Pali BJTඅම්හාකං භන්තෙ, සකෙ ආචරියකෙ එවං හොති: ‘අයං පරමො වණ්ණො, අයං පරමො වණ්ණො’ති.
Sinhala BJTවහන්ස, අපට සිය ඇදුරොල්හි මෙසේ වෙයි: “මේ පරමවර්‍ණ යැ මේ පරමවර්‍ණ යැ”යි.
Pali BJTයං පන තෙ එතං උදායි, සකෙ ආචරියකෙ එවං හොති: ‘අයං පරමො වණ්ණො, අයං පරමො වණ්ණො’ති. කතමො සො පරමො වණ්ණො’ති?
Sinhala BJTඋදායී, වැළිත් තොපටතෙල සිය ඇදුරොල්හි “මේ පරමවර්‍ණ යැ මේ පරමවර්‍ණ යැ’යි මෙසේ යමක් වේ ද, ඒ පරමවර්‍ණය කවරෙ ද?
Pali BJTයස්මා භන්තෙ, වණ්ණා අඤ්ඤො වණ්ණො උත්තරිතරො වා පණීතතරො වා නත්ථි සො පරමො වණ්ණොති.
Sinhala BJTවහන්ස, යම් වර්‍ණයකට වඩා උත්තරිතර වූ හෝ ප්‍රණීතතර වූ හෝ අන්‍යවර්‍ණයෙක් නැද්ද, ‘ඒ පරමවර්‍ණ නම් වේ’ යයි.
Pali BJTකතමො පන සො උදායි වණ්ණො,{3} යස්මා වණ්ණා අඤ්ඤො වණ්ණො උත්තරිතරො වා පණීතතරො වා නත්ථීති?
Sinhala BJTඋදායී, යම් වර්‍ණයකට වඩා උත්තරිතර වූ හෝ ප්‍රණීතතර වූ හෝ අන්‍යවර්‍ණයෙක් නැද්ද, ඒ වර්‍ණය කවරේ ද?
Pali BJTයස්මා භන්තෙ වණ්ණා අඤ්ඤො වණ්ණො උත්තරිතරො වා පණීතතරො වා නත්ථි, සො පරමො වණ්ණොති.
Sinhala BJTවහන්ස, යම් වර්‍ණයකට වඩා උත්තරීතර වූ හෝ ප්‍රණීතතර වූ හෝ අන්‍ය වර්‍ණයෙක් නැද්ද, ඒ පරමවර්‍ණ වේ’යයි.
Pali BJTදීඝාපි ඛො තෙ එසා උදායි, ඵරෙය්ය. යස්මා භන්තෙ, වණ්ණා අඤ්ඤො වණ්ණො උත්තරිතරො වා පණීතතරො වා නත්ථි, සො පරමො වණ්ණොති වදෙසි. තඤ්ච වණ්ණං න පඤ්ඤාපෙසි. සෙය්යථාපි උදායි පුරිසො එවං වදෙය්ය: අහං යා ඉමස්මිං ජනපදෙ ජනපදකල්යාණී තං ඉච්ඡාමි තං කාමෙමී’ති. තමෙනං එවං වදෙය්යුං: අම්භො පුරිස, යං ත්වං ජනපදකල්යාණිං ඉච්ඡසි කාමෙසි. ජානාසි තං ජනපදකල්යාණිං ඛත්තියී වා බ්රාහ්මණී වා වෙස්සී වා සුද්දීවාති? ඉති පුට්ඨො, නොති වදෙය්ය. තමෙනං එවං වදෙය්යුං: අම්භො පුරිස, යං ත්වං ජනපදකල්යාණිං ඉච්ඡසි කාමෙසි ජානාසි ත්වං ජනපදකල්යාණිං එවන්නාමා එවඞ්ගොත්තා ඉති වාති -පෙ- දීඝා වා රස්සා වා මජ්ඣිමා වාති -පෙ- කාළී වා සාමා වා මඞ්ගුරච්ඡවී වාති -පෙ- අමුකස්මිං ගාමෙ වා නිගමෙ වා නගරෙ වාති ඉති පුට්ඨො, නොති වදෙය්ය. තමෙනං එවං වදෙය්යුං: අම්භො පුරිස, යං ත්වං න ජානාසි න පස්සසි, තං ත්වං ඉච්ඡසි කාමෙසීති ඉති පුට්ඨො ආමාති වදෙය්ය. තං කිං මඤ්ඤසි උදායි, නනු එවං සන්තෙ තස්ස පුරිසස්ස අප්පාටිහීරකං{4} භාසිතං සම්පජ්ජතීති?
Sinhala BJTඋදායී (තෙපි) “වහන්ස, යම් වර්‍ණයකට වඩා උත්තරීතර වූ හෝ ප්‍රණීතතර වූ හෝ අන්‍යවර්‍ණයෙක් නැද්ද, ‘ඒ පරමවර්‍ණ යැ’ යි කියව, ඒ වර්‍ණය ද නො පනවව, තොපගේ තෙල කථාව දික්වන්නේ යැ. යම්සේ උදායී, පුරුෂයෙක් මෙසේ කියයි: “මම් මෙ දනවියෙහි යම් දනවුකලණක් ඇත නම් ඇය රුස්නෙමි, ඇය කැමැත්තෙමි” යි. ඒ මොහුට කිසි කෙනෙක් මෙසේ කියන්නාහ: “එම්බා පුරුෂය, තෙපි යම් දනවුකලණක රුස්නහු ද කැමැත්තහු ද තෙපි දනවුකලණ ක්‍ෂත්‍රියාවක හෝ බ්‍රාහ්මණියක හෝ වෛශ්‍යාවක හෝ ශුද්‍රියක් හෝ යි දනිවු දැ? යි. මෙසේ පුළුවුස්නා ලද්දේ නො දනිමි’ කියන්නේ යැ. ඒ මොහුට මෙසේ කියන්නාහ: එම්බා පුරුෂය, තෙපි යම් දනවුකලණක රුස්නහු ද කැමැත්තහු ද, තෙපි දනවුකලණ මෙ නම් ඇත මෙවන් ගෝත්‍ර ඇතැ යි හෝ ... දික් යැ හෝ මිටි යැ හෝ මැදුම් යැ හො’ යි ... කැළි යැ හෝ සම්වනැ හෝ මඟුරුසිවි ඇත්තී යැ හො’යි, අසුවල් ගම්හි යැ හෝ නියම්ගම්හි යැ හෝ නුවරෙහි යැ හෝ’යි දනිවු දැ?”යි. මෙසේ පුළුවුස්නාලද්දේ ‘නො දනිමී’ කියන්නේ යැ. ඒ මොහුට මෙසේ කියන්නාහ: “එම්බා පුරුෂය, තෙපි යම් තැනැත්තියක නො දන්නහු ද නො දක්නහු ද, තෙපි ඇය රුස්නහු ද කැමැත්තහු දැ?”යි. මෙසේ පුළුවුස්නාලද්දේ ‘එසේ යැ’යි කියන්නේ යැ. උදායී, එය කුමකැයි හඟී ද? මෙසේ ඇති කල්හි ඒ පුරුෂයාගේ භාෂිතය නිරර්‍ත්‍ථක වන්නේ නො වේ දැ?යි.
Pali BJTඅද්ධා ඛො භන්තෙ, එවං සන්තෙ තස්ස පුරිසස්ස අප්පාටිහීරකං භාසිතං සම්පජ්ජතීති.
Sinhala BJTවහන්ස, ඒකාන්තයෙන් මැ මෙසේ ඇති කල්හි ඒ පුරුෂයාගේ භාෂිතය නිරර්‍ත්‍ථක වන්නේ මැ යි.
Pali BJTඑවමෙව ඛො උදායි, යස්මා භන්තෙ, වණ්ණා අඤ්ඤො වණ්ණො උත්තරිතරො වා පණීතතරො වා නත්ථි, සො පරමො වණ්ණොති වදෙසි, තඤ්ච වණ්ණං න පඤ්ඤාපෙසීති.
Sinhala BJTඑසෙයින් මැ උදායී තෙපි: “වහන්ස, යම් වර්‍ණයකට වඩා උත්තරීතර හෝ ප්‍රණීතතර හෝ අන්‍යවර්‍ණයෙක් නැද්ද, ඒ පරමවර්‍ණ යැ යි කියව, ඒ වර්‍ණය ද නො පනව” යි.
Pali BJTසෙය්යථාපි භන්තෙ, මණි වෙළුරියො සුභො ජාතිමා අට්ඨංසො සුපරිකම්මකතො පණ්ඩුකම්බලෙ නික්ඛිත්තො භාසති ච තපති ච විරොචති ච{1} එවං වණ්ණො අත්තා හොති අරොගො පරම්මරණාති.
Sinhala BJTවහන්ස, යම්සේ සුන්‍දර වූ ජාතිමත් වූ අටැස් ඇති වෙරළුමිණක් මැනවින් පිරියම් කරන ලද්දේ පඬුඇඹුලෙකැ බහාලන ලද්දේ බබළන්නේත් දීප්ත වන්නේත් වෙසෙසින් දීප්ත වන්නේත් වේ ද, මෙබඳු වර්‍ණ ඇති ආත්මය මරණින් මතු ආරෝග වේ යයි.
Pali BJTතං කිං මඤ්ඤසි උදායි, මණි වෙළුරියො සුභො ජාතිමා අට්ඨංසො සුපරිකම්මකතො පණ්ඩුකම්බලෙ නික්ඛිත්තො භාසති ච තපති ච විරොචති ච{1} යො වා රත්තන්ධකාරතිමිසායං කිමි ඛජ්ජොපණකො, ඉමෙසං උභින්නං වණ්ණානං කතමො වණ්ණො අභික්කන්තතරො ච පණීතතරො චාති?
Sinhala BJTඋදායී, ඒ කිමැයි හඟිවු ද? සුන්‍දර වූ ජාතිමත් වූ අටැස් ඇති මොනොවට පිරියම් කළ වෙරළුමිණක් පඬුඇඹුලෙකැ බහාලන ලද්දේ බබළන්නේත් දීප්ත වන්නේත් වෙසෙසින් දීප්ත වන්නේත් වේ ද, රාත්‍රි බහලාන්‍ධකාරයෙහි යම් කදෝපැණි කෘමියෙක් හෝ වේ ද, මේ වර්‍ණ දෙක අතුරින් කවර වර්‍ණයෙක් අතිශයින් සුන්‍දරතරත් ප්‍රණීතතරත් වේ දැ?යි.
Pali BJTය්වායම්භන්තෙ, රත්තන්ධකාරතිමිසායං කිමි ඛජ්ජොපණකො, අයං ඉමෙසං උභින්නං වණ්ණානං අභික්කන්තතරො ච පණීතතරො චාති.
Sinhala BJTවහන්ස, රැය බොල්අඳුරෙහි යම් කදෝපැණි කෘමියෙක් වේ ද, මේ තෙමේ මේ වර්‍ණ දෙක අතුරින් අතිශයින් සුන්‍දරතරත් ප්‍රණීතතරත් වේ යයි.
Pali BJTතං කිං මඤ්ඤසි උදායි, යො වා රත්තන්ධකාරතිමිසායං{2} කිමි ඛජ්ජොපණකො. යො වා රත්තන්ධකාරතිමිසායං තෙලප්පදීපො, ඉමෙසං උභින්නං වණ්ණානං කතමො වණ්ණො අභික්කන්තතරො ච පණීතතරො චාති?
Sinhala BJTඋදායී, ඒ කිමැයි හඟිවු ද? රැය බොල් අඳුරෙහි කදෝපැණි කෘමියෙක් වේ ද, රැය බොල්අඳුරෙහි යම් තෙල්පහනෙක් හෝ වේ ද, මේ වර්‍ණ දෙක අතුරින් කවර වර්‍ණයෙක් අතිශයින් සුන්‍දරතරත් ප්‍රණීතතරත් වේ දැ? යි.
Pali BJTය්වායං භන්තෙ, රත්තන්ධකාරතිමිසායං තෙලප්පදීපො, අයං ඉමෙසං උභින්නං වණ්ණානං අභික්කන්තතරො ච පණීතතරො චාති.
Sinhala BJTවහන්ස, රැය බොල්අඳුරෙහි යම් තෙල් පහනෙක් වේ ද, මේ මෙ වර්‍ණ දෙක අතුරින් අතිසුන්‍දරතරත් ප්‍රණීතතරත් වේ යයි.
Pali BJTතං කිං මඤ්ඤසි උදායි, යො වා රත්තන්ධකාරතිමිසායං තෙලප්පදීපො යො වා රත්තන්ධකාරතිමිසායං මහාඅග්ගික්ඛන්ධො, ඉමෙසං උභින්නං වණ්ණානං කතමො වණ්ණො අභික්කන්තතරො ච පණීතතරො චාති?
Sinhala BJTඋදායී, ඒ කිමැයි හඟිවු ද? රැය බොල් අඳුරෙහි යම් තෙල්පහනෙක් හෝ වේ ද, රැය බොල්අඳුරෙහි යම් මහගිනිකඳෙක් හෝ වේ ද, මේ වර්‍ණ දෙක අතුරින් කවර වර්‍ණයෙක් අතිශයින් සුන්‍දරතර ත් ප්‍රණීතතර ත් වේ දැ? යි.
Pali BJTය්වායං භන්තෙ, රත්තන්ධකාරතිමිසායං මහාඅග්ගික්ඛන්ධො, අයං ඉමෙසං උභින්නං වණ්ණානං අභික්කන්තතරො ච පණීතතරො චාති.
Sinhala BJTවහන්ස, රැය බොල්අඳුරෙහි යම් මහගිනිකඳෙක් වේ ද, මේ මෙ වර්‍ණ දෙක අතුරින් අතිසුන්‍දරතරත් ප්‍රණීතතරත් වේ යයි.
Pali BJTතං කිං මඤ්ඤසි උදායි, යො වා රත්තන්ධකාරතිමිසායං මහාඅග්ගික්ඛන්ධො, යා වා රත්තියා පච්චූසසමයං විද්ධෙ විගතවලාහකෙ දෙවෙ ඔසධීතාරකා, ඉමෙසං උභින්නං වණ්ණානං කතමො වණ්ණො අභික්කන්තතරො ච පණීතතරො චාති?
Sinhala BJTඋදායී, ඒ කිමැයි හඟිවු ද? රැය බොල් අඳුරෙහි යම් මහගිනිකඳෙක් හෝ වේ ද, රැය අලුයම් වේලෙහි පහ වැ ගිය වලා ඇති දුරු වූ වලා ඇති අහස්හි යම් ඕසධීතාරකාවක් හෝ වේ ද, මේ වර්‍ණ දෙක අතුරින් කවර වර්‍ණයෙක් අතිශයින් සුන්‍දරතරත් ප්‍රණීතතරත් වේ දැ? යි.
Pali BJTයායං භන්තෙ, රත්තියා පච්චූසසමයං විද්ධෙ විගතවලාහකෙ දෙවෙ ඔසධීතාරකා, අයං ඉමෙසං උභින්නං වණ්ණානං අභික්කන්තතරො ච පණීතතරො චාති.
Sinhala BJTවහන්ස, රැය අලුයම වේලෙහි පහ වැ ගිය වලා ඇති දුරු වූ වලා ඇති අහස්හි යම් ඕසධීතාරකාවක් වේ ද, මේ මෙ වර්‍ණ දෙක අතුරින් ඉතා සුන්‍දරතරත් ප්‍රණීතතරත් වේ යයි.
Pali BJTතං කිං මඤ්ඤසි උදායි, යා වා රත්තියා පච්චූසසමයං විද්ධෙ විගතවලාහකෙ දෙවෙ ඔසධීතාරකා, යො වා තදහුපොසථෙ පණ්ණරසෙ විද්ධෙ විගතවලාහකෙ දෙවෙ අභිදො{3} අඩ්ඪරත්තසමයං චන්දො, ඉමෙසං උභින්නං වණ්ණානං කතමො වණ්ණො අභික්කන්තතරො ච පණීතතරො චාති?
Sinhala BJTඋදායී, ඒ කිමැයි හඟිවු ද? රැය අලුයම වේලෙහි පහ වැ ගිය වලා ඇති දුරු වූ වලා ඇති අහස්හි යම් ඕසධීතාරකාවක් හෝ වේ ද, ඒ පණුරැසිපොහෝ දවස්හි පහ වැ ගිය වලා ඇති දුරු වූ වලා ඇති අහස්හි නුබුන් අර්‍ධරාත්‍රිසමයෙහි යම් චන්‍ද්‍රයෙක් හෝ වේ ද, මේ වර්‍ණ දෙක අතුරින් කවර වර්‍ණයෙක් ඉතා සුන්‍දරතරත් ප්‍රණීතතරත් වේ දැ? යි.
Pali BJTය්වායං භන්තෙ, තදහුපොසථෙ පණ්ණරසෙ විද්ධෙ විගතවලාහකෙ දෙවෙ අභිදො{1} අඩ්ඪරත්තසමයං චන්දො, අයං ඉමෙසං උභින්නං වණ්ණානං අභික්කන්තතරො ච පණීතතරො චාති.
Sinhala BJTවහන්ස, ඒ පණුරැසිපොහෝ දවස්හි පහ වැ ගිය වලා ඇති දුරු වූ වලා ඇති අහස්හි නුබුන් අර්‍ධරාත්‍රිසමයෙහි යම් චන්‍ද්‍රයෙක් හෝ වේ ද, මේ මෙ වර්‍ණ දෙක අතුරින් ඉතා සුන්‍දරතරත් ප්‍රණීතතරත් වේ යයි.
Pali BJTතං කිං මඤ්ඤසි උදායි, යො වා තදහුපොසථෙ පණ්ණරසෙ විද්ධෙ විගතවලාහකෙ දෙවෙ අභිදො අඩ්ඪරත්තසමයං චන්දො. යො වා වස්සානං පච්ඡිමෙ මාසෙ සරදසමයෙ විද්ධෙ විගතවලාහකෙ දෙවෙ අභිදො මජ්ඣන්තිකං සමයං සුරියො, ඉමෙසං උභින්නං වණ්ණානං කතමො ච වණ්ණො අභික්කන්තතරො ච පණීතතරො චාති.
Sinhala BJTඋදායී, ඒ කිමැයි හඟිවු ද? ඒ පණුරැසිපොහෝ දවස්හි පහ වැ ගිය වලා ඇති දුරු වූ වලා ඇති අහස්හි නුබුන් අර්‍ධරාත්‍රිසමයෙහි යම් චන්‍ද්‍රයෙක් හෝ වේ ද, වර්‍ෂාඍතුව පිළිබඳ පශ්චිමමාසයෙහි සරා කල්හි පහ වැ ගිය වලා ඇති දුරු වූ වලා ඇති අහස්හි නුබුන් මධ්‍යාහ්න සමයෙහි යම් සූර්‍ය්‍යයෙක් හෝ වේ ද, මේ වර්‍ණ දෙක අතුරින් කවර වර්‍ණයෙක් අතිසුන්‍දරතරත් ප්‍රණීතතරත් වේ දැ? යි.
Pali BJTය්වායං භන්තෙ, වස්සානං පච්ඡිමෙ මාසෙ සරදසමයෙ විද්ධෙ විගතවලාහකෙ දෙවෙ අභිදො මජ්ඣන්තිකං සමයං සුරියො, අයං ඉමෙසං උභින්නං වණ්ණානං අභික්කන්තතරො ච පණීතතරො චාති.
Sinhala BJTවහන්ස, වර්‍ෂාඍතුව පිළිබඳ පශ්චිමමාසයෙහි සරත්කාලයෙහි පහ වැ ගිය වලා ඇති දුරු වූ වලා ඇති අහස්හි නුබුන් මධ්‍යාහ්න සමයෙහි යම් සූර්‍ය්‍යයෙක් වේ ද, මේ මෙ වර්‍ණ දෙක අතිකාන්තතරත් ප්‍රණීතතරත් වේ යයි.
Pali BJTඅතො{2} ඛො තෙ උදායි, බහූ හි බහුතරා දෙවා යෙ ඉමෙසං චන්දිමසුරියානං ආභා{3} නානුභොන්ති, ත්යාහං පජානාමි. අථ ච පනාහං න වදාමි: යස්මා වණ්ණා අඤ්ඤො වණ්ණො උත්තරිතරො වා පණීතතරො වා නත්ථී’ති. අථ ච පන ත්වං උදායි: ය්වායං වණ්ණො කිමිනා ඛජ්ජොපණකෙන හීනතරො{4} ච පතිකිට්ඨතරො ච සො පරමො වණ්ණොති වදෙසි, තඤ්ච වණ්ණං න පඤ්ඤාපෙසීති.
Sinhala BJTඋදායී, යම් කෙනෙක් මේ සඳහිරු දෙදෙනාගේ අවභාසය නො විඳිත් ද ඒ දෙවියෝ සඳහිරු දෙදෙනාගේ අවභාසය විඳිනවුනට වඩා බොහෝ යැ, බහුතරයහ. මම් ඔවුන් දනිමි. එතෙකුදු වත් මම “යම් වර්‍ණයකට වඩා උත්තරීතර වූ ප්‍රණීතතර වූ අන්‍ය වර්‍ණයෙක් නැතැ”යි නො කියමි. එතෙකුදු වත් උදායී, තෙපි කදෝපැණි කිමියකුටත් වඩා හීනතර වූ ලාමකතර වූ යම් වර්‍ණයෙක් වේ ද, ඒ පරම වර්‍ණ යයි කියව, එ වර්‍ණය ද නො පනව’ යි.
Pali BJTඅච්ඡිදං භගවා කථං, අච්ඡිදං සුගතො කථන්ති.
Sinhala BJT“බුදුහු කථාව සිඳලූහ, සුගත්හු කථාව සිඳලූහ” යි.
Pali BJTකිං පන ත්වං උදායි, එවං වදෙසි: අච්ඡිදං භගවා කථං, අච්ඡිදං සුගතො කථන්ති?
Sinhala BJTඋදායී, තෙපි “බුදුහු කථාව සිඳලූහ, සුගත්හු කථාව සිඳලූහ” යි මෙසේ කුමට කියව?
Pali BJTඅම්හාකං භන්තෙ, සකෙ ආචරියකෙ එවං හොති: ‘අයං පරමො වණ්ණො අයං පරමො වණ්ණො’ති. තෙ මයං භන්තෙ, භගවතා සකෙ ආචරියකෙ සමනුයුඤ්ජියමානා සමනුගාහියමානා සමනුභාසියමානා රිත්තා තුච්ඡා අපරද්ධා’ති.
Sinhala BJTවහන්ස, අපට සිය ඇදුරොල්හි මේ පරමවර්‍ණ යැ, මේ පරමවර්‍ණ යැ’ යි මෙසේ වෙයි. වහන්ස, ඒ ඇපි භාග්‍යවතුන් විසින් ස්වකීය ආචාර්‍ය්‍යසමයෙහි අනුයෝග වතට නගනු ලබන්නමෝ කරුණු ගන්වනු ලබන්නමෝ කරුණු විචාරනු ලබන්නමෝ සිස් වූම්හ, තුච්ඡ් වූම්හ, වැරදුණම්හ’ යි.
Pali BJTකිං පනුදායි, අත්ථි එකන්තසුඛො ලොකො, අත්ථි ආකාරවතී පටිපදා එකන්තසුඛස්ස ලොකස්ස සච්ඡිකිරියායාති?
Sinhala BJTකිමෙක් ද උදායී, ඒකාන්තසුඛ ඇති ලෝකයෙක් ඇද්දැ?යි. ඒකාන්තසුඛ ඇති ලෝකය ප්‍රත්‍යක්‍ෂ කිරීමට කාරණවත් ප්‍රතිපදායෙක් ඇද්දැ?යි.
Pali BJTඅම්හාකං භන්තෙ, සකෙ ආචරියකෙ එවං හොති: අත්ථි එකන්තසුඛො ලොකො, අත්ථි ආකාරවතී පටිපදා එකන්තසුඛස්ස ලොකස්ස සච්ඡිකිරියායා’ති.
Sinhala BJTවහන්ස, සිය ඇදුරොල්හි මෙසේ වෙයි: “ඒකාන්තසුඛ ඇති ලොවෙක් ඇත, ඒකාන්තසුඛ ඇති ලෝකය ප්‍රත්‍යක්‍ෂ කිරීමට කාරණවත් ප්‍රතිපදායෙක් ඇතැ”යි.
Pali BJTකතමා පන සා උදායි, ආකාරවතී පටිපදා එකන්තසුඛස්ස ලොකස්ස සච්ඡිකිරියායාති?
Sinhala BJTඋදායී, ඒකාන්තසුඛ ඇති ලෝකය ප්‍රත්‍යක්‍ෂ කිරීම පිණිස වූ ඒ ආකාරවත් ප්‍රතිපදා කවරැ? යි.
Pali BJTඉධ භන්තෙ, එකච්චො පාණාතිපාතං පහාය පාණාතිපාතා පටිවිරතො හොති, අදින්නාදානං පහාය අදින්නාදානා පටිවිරතො හොති, කාමෙසු මිච්ඡාචාරං පහාය කාමෙසු මිච්ඡාචාරා පටිවිරතො හොති, මුසාවාදං පහාය මුසාවාදා පටිවිරතො හොති, අඤ්ඤතරං වා පන තපොගුණං සමාදාය වත්තති. අයං ඛො සා භන්තෙ, ආකාරවතී පටිපදා එකන්තසුඛස්ස ලොකස්ස සච්ඡිකිරියායාති.
Sinhala BJTවහන්ස, මෙලොව කිසිවෙක් පණිවා හැරපියා පණිවායෙන් වෙන් වූයේ වෙයි, අයිනාදන් හැරපියා අයිනාදනින් වෙන් වූයේ වෙයි, කාමයෙහි මිසහසර හැරපියා කාමයෙහි මිසහසරින් වෙන් වූයේ වෙයි, මුසවා හැරපියා මුසවායෙන් වෙන් වූයේ වෙයි, එක්තරා තපෝගුණයක් හෝ සමාදන් වැ වැටෙයි. වහන්ස, මේ වූකලි ඒකාන්තසුඛ ඇති ලෝකය සාක්‍ෂාත් කිරීම පිණිස වූ ඒ ආකාරවත් ප්‍රතිපදා වේ යයි.
Pali BJTතං කිං මඤ්ඤසි උදායි, යස්මිං සමයෙ පාණාතිපාතං පහාය පාණාතිපාතා පටිවිරතො හොති, එකන්තසුඛී වා තස්මිං සමයෙ අත්තා හොති සුඛදුක්ඛී වාති?
Sinhala BJTඋදායී, ඒ කිමැයි හඟිවු ද? යම් කලෙකැ පණිවා හැරපියා පණිවායෙන් වෙන් වූයේ වේ ද, එකල්හි තෙමේ ඒකාන්තසුඛ ඇත්තේ හෝ වේ ද , සුවදුක් මුසු වූයේ හෝ වේ දැ? යි.
Pali BJTසුඛදුක්ඛී භන්තෙ.
Sinhala BJTවහන්ස, සුවදුක් මුසු වූයේ වෙයි.
Pali BJTතං කිං මඤ්ඤසි උදායි, යස්මිං සමයෙ අදින්නාදානං පහාය අදින්නාදානා පටිවිරතො හොති, එකන්තසුඛී වා තස්මිං සමයෙ අත්තා හොති සුඛදුක්ඛී වාති?
Sinhala BJTඋදායී, ඒ කිමැයි හඟිවු ද? යම් කලෙකැ අයිනාදන් හැරපියා අයිනාදනින් වෙන් වූයේ වේ ද, එකල්හි තෙමේ ඒකාන්තසුඛ ඇත්තේ හෝ වේ ද , සුවදුක් ඇත්තේ හෝ වේ දැ? යි.
Pali BJTසුඛදුක්ඛී භන්තෙ.
Sinhala BJTවහන්ස, සුවදුක් ඇත්තේ වෙයි.
Pali BJTතං කිං මඤ්ඤසි උදායි, යස්මිං සමයෙ කාමෙසු මිච්ඡාචාරං පහාය කාමෙසු මිච්ඡාචාරා පටිවිරතො හොති, එකන්තසුඛී වා තස්මිං සමයෙ අත්තා හොති සුඛදුක්ඛී වාති?
Sinhala BJTඋදායී, ඒ කිමැයි හඟිවු ද? යම් කලෙකැ කාමයෙහි මිසහසර හැරපියා කාමයෙහි මිසහසරින් වෙන් වූයේ වේ ද, එසමයෙහි තෙමේ ඒකාන්තසුඛ ඇත්තේ හෝ වේ ද , සුවදුක් ඇත්තේ හෝ වේ දැ? යි.
Pali BJTසුඛදුක්ඛී භන්තෙ.
Sinhala BJTවහන්ස, සුවදුක් ඇත්තේ වෙයි.
Pali BJTතං කිං මඤ්ඤසි උදායි, යස්මිං සමයෙ මුසාවාදං පහාය මුසාවාදා පටිවිරතො හොති, එකන්තසුඛී වා තස්මිං සමයෙ අත්තා හොති සුඛදුක්ඛී වාති?
Sinhala BJTඋදායී, ඒ කිමැයි හඟිවු ද? යම් කලෙකැ මුසවා හැරපියා මුසවායෙන් වෙන් වූයේ වේ ද, එකල්හි තෙමේ ඒකාන්තසුඛ ඇත්තේ හෝ වේ ද , සුවදුක් ඇත්තේ හෝ වේ දැ? යි.
Pali BJTසුඛදුක්ඛී භන්තෙ.
Sinhala BJTවහන්ස, සුවදුක් ඇත්තේ වෙයි.
Pali BJTතං කිං මඤ්ඤසි උදායි, යස්මිං සමයෙ අඤ්ඤතරං තපොගුණං සමාදාය වත්තති, එකන්තසුඛී වා තස්මිං සමයෙ අත්තා හොති සුඛදුක්ඛී වාති?
Sinhala BJTඋදායී, ඒ කිමැයි හඟිවු ද? යම් කලෙකැ එක්තරා තපෝගුණයක් සමාදන් වැ වැටේ ද, එකල්හි තෙමේ ඒකාන්තසුඛ ඇත්තේ හෝ වේ ද, සුවදුක් ඇත්තේ හෝ වේ දැ? යි.
Pali BJTසුඛදුක්ඛී භන්තෙ.
Sinhala BJTවහන්ස, සුවදුක් ඇත්තේ වෙයි.
Pali BJTතං කිං මඤ්ඤසි උදායි, අපි නු ඛො වොකිණ්ණසුඛදුක්ඛං පටිපදං ආගම්ම එකන්තසුඛස්ස ලොකස්ස සච්ඡිකිරියා හොතීති?
Sinhala BJTඋදායී, ඒ කිමැයි හඟිවු ද? මුසු වූ සුවදුක් ඇති පිළිවෙතකට පැමිණ ඒකාන්තසුඛ ඇති ලෝකය ප්‍රත්‍යක්‍ෂ කිරීම පිණිස වේ යැ නු? යි.
Pali BJTඅච්ඡිදං භගවා කථං, අච්ඡිදං සුගතො කථන්ති.
Sinhala BJT“බුදුහු කථාව සිඳලූහ, සුගත්හු කථාව සිඳලූහ” යි.
Pali BJTකිං පන ත්වං උදායි, එවං වදෙසි: ‘අච්ඡිදං භගවා කථං, අච්ඡිදං සුගතො කථ’න්ති?
Sinhala BJTඋදායී, තෙපි “බුදුහු කථාව සිඳලූහ, සුගත්හු කථාව සිඳලූහ” යි මෙසේ කුමට කියව?
Pali BJTඅම්හාකං භන්තෙ, සකෙ ආචරියකෙ එවං හොති: ‘අත්ථි එකන්තසුඛො ලොකො, අත්ථි ආකාරවතී පටිපදා එකන්තසුඛස්ස ලොකස්ස සච්ඡිකිරියායා’ති. තෙ මයං භන්තෙ, භගවතා සකෙ ආචරියකෙ සමනුයුඤ්ජියමානා සමනුගාහියමානා සමනුභාසියමානා රිත්තා තුච්ඡා අපරද්ධාති.
Sinhala BJTවහන්ස, අපට සිය ඇදුරොල්හි මෙසේ වෙයි: “ඒකාන්තසුඛ ඇති ලොවෙක් ඇත, ඒකාන්තසුඛ ලෝකය ප්‍රත්‍යක්‍ෂ කිරීමට කාරණවත් ප්‍රතිපදා ඇතැ”යි. වහන්ස, එ අපි භාග්‍යවතුන් විසින් සිය ඇදුරොල්හි අනුයෝග වතට නගනු ලබන්නමෝ කරුණු ගන්නවනු ලබන්නමෝ කරුණු විචාරනු ලබන්නමෝ සිස් වූම්හ, තුච්ඡ් වූම්හ, වැරදුණම්හ’ යි.
Pali BJTකිං පන භන්තෙ, අත්ථි එකන්තසුඛො ලොකො අත්ථි ආකාරවතී පටිපදා එකන්තසුඛස්ස ලොකස්ස සච්ඡිකිරියායාති?
Sinhala BJTකිම වහන්ස, ඒකාන්තසුඛ ඇති ලොවෙක් ඇද්ද, ඒකාන්තසුඛ ලෝකය ප්‍රත්‍යක්‍ෂ කිරීමට කාරණවත් ප්‍රතිපදා ඇද්දැ? යි.
Pali BJTඅත්ථි ඛො උදායි, එකන්තසුඛො ලොකො, අත්ථි ආකාරවතී පටිපදා එකන්තසුඛස්ස ලොකස්ස සච්ඡිකිරියායාති.
Sinhala BJT“උදායී, ඒකාන්තසුඛ ලෝකයෙක් ඇත, ඒකාන්ත සුඛ ලෝකය ප්‍රත්‍යක්‍ෂ කිරීමට කාරණවත් ප්‍රතිපදා ඇතැ”යි.
Pali BJTකතමා පන සා භන්තෙ, ආකාරවතී පටිපදා එකන්තසුඛස්ස ලොකස්ස සච්ඡිකිරියායාති?
Sinhala BJTවහන්ස, ඒකාන්තසුඛ ලෝකය ප්‍රත්‍යක්‍ෂ කිරීමට යම් ආකාරවත් ප්‍රතිපදායෙක් ඇත් නම් ඒ ප්‍රතිපදා කවරැ? යි.
Pali BJTඉධුදායි භික්ඛු විවිච්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති, විතක්කවිචාරානං වූපසමා -පෙ- දුතියං ඣානං -පෙ- තතියං ඣානං උපසම්පජ්ජ විහරති. අයං ඛො සා උදායි, ආකාරවතී පටිපදා එකන්තසුඛස්ස ලොකස්ස සච්ඡිකිරියායාති.
Sinhala BJTඋදායී, මෙ සස්නෙහි මහණ කාමයෙන් වෙන් වැ මැ ... ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, විතර්‍කවිචාරයන්ගේ සන්හිඳීමෙන් ... ද්විතීයධ්‍යානයට ... තෘතීයධ්‍යානයට පැමිණ වෙසේ ද, උදායී, මේ වූකලි ඒකාන්තසුඛ ලෝකය ප්‍රත්‍යක්‍ෂ කිරීමට ඒ කාරණවත් ප්‍රතිපදා යි.
Pali BJTන ඛො{1} සා භන්තෙ, ආකාරවතී පටිපදා එකන්තසුඛස්ස ලොකස්ස සච්ඡිකිරියාය. සච්ඡිකතො හිස්ස භන්තෙ, එත්තාවතා එකන්තසුඛො ලොකො හොතීති.
Sinhala BJT“වහන්ස, ඒකාන්තසුඛ ලෝකය ප්‍රත්‍යක්‍ෂ කිරීමට කාරණවත් ප්‍රතිපදා මතු නො වෙයි, ඔහු විසින් මෙතෙකින් ඒකාන්තසුඛ ලෝකය සාක්‍ෂාත් කරනලද මැ වේ” යයි.
Pali BJTනඛ්වාස්ස උදායි, එත්තාවතා එකන්තසුඛො ලොකො සච්ඡිකතො හොති, ආකාරවතීත්වෙව සා පටිපදා එකන්තසුඛස්ස ලොකස්ස සච්ඡිකිරියායාති.
Sinhala BJTඋදායී, මෙතෙකින් ඒකාන්තසුඛ ලෝකය සාක්‍ෂාත් කරනලද නො වෙයි. ඒ ඒකාන්තසුඛ ලෝකය සාක්‍ෂාත් කාරණවත් ප්‍රතිපදා මැ වේ යයි.
Pali BJTඑවං වුත්තෙ සකුලුදායිස්ස පරිබ්බාජකස්ස පරිසා උන්නාදිනී උච්චාසද්දමහාසද්දා{2} අහොසි: එත්ථ මයං අනස්සාම සාචරියකා, එත්ථ මයං පනස්සාම{3} සාචරියකා, න මයං ඉතො භිය්යො උත්තරිතරං පජානාමාති.
Sinhala BJTමෙසේ වදාළ කල්හි සකුලුදායී පරිව්‍රාජකගේ පිරිස උද්ගතනාද ඇති උස්හඬ මහහඬ ඇති විය: “මෙ කරුණෙහි ලා ඇපි ඇදුරන් සහිත වැ නැසෙම්හ. මෙ කරුණෙහි ලා අපි ඇදුරන් සහිත වැ වැනැසෙම්හ. අපි මෙයින් වැඩියක් නො දනුම්හ” යි.
Pali BJTඅථ ඛො සකුලුදායි පරිබ්බාජකො තෙ පරිබ්බාජකෙ අප්පසද්දෙ කත්වා භගවන්තං එතදවොච: ‘කිත්තාවතා පනස්ස භන්තෙ, එකන්තසුඛො ලොකො සච්ඡිකතො හොතී’ති.
Sinhala BJTඉක්බිති සකුලුදායී පරිව්‍රාජක ඒ පරිව්‍රාජකයන් නිහඬ කොට භාග්‍යවතුන්වහන්සේට මෙ පවත් කී: “වහන්ස, වැළිත් කිපමණෙකින් ඒකාන්තසුඛ ලෝකය ප්‍රත්‍යක්‍ෂ කරනලද වේ දැ?”යි.
Pali BJTඉධුදායි, භික්ඛු සුඛස්ස ච පහානා -පෙ- චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරති. යාවතා දෙවතා එකන්තසුඛං ලොකං උපපන්නා තාහි දෙවතාහි සද්ධිං සන්තිට්ඨති සල්ලපති සාකච්ඡං සමාපජ්ජති. එත්තාවතා ඛ්වාස්ස උදායි, එකන්තසුඛො ලොකො සච්ඡිකතො හොතී’ති.
Sinhala BJTඋදායී, මෙ සස්නෙහි මහණ සුඛයාගේ ද ප්‍රහාණයෙන් ... චතුර්‍ත්‍ථධ්‍යානයට පැමිණ වෙසේ ද, යම් පමණ දෙවියෝ ඒකාන්තසුඛ ලෝකයට පැමිණියාහු නම්, ඒ දෙවියන් හා සමග එක්වැ සිටී ද, සල්ලාප කෙරේ ද, සාකච්ඡාවට පැමිණේ ද, මෙපමණෙකින් උදායී, ඔහු විසින් ඒකාන්තසුඛ ලෝකය ප්‍රත්‍යක්‍ෂ කරන ලද වේ” යයි.
Pali BJTඑතස්ස නූන භන්තෙ, එකන්තසුඛස්ස ලොකස්ස සච්ඡිකිරියාහෙතු භික්ඛූ භගවති බ්රහ්මචරියං චරන්තීති?
Sinhala BJT‘වහන්ස, තෙල ඒකාන්තසුඛ ලෝකය ප්‍රත්‍යක්‍ෂ කිරීම කරුණු කොට භික්‍ෂූහු භාග්‍යවතුන් කෙරෙහි බඹසර වසන්නාහු වනැ’යි.
Pali BJTන ඛො උදායි, එතස්ස{4} එකන්තසුඛස්ස ලොකස්ස සච්ඡිකිරියාහෙතු භික්ඛූ මයි බ්රහ්මචරියං චරන්ති. අත්ථි ඛො උදායි, අඤ්ඤෙ ච{5} ධම්මා උත්තරිතරා ච පණීතතරා ච, යෙසං සච්ඡිකිරියාහෙතු භික්ඛූ මයි බ්රහ්මචරියං චරන්තීති.
Sinhala BJTඋදායී, තෙල ඒකාන්තසුඛ ලෝකය ප්‍රත්‍යක්‍ෂ කිරීම කරුණු කොට භික්‍ෂූහු මා කෙරෙහි බඹසර නො වෙසෙති. උදායී, යම් ධර්‍ම කෙනකුන් ප්‍රත්‍යක්‍ෂ කිරීම කරුණු කොට භික්‍ෂූහු මා කෙරෙහි බඹසර වෙසෙත් නම්, එබඳු උත්තරීතර වූත් ප්‍රණීතතර වූ ත් අන්‍යධර්‍මයෝ ඇතැ’යි.
Pali BJTකතමෙ පන තෙ භන්තෙ, ධම්මා උත්තරිතරා ච පණීතතරා ච, යෙසං සච්ඡිකිරියාහෙතු භික්ඛූ භගවති බ්රහ්මචරියං චරන්තීති?
Sinhala BJTවහන්ස, යම් ධර්‍ම කෙනකුන් ප්‍රත්‍යක්‍ෂ කිරීම කරුණු කොට භික්‍ෂූහු භාග්‍යවතුන් කෙරෙහි බඹසර වෙසෙත් නම්, උත්තරීතර වූ ත් ප්‍රණීතතර වූ ත් ඒ ධර්‍මයෝ කවරහ? යි.
Pali BJTඉධුදායි, තථාගතො ලොකෙ උප්පජ්ජති අරහං සම්මාසම්බුද්ධො විජ්ජාචරණසම්පන්නො සුගතො ලොකවිදූ අනුත්තරො පුරිසදම්මසාරථි සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවා -පෙ- සො ඉමෙ පඤ්චනීවරණෙ පහාය චෙතසො උපක්කිලෙසෙ පඤ්ඤාය දුබ්බලීකරණෙ, විවිච්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති. අයම්පි ඛො උදායි, ධම්මො උත්තරිතරො ච පණීතතරො ච යස්ස සච්ඡිකිරියාහෙතු භික්ඛූ මයි බ්රහ්මචරියං චරන්ති.
Sinhala BJTඋදායී, මෙලොවැ අර්‍හත් සම්‍යක් සම්බුද්ධ වූ (අෂ්ට) විද්‍යා (පසළොස්) චරණ ධර්‍මයෙන් යුක්ත වූ සුගත වූ ලෝකය දන්නා වූ අනුත්තර පුරුෂදම්‍යසාරථී වූ දෙවිමිනිසුනට ශාස්තෘ වූ (චතුස්සත්‍යාවබෝධයෙන්) බුද්ධ වූ භාග්‍යවත් වූ තථාගත උපදි ... හෙ චිත්තයට උපක්ලේශ වූ ප්‍රඥාව දුර්‍වල කරන මේ පඤ්‍චනීවරණයන් හැරපියා කාමයෙන් වෙන් වැ මැ ... ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසෙයි. උදායී, යම් ධර්‍මයක් ප්‍රත්‍යක්‍ෂ කිරීම හේතු කොට භික්‍ෂූහු මා කෙරෙහි බඹසර සරත් නම් මෙ ද උත්තරීතර වූ ත් ප්‍රණීතතර වූ ත් ධර්‍මයෙකි.
Pali BJTපුන චපරං උදායි, භික්ඛු විතක්කවිචාරානං වූපසමා -පෙ- දුතියං ඣානං -පෙ- තතියං ඣානං -පෙ- චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරති. අයම්පි ඛො උදායි, ධම්මො උත්තරිතරො ච පණීතතරො ච යස්ස සච්ඡිකිරියාහෙතු භික්ඛූ මයි බ්රහ්මචරියං චරන්ති.
Sinhala BJTතවද උදායී, මහණ විතර්‍කවිචාරයන්ගේ සන්හිඳීමෙන් ... ද්විතීයධ්‍යානයට ... තෘතීයධ්‍යානයට ... චතුර්‍ත්‍ථධ්‍යානයට පැමිණ වෙසේ ද, උදායී, යම් ධර්‍මයක් ප්‍රත්‍යක්‍ෂ කිරීම හේතු කොට භික්‍ෂූහු මා කෙරෙහි බඹසර වෙසෙද්ද, මෙ ද එබඳු උත්තරීතර වූත් ප්‍රණීතතර වූත් ධර්‍මයෙකි.
Pali BJTසො එවං සමාහිතෙ චිත්තෙ පරිසුද්ධෙ පරියොදාතෙ අනඞ්ගණෙ විගතූපක්කිලෙසෙ මුදුභූතෙ කම්මනියෙ ඨිතෙ ආනෙඤ්ජප්පත්තෙ පුබ්බෙනිවාසානුස්සතිඤාණාය චිත්තං අභිනින්නාමෙති. සො අනෙකවිහිතං පුබ්බෙනිවාසං අනුස්සරති, සෙය්යථිදං: එකම්පි ජාතිං ද්වෙපි ජාතියො -පෙ- ඉති සාකාරං සඋද්දෙසං අනෙකවිහිතං පුබ්බෙනිවාසං අනුස්සරති. අයම්පි ඛො උදායි, ධම්මො උත්තරිතරො ච පණීතතරො ච, යස්ස සච්ඡිකිරියාහෙතු භික්ඛූ මයි බ්රහ්මචරියං චරන්ති.
Sinhala BJTහේ මෙසේ සිත සමාහිත (එකඟ) කල්හි පිරිසුදු කල්හි හාත්පසින් පිරිසුදු කල්හි ක්ලේශාඞ්ගණ රහිත කල්හි පහ වැ ගිය උපක්ලේශ ඇති කල්හි මෘදු වූ කල්හි කර්‍මණ්‍ය වැ සිටි කල්හි නො සැලෙන බවට පැමිණි කල්හි පූර්වේනිවාසානුස්මෘතිඥානයට සිත නමයි. හේ අනේකවිධ පූර්වේනිවාස සිහි කෙරෙයි, හෙ මෙසේ යැ: එක් දැයකුදු දෙ දැයකුදු ... මෙසේ ආකාර සහිත වූ උද්දේස සහිත වූ අනේකවිධ පූර්වේනිවාස සිහි කෙරෙයි. උදායී, යම් දහමක් ප්‍රත්‍යක්‍ෂ කිරීම හේතු කොට භික්‍ෂූහු මා කෙරෙහි බඹසර සෙරෙත් ද, මෙ ද එබඳු උත්තරීතර වූත් ප්‍රණීතතර වූත් දහමෙකි.
Pali BJTසො එවං සමාහිතෙ චිත්තෙ පරිසුද්ධෙ පරියොදාතෙ අනඞ්ගණෙ විගතූපක්කිලෙසෙ මුදුභූතෙ කම්මනියෙ ඨිතෙ ආනෙඤ්ජප්පත්තෙ සත්තානං චුතූපපාතඤාණාය චිත්තං අභිනින්නාමෙති, සො දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන අතික්කන්තමානුසකෙන සත්තෙ පස්සති: චවමානෙ උපපජ්ජමානෙ හීනෙ පණීතෙ සුවණ්ණෙ දුබ්බණ්ණෙ සුගතෙ දුග්ගතෙ -පෙ- යථාකම්මූපගෙ සත්තෙ පජානාති. අයම්පි ඛො උදායි, ධම්මො උත්තරිතරො ච පණීතතරො ච, යස්ස සච්ඡිකිරියාහෙතු භික්ඛූ මයි බ්රහ්මචරියං චරන්ති.
Sinhala BJTහේ මෙසේ සිත සමාහිත කල්හි පරිශුද්ධ පර්‍ය්‍යවදාත අනඞ්ගණ විගතෝපක්ලේශ කල්හි මෘදු වූ කල්හි කර්‍මණ්‍ය වැ සිටි කල්හි නො සැලෙන බවට පත් කල්හි සත්ත්‍වයන්ගේ ච්‍යුති උපප්‍රාප්ති ඥානයට සිත නමයි. හේ මිනිසැස ඉක්ම සිටි විශුද්ධ වූ දිවැසින් ච්‍යුතවන උපදනා හීන වූ ප්‍රණීත වූ මනා පැහැසටහන් ඇති නොමනා පැහැසටහන් ඇති සුන්‍දර ගති ඇති දුගති ඇති සත්ත්‍වයන් දකි. ... කර්‍මානුකූල වැ ගිය සත්ත්‍වයන් දනි. උදායී, යම් දහමක් ප්‍රත්‍යක්‍ෂ කිරීම හේතු කොට භික්‍ෂූහු මා කෙරෙහි බඹසර වෙසෙත් ද, මෙ ද එබඳු උත්තරීතර වූත් ප්‍රණීතතර වූත් දහමෙකි.
Pali BJTසො එවං සමාහිතෙ චිත්තෙ පරිසුද්ධෙ පරියොදාතෙ අනඞ්ගණෙ විගතූපක්කිලෙසෙ මුදුභූතෙ කම්මනියෙ ඨිතෙ ආනෙඤ්ජප්පත්තෙ ආසවානං ඛයඤාණාය චිත්තං අභිනින්නාමෙති. සො ඉදං දුක්ඛන්ති යථාභූතං පජානාති. අයං දුක්ඛසමුදයොති -පෙ- අයං දුක්ඛනිරොධොති -පෙ- අයං දුක්ඛනිරොධගාමිනීපටිපදාති යථාභූතං පජානාති, ඉමෙ ආසවාති යථාභූතං පජානාති අයං ආසවසමුදයොති -පෙ- අයං ආසවනිරොධොති -පෙ- අයං ආසවනිරොධගාමිනී පටිපදාති යථාභූතං පජානාති. තස්ස එවඤ්ජානතො එවම්පස්සතො කාමාසවාපි චිත්තං විමුච්චති, භවාසවාපි චිත්තං විමුච්චති, අවිජ්ජාසවාපි චිත්තං විමුච්චති. විමුත්තස්මිං විමුත්තමිති ඤාණං හොති. ඛීණා ජාති වුසිතං බ්රහ්මචරියං කතං කරණීයං නාපරං ඉත්ථත්තායාති පජානාති. අයං ඛො උදායි, ධම්මො උත්තරිතරො ච පණීතතරො ච, යස්ස සච්ඡිකිරියාහෙතු භික්ඛූ මයි බ්රහ්මචරියං චරන්ති. ඉමෙ ඛො උදායි, ධම්මා උත්තරිතරා ච පණීතතරා ච යෙසං සච්ඡිකිරියාහෙතු භික්ඛූ මයි බ්රහ්මචරියං චරන්තීති.
Sinhala BJTහේ මෙසේ සිත සමාහිත කල්හි පරිශුද්ධ පර්‍ය්‍යවදාත අනඞ්ගණ විගතෝපක්ලේශ කල්හි මෘදු වූ කල්හි කර්‍මණ්‍ය වැ සිටි කල්හි නො සැලෙන බවට පත් කල්හි ආස්‍රවයන්ගේ ක්‍ෂයඥානයට සිත නමයි. හෙ මේ (පස්කඳ) දුකැ’ යි ඇති සැටියෙන් දැනගනි. මෙ (තෘෂ්ණාසමුදය) දුක් උපදනා හේතුව යයි ඇති සැටියෙන් දැනගනි, ... මෙ ‘දුක්ඛනිරෝධ’ යයි ... මෙ ‘දුක් නැති කරන පිළිවෙතැ’යි ඇති සැටියෙන් දැනගනි. මොහු ‘ආස්‍රවහ’යි ඇති සැටියෙන් දැනගනි. මේ ‘ආස්‍රවසමුදය’ යි ... මේ ‘ආස්‍රවනිරෝධය’ යි ... මේ ‘ආස්‍රවනිරෝධගාමිනීප්‍රතිපදා’ යයි ඇති සැටියෙන් දැනගනි. මෙසේ දන්නා මෙසේ දක්නා ඔහුගේ සිත කාමාස්‍රවයෙනුදු විමුක්ත වෙයි, භවාස්‍රවයෙනුදු සිත විමුක්ත වෙයි, අවිද්‍යාස්‍රවයෙනුදු සිත විමුක්ත වෙයි. විමුක්ත කල්හි විමුක්ත ය යන ඥානය වෙයි. ජාතිය ක්‍ෂය වූ යැ, මඟබඹසර වැස නිමවන ලදි. කරණී කරනලද, මෙ බව පිණිස අන් කිසෙක් නැතැ’යි දැනගනි. උදායී, යම් දහමක් ප්‍රත්‍යක්‍ෂ කිරීම හේතුයෙන් භික්‍ෂූහු මා කෙරෙහි බඹසර වෙසෙත් ද, මෙ වූ කලි එබඳු උත්තරීතර වූත් ප්‍රණීතතර වූත් දහමෙකි. උදායී, යම් ධර්‍මකෙනකුන්ගේ ප්‍රත්‍යක්‍ෂ කිරීම හේතුයෙන් භික්‍ෂූහු මා කෙරෙහි බඹසර වෙසෙත් ද නම් මොහු එ උත්තරීතර වූත් ප්‍රණීතතර වූත් ධර්‍මයෝ යයි.
Pali BJTඑවං වුත්තෙ සකුලුදායී පරිබ්බාජකො භගවන්තං එතදවොච: අභික්කන්තං භන්තෙ, අභික්කන්තං භන්තෙ. සෙය්යථාපි භන්තෙ, නික්කුජ්ජිතං වා උක්කුජ්ජෙය්ය, පටිච්ඡන්නං වා විවරෙය්ය, මූළ්හස්ස වා මග්ගං ආචික්ඛෙය්ය, අන්ධකාරෙ වා තෙලපජ්ජොතං ධාරෙය්ය චක්ඛුමන්තො රූපානි දක්ඛින්තීති. එවමෙවං භගවතා අනෙකපරියායෙන ධම්මො පකාසිතො. එසාහං භන්තෙ, භගවන්තං සරණං ගච්ඡාමි ධම්මඤ්ච භික්ඛුසඞ්ඝඤ්ච. ලභෙය්යාහං භන්තෙ, භගවතො සන්තිකෙ පබ්බජ්ජං, ලභෙය්යං උපසම්පදන්ති.
Sinhala BJTමෙසේ වදාළ කල්හි සකුලුදායී පරිව්‍රාජක් භාග්‍යවතුන් වහන්සේට තෙල වදන් කී: ඉතා මැනැව වහන්ස, ඉතා මැනැවැ වහන්ස. වහන්ස, යම්සේ යටිහුරු කරන ලද්දක් හෝ උඩුහුරු කරන්නේ ද, පිළිසන් වූවක් හෝ විවර කරන්නේ ද, මුළා වූවකුට හෝ මඟ කියන්නේ ද, අඳුරෙහි හෝ ‘ඇස් ඇත්තාහු රූප දකිත්ව’ යි තෙල්පහනක් දරන්නේ ද, එසෙයින් මැ භාග්‍යවතුන් විසින් නොයෙක් අයුරින් දහම් පවසන ලද. වහන්ස, තෙල මම් බුදුනුද දහමුදු සඟුනුදු සරණ කොට යෙමි. වහන්ස, මම් භාග්‍යවතුන් වෙත පැවිදි ලබන්නෙම් නම් මැනැව, උපසපුව ලබන්නෙම් මැනැවැ’යි.
Pali BJTඑවං වුත්තෙ සකුලුදායිස්ස පරිබ්බාජකස්ස පරිසා සකුලුදායිං පරිබ්බාජකං එතදවොච: මා භවං උදායි, සමණෙ ගොතමෙ බ්රහ්මචරියං චරි, මා භවං උදායි, ආචරියො හුත්වා අන්තෙවාසීවාසං වසි. සෙය්යථාපි නාම උදකමණිකො{1} හුත්වා උදඤ්චනිකො{2} අස්ස. එවං සම්පදමිදං{3} භොතො උදායිස්ස භවිස්සති. මා භවං උදායි සමණෙ ගොතමෙ බ්රහ්මචරියං චරි. මා භවං උදායි ආචරියො හුත්වා අන්තෙවාසීවාසං වසීති. ඉති හිදං සකුලුදායිස්ස පරිබ්බාජකස්ස පරිසා සකුලුදායිං පරිබ්බාජකං අන්තරායමකාසි භගවති බ්රහ්මචරියෙති.
Sinhala BJTමෙසේ කී කල්හි සකුලුදායී පරිව්‍රාජකගේ පිරිස සකුලුදායී පරිව්‍රාජකහට තෙල වදන් කී: භවත් උදායී, ශ්‍රමණ ගෞතම කෙරෙහි නහමක් බඹසර වසව, භවත් උදායී ආචාර්‍ය්‍ය වැ (සිට) අතැවැසිවස් නො වසව, යම්සේ නම් දියසැළක් වැ සිට ළුවක් වන්නේ ද තෙල භවත් උදායීහට මෙබඳු උපමා සම්පත් වන්නේ යැ. භවත් උදායී, ශ්‍රමණ ගෞතම කෙරෙහි නහමක් බඹසර වසව, භවත් උදායී, ආචාර්‍ය්‍ය වැ සිට අතැවැසි වාස නො කරව’ යි. මෙසේ සකුලුදායී පරිව්‍රාජකගේ පිරිස සකුලුදායී පරිව්‍රාජක හට භාග්‍යවතුන් කෙරෙහි බඹසරවස්හි අන්තරාය කළා.
Pali BJTචූළසකුලුදායිසුත්තං නවමං.
Sinhala BJTනව වැනි චූළ සකුලුදායී සූත්‍ර යි.
Pali BJT2. 3. 10.
Sinhala BJT2. 3. 10.
Pali BJTවෙඛනස්ස සුත්තං
Sinhala BJTවෙඛනස්ස සූත්‍රය
Pali BJTඑවං මෙ සුතං: එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. අථ ඛො වෙඛනස්සො{1} පරිබ්බාජකො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවතා සද්ධිං සම්මොදි. සම්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්වා එකමන්තං අට්ඨාසි. එකමන්තං ඨිතො ඛො වෙඛනස්සො{1} පරිබ්බාජකො භගවතො සන්තිකෙ උදානං උදානෙසි: ‘අයං පරමො වණ්ණො, අයං පරමො වණ්ණො’ති.
Sinhala BJTමා විසින් මෙසේ අසන ලද: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර නිසා ජේතවන නම් වූ අනේපිඬුසිටුහුගේ ආරාමයෙහි වැඩ වෙසෙති. එකල්හි වෙඛනස්ස පරිව්‍රාජක භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියේ ය. එළැඹ භාග්‍යවතුන් හා සමග සතුටු විය. සතුටුවියයුතු කාලාන්තරයෙහි සිහිකටයුතු කථා කොට නිමවා එකත්පස් වැ සිටියේ යැ. එකත්පස් වැ සිටි වෙඛනස්ස පරිව්‍රාජක භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ පරම (උත්තම) වර්‍ණ යැ මේ පරමවර්‍ණ යැ’යි උදානයක් කෙළේ යැ.
Pali BJTකිං පන ත්වං කච්චාන, එවං වදෙසි: ‘අයං පරමො වණ්ණො, අයං පරමො වණ්ණො’ති. කතමො කච්චාන, සො පරමො වණ්ණො’ති?
Sinhala BJTකාත්‍යායනයෙහි, තෙපි ‘මේ පරමවර්‍ණ යැ මේ පරමවර්‍ණ යැ’යි මෙසේ කුමට කියව කාත්‍යායනයෙනි, ඒ පරමවර්‍ණ කවරේ දැ?යි.
Pali BJTයස්මා භො ගොතම වණ්ණා අඤ්ඤො වණ්ණො උත්තරිතරො වා පණීතතරො වා නත්ථි, සො පරමො වණ්ණොති.
Sinhala BJTභවත් ගෞතමයෙනි, යම් වර්‍ණයකට වඩා උත්තරීතර වූ හෝ ප්‍රණීතතර වූ හෝ අනෙක් වර්‍ණයෙක් නැද්ද, හේ පරමවර්‍ණ යැ’යි.
Pali BJTකතමො පන සො කච්චාන, වණ්ණො යස්මා වණ්ණා අඤ්ඤො වණ්ණො උත්තරිතරො වා පණීතතරො වා නත්ථීති?
Sinhala BJTකච්චානයෙනි, යම් වර්‍ණයකට වඩා උත්තරීතර වූ හෝ ප්‍රණීතතර වූ හෝ අනෙක් වර්‍ණයෙක් නැත් නම් ඒ වර්‍ණය කවරේ දැ?යි.
Pali BJTයස්මා භො ගොතම, වණ්ණා අඤ්ඤො වණ්ණො උත්තරිතරො වා පණීතතරො වා නත්ථි, සො පරමො වණ්ණොති.
Sinhala BJTභවත් ගෞතමයෙනි, යම් වර්‍ණයකට වඩා උත්තරිතර වූ හෝ ප්‍රණීතතර වූ හෝ අනෙක් වර්‍ණයෙක් නැද්ද, ඒ පරමවර්‍ණ යැ’යි.
Pali BJTදීඝාපි ඛො තෙ එසා කච්චාන, ඵරෙය්ය. යස්මා භො ගොතම, වණ්ණා අඤ්ඤො වණ්ණො උත්තරිතරො වා පණීතතරො වා නත්ථි. සො පරමො වණ්ණොති වදෙසි. තඤ්ච වණ්ණං න පඤ්ඤාපෙසි. සෙය්යථාපි කච්චාන, පුරිසො එවං වදෙය්ය: අහං යා ඉමස්මිං ජනපදෙ ජනපදකල්යාණී, තං ඉච්ඡාමි තං කාමෙමී’ති. තමෙනං එවං වදෙය්යුං: අම්භො පුරිස, යං ත්වං ජනපදකල්යාණිං ඉච්ඡසි කාමෙසි, ජානාසි ත්වං ජනපදකල්යාණී ඛත්තියී වා බ්රාහ්මණී වා වෙස්සී වා සුද්දී වා’ති? ඉති පුට්ඨො නොති වදෙය්ය. තමෙනං එවං වදෙය්යුං: අම්භො පුරිස, යං ත්වං ජනපදකල්යාණිං ඉච්ඡසි කාමෙසි, ජානාසි තවං ජනපදකල්යාණිං එවන්නාමා එවංගොත්තා ඉති වා’ති. -පෙ- දීඝා වා රස්සා වා මජ්ඣිමා වා කාළී වා සාමා වා මඞ්ගුරච්ඡවී වා’ති? අමුකස්මිං ගාමෙ වා නිගමෙ වා නගරෙ වා’ති? ඉති පුට්ඨො නොති වදෙය්ය. තමෙනං එවං වදෙය්යුං: අම්භො පුරිස, යං ත්වං න ජානාසි න පස්සසි, තං ත්වං ඉච්ඡසි කාමෙසීති? ඉති පුට්ඨො ආමාති වදෙය්ය. තං කිං මඤ්ඤසි කච්චාන, නනු එවං සන්තෙ තස්ස පුරිසස්ස අප්පාටිහීරකතං භාසිතං සම්පජ්ජතීති?
Sinhala BJTභවත් කාත්‍යායනයෙනි, (තෙපි) “භවත් ගෞතමයෙනි යම් වර්‍ණයකට වඩා උත්තරීතර වූ හෝ ප්‍රණීතතර වූ හෝ අනෙක් වර්‍ණයෙක් නැද්ද, ඒ ‘පරමවර්‍ණ යැ’යි කියව, ඒ වර්‍ණය ද නො පනවව, තොප ගේ තෙල කථාව දික් වැ යන්නේ යැ. යම්සේ කාත්‍යායනයෙනි, පුරුෂයෙක් මෙසේ කියන්නේ යැ: “මට මෙ දනවියෙහි යම් දනව්කලණක් ඇත් නම් ඇය රුස්නෙමි, ඇය කැමැත්තෙමි”යි. ඒ මොහුට කිසි කෙනෙක් මෙසේ කියන්නාහ: “එම්බා පුරුෂය, තෙපි යම් දනව්කලණක් රුස්නවු ද කැමැත්තවු ද, තෙපි දනවුකලණ ක්‍ෂත්‍රියාවක හෝ බ්‍රාහ්මණියක හෝ වෛශ්‍යාවක හෝ ශුද්‍රියක හෝ’යි දනිවු දැ?යි. මෙසේ පුළුවුස්නා ලද්දේ නො දනිමී කියන්නේ යැ. ඒ මොහුට මෙසේ කියන්නාහ: “එම්බා පුරුෂය, තෙපි යම් දනව්කලණක් රුස්නවු ද කැමැත්තවු ද, තෙපි දනවුකලණ මෙ නම් ඇත, මෙවන් ගෝත්‍ර ඇතැ යි හෝ ... දික් යැ හෝ මිටි යැ හෝ මැදුම් යැ හෝ කැළි යැ හෝ සම්වනැ හෝ මඟුරුසිවි ඇත්තී යැ හො’යි, අසුවල් ගම්හි යැ හෝ නියම්ගම්හි යැ හෝ නුවරෙහි යැ හො’යි දනිවු දැ?යි මෙසේ පුළුවුස්නා ලද්දේ නො දනිමි කියන්නේ යැ. මොහුට මෙසේ කියන්නාහ: එම්බා පුරුෂය, තෙපි යම් තැනැත්තියක නො දන්නවු නම් නො දක්නවු නම් ඇය තෙපි රුස්නවු ද, කැමැත්තවු දැ?යි මෙසේ පුළුවුස්නා ලද්දේ එසේ යැ’යි කියන්නේ යැ. කාත්‍යායනයෙහි ඒ කිමැ’යි හඟිවු ද? මෙසේ ඇති කල්හි ඒ පුරුෂයා ගේ භාෂිතය නිරර්‍ත්‍ථක වන්නේ නො වේ දැ?යි,
Pali BJTඅද්ධා ඛො භො ගොතම, එවං සන්තෙ තස්ස පුරිසස්ස අප්පාටිහීරකතං භාසිතං සම්පජ්ජතීති.
Sinhala BJTභවත් ගෞතමයෙනි, මෙසේ ඇති කල්හි ඒකාන්තයෙන් මැ ඒ පුරුෂයාගේ භාෂිතය නිරර්‍ත්‍ථක වන්නේ මැ යි.
Pali BJTඑවමෙව ඛො ත්වං කච්චාන, යස්මා භො ගොතම වණ්ණා අඤ්ඤො වණ්ණො උත්තරිතරො වා පණීතතරො වා නත්ථි, සො පරමො වණ්ණො’ති වදෙසි, තඤ්ච වණ්ණං න පඤ්ඤාපෙසීති.
Sinhala BJTඑසෙයින් මැ කාත්‍යානයෙනි, තෙපි “භවත් ගෞතමයෙනි, යම් වර්‍ණයකට වඩා උත්තරීතර වූ හෝ ප්‍රණීතතර වූ හෝ අන්‍යවර්‍ණයෙක් නැත් ද ඒ ‘පරමවර්‍ණ යැ’යි කියව, ඒ වර්‍ණය ද නො පනවව’යි.
Pali BJTසෙය්යථාපි භො ගොතම, මණි වෙළුරියො සුභො ජාතිමා අට්ඨංසො සුපරිකම්මකතො පණ්ඩුකම්බලෙ නික්ඛිත්තො භාසති ච තපති ච විරොචති ච{1} එවංවණ්ණො අත්තා හොති අරොගො පරම්මරණාති.
Sinhala BJTයම්සේ භවත් ගෞතමයෙනි, සුන්‍දර වූ ජාතිමත් වූ අටැස් ඇති වෙරළුමිණක් මැනැවින් පිරියම් කරන ලද්දේ පඬුඇඹුලෙකැ (රත් පලසෙකැ) බහාලන ලද්දේ බබළන්නේත් දීප්ත වන්නේත් වෙසෙසින් දීප්ත වන්නේත් වේ ද, මෙබඳු වර්‍ණ ඇති ආත්මය මරණින් මතු ආරෝග වේ යයි.
Pali BJTතං කිං මඤ්ඤසි කච්චාන, යො වා මණි වෙළුරියො සුභො ජාතිමා අට්ඨංසො සුපරිකම්මකතො පණ්ඩුකම්බලෙ නික්ඛිත්තො භාසති ච තපති ච විරොචති ච{1}, යො වා රත්තන්ධකාරතිමිසායං{2} කිමි ඛජ්ජොපණකො, ඉමෙසං උභින්නං වණ්ණානං කතමො වණ්ණො අභික්කන්තතරො ච පණීතතරො චාති?
Sinhala BJTකාත්‍යානයෙනි, ඒ කිමැ’යි හඟිවු ද? සුන්‍දර වූ ජාතිමත් වූ අටැස් ඇති මොනොවට පිරියම් කළ යම් වෙරළුමිණක් පඬුඇඹුලෙකැ බහන ලද්දේ බබළන්නේත් දීප්ත වන්නේත් වෙසෙසින් දීප්ත වන්නේත් හෝ වේ ද, රාත්‍රි බහලාන්‍ධකාරයෙහි යම් කදෝපැණි කෘමියෙක් හෝ වේ ද, මේ වර්‍ණ දෙක අතුරින් කවර වර්‍ණයෙක් අතිශයින් සුන්‍දරතරත් ප්‍රණීතතරත් වේ දැ?යි.
Pali BJTය්වායං භො ගොතම, රත්තන්ධකාරතිමිසායං{2} කිමි ඛජ්ජොපණකො අයං ඉමෙසං උභින්නං වණ්ණානං අභික්කන්තතරො ච පණීතතරො චාති.
Sinhala BJTභවත් ගෞතමයෙනි, රැය බොල් අඳුරෙහි යම් කදෝපැණි කෘමියෙක් වේ ද, මේ තෙමේ මෙ වර්‍ණ දෙක අතුරින් අතිශයින් සුන්‍දරතරත් ප්‍රණීතතරත් වේ යයි.
Pali BJTතං කිං මඤ්ඤසි කච්චාන, යො වා රත්තන්ධකාරතිමිසායං කිමි ඛජ්ජොපණකො, යො වා රත්තන්ධකාරතිමිසායං තෙලප්පදීපො, ඉමෙසං උභින්නං වණ්ණානං කතමො වණ්ණො අභික්කන්තතරො ච පණීතතරො චාති?
Sinhala BJTකාත්‍යානයෙනි, ඒ කිමැ’යි හඟිවු ද? රැය බොල් අඳුරෙහි යම් කදෝපැණි කෘමියෙක් හෝ වේ ද, රැය බොල් අඳුරෙහි යම් තෙල්පහනෙක් හෝ වේ ද, මේ වර්‍ණ දෙක අතුරින් කවර වර්‍ණයෙක් අතිශයින් සුන්‍දරතරත් ප්‍රණීතතරත් වේ දැ?යි.
Pali BJTය්වායං භො ගොතම, රත්තන්ධකාරතිමිසායං තෙලප්පදීපො, අයං ඉමෙසං උභින්නං වණ්ණානං අභික්කන්තතරො ච පණීතතරො චාති.
Sinhala BJTභවත් ගෞතමයෙනි, රැය බොල් අඳුරෙහි යම් තෙල්පහනෙක් වේ ද, මේ මෙ වර්‍ණ දෙක අතුරින් අතිශයින් සුන්‍දරතරත් ප්‍රණීතතරත් වේ යයි.
Pali BJTතං කිං මඤ්ඤසි කච්චාන, යො වා රත්තන්ධකාරතිමිසායං තෙලප්පදීපො, යො වා රත්තන්ධකාරතිමිසායං මහාඅග්ගික්ඛන්ධො, ඉමෙසං උභින්නං වණ්ණානං කතමො වණ්ණො අභික්කන්තතරො ච පණීතතරො චාති?
Sinhala BJTකාත්‍යානයෙනි, ඒ කිමැ’යි හඟිවු ද? රැය බොල් අඳුරෙහි යම් තෙල්පහනෙක් හෝ වේ ද, රැය බොල් අඳුරෙහි මහගිනිකඳෙක් හෝ වේ ද, මේ වර්‍ණ දෙක අතුරින් කවර වර්‍ණයෙක් අතිශයින් සුන්‍දරතරත් ප්‍රණීතතරත් වේ දැ?යි.
Pali BJTය්වායං භො ගොතම, රත්තන්ධකාරතිමිසායං මහාඅග්ගික්ඛන්ධො, අයං ඉමෙසං උභින්නං වණ්ණානං අභික්කන්තතරො ච පණීතතරො චාති.
Sinhala BJTභවත් ගෞතමයෙනි, රැය බොල් අඳුරෙහි යම් මහගිනිකඳෙක් වේ ද, මේ මෙ වර්‍ණ දෙක අතුරින් අතිශයින් සුන්‍දරතරත් ප්‍රණීතතරත් වේ යයි.
Pali BJTතං කිං මඤ්ඤසි කච්චාන, යො වා රත්තන්ධකාරතිමිසායං මහාඅග්ගික්ඛන්ධො, යා වා රත්තියා පච්චූසසමයං විද්ධෙ විගතවලාහකෙ දෙවෙ ඔසධීතාරකා, ඉමෙසං උභින්නං වණ්ණානං කතමො වණ්ණො අභික්කන්තතරො ච පණීතතරො චාති?
Sinhala BJTකාත්‍යානයෙනි, ඒ කිමැ’යි හඟිවු ද? රැය බොල් අඳුරෙහි යම් මහගිනිකඳෙක් හෝ වේ ද, රැය අලුයම් වේලෙහි පහ වැ ගිය වලා ඇති දුරු වූ වලා ඇති අහස්හි යම් ඕසධී (පහන්) තාරකාවක් හෝ වේ ද, මේ වර්‍ණ දෙක අතුරින් කවර වර්‍ණයෙක් අතිශයින් සුන්‍දරතරත් ප්‍රණීතතරත් වේ දැ?යි.
Pali BJTය්වායං භො ගොතම, රත්තියා පච්චූසසමයං විද්ධෙ විගතවලාහකෙ දෙවෙ ඔසධීතාරකා, අයං ඉමෙසං උභින්නං වණ්ණානං අභික්කන්තතරො ච පණීතතරො චාති.
Sinhala BJTභවත් ගෞතමයෙනි, රැය අලුයම් වේලෙහි පහ වැ ගිය වලා ඇති දුරු වූ වලා ඇති අහස්හි යම් ඕසධීතාරකාවක් වේ ද, මේ මෙ වර්‍ණ දෙක අතුරින් අතිශයින් සුන්‍දරතරත් ප්‍රණීතතරත් වේ යයි.
Pali BJTතං කිං මඤ්ඤසි කච්චාන, යා වා රත්තියා පච්චූසසමයං විද්ධෙ විගතවලාහකෙ දෙවෙ ඔසධීතාරකා, යො වා තදහුපොසථෙ පණ්ණරසෙ විද්ධෙ විගතවලාහකෙ දෙවෙ අභිදො{1} අඩ්ඪරත්තිසමයං චන්දො, ඉමෙසං උභින්නං වණ්ණානං කතමො වණ්ණො අභික්කන්තතරො ච පණීතතරො චාති?
Sinhala BJTකාත්‍යානයෙනි, ඒ කිමැ’යි හඟිවු ද? රැය අලුයම් වේලෙහි පහ වැ ගිය වලා ඇති බුන් වලා ඇති අහස්හි යම් ඕසධීතාරකාවක් හෝ වේ ද, ඒ පණුරැසිපොහෝ දවස්හි පහවැ ගිය වලා ඇති බුන් වලා ඇති අහස්හි නුබුන් අර්‍ධරාත්‍රිසමයෙහි යම් චන්‍ද්‍රයෙක් හෝ වේ ද, මේ වර්‍ණ දෙක අතුරින් කවර වර්‍ණයෙක් ඉතා සුන්‍දරතරත් ප්‍රණීතතරත් වේ දැ?යි.
Pali BJTය්වායං භො ගොතෙමා, තදහුපොසථෙ පණ්ණරසෙ විද්ධෙ විගතවලාහකෙ දෙවෙ අභිදො{1} අඩ්ඪරත්තිසමයං චන්දො, අයං ඉමෙසං උභින්නං වණ්ණානං අභික්කන්තතරො ච පණීතතරො චාති.
Sinhala BJTභවත් ගෞතමයෙනි, ඒ පණුරැසිපොහෝ දවස්හි පහවැ ගිය වලා ඇති දුරු වූ වලා ඇති අහස්හි නුබුන් අර්‍ධරාත්‍රියෙහි යම් චන්‍ද්‍රයෙක් හෝ වේ ද, මේ මෙ වර්‍ණ දෙක අතුරින් ඉතා සුන්‍දරතරත් ප්‍රණීතතරත් වේ යයි.
Pali BJTතං කිං මඤ්ඤසි කච්චාන, යො වා තදහුපොසථෙ පණ්ණරසෙ විද්ධෙ විගතවලාහකෙ දෙවෙ අභිදො අඩ්ඪරත්තිසමයං චන්දො, යො වා වස්සානං පච්ඡිමෙ මාසෙ සරදසමයෙ විද්ධෙ විගතවලාහකෙ දෙවෙ අභිදො මජ්ඣන්තිකසමයං සුරියො, ඉමෙසං උභින්නං වණ්ණානං කතමො වණ්ණො අභික්කන්තතරො ච පණීතතරො චාති?
Sinhala BJTකාත්‍යානයෙනි, ඒ කිමැ’යි හඟිවු ද? ඒ පණුරැසි පොහෝ දවස්හි පහ වැ ගිය වලා ඇති දුරු වූ වලා ඇති අහස්හි නුබුන් අර්‍ධරාත්‍රිසමයෙහි යම් චන්‍ද්‍රයෙක් හෝ වේ ද, වර්‍ෂාඍතුව පිළිබඳ පශ්චිමමාසයෙහි සරා කල්හි පහ වැ ගිය වලා ඇති දුරු වූ වලා ඇති අහස්හි නුබුන් මධ්‍යාහ්නසමයෙහි යම් සූර්‍ය්‍යයෙක් හෝ වේ ද, මේ වර්‍ණ දෙක අතුරින් කවර වර්‍ණයෙක් ඉතා සුන්‍දරතරත් ප්‍රණීතතරත් වේ දැ?යි.
Pali BJTය්වායං භො ගොතම, වස්සානං පච්ඡිමෙ මාසෙ සරදසමයෙ විද්ධෙ විගතවලාහකෙ දෙවෙ අභිදො මජ්ඣන්තිකසමයං සුරියො, අයං ඉමෙසං උභින්නං වණ්ණානං අභික්කන්තතරො ච පණීතතරො චාති.
Sinhala BJTභවත් ගෞතමයෙනි, වර්‍ෂා ඍතුව පිළිබඳ පශ්චිමමාසයෙහි සරා කල්හි පහ වැ ගිය වලා ඇති බුන් වලා ඇති අහස්හි නුබුන් මධ්‍යාහ්න සමයෙහි යම් සූර්‍ය්‍යයෙක් වේ ද, මේ තෙමේ මේ වර්‍ණ දෙක අතුරින් ඉතා සුන්‍දරතරත් ප්‍රණීතතරත් වේ යයි.
Pali BJTඅතො ඛො{2} තෙ කච්චාන, බහූ හි බහුතරා දෙවා, යෙ ඉමෙසං චන්දිමසුරියානං ආභා නානුභොන්ති, ත්යාහං පජානාමි. අථ ච පනාහං න වදාමි: යස්මා වණ්ණා අඤ්ඤො වණ්ණො උත්තරිතරො ච පණීතතරො ච නත්ථීති. අථ ච පන ත්වං කච්චාන, ය්වායං වණ්ණො කිමිනා ඛජ්ජොපණකෙන හීනතරො{3} ච පතිකිට්ඨතරො ච සො පරමො වණ්ණොති වදෙසි, තඤ්ච වණ්ණං න පඤ්ඤාපෙසි.
Sinhala BJTකාත්‍යානයෙනි, යම් කෙනෙක් මේ සඳහිරු දෙදෙනාගේ අවභාසය නො විඳිත් ද ඒ දෙවියෝ සඳහිරු දෙදෙනාගේ අවභාසය විඳිනවුනට වඩා බොහෝ යැ බහුතරයහ. මම් ඔවුන් දනිමි. එතෙකුදු වත් මම් “යම් වර්‍ණයකට වඩා උත්තරීතර වූ ප්‍රණීතතර වූ අන්‍ය වර්‍ණයෙක් නැතැ”යි නො කියමි. එතෙකුදු වත් කාත්‍යානයෙනි, තෙපි කදෝපැණි කෘමියෙකුටත් වඩා හීනතර වූ ලාමකතර වූ යම් වර්‍ණයෙක් වේ ද, ඒ ‘පරමවර්‍ණ යැ’යි කියව, ඒ වර්‍ණය ද නො පනව’යි.
Pali BJTපඤ්ච ඛො ඉමෙ කච්චාන, කාමගුණා. කතමෙ පඤ්ච: චක්ඛුවිඤ්ඤෙය්යා රූපා ඉට්ඨා කන්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා. සොතවිඤ්ඤෙය්යා සද්දා -පෙ- ඝානවිඤ්ඤෙය්යා ගන්ධා -පෙ- ජිව්හාවිඤ්ඤෙය්යා රසා -පෙ- කායවිඤ්ඤෙය්යා ඵොට්ඨබ්බා ඉට්ඨා කන්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා. ඉමෙ ඛො කච්චාන, පඤ්ච කාමගුණා. යං ඛො කච්චාන, ඉමෙ පඤ්ච කාමගුණෙ පටිච්ච උප්පජ්ජති සුඛං සොමනස්සං, ඉදං වුච්චති කාමසුඛං. ඉති කාමෙහි කාමසුඛං, කාමසුඛා කාමග්ගසුඛං තත්ථ අග්ගමක්ඛායතීති.
Sinhala BJTකාත්‍යානයෙනි, මේ කාමගුණ පසෙක් වෙයි. කවර පසෙක යත්: ඉෂ්ට වූ කාන්ත වූ මනවඩන්නා වූ ප්‍රියස්වභාව ඇති කාමෝපසංහිත වූ රාගෝත්පත්තියට කරුණු වූ ඇසින් දතයුතු රූපවූ ඇසින් දතයුතු රූපයෝ යැ .... කනින් දතයුතු ශබ්දයෝ යැ, .... නැහැයෙන් දතයුතු ගන්‍ධයෝ යැ .... දිවින් දතයුතු රසයෝ යැ .... කයින් දතයුතු ඉෂ්ට වූ කාන්ත වූ මනවඩන්නා වූ ප්‍රියස්වභාව ඇති කාමෝපසංහිත වූ රාගෝත්පත්තියට කරුණු වූ ස්ප්‍රෂ්ටව්‍යයෝ යි. කාත්‍යානයෙනි, මොහු පස්කම්ගුණයෝ යි. මේ පස්කම්ගුණ නිසා සුව සොම්නස් උපදි, මේ කාමසුඛ යැ යි කියනු ලැබේ. මෙසේ කාමයෙන් කාමසුඛය වෙයි. එහි කාමසුඛයට වඩා කාමග්ගසුඛය (නිවන) අග්‍ර යයි කියනු ලැබේ.
Pali BJTඑවං වුත්තෙ වෙඛනස්සො{4} පරිබ්බාජකො භගවන්තං එතදවොච: අච්ඡරියං භො ගොතම, අබ්භුතං භො ගොතම, යාවසුභාසිතඤ්චිදං{5} භොතා ගොතමෙන: කාමෙහි කාමසුඛං, කාමසුඛා කාමග්ගසුඛං තත්ථ අග්ගමක්ඛායතීති.
Sinhala BJTමෙසේ වදාළ කල්හි වෙඛනස්ස පරිව්‍රාජක භාග්‍යවතුන් වහන්සේට තෙල කී: ආශ්චර්‍ය්‍ය යැ භවත් ගෞතමයෙනි, අද්භූත යැ භවත් ගෞතමයෙනි, භවත් ගෞතමයන් විසින් ‘කාමයෙන් කාමසුඛය වෙයි, එහි කාමසුඛයට වඩා කාමග්ග සුඛය අග්‍ර යයි කියනු ලැබේ යන මේ සුභාෂිත මැ වේ යි.
Pali BJTදුජ්ජානං ඛො එතං කච්චාන, තයා අඤ්ඤදිට්ඨිකෙන අඤ්ඤඛන්තිකෙන අඤ්ඤරුචිකෙන අඤ්ඤත්රයොගෙන{1} අඤ්ඤථාචරියකෙන කාමා වා කාමසුඛං වා කාමග්ගසුඛං වා. යෙ ඛො තෙ කච්චාන, භික්ඛූ අරහන්තො ඛීණාසවා වුසිතවන්තො කතකරණීයා ඔහිතභාරා අනුප්පත්තසදත්ථා පරික්ඛීණභවසංයොජනා සම්මදඤ්ඤා විමුත්තා, තෙ ඛො එතං ජානෙය්යුං කාමා වා කාමසුඛං වා කාමග්ගසුඛං වාති.
Sinhala BJTකාත්‍යායනයෙනි, අන්‍යදෘෂ්ටික වූ අන්‍යලබ්ධික වූ අන්‍යරුචික වූ අන්‍යප්‍රතිපත් ඇති අන්‍යතීර්‍ත්‍ථායතනයෙකැ ආචාර්‍ය්‍ය වූ තොප විසින් ‘කාමයෝ වෙත්වයි කාමසුඛය වේවයි කාමාග්‍රසුඛය වේවයි’ තෙල කරුණු නො දත හැක්ක කාත්‍යායනයෙනි, අර්‍හත් වූ ක්‍ෂීණාස්‍රව වූ වැස නිමවූ බඹසරවස් ඇති කළ කරණී ඇති බහා තැබූ බර ඇති පැමිණි සර්‍වාර්‍ත්‍ථ ඇති ක්‍ෂය වූ භවසංයෝජන ඇති මොනොවට දැන කෙලෙසුන් කෙරෙන් මිදුණු යම් මහණ කෙනෙක් ඇද්ද, ඔහු මැ කාමයෝ හෝ කාමසුඛය හෝ කාමාග්‍රසුඛය හෝ තෙල් කරුණ දන්නාහ’යි.
Pali BJTඑවං වුත්තෙ වෙඛනස්සො පරිබ්බාජකො කුපිතො අනත්තමනො භගවන්තංයෙව ඛුංසෙන්තො භගවන්තංයෙව වම්භෙන්තො භගවන්තංයෙව වදමානො සමණො ච ගොතමො පාපිතො{2} භවිස්සතී’ති භගවන්තං එතදවොච: එවමෙව පනිධෙකෙ{3} සමණබ්රාහ්මණා අජානන්තා පුබ්බන්තං, අපස්සන්තා අපරන්තං, අථ ච පන: ඛීණා ජාති, වුසිතං බ්රහ්මචරියං, කතං කරණීයං නාපරං ඉත්ථත්තායා’ති පජානාමා’ති පටිජානන්ති{4} තෙසමිදං භාසිතං හස්සකංයෙව සම්පජ්ජති, ලාමකංයෙව සම්පජ්ජති, රිත්තකංයෙව සම්පජ්ජති, තුච්ඡකංයෙව සම්පජ්ජතී’ති.
Sinhala BJTමෙසේ වදාළ කල්හි වෙඛනස්ස පරිව්‍රාජක කිපියේ නො සතුටුසිත් ඇත්තේ භාග්‍යවතුන් මැ ගටමින් භාග්‍යවතුන්ට මැ පරිභව බෙණෙමින් භාග්‍යවතුන්ට මැ කියනුයේ: ශ්‍රමණ ගෞතම ද නො දන්නාබවට පමුණුවනලද වනැ’යි භාග්‍යවතුන්ට තෙල වදන් කී: මෙසෙයින් මැ මෙලොවැ ඇතැම් මහණබමුණු කෙනෙක් පූර්‍වාන්තය නො දන්නාහු අපරාන්තය නො දක්නාහු, එතෙකුදු වත් ජාතිය ක්‍ෂය වූ යැ, බඹසර වැස නිමවනලද, කරණී කරනලද, මෙබවට කළයුතු අන් කිසෙක් නැතැ’යි දනුම්හ’යි පිළින කෙරෙත්. ඔවුන් ගේ මේ භාෂිතය හාස්‍යයක් මැ උපදවයි, ලාමකබවක් මැ උපදවයි, අර්‍ත්‍ථශුන්‍ය බවක් මැ උපදවයි, සිස් බවක් මැ උපදවා යයි.
Pali BJTයෙ ඛො තෙ කච්චාන, සමණබ්රාහ්මණා අජානන්තා පුබ්බන්තං අපස්සන්තා අපරන්තං ඛීණා ජාති, වුසිතං බ්රහ්මචරියං, කතං කරණීයං නාපරං ඉත්ථත්තායාති පජානාමා’ති පටිජානන්ති, තෙසං සොයෙව සහධම්මිකො නිග්ගහො හොති. අපි ච කච්චාන, තිට්ඨතු පුබ්බන්තො, තිට්ඨතු අපරන්තො. එතු විඤ්ඤූ පුරිසො අසඨො අමායාවී උජුජාතිකො අහමනුසාසාමි, අහං ධම්මං දෙසෙමි, යථානුසිට්ඨං තථා පටිපජ්ජමානො න චිරස්සෙව සාමඤ්ඤෙව ඤස්සති, සාමං දක්ඛිති. එවං කිර සම්මා{5} බන්ධනා විප්පමොක්ඛො හොති යදිදං අවිජ්ජාබන්ධනා{6}. සෙය්යථාපි කච්චාන, දහරො කුමාරො මන්දො උත්තානසෙය්යකො කණ්ඨපඤ්චමෙහි බන්ධනෙහි බද්ධො අස්ස සුත්තබන්ධනෙහි, තස්ස වුද්ධිමන්වාය ඉන්ද්රියානං පරිපාකමන්වාය තානි බන්ධනානි මුච්චෙය්යුං{7} සො මොක්ඛොම්හීති ඛො ජානෙය්ය නො ච බන්ධනං. එවමෙව ඛො කච්චාන, එතු විඤ්ඤූ පුරිසො අසඨො අමායාවී උජුජාතිකො. අහමනුසාසාමි, අහං ධම්මං දෙසෙමි. යථානුසිට්ඨං තථා පටිපජ්ජමානො න චිරස්සෙව සාමඤ්ඤෙ ඤස්සති. සාමං දක්ඛිති. එවං කිර සම්මා බන්ධනා විප්පමොක්ඛො හොති යදිදං අවිජ්ජාබන්ධනාති.
Sinhala BJTකාත්‍යායනයෙනි, යම් මහණබමුණු කෙනෙක් පූර්‍වාන්තය නො දන්නාහු අපරාන්තය නො දක්නාහු, ‘ජාතිය ක්‍ෂය වූ යැ, බඹසර වැස නිමවනලද, කරණී කරන ලද, මෙබවට අන් කිසෙක් නැතැ’යි දනුම්හ’යි පිළින කෙරෙත් ද, ඔවුනට එ මැ සකාරණ නිග්‍රහ වෙයි. එතෙකුදු වත් කාත්‍යායනයෙනි, පූර්‍වාන්තය සිටීවා, අපරාන්තය සිටීවා, ශඨ නො වූ මායා නැති ඍජුස්වභාව ඇති නුවණැති පුරුෂ ඒවා, මම් අනුශාසනා කෙරෙමි, මම් දහම් දෙසමි, අනුශාසනා කළ සේ පිළිපදනේ නොබෝ කලෙකින් මැ ‘මේ අවිද්‍යාබන්‍ධනයෙන් මෙසේ මොනොවට මිදෙන්නේ වේ ල’යි තෙමේ මැ දන්නේ යැ තෙමේ දක්නේ යැ. යම්සේ කාත්‍යායනයෙනි, බොළඳ වූ උඩුකුරු වැ හෝනා ළදරු කුමරෙක් හූබඳනෙන් කණ්ඨය පස්වනු කොට ඇති බැඳුමින් බඳනා ලද වේ ද, වෘද්ධියට පැමිණ ඉන්‍ද්‍රිය පරිපාකයට පැමිණ ඔහුගේ ඒ බන්‍ධනයෝ මිදෙන්නාහු ද, හේ මිදුණෙමි’යි දන්නේ ද, බන්‍ධනය නො දන්නේ ද, එසෙයින් මැ කාත්‍යායනයෙනි, සළ නො වූ මායා නැති ඉදු සැහැවි ඇති නුවණැති පුරුෂ ඒවා, මම් අනුසස්මි, මම් දහම් දෙසමි, අනුශාසිත සේ පිළිපදනේ නොබෝ කලෙකින් මැ ‘මෙසේ මේ අවිද්‍යාබන්‍ධන සඞ්ඛ්‍යාත බන්‍ධනයෙන් මොනොවට මිදෙන්නේ වේ ල’යි තෙමේ මැ දන්නේ යැ තෙමේ දක්නේ යැ’යි.
Pali BJTඑවං වුත්තෙ වෙඛනසො පරිබ්බාජකො භගවන්තං එතදවොච: අභික්කන්තං භො ගොතම අභික්කන්තං භො ගොතම, -පෙ- උපාසකං මං භවං ගොතමො ධාරෙතු අජ්ජතග්ගෙ පාණුපෙතං සරණඞ්ගතන්ති.
Sinhala BJTමෙසේ වදාළ කල්හි වෙඛනස්ස පරිව්‍රාජක භාග්‍යවතුන් වහන්සේට තෙල වදන් කී: ‘භවත් ගෞතමයෙනි, ඉතා කාන්ත යැ, භවත් ගෞතමයෙනි, ඉතා කාන්ත යැ, ... භවත් ගෞතමයෝ මා අද පටන් දිවිහිම් කොට සරණගිය උවසුවකු කොට ධරත්ව’යි.
Pali BJTවෙඛනස්සසුත්තං දසමං.
Sinhala BJTදස වැනි වෙඛනස්ස සූත්‍ර යි.
Pali BJTපරිබ්බාජකවග්ගො තතියො.
Sinhala BJTතුන් වැනි පරිව්‍රාජක වර්‍ගය යි.
Pali BJTතස්ස වග්ගස්ස උද්දානං:
Sinhala BJTඑහි උද්දානය:
Pali BJTපුණ්ඩරී අග්ගි සහා කථිනාමො, දීඝනඛො පුන භාරද්වාජගොත්තො සන්දක උද්දයි මණ්ඩිකාපුත්තො, මණිකො තථා කච්චානො වරවග්ගො.{1}
Sinhala BJTපුණ්ඩරීක (තේවිජ්ජවච්ඡගොත්ත) සූත්‍ර යැ අග්ගිවච්ඡගොත්ත සූත්‍ර යැ සහකර්‍ත්‍ථ (මහා වච්ඡගොත්ත) සූත්‍ර යැ දීඝනඛ සූත්‍ර යැ භාරද්වාජගොත්ත (මාගන්‍දිය) සූත්‍ර යැ සන්‍දක සූත්‍ර යැ උදායී (මහාසකුලුදායි) සූත්‍ර යැ මණ්ඩිකාපුත්ත (සමණමණ්ඩිකා) සූත්‍ර යැ මණික (චූළ සකුලුදායි) සූත්‍ර යැ කච්චාන (වෙඛනස්ස) සූත්‍ර යි.
Pali BJT4. රාජ වග්ගො
Sinhala BJT4. රාජ වර්‍ගය
Pali BJT2. 4. 1.
Sinhala BJT2. 4. 1.
Pali BJTඝටීකාරසුත්තං
Sinhala BJTඝටීකාර සූත්‍රය