Majjhima Nikāya

Middle-Length Discourses

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 3101-3200 න් 6395

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTඑවං මෙ සුතං: එකං සමයං භගවා කොසලෙසු චාරිකං චරති මහතා භික්ඛුසඞ්ඝෙන සද්ධිං. අථ ඛො භගවා මග්ගා ඔක්කම්ම අඤ්ඤතරස්මිං පදෙසෙ සිතං පාත්වාකාසි. අථ ඛො ආයස්මතො ආනන්දස්ස එතදහොසි: ‘කො නු ඛො හෙතු, කො පච්චයො භගවතො සිතස්ස පාතුකම්මාය, න අකාරණෙ{1} තථාගතා සිතං පාතුකරොන්තී’ති. අථ ඛො ආයස්මා ආනන්දො එකංසං චීවරං{2} කත්වා යෙන භගවා තෙනඤ්ජලිම්පණාමෙත්වා භගවන්තං එතදවොච: ‘කො නු ඛො භන්තෙ හෙතු, කො පච්චයො භගවතො සිතස්ස පාතුකම්මාය, න අකාරණෙ{1} තථාගතා සිතං පාතුකරොන්තී’ති.
Sinhala BJTමා විසින් මෙසේ අසන ලද: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ මහත් වූ සඟපිරිස් හා සමග කොසොල් දනවුයෙහි සැරි සරන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ මඟින් බැහැර ව එක්තරා පියෙසෙක්හි දී සිනා පහළ කළ සේක. එකල්හි ආයුෂ්මත් අනඳ තෙරුන්ට මෙවන් සිතෙක් විය: “භාග්‍යවතුන් වහන්සේගේ සිනා පාළ කිරීමට හේතු කවරේ යැ? ප්‍රත්‍යය කවරේ යැ? බුදුහු නො කරුණෙහි සිනා පාළ නො කෙරෙති”යි. ඉක්බිති ආයුෂ්මත් අනඳ තෙරණුවෝ උතුරුසඟ එකස් කොට බුදුන් දසට ඇඳිලි බැඳ භාග්‍යවතුන් වහන්සේට තෙල වදන් කීහ: “වහන්ස, භාග්‍යවතුන් වහන්සේගේ සිනා පාළ කිරීමට හේතු කවරේ යැ? ප්‍රත්‍යය කවරේ යැ? බුදුහු නො කරුණෙහි සිනා පහළ නො කෙරෙත් නු?”යි.
Pali BJTභූතපුබ්බං ආනන්ද, ඉමස්මිං පදෙසෙ වෙහලිඞ්ගං{3} නාම ගාමනිගමො අහොසි ඉද්ධො චෙව ඵීතො ච බහුජනො ආකිණ්ණමනුස්සො. වෙහලිඞ්ගං{3} ඛො ආනන්ද, ගාමනිගමං කස්සපො භගවා අරහං සම්මාසම්බුද්ධො උපනිස්සාය විහාසි. ඉධ සුදං ආනන්ද, කස්සපස්ස භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස ආරාමො අහොසි. ඉධ සුදං ආනන්ද, කස්සපො භගවා අරහං සම්මාසම්බුද්ධො නිසින්නකො භික්ඛුසඞ්ඝං ඔවදතීති.
Sinhala BJTආනන්‍දය, යටගිය දවස මෙ පෙදෙස්හි ‘වේහලිඞ්ග’ නම් වූ සමෘද්ධ වූ සැපත් පිරුණු බොහෝ ජනයා ඇති මිනිසුන් ගැවැසිගත් නිගමයෙක් වී. ආනන්‍දය, අර්‍හත් සම්‍යක් සම්බුද්ධ වූ කාශ්‍යප බුදුහු වේහලිඞ්ග නිගමය නිසා වැඩවිසූහ. ආනන්‍දය, අර්‍හත් සම්‍යක් සම්බුද්ධ වූ කාශ්‍යප බුදුහු මෙතැන්හි වැඩහිඳ බික්සඟනට ඔවා දෙන සේකැ’යි.
Pali BJTඅථ ඛො ආයස්මා ආනන්දො චතුග්ගුණං සඞ්ඝාටිං පඤ්ඤාපෙත්වා භගවන්තං එතදවොච: තෙන හි භන්තෙ, භගවා නිසීදතු, එවා’යං භූමිප්පදෙසො ද්වීහි අරහන්තෙහි සම්මාසම්බුද්ධෙහි පරිභුත්තො භවිස්සතී’ති. නිසීදි භගවා පඤ්ඤත්තෙ ආසනෙ. නිසජ්ජ ඛො භගවා ආයස්මන්තං ආනන්දං ආමන්තෙසි:
Sinhala BJTඑකල්හි ආයුෂ්මත් අනඳ තෙරණුවෝ සඟළ සිවුර සියුගුණ කොට පනවා භාග්‍යවතුන් වහන්සේට තෙල වදන් කීහ: “වහන්ස, එසේ වී නම් භාග්‍යවතුන් වහන්සේ වැඩහිඳුනා සේක්වා, මෙසෙයින් මෙ බිම්පෙදෙස අර්‍හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ දෙදෙනකුන් විසින් පරිභෝග කරනලද වන්නේ යැ”යි. බුදුහු පැනවූ අස්නෙහි වැඩහුන් සේක. වැඩහිඳ බුදුහු ආයුෂ්මත් අනඳ තෙරුන් ඇමැතූසේක:
Pali BJT‘භූතපුබ්බං ආනන්ද, ඉමස්මිං පදෙසෙ වෙහලිඞ්ගං නාම ගාමනිගමො අහොසි ඉද්ධො චෙව ඵීතො ච බහුජනො ආකිණ්ණමනුස්සො. වෙහලිඞ්ගං ඛො ආනන්ද, ගාමනිගමං කස්සපො භගවා අරහං සම්මාසම්බුද්ධො උපනිස්සාය විහාසි. ඉධ සුදං ආනන්ද, කස්සපස්ස භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස ආරාමො අහොසි. ඉධ සුදං ආනන්ද, කස්සපො භගවා අරහං සම්මාසම්බුද්ධො නිසින්නකො භික්ඛුසඞ්ඝං ඔවදති.
Sinhala BJTආනන්‍දය, යටගිය දවස මෙ පෙදෙස්හි ‘වේහලිඞ්ග’ නම් වූ සමෘද්ධ වූ ඉතා සමෘද්ධ වූ බොහෝ ජනයා ඇති මිනිසුන්ගෙන් ගැවැසීගත් නිගමයෙක් වී. ආනන්‍දය, අර්‍හත් සම්‍යක් සම්බුද්ධ වූ කාශ්‍යප බුදුහු වේහලිඞ්ග නිගමය නිසා විසූසේක. ආනන්‍දය, මෙතැන්හි අර්‍හත් සම්‍යක් සම්බුද්ධ වූ කාශ්‍යප බුදුනට අරාමයෙක් වී. ආනන්‍දය, අර්‍හත් සම්‍යක් සම්බුද්ධ වූ කාශ්‍යප බුදුහු මෙහි වැඩහිඳ බික්සඟනට ඔවා දෙති.
Pali BJTවෙහලිඞ්ගෙ ඛො ආනන්ද, ගාමනිගමෙ ඝටීකාරො නාම කුම්භකාරො කස්සපස්ස භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස උපට්ඨාකො අහොසි අග්ගුපට්ඨාකො. ඝටීකාරස්ස ඛො ආනන්ද, කුම්භකාරස්ස ජොතිපාලො නාම මාණවො සහායො අහොසි පියසහායො. අථ ඛො ආනන්ද, ඝටීකාරො කුම්භකාරො ජොතිපාලං මාණවං ආමන්තෙසි: ‘ආයාම සම්ම
Sinhala BJTආනන්‍දය, වේහලිඞ්ග නම් නිගම ග්‍රාමයෙහි ඝටීකාර නම් කුම්භකාර අර්‍හත් සම්‍යක් සම්බුද්ධ කාශ්‍යප භගවත්හට උපස්ථායක වී, එ ද අග්‍රෝපස්ථායක යි. ආනන්‍දය, ඝටීකාර කුම්භකාරයාහට ජෝතිපාල නම් මණෙවු යහළු වී, එ ද ප්‍රියසහාය යි. ඉක්බිති ආනන්‍දය, ඝටීකාර කුම්භකාර තෙමේ ජෝතිපාල මණෙවු ඇමැතී: “යම්හ යහළු ජෝතිපාලයෙනි, අර්‍හත් සම්‍යක් සම්බුද්ධ කාශ්‍යප භගවතුන් වහන්සේ දක්නට එළැඹෙම්හ.
Pali BJTජොතිපාල, කස්සපං භගවන්තං අරහන්තං සම්මාසම්බුද්ධං දස්සනාය උපසඞ්කමිස්සාම. සාධුසම්මතං හි මෙ තස්ස භගවතො දස්සනං අරහතො සම්මාසම්බුද්ධස්සා’ති. එවං වුත්තෙ ආනන්ද, ජොතිපාලො මාණවො ඝටීකාරං කුම්භකාරං එතදවොච: ‘අලං සම්ම ඝටීකාර, කිං පන තෙන මුණ්ඩකෙන සමණකෙන දිට්ඨෙනා’ති? දුතියම්පි ඛො ආනන්ද -පෙ- තතියම්පි ඛො ආනන්ද, ඝටීකාරො කුම්භකාරො ජොතිපාලං මාණවං එතදවොච: ‘ආයාම සම්ම ජොතිපාල, කස්සපං භගවන්තං අරහන්තං සම්මාසම්බුද්ධං දස්සනාය උපසඞ්කමිස්සාම. සාධුසම්මතං හි මෙ තස්ස භගවතො දස්සනං අරහතො සම්මාසම්බුද්ධස්සා’ති. තතියම්පි ඛො ආනන්ද, ජොතිපාලො මාණවො ඝටීකාරං කුම්භකාරං එතදවොච: ‘අලං සම්ම ඝටීකාර. කිං පන තෙන මුණ්ඩකෙන සමණකෙන දිට්ඨෙනා’ති. තෙන හි සම්ම ජොතිපාල, සොත්තිං සිනානිං{1} ආදාය නදිං ගමිස්සාම සිනායිතුන්ති. එවං සම්මා’ති ඛො ආනන්ද, ජොතිපාලො මාණවො ඝටීකාරස්ස කුම්භකාරස්ස පච්චස්සොසි. අථ ඛො ආනන්ද, ඝටීකාරො ච කුම්භකාරො ජොතිපාලො ච මාණවො සොත්තිං සිනානිං{1} ආදාය නදිං අගමංසු සිනායිතුං.
Sinhala BJTඅර්‍හත් සම්‍යක් සම්බුද්ධ ඒ භගවත්හුගේ දැක්ම මා විසින් සාධු සම්මත වේ”යයි. ආනන්‍දයෙනි, මෙසේ කී කල ජෝතිපාල මාණවක ඝටීකාර කුම්භකාරහට තෙල බස් කී: “යහළු ඝටීකාරය, කම් නැත, දුටු ඒ මුඩුමහණහු විසින් කිනම් වැඩෙක් වේ දැ?”යි. ආනන්‍දයෙනි, දෙවනවට ද ... ආනන්‍දයෙනි, තුන්වනවට ද ඝටීකාර කුම්භකාර ජෝතිපාල මාණවකහට තෙල බස් කී: “යම්හ යහළු ජෝතිපාලයෙනි, අර්‍හත් සම්‍යක් සම්බුද්ධ කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේ දක්නා සඳහා එළැඹෙම්හ. අර්‍හත් සම්‍යක් සම්බුද්ධ ඒ භාග්‍යවතුන් දැක්ම මා විසින් සාධුසම්මත වේ”යයි. ආනන්‍දයෙනි, තුන්වනවට ද ජෝතිපාල මණෙවු ඝටීකාර කුම්භකාරයාහට තෙල බස් කී: “යහළු ඝටීකාරය, කම් නැත, දුටු ඒ මුඩුමහණහු විසින් කිනම් වැඩෙක් වේ දැ?”යි. යහළු ජෝතිපාලයෙනි, ඉදින් එසේ වී නම් නහනුවස් කළ කුරුඳුවැළ ගෙන නහනු සඳහා හොයට යම්හ. ආනන්‍දයෙනි, ජෝතිපාල මාණවක ‘යහළුව එසේ මැනැවැ’යි ඝටීකාර කුම්භකාරහට පිළිවදන් ඇස්වී. ඉක්බිති ආනන්‍දයෙනි, ඝටීකාර කුම්භකාර ද ජෝතිපාල මාණවක ද නාහන කුරුඳුවැළ ගෙන නහනු සඳහා හොයට ගියෝ.
Pali BJTඅථ ඛො ආනන්ද, ඝටීකාරො කුම්භකාරො ජොතිපාලං මාණවං ආමන්තෙසි: අයං සම්ම ජොතිපාල, කස්සපස්ස භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස අවිදූරෙ ආරාමො. ආයාම සම්ම ජොතිපාල, කස්සපං භගවන්තං අරහන්තං සම්මාසම්බුද්ධං දස්සනාය උපසඞ්කමිස්සාම. සාධුසම්මතං හි මෙ තස්ස භගවතො දස්සනං අරහතො සම්මාසම්බුද්ධස්සා’ති.
Sinhala BJTඉක්බිති ආනන්‍දයෙනි, ඝටීකාර කුම්භකාර තෙමේ දෝපල් මණෙවු ඇමැතී: “යහළු ජෝතිපාලයෙනි, අර්‍හත් සම්‍යක් සම්බුද්ධ කාශ්‍යප භගවත්හුගේ මේ අරම නුදුරෙහි ඇත. යම්හ යහළු ජෝතිපාලයෙනි, අර්‍හත් සම්‍යක්සම්බුද්ධ කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේ දක්නට එළැඹෙම්හ. අර්‍හත් සම්‍යක් සම්බුද්ධ ඒ භාග්‍යවතුන් වහන්සේ දැක්ම මා විසින් සාධු සම්මත වේ”යයි.
Pali BJTඑවං වුත්තෙ ආනන්ද, ජොතිපාලො මාණවො ඝටීකාරං කුම්භකාරං එතදවොච: අලං සම්ම ඝටීකාර, කිං පන තෙන මුණ්ඩකෙන සමණකෙන දිට්ඨෙනා’ති? දුතියම්පි ඛො ආනන්ද -පෙ- තතියම්පි ඛො ආනන්ද, ඝටීකාරො කුම්භකාරො ජොතිපාලං මාණවං එතදවොච: අයං සම්ම ජොතිපාල, කස්සපස්ස භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස අවිදූරෙ ආරාමො. ආයාම සම්ම ජොතිපාල, කස්සපං භගවන්තං අරහන්තං සම්මාසම්බුද්ධං දස්සනාය උපසඞ්කමිස්සාම. සාධුසම්මතං හි මෙ තස්ස භගවතො දස්සනං අරහතො සම්මාසම්බුද්ධස්සා’ති. තතියම්පි ඛො ආනන්ද, ජොතිපාලො මාණවො ඝටීකාරං කුම්භකාරං එතදවොච: අලං සම්ම ඝටීකාර, කිං පන තෙන මුණ්ඩකෙන සමණකෙන දිට්ඨෙනා’ති?
Sinhala BJTආනන්‍දයෙනි, මෙසේ කී කල්හි ජෝතිපාල මාණවක තෙමේ ඝටීකාර කුම්භකාරහට තෙලබස් කී: “යහළු ඝටීකාරය, පිළිකෙව් කරමි. දක්නා ලද ඒ මුඩු මහණහු විසින් කිනම් වැඩ වේ දැ?”යි. ආනන්‍දයෙනි, දෙවනවට ද ... ආනන්‍දයෙනි, තුන්වනවට ද ඝටීකාර කුම්භකාර තෙමේ දෝපල් මණෙවු හට තෙල බස් කී: “යහළු ජෝතිපාලයෙනි, අර්‍හත් සම්‍යක් සම්බුද්ධ කසුප් බුදුන්ගේ මේ අරම අසල ඇත. යම්හ යහළු ජෝතිපාලයෙනි, අර්‍හත් සම්‍යක් සම්බුද්ධ කසුප් බුදුන් දක්නා සඳහා එළැඹෙම්හ. අර්‍හත් සම්‍යක් සම්බුද්ධ ඒ භගවත්හුගේ දස්න මා විසින් සාධුසම්මත යැ”යි. ආනන්‍දයෙනි, තුන්වනවට ද ජෝතිපාල මාණවක තෙමේ ඝටීකාර කුම්භකාරහට තෙල බස් කී: “යහළු ඝටීකාරය, කම් නැත, දක්නා ලද ඒ මුඩු මහණහු විසින් කවර වැඩ වේ දැ?”යි.
Pali BJTඅථ ඛො ආනන්ද, ඝටීකාරො කුම්භකාරො ජොතිපාලං මාණවං ඔවට්ටිකාය{2} පරාමසිත්වා එතදවොච: අයං සම්ම ජොතිපාල, කස්සපස්ස භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස අවිදූරෙ ආරාමො. ආයාම සම්ම ජොතිපාල, කස්සපං භගවන්තං අරහන්තං සම්මාසම්බුද්ධං දස්සනාය උපසඞ්කමිස්සාම. සාධුසම්මතං හි මෙ තස්ස භගවතො දස්සනං අරහතො සම්මාසම්බුද්ධස්සා’ති.
Sinhala BJTඒ සඳ ආනන්‍දය, ඝටීකාර කුම්භකාර තෙමේ හිඟ ඉණකඩ අත්ලා ගෙන තෙල බස් කී: “යහළු ජෝතිපාලයෙනි, අර්‍හත් සම්‍යක් සම්බුද්ධ භාග්‍යවතුන් වහන්සේ ගේ මේ අරම අසලෙහි ඇත, යම්හ යහළු ජෝතිපාලයෙනි, අර්‍හත් සම්‍යක් සම්බුද්ධ කසුබු බුදුන් දක්නට එළැඹෙම්හ. අර්‍හත් සම්‍යක් සම්බුද්ධ ඒ භාග්‍යවතුන් වහන්සේගේ දැක්ම මා විසින් සාධු සම්මත ය”යි.
Pali BJTඅථ ඛො ආනන්ද, ජොතිපාලො මාණවො ඔවට්ටිකං විනිවෙඨෙත්වා{3} ඝටීකාරං කුම්භකාරං එතදවොච: අලං සම්ම ඝටීකාර, කිං පන තෙන මුණ්ඩකෙන සමණකෙන දිට්ඨෙනාති?
Sinhala BJTඉක්බිති ආනන්‍දයෙනි, ජෝතිපාල මාණවක තෙමේ හිඟ ඉණකඩ මුදාගෙන ඝටීකාර කුම්භකාරයාහට තෙල බස් කී: “යහළු ඝටීකාරය, පිළිකෙව් කරමි. දක්නා ලද ඒ මුඩුමහණහු විසින් කිමැ”යි.
Pali BJTඅථ ඛො ආනන්ද, ඝටීකාරො කුම්භකාරො ජොතිපාලං මාණවං සසීසං නහාතං{1} කෙසෙසු පරාමසිත්වා එතදවොච: අයං සම්ම ජොතිපාල, කස්සපස්ස භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස අවිදූරෙ ආරාමො. ආයාම සම්ම ජොතිපාල, කස්සපං භගවන්තං අරහන්තං සම්මාසම්බුද්ධං දස්සනාය උපසඞ්කමිස්සාම. සාධුසම්මතං හි මෙ තස්ස භගවතො දස්සනං අරහතො සම්මාසම්බුද්ධස්සාති.
Sinhala BJTඉක්බිත්තෙන් ආනන්‍දයෙනි, ඝටීකාර කුම්භකාර තෙමේ ඉස් සෝදා නහා සිටි ජෝතිපාල මාණවක කෙහෙයෙහි ගෙන තෙල බස් කී: “යහළු ජෝතිපාලයෙනි, අර්‍හත් සම්‍යක් සම්බුද්ධ වූ කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේ ගේ මේ අරම නුදුරෙහි ඇත, යම්හ යහළු ජෝතිපාලයෙනි, අර්‍හත් සම්‍යක් සම්බුද්ධ වූ කාශ්‍යප භාග්‍යවතුන් දක්නට එළැඹෙම්හ, අර්‍හත් සම්‍යක් සම්බුද්ධ වූ ඒ භාග්‍යවතුන් වහන්සේගේ දැක්ම මා විසින් සාධු සම්මත ය”යි.
Pali BJTඅථ ඛො ආනන්ද, ජොතිපාලස්ස මාණවස්ස එතදහොසි: අච්ඡරියං වත භො, අබ්භුතං වත භො, යත්ර හි නාමායං ඝටීකාරො කුම්භකාරො ඉත්තරජච්චො සමානො අම්හාකං සසීසං නහාතානං{2} කෙසෙසු පරාමසිතබ්බං මඤ්ඤිස්සති. න වතිදං{3} ඔරකං මඤ්ඤෙ භවිස්සතීති. ඝටීකාරං කුම්භකාරං එතදවොච: යාවෙතදොහිපි{4} සම්ම ඝටීකාරා’ති. යාවෙතදොහිපි සම්ම ජොතිපාල, තථා හි පන මෙ සාධුසම්මතං තස්ස භගවතො දස්සනං අරහතො සම්මාසම්බුද්ධස්සාති. තෙන හි සම්ම ඝටීකාර, මුඤ්ච ගමිස්සාමාති.
Sinhala BJTඑකල්හි ආනන්‍දයෙනි, ජෝතිපාල මාණවකහට තෙල සිත් වී: “භවත්නි, ආශ්චර්‍ය්‍ය මැ යැ, භවත්නි, අද්භූත මැ යි. යම් හෙයෙකින් මේ ඝටීකාර කුම්භකාර ලාමකජාති ඇත්තේ මැ ඉස් සෝදා නහා සිටි අපගේ කෙස්වැටිය ගතයුතු කොට සිතා ද, ඒකාන්තයෙන් මේ අපගේ ගමන ලාමක නො වනසේ”යයි ඝටීකාර කුම්භකාරහට තෙල බස් කී: “යහළු ඝටීකාරයෙනි, (මෙතෙක් දෑ කෙළේ) තෙල ගමන් සඳහා මැ වේ දැ”යි. “යහළු ජෝතිපාලයෙනි, තෙල ගමන් සඳහා මැ වෙයි. එසේ මැ යැ ඒ අර්‍හත් සම්‍යක් සම්‍යක් සම්බුද්ධ භාග්‍යවතුන් වහන්සේ ගේ දස්න මා විසින් සාධුසම්මත යැ”යි කී. යහළු ඝටීකාරයෙනි, එසේ වී නම් කෙහෙ ගැනුම් පියව, යම්හ’යි.
Pali BJTඅථ ඛො ආනන්ද, ඝටීකාරො ච කුම්භකාරො ජොතිපාලො ච මාණවො යෙන කස්සපො භගවා අරහං සම්මාසම්බුද්ධො තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා ඝටීකාරො කුම්භකාරො කස්සපං භගවන්තං අරහන්තං සම්මාසම්බුද්ධං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. ජොතිපාලො පන මාණවො කස්සපෙන භගවතා අරහතා සම්මාසම්බුද්ධෙන සද්ධිං සම්මොදි. සම්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ආනන්ද, ඝටීකාරො කුම්භකාරො කස්සපං භගවන්තං අරහන්තං සම්මාසම්බුද්ධං එතදවොච: අයං මෙ භන්තෙ, ජොතිපාලො මාණවො සහායො පියසහායො. ඉමස්ස භගවා ධම්මං දෙසෙතූ’ති. අථ ඛො ආනන්ද, කස්සපො භගවා අරහං සම්මාසම්බුද්ධො ඝටීකාරඤ්ච කුම්භකාරං ජොතිපාලඤ්ච මාණවං ධම්මියා කථාය සන්දස්සෙසි, සමාදපෙසි, සමුත්තෙජෙසි, සම්පහංසෙසි. අථ ඛො ආනන්ද, ඝටීකාරො ච කුම්භකාරො ජොතිපාලො ච මාණවො කස්සපෙන භගවතා අරහතා සම්මාසම්බුද්ධෙන ධම්මියා කථාය සන්දස්සිතා සමාදපිතා සමුත්තෙජිතා සම්පහංසිතා කස්සපස්ස භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස භාසිතං අභිනන්දිත්වා අනුමොදිත්වා උට්ඨායාසනා කස්සපං භගවන්තං අරහන්තං සම්මාසම්බුද්ධං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා පක්කමිංසු.
Sinhala BJTඑසඳ ආනන්‍දයෙනි, ඝටීකාරකුම්භකාර හා ජෝතිපාල මාණවක හා දෙදෙන අර්‍හත් සම්‍යක් සම්බුද්ධ කසුබු බුදුන් කරා එළැඹියහ. එළැඹ ඝටීකාර කුම්භකාර තෙමේ අර්‍හත් සම්‍යක් සම්බුද්ධ කසුප් බුදුන් සකසා වැඳ එකත්පස් වැ හින. ජෝතිපාල මාණවක වනාහි අර්‍හත් සම්‍යක් සම්බුද්ධ කසුප් බුදුන් හා සමග සතුටු වී. සම්මෝදනයට නිසි සිහි කරනට නිසි කථා කොට නිමවා එකත්පස් වැ හින. ආනන්‍දය, එකත්පස් වැ හුන් ඝටීකාර කුම්භකාර තෙමේ අර්‍හත් සම්‍යක් සම්බුද්ධ කාශ්‍යප භගවත්හට තෙල සැල කෙළේ: වහන්ස, මේ ජෝතිපාල මාණවක තෙමේ මාගේ යහළු යැ, ප්‍රිය යහළු යැ, භාග්‍යවතුන් වහන්සේ මුහුට දහම් දෙසන සේක්වා’යි. එසඳ ආනන්‍දයෙනි, අර්‍හත් සම්‍යක් සම්බුද්ධ කාශ්‍යප භගවත්හු ඝටීකාර කුම්භකාර හා ජෝතිපාල මාණවකහට දැහැමි කථායෙන් කරුණු දැක්වූහ, සමාදන් කරවූහ, තෙද ගැන්වූහ, පහටු කරවූහ. ඉක්බිති ආනන්‍දය, ඝටීකාර කුම්භකාර හා ජෝතිපාල මාණවක හා දෙදෙන අර්‍හත් සම්‍යක් සම්බුද්ධ කාශ්‍යප භගවත්හු විසින් දැහැමි කථායෙන් කරුණු දක්වන ලද්දාහු සමාදන් කරවන ලද්දාහු තෙද ගන්වන ලද්දාහු පහටු කරවන ලද්දාහු අර්‍හත් සම්‍යක් සම්බුද්ධ කාශ්‍යප භගවත්හු ගේ භාෂිතය සතුටින් පිළිගෙන අනුමෝදන් වැ හුනස්නෙන් නැඟී අර්‍හත් සම්‍යක් සම්බුද්ධ කාශ්‍යප භගවත්හු සකසා වැඳ පැදකුණු කොට ගියෝ.
Pali BJTඅථ ඛො ආනන්ද, ජොතිපාලො මාණවො ඝටීකාරං කුම්භකාරං එතදවොච: ඉඞ්ඝ නු ත්වං{5} සම්ම ඝටීකාර, ධම්මං සුණන්තො, අථ ච පන අගාරස්මා න අනගාරියං{6} පබ්බජසීති.{7}
Sinhala BJTඑසඳ ආනන්‍දය, ජෝතිපාල මාණවක තෙමේ ඝටීකාර කුම්භකාරහට තෙල බස් කී: “යහළු ඝටීකාරයෙනි, තෙපි මේ දහම් අසන්නහු නො ද? එතෙකුදු වත් ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදි නො වව”යි.
Pali BJTනනු මං සම්ම ජොතිපාල, ජානාසි: අන්ධෙ ජිණ්ණෙ මාතාපිතරො පොසෙමී’ති?
Sinhala BJTයහළු ජෝතිපාලයෙනි, තෙපි මා “අඳ වූ මහලු මාපියන් පුස්නෙමි”යි දන්නහු නො ද?
Pali BJTතෙන හි සම්ම ඝටීකාර, අහං අගාරස්මා අනගාරියං පබ්බජිස්සාමීති.
Sinhala BJT“යහළු ඝටීකාරයෙනි, එසේ වී නම් මම ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදි වන්නෙමි”යි.
Pali BJTඅථ ඛො ආනන්ද, ඝටීකාරො ච කුම්භකාරො ජොතිපාලො ච මාණවො යෙන කස්සපො භගවා අරහං සම්මාසම්බුද්ධො තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා කස්සපං භගවන්තං අරහන්තං සම්මාසම්බුද්ධං අභිවාදෙත්වා එකමන්තං නිසීදිංසු. එකමන්තං නිසින්නො ඛො ආනන්ද, ඝටීකාරො කුම්භකාරො කස්සපං භගවන්තං අරහන්තං සම්මාසම්බුද්ධං එතදවොච: අයං මෙ භන්තෙ, ජොතිපාලො මාණවො සහායො පියසහායො, ඉමං භගවා පබ්බාජෙතූ’ති. අලත්ථ ඛො ආනන්ද, ජොතිපාලො මාණවො කස්සපස්ස භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස සන්තිකෙ පබ්බජ්ජං අලත්ථ උපසම්පදං.
Sinhala BJTඑසඳ ආනන්‍දය, ඝටීකාර කුම්භකාර හා ජෝතිපාල මාණවක හා දෙදෙන අර්‍හත් සම්‍යක් සම්බුද්ධ වූ කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියහ. එළැඹ අර්‍හත් සම්‍යක් සම්බුද්ධ කාශ්‍යප භාග්‍යවතුන් වැඳ එකත්පස් වැ හුන්හ. ආනන්‍දය, එකත්පස් වැ හුන් ඝටීකාර කුම්භකාර අර්‍හත් සම්‍යක් සම්බුද්ධ කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේට තෙල බස් සැල කෙළේ: “වහන්ස, මේ ජෝතිපාල මාණවක මා ගේ යහළු යැ ප්‍රිය යහළු යැ. භාග්‍යවතුන් වහන්සේ මුහු පැවිදි කෙරෙත්ව’යි. ආනන්‍දය, ජෝතිපාල මාණවක අර්‍හත් සම්‍යක් සම්බුද්ධ කාශ්‍යප භාග්‍යවතුන් වෙත පැවිද්ද ලද, උපසම්පත් ලද.
Pali BJTඅථ ඛො ආනන්ද, කස්සපො භගවා අරහං සම්මාසම්බුද්ධො අචිරූපසම්පන්නෙ ජොතිපාලෙ මාණවෙ අද්ධමාසූපසම්පන්නෙ{1} වෙගලිඞ්ගෙ යථාභිරන්තං විහරිත්වා යෙන බාරාණසී තෙන චාරිකං පක්කාමි. අනුපුබ්බෙන චාරිකං චරමානො යෙන බාරාණසී තදවසරි.
Sinhala BJTඉක්බිති ආනන්‍දය, අර්‍හත්සම්‍යක් සම්බුද්ධ කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේ ජෝතිපාල මාණවක උපසපන් නොබෝ කල් වූ උපසපන් අඩමසක් ඇති කල්හි වේහලිඞ්ගයෙහි කැමැති තාක් වාසය කොට බරණැස් නුවර කරා චාරිකායෙහි වාදියෝ, අනුක්‍රමයෙන් සැරිසරන සේක් බරණැස්නුවරට බටහ.
Pali BJTතත්ර සුදං ආනන්ද, කස්සපො භගවා අරහං සම්මාසම්බුද්ධො බාරාණසියං විහරති ඉසිපතනෙ මිගදායෙ. අස්සොසි ඛො ආනන්ද, කිකී කාසිරාජා: කස්සපො කිර භගවා අරහං සම්මාසම්බුද්ධො බාරාණසිං අනුප්පත්තො, බාරාණසියං විහරති ඉසිපතනෙ මිගදායෙති. අථ ඛො ආනන්ද, කිකී කාසිරාජා භද්රානි භද්රානි යානානි යොජාපෙත්වා භද්රං යානං අභිරුහිත්වා භද්රෙහි භද්රෙහි යානෙහි බාරාණසියා නිය්යාසි මහතා රාජානුභාවෙන කස්සපං භගවන්තං අරහන්තං සම්මාසම්බුද්ධං දස්සනාය. යාවතිකා යානස්ස භූමි යානෙන ගන්ත්වා යානා පච්චොරොහිත්වා පත්තිකොව යෙන කස්සපො භගවා අරහං සම්මාසම්බුද්ධො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා කස්සපං භගවන්තං අරහන්තං සම්මාසම්බුද්ධං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නං ඛො ආනන්ද, කිකිං කාසිරාජානං කස්සපො භගවා අරහං සම්මාසම්බුද්ධො ධම්මියා කථාය සන්දෙස්සෙසි, සමාදපෙසි, සමුත්තෙජෙසි, සම්පහංසෙසි. අථ ඛො ආනන්ද, කිකී කාසිරාජා කස්සපෙන භගවතා අරහතා සම්මාසම්බුද්ධෙන ධම්මියා කථාය සන්දස්සිතො සමාදපිතො සමුත්තෙජිතො සම්පහංසිතො කස්සපං භගවන්තං අරහන්තං සම්මාසම්බුද්ධං එතදවොච: ‘අධිවාසෙතු මෙ භන්තෙ, භගවා ස්වාතනාය භත්තං සද්ධිං භික්ඛුසඞ්ඝෙනා’ති. අධිවාසෙසි ඛො ආනන්ද, කස්සපො භගවා අරහං සම්මාසම්බුද්ධො තුණ්හීභාවෙන. අථ ඛො ආනන්ද, කිකී කාසිරාජා කස්සපස්ස භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස අධිවාසනං විදිත්වා උට්ඨායාසනා කස්සපං භගවන්තං අරහන්තං සම්මාසම්බුද්ධං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා පක්කාමි. අථ ඛො ආනන්ද, කිකී කාසිරාජා තස්සා රත්තියා අච්චයෙන සකෙ නිවෙසනෙ පණීතං ඛාදනීයං භොජනීයං පටියාදාපෙත්වා පණ්ඩුමුටිකස්ස{2} සාලිනො විචිතකාලකං අනෙකසූපං අනෙකබ්යඤ්ජනං, කස්සපස්ස භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස කාලං ආරොචාපෙසි: ‘කාලො භන්තෙ, නිට්ඨිතං භත්ත’න්ති.
Sinhala BJTආනන්‍දය, අර්‍හත් සම්‍යක් සම්බුද්ධ කසුප් බුදුහු එ බරණැස් නුවර ඉසිපතන නම් වූ මුවළැව්හි වැඩ වෙසෙති. ආනන්‍දය, කිකී නම් කසීරජ “අර්‍හත් සම්‍යක් සම්බුද්ධ වූ කසුප් බුදුහු බරණැස් නුවරට වැඩියාහු බරණැස් නුවර ඉසිපතන නම් වූ මුවළැව්හි වැඩ වෙසෙත් ල”යි ඇසී. එසඳ ආනන්‍දය, කිකී කසීරජ සුන්‍දර සුන්‍දර යානයන් යොදවා ගෙන සුන්‍දර යානයෙකැ නැඟී අර්‍හත් සම්‍යක් සම්බුද්ධ කසුප් බුදුන් දක්නට සුන්‍දර සුන්‍දර යානයෙන් යුතු වැ මහත් වූ රාජානුභාවයෙන් නික්ම ගියේ යැ. යානභූමි තාක් යානයෙන් ගොස් යානයෙන් බැස පාගමනින් මැ අර්‍හත් සම්‍යක් සම්බුද්ධ වූ කසුප් බුදුන් කරා එළැඹ අර්‍හත් සම්‍යක් සම්බුද්ධ වූ කසුප් බුදුන් වැඳ එකත්පස් වැ හින. ආනන්‍දය, එකත්පස් වැ හුන් කිකී කසීරජහට අර්‍හත් සම්‍යක් සම්බුද්ධ කසුප් බුදුන් දැහැමි කථායෙන් කරුණු දැක්වූහ, සමාදන් කරවූහ, තෙද ගැන්වූහ, පහටු කරවූහ. ඉක්බිති ආනන්‍දය, කිකී කසීරජ අර්‍හත් සම්‍යක් සම්බුද්ධ කසුප් බුදුන් විසින් දැහැමි කථායෙන් කරුණු දක්වන ලද්දේ සමාදන් කරවන ලද්දේ තෙද ගන්වන ලද්දේ පහටු කරවන ලද්දේ අර්‍හත් සම්‍යක් සම්බුද්ධ කසුප් බුදුන්ට තෙල බස් සැල කෙළේ: “වහන්ස, භාග්‍යවතුන් වහන්සේ සෙට දවසට භික්‍ෂුසඞ්ඝයා හා සමග මා ගේ බත ඉවසන සේක්ව”යි. ආනන්‍දය, අර්‍හත් සම්‍යක් සම්බුද්ධ කසුප් බුදුහු තුෂ්ණීම්භාවයෙන් ඉවසූහ. එසඳ ආනන්‍දය, කිකී කසීරජ අර්‍හත් සම්‍යක් සම්බුද්ධ වූ කසුප් බුදුන්ගේ අධිවාසනය දැන හුනස්නෙන් නැඟී අර්‍හත් සම්‍යක් සම්බුද්ධ කසුප් බුදුන් වැඳ පැදකුණු කොට නික්ම ගියේ යැ. ඉක්බිති ආනන්‍දය, කිකී කසීරජ එ රැය පහන් වූ කල්හි සිය නිවෙස්නෙහි තෙවැසි සුවඳ රත්හැල්හි කුඩු නැති සහල් ගෙන නොයෙක් සූප ව්‍යඤ්ජන ඇති ප්‍රණීත ඛාද්‍යභෝජ්‍යයන් පිළියෙල කරවා අර්‍හත් සම්‍යක් සම්බුද්ධ කසුප් බුදුන්ට “වහන්ස, වඩනට කලි, බත්කිස නිම වන ලදැ”යි කල් දැන්වී.
Pali BJTඅථ ඛො ආනන්ද, කස්සපො භගවා අරහං සම්මාසම්බුද්ධො පුබ්බණ්හසමයං නිවාසෙත්වා පත්තචීවරං ආදාය යෙන කිකිස්ස කාසිරඤ්ඤො නිවෙසනං තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා පඤ්ඤත්තෙ ආසනෙ නිසීදි සද්ධිං භික්ඛුසඞ්ඝෙන. අථ ඛො ආනන්ද, කිකී කාසිරාජා බුද්ධපමුඛං භික්ඛුසඞ්ඝං පණීතෙන ඛාදනීයෙන භොජනීයෙන සහත්ථා සන්තප්පෙසි, සම්පවාරෙසි.
Sinhala BJTඑකල්හි ආනන්‍දය, අර්‍හත් සම්‍යක් සම්බුද්ධ කසුප් බුදුහු පෙරවරුයෙහි හැඳ පෙරෙවැ පාසිවුරු ගෙන කිකී කසීරජහු ගේ නිවෙස්න කරා එළැඹියහ. එළැඹ පැනවූ අස්නෙහි භික්‍ෂුසඞ්ඝයා හා සමග වැඩ හුන්හ. ඉක්බිති ආනන්‍දය, කිකී කසීරජ බුදුපාමොක් මහසඟන ප්‍රණීත ඛාද්‍යභෝජ්‍යයෙන් සියතින් සතැප්වී, පැවරී.
Pali BJTඅථ ඛො ආනන්ද, කිකී කාසිරාජා කස්සපං භගවන්තං අරහන්තං සම්මාසම්බුද්ධං භුත්තාවිං ඔනීතපත්තපාණිං අඤ්ඤතරං නීචං ආසනං ගහෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ආනන්ද, කිකී කාසිරාජා කස්සපං භගවන්තං අරහන්තං සම්මාසම්බුද්ධං එතදවොච: ‘අධිවාසෙතු මෙ භන්තෙ, භගවා බාරාණසියං වස්සාවාසං, එවරූපං සඞ්ඝස්ස උපට්ඨානං භවිස්සතී’ති. ‘අලං මහාරාජ, අධිවුත්ථො{1} මෙ වස්සාවාසො’ති. දුතියම්පි ඛො, ආනන්ද -පෙ- තතියම්පි ඛො ආනන්ද, කිකී කාසිරාජා කස්සපං භගවන්තං අරහන්තං සම්මාසම්බුද්ධං එතදවොච: ‘අධිවාසෙතු මෙ භන්තෙ, භගවා බාරාණසියං වස්සාවාසං එවරූපං සඞ්ඝස්ස උපට්ඨානං භවිස්සතී’ති. ‘අලං මහාරාජ. අධිවුත්ථො මෙ වස්සාවාසො’ති. අථ ඛො ආනන්ද, කිකිස්ස කාසිරඤ්ඤො: ‘න මෙ කස්සපො භගවා අරහං සම්මාසම්බුද්ධො අධිවාසෙති බාරාණසියං වස්සාවාස’න්ති අහුදෙව අඤ්ඤථත්තං, අහු දොමනස්සං. අථ ඛො ආනන්ද, කිකී කාසිරාජා කස්සපං භගවන්තං අරහන්තං සම්මාසම්බුද්ධං එතදවොච: ‘අත්ථි නු තෙ භන්තෙ, අඤ්ඤො කොචි මයා උපට්ඨාකතරො’ති.
Sinhala BJTඉක්බිති ආනන්‍දය, කිකී කසීරජ අර්‍හත් සම්‍යක් සම්බුද්ධ කසුප් බුදුන් වැළඳුවන් පාත්‍රයෙන් බැහැර කළ අත් ඇතියන් දැන එක්තරා මිටි අස්නක් ගෙන එකත්පස් වැ හින. ආනන්‍දයෙනි, එකත්පස් වැ හුන් කිකී කසීරජ අර්‍හත් සම්‍යක් සම්බුද්ධ කසුප් බුදුන්ට තෙල බස් සැල කෙළේ: “වහන්ස, භාග්‍යවතුන් වහන්සේ මා ගේ බරණැස්පුර වස්විසීම ඉවසන සේක්වා, මහසඟනට මෙවන් උවැටන් වන්නේ යැ”යි. “කම් නැත මහරජ, මා විසින් වස්විසීම ඉවසන ලදැ”යි. දෙවනවට දු ආනන්‍දය, ... තුන්වනවට දු ආනන්‍දය, කිකී කසීරජ අර්‍හත් සම්‍යක් සම්බුද්ධ කසුප් බුදුන්ට තෙල බස් සැල කෙළේ: “වහන්ස, භාග්‍යවතුන් වහන්සේ මා ගේ බරණැස්පුර වස්විසීම ඉවසන සේක්වා, මහසඟනට මෙවන් උවැටන් වන්නේ යැ”යි. “කම් නැත මහරජ, මා විසින් වස්සාවාස ඉවසන ලදැ”යි. එසඳ ආනන්‍දය, කිකී කසීරජහට: “අර්‍හත් සම්‍යක් සම්බුද්ධ කාශ්‍යප භගවත්හු මා ගේ බරණැස් නුවර වස්විසීම නො ඉවසතී” විපරීතසිත් වී, දොම්නස් වී. ඉක්බිති ආනන්‍දය, කිකී කසීරජ අර්‍හත් සම්‍යක් සම්බුද්ධ කසුප් බුදුන්ට: “වහන්ස, මට වඩා උපස්ථායකතර වූ අන් කිසිවෙක් මුබ වහන්සේට ඇද්දැ?යි මෙවදන් කී.
Pali BJTඅත්ථි මහාරාජ, වෙහලිඞ්ගං නාම ගාමනිගමො. තත්ථ ඝටීකාරො නාම කුම්භකාරො. සො මෙ උපට්ඨාකො අග්ගුපට්ඨාකො. තුය්හං ඛො පන මහාරාජ: ‘න මෙ කස්සපො භගවා අරහං සම්මාසම්බුද්ධො අධිවාසෙති බාරාණසියං වස්සාවාස’න්ති, අත්ථි අඤ්ඤථත්තං අත්ථි දොමනස්සං. තයිදං ඝටීකාරෙ කුම්භකාරෙ නත්ථි ච න ච භවිස්සති.
Sinhala BJTමහරජ, වේහලිඞ්ග නම් නියම්ගමෙක් ඇත. එහි ඝටීකාර නම් කුම්භකාරයෙක් ඇති. හෙ තෙම මාගේ උපස්ථායක යැ අග්‍රෝපස්ථායක යි. මහරජ, තොපට වැළිත් “අර්‍හත් සම්‍යක් සම්බුද්ධ කසුප් බුදුහු මා ගේ බරණැස් නුවර වස්සාවාස නො ඉවසතී” විපරීත සිතෙක් ඇත, දොම්නසෙක් ඇති. ඒ මෙ දොම්නස ඝටීකාර කුම්භකාර කෙරෙහි නැත, නො ද වන්නේ යි.
Pali BJTඝටීකාරො ඛො මහාරාජ, කුම්භකාරො බුද්ධං සරණං ගතො, ධම්මං සරණං ගතො, සඞ්ඝං සරණං ගතො.
Sinhala BJTමහරජ, ඝටීකාර කුම්භකාර වූකලි බුදුන් සරණ කොට ගියේ යැ, දහම් සරණ කොට ගියේ යැ, සඟුන් සරණ කොට ගියේ යි.
Pali BJTඝටීකාරො ඛො මහාරාජ, කුම්භකාරො පාණාතිපාතා පටිවිරතො, අදින්නාදානා පටිවිරතො, කාමෙසු මිච්ඡාචාරා පටිවිරතො, මුසාවාදා පටිවිරතො, සුරාමෙරයමජ්ජපමාදට්ඨානා පටිවිරතො.
Sinhala BJTමහරජ, ඝටීකාර කුම්භකාර පණිවායෙන් වෙන් වූයේ වෙයි, අයිනාදනින් වෙන් වූයේ වෙයි, කාමයෙහි මිසහසරින් වෙන් වූයේ වෙයි, මුසවායෙන් වෙන් වූයේ වෙයි, මදපමා දෙකට කරුණු වූ රහමෙරින් වෙන් වූයේ වෙයි.
Pali BJTඝටීකාරො ඛො මහාරාජ, කුම්භකාරො බුද්ධෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො, ධම්මෙ -පෙ- සඞ්ඝෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො, අරියකන්තෙහි සීලෙහි සමන්නාගතො.
Sinhala BJTමහරජ, ඝටීකාර කුම්භකාර බුදුන් කෙරෙහි අවේත්‍යප්‍රසාදයෙන් සමන්‍වාගත වෙයි, ධර්‍මය කෙරෙහි ... සඞ්ඝයා කෙරෙහි අවේත්‍යප්‍රසාදයෙන් සමන්‍වාගත වෙයි, ආර්‍ය්‍යකාන්ත ශීලයෙන් සමන්‍වාගත වෙයි.
Pali BJTඝටීකාරො ඛො මහාරාජ, කුම්භකාරො දුක්ඛෙ නික්කඞ්ඛො, දුක්ඛසමුදයෙ නික්කඞ්ඛො, දුක්ඛනිරොධෙ නික්කඞ්ඛො, දුක්ඛනිරොධගාමිනියා පටිපදාය නික්කඞ්ඛො.
Sinhala BJTමහරජ, ඝටීකාර කුම්භකාර දුඃඛසත්‍යයෙහි නිසැක වූයේ දුඃඛසමුදයසත්‍යයෙහි නිසැක වූයේ දුඃඛනිරෝධසත්‍යයෙහි නිසැක වූයේ දුඃඛනිරෝධ ගාමිනීප්‍රතිපදාසත්‍යයෙහි නිසැක වූයේ වෙයි.
Pali BJTඝටීකාරො ඛො මහාරාජ, කුම්භකාරො එකභත්තිකො බ්රහ්මචාරී සීලවා කල්යාණධම්මො.
Sinhala BJTමහරජ, ඝටීකාර කුම්භකාර ඒකභත්තික වැ බ්‍රම්සර ඇති වැ සිල්වත් වැ කලණදහම් ඇති වැ සිටින සුලු වෙයි.
Pali BJTඝටීකාරො ඛො මහාරාජ, කුම්භකාරො නික්ඛිත්තමණිසුවණ්ණො, අපෙතජාතරූපරජතො.
Sinhala BJTමහරජ, ඝටීකාර කුම්භකාර හැරපී මණි ස්‍වර්‍ණ ඇතියේ හැරපී රන්රිදී ඇතියේ වේ.
Pali BJTඝටීකාරො ඛො මහාරාජ, කුම්භකාරො පන්නමුසලො{1}. න සහත්ථා පඨවිං{2} ඛණති. යං හොති කූලපලුග්ගං වා යො හොති මූසිකුක්කාරො වා{3} තං කාජෙන{4} ආහරිත්වා භාජනං කරිත්වා එවමාහ: ‘එත්ථ යො ඉච්ඡති තණ්ඩුලපටිභස්තානි{5} වා මුග්ගපටිභස්තානි{6} වා කලාය{7} පටිභස්තානි{8} වා නික්ඛිපිත්වා යං ඉච්ඡති තං හරතූති.
Sinhala BJTමහරජ, ඝටීකාර කුම්භකාර බහාතැබූ මොහොල් ඇතියේ සියතින් පොළෝ නො කණියි. ඉවුරෙන් ගිලිහුණු යම් මැ මැටියෙක් වේවයි මීයන් නැඟූ යම් මැ මැටියෙක් වේවයි ඇද්ද, එය කඩින් ගෙනවුත් බඳුන් තනා මෙසේ කියයි: “යමෙක් කැමැති වේ නම් සහල්පිහිවා වේවයි, මුංපිහවා වේවයි කඩලපිහිවා වේවයි මෙහි බහා යම් බඳුනක් කැමැති වේ නම් එය ගෙන යේව”යි.
Pali BJTඝටීකාරො ඛො මහාරාජ, කුම්භකාරො අන්ධෙ ජිණ්ණෙ මාතාපිතරො පොසෙති.
Sinhala BJTමහරජ, ඝටීකාර කුම්භකාර අඳමහලු මවුපියන් පුස්නේ යැ.
Pali BJTඝටීකාරො ඛො මහාරාජ, කුම්භකාරො පඤ්චන්නං ඔරම්භාගියානං සඤ්ඤොජනානං පරික්ඛයා ඔපපාතිකො තත්ථ පරිනිබ්බායී අනාවත්තිධම්මො තස්මා ලොකා.
Sinhala BJTමහරජ, ඝටීකාර කුම්භකාර පඤ්චඕරම්භාගීය සංයෝජනයන් ක්‍ෂය කිරීමෙන් ඕපපාතික වැ එ බඹලොවින් වටාලා නො එන සැහැවි ඇති වැ එහි මැ පිරිනිවන් පානාසුලු වෙයි.
Pali BJTඑකමි’දාහං මහාරාජ, සමයං වෙහලිඞ්ගෙ ගාමනිගමෙ විහරාමි. අථ ඛ්වාහං මහාරාජ, පුබ්බණ්හසමයං නිවාසෙත්වා පත්තචීවරං ආදාය යෙන ඝටීකාරස්ස කුම්භකාරස්ස මාතාපිතරො තෙනුපසඞ්කමිං. උපසඞ්කමිත්වා ඝටීකාරස්ස කුම්භකාරස්ස මාතාපිතරො එතදවොචං: හන්ද කො නු ඛො අයං භග්ගවො{9} ගතොති. නික්ඛන්තො ඛො තෙ භන්තෙ, උපට්ඨාකො, අතො කුම්භියා ඔදනං ගහෙත්වා පරියොගා සූපං ගහෙත්වා පරිභුඤ්ජාති. අථ ඛ්වාහං මහාරාජ, කුම්භියා ඔදනං ගහෙත්වා පරියොගා සූපං ගහෙත්වා පරිභුඤ්ජිත්වා උට්ඨායාසනා පක්කමිං{10} අථ ඛො මහාරාජ, ඝටීකාරො කුම්භකාරො යෙන මාතාපිතරො තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා මාතාපිතරො එතදවොච: කො කුම්භියා ඔදනං ගහෙත්වා පරියොගා සූපං ගහෙත්වා පරිභුඤ්ජිත්වා උට්ඨායාසනා පක්කන්තො’ති. කස්සපො තාත, භගවා අරහං සම්මාසම්බුද්ධො කුම්භියා ඔදනං ගහෙත්වා පරියොගා සූපං ගහෙත්වා පරිභුඤ්ජිත්වා උට්ඨායාසනා පක්කන්තො’ති. අථ ඛො මහාරාජ, ඝටීකාරස්ස කුම්භකාරස්ස එතදහොසි: ලාභා වත මෙ, සුලද්ධං වත මෙ, යස්ස මෙ කස්සපො භගවා අරහං සම්මාසම්බුද්ධො එවං අභිවිස්සත්ථො’ති.{11} අථ ඛො මහාරාජ, ඝටීකාරං කුම්භකාරං අද්ධමාසං{12} පීතිසුඛං න විජහි{13} සත්තාහං මාතාපිතුන්නං.
Sinhala BJTමහරජ, මම එක් කලෙක වේහලිඞ්ග නියම්ගම්හි වාස කරමි. ඉක්බිති මහරජ මම් පෙරවරු වේලෙහි හැඳ පෙරෙවැ පාසිවුරු ගෙන ඝටීකාර කුම්භකාරයා ගේ මාපියන් කරා එළැඹියෙමි. එළැඹැ ඝටීකාර කුම්භකාරයාගේ මාපියනට තෙල බස් කිමී: “දැන් මේ භාර්‍ගව කොහි ගියේ වේ දැ”යි. වහන්ස, ඔබ ගේ උපස්ථායක බැහැර ගියේ යැ. තෙල සැළියෙන් බත් ගෙන සූපභාජනයෙන් සූප ගෙන වළඳන්නේ යැ”යි. ඉක්බිති මහරජ මම සැළියෙන් බත් ගෙන සූපභාජනයෙන් සූප ගෙන වළඳ කොට හුනස්නෙන් නැඟී බැස ගියෙමි. ඉක්බිති මහරජ, ඝටීකාර කුම්භකාර මාපියන් කරා එළැඹියේ යැ, එළැඹ මවුපියනට තෙලබස් කී: “සැළියෙන් බත් ගෙන සූපභාජනයෙන් සූප ගෙන වළඳා හුනස්නෙන් නැඟී බැස ගියේ කවරෙකැ”යි. දරුව, අර්‍හත් සම්‍යක් සම්බුද්ධ කාශ්‍යප භගවත්හු සැළියෙන් බත් ගෙන සූපභාජනයෙන් සූප ගෙන වළඳා හුනස්නෙන් නැඟී බැස ගියහ”යි. එසඳ මහරජ, ඝටීකාර කුම්භකාරහට තෙල සිත් වී: “මට ලාභයෙක් මැ යැ, මට මනා ලැබීමෙක් මැ යැ, අර්‍හත් සම්‍යක් සම්බුද්ධ කාශ්‍යප භගවත්හු මට මෙසේ ඉතා විස්වැසි වූහ”යි. එසඳ මහරජ, ප්‍රීතිසුඛය අඩමසක් ඝටීකාර කුම්භකාරයා නො හළේ යැ. මාපියන් ගේ ප්‍රීතිසුඛය සත්දිනක් නො හළේ යැ.
Pali BJTඑකමි’දාහං මහාරාජ, සමයං තත්ථෙව වෙහලිඞ්ගෙ ගාමනිගමෙ විහරාමි. අථ ඛ්වාහං මහාරාජ, පුබ්බන්හසමයං නිවාසෙත්වා පත්තචීවරං ආදාය යෙන ඝටීකාරස්ස කුම්භකාරස්ස මාතාපිතරො තෙනුපසඞ්කමිං, උපසඞ්කමිත්වා ඝටීකාරස්ස කුම්භකාරස්ස මාතාපිතරො එතදවොචං: හන්ද කො නු ඛො අයං භග්ගවො{9} ගතො’ති. නික්ඛන්තො ඛො තෙ භන්තෙ, උපට්ඨාකො, අතො ඛළොපියා කුම්මාසං ගහෙත්වා පරියොගා සූපං ගහෙත්වා පරිභුඤ්ජාති. අථ ඛ්වාහං මහාරාජ, ඛළොපියා කුම්මාසං ගහෙත්වා පරියොගා සූපං ගහෙත්වා පරිභුඤ්ජිත්වා උට්ඨායාසනා පක්කමිං.
Sinhala BJTමහරජ, මම එක් කලෙක වේහලිඞ්ග නියම්ගම්හි මැ වාස කරමි. එක්බිති මහරජ, මම පෙරවරු වේලෙහි හැඳපෙරෙව පාසිවුරු ගෙන ඝටීකාර කුම්භකාරයා ගේ මාපියන් කරා එළැඹියෙමි. එළැඹැ ඝටීකාර කුම්භකාරයාගේ මාපියනට තෙල බස් කිමී: “දැන් මේ භාර්‍ගව කොහි ගියේ වේ දැ”යි. වහන්ස, ඔබ ගේ උපස්ථායක බැහැර ගියේ යැ. තෙල සැළියෙන් කොමු ගෙන සූපභාජනයෙන් සූප ගෙන වළඳන්නේ යැ”යි. ඉක්බිති මහරජ මම සැළියෙන් කොමු ගෙන සූපභාජනයෙන් සූප ගෙන වළඳ කොට හුනස්නෙන් නැඟී
Pali BJTඅථ ඛො මහාරාජ, ඝටීකාරො කුම්භකාරො යෙන මාතාපිතරො තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා මාතාපිතරො එතදවොච: කො ඛළොපියා කුම්මාසං ගහෙත්වා පරියොගා සූපං ගහෙත්වා පරිභුඤ්ජිත්වා උට්ඨායාසනා පක්කන්තො’ති. කස්සපො තාත, භගවා අරහං සම්මාසම්බුද්ධො ඛළොපියා කුම්මාසං ගහෙත්වා පරියොගා සූපං ගහෙත්වා පරිභුඤ්ජිත්වා උට්ඨායාසනා පක්කන්තො’ති. අථ ඛො මහාරාජ, ඝටීකාරස්ස කුම්භකාරස්ස එතදහොසි: ලාභා වත මෙ, සුලද්ධං වත මෙ, යස්ස මෙ කස්සපො භගවා අරහං සම්මාසම්බුද්ධො එවං අභිවිස්සත්ථො’ති. අථ ඛො මහාරාජ, ඝටීකාරං කුම්භකාරං අද්ධමාසං පීතිසුඛං න විජහි,{1} සත්තාහං මාතාපිතුන්නං.
Sinhala BJTනික්ම ගියෙමි. ඉක්බිති මහරජ, ඝටීකාර කුම්භකාර මාපියන් කරා එළැඹියේ යැ, එළැඹ මවුපියනට තෙල බස් කී: “සැළියෙන් කොමු ගෙන සූපභාජනයෙන් සූප ගෙන වළඳා හුනස්නෙන් නැඟී බැස ගියේ කවරෙකැ”යි. දරුව, අර්‍හත් සම්‍යක් සම්බුද්ධ කාශ්‍යප භගවත්හු සැළියෙන් බත් ගෙන සූපභාජනයෙන් සූප ගෙන වළඳා හුනස්නෙන් නැඟී බැස ගියහ”යි. එසඳ මහරජ, ඝටීකාර කුම්භකාරහට තෙල සිත් වී: “මට ලාභයෙක් මැ යැ, මට මනා ලැබීමෙක් මැ යැ, අර්‍හත් සම්‍යක් සම්බුද්ධ කාශ්‍යප භගවත්හු මට මෙසේ ඉතා විස්වස් ඇතියහ”යි. එසඳ මහරජ, ප්‍රීතිසුඛය අඩමසක් ඝටීකාර කුම්භකාරයා නො හළේ යැ. මාපියන් ගේ ප්‍රීතිසුඛය සත් දිනක් නො හළේ යි.
Pali BJTඑකමි’දාහං මහාරාජ, සමයං තත්ථෙව වෙහලිඞ්ගෙ ගාමනිගමෙ විහරාමි. තෙන ඛො පන සමයෙන ගන්ධකුටි{2} ඔවස්සති. අථ ඛ්වාහං මහාරාජ, භික්ඛූ ආමන්තෙසිං: ගච්ඡථ භික්ඛවෙ, ඝටීකාරස්ස කුම්භකාරස්ස නිවෙසනෙ තිණං ජානාථා’ති.{3} එවං වුත්තෙ මහාරාජ, භික්ඛූ මං එතදවොචුං: නත්ථි ඛො භන්තෙ, ඝටීකාරස්ස කුම්භකාරස්ස නිවෙසනෙ තිණං, අත්ථි ච ඛ්වාස්ස ආවෙසනං තිණච්ඡදන’න්ති. ගච්ඡථ භික්ඛවෙ ඝටීකාරස්ස කුම්භකාරස්ස ආවෙසනං{4} උත්තිණං කරොථා’ති. අථ ඛො තෙ මහාරාජ භික්ඛූ ඝටීකාරස්ස කුම්භකාරස්ස ආවෙසනං උත්තිණමකංසු. අථ ඛො මහාරාජ, ඝටීකාරස්ස කුම්භකාරස්ස මාතාපිතරො භික්ඛූ එතදවොචුං: කෙ ආවෙසනං උත්තිණං කරොන්තී’ති, භික්ඛූ භගිනි, කස්සපස්ස භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස ගන්ධකුටි{2} ඔවස්සතී’ති. හරථ භන්තෙ, භද්රමුඛාති. අථ ඛො මහාරාජ, ඝටීකාරො කුම්භකාරො යෙන මාතාපිතරො තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා මාතාපිතරො එතදවොච: කෙ ආවෙසනං උත්තිණමකංසූ’ති. භික්ඛූ තාත, කස්සපස්ස කිර{5} භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස ගන්ධකුටි{2} ඔවස්සතී’ති. අථ ඛො මහාරාජ, ඝටීකාරස්ස කුම්භකාරස්ස එතදහොසි: ලාභා වත මෙ, සුලද්ධං වත මෙ, යස්ස මෙ කස්සපො භගවා අරහං සම්මාසම්බුද්ධො එවං අභිවිස්සත්ථො’ති. අථ ඛො මහාරාජ ඝටීකාරං කුම්භකාරං අද්ධමාසං පීතිසුඛං න විජහි, සත්තාහං මාතාපිතුන්නං. අථ ඛො තං මහාරාජ ආවෙසනං සබ්බන්තං තෙමාසං ආකාසච්ඡදනං අට්ඨාසි, න චාතිවස්සි{6} එවරූපො ච මහාරාජ, ඝටීකාරො කුම්භකාරොති.
Sinhala BJTමහරජ, මම එක් කලෙක වේහලිඞ්ග නියම්ගම්හි මැ වාස කරමි. එසමයෙහි ගඳකිළිය තෙමෙයි. ඉක්බිති මහරජ, මම භික්‍ෂූන් ඇමැතීමි: “මහණෙනි, යව, ඝටීකාර කුම්භකාරයාගේ නිවෙස්නෙහි තණ ගෙනෙව”යි. මහරජ, මෙසේ වදාළ කළ මහණහු මට තෙල සැල කොළෝ, “වහන්ස, ඝටීකාර කුම්භකාරයා ගේ නිවෙස්නෙහි තෘණ නැත, ඔහු ගේ නවසියන් ඇති ශිල්පශාලායෙක් ඇත”යි. “මහණෙනි යව, ඝටීකාර කුම්භකාරයාගේ ශිල්පශාලාව නිස්තෘණ කරව”යි. මහරජ, එසඳ මහණහු ඝටීකාර කුම්භකාරයාගේ සිප්හල නිස්තෘණ කළහ. එසඳ මහරජ, ඝටීකාර කුම්භකාරයාගේ මාපියෝ මහණනුට තෙල කීහු: “කවරහු සිප්හල නිස්තෘණ කෙරෙද්දැ”යි. මහණහු “බුහුනැණියෙනි, අර්‍හත් සම්‍යක් සම්බුද්ධ භගවත්හු ගේ ගන්‍ධකුටිය තෙම්යි”. වහන්ස, ගෙන යව, භද්‍රමුඛයෙනි, ගෙන යව”යි. ඉක්බිති මහරජ, ඝටීකාර කුම්භකාර මවුපියන් කරා එළැඹියේ යැ, එළැඹ මවුපියනට තෙල් කී: “කවරහු සිප්හල නිස්තෘණ කොළෝ දැ”යි. දරුව, මහණහු යැ, අර්‍හත් සම්‍යක් සම්බුද්ධ කාශ්‍යප භගවත්හු ගේ ගඳකිළිය තෙමේ ලැ”යි. එසඳ මහරජ, ඝටීකාර කුම්භකාරහට තෙල සිත් වී: “මට ලාභයෙක් මැ යැ, මට මනා ලැබීමෙක් මැ යැ, අර්‍හත් සම්‍යක් සම්බුද්ධ කාශ්‍යප භගවත්හු මාහට මෙසේ ඉතා විස්වස් ඇතියහ”යි. ඉක්බිති මහරජ, ප්‍රීතිසුඛය ඝටීකාර කුම්භකාරයා අඩමසක් නො හළේ යැ. මාපියන් ගේ ප්‍රීතිසුඛය සත් දිනක් නො හළේ යි. ඉක්බිති මහරජ, ඒ සිප්හල මුළු තෙමස අහස්සෙවෙනි ඇති වැ සිටගත, නො තෙමිණ. මහරජ, ඝටීකාර කුම්භකාර තෙමේ මෙබන්දෙකැ”යි.
Pali BJTලාභා භන්තෙ, ඝටීකාරස්ස කුම්භකාරස්ස, සුලද්ධං{7}, භන්තෙ, ඝටීකාරස්ස කුම්භකාරස්ස යස්ස භගවා එවං අභිවිස්සත්ථොති.
Sinhala BJTවහන්ස, යමක්හට භගවත්හු මෙසේ ඉතා විස්වස් ඇති වූහු ද, ඒ ඝටීකාර කුම්භකාරයාහට ලාභයෙක, ඒ ඝටීකාර කුම්භකාරයාහට සුලබ්ධ ලාභයෙකැ’යි.
Pali BJTඅථ ඛො ආනන්ද, කිකී කාසිරාජා ඝටීකාරස්ස කුම්භකාරස්ස පඤ්චමත්තානි තණ්ඩුලවාහසතානි පාහෙසි පණ්ඩුමුටිකස්ස සාලිනො තදුපියඤ්චෙව සූපෙය්යං. අථ ඛො තෙ ආනන්ද, රාජපුරිසා ඝටීකාරං කුම්භකාරං උපසඞ්කමිත්වා එතදවොචුං: ඉමානි තෙ භන්තෙ, පඤ්චමත්තානි තණ්ඩුලවාහසතානි කිකිනා කාසිරාජෙන පහිතානි පණ්ඩුමුටිකස්ස සාලිනො තදුපියඤ්ච සූපෙය්යං. තානි භන්තෙ, පතිගණ්හාතූ’ති{8}, රාජා ඛො බහුකිච්චො බහුකරණීයො. අලං මෙ රඤ්ඤොව හොතූති.
Sinhala BJTඉක්බිති ආනන්‍දය, කිකී කසීරජ කලප් කොට වියළු රත්හැල් පිළිබඳ සහල්ගැල් පන්සියක් පමණ යැවී, එයට නිසි සූපාර්හ දැය ද යැවී. ඉක්බිති ආනන්‍දය, ඒ රාජපුරුෂයෝ ඝටීකාර කුම්භකාරයා කරා එළැඹ තෙල කීහු: “වහන්ස, කිකී කසීරජු විසින් කලප් කොට වියළු රත්හැල් පිළිබඳ මේ පන්සියක් පමණ සහල්ගැල් එවනලද, එයට නිසි සූපාර්හ දැය ද එවන ලදැ’යි. වහන්ස, ඒ දැය පිළිගන්නේ යැ’යි. රජ වනාහි බොහෝ කිස ඇත්තෙක, බොහෝ කරණී ඇත්තෙක, මට කම් නැත, රජුට මැ වේව’යි.
Pali BJTසියා ඛො පන තෙ ආනන්ද, එවමස්ස: අඤ්ඤො නූන තෙන සමයෙන ජොතිපාලො මාණවො අහොසීති. න ඛො පනෙතං ආනන්ද, එවං දට්ඨබ්බං. අහං තෙන සමයෙන ජොතිපාලො මාණවො අහොසින්ති.
Sinhala BJTආනන්‍දය, තට මෙබඳු සිතෙක් විය හෙයි: “එසමයෙහි ජෝතිපාල මාණවක අනෙකෙක් වී යැ” කියා යි. ආනන්‍දය, තෙල මෙසේ නො දැක්කයුතු යැ, මම එසමයෙහි ජෝතිපාල මාණවක වීමි”යි.
Pali BJTඉදමවොච භගවා. අත්තමනො ආයස්මා ආනන්දො භගවතො භාසිතං අභිනන්දීති.
Sinhala BJTභාග්‍යවතුන් වහන්සේ මේ සූත්‍රය වදාළහ. සතුටුසිත් ඇති ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ ගේ භාෂිතය සතුටින් පිළිගත්හ.
Pali BJTඝටීකාරසුත්තං පඨමං.
Sinhala BJTපළමු වැනි ඝටීකාරසුත්‍ර යි.
Pali BJT2. 4. 2.
Sinhala BJT2. 4. 2.
Pali BJTරට්ඨපාලසුත්තං
Sinhala BJTරට්ඨපාල සූත්‍රය
Pali BJTඑවං මෙ සුතං: එකං සමයං භගවා කුරූසු චාරිකං චරමානො මහතා භික්ඛුසඞ්ඝෙන සද්ධිං යෙන ථුල්ලකොට්ඨිතං{1} නාම කුරූනං නිගමො තදවසරි. අස්සොසුං ඛො ථුල්ලකොට්ඨිතකා{2} බ්රාහ්මණගහපතිකා: සමණො ඛලු භො ගොතමො සක්යපුත්තො සක්යකුලා පබ්බජිතො කුරූසු චාරිකං චරමානො මහතා භික්ඛුසඞ්ඝෙන සද්ධිං ථුල්ලකොට්ඨිතං අනුප්පත්තො. තං ඛො පන භගවන්තං ගොතමං එවං කල්යාණො කිත්තිසද්දො අබ්භුග්ගතො: ඉතිපි සො භගවා අරහං සම්මාසම්බුද්ධො විජ්ජාචරණසම්පන්නො සුගතො ලොකවිදූ අනුත්තරො පුරිසදම්මසාරථි සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවා’ති. සො ඉමං ලොකං සදෙවකං සමාරකං සබ්රහ්මකං සස්සමණබ්රාහ්මණිං පජං සදෙවමනුස්සං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවෙදෙති. සො ධම්මං දෙසෙති ආදිකල්යාණං මජ්ඣෙකල්යාණං පරියොසානකල්යාණං සාත්ථං සබ්යඤ්ජනං, කෙවලපරිපුණ්ණං පරිසුද්ධං බ්රහ්මචරියං පකාසෙති. සාධු ඛො පන තථාරූපානං අරහතං දස්සනං හොතී’ති.
Sinhala BJTමා විසින් මෙසේ අසන ලද: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ කුරුජනපදයෙහි සැරි සරන සේක් මහත් වූ භික්‍ෂුසඞ්ඝයා හා සමග යම් තැනෙක්හි ථුල්ලකොට්ඨිත නම් කුරුජනපද වැසියන් ගේ නියම්ගමෙක් වී ද, එයට වැඩියහ. ථුල්ලකොට්ඨිත නියම්ගම් වැසි බමුණුගැහැවියෝ මෙ බස් ඇසූහ: “භවත්නි, ශ්‍රමණ ගෞතමයෝ ශාක්‍යපුත්‍ර වූ සේක් ශාක්‍යකුලයෙන් නික්ම පැවිදි වැ කුරුජනපදයෙහි සැරිසරන සේක් මහත් වූ භික්‍ෂු සඞ්ඝයා සමග ථුල්ලකොට්ඨිත නියම්ගමට පැමිණියහ. ඒ භවත් ගෞතමයන් ගේ මෙවන් කල්‍යාණ කීර්තිඝෝෂයෙක් උස් වැ නැගිණ: “ඒ භාග්‍යවතුන් වහන්සේ මෙ කරුණිනුදු අර්‍හත් වන සේක. සම්‍යක් සම්බුද්ධයහ, විද්‍යාචරණසම්පන්නය, සුගතයහ, ලෝකවිදූහ, අනුත්තරපුරුෂදම්‍යසාරථීහ, දෙවිමිනිසුන්ට ශාස්තෘහ, බුද්ධයහ, භාග්‍යවත්හ” යි. උන් වහන්සේ මේ මරුන් සහිත බඹුන් සහිත සදේවක ලෝකය මහණබමුණන් සහිත දෙවිමිනිසුන් සහිත ප්‍රජාව තෙමේ වෙසෙසින් දැන ප්‍රත්‍යක්‍ෂ කොට ප්‍රකාශ කෙරෙති. උන් වහන්සේ ආදිකල්‍යාණ වූ මාධ්‍යකල්‍යාණ වූ පර්‍ය්‍යවසාන කල්‍යාණ වූ අර්‍ත්‍ථ සහිත වූ ව්‍යඤ්ජන සහිත වූ දහම් දෙසති. සියල්ල පිරිපුන් පිරිසුදු බඹසර ප්‍රකාශ කෙරෙති. එබඳු රහතුන් ගේ දර්‍ශනය මනා වේ” යයි ඇසූහ.
Pali BJTඅථ ඛො ථුල්ලකොට්ඨිතකා{2} බ්රාහ්මණගහපතිකා යෙන භගවා තෙනුපසඞ්කමිංසු, උපසඞ්කමිත්වා අප්පෙකච්චෙ භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදිංසු. අප්පෙකච්චෙ භගවතා සද්ධිං සම්මොදිංසු, සම්මොදනීයං කථං සාරාණීයං{3} වීතිසාරෙත්වා, එකමන්තං නිසීදිංසු. අප්පෙකච්චෙ යෙන භගවා තෙනඤ්ජලිං පණාමෙත්වා එකමන්තං නිසීදිංසු. අප්පෙකච්චෙ භගවතො සන්තිකෙ නාමගොත්තං සාවෙත්වා එකමන්තං නිසීදිංසු. අප්පෙකච්චෙ තුණ්හීභූතා එකමන්තං නිසීදිංසු. එකමන්තං නිසින්නෙ ඛො ථුල්ලකොට්ඨිතකෙ{4} බ්රාහ්මණගහපතිකෙ භගවා ධම්මියා කථාය සන්දස්සෙසි සමාදපෙසි සමුත්තෙජෙසි සම්පහංසෙසි.
Sinhala BJTඉක්බිති ථුල්ලකොට්ඨිත නියම්ගම් වැසි බමුණු ගැහැවියෝ භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හි ද එතැන්හි එළැඹියහ. එළැඹ ඇතැම් කෙනෙක් භාග්‍යවතුන් වැඳ එකත්පස් වැ හුන්හ. ඇතැම් කෙනෙක් භාග්‍යවතුන් හා සමග සතුටු වූහ. සතුටු විය යුතු සිහි කටයුතු කථා කොට නිමවා එකත්පස් වැ හුන්හ. ඇතැම් කෙනෙක් භාග්‍යවතුන් දෙසට ඇඳිලි බැඳ එකත්පස් වැ හුන්හ. ඇතැම් කෙනෙක් භාග්‍යවතුන් හමුයෙහි නම් (තමන්ගේ) නම් ගොත් අස්වා එකත්පස් වැ හුන්හ. ඇතැම් කෙනෙක් තුෂ්ණීම්භූත වැ එකත්පස් වැ හුන්හ. බුදුහු එකත්පස් වැ හුන් ථුල්ලකොට්ඨිත නියම්ගම් වැසි බමුණුගැහැවියන් දැහැමි කථායෙන් කරුණු දැක්වූහ. සමාදන් කරවූහ, තෙද ගැන්වූහ, සම්ප්‍රහර්‍ෂ කළහ.
Pali BJTතෙන ඛො පන සමයෙන රට්ඨපාලො නාම කුලපුත්තො තස්මිංයෙව ථුල්ලකොට්ඨිතෙ{4} අග්ගකුලිකස්ස{5} පුත්තො තස්සං පරිසායං නිසින්නො හොති. අථ ඛො රට්ඨපාලස්ස කුලපුත්තස්ස එතදහොසි: යථා යථා ඛො භගවා ධම්මං දෙසෙති{6} නයිදං සුකරං අගාරං අජ්ඣාවසතා එකන්තපරිපුණ්ණං එකන්තපරිසුද්ධං සඞ්ඛලිඛිතං බ්රහ්මචරියං චරිතුං. යන්නූනාහං කෙසමස්සුං ඔහාරෙත්වා කාසායානි වත්ථානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියං පබ්බජෙය්ය’න්ති. අථ ඛො ථුල්ලකොට්ඨිතකා{2} බ්රාහ්මණගහපතිකා භගවතා ධම්මියා කථාය සන්දස්සිතා සමාදපිතා සමුත්තෙජිතා සම්පහංසිතා භගවතො භාසිතං අභිනන්දිත්වා අනුමොදිත්වා උට්ඨායාසනා භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා පක්කමිංසු. අථ ඛො රට්ඨපාලො
Sinhala BJTඑසමයෙහි එ මැ ථුල්ලකොට්ඨිත නියම්ගම්හි කුලදෙටුපුත් වූ රට්ඨපාල නම් කුලපුත්‍රයෙක් එ පිරිස්හි හුන්නේ වෙයි. එකල්හි රට්ඨපාල කුලපුත්‍රහට මෙවන් සිතෙක් වී: “බුදුහු යම් යම් සෙයෙකින් දහම් දෙසත් ද, ගිහිගෙයි වසන්නහු විසින් ඒකාන්ත පරිපූර්‍ණ වූ ඒකාන්ත පරිශුද්ධ වූ මේ සඞ්ඛලිඛිත (ලියූ සකස් වැනි නොහොත් ශඞ්ඛ ලිඛිත දෙදෙනා පිළිබඳ වූ) බ්‍රහ්මචර්‍ය්‍ය කරන්නට සුකර නො වෙයි. මම් කෙස් රවුළු බහා කහවත් හැඳ පෙරෙවැ ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදි වන්නෙම් මැනැවැ” යි. ඉක්බිති ථුල්ලකොට්ඨිත නියම්ගම් වැසි බමුණුගැහැවියෝ භාග්‍යවතුන් විසින් දැහැමි කථායෙන් කරුණු දක්වන ලද්දාහු කරුණු ගන්වන ලද්දාහු තියුණු කරන ලද්දාහු සම්ප්‍රහර්‍ෂවත් කරන ලද්දාහු භාග්‍යවතුන් වහන්සේ ගේ භාෂිතයට සතුටු වැ අනුමෝදන් වැ හුනස්නෙන් නැගී භාග්‍යවතුන් වැඳ පැදකුණු කොට පිටත් වැ ගියහ. ඉක්බිති රට්ඨපාල කුලපුත්‍ර ථුල්ලකොට්ඨිතක
Pali BJTකුලපුත්තො අචිරපක්කන්තෙසු ථුල්ලකොට්ඨිතකෙසු බ්රාහ්මණගහපතිකෙසු යෙන භගවා තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො රට්ඨපාලො කුලපුත්තො භගවන්තං එතදවොච: ‘යථා යථාහං භන්තෙ, භගවතා ධම්මං දෙසිතං ආජානාමි, නයිදං සුකරං අගාරං අජ්ඣාවසතා එකන්තපරිපුණ්ණං එකන්තපරිසුද්ධං සඞ්ඛලිඛිතං බ්රහ්මචරියං චරිතුං.{1} ලභෙය්යාහං භන්තෙ, භගවතො සන්තිකෙ පබ්බජ්ජං, ලභෙය්යං උපසම්පද’න්ති.
Sinhala BJTබමුණුගැහැවියන් නික්ම ගිය නොබෝ කල්හි භාග්‍යවතුන් කරා එළඹියේ යැ. එළැඹ භාග්‍යවතුන් වැඳ එකත්පස් වැ හින. එකත්පස් වා හුන් රට්ඨපාල කුලපුත්‍ර භාග්‍යවතුන්ට තෙල බස් කී: “වහන්ස, මම් භාග්‍යවතුන් විසින් යම් යම් සෙයෙකින් දෙසූ දහම් දනිම් ද, ගිහිගෙයි වසන්නහු විසින් ඒකාන්ත පරිපූර්‍ණ වූ ඒකාන්ත පරිශුද්ධ වූ මේ සඞ්ඛලිඛිත බ්‍රහ්මචර්‍ය්‍ය කරන්නට සුකර නො වෙයි. වහන්ස, මම භාග්‍යවතුන් කෙරෙහි පැවිද්ද ලැබෙම්වා, උපසපුව ලැබෙම්ව”යි.
Pali BJTඅනුඤ්ඤාතොසි පන ත්වං රට්ඨපාල, මාතාපිතූහි අගාරස්මා අනගාරියං පබ්බජ්ජායාති?
Sinhala BJT‘රට්ඨපාලයෙනි, තෙපි ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිද්දට මාපියන් විසින් අනුදත්තහු දැ?’ යි.
Pali BJTන ඛො අහං භන්තෙ, අනුඤ්ඤාතො මාතාපිතූහි අගාරස්මා අනගාරියං පබ්බජ්ජායාති.
Sinhala BJT‘වහන්ස, මම් ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිද්දට මාපියන් විසින් නො අනුදත්මි’යි.
Pali BJTන ඛො රට්ඨපාල, තථාගතා අනනුඤ්ඤාතං මාතාපිතූහි පබ්බාජෙන්තීති.
Sinhala BJT‘රට්ඨපාලයෙනි, තථාගතයෝ මාපියන් විසින් නො අනුදත්තහු පැවිදි නො කෙරෙති’යි.
Pali BJTස්වාහං භන්තෙ තථා කරිස්සාමි යථා මං මාතාපිතරො අනුජානිස්සන්ති අගාරස්මා අනගාරියං පබ්බජ්ජායාති.
Sinhala BJT‘වහන්ස, යම්සේ ගිහිගෙන් නික්ම පැවිද්දට මාපියෝ අනුදනිත් නම් ඒ මම එසේ කරමි’යි.
Pali BJTඅථ ඛො රට්ඨපාලො කුලපුත්තො උට්ඨායාසනා භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා යෙන මාතාපිතරො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා මාතාපිතරො එතදවොච: ‘අම්ම තාත,{2} යථා යථාහං භගවතා ධම්මං දෙසිතං ආජානාමි, නයිදං සුකරං අගාරං අජ්ඣාවසතා එකන්තපරිපුණ්ණං එකන්තපරිසුද්ධං සඞ්ඛලිඛිතං බ්රහ්මචරියං චරිතුං. ඉච්ඡාමහං කෙසමස්සුං ඔහාරෙත්වා කාසායානි වත්ථානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියං පබ්බජිතුං. අනුජානාථ මං අගාරස්මා අනගාරියං පබ්බජ්ජායා’ති.
Sinhala BJTඉක්බිති රට්ඨපාල කුලපුත්‍ර හුනස්නෙන් නැගී බුදුන් වැඳ පැදකුණු කොට මාපියන් කරා එළැඹියේ යැ. එළැඹ මාපියනට තෙල බස් කී: “මෑණියෙනි, පියාණෙනි, යම් යම් සෙයෙකින් මම් භාග්‍යවතුන් විසින් දෙසූ දහම් දන්නෙම් ද, ගිහිගෙයි වසන්නහු විසින් ඒකාන්ත පරිපූර්‍ණ වූ ඒකාන්ත පරිශුද්ධ වූ මේ සඞ්ඛලිඛිත බ්‍රහ්මචර්‍ය්‍ය කරන්නට සුකර නො වෙයි. මම් කෙස් රවුළු බහා කහවත් හැඳ පෙරෙවැ ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදි වන්නට කැමැත්තෙමි. මා ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදි වනු පිණිස අනුදත මැනැවැ”යි.
Pali BJTඑවං වුත්තෙ රට්ඨපාලස්ස කුලපුත්තස්ස මාතාපිතරො රට්ඨපාලං කුලපුත්තං එතදවොචුං: ‘ත්වං ඛොසි{3} තාත රට්ඨපාල, අම්හාකං එකපුත්තකො පියො මනාපො සුඛෙධිතො{4} සුඛපරිභතො{5} න ත්වං තාත රට්ඨපාල, කස්සචි{6} දුක්ඛස්ස ජානාසි. එහි ත්වං තාත රට්ඨපාල, භුඤ්ජ ච පිව ච පරිචාරෙහි ච, භුඤ්ජන්තො පිවන්තො පරිචාරෙන්තො කාමානි{7} පරිභුඤ්ජන්තො පුඤ්ඤානි කරොන්තො අභිරමස්සු. න තං මයං අනුජානාම අගාරස්මා අනගාරියං පබ්බජ්ජාය, මරණෙනපි තෙ මයං අකාමකා විනා භවිස්සාම. කිං පන මයං තං ජීවන්තං අනුජානිස්සාම අගාරස්මා අනගාරියං පබ්බජ්ජායාති?
Sinhala BJTමෙසේ කී කල්හි රට්ඨපාල කුලපුත්‍රයන් ගේ මාපියෝ රට්ඨපාල කුලපුත්‍රහට තෙල බස් කීහු: “දරුව රට්ඨපාලයෙනි, තෙපි අපහට ප්‍රිය වූ මනවඩන සුවසේ පෝෂණය කල එක් මැ පුත් වව, දරුව රට්ඨපාලයෙනි, තෙපි කිසි දුකක් නො දන්නාහු යැ. එව දරුව රට්ඨපාලයෙනි, තෙපි කව බොව සිත් අලව. කමින් බොමින් සිත් අලවමින් කාමපරිභෝග කෙරෙමින් රමණය කරව (සිත් අලව). ඇපි තොපට ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිද්දට නො අනුදනුම්හ. තොප ගේ මරණයෙනුදු ඇපි නො කැමැත්තමෝ වෙන් වම්හ. කිම ඇපි තොප ජීවත් වන්නවුන් ගිහිගෙන් නික්ම සස්නට පිවිසෙනු පිණිස අනුදනුමෝ දැ?” යි.
Pali BJTදුතියම්පි ඛො -පෙ- තතියම්පි ඛො රට්ඨපාලො කුලපුත්තො මාතාපිතරො එතදවොච: ‘අම්ම තාත, යථා යථාහං භගවතා ධම්මං දෙසිතං ආජානාමි, නයිදං සුකරං අගාරං අජ්ඣාවසතා එකන්තපරිපුණ්ණං එකන්තපරිසුද්ධං සඞ්ඛලිඛිතං බ්රහ්මචරියං චරිතුං. ඉච්ඡාමහං කෙසමස්සුං ඔහාරෙත්වා කාසායානි වත්ථානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියං පබ්බජිතුං. අනුජානාථ මං අගාරස්මා අනගාරියං පබ්බජ්ජායාති. තතියම්පි ඛො රට්ඨපාලස්ස කුලපුත්තස්ස මාතාපිතරො රට්ඨපාලං කුලපුත්තං එතදවොචුං: ‘ත්වං ඛොසි තාත රට්ඨපාල, අම්හාකං එකපුත්තකො පියො මනාපො සුඛෙධිතො සුඛපරිභතො. න ත්වං තාත රට්ඨපාල, කස්සචි දුක්ඛස්ස ජානාසි. එහි ත්වං තාත රට්ඨපාල, භුඤ්ජ ච පිව ච පරිචාරෙහි ච, භුඤ්ජන්තො පිවන්තො පරිචාරෙන්තො කාමානි පරිභුඤ්ජන්තො පුඤ්ඤානි කරොන්තො අභිරමස්සු. න තං මයං අනුජානාම අගාරස්මා අනගාරියං පබ්බජ්ජාය, මරණෙනපි තෙ මයං අකාමකා විනා භවිස්සාම. කිං පන මයං තං ජීවන්තං අනුජානිස්සාම අගාරස්මා අනගාරියං පබ්බජ්ජායා”ති?
Sinhala BJTදෙවනවට ද ... තුන්වනවට ද රට්ඨපාල කුලපුත්‍ මවුපියනට තෙල බස් කී: “මෑණියෙනි, පියාණෙනි, යම් මැ සැටියෙකින් භගවත්හු විසින් දෙසූ දහම් දැන සිටින්නෙම් වේ ද, ගිහිගෙයි වසනහු විසින් ඒකාන්ත පරිපූර්‍ණ වූ ඒකාන්ත පරිශුද්ධ වූ මේ ලිඛිත සඞ්ඛයක් වැනි වූ බ්‍රහ්මචර්‍ය්‍ය පුරන්නට නො හැක්ක මම කෙහෙමස් බහා කසාවත් හැඳපෙරෙව ගිහිගෙන් නික්ම සස්නට වදන පිණිස කැමැතියෙමි. ගිහිගෙන් නික්ම සස්නට වදිනු සඳහා මා අනුදන්නේ මැනැවැ”යි. තුන්වනවට ද රට්ඨපාල කුලපුත්‍හු ගේ මවුපියෝ රට්ඨපාල කුලපුත්‍හට තෙල බස් කීහු: “දරුව රට්ඨපාලයෙනි, තෝ වනාහි සුවසේ වැඩුණු, සුවසේ පෝෂණය කල, අපගේ ප්‍රිය මනාප එක් මැ පුත් වෙහි, දරුව රට්ඨපාලයෙනි, තෙපි කිසිදු දුකක් නො දන්නෙහි, දරුව රට්ඨපාලයෙනි, තෝ එව වළඳව, බොව ඉඳුරන් පිනව, වළඳ කෙරෙමින් බොමින් ඉඳුරන් පිනවමින් පස්කම් විඳුමින් පින් කරමින් සිත් අලවා වාස කරව. අපි ගෙන් නික්ම සස්නට වදිනු පිණිස තා නො අනුදනුම්හ, අපි තාගේ මරණයෙනුදු නො කැමැත්තමෝ වියෝගයට පැමිණෙම්හ. කිම, අපි ජීවත්වන තා ගෙන් නික්ම සස්නට වදිනු පිණිස අනුදනුමෝ දැ?” යි.
Pali BJTඅථ ඛො රට්ඨපාලො කුලපුත්තො මාතාපිතූසු පබ්බජ්ජං අලභමානො{1} තත්ථෙව අනන්තරහිතාය භූමියා නිපජ්ජි, ඉධෙව මෙ මරණං භවිස්සති පබ්බජ්ජා වාති.{2}
Sinhala BJTඉක්බිති රට්ඨපාල කුලපුත්‍ මවුපියන් කෙරෙහි සසුන් වදනු නො ලබනුයේ එහි මැ අතිරි නො අතුළ බිමෙහි වැදහොත්තේ යැ. “මෙහි මැ මා ගේ මරණ වන්නේ හෝ පැවිදි වන්නේ හෝ” යි.
Pali BJTඅථ ඛො රට්ඨපාලස්ස කුලපුත්තස්ස මාතාපිතරො රට්ඨපාලං කුලපුත්තං එතදවොචුං: ‘ත්වං ඛොසි තාත රට්ඨපාල, අම්හාකං එකපුත්තකො පියො මනාපො සුඛෙධිතො සුඛපරිභතො. න ත්වං තාත රට්ඨපාල, කස්සචි දුක්ඛස්ස ජානාසි, උට්ඨෙහි තාත රට්ඨපාල, භුඤ්ජ ච පිව ච පරිචාරෙහි ච, භුඤ්ජන්තො පිවන්තො පරිචාරෙන්තො කාමානි පරිභුඤ්ජන්තො පුඤ්ඤානි කරොන්තො අභිරමස්සු. න තං මයං අනුජානාම අගාරස්මා අනගාරියං පබ්බජ්ජාය. මරණෙනපි තෙ මයං අකාමකා විනා භවිස්සාම. කිං පන මයං තං ජීවන්තං අනුජානිස්සාම අගාරස්මා අනගාරියං පබ්බජ්ජායාති?
Sinhala BJTඑසඳ රට්ඨපාල කුලපුත්‍හු ගේ මවුපියෝ රට්ඨපාල කුලපුත්‍හට තෙල බස් කීහු: “පුතැ රට්ඨපාලයෙනි, තෝ වනාහි සුවසේ වැඩුණු, සුවසේ පෝෂණය කළ, අප ගේ ප්‍රිය මනාප එක් මැ පුත් ව. පුතැ රට්ඨපාලයෙනි, තෝ කිසිදු දුකක් නො දන්නා ව. පුතැ රට්ඨපාලයෙනි, නැගී සිටුව, වළඳව බොව, ඉඳුරන් පිනවව. වළඳ කෙරෙමින් බොමින් ඉඳුරන් පිනවමින් පස්කම් විඳුමින් පින් කෙරෙමින් සිත් අලවා වාස කරව. අපිගෙන් නික්ම සස්නට වදිනු පිණිස තා නො අනුදනුම්හ, තා ගේ මරණයෙනුදු අපි නො කැමැත්තමෝ වියෝ වම්හ. කීම, අපි ජීවත්ව සිටුනා තාගෙන් නික්ම සස්නට වදිනු පිණිස අනුදනුමෝ දැ?” යි.
Pali BJTඑවං වුත්තෙ රට්ඨපාලො කුලපුත්තො තුණ්හී අහොසි. දුතියම්පි ඛො -පෙ- තතියම්පි ඛො රට්ඨපාලස්ස කුලපුත්තස්ස මාතාපිතරො රට්ඨපාලං කුලපුත්තං එතදවොචුං: ‘ත්වං ඛොසි තාත රට්ඨපාල, අම්හාකං එකපුත්තකො පියො මනාපො සුඛෙධිතො සුඛපරිභතො. න ත්වං තාත රට්ඨපාල, කස්සචි දුක්ඛස්ස ජානාසි. උට්ඨෙහි තාත රට්ඨපාල, භුඤ්ජ ච පිව ච පරිචාරෙහි ච, භුඤ්ජන්තො පිවන්තො පරිචාරෙන්තො කාමානි පරිභුඤ්ජන්තො පුඤ්ඤානි කරොන්තො අභිරමස්සු. න තං මයං අනුජානාම අගාරස්මා අනගාරියං පබ්බජ්ජාය, මරණෙනපි තෙ මයං අකාමකා විනා භවිස්සාම, කිං පන මයං තං ජීවන්තං අනුජානිස්සාම අගාරස්මා අනගාරියං පබ්බජ්ජායාති? තතියම්පි ඛො රට්ඨපාලො කුලපුත්තො තුණ්හී අහොසි.
Sinhala BJTමෙසේ කී කල්හි රට්ඨපාල කුලපුත්‍ නිහඬ වී. දෙවනවට ද ... තුන්වනවට ද රට්ඨපාල කුලපුත්‍හු ගේ මවුපියෝ රට්ඨපාල කුලපුත්‍හට තෙල බස් කීහු: “පුතැ රටපලු සිරෙනි, තෝ වනාහි සුවසේ වැඩුණු සුවසේ පෝෂිත වූ අපගේ ප්‍රිය මනාප එක් මැ පුත් වෙහි. පුතැ රටපලු සිරෙනි, තෝ කිසිදු දුකක් නො දනිහි. පුතැ රටපලු සිරෙනි, නැගී සිටු, වළඳ කර, බෝ, ඉඳුරන් පිනවව, වළඳ කෙරෙමින් බොමින් ඉඳුරන් පිනවමින් පස්කම්සුව විඳුමින් පින් කෙරෙමින් සිත් අලවා වාස කර, අපිගෙන් නික්ම සස්නට වදිනු පිණිස තා නො අනුදනුම්හ, තාගේ මරණයෙනුදු අපි නො කැමැතියමෝ වියෝග වම්හ. කීම, අපි ජීවත්ව සිටුනා තා ගෙන් නික්ම සස්නට වදිනු පිණිස අනුදනුමෝදැ”යි. තුන්වනවට ද රට්ඨපාල කුලපුත් නිහඬ වී.
Pali BJTඅථ ඛො රට්ඨපාලස්ස කුලපුත්තස්ස මාතාපිතරො යෙන රට්ඨපාලස්ස කුලපුත්තස්ස සහායකා තෙනුපසඞ්කමිංසු, උපසඞ්කමිත්වා රට්ඨපාලස්ස කුලපුත්තස්ස සහායෙක එතදවොචුං: ‘එසො තාතා, රට්ඨපාලො කුලපුත්තො අනන්තරහිතාය භූමියා නිපන්නො: ‘ඉධෙව මෙ මරණං භවිස්සති පබ්බජ්ජා වා’ති. එථ{1} තාතා, යෙන රට්ඨපාලො කුලපුත්තො තෙනුපසඞ්කමථ, උපසඞ්කමිත්වා රට්ඨපාලං කුලපුත්තං එවං වදෙථ: ‘ත්වං ඛො සම්ම රට්ඨපාල, මාතාපිතුන්නං එකපුත්තකො පියො මනාපො සුඛෙධිතො සුඛපරිභතො. න ත්වං සම්ම රට්ඨපාල, කස්සචි දුක්ඛස්ස ජානාසි. උට්ඨෙහි සම්ම රට්ඨපාල, භුඤ්ජ ච පිව ච පරිචාරෙහි ච, භුඤ්ජන්තො පිවන්තො පරිචාරෙන්තො කාමානි පරිභුඤ්ජන්තො පුඤ්ඤානි කරොන්තො අභිරමස්සු. න තං මාතාපිතරො අනුජානන්ති අගාරස්මා අනගාරියං පබ්බජ්ජාය. මරණෙනපි තෙ මාතාපිතරො අකාමකා විනා භවිස්සන්ති. කිං පන තෙ තං ජීවන්තං අනුජානිස්සන්ති අගාරස්මා අනගාරියං පබ්බජ්ජායා’ති?{2}
Sinhala BJTඉක්බිති රට්ඨපාල කුලපුත්‍හු ගේ මවුපියෝ රට්ඨපාල කුලපුත්‍හුගේ යහළුවන් කරා එළැඹියහ. එළඹ රට්ඨපාල කුලපුත්හු ගේ යහළුවනට තෙල බස් කීහු: “දරුවෙනි, තෙල රට්ඨපාල කුලපුත්‍ ඇතිරි නො අතුළ බිම්හි වැදහොත්තේ යැ: ‘මෙහි මැ මාගේ මරණය වන්නේ හෝ පැවිද්ද වන්නේ හෝ’ යි. එව දරුවෙනි, රට්ඨපාල කුලපුතු කරා එළැඹෙව, එළැඹ රට්ඨපාල කුලපුත්‍හට මෙසේ කියව: ‘යහළු රට්ඨපාලයෙනි, තෙපි වනාහි මාපියනට ප්‍රිය මනාප වූ සුවසේ වැඩුණු සුවසේ පෝෂණය කළ එක් මැ පුත් වව, යහළු රට්ඨපාලයෙනි, තෙපි කිසිදු දුකක් නො දන්නහු යැ. යහළු රට්ඨපාලයෙනි, නැගී සිටුව, වළඳ කරව, බොව, ඉඳුරන් පිනවව. වළඳ කෙරෙමින් බොමින් ඉඳුරන් පිනවමින් පස්කම් සුව වළඳ කෙරෙමින් පින් කෙරෙමින් සිත් අලවා වාස කරව, ගෙන් නික්ම සස්නට වදිනු පිණිස මාපියෝ තා නො අනුදනිති’ යි. තොපගේ මරණයෙනුදු මාපියෝ නො කැමැති වැ වියෝග වන්නාහ. කිම, ඔහු තොප ජීවත් වන්නවුන් ගෙන් නික්ම සස්නට වදනා පිණිස අනුදනිත් දැ?” යි.
Pali BJTඅථ ඛො රට්ඨපාලස්ස කුලපුත්තස්ස සහායකා රට්ඨපාලස්ස කුලපුත්තස්ස මාතාපිතුන්නං පටිස්සුත්වා{3} යෙන රට්ඨපාලො කුලපුත්තො තෙනුපසඞ්කමිංසු, උපසඞ්කමිත්වා රට්ඨපාලං කුලපුත්තං එතදවොචුං: ‘ත්වං ඛො සම්ම රට්ඨපාල, මාතාපිතුන්නං එකපුත්තකො පියො මනාපො සුඛෙධිතො සුඛපරිභතො, න ත්වං සම්ම රට්ඨපාල, කස්සචි දුක්ඛස්ස ජානාසි, උට්ඨෙහි සම්ම රට්ඨපාල, භුඤ්ජ ච පිව ච පරිචාරෙහි ච, භුඤ්ජන්තො පිවන්තො පරිචාරෙන්තො කාමානි පරිභුඤ්ජන්තො පුඤ්ඤානි කරොන්තො අභිරමස්සු. න තං මාතාපිතරො අනුජානන්ති අගාරස්මා අනගාරියං පබ්බජ්ජාය, මරණෙනපි තෙ මාතාපිතරො අකාමකා විනා භවිස්සන්ති. කිං පන තෙ ජීවන්තං අනුජානිස්සන්ති අගාරස්මා අනගාරියං පබ්බජ්ජායාති?
Sinhala BJTඉක්බිති රට්ඨපාල කුලපුත්‍හු ගේ යහළුවෝ රට්ඨපාල කුලපුත්‍හු ගේ මාපියනට පිළින දී රට්ඨපාල කුලපුතු කරා එළැඹියහ. එළැඹ රට්ඨපාල කුලපුතුට තෙල බස් කීහු: “යහළු රට්ඨපාලයෙනි, තෙපි වනාහි මාපියනට ප්‍රිය මනාප වූ සුවසේ වැඩුණු, සුවසේ පෝෂණය කළ එක් මැ පුත් වව, යහළු රට්ඨපාලයෙනි, තෙපි කිසිදු දුකක් නො දනුව, යහළු රට්ඨපාලයෙනි, නැගී සිටුව, කව බොව ඉඳුරන් පිනවව, කමින් බොමින් ඉඳුරන් පිනවමින් පස්කම් සුව විඳුමින් පින් කෙරෙමින් සිත් අලවා වාස කරව. ගෙන් නික්ම සස්නට වදනා පිණිස මාපියෝ තා නො අනුදනිති යි. තොපගේ මරණයෙනුදු මාපියෝ නො කැමැති වැ වෙන් වන්නාහ. කිම, තොප ජීවත්වන්නවුන් ගෙන් නික්ම සසුන් වදනට අනුදනිත් දැ?” යි.
Pali BJTඑවං වුත්තෙ රට්ඨපාලො කුලපුත්තො තුණ්හී අහොසි. දුතියම්පි ඛො -පෙ- තතියම්පි ඛො රට්ඨපාලස්ස කුලපුත්තස්ස සහායකා රට්ඨපාලං කුලපුත්තං එතදවොචුං: ත්වං ඛො සම්ම රට්ඨපාල මාතාපිතුන්නං එකපුත්තකො පියො මනාපො සුඛෙධිතො සුඛපරිභතො, න ත්වං සම්ම රට්ඨපාල, කස්සචි දුක්ඛස්ස ජානාසි. උට්ඨෙහි සම්ම රට්ඨපාල, භුඤ්ජ ච පිව ච පරිචාරෙහි ච, භුඤ්ජන්තො පිවන්තො පරිචාරෙන්තො කාමානි පරිභුඤ්ජන්තො පුඤ්ඤානි කරොන්තො අභිරමස්සු. න තං මාතාපිතරො අනුජානන්ති අගාරස්මා අනගාරියං පබ්බජ්ජාය, මරණෙනපි තෙ මාතාපිතරො අකාමකා විනා භවිස්සන්ති. කිං පන තෙ තං ජීවන්තං අනුජානිස්සන්ති අගාරස්මා අනගාරියං පබ්බජ්ජායා’ති. තතියම්පි ඛො රට්ඨපාලො කුලපුත්තො තුණ්හී අහොසි.
Sinhala BJTමෙසේ කී කල්හි රට්ඨපාල කුලපුත්‍ර නිහඬ වී, දෙවනවට ද ... තුන්වෙනවට ද රට්ඨපාල කුලපුතු ගේ යහළුවෝ රට්ඨපාල කුලපුතුට තෙල බස් කීහු: “යහළු රට්ඨපාලයෙනි, තෙපි වනාහි මාපියනට ප්‍රිය මනාප වූ සුවසේ වැඩුණු, සුවසේ පෝෂණය කළ එක් මැ පුත් වව. යහළු රට්ඨපාලයෙනි, තෙපි කිසිදු දුකක් නො දනුව. යහළු රට්ඨපාලයෙනි, නැගී සිටුව, කව බොව ඉඳුරන් පිනවව, කමින් බොමින් ඉඳුරන් පිනවමින් පස්කම් සුව විඳුමින් පින් කෙරෙමින් සිත් අලවා වාස කරව. ගෙන් නික්ම සසුන් වදනට මාපියෝ තා නො අනුදනිති. තොපගේ මරණයෙනුදු මාපියෝ නො කැමැති වැ වියෝග වන්නාහ. කිම, ඔහු තොප ජීවත් වන්නවුන් ගෙන් නික්ම සසුන් වදනට අනුදනිත් දැ?” යි. තුන්වනවට ද රට්ඨපාල කුලපුත්‍ නිහඬ වී.
Pali BJTඅථ ඛො රට්ඨපාලස්ස කුලපුත්තස්ස සහායකා යෙන රට්ඨපාලස්ස කුලපුත්තස්ස මාතාපිතරො තෙනුපසඞ්කමිංසු, උපසඞ්කමිත්වා රට්ඨපාලස්ස කුලපුත්තස්ස මාතාපිතරො එතදවොචුං: ‘අම්ම තාත, එසො රට්ඨපාලො කුලපුත්තො තත්ථෙව අනන්තරහිතාය භූමියා නිපන්නො ඉධෙව මෙ මරණං භවිස්සති පබ්බජ්ජා වා’ති.
Sinhala BJTඉක්බිති රට්ඨපාල කුලපුතු ගේ යහළුවෝ රට්ඨපාල කුලපුතු ගේ මවුපියන් කරා එළඹියහ. එළැඹ රට්ඨපාල කුලපුතුගේ මවුපියනට තෙල බස් කීහු: දෙමාපියෙනි, “තෙල රට්ඨපාල කුලපුත් එහි මැ ඇතිරි නො අතුළ බිමැ ‘මෙහි මැ මාගේ මරණය හෝ පැවිද්ද හෝ වන්නේ යැ’යි වැදහොත්තේ යැ.
Pali BJTසචෙ තුම්හෙ රට්ඨපාලං කුලපුත්තං නානුජානිස්සථ අගාරස්මා අනගාරියං පබ්බජ්ජාය, තත්ථෙවස්ස{1} මරණං ආගමිස්සති. සචෙ පන තුම්හෙ රට්ඨපාලං කුලපුත්තං අනුජානිස්සථ අගාරස්මා අනගාරියං පබ්බජ්ජාය, පබ්බජිතම්පි නං දක්ඛිස්සථ. සචෙ රට්ඨපාලො කුලපුත්තො නාභිරමිස්සති අගාරස්මා අනගාරියං පබ්බජ්ජාය, කා චස්ස අඤ්ඤා ගති භවිස්සති, ඉධෙව පච්චාගමිස්සති. අනුජානාථ රට්ඨපාලං කුලපුත්තං අගාරස්මා අනගාරියං පබ්බජ්ජායා’ති.
Sinhala BJTඉදින් තෙපි ගෙන් නික්ම සසුන් වදනා පිණිස රට්ඨපාල කුලපුතු නො අනුදනිවු නම් පැවිදි වූවහු ද නො දක්නාහු යැ. ඉදින් රට්ඨපාල කුලපුත් ගෙන් නික්ම සසුන පැවිද්දට සිත නො අලවා නම් ඕහට අන් කවර ගතියක් වේ ද, මෙහි මැ වටාලා එන්නේ යැ. රට්ඨපාල කුලපුතු ගෙන් නික්ම සසුන වදනට අනුදත මැනැවැ” යි.
Pali BJTඅනුජානාම තාතා, රට්ඨපාලං කුලපුත්තං අගාරස්මා අනගාරියං පබ්බජ්ජාය. පබ්බජිතෙන ච පන මාතාපිතරො උද්දස්සෙතබ්බාති.
Sinhala BJT“දරුවෙනි, රට්ඨපාල කුලපුතු ගෙන් නික්ම සසුන් වදනට අනුදනුම්හ. වැළිත්, පැවිදි වූවහු විසිනුදු මව්පියෝ මතු මත්තෙහි දැක්විය යුත්තාහ”යි.
Pali BJTඅථ ඛො රට්ඨපාලස්ස කුලපුත්තස්ස සහායකා යෙන රට්ඨපාලො කුලපුත්තො තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා රට්ඨපාලං කුලපුත්තං එතදවොචුං: ත්වං ඛො සම්ම රට්ඨපාල, මාතාපිතුන්නං එකපුත්තකො පියො මනාපො සුඛෙධිතො සුඛපරිභතො, න ත්වං සම්ම රට්ඨපාල, කස්සචි දුක්ඛස්ස ජානාසි, උට්ඨෙහි සම්ම රට්ඨපාල, භුඤ්ජ ච පිව ච පරිචාරෙහි ච, භුඤ්ජන්තො පිවන්තො පරිචාරෙන්තො කාමානි පරිභුඤ්ජන්තො පුඤ්ඤානි කරොන්තො අභිරමස්සු, අනුඤ්ඤාතොසි මාතාපිතූහි අගාරස්මා අනගාරියං පබ්බජ්ජාය. පබ්බජිතෙන ච පන තෙ මාතාපිතරො උද්දස්සෙතබ්බා’ති.
Sinhala BJTඉක්බිති රට්ඨපාල කුලපුතු ගේ යහළුවෝ රට්ඨපාල කුලපුත් යම තැනෙක්හි ද එතැන්හි එළැඹියහ. එළැඹ රට්ඨපාල කුලපුත්හට තෙල බස් කීහු: “යහළු රට්ඨපාලයෙනි, තෙපි වනාහි මාපියනට ප්‍රිය මනාප වූ සුවසේ වැඩුණු, සුවසේ පුස්නාලද, එක් මැ පුත් වව. යහළු රට්ඨපාලයෙනි, තෙපි කිසිදු දුකක් නො දනුව, යහළුව රට්ඨපාලයෙනි, නැගී සිටුව, වළඳ කරව, බොව, ඉඳුරන් පිනවව, වළඳ කෙරෙමින්බොමින් ඉඳුරන් පිනවමින් කම්සුව විඳුමින් පින් කෙරෙමින් සිත අලවා වාස කර. මාපියන් විසින් ගෙන් නික්ම සසුන් වදනට අනුදන්නා ලද්දහු යැ. වැළි එකෙක් ඇත, තොප පැවිදි වූවහු විසින් තොපගේ මව්පියෝ මතු මත්තෙහි දැක්විය යුත්තාහ”යි.
Pali BJTඅථ ඛො රට්ඨපාලො කුලපුත්තො උට්ඨහිත්වා බලං ගාහෙත්වා යෙන භගවා තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො රට්ඨපාලො කුලපුත්තො භගවන්තං එතදවොච: ‘අනුඤ්ඤාතො අහං භන්තෙ, මාතාපිතූහි අගාරස්මා අනගාරියං පබ්බජ්ජාය. පබ්බාජෙතු මං භගවා’ති. අලත්ථ ඛො රට්ඨපාලො කුලපුත්තො භගවතො සන්තිකෙ පබ්බජ්ජං, අලත්ථ උපසම්පදං.
Sinhala BJTඉක්බිති රට්ඨපාල කුලපුත් නැගීසිට කායබල ගන්වා ගෙන භාග්‍යවතුන් කරා එළැඹියේ යැ. එළැඹ භාග්‍යවතුන් වැඳ එකත්පස් වැ හින. එකත්පස් වැ හුන් රට්ඨපාල කුලපුත් භාග්‍යවතුන් වහන්සේටතෙල බස් සැල කෙළේ යැ: “වහන්ස, මම් ගෙන් නික්ම සසුන් වදනට මව්පියන් විසින් අනුදන්නාලද්දෙමි. භාග්‍යවත්හු මා පැවිදි කෙරෙත්ව”යි. රට්ඨපාල කුලපුත් බුදුන් කෙරෙහි පැවිදි ලද, උපසම්පත් ලදි.
Pali BJTඅථ ඛො භගවා අචිරූපසම්පන්නෙ ආයස්මන්තෙ රට්ඨපාලෙ අඩ්ඪමාසූපසම්පන්නෙ, ථුල්ලකොට්ඨිකෙත යථාභිරන්තං විහරිත්වා යෙන සාවත්ථි තෙන චාරිකං පක්කාමි. අනුපුබ්බෙන චාරිකං චරමානො යෙන සාවත්ථි තදවසරි. තත්ර සුදං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. අථ ඛො ආයස්මා රට්ඨපාලො එකො වූපකට්ඨො අප්පමත්තො ආතාපී පහිතත්තො විහරන්තො න චිරස්සෙව යස්සත්ථාය කුලපුත්තා සම්මදෙව අගාරස්මා අනගාරියං පබ්බජන්ති, තදනුත්තරං බ්රහ්මචරියපරියොසානං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහාසි. ඛීණා ජාති, වුසිතං බ්රහ්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්ථත්තායා’ති අබ්භඤ්ඤාසි. අඤ්ඤතරො ඛො පනායස්මා රට්ඨපාලො අරහතං අහොසි.
Sinhala BJTඉක්බිති බුදුහු ආයුෂ්මත් රට්ඨපාල උපසපන් නොබෝ කල් ඇති කල්හි, උපසපන් අඩමස් ඇති කල්හි, ථුල්ලකොට්ඨිත නියම්ගම්හි අභිරති සේ වැස සැවැත්නුවර කරා චාරිකායෙහි වැඩියහ. අනුක්‍රමයෙන් සැරිසරන සේක් සැවැත්නුවරට පිවිසියහ. එහි දී භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර ජේතවන නම් වූ අනේපිඬුසිටුහු ගේ ආරාමයෙහි වැඩ වසන සේක. එකල්හි ආයුෂ්මත් රට්ඨපාල තෙරණුවෝ එකලා වැ කාය චිත්ත විවෙක ඇති වැ (කමටහන් නො හළ) සිහි ඇති වැ කෙලෙස් තවන වැර ඇති වැ නිවනට මෙහෙයූ සිත් ඇති වැ වාසය කරන සේක් යමක් සඳහා කුලපුත්‍රයෝ මොනොවට ගෙන් නික්ම සසුන් වදිත් ද, ඒ අනුත්තර වූ මාර්‍ග බ්‍රහ්මචර්‍ය්‍යයා ගේ කෙළවර වූ රහත් ඵලය නොබෝ කලෙකින් මැ මේ අත්බැව්හි මැ තමන් විසින් වෙසෙසින් දැන ප්‍රත්‍යක්‍ෂකොට එයට පැමිණ වාසය කළහ. ‘ජාතිය ක්‍ෂය වූ යැ, මඟබඹසර වැස නිමවන ලද, කරණී කරන ලද, මේ බව පිණිස අන් කිසෙක් නැතැ’යි වෙසෙසා දත්හ. ආයුෂ්මත් රට්ඨපාල තෙරණුවෝ රහතුන් අතුරෙහි එක්තරා කෙනෙක් වූහ.
Pali BJTඅථ ඛො ආයස්මා රට්ඨපාලො යෙන භගවා තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ආයස්මා රට්ඨපාලො භගවන්තං එතදවොච: ‘ඉච්ඡාමහං භන්තෙ, මාතාපිතරො උද්දස්සෙතුං, සචෙ මං භගවා අනුජානාතී’ති.
Sinhala BJTඉක්බිති ආයුෂ්මත් රට්ඨපාල තෙරණුවෝ භාග්‍යවතුන් කරා එළැඹියහ. එළැඹ භාග්‍යවතුන් වැඳ එකත්පස් වැ හුන්හ. එකත්පස් වැ හුන් ආයුෂ්මත් රට්ඨපාල තෙරණුවෝ භාග්‍යවතුන්හට තෙල බස් කීහු: “වහන්ස, ඉදින් භාග්‍යවතුන් වහන්සේ මා අනුදන්නා සේක් නම් මම මවුපියන් දක්නට කැමැත්තෙමි”යි.
Pali BJTඅථ ඛො භගවා ආයස්මතො රට්ඨපාලස්ස චෙතසා චෙතො පරිවිතක්කං{1} මනසාකාසි. යදා භගවා අඤ්ඤාසි: ‘අභබ්බො ඛො රට්ඨපාලො කුලපුත්තො සික්ඛං පච්චක්ඛාය හීනායාවත්තිතු’න්ති. අථ ඛො භගවා ආයස්මන්තං රට්ඨපාලං එතදවොච: යස්සදානි ත්වං රට්ඨපාල, කාලං මඤ්ඤසී’ති.
Sinhala BJTඑකල්හි භාග්‍යවතුන් වහන්සේ තමන් සිතින් ආයුෂ්මත් රට්ඨපාල තෙරුන්ගේ චිත්ත පරිවිතර්‍කය මෙනෙහි කළ සේක. යම කලෙකැ භාග්‍යවතුන් වහන්සේ දැනගත්සේක් නම් “රට්ඨපාල කුලපුත් ශික්‍ෂාප්‍රත්‍යාඛ්‍යාන කොට ගිහි බවට වැටෙන්නට අභව්‍ය යැ”යි, එකල්හි බුදුහු ආයුෂ්මත් රට්ඨපාල තෙරුන්ට තෙල බස් වදාළහ: “රට්ඨපාලයෙනි, තෙපි එයට කල් දනුව”යි.
Pali BJTඅථ ඛො ආයස්මා රට්ඨපාලො උට්ඨායාසනා භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා සෙනාසනං සංසාමෙත්වා පත්තචීවරං ආදාය යෙන ථුල්ලකොට්ඨිකතං තෙන චාරිකං පක්කාමි. අනුපුබ්බෙන චාරිකං චරමානො යෙන ථුල්ලකොට්ඨිතං තදවසරි. තත්ර සුදං ආයස්මා රට්ඨපාලො ථුල්ලකොට්ඨිතෙ විහරති රඤ්ඤො කොරව්යස්ස මිගාචීරෙ. අථ ඛො ආයස්මා රට්ඨපාලො පුබ්බන්හසමයං නිවාසෙත්වා පත්තචීවරං ආදාය ථුල්ලකොට්ඨිතං පිණ්ඩාය පාවිසි. ථුල්ලකොට්ඨිතෙ සපදානං පිණ්ඩාය චරමානො යෙන සකපිතුනිවෙසනං තෙනුපසඞ්කමි. තෙන ඛො පන සමයෙන ආයස්මතො රට්ඨපාලස්ස පිතා මජ්ඣිමාය ද්වාරසාලාය උල්ලිඛාපෙති.{2} අද්දසා ඛො ආයස්මතො රට්ඨපාලස්ස පිතා ආයස්මන්තං රට්ඨපාලං දූරතොව ආගච්ඡන්තං. දිස්වාන එතදවොච: ‘ඉමෙහි මුණ්ඩකෙහි සමණකෙහි අම්හාකං එකපුත්තකො පියො මනාපො පබ්බාජිතො’ති . අථ ඛො ආයස්මා රට්ඨපාලො සකපිතුනිවෙසනෙ නෙව දානං අලත්ථ, න පච්චක්ඛානං, අඤ්ඤදත්ථු අක්කොසමෙව අලත්ථ.
Sinhala BJTඉක්බිති ආයුෂ්මත් රට්ඨපාල තෙරණුවෝ හුනස්නෙන් නැගී බුදුන් වැඳ පැදකුණු කොට සෙනස්න සඟවා තබා පාසිවුරු ගෙන ථුල්ලකොට්ඨිත නියම්ගම කරා චාරිකායෙහි පිටත්ව ගියහ. අනුක්‍රමයෙන් සැරිසරන්නාහු ථුල්ලකොට්ඨිත නියම්ගම යම තැනෙක්හි ද එයට වන්හ. එහි දී ආයුෂ්මත් රට්ඨපාල තෙරණුවෝ ථුල්ලකොට්ඨිතයෙහි කෝරව්‍ය රජු ගේ ‘මිගාචීර’ නම උයන්හි වැඩ වෙසෙති. ඉක්බිති ආයුෂ්මත් රට්ඨපාල තෙරණුවෝ පෙරවරු වේලෙහි හැඳ පෙරෙවැපාසිවුරු ගෙන ථුල්ලකොට්ඨිත නියම්ගමට පිඬු පිණිස පිවිසියහ. ථුල්ලකොට්ඨිතයෙහි ගෙපිළිවෙලින් පිඬු සිඟා වඩනාහු සිය පියාගේ නිවෙස්න කරා එළඹියහ. එසමයෙහි ආයුෂ්මත් රට්ඨපාල තෙරුන් ගේ පිය තෙමේ මධ්‍යම ද්වාරශාලායෙහි (කපුවා ලවා) කෙහෙ පණාගස්වයි. ආයුෂ්මත් රට්ඨපාල තෙරුන් ගේ පිය තෙමේ ආයුෂ්මත් රට්ඨපාල තෙරුන් දුරින් මැ එනුවන් දිට, දැක තෙල බස් කී: “මේ මුඩු මහණුන් විසින් අප ගේ ප්‍රිය මනාප එක් මැ පුත් පැවිදි කරවන ලදැ”යි. එකල්හි ආයුෂ්මත් රට්ඨපාල තෙරණුවෝ සිය පියනිවෙස්නෙහි දන් නො මැ ලද, ප්‍රත්‍යාඛ්‍යාන නො ලද, ඒකාන්තයෙන් ආක්‍රෝශ මැ ලත්.
Pali BJTතෙන ඛො පන සමයෙන ආයස්මතො රට්ඨපාලස්ස ඤාතිදාසී ආභිදොසිකං කුම්මාසං ඡඩ්ඩෙතුකාමා හොති. අථ ඛො ආයස්මා රට්ඨපාලො තං ඤාතිදාසිං එතදවොච: ‘සචෙ තං භගිනි, ඡඩ්ඩනීයධම්මං{3} ඉධ මෙ පත්තෙ ආකිරා’ති.
Sinhala BJTඑසමයෙහි වනාහි ආයුෂ්මත් රට්ඨපාල තෙරුන්ගේ ඥාතිදාසියක් රැයක් ගෙයි ලැගි යව කොමු බැහැර ලනු කැමැති වෙයි. එකල්හි ආයුෂ්මත් රට්ඨපාල තෙරණුවෝ ඒ ඥාති දාසියට තෙල බස් කීහු: “ඉදින් නැගැණියෙනි, ඒ බැහැර ලන දැය මෙහි මාගේ පාත්‍රයෙහි ඕව”යි.
Pali BJTඅථ ඛො ආයස්මතො රට්ඨපාලස්ස ඤාතිදාසී තං ආභිදොසිකං කුම්මාසං ආයස්මතො රට්ඨපාලස්ස පත්තෙ ආකිරන්තී හත්ථානඤ්ච පාදානඤ්ච සරස්ස ච නිමිත්තං අග්ගහෙසි. අථ ඛො ආයස්මතො රට්ඨපාලස්ස ඤාතිදාසී යෙනායස්මතො රට්ඨපාලස්ස මාතා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා ආයස්මතො රට්ඨපාලස්ස මාතරං එතදවොච: ‘යගෙඝෙය්ය{4} ජානෙය්යාසි. අය්යපුත්තො රට්ඨපාලො අනුප්පත්තො’ති.
Sinhala BJTඑකල්හි ආයුෂ්මත් රට්ඨපාල තෙරුන්ගේ ඥාතිදාසි ඒ ආහිදෝසික කුම්මාසය ආයුෂ්මත් රට්ඨපාල තෙරුන් ගේ පාත්‍රයෙහි ඔවන්නී හස්තපාදයන් ගේ ද සවරයා ගේ ද නිමිත් ගතු. ඉක්බිති ආයුෂ්මත් රට්ඨපාල තෙරුන් ගේ ඥාතිදාසි ආයුෂ්මත් රට්ඨපාල තෙරුන් ගේ මව කරා එළැඹියා යැ. එළැඹ ආයුෂ්මත් රට්ඨපාල තෙරුන් ගේ මවට තෙල බස් කියූ, “ආර්‍ය්‍යාවෙනි, දන්නවාද? ආර්‍ය්‍ය පුත්‍ර රට්ඨපාල පැමිණේ යැ”යි.
Pali BJTසචෙ ජෙ, සච්චං වදසි, අදාසී භවසී’ති.{5} අථ ඛො ආයස්මතො රට්ඨපාලස්ස මාතා යෙනායස්මතො රට්ඨපාලස්ස පිතා තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා ආයස්මතො රට්ඨපාලස්ස පිතරං එතදවොච: යග්ඝෙ ගහපති ජානෙය්යාසි, රට්ඨපාලො කිර කුලපුත්තො අනුප්පත්තො’ති.
Sinhala BJT“ඉදින් කොල සැබෑවක් කියෙහි නම් නොදැසි වෙහි”යයි. ඉක්බිති ආයුෂ්මත් රට්ඨපාල තෙරුන්ගේ මව් තොමෝ ආයුෂ්මත් රට්ඨපාල තෙරුන් ගේ පියා වෙත එළැඹියා. එළැඹ ආයුෂ්මත් රට්ඨපාල තෙරුන් ගේ පියහට තෙල බස් කියු: “ගැහැවියෙනි, දනිවු ද? රට්ඨපාල කුලපුත් පැමිණියේ ල”යි.
Pali BJTතෙන ඛො පන සමයෙන ආයස්මා රට්ඨපාලො තං ආභිදොසිකං කුම්මාසං අඤ්ඤතරං කුඩ්ඩං{6} නිස්සාය පරිභුඤ්ජති. අථ ඛො ආයස්මතො රට්ඨපාලස්ස පිතා යෙනායස්මා රට්ඨපාලො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා ආයස්මන්තං රට්ඨපාලං එතදවොච: අත්ථි නාම තාත රට්ඨපාල, ආභිදොසිකං කුම්මාසං පරිභුඤ්ජිස්සසි, නනු තාත රට්ඨපාල, සකං ගෙහං ගන්තබ්බන්ති.
Sinhala BJTඑසමයෙහි ආයුෂ්මත් රට්ඨපාල තෙරණුවෝ ඒ රැයක් ලැගි යව කොමු (ආසනශාලායෙකැ) එක්තරා බිතක් නිසා වළඳ කෙරෙති. එකල්හි ආයුෂ්මත් රට්ඨපාල තෙරුන්ගේ පියා තෙමේ ආයුෂ්මත් රට්ඨපාල තෙරුන් කරා එළැඹියේ යැ. එළැඹ ආයුෂ්මත් රට්ඨපාල තෙරුන්ට තෙල බස් කී: “පුත රට්ඨපාලයෙනි, රෑ ලැගි යව කොමු වළඳවු ද? (තොප සතන්හි සස්න නිසා ලත් ගුණවෙසෙසෙක්) ඇද්ද? පුත රට්ඨපාලයෙනි, සිය ගෙට යායුතු නො දැ?”යි.
Pali BJTකුතො නො ගහපති, අම්හාකං ගෙහං අගාරස්මා අනගාරියං පබ්බජිතානං, අනගාරා මයං ගහපති. අගමම්හා ඛො තෙ ගහපති ගෙහං, තත්ථ නෙව දානං අලත්ථම්හ, න පච්චක්ඛානං අඤ්ඤදත්ථු{1} අක්කොසමෙව අලත්ථම්හා’ති.
Sinhala BJT“ගැහැවිය, ගෙන් නික්ම සසුන වන් අපට ගෙයක් කොයින් වේ ද? ගැහැවිය, අපි ගෙ නැතියම්හ. ගැහැවිය, තොපගේ ගෙට ගියම්හ. එහි දී දන් නො ලදුම්හ. ප්‍රත්‍යාඛ්‍යාන ද නො ලදුම්හ. වැළිත් ආක්‍රෝශ මතු ලදුම්හ”යි.
Pali BJT‘එහි තාත රට්ඨපාල, ඝරං ගමිස්සාමා’ති.
Sinhala BJT“පුත රට්ඨපාලයෙනි, එව, ගෙට යම්හ”යි.
Pali BJT‘අලං ගහපති, කතං මෙ අජ්ජ භත්තකිච්ච’න්ති.
Sinhala BJT“ගැහැවිය, කම් නැත, මා විසින් අද බත් කිස කරන ලදැ”යි.
Pali BJT‘තෙන හි තාත රට්ඨපාල, අධිවාසෙහි ස්වාතනාය භත්ත’න්ති.
Sinhala BJT“පුත රට්ඨපාලයෙනි, එසේ වී නම් සෙට බත ඉවසව”යි.
Pali BJTඅධිවාසෙසි ඛො ආයස්මා රට්ඨපාලො තුණ්හීභාවෙන. අථ ඛො ආයස්මතො රට්ඨපාලස්ස පිතා ආයස්මතො රට්ඨපාලස්ස අධිවාසනං විදිත්වා යෙන සකං නිවෙසනං තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා{2} මහන්තං හිරඤ්ඤසුවණ්ණස්ස පුඤ්ජං කාරාපෙත්වා කිලඤ්ජෙහි පටිච්ඡාදාපෙත්වා ආයස්මතො රට්ඨපාලස්ස පුරාණදුතියිකා{3} ආමන්තෙසි: එථ තුම්හෙ වධුයො{4} යෙන අලඞ්කාරෙන අලඞ්කතා පුබ්බෙ රට්ඨපාලස්ස කුලපුත්තස්ස පියා හොථ මනාපා, තෙන අලඞ්කාරෙන අලඞ්කරොථා’ති.
Sinhala BJTආයුෂ්මත් රට්ඨපාල තෙරුණුවෝ තුෂ්ණිම්භාවයෙන් ඉවසූහ. එසඳ ආයුෂ්මත් රට්ඨපාල තෙරුනුවණ්ගේ පිය තෙමේ ආයුෂ්මත් රට්ඨපාල තෙරුන්ගේ ඉවසීම දැන සිය නිවෙස්න කරා එළැඹියේ යැ. එළැඹ මහත් රන්සුවන් රැසක් කරවා කලාලින් සොයවා (වස්වා) ආයුෂ්මත් රට්ඨපාල තෙරුන්ගේ පුරාණ දුතියිකාවන් ඇමැති: “එව වධුනි, තෙපි යම අලඞ්කාරයෙකින් සැරසුණාහූ පෙර රට්ඨපාල කුලපුත්හට ප්‍රිය මනාප වවු ද, එ අලඞ්කාරයෙන් සැරසෙව” යි.
Pali BJTඅථ ඛො ආයස්මතො රට්ඨපාලස්ස පිතා තස්සා රත්තියා අච්චයෙන සකෙ නිවෙසනෙ පණීතං ඛාදනීයං භොජනීයං පටියාදාපෙත්වා ආයස්මතො රට්ඨපාලස්ස කාලං ආරොචෙසි: ‘කාලො තාත රට්ඨපාල, නිට්ඨිතං භත්ත’න්ති. අථ ඛො ආයස්මා රට්ඨපාලො පුබ්බණ්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය යෙන සකපිතුනිවෙසනං තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා පඤ්ඤත්තෙ ආසනෙ නිසීදි. අථ ඛො ආයස්මතො රට්ඨපාලස්ස පිතා තං හිරඤ්ඤසුවණ්ණස්ස පුඤ්ජං විවරාපෙත්වා ආයස්මන්තං රට්ඨපාලං එතදවොච: ‘ඉදං තෙ තාත රට්ඨපාල, මත්තිකං ධනං, අඤ්ඤං පෙත්තිකං, අඤ්ඤං පිතාමහං. සක්කා තාත රට්ඨපාල, භොගෙ ච භුඤ්ජිතුං පුඤ්ඤානි ච කාතුං. එහි ත්වං තාත රට්ඨපාල, සික්ඛං පච්චක්ඛාය හීනායාවත්තිත්වා භොගෙ ච භුඤ්ජස්සු, පුඤ්ඤානි ච කරොහීති.
Sinhala BJTඉක්බිති ආයුෂ්මත් රට්ඨපාල තෙරුණුවන්ගේ පිය තෙම එරැය ඇවෑමෙන් සිය නිවෙස්නෙහි ප්‍රණීත ඛාද්‍යභෝජ්‍යයන් පිළියෙල කරවා ආයුෂ්මත් රට්ඨපාල තෙරුණුවන්ට කල් දැන්වී: “දරුව රට්ඨපාල තෙරුණුවනි, බත නිමියේ යැ”යි. ඉක්බිති ආයුෂ්මත් රට්ඨපාල තෙරුණුවෝ පෙරවරු වේලෙහි හැඳපෙරෙවැ පාසිවුරු ගෙන සිය පියනිවෙස්න කරා එළැඹියහ. එළැඹ පැනවූ අස්නෙහි වැඩහුන්හ. ඉක්බිති ආයුෂ්මත් රට්ඨපාල තෙරුණුවන්ගේ පිය තෙම රන්සුවන් රැස විවෘත කරවා ආයුෂ්මත් රට්ඨපාල තෙරුණුවනට තෙල බස් කී: “දරුව රට්ඨපාලයෙනි, මේ තොප ගේ මව සතු ධනය වෙයි, අනෙක පියා සතු යැ. අනෙක මුත්තා සතු වෙයි. දරුව රට්ඨපාලයෙනි, භොග ද වළඳ කරන්නට හැකි යැ. පින් ද කළ හැක්ක. එව දරුව රට්ඨපාලයෙනි, තෙපි ශික්‍ෂා ප්‍රත්‍යාඛ්‍යාන කොට ගිහි බවට පෙරැළී භොග ද වළඳ කරව, පින් ද කරව” යි.
Pali BJTසචෙ ඛො මෙ ත්වං ගහපති වචනං කරෙය්යාසි, ඉමං හිරඤ්ඤසුවණ්ණස්ස පුඤ්ජං සකටෙසු ආරොපෙත්වා නිබ්බාහාපෙත්වා මජ්ඣෙගඞ්ගාය නදියා සොතෙ ඔසීදාපෙය්යාසි.{5} තං කිස්ස හෙතු. ‘උප්පජ්ජිස්සන්ති හි තෙ ගහපති, තතො නිදානං සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසා’ති.
Sinhala BJTගැහැවියෙනි, ඉදින් තෙපි මබස් කරවු නම් මේ හිරණ්‍යස්වර්‍ණ රාශිය ගැලෙහි නංවා බැහැර කරවා ගඟ මැද හෝ දිය වැළෙහි හෝ ගිල්වාලව. ඒ කවර හෙයින යත්: ගැහැවියෙනි, තොපට ඒ හිරණ්‍යාදි හේතුවෙන් ශෝකපරිදේව දුඃඛ දෞර්‍මනස්‍ය උපායාසයෝ උපදිති’යි.
Pali BJTඅථ ඛො ආයස්මතො රට්ඨපාලස්ස පුරාණදුතියිකායො පච්චෙකං පාදෙසු{1} ගහෙත්වා ආයස්මන්තං රට්ඨපාලං එතදවොචුං: ‘කීදිසා නාම තා{2} අය්යපුත්තක, අච්ඡරායො, යාසං ත්වං හෙතු බ්රහ්මචරියං චරසී’ති?
Sinhala BJTඉක්බිති ආයුෂ්මත් රට්ඨපාල තෙරුණුවන්ගේ පුරාණ භාර්‍ය්‍යාවෝ වෙන වෙන පා ගෙන ආයුෂ්මත් රට්ඨපාල තෙරුණුවනට තෙල බස කීහු: “හිමියා පුතණුවෙනි, තෙපි යම් අප්සරහුන් පිණිස බ්‍රම්සරවස් වැස්වූ නම් ඒ අප්සරස්හු කෙබඳු වෙත් දැ?”යි.
Pali BJT‘න ඛො මයං භගිනී, අච්ඡරානං හෙතු බ්රහ්මචරියං චරාමා’ති.
Sinhala BJTබුහුනැණියෙනි, අපි අප්සරාවන් හේතු කොට බ්‍රම්සර නො පුරම්හ.
Pali BJTභගිනිවාදෙන නො අය්යපුත්තො රට්ඨපාලො සමුදාචරතී’ති තත්ථෙව මුච්ඡිතා පපතිංසු.
Sinhala BJT“හිමියාපුත් රට්ඨපාලයෝ බුහුනැණි බසින් අප බෙණෙති” යි එහි මැ මුසපත් වැ හුණුහු.
Pali BJTඅථ ඛො ආයස්මා රට්ඨපාලො පිතරං එතදවොච: සචෙ ගහපති, භොජනං දාතබ්බං දෙථ, මා නො විහෙඨෙථා’ති.
Sinhala BJTඉක්බිති ආයුෂ්මත් රට්ඨපාල තෙරුණුවෝ පිය මහසිටාණන්ට තෙල බස් කීහු: “ගැහැවියෙනි, ඉදින් බොදුන දියයුතු නම් දෙව නහමක් අප පෙළව”යි.
Pali BJTභුඤ්ජ තාත රට්ඨපාල, නිට්ඨිතං භත්තන්ති. අථ ඛො ආයස්මතො රට්ඨපාලස්ස පිතා ආයස්මන්තං රට්ඨපාලං පණීතෙන ඛාදනීයෙන භොජනීයෙන සහත්ථා සන්තප්පෙසි සම්පවාරෙසි. අථ ඛො ආයස්මා රට්ඨපාලො භුත්තාවී ඔනීතපත්තපාණී ඨිතකොව ඉමා ගාථා අභාසි:
Sinhala BJT“පුත රට්ඨපාලයෙනි, වළඳන්නේ මැනැව, බත නිමියේ ය”යි. එසඳ ආයුෂ්මත් රට්ඨපාල තෙරුණුවන්ගේ පිය මහසිටාණෝ ආයුෂ්මත් රට්ඨපාල තෙරුණුවන් ප්‍රණීත ඛාද්‍යයෙන් භෝජ්‍යයෙන් සියතින් සතපාලූහ , මොනවට පවරා ලූහ. ඉක්බිති වළඳා නිමවූ පාත්‍රයෙන් ඉවත් කළ අත් ඇති ආයුෂ්මත් රට්ඨපාල තෙරුණුවෝ සිටිවන සිටියාහු මැ මේ ගාථා කීහ:
Pali BJT“පස්ස චිත්තකතං බිම්බං අරුකායං සමුස්සිතං, ආතුරං බහුසඞ්කප්පං යස්ස නත්ථි ධුවං ඨිති.
Sinhala BJT“යම් ආත්මභාවයක්හු ගේ නිත්‍යස්ථිතියෙක් නැද්ද, ව්‍රණකාය ඇති ඇට නහර මසින් පුරවාලූ නිත්‍යාතුර වූ (ප්‍රාර්‍ත්‍ථනා සංකල්ප වශයෙන්) බහු සංකල්ප ඇති විසිතුරු කළ මේ ආත්මභාවය බලව.
Pali BJTපස්ස චිත්තකතං රූපං මණිනා කුණ්ඩලෙන ච, අට්ඨිත්තචෙන{3} ඔනද්ධං සහ වත්ථෙභි සොභති.
Sinhala BJTමිණියෙනුදු කොඬොලිනුදු සැරසූ විසිතුරු කළ මේ රූපයබලව. ඇට නහරින් වළඳනා ලදුයේ වස්ත්‍රයන් සහිත වැ මැ බබළයි.
Pali BJTඅලත්තකකතා පාදා මුඛං චුණ්ණකමක්ඛිතං, අලං බාලස්ස මොහාය නො ච පාරගවෙසිනො.
Sinhala BJTපාදයෝ ලතුයෙන් රඳනාලදහ. මුහුණු සුණුබඬින් ගල්වන ලදී. බාලයාගේ මෝහයට පමණ වෙයි. සංසාරපාරය සොයනුවහට පමණ නො වෙයි.
Pali BJTඅට්ඨපාදකතා කෙසා නෙත්තා අඤ්ජනමක්ඛිතා, අලං බාලස්ස මොහාය නො ච පාරගවෙසිනො.
Sinhala BJTකේශයෝ අෂ්ටපදයෙන් රචනා කරනලදහ. නේත්‍රයෝ අඳුනින් ගල්වන ලදහ. බාලයාගේ මෝහයට පමණ වෙයි. සංසාරපාරය සොයනුවට පමණ නො වෙයි.
Pali BJTඅඤ්ජනීව නවා චිත්තා පූතිකායො අලඞ්කතො, අලං බාලස්ස මොහාය නො ච පාරගවෙසිනො.
Sinhala BJTවිසිතුරැ කළ අභිනව අඳුන්නළ සෙයින් කුණුකය සරසන ලදී. බාලයාගේ මෝහයට පමණ වෙයි. සංසාරපාරය සොයනුවහට පමණ නො වෙයි.
Pali BJTඔදහි මිගවො පාසං නාසදා වාකරං මිගො, භුත්වා නිවාපං ගච්ඡාම{4} කන්දන්තෙ මිගබන්ධකෙ”ති.
Sinhala BJTමුවවැදි වරදැල තැබී යැ. මුවා වරදැල නො ගැටී යැ. මුවන් බඳනුවා හඬමින් සිටිය දී ගොදුරු වළඳා යම්හ”යි.
Pali BJTඅථ ඛො ආයස්මා රට්ඨපාලො ඨිතකොව ඉමා ගාථා භාසිත්වා යෙන රඤ්ඤො කොරබ්යස්ස මිගාචීරං තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා අඤ්ඤතරස්මිං රුක්ඛමූලෙ දිවාවිහාරං නිසීදි.
Sinhala BJTඉක්බිති ආයුෂ්මත් රට්ඨපාල තෙරුණුවෝ සිටිවන සිටියාහු මැ මේ ගාථා කියා කෝරව්‍ය රජුගේ මිගාචීර උයන කරා වැඩියෝ. වැඩ එක්තරා රුකක් මුල දිවා විහාර සඳහා හුන්හු.
Pali BJTඅථ ඛො රාජා කොරබ්යො මිගවං ආමන්තෙසි: සොධෙහි සම්ම මිගව, මිගාචීරං, උය්යානභූමිං ගච්ඡාම සුභූමිං දස්සනායා’ති. එවං දෙවාති ඛො මිගවො රඤ්ඤො කොරබ්යස්ස පටිස්සුත්වා මිගාචීරං සොධෙන්තො අද්දස ආයස්මන්තං රට්ඨපාලං අඤ්ඤතරස්මිං රුක්ඛමූලෙ දිවාවිහාරං නිසින්නං. දිස්වාන යෙන රාජා කොරබ්යො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා රාජානං කොරබ්යං එතදවොච: ‘සුද්ධං ඛො දෙව මිගාචීරං, අත්ථි ච තත්ථ රට්ඨපාලො නාම කුලපුත්තො ඉමස්මිංයෙව ථුල්ලකොට්ඨිතෙ අග්ගකුලිකස්ස පුත්තො, යස්ස ත්වං අභිණ්හං කිත්තයමානො අහොසි, සො අඤ්ඤතරස්මිං රුක්ඛමූලෙ දිවාවිහාරං නිසින්නොති. තෙන හි සම්ම මිගව, අලං දානජ්ජ උය්යානභූමියා, තමෙවදානි මයං භවන්තං රට්ඨපාලං පයිරුපාසිස්සාමා’ති.
Sinhala BJTඑසඳ කෝරව්‍ය රජ මිගව නම උයන්පල්ලා ඇමැතී යැ: “සගය මිගවයෙනි, මිගාචීර උයන්බිම ශුද්ධ කරව. එ මනා බිම දක්නට යම්හ”යි. මිගව උයන්පලු “දේවයිනි, එසේ යැ”යි කෝරව්‍ය රජුට පිළිවදන් දී මිගාචීර උයන ශුද්ධ කරන්නේ එක්තරා රුකක් මුල දිවාවිහාර පිණිස හුන් රට්ඨපාල තෙරණුවන් දිටී. දැක කෝරව්‍ය රජු කරා එළැඹියේ යැ. එළැඹ කෝරව්‍ය රජුට තෙල කී: “දේවයිනි, මිගාචීර උයන පාරිශුද්ධ යැ, නුඹ වහන්සේ යම කුල්පුතක්හු ගේ ගුණ නිතර කීර්‍තනය කරන්නාහු ද, මේ ථුල්ලකොට්ඨිත ගම්හි මැ අග්‍රකුලිකයක්හු ගේ පුත්‍ර වූ රට්ඨපාල නම කුලපුත්‍රයා එහි ඇත. හේ එක්තරා රුකක් මුල දිවාවිහාර සඳහා හිනැ”යි. සගය මිගවයිනි, එසේ වී නම් දැන් අද උයන් බිමින් කම් නැත. අපි දැන් ඒ භවත් රට්ඨාපලයන් මැ උපාසනා කරම්හ” යි.
Pali BJTඅථ ඛො රාජා කොරබ්යො ‘යං තත්ථ ඛාදනීයං භොජනීයං පටියත්තං තං සබ්බං විස්සජ්ජෙථා’ති වත්වා භද්රානි භද්රානි යානානි යොජාපෙත්වා භද්රං යානං අභිරුහිත්වා භද්රෙහි භද්රෙහි යානෙහි ථුල්ලකොට්ඨිතම්හා නිය්යාසි මහච්ච රාජානුභාවෙන{1} ආයස්මන්තං රට්ඨපාලං දස්සනාය. යාවතිකා යානස්ස භූමි යානෙන ගන්ත්වා යානා පච්චොරොහිත්වා පත්තිකොව උස්සටාය උස්සටාය පරිසාය යෙනායස්මා රට්ඨපාලො තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා ආයස්මතා රට්ඨපාලෙන සද්ධිං සම්මොදි. සම්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්වා එකමන්තං අට්ඨාසි. එකමන්තං ඨිතො ඛො රාජා කොරබ්යො ආයස්මන්තං රට්ඨපාලං එතදවොච:
Sinhala BJTඉක්බිති කෝරව්‍ය රජ එහි යම් ඛාද්‍යභෝජ්‍ය පිළියෙල කරන ලද ද, එහැම නෙරවයි කියා භද්‍ර භද්‍ර යානයන් යොදවා භාද්‍රයානයකට නැගී මහත් රාජානුභාවයෙන් ආයුෂ්මත් රට්ඨපාල තෙරණුවන් දක්නට භද්‍ර භාද්‍රයානයෙන් ථුල්ලකොට්ඨිත නියම්ගමට නික්මගියේ. යම්තාක් යානභුමි වේ ද, ඒතාක් යානයෙන් ගොස් යානයෙන් බැස පාගමන් ඇති වැ මැ පතළ පතළ පිරිසෙන් ආයුෂ්මත් රට්ඨපාල තෙරණුවන් කරා එළැඹියේ යැ. එළැඹ ආයුෂ්මත් රට්ඨපාල තෙරණුවන් හා සතුටු වී. සම්මෝදනයට නිසි සිහි කරනුවට නිසි කථා කොට නිමවා එකත්පසෙක සිටියේ යැ. එකත්පස් වැ සිටි කෝරව්‍ය රජ ආයුෂ්මත් රට්ඨපාල තෙරණුවනට තෙල බස කී:
Pali BJT‘ඉධ භවං රට්ඨපාලො හත්ථත්ථරෙ නිසීදතූ’ති.
Sinhala BJT“භවත් රට්ඨාපාලයෙනි, මෙහි ඇත් ඇතිරියෙහි හින්දිනේ මැනැවැ”යි.
Pali BJT‘අලං මහාරාජ, නිසීද ත්වං, නිසින්නො අහං සකෙ ආසනෙ’ති.
Sinhala BJT“කම් නැත මහරජ, තෙපි හිඳුවා, මම් සිය අස්නෙහි හුන්මි”යි.
Pali BJTනිසීදි ඛො රාජා කොරබ්යො පඤ්ඤත්තෙ ආසනෙ. නිසජ්ජ ඛො රාජා කොරබ්යො ආයස්මන්තං රට්ඨපාලං එතදවොච: ‘චත්තාරිමානි භො රට්ඨපාල, පාරිජුඤ්ඤානි යෙහි පාරිජුඤ්ඤෙහි සමන්නාගතා ඉධෙකච්චෙ කෙසමස්සුං ඔහාරෙත්වා කාසායානි වත්ථානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියං පබ්බජන්ති. කතමානි චත්තාරි: ජරාපාරිජුඤ්ඤං බ්යාධිපාරිජුඤ්ඤං භොගපාරිජුඤ්ඤං ඤාතිපාරිජුඤ්ඤං.
Sinhala BJTකෝරව්‍ය රජ පැනවූ අස්නෙහි හුන්නේ යැ. හිඳ කෝරව්‍ය රජ ආයුෂ්මත් රට්ඨපාල තෙරණුවනට තල බස් කී: “භවත් රට්ඨාපාලයෙනි, යම් පිරිහිනෙකින් සමන්‍වාගත වූ ඇතැම් කෙනෙක් කෙහෙරවුළු බහා කහවත් හැඳ පෙරෙවැ ගෙන් නික්ම සසුන වදිත් ද, එබඳු පිරිහීම් සතරෙක් වෙයි. කවර සතරෙක යත්: ජරායෙන් පිරිහීම යැ ව්‍යාධියෙන් පිරිහීම යැ භෝගයෙන් පිරිහීම යැ ඥාතීන්ගෙන් පිරිහීම යි.
Pali BJTකතමඤ්ච පන භො රට්ඨපාල, ජරාපාරිජුඤ්ඤං: ඉධ භො රට්ඨපාල, එකච්චො ජිණ්ණො හොති වුද්ධො මහල්ලකො අද්ධගතො වයො අනුප්පත්තො. සො ඉති පටිසඤ්චික්ඛති: ‘අහං ඛොම්හි එතරහි ජිණ්ණො වුද්ධො මහල්ලකො අද්ධගතො වයො අනුප්පත්තො. න ඛො පන මයා සුකරං අනධිගතං වා භොගං{2} අධිගන්තුං, අධිගතං වා භොගං ඵාතිකත්තුං, යන්නූනාහං කෙසමස්සුං ඔහාරෙත්වා කාසායානි වත්ථානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියං පබ්බජ්ජෙය්ය’න්ති. සො තෙන ජරාපාරිජුඤ්ඤෙන සමන්නාගතො කෙසමස්සුං ඔහාරෙත්වා කාසායානි වත්ථානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියං පබ්බජති. ඉදං වුච්චති භො රට්ඨපාල, ජරාපාරිජුඤ්ඤං. භවං ඛො පන රට්ඨපාලො එතරහි දහරො යුවා සුසුකාලකෙසො භද්රෙන යොබ්බනෙන සමන්නාගතො පඨමෙන වයසා. තං භොතො රට්ඨපාලස්ස ජරාපාරිජුඤ්ඤං නත්ථි. කිං භවං රට්ඨපාලො ඤත්වා වා දිස්වා වා සුත්වා වා අගාරස්මා අනගාරියං පබ්බජිතො?
Sinhala BJTභවත් රට්ඨපාලයෙනි, ජරායෙන් පිරිහීම යනු කවරෙ යත්: භවත් රට්ඨපාලයෙනි, මෙලොව ඇතැමෙක් ජරපත් වූයේ වෘද්ධ වූයේ ජාතියෙන් මහලු වූයේ ආයුඃකල්පය ඉක්ම ගියේ පශ්චිම වයසට පැමිණියේ වෙයි. හේ මෙසේ නුවණින් සලකයි: “මම දැන් දිරාගියෙමි, වෘද්ධයෙමි, මහලුයෙමි, ආයුඃකල්පය ඉක්ම සිටියෙමි, පැසුළුවියට පැමිණියෙමි, මා විසින් වැළිත් නො ලත් භෝග ලබන්නට හෝ ලබන ලද භෝග වඩන්නට හෝ සුකර නො වෙයි. මම් කෙස්මස් බහා කහවත් හැඳපෙරෙවැ ගෙන් නික්ම සසුන වදනෙම් නම් මැනැවැ”යි. හේ ඒ ජරා පිරිහිනෙන් සමන්‍වාගත වූයේ කෙස්මස් බහා කහවත් හැඳ පෙරෙවැ ගෙන් නික්ම සසුන වදී. භවත් රට්ඨපාලයෙනි, මේ වූකලි ජරායෙන් පිරිහීම යයි කියනු ලැබේ. භවත් රට්ඨපාල වනාහි දැන් තරුණ යැ, යෞවනයෙන් සමන්‍වාගත යැ, මනා කළුකෙහෙ ඇතියේ ය, භද්‍රයෞවනයෙන් සමන්‍වාගත යැ, ප්‍රථම වයසින් සමන්‍වාගත යැ, භවත් රට්ඨපාලයනට ඒ ජරා පිරිහින නැත. භවත් රට්ඨපාල කුමක් දැන හෝ දැක හෝ අසා හෝ ගෙන් නික්ම සසුන් වන්නේ ද?
Pali BJTකතමඤ්ච පන භො රට්ඨපාල, බ්යාධිපාරිජුඤ්ඤං: ඉධ භො රට්ඨපාල එකච්චො ආබාධිකො හොති දුක්ඛිතො බාළ්හගිලානො. සො ඉති පටිසඤ්චික්ඛති: අහං ඛොම්හි එතරහි ආබාධිකො දුක්ඛිතො බාළ්හගිලානො න ඛො පන මයා සුකරං අනධිගතං වා භොගං{1} අධිගන්තුං අධිගතං වා භොගං ඵාතිකත්තුං. යන්නූනාහං කෙසමස්සුං ඔහාරෙත්වා කාසායානි වත්ථානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියං පබ්බජෙය්ය’න්ති. සො තෙන බ්යාධිපාරිජුඤ්ඤෙන සමන්නාගතො කෙසමස්සුං ඔහාරෙත්වා කාසායානි වත්ථානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියං පබ්බජති. ඉදං වුච්චති, භො රට්ඨපාල, බ්යාධිපාරිජුඤ්ඤං. භවං ඛො පන රට්ඨපාලො එතරහි අප්පාබාධො අප්පාතඞ්කො සමවෙපාකිනියා ගහණියා සමන්නාගතො නාතිසීතාය නාච්චුණ්හාය. තං භොතො රට්ඨපාලස්ස බ්යාධිපාරිජුඤ්ඤං නත්ථි. කිං භවං රට්ඨපාලො ඤත්වා වා දිස්වා වා සුත්වා වා අගාරස්මා අනගාරියං පබ්බජිතො?
Sinhala BJTභවත් රට්ඨපාලයෙනි, ව්‍යාධියෙන් පිරිහීම යනු කවරෙ යත්: භවත් රට්ඨපාලයෙනි, මෙලොව ඇතැමෙක් හටගත් ආබාධ ඇත්තේ දුකට පැමිණියේ දැඩි ගිලන් වූයේ වෙයි. හේ මෙසේ නුවණින් සලකයි: “මම් වූකලි දැන් ආබාධ ඇත්තෙමි, දුකට පැමිණියෙමි, දැඩි ගිලන්මි. මා විසින් වැළිත් නො ලත් භෝග ලබන්නට හෝ ලත් භෝග තර කරන්නට හෝ සුකර නො වෙයි. මම් කෙහෙරවුළු බහා කහවත් හැඳපෙරෙවැ ගෙන් නික්ම සසුන වදනෙම් නම් යෙහෙකැ”යි. හේ ඒ ව්‍යාධි පිරිහිනෙන් සමන්‍වාගත වූයේ කෙහෙරවුළු බහා කහවත් හැඳ පෙරෙවැ ගෙන් නික්ම සසුන වදී. භවත් රට්ඨපාලයෙනි, මේ වූකලි ‘ව්‍යාධි පිරිහිනැ’යි කියනු ලැබේ. භවත් රට්ඨපාල වනාහි දැන් නීරෝග යැ, නිදුක් යැ, ඉතා උෂ්ණ නො වූ ඉතා ශීත නො වූ සම වැ (අහර) පැසෙනසුලු ග්‍රහණියෙන් සමන්‍වාගත වූයේ යි. භවත් රට්ඨපාලහට ඒ ව්‍යාධි පරිහාණි නැත. භවත් රට්ඨපාල කුමක් දැන හෝ දැක හෝ අසා හෝ ගෙන් නික්ම සසුන් වන්නේ ද?
Pali BJTකතමඤ්ච පන භො රට්ඨපාල, භොගපාරිජුඤ්ඤං: ඉධ භො රට්ඨපාල, එකච්චො අඩ්ඪො හොති මහද්ධනො මහාභොගො. තස්ස තෙ භොගා අනුපුබ්බෙන පරික්ඛයං ගච්ඡන්ති. සො ඉති පටිසඤ්චික්ඛති: අහං ඛො පුබ්බෙ අඩ්ඪො අහොසිං මහද්ධනො මහාභොගො. තස්ස මෙ තෙ භොගා අනුපුබ්බෙන පරික්ඛයං ගතා. න ඛො පන මයා සුකරං අනධිගතං වා භොගං{2} අධිගන්තුං අධිගතං වා භොගං ඵාතිකත්තුං. යන්නූනාහං කෙසමස්සුං ඔහාරෙත්වා කාසායානි වත්ථානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියං පබ්බජෙය්ය’න්ති. සො තෙන භොගපාරිජුඤ්ඤෙන සමන්නාගතො කෙසමස්සුං ඔහාරෙත්වා කාසායානි වත්ථානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියං පබ්බජති. ඉදං වුච්චති භො රට්ඨපාල, භොගපාරිජුඤ්ඤං. භවං ඛො පන රට්ඨපාලො ඉමස්මිංයෙව ථුල්ලකොට්ඨිතෙ අග්ගකුලිකස්ස පුත්තො. තං භොතො රට්ඨපාලස්ස භොගපාරිජුඤ්ඤං නත්ථි. කිං භවං රට්ඨපාලො ඤත්වා වා දිස්වා වා සුත්වා වා අගාරස්මා අනගාරියං පබ්බජිතො?
Sinhala BJTභවත් රට්ඨපාලයෙනි, වැළිත් භෝගක්‍ෂය කවරෙ යත්: භවත් රට්ඨපාලයෙනි, මෙලොව ඇතැමෙක් ආඪ්‍ය (ඊශ්වර) වූයේ මහත් ධන ඇතියේ (පස්කම්ගුණ විසින් එළැඹ සිටි) මහත් භෝග ඇත්තේ වෙයි. ඔහු ගේ ඒ භෝගයෝ අනුක්‍රමයෙන් ක්‍ෂය බවට යෙති. හේ මෙසේ නුවණින් සලකයි: “මම් වනාහි පෙර ආඪ්‍ය වීමී, මහත් ධන ඇති වීමී, මහත් භෝග ඇති වීමී. ඒ මා ගේ ඒ භෝගයෝ අනුක්‍රමයෙන් ක්‍ෂයභාවයට ගියහ. මා විසින් වැළිත් නො ලත් භෝග ලබන්නට හෝ ලත් භෝග වඩන්නට හෝ සුකර නො වෙයි. මම් කෙස් මස් බහා කහවත් හැඳපෙරෙවැ ගෙන් නික්ම සසුන් වදනෙම් නම් මැනැවැ”යි. හේ ඒ භෝග පරිහාණියෙන් සමන්‍වාගත වූයේ කෙස්මස් බහා කහවත් හැඳපෙරෙවැ ගෙන් නික්ම සසුන් වදී. භවත් රට්ඨපාලයෙනි, මේ ‘භෝගක්‍ෂය’යයි කියනු ලැබේ. භවත් රට්ඨපාල වනාහි මේ මැ ථුල්ලකොට්ඨිත නියම්ගම්හි අග්‍රකුල ඇතියාගේ පුත්‍ර වෙයි. භවත් රට්ඨපාලහට ඒ භොග පරිහාණි නැත. භවත් රට්ඨපාල කුමක් දැන හෝ දැක හෝ අසා හෝ ගෙන් නික්ම සසුන් වන්නේ ද?
Pali BJTකතමඤ්ච පන භො රට්ඨපාල, ඤාතිපාරිජුඤ්ඤං: ඉධ භො රට්ඨපාල, එකච්චස්ස බහූ හොන්ති මිත්තාමච්චා ඤාතිසාලොහිතා. තස්ස තෙ ඤාතකා අනුපුබ්බෙන පරික්ඛයං ගච්ඡන්ති. සො ඉති පටිසඤ්චික්ඛති: මමං ඛො පුබ්බෙ බහූ අහෙසුං මිත්තාමච්චා ඤාතිසාලොහිතා. තස්ස මෙ තෙ ඤාතකා අනුපුබ්බෙන පරික්ඛයං ගතා. න ඛො පන මයා සුකරං අනධිගතං වා භොගං අධිගන්තුං, අධිගතං වා භොගං ඵාතිකත්තුං. යන්නූනාහං කෙසමස්සුං ඔහාරෙත්වා කාසායානි වත්ථානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියං පබ්බජෙය්ය’න්ති. සො තෙන ඤාතිපාරිජුඤ්ඤෙන සමන්නාගතො කෙසමස්සුං ඔහාරෙත්වා කාසායානි වත්ථානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියං පබ්බජති. ඉදං වුච්චති භො රට්ඨපාල, ඤාතිපාරිජුඤ්ඤං. භොතො ඛො පන රට්ඨපාලස්ස ඉමස්මිංයෙව ථුල්ලකොට්ඨිතෙ බහූ මිත්තාමච්චා ඤාතිසාලොහිතා. තං භොතො රට්ඨපාලස්ස ඤාතිපාරිජුඤ්ඤං නත්ථි. කිං භවං රට්ඨපාලො ඤත්වා වා දිස්වා වා සුත්වා වා අගාරස්මා අනගාරියං පබ්බජිතො?
Sinhala BJTභවත් රට්ඨපාලයෙනි, ඥාතිපරිහාණි කවරෙ යත්: භවත් රට්ඨපාලයෙනි, මෙලොව ඇතැම් කෙනෙකුන්ට මිත්‍රාමාත්‍යයෝ ද නෑ සහලේ නෑයෝ ද බොහෝ වෙති. ඔහුගේ ඒ නෑයෝ ක්‍රමයෙන් පරික්‍ෂයට යෙත්. හේ මෙසේ සලකයි: “මට වනාහි පෙර සගයහළුවෝ ද නෑසාලේනෑයෝද බොහෝ වූහ. මාගේ ඒ නෑයෝ ක්‍රමයෙන් ක්‍ෂය වූහ. මා විසින් නො ලත් භෝග ලබන්නට වේවයි ලත් භෝග දියුණු කරන්නට වේවයි සුකර නො වෙයි. මම කෙහෙමස් බහා කහවත් හැඳපෙරෙවැ ගෙන් නික්ම සසුන් වදනෙම් නම් මැනැවැ”යි. හේ ඒ ඥාතිපරිහාණියෙන් සමන්‍වාගත වැ කෙහෙමස් බහා කහවත් හැඳපෙරෙවැ ගෙන් නික්ම සස්නට වදනේ යැ. භවත් රට්ඨපාලයෙනි, මේ වනාහි ඥාතිපරිහාණි නමු. භවත් රට්ඨපාලයන් හට මේ ථුල්ලකොට්ඨිත ගම්හි මැ සහයහළුවෝත් නෑසහලේනෑයෝත් බොහෝ ඇත. භවත් රට්ඨපාලයන්හට ඒ ඥාතිපරිහාණි නැත. භවත් රට්ඨපාල කුමක් දැන හෝ දැක හෝ අසා හෝ ගෙන් නික්ම සස්නට පැමිණියාහු ද?