වී: “මෙ දහම නිර්වේදයට නො වැටෙයි. නො ද විරාගයට නො ද නිරෝධයට නො ද කෙලෙස් සන්හිඳීමට නො ද අභිඥාවට නො ද සම්බෝධයට නො ද නිර්‍වාණයට වැටෙයි. නේවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි උපත පිණිස මැ වැටේ”යයි. රජකුමර, ඒ මම් එ දහම ප්‍රතික්‍ෂේප කොට එ දහමින් කලකිරී ඉවත් ව ගියෙමි.
Pali BJTසො ඛො අහං රාජකුමාර, කිං කුසලගවෙසී අනුත්තරං සන්තිවරපදං පරියෙසමානො මගධෙසු අනුපුබ්බෙන චාරිකං චරමානො යෙන උරුවෙලා සෙනානිගමො තදවසරිං. තත්ථද්දසං රමණීයං භූමිභාගං පාසාදිකඤ්ච වනසණ්ඩං නදිඤ්ච සන්දන්තිං, සෙතකං සුපතිත්ථං රමණීයං, සමන්තා ච ගොචරගාමං. තස්ස මය්හං රාජකුමාර, එතදහොසි: “රමණීයො වත භූමිභාගො, පාසාදිකො ච වනසණ්ඩො නදී ච සන්දති. සෙතකා සුපතිත්ථා රමණීයා සමන්තා ච ගොචරගාමො. අලං වතිදං කුලපුත්තස්ස පධානත්ථිකස්ස පධානායා”ති. සො ඛො අහං රාජකුමාර, තත්ථෙ’ව නිසීදිං අලමිදං පධානායා’ති.
Sinhala BJTරජකුමර, ඒ මම් ‘කිංකුශලගවේෂී වැ අනුත්තර ශාන්තිවරපදය සොයනුයෙම් මගධ දනවියෙහි පිළිවෙළින් සැරිසරනුයෙම් උරුවේලායෙහි සේනා නම් නියම්ගමට (සේනානී නම් සිටුහුගේ ගමට) බටුයෙමි. එහි රමණී භූමිභාගය ද ප්‍රසාද එළවන වන ළැහැබ ද සුදු වැලිතලා ඇති මනා තොට ඇති ගලන රමණී හොය ද හාත්පසැ පිහිටි ගොදුරුගම ද දිටිමි. රජකුමරුවෙනි, මට තෙල සිත් වී: “භුමිභාගය රමණී මැ යැ වනළැහැබ ප්‍රසාද එළවන්නේ මැ යැ. සුදුවැලිතලා ඇති මනා තොට ඇති රමණී හොය ද ගලයි. හාත්පසැ ගොදුරුගම් ද වෙයි. ප්‍රධන් වීර්‍ය්‍යය කරනු කැමැති කුලපුතක්හට ප්‍රධන් පිණිස මෙ තැන සමර්‍ත්‍ථ මැ යැ”යි. රජකුමරුවෙනි, මම “මෙතැන ප්‍රධන් පිණිස සමර්‍ත්‍ථ වෙති”යි ඒ බෝපලගෙහි මැ නිෂද්‍යා කෙළෙමි.
Pali BJTඅපිස්සු මං රාජකුමාර, තිස්සො උපමා පටිභංසු. අනච්ඡරියා පුබ්බෙ අස්සුතපුබ්බා: “සෙය්යථාපි රාජකුමාර, අල්ලං කට්ඨං සස්නෙහං{4} උදකෙ නික්ඛිත්තං, අථ පුරිසො ආගච්ඡෙය්ය උත්තරාරණිං ආදාය ‘අග්ගිං අභිනිබ්බත්තෙස්සාමි, තෙජො පාතුකරිස්සාමී’ති. තං කිං මඤ්ඤසි රාජකුමාර, අපිනු සො පුරිසො අමුං අල්ලං කට්ඨං සස්නෙහං{4} උදකෙ නික්ඛිත්තං, උත්තරාරණිං ආදාය අභිමන්ථෙන්තො{5} අග්ගිං අභිනිබ්බත්තෙය්ය, තෙජො පාතුකරෙය්යා’ති. නො හිදං{6} භන්තෙ. තං කිස්ස හෙතු? අදුං හි භන්තෙ{7} අල්ලං කට්ඨං සස්නෙහං{4} තඤ්ච පන උදකෙ නික්ඛිත්තං, යාවදෙව ච පන සො පුරිසො කිලමථස්ස විඝාතස්ස භාගී අස්සා’ති. එවමෙව ඛො රාජකුමාර යෙහි කෙචි{8} සමණා වා බ්රාහ්මණා වා කායෙන චෙව චිත්තෙන ච කාමෙහි{9} අවූපකට්ඨා විහරන්ති. යො ච නෙසං කාමෙසු කාමච්ඡන්දො කාමසිනෙහො{10} කාමමුච්ඡා කාමපිපාසා කාමපරිළාහො, සො ච අජ්ඣත්තං න සුප්පහීනො හොති.
Sinhala BJTතවද රජකුමරුවෙනි, මට පුනපුනා අසිරි එළවන පෙර නො ඇසූවිරූ උපමාවෝ තුන්දෙනෙක් වැටහුණහ: “රජකුමරුවෙනි, ස්නෙහ සහිත දියෙහි බැහූ තෙත් කාෂ්ටයෙක් ඇද්ද, ඉක්බිති පුරුෂයෙක් උතුරු රිණි ගෙන ගිනි නිපදවමි, තෙද පහළ කෙරෙමි’යි එන්නේ වේ ද, රජකුමරුවෙනි, ඒ කෙසේ හඟිහි? ඒ පුරුෂ සනා සහගිය දියෙහි බැහූ තෙල තෙත් කාෂ්ටය උතුරු රිණි ගෙන ගිනි නිපදවන්නේ වේ ද, තෙද පහළ කරන්නේ වේ දැ?යි. වනහ්ස, මෙ කරුණ නො වනසුලු මැ යැ, ඒ කවර හෙයින යත්: වහන්ස, තෙල තෙත් කාෂ්ටය සස්නේහ වෙයි. එ ද දියෙහි බැහුණේ වෙයි. ඒ පුරුෂ ක්ලමථුවට වෙහෙසට හිමි වන්නේ මැ යැ’යි. රජකුමරුවෙනි, එපරිදි මැ යම් කිසි මහණහු වෙත්වයි බමුණහු වෙත්වයි කයිනුදු සිතිනුදු කාමයෙන් නො වෙන් වූවාහු වෙසෙත් ද ඔවුන් ගේ කාමයෙහි යම් කාමච්ඡන්‍දයෙක් කාමස්නේහයෙක් කාමමුර්ඡායෙක් කාමපිපාසායෙක් කාමපරිදාහයෙක් ඇද්ද, එ ද සිය සතන්හි සුප්‍රහීණ නො වේ ද,
Pali BJTන සුප්පටිප්පස්සද්ධො. ඔපක්කමිකා චෙපි තෙ භොන්තො සමණබ්රාහ්මණා දුක්ඛා තිප්පා{1} කටුකා වෙදනා වෙදියන්ති. අභබ්බා ව තෙ ඤාණාය දස්සනාය අනුත්තරාය සම්බොධාය. නො චෙපි තෙ භොන්තො සමණබ්රාහ්මණා ඔපක්කමිකා දුක්ඛා තිප්පා කටුකා වෙදනා වෙදියන්ති. අභබ්බා’ව තෙ ඤාණාය දස්සනාය අනුත්තරාය සම්බොධාය. අයං ඛො මං රාජකුමාර, පඨමා උපමා පටිභාසි අනච්ඡරියා පුබ්බෙ අස්සුතපුබ්බා.
Sinhala BJTසන්හුන් නො වේ ද, ඒ භවත් මහණ බමුණහු තීව්‍ර කටුක ඖපක්‍රමික වූ ද දුඃඛවේදනා විඳිති. ඔහු අනුත්තර සම්බොධ සඞ්ඛ්‍යාත ඥානදර්‍ශනයට අභව්‍ය ද වෙති. ඉදින් ඒ භවත් මහණ බමුණහු තීව්‍රැ කටුක දුඃඛවේදනා නො විඳුනාහු නම් වූහු ද, වැළිත් ඔහු අනුත්තර සම්බෝධ සඞ්ඛ්‍යාත ඥානදර්‍ශනයට අභව්‍ය මැ වෙති. රජකුමරුවෙනි, මට පුනපුනා ආශ්චර්‍ය්‍ය එළවන පෙර නො ඇසූවිරූ මෙ පළමු උපමා වැටහිණ.
Pali BJTඅපරා’පි ඛො මං රාජකුමාර, දුතියා උපමා පටිභාසි අනච්ඡරියා පුබ්බෙ අස්සුතපුබ්බා. සෙය්යථා’පි රාජකුමාර, අල්ලං කට්ඨං සස්නෙහං ආරකා උදකා ථලෙ නික්ඛිත්තං. අථ පුරිසො ආගච්ඡෙය්ය උත්තරාරණිං ආදාය අග්ගිං අභිනිබ්බත්තෙස්සාමි{2} තෙජො පාතුකරිස්සාමී’ති. තං කිං මඤ්ඤසි රාජකුමාර, අපිනු සො පුරිසො අමුං අල්ලං කට්ඨං සස්නෙහං ආරකා උදකා ථලෙ නික්ඛිත්තං උත්තරාරණිං ආදාය අභිමන්ථෙන්තො අග්ගිං අභිනිබ්බත්තෙය්ය, තෙජො පාතුකරෙය්යා’ති? නො හිදං භන්තෙ, තං කිස්ස හෙතු? අදුං හි භන්තෙ අල්ලං කට්ඨං සස්නෙහං කිඤ්චා’පි ආරකා උදකා ථලෙ නික්ඛිත්තං යාවදෙව ච පන සො පුරිසො කිලමථස්ස විඝාතස්ස භාගී අස්සා’ති. එවමෙව ඛො රාජකුමාර, යෙ හි කෙචි සමණා වා බ්රාහ්මණා වා කායෙන ඛො කාමෙහි වූපකට්ඨා විහරන්ති, යො ච තෙසං කාමෙසු කාමච්ඡන්දො කාමස්නෙහො කාමමුච්ඡා කාමපිපාසා කාමපරිළාහො සො ච අජ්ඣත්තං න සුප්පහීනො{3} හොති න සුප්පටිප්පස්සද්ධො{4} ඔපක්කමිකා චෙ’පි තෙ භොන්තො සමණබ්රාහ්මණා දුක්ඛා තිප්පා{1} ඛරා කටුකා වෙදනා වෙදියන්ති{5} අභබ්බා’ව තෙ ඤාණාය දස්සනාය අනුත්තරාය සම්බොධාය. නො චෙ’පි තෙ භොන්තො සමණබ්රාහ්මණා ඔපක්කමිකා දුක්ඛා තිප්පා ඛරා කටුකා වෙදනා වෙදියන්ති. අභබ්බා’ව තෙ ඤාණාය දස්සනාය අනුත්තරාය සම්බොධාය. අයං ඛො මං රාජකුමාර, දුතියා උපමා පටිභාසි අනච්ඡරියා පුබ්බෙ අස්සුතපුබ්බා.
Sinhala BJTරජකුමරුවෙනි, මට නැවත නැවත ආශ්චර්‍ය්‍ය එළවන පෙර නො ඇසූවිරූ අනෙක් දෙවන උපමායෙක් ද වැටහිණ. රජකුමරුවෙනි, යම් පරිදි දියෙන් බැහැර වැ සිටි ගොඩබිමෙහි ලූ ස්නේහ සහිත තෙත් කාෂ්ටයෙක් ඇද්ද, ඉක්බිති පුරුෂයෙක් උතුරු රිණි ගෙන ගිනි නිපදවමි’යි, තෙද පහළ කෙරෙමි’යි එන්නේ වේ ද, රජකුමරුවෙනි, ඒ කෙසේ හඟිහි? ඒ පුරුෂ ස්නේහ සහිත දියෙන් බැහැර වැ සිටි ගොඩබිමැ ලූ තෙත් කාෂ්ටය උතුරු රිණි ගෙන අළලන්නේ කිම ගිනි උපදවන්නේ වේ ද, තෙද පහළ කරන්නේ වේ දැ’යි. වහන්ස මෙ කරුණ නො වනසුලු යැ. ඒ කවර හෙයින යත්: වහන්ස, තෙලෙ දියෙන් බැහැර වැ සිටියේ නමුදු ගොඩබිමෙහි ලූයේ නමුදු සස්නේහ වූ තෙත් කාෂ්ටයෙකි. ඒ පුරුෂ ක්ලමථුවට වෙහෙසට හිමි වන්නේ මැ යැ. රජකුමරුවෙනි, එපරිදි මැ යම් කිසි ශ්‍රමණ කෙනෙක් වෙත්වයි, බ්‍රාහ්මණ කෙනෙක් වෙත්වයි, කාමයෙන් කයින් වෙන් වූවාහු වෙසෙත් ද, ඔවුන් ගේ කාමයෙහි යම් කාමච්ඡන්‍දයෙක් කාමස්නේහයෙක් කාමමුර්ඡායෙක් කාමපිපාසායෙක් කාමපරිදාහයෙක් ඇද්ද, එ ද සිය සතන්හි සුප්‍රහීණ නො වේ ද, සන්හුන් නො වේ ද, ඒ භවත් මහණ බමුණෝ තීව්‍ර ඛර කටුක ඖපක්‍රමික වූ ත් දුඃඛවේදනාවන් විඳිති. ඔහු අනුත්තර සම්බෝධ සඞ්ඛ්‍යාත ඥානදර්‍ශනයට අභව්‍ය මැ වෙති. ඉදින් ඒ භවත් මහණබමණහු තීව්‍ර ඛර කටුක ඖපක්‍රමික දුඃඛවේදනා නො විඳුනාහු නමුදු, ඔහු අනුත්තර සම්බෝධ සඞ්ඛ්‍යාත ඥානදර්‍ශනයට අභව්‍ය මැ වෙති. රජකුමරුවෙනි, මට නැවත නැවත ආශ්චර්‍ය්‍ය එළවන පෙර නො ඇසූවිරූ මේ දෙවන උපමා ද වැටහිණ.
Pali BJTඅපරා පි ඛො මං රාජකුමාර, තතියා උපමා පටිභාසි. අනච්ඡරියා පුබ්බෙ අස්සුතපුබ්බා. සෙය්යථා’පි රාජකුමාර, සුක්ඛං කට්ඨං කොලාපං ආරකා උදකා ථලෙ නික්ඛිත්තං. අථ පුරිසො ආගච්ඡෙය්ය උත්තරාරණිං ආදාය “අග්ගිං අභිනිබ්බත්තෙස්සාමි තෙජො පාතුකරිස්සාමී”ති. තං කිං මඤ්ඤසි රාජකුමාර, අපි නු සො පුරිසො අමුං සුක්ඛං කට්ඨං කොලාපං ආරකා උදකා ථලෙ නික්ඛිත්තං උත්තරාරණිං ආදාය අභිමන්ථෙන්තො අග්ගිං අභිනිබ්බත්තෙය්ය, තෙජො පාතුකරෙය්යාති. එවම්භන්තෙ, තං කිස්ස හෙතු, අදුං හි භන්තෙ සුක්ඛං කට්ඨං කොලාපං, තඤ්ච පන ආරකා උදකා ථලෙ නික්ඛිත්තන්ති. එවමෙව ඛො රාජකුමාර, යෙ හි කෙචි සමණා වා බ්රාහ්මණා වා කායෙන චෙව චිත්තෙන ච{6} කාමෙහි වූපකට්ඨා විහරන්ති. යො ච නෙසං කාමෙසු කාමච්ඡන්දො කාමස්නෙහො කාමමුච්ඡා කාමපිපාසා කාමපරිළාහො, සො ච අජ්ඣත්තං සුප්පහීනො හොති සුප්පටිප්පස්සද්ධො ඔපක්කමිකා චෙ’පි තෙ භොන්තො සමණබ්රාහ්මණා දුක්ඛා තිප්පා ඛරා කටුකා වෙදනා වෙදියන්ති, භබ්බා’ව තෙ ඤාණාය දස්සනාය අනුත්තරාය සම්බොධාය. නො චෙපි තෙ භොන්තො සමණබ්රාහ්මණා ඔපක්කමිකා දුක්ඛා තිප්පා ඛරා කටුකා වෙදනා වෙදියන්ති, භබ්බාව තෙ ඤාණාය දස්සනාය අනුත්තරාය සම්බොධාය. අයං ඛො මං රාජකුමාර, තතියා උපමා පටිභාසි අනච්ඡරියා පුබ්බෙ අස්සුතපුබ්බා. ඉමා ඛො මං රාජකුමාර, තිස්සො උපමා පටිභංසු අනච්ඡරියා පුබ්බෙ අස්සුතපුබ්බා.
Sinhala BJTරජකුමරුවෙනි, මට නැවත නැවත ආශ්චර්‍ය්‍ය එළවන පෙර නො ඇසූවිරූ අනෙකුත් තුන්වන උපමායෙක් ද වැටහිණ. රජකුමරුවෙනි, යම් පරිදි කොලොපු වූ දියෙන් බැහැර වැ සිටි ගොඩබිමෙහි ලූ වියළි කාෂ්ටයෙක් ඇද්ද, ඉක්බිති පුරුෂයෙක් උතුරු රිණි ගෙන ගිනි උපදවමි’යි, තෙද පහළ කෙරෙමි’ එන්නේ වේ ද, රජකුමරුවෙනි, ඒ කෙසේ හඟිහි? ඒ පුරුෂයා කොලොපු වූ දියෙන් බැහැර වැ සිටි ගොඩබිමෙහි ලූ තෙල ශුෂ්කකාෂ්ටය උතුරු රිණි ගෙන මඩනුයේ කිම ගිනි උපදවන්නේ වේ ද, තෙද පහළ කරන්නේ වේ දැ?යි. වහන්ස, එසේ යැ. ඒ කවර හෙයින යත්: වහන්ස, තෙලෙ ශුෂ්කකාෂ්ටය කොලොපු වෙයි, එ ද දියෙන් බැහැර වැ සිටියේ වෙයි. ගොඩබිම්හි ලූයේ වෙයි. රජකුමරුවෙනි, එපරිදි මැ යම් කිසි ශ්‍රමණ කෙනෙක් වෙත්වයි බ්‍රාහ්මණ කෙනෙක් වෙත්ව’යි කයිනුදු සිතිනුදු කාමයෙන් වෙන් වැ වෙසෙත් ද, ඔවුන් ගේ යම් කාමයෙහි කාමච්ඡන්‍දයෙක් කාමස්නේහයෙක් කාමමුර්ඡායෙක් කාම පිපාසායෙක් කාමපරිදාහයෙක් ඇද්ද, එ ද සිය සතන්හි සුප්‍රහීණ වූයේ වේ ද, සන්හුන් වේ ද, ඉදින් ඒ භවත් මහණබමුණෝ තීව්‍ර ඛර කටුක ඖපක්‍රමික දුඃඛ වේදනා විඳුනාහු නමුදු ඔහු අනුත්තර සම්බෝධ සඞ්ඛ්‍යාත ඥානදර්‍ශනයට මැ භව්‍ය වෙති. ඉදින් ඒ භවත් මහණබමුණෝ තීව්‍ර ඛර කටුක ඖපක්‍රමික දුඃඛවේදනාවන් නො විඳුනාහු නමුදු, ඔහු අනුත්තර සම්බෝධ සඞ්ඛ්‍යාත ඥානදර්‍ශනයට මැ භව්‍ය වෙති. රජකුමරුවෙනි, මට පුනපුනා ආශ්චර්‍ය්‍ය එළවන පෙර නො ඇසූවිරූ මේ තුන් උපමා වැටහිණ. රජකුමරුවෙනි, මට පුනපුනා ආශ්චර්‍ය්‍ය එළවන පෙර නො ඇසූවිරූ මේ තුන් උපමාවෝ වැටහුණහ’යි.
Pali BJTතස්ස මය්හං රාජකුමාර, එතදහොසි: “යන්නූනාහං දන්තෙභි දන්තමාධාය ජිව්හාය තාලුං ආහච්ච චෙතසා චිත්තං අභිනිග්ගණ්හෙය්යං අභිනිප්පීළෙය්යං අභිසන්තාපෙය්ය”න්ති. සො ඛො අහං රාජකුමාර, දන්තෙභිදන්තමාධාය ජිව්හාය තාලුං ආහච්ච චෙතසා චිත්තං අභිනිග්ගණ්හාමි අභිනිප්පීළෙමි අභිසන්තාපෙමි. තස්ස මය්හං රාජකුමාර, දන්තෙභිදන්තමාධාය ජිව්හාය තාලුං ආහච්ච චෙතසා චිත්තං අභිනිග්ගණ්හයතො අභිනිප්පීළයතො අභිසන්තාපයතො කච්ඡෙහි සෙදා මුච්චන්ති. සෙය්යථා’පි රාජකුමාර, බලවා පුරිසො දුබ්බලතරං පුරිසං සීසෙ වා ගහෙත්වා ඛන්ධෙ වා ගහෙත්වා අභිනිග්ගණ්හෙය්ය අභිනිප්පීළෙය්ය අභිසන්තාපෙය්ය, එවමෙව ඛො මෙ රාජකුමාර, දන්තෙභිදන්තමාධාය ජිව්හාය තාලුං ආහච්ච චෙතසා චිත්තං අභිනිග්ගණ්හයතො අභිනිප්පීළයතො අභිසන්තාපයතො කච්ඡෙහි සෙදා මුච්චන්ති. ආරද්ධං ඛො පන මෙ රාජකුමාර, විරියං හොති අසල්ලීනං, උපට්ඨිතා සති අපම්මුට්ඨා{1}, සාරද්ධො ච පන මෙ කායො හොති අප්පටිප්පස්සද්ධො තෙනෙව දුක්ඛප්පධානෙන පධානාභිතුන්නස්ස සතො.
Sinhala BJTරජකුමරුවෙනි, මට තෙල සිත් වී: “යටිදත්හි උඩුදත තබා දිවින් තල්ල පැහැර (කුසල්සිතින්) අකුසල්සිත නිගන්නෙම් පෙළෙන්නෙම් තවන්නෙම් නම් මැනැවැ”යි. රජකුමරුවෙනි, මම යටිදතෙහි උඩුදත තබා දිවින් තලු පැහැර ගෙන සිතින් සිත නිගන්මි, පෙළමි, තපෝවීර්‍ය්‍ය කෙරෙමි. රජකුමරුවෙනි, යටිදතෙහි උඩුදත තබා දිවින් තලු පැහැර ගෙන් සිතින් සිත නිගන්නා පෙළන තපෝවීර්‍ය්‍ය කරන මාගේ කච්ඡයෙන් ස්වේදයෝ මිදෙත්. රජකුමරුවෙනි, බලවත් පුරුෂයෙක් ඉතා දුබල පුරුෂයකු හිසෙහි වේවයි ස්කන්‍ධයෙහි වේවයි ගෙන නිගන්නේ වේ ද, පෙළන්නේ වේ ද, තාප කරන්නේ වේ ද, රජකුමරුවෙනි, එපරිදි මැ යට දතෙහි උඩුදත තබා දිවින් තලු පැහැරගෙන සිතින් සිත නිගන්නා පෙළන තවන මාගේ කැසින් ස්වේදයෝ මිදෙත්, රජකුමරුවෙනි, මා විසින් වැර රුකුළේ වෙයි, සංලීන නො වෙයි, සිහි එළවියා වෙයි, මුෂිත නො වෙයි. ඒ දුක් සහගිය ප්‍රධනින් මැ ප්‍රධන් වැරින් විත් කෑවාවූ මැ මාගේ කය දරථ සහිත වෙයි, නො සන්හුන් වෙයි.
Pali BJTතස්ස මය්හං රාජකුමාර, එතදහොසි: “යන්නූනාහං අප්පාණකං ඣානං{2} ඣායෙය්ය”න්ති. යො ඛො අහං රාජකුමාර, මුඛතො ච නාසතො ච අස්සාසපස්සාසෙ උපරුන්ධිං, තස්ස මය්හං රාජකුමාර, මුඛතො ච නාසතො ච අස්සාසපස්සාසෙසු උපරුද්ධෙසු කණ්ණසොතෙහි වාතානං නික්ඛමන්තානං අධිමත්තො සද්දො හොති. සෙය්යථා’පි නාම කම්මාරගග්ගරියා ධමමානාය අධිමත්තො සද්දො හොති එවමෙව ඛො රාජකුමාර, මුඛතො ච නාසතො ච අස්සාසපස්සාසෙසු උපරුද්ධෙසු කණ්ණසොතෙහි වාතානං නික්ඛමන්තානං අධිමත්තො සද්දො හොති. ආරද්ධං ඛො පන මෙ රාජකුමාර, විරියං හොති අසල්ලීනං උපට්ඨිතා සති අපම්මුට්ඨා සාරද්ධො ච පන මෙ කායො හොති අප්පටිප්පස්සද්ධො තෙනෙව දුක්ඛප්පධානෙන පධානාභිතුන්නස්ස සතො.
Sinhala BJTරජකුමරුවෙනි, මට තෙල සිත් වී: “මම් අප්‍රාණක (නිරාශ්වාස) ධ්‍යාන කරනෙම් නම් මැනැවැ”යි. රජකුමරුවෙනි, ඒ මම් මුවිනුදු නැහැයෙනුදු ආශ්වාස ප්‍රශ්වාස වැළහීමි. රජකුමරුවෙනි, මුවිනුදු නැහැයෙනුදු අසස්පස් වැළහූ කල්හි මා ගේ කන්සිළින් නික්මෙන වායුහුගේ අධිමාත්‍ර ශබ්දය වෙයි. යම්සේ නම් කඹුරුසම පුඹුනා කල්හි අධිමාත්‍ර ශබ්දයෙක් වේ ද, එසෙයින් මැ රජකුමරුවෙනි, මුවිනුදු නැහැයෙනුදු ආශ්වාසප්‍රශ්වාස වැළහු කල්හි කන්සිඳින් නික්මෙන වායුහුගේ අධිමාත්‍ර ශබ්දය වෙයි. රජකුමරුවෙනි, මා විසින් වැර රුකුළේ සංලීන නො වෙයි, සිහි එළඹ සිටියා මුෂිත නො වෙයි. එතෙකුදු වත් මා ගේ කය එ මැ දුක් සහගිය පදහනින් ප්‍රධන් වීර්‍ය්‍යයෙන් විත් කෑයේ දරථ සහිත වූයේත් නො සන්හුන්නේත් වෙයි.
Pali BJTතස්ස මය්හං රාජකුමාර, එතදහොසි: “යන්නූනාහං අප්පාණකංයෙව ඣානං ඣායෙය්ය”න්ති. සො ඛො අහං රාජකුමාර, මුඛතො ච නාසතො ච කණ්ණතො ච අස්සාසපස්සාසෙ උපරුන්ධිං. තස්ස මය්හං රාජකුමාර, මුඛතො ච නාසතො ච කණ්ණතො ච අස්සාසපස්සාසෙසු උපරුද්ධෙසු අධිමත්තා වාතා මුද්ධානං{3} ඌහනන්ති{4} සෙය්යථා’පි රාජකුමාර, බලවා පුරිසො තිණ්හෙන සිඛරෙන මුද්ධානං{3} අභිමන්ථෙය්ය, එවමෙව ඛො මෙ රාජකුමාර, මුඛතො ච නාසතො ච කණ්ණතො ච අස්සාසපස්සාසෙසු උපරුද්ධෙසු අධිමත්තා වාතා මුද්ධානං ඌහනන්ති. ආරද්ධං ඛො පන මෙ රාජකුමාර, විරියං හොති අසල්ලීනං උපට්ඨිතා සති අපම්මුට්ඨා, සාරද්ධො ච පන මෙ කායො හොති අප්පටිප්පස්සද්ධො තෙනෙ’ව දුක්ඛප්පධානෙන පධානාභිතුන්නස්ස සතො.
Sinhala BJTරජකුමරුවෙනි, මට තෙල සිත් වී: “මම නිරස්සාසක වූ මැ ධ්‍යාන වඩම් නම් මන මැ නු”යි. රජකුමරුවෙනි, මම මුවිනුදු නැහැයෙනුදු කනිනුදු අසස්පස් වැළකීමි. රජකුමරුවෙනි, මුවිනුදු නැහැයෙනුදු කනිනුදු අසස්පස් වැළහූ කල අධිමාත්‍ර වාතයෝ මුදුන පෙළත්. රජකුමරුවෙනි, යම් පරිදි බලවත් පුරුෂයෙක් තියුණු කඩුසිළෙකින් මුදුන පෙළන්නේ ද, එපරිදි මැ රජකුමරුවෙනි, මා ගේ මුවිනුදු නැහැයෙනුදු කනිනුදු ආශ්වාස ප්‍රශ්වාස වැළහු කල්හි අධිමාත්‍ර වාතයෝ මුදුන පෙළත්. රජකුමරුවෙනි, මා විසින් වැර රුකුළේ අසංලීන වෙයි, සිහි එළැඹ සිටියා මුෂිත නො වෙයි. එතෙකුදු වත් මා ගේ කය එ මැ දුක් සහගිය පදහනින් ප්‍රධන් වීර්‍ය්‍යයෙන් විත් කෑයේ දරථ සහිත වූයේත් නො සන්හුන්නේත් වෙයි.
Pali BJTතස්ස මය්හං රාජකුමාර, එතදහොසි: “යන්නූනාහං අප්පාණකංයෙව ඣානං ඣායෙය්ය”න්ති. සො ඛො අහං රාජකුමාර, මුඛතො ච නාසතො ච කණ්ණතො ච අස්සාසපස්සාසෙ උපරුන්ධිං. තස්ස මය්හං රාජකුමාර, මුඛතො ච නාසතො ච කණ්ණතො ච අස්සාසපස්සාසෙසු උපරුද්ධෙසු අධිමත්තා සීසෙ සීසවෙදනා හොන්ති. සෙය්යථා’පි රාජකුමාර, බලවා පුරිසො දළ්හෙන වරත්තකබන්ධෙන{1} සීසෙ සීසවෙඨං දදෙය්ය, එවමෙව ඛො රාජකුමාර, මුඛතො ච නාසතො ච කණ්ණතො ච අස්සාසපස්සාසෙසු උපරුද්ධෙසු අධිමත්තා සීසෙ සීසවෙදනා හොන්ති. ආරද්ධං ඛො පන මෙ රාජකුමාර, විරියං හොති අසල්ලීනං, උපට්ඨිතා සති අපම්මුට්ඨා, සාරද්ධො ච පන මෙ කායො හොති අප්පටිප්පස්සද්ධො තෙනෙ’ව දුක්ඛප්පධානෙන පධානාභිතුන්නස්ස සතො.
Sinhala BJTරජකුමරුවෙනි, මට තෙල සිත් වී: “මම අප්‍රාණක වූ මැ ධ්‍යාන වඩනෙම් නම් මනා මැ නු”යි. රජකුමරුවෙනි, මම මුවිනුදු නැහැයෙනුදු කනිනුදු අසස්පස් වැළකීමි. රජකුමරුවෙනි, මුවිනුදු නැහැයෙනුදු කනිනුදු අසස්පස් වැළහූ කල්හි මා ගේ ශීර්‍ෂයෙහි අධිමාත්‍ර ශීර්‍ෂවේදනාවෝ වෙති. රජකුමරුවෙනි, යම්සේ බලවත් පුරුෂයෙක් දැඩි වූ වරබහනින් හිසෙහි හිස්වෙළුම් බඳනේ ද, එසෙයින් මැ රජකුමරුවෙනි, මුවිනුදු නැහැයෙනුදු කනිනුදු අසස්පසස් වැළහු කල්හි ශීර්‍ෂයෙහි අධිමාත්‍ර ශීර්‍ෂවේදනාවෝ වෙති. රජකුමරුවෙනි, මා විසින් රුකුළු වැර සංලීන නො වෙයි. සිහි එළැඹ සිටියා මුෂිත නො වෙයි. එතෙකුදු වත් මා ගේ කය එ මැ දුක් සහගිය පදහනින් ප්‍රධන් වීර්‍ය්‍යයෙන් විත් කෑයේ දරථ සහිත වූයේත් නො සන්හුන්නේත් වෙයි.
Pali BJTතස්ස මය්හං රාජකුමාර, එතදහොසි: යන්නූනාහං අප්පාණකංයෙව ඣානං ඣායෙය්ය”න්ති. සො ඛො අහං රාජකුමාර, මුඛතො ච නාසතො ච කණ්ණතො ච අස්සාසපස්සාසෙ උපරුන්ධිං. තස්ස මය්හං රාජකුමාර, මුඛතො ච නාසතො ච කණ්ණතො ච අස්සාසපස්සාසෙසු උපරුද්ධෙසු අධිමත්තා වාතා කුච්ඡිං පරිකන්තන්ති. සෙය්යථා’පි රාජකුමාර, දක්ඛො ගොඝාතකො වා ගොඝාතකන්තෙවාසී වා තිණ්හෙන ගොවිකන්තනෙන කුච්ඡිං පරිකන්තෙය්ය, එවමෙව ඛො රාජකුමාර, මුඛතො ච නාසතො ච කණ්ණතො ච අස්සාසපස්සාසෙසු උපරුද්ධෙසු අධිමත්තා වාතා කුච්ඡිං පරිකන්තන්ති. ආරද්ධං ඛො පන මෙ රාජකුමාර, විරියං හොති අසල්ලීනං, උපට්ඨිතා සති අපම්මුට්ඨා, සාරද්ධො ච පන මෙ කායො හොති අප්පටිප්පස්සද්ධො, තෙනෙව දුක්ඛප්පධානෙන පධානාභිතුන්නස්ස සතො.
Sinhala BJTරජකුමරුවෙනි, මට තෙල සිත් වී: “මම අප්‍රාණක වූ මැ දැහැන වඩනෙම් නම් මනා මැ නු”යි. රජකුමරුවෙනි, මම මුවිනුදු නැහැයෙනුදු කනිනුදු ආශ්වාස ප්‍රශ්වාස වැළකීමි. රජකුමරුවෙනි, මුවිනුදු නැහැයෙනුදු කනිනුදු ආශ්වාසප්‍රශ්වාස වැළහූ කල්හි මා ගේ කුස අධිමාත්‍ර වාතයෝ සිඳිත්. රජකුමරුවෙනි, යම්සේ දක්‍ෂ ගෝඝාතකයෙක් හෝ ගෝඝාතක අතැවැසියෙක් හෝ තිහිණි වූ ගෙරිකපන කැත්තෙකින් කුස කපන්නේ ද, එසෙයින් මැ රජකුමරුවෙනි, මුවිනුදු නැහැයෙනුදු කනිනුදු ආශ්වාසප්‍රශ්වාස වැළකූ කල්හි අධිමාත්‍ර වාතයෝ කුස කපත්. එතෙකුදු වත් රජකුමරුවෙනි, මා විසින් වැර රුකුළේ සංලීන නො වෙයි. සිහි එළඹ සිටියා මුෂිත නො වෙයි, එතෙකුදු වත් මා ගේ කය එ මැ දුක් සහගිය පදහනින් ප්‍රධන් වීර්‍ය්‍යයෙන් විත් කෑයේ දරථ සහිත වූයේත් නො සන්හුන්නේත් වෙයි.
Pali BJTතස්ස මය්හං රාජකුමාර, එතදහොසි: “යන්නූනාහං අප්පාණකංයෙව ඣානං ඣායෙය්ය”න්ති. සො ඛො අහං රාජකුමාර, මුඛතො ච නාසතො ච කණ්ණතො ච අස්සාසපස්සාසෙ උපරුන්ධිං. තස්ස මය්හං රාජකුමාර, මුඛතො ච නාසතො ච කණ්ණතො ච අස්සාසපස්සාසෙසු උපරුද්ධෙසු අධිමත්තො කායස්මිං ඩාහො හොති. සෙය්යථා’පි රාජකුමාර, ද්වෙ බලවන්තො පුරිසා දුබ්බලතරං පුරිසං නානා බාහාසු ගහෙත්වා අඞ්ගාරකාසුයා සන්තාපෙය්යුං, සම්පරිතාපෙය්යුං. එවමෙව ඛො මෙ රාජකුමාර, මුඛතො ච නාසතො ච කණ්ණතො ච අස්සාසපස්සාසෙසු උපරුද්ධෙසු අධිමත්තො කායස්මිං ඩාහො හොති. ආරද්ධං ඛො පන මෙ රාජකුමාර, විරියං හොති අසල්ලීනං, උපට්ඨිතා සති අපම්මුට්ඨා, සාරද්ධො ච පන මෙ කායො හොති අප්පටිප්පස්සද්ධො තෙනෙ’ව දුක්ඛප්පධානෙන පධානාභිතුන්නස්ස සතො.
Sinhala BJTරජකුමරුවෙනි, මට තෙල සිත් වී: “මම අප්‍රාණක වූ මැ ධ්‍යාන වඩනෙම් නම් මනා මැ නු”යි. රජකුමරුවෙනි, මම මුවිනුදු නැහැයෙනුදු කනිනුදු අසස්පසස් වැළකීමි. රජකුමරුවෙනි, මුවිනුදු නැහැයෙනුදු කනිනුදු අසස්පසස් වැළහූ කල්හි මා ගේ කයෙහි අධිමාත්‍ර දාහය වෙයි. රජකුමරුවෙනි, යම්සේ බලවත් පුරුෂයෝ දෙදෙනෙක් ඉතා දුඹුල් මිනිසක්හු වෙන් වෙන් අත්හි ගෙන අඟුරු වළෙක තවන්නාහු ද මොනොවට තවන්නාහු ද, එසෙයින් මැ රජකුමරුවෙනි, මුවිනුදු නැහැයෙනුදු කනිනුදු ආශ්වාසප්‍රශ්වාස වැළහු කල්හි අධිමාත්‍ර දාහය වෙයි. එතෙකුදු වත් රජකුමරුවෙනි, මා විසින් ආරබ්ධවීර්‍ය්‍ය සංලීන නො වෙයි. සිහි එළඹ සිටි සිහි මුෂිත නො වෙයි. එතෙකුදු වත් මාගේ කය එ මැ දුක් සහගිය පදහනින් ප්‍රධන් වීර්‍ය්‍යයෙන් විත් කෑයේ දරථ සහිත වූයේත් නො සන්හුන්නේත් වෙයි.
Pali BJTඅපිස්සු මං රාජකුමාර, දෙවතා දිස්වා එවමාහංසු: “කාලකතො{2} සමණො ගොතමො”ති. එකච්චා දෙවතා එවමාහංසු: “න කාලකතො{2} සමණො ගොතමො, අපි ච කාලංකරොතී”ති. එකච්චා දෙවතා එවමාහංසු: “න කාලකතො{2} සමණො ගොතමො න’පි කාලං කරොති . අරහං සමණො ගොතමො. විහාරො’ත්වෙවෙසො{3} අරහතො එවරූපො හොතී’ති.
Sinhala BJTතවද රජකුමරුවෙනි, දේවතාවෝ දැක මට මෙසේ කීහ: “ශ්‍රමණ ගෞතම කලුරිය කළහ”යි. සමහර දේවතාවෝ මෙසේ කීහ: “ශ්‍රමණ ගෞතම කලුරිය නො කළහ, එතෙකුදු වත් කලුරිය කෙරෙති”යි. සමහර දේවතාවෝ මෙසේ කීහ: “ශ්‍රමණ ගෞතම කලුරිය නො කළහ, නො ද කලුරිය කෙරෙති, ශ්‍රමණ ගෞතමයෝ රහත්හ, රහතුන්ට තෙල මෙබඳු විහාර ඇත්තේ මැ වේ”යයි.
Pali BJTතස්ස මය්හං රාජකුමාර, එතදහොසි: “යන්නූනාහං සබ්බසො ආහාරූපච්ඡෙදාය පටිපජ්ජෙය්ය”න්ති. අථ ඛො මං රාජකුමාර, දෙවතා උපසඞ්කමිත්වා එතදවොචුං: “මා ඛො ත්වං මාරිස සබ්බසො ආහාරූපච්ඡෙදාය පටිපජ්ජි. සචෙ ඛො ත්වං මාරිස සබ්බසො ආහාරූපච්ඡෙදාය පටිපජ්ජිස්සසි, තස්ස තෙ මයං දිබ්බං ඔජං ලොමකූපෙහි අජ්ඣොහරිස්සාම{1} තාය ත්වං යාපෙස්සසී”ති තස්ස මය්හං රාජකුමාර, එතදහොසි: “අහඤ්චෙව ඛො පන සබ්බසො අජද්ධුකං{2} පටිජානෙය්යං. ඉමා ච මෙ දෙවතා දිබ්බං ඔජං ලොමකූපෙහි අජ්ඣොහාරෙය්යුං{3} තාය චාහං යාපෙය්යං, තං මමාස්ස මුසා”ති. සො ඛො අහං රාජකුමාර, තා දෙවතා පච්චාචික්ඛාමි. හලන්ති වදාමි.
Sinhala BJTරජකුමරුවෙනි, මට තෙල සිත් වී: “මම සර්‍වප්‍රකාරයෙන් ආහාරෝපච්ඡේදයට පිළිපදනෙම් (බස්නෙම්) නම් මනා මැ නු”යි. එකල්හි රජකුමරුවෙනි, දෙවියෝ මා කරා අවුත් තෙල බස්කීහ: “නිදුකාණෙනි, තෙපි සර්‍වප්‍රකාරයෙන් ආහාරෝපච්ඡේදයට නහමක් පිළිපදුව, ඉදින් නිදුකාණෙනි, තෙපි සර්‍වප්‍රකාරයෙන් ආහාරෝපච්ඡේදයට බස්නහු නම් ඇපි තොපගේ රෝමකූපයෙන් දිව්‍යඕජස් ඇතුළු කරම්හ, එයින් තෙපි යැපෙන්නහු යැ”යි. රජකුමරුවෙනි, මට තෙල සිත් වී: “මම වනාහි සර්‍වප්‍රකාරයෙන් නො වැළඳීම පිළින කරන්නෙමි, මෙ දෙවියෝත් මාගේ රෝමකූපයෙන් දිව්‍ය ඕජස් බහලන්නාහ, එයිනිදු මම් යපෙම් නම් ඒ මාගේ මෘෂා වේ”ය යි. රජකුමරුවෙනි, මම ඒ දෙවියන් ප්‍රතික්‍ෂේප කෙරෙමි, ‘කම් නැතැ’යි කියමි.
Pali BJTතස්ස මය්හං රාජකුමාර, එතදහොසි: “යන්නූනාහං ථොකං ථොකං ආහාරං ආහාරෙය්යං පසතං පසතං, යදි වා මුග්ගයූසං යදි වා කුලත්ථයූසං, යදි වා කලායයූසං යදි වා හරෙණුකයූසන්ති. සො ඛො අහං රාජකුමාර, ථොකං ථොකං ආහාරං ආහාරෙසිං පසතං පසතං, යදි වා මුග්ගයූසං යදි වා කුලත්ථයූසං යදි වා කලායයූසං යදි වා හරෙණුකයූසං. තස්ස මය්හං රාජකුමාර, ථොකං ථොකං ආහාරං ආහාරයතො පසතං පසතං, යදි වා මුග්ගයූසං යදි වා කුලත්ථයූසං යදි වා කලායයූසං යදි වා හරෙණුකයූසං, අධිමත්තකසිමානං පත්තො කායො හොති. සෙය්යථා’පි නාම ආසීතිකපබ්බානි වා කාකපබ්බානි වා. එවමෙවස්සු මෙ අඞ්ගපච්චඞ්ගානි භවන්ති තායෙවප්පාහාරතාය. සෙය්යථා’පි නාම ඔට්ඨපදං එවමෙවස්සු මෙ ආනිසදං හොති තායෙවප්පාහාරතාය. සෙය්යථා’පි නාම වට්ටනාවලී එවමෙවස්සු මෙ පිට්ඨිකණ්ටකො උන්නතාවනතො හොති තායෙවප්පාහාරතාය. සෙය්යථා’පි නාම ජරසාලාය ගොපානසියො ඔලුග්ගවිලුග්ගා භවන්ති එවමෙවස්සු මෙ ඵාසුලියො ඔලුග්ගවිලුග්ගා භවන්ති තායෙවප්පාහාරතාය. සෙය්යථා’පි නාම ගම්භීරෙ උදපානෙ උදකතාරකා ගම්භීරගතා ඔක්ඛායිකා දිස්සන්ති, එවමෙවස්සු මෙ අක්ඛිකූපෙසු අක්ඛිතාරකා ගම්භීරගතා ඔක්ඛායිකා දිස්සන්ති තායෙවප්පාහාරතාය. සෙය්යථා’පි නාම තිත්තකාලාබු ආමකච්ඡින්නො වාතාතපෙන සම්ඵුටිතො හොති සම්මිලාතො එවමෙවස්සු මෙ සීසච්ඡවි සම්ඵුටිතා හොති සම්මිලාතා තායෙවප්පාහාරතාය. සො ඛො අහං රාජකුමාර, ‘උදරච්ඡවිං පරිමසිස්සා’මීති පිට්ඨිකණ්ටකංයෙව පරිගණ්හාමි. පිට්ඨිකණ්ටකං පරාමසිස්සාමී’ති උදරච්ඡවිංයෙව පරිගණ්හාමි. යාවස්සු මෙ රාජකුමාර, උදරච්ඡවි පිට්ඨිකණ්ටකං අල්ලීනා හොති තායෙවප්පාහාරතාය. සො ඛො අහං රාජකුමාර, ‘වච්චං වා මුත්තං වා කරිස්සාමී’ති, තත්ථෙ’ව අවකුජ්ජො පපතාමි තායෙවප්පාහාරතාය. සො ඛො අහං රාජකුමාර, ඉමමෙව කායං අස්සාසෙන්තො පාණිනා ගත්තානි අනුමජ්ජාමි. තස්ස මය්හං රාජකුමාර, පාණිනා ගත්තානි අනුමජ්ජතො පූතිමූලානි ලොමානි කායස්මා පපතන්ති තායෙවප්පාහාරතාය. අපිස්සු මං රාජකුමාර, මනුස්සා දිස්වා එවමාහංසු: ‘කාළො සමණො ගොතමො’ති, එකච්චෙ මනුස්සා එවමාහංසු: ‘න කාළො සමණො ගොතමො සාමො සමණො ගොතමො’ති. එකච්චෙ මනුස්සා එවමාහංසු: “න කාළො සමණො ගොතමො න’පි සාමො, මඞ්ගුරච්ඡවි සමණො ගොතමො’ති. යාවස්සු මෙ රාජකුමාර, තාව පරිසුද්ධො ඡවිවණ්ණො පරියොදාතො, උපහතො හොති තායෙවප්පාහාරතාය.
Sinhala BJTරජකුමරුවෙනි, මට තෙල සිත් වී: “මම මුං යුෂ වේවයි කොල්ලු යුෂ වේවයි කඩල යුෂ වේවයි මෑ යුෂ වේවයි පතක් පතක් පමණ වූ ටික ටික අහර ගන්නෙම් නම් මනා මැ නු”යි. රජකුමරුවෙනි, ඒ මම මුං යුෂ වේවයි කොල්ලු යුෂ වේවයි කඩල යුෂ වේවයි මෑ යුෂ වේවයි පතක් පතක් පමණ වූ ටික ටික අහර ගතිමි. රජකුමරුවෙනි, ඒ මම මුං යුෂ වේවයි කොල්ලු යුෂ වේවයි කඩල යුෂ වේවයි මෑ යුෂ වේවයි පතක් පතක් පමණ වූ ටික ටික අහර ගන්නා මා ගේ කය අධිමාත්‍ර කෘශත්‍වයට පැමිණියේ වෙයි. ආසීතික වැල් පුරුක් හෝ කළුවැල් පුරුක් යම්සේ ද එ මැ අල්පාහාරතායෙන් මා ගේ අඞ්ගප්‍රත්‍යඞ්ගයෝ එබඳු වෙති. ඔටුපිය යම්සේ ද, එ මැ අල්පාහාරතායෙන් මා ගේ නිසීදනමාංසය එබඳු වෙයි. කුරුඳුවැළ යම්සේ (උස්මිටි) වේ ද, එ මැ අල්පාහාරතායෙන් මා ගේ පිටකටුව (වංශාස්ථිය) එසෙයින් මැ උස්මිටි වෙයි. යම්සේ නම් දිරාගිය ශාලායෙකැ ගොනැස්හු එලුණාහු ඈත මෑත එලුණාහු වෙත් ද, එසෙයින් මැ අල්පාහාරතායෙන් මාගේ ඉළඇට එලුණාහු ඈත මෑත එලුණාහු වෙත්. යම්සේ නම් ගැඹුරු දියවළෙකැ දියතරු ගැඹුරට ගියාහු යටට පිවිසියාහු දක්නා ලැබෙත් ද, එසෙයින් මැ අල්පාහාරතායෙන් මා ගේ අක්‍ෂිකූපයන්හි ඇස්තරු ගැඹුරට ගියාහු යටට පිවිසියාහු දක්නා ලැබෙත්. යම්සේ තිත්ත ලබුපලයක් තරුණ කල්හි සිඳුනා ලද්දේ වා-අවුයෙන් මිලාන වැ හැකුළුණේ වේ ද, එසෙයින් මැ අල්පාහාරතායෙන් මා ගේ හිසසිවි මිලාන වැ හැකුළුණේ වෙයි. රජකුමරුවෙනි, ඒ මම “කුසැසිවි පරාමර්‍ෂ කෙරෙමි”යි පිටකටුව මැ (උදරසිවි හා සමග) ගනිමි. “පිටකටුව පිරිමසමි”යි උදරසිවි මැ (පිටකටුව හා සමග) ගනිමි. රජකුමරුවෙනි, එ මැ අල්පාහාරතායෙන් මැ මා ගේ උදරසිවි පිටකටුව තාක් ඇලුණේ වෙයි. රජකුමරුවෙනි, මම එ මැ අල්පාහාරතායෙන් මල කිස හෝ මූ කිස හෝ කෙරෙමි’යි එහි මැ මුහුණින් වැටෙමි. රජකුමරුවෙනි, මම මෙ මැ කය අස්වසමින් අත්ලෙන් සිරුරු අවයව පිරිමදිමි. රජකුමරුවෙනි, එ මැ අල්පාහාරතායෙන් අතින් ගාත්‍රයන් පිරිමදිනා මාගේ කයින් කුණු වූ මුල් ඇති ලෝමයෝ ගිලිහෙති. තවද රජකුමරුවෙනි, මිනිස්සු මා දැක මෙසේ කීහ: “ශ්‍රමණ ගෞතම කළුපැහැ ඇතියහ”යි. ඇතැම් මිනිස්සු මෙසේ කීහ: “ශ්‍රමණ ගෞතමයෝ කළුපැහැ නො වෙති, ශ්‍රමණ ගෞතම සම්වන්හ”යි. සමහර මිනිස්සු මෙසේ කීහ: “ශ්‍රමණගෞතමයෝ කළුපැහැ නො වෙති, නො ද සම්වන්හ, ශ්‍රමණ ගෞතම මඟුරුපැහැ ඇතියහ”යි. රජකුමරුවෙනි, මා ගේ පරිශුද්ධ වූ පර්‍ය්‍යවදාත වූ සිවිපැහැ එ මැ අල්පාහාරතායෙන් එතෙක් නටුයේ වෙයි.
Pali BJTතස්ස මය්හං රාජකුමාර, එතදහොසි: “යෙ ඛො කෙචි අතීතමද්ධානං සමණා වා බ්රාහ්මණා වා ඔපක්කමිකා දුක්ඛා තිප්පා{1} කටුකා වෙදනා වෙදියිංසු, එතාවපරමං නයිතො භිය්යො. යෙ’පි හි කෙචි අනාගතමද්ධානං සමණා වා බ්රාහ්මණා වා ඔපක්කමිකා දුක්ඛා තිප්පා කටුකා වෙදනා වෙදියිස්සන්ති, එතාවපරමං නයිතො භිය්යො. යෙ’පි හි කෙචි එතරහි සමණා වා බ්රාහ්මණා වා ඔපක්කමිකා දුක්ඛා තිප්පා කටුකා වෙදනා වෙදියන්ති, එතාව පරමං නයිතො භිය්යො. න ඛො පනා’හං ඉමාය කටුකාය දුක්කරකාරිකාය අධිගච්ඡාමි උත්තරිමනුස්සධම්මා අලමරියඤාණදස්සනවිසෙසං. සියා නුඛො අඤ්ඤො මග්ගො බොධායා’ති?
Sinhala BJTරජකුමරුවෙනි, මට තෙල සිත් වී: “අතීතකාලයෙහි යම් කිසි ශ්‍රමණ කෙනෙක් වෙත්වයි බ්‍රාහ්මණ කෙනෙක් වෙත්වයි ඖපක්‍රමික වූ තීව්‍ර කටුක දුඃඛවේදනා වින්දාහු නම්, (ඒ වේදනාව) මෙ මැ පරම කොට ඇති, මෙයින් වැඩි නො වෙයි. අනාගත කාලයෙහිදු යම්කිසි ශ්‍රමණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ ඖපක්‍රමික වූ තීව්‍ර කටුක දුඃඛවේදනා විඳින්නාහු නම්, මෙ මැ පරම කොට ඇති, මෙයින් වැඩි නො වෙයි. මෙ කල්හිදු යම්කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ ඖපක්‍රමික වූ තීව්‍ර කටුක දුඃඛවේදනා විඳිත් නම්, මේ මැ පරම කොට ඇති, මෙයින් වැඩි නො වෙයි. මම් වැළිත් මේ කටුක වූ දුෂ්කර ක්‍රියායෙන් මනුෂ්‍ය ධර්‍මයෙන් මතුයෙහි ආර්‍ය්‍යභාවයට සමර්‍ත්‍ථ ඥානදර්‍ශනවිශේෂයක් නො ලබමි. සම්බෝධයට අනෙක් මාර්‍ගයෙක් ඇද්දැ’යි.
Pali BJTතස්ස මය්හං රාජකුමාර, එතදහොසි: “අභිජානාමි, ඛො පනා’හං පිතු සක්කස්ස කම්මන්තෙ සීතාය ජම්බුච්ඡායාය නිසින්නො විවිච්චෙව කාමෙහි විවිච්ච අකුසලෙහි ධම්මෙහි සවිතක්කං සවිචාරං විවෙකජං පීතිසුඛං පඨමං ඣානං උපසම්පජ්ජ විහරිතා. සියා නු ඛො එසො මග්ගො බොධායා’ති? තස්ස මය්හං රාජකුමාර, සතානුසාරී විඤ්ඤාණං අහොසි: “එසො’ව මග්ගො බොධායා”ති. තස්ස මය්හං රාජකුමාර, එතදහොසි: “කින්නු ඛො අහං තස්ස සුඛස්ස භායාමි, යං තං සුඛං අඤ්ඤත්රෙ’ව කාමෙහි අඤ්ඤත්ර අකුසලෙහි ධම්මෙහී”ති. තස්ස මය්හං රාජකුමාර, එතදහොසි: “න ඛො අහං තස්ස සුඛස්ස භායාමි, යං තං සුඛං අඤ්ඤත්රෙ’ව කාමෙහි අඤ්ඤත්ර අකුසලෙහි ධම්මෙහී”ති.
Sinhala BJTරජකුමරුවෙනි, මට තෙල සිත් වී: “මම වනාහි පිතෘශාක්‍යයන්ගේ කමත්හි සිහිල් දඹසෙවණෙහි හුන්නෙම් කාමයෙන් වෙන් වැ මැ අකුශලධර්‍මයන් වෙන් වැ විතර්‍ක සහිත වූ විචාර සහිත වූ විවේකයෙන් උපන් ප්‍රීතිසුඛය ඇති ප්‍රථමධ්‍යානය උපදවා වාස කෙළෙම් දනිම් මැ යැ, තෙලෙ සම්බෝධයට මාර්‍ග වන්නේ දැ?යි. රජකුමරුවෙනි, මට සතානුසාරි (සිහිය අනුව යන) විඥානය පහළ විය: තෙලෙ මැ සම්බෝධයට මාර්‍ග වේ යැ”යි. රජකුමරුවෙනි, මට තෙල සිත් වී: “කිමෙක් ද මම කාමයෙන් වෙන් වැ මැ අකුශල ධර්‍මයෙන් වෙන් වැ මැ යම් සුඛයෙක් වේ නම් මම ඒ සුඛයට බිය වෙම්දැ”යි. රජකුමරුවෙනි, ඒ මට තෙල සිත් වී: “කාමයෙන් වෙන් වැ මැ අකුශල ධර්‍මයෙන් වෙන් වැ මැ යම් සුඛයෙක් වේ නම් මම ඒ සුඛයට බිය නො වෙම් මැ”යි.
Pali BJTතස්ස මය්හං රාජකුමාර, එතදහොසි: “න ඛො තං සුකරං සුඛං අධිගන්තුං එවං අධිමත්තකසිමානං පත්තකායෙන. යන්නූනාහං ඔළාරිකං ආහාරං ආහාරෙය්යං ඔදනකුම්මාසන්ති. යො ඛො අහං රාජකුමාර, ඔළාරිකං ආහාරං ආහාරෙසිං ඔදනකුම්මාසං. තෙන ඛො පන මං රාජකුමාර, සමයෙන පඤ්චවග්ගියා භික්ඛූ පච්චුපට්ඨිතා හොන්ති: “යං ඛො සමණො ගොතමො ධම්මං අධිගමිස්සති තං නො ආරොචෙස්සතී”ති. යතො ඛො අහං රාජකුමාර, ඔළාරිකං ආහාරං ආහාරෙසිං ඔදනකුම්මාසං. අථ මෙ තෙ පඤ්චවග්ගියා භික්ඛූ නිබ්බිජ්ජ පක්කමිංසු “බාහුලිකො{2} සමණො ගොතමො පධානවිබ්භන්තො ආවත්තො බාහුල්ලායා”ති.
Sinhala BJTරජකුමරුවෙනි, මට තෙල සිත් වී: “මෙසේ අධිමාත්‍ර කෘශභාවයට ගිය කයින් ඒ සුඛය ලබන්නට සුකර නො වෙයි. මම ඕදනකුල්මාෂ ඕළාරික අහර වළඳන්නෙම් නම් මනා මැ නු”යි. රජකුමරුවෙනි, මම හක්තකුල්මාෂ සඞ්ඛ්‍යාත ඕළාරික අහර වැළඳූයෙමි. රජකුමරුවෙනි, එසමයෙහි පස්වග මහණහු ‘මහණ ගොයුම්හු යම් දහමක් අධිගම කෙරෙත් ද එ දහම් අපට පවසති’යි මට උවටැන් කළාහු වෙති. රජකුමරුවෙනි, යම් දිනෙකැ මම හක්තකුල්මාෂ සඞ්ඛ්‍යාත ඕළාරික අහර වැළඳූයෙම් ද එකල ඒ පස්වග මහණහු මට කලකිරී නික්ම ගියහ. “මහණ ගොයුම්හු බාහුලිකයහ; ප්‍රධනින් ගිලිහුණහ, ප්‍රත්‍යබාහුල්‍යයට වැටුණහ”යි කියා යි.
Pali BJTසො ඛො අහං රාජකුමාර, ඔළාරිකං ආහාරං ආහාරෙත්වා බලං ගහෙත්වා විවිච්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහාසිං. විතක්කවිචාරානං වූපසමා -පෙ- දුතියං ඣානං -පෙ- තතියං ඣානං -පෙ- චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහාසිං. සො එවං සමාහිතෙ චිත්තෙ පරිසුද්ධෙ පරියොදාතෙ අනඞ්ගණෙ විගතූපක්කිලෙසෙ මුදුභූතෙ කම්මනියෙ ඨිතෙ ආනෙඤ්ජප්පත්තෙ පුබ්බෙනිවාසානුස්සතිඤාණාය චිත්තං අභිනින්නාමෙසිං. සො අනෙකවිහිතං පුබ්බෙනිවාසං අනුස්සරාමි, සෙය්යථීදං{3} එකම්පි ජාතිං, ද්වෙ’පි ජාතියො -පෙ- ඉති සාකාරං සඋද්දෙසං අනෙකවිහිතං පුබ්බෙනිවාසං අනුස්සරාමි. අයං ඛො මෙ රාජකුමාර, රත්තියා පඨමෙ යාමෙ පඨමා විජ්ජා අධිගතා අවිජ්ජා විහතා, විජ්ජා උප්පන්නා, තමො විහතො, ආලොකො උප්පන්නො, යථා තං අප්පමත්තස්ස ආතාපිනො පහිතත්තස්ස විහරතො.
Sinhala BJTරජකුමරුවෙනි, මම ඕළාරික අහර වළඳා කායබලය ගෙන කාමයෙන් වෙන් වැ මැ ... ප්‍රථමධ්‍යාන උපයා විසීමි. විතර්‍කවිචාරයන්ගේ ව්‍යුපශමයෙන් ... ද්විතීයධ්‍යානය ... තෘතීයධ්‍යානය ... චතුර්‍ත්‍ථධ්‍යානය උපයා ගෙන විසීමි. මම මෙසේ සමාහිත චිත්තය පරිශුද්ධ වැ පර්‍ය්‍යවදාත වැ අනඞ්ගණ වැ විගතෝපක්ලේශ වැ මෘදුභූත වැ කර්‍මණ්‍ය වැ ස්ථිත වැ නිශ්චලප්‍රාප්ත වැ සිටි කල්හි ඒ සිත පූර්වේනිවාසානුස්මෘතිඥානය පිණිස නතු කෙළෙමි. මම අනේකවිධ පූර්වේනිවාසය සිහි කරමි. ඒ කෙසේ යැ යත්: එක් ජාතියකුදු දෙජාතියකුදු ... මෙසේ සාකාර සොද්දේශ අනේකප්‍රකාර පූර්වේනිවාසය සිහි කෙරෙමි. රජකුමරුවෙනි, මා විසින් රැය පළමු යම්හි මේ පළමු විද්‍යාව අධිගත යැ, අවිද්‍යා විහත විය, විද්‍යා උපන, තමස විහත විය, ආලොකය උපන, අප්‍රමත්ත වැ කෙලෙස් තවන වැර ඇති වැ කායජීවිත නිරපේක්‍ෂක වැ වසන්නක්හට යම්සේ වේ ද එසෙයිනි.
Pali BJTසො එවං සමාහිතෙ චිත්තෙ පරිසුද්ධෙ පරියොදාතෙ අනඞ්ගණෙ විගතූපක්කිලෙසෙ මුදුභූතෙ කම්මනියෙ ඨිතෙ ආනෙඤ්ජප්පත්තෙ සත්තානං චුතූපපාතඤාණාය චිත්තං අභිනින්නාමෙසිං. සො දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන අතික්කන්තමානුසකෙන සත්තෙ පස්සාමි, චවමානෙ උපපජ්ජමානෙ හීනෙ පණීතෙ සුවණ්ණෙ දුබ්බණ්ණෙ සුගතෙ දුග්ගතෙ යථාකම්මූපගෙ සත්තෙ පජානාමි -පෙ- අයං ඛො මෙ රාජකුමාර, රත්තියා මජ්ඣිමෙ යාමෙ දුතියා විජ්ජා අධිගතා, අවිජ්ජා විහතා, විජ්ජා උප්පන්නා, තමො විහතො, ආලොකො උප්පන්නො, යථා තං අප්පමත්තස්ස ආතාපිනො පහිතත්තස්ස විහරතො.
Sinhala BJTමම මෙසේ පරිශුද්ධ, පර්‍ය්‍යවදාත, අනඞ්ගණ, විගතෝපක්ලේශ, මෘදුභූත, කර්‍මක්‍ෂම, ස්ථිත නිශ්චලප්‍රාප්ත සමාධිගත චිත්තය ඇති වත් මැ එ සිත සත්ත්‍වයන් ගේ චුතූපපාත ඤාණය පිණිස නතු කෙළෙමි. මම පිරිසුදු වූ මිනිසැස ඉක්ම සිටි දිවැසින් ච්‍යුත වන උපදනා හීන ප්‍රණීත සුවර්‍ණ දුර්වර්‍ණ සුගත දුර්‍ගත සත්ත්‍වයන් දක්මි. කම් වූ පරිදි ගිය සතුන් දන්මි ... රජකුමරුවෙනි, මා විසින් රැය මැදුම් යමැ මේ දෙවන විද්‍යා අධිගත විය, අවිද්‍යා විහත විය, විද්‍යා උපන, තමස විහත විය, ආලොකය උපන. අප්‍රමත්ත වැ ආතාපන වීර්‍ය්‍යය ඇති වැ නිවන් පිණිස මෙහෙයූ සිත් ඇති වැ වාස කරන යෝගාවචරයක්හට යම්සේ වේ ද එසෙයිනි.
Pali BJTසො එවං සමාහිතෙ චිත්තෙ පරිසුද්ධෙ පරියොදාතෙ අනඞ්ගණෙ විගතූපක්කිලෙසෙ මුදුභූතෙ කම්මනියෙ ඨිතෙ ආනෙඤ්ජප්පත්තෙ ආසවානං ඛයඤාණාය චිත්තං අභිනින්නාමෙසිං. සො ‘ඉදං දුක්ඛ’න්ති යථාභූතං අබ්භඤ්ඤාසිං -පෙ- ‘අයං දුක්ඛනිරොධගාමිනී පටිපදා’ති යථාභූතං අබ්භඤ්ඤාසිං. ‘ඉමෙ ආසවා’ති යථාභූතං අබ්භඤ්ඤාසිං -පෙ- ‘අයං ආසවනිරොධගාමිනී පටිපදා’ති යථාභූතං අබ්භඤ්ඤාසිං. තස්ස මෙ එවං ජානතො එවං පස්සතො කාමාසවා’පි චිත්තං විමුච්චිත්ථ, භවාසවා’පි චිත්තං විමුච්චිත්ථ, අවිජ්ජාසවා’පි චිත්තං විමුච්චිත්ථ. විමුත්තස්මිං විමුත්තමිති ඤාණං අහොසි. ඛීණා ජාති වුසිතං බ්රහ්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්ථත්තායා’ති අබ්භඤ්ඤාසිං. අයං ඛො මෙ රාජකුමාර, රත්තියා පච්ඡිමෙ යාමෙ තතියා විජ්ජා අධිගතා, අවිජ්ජා විහතා, විජ්ජා උප්පන්නා, තමො විහතො, ආලොකො උප්පන්නො, යථා තං අප්පමත්තස්ස ආතාපිනො පහිතත්තස්ස විහරතො.
Sinhala BJTමෙසේ මම සමාධිගත සිත පිරිසුදු වැ ප්‍රභාස්වර වැ නිරඞ්ගණ වැ පහ වූ උපක්ලේශ ඇති වැ මොළොක් වැ කර්‍මාර්‍හ වැ ස්ථිත වැ නිසල බවට පැමිණ සිටි කල්හි ආස්‍රවක්‍ෂයඥානය පිණිස සිත නතු කෙළෙමි. මම ‘මෙ දුක යැ’යි යථාභූතය දත්මි ... ‘මේ දුඃඛනිරෝධගාමිනී ප්‍රතිපත් යැ’යි යථාභූතය දත්මි. ‘මොහු ආස්‍රවයහ’යි යථාභූතය දත්මි … ‘මේ ආස්‍රවනිරෝධගාමිනී ප්‍රතිපත් යැ’යි යථාභූතය දත්මි. මෙසේ දන්නා මෙසේ දක්නා මා ගේ සිත කාමාස්‍රවයෙනුදු මිදිණි. සිත භවාස්‍රවයෙනුදු මිදිණි. සිත අවිද්‍යාස්‍රවයෙනුදු මිදිණි. මිදුත් මැ ‘මිදිණැ’යි නුවණ විය. ජාති ක්‍ෂීණ විය. බඹසරවස් වැසිණ, කරණී කරන ලදී. මේ රහත් බවට කටයුතු අන් කිසෙක් නැතැ’යි දනිමි. රජකුමරුවෙනි, මා විසින් රැය පැසුළු යමැ මේ තෙවන විද්‍යා අධිගත වූ යැ. අවිද්‍යා විහත වූ යැ, විද්‍යා උපන, තමස විහත වී, ආලොකය උපන. නො පමා වැ කෙලෙස් තවන වැර ඇති වැ නිවන් පිණිස මෙහෙයූ සිත් ඇති වැ වාස කරන යෝගාවචරයක්හට යම්සේ වේ ද එසෙයිනි.
Pali BJTතස්ස මය්හං රාජකුමාර, එතදහොසි: “අධිගතො ඛො ම්යායං ධම්මො ගම්භීරො දුද්දසො දුරනුබොධො සන්තො පණීතො අතක්කාවචරො නිපුණො පණ්ඩිතවෙදනීයො. ආලයරාමා ඛො පනා’යං පජා ආලයරතා ආලයසම්මුදිතා. ආලයරාමාය ඛො පන පජාය ආලයරතාය ආලයසම්මුදිතාය දුද්දසං ඉදං ඨානං යදිදං ඉදප්පච්චයතා පටිච්චසමුප්පාදො. ඉදම්පි ඛො ඨානං දුද්දසං යදිදං සබ්බසඞ්ඛාරසමථො සබ්බූපධිපටිනිස්සග්ගො තණ්හක්ඛයො විරාගො නිරොධො නිබ්බානං. අහඤ්චෙ’ව ඛො පන ධම්මං දෙසෙය්යං පරෙ ච මෙ න ආජානෙය්යුං, සො මමස්ස කිලමථො, සා මමස්ස විහෙසා”ති. අපිස්සු මං රාජකුමාර, ඉමා අනච්ඡරියා ගාථා{1} පටිභංසු පුබ්බෙ අස්සුතපුබ්බා.
Sinhala BJTරජකුමරුවෙනි, මට තෙල සිත් වී: “මා විසින් ගැඹුරු වූ එයින් මැ දුර්දර්‍ශ වූ දුකින් අවබෝධ කළයුතු වූ ශාන්ත වූ ප්‍රණීත වූ තර්‍කාවචර නො වූ සියුම් වූ පණ්ඩිතයන් විසින් දතයුතු වූ මේ චතුස්සත්‍ය ධර්‍මය අවබෝධය කරන ලදී. මේ සත්ත්‍වාඛ්‍ය ප්‍රජාව (අෂ්ටශත තෘෂ්ණාවිචරිත සඞ්ඛ්‍යාත) ආලයෙන් රමණය කෙරෙති, ආලයෙහි ඇලුණහ, ආලයෙහි ප්‍රමුදිතයහ. ආලයෙන් රමණය කරන, ආලයෙහි ඇලුණු, ආලයෙහි ප්‍රමුදිත ප්‍රජාව විසින් මෙ කරුණ ද නො දැක්ක හැකි යැ: යම් ඉදම්ප්‍රත්‍යයතාප්‍රතීත්‍යසමුපාදයෙක් ඇද්ද එය යි. තෙල කරුණ ද නො දැක්ක හැකි යැ: යම් සර්‍වසංස්කාරයන් සංහිඳුවන සියලු උපධි නෙරන සියලු තෘෂ්ණා ක්‍ෂය කරන සියලු ක්ලේශරාගයෙන් මිදී සිටින හැම දුක් නිරුද්ධ කරන සැහැවි ඇති නිවනෙක් ඇද්ද එය යි. මම ද දහම් දෙසම් නම් පරහු එ දහම් නො දැන ගන්නාහු නම් ඒ මට කාය ක්ලමථු වෙයි. ඒ මට වෙහෙසක් වේ? යැ කියා යි. තවද රජකුමරුවෙනි, මට පුනපුනා අසිරියට කරුණු වූ පෙර නො ඇසූවිරූ මේ ගාථාවෝ වැටහුණහ:
Pali BJT“කිච්ඡෙන මෙ අධිගතං හලං දානි පකාසිතුං රාගදොසපරෙතෙහි නා’යං ධම්මො සුසම්බුධො පටිසොතගාමිං නිපුණං ගම්භීරං දුද්දසං අණුං රාගරත්තා න දක්ඛින්ති{2} තමොඛන්ධෙන ආවටා{3}” ති.
Sinhala BJT“මා විසින් දුකසේ අධිගත චතුස්සත්‍ය ධර්‍මය දැන් පවසනුවට කම් නැත. රාදොස් දෙකින් පහළවුන් විසින් මේ සිව්සස් දහම් මොනොවට අවබෝධ නො කළ හැක්ක. නිත්‍යාදීන්ට පිළිලොම් මඟ යන සියුම් ගැඹුරු නො දැක්ක හෙන අණුතර වූ මෙ දහම මොහඳුරුකඳින් ආවෘත වූ කාමරාගාදීන් රක්ත ජනයෝ නො දක්නාහ”යි.
Pali BJTඉතිහ මෙ රාජකුමාර, පටිසංචික්ඛතො අප්පොස්සුක්කතාය චිත්තං නමති නො ධම්මදෙසනාය.
Sinhala BJTරජකුමරුවෙනි, මෙසේ සලකන මාගේ සිත නිරීහ බවට නැමෙයි, දහම් දෙසනුවට නො නැමෙයි.
Pali BJTඅථ ඛො රාජකුමාර, බ්රහ්මුනො සහම්පතිස්ස මම චෙතසා චෙතොපරිවිතක්කමඤ්ඤාය එතදහොසි: “නස්සති වත භො ලොකො, විනස්සති වත භො ලොකො. යත්ර හි නාම තථාගතස්ස අරහතො සම්මාසම්බුද්ධස්ස අප්පොස්සුක්කතාය චිත්තං නමති නො ධම්මදෙසනායා”ති. අථ ඛො රාජකුමාර, බ්රහ්මා සහම්පති සෙය්යථා’පි නාම බලවා පුරිසො සම්මිඤ්ජිතං{1} වා බාහං පසාරෙය්ය, පසාරිතං වා බාහං සම්මිඤ්ජෙය්ය{2}, එවමෙව බ්රහ්මලොකෙ අන්තරහිතො මම පුරතො පාතුරහොසි. අථ ඛො රාජකුමාර, බ්රහ්මා සහම්පති එකංසං උත්තරාසඞ්ගං කරිත්වා යෙනා’හං තෙනඤ්ජලිං පණාමෙත්වා මං එතදවොච: දෙසෙතු භන්තෙ භගවා ධම්මං, දෙසෙතු සුගතො ධම්මං. සන්ති සත්තා අප්පරජක්ඛජාතිකා අස්සවණතා ධම්මස්ස පරිහායන්ති. භවිස්සන්ති ධම්මස්ස අඤ්ඤාතාරො”ති . ඉදමවොච රාජකුමාර, බ්රහ්මා සහම්පති. ඉදං වත්වා අථාපරං එතදවොච:
Sinhala BJTඑසඳ රජකුමරුවෙනි, සහම්පතී මහබඹහට ඔහු සිතින් මා ගේ චිත්තපරිවිතර්‍කය දැන තෙල සිත් පහළ වී: “භවත්නි, ලෝකය නස්නේ මැ යැ. භවත්නි, ලෝකය වෙසෙසින් නස්නේ මැ යැ. යම් ලොවෙකැ අර්‍හත් සම්‍යක් සම්බුද්ධ තථාගතයන් වහන්සේ ගේ සිත නිරීහ බවට නැමේ ද, දහම් දෙසනුවට නො නැමේ ද, එහෙයිනි”යි. එසඳ රජකුමරුවෙනි, සහම්පතී බඹ යම් පරිදි බලවත් පුරුෂයෙක් වක්කළ අත් දිගු කරන්නේ වේ ද, දිගු කළ අත් හෝ වක් කරන්නේ වේ ද, එ පරිදි මැ බඹලොව අතුරුදහන් කොට මා හමුයෙහි පහළ වී. එසඳ රජකුමරුවෙනි, සහම්පතී බඹ උතුරුසඟ එකස් කොට මා වෙත ඇඳිලි බැඳ මට තෙල බස් කී: “වහන්ස, භගවත්හු දහම් දෙසත්වා, සුගතයෝ දහම් දෙසත්වා, අල්පරජස්ක සැහැවි ඇති සත්ත්‍වයෝ ඇත. දහම් නො අසන බැවින් පිරිහෙති. දහම් දත හෙන්නාහු ඇතැ”යි. රජකුමරුවෙනි, සහම්පතී බඹ මෙ බස් කී. මෙ බස් කියා වැළි තෙල අන් ගයකුදු කී යැ:
Pali BJT“පාතුරහොසි මගධෙසු පුබ්බෙ ධම්මො අසුද්ධො සමලෙහි චින්තිතොඅවාපුරෙතං{3} අමතස්ස ද්වාරං සුණන්තු ධම්මං විමලෙනානුබුද්ධං.
Sinhala BJT“පෙර මගධ දනව්වැසියන් කෙරෙහි සමල ෂට්ශාස්තෲන් සිතූ අශුද්ධ වූ මිථ්‍යාදෘෂ්ටිධර්‍මයෙක් පහළ වී. එහෙයින් අමෘතද්වාර වූ තෙල ආර්‍ය්‍යයමාර්‍ගය විවර කළ මැනැව. විමල සම්‍යක් සම්බුද්ධයන් විසින් නුවණින් අවබෝධ කළ චතුස්සත්‍යධර්‍මය අසත්වා.
Pali BJTසෙලෙ යථා පබ්බතමුද්ධනිට්ඨිතො යථා’පි පස්සෙ ජනතං සමන්තතො තථූපමං ධම්මමයං සුමෙධපාසාද මාරුය්හ සමන්තචක්ඛු සොකාවතිණ්ණං{4} ජනතමපෙතසොකො අවෙක්ඛස්සු ජාතිජරාභිභූතං
Sinhala BJTශෛලමය ඒකඝන පර්‍වතශිඛරයෙක්හි සිටියෙක් යථාස්ථිත වූ පව්ව වට සිටි ජනතාව යම්සේ දක්නේ වේ ද, ප්‍රශස්තබුද්ධි ඇති සමතැස් මුනිඳුනි, ශෛලපර්‍වතෝපම වූ ධර්‍මසඞ්ඛ්‍යාත ප්‍රාසාදයට නැඟී විගතශෝක වූ මොබ ශෝකාවතීර්ණ වූ ජාතිජරාභිභූත වූත් ජනතාව බලන සේක්වා.
Pali BJTඋට්ඨෙහි වීර විජිතසඞ්ගාම සත්ථවාහ අනණ{5} විචර ලොකෙ දෙසස්සු{6} භගවා ධම්මං අඤ්ඤාතාරො භවිස්සන්තී”ති.
Sinhala BJTමහාවීරායාණෙනි, දුනු මාරසඞ්ග්‍රාම ඇතියාණෙනි, සාර්‍ත්‍ථවාහකයාණෙනි, කාමච්ඡන්‍දඍණ රහිතයාණෙනි, නැඟී සිටිනු මැනැව, ලෝකයෙහි සැරිසරනු මැනැව, භගවත් ගොයුම්ගොතුව, දහම් දෙසන සේක්වා; දහම් දැනගන්නාහු ඇතැ”යි.
Pali BJTඅථ ඛ්වාහං රාජකුමාර, බ්රහ්මුනො ච අජ්ඣෙසනං විදිත්වා සත්තෙසු ච කාරුඤ්ඤතං පටිච්ච බුද්ධචක්ඛුනා ලොකං ඔලොකෙසිං. අද්දසං ඛො අහං රාජකුමාර, බුද්ධචක්ඛුනා ලොකං වොලොකෙන්තො සත්තෙ අප්පරජක්ඛෙ මහාරජක්ඛෙ තික්ඛින්ද්රියෙ මුදින්ද්රියෙ ස්වාකාරෙ සුවිඤ්ඤාපයෙ{7} අප්පෙකච්චෙ පරලොකවජ්ජභයදස්සාවිනො{8} විහරන්තෙ. සෙය්යථා’පි නාම උප්පලිනියං වා පදුමිනියං වා පුණ්ඩරීකිනියං වා අප්පෙකච්චානි උප්පලානි වා පදුමානි වා පුණ්ඩරීකානි වා උදකෙ ජාතානි උදකෙ සංවද්ධානි උදකානුග්ගතානි අන්තො නිමුග්ගපොසීනී{9} අප්පෙකච්චානි උප්පලානි වා පදුමානි වා පුණ්ඩරීකානි වා උදකෙ ජාතානි උදකෙ සංවද්ධානි සමොදකං ඨිතානි. අප්පෙකච්චානි උප්පලානි වා පදුමානි වා පුණ්ඩරීකානි වා උදකෙ ජාතානි උදකෙ සංවද්ධානි උදකා අච්චුග්ගම්ම තිට්ඨන්ති අනුපලිත්තානි උදකෙන, එවමෙව ඛො අහං
Sinhala BJTඉක‍්බිති රජකුමරුවෙනි, මම මහබඹහු ගේ අධෙෂණය පිළිගෙන සතුන් කෙරෙහිදු කරුණාව පිණිස බුදු ඇසින් ලොව බැලූයෙමි. රජකුමරුවෙනි, මම බුදු ඇසින් ලොව බලනුයෙම් අල්ප වූ රාගාදි රජස් ඇති මහත් වූ රාගාදි රජස් ඇති තියුණු වූ ශ්‍රද්ධාදි ඉඳුරන් ඇති මෘදු වූ ශ්‍රද්ධාදි ඉඳුරන් ඇති සුන්‍දර වූ ශ්‍රද්ධාදි ආකාර ඇති සුවසේ අවබෝධ කරවාලිය හෙන පරලොව හා වරද භය විසින් දක්නාසුලු වැ වසන කිසි සත්ත්‍ව කෙනකුන් දිටිමි. යම් පරිදි උපුල් වෙනෙහි වේවයි පියුම් වෙනෙහි වේවයි හෙළපියුම් වෙනෙහි වේවයි ඇතැම් උපුලන් හා පියුම්හු හෝ හෙළ පියුම්හු හෝ දියෙහි සඤ්ජාත වැ දියෙහි සංවර්ධිත වැ දියෙන් නො නැංගාහු දිය තුළ ගැලී පුස්නාහු ඇද්ද, ඇතැම් උපුලන් හා පියුම්හු හෝ හෙළ පියුම්හු හෝ දියෙහි සඤ්ජාත වැ දියෙහි සංවර්ධිත වැ සමෝදක වැ සිටියාහු ඇද්ද, ඇතැම් උපුලන් හා පියුම්හු හෝ හෙළ පියුම්හු හෝ දියෙහි සඤ්ජාත වැ දියෙහි සංවර්ධිත වැ දියතෙලෙන් පැන නැඟී දියෙන් අනුපලිප්ත වැ සිටිනාහු ඇද්ද, එ පරිදි මැ රජකුමරුවෙනි,
Pali BJTරාජකුමාර, බුද්ධචක්ඛුනා ලොකං වොලොකෙන්තො අද්දසං සත්තෙ අප්පරජක්ඛෙ මහාරජක්ඛෙ තික්ඛින්ද්රියෙ මුදින්ද්රියෙ ස්වාකාරෙ සුවිඤ්ඤාපයෙ අප්පෙකච්චෙ පරලොකවජ්ජභයදස්සාවිනො විහරන්තෙ, අථ ඛ්වාහං රාජකුමාර, බ්රහ්මානං සහම්පතිං ගාථාය පච්චභාසිං:
Sinhala BJTමම බුදු ඇසින් ලොව බලනුයෙම් අල්පරජස්ක වූත් මහාරජස්ක වූත් තීක්‍ෂෙණන්‍ද්‍රිය වූත් මෘද්වින්‍ද්‍රිය වූත් ස්වාකාර වූත් සුවිඥාපය වූත් පරලෝක හා වද්‍ය භය විසින් දක්නාසුලු වැ වසනා වූත් කිසි සත්ත්‍ව කෙනකුන් දිටිමි. ඉක්බිති රජකුමරුවෙනි, මම සහම්පතී බඹහට ගාථායෙන් පිළිවදන් විසින් කීමි:
Pali BJT“අපාරුතා තෙසං අමතස්ස ද්වාරා යෙ සොතවන්තො පමුඤ්චන්තු සද්ධං විහිංසසඤ්ඤී පගුණං න භාසිංධ ම්මං පනෙතං මනුජෙසු බ්රහ්මෙ”ති.
Sinhala BJT“බ්‍රහ්මයෙනි, ඒ අල්පරජස්කාදි සත්ත්‍වයනට අමෘතද්වාර වූ ආර්‍ය්‍යයමාර්‍ගයෝ විවෘතයහ, යම් කෙනෙක් කන් ඇත්තාහු නම් ඔහු සැදැහැ මුදත්වා, කායවාක් ක්ලමථු සංඥා ඇති වැ සියුම් වූත් තෙල උතුම් දහම මිනිසුන් කෙරෙහි නො කීමි”යි.
Pali BJTඅථ ඛො රාජකුමාර, බ්රහ්මා සහම්පති “කතාවකාසො ඛොම්හි භගවතා ධම්මදෙසනායා”ති මං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා තත්ථෙවන්තරධායි.
Sinhala BJTඉක්බිති රජකුමරුවෙනි, සහම්පති මහබඹ ‘භගවත්හු විසින් ධර්‍මදේශනා පිණිස කළ අවකාශ ඇතියෙම් වෙමි’යි මා සකසා වැඳ පැදකුණු කොට එහි මැ අතුරුදහන් කෙළේ’යි.
Pali BJTතස්ස මය්හං රාජකුමාර, එතදහොසි: “කස්ස නු ඛො අහං පඨමං ධම්මං දෙසෙය්යං, කො ඉමං ධම්මං ඛිප්පමෙව ආජානිස්සතී’ති. තස්ස මය්හං රාජකුමාර, එතදහොසි: “අයං ඛො ආළාරො කාලාමො පණ්ඩිතො බ්යත්තො මෙධාවී දීඝරත්තං අප්පරජක්ඛජාතිකො. යන්නූනා”හං ආළාරස්ස කාලාමස්ස පඨමං ධම්මං දෙසෙය්යං, සො ඉමං ධම්මං ඛිප්පමෙව ආජානිස්සතී”ති. අථ ඛො මං රාජකුමාර, දෙවතා උපසඞ්කමිත්වා එතදවොච: “සත්තාහකාලකතො{1} භන්තෙ, ආළාරො කාලාමො”ති. ඤාණඤ්ච පන මෙ දස්සනං උදපාදි: “සත්තාහකාලකතො ආළාරො කාලාමො”ති. තස්ස මය්හං රාජකුමාර, එතදහොසි: “මහාජානියො ඛො ආළාරො කාලාමො. සචෙ හි සො ඉමං ධම්මං සුණෙය්ය, ඛිප්පමෙව ආජානෙය්යා”ති.
Sinhala BJTරජකුමරුවෙනි, මට තෙල සිත් වී: “කවරක්හට මම් පළමු වැ දහම් දෙසම් ද, කවරෙක් මෙ දහම වෙලෙවි වැ දැනගන්නේ දැ?”යි. රජකුමරුවෙනි, මට තෙල සිත් වී: මේ ආළාර කාලාම තවුස් පණ්ඩිත යැ, ව්‍යක්ත යැ, නුවණැත්තේ යැ, දිගුකලක් අල්පරජස්ක සැහැවි ඇතියේ යි. මම ආළාරකලම්හට පළමු වැ දහම් දෙසන්නෙම් නම් මැනැව, හෙ දහම වෙලෙවි වැ දැනගන්නේ යැ”යි. දෙවියෙක් මා කරා එළැඹ තෙල බස් කී: “වහන්ස, ආළාරකාලාම කලුරිය කළ සත්දවස් ඇතියේ යැ”යි. මට වැළිත් “ආළාරකාලාම කලුරිය කළ සත්දවස් ඇතියේ යැ”යි. ඥානදර්‍ශනය ද උපන. රජකුමරුවෙනි, මට තෙල සිත් වී: “ආළාරකාලාම මහත් හානි ඇතියේ යැ, ඉදින් හේ මෙ දහම අසා නම් වහා මැ දැනගන්නේ යැ”යි.
Pali BJTතස්ස මය්හං රාජකුමාර, එතදහොසි: “කස්ස නු ඛො අහං පඨමං ධම්මං දෙසෙය්යං, කො ඉමං ධම්මං ඛිප්පමෙව ආජානිස්සතී’ති. තස්ස මය්හං, රාජකුමාර, එතදහොසි: “අයං ඛො උද්දකො{2} රාමපුත්තො පණ්ඩිතො බ්යත්තො මෙධාවී දීඝරත්තං අප්පරජක්ඛජාතිකො. යන්නූනාහං උද්දකස්ස රාමපුත්තස්ස පඨමං ධම්මං දෙසෙය්යං. සො ඉමං ධම්මං ඛිප්පමෙව ආජානිස්සතී”ති. අථ ඛො මං රාජකුමාර දෙවතා උපසඞ්කමිත්වා එතදවොච: “අභිදොසකාලකතො{1} භන්තෙ උද්දකො රාමපුත්තො”ති. ඤාණඤ්ච පන මෙ දස්සනං උදපාදී: “අභිදොසකාලකතො උද්දකො රාමපුත්තො”ති. තස්ස මය්හං රාජකුමාර එතදහොසි: “මහාජානියො ඛො උද්දකො රාමපුත්තො. සචෙ හි සො ඉමං ධම්මං සුණෙය්ය, ඛිප්පමෙව ආජානෙය්යා”ති.
Sinhala BJTරජකුමරුවෙනි, මට තෙල සිත් වී: “මම පළමු මැ කවරක්හට දහම් දෙසම් ද, කවරෙක් මෙ දහම වහා මැ දැනගන්නේ වේ දැ”යි. රජකුමරුවෙනි, මට තෙල සිත් වී: “රාමපුත්‍ර වූ උද්දක තවුස් පාණ්ඩිත්‍යයෙන් සමන්‍වාගත යැ, ව්‍යක්තභාවයෙන් සමන්‍වාගත යැ, ස්ථානෝත්පත්තික ප්‍රඥායෙන් සමන්‍වාගත යැ, නිෂ්ක්ලේශප්‍රකාර ඇත්තේ යැ, මම රාමපුත්‍ර උද්දක තවුස් හට පළමු කොට දහම් දෙසම් නම් මැනැව. හේ මෙ දහම වහාම දැනගන්නේ යැ”යි. රජකුමරුවෙනි, එසඳ මා කරා දෙවියෙක් පැමිණ තෙල කී: “වහන්ස, උද්දකරාමපුත්‍ර තවුස් අර්‍ධරාත්‍රියෙහි කලුරිය කළැ”යි. මට ද සර්‍වඥතාඥානය පහළ විය: “උද්දකරාමපුත්‍ර තවුස් මැදිරැය කලුරිය කළැ”යි කියා යි. රජකුමරුවෙනි, මට තෙල සිත් වී: “උද්දකරාමපුත්‍ර තවුස් මහපිරිහිණක් ඇතියෙක, ඉදින් හේ මෙ දහම අසා නම් වහා මැ දැනගන්නේ යැ”යි.
Pali BJTතස්ස මය්හං රාජකුමාර, එතදහොසි: “කස්ස නු ඛො අහං පඨමං ධම්මං දෙසෙය්යං, කො ඉමං ධම්මං ඛිප්පමෙව ආජානිස්සතී’ති තස්ස මය්හං රාජකුමාර, එතදහොසි: “බහුකාරා ඛො මෙ පඤ්චවග්ගියා භික්ඛූ යෙ මං පධානපහිතත්තං උපට්ඨහිංසු. යන්නූනාහං පඤ්චවග්ගියානං භික්ඛූනං පඨමං ධම්මං දෙසෙය්ය”න්ති. තස්ස මය්හං රාජකුමාර, එතදහොසි: “කහන්නු ඛො එතරහි පඤ්චවග්ගියා භික්ඛූ විහරන්තී”ති. අද්දසං ඛො අහං රාජකුමාර, දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන අතික්කන්තමානුසකෙන පඤ්චවග්ගියෙ භික්ඛූ බාරාණසියං විහරන්තෙ ඉසිපතනෙ මිගදායෙ. අථ ඛ්වාහං රාජකුමාර, උරුවෙලායං යථාභිරන්තං විහරිත්වා යෙන බාරාණසී තෙන චාරිකං පක්කාමිං. අද්දසා ඛො මං රාජකුමාර,
Sinhala BJTරජකුමරුවෙනි, මට තෙල සිත් වී: “මම කවරක්හට පළමු කොට දහම් දෙසම් ද, කවරෙක් මෙ දහම වහා මැ දැනගන්නේ දැ”යි. රජකුමරුවෙනි, මට තෙල සිත් වී: “ප්‍රධන් පිණිස මෙහෙයූ සිත් ඇති මට උවැටන් කළ පස්වග මහණහු මට බොහෝ උපකාර ඇතියහ, මම පස්වග ම්හණුනට පළමු කොට දහම් දෙසම් නම් මනා මැ නු”යි, රජකුමරුවෙනි, මට තෙල සිත් වී: “පස්වග මහණහු මෙ සඳ කොහි වෙසෙත් ද කියා” යි. රජකුමරුවෙනි, මම පිරිසිදු, මිනිසැස ඉක්ම සිටි දිවැසින් පස්වග මහණුන් බරණැස ඉසිපතන නම් මුවළැව්හි වසනුවන් දිටිමි. රජකුමරුවෙනි, ඉක්බිති මම උරුවෙල් දනවුයෙහි කැමැතිතාක් වාස කොට බරණැස කරා චාරිකාවට නික්මිණිමි.
Pali BJTඋපකො ආජීවකො අන්තරා ච ගයං අන්තරා ච බොධිං අද්ධානමග්ගපටිපන්නං. දිස්වාන මං එතදවොච: “විප්පසන්නානි ඛො තෙ ආවුසො ඉන්ද්රියානි, පරිසුද්ධො ඡවිවණ්ණො පරියොදාතො. කංසි ත්වං ආවුසො උද්දිස්ස පබ්බජිතො, කො වා තෙ සත්ථා, කස්ස වා ත්වං ධම්මං රොචෙසී”ති. එවං වුත්තෙ අහං රාජකුමාර, උපකං ආජීවකං ගාථාහි අජ්ඣභාසිං:
Sinhala BJTරජකුමරුවෙනි, උපක නම් ආජීවක ගයාව හා බෝධිය හා අතර දී අදන් මඟට පිළිපන් මා දිටී. දැක මට තෙල කී: “ඇවැත්නි, තොප ගේ ඉඳුරෝ විප්‍රසන්නයහ. ඡවිවර්‍ණය පරිශුද්ධ යැ පර්‍ය්‍යවදාත යැ. ඇවැත්නි, තෙපි කවර ශාස්තෘවක්හු උදෙසා පැවිදි ව? තොපගේ ශාස්තෘ හෝ කවරැ? තෙපි කවරක්හුගේ හෝ දහම් රැස්ව? යි. රජකුමරුවෙනි, මෙසේ කී කලැ උපක ආජීවකහට ගාථායෙන් කීමි:
Pali BJT“සබ්බාභිභූ සබ්බවිදූහමස්මි සබ්බෙසු ධම්මෙසු අනූපලිත්තො සබ්බඤ්ජහො තණ්හක්ඛයෙ විමුත්තො සයං අභිඤ්ඤාය කමුද්දිසෙය්යං
Sinhala BJT“මම හැම ත්‍රෛභූමක ධර්‍මය මැඩගෙන සිටියෙමි, හැම චාතුර්භූමක දහම් දත්මි. හැම ත්‍රෛභූමක ධර්‍මයෙහි ක්ලේශලේපනයෙන් උපලිප්ත නො වෙමි, හැම ත්‍රෛභූමක ධර්‍ම හැරපියා සිටිමි. තෘෂ්ණාක්‍ෂය සඞ්ඛ්‍යාත නිවනෙහි අරමුණු විසින් විමුක්තයෙමි, මෙසේ තමා විසින් මැ හැම චාතුර්භූමක ධර්‍ම දැනගෙන අන් කවරක්හු නම් ගෙන (‘මේ මා ආචාර්‍ය්‍යහ’යි) උදෙසම් ද?”
Pali BJTන මෙ ආචරියො අත්ථි සදිසො මෙ න විජ්ජති සදෙවකස්මිං ලොකස්මිං නත්ථි මෙ පටිපුග්ගලො
Sinhala BJT(ලෝකෝත්තර ධර්‍මයෙහි ලා) මට ඇදුරෙක් නම් නැත, මට සමයෙක් නම් නැත, සදේවකලෝකයෙහි මට සදෘශ පුද්ගලයෙක් ද නැත.
Pali BJTඅහං හි අරහා ලොකෙ අහං සත්ථා අනුත්තරො එකොම්හි සම්මාසම්බුද්ධො සීතිභූතොස්මි නිබ්බුතො.
Sinhala BJTමම වනාහි ලෝකයෙහි අර්‍හත්මි, මම අනුත්තර ශාස්තෘයෙමි, එකලා වැ සිටි සම්‍යක් සම්බුද්ධයෙමි, (සර්‍වක්ලේශාග්නි නිර්‍වාපණ හේතුයෙන්) ශීතිභූතයෙමි, (එයින් මැ) නිර්‍වෘතයෙමි.
Pali BJTධම්මචක්කං පවත්තෙතුං ගච්ඡාමි කාසිනං පුරංඅන්ධභූතස්මිං{1} ලොකස්මිං ආහඤ්ඡං{2} අමතදුන්දුභිං”ති.
Sinhala BJTදම්සක් පවත්වනුවට කසීපුර යෙමි. අන්‍ධභූත ලෝකයෙහි අමා බෙර වයන්නෙමි”යි.
Pali BJTයථා ඛො ත්වං ආවුසො පටිජානාසි අරහසි අනන්තජිනො”ති.
Sinhala BJTඇවැත්නි, තෙපි යම්සේ පිළින කරවු ද, එසෙයින් අනන්තජින වන්නට නිස්සෙහි”යි.
Pali BJT“මාදිසා වෙ ජිනා හොන්ති යෙ පත්තා ආසවක්ඛයං ජිතා මෙ පාපකා ධම්මා තස්මාහං උපකා ජිනො”ති.
Sinhala BJT“යම් කෙනෙක් ආස්‍රවක්‍ෂයට පැමිණියාහු ද, මා බඳු ඔහු ඒකාන්තයෙන් ‘ජින’ වෙති, මා විසින් පාපධර්‍මයෝ දිනන ලදහ, එහෙයින් උපකයෙනි, මම ‘ජින’ වෙමි”යි.
Pali BJTඑවං වුත්තෙ රාජකුමාර, උපකො ආජීවකො “හූවෙය්ය පාවුසො”ති වත්වා සීසං ඔකම්පෙත්වා උම්මග්ගං ගහෙත්වා පක්කාමි.
Sinhala BJTරජකුමරුවෙනි, මෙසේ කී කල්හි උපක ආජීවක ‘ඇවැත්නි, එසේත් වියැහෙති” යී කියා හිස සලා සරස්මඟක් ගෙන නික්ම ගියේ යි.
Pali BJTඅථ ඛ්වාහං රාජකුමාර, අනුපුබ්බෙන චාරිකං චරමානො යෙන බාරාණසී ඉසිපතනං මිගදායො යෙන පඤ්චවග්ගියා භික්ඛූ තෙනුපසංකමිං. අද්දසංසු ඛො මං රාජකුමාර, පඤ්චවග්ගියා භික්ඛූ දූරතො’ව ආගච්ඡන්තං. දිස්වාන අඤ්ඤමඤ්ඤං සණ්ඨපෙසුං: “අයං ඛො ආවුසො සමණො ගොතමො ආගච්ඡති බාහුලිකො පධානවිබ්භන්තො ආවත්තො බාහුල්ලාය. සො නෙව අභිවාදෙතබ්බො, න පච්චුට්ඨාතබ්බො, නාස්ස පත්තචීවරං පටිග්ගහෙතබ්බං, අපි ච ඛො ආසනං ඨපෙතබ්බං සචෙ ආකංඛිස්සති නිසීදිස්සතී”ති. යථා යථා ඛො අහං රාජකුමාර, උපසඞ්කමාමි, තථා තථා පඤ්චවග්ගියා භික්ඛූ නාසක්ඛිංසු සකාය කතිකාය සණ්ඨාතුං. අප්පෙකච්චෙ මං පච්චුග්ගන්ත්වා පත්තචීවරං පටිග්ගහෙසුං. අප්පෙකච්චෙ ආසනං පඤ්ඤාපෙසුං. අප්පෙකච්චෙ පාදොදකං උපට්ඨපෙසුං. අපි ච ඛො මං නාමෙන ච ආවුසොවාදෙන ච සමුදාචරන්ති. එවං වුත්තෙ අහං රාජකුමාර, පඤ්චවග්ගියෙ භික්ඛූ එතදවොචං: ‘මා භික්ඛවෙ තථාගතං නාමෙන ච ආවුසොවාදෙන ච සමුදාචරිත්ථ{3} අරහං භික්ඛවෙ තථාගතො සම්මාසම්බුද්ධො ඔදහථ භික්ඛවෙ සොතං, අමතමධිගතං, අහමනුසාසාමි, අහං ධම්මං දෙසෙමි, යථානුසිට්ඨං තථා පටිපජ්ජමානා න චිරස්සෙව යස්සත්ථාය කුලපුත්තා සම්මදෙව අගාරස්මා අනගාරියං පබ්බජන්ති. තදනුත්තරං බ්රහ්මචරියපරියොසානං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරිස්සථා”ති.
Sinhala BJTඑසඳ රජකුමරුවෙනි, මම අනුක්‍රමයෙන් සැරිසරා යන්නෙම් බරණැස ඉසිපතන නම් මුවළැව්හි පස්වග මහණුන් කරා එළැඹියෙමි. රජකුමරුවෙනි, පස්වග මහණහු දුර දී මැ එන මා දුටහ, දැක අන්‍යෝන්‍ය කතිකාවක් කළහ: “ඇවැත්නි, මේ ශ්‍රමණ ගෞතම ප්‍රත්‍යය බාහුල්‍යයට පැමිණියේ ප්‍රධනින් පිරිහුණේ ප්‍රත්‍යය බාහුල්‍යයට පෙරැළුණේ එයි. හේ අභිවාදන නො කටයුත්තේ යැ, දැක හුනස්නෙන් නො නැංගයුත්තේ යැ, ඔවුන් ගේ පාසිවුරු නො පිළිගතයුත්තේ යැ, එතෙකුදු වත් අස්නක් තැබියයුත්තේ යි. ඉදින් රුස්නේ නම් හිඳුනේ යැ”යි. රජකුමරුවෙනි, යම් යම් සෙයෙකින් මම් එළැඹෙම් ද, ඒ ඒ සෙයින් පස්වග මහණහු සිය කතිකායෙහි තර වැ සිටින්නට නො හැකි වූහ. ඇතැම් කෙනෙක් මට පෙරගමන් කොට පාසිවුරු පිළිගත්හ. ඇතැම් කෙනෙක් අස්නක් පැනවූහ, ඇතැම් කෙනෙක් පා දෝනා දිය එළවා තැබූහ. එතෙකුදු වත් මා නමිනුදු ආවුසො වාදයෙනුදු අමතත්. මෙසේ කී කල්හි රජකුමරුවෙනි, මම පස්වග මහණුන්ට තෙල බස් කීමි: “මහණෙනි, තථාගතයන් නමිනුදු ආවුසෝවාදයෙනුදු නහමක් අමතව. මහණෙනි, තථාගතයෝ රහත්හ, සම්‍යක්සම්බුද්ධයහ. මහණෙනි, කන් නමව, (මා විසින්) අමෘතය ලබන ලද, මම අනුසස්මි, මම දහම් දෙසමි, යම්සේ අනුශාසනා කරනලද නම් එසේ පිළිපදනාහු නොබෝ කලෙකින් මැ යම් අර්‍ත්‍ථයකට කුල පුත්‍රයෝ මොනොවට ගිහිගෙන් නික්ම සසුන් වඳිත් ද, ඒ අනුත්තර වූ බ්‍රහ්මචර්‍ය්‍යපර්‍ය්‍යවසාන සඞ්ඛ්‍යාත රහත් බව මෙ අත්බැව්හි මැ තමා විසින් වෙසෙසින් දැන ප්‍රත්‍යක්‍ෂ කොට එයට පැමිණ වාස කරව”යි.
Pali BJTඑවං වුත්තෙ රාජකුමාර, පඤ්චවග්ගියා භික්ඛූ මං එතදවොචුං: “තාය’පි ඛො ත්වං ආවුසො ගොතම, ඉරියාය තාය පටිපදාය තාය දුක්කරකාරිකාය නාජ්ඣගමා උත්තරිමනුස්සධම්මා අලමරියඤාණදස්සනවිසෙසං, කිම්පන ත්වං එතරහි බාහුලිකො පධානවිබ්භන්තො ආවට්ටො බාහුල්ලාය අධිගමිස්සසි උත්තරිමනුස්සධම්මා අලමරියඤාණදස්සනවිසෙස”න්ති. එවං වුත්තෙ අහං රාජකුමාර, පඤ්චවග්ගියෙ භික්ඛූ එතදවොචං: “න භික්ඛවෙ තථාගතො බාහුලිකො න පධානවිබ්භන්තො න ආවත්තො බාහුල්ලාය අරහං භික්ඛවෙ තථාගතො සම්මාසම්බුද්ධො. ඔදහථ භික්ඛවෙ සොතං. අමතමධිගතං අහමනුසාසාමි. අහං ධම්මං දෙසෙමි. යථානුසිට්ඨං තථා පටිපජ්ජමානා න චිරස්සෙ’ව යස්සත්ථාය කුලපුත්තා සම්මදෙව අගාරස්මා අනගාරියං පබ්බජන්ති. තදනුත්තරං බ්රහ්මචරියපරියොසානං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරිස්සථා”ති. දුතියම්පි ඛො රාජකුමාර, පඤ්චවග්ගියා භික්ඛූ මං එතදවොචුං: “තායපි ඛො ත්වං ආවුසො ඉරියාය තාය පටිපදාය තාය දුක්කරකාරිකාය නාජ්ඣගමා උත්තරිමනුස්සධම්මා අලමරියඤාණදස්සන විසෙසං. කිම්පන ත්වං එතරහි බාහුලිකො පධානවිබ්භන්තො ආවත්තො බාහුල්ලාය අධිගමිස්සසි උත්තරිමනුස්සධම්මා අලමරියඤාණදස්සනවිසෙස”න්ති. දුතියම්පි ඛො අහං රාජකුමාර, පඤ්චවග්ගියෙ භික්ඛූ එතදවොචං: “න භික්ඛවෙ තථාගතො බාහුලිකො න පධානවිබ්භන්තො න ආවත්තො බාහුල්ලාය. අරහං භික්ඛවෙ, තථාගතො සම්මාසම්බුද්ධො. ඔදහථ භික්ඛවෙ සොතං අමතමධිගතං, අහමනුසාසාමි, අහං ධම්මං දෙසෙමි. යථානුසිට්ඨං තථා පටිපජ්ජමානා න චිරස්සෙ’ව යස්සත්ථාය කුලපුත්තා සම්මදෙව අගාරස්මා අනගාරියං පබ්බජන්ති තදනුත්තරං බ්රහ්මචරියපරියොසානං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරිස්සථා”ති . තතියම්පි ඛො රාජකුමාර, පඤ්චවග්ගියා භික්ඛූ මං එතදවොචුං: “තාය’පි ඛො ත්වං ආවුසො ඉරියාය තාය පටිපදාය තාය දුක්කරකාරිකාය නාජ්ඣගමා උත්තරිමනුස්සධම්මා අලමරියඤාණදස්සනවිසෙසං. කිම්පන ත්වං එතරහි බාහුලිකො පධානවිබ්භන්තො ආවත්තො බාහුල්ලාය අධිගමිස්සසි උත්තරිමනුස්සධම්මා අලමරියඤාණදස්සනවිසෙස”න්ති. එවං වුත්තෙ අහං රාජකුමාර, පඤ්චවග්ගියෙ භික්ඛූ එතදවොචං: අභිජානාථ මෙ නො තුම්හෙ භික්ඛවෙ ඉතො පුබ්බෙ එවරූපං වබ්භාවිතමෙත’න්ති{1} නො හෙතං භන්තෙ න භික්ඛවෙ තථාගතො බාහුලිකො, න පධානවිබ්භන්තො න ආවත්තො බාහුල්ලාය අරහං භික්ඛවෙ තථාගතො සම්මාසම්බුද්ධො. ඔදහථ භික්ඛවෙ සොතං. අමතමධිගතං. අහමනුසාසාමි, අහං ධම්මං දෙසෙමි. යථානුසිට්ඨං තථා පටිපජ්ජමානා න චිරස්සෙ’ව යස්සත්ථාය කුලපුත්තා සම්මදෙව අගාරස්මා අනගාරියං පබ්බජන්ති, තදනුත්තරං බ්රහ්මචරියපරියොසානං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරිස්සථා”ති.
Sinhala BJTරජකුමරුවෙනි, මෙසේ කී කල්හි පස්වග මහණහු මට මෙසේ කීහ: “ඇවැත්නි, ගෞතමයෙනි, තෙපි එවන් (දුෂ්කර) ඊර්‍ය්‍යාපථයෙනුදු එවන් ප්‍රතිපදායෙනුදු එවන් දුෂ්කර ක්‍රියායෙනුදු මිනිස්දහමින් මතුයෙහි ආර්‍ය්‍යභාවකරණයට සමර්‍ත්‍ථ ඥානදර්‍ශන විශේෂයකට නො පැමිණියාව, කිම තෙපි දැන් බාහුලික වැ පදහනින් ගිලිහුණහු බාහුල්‍යාවර්‍ත වැ මනුෂ්‍ය ධර්‍මයෙන් මතු ආර්‍ය්‍යභාවයට සමර්‍ත්‍ථ ඥානදර්‍ශනවිශේෂයක් අධිගම කරහු දැ”යි. මෙසේ කී කල්හි රජකුමරුවෙනි, මම පස්වග මහණුන්ට තෙල බස් කීමි: “මහණෙනි, තථාගතයෝ බාහුලික නො වෙති, නො ද ප්‍රධානවිභ්‍රාන්තයහ, නො ද බාහුල්‍යාවර්‍තයහ. මහණෙනි, තථාගතයෝ අර්‍හත් සම්‍යක් සම්බුද්ධයහ. මහණෙනි, කන් යොමව, අමෘතය අධිගත යැ, මම අනුශාසන කෙරෙමි, මම් දහම් දෙසමි, යථානුශිෂ්ටය එසේ පිළිපදනාහු නො බෝ කෙලෙකින් මැ යමකට කුල පුත්‍රයෝ මොනොවට ගිහිගෙන් නික්ම සසුන් වදිත් ද, ඒ අනුත්තර වූ රහත් බව දෘෂ්ටධර්‍මයෙහි මැ තමා විසින් වෙසෙසි දැන පසක් කොට, උපයා වාස කරව”යි. දෙවෙනවට ද රජකුමරුවෙනි, පස්වග මහණහු මට තෙල බස් කීහ: “ඇවැත්නි, තෙපි එවන් ඉරියවුවෙනුදු, එවන් පිළිවෙතිනුදු එවන් දුෂ්කරක්‍රියා යෙනුදු මිනිස්දහමින් මතු අරී බවට සමත් ලොවුතුරුදහමක් අධිගම නො කළහු යැ. කිම් තෙපි දැන් බාහුලික වැ ප්‍රධානවිභ්‍රාන්ත වැ බාහුල්‍යාවර්‍ත වැ මිනිස්දහමින් මතු අරි බවට සමත් ලොවුතුරුදහමක් අධිගම කරවු දැ”යි. දෙවනවට ද රජකුමරුවෙනි, මම පස්වග මහණුන්ට තෙල බස් කීමි: “මහණෙනි, තථාගතයෝ බාහුලික නො වෙති, නො ද ප්‍රධාන විභ්‍රාන්තයහ, නො ද බාහුල්‍යාවර්‍තයහ. මහණෙනි, තථාගතයෝ අර්‍හත් සම්‍යක් සම්බුද්ධයහ, මහණෙනි, කන් නතු කරව, අමෘතය ලබන ලද. මම අනුසස්මි. මම් දහම් දෙසමි, කුලපුත්‍රයෝ යම් අර්‍හත්‍වයක් සඳහා නොබෝ කෙලෙකින් මැ මනා කොට ගෙන් නික්ම සස්නට පැමිණෙත් ද, මාර්‍ගබ්‍රහ්මචර්‍ය්‍ය කෙළවර කොට ඇති, මාර්‍ගබ්‍රහ්මචර්‍ය්‍යාගේ පර්‍ය්‍යවසානය වූ ඒ අනුත්තර අර්‍හත් ඵලය අනුශාසනා කළ සැටියෙන් පිළිපදනා තෙපි ඉහාත්මයෙහි මැ තමන් විසින් විශිෂ්ටඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට ගෙන එයට පැමිණ වාස කරව”යි. රජකුමරුවෙනි, තුන් වන වට ද පස්වග මහණහු මට තෙල කීහු: “ඇවැත්නි, තෙපි ඒ දුෂ්කර ඊර්‍ය්‍යාපථයෙනුදු ඒ දුෂ්කර ප්‍රතිපදායෙනුදු ඒ දුෂ්කර ක්‍රියාවෙනුදු මනුෂ්‍ය ධර්‍මයෙන් මතුයෙහි වූ ආර්‍ය්‍යභාවයට සමර්‍ත්‍ථ වූ ඥානදර්‍ශන විශේෂයක් නො ලද්දාව. කිම තෙපි දැන් පරිෂ්කාර බාහුල්‍යයට පිළිපන්නාහු ප්‍රධන් වැරෙන් ගිලිහුණාහු ප්‍රත්‍යය බාහුල්‍ය සඳහා වටාලා වැටුණහු මනුෂ්‍යධර්‍මයෙන් මතුයෙහි වූ ආර්‍ය්‍යභාවකරණයට සමර්‍ත්‍ථ වූ ඥානදර්‍ශන විශේෂය ලබන්නහු දැ”යි. රජකුමරුවෙනි, මෙසේ බුණු කල්හි මම පස්වග මහණුනට තෙල කීමි: “මහණෙනි, තෙපි මෙයින් පෙර මෙබඳු තෙල වාක්‍යභේදය දන්නහු ද. (කළ සේ දන්නහු ද)? මහණෙනි, තථාගතයන් වහන්සේ බාහුලික නො වෙති, ප්‍රධන් වැරින් ගිලිහුණාහු නො වෙති, ප්‍රත්‍යයබාහුල්‍යයට වටාලා වැටුණාහු නො වෙති. මහණෙනි, තථාගතයන් වහන්සේ අර්‍හත්හ, සම්‍යක් සම්බුද්ධයහ, මහණෙනි, කන් නතු කරව. නිවන් අවබෝධ කරන ලදී. මම අනුශාසනා කරමි. මම දහම් දෙසමි. අනුශාසනා කළ සේ පිළිපදනා තෙපි නොබෝ කලෙකින් මැ යම් අර්‍හත්‍වයක් සඳහා කුලපුත්‍රයෝ මොනොවට ගිහිගෙන් නික්ම සස්නට වදිත්ද බ්‍රහ්මචර්‍ය්‍ය පර්‍ය්‍යවසානය වූ ඒ අනුත්තර අර්‍හත් ඵලය ඉහාත්මයෙහි මැ තමන් විසින් මැ විශිෂ්ටඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට එයට පැමිණ වාස කරව”යි.
Pali BJTඅසක්ඛිං ඛො අහං රාජකුමාර, පඤ්චවග්ගියෙ භික්ඛූ සඤ්ඤාපෙතුං. ද්වෙ’පි සුදං රාජකුමාර, භික්ඛූ ඔවදාමි. තයො භික්ඛූ පිණ්ඩාය චරන්ති. යං තයො භික්ඛූ පිණ්ඩාය චරිත්වා ආහරන්ති, තෙන ඡබ්බග්ගියා යාපෙම. තයො’පි සුදං රාජකුමාර, භික්ඛූ ඔවදාමි, ද්වෙ භික්ඛූ පිණ්ඩාය චරන්ති. යං ද්වෙ භික්ඛූ පිණ්ඩාය චරිත්වා ආහරන්ති. තෙන ඡබ්බග්ගියා යාපෙම. අථ ඛො රාජකුමාර පඤ්චවග්ගියා භික්ඛූ මයා එවං ඔවදියමානා එවං අනුසාසියමානා න චිරස්සෙ’ව යස්සත්ථාය කුලපුත්තා සම්මදෙව අගාරස්මා අනගාරියං පබ්බජන්ති තදනුත්තරං බ්රහ්මචරියපරියොසානං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරිංසූ’ති.
Sinhala BJTරජකුමරුවෙනි, මම පස්වග මහණුන් හඟවන්නට හැකි වීමි, රජකුමරුවෙනි, මහණුන් දෙදෙනකුට අවවාද කරමි. මහණහු තුන් දෙනෙක් පිඬු පිණිස හැසිරෙත්. මහණහු තුන් දෙනා පිඬු පිණිස හැසිර යම් අහරක් ගෙන එත් ද, එයින් සවග ඇපි යැපෙම්හ. රජකුමරුවෙනි, මහණුන් තුන් දෙනකුට අවවාද කරමි. මහණහු දෙදෙනෙක් පිඬු පිණිස හැසිර යම් අහරක් ගෙන එත් ද, එයින් සවග අපි යැපෙම්හ. එසඳ රජකුමරුවෙනි, පස්වග මහණහු මා විසින් මෙසේ අවවාද කරනු ලබන්නාහු මෙසේ අනුශාසනා කරනු ලබන්නාහු නොබෝ කලෙකින් මැ යම් අර්‍හත්ත්‍වයක් සඳහා කුලපුත්‍රයෝ මොනොවට ගෙන් නික්ම සස්නට වඳිත් ද බ්‍රහ්මචර්‍ය්‍යපර්‍ය්‍යවසානය වූ ඒ අනුත්තර අර්‍හත්ඵලය ඉහාත්මයෙහි මැ තමන් විසින් විශිෂ්ටඥානයෙන් දැන පසක් කොට උපයා වාස කළාහු යැ”යි.
Pali BJTඑවං වුත්තෙ බොධි රාජකුමාරො භගවන්තං එතදවොච: ‘කීවචිරෙන නු ඛො භන්තෙ, භික්ඛු තථාගතං විනායකං ලභමානො යස්සත්ථාය කුලපුත්තා සම්මදෙව අගාරස්මා අනගාරියං පබ්බජන්ති, තදනුත්තරං බ්රහ්මචරියපරියොසානං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරෙය්යාති.
Sinhala BJTමෙසේ කී කල්හි බෝරජකුමර භාග්‍යවතුන් වහන්සේට තෙල බස් කී: “වහන්ස විනායක වූ තථාගත කෙනකුන් ලබන මහණ කිපමණ කලෙකින් යම් අර්‍හත්ත්‍වයක් සඳහා කුලපුත්‍රයෝ මොනොවට ගිහිගෙන් නික්ම සස්නට වදිත් ද, බ්‍රහ්මචර්‍ය්‍යපර්‍ය්‍යවසානය වූ ඒ අනුත්තර අර්‍හත්ඵලය ඉහාත්මයෙහි මැ තමන් විසින් විශිෂ්ටඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට උපයා වාස කරන්නේ දැ?”යි.
Pali BJTතෙන හි රාජකුමාර, තඤ්ඤෙවෙත්ථ පටිපුච්ඡිස්සාමි. යථා තෙ ඛමෙය්ය, තථා නං බ්යාකරෙය්යාසි. තං කිම්මඤ්ඤසි රාජකුමාර, කුසලො ත්වං හත්ථාරුය්හෙ{1} අඞ්කුසගය්හෙ{2} සිප්පෙති? එවං භන්තෙ, කුසලො අහං හත්ථාරුය්හෙ{1} අඞ්කුසගය්හෙ{2} සිප්පෙති. තං කිම්මඤ්ඤසි රාජකුමාර, ඉධ පුරිසො ආගච්ඡෙය්ය ‘බොධිරාජකුමාරො හත්ථාරුයහං{3} අඞ්කුසගය්හං{4} සිප්පං ජානාති. තස්සාහං සන්තිකෙ හත්ථාරුය්හං අඞ්කුසගය්හං සිප්පං සික්ඛිස්සාමීති. සො චස්ස අස්සද්ධො. යාවතකං සද්ධෙන පත්තබ්බං, තං සම්පාපුණෙය්ය. සො චස්ස බව්හාබාධො, යාවතකං අප්පාබාධෙන පත්තබ්බං, තං න සම්පාපුණෙය්ය. සො චස්ස සඨො මායාවී, යාවතකං අසඨෙන අමායාවිනා පත්තබ්බං, තං න සම්පාපුණෙය්ය. සො චස්ස කුසීතො, යාවතකං ආරද්ධවිරියෙන පත්තබ්බං, තං න සම්පාපුණෙය්ය. සො චස්ස දුප්පඤ්ඤො, යාවතකං පඤ්ඤවතා පත්තබ්බං, තං න සම්පාපුණෙය්ය. තං කිම්මඤ්ඤසි රාජකුමාර, අපි නු සො පුරිසො තව සන්තිකෙ හත්ථාරුය්හං අඞ්කුසගය්හං සිප්පං සික්ඛෙය්යාති? එකමෙකෙනපි භන්තෙ, අඞ්ගෙන සමන්නාගතො සො පුරිසො න මම සන්තිකෙ හත්ථාරුය්හං අඞ්කුසගය්හං සිප්පං සික්ඛෙය්ය. කො පන වාදො පඤ්චහඞ්ගෙහීති.
Sinhala BJTරජකුමරුවෙනි, එහෙයින්ම මෙ කරුණෙහි ලා තා මැ පුළුවුස්මි. යම්සේ තට රුස්නේ වේ ද, එසේ එය පවසව. රජකුමරුවෙනි, ඒ කෙසේ හඟිහි? තෝ හස්ත්‍යාරෝහය නිමිති කොට ඇති අකුසුගැනුම් ශිල්පයෙහි දක්‍ෂයෙමි. රජකුමරුවෙනි ඒ කෙසේ හඟිහි? මෙහි පුරුෂයෙක් එන්නේ යැ: “බෝධිරාජ කුමර හස්ත්‍යාරෝහය වූ අකුසු ගැනුම් ශිල්පය දන්නේ යැ, මම ඔහු හමුයෙහි හස්ත්‍යාරෝහ වූ අකුසුගැනුම් සිප්සතර හික්මෙමි.” කියා යි. හෙ ද සැදැහැ නැති වෙයි, සැදැහැතියහු විසින් යම් පමණ සිප් ලැබියයුතු වේ ද, ඒ නො ලබන්නේ යැ. හෙ ද බහ්වාබාධ වෙයි, අල්පාබාධයක්හු විසින් යම් පමණ සිප් ලැබියයුතු වේ ද, එ ද නො ලබන්නේ යැ. හෙ ද ශඨ මායාවී වෙයි, අශඨ අමායාවීහු විසින් යම් තාක් සිප් ලැබියයුතු වේ ද, එ ද නො ලබන්නේ යැ. හෙ ද කුසීත වෙයි, රුකුළු වැර ඇතියහු විසින් යම් තාක් සිප් ලැබියයුතු වේ ද, එ ද නො ලබන්නේ යැ. හෙ ද දුෂ්ප්‍රාඥ වෙයි, පැනැතියහු විසින් යම් තාක් සිප් ලැබියයුතු වේ ද, එ ද නො ලබන්නේ යැ. රජකුමරුවෙනි, ඒ කෙසේ හඟිහි? ඒ පුරුෂ තා හමුයෙහි හස්ත්‍යාරෝහ වූ අකුසු ගැනුම් සිප්සතර හික්මෙන්නේ දැ”යි. වහන්ස, එක එක අඟෙකිනුදු සමන්‍වාගත ඒ පුරුෂ මා හමුයෙහි හස්ත්‍යාරෝහය පිණිස වූ අකුසු ගැනුම් සිප්සතර නො හික්මෙන්නේ යැ. පඤ්චාඞ්ගයෙකින් සමන්‍වාගත වූයේ නම් කවර කථා යැ?
Pali BJTතං කිම්මඤ්ඤසි රාජකුමාර, ඉධ පුරිසො ආගච්ඡෙය්ය ‘බොධි රාජකුමාරො හත්ථාරුය්හං{3} අඞ්කුසගය්හං{4} සිප්පං ජානාති. තස්සාහං සන්තිකෙ හත්ථාරුයහං අඞ්කුසගය්හං සිප්පං සික්ඛිස්සාමීති. සො චස්ස සද්ධො යාවතකං සද්ධෙන පත්තබ්බං, තං සම්පාපුණෙය්ය. සො චස්ස අප්පාබාධො, යාවතකං අප්පාබාධෙන පත්තබ්බං, තං සම්පාපුණෙය්ය. සො චස්ස අසඨො අමායාවී, යාවතකං අසඨෙන අමායාවිනා පත්තබ්බං, තං සම්පාපුණෙය්ය. සො චස්ස ආරද්ධවිරියො, යාවතකං ආරද්ධවිරියෙන පත්තබ්බං තං සම්පාපුණෙය්ය. සො චස්ස පඤ්ඤවා යාවතකං පඤ්ඤවතා පත්තබ්බං, තං සම්පාපුණෙය්ය. තං කිම්මඤ්ඤසි රාජකුමාර, අපි නු සො පුරිසො තව සන්තිකෙ හත්ථාරුයහං අඞ්කුසගය්හං සිප්පං සික්ඛෙය්යාති? එකමෙකෙනපි භන්තෙ, අඞ්ගෙන සමන්නාගතො සො පුරිසො මම සන්තිකෙ හත්ථාරුයහං අඞ්කුසගය්හං සිප්පං සික්ඛෙය්ය, කො පන වාදො පඤ්චහඞ්ගෙහීති.
Sinhala BJTරජකුමරුවෙනි ඒ කෙසේ හඟිහි? මෙහි පුරුෂයෙක් එන්නේ යැ: “බෝධිරාජකුමාර හස්ත්‍යාරෝහය පිණිස වූ අකුසු ගැනුම් සිප් දන්නේ යැ, මම ඔහු හමුයෙහි හස්ත්‍යාරෝහය පිණිස වූ අකුසු ගැනුම් සිප් උගන්මි”යි. හෙ ද සැදැහැති වෙයි, සැදැහැතියහු විසින් යම් තාක් සිප් ලැබියයුතු වේ ද, එ හැම ලබන්නේ යැ. හෙ ද අල්පාබාධ වෙයි, අල්පාබාධයක්හු විසින් යම් තාක් සිප් ලැබියයුතු වේ ද, එ හැම ලබන්නේ යැ. හෙ ද අසඨ අමායාවී වෙයි, අමායාවී විසින් යම් තාක් සිප් ලැබියයුතු වේ ද, එ හැම ලබන්නේ යැ. හෙ ද ආරබ්ධවීර්‍ය්‍ය වෙයි, ආරබ්ධර්‍ය්‍යා විසින් යම් තාක් සිප් ලැබියයුතු වේ ද, එ හැම ලබන්නේ යැ. හෙ ද පැනැති වෙයි, පැනැතියහු විසින් යම් තාක් සිප් ලැබියයුතු වේ ද, එ හැම ලබන්නේ යැ. රජකුමරුවෙනි ඒ කෙසේ හඟිහි? ඒ පුරුෂ තා හමුයෙහි හස්ත්‍යාරෝහය වූ අකුසු ගන්නා සිප්සතර උගන්නේ වේ දැ?යි. වහන්ස, එක එක අඟෙකිනුදු සමන්‍වාගත ඒ පුරුෂ මා හමුයෙහි හස්ත්‍යාරෝහය පිණිස වූ අකුසු ගැනුම් සිප්සතර උගන්නේ යැ. පසෙඟකින් යුක්ත වූයේ නම් කවර වාදයෙක් ද?
Pali BJTඑව මෙව ඛො රාජකුමාර, පඤ්චිමානි පධානියඞ්ගානි. කතමානි පඤ්ච? ඉධ රාජකුමාර, භික්ඛු සද්ධො හොති, සද්දහති තථාගතස්ස බොධිං ‘ඉතිපි සො භගවා අරහං සම්මාසම්බුද්ධො විජ්ජාචරණසම්පන්නො සුගතො ලොකවිදූ අනුත්තරො පුරිසදම්මසාරථි සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවා”ති. අප්පාබාධො හොති අප්පාතඞ්කො සමවෙපාකිනියා ගහණියා සමන්නාගතො නාතිසීතාය නාච්චුණ්හාය මජ්ඣිමාය පධානක්ඛමාය. අසඨො හොති අමායාවී යථාභූතං අත්තානං ආවීකත්තා{1} සත්ථරි වා විඤ්ඤූසු වා සබ්රහ්මචාරීසු ; ආරද්ධවිරියො විහරති අකුසලානං ධම්මානං පහානාය කුසලානං ධම්මානං උප්පාදාය{2} ථාමවා දළ්හපරක්කමො අනික්ඛිත්තධුරො කුසලෙසු ධම්මෙසු. පඤ්ඤවා හොති උදයත්ථගාමිනියා පඤ්ඤාය සමන්නාගතො අරියාය නිබ්බෙධිකාය සම්මාදුක්ඛක්ඛයගාමිනියා ඉමානි ඛො රාජකුමාර, පඤ්ච පධානියඞ්ගානි. ඉමෙහි ඛො රාජකුමාර, පඤ්චහි පධානියඞ්ගෙහි සමන්නාගතො භික්ඛු තථාගතං විනායකං ලභමානො යස්සත්ථාය කුලපුත්තා සම්මදෙව අගාරස්මා අනගාරියං පබ්බජන්ති තදනුත්තරං බ්රහ්මචරියපරියොසානං දිට්ඨෙවධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරෙය්ය සත්තවස්සානි.
Sinhala BJTඑසෙයින් මැ රජකුමරුවෙනි, ප්‍රධන් වැර ඇති මහණහට අඞ්ග පසෙක් වෙයි. කවර පසෙක යත්: රජකුමරුවෙනි, මෙ සස්නෙහි මහණ සැදැහැති වෙයි. තථාගතයන් වහන්සේගේ මාර්‍ගඥානය හදහයි: “ඒ භාග්‍යවත්හු මෙ කරුණිනුදු අර්‍හත්හ, සම්‍යක් සම්බුද්ධයහ, (අෂ්ට) විද්‍යා (පසළොස්) චරණ ධර්‍මයෙන් සමන්‍වාගතයහ, සුන්‍දරගති ඇතියහ, ලෝක දතුවහ, අනුත්තර පුරුෂදම්‍යසාරථිහ, දෙවිමිනිස්නට ශාස්තෘහ, සිව්සස් අවබෝධ කළහ, භාග්‍යවත්හ”යි. නිදුක් අරෝග වෙයි, ඉතා සිහිල් නො වූ ඉතා උණු නො වූ මධ්‍යස්ථ වූ ප්‍රධන් වැරට සමර්‍ත්‍ථ වූ සම වැ පැසෙන කර්‍මජතේජෝ ධාතුයෙන් සමන්‍වාගත වෙති. යථාභූත ආත්මය බුදුන් කෙරෙහි හෝ විඥ සබ්‍රම්සරුන් කෙරෙහි හෝ පහළ කරන අශඨ අමායාවී වෙයි. අකුශලධර්‍මයන්ගේ ප්‍රහාණය පිණිස කුශලධර්‍මයන් ගේ උත්පාදය පිණිස රුකුළු වැර ඇති වෙයි. උදයව්‍යය පිරිසිඳුනට සමත් පිරිසිදු ලොභස්කන්‍ධාදීන් බිඳුනට සමත් මොනොවට දුඃඛක්‍ෂය කරා යන නුවණින් නුවණැති වෙයි. රජකුමරුවෙනි, ප්‍රධන් වැර වඩන මහණහුගේ මේ පඤ්චාඞ්ගයෙන් සමන්‍වාගත මහණ විනායක වූ තථාගතයන් වහන්සේ ලබමින් යම් අර්‍ත්‍ථයක් සඳහා කුලපුත්‍රයෝ මොනොවට ගිහිගෙන් නික්ම බ්‍රහ්මචර්‍ය්‍ය පර්‍ය්‍යවසානය වූ ඒ අනුත්තර අර්‍හත්ඵලය ඉහාත්මයෙහි මැ තමන් විසින් සත්වසෙකින් විශිෂ්ටඥානයෙන් දැන පසක් කොට එයට පැමිණ වාස කරන්නේ යැ.
Pali BJTතිට්ඨන්තු{3} රාජකුමාර, සත්ත වස්සානි. ඉමෙහි පඤ්චහි පධානියඞ්ගෙහි සමන්නාගතො භික්ඛු -පෙ- විහරෙය්ය ඡ වස්සානි -පෙ- පඤ්ච වස්සානි -පෙ- චත්තාරි වස්සානි -පෙ- තීණි වස්සානි -පෙ- ද්වෙ වස්සානි -පෙ- එකං වස්සං. තිට්ඨතු, රාජකුමාර, එකං වස්සං. ඉමෙහි පඤ්චහි පධානියඞ්ගෙහි සමන්නාගතො භික්ඛු -පෙ- විහරෙය්ය සත්තමාසානි. තිට්ඨන්තු රාජකුමාර, සත්ත මාසානි. ඉමෙහි පඤ්චහි පධානියඞ්ගෙහි සමන්නාගතො භික්ඛු -පෙ- විහරෙය්ය ඡ මාසානි -පෙ- පඤ්ච මාසානි -පෙ- චත්තාරි මාසානි -පෙ- තීණි මාසානි -පෙ- ද්වෙ මාසානි -පෙ- එකං මාසං -පෙ- අද්ධමාසං.
Sinhala BJTරජකුමරුවෙනි, සප්තවර්‍ෂයෝ තිබෙත්වා, මේ පඤ්ච පධානියඞ්ගයෙන් සමන්‍වාගත මහණ ... සවසෙකින් ... පස් වසෙකින් ... සතර වසෙකින් ... තුන් වසෙකින් ... දෙ වසෙකින් ... එක් වසෙකින් ... විශිෂ්ටඥානයෙන් දැන පසක් කොට එයට පැමිණ වාස කරන්නේ යැ. රජකුමරුවෙනි, එක් වස තිබේවා, මේ පඤ්ච පධානියඞ්ගයෙන් සමන්‍වාගත මහණ සත් මසෙකින් ... වාස කරන්නේ යැ. රජකුමරුවෙනි, සප්ත මාසයෝ තිබෙත්වා, මේ පඤ්ච පධානියඞ්ගයෙන් සමන්‍වාගත මහණ සමසෙකින් ... පස් මසෙකින් ... සාර මසෙකින් ... තුන් මසෙකින් ... දෙමසෙකින් ... එක් මසෙකින් ... අඩ මසෙකින් විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට එය උපදවා වාස කරන්නේ යැ.
Pali BJTතිට්ඨතු රාජකුමාර, අද්ධමාසො. ඉමෙහි පඤ්චහි පධානියඞ්ගෙහි සමන්නාගතො භික්ඛු තථාගතං විනායකං ලභමානො යස්සත්ථාය කුලපුත්තා සම්මදෙව අගාරස්මා අනගාරියං පබ්බජන්ති. තදනුත්තරං බ්රහ්මචරියපරියොසානං දිට්ඨෙවධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරෙය්ය සත්ත රත්තින්දිවානි.
Sinhala BJTරජකුමරුවෙනි, අඩමස තිබේවා, මේ පඤ්චපධානියඞ්ගයෙන් සමන්‍වාගත මහණ විනායක වූ තථාගතයන් වහන්සේ ලැබෙමින් යම් අර්‍ත්‍ථයක් සඳහා කුලපුත්‍රයෝ මනා කොට ගෙන් නික්ම සස්නට වදිත් ද බ්‍රහ්මචර්‍ය්‍යපර්‍ය්‍යවසානය වූ ඒ අනුත්තර අර්‍හත්ඵලය ඉහාත්මයෙහි මැ සත් දවරැයෙකින් තමන් විසින් විශිෂ්ටඥානයෙන් දැන පසක් කොට ඊට පැමිණ වාස කරන්නේ යි.
Pali BJTතිට්ඨන්තු රාජකුමාර, සත්ත රත්තින්දිවානි. ඉමෙහි පඤ්චහි පධානියඞ්ගෙහි සමන්නාගතො භික්ඛු තථාගතං විනායකං ලභමානො යස්සත්ථාය කුලපුත්තා සම්මදෙව අගාරස්මා අනගාරියං පබ්බජන්ති. තදනුත්තරං බ්රහ්මචරියපරියොසානං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරෙය්ය ඡ රත්තින්දිවානි: -පෙ- පඤ්ච රත්තින්දිවානි -පෙ- චත්තාරි රත්තින්දිවානි -පෙ- තීණි රත්තින්දිවානි -පෙ- ද්වෙ රත්තින්දිවානි -පෙ- එකං රත්තින්දිවං.
Sinhala BJTරජකුමරුවෙනි, සත් රෑදාවල්හු තිබෙත්වා, මේ පඤ්චපධානියඞ්ගයෙන් සමන්‍වාගත මහණ විනායක වූ තථාගතයන් වහන්සේ ලැබෙමින් යම් අර්‍ත්‍ථයක් සඳහා කුලපුත්‍රයෝ මොනොවට ගිහිගෙන් නික්ම සස්නට වදිත් ද බ්‍රහ්මචර්‍ය්‍යපර්‍ය්‍යවසානය වූ ඒ අනුත්තර අර්‍හත් ඵලය දවරෑ සයෙකින් තමන් විසින් විශිෂ්ටඥානයෙන් දැන පසක් කොට ඊට පැමිණ වාස කරන්නේ යැ, දවරෑ පසෙකින් ... දවරෑ සතරෙකින් ... දවරෑ තුනෙකින් ... දවරෑ දෙකෙකින් ... එක් දවරැයෙකින් තමන් විසින් විශිෂ්ටඥානයෙන් දැන පසක් කොට ඊට පැමිණ වාස කරන්නේ යි.
Pali BJTතිට්ඨතු රාජකුමාර, එකං රත්තින්දිවං,{1} ඉමෙහි පඤ්චහි පධානියඞ්ගෙහි සමන්නාගතො භික්ඛු තථාගතං විනායකං ලභමානො සායමනුසිට්ඨො පාතො විසෙසං අධිගමිස්සති. පාතමනුසිට්ඨො සායං විසෙසං අධිගමිස්සති.
Sinhala BJTරජකුමරුවෙනි, එක් දවරැය තිබේවා, මේ පඤ්චපධානියඞ්ගයෙන් සමන්‍වාගත මහණ විනායක වූ තථාගතයන් වහන්සේ ලැබෙමින් සවස අනුශිෂ්ට වැ උදය විශේෂාධිගමය කරන්නේ යැ, උදය අනුසස්නා ලදු වැ සවස විශේෂාධිගමය කරන්නේ යි.
Pali BJTඑවං වුත්තෙ බොධි රාජකුමාරො භගවන්තං එතදවොච: අහො බුද්ධො, අහො ධම්මො, අහො ධම්මස්ස ස්වාක්ඛාතතා, යත්ර හි නාම සායමනුසිට්ඨො පාතො විසෙසං අධිගමිස්සති, පාතමනුසිට්ඨො සායං විසෙසං අධිගමිස්සතීති.
Sinhala BJTමෙසේ වදාළ කල්හි බෝධිරාජ කුමර භාග්‍යවතුන් වහන්සේට තෙල සැලකෙළේ: “භගවත්හු ආශ්චර්‍ය්‍යහ, ධර්‍මය ආශ්චර්‍ය්‍ය යැ, ධර්‍මයාගේ ස්වාඛ්‍යාතභාවය ආශ්චර්‍ය්‍ය යි. විශ්මයෙකි. සවස අනුසස්නාලදු වැ උදය විශේෂාධිගම කෙරෙයි, උදය අනුසස්නාලදු වැ සවස විශේෂාධිගම කෙරේ”යයි.
Pali BJTඑවං වුත්තෙ සඤ්ජිකාපුත්තො මාණවො බොධිරාජකුමාරං එතදවොච: එවමෙව පනායං භවං බොධි අහො බුද්ධො, අහො ධම්මො, අහො ධම්මස්ස ස්වාක්ඛාතතාති ච වදෙති{2} අථ ච පන භවං{3} න තං භවන්තං ගොතමං සරණං ගච්ඡති{4} ධම්මඤ්ච භික්ඛුසඞ්ඝඤ්චාති.
Sinhala BJTමෙසේ කී කල්හි සඤ්ජිකාපුත් මාණවක බෝධිරාජ කුමරහට තෙල කී: මෙසෙයින් මැ මේ භවත් බෝධිරාජකුමාර තෙමේ “බුදුහු ආශ්චර්‍ය්‍යයහ, ධර්‍මය ආශ්චර්‍ය්‍යයැ, ධර්‍මයාගේ ස්වාඛ්‍යාතභාවය ආශ්චර්‍ය්‍ය යැ”යි. කියයි. වැළි ඒ භවත් ගොයුමාණන් හා ධර්‍මයද බික්සඟන ද සරණ කොට නො යෙති”යි.
Pali BJTමා හෙවං සම්ම සඤ්ජිකාපුත්ත අවච, මා හෙවං සම්ම සඤ්ජිකාපුත්ත අවච. සම්මුඛාමෙතං සම්ම සඤ්ජිකාපුත්ත, අය්යාය සුතං, සම්මුඛා පටිග්ගහීතං එකමිදං සම්ම සඤ්ජිකාපුත්ත, සමයං භගවා කොසම්බියං විහරති ඝොසිතාරාමෙ. අථ ඛො මෙ අය්යා කුච්ඡිමතී{5} යෙන භගවා තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නා ඛො මෙ අය්යා භගවන්තං එතදවොච: යො මෙ අයං භන්තෙ, කුච්ඡිගතො කුමාරකො වා කුමාරිකා වා, සො භගවන්තං සරණං ගච්ඡති ධම්මඤ්ච භික්ඛුසඞ්ඝඤ්ච. උපාසකං තං භගවා ධාරෙතු අජ්ජතග්ගෙ පාණුපෙතං සරණං ගතන්ති.
Sinhala BJTසගය සඤ්ජිකාපුත්‍රයෙනි, මෙසේ නහමක් කියව, සගය සඤ්ජිකාපුත්‍රයෙනි, මෙසේ නහමක් කියව. සගය සඤ්ජිකාපුත්‍රයෙනි, මෑණියන් හමුයෙහි දී තෙල අසනලදි. සගය සඤ්ජිකාපුත්‍රයෙනි, එක් කලෙකැ භාග්‍යවතුන් වහන්සේ කොසඹෑනුවර ඝෝෂිතාරාමයෙහි වැඩ වාස කෙරෙති. එසඳ ගැබිලි වැ සිටි මා ගේ මව භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියා. එළැඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස් වැ හුන. එකත්පස්වැ හුන් මා ගේ මව භගවත්හට තෙල කිවූ: “වහන්ස, මාගේ කුක්‍ෂිගත යම් කුමරෙක් හෝ කුමරියක් හෝ ඇද්ද, හේ බුදුන් සරණ කොට යෙයි, දහම් සරණ කොට යෙයි, බික්සඟන සරණ කොට යෙයි. භගවත්හු ඔහු අද පටන් කොට ප්‍රාණොපේත සරණගිය, උපාසකයකු කොට ධරත්ව”යි.
Pali BJTඑකමිදං සම්ම සඤ්ජිකාපුත්ත, සමයං භගවා ඉධෙව භග්ගෙසු විහරති සුංසුමාරගිරෙ භෙසකලාවනෙ මිගදායෙ. අථ ඛො මමං ධාතී අඞ්කෙන වාහිත්වා{6} යෙන භගවා තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං අට්ඨාසි. එකමන්තං ඨිතා ඛො මමං{7} ධාතී භගවන්තං එතදවොච: අයං භන්තෙ, බොධිරාජකුමාරො භගවන්තං සරණං ගච්ඡති ධම්මඤ්ච භික්ඛුසඞ්ඝඤ්ච. උපාසකං තං භගවා ධාරෙතු අජ්ජතග්ගෙ පාණුපෙතං සරණං ගතන්ති.
Sinhala BJTසගය සඤ්ජිකාපුත්‍රයෙනි, එක් කලෙකැ භාග්‍යවතුන් වහන්සේ මේ භග්ගජනපදයෙහි මැ සුංසුමාරගිර නුවර භෙසකලාවන නම් මුවළැව්හි වාස කෙරෙති. එසඳ කිරිමව මා ඇකයෙන් වඩාගෙන භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියා. එළැඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස් වැ සිටගතු. එකත්පස් වැ සිටගත් මාගේ උපමාතාව භාග්‍යවතුන් වහන්සේ ට තෙල කිවු යැ: “වහන්ස, මේ බෝධිරාජකුමාර තෙමේ භාග්‍යවතුන් වහන්සේ සරණ කොට යෙයි, ධර්‍මය ද සරණ කොට යෙයි, බික්සඟන ද සරණ කොට යෙයි. භාග්‍යවතුන් වහන්සේ අද පටන් ගෙන ඔහු ප්‍රාණෝපේතසරණය ගිය උපාසකයකු කොට ධරන සේක්ව”යි.
Pali BJTඑසා’හං සම්ම සඤ්ජිකාපුත්ත, තතියම්පි භගවන්තං සරණං ගච්ඡාමි ධම්මඤ්ච භික්ඛුසඞ්ඝඤ්ච. උපාසකං මං භගවා ධාරෙතු අජ්ජතග්ගෙ පාණුපෙතං සරණං ගතන්ති.
Sinhala BJTසගය සඤ්ජිකාපුත්‍රයෙනි, තෙල මම තුන් වන වට ද භාග්‍යවතුන් වහන්සේ සරණ කොට යෙමි, ධර්‍මය ද සඞ්ඝයා ද සරණ කොට යෙමි. භාග්‍යවතුන් වහන්සේ අද පටන් කොට මා දිවිහිමියෙන් සරණගිය උපාසකයකු කොට ධරන සේක්ව”යි.
Pali BJTබොධිරාජකුමාරසුත්තං පඤ්චමං.
Sinhala BJTපස් වැනි බෝධිරාජකුමාර සූත්‍ර යි.