Pali BJTඉමානි ඛො භො රට්ඨපාල, චත්තාරි පාරිජුඤ්ඤානි යෙහි පාරිජුඤ්ඤෙහි සමන්නාගතා ඉධෙකච්චෙ කෙසමස්සුං ඔහාරෙත්වා කාසායානි වත්ථානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියං පබ්බජන්ති. තානි භොතො රට්ඨපාලස්ස නත්ථි. කිං භවං රට්ඨපාලො ඤත්වා වා දිස්වා වා සුත්වා වා අගාරස්මා අනගාරියං පබ්බජිතොති?
Sinhala BJTභවත් රට්ඨපාලයෙනි, මෙලොව යම් පරිහණියෙකින් සමන්‍වාගත වූ කිසි කෙනෙක් කෙහෙමස් බහා කහවත් හැඳපෙරෙවැ ගෙන් නික්ම සස්නට වදිත් ද (එයට හේතු වූ) මේ සතර පරිහාණීහු යි. භවත් රට්ඨපාලයන්හට ඔහු නැත. භවත් රට්ඨපාලයෝ කුමක් දැන හෝ දැක හෝ අසා හෝ ගේ පියා සස්නට පැමිණියාහු ද?
Pali BJTඅත්ථි ඛො මහාරාජ, තෙන භගවතා ජානතා පස්සතා අරහතා සම්මාසම්බුද්ධෙන චත්තාරො ධම්මුද්දෙසා උද්දිට්ඨා, යෙ’හං{1} ඤත්වා ච දිස්වා ච සුත්වා ච අගාරස්මා අනගාරියං පබ්බජිතො. කතමෙ චත්තාරො:
Sinhala BJTමහරජ, මම යම් ධර්‍මනිර්දේශ කෙනකුන් දැන ද දැක ද අසා ද ගෙන් නික්ම සස්නට පැමිණියෙම් වේ ද භගවත් වූ සියල්ල දන්නා සියල්ල දක්නා අර්‍හත් වූ ඒ සම්‍යක්සම්බුද්ධයන් වහන්සේ විසින් දක්වා වදාළ ධර්‍මනිර්දේශයෝ සතර දෙනෙක් ඇත. කවර සතර දෙනෙක යත්:
Pali BJT‘උපනීයති ලොකො අද්ධුවො’ති ඛො, මහාරාජ, තෙන භගවතා ජානතා පස්සතා අරහතා සම්මාසම්බුද්ධෙන පඨමො ධම්මුද්දෙසො උද්දිට්ඨො, යමහං ඤත්වා ච දිස්වා සුත්වා ච අගාරස්මා අනගාරියං පබ්බජිතො.
Sinhala BJTමහරජ, මම යම් ධර්‍මනිර්දේශයක් දැන ද දැක ද අසා ද ගේ පියා සස්නට පැමිණියෙම් වේ ද, “ලෝකයා ජරාමරණයන් කරා යෙයි (එයින් මැ) ‘අධ්‍රැව’ය”යි. පළමුවන ධර්‍මනිර්දේශය භගවත් වූ සියල්ල දන්නා සියල්ල දක්නා අර්‍හත් වූ ඒ සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ විසින් වදාරන ලද්දේ යැ.
Pali BJT‘අත්තාණො ලොකො අනභිස්සරො’ති ඛො මහාරාජ, තෙන භගවතා ජානතා පස්සතා අරහතා සම්මාසම්බුද්ධෙන දුතියො ධම්මුද්දෙසො උද්දිට්ඨො, යමහං ඤත්වා ච දිස්වා සුත්වා ච අගාරස්මා අනගාරියං පබ්බජිතො.
Sinhala BJTමහරජ, මම යම් (දෙවන) ධර්‍මනිර්දේශයක් දැන ද දැක ද අසා ද ගේ පියා සස්නට පැමිණියෙම් වේ ද, “ලෝකයා ත්‍රාණ රහිත යැ වෙත පැමිණ අස්වස් දෙන්නට නිසියෙක් නැති”යි. දෙවන ධර්‍මනිර්දේශය භගවත් වූ සියල්ල දන්නා සියල්ල දක්නා අර්‍හත් වූ ඒ සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ විසින් වදාරන ලද්දේ යැ.
Pali BJT‘අස්සකො ලොකො සබ්බං පහාය ගමනීය’න්ති ඛො මහාරාජ, තෙන භගවතා ජානතා පස්සතා අරහතා සම්මාසම්බුද්ධෙන තතියො ධම්මුද්දෙසො උද්දිට්ඨො, යමහං ඤත්වා ච දිස්වා සුත්වා ච අගාරස්මා අනගාරියං පබ්බජිතො.
Sinhala BJTමහරජ, මම යම් (තෙවන) ධර්‍මනිර්දේශයක් දැන ද දැක ද අසා ද ගේ පියා සස්නට පැමිණියෙම් වේ ද, “ලෝකයා තමා අයත් දෙය නැත්තේ යැ, හැම හැරපියා යායුතු” යයි. තුන්වන ධර්‍මනිර්දේශය භගවත් වූ සියල්ල දන්නා සියල්ල දක්නා අර්‍හත් වූ ඒ සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ විසින් වදාරන ලද්දේ යැ.
Pali BJT‘ඌනො ලොකො අතිත්තො තණ්හාදාසො’ති ඛො මහාරාජ, තෙන භගවතා ජානතා පස්සතා අරහතා සම්මාසම්බුද්ධෙන චතුත්ථො ධම්මුද්දෙසො උද්දිට්ඨො, යමහං ඤත්වා ච දිස්වා සුත්වා ච අගාරස්මා අනගාරියං පබ්බජිතො.
Sinhala BJTමහරජ, මම යම් (සිවුවන) ධර්‍මනිර්දේශයක් දැන ද දැක ද අසා ද ගේ පියා සස්නට පැමිණියෙම් වේ ද, “ලෝකයා ඌන යැ තෘප්තිරහිත යැ තෘෂ්ණාවට දාසය” යි. සතරවන ධර්‍මනිර්දේශය භගවත් වූ සියල්ල දන්නා සියල්ල දක්නා අර්‍හත් වූ ඒ සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ විසින් වදාරන ලද්දේ යැ.
Pali BJTඉමෙ ඛො මහාරාජ, තෙන භගවතා ජානතා පස්සතා අරහතා සම්මාසම්බුද්ධෙන චත්තාරො ධම්මුද්දෙසා උද්දිට්ඨා, යෙ’හං{1} ඤත්වා ච දිස්වා ච සුත්වා ච අගාරස්මා අනගාරියං පබ්බජිතොති.
Sinhala BJTමහරජ, මම (මෙසේ) යම් ධර්‍මනිර්දේශ කෙනෙකුන් දැන ද දැක ද අසා ද ගෙන් නික්ම සස්නට පැමිණියෙම් ද භගවත් වූ සියල්ල දන්නා සියල්ල දක්නා අර්‍හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ විසින් මේ ධර්‍මනිර්දේශයෝ සතර දෙන වදාරන ලදහ.
Pali BJT‘උපනීයති ලොකො අද්ධුවො’ති භවං රට්ඨපාලො ආහ. ඉධ පන භො රට්ඨපාල, භාසිතස්ස කථං අත්ථො දට්ඨබ්බොති? තං කිම්මඤ්ඤසි මහාරාජ, අහොසි ත්වං වීසති වස්සුද්දෙසිකොපි පඤ්චවීසති{2} වස්සුද්දෙසිකොපි හත්ථිස්මිම්පි කතාවී අස්සස්මිම්පි කතාවී රථස්මිම්පි කතාවී ධනුස්මිම්පි කතාවී ථරුස්මිම්පි කතාවී ඌරුබලී බාහුබලී අලමත්තො සඞ්ගාමාවචරොති?
Sinhala BJTභවත් රට්ඨපාලයෝ “ලෝකයා ජරාමරණයන් කරා යෙයි (එයින් මැ) අධ්‍රැව”යයි කියත්, භවත් රට්ඨපාලයෙනි, මෙහි දී තෙල භාෂිතයා ගේ අර්‍ත්‍ථ කෙසේ දැක්කයුතු ද? මහරජ, ඒ කෙසේ හඟිහි? තෝ විසිවස් ඇතියෙහිත් විහි ද? පස්විසිවස් ඇතියෙහිත් විහි ද? හස්තිශිල්පයෙහිත් කළ කරණී ඇතියෙහි අශ්වශිල්පයෙහිත් කළ කරණී ඇතියෙහි රථශිල්පයෙහිත් කළ කරණී ඇතියෙහි ධනුශ්ශිල්පයෙහිත් කළ කරණී ඇතියෙහි ඛඞ්ගශිල්පයෙහිත් කළ කරණී ඇතියෙහි ඌරුබල ඇතියෙහි බාහුබල ඇතියෙහි සමත් අත්බව ඇතියෙහි සඞ්ග්‍රාමාවචර වූයෙහි විහි ද?
Pali BJTඅහොසිං අහං භො රට්ඨපාල, වීසතිවස්සුද්දෙසිකොපි පණ්ණවීසතිවස්සුද්දෙසිකොපි හත්ථිස්මිම්පි කතාවී අස්සස්මිම්පි කතාවී රථස්මිම්පි කතාවී ධනුස්මිම්පි කතාවී ථරුස්මිම්පි කතාවී ඌරුබලී බාහුබලී අලමත්තො සඞ්ගාමාවචරො, අප්පෙකදාහං භො රට්ඨපාල, ඉද්ධිමා ව මඤ්ඤෙ{3} න අත්තනො බලෙන සමසමං{4} සමනුපස්සාමීති.
Sinhala BJTභවත් රට්ඨපාලයෙනි, මම විසිවස් ඇතියෙම් ද පස්විසිවස් ඇතියෙම් ද වීමි. හස්තිශිල්පයෙහිත් කළ කරණී ඇතියෙම් අශ්වශිල්පයෙහිත් කළ කරණී ඇතියෙම් රථශිල්පයෙහිත් කළ කරණී ඇතියෙම් ධනුශ්ශිල්පයෙහිත් කළ කරණී ඇතියෙම් ඛඞ්ගශිල්පයෙහිත් කළ කරණී ඇතියෙම් ඌරුබල ඇතියෙම් බාහුබල ඇතියෙම් සමත් අත්බව ඇතියෙම් සඞ්ග්‍රාමාවචර වූයෙම් වීමි. භවත් රට්ඨපාලයෙනි, මම කිසි දිනෙක ඍද්ධි ඇතියෙකිමි සිතමි. සියබලය හා සමසමයකු නො දක්මි.
Pali BJTතං කිං මඤ්ඤසි මහාරාජ, එවමෙව ත්වං එතරහි ඌරුබලී බාහුබලී අලමත්තො සඞ්ගාමාවචරොති?
Sinhala BJTමහරජ, ඒ කෙසේ හඟිහි? එපිරිදි මැ තෝ දැන් ඌරුබල ඇතියෙහි බාහුබල ඇතියෙහි සමත් බව ඇතියෙහි සඞ්ග්‍රාමාවචරයෙහි ද?
Pali BJTනොහිදං භො රට්ඨපාල, එතරහි ජිණ්ණො වුද්ධො මහල්ලකො අද්ධගතො වයො අනුප්පත්තො, ආසීතිකො මෙ වයො වත්තති. අප්පෙකදාහං භො රට්ඨපාල, ඉධ පාදං කරිස්සාමීති අඤ්ඤෙනෙව පාදං කරොමීති.
Sinhala BJTභවත් රට්ඨපාලයෙනි, එසේ නො වෙමි. දැන් දිරාගියෙම් වෘද්ධ වූයෙම් මහලු වූයෙම් කල් ගැලවූයෙම් පශ්චිම වයසට පැමිණියෙම් වෙමි. මා ගේ අසූවන විය වෙයි. භවත් රට්ඨපාලයෙනි, මම කිසි දිනෙක මෙහි පා තබමියි අන් තැනෙකැ පා තබමි’ කී යැ.
Pali BJTඉදං ඛො තං මහාරාජ, තෙන භගවතා ජානතා පස්සතා අරහතා සම්මාසම්බුද්ධෙන සන්ධාය භාසිතං ‘උපනීයති ලොකො අද්ධුවො’ති. යමහං ඤත්වා ච දිස්වා ච සුත්වා ච අගාරස්මා අනගාරියං පබ්බජිතොති.
Sinhala BJTමහරජ, භගවත් වූ සියල්ල දන්නා සියල්ල දක්නා අර්‍හත් ඒ සම්‍යක්සම්බුද්ධයන් වහන්සේ විසින් මෙ කරුණ සඳහා “ලෝකයා ජරාමරණය කරා යෙයි, අධ්‍රැව යැ’යි වදාරන ලදී. මම යම් ධර්‍මනිර්දේශයක් දැන ද දැක ද අසා ද ගිහිගෙන් නික්ම සස්නට පැමිණියෙම් ද මේ එයට හේතු යි.
Pali BJTඅච්ඡරියං භො රට්ඨපාල, අබ්භුතං භො රට්ඨපාල, යාවසුභාසිතමිදං තෙන භගවතා ජානතා පස්සතා අරහතා සම්මාසම්බුද්ධෙන උපනීයති ලොකො අද්ධුවොති. උපනීයති හි භො රට්ඨපාල, ලොකො අද්ධුවො.
Sinhala BJTආශ්චර්‍ය්‍ය යැ භවත් රට්ඨපාලයෙනි, අද්භූත යැ භවත් රට්ඨපාලයෙනි, ඒ භාග්‍යවත් වූ සියල්ල දන්නා සියල්ල දක්නා අරහත් සම්‍යක් සම්බුද්ධයන් විසින් “ලෝකයා ජරාමරණ කරා යෙයි, අධ්‍රැව යැ” යි වදාළ මෙය සුභාශිතයෙක් මැ යැ. භවත් රට්ඨපාලයෙනි, ලෝකයා ජරාමරණ කරා යේ මැ යැ අධ්‍රැව යි.
Pali BJTසංවිජ්ජන්තෙ ඛො භො රට්ඨපාල, ඉමස්මිං රාජකුලෙ හත්ථිකායාපි අස්සකායාපි රථකායාපි පත්තිකායාපි, යෙ අම්හාකං ආපදාසු පරියොධාය වත්තිස්සන්ති. ‘අත්තාණො{1} ලොකො අනභිස්සරො’ති භවං රට්ඨපාලො ආහ. ඉමස්ස පන භො රට්ඨපාල, භාසිතස්ස කථං අත්ථො දට්ඨබ්බොති?
Sinhala BJTභවත් රට්ඨපාලයෙනි, යම් සියුරඟ සෙන්හු අප ගේ විපත්හි දී උවදුරු මැඩගෙන වැටෙත් ද, එ බඳු වූ හස්තිසමූහයෝද අශ්වසමූහයෝද රථසමූහයෝ ද පදාති සමූහයෝ ද මේ රජකුලයෙහි ඇත් මැ යැ. භවත් රට්ඨපාලයෝ “ලෝකයා ත්‍රාණ රහිතයැ, වෙත පැමිණ අස්වසන්නට නිසියෙක් නැත්තේ යැ”යි කියති. භවත් රට්ඨපාලයෙනි, මේ භාෂිතයාගේ අර්‍ත්‍ථ කෙසේ දතයුතු වේ ද?
Pali BJTතං කිං මඤ්ඤසි මහාරාජ, අත්ථි තෙ කොචි අනුසායිකො ආබාධොති?
Sinhala BJTමහරජ, ඒ කෙසේ හඟිහි? තට කිසියම් සිරුරෙහි නිධාන ගත වැ වැටෙන ආබාධයෙක් ඇද්ද?
Pali BJTඅත්ථි මෙ භො රට්ඨපාල, අනුසායිකො ආබාධො. අප්පෙකදා මං භො රට්ඨපාල, මිත්තාමච්චා ඤාතිසාලොහිතා පරිවාරෙත්වා ඨිතා හොන්ති ඉදානි රාජා කොරබ්යො කාලං කරිස්සති, ඉදානි රාජා කොරබ්යො කාලං කරිස්සතී’ති.
Sinhala BJTභවත් රට්ඨපාලයෙනි, මට අනුසයිත වාතාබාධයෙක් ඇත. භවත් රට්ඨපාලයෙනි කිසි දිනෙකැ සගයහළුවෝ ද නෑසහලේ නෑයෝ ද මා වට කොට ගෙන සිටියාහු වෙති, ‘දැන් කෝරව්‍යරජ කලුරිය කෙරෙයි, දැන් කෝරව්‍ය රජ කලුරිය කෙරෙයි” කියා යි.
Pali BJTතං කිං මඤ්ඤසි මහාරාජ, ලභසි ත්වං තෙ මිත්තාමච්චෙ ඤාතිසාලොහිතෙ ‘ආයන්තු මෙ භොන්තො මිත්තාමච්චා ඤාතිසාලොහිතා, සබ්බෙව සන්තා ඉමං වෙදනං සංවිභජථ, යථාහං ලහුකතරිකං වෙදනං වෙදියෙය්ය’න්ති උදාහු ත්වංයෙව තං වෙදනං වෙදියසීති?
Sinhala BJTමහරජ, ඒ කෙසේ හඟිහි? “භවත් මිත්‍රාමාත්‍යයෝ ද නෑ සහලේ නෑයෝ ද එත්වා, මම යම් පරිදි ලඝුතර වේදනාවක් විඳින්නෙම් නම් එපරිද්දෙන් හැමදෙන මේ වේදනාව බෙදාගනුව”යි. ඒ සගයහළුවන් හා නෑසාලේ නෑයන් ලබාගන්නෙහි ද? නොහොත් තෙපි මැ ඒ වේදනාව විඳුනහු දැ?යි.
Pali BJTනාහං භො රට්ඨපාල, ලභාමි තෙ මිත්තාමච්චෙ ඤාතිසාලොහිතෙ ආයන්තු මෙ භොන්තො මිත්තාමච්චා ඤාතිසාලොහිතා, සබ්බෙව සන්තා ඉමං වෙදනං සංවිභජථ, යථාහං ලහුකතරිකං වෙදනං වෙදියෙය්යන්ති. අථ ඛො අහමෙව තං වෙදනං වෙදියාමීති.
Sinhala BJTභවත් රට්ඨපාලයෙනි, මාගේ භවත් මිත්‍රාමාත්‍යයෝ ද නෑසාලේ නෑයෝ ද එත්වා, “යම් පරිදි මම ලඝුතර වේදනාවක් විඳුනෙම් නම් එපරිදි හැම දෙන මේ වේදනා බෙදාගනුව”යි ඒ සගයහළුවන් හා නෑසාලේ නෑයන් ලබා නො ගන්නෙමි, වැළිත් මම මැ ඒ වේදනාව විඳගනිමි’යි කී.
Pali BJTඉදං ඛො තං මහාරාජ, තෙන භගවතා ජානතා පස්සතා අරහතා සම්මාසම්බුද්ධෙන සන්ධාය භාසිතං ‘අත්තාණො{1} ලොකො අනභිස්සරො’ති යමහං ඤත්වා ච දිස්වා ච සුත්වා ච අගාරස්මා අනගාරියං පබ්බජිතොති.
Sinhala BJTමහරජ, “ලෝකයා ත්‍රාණ රහිත යැ. අනභිස්සර යැ’යි භගවත් වූ සියල්ල දන්නා සියල්ල දක්නා අර්‍හත් ඒ සම්‍යක් සම්බුද්ධයන්වහන්සේ විසින් මේ කරුණ සඳහා වදාරන ලදී. මම යම් ධර්‍මනිර්දේශයක් දැන ද දැක ද අසා ද ගෙන් නික්ම සස්නට පැමිණියෙම්ද මේ එයට හේතු යි.
Pali BJTඅච්ඡරියං භො රට්ඨපාල, අබ්භුතං භො රට්ඨපාල, යාවසුභාසිතමිදං තෙන භගවතා ජානතා පස්සතා අරහතා සම්මාසම්බුද්ධෙන ‘අත්තාණො ලොකො අනභිස්සරො’ති. අත්තාණො හි භො රට්ඨපාල, ලොකො අනභිස්සරො.
Sinhala BJTභවත් රට්ඨපාලයෙනි, ආශ්චර්‍ය්‍ය යැ භවත් රට්ඨපාලයෙනි, අද්භූත යැ “ලෝකයා ත්‍රාණ රහිත යැ, අනභිස්සර යැ”යි භගවත් වූ සියල්ල දන්නා සියල්ල දක්නා අර්‍හත් ඒ සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ විසින් මෙය මොනොවට වදාරන ලද්දේ මැ යැ.
Pali BJTසංවිජ්ජති ඛො භො රට්ඨපාල, ඉමස්මිං රාජකුලෙ පහූතං හිරඤ්ඤසුවණ්ණං භූමිගතඤ්චෙව වෙහාසගතඤ්ච. ‘අස්සකො ලොකො සබ්බං පහාය ගමනීය’න්ති, භවං රට්ඨපාලො ආහ. ඉමස්ස පන භො රට්ඨපාල, භාසිතස්ස කථං අත්ථො දට්ඨබ්බොති?
Sinhala BJTභවත් රට්ඨපාලයෙනි, මේ රාජ කුලයෙහි භූමිගත වූත් ආකාශගත වූත් ප්‍රභූත හිරණ්‍යසවර්‍ණ ඇත. “ලෝකයා තමා අයත් කිසිවක් නැත්තේ යැ, හැම හැරපියා යායුතු යැ” යි. භවත් රට්ඨපාලයෝ කියත්. භවත් රට්ඨපාලයෙනි, වැළිත් මේ භාෂිතයා ගේ අර්‍ත්‍ථය කෙසේ දත යුතු වේ දැ? යි.
Pali BJTතං කිං මඤ්ඤසි මහාරාජ, යථා ත්වං එතරහි පඤ්චහි කාමගුණෙහි සමප්පිතො සමඞ්ගීභූතො පරිචාරෙසි. ලච්ඡසි ත්වං පරත්ථාපි, එවමෙවාහං ඉමෙහෙව පඤ්චහි කාමගුණෙහි සමප්පිතො සමඞ්ගීභූතො පරිචාරෙමීති. උදාහු අඤ්ඤෙ ඉමං භොගං පටිපජ්ජිස්සන්ති, ත්වං පන යථාකම්මං ගමිස්සසීති?
Sinhala BJTමහරජ, ඒ කිමැ යි හඟනෙහි ද? යම්සේ තෙපි දැන් පස්කම් ගුණයෙන් යුක්තවැ සමන්‍වාගත වැ ඉඳුරන් පිනවවු ද, මම පරලෙව්හිදු “මෙසෙයින් මැ මම් මේ මැ පස්කම් ගුණයෙන් යුක්ත වැ සමන්‍වාගත වැ ඉඳුරන් පිනවමි” ලබවු ද? නොහොත් අන්‍යයෝ මේ භෝගය පිළිපදනාහු ද, තෙපි වැළිත් කර්‍මානුරූප වැ යන්නාහු ද? යි.
Pali BJTයථාහං භො රට්ඨපාල, එතරහි පඤ්චහි කාමගුණෙහි සමප්පිතො සමඞ්ගීභූතො පරිචාරෙමි. නාහං ලච්ඡාමි පරත්ථාපි එවමෙවාහං ඉමෙහෙව පඤ්චහි කාමගුණෙහි සමප්පිතො සමඞ්ගීභූතො පරිචාරෙමීති. අථ ඛො අඤ්ඤෙ ඉමං භොගං පටිපජ්ජිස්සන්ති. අහං පන යථාකම්මං ගමිස්සාමීති.
Sinhala BJTභවත් රට්ඨපාලයෙනි, යම්සේ මම් දැන් පස්කම් ගුණයෙන් යුක්තවැ සමන්‍වාගත වැ ඉඳුරන් පිනවම් ද, මම පරලෙව්හිදු “මෙසෙයින් මැ මෙ මැ පස්කම් ගුණයෙන් යුක්ත වැ සමන්‍වාගත වැ ඉඳුරන් පිනවමි” නො ලැබෙමි, වැළිත් අන්හු මේ භොග ලබන්නාහ. මම වැළිත් කම්සේ යන්නෙමි” යි.
Pali BJTඉදං ඛො තං මහාරාජ, තෙන භගවතා ජානතා පස්සතා අරහතා සම්මාසම්බුද්ධෙන සන්ධාය භාසිතං: ‘අස්සකො ලොකො සබ්බං පහාය ගමනීය’න්ති. යමහං ඤාත්වා ච දිස්වා ච සුත්වා ච අගාරස්මා අනගාරියං පබ්බජිතොති.
Sinhala BJTමහරජ, ඒ භගවත් වූ සියල්ල දන්නා සියල්ල දක්නා අර්‍හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ විසින් මේ සඳහා “ලෝකයා තමා අයත් කිසිවක් නැත්තේ යැ. සියල්ල හැරපියා යායුතු වන්නේ යැ”යි වදාරන ලද. මම යම් දහමක් දැන ද දැක ද අසා ද ගෙන් නික්ම සසුන වන්නෙම් නම් මේ එය යි.
Pali BJTඅච්ඡරියං භො රට්ඨපාල, අබ්භුතං භො රට්ඨපාල, යාව සුභාසිතංමිදං තෙන භගවතා ජානතා පස්සතා අරහතා සම්මාසම්බුද්ධෙන ‘අස්සකො ලොකො, සබ්බං පහාය ගමනීය’න්ති. අස්සකො හි භො රට්ඨපාල, ලොකො සබ්බං පහාය ගමනීයං.
Sinhala BJTආශ්චර්‍ය්‍ය යැ භවත් රට්ඨපාලයෙනි, අද්භූත යැ භවත් රට්ඨපාලයෙනි, ඒ භගවත් වූ සියල්ල දන්නා සියල්ල දක්නා අර්‍හත් සම්‍යක් සම්බුද්ධයන් විසින් “ලෝකයා තමා අයත් කිසිවක් නැත්තේ යැ, සියල්ල හැරපියා යායුතු වන්නේ යැ”යි වදාළ මේ සුභාෂිත මැ යි. භවත් රට්ඨපාලයෙනි, ‘ලෝකයා තමා අයත් කිසිවක් නැත්තේ මැ යැ, සියල්ල හැරපියා යායුතු මැ වන්නේ’ යි.
Pali BJT‘ඌනො ලොකො අතිත්තො තණ්හා දාසො’ති භවං රට්ඨපාලො ආහ. ඉමස්ස පන භො රට්ඨපාල, භාසිතස්ස කථං අත්ථො දට්ඨබ්බොති?
Sinhala BJT“ලෝකයා ඌනයැ, අතෘප්ත යැ, තෘෂ්ණාවට දාස යැ”යි භවත් රට්ඨපාලයෝ කියති. භවත් රට්ඨපාලයෙනි, මේ භාෂිතයාගේ අර්‍ත්‍ථ කෙසේ දත යුතු වේ දැ?යි.
Pali BJTතං කිං මඤ්ඤසි මහාරාජ, ඵීතං කුරුං අජ්ඣාවසසීති?
Sinhala BJTමහරජ, ඒ කිමැ යි හඟිහි ද? සමෘද්ධ වූ කුරු ජනපදයෙහි ඉසුරු වැ වෙසේ දැ? යි.
Pali BJTඑවං භො රට්ඨපාල, ඵීතං කුරුං අජ්ඣාවසාමීති.
Sinhala BJTඑසේ යැ භවත් රට්ඨපාලයෙනි, සමෘද්ධ වූ කුරු ජනපදයෙහි වෙසෙමි’යි.
Pali BJTතං කිං මඤ්ඤසි මහාරාජ, ඉධ තෙ පුරිසො ආගච්ඡෙය්ය පුරත්ථිමාය දිසාය සද්ධායිකො පච්චයිකො. සො තං උපසඞ්කමිත්වා එවං වදෙය්ය: යග්ඝෙ මහාරාජ, ජානෙය්යාසි, අහං ආගච්ඡාමි පුරත්ථිමාය දිසාය, තත්ථද්දසං මහන්තං ජනපදං ඉද්ධඤ්චෙව ඵීතඤ්ච බහුජනං ආකිණ්ණමනුස්සං. බහූ තත්ථ හත්ථිකායා අස්සකායා රථකායා පත්තිකායා, බහුං තත්ථ ධනධඤ්ඤං{1} බහුං තත්ථ හිරඤ්ඤ සුවණ්ණං අකතඤ්චෙව කතඤ්ච, බහු තත්ථ ඉත්ථිපරිග්ගහො. සක්කා ච තාවතකෙන බලමත්තෙන{2} අභිවිජිනිතුං, අභිවිජින මහාරාජා’ති. කින්ති නං කරෙය්යාසීති?
Sinhala BJTමහරජ, එය කිමැ’යි හඟනෙහි ද? මෙහි තොප ගේ හැදැහිය හැකි වචන ඇති උපාදේයවචන ඇති පුරුෂයෙක් පෙරදිගින් එන්නේ යැ. හේ තොප කරා එළැඹ මෙසේ කියන්නේ යැ: මහාරාජයෙනි, දන්නේ මැනැවි. මම පෙරදිගින් එන්නෙමි. එහි සමෘද්ධ වූ ත් ඉතා සමෘද්ධ වූ ත් බොහෝ ජනයා ඇති මිනිසුන් ගැවැසිගත් මහත් ජනපදයක් දිටිමි. එහි හස්තිකායයෝ බොහෝහ. අශ්වකායයෝ බොහෝහ. රථකායයෝ බොහෝහ. පදාතිකායයෝ බොහෝහ. එහි ධන ධාන්‍යබොහෝ යැ. එහි කළ නො කළ හිරණ්‍යසවර්‍ණ බොහෝ යැ. එහි ස්ත්‍රීපරිග්‍රහ බොහෝ යැ. තාවන්මාත්‍රබලයෙකින් දනන්නට හැකියැ. මහරජ දිනාගනුව”යි. කිම, ඒ කෙරෙහි දැ?යි.
Pali BJTතම්පි මයං භො රට්ඨපාල, අභිවිජිය{3} අජ්ඣාවසෙය්යාමාති.
Sinhala BJT‘භවත් රට්ඨපාලයෙනි, අපි එ ද දිනාගෙන වසම්හ’යි.
Pali BJTතං කිං මඤ්ඤසි මහාරාජ, ඉධ තෙ පුරිසො ආගච්ඡෙය්ය පච්ඡිමාය දිසාය -පෙ- උත්තරාය දිසාය -පෙ- දක්ඛිණාය දිසාය -පෙ- පරසමුද්දතො සද්ධායිකො පච්චයිකො. සො තං උපසඞ්කමිත්වා එවං වදෙය්ය: යග්ඝෙ මහාරාජ, ජානෙය්යාසි, අහං ආගච්ඡාමි පරසමුද්දතො, තත්ථද්දසං මහන්තං ජනපදං ඉද්ධඤ්චෙව ඵීතඤ්ච බහුජනං ආකිණ්ණමනුස්සං. බහූ තත්ථ හත්ථිකායා අස්සකායා රථකායා පත්තිකායා, බහුං තත්ථ ධනධඤ්ඤං, බහුං තත්ථ හිරඤ්ඤසුවණ්ණං අකතඤ්චෙව කතඤ්ච, බහු තත්ථ ඉත්ථිපරිග්ගහො. සක්කා ච තාවතකෙන බලමත්තෙන අභිවිජිනිතුං. අභිවිජින මහාරාජා’ති කින්ති නං කරෙය්යාසීති.
Sinhala BJTමහරජ, ඒ කෙසේ හඟිහි? මෙහි ශ්‍රාද්ධෙය වචන ඇති විශ්වාසභුමි වූ තොප ගේ පුරුෂයෙක් පැළදිගිනුදු එයි ... උතුරුදිගිනුදු එයි ... දකුණුදිගිනුදු එයි ... පරසමුද්‍රයෙනුදු එයි. හේ තොප කරා එළැඹ මෙසේ බෙණෙයි: දේවයන් වහන්ස, දන්නාව? මම පරසමුද්‍රයෙන් එමි. එහි සමෘද්ධිමත් වූ ද වෘද්ධිමත් වූ ද බොහෝ දෙනා ඇති මනුෂ්‍යගණාකීර්‍ණ මහත් ජනපදයක් දිටිමි. එහි හස්තිසමූහයෝ බොහෝහ. අශ්වසමූහයෝ බොහෝහ. රථසමූහයෝ බොහෝහ. පදාතිසමූහයෝ බොහෝහ. එහි ධනධාන්‍ය බොහෝ යැ. එහි කළ නො කළ හිරණ්‍යසවර්‍ණ බොහෝ යැ. එහි ස්ත්‍රීපරිග්‍රහ බොහෝ යැ. තාවන්මාත්‍රබලයෙකින් දනන්නට හැකියැ. දේවයිනි, දිනාගනුව”යි. කිම, එය කරන්නාව?යි.
Pali BJTතම්පි මයං භො රට්ඨපාල, අභිවිජිය අජ්ඣාවසෙය්යාමාති.
Sinhala BJT‘භවත් රට්ඨපාලයෙනි, අපි එ ද දිනාගෙන වසම්හ’යි.
Pali BJTඉදං ඛො තං මහාරාජ, තෙන භගවතා ජානතා පස්සතා අරහතා සම්මාසම්බුද්ධෙන සන්ධාය භාසිතං: ‘ඌනො ලොකො අතිත්තො තණ්හාදාසො’ති, යමහං ඤත්වා ච දිස්වා ච සුත්වා ච අගාරස්මා අනගාරියං පබ්බජිතොති.
Sinhala BJTමහරජ, භගවත් වූ සියල්ල දන්නා සියල්ල දක්නා අර්‍හත් සම්‍යක් සම්බුද්ධයෙන් වහන්සේ විසින් “ලෝකයා ඌන යැ, තෘප්ති රහිත යැ, තෘෂ්ණාදාස යැ” යන මෙ බස මෙ කරුණ සඳහා වදාරන ලද්දේ යැ. මම යම් ධර්‍මනිර්දේශයක් දැන ද දැක ද අසා ද ගිහිගෙන් නික්ම සස්නට පැමිණියෙම් ද මේ එයට හේතු යි.
Pali BJTඅච්ඡරියං භො රට්ඨපාල, අබ්භුතං භො රට්ඨපාල, යාව සුභාසිතමිදං තෙන භගවතා ජානතා පස්සතා අරහතා සම්මාසම්බුද්ධෙන ‘ඌනො ලොකො අතිත්තො තණ්හාදාසො’ති. ඌනො හි භො රට්ඨපාල, ලොකො අතිත්තො තණ්හාදාසොති.
Sinhala BJTභවත් රට්ඨපාලයෙනි, ආශ්චර්‍ය්‍ය යැ, භවත් රට්ඨපාලයෙනි, අද්භූත යැ. භගවත් වූ සියල්ල දන්නා සියල්ල දක්නා අර්‍හත් ඒ සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ විසින් “ලෝකයා ඌනයැ, අතෘප්ත යැ, තෘෂ්ණාවට දාස යැ” යන මෙ බස මොනොවට වදාරන ලද්දේ මැ යැ. භවත් රට්ඨපාලයෙනි, ලෝකයා ඌන මැ යැ, තෘප්ත රහිත මැ යැ, තෘෂ්ණාවට දාස මැ යි.
Pali BJTඉදමවොචායස්මා රට්ඨපාලො. ඉදං වත්වා අථාපරං එතදවොච:
Sinhala BJTආයුෂ්මත් රට්ඨපාල තෙරණුවෝ මේ ධර්‍මනිර්දේශ කීහ. මේ කියා නැවැත තදන්‍යතෙල ගාපෙල ද කීහු:
Pali BJTපස්සාමි ලොකෙ සධනෙ මනුස්සෙ ලද්ධාන විත්තං න දදන්ති මොහා, ලුද්ධා ධනං සන්නිචයං කරොන්ති භිය්යොව{1} කාමෙ අභිපත්ථයන්ති.
Sinhala BJT“ලෝකයෙහි ධනසම්පන්න මිනිසුන් දකිමි. ධන ලැබ මෝහ හේතුයෙන් නො දෙති. ලෝභාභිභූත වූවාහු ධනය රැස්කෙරෙති. පුනපුනා කාම සම්පත් බෙහෙවින් පතත්.
Pali BJTරාජා පසය්හ{2} පඨවිං විජිත්වා{3} සසාගරන්තං මහිමාවසන්තො,{4} ඔරං සමුද්දස්ස අතිත්තරූපො, පාරං සමුද්දස්සපි පත්ථයෙථ.
Sinhala BJTරජ සතුරුමුළු මැඩගෙන සාගරාන්ත සහිත පොළෝ දිනා පොළොව පසස්නේ සමුද්‍රයා ගේ මෙතෙර සියරට ඇත ද (එයින්) අතෘප්තරූප වැ සමුද්‍රයාගේ පරතෙර (ද්විපාන්තරය) පතන්නේ යැ.
Pali BJTරාජා ච අඤ්ඤෙ ච බහූ මනුස්සා, අවීතතණ්හා{5} මරණං උපෙන්ති, ඌනාව හුත්වාන ජහන්ති දෙහං කාමෙ හි ලොකම්හි නහත්ථි තිත්ති.
Sinhala BJTරජු හා තදන්‍ය බොහෝ මනුෂ්‍යයෝ ද අවිගතතෘෂ්ණ වැ මරණයට යෙත්. අපරිපූර්‍ණ මනෝරථ ඇති වැ මැ දේහය පියත්. මෙලොවැ වස්තුකාමයෙහි තෘප්තියෙක් නම් නැත.
Pali BJTකන්දන්ති නං ඤාතී{1}පකිරිය කෙසෙ අහො වතා නො{2} අමරාති චාහු, වත්ථෙන නං පාරුතං නීහරිත්වා චිතං සමාධාය තතො ඩහන්ති.
Sinhala BJTඥාතීහු කෙහෙ විසුරුවාගෙන ඔහු ආහ්වාන කෙරෙති. අහෝ අපගේ නෑයෝ ඒකාන්තයෙන් නො මැරෙන්නාහු වෙත්ව’යි ද කියති. වස්ත්‍රයෙකින් පොරෝනාලද ඔහු ගෙන් බැහැර කොට චිතකයට නගා ඉක්බිති දවත්.
Pali BJTසො ඩය්හති සූලෙහි තුජ්ජමානො එකෙන වත්ථෙන පහාය භොගෙ, න මීයමානස්ස භවන්ති තාණා, ඤාතීධ මිත්තා අථ වා සහායා.
Sinhala BJTහේ භෝගයන් හැරපියා එක් මැ වස්ත්‍රයෙකින් යුතු වැ හුලින් පෙළනුලැබෙමින් දැවෙයි. මියනුවහට මෙලොවැ ඥාතීහු මිත්‍රයෝ නොහොත් යහළුවෝ ත්‍රාණ නො වෙත්.
Pali BJTදායාදකා තස්ස ධනං හරන්ති සත්තො පන ගච්ඡති යෙන කම්මං, න මීයමානං ධනමන්වෙති කිඤ්චි පුත්තා ච දාරා ච ධනඤ්ච රට්ඨං.
Sinhala BJTඔහුගේ ධනය දායාදයෝ ගෙන යති. සත්ත්‍ව වැළිත් කර්‍මානුරූප වැ යෙයි. කිසි ධනයක් මිය යනුවහු පසුපස නො එයි. පුත්‍රයෝ ද භාර්‍ය්‍යාවෝ ද ධනය ද රට ද නො එත්.
Pali BJTන දීඝමායුං ලභතෙ ධනෙන න චාපි විත්තෙන ජරං විහන්ති, අප්පං හිදං{3} ජීවිතමාහු ධීරා අසස්සතං{4} විප්පරිනාමධම්මං.
Sinhala BJTධන හේතුයෙන් යම් දීර්‍ඝායුෂ ලබා ද ඒ ධනයෙන් ජරාව නො ද නස්නේයැ. බුද්ධාදී ධීරයෝ අල්ප වූ තෙල ජීවිතය පෙරළෙන සැහැවි ඇති (එහෙයින් මැ) අශාශ්වතයක් කොට වදාරත්.
Pali BJTඅඩ්ඪා දළිද්දා ච ඵුසන්ති ඵස්සං බාලො ච ධීරො ච තථෙව ඵුට්ඨො, බාලො හි බාල්යාවධිතොව සෙති ධීරො ච න වෙධති ඵස්සඵුට්ඨො.
Sinhala BJTආඪ්‍යයෝ ද දරිද්‍රයෝ ද අනිෂ්ට මරණසපර්‍ශයට පැමිණෙත්. බාලයා ද ධීරයා ද එසෙයින් මැ පහළේ වෙයි. (වෙසෙස කිමෙක යත්:) බාලයා වනාහි බාලභාවයෙන් හිංසිත වැ හෝනේ යැ. අනිෂ්ටසපර්‍ශයෙන් ස්පර්‍ශ කරන ලද ධීරයා වනාහි නොසැලෙන්නේ යි.
Pali BJTතස්මා හි පඤ්ඤාව ධනෙන සෙය්යො යාය වොසානං ඉධාධිගච්ඡති, අබ්යොසිතත්තා{5} හි භවාභවෙසු පාපානි කම්මානි කරොන්ති මොහා.
Sinhala BJTමෙලොව යම් ප්‍රඥායෙකින් ලෝකාන්ත සඞ්ඛ්‍යාත නිර්‍වාණය ලබාද එහෙයින් ධනයට වඩා ප්‍රඥාව මැ උතුම් වෙයි. අව්‍යවසිත (අරහත්‍වප්‍රාප්තියෙන් සසර අවසන් නො කළ) බැවින් මෝහ හේතුයෙන් කුදුමහත් භවයෙහි පව්කම් කෙරෙත්.
Pali BJTඋපෙති ගබ්භඤ්ච පරඤ්ච ලොකං සංසාරමාපජ්ජ පරම්පරාය, තස්සප්පපඤ්ඤො අභිසද්දහන්තො උපෙති ගබ්භඤ්ච පරඤ්ච ලොකං.
Sinhala BJTහේ පුනපුනා සසරට පැමිණ මාතෘගර්‍භය කරා ද පරලොව කරා ද එළැඹෙයි. ඔහු ගේ ක්‍රියා හදහන මඳනුවණැත්තේ මාතෘගර්‍භය කරා ද පරලොව කරා ද එළැඹෙයි.
Pali BJTචොරො යථා සන්ධිමුඛෙ ගහීතො සකම්මනා{6} හඤ්ඤති පාපධම්මො, එවං පජා පෙච්ච පරම්හි ලොකෙ සකම්මනා හඤ්ඤති පාපධම්මො{7}.
Sinhala BJT(සන්‍ධිච්ඡේද සඞ්ඛ්‍යාත) පාපධර්‍ම ඇති සොර තෙම යම්සේ සන්‍ධිමුඛයෙහි දී ගන්නා ලද්දේ ස්වකීය කර්‍ම හේතුයෙන් පෙළනු ලැබේ ද, එසෙයින් මැ පාපස්වභාව ඇති ප්‍රජාව මියැ පරලෙව්හිදී සියකම් හෙයින් පෙළනු ලැබෙයි.
Pali BJTකාමාහි චිත්රා මධුරා මනොරමා විරූපරූපෙන මථෙන්ති චිත්තං ආදීනවං කාමගුණෙසු දිස්වා තස්මා අහං පබ්බජිතොම්හි රාජ.
Sinhala BJTයම් හෙයකින් වස්තුකාමයෙන් විසිතුරු වූවාහු මධුර වූවාහු (පුහුදුනට) මනරම් වූවාහු විවිධස්වරූපයෙන් සිත අළලත් ද, එහෙයින් මහරජ මම කාමගුණයෙහි ආදීනව දැක පැවිදි වූයෙමි.
Pali BJTදුමප්ඵලානීව{1} පතන්ති මාණවා දහරා ච වුද්ධා ච සරීරභෙදා, එතම්පි දිස්වා{2} පබ්බජිතොම්හි රාජ අපණ්ණකං සාමඤ්ඤමෙව සෙය්යො”ති.
Sinhala BJTතරුණ වූ ද වෘද්ධ වූ ද සත්ත්‍වයෝ ශරීරභේදයෙන් වෘක්‍ෂයන් ගේ ඵල සෙයින් (දිවියෙන්) ගිළිහෙති. මහරජ, මෙසේත් දැක පැවිදි වීමි. නෛර්‍ය්‍යාණික වූ ශ්‍රමණභාවය මැ උත්තරීතර වේ” යයි.
Pali BJTරට්ඨපාලසුත්තං දුතියං.
Sinhala BJTදෙ වැනි රට්ඨපාල සූත්‍ර යි.
Pali BJT2. 4. 3.
Sinhala BJT2. 4. 3.
Pali BJTමඛාදෙවසුත්තං
Sinhala BJTමඛාදේව සූත්‍රය
Pali BJTඑවං මෙ සුතං: එකං සමයං භගවා මිථිලායං විහරති මඛාදෙවම්බවනෙ.{1} අථ ඛො භගවා අඤ්ඤතරස්මිං පදෙසෙ සිතං පාත්වාකාසි. අථ ඛො ආයස්මතො ආනන්දස්ස එතදහොසි: කො නු ඛො හෙතු, කො පච්චයො භගවතො සිතස්ස පාතුකම්මාය? න අකාරණෙ{2} තථාගතා සිතං පාතුකරොන්තී’ති. අථ ඛො ආයස්මා ආනන්දො එකංසං චීවරං කත්වා යෙන භගවා තෙනඤ්ජලිම්පණාමෙත්වා භගවන්තං එතදවොච: කො නු ඛො භන්තෙ හෙතු, කො පච්චයො භගවතො සිතස්ස පාතුකම්මාය? න අකාරණෙ{2} තථාගතා සිතං පාතුකරොන්තී’ති.
Sinhala BJTමා විසින් මෙසේ අසන ලද: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ මියුලුනුවර නිසා මඛාදේව නම් අඹඋයන්හි වැඩ වසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ එක්තරා පියෙසෙක්හි සිනා පහළ කළ සේක. එසඳ ආයුෂ්මත් අනඳ තෙරුන්ට තෙල සිත් වී: “භාග්‍යවතුන් වහන්සේගේ සිනා පහළ කිරීමට හේතු කවරේ යැ, ප්‍රත්‍යය කවරේ යැ? නො කරුණෙහි තථාගතයෝ සිනා පහළ නො කෙරෙති”යි. ඉක්බිති ආයුෂ්මත් අනඳ තෙරණුවෝ සිවුරු එකස් කොට පෙරවැබුදුන් දෙසට ඇඳිලි බැඳ වැඳ භාග්‍යවත්නට තෙල බස් සැල කොළෝ: “භාග්‍යවතුන් වහන්සේ සිනා පහළ කිරීමට හේතු කවරේ යැ? ප්‍රත්‍යය කවරේ යැ? අකාරණයෙහි තථාගතයෝ සිනා පාළ නො කෙරෙති”යි.
Pali BJTභූතපුබ්බං ආනන්ද, ඉමිස්සායෙව මිථිලායං රාජා අහොසි මඛාදෙවො{3} නාම ධම්මිකො ධම්මරාජා ධම්මෙ ඨිතො මහාරාජා ධම්මං චරති බ්රාහ්මණගහපතිකෙසු නෙගමෙසු{4} චෙපි ජානපදෙසු ච. උපොසථඤ්ච උපවසති චාතුද්දසිං පඤ්චදසිං අට්ඨමිඤ්ච පක්ඛස්ස.
Sinhala BJTආනන්‍දය, පෙර වූ දැයක් කියමි: මෙ මැ මිථිලායෙහි ධාර්මික වූ ධර්‍මරාජන් වූ මඛාදේව නම් රජ කෙනෙක් වූහ. (දශකුශල කර්‍මපථ) ධර්‍මයෙහි සිටි මහරජ බමුණුගැහැවියන් කෙරෙහි දු නියම්ගම්වැසියන් කෙරෙහි දු දනවුවැසියන් කෙරෙහි දු සම වැ හැසිරෙයි. තුදුස්වක්හි දු පසළොස්වක්හි දු අටවක්හි දු පෙහෙවස් ද එළැඹෙයි.
Pali BJTඅථ ඛො ආනන්ද, රාජා මඛාදෙවො බහුන්නං{5} වස්සානං බහුන්නං වස්සසතානං බහුන්නං වස්සසහස්සානං අච්චයෙන කප්පකං ආමන්තෙසි: ‘යදා මෙ සම්ම කප්පක, පස්සෙය්යාසි සිරස්මිං පලිතානි{6} ජාතානි, අථ මෙ ආරොචෙය්යාසී’ති. එවං දෙවාති ඛො ආනන්ද, කප්පකො රඤ්ඤො මඛාදෙවස්ස පච්චස්සොසි. අද්දසා ඛො ආනන්ද, කප්පකො බහුන්නං වස්සානං බහුන්නං වස්සසතානං බහුන්නං වස්සසහස්සානං අච්චයෙන රඤ්ඤො මඛාදෙවස්ස සිරස්මිං පලිතානි ජාතානි. දිස්වාන රාජානං මඛාදෙවං එතදවොච: පාතුභූතා ඛො දෙවස්ස දෙවදූතා, දිස්සන්ති සිරස්මිං පලිතානි{6} ජාතානී’ති. තෙන හි සම්ම කප්පක, තානි පලිතානි සාධුකං සණ්ඩාසෙන උද්ධරිත්වා මම{7} අඤ්ජලිස්මිං පතිට්ඨාපෙහී’ති. එවං දෙවාති ඛො ආනන්ද, කප්පකො රඤ්ඤො මඛාදෙවස්ස පටිස්සුත්වා තානි පලිතානි සාධුකං සණ්ඩාසෙන උද්ධරිත්වා රඤ්ඤො මඛාදෙවස්ස අඤ්ජලිස්මිං පතිට්ඨාපෙසි.
Sinhala BJTඑකල්හි ආනන්‍දය, මඛාදේව රජ බොහෝ වර්‍ෂශතසහස්‍රයන් ඇවෑමෙන් කපුවා ඇමැතී ය: “සගය කපුව, යම් දිනෙකැ මා හිස නර උපදනේ වේ ද, එසඳ මට සැල කරව”යි කී. ආනන්‍දයෙනි, ඒ කපු “දේවයෙනි, එසේ යැ”යි මඛාදේව රජුට පිළිවදන් දිනි. ආනන්‍දයෙනි, ඒ කපු වර්‍ෂශතසහස්‍රයන් ඇවෑමෙන් මඛාදේව රජුගේ හිසැ උපන් නර දිටී. දැක මඛාදේව රජුට තෙල කී: “දේවයන්හට දේවදූතයෝ පහළ වූහ, හිසෙහි උපන් පලිතයෝ පැනෙති”යි. “සගය කපුව, එ කරුණින් ඒ නර මොනොවට හඬුයෙන් උදුරා මා ඇඳිලියෙහි තබව”යි. ආනන්‍දයෙනි, ඒ කපුවා “දේවයෙනි, එසේ යැ”යි. මඛාදේව රජුට පිළිවදන් දී ඒ පලිතයන් මොනොවට අඬුයෙන් උදුරා මඛාදේව රජු ගේ ඇඳිලියෙහි තැබී.
Pali BJTඅථ ඛො ආනන්ද, රාජා මඛාදෙවො කප්පකස්ස ගාමවරං දත්වා ජෙට්ඨපුත්තං කුමාරං ආමන්තාපෙත්වා එතදවොච: පාතුභූතා ඛො මෙ තාත කුමාර දෙවදූතා, දිස්සන්ති සිරස්මිං පලිතානි ජාතානි, භුත්තා ඛො පන මෙ මානුසකා කාමා, සමයො දිබ්බෙ කාමෙ පරියෙසිතුං. එහි ත්වං තාත කුමාර, ඉමං රජ්ජං පටිපජ්ජ. අහං පන කෙසමස්සුං ඔහාරෙත්වා කාසායානි වත්ථානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියං පබ්බජිස්සාමි.
Sinhala BJTආනන්‍දය, මඛාදේව රජ කපුවාට ගම්වර දී දෙටුපුත් කුමරු අමතා තෙල බස් කී: “පුතැ කුමරුවෙනි, මට දේවදූතයෝ පහළ වූහ, හිසෙහි උපන් නර පැනෙයි, මා විසින් මානුෂකාමයෝ වළඳනලදහ, දිව්‍යකාම සොයන්නට කල් වෙයි. පුතැ කුමරුවෙනි, තෙපි එව, මේ රජය පිළිපදුව, මම වනාහි කෙහෙමස් බහා කසාවත් හැඳ පෙරෙවැ ගෙන් නික්ම පැවිද්දට පැමිණෙමි.
Pali BJTතෙන හි තාත කුමාර, යදා ත්වම්පි පස්සෙය්යාසි සිරස්මිං පලිතානි ජාතානි, අථ කප්පකස්ස ගාමවරං දත්වා ජෙට්ඨපුත්තං කුමාරං සාධුකං රජ්ජෙ සමනුසාසිත්වා කෙසමස්සුං ඔහාරෙත්වා කාසායානි වත්ථානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියං පබ්බජෙය්යාසි. යෙන මෙ ඉදං කල්යාණං වට්ටං{1} නිහිතං අනුප්පවත්තෙය්යාසි. මා ඛො මෙ ත්වං අන්තිමපුරිසො අහොසි. යස්මිං ඛො තාත කුමාර, පුරිසයුගෙ වත්තමානෙ එවරූපස්ස කල්යාණස්ස වට්ටස්ස සමුච්ඡෙදො හොති සො තෙසං අන්තිමපුරිසො හොති. තං තාහං තාත කුමාර, එවං වදාමි: යෙන මෙ ඉදං කල්යාණං වට්ටං නිහිතං අනුප්පවත්තෙය්යාසි, මා ඛො මෙ ත්වං අන්තිමපුරිසො අහොසී’ති.
Sinhala BJTපුතැ කුමරුවෙනි, ඒ කරුණින් මැ තෙපි දු යම් දිනෙකැ හිසෙහි උපන් නර දක්නහු ද, එසඳ කපුවාට ගම්වර දී දෙටුපුත් කුමරු මොනොවට රජයෙහි ලා සමනුශාසනා කොට කෙහෙමස් බහා කසාවත් හැඳ පෙරෙවැ ගෙන් නික්ම පැවිද්දට පැමිණෙව, මා විසින් මේ කලණ වැටෙක් පිහිටුවන ලද ද, එය පවත්වා ලව. තෙපි මා ගේ අන්තිම පුරුෂ නො වව. පුතැ කුමරුවෙනි, යම් පුරුෂයුගයක් ඇති විට මෙ බඳු කලණ වට සිඳී යේ ද, හේ උන් ගේ අන්තිම පුරුෂ වෙයි. පුතැ කුමරුවෙනි, එහෙයින් මම තොපට මෙසේ කියමි: මා විසින් මේ කලණවැටෙක් පිහිටුවන ලද ද, එය පවත්වා ලව, තෙපි නහමක් මා ගේ අන්තිම පුරුෂ වව”යි.
Pali BJTඅථ ඛො ආනන්ද, රාජා මඛාදෙවො කප්පකස්ස ගාමවරං දත්වා ජෙට්ඨපුත්තං කුමාරං සාධුකං රජ්ජෙ සමනුසාසිත්වා ඉමස්මිංයෙව මඛාදෙවම්බවනෙ කෙසමස්සුං ඔහාරෙත්වා කාසායානි වත්ථානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියං පබ්බජි. සො මෙත්තාසහගතෙන චෙතසා එකං දිසං ඵරිත්වා විහාසි, තථා දුතියං, තථා තතියං, තථා චතුත්ථිං,{2} ඉති උද්ධමධො තිරියං සබ්බධි සබ්බත්තතාය සබ්බාවන්තං ලොකං මෙත්තාසහගතෙන චෙතසා විපුලෙන මහග්ගතෙන අප්පමාණෙන අවෙරෙන අබ්යාපජ්ඣෙන ඵරිත්වා විහාසි. කරුණාසහගතෙන චෙතසා -පෙ- මුදිතාසහගතෙන චෙතසා -පෙ- උපෙක්ඛාසහගතෙන චෙතසා එකං දිසං ඵරිත්වා විහාසි, තථා දුතියං, තථා තතියං, තථා චතුත්ථිං{2} ඉති උද්ධමධො තිරියං සබ්බධි සබ්බත්තතාය සබ්බාවන්තං ලොකං උපෙක්ඛාසහගතෙන චෙතසා විපුලෙන මහග්ගතෙන අප්පමාණෙන අවෙරෙන අබ්යාපජ්ඣෙන ඵරිත්වා විහාසි.
Sinhala BJTඉක්බිති ආනන්‍දයෙනි, මඛාදේව රජ කපුවාට ගම්වර දී දෙටුපුත් කුමරු රජයෙහි ලා සමනුශාසනා කොට මේ මුවදෙව් අඹවෙනෙහි මැ කෙහෙමස් බහා කහවත් හැඳපෙරෙවැ ගිහිගෙන් නික්ම පැවිද්දට වන. හෙ මෙත්සඟිය සිතින් එක් දිගක් පතුරුවා ගෙන විසී. එසේ දෙවන දිග ද එසේ තුන්වන දිග ද එසේ සතරවන දිග දැ’යි මෙසෙයින් උඩ යට සරස හැම තන්හි සර්‍වාත්මතායෙන් හැම ලොවැ විපුල මහද්ගත අප්‍රමාණ අවෛර අව්‍යාබාධ වූ මෛත්‍රී සහගත චිත්තයෙන් ස්පර්‍ශ කොට විසී. කරුණා සහගත සිතින් ... මෘදුතාසහගත සිතින් ... උපේක්‍ෂාසහගත සිතින් එක් දිගක් ස්පර්‍ශ කොට විසී. එසේ දෙවන දිග ද එසේ තුන්වන දිග ද එසේ සතරවන දිග දැ’යි මෙසෙයින් උඩ යට සරස හැම තන්හි සර්‍වාත්මතායෙන් හැම ලොවැ විපුල මහද්ගත අප්‍රමාණ අවෛර අව්‍යාබාධ වූ උපේක්‍ෂා සහගත චිත්තයෙන් ස්පර්‍ශ කොට විසී.
Pali BJTරාජා ඛො පනානන්ද, මඛාදෙවො චතුරාසීතිවස්සසහස්සානි කුමාරකීළිතං කීළි, චතුරාසීතිවස්සසහස්සානි ඔපරජ්ජං{3} කාරෙසි, චතුරාසීතිවස්සසහස්සානි රජ්ජං කාරෙසි, චතුරාසීතිවස්සසහස්සානි ඉමස්මිංයෙව මඛාදෙවම්බවනෙ අගාරස්මා අනගාරියං පබ්බජිතො බ්රහ්මචරියං චරි. සො චත්තාරො බ්රහ්මවිහාරෙ භාවෙත්වා කායස්ස භෙදා පරම්මරණා බ්රහ්මලොකූපගො අහොසි.
Sinhala BJTආනන්‍දයෙනි, මඛාදේව රජ සූවාසුදහසක් හවුරුදු කුමර කෙළි කෙළියේ. සූවාසුදහසක් හවුරුදු යුවරජය කෙළේ. සූවාසුදහසක් හවුරුදු රජය කෙළේ. සූවාසුදහසක් හවුරුදු මේ මඛාදේව අඹවෙනෙහි මැ ගෙන් නික්ම ඍෂි ප්‍රව්‍රජ්‍යාවට පැමිණියේ බඹසර පිරී. හෙ සතර බඹවෙහෙර හවා කාබුන් මරණින් මතුයෙහි බඹලෝ කරා ගියේ වී.
Pali BJTඅථ ඛො ආනන්ද, රඤ්ඤො මඛාදෙවස්ස පුත්තො බහුන්නං වස්සානං බහුන්නං වස්සසතානං බහුන්නං වස්සසහස්සානං අච්චයෙන කප්පකං ආමන්තෙසි: ‘යදා මෙ සම්ම කප්පක, පස්සෙය්යාසි සිරස්මිං පලිතානි ජාතානි, අථ මෙ ආරොචෙය්යාසී’ති. එවං දෙවාති ඛො ආනන්ද, කප්පකො රඤ්ඤො මඛාදෙවස්ස පුත්තස්ස පච්චස්සොසි. අද්දසා ඛො ආනන්ද, කප්පකො බහුන්නං වස්සානං බහුන්නං වස්සසතානං බහුන්නං වස්සසහස්සානං අච්චයෙන රඤ්ඤො මඛාදෙවස්ස පුත්තස්ස සිරස්මිං පලිතානි ජාතානි. දිස්වාන රඤ්ඤො මඛාදෙවස්ස පුත්තං එතදවොච: ‘පාතුභූතා ඛො දෙවස්ස දෙවදූතා, දිස්සන්ති සිරස්මිං පලිතානි ජාතානී’ති. තෙන හි සම්ම කප්පක, තානි පලිතානි සාධුකං සණ්ඩාසෙන උද්ධරිත්වා මම අඤ්ජලිස්මිං පතිට්ඨාපෙහී’ති. එවං දෙවාති ඛො ආනන්ද, කප්පකො රඤ්ඤො මඛාදෙවස්ස පුත්තස්ස පටිස්සුත්වා තානි පලිතානි සාධුකං සණ්ඩාසෙන උද්ධරිත්වා රඤ්ඤො මඛාදෙවස්ස පුත්තස්ස අඤ්ජලිස්මිං පතිට්ඨාපෙසි.
Sinhala BJTඉක්බිති ආනන්‍දයෙනි, මඛාදේව රජු පුත් බොහෝ වර්‍ෂශතසහස්‍රයන් ඇවෑමෙන් කපුවා ඇමැතී: “සගය කපුව, යම් දිනෙකැ මා හිසෙහි පලිතයෝ උපදිත් ද, එසඳ මට කියව”යි කී. ආනන්‍දයෙනි, ඒ කපුවා “දේවයෙනි එසේ යැ”යි මඛාදේවපුත්‍ර රජුට පිළිවදන් දිනි. ආනන්‍දයෙනි, ඒ කපුවා බොහෝ වර්‍ෂශතසහස්‍රයන් ඇවෑමෙන් මඛාදේවපුත්‍ර රජුගේ හිසෙහි පහළ වූ නරකෙස් දිටී. දැක මඛාදේවපුත්‍ර රාජයාහට තෙල බස් කී: “දේවයන්හට දේවදූතයෝ පහළ වූහ, හිසෙහි හටගත් පලිතයෝ පැනෙති”යි කී. “සගය කපුව, එහෙයින් ඒ පලිත මනාකොට අඬුවෙන් උදුරා මා ගේ කරපුටයෙහි තබව”යි. ආනන්‍දයෙනි, ‘දේවයෙනි, එසේ යැ’යි කපුවා මඛාදේවපුත්‍ර රාජයාහට පිළිවදන් දී ඒ නර මනාකොට අඬුවෙන් උදුරා මඛාදේවපුත්‍ර රජුගේ කරපුටයෙහි තැබී.
Pali BJTඅථ ඛො ආනන්ද, රඤ්ඤො මඛාදෙවස්ස පුත්තො කප්පකස්ස ගාමවරං දත්වා ජෙට්ඨපුත්තං කුමාරං ආමන්තාපෙත්වා එතදවොච: ‘පාතුභූතා ඛො මෙ තාත කුමාර දෙවදූතා, දිස්සන්ති සිරස්මිං පලිතානි ජාතානි, භුත්තා ඛො පන මෙ මානුසකා කාමා, සමයො දිබ්බෙ කාමෙ පරියෙසිතුං. එහි ත්වං තාත කුමාර, ඉමං රජ්ජං පටිපජ්ජ. අහං පන කෙසමස්සුං ඔහාරෙත්වා කාසායානි වත්ථානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියං පබ්බජිස්සාමි. තෙන හි තාත කුමාර, යදා ත්වම්පි පස්සෙය්යාසි සිරස්මිං පලිතානි ජාතානි, අථ කප්පකස්ස ගාමවරං දත්වා ජෙට්ඨපුත්තං කුමාරං සාධුකං රජ්ජෙ සමනුසාසිත්වා කෙසමස්සුං ඔහාරෙත්වා කාසායානි වත්ථානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියං පබ්බජෙය්යාසි. යෙන මෙ ඉදං කල්යාණං වට්ටං නිහිතං අනුප්පවත්තෙය්යාසි, මා ඛො මෙ ත්වං අන්තිමපුරිසො අහොසි. යස්මිං ඛො තාත කුමාර, පුරිසයුගෙ වත්තමානෙ එවරූපස්ස කල්යාණස්ස වට්ටස්ස සමුච්ඡෙදො හොති, සො තෙසං අන්තිමපුරිසො හොති. තං තාහං තාත කුමාර, එවං වදාමි: යෙන මෙ ඉදං කල්යාණං වට්ටං නිහිතං අනුප්පවත්තෙය්යාසි, මා ඛො මෙ ත්වං අන්තිමපුරිසො අහොසී’ති.
Sinhala BJTඉක්බිති ආනන්‍දයෙනි, මඛාදේව රජු පුත් කපුවාට ගම්වරයක් දී දෙටුපුත්කුමරු අමතා තෙල බස් කී: “පුතැ කුමරුවෙනි, මට දේවදූතයෝ පහළ වූහ, හිසෙහි උපන් පලිතයෝ පැනෙති, මා විසින් වනාහි මානුෂකාමයෝ වළඳන ලදහ. දිව්‍යකාම සොයන්නට කලි. එව දරුව කුමාරයෙනි, තෙපි මේ රජය පිළිගනුව. මම වැළිත් කෙහෙරැවුළු බහා කහවත් හැඳ පෙරෙවැ ගෙන් නික්ම තවුස් පැවිද්දට වදනෙමි. එසේ වී නම් පුතැ කුමරුවෙනි, යම් කලෙකැ තෙපි දු හිසෙහි පලිතයෝ දක්නවු ද, එකල්හි කපුවාට ගම්වර දී දෙටුපුත් කුමරු මොනොවට රජයෙහි සමනුශාසනා කොට කෙස්මස් බහා කහවත් හැඳ පෙරෙවැ ගෙන් නික්ම තවුස්පැවිද්දට වදුව. මා විසින් තබන ලද මේ කලණවැට පවත්වව. තෙපි නහමක් මා ගේ අන්තිමපුරුෂ වව. දරුව කුමාරයෙනි, යම් පුරුෂ යුගයක් පවත්නා කල්හි මෙවන් කලණවැට සිඳේ ද, හෙ ඔවුන් ගේ අන්තිමපුරුෂ වෙයි. එහෙයින් පුතැ කුමරුවෙනි, තොපට මම මෙසේ කියමි: “මා විසින් තබන ලද මේ කලණ වැට පවත්වව. තෙපි නහමක් මා ගේ අන්තිමපුරුෂ වව”යි.
Pali BJTඅථ ඛො ආනන්ද, රඤ්ඤො මඛාදෙවස්ස පුත්තො කප්පකස්ස ගාමවරං දත්වා ජෙට්ඨපුත්තං කුමාරං සාධුකං රජ්ජෙ සමනුසාසිත්වා ඉමස්මිංයෙව මඛාදෙවම්බවනෙ කෙසමස්සුං ඔහාරෙත්වා කාසායානි වත්ථානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියං පබ්බජි. සො මෙත්තාසහගතෙන චෙතසා එකං දිසං ඵරිත්වා විහාසි, තථා දුතියං, තථා තතියං, තථා චතුත්ථිං. ඉති උද්ධමධො තිරියං සබ්බධි සබ්බත්තතාය{1} සබ්බාවන්තං ලොකං මෙත්තාසහගතෙන චෙතසා විපුලෙන මහග්ගතෙන අප්පමාණෙන අවෙරෙන අබ්යාපජ්ඣෙන ඵරිත්වා විහාසි. කරුණාසහගතෙන චෙතසා -පෙ- මුදිතාසහගතෙන චෙතසා -පෙ- උපෙක්ඛාසහගතෙන චෙතසා එකං දිසං ඵරිත්වා විහාසි, තථා දුතියං, තථා තතියං, තථා චතුත්ථිං. ඉති උද්ධමධො තිරියං සබ්බධි සබ්බත්තතාය සබ්බාවන්තං ලොකං උපෙක්ඛාසහගතෙන චෙතසා විපුලෙන මහග්ගතෙන අප්පමාණෙන අවෙරෙන අබ්යාපජ්ඣෙන ඵරිත්වා විහාසි. රඤ්ඤො ඛො පනානන්ද, මඛාදෙවස්ස පුත්තො චතුරාසීතිවස්සසහස්සානි කුමාරකීළිතං කීළි, චතුරාසීතිවස්සසහස්සානි ඔපරජ්ජං කාරෙසි, චතුරාසීතිවස්සසහස්සානි රජ්ජං කාරෙසි, චතුරාසීතිවස්සසහස්සානි ඉමස්මිංයෙව මඛාදෙවම්බවනෙ අගාරස්මා අනගාරියං පබ්බජිතො බ්රහ්මචරියං චරි. සො චත්තාරො බ්රහ්මවිහාරෙ භාවෙත්වා කායස්ස භෙදා පරම්මරණා බ්රහ්මලොකූපගො අහොසි.
Sinhala BJTඉක්බිති ආනන්‍දයෙනි, මඛාදේව රජු ගේ පුත්‍ර කපුවාට ගම්වර දී දෙටුපුත් කුමරු මොනොවට රාජ්‍යයෙහි සමනුශාසනා කොට මෙ මැ මුවදෙව් අඹවෙනෙහි කෙස්මස් බහා කහවත් හැඳ පෙරෙවැ ගෙන් නික්ම තවුස්පැවිදි වන. හෙ මෙත් සහගිය සිතින් එක් දිගක් පතුරුවා විසී. එසේ දෙවන දිග යැ එසේ තුන්වන දිග යැ එසේ සතර වන දිග යැ’යි මෙසෙයින් උඩ යට සරස සියලු තැන්හි සර්‍වාත්මතායෙන් සියලු ලොව විපුල වූ මහද්ගත වූ අප්‍රමාණ වූ අවෛර වූ අව්‍යාබාධ වූ මෙත් සහගිය සිතින් ස්පර්‍ශ කොට විසී. කරුණා සහගත සිතින් ... මෘදුතාසහගත සිතින් ... උපේක්‍ෂාසහගත සිතින් එක් දිගක් ස්පර්‍ශ කොට විසී. එසේ දෙවන දිග යැ එසේ තුන්වන දිග යැ එසේ සතර වන දිග යැ යි මෙසෙයින් උඩ යට සරස සියලු තන්හි සර්‍වාත්මතායෙන් සියලු ලොව විපුල වූ මහද්ගත වූ අප්‍රමාණ වූ අවෛර වූ අව්‍යාබාධ වූ උපේක්‍ෂා සහගත සිතින් ස්පර්‍ශ කොට විසී. ආනන්‍දයෙනි, වැළිත් මුවදෙව් රජු පුත් සූවාසුදහසක් හවුරුදු කුමරකෙළි කෙළියේ යැ. සූවාසුදහසක් හවුරුදු යුවරජය කෙළේ, සූවාසුදහසක් හවුරුදු රජය කෙළේ, සූවාසුදහසක් හවුරුදු මෙ මැ මුවදෙව් අඹවෙනෙහි ගෙන් නික්ම තවුස්පැවිදි වන්නේ බඹසර සැරි. හෙ සිවුබඹවෙහෙර වඩා කාබුන් මරණින් මතු බඹලොව කරා ගියේ යි.
Pali BJTරඤ්ඤො ඛො පනානන්ද, මඛාදෙවස්ස පුත්තප්පපුත්තකා{2} තස්ස පරම්පරා චතුරාසීතිඛත්තියසහස්සානි{3} ඉමස්මිංයෙව මඛාදෙවම්බවනෙ කෙසමස්සුං ඔහාරෙත්වා කාසායානි වත්ථානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියං පබ්බජිංසු. තෙ මෙත්තාසහගතෙන චෙතසා එකං දිසං ඵරිත්වා විහරිංසු, තථා දුතියං, තථා තතියං, තථා චතුත්ථිං.{4} ඉති උද්ධමධො තිරියං සබ්බධි සබ්බත්තතාය සබ්බාවන්තං ලොකං මෙත්තාසහගතෙන චෙතසා විපුලෙන මහග්ගතෙන අප්පමාණෙන අවෙරෙන අබ්යාපජ්ඣෙන ඵරිත්වා විහරිංසු. කරුණාසහගතෙන චෙතසා -පෙ- මුදිතාසහගතෙන චෙතසා -පෙ- උපෙක්ඛාසහගතෙන චෙතසා එකං දිසං ඵරිත්වා විහරිංසු.
Sinhala BJTතවද ආනන්‍දයෙනි, ඒ මඛාදේව රජු ගේ දරුමුනුබුරු පරපුරෙහි සූවාසුදහසක් ක්‍ෂිත්‍රියයෝ මෙ මැ මඛාදේව අඹවනයෙහි කෙහෙමස් බහා කහවත් හැඳ පෙරෙවැ ගෙන් නික්ම තවුස්පැවිදි වන්හ. ඔහු මෙත් සහගිය සිතින් එක් දිගක් අරමුණු කොට විසූහ. එසේ දෙවන දිග යැ එසේ තුන් වන දිග යැ එසේ සතර වන දිග යැ’යි මෙසේ උඩ යට සරස හැම තන්හි සර්‍වාත්මතායෙන් සියලු ලොව විපුල වූ මහද්ගත වූ අප්‍රමාණ වූ අවෛර වූ අව්‍යාබාධ වූ මෛත්‍රී සහගත චිත්තයෙන් අරමුණු කොට විසූහ. කරුණාසහගත සිතින් ... මෘදුතාසහගත සිතින් ... උපේක්‍ෂාසහගත සිතින් එක් දිගක් ස්පර්‍ශ කොට විසූහ. එසේ
Pali BJTතථා දුතියං, තථා තතියං, තථා චතුත්ථිං. ඉති උද්ධමධො තිරියං සබ්බධි සබ්බත්තතාය සබ්බාවන්තං ලොකං උපෙක්ඛාසහගතෙන චෙතසා විපුලෙන මහග්ගතෙන අප්පමාණෙන අවෙරෙන අබ්යාපජ්ඣෙන ඵරිත්වා විහරිංසු. තෙ චතුරාසීතිවස්සසහස්සානි කුමාරකීළිතං කීළිංසු, චතුරාසීතිවස්සසහස්සානි ඔපරජ්ජං{1} කාරෙසුං, චතුරාසීතිවස්සසහස්සානි රජ්ජං කාරෙසුං, චතුරාසීතිවස්සසහස්සානි ඉමස්මිංයෙව මඛාදෙවම්බවනෙ අගාරස්මා අනගාරියං පබ්බජිතා බ්රහ්මචරියං චරිංසු. තෙ චත්තාරො බ්රහ්මවිහාරෙ භාවෙත්වා කායස්ස භෙදා පරම්මරණා බ්රහ්මලොකූපගා අහෙසුං.
Sinhala BJTදෙ වන දිග යැ එසේ තුන් වන දිග යැ එසේ සතරවන දිග යැ’යි මෙසේ උඩ යට සරස සියලු තන්හි සර්‍වාත්මතායෙන් විපුල වූ මහද්ගත වූ අප්‍රමාණ වූ අවෛර වූ අව්‍යාබාධ වූ උපේක්‍ෂා සහගත සිතින් අරමුණු කොට විසූහ. ඔහු සූවාසුදහසක් හවුරුදු කුමාරකෙළි කෙළියහ, සූවාසුදහසක් හවුරුදු යුවරජය කළහ. සූවාසුදහසක් හවුරුදු මහරජය කළහ. සූවාසුදහසක් හවුරුදු මෙ මැ මඛාදේව අඹවෙනෙහි ගෙන් නික්ම පැවිද්දට පැමිණියාහු බඹසර සැරූහ. ඔහු සියුබඹවෙහෙර වඩා කාබුන් මරණින් මතු බඹලොව කරා ගියහ.
Pali BJTනිමි තෙසං රාජා රාජානං{2} පච්ඡිමකො අහොසි ධම්මිකො ධම්මරාජා ධම්මෙ ඨිතො මහාරාජා ධම්මං චරති බ්රාහ්මණගහපතිකෙසු නෙගමෙසු චෙව ජානපදෙසු ච, උපොසථඤ්ච උපවසති චාතුද්දසිං පඤ්චදසිං අට්ඨමිඤ්ච පක්ඛස්ස.
Sinhala BJTධාර්මික වූ ධර්‍මරාජන් වූ නිමි එ රජුන්ගේ පැසුළුරජ වී. දහමෙහි සිටි මහරජ බමුණු ගැහැවියන් කෙරෙහි දු නියම්ගම් වැසියන් කෙරෙහි දු දනවුවැසියන් කෙරෙහි දු සම වැ හැසිරෙයි, තුදුස්වක්හි දු පසළොස්වක්හි දු අටවක්හි දු පෙහෙවසු දු වෙසෙයි.
Pali BJTභූතපුබ්බං ආනන්ද, දෙවානං තාවතිංසානං සුධම්මායං සභායං සන්නිසින්නානං සන්නිපතිතානං අයමන්තරාකථා උදපාදි: ‘ලාභා වත භො විදෙහානං, සුලද්ධං වත භො විදෙහානං, යෙසං නිමි රාජා ධම්මිකො ධම්මරාජා ධම්මෙ ඨිතො මහාරාජා ධම්මං චරති බ්රාහ්මණගහපතිකෙසු නෙගමෙසු චෙව ජානපදෙසු ච, උපොසථඤ්ච උපවසති චාතුද්දසිං පඤ්චදසිං අට්ඨමිඤ්ච පක්ඛස්සා’ති.
Sinhala BJTආනන්‍දයෙනි, භූතපූර්‍වයක් කියමි: සුදම්සබයෙහි රැස් වැ හුන් තව්තිසාවැසි දෙවියන් කෙරෙහි මේ අතුරු කථාව උපන: “භවත්නි, විදේහයනට ඒකාන්ත ලාභයෙක, භවත්නි, විදේහයනට ඒකාන්ත මනා ලාභයෙක. යම් කෙනකුන්ට ධාර්මික වූ ධර්‍මරාජන් වූ නිමිරජ ඇද්ද, දහමෙහි සිටි මහරජ බමුණුගැහැවියන් කෙරෙහි දු නියම්ගම් වැසියන් කෙරෙහි දු දනවුවැසියන් කෙරෙහි දු සම වැ හැසිරේ ද, තුදුස්වක්හි දු පසළොස්වක්හි දු අටවක්හි දු පෙහෙවසුදු වෙසේ ද, ඒ විදේහයනට ඒකාන්ත ලාභයෙකැ”යි.
Pali BJTඅථ ඛො ආනන්ද, සක්කො දෙවානමින්දො දෙවෙ තාවතිංසෙ ආමන්තෙසි: ‘ඉච්ඡෙය්යාථ නො තුම්හෙ මාරිසා, නිමිං රාජානං දට්ඨුන්ති ඉච්ඡාම මයං මාරිස, නිමිං රාජානං දට්ඨුන්ති. තෙන ඛො පන සමයෙන නිමි රාජා තදහුපොසථෙ පන්නරසෙ සසීසං නහාතො{3} උපොසථිකො උපරි පාසාදවරගතො නිසින්නො හොති. අථ ඛො ආනන්ද, සක්කො දෙවානමින්දො සෙය්යථාපි නාම බලවා පුරිසො සම්මිඤ්ජිතං වා බාහං පසාරෙය්ය, පසාරිතං වා බාහං සම්මිඤ්ජෙය්ය, එවමෙවං දෙවෙසු තාවතිංසෙසු අන්තරහිතො නිමිස්ස රඤ්ඤො පමුඛෙ පාතුරහොසි. අථ ඛො ආනන්ද, සක්කො දෙවානමින්දො නිමිං රාජානං එතදවොච: ‘ලාභා තෙ මහාරාජ, සුලද්ධං තෙ මහාරාජ. දෙවා තෙ මහාරාජ, තාවතිංසා සුධම්මායං සභායං කිත්තයමානරූපා සන්නිසින්නා: ‘ලාභා වත භො විදෙහානං, සුලද්ධං වත භො විදෙහානං, යෙසං නිමි රාජා ධම්මිකො ධම්මරාජා ධම්මෙ ඨිතො මහාරාජා ධම්මං චරති බ්රාහ්මණගහපතිකෙසු නෙගමෙසු චෙව ජානපදෙසු ච, උපොසථඤ්ච උපවසති චාතුද්දසිං පඤ්චදසිං අට්ඨමිඤ්ච පක්ඛස්සා’ති. දෙවා තෙ මහාරාජ, තාවතිංසා දස්සනකාමා, තස්ස තෙ අහං මහාරාජ, සහස්සයුත්තං ආජඤ්ඤරථං පහිණිස්සාමි, අභිරුහෙය්යාසි මහාරාජ, දිබ්බං යානං අවිකම්පමානො’ති.
Sinhala BJTඉක්බිති ආනන්‍දයෙනි, සක්දෙවිඳු තව්තිසැවැසි දෙවියන් ඇමැති: “නිදුකාණෙනි තෙපි අප ගේ නිමිරජු දක්නට කැමැතියවු දැ”යි. එසමයෙහි වනාහි නිමිරජ එ පණුරැසි පොහෝ දවස්හි හිස් සෝධා නහා පෙහෙවස් සමාදන් වැ මතුමහල්තලයට වැද හුන්නේ වෙයි. එසඳ ආනන්‍දයෙනි, සක්දෙවිඳු යම්සේ නම් බලවත් පුරුෂයෙක් වක් කළ අතක් හෝ දික් කරන්නේ ද, දික් කළ අතක් හෝ වක් කරන්නේ ද, එසෙයින් මැ තව්තිසාදෙවියන් කෙරෙහි අතුරුදහන් වූයේ නිමිරජ පෙරට පහළ වී. ඉක්බිති ආනන්‍දයෙනි, සක්දෙවිඳු නිමිරජහට තෙල බස් කී: “මහරජ, තොපට ලාභයෙක, මහරජ, තොපට මනා ලාභයෙකි මහරජ, තව්තිසැවැසි දෙවියෝ සුදම්සබයෙහි තොප ගේ ගුණකීර්‍තනය කෙරෙමින් හුන්හ: “භවත්නි, විදේහයනට ඒකාන්ත ලාභයෙක, විදේහයනට ඒකාන්ත මනා ලාභයෙක, යම් කෙනෙකුන්ට ධාර්මික වූ ධර්‍මරාජන් වූ නිමිරජ ඇද්ද, දහමෙහි සිටි මහරජ බමුණුගැහැවියන් කෙරෙහි දු නියම්ගම් වැසියන් කෙරෙහි දු දනව්වැසියන් කෙරෙහි දු සම වැ හැසිරේ ද, තුදුස්වක්හි දු පසළොස්වක්හි දු අටවක්හි දු පෙහෙවසුදු වෙසේ ද, ඒ වේදේහයනට ඒකාන්ත ලාභයෙකැ’යි ගුණ කීර්‍තනය කෙරෙමින් හුන්හ. මහරජ, තව්තිසාවැසි දෙවියෝ තොප දක්නා කැමැතියහ. මහරජ, තොපට මම දහසක් අසුන් යෙදූ ආජන්‍ය රථයක් එවන්නෙමි. මහරජ, නො බා දිව්‍යයානයට නැගෙව”යි කී.
Pali BJTඅධිවාසෙසි ඛො ආනන්ද, නිමි රාජා තුණ්හීභාවෙන. අථ ඛො ආනන්ද, සක්කො දෙවානමින්දො නිමිස්ස රඤ්ඤො අධිවාසනං විදිත්වා සෙය්යථාපි නාම බලවා පුරිසො සමිඤ්ජිතං වා බාහං පසාරෙය්ය, පසාරිතං වා බාහං සමිඤ්ජෙය්ය, එවමෙවං නිමිස්ස රඤ්ඤො පමුඛෙ අන්තරහිතො දෙවෙසු තාවතිංසෙසු පාතුරහොසි.
Sinhala BJTආනන්‍දයෙනි, නිමිරජ තුෂ්ණීම්භාවයෙන් ඉවසී. එසඳ ආනන්‍දයෙනි, සක්දෙවිඳු නිමිරජු ගේ අධිවාසන දැන යම්සේ නම් බලවත් පුරුෂයෙක් වක් කළ අතක් හෝ දික් කරන්නේ ද දික් කළ අතක් හෝ වක් කරන්නේ ද, එසෙයින් මැ නිමිරජු හමුයෙහි අතුරුදහන් වූයේ තව්තිසැ දෙවියන් කෙරෙහි පහළ වී.
Pali BJTඅථ ඛො ආනන්ද, සක්කො දෙවානමින්දො මාතලිසඞ්ගාහකං ආමන්තෙසි: එහි ත්වං සම්ම මාතලි, සහස්සයුත්තං ආජඤ්ඤරථං යොජෙත්වා නිමිං රාජානං උපසඞ්කමිත්වා එවං වදෙසි: ‘අයං තෙ මහාරාජ, සහස්සයුත්තො ආජඤ්ඤරථො සක්කෙන දෙවානමින්දෙන පෙසිතො. අභිරුහෙය්යාසි මහාරාජ, දිබ්බං යානං අවිකම්පමානො’ති. එවං භද්දන්තවාති{1} ඛො ආනන්ද, මාතලි සඞ්ගාහකො සක්කස්ස දෙවානමින්දස්ස පටිස්සුත්වා සහස්සයුත්තං ආජඤ්ඤරථං යොජෙත්වා නිමිං රාජානං උපසඞ්කමිත්වා එතදවොච: ‘අයං තෙ මහාරාජ, සහස්සයුත්තො ආජඤ්ඤරථො සක්කෙන දෙවානමින්දෙන පෙසිතො, අභිරුහ මහාරාජ, දිබ්බං යානං අවිකම්පමානො. අපි ච මහාරාජ, කතමෙන තං නෙමි, යෙන වා පාපකම්මා පාපකානං කම්මානං විපාකං පටිසංවෙදෙන්ති, යෙන වා කල්යාණකම්මා කල්යාණානං කම්මානං විපාකං පටිසංවෙදෙන්තී’ති? උභයෙනෙව මං මාතලි නෙහීති. සම්පාපෙසි{2} ඛො ආනන්ද, මාතලිසඞ්ගාහකො නිමිං රාජානං සුධම්මං සභං.{3} අද්දසා ඛො ආනන්ද, සක්කො දෙවානමින්දො නිමිං රාජානං දූරතොව ආගච්ඡන්තං. දිස්වාන නිමිං රාජානං එතදවොච:
Sinhala BJTඑසඳ ආනන්‍දයෙනි, සක්දෙවිඳු මාතලී රියැදුරු ඇමැතී: “සගය මාතලී, එව තෙපි දහසක් අසුන් යෙදූ ආජන්‍ය රථයක් සදා ගෙන නිමිරජු කරා එළැඹ මෙසේ කියව: “මහරජ, මේ දහසක් අසුන් යෙදූ ආජන්‍යරථය තොපට සක් දෙවිඳු විසින් එවන ලද. මහරජ, නො බා දිව්‍යයානයට නැඟෙව”යි. ආනන්‍දයෙනි, මාතලී සඞ්ග්‍රාහක ‘තොපට යහපතෙකි දේවයෙනි’යි සක්දෙවිඳුහට පිළිවදන් අස්වා දහසක් අසුන් යෙදූ ආජන්‍යරථයක් සාදාගෙන නිමිරජු කරා එළැඹ තෙල බස් කී: “මහරජ, මේ දහසක් අසුන් යෙදූ ආජන්‍යරථය ශක්‍රදේවේන්‍ද්‍ර විසින් තොපට එවන ලද, මහරජ, නො බා දිව්‍යයානයට නැඟෙව. තවද මහරජ, “යම් මඟෙක්හි හෝ පාපකර්‍ම ඇත්තාහු පාපකර්‍මයන් ගේ විපාක විඳිත් ද, යම් මඟෙක්හි හෝ කල්‍යාණකර්‍ම ඇත්තාහු කල්‍යාණකර්‍මයන් ගේ විපාක විඳිත් ද, ඒ කවර මඟෙකින් තොප ගෙන යෙම් දැ”යි ‘මාතලිය, මා දෙමඟින් මැ ගෙන යව’යි. ආනන්‍දයෙනි, මාතලී රියැදුරු නිමිරජු සුදම්සබයට පැමිණවී. ආනන්‍දයෙනි, සක් දෙවිඳු නිමිරජු දුරින් මැ එන්නා දිටී. දැක නිමිරජුට තෙල බස් කී:”
Pali BJTඑහි ඛො මහාරාජ, ස්වාගතං{4} මහාරාජ, දෙවා තෙ{5} මහාරාජ, තාවතිංසා සුධම්මායං සභායං කිත්තයමානරූපා සන්නිසින්නා: ‘ලාභා වත භො විදෙහානං, සුලද්ධං වත{6} භො විදෙහානං, යෙසං නිමි රාජා ධම්මිකො ධම්මරාජා ධම්මෙ ඨිතො මහාරාජා ධම්මං චරති බ්රාහ්මණගහපතිකෙසු නෙගමෙසු චෙව ජානපදෙසු ච. උපොසථඤ්ච උපවසති චාතුද්දසිං පඤ්චදසිං අට්ඨමිඤ්ච පක්ඛස්සා’ති. දෙවා තෙ මහාරාජ, තාවතිංසා දස්සනකාමා, අභිරම මහාරාජ, දෙවෙසු දෙවානුභාවෙනා’ති. අලං මාරිස, තත්ථෙව මං මිථිලං පටිනෙතු. තත්ථාහං ධම්මං චරිස්සාමි බ්රාහ්මණගහපතිකෙසු නෙගමෙසු චෙව ජානපදෙසු ච, උපොසථඤ්ච උපවසිස්සාමි චාතුද්දසිං පඤ්චදසිං අට්ඨමිඤ්ච පක්ඛස්සා’ති. අථ ඛො ආනන්ද, සක්කො දෙවානමින්දො මාතලි සඞ්ගාහකං ආමන්තෙසි: එහි ත්වං සම්ම මාතලි, සහස්සයුත්තං ආජඤ්ඤරථං යොජෙත්වා නිමිං රාජානං තත්ථෙව මිථිලං පටිනෙහීති. එවං භද්දන්තවාති ඛො ආනන්ද, මාතලි සඞ්ගාහකො සක්කස්ස දෙවානමින්දස්ස පටිස්සුත්වා සහස්සයුත්තං ආජඤ්ඤරථං යොජෙත්වා නිමිං රාජානං තත්ථෙව මිථිලං පටිනෙසි.
Sinhala BJT“එන්නේ යැ මහරජ, ස්වාගත යැ මහරජ, මහරජ තව්තිසා වැසි දෙවියෝ තොප ගේ ගුණ කීර්‍තනය කෙරෙමින් හුන්හ: “භවත්නි විදේහරටවැසියනට ඒකාන්ත ලාභයෙක, භවත්නි, විදේහරටවැසියනට ඒකාන්ත මනා ලාභයෙක, යම් කෙනෙකුන්ට ධාර්මික වූ ධර්‍මරාජන් වූ නිමිරජ ඇද්ද, දහමෙහි සිටි මහරජ බමුණුගැහැවියන් කෙරෙහි දු නියම්ගම් වැසියන් කෙරෙහි දු දනව්වැසියන් කෙරෙහි දු සම වැ හැසිරේ ද, තුදුස්වක්හි දු පසළොස්වක්හි දු අටවක්හි දු පෙහෙවසුදු වෙසේ ද, ඒ විදේහරටවැසියනට ඒකාන්ත ලාභයෙකැ”යි. මහරජ, තව්තිසා වැසි දෙවියෝ තොප දක්නා කැමැතියහ. මහරජ දෙවියන් කෙරෙහි දේවානුභාවයෙන් සිත් අලව”යි. කම් නැත නිදුකාණෙනි, එහි මියුලුනුවරට මැ මා පෙරළා පමුණුවාවා. එහි මම් බමුණුගැහැවියන් කෙරෙහි දු නියම්ගම් වැසියන් කෙරෙහි දු දනවුවැසියන් කෙරෙහි දු සම වැ හැසිරෙන්නෙමි. තුදුස්වක්හි හා පසළොස්වක්හි හා අටවක්හි හා පෙහෙවසුදු වෙසෙමි”යි. එසඳ ආනන්‍දයෙනි, සක්දෙවිඳු මාතලී රියැදුරු ඇමැතී: “සගය මාතලී එව. තෙපි අසුන්දහසක් යෙදූ ආජන්‍යරථයක් සදාගෙන නිමිරජු එ මිනිස්ලොව්හි මියුලුනුවරට මැ ඇරලව”යි. ආනන්‍දයෙනි, මාතලී සඞ්ග්‍රාහක ‘යහපතෙකි තොපට දේවයෙනි’යි සක්දෙවිඳුහට පිළිවදන් අස්වා අසුන් දහසක් යෙදූ ආජන්‍යරථයක් යොදාගෙන නිමිරජු එ මිනිස්ලොව මියුලු නුවරට මැ ඇරැලී.
Pali BJTතත්ර සුදං ආනන්ද, නිමි රාජා ධම්මං චරති බ්රාහ්මණගහපතිකෙසු නෙගමෙසු චෙව ජානපදෙසු ච, උපොසථඤ්ච උපවසති චාතුද්දසිං පඤ්චදසිං අට්ඨමිඤ්ච පක්ඛස්ස. අථ ඛො ආනන්ද, නිමි රාජා බහුන්නං වස්සානං බහුන්නං වස්සසතානං බහුන්නං වස්සසහස්සානං{7} අච්චයෙන කප්පකං ආමන්තෙසි: ‘යදා මෙ සම්ම කප්පක, පස්සෙය්යාසි සිරස්මිං පලිතානි ජාතානි, අථ මෙ ආරොචෙය්යාසී’ති. එවං දෙවාති ඛො ආනන්ද, කප්පකො නිමිස්ස රඤ්ඤො පච්චස්සොසි. අද්දසා ඛො ආනන්ද, කප්පකො බහුන්නං වස්සානං බහුන්නං වස්සසතානං බහුන්නං වස්සසහස්සානං අච්චයෙන නිමිස්ස රඤ්ඤො සිරස්මිං පලිතානි ජාතානි. දිස්වාන නිමිං රාජානං එතදවොච: පාතුභූතා ඛො දෙවස්ස දෙවදූතා, දිස්සන්ති සිරස්මිං පලිතානි ජාතානී’ති. තෙන හි සම්ම කප්පක,
Sinhala BJTආනන්‍දයෙනි, එහි වූකලි නිමිරජ බමුණුගැහැවියන් කෙරෙහි දු නියම්ගම්වැස්සන් කෙරෙහි දු දනවුවැස්සන් කෙරෙහි දු සම වැ හැසිරෙයි. තුදුස්වක්හි හා පසළොස්වක්හි හා අටවක්හි හා පෙහෙවසදු වෙසෙයි. එසඳ ආනන්‍දයෙනි, නිමිරජ බොහෝ වර්‍ෂයන් බොහෝ වර්‍ෂශතයන් බොහෝ වර්‍ෂසහස්‍රයන් ඇවෑමෙන් කපුවා ඇමැතී: “සගය කපුව, යම් කලෙකැ මා ගේ හිසෙහි උපන් පලිතයෝ දක්නෙහි ද, එකල්හි මට සැල කරව”යි, ආනන්‍දයෙනි, කපු ‘එසේ යැ දේවයෙනි’යි නිමිරජහට පිළිවදන් ඇස්වී. ආනන්‍දයෙනි, කපුවා බොහෝ වර්‍ෂයන් බොහෝ වර්‍ෂශතයන් බොහෝ වර්‍ෂසහස්‍රයන් ඇවෑමෙන් නිමිරජු ගේ සිරසෙහි උපන් පාලිතයන් දිටි, දැක නිමිරජහට තෙල බස් කී: “දේවයන්ට දේවදූතයෝ පහළ වූහ, සිරසෙහි උපන් පලිතයෝ පැනෙති”යි, එසේ වී නම් සගය කපුව,
Pali BJTතානි පලිතානි සාධුකං සණ්ඩාසෙන උද්ධරිත්වා මම අඤ්ජලිස්මිං පතිට්ඨාපෙහී’ති. එවං දෙවාති ඛො ආනන්ද, කප්පකො නිමිස්ස රඤ්ඤො පටිස්සුත්වා තානි පලිතානි සාධුකං සණ්ඩාසෙන උද්ධරිත්වා නිමිස්ස රඤ්ඤො අඤ්ජලිස්මිං පතිට්ඨාපෙසි. අථ ඛො ආනන්ද, නිමි රාජා කප්පකස්ස ගාමවරං දත්වා ජෙට්ඨපුත්තං කුමාරං ආමන්තාපෙත්වා එතදවොච: ‘පාතුභූතා ඛො මෙ තාත කුමාර දෙවදූතා, දිස්සන්ති සිරස්මිං පලිතානි ජාතානි, භුත්තා ඛො පන මෙ මානුසකා කාමා, සමයො දිබ්බෙ කාමෙ පරියෙසිතුං. එහි ත්වං තාත කුමාර, ඉමං රජ්ජං පටිපජ්ජ. අහං පන කෙසමස්සුං ඔහාරෙත්වා කාසායානි වත්ථානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියං පබ්බජිස්සාමි. තෙන හි තාත කුමාර, යදා ත්වම්පි පස්සෙය්යාසි සිරස්මිං පලිතානි ජාතානි, අථ කප්පකස්ස ගාමවරං දත්වා ජෙට්ඨපුත්තං කුමාරං සාධුකං රජ්ජෙ සමනුසාසිත්වා කෙසමස්සුං ඔහාරෙත්වා කාසායානි වත්ථානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියං පබ්බජෙය්යාසි. යෙන මෙ ඉදං කල්යාණං වට්ටං නිහිතං අනුප්පවත්තෙය්යාසි, මා ඛො මෙ ත්වං අන්තිමපුරිසො අහොසි. යස්මිං ඛො තාත කුමාර, පුරිසයුගෙ වත්තමානෙ එවරූපස්ස කල්යාණස්ස වට්ටස්ස සමුච්ඡෙදො හොති සො තෙසං අන්තිමපුරිසො හොති. තං තාහං තාත කුමාර, එවං වදාමි: ‘යෙන මෙ ඉදං කල්යාණං වට්ටං නිහිතං අනුප්පවත්තෙය්යාසි, මා ඛො මෙ ත්වං අන්තිමපුරිසො අහොසී’ති.
Sinhala BJTඒ පලිතයන් මොනොවට හඬුයෙන් උදුරා මා ගේ ඇඳිලියෙහි තබව”යි. ආනන්‍දයෙනි, කපු ‘එසේ යැ දේවයෙනි’ යි නිමි රජුට පිළිවදන් අස්වා ඒ පලිතයන් මනාකොට හඬුයෙන් උදුරාගෙන නිමිරජු ගේ කරපුටයෙහි තැබී. එසඳ ආනන්‍දයෙනි, නිමිරජ කපුවාට ගම්වර දී දෙටුපුත්කුමරු අමතා තෙල බස් කී: “පුතැ කුමරුවෙනි, මට දේවදූතයෝ පහළ වූහ, හිසෙහි උපන් පලිතයෝ පැනෙති, මා විසින් මානුෂකාමයෝ වළඳන ලදහ. දැන් දිව්‍යකාම පිරියෙස්නට කලි. දරුව කුමාරයෙනි, එව තෙපි මේ රජය පිළිගනුව, මම වැළිත් කෙහෙමස් බහා කහවත් හැඳ පෙරෙවැ ගෙන් නික්ම අනාගර තවුස්පැවිදි වදනෙමි. එසේ වී නම් පුතැ කුමරුවෙනි, යම් දවසෙකැ තෙපි දු සිරසෙහි පලිතයන් දක්නවු නම් එසඳ කපුහට ගම්වර දී දෙටුපුත් කුමරු මොනොවට රජයෙහි සමනුශාසනා කොට කෙස්මස් බහා කහවත් හැඳපෙරෙවැ ගෙන් නික්ම තවුස්පැවිදි වදුව. මා විසින් තබනලද මේ කලණවැට පවත්වව, තෙපි නහමක් මා ගේ අන්තිම පුරුෂ වව. පුතැ කුමාරුවෙනි, යම් පුරුෂයුගයක් පවත්නා කල්හි මෙවන් කලණවැට සිඳේ ද, හෙ උන් ගේ අන්තිම පුරුෂ වෙයි, එහෙයින් පුතැ කුමරුවෙනි, මම තොපට මෙසේ කියමි: “මා විසින් තබන ලද මේ කලණවැට පවත්වව. තෙපි නහමක් මා ගේ අන්තිමපුරුෂ වව”යි.
Pali BJTඅථ ඛො ආනන්ද, නිමි රාජා කප්පකස්ස ගාමවරං දත්වා ජෙට්ඨපුත්තං කුමාරං සාධුකං රජ්ජෙ සමනුසාසිත්වා ඉමස්මිංයෙව මඛාදෙවම්බවනෙ කෙසමස්සුං ඔහාරෙත්වා කාසායානි වත්ථානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියං පබ්බජි. සො මෙත්තාසහගතෙන චෙතසා එකං දිසං ඵරිත්වා විහාසි, තථා දුතියං, තථා තතියං, තථා චතුත්ථිං ඉති උද්ධමධො තිරියං සබ්බධි සබ්බත්තතාය සබ්බාවන්තං ලොකං මෙත්තාසහගතෙන චෙතසා විපුලෙන මහග්ගතෙන අප්පමාණෙන අවෙරෙන අබ්යාපජ්ඣෙන ඵරිත්වා විහාසි. කරුණාසහගතෙන චෙතසා -පෙ- මුදිතාසහගතෙන චෙතසා -පෙ- උපෙක්ඛාසහගතෙන චෙතසා එකං දිසං ඵරිත්වා විහාසි, තථා දුතියං, තථා තතියං, තථා චතුත්ථිං. ඉති උද්ධමධො තිරියං සබ්බධි සබ්බත්තතාය සබ්බාවන්තං ලොකං උපෙක්ඛාසහගතෙන චෙතසා විපුලෙන මහග්ගතෙන අප්පමාණෙන අවෙරෙන අබ්යාපජ්ඣෙන ඵරිත්වා විහාසි.
Sinhala BJTඉක්බිති ආනන්‍දයෙනි, නිමිරජ කපුහට ගම්වර දී දෙටුපුත් කුමරු මොනොවට රජයෙහි සමනුශාසනා කොට මෙ මැ මුවදෙව් අඹවෙනෙහි කෙහෙරැවුළු බහා කහවත් හැඳපෙරෙව ගෙන් නික්ම තවුස් පැවිදි වී. හෙ මෙත් සහගිය සිතින් එක් දසක් අරමුණු කොට විසී. එසේ දෙවන දස යැ, එසේ තුන්වන දස යැ, එසේ සතරවන දස යැ යි මෙසේ උඩ යට සරස හැම තන්හි සර්‍වාත්මතායෙන් මුළුලොව විපුල වූ මහද්ගත වූ අප්‍රමාණ වූ අවෛර වූ අව්‍යාබාධ වූ මෙත් සහගිය සිතින් අරමුණු කොට විසී. කරුණා සහගත සිතින් ... මෘදුතා සහගත සිතින් ... උපේක්‍ෂා සහගත සිතින් එක් දසක් අරමුණු කොට විසී. එසේ දෙ වන දස යැ එසේ තුන් වන දස යැ එසේ සතර වන දස යැ යි මෙසේ උඩ යට සරස හැම තන්හි සර්‍වාත්මතායෙන් මුළුලොව විපුල වූ මහද්ගත වූ අප්‍රමාණ වූ අවෛර වූ අව්‍යාබාධ වූ උපේක්‍ෂා සහගත සිතින් අරමුණු කොට වාස කෙළේ යි.
Pali BJTනිමි ඛො පනානන්ද, රාජා චතුරාසීතිවස්සසහස්සානි කුමාරකීළිතං කීළි, චතුරාසීතිවස්සසහස්සානි ඔපරජ්ජං කාරෙසි, චතුරාසීතිවස්සසහස්සානි රජ්ජං කාරෙසි, චතුරාසීතිවස්සසහස්සානි ඉමස්මිංයෙව මඛාදෙවම්බවනෙ අගාරස්මා අනගාරියං පබ්බජිතො බ්රහ්මචරියං චරි. සො චත්තාරො බ්රහ්මවිහාරෙ භාවෙත්වා කායස්ස භෙදා පරම්මරණා බ්රහ්මලොකූපගො අහොසි.
Sinhala BJTආනන්‍දයෙනි, නිමිරජ වූකලි සුවාසූදහසක් හවුරුදු කුමර කෙළි කෙළියේ යැ. සුවාසූදහසක් හවුරුදු යුවරජය කෙළේය. සුවාසූදහසක් හවුරුදු මහරජය කෙළේය. සුවාසූ දහසක් හවුරුදු මෙ මැ මඛාදේව අඹවෙනෙහි ගෙන් නික්ම තවුස්පැවිදි වැ බඹසර සැරී. හෙ සිවුබඹවෙහෙර වඩා කාබුන් මරණින් මතු බඹලෝ කරා ගියේ යි.
Pali BJTනිමිස්ස ඛො පනානනන්ද, රඤ්ඤො කලාරජනකො නාම පුත්තො අහොසි. සො න අගාරස්මා අනගාරියං පබ්බජි. සො තං කල්යාණං වට්ටං සමුච්ඡින්දි. සො තෙසං අන්තිමපුරිසො අහොසි. සියා ඛො පන තෙ ආනන්ද, එවමස්ස:
Sinhala BJTතවද ආනන්‍දයෙනි, නිමිරජහට කලාරජනක නම් පුතෙක් වී. හේ ගිහිගෙන් නික්ම තවුස්පැවිදි නො වී, හෙ එ කලණවැට සින්දේ යැ, හෙ උන් ගේ අන්තිම පුරුෂ වී. ආනන්‍දයෙනි, තොපට මෙබඳු සිතෙක් විය හෙයි:
Pali BJTඅඤ්ඤො නූන තෙන සමයෙන රාජා මඛාදෙවො අහොසි යෙන{1} තං කල්යාණං වට්ටං නිහිතන්ති.{2} න ඛො පනෙතං ආනන්ද, එවං දට්ඨබ්බං. අහං තෙන සමයෙන රාජා මඛාදෙවො අහොසිං. අහං තං කල්යාණං වට්ටං නිහිනිං.{3} මයා තං කල්යාණං වට්ටං නිහිතං පච්ඡිමා ජනතා අනුප්පවත්තෙසි. තං ඛො පනානන්ද, කල්යාණං වට්ටං න නිබ්බිදාය න විරාගාය න නිරොධාය න උපසමාය න අභිඤ්ඤාය න සම්බොධාය න නිබ්බානාය සංවත්තති, යාවදෙව බ්රහ්මලොකූපපත්තියා.
Sinhala BJT“එසමයෙහි යමෙක් එ කලණවැට තැබී ද, එ මඛාදේව රජ අනෙකෙක් වී යැ”යි. ආනන්‍දයෙනි, තෙල මෙසේ නො දැක්කැ යුතු යැ. මම එසමයෙහි මඛාදේව රජ වීමි. මම් එ කලණවැට තැබීමි. මා විසින් තබන ලද එ කලණවැට පශ්චිම ජනතාව පැවැත්වී. ආනන්‍දයෙනි, එ කලණවැට වනාහි නිර්වේදය පිණිස විරාගය පිණිස නිරෝධය පිණිස උපශමය පිණිස අභිඥාව පිණිස සම්බෝධය පිණිස නිර්‍වාණය පිණිස නො පවතී, බඹලොව උපත පිණිස පමණක් මැ පවති.
Pali BJTඉදං ඛො පනානන්ද, එතරහි මයා කල්යාණං වට්ටං නිහිතං එකන්තනිබ්බිදාය විරාගාය නිරොධාය උපසමාය අභිඤ්ඤාය සම්බොධාය නිබ්බානාය සංවත්තති. කතමා චානන්ද, එතරහි මයා කල්යාණං වට්ටං නිහිතං එකන්තනිබ්බිදාය විරාගාය නිරොධාය උපසමාය අභිඤ්ඤාය සම්බොධාය නිබ්බානාය සංවත්තති: අයමෙව අරියො අට්ඨඞ්ගිකො මග්ගො. සෙය්යථීදං: සම්මාදිට්ඨි සම්මාසඞ්කප්පො සම්මාවාචා සම්මාකම්මන්තො සම්මාආජීවො සම්මාවායාමො සම්මාසති සම්මාසමාධි. ඉදං ඛො ආනන්ද, එතරහි මයා කල්යාණං වට්ටං නිහිතං එකන්තනිබ්බිදාය විරාගාය නිරොධාය උපසමාය අභිඤ්ඤාය සම්බොධාය නිබ්බානාය සංවත්තති. තං වො අහං ආනන්ද, එවං වදාමි: යෙන මෙ ඉදං කල්යාණං වට්ටං නිහිතං අනුප්පවත්තෙය්යාථ, මා ඛො මෙ තුම්හෙ අන්තිමපුරිසා අහුවත්ථ. යස්මිං ඛො ආනන්ද, පුරිසයුගෙ වත්තමානෙ එවරූපස්ස කල්යාණස්ස වට්ටස්ස සමුච්ඡෙදො හොති සො තෙසං අන්තිමපුරිසො හොති. තං වො අහං ආනන්ද, එවං වදාමි: යෙන මෙ ඉදං කල්යාණං වට්ටං නිහිතං අනුප්පවත්තෙය්යාථ. මා ඛො මෙ තුම්හෙ අන්තිමපුරිසා අහුවත්ථා’ති.
Sinhala BJTආනන්‍දයෙනි, මෙ කල මා විසින් තබන ලද මේ කලණවැට ඒකාන්ත නිර්වේදය පිණිස විරාගය පිණිස නිරෝධය පිණිස උපශමය පිණිස අභිඥාව පිණිස සම්බෝධය පිණිස නිර්‍වාණය පිණිස පවතී. ආනන්‍දයෙනි, මෙකලැ මා විසින් තබන ලද කවර නම් කලණවැටෙක් ඒකාන්ත නිර්වේදය පිණිස විරාගය පිණිස නිරෝධය පිණිස උපශමය පිණිස අභිඥාව පිණිස සම්බෝධය පිණිස නිර්‍වාණය පිණිස පවතී ද යත්: මෙ මැ ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගිකමාර්‍ගය යි. එ කිසේ යැ යත්: සම්‍යග්දෘෂ්ටි යැ සම්‍යක්සංකල්ප යැ සම්‍යග්වචන යැ සම්‍යක්කර්‍මාන්ත යැ සම්‍යගාජීව යැ සම්‍යග් ව්‍යායාම යැ සම්‍යක්ස්මෘති යැ සම්‍යක්සමාධි යි. ආනන්‍දයෙනි, මෙකල්හි මා විසින් තබන ලද මෙ කලණවැට ඒකාන්ත නිර්වේදය පිණිස විරාගය පිණිස නිරෝධය පිණිස උපශමය පිණිස අභිඥා පිණිස සම්බෝධය පිණිස නිර්‍වාණය පිණිස පවතී. එහෙයින් මැ ආනන්‍දයෙනි, මම් මෙසේ කියමි: “මා විසින් තැබූ මේ කලණ වැට පවත්වවු, තෙපි නහමක් මා ගේ අන්තිම පුරුෂයෝ වව. ආනන්‍දයෙනි, යම් පුරුෂයුගයක් පවත්නා කල්හි මෙවන් කලණවැට සිඳේ ද, හෙ උන් ගේ අන්තිම පුරුෂ වෙයි. එහෙයින් ආනන්‍දයෙනි, මම තොපට මෙසේ කියමි: “මා විසින් තබන ලද මෙ කලණවැට පවත්වවු, තෙපි නහමක් මා ගේ අන්තිම පුරුෂයෝ වව”යි.
Pali BJTඉදමවොච භගවා අත්තමනො ආයස්මා ආනන්දො භගවතො භාසිතං අභිනන්දීති.
Sinhala BJTබුදුහු මෙය වදාළහ. සතුටුසිත් ඇති ආයුෂ්මත් ආනඳ තෙරණුවෝ භාග්‍යවතුන්ගේ භාෂිතය අභිනන්‍දනය කළහ’යි.
Pali BJTමඛාදෙව{4} සුත්තං තතියං.
Sinhala BJTතුන් වැනි මඛාදේව සූත්‍ර යි.
Pali BJT2. 4. 4.
Sinhala BJT2. 4. 4.
Pali BJTමධුරසුත්තං
Sinhala BJTමධුර සූත්‍රය
Pali BJTඑවං මෙ සුතං: එකං සමයං ආයස්මා මහාකච්චානො මධුරායං විහරති ගුන්දාවනෙ.{1} අස්සොසි ඛො රාජා මාධුරො අවන්තිපුත්තො: සමණො ඛලු භො කච්චානො මධුරායං විහරති ගුන්දාවනෙ.{2} තං ඛො පන භවන්තං කච්චානං එවං කල්යාණො කිත්තිසද්දො අබ්භුග්ගතො: ‘පණ්ඩිතො බ්යත්තො මෙධාවී බහුස්සුතො චිත්තකථී කල්යාණපටිභානො වුද්ධො{3} චෙව අරහා ච, සාධු ඛො පන තථාරූපානං අරහතං දස්සනං හොතී’ති. අථ ඛො රාජා මාධුරො{2} අවන්තිපුත්තො භද්රානි භද්රානි යානානි යොජාපෙත්වා භද්රං යානං අභිරුහිත්වා භද්රෙහි භද්රෙහි යානෙහි මධුරාය නිය්යාසි මහච්චරාජානුභාවෙන{4} ආයස්මන්තං මහාකච්චානං දස්සනාය, යාවතිකා යානස්ස භූමි යානෙන ගන්ත්වා යානා පච්චොරොහිත්වා පත්තිකොව යෙනායස්මා මහාකච්චානො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා ආයස්මතා මහාකච්චානෙන සද්ධිං සම්මොදි, සම්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො රාජා මාධුරො අවන්තිපුත්තො ආයස්මන්තං මහාකච්චානං එතදවොච: “බ්රාහ්මණා භො කච්චාන, එවමාහංසු: බ්රාහ්මණාව සෙට්ඨො වණ්ණො, හීනො අඤ්ඤො වණ්ණො. බ්රාහ්මණාව සුක්කො වණ්ණො, කණ්හො අඤ්ඤො වණ්ණො. බ්රාහ්මණාව සුජ්ඣන්ති, නො අබ්රාහ්මණා. බ්රාහ්මණාව බ්රහ්මුනො පුත්තා ඔරසා මුඛතො ජාතා බ්රහ්මජා බ්රහ්මනිම්මිතා බ්රහ්මදායාදා”ති. ඉධ{5} භවං කච්චානො කිමාහාති.{6} ඝොසොයෙව ඛො එසො මහාරාජ, ලොකස්මිං: බ්රාහ්මණාව සෙට්ඨො වණ්ණො, හීනො අඤ්ඤො වණ්ණො. බ්රාහ්මණාව සුක්කො වණ්ණො, කණ්හො අඤ්ඤො වණ්ණො. බ්රාහ්මණාව සුජ්ඣන්ති, නො අබ්රාහ්මණා. බ්රාහ්මණාව බ්රහ්මුනො පුත්තා ඔරසා මුඛතො ජාතා බ්රහ්මජා බ්රහ්මනිම්මිතා බ්රහ්මදායාදා’ති. තදමිනාපෙතං මහාරාජ, පරියායෙන වෙදිතබ්බං, යථා ඝොසොයෙව එසො ලොකස්මිං: ‘බ්රාහ්මණාව සෙට්ඨො වණ්ණො, හීනො අඤ්ඤො වණ්ණො -පෙ- බ්රහ්මදායාදා’ති.
Sinhala BJTමා විසින් මෙසේ අසන ලද: එක් සමයෙක්හි ආයුෂ්මත් මහාකාත්‍යායන තෙරණුවෝ මධුරා පුර ගුන්‍දාවනයෙහි වැඩ වෙසෙති. අවන්තිපුත්‍ර මධුරා පුර වැසි රජ මෙසේ ඇසී: “භවත්නි, ශ්‍රමණ කෘත්‍යායන තෙරණුවෝ මධුරා පුර ගුන්‍දාවනයෙහි වැඩ වෙසෙති. ඒ භවත් කාත්‍යායන තෙරණුවන් ගේ මෙවන් කල්‍යාණකීර්තිශබ්දයෙක් උස් වැ නැංගේ යැ: (කාත්‍යායන තෙරණුවෝ) පණ්ඩිතයහ, ව්‍යක්තයහ, නුවණැතියහ, බහුශ්‍රැතයහ, චිත්‍රකථිහ, කලණපිළිබහන් ඇතියහ, වෘද්ධ ද අර්‍හත් ද වෙති. එබඳු රහතුන් ගේ දර්‍ශනය මනා මැ නු”යි ඇසී යැ, ඉක්බිති අවන්තිපුත්‍ර, මධුරා පුර වැසි රජ භද්‍ර වූ භද්‍ර වූ යානයන් යොදවා භද්‍රයානයකට නැඟී භද්‍ර වූ භද්‍ර වූ යානයෙන් යුතු වැ ආයුෂ්මත් මහාකාත්‍යායන තෙරණුවන් දක්නට මහත් වූ රාජානුභාවයෙන් යුතු වැ මධුර පුරයෙන් නික්ම ගියේ යැ. යානභුමි තෙක් යානයෙන් ගොස් යානයෙන් බැස පාගමනින් මැ ආයුෂ්මත් මහාකාත්‍යායන තෙරණුවන් කරා එළැඹියේ යැ. එළැඹ ආයුෂ්මත් මහාකාත්‍යායන තෙරණුවන් හා සමග සතුටු වී. සම්මෝදයට නිසි කාලාන්තරයෙහි සිහි කටයුතු කථා කොට නිමවා එකත්පස් වැ හින. එකත්පස් වැ හුන් අවන්තිපුත්‍ර මධුරා පුර වැසි රජ ආයුෂ්මත් මහාකාත්‍යායන තෙරණුවන්ට තෙල බස් කී: භවත් කාත්‍යායනයෙනි, බමුණෝ මෙසේ කීහු: “බමුණු මැ ශ්‍රේෂ්ඨවර්‍ණ යැ, තදන්‍ය වූයේ හීනවර්‍ණ යැ, බමුණු මැ ශුක්ලවර්‍ණ යැ, තදන්‍ය වූයේ කෘෂ්ණවර්‍ණ යැ, බමුණුහු මැ ශුද්ධ වෙති, නො බමුණුහු ශුද්ධ නො වෙති, බමුණුහු මැ බඹහු ගේ උරදාපුත්හ, මුවින් උපන්හ, (එයින් මැ) බ්‍රහ්මජයහ, බ්‍රහ්මනිර්මිතයහ, බ්‍රහ්මදායාදයහ”යි. මෙහි ලා භවත් කාත්‍යායනයෝ කුමක් කියති හො’යි? මහරජ, බ්‍රාහ්මණයෝ මැ ශ්‍රේෂ්ඨවර්‍ණ යැ, තදන්‍ය වූයේ හීනවර්‍ණ යැ, බ්‍රාහ්මණයෝ මැ ශුක්ලවර්‍ණ යැ, තදන්‍ය වූයේ කෘෂ්ණවර්‍ණ යැ, බ්‍රාහ්මණයෝ මැ ශුද්ධ වෙති, අබ්‍රාහ්මණයෝ ශුද්ධ නො වෙති, බ්‍රාහ්මණයෝ මැ බඹහු ගේ උරදාපුත්හ, මුවින් උපන්හ, (එයින් මැ) බ්‍රහ්මජයහ, බ්‍රහ්මනිර්මිතයහ, බ්‍රහ්මදායාදයහ” යනු ලෝකයෙහි තෙලෙ ඝොෂමාත්‍රයෙක් මැ යැ. මහරජ, “බ්‍රාහ්මණයෝ මැ ශ්‍රේෂ්ඨවර්‍ණ යැ, තදන්‍ය වූයේ හීනවර්‍ණ යැ ... බ්‍රහ්මදායාදයහ.” යන තෙල බස් ලෝකයෙහි යම් පරිදි ව්‍යවහාරමාත්‍රයෙක් මැ වේ ද, තෙල කරුණ මෙ කරුණිනුදු දතයුතු වේ.
Pali BJTතං කිං මඤ්ඤසි මහාරාජ, ඛත්තියස්ස චෙපි ඉජ්ඣෙය්ය{7} ධනෙන වා ධඤ්ඤෙන වා රජතෙන වා ජාතරූපෙන වා, ඛත්තියොපිස්සාස්ස පුබ්බුට්ඨායී පච්ඡානිපාතී කිඞ්කාරපටිස්සාවී මනාපචාරී පියවාදී, බ්රාහ්මණොපිස්සාස්ස -පෙ- වෙස්සොපිස්සාස්ස -පෙ- සුද්දොපිස්සාස්ස පුබ්බුට්ඨායී පච්ඡානිපාතී කිඞ්කාරපටිස්සාවී මනාපචාරී පියවාදීති?
Sinhala BJTමහරජ, ඒ කෙසේ හඟිහි? කැත්කුල උපන් රජක්හට ද ධනයෙන් වේවයි ධාන්‍යයෙන් වේවයි රිදියෙන් වේවයි රනින් වේවයි සමෘද්ධි වේ නම් ඒ ඓශ්චර්‍ය්‍යසම්පන්නයාහට ක්‍ෂත්‍රියයා ද කැලැ මැ නැඟී සිටිනසුලු වූයේ පසු වැ හෝනාසුලු වූයේ කුම් කෙරෙම් දැ යි පිළිවිස කී සේ අසා කරනුයේ මන වඩන සේ හැසිරෙනුයේ පියබස් බණනුයේ වේ ද? ඒ ඓශ්චර්‍ය්‍ය සම්පන්නයාහට බමුණු ද ... ප්‍රියවාදී වේ ද? ඒ ඓශ්චර්‍ය්‍යසම්පන්නයාහට වෛශ්‍යයා ද ... ප්‍රියවාදී වේ ද? ඒ ඓශ්චර්‍ය්‍යසම්පන්නයාහට ශුද්‍රයා ද කැල මැ නැඟී සිටිනසුලු වූයේ පැසුළු හෝනාසුලු වූයේ කුම් කෙරෙම් දැ යි පිළිවිස කී සේ අසා කරනුයේ මනවඩන සේ හැසිරෙනුයේ ප්‍රිය බස් බණනුයේ වේ ද?
Pali BJTඛත්තියස්ස චෙපි භො කච්චාන, ඉජ්ඣෙය්ය ධනෙන වා ධඤ්ඤෙන වා රජතෙන වා ජාතරූපෙන වා, ඛත්තියොපිස්සාස්ස පුබ්බුට්ඨායී පච්ඡානිපාතී කිඞ්කාරපටිස්සාවී මනාපචාරී පියවාදී, බ්රාහ්මණොපිස්සාස්ස -පෙ- වෙස්සොපිස්සාස්ස -පෙ- සුද්දොපිස්සාස්ස පුබ්බුට්ඨායී පච්ඡානිපාතී කිඞ්කාරපටිස්සාවී මනාපචාරී පියවාදීති.
Sinhala BJTභවත් කාත්‍යායනයෙනි, ක්‍ෂත්‍රියයක්හට ද ධනයෙන් වේවයි ධාන්‍යයෙන් වේවයි රජතයෙන් වේවයි ජාතරූපයෙන් වේවයි සමෘද්ධි වේ නම් ඒ ඉසුරුමත්හට ක්‍ෂත්‍රියයා ද කැල මැ නැඟී සිටිනුයේ පැසුළු හෝනේ කුම් කෙරෙම් දැ යි පිළිවිස කී සේ අසා කරනුයේ මනවඩන සේ හැසිරෙනුයේ පිය බස් බණනුයේ වෙයි. ඒ ඉසුරුමත්හට බ්‍රාහ්මණයා ද ... පිය බස් බණනුයේ වෙයි. ඒ ඉසුරුමත්හට වෛශ්‍යයා ද ... පිය බස් බණනුයේ වෙයි, ඒ ඉසුරුමත්හට ශුද්‍රයා ද කැල මැ නැඟී සිටිනුයේ පැසුළු හෝනේ කුම් කෙරෙම් දැ’යි පිළිවිස කී සේ අසා කරනුයේ මන වඩන සේ හැසිරෙනුයේ පියබස් බණනුයේ වෙයි.
Pali BJTතං කිං මඤ්ඤසි මහාරාජ, බ්රාහ්මණස්ස චෙපි ඉජ්ඣෙය්ය ධනෙන වා ධඤ්ඤෙන වා රජතෙන වා ජාතරූපෙන වා, බ්රාහ්මණොපිස්සාස්ස පුබ්බුට්ඨායී පච්ඡානිපාතී කිඞ්කාරපටිස්සාවී මනාපචාරී පියවාදී, වෙස්සොපිස්සාස්ස -පෙ- සුද්දොපිස්සාස්ස -පෙ- ඛත්තියොපිස්සාස්ස පුබ්බුට්ඨායී පච්ඡානිපාතී කිඞ්කාරපටිස්සාවී මනාපචාරී පියවාදීති?
Sinhala BJTමහරජ, ඒ කෙසේ හඟිහි? බමුණක්හට ද ධනයෙන් වේවයි ධාන්‍යයෙන් වේවයි රජතයෙන් වේවයි ජාතරූපයෙන් වේවයි සමෘද්ධි වේ නම් ඒ ඉසුරුමත්හට බමුණුත් පළමු මැ නැඟී සිටිනුයේ පසු වැ ලා හෝනේ කුම් කෙරෙම් දැ යි පිළිවිස අසා කී සේ කරනුයේ මන වඩන සේ හැසිරෙනුයේ ප්‍රිය තෙපුල් බණනුයේ වේ ද? ඒ ඉසුරුමත්හට වෛශ්‍යයා ද ... ප්‍රියවාදී වේ ද? ඒ ඉසුරුමත්හට ශුද්‍රයා ද ... ප්‍රිය වාදී වේ ද? ඒ ඉසුරුමත්හට ක්‍ෂත්‍රියයා ද පළමු මැ නැඟී සිටිනුයේ පසු වැ ලා හෝනේ කුම් කෙරෙම් දැ යි පිළිවිස අසා කී සේ කරනුයේ මන වඩන සේ හැසිරෙනුයේ ප්‍රිය බස් බණනුයේ වේ ද?
Pali BJTබ්රාහ්මණස්ස චෙපි භො කච්චාන, ඉජ්ඣෙය්ය ධනෙන වා ධඤ්ඤෙන වා රජතෙන වා ජාතරූපෙන වා, බ්රාහ්මණොපිස්සාස්ස පුබ්බුට්ඨායී පච්ඡානිපාතී කිඞ්කාරපටිස්සාවී මනාපචාරී පියවාදී, වෙස්සොපිස්සාස්ස -පෙ- සුද්දොපිස්සාස්ස -පෙ- ඛත්තියොපිස්සාස්ස පුබ්බුට්ඨායී පච්ඡානිපාතී කිඞ්කාරපටිස්සාවී මනාපචාරී පියවාදීති.
Sinhala BJTභවත් කාත්‍යායනයෙනි, ඉදින් බමුණක්හට ද ධනයෙන් වේවයි ධාන්‍යයෙන් වේවයි රිදීයෙන් වේවයි රනින් වේවයි සමෘද්ධි වේ නම් එ ඉසුරුමත්හට බමුණු ත් පළමු නැඟී සිටිනුයේ පසු වැ ලා හෝනේ කුම් කෙරෙම් දැ යි පිළිවිස අසා කී සේ කරනුයේ මන වඩන සේ හැසිරෙනුයේ පියබස් බණනුයේ වෙයි. එ ඉසුරුමත්හට වෛශ්‍ය ද ... එ ඉසුරුමත් හට ශුද්‍ර ද ... එ ඉසුරුමත්හට ක්‍ෂත්‍රියයා ද කැල මැ නැඟී සිටිනුයේ පැසුළු හෝනේ කුම් කෙරෙම් දැ යි පිළිවිස අසා කී සේ කරනුයේ මන වඩන සේ සරනුයේ ප්‍රියබස් බණනුයේ වෙයි.
Pali BJTතං කිං මඤ්ඤසි මහාරාජ, වෙස්සස්ස චෙපි ඉජ්ඣෙය්ය ධනෙන වා ධඤ්ඤෙන වා රජතෙන වා ජාතරූපෙන වා, වෙස්සොපිස්සාස්ස පුබ්බුට්ඨායී පච්ඡානිපාතී කිඞ්කාරපටිස්සාවී මනාපචාරී පියවාදී, සුද්දොපිස්සාස්ස -පෙ- ඛත්තියොපිස්සාස්ස -පෙ- බ්රාහ්මණොපිස්සාස්ස පුබ්බුට්ඨායී පච්ඡානිපාතී කිඞ්කාරපටිස්සාවී මනාපචාරී පියවාදීති?
Sinhala BJTමහරජ, ඒ කෙසේ හඟිහි ද? වෛශ්‍යක්හට ද ඉදින් ධනයෙන් වේවයි ධාන්‍යයෙන් වේවයි රජතයෙන් වේවයි ජාතරූපයෙන් වේවයි සමෘද්ධි වේ නම්, එ ඉසුරුමත්හට වෛශ්‍යයාත් පළමු නැඟී සිටිනුයේ පසු වැ ලා හෝනේ කුම් කෙරෙම් දැ යි පිළිවිස අසා කී සේ කරනුයේ මන වඩන සේ හැසිරෙනුයේ ප්‍රිය බස් බණනුයේ වේ ද? ඒ ඉසුරුමත්හට ශුද්‍ර ද ... එ ඉසුරුමත්හට ක්‍ෂත්‍රියයා ද ... එ ඉසුරුමත්හට බ්‍රාහ්මණ ද පළමු නැඟී සිටිනුයේ පසු වැ ලා හෝනේ කුම් කෙරෙම් දැයි පිළිවිස අසා කී සේ කරනුයේ මන වඩන සේ සරනුයේ පියබස් බණනුයේ වේ ද?
Pali BJTවෙස්සස්ස චෙපි භො කච්චාන, ඉජ්ඣෙය්ය ධනෙන වා ධඤ්ඤෙන වා රජතෙන වා ජාතරූපෙන වා, වෙස්සොපිස්සාස්ස පුබ්බුට්ඨායී පච්ඡානිපාතී කිඞ්කාරපටිස්සාවී මනාපචාරී පියවාදී, සුද්දොපිස්සාස්ස -පෙ- ඛත්තියොපිස්සාස්ස -පෙ- බ්රාහ්මණොපිස්සාස්ස පුබ්බුට්ඨායී පච්ඡානිපාතී කිඞ්කාරපටිස්සාවී මනාපචාරී පියවාදීති.
Sinhala BJTභවත් කාත්‍යායනයෙනි, වෛශ්‍යයක්හට ත් ඉදින් ධනයෙන් වේවයි ධාන්‍යයෙන් වේවයි රිදියෙන් වේවයි රනින් වේවයි සමෘද්ධි වේ නම් ඒ ඓශ්චර්‍ය්‍යවත්හට වෛශ්‍යයා ද පළමු නැඟී සිටිනුයේ පසු වැ ලා හෝනේ කුම් කෙරෙම් දැ යි පිළිවිස අසා කී සේ කරනුයේ මන වඩන සේ සරනුයේ ප්‍රිය බස් බණනුයේ වෙයි. එ ඉසුරුමත්හට ශුද්‍ර ද ... එ ඉසුරුමත්හට ක්‍ෂත්‍රිය ද ... එ ඉසුරුමත්හට බමුණු ද පළමු නැඟී සිටිනුයේ පසු වැ ලා හෝනේ කුම් කෙරෙම් දැයි පිළිවිස අසා කී සේ කරනුයේ මන වඩන සේ හැසිරෙනුයේ ප්‍රිය තෙපුල් බණනුයේ යි.
Pali BJTතං කිං මඤ්ඤසි මහාරාජ, සුද්දස්ස චෙපි ඉජ්ඣෙය්ය ධනෙන වා ධඤ්ඤෙන වා රජතෙන වා ජාතරූපෙන වා, සුද්දොපිස්සාස්ස පුබ්බුට්ඨායී පච්ඡානිපාතී කිඞ්කාරපටිස්සාවී මනාපචාරී පියවාදී, ඛත්තියොපිස්සාස්ස -පෙ- බ්රාහ්මණොපිස්සාස්ස -පෙ- වෙස්සොපිස්සාස්ස පුබ්බුට්ඨායී පච්ඡානිපාතී කිඞ්කාරපටිස්සාවී මනාපචාරී පියවාදීති?
Sinhala BJTමහරජ, ඒ කෙසේ හඟිහි ද? ශුද්‍රහටත් ඉදින් ධනයෙන් වේවයි ධාන්‍යයෙන් වේවයි රජතයෙන් වේවයි ජාතරූපයෙන් වේවයි සමෘද්ධ වේ නම්, එ ඉසුරුමත්හට ශුද්‍රයාත් පළමු නැඟී සිටිනුයේ පසු වැ ලා හෝනේ කුම් කෙරෙම් දැ යි පිළිවිස අසා කී සේ කරනුයේ මන වඩන සේ හැසිරෙනුයේ ප්‍රිය තෙපුල් බණනුයේ වෙයි, එ ඉසුරුමත්හට ක්‍ෂත්‍රියයාත් ... එ ඉසුරුමත්හට බ්‍රාහ්මණයාත් ... එ ඉසුරුමත්හට වෛශ්‍යයා ත් පළමු නැඟී සිටිනුයේ පසු වැ ලා හෝනේ කුම් කෙරෙම් දැයි පිළිවිස අසා කී සේ කරනුයේ මන වඩන සේ හැසිරෙනුයේ ප්‍රිය තෙපුල් බණනුයේ වේ ද?
Pali BJTසුද්දස්ස චෙපි භො කච්චාන, ඉජ්ඣෙය්ය ධනෙන වා ධඤ්ඤෙන වා රජතෙන වා ජාතරූපෙන වා, සුද්දොපිස්සාස්ස පුබ්බුට්ඨායී පච්ඡානිපාතී කිඞ්කාරපටිස්සාවී මනාපචාරී පියවාදී, ඛත්තියොපිස්සාස්ස -පෙ- බ්රාහ්මණොපිස්සාස්ස -පෙ- වෙස්සොපිස්සාස්ස පුබ්බුට්ඨායී පච්ඡානිපාතී කිඞ්කාරපටිස්සාවී මනාපචාරී පියවාදීති.
Sinhala BJTභවත් කාත්‍යායනයෙනි, ඉදින් ශුද්‍රහටත් ධනයෙන් වේවයි ධාන්‍යයෙන් වේවයි රජතයෙන් වේවයි ජාතරූපයෙන් වේවයි සමෘද්ධ වේ නම්, එ ඉසුරුමත්හට ශුද්‍රයා ත් පළමු නැඟී සිටිනුයේ පැසුළු හෝනේ කුම් කෙරෙම් දැ යි පිළිවිස අසා කී සේ කරනුයේ මන වඩන සේ හැසිරෙනුයේ ප්‍රිය තෙපුල් බණනුයේ වෙයි. එ ඉසුරුමත් හට ක්‍ෂත්‍රියයා ත් ... එ ඉසුරුමත්හට බ්‍රාහ්මණයා ත් ... එ ඉසුරුමත්හට වෛශ්‍යයාත් පළමු නැඟී සිටිනුයේ පැසුළු හෝනේ ‘කුම් කෙරෙම්’ දැයි පිළිවිස අසා කී සේ කරනුයේ යි.
Pali BJTතං කිං මඤ්ඤසි මහාරාජ, යදි එවං සන්තෙ ඉමෙ චත්තාරො වණ්ණා සමසමා{1} හොන්ති, නො වා, කථං වා තෙ එත්ථ හොතීති?
Sinhala BJTමහරජ, ඒ කිමැ’යි හඟිහි ද? ඉදින් මෙසේ ඇති කල්හි මේ සතර වර්‍ණයෝ සමසම වෙති, හෝ නො වෙති හෝ යැ? තොපට මෙසේ කෙසේ හෝ වේ දැ?යි.
Pali BJTඅද්ධා ඛො භො කච්චාන, එවං සන්තෙ ඉමෙ චත්තාරො වණ්ණා සමසමා හොන්ති. නෙසං{2} එත්ථ කිඤ්චි නානාකරණං සමනුපස්සාමීති.
Sinhala BJT‘භවත් කාත්‍යායනයෙනි, එකත්නෙන් මැ මෙසේ වත් මෙ සතර වර්‍ණයෝ සමසම වෙති. මෙහි ලා මොවුන්ගේ කිසි වෙනසක් නො දක්මි’යි.
Pali BJTඉමිනාපි ඛො එතං මහාරාජ, පරියායෙන වෙදිතබ්බං: ‘යථා ඝොසොයෙවෙසො ලොකස්මිං, බ්රාහ්මණාව සෙට්ඨො වණ්ණො, හීනො අඤ්ඤො වණ්ණො -පෙ- බ්රහ්මදායාදා’ති.
Sinhala BJTමහරජ, “බ්‍රාහ්මණයෝ මැ ශ්‍රේෂ්ඨවර්‍ණ යැ තදන්‍ය වූයේ හීනවර්‍ණ යැ ... බ්‍රහ්මදායාදයහ” යන තෙල බස් ලෝකයෙහි යම් පරිදි ව්‍යවහාරමාත්‍රයක් මැ වේ ද, තෙල කරුණ මෙ කරුණිනුදු දතයුතු.
Pali BJTතං කිං මඤ්ඤසි මහාරාජ, ඉධාස්ස ඛත්තියො පාණාතිපාතී අදින්නාදායී කාමෙසුමිච්ඡාචාරී මුසාවාදී පිසුනාවාචො ඵරුසාවාචො සම්ඵප්පලාපී අභිජ්ඣාලූ බ්යාපන්නචිත්තො මිච්ඡාදිට්ඨී, කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජෙය්ය, නො වා, කථං වා තෙ එත්ථ හොතී’ති?
Sinhala BJTමහරජ, ඒ කිමැ’යි හඟී ද? මෙලොවැ ක්‍ෂත්‍රියයෙක් පණිවා කරනුයේ අයිනාදන් කරනුයේ කාමයෙහි මිසහසර ඇතියේ මුසවා බණනුයේ පිසුණුබස් ඇතියේ පරොස්බස් ඇතියේ හිස්බස් තෙපලනුයේ අභිධ්‍යා බහුල වූයේ මෙරමා නසන සිත් ඇතියේ මිසදිටු ඇතියේ වේ ද, හෙ කාබුන් මරණින් මතු සැපයෙන් පහ වූ දුකට ගති වූ විවශ වැ පතිත වන නිරෑහි උපදනේ හෝ නූපදනේ හෝ වේ ද? මෙහි ලා තොපට කෙසේ හෝ හැඟෙනු වේ දැ?යි.
Pali BJTඛත්තියොපි හි භො කච්චාන, පාණාතිපාතී අදින්නාදායී කාමෙසුමිච්ඡාචාරී මුසාවාදී පිසුනාවාචො ඵරුසාවාචො සම්ඵප්පලාපී අභිජ්ඣාලූ බ්යාපන්නචිත්තො මිච්ඡාදිට්ඨී, කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජෙය්ය.{3} එවං මෙ එත්ථ හොති, එවඤ්ච පන මෙ එතං අරහතං සුතන්ති.
Sinhala BJTභවත් කාත්‍යායනයෙනි, යම් හෙයෙකින් ක්‍ෂත්‍රිය තෙමේත් පණිවා කරනුයේ අයිනාදන් කරනුයේ කාමයෙහි මිසහසර ඇතියේ මුසා බණනුයේ පිසුණුබස් ඇතියේ පරොස්බස් ඇතියේ සිස්බස් ඇතියේ අභිධ්‍යා බහුල වූයේ ව්‍යාපාදසිත් ඇතියේ මිසදිටු ඇතියේ වේ ද, හේ කාබුන් මරණින් මතු සැපයෙන් පහ වූ දුකට ගති වූ විවස වැ පතිත වන නිරයට වදනේ යැ මට මෙහි ලා මෙසේ හැඟෙනුයේ වෙයි. තවද තෙල කරුණ මා විසින් මෙසේ රහතුන් වෙත ද අසන ලදැ’යි.
Pali BJTසාධු සාධු මහාරාජ, සාධු ඛො තෙ එතං මහාරාජ, එවං හොති. සාධු ච පන තෙ එතං අරහතං සුතං. තං කිං මඤ්ඤසි මහාරාජ, ඉධාස්ස බ්රාහ්මණො -පෙ- ඉධාස්ස වෙස්සො -පෙ- ඉධාස්ස සුද්දො පාණාතිපාතී අදින්නාදායී -පෙ- මිච්ඡාදිට්ඨී, කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජෙය්ය, නො වා, කථං වා තෙ එත්ථ හොතීති
Sinhala BJTසාධු සාධු මහරජ, මහරජාණෙනි, තෙල කරුණ තොපට මෙසේ වන්නේ මැනැවැ. තෙල කරුණ තොප විසින් රහතුන් වෙත අසන ලද්දේ ද මැනැවැ. මහරජ, එය කිමැ’යි හඟනෙහි ද? මෙලොවැ බමුණෙක් ... මෙලොවැ වෛශ්‍යයෙක් මෙලොවැ ශුද්‍රයෙක් පණිවා කරනුයේ අයිනාදන් කරනුයේ ... මිසදිටු ඇතියේ වන්නේ ද, හේ කාබුන් මරණින් මතු සැපයෙන් පහ වූ දුකට ගති වූ විවස වැ පතිත වන නිරයෙහි උපදනේ හෝ වේ ද? නූපදනේ හෝ වේ ද? මෙහි ලා තොපට කෙසේ හෝ හැඟෙනුයේ වේ දැ?යි.
Pali BJTසුද්දොපි හි භො කච්චාන, පාණාතිපාතී අදින්නාදායී -පෙ- මිච්ඡාදිට්ඨී, කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජෙය්ය.{3} එවං මෙ එත්ථ හොති, එවඤ්ච පන මෙ එතං අරහතං සුතන්ති.
Sinhala BJTභවත් කාත්‍යායනයෙනි, යම් හෙයෙකින් ශුද්‍ර තෙමේ ත් පණිවා කරනුයේ පරද්‍රව්‍ය ගන්නේ ... මිථ්‍යාදෘෂ්ටි ඇතියේ කාබුන් මරණින් මතු සැපයෙන් පහ වූ දුකට ගති වූ විවශ වැ පතිත වන නිරයට වදනේ යැ. මට මෙහි ලා මෙසේ සිත් වෙයි, තවද මා විසින් මෙසේ තෙල කරුණ රහතුන් හමුයෙහි ද අසන ලදැ’යි.
Pali BJTසාධු සාධු මහාරාජ, සාධු ඛො තෙ එතං මහාරාජ, එවං හොති. සාධු ච පන තෙ එතං අරහතං සුතං. තං කිං මඤ්ඤසි මහාරාජ, යදි එවං සන්තෙ ඉමෙ චත්තාරො වණ්ණා සමසමා හොන්ති, නො වා, කථං වා තෙ එත්ථ හොතීති?
Sinhala BJTසාධු සාධු ! මහරජ, මහරජ, තෙල කරුණ තොපට මෙසේ වන්නේ මැනැවැ. තෙල කරුණ තොප විසින් රහතුන් වෙත අසන ලද්දේ ත් මනා මැ යැ. මහරජ, එය කිමැයි හඟනෙහි ද? මෙසේ ඇති කල්හි මෙ සතර වර්‍ණයෝ සමසම වෙත් ද? නො වෙතී හො’යි? මෙහි ලා තොපට කෙසේ හෝ වේ දැ?යි.
Pali BJTඅද්ධා ඛො භො කච්චාන, එවං සන්තෙ ඉමෙ චත්තාරො වණ්ණා සමසමා හොන්ති. නෙසං එත්ථ කිඤ්චි නානාකරණං සමනුපස්සාමීති.
Sinhala BJTභවත් කාත්‍යායනයෙනි, ඒකාන්තයෙන් මෙසේ ඇති කල්හි මේ සතර වර්‍ණයෝ සමසම වෙති. මෙහි මොවුන් ගේ කිසි නානාකරණයක් (වෙනසක්) නො දක්මි’යි.
Pali BJTඉමිනාපි ඛො එතං මහාරාජ, පරියායෙන වෙදිතබ්බං: යථා ඝොසො යෙවෙසො ලොකස්මිං ‘බ්රාහ්මණොව සෙට්ඨො වණ්ණො, හීනො අඤ්ඤො වණ්ණො -පෙ- බ්රහ්මදායාදාති.
Sinhala BJTමහරජ, ‘බ්‍රාහ්මණ මැ ශ්‍රේෂ්ඨ වර්‍ණ යැ, තදන්‍ය වූයේ හීනවර්‍ණ යැ ... බ්‍රහ්මදායාද යැ’ යනු ලෝකයෙහි ඝෝෂාමාත්‍රයෙක් මැ යැ යන මෙ කරුණ මේ පර්‍ය්‍යායෙනුදු දතයුතු.
Pali BJTතං කිං මඤ්ඤසි මහාරාජ, ඉධාස්ස ඛත්තියො පාණාතිපාතා පටිවිරතො අදින්නාදානා පටිවිරතො කාමෙසුමිච්ඡාචාරා පටිවිරතො මුසාවාදා පටිවිරතො පිසුනාවාචා{1} පටිවිරතො ඵරුසාවාචා{2} පටිවිරතො සම්ඵප්පලාපා පටිවිරතො අනභිජ්ඣාලූ අබ්යාපන්නචිත්තො සම්මාදිට්ඨි කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජෙය්ය, නො වා, කථං වා තෙ එත්ථ හොතීති?
Sinhala BJTමහරජ, එය කිමැ’යි හඟනෙහි ද? මෙලොවැ ක්‍ෂත්‍රියයෙක් ප්‍රාණවධයෙන් වෙන් වූයේ අයිනාදනින් වෙන් වූයේ කාමයෙහි මිසහසරින් වෙන් වූයේ මුසවායෙන් වෙන් වූයේ පිසුණුබසින් වෙන් වූයේ පරොස්බසින් වෙන් වූයේ සිස්බසින් වෙන් වූයේ අභිධ්‍යා බහුල නො වූයේ අව්‍යාපාද සිත් ඇතියේ සම්‍යග්දෘෂ්ටි ඇත්තේ වන්නේ ද, හේ කාබුන් මරණින් මතු සුන්‍දරගති ඇති ස්වර්‍ගලෝකයෙහි උපදනේ වේ ද? නූපදනේ හෝ වේ ද? මෙහි ලා තොපට කෙසේ හෝ වේ දැ?යි.