Pali BJTඅථ ඛො සන්දකො පරිබ්බාජකො සකං පරිසං ආමන්තෙසි: ‘චරන්තු භොන්තො සමණෙ ගොතමෙ බ්රහ්මචරියවාසො, නදානි සුකරං අම්හෙහි ලාභසක්කාරසිලොකෙ පරිච්චජිතු’න්ති. ඉතිහිදං සන්දකො පරිබ්බාජකො සකං පරිසං උය්යොජෙසි භගවති බ්රහ්මචරියෙති.
Sinhala BJTඑකල්හි සන්‍දක පරිව්‍රාජක සියපිරිස් ඇමතී යැ: “භවත්නි, ශ්‍රමණ ගෞතමයන් කෙරෙහි බඹසරවස් වසව, දැන් අප විසින් ලාභසත්කාරශ්ලෝක හැරපියන්නට පහසු නො වේ” යයි. මෙසේ සන්‍දක පරිව්‍රාජක සිය පිරිස් භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි බ්‍රහ්මචරිය වාසයෙහි උද්‍යෝග කරවී යයි.
Pali BJTසන්දකසුත්තං ඡට්ඨං.
Sinhala BJTසවැනි සන්‍දක සූත්‍ර යි.
Pali BJT2. 3. 7.
Sinhala BJT2. 3. 7.
Pali BJTමහාසකුලුදායි සුත්තං
Sinhala BJTමහා සකුලුදායී සූත්‍රය
Pali BJTඑවං මෙ සුතං: එකං සමයං භගවා රාජගහෙ විහරති වෙළුවනෙ කලන්දකනිවාපෙ. තෙන ඛො පන සමයෙන සම්බහුලා අභිඤ්ඤාතා අභිඤ්ඤාතා පරිබ්බාජකා මොරනිවාපෙ පරිබ්බාජකාරාමෙ පටිවසන්ති. සෙය්යථිදං: අන්නභාරො{1} වරධරො{2} සකුලුදායී ච පරිබ්බාජකො අඤ්ඤෙ ච අභිඤ්ඤාතා අභිඤ්ඤාතා පරිබ්බාජකා. අථ ඛො භගවා පුබ්බණ්හසමයං නිවාසෙත්වා පත්තචීවරං ආදාය රාජගහං පිණ්ඩාය පාවිසි. අථ ඛො භගවතො එතදහොසි: ‘අතිප්පගො ඛො තාව රාජගහෙ පිණ්ඩාය චරිතුං. යන්නූනාහං යෙන මොරනිවාපො පරිබ්බාජකාරාමො යෙන සකුලුදායී පරිබ්බාජකො තෙනුපසඞ්කමෙය්යන්ති. අථ ඛො භගවා යෙන මොරනිවාපො පරිබ්බාජකාරාමො තෙනුපසඞ්කමි. තෙන ඛො පන සමයෙන සකුලුදායී පරිබ්බාජකො මහතියා පරිබ්බාජකපරිසාය සද්ධිං නිසින්නො හොති උන්නාදිනියා උච්චාසද්දමහාසද්දාය{3} අනෙකවිහිතං තිරච්ඡානකථං කථෙන්තියා. සෙය්යථිදං: ‘රාජකථං චොරකථං මහාමත්තකථං සෙනාකථං භයකථං යුද්ධකථං අන්නකථං පානකථං වත්ථකථං යානකථං සයනකථං මාලාකථං ගන්ධකථං ඤාතිකථං ගාමකථං නිගමකථං නගරකථං ජනපදකථං ඉත්ථිකථං පුරිසකථං සූරකථං විසිඛාකථං කුම්භට්ඨානකථං පුබ්බපෙතකථං නානත්තකථං ලොකක්ඛායිකං සමුද්දක්ඛායිකං ඉතිභවාභවකථං’ ඉති වා.
Sinhala BJTමා විසින් මෙසේ අසන ලද. එක් සමෙයක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර කලන්‍දකනිවාප නම් වූ වේළුවනයෙහි වැඩවසනසේක. එසමයෙහි බොහෝ වූ ප්‍රසිද්ධ ප්‍රසිද්ධ පරිව්‍රාජකයෝ මොරනිවාප නම් වූ පරිව්‍රාජකාරාමයෙහි වෙසෙති. හේ මෙසේයැ: “අන්නභාර ද වරධර ද සකුලුදායී පරිව්‍රාජක ද අන්‍යවූ ද ප්‍රසිද්ධ ප්‍රසිද්ධ පරිව්‍රාජකයෝ දැ” යි. එකල්හි භාග්‍යවතුන් වහන්සේ පෙරවරු සමයෙහි හැඳපෙරෙවැ පාසිවුරු ගෙන රජගහනුවර පිඬු පිණිස පිවිසියහ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේට මෙබඳු සිතෙක් විය: “රජගහනුවර පිඬු පිණිස සරනට තව ඉතා අලුයම. මම් මොරනිවාප නම් වූ පරිව්‍රාජකාරාමයෙහි සකුලුදායී පරිව්‍රාජක කරා එළැඹෙන්නෙම් නම් යෙහෙකැ” යි. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මොරනිවාප නම් වූ පරිව්‍රාජකාරාමය වෙත එළැඹියහ. එසමයෙහි සකුලුදායී පරිව්‍රාජක උද්ගතනාද ඇති උස්හඬ මහහඬ නඟන අනේකප්‍රකාර තිරශ්චීනකථා කරන මහපිරිවැජිපිරිස් හා සමග හුන්නේ වෙයි. ඒ කෙබඳු කථා යැ යත්: රජුන් පිළිබඳ කථා යැ සොරුන් පිළිබඳ කථා යැ මහඇමතියන් පිළිබඳ කථා යැ සේනා පිළිබඳ කථා යැ භයකථා යැ යුද්ධකථා යැ ආහාරකථා යැ පානකථා යැ ශයනකථා යැ මාලාකථා යැ ගන්‍ධකථා යැ ඥාතීන් පිළිබඳ කථා යැ යානකථා යැ ග්‍රාමකථා යැ නිගමකථා යැ නගරකථා යැ ජනපදකථා යැ ස්ත්‍රීන් පිළිබඳ කථා යැ ශූරයන් පිළිබඳ කථා යැ වීථි පිළිබඳ කථා යැ කුම්භස්ථාන (පැන්තොට) කථා යැ පූර්‍වප්‍රේත(අතීතඥාති) කථා යැ නන් වැදෑරුම් නිරර්‍ත්‍ථකකථා යැ ලෝකායතකථා යැ සමුද්‍රාඛ්‍යානකථා යැ (ශාස්වත උච්ඡේදාදී) භවාභවකථා යැ යන මේ කථා යි.
Pali BJTඅද්දසා ඛො සකුලුදායී පරිබ්බාජකො භගවන්තං දූරතොව ආගච්ඡන්තං. දිස්වාන සකං පරිසං සණ්ඨාපෙසි: ‘අප්පසද්දා භොන්තො හොන්තු මා භොන්තො සද්දමකත්ථ. අයං සමණො ගොතමො ආගච්ඡති. අප්පසද්දකාමො ඛො පන සො ආයස්මා අප්පසද්දස්ස වණ්ණවාදී, අප්පෙවනාම අප්පසද්දං පරිසං විදිත්වා උපසඞ්කමිතබ්බං මඤ්ඤෙය්යා’ති. අථ ඛො තෙ පරිබ්බාජකා තුණ්හී අහෙසුං. අථ ඛො භගවා යෙන සකුලුදායී පරිබ්බාජකො තෙනුපසඞ්කමි. අථ ඛො සකුලුදායී පරිබ්බාජකො භගවන්තං එතදවොච: එතු ඛො භන්තෙ භගවා, ස්වාගතං භන්තෙ භගවතො. චිරස්සං ඛො භන්තෙ භගවා ඉමං පරියායමකාසි යදිදං ඉධාගමනාය. නිසීදතු භන්තෙ, භගවා ඉදමාසනං පඤ්ඤත්තන්ති. නිසීදි භගවා පඤ්ඤත්තෙ ආසනෙ. සකුලුදායී ඛො පරිබ්බාජකො අඤ්ඤතරං නීචං ආසනං ගහෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නං ඛො සකුලුදායිං පරිබ්බාජකං භගවා එතදවොච:
Sinhala BJTසකුලුදායී පිරිවැජි දුරින් මැ වඩනා භාග්‍යවතුන් වහන්සේ දුටුයේ යැ. දැක සියපිරිස් සන්සුන් කරවී: “භවත්නි, නිහඬ වෙත්වා, භවත්හු නහමක් හඬනගවු, මේ ශ්‍රමණ ගෞතමයෝ එති, ඒ ආයුෂ්මත්හු වූ කලී නිහඬ බව කැමැතියහ, නිහඬබැව්හි ගුණකියනුවහ. නිහඬ පිරිස දැන එළැඹියැයුතු කොට සිතා නම් මැනවැ”යි. එකල්හි ඒ පිරිවැජියෝ නිහඬ වූහ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සකුලුදායී පිරිවැජි කරා එළැඹියහ. එකල්හි සකුලුදායී පිරිවැජි භාග්‍යවතුන්ට තෙල වදන් කී: ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ වඩනා සේක්වා, ස්වාමීනි භාග්‍යවතුන්ට ස්වාගත යැ, ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ මෙහි ඊමෙන් බොහෝ කලෙකින් මේ පරියාය කළහ, ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ හිඳුනාසේක්වා මේ අස්න පනවනලදැ”යි. බුදුහු පැනවූ අස්නෙහි වැඩහුන්සේක. සකුලුදායී පිරිවැජි එක්තරා මිටි අස්නක් ගෙන එකත්පස්වැ හින. එකත්පස් වැ හුන් සකුලුදායී පිරිවැජිහට භාග්‍යවතුන් වහන්සේ තෙල කරුණ වදාළහ:
Pali BJTකායනුත්ථ{1} උදායි එතරහි කථාය සන්නිසින්නා? කා ච පන වො අන්තරාකථා විප්පකතාති? තිට්ඨතෙසා භන්තෙ කථා යාය මයං එතරහි කථාය සන්නිසින්නා, නෙසා භන්තෙ කථා භගවතො දුල්ලභා භවිස්සති පච්ඡාපි සවනාය. පුරිමානි භන්තෙ දිවසානි පුරිමතරානි නානාතිත්ථියානං සමණබ්රාහ්මණානං කුතූහලසාලායං සන්නිසින්නානං සන්නිපතිතානං. අයමන්තරාකථා උදපාදි: ලාභා වත භො අඞ්ගමගධානං, සුලද්ධං{2} වත භො අඞ්ගමගධානං, යත්ථිමෙ සමණබ්රාහ්මණා සඞ්ඝිනො ගණිනො ගණාචරියා ඤාතා යසස්සිනො තිත්ථකරා සාධුසම්මතා බහුජනස්ස, රාජගහං වස්සාවාසං ඔසටා,{3} අයම්පි ඛො පූරණො කස්සපො සඞ්ඝී චෙව ගණී ච ගණාචරියො ච ඤාතො යසස්සී තිත්ථකරො සාධුසම්මතො බහුජනස්ස, සොපි රාජගහං වස්සාවාසං ඔසටො. අයම්පි මක්ඛලිගොසාලො -පෙ- අජිතො කෙසකම්බලී -පෙ- පකුධො කච්චායනො -පෙ- සඤ්ජයො බෙලට්ඨිපුත්තො{4} -පෙ- නිගණ්ඨො නාතපුත්තො{5} සඞ්ඝී චෙව ගණී ච ගණාචරියො ච, ඤාතො යසස්සී තිත්ථකරො සාධුසම්මතො බහුජනස්ස, සොපි රාජගහං වස්සාවාසං ඔසටො. අයම්පි ඛො සමණො ගොතමො සඞ්ඝී චෙව ගණී ච ගණාචරියො ච, ඤාතො යසස්සී තිත්ථකරො සාධුසම්මතො බහුජනස්ස, සොපි රාජගහං වස්සාවාසං ඔසටො. කොනු ඛො ඉමෙසං භවතං සමණබ්රාහ්මණානං සඞ්ඝීනං ගණීනං ගණාචරියානං ඤාතානං යසස්සීනං තිත්ථකරානං සාධුසම්මතානං බහුජනස්ස. සාවකානං සක්කතො ගරුකතො මානිතො පූජිතො. කථඤ්ච පන සාවකා සක්කත්වා ගරුකත්වා{6} උපනිස්සාය විහරන්තී’ති?
Sinhala BJTඋදායී, දැන් තෙපි කවර නම් කථාවෙකින් යුක්ත වැ උන්හු ද? තොප විසින් කවර නම් කථාවක් අඩාළ කරනලද දැ?යි. වහන්ස, තෙල කථා තිබියේවා, ඇපි දැන් යම් කථායෙකින් යුක්ත වැ උන්නමෝ නම් වහන්ස, තෙල කථා පසුවත් භාග්‍යවතුන් වහන්සේට ඇසීමට දුලබ නො වෙයි. වහන්ස, ඊයේ පෙරෙයිදා දිනයන්හි කුතුහලශාලායෙහි රැස්වැ හුන් නානාතීර්‍ත්‍ථක ශ්‍රමණබ්‍රාහ්මණයන් අතුරෙහි මේ අතුරු කථාව උපන: “භවත්නි, අඟුමගද දෙරටවැසියනට ඒකාන්තයෙන් ලාභයෙක. භවත්නි, අඟුමගද දෙරටවැසියනට ඒකාන්තයෙන් මනා ලාභයෙක. යම් තැනෙක ප්‍රව්‍රජිත සමූහ සඞ්ඛ්‍යාත සඞ්ඝයා ඇති ආචාරගණ ඇති ගණැඳුරු වූ ප්‍රසිද්ධ වූ නැඟීසිටි යශස් ඇති ලබ්ධිකර වූ බොහෝ දෙනාට මැනැවැ’යි සම්මත වූ මේ ශ්‍රමණබ්‍රාහ්මණයෝ රජගහනුවර වස්සාවාස කොට ඔසළෝ (රැස්වූහු) ද ඒ අඟුමගද දෙරට යි. මේ පූර්‍ණකාශ්‍යප ද සඞ්ඝයා ඇත්තේත් ගණ ඇත්තේත් ගණාචාර්‍ය්‍ය වූයේත් ප්‍රසිද්ධ වූ යශස් ඇති තීර්‍ත්‍ථඞ්කර වූයේත් බොහෝදෙනාට මැනැවැ යි සම්මත වූයේත් වෙයි. හේ ද රජගහනුවර වස්සාවාස කොට ඔසළේ යැ. මේ මක්ඛලිගෝසාලද ... අජිත කේසකම්බලී ද … පකුධ කච්චායන ද ... සඤ්ජය බෙල්ලට්ඨිපුත්ත ද … නිගණ්ඨ නාථපුත්ත ද සඞ්ඝයා ඇත්තේත් ගණයා ඇත්තේත් ගණැදුරු වූයේත් ප්‍රසිද්ධ වූ යශස් ඇති තීර්‍ත්‍ථඞ්කර වූයේත් බොහෝ දෙනාට මැනැවැ’යි සම්මත වූයේත් වෙයි. හේ ද රජගහනුවර වස්සාවාස කොට ඔසළේ යැ. මේ ශ්‍රමණගෞතම ද සඞ්ඝයා ඇත්තේත් ඇති ගණාචාර්‍ය්‍ය වූයේත් ප්‍රකට වූ යශස් ඇති ලබ්ධිකර වූ බොහෝදෙනාට මැනැවැ’යි සම්මත වූයේත් වෙයි. හේ ද රජගහනුවර වස්සාවාස කොට ඔසළේ යි. මේ සඞ්ඝයා ඇති ගණයා ඇති ගණඳුරු වූ ප්‍රකට වූ යශස් ඇතිවූ ලබ්ධිකර වූ බොහෝදෙනාට මැනැවැ’යි සම්මත වූ භවත් මහණබමුණන් අතුරෙහි කවරෙක් ශ්‍රාවකයන් විසින් සත්කෘත ගුරුකෘත මානිත පූජිත වේ ද? කෙසේ නම් ශ්‍රාවකයෝ සත්කාර කොට ගරුකාර කොට ඇසිරි කොට වෙසෙත් දැ? යි.
Pali BJTතත්රෙකච්චෙ එවමාහංසු: ‘අයං ඛො පූරණො කස්සපො සඞ්ඝී චෙව ගණී ච ගණාචරියො ච ඤාතො යසස්සී තිත්ථකරො සාධුසම්මතො බහුජනස්ස. සො ච ඛො සාවකානං න සක්කතො න ගරුකතො න මානිතො න පූජිතො. න ච පන පූරණං කස්සපං සාවකා සක්කත්වා ගරුකත්වා උපනිස්සාය විහරන්ති. භූතපුබ්බං පූරණො කස්සපො අනෙකසතාය පරිසාය ධම්මං දෙසෙති. තත්රඤ්ඤතරො පූරණස්ස කස්සපස්ස සාවකො සද්දමකාසි: මා භොන්තො පූරණං කස්සපං එතමත්ථං පුච්ඡිත්ථ. නෙසො එතං ජානාති, මයමෙතං ජානාම, අම්හෙ එතමත්ථං පුච්ඡථ. මයමෙතං භවන්තානං{7} බ්යාකරිස්සාමාති. භූතපුබ්බං පූරණො කස්සපො බාහා පග්ගය්හ කන්දන්තො න ලභති: අප්පසද්දා භොන්තො හොන්තු මා භොන්තො සද්දමකත්ථ. නෙතෙ භවන්තෙ පුච්ඡන්ති. අම්හෙ එතෙ පුච්ඡන්ති. මයමෙතෙසං බ්යාකරිස්සාමාති. බහූ ඛො පන පූරණස්ස කස්සපස්ස සාවකා වාදං ආරොපෙත්වා අපක්කන්තා: ‘න ත්වං ඉමං ධම්මවිනයං අජානාසි. අහං ඉමං ධම්මවිනයං අජානාමි, කිං ත්වං ඉමං ධම්මවිනයං අජානිස්සසි? මිච්ඡාපටිපන්නො ත්වමසි,
Sinhala BJTඑහි ඇතැම් කෙනෙක් මෙසේ කීහ: මේ පූර්‍ණකාශ්‍යප සඞ්ඝයා ඇත්තේත් ගණ ඇත්තේ ද ගණාචාර්‍ය්‍ය ද වෙයි, ප්‍රසිද්ධ යැ යශස් ඇත්තේ යැ ලබ්ධිකර යැ බොහෝ දෙනා විසින් සාධුසම්මත යි. එතෙකුදු වත් හේ ශ්‍රාවකයන් විසින් සත්කෘත නො වෙයි, ගුරුකෘත නො වෙයි, මානිත නො වෙයි, පූජිත නො වෙයි. ශ්‍රාවකයෝ, පූරණකාශ්‍යප සත්කාර කොට ගරුකාර කොට නො ද ඇසිරි කොට වෙසෙත්. පෙර පූරණකාශ්‍යප නොයෙක් සියගණන් ඇති පිරිස්හි දහම් දෙසයි. එහි පූරණකාශ්‍යපගේ එක්තරා ශ්‍රාවකයෙක් “භවත්නි තෙල කරුණ නහමක් පූරණකාශ්‍යප විචාරව, තෙල එය නො දනී, ඇපි එය දනුම්හ, තෙල කරුණ අප විචාරව, ඇපි තෙල කරුණ භවත්නට ප්‍රකාශ කරම්හ”යි, හඬ නැඟී යැ. පෙර පූරණකාශ්‍යප දෙඅත් බැඳ හඬ නඟනුයේ “භවත්හු නිහඬ වෙත්ව, භවත්හු නහමක් හඬ නඟවු, තුලුහු භවතුන් නො පුළුවුස්ති, තුලුහු අප පුළුවුසිත්, අපි තුලුනට ප්‍රකාශ කරම්හ”යි හඬ නඟනුයේ අවකාශ නො ලැබෙයි. පූරණකාශ්‍යපගේ බොහෝ ශ්‍රාවකයෝ ද වාද නඟා නික්ම ගියහ: “තෙපි මෙ සස්න නො දන්නාහු යැ, මම මෙ සස්න දනිමි, කිම තෙපි මෙ සස්න දන්නහු ද? තෙපි මිථ්‍යාප්‍රතිපන්නවවු,
Pali BJTඅහමස්මි සම්මාපටිපන්නො. සහිතං මෙ, අසහිතං තෙ. පුරෙවචනීයං පච්ඡා අවච, පච්ඡාවචනීයං පුරෙ අවච, ආචිණ්ණං{1} තෙ විපරාවත්තං. ආරොපිතො තෙ වාදො, නිග්ගහිතොසි, චර වාදප්පමොක්ඛාය, නිබ්බෙඨෙහි{2} වා සචෙ පහොසී’ති. ඉති පූරණො කස්සපො සාවකානං න සක්කතො න ගරුකතො න මානිතො න පූජිතො. න ච පන පූරණං කස්සපං සාවකා සක්කත්වා ගරුකත්වා උපනිස්සාය විහරන්ති. අක්කුට්ඨො{3} ච පන පූරණො කස්සපො ධම්මක්කොසෙනාති.
Sinhala BJTමම් සම්‍යක් ප්‍රතිපන්නයෙමි, මාගේ වචනය අර්‍ත්‍ථසංහිත යැ, තොපගේ වචනය අර්‍ත්‍ථසංහිත නො වෙයි, පළමු කිවයුත්ත පසු වැ කීවහු යැ, පසු වැ කියයුත්ත පළමු කීවහු යැ, තොපගේ ආචිර්‍ණය (දිගුකලක් ප්‍රගුණ කළ දැය) පෙරැළිණ. තොපට වාද නඟන ලද, නිග්‍රය කරන ලද වවු, වාදයෙන් මිදෙනුවට ඇවිද උගනුව, ඉදින් සමත් වවු නම් නිර්‍වෙෂ්ටන කරව” යි නික්ම ගියහ. මෙසෙයින් පූරණකාශ්‍යප ශ්‍රාවකයන් විසින් සත්කෘත නො වෙයි, ගුරුකෘත නො වෙයි, මානිත නො වෙයි, පූජිත නො වේ. ශ්‍රාවකයෝ, පූරණකාශ්‍යප සත්කාර කොට ගරුකාර කොට නො ඇසිරි කෙරෙත්. පූරණකාශ්‍යප ස්වභාවක්‍රෝශයෙන් ආක්‍රෝශ කරනලද්දේ ද වේ” යයි.
Pali BJTඑකච්චෙ එවමාහංසු: අයම්පි ඛො මක්ඛලි ගොසාලො -පෙ- අජිතො කෙසකම්බලී{4} -පෙ- පකුධො කච්චායනො -පෙ- සඤ්ජයො බෙලට්ඨිපුත්තො -පෙ- නිගණ්ඨො නාතපුත්තො සඞ්ඝී චෙව ගණී ච ගණාචරියො ච ඤාතො යසස්සී තිත්ථකරො සාධුසම්මතො බහුජනස්ස. සොපි සාවකානං න සක්කතො න ගරුකතො න මානිතො න පූජිතො. න ච පන නිගණ්ඨං නාතපුත්තං සාවකා සක්කත්වා ගරුකත්වා උපනිස්සාය විහරන්ති. භූතපුබ්බං නිගණ්ඨො නාතපුත්තො අනෙකසතාය පරිසාය ධම්මං දෙසෙති. තත්රඤ්ඤතරො නිගණ්ඨස්ස නාතපුත්තස්ස සාවකො සද්දමකාසි: ‘මා භොන්තො නිගණ්ඨං නාතපුත්තං එතමත්ථං පුච්ඡිත්ථ, නෙසො එතං ජානාති, මයමෙතං ජානාම, අම්හෙ එතමත්ථං පුච්ඡථ, මයමෙතං භවන්තානං බ්යාකරිස්සාමා’ති. භූතපුබ්බං නිගණ්ඨො නාතපුත්තො බාහා පග්ගය්හ කන්දන්තො න ලභති. අප්පසද්දා භොන්තො හොන්තු, මා භොන්තො සද්දමකත්ථ, නෙතෙ භවන්තෙ පුච්ඡන්ති, අම්හෙ එතෙ පුච්ඡන්ති, මයමෙතං බ්යාකරිස්සාමා’ති. බහූ ඛො පන නිගණ්ඨස්ස නාතපුත්තස්ස සාවකා වාදං ආරොපෙත්වා අපක්කන්තා: ‘න ත්වං ඉමං ධම්මවිනයං ආජානාසි, අහං ඉමං ධම්මවිනයං ආජානාමි, කිං ත්වං ඉමං ධම්මවිනයං ආජානිස්සසි? මිච්ඡාපටිපන්නො ත්වමසි. අහමස්මි සම්මාපටිපන්නො, සහිතං මෙ, අසහිතං තෙ, පුරෙවචනීයං පච්ඡා අවච, පච්ඡාවචනීයං පුරෙ අවච, ආචිණ්ණන්තෙ විපරාවත්තං, ආරොපිතො තෙ වාදො නිග්ගහිතොසි, චර වාදප්පමොක්ඛාය, නිබ්බෙඨෙහි වා සචෙ පහොසීති. ඉති නිගණ්ඨො නාතපුත්තො සාවකානං න සක්කතො න ගරුකතො න මානිතො න පූජිතො න ච පන නිගණ්ඨං නාතපුත්තං සාවකා සක්කත්වා ගරුකත්වා උපනිස්සාය විහරන්ති. අක්කුට්ඨො ච පන නිගණ්ඨො නාතපුත්තො ධම්මක්කොසෙනා’ති.
Sinhala BJTඇතැම් කෙනෙක් මෙසේ කීහ: මේ මක්ඛලිගෝසාල ද … අජිත කේසකම්බලී ද … පකුධ කච්චායන ද … සඤ්ජය බෙල්ලට්ඨිපුත්ත ද … නිගණ්ඨනාථපුත්ත ද සඞ්ඝයා ඇත්තේ ද වෙයි, ගණ ඇත්තේ ද වෙයි, ගණාචාර්‍ය්‍ය ද වෙයි, ප්‍රසිද්ධ යැ යශස් ඇත්තේ යැ තීර්‍ත්‍ථඞ්කර යැ බොහෝ දෙනා විසින් මැනැවැ යි සම්මත යි. හේ ද ශ්‍රාවකයන් විසින් සත්කෘත නො වෙයි, ගුරුකෘත නො වෙයි, මානිත නො වෙයි, පූජිත නො වෙයි. ශ්‍රාවකයෝ, නිගණ්ඨනාථපුත්ත සත්කාර කොට ගරුකාර කොට නො ද වෙසෙත්. පෙර නිර්ග්‍රන්‍ථනාථපුත්ත නොයෙක් සියගණන් ඇති පිරිස්හි දහම් දෙසයි. එහි නිර්ග්‍රන්‍ථනාථපුත්තගේ එක්තරා ශ්‍රාවකයෙක්: “භවත්හු තෙල කරුණ නිර්ග්‍රන්‍ථනාථපුත්ත නො විචාරවු, තෙල එය නො දනී, ඇපි තෙල කරුණු දනුම්හ, තෙල කරුණ අප විචාරව, ඇපි තෙල කරුණ භවත්නට පවසම්හ”යි, හඬ නැඟී යැ. පෙර නිගණ්ඨනාථපුත්ත දෙඅත් බැඳ හඬ නඟනුයේ: “භවත්හු නිහඬ වෙත්වා, භවත්හු නහමක් හඬ නඟවු, තුලුහු භවතුන් නො විචාරති, තුලුහු අප විචාරති, ඇපි තෙල කරුණ පවසම්හ”යි කියාත් අවකාශ නො ලැබෙයි. වැළිත් නිගණ්ඨනාථපුත්තගේ බොහෝ ශ්‍රාවකයෝ වාද නඟා නික්ම ගියහ: “තෙපි මෙ සස්න නො දන්නාහු යැ, මම මේ සස්න දනිමි, කිම තෙපි මේ සස්න දන්නහු ද? තෙපි මිථ්‍යාප්‍රතිපන්න වවු යැ, මම් සම්‍යක් ප්‍රතිපන්නයෙමි, මාගේ වචනය අර්‍ත්‍ථසංහිත යැ, තොපගේ වචනය අර්‍ත්‍ථසංහිත නො වෙයි, පළමු කිවයුත්ත පසු වැ කීවහු යැ, පසු වැ කියයුත්ත පළමු කීවහු යැ, තොපගේ ආචිර්‍ණය පෙරැළිණ. තොපට වාදාරෝපිත යැ, නිග්‍රය කරන ලදුවහු යැ, වාදමොක්‍ෂ පිණිස ඇවිද උගනුව, ඉදින් සමත් වවු නම් නිර්‍වෙෂ්ටන කරව” යි නික්ම ගියහ. මෙසෙයින් නිගණ්ඨනාථපුත්ත ශ්‍රාවකයන් විසින් සත්කෘත නො වෙයි, ගුරුකෘත නො වෙයි, මානිත නො වෙයි, පූජිත නො වේ. ශ්‍රාවකයෝ, නිගණ්ඨනාථපුත්ත සත්කාර කොට ගරුකාර කොට නොද ඇසුරු කෙරෙති , නිගණ්ඨනාථපුත්ත ධර්‍මාක්‍රෝශයෙන් ආක්‍රෝශ කරනලද්දේ ද වේ” යයි.
Pali BJTඑකච්චෙ එවමාහංසු: ‘අයං ඛො සමණො ගොතමො සඞ්ඝී චෙව ගණී ච ගණාචරියො ච ඤාතො යසස්සී තිත්ථකරො සාධුසම්මතො බහුජනස්ස. සො ච ඛො සාවකානං සක්කතො ගරුකතො මානිතො පූජිතො. සමණඤ්ච පන ගොතමං සාවකා සක්කත්වා ගරුකත්වා උපනිස්සාය විහරන්ති. භූතපුබ්බං සමණො ගොතමො අනෙකසතාය පරිසාය ධම්මං දෙසෙති. තත්රඤ්ඤතරො සමණස්ස ගොතමස්ස සාවකො උක්කාසි. තමෙනඤ්ඤතරො සබ්රහ්මචාරී ජණ්ණුකෙ{5} ඝට්ටෙසි{6} අප්පසද්දො ආයස්මා හොතු, මායස්මා සද්දමකාසි, සත්ථා නො භගවා ධම්මං දෙසෙසී’ති. යස්මිං සමයෙ සමණො ගොතමො අනෙකසතාය පරිසාය ධම්මං දෙසෙති.
Sinhala BJTඇතැම් කෙනෙක් මෙසේ කීහ: “මේ ශ්‍රමණ ගෞතම සඟුන් ඇත්තේ වෙයි, ගණ ඇත්තේ වෙයි, ගණාචාර්‍ය්‍ය වෙයි, ප්‍රසිද්ධ යැ යශස් ඇත්තේ යැ ලබ්ධිකර යැ බොහෝ දෙනා විසින් සාධුසම්මත යි. හේ වැළිත් ශ්‍රාවකයන් විසින් සත්කෘත යැ ගුරුකෘත යැ මානිත යැ පූජිත යි. ශ්‍රාවකයෝ වැළිත් ශ්‍රමණ ගෞතම සත්කාර කොට ගරුකාර කොට ඇසුරු කොට වෙසෙත්. පෙර ශ්‍රමණ ගෞතම නොයෙක් සියගණන් ඇති පිරිස්හි දහම් දෙසයි. එහි ශ්‍රමණ ගෞතමයන්ගේ එක්තරා ශ්‍රාවකයෙක් කැසි හඬ නැඟී. එක්තරා සබ්‍රම්සර මහණෙක් “ආයුෂ්මත් නිහඬ වේවා, ආයුෂ්මත් නහමක් හඬ නඟව, අපට ශාස්තෘ වූ භාග්‍යවතුන් වහන්සේ සහම් දෙසති” ඔහු දණමඬලෙහි ගැටී. යම් කලෙකැ ශ්‍රමණ ගෞතම නොයෙක් සියගණන් ඇති පිරිස්හි දහම් දෙසා ද,
Pali BJTනෙව තස්මිං සමයෙ සමණස්ස ගොතමස්ස සාවකානං ඛිපිතසද්දො වා හොති උක්කාසිතසද්දො වා. තමෙනං ජනකායො පච්චාසිංසමානරූපො පච්චුපට්ඨිතො හොති: ‘යං නො භගවා ධම්මං භාසිස්සති, තං නො සොස්සාමා’ති. සෙය්යථාපි නාම පුරිසො චාතුම්මහාපථෙ ඛුද්දං මධුං{1} අනෙලකං පපීළෙය්ය{2} තමෙනං මහාජනකායො පච්චාසිංසමානරූපො පච්චුපට්ඨිතො අස්ස. එවමෙවං යස්මිං සමයෙ සමණො ගොතමො අනෙකසතාය පරිසාය ධම්මං දෙසෙති. නෙව තස්මිං සමයෙ සමණස්ස ගොතමස්ස සාවකානං ඛිපිතසද්දො වා හොති උක්කාසිතසද්දො වා. තමෙනං මහාජනකායො පච්චාසිංසමානරූපො පච්චුපට්ඨිතො හොති: යං නො භගවා ධම්මං භාසිස්සති තං නො සොස්සාමාති. යෙපි සමණස්ස ගොතමස්ස සාවකා සබ්රහ්මචාරීහි සම්පයොජෙත්වා සික්ඛං පච්චක්ඛාය හීනායාවත්තන්ති, තෙපි සත්ථු වණ්ණවාදිනො හොන්ති, ධම්මස්ස වණ්ණවාදිනො හොන්ති, සඞ්ඝස්ස වණ්ණවාදිනො හොන්ති. අත්තගරහිනො යෙව හොන්ති අනඤ්ඤගරහිනො: මයමෙවෙත්ථ{3} අලක්ඛිකා, මයං අප්පපුඤ්ඤා තෙ මයං එවං ස්වාක්ඛාතෙ ධම්මවිනයෙ පබ්බජිත්වා නාසක්ඛිම්හ යාවජීවං පරිපුණ්ණං පරිසුද්ධං බ්රහ්මචරියං චරිතුන්ති. තෙ ආරාමිකභූතා වා උපාසකභූතා වා පඤ්චසු සික්ඛාපදෙසු සමාදාය වත්තන්ති. ඉති සමණො ගොතමො සාවකානං සක්කතො ගරුකතො මානිතො පූජිතො, සමණඤ්ච පන ගොතමං සාවකා සක්කත්වා ගරුකත්වා උපනිස්සාය විහරන්තීති.
Sinhala BJTඑකල්හි ශ්‍රමණ ගෞතමයන්ගේ ශ්‍රාවකයන්ගේ කිවිසි හඬෙක් වේවයි උකැසි හඬක් වේවැයි නො මැ වෙයි. ජනකාය පතාගෙන මෙන් ඔහු වෙත එළැඹසිටියේ වෙයි: “භාග්‍යවතුන් වහන්සේ යම් දහමක් අපට දේශනා කරනසේක් ද, එය අසම්හ”යි. යම්සේ නම් පුරුෂයෙක් සතර මං සන්‍ධියෙක්හි නිමැසි දඬුවැල්බෑ මීයක් මිරිකා දෙන්නේ ද, මහජනකාය පතාගෙන මෙන් තුලුහු වෙත එළැඹසිටියේ වේ ද, එසෙයින් මැ යම් කලෙකැ ශ්‍රමණ ගෞතම නොයෙක් සියගණන් ඇති පිරිස්හි දහම් දෙසා ද, එකල්හි ශ්‍රමණ ගෞතමයන්ගේ ශ්‍රාවකයන්ගේ කිවිසි හඬෙක් හෝ උකැසි හඬෙක් නො මැ වෙයි. මහජනකාය පතාගෙන මෙන් “භාග්‍යවතුන් වහන්සේ අපට යම් දහමක් දේශනා කරනසේක් ද, එය අසම්හ”යි තුලුහු වෙත එළැඹසිටියේ වෙයි. ශ්‍රමණ ගෞතමයන්ගේ යම් ශ්‍රාවක කෙනෙකුත් සබ්‍රම්සරුන් හා සමග අල්පමාත්‍ර විවාද කොට ගෙන ශික්‍ෂා ප්‍රත්‍යාඛ්‍යාන කොට ගිහි වෙත් ද, ඔහු දු ශාස්තෘන් වහන්සේ ගේ ගුණ කියන්නාහු වෙති, ධර්‍මෙයහි ගුණ කියන්නාහු වෙති, සඞ්ඝයාගේ ගුණ කියන්නාහු වෙති. ‘ඇපි මැ මෙහි නිශ්ශ්‍රීකයම්හ, ඇපි අල්පපුණ්‍ය ඇතියම්හ, ඇපි මෙවන් ස්‍වාඛ්‍යාත ධර්‍මවිනයෙහි පැවැදි වැ දිවිහිම් කොට පිරිපුන් බඹසර රක්නට නො හැකි වූම්හ’යි අනෙකෙකු නො ගරහන්නාහු තමා මැ ගරහන්නාහු වෙති. ඔහු අරාමික වූවාහු හෝ උපාසක වූවාහු හෝ පඤ්චශික්‍ෂාපදයන් සමාදන් වැ ගෙන දිවි රකිති. මෙසෙයින් ශ්‍රමණ ගෞතමයන්ගේ ශ්‍රාවකයන් විසින් සත්කෘත යැ ගුරුකෘත යැ මානිත යැ පූජිත යි. ශ්‍රාවකයෝ වැළිත් ශ්‍රමණ ගෞතමයන් සත්කාර ගරුකාර කොට ඇසුරු කොට වෙසෙත්” යයි.
Pali BJTකති පන ත්වං උදායි, ධම්මෙ සමනුපස්සසි, යෙහි මම සාවකා සක්කරොන්ති ගරුකරොන්ති මානෙන්ති පූජෙන්ති, සක්කත්වා ගරුකත්වා උපනිස්සාය විහරන්තීති?
Sinhala BJTඋදායී, තෙපි ‘යම් ධර්‍ම කෙනෙකුන් හේතු කොට ගෙන ශ්‍රාවකයෝ මට සත්කාර ගරුකාර මානන පූජා කෙරෙත් ද, සත්කාර ගුරුකාර කොට මානිසා වෙසෙත් ද එබඳු වූ කෙතෙක්දහම් දක්නහු දැ? යි.
Pali BJTපඤ්ච ඛො අහං භන්තෙ භගවති ධම්මෙ සමනුපස්සාමි යෙහි භගවන්තං සාවකා සක්කරොන්ති ගරුකරොන්ති මානෙන්ති පූජෙන්ති, සක්කත්වා ගරුකත්වා උපනිස්සාය විහරන්ති. කතමෙ පඤ්ච:
Sinhala BJTවහන්ස, යම් ධර්‍ම කෙනෙකුන් හේතු කොට ගෙන ශ්‍රාවකයෝ භාග්‍යවතුන් වහන්සේට සත්කාර ගුරුකාර මානන පූජා කෙරෙත් ද, සත්කාර ගුරුකාර කොට නිසා වෙසෙත් ද මම භාග්‍යවතුන් කෙරෙහි එබඳු දහම් පසක් දක්මි. කවර පසෙක යත්:
Pali BJTභගවා හි භන්තෙ, අප්පාහාරො අප්පාහාරතාය ච වණ්ණවාදී යම්පි භන්තෙ භගවා අප්පාහාරො අප්පාහාරතාය ච වණ්ණවාදී{4} ඉමං ඛො අහං භන්තෙ. භගවති පඨමං ධම්මං සමනුපස්සාමි යෙන භගවන්තං සාවකා සක්කරොන්ති ගරුකරොන්ති මානෙන්ති පූජෙන්ති, සක්කත්වා ගරුකත්වා උපනිස්සාය විහරන්ති.
Sinhala BJTවහන්ස, භාග්‍යවතුන් වහන්සේ අල්පාහාර ඇතියහ, අල්පාහාරතායෙහි ගුණ කියනුවහ. වහන්ස, ‘භාග්‍යවත්හු අල්පාහාර ඇතියහ, අල්පාහාරතායෙහි ගුණ කියනුවහ’ යන යම් කරුණෙක් ඇද්ද, යම් කරුණෙකින් ශ්‍රාවකයෝ භාග්‍යවතුන්ට සත්කාර ගුරුකාර මානන පූජා කෙරෙත් නම් සත්කාර ගුරුකාර කොට නිසා වෙසෙත් නම් වහන්ස, මම භාග්‍යවතුන් කෙරෙහි ඒ මේ පළමු වන දහම දක්මි.
Pali BJTපුන චපරං භන්තෙ භගවා සන්තුට්ඨො ඉතරීතරෙන චීවරෙන ඉතරීතරචීවරසන්තුට්ඨියා ච වණ්ණවාදී. යම්පි භන්තෙ, භගවා සන්තුට්ඨො ඉතරීතරෙන චීවරෙන ඉතරීතරචීවරසන්තුට්ඨියා ච වණ්ණවාදී. ඉමං ඛො අහං භන්තෙ භගවති දුතියං ධම්මං සමනුපස්සාමි යෙන භගවන්තං සාවකා සක්කරොන්ති ගරුකරොන්ති මානෙන්ති පූජෙන්ති, සක්කත්වා ගරුකත්වා උපනිස්සාය විහරන්ති.
Sinhala BJTතවද වහන්ස, භාග්‍යවතුන් වහන්සේ ඉතිරීතර චීවරප්‍රත්‍යයෙන් සන්තුෂ්ටයහ, ඉතිරීතර චීවරසන්තුෂ්ටියෙහි දු ගුණ කියනුවහ. වහන්ස, යම් හෙයකින් භාග්‍යවතුන් වහන්සේ ඉතිරීතර චීවරප්‍රත්‍යයෙන් සන්තුෂ්ට සේක ද, ඉතිරීතර චීවරසන්තුෂ්ටියෙහි දු ගුණ කියන සේක ද, යම් කරුණෙකින් ශ්‍රාවකයෝ භාග්‍යවතුන්ට සත්කාර ගුරුකාර මානන පූජා කෙරෙත් නම් සත්කාර ගුරුකාර කොට නිසා වෙසෙත් නම් වහන්ස, මම භාග්‍යවතුන් කෙරෙහි මේ දෙ වන දහම දක්මි.
Pali BJTපුන චපරං භන්තෙ, භගවා සන්තුට්ඨො ඉතරීතරෙන පිණ්ඩපාතෙන, ඉතරීතරපිණ්ඩපාතසන්තුට්ඨියා ච වණ්ණවාදී. යම්පි භන්තෙ, භගවා සන්තුට්ඨො ඉතරීතරෙන පිණ්ඩපාතෙන, ඉතරීතරපිණ්ඩපාතසන්තුට්ඨියා ච වණ්ණවාදී. ඉමං ඛො අහං භන්තෙ භගවති තතියං ධම්මං සමනුපස්සාමි යෙන භගවන්තං සාවකා සක්කරොන්ති ගරුකරොන්ති මානෙන්ති පූජෙන්ති, සක්කත්වා ගරුකත්වා උපනිස්සාය විහරන්ති.
Sinhala BJTතවද වහන්ස, භාග්‍යවතුන් වහන්සේ ඉතිරීතර පිණ්ඩපාත ප්‍රත්‍යයෙන් සන්තුෂ්ටයහ, ඉතරීතර පිණ්ඩපාතසන්තුෂ්ටියෙහි ද ගුණ කියවනුවහ. වහන්ස, යම් හෙයකින් භාග්‍යවතුන් වහන්සේ ඉතරීතර පිණ්ඩපාතප්‍රත්‍යයෙන් සන්තුෂ්ට සේක ද, ඉතරීතර පිණ්ඩපාත සන්තුෂ්ටියෙහි ද ගුණ කියන සේක ද, යම් කරුණෙකින් ශ්‍රාවකයෝ භාග්‍යවතුන්ට සත්කාර ගුරුකාර මානන පූජා කෙරෙත් නම් සත්කාර ගුරුකාර කොට නිසා වෙසෙත් නම් වහන්ස, මම භාග්‍යවතුන් කෙරෙහි ඒ මේ තුන් වන දහම දක්මි.
Pali BJTපුන චපරං භන්තෙ, භගවා සන්තුට්ඨො ඉතරීතරෙන සෙනාසනෙන, ඉතරීතරසෙනාසනසන්තුට්ඨියා ච වණ්ණවාදී. යම්පි භන්තෙ, භගවා සන්තුට්ඨො ඉතරීතරෙන සෙනාසනෙන, ඉතරීතරසෙනාසනසන්තුට්ඨියා ච වණ්ණවාදී. ඉමං ඛො අහං භන්තෙ. භගවති චතුත්ථං ධම්මං සමනුපස්සාමි යෙන භගවන්තං සාවකා සක්කරොන්ති ගරුකරොන්ති මානෙන්ති පූජෙන්ති, සක්කත්වා ගරුකත්වා උපනිස්සාය විහරන්ති.
Sinhala BJTතවද වහන්ස, භාග්‍යවතුන් වහන්සේ ඉතිරීතර සේනාසන ප්‍රත්‍යයෙන් සන්තුෂ්ටයහ, ඉතිරීතර සේනාසන සන්තුෂ්ටියෙහි ද ගුණ කියවනුවහ. යම් හෙයකින් භාග්‍යවතුන් වහන්සේ ඉතරීතර සේනාසනප්‍රත්‍යයෙන් සන්තුෂ්ට සේක ද, ඉතරීතර සේනාසනසන්තුෂ්ටියෙහි ද ගුණ කියන සේක ද, යම් කරුණෙකින් ශ්‍රාවකයෝ භාග්‍යවතුන්ට සත්කාර ගුරුකාර මානන පූජා කෙරෙත් නම්, සත්කාර ගුරුකාර කොට නිසා වෙසෙත් නම් වහන්ස, මම භාග්‍යවතුන් කෙරෙහි ඒ මේ සතර වන දහම දක්මි.
Pali BJTපුන චපරං භන්තෙ, භගවා පවිවිත්තො, පවිවෙකස්ස ච වණ්ණවාදී. යම්පි භන්තෙ, භගවා පවිවිත්තො, පවිවෙකස්ස ච වණ්ණවාදී. ඉමං ඛො අහං භන්තෙ භගවති පඤ්චමං ධම්මං සමනුපස්සාමි යෙන භගවන්තං සාවකා සක්කරොන්ති ගරුකරොන්ති මානෙන්ති පූජෙන්ති සක්කත්වා ගරුකත්වා උපනිස්සාය විහරන්ති. ඉමෙ ඛො අහං භන්තෙ භගවති පඤ්චධම්මෙ සමනුපස්සාමි යෙහි භගවන්තං සාවකා සක්කරොන්ති ගරුකරොන්ති මානෙන්ති පූජෙන්ති, සක්කත්වා ගරුකත්වා උපනිස්සාය විහරන්තීති.
Sinhala BJTතවද වහන්ස, භාග්‍යවතුන් වහන්සේ උපධි විවේක ඇතියහ, උපධිවිවේකයෙ (නිවනෙ) හි ද ගුණ කියවනුවහ. යම් හෙයකින් වහන්ස, භාග්‍යවතුන් වහන්සේ උපධි විවේක ඇති සේක් ද, උපධිවිවේකයෙහි ද ගුණ කියන සේක ද, යම් කරුණෙකින් ශ්‍රාවකයෝ භාග්‍යවතුන්ට සත්කාර ගුරුකාර මානන පූජා කෙරෙත් නම් සත්කාර ගුරුකාර කොට නිසා වෙසෙත් නම් වහන්ස, මම භාග්‍යවතුන් කෙරෙහි ඒ මේ පස් වන දහම දක්මි. වහන්ස, මම ‘යම් ධර්‍ම කෙනෙකුන් හේතු කොට ගෙන ශ්‍රාවකයෝ භාග්‍යවතුන්ට සත්කාර ගුරුකාර මානන පූජා කෙරෙත් ද සත්කාර ගුරුකාර කොට නිසා වෙසෙත් ද’ ඒ මේ දහම්පස භාග්‍යවතුන් කෙරෙහි දක්මි’යි.
Pali BJTඅප්පාහාරො සමණො ගොතමො අප්පාහාරතාය ච වණ්ණවාදීති ඉති චෙ මං උදායි සාවකා සක්කරෙය්යුං ගරුකරෙය්යුං{1} මානෙය්යුං පූජෙය්යුං, සක්කත්වා ගරුකත්වා උපනිස්සාය විහරෙය්යුං. සන්ති ඛො පන මෙ උදායි, සාවකා කොසකාහාරාපි අඩ්ඪකොසකාහාරාපි බෙලුවාහාරාපි අඩ්ඪබෙලුවාහාරාපි. අහං ඛො පනුදායි, අප්පෙකදා ඉමිනා පත්තෙන සමතිත්තිකම්පි භුඤ්ජාමි, භිය්යොපි භුඤ්ජාමි. අප්පාහාරො සමණො ගොතමො අප්පාහාරතාය ච වණ්ණවාදීති ඉති චෙ මං උදායි සාවකා සක්කරෙය්යුං ගරුකරෙය්යුං මානෙය්යුං පූජෙය්යුං, සක්කත්වා ගරුකත්වා උපනිස්සාය විහරෙය්යුං. යෙ තෙ උදායි, මම සාවකා කොසකාහාරාපි අඩ්ඪකොසකාහාරාපි බෙලුවාහාරාපි අඩ්ඪබෙලුවාහාරාපි, න මං තෙ ඉමිනා ධම්මෙන සක්කරෙය්යුං ගරුකරෙය්යුං මානෙය්යුං පූජෙය්යුං, සක්කත්වා ගරුකත්වා උපනිස්සාය විහරෙය්යුං.
Sinhala BJTඉදින් උදායී, ‘ශ්‍රමණ ගෞතම අල්පාහාර ඇත්තේ යැ අල්පාහාර බැව්හි ගුණ කියන්නේ යැ’යි මෙසේ මට ශ්‍රාවකයෝ සත්කාර කරන්නාහු ගුරුකාර කරන්නාහු මානන කරන්නාහු පූජන කරන්නාහු වෙත් නම් සත්කාර කොට ගුරුකාර කොට නිසා වෙසෙත් නම්, උදායී, මාගේ ශ්‍රාවකයෝ සරළුවක් පමණ අහර වළඳන්නාහු ද අඩ සරළුවක් පමණ අහර වළඳන්නාහු ද බෙලිගෙඩියක් පමණ අහර වළඳන්නාහු ද අඩබෙලි ගෙඩියක් පමණ අහර වළඳන්නාහු ද ඇත. උදායී, මම් වූ කලී ඇතැම් දවසෙකැ මේ පාත්‍රයෙන් මුවවිට යටහිර දක්වා වූ අහර ද වළඳමි. අධිකව ද වළඳිමි. ඉදින් උදායී, ‘ශ්‍රමණ ගෞතම අල්පාහාර ඇත්තේ යැ අල්පාහාරතායෙහි ද ගුණ කියන්නේ යැ’යි මෙසේ මට ශ්‍රාවකයෝ සත්කාර කරන්නාහු ගුරුකාර කරන්නාහු මානන කරන්නාහු පූජා කරන්නාහු වෙත් නම් සත්කාර කොට ගුරුකාර කොට නිසා වෙසෙත් නම්, උදායී, සරළුවක් පමණ අහර වළඳන්නා වූ ද අඩ සරළුවක් පමණ අහර වළඳන්නා වූ ද බෙලිගෙඩියක් පමණ අහර වළඳන්නා වූ ද අඩබෙලිගෙඩියක් පමණ අහර වළඳන්නා වූ ද යම් මාගේ ශ්‍රාවක කෙනෙක් ඇද්ද, ඔහු මට මෙ කරුණින් සත්කාර නො කරන්නාහ, ගුරුකාර නො කරන්නාහ, මානන නො කරන්නාහ, පූජා නො කරන්නාහ. සත්කාර කොට ගරුකාර කොට නිසා නො වසන්නාහු යැ.
Pali BJTසන්තුට්ඨො සමණො ගොතමො ඉතරීතරෙන චීවරෙන ඉතරීතරචීවරසන්තුට්ඨියා ච වණ්ණවාදීති ඉති චෙ මං උදායි සාවකා සක්කරෙය්යුං ගරුකරෙය්යුං මානෙය්යුං පූජෙය්යුං සක්කත්වා ගරුකත්වා උපනිස්සාය විහරෙය්යුං. සන්ති ඛො පන මෙ උදායි, සාවකා පංසුකූලිකා ලූඛචීවරධරා තෙ සුසානා වා සඞ්කාරකූටා වා පාපණිකා{2} වා නන්තකානි උච්චිනිත්වා{3} සඞ්ඝාටිං කරිත්වා ධාරෙන්ති. අහං ඛො පනුදායි, අප්පෙකදා ගහපතිචීවරානි{4} ධාරෙමි දළ්හානි යත්ථ ලූඛානි අලාපුලොමසානි{5}. සන්තුට්ඨො සමණො ගොතමො ඉතරීතරෙන චීවරෙන,
Sinhala BJTඉදින් උදායී, ශ්‍රමණ ගෞතම ඉතරීතරචීවර ප්‍රත්‍යයෙන් සන්තුෂ්ට යැ ඉතරීතර චීවරසන්තුෂ්ටියෙහි ද ගුණ කියන්නේ යැ’යි මෙසේ මට ශ්‍රාවකයෝ සත්කාරකරන්නාහු ගරුකාරකරන්නාහු මානන කරන්නාහු පූජා කරන්නාහු වෙත් නම්, සත්කාර කොට ගරුකාර කොට නිසා වෙසෙත් නම් උදායී, මාගේ ශ්‍රාවකයෝ වැළිත් පසුල් දරන්නාහු රළුසිවුරු දරන්නාහු ඇත. ඔහු සොහොනින් වේවයි කසළගොඩින් වේවයි අවුණුදොරින් වේවයි මහලුපිළී අවුලාගෙන සඟළසිවුරු කොට ධරති. උදායී, මම් වූකලී ඇතැම් දවසෙකැ යම් සිවුරෙකැ රළුහූ ලබුලොම් බඳු වේ ද එබඳු වූ, දළ ගැහැවිසිවුරු ධරමි. ඉදින් උදායී, ශ්‍රමණ ගෞතම ඉතරීතරචීවර ප්‍රත්‍යයෙන් සන්තුෂ්ට යැ
Pali BJTඉතරීතරචීවරසන්තුට්ඨියා ච වණ්ණවාදීති. ඉති චෙ මං උදායි සාවකා සක්කරෙය්යුං ගරුකරෙය්යුං මානෙය්යුං පූජෙය්යුං සක්කත්වා ගරුකත්වා උපනිස්සාය විහරෙය්යුං. යෙ තෙ උදායි, මම සාවකා පංසුකූලිකා ලූඛචීවරධරා තෙ සුසානා වා සඞ්කාරකූටා වා පාපණිකා වා නන්තකානි උච්චිනිත්වා සඞ්ඝාටිං කරිත්වා ධාරෙන්ති, න මං තෙ ඉමිනා ධම්මෙන සක්කරෙය්යුං ගරුකරෙය්යුං මානෙය්යුං පූජෙය්යුං, සක්කත්වා ගරුකත්වා උපනිස්සාය විහරෙය්යුං.
Sinhala BJTඉතරීතර චීවරසන්තුෂ්ටියෙහි ද ගුණ කියන්නේ යැ’යි මෙසේ මට ශ්‍රාවකයෝ සත්කාර කරන්නාහු ගුරුකාර කරන්නාහු මානන කරන්නාහු පූජා කරන්නාහු වෙත් නම් සත්කාර කොට ගුරුකාර කොට නිසා වෙසෙත් නම්, උදායී, මාගේ යම් ශ්‍රාවක කෙනෙක් පසුල් දරන්නාහු ද රළුසිවුරු දරන්නාහු ද ඔහු සොහොනින් වේවයි කසළගොඩින් වේවයි අවුණුදොරින් වේවයි මහලුපිළී (හිරා) අවුලාගෙන සඟළසිවුරු කොට දරත් ද ඔහු මට මෙ කරුණින් සත්කාර නො කරන්නාහ, ගුරුකාර නො කරන්නාහ, මානන නො කරන්නාහ, පූජා නො කරන්නාහ. සත්කාර කොට ගරුකාර කොට නිසා නො වසන්නාහු යැ.
Pali BJTසන්තුට්ඨො සමණො ගොතමො ඉතරීතරෙන පිණ්ඩපාතෙන, ඉතරීතරපිණ්ඩපාතසන්තුට්ඨියා ච වණ්ණවාදීති, ඉති චෙ මං උදායි, සාවකා සක්කරෙය්යුං ගරුකරෙය්යුං මානෙය්යුං පූජෙය්යුං සක්කත්වා ගරුකත්වා උපනිස්සාය විහරෙය්යුං. සන්ති ඛො පන මෙ උදායි සාවකා පිණ්ඩපාතිකා සපදානචාරිනො උඤ්ඡෙපකෙ{1} වතෙ රතා, තෙ අන්තරඝරං පවිට්ඨා සමානා ආසනෙනපි නිමන්තියමානා න සාදියන්ති. අහං ඛො පනුදායි, අප්පෙකදා නිමන්තනෙපි භුඤ්ජාමි සාලීනං ඔදනං විචිතකාළකං අනෙකසූපං අනෙකබ්යඤ්ජනං. සන්තුට්ඨො සමණො ගොතමො ඉතරීතරෙන පිණ්ඩපාතෙන ඉතරීතරපිණ්ඩපාතසන්තුට්ඨියා ච වණ්ණවාදීති. ඉති චෙ මං උදායි සාවකා සක්කරෙය්යුං ගරුකරෙය්යුං මානෙය්යුං පූජෙය්යුං, සක්කත්වා ගරුකත්වා උපනිස්සාය විහරෙය්යුං. යෙ තෙ උදායි මම සාවකා පිණ්ඩපාතිකා සපදානචාරිනො උඤ්ඡෙපකෙ{1} වතෙ රතා, අන්තරඝරං පවිට්ඨා සමානා ආසනෙනපි නිමන්තියමානා න සාදියන්ති, න මං තෙ ඉමිනා ධම්මෙන සක්කරෙය්යුං ගරුකරෙය්යුං මානෙය්යුං පූජෙය්යුං, සක්කත්වා ගරුකත්වා උපනිස්සාය විහරෙය්යුං.
Sinhala BJTඉදින් උදායී, ‘ශ්‍රමණ ගෞතම ඉතරීතරපිණ්ඩපාත ප්‍රත්‍යයෙන් සන්තුෂ්ට යැ ඉතරීතරපිණ්ඩපාතසන්තුෂ්ටියෙහි දු ගුණ කියන්නේ යැ’යි මෙසේ මට ශ්‍රාවකයෝ සත්කාරකරන්නාහු ගරුකාර කරන්නාහු මානන කරන්නාහු පූජා කරන්නාහු වෙත් නම් සත්කාර කොට ගරුකාර කොට නිසා වෙසෙත් නම් උදායී, මාගේ ශ්‍රාවකයෝ වැළිත් පිණ්ඩපාතිකඞ්ග ඇත්තාහු ගෙපිළිවෙළින් පිඬුසිඟා යන්නාහු ඇවිලිලි අහරෙහි ඇලුණාහු ඇත, ඔහු ඇතුළුගමට පිවිසියාහු අසුනෙනුදු පවරනුලබන්නාහු නො ඉවසති. උදායී, මම් වූකලී ඇතැම් දවසෙකැ නිමන්ත්‍රණයෙහි දු නොයෙක් සූප ඇති ව්‍යඤ්ජන ඇති නිවුඩු හළ හැල් බත් වළඳිමි. ඉදින් උදායී, ‘ශ්‍රමණ ගෞතම ඉතරීතරපිණ්ඩපාත ප්‍රත්‍යයෙන් සන්තුෂ්ට යැ ඉතරීතරපිණ්ඩපාතසන්තුෂ්ටියෙහි දු ගුණ කියන්නේ යැ’යි මෙසේ මට ශ්‍රාවකයෝ සත්කාර කරන්නාහු ගරුකාර කරන්නාහු මානන කරන්නාහු පූජා කරන්නාහු වෙත් නම්, සත්කාර කොට ගරුකාර කොට නිසා වෙසෙත් නම්, උදායී, මාගේ යම් ශ්‍රාවක කෙනෙක් පිණ්ඩපාතිකඞ්ග ඇත්තාහු ගෙපිළිවෙළින් පිඬු සිඟා යන්නාහු ඇවිලිලි අහරෙහි ඇලුණාහු වෙත් ද, ඇතුළුගමට පිවිසියාහු අසුනෙනුදු පවරනු ලබන්නාහු නො ඉවසත් ද, ඔහු මට මෙ කරුණින් සත්කාර නො කරන්නාහ, ගුරුකාර නො කරන්නාහ, මානන නො කරන්නාහ, පූජා නො කරන්නාහ. සත්කාර කොට ගරුකාර කොට නිසා නො වසන්නාහු යැ.
Pali BJTසන්තුට්ඨො සමණො ගොතමො ඉතරීතරෙන සෙනාසනෙන, ඉතරීතරසෙනාසනසන්තුට්ඨියා ච වණ්ණවාදීති ඉති චෙ මං උදායි සාවකා සක්කරෙය්යුං ගරුකරෙය්යුං මානෙය්යුං පූජෙය්යුං, සක්කත්වා ගරුකත්වා උපනිස්සාය විහරෙය්යුං. සන්ති ඛො පන මෙ උදායි, සාවකා රුක්ඛමූලිකා අබ්භොකාසිකා, තෙ අට්ඨමාසෙ ඡන්නං න උපෙන්ති. අහං ඛො පනුදායි, අප්පෙකදා කූටාගාරෙසුපි විහරාමි උල්ලිත්තාවලිත්තෙසු නිවාතෙසු ඵුස්සිතග්ගලෙසු{2} පිහිතවාතපානෙසු. සන්තුට්ඨො සමණො ගොතමො ඉතරීතරෙන සෙනාසනෙන ඉතරීතරසෙනාසනසන්තුට්ඨියා ච වණ්ණවාදීති ඉති චෙ මං උදායි, සාවකා සක්කරෙය්යුං ගරුකරෙය්යුං මානෙය්යුං පූජෙය්යුං, සක්කත්වා ගරුකත්වා උපනිස්සාය විහරෙය්යුං. යෙ තෙ උදායි මම සාවකා රුක්ඛමූලිකා අබ්භොකාසිකා තෙ අට්ඨමාසෙ ඡන්නං න උපෙන්ති. න මං තෙ ඉමිනා ධම්මෙන සක්කරෙය්යුං ගරුකරෙය්යුං මානෙය්යුං පූජෙය්යුං, සක්කත්වා ගරුකත්වා උපනිස්සාය විහරෙය්යුං.
Sinhala BJTඉදින් උදායී, ‘ශ්‍රමණ ගෞතම ඉතරීතරසේනාසන ප්‍රත්‍යයෙන් සන්තුෂ්ට යැ ඉතරීතරසේනාසනසන්තුෂ්ටියෙහි දු ගුණ කියන්නේ යැ’යි මෙසේ මට ශ්‍රාවකයෝ සත්කාර කරන්නාහු ගුරුකාර කරන්නාහු මානන කරන්නාහු පූජා කරන්නාහු වෙත් නම්, සත්කාර කොට ගුරුකාර කොට නිසා වෙසෙත් නම්, උදායී, මාගේ ශ්‍රාවකයෝ වැළිත් රුක්ඛමූලිකඞ්ග ඇත්තාහු අබ්හෝකාසිකඞ්ග ඇත්තාහු ඇත. ඔහු අට මසක් කල් සියන් යටට නො එළඹෙත්. උදායී, මම් වූ කලී ඇතැම් දවසෙකැ ඇතුළත පිටත පිරියම් කළ වළහන ලද වාතප්‍රෙව්ශ ඇති මොනොවට පැහැසූ අගුළු ඇති පියන ලද වාකවුළු ඇති කුළුගෙහි දු වෙසෙමි. ඉදින් උදායී, ‘ශ්‍රමණ ගෞතම ඉතරීතර සේනාසන ප්‍රත්‍යයෙන් සන්තුෂ්ට යැ ඉතරීතරසේනාසන සන්තුෂ්ටියෙහි දු ගුණ කියන්නේ යැ’යි මෙසේ මට ශ්‍රාවකයෝ සත්කාර කරන්නාහු ගුරුකාර කරන්නාහු මානන කරන්නාහු පූජා කරන්නාහු වෙත් නම් සත්කාර කෙට ගුරුකාර කොට නිසා වෙසෙත් නම්, උදායී, මාගේ යම් ශ්‍රාවක කෙනෙක් රුක්ඛමූලිකඞ්ග ඇත්තාහු අබ්හෝකාසිකඞ්ග ඇත්තාහු වෙත් ද, ඔහු අට මසක් කල් සියන් යටට නො එළඹෙත් ද, ඔහු මට මෙ කරුණින් සත්කාර නො කරන්නාහ, ගුරුකාර නො කරන්නාහ, මානන නො කරන්නාහ, පූජා නො කරන්නාහ. සත්කාර කොට ගරුකාර කොට නිසා නො වසන්නාහු යැ.
Pali BJTපවිවිත්තො සමණො ගොතමො, පවිවෙකස්ස ච වණ්ණවාදීති, ඉති චෙ මං උදායි, සාවකා සක්කරෙය්යුං ගරුකරෙය්යුං මානෙය්යුං පූජෙය්යුං, සක්කත්වා ගරුකත්වා උපනිස්සාය විහරෙය්යුං. සන්ති ඛො පන මෙ උදායි සාවකා ආරඤ්ඤකා පන්තසෙනාසනා අරඤ්ඤෙ වනපත්ථානි{1} පන්තානි සෙනාසනානි අජ්ඣොගහෙත්වා විහරන්ති. තෙ අන්වද්ධමාසං{2} සඞ්ඝමජ්ඣෙ ඔසරන්ති පාතිමොක්ඛුද්දෙසාය. අහං ඛො පනුදායි අප්පෙකදා ආකිණ්ණො විහරාමි භික්ඛූහි භික්ඛුනීහි උපාසකෙහි උපාසිකාහි රඤ්ඤා{3} රාජමහාමත්තෙහි තිත්ථියෙහි තිත්ථියසාවකෙහි. පවිවිත්තො සමණො ගොතමො පවිවෙකස්ස ච වණ්ණවාදීති ඉති චෙ මං උදායි, සාවකා සක්කරෙය්යුං ගරුකරෙය්යුං මානෙය්යුං පූජෙය්යුං, සක්කත්වා ගරුකත්වා උපනිස්සාය විහරෙය්යුං. යෙ තෙ උදායි මම සාවකා ආරඤ්ඤකා පන්තසෙනාසනා අරඤ්ඤෙ වනපත්ථානි{1} පන්තානි සෙනාසනානි අජ්ඣොගහෙත්වා{4} විහරන්ති අන්වද්ධමාසං සඞ්ඝමජ්ඣෙ ඔසරන්ති පාතිමොක්ඛුද්දෙසාය. න මං තෙ ඉමිනා ධම්මෙන සක්කරෙය්යුං ගරුකරෙය්යුං මානෙය්යුං පූජෙය්යුං, සක්කත්වා ගරුකත්වා උපනිස්සාය විහරෙය්යුන්ති.
Sinhala BJTඉදින් උදායී, ‘ශ්‍රමණ ගෞතම ප්‍රවිවේක ඇත්තේ යැ ප්‍රවිවේකයෙහි දු ගුණ කියන්නේ යැ’යි මෙසේ මට ශ්‍රාවකයෝ සත්කාර කරන්නාහු ගුරුකාර කරන්නාහු මානන කරන්නාහු පූජා කරන්නාහු වෙත් නම් සත්කාර කොට ගුරුකාර කොට නිසා වෙසෙත් නම්, උදායී, මාගේ ශ්‍රාවකයෝ වැළිත් ආරණ්‍යකාඞ්ග ඇත්තාහු වනසෙනසුන් ඇසුරු කරන්නාහු ඇත. ඔහු වනසෙනසුනට වනයෙහි දුරසෙනසුනට වනයෙහි ඉතා දුර සෙනසුනට වැද වාසය කෙරෙති. ඔහු අඩමසක් පාසා පාමොක් උදෙසුමට සඟමැද රැස් වෙති. උදායී, මම් වූකලී ඇතැම් දවසෙකැ මහණුන් විසින් මෙහෙණන් විසින් උවසුවන් විසින් උවැසියන් විසින් රජු විසින් රජමහමැතිඇමතියන් විසින් තීර්‍ත්‍ථකයන් විසින් තීර්‍ත්‍ථකශ්‍රාවකයන් විසින් ආකුල වැ වෙසෙමි. ඉදින් උදායී, ‘ශ්‍රමණ ගෞතම ප්‍රවිවේක ඇත්තේ යැ ප්‍රවිවේකයෙහි දු ගුණ කියන්නේ යැ’යි මෙසේ මට ශ්‍රාවකයෝ සත්කාර කරන්නාහු ගුරුකාර කරන්නාහු මානන කරන්නාහු පූජා කරන්නාහු වෙත් නම්, සත්කාර කොට ගුරුකාර කොට නිසා වෙසෙත් නම්, උදායී, මාගේ යම් ශ්‍රාවක කෙනෙක් ආරණ්‍යකාඞ්ග ඇත්තාහු වනසෙනසුන් ඇසුරු කරන්නාහු වෙත් ද, වනසෙනසුනට වනයෙහි දුර සෙනසුනට වනයෙහි ඉතා දුර සෙනසුනට වැද වාසය කෙරෙත් ද, අඩමසක් පාසා පාමොක් උදෙසුමට සඟමැද රැස් වෙත් ද, ඔහු මෙකරුණින් මට සත්කාර නො කරන්නාහ, ගුරුකාර නො කරන්නාහ, මානන නො කරන්නාහ, පූජා නො කරන්නාහ, සත්කාර කොට ගරුකාර කොට නිසා නො වන්නාහ” යි.
Pali BJTඉති ඛො උදායි, න මමං සාවකා ඉමෙහි පඤ්චහි ධම්මෙහි සක්කරොන්ති. ගරුකරොන්ති මානෙන්ති පූජෙන්ති, සක්කත්වා ගරුකත්වා උපනිස්සාය විහරන්ති.
Sinhala BJTමෙසෙයින් උදායී, ශ්‍රාවකයෝ මට මෙ පස් කරුණින් සත්කාර ගරුකාර මානන පූජා නො කෙරෙති, සත්කාර ගරුකාර කොට නිසා නො වෙසෙත්.
Pali BJTඅත්ථි ඛො උදායි, අඤ්ඤෙ ච පඤ්ච ධම්මා යෙහි{5} මමං සාවකා{6} සක්කරොන්ති ගරුකරොන්ති මානෙන්ති පූජෙන්ති, සක්කත්වා ගරුකත්වා උපනිස්සාය විහරන්ති. කතමෙ පඤ්ච:
Sinhala BJTඋදායී, යම් කරුණෙකින් ශ්‍රාවකයෝ මට සත්කාර කෙරෙත් ද ගරුකාර කෙරෙත් ද මානන කෙරෙත් ද පූජා කෙරෙත් ද සත්කාර කොට ගරුකාර කොට නිසා වෙසෙත් ද එබඳු වූ අනෙකුදු කරුණු පසෙක් ඇති, කවර පසෙක යත්:
Pali BJTඉධූදායි, මමං සාවකා අධිසීලෙ සම්භාවෙන්ති: සීලවා සමණො ගොතමො පරමෙන සීලක්ඛන්ධෙන සමන්නාගතොති. යම්පුදායි{7} මමං සාවකා{8} අධිසීලෙ සම්භාවෙන්ති: සීලවා සමණො ගොතමො පරමෙන සීලක්ඛන්ධෙන සමන්නාගතොති. අයං ඛො උදායි, පඨමො ධම්මො යෙන මමං සාවකා{8} සක්කරොන්ති ගරුකරොන්ති. මානෙන්ති පූජෙන්ති, සක්කත්වා ගරුකත්වා උපනිස්සාය විහරන්ති.
Sinhala BJTඋදායී, මෙ සස්නෙහි ශ්‍රාවකයෝ ‘ශ්‍රමණ ගෞතම සිල්වත් යැ උත්තම ශීලස්කන්‍ධයෙන් සමන්‍වාගතයැ’යි මා අධිශීලයෙහි සම්භාවන කෙරෙති. උදායී, යම් හෙයකින් ශ්‍රාවකයෝ ‘ශ්‍රමණ ගෞතම සිල්වත් යැ උත්තම ශීලස්කන්‍ධයෙන් සමන්‍වාගතයැ’යි මා අධිශීලයෙහි සම්භාවන කෙරෙත් ද, උදායී, ‘යම් කරුණෙකින් ශ්‍රාවකයෝ මට මෙ පස් කරුණින් සත්කාර කෙරෙත් ද ගරුකාර කෙරෙත් ද මානන කෙරෙත් ද පූජා කෙරෙත් ද සත්කාර කොට ගරුකාර කොට නිසා වෙසෙත් ද මේ වූකලී ඒ පළමු වන කරුණ වෙයි.
Pali BJTපුන චපරං උදායි, මමං සාවකා අභික්කන්තෙ ඤාණදස්සනෙ සම්භාවෙන්ති. ජානංයෙවාහ සමණො ගොතමො ජානාමීති, පස්සංයෙවාහ සමණො ගොතමො පස්සාමීති, අභිඤ්ඤාය සමණො ගොතමො ධම්මං දෙසෙති නො අනභිඤ්ඤාය, සනිදානං සමණො ගොතමො ධම්මං දෙසෙති නො අනිදානං, සප්පාටිහාරියං සමණො ගොතමො ධම්මං දෙසෙති නො අප්පාටිහාරියන්ති. යම්පුදායි මමං සාවකා අභික්කන්තෙ ඤාණදස්සනෙ සම්භාවෙන්ති. ජානංයෙවාහ සමණො ගොතමො ජානාමීති.
Sinhala BJTතවද උදායී, ශ්‍රාවකයෝ සර්‍වතාඥානදර්‍ශනයෙහි මා සම්භාවන කෙරෙති: “ශ්‍රමණ ගෞතම දන්නේ මැ දනිමි කියයි, ශ්‍රමණ ගෞතම දක්නේ මැ දක්මි කියයි, ශ්‍රමණ ගෞතම ප්‍රත්‍යක්‍ෂ නො කොට නොවැ ප්‍රත්‍යක්‍ෂ කොට දහම් දෙසයි, ශ්‍රමණ ගෞතම අකාරණ වැ නො වැ සකාරණ වැ දහම් දෙසයි, ශ්‍රමණ ගෞතම අහේතුකවැ නො වැ සහේතුක වැ දහම් දෙසා” යයි. යම් හෙයකින් උදායී, ශ්‍රාවකයෝ: “ශ්‍රමණ ගෞතම දන්නේ මැ දනිමි කියයි,
Pali BJTපස්සංයෙවාහ සමණො ගොතමො පස්සාමීති. අභිඤ්ඤාය සමණො ගොතමො ධම්මං දෙසෙති නො අනභිඤ්ඤාය, සනිදානං සමණො ගොතමො ධම්මං දෙසෙති නො අනිදානං, සප්පාටිහාරියං සමණො ගොතමො ධම්මං දෙසෙති නො අප්පාටිහාරියන්ති. අයං ඛො උදායි, දුතියො ධම්මො යෙන මමං සාවකා සක්කරොන්ති ගරුකරොන්ති මානෙන්ති පූජෙන්ති, සක්කත්වා ගරුකත්වා උපනිස්සාය විහරන්ති.
Sinhala BJTශ්‍රමණ ගෞතම දක්නේ මැ දක්මි කියයි, ශ්‍රමණ ගෞතම ප්‍රත්‍යක්‍ෂ නො කොට නොවැ ප්‍රත්‍යක්‍ෂ කොට දහම් දෙසයි, ශ්‍රමණ ගෞතම අකාරණ වැ නො වැ සකාරණ වැ දහම් දෙසයි, ශ්‍රමණ ගෞතම අහේතුකවැ නො වැ සහේතුක වැ දහම් දෙසා” යයි සර්‍වතාඥානදර්‍ශනයෙහි මා සම්භාවන කෙරෙත් ද, උදායී, යම් කරුණෙකින් ශ්‍රාවකයෝ ම සත්කාර කෙරෙත් ද ගරුකාර කෙරෙත් ද මානන කෙරෙත් ද පූජා කෙරෙත් ද, සත්කාර කොට ගරුකාර කොට නිසා වෙසෙත් ද මේ වූකලී ඒ දෙවන කරුණ වෙයි.
Pali BJTපුන චපරං උදායි, මමං සාවකා{1} අධිපඤ්ඤාය සම්භාවෙන්ති: පඤ්ඤවා සමණො ගොතමො පරමෙන පඤ්ඤාක්ඛන්ධෙන සමන්නාගතො. තං වත අනාගතං වා වාදපථං න දක්ඛති උප්පන්නං වා පරප්පවාදං න සහධම්මෙන සුනිග්ගහීතං නිග්ගණ්හිස්සතීති{2} නෙතං ඨානං විජ්ජති. තං කිං මඤ්ඤසි උදායි? අපි නු මෙ සාවකා එවං ජානන්තා එවං පස්සන්තා අන්තරන්තරා කථං ඔපාතෙය්යුන්ති? නො හෙතං භන්තෙ. න ඛො පනාහං උදායි සාවකෙසු අනුසාසනිං පච්චාසිංසාමි අඤ්ඤදත්ථු මමංයෙව සාවකා අනුසාසනිං පච්චාසිංසන්ති. යම්පුදායි{3} මමං සාවකා අධිපඤ්ඤාය සම්භාවෙන්ති පඤ්ඤවා සමණො ගොතමො පරමෙන පඤ්ඤාක්ඛන්ධෙන සමන්නාගතො. තං වත අනාගතං වා වාදපථං න දක්ඛති උප්පන්නං වා පරප්පවාදං න සහධම්මෙන සුනිග්ගහිතං නිග්ගණ්හිස්සතීති{2} නෙතං ඨානං විජ්ජති. අයං ඛො උදායි, තතියො ධම්මො යෙන මමං සාවකා{1} සක්කරොන්ති ගරුකරොන්ති මානෙන්ති පූජෙන්ති, සක්කත්වා ගරුකත්වා උපනිස්සාය විහරන්ති.
Sinhala BJTතවද උදායී, ශ්‍රාවකයෝ මා අධිප්‍රඥායෙහි (තත්‍වැසිනුවණෙහි) සම්භාවන කෙරෙති “ශ්‍රමණ ගෞතම ප්‍රඥා ඇත්තේ යැ, උත්තම ප්‍රඥාස්කන්‍ධයෙන් සමන්‍වාගත යැ, ‘ඒ අනාගත වාදපථය හෝ නො දක්නේ යැ උපන්නා වූ හෝ පරවාද සකාරණ වැ මොනොවට නිග්‍රහ කරන ලද කොට නො නිගන්නේ යැ’ යන තෙල කරුණ නො පැනෙයි.” උදායී, එය කිමැ’යි හඟී ද? මාගේ ශ්‍රාවකයෝ මෙසේ දන්නාහු මෙසේ දක්නාහු අතුරතුරෙහි කථා ඔවත් දැ?යි. තෙල කරුණ නො වේ මැ යි වහන්ස, උදායී, මම් වැළිත් ශ්‍රාවකයන් කෙරෙහි අනුශාසනාව නො පතමි. ඒකාන්තයෙන් ශ්‍රාවකයෝ මාගෙන් මැ අනුශාසනාව පතති. යම් හෙයකින් උදායී ශ්‍රාවකයෝ මා අධිප්‍රඥායෙහි සම්භාවන කෙරෙත් ද: “ශ්‍රමණ ගෞතම ප්‍රඥාවත් යැ, උත්තම වූ ප්‍රඥාස්කන්‍ධයෙන් සමන්‍වාගත යැ, ‘ඒ අනාගත වාදපථය හෝ නො දක්නේ යැ උපන්නා වූ හෝ පරවාද සකාරණ වැ මොනොවට නිග්‍රහ කරන ලද කොට නො නිගන්නේ යැ’ යන තෙල කරුණ නො පැනේ” යයි. උදායී, යම් කරුණෙකින් ශ්‍රාවකයෝ මට සත්කාර කෙරෙත් ද ගරුකාර කෙරෙත් ද මානන කෙරෙත් ද පූජා කෙරෙත් ද, සත්කාර කොට ගරුකාර කොට නිසා වෙසෙත් ද මේ වූකලී ඒ තුන්වන කරුණ වෙයි.
Pali BJTපුන චපරං උදායි, මම සාවකා යෙන දුක්ඛෙන දුක්ඛොතිණ්ණා දුක්ඛපරෙතා තෙ මං උපසඞ්කමිත්වා දුක්ඛං අරියසච්චං පුච්ඡන්ති. තෙසාහං දුක්ඛං අරියසච්චං පුට්ඨො ව්යාකරොමි, තෙසාහං චිත්තං ආරාධෙමි පඤ්හස්ස වෙය්යාකරණෙන. තෙ මං දුක්ඛසමුදයං -පෙ- දුක්ඛනිරොධං -පෙ- දුක්ඛනිරොධගාමිනීපටිපදං අරියසච්චං පුච්ඡන්ති. තෙසාහං දුක්ඛනිරොධගාමිනීපටිපදං අරියසච්චං පුට්ඨො ව්යාකරොමි, තෙසාහං චිත්තං ආරාධෙමි පඤ්හස්ස වෙය්යාකරණෙන. යම්පුදායි{3}, මමං සාවකා යෙන දුක්ඛෙන දුක්ඛොතිණ්ණා දුක්ඛපරෙතා තෙ මං උපසඞ්කමිත්වා දුක්ඛං අරියසච්චං පුච්ඡන්ති, තෙසාහං දුක්ඛං අරියසච්චං පුට්ඨො ව්යාකරොමි. තෙසාහං චිත්තං ආරාධෙමි පඤ්හස්ස වෙය්යාකරණෙන. තෙ මං දුක්ඛසමුදයං -පෙ- දුක්ඛනිරොධං -පෙ- දුක්ඛනිරොධගාමිනීපටිපදං අරියසච්චං පුච්ඡන්ති. තෙසාහං දුක්ඛනිරොධගාමිනීපටිපදං අරියසච්චං පුට්ඨො ව්යාකරොමි. තෙසාහං චිත්තං ආරාධෙමි පඤ්හස්ස වෙය්යාකරණෙන. අයං ඛො උදායි, චතුත්ථො ධම්මො යෙන මමං සාවකා සක්කරොන්ති ගරුකරොන්ති මානෙන්ති පූජෙන්ති, සක්කත්වා ගරුකත්වා උපනිස්සාය විහරන්ති.
Sinhala BJTතවද උදායී, මාගේ ශ්‍රාවකයෝ යම් දුකෙකින් දුකට බටුවාහු දුකින් මැඩුණාහු ද, ඔහු මා කරා එළැඹ දුඃඛාර්‍ය්‍යසත්‍යය පුළුවුස්සති, මම් ඔවුන් විසින් දුඃඛාර්‍ය්‍යසත්‍යය පුළුවුස්නාලද්දෙම් ප්‍රකාශ කෙරෙමි, මම් ප්‍රශ්නව්‍යාකරණයෙන් ඔවුන්ගේ සිත් ගනිමි. ඔහු මා දුඃඛසමුදය … දුඃඛනිරෝධය ... දුඃඛනිරෝධගාමිනීප්‍රතිපදාර්‍ය්‍යසත්‍යය පුළුවුස්සති, මම් ඔවුන් විසින් දුඃඛනිරෝධගාමිනීප්‍රතිපදාර්‍ය්‍යසත්‍යය පුළුවුස්නා ලද්දෙම් ප්‍රකාශ කෙරෙමි, මම ප්‍රශ්නව්‍යාකරණයෙන් ඔවුන්ගේ සිත් ගනිමි. යම් හෙයකින් උදායී, මාගේ ශ්‍රාවකයෝ යම් දුකෙකින් දුකට බටුවාහු දුකින් මැඩුණාහු ද, ඔහු මා කරා එළැඹ දුඃඛාර්‍ය්‍යසත්‍යය පුළුවුසිත් ද, මම ඔවුන් විසින් දුඃඛාර්‍ය්‍යසත්‍යය පුළුවුස්නා ලද්දෙම් ප්‍රකාශ කෙරෙම් ද, මම ප්‍රශ්නව්‍යාකරණයෙන් ඔවුන්ගේ සිත් ගනිම් ද ඔහු මා දුඃඛසමුදය ... දුඃඛනිරෝධය ... දුඃඛනිරෝධගාමිනී ප්‍රතිපදාර්‍ය්‍යසත්‍යය පුළුවුසිත් ද, මම් ඔවුන් විසින් දුඃඛනිරෝධගාමිනීප්‍රතිපදාර්‍ය්‍යසත්‍යය පුළුවුස්නා ලද්දෙම් ප්‍රකාශ කෙරෙමි, මම ප්‍රශ්නව්‍යාකරණයෙන් ඔවුන්ගේ සිත් ගනිම් ද, උදායී, යම් කරුණෙකින් ශ්‍රාවකයෝ මට සත්කාර ගරුකාර මානන පූජා කෙරෙත් නම්, සත්කාර ගරුකාර කොට නිසා වෙසෙත් නම්, මේ වූකලී ඒ සතරවන කරුණ වෙයි.
Pali BJTපුන චපරං උදායි, අක්ඛාතා මයා සාවකානං පටිපදා යථාපටිපන්නා මෙ සාවකා චත්තාරො සතිපට්ඨානෙ භාවෙන්ති. ඉධුදායි භික්ඛු කායෙ කායානුපස්සී විහරති ආතාපී සම්පජානො සතිමා විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං. වෙදනාසු -පෙ- චිත්තෙ -පෙ- ධම්මෙසු ධම්මානුපස්සී විහරති ආතාපී සම්පජානො සතිමා විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං. තත්ර ච පන මෙ සාවකා බහූ අභිඤ්ඤාවොසානපාරමිප්පත්තා විහරන්ති.
Sinhala BJTතවද උදායී, මා විසින් ශ්‍රාවකයනට පිළිවෙත් කියන ලද යැ; යථාප්‍රතිපන්න වූ මාගේ ශ්‍රාවකයෝ සතර සීවටන් වඩති: උදායී, මෙ සස්නෙයි මහණ කෙලෙස් තවන වැර ඇති වැ සම්‍යග්ඥාන ඇති වැ සිහි ඇති වැ කාය සඞ්ඛ්‍යාත ලෝකයෙහි අභිධ්‍යාදොමනස්‍යයන් දුරු කොට කයෙහි කය අනුව බලමින් වෙසෙයි. වේදනාවෙහි … චිත්තයෙහි … ධර්‍මයන්හි කෙලෙස් තවන වැර ඇති වැ සම්‍යග්ඥාන ඇති වැ සිහි ඇති වැ ධර්‍ම සඞ්ඛ්‍යාත ලෝකයෙහි අභිධ්‍යාදොමනස්‍යයන් දුරු කොට ධර්‍මයන්හි ධර්‍මානුදර්ශී වැ වෙසෙයි. එහි දු මාගේ බොහෝ ශ්‍රාවකයෝ අභිඥාවසාන අභිඥාපාරමී සඞ්ඛ්‍යාත අර්‍හත්ත්‍වයට පැමිණ වෙසෙත්.
Pali BJTපුන චපරං උදායි, අක්ඛාතා මයා සාවකානං පටිපදා. යථාපටිපන්නා මෙ සාවකා චත්තාරො සම්මප්පධානෙ භාවෙන්ති. ඉධුදායි, භික්ඛු අනුප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං අනුප්පාදාය ඡන්දං ජනෙති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති. උප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං පහානාය ඡන්දං ජනෙති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති. පදහති. අනුප්පන්නානං කුසලානං ධම්මානං උප්පාදාය ඡන්දං ජනෙති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති. උප්පන්නානං කුසලානං ධම්මානං ඨිතියා අසම්මොසාය භිය්යොභාවාය වෙපුල්ලාය භාවනාය පාරිපූරියා ඡන්දං ජනෙති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති. තත්ර ච පන මෙ සාවකා බහූ අභිඤ්ඤාවොසානපාරමිප්පත්තා විහරන්ති.
Sinhala BJTතවද උදායී, මා විසින් ශ්‍රාවකයනට පිළිවෙත් කියන ලද. යථාප්‍රතිපන්න වූ මාගේ ශ්‍රාවකයෝ සතර සම්‍යක් ප්‍රධානයන් වඩති. උදායී, මෙ සස්නෙහි මහණ නූපන් ලාමක අකුසල් දහම් නූපදනා පිණිස කත්තුකම්‍යතා කුසලච්ඡන්‍දය උපදවයි, ප්‍රයෝග කෙරෙයි, වීර්‍ය්‍ය කෙරෙයි, සිත නඟයි, ප්‍රධන්වීර්‍ය්‍ය කෙරේ. උපන් ලමු අකුසල්දහම් දුරු කරන පිණිස ඡන්‍දය උපදවයි, වෑයම් කෙරෙයි, සිත නඟයි, ප්‍රධන්වීර්‍ය්‍ය කෙරේ. නූපන් කුසල්දහම් උපදනා පිණිස ඡන්‍දය උපදවයි, වෑයම් කෙරෙයි, වීර්‍ය්‍ය කෙරෙයි, සිත නඟයි, ප්‍රධන් වීර්‍ය්‍ය කෙරේ. උපන් කුසල් දහම් සිටුනා පිණිස නො නස්නා පිණිස බහුල බව පිණිස විපුලබව පිණිස වඩනා පිණිස පිරිපුන් බව පිණිස ඡන්‍දය උපදවයි, වෑයම් කෙරෙයි, වීර්‍ය්‍ය කෙරෙයි, සිත නඟයි, ප්‍රධන් වීර්‍ය්‍ය කෙරේ. එහි දු මාගේ බොහෝ ශ්‍රාවකයෝ අභිඥාවසාන අභිඥාපාරමී සඞ්ඛ්‍යාත රහත් බවට පැමිණ වෙසෙත්.
Pali BJTපුන චපරං උදායි අක්ඛාතා මයා සාවකානං පටිපදා යථාපටිපන්නා මෙ සාවකා චත්තාරො ඉද්ධිපාදෙ භාවෙන්ති. ඉධූදායි භික්ඛු ඡන්දසමාධිපධානසඞ්ඛාරසමන්නාගතං ඉද්ධිපාදං භාවෙති. විරියසමාධි -පෙ- චිත්තසමාධි -පෙ- වීමංසාසමාධිපධානසඞ්ඛාරසමන්නාගතං ඉද්ධිපාදං භාවෙති. තත්ර ච පන මෙ සාවකා බහූ අභිඤ්ඤාවොසානපාරමිප්පත්තා විහරන්ති.
Sinhala BJTතවද උදායී, මා විසින් ශ්‍රාවකයනට පිළිවෙත් කියන ලද. යථාප්‍රතිපන්න වූ මාගේ ශ්‍රාවකයෝ සතර ඍද්ධිපාදයන් වඩති. උදායී, මෙ සස්නෙහි මහණ ඡන‍්‍දාධිපති සමාධියෙන් හා ප්‍රධානසංස්කාරයන් ගෙන් සමන්‍වාගත වූ ඍද්ධිපාදය වඩයි. වීර්‍ය්‍යාධිපති සමාධියෙන් … චිත්තාධිපති සමාධියෙන් … වීමංසාධිපති සමාධියෙන් හා ප්‍රධාන සංස්කාරයන් ගෙන් සමන්‍වාගත වූ ඍද්ධිපාදය වඩයි. එහි දු මාගේ බොහෝ ශ්‍රාවකයෝ අභිඥාවසාන අභිඥාපාරමී සඞ්ඛ්‍යාත රහත් බවට පැමිණ වෙසෙත්.
Pali BJTපුන චපරං උදායි, අක්ඛාතා මයා සාවකානං පටිපදා. යථාපටිපන්නා මෙ සාවකා පඤ්චින්ද්රියානි භාවෙන්ති. ඉධුදායි භික්ඛු සද්ධින්ද්රියං භාවෙති උපසමගාමිං සම්බොධගාමිං. විරියින්ද්රියං භාවෙති -පෙ- සතින්ද්රියං භාවෙති -පෙ- සමාධින්ද්රියං භාවෙති -පෙ- පඤ්ඤින්ද්රියං භාවෙති උපසමගාමිං සම්බොධගාමිං. තත්ර ච පන මෙ සාවකා බහූ අභිඤ්ඤාවොසානපාරමිප්පත්තා විහරන්ති.
Sinhala BJTතවද උදායී, මා විසින් ශ්‍රාවකයනට පිළිවෙත් කියන ලද, යථාප්‍රතිපන්න වූ මාගේ ශ්‍රාවකයෝ පඤ්චේන්‍ද්‍රියයන් වඩති. උදායී, මෙ සස්නෙහි මහණ කෙලෙසුන් සන්හිඳුවනසුලු සම්බෝධියට පමුණුවනසුලු ශ්‍රද්ධේන්‍ද්‍රිය වඩයි,. … වීර්‍ය්‍යෙන්‍ද්‍රිය වඩයි … ස්මෘතින්‍ද්‍රිය වඩයි … සමාධීන්‍ද්‍රිය වඩයි, කෙලෙසුන් සන්හිඳුවනසුලු සම්බෝධියට පමුණුවනසුලු ප්‍රඥේන්‍ද්‍රිය වඩයි. එහි දු මාගේ බොහෝ ශ්‍රාවකයෝ අභිඥාවසාන අභිඥාපාරමී සඞ්ඛ්‍යාත අර්‍හත්‍වයට පැමිණ වෙසෙත්.
Pali BJTපුන චපරං උදායි, අක්ඛාතා මයා සාවකානං පටිපදා, යථාපටිපන්නා මෙ සාවකා පඤ්චබලානි භාවෙන්ති. ඉධුදායි, භික්ඛු සද්ධාබලං භාවෙති උපසමගාමිං සම්බොධගාමිං. විරියබලං භාවෙති -පෙ- සතිබලං භාවෙති -පෙ- සමාධිබලං භාවෙති -පෙ- පඤ්ඤාබලං භාවෙති උපසමගාමිං සම්බොධගාමිං. තත්ර ච පන මෙ සාවකා බහූ අභිඤ්ඤාවොසානපාරමිප්පත්තා විහරන්ති.
Sinhala BJTතවද උදායී, මා විසින් ශ්‍රාවකයනට පිළිවෙත් කියන ලද. යථාප්‍රතිපන්න වූ මාගේ ශ්‍රාවකයෝ පඤ්චබලයන් වඩති. උදායී, මෙ සස්නෙහි මහණ කෙලෙසුන් සන්හිඳුවනසුලු සම්බෝධියට පමුණුවනසුලු ශ්‍රද්ධාබලය වඩයි … වීර්‍ය්‍යබලය වඩයි … ස්මෘතිබලය වඩයි … සමාධිබලය වඩයි, කෙලෙසුන් සන්හිඳුවනසුලු සම්බෝධියට පමුණුවනසුලු ප්‍රඥාබලය වඩයි. එහි දු මාගේ බොහෝ ශ්‍රාවකයෝ අභිඥාවසාන අභිඥාපාරමී සඞ්ඛ්‍යාත අර්‍හත්‍වයට පැමිණ වෙසෙත්.
Pali BJTපුන චපරං උදායි, අක්ඛාතා මයා සාවකානං පටිපදා යථාපටිපන්නා මෙ සාවකා සත්තබොජ්ඣඞ්ගෙ භාවෙන්ති. ඉධුදායි, භික්ඛු සතිසම්බොජ්ඣඞ්ගං භාවෙති විවෙකනිස්සිතං විරාගනිස්සිතං නිරොධනිස්සිතං වොස්සග්ගපරිණාමිං, ධම්මවිචයසම්බොජ්ඣඞ්ගං භාවෙති -පෙ- විරියසම්බොජ්ඣඞ්ගං භාවෙති -පෙ- පීතිසම්බොජ්ඣඞ්ගං භාවෙති -පෙ- පස්සද්ධිසම්බොජ්ඣඞ්ගං භාවෙති -පෙ- සමාධිසම්බොජ්ඣඞ්ගං භාවෙති -පෙ- භාවෙති විවෙකනිස්සිතං විරාගනිස්සිතං නිරොධනිස්සිතං වොස්සග්ගපරිණාමිං. තත්ර ච පන මෙ සාවකා බහූ අභිඤ්ඤාවොසානපාරමිප්පත්තා විහරන්ති.
Sinhala BJTතවද උදායී, මා විසින් ශ්‍රාවකයනට පිළිවෙත් කියන ලද. යථාප්‍රතිපන්න වූ මාගේ ශ්‍රාවකයෝ සප්ත බෝධ්‍යඞ්ගයන් වඩති. උදායී, මෙ සස්නෙහි මහණ විවේකය ඇසුරු කළ විරාගය ඇසුරු කළ නිරෝධය ඇසුරු කළ ක්ලේශපරිත්‍යාග හා නිර්‍වාණාලම්බන සඞ්ඛ්‍යාත වොස්සග්ගයට පිරිනැමෙනසුලු ස්මෘතිසම්බොධ්‍යඞ්ගය වඩයි … ධර්‍මවිචයසම්බෝධ්‍යඞ්ගය වඩයි ... වීර්‍ය්‍යසම්බෝධ්‍යඞ්ගය වඩයි … ප්‍රීතිසම්බෝධ්‍යඞ්ගය වඩයි … ප්‍රශ්‍රබ්ධිසම්බෝධ්‍යඞ්ගය වඩයි … සමාධිසම්බෝධ්‍යඞ්ගය වඩයි. විවේකය ඇසුරු කළ විරාගය ඇසුරු කළ නිරෝධය ඇසුරු කළ වොස්සග්ගයට පිරිනැමෙනසුලු උපේක්‍ෂාසම්බෝධ්‍යඞ්ගය වඩයි. එහි දු මාගේ බොහෝ ශ්‍රාවකයෝ අභිඥාවසාන අභිඥාපාරමී සඞ්ඛ්‍යාත අර්‍හත්‍වයට පැමිණ වෙසෙත්.
Pali BJTපුන චපරං උදායි, අක්ඛාතා මයා සාවකානං පටිපදා යථාපටිපන්නා මෙ සාවකා අරියං අට්ඨඞ්ගිකං මග්ගං භාවෙන්ති. ඉධුදායි, භික්ඛු සම්මාදිට්ඨිං භාවෙති, සම්මාසඞ්කප්පං භාවෙති, සම්මාවාචං භාවෙති, සම්මාකම්මන්තං භාවෙති, සම්මාආජීවං භාවෙති, සම්මාවායාමං භාවෙති, සම්මාසතිං භාවෙති, සම්මාසමාධිං භාවෙති. තත්ර ච පන මෙ සාවකා බහූ අභිඤ්ඤාවොසානපාරමිප්පත්තා විහරන්ති.
Sinhala BJTතවද උදායී, මා විසින් ශ්‍රාවකයනට පිළිවෙත් කියන ලද. යථාප්‍රතිපන්න වූ මාගේ ශ්‍රාවකයෝ ආර්‍ය්‍යඅෂ්ටාංගික මාර්‍ගය වඩති. උදායී, මෙ සස්නෙහි මහණ සම්‍යග්දෘෂ්ටිය වඩයි, සම්‍යක් සංකල්පය වඩයි, සම්‍යග්වචනය වඩයි, සම්‍යක්කර්‍මාන්තය වඩයි, සම්‍යගාජීවය වඩයි, සම්‍යග්ව්‍යායාමය වඩයි, සම්‍යක්ස්මෘතිය වඩයි සම්‍යක් සමාධිය වඩයි. එහි දු මාගේ බොහෝ ශ්‍රාවකයෝ අභිඥාවසාන අභිඥාපාරමී සඞ්ඛ්‍යාත රහත් බවට පැමිණ වෙසෙත්.
Pali BJTපුන චපරං උදායි, අක්ඛාතා මයා සාවකානං පටිපදා යථාපටිපන්නා මෙ සාවකා අට්ඨ විමොක්ඛෙ භාවෙන්ති. රූපී රූපානි පස්සති. අයං පඨමො විමොක්ඛො. අජ්ඣත්තං අරූපසඤ්ඤී බහිද්ධා රූපානි පස්සති. අයං දුතියො විමොක්ඛො. සුභන්තෙව අධිමුත්තො හොති. අයං තතියො විමොක්ඛො. සබ්බසො රූපසඤ්ඤානං සමතික්කම්ම පටිඝසඤ්ඤානං අත්ථඞ්ගමා{1} නානත්තසඤ්ඤානං අමනසිකාරා ‘අනන්තො ආකාසො’ති ආකාසානඤ්චායතනං උපසම්පජ්ජ විහරති. අයං චතුත්ථො විමොක්ඛො. සබ්බසො ආකාසානඤ්චායතනං සමතික්කම්ම ‘අනන්තං විඤ්ඤාණ’න්ති විඤ්ඤාණඤ්චායතනං උපසම්පජ්ජ විහරති. අයං පඤ්චමො විමොක්ඛො. සබ්බසො විඤ්ඤාණඤ්චායතනං සමතික්කම්ම ‘නත්ථි කිඤ්චී’ති ආකිඤ්චඤ්ඤායතනං උපසම්පජ්ජ විහරති. අයං ඡට්ඨො විමොක්ඛො. සබ්බසො ආකිඤ්චඤ්ඤායතනං සමතික්කම්ම නෙවසඤ්ඤානාසඤ්ඤායතනං උපසම්පජ්ජ විහරති. අයං සත්තමො විමොක්ඛො. සබ්බසො නෙවසඤ්ඤානාසඤ්ඤායතනං සමතික්කම්ම සඤ්ඤාවෙදයිතනිරොධං උපසම්පජ්ජ විහරති. අයං අට්ඨමො විමොක්ඛො. තත්ර ච පන මෙ සාවකා බහූ අභිඤ්ඤාවොසානපාරමිප්පත්තා විහරන්ති.
Sinhala BJTතවද උදායී, මා විසින් ශ්‍රාවකයනට පිළිවෙත් කියනලද. යථාප්‍රතිපන්න වූ මාගේ ශ්‍රාවකයෝ අෂ්ට විමෝක්‍ෂයන් වඩති: රූපධ්‍යාන ඇත්තේ (බාහිර) රූපයන් (ධ්‍යාන ඇසින්) දකී. මේ පළමු වන විමෝක්‍ෂය වෙයි. අධ්‍යාත්මයෙහි රූපසංඥා ඇත්තේ (තමාගේ කේශාදියෙහි නො ඉපැදවූ රූපධ්‍යාන ඇත්තේ) බාහිර රූපයන් දකී. මේ දෙවන විමෝක්‍ෂය වෙයි. (වර්‍ණ කසිනයෙහි) ශුභ යයි අධිමුක්ත වූයේ වෙයි, මේ තුන්වන විමෝක්‍ෂය වෙයි. සර්‍වප්‍රකාරයෙන් රූපසංඥාවන් ඉක්ම ප්‍රතිඝසංඥාවන් ගේ අස්තඞ්ගමයෙන් (නැසීමෙන්) නානාත්‍වසංඥාවන් නො මෙනෙහි කිරීමෙන් ‘ආකාශය අනන්ත යැ’යි ආකාසානඤ්චායතනය උපදවා වෙසෙයි. මේ සතරවන විමෝක්‍ෂය වෙයි. සර්‍වප්‍රකාරයෙන් ආකාසානඤ්චායතනය ඉක්ම ‘විඥානය අනන්ත යැ’යි විඤ්ඤාණඤ්චායතනය උපදවා වෙසෙයි. මේ පස්වන විමෝක්‍ෂය වෙයි. සර්‍වප්‍රකාරයෙන් විඤ්ඤාණඤ්චායතනය ඉක්ම ‘කිසිවක් නැතැ’යි ආකිඤ්චඤ්ඤායතනය උපදවා වෙසෙයි. මේ ස වැනි විමෝක්‍ෂය වෙයි. සර්‍වප්‍රකාරයෙන් ආකිඤ්චඤ්ඤායතනය ඉක්ම නේවසඤ්ඤානාසඤ්ඤායතනය උපදවා වෙසෙයි. මේ සත් වැනි විමෝක්‍ෂය වෙයි. සර්‍වප්‍රකාරයෙන් නේවසඤ්ඤානාසඤ්ඤායතනය ඉක්ම සංඥාවේදයිතනිරෝධය උපදවා වෙසෙයි. මේ අට වැනි විමෝක්‍ෂය වේ. එහි දු මාගේ බොහෝ ශ්‍රාවකයෝ අභිඥාවසාන අභිඥාපාරමී සඞ්ඛ්‍යාත රහත් බවට පැමිණ වෙසෙත්.
Pali BJTපුන චපරං උදායි, අක්ඛාතා මයා සාවකානං පටිපදා යථා පටිපන්නා මෙ සාවකා අට්ඨ අභිභායතනානි භාවෙන්ති. අජ්ඣත්තං රූපසඤ්ඤී එකො බහිද්ධා රූපානි පස්සති පරිත්තානි සුවණ්ණදුබ්බණ්ණානි. තානි අභිභුය්ය ජානාමි පස්සාමීති එවංසඤ්ඤී හොති. ඉදං පඨමං අභිභායතනං.
Sinhala BJTතවද උදායී, මා විසින් ශ්‍රාවකයනට පිළිවෙත් කියන ලද. යථාප්‍රතිපන්න වූ මාගේ ශ්‍රාවකයෝ අෂ්ට අභිහායතනයන් වඩති: අධ්‍යාත්මයෙහි රූපසංඥා ඇති එකෙක් අල්පමාත්‍ර (නො වැඩූ) වූ සුවර්‍ණ (පරිශුද්ධ) දුර්‍වණ (අපරිශුද්ධ) වූ බාහ්‍යරූපයන් දකී. එ රූපයන් මැඩගෙන දනිමි දක්මි යන මෙ බඳු සංඥා ඇති වෙයි. මේ පළමු වැනි අභිහායතන යැ.
Pali BJTඅජ්ඣත්තං රූපසඤ්ඤී එකො බහිද්ධා රූපානි පස්සති අප්පමාණානි සුවණ්ණදුබ්බණ්ණානි. තානි අභිභුය්ය ජානාමි පස්සාමීති එවංසඤ්ඤී හොති. ඉදං දුතියං අභිභායතනං.
Sinhala BJTඅධ්‍යාත්මයෙහි රූපසංඥා ඇති එකෙක් අප්‍රමාණ (වැඩුණු) වූ සුවර්‍ණ දුර්‍වණ වූ බාහ්‍යරූපයන් දකී. එ රූ මැඩගෙන දනිමි දක්මි යන මෙ බඳු සංඥා ඇති වෙයි. මේ දෙ වැනි අභිහායතන යැ.
Pali BJTඅජ්ඣත්තං අරූපසඤ්ඤී එකො බහිද්ධා රූපානි පස්සති පරිත්තානි සුවණ්ණදුබ්බණ්ණානි. තානි අභිභුය්ය ජානාමි පස්සාමීති. එවංසඤ්ඤී හොති. ඉදං තතියං අභිභායතනං.
Sinhala BJTඅධ්‍යාත්මයෙහි අරූපසංඥා ඇති එකෙක් අප්‍රමාණ වූ සුවර්‍ණ දුර්‍වණ වූ බාහ්‍යරූපයන් දකී. එ රූ මැඩගෙන දනිමි දක්මි යන මෙ බඳු සංඥා ඇති වෙයි. මේ තුන් වැනි අභිහායතන යැ.
Pali BJTඅජ්ඣත්තං අරූපසඤ්ඤී එකො බහිද්ධා රූපානි පස්සති අප්පමාණානි සුවණ්ණදුබ්බණ්ණානි. තානි අභිභුය්ය ජානාමි පස්සාමීති එවංසඤ්ඤී හොති. ඉදං චතුත්ථං අභිභායතනං.
Sinhala BJTඅධ්‍යාත්මයෙහි අරූපසංඥා ඇති එකෙක් අප්‍රමාණ වූ සුවර්‍ණ දුර්‍වණ වූ බාහ්‍යරූපයන් දකී. එ රූ මැඩගෙන දනිමි දක්මි යන මෙ බඳු සංඥා ඇති වෙයි. මේ සතර වැනි අභිහායතන යැ.
Pali BJTඅජ්ඣත්තං අරූපසඤ්ඤී එකො බහිද්ධා රූපානි පස්සති නීලානි නීලවණ්ණානි නීලනිදස්සනානි නීලනිභාසානි. සෙය්යථාපි නාම උම්මාපුප්ඵං නීලං නීලවණ්ණං නීලනිදස්සනං නීලනිභාසං, සෙය්යථාපි වා පන තං වත්ථං බාරාණසෙය්යකං උභතොභාගවිමට්ඨං{2} නීලං නීලවණ්ණං නීලනිදස්සනං නීලනිභාසං{3} එවමෙවං අජ්ඣත්තං අරූපසඤ්ඤී එකො බහිද්ධා රූපානි පස්සති නීලානි නීලවණ්ණානි නීලනිදස්සනානි නීලනිභාසානි. තානි අභිභුය්ය ‘ජානාමි පස්සාමී’ති එවංසඤ්ඤී හොති. ඉදං පඤ්චමං අභිභායතනං.
Sinhala BJTඅධ්‍යාත්මයෙහි අරූපසංඥා ඇති එකෙක් නිල් වූ නිල්වන් වූ නීලනිදර්‍ශන (නො මුසු නිල්වන්) වූ නීලප්‍රභා ඇති බාහ්‍යරූපයන් දකී. යම්සේ නම් උමා (දියමෙරලිය) කුසුම නිල් වූයේ නිල්වන් වූයේ නීලනිදර්‍ශන වූයේ නීලප්‍රභා ඇත්තේ ද, තවද යම්සේ හෝ කසීරට උපන් දෙපස මට කළ ඒ වස්ත්‍රය නිල් වූයේ නිල්වන් වූයේ නීලනිදර්‍ශන වූයේ නීලප්‍රභා ඇත්තේ ද, එ සෙයින් මැ අධ්‍යාත්මයෙහි අරූපසංඥා ඇති එකෙක් නිල් වූ නිල්වන් වූ නීලනිදර්‍ශන වූ නීලප්‍රභා ඇති බාහ්‍යරූපයන් දකී. එ රූ මැඩගෙන දනිමි දක්මි යන මෙබඳු සංඥා ඇති වෙයි. මේ පස් වැනි අභිහායතන යැ.
Pali BJTඅජ්ඣත්තං අරූපසඤ්ඤී එකො බහිද්ධා රූපානි පස්සති පීතානි පීතවණ්ණානි පීතනිදස්සනානි පීතනිභාසානි. සෙය්යථාපි නාම කණිකාරපුප්ඵං පීතං පීතවණ්ණං පීතනිදස්සනං පීතනිභාසං. සෙය්යථාපි වා පන තං වත්ථං බාරාණසෙය්යකං උභතොභාගවිමට්ඨං පීතං පීතවණ්ණං පීතනිදස්සනං පීතනිභාසං. එවමෙවං අජ්ඣත්තං අරූපසඤ්ඤී එකො බහිද්ධා රූපානි පස්සති පීතානි පීතවණ්ණානි පීතනිදස්සනානි පීතනිභාසානි. තානි අභිභුය්ය ජානාමි පස්සාමීති එවංසඤ්ඤී හොති. ඉදං ඡට්ඨං අභිභායතනං.
Sinhala BJTඅධ්‍යාත්මයෙහි අරූපසංඥා ඇති එකෙක් කහපැහැති කසාවන් වූ නුමුසු කහපැහැති කහකැලුම් ඇති බාහ්‍යරූපයන් දකී. යම්සේ නම් කිණිහිරි කුසුම කසපෑ ඇත්තේ කසාවන් වූයේ නුමුසු කහපැහැ ඇත්තේ කසාකැලුම් ඇත්තේ ද, තවද යම්සේ හෝ කසීරට නිපන් දෙපස මට කළ ඒ වස්ත්‍රය කසපෑ ඇත්තේ කසාවන් වූයේ නුමුසු කසාපෑ ඇත්තේ කසාකැලුම් ඇත්තේ වේ ද, එ සෙයින් මැ අධ්‍යාත්මයෙහි අරූපසංඥා ඇති එකෙක් කසපෑ ඇති කසාවන් වූ නුමුසු කහපෑ ඇති කසාකැලුම් ඇති බාහ්‍යරූපයන් දකී. එ රූ මැඩගෙන දනිමි දක්මි යන මෙබඳු සංඥා ඇති වෙයි. මේ ස වැනි අභිහායතන යැ.
Pali BJTඅජ්ඣත්තං අරූපසඤ්ඤී එකො බහිද්ධා රූපානි පස්සති ලොහිතකානි ලොහිතකවණ්ණානි ලොහිතකනිදස්සනානි ලොහිතකනිභාසානි. සෙය්යථාපි නාම බන්ධුජීවකපුප්ඵං ලොහිතකං ලොහිතකවණ්ණං ලොහිතකනිදස්සනං ලොහිතකනිභාසං. සෙය්යථාපි වා පන තං වත්ථං බාරාණසෙය්යකං උභතොභාගවිමට්ඨං ලොහිතකං ලොහිතකවණ්ණං ලොහිතකනිදස්සනං ලොහිතකනිභාසං. එවමෙවං අජ්ඣත්තං අරූපසඤ්ඤී එකො බහිද්ධා රූපානි පස්සති ලොහිතකානි ලොහිතකවණ්ණානි ලොහිතකනිදස්සනානි ලොහිතකනිභාසානි. තානි අභිභුය්ය ‘ජානාමි පස්සාමී’ති එවංසඤ්ඤී හොති. ඉදං සත්තමං අභිභායතනං.
Sinhala BJTඅධ්‍යාත්මයෙහි අරූපසංඥා ඇති එකෙක් ලෙහෙපැහැ වූ ලේවන් වූ ලෝහිතනිදර්‍ශන වූ ලෝහිතප්‍රභා ඇති බාහ්‍යරූපයන් දකී. යම්සේ නම් බඳුවද කුසුම ලෙහෙපැහැ ඇත්තේ ලේවන් වූයේ ලෝහිතනිදර්‍ශන වූයේ ලෝහිතප්‍රභා ඇත්තේ ද, තවද යම්සේ හෝ කසීරට නිපන් දෙපස මට කළ ඒ වස්ත්‍රය ලෙහෙපැහැ ඇත්තේ ලේවන් වූයේ ලෝහිතනිදර්‍ශන වූයේ ලෝහිතප්‍රභා ඇත්තේ වේ ද, එ සෙයින් මැ අධ්‍යාත්මයෙහි අරූපසංඥා ඇති එකෙක් ලෙහෙපැහැති ලේවන් වූ ලෝහිතනිදර්‍ශන වූ ලෝහිතප්‍රභා ඇති බාහ්‍යරූපයන් දකී. එ රූ මැඩගෙන දනිමි දකිමි යන මෙබඳු සංඥා ඇති වෙයි. මේ සත් වැනි අභිහායතන යැ.
Pali BJTඅජ්ඣත්තං අරූපසඤ්ඤී එකො බහිද්ධා රූපානි පස්සති ඔදාතානි ඔදාතවණ්ණානි ඔදාතනිදස්සනානි ඔදාතනිභාසානි. සෙය්යථාපි නාම ඔසධීතාරකා ඔදාතා ඔදාතවණ්ණා ඔදාතනිදස්සනා ඔදාතනිභාසා. සෙය්යථාපි වා පන තං වත්ථං බාරාණසෙය්යකං උභතොභාගවිමට්ඨං ඔදාතං ඔදාතවණ්ණං ඔදාතනිදස්සනං ඔදාතනිභාසං. එවමෙවං අජ්ඣත්තං අරූපසඤ්ඤී එකො බහිද්ධා රූපානි පස්සති ඔදාතානි ඔදාතවණ්ණානි ඔදාතනිදස්සනානි ඔදාතනිභාසානි. තානි අභිභුය්ය ජානාමි පස්සාමීති එවංසඤ්ඤී හොති. ඉදං අට්ඨමං අභිභායතනං. තත්ර ච පන මෙ සාවකා බහූ අභිඤ්ඤාවොසානපාරමිප්පත්තා විහරන්ති.
Sinhala BJTඅධ්‍යාත්මයෙහි අරූපසංඥා ඇති එකෙක් අවදාත (සුදු) වූ අවදාතවන් වූ අවදාතනිදර්‍ශන වූ අවදාතප්‍රභා ඇති බාහ්‍යරූපයන් දකී. යම්සේ නම් දවහත් තරුව අවදාත වූයේ අවදාතවත් වූයේ අවදාතනිදර්‍ශන වූයේ අවදාතප්‍රභා ඇත්තේ ද, තවද යම්සේ හෝ කසීරට නිපන් දෙපස මට කළ ඒ වස්ත්‍රය අවදාත වූයේ අවදාතවතර්‍ණ ඇත්තේ අවදාතනිදර්‍ශන වූයේ අවදාතප්‍රභා ඇත්තේ ද, එ සෙයින් මැ අධ්‍යාත්මයෙහි අරූපසංඥා ඇති එකෙක් අවදාත වූ අවදාතවර්‍ණ වූ අවදාත නිදර්‍ශන වූ අවදාතප්‍රභා ඇති බාහ්‍යරූපයන් දකී. එ රූ මැඩගෙන දනිමි දකිමි යන මෙබඳු සංඥා ඇති වෙයි. මේ අට වැනි අභිහායතන යැ. එහි දු මාගේ බොහෝ ශ්‍රාවකයෝ අභිඥාවසාන හා අභිඥාපාරමී සඞ්ඛ්‍යාත චිණ්ණවසී බවට පැමිණ වෙසෙත්.
Pali BJTපුන චපරං උදායි, අක්ඛාතා මයා සාවකානං පටිපදා. යථා පටිපන්නා මෙ සාවකා දසකසිණායතනානි භාවෙන්ති. පඨවීකසිණමෙකො සඤ්ජානාති උද්ධං අධො තිරියං අද්වයං අප්පමාණං. ආපොකසිණමෙකො සඤ්ජානාති -පෙ- තෙජොකසිණමෙකො සඤ්ජානාති -පෙ- වායොකසිණමෙකො සඤ්ජානාති -පෙ- නීලකසිණමෙකො සඤ්ජානාති -පෙ- පීතකසිණමෙකො සඤ්ජානාති -පෙ- ලොහිතකසිණමෙකො සඤ්ජානාති -පෙ- ඔදාතකසිණමෙකො සඤ්ජානාති -පෙ- ආකාසකසිණමෙකො සඤ්ජානාති -පෙ- විඤ්ඤාණකසිණමෙකො සඤ්ජානාති උද්ධං අධො තිරියං අද්වයං අප්පමාණං. තත්ර ච පන මෙ සාවකා බහූ අභිඤ්ඤාවොසානපාරමිප්පත්තා විහරන්ති.
Sinhala BJTතවද උදායී, මා විසින් ශ්‍රාවකයනට පිළිවෙත් කියන ලද. යථාප්‍රතිපන්න වූ මාගේ ශ්‍රාවකයෝ දස කසිණායතනයන් වඩති. ඇතැමෙක් උඩ යට සරස අද්වය වූ අප්‍රමාණ වූ පඨවිකසිණය දැනගනී … ඇතැමෙක් ආපෝකසිණය දැනගනී … ඇතැමෙක් තේජෝකසිණය දැනගනී … ඇතැමෙක් වායෝකසිණය දැනගනී … ඇතැමෙක් නීලකසිණය දැනගනී … ඇතැමෙක් පීතකසිණය දැනගනී … ඇතැමෙක් ලෝහිතකසිණය දැනගනී … ඇතැමෙක් ඕදාතකසිණය දැනගනී … ඇතැමෙක් ආකාසකසිණය දැනගනී … ඇතැමෙක් උඩ යට සරස අද්වය වූ අප්‍රමාණ වූ විඤ්ඤාණකසිණය දැනගනී. එහි දු මාගේ බොහෝ ශ්‍රාවකයෝ අභිඥාවසාන හා අභිඥාපාරමී සඞ්ඛ්‍යාත චිණ්ණවසීභාවයට පැමිණ වෙසෙත්.
Pali BJTපුන චපරං උදායි, අක්ඛාතා මයා සාවකානං පටිපදා. යථාපටිපන්නා මෙ සාවකා චත්තාරි ඣානානි භාවෙන්ති. ඉධුදායි, භික්ඛු විවිච්චෙව කාමෙහි විවිච්ච අකුසලෙහි ධම්මෙහි සවිතක්කං සවිචාරං විවෙකජං පීතිසුඛං පඨමං ඣානං{1} උපසම්පජ්ජ විහරති. සො ඉමමෙව කායං විවෙකජෙන පීතිසුඛෙන අභිසන්දෙති පරිසන්දෙති{2} පරිපූරෙති පරිප්ඵරති. නාස්ස කිඤ්චි සබ්බාවතො කායස්ස විවෙකජෙන පීතිසුඛෙන අප්ඵුටං{3} හොති. සෙය්යථාපි උදායි, දක්ඛො නහාපකො{4} වා නහාපකන්තෙවාසී වා කංසථාලෙ නහානීයචුණ්ණානි ආකිරිත්වා උදකෙන පරිප්ඵොසකං පරිප්ඵොසකං{5} සන්දෙය්ය.{6} සාස්ස නහානීයපිණ්ඩි{7} ස්නෙහානුගතා ස්නෙහපරෙතා{8} සන්තරබාහිරා{9} ඵුඨා{10} ස්නෙහෙන, න ච පග්ඝරණී{11} එවමෙව ඛො උදායි, භික්ඛු ඉමමෙව කායං විවෙකජෙන පීතිසුඛෙන අභිසන්දෙති, පරිසන්දෙති පරිපූරෙති පරිප්ඵරති. නාස්ස කිඤ්චි සබ්බාවතො කායස්ස විවෙකජෙන පීතිසුඛෙන අප්ඵුටං{3} හොති.
Sinhala BJTතවද උදායී, මා විසින් ශ්‍රාවකයනට පිළිවෙත් කියන ලද. ඒ වූ පරිදි පිළිපන් මාගේ ශ්‍රාවකයෝ සතර ධ්‍යානයන් වඩති. උදායී, මෙ සස්නෙහි මහණ කාමයෙන් වෙන් වැ මැ අකුසල්දහමින් වෙන් මැ වැ විතර්‍කසහිත වූ විචාර සහිත වූ විවේකයෙන් උපන් ප්‍රීතිය හා සුඛය ඇති ප්‍රථම ධ්‍යානය උපදවා වෙසෙයි, හේ මෙ මැ කරජකය විවේකයෙන් උපන් ප්‍රීතිසුඛයෙන් තෙමෙයි, හාත්පසින් තෙමෙයි, පුරවයි, හාත්පසින් පහසයි. මෙ මහණහුගේ සියලු අවයව ඇති සිරුරෙහි නො පහස්නා ලද කිසි තැනෙක් නො වෙයි. යම් සේ උදායී, දක්‍ෂ වූ නැහැවියෙක් හෝ නැහැවි අතැවැසියෙක් හෝ කස්ලෝහොතලියෙකැ නහනුසුනු එව දියෙන් ඉස ඉස තෙමා ද, ඒ නහනුපිඬ ස්නේහය අනුවගියේ ස්නේහයෙන් මැඬුණේ ඇතුළත පිටත ස්නේහයෙන් පහසනලද්දේ නො වැගිරෙනසුලු වන්නේ ද, එසෙයින් මැ උදායී, මහණ තෙම මෙ මැ කය විවේකයෙන් උපන් ප්‍රීතිසුඛයෙන් තෙමෙයි හාත්පසින් තෙමෙයි, පුරවයි, හාත්පසින් පහසයි. එ මහණහුගේ සියලු අවයව ඇති සිරුරෙහි විවේකජ ප්‍රීතිසුඛයෙන් නො පහස්නා ලද කිසි තැනෙක් නො වන්නේ යැ.
Pali BJTපුන චපරං උදායි, භික්ඛු විතක්කවිචාරානං වූපසමා -පෙ- දුතියං ඣානං උපසම්පජ්ජ විහරති. සො ඉමමෙව කායං සමාධිජෙන පීතිසුඛෙන අභිසන්දෙති පරිසන්දෙති පරිපූරෙති පරිප්ඵරති, නාස්ස කිඤ්චි සබ්බාවතො කායස්ස සමාධිජෙන පීතිසුඛෙන අප්ඵුටං හොති. සෙය්යථාපි උදායි, උදකරහදො{12} උබ්භිදොදකො.{13} තස්ස නෙවස්ස පුරත්ථිමාය දිසාය උදකස්සායමුඛං, න පච්ඡිමාය දිසාය උදකස්සායමුඛං, න උත්තරාය දිසාය උදකස්සායමුඛං, න දක්ඛිණාය දිසාය උදකස්සායමුඛං. දෙවො ච කාලෙන කාලං න සම්මා ධාරං අනුප්පවෙච්ඡෙය්ය. අථ ඛො තම්හා ච උදකරහදා සීතා වාරිධාරා උබ්භිජ්ජිත්වා තමෙව උදකරහදං සීතෙන වාරිනා අභිසන්දෙය්ය පරිසන්දෙය්ය පරිපූරෙය්ය පරිප්ඵරෙය්ය. නාස්ස කිඤ්චි සබ්බාවතො උදකරහදස්ස සීතෙන වාරිනා අප්ඵුටං අස්ස. එවමෙව ඛො උදායි, භික්ඛු ඉමමෙව කායං සමාධිජෙන පීතිසුඛෙන අභිසන්දෙති පරිසන්දෙති පරිපූරෙති පරිප්ඵරති. නාස්ස කිඤ්චි සබ්බාවතො කායස්ස සමාධිජෙන පීතිසුඛෙන අප්ඵුටං හොති.
Sinhala BJTතවද උදායී, මහණ තෙම විතර්‍කවිචාරයන්ගේ සන්සිඳීමෙන් … ද්විතීයධ්‍යානයට පැමිණ වෙසෙයි. හේ මෙ මැ කය සමාධියෙන් උපන් ප්‍රීතිසුඛයෙන් තෙමයි, හාත්පසින් තෙමයි, පුරවයි, හාත්පසින් පහසයි. එ මහණහුගේ සියලු අවයව ඇති සිරුරෙහි සමාධිජ ප්‍රීතිසුඛයෙන් නො පහළ කිසි තැනෙක් නො වෙයි. යම්සේ උදායී, නැඟි උල්පත් ඇති දියවිලෙක් වේ ද, එ විල්හි පෙරදිග දිය එන මඟෙක් නො මැ වෙයි. පෑළ දිග දිය එන මඟෙක් නො වෙයි. උතුරුදිග දිය එන මඟෙක් නො වෙයි. දකුණුදිග දිය එන මඟෙක් නො වෙයි. මේඝය ද කලින් කල මැනැවින් වැසිදහර නො වස්නේ යැ. එතෙකුදු වත් එ මැ දියවිලින් සිහිල් දියදහර නැඟී එ මැ දියවිල සිහිල්දියෙන් තෙමා ද හාත්පසින් තෙමා ද පුරවා ද හාත්පසින් පහසා ද එ හැම කොටසින් යුතු දියවිල්හි සිහිල්දියෙන් නො පහළ කිසි තැනෙක් නො වන්නේ ද, එසෙයින් මැ උදායී, මහණ තෙම මෙ මැ කය සමාධිජ ප්‍රීතිසුඛයෙන් තෙමයි හාත්පසින් තෙමයි , පුරවයි, හාත්පසින් පහසයි. එ මහණහුගේ හැම අවයව ඇති සිරුරෙහි සමාධිජ ප්‍රීතිසුඛයෙන් නො පහළ තැනෙක් නො වන්නේ යැ.
Pali BJTපුන චපරං උදායි, භික්ඛු පීතියා ච විරාගා -පෙ- තතියං ඣානං උපසම්පජ්ජ විහරති. සො ඉමමෙව කායං නිප්පීතිකෙන සුඛෙන අභිසන්දෙති පරිසන්දෙති පරිපූරෙති පරිප්ඵරති. නාස්ස කිඤ්චි සබ්බාවතො කායස්ස නිප්පීතිකෙන සුඛෙන අප්ඵුටං හොති. සෙය්යථාපි උදායි, උප්පලිනියං වා පදුමිනියං වා පුණ්ඩරීකිනියං වා අප්පෙකච්චානි උප්පලානි වා පදුමානි වා පුණ්ඩරීකානි වා උදකෙ ජාතානි උදකෙ සංවද්ධානි උදකානුග්ගතානි අන්තොනිමුග්ගපොසීනි.{14}
Sinhala BJTතවද උදායී, මහණ තෙම ප්‍රීතියගේ ද විරාගයෙන් … තෘතීයධ්‍යානයට පැමිණ වෙසෙයි. හේ මෙ මැ කය නිෂ්ප්‍රීතිකසුඛයෙන් තෙමයි, හාත්පසින් තෙමයි, පුරාලයි, හාත්පසින් පහසයි. එ මහණහුගේ හැම අවයව ඇති සිරුරෙහි නිෂ්ප්‍රීතික සුඛයෙන් නො පහළ කිසි තැනෙක් නො වෙයි. යම්සේ උදායී, උපුල්විලෙකැ වේවයි පියුම් විලෙකැ වේවයි පඬෙරවිලෙකැ වේවයි ඇතැම් උපුල් හෝ පියුම් හෝ පඬෙර හෝ දියෙහි උපන්නාහු දියෙහි වැඩුණාහු නො නැගුණාහු ඇතුළත ගැලී වැඩුණාහු ද,
Pali BJTතානි යාව චග්ගා යාව ච මූලා සීතෙන වාරිනා අභිසන්නානි පරිසන්නානි{1} පරිපූරානි පරිප්ඵුටානි.{2} න නෙසං{3} කිඤ්චි සබ්බාවතං උප්පලානං වා පදුමානං වා පුණ්ඩරීකානං වා සීතෙන වාරිනා අප්ඵුටං අස්ස. එවමෙව ඛො උදායි, භික්ඛු ඉමමෙව කායං නිප්පීතිකෙන සුඛෙන අභිසන්දෙති පරිසන්දෙති පරිපූරෙති පරිප්ඵරති. නාස්ස කිඤ්චි සබ්බාවතො කායස්ස නිප්පීතිකෙන සුඛෙන අප්ඵුටං හොති.
Sinhala BJTඔහු අග සිට මුල තෙක් සිහිල් දියෙන් තෙමුණාහු හාත්පසින් තෙමුණාහු පිරුණාහු හාත්පසින් පැහැසුණාහු වෙත් ද, ඒ සියලු අවයව ඇති උත්පලයන්ගේ හෝ පද්මයන්ගේ හෝ පුණ්ඩරිකයන්ගේ හෝ සිහිල් දියෙන් නො පහළ කිසි තැනෙක් නො වන්නේ යැ. එ සෙයින් මැ උදායී, මහණ තෙම මෙ මැ කය නිෂ්ප්‍රීතික සුඛයෙන් තෙමයි, හාත්පසින් තෙමයි, පුරවයි, හාත්පසින් පහසයි. එ මහණහුගේ සියලු අවයව ඇති සිරුරෙහි නිෂ්ප්‍රීතික සුඛයෙන් නො පහළ කිසි තැනෙක් නො වන්නේ යැ.
Pali BJTපුන චපරං උදායි, භික්ඛු සුඛස්ස ච පහානා දුක්ඛස්ස ච පහානා පුබ්බෙව සොමනස්සදොමනස්සානං අත්ථඞ්ගමා{4} අදුක්ඛං අසුඛං උපෙක්ඛා සතිපාරිසුද්ධිං චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරති. සො ඉමමෙව කායං පරිසුද්ධෙන චෙතසා පරියොදාතෙන ඵරිත්වා නිසින්නො හොති. නාස්ස කිඤ්චි සබ්බාවතො කායස්ස පරිසුද්ධෙන චෙතසා පරියොදාතෙන අප්ඵුටං හොති. සෙය්යථාපි උදායි, පුරිසො ඔදාතෙන වත්ථෙන සසීසං පාරුපිත්වා නිසින්නො අස්ස, නාස්ස කිඤ්චි සබ්බාවතො කායස්ස ඔදාතෙන වත්ථෙන අප්ඵුටං අස්ස. එවමෙව ඛො උදායි, භික්ඛු ඉමමෙව කායං පරිසුද්ධෙන චෙතසා පරියොදාතෙන ඵරිත්වා නිසින්නො හොති. නාස්ස කිඤ්චි සබ්බාවතො කායස්ස පරිසුද්ධෙන චෙතසා පරියොදාතෙන අප්ඵුටං හොති. තත්ර ච පන මෙ සාවකා බහූ අභිඤ්ඤාවොසානපාරමිප්පත්තා විහරන්ති.
Sinhala BJTතවද උදායී, මහණ තෙම සුඛයාගේ ද ප්‍රහාණයෙන් දුඃඛයාගේ ද ප්‍රහාණයෙන් කැලැ මැ සොම්නස් දොම්නසුන්නේ නැසීමෙන් උපෙක‍්ෂායෙන් උපන් ස්මෘති පාරිශුද්ධිය ඇති චතුර්‍ත්‍ථධ්‍යානයට පැමිණ වෙසෙයි. හේ මෙ මැ කය පරිශුද්ධ වූ පර්‍ය්‍යවදාත වූ සිතින් ස්පර්‍ශ කොට හුන්නේ වෙයි. එ මහණහුගේ සකල ශරීරයෙහි පරිශුද්ධ වූ පර්‍ය්‍යවදාත වූ සිතින් නො පහළ කිසි තැනෙක් නො වන්නේ යැ. යම්සේ උදායී, පුරුෂයෙක් හෙළපිළියෙන් හිස සහිත වැ පෙරෙවැ හුන්නේ වේ ද ඔහුගේ සකල ශරීරයෙහි හෙළපිළියෙන් නො පහළ කිසි තැනෙක් නො වන්නේ ද එ සෙයින් මැ උදායී මහණ තෙම මෙ මැ කය පරිශුද්ධ වූ පර්‍ය්‍යවදාත වූ සිතින් ස්පර්‍ශ කොට හුන්නේ වෙයි. එ මහණහුගේ සියලු අවයව ඇති සිරුරෙහි පරිශුද්ධ වූ පර්‍ය්‍යවදාත වූ සිතින් නො පහළ කිසි තැනෙක් නො වේ. එහි දු මාගේ බොහෝ ශ්‍රාවකයෝ අභිඥාවසාන හා අභිඥාපාරමී සඞ්ඛ්‍යාත චිර්‍ණවශීභාවයට පැමිණ වෙසෙත්.
Pali BJTපුන චපරං උදායි, අක්ඛාතා මයා සාවකානං පටිපදා යථාපටිපන්නා මෙ සාවකා එවං පජානන්ති: අයං ඛො මෙ කායො රූපී චාතුම්මහාභූතිකො{5} මාතාපෙත්තිකසම්භවො ඔදනකුම්මාසූපචයො අනිච්චුච්ඡාදනපරිමද්දනභෙදනවිද්ධංසනධම්මො, ඉදඤ්ච පන මෙ විඤ්ඤාණං එත්ථ සිතං එත්ථ පටිබද්ධං{6} සෙය්යථාපි උදායි මණි වෙළුරියො සුභො ජාතිමා අට්ඨංසො සුපරිකම්මකතො අච්ඡො විප්පසන්නො සබ්බාකාරසම්පන්නො, තත්රස්ස සුත්තං ආවුතං නීලං වා පීතං වා ලොහිතං වා ඔදාතං වා පණ්ඩුසුත්තං වා. තමෙනං චක්ඛුමා පුරිසො හත්ථෙ කරිත්වා පච්චවෙක්ඛෙය්ය: අයං ඛො මණි වෙළුරියො සුභො ජාතිමා අට්ඨංසො සුපරිකම්මකතො අච්ඡො විප්පසන්නො සබ්බාකාරසම්පන්නො, තදිදං සුත්තං ආවුතං නීලං වා පීතං වා ලොහිතං වා ඔදාතං වා පණ්ඩුසුත්තං වාති. එවමෙව ඛො උදායි, අක්ඛාතා මයා සාවකානං පටිපදා, යථා පටිපන්නා මෙ සාවකා එවං ජානන්ති: අයං ඛො මෙ කායො රූපී චාතුම්මහාභූතිකො මාතාපෙත්තිකසම්භවො ඔදනකුම්මාසූපචයො අනිච්චුච්ඡාදනපරිමද්දනභෙදනවිද්ධංසනධම්මො. ඉදඤ්ච පන මෙ විඤ්ඤාණං එත්ථ සිතං එත්ථ පටිබද්ධන්ති. තත්ර ච පන මෙ සාවකා බහූ අභිඤ්ඤාවොසානපාරමිප්පත්තා විහරන්ති.
Sinhala BJTතවද උදායී, මා විසින් ශ්‍රාවකයනට පිළිවෙත් කියන ලද. යථාප්‍රතිපන්න වූ මාගේ ශ්‍රාවකයෝ මෙසේ දැනගනිති: මාගේ මේ කය වූකලී රූපවත් වූයේ සතර මහා භූතයෙන් නිපන්නේ මාපියන්ගේ ශුක්‍රෙශ්‍රෝණිතයෙන් හටගත්තේ බතින් කොමුයෙන් වැඩුණේ අනිත්‍යස්වභාවය ඇත්තේ ඉලීම් පිරිමැදීම් බිඳීම් විසිරීම් පියවි කොට ඇත්තේ යැ. මාගේ මේ විඥානය වැළිත් මේ චාතුර්මහාභූතික කයෙහි නිශ්ශ්‍රිත වූයේ යැ මෙහි ප්‍රතිබද්ධ වූයේ යැ. යම්සේ උදායී වෙරළුමිණ සුන්‍දර වූයේ ජාතිමත් වූයේ අෂ්ටාස්‍ර වූයේ මැනැවින් පිරියම් කෙළේ පැහැපත් වූයේ ප්‍රසන්න වූයේ සර්‍වකාරසම්පන්න වූයේ වේ ද එහි නිල් වේවයි රන්වන් වේවයි ලෙහෙවන් වේවයි සුදු වේවයි පඬුපැහැ වේවයි හුයක් අවුණන ලද වන්නේ යැ. එය ඇස් ඇති පුරුෂයෙක් අත්හි ලා විමසන්නේ යැ: “මෙ වෙරළුමිණ වූකලී සුන්‍දර යැ ජාතිමත් යැ අටැස් ඇත්තේ යැ මොනොවට පිරියම් කෙළේ යැ පැහැපත ප්‍රසන්න යැ සර්‍වාකාර සම්පන්න යි. නිල්වන් වේවයි රන්වන් වේවයි ලේවන් වේවයි සුදුපැහැ වේවයි පඬුපැහැ වේවයි මෙ හුය අවුණන ලදැ” යි. එ සෙයින් මැ උදායී , මා විසින් ශ්‍රාවකයනට පිළිවෙත් කියන ලද. යථාප්‍රතිපන්න වූ මාගේ ශ්‍රාවකයෝ මෙසේ දනිති: “මාගේ මේ කය වූකලී රූපවත් වූයේ සතර මහා භූතයෙන් නිපන, මාපියන්ගේ ශුක්‍රශ්‍රෝණිතයෙන් හටගත්තේ යැ බත් කොමුයෙන් වැඩුණේ යැ අනිත්‍යස්වභාවය ඇත්තේ ඉලීම් පිරිමැදීම් බිඳීම් විසිරීම් සැහැවි ඇත්තේ යැ. යළි මාගේ මේ විඥානය මේ සිරුරෙයි නිශ්ශ්‍රිත යැ. මෙහි බැඳුණේ යැ’ යි. එහි දු මාගේ බොහෝ ශ්‍රාවකයෝ අභිඥාවසාන හා අභිඥාපාරමී සඞ්ඛ්‍යාත රහත් බවට පැමිණ වෙසෙත්.
Pali BJTපුන චපරං උදායි, අක්ඛාතා මයා සාවකානං පටිපදා, යථාපටිපන්නා මෙ සාවකා ඉමම්හා කායා අඤ්ඤං කායං අභිනිම්මිනන්ති රූපිං මනොමයං සබ්බඞ්ගපච්චඞ්ගිං අහීනින්ද්රියං{1}. සෙය්යථාපි උදායි, පුරිසො මුඤ්ජම්හා ඊසිකං{2} පබ්බාහෙය්ය. තස්ස එවමස්ස: අයං මුඤ්ජො අයං ඊසිකා{3}, අඤ්ඤො මුඤ්ජො අඤ්ඤා ඊසිකා{3} මුඤ්ජම්හා ත්වෙව ඊසිකා පබ්බාළ්හාති. සෙය්යථාපි වා පනුදායි පුරිසො අසිං කොසියා පබ්බාහෙය්ය{4}. තස්ස එවමස්ස: අයං අසි, අයං කොසි, අඤ්ඤො අසි, අඤ්ඤා කොසි, කොසියා ත්වෙව අසි පබ්බාළ්හොති. සෙය්යථාපි වා පනුදායි, පුරිසො අහිං කරණ්ඩා උද්ධරෙය්ය, තස්ස එවමස්ස: අයං අහි, අයං කරණ්ඩො, අඤ්ඤො අහි, අඤ්ඤො කරණ්ඩො, කරණ්ඩා ත්වෙව අහි උබ්භතොති. එවමෙව ඛො උදායි, අක්ඛාතා මයා සාවකානං පටිපදා. යථා පටිපන්නා මෙ සාවකා ඉමම්හා කායා අඤ්ඤං කායං අභිනිම්මිනන්ති. රූපිං මනොමයං සබ්බඞ්ගපච්චඞ්ගිං අහීනින්ද්රියං. තත්ර ච පන මෙ සාවකා බහූ අභිඤ්ඤාවොසානපාරමිප්පත්තා විහරන්ති.
Sinhala BJTතවද උදායී, මා විසින් ශ්‍රාවකයනට පිළිවෙත් කියන ලද. යථාප්‍රතිපන්න වූ මාගේ ශ්‍රාවකයෝ මෙ කයින් රූපවත් වූ මනෝමය වූ සියලු අඟපසඟ ඇති නො හුන් ඉඳුරන් ඇති අන් කයක් මවති. යම්සේ උදායී, පුරුෂයෙක් මුදුතණයෙන් ඊසිකාවක් බැහැර කරන්නේ ද ඔහට මෙ සිත් වෙයි: “මෙ මුදුතණ යැ මෝ ඊසිකා යැ මුදුතණය අනෙකක ඊසිකාව අනෙකෙක මුදුතණයෙන් මැ ඊසිකාව බැහැර කරන ලදැ”යි. තවද යම්සේ හෝ උදායී, පුරුෂයෙක් කොපුයෙන් කඩුවක් බැහැර කරන්නේ ද ඔහුට මෙ සිත් වෙයි: “මෙ කඩුව යැ මෙ කොපුව යැ කඩුව අනෙකෙක කොපුව අනෙකෙක කොපුයෙන් මැ කඩුව බැහැර කරන ලදැ”යි. තවද යම්සේ හෝ උදායී, පුරුෂයෙක් කරඬුයෙකින් සර්‍පයකු නඟන්නේ ද ඔහට මෙ සිත් වන්නේ යැ: “මෙ සර්‍පයා යැ මෙ කරඬුව යැ සර්‍පයා අනෙකෙක කරඬුව අනෙකෙක කරඬුයෙන් මැ සර්‍පයා නඟනලදැ” යි. එසෙයින් මැ උදායී, මා විසින් ශ්‍රාවකයනට පිළිවෙත් කියන ලද. යථාප්‍රතිපන්න වූ මාගේ ශ්‍රාවකයෝ මෙ කයින් රූපවත් වූ මනෝමය වූ සියලු අඟපසඟ ඇති නො හුන් ඉඳුරන් ඇති අන් කයක් මවති. එහිදු මාගේ බොහෝ ශ්‍රාවකයෝ අභිඥාවසාන හා අභිඥාපාරමී සඞ්ඛ්‍යාත චිර්‍ණ වශීභාවයට බවට පැමිණ වෙසෙත්.
Pali BJTපුන චපරං උදායි, අක්ඛාතා මයා සාවකානං පටිපදා, යථාපටිපන්නා මෙ සාවකා අනෙකවිහිතං ඉද්ධිවිධං පච්චනුභොන්ති: එකොපි හුත්වා බහුධා හොන්ති, බහුධාපි හුත්වා එකො හොන්ති{5}. ආවීභාවං{6} තිරොභාවං තිරොකුඩ්ඩං{7} තිරොපාකාරං තිරොපබ්බතං අසජ්ජමානා ගච්ඡන්ති සෙය්යථාපි ආකාසෙ, පඨවියාපි උම්මුජ්ජනිමුජ්ජං කරොන්ති සෙය්යථාපි උදකෙ, උදකෙපි අෙභජ්ජමානෙ ගච්ඡන්ති සෙය්යථාපි පඨවියං, ආකාසෙපි පල්ලිඞ්කෙන කමන්ති සෙය්යථාපි පක්ඛී සකුණො, ඉමෙපි චන්දිමසුරියෙ එවංමහිද්ධිකෙ එවංමහානුභාවෙ පාණිනා පරිමසන්ති පරිමජ්ජන්ති, යාව බ්රහ්මලොකාපි කායෙන වසං වත්තෙන්ති. සෙය්යථාපි උදායි දක්ඛො කුම්භකාරො වා කුම්භකාරන්තෙවාසී වා සුපරිකම්මකතාය මත්තිකාය යඤ්ඤදෙව භාජනවිකතිං ආකඞ්ඛෙය්ය තන්තදෙව කරෙය්ය අභිනිප්ඵාදෙය්ය, සෙය්යථාපි වා පනුදායි දක්ඛො දන්තකාරො වා දන්තකාරන්තෙවාසී වා සුපරිකම්මකතස්මිං දන්තස්මිං යඤ්ඤදෙව දන්තවිකතිං ආකඞ්ඛෙය්ය තන්තදෙව කරෙය්ය අභිනිප්ඵාදෙය්ය, සෙය්යථාපි වා පනුදායි දක්ඛො සුවණ්ණකාරො වා සුවණ්ණකාරන්තෙවාසී වා සුපරිකම්මකතස්මිං සුවණ්ණස්මිං යඤ්ඤදෙව සුවණ්ණවිකතිං ආකඞ්ඛෙය්ය තන්තදෙව කරෙය්ය අභිනිප්ඵාදෙය්ය, එවමෙව ඛො, උදායි, අක්ඛාතා මයා සාවකානං පටිපදා යථාපටිපන්නා මෙ සාවකා අනෙකවිහිතං ඉද්ධිවිධං පච්චනුභොන්ති: එකොපි හුත්වා බහුධා හොන්ති, බහුධාපි හුත්වා එකො හොන්ති{5} ආවීභාවං{6} තිරොභාවං තිරොකුඩ්ඩං{7} තිරොපාකාරං තිරොපබ්බතං අසජ්ජමානා ගච්ඡන්ති, සෙය්යථාපි ආකාසෙ, පඨවියාපි උම්මුජ්ජනිමුජ්ජං කරොන්ති සෙය්යථාපි උදකෙ, උදකෙපි අෙභජ්ජමානෙ ගච්ඡන්ති සෙය්යථාපි පඨවියං, ආකාසෙපි පල්ලඞ්කෙන කමන්ති සෙය්යථාපි පක්ඛී සකුණො, ඉමෙපි චන්දිමසුරියෙ එවංමහිද්ධිකෙ එවං මහානුභාවෙ පාණිනා පරිමසන්ති පරිමජ්ජන්ති, යාව බ්රහ්මලොකාපි කායෙන වසං වත්තෙන්ති. තත්ර ච පන මෙ සාවකා බහූ අභිඤ්ඤාවොසානපාරමිප්පත්තා විහරන්ති.
Sinhala BJTතවද උදායී, මා විසින් ශ්‍රාවකයනට පිළිවෙත් කියන ලද. යථාප්‍රතිපන්න වූ මාගේ ශ්‍රාවකයෝ නන් වැදෑරුම් වූ ඍද්ධිවිධ අනුභව කරති: තෙමේ එකෙක් වැ ද බහුප්‍රකාරයෙන් වෙති. බහුප්‍රකාර වැ ද එකෙක් වෙති, ආවිර්භාවයට තිරොභාවයට යෙති, බිතු සරස පවුරු සරස ගල් සරස අහස්හි සෙයින් නො ගැටෙමින් යෙති. පොළොවෙහි දු දියෙහි සෙයින් ගැලීම් නැඟීම් කෙරෙති, අභිද්‍යමාන උදකයෙහි දු පොළොව්හි සෙයින් යෙති අහස්හි දු ලිහිණියන් සෙයින් පලගින් යෙති මෙවන් මහ ඉදුහ ඇති මෙවන් මහත් අනුභාව ඇති මෙ සඳහිර දෙදෙන ද අත්ලෙන් පිරිමසති පිරිමදිති, බඹලොව පවා කයින් වශයට වැටෙති. යම්සේ උදායී සමත් කුඹල්කරුවෙක් වේවයි කුඹල්කරුඅතැවැසියෙක් වේවයි මොනොවට පිරියම් කළ මැටියෙන් යම් මැ බඳුන් වෙසෙසක් කැමැති වන්නේ නම් ඒ ඒ බඳුන් මැ කරන්නේ ද නිපයන්නේ ද, තවද යම්සේ උදායී, සමත් දළකඩකරුවෙක් වේවයි දළකඩ අතැවැසියෙක් වේවයි මොනොවට පිරියම් කළ දළකඩෙහි යම් යම් මැ දළකඩකම් වෙසෙසක් රුස්නේ නම් ඒ ඒ දැය මැ කරන්නේ ද නිපයන්නේ ද, තවද යම්සේ හෝ උදායී, සමත් රන්කරුවෙක් වේවයි රන්කරුඅතැවැසියෙක් වේවයි මොනොවට පිරියම් කළ රන්හි යම් යම් මැ ස්වර්‍ණ විකෘතියක් රුස්නේ නම් ඒ ඒ දැය මැ කරන්නේ ද නිපයන්නේ ද, එසෙයින් මැ උදායී, මා විසින් ශ්‍රාවකයනට පිළිවෙත් කියන ලද. යථාප්‍රතිපන්න වූ මාගේ ශ්‍රාවකයෝ නන් වැදෑරුම් වූ ඍද්ධිවිධ අනුභව කරති: තෙමේ එකෙක් වැ ද බහුප්‍රකාරයෙන් වෙති. බහුප්‍රකාර වැ ද එකෙක් වෙති, ආවිර්භාවයට තිරොභාවයට යෙති, බිතු සරස පවුරු සරස ගල් සරස අහස්හි සෙයින් නො ගැටෙමින් යෙති. පොළොවෙහි දු දියෙහි මෙන් ගැලීම් නැඟීම් කෙරෙති, අභිද්‍යමාන උදකයෙහි දු පොළොව්හි සෙයින් යෙති අහස්හි දු පක්‍ෂීන් සෙයින් පලගින් යෙති මෙවන් මහඉදුහ ඇති මෙවන් මහත් අනුභාව ඇති මෙ සඳහිර දෙදෙන ද අත්ලෙන් පිරිමසති පිරිමදිති, බඹලොව පවා කයින් වශයට පමුණුවත්. එහිදු මාගේ බොහෝ ශ්‍රාවකයෝ අභිඥාවසාන හා අභිඥාපාරමී සඞ්ඛ්‍යාත චිර්‍ණවශීභාවයට බවට පැමිණ වෙසෙත්.
Pali BJTපුන චපරං උදායි, අක්ඛාතා මයා සාවකානං පටිපදා, යථාපටිපන්නා මෙ සාවකා දිබ්බාය සොතධාතුයා විසුද්ධාය අතික්කන්තමානුසිකාය{1} උභො සද්දෙ සුණන්ති දිබ්බෙ ච මානුසෙ ච, යෙ දූරෙ සන්තිකෙ ච. සෙය්යථාපි උදායි, බලවා සඞ්ඛධමකො{2}. අප්පකසිරෙනෙව චතුද්දිසා විඤ්ඤාපෙය්ය. එවමෙව ඛො උදායි, අක්ඛාතා මයා සාවකානං පටිපදා යථාපටිපන්නා මෙ සාවකා දිබ්බාය සොතධාතුයා විසුද්ධාය අතික්කන්තමානුසිකාය උභො සද්දෙ සුණන්ති දිබ්බෙ ච මානුසෙ ච, යෙ දූරෙ සන්තිකෙ ච. තත්ර ච පන මෙ සාවකා බහූ අභිඤ්ඤාවොසානපාරමිප්පත්තා විහරන්ති.
Sinhala BJTතවද උදායී, මා විසින් ශ්‍රාවකයනට පිළිවෙත් කියන ලද. යථාප්‍රතිපන්න වූ මාගේ ශ්‍රාවකයෝ මිනිස් කන ඉක්ම සිටි විශුද්ධ වූ දිව්‍යෙශ්‍රෝතධාතුයෙන් දුරැ වූ ද ළඟ වූ ද දිව්‍ය හා මානුෂ හා දෙවැදෑරුම් ශබ්දයන් අසති. යම්සේ උදායී, බලඇති සක්පිඹින්නෙක් නිදුකින් මැ සතර දිග හඟවන්නේ ද එසෙයින් මැ උදායී, මා විසින් ශ්‍රාවකයනට පිළිවෙත් කියන ලද. යථාප්‍රතිපන්න වූ මාගේ ශ්‍රාවකයෝ මිනිස් කන ඉක්ම සිටි විශුද්ධ වූ දිව්‍යෙශ්‍රෝත ධාතුයෙන් දුරැ වූ ද ළඟ වූ ද දෙවියන් පිළිබඳ වූ ත් මිනිසුන් පිළිබඳ වූත් දෙ හඬ අසත්. එහිදු මාගේ බොහෝ ශ්‍රාවකයෝ අභිඥාවසාන හා අභිඥාපාරමී සඞ්ඛ්‍යාත චිර්‍ණවශීභාවයට බවට පැමිණ වෙසෙත්.
Pali BJTපුන චපරං උදායි, අක්ඛාතා මයා සාවකානං පටිපදා, යථාපටිපන්නා මෙ සාවකා පරසත්තානං පරපුග්ගලානං චෙතසා චෙතො පරිච්ච පජානන්ති සරාගං වා චිත්තං සරාගං චිත්තන්ති පජානන්ති, වීතරාගං වා චිත්තං වීතරාගං චිත්තන්ති පජානන්ති, සදොසං වා චිත්තං සදොසං චිත්තන්ති පජානන්ති, වීතදොසං වා චිත්තං වීතදොසං චිත්තන්ති පජානන්ති, සමොහං වා චිත්තං සමොහං චිත්තන්ති පජානන්ති, වීතමොහං වා චිත්තං වීතමොහං චිත්තන්ති පජානන්ති, සංඛිත්තං වා චිත්තං සඞ්ඛිත්තං චිත්තන්ති පජානන්ති, වික්ඛිත්තං වා චිත්තං වික්ඛිත්තං චිත්තන්ති පජානන්ති, මහග්ගතං වා චිත්තං මහග්ගතං චිත්තන්ති පජානන්ති, අමහග්ගතං වා චිත්තං අමහග්ගතං චිත්තන්ති පජානන්ති, සඋත්තරං වා චිත්තං සඋත්තරං චිත්තන්ති පජානන්ති, අනුත්තරං වා චිත්තං අනුත්තරං චිත්තන්ති පජානන්ති, සමාහිතං වා චිත්තං සමාහිතං චිත්තන්ති පජානන්ති, අසමාහිතං වා චිත්තං අසමාහිතං චිත්තන්ති පජානන්ති, විමුත්තං වා චිත්තං විමුත්තං චිත්තන්ති පජානන්ති, අවිමුත්තං වා චිත්තං අවිමුත්තං චිත්තන්ති පජානන්ති. සෙය්යථාපි උදායි, ඉත්ථී වා පුරිසො වා දහරො යුවා මණ්ඩනකජාතිකො{3} ආදාසෙ වා පරිසුද්ධෙ පරියොදාතෙ අච්ඡෙ වා උදපත්තෙ{4} සකං මුඛනිමිත්තං පච්චවෙක්ඛමානො සකණිකං වා සකණිකන්ති{5} ජානෙය්ය. අකණිකං වා අකණිකන්ති{6} ජානෙය්ය එවමෙව ඛො උදායි, අක්ඛාතා මයා සාවකානං පටිපදා යථා පටිපන්නා මෙ සාවකා පරසත්තානං පරපුග්ගලානං චෙතසා චෙතො පරිච්ච පජානන්ති, සරාගං වා චිත්තං සරාගං චිත්තන්ති පජානන්ති, වීතරාගං වා චිත්තං වීතරාගං චිත්තන්ති පජානන්ති සදොසං වා චිත්තං -පෙ- වීතදොසං වා චිත්තං -පෙ- සමොහං වා චිත්තං -පෙ- වීතමොහං වා චිත්තං -පෙ- සඞ්ඛිත්තං වා චිත්තං -පෙ- වික්ඛිත්තං වා චිත්තං -පෙ- මහග්ගතං වා චිත්තං -පෙ- අමහග්ගතං වා චිත්තං -පෙ- සඋත්තරං වා චිත්තං -පෙ- අනුත්තරං වා චිත්තං -පෙ- සමාහිතං වා චිත්තං -පෙ- අසමාහිතං වා චිත්තං -පෙ- විමුත්තං වා චිත්තං -පෙ- අවිමුත්තං වා චිත්තං අවිමුත්තං චිත්තන්ති පජානන්ති. තත්ර ච පන මෙ සාවකා බහූ අභිඤ්ඤාවොසානපාරමිප්පත්තා විහරන්ති.
Sinhala BJTතවද උදායී, මා විසින් ශ්‍රාවකයනට පිළිවෙත් කියන ලද. යථාප්‍රතිපන්න වූ මාගේ ශ්‍රාවකයෝ පරසත්ත්‍වයන් ගේ පරපුද්ගලයන් ගේ සිත තමන්ගේ සිතින් පිරිසිඳ දනිති: සරාග සිත ද ‘සරාග සිතැ’ යි දැනගනිති, වීතරාග සිත ද ‘වීතරාග සිතැ’ යි දැනගනිති, සදෝස සිත ද ‘සදෝස සිතැ’ යි දැනගනිති, වීතදෝස සිත ද ‘වීතදෝසෙ සිතැ’ යි දැනගනිති, සමෝහ සිත ද ‘සමෝහ සිතැ’ යි දැනගනිති, වීතමෝහ සිත ද ‘වීතමෝහ සිතැ’ යි දැනගනිති, සංක්‍ෂිප්ත සිත ද ‘සංක්‍ෂිප්ත සිතැ’ යි දැනගනිති, වික්‍ෂිප්ත සිත ද ‘වික්‍ෂිප්ත සිතැ’ යි දැනගනිති, මහද්ගත සිත ද ‘මහද්ගත සිතැ’ යි දැනගනිති, මහද්ගත නො වූ සිත ද ‘මහද්ගත නො වූ සිතැ’ යි දැනගනිති, සඋත්තර සිත ද ‘සඋත්තර සිතැ’ යි දැනගනිති, අනුත්තර සිත ද ‘අනුත්තර සිතැ’ යි දැනගනිති, සමාහිත සිත ද ‘සමාහිත සිතැ’ යි දැනගනිති, සමාහිත නො වූ සිත ද ‘සමාහිත නො වූ සිත’ යි දැනගනිති, විමුක්ත සිත ද ‘විමුක්ත සිතැ’ යි දැනගනිති, විමුක්ත නො වූ සිත ද ‘විමුක්ත නො වූ සිතැ’ යි දැනගනිති. යම්සේ උදායී, තරුණ වූ යොවුන් වූ මණ්ඩනශීල වූ ස්ත්‍රියක් වේවයි පුරුෂයෙක් වේවයි නො කිලිටු වූ පැහැපත් වූ කැටපතෙකැ හෝ පහන් දියබඳුනෙකැ හෝ තමා ගේ මුඛනිමිති පිරික්සනුයේ කැලැල් සහිත මුඛාවයව ද ‘කැලැල් සහිත මුඛාවයවැ’යි දැනගන්නේ ද, කැලැල් රහිත මුඛාවයව ද ‘කැලැල් රහිත මුඛාවයවැ’යි දැනගන්නේ ද, එසේ මැ උදායී, මා විසින් ශ්‍රාවකයනට පිළිවෙත් කියන ලද. යථාප්‍රතිපන්න වූ මාගේ ශ්‍රාවකයෝ පරසත්ත්‍වයන් ගේ පරපුද්ගලයන් ගේ සිත තමන්ගේ සිතින් පිරිසිඳ දනිති: සරාග සිත ද ‘සරාග සිතැ’ යි දැනගනිති, වීතරාග සිත ද ‘වීතරාග සිතැ’ යි දැනගනිති, සදෝස සිත ද … වීතදෝස සිත ද ... සමෝහ සිත ද ... වීතමෝහ සිත ද ... සංක්‍ෂිප්ත සිත ද … වික්‍ෂිප්ත සිත ද ... මහද්ගත සිත ද … අමහද්ගත සිත ද … සඋත්තර සිත ද … අනුත්තර සිත ද ... සමාහිත සිත ද … අසමාහිත සිත ද ... විමුක්ත සිත ද ... අවිමුක්ත සිත ද ‘අවිමුක්ත සිත’ යි දැනගනිති. එහිදු මාගේ බොහෝ ශ්‍රාවකයෝ අභිඥාවසාන හා අභිඥාපාරමී සඞ්ඛ්‍යාත චිර්‍ණවශීභාවයට බවට පැමිණ වෙසෙත්.
Pali BJTපුන චපරං උදායි, අක්ඛාතා මයා සාවකානං පටිපදා, යථාපටිපන්නා මෙ සාවකා අනෙකවිහිතං පුබ්බෙනිවාසං අනුස්සරන්ති, සෙය්යථිදං: එකම්පි ජාතිං ද්වෙපි ජාතියො තිස්සොපි ජාතියො චතස්සොපි ජාතියො පඤ්චපි ජාතියො දසපි ජාතියො වීසතිම්පි ජාතියො තිංසම්පි ජාතියො චත්තාරීසම්පි ජාතියො පඤ්ඤාසම්පි ජාතියො ජාතිසතම්පි ජාතිසහස්සම්පි ජාතිසතසහස්සම්පි, අනෙකෙපි සංවට්ටකප්පෙ අනෙකෙපි විවට්ටකප්පෙ අනෙකෙපි සංවට්ටවිවට්ටකප්පෙ අමුත්රාසිං එවංනාමො එවංගොත්තො එවංවණ්ණො එවමාහාරො එවං සුඛදුක්ඛපටිසංවෙදී එවමායුපරියන්තො. සො තතො චුතො අමුත්ර උදපාදිං තත්රාපාසිං එවංනාමො එවංගොත්තො එවංවණ්ණො එවමාහාරො එවංසුඛදුක්ඛප්පටිසංවෙදී එවමායුපරියන්තො, සො තතො චුතො ඉධූපපන්නොති. ඉති සාකාරං සඋද්දෙසං අනෙකවිහිතං පුබ්බෙනිවාසං අනුස්සරන්ති. සෙය්යථාපි උදායි, පුරිසො සකම්හා ගාමා අඤ්ඤං ගාමං ගච්ඡෙය්ය, තම්හාපි ගාමා අඤ්ඤං ගාමං ගච්ඡෙය්ය. සො තම්හා ගාමා සකඤ්ඤෙව ගාමං පච්චාගච්ඡෙය්ය. තස්ස එවමස්ස: අහං ඛො සකම්හා ගාමා අඤ්ඤං ගාමං අගඤ්ඡිං{1} තත්ර එවං අට්ඨාසිං එවං නිසීදිං. එවං අභාසිං. එවං තුණ්හී අහොසිං. තම්හාපි ගාමා අමුං ගාමං අගඤ්ඡිං. තත්රාපි එවං අට්ඨාසිං එවං නිසීදිං එවං අභාසිං එවං තුණ්හී අහොසිං. සොම්හි තම්හා ගාමා සකඤ්ඤෙව ගාමං පච්චාගතොති. එවමෙව ඛො උදායි, අක්ඛාතා මයා සාවකානං පටිපදා, යථාපටිපන්නා මෙ සාවකා අනෙකවිහිතං පුබ්බෙනිවාසං අනුස්සරන්ති. සෙය්යථිදං: එකම්පි ජාතිං. ද්වෙපි ජාතියො -පෙ- ඉති සාකාරං සඋද්දෙසං අනෙකවිහිතං පුබ්බෙනිවාසං අනුස්සරන්ති. තත්ර ච පන මෙ සාවකා බහූ අභිඤ්ඤාවොසානපාරමිප්පත්තා විහරන්ති.
Sinhala BJTතවද උදායී, මා විසින් ශ්‍රාවකයනට පිළිවෙත් කියන ලද. යථාප්‍රතිපන්න වූ මාගේ ශ්‍රාවකයෝ අනේකවිධ වූ පූර්වේනිවාස සිහි කෙරෙති, හෙ මෙසේ යැ: “එක් ජාතියකුදු ජාති දෙකකුදු ජාති තුනකුදු ජාති සතරකුදු ජාති පසකුදු ජාති දසයකුදු ජාති විස්සකුදු ජාති තිසක් ද ජාති සතලිසක් ද ජාති පනසක් ද ජාති සියයක් ද ජාති දහසක් ද ජාති සුවහසක් ද නොයෙක් සංවර්‍ත කල්පයනුදු නොයෙක් විවර්‍තකල්පයනුදු නොයෙක් සංවර්‍තවිවර්‍ත කල්පයනුදු අසෝ තැන්හි මෙබඳු නම් මෙබඳු ගොත් මෙබඳු පැහැසටහන් මෙබඳු ආහාර ඇති වීමි. මෙබඳු සුවදුක් විඳුනාසුලු වීමි. මෙබඳු ආයුපර්‍ය්‍යන්ත ඇති වීමි. එ මම් එයින් ච්‍යුත වැ අසෝ තැන් උපන්මි. එහිදු මෙබඳු නම් මෙබඳු ගොත් මෙබඳු පැහැසටහන් මෙබඳු ආහාර ඇති වීමි. මෙබඳු සුවදුක් විඳුනාසුලු වීමි. මෙබඳු ආයුපර්‍ය්‍යන්ත ඇති වීමි. ඒ මම් එයින් සැව මෙහි උපන්මි”යි. මෙසෙයින් ආකාර සහිත වූ උද්දේස සහිත වූ අනේකවිධ වූ පූර්වේනිවාස සිහි කෙරෙති. යම්සේ උදායී, පුරුෂයෙක් සිය ගමින් අන් ගමකට යන්නේ ද, එ ගමිනුදු අන ගමකට යන්නේ ද , හේ ඒ ගමින් සිය ගමට මැ පෙරළා එන්නේ ද, ඔහට මෙ සිත් වන්නේ යැ: මම් වූකලී සියගමින් අසුවල් ගමට ගියෙමි. එහි මෙසේ සිටියෙමි, මෙසේ හුන්නෙමි. මෙසේ කීයෙමි. මෙසේ නිහඬ වීමි, එ ගමිනුදු අසුවල් ගමට ගියෙමි. එහි දු මෙසේ සිටියෙමි, මෙසේ හුන්නෙමි, මෙසේ කීයෙමි. මෙසේ නිහඬ වීමි, එ මම් එ ගමින් සිය ගමට මැ පෙරළා ආයෙමි”යි. එසෙයින් මැ උදායී, මා විසින් ශ්‍රාවකයනට පිළිවෙත් කියන ලද. යථාප්‍රතිපන්න වූ මාගේ ශ්‍රාවකයෝ අනේකවිධ වූ පූර්වේනිවාස සිහි කෙරෙති, හෙ මෙසේ යැ: එක් ජාතියකුදු ජාති දෙකකුදු … මෙසෙයින් ආකාර සහිත වූ උද්දේස සහිත වූ අනේකවිධ වූ පූර්වේනිවාස සිහි කෙරෙති. එහිදු මාගේ බොහෝ ශ්‍රාවකයෝ අභිඥාවසාන හා අභිඥාපාරමී සඞ්ඛ්‍යාත චිර්‍ණවශීභාවයට පැමිණ වෙසෙත්.
Pali BJTපුන චපරං උදායි, අක්ඛාතා මයා සාවකානං පටිපදා, යථාපටිපන්නා මෙ සාවකා දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන අතික්කන්තමානුසකෙන සත්තෙ පස්සන්ති චවමානෙ උපපජ්ජමානෙ හීනෙ පණීතෙ සුවණ්ණෙ දුබ්බණ්ණෙ සුගතෙ දුග්ගතෙ යථාකම්මූපගෙ සත්තෙ පජානන්ති: ඉමෙ වත භොන්තො සත්තා කායදුච්චරිතෙන සමන්නාගතා වචී -පෙ- මනො දුච්චරිතෙන සමන්නාගතා අරියානං උපවාදකා මිච්ඡාදිට්ඨිකා මිච්ඡාදිට්ඨිකම්මසමාදානා. තෙ කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපන්නා. ඉමෙ වා පන භොන්තො සත්තා කායසුචරිතෙන සමන්නාගතා වචී -පෙ- මනොසුචරිතෙන සමන්නාගතා අරියානං අනුපවාදකා සම්මාදිට්ඨිකා සම්මාදිට්ඨිකම්මසමාදානා. තෙ කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපන්නාති. ඉති දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන අතික්කන්තමානුසකෙන සත්තෙ පස්සන්ති චවමානෙ උපපජ්ජමානෙ හීනෙ පණීතෙ සුවණ්ණෙ දුබ්බණ්ණෙ සුගතෙ දුග්ගතෙ. යථාකම්මූපගෙ සත්තෙ පජානන්ති. සෙය්යථාපස්සුදායි{2} ද්වෙ අගාරා සද්වාරා. තත්ථ චක්ඛුමා පුරිසො මජ්ඣෙ ඨිතො පස්සෙය්ය මනුස්සෙ ගෙහං{3} පවිසන්තෙපි නික්ඛමන්තෙපි අනුසඤ්චරන්තෙපි{4} අනුවිචරන්තෙපි. එව මෙව ඛො උදායි, අක්ඛාතා මයා සාවකානං පටිපදා. යථාපටිපන්නා මෙ සාවකා දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන අතික්කන්තමානුසකෙන සත්තෙ පස්සන්ති චවමානෙ උපපජ්ජමානෙ හීනෙ පණීතෙ සුවණ්ණෙ දුබ්බණ්ණෙ සුගතෙ දුග්ගතෙ යථාකම්මූපගෙ සත්තෙ පජානන්ති. තත්ර ච පන මෙ සාවකා බහූ අභිඤ්ඤාවොසානපාරමිප්පත්තා විහරන්ති.
Sinhala BJTතවද උදායී, මා විසින් ශ්‍රාවකයනට පිළිවෙත් කියන ලද. යථාප්‍රතිපන්න වූ මාගේ ශ්‍රාවකයෝ මිනිසැස ඉක්ම සිටි විශුද්ධ වූ දිව ඇසින් ච්‍යුත වන උපදනා හීන වූ ප්‍රණීත වූ මනා පැහැසටහන් ඇති නො මනා පැහැසටහන් ඇති සුන්‍දර ගති ඇති නපුරු ගති ඇති සත්ත්‍වයන් දකිති. කර්‍මානුරූප වැ යන සත්ත්‍වයන් දැනගනිති: “මේ භවත් සත්ත්‍වයෝ ඒකාන්තායෙන් කායදුශ්චරිතයෙන් සමන්‍වාගතයහ වාක් … මනෝදුශ්චරිතයෙන් සමන්‍වාගතයහ. ආර්‍ය්‍යයනට උපවාද කරනුවහ, මිථ්‍යාදෘෂ්ටි ඇතියහ. මිථ්‍යාදෘෂ්ටි කර්‍මසමාදාන ඇතියහ. ඔහු කාබුන් මරණින් මතු සැපයෙන් පහ වූ දුකට ගති වූ විවස වැ පතිත වන නිරයට පැමැණියහ. තවද මේ භවත් සත්ත්‍වයෝ හෝ කායසුචරිතයෙන් සමන්‍වාගතයහ, වාක් … මනෝසුචරිතයෙන් සමන්‍වාගතයහ, ආර්‍ය්‍යයනට උපවාද නො කරනුවහ, සම්‍යක්දෘෂ්ටි ඇතියහ, සම්‍යග්දෘෂ්ටිකර්‍මසමාදාන ඇතියහ, ඔහු කාබුන් මරණින් මතු සුන්‍දර ගති ඇති ස්වර්‍ගලෝකයට පැමැණියහ” යි. මෙසෙයින් මිනිසැස ඉක්ම සිටි විශුද්ධ වූ දිව ඇසින් ච්‍යුත වන උපදනා හීන වූ ප්‍රණීත වූ මනා වර්‍ණ ඇති නො මනා වර්‍ණ ඇති සුන්‍දර ගති ඇති නපුරු ගති ඇති සත්ත්‍වයන් දකිති. යථාකර්මෝපග සත්ත්‍වයන් දැනගනිති. යම් සේ උදායී, දොර සහිත ගෘහ දෙකක් ඇද්ද එහි ඇස් ඇති පුරුෂයෙක් මධ්‍යෙයහි සිටියේ ගෙට පිවිසෙන්නා වූ ද ගෙන් නික්මෙන්නා වූ ද හැසිරෙන්නා වූ ද ඇවිදිනා වූ ද මිනිසුන් දක්නේ ද, එසෙයින් මැ උදායී, මා විසින් ශ්‍රාවකයනට පිළිවෙත් කියන ලද. යථාප්‍රතිපන්න වූ මාගේ ශ්‍රාවකයෝ මිනිසැස ඉක්ම සිටි විශුද්ධ වූ දිව ඇසින් ච්‍යුත වන උපදනා හීන ප්‍රණීත සුවර්‍ණ දුවර්‍ණ සුගත දුර්‍ගත සත්ත්‍වයන් දකිති. යථාකර්මෝපග සත්ත්‍වයන් දැනගනිති. එහිදු මාගේ බොහෝ ශ්‍රාවකයෝ අභිඥාවසාන හා අභිඥාපාරමී සඞ්ඛ්‍යාත චිර්‍ණවශී බවට පැමිණ වෙසෙත්.
Pali BJTපුන චපරං උදායි, අක්ඛාතා මයා සාවකානං පටිපදා, යථාපටිපන්නා මෙ සාවකා ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරන්ති. සෙය්යථාපි උදායි, පබ්බතසඞ්ඛෙපෙ උදකරහදො අච්ඡො විප්පසන්නො අනාවිලො, තත්ථ චක්ඛුමා පුරිසො තීරෙ ඨිතො පස්සෙය්ය සිප්පිසම්බුකම්පි සක්ඛරකඨලම්පි මච්ඡගුම්බම්පි චරන්තම්පි තිට්ඨන්තම්පි. තස්ස එවමස්ස: අයං ඛො උදකරහදො අච්ඡො විප්පසන්නො අනාවිලො. තත්රිමෙ සිප්පිසම්බුකාපි සක්ඛරකඨලාපි මච්ඡගුම්බාපි චරන්තිපි තිට්ඨන්තිපීති. එවමෙව ඛො උදායි, අක්ඛාතා මයා සාවකානං පටිපදා. යථාපටිපන්නා මෙ සාවකා ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරන්ති. තත්ර ච පන මෙ සාවකා බහූ අභිඤ්ඤාවොසානපාරමිප්පත්තා විහරන්ති. අයං ඛො උදායි, පඤ්චමො ධම්මො යෙන මමං සාවකා සක්කරොන්ති ගරුකරොන්ති මානෙන්ති පූජෙන්ති, සක්කත්වා ගරුකත්වා උපනිස්සාය විහරන්ති.
Sinhala BJTතවද උදායී, මා විසින් ශ්‍රාවකයනට පිළිවෙත් කියන ලද. යථාප්‍රතිපන්න වූ මාගේ ශ්‍රාවකයෝ ආස්‍රවයන් ක්‍ෂය වීමෙන් අනාස්‍රව වූ ඵලසමාධියත් ඵලප්‍රඥාවත් මෙ අත්බැව්හි මැ තුමූ විශිෂ්ටඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට එයට පැමිණ වෙසෙත්. යම්සේ උදායී, ගල්මුදුනෙකැ පහන් වූ වෙසෙසින් පහන් වූ නො කැලඹුණු දියවිලෙක් ඇද්ද, එහි ඇස් ඇති පුරුෂයෙක් ඉවුරෙහි සිටියේ සරනා වූ ද සිටුනා වූ ද සිප්පිබෙල්ලන් ද සක්බෙල්ලන් ද කැටකැබිලිති ද මත්ස්‍යසමූහයා ද දක්නේ යැ. ඔහට මෙ සිත් වන්නේ යැ: “මෙ දියවිල වූකලී ප්‍රසන්න යැ, ඉතා ප්‍රසන්න යැ, නො කැළඹුණේ යැ, එහි සිප්පි බෙල්ලෝ ද සක් බෙල්ලෝ ද කැට කැබිලිති ද මත්ස්‍ය සමූහයා ද සරනාහු ද සිටුනාහු ද වෙත්” යයි. එසෙයින් මැ උදායී, දා විසින් ශ්‍රාවකයනට පිළිවෙත් කියන ලද. යථාප්‍රතිපන්න වූ මාගේ ශ්‍රාවකයෝ ආස්‍රවයන් ක්‍ෂය වීමෙන් අනාස්‍රව වූ ඵලසමාධියත් ඵලප්‍රඥාවත් මෙ අත්බැව්හි මැ තුමූ වෙසෙසින් දැන ප්‍රත්‍යක්‍ෂ කොට එයට පැමිණ වෙසෙත්. එහිදු මාගේ බොහෝ ශ්‍රාවකයෝ අර්‍හත්ඵල සඞ්ඛ්‍යාත අභිඥාවසානයට හා අභිඥාපාරමියට පැමිණ වාසය කෙරෙත්. උදායී, යම් කරුණෙකින් ශ්‍රාවකයෝ මට සත්කාර ගරුකාර මානන පූජා කෙරෙද්ද, සත්කාර ගරුකාර කොට නිසා වෙසෙද්ද, මේ වූකලී ඒ පස් වැනි දහම වේ.
Pali BJTඉමෙ ඛො උදායි, පඤ්ච ධම්මා යෙහි මමං{1} සාවකා සක්කරොන්ති ගරුකරොන්ති මානෙන්ති පූජෙන්ති. සක්කත්වා ගරුකත්වා උපනිස්සාය විහරන්තීති.
Sinhala BJTඋදායී, යම් හෙයකින් මට ශ්‍රාවකයෝ සත්කාර ගරුකාර මානන පූජා කෙරෙත් ද, සත්කාර ගරුකාර කොට නිසා වෙසෙත් ද මොහු වූ කලී එ පඤ්චධර්‍මයෝයි.
Pali BJTඉදමවොච භගවා. අත්තමනො සකුලුදායී පරිබ්බාජකො භගවතො භාසිතං අභිනන්දීති.
Sinhala BJTභාග්‍යවතුන් වහන්සේ මෙය වදාළහ. සතුටුසිත් ඇති සකුලුදායී පරිව්‍රාජක භාග්‍යවතුන් වහන්සේ ගේ භාෂිතයට තුටු වූයේ යි.
Pali BJTමහාසකුලුදායි සුත්තං සත්තමං.
Sinhala BJTසත් වැනි මහා සකුලුදායී සූත්‍ර යි.
Pali BJT2. 3. 8.
Sinhala BJT2. 3. 8.
Pali BJTසමණමණ්ඩිකා සුත්තං
Sinhala BJTසමණමණ්දඩිකා සූත්‍රය
Pali BJTඑවං මෙ සුතං: එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන උග්ගාහමානො පරිබ්බාජකො සමණමණ්ඩිකාපුත්තො සමයප්පවාදකෙ තින්දුකාචීරෙ එකසාලකෙ මල්ලිකාය ආරාමෙ පටිවසති මහතියා පරිබ්බාජකපරිසාය සද්ධිං සත්තමත්තෙහි{1} පරිබ්බාජකසතෙහි.
Sinhala BJTමා විසින් මෙසේ අසන ලද: එක් සමෙයක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වැඩ වාස කරන සේක. එසමයෙහි සමණමණ්ඩිකාපුත්‍ර උග්ගාහමාන නම් පරිව්‍රාජක (විවිධ දෘෂ්ටිවාදීන් එක් වැ සමය පවසන හෙයින්) සමයප්පවාදක නම් වූ (තිඹිරිරුකින් පිරිකෙව් කරනලද බැවින්) තින්‍දුකාචීර නම් වූ ඒකසාලක නම් මල්ලිකා දේවියගේ ආරාමයෙහි පරිව්‍රාජකයන් සත්සියක් පමණ වූ මහත් පිරිවැජි පිරිස් හා සමග වෙසෙයි.
Pali BJTඅථ ඛො පඤ්චකඞ්ගො ථපති සාවත්ථියා නික්ඛමි දිවා දිවස්ස භගවන්තං දස්සනාය. අථ ඛො පඤ්චකඞ්ගස්ස ථපතිස්ස එතදහොසි: අකාලො ඛො තාව භගවන්තං දස්සනාය, පටිසල්ලීනො භගවා. මනොභාවනීයානම්පි භික්ඛූනං අසමයො දස්සනාය, පටිසල්ලීනා මනොභාවනීයා{2} භික්ඛූ. යන්නූනාහං යෙන සමයප්පවාදකො තින්දුකාචීරො{3} එකසාලකො මල්ලිකාය ආරාමො යෙන උග්ගාහමානො පරිබ්බාජකො සමණමණ්ඩිකාපුත්තො තෙනුපසඞ්කමෙය්යන්ති. අථ ඛො පඤ්චකඞ්ගො ථපති යෙන සමයප්පවාදකො තින්දුකාචීරො එකසාලකො මල්ලිකාය ආරාමො යෙන උග්ගාහමානො පරිබ්බාජකො සමණමණ්ඩිකාපුත්තො තෙනුපසඞ්කමි.
Sinhala BJTඑකල්හි පඤ්චකඞ්ග නම් වඩුදෙටු භාග්‍යවතුන්වහන්සේ දක්නට දෙවෙන්දවහල්හි සැවැත්නුවරින් නික්මිණ. ඉක්බිති පඤ්චකඞ්ග වඩුදෙටු හට මෙ සිත් විය: “තව බුදුන් දක්නට නො කලි, බුදුහු විවික්තයහ. මනවඩනා භික්‍ෂූන් ද දක්නට නො කලි, මනවඩනා භික්‍ෂූහු විචික්තයහ. මම සමයප්පවාදක වූ තින්‍දුකාචීර නම් වූ ඒකසාලක නම් මල්ලිකා දේවියගේ ආරාමයෙහි සමණමණ්ඩිකාපුත්‍ර උග්ගාහමාන පරිව්‍රාජක වෙත එළැඹෙන්නෙම් නම් මැනවැ”යි. ඉක්බිති පඤ්චකඞ්ග වඩුදෙටු සමයප්පවාදක වූ තින්‍දුකාචීර නම් වූ ඒකසාලක නම් මල්ලිකා දේවියගේ ආරාමයෙහි සමණමණ්ඩිකාපුත්‍ර උග්ගාහමාන පරිව්‍රාජක වෙත එළැඹියේ යැ.
Pali BJTතෙන ඛො පන සමයෙන උග්ගාහමානො පරිබ්බාජකො සමණමණ්ඩිකාපුත්තො මහතියා පරිබ්බාජකපරිසාය සද්ධිං නිසින්නො හොති උන්නාදිනියා උච්චාසද්දමහාසද්දාය අනෙකවිහිතං තිරච්ඡානකථං කථෙන්තියා. සෙය්යථිදං: රාජකථං චොරකථං මහාමත්තකථං සෙනාකථං භයකථං යුද්ධකථං අන්නකථං පානකථං වත්ථකථං යානකථං සයනකථං මාලාකථං ගන්ධකථං ඤාතිකථං ගාමකථං නිගමකථං නගරකථං ජනපදකථං ඉත්ථිකථං සූරකථං විසිඛාකථං කුම්භට්ඨානකථං පුබ්බපෙතකථං නානත්තකථං ලොකක්ඛායිකං සමුද්දක්ඛායිකං ඉතිභවාභවකථං ඉති වා.
Sinhala BJTඑසමයෙහි සමණමණ්ඩිකාපුත්‍ර උග්ගාහමාන පරිව්‍රාජක උද්ගතනාද ඇති උස්හඬින් මහහඬින් නන්වැදෑරුම් තිරිසන්කථා කියන මහත් වූ පිරිවැජි පිරිස් හා සමග හුන්නේ වෙයි. කවර තිරිසන් කථා ද යත්: රජුන් පිළිබඳ කථා යැ සොරුන් පිළිබඳ කථා යැ මහඇමතියන් පිළිබඳ කථා යැ සේනාකථා යැ භයකථා යැ යුද්ධකථා යැ ආහාර පිළිබඳ කථා යැ පාන පිළිබඳ කථා යැ වස්ත්‍ර පිළිබඳ කථා යැ ශයනකථා යැ මාලාකථා යැ ගන්‍ධ කථා යැ ඥාතිකථා යැ යානකථා යැ ග්‍රාමකථා යැ නිගමකථා යැ නගරකථා යැ ජනපදකථා යැ ස්ත්‍රීකථා යැ ශූරකථා යැ වීථි පිළිබඳ කථා යැ කුම්භස්ථානකථා යැ පූර්‍වප්‍රේතකථා යැ සෙසු නන්වැදෑරුම් කථා යැ ලෝකායතකථා යැ සමුද්‍රාඛ්‍යානකථා යැ භවාභවය මෙසේ යැ යන කථා යැ’යි හෝ යි.
Pali BJTඅද්දසා ඛො උග්ගාහමානො පරිබ්බාජකො සමණමණ්ඩිකාපුත්තො පඤ්චකඞ්ගං ථපතිං දූරතොව ආගච්ඡන්තං. දිස්වාන සකං පරිසං සණ්ඨපෙසි: “අප්පසද්දා භොන්තො හොන්තු, මා භොන්තො සද්දමකත්ථ. අයං සමණස්ස ගොතමස්ස සාවකො ආගච්ඡති පඤ්චකඞ්ගො ථපති. යාවතා ඛො පන සමණස්ස ගොතමස්ස සාවකා ගිහී ඔදාතවසනා සාවත්ථියං පටිවසන්ති, අයං තෙසං අඤ්ඤතරො පඤ්චකඞ්ගො ථපති. අප්පසද්දා ඛො පන තෙ ආයස්මන්තො අප්පසද්දවිනීතා අප්පසද්දස්ස වණ්ණවාදිනො, අප්පෙව නාම අප්පසද්දං පරිසං විදිත්වා උපසඞ්කමිතබ්බං මඤ්ඤෙය්යා”ති. අථ ඛො තෙ පරිබ්බාජකා තුණ්හී අහෙසුං.
Sinhala BJTසමණමණ්ඩිකාපුත්‍ර උග්ගාහමාන පරිව්‍රාජක පඤ්චකඞ්ග වඩුදෙටු දුරින් මැ එන්නා දුටුයේ යැ. දැක සියපිරිස් සන්හුන් කරවී: “භවත්හු, නිහඬ වෙත්වා, භවත්නි තෙපි නහමක් හඬ නඟවු, මේ ශ්‍රමණගෞතමයන් ගේ ශ්‍රාවක පඤ්චකඞ්ගස්‍ථපති එයි. යම් පමණ ශ්‍රමණගෞතමයන් ගේ ශ්‍රාවක වූ හෙළපිළී හඳනා ගැහැවියෝ සැවැත්නුවර වෙසෙත් ද මේ පඤ්චකඞ්ගස්‍ථපති ඔවුනතුරෙහි එක්තරයෙක. තවද ඒ ආයුෂ්මත්හු නිහඬයහ, නිහඬ වූ බුදුරදුන් විසින් විනීතයහ, නිහඬ බැව්හි ගුණකියනුවහ. නිහඬ පිරිස් දැන එළැඹියැයුතු කොට සිතා නම් මැනවැ”යි. එකල්හි ඒ පරිව්‍රාජකයෝ නිහඬ වූහ.
Pali BJTඅථ ඛො පඤ්චකඞ්ගො ථපති යෙන උග්ගාහමානො පරිබ්බාජකො සමණමණ්ඩිකාපුත්තො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා උග්ගාහමානෙන පරිබ්බාජකෙන සමණමණ්ඩිකාපුත්තෙන සද්ධිං සම්මොදි. සම්මොදනීයං කථං සාරාණීයං{1} වීතිසාරෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නං ඛො පඤ්චකඞ්ගං ථපතිං උග්ගාහමානො පරිබ්බාජකො සමණමණ්ඩිකාපුත්තො එතදවොච:
Sinhala BJTඉක්බිති පඤ්චකඞ්ග වඩුදෙටු සමණමණ්ඩිකාපුත්‍ර උග්ගාහමාන පරිව්‍රාජක කරා එළැඹියේ යැ. එළැඹ සමණමණ්ඩිකාපුත්‍ර උග්ගාහමාන පරිව්‍රාජක හා සමඟ සතුටු විය. සතුටු වියවුතු කලතුරුහි සිහිකටයුතු කථා කොට නිමවා එකත්පස් වැ හින. එකත්පස් වැ හුන් පඤ්චකඞ්ග වඩුදෙටුහට සමණමණ්ඩිකාපුත්‍ර උග්ගාහමාන පරිව්‍රාජක තෙල කරුණ කී යැ ;
Pali BJT“චතූහි ඛො අහං ථපති, ධම්මෙහි සමන්නාගතං පුරිසපුග්ගලං පඤ්ඤාපෙමි සම්පන්නකුසලං පරමකුසලං උත්තමපත්තිපත්තං සමණං අයොජ්ඣං. කතමෙහි චතූහි: ඉධ ථපති න කායෙන පාපකං කම්මං කරොති, න පාපිකං වාචං භාසති, න පාපකං සඞ්කප්පං සඞ්කප්පෙති, න පාපකං ආජීවං ආජීවති. ඉමෙහි ඛො අහං ථපති, චතූහි ධම්මෙහි සමන්නාගතං පුරිසපුග්ගලං පඤ්ඤාපෙමි සම්පන්නකුසලං පරමකුසලං උත්තමපත්තිපත්තං සමණං අයොජ්ඣ”න්ති.
Sinhala BJT“ස්‍ථපතිය, මම් සතර කරුණෙකින් සමන්‍වාගත පුරුෂපුද්ගල පිරිපුන් කුසල් ඇති උතුම් කුසල් ඇති උත්තමප්‍රාප්තියට පත් වාදයුදට නො නිසි (වාදයෙන් නො සැලිය හෙන) ශ්‍රමණ යයි දක්වමි (පනවමි). කවර සතර කරුණෙකින යත්: ස්‍ථපතිය, මෙලොවැ කිසිවෙක් කයින් පව්කම් නො කෙරේ ද, ලාමක වචන නො කියා ද, ලාමක සංකල්ප නො කෙරේ ද, ලාමක ආජීව නො කෙරේ ද, ස්‍ථපතිය, මම් මෙ සතර කරුණින් සමන්‍වාගත පුරුෂපුද්ගල පිරිපුන් කුසල් ඇති උතුම් කුසල් ඇති උත්තමප්‍රාප්තියට පත් වාදයුදට නො නිසි ශ්‍රමණ යැ යි පනවමි.
Pali BJTඅථ ඛො පඤ්චකඞ්ගො ථපති උග්ගාහමානස්ස පරිබ්බාජකස්ස සමණමණ්ඩිකාපුත්තස්ස භාසිතං නෙව අභිනන්දි, නප්පටික්කොසි. අනභිනන්දිත්වා අප්පටික්කොසිත්වා උට්ඨායාසනා පක්කාමි. භගවතො සන්තිකෙ එතස්ස භාසිතස්ස අත්ථං ආජානිස්සාමීති. අථ ඛො පඤ්චකඞ්ගො ථපති යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො පඤ්චකඞ්ගො ථපති යාවතකො අහොසි උග්ගාහමානෙන පරිබ්බාජකෙන සමණමණ්ඩිකාපුත්තෙන සද්ධිං කථාසල්ලාපො, තං සබ්බං භගවතො ආරොචෙසි. එවං වුත්තෙ භගවා පඤ්චකඞ්ගං ථපතිං එතදවොච: එවං සන්තෙ ඛො ථපති, දහරො කුමාරො මන්දො උත්තානසෙය්යකො සම්පන්නකුසලො භවිස්සති පරමකුසලො උත්තමපත්තිපත්තො සමණො අයොජ්ඣො, යථා උග්ගාහමානස්ස පරිබ්බාජකස්ස සමණමණ්ඩිකාපුත්තස්ස වචනං. දහරස්ස හි ථපති, කුමාරස්ස මන්දස්ස උත්තානසෙය්යකස්ස කායොතිපි න හොති, කුතො පන කායෙන පාපකං කම්මං කරිස්සති අඤ්ඤත්ර ඵන්දිතමත්තා. දහරස්ස හි ථපති කුමාරස්ස මන්දස්ස උත්තානසෙය්යකස්ස වාචාතිපි න හොති. කුතො පන පාපිකං වාචං භාසිස්සති අඤ්ඤත්ර රොදිතමත්තා. දහරස්ස හි ථපති, කුමාරස්ස මන්දස්ස උත්තානසෙය්යකස්ස සඞ්කප්පොතිපි න හොති, කුතො පන පාපිකං සඞ්කප්පං සඞ්කප්පිස්සති අඤ්ඤත්ර විකූජිතමත්තා{2}. දහරස්ස හි ථපති, කුමාරස්ස මන්දස්ස උත්තානසෙය්යකස්ස ආජීවො තිපි න හොති, කුතො පන පාපකං ආජීවං ආජීවිස්සති, අඤ්ඤත්ර මාතුථඤ්ඤා. එවං සන්තෙ ඛො ථපති, දහරො කුමාරො මන්දො උත්තානසෙය්යකො සම්පන්නකුසලො භවිස්සති පරමකුසලො උත්තමපත්තිපත්තො සමණො අයොජ්ඣො, යථා උග්ගාහමානස්ස පරිබ්බාජකස්ස සමණමණ්ඩිකාපුත්තස්ස වචනං.
Sinhala BJTඑකල්හි පඤ්චකඞ්ගස්‍ථපති ශ්‍රමණමණ්ඩිකාපුත්‍ර උග්ගාහමාන පරිව්‍රාජක ගේ භාෂිතයට නො මැ සතුටු විය, නො ද ප්‍රතික්‍ෂේප කෙළේ යැ. අභිනන්‍දන නො කොට ප්‍රතික්‍ෂේප නො කොට හුන්සනෙන් නැඟී ‘භාග්‍යවතුන් වහන්සේ වෙත තෙල භාෂිතයාගේ අර්‍ත්‍ථය දනිමී නික්ම ගියේ යැ. ඉක්බිති පඤ්චකඞ්ගස්‍ථපති භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹ භාග්‍යවතුන් වැඳ එකත්පස්වැ හින. එකත්පස් වැ හුන් පඤ්චකඞ්ගස්‍ථපති සමණමණ්ඩිකාපුත්‍ර උග්ගාහමාන පරිව්‍රාජක හා සමග යම් පමණ කථා සල්ලාපයෙක් වී ද, එ හැම භාග්‍යවතුන් වහන්සේට දැන්වී. මෙසේ කී කල්හි භාග්‍යවතුන් වහන්සේ පඤ්චකඞ්ගස්‍ථපතිහට තෙල කරුණ වදාළහ: යම්සේ සමණමණ්ඩිකාපුත්‍ර උග්ගාහමාන පරිව්‍රාජක ගේ වචනය වේ ද, එසේ ඇති කල්හි ස්‍ථපතිය, බාල වූ උඩුකුරු වැ හෝනා ළදරු කුමර පිරිපුන් කුසල් ඇති උතුම් කුසල් ඇති උත්තමප්‍රාප්තියට පත් අයෝධ්‍යශ්‍රමණ වන්නේ යැ. ස්‍ථපතිය, බාල වූ උඩුකුරු වැ හෝනා ළදරු කුමරුහට (සත්කාය පරකාය විසින්) කායවිඥානයෙකුදු නො වෙයි, වැළි ස්පන්‍දනමාත්‍රය හැර කොයින් කයින් පව්කම් කරන්නේ ද? ස්ථපතිය, බාල වූ උත්තානසෙය්‍යක වූ ළදරු කුමරුහට (මිථ්‍යා සම්‍යක් භේද) වචන දු නො වෙයි. යළි හැඬීම් පමණ මිස කොයින් ලාමක වචන කියන්නේ ද? ස්ථපතිය, බාල වූ උඩුකුරු වැ හෝනා ළදරු කුමරුහට (මිථ්‍යා සම්‍යක් භේද) සංකල්ප දු නො වෙයි. වැළි විකුජන (හැඬීම් සිනාසීම්) මාත්‍රයක් මිස කොයින් ලාමක සංකල්ප කරන්නේ ද? ස්ථපතිය, බාල වූ උඩුකුරු වැ හෝනා ළදරු කුමරුහට (මිථ්‍යා සම්‍යක් භේද ඇති) ආජීව ද නො වෙයි. වැළිදු මව ගේ තනකිරි මිස කොයින් ලාමක ආජීව කරන්නේ ද? ස්ථපතිය, සමණමණ්ඩිකාපුත්‍ර උග්ගාහමාන පරිව්‍රාජක ගේ වචනය යම්සේ ද එසේ ඇති කල්හි බාල වූ උඩුකුරු වැ හෝනා ළදරු කුමර පිරිපුන් කුසල් ඇති උතුම් කුසල් ඇති උත්තම ප්‍රාප්තියට පැමිණි අයෝධ්‍යශ්‍රමණ වන්නේ යි.
Pali BJTචතූහි ඛො අහං ථපති, ධම්මෙහි සමන්නාගතං පුරිසපුග්ගලං පඤ්ඤාපෙමි න චෙව සම්පන්නකුසලං න පරමකුසලං න උත්තමපත්තිපත්තං සමණං අයොජ්ඣං. අපිචිමං දහරං කුමාරං මන්දං උත්තානසෙය්යකං සමධිගය්හ තිට්ඨති. කතමෙහි චතූහි: ඉධ ථපති න කායෙන පාපකං කම්මං කරොති, න පාපිකං වාචං භාසති, න පාපකං සඞ්කප්පං සඞ්කප්පෙති. න පාපකං ආජීවං ආජීවති. ඉමෙහි ඛො අහං ථපති, චතූහි ධම්මෙහි සමන්නාගතං පුරිසපුග්ගලං පඤ්ඤාපෙමි න චෙව සම්පන්නකුසලං න පරමකුසලං න උත්තමපත්තිපත්තං සමණං අයොජ්ඣං. අපිචිමං දහරං කුමාරං මන්දං උත්තානසෙය්යකං සමධිගය්හ තිට්ඨති.
Sinhala BJTස්‍ථපතිය, මම් වූකලි සතර කරුණෙකින් සමන්‍වාගත පුරුෂ පුද්ගල නො ද පිරිපුන් කුසල් ඇති උතුම් කුසල් නැති උත්තමප්‍රාප්තියට නො පත් අයෝධ්‍ය (වාද යුදයෙන් නො සැලිය හෙන) ශ්‍රමණ යැ’යි පනවමි. එතෙකුදු වත් (හේ මේ බාල වූ උඩුකුරු වැ හෝනා ළදරු කුමරු වෙසෙසා (යට කොට) සිටී. කවර සතර කරුණෙකින යත්: ස්‍ථපතිය, මෙලොව (කිසිවෙක්) කයින් පව්කම් නො කෙරෙයි, ලමු බස් නො බෙණෙයි, ලාමක සංකල්ප නො කෙරෙයි, ලාමක ආජීව නො කෙරෙයි. ස්‍ථපතිය, මම මෙ සතර කරුණින් සමන්‍වාගත පුරුෂ පුද්ගල නො ද පිරිපුන් කුසල් ඇති උතුම් කුසල් නැති උත්තම ප්‍රාප්තියට නො පත් අයෝධ්‍යශ්‍රමණ යැ’යි දක්වමි. එතෙකුදු වත් (හෙ තෙම) මේ බාල වූ උඩුකුරු වැ හෝනා ළදරු කුමරු වෙසෙසා සිටී.
Pali BJTදසහි ඛො අහං ථපති, ධම්මෙහි සමන්නාගතං පුරිසපුග්ගලං පඤ්ඤාපෙමි සම්පන්නකුසලං පරමකුසලං උත්තමපත්තිපත්තං සමණං අයොජ්ඣං.
Sinhala BJTස්‍ථපතිය, මම් වූකලි දස කරුණෙකින් සමන්‍වාගත පුරුෂ පුද්ගල පිරිපුන් කුසල් ඇති උතුම් කුසල් ඇති උත්තමප්‍රාප්තියට පත් අයෝධ්‍යශ්‍රමණ යැ’යි පනවමි.
Pali BJTඉමෙ අකුසලසීලා{1}. තාහං{2} ථපති, වෙදිතබ්බන්ති වදාමි. ඉතො සමුට්ඨානා අකුසලසීලා. තාහං ථපති, වෙදිතබ්බන්ති වදාමි. ඉධ අකුසලසීලා අපරිසෙසා නිරුජ්ඣන්ති. තාහං ථපති, වෙදිතබ්බන්ති වදාමි. එවං පටිපන්නො අකුසලානං සීලානං නිරොධාය පටිපන්නො හොති. තාහං ථපති, වෙදිතබ්බන්ති වදාමි.
Sinhala BJTමොහු අකුසලසීලයෝ (දුශ්ශීලස්‍වභාවයෝ) යැ. ස්ථපතිය, මම් එය දතයුතු යැ’යි කියමි. අකුශලසීලයෝ මෙයින් (සරාගාදිසිතින්) උපදනාහු යැ. ස්ථපතිය, මම් එය දතයුතු යැ’යි කියමි. මෙහි අකුශලසීලයෝ නිරවශේෂයෙන් නිරුද්ධ වෙති. ස්ථපතිය, මම් එය දතයුතු යැ’යි කියමි. මෙසේ පිළිපන්නේ අකුශලසීලයන්ගේ නිරෝධයට පිළිපන්නේ වෙයි. ස්ථපතිය, මම් එය දතයුතු යැ’යි කියමි.
Pali BJTඉමෙ කුසලසීලා{3}. තාහං ථපති, වෙදිතබ්බන්ති වදාමි. ඉතො සමුට්ඨානා කුසලසීලා. තාහං ථපති, වෙදිතබ්බන්ති වදාමි. ඉධ කුසලසීලා අපරිසෙසා නිරුජ්ඣන්ති. තාහං ථපති, වෙදිතබ්බන්ති වදාමි. එවං පටිපන්නො කුසලානං සීලානං නිරොධාය පටිපන්නො හොති. තාහං ථපති, වෙදිතබ්බන්ති වදාමි.
Sinhala BJTමොහු කුසලසීලයෝ යැ. ස්ථපතිය, මම් එය දතයුතු යැ’යි කියමි. කුසලසීලයෝ මෙයින් උපදනාහු යැ. ස්ථපතිය, මම් එය දතයුතු යැ’යි කියමි. මෙහි කුසලසීලයෝ නිරවශේෂයෙන් නිරුද්ධ වෙති. ස්ථපතිය, මම් එය දතයුතු යැ’යි කියමි. මෙසේ පිළිපන්නේ කුසලසීලයන්ගේ නිරෝධයට පිළිපන්නේ වෙයි. ස්ථපතිය, මම් එය දතයුතු යැ’යි කියමි.
Pali BJTඉමෙ අකුසලසඞ්කප්පා{4}. තාහං ථපති, වෙදිතබ්බන්ති වදාමි. ඉතො සමුට්ඨානා අකුසලසඞ්කප්පා. තාහං ථපති, වෙදිතබ්බන්ති වදාමි. ඉධ අකුසලසඞ්කප්පා අපරිසෙසා නිරුජ්ඣන්ති. තාහං ථපති, වෙදිතබ්බන්ති වදාමි. එවං පටිපන්නො අකුසලානං සඞ්කප්පානං නිරොධාය පටිපන්නො හොති. තාහං ථපති, වෙදිතබ්බන්ති වදාමි.
Sinhala BJTමොහු අකුශලසංකල්පයෝ යැ. ස්ථපතිය, මම් එය දතයුතු යැ’යි කියමි. අකුශල සංකල්පයෝ මෙයින් උපත ඇතියහ. ස්‍ථපතිය, මම් එය දතයුතු යැ’යි කියමි. මෙහි අකුශලසංකල්පයෝ නිරවශේෂයෙන් නිරුද්ධ වෙති. ස්ථපතිය, මම් එය දතයුතු යැ’යි කියමි. මෙසේ පිළිපන්නේ අකුශලසංකල්පයන්ගේ නිරෝධයට පිළිපන්නේ වෙයි. ස්ථපතිය, මම් එය දතයුතු යැ’යි කියමි.
Pali BJTඉමෙ කුසලසඞ්කප්පා{5}. තාහං ථපති, වෙදිතබ්බන්ති වදාමි. ඉතො සමුට්ඨානා කුසලසඞ්කප්පා. තාහං ථපති, වෙදිතබ්බන්ති වදාමි. ඉධ කුසලසඞ්කප්පා අපරිසෙසා නිරුජ්ඣන්ති. තාහං ථපති, වෙදිතබ්බන්ති වදාමි. එවං පටිපන්නො කුසලානං සඞ්කප්පානං නිරොධාය පටිපන්නො හොති. තාහං ථපති, වෙදිතබ්බන්ති වදාමි.
Sinhala BJTමොහු කුශලසංකල්පයෝ යැ. ස්ථපතිය, මම් එය දතයුතු යැ’යි කියමි. කුශලසංකල්පයෝ මෙයින් උපත ඇතියහ. ස්‍ථපතිය, මම් එය දතයුතු යැ’යි කියමි. මෙහි කුශලසංකල්පයෝ නිරවශේෂයෙන් නිරුද්ධ වෙති. ස්ථපතිය, මම් එය දතයුතු යැ’යි කියමි. මෙසේ පිළිපන්නේ කුශලසංකල්පයන්ගේ නිරෝධයට පිළිපන්නේ වෙයි. ස්ථපතිය, මම් එය දතයුතු යැ’යි කියමි.
Pali BJTකතමෙ ච ථපති, අකුසලසීලා: අකුසලං කායකම්මං, අකුසලං වචීකම්මං, පාපකො ආජීවො. ඉමෙ වුච්චන්ති ථපති, අකුසලසීලා. ඉමෙ ච ථපති, අකුසලසීලා කිංසමුට්ඨානා: සමුට්ඨානම්පි නෙසං වුත්තං. චිත්තසමුට්ඨානාතිස්ස වචනීයා{6}. කතමං චිත්තං: චිත්තම්පි හි බහුං{7} අනෙකවිධං නානප්පකාරකං. තං චිත්තං සරාගං සදොසං සමොහං. ඉතො සමුට්ඨානා අකුසලා සීලා. ඉමෙ ච ථපති, අකුසලසීලා කුහිං අපරිසෙසා නිරුජ්ඣන්ති. නිරොධොපි නෙසං වුත්තො. ඉධ ථපති, භික්ඛු කායදුච්චරිතං පහාය කායසුචරිතං භාවෙති, වචීදුච්චරිතං පහාය වචීසුචරිතං භාවෙති, මනොදුච්චරිතං පහාය මනො සුචරිතං භාවෙති. මිච්ඡාආජීවං පහාය සම්මාආජීවෙන ජීවිකං කප්පෙති,
Sinhala BJTස්‍ථපතිය, අකුශලශීලයෝ කවරහ යත්: අකුශල වූ කායකර්‍ම යැ, අකුශල වූ වාක්කර්‍ම යැ, ලාමක වූ ආජීව යි. ස්‍ථපතිය, මොහු ‘අකුශලශීලහ’ යි කියනු ලැබෙත්. ස්ථපතිය, වැළිත් මේ අකුශලශීලයෝ කුමක් සමුත්‍ථාන කොට ඇත්තාහු යත්: උන්ගේ සමුත්‍ථාන ද කියන ලද. චිත්තසමුත්‍ථානයෝ යයි කියයුතු වන්නාහ. ‘චිත්තය’ කවරෙ යත්: චිත්ත ද බොහෝ යැ නානාවිධ යැ නානාප්‍රකාර යි. එසිත රාග සහිත වූයේ යැ ද්වේෂ සහිත වූයේ යැ මෝහ සහිත වූයේ යැ, අකුශලශීලයෝ මෙයින් උපත් ඇතියහ. තවද ස්‍ථපතිය, මේ අකුශලශීලයෝ කොහි නිරවශේෂයෙන් නිරුද්ධ වෙත් ද? උන්ගේ නිරෝධය ද කියන ලද. ස්‍ථපතිය, මෙසස්නෙහි මහණ කායදුශ්චරිතය හැරපියා කායසුචරිතය වඩයි. වාග්දුශ්චරිතය හැරපියා වාක්සුචරිතය වඩයි. මනෝදුශ්චරිතය හැරපියා මනස්සුචරිතය වඩයි. මිථ්‍යා ආජීවය හැරපියා සම්‍යග් ආජීවයෙන් ජීවිකාව කෙරෙයි,
Pali BJTඑත්ථෙතෙ අකුසලා සීලා අපරිසෙසා නිරුජ්ඣන්ති. කථං පටිපන්නො ච ථපති අකුසලානං සීලානං නිරොධාය පටිපන්නො හොති: ඉධ ථපති භික්ඛු අනුප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං අනුප්පාදාය ඡන්දං ජනෙති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති, උප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං පහානාය ඡන්දං ජනෙති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති, අනුප්පන්නානං කුසලානං ධම්මානං උප්පාදාය ඡන්දං ජනෙති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති. උප්පන්නානං කුසලානං ධම්මානං ඨිතියා අසම්මොසාය භිය්යොභාවාය වෙපුල්ලාය භාවනාය පාරිපූරියා ඡන්දං ජනෙති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති. එවං පටිපන්නො ඛො ථපති, අකුසලානං සීලානං නිරොධාය පටිපන්නො හොති.
Sinhala BJTමෙහි තෙල අකුශලශීලයෝ නිරවශේෂයෙන් නිරුද්ධ වෙති. තවද ස්‍ථපතිය, කෙසේ පිළිපන්නේ අකුශලශීලයන්ගේ නිරෝධයට පිළිපන්නේ වේ ද? ස්‍ථපතිය, මෙ සස්නෙහි මහණ නූපන් ලාමක අකුශලධර්‍මයන් නූපදනා පිණිස කර්තුකම්‍යතාකුශලච්ඡන්‍දය උපදවයි, ව්‍යායාම කෙරෙයි, වීර්‍ය්‍ය පවත්වයි, සිත නඟාලයි, ප්‍රධන්වීර්‍ය්‍ය කෙරේ. උපන් ලාමක අකුශලධර්‍මයන් දුරු කරන පිණිස ඡන්‍දය උපදවයි, ව්‍යායාම කෙරෙයි, වීර්‍ය්‍ය පවත්වයි, සිත නඟාලයි, ප්‍රධන්වීර්‍ය්‍ය කෙරේ. නූපන් කුශලධර්‍මයන් උපදනා පිණිස කුශලච්ඡන්‍දය උපදවයි, ව්‍යායාම කෙරෙයි, වීර්‍ය්‍ය පවත්වයි, සිත නඟාලයි, ප්‍රධන් වීර්‍ය්‍ය කෙරේ. උපන් කුශලධර්‍මයන්ගේ සිටීමට නො නැස්මට බහුල බවට විපුලබවට වැඩීමට පරිපූරර්‍ණභාවයට කුශලච්ඡන්‍දය උපදවයි, ව්‍යායාම කෙරෙයි, වීර්‍ය්‍ය පවත්වයි, සිත නඟාලයි, ප්‍රධන්වීර්‍ය්‍ය කෙරේ. ස්‍ථපතිය, මෙසේ පිළිපන්නේ අකුශලශීලයන්ගේ නිරෝධයට පිළිපන්නේ වෙයි.
Pali BJTකතමෙ ච ථපති කුසලා සීලා: කුසලං කායකම්මං, කුසලං වචීකම්මං. ආජීවපරිසුද්ධිපි ඛො අහං ථපති, සීලස්මිං වදාමි. ඉමෙ වුච්චන්ති ථපති කුසලසීලා. ඉමෙ ච ථපති, කුසලසීලා කිංසමුට්ඨානා, සමුට්ඨානම්පි නෙසං වුත්තං. චිත්තසමුට්ඨානාතිස්ස වචනීයා. කතමං චිත්තං: චිත්තම්පි හි බහුං අනෙකවිධං නානප්පකාරකං. යං චිත්තං වීතරාගං වීතදොසං වීතමොහං, ඉතො සමුට්ඨානා කුසලා සීලා. ඉමෙ ච ථපති, කුසලසීලා කුහිං අපරිසෙසා නිරුජ්ඣන්ති: නිරොධොපි නෙසං වුත්තො, ඉධ ථපති, භික්ඛු සීලවා හොති නො ච සීලමයො, තඤ්ච චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං යථාභූතං පජානාති. යත්ථස්ස තෙ කුසලසීලා අපරිසෙසා නිරුජ්ඣන්ති. කථං පටිපන්නො ච ථපති කුසලානං සීලානං නිරොධාය පටිපන්නො හොති: ඉධ ථපති භික්ඛු අනුප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං අනුප්පාදාය ඡන්දං ජනෙති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති, උප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං පහානාය -පෙ- අනුප්පන්නානං කුසලානං ධම්මානං උප්පාදාය -පෙ- උප්පන්නානං කුසලානං ධම්මානං ඨිතියා. අසම්මොසාය භිය්යොභාවාය වෙපුල්ලාය භාවනාය පාරිපූරියා ඡන්දං ජනෙති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති. එවං පටිපන්නො ඛො ථපති, කුසලානං සීලානං නිරොධාය පටිපන්නො හොති.
Sinhala BJTස්‍ථපතිය, කුශලශීලයෝ කවරහ යත්: කුශල වූ කායකර්‍මයැ කුශල වූ වාක්කර්‍ම යැ. ස්ථපතිය, මම් වූකලී ආජීවපාරිශුද්ධි දු ශීලයෙහි ලා කියමි. ස්‍ථපතිය, මොහු ‘කුශලයෝ’ යි කියනු ලැබෙති. තවද ස්‍ථපතිය, මේ කුශලශීලයෝ කුමක් සමුත්‍ථාන කොට ඇත්තාහු ද? ඔවුනට සමුත්‍ථාන දු කියනලද, ‘චිත්තසමුත්‍ථානහ’යි කියයුතු වන්නාහ. ‘චිත්ත’ කවරෙ යත්: චිත්ත ද බොහෝ යැ නානාවිධ යැ නානාප්‍රකාර යැ. එ සිත වීතරාග යැ වීතදෝස යැ වීතමෝහ යි. අකුශලයෝ මෙ සිත සමුත්‍ථාන කොට ඇතියහ. ස්‍ථපතිය, වැළිත් මේ කුශලශීලයෝ කොහි නිරවශේෂ වැ නිරුද්ධ වෙත් ද? ඔවුනට නිරෝධ දු කියන ලද. ස්‍ථපතිය, මෙ සස්නෙහි මහණ සිල්වත් වෙයි. එතෙකුදු වත් (මේ මෙ පමණි, මෙයින් මතු කරණී නැතැ’යි) ශීලමය නො වෙයි. යම් තැනෙක ඒ කුශලයෝ නිරවශේෂ වැ නිරුද්ධ වෙත් නම් ඒ ඵලසමාධියත් ඵලප්‍රඥාවත් ඇති සැටියෙන් දැනගනී. ස්‍ථපතිය, වැළිත් කිසෙයින් පිළිපන්නේ කුශලශීලයන්ගේ නිරෝධයට පිළිපන්නේ වේ ද යත්: ස්‍ථපතිය, මෙ සස්නෙහි මහණ නූපන් ලාමක අකුශලධර්‍මයන් නූපදනා පිණිස කුශලච්ඡන්‍දය දනවයි, ව්‍යායාම කෙරෙයි, වීර්‍ය්‍ය පවත්වයි, සිත නඟාලයි, ප්‍රධන් වීර්‍ය්‍ය කෙරේ. උපන් ලාමක අකුශලධර්‍මයන්ගේ ප්‍රහාණයට … නූපන් කුශලධර්‍මයන් උපදනා පිණිස … උපන් කුශලධර්‍මයන් සිටීමට නො නැස්මට බහුල බවට විපුල බවට භාවනාවට පිරිපුන් බවට ඡන්‍දය දනවයි, ව්‍යායාම කෙරෙයි, වීර්‍ය්‍ය පවත්වයි, සිත නඟාලයි, ප්‍රධන් වීර්‍ය්‍ය කෙරේ. ස්‍ථපතිය, මෙසේ පිළිපන්නේ කුශලශීලයන්ගේ නිරෝධයට පිළිපන්නේ වෙයි.
Pali BJTකතමෙ ච ථපති, අකුසලසඞ්කප්පා: කාමසඞ්කප්පො බ්යාපාදසඞ්කප්පො විහිංසාසඞ්කප්පො, ඉමෙ වුච්චන්ති ථපති, අකුසලසඞ්කප්පා. ඉමෙ ච ථපති. අකුසලසඞ්කප්පා කිංසමුට්ඨානා: සමුට්ඨානම්පි නෙසං වුත්තං. සඤ්ඤාසමුට්ඨානාතිස්ස වචනීයා. කතමා සඤ්ඤා: සඤ්ඤාපි හි බහූ අනෙකවිධා නානප්පකාරකා{1} කාමසඤ්ඤා බ්යාපාදසඤ්ඤා විහිංසාසඤ්ඤා, ඉතො සමුට්ඨානා අකුසලසඞ්කප්පා. ඉමෙ ච ථපති, අකුසලසඞ්කප්පා කුහිං අපරිසෙසා නිරුජ්ඣන්ති: නිරොධොපි නෙසං වුත්තො. ඉධ ථපති භික්ඛු විවිච්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති, එත්ථෙතෙ අකුසලා සඞ්කප්පා අපරිසෙසා නිරුජ්ඣන්ති. කථං පටිපන්නො ච ථපති, අකුසලානං සඞ්කප්පානං නිරොධාය පටිපන්නො හොති: ඉධ ථපති, භික්ඛු අනුප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං අනුප්පාදාය ඡන්දං ජනෙති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති, උප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං පහානාය -පෙ- අනුප්පන්නානං කුසලානං ධම්මානං උප්පාදාය -පෙ- උප්පන්නානං කුසලානං ධම්මානං ඨිතියා අසම්මොසාය භිය්යොභාවාය වෙපුල්ලාය භාවනාය පාරිපූරියා ඡන්දං ජනෙති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති. එවං පටිපන්නො ඛො ථපති, අකුසලානං සඞ්කප්පානං නිරොධාය පටිපන්නො හොති.
Sinhala BJTස්‍ථපතිය, වැළිත් අකුශලසංකල්පයෝ කවරහ යත්: කාමසංකල්ප යැ ව්‍යාපාදසංකල්ප යැ විහිංසාසංකල්ප යි. ස්‍ථපතිය, මොහු ‘අකුශලසංකල්පයෝ’යි කියනු ලැබෙත්. ස්ථපතිය, වැළිත් කුමක් සමුත්‍ථාන කොට ඇත්තාහු ද? උන්ගේ සමුත්‍ථාන දු කියන ලද. සංඥාව සමුත්‍ථාන කොට ඇතැයි කියයුතු වන්නාහ. සංඥා කවර යත්: සංඥා ද බොහෝ යැ නානාවිධ යැ නානාප්‍රකාර යි. කාමසංඥා යැ ව්‍යාපාදසංඥා යැ විහිංසාසංඥා යි. අකුශල සංකල්පයෝ මේ සංඥාව සමුත්‍ථාන කොට ඇතියහ. ස්‍ථපතිය, වැළිත් මේ අකුශලසංකල්පයෝ කොහි නිරවශේෂ වැ නිරුද්ධ වෙත් ද? ඔවුන්ගේ නිරෝධය ද කියනලද. ස්‍ථපතිය, මෙ සස්නෙහි මහණ කාමයෙන් වෙන් වැ මැ … ප්‍රථමධ්‍යානයට පැමිණ වාස කෙරෙයි. මෙ (අනගැමිඵලයෙ)හි තෙල අකුශලසංකල්පයෝ නිරවශේෂ වැ නිරුද්ධ වෙති. ස්ථපතිය, වැළිත් කිසෙයින් පිළිපන්නේ අකුශලසංකල්පයන්ගේ නිරෝධයට පිළිපන්නේ වේ ද යත්: ස්‍ථපතිය, මෙ සස්නෙහි මහණ නූපන් ලාමක අකුශලධර්‍මයන් නූපදනා පිණිස ඡන්‍දය දනවයි, ව්‍යායාම කෙරෙයි, වීර්‍ය්‍ය පවත්වයි, සිත නඟාලයි, ප්‍රධන්වීර්‍ය්‍ය කෙරේ. උපන් ලාමක අකුශලධර්‍මයන් ගේ ප්‍රහාණයට … නූපන් කුශලධර්‍මයන් උපදනා පිණිස … උපන් කුශලධර්‍මයන් සිටීමට නො නැස්මට බහුලභාවයට විපුල භාවයට පරිපූර්‍ණ බවට කුශලච්ඡන්‍දය දනවයි, ව්‍යායාම කෙරෙයි, වීර්‍ය්‍ය පවත්වයි, සිත නඟාලයි, ප්‍රධන්වීර්‍ය්‍ය කෙරේ. ස්‍ථපතිය, මෙසෙයින් පිළිපන්නේ අකුශලසංකල්පයන්ගේ නිරෝධයට පිළිපන්නේ වෙයි.
Pali BJTකතමෙ ච ථපති, කුසලසඞ්කප්පා: නෙක්ඛම්මසඞ්කප්පො අබ්යාපාදසඞ්කප්පො අවිහිංසාසඞ්කප්පො. ඉමෙ වුච්චන්ති ථපති, කුසලා සඞ්කප්පා. ඉමෙ ච ථපති, කුසලසඞ්කප්පා කිංසමුට්ඨානා: සමුට්ඨානම්පි නෙසං වුත්තං. සඤ්ඤාසමුට්ඨානාතිස්ස වචනීයා. කතමා සඤ්ඤා: සඤ්ඤාපි හි බහූ අනෙකවිධා නානප්පකාරකා{1}. නෙක්ඛම්මසඤ්ඤා අබ්යාපාදසඤ්ඤා අවිහිංසාසඤ්ඤා, ඉතොසමුට්ඨානා කුසලසඞ්කප්පා. ඉමෙ ච ථපති, කුසලසඞ්කප්පා කුහිං අපරිසෙසා නිරුජ්ඣන්ති: නිරොධොපි නෙසං වුත්තො. ඉධ ථපති, භික්ඛු විතක්කවිචාරානං වූපසමා -පෙ- දුතියං ඣානං උපසම්පජ්ජ විහරති එත්ථෙතෙ කුසලසඞ්කප්පා අපරිසෙසා නිරුජ්ඣන්ති. කථං පටිපන්නො ච ථපති කුසලානං සඞ්කප්පානං නිරොධාය පටිපන්නො හොති: ඉධ ථපති, භික්ඛු අනුප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං අනුප්පාදාය ඡන්දං ජනෙති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති, උප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං පහානාය -පෙ- අනුප්පන්නානං කුසලානං ධම්මානං උප්පාදාය -පෙ- උප්පන්නානං කුසලානං ධම්මානං ඨිතියා අසම්මොසාය භිය්යොභාවාය වෙපුල්ලාය භාවනාය පාරිපූරියා ඡන්දං ජනෙති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති. එවං පටිපන්නො ඛො ථපති, කුසලානං සඞ්කප්පානං නිරොධාය පටිපන්නො හොති.
Sinhala BJTස්‍ථපතිය, වැළිත් කුශලසංකල්පයෝ කවරහ යත්: නෛෂ්ක්‍රම්‍යසංකල්ප යැ අව්‍යාපාද සංකල්ප යැ අවිහිංසා සංකල්ප යි. ස්‍ථපතිය, මොහු කුශලසංකල්ප යයි කියනු ලැබෙත්. ස්ථපතිය, වැළිත් මේ කුශලසංකල්පයෝ කුමක් සමුත්‍ථාන කොට ඇත්තාහු ද? උන්ගේ සමුත්‍ථාන දු කියන ලද, සංඥාව සමුත්‍ථාන කොට ඇතැයි කියයුතු වන්නාහ. සංඥා කවර යත්: සංඥා ද බොහෝ යැ, අනේකවිධ යැ නානාප්‍රකාර යැ: නෛෂ්ක්‍රම්‍යසංඥා යැ අව්‍යාපාදසංඥා යැ අවිහිංසාසංඥා යි. කුශලසංකල්පයෝ මේ සංඥාව සමුත්‍ථාන කොට ඇතියහ. ස්‍ථපතිය, මේ කුශලසංකල්පයෝ වැළිත් කොහි නිරවශේෂ වැ නිරුද්ධ වෙත් ද? උන්ගේ නිරෝධය දු කියනලද. ස්‍ථපතිය, මෙ සස්නෙහි මහණ විතර්‍කවිචාරයන් ගේ සංසිඳීමෙන් … ද්විතීයධ්‍යානයට පැමිණ වෙසෙයි. මෙහි (අර්‍හත්ඵලයෙහි) තෙල කුශලසංකල්පයෝ නිරවශේෂ වැ නිරුද්ධ වෙති. ස්ථපතිය, කෙසේ පිළිපන්නේ වැළිත් කුශල සංකල්පයන්ගේ නිරෝධයට පිළිපන්නේ වේ ද යත්: ස්‍ථපතිය, මෙ සස්නෙහි මහණ නූපන් ලාමක අකුශලධර්‍මයන් නූපදනා පිණිස කුසලච්ඡන්‍දය දනවයි, ව්‍යායාම කෙරෙයි, වීර්‍ය්‍ය පවත්වයි, සිත නඟාලයි, ප්‍රධන් වීර්‍ය්‍ය කෙරේ. උපන් ලාමක අකුශලධර්‍මයන් ගේ ප්‍රහාණයට .... නූපන් කුශලධර්‍මයන් උපදනා පිණිස … උපන් කුශලධර්‍මයන් සිටීමට නො නැස්මට බහුලභාවයට විපුලභාවනාවට පරිපූර්‍ණ බවට කුශලච්ඡන්‍දය දනවයි, ව්‍යායාම කෙරෙයි, වීර්‍ය්‍ය පවත්වයි, සිත නඟාලයි, ප්‍රධන්වීර්‍ය්‍ය කෙරේ. ස්‍ථපතිය, මෙසේ පිළිපන්නේ කුශලසංකල්පයන්ගේ නිරෝධයට පිළිපන්නේ වෙයි.
Pali BJTකතමෙහි චාහං{2} ථපති, දසහි ධම්මෙහි සමන්නාගතං පුරිසපුග්ගලං පඤ්ඤාපෙමි සම්පන්නකුසලං පරමකුසලං උත්තමපත්තිපත්තං සමණං අයොජ්ඣං: ඉධ ථපති, භික්ඛු අසෙඛාය{3} සම්මාදිට්ඨියා සමන්නාගතො හොති, අසෙඛෙන සම්මාසඞ්කප්පෙන සමන්නාගතො හොති, අසෙඛාය සම්මාවාචාය සමන්නාගතො හොති, අසෙඛෙන සම්මාකම්මන්තෙන සමන්නාගතො හොති, අසෙඛෙන සම්මාආජීවෙන සමන්නාගතො හොති, අසෙඛෙන සම්මාවායාමෙන සමන්නාගතො හොති, අසෙඛාය සම්මාසතියා සමන්නාගතො හොති, අසෙඛෙන සම්මාසමාධිනා සමන්නාගතො හොති, අසෙඛෙන සම්මාඤාණෙන සමන්නාගතො හොති, අසෙඛාය සම්මාවිමුත්තියා සමන්නාගතො හොති. ඉමෙහි ඛො අහං ථපති, දසහි ධම්මෙහි සමන්නාගතං පුරිසපුග්ගලං පඤ්ඤාපෙමි සම්පන්නකුසලං පරමකුසලං උත්තමපත්තිපත්තං සමණං අයොජ්ඣන්ති.
Sinhala BJTතවද ස්‍ථපතිය, මම් කවර දස කරුණෙකින් සමන්‍වාගත පුරුෂපුද්ගල පිරිපුන් කුසල් ඇති උතුම් කුසල් ඇති උත්තමප්‍රාප්තියට පත් අයෝධ්‍යශ්‍රමණ යැයි පනවම් ද යත්: ස්ථපතිය, මේ සස්නෙහි මහණ අශෛක්‍ෂ වූ සම්‍යග්දෘෂ්ටියෙන් සමන්‍වාගත වූයේ වෙයි, අශෛක්‍ෂ වූ සම්‍යක්සංකල්පයෙන් සමන්‍වාගත වූයේ වෙයි. අශෛක්‍ෂ වූ සම්‍යග්වචනයෙන් සමන්‍වාගත වූයේ වෙයි, අශෛක්‍ෂ වූ සම්‍යක්කර්‍මාන්තයෙන් සමන්‍වාගත වූයේ වෙයි. අශෛක්‍ෂ වූ සම්‍යගාජීවයෙන් සමන්‍වාගත වූයේ වෙයි. අශෛක්‍ෂ වූ සම්‍යග්ව්‍යායාමයෙන් සමන්‍වාගත වූයේ වෙයි, අශෛක්‍ෂ වූ සම්‍යක්ස්මෘතියෙන් සමන්‍වාගත වූයේ වෙයි. අශෛක්‍ෂ වූ සම්‍යක්සමාධියෙන් සමන්‍වාගත වූයේ වෙයි, අශෛක්‍ෂ වූ සම්‍යග්ඥානයෙන් සමන්‍වාගත වූයේ වෙයි. අශෛක්‍ෂ වූ සම්‍යක්විමුක්තියෙන් සමන්‍වාගත වූයේ වේ. ස්‍ථපතිය, මම් වූකලී මෙ දස කරුණින් සමන්‍වාගත පුරුෂපුද්ගල පිරිපුන් කුසල් ඇති උතුම් කුසල් ඇති උත්තමප්‍රාප්තියට පත් අයෝධ්‍යශ්‍රමණ යැයි පනවමි” යයි.
Pali BJTඉදමවොච භගවා. අත්තමනො පඤ්චකඞ්ගො ථපති භගවතො භාසිතං අභිනන්දීති.
Sinhala BJTභාග්‍යවතුන් වහන්සේ මෙය වදාළහ. සතුටුසිත් ඇති පඤ්චකඞ්ග වඩුදෙටු භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතයෙහි තුටු වූයේ යි.
Pali BJTසමණමණ්ඩිකා සුත්තං{4} අට්ඨමං.
Sinhala BJTඅට වැනි සමණමණ්ඩිකා සූත්‍ර යි.
Pali BJT2. 3. 9.
Sinhala BJT2. 3. 9.
Pali BJTචූළසකුලුදායි සුත්තං
Sinhala BJTචූළසකුලුදායි සූත්‍රය
Pali BJTඑවං මෙ සුතං: එකං සමයං භගවා රාජගහෙ විහරති වෙළුවනෙ කලන්දකනිවාපෙ. තෙන ඛො පන සමයෙන සකුලුදායී පරිබ්බාජකො මොරනිවාපෙ පරිබ්බාජකාරාමෙ පටිවසති මහතියා පරිබ්බාජකපරිසාය සද්ධිං. අථ ඛො භගවා පුබ්බණ්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය රාජගහං පිණ්ඩාය පාවිසි. අථ ඛො භගවතො එතදහොසි: අතිප්පගො ඛො තාව රාජගහං පිණ්ඩාය චරිතුං. යන්නූනාහං යෙන මොරනිවාපො පරිබ්බාජකාරාමො යෙන සකුලුදායී පරිබ්බාජකො තෙනුපසඞ්කමෙය්යන්ති. අථ ඛො භගවා යෙන මොරනිවාපො පරිබ්බාජකාරාමො තෙනුපසඞ්කමි. තෙන ඛො පන සමයෙන සකුලුදායී පරිබ්බාජකො මහතියා පරිබ්බාජකපරිසාය සද්ධිං නිසින්නො හොති උන්නාදිනියා උච්චාසද්දමහාසද්දාය{1} අනෙකවිහිතං තිරච්ඡානකථං කථෙන්තියා, සෙය්යථිදං: ‘රාජකථං චොරකථං මහාමත්තකථං සෙනාකථං භයකථං යුද්ධකථං අන්නකථං පානකථං වත්ථකථං යානකථං සයනකථං මාලාකථං ගන්ධකථං ඤාතිකථං ගාමකථං නිගමකථං නගරකථං ජනපදකථං ඉත්ථිකථං පුරිසකථං සූරකථං විසිඛාකථං කුම්භට්ඨානකථං පුබ්බපෙතකථං නානත්තකථං ලොකක්ඛායිකං සමුද්දක්ඛායිකං ඉතිභවාභවකථං ඉති වා. අද්දසා ඛො සකුලුදායී පරිබ්බාජකො භගවන්තං දූරතොව ආගච්ඡන්තං. දිස්වාන සකං පරිසං සණ්ඨපෙසි: ‘අප්පසද්දා භොන්තො හොන්තු, මා භොන්තො සද්දමකත්ථ. අයං සමණො ගොතමො ආගච්ඡති, අප්පසද්දකාමො ඛො පන සො ආයස්මා අප්පසද්දස්ස වණ්ණවාදී. අප්පෙවනාම අප්පසද්දං පරිසං විදිත්වා උපසඞ්කමිතබ්බං මඤ්ඤෙය්යා’ති. අථ ඛො තෙ පරිබ්බාජකා තුණ්හී අහෙසුං .
Sinhala BJTමා විසින් මෙසේ අසන ලද: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර නිසා කලන්‍දකනිවාප නම් වූ වේළුවන විහාරයෙහි වැඩ වසන සේක. එසමයෙහි සකුලුදායී පරිව්‍රාජක මහත් වූ පිරිවැජිපිරිස් හා සමග මොරනිවාප නම් පරිව්‍රාජකාරාමයෙහි වෙසෙයි. එකල්හි භාග්‍යවතුන් වහන්සේ පෙරබත් වේලෙහි හැඳ පෙරෙවැ පාසිවුරු ගෙන රජගහ නුවරට පිඬු පිණිස පිවිසියහ. එකල්හි භාග්‍යවතුන් වහන්සේට තෙල සිත විය: “රජගහනුවරට පිඬුසිඟා යන්නට තව ඉතා උදැසන. මම් මොරනිවාප නම් පරිව්‍රාජකාරාමයෙහි සකුලුදායී පරිව්‍රාජක වෙත එළැඹෙන්නෙම් නම් මැනැවැ”යි. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මොරනිවාප නම් පරිව්‍රාජකාරාමය කරා එළැඹියහ. එසමයෙහි සකුලුදායී පරිව්‍රාජක උද්ගත නාද ඇති උස්හඬින් මහහඬින් අනේකවිධ තිරිසන් කථා කියන මහත් වූ පරිව්‍රාජක පිරිස් හා සමග හුන්නේ වෙයි. ඒ කවර තිරිසන් කථා යැ යත්: රජුන් පිළිබඳ කථා යැ සොරුන් පිළිබඳ කථා යැ මහඇමැතියන් පිළිබඳ කථා යැ සේනාකථා යැ භයකථා යැ යුද්ධකථා යැ අන්නකථා යැ පානකථා යැ වස්ත්‍රකථා යැ ශයනකථා යැ මාලාකථා යැ ගන්‍ධකථා යැ ඥාතිකථා යැ යානකථා යැ ග්‍රාමකථා යැ නිගමකථා යැ නගරකථා යැ ජනපදකථා යැ ස්ත්‍රීකථා යැ ශූරකථා යැ වීථි පිළිබඳ කථා යැ කුම්භස්ථානකථා යැ පූර්‍වප්‍රේත කථා යැ නානාත්‍ව කථා යැ ලෝකාඛ්‍යානකථා යැ සමුද්‍රාඛ්‍යානකථා යැ මෙසේ වෘද්ධිහානි වෙයි යන කථා යි. සකුලුදායී පරිව්‍රාජක දුරින් මැ වඩනා භාග්‍යවතුන් වහන්සේ දුටුයේ යැ. දැක සිය පිරිස් සන්හුන් කරවී: “භවත්හු නිහඬ වෙත්වා, භවත්නි, තෙපි නහමක් හඬ නගවු. මේ ශ්‍රමණ ගෞතම එයි, එ ආයුෂ්මත් වූකලි නිහඬ බැව් කැමැත්තේ යැ. නිහඬ බැව්හි ගුණ කියන්නේ යැ. නිහඬ පිරිස් දැන එළැඹියයුතු කොට සිතා නම් මැනැවැ” යි. ඉක්බිති ඒ පිරිවැජියෝ නිහඬ වූහ.
Pali BJTඅථ ඛො භගවා යෙන සකුලුදායී පරිබ්බාජකො තෙනුපසඞ්කමි. අථ ඛො සකුලුදායී පරිබ්බාජකො භගවන්තං එතදවොච: එතු ඛො භන්තෙ භගවා: ‘ස්වාගතං භන්තෙ භගවතො. චිරස්සං ඛො භන්තෙ භගවා ඉමං පරියායමකාසි යදිදං ඉධාගමනාය. නිසීදතු භන්තෙ භගවා, ඉදමාසනං පඤ්ඤත්ත’න්ති. නිසීදි භගවා පඤ්ඤත්තෙ ආසනෙ. සකුලුදායීපි ඛො පරිබ්බාජකො අඤ්ඤතරං නීචං ආසනං ගහෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නං ඛො සකුලුදායිං පරිබ්බාජකං භගවා එතදවොච:
Sinhala BJTඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සකුලුදායී පරිව්‍රාජක වෙත එළැඹියහ. ඉක්බිති සකුලුදායී පරිව්‍රාජක භාග්‍යවතුන් වහන්සේට තෙල වදන් කී: “වහන්ස, භාග්‍යවත්හු වඩනා සේක්වා, වහන්ස, භාග්‍යවත්නට ස්වාගත යැ. වහන්ස, භාග්‍යවත්හු මෙහි ඊමෙන් බොහෝ කලෙකින් මෙකරුණ කළසේක. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ වැඩ හිඳුනා සේක්වා, මෙ අස්න පනවන ලදැ” යි. බුදුහු පැනවූ අස්නෙහි වැඩහුන් සේක. සකුලුදායී පරිව්‍රාජක ද එක්තරා මිටි අස්නක් ගෙන් එකත්පස් වැ හින. එකත්පස් වැ හුන් සකුලුදායී පරිව්‍රාජකහට භාග්‍යවතුන් වහන්සේ තෙල කරුණ වදාළහ:
Pali BJTකායනුත්ථ උදායි, එතරහි කථාය සන්නිසින්නා? කා ච පන වො අන්තරා කථා විප්පකතාති? තිට්ඨතෙසා භන්තෙ කථා යාය මයං එතරහි කථාය සන්නිසින්නා. නෙසා, භන්තෙ කථා භගවතො දුල්ලභා භවිස්සති පච්ඡාපි සවණාය. යදාහං භන්තෙ ඉමං පරිසං අනුපසඞ්කන්තො හොමි. අථායං පරිසා අනෙකවිහිතං තිරච්ඡානකථං කථෙන්තී නිසින්නා හොති.
Sinhala BJT“උදායී, තෙපි දැන් කවර නම් කථායෙකින් යුක්ත වැ උන්නු ද? තොප විසින් කවර නම් අතුරු කථාවක් අඩාළ කරන ලද දැ?” යි. වහන්ස, ඇපි දැන් යම් කථායෙකින් යුක්ත වැ උනුමෝ නම් තෙල කථාව තිබියේවා. වහන්ස, තෙල කථා භාග්‍යවතුන්ට පසු වැ ද අසන්නට දුර්‍ලභ නො වන්නේ යැ. වහන්ස, යම් කලෙකැ මම් මෙපිරිසට නො එළැඹෙන්නෙම් වෙම් ද එකල්හි මෙ පිරිස අනේකවිධ තිරිසන් කථා කියමින් හුන්නී වෙයි.
Pali BJTයදා ච ඛො අහං භන්තෙ, ඉමං පරිසං උපසඞ්කන්තො හොමි. අථායං පරිසා මමංයෙව මුඛං උල්ලොකෙන්තී{1} නිසින්නා හොති: යං නො සමණො උදායී ධම්මං භාසිස්සති. තං නො සොස්සාමාති. යදා පන භන්තෙ භගවා ඉමං පරිසං උපසඞ්කන්තො හොති, අථ අහඤ්චෙව අයඤ්ච පරිසා භගවතොව{2} මුඛං උල්ලොකෙන්තො{1} නිසින්නා හොම{3}: යං නො භගවා ධම්මං භාසිස්සති, තං සොස්සාමා’ති.
Sinhala BJTවහන්ස, මම් යම් කලෙකැ මේ පිරිසට එළැඹෙන්නෙම් වෙම් ද එකල්හි මේ පිරිස ‘ශ්‍රමණ උදායී අපට යම් දහමක් දෙසන්නේ ද එ දහම ඇපි අසම්හ’යි මාගේ මැ මුහුණ බලමින් හුන්නී වෙයි. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ යම් කෙලෙක මේ පිරිසට පැමිණිසේක් ද, එතැන් පටන් මමත් මෙ පිරිසත් ‘බුදුහු අපට යම් දහමක් දෙසනසේක් ද, ඇපි ඒ දහම අසම්හ’ යි භාග්‍යවතුන් වහන්සේගේ මැ මුහුණ බලමින් හුන්නමෝ වම්හ.
Pali BJTතෙනහුදායි, තඤ්ඤෙවෙත්ථ පටිභාතු, යථා මං පටිභාසෙය්යාති. පුරිමානි භන්තෙ දිවසානි පුරිමතරානි සබ්බඤ්ඤූ සබ්බදස්සාවී අපරිසෙසං ඤාණදස්සනං පටිජානමානො: ‘චරතො ච මෙ තිට්ඨතො ච සුත්තස්ස ච ජාගරස්ස ච සතතං සමිතං ඤාණදස්සනං පච්චුපට්ඨිත’න්ති. සො මයා පුබ්බන්තං ආරබ්භ පඤ්හං පුට්ඨො සමානො අඤ්ඤෙනඤ්ඤං පටිචරි. බහිද්ධා කථං අපනාමෙසි. කොපඤ්ච දොසඤ්ච අප්පච්චයඤ්ච පාත්වාකාසි. තස්ස මය්හං භන්තෙ, භගවන්තංයෙව ආරබ්භ පීති උදපාදි: ‘අහො නූන භගවා, අහො නූන සුගතො, යො ඉමෙසං ධම්මානං කුසලො’ති.
Sinhala BJTඑසේ වී නම් උදායී, යම් කරුණෙකින් මට ධර්‍මදේශනාව වටහා නම් එ කරුණෙහි ලා තොපට මැ වැටහෙත්ව’යි. වහන්ස, හීයේ පෙරෙයිදා දිනයන්හි සර්‍වදර්ශී වූ සර්‍වඥ ‘ඇවිදිනා වූ ද සිටුනා වූ ද නිදන්නා වූ ද නිදි වරන්නා වූ ද මට හැමදා හැම කල්හි ඥානදර්‍ශනය එළැඹ සිටියේ යැ’යි නිරවශේෂ ඥානදර්‍ශනය පිළින කරනුයේ, හේ මා විසින් පූර්‍වාන්තය ඇරැබැ පැන පුළුවුස්නා ලද්දේ අනෙකෙකින් අනෙකෙක් වසාලී යැ, කථාව බැහැරට නැමී යැ, කෝපයත් ද්වේෂයත් නො සතුටත් පහළ කෙළේ යි. වහන්ස, ඒ මට යමෙක් මෙ දහම්හි සමත්වී නම් ‘අහෝ යහඟ එ බුදුහු. අහෝ යහඟ එසුගත්හු’ යයි භාග්‍යවතුන් මැ ඇරැබැ ප්‍රීති උපනැ’යි.
Pali BJTකො පෙනසො උදායි, සබ්බඤ්ඤූ සබ්බදස්සාවී අපරිසෙසං ඤාණදස්සනං පටිජානමානො: ‘චරතො ච මෙ තිට්ඨතො ච සුත්තස්ස ච ජාගරස්ස ච සතතං සමිතං ඤාණදස්සනං පච්චුපට්ඨිත’න්ති, යො තයා{4} පුබ්බන්තං ආරබ්භ පඤ්හං පුට්ඨො සමානො අඤ්ඤෙනඤ්ඤං පටිචරි, බහිද්ධා කථං අපනාමෙසි. කොපඤ්ච දොසඤ්ච අප්පච්චයඤ්ච පාත්වාකාසී’ති? නිගණ්ඨො භන්තෙ නාතපුත්තො’ති.
Sinhala BJTඋදායී, යමෙක් තොප විසින් පූර්‍වාන්තය ඇරැබැ පැන පුළුවුස්නා ලද්දේ අනෙකෙකින් අනෙකක් වැසී ද කථාව බැහැරට නැමී ද, කෝපයත් ද්වේෂයත් නො සතුටත් පහළ කෙළේ ද, ‘ඇවිදිනා වූ සිටුනා වූ ද නිදන්නා වූ ද නිදිවරන්නා වූ ද මට හැමදා හැම කල්හි ඥානදර්‍ශනය එළැඹසිටියේ යැ’යි නිරවශේෂ ඥානදර්‍ශනය පිළින කෙරෙන තෙල සර්‍වදර්ශී සර්‍වඥ කවරෙක් දැ?යි. වහන්ස, ‘නිගණ්ඨනාත පුත්‍ර යැ’යි.
Pali BJTයො ඛො උදායි, අනෙකවිහිතං පුබ්බෙනිවාසං අනුස්සරෙය්ය, සෙය්යථිදං: එකම්පි ජාතිං ද්වෙපි ජාතියො -පෙ- ඉති සාකාරං සඋද්දෙසං අනෙකවිහිතං පුබ්බෙනිවාසං අනුස්සරෙය්ය. සො වා මං පුබ්බන්තං ආරබ්භ පඤ්හං පුච්ඡෙය්ය තං වාහං පුබ්බන්තං ආරබ්භ පඤ්හං පුච්ඡෙය්යං. සො වා මෙ පුබ්බන්තං ආරබ්භ පඤ්හස්ස වෙය්යාකරණෙන චිත්තං ආරාධෙය්ය, තස්ස වාහං පුබ්බන්තං ආරබ්භ පඤ්හස්ස වෙය්යාකරණෙන චිත්තං ආරාධෙය්යං.
Sinhala BJTඋදායී, යමෙක් අනේකවිධ වූ පූර්වේනිවාස සිහි කෙරේ ද, හේ කෙසේ ද යත්: එක් ජාතියකුදු ජාති දෙකකුදු ... මෙසේ ආකාර සහිත වූ උද්දේස සහිත වූ අනේකවිධ පූර්වේනිවාස සිහි කරන්නේ ද, හෙ තෙම හෝ පූර්‍වාන්තය ඇරැබැ මා පැන පුළුවුස්නේ යැ, මම හෝ පූර්‍වාන්තය ඇරැබැ ඔහු පැන පුළුවුස්නෙමි. හේ හෝ පූර්‍වාන්තය ඇරැබැ මාගේ පැන විසඳුමින් සිත් ගන්නේ යැ, මම් හෝ පූර්‍වාන්තය ඇරැබැ ඔහුගේ පැන විසඳුමින් සිත් ගන්නෙමි.
Pali BJTයො ඛො{5} උදායි, දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන අතික්කන්තමානුසකෙන සත්තෙ පස්සෙය්ය: චවමානෙ උපපජ්ජමානෙ හීනෙ පණීතෙ සුවණ්ණෙ දුබ්බණ්ණෙ සුගතෙ දුග්ගතෙ -පෙ- යථාකම්මූපගෙ සත්තෙ පජානෙය්ය. සො වා මං අපරන්තං ආරබ්භ පඤ්හං පුච්ඡෙය්ය. තං වාහං අපරන්තං ආරබ්භ පඤ්හං පුච්ඡෙය්යං. සො වා මෙ අපරන්තං ආරබ්භ පඤ්හස්ස වෙය්යාකරණෙන චිත්තං ආරාධෙය්ය. තස්ස වාහං අපරන්තං ආරබ්භ පඤ්හස්ස වෙය්යාකරණෙන චිත්තං ආරාධෙය්යං. අපිචුදායි, තිට්ඨතු පුබ්බන්තො තිට්ඨතු අපරන්තො. ධම්මං තෙ දෙසෙස්සාමි: ‘ඉමස්මිං සති ඉදං හොති, ඉමස්සුප්පාදා ඉදං උප්පජ්ජති, ඉමස්මිං අසති ඉදං න හොති, ඉමස්ස නිරොධා ඉමං නිරුජ්ඣතී’ති.
Sinhala BJTඋදායී, යමෙක් වනාහි මිනිසැස ඉක්ම සිටි විශුද්ධ වූ දිව ඇසින් ච්‍යුත වන උපදනා හීන වූ ප්‍රණීත වූ මනා පැහැසටහන් ඇති නො මනා පැහැසටහන් ඇති සුන්‍දර ගති ඇති නපුරු ගති ඇති සත්ත්‍වයන් දක්නේ ද ... කර්‍මානුරූප වැ ගිය සත්ත්‍වයන් දැනගන්නේ ද, හෙතෙම් හෝ අපරාන්තය ඇරැබැ මා පැන පුළුවුස්නේ යැ, මම් හෝ අපරාන්තය ඇරැබැ ඔහු පැන පුළුවුස්නෙමි. හේ හෝ අපරාන්තය ඇරැබැ මාගේ පැන විසඳුමින් සිත් ගන්නේ යැ, මම් හෝ අපරාන්තය ඇරැබැ ඔහුගේ පැන විසඳුමින් සිත් ගන්නෙමි. (පහදනෙමි) එතෙකුදු වත් උදායී, පූර්‍වාන්තය සිටීවා, අපරාන්තය සිටීවා. තොපට දහම් දෙසනෙමි. “මේ (අවිද්‍යාදි ප්‍රත්‍යය) ඇති කල්හි මේ (සංස්කාරාදි ඵල) වෙයි, මේ (අවිද්‍යාදි ප්‍රත්‍යයාගේ) උපැත්මෙන් මේ (සංස්කාරාදි ඵලය) උපදි. මේ (අවිද්‍යාදි ප්‍රත්‍යය) නැති කල්හි මේ (සංස්කාරාදි ඵල) නො වෙයි. මේ (අවිද්‍යාදි ප්‍රත්‍යයාගේ) නිරෝධයෙන් මේ (සංස්කාරාදි ඵල) නිරුද්ධ වේ” යයි.
Pali BJTඅහං හි භන්තෙ{1} යාවතකම්පි මෙ ඉමිනා අත්තභාවෙන පච්චනුභූතං, තම්පි නප්පහොමි සාකාරං{2} සඋද්දෙසං අනුස්සරිතුං. කුතො පනාහං අනෙකවිහිතං පුබ්බෙනිවාසං අනුස්සරිස්සාමි, සෙය්යථිදං: එකම්පි ජාතිං ද්වෙපි ජාතියො -පෙ- ඉති සාකාරං සඋද්දෙසං අනෙකවිහිතං පුබ්බෙනිවාසං අනුස්සරිස්සාමි සෙය්යථාපි භගවා. අහං හි භන්තෙ එතරහි පංසුපිසාචකම්පි න පස්සාමි, කුතො පනාහං දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන අතික්කන්තමානුසකෙන සත්තෙ පස්සිස්සාමි චවමානෙ උපපජ්ජමානෙ හීනෙ පණීතෙ සුවණ්ණෙ දුබ්බණ්ණෙ සුගතෙ දුග්ගතෙ -පෙ- යථාකම්මූපගෙ සත්තෙ පජානිස්සාමි. සෙය්යථාපි භගවා. යං පන මං භන්තෙ භගවා එවමාහ: අපි චුදායි තිට්ඨතු පුබ්බන්තො තිට්ඨතු අපරන්තො, ධම්මං තෙ දෙසෙස්සාමි: ‘ඉමස්මිං සති ඉදං හොති, ඉමස්සුප්පාදා ඉදං උප්පජ්ජති, ඉමස්මිං අසති ඉදං න හොති, ඉමස්ස නිරොධා ඉදං නිරුජ්ඣතී’ති. තඤ්ච පන මෙ භිය්යොසොමත්තාය න පක්ඛායති. අප්පෙවනාමාහං භන්තෙ සකෙ ආචරියකෙ භගවතො චිත්තං ආරාධෙය්යං පඤ්හස්ස වෙය්යාකරණෙනා’ති.
Sinhala BJTවහන්ස, මම් මාගේ මේ අත්බැවින් යම් පමණ (අරමුණු) විඳුනාලද ද, එ ද මෙසේ ආකාර සහිත කොට උද්දේස සහිත කොට සමරන්නට නො පොහෝනෙමි. වැළිත් කොයින් මම් අනේකවිධ පූර්‍වෙනිවාසයන් සමරන්නෙම් ද? හේ කෙසේ යැ යත්: එක් දැයකුදු දෙදැයකුදු ... මෙසේ ආකාර සහිත වූ උද්දේස සහිත වූ අනේකවිධ පූර්වේනිවාසය භාග්‍යවතුන් සෙයින් සිහි කරන්නෙම් ද? වහන්ස, මම මේ කල්හි පාංශුපිශාචයකුදු නො දක්මි. වැළිත් කොයින් මම මිනිසැස ඉක්ම සිටි විශුද්ධ වූ දිවැසින් ච්‍යුත වන උපදනා හීන වූ ප්‍රණීත වූ සුවර්‍ණ වූ දුවර්‍ණ වූ සුන්‍දර ගති ඇති දුගති ඇති සත්ත්‍වයන් දක්නෙම් ද, යථාකර්මෝපග සත්ත්‍වයන් භාග්‍යවතුන් සෙයින් දන්නෙම් ද වහන්ස, වැළිත් භාග්‍යවතුන් වහන්සේ මට මෙසේ: “එතෙකුදු වත් උදායී, පූර්‍වාන්තය සිටීවා, අපරාන්ත සිටීවා, තොපට දහමක් දෙසමි: “මේ (ප්‍රත්‍යය) ඇති කල්හි මේ (ඵලය) වෙයි, මේ (ප්‍රත්‍යය) උපැත්මෙන් මේ (ඵලය) උපදි, මේ (ප්‍රත්‍යය) නැති කල්හි මේ (ඵලය) නො වෙයි, මේ (ප්‍රත්‍යයාගේ) නිරෝධයෙන් මේ (ඵලය) නිරුද්ධ වේ” යයි යමක් කියා ද, එ ද මට බෙහෙවින් නො වැටහෙයි, වහන්ස මම් සිය ඇදුරොල්හි ප්‍රශ්නව්‍යාකරණයෙන් භාග්‍යවතුන් වහන්සේගේ සිත පහදනෙම් නම් මැනැවැ’ යි.
Pali BJTකින්ති පන තෙ උදායි, සකෙ ආචරියකෙ හොතීති?
Sinhala BJTඋදායී, වැළිත් තොපට සිය ඇදුරොල්හි කෙසේ වේ දැ? යි.